News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
(නොර්වුඞ් - රංජිත් රාජපක්ෂ)“මේ රට දුප්පත්. ඒත් මේ රට පාලනය කරන පාලකයන් පෝසත්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා මෙසේද කීය.“අපේ රටට නව පාලකයෙක්, නව පාලනයක් අවශ්‍යයයි, වසර 71ක් අපේ රටේ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, නව පාලනයක් බිහි කරන්න, ඒ වගේම නැවතත් ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා නව පාලනයක් බිහිකරන්න.අපේ රට සියලුම විනාශයන්වලට මුහුණ දීලා තියෙන්නේ, දැන් අපි මොකක්ද කළ යුත්තේ? අපේ රට වෙනස් කළ යුතුයි.මේ විනාශවෙමින් යන රට බේරාගැනීමට නම් නොවැම්බර් මස 16 වෙනිදා ජනතාවට අලුත් තීන්දුවක් ගන්න වෙනවා.පැරදිච්ච, යටගිය ඒ දේශපාලන කඳවුරු දෙක ප්‍රතික්ෂේප කර නව දේශපාලනයක් මේ රටේ ස්ථාපනය කළ යුතුයි. අපි ඔබට සහතිකයක් දෙනවා මේ විනාශ වෙමින් පවතින රට අපි හදනවා, අපේ රට දුප්පත් රටක් බවට පත් වෙලා ඉවරයි.ඒ වුණාට රට පාලනය කරන පාලකයෝ දුප්පත්ද? රට දුප්පත් පාලකයෝ පෝසත්, රට දුප්පත් ජනාධිපති අගමැති පෝසත්, රට දුප්පත් නම් පාලකයොත් දුප්පත් වෙන්න එපැයි?ඒ විතරක් නෙවෙයි රට ණය වෙලා තියෙන්නේ. ණය ගෙවා ගන්නත් බැරි ආර්ථිකයක් අපිට දැන් තියෙන්නේ. ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙනවා.රජයේ භාණ්ඩාගාරයේ ගිණුම හිස්. හැබැයි පාලකයන්ගේ ගිණුම් පිරිලා. පාලකයන්ගේ වත්කම් වැඩිවෙලා.රටත් පෝසත් වෙලා, පාලකයත් පෝසත් වුණාට කමක් නැ. ඒ වුණාට අපේ රටේ වෙලා තියෙන්නේ රට දුප්පත් පාලකයා පෝසත්. රටේ ගිණුම හිස් පාලකයන්ගේ ගිණුම් පිරිලා. රටේ වත්කම් තමයි පාලකයන්ගේ ගිණුම්වල තියෙන්නේ.ඒ නිසා පාලකයන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නැතිනම් දඬුවම් ලබා දෙන්න ඕනි. එනිසා නව දේශපාලනයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මම තමුන්නාන්සේලාට ආරාධනා කරනවා මේ රට වෙනස් කිරීමට එකතු වෙන්න කියලා.ඕනෑම රටක් හදන්න අත්තිවාරමක් තියෙනවා. ඒ අත්තිවාරමට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි නීතියේ විධානයේ අධිපත්‍යය. සාධාරණ නීතියක් තියෙන රටක් ගොඩනැගිය යුතුයි.අපේ රටේ ඉතාමත් හොඳ පොලිසියක් තියෙනවා. ඕනෑම අපරාධයක් ඉක්මනින් අල්ල ගැනීමේ හැකියාවක් තියෙන පොලිසියක් තියෙනවා අපිට. නමුත් අපේ රටේ සොයා ගන්න බැරි වුණ අපරාධ තියෙනවා.තාජුඩීන්ගේ ඝාතනය, ලසන්තගේ ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් වීම, අනිත් එක තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තියෙන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්ද මම හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා පොරොන්දු වෙන්න. පුළුවන්ද? මේ රටේ හොරකම වංචාව නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයෙන් පමණයි කියලා මම සහතිකයක් දෙනවා.අපි මේ රටේ ජනතාවගේ සල්ලි සොරකම් කරලා නෑ. අපි මේ රටේ සිදුවන සියලුම නාස්තීන් නතර කරනවා.මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියම විශ්‍රාම වැටුපක් හම්බෙනවා, අපි මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් කපලා දානවා.අපේ රටේ ඉන්න පුළුවන් ඇමැතිවරු 25යි නියෝජ්‍යය ඇමැතිවරු 25යි. ඊට වඩා කිසිදු රාජ්‍ය, කැබිනට් නොවන අමාත්‍ය ධුර අපි දෙන්නේ නෑ.තුන්වැනි කරුණ තමයි මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තියෙන්න ඕනි. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතීන්ගේ එකමුතුවක් ආරක්ෂා කරනවා. මේක තමයි රටක් හදන්න පුළුවන් අත්තිවාරම. මේ අත්තිවාරම තමයි අපි හදන්න ඕනි.මේ පාලකයෝ ජනතාවගේ දුක විකුණනවා. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දුක විකුණගෙන කාලා තියෙනවා. අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා” යයිද කීහ.මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ ජනාධිපති නීතිඥ ලාල් විජේනායක යන මහත්වරු සහභාගී වූහ.
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
1
(වාරණ ආනන්ද ජයකොඩි සහ ගම්පහ තිලකරත්න දිසානායක)දූෂණයට, වංචාවට එරෙහිව වැට බඳිමින් හොරුන්ට දඬුවම් දිය හැක්කේ තම කඳවුරට පමණක් බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී ඉකුත්දා (10) පැවැසීය.රාජපක්ෂ පාලන සමයේ මෙන්ම, හොරු අල්ලන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවෙන් ද රටට පලක් නොවූ බව ඔහු සඳහන් කළේය.අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ගම්පහ නගරයේදී පැවැති ජනහමුවකට එක්වෙමිනි.එහිදී ඔහු මෙසේ ද කීවේය.මහින්ද මහත්තයල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලගෙන් ඉල්ලනවා සජිත් ප්‍රේමදාස පරදන්න ගෝඨාභයට ඡන්දය දෙන්න කියල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කඩල දැම්මේ රාජපක්ෂ කල්ලිය නේද? එදා බණ්ඩාරනායක මහත්තයල ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ කල්ලිය නේද?ඒක තමයි සත්‍ය. අද එක්සත් ජාතික පක්ෂයේ අම්මල තාත්තලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මල තාත්තලටත් එකතු වෙන්න පුළුවන් එකම තැන ජාතික  ජනබල වේගයයි.ඔය අම්මල තාත්තල සහෝදර සහෝදරියො, දූ දරුවෝ කව්රුත් පොදුවේ බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක් හොඳ ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමටයි. නමුත් ඔය දුෂ්ට කල්ලි දෙකටම මේ රට ගොඩ නගන්න බැහැ. වසර හැත්තෑ එකක පාලනයේදී ඔවුන් එය ඔප්පු කර තිබෙනවා නේද? ඔවුන්ට මේ රට එක අඟලක්වත් ඉස්සරහට ගෙනියන්න බැහැ කියල. එහෙම නම් ඔබලා තවදුරටත් මොවුන්ගේ සුරංගනා කතාවලට මුලා වෙනවා ද? එක්සත් ජාතික පක්ෂයේ ඔබලා සියලුම දෙනාට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට මා විවෘතව ආරාධනා කරනවා මේ රට සැබෑ විදිහට ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමඟ අත්වැල් බැඳගන්න එකතු වෙන්න කියලා.සමහර අය අපෙන් අහනවා ඔබලාගේ සැලසුම් හොඳයි. නමුත් ඒව ක්‍රියාත්මක කරන්න කව්ද ඉන්නේ කියල. ඔව් අපේ වේදිකාවේ හොරු නැහැ. මෙන්න ඉන්නවා රට ගොඩනගන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ උගත් බුද්ධිමත් පිරිසක්. විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයන් සඳහා වූ විද්‍යාඥයින්, කලාකරුවන් කැපවීමකින් රට ගොඩනැගිය හැකි හොඳ පිරිසක් අපේ වේදිකාවේ ඉන්නවා.මේ විනාශකාරී මාවතෙන් මේ පුංචි ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා නව පාලකයෙක්, නව පාලනයක් අනිවාර්යෙන්ම බිහිකර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ එන්නේ පළමු අවස්ථාව නොවෙයි. ආසන්නම අවස්ථාව 2015 දී ආවා. එදා තිබුණු පාලනය හොරකම, වංචාව, දූෂණය මූලික කරගෙන රට පාලනය කළා. රට විනාශ කළා.තමුන්නාන්සේලා හොරකම, වංචාව නැති හොඳ පාලනයක් බලාපොරොත්තුවෙන් එදා 2015 දී නව පාලනයක් ගොඩ නැගුවා. හොරුන්ට දඬුවම් කරයි කියල තමුන්නාන්සේලා හිතුවා. ආර්ථිකය ශක්තිමත් කරයි කියලා. නමුත් ලක්ෂ හැටදෙක හමාරක ජනතාවට දුන් එකම පොරොන්දුවක්වත් මෛත්‍රී රනිල් පාලනය ඉටු කෙරුවේ නැහැ.මෛත්‍රී රනිල් පාලනය බිඳවට්ටල 2015 දී පරාජය කරපු කට්ටියම නැවත ගේන්න නම් එදා පරාද නොකර ඉන්න තිබුණා. දැන් අපි කුමක්ද කළ යුත්තේ මේ රට විනාශ කරපු ඔය කල්ලි දෙකම එකට තියල පරාජය කරල නව පාලනයක් ඇති කළ යුතුයි.මේ දුෂ්ඨ පාලකයො රටකට කරන්න පුළුවන් සියලුම විනාශයන් කරල හමාරයි. රට අන්ත දුප්පත් තත්ත්වයට පත්කරල සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කරල රට දුප්පත් කරල. නමුත් පාලකයො පොහොසත් වෙලා. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. නමුත් පාලකයින්ගේ පෞද්ගලික ගිණුම්වල සල්ලි පිරිලා රජයේ සමස්ත ආදායම ණය පොලී වාරිකය ගෙවන්නත් බැහැ. කෝටි දහතුන්දහස් පන්සීයක් පසුගිය අවුරුද්දේ ගන්න වුණා ණය ගෙවන්න. මේ අයුරින් විනාශ කරපු රට නැවත ගොඩනගන්න අපි සැවොම එකතුවෙලා හොඳ ආණ්ඩුවක් හදමු. අපිට එක අවස්ථාවක් දෙන්න. හොරකම, වංචාව, දූෂණය නවත්තල මේ රට ගොඩනගන හැටි අපි පෙන්වන්නම්.රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙකුට මැජික් බලයකින් කරන්න බැහැ. සුරංගනා කතාවලට රැවටෙන්න එපා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා කියන්න වෙනවා. දැන් බලන්න දරුවො දැක්ක ගමන් කිරි වීදුරුවක් දෙන්නම් කියනවා. ගැබිනි මාතාවක් දැක්ක ගමන් පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. ගොවියො දැක්ක ගමන් පොහොර දෙන්නම් කියනවා ධීවරයෝ දැක්ක ගමන්  තෙල් දෙන්නම් කියනවා. මේව ඔක්කොම ඉතිහාසය පුරාවට අපේ ජනතාව රවට්ටපු සුරංගනා කතා නේද?රටක් හදන්න නම් හොඳ අත්තිවාරමක් තිබෙන්න ඕනෑ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රටක් ගොඩනැගිය හැකියි. නීතියක් නැති රටක් ගොඩනැගිය නොහැකියි. පළමුවෙන්ම අපි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් කළ යුතුයි. අපේ රටේ හොඳ පොලිසියක් තිබෙනවා. ඕනෑම අපරාධයක් අල්ලා ගැනීමට හැකි පොලිසියක් අපිට තිබෙනවා. නමුත් පාලකයින්ගේ මැදිහත්වීම යටතේ සිදුවූ අපරාධ අල්ලගන්න බැරි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය.දැන් බලන්න පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් මන්ත්‍රීවෙලා හිටියාම විශ්‍රාම වැටුපක් දෙනවා. හිටපු ජනාධිපතිලටත් විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද ලබා දෙනවා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙනවා.ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිලාගේ සියලු වරප්‍රසාද අහෝසි කරනවා. සියලුම දේශපාලකයින් නීතියට යටත් කරනවා. එහෙම නැතිව මේ රට ගොඩනගන්න බැහැ.අපේ රට තුළ ඉන්න පුළුවන් ඇමැතිවරු 25 යි. නියෝජ්‍ය ඇමැතිවරු 25 යි. එයට වැඩිය එක්කෙනෙක්වත් පත්කරන්නේ  නැහැ. මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව අපි සහතික කරනවා. ජාතීන් අතර සමගිය ගොඩ නගනවා. එය කළ හැක්කේ ජාතික ජනබල වේගයේ ආණ්ඩුවකට පමණයි.මෛත්‍රී මහත්තය ජනාධිපති පුටුවෙන් බැහැල යන්න තියෙන්නේ තව දවස් කිහිපයයි. නමුත් ඔහු රෝයල්පාර්ක් ස්ත්‍රී දූෂකයා, ඝාතකයා නිදහස් කළා නේද? ඔහුගේ ජනාධිපති බලය පාවිච්චි කරලා මොන තරම් හිරිකිත වැඩක් ද කෙරුවේ.රාජපක්ෂ මේ රට විදේශිකයින්ට වික්කා. රනිල්ලත් මේ රට විදේශිකයින්ට විකුණනවා. දැන්වත් අපි මේ විනාශකාරී ගමන නවත්තමු.අපි ආපු ගමන් ජනතාවගෙන් කොල්ලකාපු හොරකම් කරපු සියලු ධනය ආපසු භාර දීමට දේශපාලකයන්ට මාස දෙකක් කල් දෙනවා. ඒ අවස්ථාවේදී මහ බැංකුව කොල්ලකාපු මුදල් රනිල් ළඟ තිබෙන මුදලුත් දෙන්න වෙනවා. වීරවංශ ඇමැති කාලෙ ලයිට් බිල මාසයට ලක්ෂ විසි එකක්. ඒව ඔක්කොම ජනතාවගෙ මුදල්. අපි ඒවත් අයකර ගන්නවා. දැන් මේ හෙට අනිද්දා යන්න ඉන්න ජනාධිපතිගේ නිවස වෙනුවෙන් කෝටි 800 ක් වටිනා නිවසක් අනුමත කරගෙන තිබෙනවා.හිටපු ජනාධිපති චන්ද්‍රිකා නෝනට ලැජ්ජ නැද්ද වලව් කිහිපයක් තිබියදී ජනතාවගේ මුදල්වලින් කොළඹ සුපිරි ගෙයක ඉන්න. අපි දරුවන්ට සැබෑ ළමා කාලයක් නිර්මාණය කරනවා. තරුණ පරපුරට තෘප්තිමත්  අනාගතයක් නිර්මාණය කරනවා. කාන්තාවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් ඒ වගේම ලක්ෂ 14 වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් හා පොදු ප්‍රවාහන සේවයේ මගීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් වැඩසටහන් නිර්මාණය කරනවා. ඔවුන්ට ආත්මගරුත්වයක් සහිතව ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවා.අද බලන්න පොදු ප්‍රවාහන සේවයන් තුළදී සියයට අනූවක් කාන්තාවන්ට කවර හෝ ලිංගික අඩම්තේට්ටම්වලට ගොදුරු වෙනවා. අපි මේවා වහා නැවැත්විය යුතු වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනයා සමගි කළ හැක්කේත් අපට පමණයි. මේ දුෂ්ට පාලකයින් වසර 71 ක් තිස්සේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මේ විනාශ කර ඇති රට නැවත ගොඩනැගීම සඳහා ජාතික ජනබල වේගය සමග අත්වැල් බැඳගන්නා මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.නොවැම්බර් 16 වැනිදා රටේ අනාගතය වෙනුවෙන් ජාතික ජනබලවේගය සමග බුද්ධිමත්ව තීරණයක් ගන්නා මෙන් මම ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න, මහාචාර්ය වසන්තා සුබසිංහ, යහපාලන උදෙසා වූ පෙරමුණේ නජා මොහොමඞ් හා අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික දිනුක සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ම කතා කළහ.මේ අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගි වූහ.
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
0
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
“අපි මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප කපලා දානවා“
0
(නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.   මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප‍්‍රශ්න කළා. එහෙම ප‍්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ හැදීම, එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.මේ සියලූම පාපතර ක‍්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප‍්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප‍්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්‍ෂය, ලක්‍ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්‍ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් සාමාජික පක්‍ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
1
 (නාලක සංජීව දහනායක)කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය.එම වැඩිවන මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයට රජය ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම විහාරයේදී, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පෙරේදා (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.පොදුජනතාවට අත්‍යවශ්‍ය සහල් හා පොල් මිල ඉතිහාසයේ පළමු වතාවට රුපියල් සියය ඉක්මවා තිබෙනවා. එම නිසා අද පොල් සම්බල් හා බත් ආහාරයට ගැනීමත් පිරිවැය අධික කාර්යයක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම මෙලෙස ආහාර මිල ඉහළ යෑමෙන් පෙන්නුම් කරනවා. මේ මිල පාලනය කරන්න වෙළෙඳපොළ ක‍්‍රමයට රජයේ ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. පසුගිය රජය සමයේ එක් අවස්ථාවක මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළා. ඒ වකවානුවේදී මුළු ලෝකයේම ආර්ථිකය අර්බුධයකට ලක්වුණා. අපිත් යුද්ධයත් සමඟම ඒ ආර්ථික අර්බුධයට මුහුණ දුන්නා.ඒ අර්බුධයෙන් මිදෙන්න අපි මුදල් අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වෙලා විකල්ප වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. දේශීය අස්වැන්න නෙළන කාලය වනවිට අපි ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවලට බදු පනවනවා. නමුත් වර්තමානයේදී අමාත්‍යංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකරන නිසා බදු පැනවීම් ආදිය සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙනවා.පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට පොල් අලෙවි මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැහැ. පොල් ගෙඩියකට සම්මත ප‍්‍රමිතියක් නැහැ. ඒ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධානයන්ට අනුව ගැසට් නිවේදනයක් පළ කළ යුතු වෙනවා. පොල් අලෙවි මණ්ඩලය නිකම් ප‍්‍රකාශයක් නිකුත් කළ පමණින් පොල් මිල පාලනය කරන්න බැහැ. පසුගිය රජය සමයේදී පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරඟයක් ඇති කරලා පොල් මිල පාලනය කිරීමට කටයුතු කළා. මෙවැනි දේවල් කිරීම සඳහා අමාත්‍යංශ අතර අන්තර් සබඳතාවක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.පසුගිය රජය යුද්ධය නිම වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තා. ඒ නිසා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අසාමාන්‍ය පිිබිදීමක් ඇති වුණා. ඒ නිසා මේ රජයට අතිරික්ත වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපළ පවා යොදා ගත්තා. නමුත් මේ වනවිට නියඟය හා අධික වරුසාව නිසා වගා පාළු වුණා. එමෙන්ම ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වීම නිසා වී සඳහා ගොවීන්ට නියම මිලක් ලැබුණේ නැහැ. මේ කරුණු නිසා සහල් කිලෝවක මිල රුපියල් සියයට වඩා ඉහළ ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා වී කිලෝවකට රුපියල් 30 සහතික මිලක් නියමකර සහල් කිලෝවක මිල රුපියල් 60 සීමාවේ පවත්වා ගත්තා.එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් හා ගෑස් හා ආහාර මිල පහළ වැටීම නිසා මෙම රජයට අසාමාන්‍ය වාසි අත්වුණා. ඒසේ තිබියදීත් රුපියල් 110න් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවුණා. පසුගිය කාලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෑස් මිල ඉහළ යෑම කෘති‍්‍රමව වළක්වා ගැනීම ඒකට හේතුවුණා. ඒක තාවකාලික ප‍්‍රතිකර්මයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ට රජය කළමනාකරණය කර ගැනීමට නොහැකි බව ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට චෝදනා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා යැයි පැවසීය.            ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ වනවිට අපේ රටේ පවතින අධික දුෂණය නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි මෙම රජය අප රටේ පත්වූ දුෂිතම රජයයි. අපේ රටේ විශාලතම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. එම වංචාවෙන් රටට රුපියල් ටි‍්‍රලියන තුනක අලාභයක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා. බැඳුම්කර වංචාවට රජයේ ඉහළ තැන්වලින් අනුග‍්‍රහයක් ලැබුණු බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා බැඳුම්කර කොමිසමේ දෙන සාක්‍ෂි අනුව පැහැදිලි වෙනවා. ලිට්ල් ජොනී, චාලි වැනි අන්වර්ථ නම්වලින් ඒ ඉහළ නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මෙම වංචාව නිසා රටේ ආර්ථිකය දෙදරා ගියා. රට පිළිබ`දව ජාත්‍යන්තර විශ්වාසය පළුඳු වුණා.             මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ තුන්වන අදියර මෙම සතිය තුළදී ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. එම මාර්ගය ඉදිකිරීමේදී මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සිදුව තිබෙනවා. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කරන ලද ෆූජීටා නමැති සමාගම මෙම ව්‍යාපෘතියට ඈඳා ගැනීමට රජයට විශාල උවමනාවක් තිබෙනවා. එම සමාගමට මූල්‍ය ශක්තිය හා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තාක්‍ෂණික දැනුමක් නොමැති බව තාක්‍ෂණ කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ නිසා ඨායිසෙයි නමැති සමාගමට මෙම මාර්ගය ඉදිකිරීමට භාරදුන්නා.එහෙත් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලින් කොටසක් ෆූජීටා සමාගමට ලබාදෙන ලෙසට ඨායිසෙයි සමාගමට බලකරනවා. ජපන් රජයේ වුවමනාව මත එලෙස ක‍්‍රියා කරන බවත් රජය ප‍්‍රකාශ කරනවා. නමුත් මෙම මාර්ගය ඉදිකිරීම අපේ රටේ නීතිරීති අනුව සිදුවේ යැයි ජපන් රජය බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන මහකොමසාරිස්වරයා මේවනවිට රජයට ලිඛිතව දන්වා තිබෙනවා. මේ දුෂණය නිසා දළ වශයෙන් රුපියල් බිලියන 1100 ක අලාභයක් සිදුව තිබෙනවා. මේ කොමිස් ගන්නේ කවුද?. මේ වගේ තත්ත්වයක් තුළ ආයෝජකයන් අපේ රටට පැමිණෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.මේ වන විට රටේ මැතිවරණ පවත්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ පිළිබඳව තැකීමක් නැහැ. පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන ක‍්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ක‍්‍රියාදාම උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. කිසියම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු අදියරේදී ඉතාම භායානක වගන්ති එම පනතට ඇතුළත් කරනවා. ඒ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ. ඒ වගන්ති නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ සංශෝධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා. නීතිපතිවරයාට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඔහුට ජාතික කර්තව්‍යයක් පැවරී තිබෙනවා. නමුත් නීතිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔහු අපක්‍ෂපාතීව කටයුතු කළේ නැහැ. 2002 අංක 5 අනුව නීතිතිවරයා නිලයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සැලසී තිබෙනවා. ඒ පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සලකා බලමින් සිටිනවා. අද මධ්‍යම රාත‍්‍රි සිට සබරගමු පළාත් සභාව අහෝසි වෙනවා. ඒ අනුව පළාත් සභා ස`දහා බාරවන ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි වෙනවා. බරපතළ ප‍්‍රතිඵල ලැබෙන පනතක් සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමට රජය උත්සාහ ගත්තේ නැහැ. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එය බරපතළ වැරැද්දක්.සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ පළාත් සභා මැතිවරණ පනතට පක්‍ෂව මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්දය දුන්නා. තවත් දින කිහිපයකින් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අහෝසි වෙනවා. ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය මේ රජයේ අන්තර්ගත කොටස්. ඔවුන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස ගණන් ගැනීම යථාර්ථවාදී නැහැ. තීරණාත්මක අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණේ තම සහයෝගය ආණ්ඩුවට ලබාදෙනවා. එදා පළාත් සභා පනතට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය නොලැබුණානම් මැතිවරණ කල් දැමීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මාර්තු මාසයට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණ තුන පවත්වන ලෙස කථානායකවරයා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට නියෝග කළා. එහෙත් ඒ මැතිවරණය පවත්වාවි යැයි කිසිම විශ්වාසයක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ කටයුතු කිරීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඒ සංකීර්ණ ක‍්‍රියාදාමය නැවැතත් පළාත් සභා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා. 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර මැතිවරණ නොපවත්වන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කරනවා. ඒ අනුව තවත් මාස 15කට මේ රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවෙනවානම් රටට මැතිවරණ කොමිසමක් කුමකටදැයි ප‍්‍රශ්න කළේය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
0
(නාලක සංජීව දහනායක)විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර රටට යහපාලන ආදර්ශය දීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) පැවසීය.එසේ නොකරන්නේනම් ජනාධිපතිවරයා ද එම ක‍්‍රියාවන් අනුමත කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද කීය.පුංචි බොරැුල්ල, වජිරාස‍්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය.  රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නා මෙම යහපාලන ආණ්ඩුව මහබැංකුව ශුද්ද කළ කම්බ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුව යනු ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ මුරදේවතාවයි. නමුත් මේ වනවිට කෝප් කමිටුව සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා.විමර්ශන පැවැත්වෙන අතරතුරදී කෝප් කමිටු සාමාජිකයන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළි වී තිබෙනවා. සමහර කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝෂියස් සමඟ රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත් මේ වනවිට හෙළි වී තිබෙනවා. ඒක මිනී මැරුම් නඩුවක් අහන විනිසුරුවෙක් චූදිතයත් සමඟ හොරාට හමුවෙලා ?ට ?ට ඩි‍්‍රන්ක් එකක් දානව වගේ වැඩක්.       මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත යුතු බව කථානායකවරයා පවසනවා. මේ ගැන ක‍්‍රියාකරන්න නීති උපදෙස් අවශ්‍යද. විමර්ශන පවත්වන සමාගමක නිලධාරියෙක් සමඟ ඉතාම හදිසි අවස්ථාවකදී හෝ කෝප් කමිටු සාමාජිකයෙක් සම්බන්ධකම් පැවැත්වූයේ නම් එම සාමාජිකයා විසින් කතානායකවරයා දැනුම්වත් කළ යුතුයි. මෙතන එහෙම දැනුම්වත් වීමක් සිදුවී නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එඩිතරව කටයුතු නොකළානම් මේ කිසිවක් හෙළිවන්නේ නැහැ.දුරකතන ඇමතුම් ගැන කොමිසම හමුවේ ඉදිරිපත් කිරීමේදී විශාල විරෝධයක් මතුවුණා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නීතිඥවරයාගෙන්. එදා ඒ විරෝධයට ඉඩ ලැබුණා නම් කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම අදත් ජනතාවට හෙළි වෙන්නේ නැහැ.දුරකතන ඇමතුම් දුන් පුද්ගලයන් තමන්ගේ හැසිරීම යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තු වරප‍්‍රසාද තිබෙන්නේ ජනතාවට සේවය කිරීම සඳහා මිස හොරකම්, දුෂණ හා වංචාවන් වසන් කිරීමට නෙමෙයි. මේ ක‍්‍රියාව සඳහා කතානායකවරයා අවසර නොදිය යුතුයි. තවත් මන්ත‍්‍රීවරුන් 45 දෙනෙක් සමඟ සම්බන්ධකම් පවත්වා තිබියදී ඇයි අපි විතරක් අල්ල ගත්තේ කියා මෙම චෝදනාවට ලක්වන සමහර කෝප් කමිටු සාමාජිකයන් විමසනවා.ඒක වෙනම කතාවක්. මේ විශේෂ වගකීමට බැඳිලා ඉන්නේ කෝප් කමිටු සාමාජිකයින්. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. මෙම මගඩිය වසන් කිරීම සඳහා දැන් රංගනයක් පටන්ගෙන තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයින් ඊට ඍජුව සහභාගි වෙනවා. මේ ලෙස ඔවුන් දුරකතන සබඳතා පැවැත්වීමට හා මුහුණට මුහුණ රහසිගතව හමුවීමේ සාධාරණ හේතුවක් නැහැ.මේ ගැන අවසාන වගකීම භාරවන්නේ ජනාධිපතිතුමාට. කෝප් කමිටුවේ මේ ලෙස හැසිරුණේ ජනාධිපතිවරයාගේ රජයේ ඇමැතිවරුයි. මේ ඇමැතිවරුන්ගේ හැසිරීම අනුමත කරනවාද, නැතිද යන්න ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ යුතුයි. සෑහීමකට පත් නොවන්නේ නම් ඒ ගැන එඩිතර ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී යහපාලන ආදර්ශය දෙමින් මේ ඇමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට එතුමා වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. එසේ නොකරන්නේ නම් එතුමන් ද මේවා අනුමත කරන බව ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 පෙබරවාරී මාසයේදී බැඳුම්කර වංචාව සිදු වූ දිනයේ සිට ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මෙම වංචාව හෙළි කිරීමට උපරිමයෙන්ම කටයුතු කළා. මේ ගැන පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පළමුවෙන්ම ප‍්‍රශ්න කළේ අපියි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වංචාව සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධාන දැනුම්වත් කළා.මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත් කළ කෝප් කමිටුවලින් වැඩි විස්තර හෙළිදරව් නොවන බව අවබෝධ වීම නිසා මෙම වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එම කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත වෙනවා.මේ වනවිට අගමැතිවරයාගේ සාක්‍ෂි විමසීමත් සමඟම බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් අවසන්ව තිබෙනවා. ඒ සාක්‍ෂි මත පදනම්ව සකස් කළ වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව තිබෙනවා. මෙම වංචාව සිදුවන්නේ හිටපු මුදල් ඇමැතිවරයාගේ අනුදැනුම මතයි.රටේ මූල්‍ය බලය සම්බන්ධයෙන් වගකීමක් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන් වහාම ඉන් එක් පිටපතක් කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට බාරදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙය ඉතාම කඩිනමින් විභාග කර නඩු පැවරීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.වසර 2045 වනතුරු බැඳුම්කර වංචාවේ බර දැරීමට ජනතාවට සිදුවෙනවා. ඒ වසර වනතුරු පොලී අනුපාතය හා විනිමය අනුපාතය කෙරෙහි බලපෑම් කරනවා. මේ වංචාව නිසා විශ්වාසය පළුදුවීම නිසා අපේ රටේ තැන්පත්කර තිබූ මුදල් ආයෝජකයන් විසින් නැවත අරගෙන ගියා. රටට ආයෝජකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. ඒ අලාභය කොතෙක්ද කියන්න අපි දන්නේ නැහැ. අපේ රටේ මුදල් ආයෝජනයට සුදුසු රටක් නොවන බවට බ්ලූම්බර්ග් දර්ශකය සඳහන් කරනවා.පසුගිය රජයේ රහසිගත ණය අගමැතිවරයා විසින් හෙළි කළ බව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට වෙනමම කොමිසමක් පත්කළ යුතුයි. කිසිම රජයක් ණය සඟවාගෙන හිටියේ නැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් ණය වාරික හිඟ තියා නැහැ. ඒ විශ්වාසය උපරිමයෙන්ම ආරක්‍ෂා කර තිබෙනවා.මේ කතාව නිසා ඉදිරියේදී ණය ගැනීමේදී ආණ්ඩුවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. පසුගිය රජය විසින් ලබාගත් රහසිගත ණය ප‍්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුවට සියලූම තොරතුරු හෙළිකරන මෙන් ඉල්ලමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලිපියක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.බැඳුම්කර කියන වචනය ඇහුණ ගමන්ම එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් දඟලනවා. දැන් බය නැති අගමැති කියලා රට පුරාම පෝස්ටරයකුත් අලවලා. බැඳුම්කර වංචාව නිසා යහපාලන රජය මඩ ගාගත්තා. ජනතා අවධානය එතනින් වෙනතකට යොමු කිරීම සඳහා ඉතාම ඉක්මනින් රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයෙක් අත්අඩංගුවට ගත යුතු බවට ආණ්ඩුවට උපදෙස් ලැබී තිබෙන බවට අපට තොරතුරු ලැබෙමින් පවතිනවා.මේ වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අනුව දඬුවම් දෙනමෙන් අපි ඉල්ලීමක් කරනවා. කාගෙන්වත් පළිගන්න කියලා අපි කියන්නේ නැහැ. හිටපු මුදල් ඇමැතිවරයා සමඟ අපිට වෛරයක් නැහැ. වෙන අයගේ පවුසමා කර ගැනීමට රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගැනීම යහපාලන ආදර්ශය නොවන බව ද පැවසීය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
0
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
0
(ආරියරත්න රණබාහු)අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 8 වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය අසළ රණවිරු ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසිනි.ජනාධිපතිවරයා මෙසේද කීය.අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පූජා කරමින් ත්‍රස්තවාදය අවසන් කරමින්, ජාතියේ නිදහස සහ නිදහස් සමාජයක් රට තුළ ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ රටේ 1948 සිට සෑම වසරකම පෙබරවාරි මාස 4 වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගත් දිනය ලෙස අප සමරනවා. 70 දශකයේ මැද භාගයේ ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පරාජය කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ ජීවිත පරිත්‍යාග කළ ආබාධිත වූ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් අද දවස ජාතික රණවිරු දිනය නමින් නම්කරලා අපි සමරනවා. රටක් වශයෙන් ගත්විට අපිට වසර දහස් ගණනක ඉතිහාසය පුරා ආක්‍රමණවලට මුහුණ දීමේ සහ ආක්‍රමණවලින් අපේ රට බේරාගැනීම පිළිබඳ අත්දැකීම් බහුලයි.1948 බි්‍රතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි 70 දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්‍රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළේ ඒ යුද්ධය ඔබ අපි දන්නා පරිදි වසර 30 ක් පමණ ඇදී ගියා. අපි එවැනි යුද්ධයකට සූදානම්වී සිටි රටක් නොවෙයි. එහෙත් අපේ ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශය ඒ සඳහා වීරත්වයෙන් මුහුණ දුන්නා. ඇතැම් අවස්ථාවල අපේ තාවකාලික පසුබැසීම්  සිදුවුණා. ඇතැම් අවස්ථාවල අපට සිදුවුණා. අපේ රට දෙකඩවීම වැළැක්වීම සඳහා ඉන්දියාවට ආරාධනා කරන්න යුද සහාය ලබාගැනීමට ඉන්දීය යුද හමුදාව ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් අපේ රටට පැමිණියත් ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ. ඒ කාලසීමාව තුළ ත්‍රස්තවාදය පරාජය කරන්න. එහෙත් මේ මාතෘභූමියේ උපන් ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පූජා කරමින් අපේ මෘතෘභූමිය නිදහස් කරගන්න.මේ කාලසීමාවේ රණවිරුවන් සහ සිවිල් ජනතාව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මියගියා. ආබාධිත වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් අදත් ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ භාරකරුවන් සමඟ අපේ හමුදා සුබසාධන මධ්‍යස්ථාන තුළ සිටිනවා. යුද්ධය සිහිපත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථා අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඛේදනීය තත්ත්වයත් ඒ සියල්ල මැනවින් අධ්‍යනය කළවිට සැමවිටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියත් අද ඒ රණවිරුවන්ට ගෞරවය පිරිනමනවා.නව තාක්ෂණය තුළ ලෝකයේ දියුණු රටවල්වල තිබෙන යුධ උපක්‍රම ශිල්පීය ඥානයන් සමග උසස් ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් ලෙස ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජය විදියට සැමවිටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන්වී වසර අටකට වැඩියි. එම කාල සීමාව තුළ පසුගිය රජයත් මගේ රජයේ කාල සීමාවත් ගත්විට රණවිරු සුබසාධනය වෙනුවෙන් අප විසින් කරන ලද කාර්යයන් රාශියක් තිබෙනවා.ගෙවීගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජය රණවිරු සුබසාධනය සඳහා විශේෂ වරප්‍රසාද පහසුකම් දීමනා රාශියක් ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩලවගේම සුබ සාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වූ රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකැයි කියා කීමට පුළුවන් කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදියට ඉටුකර තිබෙනවා. නිවාස ඉදිකිරීම් සඳහා පසුගිය වසර ගණනාවක් තුළ තිබූ වැඩපිළිවෙළ අපි තව තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවෙසක් ලබා දීමේ ජාතික කාර්යය මේ වනවිට ඉටුකරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු සේවා අධිකාරිය තවත් පැත්තකින් මේ සඳහා තිබෙන විවිධ ආයතන අමාත්‍යාංශ, මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිත්‍යාගශීලීන් දානපතීන් සෑම කෙනෙක්ම මේ වගකීම යුතුකම නිසිලෙස ඉටුකරනු ලබනවා.ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය ආරක්ෂක හමුදා විවේචනය කරන අය ආරක්ෂක හමුදා සාමාජිකත්වය පිළිබඳව සැමවිටම විවේචන එල්ල කරමින් අපේ හමුදාව වැඩියි. ඉවත් කළ යුතුයි. කියා එවැනි චෝදනා කොතෙක් එල්ල කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නාවූ වගකීම දරන රජය සැමවිටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. අපේ අතීත අත්දැකීම් සමඟ අපේ අනාගතය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුවෙනවා.අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු පමණක් නොවෙයි මත්ද්‍රව්‍ය මර්දන පුළුල් ජාතික වැඩපිළිවෙළ පොලිසිය සමඟ එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලාඑන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට ඒම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතුවලදී ඔවුන්ගේ අංශවලින් පුළුල් මෙහෙයක් ඉටුකරනු ලබනවා. රටේ සංවර්ධන කාර්ය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් අපේ ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබනවා.පසුගිය වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම ඒ වගේම සාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම මෑත සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය මේ සියලු ආපදාවන්හිදී යුද හමුදාව පොලිසිය ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ කාර්යයේදී ඩෙංගු මර්දනය වැනි පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යෙදී සිටිනවා. ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ප්‍රමුඛ ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව පැහැදිලිව සඳහන් කරන්නට ඕන.අද දවස ජාතික රණවිරු උළෙලට එක්වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුදකරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කළ රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාත් රණවිරු අධිකාරියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතනත් සියල්ල දැක්වූ සියලු සහයෝගයන් අගය කරමින් ස්තුතිවන්ත වෙනවා. ජාතියේ නිදහස සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයත් සමග ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉදිරියට යාමට රට බෙදෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ ගෞරවය මා පුදකරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.රණවිරු සේවා අධිකාරියේ සභාපති  අනෝමා ෆොන්සේකා මහත්මිය...කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමට දිවිදුන් රණවිරුවන් මෙන් අනෙකුත් සියලුම රණවිරුවන්ද ඔවුන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන් ද ඊට උරදුන් කොටස්කරුවෝ වෙති.මේ ශ්‍රී ලංකාද්වීපයේ සතර දිග්භාගයේම ගස්වැල් කොළ පැහැවී ප්‍රාණවත් වීමට ඒ උදාර රණවිරුවන් හෙලූ රුධිරයෙන් මේ ධරණිතලය පෝෂණය වී ඇත. රටපුරා ගලන ගංගා දිය ඇළි ඒ අභීත රණවිරුවන් හෙලූ දහඩියෙන් පෝෂණයවී අලංකාරවී ඇත. අප සැවොම ආශ්වාස කරන වායුව ඒ විරෝදාර රණවිරුවන්ගේ ජීව වායුවෙන් පෝෂණයවී ඇත. සමස්ත ජාතියටම නව ජීවයක් ලැබීමට ඔබගේ ඒ රණවිරුවාගේ අමිල වූ පරිත්‍යාගය උපකාරීවී ඇත.ඔබගේ සදාදරණීය රණවිරුවා මේ දේශය වෙනුවෙන් කළ ජීවිත පූජාව වෙනුවෙන් ශ්‍රී ලාංකික මුළු මහත් ජාතියේම කෘතගුණ ඔවුන්ට පිරිනැමේ. ශ්‍රී ලංකාවාසී අප ජාතිබේද කුලභේද නොසලකා සමගියෙන් දිවි ගෙවන සාමකාමී නිවහල් නිදහස් දේශයක දිවි ගෙවන වැසියෝ වන්නෙමු.අපගේ මෘතභූමියේ නිදහස දිනා දුන්නේ අපගේ අභීත රණවිරුවෝය. ඒ රණවිරුවන්ට නායකත්වය දුන් වීරෝදාර සෙන්පතියන් නරපතියන් කළ විශිෂ්ට කැපවීම හා උදාරවූ පරිත්‍යාගවල ප්‍රතිඵල අප අද භුක්ති විදින්නෙමු. ඒ උතුම් රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු භේද දුරලා අපි ඒකරාශී වෙමු.අටවැනි ජාතික රණවිරු උත්සවය ආවරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි ගිය දෙස් විදෙස් රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවල කැමරා ශිල්පීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම කළ බාධා නිසා ඔවුන් මහත් දුෂ්කරතාවකට සහ අපහසුතාවයකට පත්වී තිබේ.ඡායාරූප ශිල්පීන් යන යන තැනට ගිය ඔහු සහ ඔහුගේ අණලත් නිලධාරීන් ඒ කිසිදු ස්ථානයක සිට නිදහසේ අවශ්‍ය පරිදි ඡායාරූප ගැනීමට හෝ කැමරා ගත කිරීමට ඉඩ නුදුන් බව එම ශිල්පීහු පැවසූහ. ඔහුගේ නොයෙකුත් බාධා මැද අසීරුවෙන් තම කාර්යයේ නිරතවීම සිදුවු බවද ඔවුහු කීහ.රජයේ එක්තරා රූපවාහිනියක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශය කෙරෙන බවද එමගින් දර්ශන ගන්නා ලෙසද වරෙක ඔහු කියා ඇත.රූපවාහිනීවලට එසේ කළ හැකි වුවද නිශ්චල ඡායාරූප ගන්නා මුද්‍රිත මාධ්‍යවල ඡායාරූප ශිල්පීන් ඒවා ගන්නේ කෙසේදැයි විමසූවිට ඔහු නිරුත්තරවී ඇති අතර ඒවා තමන් නොදන්නා බවද කියා ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙම උත්සවය පැවතිවිට කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මෙම කටයුතු කර ගැනීමට හැකි වු බවද සිහිපත් කළ එම ඡායාරූප මාධ්‍යවේදී පිරිස මෙම නිලධාරියා වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු මහත් රජයම දෝෂාරෝපණයට ලක්කිරීම සඳහා මෙසේ කටයුතු කරන්නේදැයි සැක කරන බවද කීහ. 
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය
1
( සිතුම් චතුරංග)ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත‍්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප‍්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞරව වන විදියට කටයුතු කිරීම කනගාටුවක් යැයි ප‍්‍රකාශ කළේය. රණවිරුවන් පාවා දෙනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදීන් බොල් හඬ නංවා කරන විවේචන ප‍්‍රතික්‍ෂේප කරන බවත් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වන බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ යාපනය පාලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව එහිදී ත‍්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමිනි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය. ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස් ප‍්‍රධානීන් සමග ඉතාමත් ක‍්‍රමවත් වැදගත් අවස්ථාවක මෙවැනි උත්සවයකට මේ අයුරින් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඔබටත් මටත් මේ රටේ පුරවැසියන් විදියට තිබෙන්නේ එක හා සමාන වූ වගකීමක් සහ යුතුකමක්.අපේ රටේ පුරවැසියන් විදියට කවුරුත් විවිධ තනතුරු දරනවා. එක් පැත්තකින් දේශපාලනඥයින් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන්, තවත් පැත්තකින් ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඒ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ ඉතාම උතුම් කාර්යය සඳහා. රටක පැවැත්ම පිළිබඳ රාජ්‍යයක අනාගතය පිළිබඳ ඒ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කිියන ආයතනවලින් සිදුවන සේවාව එක් පැත්තකින් ව්‍යාස්ථාපිත සහ නීතිමය වශයෙන් තවත් පැත්තකින් රටක තියෙන සම්ප‍්‍රදායන් සහ සංස්කෘතීන් වගේම තවත් පැත්තකින් රටක තියෙන සිරිත් විරිත් වශයෙන්. ඒ වගේ තවත් පැත්තකින් මානුෂීය වශයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ප‍්‍රධාන වගකීම් යුතුකම් රාජකාරීන් ඒ සියල්ලට මූලිකත්වය දීපූ කරුණු කිහිපයක් තියෙනවා. එහි අංක එක අපේ රට. ඒවාගේම අපේ ජනතාව. අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමියේ සහ ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒ ඒ තුළ යහපත් රටක් ගොඩ නැගීම. අපිට ඒ සේවාවන්වල ඉතිහාසය ගත්විට යුධ, නාවික, ගුවන් සහ පොලිසියේ  ඉතිහාසය ගතහොත් අපිට පසුගිය වසර ගණනාවක් පිළිබඳ දීර්ඝ කතාවක් කරන්න පුළුවන්කම තිබෙනවා.අපි 1505 සිට 1948 දක්වා ප‍්‍රධාන වශයෙන්ම විදේශීය ආක‍්‍රමණයකින් සමග යුද්ධයක් තිබුණා. 1505 සිට 1948 දක්වා මේ රටේ ජනතාව විදේශීය ආක‍්‍රමණිකයින්ට විරුද්ධව දිර්ඝ ලෙස සටන් කළා. ජීවිත පූජා කළා. දේපළ විනාශ වුණා. අපේ ඉතිහාසයේ ශේ‍්‍රෂ්ඨ රණවිරුවන්ව ඇතැම් විදේශීය ආක‍්‍රමණිකයින් ඝාතනය කළා. විනාශ කළා. මරා දැමුවා පමණක් නොවෙයි මේ රටින් පිටුවහල් කළා. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. අපේ කාන්තාවන්, මව්වරුන්, අපේ දියණියන් බරපතළ වධ හිංසාවලට ලක් කළා විදේශ ආක‍්‍රමණිකයන්.  ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. මේ රට ආක‍්‍රමණය කළ ඉංග‍්‍රීසීන් 1815 මාර්තු මාසයේ දෙවැනිදා ලංකා රාජ්‍යයේ ද්‍රෝහීන් සමග අත්සන් කළ ගිවිසුමට අදාළ බලයන් සමගයි. අපේ රට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට විරුද්ධව අරගල කළ දේශපේ‍්‍රමීන්, වීරවරයන්, රණකාමීන් ඇතු`එ ශේ්‍්‍රෂ්ඨ ලාංකික පුත‍්‍රයින් දේශද්‍රෝහීන් බවට පත් කළ නිවේදනය අවලංගු කළා.1815 මාර්තු මාසේ 02 ඉංගී‍්‍රසි පාලකයින් සහ දේශීය නියෝජිතයින් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවුරුදු 202කට පසුව ඔවුන් දේශපේ‍්‍රමීන් බවට පත් කළා වගේම ඔවුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයින් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කරමින් දේශද්‍රෝහීන් විදියට නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ මතක සටහන් සමග වසර දහස් ගණනක කතාවේ ඒ රණකාමීත්වය, ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, වීරත්වය පිළිබඳ මහා ගෞරවණීය තත්ත්වයක්. අපි දුපත් රාජ්‍යයක් විදියට අපේ මුළු ඉතිහාසය පුරාම ආක‍්‍රමණවලට මුහුණ දීලා තිියෙනවා. අපි සටන් කරලා තියෙනවා. ශී‍්‍ර ලාංකික සිංහලයින් මේ රටේ රණකාමීත්වය පිළිබඳව මුළු ඉතිහාසය පුරා සිය විශිෂ්ටත්වය සහ රණකාමීත්වය, වීරත්වය පෙන්නුම් කරලා තියෙනවා. ඒ එක් එක් යුග තුළ. ඒ වාගේම තමයි අපි අමතක කළ යුතු නැහැ බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට 30 දශකය 40 දශකය වන විට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් සිය යුග මෙහෙවර ඉටු කරමින්, ජාතික නිදහස් අරගලය දියත් කළා ඉංගී‍්‍රසි පාලකයින්ට විරුද්ධව. බි‍්‍රතාන්‍ය පාලකයින්ට විරුද්ධව. යටත් විජිතවාදීන්ට විරුද්ධව. 1948 දී අපි නිදහස ලබා ගත්තේ 1505 සිට ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා. අපේ මහ පොළොව තෙත් වන ආකාරයට ලේ ගලාගොස් මේ උතුම් මාතෘභූමිය අපේ රණවිරුවන්ගේ ලේවලින් තෙත් වූ මහ පෙළොවක් විදියට ඉතිහාසයට එකතු වුණා. අපි අමතක කළ යුතු නැහැ සිංහල, දමිළ, මුස්ලිම් නායකයින් 30 දශකයේ 40 දශකයේ ගෙන ගිය සටන්වල ප‍්‍රතිඵලයක් විදියට 48 නිදහස ලබාගත්තා. මේ රටේ සමාජයේ ඇති වෙච්ච බලවේග, ජනතාවගෙන් ඇති වෙච්ච විරෝධය, එවකට නිදහස ලබා ගැනීමට සටන් කළ නායකයින්ගේ අප‍්‍රතිහත ධෛර්යත් සමග ඒ ලබා ගත් නිදහස විශිෂ්ට ලෙස ලබා ගැනීමට එදා කටයුතු කළ නායකයින් අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිදහස ලබාගෙන අපි රටක් විදියට සංවර්ධනය වුණා. ලෝකයේ රටවල්වල සහයෝගය අපිට ලැබුණා. 70 දශකයේ මැද භාගයේ මේ රටේ ප‍්‍රධාන වශයෙන් ත‍්‍රස්තවාදය ආරම්භවීමේ මුල් වෙඩිල්ල පත්තු වීමත් සමග 80 දශකය වන විට මූලික වශයෙන් අපේ රටේ ජනතාවටත්, ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියටත් ම්ලේච්ඡ නින්දිත එල්ටිටීඊ ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න කැපවෙන්න සිද්ධ වුණා.ඔබ මෙන්ම ජීවිත පූජා කළ, මහා පරිත්‍යාගයන් කළ, ජීවිත අහිමි වූ අත පය පූජා කළ ආබාධිත වු බොහෝ ගැටලූ ප‍්‍රශ්නවලට ලක් වූ සිය මව්පියන්ගෙන් දරු පවුල්වලින් ඈත් වී ඒ ඓතිහාසික අරගලය කිරීම නිසා විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දුන් පිරිසක් අපේ ති‍්‍රවිධ හමුදාවල සහ පොලිසියේ සිටින්නේ. පොලිසියේ සේවාව දෙපාර්තමේන්තුවක් විදියට සිවිල් සේවාව වුණත් යුද්ධ ආරම්භ විමත් සමග පොලිසියට සිදු වුණා යුධ හමුදාවක් විදියට කටයුතු කරන්න. පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව ඒවා අතපසු කරමින් රටේ ස්වාධීනත්වය සඳහා පොලිසියත් ති‍්‍රවිධ හමුදාවට එක් වුණා. යුද්ධය මැද භාගයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා. විශේෂයෙන් ගම්වල ආරක්ෂාවත් සමග. ඒ නිසා ඒ වකවානු තුළ ඒ මහා කැපවීම් කළ අතපය අහිමි වූ ආබාධිත වුණ ජීවිත පරිත්‍යාග කළ දරුපවුල් අහිමි වූ ඒ සෑම කෙනෙක් වෙතම අපි විශේෂයෙන් ජාතියේ ගෞරවය අපි අදත් පිරිනැමිය යුතුයි. ඒ සියලූ දෙනාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද සේවයේ යෙදී  සිටින  ඔබ සෑම කෙනෙකුගේම වරප‍්‍රසාද,  පහසුකම් වැඩි කරමින් ඔබට නව තාක්ෂණය සමග නව යුධ ක‍්‍රම, ශිල්පීය ඥානය, පුහුණුවීම්, තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් විදියට ති‍්‍රවිධ හමුදාවටත් පොලිසියටත් රජය සම්පූර්ණ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.  මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර ලෝකයේ ප‍්‍රබල රාජ්‍ය ගණනාවක් අපේ හමුදාවලට පුහුණු කිරීම් නවත්වලා තිබුණා. අපිට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් පුහුණු වීම් නවත්වා තිබුණා. නමුත් රජයේ ප‍්‍රධානියා විදියට මා රාජ්‍ය නායකයන්ට කරුණු පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය කියා සිටියා. ඒ තුළ නැවත ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් අපේ ත‍්‍රිවිධ හමුදාවට වගේම පොලිසියට අවශ්‍ය පුහුණු වීම්, ශිල්පීය ඥානය ලබාදීමට දැන් කටයුතු කරමින් සිටිනවා. විදේශීය ත‍්‍රස්තවාදී සංවිධානවල සෙවනැලි 2009 මැයි මාසයෙන් පසුව අවසන් වුණේ නැහැ. මුහුදෙන් එතෙර සිට සතුරු මිනිස් සෙවනැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩකළා කියලා. ඔවුන් චෝදනා පත‍්‍ර හැදුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා චෝදනා ඉදිරිපත් කළා. මාධ්‍ය තුළ නොයෙකුත් විග‍්‍රහයන් කෙරෙනවා. අපේ හමුදාවන්ට අගෞරව වන විදියට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. ඒ වගේම අන්තවාදී දේශපාලනඥයින් වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා. මගේ රජය ආරක්ෂක හමුදාවන්ට සලකන්නේ නෑ ඒ අයව පාවා දෙනවා කියන දේශපාලන විරුද්ධවාදීන්ගේ බොල් හඬ තැන් තැන්වල නැගෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කුමන විවේචන කුමන ආකාරයෙන් පැමිණියත් ති‍්‍රවිධ හමුදාවත් පොලිසියත් ඉතාම වගකීමෙන් ආරක්ෂා කරන බව. මොන චෝදනා ආවත් ඒවා අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව විදේශීය විනිශ්චකරුවන් ගෙනල්ලා නඩු අහන්න  ඕනෑ කියන චෝදනා පත‍්‍රයක් එක්ක යෝජනා ඇවිත් තිබෙන්නේ. මම පැහැදිලිව කිව්වා මම ඒකට ලැහැස්ති නැහැයි කියලා. රට තුළ සිටින ඇතැම් ලාංකිකයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර රාජ්‍ය නොවන සංවිධාන හරහා වැරදි නිගමනයන්ට එළැඹ ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ගන්න, ඩොලර්, පවුම් අරගන්න අපේ හමුදාවන් පිළිබඳව වැරදි ප‍්‍රචාරයන් ගෙනියනවා.මම පැහැදිලිව කියනවා විදේශීය සම්බන්ධතා මත මේ රටේ රාජ්‍ය නොවන සංවිධානවලට  ඕනෑ විදියට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට ත‍්‍රිවිධ හමුදාවට චෝදනා පත‍්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට මම ත‍්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න ලෑස්ති නැහැ. මම සැමවිටම ඒ වගකීම සහ යුතුකම ඉටුකරන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ. අපේ රණවිරුවන් එල්ටීටීඊ ත‍්‍රස්වාදයට විරුද්ධව සටන් කළ කාලේ මම ත‍්‍රස්තවාදී ප‍්‍රහාර 5 කට ලක් වූ අයෙක්. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුළ ඔබ ගතකළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතත් අපේ හිත්වල සටහන් වී තිබෙනවා. ඒවා ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඒ නිසා ලබාගත් නිදහස, සාමය සුරක්ෂිත කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. ඒ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ අනාගතය සඳහා කැපවන රජයක් විදියට මගේ රජය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇතැම් වෙලාවට වෙබ් අඩවි, ෆේස්බුක්, අන්තර්ජාලය, ජනමාධ්‍ය වැරදි ප‍්‍රචාරයන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ ප‍්‍රධාන ආරක්ෂකයා සැම විටම මමයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා විදේශීය වශයෙන් මොන විදියේ චෝදනා පත‍්‍ර එල්ල වුණත් මොන විදියේ සැලසුම් ඒ අය ඉදිරිපත් කළත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කළ හැකි යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කරන්නට කැමතියි.ත‍්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරන්නේ පහසු කාර්යයක් නොවෙයි. ඔබ යුද්ධය කළ කාලයේ කළ කැපවීම දුෂ්කරයි.  ඒවා අභියෝගාත්මකයි. ඒවා ඔබ ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙන්. අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය මහජනතාවගේ සේවාවන් සඳහා පූර්ණව කැපවෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රිවිධ හමුදාව ජාතික හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කරනවා. ඒ වගේ්ම මහජන සුබසාධනය සඳහා, සංවර්ධනය සඳහා ඔබ විශාල සේවාවක් කරනවා. මේ රටේ සංවර්ධනය කාර්යක්ෂම කරන්න ඔබෙන් විශාල සේවාවක් සිදුවනවා. හෙට දවස වෙනුවෙන් ඔබ ලෝකයේ ශක්තිමත් විශිෂ්ට සේවාවක් කරනවා. මගේ රජය රජයක් විදියට ඔබට දිය හැකි සියලූ පහසුකම් ලබාදෙනවා. අධි තාක්ෂණයට ඔබව යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් ලෝකයේ ඉහළම යුද ශිල්පීය ඥානය සහ උපක‍්‍රම සැලසුම් පිළිබඳව දැනුම අවබෝධය තිබෙන ප‍්‍රබල දියුණු රටවල්වල පුහුණුවීම් ඔබට ලබා දෙමින් ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් බවට පත්කිරීමට මගේ රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට  ඕනෑ.ඒ නිසා ඔබේ ක‍්‍රියාශීලීත්වය මගේ රටේ අනාගතයයි. ඔබෙත්් මගේත් මවුබිමේ ජාතිික ආරක්ෂාව පිළිබඳව වගේම සංවර්ධනය වගේම විනයගරුක හික්මුණු ජනතාවක් බිහිකරන්න ඔබේ ආදර්ශය ඉතාම වැදගත්. අපේ රටේ දේශපාලනයේ තිබෙන්නා වූ දුර්වලතාවයක් තමයි විනයක් නැති බොහෝ අයගේ හැසිරීම. මේ රට සංවර්ධනය වෙන්න ප‍්‍රබුද්ධ රටක් වෙන්න නම් ඉතාම හොඳ විනයක් ඇති රටක් බවට පත්වෙන්න  ඕනෑ. එසේ වන්නට රාජ්‍ය නිලධාරීන්ට, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ආදර්ශවත් චරිත බවට පත්වී ඇත්තේ ඔබයි. ත‍්‍රිවිධ හමුදාවේ විනය, පොලිසියේ විනය ඉතාම වැදගත්. ඒ විනයගරුක චරිතයෙන් දෙන ආදර්ශය ඉතාම වැදගත්. ලෝකයේ බොහෝ රටවල්වල හමුදාවන්වල ඔබ දන්නවා රටේ සාමාන්‍ය පුරවැසියන්ට හමුදා පුහුණුව දෙනවා. කෙටි හමුදා පුහුණුවීම් දෙනවා. ඒ දෙන්නේ විනයක් ඇති ජනතාවක් බිහිකරන්නයි. ඒ නිසා විනයක් ඇති යහපත් සමාජයක් ගොඩනගාගන්න, ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වෙන්න ජාතික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවෙන්න දක්ෂ ආරක්ෂක හමුදාවන් බවට පත්වෙන්න, ඒ වගේම පොලිසිය සිය රාජකාරී කටයුතුවලදී ලෝකයේ විශිෂ්ට පොලිස් සේවාවක් බවට පත්වෙන්න රජයක වගකීම සහ යුතුකම් ඔබ වෙනුවෙන් අපි ඉටුකරනවා. ඒ නිසා ඔබේ අනාගතය සුරක්ෂිතයි. වාසනාවන්තයි. භාග්‍යවන්තයි. පිංවන්තයි. ඔබ භාග්‍යවන්ත වූ පමණින් ඔබ පිංවන්ත වූ පමණින් ඔබ කරන්නා වූ කාර්යයන් තුළ භාග්‍යවන්ත ජනතාවක් ඇති රටක් බවට පත්වෙනවා. ඒ සඳහා නායකත්වය ගත යුත්තේ ඔබයි. ඔබේ ආදර්ශවත් විනයගරුක හික්මුණු ක‍්‍රියාශීලී නායකත්වය තුළ ඒ විශිෂ්ට නායකත්වය තුළ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අපි සියලූ දෙනා එක්වෙමු. ඒ සඳහා ඔබ සියලූ දෙනාට මම සුබ පතනවා.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය
0
(හසිත රංග ගුණතිලක)“දේශපාලනීකරණයට ලක්ව ඇති ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ සියල්ල මා නිර්දේශපාලනීකරණය කරන්නේ යැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.විශේෂ ආරක්‍ෂක ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවා එමගින් සෑම රණවිරු පවුලකම ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.“ප්‍රතිවාදී අපේක්‍ෂක මෙන් රණවිරුවන්ව වැරදි වැඩවලට යෙදවීමට කිසිදු සූදානමක් නැතැයි” ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ‘විරු පවුර’ විශ්‍රාමික රණවිරු හමුව අමතමිනි.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ හමුවට රටපුරා සිටින විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.ත්‍රිවිධ හමුදාව - පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවල සුබසාධනය සඳහා මගේ රජය මූලිකස්ථානය දෙනවා. නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් නිසයි.මගේ නව රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පත් කිරීමට ගත් තීරණය එලෙසින්ම ඉටු කරනවා.රට ගොඩනගන්න නම් රට දියුණු කරන්න, රට ශක්තිමත් කරන්න නම් පාලකයින් දක්ෂ හපන්කම් ඇති නිපුණතාව අගයන කාර්ය ශූර පුද්ගලයින් විය යුතුයි. එළැඹෙන නොවැම්බර් 16න් පසු මා නිර්මාණය කරන නව රජය මූලික තැනක් දෙන්නේ  කුසලතාව හැකියාව සහ දක්ෂතාවට පමණයි.චණ්ඩි නැතිව තනතුරු තානාන්තර දෙන්නේ පෞද්ගලික හිතවත්කම් මත යාලු හිතවත්කම් මත හෝ ඥාති හිතවත්කම් මත හෝ නොවෙයි. ආරක්ෂක අමාත්‍යධුරය සරත් ෆොන්සේකා මහතාට දීමත් සමග එය තහවුරුවනවා.මෙරට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ ඔවුන්ගේ හැකියාව සහ කුසලතාව මැනවින් ඔප්පු කර තිබෙනවා. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා රණවිරුවන් ඇස්, ඉස්, මස්-ලේ ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනු ලැබුවා. පවුලේ සාමාජිකයින් පසෙකලා රට රැක ගැනීමට රණවිරුවන් කළ සේවය සදා අමරණීයයි.රටේ නිදහසේ නිර්මාතෘවරුන් වන්නේ රණවිරුවෝයි. මාතෘභූමිය සුරක්ෂිතව රැක ගැනීමට නිබඳවම මා කැප වනවා.වර්තමානයේ දී රටක් ලෙස මුහුණ දෙන අභියෝග හේතුවෙන් ආරක්‍ෂක අංශ තවදුරටත් සන්නද්ධ කළ යුතුයි. නවීකරණය කළ යුතුද වෙනවා. වැඩි වැඩියෙන් පුහුණු කළ යුතු වෙනවා.ඒ සඳහා නවීන යුධෝපකරණ සහ නව තාක්‍ෂණය ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ වලට දිය යුතුයි. ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීමෙන් එය කළ හැකියි.වෘත්තිකයින්ට මුල් තැන දී රට මෙහෙයවන්න මා බලාපොරොත්තු වෙනවා. ආරක්‍ෂක අංශවලට යුතුකම් ඉටු කරනවා සේම රට ආරක්‍ෂා කිරීමට  ඔවුන්ට හොඳ මානසිකත්වය තිබිය යුතුයි.ආරක්‍ෂක අංශවල රැකියා පිළිබඳව හොඳ තෘප්තිමත් සැනසීමක් තිබිය යුතුයි. රණවිරුවන් ඇතුළු ආරක්‍ෂක අංශවලට රැකියාව ගැන ආසාව ඇතිවන්නේ එවිටයි. ඒ නිසා ආරක්‍ෂක අංශවලට දිය හැකි සියලු සහන පැකිලීමකින් තොරව ඔවුන්ට මා දෙනවාතිස් වසරක යුද්ධයට මුල්වූ සක්‍රීය සේවයේ සිටින රණවිරුවන්ට සහ විශ්‍රාමික රණවිරුවන්ට කෙලෙහිගුණ දැක්වීම ආණ්ඩුවක් ලෙස මා ඉටු කරනවා. ආරක්‍ෂක අංශවල සුබසාධක මෙන්ම රැකවරණයට මුල් තැන දෙනවා.පසුගිය ආණ්ඩු සමයේදී රණවිරු සුබසාධනය කරන මුවාවෙන් ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අහිංසක රණවිරුවන්ගේ වැටුපෙන් මුදල් කපාගත්තා. රණවිරු සුබසාධනය වෙනුවෙන් එකතු කළ මුදල් රණවිරුවන්ගේ සුබසාධනය සඳහා ඉකුත් ආණ්ඩුව යෙදවූයේ නැහැ.කැකිරාව - ඉපලෝගම, රණජයපුර රණවිරු ගම්මානය ඊට හොඳ උදාහරණයයි. යුද්ධයේදී කළ අසීමිත සේවාව වෙනුවෙන් රණවිරුවන්ට රාජ්‍ය උත්සව පවත්වා නොමිලේ නිවාස දී තිබුණ ද පසුව රණවිරු වැටුපෙන් හා විශ්‍රාම වැටුපෙන් නිවාස සඳහා ලක්ෂ අටක මුදල ගෝඨාභය රාජපක්ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත රණවිරුවන්ගෙන් අයකර ගත්තා.ඔවුන්ගේ දේශප්‍රේමීත්වය එයයි. මා බලයට පත්වූ පසු ඉපලෝගම ඇතුළු රටපුරා අසාධාරණයට ලක්ව සිටින රණවිරුවන්ට සාධාරණය ඉටු කරනවා.පසුගිය ආණ්ඩුවේ නායකයින් රණවිරු අරමුදල් පිහිටුවා තිබෙන්නේ රණවිරු සුබසාධනයට නොව ඔවුන්ගේ පෞද්ගලික සුබසාධනය සඳහායි.පසුගිය වසර හතර හමාරක පමණ අපේ ආණ්ඩුව රණවිරු අධිකාරියත් සමග ඒකාබද්ධව නිවාස සංවර්ධන අධිකාරිය ‘විරු සුමිතුරු’ නමින් රණවිරුවන්ට නොමිලේ ඉඩම් දුන්නා. වෙනත් රණවිරුවන්ට නිවසක් සාදා ගැනීම සඳහා ණය නොව මුල්‍යාධාර දුන්නා.එමගින් මා රණවිරුවන්ට කෙළෙහිගුණ දැක්වුවා.සක්‍රීය සේවයේ සිටින රණවිරුවන්ට පමණක් නොව විශ්‍රාමික රණවිරුවන්ටත් වැඩි ප්‍රතිලාභ රැසක් මා දෙනවා. එමගින් රණවිරුවන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනු දැකීම මාගේ එකම සතුටයි.යුද්ධයේදී ජීවිත අහිමි වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ගතානුගතික රාමුවෙන් පිටතට ගොස් මා උදව් කරනවා.යුද්ධයේදී ශරීර ඉන්ද්‍රියන් අහිමිව විශේෂිත හැකියාව ඇති රණවිරුවන්ව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැකබලා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. දේශපාලනයට වඩා එය මනුස්සකමයි. එමෙන්ම මිනිසාගේ පරම යුතුකමයි.මනුස්සකම අගයන යුගයක් මා නිර්මාණය කරනවා. මහපොළොව මත එය යථාර්ථයක් බවට පත් කරනවා.ආරක්‍ෂක අංශ ශක්තිමත් නොකර කිසිම රටකට පැවැත්මක් නැහැ. මාගේ නායකත්වය යටතේ ආරක්‍ෂක අංශ අඩපණ වීමට කිසිදු ඉඩක් නැහැ. ඒකීය ශ්‍රී ලංකාව වන සංකල්පය මා ඉදිරියට ගෙන යනවා.දේශපාලන වාසි ගැනීමට විපක්‍ෂයේ කල්ලි කණ්ඩායම් බොරු ගිවිසුම් දේශපාලන කරළියට ගෙන එනවා. රණවිරු ඔබට ඉතා පැහැදිලිව මා කියනවා කුමන ආකාරයකටවත් රට, අපේ මාතෘභූමිය පාවා දෙන ගිවිසුම් කිසිවකටත් මාගේ නායකත්වය යටතේ එකඟ නොවන බව. ඔබ ඉදිරියේ සහතික වනවා.ඕනෑම පක්‍ෂයකට, ඕනෑම කණ්ඩායමකට කොන්දේසි ඉදිරිපත් කළ හැකියි. එය ඕනෑම පක්ෂයක අයිතියක්. එහෙත් මා කවදාවත් කොන්දේසිවලට යට වන්නේ නැහැ.බුදු දහමට මුල්තැන දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  අනුව බුදුදහම සුරක්ෂිත කරනවා. එසේම අනෙකුත් ආගම්වලට හිමි නිසි තැන එලෙසින්ම දෙනවා. දේශප්‍රේමීත්වය යනු එයයි.ප්‍රතිවාදී කණ්ඩායම යුද්ධයේදී රණවිරුවන්ට ලැබිය යුතු  ගරුත්වය සින්නක්කරවම තමන්ට ගන්න උත්සාහ කළා. සත්‍ය  කවදා හෝ හෙළි වන බව මාගේ පියාණන් පැවසුවා.පසුගිය දිනක ප්‍රතිවාදී අපේක්ෂකයා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේදී එය සනාථ වුණා. යුධ සමයේ ක්‍රියාකාරකම් පිළිබඳව විදේශ මාධ්‍යවරියක් එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කළා. රටට නායකත්වය දෙන්න ඉන්න ඔහුගේ පිළිතුර වූයේ හමුදාවේ වගකීම ආරක්‍ෂක ලේකම්වරයා හෝ එවක ජනාධිපතිට හෝ බාර නොවූ බවයි.විපක්ෂයේ සැබෑ ස්වරූපය නම් අසීරු අවස්ථාවන්හි රණවිරුවන් තනිකොට ඔවුන් පාවා දීමයි. රණවිරුවන්ව විදුලි පුටුවට ගෙනියන බවටත්, රණවිරුවන්ව විදෙස් යුද අධිකරණවලට ගෙන යන බවටත් වසර හතරක සිට යටි ගිරියෙන් කෑගහන දේශප්‍රේමීන් රණවිරුවන්ට මුවාවී තමනගේ ප්‍රතිරූප පුම්බා ගන්න හදනවා.කෙසේ වෙතත් අප දැන සිටි පරම සත්‍ය වන යුද්ධයට සැබෑ ලෙස නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ මාධ්‍ය හමුවේදී ඔහු විසින්ම එහි ගරුත්වය ෆොන්සේකා මහතාට දුන්නා.රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ රටේ සේනාධිනායකයායි. එහෙත් ඔහුත් අනෙක් අයට බෝලේ පාස් කරමින් සිටියා.රණවිරුවන්ගෙන් වැඩ ගෙන යුද ජයග්‍රහණ සින්නක්කර ලියාගෙන එහි ගරුත්වයත් තම පවුලෙන් පිටට යා නොදී අසීරු අවස්ථාවන්හි රණවිරුවන් පාවාදී අත පිසදා ගැනීම් වැඩ සජිත් ප්‍රේමදාස ගාව නැහැ.ප්‍රතිවාදී අපේක්ෂකයාගේ බියගුළුකමත්, වගකීම් විරහිත බවත් ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවෙන් රටටම පෙන්වූවා.රණවිරුවන් ගැන තවදුරටත් කතා කරන්නට ප්‍රතිවාදී අපේක්ෂකයා ඇතුළු විපක්ෂයට අයිතියක් නැහැ. රණවිරුවන්ව යොදාගෙන මහපාරේ කානු සුද්ධ කෙරෙව්වා. පාරවල් අතු ගාන්න යෙදෙව්වා. රජතුමාගේ කුමාරවරුන්ට වාහන රේස් පදින්න දළදා මාලිගාව ඉදිරිපිටට වැලි කොට්ට ඇද්දෙව්වා.දළදා මාලිගාව ඉදිරිපිටට රුසියානු කාන්තාවන් ගෙන්වා සංගීත සංදර්ශන පැවැත්වුවා. මේ කිසිවක් ජනතාවට අමතක නැහැ.                                                          ප්‍රතිවාදීන්ගේ බෞද්ධකම මෙයයි. බෞද්ධ නායකත්වය ඉහත ක්‍රියාකාරකම් රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙත් බෞද්ධ යැයි කියා ගන්නා නායකයන් රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසුවා.කිසි විටකත් රණවිරුවාගේ ගරුත්වය මා නැති කරන්නේ නැහැ. රණවිරුවන් නොවන්න අද අපට රටක් නැහැ. රණවිරුවන් ගැන අසීමිත ආදරයක් මට තිබෙනවා. රට දැය බේරා ගත් සැබෑ රණවිරුවන් සිටින්නේ මා සමගයි.දසරාජ ධර්මය උපයෝගී කර ගනිමින් සොඳුරු මානව හිතවාදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට මා කැපවෙනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව ශක්තිමත් කර සියලු ජාතීන්ට එකට සිටිය හැකි රටක් හදනවා. ත්‍රස්තවාදයට යොමු වූ තරුණයන්ව පුනරුත්ථාපනය කර ඔවුන් සියලු දෙනාවම රට සංවර්ධනය කිරීමේ වැඩසටහනට යොදා ගන්නවා.යම් යම් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වී ඇති රණවිරුවන් තුන් හතර දෙනෙකු දැනට බන්ධනාගාර ගතව සිටිනවා. ඉදිරියේදී ඔවුන්ට සාධාරණය ඉටු කරනවා. බලයට ආපු ගමන් ඔවුන් සියලු දෙනාවම නිදහස් කරනවා කියලා නම් කියන්නේ නැහැ.අධිකරණයටත් උඩින් ඉන්න කෙනෙකු මෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස සිර ගතව සිටින සියලු රණවිරුවන් නිදහස් කරන බව ප්‍රකාශ කළා. රණවිරුවන්ව එළියට දැමීම කෙසේ වෙතත් වෙන ලැයිස්තුවක් නම් එළියට දාන්න තබාගෙන සිටිනවා.ගෝඨා රණවිරුවන්ව යොදවා වතුර ඉල්ලපු රතුපස්වල ජනතාව වෙඩි තියා මැරුවා. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තම ඉල්ලීම් ඉල්ලු රොෂේන් චානකට වෙඩි තියලා මැරුවා.මාධ්‍යවේදීන් අතුරුදන් කළා. මේවට නියෝග දුන්නු අය එළියේ අහිංසක රණවිරුවෝ ඇතුළේයි. අද වන විට බන්ධනාගාර ගතව ඉන්නේ වැරදි නියෝග ක්‍රියාත්මක කළ රණවිරුවෝයි.රාජපක්ෂ ආණ්ඩුව අහිමි කළ රණවිරු ගරුත්වය අප ඇති කරනවා.මීතොටමුල්ල කුණු කන්ද නාගරික සංවර්ධන අධිකාරිය බර ගන්නා විට තිබුණේ මීටර් 15 ක උසකටයි. එය යුද හමුදාවට බාර දෙන විට මීටර් 45 කටත් අධික උසක් පැවතුණා.පසුගිය 2015 වසරට පෙර නගර අලංකරණය සඳහා රණවිරුවන් 7000 ක් සහ අබාන්ස් සේවකයන් 3000 ක් යොදා ගෙන තිබුණා. එහෙත් අබාන්ස් සේවකයින් යොදාගෙන තිබුණේ 1500 ක් පමණයි. රුපියල් 35000 ගානේ ආබාන්ස් සේවකයින් 1500 කගේ වැටුප් හොරකම් කළාද?රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාආරක්ෂක අංශ වලට වැඩිම වැටුප් වැඩි කිරීම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. රණවිරුවන් අවසන් කළ යුද්ධයට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් රණවිරුවන්ට කිසිවක් ලැබුණේ නැහැ.ඉකුත් 2006 වසරේ සිටම රණවිරුවන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. රාජපක්ෂවරුන් එයට කන් දුන්නේ නැහැ. රණවිරු වැටුප් විෂමතාව නැති කර දැමුවේ ද අප බලයට පත් වූ පසුවයි.යුධ විරුවන්ට ඉමහත් ගෞරවයෙන් අප සලකද්දී තමන්ගේ බලය වෙනුවෙන්ම පමණක් පසුගිය පාලකයින් යුද විරුවන් භාවිතා කළා. සියලුම ආබාධිත රණවිරුවන් 41000 කට ඔවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ ආබාධිත දීමනාව ගෙවීමට අපේ ආණ්ඩුව තීරණය කර අවසානයි.වෙන කිසිම රජයක් අප තරම් රණවිරුවන්ට සේවය කර නැතැයි ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.විරු පවුර සංවිධානයේ නිර්මාතෘ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජන මාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද ඇතුළු විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක්ද මේ හමුවට එක්ව සිටියහ.
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය
0
ත‍්‍රස්ත‍්‍රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රජයක් විසින් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් කිසි විටක පැහැර හරින්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ප‍්‍රථම මැරීන් බලඇණියට අයත් භටයන් 164 දෙනකු විසිර යාම සහ ලාංඡුන පැළඳවීම වෙනුවෙන් මන්නාරම මුල්ලිකුලම් හි පැවැති උත්සවය අමතමිනි.මෙම උත්සවය  මුල්ලිකුලම් හි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේ මැරීන් බලඇණියක් පිහිටුවා තිබූ අතර, එහි මාස 4ක විශිෂ්ට පුහුණුව නිමා කළ ප‍්‍රථම බලඇණිය මෙලෙස  උත්කර්ෂවත් අයුරින් විසිර ගියේය.මෙම බලඇණියට නිලධාරීන් හය දෙනකු ඇතුළු 164 දෙනෙක් එක්ව සිටියහ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා  උත්සව භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. නාවික හමුදාව එහිදී ජනාධිපතිවරයා වෙත සම්මාන මුරයක් පැවැත්වූ අතර සම්මාන මුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ආචාර පෙළපාළිය ද පරීක්ෂාවට ලක් කළේය.ජනාධිපතිවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරු මැරීන් බලඇණියේ භටයන් වෙත සරඹ පිටියේ දී මැරීන් නිල ලාංඡුන පැළඳ වූහ.ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් තවදුරටත් මෙසේ ද පැවසීය. ”ශ‍්‍රී ලංකා නාවික හමුදාව අපේ රටේ ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයභාරයක් උසුලන වගකීම් රාශියක් ඉටුකරන ත‍්‍රිවිධ හමුදාව තුළ තිබෙන විශිෂ්ට වූ හමුදාවක්. නාවික හමුදාවට උගතයුතු පාඩම් සමග අනාගතය සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට ඉතා කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ පැවැති දීර්ඝ කාලීන යුද්ධයේදී නාවික හමුදාව අපගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද උතුම් මෙහෙවර මේ රටේ ඉතිහාසයට එක්වී තිබෙනවා. එක් එක් වකවානුවල අපේ රටේ ඉතිහාසය ගත්විට අපි දුපත් රාජ්‍යයක් විදියට වරින් වර විදේශීය ආක‍්‍රමණවලට ලක්වීමත් ඇතැම් විට රට තුළ ඇතිවන අභ්‍යන්තර අරගල ද ඇතිවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියලූ අත්දැකීම් සමග අපි දන්නවා. සටන්කාමීත්වය, රණකාමීත්වය, රණශූරභාවය, දක්ෂතාව සහ ජයග‍්‍රහණ පිළිබඳව අපේ රටේ ආරක්ෂක හමුදාවලට දීර්ඝ කාලීනව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා.ඔබේත් මගේත් මේ උතුම් මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව ඔබ ඉහළම කැපකිරීමක් කළ යුගයක් වන්නේ, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමග සටන් වැදී ඔවුන් පරාජය කරමින් මාතෘභූමියට සාමය සහ නිදහස ලබා ගැනීමයි. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගනිමින් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඔබ විසින් කරන ලද උතුම් මෙහෙවර ඉතා විශිෂ්ටයි. යුද්ධයේදී මියගිය නාවික හමුදා මෙන්ම යුද, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන්ට ජාතියේ ගෞරවය එදත් අදත් හෙට දවසේත් හිමි වෙනවා. යුද්ධය නිසා අත පය අහිමි වූ ආබාධිත වූ සෑම රණවිරුවකු පිළිබඳව අප තුළ ඉමහත් ගෞරවයක් තිබෙනවා.මියගිය රණවිරුවන්, ආපදාවලට පත්වූ රණවිරුවන් ඒ සියල්ලන්ගේ පවුල්වල සුබසාධනය සඳහා අප විසින් රජයක් විදියට ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් අපි කිසිවිටකත් පැහැර හරින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකක කාල සීමාව මා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා වරප‍්‍රසාද, දීමනා පහසුකම් වැඩිකිරීම් රාශියක් අපි ඉටුකර තිබෙනවා. ඒ සියල්ල දුන් පමණින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජය විදියට කළ හැකි, කළ යුතු යුතුකම් අප විසින් සැම විටම ඉටුකරනු ලබනවා. ශ‍්‍රී ලංකා නාවික හමුදාවත් අපේ අනෙකුත් හමුදාවන් මෙන් නව තාක්ෂණය හා බද්ධ වී තිබෙනවා. අධි තාක්ෂණික ලෝකයේ නාවික කටයුතු, ජාතික හා කලාපීය ආරක්ෂාව ආදී සියලූ කටයුතුවලදී අධි තාක්ෂණික මෙවලම් සමග ඔබේ කය මනස වෙහෙසකරමින් ඔබේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම කැපවෙනවා.මගේ රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලසීමාව විදේශීය රාජ්‍යයන් මිත‍්‍ර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සංවිධානවලින් රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම් ගෞරවය ලබා ගැනීමට ගත හැකි පියවර රාශියක් මම ගනු ලැබුවා. විදේශ රාජ්‍ය නායකයන් සමග මම කතා කළා. ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා කළා. අපට වඩා සංවර්ධනයෙන්, තාක්ෂණයෙන්, යුද කටයුතුවලින් උසස් තත්ත්වයක සිටින රටවලින් අපේ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ප‍්‍රබල රාජ්‍යයන් විසින් නතර කරලයි තිබුණේ. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසුව නව රජයේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් ඒ රාජ්‍යයන්ට, ප‍්‍රධානීන්ට පැහැදිලි කිරීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා අද සහ ඉදිරි කාලයේදී නව තාක්ෂණික යුද උපක‍්‍රම ක‍්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ඒ රටවල් කටයුතු කර තිබෙනවා.අද මේ ස්ථානයේ ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඇමරිකානු තානාපතිතුමා සිටිනවා. විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා ඇමරිකානු රජය අපේ ත‍්‍රිවිධ හමුදාවලට නව විශේෂඥ පුහුණුවීම් ලබාදීම මේ වනවිට නැවතත් ආරම්භ කර තිබීම පිළිබඳව.නාවික හමුදා ක්ෂේත‍්‍රය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගත්විට ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ ඉතාම විශිෂ්ට තාක්ෂණික දැනුමක්. එම දැනුම අපේ නාවික හමුදාවට පුහුණුවීම් සඳහා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය අප සමග එකඟත්වය පළකරමින් ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයටත් අනෙකුත් අපිට ප‍්‍රධාන වශයෙන් පුහුණුවීම් ලබාදෙන ඉන්දියාව, පාකිස්තානය, චීනය, එංගලන්තය, ජපානය ආදී රටවල් සහ සහයෝගය දක්වන සියලූම විදේශීය මිත‍්‍ර රාජ්‍යයන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඉතාම විශිෂ්ට පුහුණුවකින් පසුව අද විසිර යන ඔබටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ මහජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම් ඉටුකරන්නට ඔබ සෑම කෙනකුටම ධෛර්යය, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා මා ප‍්‍රාර්ථනා කරනවා.ඔබට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් එය ලබාදෙන්නට රජය විදියට අපේ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.”පදක්කම් පැළඳවීමෙන් අනතුරුව මුල්ලිකුලම් වෙරළේ දී මැරීන් බලඇණියේ භට පිරිසක්  හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා නෞකා සහ කුඩා යාත‍්‍රා උපයෝගි කරගෙන විශේෂ සතුරු ආක‍්‍රමණ සංදර්ශනයක නිරත වූහ.මෙම උත්කර්ෂවත් අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා එහිදී පැළයක් රෝපණය කළ අතර මැරීන් බලඇණියේ වෙබ් අඩවියක් ද දියත් කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාර්, වන්නි සහ මන්නාරම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීහු  සහ  ඇමෙරිකානු  හමුදා ප‍්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.(ඉන්දිකා රාමනායක මන්නාරම මුල්ලිකුලම් සිට) ජායාරූප - ඉෂාන් සංජිව
හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය
0
(ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය - චන්දන උඩුවාවල සහ කුණ්ඩසාලේ - ඒ.ජී. වික්‍රමසිංහ)හෘදය සාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (19) ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පැවැති වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහවැලි ගම්මානවල ජිවත්වන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්ව තිබූ තම ඉඩමේ අයිතිය, උරුමය හිමිවන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව තිබෙන්නේ දීර්ඝතම වූ ඒවගේම කීර්තිමත් ඉතිහාසයක්. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුවත්, බි්‍රතාන්‍ය පාලනය තිබුණු අවස්ථාවලදීත්, මේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව ඉතිහාසය සහ ඒ මතක සටහන් ඔබ අප කාගේත් හදවත් තුළ සටහන්ව තිබෙනවා.රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටි ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි මේ රටේ මහ ගොවිජනපද ව්‍යාපාර පටන් ගත්තේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල එදා මහ ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ රටේ ගොවිජනපද ශිෂ්ටාචාරයක් සහ ගොවිජනපද සංස්කෘතියක් වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පුළුල් පදනමක් ඇති කෘෂි ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා මූලික පදනමක් සහ අඩිතාලමක් ඒ තුළ ඇති වුණා. එදා මෙදා කාලය තුළ මේ රටේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තම කාලසීමාව තුළ ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත්වන ජනතාව ආර්ථික සමෘද්ධිමත් ජනතාවක් විදියට ගොඩනැගීමට ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1977 අලුත් ආණ්ඩුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගාමිණී දිසානායක ඇමතිතුමාගේ නායකත්වය තුළ මහවැලි ව්‍යාපාරයේ නව නැම්මක් සමග නව ගමනක් ආරම්භ කළ බව ඔබ දන්නවා. මේ රටේ මහවැලි ව්‍යාපාරය පිළිබඳව ඓතිහාසික පසුබිම 1930 දශකයේ සිට 40, 50, 60 දශක දක්වා දිව එනවා. 1965 පමණ පොළොන්නරුවෙන් එදා නායකත්වය දුන් සී.පී ද සිල්වා ඇමතිතුමා තමයි මේ රටේ මහවැලි විෂය භාර පළවෙනි අමාත්‍යවරයා විදියට පත් වුණේ.ඉන්පසුව මහවැලිය උතුරට හැරවීමේ කාර්යයේදී 1969 සී.පී. ද සිල්වා ඇමතිතුමා මහනුවර පොල්ගොල්ලෙන් ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තබලා ආරම්භ කළා. 1970 ආණ්ඩු වෙනසින් පසුව රජරට නායකයෙක් වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එම විෂයභාරව කටයුතු කළා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් රජරටට ජලය හරවනු ලැබුවා. 1977 ආණ්ඩු වෙනසත් සමග කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ ඉන්පසුවයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය මේ මහා ජලාශ සමග එදා මූලිකත්වය දුන්නේ කෘෂි ආර්ථිකයට වඩා මේ රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා විදුලිබල උත්පාදනය වෙනුවෙන්. 77 බලයට පත් වූ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග රටට අවශ්‍ය කර්මාන්ත සංවර්ධනයේදී මූලික වශයෙන් අවශ්‍ය වූ විදුලිබල නිෂ්පාදනයට මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ප්‍රමුඛත්වය දුන්නා. ඒවගේම කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහවැලි නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන එනු ලැබුවා. 2005 ජනවාරි මාසේ 25 වෙනිදා තමයි මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ප්‍රධානතම කෘෂිකාර්මික යෝජනා ක්‍රමය වූ මොරගහකන්ද කළු ගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ.නමුත් ඔබ දන්නවා එක්දහස් නවසිය තිස් ගණන්, හතළිස් ගණන් වල සිට ආ වැඩසටහනට අපි බලාපොරොත්තු වූ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ඉලක්කත් ඒ වගේම විදුලිබල උත්පාදනයත් කර්මාන්තකරණයත් මේ සියල්ල එක්ව එක දිගට කරගෙන ආවා වගේම ඇතැම් අංශවල යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් සිදු වුණා. 2007 ජනවාරි 25 වෙනිදා මොරගහකන්ද මුල්ගල තැබුවත් අවුරුදු 05 ක් යනතෙක් ඒ ව්‍යාපෘතියේ කටයුතු කෙරුණේ නැහැ. විෂය භාර ඇමතිවරයා විදියට මම හිටියේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. රජරට ජනතාව ඒ පිළිබඳව කරන ලද නොයෙකුත් ඉල්ලීම් ආණ්ඩුව ඇතුළේ අප විසින් කරන ලද නොයෙකුත් බලපෑම් උඩ තමයි 2012 වනවිට මුදල් ලබාගන්න පු`ථවන්කම ලැබුණේ. 2007 වැඩ ආරම්භ කළ අවස්ථාවේ සිට මොරගහකන්ද කළු ගඟ ජලාශයේ ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව කෙරී ගෙන ගියා නම් 2012 උතුරමැදට සහ වයඹට ජලය ලබාදෙන්න පු`ථවන්කම තිබුණා. කළු ගඟ ඇතුළු වයඹ ඇළ සංවර්ධනය ඒ වගේම උතුරු මැද මහ ඇළ සංවර්ධනය තුළ වැව් 600 ක් ප්‍රතිසංස්කරණය වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් ඓතිහාසික පරිවර්තනයන් රාශියක් ඒ තුළ සිදුවෙනවා.මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා ඒ ඓතිහාසික කීර්තිමත් කතාවත් සමග වසර ගණනාවක් මේ ජනපදවල ඔබ වැනි පිරිස් ඔබේ ඉඩමේ අයිතිය, ඔප්පුව, බලපත්‍රය, දීමනා පත්‍රය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්නවලට ඔබ සෑම කෙනෙක්ම මුහුණ දුන්න බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඉඩමේ බලපත්‍රය ගන්න මහවැලි කාර්යාලවලට ඔබ කොතෙක් යන්න ඇද්ද? කොට්ඨාස කාර්යාලවලට කොතෙක් යන්න ඇද්ද? ඒ ඇතැම් වෙලාවට ගොවි ජනතාව විදියට ඔබට රසවත් වූ මිහිරි සුන්දරවූ කතා වගේම අසුන්දර, අශීලාචාර සිද්ධීන්වලටත් මුහුණ දීමට සිදුවූ බව රහසක් නොවන බව ඔබත් මමත් දන්නා වූ කරුණක්. මහවැලි ජනපදවල පමණක් නොව මුළු රටක් වශයෙන් ගත්තොත් ඉඩම් කටයුතුවලදී බලපත්‍ර දීම, දීමනා පත්‍ර, ඔප්පු ලබා ගැනීමේදී මහවැලි ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ, පළාත් සභාවල ඉඩම් අංශවල ජනතාව ඒ අංශවල කටයුතු කිරීම ගැන ජනතාවගේ පැත්තෙන් පැහැදීමක් නොමැති බව අප සෑම කෙනෙක්ම වටහා ගැනීම අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. බොහෝවෙලාවට ඉඩමේ ඔප්පුව, ඉඩමේ බලපත්‍රය ලබාගැනීමට ගිහිල්ලා මුදල් දෙන්න වුණු අවස්ථා කොතෙක් ද කියන එක ඔබ වගේම මේ රටේ ගොවි ජනපදවල ජීවත් වන ජනතාව දන්නවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මහවැලියේ ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම රටේ ජාතික සංවර්ධනය සඳහා ලබාදී ඇති දායකත්වය හා කැපවීම ඉතාමත් විශිෂ්ටයි. ඒ පිළිබඳව මුළුමහත් ජාතියේ ගෞරවය මහවැලි සංවර්ධන ව්‍යපාරයේ එදා මෙදා කටයුතු කළ සියලුදෙනාට හිමි වෙනවා.එහෙත් ඉඩම් අංශවල කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් නොමැති බව කණගාටුවෙන් වුණත් කිව යුතුයි. ඇතැම් ඉඩම්වලට එකම ඉඩම තුන් හතර දෙනෙකුට දීපු අවස්ථාවල් මහවැලි ගොවිජනපද වල තිබෙනවා. ඉඩම් බලපත්‍රය, දීමනා පත්‍රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහිල්ලා බොහෝ දුක්ගැහැට, ප්‍රශ්නවලට මුහුණ දුන්න බව ඔබ මෙන්ම මේ රටේ මහවැලි ජනපදවල ජීවත්වන ගොවි ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා අපේ හෘද සාක්ෂිය තුළ කල්පනා කරන්නට ඕනෑ අපි හිතන්නට ඕනෑ රාජ්‍ය සේවය වේවා අනිකුත් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඒ ඕනෑම ආයතනයක වැඩ කරන කෙනෙක් ජනතාවගේ හිතසුව සඳහා ජනතාකාමී ලෙස ජනතාවගේ හදවත් දිනා ගනිමින් ඔවුන්ට සේවය කිරීමේ ඒ අවංක අත්‍යවශ්‍ය වූ කාර්යය රට සහ ජනතාව විසින් ඉටු කළ යුතුයි. යම් කිසි අංශයක ජනතාවගේ විරෝධය, අප්‍රසාදය පිළිකුල්සහගත බවක් ඇති වෙනවා නම් ඒ අංශවල ප්‍රධානීන් ඒ සඳහා වගකීම ඉතාම අවශ්‍යයයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයක්ම මහවැලි, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවේ ඉඩම් අංශය වගේම නාගරික සංවර්ධන අධිකාරිය ඇතළු ඉඩම් පිළිබඳව ජනතාව සමග කටයුතු කරන සෑම ආයතනයකම අක්‍රමිකතා දූෂණ වංචා පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයක් කියන එක පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. මෙය පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු දෙයක්. ජනතාවගේ එවැනි අප්‍රසාදයට පත් වුණු ඇතැම් අය සේවාවන්වල නැහැ. වැඩි පිරිසක් විශ්‍රාම ගිහිල්ලා. ඒ වගේම සමහර අය ජීවතුන් අතර නැහැ. රාජ්‍ය සේවයේ සෑම තැනකම ඉඩම් අංශවල සේවය කරන රාජ්‍ය සේවයේ පිරිස් ඉතා අවකංව තමාගේ වගකීම ඉෂ්ට කිරීම තුළ ජනතාවගේ ප්‍රසාදය ලබා ගැනීම තමාගේ හෘද සාක්ෂිය තුළ කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි කියන එකයි මම එහිදී සඳහන් කරන්නේ.මම මේ චෝදනාව එල්ල කරන්නේ සෑම කෙනෙකුටම නෙවෙයි. නමුත් මේ කටයුතුවල වගකීමෙන් ක්‍රියාකරන සෑම කෙනෙක් තුළම ඉන්න එවැනි චෝදනාවලට ලක්වන්නාවූ අයගේ හෘද සාක්ෂිය දන්නවා තමන් එවැනි වැරදි කළාද නැද්ද කියන කාරණාව. දිගන නැත්නම් වික්ටෝරියා ව්‍යාපෘතිය තුළ ඉඩම් දීමේදී ඉඩම් ලබා ගැනීමේදී පසුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 20 ක 25 ක කාලය පිළිබඳව ගත්තොත් බොහෝ අප්‍රසන්න සිද්ධීන් තිබෙන බව මෙහි සිටින ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මම මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් වරින් වර කටයුතු කරලා තිබෙනවා. නමුත් ඇතැම්වෙලාවට ඇමතිවරයා නොමග යවමින්, අමාත්‍යාංශයේ ලේකම්වරයා නොමග යවමින්, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොමග යවමින්, ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය සම්බන්ධව ඇතැම් නිලධාරීන් ඉතාමත් බරපතළ වැරදි දිගන සහ ඒවගේම වික්ටෝරියා, කොත්මලේ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බව මෙහි සිටින සෑම කෙනෙක්ම දන්නා වූ කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ නිසා එවැනි අමිහිරි අත්දැකීම් රාශියක් මේ ඉඩම් ලබාදීම් පසුබිම තුළ තිබෙනවා. මම මේවා කියන්නේ මේවා කිව්වේ නැත්නම් වෙන කියන්න තැනක් නැහැ. මේවා නිවැරදි කරගැනීම අවශ්‍යයි. අද දවසේ කාර්යය වගේම හෙට දවසේ රටේ මහජනයා වෙනුවෙන් ඉෂ්ට කරන්නා වූ කාර්යයේ නිවැරදිභාවය අවශ්‍යයි. වැරැද්ද කොතැනක හෝ සිදුවෙනවා නම් ඒ වැරැද්ද කොතැනින් හෝ නිවැරදි වීම ඉතාම අත්‍යවශ්‍යයයි.මහවැලි අධිකාරිය තුළ වැඩ කරන නිලධාරීන් අවස්ථා ගණනාවක් තුළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා එවැනි අපකීර්තිමත් තත්ත්වයන් ඇති කර ගන්නේ නැතිව ජනතාවගේ සේවාවන් ඉටු කිරීමේදී අපේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකිරීම ඉතාම අත්‍යවශ්‍යයයි කියන එක අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉඩම් පිළිබඳව ආරවුලක් ඇති වූ විට ඉඩම් නිරවුල් කිරීමේ කාර්යයේදී කිසිදු අවස්ථාවක දේශපාලනඥයෙක් වේවා රාජ්‍ය නිලධාරියෙක් වේවා දේශපාලන පක්ෂ භේදයෙන් ඉඩම් නිරවුල් කිරීම සඳහා ඒ දෙස බැලීම ඉතාමත්ම අන්‍යවශ්‍ය කාරණයක්. ඉඩමක් පිළිබඳව අයිතිය පරම්පරාගත ප්‍රශ්නයක්. තමාගේ පරම්පරාවේ අයිතිය පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ ජීවත්වීම පිළිබඳව ප්‍රශ්නයක්. තමාගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ප්‍රශ්නයක්. තමන්ට ජීවත්වෙන්න හදාගන්න තිබෙන ගෙයක් දොරක් පිළිබඳව තිබෙන ප්‍රශ්නයක්. මහපාරේ ජීවත් වෙනවාද තමන්ට අයිති ඉඩමක ජීවත් වෙනවාද කියන ප්‍රශ්නය මේ ඉඩමක අයිතිය කියන ඒ සැබෑ ඉඩම්වල හිමිකරුවන් තුළ අවංකවම තිබෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕනෑ මෙය අපි නිවැරදි කරනවා නම් එය ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ කාර්යයක් කියන එක. එමෙන්ම ඒ වැරදියට කරනවා නම් එය අකුසලයක් වගේම බෞද්ධයින් විදියට ඒ කරන්නා වූ වැරදි බොහෝ වෙලාවට තමන් වෙතම යම් කිසි කාලයක පසුපස එනවා. ඒ නිසා අපිට මේ දේවල් නිවැරදි කරගෙන අපේ සංවර්ධන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයයි.මම නැවතත් කියනවා අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරී කාර්ය මණ්ඩල එවැනි වැරදි නොකරන ඒ සෑම කෙනෙකුටම මුළුමහත් රජයේත් ජනතාවගේ ගෞරවය සැමවිටම හිමිවෙන බව. ඒ අය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය විදියට මෙතෙක් ආ ගමනේ තව බොහෝ දුර යායුතුව තිබෙනවා. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපාරය වගේම මින් ඉදිරියට එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නට අපි අපේක්ෂා කරනවා. අද දවසේ ඔබ සෑම කෙනෙකුටම දීර්ඝ කාලයක සිටම බලාපොරොත්තුව තිබූ මෙම ඉඩම්වල ඔප්පුව ලබා ගැනීමේ කාර්යය ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ රජයේ ජාතික වැඩසටහන තුළ අද ඉතාමත්ම සාර්ථකව ඉටු කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මේ ඔප්පු ලබාදීම වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කළ සියලු නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. රටක් විදියට අපේ වගකීම් සහ යුතුකම් සමග සංවර්ධනය මනුෂ්‍යත්වය යහපත් සමාජය සැබෑ වූ අවංක වූ සේවාව මේ සියල්ල අප විසින් ඉටු කළ යුතු වෙනවා.රජයක් විදියට වැඩ කරන විට බොහෝ චෝදනා විවේචන ඇති වෙනවා. ඒ විවේචන නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබෙන ලක්ෂණ විදියටයි මම සැමවිටම සලකන්නේ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැත්නම් ඒ විවේචන ඇති වෙන්නේ නැහැ. බියෙන් ජීවත්වන සමාජයක් රට තුළ නිර්මාණය වෙන්නේ. මේ රටේ එක්තරා කාලයක් තිබුණා. එක්තරා යුගයක් තිබුණා. තමන්ගේ අතේ තිබුණු දුරකතනයෙන් තමන්ගේ හිතවතෙකුට කතා කරන්න බයක් තිබුණු කාලයක්. රජයේ නිලධාරීන් තමන්ගේ දුරකතනයෙන් තවත් තමන්ගේ සහෝදර නිලධාරියෙකුට යම් කිසි ප්‍රශ්නයක සැබෑ තත්ත්වය කතා කරන්න බියෙන් ජීවත් වුණු කාලයක් තිබුණා.දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය නිවැරදිව ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කතා කරන්න බියක් තිබුණු යුගයක් තිබුණා. මේ රටේ කම්කරු පන්තිය වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සම්න්ධයෙන් උද්ඝෝෂණය කරන්න පාරට බහින්න, විරෝධතා කරන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න බියෙන් ජීවත් වුණු කාලසීමාවක් තිබුණා. එවැනි යුගයක් අපි අවසන් කරලා තිබෙනවා. ලබාදී ඇති නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නිසි ලෙස භුක්ති විඳීම ඒ ජනතාවගේ අයිතියක් වගේම ඒ භුක්ති විඳින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස අවබෝධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාම අපි රජයක් විදියට මොන විදිහේ චෝදනා, බලපෑම්, උද්ඝෝෂණ කොපමණ ආවත් අපි රජයක් විදියට රට සහ මහජනතාව වෙනුවෙන් අවංකව ඒ අපේ වගකීම් ඉටු කරන බව සඳහන් කරන්නට ඕනෑ.අනාගතය වඩාත් සුබවාදී අනාගතයක් විදියටයි අපි දකින්නේ. රටක අනාගතය සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය තිබෙන්නට ඕනෑ. දේශපාලනඥයින්ද, රාජ්‍ය නිලධාරීන්ද, රාජ්‍ය නොවන ආයතනද, රටේ සාමාන්‍ය පොදු මහජනතාවද, තමාගේ රට, තමාගේ මව්බිම, තමාගේ වගකීම සහ යුතුකම කියන ඒ අවංක චේතනාවෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. එවැනි පසුබිමක් තුළ රජයක් විදියට කටයුතු කරගෙන යාමේදී අපේ ගෞරවණීය පූජනීය මහා සංඝරත්නය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. උන්වහන්සේලාගේ අනුශාසනා උපදෙස් මත තමයි අපි සැමවිටම කටයුතු කරන්නේ. ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා, මගපෙන්වීම් අපට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. රටක් කර ගෙන යාමේදී රාජ්‍ය පාලනය තුළ අද දවසේ පමණක් නොවෙයි අපේ රටේ මුළු ඉතිහාසය පුරාම ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් තමයි සෑම රාජ්‍ය පාලකයෙක්ම කටයුතු කරලා තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- 1977 බලයට පත්වූ එජාප රජයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළා. 1977ට කලින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දරමින් සිටියදී, පොල්ගොල්ල ජලාශය මහවැලියට සම්බන්ධව ඉදිකළා. වසර 30ක් තිස්සේ සකස් කළ යුතු මහවැලි ව්‍යාපාරය වසර පහක් ඇතුළත සකස් කරන්න එක්සත් ජාතික පක්ෂ රජයට හැකිවූවා. මහවැලි ව්‍යාපාරය රජයට විශාල ආර්ථික සංවර්ධනයක් ගෙන දෙන ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. රටට බත සපයන රටට විදුලිය සපයන ව්‍යාපාරයක් ලෙස මහවැලි ව්‍යාපාරය හැඳින්විය හැකියි.කොත්මලේ කුණ්ඩසාල තෙල්දෙණිය යන ප්‍රදේශවල ජනතාව මේ ප්‍රදේශවල රජ දවසේ සිට ජීවත් වූ අයයි. සංවර්ධන කටයුතු සඳහා හැමවිටම ව්‍යාපාර ආරම්භ කරනවිට අද රටේ හැමතැනම විරෝධතා, ඒත් එදා මහවැලි වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ප්‍රදේශයේ ඉඩම් ඒ ජලාශයට යටවන විට ඒ ප්‍රදේශයේ ජනතාව විරෝධතා නොකර රටේ සංවර්ධනය උදෙසා ලබාදුන් වන්දි අරගෙන තවත් ප්‍රදේශවල පදිංචියට සතුටින් ගියා. ජනාධිපතිතුමා පසුගිය මැතිවරණයේදී දුන් පොරොන්දුවකට අනුව අද ඔබ සැමට ඔප්පු සින්නක්කරව ලැබෙනවා. අද මේ ඔප්පුව ඔබ සැමට ඉතා වටිනවා.මහවැලි රාජ්‍ය අමාත්‍යතුමාටත්, නියෝජ්‍ය ඇමැතිතුමාටත් මම ප්‍රශංසා කරනවා මේ කටයුත්ත ජනතාව වෙනුවෙන් ඉටු කිරීම ගැන.මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙසේ කීය.වික්ටෝරියා, කොත්මලේ කලාපයට අද ඉතාමත් වැදගත් දවසක්. අපි මේ මහවැලි කලාපය පුරා ඉඩම් ඔප්පු 4500ක් පමණ ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ සංකල්පය යටතේ අද ඉඩම් ඔප්පු 1300ක් හදලා ලබාදීමට හැකිවූවා. මේ ඔප්පු පිළිබඳව ගැටලු හා ඉඩම්වල අයිතිය සමග ඔබ සැමට මුහුණපෑමට සිදුවන ගැටලු ප්‍රශ්න අපි දන්නවා. ඔබගේ ඉඩම්වල අයිතිය තහවුරු කරගන්න ඔබ බොහෝ නිලධාරීන් වෙත යන්න ඇති. ඒත් අද තමන්ගේ ඉඩමේ අයිතිය තහවුරු කරගන්න හැකි තත්ත්වයට ඔබ සැම පත්වූවා. එදා මහවැලි අමාත්‍ය ධුරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වත්මන් ජනාධිපති ධුරයට පත්වීම නිසා අද මහවැලි කලාප ඉඩම්වල වසර ගණනාවක් පදිංචි වී සිටි ජනතාව සඳහා ස්ථිර ඉඩම් ඔප්පු හිමිකම ලැබුණා.දිගන නගරය අද හොඳම වාණිජ නගරයක් බවට පත්වී තිබෙනවා. දිගන නගරය සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබාගෙන විශේෂ මුදලක් වෙන්කර දීලා තිබෙනවා. දිගන අඹකොටේ ජනතාවගේ ප්‍රශ්න හා ඉඩම් අවුල් විසඳාගන්න අද හැකිවී තිබෙනවා. කොත්මලේ කලාපයේත් වැඩි සංවර්ධන වැඩ කොටසක් සිදුවෙනවා. මහවැලි කලාප ඉඩම්වල පදිංචි ජනතාවට ඔවුන්ගේ ඉඩම් සඳහා අද අයිතිය හිමිවී මේ ඉඩම් ඔප්පු ලැබී තිබෙන බව සතුටින් කිව යුතුයි.විහාරමහාදේවී බාලිකා විදුහලේ සහ මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ දැරියෝ නර්ථන අංග ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ. 
හෘද සාක්ෂියට අනුව අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය පෙනී සිටිනවා
1
(පොලොන්නරුව - ක.ග කරුණාරත්න)ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත් කල රටේ ජනතාවගේ පැහැදීමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී සිකුරාදා (30) දින ප්‍රකාශ කළේය.දුප්පත් ජනතාවගේ ඉඩමක් පිළිබඳ ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂ බේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය ජනතාවට ඉටුවිය යුතු යැයිද එහෙත් එය ඉටුවන්නේ රුපියල් ශතවලට හෝ වෙනත් සම්පත් ලබාගෙන වෙනත් දූෂිත ආකාරයෙන් නම් රජයක් විදියට මොන ප්‍රතිපත්ති හැදුවත් පලක් නැතැයි ද ජනාධිපතිවරයා කීය.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන මෙතෙක් ඉඩම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු 1000 ක් පිරිනැමීම නිමිත්තෙන් පොලොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ සී.පී ද සිල්වා අනුස්මරණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.ඉඩම් පිළිබඳව තිබෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් රජය ගෙනියන පුළුල් ජාතික වැඩසටහනේදී ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා අවශ්‍ය නායකත්වය දෙමින් දීප ව්‍යාප්තව ගෙනයන වැඩසටහනේ එක් වැදගත් අවස්ථාවක් වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මානව සමාජයේ දීර්ඝතම ඉතිහාසය තුළ මිනිසුන් අතර සටන්වලට මුල්වුණේ ඉඩම් පිළිබඳව අයිතියත් සමගයි. අතීතයේ ඉඩම් හිමි රදළ පැළැන්තිය ලෝකයේ රටවල්වල ධනේෂ්වර පන්තිය මහා විශාල ඉඩම් හිමියන් බවට පත් වෙමින්, ඒවා අත්පත් කර ගනිමින් තම ධනය සහ බලය තුළ මිනිසුන් පීඩාවට පත් කිරීමේ ඉතිහාසයක් මුළු ලෝක ඉතිහාසයේම ඉඩම් පිළිබඳව කතා කිරීමේදී කියවෙනවා. ඇති නැති පරතරය මෙන්ම ලෝකයේ මිනිසාගේ සටන්වල ආරම්භය සිදුවුණේ ඉඩම් මුල්කර ගනිමින් බව මාක්ස්වාදය තුළ බොහෝම පැහැදිලිව කියනවා.බ්‍රිතාන්‍ය පාලනයට අපේ රට යටත්ව තිබූ යුගයන්හි ඉංග්‍රීසි පාලකයෝ මුඩු බිම් පනත සම්මත කරලා සාමාන්‍ය ජනතාවගේ ඉඩම් රජයට අර ගත්තා වගේම මහා ධනපතින්ට රදළයින්ට ඒවා ලබා දුන්නා. මහා ව්‍යාපාරිකයින්ට ලබා දුන්නා. ඔවුන් අදත් භූක්ති විඳින ඇතැම් ඉඩම් සාමාන්‍ය පොදු ජනතාවගේ ඉඩම්. ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරය මේ රටේ ඉඩම් පිළිබඳව ඓතිහාසික පෙරළියක් ඇති කළ අවස්ථාවක්. වසර තිහක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ යුද්ධය තුළත් උතුරු නැගෙනහිරින් ත්‍රස්තවාදීන් උතුරු මැද පළාතට රට ඇතුළට වගේම අනිත් පැත්තෙන් වයඹ, පුත්තලම පළාතට ඌව පළාතට ඇතුළු වෙන්න තිබුණු ඉඩකඩ ඇසුරුණේ මිනිස් පවුරක් විදියට ජනපදවල ජීවත්වුණු මිනිසුන් ඒවාට මුහුණ දුන්න නිසයි.ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ප්‍රතිපත්තිය තුළින් නව ගොවි ජනපද සංස්කෘතියක් බිහි වුණා. ඇති නැති පරතරය එයින් ඉවත් වුණා. රජරටත් වගේම නැගෙනහිර පළාත මුල් කරගත් ඉඩම් ප්‍රතිපත්තියේදී වඩාත් සතුටු විය හැකි කරුණු රාශියක් තිබෙනවා. මේ ඉඩම් සඳහා පැමිණි සෑම කෙනෙක්ම රටේ විවිධ ප්‍රදේශවල විවිධ මාදිලියේ ආර්ථික පසුබිම් සහ සමාජ සංස්කෘතික පසුබිම්වල අය. අපේ රටේ සංස්කෘතියේ තවමත් ඇතැම් දුර්වල අංශ තිබෙනවා. කුලවාදය, කුල භේදය වගේ දේවල්. පිටස්තරින් පැමිණි සෑම කෙනෙක්ම එක් කෙනෙකුට ලැබුණු සමාන ඉඩම් ප්‍රමාණයත් එක්ක ඒ ගමේ ඒ සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වන එකම ආර්ථික පසුබිමක පිරිසක් බවට පත් වුණා.ආගම, කුලය, භාෂාව ඒ සියල්ලම ගොවි ජනපද සංකල්පය තුළ ඉවත් වුණා. ඒ තුළ තමයි ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවි ජනපද ව්‍යාපාරයේ විශාල වැදගත්කමක් ඇති වුණේ. ඉන්පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ ගාමිණි දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නව මහවැලි ශිෂ්ටාචාරයක් ඇති කරනු ලැබුවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ පොඩි මිනිසා උඩට ගන්න කළ මහා සමාජ ආර්ථික සංස්කෘතික පසුබිමත් එක්ක එතුමාගේ කාලසීමාව තුළත් ගොවි ජනපද සංකල්පය ප්‍රමුඛව ගොඩනැගුණා. මැදිරිගිරිය ගොවි ජනපද ව්‍යාපාරය, ජයන්තිපුර, ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරය සඳහා එදා සී.පී. ද සිල්වා මැතිතුමා නායකත්වය දුන්නා. ඉඩම් පිළිබඳව කටයුතු කරන මේ රටේ සියලු අංශ පිළිබඳව ජනතාවගේ තිබෙන්නේ ප්‍රසාදයක් නොවෙයි. ඒක අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. ඉඩම් අමාත්‍යාංශය වේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල වේවා මහවැලි ඉඩම් කාර්යාල වේවා මේ සෑම ඉඩම් අංශයකම කටයුතු පිළිබඳව ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ඒක අපි විශේෂයෙන් හිතන්නට ඕනෑ. මහවැලි ගොවි ජනපදවල එක ඉඩමට තුන්දෙනාට ඉඩම්වල බලපත්‍රය දීලා තිබෙනවා. පොළොන්නරුවේ නව නගරයේ ප්‍රශ්නයක් තිබෙනවා. අද උදෙත් ගෙදරින් පිට වෙන්න එනකොටත් ඒ පවුල්වල අය ආවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා මෙතන ඉන්නවා. මම ඒ ගැන මෙතනදීම ඔබතුමාට කියන්නට ඕනෑ.ඒ ඉඩම පිළිබඳව ප්‍රශ්නය තිබෙන්නේ ඒ ඉඩමේ මුල් හිමිකම තිබුණු අයගෙන් වෙනත් කෙනෙකුට ඉඩම විකුණලා තිබෙනවා. පවුලේ අනික් දරුවන්ගේ කිසිම අනුදැනුමක් නොමැතිව තමයි ඒ ඉඩම විකුණලා තිබෙන්නේ. ඒ විකුණුවායින් පසුව වෙනත් අයට පදිංචි වීමට මේ ඉඩම දීලා.ඒ පදිංචි වුණු අය ඒ ඉඩමේ ගෙවල් දොරවල් හදලා පදිංචි වුණා. ඊළඟට මේ ඉඩමේ මුල් අයිතිය තියෙන අයිතිකරු දැන් පදිංචිවෙලා ඉන්න අයට නඩුවක් දාලා තිබෙනවා ඒ සියලු පවුල් එයින් ඉවත් කරන්නයි කියලා. මේක මොනතරම් අමානුෂික කාරණයක්ද? මම ප්‍රාදේශීය ලේකම්තුමාටත්, දිසාපතිතුමාටත් විශේෂයෙන්ම කියන්නට ඕනෑ එතන දරු පවුල් ගණනාවක් අද අනාථ වෙලා ඉන්නවා. පසුගිය මාස ගානේ වරින් වර මා ළඟට ආවා. ඔබතුමාලා ගාවට යොමු කළා. දැන් අදත් අපේ ගෙදරට ඇවිල්ලා හිටියා.මේවගේ ප්‍රශ්නවලදී මානුෂිකත්වය විශේෂයෙන් සලකන්නට ඕනෑ. නැත්නම් ඒ අහිංසක දරු පවුල් ගණනාවක් මහ පාරට වැටෙනවා. එවැනි කටයුත්තකදී ඒ ඉඩම් අංශ කොහොමද කටයුතු කළේ. ඒ ඉඩම් අංශයේ වගකිව යුත්තන් කොහොමද මේ ප්‍රශ්නයේදී කටයුතු කළේ. එය මොන විදියටද නිර්මාණය වුණේ. මේවා සොයා බැලිය යුතු ප්‍රශ්න. ඒකයි මම කියන්නේ ඉඩම් අංශ සම්බන්ධයෙන් පොදුවේ ගත් කල රටේ ජනතාවගේ පැහැදීමක් නැහැ කියලා. අපි දන්නවා ඇමැතිතුමාලා, අමාත්‍යාංශ ලේකම්තුමාලා, කොමසාරිස්තුමාලා මේ ප්‍රශ්න පිළිබඳව උත්සාහයෙන් කටයුතු කරනවා. මූලික වශයෙන්ම අහිංසක දුප්පත් ජනතාවගේ ඉඩම් පිළිබඳව ප්‍රශ්නවලදී දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය මිනිසුන්ට ඉෂ්ට වෙන්නට ඕනෑ.එය අපි සෑම කෙනෙකුගේම වගකීමක්. ඒක ඉෂ්ට වෙන්නේ රුපියල් ශතවලින් නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් සම්පත් ලබාගෙන නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් දූෂිත ආකාරයෙන් නම්, ඒක ඉෂ්ට කරන්නේ අවිනීත ආකාරයෙන් නම් අපි රජයක් විදියට මොන ප්‍රතිපත්ති හැදුවත් ආයතන ප්‍රධානීන් මොන විදිහේ කටයුතු කරන්න ගියත් පහළ සිද්ධ වෙන සිදුවීම් සීලාචාරකමින් ඉතාමත් බැහැර වුණු දේවල්. ඉඩම් පිළිබඳව කතා කළොත් කඳුළු වැටෙන දේවල් කියන්න පුළුවන්. ඒවා මේ ඊයේ පෙරේදා සිද්ද වුණු දේවල් නොවෙයි. ඉතාම අවංකව නිවැරදිව තීන්දු ගත යුතු දේවල් තමයි ඉඩම් පිළිබඳව ආරවුල් නිරවුල් කිරීම. ඔප්පු ලබාදෙන විට ඒ පිළිබඳව අවශ්‍ය පසුබිම කොයි ආකාරයෙන්ද කියලා සොයලා බැලීම. මේ තත්ත්වය අද ඊයේ තත්ත්වයක් නොවෙයි. ඊයේ පෙරේදා තත්ත්වයක් නොවෙයි. මේ කාරණා ඉඩම් ක්ෂේත්‍රයේ කටයුතු කරන අංශවල තිබෙනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - ජනාධිපතිතුමාගේ රජය නිරවුල් ඔප්පු ලබාදීමේ වැදගත්කම ඉතාම හොඳින් තේරුම් ගත්ත ආණ්ඩුවක්. අද ඉඩමක් කියන එක කොයිතරම් වටිනවාද කියලා මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමුන්නාන්සේලාට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නෑ. හැම කෙනෙකුටම ඉඩමක් අවශ්‍යයි. ඉඩම කොයි තරම් වටිනවද කියනවා නම් සමහර විට සමහර වෙලාවට දෙමව්පියොත් අමතක වෙනවා.අද අපේ රටේ උසාවිවල සියයට 75 කට වැඩිය තිබෙන්නේ ඉඩම් නඩු. අපේ ප්‍රාදේශීය ලේකම් තුමාලගෙන් ඇහුවොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බදාදා මහජන දිනේට වැඩි හරියක් එන්නේ ඉඩම් ප්‍රශ්න අරගෙන. ඒ නිසා ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් අපිට උපදෙස් දීලා තිබෙනවා රටේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් හැටියට දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දෙන කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 02 ඇතුළත ලක්ෂ 10 කට වැඩි පිරිසකට පිරිසුදු නිරවුල් ඔප්පුවක් ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න.කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ, පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන සහ අන්‍ය ආගමික ස්ථාන කිහිපයකට ප්‍රථමයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු කළ අතර ඉන් අනතුරුව ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් අතින් සිදු කෙරිණි. 
හෘද සාක්ෂියට අනුව අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය පෙනී සිටිනවා
0
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප‍්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප‍්‍රදේශයේ සංවර්ධනයේ ප‍්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප‍්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප‍්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප‍්‍රදේශය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප‍්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප‍්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත‍්‍ර අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප‍්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්‍ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග‍්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග‍්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප‍්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප‍්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප‍්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප‍්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප‍්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප‍්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප‍්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප‍්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප‍්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප‍්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප‍්‍රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප‍්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත‍්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප‍්‍රදේශ ගත්විට මේ ප‍්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප‍්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රවාහන ප‍්‍රශ්න තිබෙනවා. නේවාසික ප‍්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප‍්‍රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත  ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප‍්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප‍්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප‍්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප‍්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප‍්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ‍්‍රී ලංකා ඉන්දීය මිත‍්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත‍්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත‍්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත‍්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත‍්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න  ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප‍්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට  ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට  ඕනෑ.සෑම ප‍්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප‍්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප‍්‍රදේශයේ ආයතන ප‍්‍රධානීන් සමඟ කතා කර ප‍්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප‍්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප‍්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප‍්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් මේ ප‍්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න  ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප‍්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප‍්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත‍්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප‍්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප‍්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප‍්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප‍්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප‍්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
හෘද සාක්ෂියට අනුව අවංකව කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය පෙනී සිටිනවා
0
(නිමල කොඩිතුවක්කු)තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමා ජනතාවට සහන ලබාදී ජනතාවාදී පාලනයක් ගෙනයනවා වෙනුවට පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියා ජනතාවට විහිළු සපයමින් සිටින බව සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී  පැවසීය.ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට තම අභිමතාර්ථ ඉටුකරගැනීමේ අරමුණින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයන 20 වන සංශෝධනය පිටුපස ආණ්ඩුව දිවයමින් සිටින බවද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික, පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම විපක්ෂය ප්‍රබල සටනක් ගෙනයන බවද සමගි ජනබලවේගයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවලට අනුරාධපුරයේදී එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.අනුරාධපුර කැකිරාව සූරියගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.    “පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියලා ආණ්ඩුව ජනතාවට කියනවා. වර්තමාන ආණ්ඩුවට මේ තරම් විශාල ජන වරමක් ලැබිලත් විහිළු සහගත ක්‍රියාවන් සිදුකරමින් සිටිනවා. දැන් රටේ ජනතාවට පොල් ගෙඩියක් මිලදී ගන්න ටේප් පටියක් අරගෙන පොලට යන්න සිද්ධ වෙලා තියෙනවා.මේ ආණ්ඩුව පොල් මිලදී ගැනීමට අමුතුම රෙගුලාසියක් ඉදිරිපත් කරලා තියෙනවා. පොල් ගෙඩියේ වට ප්‍රමාණය 13ට වැඩි නම් 70 යි. 12 ත් 13 අතර නම් 65 යි.  12 ට අඩුනම් 60 යි.හැටනම ලක්ෂයක් ජනතාව  ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් ලබා දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දීලා අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ ටේප් පටියක් අරගෙන පොළවල් ගාන ගිහිල්ලා පොල්ගෙඩි මැන මැන ඉන්නයි.මේක තමයි වියත්මග. මේ ආකාරයෙන් ආණ්ඩුව බොහොම වියත් විදියට අද  රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා.මේ විදියට වියත් ආකාරයෙන් රටේ ජනතාවට සලකමින් ඉන්න එක ගැන ජනතාවාදී විපක්ෂයක් විදියට අපි කණගාටු වෙනවා.තව ඉදිරියටත් ටේප්පටි ගණනාවක් එක්ක පොළට යන්න වෙයි කියලා රටේ ජනතාවට අපි කියනවා. ඉදිරියටත් මේ සරදම් රාජ්‍ය පාලනය සරදම් දේශපාලනය තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ.මේ රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විපක්ෂය විදිහට  අපි එකට හිට ගන්නවා.පොදු ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් කැපවෙන අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම්.බඩු මිල ගැන ජනතාවගේ අඳෝනාව ඉදිරියේ පොල් ගස්වල නගින්න  ඇමතිවරුන්ට අද සිද්ධවෙලා තියෙනවා. ඒක තමයි මේ මාස කීපය තුළ රටට සිද්ධ වෙලා තියෙන මහා දැවැන්ත සෞභාග්‍යය. රටට විහිළු සපයන රාජ්‍ය පාලනයක්  බිහිවීම පිළිබඳව දැන් රටේ ජනතාවට හිතන්න හොඳ අවස්ථාව උදාවෙලා තියෙනවා.රටේ ජනතාවගේ ගැටලු විසඳීම පැත්තකින් තියලා දැන් ආන්ඩුව විසිවන සංශෝධනය අල්ලගෙන සිටිනවා. විසිවන සංශෝධනය පැහැදිලිවම රටට වින කරන රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරන පොදු ජනතාව ගේ ස්වෛරීත්වය විනාශ කරන දැවැන්ත බලඅධිකාරියක් එක ආයතනයක ස්ථාපනය කරන ක්‍රියාදාමයක්. රටේ බහුතරයක් ජනතාව මේක භාර ගන්න සූදානම් නැහැ.මේ ආණ්ඩුව ලොකුවට කියාගෙන යනවා විසිවන සංශෝධනයට  ජනතා වරමක් ලැබුණා කියලා.  විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බලය අඩු කරන්න, ප්‍රසම්පාදනය අහෝසි කරන්න මේ රටේ ජනතාව බලයක් ලබා දුන්නේ නැහැ.ලේ වගුරවන්නේ නැතිව ජීවිත ආරක්ෂා කරමින් දේශපාලන ප්‍රචණ්ඩත්වය සහමුලින්ම අතුගාලා දාපු මේ මැතිවරණ කොමිසමේ බලතල අඩු කරන්න කියලා රටේ ජනතාව වරමක් ලබා දුන්නේ නැහැ.නැවත වරක්  මිනීමරන දේශපාලන සංස්කෘතියකට යන්න රටේ ජනතාව ඉඩ දෙන්නෙ නැහැ. එනිසා මේ කරුණු කාරණා සියල්ලක්ම සලකා බැලුවහම ඔය වරමක් ලැබුණා කියලා කියන කතාව පිළිගන්න බැහැ.මේ ආණ්ඩුවේ  සරල බොළඳ පැලැස්තර න්‍යායේ තවත් එක් කාරණයක් තමයි මේ විදිහට විදිහට ඉදිරිපත් කරන්නේ. 20 වන සංශෝධනයට ආණ්ඩුවෙන්ම විශාල පිරිසක් විරුද්ධයි. ඒක රටින් සඟවන්නට මේ අය උත්සාහ කරනවා.20 වන සංශෝධනය සම්මත කරන්න සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට උදව් කරන්න යනවා කියලා දැන් කතාවක් ගොතනවා. එහෙම ක්‍රමවේද පහුගිය කලේ විපක්ෂවලින් සිදුවුණා. සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් කිසිම දවසකින් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ.පක්ෂය තුළ තමන් වදාපු අම්මල තාත්තලත් තුට්ටු දෙකට පාවලා දෙන වරදාන වරප්‍රසාද ඇමතිකම් වලට  සිල්ලරට විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය නැහැ.රජරට ජනතාව අතිවිශිෂ්ට ජනවරමක් පොහොට්ටුවට ලබා දුන්නා. අද ඒ ජනතාවට පොහොර නැහැ, සහන නැහැ, දිරිදීමනා නැහැ. මේ ආණ්ඩුව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා තියෙනවා. දස ලක්ෂ ගණනින් ජනතාව රැවටිලා තියෙනවා. ජනතාවට සත්‍ය අවබෝධ කරගැනීමට  ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී පැවසීය. 
‘ටේප් එකක් අරන් පොළේ යන්න‘
1
(*** නිමල කොඩිතුවක්කු)රටේ ජනතාවට සෙත සලසන බවට පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව උහුල ගන්න බැරි පීඩනයකට අසහනයකට ජනතාව පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලානේදී පැවති ජන හමුවක දී පැවසීය.ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල පිළිගැනීමේ හමුවලට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් මේ බව පැවසීය.රත්මලාන, කොතලාවලපුර, රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පැවැති පිළිගැනීමේ හමුවට සහභාගි වී එම හමුව අමතමින් සිටිය දී කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් වේදිකාවට ගල් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබීය.එම ගල් ප්‍රහාරය නොතකමින් විපක්ෂ නායකවරයා සිය කතාව අඛණ්ඩව කරගෙන ගිය අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අපට ඡන්දය ලබා දුන් පොදු ජනතාවට කෙළෙහිගුණ දැක්වීමක් වශයෙන් රට වටා යන්න අපි තීරණය කරලා තියෙනවා. සමගි ජනබලවේගය මේ රටේ ජනතාවගේ ජන සවියෙන් රාජ්‍ය බලය ලබාගන්න විට රටේම ජනතාවට කෙළෙහි ගුණ දැක්වීමේ යුගය ආරම්භ කරනවා.හැටනව ලක්ෂයක් ජනාධිපතිවරණයේදී ඡන්දය දීපු ජනතාව තුනෙන් දෙකකට ආසන්න ආසන පිරිසක් මහ මැතිරවණයේදී මේ ආණ්ඩුවට ලබා දුන්නා. මේ තරම් සුවිශාල ජනවරමක් ලබාගත්තු වත්මන් ආණ්ඩුව පොදු ජනතාවට කෙළෙහිගුණ දක්වලා තියෙනවද කියලා අපි අහනවා.ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ ජනතාවට හොඳ ජන ජීවිතයක් ලබාදීමටයි. ඒත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ රටේ ජනතාවගේ ප්‍රශ්න එමටයි. ජීවන බර ඉහළ ගිහින්. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ.මේ රජය පත් කරපු ජනතාව අද සම්පූර්ණයෙන්ම අනාත තත්ත්වයට පත් වෙලා තියෙනවා. රටේ සමස්ත ජනතාව විපතට පත් වෙලා ඉන්න වෙලාවක පැය 24ම ඒ ජනතාව වෙනුවෙන් සටන් වඳින්න රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අපි සුදානම් කියලා මම මේ අවස්ථාවේ කියනවා.අපි ගෙන යන මේ ජනතාවාදී වැඩපිළිවෙලට එරෙහිව අද වෙන විට විවිධ පුද්ගලයන් බොහොම නොඉවසිල්ලෙන් කටයුතු කරනවා. සත්‍ය කතා කරන විට මේ පුද්ගලයන්ට ඒවා දරාගෙන ඉන්න බැහැ. ඒ නිසා තමයි අද මේ මැර ප්‍රහාර එල්ල කරන්න හදන්නේ. අපිට ගහපු මේ ගල් යොදා ගෙන මේ ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් ඉදි කරන්න අපි කටයුතු කරනවා.ආණ්ඩුවේ වැරදි ආර්ථික සැලසුම් හේතුවෙන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දමා තිබෙනවා. මේ ශ්‍රේණිගත කිරීමෙන් අපි පහළ බැස්සා කියන්නේ ජාත්‍යන්තරයෙන් අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීමයි.අපේ රටට ජාත්‍යන්තර විශ්වාසය අහිමිවීම තුළ විදේශ ආයෝජන අපේ රටට අහිමිවීමේ අවදානමක් තියෙනවා. විදේශ ආයෝජන නොමැතිව අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට බැහැ.මේ ශ්‍රේණිගත කිරීම් වලින් පහළ දැමීමෙන් ආර්ථික සංවර්ධන මර උගුලක අපි හිර වෙනවා.විගනණයේ ප්‍රසම්පාදනයේ යෝජිත වෙනස්කම් ජාත්‍යන්තරයට වැරැදි පණිවුඩයක් ලබාදීලා තියෙනවා. පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය පාලනය පිළිබඳ තියෙන තත්ත්වය දුර්වලවීම මේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමට දැවැන්ත ලෙස බලපාල තියෙනවා. මේ අනුව අද රටේ ආර්ථික තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුව පත් වුණේ ජනතාවට සෙතක් සලසනවා. ජනතාවට සේවය සලසනවා කියලා ඒත් ඒ දේවල් කරන්න වර්තමාන රජය අද අපොහොසත් වෙලා තියෙනවා.උහුලගන්න බැරි පීඩනයක් අසහනයක් මේ ආණ්ඩුව අද ජනතාවට ඇති කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි දිගින් දිගටම කටයුතු කරනවා. පොඩි මිනිසා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා යැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. 
‘ටේප් එකක් අරන් පොළේ යන්න‘
0
 (අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.අද ආලෝක පූජාවක්ද කළා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත‍්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප‍්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.මේ දිස්ත‍්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප‍්‍රශ්න ගණනාවක් විසඳුණා.හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප‍්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක‍්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප‍්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප‍්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප‍්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප‍්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප‍්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප‍්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප‍්‍රදේශවලත් ගලා එනවා.කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප‍්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප‍්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප‍්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප‍්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප‍්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.ඒ වගේම ත‍්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප‍්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප‍්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප‍්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය.
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා
1
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා
0
(අංජුල මහික වීරරත්න මඩකළපුවේ සිට)මඩකළපුව ඇතුළුව මුළු නැගෙනහිර පළාතම දියුණු කිරීම සඳහා පළාත් සභාව සහ මහ ආණ්ඩුව එක්ව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මඩකළපුවේදී පැවැසීය.පළාත් අතර තරගකාරී සංවර්ධනය ඇති කිරීම රජයේ අපේක්ෂාව බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ඊළඟ දශක දෙක ඇතුළත බෙංගාල බොක්ක කලාපයේ ඇතිවන ශීඝ‍්‍ර ආර්ථික දියුණුවට ශ්‍රී ලංකාව ප‍්‍රමුඛ පෙළේ කොටස්කරුවකු බවට පත්වන බවද ප‍්‍රකාශ කළේය.මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමත්, සැලසුම් සකස් කිරීමත් සඳහා ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග මඩකළපුව, ලාගෝන් ඊස්ට් විව්හිදී පැවැති ප‍්‍රගති සමාලෝචන රැුස්වීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් යන මහත්වරුන් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහුද දේශපාලන නියෝජිතයෝද මේ අවස්ථාවට සහභාගී වූහ.මඩකළපුව ප‍්‍රදේශය සංවර්ධනය කරා ගෙන යා යුතු ක‍්‍රමවේද පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු ගැනීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.අද මා මෙහි පැමිණියේ ආණ්ඩුකාරතුමන්, පළාත් මහ ඇමැතිතුමන් ඇතුළු පළාතේ නිලධාරීන් සමග සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. නැගෙනහිර පළාතට සම්පත් ගණනාවක් තිබෙනවා. ඒත් සම්පත්වලින් සම්පූර්ණ ප‍්‍රයෝජනය ගෙන නැහැ. ඒ සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප‍්‍රයෝජනය ගත යුතුයි.ලංකාවේ ප‍්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම මේ ප‍්‍රදේශයේ එකට ජීවත් වෙනවා. එය මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙහි ඉන්නවා. සියලූම ජන කොටස් ඒකාබද්ධව වැඩ කර දියුණුව ඇති කරන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි.මේ පිළිබඳව ආණ්ඩුකාරතුමන් සමගත් සාකච්ඡා කළා. එතුමාත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පරිපාලන යාන්ත‍්‍රණයත්, මහ ආණ්ඩුවත් එකට එකතු වී ප‍්‍රදේශයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ඇති කිරීම අපේ අරමුණයි.මහ ආණ්ඩුවෙන් කළ යුතු සියලූම වැඩසටහන් අප කරනවා. එමෙන්ම පළාත් සභාව විසින් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනවා. සියලූම දෙනා ඒකරාශී කරගෙන කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන වශයෙන් සැලසුම සකස් කර ඉතා ඉක්මනින් සංවර්ධනය ක‍්‍රියාත්මක කළ යුතුයි. කතා කිරීමෙන් පමණක් ඵලක් නැහැ. වැඬේ විය යුතුයි.දැන් ආර්ථික ස්ථාවර බව ඇතිවෙලා. ඒ නිසා පළාත් තරගකාරී අයුරින් දියුණුවට පත්විය යුතුව තිබෙනවා. තමන්ගේ පළාතේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට සියලූම පළාත් බලධාරීන් ක‍්‍රියා කළ යුතුයි. එවිට වඩාත් ශීඝ‍්‍ර අයුරින් සංවර්ධනය කරා ළඟාවිය හැක්කේ කාටදැයි බලාගන්න හැකියාව ලැබෙනවා.යුද්ධයෙන් විනාශයට පත් වූ උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශයට විශේෂයෙන් සලකන්න විදේශ ආධාර සහ වැඩසටහන් තිබෙනවා. ඒවායින් ප‍්‍රයෝජන ගත යුතුයි. ඒ ප‍්‍රයෝජනය නොගතහොත් ලෝකයේ ධනවත් රටවල් යුද්ධය නිසා විනාශ වූ සෙසු රටවල් ගොඩනැංවීම සඳහා එම ආධාර යොමු කරනු ඇති.ඒ නිසා අපට ලැබුණු විදේශ සහනවලින් නිසි ප‍්‍රයෝජන ගත යුතුව තිබෙනවා. පළාත් අතර සංවර්ධන කටයුතු නිසි පරිදි සම්බන්ධීකරණයද විය යුතුයි.මඩකළපුව යනු වරාය දෙකක් අතර තිබෙන ප‍්‍රදේශයක්. හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය යන වරාය දෙකට මැදිවී මේ ප‍්‍රදේශය පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් කළ පසුව ඒ ප‍්‍රදේශය ශීඝ‍්‍ර දියුණුවකට ලක් වීමට නියමිතයි. එතැන් සිට අම්පාරට වැඩි දුරක් නැහැ.ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශය ඇතුළු මුළු දිස්ත‍්‍රික්කයේ සංවර්ධන සැලැස්මක් හැදීම සඳහා සිංගප්පූරුවේ ප‍්‍රධාන ආයතනයකට බාරදී තිබෙනවා.ත‍්‍රිකුණාමලයේ කර්මාන්ත දියුණු කිරීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම, ත‍්‍රිකුණාමලය නගර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. සිංගප්පූරු සමාගම මූලික වශයෙන් කරන වැඩසටහන් පිළිබඳව මා අධ්‍යයනය කළා.ප‍්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් සේවා දියුණුව පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය, ගැනද අවධානය යොමු කරනවා.හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා. එවිට මත්තල සිට මේ ප‍්‍රදේශයට කඩිනමින් පැමිණීමට හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. වර්තමානයේදීත් පැය දෙකහමාරක්, තුනක් ඇතුළත එහි යාමට හැකියි.ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කරනවා. විශාල අධිවේගී මාර්ග නොව දැනට තිබෙන මාර්ග දියුණු කිරීම අපේ අරමුණයි.ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රයෝජනවත් අයුරින් භාවිත කළ යුතුයි. වනාන්තර ඇතුළු පරිසරය ආරක්ෂා කරගත යුතුයි. අපගේ ස්වභාවික සම්පත් සංරක්ෂණය කර ඒ සඳහා සංචාරක ආකර්ශනය දිනා ගැනීමට හැකියාව තිබෙනවා. වන සංරක්ෂණ කටයුතු ඉතා කඩිනමින් කළ යුතුයි.එමෙන්ම මේ ප‍්‍රදේශයේ ව්‍යාප්ත වී තිබෙන පශු සම්පත් ක්ෂේත‍්‍රය දියුණු කිරීම, කුකුළු කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය, වී වගාව දියුණු කිරීම, ගබඩා පහසුකම් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.ප‍්‍රදේශයේ නිෂ්පාදන වැඩිකර ගබඩා පහසුකම් ඇති කරනවා නම් කොළඹ ආහාර මිලත් අඩු වෙනවා. ඒ වෙනුවෙන් රජය ආධාර දීමට සූදානම්.ධීවර අපනයනය පිළිබඳවත් අපේ අවධානය යොමු වී තිබෙනවා. වානිජ ක‍්‍රමවේද අනුව ධීවර කර්මාන්ත දියුණු කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙහි විශාල ලෙස ඉඩම් තිබෙනවා.පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ටත් ඒ ඉඩම් දියුණුව සඳහා යෙදවීමට හැකියි. අනෙක් අතට හොරෙන් අල්ලාගත් ඉඩම් තිබේනම් ඒවායේ අයිතිය රජය විසින් ගත යුතුයි. එලෙස අත්පත් කරගත් ඉඩම් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි.මුහුදුකරයේ පමණක් නොව අභ්‍යන්තර වැව් ආශ‍්‍රිතව ද සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි. ගංගා මෙන්ම ගල්ඔය, කුඹුක්කන් ඔය, යාන් ඔය දක්වා ඇති ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට හැකියාව තිබෙනවා.ගල්ඔය වනෝද්‍යානය, වස්ගමුව, කුමණ ආදී ජාතික සම්පත් රාශියක් මේ ප‍්‍රදේශය සතුයි. මේ ප‍්‍රදේශයට නැත්තේ මොනවාද? මේ සම්පත්වලින් ප‍්‍රයෝජන ගෙන ඉදිරියට යා යුතුයි.ඒ සමග ප‍්‍රදේශවල කෙටි කාලීන ජීවනෝපාය මාර්ග ඇතිකරන වැඩසටහන් ස්ථාපිත කරනවා. පුහුණු මධ්‍යස්ථානද ඇති කළ යුතුයි.සියලූ අංශ පිළිබඳව අවධානය යොමු කර දිස්ත‍්‍රික්ක නගර වශයෙන් දියුණුවට පත් වන්නේ කෙසේදැයි බලමු. ඒ වගකීම අප ඔබට බාර දෙනවා.ඊළඟ දශක දෙකෙහි මුළු බෙංගාල බොක්කේම ආර්ථික දියුණුව ඇති වෙනවා. ඒ දියුණුවට අප එකතු විය යුතුයි. දශක දෙකක් බලාගෙන ඉන්නේ කෙසේදැයි සමහරුන් අසනවා. අපි දැන්මම පටන් ගනිමු. කළ හැකි දේ අද කරමු.දීර්ඝ කාලීනව සැලසුම් හැදීමේ වරදක් නැහැ. යුද්ධය අවසන් වූ පසුව ප‍්‍රදේශයේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනංවා විශාල දියුණුව කරගෙන යනවා. අප අද එක්වී සාකච්ඡා කළේත් ඒ වැඩකටයුත්ත පිළිබඳවයි.සංවර්ධන සැලසුම් සාදා අවසන් වූ පසුව සියලූම නිලධාරීන් එක්ව කොළඹ සම්මන්ත‍්‍රණයක් පවත්වමු. ඒ අයුරින් වැඩ කටයුතු ඉදිරියට ගෙනයමු. සති තුන හතරක් ඇතුළත අපට සැලසුම් දෙන්න. එවිට අදාළ නිලධාරීන්, අමාත්‍යවරුන් කැඳවා සාකච්ඡා කරමු.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් විශාල වැඩ කොටසක් අරඹා තිබෙනවා. ඒ දියුණුව නැගෙනහිරට පැමිණීමට නියමිතයි.මොණරාගල, හම්බන්තොට ප‍්‍රදේශවල දියුණුවටත් එක් වී දියුණුව ඉදිරියට ගෙනයමු. මේ සාකච්වට එක් වූ සැමට මගේ ස්තූතිය පුද කරනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා -අගමැතිතුමා නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමට සහභාගී වීම පිළිබඳව මා විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිතුමත්, සෙසු අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් රැස්වීමට සහභාගී වී සිටිනවා.අගමැතිතුමන්ගේ උපදෙස් අනුව මධ්‍යම රජය සමග සහයෝගයෙන් අප ඉදිරි වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනවා. සංවර්ධන වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමේ වගකීම අප සියලූම දෙනාට පැවරී තිබෙනවා.පළාත් සභාව මෙන්ම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගයෙන් සංවර්ධන වැඩසටහන් ඉතා ඉක්මනින් ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. ලබන මාස දෙක තුන ඇතුළත කඩිනමින් සංවර්ධන ක‍්‍රියාවලිය ඇරැඹීම අපේ අරමුණයි. ඒ සඳහා ඔබෙන් ලැබෙන සහයෝගය මා අගය කරනවා.නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා-අගමැතිතුමන්ගේ මඩකළපු සංචාරය පළාතේ දියුණුව ඇති කිරීම සඳහා හොඳ මූලාරම්භයක් සපයන බව අපේ හැඟීමයි. සංචාරක කර්මාන්තය, අභ්‍යන්තර ගුවන් සේවා, වාරිමාර්ග සංවර්ධනය ඇතුළු ආර්ථිකය දියුණුව කරා ගෙන යන සැලසුම් පිළිබඳව අප පුළුල් ලෙස සාකච්ඡා කළා.ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගත් සමස්ත රටේ සංවර්ධනය පිළිබඳව වැදගත් අදහස් මෙහිදී පළවූ බව කිව යුතුයි.නැගෙනහිර පළාතේ විරැකියාව නැති කර ආර්ථිකය ඉහළ දැමීම සඳහා ක‍්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අප දැනුම්වත් කළා. ඒ නිසා අගමැතිවරයාගේ මඩකළපු සංචාරය අප විසින් ඉතා ඉහළින් අගය කළ යුතුයි.නැගෙනහිර පළාතේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගී වූහ.
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා
0
(අංජුල මහික වීරරත්න)“ශීඝ්‍රයෙන් දියුණු වන ඉන්දියන් සාගර කලාපයේ තරගකාරී අගය වැඩිකිරීම සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් බවට පත් කරන්නේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (4) හම්බන්තොට දී පැවැසීය.“ලෝකය සමග එක්ව ශ්‍රී ලංකාවට බොහෝ දුර ගමන යාමට තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා අතීතයේ නොදියුණු චීන නගර දියුණු වූ ආකාරය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කරන බවද” කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ ශ්‍රී ලංකා-චීන මහා සංවිධාන හා කර්මාන්ත කලාප කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“යහපත් ඇරැඹුමක සැමරුම” තේමාවෙන් කර්මාන්ත කලාප කාර්යාලය ක්‍රියාත්මක කෙරෙයි.රුහුණු-මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කාර්යාලය ස්ථාපිත කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“ශ්‍රී ලංකා චීන මහා සංවිධාන කලාප කාර්යාලය විවෘත කිරීමෙන් රුහුණු ආර්ථික සංවර්ධනය ආරම්භ කරනවා. මෙතෙක් කල් මේ කටයුතු සාකච්ඡා කළේ කොළඹ සහ බීජිං නගරයේයි. දැන් හම්බන්තොට සිටම වැඩට බහින කාලය පැමිණිලා. මහජන චීනයත්, ලංකාවත් අතර තානාපති සබඳතා ස්ථාපිත කර වසර 60 ක් පිරෙන අවස්ථාවේදී මේ වැඩසටහන ආරම්භ කරනවා. එමෙන්ම මහජන චීනයේත්, ලංකාවේත් සංවර්ධනය ආරම්භ කර වසර 40 ක් පිරෙනවා. 1977 ජූලි මාසයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට අගමැති වී නොවැම්බර් මාසයේදී විවෘත ආර්ථිකය ආරම්භ කළා. 1977 ජූලි මාසයේදී ඩෙන් ෂෙන් ජින් චීන නායකතුමා චීනයේ නියෝජ්‍ය අගමැති වී 1978 දී විවෘත ආර්ථිකයේ මූලික පියවර මහජන චීනයේ ක්‍රියාත්මක කළා.මේ කාර්යාලය ආරම්භ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජය වසර දෙකක් අවසන් කර ජාතික රජයේ 2025 දර්ශනය නිකුත් කිරීමත් සමගයි.අප රැස්වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 15 වැනි සම්මේලනයෙන් පසුව “එක් මාවතක්-එක් තීරයක්” වැඩසටහනට පක්ෂයේ දේශපාලන අනුමැතිය දීමෙන්ද පසුවයි. එසේ නම් අද කරන්නේ ඉතා වැදගත් කාර්යයක් බව කිව යුතුයි.වෙනත් කරුණු ගැන කීමට පෙර මෙහි අතීතය සිහිපත් කරන්න කැමැතියි. මා අග්‍රාමාත්‍ය ලෙස මීට පෙර කටයුතු කරන අවස්ථාවේදී එදා දකුණු සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනන්ද කුලරත්න මහතා රුහුණේ වරාය, ගුවන් තොටුපොළ ඉදිකිරීම පිළිබඳව යෝජනා කළා. වර්තමාන වරායත්, ගුවන් තොටුපොළත් ඉදිකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේයි. නමුත් ඒ සමග විසඳුවේ නැති ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ව්‍යාපෘති සඳහා ණය ගෙන තිබුණත් ණය ගෙවීමට ක්‍රියාත්මක වන වරාය හෝ ගුවන් තොටුපොළ හෝ තිබුණේ නැහැ. එමෙන්ම ප්‍රදේශ එකතු කරන මාර්ග පද්ධතිය ඉදිවී තිබුණේද නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී මා අගමැති වී 2015 මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයට ගියේ මේ ප්‍රශ්න මධ්‍යයේයි. එහිදී මූලික කාරණා පිළිබඳව චීන නායකත්වය සමග සාකච්ඡා කළා. ජාතික ආණ්ඩුවක් බිහි කළ පසුව පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සමග මාත් චීනයට ගියා. චීනයේදී හමුවී චීන නායකත්වය සමග මා සාකච්ඡා කළා.අපට තිබූ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. මා පළමුවෙන්ම ඒ පිළිබඳව චීන ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. විශාල ණයක් ඇති බවත් ඒ ණය ගෙවීමට ශක්තිය නැති බවත් මා දැනුම් දුන්නා. රට විශාල අර්බුදයකට මැදිවී සිටින බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හැකි වේවිදැයි නොදන්නා බවත් මා පැවසුවා.මේ පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා සමග මා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. කරුණු පැහැදිලි කළා. ඉන් පසුව චීන ජනපති සමග සාකච්ඡා කළා. අපගේ ප්‍රශ්න ඉදිරිපත් කළ චීන ජනපතිට යම් විසඳුමක් තිබුණා.චීනය සහ ලංකාව අතර හවුල් ව්‍යාපාරය ඇතිකර හවුල් ව්‍යාපාරය යටතේ වරාය කුලියට ගෙන ඒ සඳහා වන මුදල් සියල්ල වේලාසනින් ගන්නවා නම් අපට ණය ගෙවීමට ශක්තිය ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවා. එමෙන්ම වරායත් සමග මේ ප්‍රදේශවල කර්මාන්තකරණය ඇති කළ යුතු බවද චීන ජනපති මා සමග පැවැසුවා.මමත් කාලයක් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුගයේ මෙරට කර්මාන්තකරණය ආරම්භ කළා. චීන ජනපතිවරයාගේ අදහස ඉතා හොඳ බව අපට වැටහුණා. ඒ කාරණයට අප එකඟ වුණා.ලංකාවේදී සහ චීනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර අවසානයේදී වරාය අධිකාරියත් චයිනා මාර්චන්ට් සමාගමත් සමග ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අනුව හම්බන්තොට වරාය ලබන මාසයේදී ඒ සමාගම බාර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම ගෙවිය යුතු කුලී මුදල චීනය විසින් ගෙවා දමන නිසා අපේ ණය බර ප්‍රශ්නය විසැඳෙනවා. මේ සමාගම වරායේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තවත් ඩොලර් කෝටි හැටක් ආයෝජනය කරනවා. මේ සඳහා ඔවුන් වියදම් කළ ඩොලර් 110 ට අමතරව තවත් ඩොලර් කෝටි 60 ක් ශ්‍රී ලංකාවට වියදම් කරනවා. වරායකින් පමණක් කර්මාන්තකරණය ළඟාකර ගැනීමට හැකියාව නැහැ. සමහර බලශක්ති පහසුකම් අවශ්‍යයි. ඒ නිසා තෙල් පිරිපහදුව, එල්.එන්.ජී. විදුලිය බලාගාරය ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. අපට වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක් අවශ්‍යයි. නැව් තටාක පිළිබඳවත් සාකච්ඡා කරනවා. සාකච්ඡා පවත්වන්නේ මූලික අදියර හැටියටයි. මේ සාකච්ඡා එතැනින් නතර වන්නේ නැහැ.රුහුණු ආර්ථික කලාපය යනු විශාල කර්මාන්ත පුරයයි. හම්බන්තොට-මොනරාගල ප්‍රදේශ දෙකේම කර්මාන්ත ඉදිවෙනවා. කර්මාන්ත කලාප ගණනාවක් තිබෙනවා. කර්මාන්ත කලාපයෙන් කොටසක් හම්බන්තොටත් කොටසක් මොනරාගලත් තිබෙනවා.මේ ප්‍රදේශවල රජයේ ඉඩම් විටින් විට කර්මාන්ත කලාප සඳහා අදාළ සමාගම්වලට දීර්ඝ කාලීන පදනම යටතේ බදු දෙනවා. එලෙස බිහිවන කර්මාන්ත ශාලා තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඊට අදාළ නිවාස සංකීර්ණ, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් මෙහි ඉදිකිරීම අපේ බලාපොරොත්තුවයි.චීන සමාගම් පමණක් නොව වෙනත් රටවල්වල සමාගම්ද මෙහි ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි. සියලුම කටයුතු මේ නව කාර්යාලයේ සිට මෙහෙයවීමට හැකියි. අප මෙතැන් සිට වැඩ ආරම්භ කරමු. මෙහි වැදගත්කම එයයි.අද තබන්නේ අප රටේ සංවර්ධනයට වැදගත් පියවරයි. ජාතික රජයේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්ෂ ගණනාවක්  එක්ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. සංවර්ධන කටයුතු මහවැලි ව්‍යාපාරය ලෙසින්ම හැමදාම තිබෙනවා. එහි වියදම මහවැලි ව්‍යාපාරටත් වඩා වැඩියි. විශාල ආර්ථිකයක් ඇති වෙනවා.ජාතික ආණ්ඩුව ලෙස පළමු වරට මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල දියුණු කලාපය ඇති කිරීමට ක්‍රියා කරනවා.මේ ප්‍රදේශවල රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිස ඉන්නවා. පැය - දෙක තුනකින් මහනුවර සිට හම්බන්තොටට එන්න හැකියාව ලැබේවි. කොළඹ සිට මහනුවරට යාමට පැය අටක් ගත වූ බව මට හමුවූ පුද්ගලයකු පැවැසුවා. අපගේ අලුත් වැඩසටහන ඇති කළ පසුව පැය අටකින් නුවර සිට හම්බන්තොට පැමිණ නැවත නුවරට යාමට හැකියාව ලැබෙන බව මා පැවැසුවා.මහනුවර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප ඉදි කෙරෙනවා. කර්මාන්ත කලාප තිබෙනවා. තාක්ෂණ කලාප තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය විශාල ආර්ථික කලාපයක් බවට පත් වෙනවා.එසේ නම් ලංකාවේ නොදියුණුම ප්‍රදේශයක විශාල දියුණුව ඇති කිරීමට අපට හැකිවූවා. කළ යුත්තේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමයි.ශ්‍රී ලංකාවේ දියුණුව ලංකාවට පමණක් නොව ඉන්දියන් සාගර කලාපයට වැදගත් බව කිව යුතුයි. මහජන චීනයෙන් ඇරැඹූ “එක් මාවතක් එක් තීරයක්” වැඩසටහන යටතේ මුහුදු මාර්ග අතුරින් චීනයත්-යුරෝපයත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා.ඉන්දියන් සාගරය සමග ශ්‍රී ලංකාව මේ වැඩසටහනේ මධ්‍යස්ථානය බවට පත් කරනවා.එමෙන්ම අපට කොළඹ මුල්‍ය නගරය තිබෙනවා. මුල්‍ය වැඩකටයුතු එහි කර සෙසු කටයුතු මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මුදල් ශක්තිය මුල්‍ය නගරයෙන් ලැබෙනවා. කර්මාන්තකරණය මෙන්ම සේවා අංශයේ කටයුතු මෙහි වෙනවා. මේ කටයුතු නිසා සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වීමට නියමිතයි.උදාවන දියුණුවත් සමග මෙහි සිටින ජනතාවට ආහාර නිෂ්පාදනය කළ යුතුයි. හම්බන්තොට නොයෙක් වෙළෙඳ ව්‍යාපාර බිහිවේවි. මේ ප්‍රදේශවල ඉඩම් මිල දෙගුණයකින් සිව් ගුණයකින් ඇතැම් විට ඊට වඩා ඉහළින් යයි. ඒ දියුණුව මෙහි ගෙනැවිත් දැන් ආරම්භ කළ යුතුව ඇත්තේ මොනරාගල, හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය තරුණ-තරුණියන් රැකියා සඳහා පුහුණු කිරීමයි.“එක මාවතක් - එක් තීරයක්” වැඩසටහන යටතේ වරාය දියුණු වීමට අමතරව එක් වෙළඳ ක්‍රමයක් ඇති වෙනවා. ඒ වෙළඳ ක්‍රමය ඉතා වැදගත් බව කිව යුතුයි. එය අපේ ප්‍රතිපත්තිවලටත් වැදගත් වෙනවා.තවත් වෙළෙඳ ක්‍රම ඇතිවේවි. ඕනෑම වෙළෙඳ ක්‍රමයකට ඇතුළු වී වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා. තරඟකාරී වාණිජ වැඩසටහන් සඳහා අප එක්විය යුතුයි.මගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් කිරීමයි. දැනට කොළඹ වරාය දියුණු කරගෙන යනවා. හම්බන්තොට වරාය දියුණු කරගෙන යනවා. ඉන් පසුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරනවා.ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂියැං ලියොං මහතා-“අද අප දෙරටටම සතුටුදායක දවසක් වනවා. රටවල් දෙක අතර කර්මාන්තකරණය ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයුම් කමිටුව ඇරැඹීමට කාලය අවශ්‍යයි. කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ගැනීම සඳහා රටවල් ගණනාවක තානාපතිවරුන් අප සමග සාකච්ඡා කරනවා. නව කාර්යාලය විවෘත කිරීමත් සමග ආයෝජන ගැනීම සඳහා සාකච්ඡා කිරීම මේ කාර්යාලය මගින් ඍජුවම කිරීමට හැකියි.මෙහි කර්මාන්තකරණය පිළිබඳව අප ජනපති - අගමැති සමග සාකච්ඡා කළා.චීනය - ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා හැමවිටම ඉදිරිපත් වී සිටිනවා. මෙය රටවල් දෙක අතර මිත්‍රත්වය තහවුරු කෙරෙන තවත් සංකේතයක් බව කිව යුතුයි”මේ අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, දිලිප් වෙදආරච්චි යන මහත්වරු ප්‍රමුඛ මැති - ඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.
‘හම්බන්තොට වරාය‘ සුදු අලියාගෙන් වැඩ පටන් ගත්තා
0
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි
1
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි
0
(නාලක සංජීව දහනායක, අමදෝරු අමරජීව)ජනාධිපතිවරයාගේ හා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මහතා ත‍්‍රිකුණාමලයේදී  පැවැසීය.මෙය එළ හරකා හා මී හරකා එකට බැඳ හානවා වැනි ක‍්‍රියාවක් බවත් මේ කඹ ඇදිල්ලෙන් රටට කිසිවක් නොලැබෙන බවත් රාජපක්‍ෂ මහතා කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින් ත‍්‍රිකුණාමලය නගරයේ මැක්හෙයිසර් ක‍්‍රීඩාංගණයේ දී පෙරේදා (3) පවත්වන ලද ජනරැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.ආණ්ඩුව ආර්ථිකය කාබාසිනියා කරලා  රට බෙදන ව්‍යවස්ථා ගේන්න හදනවා. රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරනවා. එට්කා වැනි ගිවිසුම් හරහා අපේ රටේ තරුණයන්ගේ රැකියා ටික ඉන්දියාවට දෙන්න හදනවා. මේ නිසා රට එකම අවුල් ජාලාවක් වෙලා.රටේ හැමතැනම උද්ඝෝෂණ. ත‍්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරනවා. අද රටට නායකයන් වැහිවැහැලා. රටේ ඇත්ත නායකයා කවුද කියලා අපි දන්නේ නැහැ. හැම කෙනාම නායකයන් වීම නිසා රටේ හැමතැනම ප‍්‍රශ්න. කැබිනට් ප‍්‍රකාශකවරු තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප‍්‍රතිපත්ති ගොඩයි. අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිපත්ති හා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්තියි ගැළපෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තට අදිනවා. මේක එළ හරකයි, මී හරකයි එකට බැඳලා හානව වගේ වැඩක්. අන්තිමට මුකුත්ම නැහැ.මේ ආණ්ඩුවට  ඇමැතිවරුන්ගේ විෂයන් ටිකත් හරියට බෙදාගන්න බැහැ. අවුරුදු දෙකහමාරට මේ ආණ්ඩුව කළේ මට බැණපු එක විතරයි. හැමදාම මට බැන්න. මට තියෙන බය මොකක්ද. මේ ආණ්ඩුව වෙන කරන්න දෙයක් නැති නිසා හිටපු ඇමැතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ඔක්කොගෙන්ම පළිගන්නවා. මේ රට ගෙනියන්නේ පොලිස් රාජ්‍යයකට. ඒකට ඉඩ තියන්න බැහැ.මේ ආණ්ඩුව ජිනීවාවලදී රණවිරුවන් පාවා දුන්නා. රටේ යුද්ධයක් තිබුණා. ත‍්‍රස්තවාදය නිමකරලා අත්අඩංගුවට පත් වූ හා බාර වූ ත‍්‍රස්තවාදීන් දොළොස්දහස් පන්සියයක් පුනරුත්ථාපනය කළා. දැන් අපිව වෙනත් රටවලට පාවා දෙන්න පනතක් ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ පනත සම්මත වුණොත් යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් සම්බන්ධ නඩු අහන්නේ විදේශීය රටවලට අවශ්‍ය ආකාරයටයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඒ පනතට විරුද්ධයි.මට විරුද්ධව ඡන්දය දුන්න ගොවියත්, ජනාධිපතිවරයාට ඡුන්දය දුන්න ගොවියත් අද වැඩිමිලට පොහොර ගන්නවා. පාසල් දරුවන්ට දෙන්නේ බාල රෙදි. ඒ රෙද්දෙන් ෂර්ට් එක මැහුවොත් කලිසම මහන්න බැහැ. කලිසම මැහුවොත් ෂර්ට් එක මහන්න බැහැ.පන්සලේ පිං කැටේට අත තියපු මේ ආණ්ඩුව අනාගතයේදී අනෙකුත් ආගමික ස්ථානවලටත් අත තියාවි. සංහිඳියාව කියමින් රටේ ආගම්වාදය ඉස්මතු කරනවා. මේකට ආණ්ඩුව වග කියන්න  ඕන. මේවයි පස්සෙ ඉන්නේ කවුද කියලා හෙළි වෙනවා.අපේ කාලයේ වැඩ කරන්න නිලධාරින්ට බලය දුන්නා. නිලධාරින් වැඩ කළා. ඒකටත් මෙයාල පද හදනවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයත් මේ ආණ්ඩුවටම ගැලපෙනවා. විපක්‍ෂයේ කාර්ය ක‍්‍රියාවට නංවන්නේත් අපියි.නැගෙනහිරට මේ ආණ්ඩුව කරපු එක වැඩක් කියන්න. නැගෙනහිරට වැඩක් කළේ කවුද? මේ ආණ්ඩුවට වැඩ කරන්න බැහැ.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වසර දෙකහමාරක් තුළ මේ රටට කළ දෙයක් නැහැ. ජනතාවට වැඩක් කරන්න බැරිනම් ආණ්ඩුවක් තියාගෙන හිටියට වැඩක් නැහැ. පහුගිය රජය කාලේ මේ පළාතේ ආර්ථික සංවර්ධනයක් ඇති වුණා. ඒ සංවර්ධනය කරා අපි නැවත ගමන් කළ යුතුයි.56 බලවේගය විසින් අත්පත්කරගත් ජනතා ජයග‍්‍රහණ නැවත ආපසු හැරවීමට එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනවා. රට පාවාදෙන මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. ජනතාව ඒකට සූදානම්. ඒ බව දන්නා නිසා ආණ්ඩුව ඡුන්ද තියන්නේ නැහැ. මේකයි මේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මෙහෙම ආණ්ඩු ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්නේ කොහොමද? මේක තනිකරම ඒකාධිපතිවාදයක්. මාතෘභූමිය නැවත එක්සේසත් කරගෙන ගම්බද ජනතාවගේ ආදායම් වැඩිකර නවපරපුරට රැකියා ලැබෙන ආර්ථික පරිවර්ථනයකට රට පරිවර්තනය කළ යුතුයි.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.ඉන්දියාවේ හා බටහිර රටවල වුවමනාව මත 2015 දී රටේ ප‍්‍රබෝධමත් ගමන අතරමග නතර වුණා. ඒත් අපි මේ රට අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතුයි. මේ ආණ්ඩුවේ වැඩ නැහැ. කයිවාරුව විතරයි.අද ජනතාවට වගාකරන්න වතුර නැහැ. පොහොර සහනාධාර කැපුවා. රටේ ආර්ථිකය වැටෙනව. ඒ පොදු ව්‍යසනයට මුළු ජාතියම ගොදුරු වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ලක්මාතාවගේ දරුවන්. ඒ නිසා අපිට රට වෙනුවෙන් යුතුකමක් තිබෙනවා. මේ ත‍්‍රිකුණාමල වරාය ඇතුළු ජාතික සම්පත් ඉන්දියාව ඇතුළු බටහිර රටවලට ගිලගන්න දෙන්න බැහැ. ති‍්‍රකුණාමල ජනතාවගේ අභිමානය ත‍්‍රිකුණාමල වරායයි. මේ වරාය බටහිර ජනතාවගේ තිප්පොළක් වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ.ත‍්‍රිකුණාමල වරාය විතරක් නෙමෙයි. නුවරඑළිය තැපැල් කාර්යාලය, මහනුවර දුම්රියපොළ, ගාල්ල දුම්රිය පොළ ඉන්දියාවට දෙනවා. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව කෑගැසූ ජවිපෙ අද මේ ගැන නිහඬයි. අපි නිහඬව හිටියොත් අනාගත පරපුරට රටක් ඉතුරුවන්නේ නැහැ.අලූත් ව්‍යවස්ථාවේ විනාශය නිවැරදිව හඳුනාගෙන අස්ගිරි පාර්ශ්වය නිවේදනයක් නිකුත් කළා. අපි ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට දණ නමා ආචාර කරනවා. යෝජිත නව ව්‍යවස්ථාවෙන් පොලිස් බලය, පරිපාලන බලය, මුදල් බලය පළාත් සභාවලට දුන්නම මධ්‍යම රජයට මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ රට පුංචි රටක්. මේක බෙදන්න දෙන්න බැහැ. එහෙම වුණොත් බටහිර ජාතීන්ට අපිව ගිලගන්න පහසු වේවි.බටහිර ඔත්තු සේවා මුස්ලිම් අන්තවාදී කල්ලි, සිංහල අන්තවාදි කල්ලි නිර්මාණය කරනවා. මේ ආණ්ඩුව හදන සන්ධානයක් නැහැ.  ඒ වෙනුවට ජාතිවාදී, අන්තවාදී කල්ලි ශක්තිමත් කරනව.අපේ ආණ්ඩුව රටේ කුණු ප‍්‍රශ්නය විසඳුවා. ආණ්ඩුවට දෙකහමාරයි අවුරුදු. මේ ආණ්ඩුව යටතේ රටේම කුණු ප‍්‍රශ්න වැඩිවුණා. මුළු රටේම රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. පළාත් පාලන ආයතන සක‍්‍රියව තිබුණානම් මේ ප‍්‍රශ්න ඇතිවන්නේ නැහැ. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක මහින්ද මහත්තය නතර කළා. දැන් ඒ වෙනුවට මේ ආණ්ඩුව ඩෙංගුවලින් මිනිස්සු මරණවා.ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට එකතුවෙලා මේ ආණ්ඩුව පළවා නොහැරියහොත් මේ රට නොරටුන්ට අයිතිවෙනවා. මේ ආණ්ඩුව යුද හමුදා බුද්ධි අංශය, නාවික හමුදා බුද්ධි අංශය නිලධාරින් හිරකරලා. බුද්ධි අංශ හිරකිරීම නිසා ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා.මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල පාකිස්තානයට ගියා. ඒ ගමන නතර කරන්න විදේශ ඇමතිවරයා පුදුම උත්සාහයක් ගත්තා. ඒත් ගමන නතර කරන්න බැරිවුණා. පාකිස්තානය මේ රටේ යුද්ධය නිමකරන්න අමිල දායකත්වයක් ලබාදුන්නා. ඒ රටවල් අද අපිත් එක්ක අමනාපයි. මේ ආණ්ඩුව යටතේ අපි මෙච්චර කල් ක‍්‍රියාත්මක කළ නොබැඳි රාජ්‍ය ප‍්‍රතිපත්තිය කෙළෙසිලා. විදේශ ප‍්‍රතිපත්තිය කාබාසිනියා වෙලා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ භූමියේ තමයි ප‍්‍රභාකරන්ගේ ඊළාම් දේශයේ සිහින නගරය පිහිටුවන්න තීරණය කර තිබුණේ. නමුත් ඊට පෙර ප‍්‍රභාකරන් විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව මුළු ත‍්‍රිකුණාමල නගරයම ඉන්දියාවට පවරා දී තිබෙනවා. දැවැන්ත ආයෝජන ඉන්දියාව කළාම එවා ආරක්ෂා කරන්න ඉන්දියානු හමුදාව ත‍්‍රිකුණාමල වරායට බස්සනවා. මේ පළාත්වල වැඩිහිටි අය දන්නවා ඉන්දීය හමුදාවේ රඟ. 87 ඉන්දියානු භීෂණය නැවත ත‍්‍රිකුණාමලයට ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා.මේ ආණ්ඩුව තවදුරටත් තිබුණොත් අපට රටක් ඉතිරි නොවන බව මහා සංඝරත්නය තේරුම් ගෙන තිබෙනවා. අස්ගිරි මහා නායක හිමිගේ සිංහ නාදයෙන් මුළු රටම අවදි වුණා.අපේ රටේ හිඟන්නෙක්වත් පන්සලේ පිං කැටේට අත තියන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඒකටත් අත තියන්න හදනවා. මොරගහකන්ද ජනාධිපතිවරයාගේ, ණය මහින්දගේ. අධිවේගය චන්ද්‍රිකාගේ, ඒක හදන්න ගත්ත ණය මහින්දගේ. මේක මාර බෙදිල්ලක්.අද ලක් මෑනියන් හඬනවා. ඔබ ලක් මවගේ සුජාත දරුවන්නම් මව් බිම බේරාගන්න මහින්ද මහතා වටා එක් විය යුතුය.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.මෙම භූමිය ලෝකයේ වැදගත්ම භූමියයි. ත‍්‍රිකුණාමල වරායේ පිහිටීම අද්වීතීය පිහිටීමක්. අද මේ වරායට බැල්ම හෙළා ගෙන ඉන්න බටහිර බලවතුන් එදත් බැල්ම හෙළුවා. මෙම වරාය විදේශීය බලවතුන්ට යටත්වුණොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බය වුණාටත් වඩා අපිට බය වෙන්න වෙයි.අපි අපේ රටේ නිදහසට කැමතියි. අපි වෙනත් රටක දේපළ අල්ල ගන්න ගියොත් මහා අවුල් ජාලාවක් ඇති වෙනවා. මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය අහෝසි කරගෙන යනවා. එසේ කරන්නේ අප රටේ ජාතීන් අතර ගැටීම් ඇති කරන්නයි. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ඒකයි. අපි එකිනෙකාට ගරු කරන තරමට නැති වී ගිය අයිතිවාසිකම් නැවත දිනා ගත හැකියි.අපි එකිනෙකා අත්වැල් බැඳගෙන හිටියොත් රජය පරාජය කර මේ රට නැවත ජනතාවගේ රටක් කරන්න පුළුවන්. අපට තවම ඡන්ද බලය ලැබී නැහැ. ඡන්ද බලය ලැබුණොත් අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ රජයේ අ¥රදරශී වැඩ පිළිවෙළ නිසා ත‍්‍රිකුණාමල ජනතාවට ලොකු විනාශයක් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටෙන් ත‍්‍රස්තවාදය තුරන් කරලා සියලූම ජන කොටස් අතර සංහිඳියාව ඇති කළා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා.අද ඒ සියල්ලම කඩා වැටිලා. රටේ කුණු ප‍්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුවකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රජයක් තිබෙන්නේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමටයි. නමුත් මේ රජය යටතේ එවැන්නක් සිදු වන්නේ නැහැ.අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා මෙසේ පැවසීය.නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් එළවා මේ ප‍්‍රදේශය ලෙයින් පෙඟී ගියා. ඒ භූමි සියල්ලම නැවත වගා බිම් බවට පත් කළේ මහින්ද රාපජක්ෂ මහතා මිස මෛත‍්‍රී - රනිල් ආණ්ඩු නෙමෙයි. නමුත් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම්, දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට අඩුවෙන් ඡුන්දය දුන්නා. ඒත් මේ රටේ දහසක් මව්පියන්ගේ දරුවන්ගේ කඳුළු පිස්සේ මහින්ද රාජපක්ෂ මහතායි.නැගෙනහිර පළාතට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කළේ මහින්ද රාජපක්ෂයි. උතුරු පළාතට ප‍්‍රජාතත්ත‍්‍රවාදය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස ද්‍රවිඩ සංධානය නෙමෙයි. සයනයිට් කරල කරේ තිබූ දරුවාගේ අතට පෑන දුන්නේ මහින්ද රාජපක්ෂයි. කවුද කියන්නේ මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ආණ්ඩුවේ නායකයා කිරීමට ත‍්‍රිකුණාමල ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාව සූදානම්.අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය මෙසේ පැවසීය.අම්පාර දිස්ත‍්‍රික්කයේ හා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්ක දෙකේම ජනතාවට තිබෙන්නේ එක සමාන අත්දැකීම්. යුද්ධය නිම වෙන්න පෙර නැගෙනහිර අපි ජීවත්වුනේ කොහොමද කියලා අපිට හොඳට මතකයි. ඒ අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. යුද්ධය නිම කරලා නැගෙනහිර පළාතේ මහා සංවර්ධනයක් කළ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි.මහින්ද මහත්තයා එළවලා බලයට ආපු මේ ආණ්ඩුව ජනතාවට මොකද කළේ.මැතිවරණ කල්දාන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී මේ ආණ්ඩුව එළවා හරින්න දිවිහිමියෙන් කැප වෙනවා.නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා මෙසේ අදහස් දැක්වීය.රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ආණ්ඩු හදපු හැමෝටම වැරදුණා. මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් වරදින දවස වැඩි ඈතක නෙමෙයි. අපි වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව පරදවනවා. අපට යුද්ධය ඉවර කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. යුද්ධය අවසන්වුණු නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනා නැගෙනිහර පළාතේ සතුටින් ජීවත් වෙනවා. යුද්ධය ඉවර කර දීපු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගේන එක අපේ එකම අරමුණයි. ඒ සඳහා අපි ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙනවා යයි පැවසීය.මෙම ජන රැලිය සඳහා මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, ඞී.වී. චානක, ශෙහාන් හේමසිංහ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, රංජිත් සොයිසා, පද්ම උදයශාන්ත, නිරෝෂන් පේ‍්‍රමරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා වෘත්තීය සමිති නියෝජිතයෝද මෙහිදී අදහස් දැක්වූහ.
ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු 1.00ට රැස්විය.ජාතික පරිසර පනත යටතේ නියමයන් 7ක් ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-“පොලිතින් කළමනාකරණයටත් අද නීති ඉදිරිපත් කරනවා. මයික්‍රෝන 20ට අඩු පොලිතින් තහනම් කෙරෙනවා. අප රටේ දිනකට කෑම දවටන මිලියන 2ක් හා ෂොපිං බෑග් මිලියන 1.5ක් පරිසරයට නිදහස් කෙරෙනවා. ප්ලාස්ටික් විවෘත භූමියේ පුළුස්සන්න බැහැ. සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමත් තහනම්. අද ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් පිට කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණ උෂ්ණත්වය වැඩිවීමට අද අපටත් මුහුණ දෙන්න සිදුවෙලා. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-“මේ නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. රත්නපුර හැම විටෙකම ගංවතුරට ලක්වෙනවා. නමුත් එක බෝට්ටුවක්වත් ඒ ප්‍රදේශවල සූදානම් කරල නැහැ. ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-“අවුරුද්දක් තිස්සේ රත්නපුරයට ඔරු ඉල්ලනවා. ඔරු නැහැ. මිනිස්සු බඩගින්නේ. කෑම ටික බෙදන්න ඔරු නැහැ. නිලධාරීන් කියනවා ඔරු 105ක් ඕනෑලු. ඔරු කුලියට අරගෙන රත්නපුරයට යවන්න. මුදල් වියදම් කරන පම්පෝරි කතා කියලා වැඩක් නැහැ.”ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා:-“අඟුල් 66ක් රත්නපුරයට යැව්වා. අනෙකුත් ප්‍රදේශවලටත් අඟුල් යවනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගොස් සොයලා බලනවා. තවත් අඟුල් 26ක් රත්නපුරයට යවන්න සූදානම් කළා. මම වගකීමෙන් කියන්නේ, අප පෙර සූදානමින් කටයුතු කරනවා. මේ වනවිට මරණ 11ක් වෙලා තියෙනවා. මරණ 4ක් වුණේ අකුණු සැර වැදීමෙන්. අදත් ධීවරයෙක් මියගියා. අප කලාවැවේ වතුර පාලනය කළා.”මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (දෙජාස):- “වන සම්පත රකින්න ඕනෑ. කඳුකරේ වනාන්තර විනාශය දිගටම වෙනවා. අපේ රටේ වල්අලි ප්‍රශ්නයත් තියෙනවා. පොලිතින් භාවිතය අඩුවෙලා නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- “දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ. චෝදනා නැති නඩු විසි කරන්න සිදුවුණා. අවදානමට වඩා සූදානම වැදගත්.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):- “උඩරට ෆයිනස් වගාව ලොකු විනාශයක්. මේ ෆයිනස් ගහේ කුරුල්ලකු කූඩුවක්වත් හදන්නේ නැහැ. මේ රටේ පරිසර ප්‍රශ්න විසඳීමට ජනපති, අගමැති කටයුතු කරනවා. ඒක සතුටට කරුණක්.”යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- “උතුරේ පසේ ලුණු ගතිය නිසා වගාවන් කරන්න බැහැ. ඒ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාව වෙනත් රටක පුරවැසියන් විදියට දකින්න බැහැ. උතුරේ නියඟයට ප්‍රධාන හේතුව පරිසර විනාශයයි. දේශගුණික විපර්යාස තවදුරටත් සිදුවෙමින් පවතිනවා.”කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):-“ගංවතුර ගැන අප විවාදයක් ඉල්ලුවත් දුන්නේ නැහැ. ගෝඨාභය කසළ කළමනාකරණයට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අද කොළඹ කසළවලින් පිරිලා. සියලු කසළ කරදියානට ගෙනත් දානවා.”පත්කළ මන්ත්‍රී ඒ.එල්.එම්. නසීර් මහතා (එජාප):- “අම්පාරට අලි වැටක් ඉදිකිරීමට හැකිවී නැහැ. පොතුවිල් ඉඩම්වල ගොවිතැන් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාවට ඉඩම් දෙන්න.”පත්කළ මන්ත්‍රී තුරේ රත්නසිංහම් මහතා (දෙජාස):- “වන රක්ෂිත විනාශ වෙමින් පවතිනවා. මාර්ග ඉදිකිරීමටත් වන රක්ෂිත විනාශ වෙනවා. විනාශවන වනයට විකල්ප ලෙස ගස් වැවිය යුතුයි. ත්‍රිකුණාමලයේත් කැලය විනාශ වෙනවා. මෙය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. කුඩා ජලාශ වසා දැමීමත් ප්‍රශ්නයක්.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-“රත්නපුරේ ගංවතුර තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. කොළඹ ගංවතුරින් යටවීම වැළැක්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. අද රට බරපතළ ආර්ථික අගාධයකට ඇදී යනවා. අප මේ විපතින් දේශපාලන වාසියක් ගන්නේ නැහැ. හඳුනා නොගත් වෛරසයක් නිසා දරුවන් 13 දෙනකු මැරිලා. ආණ්ඩුවට වැළඳුණු රෝගය වගෙයි. සෞඛ්‍ය ඇමැති කෙනකු ඉන්නවා. ඇමැති වැඬේ ඇරුණහම අනෙක් හැම දෙයක්ම ඔහු කරනවා. ආපදා තත්ත්වයට ක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා:-“අවිධිමත් සංවර්ධන කටයුතු නිසා පරිසරය විනාශ වෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉඩම් ගොඩකිරීම් 3500කට කටයුතු කරනවා. අපි විදේශ සංචිත වැඩි කර ගත්තා. මුහුදෙත් රළු ස්වභාවයක් ඇතිවී තියෙනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරනවා. ලබන වසරේ 5000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කරපු හොඳ වැඩ ටික ප්‍රචාරය කරගන්න බැරිවීම ආණ්ඩුවේ දුර්වලකමක්.”දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩිස්වරන් මහතා (දෙජාස):- “ඉල්මයිනට් කැණීම් වහාම නැවැත්විය යුතුයි. මේ රජය ඊට මැදිහත් විය යුතුයි. ඒ කැණීම් නිසා පස සේදී යනවා. සම්පත්, අපේ කෝවිල් ඔක්කොම මුහුදට සේදී යනවා. තිරික්කෝවිල් ප්‍රදේශයේ මීටර් 200ක් ගොඩබිම සෝදාගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ කළපුවත් විනාශ වෙමින් පවතිනවා. කළපුව ගොඩ කරනවා. පවුල් 12,000ක් කළපුවේත් ජීවත් වෙනවා. කළපුවට පස් පිරවීමත් නතර කළ යුතුයි. ගංවතුර ඇති වන්නේත් මෙවැනි ගොඩකිරීම් නිසයි. වටිනා ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙනවා. ඒ සීමා නිර්ණයන් වැරැදියි.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වේලුකුමාර් මහතා (එජාප):-“හන්තාන වත්තේ කුරුඳු කැලේ අක්කර 20ක් පුද්ගලයකුට විකුණලා තියෙනවා. නමුත් පොඩි මිනිහාට වැසිකිළියක් හදාගන්න ඉඩක් දෙන්නේ නැහැ. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව පාරට බහින්න පුළුවන්.” මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස):-“අපේ ප්‍රදේශවලට ගිනි නිවන අංශයක් නැහැ. පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-“අපිට ගංවතුර ගැන කියන්න එපා. අපි ගිං ගඟත් එක්ක පොර බඳපු මිනිස්සු. එදා අසාර්ථක ව්‍යාපෘති කරල මුදල් කාබාසිනියා කළා. අපි නිල්වලා, ගිං ගඟ ව්‍යාපෘතිවලට අත්පොත් තියනවා. අද දයාසිරි ජයසේකරලා පොරවල් වෙලා.”කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):- “කැලිඩෝ වෙරළ තීරය මුහුදට ගසාගෙන ගියා වගේ කළුතර බෝධියත් කළුතර පාලමත් මුහුදට ගසාගෙන යන්න දෙන්න එපා. ඒවා රැක ගැනීමට කටයුතු කරන්න. ගංවතුර ගලපු මේ වෙලාවේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් පත්තරවලින් අපි දැක්කේ සුරංගනා කතායි. මේ කතා අපි සාලාව පුපුරලා ගිය වෙලාවේත් සාමසර කන්ද නාය ගිය වෙලාවේත් ඇසුවා. වන්දි හානි පූර්ණ කරනවා කිව්වා. තාම ඒවා කරල නැහැ. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ගිය වෙලාවේත් ඔය කතාම කිව්වා.”පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):- “කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගැනීමට ගස් වවා ඇති රටවල්වලට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙනවා. පුළුවන් තරම් වනාන්තර වැවීමේ කාර්ය පෞද්ගලික අංශයට දිය යුතුයි. එය ක්‍රමානුකූලව විධිමත්ව කළ යුතු ක්‍රියාවක්. පරිසරයට ආදරය කරන සියලු දෙනාම වන වගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අනාගත ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් එන බව කියනවා. මේ දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. ඒ ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත්තා ද කියල පළමුවෙන් ජනතාවට කියන්න.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-“අද ගංවතුරෙන් අනාථ වී සිටින ජනතාවට අවශ්‍ය කෑම බීම දෙන්න රාජ්‍ය නිලධාරීන් බයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ විදියේ කටයුතු සිදුවුණේ නැහැ.”චන්දිම ගමගේ මහතා:- “ඔබතුමාට ඔය විදියට කතා කියන්න පුළුවන්. ඕවා සාක්ෂි සහිතව කියන්න.”ජානක වක්කුඹුර මහතා:- “අයගම ග්‍රාමසේවා නිලධාරි මහතාගෙන් අහන්න.”විජේපාල හෙට්ටිආරච්චි මහතා:- “මෙතුමා රටම නොමග යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අනාථයන්ට දුන්නා.” ජානක වක්කුඹුර මහතා:- “ගාල්ලේ දෙන්නැති. මම කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ගැනයි.”අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):-“විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිතින් තහනම ගැන එක වචනයක් කතා කළේ නැහැ. විපක්ෂයට අද කතා කරන්න මාතෘකා නැහැ. ඒ නිසා කාලයකට වැස්ස ගැන කතා කරනවා. තව දවසක නියඟය ගැන කතා කරනවා.”පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිතය. 
ජනපති නව සැසිවාරය විවෘතකර ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නෙවෙයි
0
(නිමල කොඩිතුවක්කු)දේශපාලන  ආර්ථික පොදු න්‍යාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොසිටි පිරිස්  අවබෝධයකින් තොරව පක්ෂයේ නායකයාට පහරදීම පසුගිය වසර 20 තුළ  පක්ෂයේ සිදුවූ ප‍්‍රධානතම දුර්වලකම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. පක්ෂය ආරක්ෂා කර බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමට පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  සහ යුතුකමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කිරීම නතර කර සියලූ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවත් සඳහන් කළේය.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.‘‘කුමන ආකාරයටද  අපේ පක්ෂයේ තියෙන යම් යම් මතවාද විසඳගන්නේ කියලා වර්තමානයේ සියලූ දෙනා අවදියෙන් සිටිනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ  නායකත්වය පත් කිරීම  පක්ෂ මහා සම්මේලනයෙන් සිදුකරලා තියෙනවා.  අපේ පක්ෂයේ කුමන මතවාද අදහස් තිබුණත් අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පත් කරගෙන තිබෙනවා. මේ ගැන බෙදීමක් ඇතිකර නොගත යුතුයි කියලා  මම විශ්වාස කරනවා.  බෙදීම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ  ඕනෑතරම් තිබෙනවා.  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ  ප‍්‍රධානීන්,  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්  පක්ෂ සාමාජිකයන්  ලක්ෂ 10ක් මේ පක්ෂයෙන් ඉවත් කිරීමට දිවංගත රණසිංහ  පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාකර තිබෙනවා. ඒ ක‍්‍රියාකළේ  පක්ෂයට විනයක් අවශ්‍ය නිසයි.පක්ෂයෙන් ලක්ෂ 10ක් ඉවත් කලාට පසු  1994 දී  රජයක් පිහිටුවීමට එක පාර්ලිමේන්තු අසුනයි අහිමි වෙන්නේ. පසුකාලීනව  අපේ පක්ෂයේ හිටපු නායක ඞී.  බී විජේතුංග ජනාධිපතිතුමා සියලූ දෙනා එකට එකතු  කරගෙන නැවත එක්සත්  ජාතික පක්ෂය ඉදිරියට ගෙනත් තියෙනවා.මේ පක්ෂය ආරක්ෂා කරලා  බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමේ වගකීම  පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  යුතුකමක් තියෙනවා. එතුමන්ට  මේ පක්ෂය විනාශ කරන  නායකයා හැටියට සනිටුහන් වෙන්න බැහැ.  පක්ෂයක නායකත්වය කියන එක  අපේ පක්ෂයේත් අනෙක් දේශපාලන පක්ෂවලත් ලෝක දේශපාලන පක්ෂවලත් ව්‍යවස්තාවට  අනුව එකවගේම ක‍්‍රියා කරලා තියෙනවා.  උදාහරණයක්  විදියට බණ්ඩාරනායක මහතා මියගියාට පස්සේ  බණ්ඩාරනායක මැතිනිය වසර 60කට ආසන්න කාළයක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවා.  එතුමියගේ ප‍්‍රජා  අයිතිය අහෝසි කරලා තිබියදීත්  ලේනුසුවක් කටේ බැදගෙන පක්ෂ  නායිකාව විදියට වේදිකාවේ අසුන් ගත්තා. එතුමිය  පක්ෂ නායකත්වය දැරීම  චන්දු‍්‍රිකා මැතිනියට ජනාධිපතිවීම සදහා නුසුදුසුකමක් වුණේ නැහැ. අනික් පක්ෂ ගත්තත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා  අවුරුදු 89ක් වෙලත් ඒ පක්ෂයට නායකත්වය දෙනවා. සියලූ දෙනා  මී මැසි පොදිය වගේ එකට එකතුවෙලා කියනවා  අපේ නායකයා සම්බන්ධන් කියළා. වාසුදේව නානායක්කාර වෙන්න පුලූවන් විජේවීර වෙන්න පුලූවන්  අනුර කුමාර වෙන්න පුලූවන් පිලිගත්තත් නැතත්  ඒ පක්ෂවලට ආවේනික වූ නායකත්වය කියන එක වෙනම කාරණයක්.  උදාහරණයක් විදියට ගත්තොත් මහින්ද  රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා. හැබැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාට  රටේ ජනාධිපතිවෙන්න ඒක නුසුදුසු කමක් වුනේ නැහැ.  ඒ නිසා ගෝඨාභය  රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ නායකත්වය ඉල්ල ඉල්ල  පොර කකා කෑ ගැසීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ.අපේ සියලූ බලවේග එකට එකතුවෙලා අපේ දේශපාලන  ආර්ථික පොදු නයාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට පක්ෂ නායකයාට පහරදුන්නා. එය  පහුගිය අවුරුදු 20 කට ආසන්න කාළයක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම දුර්වලකමක් විදියට අපි දකිනවා. විශේෂයෙන් අපේ පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ අපේ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොහිටපු මේ පිළිබද  අවබෝධය අඩු කණ්ඩායම ඉන්න නායකයන්ට  පහරදීම තමයි මේ කාළය තුළ සිදුකලේ.රනිල් වික‍්‍රමසිංහ  මහතා පැන්නිය යුතුයි කියලා 2012 දීත් ඔය කියන කණාඩායම  ක‍්‍රියා කළා. 2014 සිංහල අවුරුද්දටත්  පක්ෂයේ නායකයා පන්නනවා කිව්වා. සිංහල අවුරුද්දට  කලින් මහින්ද රාජපක්ෂ මහතා පන්නන්න  පෙලගැහෙමු කියලා මේ කණ්ඩායම කියනවා මම කිසිම අවස්ථාවක දැකලා නැහැ.2014 ඔක්තොම්බර් මාසයේදී මේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  මහතාත් පැනලා යනකොට රනිල් වික‍්‍රමසිංහ  මහතා ඒ අභියෝගය බාරගෙන රාජපක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළා. එතනදි මාදුලූවාවේ සොභිත හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ බලවේග එක්ක එතුමා කටයුතු කළා.එතනදි රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජයට පත්කරලා  එලවනවා කියපු කන්ඩායමට  මැති ඇමතිකම් දුන්නට පස්සේ ඔවුන් ඒ බලය පාවිච්චි කරලා රාජපක්ෂ පරාජය කිරීම වෙනුවට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජය කරන්න නැවත උත්සාහ කළා. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ  පක්ෂ නායකයා සහ අනික් කණ්ඩායම දුක්විදිම පමණයි’’  යැයිද ඔහු එහිදී පැවැසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වජිර අබේවර්ධන  මහතා :ප‍්‍රශ්නය : පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට  නොලැබුනොත් වෙනම පක්ෂයකින් තරඟ කරනවා කියලා කියනවා.පිළිතුර : එහෙම හදන්නත් තහනම්. එහෙම ක‍්‍රියා කරන්නත් තහනම්.ප‍්‍රශ්නය : රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු විසිගණනක් නායකයා ලෙස  කටයුතු කළා. ජයග‍්‍රහණ වලට වඩා පරාජයන් එහිදි  අතිවිදින්න වුණා. වෙනසක්  වෙන්න  ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද?පිළිතුර : මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. එවැනි තින්දුවක් ගත්තොත් එක්සත්  ජාතික පක්ෂයට  තව අවුරුදු විස්සකටවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.ප‍්‍රශ්නය : රනිල්  වික‍්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ  හිටියොත් ඊළඟ මහමැතිවරණයටතරඟ කරන්නේ නැහැ කියලා  ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කර තිබෙනවා?පිළිතුර : ඒක ඒ අයගේ පෞද්ගලික  අදහස්. ඒක නරක නැහැ ඒකත් හොදයි. ( ඡායාරූප-  ජයමාල් චන්ද්‍රසිරි) 
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
1
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
පසුගිය වසර 20 දුර්වලතා ගැන වජිර අබේවර්ධන කියයි
0
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද,ඡායාරූප ඉෂාන් සංජිව)”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය.ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවති උත්සවයකදීය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටවූ එළිය සංවිධානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.එහිදී තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා මෙසේද පැවසීය.අවුරුදු තිහක් පැවති යුද්ධය අවසන් කරලා අපි එක්සේසත් කළ රට ව්‍යවස්ථාවක් මගින් හෝ පාවා දෙන්නට පුලූවන්කමක් නැහැ. අද නව ව්‍යවස්ථාවක් හරහා මේ අප ලැබූ ජයග‍්‍රහණය පාවාදෙනු ඇතැයි සැකයක් සමාජය තුළ පවතිනවා. ඒ නිසා අපි කල්පනා කළා මෙවැනි නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ, එවැන්නක් ගෙන එන්න එපා කියලා ආණ්ඩුවට බලකිරීම හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද එළිදකින එළිය සංවිධානයේ අරමුණයි.දැනට පවතින ව්‍යවස්ථාවේ අඩුලූහුඬුකම් නැතුවා නොවේ. නමුත් අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට අපි විරුද්ධ වන්නේ එය ගෙන එනු ලබන්නේ කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා මතයි. ඒ කාරණා සලකා බැලූවාම අපිට විශාල බියක් ඇති වෙනවා. මේ ගමන් කරන්නේ කොහාටද කියලා අපිට පේනවා.එදා එල්ටීටීඊයට මුදල් එකතු කරපු, අවි ආයුධ ලබාදුන්නු කණ්ඩායම තමයි එදා ත‍්‍රස්තවාදය මගින් දිනාගන්න බැරිවුණ දේ අද වෙනත් මාර්ගයකින් ලබාදෙන්න මැදිහත් වන්නේ. එදා ගෙන ගිය ත‍්‍රස්තවාදයට එරෙහි යුධ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට බලපෑම් කළ විවිධ ජාත්‍යන්තර සංවිධානවල හා රටවල අවශ්‍යතාව මත තමයි මේ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවට තමයි මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ.අවුරුදු ගණනාවක් තිස්සේ සිවිල් වැසියන් ඝාතනය කරලා ම්ලේච්ඡු මිනීමරු සංවිධානය සියලූ ජන ජීවිත විනාශ කළා වගේම මුුලූ රටම විනාශ කළා. අද ඒ අය ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් ලෙස පෙනී සිටිමින් මේ රටට සාමය උදාකරන්න රට එක්සේසත් කරන්න කටයුතු කළ රණවිරුවන් ඇතුළු නායකයින් යුද්ධාධිකරණයට ගෙන යන්න උත්සාහ කරන අය තමයි මේ නව ව්‍යවස්ථාව සකස් කරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි එයට විරුද්ධ වන්නේ. ඒ නිසා තමයි අපි මෙයට එරෙහිව ජනතාව පෙළ ගස්වන්න සූදානම් වන්නේ.අපි දන්නවා අවුරුදු එකහමාරක කාලයක සිටම මේ කාර්යයට ඇප කැප වුණ ජාතික සංවිධාන ගණනාවක් තිබෙනවා. ඒ අයත් එකතු කරගෙන නායකත්වය දීලා වඩාත් පුළුල් සංවිධානයක් ලෙස ජනතාව අතරට ගෙන යන්න අපි සූදානම්. ඒ වගේම මේ ව්‍යවස්ථාව ගෙන එන ආණ්ඩුව ගැනත් අපිට කිසිම විශ්වාසයක් නැහැ.අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම ගැන ඇතිවූ සාකච්ඡුාවේදී මේ ආණ්ඩුවේ නායකයින් කිව්වා කවදාවත් එහෙම දෙයක් පිිහිටුවන්නේ නැහැ කියලා. හමුදා නායකයින්ට හා ජනතාවට කිව්වේ ඒක කෙරෙන්නේ නැහැ කියලයි. නමුත් අවසානයේදී එය සිදුවුණා.  පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සිදුකළේ කොහොමද කියලා අපි දැක්කා. රණවිරුවන්ට කිසිම පීඩාවක් ඇතිකරන්නේ නැහැ කිව්වා. නමුත් මේ වන විට හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරලා තිබෙනවා.එවැනි ආණ්ඩුවක් ගෙන එන ව්‍යවස්ථාවක් ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒක රටට භයානක ප‍්‍රතිඵල ගෙන එනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි හානිය ගැන ජනතාව දැනුවත් කිරීමට අප ගන්නා උත්සාහයට සහයෝගය දක්වන ලෙස ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ඕනෑම රටක ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒ රටේ ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒකීය රටක් ලෙස පවතිනවාට වඩා බලය විමධ්‍යගත කිරීමේදී ඇති විය හැකි ආර්ථික ප‍්‍රතිවිපාක ගැන සැලකිලිමත් විය යුතුයි.රටක ආර්ථිකය සාර්ථක වන්නේ ඒ රටේ මූලික ආර්ථික ක්ෂේත‍්‍රවල අන්තර් සම්බන්ධීකරණය හා ඒවායේ යහපත් ගමන ඔස්සේය. සාමාන්‍ය ජන ජීවිතයේ සාර්ථකත්වය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා. එසේම රටක ආර්ථිකයට ගැම්මක් ඇති කරන්න හැකි වන්නේ මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර මගිනුයි. ඒවා සාර්ථකව ඉදිරියට ගියොත් තමයි කුඩා පරිමාණ කර්මාන්තවලටත් ශක්තියක් ලැබෙන්නේ.මෙවන් මහා පරිමාණ ව්‍යාපෘති හා ව්‍යාපාර සඳහා අවශ්‍ය විදේශීය ආයෝජන රටට ගලා එන්නේ රටේ පාලන ව්‍යුහය වැඩි විමධ්‍යගතවීමක් නොමැති විටය. බලය විමධ්‍යගත වන විට ඔවුන්ට තමන්ගේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නට විවිධ ආයතන රැුසක් කරා ගමන් කරන්නට සිදුවේ. ආයෝජකයෙක් තමන්ගේ ආයෝජනය සිදුකරන්නට යම් රටක් තෝරා ගැනීමේදී අනෙක් රටවල පවතින පහසුකම් සමග සසඳා බලනවා. ඒ රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පවතින ස්ථානය සලකා බලනවා. විශේෂයෙන්ම ආර්ථික නිදහස, නීතියේ ආධිපත්‍යය, සමාගම් කරගෙන යාමේ පහසුකම, මිනිස් සංවර්ධනය සහ ¥ෂණය පිළිබඳව සලකා බලනවා.මේ ශ්‍රේණිගත කිරීම අනුව අන්ත ¥ෂිතයි පැවසූ 2006 -2014 රජයේ පාලන සමයේදී අපේ රට සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන තිබුණද පසුගිය වසර දෙකක කාලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදුවී ඇති බව පේනවා. ඒ නිසා ආයෝජනයන්ද දැවැන්ත ලෙස කඩා වැටුණා. ඒ නිසා දැනට පවතිනවාට වඩා තවත් බලය විමධ්‍යගත කළ පාලන ව්‍යුහයක් ඇති කළහොත් මේ දුර්වලතාවයන් තවත් උග‍්‍ර වෙනවා. එළිය සංවිධානය පිහිටුවමින් මේ නව ව්‍යවස්ථාවෙන් සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොමුවීම ඉතාමත් යහපත්.මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.අපි මේ නව ව්‍යවස්ථාව ගැන කතා කරද්දී සමහරු අපිට චෝදනා කරනවා තවමත් ඉපදිලා නැති දරුවෙක්ගේ හැඩරුව ගැන කතා කරනවා, ඒ අයට උප්පැන්න හදනවා කියලා. සමාන්‍ය කෙනෙකුට වගේ නෙවෙයි දක්ෂ වෛද්‍යවරයෙකුට දරුවෙක් ඉපදෙන්නම  ඕන නැහැ ඒ දරුවාගේ තත්ත්වය ගැන කියන්න. මේ ව්‍යවස්ථාව ගැනත් ඒ වගේ තමයි.ජාතිය, ආගම, පාට පදනම් කරගෙන මිනිසුන් බෙදා වෙන් නොකළ යුතු බවයි අපේ අදහස. එවැනි උවමනාවක් මේ රටට නැහැ. දෙමළ ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරීම අපේ යුතුකමක්, වගකීමක්. ඒ අයට උවමනා මොනවාද? ඔවුන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන්නේ හිසට සෙවණක්, ජීවත් වෙන්න මාර්ගයක්,  දරුවන්ට උගන්වන්න පාසලක්. ඒ අය තමන්ගේ අවශ්‍යතාවන් ජාතිවාදී සංවිධානවලට භාරදීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.කලක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස කටයුතු කළ අයෙක් තමයි අද උතුරේ මහඇමති වෙලා මේ රටේ බලය බෙදන්න කතා කරන්නේ. අපි කල්පනා කරන්න  ඕන බලය බෙදපු රටවල මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ රටවල අභාවාචක අත්දැකීම් ගැන අධ්‍යයනය කළ යුතුයි. අපේ නව ව්‍යවස්ථාව හරහා කරන්න හදන්නේ මේ රට බෙදීමයි.සමහරු කියනවා දහතුනෙන් එහාට අඟලක්වත් යන්න දෙන්නේ නැහැ කියලා. දහතුන කියන්නේ රට බෙදීමකට ගිය ව්‍යවස්ථාවක් තමයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා එහි ඇතැම් වගන්ති බලරහිත කරලා රට බෙදීයාම වැළැක්වූවා. දැන් උත්සාහ කරන්නේ දහතුනේ ඒ බල රහිත කළ වගන්ති ක‍්‍රියාවට නගන්නයි. වෙනම රටක් ඉල්ලා බැරි වුණාම, වෙනම පළාතක්, වෙනම ගමක් බැරි නම් වෙනම කුඹුරක්වත් දෙන්න කියලා ඉල්ලනවා. කුඹුර දෙනවා කියන්නේ රට ලබාගන්න දෙන උත්තේජනයක්. ඒ නිසා කුඹුරවත් නොදිය යුතු බවයි අපි කියන්නේ.ආචාර්ය දයාන් ජයතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මනුස්සයින්ගේ සෑම පරිවර්තනයක්ම ඔවුන්ගේ ඉදිරි ගමන සඳහා ඉවහල් විය යුතුයි. එසේ නොමැතිව ඒ ගමන ආපස්සට හරවන පරිවර්තනයක් නම් එය වැළැක්විය යුතුයි. නව ව්‍යවස්ථාවත් අපේ රට ආපස්සට ගෙන යන පරිවර්තනයක්. ඒ නිසයි අපි එයට විරුද්ධ වන්නේ.ව්‍යවස්ථාවක් කියන්නේ රටක බලව්‍යුහයයි. එය රාජ්‍යයේ සාර්ථක, අසාර්ථක බවට බලපානවා. ඒ වගේම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හරි හෝ වැරදි වුණත් ඒ සඳහා සංකල්පයක් තිබිය යුතුයි මේක කරන්නේ මේ සඳහායි කියලා. නමුත් මේ නව ව්‍යවස්ථාවට එවැනි සංකල්පයක් ඉදිරිපත් කරන්නේ නැහැ.බලය බෙදීමෙන් ජාතීන් එකතු කළ රටවල් තිබෙනවා. නමුත් එකම ශල්‍යකර්මය හැම රෝගියාටම හරියන්නේ නැහැ. එසේ කරන්න යාමෙන් රෝගියා මිය යන්නත් පුලූවන්. බොහෝ රටවල් ෆෙඩරල් භාවිතා කළේ වෙන්වුණ ජාතීන් එකතු කිරීමටයි. නමුත් අපේ වගේ ඒකීය රටක එකට ඉන්න ජාතීන් අතරට ෆෙඩරල් ගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් බෙදී වෙන්වීමයි. ඒ නිසා මේක රට බෙදන ව්‍යවස්ථාවක් ලෙසයි මා දකින්නේ.මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ මොන වගේ පාලකයින් පිරිසක්ද? පාර්ලිමේන්තුවේ පනස් දෙකක් ඉන්න විපක්ෂයට වඩා දාසය ලොකුයි කියලා හිතන ආණ්ඩුවක් ගෙන එන මූලික නීතිය මොකක්ද? රටේ සම්පත් අසල්වැසි රටවලට දීම අරමුණ කරගත්ත ඒ වෙනුවෙන්  ඕනම දෙයක් කරන්න සූදානම් ආණ්ඩුවකින් කුමක්ද බලාපොරොත්තු විය හැක්කේ. මෙවැනි පාලකයින් ගෙන එන ව්‍යවස්ථාවක් පරාජය කිරීමට අපි කළ යුත්තේ කුමක්ද නොව නොකළ යුත්තේ කුමක් කියලයි සිතිය යුතු වන්නේ.ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාරට බෙදන ව්‍යවස්ථාව දල්වා අළු කරන්නයි අද අපි මේ එළිය දල්වන්නේ. අපේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් තිබුණේ නැහැ. දෙදාස් පහළොවෙන් පස්සේ තමයි ඒක ඇති වුණේ.  අපේ ආණ්ඩුවෙන් යෝජනා සම්මතයක් ගෙනාවා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට අපේ රටට විරුද්ධවම. ඒක ගෙනාවේ අපේ රණවිරුවන් දංගෙඩියට යවන්නයි. යුද අපරාධ චෝදනා ගෙනත් මේක කරන්න හදනවා.ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බවට දිව්රුම් දී පත්වූ මහඇමති විග්නේෂ්වරන්ලා මේ රට බෙදන්න කතා කරද්දි, දහතුනේ නොදුන් බලතල ක‍්‍රියාත්මක කරන්න කතා කරද්දී ඒ අයව පාලනය කරන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. එවැන්නක්වත් කරන්න බැරි නම් මේ රට ෆෙඩරල් කරන, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා දෙමළ නිජබිම් සංකල්පය වෙනත් ආකාරයකින් නීතිගත කරන්න ගෙන එන ව්‍යවස්ථාව අපි දවා හලූකළ යුතුයි.මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.ඈත ගම් දනව්වල සිටි අපේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ එදා හමුදාවට බැඳුණේ රුදුරු ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. යුද්ධය අවසන් වන විට හමුදාවේ විසිනවදාහක් මරණයට පත්ව තවත් හැටදාහක් පමණ ආබාධිතයන් වුණා. දහදාහක් පමණ පූර්ණ ආබාධිතයන් වුණා. ඒ අය මේ තරම් කැපකිරීමක් කළේ, තවමත් ඇඳන් මතට වී දුක්විඳන්නේ කුමක් වෙනුවෙන්ද?මේ සියලූ දෙනාට තිබුණේ එකම අරමුණයි. ඒ තමන්ගේ රට ආරක්ෂා කරගැනීමයි. මේ අයට කෘතෝපකාරය දැක්වීම අපේ යුතුකමක්. මගේ වයස අවුරුදු පනස් හයක්. මේ පනස් හයට මගේ ඇස්දෙකෙන් දැකපු හිරිකිතම සිදුවීම තමයි අපේ ආබාධික රණවිරුවන්ට එළව එළවා පහර දීම. අහන්න ලැබුණ හිරිකිතම ප‍්‍රවෘත්තිය තමයි සිලාවතුර නාවික හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදීම. එදා පොලිසිය ආරක්ෂා කළේ හමුදාව. අද හමුදාව ආරක්ෂා කරන්න පොලිසිය යොදවලාලූ. මොනවද මේ සිදුවන්නේ.අද වෙන්න පුලූවන් විශාලම පාවාදීම සිදුවී තිබෙනවා. මුත්තයියලා පන්දුවෙන් තැබූ වාර්තා, සුසන්තිකාලා ධාවන තරගවලින් තැබූ වාර්තා කඩන්න තවම අපේ රටේ කාටවත් බැරි වෙලා තිබෙනවා. නමුත් පාවාදීම්වලින් නම් අපේ අද ඉන්න නායකයෝ ඉහළටම ඇවිත් තිබෙනවා.අද අපේ රටේ බෝම්බ පුපුරන්නේ නැහැ. ත‍්‍රස්තවාදයක් නැහැ. එදා බියෙන්, සැකයෙන් ජීවත් වූ දෙමළ ජනතාවට නැවත ජීවය කැවූ අපි ඔවුන්ව අපෙන් ඈත් කරන්න සූදානම් නැහැ. අපි එකට ඉන්න කොට තිබෙන බලය අපි බෙදා වෙන්කළාම නැති බව අපේ මෝඩ පාලකයින්ට නොපෙනීම රටේ අවාසනාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ට අපි මතක් කරනවා රටට සේවය කරන්න හෝ නිකම් කාලය නාස්ති කරන්න හෝ යළිත් පාර්ලිමේන්තුවට එන්න හිතනවා නම් මේ නව ව්‍යවස්ථාව සම්මත කර ආපසු ගමට එන්න එපා.   මෙහිදී අද්මිරාල් සරත් විරරෙස්කර මහතා දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සමගාමී ලැයිස්තුව පිළිබඳව පැහැදිළි කළේය. විමල් තිරිමාන්න පියතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු තානාපති තමරා කුනනායගම්, නීතිඥ රුෂ්ඩි හබීබ්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහත්වරුන් ඇතුළු විද්වතුන් පිරිසක්ද, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, නීලා වික‍්‍රමසිංහ යන කලකරුවන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.         
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
1
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික‍්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත‍්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්ත‍්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත‍්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්‍ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප‍්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක‍්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප‍්‍රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්‍ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්‍ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප‍්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප‍්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප‍්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය.         ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්‍ෂය කීවේ  ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” 
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
0
(නාලක සංජීව දහනායක,ඡායාරූප ගයාන් අමරසේකර)දේශපාලනඥයන්ට පමණක් රට පාලනය කිරීමට ඉඩනොදී රාජ්‍ය පාලනයට විද්වතුන් සක‍්‍රීයව මැදිහත් විය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (4) පැවසීය.රාජ්‍ය සේවකයන් බියවැද්දීම නිසා සංවර්ධනය සම්පූර්ණයෙන්ම නතරවී තිබෙන බවත්, රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක් බවත් කී රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළදී රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කිරීමට ඉඩ දුන් බවත් සෑම විටම ඔවුන් ආරක්ෂා කළ බවත් සඳහන් කළේය.බොරලැස්ගමුව, ගෝල්ඩන් රෝස් හෝටලයේ පෙරේදා (4) පැවැති වියත්මඟ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙස්ද කීය.සමහරු හිතාගෙන ඉන්නේ පොලීසියත් හිරගෙයත් තිබුණම රටක් පාලනය කළ හැකියි කියලයි. එහෙම රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා ඇමැතිගේ අනුමැතියක් නැතුව තීන්දු ගන්න අද රජයේ සේවකයන් බයයි. රාජ්‍ය සේවය බියවැද්දුවාම රට සංවර්ධනය වෙන එක එහෙමපිටින්ම නතර වෙනවා. මේ වන විට රජයේ සේවකයෝ දෙදහසකට වැඩි පිරිසකගෙන් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරල. රාජ්‍ය සේවකයන් හිරේ යෑම ගැටලූවක්. දේශපාලනඥයන් හිරේ ගියාට කමක් නැහැ. රටේ වෙන දේවල් ගැන පාලකයන් දැනගෙන ඉන්න  ඕන. ජනතාවට පොරොන්දු දීලා සමයංටයි, ලොක්කෙටයි එකතුවෙලත් ආණ්ඩුකරන්න පුළුවන්. රටේ වෙන සිදුවීම් පත්තරවලින් දැනගන්න පාලකයන් වැඩක් නැහැ. රාජ්‍ය සේවකයන් කරන දේවල් වැරදි දේවල් නොවෙයි. අපි එදා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න නිදහස දුන්නා. අපේ කාලේ අපි රාජ්‍ය සේවකයන් ආරක්ෂා කළා.මට මතකයි තරුණයන් හමුදාවට බෙදන්න අදිමදි කළ යුගයක් තිබුණා. ඒ නිසා රට රකින්න හමුදා සේවයට බැඳෙන්න කියලා මම තරුණයන්ට ආයාචනය කළා. ඒ අනුව යෝෂිත කිව්වා එයාටත් හමුදාවට බෙදන්න  ඕන කියලා. රටවෙනුවෙන් හමුදාවට බැඳෙන්න කියලා  රටේ දරුවන්ගෙන් ඉල්ලීම් කරල මට මගේ දරුවව ගෙදර තියාගෙන ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා මම යෝෂිතට හමුදාවට බෙදන්න ඉඩ දුන්නා. මැරෙන්න මොන සුදුසුකම් ද? ඒත් එදා සමහරු යෝෂිතගේ සුදුසුකම් ගැන ඇහුවා.අපි එදා යුද්ධය මෙහෙයවද්දී මේ රටෙන් වගේම විදේශයන්ගෙනුත් නොයෙකුත් බලපෑම් ආවා. ඒත් අපි එදා ඒවාට මුහුණ දුන්නා. රට ලබාගත් ජයග‍්‍රහණ ආපසු හරවන්න දෙන්න බැහැ. රට කෑලිවලට කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ.දේශපාලනඥයන්ට විතරක් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. රාජ්‍ය පාලනයට විද්වතුන්  සක‍්‍රීයව මැදිහත් වෙන්න  ඕන. එවිට දියුණු රටක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා යැයි පැවසීය.හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.අපේ රටේ උගත් බුද්ධිමත් සියලූම දෙනාම රාජ්‍ය පාලනයට සම්බන්ධ විය යුතුයි. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන සියලූම දෙනා දේශපාලනයට සම්බන්ධ විය යුතු බව අපි විශ්වාසකරන්නේ නැහැ. පසුගිය වසර නවයේදී අපි යම් ප‍්‍රමාණයකට මේ දේවල් ක‍්‍රියාත්මක කළා. මගේ අමාත්‍යාංශය තුළ වැඩකිරීමේදී විද්වතුන්ගේ අදහස්වලට ඉඩ දුන්නා. ඒ නිසා රටේ විශාල වෙනසක් කරීමට අපිට හැකියාව ලැබුණා. විද්වතුන්ගේ අදහස්වලට ඉඩනොදෙනවා නම් අපිට කවදාවත් දියුණු වෙන්න බැහැ. මේ රටේ රාජ්‍ය අංශය නොදකින දේවල් පුද්ගලික අංශය දකිනවා. ඇවන්ගාඞ් ව්‍යාපාරය ආරම්භ වුණේ එහෙමයි. ඒ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟම විදේශ විනිමය විශාල වශයෙන් අපේ රටේ ඉතුරුවුණා. අද ඔවුන්ගෙනුත් එෆ්.සී.අයි.ඞී. එක ප‍්‍රශ්න කරනවා.අපේ රටේ තිබෙන නීති රීති අනුව තීරණ ගත්තත් නොගත්තත් හිරේ යනවා. මේ වගේ රාජ්‍ය තන්ත‍්‍රයක් තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. නිලධාරීන්ට තීරණ ගැනීමේ ශක්තිය දිය යුතුයි. විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ දැනුම ලබාගත්තේ නැත්නම් කවදාවත් අපිට නිර්මාණශීලී ගමනක් යන්න බැහැ. අද නිලධාරීන් තීරණ ගන්න බයයි. තීරණ ගන්න පුද්ගලයන්ට එරෙහිව විවිධ බාධාවන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මට හිතුණා දියත උයනේ මාර්ගවල ත‍්‍රීඞී චිත‍්‍ර අඳින්න  ඕන කියලා. ඒ වැඬේ කරන්න නිලධාරීන් මට තරුණයකු හොයල දුන්නා. අපි තීන්ත අරන් දුන්නා. ඔහු ගාස්තු අයකිරීමකින් තොරව ඉතාම හොඳට මට ඒ වැඬේ කරලා දුන්නා. ඒ තරුණයාගෙන් පවා එෆ්.සී.අයි.ඞී. ය ප‍්‍රශ්න කරලා.යමක් කිරීමේදී තමන් කරන වැඬේ ඉහළ ප‍්‍රමිතියෙන් කරන්නත්  ඕන. විශේෂයෙන්ම නාගරික සංවර්ධනයේදී නිලධාරීන්ට නිර්මාණශීලීව වැඩ කරන්න ඉඩ දෙන්න  ඕන. අලූතෙන් හිතන්න දෙන්න  ඕන. නීති රීතිවලින් ඔවුන්ව බැඳ තැබීම සුදුසු නැහැ. හොඳම උදාහරණය තමයි ෂැංග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අයෝජකයන් ඉල්ලා සිටියේ කොළඹ යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියයි. නමුත් ඒ භූමිය ලබාදීම මට ප‍්‍රශ්නයක් වුණා. යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකරන්න වසර ගණනාවකට පෙර ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සැලසුමක් හදල තිබුණත් මුදල් නොමැති කමින් වසර ගණනාවක් ඒ ව්‍යාපෘතිය නතරවෙලා තිබුණා. ෂැංග‍්‍රිලා ව්‍යාපෘතියෙන් ලැබුණ මුදල් යොදවා අකුරේගොඩ ප‍්‍රදේශයේ යුද හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කළා. මේ වැඩ ටික කරන්න අපිට ගතවුණේ හරියටම සතියයි. ඒ නිසා ආයෝජනයට ඉතාම සුදුසු රට ලංකාව බව ෂැංග‍්‍රිලා ව්‍යාපාරයේ සභාපතිවරයා නිතරම කිව්වා.යුද්ධයේදී රණවිරුවන්ගේ ඉදිරි ගමන නවත්වන්න නොයෙකුත් බාධකයන් ඉදිකර තිබුණා. ඒ කාලෙදි නිතරම අහන්න ලැබුණේ අගලක් හා බැම්මක් කියන වචන දෙකයි. මේ බාධක කඩාගෙන තමයි රණවිරුවන් ඉදිරියට ගමන් කළේ. තමන් තුවාල වෙන බව හෝ තමන් මැරෙන බව ඒ බාධක කඩාගෙන ඉදිරියට යන සෙබළා දන්නවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ රට යහපත් මාර්ගයකට ගෙන ඒමට ඔහු තමන්ගේ ජීවිතය පූජා කළා. යුද්ධයෙන් අතපය අහිමිවූ සෙබළුන් තවමත් මේ සමාජයේ ජීවත් වෙනවා.අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන විද්වතුන්ට එකට එකතු වෙලා තමන්ගේ අදහස් බෙදා හදාගන්න තිබෙන අවස්ථා අඩුයි. අපි වියත්මඟ සංවිධානය බිහි කළේ ජීවත් වීමට සුදුසු රටක් සකස් කිරීමටයි. ඉදිරියේ බිහිවන රජයක තනතුරු ගන්න බලාපොරොත්තුවක් නැතැයිද පැවසීය.විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.අපිට උදේ ඉඳන් ? වෙනකම් ඇහෙන්නේ සංහිඳියාව කියන වචනයයි. අද මේ වචනය ගැන කතා කරන නායකයන්ට වඩා අපි ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මේ රටේ විසිහත් වසරක් දරුණු යුද්ධයක් තිබුණා. අපි නිවැරැදි නායකත්වයක් යටතේ මේ යුද්ධය අවසන් කළා. ඒකට දැන් අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. අපි සටන්බිමේ ගහ ගත්තා. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු මේ රටේ ජනතාව නිරන්තරයෙන්ම අපිට ආශීර්වාද කළා. මේ ජයග‍්‍රහණය ඒ සියල්ලන්ටම අයිතියි.යුද්ධය පටන් ගත්ත කාලේ හමුදාවට බොහෝ පරාජයන් අත් වුණා. මම  ජයග‍්‍රාහී යුද හමුදාව වගේම ඒ පරාජිත හමුදාවත් නියෝජනය කළා. නමුත් මේ රටේ ක‍්‍රියාත්මක වූ සිවුවන ඊළාම් යුද්ධය තමයි රටේ මහා පෙරළියක් කළේ. අපිට පතුරමේ සිට මිසයිලය දක්වා සියලූම දේවල් ලැබුණා. සෙබළුන්ගේ චිත්ත ශක්තිය වැඩි කළා. මාවිල්ආරු සිට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් අවසන් කරන තුරු යුද්ධයට ලැබුණ නායකත්වය ගැන මට කියන්න වචන නැහැ. ළ`ගදී එක නායකයෙක් කියලා තිබුණා එයා යුද්ධයෙන් සියයට අසූවක් ඉවර කළා කියලා. නමුත් ඒ කාලේදි හමුදාවට සියයට අසූවකට වඩා වැඩි දේවල් නැති වුණා.යුද්ධයේදී රණවිරුවන් කළ කැපකිරීම අනන්තයි අප‍්‍රමාණයි. අප ලැබූ අපහාස හා උපහාසත් ඒ වගේමයි. යුද්ධය පැවැති අවසන් අවුරුදු දෙකයි මාස දහයක කාලයේදී නිලධාරීන් හා සෙබළුන් 5900ක් මිය ගියා. අවසන් වසර තුනේදී සෙබළුන් හා නිලධාරීන් 2900ක් තුවාල ලැබුවා. ඉන් 1000ක් පමණ බරපතළ තුවාල ලැබුවා. පොඞ්ඩක් හිතන්න වයස අවුරුදු 18දී යුද හමුදාවට බැඳුණ තරුණයෙක් අවුරුදු 20 දී අබාධිත තත්ත්වයට පත් වුණොත් ඉතිරි මුළු ජීවිත කාලයම ඔහු ඉන්නේ ඇඳක් උඩ. ඒ දරුවාව දකින වාරයක් වාරයක් පාසා ඔහුගේ දෙමාපියන් මැරි මැරී උපදිනවා. එහෙම කැප කිරීමක් කරල ලබාගත් ජයක් මේක.2009 මැයි 19 වැනිදා උදේ 10.30 ට නන්දිකඩාල් කළපුවේදී ප‍්‍රභාකරන් හා ඔහුගේ ත‍්‍රස්තවාදී සඟයන් මෙලොවින් තුරන් කිරීමත් සමඟම ත‍්‍රස්තවාදය මේ භූමියෙන් සියයට සියයක්ම තුරන් කරලා දැම්මා. අපි ත‍්‍රස්තවාදීන් 6000ක් අත්අඩංගුවට ගත්තා. තවත් ත‍්‍රස්තවාදීන් හයදහසක් සිවිල් වැසියන් අතර සැඟවී සිටියදී අත්අඩංගුවට ගත්තා. මට මතක විදියට ත‍්‍රස්තවාදීන් 12,200ක් පුනරුත්ථාපනය කළා. ඔවුන් අද සිවිල් සමාජයේ අනෙකුත් සිවිල් වැසියන් සමඟ උරෙනුර ගැටෙමින් ජීවත් වෙනවා. ප‍්‍රභාකරන් මරාදාපු දවසේ ඉඳලා මේ රටේ බෝම්බ පිපුරුණේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා වාර්තා වුණේ නැහැ. පාතාලය හා එක එක්කෙනාගේ හෙංචයියන් තමයි බෝම්බ පිපිරුවේ, තුවක්කු පත්තු කළේ.මම අත්දැකීම් සහිත නිලධාරියෙක්. බුද්ධි අංශය තමයි හමුදාවක විශාලතම සම්පත. අද බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා. දැන් රට යන තත්ත්වය එතරම් සුබ නැහැ. 2010 වසරේ සිට 2014 වසර දක්වා මහාවීර දිනයට පහනක් පත්තු කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. රට බෙදන්න ක‍්‍රියාකළ ත‍්‍රස්තවාදීන් මහා වීරයන් වෙන්නේ කොහොමද?. නමුත් කියන්න කනගාටුයි 51 වැනි සේනාංකය ඉදිරිපිට මහාවීර දිනය සමරනකොට ඒ නිලධාරීන් ඔහේ බලාගෙන හිටියා. සාම්පූර් නාවික හමුදා කඳවුරේදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. ඒ නාවික හමුදා නිලධාරියා එතැනදී කටයුතු කළේ සංහිඳියාව අනුවයි. සිලාවතුර නාවුක හමුදා කඳවුරට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනව කියන ප‍්‍රවෘත්තිය තමයි  මම මගේ ජීවිතයේදී අහපු අමිහිරිම ප‍්‍රවෘත්තිය. එමෙන්ම අබාධිත සෙබළුන්ට කොළඹදී පහර දීම තමයි මම දැකපු හිරිකිතම දර්ශනය. අපි නිල ඇඳුම් ඇඳපු සොල්දාදුවෝ. තවමත් ඒ නිල ඇඳුමේ උණුසුම අපිට දැනෙනවා. මේව දකින කොට අපිට හරි කළකිරීමක් දැනෙනවා. අපි හදවතින් හඬාවැටෙනව.ඊනියා සංහි`දියාවක් හදලා රට බෙදන්න සූදානම් වන විට ඒකට එරෙහිව නැඟී සිටීම අපේ යුතුකමක්. ඒක නූපන් පරපුරට අපි කරන ලොකුම මෙහෙවරක්. අපි ලබාගත් ජයග‍්‍රහණය පාවාදෙනවා නම් අපේ නම් දේශද්‍රෝහී ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් කරන්න  ඕන. ඒ නිසා බලය බෙදීමෙන් රටට හානියක් වෙනවා නම් අපි නැඟී සිටිය යුතුයි. අද වන විට ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ජීවත්වෙලා හිටිය නම් උන්වහන්සේත් අද ජාතිවාදී ලැයිස්තුවට ඇතුළත් වනවා යැයි පැවසීය.ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.වෙනස්වන ලෝකයේ අද වනවිට ලංකාව ස්ථානගතවී තිබෙන්නේ කොතැනද?. ලංකාව අසාර්ථක රාජ්‍යයක් බව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළා. මගේ ජීවිත කාලයේදී නම් ලංකාව එවැනි අවනම්බුවක් විඳ නැහැ. ලංකාවට ලෝකයේ ගෞරවනීය ස්ථාන හිමිවූ යුග තුනක් තිබුණා. පළමු යුගය තමයි 1956 සිට 1979 දක්වා වූ කාලය. දෙවැනි යුගය තමයි චන්ද්‍රිකා මැතිනිය යටතේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලයේදී ජාතික අවශ්‍යතාවන් අනුව අපේ විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ යුගයයි.ලංකාවට ලෝකයේ නම්බුකාර තත්ත්වයක් ස්ථාවරව පවත්වාගෙන යන්නේ කෙසේද. ලංකාව කුඩා දුපතක්. මේ භූගෝලීය පිහිටීම නිසාම අපේ දෛවය හුදු දේශීය සාධකවලින් නිර්මාණය වූවක් නොවෙයි. ජාතික හා ජාත්‍යන්තරය කියන සම්බන්ධතා අතර තිබෙන්නේ ඉතාම සියුම් පටලයක්. ජාත්‍යන්තරයට ජාතික වශයෙන් පිළිතුරු දෙන්න බැහැ. අපේ ජාතික අවශ්‍යතාවන්වලට ලෝකය යටකරන්න දෙන්න බැහැ. ලෝකයට අපිව යටකරන්න දෙන්නත් බැහැ.මේ සමාජය ප‍්‍රබුද්ධ යැයි කියා සිතන පුද්ගලයන්ගේ දේශපේ‍්‍රමයක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර දැනුමට පිටුපාල, දුපත් මානසිකත්වයෙන් ඉන්නේ. අපි මේක වෙනස් කරන්න  ඕන. මේ දේශපේ‍්‍රමය දියුණු දේශපේ‍්‍රමයක් වෙන්න  ඕන. අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් කරගන්න  ඕන. අපේ ජාතිකත්වය ජාත්‍යන්තරයට පහදා දෙන්න අපිට පුළුවන් වෙන්න  ඕන. ඒක තමයි ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමය කියන්නේ. එහෙම ප‍්‍රබුද්ධ දේශපේ‍්‍රමීන් ලංකාවේ ඉඳලා තියෙන බවද පැවසීය.ආචාර්ය නාලක ගොඩහේවා, අරූන් තම්බි මුත්තු, නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ ශ්‍රීමාල් විජේසේකර, වෛද්‍ය සීතා අරඹේපොළ, ප‍්‍රවීණ කලාකරු සුදත් රෝහණ යන මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ මහත්වරුද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ගලගම ධම්මරංසි හිමිවරුද කලාකරුවන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ.
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
0
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)”වෙට්ටු දාලා තමන්ට  ඕන දේ කරගන්න මේ ආණ්ඩුව දක්ෂයි. නියම බබා එළියට එන්නේ කාරක සභාවේදීයි. පාර්ලිමේන්තුවට එන ව්‍යවස්ථා කෙටුම්පතේ ඒකීය වුණත් නැතත් ඒක කාරක සභාවට ගිහින් එනකොට ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා. මේ ව්‍යවස්ථා මරඋගුල පරාජය කිරීම රටට ආදරේ කරන අපි කාගෙත් වගකීමක්” යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඉකුත්දා (14) වැනිදා පැවසීය.වීරවංශ මහතා එසේ පැවසුවේ ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජාතික සමුළුව නමින් ජාතික නිදහස් පෙරමුණ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වූ ජනරැලියකදී අදහස් දක්වමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.-ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ අතුරු වාර්තාවක් විතරයි කියලා සමහරු කියනවා. මේ අතුරු වාර්තාවට එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග‍්‍රසයත් හැර අනෙක් හැම පක්ෂයකින්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය යෝජනා සංශෝධන එකතු කර නැත්තේ තමන් මේ වාර්තාවේ අඩංගුවට කැමැති නිසයි. එහෙම නම් මේකේ තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව නෙවෙයි නම් වෙන එකක් එයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ?අපි පහුගිය කාලය තුළ දැක්කා ඒ විදිහට කියලා ගෙනාපු පනත් කෙටුම්පත් කොහොමද තමන්ට අවශ්‍ය විදිහට සම්මත කරගත්තේ කියලා. පාර්ලිමේන්තුවට එන්නෙ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එන්නේ ඒකීය රාජ්‍යයක් සහිත ව්‍යවස්ථා කෙටුම්පතක් වුවත් සම්මත වන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක් වෙන්න අද තිබෙන ඉඩ වැඩියි. මොකද අපිට පහුගිය කාලයේ අත්දැකීම් තිබෙනවා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වුණ ආකාරය ගැන. ගෙනාපු පනතේ තිබෙනවාට වඩා වැඩි වගන්ති ප‍්‍රමාණයක්, එහි කිසිම වගන්තියකට අදාළ නොවන කොටස් විශාල ප‍්‍රමාණයක් සංශෝධන හැටියට එනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේන වෙලාව වෙනකොට අධිකරණයට යන්න තියා පාර්ලිමේන්තුව තුළදීවත් විරුද්ධ වෙන්න කාලයක් ඉතිරිවන්නේ නැහැ.පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය ගැන කතා කරන්න ඉදිරිපත් කළ පිටු හතරක පුංචි පනතට අපිත් එකඟ වුණා. ඒත් ඒක කාරක සභාවට ගිහින් සංශෝධන හතළිස් තුනක් එක්කරලා ආපහු ආවේ ලොකු පනතක්. එහි කාන්තා නියෝජනය ගැන කතා කරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය කල්දැමීමට හැකිවන පරිදි නව මැතිවරණ ක‍්‍රමය ආදේශ කිරීම, සමෘද්ධි නිලධාරීන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියන කරුණු ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මේ ආණ්ඩුව පහුගිය කාලේ අනුගමනය කළ පිළිවෙළ. කාරක සභා අවස්ථාවේදී තමයි නියම බබා එළියට එන්නේ. අගමැති දන්නේ වෙට්ටු දාන්න විතරයි. තමන්ගේ වුවමනාව මොකක්ද කියලා ඇයි කෙලින් නොකියන්නේ? වචන වෙට්ටු දාන්නේ ඇයි?මෙවැනි ව්‍යවස්ථා ප‍්‍රශ්නයකට අපි  ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීත් මුහුණ දුන්නා. එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඉන්දියාවේ  ඕනකමට. ඉන්දියාවේ බලපෑමට. ඒක ගෙනාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළදාලා. දේශපාලන පක්ෂ කීපයක් තහනම් කරලා. අද ඒක වෙනත් ක‍්‍රමයකට ඒ මාමාගේ බෑනා කරන්න යනවා. අද වුවමනාව හා බලපෑම එන්නේ බටහිරින්.වසර තිහක් පැවැති උතුරේ යුද්ධය අවසන් කළා. අද උතුරෙත් දකුණෙත් බෝම්බ පුපුරන්නේ නැහැ. එදා වගේ අද දෙමළ අම්මාටවත් සිංහල අම්මාටවත් තමන්ගේ දරුවන්ගේ මිනී බදාගෙන වැළපෙන්න අවශ්‍ය නැහැ. ඒ යුගය අවසන් කිරීම ගැන මේ රටේ ජනතාව සතුටු වුණා. හැම කෙනෙක්ම කිරිබත් කැවුම් කාලා ඒ සතුට සැමරුවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන්ට යුද්ධයෙන් ජයගන්න බැරි වුණ ඊළම ව්‍යවස්ථාමය වශයෙන්  ලබාදෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. ව්‍යවස්ථාවෙන් රට බෙදන්න අවශ්‍ය නැහැ. ඒක කරන්නේ මේ රටේ නීතියට අනුව නෙවෙයි, ජාත්‍යන්තර නීතියට අනුවයි. අපි කරන්න  ඕන ඒ අයට ඒ ටික කරන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස්කර දීමයි.හැත්තෑ හතේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති බවට පත්වුණ දේවනායගම් දෙමළ ජාතිකයෙක්. ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ සිතියම අලූතෙන් හැදුවා. එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් පුල්මුඬේ ත‍්‍රිකුණාමලයට අයත් වන හැටියටයි ඒක ඇන්දේ. ඔහු මේ ඉටුකළේ ඊළාම් බෙදුම්වාදීන්ගේ ඊළාම් සිතියමට අවශ්‍ය භූමිය සකස් කර දීමයි. බෙදුම්වාදීන් එක්වර ගෙඩිය පිටින් කන්න දැන් සූදානම් නැහැ. එහෙම කන්න ගිහින් වෙච්ච දේවල් පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා දැන් පියවරෙන් පියවර තමයි ඊළම දිනාගන්න තැනට යන්නේ. මේ නව ව්‍යවස්ථාව එහි එක් පියවරක්.ජේ.ආර්. ජයවර්ධන එදා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙද්දී ඉන්දියාවේ විරෝධය මැද වුවත් ඒකීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා සමගාමී ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ වගේම යම් පළාතක් වෙන්ව යාමේ අවදානමක් තිබේ නම් එය පවරා ගැනීමේ බලය එදා විධායක බලතල සහිත ජනාධිපතිවරයාට තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී වුවත් ගෙනා බලය බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනයට එදා රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වය ලැබූ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලින් රටේ ඒකීය භාවය නැති වෙනවා කියන ස්ථාවරයේ සිට ඊට එරෙහිව සටන් කළා. දේශද්‍රෝහීන්ට දඬුුවම මරණය කියලා පළාත් සභාවල මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් ඝාතනය කළා. ඔවුන් දේශද්‍රෝහීන් කියන පදනමෙන් ඒ ඝාතන සාධාරණීකරණය කළා. එහි ප‍්‍රතිඵල හැටියට මේ රටේ හැටදහසක් තරුණ ජීවිත ඝාතනයට ලක් වුණා. අද අනුර දිසානායකගේ ගජමිතුරාත් මේ ඝාතනවලට හවුල් වුණා.එදා ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් රට බෙදෙනවට එරෙහිව සටන් කරපු පක්ෂයේ වර්තමාන නායකත්වය අද අගමැතිගේ සුරතලා බවට පත්වෙලා. අද අලූත් ව්‍යවස්ථාවෙන් විධායක බලය අහෝසි කරලා, සමගාමී ලැයිස්තුව ඉවත් කරලා, ඒකීය වෙනුවට ෆෙඩරල් නාමය එකතුකරලා, පළාත් සභාවලට පොලිස්, අධිකරණ, ඉඩම් බලතල ලබාදීලා මේ ගේන ව්‍යවස්ථාව එදා ජේ.ආර්.ගෙනා ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා භයානකව තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණ එයට සහාය දක්වනවා. ටිල්වින් සිල්වා කියනවා ඒකීය හා සන්ධීය කියන වචනවල එල්ලිලා ඉන්න එපාලූ. අනේ මෙයාගේ මේ මොළේ විජේවීර සහෝදරයාට එදා තිබුණා නම් හැටදාහකගේ ජීවිත බේරෙනවා. ජවිපෙට සිදුවී ඇති දෙය එයින්ම අපට පැහැදිලියි.මෙතෙක් පරමාධිපත්‍ය බලය තිබුණේ මේ රටේ ජනතාවට. ජනතාව වෙනුවෙන් මන්ත‍්‍රීවරු 225ක් පාර්ලිමේන්තුව තුළ ඒ බලය නියෝජනය කළා. මේ ව්‍යවස්ථාවෙන් ඒ බලය පළාත් සභාවලටත් බෙදෙනවා.බුද්ධාගමට තිබූ තැන නැති කරනවා. එදා සිට අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මහාසංඝරත්නය කැපවුණා. සටන් කළා. එදා ෆෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකාරවරයා තමන්ගේ අධිරාජ්‍යයාට දන්වා යවනවා මේ රටේ කහ රෙද්දක් පොරවගත්ත කහකඩ හමුදාවක් ඉන්නවා. ඒ අය මිනිසුන්ගේ දුකට සැපට හැමදේටම මැදිහත්වෙනවා. ඒ අය ඉන්නකම් මේ රට යටත් කරගන්න වෙන්නේ නැහැ කියලා. අද ඒ භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කතා කරද්දී උන්වහන්සේලාට ගරහනවා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට තිබුණ තැන නැති කරනවා. නව ව්‍යවස්ථාවේ යම් පළාත් සභාවක් අවශ්‍ය විටක ජනාධිපතිට පවරා ගන්න හැකි බව කියා තිබෙනවා. නමුත් එහෙම කරනවා නම් එසේ කරන්නට හේතු ජනාධිපතිවරයා පළාත් මහ ඇමැතිවරයාට දැනුම් දිය යුතුයි. ඔහු එය පිළිගන්නේ නැතිව අධිකරණයට ගියහොත් අධිකරණය එහිදී ජනාධිපතිගේ පියවර වැරැුදි බවට අර්ථකථනය වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි තිබෙන වාක්‍යවලින් කියවෙන දේ යථාර්ථය බවට පත්වන්නේ නැහැ.අද රටවල්වලට වෙන්වී යාමේ බලය හිමිවන්නේ ඒ රටේ ව්‍යාවස්ථාවට අනුව නෙවෙයි. ජාත්‍යන්තර නීතියට අනුවයි. ස්පාඤ්ඤයේ කැටලෝනියානු ප‍්‍රාන්තය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගන්නේ ඒ නීතියට අනුවයි. ජාත්‍යන්තර නීතියට අනුව යම් රටක කොටසක් ස්වාධීන වෙන්න කරන ඉල්ලීම සාධාරණීකරණය කළ හැකි වටපිටාවක් අපි ව්‍යවස්ථාවෙන් සකස් කරදීම පමණයි සිදුකළ යුත්තේ. මේ කරන්නේ එයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.”මේ වෙනකොට රට බෙදීම සඳහා ඉතාමත් කූට උපක‍්‍රම යොදමින් ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව එළිදක්වා තිබෙනවා. මෙහි දිශානතිය වැටී තිබෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත් ජාතික සංහිඳියාව සදාකාලිකවම මේ රටේ ජනතාවට අහිමි කිරීමටයි.බලය බෙදීමෙන් සුළු ජාතිකයන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳෙනවා ද? දැන් බලය තිබෙන්නේ සිංහල ජාතිය අතේ නම් සිංහල ජාතීන්ගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා ද? අන්න ඒ විදිහට සිංහල සාමාන්‍ය ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳිලා නම් අපිට එකඟ වෙන්න පුළුවන් බලය නැති නිසා තමයි ඒ අයට මේ ප‍්‍රශ්න තිබෙන්නේ කියලා. මේ උත්සාහ කරන්නේ සිංහල සාමාන්‍ය ජනතාව අතේ නෙවෙයි. ඒ වගේම මේ බලය ගන්න හදන්නේ දෙමළ සාමාන්‍ය ජනතාවත් නෙවෙයි. දෙමළ ඉහළ පැලැන්තිය අතටයි මේ බලය ලැබෙන්නේ. ඒ නිසා ප‍්‍රශ්නය එතනින් අවසන් වන්නේ නැහැ. බලය ලබාදිය යුත්තේ රටේ පුරවැසියාටයි.මෙහිදී කලාශිල්පී සමන් ඒකනායක මහතා ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයි ද යන්න කවියෙන් පැහැදිලි කළේය.මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ නායකයන් ඇතුළු පිරිසක් ද සිංහල රාවයේ ප‍්‍රධාන ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.
’තිස් වසරක යුද්ධයෙන් වත් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරිවූ දේ නව ව්‍යවස්ථාවෙන් දෙන්න යනවා’
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මාසිකව ලොකු මුදලක් හරිහම්බ කරන චැනල් කරන දොස්තර මහත්වරුන් ටියුෂන් ගුරුවරුන් හා නීතිඥවරුන් දහස් ගණනක් රජයට සත පහක බද්දක් ගෙවන්නේ නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (7) පෙරවරු 9.30ට රැස්විය.වාර්තා හා ලිපිලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. හාල් වර්ග ගණනාවක මිල අඩුවෙලා. පිටි මිලත් අඩු වෙලා. සීනිත් එහෙමයි. අද අල කිලෝවක් 89යි. පරිප්පු 147යි. වෙනසක් තියෙන්නේ පොල්වල විතරයි. ඒකත් අඩු වෙනවා. එහෙනම් ඔබතුමාලා බඩු මිල වැඩියි කියල කෑගහන්නේ ඇයි?චැනල් කරන බොහෝ දොස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු නීතිඥවරු බදු ගෙවන්නේ නැහැ. 41,000ක් ස්වේච්ඡාවෙන් පැමිණ බදු ලිපි ගොනු විවෘත කරලා තියෙනවා.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):- ඇලෝසියස්ගේ ස්කාගාරයක් මන්ත්‍රීවරුන්ට සල්ලි ගෙව්වා. ඒ ස්කාගාරවලින් ඒ මුදල් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළක් හදන්න. මන්ත්‍රීවරුන්ට ගෙව්වට ඒ මුදල් ආණ්ඩුවට යන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානායක මහතා (එජාප):- අද අපේ රට විතරක් නොවෙයි, ලෝකයම ගමන් කරන්නේ ආර්ථික අමාරුවෙන්. අපි ණයෙන් පෙළුණු ආර්ථිකය වෙනස් කළා. අද රටේ විනයක් නැහැ. හැම තැනම බෝඞ් ලෑලි අල්ලනවා. ඉතින් ආයෝජකයෝ රටට ඒවිද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-සුරාබදු ආඥා පනතේ 51 (2) සංශෝධනය කරන්න.මුදල් ඇමැති:- එය ඉදිරියේදී කරනවා.සොයිසා මහතා:- දෙදහස් විස්ස වන විට රජය සුරාබදුවලින් කිසිම ආදායමක් නොබලන තත්ත්වයට පත් කරන බව ජනාධිපතිතුමා කිව්වා. නමුත් අද වෙන්නේ ඒක නොවෙයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-රටේ මත්පැන් පානය වැඩිවෙලා තියෙනවා. සැර මත්පැන්වල මිල අඩු කිරීමට අප එකඟ විය යුතුයි.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- අද අපේ ගම්බිම්වල සුරාව තදින් පැතිරිලා. මේක ලොකු පිළිලයක්.අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා (එජනිස):-කසිප්පු ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන් උදව් කරනවා. මේ වගේ අවස්ථාවලදී පොලිසිය පස්ස ගහනවා. මේවට සම්බන්ධ වන බොහෝ දෙනකු රජයේ දේශපාලනඥයෝ.ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල:- මංගල සමරවීර මේ රටේ මුදල් කොල්ලකාපු කෙනෙක් නොවෙයි. මත්පැන්වල බදු කිහිපයක් අප වැඩි කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරු ගැන කතා කරනවා නම් සියලු හොරු ගැන කතා කළ යුතුයි. හොරු නම් හොරු  මත්පැන් පාලනය බදු වැඩි කරලම කරන්න බැහැ.ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා:- වැටලීම්, දඩ මුදල් නිසා දකුණේ සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රට බීම මිල වැඩි කරලා ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරන්න.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස):- මිරිස්ස වෙරළ කලාපයේ සංචාරක ව්‍යාපාරය අද විනාශවෙලා. සංචාරක ගොඩනැගිලි 23ක් කඩලා ඉවත් කරලා.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප):- හොර සුරා නිසා අපේ ප්‍රදේශවල දුප්පත්කම, අපරාධ වැඩිවෙනවා. සමහර පොලිස් නිලධාරීන් හොර මත්පැන් ජාවාරම්වලට සම්බන්ධයි.ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එජාප):- පොහොය දිනවල නිවාඩු දිනවල බාර් වැහුවට මත්පැන් පානය අඩු වුණේ නැහැ. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වේලු කුමාර් මහතා:- වතුකරය ආශ්‍රිතව මත්පැන් හල් බිහිවීම සිදුවුණේ පසුගිය අවුරුදු දහයක දොළහක කාලයේ සිටයි.නිවේදන සම්මත කෙරිණි.පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 9.30ට යළි රැස්වේ.ජනතාවගේ මුදල් ගසා කෑ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.වික්‍රමරත්න මහතා මේ බව පැවැසුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පැවැත්වුණු සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.මුදල් තැන්පත් කළ ආයතන කඩා වැටුණාම මහ බැංකුව කියනවා ඒ ආයතනවල කොටස් ගන්න කියලා. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් ගන්න නොවෙයි. මහ බැංකුව මේ කඩා වැටුණු ආයතන ගැන ජනතාව දැනුවත් කළේ නැහැ.ජනතාව මේ මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළේ ඒ ආයතන ගැන මහ බැංකුව දුන් නිර්දේශ නිසයි සී.එෆ්.එල්.අයි. ආයතනය අර්බුදයකට පත්වී තිබියදීත් මුදල් තැන්පත් කිරීම් බාර ගත්තා. යූ.බී. ෆිනෑන්ස් ගත්තේ එෆ්.එන්.ජී. ආයතනයයි. ජනතාවට පොලිය එක්ක මේ මුදල දෙන්න. අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දේ කොහොමද? පින් දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා.ණය හේතුවෙන් ගිය වසරේ 195 දෙනෙක් සියදිවි හානි කර ගෙන තියෙනවා. අද පවුල් ලක්ෂයක් කඩා වැටුණු මුදල් ආයතන ඇතුළේ කඩා වැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අත්හැරලා. මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන් පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි.නිහාල් ගලප්පත්ති මහතා (ජවිපෙ) යෝජනාව ස්ථිර කළේය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා:- කාලෝචිත යෝජනාවක්. අනුර කිව්ව බොහෝ කරුණු එක්ක මම  එකඟයි. (වේලුකුමාර් මහතා (එජාප) මුලසුනට පැමිණියේය)සමරවීර මහතා:- ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් රටේ ඇති කර ඇති තත්ත්වය ඛේදජනකයි. එන සතියේ මන්ත්‍රීතුමන්ලා කැඳවලා පක්ෂ පාට නැති කමිටුවක් හදල මහ බැංකු, භාණ්ඩාගාර නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ ආයතන බොහොමයක් කඩාවැටී ඇත්තේ දුර්වල කළමනාකරණය, දූෂණ, වංචා යනාදිය නිසයි. මෙවැනි වංචනික අයට දැඩි දඬුවම් පැනවීමට කළ පනත සංශෝධන කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මෙවැනි වංචනික නිලධාරීන් 155 දෙනකු හඳුනාගෙන තියෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජාප):- අද අපේ රටේ කාන්තාවන් ණය පියවා ගන්න ණය ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පාලනය කරන්න අද මේ කවුරුත් නැහැ. මහ බැංකුව අද මේ ප්‍රශ්නයේදී කරඇරලා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- නීති ගේන්න කලින් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන සමීක්ෂණයක් කරන්න. පරීක්ෂණ අවසන් වුණු සිද්ධිවල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න.වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිකරන් මහතා (දෙජාසං):- ක්ෂුද්‍ර ණය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 56 දෙනකු සියදිවි හානි කර ගෙන තියෙනවා. මේක භයානක තත්ත්වයක්.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):- සිය දිවි නසා ගැනීමට පෙළඹවීමත් අපරාධයක්. මේ සියදිවි හානි කරගන්න අස්සේ අවතාර මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ මහ බැංකුවේ අයට පේන්න පටන් ගනීවි. මේක සමාජ ව්‍යසනයක්. මහ බැංකුව මේ මිනිසුන්ව සියදිවි නසාගන්න පෙළඹවූවා. මේ ප්‍රශ්නයෙන් මහ බැංකුවට ගැලවෙන්න බැහැ. එයාලගේ නියාමනය මොන බම්බුවක් ද?ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප):- අද රටේ නීතිය මකුළුදැලක් වගෙයි. ලොකු හොරු අහුවෙන්නේ නැහැ. කඩා වැටුණු ආයතන රැසක් මහ බැංකුව මැදිහත්වී ස්ථාවර තත්ත්වයට ගත්තා. නමුත් මහ බැංකුව ක්‍රියාත්මකවීම ප්‍රමාදයි. මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි. කඩා වට්ටවනවා. අයිතිකාරයා සතුටින් ඉන්නවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- මහ බැංකුවේ නියාමනය හරියට වෙන්නේ නැහැ. මේ ආයතන නියාමනයට රටේ හොඳ නීතියක් තිබිය යුතුයි. තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප):- මේ ලියුම බැලුවම මහ බැංකුවේ අයත් සම්බන්ධ දැයි මටත් හිතෙනවා. මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද? නිදාගෙන ද හිටියේ?කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (එජාප):- 2015 ඉඳලා අලුතින් මූල්‍ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා. අතීතයේ මූල්‍ය සමාගම් කිහිපයක් වඩා වැටුණත් මහ බැංකුව හංගාගෙන හිටියා. නිවාඞ් කබ්රාල් කාලේ වෙච්ච දේවල්.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (එජනිස):- එදා පොලී මුදලාලි කළුකෝට් දාපු කෙනෙක්. නමුත් අද ඉන්නේ සුදු ඇඳුම් ඇඳගත් සුහදශීලී මිනිහෙක්. මේ මිනිස්සු නිසා ජනතාවට සම්බසකලමනාව අහිමිවෙලා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (දෙජාසං):- වාරික මුදල් අයකරගැනීමට සමහර ආයතන මැරයන් යොදවලා තියෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- මූල්‍ය ආයතන කඩා වැටුණේ 2002 ඉඳලයි. දඬුවම්ලා බිහිවුණේ මහින්දලගේ ගමෙනුයි. වම්බොට්ටා ආවෙත් එහෙන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:- එදා සුදු වෑන් අද නැහැ. අද රටේ ලොකු වෙනසක් තියෙනවා. මේ ආයතන ඈවර කිරීමෙන් බිලියන 25ක් ගන්න පුළුවන්. නමුත් තැන්පත් මුදල බිලියන 35ක්. මේ ආයතන බොහොමයක් කඩා වැටුණේ පසුගිය රජය කාලයේදියි. බැඳුම්කරවල දානවා කියලා හොරකම් කළා. අප මේ ආයතන ගැන නීතිමය පියවර ගන්නවා.එස්. යෝගේෂ්වරන් (දෙජාස), ඉන්දික අනුරුද්ධ (එජනිස), කාංචන විජේසේකර (එජනිස), ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (එජාප) මහත්වරු ද කතා කළහ.   
චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ
1
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇතැයි ද තරමක් වැඩි වී ඇත්තේ පොල් මිල පමණකැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) උදේ 10.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මේක ගිලන් රථ සේවාවක් පමණක් නොවෙයි. ක්ෂූද්‍ර රෝහලක්. අපේ රටේ මෙවැනි දෙයක් මීට පෙර තිබී නැහැ. අප මේ සේවය සමග සංවර්ධිත රටක් බවට පත් වෙනවා. ඇමෙරිකාවේ සේවයටත් වඩා ඉහළයි. මේක පටන් ගනිද්දී ලොකු චෝදනා ආවා. සමහරුන් ද්වේෂ සහගතව කතා කළා. මේවාට නගින්න එපා කියලත් කිව්වා. අප මේ ගිලන් රථ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. ඒක තමයි හරි තීරණය. මේ ගිලන් රථවලට දුරකතන ඇමතුම් පන්ලක්‍ෂ අසූ හතර දහස් පන්සිය විස්සක් ලැබිලා තියෙනවා. අද සාමාන්‍ය ජනතාව මේ ගිලන් රථවලට වන්දනාමාන කරන තත්ත්වයක් ඇතිවෙලා. දරුවො 27 දෙනෙක් මේ ගිලන් රථවල බිහිවෙලා තියෙනවා. 1990 සුවසැරිය විශිෂ්ට සේවාවක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න.සුරාබදු ආඥා පනතේ නිවේදන (අංක 1 හා 2) දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කීය.මේ රටේ ආදායම වැඩි කරන්න අප විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපේ ආදායමින් සියයට 82ක්ම ලැබෙන්නේ වක්‍ර බදුවලින්. සෘජු ආදායම් බදු ගහන්නේ සියයට 18ක් පමණයි. මෙහය අසාධාරණ පිළිගත නොහැකි තත්ත්වයක්. සෘජු බදු ප්‍රමාණය වැඩ කරගත යුතුයි. නව බදු ලිපි ගොනු 69,000 ක් අලුතින් විවෘත වී  තිබෙනවා. දැන් තියෙන වැට් බද්ද වැඩියි. ටි්‍රලියන 1.9 ක් මේ අවුරුද්දේ අප ණය ගෙවනවා. වැඩි ප්‍රමාණයක් 2015 ට කලින් ගත්තු ණය. අප අද ණය කළමනාකරණය කරගෙන යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුයි. පරිප්පු අඩුයි. පොල් මිල ටිකක් වැඩි බව පිළිගන්නවා. සියලු පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර දෙනවා. ඖෂධ 48 ක මිල අඩු කළා. නොමිලයේ ගිලන් රථ සේවය ඇරඹුවා. ළමා ගිණුම්වලින් බදු අය කරන්නේ නැහැ. ඒ සංශෝධනයත් අප ගේනවා. නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය. ජාත්‍යන්තර වෙළද හා ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා-ලංකාව රේගු ආඥා පනතට ඇතුළත් වී ඇති රටක් විදියට ඒ නීතිමය තත්ත්වය අනුව කටයුතු කරන්න බැඳී සිටිනවා. රේගු සාමූහික සභාව කාලයක් පුරා කටයුතු කර ඇති ආයතනයක්. මෙම පද්ධතිය තාක්ෂණයට අනුව වෙනස් කර තිබෙනවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිතරන් මහතා. (දෙ.ජා.සං.)තැපැල් වර්ජනය නිසා පින් පඩි ගන්න ජනතාව දුෂ්තරතාවන්ට පත්වෙලා. තැපැල් වර්ජනය විසඳන්නෙ නැත්තේ ඇයි? ආනන්ද සුදාකරන්ගේ දරුවන් පියා එනකම් බලාගෙන ඉන්නවා. ඔහු නිදහස් කරන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. හිටුපු ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කළා. තවම දේශපාලන විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. යුද්ධයක් ඇති නොවන්නේ ඒක කළොත් විතරයි. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා- හර්ෂ ඇමැතිතුමා උතුරට මේ ගිලන් රථය අවශ්‍ය ද නැද්ද කියලා ඇහුවා. මම ඒකට එකඟ නැහැ. ඒ සේවය දෙන්නේ උතුරේ සිරිතරන්ට පමණක් නොවෙයි. උතුරේ වගේම දකුණේ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ)-ගිලන් රථ සේවය ව්‍යාප්ත කිරීම හොඳ දෙයක්. සුවසැරිය 20 වැනි සංශෝධනය යටතේත් ජනාධිපති යටතේ තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාව කන බොන විදිය බලන්න මහ පාරට බහින්න ඕන. 75ට තියෙන පොල් ගෙඩිය හිරමරණයට දාන්න බැහැ. හිරමනේ ළඟ තියාගෙන උරච්චි කරන්න නම් පුළුවන්. අද ජනතාවට කන්න විදියක් නැහැ. හාල්, එළවළු මිල නැගලා. හාල් සියයකට වැඩියි. ජීවන වියදම උහුලන්නම බැහැ. දිවා විවේකය සඳහා සභාව පස්වරු 1.30 දක්වා කල් තැබිණ.දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාව පස්වරු 1.30ට යළි රැස්වීය.වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා- සුවසැරිය ගිලන් රථ ලොකු සේවයක් වෙනවා. එදා මේකට පහර ගහපු අය අද නිහඬයි. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ජනමාධ්‍ය ආයතන පවා මිලදී ගත්තා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාටත් මත්කුඩු චෝදනා තිබුණා. ඔහු වෙලේ සුදාගෙන් මාසයකට ලක්ෂ 25ක් ගත්තා කියලා ප්‍රකාශ වුණා. කුඩු ජාවාරම්වලින් උපයාගත්ත සල්ලිවලින් රුපවාහිනි ආයතන මිලදී ගත්තද කියල හෙව්වේ නැහැ. මෙතැනින් එහාට විමර්ශනය ගියේ නැහැ. මම පොලිස්පතිවරයාගෙනුත් මේ ගැන ඇහුවා. පිළිතුරක් ලැබුණේ නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන අයට මේවා පේන්නේ නැහැ.හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී)-සුවසැරිය තම දෙමළ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට වෙනස් කරලා දෙන්න. මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම ශාන්ත ගුණසේකර මහතා (එජනිස)-ඔබලා මේ පාර කපන්නේ සුපිරිසිදු සෞඛ්‍ය සේවයකටද? මේකට කවදා හරි රෝගීන්ගෙන් මුදල් අය කිරීමක් වෙනවාද? මේ එන්නේ අනාගත පෞද්ගලීකරණයේ දිසාවයි.ඇමැති හර්ෂ ද සිල්වා මහතා-අප කවදාකවත් මුදල් අය කරන්නේ නැහැ. මේක රජයට අයත් සේවාවක්.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්.එච්.එම්. හාරිස් මහතා-මේ සේවය අම්පාර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන වැඩසටහනක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඇතැම් නිලධාරීන් උදව් කරනවා. ඔලුවිල් ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා (එජාප)-විපක්ෂය ගිලන් රථ සේවයෙන් ආණ්ඩුවට ගහන්න බැලුවා. නමුත් වැඬේ වැරදුණා. මේක වැරදි විදියට දකින කුහක මන්ත්‍රීවරුන් තවමත් මේ සභාවේ සිටිනවා. මේකෙ වාසිය එන්නේ දුප්පතුන්ටයි. ගිලන් රථ සේවයෙන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා එදා බොරුවට කෑ ගැහුවා. ගිලන් රථ සේවය පරිත්‍යාගයක්. සුවසැරියේ සේවය කවුරුත් අගය කළ යුතුයි. ගලගොඩඅත්තේ හිමියන් සිරගතවීම ගැන අපටත් දුකක් තියෙනවා. ඒ දුක බුද්ධ චීවරය නිසයි. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස)-මෘත දේහ රැගෙන යෑමට අපේ ප්‍රදේශවල දුෂ්කරතා තියෙනවා. රුපියල් හත් අට දාහක් අවශ්‍ය වෙනවා. මෘත ශරීර නිවෙසට ගෙන යන්නත් මෙවැනිම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා (එජාප)-දරුවෝ 27ක් මේ ගිලන් රථවල ප්‍රසූත කරලා තිබුණා. ඉතින් නරකද සුවසැරියට සමහරු ඔරොප්පුයි. හරිම කැතයි. ඉන්දියාව හදන්නේ අපේ ආයුර්වේදය විනාශ කරන්න කියලා පද්ම උදයශාන්ත මන්ත්‍රීතුමා කිව්වා. ආයුර්වේදය ආවෙත් ඉන්දියාවෙන් කියලා එතුමා නොදන්න එක කනගාටුදායකයි. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප)-අපේ රටේ අධ්‍යාපන තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවයත් හොඳයි. අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගත කරන්නේ ජනතාව වෙනුවෙන් නොව මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ප්‍රශ්න ගැන කතා කරන්නයි. දූෂණ ගැන එක එක්කෙනාට චෝදනා කර ගන්නවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-කිසිම රටක් නිකන් යමක් දෙන්නේ නැහැ. නිකන් දීපූ දේවල් තිබුණා. පරිත්‍යාග ලැබුණා. අප රටක් විදියට සිතිය යුතුයි. පළාත් සභා රෝහල්වල අඩුපාඩු රාශියක් තියෙනවා. අද රෝහල්වල බෙහෙත් පෝලිම් නැහැ. බෙහෙත් මිල අඩු කළා. පැනඩෝල් පෙත්ත අරගෙන බලන්න. ලෙඩාගේ බර මේ රජය බාර ගත්තා. රජය සැලකිය යුතු වැඩ කොටසක් කළා. අප කිසිම රටකට යටත් වන්නේ නැහැ. රට පාවා දෙන්නේ නැහැ. සමහර වැඩ වර්ජන සාධාරණයි. දේශපාලන වුවමනාවලට කරන වැඩ වර්ජනවලට විසඳුම් දෙන්න බැහැ. මේ රජය මිනී මරන්නේ නැහැ.මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාස)-පාසල් දරුවන් අතරේ මත්පැන් පාවිච්චිය වැඩිවෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය කියමින් මඩකළපුවේ මත්පැන් අලෙවි සල් විවෘත වෙනවා. මේක ආක්‍රමණයක්. මහ බැංකු සිද්ධිය කතා කළත් ඇලෝසියස්ගේ මඩකළපුවේ අරක්කු කම්හල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කම්හල ස්ථිරයෙන්ම වැසෙන්න ඕන. වාලච්චේන කඩදාසි කම්හල විවෘත කරන්න.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප)-ඉන්දියාවේ හමුදා භටයෝ 1500ක් අපේ යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඔවුන් කළ සේවය අගය කළ යුතුයි. සුව සැරිය අද ජනප්‍රියයි. දුෂ්කර දිස්ත්‍රික්කවලටත් මේ සේවය ගේන්න.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා (එජනිස)-ඉන්දියාව ගැන අපට ලොකු බයක් නැහැ. නමුත් සිංගප්පූරු ගිවිසුම හොර රහසේ අස්සන් කිරීම ගැන සැකයක් පවතිනවා. එහෙනම් හංගන්නේ මොකටද? මාධ්‍යයටත් හැංගුවා. එට්කා ගිවිසුමෙන් කර ගන්න බැරිවුණු දේ සිංගප්පූරු ගිවිසුමෙන් කර ගත්තා. ගිවිසුම ගැන මේ සභාවේ මන්ත්‍රීවරුන්ටත් කොළේ වැහුවා.වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා (එජාප)-මේ ගිලන් රථ සේවයෙන් රටට රැකියා ප්‍රමාණයක් ලැබුණා. අප මේ සේවය රට පුරා ගෙන යනවා. කඳුකරේ මේ වැඩපිළිවෙළ ඉක්මණින් ආරම්භ කරන්න කියලා ඉල්ලනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප)-ගිලන් රථ සේවය සාර්ථක වැඩ පිළිවෙලක්. ලොකු පුණ්‍ය කර්මයක්. ඒ සඳහා රජයට ස්තූතිය පුද කරනවා. අද රටෙන්ම මේ සේවාව ඉල්ලනවා. සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කළ අවස්ථාවක.් නමුත් මේ ගැන ප්‍රචාරය නම් මදි.පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප)-ගිලන් රථ 88 කින් මේ වැඩපිළිවෙළ ඇරඹුණා. මේකෙන් පන්සිය ගණනකට රැකියා ලැබුණා. දුප්පත් ජනතාවට සෙත සැලසුණා.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප)-පදවිය මූලික රෝහලේ තවම පහසුකම් නැහැ. දොස්තරවරු නැහැ. ගොඩනැගිලි නැහැ. අනුරාධපුර ආසන හතේ අඩුපාඩු තියෙනවා. අප කවුරුත් එකතු නොවුණහොත් ඩොලරය 200ට ගිහින් නවතීවි. නිෂ්පාදනය වැඩි නොකර රුපියල වැටෙන එක පාලනය කරන්න බැහැ.නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා-පාර්ලිමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන්ට සුබ පතනවා. ආහාරපාන අංශයේ සුරේෂ් මැතිතුමා මිය ගියා. එතුමා සිහිපත් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප)-ගිලන් රථ 209 ක් තව ලැබෙන්න තියෙනවා. රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගිලන් රථ යවනවා. අනුරාධපුරයෙන් 36 දෙනකු ගිලන් රථ සේවයට බඳවා ගත්තා.දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එම්.එම්.එම්. මන්සූර් මහතා (එජාප)-රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. සුදුසු තැන්වල ඉඩම් දිය යුතුයි. මේ ප්‍රශ්නවලට සහාය නොදුන්නොත් මුස්ලිම් කොන්ග්‍රසය රජයට දෙන සහාය ඉල්ලා අස්කරගන්න සිදුවෙනවා. මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙජාස)-මත්ද්‍රව්‍ය අපරාධවලට ප්‍රධාන හේතුවයි. මත්ද්‍රව්‍ය නිසා ජනතාව දුප්පත් වෙනවා.විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා-සුවසැරිය වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා. මේ ගිලන් රථවල සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාව ඒ අයට පුහුණුව දෙනවා. මේ වැඩපිළිවෙළ දිගටම යන්න ඕන. එහෙම නොවුණහොත් අනාගතයේදී දිරාගිය ගිලන් රථ ටිකක් ඉතිරි වේවි. ඇතැම් නායක හිමිවරුන් මේ රටට හිට්ලර්වරු ඉල්ලනවා. හිට්ලර්ලාට මේ රට ගොඩනගන්න පුළුවන්ද? මේ රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගොඩනගන්න පුළුවන්. නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)-ගිලන් රථ සේවය වතුකර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියා රජයට ස්තූතිවන්ත වෙනවා.පරසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා-එදා මම දකුණු අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වුණා. ගිලන් රථයක් එන්න විනාඩි 45ක් විතර ගියා. කලින් ආවා නම් මට මගේ කකුල බේරා ගන්න ඉඩ තිබුණා. මෙවැනි වැදගත් සේවාවක් හඳුන්වාදීම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කළේ නුගතුන් නොවෙයි. ඉගෙන ගත්තු වෛද්‍යවරුන් පවා මේක විවේචනය කළා. සුවසැරිය රට ලැබූ ජයග්‍රහණයක්.  පනත් කෙටුම්පත නිවේදන සම්මත විය.පාර්ලිමේන්තුව අද (22) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය. 
චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ
0
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.  
චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)මූල්‍ය විනයක් ඇති කිරීමට විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවැසීය.විගණනය රටට වගේම පාර්ලිමේන්තුවට ද වැදගත් බව අගමැතිවරයා කීය. වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (5) පෙරවරු 10.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.කලින් පනතට සංශෝධන කිහිපයක් මෙහි ඇතුළත් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව බදු ක්‍රියාත්මක වෙන්න බැහැ. විගණනය පාර්ලිමේන්තුවට වැදගත් දෙයක්. විගණනයේ කාර්යක්ෂමතාව ද රටට වැදගත්. විගණන කොමිෂන් සභාව 19 වැනි සංශෝධනය යටතේ පිහිටවනු ලැබුවා. මේ පනත ඉදිරිපත් කළාට පස්සෙත් යෝජනා ආවා. විගණන ප්‍රශ්න තියෙනවා. අපි බලයට ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. දැන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙනවා. ජාතික විගණන කොමිසම දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙනුයි.පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):මේ පනත පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 3ක් පරක්කු වෙලයි. (නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය)හඳුන්නෙත්ති මහතා:මේ පනත ගේන්න විගණකාධිපතිතුමා ලොකු කාර්ය භාරයක් ඉටු කළා. ඒ ගැන අප එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පනතට අප දැන් ඇත්ත පණ දිය යුතුයි. සමහරු මේක යටපත් කරන්න උත්සාහ දැරුවා. හිස් පඹයකුට නමක් දාලා වැඩක් නැහැ. අපි මේ පනතට සංශෝධන 13ක් ඉදිරිපත් කරනවා. මෙම පනත මේ තියෙන විදියට සම්මත වුණොත් හොරු මහා බැංකු කොල්ලකාරයන්ට මොකුත් වෙන්නේ නැහැ. වංචනිකයන්ට ගහන දඩයත් අඩු කරලා. මේ පනත හරි ගෙනාපු එක ගැන අප සතුටු වෙනවා. උන්න හැටියට මළා මදැයි කිව්වලු. මේ පනත මගින් විනය බලධාරියකු පත් කිරීමෙන් අර්බුදයක් ඇති වෙනවා. ඒ ගැටුම එන බව මම කියනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-මුදල් වංචාව, නාස්තිය වැළැක්වීම මේ පනතේ අරමුණයි. 2020 දී මෙරටට හිට්ලර් කෙනකු එන්න හදනවා. ඒ හිට්ලර් මේ විගණන පනත පාවිච්චි කරයි ද? හිට්ලර් ජර්මනිය විනාශ කළා. අන්තිමේදී හිට්ලර් දිවිනසා ගත්තා. හිට්ලර් එන එක වළක්වන්න අපි මරාගෙන මැරෙන සටනක් කරනවා. හම්බන්තොට වරාය හදලා මේ රටට ලොකු ණය බරක් ඉතිරි කළා.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-මේ පනත ප්‍රමාද වුණේ අධිභාර ප්‍රශ්නය නිසයි. බැඳුම්කර මගඩිය එළි පෙහෙළි කර ගන්න වර්තමාන විගණකාධිපති ලොකු කාර්ය භාරයක් ඉටු කළා. එතුමා නිර්භයව ඉදිරියට ආවා. අගමැති සගයන්ගේ වැරැදි වහන්න ඊයේ උත්සාහ දැරුවා. අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් අගමැති කොච්චර සහතික දුන්නාද? මේ වරෙන්තුකාරයා ගෙන්වා ගන්න අගමැති ඉල්ලීමක් කළා ද? ජනාධිපතිතුමාටත් රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගන්න පුළුවන්.මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-විගණකාධිපති ශක්තිමත් කිරීම මේ පනතේ අරමුණයි. අපේ රටේ සම්පත් අවභාවිතාවක් තියෙනවා. විගණන බලතලයයි අධිකරණ බලතලයයි අතර ගැටලුවක් තිබෙනවා. විගණන පනත ගෙන ඒමට ප්‍රමාදයක් ඇතිවුණා. පනත හැදීමට සියලු දෙනාගේ අදහස් ගත්තා. අර්ථ සාධක අරමුදලේ අවභාවිතයක් වෙලා තියෙනවා. මේක අද ඊයේ වුණු දෙයක් නොවෙයි. දැන් ඒ ගැන විගණනයක් යනවා. හොරුන්ට අපෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.(හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය)කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (එජනිස):-විගණන දෙපාර්තමේන්තුවට ඍජු තීන්දු ගන්න නීති පද්ධතියක් තිබුණේ නැහැ. බොහෝ රාජ්‍ය නිලධාරින් විශාල වැඩ කොටසක් කරනවා. නමුත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නිසා රටට සිදුවන පාඩුව විශාලයි. මේ නිසා රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් මෙවැනි විගණන පනතක් ලබාදීම යහපත් කාරණයක්. විගණනය පොලිස්කාරයෙක් විදියට රාජ්‍ය නිලධාරින් දඬුවම් ලැබිය යුතු අය වශයෙන් කටයුතු කළහොත් මේ පනතෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටුවන්නේ නැහැ. මේ නිසා මේ දෙගොල්ලන්ටම පුහුණුවක් ලබාදිය යුතුයි. විගණන පනත මගින් තව පොලිස්කාරයෙක් හදන එක නොවෙයි කළ යුත්තේ. අප කොයි පැත්තේ හිටියත් මේ පනතට සහාය දෙනවා. පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා:-රට කොයි තරම් සංකීර්ණ වුණත් විගණනය සංශෝධන වුණේ නැහැ. හොරා රාජ්‍ය නිලධාරියෙක් වුණත් හොරකම දිගටම කරගෙන ගියා. 1978 ව්‍යවස්ථාව මගින් මේ ගැන සැලකිල්ලක් තිබුණත් ක්‍රමවේදය සැලසුණේ නැහැ. වංචා දූෂණවලට තිත තියන්න අද ගත් මේ පනත පිළිබඳ තීරණය නිසා අද ස්වර්ණමය දවසක් වෙනවා. මේක දේශපාලන වශයෙන් අවාසියක් විය හැකියි. නමුත් රටේ යහපත වෙනුවෙන් ගත් තීරණය ඉතා වටිනා එකක්. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා:-අවංක රාජ්‍ය නිලධාරින් මේ විගණන පනතට බියවිය යුතු නැහැ. සුළුතර නිලධාරින්ගේ බලපෑම්වලට අප බිය වන්නේත් නැහැ. මේ පනතෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කර ගත හැකි වෙනවා. නිලධාරීන් අද විවිධ දඬුවම්වලට හසුවී බන්ධනාගාරගත වෙනවා. විගණකාධිපති ශක්තිමත් කිරීම වැගත්. විගණකාධිපති ශක්තිමත් කිරීම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක්. සුනිල් හඳුන්නෙත්තිගේ සංශෝධන මාත් අනුමත කරනවා. අප සමහර නිලධාරින් කාරක සභාවලට කැඳවන කොට රට යනවා. රෝහල්ගත වෙනවා. මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රි එස්. ශ්‍රීනේෂන් මහතා (දෙජාසං):-නමට සංවර්ධනය රටට වැඩක් නැහැ. අලුත්ම අල්ලස ලිංගික අල්ලසයි. පාසල්වලත් අල්ලස් ගැනීම් සුලබව වෙනවා. උතුරේ සංවර්ධනය තියෙන්නේ ඉබි ගමනේ. මිනීමැරුම් අපරාධ යුද්ධය පැවැති කාලයේ වුණේ නැහැ. ලිංගික අපචාරත් වැඩිවෙලා. ආවා කල්ලියත් හිස ඔසවලා උතුරේ භීෂණය මර්දනය කරන්න.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස):-විගණන පනත මාස තුනකින් ගේනවා කිව්වත් ගෙනාවේ නැහැ. මේ පනත මූලික ක්‍රියා මාර්ගයක්. මෙහි දඩ මුදල රුපියල් 5000 වෙනස් විය යුතුයි. දඩ මුදල කනගාටුදායකයි. එදා මහනුවර විගණන නිලධාරියකුට ඇසිඞ් ගැහුවා. ඒ අයට රැවුලයි කැඳයි දෙකම බේරා ගෙන වැඩ කරන්න වෙලා. විගණකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සුපිරි බලවතෙක්. මේ පනත ආරම්භයක් හැටියට ඉතා වැදගත්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):-තොරතුරු දැන ගැනීමේ පනත අප ලැබූ ලොකු ජයග්‍රහණයක්. එදා අප ඉල්ලූ තොරතුරු දුන්නේ නැහැ. එදා මොකුත්ම ලැබුණේ නැහැ. පලිගැනීම්වලටත් සමහරු විගණනය කරනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. විගණන පනත හරහා අපට අවශ්‍ය වුණේ බල්ලකු මිසක් හපන බල්ලකු නොවෙයි. මේ පනත ගේන්න දේශපාලනඥයන් අකමැති වුණේ නැහැ. අධිභාරය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා.කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස)ලංකාව දැකපු සිහිනයක් අද සැබෑවන දිනයක්. ඒ ගැන සතුටු වෙනවා. නමුත් එසේ අඩු බර දරුවෙක් කෘෂිකර්ම අමාත්‍යංශය කුලී ගොඩනැගිල්ලට කෝටි ගණන් වැය කළා. අධිභාර පැනෙව්වද, මේ පනත සම්මත කළාට පසුව පළමු අධිභාරය එහි ප්‍රධානින්ට නියම කරන්න ලක්ෂයේ අධිභාරය පන්දහස කළේ කොයි තක්කඩියද? මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා (එජාප):-දුෂණයට කැමැති දේශපාලනඥයන් නිලධාරින් මේ පනතට විරුද්ධ වුණා. වෙන කිසිම නායකයකු මෙවැනි පනතක් ගේන්න උත්සාහ දැරුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඒක ගෙනාවා.පත් කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස):- මෙය සම්පූර්ණ පනතක් නොවෙයි. සංශෝධනවලට අවධානය යොමු කරන්න. පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක් අවශ්‍යයි. මයන්ත දිසානායක මහතා (එජාප) මුලසුනට පැමිණියේය.සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා:-මේ පනත එදා වළක්වපු තක්කඩීන් ටික හෙලි කරන්න. අද විගණන අංශ කරන්න ඕන දේවල් කරන්නේ ජනමාධ්‍යයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඒ කාර්ය භාරය කළා. පක්ෂවල අරමුදල්වල ලෝකයේ ලොකුම වංචා වෙනවා. ඒවා ගැන විගණනයක් වෙන්නේ නැහැ. මම කියන්නේ හැම පක්ෂයටමයි.කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස)ස්වාධීන කොමිෂන් සභා ජනතාවගේ යහපත සඳහා ස්වාධීනව කටයුතු කළ යුතුයි. වැඩියෙන් දූෂණ වන්නේ සංවර්ධනය වන රටවලයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-මේ වගේ ශක්තිමත් ආයතන අපට අවශ්‍යයි. විගණකාධිපති කාර්යාලයට මූල්‍ය ස්වාධීනත්වය තිබිය යුතුයි. එදා ස්වාධීන කොමිෂන් සභා නැති කළා. මූල්‍ය පාලනය පාලකයන් අතට ගත්තා. ඉස්සර තිබුණේ රහසිගත තොරතුරු.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂණ ප්‍රේමරත්න මහතා (එජනිස):-ඇලෝසියස්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන තුනක් අද සොයා ගෙන තියෙනවා. රවී කරුණානායක මහත්තයාගේ ලේකම්වරයකුටත් මෙන්ඩිස් සමාගමෙන් මිලියන පහක් දීලා කියලා අද අධිකරණයේ දී හෙළිවෙලා තියෙනවා.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂාන් විතානගේ මහතා (එජාප):-හිට්ලර් පන්නයේ ආණ්ඩුවකට මේ වගේ පනතක් අවශ්‍ය නැහැ. රටේ  මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ එකම භාණ්ඩයේ මිල තුනකට ගන්නවා. නිසි ටෙන්ඩර් පටිපාටියක් ඇති කළ යුතුයි. ප්‍රාදේශීය සභාවලට භාණ්ඩ මිලදී ගැනීමේදී විනිවිදභාවයක් නැහැ. පත්කළ මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):-අප අයවැය කාර්යාලය පිහිටුවනවා. ගල් අඟුරු වාර්තාවේ අඩුපාඩු ගැන අපි සාකච්ඡා කළා. මේ විගණන පනත තවත් පොලිස්කාරයකු නොවිය යුතුයි.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා (එජාප)අප අල්ලස් කොමිසම ශක්තිමත් කළා. වංචා, දූෂණ නැති කරන්න එෆ්.සී.අයි.ඩී. එක පිහිටෙව්වා. රට තුළ ලොකු දේශපාලන පරිවර්තනයක් කළා. පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාව දත් නැති කටක් වගෙයි. නිර්දේශ ඉදිරිපත් කරනවා. නමුත් ක්‍රියාත්මක වන්නේ නැහැ. විදේශ ණය අරගෙන කරන ව්‍යාපෘති විගණනය වන්නේ නැහැ. ඒ ව්‍යාපෘති විගණකාධිපතිවරයාට යටත් කළ යුතුයි.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස):-විගණන පනත ගැන රටට ස්තුතිවන්ත වෙනවා. මගේ වත්කම් ගැන ආශු මාරසිංහ කිව්වා. මගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා. මම හොරෙන් හම්බ කරපු දෙක් නැහැ. අම්මට තාත්තාට සලකපු නැති කෙනෙක් අපට බොරු චෝදනා කරනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප)රාජ්‍ය ආයතන රැසක් දිගින් දිගටම පාඩු ලබනවා. මේවාට සමහර නිලධාරින් වගකිවයුතුයි. මේ පනත ප්‍රමාද වුණේ නිලධාරින්ගේ විරෝධය නිසයි.පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එජාප)මේ පනත නිසා රටේ බොහෝ දේවල් ඉදිරියේදී වෙනස් වේවි. අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඕපා දූපයි. (නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය)අප්පුහාමි මහතා:-සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වයං විගණනයක් කරගත යුතුයි. ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප)සමහර විගණන නිලධාරින් අදාළ පාර්ශ්ව බිය ගන්වනවා. එය හොඳ තත්ත්වයක් නොවෙයි. සෑම නිලධාරියකුගේම මේසය මත විගණන වාර්තාව තිබිය යුතුයි. සමහර ව්‍යාපෘති විගණනයෙන් නවත්වලා. පසුගිය රජය විගණන නිර්දේශ ගණන් ගන්නේ නැහැ. නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)මේ පනත ගෙන ඒම ගැන අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා:-විගණන පනත යහපාලනයේ ජයග්‍රහණයක්. මේ පනත නිසා රටේ සමෘද්ධිමත් අනාගතයක් ඇතිවේවි කියන විශ්වාසය මට තියෙනවා. පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.පාර්ලිමේන්තුව අද (6) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය. 
චැනල් දොස්තරවරු - ටියුෂන් ගුරුවරු - නීතිඥවරු රජයට සත පහක බද්දක් ගෙවන්නේ නෑ
0
 (නාලක සංජීව දහනායක)කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය.එම වැඩිවන මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයට රජය ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම විහාරයේදී, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පෙරේදා (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.පොදුජනතාවට අත්‍යවශ්‍ය සහල් හා පොල් මිල ඉතිහාසයේ පළමු වතාවට රුපියල් සියය ඉක්මවා තිබෙනවා. එම නිසා අද පොල් සම්බල් හා බත් ආහාරයට ගැනීමත් පිරිවැය අධික කාර්යයක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම මෙලෙස ආහාර මිල ඉහළ යෑමෙන් පෙන්නුම් කරනවා. මේ මිල පාලනය කරන්න වෙළෙඳපොළ ක‍්‍රමයට රජයේ ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. පසුගිය රජය සමයේ එක් අවස්ථාවක මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළා. ඒ වකවානුවේදී මුළු ලෝකයේම ආර්ථිකය අර්බුධයකට ලක්වුණා. අපිත් යුද්ධයත් සමඟම ඒ ආර්ථික අර්බුධයට මුහුණ දුන්නා.ඒ අර්බුධයෙන් මිදෙන්න අපි මුදල් අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වෙලා විකල්ප වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. දේශීය අස්වැන්න නෙළන කාලය වනවිට අපි ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවලට බදු පනවනවා. නමුත් වර්තමානයේදී අමාත්‍යංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකරන නිසා බදු පැනවීම් ආදිය සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙනවා.පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට පොල් අලෙවි මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැහැ. පොල් ගෙඩියකට සම්මත ප‍්‍රමිතියක් නැහැ. ඒ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධානයන්ට අනුව ගැසට් නිවේදනයක් පළ කළ යුතු වෙනවා. පොල් අලෙවි මණ්ඩලය නිකම් ප‍්‍රකාශයක් නිකුත් කළ පමණින් පොල් මිල පාලනය කරන්න බැහැ. පසුගිය රජය සමයේදී පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරඟයක් ඇති කරලා පොල් මිල පාලනය කිරීමට කටයුතු කළා. මෙවැනි දේවල් කිරීම සඳහා අමාත්‍යංශ අතර අන්තර් සබඳතාවක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.පසුගිය රජය යුද්ධය නිම වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තා. ඒ නිසා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අසාමාන්‍ය පිිබිදීමක් ඇති වුණා. ඒ නිසා මේ රජයට අතිරික්ත වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපළ පවා යොදා ගත්තා. නමුත් මේ වනවිට නියඟය හා අධික වරුසාව නිසා වගා පාළු වුණා. එමෙන්ම ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වීම නිසා වී සඳහා ගොවීන්ට නියම මිලක් ලැබුණේ නැහැ. මේ කරුණු නිසා සහල් කිලෝවක මිල රුපියල් සියයට වඩා ඉහළ ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා වී කිලෝවකට රුපියල් 30 සහතික මිලක් නියමකර සහල් කිලෝවක මිල රුපියල් 60 සීමාවේ පවත්වා ගත්තා.එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් හා ගෑස් හා ආහාර මිල පහළ වැටීම නිසා මෙම රජයට අසාමාන්‍ය වාසි අත්වුණා. ඒසේ තිබියදීත් රුපියල් 110න් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවුණා. පසුගිය කාලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෑස් මිල ඉහළ යෑම කෘති‍්‍රමව වළක්වා ගැනීම ඒකට හේතුවුණා. ඒක තාවකාලික ප‍්‍රතිකර්මයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ට රජය කළමනාකරණය කර ගැනීමට නොහැකි බව ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට චෝදනා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා යැයි පැවසීය.            ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ වනවිට අපේ රටේ පවතින අධික දුෂණය නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි මෙම රජය අප රටේ පත්වූ දුෂිතම රජයයි. අපේ රටේ විශාලතම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. එම වංචාවෙන් රටට රුපියල් ටි‍්‍රලියන තුනක අලාභයක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා. බැඳුම්කර වංචාවට රජයේ ඉහළ තැන්වලින් අනුග‍්‍රහයක් ලැබුණු බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා බැඳුම්කර කොමිසමේ දෙන සාක්‍ෂි අනුව පැහැදිලි වෙනවා. ලිට්ල් ජොනී, චාලි වැනි අන්වර්ථ නම්වලින් ඒ ඉහළ නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මෙම වංචාව නිසා රටේ ආර්ථිකය දෙදරා ගියා. රට පිළිබ`දව ජාත්‍යන්තර විශ්වාසය පළුඳු වුණා.             මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ තුන්වන අදියර මෙම සතිය තුළදී ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. එම මාර්ගය ඉදිකිරීමේදී මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සිදුව තිබෙනවා. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කරන ලද ෆූජීටා නමැති සමාගම මෙම ව්‍යාපෘතියට ඈඳා ගැනීමට රජයට විශාල උවමනාවක් තිබෙනවා. එම සමාගමට මූල්‍ය ශක්තිය හා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තාක්‍ෂණික දැනුමක් නොමැති බව තාක්‍ෂණ කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ නිසා ඨායිසෙයි නමැති සමාගමට මෙම මාර්ගය ඉදිකිරීමට භාරදුන්නා.එහෙත් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලින් කොටසක් ෆූජීටා සමාගමට ලබාදෙන ලෙසට ඨායිසෙයි සමාගමට බලකරනවා. ජපන් රජයේ වුවමනාව මත එලෙස ක‍්‍රියා කරන බවත් රජය ප‍්‍රකාශ කරනවා. නමුත් මෙම මාර්ගය ඉදිකිරීම අපේ රටේ නීතිරීති අනුව සිදුවේ යැයි ජපන් රජය බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන මහකොමසාරිස්වරයා මේවනවිට රජයට ලිඛිතව දන්වා තිබෙනවා. මේ දුෂණය නිසා දළ වශයෙන් රුපියල් බිලියන 1100 ක අලාභයක් සිදුව තිබෙනවා. මේ කොමිස් ගන්නේ කවුද?. මේ වගේ තත්ත්වයක් තුළ ආයෝජකයන් අපේ රටට පැමිණෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.මේ වන විට රටේ මැතිවරණ පවත්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ පිළිබඳව තැකීමක් නැහැ. පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන ක‍්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ක‍්‍රියාදාම උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. කිසියම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු අදියරේදී ඉතාම භායානක වගන්ති එම පනතට ඇතුළත් කරනවා. ඒ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ. ඒ වගන්ති නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ සංශෝධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා. නීතිපතිවරයාට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඔහුට ජාතික කර්තව්‍යයක් පැවරී තිබෙනවා. නමුත් නීතිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔහු අපක්‍ෂපාතීව කටයුතු කළේ නැහැ. 2002 අංක 5 අනුව නීතිතිවරයා නිලයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සැලසී තිබෙනවා. ඒ පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සලකා බලමින් සිටිනවා. අද මධ්‍යම රාත‍්‍රි සිට සබරගමු පළාත් සභාව අහෝසි වෙනවා. ඒ අනුව පළාත් සභා ස`දහා බාරවන ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි වෙනවා. බරපතළ ප‍්‍රතිඵල ලැබෙන පනතක් සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමට රජය උත්සාහ ගත්තේ නැහැ. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එය බරපතළ වැරැද්දක්.සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ පළාත් සභා මැතිවරණ පනතට පක්‍ෂව මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්දය දුන්නා. තවත් දින කිහිපයකින් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අහෝසි වෙනවා. ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය මේ රජයේ අන්තර්ගත කොටස්. ඔවුන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස ගණන් ගැනීම යථාර්ථවාදී නැහැ. තීරණාත්මක අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණේ තම සහයෝගය ආණ්ඩුවට ලබාදෙනවා. එදා පළාත් සභා පනතට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය නොලැබුණානම් මැතිවරණ කල් දැමීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මාර්තු මාසයට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණ තුන පවත්වන ලෙස කථානායකවරයා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට නියෝග කළා. එහෙත් ඒ මැතිවරණය පවත්වාවි යැයි කිසිම විශ්වාසයක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ කටයුතු කිරීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඒ සංකීර්ණ ක‍්‍රියාදාමය නැවැතත් පළාත් සභා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා. 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර මැතිවරණ නොපවත්වන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කරනවා. ඒ අනුව තවත් මාස 15කට මේ රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවෙනවානම් රටට මැතිවරණ කොමිසමක් කුමකටදැයි ප‍්‍රශ්න කළේය.
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
1
(නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.   මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප‍්‍රශ්න කළා. එහෙම ප‍්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ හැදීම, එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.මේ සියලූම පාපතර ක‍්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප‍්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප‍්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්‍ෂය, ලක්‍ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්‍ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් සාමාජික පක්‍ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය.
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
0
(නාලක සංජීව දහනායක)යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ.එබැවින් රටට ආදරයක් ඇත්නම් කිසිවකුත් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩක් නොදිය යුතු යැයිද උන්වහන්සේ කීහ.”එළිය” සංවිධානය විසින් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ (03) සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.අභයතිස්ස හිමියෝ මෙසේද පැවසූහ.මේ රට ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් සමන්විත ෆෙඞ්රල් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවෙමින් තිබෙනවා. ”යුනිටරි” කියන වචන සමඟ මේ අය හැප්පෙන හැප්පිල්ලෙන් අපිට ඒ බව ඉතාම පැහැදිලි වෙනවා. ඒ වචනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පසුගිය කාලයේ බොහොම දැඩිව කතා කළා. යුනිටරි වචනය භාවිතයට නොගන්නා ලෙස බෙදුම්වාදීන් ඉතාම දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වචනයට ජාත්‍යන්තර අර්ථයක් තිබෙනවා. ඒ අර්ථය ප‍්‍රතික්ෂේප කර සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට අයිති වචන සමඟ මේ ගමන යෑම හරහා ඔවුන් රටේ ඒකීය බව නැතිකර ගැනීමේ මූලික පදනම සකස් කර ගන්නා බව පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය යන වචනය ඉවත් නොකරන බව ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් මහානායක හිමිවරුන්ට නිතරම පවසනවා. ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් නොකරන ලෙස අපිත් ඉල්ලීමක් කරනවා.පැරණි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේ රටේ දිස්ත‍්‍රික්ක 25 පිළිගෙන තිබෙනවා. නමුත් සකස්වීගෙන යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එය පළාත් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පළාත් ප‍්‍රමාණය කොපමණදැයි සඳහන්කර නැහැ. එමෙන්ම ජාතික ගීය ශ‍්‍රී ලංකා මාතා හා ශ‍්‍රී ලංකා තායි යන දෙයාකාරයෙන්ම තිබිය යුතු බවත් මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් අලූත් දෙයක් අවශ්‍ය නැහැ. මේ තිබෙන විදියටම ඒවා පැවැතිය යුතුයි. ශ්‍රී ලංකාව බුදුදහමට මූලිකත්වය පිරිනමන්නේය කියල වගන්තියක් මෙයට ඇතුළත් කර තිබෙනවා. අමුතුවෙන් පිරිනමන්න දෙයක් නැහැ. කොහොමටත් ශ්‍රී ලංකාව බුදුදහමට ප‍්‍රමුඛස්ථනය පිරිනමා තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප‍්‍රමුඛස්ථානය පිරිනමනවා යනුවෙන් වෙනස්විය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය යන වචනය ඇතැම් අවස්ථාවල ක‍්‍රමානුකූලව මෙම කෙටුම්පතින් හලලා තිබෙනවා. මේ කරුණු දෙස බැලූවම රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා.සම්ප‍්‍රදායට පිටින් කටයුතු කරමින් වත්මන් රජය බොහෝ දේවල් ඉටුකරවා ගත්තා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගත්තෙත් තක්කඩි ක‍්‍රමයටයි. එමෙන්ම ඒ වගේම ක‍්‍රමවේදයන් භාවිතා කරමින් පළාත් සභා ඡුන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත කර ගත්තා. ඒ නිසා සදාචාර සම්පන්න නොවන ක‍්‍රමයට ව්‍යවස්ථාවත් සම්මත කරගනීවි. පොලිස් බලතල හා ඉඩම් බලතල සම්බන්ධයෙන් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර නැහැ. ඒවා සම්බන්ධව කතා නොකරන්නේ ඇයි. එම යෝජනා ඇතැම්විට කාරක සභා අවස්ථාවන්හිදී මෙයට රිංගවාවි. එසේ වුවහොත් එය ඉතාම භයානක තත්ත්යවයක් වෙනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අලූත් ආණ්ඩුව බලයට පැමිණ තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් පසුගියදා ප‍්‍රකාශ කළා. එමෙන්ම මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව තමන්ට විශ්වාස බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබුණා. මෙම අතුරු වාර්තාව ගෙන්වාගෙන කියවා බලන ලෙස අපි මහානායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් අපි ඉදිරි දින කිහිපයේදී මහානායක හිමිවරුන්ට බාරදෙනවා.සංඝ සභාවේ විද්වත් හිමිවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් උන්වහන්සේලාට ව්‍යවස්ථාව වැනි කරුණු සම්බන්ධයෙන් වඩාත් හොඳින් දැනුම්වත් බවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොමැතිව පුද්ගලික අවශ්‍යතා මත හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති ප‍්‍රසාදය මුල්කරගෙන රටක අනාගතය සම්බන්ධයෙන් තීරණ නොගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ රට වින කරන්න කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේලා ජනතාව අතරේ අප‍්‍රසාදයට පත්ව සිටිනවා. ඒ තත්ත්වයම මහානායක හිමිවරුන්ටත් අත්වෙනවට මම කැමති නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස්, යෝජනා හා තමන්ට තිබෙන ගැටලූ පිළිබඳ අදහස් ලබාදුන්නා. එය සතුරා ශක්තිමත් කිරීමක්. ඒ දේවල් නිවැරදි කිරීමෙන් මෙම ව්‍යවස්ථාව පාරිශුද්ධ ඒකීය ව්‍යවස්ථාවක් යැයි සිතීම මුළාවක්. මොවුන් මෙම කටයුත්තේදී බොහොම උපක‍්‍රමශීලීව කටයුතු කරනවා. ඒ නිසා මේ කටයුත්තේදී මහානායක හිමිවරුන් පරිස්සම් විය යුතුයි.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොවන බව ජයම්පති වික‍්‍රමරත්න මහතා තමන්ට ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළා. ජයම්පති වික‍්‍රමරත්න වසර තිහක විතර කාලයක සිට බෙදුම්වාදය පෝෂණය කිරීමට කටයුතු කළ කෙනෙක් බව අපි දන්නවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම සඳහා පසුගිය රජය එළවා දැමිය යුතු බව ඔහු අමිර්තලිංගම් දේශනයේදී ප‍්‍රකාශ කළා. බෙදුම්වාදයේ වර්තමාන න්‍යායාචාර්යවරයාගෙන් ජයම්පති වික‍්‍රමරත්නයි. ඒ නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තිබෙන නීතීඥවරුන්ගෙන් උපදෙස් ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් තිබෙනවා. ඒ ස`දහා අවශ්‍ය පසුබිම මොවුන් සකස් කරමින් පවතිනවා. එවැනි විටකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ආකර්ෂණීය පොරොන්දු ඉදිරිපත් කරාවි. ඉන්දියාවේ නාමමාත‍්‍රික ජනාධිපතිවරයෙක් හිටියත් පළාත් ආණ්ඩු සම්බන්ධයෙන්  ඕනෑම විටක තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙනවා. යාපනයේ වෙනම ආණ්ඩුවක් සකස් කිරීම සම්බන්ධව පසුගියදා වෛයිකෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී කතා කළා. ද්‍රවිඩ ජනතාව බහුලව සිටින තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ගැන ඔවුන්ට ඉන්දියාවෙදී කතාකරන්න බැරි ඇයි. ඉන්දියාවේදී ඔවුන්ට ඒ ගැන කතාකරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉන්දියානු රාජ්‍ය ශක්තිමත්. රාජ්‍යයක් යනු ශක්තිමත් විය යුත්තක් මිස දුර්වල විය යුත්තක් නොවෙයි. රාජ්‍ය දුර්වල කරලා ඒ හරහා පළාත් ආණ්ඩු ශක්තිමත් කිරීමෙන් බෙදුම්වාදය කරා රට යොමු වෙනවා. ඒ නිසා රටට ආදරේ නම් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉඩක් නොදිය යුතු යැයි පැවසූහ.හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට හෝ ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙන්නේ ඇයි?. අපි කවුරුවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලූවේ නැහැ. ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 2015 වසරේදී ජිනීවා මානව හිමිකමි මණ්ඩලයේ දී සම්මතවූ යෝජනා නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිදුව තිබෙනවා. දේශපාලන විසඳුමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව එම යෝජනාවලියේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.අපේ හමුදා යුධ අපරාධ කළ බවට චෝදනාවක් තිබෙනවා. නමුත් විද්‍යා නැමැති පාසල් දැරිය දුෂණය කර ඝාතනය කළේ යාපනයේ දෙමළ තරුණයන්. එම දුෂණය වීඩියෝ කර යුරෝපයේ සිටින දෙමළ ජනතාව අතර බෙදාහැරීමට ඔවුන් කටයුතු කර තිබුණා. එමෙන්ම ඒ ඝාතනයත් හමුදාව මත පැටවීමට උත්සාහ ගත්තා. එම සිද්ධිය ආරක්‍ෂක අංශ සම්බන්ධ නැති බව පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම ඝාතනය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් එම සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් මේ ආණ්ඩුව නියෝජනය කරන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. මේ වගේ අශීලාචාර වැඩ නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපෙන් අදහස් විමසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකීය රටක තිබෙන්නේ එකම නීතියයි. නීතිය පළාත් වශයෙන් වෙනස් වෙන්න බැහැ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුකමිටු හයක් පත් කළා. ඉන් එක් අනුකමිටුවක් වන මධ්‍ය පර්යන්ත අනුකමිටුවේ සභාපතිවරයා ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙක් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් පත්කළා. ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කර සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු බවට ඔහු නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ විධායක බලය පළාත තුළ ක‍්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයායි.ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කිරීමෙන් පළාත් සභා තුළ  ඕනෑම ආකාරයට කටයුතු කිරීමට මහ ඇමතිවරුන්ට හැකියාව ලැබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකර සමගාමී ලැයිස්තුවත් අහෝසි කළොත් රටේ ඒකීය බව නැතිවෙනවා. මේ ඇත්ත යට ගසමින් ජයම්පති වික‍්‍රමරත්න පට්ටපල් බොරු කියනවා. මේවා ගැන ඔහුගෙන් විමසන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.           ප‍්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ පැවසීය.19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක් බවට පත් කරන බව මොවුන් ප‍්‍රකාශ කළා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පටන් මේ රටේ සිටි සියලූම විධායක ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට වග කිව්වා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ 42 වැනි වගන්තිය කිසිදු වෙනසක් නොකර 33 ඒ වගන්තිය වශයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ව්‍යවස්ථාමය හා නීතිමය වශයෙන් තක්කඩිකම් මේ අය කළා. එසේ තක්කඩිකම් කරලා විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කළේ අපියි කියලා දැන් ප‍්‍රචාරයක් ගෙනියනවා.2015 මාර්තු 17 වැනිදා වන විට මැතිවරණ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට හා අපේ‍්‍රල් මස 20 වැනිදා වන විට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවටත් මොවුන් බලයට පත්වීමේදී ලිඛිත පොරොන්දුවක් දුන්නා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතාවක් එදා තිබුණේ නැහැ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා වෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා අතුරුකමිටු වාර්තාවේ 27 වැනි පිටුවේ යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පළාතේ පාලන බලය සම්පූර්ණයෙන්ම ගැනීමට හැකිවන පරිදි ප‍්‍රතිපාදන සකස් කර තිබෙන බව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලික කාර්යභාරයක් කරන ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. එවැනි තත්ත්වයකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වෙන්වී තිබෙනවා. ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයාගේ යෝජනාවලට වඩා ඒ යෝජනාවන් ඉතාම හොඳ බව පැවසීය.
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
0
(නාලක සංජීව දහනායක)විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර රටට යහපාලන ආදර්ශය දීමට ජනාධිපතිවරයා ක‍්‍රියා කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) පැවසීය.එසේ නොකරන්නේනම් ජනාධිපතිවරයා ද එම ක‍්‍රියාවන් අනුමත කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද කීය.පුංචි බොරැුල්ල, වජිරාස‍්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය.  රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නා මෙම යහපාලන ආණ්ඩුව මහබැංකුව ශුද්ද කළ කම්බ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුව යනු ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ මුරදේවතාවයි. නමුත් මේ වනවිට කෝප් කමිටුව සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා.විමර්ශන පැවැත්වෙන අතරතුරදී කෝප් කමිටු සාමාජිකයන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළි වී තිබෙනවා. සමහර කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝෂියස් සමඟ රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත් මේ වනවිට හෙළි වී තිබෙනවා. ඒක මිනී මැරුම් නඩුවක් අහන විනිසුරුවෙක් චූදිතයත් සමඟ හොරාට හමුවෙලා ?ට ?ට ඩි‍්‍රන්ක් එකක් දානව වගේ වැඩක්.       මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත යුතු බව කථානායකවරයා පවසනවා. මේ ගැන ක‍්‍රියාකරන්න නීති උපදෙස් අවශ්‍යද. විමර්ශන පවත්වන සමාගමක නිලධාරියෙක් සමඟ ඉතාම හදිසි අවස්ථාවකදී හෝ කෝප් කමිටු සාමාජිකයෙක් සම්බන්ධකම් පැවැත්වූයේ නම් එම සාමාජිකයා විසින් කතානායකවරයා දැනුම්වත් කළ යුතුයි. මෙතන එහෙම දැනුම්වත් වීමක් සිදුවී නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එඩිතරව කටයුතු නොකළානම් මේ කිසිවක් හෙළිවන්නේ නැහැ.දුරකතන ඇමතුම් ගැන කොමිසම හමුවේ ඉදිරිපත් කිරීමේදී විශාල විරෝධයක් මතුවුණා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ නීතිඥවරයාගෙන්. එදා ඒ විරෝධයට ඉඩ ලැබුණා නම් කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම අදත් ජනතාවට හෙළි වෙන්නේ නැහැ.දුරකතන ඇමතුම් දුන් පුද්ගලයන් තමන්ගේ හැසිරීම යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවාවීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තු වරප‍්‍රසාද තිබෙන්නේ ජනතාවට සේවය කිරීම සඳහා මිස හොරකම්, දුෂණ හා වංචාවන් වසන් කිරීමට නෙමෙයි. මේ ක‍්‍රියාව සඳහා කතානායකවරයා අවසර නොදිය යුතුයි. තවත් මන්ත‍්‍රීවරුන් 45 දෙනෙක් සමඟ සම්බන්ධකම් පවත්වා තිබියදී ඇයි අපි විතරක් අල්ල ගත්තේ කියා මෙම චෝදනාවට ලක්වන සමහර කෝප් කමිටු සාමාජිකයන් විමසනවා.ඒක වෙනම කතාවක්. මේ විශේෂ වගකීමට බැඳිලා ඉන්නේ කෝප් කමිටු සාමාජිකයින්. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. මෙම මගඩිය වසන් කිරීම සඳහා දැන් රංගනයක් පටන්ගෙන තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයින් ඊට ඍජුව සහභාගි වෙනවා. මේ ලෙස ඔවුන් දුරකතන සබඳතා පැවැත්වීමට හා මුහුණට මුහුණ රහසිගතව හමුවීමේ සාධාරණ හේතුවක් නැහැ.මේ ගැන අවසාන වගකීම භාරවන්නේ ජනාධිපතිතුමාට. කෝප් කමිටුවේ මේ ලෙස හැසිරුණේ ජනාධිපතිවරයාගේ රජයේ ඇමැතිවරුයි. මේ ඇමැතිවරුන්ගේ හැසිරීම අනුමත කරනවාද, නැතිද යන්න ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ යුතුයි. සෑහීමකට පත් නොවන්නේ නම් ඒ ගැන එඩිතර ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී යහපාලන ආදර්ශය දෙමින් මේ ඇමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට එතුමා වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. එසේ නොකරන්නේ නම් එතුමන් ද මේවා අනුමත කරන බව ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 පෙබරවාරී මාසයේදී බැඳුම්කර වංචාව සිදු වූ දිනයේ සිට ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මෙම වංචාව හෙළි කිරීමට උපරිමයෙන්ම කටයුතු කළා. මේ ගැන පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පළමුවෙන්ම ප‍්‍රශ්න කළේ අපියි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වංචාව සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධාන දැනුම්වත් කළා.මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත් කළ කෝප් කමිටුවලින් වැඩි විස්තර හෙළිදරව් නොවන බව අවබෝධ වීම නිසා මෙම වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එම කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත වෙනවා.මේ වනවිට අගමැතිවරයාගේ සාක්‍ෂි විමසීමත් සමඟම බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් අවසන්ව තිබෙනවා. ඒ සාක්‍ෂි මත පදනම්ව සකස් කළ වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව තිබෙනවා. මෙම වංචාව සිදුවන්නේ හිටපු මුදල් ඇමැතිවරයාගේ අනුදැනුම මතයි.රටේ මූල්‍ය බලය සම්බන්ධයෙන් වගකීමක් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන් වහාම ඉන් එක් පිටපතක් කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට බාරදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙය ඉතාම කඩිනමින් විභාග කර නඩු පැවරීම සඳහා වහාම ක‍්‍රියාත්මක වන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.වසර 2045 වනතුරු බැඳුම්කර වංචාවේ බර දැරීමට ජනතාවට සිදුවෙනවා. ඒ වසර වනතුරු පොලී අනුපාතය හා විනිමය අනුපාතය කෙරෙහි බලපෑම් කරනවා. මේ වංචාව නිසා විශ්වාසය පළුදුවීම නිසා අපේ රටේ තැන්පත්කර තිබූ මුදල් ආයෝජකයන් විසින් නැවත අරගෙන ගියා. රටට ආයෝජකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. ඒ අලාභය කොතෙක්ද කියන්න අපි දන්නේ නැහැ. අපේ රටේ මුදල් ආයෝජනයට සුදුසු රටක් නොවන බවට බ්ලූම්බර්ග් දර්ශකය සඳහන් කරනවා.පසුගිය රජයේ රහසිගත ණය අගමැතිවරයා විසින් හෙළි කළ බව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට වෙනමම කොමිසමක් පත්කළ යුතුයි. කිසිම රජයක් ණය සඟවාගෙන හිටියේ නැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් ණය වාරික හිඟ තියා නැහැ. ඒ විශ්වාසය උපරිමයෙන්ම ආරක්‍ෂා කර තිබෙනවා.මේ කතාව නිසා ඉදිරියේදී ණය ගැනීමේදී ආණ්ඩුවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. පසුගිය රජය විසින් ලබාගත් රහසිගත ණය ප‍්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුවට සියලූම තොරතුරු හෙළිකරන මෙන් ඉල්ලමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලිපියක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.බැඳුම්කර කියන වචනය ඇහුණ ගමන්ම එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් දඟලනවා. දැන් බය නැති අගමැති කියලා රට පුරාම පෝස්ටරයකුත් අලවලා. බැඳුම්කර වංචාව නිසා යහපාලන රජය මඩ ගාගත්තා. ජනතා අවධානය එතනින් වෙනතකට යොමු කිරීම සඳහා ඉතාම ඉක්මනින් රාජපක්‍ෂ පවුලේ ප‍්‍රබලයෙක් අත්අඩංගුවට ගත යුතු බවට ආණ්ඩුවට උපදෙස් ලැබී තිබෙන බවට අපට තොරතුරු ලැබෙමින් පවතිනවා.මේ වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අනුව දඬුවම් දෙනමෙන් අපි ඉල්ලීමක් කරනවා. කාගෙන්වත් පළිගන්න කියලා අපි කියන්නේ නැහැ. හිටපු මුදල් ඇමැතිවරයා සමඟ අපිට වෛරයක් නැහැ. වෙන අයගේ පවුසමා කර ගැනීමට රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගැනීම යහපාලන ආදර්ශය නොවන බව ද පැවසීය.
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
(*** ජේ.ඒ.එල්. ජයසිංහ)පක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් ඉදිරි කටයුතු සාර්ථක කර පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ වගකීම යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.මල්වතු මහනාහිමියන් එසේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේය.රුවන් විජයවර්ධන මහතා ඇමතූ මහ නාහිමියෝ එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන නායකත්වය අර්බුදයට තවම විසඳුමක් නැද්ද? පක්ෂයේ අර්බුද තවම තිබෙනවා දැයි ප්‍රශ්න කළහ.ඒ අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් හමුවේ කරුණු දැක් වූ රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.පක්ෂයේ පවතින ප්‍රශ්නවලට හෙට අනිද්දා වන විට විසඳුම් ලැබේවි. ඉක්මණින්ම පක්ෂය හදාගන්න ඕනෑ. එක පැත්තකින් දැන් හොඳ අවස්ථාව උදාවී තිබෙනවා.අපෙන් ඈත් වී ගිය අය සියලු දෙනා එකතු කරලා සාකච්ඡා කරමින් පියවර ගත යුතු වෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂයෙන් ඈත් වී නැහැ. සේරම අය ඉන්නවා. මල්වතු මහානායක හිමියන් සමග දීර්ඝ වේලාවක් පෞද්ගලික සාකච්ඡාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු නියෝජිතයා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නවා. ඉදිරි දින කීපයේදී ඒ කටයුත්ත නිමා කෙරෙනවා. මේ අවස්ථාවේ එජාපයේ අප ලැබූ පරාජයන් ඉදිරි ජයග්‍රහණය සඳහා ශක්තියක් වෙනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කර සියලුම පාක්ෂිකයන් ඒකරාශී කරමින් පක්ෂයේ වෙනසක් සමග පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම අප සතුව තිබෙනවා. ඒ සඳහා අප පියවර ගන්නවා.අපේ පක්ෂය තුළ අඩුපාඩු තිබුණා. අපේ පක්ෂයෙත් යම් යම් වැරදි සිදු වුණා. ඒවා සියල්ල අවධානයට යොමුකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මැතිවරණයේදී අපට කියා දුන් පාඩම හොඳින් අධ්‍යයනය කර පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන පක්ෂය නැන්වීම අපේ එකම අපේක්ෂාවයි.පක්ෂයේ ක්‍රියාකාරීන්, සංවිධායකයන් මේ අවස්ථාවේ පක්ෂය ඉදිරියට ගෙන යන්න, පක්ෂය ඔසවා තබන්නට සෑම අතින්ම ශක්තිමත් නායකත්වයක් දෙන්න, මට පක්ෂ නායකත්වයට එන ලෙස ඉල්ලීම් කළා. පාක්ෂිකයන්ගේ අදහස්වලට සවන් දිය යුතුයි.පක්ෂයට නව නායකත්වයක් අවශ්‍යයි කියා පාක්ෂිකයන් ඉල්ලා සිටියා. පක්ෂයේ නායකයන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් කවුද? පක්ෂයේ නායකයා ලෙස පත් කරන්නේ කියලා තීරණය කරනවා.පක්ෂයේ නායකත්වයට සුදුසු බොහෝ අය ඉදිරිපත් වී ඉන්නවා. ඒ අය දක්ෂයි. ඒ අය පක්ෂය වෙනුවෙන් කැප වූ අයයි. ඒත් මමත් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙනවා. රටේ සමස්ත එජාප පාක්ෂිකයෝත් ඉල්ලීමක් කළා. ඒ මටත් පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙන්න කියලයි. මහා සංඝරත්නයත් මහානායක හිමිපාණන් වහන්සේලාත් ඉල්ලීමක් කළේ පක්ෂයේ නායකත්වය බාර ගන්න කියලයි. මහාසංඝරත්නයේ ආශිර්වාද ගෙන මමත් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා.බෞද්ධ ඡන්ද පදනම තහවුරු කරගෙන රටට දැවැන්ත සේවයක් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. රටට විශාල සංවර්ධනයක් විශාල සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයයි. මේ පක්ෂය නිකන්ම දියකර හරින්න බැහැ. ඒ නිසා පක්ෂය ගොඩ ගත යුතුයි.එක්සත් ජාතික පක්ෂය යළි ගොඩගන්න පක්ෂයට යළි පුනර්ජීවය දෙන්න ග්‍රාමීය මට්ටමට ගොස්, පක්ෂයේ පුංචි පුංචි සාමාජිකයා අතරට ගොස් සාමාන්‍ය ජනතාව හා සම්බන්ධ වෙමින් බෞද්ධ පදනම ස්ථාවර කරගෙන සියලු පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාවයි.රනිල් වික්‍රමසිංහ මහතාව අමතක කරන්න බැහැ. එතුමා පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් කළා. පක්ෂයේ අර්බුද නිරාකරණය කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ නායකයායි. එතුමාගේ ද අවවාද අනුශාසනා ගෙන අපෙන් වෙන් වී කැඩී ගිය පාක්ෂිකයන් ඒකරාශී කර ගැනීමට කටයුතු කරනවා.පක්ෂයේ තරුණ පිරිස ශක්තිමත් කරගනිමින් විශාල කැපවීමක් කර පක්ෂය හදාගන්න උපරිමව මා කැප වෙනවා.සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ද බැහැ දුටු රුවන් විජයවර්ධන මහතා උන්වහන්සේගේ ද ආශිර්වාද ගත්තේය.එහිදී රුවන් විජයවර්ධන මහතා හමුවේ අනුශාසනාවක් කළ අස්ගිරි මහා ලේඛකාධිකාරි හිමියෝ මෙසේ පැවසූහ.අපේ අදහස මුල සිට ඔබතුමා වැනි අයෙකු ගැනයි. ඔබට උරුමයකුත් තිබෙනවා. ඔබ වැනි තැන්පත් ගුණාංග තිබෙන අයෙකු නායකත්වයට සුදුසු කෙනෙකු බව අපේ හැඟීමයි. බෙදී වෙන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගැන හිතා සියලු දෙනා ඒකරාශී කර ගෙන පක්ෂය ඉදිරියට ගෙන යා යුතුයි. එය ඔබට කළ හැකි බවට අප තුළ විශ්වාසයක් තිබෙනවා. පක්ෂයකට නායකත්වයක් අවශ්‍යයි. එහෙම නායකත්වයක් තිබෙන පක්ෂයක් වටා සේරම දෙනා එකතු වෙනවා. රටට අහිතකර දේ වෙනවා නම් ඒවා ගැන කතා කරන්න ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි.ප්‍රශ්න හා අවුල් වියවුල් කලින් කලට වෙනස් වේවි. බිම් මට්ටමේ සිටින ජනතාවගේ සිත් දිනාගෙන පක්ෂයට නායකත්වය දී ඉදිරි වැඩ කරගෙන යන්න.රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන අත්දැකීම්, එතුමාගේ දක්ෂතා, පරිපාලන දක්ෂතා, මනා කළමනාකරණය ගැන අප දන්නවා.විරුද්ධ පාක්ෂිකයන් හා වෙනත් පාර්ශ්ව මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මහතාව අනුශාසක මට්ටමේ තියාගෙන කටයුතු කරන්න.ඩී.එස්. සේනානායක පරපුරෙන් එන ඔබ රටේ ගෞරවයක් දිනා ගත් පවුලක සාමාජිකයෙකු වනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා රටට, එක්සත් ජාතික පක්ෂයට විශාල සේවයක් කළා. බුදු දහම මූලික කර ගනිමින් සියලු කටයුතු කරගෙන යන්න. 
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
(නිමල කොඩිතුවක්කු)දේශපාලන  ආර්ථික පොදු න්‍යාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට, පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොසිටි පිරිස්  අවබෝධයකින් තොරව පක්ෂයේ නායකයාට පහරදීම පසුගිය වසර 20 තුළ  පක්ෂයේ සිදුවූ ප‍්‍රධානතම දුර්වලකම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. පක්ෂය ආරක්ෂා කර බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමට පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  සහ යුතුකමක් ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන කතා කිරීම නතර කර සියලූ බලවේග ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීමට සැලසුම් කළ යුතු බවත් සඳහන් කළේය.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද(15) එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.‘‘කුමන ආකාරයටද  අපේ පක්ෂයේ තියෙන යම් යම් මතවාද විසඳගන්නේ කියලා වර්තමානයේ සියලූ දෙනා අවදියෙන් සිටිනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ  නායකත්වය පත් කිරීම  පක්ෂ මහා සම්මේලනයෙන් සිදුකරලා තියෙනවා.  අපේ පක්ෂයේ කුමන මතවාද අදහස් තිබුණත් අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පත් කරගෙන තිබෙනවා. මේ ගැන බෙදීමක් ඇතිකර නොගත යුතුයි කියලා  මම විශ්වාස කරනවා.  බෙදීම් ඇති වූ අවස්ථා ඉතිහාසයේ  ඕනෑතරම් තිබෙනවා.  ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ  ප‍්‍රධානීන්,  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන්  පක්ෂ සාමාජිකයන්  ලක්ෂ 10ක් මේ පක්ෂයෙන් ඉවත් කිරීමට දිවංගත රණසිංහ  පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාකර තිබෙනවා. ඒ ක‍්‍රියාකළේ  පක්ෂයට විනයක් අවශ්‍ය නිසයි.පක්ෂයෙන් ලක්ෂ 10ක් ඉවත් කලාට පසු  1994 දී  රජයක් පිහිටුවීමට එක පාර්ලිමේන්තු අසුනයි අහිමි වෙන්නේ. පසුකාලීනව  අපේ පක්ෂයේ හිටපු නායක ඞී.  බී විජේතුංග ජනාධිපතිතුමා සියලූ දෙනා එකට එකතු  කරගෙන නැවත එක්සත්  ජාතික පක්ෂය ඉදිරියට ගෙනත් තියෙනවා.මේ පක්ෂය ආරක්ෂා කරලා  බෙදිමකින් තොරව එකමුතුව  ඉදිරියට ගෙනයාමේ වගකීම  පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට වගකීමක්  යුතුකමක් තියෙනවා. එතුමන්ට  මේ පක්ෂය විනාශ කරන  නායකයා හැටියට සනිටුහන් වෙන්න බැහැ.  පක්ෂයක නායකත්වය කියන එක  අපේ පක්ෂයේත් අනෙක් දේශපාලන පක්ෂවලත් ලෝක දේශපාලන පක්ෂවලත් ව්‍යවස්තාවට  අනුව එකවගේම ක‍්‍රියා කරලා තියෙනවා.  උදාහරණයක්  විදියට බණ්ඩාරනායක මහතා මියගියාට පස්සේ  බණ්ඩාරනායක මැතිනිය වසර 60කට ආසන්න කාළයක්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවා.  එතුමියගේ ප‍්‍රජා  අයිතිය අහෝසි කරලා තිබියදීත්  ලේනුසුවක් කටේ බැදගෙන පක්ෂ  නායිකාව විදියට වේදිකාවේ අසුන් ගත්තා. එතුමිය  පක්ෂ නායකත්වය දැරීම  චන්දු‍්‍රිකා මැතිනියට ජනාධිපතිවීම සදහා නුසුදුසුකමක් වුණේ නැහැ. අනික් පක්ෂ ගත්තත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා  අවුරුදු 89ක් වෙලත් ඒ පක්ෂයට නායකත්වය දෙනවා. සියලූ දෙනා  මී මැසි පොදිය වගේ එකට එකතුවෙලා කියනවා  අපේ නායකයා සම්බන්ධන් කියළා. වාසුදේව නානායක්කාර වෙන්න පුලූවන් විජේවීර වෙන්න පුලූවන්  අනුර කුමාර වෙන්න පුලූවන් පිලිගත්තත් නැතත්  ඒ පක්ෂවලට ආවේනික වූ නායකත්වය කියන එක වෙනම කාරණයක්.  උදාහරණයක් විදියට ගත්තොත් මහින්ද  රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා. හැබැයි  ගෝඨාභය රාජපක්ෂ මහතාට  රටේ ජනාධිපතිවෙන්න ඒක නුසුදුසු කමක් වුනේ නැහැ.  ඒ නිසා ගෝඨාභය  රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ නායකත්වය ඉල්ල ඉල්ල  පොර කකා කෑ ගැසීමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ නැහැ.අපේ සියලූ බලවේග එකට එකතුවෙලා අපේ දේශපාලන  ආර්ථික පොදු නයාය පත‍්‍රයේ  සිටින විරුද්ධවාදීන් පරාජය කිරීම වෙනුවට පක්ෂ නායකයාට පහරදුන්නා. එය  පහුගිය අවුරුදු 20 කට ආසන්න කාළයක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානතම දුර්වලකමක් විදියට අපි දකිනවා. විශේෂයෙන් අපේ පක්ෂයට පිටින් පැමිණි කණ්ඩායම සහ අපේ පක්ෂයේ දීර්ඝ කාලීනව  නොහිටපු මේ පිළිබද  අවබෝධය අඩු කණ්ඩායම ඉන්න නායකයන්ට  පහරදීම තමයි මේ කාළය තුළ සිදුකලේ.රනිල් වික‍්‍රමසිංහ  මහතා පැන්නිය යුතුයි කියලා 2012 දීත් ඔය කියන කණාඩායම  ක‍්‍රියා කළා. 2014 සිංහල අවුරුද්දටත්  පක්ෂයේ නායකයා පන්නනවා කිව්වා. සිංහල අවුරුද්දට  කලින් මහින්ද රාජපක්ෂ මහතා පන්නන්න  පෙලගැහෙමු කියලා මේ කණ්ඩායම කියනවා මම කිසිම අවස්ථාවක දැකලා නැහැ.2014 ඔක්තොම්බර් මාසයේදී මේ පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක  මහතාත් පැනලා යනකොට රනිල් වික‍්‍රමසිංහ  මහතා ඒ අභියෝගය බාරගෙන රාජපක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කළා. එතනදි මාදුලූවාවේ සොභිත හිමියන් ප‍්‍රමුඛ බෞද්ධ බලවේග එක්ක එතුමා කටයුතු කළා.එතනදි රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජයට පත්කරලා  එලවනවා කියපු කන්ඩායමට  මැති ඇමතිකම් දුන්නට පස්සේ ඔවුන් ඒ බලය පාවිච්චි කරලා රාජපක්ෂ පරාජය කිරීම වෙනුවට  රනිල් වික‍්‍රමසිංහ මහතා  පරාජය කරන්න නැවත උත්සාහ කළා. පක්ෂ නායකයාට පහරදීමෙන් සිදුවන්නේ  පක්ෂ නායකයා සහ අනික් කණ්ඩායම දුක්විදිම පමණයි’’  යැයිද ඔහු එහිදී පැවැසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වජිර අබේවර්ධන  මහතා :ප‍්‍රශ්නය : පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට  නොලැබුනොත් වෙනම පක්ෂයකින් තරඟ කරනවා කියලා කියනවා.පිළිතුර : එහෙම හදන්නත් තහනම්. එහෙම ක‍්‍රියා කරන්නත් තහනම්.ප‍්‍රශ්නය : රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු විසිගණනක් නායකයා ලෙස  කටයුතු කළා. ජයග‍්‍රහණ වලට වඩා පරාජයන් එහිදි  අතිවිදින්න වුණා. වෙනසක්  වෙන්න  ඕන කියලා ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද?පිළිතුර : මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. එවැනි තින්දුවක් ගත්තොත් එක්සත්  ජාතික පක්ෂයට  තව අවුරුදු විස්සකටවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ.ප‍්‍රශ්නය : රනිල්  වික‍්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ  හිටියොත් ඊළඟ මහමැතිවරණයටතරඟ කරන්නේ නැහැ කියලා  ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කර තිබෙනවා?පිළිතුර : ඒක ඒ අයගේ පෞද්ගලික  අදහස්. ඒක නරක නැහැ ඒකත් හොදයි. ( ඡායාරූප-  ජයමාල් චන්ද්‍රසිරි) 
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු 1.00ට රැස්විය.ජාතික පරිසර පනත යටතේ නියමයන් 7ක් ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-“පොලිතින් කළමනාකරණයටත් අද නීති ඉදිරිපත් කරනවා. මයික්‍රෝන 20ට අඩු පොලිතින් තහනම් කෙරෙනවා. අප රටේ දිනකට කෑම දවටන මිලියන 2ක් හා ෂොපිං බෑග් මිලියන 1.5ක් පරිසරයට නිදහස් කෙරෙනවා. ප්ලාස්ටික් විවෘත භූමියේ පුළුස්සන්න බැහැ. සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමත් තහනම්. අද ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් පිට කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණ උෂ්ණත්වය වැඩිවීමට අද අපටත් මුහුණ දෙන්න සිදුවෙලා. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-“මේ නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. රත්නපුර හැම විටෙකම ගංවතුරට ලක්වෙනවා. නමුත් එක බෝට්ටුවක්වත් ඒ ප්‍රදේශවල සූදානම් කරල නැහැ. ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-“අවුරුද්දක් තිස්සේ රත්නපුරයට ඔරු ඉල්ලනවා. ඔරු නැහැ. මිනිස්සු බඩගින්නේ. කෑම ටික බෙදන්න ඔරු නැහැ. නිලධාරීන් කියනවා ඔරු 105ක් ඕනෑලු. ඔරු කුලියට අරගෙන රත්නපුරයට යවන්න. මුදල් වියදම් කරන පම්පෝරි කතා කියලා වැඩක් නැහැ.”ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා:-“අඟුල් 66ක් රත්නපුරයට යැව්වා. අනෙකුත් ප්‍රදේශවලටත් අඟුල් යවනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගොස් සොයලා බලනවා. තවත් අඟුල් 26ක් රත්නපුරයට යවන්න සූදානම් කළා. මම වගකීමෙන් කියන්නේ, අප පෙර සූදානමින් කටයුතු කරනවා. මේ වනවිට මරණ 11ක් වෙලා තියෙනවා. මරණ 4ක් වුණේ අකුණු සැර වැදීමෙන්. අදත් ධීවරයෙක් මියගියා. අප කලාවැවේ වතුර පාලනය කළා.”මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (දෙජාස):- “වන සම්පත රකින්න ඕනෑ. කඳුකරේ වනාන්තර විනාශය දිගටම වෙනවා. අපේ රටේ වල්අලි ප්‍රශ්නයත් තියෙනවා. පොලිතින් භාවිතය අඩුවෙලා නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):- “දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ. චෝදනා නැති නඩු විසි කරන්න සිදුවුණා. අවදානමට වඩා සූදානම වැදගත්.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):- “උඩරට ෆයිනස් වගාව ලොකු විනාශයක්. මේ ෆයිනස් ගහේ කුරුල්ලකු කූඩුවක්වත් හදන්නේ නැහැ. මේ රටේ පරිසර ප්‍රශ්න විසඳීමට ජනපති, අගමැති කටයුතු කරනවා. ඒක සතුටට කරුණක්.”යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- “උතුරේ පසේ ලුණු ගතිය නිසා වගාවන් කරන්න බැහැ. ඒ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාව වෙනත් රටක පුරවැසියන් විදියට දකින්න බැහැ. උතුරේ නියඟයට ප්‍රධාන හේතුව පරිසර විනාශයයි. දේශගුණික විපර්යාස තවදුරටත් සිදුවෙමින් පවතිනවා.”කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):-“ගංවතුර ගැන අප විවාදයක් ඉල්ලුවත් දුන්නේ නැහැ. ගෝඨාභය කසළ කළමනාකරණයට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අද කොළඹ කසළවලින් පිරිලා. සියලු කසළ කරදියානට ගෙනත් දානවා.”පත්කළ මන්ත්‍රී ඒ.එල්.එම්. නසීර් මහතා (එජාප):- “අම්පාරට අලි වැටක් ඉදිකිරීමට හැකිවී නැහැ. පොතුවිල් ඉඩම්වල ගොවිතැන් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාවට ඉඩම් දෙන්න.”පත්කළ මන්ත්‍රී තුරේ රත්නසිංහම් මහතා (දෙජාස):- “වන රක්ෂිත විනාශ වෙමින් පවතිනවා. මාර්ග ඉදිකිරීමටත් වන රක්ෂිත විනාශ වෙනවා. විනාශවන වනයට විකල්ප ලෙස ගස් වැවිය යුතුයි. ත්‍රිකුණාමලයේත් කැලය විනාශ වෙනවා. මෙය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. කුඩා ජලාශ වසා දැමීමත් ප්‍රශ්නයක්.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-“රත්නපුරේ ගංවතුර තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. කොළඹ ගංවතුරින් යටවීම වැළැක්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. අද රට බරපතළ ආර්ථික අගාධයකට ඇදී යනවා. අප මේ විපතින් දේශපාලන වාසියක් ගන්නේ නැහැ. හඳුනා නොගත් වෛරසයක් නිසා දරුවන් 13 දෙනකු මැරිලා. ආණ්ඩුවට වැළඳුණු රෝගය වගෙයි. සෞඛ්‍ය ඇමැති කෙනකු ඉන්නවා. ඇමැති වැඬේ ඇරුණහම අනෙක් හැම දෙයක්ම ඔහු කරනවා. ආපදා තත්ත්වයට ක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා:-“අවිධිමත් සංවර්ධන කටයුතු නිසා පරිසරය විනාශ වෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉඩම් ගොඩකිරීම් 3500කට කටයුතු කරනවා. අපි විදේශ සංචිත වැඩි කර ගත්තා. මුහුදෙත් රළු ස්වභාවයක් ඇතිවී තියෙනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරනවා. ලබන වසරේ 5000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කරපු හොඳ වැඩ ටික ප්‍රචාරය කරගන්න බැරිවීම ආණ්ඩුවේ දුර්වලකමක්.”දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩිස්වරන් මහතා (දෙජාස):- “ඉල්මයිනට් කැණීම් වහාම නැවැත්විය යුතුයි. මේ රජය ඊට මැදිහත් විය යුතුයි. ඒ කැණීම් නිසා පස සේදී යනවා. සම්පත්, අපේ කෝවිල් ඔක්කොම මුහුදට සේදී යනවා. තිරික්කෝවිල් ප්‍රදේශයේ මීටර් 200ක් ගොඩබිම සෝදාගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ කළපුවත් විනාශ වෙමින් පවතිනවා. කළපුව ගොඩ කරනවා. පවුල් 12,000ක් කළපුවේත් ජීවත් වෙනවා. කළපුවට පස් පිරවීමත් නතර කළ යුතුයි. ගංවතුර ඇති වන්නේත් මෙවැනි ගොඩකිරීම් නිසයි. වටිනා ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙනවා. ඒ සීමා නිර්ණයන් වැරැදියි.”මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වේලුකුමාර් මහතා (එජාප):-“හන්තාන වත්තේ කුරුඳු කැලේ අක්කර 20ක් පුද්ගලයකුට විකුණලා තියෙනවා. නමුත් පොඩි මිනිහාට වැසිකිළියක් හදාගන්න ඉඩක් දෙන්නේ නැහැ. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව පාරට බහින්න පුළුවන්.” මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස):-“අපේ ප්‍රදේශවලට ගිනි නිවන අංශයක් නැහැ. පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.”ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-“අපිට ගංවතුර ගැන කියන්න එපා. අපි ගිං ගඟත් එක්ක පොර බඳපු මිනිස්සු. එදා අසාර්ථක ව්‍යාපෘති කරල මුදල් කාබාසිනියා කළා. අපි නිල්වලා, ගිං ගඟ ව්‍යාපෘතිවලට අත්පොත් තියනවා. අද දයාසිරි ජයසේකරලා පොරවල් වෙලා.”කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):- “කැලිඩෝ වෙරළ තීරය මුහුදට ගසාගෙන ගියා වගේ කළුතර බෝධියත් කළුතර පාලමත් මුහුදට ගසාගෙන යන්න දෙන්න එපා. ඒවා රැක ගැනීමට කටයුතු කරන්න. ගංවතුර ගලපු මේ වෙලාවේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් පත්තරවලින් අපි දැක්කේ සුරංගනා කතායි. මේ කතා අපි සාලාව පුපුරලා ගිය වෙලාවේත් සාමසර කන්ද නාය ගිය වෙලාවේත් ඇසුවා. වන්දි හානි පූර්ණ කරනවා කිව්වා. තාම ඒවා කරල නැහැ. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ගිය වෙලාවේත් ඔය කතාම කිව්වා.”පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):- “කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගැනීමට ගස් වවා ඇති රටවල්වලට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙනවා. පුළුවන් තරම් වනාන්තර වැවීමේ කාර්ය පෞද්ගලික අංශයට දිය යුතුයි. එය ක්‍රමානුකූලව විධිමත්ව කළ යුතු ක්‍රියාවක්. පරිසරයට ආදරය කරන සියලු දෙනාම වන වගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අනාගත ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් එන බව කියනවා. මේ දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. ඒ ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත්තා ද කියල පළමුවෙන් ජනතාවට කියන්න.”රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-“අද ගංවතුරෙන් අනාථ වී සිටින ජනතාවට අවශ්‍ය කෑම බීම දෙන්න රාජ්‍ය නිලධාරීන් බයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ විදියේ කටයුතු සිදුවුණේ නැහැ.”චන්දිම ගමගේ මහතා:- “ඔබතුමාට ඔය විදියට කතා කියන්න පුළුවන්. ඕවා සාක්ෂි සහිතව කියන්න.”ජානක වක්කුඹුර මහතා:- “අයගම ග්‍රාමසේවා නිලධාරි මහතාගෙන් අහන්න.”විජේපාල හෙට්ටිආරච්චි මහතා:- “මෙතුමා රටම නොමග යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අනාථයන්ට දුන්නා.” ජානක වක්කුඹුර මහතා:- “ගාල්ලේ දෙන්නැති. මම කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ගැනයි.”අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):-“විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිතින් තහනම ගැන එක වචනයක් කතා කළේ නැහැ. විපක්ෂයට අද කතා කරන්න මාතෘකා නැහැ. ඒ නිසා කාලයකට වැස්ස ගැන කතා කරනවා. තව දවසක නියඟය ගැන කතා කරනවා.”පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිතය. 
ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්
1
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්
0
(සුජිත් හේවා ජුලිගේ සහ ආරියරත්න රණබාහු)“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය කළේ රජකුගේ ලීලාවෙන් නොවේ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවැසීය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝළය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (10) පෙරවරු 10.30ට රැස්විය.අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ජනපති ප්‍රකාශයෙන් ජනතා බලාපෙරොත්තු ඉටුවුණේ නැහැ. ජාතික ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත්වී තිබෙනවා. රටේ පාලන තන්ත්‍රය කඩා වැටිලා ඉවරයි. එය වැළැක්වීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ විශ්වාසයයි. අද රජය බිඳ වැටිලා. අරාජිකත්වයක් වගේම බංකොළොත් භාවයක් රට තුළ තියෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. අපොහොසත් රජයක්. ඇමැතිවරුන් 16 දෙනකු ගැලවිලා ගියා. මේ ඇමැතිවරු නඩත්තු කරන්නේ මොන කෙංගෙඩියකට ද? ආණ්ඩුව ඩොලරය රුපියල් 158ට ගෙනල්ලා ඉවරයි. රුපියල දිනෙන් දිනම වැඩි වෙනවා. ආණ්ඩුව ලොකු මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ගජ මිතුරන්ගේ හොඳම ගජ මිතුරෝ මහ බැංකුව කොල්ල කාපු අය. ජනපති ප්‍රකාශයේ ඒ ගැන වචනයක්වත් නැහැ. පළාත් තුනක ජන්දය නැහැ. ජනපති ඒ ගැන කතා කළේත් නැහැ. සැප්තැම්බර් වනවිට උතුරේ මධ්‍යම හා වයඹ පළාත් සභාවල කාලය ඉවර වෙනවා. යෝජනාව ස්ථිර කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස) මෙසේ කීය: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුලින් වසර 2025 දක්වා කෙසේ වෙතත් ඉදිරි මාස 17 දක්වාත් ගෙනයන වැඩ පිළිවෙළක් පෙන්වා නැහැ. පසුගිය වසර 3 1/2 තුළ රටට කිසිදු වැඩක් කර නැහැ. රටේ ජාතික සම්පත් විකුණා එදා වේල ටුවර්ස් බවට ආණ්ඩුව පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ණය ගෙවනවා කිව්වත් ඒ කරපු දෙයකුත් නැහැ. අද ගොවියාට යන එන මං නැහැ ඔහු ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්වෙලා. මේ ආණ්ඩුව දුවන්නේ බදු දඩ සහ ණය මතයි. බලු මයිලක්වත් වටින්නේ නැති රටට නොගැළපෙන ඡන්ද ක්‍රමයක් හැදුවා. ඒ ඡන්ද ක්‍රමය වහාම අහෝසි කර රටට ගැළපෙන සර්ව ජන ඡන්ද ක්‍රමයක් හැදිය යුතුයි.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන වැරැදි ප්‍රකාශ කරමින් රට නොමඟ යැවීමට හදනවා. එතුමා මේ කතාව කළේ රජකුගේ ලීලාවෙන් නොවෙයි. පොදු යහපත සඳහා කළ කතාවක්. නමුත් මේ ගැන කතා කරන එක්කෙනෙක්වත් ඒවා ගැන කියන්නේ නැහැ. මේ ආණ්ඩුව මොකක්වත් කළේ නැති ආණ්ඩුවක් ලෙසයි හඳුන්වන්නේ. තොරතුරු දැන ගැනීමේ පනත, ඖෂධ මිල පාලනය, 19 වැනි සංශෝධනය, සිසුන්ට සුරක්ෂා රක්ෂන ක්‍රමය ගැන කියන්නේ නැහැ. ජී.එස්.පී. සහනය ලබා ගැනීම, මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට තිබුණු අඳුරු අතීතය කාටවත් මතක නැහැ. පසුගිය කාලයේ තරම් විශාල ඇමැති මණ්ඩලයක් අපි නඩත්තු කරන්නේ නැහැ. අද සුදු වෑන් එන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා වුණත් විවේචනය කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන ගිනි තියන්නෙ නැහැ. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා: උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකිරීම නිසා තමයි රටේ හැම ප්‍රශ්නයක්ම ඇතිවීමට හේතුව. මේ රටට කවදාවත් හොඳ කාලයක් එන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් මේ ගැටලුව විසඳීමට සියලු දෙනාම එක්වන ලෙස මා ආයාචනා කරනවා. සමහරුන්ට මේ ප්‍රශ්නය නොවිසඳා තබා ගැනීමට අවශ්‍යයි. මේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකිය යුතුයි. අපි මේ රට බෙදීමට ඉල්ලා සිටින්නේ නැහැ. එසේ ඉල්ලන අයට අපගේ පක්ෂයේ කිසිදු සහායක් නැහැ. අපගේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් බිහිවනු දැකීමයි. පාර්ලිමේන්තුවෙන් දූෂණය තුරන් කරන්න ඕනෑ,නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා:උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් හමුදාව අතේ තියෙනවා. ඒවා ඒ ජනතාවට දිය යුතුයි. ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට යෝජනා ජනපතිගේ කතාවේ තිබුණේ නැහැ. අපේ ජනතාව රැවටිල්ලට ලක්වෙලා.නියෝජ්‍ය කාරක සභාපතිවරයා මුලසුනට පැමිණියේය.නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් විදියට සංශෝධනය කළ යුතුයි. කෑල්ලෙන් කෑල්ල කිරීමට යෑම හොඳ දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ක්‍රමය ඉවත් කරන්න යෝජනාවක් ගේන්න යනවා. ජනපතිගේ ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වචනයක්වත් නැහැ. ඒ ගැන කනගාටුදායකයි. උතුරේ ඉඩම්වලින් සියයට 85ක් ජනතාවට දුන්නා කියලා ජනපති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒක පිළිගන්න පුළුවන්ද ?. අපේ ජනතාවගේ ඉඩ කඩම් තවම ලැබී නැහැ.මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි විජිත බේරුගොඩ මහතා (එජනිස): පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුව දෙදරුවා. අගමැති විශ්වාස භංගයෙන් දිනුවට ඔහුට ජනතා අධිකරණයෙන් නම් සහනයක් ලැබෙන එකක් නැහැ. මේ ආණ්ඩුවට තියෙන්නේ තව මාස 18 යි. මේ ආණ්ඩුවෙන් ජනතාවට මොනවාද වුණේ. අද ලොකු ජීවන අරගලයක් ඇතිවෙලා. දුක් විඳින ජනතාව ඉන්නේ බොහොම අතෘප්තියෙන්. ආණ්ඩුවට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් මහතා (එජාප):ත්‍රිකුණාමලයේ ජනතාව අද රැවටිල්ලට ලක්වෙලා. අපේ ජනතාව වැඩි පිරිසක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. එජාපයට ජයගත නොහැකි සේරුවිලත් දිනුවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී):පළාත් සභාවල මුදල් ආපහු රජයට හරවලා යවනවා නම් වැඩක් නැහැ. පළාත් සභා සුදු අලියෙක් නොවෙයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- අධ්‍යාපනය සෞඛ්‍යය, ජනගහනය සඳහා වැඩිබර ප්‍රතිපත්තියක් යෙදවිය යුතුයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වඩා අධිවේගී මාර්ග සඳහා වියදම් කර තිබෙනවා. කොට්ටාව මාර්ගයෙන් අපට ලැබෙන්නේ කළ වියදමෙන් හයෙන් එකයි. කවර ක්ෂේත්‍රවලට වියදම් කළ යුතු දැයි විද්‍යාත්මකව සෙවිය යුතුයි. ලංකාවේ නම් එය කළ යුත්තේ පර්යේෂණ සඳහායි. විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමයට හොඳම උදාහරණය මැලේසියාවයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය හැරුණු විට කරන අනෙක් ආණ්ඩු ක්‍රමය යන්නන් වාලේ කරන බොරු ෂෝක් දේශපාලනය.අවස්ථා දෙකක් හැර පසුගිය අවුරුදු 70 තුළම අපේ රට එය කර තිබෙනවා. නමුත් 70 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජයත් 77 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයත් ප්‍රතිපත්ති දෙකක සිට රට ආණ්ඩු කිරීම තමයි වෙනස්වූ ආණ්ඩු ක්‍රම දෙක. සිරිමා මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් ඒ ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා:මේ විවාදය පැවැත්වෙන අවස්ථාවේ දැන් සභාව තුළ ආණ්ඩුව නියෝජනය කිරීමට සිටින්නේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණයි රජයේ ප්‍රතිපත්තිය නියෝජනය නොකර මැති ඇමැතිවරු රැසක් මේ විවාදයට එන්නේ නැහැ වගෙයි. පළාත් සභා 7 ක් විසුරුවා තිබෙනවා. නමුත් ඡන්ද නැහැ. ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා පමණයි.යෞවන කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ් පෙරේරා මහතා:-අද අපි වාර්තාගත අපනයන මේ රටේ සිදුකර තිබෙනවා. දුප්පත්කම අපි සිතු පරිදි අඩු කරන්න බැරිව ගියා. එස්. බී. දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි. සමෘද්ධි අමාත්‍යාංශය ජනතාව දුප්පත්කමින් මුදවා ගත යුතු වුවත් එය හරි හැටි ඉටු කළේ නැහැ. ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) මුලසුනට පැමිණියේය.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා: තමුන්නාන්සේලා මේ රට ගොඩනඟන්න අපොහොසෙත්වී තිබෙනවා. ඔබලා ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්. ජනපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේද ඒකයි. ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක්වූ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනයයි. තිබූ අර්බුදය පවා උත්සන්න කළා. සමෘද්ධි මුදල් වංචාවක් ගැන කියනවා. එස්.බී. එළියට නාව නම් ඕක කියන්නේ නැහැ. අදටත් තියෙන්නේ බල පොරය විතරයි. මේ කාලයම වැය කළේ පක්ෂ අර්බුද විසඳා ගැනීමටයි. මේ බල තරගයෙන් කිසිවකුට ජයග්‍රහණ ගෙන දුන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අකර්මන්‍යයි. අද වංචා දූෂණ තියෙන්නේ රජ ගෙදර ඇතුළෙයි. මහානාම යකඩ විකිණීමටකට සම්බන්ධ වුණේ කොහොමද? කාර්ය මණ්ඩල ප්‍රධානී යකඩ වෙළෙන්ඳෙක් ද? දූෂණය අගමැතිවරයාටත් සම්බන්ධයි. රජවරුන්ගේ ආරක්ෂාව මත වංචාව, දූෂණය වෙනවා. අරටුවක් නැති බොල් පාලනයක්. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප): සැසිවාරය අවසන් කළාම විපක්ෂයට ලොකු ජොලියක් ආවා. ආණ්ඩුවේ වලියක් කියලා රට පුරා ප්‍රකාශ කළා. එයාලගේ සිහිනය සැබෑ වුණේ නැහැ. ආණ්ඩුව තවමත් ඉදිරියට යනවා. මහින්ද කවදාවත් සැසිවාර අලුත් කළේ නැහැ. ඒක දිගට ගෙන ගියා. ඒකාධිපති ගමනක් ගියා. ජනපති තමන්ගේ ධුර කාලය ගැන අධිකරණයෙන් ඇහුවා. අධිකරණයට හිස නැමුවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්ල ගුණවර්ධන මහතා: ඔබලා රට හිර කරලා ඉවරයි. ඛනිජ තෙල් සූත්‍රයක් හදන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කිව්වා. තෙල් මිල වැඩි කරන්නම වෙනවා. මහින්ද හදපු රට මේ අය ඇවිල්ලා කඩා දැම්මා. මූල්‍ය අරමුදල මේ ආණ්ඩුව හිර කරලා ඉවරයි. කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. සුළු කර්මාන්තකරුවෝ ගණන් ගන්නේ නැහැ.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා (දෙජාසං):රට තුළ අද බිය සැක නැති වාතාවරණයක් තියෙනවා. මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනපති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වචනයක් හෝ සඳහන් නොවීම ගැන අපේක්ෂා භංගත්වයක් තියෙනවා.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප): අප නැවත අර්බුදයකට ලක්ව තියෙනවා. සමහර පනත් ගේන්න කටයුතු කරන්නේ නැහැ. අප විවිධ ජන කොටස්වල හැඟීම් තේරුම් ගත යුතුයි. අලුත් මාර්ගයක යන ගමන නැවතී තියෙනවා. ආණ්ඩුකාරවරු 9 ක් පත් කළා. එක මුස්ලිම් අයකු නැහැ. චිත්‍ර ඇඳලා, කවි ලියලා, නාට්‍ය පෙන්නලා ජාතික සමගිය හදන්න බැහැ. මුජිබර් රහුමාන් මහතා මුලසුනට පැමිණියේය. පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප):19 වැනි සංශෝධනයෙන් ලොකු දේවල් වුණා. ප්‍රමාද වෙලා හරි තොරතුරු පනත ගෙනාවා. අද ඕනෑම තොරතුරක් ඕනෑම පුරවැසියකුට ගන්න පුළුවන්. අද ස්වාධීන කොමිෂන් සභා ටික ක්‍රියාත්මකයි. ස්වාධීන කොමිෂන් සභා ගැන සතුටු වෙනවා. ලොකු බලධාරින් අල්ලා ගත්තේ අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසයි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවාට අප පක්ෂයි. නමුත් ඒකෙන් පමණක් ජාතික සමගිය ආරක්ෂා වන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා (එජනිස):රජයේ අසාර්ථක බව ජනාධිපතිතුමාත් එතුමාගේ කතාවෙන් පිළිගත්තා. මහතීර් මොහොමඞ්ගේ වයස 92යි. ආපහු බලයට එනවා. අපේ මහින්ද මහත්තයාත් බලයට එන දිනය වැඩි ඈතක නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පක්ෂයකට මුක්කු ගැහුවා.මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රි ශ්‍රී නේෂස් මහතා (දෙජාසං): රට බෙදන්න යනවා කියලා කාලයක් හඬ නැගුවා. නොබෙදුණු රටක් තුළ බලය බෙදා ගැනීමට එකතුවිය යුතුයි. සියලු ජාතින් සමව ජීවත්වීම වැදගත්. ගාලු දිස්ත්‍රික් මන්ති්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප): බන්දුල ගුණවර්ධනගේ අදහස් හොඳයි. නමුත් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවක් කරන හැම දෙයක්ම සාර්ථක වන්නේ නැහැ. මහින්ද මේ රටට සියයක් කළා නම් මෛත්‍රීට පැරදුණේ මොක ද? රටේ තවමත් තෙල් මිල අඩුයි. එදා තෙල් මිල කොහොමද? අද කොහොමද? මේක පණ යන ආණ්ඩුවක් නොවෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස):මේ ආණ්ඩුවට මේ ආර්ථික ක්‍රමයෙන් ඉදිරියට යන්න බැහැ. රවි කරුණානායක මහතා මුල් අයවැය වලින්ම ඒක කෑවා. මධ්‍යම අධිවේගී මාර්ගයට මම විරුද්ධ වුණා. ඒකට ඩොලර් මිලියන 900ක් වැය කළා. මහා ව්‍යාපෘතිවලට මුදල් වැය කළේ කොමිස් ගැනීම සඳහායි. 2020 දක්වා මේ ආණ්ඩුවට යන්න බැහැ. අනුරාධපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී චන්දිම ගමගේ මහතා:විවාදය ඉල්ලපු අය නැහැ. ආණ්ඩුවෙන් ගිය කිහිප දෙනෙකු පමණක් සිටිනවා ඒක ගැන සතුටුයි. යහපාලන ආණ්ඩුව ආවාට පස්සේ දුප්පත් පවුල් ලක්ෂ ගණනකට විදුලිය දී තිබෙනවා. පසුගිය රජය කාලේ වැඩිපුරම කළේ සංවර්ධනය නොවෙයි හොරකමයි. මහතීර් මොහොමඞ් වීමට රාජපක්ෂවරුන් කාටවත් බැහැ.එඞ්වඞ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය. දිගාමඩුල්ල දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී කවින්ධන් කොඬේස්වරම් මහතා:ජනාධිපතිතුමාගේ කතාව කෙරෙහි සුළු ජාතිකයන් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටියා. සුළු ජාතික ජන්දවලින් බලයට පත් මෙම ජනාධිපතිවරයාත් අපිව රවටනවා නේද කියල සුළු ජාතිකයන් සිතනවා. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවැසි බව ප්‍රධාන පක්ෂ දෙකම කිව්වා. නමුත් ඔවුන් ඒවා කතාවට පමණක් සීමා කළාද කියන සැකය තිබෙනවා.වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:2015 ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුණේ ජිනීවා කේන්ද්‍රය බලලා මිස ලංකාවේ කේන්ද්‍රය බලලා නොවෙයි. බලවත් රටවල් අපේ රටට ආර්ථික සම්බාධක දාන්න හැදුවා. ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය සමඟ අපට රණවිරුවන් ආරක්ෂා කිරීමට හැකි වුණා. ජාත්‍යන්තරයේ ලකුණු ලැබෙන්නේ කතාවට හෝ කරට අත දාගෙන හිටියට නොවෙයි. කරපු වැඩ කොටස් අනුවයි. ඔවුන් ඒ අනුව වාර්තා සකස් කරනවා. අද අප ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ලකී ජයවර්ධන මහතා (එජාප) මුලසුනට පැමිණියේය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):“එකමුතු භාවය රැක ගැනීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අප අන්තවාදය පැත්තකට දාන්න ඕන. අප දින සියය තුළ කරපු දේවල් සමහරුන්ට අමතකයි. අප රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළා. 10,000 වැඩි කළා. හැමදේම නිකම් දීම නොවෙයි වැඬේ. කළ යුත්තේ දුප්පත්කම නැති කිරීමයි. අද වැඩියෙන් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව හදපු අපටයි.පත්කළ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස):දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලය තුළ දී ක්‍රියාත්මක කළේ දෙමළ ජනතාව වෙනුවෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ආරක්ෂා කිරීමට ද යන ප්‍රශ්නය තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය ගොනාට ඇන්දුවේ ජයම්පති වික්‍රමරත්න මහතායි.වන්නි දිස්ත්‍රික් (දෙජාස) ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය:ඩිලාන් පෙරේරා මහතා දෙමළ ජාතික සන්ධානය ගැන බොරු කිව්වා. නමුත් ජනාධිපතිතුමා අපි ගැන මුකුත් නොකීම ගැන කනගාටුවක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:ජනාධිපතිතුමා වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට දෙන්න හදන විට ජනතාව ඒකට කැමැති නැහැ. දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක්. යාපනය දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා:නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අප බලාපොරොත්තු තබාගෙන සිටියා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි අපි ආණ්ඩුවට සහාය දුන්නේ. නමුත් අපි යහපාලන ආණ්ඩුවට රැවටුනා ද කියන කාරණය දැන් මතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී එම්. තිලකරාජා මහතා:ජනාධිපතිතුමා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ වෙනස්කම් තිබෙනවා. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා වෙනස් කාරණා ඇතුළත් කර පක්ෂයක සභාපති ලෙස දෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 10.30 යළි රැස්වේ.  
ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්
0
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)විනාශකාරී කටුපොල් වගාවට මින් ඉදිරියට මේ රටේ එක් බිම් අඟලක් නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 10.30ට රැස් විය.වාර්තා හා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය.නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකරයෙකු පත්කර ප්‍රචාර කටයුතු විධිමත් කරනවා. තේ මණ්ඩලය වඩා විධිමත් කිරීම අරමුණයි.පත්කළ මන්ත්‍රී (ජවිපෙ) සුනිල් හඳුන්නෙත්ති මහතා:- ආයතනවල ප්‍රචාරණ කටයුතු කියා වැඩිපුර වෙන්නේ ඇමැතිවරයාගේ ප්‍රචාරණ කටයුතුයි. එමෙන්ම දේශපාලන ප්‍රචාරණ කටයුතුත් වෙනවා. තේ මණ්ඩලය ගතහොත් ප්‍රචාරණ කටයුතු එහි දියුණුව උදෙසා විය යුතුයි.කනක හේරත් මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.හඳුන්නෙත්ති මහතා:- තේ මණ්ඩලය මගින් තේ මංගල්‍යය කියලා කරන්නෙත් දේශපාලන මංගල්‍යයක්. එහි ප්‍රවර්ධන නොවෙන්නේම තේ පමණයි. තේ නැවත වගාව පහළ වැටිලා. ඒනිසා අලුත් පැළ ලබා ගැනීමේ ගැටලුවක් තිබෙනවා.එමෙන්ම තේ ප්‍රවර්ධන අරමුදල හැදූ දා සිට එය භාවිතයට ගත් ආකාරය ගැනත් සොයා බලන්නැයි මා ඉල්ලා සිටිනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:- ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ ඍණාත්මක කතා. ඔවුන් මොනවා කීවත් අද තේ මණ්ඩලයේ නිලධාරීන් සාමූහිකව කටයුතු කරනවා. 2015 දී අඩුවූ තේ නිෂ්පාදනය හා මිල මේ වන විට ඉහළ නංවා ගැනීමට අපට හැකිවී තිබෙනවා. එය සිදුකළේ පොහොර සහනාධාරයේ කප්පාදුවක් හා ග්ලයිෆොසෙට් තහනමක් තිබියදීයි.ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීම නිසා වගාවට අහිතකර බලපෑමක් සිදුවුණා. මේ සම්බන්ධව ජපානය කීවේ ග්ලයිෆොසෙට් නිසා ඔවුන්ගේ ජනතාවට හානි නොවූ බවයි. එමෙන්ම ග්ලයිෆොසෙට්වලට විකල්ප ලෙස අප යොදාගත් එම්.ආර්.සී.පී. වල් නාශකයෙන් ජනතාවට හානියක් නොවන බව කීවා. ජනාධිපතිතුමා හමුවී එය පැහැදිලි කිරීමෙන් පසු තේ වගාවට පමණක් ග්ලයිෆොසෙට් භාවිතයට අවසර ලැබී තිබෙනවා. ඉදිරියේ දී එහි ගැසට් නිවේදනය නිකුත් කරනවා.නැවුම් තේ මංගල්‍යය අපි ඇරඹුවේ දේශපාලකයින් ප්‍රවර්ධනයට නොවන බවත් කිව යුතුයි.මහනුවර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී මහිදානන්ද අලුත්ගමගේ මහතා:-තේ කර්මාන්තය විශාල විදේශ විනිමයක් ගෙනෙන ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටින ක්ෂේත්‍රයක්. නමුත් අපේ රජය ඇතුළු මේ රට පාලනය කළ කිසිම රජයකට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ තේ වගාව අඩුවෙමින් තිබෙනවා.ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය.ගම්පහ දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා:- අද අපේ රට ගොඩ නැගීමට ණය බර බාධාවක් වී තිබෙනවා. එම බර අඩු කරගැනීමට නම් විදේශ විනිමය ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා තේ නිෂ්පාදනය වෙළෙඳපොළ අපනයනය රැක ගැනීම අපේ ජාතික යුතුකමක්.ඇමැතිතුමා අද තේ කර්මාන්තයේ දියුණුවට තවත් එක් පියවරක් ගෙන තිබෙනවා. එය ඉතිහාසගත පියවරක් වේවි. එමෙන්ම එතුමා පක්ෂ ජාතික සංවිධායක ලෙස පක්ෂයත් ශක්තිමත් කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. වන්නි දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා:- තේ මණ්ඩලයට වැඩ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම ඉතා වැදගත්. තේ කර්මාන්තයේ නියුතු අයගේ ගැටලු විසඳිය යුතුයි. තනතුරු සඳහා පත් කිරීමේ දී රට වෙනුවෙන් කටයුතු කරන අය පත් කළ යුතුයි.කෑගල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී කනක හේරත් මහතා:- පොහොර සහනාධාරය කප්පාදුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම වතු හිමියන් නියමිත ආකාරයෙන් පොහොර නොයෙදීමත් ගැටලුවක්. සමහරු ඒ සඳහා අජිනමොටෝත් යොදනවා.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:- තේ කර්මාන්තය නැංවිය යුතුයි. දැනට විනාශ වී යන තේ වතු කොටස් කර කම්කරුවන්ට හෝ වගා කිරීම සඳහා ලබාදිය යුතුයි. එමෙන්ම වගා නොකළ ඉඩම් කම්කරුවන්ට නිවාස තනාදීම සඳහා පර්චස් 7 බැගින් ලබාදීමට තීන්දු කර තිබෙනවා.මඩකළපුව දිස්ත්‍රික් (දෙජාසං) මන්ත්‍රී ජී. ශ්‍රීනේෂන් මහතා:- මෙය රටේ කාන්තාවන් වැඩි වශයෙන් නියැලී සිටින ක්ෂේත්‍රයක්. ඒ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිකිරීමත් තේ නිෂ්පාදනය වැඩිකිරීම සමගම සිදුවිය යුතුයි. ක්ෂේත්‍රය දියුණු වන්නේ කම්කරුවන් තෘප්තිමත් වූ විටයි.පත්කළ මන්ත්‍රී (එජාප) මහාචාර්ය ආශු මාරසිංහ මහතා:- තේ මණ්ඩලය නියෝජනය කරමින් පිටරට යන අපේ සමහර නිලධාරීන් ඒ රටවල දී බොන්නේ කෝපි. තේ බොන නිලධාරීන් යැව්වා නම් හොඳයි. ලංකා තේ ප්‍රචලිත කරන්න ලෝකය පුරා සිලෝන් ටී ඇම්බසිඩර්ස් පත් කරන්න.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):- තේවල කළු පැහැය ඇති කිරීමට දාන සෝඩියම් නිසා දියවැඩියාව හැදෙනවා. බාල තේ වැටලීමට ක්‍රියා කළ යුතුයි. සීනි කළවම් කරන කම්හල් 82 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවා ද?රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (එජාප):-සමහර වතු සමාගම් තේ වවන්න ඉඩම් අරගෙන වෙනත් කටයුතුවලට ඒ ඉඩම් බදු දෙනවා. අද කවුරුත් තේ මිල කතා කරන්නේ නැහැ. අද තේ සීයයි. එකසිය පහයි.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):- එදා තේ පර්යේෂණාගාරය හොඳ තේ පැළ හැදුවා. අද ඒක නැවතිලා. තේ කර්මාන්තය රැඳිලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අතේයි. තවම දලු කඩන්නේ පරණ ක්‍රමයටමයි. නාය යෑම නිසා සමහරුන්ගේ තේ වතු අද තියෙන්නේ වෙනත් අයගේ තේ වතුවලයි.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා:- තේ නාමය ආරක්ෂා කර ගැනීමට අපට අද සිදුවී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තේ, රබර් වගා ඉවත් කර කටුපොල් වගාව සිදු කරනවා. එයින් වගාවන්ට මෙන්ම ජන ජීවිතවලටත් අහිතකර බලපෑම් ඇතිවෙලා.රත්නපුර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:- පෞද්ගලික සමාගම්වලට දී ඇති රජයේ වතුවලට අත්වූ ඉරණම අප දන්නවා. ඒවායේ ලාභය ඔවුන් ආයෝජනය කළ ආකාරය සෙවිය යුතුයි. ඒනිසා රැකියා අවස්ථා අඩුවෙලා. වගා කරන්න බැරි සමාගම් කාරයින්ට මේවා දුන්නේ ඇයි? ඔවුන් රටේ ජාතික සම්පත් වංචා කරනවා.ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා මුලසුනට පැමිණියේය. වාසුදේව නානායක්කාර මහතා:-කටුපොල් වගාකිරීම රටට සාපයක්. කටුපොල් වගාවට දී ඇති සීමාව තවත් අඩු කළ යුතුයි.නවීන් දිසානායක මහතා:- ඒ අනුමැතිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේයි. එතැනින් එහා අඟලක්වත් දෙන්නේ නැහැ. දැනට අක්කර 20,000ක තිබෙනවා.ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):- ග්ලයිෆොසෙට් තහනම තේවලට අහිතකර ලෙස බලපෑවා. එදා කටුපොල්වලට අත උස්සපු අය අද ඒවට විරුද්ධ වෙනවා.පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.වර්ෂාව සමග වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබුණත් දකුණු පළාතේ පවතින උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳ බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වැඩ බලන අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.වැඩබලන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මෙසේ පැවසීය.මෙවැනි රෝගයක් පැතිරෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එය මැඩපැවැත්විය යුතුයි. වසංගත රෝග අංශය හරහා නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපි දන්න විදියට අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තිබෙනවා. වසංගත රෝග අංශයට එන අය ඉල්ලා අස්වෙනවා. ඇමැතිතුමා ජනාධිපති වගේ හැම අමාත්‍යාංශයකම දේවල් සොයමින් ඉන්නවා. ගං වතුර සමග තවත් වසංගත ඇතිවිය හැකියි.ගම්පහ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය:- යෝජනාව ස්ථිර කරනවා. කරාපිටිය, කඹුරුගමුව දකුණු පළාතේ රෝහල් රැසක උණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. වසංගත රෝග අංශයේ ප්‍රධානියා වසංගත රෝග ගැන කිසිම පලපුරුද්දක් නැති කෙනෙක්. අපි සෞඛ්‍ය දර්ශකවලින් ලෝකයේ ඉදිරියට ගියේ විශේෂඥ වෛද්‍යවරු අවශ්‍ය සුදුසු තැන්වලට පත් කළ නිසයි.අද රෝග වැළැක්වීමේ අංශය කඩා වැටිලා. පවුල් සෞඛ්‍ය අංශයේ ප්‍රධානියාත් ඊට නොගැලපෙන පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යවරයෙක්.මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:-අපි ආසියාවේ ඉහළ සෞඛ්‍ය මට්ටමක් හිමි රටක්. මෙවැනි වසංගත පාලනයට රජය සියලු පහසුකම් ලබාදී තිබෙනවා.මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා (එජනිස):- මේ රෝගය ජාතික මට්ටමින් පැතිර යා හැකියි. බෝ වෙන රෝග මර්දනය කිරීමේ ජාත්‍යන්තර ක්‍රම හුවමාරු කර ගැනීමත් වැදගත් වෙනවා.ගාල්ල දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි:-දරුවන් අට දෙනෙකු මිය ගොස් තිබෙනවා. නමුත් මේ වන විට රෝගීන් ප්‍රමාණය අඩුවෙලා.ගාල්ල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී චන්දිම වීරක්කොඩි:-කුඩා දරුවන් අට දෙනෙකුට අත්වූ ඉරණම කනගාටුදායකයි. මෙම තත්ත්වය පාලනයට කටයුතු කිරීම ගැන කරාපිටිය ඇතුළු රෝහල්වල වෛද්‍යවරුන්ට ස්තුති වන්ත වෙනවා. රෝහල්වල ඖෂධ හිඟයක් තිබියදීයි ඔවුන් කටයුතු කළේ.වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා:- ඉන්ෆ්ලුවන්සා වෛරසය වසරකට දෙවරක් පැතිරෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් පිහිටුවා ඒ ගැන අධ්‍යයනය කරනවා. රෝගය පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගත් බවට සහතිකයක් දෙනවා.මෙය පාසල්වලින් පැතිරීමේ අවදානම වැඩියි. මහජනතාවගේ සහය නැතිව පාලනය කරන්න බැහැ. වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වසංගත රෝග අංශයේ 2011 වසරේ සිට කටයුතු කළා. විදේශගතවී ඇය නැවත ආවත් රාජ්‍ය සේවා කොමිසම ඒ තනතුරට වෙනත් අයෙකු පත් කර තිබුණා. අපට එය අවලංගු කරන්න බැහැ. එය අමාත්‍යාංශයේ වරදක් නෙවෙයි.  
ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
1
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්‍ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම  මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්‍ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්‍ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු  ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ  පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්‍ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
0
(නාලක සංජීව දහනායක, මතුගම - බන්දු තඹවිට, තුසිත කුමාර ද සිල්වා)මහින්ද රාජපක්ෂ රජය කිසිවිටකත් මුස්ලිම් ජනතාවට හා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බේරුවලදී පැවසීය.එහෙත් පසුගිය කාලයේ ගෙනගිය එවැනි අසත්‍ය  ප්‍රචාර හේතුවෙන් අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බවද ඔහු කීය.බේරුවල, වෙරළ ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා:අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් විසින් සකස් කළ වැඩසටහනක් ලෙස තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැලසුම් කළේ. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රතිඥා දී තිබෙනවා. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා රටේ ආර්ථිකය ගොඩනගන්න. ජනතාව ජීවත් කරවන්න ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙකුගේම ජීවන තත්ත්වය නඟා සිටුවීමට අපි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.වසර තිහක යුද්ධයක් එදා අපි කෙටි කාලයකින් අවසන් කර රටට සාමය උදා කළා. ඒවායින් දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වා රටේ විශාල සංවර්ධනයක් ඇති කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට කොළඹ නගරය පත් කරන්න අපට හැකියාව ලැබුණා. මේ දියුණුව නිසා ව්‍යවසායකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. ඒත් මේ රජය බාර ගත්තට පසුව සංවර්ධන කටයුතු නතර වුණා. ව්‍යාපාර නැති වුණා. එම ව්‍යාපෘති නතර කිරීමෙන් රැකියා ලක්ෂ හතරක් අහිමි වුණා.යුද්ධය නිමවූ පසුවත් අපි රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර පළමු වතාවට උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වූවා. යුද්ධය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය මිස අපි නෙවෙයි. ඒ යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධයක් තිබෙන කාලයකදී සෑම කෙනෙකුම අපහසුතාවකට පත් වුණා. රටට වටිනා ජීවිත ගණනක් අහිමි වුණා. යුද්ධය අවසන් කරන්න රණවිරුවන් කොපමණ පරිත්‍යාගයක් කළාද කියන අවබෝධය මට තිබෙනවා. දිනාගත් සාමය කඩවන කිසිදු ක්‍රියාවක් නැවැත මේ රටේ ඇති නොවිය යුතුයි.යුද්ධය නිමාවූ පසුවත් අප ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශ එකතු කර සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ විමර්ශන කොට්ඨාසය යොදාගෙන ත්‍රස්තවාදීන් ගැන හොයන්න කටයුතු කළා. ඒත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිතර සොයා බැලීමක් නොකළ නිසා පාස්කු ඉරුදින රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. රටේ නැවත බෝම්බ පුපුරන තත්ත්වයක් ඇති කළේ මෙම රජයයි. ජනතාව අතර අවිශ්වාසයක් ඇති වුණේ මේ රජයේ කටයුතු නිසයි.අපේ රජය කාලේ අලුත්ගම ඇතිවූ සිද්ධිය ක්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඒත් එදා අපට විරුද්ධව ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. එදා අපට විරුද්ධව ගෙනගිය බොරු ප්‍රචාර නිසා අද වනවිට රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටිලා.දේශීය හා විදේශීය ආයෝජකයාට මෙරට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටිලා. ආයෝජකයන්ට හා සංචාරකයන්ට රටට එන්නට නම් රටේ ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් මේ රටේ ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.රටක ආරක්ෂාව තහවුරු වනවිට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. අයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතරම ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට වීසා ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. රජය මැදිහත් වෙලා මේ කාර්යයන් කළ යුතු වෙනවා. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. එමගින් රටට ඩොලර් බිලියන දහයක් උපයා ගැනීමේ  හැකියාව තිබෙනවා. මැණික් කර්මාන්තය වැදගත් ක්ෂේත්‍රයක්. අනවශ්‍ය බදු පනවා තිබෙනවා. හොඳ රැකියා අවස්ථා බිහිකළ හැකි විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න විදිහක් නැහැ. අපේ රජයක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථිකය නගාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ.ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාක්ෂණය අතින් ඉහළ නිසයි. අපගේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක් පමණයි. මේ සියලුම තරුණ තරුණියන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා, ආචාර්ය මණ්ඩලය වැඩි කරලා සමත් වන සියලුම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දීලා, වෘත්තීය පුහුණුවක් ලබාදීලා හොඳ වේතනයක් ලැබෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.විපක්ෂනායක මහින්ද  රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ගෙදර දානයක් තියෙනවා. හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඒ දානය දෙන්න එපා කියලා. මේ වෙලාවේ දානය දෙන එක මැතිවරණ නීතියට තහනම් බව ඔහු කියනවා. ඒ දානේ අද ඊයේ දෙන දානයක් නෙවෙයි. අවුරුදු හැට ගානක් තිස්සේ අපි ඒ දානය දෙනවා. මේ වැඬේ තේරුම මොකක්ද කියලා මම මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඇහුවා. මෙහෙම නීති ඇති කළේ කාගේ වාසියටද කියල අපි ආණ්ඩුවෙන් අහනවා.මේ ආණ්ඩුව මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා. මේ ආණ්ඩුවෙන් තිබ්බේ පළාත් පාලන මැතිවරණය විතරයි. එකෙන් අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ මැතිවරණ තියන්න ආණ්ඩුව බය වුණා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි දැම්මත් මේ ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබනවා.පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ කර්මාන්තය ආශ්‍රයෙන් බිහිවූ රැකියා බොහෝ ප්‍රමාණයක් අපට අහිමි වුණා. මේ තත්ත්වය ඉතාම ඉක්මනින් වෙනස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ බේරුවල යම් සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන අපිට විරුද්ධව මුළු රටේම වැරදි ප්‍රචාරයක් ගෙනිච්චා. එකේ ප්‍රතිඵලයක් විදියට මේ කාලකන්ණි ආණ්ඩුව බිහිවුණා. ජාතීන් අතර අවිශ්වාසය ඇති කරලා මේ ආණ්ඩුව මුළු රටම විනාශ කළා. මේ අවසනාවන්ත තත්ත්වයෙන් රට බේරා ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පමණයි.ආණ්ඩුව තවමත් කතා කරන්නේ අපේ කාලේ බේරුවල සිද්ධ වුණ සිද්ධිය ගැනයි. හැබැයි තමන්ගේ කාලේ ගිංතොට, අම්පාර වැනි ප්‍රදේශවල සිද්ධ වුණ දේවල් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. එදා බේරුවල  යම් දේපළකට හානියක් සිද්ධ වුණා නම් අපි ඒ සියල්ලම නැවැත සකස් කර දුන් බවද අපි කියන්න ඕනෑ.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.මේ රටේ මුස්ලිම් ජන සමාජයෙන් කවදත් ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ නැහැ. මේ පරගැති ආණ්ඩුව නොතිබ්බ ත්‍රස්තවාදයකට ඉඩ දෙන්න වාතාවරණය හැදුවා. සහරාන්ලා නිකම්ම බිහි වුණේ නැහැ. ආණ්ඩුව සුළුතර අන්තවාදීන්ව ආරක්ෂා කළා මිස සාමාන්‍ය සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ආරක්ෂා කළේ නැහැ. ලේ තැවරිච්ච ආණ්ඩුව, සාමාන්‍ය ජනතාව අතර සැකය වපුරපු, භීතිය වපුරපු ආණ්ඩුව ගෙදර යවන දවස නොවැම්බර් 16 වැනිදායි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ආරක්ෂිත රටක් තිබ්බොත් රටට සංචාරකයන් එනවා. ව්‍යාපාර දියුණු වෙනවා.මේ අය බලයට ඇවිත් මොකද කළේ? ජීවන බර වැඩි වුණා. බදු වැඩි කළා. ගෑස් තෙල් ටික වෙලාවට දීගන්න බැරිවුණා. අද රට ඉල්ලන්නේ වගකිව යුතු නායකත්වයක්. මං පොර ජාතකයක් රටට වැඩක් නැහැ. කඩා වැටිච්ච ආර්ථිකයට, රටකට දැක්මක් ඇති නායකත්වයක් රටකට අවශ්‍යයිද ඔහු කීය.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර පාලනයක් හදනවලු. මහ බැංකු හොරු, ගල්අඟුරු, ෆුට්නෝට් කල්ලි වේදිකාවෙන් බැහැලා ගියොත් ඉතුරු වෙන්නේ සජිත් විතරයි. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය මුදල් ලක්ෂ ගණනක් අවභාවිතා කළා කියලා ජනාධිපති විමර්ශන කොමිසමෙන් සජිත්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අවසානයේ සජිත්ට සජිත්වත් නැහැ. ඒක නිසා සජිත් දැන්වත් වේදිකාවෙන් බැහැලා යන්න කියල අපි කියනවා යැයිද ඔහු කීය.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:වෙලාවට ගෑස් ටික දීගන්න බැරි සජිත් ජනාධිපති අපේක්ෂකයා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කතා කරනවා. එහෙම අපේක්ෂකයෙක් මීට පෙර දැකලා තියෙනවද? මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ආර්ථිකය බිංදුවට වැටිලා. ජනතාව ආර්ථිකයෙන් හෙම්බත් වෙලා. මේ ආණ්ඩුවේ අවසන් මළගම යමින් සිටිනවා.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය.අද වනවිට රට නන්නත්තාරයි. රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමයි. දැන් සජිත් හරියට නින්දෙන් නැගිටලා වගේ විවිධ පොරොන්දු දෙනවා. අමු සොහොන් පිට්ටනියක් වෙලා තිබූ රට බේරා ගත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කුමන්ත්‍රණය කළේ කවුදැයි  ජනතාව දැන් හොඳටම දන්නවා.සංචාරක, ධීවර කර්මාන්තය කඩා වැටිලා. මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මාන්තය නැති වෙලා. සංචාරක හෝටල් වැහිලා. ධීවර කර්මාන්තයට ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා. අද බේරුවල වරාය අක්‍රීය වෙලා. මේ ප්‍රදේශයට වැවක් හැදුවොත් කෘෂිකර්මාන්තයට සෙතක් වෙයි කියලා විශ්වාස කරනවා.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සුගත් මතුගමගේ, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු වන සුරේෂ් ප්‍රනාන්දු මහතා ඇතුළු එජාප පාක්ෂිකයෝ කිහිප දෙනෙක් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම ජන රැළියට එක්වූහ.
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
0
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“අපේ රජය කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්නේ නෑ“
0
(*** නිමල කොඩිතුවක්කු)ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට වඩා ලංකාවේ ව්‍යවස්ථාව  වෙනස් කිරීම පහසු බව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්  බැසිල් රාජපක්ෂ මහතා ඔප්පු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්  මහතා කොළඹදී ඊයේ (06 වැනිදා) පැවසීය.දහඅට වැනි සංශෝධනය මගින් අහුරා තිබූ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන බව කියන පිරිස් 20 මගින් යළි  විවර කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.අක්කා පෙන්වා නංගීත් අරගෙන දෑවැද්දත් කොල්ලකන වැඩක් 20 වන සංශෝධනය මගින් රටට  සිදුව ඇතැයිද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් 0මහතා මෙසේද කීය.“මේ රට ඒකාධිපතිත්වයකට මිලිටරිකරණයකට යටත් වන බවට මහ මැතිවරණයට පෙර අපි ප්‍රකාශ කළා. එහෙත් බහුතරයක් ජනතාව ඒ හඬට කන් නොදී මේ ආණ්ඩුව බලයට පත් කළා.මම දකින විදිහට අපි මේ මහ මැතිවරණය පරාජයට පත්වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී අපි පරාජයට පත්වුණා. පහුගිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දුර්වල ආණ්ඩුකරණය පිළිබඳව පෙන්වා දෙමින් පක්ෂ දෙකකින් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්විය යුතු නැහැ කියලා ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ අය ප්‍රචාරණය ගෙන ගියා. ඒ නිසා ජනතාවට මේ රට මුහුණ දෙන්න නියමිත අනාගත අනතුර තේරුම් ගැනීමට නොහැකි වුණා.විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා දැන් ජනතාවට තේරුම් යමින් තිබෙනවා.අර්ජුන් මහේන්ද්‍රන් කියන සිංගප්පූරු ජාතිකයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කරද්දී ද්විත්ව පුරවැසියකු එපා කියලා ජනතාව  කෑ ගැහුවා. අර්ජුන් මහේන්ද්‍රන් අද පැනලා ගිහින් තියෙනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත්කර නොගත යුතුයි කියලා අපි මේකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි.රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් පාර්ලිමේන්තුව සහ රට පාලනය කරන තැනට පමණක් නෙමෙයි රටේ ඉහළ තනතුරුවලටත් ද්විත්ව පුරවැසියන් පත් කිරීම වැළක්වීමට නව නීති සකස් විය යුතුයි.අද මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසියන් වන ශ්‍රී ලාංකිකයන්ටත් පාර්ලිමේන්තු එන්න පුළුවන්. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන්ට බැණ බැණ හිටපු අය ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත බවක් අපට පේන්න නැහැ. එහෙමනම් ද්විත්ව පුරවැසිභාවය මේ දෙකටම ඇතුළත් වන විදිහටයි ගේන්න තිබුණෙ.දැන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන අනුව දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමේ හැකියාව ලැබෙනවා. දේශප්‍රේමය ගැන කතා කරන දේශහිතෛශී භාවය පෙන්වන රට ආරක්ෂා කරන්න ඉන්න අය තමයි දහ නමයෙන් අපි අහුරපු මේ අවස්ථාව අද විවර කරලා තියෙන්නේ.විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට ඇවිත් නටන නාඩගම් ටික අද අපට පේන්න තියෙනවා. මීට එහා සෙල්ලම් අපට ඉස්සරහට බලාගන්න පුළුවන්.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෑ කියලා 19න් අපි ගෙනාවා. දැන් මේ  20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් කරා  රට ගෙන ගොස් තිබෙනවා. දහ නමයෙන් අහිමි කරලා  තියෙන ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණම යළි ලබාගෙන තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට ඕනෑම වරදක් කරලා බේරෙන්න පුළුවන්.ඒ වගේම දහනවයෙන් හඳුන්වලා දීපු කොමිෂන් සභා ටික අද අකර්මණ්‍ය කරලා තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාවට නියෝග ලබා දෙන්නේ ජනාධිපතිවරයා පමණයි.ඒ වගේම වැදගත්ම කොමිෂන් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තියෙනවා. රජයේ නිලධාරීන්ටත් ඇමැතිවරුන්ටත් හිතුමතයට හොරකම් කරන්න පාර විවර කිරීමක් විදියට අපි මේක දකිනවා.නීතිපති, පොලිස්පති ඇතුළු තනතුර පත් කිරීමේ බලයත් අද ජනාධිපතිවරයා තමන් යටතට පත් කරගෙන තියෙනවා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා අල්ලේ නටන රූකඩ බවට එමගින් පත්වෙනවා.19න් අපි සීමා කරලා තිබුණ අමාත්‍යධුර සීමා ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ  අභිමතය අනුව පමණක් මේ අමාත්‍යවරුන් පත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ ව්‍යවස්ථාවෙන් අගමැතිවරයා පියන් කෙනෙක් බවට පත්වෙලා කියලා මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාවට අපි කියනවා.දි.මු. ජයරත්න මහතාට එදා වෙච්ච දේ තමන්ට වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිකමටවත් හිතන් නැතිව ඇති. ඒත් තමුන්ගේ සහෝදරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතාට අද එම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ සමහර අය මේකට කැමති නෑ. ඒ අයට අද වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි. ඔවුන්ගේ කොඳු කඩල තියෙන්නේ.විපක්ෂ අපට පමණක් නෙමෙයි රටේ සෑම පුරවැසියකුටම මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ රටේ පුරවැසියන්ට අබ සරණයි කියලා තමයි දැන් අපට කියන්න වෙන්නේ. අක්කා පෙන්නල නංගිත් අරගෙන දෑවැද්දත් කොල්ලකන්න වැඩක් තමයි මේ ආණ්ඩුව  20 මගින් සිද්ධ කරලා  තියෙන්නේ. 
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්
1
(*** ජයන්ත සමරකෝන්)‘දහ නව වැනි සංශෝධනය  තුළින් ජනාධිපතිවරයාට රට පාලනය කිරීමේ කිසිදු බාධාවක් නැතැයි ද ඒ නමුත් 20 වැනි සංශෝධනය  ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත්වීමක් යැයිද’ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (17) පැවසීය.විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් වන අනතුර ජනතාව දන්නවා නම් 69 ලක්ෂයක් ආණ්ඩුවට ඡන්දය දෙන්නේ නැතැයිද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී ජයසූරිය මහතා කීවේය.වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, අද වනවිට රටේ ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම අහස උසට නැග ඇතැයි ද, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදම තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයිද කියා සිටියේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නරක පුද්ගලයකු යැයි කියන්නේ නැතැයි ද 20න් ගෙනෙන බලතල තුළ යම් විදියකින්  ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා උන්මන්තකයකු වුවහොත් යකා නටනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.20 වැනි සංශෝධනය ගෙනෙන්නට මේ රටේ කලබලයක්  ඇයිදැයි නොදන්නා බවද වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙමගින්  ජනාධිපතිවරයාට පැවරෙන බලතල නිසා මහ මැතිවරණයකට වියදම් වූ රුපියල් බිලියන 8ට වෙන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර බලයක් නැති පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීම තුළින් ස්වාධීන කොමිෂන් සභා සඳහාත් අගවිනිසුරු, නීතිපති, පොලිස්පති ඇතුළු අධිකරණයේ ඉහළ ධුරයන් පත් කිරීමේ නිෂේධ බලයක් ජනාධිපතිවරයාට හිමි වනවා.විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණන සේවා කොමිෂන් සභාව අහෝසි වීමෙන් විගණන සේවය අක්‍රිය වී විගණන පනතේ ප්‍රතිපාදන පිළිබඳව අර්බුදයක් මතු වනවා. විදේශයක සුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටත් අවස්ථාවක් හිමිවනවා.ධවල පත්‍රිකාවක් මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනතාවගේ අදහස් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 19 වැනි සංශෝධනය අරුමපුදුම විකෘතියක් ලෙස හුවාදැක්වීමට දරන උත්සාහය තරයේ හෙළා දකිනවා.මෙම ධවල පත්‍රිකාව 2000 ව්‍යවස්ථාව හැදූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට භාර දෙමු. එවිට හොඳ ව්‍යවස්ථාවක් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.හරිදේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බය නැහැ. කරුණු 24ක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව මූලික වෙනස්කම් දකිනවා.20 තුලින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වනවා. ජනාධිපතිවරයාට වගකීමක් වූ ‘ආණ්ඩුක්‍රම’ ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට වන වගකීමත් ඉවත් කරලා.මෙමගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට වූ ප්‍රතිපාදනය ඉවත් කර ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කරලා.තවද පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක් කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම, ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් 20 තුළින් එළියට එනවා.මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය පාක්‍යසෝනි සරවනමුත්තු, ජාවිඩ් යුසුප්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර යන මහත්වරුද සහභාගි වූහ.
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්
0
(නිමල කොඩිතුවක්කු) ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට, විගණනයට දොර වැසී ඇති 20 වැනි සංශෝධනය අකුලා ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද(11) පැවසීය. රටේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංශෝධන කිරීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන බවට ආණ්ඩුව පැවසුවත් රෑ වැටුණු වළේ  දවල් වැටීමේ අවශ්‍යතාවයක් ජනතාවට නැතැයිද මන්ත්‍රීවරයා පැවසීය. 19 සම්පූර්ණයෙන්ම ඉවත දැමීම බබාත් බේසමත් දෙකම විසි කිරීමට සමාන බව ද කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.  “රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට 19න් බාධාවක් වෙනවා කියලා ආණ්ඩුව කතාවක් නිර්මාණය කරගෙන යනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්තාවන්හීදී ජනාධිපතිවරයාට අධිකරණයට යාමට සිදුවන බවත් එය ජනාධිපතිවරයා සෞභාග්‍ය කරා රට ගෙන යන වැඩපිළිවෙළට බාධාවක් බවත් ජී. එල් පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  මම බැලුවා අප්‍රේල් පළවෙනිදා කියලා හිතලා එතුමා විහිලුවක්වත් කළාද කියලා. තේ කෝප්පයක් බීලා නැවත මේ ගැන හිතලා ප්‍රකාශ නිකුත් කරන්න කියලා අපි ජී. එල්. පීරිස් මහත්තයට කියනවා.දැන් මේ අය දහනමය තිබුනු ප්‍රසම්පාදන කොමිසම අයින් කරලා තියෙනවා. කොමිසමේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා නිවැරදි කර කොමිසම ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතුව එකට පිළියම කොමිසම අහෝසි කිරීම නෙමෙයි.එක පැත්තකින් ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන ගමන් අනිත් පැත්තෙන් විගණන කොමිසම අහෝසි කරලා තියෙනවා. මේ කොමිසම අහෝසි  කළා ම විගණනයට අවස්ථාවක් නැහැ. දැන් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කරලා කර පාර්ලිමේන්තු සභාවක් පත්කිරීමට යෝජනා කරලා තියෙනවා. ව්‍යවස්ථා සභාවට තිබුණු නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පාර්ලිමේන්තු සභාවට නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ නිරීක්ෂණය කිරීමේ හැකියාව පමණයි. මේ දෙක අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. විගණකාධිපති ඇතුළු ඒ දෙපාර්තමේන්තු නිලධාරීන් පත් පත්කිරීම ඉවත් කිරීම මාරු කිරීම සහ උසස් කිරීම සිදුවන්නේ  ජනාධිපතිවරයාගේ අනුමැතිය මතයි. විගණකාධිපති එක්ක තමයි පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක වුණේ. අපේ ආණ්ඩු කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ධුරය දැරුවා. මේ මගින් ආණ්ඩුවේ වැරදි, දූෂණ විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විගණකාධිපති ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ බය නැතුව කතා කළා.  ජනාධිපති අගමැති  වංචා දූෂණ අනාවරණය කිරීමට පවා ඔවුන්ට කොන්දක් තිබුණා. දැන් මේ පත්කිරීම් ජනාධිපතිවරයා යටතට පත්වීමත් සමඟ මෙහි තිබෙන ස්වාධීන බවට විශාල හානියක් සිදුවනවා.කෝප්, කෝපා  සභාපති තනතුරට තනතුරු වලටත් මේ ආන්ඩුවේ අයම පත්කර ගන්න සැලසුමක් තියෙනවා. මේ සියලු බාධක ඉවත් කරලා ආණ්ඩුව තමන්ට ඕන ගමන යනවා.මෙය ප්‍රජාතන්ත්‍රවාදීද, මේකෙන්  සීග්‍ර සංවර්ධනයක් වෙනනවද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. ශීඝ්‍ර සංවර්ධනයක් වෙනුවට සෘණාත්මක සංවර්ධනයක් තමයි මෙයින් සිදුවන්නේ.තොරතුරු දැනගැනීමේ පනත තිබුනට මෙහි සාමාජිකයන් පත්කරන්නේ ජනාධිපතිවරයා. පනත තිබුනට මාධ්‍යවේදීන්ට ජනතාවට ඒ අවස්ථාව තියෙයිද කියන ගැටලුවක් දැන් ඇතිවෙලා තියෙනවා.විගණනයට අද දොරටු වැහිලා තියෙනවා. මේ ගැන අපි මීට පෙර පාඩම් ඉගෙනගෙන නැද්ද කියලා ජනතාව ගෙන් අහනවා. රෑ වැටිච්ච  වලේ දවල් වැටෙන්න අපිට බැහැ. කරුණාකරලා තමන් ඉදිරිපත් කරපු 20 අකුලගන්න කියලා ආණ්ඩුවට අපි බල කරනවා'' යැයි ද කීය.
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්
0
(ගම්පහ - තිලකරත්න දිසානායක)විපක්ෂයෙන් ආ බලවේගය මත මහ බැංකු මංකොල්ලය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හරහා හසුවූ ගනුදෙනුවක් මත ඉල්ලා අස්වීමක් සිදු වුණා. අස්වන්නා වූ කෙනාට අධිකරණය හමුවේ කෙසේ වෙතත්. ජනතා අධිකරණය හමුවේ දඬුවම් ලැබී ඇති බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දිවුලපිටියේදී පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නීතීඥ සංගමය පිහිටුවීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, දිවුලපිටිය මන්දාකිණි ශාලාවේදී පැවැති අවස්ථාවේ එසේ කීය.සංගමයේ සභාපති ලෙස සරල කරුණාරත්න, ලේකම් මිරෙන්ඩා කනංකේ, භාණ්ඩාගාරික චානක කපුරුබණ්ඩාර, ප්‍රධාන සංවිධායක තිස්ස ගුණවර්ධන, උප ලේකම් ලෙස සරණ කරුණාරත්න යන මහත්ම මහත්මීහු පත්කර ගනු ලැබූහ.සංගමයෙහි මිනුවන්ගොඩ, අත්තනගල්ල, ගම්පහ, පූගොඩ, මහර, මීගමුව සහ වත්තල යන අධිකරණ බල ප්‍රදේශ වෙනුවෙන් කියාකාරී කමිටුවක්ද පත් කර ගැනිණි.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.“මේ රජය යහපාලනය පිළිබඳව නීතියේ ආධිපත්‍යය පිළිබඳව මහා හඬක් නැඟුවා. ඒ වගේම බලපෑම් කළා එය රැකගන්න ඕනෑ කියලා. ඒත් මේ ආණ්ඩුව ආපු ගමන්ම අගමැතිවරයා පත් කළ ආකාරයත්, ඒ වගේම අග්‍රවිනිශ්චයකාරයා අස්කරල අග්‍රවිනිශ්චයකාරවරයකු පත්කළ ආකාරයත් ගැන අපට ඇති වන්නේ කනගාටුවක්. මේ නීතියේ ආධිපත්‍යය රැකගැනීමක්ද ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමක්ද කියන එක අපි අමුතුවෙන් සිතන්නට ඕනෑ නැහැ.එතැනින් තමයි පටන් ගත්තේ නීතිය කඩන්න. අධිකරණය පිළිබඳව තිබෙන විශ්වාසය, ක්‍රමානුකූලව ජනතාවගෙන් ඈත් කරන්න මෙවන් ක්‍රියා හේතු වුණා ඔවුන්ගේ දේශපාලන වුවමනාව ඉටුකරගන්න. පළිගැනීම, දේශපාලන සතුරන් අධිකරණය ඉදිරියට ගෙන එන්න නොයෙක් ක්‍රමයේ උපක්‍රම ඔවුන් භාවිතා කළා. අපි දන්නවා ඇප දීම දඬුවමක් නොවෙයි. රිමාන්ඞ් කිරීම දඬුවමක් නොවෙයි. අද රිමාන්ඞ් කිරීමක් දඬුවමක් බවට පත් වෙලා තිබෙනවා.රාජ්‍ය දේපළ කියලා, පෞද්ගලික දේපළත් ඇතුළු කරල එයින් ඇප නොදෙන්න මහේස්ත්‍රාත්වරයාගේ අත බැඳ තබන්නට අද පොලීසිය සමත් වෙලා තිබෙනවා. පොලීසියේ ක්‍රියාවලිය දේශපාලන ක්‍රියාවලියක් බවට පත්වෙලා. පරීක්ෂණ තියනවා. මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ගැසට් මගින් අගමැතිවරයා යොමු කරන දේවල් විභාග කෙරෙනවා. අගමැතිවරයාට තිබෙන බලය මොකක්ද? එතකොට මේ මුළු නීති පද්ධතියෙම හරය බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. මේ අය කළේ ඒකට ගැසට් එකක් තිබෙන දේ පොලීසියකට කරන්න බැහැනෙ. අගමැතිවරයා පොලීසියෙ, පොලිස්පතිවරයා නොවෙයිනෙ. එහෙමත් නැතිනම් පොලිස් ස්ථානාධිපති නොවෙයිනෙ. ඉතින් මේ තත්ත්වය තමයි අද මේ රටේ උද්ගතවෙලා තිබෙන්නෙ.දැන් ඒක අහෝසි කරලා මූල්‍ය අපරාධ කොට්ාසය ක්‍රියාත්මක වෙනවා. දැන් මොනවද හොයාගෙන තිබෙන්නෙ. අපේ නඩු හැත්තෑ ගණනක්ද කොහෙද අවසන් කළාලු. යැව්වලු නීතිපතිට. දැන් මොනවටද නඩු දාල තියෙන්නෙ? ප්‍රාදේශීය සභාවට බට කණු බෙදුවයි කියල. උපාසක අම්මලට සිල් රෙදි බෙදුවයි කියල. මේවට නඩු පවරල. මේවා රාජ්‍ය දේපළ නෙමෙයි කියල ආවට පස්සෙ තර්කානුකූලව ඒක වෙනස් වුණා. දැන් මේ චෝදනා නැහැ.ඉතින් මේ විදියට තමයි හැම එකක්ම. එක්කො ලිතක් ගැහුවයි කියල. දැන් මේ හැම ඇමැතිවරයාම ලිත් නෙමෙයි, කැලැන්ඩර් ගහගන්නව, පින්තූර දාගෙන. ඒවට නඩු නැහැ. හැබැයි ලිතට නඩු. ලිත කියන්නෙ මොකක්ද? ලිත කියන්නේ ගමේ සංස්කෘතියේ එක් අංගයක්. අවුරුදු නැකැත් ආදිය තිබෙන. ඉතින් ඒක ගමේ ලිත. කැලැන්ඩරය, ඩයරිය එහෙම නෙමෙයිනෙ. ඒව ගැහුවට කමක් නැහැ. ලිත ගැහුවොත් වැරදි. දැන් මෙයාලගෙ මානසිකත්වය පේනවනෙ.අද ලැම්බොගිනි ආදිය හොයන්න ගිහින් මොකක්ද වුණේ. දැන් මගේ ඩොලර් බිලියන දහ අටක් ගැන කියනවා. තව ඇමැතිවරයෙක් කියනව. ඩොලර් බිලියන 218ක් නාමල්ගෙ නමටත් තියනවලු. වගකිව යුතු කැබිනට් ඇමැතිවරුයි මේ කියන්නේ. මේව තියෙන්නේ ඩුබායි බැංකු වලලු. මම කිව්ව නාමල් ළඟ තියෙන ඒව ලියල දෙන්නම්, අපිට වරාය බේරල දෙන්නයි කියලා. වරාය ගන්නෙ නැතුව, මේව විකුණනනේ නැතුව, අපි ළඟ තියනවයි කියන ගණන නිකම් දෙන්න දෙන්නම්. තියෙන බැංකුවක් හොයා ගෙන එන්න. මේ බොරු කියන එකේ සීමාවක් තිබිය යුතුයි. බිලියන ගණන්, මිලියන ගණන් කිය කියා.දැන් මොකද අන්තිමට වුණේ? අද එළියට ඇවිල්ල තිබෙනවා. ලංකාවෙම නොවෙයි, මුළු ආසියාකරේම කරපු මහා මංකොල්ලය තමයි මේ එළියට ආවේ. මහ බැංකුවෙ මංකොල්ලය.ඒ මංකොල්ලය ගැන කොමිසම සොයා ගෙන යන කොට මේ වෙන ගනුදෙනුවකුයි අහුවුණේ. කොල්ලයේ සැකකරුවන් පිළිබඳ සොයා ගෙන යන කොට ඒ අයගෙන් ගත්තු ණයක් දැන් එළියට ඇවිල්ල අන්තිමට එයාට ජනතාවගේ විරෝධය ආවා. මේ කොමිසන් දැම්මෙත් විපක්ෂයෙන් ආපු බලවේගයට. මේකෙ ගෞරවය එන්න ඕනෑ විපක්ෂයට.මට මතකයි බන්දුල ගුණවර්ධන මහත්තයා දවස ගාණේ, මේ ගැන හඬ නැගුවා. මුළු විපක්ෂයේම කෑ ගැහීමේ ප්‍රතිඵලය තමයි කොමිසම පත් කිරීම. කොමිසමේ ප්‍රතිඵලය උඩ තමයි, අරයට ඉල්ලා අස්වෙන්න වුණේ.මම බැලුව අර මාරපන මහත්තයා අස්වුණා එයා නීතීඥවරයෙකු ලෙස දුන්නු උපදෙසක් දීම නිසා මේ ගැන ඇති වූ සැකයක් නිසා මහත්තයකු ලෙස ඉල්ලා අස්වුණා. එයා පාර්ලිමේන්තුවෙ කතා පැවැත්තුවද? කට්ටිය මහා වීරයයි කියල අත්පුඩි ගැහුවද? ඇත්ත වශයෙන් මාරපන මහත්තයයි වීරය වෙන්න ඕනෑ.එහෙම නම් මෙයා නෙවෙයි වීරයා. මෙයාට සිද්ධ වුණා ජනතා මතයට හිස නමන්න. ජනතා අධිකරණයෙන් මෙයා වැරදිකාරයෙක් කරලා ඉවරයි. දක්ෂ නීතීඥ මහත්වරුන් උපදෙස් දෙන්න ඇති, ඒක නිසා නෝන පිට දැම්මා. නෝනා ගත්ත එක මම දන්නේ නැහැ, මතකත් නැහැ කියනවා.සිද්ධාන්තයක් තිබෙනව නේද ස්වාමිපුරුෂයාට විපක්ෂව බිරිඳට සාක්කි දෙන්න බැහැ කියලා. නීතීඥයෝ විදියට ඔබතුමාලා දන්නවනෙ. ඉතින් ඒකෙනුත් බේරෙනවා. බොහොම දක්ෂ නීතීඥ මහත්තයෙක් මෙයාට උපදෙස් දීල තිබෙනවා. අධීකරණය ඉදිරියේ කෙසේ වෙනත් ජනතා අධිකරණයෙන් මෙයාට දඬුවම් ලැබෙනවා. ඒක ලැබීල ඉවරයි.මෙයාගෙන් සාක්කි විමසීම ආදිය ගැන මෙයා නීතිපති දෙපාර්තමේන්තුවේ අභියෝගයට ලක් කළ සමහර අය, නීතීයේ අකුරක්වත් නොදන්නා මන්ත්‍රීවරුන් නීතිපති දෙපාර්තමේන්තුවටම අපහාස කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ බුද්ධියට හා ඔවුන්ගේ හැකියාවට පහර දෙනවා නම් ඒක වැරදියි. ඒක වැරදි ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ.අපටත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන යම් යම් විවේචන තිබෙනවා. ඒත් අධිකරණයක් පිළිබඳව නීතිපතිවරයා පිළිබඳව කතා කරන විට කැබිනට් ඇමැතිවරුන් වශයෙන් වඩාත් කල්පනාකාරී විය යුතුයි. මොකද විපක්ෂයේ ඉන්නා විට ඕනෑම දෙයක් කියන්නට පුළුවන්. ඒත් රජයේ අයට අයිතියක් තිබෙනවාද කියා කල්පනා කර බලන්න.ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, අධිකරණයත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ, කොමිසමත් හෑල්ලුවට පත් කළායින් පස්සෙ මොකක්ද රටේ ඉතුරු වෙන්නෙ. ඉතින් ඒක තමයි මේ ආණ්ඩුවේ කෙරුවාව.එහෙම නම් අපට වගකීමක් තිබෙනවා, නීතීයේ ආධිපත්‍ය රැකගන්නට. ආරක්ෂා කරගන්න. ඒ නිසා නීතීඥවරුන් වශයෙන් එම අයිතිය තහවුරු කරන්න. ස්වාධීනත්වය තහවුරු කරන්න ඔබ පියවර ගනියි කියන විශ්වාසය තිබෙනවා.මේ රජය බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ පත්ව තිබෙන තත්ත්වය ඔබලා ඉතාමත් හොඳින් දන්නව. වෘත්තීන් පිළිබඳව, ආර්ථිකය පිළිබඳව ඔබලාට හොඳින් දැනෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.”පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා:- “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු විරෝධී පක්ෂයක් ලෙස රට පුරාම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලක්ෂ විස්සකට අධික සාමාජික පිරිසක් බඳවාගෙන තිබෙනවා.2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරදිල ගෙදර ගිය පසුව මෙතුමා සොයා ගිය ජනතාව යළිත් දේශපාලනයට ගෙන ආවා. අතීතයේ රටේ නායකයන් විශ්‍රාම ගියාට පස්සෙ එම නායකයන් දෙස ජනතාව බැලුවේ නැහැ. ඉන්නවා කියාවත් සොයා බැලුවේ නැහැ.චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පස්සේ, මට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. මම එතුමිය බලන්න හොරගොල්ලට ගියාම මොකක්ද දන්නවද කිව්වේ. “ප්‍රසන්න ඔයා ආවාද? මාත් එක්ක හිටිය එක බල්ලෙක්වත් මාව බලන්න ආවෙ නැහැ”යි කිව්වා. මම කිව්ව ඔබතුමිය ආශ්‍රය කරල තියෙන්නේ ඒ වගේ අයනෙ කියලා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තය පරාජයට පත් වුණාම රටේ ලොකු වෙනසක් ඇති වුණා.අද රාජපක්ෂ පවුලෙ අයගෙ හොරකම් හොයන්න ගිහිල්ල ආණ්ඩුවෙ අයගෙම හොරකම් එළිවෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. ලැම්බොගිනි, මාලිගාවල් හොයන්න ගිහිල්ලා මේ රජයේ සමහර ඇමැතිවරුන්ගේ හොරකම් අහුවෙලා තිබෙනවා. අද අහුවෙලා තිබෙන්නෙ ලූනු බිකක් තමයි. මහා හොරු ටික තවම එළියෙ.අපි ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූ අන්දමට ලූනු බික පමණක් නොව මීට සම්බන්ධ සියලු දෙනාම හෙළි කළ යුතුයි කියලයි. මේවා යට ගහන්න දෙන්න බැහැ.ඒවාගේම වරාය සම්බන්ධනේ අද ආණ්ඩුව තුළ බෙදීම් සිදුව තිබෙනවා. අද ආණ්ඩුව දුර්වල තැනකට වැටිලා තිබෙනවා. ඉන් ගොඩ එන්න බැරුව තිබෙනවා. අපි ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව පිහිටුවන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශීව කරන වැඩපිළිවෙළ තුළ පොදුජන පෙරමුණ අද බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මේ කටයුතු ඉතාමත්ම ශක්තිමත්ව ගෙනි යනවා.අපි දන්නවා. සමහර අයට විවේචන තියෙන්න පුළුවන් ඒත් පසු ගිය අප රජය කාලෙ අපි මැතිවරණ විසි නවයක් ජයග්‍රහණය කළා. මැතිවරණ විසිනවයක් ජයග්‍රහණය කරන විට අද ඔය මාධ්‍යවලට කතා කරන ශ්‍රී ලංකා නායකයන් කවදාවත්ම කිව්වෙ නැහැ ඒ විසිනවයම දිනුවෙ බැසිල් රාජපක්ෂ මෙහෙයවපු නිසාය කියලා. එකක් පැරදුණාම එහි වගකීම එතුමාට පැවරුව. එතුමා ඒ වගකීම බාර ගත්තා. බාරගෙන පසුගිය දවසක ප්‍රකාශ කළා. මහින්ද පැරදුවේ මමයි කියනවා වගේම මහින්ද ජයග්‍රහණය කරවන්නේ මමයි. ඒ සඳහා ගම්මට්ටමින් සංවිධානය කරන බව. ඒ නිසා අපි අතර මොන ගැටුම් ප්‍රශ්න තිබුණත් අපගේ පොදු අරමුණ විය යුත්තේ මේ ආණ්ඩුව පෙරළල රටට හිතවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය සහාය අපි ලබා දෙනවා.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ සභාපති ඩබ්ලිව්. දයාරත්න මහතා:- “අප සංගමයේ මව් සංගමය පිහිටුවීමේදී තුන්සීයක් බලාපොරොත්තු වුණත් නීතීඥයින් අටසිය අනූ අට දෙනෙකු සහභාගී වුණා නොසිතූ ලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නීතීඥවරුන්ගේ සහභාගීත්වය ඉහළ මට්ටමකින් පැවැතීම සතුටට කරුණක්. අපි මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී ඉදිරි ගමනක් යමුය කියා ඉල්ලා සිටිනවා.”මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර සහ පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල් යන මහත්වරු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතීඥ මව් සංගමයේ ලේකම් අතුල ද සිල්වා සහ ජයන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
20න් සිද්ධ වෙන්නේ අක්කා පෙන්වා නංගි අරන් දෑවැද්දත් කොල්ලකන වැඩක්
0
(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)(ඡායාරූප - ගයාන් අමරසේකර)හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව තවත් සුද්ධෝදනලා එළිවේවි යැයිද ප්‍රකාශ කළේය.“අපේ මේ අපේක්ෂකයන් වැඬේ හරියට කළොත් ඉදිරියට යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්” යැයිද ඔහු කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා තිස්සමහාරාමය දෙබරවැව ඇන්.ටී. දයානන්ද ක්‍රීඩාංගණයේදී පසුගිය 12 වැනි සිකුරාදා පැවැති ජන හමුවේදීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් රැස්වීම සංවිධානය කෙරිණ.දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාව පළ කර ගෞරව දැක්වීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ඇරැඹිණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.තිස්සමහාරාම මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා. රුහුණ මාගම්පුර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ප්‍රදේශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බැඳුණු වාම ප්‍රගතිශීලී පිරිසක් මේ ප්‍රදේශවල සිටිනවා. ඩී.ඒ. රාජපක්ෂ යුගයේ සිට දිස්ත්‍රික්කයට ශ්‍රීලනිප නායකත්වයක් දුන්නා. අප පක්ෂය සමග එවැනි ගෞරවනීය සම්බන්ධයක් තියෙන පළාතක්. සන්ධාන මහ ලේකම් තනතුර අපි හම්බන්තොටට දුන්නේ ඒ ගෞරවය නිසයි.අද පක්ෂය සරලයි. උස්කම්, මිටිකම් පක්ෂය තුළ නැහැ. අද තියෙන්නේ ගමේ ඡන්දය. ගමට වැඩ කරන නියෝජිතයකු තෝරා ගන්නා මැතිවරණය. ඒ පත්වන නියෝජිතයා පිරිසුදු අවංක කෙනෙකු වෙන්න ඕන.ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා නාගරික මන්ත්‍රීවරයකු සිට අගමැති ධූරයට ආවා. ආර්. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මේ අපේක්ෂකයන්ටත් එහෙම ගමනක් යන්න පුළුවන්. මුලින් වැඬේ හරියට කළොත් ඒ ගමන යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්. වැරැදි කරන අයට මගෙන් කිසිම සමාවක් නැහැ. පක්ෂයේ විනය තියෙන්න ඕන. රටේ නීතිය ඕනෑම කෙනකුට එක විදිහට ක්‍රියාත්මක කරනවා.මම ආවේ සදාකාලිකව වැජඹෙන්න නොවෙයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ කතාවක් යනවා. මගේ ධූර කාලය ගැන රට තුළ සංවාදයක් තියෙනවා. මා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇහුවේ ඒ නිසයි. වෙනත් නායකයෝත් ඔහොම ඇහුවා. විපක්ෂයේ අය වගේම ආණ්ඩුවේ සමහරුන් අද මේකට කලබල වෙලා. විනිසුරුවන් දෙන ඕන තීරණයක් මා බාර ගන්නවා. මම ආවේ සදාකල් වැජඹෙන්න නොවෙයි. තනතුරු මට ප්‍රශ්නයක් නොවෙයි. තනතුරු තිබුණත් නැතත් මම වැඩ කරනවා.අපේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ පසුගිය කාලයේ බරපතළ දූෂණ වුණා. දේශපාලනඥයන් ඒවා කරන කොට රාජ්‍ය නිලධාරිනුත් ඔවුන් අනුගමනය කළා.මම ජනාධිපති වී බරපතළ දූෂණ ගැනත්, බැඳුම්කරය ගැනත් කොමිෂන් සභා දෙකක් පත් කළා. මේ වාර්තා දෙකම මට එකම සතියේ ලැබුණා. මට පක්ෂ භේදයක් නැහැ. දඬුවම් කළ යුතු අයට දඬුවම් දෙනවා.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල ගමේ කියමනක් තියෙනවා. මිහින් ලංකා ගැන ලබන සතියේ කොමිසමක් පත්කරනවා. ඒකෙන් සුද්දෝධනලා එළිවේවි. මා පක්ෂය වගේම ආණ්ඩුවත් ශුද්ධ කරනවා.ආණ්ඩුව ඇතුළේ කොළොන්නාවේ කුණු කන්දට වඩා ලොකු කුණු කඳු තියෙනවා. මා ඒ කුණු කන්දත් අදින්න සූදානම්.සමහරු මම රට විකුණනවා කියලා චෝදනා කරනවා. එදා අපි සමග සම්බන්ධතා පැවැත්වුයේ රටවල් කිහිපයක් පමණයි. අපිට විදේශ රටවලින් එල්ල වූ තර්ජන ඉවත් කරගන්න මා කටයුතු කළා. ලෝකයේ රටවල් මා ගැන විශ්වාසය තැබුවා. රුසියාව අපේ තේ නැවැත්වූවා. මම පුටින්ට ලිපියක් යැව්වා. එතුමා ඒ තහනම ඉවත් කර ගත්තා. පොහොර ප්‍රශ්නයක් ඇතිවුණා. මා පාකිස්ථාන අගමැතිතුමාට කතා කළා. ඉල්ලුවේ මෙටි්‍රක් ටොන් 40,000යි. 75,000ක්ම එව්වා. රටේ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා.පොහොර හිඟ ඇතිවුණේ අපේ ආණ්ඩුව කාලයේ පමණක් නොවෙයි. පසුගිය ආණ්ඩුවලදීත් ඒ වගේ දේවල් වුණා. හොඳ පිරිසක් හදන්න බුලත් කොළයට ඡන්දය දෙන්න. ඔබ පත් කරන නියෝජිතයා මගේ නියෝජිතයායි.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා: මම දිස්ත්‍රික්කයේ හැම තැනකම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන දිනා ගන්නවා. අපට විරුද්ධ අයත් අද එකතු වී සිටිනවා. අද ජනාධිපතිතුමා රටේ වෙනසක් කරනවා. හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කළා.හම්බන්තොට වරායේ සේවක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නය බාරගන්න සූදානම්. ඒක ගිය ආණ්ඩුව හදපු එකයි. හම්බන්තොටට සංවර්ධනය අපි ජනාධිපතිතුමා සමග එකතු වී ගේනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනේ වැදගත් අවස්ථාවක් අද දෙබරවැවෙන් අරඹනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එදා ප්‍රභු පන්තිය ක්‍රියා කළා. සඟ, වෙද, ගුරු... පංච මහා බලවේගය ගොඩනැගුණේ ඒ අනුවයි.දොස්තරවරු, ඉංජිනේරුවරු ගමෙන් බිහිවුණේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නිසයි. බණ්ඩාරනායක මහත්තයා මැරුවේ එතුමා මරන්න නොවෙයි. පක්ෂය මරන්නයි. එතුමා මැරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලත් පක්ෂය විනාශ කරන්න හැදුවා. එහෙත් කරන්න බැරිවුණා. ඊට පසුව චන්ද්‍රිකා මරන්න හැදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැරිවුණා.තනි යූඑන්පී ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ඉන්නේ හිරගෙදර. සම්මුතිවාදි ආණ්ඩුව හැදුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසයි. මේ නිසා නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. පාක්ෂිකයාත් ආරක්ෂා වුණා. මහ බැංකු හොරකම එළියට ආවේ සම්මුතිවාදී ආණ්ඩුව තිබුණු නිසයි. බැඳුම්කර වංචාව ගැන මුළින්ම අල්ලස් කොමිසමට ගියේ මහින්ද අමරවීර. බැඳුම්කරේ ගැන කොමිෂන් සභාව පත් කළේ අපි නිසයි. හොරා එළිවුණේ මේ කොමිෂන් සභා වාර්තාව නිසයි.පාර්ලිමේන්තුව ජෝක් එකක් කළා. එදා හොරා මොකාද කියලා රටම දැනගත්තා. හොරු සමග හෙළුවෙන්. සමහරු ඇත්තට බෙහෙත් දාගත්තා. සමහරු බොරුවට බෙහෙත් දා ගත්තා. දැන් නියම හොරා මාට්ටු.අපි අතර තිබූ සමගිය කැඩුවේ නාමල් හා ගම්පහ පැත්තේ ඌරු මීයෙකු වගේ ඇඟක් තියෙන මොළේ නැති කෙනායි. අපි හංසයාට අලියට පූට්ටු වෙලා නැහැ.ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:- මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ මන්ත්‍රීකම රනිල්ගේ කකුල් දෙක ළඟ තියලයි. මහින්ද වගේ නායකයෙක් පැරදුණේ ඇයි? මහින්ද මේ රට බේරා ගත්තු නායකයා. මේ රටට වැඩ කරපු නායකයා. පැරදුණු හේතුව හොයන්නේ නැතිව ඔවුනට ඉදිරියට යන්න බැහැ. මහින්ද යුද්ධය දිනුවට උතුරේ ජනතාවගේ හදවත දිනා ගත්තේ නැහැ. මුස්ලිම් ජනතාව එතුමාගෙන් ඈත්වුණා. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසකට රැකියා දුන්නේ මහින්ද. 58,000කට රැකියා දුන්නා. ඒ පනස් අට දහසට මෝටර් සයිකලය බැගිනුත් දුන්නා. මර්වින් සමෘද්ධි නියාමකයන් ගස් බැන්දා. මේවාට පියවර ගත්තද? සරත් ෆොන්සේකාට ජම්පරේ අන්දලා හිරේට දැම්මා. ජනතාව මේ වැඩවලට විරුද්ධව ඡන්දය දුන්නා.මම එදා රනිල් එළවන්න සජිත් එක්ක කැරලි ගහපු කෙනෙක්. අන්තිමේදී මට ගෙදර යන්න වුණා. නමුත් අද රනිල්, සජිත් තකට තක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බැසිල් රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක කටයුතු කළා. එහෙම කරලා යූඑන්පීයට සේවය කළා. මෛත්‍රී පක්ෂය කඩාගෙන ගියාට වෙනම පක්ෂ හැදුවේ නැහැ. ඒ වගේම යූඑන්පීඑකේ සාමාජිකත්වය ගත්තෙත් නැහැ. අද අපේ පක්ෂය බෙදලා පොහොට්ටුව කියල අවජාතක පක්ෂයක් හදලා තියෙනවා. එහෙම හදල යූඑන්පීඑකට සපෝට් කරනවා.මහ බැංකුවට කොටි ගැහුවා. අවුරුදු 20කට පස්සේ ඒකට අලි ගැහුවා. නැතිවෙන්නම ගැහුවා. මට මගේම නොවන මගේම ගෙයක් තිබුණා කියලා රවී කියනවා. ඕක බැසිලුත් එදා කිව්වා. මට මගේම නොවන මගේම ගෙයක් මල්වානේ තිබුණ කියල ඔහු කිව්වා.මෛත්‍රී මේ රටේ සියලුම හොරු අල්ලන නායකයා. අපි ආණ්ඩුවෙන් එළියට ගියොත් බිහිවන්නේ යූඑන්පී ආණ්ඩුවක්. ජනාධිපතිතුමා 2021 වනතුරු මේ රටේ ජනාධිපති.පිළිගැනීමේ කතාව පවත්වමින් දකුණු පළාත් අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා මෙසේ පැවැසීය.මනාප ක්‍රමය තුළ ඇතිවූ ගැටුම් ආරවුල් අප නැති කළා. සියලු දෙනා සමගියෙන් කටයුතු කරන මැතිවරණයක් අප ලබාදුන්නා. පෙබරවාරි 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය ලැබීම ස්ථිරයි. එය කාටවත් වළක්වන්න බැහැ. මුළු ගමම ඊට සූදානම්.ජාතික නිදහස් පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා:- ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාවෙන් හොරු කවුද කියල පෙන්නුවා. හොරු දෙගොල්ල පාර්ලිමේන්තුවේදී මරාගත්තා. අගමැති පාර්ලිමේන්තුවේදී එදා හැසිරුණු විදිය හරිද? රටට විහිළු සපයන නායකයෙක්. එවැනි නායකයකු සිටින පක්ෂයකින් ගමට මන්ත්‍රීවරුන් පත් කරනවාද? මෙවැනි පන්නයේ අගමැතිවරයෙක් මීට පෙර අප දැකලා නැහැ.ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ, එරාජ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
1
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්‍ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්‍ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්‍ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්‍රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්‍ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්‍ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්‍ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්‍රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්‍ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්‍ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා.  මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්‍ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්‍රලියන් දහයකට වැඩියි. ටි්‍රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්‍රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්‍රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්‍ෂයෙ කට්ටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයත් නොදැන ශ්‍රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්‍ෂයක් මට බාරදුන්නේ. පක්‍ෂය ගොඩගන්න මම පක්‍ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්‍ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්‍ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්‍රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්‍ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්‍ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්‍රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) 
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
0
(ගම්පහ තිලකරත්න දිසානායක සහ මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය පුද්ගලයිනුත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක රටට නායකත්වය ලබා දෙන්නට දේශපාලන නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි බිහි කළා” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ, උඩුගම්පොළදී පැවැසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය, මිනුවන්ගොඩ ආසනයේ පිහිටුවාලමින් සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා විසින් සංවිධානයකොට තිබූ ආධාරකරුවන් දැනුවත් කිරීමේ හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා එසේ කීය.උඩුගම්පොළ රෙජී රණතුංග අනුස්මරණ ශාලාවේදී පෙරේදා (30) පැවැති මෙම හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.මම ඉතාමත් සතුටට පත්වෙනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ආසන බල මණ්ඩලය මිනුවන්ගොඩ ආසනයෙන් ඇරඹූ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මෙය ලොකු ආඩම්බරයක්. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ජනතාවට ස්තුතිය පුදකර සිටිනවා.නමුත් අද මේ රටේ ආර්ථිකය භාරව සිටි ඇමැතිවරයා විදියට ගිරුවායේ උපන් කෙනෙකු හැටියට සිහින මවල මේ රටට අත්කරදීපු ලොකුම වස්තුව ඒ හම්බන්තොට වරාය අද ලංකාවෙ විකුණන්න පුළුවන් එකම වස්තුව විදියට තිබුණු ඒ ජාතික වස්තුව ජාතියෙන් විකුණපු දවස ලෙස ඉතිහාස ගතවෙන නිසා ඇත්තටම අපි අද ශෝක වෙනවා. අද ජාතියේ ශෝක දිනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.මේවාගේම දිනක 1987 ජුලි 29දා ඉන්දු ලංකා ගිවිසුම නැවත ආපසු හරවන්න බැරි විදියට ලොකු පාවාදීමක් ඇති කළා. අද මේ පාවාදීම මේ වරාය තමයි තිබුණු ලොකුම වස්තුව. එදා මැතිනිය පවරාගත් දේවල් එක්සත් ජාතික පක්ෂ රජය විසින් ආපසු විකුණුවා. ඒ වගේම අපේ රටට තෙල් හෝ වෙන සම්පත් නැහැ. අපිට තිබුණු ලොකුම වස්තුව වරාය. ලෝකයේ ඕනෑම රටකට ගුවන් තොටුපොළවල් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තිබෙන්නේ. ඒකෙනුත් අන්තර් ජාතික නාවික ගමන් මාර්ග සහිත වරායක් පිහිටුවන්නට පුළුවන්නම් ඒ හම්බන්තොට වරාය විතරයි. කොළඹත්, ත්‍රිකුණාමලයෙත් වරාය තියෙන්නෙ දුරින්.නමුත් හම්බන්තොට වරාය තියෙන්නේ ඒ නාවික ගමන් මාර්ගයේ.මේ වරාය බදු දුන්නා කියනවා. මේ බද්ද ඉවර වෙන්නේ අවුරුදු 99න් නම් 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් ඒ වනවිට නැහැ. මේ වරායෙන් නැව්වලට ඉන්ධන සැපයීම කරන්නට පුළුවනි. නමුත් අවුරුදු 99කට පස්සේ අපිට වරාය අයිති වෙනවිට තෙල්වලින් දුවන නැව් ලෝකයේ නැති වෙන්න පුළුවනි. ඒ වනවිට නැව් දුවන්නේ න්‍යෂ්ටික බලයෙන් හෝ සූර්ය තාපයෙන්.අවුරුදු සීයකට පෙර හිටපු සුදු ජාතික දිසාපතිවරයාගේ සිහිනය සැබෑ කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය හැදුවා. එහෙම හදල ජාතියෙ සම්පත් විදියට එකතු කළා. ඒක අවුරුදු 99කට විකිණුව. මේක තමයි සිදුකළ ලොකුම පාවාදීම.මේ වරාය කවදහරි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අනිවාර්යයෙන්ම අපි ජනසතු කරනවා. සමහරවිට ඉන්දියාව, චීනය තරහ වෙයි. එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැන අපි වැරදි පෙන්නූ ආකාරයට මේ ගිවිසුමත් වැරදියි. මේ ගිවිසුමත් නිත්‍යානුකුල නැහැ. මෙය අත්සන් කර තිබෙන්නේ වැරදි කෙනෙක්. වැරදි විදියට. ඒක නිසා මේ ගිවිසුම අනිවාර්යෙන්ම අවලංගු වන බව අපි කියනවා.ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය කල ගැනත් කියන්න ඕනෙ. ඇයි අලුත් පක්ෂයක් හදන්නේ කියල අහනව. 1948දී නිදහස ලැබුණු පසුව මේ රටේ පාලනය බි්‍රතාන්‍යයන්ගෙන් අයිති වුණා. කළු සුද්දන් අතට.1951 වනතුරුම බණ්ඩාරනායක මහත්තය ඇතුළු අය බලන් හිටිය. නමුත් මේ රටේ ස්වදේශකයින්ට නිසි තැන නොලැබෙන නිසා මේ රටේ පංච මහා බලවේගය බණ්ඩානායක, ඩී.ඒ. රාජපක්ෂ හා ටී.බී. තෙන්නකෝන්ල එකතුවෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව. හදල ආණ්ඩුවක් පිහිටුවූ පසු මුලින්ම කළේ සිංහල භාෂාව පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව කළා. දෙමළ භාෂාවට සමතැන දුන්නා.ඒ විතරක් නොව මේ රටේ තිබූ විදේශ හමුදා කඳවුරු පවරා ගත්තා. ඒ සියල්ලටම වඩා කළ වැදගත්ම දේ වරාය ජනසතු කරනු ලැබීමයි.ඒවාගේම පසු කලෙක බහු ජාතික සමාගම් ජනතාව සන්තක කළා. මේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. මැතිනිය 1972දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනත් ජන රජයක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසයි.පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් යුද්ධය නිම කළා. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දුන්නා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසයි. දැන් ඒක තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගන්නා කෙනෙක් ජනාධිපති ධුරයේ ඉඳිමින් මොකක්ද කරන්නේ බණ්ඩාරනායක මහත්තය ජනසතු කරපු වරාය, මහින්ද රාජපක්ෂ මහත්තය ගොඩනගපු වරාය අද අවුරුදු 99කට බදු දෙනවා. මෙහෙම දෙයක් දන්නෙත් නැහැ කියනවා.මේ රටේ නීතිය අනුව රජයේ ඉඩමක්, රජය සන්තක ඉඩමක් බද්දකට දෙනවා නම් ඒ සඳහා පළාත් සභාවට ඉඩම් බලය නැහැ. එය අත්සන් කළ යුත්තේ ජනාධිපතියි.මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිද? පක්ෂයේ ප්‍රතිපත්ති අද නැහැ. ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කළාම අපේ ආර්ථිකයත් ඉවරයි. මේ විදියට ශ්‍රීලනි පක්ෂයේ සියලුම ප්‍රතිපත්ති උල්ලංඝනය කරල, ඒවගේම මැතිවරණවලදී වැඩි ඡන්ද ලැබූ පක්ෂයේ බල කණු ප්‍රසන්න රණතුංග වැනි අයගේ ආසන සංවිධායකකම නැති කරල පැරදුණු කෙනෙක් ආසන සංවිධායක කරනව. මේකද පක්ෂයේ ප්‍රතිපත්තිය. පක්ෂය නගා සිටුවන්නද මේවා කරන්නේ.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් නැහැ. නායකයොත් නැහැ. ජනප්‍රිය අයත් නැහැ. පදනමක් ඇත්තෙත් නැති වෙලාවක එක්සත් ජාතික පක්ෂයට අප පක්ෂය පාවාදෙන වෙලාවක මේ රටට නායකත්වය ලබා දෙන්න දේශපාලන නායකත්වය ලබා දෙන්නට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබුණා. අන්න ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ආශිර්වාදය මැද ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීරලා, ඉන්දික අනුරුද්ධලා සහ ඒකාබද්ධව සිටින අපේ නායකයන්ගේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි බිහි කළා.මේ පක්ෂය 2016 නොවැම්බර් 1 වෙනිදා ලියාපදිංචි කළා. හරියට මාස හය පිරුණුදා මැයිදා දකුණු ආසියාවේ විශාලම ජන ගංගාව ගාලු මුවදොර රැස්වීමට ගෙන ඒමට හැකි වුණා. අපි අද එහෙම තැනකට ඇවිල්ල ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් 14,000න් දිවයින පුරාම ක්‍රියාකාරී කමිටු පිහිටුවා අද වනවිට පක්ෂය උරුමකර දෙන නිල අයිතිය දෙන වැඩපිළිවෙළට පැමිණ සිටිනවා. අපේ පක්ෂය දැවැන්ත පක්ෂයක් බවට පත් වෙනවා පමණක් නොවෙයි වැඩිම සාමාජිකයින් සිටින පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් කරනවා. මෙය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීවයි කරන්නේ.ඒවගේම කියන්න කැමතියි අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. අපි ඡන්ද කඩන්නේ නැහැ. බෙදන්නේ නැහැ. අපේ පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් බව කියනවා. සමහරු කියනවා අපි ආවම දෙකට කැඩිල වෙනත් අය දිනයි කියල. එහෙම දිනනව නම් අපි එන්නෙත් නැහැ. අපි එන්නේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නයි.අපිට අභියෝගයක්ව තිබෙන්නේ ඡන්ද ගන්න එකයි. එක් එක් කාලයකදී ඡන්ද කල් දැම්ම. කල් දැම්මට මන්ත්‍රීවරුන් නැතුව හිටියේ නැහැ. හිටපු කට්ටිය දික් කළා. නමුත් මේ විදියට ඡන්ද කල් දමා නැහැ. මෙය නීති විරෝධීයි. අපි අධිකරණය හමුවටත් ගිහින් ඉන්නවා. ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සටනක් කරනවා.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා: මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න නම් අපි ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය පැරැද්දුවේ බැසිල් රාජපක්ෂ මහත්තයි කියල ලොකු කතාවක් ගියා. රනිල්  වික්‍රමසිංහ විසි නව පාරක් පරදින විට ඔය එකෙක්වත් කිව්වේ නැහැ බැසිල් රාජපක්ෂ තමයි මේ විසි නව පාරම දිනෙව්වේ කියලා. හැබැයි එකක් පැරදුණුවිට කිව්ව බැසිල් තමයි පැරැද්දුවේ කියල. අද මුළු රටම දන්නව ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ඉන්න අපේ ඡන්දවලින් ගිහිල්ල වරප්‍රසාද නැතුව ජීවත් වෙන්නට බැරි අය තමයි අපේ පක්ෂයට වින කරන්නේ.බැසිල් රාජපක්ෂ මහත්තය රැස්වීමකදී කියල තිබුණ මම හැම වගකීමක්ම බාර ගන්නව එම පරාජයේ. මහින්දව පැරැද්දුවේ මම නම් මහින්දව  ඒ පුටුවෙ යළිත් වාඩි කරවන්නෙත් මමයි කියලා. ඒ කොන්දක් ඇතිව කළ ප්‍රකාශයම අපේ අලුත් පක්ෂයට ශක්තියක්. පක්ෂ හදන ඒක ලෙහෙසි නැහැ. මොකද ජනතාව හිටියේ නැහැ. හැබැයි මහින්ද මහත්තය වටේ ජනතාව රැස්වෙනවා. මෙහි නායකත්වය බැසිල් රාජපක්ෂ මහත්තය ගෙන මීළඟ පළාත් පාලන මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන්න සූදානම්.මේ රජය හම්බන්තොට වරාය විකුණන්න අත්සන් කළා. මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපතිත් සම්බන්ධයි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිවල නැහැ. හිටපු නායකයින් රාජ්‍ය දේපළ විකිණීම නොකළත් වත්මන් නායකයා රාජ්‍ය දේපළ විකුණනවා.මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පළාත් සභා මන්ත්‍රීන් වන ලක්ෂ්මන් ගුණවර්ධන, සනත් ප්‍රදීප් විතාන, මෙරිල් පෙරේරා යන මහත්වරුන්ද හිටපු පළාත් පාලන නියෝජිතයින්ද එක්ව සිටි අතර මෙහිදී මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නීල් ජයසේකර මහතා පිළිගැනීමේ කතාවත්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා විසින් පොදුජන පෙරමුණ මිනුවන්ගොඩින් ජයග්‍රහණය කරවීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
0
(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික‍්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි කී ජනාධිපතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප‍්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.රටේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතු බවද ජනාධිපතිවරයා කීය.මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම මැයි රැලියේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.අපි මේ ඓතිහාසික මහනුවර පුරවරය තුළ අද සාර්ථක මැයි රැලියක් පැවැත්තුවා. පාරවල් දෙකකින් පස්වරු 1 ට පෙළ පාළිය ඇරඹුවා. පෙළපාළිය අවසන් කරන්න පැය හයකට වඩා කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කම්කරු ජනතාවගේ, වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ බල වේගයයි. මෙය පුළුල් ජාතික බලවේගයක එක අවස්ථාවක් හැටියටත් සැලකිය හැකියි. රැලිය යද්දී මහනුවරට අද ලොකු වැස්සක් වැටුණා. මහනුවර තිබුණේ වියළි කාලගුණයක්. අපි ඇවිල්ල වැස්ස දුන්න එක ගැන සතුටු වෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ මැයි රැලිය පැවැත්වුවා. එදත් මහ වැස්සක් වැස්සා. ලබන අවුරුද්දේ නියඟය තියෙන පැත්තකට මැයි රැලිය ගෙන ගොස් නැවතත් වස්සවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම වැඩ කළේ කම්කරුවාගේ යහපත වෙනුවෙනුයි. ලෝකයේ අධිතාක්ෂණය සමග රටක් දියුණු කිරීමේදී දැනුම බුද්ධිය සහිත නිපුණ ශ‍්‍රමිකයා වැදගත්. අපිට අපේ රටට ඒ නිපුණ ශ‍්‍රමයේ අද අඩුවක් නැහැ. වැඩ කරන ජනතාවගේ නිපුණ ශ‍්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතුයි. ඒ හඬ සමග රජය කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් හැමවිටම කටයුතු කළ සංවිධානයක්. අනාගත සිහින ලෝක දිහා බලල වැඩක් නැහැ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි.ජාත්‍යන්තරවාදය අද ලෝකය තුළ කෙමෙන් කෙමෙන් වියැකෙමින් යනවා. ජාත්‍යන්තර අත පෙවීම් අද වනවිට අඩු වෙමින් පවතිනවා. අද අපට කිසිම රටකින් බලපෑමක් නැහැ. 2015 දී අප ලැබු ජය සමග ජාත්‍යන්තරය දිනා ගත්තා.ප‍්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන් වුණා. අප රට ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්වුණා.අද අපේ රට විත්තිකාරයකු නොවෙයි. අද අපට තියෙන්නේ නිදහස් රටක්. ජාතික සංහිිඳියාව ශක්තිමක් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි නිවැරදි කර ගන්න මේ මැයි රැලිය අද හොඳ සංඥාවක් දුන්නා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නැහැ. පක්ෂය විවෘතයි. මධ්‍යම කාරක සභාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද හොඳට තියෙනවා. ඒක ඇතුළේ විවේචන, ස්වයං විවේචන කරන්න පුළුවන්. අපේ පවුලට තවත් පුටුවක් හදන්න මම මෙතනට ඇවිල්ලා  නැහැ.අද පක්ෂයේ තරුණ, කාන්තා සංවිධාන ඉදිරියට ඇවිත් තියෙනවා. ශක්තිමත් වී තියෙනවා. පැරදුණු පක්ෂය යළි ජයග‍්‍රහණය දක්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය, දුගී බව අපි ඉවත් කිරීමට කටයුතු කරන්නේ කොහොමද? කියන ඒකයි.දුගී භාවය නැති කිරීමට අප පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළක් රට පුරා ගෙන යනවා.මේ රට ගොඩ නගන්න අපි කවුරුත් එකාවන්ව කැප විය යුතුයි. ඒ සඳහා සියලූ ජාතීන් වාද භේද අමතක කර එකමුතු විය යුතුයි. අනෙක් ජාතීන් අමතක කරලා මේ රට දියුණු කරන්න බැහැ. එදා මේ රට නිදහස ගත්තේ පොදු අරමුණකින් සටන් කරලයි. කලක් අප යුද්ධයෙන් බරපතළ වධ වේදනා වින්දා. රණවිරුවන්ට පින්සිදු වෙන්න අපිට සාමය ලැබුණා. ඉදිරියට මේ රටට ජාතික සංහිදියාව අවශ්‍යයි. රටට ඉදිරියට ගමන් කිරීමට එය අවශ්‍යයි. අපි රට දෙනවා. පාවා දෙනවා ගිවිසුම් ගහනවා කියලා අද සමහරු චෝදනා කරනවා. මම මේ පුටුවට ආවේ ජාතික සංහිදියාව ශක්තිමත් කරන්නත් විදේශීය බලපෑම්වලින් තොරව ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ඇති කරන්නයි. අපේ භූමියෙන් කොටසක් විදේශ රටවලට දෙන්න මා සූදානම් නැහැ. පෝට්සිටි චීනයට දීමත් එක්ක දොන් ජුවන් ධර්මපාලලා ඇතිවුණා. අපි ඒ ගිවිසුම වෙනස් කළා. අපිට නොගැළපෙන දේ වෙනස් කළා.වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම ඒවාට උත්තර දෙන්න සූදානම්. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාර දුන්නා. කොතෙක් බාධා ආවත්, කුමන්ත‍්‍රණ ආවත් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනැවිත් මම පෙන්නලා තියෙනවා. ඉතිහාසය පුරා මෙවැනි අභියෝගවලට අපි මුහුණ දීලා තියෙනවා.මා එය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් කරනවා.අප අලූත් ආසන සංවිධායකවරුන් පත් කළා. අද සමහරු පක්ෂයේ දේට එන්නේ නැතිව වෙනත් මැයි රැලි පවත්වනවා. මොන චෝදනා ආවත් සම්මුතිවාදී ප‍්‍රතිපත්ති නිසා අප රට කෙරෙහි ලෝකයේ තිබුණු අප‍්‍රසාදය මග හැරුණා. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය ඇතිවුණේ ඒ නිසයි. කාර්යාල සේවිකාවන්ට ඇති අයිතිය අද සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල හා සාප්පු සියලූ සේවිකාවන්ට දින 84 ප‍්‍රසූත නිවාඩුවක් දෙන්න අපි ස්ථීර තීන්දුවක් ගත්තා. සෙනසුරාදා නිවාඩු දින අත හැරලා එය දෙනවා.අද ඔබ වැස්සේ තෙමුණා. ඔබ ඒ කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග‍්‍රහණය වෙනුවෙනුයි. උතුරෙන් වැඩිම ජනතාවක් අද අපේ මැයි රැලියට ආවා. නැගෙනහිරිනුත් වැඩිම පිරිසක් ආවා. එය ලොකු ජයග‍්‍රහණයක්. ප‍්‍රගතිශීලි වාමාංශික ව්‍යාපාරයට ජයවේවා.එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප‍්‍රධාන ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා.ගාල්ලේ පළමු මැයි රැුලියේ වාර්තාව කඩලා අද වැඩිම ජනගඟ ගැටඹේට ගලලා ඉවරයි. තවමත් පෙළපාලි මහ මග. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ බාර ගත්ත ගමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළා. ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ සාර්ථකව එතුමා ඉදිරියට ගෙන යනවා. අද මේ රටට විදුලි පුටුව එන්නේ නැහැ. රණවිරුවා අද ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ගැන අද ලෝකය විශ්වාසය තබල තියෙනවා. එතුමා ගැන ලෝකයේම විශ්වසය ගොඩනැගුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණේ ජී.එස්.පී. ප්ලස් ලැබුණේ ඒ විශ්වාසය නිසයි.ඒ සහන ගත්තේ කිසිම අහිතකර කොන්දේසියකට එකඟ වෙලා නොවෙයි. දැවැන්තම මැයි රැලිය වගේම දැවැන්තම පෙළපාළි දෙකක් අද සාර්ථකව පැවැත්තුවා. හම්බන්තොට වැඩිම ජනකායක් ආවේ අපේ මේ රැලියටයි. ඉදිරි පළාත් මැතිවරණ දිනනවා. 2020 දී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-කම්කරුවාගේ අයිතීන් දිනා දීමට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමායි. ඔහු කම්කරුවා රකින නායකයායි. විශ්ව විද්‍යාල ශක්තිමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජනසතු ව්‍යාපාර හරහා ජනතාවට සේවය සැලසුවේ අපේ පක්ෂයයි. සියලූ කම්කරු අරගලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග සිටින බවට පොරොන්දු වෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:-කම්කරුවා වෙනුවෙන් දැවැන්තම සේවය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැයි දිනය නිවාඩු දිනයක් කළේ සේවක අර්ථ සාධක අරමුදල දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒවා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කම්කරු අයිතීන් සුරැකීමට නම් මෙම පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. පක්ෂය නොබෙදා අලූත් පක්ෂ නොහදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට අපි කවුරුත් අදිටන් කර ගත යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා:-වැඩ කරන ජනතාවට ප‍්‍රතිලාභ රැසක් දීමට අප කටයුතු කරනවා. කම්කරු නීතිවල පවතින අඩුපාඩු මග හැරවීමට කටයුතු කරනවා. අපේ පිරිසක් අද කොළඹත් මැයි දිනයක් පවත්වනවා. ලබන මැයි දිනයේදී එකම මැයි දිනයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හාම්පතුන්ට බරක් නොවන විදියට කම්කරු වන්දි දෙනවා. පෞද්ගලික අංශයේ නිවාඩු ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතුයි.ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා:-අවම ජාතික වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම වාර්තාවක්. අද ඒවා බොහෝ දෙනකුට අමතකයි. මාතෘ නිවාඩු විෂමතාව ඉවත් කර ගන්න අපි ලොකු අරගලයක් කළා. මම සියලූ කම්කරු සංවිධාන සාධාරණයි කියල කියන්නේ නැහැ. සාධාරණ සටන් තියෙනවා. සමහරු පාරට බැහැලා ඔහෙ කරන්නම්වාලේ කරන උද්ඝෝෂණ රටට අහිතකරයි. එහෙම කළාම ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අරගලය සාධාරණ හේතු මත විය යුතුයි. පෞද්ගලික අංශයේ උපරිම සේවා කාලය අවුරුදු පනස් පහ වැඩි විය යුතුයි.මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනේ උරුමයේ තියෙනවා. අද අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ කැත්ත උදැල්ල හුරු ගොවි පුතකුයි. පක්ෂයට සැබෑ නිදහස දෙන නායකයා ඔහුයි. අද නිල්පාට තියෙන්නේ ගැටඹේ පමණයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද ඉන්නේ ගැටඹේයි.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මැයි රැලියට සහභාගි වූහ.
හොරුන්ට දඬුවම් දෙන්න පක්ෂ පාට මට කිසි ප්‍රශ්නයක් නෙමේ
0
 “ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලෙක් මවමින් ජාතිවාදය අවුස්සා බලයට ඒමට දඟලන බවට ආණ්ඩුවෙන් චෝදනාවකි. මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද?පිළිතුර:- මේ මොහොතේ ලංකාවේ දේශපාලනය අපි දකින විදියට ඉතාම තීරණාත්මක තැනක තියෙන්නේ.ප්‍රශ්නය:- තීරණාත්මක තැනක කිව්වේ?පිළිතුර:- එකක් තමයි ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් වගේම වගකීමක් පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න යට ගහන්න අවශ්‍ය කරන වාතාවරණය ගොඩ නගන්න. ඒක තමයි ආණ්ඩුවේ උපාය.ප්‍රශ්නය:- මොනවද ඒ ප්‍රධාන ප්‍රශ්න?පිළිතුර:- ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඔවුන්ට අවශ්‍ය පරිදි හා බෙදුම්වාදයට අවශ්‍ය පරිදි  ඔවුන්ගේ පැවැත්ම පිණිස හා බලයට ඒමට බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු වෙනුවෙන් ඒවා ඉටු කරන්න පරිසරයක් හදාගන්න. ඒ වගේම ආර්ථික වශයෙන් දැවැන්ත අභියෝගයක් රට ඉස්සරහා තියෙනවා. හාල් ඇටයක්වත් හොයාගන්න බැරි රටක්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක යට ගහන්න ඕනෑකම තියෙනවා. අනික් පැත්තෙන් වෛද්‍යවරුයි නීතියයි හප්පනවා. මේවා ආණ්ඩුවේ උපායන්. මේවාට අමතරව පුළුවන් නම් ජාතිවාදී ගැටුම් ටිකකුත් හදාගෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න බලනවා.ප්‍රශ්නය:- ඔබ කිව්වා ඒකාබද්ධ විපක්ෂයට බරපතළ අභියෝගයක් හා වගකීමක් තියෙනවා කියලා?පිළිතුර:- ඔව්. මම අර කියපු තත්ත්වය පරාජය කරන්න ඉන්න නායකයෝ සිරගත කරනවා. අපේ පක්ෂයේ නායක විමල් සහෝදරයව සිරගත කරලා තියෙන්නේ ඒ අර්ථයෙන්ම තමයි. තව තව නායකයන් හිරගෙදරට දක්කන්න, ඒ හරහා භය කරන්න, භය කරලා නිහඬ කරන්න, යටත් කරගන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදියට ආණ්ඩුව සැලසුම් සහගතව හා උපාය මාර්ගිකව මේ අවස්ථා පියමන් කරන්න උත්සාහ කරනවා. මේකට අභියෝගාත්මක වන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ යුතුව තියෙනවා. ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. වෙන විපක්ෂයක් නෑනේ මේ රටේ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ඒ වගකීම පැවරිලා තියෙනවා. අපි ඒ වගකීම කොතෙක් දුරට ඉටු කරනවාද නැද්ද කියන එක මත තමයි ඉදිරි දේශපාලනය තීරණය වෙන්නේ.ප්‍රශ්නය:- ඔබ ආණ්ඩුවට චෝදනා කළා ජාතිවාදය අවුස්සනවා කියලා. නමුත් ජාතිවාදය අවුස්සන්නේ ඒකාබද්ධ විපක්ෂය බවටයි චෝදනා කරන්නේ?පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයට ජාතිවාදය ඇවිස්සීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. අපි ඉන්නේ බෙදුම්වාදයට එරෙහිවයි. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපි හිටියෙත් ඉන්නෙත් බෙදුම්වාදයට එරෙහිවයි. ඒකාබද්ධ විපක්ෂයෙ විවිධ මත තියෙන පක්ෂ හිටියත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් මත තිබුණත් පොදුවේ බෙදුම්වාදයට විරුද්ධයි. අපි විශ්වාස කරනවා මේක ජාතිවාදය අවුස්සල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි කියලා. මේක මේ කිහිප දෙනෙකුගේ උවමනාවට දෙමළ දේශපාලනඥයන්ගේ හරි, සිංහල දේශපාලනඥයන්ගේ හරි ඕනෑ එපාකම් මත ආණ්ඩු බලය ගන්න එහාට මෙහාට කරගන්න හෝ බලය තබා ගැනීම සඳහා ජාතිවාදය පාවිච්චි කරන තත්ත්වයක් තියෙනවා. ඒක අපි වෙනම හඳුනා ගන්න ඕනෑ. ඒ නිසා අපි ජාතිවාදීන් නොවෙයි.ප්‍රශ්නය:- නමුත් ඔබලාගේ ප්‍රකාශ පැත්තෙන් ඒවා ඉතා පටු ජාතිවාදියි කියලා චෝදනා කරන්න පුළුවන්.පිළිතුර:- මට එහෙම එක ප්‍රකාශයක් පෙන්වන්න. මෙහෙමයි උතුර වෙන් කරනවාට විරුද්ධ වීම ජාතිවාදය නොවෙයි. උතුර වෙන් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් මේ ආණ්ඩුවට එරෙහි වීම ජාතිවාදය නොවෙයි. ඒකට එරෙහි වීම තමයි මේ රටේ ජාතික සමගියට තියෙන හොඳම දේ. අපි යෝජනා කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ සියලු දෙනා එකට සිටිය හැකි රටක්. හැබැයි ඒක ව්‍යවස්ථාවකින් හරි නීතියකින් හරි බෙදන්න ගියොත් නේද බෙදීම තියෙන්නේ? දැන් අපි එකට ඉන්නවා හැළ හැප්පිලි මැද්දේ හරි. තියෙන ප්‍රශ්න ටික මේසයකට අරන් ඇවිත් සාකච්ඡා කරලා විසඳ ගන්නනේ තියෙන්නේ. එහෙම නැතිව ඒක බෙදිලා විසඳන්න බෑ.ප්‍රශ්නය:- ජාතිවාදීන් නොදුටු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවන බවට ජනාධිපති මෛත්‍රී චෝදනා කළා.පිළිතුර:- එතකොට කමිටු වාර්තාවල මොනවද තියෙන්නේ. ඒ කමිටු වාර්තාවල තියෙන ඒවා ඔබ බැලුවොත් එහෙම ඒ වායේ තියෙන්නේ බෙදීමට අවශ්‍ය නීති හැදීම, ඒ වගේම මනෝ විද්‍යාත්මකව කල්පනා කරනවා නම් යම් යම් දේවල්වලින්  ඈත් කරලා තිබ්බට පස්සේ ටික කාලයක් යනකොට මිනිසුන්ගේ චින්තනය හැදෙනවා, ඒ බෙදීම ඇතුළේ ජීවත් වෙන්න. ඊට පස්සෙ අවදියකදී තමයි බෙදීම නිසා ගැටුම්  හැදෙන්නේ. උදාහරණයක් ගත්තොත් ඔවුන් කල්පනා කරනවා කොහොමද ජල මූලාශ්‍ර ටික බෙදාගන්නේ. එතැනට පත් වෙනවා කියෙන්නෙම බෙදීමනේ. ඒ වෙනුවෙන් තමයි මේ නව ව්‍යවස්ථාව එන්නේ. ඒ නිසා ජාතිවාදීන් අපි නොවෙයි. නමුත් මේ වෙලාවේ අපිට ජාතිවාදීන් කියන ලේබලය අලවන්න ඕනෑ අපට ජාතිවාදීන්  කියලා කිව්වොත් තමයි ඔවුන්ට ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ජාතික සමගිය වෙනුවෙන් කතා කරන අපව ජාතිවාදීන් බවට  පත් කළ යුතුයි.ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන දෙයක් තමයි විමල්ලා වැනි ජාතිවාදීන් සමඟ නම් සන්ධාන ගත වෙන්නේ නෑ කියලා?පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහරු එහෙම කියලා තිබුණා. හැබැයි ඔවුන් ජාතිවාදීන් කියලා අපට කියනවා නම් මම යෝජනා කරනවා අපිත් එක්ක ඇවිත් කතා කරන්න කියලා. අපි මොකක්ද කියන්නේ කියලා හරියට අහගන්න කියලා. විමල් වීරවංශ, රණවිරුවන් ගැන කතා කිරීම ජාතිවාදී නොවෙයි. විමල් වීරවංශ රණවිරුවන් කියලා කියන්නේ යුද්ධයට ගිය භටයන්ට, රටට සාමය ගේන්න ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කළේ ඔවුන්. ඒ වගේම ඔවුන් යුද්ධ කළේ ප්‍රභාකරන්ට එරෙහිව මිසක් දෙමළ ජනතාවට එරෙහිව නොවෙයි. ප්‍රභාකරන්ට එරෙහිව ආණ්ඩුව යුද්ධ කළේ. ඒ මිනිසුන්ට විරුද්ධව දෙයක් වෙනකොට ඒකට එරෙහිව කතා කිරීම ජාතිවාදය නොවෙයි. ඒ වගේම විමල් වීරවංශ උතුරේ දරුවන් ගැන ඒ ජනතාව වෙනුවෙන් කතා කරනවා. කැබැතිගොල්ලෑවේ දරුවන් ගැන මම කතා කරන එක ජාතිවාදි නෑ. ඒ ළමයින්ව මැරුවෙ දෙමළ ජනතාව නොවෙයි. එල්ටීටීඊ එකයි. ඒකට ජාතිවාදය කියලා කියන්න පුළුවන් වෙන්නේ මෝඩයන්ට විතරයි. මේ රටේ රණවිරුවො, ත්‍රස්තවාදය පරාජය කළ අභිමානවත් පුරවැසින් ගැන කතා කිරීම ජාතිවාදය නොවෙයි. එහෙම නම් ඉතින් ඔක්කොම ජාතිවාදීන් විය යුතුයි. එහෙම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් ජාතිවාදී විය යුතුයි. මොකද ඒ වෙලාවෙ එතුමත් ඒ ආණ්ඩුවේ හිටියේ. එහෙම නම් ඒ ආණ්ඩුවම ජාතිවාදියි. ත්‍රස්තවාදය පරාජයට පත් කළාට පස්සේ ඒ රණවිරුවාට සිද්ධ වෙන අසාධාරණය කතා කිරීම ජාතිවාදය නොවෙයි. ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියන එක ජාතිවාදය නොවෙයි. එල්ටීටීඊ එකට ත්‍රස්තවාදීන් නොකියා අපි මොකක්ද කියන්න ඕනෑ.? අපි දෙමළ ජනතාවට ත්‍රස්තවාදීන් කිව්වොත් ඒක වැරදියි. දෙමළ දේශපාලන නායකයන්ට අපි ත්‍රස්තවාදීන් කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ඔවුන් රට බෙදන්න උඩගෙඩි දෙන පිරිසක් කියලයි. එදා එල්ටීටීඊ යට උඩගෙඩි දුන්න පිරිසක්. ඒ ගැන කීම ජාතිවාදය නොවෙයි. අපි කියන දේ හරිම සරලයිනේ. වෙනම ඉන්න ඉල්ලන එකනේ ජාතිවාදය. අපි කියන්නේ එකට ඉමු කියලා. ඉතින් අපි ජාතිවාදීන් වෙන්නේ කොහොමද?ප්‍රශ්නය:- ඔබ උතුරේ දෙමළ දේශපාලන නායකයන්ට ජාතිවාදීන් කියලා කියනවා. ඔබෙයි ඔවුන් අතර ඇති වෙනස?පිළිතුර:- මම ඒක පැහැදිලි කළානේ. ඔය උතුරේ ඉන්න නායකයෝ ජාතිවාදය වැපුරුවේ නැත්නම් පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් යන්න බෑ. ඔවුන් උතුරේ සංවර්ධනය බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම මේ ගැන පාර්ලිමේන්තුවේදි කතා කළා. උතුර සංවර්ධනයට දීපු සල්ලි උතුරු පළාත් සභාව සතයක්වත් වියදම් කරලා තිබුණේ නෑ. ඒකට මොකක්ද කියන්නේ.ප්‍රශ්නය:- ඔබ රණවිරුවා ගැන කතා කළා. ඒ කාලේ බොහෝ අනීතික ක්‍රියා කළ බවට සැක කරන හමුදා නිලධාරින් සෙබළුන් අත්අඩංගුවට ගැනෙනවා. එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැරදියි කියලද ඔබ කියන්නේ?පිළිතුර:- නෑ. නීතිය රටක ක්‍රියාත්මක කිරීම අපට ප්‍රතික්ෂේප කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනැනේ. නීතියක් නැත්නම් ඒක රටක් නොවෙයිනේ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී එය විනිවිදභාවයෙන් මෙන්ම අපක්ෂපාතීව විය යුතුයි. මොකද රණවිරුවන් සම්බන්ධ ප්‍රශ්නය තීරණාත්මක වෙන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු රටක්. සාමය ගොඩ නගපු රටක්. ඒ සාමය ගොඩ නගපු රට ඇතුළේ විශාල  කැප කිරීමක් කළේ රණවිරුවෝ. එතකොට රණවිරුවා කියන්නේ බලවේගයක් මේ රටේ. රණවිරුවා කියන්නේ නිකම් හුදකලා මිනිසෙක් නොවෙයි. ඔවුන් බලවේගයක්. රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්. එතකොට ඔවුන් සම්බන්ධයෙන් කවුරු හරි පැමිණිල්ලක් කරනවා නම් එසැණින් රිමාන්ඞ් කරලා පරික්ෂණ පටන් ගන්න බෑ. නිවැරැදි විමර්ශනයක් කළ යුතුයි. ඊට පස්සේ එපැයි ඊළඟ පියවරට යන්න. නමුත් මෙතැන වෙන්නේ ඒ දෙය නොවෙයි කියලා ඉතාම පැහැදිලියි. දේශපාලන කෝණයකින් මේක සිද්ධ වෙන්නේ.ප්‍රශ්නය:- ඔබ කොහොමද එහෙම කියන්නේ?පිළිතුර:- මේ ආණ්ඩුව හදන්න එකතු වුණු බලවේග මොනවාද? දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය, එතකොට ආණ්ඩුවේ දැන් ඉන්න අනෙකුත් පාර්ශ්වයන්. ඒ පාර්ශවයන්ගේ මූලික ඉල්ලීම් මොනවාද? ඒ ඉල්ලීම්වලට අනුවනේ අද මේ ආණ්ඩුව හැසිරෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කළ යුතුයි. උතුරේ තිබුණු පරිපාලනමය තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. එහෙම ඉල්ලීම් කරන අයගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබුණෙ රණවිරුවා දඩයම් කිරීම. මේ සිද්ධ වෙන්නේ ඒක තමයි.ප්‍රශ්නය:- අනීතික වැඩ කරපු සෙබළාට නීතිය ක්‍රියාත්මක කරන කොට ඒක රණවිරු දඩයම කියලා කියනවා. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක දේශපාලන දඩයම කියලා කියනවා. මේක අවස්ථාවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද?පිළිතුර:- රණවිරුවාට එරෙහි දරුණු මෙහෙයුමක් තියෙනවා. රටක් විදියට මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව තියෙනවා. මේ රණවිරු දඩයමෙන් සතුටු වෙන්නේ වෙන කවුරුවත් නොවෙයි දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය අපට රටට එරෙහි බලවේග, විදේශීය බලවේග, මෙය අප තේරුම් ගත යුතුයි.ප්‍රශ්නය:- වැරදි කරපු දේශපාලනඥයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතු නෑ කියලා ඔබ කියනවද?පිළිතුර:- නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑනේ. හැබැයි දේශපාලන උවමනාවක් වෙනුවෙන්. දැන් බලන්න අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා.ප්‍රශ්නය:- ඔබ කියන්නේ ඒක දේශපාලන දඩයමක්?පිළිතුර:- ඒක දේශපාලන දඩයමක් වෙන්නේ. ඔහුට තියෙන චෝදනාව මොකක්ද? උපදෙස් දීම හා අනුබල දීම. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මම කෝප් කමිටුවේ ඉන්නකොට අර්ජුන් මහේන්ද්‍රන් සාක්කි දුන්නේ “මට මේකට උපදෙස් දුන්නේ අගමැතිතුමා” කියලා. එතකොට මහ බැංකු බැඳුමකරය වංචාවක් නම් ඒකට උපදෙස් දුන්න අගමැති එළියෙ ඉන්නේ කොහොමද? දැන් අර්ජුන් මහේන්ද්‍රන් එළියෙ. රටක් සංවර්ධනය කරනකොට, අමාත්‍යාංශයක වැඩ කරනකොට ඇමැතිවරයකුට උපදෙස් දෙන්නත් බැරිනම් අනුබල දෙන්නත් බැරිනම්, ඒ සඳහා මැදිහත් වෙන්නත් බැරිනම් එහෙම නම් ඇමැති කෙනෙක් මොනවද කරන්නේ කියලා කියන්න. ඇමැතිට මොනවද කරන්න තියෙන්නේ? එහෙම නම් දැන් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඇයි හිටියට වැඩක් නෑනේ. පහුගිය ආණ්ඩුව වැඩ කළේත් මේ ආණ්ඩුව වැඩ කරන්නෙත් ඒ ඒ අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ අනුමැතියෙන් තමයි. ඇමැතිවරයාට ඒ බලය පවරලා තියෙන්නේ පනතෙන්. එහෙම තිබියදී කොහොමද මෙවැනි චෝදනා කරන්නේ. මේ චෝදනා තමන්ට අවශ්‍ය පරිදි හදපුවා. මේක දේශපාලන දඩයමක් කියලා කියන්නේ ඒකයි.ප්‍රශ්නය:- නමුත් මෙතැන නීතිය?පිළිතුර:- පොඞ්ඩක් ඉන්න. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ පොලිසිය. පොලිසිය හසුරුවන්නේ ආණ්ඩුව. නීතිය නමනවා කියලා පොලිස්පතිතුමාම කියනවා. මේ ඒක තමයි කරළියට ඇවිත් තියෙන්නේ. මෙතැන නීතියක් නෑ. යහපාලනයක් නෑ.ප්‍රශ්නය:- 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා. දැන් මාස දෙකක් ගෙවිලා.පිළිතුර:- තව මාස 10 ක් තියෙනවනේ. 2017 පටන් ගත්තා විතරයිනේ. දෙසැම්බර් වෙනකම් කල් තියෙනවනේ.ප්‍රශ්නය:- එහෙම වැඩපිළිවෙළකුත් නෑ. හැකියාවකුත් නෑ. නමුත් තමන් සමග ඉන්න කණ්ඩායම තියාගන්න කියන කතාවක් කියලා ආණ්ඩුව කියනවා.පිළිතුර:- එහෙම බෑනේ. එහෙම නම් එහෙම කියා ගැනීමේ හැකියාව මේ අවුරුද්දෙන් ඉවර වෙනවනේ. වැඩපිළිවෙළවල් ක්‍රියාමාර්ග කියන ඒවා එකවර එළියට දාන්නේ නෑනේ. එහෙම කරන්නත් බෑනේ. මතුවන දේශපාලන තත්ත්වයන් විසින් සියල්ල වේගවත් කරාවි. විශේෂයෙන්ම කිවයුතුව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යමක් ආවට ගියාට කියන්නේ නෑ කියලයි. 
ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා
1
මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවේ පැතිරුණු හැටි:ඇමැති චම්පික රණවකගේ විග්‍රහයක් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක    මුස්ලිම් අන්තවාදීන් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුවූ කම්පනය තවමත් නොවෙනස්ය. මේ, මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කළ විවරණයකි.    • ප්‍රශ්නය - එක් ජාතිවාදයක් විසින් තවත් ජාතිවාදයක් පෝෂණය කරන බව ඔබ පිළිගන්නවාද?   පිළිතුර - සාමාන්‍ය අදහසක් ඕක. ඇත්තටම පීඩාවට පත්වන ජන කණ්ඩායම් ජාති හා ආගමික ජන කණ්ඩායම් පීඩාවට එරෙහිව සටන් කිරීම මනුෂ්‍ය ස්වභාවයක්. මනුෂ්‍යයා කියන්නේ පරිණාමයේදී තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වුණාම අනිවාර්යයෙන්ම එයට ප්‍රතිචාර දක්වපු කෙනෙක්. සංවිධානාත්මකව ප්‍රතිචාර දක්වපු කෙනෙක්. නිර්මාණශීලිව ප්‍රතිචාර දක්වපු කෙනෙක්, ඒ නිසානේ මිනිසා අනික් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ. ඒක සාමාන්‍ය ස්වාභාවික කාරණයක්.   කිසියම් ජන කණ්ඩායමක් වේවා, ආගමික කණ්ඩායමක් වේවා, තර්ජනයකට අභියෝගයකට ලක් වුණාම ඒ ජන කණ්ඩායම එකට ගැට ගැසීමක් පැවැත්ම සඳහා ප්‍රතිචාර දැක්වීමත් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය සමාජයේ සිදු වෙනවා.   • ප්‍රශ්නය - ‘‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනාගනී’’ කියලා කාල් මාක්ස් ලිව්වා?   පිළිතුර - කාල් මාක්ස්ගේ බොහෝ නියමයන් අද වෙනකොට ඉතිහාසය තුළ අවලංගු වෙලා ඉවරයි. ලංකාවට 1935දී කාල් මාක්ස්ගේ මතය හඳුන්වා දුන්නා. ඊට පස්සේ ලංකාවේ වම-දකුණ දේශපාලනය ඇතිවුණා. ජර්මන් පාර්ලිමේන්තුව ආදර්ශයට ගනිමින් වාමාංශික සමාජවාදීන් හා දක්ෂිණාංශිකයන් කියලා.   මේ රටේ දක්ෂිණාංශිකයන්ගෙන් ජේ.ආර්. ජයවර්ධන හැරෙන්න අනික් කවුරුවත් තමන් ධනවාදීන් යැයි සවිඥානකව දැනගෙන හිටියේ නැහැ. හැබැයි වාමාංශිකයන් හැම කෙනෙක්ම වගේ තමන් වාමාංශිකයෝ බව සවිඥානකව දැන සිටියා. වාමාංශිකයන් නොදැන හිටපු දේ තමයි 1983 ජූලි මාසයේ සිදුවෙච්ච දෙමළ විරෝධි ගැටුම විසින් ලංකාවේ දේශපාලනය සුසමය දර්ශන වෙනසකට ලක් වුණා කියලා. එතැන් සිට මේ අප්‍රේල් 21 වැනිදා දක්වා ලංකා දේශපාලනයේ ප්‍රධාන තේමාව වූයේ වම-දකුණ බේදයවත් පංති සටනවත් නොවෙයි. දෙමළ බෙදුම්වාදී අරගලය හා එයට කොහොමද සමාජයේ අනෙකුත් කොටස් ප්‍රතිචාර දක්වන්නේ කියන එක. එහි සම්පූර්ණ ගුරුත්ව කේන්ද්‍රය වේළුපිල්ලේ ප්‍රභාකරන්.   • ප්‍රශ්නය - ඔබ කියන්නේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා දේශපාලනයේ මාර්ග සිතියම වෙනස් කළා කියලද?   පිළිතුර - ඔව්! අනිවාර්යයෙන්ම. ඒක තමයි ඔතැන තිබුණේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ 1983දී ප්‍රභාකරන් උපත ලැබුවා කියලා. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය අඩුම තරමින් එස්.ජේ.වී චෙල්වනායගම්ගේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ 1949දී ගෙන ආ යෝජනාවත් එක්ක ගලා ආපු ගමනේ තර්කානුකූල ප්‍රතිඵලයක්.   • ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් කැරැලි ගැහුවා. ඒ ප්‍රකාශනයේ ආරම්භයට තුඩු දෙන්නේ?   පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණේ උපතට තුඩු දෙන්නේ ලංකා සමසමාජ පක්ෂය වපුරන ලද සමාජවාදී රාජ්‍යයක් ධනපති පංතිය පෙරළලා හදන්න ඕනෑ කියලා කියපු ඒ ක්‍රියාවලියේම තර්කානුකූල ප්‍රතිඵලයක්. එතකොට නිදහසින් පස්සේ ලංකාවේ පළමු යුගයේදී ලංකා දේශපාලනයේ ප්‍රධාන බළ කඳවුරු ගොඩනැගුණේ වමේද දකුණේද කියන එක මත. මේකට සන්නද්ධමය විලාශයෙන් ජවිපෙ වගේ පක්ෂ ප්‍රතිචාර දැක්වූවා. ඒක තමයි උච්ඡස්ථානය.   හැබැයි 83 න් පස්සේ එළැඹුණේ දෙමළ බෙදුම්වාදයට ඒ ඒ කණ්ඩායම් දක්වන ප්‍රතිචාර වෙනුවෙන්, සමහරවිට ප්‍රභාකරන් පරාජය කළ යුතුයි කියලා හිතපු අය ඒ වෙනුවෙන් උපාය මාර්ග කල්පනා කළා. උදාහරණයක් හැටියට චන්ද්‍රිකා - රනිල් දෙපළ අනුගමනය කළ උපාය මාර්ගය තමයි ෆෙඩරල් විසඳුමක් දෙමළ ජනයාට ලබාදිලා ඒ හරහා දෙමළ ජනයා දිනාගෙන ප්‍රභාකරන් පරාජය කළ හැකිය කියන උපාය මාර්ගයේ.  • ප්‍රශ්නය - නමුත් ඒක යථාර්ථයක් නොවෙයි?  පිළිතුර - ඔව්! ඒ නිසාම අපි ඒ උපාය මාර්ගය ප්‍රතිකේෂප කළා. අපි කිව්වා ‘‘උතුරේ දෙමළ ජනයා ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපයේ ඉන්නේ. ප්‍රභාකරන්ට විරුද්ධව ඒ ජනයාට කරන්න කිසිම දෙයක් නෑ. ඒ නිසා දෙමළ ජනයා පැත්තකට කරලා මුලින් ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළ යුතුයි කියලා. එහෙම පරාජය කළාට පස්සේ තමයි නිදහස් දෙමළ ජනයාත් සමඟ ඕනෑම සාකච්ඡාවක් කළ හැකිවන්නේ කියලා.  අවසන් වශයෙන් අපේ මතය තමයි මේ රටේ ජයග්‍රහණය කළේ. ඒ අනුව සමහරු මේක ස්වයං නිර්ණ අයිතිය හැටියට අරගෙන මේකට පක්ෂ වුණා. සමහරු මේක හරහා රට බෙදෙනවා, නිර්ධන පංතිය බෙදෙනවා කියලා මාක්ස්වාදීන් විරුද්ධ වුණා. ධනපතියන් බලය බෙදලා මේක විසඳන්න පුළුවන් කියලා. ඒ විදියට විවිධ ප්‍රතිවිරෝධතා මේක ඇතුළේ ඇති වුණා.  • ප්‍රශ්නය - දැන් සහ්රාන් හෂීම් මතුවෙලා ඉන්නවා. මේක ඉතිහාසයේ අලුත් තත්ත්වයක්?  පිළිතුර - ඔව්. සහ්රාන් හෂීම්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රිස්තියානි ජනයාට එරෙහිව කළ ප්‍රහාරය හරහා කරුණු කිහිපයක් නිසා මේ රටේ දේශපාලනයේ වෙනසක් වෙනවා. දේශපාලන පද්ධතියේ වෙනසක් වෙනවා. මින් ඉදිරියට ඉස්ලාමීය මූලධර්මවාදී ව්‍යාපෘතිය හා අනෙක් සමාජයේ අනිකා බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි දේශපාලනයේ ඉදිරි කාලයේ ස්වභාවය වෙන්නෙම.  • ප්‍රශ්නය - එයින් කියැවෙන්නේ මෙයින් ගැලවීමක් නෑ?  පිළිතුර - මෙහෙමයි. ඔබට මතක ඇති 2000 කියන්නේ අලුත් සියවස ආරම්භ වෙච්ච දවස. හැමෝම කිව්වා 1999 දෙසැම්බර් 31 වැනිදා අලුත් සියවස ආරම්භ වෙනවා කියලා. එතකොට ආතර් සී. ක්ලාක් මැතිතුමා කිව්වා ‘‘සුද්දෝ බිංදුව දැනගෙන හිටියේ නෑ. සුද්දෝ එකෙන් තමා ගණන් කරන්න පටන් ගත්තේ. ඒ නිසා වසර 2000 එන්නේ 2001 වසරේ ජනවාරි පළමුවැනිදා ඉඳන් කියලා. නමුත් දේශපාලන විචාරකයෝ කියන්නේ අලුත් සියවස ආවේ 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල කරපු නිව්​ෙ‌යා්ර්ක්  අල්කයිඩා ප්‍රහාරයෙන් කියලා.  • ප්‍රශ්නය - ඒක එහෙම වෙන්නේ කෙහොමද?  පිළිතුර - ඒ ප්‍රහාරයත් එක්ක ලෝකයේ එතෙක් තිබුණ දේශපාලන සීමා මායිම් සියල්ලම ඉස්ලාමීය මූලධර්මවාදයේ අනෙකා හැටියට බෙදෙනවා. මේ තත්ත්වය පසුගිය දශක දෙක තුළ අපට මුළු ලෝකය තුළින්ම දකින්න පුළුවන්. හැම රටකම මූලික ප්‍රශ්නය බවට වම-දකුණ ප්‍රශ්නය හෝ බෙදුම්වාදී ජාතිවාදී ප්‍රශ්න නොවෙයි මේක පත් වුණා. ඇමෙරිකාවේ අද මූලික ප්‍රශ්නය ඉස්ලාමීය මූලධර්මවාදයයි. යුරෝපයේ ප්‍රශ්නයත් ඒකමයි.  මහා රුසියාවේ ගැටලුව මොකද්ද? චෙස්නියාවෙයි ඩාවිස්තානයෙයි සහ වෙනත් ප්‍රදේශවල රුසියාවට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කරලා තියෙන ප්‍රශ්නය. ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වෙනවා. මොකද්ද මූලික ගැටලුව. කාශ්මීරයේ සහ අනෙක් ප්‍රදේශවල ඇති වෙලා තියෙන යුදමය අභියෝග.  චීනයේ මොකද්ද ප්‍රශ්නය. රතු චීනයේ ප්‍රශ්නය ෂිංහැයන් පළාතේ තියෙන ඉස්ලාමීය මූලධර්මවාදයට එරෙහිව තියෙන සටන. චයිජිං පින් අැමෙරිකාව එක්ක වෙළෙඳ යුද්ධයක පැටලිලා ඉන්නවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය අරක. අප්‍රිකාව ගන්න අප්‍රිකාව ගිනිගෙන දැවෙනවා. මොකද්ද තියෙන ප්‍රශ්නය. උතුර මුස්ලිම්වරුන්ටත් දකුණ ක්‍රිස්තියානුවන්ටත් ගිහිල්ලා. ඒ දෙක මැද්දෙ තියනෙ රටවල්වල ක්‍රිස්තියානුවන් හා මුස්ලිම්වරුන් අතර ඇතිවෙලා තියෙන ගැටුම. සුඩානය දෙකඩ වුණා. ඒ විදියට හැම රටකම ගැටුම් ඇතිවෙලා තියෙනවා.  සුළු රටවල් කිහිපයක් හැරුණාම කියුබාව වෙනිසියුලාව වගේ රටවල් හැරුණාම අනෙකුත් රටවල මූලික බෙදුම් රේඛාව හැඩගැහිලා තියෙන්නේ ඔසාමා බිල්ලාඩන් විසින් ඇති කරපු ඒ බෙදුම් රේඛාවයි.  • ප්‍රශ්නය - සහ්රාන් හෂීම් ඒ තත්ත්වය අප රට තුළ ඇති කළා?  පිළිතුර - ඔව්! ඒ තත්ත්වය ඇති කළා. අපට මතකයි 1978දී විතර දෙමළ පොලිස් පරීක්ෂකවරයකු මඩුකැලේදී අතුරුදන් වුණා. ඒ සිද්ධියෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බුල් වීරතුංගව යැව්වා උතුරට. එයා උතුරට ගිහින් කිව්වා හය මාසයකින් ප්‍රශ්නය විසඳනවා කියලා. නමුත් හය මාසය හය අවුරුද්දක් වුණා. හය අවුරුද්ද අන්තිමට තිස් අවුරුද්දක් වුණා.  ඒ නිසා මේ ප්‍රශ්නය මාස තුනකින් විසඳන්නත් පුළුවන් වෙයි. අවුරුදු තුනකින් විසඳන්නත් පුළුවන් වෙයි. සමහරවිට මේ සියවස පුරාම මේ ගැටුම තියෙයි. ඒක තීරණය වෙන්නේ අපි මේක පාලනය කරන ප්‍රමාණයට. ඒක තමයි අපි දැන ගන්න ඕනෑ පළමු වැනි කාරණය.  • ප්‍රශ්නය - සහ්රාන් හෂීම් කෙනෙක් එක්වරම බිහි වෙන්නේ කොහොමද?  පිළිතුර - සහ්රාන් හෂීම් අහම්බයක් නොවෙයි. රෝහණ විජේවීර හා ප්‍රභාකරන් අහම්බයක් නොවුණා සේම මොහුත් අහම්බයක් නොවෙයි. මොහු මුස්ලිම් සමාජයේ ඇති වෙච්ච ඓතිහාසික ක්‍රියාවලියක තර්කානුකූල ප්‍රතිඵලයක්. ඇන්.ඇම්ලා, කොල්වින්ලා රටේ සමාජවාදී විප්ලවයක් කරන්න ඕනෑ කියලා කිව්වාම අවුරුදු 30කට පස්සෙත් ඒක නොවුණාම විජේවීර ඔවුන්ව ප්‍රශ්න කළා.  විජේවීර හා සනත් බොරලුකැටිය ඔවුන්ව ප්‍රශ්න කළා. ප්‍රශ්න කරලා කිව්වා මේ අය බොරු කාරයෝ කියලා, ‘‘විප්ලවවාදී පක්ෂයක් හදන්න ඕනෑ බොල්ෂෙවික් පක්ෂයක් හදන්න’’ කියලා. එහෙම කියලා 71 අප්‍රේල් කැරැල්ල ගැහුවා. ඒ වගේම තමයි 1999 දී චෙල්වනායගම් පොන්නම්බලම්ට විරුද්ධව කරුණු හතරක් මත, දෙමළ ජාතිය වෙනම ජාතියක් ඔවුන්ට දෙමළ කතා කරන සියලුම දෙනා අයත්. ඔවුන්ගේ නිජබිම උතුර හා නැගෙනහිර ඒ වගේම ඔවුන්ට වෙන් වී යාමේ ස්වයං නිර්ණ අයිතිය තියෙනවා කියන කරුණු හතර මරදානේදී ප්‍රකාශ කළාට පස්සේ දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටෙව්වට පස්සේ ප්‍රභාකරන් අවුරුදු ගානකට පස්සේ කියනවා ‘‘දේශයේ සන්නද්ධ අරගලයකින් අපි ඊළාම් රාජ්‍ය අත්පත් කරගත යුතුයි’’ කියලා එහෙම කියලා මහා විනාශයක් කළා.  • ප්‍රශ්නය - ලංකාවේ මුස්ලිම් සමාජයෙන් එහෙම ප්‍රකාශයක් තිබුණේ නැහැ?  පිළිතුර - ඔව්! ලංකාවේ හිටියේ බොහොම සාමකාමී මුස්ලිම් ජනතාවක්. මුස්ලිම්වරු මේ රටට ආවේ ආක්‍රමණිකයන් හැටියට නොවෙයි. වෙළෙඳාමට ආපු සාමකාමී පිරිසක්. ඒ සාමකාමී පිරිසට පළමු තර්ජනය එල්ල කළේ මේ රටට ආපු තවත් වෙළෙඳ ජාතියක් වෙච්ච පෘතුගීසින්. තමන්ට තරගයක් දෙන්න ඉන්න මුස්ලිම්වරුන්ව පෘතුගීසින් රටින් පළවා හැරියා. ඒකට හේතුවකුත් තිබුණා. යුරෝපයේ මුස්ලිම්වරුන්ට එරෙහිව කරපු මහා අරගලයකින් පස්සේ තමයි ස්පාඤ්ඤය හා පෘතුගාලය නිදහස ලබා ගත්තේ.  ඒකත් එක්ක මුස්ලිම්වරුන් යනවා කන්ද උඩරටට. කන්ද උඩරට රජතුමාගේ සරණ යටතේ ලංකාවේ නොයෙක් තැන්වල පදිංචි වුණා. ඒ නිසා තමයි නොයෙක් මුස්ලිම්වරුන්ගේ වාසගම්වලට සිංහල වාසගම් තියෙන්නේ. මොකද ඔවුන්ගේ බිරින්දෑවරු බොහොමයක් අපේ අතීත මිත්තනියෝ. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට ලන්දේසින් ආවා. ඔවුනුත් කිසිම සමාවක් දුන්නේ නෑ මේ මුස්ලිම්වරුන්ට. හැම වෙලාවෙම තෙරපගෙන හිටියා. ඉංග්‍රීසින් ආවට පස්සේ බොහොම සටකපට විදියට ක්‍රියා කළා. ඉංග්‍රීසින් මේ මුස්ලිම්වරුන්ව බලාත්මක කළා.  සිංහලයන්ට එරෙහිව කරපු කැරලි මර්දනවලට ඔවුන්ගෙ උදව් ලබාගත්තා. පල්ලිවලට නිදහස දුන්නා. හැබැයි මුස්ලිම් මිනිස්සු 1915 ගැටුමේදී හැරුණු විට පොදුවේ සාමකාමී මිනිස්සු. ඔවුන් වෙළෙඳාම් කළ සුපීසම් කියන ධර්මය. ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වුණ බොහොම ආධ්‍යාත්මික ධර්මයක්.  සත්‍යකරා යන්න හැකිතරම් ලෞකිකවාදයෙන් ඈත්වෙච්ච මුස්ලිම්වරයෙක් තමයි ඒ ධර්මයෙන් බලාපොරොත්තු වුණේ. සුපී ගුරුවරුන්ගේ සොහොන් තමයි ඔවුන් වන්දනා කළේ. ලංකාවේ පැරැණි පල්ලි බොහොමයක ඒ සොහොන් ගැබ් වන්දනාමාන කළා.   සහ්රාන් හෂීම්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රිස්තියානි ජනයාට එරෙහිව කළ ප්‍රහාරය හරහා කරුණු කිහිපයක් නිසා මේ රටේ දේශපාලනයේ වෙනසක් වෙනවා. දේශපාලන පද්ධතියේ වෙනසක් වෙනවා. මින් ඉදිරියට ඉස්ලාමීය මූලධර්මවාදී ව්‍යාපෘතිය හා අනෙක් සමාජයේ අනිකා බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි දේශපාලනයේ ඉදිරි කාලයේ ස්වභාවය වෙන්නෙම• ප්‍රශ්නය - පසුකාලීනව මේ තත්ත්වය වෙනස් වෙනවා?  පිළිතුර - අනුක්‍රමයෙන් විශේෂයෙන්ම අසූ ගණන්වල මැද භාගයේ ඉඳන් මේ රට තුළ වේගයෙන් තබ්ලික් ජමාත් කියන ව්‍යාපාරය. ඒක ඉන්දියාවෙන් ආවේ, ඒකෙදි බොහෝ දුරට කිව්වේ ‘‘සොහොන් ගැබ් වන්දනාව හරියන්නේ නෑ. කුරාණය කියවන්න කුරාණයේ හරය දකින්න. ඒකට අනුව ජීවත් වෙන්න’’ කියලයි. ඒකත් එක්කම මතු වුණා. නැගෙනහිර පළාතේ ගැටුම.  • ප්‍රශ්නය - එල්ටීටීඊ ප්‍රහාරය?  පිළිතුර - ඔව්! ඒක ගැනත් මත දෙකක් තියෙනවා. කාත්තන්කුඩියේ පල්ලියේදී මුස්ලිම් ජනයාට ප්‍රහාරයක් එල්ල වුණා. එල්ටීටීඊයට උදව් නොකළ නිසා ඔවුන් පහර දුන්නා කියලා මුස්ලිම් ජනතාව කියනවා.  දෙමළ ජාතිවාදී ඉතිහාසයේ කියන්නේ ඉරානයේ ආධාර ඇතිව ශ්‍රී ලංකා ආණ්ඩුව සන්නද්ධ මුස්ලිම් ව්‍යාපාරයක් හැදුවා. ඒක මුලිනුපුටා දැමීමට එල්ටීටීඊය ක්‍රියා කළා කියලා.  • ප්‍රශ්නය - ඔබට අනුව කොයි මතයද හරි?  පිළිතුර - කොයිකද හරි කියලා තාම පැහැදිලි නෑ. නමුත් මුස්ලිම් සුළු පිරිසක් සන්නද්ධව එල්ටීටීඊයට හිතවත්ව හිටියාය කියන එකත් විරුද්ධව හිටියාය කියන එකත් පැහැදිළියි. 1990 බුර්කාව, ෂරියා නීතිය ආදිය නීතිගත තත්ත්වයට ගෙනාවා. මුස්ලිම් කොංග්‍රසය ඒකට දේශපාලන බලපෑම කරනවා.  මුස්ලිම් කොංග්‍රසය 1988 ජනාධිපතිවරණයේදී තමන් තීරක බලය බවට පත් වූවා කියා හැඟීමෙන් හිටියේ. කොහොමහරි මේ දේශපාලන බලයයි තබ්ලික් ජමාත් ක්‍රියාකාරීත්වයයි එක්ක ලංකාව තුළ සමාජ බෙදුම්වාදයක් ඇති වුණා. දරුණු වචනයක් පාවිච්චි කරනවා නම් ආපාතයිඩ් එකක් ඇති වෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකේය සමාජයෙන් ගැලවිලා මුස්ලිම් සමාජය අරාබි කරණය වීම.  අරාබි භාෂාව ඉගෙන ගත්තා සිංහල දෙමළ වෙනුවට. ඇඳුම අරාබි වුණා. කෑම හලාල් වුණා. එහෙම ක්‍රමයෙන් අපිත් එක්ක හිටපු මුස්ලිම්වරුන් තබ්ලික් ජමාත් ව්‍යාපාරයත් සමඟ ආගමික වෙලා යම් අන්තවාදී ස්වරූපයකින් ආපාතයිඩ් එකක් බවට පත් වුණා. ඒක සමාජ ආපාතයිඩ් එකක්. මේක ස්වයංව සිද්ධ වුණේ. මේ සමාජ බෙදුම්වාදයත් සමග ආණ්ඩු දුර්වල වෙන අවස්ථාවලදී ක්‍රමයෙන් යම් යම් ක්‍රියාදාමයන් හරහා මුස්ලිම් සමාජය වෙනමයි කියලා හිතන්න පෙළඹුණා.  • ප්‍රශ්නය - ඔබ කියන්නේ අද තියෙන්නේ ඒ ගමනේ තාර්කික අන්තය කියලද?  පිළිතුර - ඒක පටන් ගන්නේ තවුහිත් ජමාත් සංවිධානයේ බිහිවීමත් එක්ක. ඒක එන්නේ ලෝකයේ ඇති වෙච්ච විශේෂ තත්ත්වයත් එක්ක. ඒ තමයි සෞදි අරාබියයි ඉරානයයි අතර ඇතිවන ආගමික ගැටුම. ඒ වගේම සෞදි අරාබිය විසින් විශාල වශයෙන් ඉස්ලාමීය ප්‍රවර්ධනයට ධනය වියදම් කළා. විශේෂයෙන්ම වහාබ් වාදය ව්‍යාප්ත කරන්න දරුණු විදියට උත්සාහ කළා.  • ප්‍රශ්නය - වහාබ්වාදය ලංකාවට එන්නේ?  පිළිතුර - වහාබ් වාදය ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවේ ගුරුවරුන්ගෙන්. ඔවුන් ඇවිත් වහබ්වාදය එහෙම නැත්නම් තව්පික්. ඒක දේවවාදය මේ රටේ දේශනා කළා. මේක බොහොම රළු විදියට දේශනා කරනවා. එක දෙවියයි ඉන්නේ අනික් දෙව්වරු බොරු අනික් ආගම් ඔක්කොම බොරු. ඒ විදියට තමයි කිව්වේ. එහෙම කියමින් අනෙක් මුස්ලිම්වරුන් එක්කත් ගැටුම් හදා ගත්තා.  ඒ විදියට තවුහිත් ජමාත් ව්‍යාපාරය ක්‍රමයෙන් ස්ථාන ගණනාවක තමන්ගේ පල්ලි හදාගෙන. රාජ්‍යන් එක්කත් බුද්ධි අංශ එක්කත් සබඳතා හදා ගන්නවා. මේ රටේ 2013-2014 බුද්ධි අංශ මෙහෙයවපු අය කල්පනා කරනවා කොහොමද මේ බලවේගය අනාගතයේදී තමන්ට බලයට එන්න පාවිච්චි කරන්නේ කියලා. ඒ අනුව මුස්ලිම් සමාජය ඇතුළේ ගිලෙන්න හිටපු අය ඒක තුළ බලවත් වෙනවා.  • ප්‍රශ්නය - සහ්රාන් එහි ප්‍රකාශකයා?  පිළිතුර - ඔව්! එහි තීරණාත්මක අවස්ථාව තමයි සහ්රාන්. ඔහු අහනවා ඇයි අපි අනිකුත් අන්‍යාගමිකයන් විනාශ කරන්නේ නැත්තේ? ඇයි අපි පිළිම කුඩුපට්ටම් කරන්නේ නැත්තේ’’ කියලා. ඒකට එකඟ කණ්ඩායමකුත් බිහි වෙනවා. ඒ වගේම සිරියාවේ, ඉරාකයේ අයිඑස් එකත් එක්ක යුද්ධයට ගිය පිරිස් ජාත්‍යන්තරව අන්තර්ජාලය හරහා රැඩිකල් වෙච්ච පිරිස් ආදී වශයෙන් නොයෙක් දෙනා එකතු වෙලා තමයි මේ සිදුවීම කරන්නේ.  • ප්‍රශ්නය - මෙහි අවසානය පිළිබඳ ඔබේ අනාවැකිය?  පිළිතුර - මේක මාස තුනෙන් ඉවර කරන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. සමහරවිට අවුරුදු තුනක් යන්නත් පුළුවන්. අවුරුදු තිහක් හෝ මේ සියවසම යන්නත් පුළුවන්. ඒ කාලය තීරණය වෙන්නේ අපි ඒකට මුහුණ දෙන ආකාරය අනුවයි.      සාකච්ඡා කළේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්     
ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා
0
 රටේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? රළ නගන උද්ඝෝෂණවලට ආණ්ඩුව සතුව ඇති පිළිතුරු කුමක්ද? කැබිනට් සංශෝධනයක් එයිද? මේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.  ප්‍රශ්නය:- රටේ මේ මොකද වෙන්නේ?පිළිතුර:- රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස්කම් සිදුවෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදාත් 2015 අගෝස්තුවේත් මේ රටේ ජනතාව ඔවුන්ට අවශ්‍ය වෙනස්කම් කළා. ඒ ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම.ප්‍රශ්නය:- ඒ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් ලෙස ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් මේ සමාජය කියන්නේ අවුරුදු තිහක් පුරා යුද්ධයක් තිබුණු සමාජයක්. සිවිල් සමාජය පිළිබඳ දැනුම නැති සමාජයක්. පොලිසිය කිව්වහම අවි ආයුධ සමග ගනුදෙනු කරන්න පුරුදු වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තිබුණේ. වසර තිහක ඇතිවෙලා තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න යම් කාලයක් ගතවෙනවා. ඒ පරිවර්තනය ඇතිවීම හා වසර තිහක දැක පුරුද්ද හා කළ පුරුද්ද එක්ක ගමන් කරන සමාජයක්. ඉතින් මේ තත්ත්වය සමහර අය තේරුම් ගන්නවා. සමහර අයට තේරුම් ගන්න බෑ.ප්‍රශ්නය:- මේ වෙනකොට මුළු රටම සටන් බිමක් බවට පත්වෙලා. ආණ්ඩුවට තවම අවුරුදු දෙකයි. ආණ්ඩුවක මුල් අවුරුදු දෙක කියන්නේ මධුසමය ගත කරන කාලයක්?පිළිතුර:- ඒකට තමයි කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- ඔබ කියන්නේ ජනතාව මේ සටන් කරන්නේ නිදහස තියෙන නිසා මිසක් ප්‍රශ්න තියෙන නිසා නොවෙයි කියලද?පිළිතුර:- මෙහෙමයි. අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම විරෝධතාවකින් ආරම්භ කරන්න. ඒක මේ පුරුදු පුහුණු වෙලා තියෙන හැටි. ඉතින් මේ පුරුද්ද අනුව ඕනෑම සුළු දේටත් විරෝධය දක්වනවා. මේ නිදහස කියන එක ලේසි වැඩක් නොවෙයි. මේ විදියට රටක් දියුණු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අමාරුම දේ.ප්‍රශ්නය:- ඒ කිව්වේ?පිළිතුර:- ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි. අපි ලෝකයේ අමාරු ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක දියුණුව කරා යන රටක්. ඉතින් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ.ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා කියාගෙන. අල්ලපු හොරු ගැන ඔබ තෘප්තිමත්ද?පිළිතුර:- ඇත්ත වශයෙන් දේශපාලනය හා හොරු කියන විෂය ගත්තාම ඒකට දිගු ඉතිහාසයක් තියෙනවා. දේශපාලන සටන් පාඨ තියෙනවා. දේශපාලන වාග් ප්‍රහාර තියෙනවා. ඒවා නීති බවට පත්කර ගත යුතුව තියෙනවා. ඒවා නීති ගත කිරීම හා දේශපාලනය හා නීතිය පහුගිය අවුරුදු පනහක පමණ ඉතිහාසය දිහා බැලුවොත් ලෝක ඉතිහාසය දිහා බැලුවත් වෙනම ගමන් කරලා තියෙන්නේ.ප්‍රශ්නය:- හොරු අල්ලනවා කියන සටන් පාඨය ඉස්සරහට දාගෙන ආණ්ඩුවට මෙල්ල කරන්න බැරි අයව දඩයම් කිරීමක් කරන බවටත් චෝදනාවක් තියෙනවා.පිළිතුර:- කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒ එක එක්කෙනාට පේන විදිය. එක එක්කෙනාට හිතෙන විදිය. ඒක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ.ප්‍රශ්නය:- නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි?පිළිතුර:- ඔබ කිසිදෙයකට බයවෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැ.ප්‍රශ්නය:- මේ විදියට දිගටම ගියොත්?පිළිතුර:- මම ඒකයි කිව්වේ බයවෙන්න එපා කියලා. මේ යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පමණයි.ප්‍රශ්නය:- සයිටම් එකට මොකද වෙන්නේ?පිළිතුර:- ඒකේ අලුත් තත්ත්වයක් මුකුත් නෑනේ. අවුරුදු පහක් පමණ පරණ විෂයක් ඕක. ඒ නිසා ඒකේ කිසිම අලුත් දෙයක් නෑ. වසර පහක් ගියත් පැරණි ක්‍රියාවලියක් අලුත් ක්‍රියාවලියක් වෙන්නේ නෑ.ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා සයිටම් උපාධිය දෙන්න කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා “මම විසඳුමක් දෙන්නම්” කියලා. මෙතැන වඩාත් බලවත් කවුද?පිළිතුර:- ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අධිකරණ නියෝගයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. අධිකරණය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය පැත්තෙන් යම් යම් ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.ප්‍රශ්නය:- මහාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම හරහා ජනාධිපතිවරයා අධිකරණය හෑල්ලු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා.පිළිතුර:- ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. එතැන එහෙම කිසිදු දෙයක් වෙලා නෑ.ප්‍රශ්නය:- ඒ පත්කිරීම ක්‍රමවේදයට හා නීතියට පටහැනි බවයි කියන්නේ?පිළිතුර:- මං හිතන්නේ නෑ එහෙම දෙයක් එතැන වෙලා තියෙනවා කියලා. මොකද මම දන්න තොරතුරුවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලලා තියෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉදිරිපත් නොවුණු නිසා ඒ අනුව වෙනත් නමක් නිර්දේශ කරලා තියෙනවා.ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක ඕනැකමට ඒ නම ඉදිරිපත් කළේ කියලත් කියනවා?පිළිතුර:- ඒ කියන්නේ?ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක් තමයි ඒ නම යෝජනා කරලා තියෙන්නේ?පිළිතුර:- එහෙම වෙන්න බෑනේ.ප්‍රශ්නය:- නමුත් වෙලා තියෙන්නේ ඒක තමයි කියලයි චෝදනා නැගෙන්නේ?පිළිතුර:- දේශපාලන පක්ෂයක් නොවෙයිනේ අධිකරණමය ක්‍රියාමාර්ග තීරණය කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලුවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් නොලැබෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ගයක් හැටියටයි මම මේක දකින්නේ.ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මේ ආණ්ඩුව තව කොච්චර කාලයක් යයිද?පිළිතුර:- ඇයි ආණ්ඩුවේ දුර ගැන ඔබට සැකයක් තියෙනවද?ප්‍රශ්නය:- පොදුවේ ගත්තාම ජනතාවට එහෙම සැකයක් තියෙනවා. ඔබට එහෙම සැකයක් තියෙනවාද?පිළිතුර:- මටනම් එහෙම කිසිම සැකයක් නෑ.ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ දැක්කාම. කා කොටා ගැනිලි දැක්කම ජනතාවට එහෙම සැකයක් ඇතිවෙනවා.පිළිතුර:- පළපුරුද්ද නැති උදවිය යම් යම් මත ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අත්සන් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. 1952 ට පෙර තිබුණ ක්‍රමය මේ තියෙන්නේ. ඒක මතක තියාගෙන දේශපාලන අරගල කළාට කමක් නෑ.පිළිතුර:- ඔය ඔබ කියපු ගිවිසුම වලංගු වෙන්නේ සැප්තැම්බර් මාසය වෙනකම් විිතරයි?පිළිතුර:- එහෙමම කලබල වෙන්න එපා. සැප්තැම්බර් වලින් පස්සේ මොකද කරන්නේ කියලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් තීරණය කරයි.ප්‍රශ්නය:- නමුත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විවිධ සංඥා නිකුත් කරනවා.පිළිතුර:- ඒවා ඉතින් විවිධ මතනේ. අදහස්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස තියෙනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න.ප්‍රශ්නය:- ඇත්තටම ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? එක්සත් ජාතික පක්ෂයද?පිළිතුර:- පක්ෂ දෙකම ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු අරගෙන ක්‍රියාත්මක කරනවා.ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ඇමැතිවරු කියනවා “අන්තිමට වෙන්නේ අපට ඕනෑ දේ” කියලා.පිළිතුර:- මම ඉස්සෙල්ලත් කිව්වේ එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒකනේ මම කියන්නේ නිදහස කියලා.ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමේ දිගටම තියාගන්න යූඑන්පියට ඕනෑ වෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රී ඔහුට සේවා දිගුවක් දෙන්නේ නෑ.පිළිතුර:- ඒකේ වරදක් නෑනේ. යම් යම් මතවාද අදහස් එනකොට ඒවාට ගැළපෙන්න තීන්දු තීරණ ගන්නවා. ප්‍රශ්නය:- බැඳුම්කරයේදී වංචාවක් වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?පිළිතුර:- මම දන්නා ගණිත ශාස්ත්‍රය අනුව මම දන්නා නීති රීති අනුව මම දන්නා තොරතුරු පද්ධතියට අනුව ඔය බැඳුම්කර හා සම්බන්ධ මට දැනෙන දේ තමයි පහුගිය අවුරුදු විස්සකට අධික කාලයක් නීති රීති සකස්වෙලා තිබුණේ නැහැ මේ විෂය සම්බන්ධයෙන්. එතකොට මේ විෂයට අදාළ නීති රීති සම්පාදනය නොවීම තුළ ඇතිවූ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒක හොරකමක් විදියට හුවා දක්වන්න බෑ.ප්‍රශ්නය:- ඔව්. එහෙම නම් අපරාදෙනේ ජනාධිපතිවරයා බැඳුම්කරය ගැන හොයන්න කොමිසමක් පත් කළේ?පිළිතුර:- ඒකට ජනමතයක් ආවනේ. ඒ අනුව පරික්ෂණයක් කළ යුතුයිනේ.ප්‍රශ්නය:- එක පැත්තකින් හාල් ගිනි ගණන්. අනික් පැත්තෙන් හාල් හිඟයක්. කෝ රට ස්වයං පෝෂිත කරනවා කියපු ආණ්ඩුව?පිළිතුර:- අපි මේ රට ස්වයංපෝෂිත කරපු පාලකයො නේ. 1977 මේ රට බාර ගෙන මහවැලි ගඟ පස් පොළකින් හරස් කරලා වික්ටෝරිය, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය හදලා කුඹුරු අක්කර ලක්ෂ දහයක් නගුලට යටකරපු පාලකයෝ අපි. ඉතින් වැහි එන්න පුළුවන් පෑවිලි එන්න පුළුවන්. ගංවතුර එන්න පුළුවන්.  එක එක සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවාට අපිට මුහුණ දෙන්න බෑ කියලා හිතන්න එපා. ඒවා පොඩි දේවල්. අපි ඒවාට මුහුණ දීලා ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යනවා.ප්‍රශ්නය:- නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැනේ?පිළිතුර:- පොඞ්ඩක් ඉන්නකෝ. තාම ප්‍රශ්නය හරියට මතු වුණෙත් නෑනේ.ප්‍රශ්නය:- පක්ෂ දෙකම එකතු වෙලා පළාත් පාලන ඡන්දය නොතියන්නේ ජනතාව ඉදිරියට යන්න තියෙන භයට?පිළිතුර:- නෑනේ. ඒ ප්‍රශ්නය අපි ඇති කරපු දෙයක් නොවෙයිනේ. පසුගිය අවුරුදු පහළොවක විස්සක පාලන කාලය තුළ මේ රටේ සීමා නිර්ණය වසර පහකට වරක් කළ යුතු ඒ රාජකාරිය කරලා නෑ. ඒ හරහා ඇතිවෙච්ච දැවැන්ත අර්බුදයක කොටස් තමයි ඒ මතුවෙන්නේ.ප්‍රශ්නය:- එහෙම නැතිව ඡන්දය නොතියන්නේ බයට නොවෙයි?පිළිතුර:- නෑ කිසිම බයක් නෑ. ඇයි අපි බය වෙන්නේ? මේ ආණ්ඩුව කියන්නේ මේ රටේ තිබුණ බය තුරන් කරපු ආණ්ඩුවක්.ප්‍රශ්නය:- කොහොම වුණත් ඡන්ද නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තිකයි.පිළිතුර:- නෑ මම එහෙම හිතන්නේ නෑ. මේ රටේ ඡන්ද නොපවත්වපු අවස්ථාත් තියෙනවනේ. ඒ නිසා ඡන්දයක් තියලා වාර්ගික යුද්ධයක් ඇති කරනවාද. ඡන්දය නිවැරැදි විදියට තියලා වාර්ගික යුද්ධයක් ඇති නොවන්න වග බලා ගන්නවද කියලයි අපට තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා දෙවැනි ක්‍රමය හොඳයි කියලා.ප්‍රශ්නය:- සමහර ඇමැතිවරුන් ඉවත් කරන්න කියලා ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් එනවා.පිළිතුර:- මමත් ඇමැති කෙනෙක්නේ. මම ඉන්නෙත් කැබිනට් එකේනේ. එතැනදි නම් ඔය ඔබ කියන විදියෙ ප්‍රශ්න මතුවෙන්නේ නෑ.ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩල රැස්වීම්වල මේ දවස්වල හරියට ගෝරි යනවා කියලා මාධ්‍ය වාර්තාවල තියෙනවා.පිළිතුර:- අදහස් උදහස් ගැටෙන එක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයෙ ලක්ෂණයක් නේ.ප්‍රශ්නය:- කොහොම නමුත් කැබිනට් සංශෝධනයක් එනවා.පිළිතුර:- ඒකට මට උත්තර දෙන්න බැහැනේ. ඒක මගේ විෂය නොවෙයිනේ. ඒවා කරන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමානේ.ප්‍රශ්නය:- ඔබට බයක් නෑ.පිළිතුර:- ඇයි දෙයියනේ ඉතින් මම බය වෙන්නේ.
ජාතික සමඟිය වෙනුවෙන් කතා කරන අපට ජාතිවාදී ලේබලය අලවනවා
0
(මුදිතා දයානන්ද)රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි. ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත් සෑම පුරවැසියෙකුටම සමාන සෞඛ්‍ය සේවයක් ලබාදීමත් යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (15) පැවසීය.ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර දිසානායක මහතා විසින් වෛද්‍ය රොහාන් සුරවීර මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබීය.එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.දැන් අපේ රට ලෙඩ වූ ජාතියක් බවට පත්වෙලා. රටේ ජනගහනයෙන් සියයට විසි අටක් කුමන හෝ රෝගයකින් පෙළෙනවා. 2016 වසරේ ජාතික සෞඛ්‍ය දත්ත අනුව දවසකට වකුගඩු රෝගයෙන් පමණක් හය දෙනෙක් මිය යනවා. වසරකට 2147ක් මිය යනවා. ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් දිනකට දොළොස් දෙනෙක් මිය යනවා. මේ ආකාරයට කුමන හෝ රෝගී තත්ත්වයක් නිසා දිනකට මිය යන පිරිස ජනගහනය හා සසඳන විට ඉතා විශාල අගයක්. රටක සංවර්ධනයට මේ තත්ත්වය බෙහෙවින් බලපානවා. මෙහි ඇති බරපතළම තත්ත්වය තමයි ඇතැමෙක් මිය යන්නේ තමන්ට වැළඳුණු රෝගය කුමක්දැයි වත් හරිහැටි හඳුනා නොගෙන වීම.ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ නිරෝගී ජනතාවක් බිහිකරගැනීමයි. නිරෝගි පරපුරක් බිහිකර ගැනීමේදී අපේ ආහාර රටාව වැදගත් තැනක් ගන්නවා. අපි ඉස්සර ගොඩක් ශ්‍රමය වැගිරුවා. පාසලට ගියත් රැකියාවට ගියත් අපි කිලෝමීටරයක් දෙකක් පයින් ගියා. ගස් කපන කෙනා අත්කියත හෝ පොරව භාවිත කරලා තමයි ඒක කළේ. ගොයම් කැපුවේ මිනිස් ශ්‍රමයෙන් දෑ කැත්තෙන්. අද අපි පයින් යන්නේ නැහැ, අඩුම තරමින් යතුරුපැදියක් හෝ ත්‍රීවීලරයක්වත් භාවිත කරනවා. දෑතේ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ වෙලා. ඒක හොඳයි. රටක් දියුණු වෙනවා කියන්නේ තාක්ෂණය සමග ඉදිරියට යාම තමයි. ඒත් අපි අපේ සීයලා ආච්චිලා කෑම ගත්තා වගේම තාමත් ඒ ප්‍රමාණයටම ආහාර ගන්නවා. මේක වෙනස් විය යුතුයි. ඒකට ජනතාව යොමු කරන්න, ජනතාවට කරුණු පහදලා දෙන්න තමයි පෝෂණවේදය කියලා විෂයක් තිබෙන්නේ. ඒත් අද ඒ විෂය නිසි පරිදි භාවිත වන්නේ නැහැ.අපි ගන්නා ආහාරය මොන තරම් පිරිසුදු ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. අපේ ආහාර අද වස විසෙන් පිරිලා. අපේ වගාවන්ට යොදන රසායනිකවල වෙනසක් කළ යුතුයි. ඒ වගේම අපි කඩෙන් කෑම ගත්තොත් ඒ කඩ මොන තරම් පිරිසුදු ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. මේවාට නීතිරීති අවශ්‍යයි. ජනතාව ගන්නා ආහාරය පිරිසුදු බවට රජයෙන් සහතිකයක් දිය යුතුයි. එහෙත් අද ඒ වෙනුවට රජය කරන්නේ ආහාර වෙළෙඳ සල් හෝටල් ඒ බී සී කියලා වර්ගීකරණය කිරීමයි. මොකටද මෙහෙම වර්ගීකරණයක්. හරිනම් රටේ තියෙන්න ඕන ඒ වර්ගයේ හෝටල් විතරයි. හැම පුරවැසියෙකුටම එවැනි තැනකින් ආහාර ගන්න අවස්ථාව සැලසිය යුතුයි.අපේ රටේ ජනගහණය ලක්ෂ දෙසීයයි. පසුගිය වසරේ රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා ලක්ෂ පන්සීයක්. මේ විදිහට බැලුවාම අපේ රටේ ජනගහණයෙන් අති බහුතරයක් රෝගීන්. ඒ වගේම ඔවුන් නිතර රෝගී වෙනවා. ඒ නිසා එකම පුද්ගලයා දෙතුන් වතාවක් රෝහලට ඇවිත්. සමහරු රෝහලට එන්නේ තවත් කෙනෙකුගේ උදව්වට. ඒ ඇවිත් ටික වෙලාවක් පෝලිමේ ඉන්නකොට හිතෙනවා මටත් බේත් ටිකක් ගත්තා නම් හොඳයි කියලා. එහෙම බෙහෙත් ගන්න ලෙඩ නිතරම හැම කෙනෙකුටම වගේ තිබෙනවා. දොස්තර මහත්තුරුත් තමන් ළඟට එන හැම ලෙඩෙකුටම මොනවා හරි බේත් ටිකක් දෙනවා. විටමින් සී ටිකක්. පෙනඩෝල් ටිකක් හරි දීලා යවනවා. අද අපේ රටේ ජනතාවත් සෞඛ්‍ය සේවයත් ඖෂධ ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙලා. එයින් මුදවාගෙන රටේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම අපේ ප්‍රධාන අරමුණක්.ඉස්සර රෝහල ආසන්නයේම තිබුණේ මිනිපෙට්ටි සාප්පුවක්. මොකද අනෙක් හැම දෙයක්ම රෝහලෙන් ලැබුණා. මැරුණාම පෙට්ටිය විතරයි පිටින් ගන්න සිදුවුණේ. අදට සාපේක්ෂව ගත්තාම මීට වසර තිහකට හතළිහකට කලින් අපේ රටේ ඉහළ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණා. ඒත් දැන් රෝහල්වල ගොඩනැගිලි තිබුණාට, අලංකාර කරලා තිබුණාට එයින් ලැබෙන සේවාව ඉතාමත් සීමා සහිතයි. පරීක්ෂණ සිදුකර ගන්න වෙන්නේ පිටින්. බෙහෙත් අති බහුතරයක් ගන්න වෙන්නේ පිටතින්. ඒ නිසා අද රෝහල් අවට පිරිලා තියෙන්නේ රසායනාගාර පරීක්ෂණ සිදුකරන ආයතන හා ෆාමසිවලින්. අද අපේ ජනතාවට රෝගයක් වැළඳුනාම බෙහෙත් ගන්නවාද නැද්ද? ගන්නේ කොතනින්ද යන්න තීරණය කරන්න වෙන්නේ අතේ තිබෙන මුදල අනුව. සමහර විට රෝග තියාගෙන බෙහෙත් නොකර බොහෝ කල් ගත කරනවා. අන්තිමට රෝගය දරුණු වෙලා රෝහලට ගියාට පස්සේ සුව කරන්න බැරුව මිය යන අවස්ථාත් තිබෙනවා. අපේ පොකට්ටුව තමයි ඒක තීරණය කරන්නේ.ජනතාවගෙන් කොටසක් ඒ විදිහට තමන්ට ප්‍රතිකාර ගන්න බැරි තරම් දුප්පතුන් වෙද්දි තවත් පිරිසක් සෙම්ප්‍රතිශ්‍යාවටත් ප්‍රතිකාර ගන්න සිංගප්පුරු යනවා. මා සතුව තිබෙනවා මගේ හිතවතෙක් 2019 වසරේ මීට මාසයකට දෙකකට පමණ පෙර හෘද රෝගයකට ප්‍රතිකාර ගන්න ගියාම ඔහුට වෛද්‍යවරයාගෙන් ලැබුණ චිට් එකක්. එහි තිබෙනවා වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් නම් කරලා ඒවා කරගන්න කියලා. ඒ ටික කරගෙන ශල්‍යකර්මය සඳහා නැවත රෝහලට ඇතුළත් වෙන්න කියලා 2021 අගෝස්තු 23 වෙනිදා. මේ තරම් කාලයක් බලාගෙන ඉන්නකොට ඔහු මිය යන්නත් පුළුවන්. අතේ සල්ලි තිබුණා නම් මේ ප්‍රශ්නයට ඔහුට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අපේ සමහර මැති ඇමැතිවරු ඇතැම් අවස්ථාවල විදේශ ගතව ප්‍රතිකාර ලබාගෙන තිබෙන්නේ ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පනහ හැට වියදම් කරලා. සාමාන්‍ය පුද්ගලයෙක් ජනාධිපති අරමුදලෙන් කීයක් හරි ඉල්ලුම් කළා නම් ලැබෙන්නේ අවශ්‍ය මුදලෙන් පංගුවක් විතරයි. ඔබේ ජීවිත්වීමේ අයිතිය ඔබේ පොකට්ටුවේ ප්‍රමාණය මත තීරණය වීම වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණක්.වකුගඩු රෝගය අපේ රටේ අද ජනතාව මුහුණ දී තිබෙන බරපතළ රෝගී තත්ත්වයක්. අනුරාධපුරයේ පමණක් හඳුනාගත් වකුගඩු රෝගීන් ඉන්නවා විසිපන්දහසක්. මේ රෝගය හඳුනාගන්නේ බරපතළ වුණාම නිසා හඳුනා නොගත් අය තවත් විශාල පිරිසක් ඇති කියලා අපි හිතනවා. රජය කරන්නේ වකුගඩු රෝගයට ගොදුරු වුණ කෙනෙකුට ප්‍රතිකාර ගන්න රුපියල් පන්දහසක් ලබාදීමයි. මේ මිනිසුන්ගේ දුප්පත්කම කොයිතරම්ද කියනවා නම් ඇතැමෙක් මේ පන්දාහත් අරගෙන ගෙදර වෙනත් අවශ්‍යතාවලට වියදම් කරනවා. දශක කීපයකට පෙර අපිට වකුගඩු රෝගියෙක් හමුවුණේ අවුරුදු හැට පහක හැත්තෑවක වගේ වයසෙන්. ඒත් දැන් අවුරුදු දහය පහළොව වයසේ වකුගඩු රෝගීනුත් ඉන්නවා.දැන් මේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන්න නිසි ක්‍රමවේදයක් නැහැ වගේම එය වැළඳෙන්නේ කෙසේද යන්න නිර්ණය කිරීමට විධිමත් පරීක්ෂණයක්වත් නැහැ. සමහරු පර්යේෂණ කරලා නෙලුම් අල කන්න එපා කියනවා. සමහරු පර්යේෂණ කරලා මතුපිට ජලය පරිහරණය කරන්න එපා කියනවා. තවත් සමහරු ඇලුමිනියම් භාජනවල ආහාර පිසින්න එපා කියනවා. එක පිළියමක්, එක උත්තරයක්, එක වැඩපිළිවෙළක් සකස් කළ හැකි විධිමත් පර්යේෂණයක් රජයේ මැදිහත්වීමෙන් මෙතෙක් සිදුකර නැහැ. ඩෙංගු රෝගයට දක්වන සැලකිල්ලවත් වකුගඩු රෝගයට අද නැහැ. මොකද ඒකට ගොදුරු වෙන්නේ දුප්පත් අහිංසක ජනතාවනේ. අපි විධිමත් පර්යේෂණයක්  සිදුකර රෝග නිවාරණයට මඟ හදනවා.දැන් අපි කිව්වාම සෞඛ්‍ය සේවාවට දළ ජාතික ආදායමෙන් සියයට පහක් වෙන් කරනවා කියලා කොහෙන්ද මුදල් කියලා අහන්න පුළුවන්. දැන් අපි කොයිතරම් මුදල් නාස්ති කරනවාද? එයාලංකා සමාගමේ පාඩුව බිලියන 142යි. ඒ කියන්නේ කෝටි 14,200ක්. රටේම රෝහල් තිබෙන්නේ 650ක් පමණ. මේ පාඩුව නැති කරගත්තා නම් එක රෝහලකට කෝටි 25 ගානේ දෙන්න පුළුවන්. නෙලුම් කුලුනේ පාඩුව නැති කරගත්තා නම් තවත් කෝටි ගාණක් රෝහලකට දෙන්න තිබුණා. මේ වගේ නාස්ති කිරීම් අපි කොයිතරම් කරනවාද? ඒ විතරක් නෙවෙයි අපි හිතන්නේ සෞඛ්‍යයට වෙන් කරන මුදල් ආයෝජනයක් ලෙසයි. මිනිසුන් රෝගීවීම වළක්වාගන්න පුළුවන් නම් එයින් රෝහල්වලට වෙන්කරන්න වෙන වියදම් අඩුවෙනවා. නිරෝගී ජනතාවක් රටේ සංවර්ධනයට දායක වී රටට ආදායම් උපයනවා. මේ දැක්ම රටේ පාලකයින්ට තිබෙන්න ඕන.ජනතාව මුහුණ දෙන මේ සැබෑ ප්‍රශ්නය අද ප්‍රතිපත්ති ප්‍රකාශනවලට එන්නේ නැහැ. වේදිකාවල සාකච්ඡාවට ගන්නේ නැහැ. සංවාදයක් ගොඩ නැගෙන්නේ නැහැ. අපේ අරමුණ මේ ප්‍රශ්න පිළිබඳ හොඳ සංවාදයක් සකස් කරගනිමින් මනා සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා.එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වංසගත රෝග විද්‍යාඥ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා ලේකම් ලෙසත්, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරු ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක (සැලසුම්) ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් එදිරිසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු හෙද අධ්‍යක්ෂිකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී කුසුමා දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.ජී.පී. බණ්ඩාර, වෛද්‍ය ජයන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු හා විශ්‍රාමිකයෝ හා සාමාන්‍ය පුරවැසියන් පිරිසක්ද එක්ව සිටියහ. 
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
1
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.ඔහු මෙසේ ද පැවැසීය.“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා.  ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්‍රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්‍රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්‍රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්‍රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්‍රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.”  එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්‍රතිපත්තියයි.වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු  ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
0
(මුදිතා දයානන්ද)“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට  යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්.  ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ  ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ.  මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
0
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගයේ වගකීම භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) බීආර්සී පිටියේදී පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැුලියේදීය. 127 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එහි නායකයින් පෙරටුකරගත්  මැයි දින පෙළපාළිය පෙරේදා (01) දෙහිවල එස්. ද එස්. ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ කර හැව්ලොක්ටවුන්හි බී. ආර්.සී. පිටිය දක්වා ගමන් කළ අතර එහිදී රැලියක් පැවැත්වීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද පැවසීය.අද අපි එකසිය විසිහත්වෙනි මැයි දිනය මේ පිටියේ සමරන අවස්ථාවේ තවත් රැලියක් තිබෙනවා බොරැල්ල කැම්බල් පිටියේ. මේ අයට අඩුම තරමින් කම්කරුවා ගැන කතා කරන්නවත් අයිතියක් තිබෙනවාද? රනිල් වික‍්‍රමසිංහ කියන්නේ රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කරපු නායකයා. ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදුකළ නායකයා. ඒ වගේම ඔහු මේ රටේ වටිනා සම්පත් විදේශීය සමාගම්වලට කොටස්කර අලෙවි කරන ආයතනයක නැත්නම් දේපළ වෙළඳාම් සමාගමක හිමිකරුවෙක් නැත්නම් බ්‍රෝකර්වරයෙක් වගෙයි. ඔහුට මොකක්ද තියෙන අයිතිය මැයි දිනය සමරන්න?තවත් කෙනෙක් මහා අභිමානවත් කතාත් කියමින් ගෝල්ෆේස්වල මැයි දිනය සමරනවා. අපි මහින්ද මහත්තයාට කියනවා මේක ඔබට අයිති කාර්යයක් නෙවෙයි. මොකද ඔබත් කළේ දැන් මේ ආණ්ඩුව කරන දේවලමයි. ඔබ එය වේදිකාවේ ඉන්න ගමන් වම්පැත්තට හැරිලා බලන්න, අක්කර හයසීයක් මූද ගොඩකරලා තමන්ගේ ව්‍යාපෘතියක් කරගන්න කියලා චීන සමාගමකට දුන්නේ කවුද? දකුණු පැත්තට හැරිලා බලන්න. යුද හමුදා රෝහලත්, හමුදා මූලස්ථානයත් තිබුණ අක්කර විස්සක් ෂැංගිලා හෝටලයට වික්කේ කවුද කියලා මතක් කරගන්න. ඊපීඑෆ් අරමුදල හොරාකන්න වැඩළවෙළක් හැදුව විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න පනත් ගෙනවා. මේවාට එරෙහිවුණ සටන් කළ තරුණයින් වෙඩි කියලා ඝාතනය කළා. බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු ජනතාවට හමුදාව, පොලිසිය ගෙන්වා වෙඩි කියලා මර්දනය කළා. එහෙම කරපු ඔයාට පුළුවන්ද මහින්ද මහත්තයෝ මැයි දිනයක් සමරන්න. තවත් මැයි දිනයක් තිබෙනවා ගැටඹේ. ඒක ගැට අඹයක් තරම්වත් කතා කරන්න වටින එකක් නෙවෙයි.සුද්දා මේ රට දාලා ගියපුදා සිට එක්සත් ජාතික පක්ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද වනවිට මේ පක්ෂ දෙකම එකතු වෙලාත් මේ රට අරන් ගිහින් තියෙන්නේ කොතැනටද? මේ රටේ අභිමානය, ප්‍රෞඪත්වය නැතිකරලා දුප්පත්, නිහීන, හිඟාකන රටක් බවට පත් කරලා. මෙතෙක් තිබුණේ පාලකයන් වෙනුවෙන් වූ පාලනයක්. අපේ ඡුන්දයෙන් බලයට පත්වන පාලකයින් අපි වෙනුවෙන් නෙවෙයි කටයුතු කළේ. ඔවුන් මේ රට පාලනය කරපුදා සිට කරපු දේවල්වල ප‍්‍රතිඵල අපි කියනකොට පිළිගන්න අකමැතිවුණ අය අද කෙඳිරි ගගා තමන්ගේ වාර්තාවලින් ඒ කතාවම පිළිගන්නවා.පහුගිය දවසක මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ වාර්තාවෙන් කියනවා මේ රට ක‍්‍රමයෙන් ලෝකයට ණය වුණේ කොහොමද කියලා. අපිව මහා ණය කන්දක හිර කරලා ගොඩඑන්න බැරි තත්ත්වයට පත්කරලා තියෙන්නේ කොහොමද කියලා. මාසයක් වැඩකරලා වැටුප ගන්නකොට ඒකෙනුත් බද්දක් ගන්න ජාතියේ විවිධාකාරයෙන් ජනතාවට වැට් ගහලා උපයාගන්න මුදල අද ණය පොලී වාරිකයක් ගෙවා ගන්නවත් බෑ කියලා ඒ වාර්තාවෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි දෙදාස්විස්ස වෙනකොට මේ රට මොනම ණයක්වත් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්විය හැකියි කියන අනතුර පෙන්වනවා. එහෙම තිබියදීත් මේ අය නැවත නැවතත් කරන්නේ මොකක්ද? ලෝකය පුරා ගිහින් රාජ්‍ය නායකයින් හමුවෙලා ණය ඉල්ලීමයි කරන්නේ. ජනාධිපති ජපන් ගිහින් රාජ්‍ය නායකයින් සමග කෑම කාලා උදම් ඇනුවා. ඒ කෑම කන ගමන් මොනවද කළේ? කීයක්වත් දෙන්න බැරිද කියලා හිඟපු එකයි කළේ. අලූත් අවුරුද්දේ ජනාධිපතිගේ සුබපැතුම් පණිවුඩය අස්සේ මොනවද කිව්වේ? වොෂිංටනයෙන් ලැබෙන ආරංචි සුබයි කිව්වා. මොනවද ආරංචි. කීයක් හරි දෙන්නම් කියලා කියන එකයි. අපේ රටේ හිඟන්නෝ වැරහැලි ඇඳගෙන කුණු පෙරාගෙන හිඟාකනකොට අපේ නායකයෝ ටයිකෝට් දාලා ඉංග‍්‍රීසියෙන් හිඟා කනවා. දෙකේ කිසිම වෙනසක් නැහැ.මේ පාලකයින් අපේ රටේ පරිසරයත් විනාශ කළා. අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවේ තැන්නේ. ඒ කඳුකරයේ වැව් හදන්න තාක්ෂණය ඔවුන්ට නැති නිසා නෙවෙයි. එයින් සිදුවිය හැකි පරිසර හානිය ඔවුන් දැන සිටි නිසා. ඒත් අපේ පාලකයින්ට ඒවා අදාළ නැහැ. ඒනිසා උමා ඔය වැනි ව්‍යාපෘති ගෙනත් මේ පරිසරය විනාශ කරලා රටේ ජනතාව එයින්ද පීඩාවට පත් කළා. හැම තැනම කසළ කඳු. ඒවා නාය ගිහිල්ලත් ජනතාව පීඩාවට පත්වෙනවා. අපේ ස්වාභාවික ඇළදොළ අද හිඳී ගිහින්. ඒ විතරක් නෙවෙයි අපිට ස්වභාවිකව උරුමවුණ සම්පත් හා අපේ පැරැන්නන් ඉතිරි කළ සම්පත් මේ පාලකයින් වරින් වර විකුණනවා. ත‍්‍රිකුණාමලය වරාය හා තෙල් ටැංකි ටික විකුණන්න හදනවා. මේක නවත්වන්න අපේ වෘත්තීය සමිති අරගල කළා. ඒක ජයගත්තා. නමුත් ධනපති පාලකයන් තමන්ගේ උත්සාහය එතනින් නවත්වන්නේ නැහැ. ඒ නිසා කම්කරු පංතියට තමන්ගේ සටන් නවත්වන්නත් බැහැ. වගකීම අවසන් කියලා අහක බලාගෙන ඉන්නත් බැහැ. තවදුරටත් මේ  පාලකයින්ට මේ විනාශය කරන්න ඉඩඇරලා ඉන්න අපිට බැහැ.ඒ සඳහා කම්කරු බලවේගය පෙළගැසිය යුතුයි. අපේ දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි. නමුත් අද අපේ රටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? මේ මුදල් අමාත්‍යාංශය නිකුත්කරපු වාර්තාවට අනුවම අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට එකයි දශම අටයි. ආසියාවේ රටවල් අතරින් අඩුවෙන්ම අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ අපි. අපි අද කප් ගහපු දේවලූත් තිබෙනවා. ඒ තමයි සියදිවි නසා ගන්නන්ගෙන් වැඩිම රට විදිහට. අපේ අධ්‍යාපනය අපිට හුරු කරලා නැහැ අභියෝගවලට මුහුන දෙන්න. ජයග‍්‍රහන ලබන්න විතරයි පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා විභාග ප‍්‍රතිඵල අඩුවුණත් සිය දිවි නසා ගන්නවා.ඒ වගේම තමයි සෞඛ්‍යයත්, ආසියාවේ අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වෙන් කරලා තියෙන්නේ අපි. ඒ නිසා ඩෙංගු හා විවිධ වෛරස් රෝගවලින් මේ දවස්වල ජනතාව විශාල පීඩාවකට පත්වෙලා. රෝහල් උණරෝගීන්ගෙන් උතුරනවා. නමුත් අපේ රටේ පාලකයින් අගමැතිගේ සිට මැතිඇමතිවරු වෙනුවෙන් මේ රටේ ජනතා මුදල් යොදවන ආකාරයේ නම් කිසිම අඩුවක් නැහැ. අගමැතිට ගන්න එක වාහනයකට ලක්ෂ තුන්දාස් පන්සීයයි. හෙළිකොප්ටරයක් ගන්නවා වගේයි. හැබැයි මේ අය කාර්වල යන්නේ නැහැ. වැඩිපුරම යන්නේ හෙළිකොප්ටර්වල. මොකට  මේ තරම් වියදම් කරලා වාහන ගන්නවාද අපි දන්නේ නැහැ. ඇමතිවරුත් එහෙමයි. සමහර ඇමතිවරුන්ගේ කාර්වලට ලක්ෂ දෙසීයයි.හොරු අල්ලනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව ඇවිත් දින පනහෙන් හොරකම පටන්ගත්තා. මහබැංකු බැඳුම්කර වංචාව නිසා අද අපේ රටේ ජනතාවට අලූත්බරක් එකතුවෙලා. අනෙක් අයගේ වංචා ගැන කතා කරන මේ ආණ්ඩුවේ ඇතැමුන් මේ හොරකම් ගැන කෙඳිරිල්ලක්වත් නගන්නේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ කොහොමද? පොල් ගාලා තෙල් හින්ඳාම අතුරු ඵලයක් හැටියට තෙල්කා ලැබෙනවා වගේ වැඩක් තමයි ඒකත්. එහෙම ඇවිල්ලාවත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණය තියන්නේ නැතිව කල්දානවා.අපිට වගකීමක් තිබෙනවා මේ රටේ අභිමානය නැවත ගොඩනගන්න. මේ රටේ ප්‍රෞඪත්වය නැවත ගොඩනගන්න. සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලයට එන්න බැහැ කියලා. නමුත් අපි දන්නවා දේශපාලනයේ වෙනස්කම් සිදුවන්නේ එක දෙක තුුන ආදී විදිහට අනුක‍්‍රමිකව නෙවෙයි. එහෙම වුණා නම් අද මෛතී‍්‍රපාල මහතා ජනාධිපති වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න වෙන්නෙත් නැහැ. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ පිමි වශයෙන්. ඒ පිමි ඇතිවනවිට ඊට මුහුණ දෙන්න අපි සූදානම්ද කියලා බල බලා ඉන්නෙත් නැහැ. ඒ නිසා අපි සූදානම් විය යුතුයි ඒ  ඕනම අවස්ථාවකට මුහුණ දීලා අපේ අතට ඒ කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ පීඩිත ජනතාවගේ පක්ෂය අතට බලය ලබාගන්න. දැන් මේ නිමාවෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයයි. මේ ඇසෙමින් තිබෙන්නේ ධනපති ක‍්‍රමයේ අවසානයේ කෙඳිරිල්ලයි. හෙට උදාවන්නේ වැඩකරන ජනතාවගේ යුගයයි. ඒ යුගය උදාකර ගැනීමට ඒ සඳහා වන අරගලයට නායකත්වය දෙන්න පෙරට එන ලෙස අපි සියලූ කම්කරුවන්ගෙන් පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.වසර හැත්තෑවක් මේ රට ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක තනි තනිව හා එකට එක්ව පාලනය කරලා තමන්ගේ අසමත්කම පෙන්වලා අවසන්. ඔවුන් පෙන්වා දී තිබෙනවා තවදුරටත් මේ රට සංවර්ධනය කරන්න අඟලක්වත් ඉදිරියට ගෙනියන්න තමන්ට නොහැකි බව. මේ රටේ ජනතාව තුළ අලූත් දේශපාලනයක අවශ්‍යතාවයක් මතුවෙමින් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් සහිත ජනතාවක් තමයි අද මෙතනට එක්වී සිටින්නේ. ඒ ජනතාවට නායකත්වය දෙන්න අපි සූදානම්.අද වැඩකරන ජනතාවගේ, සැබෑ කම්කරුවාගේ මැයි දිනය අපි මෙතන මේ විදිහට සමරද්දී තවත් රැස්වීම් කීපයක් පෙළපාලි කීපයක් රටේ තැනින් තැන තිබෙනවා. ඒවායේ ඉන්නේ බීලා නටන පිරිසක් මිසක් කම්කරු දිනය සමරන්න ආ අය නෙවෙයි. සමහරු ඇවිත් තියෙන්නේ ටි‍්‍රප් යන්න. දළදාව වඳින්න, මල්වත්ත බලන්න වගේ දේවල්වලට. නමුත් මෙතන එවැනි අරමුණු සහිතව ආපු කිසිම කෙනෙක් නෑ. මේ සියලූ දෙනාගේ අවශ්‍යතාව කම්කරුවාගේ දිනය සැමරීමයි. කම්කරුවාගේ අයිතීන් දිනාගත හැකි සමාජයක් බිහිකරගැනීම සඳහා සටන් කිරීමයි.අද අපිට මේ ධනපති දේශපාලකයින්ගෙන් රට වගේම මැයි දිනයත් බේරගන්න සිදුවී තිබෙනවා. දැන් මේක කම්කරුවාගේ දිනය නෙවෙයි. එක එක පක්ෂවල තවත් රැුස්වීමක් බවට පත්වෙලා. මේ මැයි වේදිකාවල තියෙන්නේ කම්කරුවාගේ පාට හෝ ලකුණ නෙවෙයි. සමහරු අද මේ මැයි දිනයේ ලකුණ අත බවට පත් කරගෙන. තවත් අයගේ ලකුණ අලියා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂය දෙකට කඩාගෙන සමගි මැයි රැලියක් කරනවා. අපුරු සමගියක්. ජාති ආගම් භේදවලින් තොරව සියලූ ජනතාව ඒකරාශි කරගත් කම්කරු පංතිය එක මිටකට ඒකරාශි කරගැනීමට හැකියාව ඇති එකම කම්කරු දිනය නිවැරදිව සමරන එකම බලවේගය එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. අපි තනිවම නෙවෙයි මේ මැයි දිනය සමරන්නේ ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල සහයෝගයත් අද මේ වේදිකාවේ නියෝජනය වෙනවා.ධනපති ක‍්‍රමය අද වනවිට කොයි තරම් දුරට කඩාවැටිලාද කියනවා නම් ධනපති ලෝකයේ ලොක්කා වන ඇමරිකාවත් විශාල ආර්ථික අර්බුදයක ගිලිලයි ඉන්නේ. ඔවුන්  ඕක සමනය කර ගන්න හදන්නේ වෙනත් රටවලට බලපෑම් කරලයි. උතුරු කොරියාවට, කියුබාවට බලපෑම් කරන්නේ මේ නිසයි. ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල් ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබියදී අපේ ධනපති රටවල් කඩාවැටීම ගැන අහන්නත් දෙයක්ද? ඒ නිසා දැන් කම්කරු ව්‍යාපාරයට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ ක‍්‍රමය පෙරළා දමන්න. ඒ සඳහා ලෝක කම්කරු ව්‍යාපාරය සංවිධානය කළ යුතුව තිබෙනවා. අපි මේ උත්සාහ කරන්නේ එහි අපේ කොටස ඉටු කරන්නයි.මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණ වෙලාවේ දැනුනේ ඒ කුණුගොඬේ ගඳ නෙවෙයි, මේ ධනපති පාලනය කුණුවී හමන ගඳ. කසළ ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න හැකි වුණත් මේ ධනපති ක‍්‍රමය ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්න බැහැ. දැන් අපිට තිබෙන්නේ මේ ධනපති කසළ කන්ද වළදමා ඒ මත සමාජවාදය රෝපණය කිරීමයි. ධනපති පාලකයන් දුර්වල වෙන්න වෙන්න ඔවුන් තමන්ට එරෙහි සියලූ බලවේග වෙත මර්දනය කැඳවනවා. ඒ නිසා මර්දනය ගෙන එන ආණ්ඩුවකින් පෙන්වන්නේ ඔවුන්ගේ ශක්තිය නෙවෙයි, දුර්වල කමයි.මේ ආණ්ඩුවත් ඒ වගේ දුර්වලයි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවෙලා ආණ්ඩුවක් හදලා කිව්වා මේක තමයි ශක්තිමත්ම ආණ්ඩුව කියලා. දැන් මොකදවෙලා තියෙන්නේ? ආණ්ඩුව පැරලයිස් වෙලා. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. අත්දෙකම කරන දේ මොළය දන්නේ නැහැ. මොළයට  ඕන දේ අත පය කරන්නේ නැහැ. හරියට අගමැති කරන දේ ජනාධිපති දන්නේ නෑ. ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, මේ දෙන්නාම කරන දේ කැබිනට්ටුව දන්නේ නෑ වගේ තමයි.ඛලන් හිටපු කට්ටියත් එහෙම තමයි. තව අවුරුදු දෙකක් තියෙද්දී අපි එපා කියද්දී වසර දෙකකට පෙර මැතිවරණය තිබ්බා. අපි කිව්වා මේක කරන්න එපා, කළොත් අපි ඔබ ගෙදර යවනවා කියලා. ඒ වගේම එයා ගෙදර ගියා. දැන් ආයෙම ඇවිත් අද හෙට ආණ්ඩු පෙරළනවා කියලා කියනවා. මේ අයට තමන්ගේ පාක්ෂිකයන් තියාගන්න පුළුවන් වෙන්නේ බලය අද හෙටම ගන්න පුළුවන් කියලා පෙන්නුවොත් විතරයි. ඒ නිසා හෙට ආණ්ඩුව පෙරළනවා. අනිද්දා පෙරළනවා. තව මාස දෙකකින් පෙරළනවා වගේ කතා කිව්වා. තවම ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෝරක හතක යන්න ලෑස්තියි කියපු උපවාස වංශ මාස තුනක් රිමාන්ඞ් කළාම අඬන්න ගත්තා. වාහන අවභාවිතා කර මේ විදිහට අත්අඩංගුවට පත් වූ මේ අය එළියට එන්න තමන්ගේ දුවවත් අවභාවිතා කළා.අපිට අහිමිවන්න කිසිවක් නෑ. ධනපති පංතිය අපිට කිසිවක් ඉතිරි කරලා නැහැ. ඒත් අපිට දිනාගන්න ලෝකයක් තිබෙනවා. අපි සටන් කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් පෙරට එන්න. සටන් කරන්න. අපි සූදානම් ඒ සටන්වලට නායකත්වය දීලා මේ රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් දිනාගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම යුතුකම ඉටුකරන්න.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාඅපි මේ සමරන්නේ එකසිය විසිහත්වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි. අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මෙතන මැයි දින රැලිය පවත්වද්දී කැම්බල් පිටියේ කොළපාට රැස්වීමක් පැවැත්වෙනවා. ඒක මැයි රැලියක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් විතරයි. වැඩකරන ජනතාවගේ පාට රතු පාට. කම්කරු දිනය සමරන පාට රතු පාට. වැඩකරන ජනතාවගේ ලකුණ දැකැත්තයි මිටියයි. ඒ නිසා ඒ පාට හා ලකුණු හැර වෙනත් විවිධ ලකුණුවලින් විවිධ පාටවලින් අද දවසේ පැවැත්වෙන රැස්වීම් කිසිවක් මැයි දින රැලි නෙවෙයි. පක්ෂ රැස්වීම් විතරයි. අපි මෙතන අපේ පක්ෂයේ ලකුණ ප‍්‍රදර්ශනය කර නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව නියෝජනය කරන සැබෑ මැයි රැලිය අද පැවැත්වෙන්නේ මේ බී. ආර්. සී. පිටියේයි.අද අපේ වෘත්තීය සමිති මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාවලට එරෙහිව සටනට බැහැලා තිබෙනවා. පහුගිය දවසක තෙල් සංස්ථාවේ සේවකයින් සාර්ථක වැඩවර්ජනයක් දියත් කළා. එක තෙල් බිංදුවක් තෙල් සංස්ථාවෙන් පිටට ගියේ නැහැ. ඔවුන් අරගල කළේ තමන්ගේ වෘත්තීය අයිතියක් වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සම්පතක් වූ ත‍්‍රිකුණාමල තෙල් ටැංකි රැුකගන්නයි. ආණ්ඩුව මේසටන හමුවේ දණගැහුවා. සටන ජයගත්තා. දැන් ආණ්ඩුවේ ලොක්කෝ වෙව්ලලා ඉන්නේ. ඒ නිසා සටන් මර්දනය කරන්න ක‍්‍රම හොයනවා. සරත් ෆොන්සේකාට ති‍්‍රවිධ හමුදාවේ වගකීම ගන්න කියලා කිව්වේ නිකම් නෙවෙයි. ඒක විහිලූවක් කියලා සමහර ඇමැතිවරු කිව්වා. ඒත් මේක විහිලූවක් නෙවෙයි, මුට්ටිය දාලා බැලීමක්. සමාජ කථිකාවක් විරෝධයක් ඇති නොවුණා නම් හිමීට මේ වඬේ කරනවා. දැන් ආණ්ඩුවට මේ තියන මර්දන නීති, අණපතත් මදිවෙලා.අපි ආණ්ඩුවට එක දෙයක් මතක් කළ යුතුයි. ලෝක ඉතිහාසයේ කොතැනකදීවත් අපිට සමාජ අරගල මර්දනය කරලා ජයගත් රාජ්‍යයන් හමුවන්නේ නැහැ. රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩිතිබ්බා. ඊපීඑෆ් අරමුදල රැකගන්න සටන් කරපු කම්කරුවන්ට වෙඩි තියලා රොෂේන් චානක ඝාතනය කළා. හලාවත ධීවර සටන්වලට වෙඩිතියලා ධීවරයෙක් ඝාතනය කළා. එහෙම කරලා මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා දිනුවද? නෑ. ඒගොල්ලෝ පරාදයි. සටන් මර්දනය කරලා වීරයින් වෙන්න කාටවත් බැහැ. ඒ නිසා අපි සරත් ෆොන්සේකාට කියනවා මහත්තයෝ පුළුවන් නම් ඔයාගේ වගකීම් භාර අරන් එන්න සටන් මර්දනය කරන්න. එහෙම ආවොත් ඔයාට වෙනදේ ඔයාවත් දන්නේ නැතිවෙයි. ලෝකයේ තිබෙන විශාලතම හමුදාව තමයි කම්කරු හමුදාව. ඒකට නායකත්වය දෙන්නේ අපි. පුළුවන්නම් මේ හමුදාව පරාජය කරලා බලන්න.ඉදිරියේදී තවත් සටන් කීපයක් සූදානමින් තිබෙනවා. සයිටම්වලට එරෙහි සටන තවමත් අවසන් නැහැ. ඒ වගේම මේ රටේ සම්පත් කුණුකොල්ලයට විකිණීමට එරෙහි සටන් තව ඉදිරියට එන්න තිබෙනවා. සයිටම් ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව අවංක උත්සාහයක් ගන්නා බවක් පේන්නේ නැහැ. ඒ නිසා මැයි 3-0-5 කාලය අතරතුර දැවැන්ත වැඩවර්ජනයක් කැඳවන්න සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාවට ජයග‍්‍රහණය හිමිකරදෙන සමාජයක් ගොඩනැගීමෙන් මෙහා මේ සටන් අවසන් වන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දෙමළ භාෂාවෙන් රැුලිය අමතනු ලැබිණ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික අබේලාර්ඩෝ රපායල්, ගී‍්‍රසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කොන්ස්තන්තිනෝ පපාදකිස්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් පක්ෂයේ මධ්‍යම කාරක සභික වී. රාම් මොහාන්,  ඕල් ඉන්දියා ෆෝවර්ඞ් බ්ලොක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ජී. දේවරාජන්, මහා බි‍්‍රතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සාම්මි ඊබ‍්‍රහිම් ඇතුළු ජාත්‍යන්තර වාමාංශික පක්ෂවල නියෝජිතයන් හත් දෙනෙක් මෙහිදී මැයි දින සුබපැතුම් එක් කළහ.ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මධ්‍යම කාරක සභික සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායක නායිකාවන් රැසක් මෙම රැලියේ වේදිකාවේ අසුන්ගෙන සිටි අතර පක්ෂ සාමාජිකයන්ගෙන් බීආර්සී සිටිය අතුරු සිදුරු නැතිව වැසීගොස් තිබිණ. එසේම එම පිටිය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේද විශාල පිරිසක් රැඳී සිටියහ.
“රෝගී සමාජයක් සමග රටක් ගෙනියන්න බෑ“
0
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)නාස්තිය දුෂණය වංචාව නැති කරනවා කියලා පොරොන්දු දීලා බලයට ආ මේ ආණ්ඩුවට දැන් ඒ වචන භාවිත කරන්න කිසිම සාදාචාරාත්මක අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (09) පැවසීය.බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රඹුක්වැල්ල මහතා මේ බව පැවැසීය.ඔහු මෙසේ ද කීවේය.ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුවේ අය ජනතාවට පොරොන්දු රැසක් ලබාදුන්නා. ඒ අතර ප‍්‍රධානම පොරොන්දු දෙකක් තිබෙනවා. ඒ තමයි හොරකම්, දුෂණ වංචා පිටු දැකීම හා මතින් තොර රටක් බිහිකිරීම. ඒ වෙනුවෙන් ඔවුන් ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදිත් විශාල මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. දැන් මේ පොරොන්දුවලට මොකද වෙලා තිබෙන්නේ?ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් නීති විරෝධී විදිහට අගමැති පත් කරලා නව කැබිනට්ටුවක් පත් කළා. සති දෙකක් ගියේ නෑ ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම මූල්‍ය වංචාව සිදු කළා. මේක අහම්බයක්ද? එක් අවස්ථාවක සුළු කාලයකට සිදු වුණා හැරෙන්න ඉතිහාසය පුරාම මහබැංකුව තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් මහබැංකුව ගත්තා අගමැති යටතට.ලංකාවේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් තමයි අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති හැටියට පත් කළේ. ඒ වන විට ඔහුගේ බෑනා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගන්නා ප‍්‍රාථමික ගැනුම්කරුවෙක් හැටියට හිටියා. විගණකාධිපති කියනවා පළමු වංචාව සිදුවූ දිනයේ පැය භාගයක් ඇතුළත බිලියන එකයි දශම හතක අයුතු ලාභයක් පර්පෙචුවල ටෙ‍්‍රෂර්රිස් සමාගම ලැබුවා කියලා.අබඇටයක් තරම් මොළයක් තිබෙන  ඕනම කෙනෙකුට පේනවා මේක අහම්බෙන් සිදුවුවක් නොවන බව. ඩිව් ගුණසේකර මහතා මේ සිදුවීම සම්බන්ධ කෝප් කමිටු විමර්ශනයේ වාර්තාව ඉදිරිපත් කරන්න යද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ රටේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමති කියනවා බැඳුම්කර ගනුදෙනුවේ මූල්‍ය පාඩුව මේ වන විට ටි‍්‍රලියනයක් වෙනවාලූ. ඒ කියන්නේ බිලියන දාහක්. මේක හම්බන්තොට වරාය විකුණලා ලබපු ආදායම වගේ අට ගුණයක්. මේ රටේ ජනතාවට දේශපාලකයන් හොරෙක් විදිහට පේන තත්ත්වයට අද රට පත් කරලා තිබෙනවා.දුෂණය හා නාස්තිය කියන වචනය මේ ආණ්ඩුවට භාවිත කරන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ. රාජිත ඇමතිවරයා කියනවා මේ හොරකම ලූනු බිකක් තරම් කියලා. ඒක ඇත්ත මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට පාඩුවක් සිදුවී තිබෙනවා නම් ඒකට අනුව ලැබී තිබෙන මුදල ලූනු බිකක් තරම් තමයි. මේ තරම් පාඩුවක් වෙන තැනට යන්න ඇරියේ අගමැති ප‍්‍රමුඛ මේ ආණ්ඩුව.මේ පාඩු සමග අද රුපියල කඩා වැටිලා, ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා අද විදේශ විනිමය උපයන්න හම්බන්තොට වරාය විකුණන්න සිදුවෙනවා. මේක ගැන කතා කරද්දී දැන් කියනවා අපි විකුණනවායි බදු දෙනවායි කියන දෙකේ වෙනස අඳුනන්නේ නෑ කියලා. මේ අය කියනවා මේ ගිවිසුම  ඕන වෙලාවක වෙනස් කරන්න පුලූවන් කියලා. මෙයාලා හිතන්නේ මේ රටේ මිනිස්සු බත් කන හරක් කියලා. මේ රටේ ඉන්නේ බත්කන මිනිස්සු. ඒ නිසා කියන කියන හැමදේම විශ්වාස කරන්න ඔවුන් සූදානම් නැහැ. කවුරුවත් අහලා තිබෙනවාද එක ආයතනයක් අනුනව අවුරුද්දේ ඒවා දෙකක් විදිහට බදු දෙනවා.දැන් විසිවන සංශෝධනය ගෙනත් පළාත් සභා මැතිවරණයත් කල්දාන්න යනවා. ජනතාව මුලා කරන්නේ නැතිව කියන්න එකපාර සියල්ලේ මැතිවරණය පවත්වනවා අහවල් දවසේ කියලා. සැප්තැම්බර් වෙනකොට විසිරෙන පළාත් සභා සමග අනෙක් ඒවාත් විසුරුවා හැරලා මැතිවරණයකට යාම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.එක කාලෙක කිව්වා කුඩු වලින් රොටී හදන්න පුලූවන් කියලා. දැන් එහෙම නෙවෙයි කොන්ක‍්‍රීට් අනන්න ගන්න පුලූවන්. දැන් සතොසෙන් ගෙනත් කුඩු බෙදා හරිනවා. පහුගිය දවසක සතොසට සීනි ගෙනාපු කන්ටේනරයක තිබී කුඩු අහුවුණා. එයින් කොටසක් අතුරුදන් වුණා. මේ ජාවාරම් පසුපස ඉන්න බලවතුන්. මේ උවදුරෙන් රට බේරාගන්න උදව් දෙන්නේ නැහැ. රාජ්‍යයට එරෙහිව නැගී සිටින ජනතාව තරුණ පරපුර මත්කුඩු පොවා මත්කරවා වෙනත් මාර්ගයකට යැවීමෙන් විරෝධව සමනය කරන්නයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා මෙසේ පැවසීය.පහුගිය දවසක ඇමතිවරයෙක්ගේ පෞද්ගලික ලේකම්වරයෙක් සතුව තිබී අසුවු මත්ද්‍රව්‍ය අහුවුණාම කළ යුතුව තිබුණේ ඊට සම්බන්ධ වූ හතර දෙනාගේම නිවාස පරීක්ෂා කිරීමයි. නමුත් සිදුවුණේ සියලූ මත්ද්‍රව්‍ය එක තරුණයෙක් මත පටවා අනෙක් අය නිදහස් කිරීමයි. මේ විදිහට තමයි අද නිතීය ක‍්‍රීයාත්මක වන්නේ. මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරින්ට විශේෂ දීමනා හා උසස් වීම් ලබාදෙන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා මෑතක දී කිව්වා. නමුත් දැන් මේ වැටලීම් කරපු නිලධාරින් සීසිකඩ මාරු කරලා.අද ස්වාධීන කොමිෂන් නැහැ. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම මේ සියල්ලක්ම නිහඬයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.දැන් දවසින් දවස මාතෘකා අලූත්වෙමින් යනවා. මේ අලූත් මාතෘකා නිසා ජනතාවට සෘජුව බලපාන ගැටලූ අමතක වෙනවා. මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ඇති කරනවා කියපු ආණ්ඩුව යටතේ දැන් කන්ටේනර් නෙවෙයි කුඩු නැව් පිටින් ගේනවා. ප‍්‍රබලම අමාත්‍යවරු කීප දෙනෙක්ම මේ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ ක‍්‍රියාවලියේ යෙදී සිටිනවා. තරුණ පරපුර මේවාට යොමු කළාට පසුව රටේ ප‍්‍රශ්න වෙනුවෙන් අරගල කරන්න කෙනෙක් නැති වෙනවා. මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක්. ඒ නිසා තමයි තරුණ පරපුර අනාථ කරන්න හදන්නේ.මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට කෙහෙළිය මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - විශ්වාසභංගයට දිනන්න පුලූවන් වෙයිද?පිළිතුර - ඒ ගැන කිසිම සැකයක් නැහැ. විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ අය පවා මේක තමන්ට ලැජ්ජාවක්. ඒ නිසා විශ්වාසභංගයට සහය දක්වනවා කියලා කියා තිබෙනවා. නමුත් එළියේ මහඉහළින් වංචාවට එරෙහිව කටයුතු කරනවා කියලා කියපු සියලූ දෙනා සහය දෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එළියේ දී වංචාවට විරුද්ධයි කියලා කිව්වත් ඊයේ කියනවා මේකේ නීති ප‍්‍රශ්න ටිකක් තිබෙනවා කියලා.ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් කළාම කථානායකවරයාගේ වගකීම ඒක න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර විවාදයට දිනයක් ලබාදීම. එහෙම නොකර කථානායකරවයා මෙහි ඇති ගැටලූ ගැන කතා කරමින් එය පස්සට දාන්න උත්සාහ කරනවා. අපි කරපු අරගලය නිසා දැන් බ‍්‍රහස්පතින්දාට තීන්දුවක් දෙන බව කියනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.ප‍්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභගයක් ගෙනාවත් එහි ප‍්‍රධානියෙක් වන මහින්ද රාජපක්ෂ මහතා වරක් කියනවා මේකට සහය දක්වා ඡන්දය දෙනවා කියලා. ඊට පස්සේ නැවත කියනවා මම කවදාවත් ඡන්ද භාවිත කරන්න පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. මේකට ඡුන්දේ දෙන්න එන්නෙත් නැහැ කියලා. මොකක්ද මේ වෙනස?පිළිතුර  - පළමුව මේ විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගැනීමනේ සිදුවිය යුත්තේ. ඊට පස්සේ අපි බලමු එතුමාගේ ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන. අනෙක උපක‍්‍රම ලෙස භාවිත කරන දේවලූත් තිබෙනවානේ. ඒ සියල්ල මාධ්‍යයට කියන්න අපිට බැහැ.ප‍්‍රශ්නය - හෙජිං ගනුදෙනුවෙන් ලංකා රජයට ඩෝලර් මිලියන 166ක පාඩුවක් සිදුවෙනවා. එතරම් දැවැන්ත පාඩුවක් සිදුකිරීමේ මේ ගිවිසුම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතාට නැවත රජයේ තනතුරක් නොදිය යුතු බවට අධිකරණ නියෝගයක් ලැබෙනවා. හොරකම් වංචා නාස්ති ගැන කතාකරන ඔබතුමන්ලා නියෝජනය කළ කලින් ආණ්ඩුව නැවත අධිකරණයට ගොස් එම නියෝගය වෙනස් කරගෙන ඔහුට තනතුර ලබාදෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද?පිළිතුර - ඒ කාලේ තෙල් බැරලය ඩොලර් දෙසයී පනහට යයි කියලා තමයි ගණන් බලා තිබුණේ. එහෙම වුණා නම් මේ දැන් කියන කතා කිසිවක් කියන්නේ නැහැ. නමුත් මෙහි අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි  මිල වැඩිවෙද්දී අපට අදාළ බැංකුවෙන් ගෙවීම් කරන උපරිම මට්ටම ගැන සඳහනක් තිබුණත් මිල අඩුවීමේ දී අපෙන් ගෙවීම් කරන අවම මට්ටම මොකක්ද කියලා එයට ඇතුළත් නොවීම. මෙහි සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්ටම භාරගන්න බැහැ. ඒ නිසා තමයි ලැබුණ තීන්දුව වෙනස් කරගන්න නැවත අධිකරණයට ගියේ. අධිකරණ නියෝගය වෙනස් වුණ නිසා තමයි නැවත එතුමාට තනතුර ලබාදුන්නේ.ප‍්‍රශ්නය - මේ බැඳුම්කර ගනුදෙනුව රවි කරුණානායක මහතා පමණක් සම්බන්ධ වූ එකක් නෙවෙයි කියලා ඔබතුමන්ලා කියනවා. එහෙම නම් ඇයි ඒ අනෙක් පාර්ශ්වයන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ?පිළිතුර - අපි මේක ආරම්භ කළා පමණයි. මෙයට සම්බන්ධ සියලූ දෙනා සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි සියලූ දෙනාම ආණ්ඩුවට හේත්තු වෙලා හිටියා නම් අද ඔබට කතා කරන්න මාතෘකා නැති වෙනවා. මේ ප‍්‍රශ්නයට සෘජුවම වග කියන්න  ඕනෑ අගමැතිවරයායි. ඔහු තමයි මෙහි නිර්මාතෘ. මේවා ගැන මාධ්‍ය පවා කතා කරන්නේ අපි මූලිකත්වය ගත් නිසායි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා කියලා තිබුණ සමාජ මතය අද කුඩු පට්ටම්වෙලා.
’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’
1
දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්.  බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා.  දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක  මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා.  විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා.  සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා.   අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා.   මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්.  ජෝන් අමරතුංග  මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්‍රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන  තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා.  අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්‍රය විනාශ වෙමින් තිබෙනවා.  අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය.  සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන්  මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්‍රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  එඩ්වඩ් ගුණසේකර  මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි.  එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන්  මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්.  මුජිබර් රහුමාන්  මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.    ගයන්ත කරුණාතිලක  මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා.   කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා.  පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම  සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා.  ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා.  හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම  මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ  උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා.  අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා.  හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.  රිෂාඩ් බදුයුදීන්  මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ.  මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ  පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතාන‍ගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා  ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක  මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා.  පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන.  යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්.  ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා.    එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා.  බන්දුලාල් බණ්ඩාරිගොඩ  මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා.  කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ.  රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්.  අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර්  මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.  විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා  මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා   මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා.  මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි.  හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා.   මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.   රවුෆ් හකීම්  මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්.  අජිත් මාන්නප්පෙරුම  මහතා අද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා.  කතානායකවරයා ලෙස ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා.  මරික්කාර්  මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද?  රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර  මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය  ගැටලු වලට  මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්.   වඩිවෙල් සුරේෂ්  මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා  - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා.    කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය.  (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ.   ( ඡායාරූප ලහිරු හර්ෂණ)    
’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’
0
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)බැඳුම්කර වංචාව නමැති නිධානය ගොඩගත්ත අය රවි කරුණානායක බිල්ලට දීලා ඇඟ බේරගන්න හදනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. නිධානය ගොඩගත්ත අයයි ඒකට උදවු කරපු අයයි, ඔත්තු බලපු අයයි සියලූදෙනාම නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඊයේ (08) පැවසීය.පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.ජනාධිපතිවරණය වෙලාවේ ප‍්‍රධාන සටන් පාඨය වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් වංචාවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම. මේ ආණ්ඩුව බලයට එද්දි ප‍්‍රධාන සටන් පාඨය වුණෙත් හොරකම් වංචාවලට එරෙහි වීම හා යහපාලනය ඇති කිරීමයි. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාසයක් යන්න කලින් මේ රටේ දැවැන්තම වංචාව මහබැංකු බැඳුම්කර වංචාව සිදුකළා. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට රාජපක්ෂ පාලනයේ හොරකම් පවා යටගහමින් ඒ අයත් එකතු කරගෙන ආණ්ඩුව වැඩකරගෙන ගියා. ප‍්‍රධානම සිදුවීම තමයි ඇවන්ගාඞ් සිදුවීම. ඇවන්ගාඞ් වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී තිබියදී මේ ආණ්ඩුවේ ඇමැතිවරු තුන්දෙනෙක් ඒවා යට ගහන්න හැදුවා. අපි ඒවා හෙළිදරව් කළා. ඒ සමග මේ අයට එරෙහිව ජනතා විරෝධය ඇති වුණා. තිලක් මාරපන ඇමැතිවරයා ඉල්ලා අස්වෙලා මේක තාවකාලිකව යටපත් කරන්න උත්සාහ කළා. දැන් නැවතත් එතුමාට ඇමති ධූරයක් ලබාදී තිබෙනවා. ඒ වගේම මෙම සිදුවීමට අදාළ ප‍්‍රධාන චූදිතයන්ට නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. බරපතළ චෝදනා ලද එදා හිටි ඇමතිවරු මේ ආණ්ඩුවෙත් ඇමැතිවරු වෙලා තිබෙනවා.මහබැංකු බැඳුම්කර වංචාව ගැනත් දැන් සියල්ල හෙළි වී අවසන්. අධිකරණයක් මගින් වැරැදිකරුවන් කවුද කියලා තීන්දු නොකළාට ජනතා අධිකරණය හමුවේ වැරැදිකරුවන් කවුද කියලා තීන්දු කර හමාරයි. කෝප් කමිටුව මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරද්දී එයත් යටපත් කරන්න ඇතැම් මන්ත‍්‍රීවරු කෝප් කමිටුව තුළදීත් උත්සාහ කළා. කෝප් වාර්තාව පදනම් කරගෙන නීතිපතිට නඩු පැවරිය හැකියි. නමුත් එසේ කළේ නැහැ. ජනාධිපති කොමිසම පත්කළේ ඒ අතරයි. එයින්ද අලූත් කරුණු ඇවිත් තිබෙනවා. මේ තරම් තොරතුරු හෙළිවී තිබියදීත් රවි කරුණානායක මහතා අතින් වරදක් සිදුවී නැහැයි කියන්න ඇතැම් මැති ඇමැතිවරුන් කටයුතු කරමින් ඉන්නවා. බැඳුම්කර වංචාව නිසා රුපියල් කෝටි පන්දාස් පන්සීයකට වැඩි මුදලක් මේ රටේ ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලේ මුදල් තමයි මේ හොරකම් කරලා තමන්ගේ සුඛ විහරණයට මේ ඇමැතිවරු හා නිලධාරින් යොදාගෙන තිබෙන්නේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් වගේ කියලා. එතුමාත් ඒ ආණ්ඩුවේ හිටියා. එදා ඒ හොරකම් ගැන කිව්වේ නැහැනේ. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ රාජිත නැති එකක් නෙවෙයි. ඒ ආණ්ඩුව කාලේ තමයි රාජිත සේනාරත්න ධීවර ඇමැති හැටියට සිටියදී මසකට රුපියල් ලක්ෂ දාහතකට බදු දෙන්න පුළුවන් මෝදර ධීවර වරාය මසකට රුපියල් දෙලක්ෂ පනස්දාහකට බි‍්‍රතාන්‍ය සමාගමකට වසර විසිපහකට බදු දෙන්නේ. එහි පාඩුව කීයද? රුපියල් කෝටි හතළිස් හතක්. මේක ලූනු බිකක්ද? ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.එදා රාජපක්ෂලා කරපු හොකරම් අබිබවා යාමේ තරගයක මේ ආණ්ඩුව ඉන්නවාද කියලා අපිට හිතන්න වෙලා තිබෙනවා. ලොකු හොරුන්ට දඬුවම් ලබාදී පොඩි හොරුන් නිදහස් කිරීමද රාජිතලාගේ න්‍යාය? ඒ ආණ්ඩුවේ සිටියදී නැව් ගිලපු මේ ආණ්ඩුවේත් සිටින ඇමැතිවරුන්ට මේ හොරකම් ලූනු බිකක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මේ මහාපරිමාණ හොරකම් එදා වුණත් අද සිදුවුණත් ඒ හොරුන්ට නීතීය ක‍්‍රියාත්මක කළ යුතුයි. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා කියනවා හොරු නැති ආණ්ඩුවක් මෙතෙක් බිහිවෙලා නැහැ කියලා. ඒ කියන්නේ එතුමා පිළිගන්නවා අවුරුදු හැට නවයක් තිස්සේ මේ රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම හොරුන්ගෙන් පිරි තිබුණා කියලා. ඒ කියන්නේ ජනතාව පත්කරලා තිබෙන්නේ හොරුන්ගේ ආණ්ඩු. දැන් ජනතාවට අවස්ථාව ලැබිලා තිබෙනවා හොරුන්ගෙන් තොර ආණ්ඩුවක් බිහිකර ගන්න.බැසිල් රාජපක්ෂ කියනවා ජනතාවගේ මුදල්වලින් පෞද්ගලිකව ප්ලේන්ටියක් වත් බීලා නැහැ කියලා. මල්වානේ මාලිගාව හැදුවේ කොහොමද? මේ හොරකමින් ඒ හොරකම් වහන්න බැහැ. අද විශ්වාසභංගය ගේන්නේ ඒ වගේ චෝදනා තිබෙන අය. ඒ අයට මෙවැන්නක් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. එහෙත් මෙවැනි විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි කියලා අපිත් අදහසක සිටියා. ඒකාබද්ධයෙන් එය ගෙනත් තිබෙනවා. ගෙනාපු කෙනා කවුරු වුණත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි එයට සහයෝගය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියනවා අපි කරපු හොරකම මේ තරම් විශාල ඒවා නෙවෙයි කියලා. මේ ආණ්ඩුව කියනවා අපේ අයගේ හොරකම් ඒදා ඒවා තරම් ලොකු නැහැ කියලා. මුට්ටිය කේතලේට කියනවා අපිට වඩා ඔයා කළුයි කියලා. කේතලේ මුට්ටියට කියනවා නෑ අපිට වඩා ඔයාලා කළුයි කියලා. ජනතාවට පේන්න  ඕන දැන් මේ දෙකම කළුයි, දෙකම එකයි කියලා. දෙක දෙකෙන් බෙදුවාම ශුන්‍ය වෙන්නේ නැහැ වගේ එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොරකම් වංචා නැවැත්වීමට ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාමාර්ග ගත යුතුයි.ආණ්ඩුව බලයට එද්දී මැතිවරණ පොරොන්දුවක් දුන්නා හොකරම් වංචා පිළිබඳව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන්න විශේෂ අධිකරණයක් පත් කරනවා කියලා. දැන් අජිත් පෙරේරා ඇමැතිවරයා කියනවා ඒක කරන්න බැරි වෙලා තිබෙන්නේ අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නිසා කියලා. එක ඇමැතිවරයෙක් විරුද්ධ වුණා කියලා කළ යුතු දේ පස්සට දමන්න අවශ්‍ය නැහැ. දැන් හම්බන්තොට වරාය විකුණනවාට ඇමැති විරුද්ධ වුණා කියලා නොකර හිටියාද? නැහැනේ. ඇයි ඒ ආදර්ශය මේවාට අදාළ නොවන්නේ? බැඳුම්කර කොමිසමටත් බැහැ දඬුවම් දෙන්න. කොමිසම වාර්තාව යවනවා නීතිපතිට. නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නඩු පවරලා නඩු අහන්න ගන්නකොට තව වසර දෙකක්වත් යනවා. එතකොට මේ ආණ්ඩුවේ කාලය අවසන්. ඒ නිසා විශේෂ අධිකරණයක් පිහිටුවීම වැනි ව්‍යාවස්ථා සංශෝධනයකට යන්නේ නැතිව වෙනම අධිකරණයක් පිහිටුවා මේ හොරකම් පිළිබඳ නඩු විභාග කඩිනම් කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.දැන් ආණ්ඩුව උත්සාහ කරනවා මේ වැරැද්ද සම්පූර්ණයෙන්ම රවීගේ පිටින් යවලා නිදහස් වෙන්න. නිධානය ගන්න භාවිත කරන බිල්ල බවට අද රවි කරුණානායක අමාත්‍යවරයා පත්වෙලා පත් කරලා නිධානය ගත්ත අය පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා බිල්ල විතරක් නොවෙයි නිධානය ගත්ත අයත් අල්ලලා නීතිය හමුවට පැමිණවිය යුතුයි. මේ විශ්වාසභංගය ගෙනත් එය ජයගත්තොත් එය ආණ්ඩුවේද පරාජයක් වන නිසා රවි කරුණානායක ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා බල කරමින් තිබෙන බව දැනගන්න තිබෙනවා. එහෙම නිදහස් වෙන්න ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ ප‍්‍රබලයන්වත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන්න සුදානම්.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - අගමැතිවරයා කියනවා තමන්ගේ කැබිනට්ටුවේ හොරු තියාගන්නේ නැහැ කියලා. එතුමාට අගමැති ලෙස මේ හොරකම් පිළිබඳව වගකීමක් නැද්ද?පිළිතුර -- මහබැංකුව තවමත් තිබෙන්නේ අගමැතිවරයා යටතේ. ඒ වගේම මේ වංචාවට අදාළ වගකිව යුත්තන් පත් කිරීමට අගමැති මැදිහත් වුණා. ඒ නිසා එතුමාට මේ චෝදනාවෙන් නිදහස් වෙන්න බැහැ.ප‍්‍රශ්නය -- රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ගේන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු මේ වගේම චෝදනා ලබපු පිරිසක්. එවැනි පිරිසක් ගේන විශ්වාසභංගයකට ඔබතුමන්ලා සහාය දක්වන්නේ කොහොමද?පිළිතුර -- මේ හොරකමෙන් පරණ හොරකම් වහගන්න බැහැ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි විශ්වාසභංගයට සහාය දැක්වීමෙන් අදහස් වෙන්නේ නැහැ හොරු සමඟ හිටගත්තා කියලා. මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුත් මෙයට පක්ෂව ඡන්දෙ දෙන බව කියනවා. නමුත් ඒ අය ඒකාබද්ධයත් සමග එකතු වෙලා නැහැනේ.ප‍්‍රශ්නය -- මේ සමග රවි කරුණානායක, අගමැති, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් වගේ අයගෙත් නම් සම්බන්ධ වි තිබෙනවා. මේ සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන්. මොකක්ද මේ ගැන හිතන්නේ?පිළිතුර -- කොතැන හිටියත්, තරාතිරම මොකක් වුණත් වංචාවට සම්බන්ධ සියලූ දෙනාට දඬුවම් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රවි කරුණානායක ඇමැතිවරයාගේ පිටින් රිස්ස ඇරලා කාටවත් බේරෙන්න බැහැ. මේ වංචාවට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් සම්බන්ධයි වගේම ඔවුන් සමග ගනුදෙනු කරලා අල්ලස් ගත්තේ රවි කරුණානායක මහතා පමණක් නෙවෙයි. කෝප් කමිටුවට සහභාගී වු ෆුට්නෝට් කල්ලියේ දුරකථන පරීක්ෂා කර බැලූවොත් ඒ අයගේ ගනුදෙනුත් හොයාගන්න පුළුවන් යැයි කීය.ප‍්‍රශ්නය -- ඔබතුමාලා දිගින් දිගටම මල්වානේ ඉඩම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව තුළත් කතා කරනවා. නමුත් තවම කිසිම හැකියාවක් ලැබිලා නැහැ නේද බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්න?පිළිතුර -- හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එක හොරෙක් ඉවත් කරලා තවත් හොරෙක් ගේන්නේ නැතිව ජේවීපී එකට බලය දෙන්න අපි දඬුවම් දිලා පෙන්වන්නම්. හොරකම දුෂණය වංචාව නවත්වන හැටි අපි පෙන්වන්නම්. අපි අමාත්‍යංශ හතරක් කරලා පෙන්නුවා. අල්පෙනෙත්තක තරම් දෙයක් අපි හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව පාලනය කළා. හොරකමක් කරලා නැහැ.ප‍්‍රශ්නය -- මේ ආණ්ඩුවේ සාධනීය බවක් දකින්නේ නැද්ද? කලින් වගේ නෙවෙයි හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා තිබෙනවා.පිළිතුර -- කතාවෙන් වැඩක් නැහැ, ක‍්‍රියාවෙන් පෙන්වන්න තමන් වංචාවට දුෂණයට විරුද්ධයි කියලා. කොමිසම් පත්කරලා වැඩක් නැහැ. ඒවායින් හෙළිවන කරුණු අනුව වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්න. නමුත් එවැනි කිසිදෙයක් තවම සිදුවී නැහැ.ප‍්‍රශ්නය -- තව වසර දෙකකින් මේ ආණ්ඩුව පැරදුණාම මේ ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් කිරීමක් සිදුවන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මේ ආණ්ඩුව වසර දෙකකදී පරදියි කියලා විශ්වාසයක් තිබෙනවාද?පිළිතුර -- අනිවාර්යයෙන්ම පරදිනවා. ජනතාව මේ ආණ්ඩුවට තවත් වසර පහක් බාරදෙන්න සූදානම් නැහැ. ඔවුන් බලා සිටින්නේ මේ අය ගෙදර යවන්නයි.ප‍්‍රශ්නය -- ඊළඟට මොනවගේ ආණ්ඩුවක්ද එන්නේ?පිළිතුර -- අලූත් හොරු වෙනුවට පරණ හොරු ගේන්නේ නැතිව හොරකම් කරන්නේ නැති පිරිසක් බලයට ගේන්න ජනතාව කල්පනා කළ යුතුයි. අපි ජනතාවට කියනවා හොරකමට වංචාවට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් පිිහිටුවා වෙනස තේරුම් ගන්න කියලා.
’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’
0
(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)බෙදුම්වාදී දොළ පිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් හා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (9) පිටකෝට්ටේ දී පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විරවංශ මහතා මේ බව පැවසූ අතර එහි දී ඔහු මෙසේ ද පැවසීය.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා මහා සංඝරත්නය ඉදිරිපත් කළ සංඝ විධානය පිළිබඳව අද විවිධ කතා බහ ඇති වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව හදන්න උදේ පාන්දරම නැගිටලා වැඩකරපු රතන හාමුදුරුවොත් කියනවා නව ව්‍යාවස්ථාවක් හදන්න ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. එහෙම කියද්දි රතු අලිපැටියා කියනවා ආණඩුවට ජනවරමක් තිබෙනවා. මහානායක හිමිවරුන්ට තමන්ගේ අදහස දක්වන්න අයිතියක් තිබෙනවා. නමුත් ආණුඩුව වැඩ කළ යුත්තේ ජනවරමට අනුව කියලයි.හරිම පුදුමයි ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙනස. ඉස්සර ජවිපෙ තමයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට මුලින්ම ඒකට විරුද්ධව පාරට බැස්සේ. දැන් ඒ අය ෆෙඩරල් ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිනවා.ජනාධිපතිවරයා බලය ඉල්ලා සිටි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙම ජනවරමක් ඉල්ලා නැහැ. සමහර විට එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ එවැනි දෙයක් ඇති. නමුත් ඔවුන්ට එකසිය දහතුනක් ලැබිලා නැහැ. ඒ නිසා ඒ අයටත් ජනවරමක් ලැබිලා නැහැ.සමහරු කියනවා දරුවා බිහිවෙන්න කලින් දරුවාගේ කේන්දර කියනවා කියලා. එහෙම නැහැ. මේ දරුවා තාම ඇවිදින්න පටන් අරන් නැතිවෙන්න පුලුවන්. නමුත් ඉපදිලා ඉන්නේ. මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව කියලා අගමැතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේකේ සාමාජිකයෝ දෙන්නෙක්ම කියනවා මේ වාර්තාවේ තිබෙන්නේ මෙහෙයුම් කමිටුවේ කතා කරපුවා නෙවෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාත් ප්‍රසන්න රණතුංග මහතාත් මේ කමිටුවට සහභාගී වුණා. ඔවුන් මේ පිළිබඳව මෙහෙයුම් මණ්ඩලයේ සභාපතිට ලිපියක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම අකුකමිටු වාර්තා පදනම් කරගෙන ප්‍රධාන අතුරු වාර්තාව සකස් කළ යුතු වුවත් අගමැතිවරයා තනිව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ උපලේඛනයක් ගැන සඳහන් වුණත් එවැනි උපලේඛනයක් නැති බවද මෙහෙයුම් කමිටුවත් නොදන්නා, කාටවත් පෙන්වා නැති උපලේඛනය මොකක්ද? එහි අඩංගු වන්නේ මොනවාද කියලා නොදැන මේ කමිටුවල ඉදිරියට වැඩ කරන්නේ කෙසේද?මහානායක හිමිවරුන් ඉල්ලා සිටිනවා ව්‍යවස්ථාවේ ඒකීය භාවය කියන වචනය ඉවත් කරන්න එපා කියලා. ඒ වගේම බුදුදහමට හිමි තැන නැති කරන්න එපා කියලා. සුද්දා මේ රට පාලනය කරන කාලයේ පවා බුදුදහම ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. දැන් මේ කළු සුද්දන්ට ඒක කරන්න බැරි ඇයි? රටේ නායකයා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා පවත්වනකොට ආණ්ඩුව තමන්ගේ බල්ලෝ ටික ලෙහා දාලා මහානායක හිමිවරුන්ට එරෙහිව බුරවන්න පටන් අරන්. ත්‍රාඩ ප්‍රතිචාර දැක්වීමකට පෙළඹී තිබෙනවා. මේ රට බෙද්ධ සංස්කෘතියක් සහිත රටක්. අපේ රජවරු පවා මහා සංඝරත්නයට ඇහුම් කන් දුන්නා. මේ විදිහට අපහාස කළේ නැහැ. අද මේ පොළොවට මුල් ඇදලා නැති නායකයෝ කරන මේ කාර්යය වහා නවත්වන්න. දැන් සඳහිරු සෑය හදපු එකේ වැරැද්ද ගැන කතා කරනවා. ඒ පාපය නැති කරන්න හිටපු ජනාධිපතිතුමාට ඉරටු තිබෙන කොස්සකින් මහමළු අතුගාන්නලු. එතුමාට ඒක කොහොම හරි කරන්න බැරියෑ. ඒත් මේ කතා කියන්නේ මේ රටේ හැම තැනම ටයර් සෑයවල් හදපු අය. ඒ සෑයවල් හදපු එකේ පාපය ඉරටු කොස්සකින් අතුගාලා දුරු කරන්න බෑ.බුදුදහමට හිමි තැන වෙනස් කරන්නේ නැත්නම් බුදුදහමට ප්‍රමුඛත්සථානය දෙන බව කියමින් තවත් විකල්ප හතක් යෝජනා කර තිබෙන්නේ ඇයි? දළදාව හිමිකරගත් අයට තමයි එදා රටේ නායකත්වය හිමිවුණේ. ඒ ඉතිහාසය මත තමයි අදත් මේ රට ගමන් කරන්නේ. ඒ ඉතිහාසය වෙනස් කරන්න කාටවත් බැහැ. කාටවත් මේක දිරවන්නේ නැහැ කියලා ඒ අයට අවශ්‍ය විදිහට මේවා වෙනස් කරන්න දෙන්න බැහැ. මෙහෙයුම් කමිටුව සිටිය දී එළියේ ඉන්න කණ්ඩායමක්  අතුරු වාර්තා සකස් කරන්නේ නම් මොකට ද එවැනි තැනක තවත් ඉන්නේ? ඒ නිසා මේ අනුකමිටුවලිනුත්, මෙහෙයුම් මණ්ඩලයෙනුත් ඉවත් වෙන්න කියලා අපි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික නිදහස් පෙරමුණේ එකම මන්ත්‍රීවරයෙක්වත් මේ කමිටුවල නැහැ. අපි මේවාට සම්බන්ධ වෙන්නේ නෑ කියලා මුල සිටම හිටියා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් බවටත් අපි පත් වන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වන්නේ නැහැ. දැන් අපි ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලිම ඉදිරිපත් කර තිබෙනවා. තවදුරටත් මේ බෙදුම්වාදී දොළපිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට කටයුතු කරන්න කියා.මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා ද සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කියනවා මීළග මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙන්නේ නෑ කියලා.පිළිතුර - එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. ඉල්ලන්නේ නැති දෙයක් දෙන්නේ නෑ කියලා කියනවා. කිසිම තේරුමක් නැති කතාවක්.ප්‍රශ්නය - ඔබතුමන්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඉල්ලීම මීට පෙර කර තිබෙනවාද?පිළිතුර - අපි මේක අවස්ථා කීපයකදී කතා කර තිබෙනවා. පක්ෂ නායකයින් සමග මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන කතා කළාම පක්ෂ තුනක නායකයෝ තවත් ටික කලක් ඉමු කියලා අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ඒකමතිකව ගන්න අදහස් කරන නිසා තමයි තවම පක්ෂයක් හැටියට මේ තීරණය ඇවිත් නැත්තේ.ප්‍රශ්නය - මේ පක්ෂ තුන පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ද?පිළිතුර - එක් පක්ෂයක් පාර්ලිමේන්තුවේ නැහැ. දෙකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.ප්‍රශ්නය - ආණ්ඩුව යළිත් වතාවක් ඇමතිවරුන්ට වාහන ගන්න ලක්ෂ දෙදාහක් වෙන්කරගන්න පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.පිළිතුර - මම ඒ වෙලාවේ හිටියේ නැහැ. නමුත් සාමසර කන්ද නායයාමෙන් විපතට පත් ජනතාව, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාව තවමත් ඉන්න තැනක් නැතිව දුක් විඳිනවා. වන්දි නැතිව දුක් විඳිනවා. එහෙම තියෙද්දී තමයි මේ විදිහට අමැතිවරුන්ට වාහන ගන්න මිලියන ගණනින් මුදල් වෙන්කරන්නේ. අද පොල් පවා පිටරටින් ගේන තත්ත්වයක් ඇති වෙලා. කලින් ආණ්ඩුවත් පොල් ගේන්න හැදුවා. නමුත් එයින් සිදුවිය හැකි හානිය අපි පෙන්වා දුන් පසු ඒක නැවැත්තුවා. දැන් මේ ආණ්ඩුව පොල් ගෙන්වනවා. මෙයින් අපේ තිබෙන වගාවටත් හානිකර උපද්‍රව එන්න පුලුවන්.ප්‍රශ්නය - උමාඔය ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ?පිළිතුර - මේක කරගෙන ආපු වැඩ කොටස නවත්තලා බොහොම කලක් නිකම් තිබුණා. ඒකෙන් තමයි මේ අනතුර වැඩිවුණේ. මේක අවශ්‍ය ව්‍යාපෘතියක්. වෙල්ලස්ස අස්වද්දන්න පුලුවන් මේ ව්‍යෘපෘතිය නැති කරනවා වෙනුවට මේ විෂය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගෙන් යුත් කමිටුවකින් පර්යේෂණ වාර්තාවක් සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි කියන අදහසේ තමයි අපි ඉන්නේ. 
’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’
0
   (а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а¶іа·”а¶ұа·Ҡа·Җа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ а·Җа·’а·ға·Ҡа·ға¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ බа·җа·Җа·’а¶ұа·Ҡ а¶…а¶Ҝ а¶ёа·ҷа¶ё а·Җа·ға¶Ӯа¶ңа¶ӯ а¶Ҝа·ҷа¶ҡа·ҷа¶ұа·Ҡа¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට බа·җට а¶ҡෑමට а·ға·’а¶Ҝа·”а·Җ а¶Үа¶ӯа·җа¶әа·’ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ බа¶Ҫа·Җа·ҡа¶ңа¶әа·ҡ а¶ёа·„а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ёа¶Ҝа·Ҡа¶Ҝුමබණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·ңළඹ а¶Ҝа·“  а¶…а¶Ҝ(02) а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа¶ӯа·Ҡ а·Җа·“ а·Җа·ғරа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Җ а¶Үа¶ӯа¶ӯа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә, а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә, а¶ўа¶ұ а¶ўа·“а·Җа·’а¶ӯа¶ә а¶Үа¶ӯа·”а·…а·” а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡа¶ё а¶…а·ға·Ҹරа·Ҡථа¶ҡ а·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҝ а¶ёа·„ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а·Җа·ҷа¶ұа·”а·Җට а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә රට а¶ҙුරа·Ҹ а¶ҙа·җа¶ӯිර а·Җа·“а¶ё а¶ҙමණа¶ҡа·Ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶әටа¶ӯа·ҡ а·ға·’а¶Ҝа·” а·Җа·– බа·Җа¶Ҝ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ұа·Ҹа¶әа¶ҡ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ ඔහු а¶ҙа·җа·Җа·ға·“а¶ә.එහිа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ බа¶Ҫа·Җа·ҡа¶ңа¶ә а¶ёа·„а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී රа¶Ӯа¶ўа·’а¶ӯа·Ҡ а¶ёа¶Ҝа·Ҡа¶Ҝුමබණа·Ҡඩа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа·ҡ  а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶ә а·Җа¶ңа·ҡа¶ё а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а·ға·„ а¶ўа¶ұ а¶ўа·“а·Җа·’а¶ӯа¶әа·ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҡඩа·Ҹа·Җа·җටීමа¶ҡа·Ҡ а¶…а¶Ҝ а·Җа¶ұ а·Җිට а·ға·’а¶Ҝа·”а·Җ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶Ҝ а¶ёа·”а·…а·” රටа·ҡа¶ё а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа·ӣරа·ға¶ә а¶ҙа·җа¶ӯිර а¶ңа·ңа·ға·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ҡа·ңරа·қа¶ұа·Ҹ රа·қа¶ңа·“а¶ұа·Ҡ а¶ұа·’а·Җа·ғට а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ё а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҡа·Ҹර а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ӯа·Ҡа·Җа¶әа¶ҡට  а¶ҙа¶ӯа·Ҡа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·Ҹරа·Ҡа¶ӯа·” а¶Ҝа·ҷа·Җа¶ұ а¶Ҝа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә රටට а¶Үа¶ӯа·”а¶Ҫа·Ҡ а·Җа·ҷа¶ а·Ҡа¶  а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҷ а¶үа¶Ҝа¶ұа·Ҡ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·’а¶Ҝිහට а¶…а¶ҙа·’ а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶Ҝа·’а¶ңа·’а¶ұа·Ҡ а¶Ҝа·’а¶ңටම හඬа¶ҡа·Ҡ а¶ұа·җа¶ңа·”а·Җа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ұа·Ҡ‍а¶әа·Ҹа¶ә а¶ҙа¶ӯа·Ҡ‍රа¶ә а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҡ а¶ҡа·’а·ға·’а·Җа¶ҡට а¶ҡа¶ұа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ.а¶Ҫа·қа¶ҡа·ҷа¶ұа·Ҡа¶ё а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа·… а·ға·Ҹරа·Ҡථа¶ҡа¶ё රට а¶…а¶ҙа·ҡ රට а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ බа·ңරු බа·ҡа¶ңа¶Ҫа·Ҡ а¶Үа¶Ҝ බа·Ҹа¶ёа·’а¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. එа¶Ҝа·Ҹ а¶ёа·ҡ а·Җа·ӣරа·ға¶ә а¶ҙа·Ҹа·Җа·’а¶ а·Ҡа¶ а·’ а¶ҡරа¶Ҫа·Ҹ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ңа¶ӯа·Ҡа¶ӯ а¶ұа¶ёа·Ҡ а¶…а¶Ҝ а¶ёа·ҡ а·Җа·ӣරа·ға¶әа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ӯа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶Үа¶ҹа·ҡ а·„а¶әа·’а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҙа·Ҡ‍රමුа¶ӣ а¶Ҷණа·Ҡඩුа·Җට а¶…а¶ҙа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶ұа·Ҹа¶ёа¶әа·қа¶ўа¶ұа·Ҹ а¶·а·Ҹර а¶Ҝа·ҷа¶ұ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ұа·’а·ға·Ҹ а¶ёа·”а¶Ҫа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡа¶Ҝа·“ රට а·Җа·„а¶Ҫа·Ҹ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а·Җа¶ӯа·Ҹа·Җа·ҡ 20 а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡරа¶ңа·җа¶ұීමට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ұа·’а·ға·Ҹ а¶ҡа·ңරа·қа¶ұа·Ҹ මරа·Ҡа¶Ҝа¶ұа¶ә а¶ҡිරීමට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ұа·җа·„а·җ. а·Җа·’а·ға·Ҡа·ға¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ а¶ёа·ҡа¶ҡа¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ.а¶…а¶Ҝ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а·ға·Ҡа·Җа¶әа¶Ӯ රа·җа¶ҡа·’а¶әа·Ҹа·Җа¶Ҫ а¶ұිරа¶ӯ а·Җුණ, а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡ а¶…а¶Ӯа·Ға¶әа·ҡ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶ҡරа¶ұ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ҙа·„а·…а·ңа·Җа¶ҡට а·Җа·’а·ға·Ҡа·ға¶ҡට а¶ҙමණ а¶…а¶Ҝ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶…а·„а·’а¶ёа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶ҡа·’а·ға·’а¶ё а¶ҙа·’а¶әа·Җරа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ҡа·…а¶ёа¶ұа·Ҹа¶ҡරණа¶ә а¶ҡිරීම රජа¶әа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ёа¶ҡа·Ҡ.а¶…а¶Ҝ а¶ёа·ҡ а·Җа·ӣරа·ға¶ә а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ёа¶ұа·Ҡа¶ӯර а¶ңුරුа¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҹරа¶әа·ң а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа·ҷа¶ұа¶ұ а·ға·һа¶ӣа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරිа¶ә а·Җа¶ӯුර а¶ҡа·… а¶ңа¶Ӯа¶ңа·Ҹа·Җа¶Ҫට а·Җа·’а·ға·’ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶…а¶Ҝ а·ға·һа¶ӣа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶…а¶Ҝ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට බа·ҷа·„а·ҷа¶ӯа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. රа·қа·„а¶Ҫට එа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа¶ӯа·”а·Җ а¶ңа·ҷа¶Ҝරට а·Җа·ҷа¶Ҫа·Ҹ а¶үа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡа¶ҡට а¶Ҝ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡ බа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶…а·„а¶ұа·Җа·Ҹ.а¶ҙа¶Ҫа·Җа·ҷа¶ұа·’ රа·җа¶Ҫа·Ҡа¶Ҫ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡа·…а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ රජа¶әа·ҡ а¶Ҫа¶ҡුණු а¶Ҝа·Ҹа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ බа·җරි а¶Ӣа¶ұа·„а¶ё රජа¶әа·ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ҙිට а¶ҙටа·Җа¶ұа·Җа·Ҹ. හරි а¶ңа·’а¶әа·Ҹа¶ё а¶ӯа¶ёа¶ұа·Ҡටа¶ӯа·Ҡ а·Җа·җරа¶Ҝа·”а¶ұа·„а¶ё а¶ўа¶ұа¶ӯа·Ҹа·Җටа¶ӯа·Ҡ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а¶ҡරа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡа¶ҡ.а¶…а¶Ҝ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а·җа¶ё а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶ҡа·’а¶ұа·Ҡа¶ё а¶…а·ға·Ҹරа·Ҡථа¶ҡа¶әа·’. а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶…а·ға·Ҹරа·Ҡථа¶ҡа¶әа·’. а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а·„а·җа·ғිරа·Җа·“а¶ё а¶…а·ға·Ҹරа·Ҡථа¶ҡа¶әа·’. රටа·ҡ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а¶…а·ға·Ҹරа·Ҡථа¶ҡа¶әа·’ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·„а¶ұ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа¶ӯа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а·Җа·ғරа¶ҡа·Ҡ а¶ңа¶ӯ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ එа¶ұа·Җа·Ҹ. රටට а·Җа·ҷа¶ а·Ҡа¶  а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. බඩු а¶ёа·’а¶Ҫ а¶…а·„а·ғ а¶Ӣа·ғට а¶ұа·җа¶ңа¶Ҫ. а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә а·Җа·ҷа¶ұа·”а·Җට а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә රටа¶ҙුරа·Ҹ රට а¶ҙුරа·Ҹ а¶ҙа·җа¶ӯිරිа¶Ҫа·Ҹ. а¶ёа·ҡа¶ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҷ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҙа·…а¶ёа·” а·Җа·ғරа·ҡ а¶ҙа·Ҡ‍රа¶ңа¶ӯа·’а¶ә а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී හරීа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·” а¶ёа·„а¶ӯа·Ҹ.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә а¶әට а¶ңа·„а¶ҙа·” а¶ұа·’а·ға·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶Ҝ а¶ёа·ҷа¶ а·Ҡචර а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·Ҡа¶° а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ. а·Җа·’а·ға·Ҡа·ғ а¶ұа·’а·ға·Ҹ а¶…а¶Ҝ а¶ёа·”а·…а·” රටම а¶…а¶ұа·Ҹරа¶ҡа·Ҡа·Ӯа·’а¶ӯ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶Ҝ а¶ёа·ҡ а·Җа·Ҡ‍а¶әа·ға¶ұа¶ә а·Җа¶ңа¶ҡа·“а¶ё බа·Ҹරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. අඩුම а¶ӯරමа·ҡ රටට а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶әа¶ҡа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұа·Җа¶ӯа·Ҡ а¶ҡа·Җුරුа¶ӯа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҡа·ңа¶әа·’ а¶Ҝа·ҡටа¶ӯа·Ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа¶ҙа¶ӯа·’ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ұ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ. а·ға·’а¶Ӯа·„ а¶ұа·Ҹа¶Ҝ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බа¶Ҫа·” а¶ҡа·ҷඳිරිа¶Ҫа·’ а¶ұа¶ңа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶…а·ға¶ёа¶ӯа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ. а¶Ҝа·җа¶ұа·Ҡ а·ға·һа¶ӣа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරිа¶ә රа·қа¶ң а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ а¶ңа¶Ӯа¶ңа·Ҹа·Җа¶Ҫට а¶ҡа¶Ҫа¶ңа·ҷඩි а·„а¶Ҫа¶ұа·Ҡа¶ұ а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа¶ңа·ҡ а·Җа·’а¶ҡа·Ҹර а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа¶ӯа·”а·Җ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а·Җරа¶Ҝа·’а¶ұа·Ҡ а¶ёа·ҡа¶ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҡа¶ӯ а·Җුණа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ හරි а·Җа¶ңа¶ҡа·“а¶ёа·Ҡ අරа¶ңа·ҷа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җ බа·ҡරа¶ңа¶ұа·Ҡа¶ұа·Җа¶ӯа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ එа¶ӯа·”а¶ёа·’а¶әа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ. а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а¶ёа¶ұа·”а·Ӯ а¶ұа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡа·Ҡа¶ҡа·Ҹර а¶ёа·„а¶ӯа·Ҹ.а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶әට а¶әа¶Ҝа·Ҡа¶Ҝа·“ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ මිථа·Ҡ‍а¶әа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶әට а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әට а¶ҙа·ҷරа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ මිථа·Ҡ‍а¶әа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ රа·Җටа·Ҡටа¶Ҫа·Ҹ 69 а¶Ҫа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҫබа·Ҹ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ. а¶…а¶Ҝ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶…а¶·а·Ҹа¶ңа·Ҡ‍а¶әа¶ә а¶Ҷණа·Ҡඩුа·Җ බа·Җට а¶ҙа¶ӯа·Ҡа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ  
а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё 20 а¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ
1
(а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҷа·Ҡ а¶ҡа·ҡ.ඩී. а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ)“а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа·ҷර а¶Ҝа·Җа·ға·ҡ а¶’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙිරිа·ғ а¶ңа¶ӯа·Ҡ а¶ӯීරණа¶ә а¶ұа·’а·ға·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ҙа·’ а¶ҙа·җරа¶Ҝුණа·ҡ. а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡඩුа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ එළිа¶әට. а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶Ҷа¶әа·ҡ එළිа¶әට а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶ҡа·ңа¶ҙа·”а·Җට а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ҡඩුа·Җ එළිа¶әට а¶ңа¶ұа·Ҡа¶ұ а·Җа·’а¶Ҝа·’а¶әට а·Җа·җඬа·ҡ а¶ҡа·…а·Ҹ а¶ұа¶ёа·Ҡ රа¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·ҷа¶Ҝර а¶әа·җа¶әа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷරමුණа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җීරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡа¶Ҝа·“ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.ඔහු а¶ёа·ҡ බа·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ҡа¶ұа·Ҡа¶ӯа¶Ҫа·ҡ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ රа·җа·ға·Ҡа·Җа·“а¶ёа¶ҡа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’.а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа·ҷරමුණа·ҡ а¶ӯа·Ҡ‍රිа¶ҡුණа·Ҹа¶ёа¶Ҫа¶ә а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶әа¶ҡ а·ға·”а¶ұа·’а¶Ҫа·Ҡ අමරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ රа·җа·ға·Ҡа·Җа·“а¶ё а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶ҡර а¶ӯිබිණි.එහිа¶Ҝа·“ а·Җа·’а¶ёа¶Ҫа·Ҡ а·Җීරа·Җа¶Ӯа·Ғ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҙа·җа·Җа·ға·“а¶ә “а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа·ҷබරа·Җа·Ҹරි а¶Ҝа·„а·Җа·ҷа¶ұа·’а¶Ҝа·Ҹа¶әа·’а¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ හිටිа¶әа·ҡ а¶…а¶әа·’.а·ға·“.а¶әа·–. එа¶ҡа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ හිටිа¶әа·ҡ а¶ұа·җа·„а·җ රටа·ҡа·Җа¶ӯа·Ҡ а·ға¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·Җа·’а¶ӯර. අරа·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ӯුරа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶ӯа·Ҹа¶Ҫа·ҡ а¶ёа·’а¶ұа·“ මරа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶…а¶әට а·Җа¶ңа·ҡ а·Җа¶ңа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ බа·җа¶Ӯа¶ҡа·”а·Җа¶Ҫ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ӯа·җа¶ұа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶ҙа·” а¶…а¶әට а¶Үа¶ҙа¶ӯа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҷа·„а·ҷа¶ё රට а¶…а·ға·Ҡථа·Ҹа·Җර а·Җුණа·Ҹ. а¶’а¶ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ එа¶ҡ а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯට а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·’а¶ңа¶ұ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ңа·’а¶ұа·’ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. රහа·ға·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әට а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а·ға¶ӯа·Ҡ‍а¶ә а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ එа¶ҡа¶ӯа·” а¶ҡа·…а·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ බа¶Ҫа¶ұа·Җа·Ҹ а¶’а¶ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷරමුණа·ҡ а¶ҡරа·ҡ а¶ңа·„а¶ұа·Ҡа¶ұ. а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ අමුණුа¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа¶ӯа·”а¶ёа·Ҹට а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ. а¶’ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға·Җа¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә බа¶Ҫа¶ұа·Ҡ හිටිа¶әа·Ҹ а¶ёа·ңа¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡа·…а·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. රහа·ға·Ҡ а¶ҙа·ҷа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а·Ға·Ҹа¶ұа·’ අබа·ҡа·ға·ҡа¶ҡර а¶Ҝ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶үа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Ҫа·ңа¶ҡа·Ҡа¶ҡа·ҷа¶ҡа·Ҡ. රа·Җа·”а·Ҷа·Ҡ а·„а¶ҡа·“а¶ёа·Ҡ а¶Үа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа¶ӯа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶Ҝа·’а¶Ҫа·”а¶ёа·Ҡ අමුණුа¶ңа¶ё а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа¶ӯа·”а¶ёа·Ҹට а¶ёа·ҡа¶ҡ а¶ҙටа·Җа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа¶ӯа·”а¶ёа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” බа·ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ. а¶‘а·„а·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡа·…а·ҡ. а¶ңа·’а¶ұа·Ҡа¶ұ а¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҡරа¶ҙа·” а¶…а¶әа¶ңа·ҡ බа¶Ҫа·Ҹа¶ҙа·ңරа·ңа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җුණа·ҡ а·Җа·’а¶Ҫа·’ а·Җа·ға·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ. එහа·ҷа¶ё а¶ӯа¶ёа¶әа·’ а¶ҡа·…а·ҡ. а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҡа·Ҹරа·Ҡа¶ә බළа¶ҡа·Ҹ а¶ҙа·җමිණිа¶әа·ҡ а¶ҙа·Ҡ‍රමа·Ҹа¶Ҝ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶·а·Ҹර а¶Үа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„, а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а¶ңа·ҡ а¶ңа¶ёа·Ҡ а¶ҙа·…а·Ҹа¶ӯ а¶ёа¶°а·Ҡ‍а¶әа¶ё а¶ҙа·…а·Ҹа¶ӯ. а¶’а¶ҡ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·һа¶Ҝа·Ҡа¶ңа¶Ҫа·’а¶ҡа·Җ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶Ҫа·Ҹ ඕа¶ұ а¶ҡටа¶әа·”а¶ӯа·Ҡа¶ӯа¶ҡа·Ҡ а¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ. а¶…а·Җа·ға·Ҹа¶ұа¶әа·ҡ а¶ёа·„ а·Җа·’а¶ұа·Ҹа·Ға¶әа¶ҡа·Ҡ а·Җුණа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ёа·„а·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а·Җට а¶ӯа·ңරа¶ӯුරු а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ӯа·„а·Җුරු а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶Үа·Җа·’а¶ӯа·Ҡ මුහුණු а¶ҙа·ңа¶ӯ а·Җа·„а¶Ҫа·Ҹ а¶Ҝа·җа¶ёа·Ҡа¶ёа·Ҹ. а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯහට а¶ёа·„а·Ҹ а¶ҙа·ңа·…а·ңа·Җа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа¶ҡа·Ҡ а¶Ҝа·’а¶ұа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡට බටහිර රටа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ӯа·”а¶ұа·ҷа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡ බа¶Ҫа¶ә а¶ұа·җа¶ӯа·’ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ а¶…а¶ҙිට ඕа¶ұа·ҡ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶әа¶ҡа·Ҡ. а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а·ға·Ҡа·Җа¶әа¶Ӯ а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә. а¶’ а·Җа¶ңа·ҡа¶ё а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶…а¶°а·’а¶ҡරණа¶ә а¶ҙිහිටුа·Җа¶ұа·Ҡа¶ұ. එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҡටа·Ҡටිа¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶ӯа¶ұа·’ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹа¶Ҫа·”. а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а·„а¶ёа·”а·Җට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶…а¶ҙа·’ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරු а·„а¶ә а¶Ҝа·ҷа¶ұа·Ҹට а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ.රа¶ұа·’а¶Ҫа·Ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶…а·ға·Ҡа¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶Үа¶ӯа·Ҡа¶ӯටම රа¶ұа·’а¶Ҫа·Ҡ а¶Ҝа·’а¶ұа¶Ҫа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶Үа¶әа·’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶ҙа·” а¶Үа¶ёа·җа¶ӯа·’а·Җරුа¶ұа·Ҡට  а·Җිරුа¶Ҝа·Ҡа¶°а·Җ а¶ңа·ҷа¶ұа·Ҹа¶ҙа·” а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶ә а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ රа¶ұа·’а¶Ҫа·Ҡ. а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җුණа·ҡ а¶…а¶ҙа·ҡ а¶ҡа·ңа¶ұа·Ҡа¶Ҝа·ҡа·ға·’ а¶Ҝа·„а¶әа¶ҡට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ а·Ҡа¶  а¶ұа·’а·ға·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶’ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа·Ҡа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡа·Җа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරුа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶әа·’а¶ұа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа¶ұа·Ҡа¶ұ а¶ўа·Ҹа¶ӯа·’а·Җа·Ҹа¶Ҝа¶ә. а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·” а¶ҡа·’а¶әа¶ұа·Җа¶Ҝ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа¶Ҫа·Ҹ а·ға·’а¶Ӯа·„а¶Ҫ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡа¶ҡට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶іа·Җුරු а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұ එа¶ҡа¶ҹа·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·“а¶Ҫа·Ҹ  а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ.а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·”а¶ұа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරුа¶ұа·Ҡ а¶…а¶әа·’а¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ මට බа·җа¶ұа·Ҡа¶ұ а¶…а¶әа¶ӯа·Ҡ а¶үа·Җа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а¶…а¶ҡа·’а¶Ҫа¶ӯа·Ҡ මට බа·җණа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ එа¶ұа·Җа·Ҹ а·„а·’а·ға·Ҡ а¶…а¶ӯа·’а¶ұа·Ҡ. а¶әа·–.එа¶ұа·Ҡ.а¶ҙа·“. එа¶ҡа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұ а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ҡа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶ёа·’а·ға¶ҡа·Ҡ а·Җа·ҷа¶ұ а¶ҡа·Җුරුа¶ӯа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶әа·–.එа¶ұа·Ҡ.а¶ҙа·“. එа¶ҡа·ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරු а·ға·“а¶әට а¶…а·ға·–а·Җа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ ඔබа¶ӯа·”а¶ёа·Ҹ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а·„а·җටිа¶әට а¶үа¶ұа·Ҡа¶ұ, а·„а·җබа·җа¶әа·’ а¶ұа·Ҹа¶әа¶ҡа¶ӯа·Ҡа·Җа¶әට а¶ёа·ңа¶ұа·Җа·Ҹ හරි а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·ҷа¶ұ а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡට а¶Ҝа·”а¶ұа·Ҡа¶ұ а¶ңа¶ёа¶ұа·Ҡ а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹට а¶ӯටа·Ҡටු а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ң а¶әа·қа¶ўа¶ұа·Ҹа·Җට а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а·Җа·’а·ға·’а·„а¶ә а¶Ҝа·ҷа¶ұа¶ҡුට а·Җඩа·Ҹ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරු හිටිа¶әа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұа¶ңа·ҡ а·Җа·җа¶ұа·ҷа¶ұ а·ға·”а·…а·” а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а·„а·’а¶ұа·Ҡа¶Ҝа·Ҹ а¶Ҡට а¶ҙа·ҷර а¶Ҝа·Җа·ға·ҡ එа·ға·Ҡ.බී. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶’ а¶ҙිරිа·ғ හිටිа¶әа·ҡ а¶ӯа·”а¶ұа·Ҡ а¶ӯа·җа¶ұа¶ҡ. а¶’ а¶ӯа·җа¶ұа·Ҡа·Җа¶Ҫට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҙа·Ҡ‍රа·ғිඩа¶ұа·Ҡටа·Ҡ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа¶әа·Ҹ а¶ҡа·ҷа·…а·’а¶ұа·Ҡ а·Җа·җඩа¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а·Җа·җඬа·ҡа¶Ҝа·“ а¶…а¶ҙිට а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. ඔа¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ңа·җа¶ұ а¶…а¶ҙа·’ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ӯීරණа¶ә.ඔа¶әа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·қ а¶ҡа·җа¶ёа¶ӯа·’ а¶ӯීරණа¶әа¶ҡа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ҡඩුа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶әа·ҷа¶ӯа·Ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а·Җа·„а¶ұа·Ҡа¶ұ а·Җа¶ңа·ҡ а¶әа¶ұа·Җа·Ҹ а¶Ҷа¶әа·ҡ а¶Ҝа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·ңа¶ҙа·”а·Җට. а¶Ӣа¶ұа·Ҡа¶ұа·җа·„а·ҡ а¶ҡඩුа·Җ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё එа·ға·Ҡ.බී. а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа·„а·җа·Җа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶ҙа·Ҹර а¶ңа·„а¶ұа·Җа·Ҹа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ұа·ҡ බа¶ә а·„а·’а¶ӯа·ҷа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶…а·„а¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ එа·ға·Ҡ.බී. а¶’ а¶ңа¶ёа¶ұ එа·ға·Ҡ.බී. а¶Ҝа·җа¶ұа¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·Җа·җඬа·ҡ හරිа¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа·ға·Ҡ.බී. а¶Ҝа·ҷа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ හිටිа¶ә а¶ҙа¶ұа·Ҡа·ға¶Ҫа·Ҡ а¶Ҝа·ҷа¶ҡа¶ҡа¶ҡට а·„а·Ҹ а¶…а¶ұа·’а¶ҡа·Ҡ а¶…а¶ә හිටිа¶ә а¶ңа·ҷа¶Ҝරа¶ҡට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ හරිа¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ёа·„а·Ҹ а¶ҙа·’а·ға·Ҡа·ға·” а¶ёа·җа¶ӯа·’а·Җරණ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ. а¶ёа·ҡа¶ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ҙරිа¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ёа·ҡа¶ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹට а¶…а¶ҙа·’ а·ға¶ёа·Ҹа·Җ а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙа¶ұа¶ӯа·Ҡ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶әа¶ұа·Ҡа¶ұа·ҷ රටа·ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”а¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’. එа¶ә අරа·Ҹа¶ўа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а·ға¶ёа·Ҹа¶ұа·”а¶ҙа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶ӯිබа·Ҡබа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ёа·ҡа¶ҡ බබа·Ҹ а·„а¶ёа·Ҡබа·Җа·ҷа¶Ҫа·Ҹ. බබа·Ҹ а¶…а¶ӯට අරа¶ңа·ҷа¶ұ බа·җа¶Ҫа·”а·Җа·Ҹа¶ё а¶ӯа¶ёа¶әа·’ රටа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯිට а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҝරුа·Җа·Ҹ а¶ёа¶ұа·Ҡа¶Ҝබුа¶Ҝа·Ҡа¶°а·’а¶ҡа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ё а¶ұа·Ҹа¶әа¶ҡа¶әа¶ұа·Ҡට රට а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡа¶Ҝ? а¶ҙа·…а·Ҹа¶ӯа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶Ҫටа¶ӯа·Ҡ а¶ёа·ҡа¶ҡ а¶Ҷа·Җа·ңа¶ӯа·Ҡ а¶үа·Җරа¶әа·’. а¶…а¶Ҝ а¶ӯිබа·Ҡබа·ңа¶ӯа·Ҡ а¶’а¶ҡ а¶…а¶ўа·–а¶ӯа¶әа·’.а¶ёа·ҡ а¶ҙа·Ҹර а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а¶ӯа¶ёа·”а¶ұа·Ҡа¶ұа·Ҹа¶ұа·Ҡа·ға·ҡа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡа·…а·Ҹа¶Ҫа·” а¶Ҝа¶әа·Ҹа·ғිරි а¶ўа¶әа·ға·ҡа¶ҡර а¶Үа¶ёа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а·ға¶ӯа·’а¶…а¶ұа·Ҡа¶ӯ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа¶ҡට а¶ҡа·қටිа¶әа¶ҡа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·„а·Ҹ බа·җа¶Ӯа¶ҡа·” а·„а·ңරа¶ҡа¶ёа·ҡ а·ға¶Ҫа·Ҡа¶Ҫа·’ а¶ҡа·ңа·„а·ҷа¶Ҝ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ. බа·җа¶іа·”а¶ёа·Ҡа¶ҡර а·„а·ңරа·ҷа¶ҡа¶ёа·ҷа¶ұа·Ҡ а¶Ӣа¶ҙа¶әа¶ҙа·” а·ға¶Ҫа·Ҡа¶Ҫа·’а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·ңටа·ға¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡ а¶ңа·ҷа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ұа·җа¶ӯа·Ҡа¶ұа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶·а¶Ӯа¶ңа¶әට а·ға·„а·Ҹа¶ә а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ රූа¶ҙа·Җа·Ҹа·„а·’а¶ұа·“ а·Җа·җඩа·ғටහа¶ұа¶ҡට а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ රа·ҷа¶Ҝа·’ а¶ңа¶Ҫа·Җа¶ҙа·” එа¶ҡа·Ҡ а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·ҷа¶ҡа·Ҡ а¶Үа¶әа·’ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶әа·ҡа¶Ҝа·“ а¶ҡа·’а·Җа·Ҡа·Җа·ҡ а·Җිරුධа¶әа·’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ҙа·ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶…а·ға·Ҡථа·Ҹа·Җරа¶ӯа·Ҡа·Җа¶ә.а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶ұа·‘а·Җа·’а¶ӯа·Ҡ а¶үа¶ұа·Ҡа¶ұ а¶…а¶әටа¶ӯа·Ҡ а¶ёа·ңа¶ұර а¶ҡа·ңа·… බа·ҷа¶Ҝа·”а·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·„а·Җа·”а¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа¶әа·’. බටහිර රටа·Җа¶Ҫа·Ҡ а¶ӯа¶ё а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹа·Җа¶ұа·Ҡ а¶үටුа¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. එа¶ҡа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶…а¶ӯුරුа¶Ҝа·„а¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙිළිබඳ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә. а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶…а¶ӯුරුа¶Ҝа¶ұа·Ҡа·Җа·–а·Җа¶ұа·Ҡ а¶ҙа·җමිණි а·Җа·’а¶·а·Ҹа¶ң а¶ҡරа¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶ұа¶ё а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡа·Ҡ а¶ҙිහිටුа·Җа¶ұа·Ҹ а¶ҙа¶ұа¶ӯа¶ҡа·Ҡ а¶ңа·ҷа¶ұа·Ҹа·Җа·Ҹ. а¶’ а¶…а¶ұа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа·„а·ҷа¶ӯа·Ҡ а¶Ӣа·ға·Ҹа·Җа·’а¶әа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ. а¶үа¶ёа¶Ҫа·Ҡа¶ҡа·Ҹ а¶ҙа·Ҡ‍රа¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·” а·Җа·җа¶ұа·’ а·Җа·’а¶ұа·’а·ғුරුа·Җа·қ а¶Ҝа·Ҹа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶ҙа¶ұа¶ӯа¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа·ға·Ҡ а¶ҡа·…а·Ҹ. а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡа·…а·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ ඔа¶ҙа·Ҡа¶ҙа·” а¶ҡරа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ұа·Җа·Ҹ.а¶ұа·қරа·Ҡа·Җа·ҡ а·Җа·җа¶ұа·’ රටа¶ҡа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට එරа·ҷа·„а·’а·Җ а¶әа·”а¶Ҝ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡර а¶Үа¶ӯа·’ බа·җа·Җа·’а¶ұа·Ҡ а¶Ӣа¶ӯුරු а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а·Җа·ҷа¶ұа¶ё රජа¶әа¶ҡа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·’. а¶ҡа·ңа·ға·қа·Җ а·Җа·ҷа¶ұа¶ё රа·Ҹа¶ўа·Ҡ‍а¶әа¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ එහа·ҷа¶ёа¶әа·’. а¶ёа·ҷа¶ӯа·җа¶ұ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷа¶ӯа·Ҡ එහа·ҷа¶ё а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ. එа¶ҡа¶ё а¶ӯа¶ёа¶әа·’. а¶ёа¶Ӯа¶ңа¶Ҫ а·ғමරа·Җීර а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶әට а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡа·…а·ҡ.а¶ёа¶ё а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ӯа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ёа·Ҹරа¶ҙа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹа¶ңа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·җа·Җа·Ҡа·Җа·Ҹ а¶ёа·ҷа¶ё а¶ҙа·Ҡ‍රа¶Ҙа·Ҹа¶ҙа·Ҡа¶ӯа·’а¶ә а¶…а¶ӯа·“а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа¶Ҝ а¶ӯа·’а¶әа¶Ҫа·Ҹ. а¶ұа·җа·„а·җ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. එа¶әа·Ҹ а¶ӯа·ңа¶ӯа·Ҡа¶ӯ බබа·Ҹ. а¶ёа·ҡа¶ҡ а¶…а¶ӯа·“а¶ӯа¶әට බа¶Ҫа¶ҙа·Ҹа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶ңа·ҡ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹ а¶ӯа·Ҹа¶ӯа·Ҡа¶ӯа·Ҹ а·ға·„а·қа¶Ҝරа¶әа·Ҹ а·ға·„а·қа¶Ҝරිа¶ә а¶ёа·ҡ අණа¶ҙа¶ұа¶ӯа·Ҡ а¶…а·„а·қа·ға·’ а¶ҡරа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. а¶…а¶ҙа·’ එа¶Ҝа·Ҹ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ а¶ҡа·ңටිа¶әට ඕа¶ұ а¶ұа·җа¶ңිටිа¶ұ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ. а¶’а¶ҡට එа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රී а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. එа¶Ҝа·Ҹ а¶…а¶ҙිට а·Җа·’а·„а·’а·…а·” а¶ҡа·…а·Ҹ а·„а·җа·…а·’а¶әа·ҡ а¶ҡිඹුа¶Ҫа·Ҡа¶Ҫа·” а¶Ҝа¶ҡа·’а¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ.а¶Үමරිа¶ҡа·Ҹа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶үа¶ұа·Ҡа¶Ҝа·’а¶әа¶ұа·” а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’ а¶ӯа¶ёа¶әа·’ а¶ёа·ҡа¶ҡ а¶ёа·ҷа·„а·ҷа¶әа·Җа¶ұа·Ҡа¶ұа·ҡ. а¶ёа·ҡ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұට а·Җа·’а·Җа·Ҹа·„а¶ә ඩිа·Җа·қа·ға·Ҡ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·ҡ. а¶’а¶ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ӯа·Ҹа¶ұа·Ҹа¶ҙа¶ӯа·’а·Җරුа¶ұа·Ҡ а¶үඩ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ а¶ҙරа¶ңа·җа¶ӯа·’ а·„а·Җа·”а¶Ҫ а¶ҙа¶ұа·Ҡа¶ұа·Ҹ а¶Ҝа¶ёа¶ёа·”. а¶ұа·җа·Җа¶ӯ а¶ёа·ҡ රටට а¶ўа·Ҹа¶ӯа·’ а¶ёа·Ҹа¶ёа¶ҡ а¶әа·”а¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа·ңඩ а¶ұа¶ңа¶ёа·”. රට а·Җа·’а·ға·’а¶ұа·Ҡ а¶ӯීරණ а¶ңа¶ұа·Ҡа¶ұ а¶ёа·ҡ රටа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’а·Җ а·Җа·’а·ға¶іа¶ұ, රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ҙа·Ҹа·Җа·Ҹ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әට а¶ұа·җа·Җа¶ӯ а¶ҙණ а¶Ҝа·ҷа¶ұ а¶ұа·Җ а¶ңа¶ёа¶ұа¶ҡට а¶ёа·ҡ а¶ёа·Җа·Ҡ а¶ҙа·ңа·…а·ңа·Җ හරа·Җа¶ұа·Ҡа¶ұ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё а¶ҙа·ҷරමුණ а¶ңа¶ұа·’а¶ёа·”. а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ёа·”. а¶әа·җа¶әа·’ а¶Ҝ ඔහු а¶ҡа·“а¶ә. 
а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё 20 а¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ
0
(*** а¶…а¶Ӯа¶ўа·”а¶Ҫ а¶ёа·„а·’а¶ҡ а·Җීරරа¶ӯа·Ҡа¶ұ)а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а·ға¶ӯа·”а·Җ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа·Җа·ҡ а¶ӯිබа·ҷа¶ұ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 4,500а¶ҡа·Ҡ а·Җටිа¶ұа·Ҹ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶Ӣа¶ҡа·ғට а¶ӯබа·Ҹ එරටිа¶ұа·Ҡ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ а¶Ҝа·„а·ға¶ҡа·Ҡ а¶ңа·җа¶ұීමටа¶ӯа·Ҡ а¶үа¶Ҝිරි а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” එමа·Ҡ.а·ға·“.а·ға·“. а¶ңа·’а·Җа·’а·ға·”а¶ё а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡිරීමටа¶ӯа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ӯීරණа¶ә а¶ҡර а¶ӯිබа·ҷа¶ұ බа·Җа¶ӯа·Ҡ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ұа·Ҹа¶әа¶ҡ හිටа¶ҙа·” а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ රа¶ӯа·Ҡа¶ұа¶ҙුරа¶әа·ҡ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶ўа¶ұ а·„а¶ёа·”а·Җа·ҡа¶Ҝа·“ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶ёа·ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а·Җ а¶ҡරа¶ұ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶ә а·Җа·җරа¶Ҝа·’ а¶ұа¶ёа·Ҡ а¶’ а¶ҙිළිබඳа·Җ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝа·җа¶әа·’ а·Җа·„а·Ҹ රටට а·„а·ҷа·…а·’а¶ҡа·… а¶әа·”а¶ӯа·”а·Җ а¶Үа¶ӯа·җа¶әа·’ а¶Ҝ’ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әට එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҷа¶ұа·Ҡ а¶ӯරа¶ң а¶ҡරа¶ұ රа¶ӯа·Ҡа¶ұа¶ҙුර а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа¶ұа·Ҡа¶ңа·ҡ а¶ўа¶ә а¶ӯа·„а·Җුරු а¶ҡිරීම а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ රа¶ӯа·Ҡа¶ұа¶ҙුර - а¶Ӣа¶Ҝа·Ҹර а·„а·“ а¶ҙа·җа·Җа·җа¶ӯа·’ а¶ўа¶ұ а·„а¶ёа·”а·Җа·ҡа¶Ҝа·“ а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.ටа¶әිටа·җа¶ұа·’а¶ҡа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ අරа·Ҡබුа¶Ҝа¶әට а·Җа·’а·ға¶іа·”а¶ёа¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а¶ұа·’а·ға·Ҹ а¶ҙа·ңа·„а·ңටа·Ҡටු а¶Ҷණа·Ҡඩුа·Җ රටа·ҡ а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҙිට රටа·Җа¶Ҫට а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ӯа·’а¶әа¶ұа·Ҡа¶ұ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а·„а¶Ҝа¶ёа·’а¶ұа·Ҡ а·ғිටිа¶ұа·Җа·Ҹ. එа¶ҙමණа¶ҡа·Ҡ а¶Ҝ а¶ұа·ңа·Җ එමа·Ҡ.а·ға·“.а·ға·“. а¶ңа·’а·Җа·’а·ға·”а¶ёа¶ӯа·Ҡ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹ а¶ҡරа¶ңа·ҷа¶ұ а¶әа¶ұа·Җа·Ҹ.а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶Ҫа¶ҡа¶әа¶ұа·Ҡට а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а·„а·ғුරුа·Җа¶ұа·Ҡа¶ұ а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а¶…а¶әට а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа¶әිරа·ға¶ә а¶ҙа·җа¶ӯිරීම а¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡිරීමට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶Ҝ а¶ұа·җа·„а·җ.а¶…а¶Ҝ а·Җа¶ұа·Җිට රටට ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 7000а¶ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ёа¶ә а¶…а·„а·’а¶ёа·’ а·Җа·“ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶Үа¶ҹа¶Ҫа·”а¶ёа·Ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯа¶әа·ҷа¶ұа·Ҡ, а·ға¶Ӯа¶ а·Ҹරа¶ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡ, а¶ёа·җа¶Ҝ а¶ҙа·ҷරа¶Ҝа·’а¶ң а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а·„а·Ҹ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶ёа·Ҹරа·Ҡа¶ң а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҫа·җබа·ҷа¶ұ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ёа·ҷа¶Ҫа·ҷа·ғ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 7000а¶ҡа·Ҡ අඩුа·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ёа¶ӯ а¶Ҷණа·Ҡඩුа·Җට а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶үа¶Ҝිරිа¶әට а¶әෑමට а¶ұа·ңа·„а·җа¶ҡа·’а¶әа·’. а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶әа·‘а¶ёа·ҡ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶Ҷа¶ұа¶әа¶ұ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ӯа·„а¶ұа¶ёа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ. а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ රටа·ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ බහුа¶ӯරа¶әа¶ҡට а¶үа¶ұа·Ҡ а¶ҙහර а·Җа·җа¶Ҝа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ බа·ңа·„а·қа¶ёа¶әа¶ҡට а¶ёа·ҡ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ёа·”а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а·ға¶ҙа¶әа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷරට а¶ӯа·ҡ а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұа¶ә а¶ҡර а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶ә а¶ҡа·…а¶ӯа·Ҡ а¶ӯа·ҡ а¶ҙа·җа¶ҡටа·Ҡ а¶ҡිරීමට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶…а¶ёа·”а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а·Җа·’а¶Ҝа·ҡа·Ғ රටа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ёа·ҷරටට а¶Ҷа¶ұа¶әа¶ұа¶ә а¶ұа¶ӯර а¶ҡිරීම а¶ұа·’а·ға·Ҹ а¶’ а¶…а¶ёа·”а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а¶ңа·җа¶ұීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ӯа·ҡ а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ҡа¶әа¶ұа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а¶…а¶ҙа¶ұа¶әа¶ұа¶ҡරුа·Җа¶ұа·Ҡ а¶ёа·ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ёа¶ӯ а¶Ҝа·җඩි а¶…а¶ҙа·„а·ға·”а¶ӯа·Ҹа·Җа¶Ҫට මුහුණа¶ҙа·Ҹ а·ғිටිа¶ұ බа·Җ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җට а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶үа¶Ҝිරිа¶әට а¶әа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. රටа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа·’а·ғඳීමට а¶Ҷණа·Ҡඩුа·Җට а·ға·җа¶Ҫа·җа·ға·Ҡа¶ё, а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа·ҷа·… а¶ұа·җа·„а·җ. රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа¶ӯа·Ҡ, а¶ңа·ҷа¶Ҝර а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа¶ӯа·Ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ҡර а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶әа·„а¶ҙа¶ӯа·Ҡ а¶ўа·“а·Җа¶ұ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶Ӣа¶Ҝа·Ҹа¶ҡර а¶Ҝа·’а¶ә а·„а·җа¶ҡа·’ එа¶ҡа¶ё а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а¶ҙමණа¶әа·’. а¶’ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ӯа·”а·…а·’а¶ұа·Ҡ රට а¶ңа·ңඩ а¶ңа¶ұа·Ҡа¶ұ а¶…а¶ҙට а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұ а¶Ҫа·ҷа·ғ а¶ёа·Ҹ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ.රට а¶Ҝа·’а¶әුණු а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ёа·’а¶ӯа·Ҡ‍ර а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර රටа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҷа¶°а·Ҹර а¶Ӣа¶ҙа¶ҡа·Ҹර а¶…а¶ҙට а¶ңа¶ӯ а·„а·җа¶ҡа·’а¶әа·’. එමа·ҷа¶ұа·Ҡа¶ё а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә අරමුа¶Ҝа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶Ҝ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶…а¶ҙට а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶…а¶ҙа·ҡ а·ға·җа¶Ҫа·ға·”а¶ё а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ රට මුහුණа¶ҙа·Ҹ а¶Үа¶ӯа·’ අරа·Ҡබුа¶Ҝа¶әа·ҷа¶ұа·Ҡ а¶ңа·ңඩ а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 6000а¶ҡа·Ҡ а·ға·ңа¶әа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ёа¶әа·’. එа¶ә а¶…а¶ҙට а¶ҙа·„а·ға·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа·… а·„а·җа¶ҡа·’а¶әа·’. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶ёа·Ҹරа·Ҡа¶ң а¶үа·„а·… а¶Ҝа·җа¶ёа·“а¶ё а·ға·ҡа¶ё, රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶…а·„а·’а¶ёа·’а·Җа¶ұ а¶…а¶ә а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ға¶ҡට රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ 10,000а¶ҡ а¶Ҝа·“а¶ёа¶ұа·Ҹа·Җ а¶Ҝීමට а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡර එа¶ә а¶…а¶ҙа·ҡ а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶әටа¶Ҝ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҷа¶ё а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶әа·ңа¶Ҝа·Җа·Ҹ රටа·ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹර а¶ұа¶ҹа·Ҹа·ғිටුа·Җීමට а¶…а¶ҙ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶…а¶ӯර а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ӯа·җа¶ұа¶ҡа·Ҡ а¶ёа·җණිа¶ҡа·Ҡ а·Җа·Ҡ‍а¶әа¶ҙа·Ҹරа¶әට а·„а·’а¶ёа·’ а·Җа¶ұ බа·Җ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ӯа·Җ а·Җа·ғරа¶ҡа·Ҡ а·Җа·җа¶ұа·’ а¶ҡа·Ҹа¶Ҫа¶ә а¶ңа¶ӯа·Җа¶ұ а¶ӯа·ҷа¶ҡа·Ҡ а·„а·җа¶ё а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරිа¶ҡа¶әа¶ҡුටම а¶ӯа¶ё а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹර а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа·Ҹ а¶ңа·ҷа¶ұ а¶әа·Ҹа¶ёа·ҡ а¶ңа·җටа¶Ҫа·” а¶ёа¶ӯа·” а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶…а¶әට а¶…а¶ҙ а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶Ӣа¶ҙа¶ҡа·Ҹර а¶ҡර а·Җа·’а¶Ҝа·ҡа·Ғ а·Җа·’а¶ұа·’а¶ё а¶ёа·Ҹරа·Ҡа¶ң а·Җа·җඩි а¶ҡර а¶ңа·җа¶ұа·“а¶ёа¶Ҝ а¶…а¶ҙа·ҡ අරමුණ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶…а¶Ҝ а¶ӯිබа·ҷа¶ұ ටа¶әිටа·җа¶ұа·’а¶ҡа·Ҡ අරа·Ҡබුа¶Ҝа¶әට මුහුණ а¶Ҝа·“а¶ё а·ға¶іа·„а·Ҹ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа¶ұа·” а¶ёа·„а·Ҹ බа·җа¶Ӯа¶ҡа·”а·Җа·ҡ,а¶ұа·’а·Җа·Ҡ а¶әа·қරа·Ҡа¶ҡа·Ҡ а·Ға·Ҹа¶ӣа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 4500 а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶·а·Ҹණа·Ҡඩа·Ҹа¶ңа·Ҹර а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶’ а·ға¶іа·„а·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට а¶…а¶әа¶ӯа·Ҡ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа·Җа·ҡ а¶ӯිබа·ҷа¶ұ а·Җа¶ӯа·Ҡа¶ҡа¶ёа·Ҡ а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶әа¶ұа·Җа·Ҹ. а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ රа¶ӯа·Ҡරа¶ұа·Ҡ බඩු а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ҡරа·Ҹබු а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶…а¶Ҝ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶Үа¶ёа·ҷරිа¶ҡа·Ҹа·Җа·ҡ а¶ӯිබа·ҷа¶ұ а¶…а¶ҙа·ҡ රටа·ҡ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ එරට а¶ёа·„ බа·җа¶Ӯа¶ҡа·”а·Җට а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶…а¶ұа·”а·Җ ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ 4500а¶ҡа·Ҡ а·Җටිа¶ұа·Ҹ а¶…а¶ҙа·ҡ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶Ӣа¶ҡа·ғට а¶ӯබа¶ұа·Ҡа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ. එа¶Ҫа·ҷа·ғ а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡර ඩа·ңа¶Ҫරа·Ҡ а¶ёа·’а¶Ҫа·’а¶әа¶ұ а¶Ҝа·„а·ғ а¶ңа·җа¶ұа·“а¶ё а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ අරමුණа¶әа·’.එහа·ҷа¶ӯа·Ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶Ҷа¶ҙа·ға·” а¶ңа·ҷа·Җа·Ҹ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡ බа·ҡරа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җට а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ұа·җа·„а·җ. а¶ңа·ҷа·Җීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’ а¶ұа¶ёа·Ҡ а¶Ӣа¶ҡа·ғට а¶ӯබа¶ұ а·ғුරа·җа¶ҡа·”а¶ёа·Ҡ රටට а¶…а·„а·’а¶ёа·’ а·Җа¶ұа·Җа·Ҹ а¶ұа·ҡа¶Ҝ? а¶ёа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ңа·ҷа·Җа·Ҡа·Җа¶ӯа·Ҡ а¶’а·Җа·Ҹ а¶ұа·җа·Җа¶ӯ а¶ңа¶ұа·Ҡа¶ұ а¶Ҫа·җබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·’а¶Ҫ а¶ұа·’а¶әа¶ё а¶ҡරа¶ұ а¶Ҫа¶Ҝ а·Җа·җඩි а¶ёа·’а¶Ҫа¶ҡට බа·Җ а¶ҡа·’а·Җ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҷа¶ә  а¶ҙа·ңа·„а·ңටа·Ҡටු а·ға¶ұа·Ҡа¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶·а·Ҹа·Ӯа·Ҹа·Җа·ҷа¶ұа·Ҡа¶ё а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶…а¶ҙ රටа·ҡ а·ға¶ёа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҙිට රටа·Җа¶Ҫа·Ҡа·Җа¶Ҫට а¶Ӣа¶ҡа·ға·Ҡ а¶ҡිරීමа¶әа·’.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа·ҡа¶Ҝа·“ එමа·Ҡ.а·ға·“.а·ға·“ а¶ңа·’а·Җа·’а·ға·”а¶ё а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ұа·ңа¶ҡරа¶ұ බа·Җ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а¶ӯа·Ҡ එа¶ә а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ёа·ҡ а·Җа¶ұа·Җිට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җට а·„а·’а¶ӯа·”а¶ёа¶ӯа·ҡට а¶ңа·’а·Җа·’а·ға·”а¶ёа·Ҡа·Җа¶Ҫට а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡа·… а¶ұа·ңа·„а·җа¶ҡа·’а¶әа·’. а¶’а·Җа·Ҹ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡිරීමට а¶ҙа·ҷර а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶…а¶ұа·”а¶ёа·җа¶ӯа·’а¶ә а¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶’а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а·„а·ңරа·ҷа¶ұа·Ҡ එමа·Ҡ.а·ға·“.а·ға·“. а¶ңа·’а·Җа·’а·ға·”а¶ё а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡිරීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ а·ғිටිа¶ұа·Җа·Ҹ.а¶ёа¶ңа·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶ә а·Җа·җරа¶Ҝа·’ а¶ұа¶ёа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а·Җа·„а·Ҹа¶ё а·ға·’а¶ә а·ға·Ҡථа·Ҹа·Җරа¶ә රටට а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. එа¶Ҫа·ҷа·ғ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ұа·ңа¶ҡර а¶ӯа·Җа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ұිහඬа·Җ а·ғිටිа¶ұа·Җа·Ҹ а¶ұа¶ёа·Ҡ එа¶әа·’а¶ұа·Ҡ а·ға¶ұа·Ҹථ а·Җа¶ұа·Ҡа¶ұа·ҡ එа¶ә а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶ҡිරීමට а¶ұа·ңа·„а·җа¶ҡа·’ බа·Җ а¶ұа·ңа·Җа·ҡа¶Ҝ?а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а·Җа·ға¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ңа·җа¶ұීමට а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„ а¶ҡа·…а¶ӯа·Ҡ එа¶Ҫа·ҷа·ғ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ұа·җа·Җа¶ӯ а¶ңа·ҷа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. එа·ға·ҡ а¶ұа¶ёа·Ҡ а¶’ а¶ҡටа¶әа·”а¶ӯа·” а·Җа·’а¶ұа·’а·Җа·’а¶Ҝ а¶·а·Ҹа·Җа¶әа·ҷа¶ұа·Ҡ а¶әа·”а¶ҡа·Ҡа¶ӯа·Җ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶…а¶Ҝ රට මුහුණа¶ҙа·Ҹ а¶ӯිබа·ҷа¶ұ අරа·Ҡබුа¶Ҝ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ңа·ңඩ а¶ңа·җа¶ұීමට а¶ұа¶ёа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·Җа·җඩ а¶ҡа·ңටа·ғ а·ға·’а¶Ҝа·” а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶Үа¶ҹа¶Ҫа·”а¶ёа·Ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯа¶ә а¶ұа·җа·Җа¶ӯ а¶ұа¶ңа·Ҹа·ғිටුа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а·Җа·ға·Ҹ а¶Ҝа¶ёа·Ҹ а¶ӯිබа·ҷа¶ұ а¶Үа¶ҹа¶Ҫа·”а¶ёа·Ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ а·Ға·Ҹа¶Ҫа·Ҹ а¶әа·…а·’ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶…а¶Ҝ а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶ұа·җа·„а·җ. а·ға¶Ӯа¶ а·Ҹරа¶ҡ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·Ҹරа¶ә а¶ұа¶ңа·Ҹа·ғිටුа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ңа·”а·Җа¶ұа·Ҡ а·ға·ҡа·Җа·Ҹ а¶әа·…а·’ а¶Ҷරමа·Ҡа¶· а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶…а¶·а·’а¶әа·қа¶ң а·ға¶ёа¶ң а¶ӯа·Җа¶ӯа·Ҡ а·Җа·ғරа¶ҡа·Ҡ а¶ңа¶ӯа·Җа¶ұ а¶ӯа·ҷа¶ҡа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡ а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶ә а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа·Ҹ а¶ңа·ҷа¶ұ а¶әа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а¶…а¶ҙ බа·җа¶Ҫа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶Ҷа·„а·Ҹර а·Җа¶Ҫа·’а¶ұа·Ҡ රට а·ға·Ҡа·Җа¶әа¶Ӯа¶ҙа·қа·Ӯа·’а¶ӯ а¶ҡරа¶ұ බа·Җ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶…а¶Ҝ රට а·ға·„а¶Ҫа·’а¶ұа·Ҡ а·ға·Ҡа·Җа¶әа¶Ӯа¶ҙа·қа·Ӯа·’а¶ӯа¶әа·’. а¶ӯа·Җа¶ӯа·Ҡ а·ға·„а¶Ҫа·Ҡ а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұа¶ә а·Җа·җඩි а¶ҡа·…а·ңа¶ӯа·Ҡ а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ? එа¶әа·’а¶ұа·Ҡ а¶ёа·қа¶Ҫа·Ҡ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡට а·Җа·Ҹа·ға·’а¶әа¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа·Җа¶ұа·Җа·Ҹ. එහа·ҷа¶ӯа·Ҡ а¶ңа·ңа·Җа·’а¶әа·Ҹට а¶ҙහර а·Җа·җа¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ.2019 а·Җа·ғරа·ҡ а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” බа·қа¶ёа·Ҡබ а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·” රට а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡ а·Җа·’а¶ұа·Ҹа·Ғ а·Җа·– බа·Җ а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶…а¶ә а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·Ҹ. එහа·ҷа¶ӯа·Ҡ а¶’ а·Җа·ғරа·ҡ а¶…а¶ңа·қа·ға·Ҡа¶ӯа·” а·ға·җа¶ҙа·Ҡа¶ӯа·җа¶ёа·Ҡබරа·Ҡ а·Җа¶ұа·Җිට а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶әа·…а·’ а¶ңа·ңඩ а¶ұа·җа¶ңа·”а·Җа·Ҹ. а¶’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶ә а¶…а¶ҙ а¶ӯа·”а·… а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а·Җа·’а·Ға·Ҡа·Җа·Ҹа·ға¶ә а¶ұа·’а·ға·Ҹа¶ё а¶Ҫа·қа¶ҡа¶әа·ҡ රටа·Җа¶Ҫа·Ҡ а¶…а¶ҙට а¶Ӣа¶Ҝа·Җа·Ҡ а¶ҡරа¶ұа·Җа·Ҹ.а·ға·’а¶әа¶Ҫа·” а·Җа·җඩ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а¶ӯිබිа¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶…а¶ҙа·’ а¶ҙිහිටුа·Җа¶ұ а¶’ а¶Ҷණа·Ҡඩුа·Җට බහුа¶ӯර බа¶Ҫа¶ә а¶Ҝа·ҷа¶ұ а¶Ҫа·ҷа·ғ  ඔබа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ. එහа·ҷа¶ё බහුа¶ӯරа¶ә а¶Ҫа·җබа·ҷа¶ұ а·Җිට а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ а¶ӯа·”а¶ұа¶ҡа·Ҡ එа¶ҡа¶ӯа·” а¶ҡර а¶ңа¶ұа·Ҡа¶ұ а·„а·қ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶…а¶ә а·ға¶ёа¶ң එа¶ҡа¶ӯа·”а·Җа·“ а¶Ҷණа·Ҡඩු а¶ҙිහිටුа·Җа·“а¶ёа·ҡ а·„а·қ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җа¶ә а¶ёа¶ӯа·” а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ.රටа·ҡ а¶Ҷණа·Ҡඩුа¶ҡа·Ҡ‍රම а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа·Җට а¶…а¶ұа·”а·Җ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ а¶ҙа¶ӯа·Ҡа·Җа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җ а·„а·Ҹ а¶ҡа·җබිа¶ұටа·Ҡ මණа·Ҡඩа¶Ҫа¶ә а·ға¶ёа¶ң а·Җа·җඩ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’. එа¶ә 19 а·Җа·җа¶ұа·’ а·ға¶Ӯа·Ға·қа¶°а¶ұа¶әа·ҡ а¶үа¶ӯа·Ҹ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’а·Җ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶…а¶ұа·”а·Җ а¶…а¶ҙ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙිහිටුа·Җа·Ҹ රට මුහුණа¶ҙа·Ҹ а·ғිටිа¶ұ а·ға·’а¶әа¶Ҫа·” අරа·Ҡබුа¶Ҝа·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ңа·ңඩ а¶ңа·җа¶ұීමට а¶ҡа·җа¶ҙ а·Җа·ҷа¶ұ බа·Җа¶Ҝ රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ўа¶ұа·„а¶ёа·”а·Җ а¶…а¶ёа¶ӯа·Ҹ හිටа¶ҙа·” а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а·ға¶ёа¶ұа·Ҡ රа¶ӯа·Ҡа¶ұа¶ҙа·Ҡ‍රිа¶ә, රа¶ӯа·Ҡа¶ұа¶ҙුර а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ එ.а¶ўа·Ҹ.а¶ҙ. а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа·’а¶ұа·Ҡ а·Җа¶ұ а·„а·ға·’а¶ӯ а¶ёа·”а·„а¶ұа·Ҡа¶Ҝිරමа·Ҡ, а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ මුණа·ға·’а¶Ӯа·„, а·ғිරිа¶ҙа·Ҹа¶Ҫ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а¶ҙිරිа·ғ а¶Ҝ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·–а·„. 
а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё 20 а¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)එа¶ҡ රටа¶ҡа·Ҡ එа¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҙа·Җа·ға·Ҹ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡ а·Җа·– а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ а¶ҙа·Ҡ‍රභූа¶ұа·Ҡට එа¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·”а¶ӯа·Ҡ රටа·ҡ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ӯа·Җа¶ӯа·Ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶ұ බа·Җ හිටа¶ҙа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·ңළඹа¶Ҝа·“ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·ғුරа¶Ӯа¶ңа¶ұа·Ҹ а¶Ҫа·қа¶ҡ а¶ёа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බа¶Ҫа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·”а·Җа¶ӯа·Ҡ а¶ёа·Ҹа·ғ а·„а¶әа¶ҡа·Ҡ а¶әа¶ұа·Ҡа¶ұට а¶ёа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а·ға·җබෑ а·ға·Ҡа·Җරූа¶ҙа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶’а¶ӯа·Ҡа¶ӯа·” а¶ңа·җа¶ұа·Ҡа·Җа·“ а¶Үа¶ӯа·җа¶әа·’а¶Ҝ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶Үа¶ӯа·”а¶Ҫа·Ҡа¶ҡа·қටа·Ҡටа·ҡ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұබа¶Ҫа·Җа·ҡа¶ңа¶әа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҡа·Ҹරа·Ҡ а¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶…а¶Ҝ (16) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ ඔහු а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·ға·“а¶ә.එහිа¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡිරිа¶Үа¶Ҫа·Ҡа¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶ҡа·“а¶ә.      ‘’2015 ට а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а·Җа·’а·Ӯа¶ә а¶ҙа·Ҹа·ға¶Ҫа·Ҡ а¶Ҝරුа·Җа¶ұа·Ҡа¶ңа·ҡ а·Җа·’а·Ӯа¶ә а¶ёа·Ҹа¶Ҫа·Ҹа·Җට а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а·Җа·’а·Ӯа¶ә а¶ӯිබුණа¶ӯа·Ҡ а¶Ӣа·ға·ға·Ҡ а¶ҙа·ҷа·…а·’а¶ұа·Ҡ එහа·Ҹට а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶Ӣа¶ҙа·Ҹа¶°а·’а¶әа¶ҡа·Ҡ а¶Ҫබа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җරි а¶ӯа¶ӯа·Ҡа¶ӯа·Ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶әа·’ а¶ӯිබුණа·ҡ.а·ға·’а¶әа¶Ҫа·”а¶ё а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа·Җа¶Ҫ  а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණිа¶ҡ а¶ҙа·“а¶Ё а¶Ҷරමа·Ҡа¶· а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ 2015 а¶ёа¶Ӯ а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұ а¶Үа¶ёа·җа¶ӯа·’ а·Җුණа·Ҹට а¶ҙа·ға·Ҡа·ға·ҡ а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫ а¶Ҷа¶ а·Ҹරа·Ҡ а¶әа·Җරු මට а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶’ а¶…а¶ұа·”а·Җ а¶ёа¶ё а¶Үа¶ёа¶ӯа·’ а¶ҡа·Ҹа¶Ҫа·ҡ а¶ҡа·җබිа¶ұටа·Ҡ а¶ҙа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҹ а¶ңණа¶ұа·Ҹа·Җа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а·Ға·Ҡ‍රී а¶ўа¶әа·Җරа·Ҡа¶°а¶ұа¶ҙුර, а¶ҡа·ңළඹ, а¶ҡа·җа¶Ҫණිа¶ә, රජරට, а¶ёа·ңරටුа·Җ, а·ғබරа¶ңа¶ёа·”а·Җ, а·Җа¶әඹ, а¶ұа·җа¶ңа·ҷа¶ұහිර, а¶ҙа·ҡරа·Ҹа¶Ҝа·ҷණිа¶ә, а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·” а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶ә а¶әа¶ұ а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫ а¶Ҝа·„а¶әа·ҡ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ҙа·“а¶Ё а¶Ҷරමа·Ҡа¶· а¶ҡа·…а·Ҹ.а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ңа·ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҡа·җа¶ҙ а¶ҡිරීමа¶ҡа·Ҡ  а¶ёа¶ӯ а¶…а¶ҙа·’ а¶ёа·ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға·’а¶Ҝа·” а¶ҡа·…а·Ҹ. а¶ёа·”а¶Ҫа¶Ҝа·“ а¶ңа·ңඩа¶ұа·җа¶ңа·’а¶Ҫа·’ а¶ӯිබුණа·ҡ а¶ұа·җа·„а·җ а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡ а¶ңа·ңඩа¶ұа·җа¶ңа·’а¶Ҫа·’а·Җа¶Ҫ а¶ёа·ҡа·Җа·Ҹ а¶Ҷරමа·Ҡа¶· а¶ҡа·…а·ҡ. а¶ёа·ҷа¶әට а·ға¶ёа¶ңа·Ҹа¶ёа·“а·Җ а¶әа¶ұ а·„а·җа¶ё а·Җа·’а·Ға·Ҡа·Җа·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶Ҫа¶әа¶ҡа¶ё а¶ұа·ҡа·Җа·Ҹа·ға·’а¶ҡа·Ҹа¶ңа·Ҹර а¶Ҝа·ҷа¶ҡ බа·җа¶ңа·’а¶ұа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝීමට а¶…а¶ҙа·’ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·…а·Ҹ.а¶ҙа·Ҹරа·Ҡ а¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а·ға¶·а·Ҹ а¶ұа·Ҹа¶әа¶ҡ а¶Ҫа·ҷа·ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… а¶ұа·’а·ға·Ҹ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а·ға·Ҡථа·Ҹа¶ұ а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡරа¶ұ а·Җිට а¶’а·Җа·Ҹට а·ға·„а¶·а·Ҹа¶ңа·’ а·Җීමට  а¶ҙа·Җа·Ҹ මට а¶ұа·ңа·„а·җа¶ҡа·’ а·Җුණа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶ёа¶ңа·ҡ а¶Ҷරа·Ҹа¶°а¶ұа¶әа·ҷа¶ұа·Ҡ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Үа¶ёа¶ӯа·’а·Җරු а¶ёа·ҷа¶ё а¶ҙа·“а¶Ё а·Җа·’а·Җа·ҳа¶ӯ а¶ҡа·…а·Ҹ.а¶ёа·ҷа¶ё а·ға¶Ӯа¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶ә а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұ а¶ёа¶°а·Ҡ‍а¶әа·ға·Ҡථа·Ҹа¶ұ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡа¶ңа·ҡ а·ға¶Ӯа¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶әа¶ҡа·Ҡ. ඔа·Җа·”а¶ұа·Ҡ а¶ёа·ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶ҡа·җа¶ҙа¶ҡිරීමа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҷа·„а·’ а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶Үа¶ңа¶әа·“а¶ёа¶ҡа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶’ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹа¶ҙිටිа¶ҙа¶ұ а·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·“а¶Ё а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҷ බа·ға·Ҡа¶ұа·Ҹහිර а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶Ӯа·Ға¶әа·ҡ  а¶үඩමа¶ҡ. а¶ёа·ҡа·Җа·Ҹට а¶…а¶Ҝа·Ҹа·… а·ға·’а¶әа¶Ҫа·” а¶ҡа·җබිа¶ұටа·Ҡ а¶ҙа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҹ а¶ёа¶ё а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа¶әට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶Ӣа·ға·ға·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа·Ҹа¶ҙа¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а·ға·’а¶Ҝа·”а¶ҡа·… а¶ҡа·җа¶ҙа¶ҡිරීම රටа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶Ҝа·җа¶ұа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’.а¶…а¶Ҝ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡට а¶ҙа·ңа·„а·ңර а¶ұа·җа·„а·җ. а¶ұа·’а·Ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұ а·Җа¶Ҫට а¶ёа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶…а¶Ҝ а¶ңа·ңа·Җа·“а¶ұа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶…а¶ҙа·„а·ға·”а¶ӯа·Ҹа·Җа¶әа¶ҡට а¶Ҫа¶ҡа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җа·ҡ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа·ҷа·…а¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ.බа·Ҡ‍රа·ҡа¶ҡа·Ҡ а¶ұа·җа¶ӯа·’ а·Җа·Ҹа·„а¶ұа¶әа¶ҡа·Ҡ а·Җа¶ңа·ҡ а¶…а¶Ҝ රට а¶әа¶ұа·Җа·Ҹ. а¶ұිරа·қа¶°а·Ҹа¶әа¶ұа¶ә а¶ұа·“а¶ӯа·’ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а·Җа·’а¶ӯරа¶әа·’ а¶ҙа·Ҡ‍රභූа¶ұа·Ҡට а·Җа·ҷа¶ұ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ.  а¶Ҝа·…а¶Ҝа·Ҹ а¶ҙа·ҷරහа·җරට а¶ұිරа·қа¶°а·Ҹа¶әа¶ұ а¶ұа·“а¶ӯа·’ а¶Ҝа·Ҹа¶Ҫа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට එа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ. а¶ҙа·Ҡ‍රභූа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җ а·Җа¶Ҫට එහа·ҷа¶ё බа·Ҹа¶°а·Ҹа·Җа¶ұа·Ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҡ а¶Ҷණа·Ҡඩුа·Җ බа¶Ҫа¶әට а¶Ҷа·Җа·ҡ එа¶ҡ රටа¶ҡа·Ҡ එа¶ҡ а¶ұа·“а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶Ҝ а¶’а·Җа·Ҹ а·ға·’а¶Ҝа·Ҡа¶° а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җа¶Ҝа·җа¶ұа·Ҡ  а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶ә а¶ёа·җа¶Ҝа·Ҡа¶Ҝа·ҡ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа¶ҡට а¶әа¶ұа·Ҡа¶ұ රජа¶ә а·ға·–а¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·җа¶ӯа·’а·Җරණа¶әа¶ҡට මුහුණ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ҡа·ңа·„а·ңа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫ а¶ұа·“а¶ӯිරීа¶ӯа·’ а·ға¶ҡа·ға·Ҡ а¶ҡරа¶ұ а¶үа·ға·Ҡа·ға·ҷа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ӯිබුණа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа·ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұ а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа¶әа·’ . а¶…а¶ҙа·’ а¶ӯа¶ёа¶әа·’ а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҷ а¶ёа·ҷа·„а·’ а¶ӯа·’а¶әа¶ұ а¶ҙа·Ҡ‍රа·Ҹа¶әа·қа¶ңа·’а¶ҡ а¶ңа·җටа¶Ҫа·”.а¶Ҝа·җа¶ұа·Ҡ а¶ёа·ҡ а¶ұа·“а¶ӯිරීа¶ӯа·’ а¶Ҝа·’а·„а·Ҹ බа·җа¶Ҫа·”а·Җа·Ҹа¶ё а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ұа·ҷа¶ёа·ҡ а¶ұа·ңа¶ӯа·’а¶әа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶ҙа·” а¶ұа·“а¶ӯа·’ රීа¶ӯа·’ බа·Җ а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а¶ұа·“а¶ӯа·’ රීа¶ӯа·’ а¶әටа¶ӯа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ӯිබа·Ҡබа·ңа¶ӯа·Ҡ а·ға·’а¶әа¶әට а·„а¶ӯа·…а·’а·„а¶ҡа·Ҡ а·Җа¶ӯа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа·„а·җ.а¶Ҝа·җа¶ұа·Ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶ә а¶ӯа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җට а¶…а¶ұа·’а¶ӯа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ а·ға·һа¶ӣа·Ҡ‍а¶ә а¶…а¶Ӯа·Ғ а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶Ҝа·ҷа·Җа·ҷа¶ұа·’ රа·җа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҷණа·Ҡඩුа·Җ а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җුණа·ңа¶ӯа·Ҡ එа¶ҡа·ҷа¶ұа·Ҡ බа·ҡරа·ҷа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶ҡа·Җа·”а¶Ҝ а¶Үа¶ӯа·Ҡа¶ӯ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶Ҝа·җа¶ұа·Ҡ а¶ңа·җටа¶Ҫа·”а·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а¶ӯිබа·Ҡබа·ңа¶ӯа·Ҡ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ බа¶Ҫа·Җа·ҡа¶ңа¶ә а·Җа·’а¶Ҝිහට а¶…а¶ҙа·’ බහුа¶ӯරа¶әа¶ҡа·Ҡ අරа¶ңа·ҷа¶ұ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а¶ҙිහිටුа·Җа¶ұа·Җа·Ҹ.  а¶’ а·ға¶іа·„а·Ҹ а·ға·„а·Ҹа¶ә а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶…а¶ҙа·’ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Җа·Ҹ’’ а¶әа·җа¶әа·’ а¶Ҝ а¶әа¶әа·’а¶Ҝ ඔහු а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡ а¶ә .
а¶ҡа·ңරа·қа¶ұа·Ҹ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё 20 а¶ӯа·Ҡ а·Җа·ға¶Ӯа¶ңа¶ӯа¶әа¶ҡа·Ҡ
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, ගම්පහ තිලකරත්න දිසානායක, උඩුගම්පොල එල්.ඩබ්ලිව්. ආරියරත්න, කිරිඳිවැල උපාලි රණවීර සහ දෙහිවල එච්.එම්. ධර්මපාල)“ජනපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා කරන සියලු නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම කපා හැර ‘සජිත් සමාජ විප්ලවය’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් හැම පොරොන්දුවක්ම අකුරක් - අකුරක් නෑර ඉටු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා 2019 ප්‍රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවැසීය.සරල බදු ප්‍රතිපත්තිය නිර්මාණය කර මධ්‍යම පන්තියේ අසහනය සම්පූර්ණයෙන්ම අවසන් කරන අතරම ජනතාව මත පීඩනය කිසිලෙසකින් වත් ඇති නොකරන පාලනය ජනාධිපතිවරණ ප්‍රතිඵලත් සමගම මෙරට බිහි වෙතැයිද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රැලි අමතා ප්‍රකාශ කළේය.“ඇමෙරිකාවේ - එංගලන්තයේ ඉගෙන ගත්තද මගේ මාතෘ භූමියේ පුරවැසිභව අහිමි කර ගත්තේ නැහැ. මම සීයට සීයක්ම ශ්‍රී ලංකිකයි. රට අතහැර පලා නොයන, ඔර්ජනල් ශ්‍රී ලාංකිකයා මම” යැයිද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවැසීය.දේශපාලකයන් දුක් විඳින සහ ජනතාව සැප විඳින පාලනය අරඹන බව කී ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය මුදල් යනු ජනපතිගේ හෝ අගමැතිගේ හෝ සල්ලි නොව ජනතාවගේ සහ රටේ සම්පත් බව සිහි තබාගෙන රාජ්‍ය පාලනය ගෙන යතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් ගල්ගමුව, ආනමඩුව, මීගමුව, කඩවත, පූගොඩ, දෙහිවල, මොරටුව, පොළොන්නරුව, අනුරාධපුරය, කුලියාපිටිය, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කළුතර සහ මැද කොළඹ යන අවසන් ජනරැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.“ගම්පහ දුම්රිය ස්ථානය වැඩි ජනගහනයක් සිටින දුම්රිය ස්ථානය බව කිව යුතුයි. ඒ දුම්රිය ස්ථානය ප්‍රදේශයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් කඩිනම් සංවර්ධනයකට ලක්කරනවා. 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු දුම්රිය ස්ථානය ක්ෂණික සංවර්ධනයකට ලක්කිරීම මගේ අරමුණයි.ගම්පහ රෝහල ලංකාවේ ප්‍රධානම රෝහලක් බවට පත් කර භෞතික සහ මානව සම්පත්  දීමට ද කටයුතු කරනවා. මා ජනාධිපති වී පැය 48ක් ඇතුළත ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමටද කටයුතු කරනවා.දෑත් පිරිසුදු හොඳ තීන්දු තීරණ ගන්නා ජනතා රජයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය යි. ජනතාවට දැනෙන, ජනතා සේවයක් කරන රජයක් අපට අවශ්‍යයි. ඒ පාලනය තුළ මනුස්සකමට මුල් තැන දිය යුතුයි. මනුස්ස වර්ගයාගේ ඕනෑ එපාකම්වලට විසඳුම් දෙන පාලනයක් බිහි කළ යුතුයි.16 වැනිදා බිහි කරන නව පාලනය තුළ මෙතෙක් කල් පැවති ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පාලකයන් රජ වන තත්ත්ව පසුගිය සමයේ ක්‍රියාත්මක වුණා. දේශපාලකයන් සුර සැප ලැබුවා. මහජන සම්පත්වලින් පාලකයන් ඉහළ වරප්‍රසාද වින්දා.මම පිහිටුවන රජය තුළ දේශපාලකයන්ට දුක් විඳින්න වෙනවා. දුෂ්කර ක්‍රියා කරන්න වෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති වීමත් සමග දේශපාලකයන් සුර සැප වින්ද යුගය අනිවාර්යෙන්ම අවසන් වෙනවා.මගේ දේශපාලන ගමන තුළ උපරිමයෙන් ම දුක් විඳිනවා. උපරිම කැප කිරීම් කරනවා. රාජ්‍ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි. මෙය වසර පහෙන් පහට අලුත් වෙනවා. එලෙස වන්නේ ජනතා අභිලාෂය අනුවයි. රාජ්‍ය මුදල් යනු ජනපතිගේ - අගමැතිගේ හෝ මැති - ඇමති ඇමතිවරුන්ගේ හෝ මුදල් නොවෙයි. ඒ ජනතාවගේ මෙන්ම රටේ ද සම්පත් බව සිහි තබාගත යුතුයි.වඩා වැදගත් වන්නේ වෙඩි නොවදින වාහනය ද දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමද කියා පාලකයා තේරුම් ගත යුතුයි. මා වැටුප් දීමනා නොලබන ජනාධිපතිවරයකු බවට පත් වෙනවා.එමෙන්ම මා රජයේ නිල නිවාස භාවිත කරන්නේ ද නැහැ. රට පුරා ගොස් මහජන සේවය කරන්න මට ජනාධිපති මාලිගා අවශ්‍ය නැහැ. ජනතා මුදලින් නඩත්තුවන සියල්ල පරිහරණය කළ යුත්තේ රටට සේවයක් වන ආකාරයටයි.ජනපති - අගමැති ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන් සඳහා තීරු බදු රහිත වාහන පර්මිට් දීම අත්හිටුවනවා නොව අහෝසි කරන බව මෙහිදී අවධාරණය කරනවා. පාර්ලිමේන්තු නීතියෙන්ම එය අහෝසි කරනවා. කාට හෝ නැවත වාහන පර්මිට් දිය යුතු නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා.රට ගැන සිතා මගේ ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. රටට අවශ්‍ය වන්නේ දැනුම් කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ජන සමාජය බුද්ධිමතුන්ගෙන් පිරුණු සමාජයක් බවට පත් කිරීම මගේ අරමුණයි. ඒ සඳහා පාසල් දරුවන්වත් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට යොමු කළ යුතුයි. පාසල් දරුවන් සඳහා වැඩි සහන දීමට මා අරමුණු කළේ ඒ නිසයි.මේ සහන දෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. බුද්ධිමතුන්ගේ ජන සමාජය නිර්මාණය කිරීම සඳහායි.දුප්පත්කම ගැන හැමදාම මැතිවරණ වේදිකාවල කතා කරනවා. ග්‍රාමීය දුප්පත්කම පමණක් නොව නාගරික දුප්පත්කමත් දිනෙන් දින විශාල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. හතර දෙනෙකු සිටින පවුලක් නඩත්තු කිරීම සඳහා 55,000 අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. අප සහන දෙන්නේ ජනතාව හැම හැමදාම දුප්පත්කම තුළ රඳවා ගන්න නොව ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නයි.දැනට තිබෙන අවුල් - වියවුල් බදු ප්‍රතිපත්තිය නිසා රටේ මධ්‍යම පන්තිය අසහනයට පත් වී සිටිනවා. සරල බදු ප්‍රතිපත්තියක් මා නිර්මාණය කරනවා. ජනතාව මත පීඩනය ඇති කරන ආණ්ඩුව වන්න බලාපොරොත්තු වන්නේ නැහැ.මගේ පියාගේ පාලන සමයේදී සෑම විටම උත්සාහ කළේ ජීවන බර අඩු කරන්නයි. රටක් පවතින්න නම් මනුෂ්‍යයන් ජීවත්ව සිටිය යුතුයි. වර්ධන වේගය උද්ධමනය ආදී ඉතා බරපතළ වචන දේශපාලකයන් විසින් පාවිච්චි කරනවා. මොන වචන පාවිච්චි කළත් පොදු ජනතාව සතුටින් ජීවත් විය යුතුයි. ජනතාවට ආත්ම තෘප්තිය තිබිය යුතුයි.පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ඉතිහාසයේ කිසිදු නායකයකු ක්‍රියාත්මක නොකරපු ඓතිහාසික විප්ලවයක් කරන්න මා සූදානම්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමකට ගෙනෙනවා. රටේ අවශ්‍යතාවට පමණක් සීමා නොවී අපේ බව භෝග අපනයනය කරන්නත් ජාතික සැලැස්ම හදනවා.වී වගාව, එළවළු, පළතුරු බව භෝග වගාව, හේන් වගාව, තේ - පොල් - රබර් වගාව, කුරුඳු - ගම්මිරිස් - කරාඹු නැටි වැනි සුළු අපනයන භෝග වගාව යන සෑම වගාවකටම ඉතිහාසයේ පළමු වතාවට නොමිලේ පොහොර දෙනවා.වල් අලි - මිනිස් ගැටුමට ස්ථිර විසඳුම දෙනවා. කරදිය - මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනඟනවා පමණක් නොව සහනාධාර ක්‍රමවේදයට උපකරණ මෙවලම් දෙන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කරනවා. සංස්කෘතික ක්ෂේත්‍රය පදනම් කර ගත් සංස්කෘතික සංචාරක කර්මාන්තය මා ගොඩ නඟනවා.පුත්තලම හරහා අනුරාධපුර දක්වා යන අධිවේගී මාර්ගය ද නිර්මාණය කරනවා. මහව සිට ශාන්ත ආනා දේවස්ථානය දක්වා වූ දුම්රිය මාර්ගයද පුළුල් කරනවා.දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පළමු මාස 5 තුළ වන්දි ගෙවා අවසන් කරනවා. පුත්තලමට කොඩිවිනයක් වෙලා තිබෙන කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට ගෙන පුත්තලම ජනතාව අසහනයට පීඩාවට ලක්කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුම දෙනවා.දහසය වැනිදා ජනතාව පොදුජන යුගය ආරම්භ කරනවිට පාසල් දූ දරුවන් 44 ලක්ෂයට මා ආයෝමය ශක්තිය වෙනවා. මගේ පියා තමයි, දිවා ආහාර හා නිල ඇඳුම දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය දිවා ආහාරය කපා හැරියා. ලබන 16 වැනිදා ජනතාව මා ජනාධිපති කළ පසු රටේම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි. දිවා ආහාරයයි. සපත්තු කුට්ටමයි දෙනවා. යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ ගම්පහ සංවිධායක මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ද කතා කළහ.
“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“
1
(අංජුල මහික වීරරත්න සහ වැල්ලවාය - අයි.ආර්. ඉන්දික)පරණ තාලේ ඉබිගමන් නවතා වේගයෙන් තමා සමග වැඩ කරන්න සියලු දේශපාලකයන් සූදානම් විය යුතුයි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැල්ලවාය පස්සර බිබිල මැදගම 200 හාලිඇළ සහ දියතලාවෙ ජන රැලි අමතමින් සති අන්තයේදී පැවැසීය.“බොන්න වතුර ඉල්ලන විට ටී-56 ගිනි අවියෙන් වතුර දෙන පාලනය වෙනුවට සමෘද්ධිය සහ ජන සවිය යන ජනතා සහන දෙකම එකට දෙන පැය 24ම ජනතාව ගැන සොයා බලන පාලනය ස්ථාපිත කරන බව ද” අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සති අන්තයේ පැවැති ජන රැලි සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ම ජන රැලිය වැල්ලවායේදී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.මගේ පියා සෙවණ අරමුදල ආරම්භ කර නිවාස වැඩසටහන දියත් කළේ වැල්ලවාය, නුගේගලයාය ගම්මානය කේන්ද්‍ර කරගෙනයි. කුඩා දරුවෙකු ලෙස පියා සමග වැල්ලවාය තණමල්විල පාරේ යනවිට දිවා ආහාරය ගැනීම සඳහා එක් නිවෙසක නතර වුණා. එහිදී පොල් අතු පැළක් ගැන පියාගේ අවධානය යොමු වුණා. ඒ අනුව ප්‍රථම වරට මෙරට නිවාස ලොතරැයිය නිවාස සංවර්ධන අරමුදල, සෙවණ අරමුදල, සෙවණ නිවාස වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ, ඓතිහාසික වැල්ලවාය මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.අද දවසේ මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ගාලුමුවදොර රැලියෙන් පසුව අරඹන්නේ සෙවණ නිවාස වැඩසටහන ඇරඹුණු වැල්ලවාය පුරවරයෙනුයි. තව වැව්-අමුණු ශක්තිමත් කරගෙන ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් වී වගාව, අතුරු බෝග වගා කිරීම ඔබේ අපේක්ෂාවයි.අපේකම, සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වූ පුරයක් ලෙස වැල්ලවාය හඳුන්වාදිය හැකියි. අධිකරණයේදී බලවේග පරාජය කිරීමට වැල්ලවායේ ජනතාව සමත් වුණා. විදේශීය ආක්‍රමණ සුණු විසුණු කළා. එවැනි පුරයක ජනතා සංවර්ධනය මගේ මූලික යුතුකමයි.ජනපති වී පළමු මාස 48 තුළ වෙල්ලස්ස පුරවරයේ පමණක් නොව මුළු ලංකාවේම මහා වාරි පද්ධති, මධ්‍ය වාරි පද්ධති, සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණ කොට කෙත්වතු සරුසාර කරන යුගය මා අරඹනවා. පිටරටින් ආහාර ගෙන්වනවා වෙනුවට ආහාර සුරක්ෂිත කළ ස්වයංපෝෂිත ලංකාවක් මා බිහිකරනවා.මොණරාගල නිවාස ප්‍රශ්න ඇති ජනතාව සඳහා මේ වනවිටත් විශාල වැඩ කොටසත් ඉටු කරලා. සමස්ත ශ්‍රී ලංකාවේම සියලු ජනතාවට තමාගේ ඉඩමක නිවස හදාගන්න පසුබිම නිර්මාණය කරනවා.සෑම පවුලකම ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට රටේ ජනපති ලෙස කටයුතු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මගේ පෞද්ගලික අධීක්ෂණයෙන් සෑම පවුලක්ම ගොඩගන්නා බව මෙහිදී ප්‍රකාශ කරනවා.මගේ සංකල්පය ගම හදා නගරය හදා රට හැදීමයි. ගම මෙන්ම නගරයත් හැදෙන්න අවශ්‍යයි.ගම් නගර දනව්වල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ගේ ජන ජීවිතය උසස් කළ යුතුයි.මගේ මුළු ජීවිතයම කැපකර තිබෙන්නේ පොදුජන සේවයටයි. මට වෙනත් රාජකාරි නැහැ. පවුලේ සාමාජිකයින් රැක බලා ගැනීම මගේ වගකීම නෙවෙයි. මට රැකගන්න පවුල් පරපුර හෝ ඥාති පරපුරක් හෝ නැත. මගේ ඥාති පරපුර මෙරට සමස්ත ජනතාවයි.මෙරට සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත නිර්මාණය කිරීමේ වැඩසටහනක් මා ක්‍රියාත්මක කරනවා. ගමට කර්මාන්තපුර නොව ජාත්‍යන්තර ආයෝජකයින්ට රතු පළසක් දමා ආයෝජන ගැනීමට කටයුතු කරනවා. ආයෝජකයින් බංග්ලාදේශයට, වියට්නාමයට, ඉන්දියාවට යනවා වෙනුවට ලංකාවට පැමිණෙන පසුබිම සකස් කරනවා. එහිදී යෞවන යෞවනියන්ට රැකියා අවස්ථා උදා කළ හැකියි. වෙල්ලස්ස, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ වෙනම සංස්කෘතික - සංචාරක කලාපයක් ලෙස අප නිර්මාණය කර තිබෙනවා.මොණරාගල ඓතිහාසික සිද්ධස්ථාන සියල්ලක්ම සංවර්ධනය කිරීමට මා කටයුතු කරනවා. බුදුරුවගල, මාලිගාවිල සංවර්ධනය සඳහා පමණක් කෝටි 55ක් වෙන් කළා.ජනතාව රටේ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔවුන් ආරක්‍ෂිත, සවර්ධිත නව දියුණුවක් ලබන රට බලාපොරොත්තු වනවා. තරුණ පරපුරේ දියුණුවට මුල්තැන දෙන රට දක්ෂයින්ට ඉහළට යා හැකි රටක් උගතුන්ට ශක්තිය දෙන රට ඔබ බලාපොරොත්තු වෙනවා. අපේම ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීම මගේ අරමුණයි. මගේ ගමනේ එකම අරමුණ ජාති, ආගම්, කුලමල, පක්ෂ බේදවලින් තොරව මෙරට පොදු ජනතාව සඳහා සෞභාග්‍ය උදාකර දීමයි. මගේ රජය තුළ ඥාති සංග්‍රහ කරන්නේ නැහැ. පවුල් දේශපාලනය කරන්නේ නැහැ. දක්ෂ හපන්කම් තිබෙන යෞවන පරපුරට නිසි තැන ශක්තිය දීම මගේ අරමුණයි. කාන්තා පරපුර සඳහා ආරක්ෂිත බවක් සැපයිය යුතුයි.අභිමානවත් ආඩම්බරවත් ශ්‍රී ලංකාව ජව සම්පන්න මුළු ලෝකයම ජයගන්නා ශ්‍රී ලංකාව මා නිර්මාණය කරනවා.මා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන වැදගත් වැඩසටහන් දෙකක් ගැන සඳහන් කරන්නම්. ජනපති යනු රටේ සෑම පුරවැසියෙකුම එක්ව පත් කරගත් නායකයායි. රටටම වග කියන්නේ ඔහුයි. ජාතික සංවර්ධන විශේෂ ජනපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. මුළු රටටම වගකියන ඒ බලකාය හරහා ජනාධිපති කාර්යාල නියෝජනය කරමින් සෑම උප දිසාපති කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක ස්ථාපනය කරනවා.රාජ්‍ය පාලනය සංකල්පය තුළින් සෑම උප දිසාපති කොට්ඨාසයකම සෑම කුඩා ගම්මානයකම දිනපතා අරඹන ව්‍යාපෘති ජනතා ඉල්ලීම් බලාපොරොත්තු ආදී සෑම දෙයක්ම රටේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධීක්‍ෂණය කර ගමට නගරයට දැනෙන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නිල්පාට, රතුපාට, කොළපාට, පොහොට්ටු බේදයක් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බල කරන්නේ නැහැ. ජනතා ප්‍රශ්න-ගැටලු තිබෙන පුද්ගලයන් උප දිසාපති කාර්යාලයේ ස්ථාපිත සංවර්ධන ඒකකයේ සාමාජිකයන් බවට පත්කර ගන්නවා.නිවාස රැකියා, මාර්ග, පාසල්, රෝහල්, සෞඛ්‍යය, පෙර පාසල් ආදී සෑම ප්‍රශ්නයක් සඳහාම ඍජුවම ක්‍රියාකිරීම මගේ අරමුණයි. ඒ පිළිබඳව රටේ ජනාධිපතිවරයා දැනුම්වත් වී පැය 24 නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලය නිර්මාණය කරනවා. දිවා සහ රාත්‍රී දෙකෙහිම වැඩ කරන්න වැඩසටහන සකසා ශක්තිමත් ජනතා සේවය සඳහා පොදු ජනතා ප්‍රශ්න විසඳන ජනාධිපතිවරයෙකු බවට මා පත්වන බව මෙහිදී අවධාරණය කරනවා. 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා යනු නිකම්ම නිකන් පඹයෙකු යැයි සමහරුන් සිතාගෙන ඇති. පඹයෙකු කියා හදන තනතුරේ පඹ ගාලක පැටළෙන්න සජිත් ප්‍රේමදාස ලෑස්ති නැහැ. මා මෙරට ජනපති වනවිට කොන්ද කෙළින් තබාගෙන ජනතාව බලාපොරොත්තු වන උසස් ජනතා සේවය ඉටු කිරීමට දිවි හිමියෙන් කැපවන බව කිව යුතුයි. ජයග්‍රහණයෙන් පසු අලුත් ගමන මා අරඹනවා. ඒක පරණ තාලේ ගමන නොවෙයි. ඉබි ගමන ද නොවෙයි. ගාටමින් යන ගමනක් ද නොවෙයි. මගේ වේගයට වැඩ කරන්න හැමෝම ලෑස්ති විය යුතුයි. කැපකිරීම් කරන්න සියලු දෙනා ලෑස්ති විය යුතුයි.මා දක්‍ෂයින්ට තැන දෙනවා. දූෂිත නොවන දේශපාලකයන් මා ඉදිරියට ගෙන එනවා. දූෂිතයන්ට තැනක් නැහැ. දූෂිතයන් මා ගාවගත්තොත් නැහැ. දක්‍ෂ තරුණ පෙළක් තුන්වැනි පෙළක් ඉන්නවා. අත්වල ලේ නොතැවරුණු, අත්වල ජරාව ගාගත්තේ නැති දක්‍ෂයින් පිරිසක් ඉන්නවා. මා නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික සංවර්ධන යුගය ක්‍රියාත්මක කරනවා. ආහාර මුද්දර ලාභීන් - ජනසවිලාභීන් බවට පත් කළ යුගය ගැන අප දන්නවා. එය සිදුවුණේ මගේ පියාගේ කාලය තුළයි. දුප්පත් ජනතාවට නොසැලකූ යුගය අතීතයේ නැවතුණා. ඒ අනුව මගේ පියා ජනසවිය වැඩසටහන ආරම්භ කළා. නමුත් ජනසවි වැඩසටහන හරියාකාරව ක්‍රියාත්මක කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතුමා ජීවිතක්‍ෂයට පත්වුණා. අද ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩපිළිවෙළ ඉදිරියෙත් මා ඒ අයුරින්ම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර සමෘද්ධි වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඊට තවත් වැඩපිළිවෙළක් එකතු කරනවා. ඒ වැඩපිළිවෙළ වන්නේ ජනසවියයි. මගේ පියා හඳුන්වා දුන් ජනසවිය වැඩසටහන් මා රට පුරා ක්‍රියාත්මක කරනවා. පසුගිය සමයේ රට පාලනය කළ අය විවිධ සංඛ්‍යා ලේඛන ගැන කියමින් රටට බොරු ප්‍රතිරූපයක් පෙන්වා දුන්නා. වැරදි චිත්‍රය පෙන්නුවා. හතර දෙනෙකු සිටින පවුලකට මාසයකට ආහාර හා ආහාර නොවන වියදම් සඳහා රුපියල් 50,000-55,000ක් දළ වශයෙන් වැය වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි ආදායම නොලබන කීදෙනකු රටේ ඉන්නවාද. එවැනි ජනතාව ලක්‍ෂ ගණනින් ඉන්නවා. ඒ ජනතාවට හඬක් නැහැ. ඔවුන් දෙස කිසිවකුත් බලන්නේ නැහැ. ඒ අහිංසක-අසරණ මෙරට නිහඬ බහුතරයේ හඬ බවට පත්වෙන්න සජිත් ප්‍රේමදාස සූදානම්. ඒ තුළින් දුප්පත් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරන්නට මා සූදානම්. මේ මහා රැලියෙන් ඔබට ගෙදර ගෙන යා හැකි පණිවිඩය තිබෙනවා. සමෘද්ධිය ශක්තිමත් කරන අතර ජනාධිපති වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා. ජනතා අපේක්‍ෂා බලාපොරොත්තු හඳුනාගෙන ඒ අනුව මා ක්‍රියා කරනවා. මෙරට ජනතාවගේ ඉල්ලුමට සැපයුම දෙන ජනාධිපතිවරයෙකු ලෙස මා ක්‍රියා කරනවා. දැන් ඉදිරිපත් වී සිටින විකල්පය කුමක්ද? ඔහු ගමක පෙර පාසලකටවත් නොපැමිණි පුද්ගලයෙකි. මධ්‍යම බෙහෙත් ශාලාවක් හෝ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙනවාද නැද්ද කියා නොදන්නා පුද්ගලයෙකි. ගමේ පාසල් පද්ධති, නගරයේ පාසල් කොතැන තිබෙනවාදැයි නොදන්නා පුද්ගලයෙකි. ජනතාවගේ දුක නොතේරෙන පුද්ගලයන් රටේ පාලනයට සුදුසුද? වතුර ඉල්ලන ජනතාවට ටී 56න් වතුර දුන්නේ ඒකයි. ජාතික ආරක්‍ෂාව ගැන කතා වෙන්න කාරණයක් නැහැ. යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා මෙරට නීතිය-සාමය සහ ආරක්‍ෂක ඇමැති ලෙස දැනටමත් නම්කර අවසන් බව කිව යුතුයි. මහ පොළොවේ යුද ජයග්‍රහණය කළ සැබෑ වීරයා ඔහුයි. රටේ නායකයා ලෙස ජාතික ආරක්‍ෂාවට මා වගකිව යුතුයි. මා ඒ සියල්ල ඉටු කරනවා.මෑත ඉතිහාසයේ ප්‍රථම වරට පවුල්වාදය නැති ගජ මිතුරු සංගම් නැති ගෝල බාල සුබ සාධනය ක්‍රියාත්මක නොකරන පොඩි මිනිහා සමග මහ පොළොවේ පය ගසා ජීවත් වන නායකත්වයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. පොහොට්ටු හෝ බුලත් කොළ හෝ දෙස බලන්න එපා. ජාති-ආගම්-කුලමල බේද බලන්න එපා. පක්‍ෂ බේද බලන්න එපා. සියල්ල අත්හරින්න. මහා සංවර්ධනයේ උසස් ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන මා ඉදිරි ගමන යනවා. මගේත් එකම ප්‍රතිපත්තිය මිනිසා ජීවත් කරවීමයි. මිනිස් සම්පත සුරක්‍ෂා කිරීමයි. නවෝත්පාදනය තුළින් මව්බිම මහා සංවර්ධන විප්ලවයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයිලෝකය සමග තරගකර අපගේ රට අංක 01 බවට පත් කරමු.ලෝකයම ජයගත හැකියි. අපි එක්ව ඉදිරියට යමු. දූෂණ-වංචා නැති රටක් හදා අපි එක්ව ඉදිරියට යමු.අධ්‍යාපනය ශක්තිමත් කොට අපි එක්ව ඉදිරියට යමු. යහපත් ආකල්පවලින් අපි එක්ව ඉදිරියට යමු. නව නිපැයුම් තුළින් ඉදිරියට යමු. සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කර එක්ව ඉදිරියට යමු. ජාති-ආගම්-පක්‍ෂ බේද ඉවත දමා එක්ව ඉදිරියට යමු. රට දියුණු කරන්න අපි-ඔබ-හැම එකතු වෙමු යැයිද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා:-ගිනි ගහන අව්වේ ජනතාව රැස්කමින් ඉන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙනුයි. වසර 25කින් අප එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්කර නැහැ. ජනතාව සජිත් ඉල්ලුවේ අද-ඊයෙක නොවෙයි. අවසානයේ ඒ සටන ජය ගත්තා.දුප්පත් ජනතාව සඳහා අවශ්‍ය නායකයෙකු අප මෙවර පත්කර ගන්නවා. ඔබේ සමෘද්ධි සහනාධාරය දෙගුණයක් කර දෙන්න අප කටයුතු කළා. ගම්පෙරළිය වැඩසටහනින් ගමක්-ගමක් ගානේ සංවර්ධනය ව්‍යාප්ත කරන්නට අපට හැකිවුණා. බුදු සසුන දියුණු කිරීම සඳහා රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙහෙවර අපමණයි. ඒ මහ මෙහෙවර ඉදිරියට ගෙනයාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට දැවැන්ත ශක්තියක් තිබෙනවා. සජිත්ට කොහේවත් මිනී මැරුවා යයි, සුදු වෑන් එව්වා යයි හොරකම් කළා යයි චෝදනා නැහැ.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා:-සජිත් යනු ගොවි-කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපති අපේක්‍ෂකයායි. ඔහු කොළඹ දේශපාලනයෙන් ඉවත් වී හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරා ගත්තේ ඇයි? සජිත් එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක පමණක් නොවෙයි. දුප්පත්කමට පිළිතුරක් ඇත්තේ සජිත් ප්‍රේමදාස ළඟ බව ජනතාව දන්නවා. ගෝඨාභය කියන්නේ කව්ද? යුද සමයේ බයේ ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙකි. එහෙම කෙනෙකුට ජාතික ආරක්‍ෂාව දෙන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජාතික ආරක්‍ෂාව බාර දෙන්නේ සැබෑ විරුවකු වූ සරත් ෆොන්සේකා මහතාටයි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා:-ජනතාවගේ ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දී තිබෙනවා. අප රජය සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින් දැවැන්ත සංවර්ධනයක් කළා.සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩසටහන යටතේ රට පුරා ශීඝ්‍රයෙන් නිවාස ඉදිවෙමින් තිබෙනවා. සංස්කෘතික අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් වූ පසුව ඒ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රබෝධයක් වූ බව කිව යුතුයි.ජන රැලි සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද විශාල ජනතාවක් ද සහභාගි වී සිටියහ. 
“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“
0
(අංජුල මහික වීරරත්න, නිමල කොඩිතුවක්කු, මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න, කිරිඳිවැල - උපාලි රණවීර, ගම්පොල - සුරංග රාජනායක)“වෙනත් රටවල නීති-රීති ලංකාවේ ක්‍රියාත්මක කරන්නැයි සැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු වන තමාට බල කරන්න කිසිදු රටකට හැකියාවක් නැතැයි” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“විදේශ පුරවැසියෙකු ලංකාවේ ජනපති වුවහොත් විදෙස් රටවල් කියන පදයට නටන්න සිදුවෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.“ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා නැති සෑම උපාධිධාරියෙකුටම රැකියා දෙන බව”ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා, ඔවුන් වෙනුවෙන් ඇපයක් සහ පොලී නැතිව රුපියල් ලක්ෂ තුනක ණය මුදල දෙන්නේ යැයි”ද කීවේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුයේ මාවනැල්ල, ගම්පොල, අරණායක, රඹුක්කන සහ පොල්ගහවෙල පැවැති ජන රැලි අමතමිනි.ජනරැලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මාව අපේක්ෂක ලෙස පත් කරන්න බෙල්ල තියපු කෙනකු තමයි කබීර් හෂීම් මැතිතුමා. එතුමා කළ සේවය හා මාවනැල්ල ජනතාවද කිසිසේත්ම අමතක කරන්නේ නැහැ.මාවනැල්ලට අලුත් ගැම්මක්, අලුත් සංවර්ධනයක් අවශ්‍යයි. 16 වැනිදාට නියත වශයෙන්ම මාවනැල්ල නගරය සුරපුරයක් කිරීමේ ගමන අරඹලා, තිබෙනවාට වඩා ශක්තිමත් ආර්ථිකයක් ජනතාව අතරට මා ගේනවා.මාවනැල්ල පුරවරයේ ඉඩම්, නිවෙස් නැති විශාල පිරිසක් ඉන්නවා. රටේ නිවාස වැඩපිළිවෙළ අමාත්‍යාංශය හයකට බෙදලා තිබෙන වෙලාවේ 16 වැනි දායින් පසු මේ හයම එක අමාත්‍යාංශයක් යටතට ගෙන 2025 දී රටට සෙවණ දෙන වැඩපිළිවෙළ රටටම ක්‍රියාත්මක කරනවා.රබර් ආර්ථිකයක් ස්වයං රැකියා ආර්ථිකයක් වඩු කර්මාන්ත ආර්ථිකයක් මෙහි තිබෙනවා. මේ ආර්ථිකවල කොටස්කරුවන් වන සියලු දෙනාට රජයේ මැදිහත්වීමෙන් බදු බර අඩු කර රාජ්‍ය මූල්‍ය සහයෝගය තුළ ස්වයං රැකියා හා වඩු කර්මාන්තය ඇතුළු කර්මාන්ත ඉහළ තලයට ගෙනෙන්න කටයුතු කරනවා.අලුත්නුවර පූජා භූමිය සංවර්ධනය කළේ මගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙනුයි. මේ වනවිට මගේ මැදිහත්වීමෙන් තවත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. මෙරට ජනාධිපති ලෙස අලුත්නුවර උතුම් පුදබිම අංගසම්පූර්ණව වැඩි දියුණුකර ඉතිරි වැඩ කොටසත් නිමා කරනවා.ජාතික වශයෙන් අප දැවැන්ත වැඩ ගණනාවක් ක්‍රියාත්මක කරනවා. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන වැඩි-වැඩියෙන් ශක්තිමත් කරන අතරතුර දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවිය යුතුයි. ඒ වෙනුවෙන් සමෘද්ධියට අමතරව ජනසවිය වැඩසටහන ද යළිත් ක්‍රියාත්මක කරනවා.කෙටි කාලය තුළ මෙරට දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරනවා. මගේ පියා තමයි, පාසල් දරුවන් ලක්ෂ 43කට දිවා ආහාරය හා නිල ඇඳුම් දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ රජය කාලයේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාට දරුවන් වෙනුවෙන් කරන්න සැලසුම් කළ වැඩපිළිවෙළ සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ලබන 16 වැනිදා ජනාධිපති වූ පසු මා නිල ඇඳුම් කට්ටල දෙකක්, දිවා ආහාර වගේම සපත්තු ජෝඩුවකුත් දෙනවා.ඇයි පාසල් දූ-දරුවන්ව මෙතරම් ශක්තිමත් කරන්නේ? දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් නිර්මාණය කරන්න නම් උගත්-බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගෙන්න ඕනෑ. උගත් බුද්ධිමත් ජන සමාජයක් බිහිවෙන්න නම් දරුවන් පාසල් යන්න උනන්දු කළ යුතුයි.මගේ ප්‍රතිවාදියෝ මේක මුදල් නාස්තියක් කියනවා. නුඹලාට කෝටි ගණනක් ණය ගිනිපොළියට ගෙන නෙළුම් කුලුණ නෙළුම් පොකුණ හදන්න පුළුවන් වුණා නම් මා පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න පැකිළෙන්නේ නැහැ.සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම මූලික කරගෙන කර්මාන්තපුර අරඹනවා. කර්මාන්ත පුරවර වැඩසටහන තුල යොවුන් පරපුරට රැකී-රක්ෂා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට, කාම්බෝජයට යන ඍජු විදේශ ආයෝජන අපේ මාතෘභූමියට රැගෙන එනවා.යොවුන් පරපුර ලොකුවට ඩිජිටල් විප්ලවය ගැන කතා කරනවා. එය කතාවට පමණක් සීමා නොකර මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමට නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තාක්ෂණ විද්‍යාල ආරම්භ කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරනවා. ඒවායේ බයෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා - සාක්ෂරතාව වැනි දැනුමද ලබා දෙනවා.මේ විද්‍යාලවලින් සමත්වී එළියට එන යොවුන් පරපුරට තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. නව ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් ව්‍යාපාරයක් මේ උද්‍යානයන්හි ආරම්භ කරනවා.තරුණ ප්‍රඥප්තියක් මා එළි දැක්වූවා. ඒ වෙනුවෙන් ගිවිසුමකට මා එළැඹුණා. කාන්තාවන් සමඟ කාන්තා ප්‍රඥප්තියට එළැඹුනා. කාන්තා ප්‍රඥප්තියේ තිබෙන්නා වූ සියලුම කොටස් කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්න මා කටයුතු කරනවා.ජන සමාජයේ පුංචිම මනුස්සයාගේ සිට සුළු-මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයා, විරෝදාර රණවිරුවන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් සියලු දෙනා පොදු ජනතාවගේ ජනපති ලෙස පත්වූ පසු රැක බලා ගන්නවා.රටේ ජාතික ආරක්ෂාව සුරැකීම උදෙසා, නීතිය හා සාමය අකුරට ඉටු කිරීමට එහි වගකීම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දෙනවා. සුදුස්සාට සුදුසුතැන මා දෙනවා.ඒ වගේම ජාතික ආරක්ෂාව පමණක් නොව රටේ දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයත් සුනුවිසුණු කරනවා. ත්‍රස්තවාදීන් විනාශ කරන්නාසේම කුඩු ව්‍යාපාරිකයන් ද විනාශ කරනවා. ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, ළමා අපචාරකරුවන් විනාශ කර යුක්තිගරුක-විනයගරුක ශිෂ්ඨසම්පන්න ජන සමාජය බිහි කරනවා.මේ කාරණා ගැන මගේ ප්‍රතිවාදියා සමඟ වාද කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෙහෙම වාද-විවාද කළාම ජනතාවට ලොකු ප්‍රයෝජනයක් අත්වෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ වැඩසටහන කවුරු හරි ලියා දුන්නු එකක් ද කියා බලා ගත හැකියි. අපේක්ෂකයාට ඒ ගැන අවබෝධයක් තිබෙනවාද, දැනුම තිබෙනවාද, මොළයක් තිබෙනවා ද බුද්ධියක් තිබෙනවාද කියලා ඔක්කොම හොයා බලන්නත් පුළුවනි.මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙන්නේ මගේම අදහස මගේම දර්ශනයයි. වෙන කව්රුවත් ලියපු එකක් නොවෙයි. හැම එකක්ම ප්‍රසිද්ධ විවාදයක් තියා බලන්න පුළුවනි. අපේ හිතවත් මාධ්‍යයට ඒ වෙලාවට කෙටි රාමුවක් නොව පුළුල් රාමුවක් පෙන්වන්නත් පුළුවනි. එතකොට ටෙලිප්‍රෝම්ටර් එකේ වීදුරු කෑලි එහාට-මෙහාට යනවා බලා ගන්නත් පුළුවනි. මට නම් ටෙලිප්‍රෝම්ටර්වලින් කතා කර පුරුදු නැහැ. මොකද, සියලු කරුණු මගේ ඔලුවේ තිබෙනවා. හැබැයි ප්‍රතිවාදියා තවම විවාදයට එන්න ලැහැස්ති නැහැ.කොහේ විවාද කරන්න බැරි වුණත් ඓතිහාසික විවාදය මාවනැල්ලේ පවත්වන්න මා කැමැතියි. තනිවම එන්න අකමැති නම් ළඟපාත තිබෙන කිහිළිකරු අත්වාරු ටික ගෙන එන්න පුළුවනි.ඕනෑ නම් හිටපු ජනාධිපති අයියාවත් අඬ ගහගෙන එන්න.හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියමයි. ඕනෑ නම් රුපියල් 2500න් පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයත් ගෙන එන්න. එහෙමත් බැරිනම් පවුල් ගහම ගෙන එන්න. එය පන්දාහද, පහළොස් දාහද, විසිදාහද කියන එක සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නොවෙයි.මාවනැල්ල නගරයේ තනිව සිට දහ දාහද, විසිදාහද කියන පිරිසට තනිවම මුහුණ දෙන්න මා ලෑස්තියි. මහත්මා ගුණාංගවලින් ඊට මුහුණ දෙන්න ලැහැස්තියි. මෙරට රාජ්‍ය නායක ලෙස මා කිසිම කෙනෙකුට බයත් නැහැ. කිසිම දෙනෙකුට ණයත් නැහැ. කිසිම රටකට ණයත් නැහැ. මාතෘභූමිය මොනම හේතුවකටවත් අබමල් රේණුවකින්වත් පාවාදෙන්නේ නැහැ.මගේ ඔලුවට කරපිටට වෙනත් රටවල නීති-රීති ක්‍රියාත්මක කළ යුතුය යන බර නැහැ. අනෙක් අයට ඒ බර තිබෙනවාද කියලා කියන්න මා දන්නේ නැහැ. කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඔයා අපේ රටේ පුරවැසියේ ලෙස හිටියා, දැනුත් ඉන්නවා ඔයා අපේ රටේ නීතිරීතිවලට අනුව ඉන්න ඕනෑද කියා සජිත් ප්‍රේමදාසට එහෙම බලපෑමක් කරන්න බැහැ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ ඔරිජිනල්ම ශ්‍රී ලංකා පුරවැසියෙක්.රට තුළ ත්‍රීරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් ඉන්නවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක් පොලිය නැතුව ලක්ෂ 3 ක ණය මුදල දෙනවා.පෙර පාසල් අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයක පවතිනවා. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථමවරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ දෙමින් සෑම දරුවෙකුටම දිවා ආහාරය ද දෙනවා.රණවිරු සුබසාධන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා පෞද්ගලිකව මා සොයා බලනවා. රැකියා නැතිව සිටින අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට ජනාධිපති වී මාස දෙකක් ඇතුළත රැකියා දෙනවායැයි” සජිත් ප්‍රේමදාස මහතා කීවේය.එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතා -“අප වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබ වෙනුවෙන් පෙනී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සටනට ඉදිරිපත් කළේ ජනතාව රජ කරවන්නයි.ගෝඨාභයගේ කඳවුර දෙස බලනවිටත් හිරිකිතයි. ඒ කඳවුර අලුතින් තීන්ත ගෑ හිර ගෙදරකට සමානයි. ඒ කල්ලිය ජාතිවාදය අවුලවමින්, ජනතාව කොටවමින් ඡන්ද ගන්න උත්සාහ කරනවා.මහින්ද අද උතුරට වෙන කතාවක් කියා දකුණට ඇවිත් තව කතාවක් කියනවා. මේ දේශපාලනය තේරුම් ගත යුතුයි”.මහනුවර රණවිරු සමුළුව ඇමතූ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -“යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැ කියලා බොහෝ දෙනෙකු කීවා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය දිනන්න පුළුවන් බව කිව්වා. ගම්වල තරුණයන් තම ජීවිතය පූජා කර යුද්ධය ජයග්‍රහණය කළා. රට වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම පිංකමක් බව බුද්ධ ධර්මයෙහි පවා සඳහන් වෙනවා.රණවිරුවන් ගැන විවිධ අර්ථකතන මාධ්‍ය දෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් යුද්ධ කළේ වැටුප බලා ගෙනම නොවෙයි”.කොළඹ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සමුළුව ඇමතූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා -“නොවැම්බර් 17 වැනිදාට හිරු උදාවන විට රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතායි.නිදහස් මාධ්‍ය ව්‍යපාරය සමඟ මා 1980 වසරේ සිට සම්බන්ධ වී කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ගේ විවිධ අවශ්‍යතා, පහරදීම්, ආදි සියල්ල වෙනුවෙන්ම එදා මුලින්ම පාරට බැස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උදවියයි.පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින් මාධ්‍යවේදීන් මර්දනය කළා. ඒ යුගයේදී මාධ්‍යව්දීන් කී දෙනෙකුට ජීවිත අහිමි වුණාද? මාධ්‍යවේදීන් කී දෙනෙකුගේ අතපය අහිමි වූවාද? මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ මාධ්‍ය මර්දනය ද අපගේ ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහසක් දුන්නා. දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. ඇතැම් මාධ්‍ය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනයට පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන කතා කරනවා වෙනුවට තවමත් රාජපක්ෂ රෙජිමයට ගුණ වයමින් සිටිනවා”.දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුද කතා කළහ.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති එඞ්වඞ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි ද සොයිසා  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 
“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“
0
(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ. 
“පලා නොයන ඔර්ජිනල් ශ්‍රී ලාංකිකයා මමයි“
0
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
1
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
0
(අංජුල මහික වීරරත්න)(ඡායාරූප - ගයාන් අමරසේකර)“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය.“කොළඹ අලංකාර කෙරුණේ යයි කෑගසන ව්‍යාපෘති වෙනුවෙන් වසර තුනක් ගතවන විටත් වත්මන් ජාතික රජය මුදල් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා, රටේ ආර්ථිකය දැන් ස්ථාවර කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂ නගර සභාව යටතේ කොළඹ නගරය සංවර්ධනය පහසුවෙන්ම කළ හැකි යැයි” ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස්වීම පැවැත්විණි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.මගේ දේශපාලනය ආරම්භ වූයේ මේ ස්ථානයෙන් බව ශාලාවට පැමිණිමේ දී මතක් වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට බාර දුන්නා.ඒ කාලයේ මේ ස්ථානයේ පැවැතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපට මෙහි සංවිධායක කටයුතු සඳහා සහයෝගය දුන්නා.එතැනින් ඉදිරියට ගිය මම බියගමට, කොළඹට තරග කරමින් අගමැතිවීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොළඹ සිට රටේ වගකීම බාර ගැනීමට මට හැකියාව ලැබුණා.කොළඹ නගරයේ වගකීම බාර ගැනීමට බටහිර කොළඹ පුරපතිවරයකු පත් කිරීමටයි, දැන් අප බලාපොරොත්තු වන්නේ. ඒ ඔබේ සංවිධායිකා රෝසි සේනානායක මහත්මියයි.රට දියුණු කරමින් කොළඹ දියුණු කළ යුතුයි. රෝසි සේනානායක මහත්මිය මන්ත්‍රීවරියක ලෙස, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස, ඇමැතිවරියක ලෙස මගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි ලෙස ආදි වශයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඇය බටහිර කොළඹ සංවිධායක ලෙසත්, පුරපති අපේක්ෂිකාව ලෙසත් ඉදිරිපත් කර තිබෙන්නේ ඇගේ ඇති විශාල අත්දැකීම් ප්‍රමාණය නිසයි. එතුමියගේ කාර්ය භාරය නැවත අමුතුවෙන් කළ යුතු නැහැ. සියලුම දෙනා ඒ සම්බන්ධව හොඳින් දන්නවා.අප කොළඹට ණය ගැතියි. අපේ පක්ෂය හැදුනෙත්, ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. 1960 දශකයේ සිට අපේ බලකොටුව ලෙස පැවතුණේ කොළඹයි. ඒ නිසා නගර සභා ඡන්දයක දී කොළඹ ජනතාව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටසකට වඩා වැඩ කොටසක් කළ යුතුයි.2015 දී අප ආණ්ඩු බලය ගන්නා විට නගර සභාවේ බලය තිබුණේ ඊට පෙර වතාවේ අපට නගර සභා බලය තිබුණ ද ආණඩු බලය තිබුණේ නැහැ. එවිට එදා කොළඹ නගරයේ වැඩ වුණේ අපට ප්‍රතිවිරුද්ධවයි.ඔවුන් එදා කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මා අගමැතිවූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ.ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යපෘති වෙනුවෙන් වසර 03 ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා.පසුගිය ආණ්ඩුව කොළඹ අලංකරණය කළ බවට කෑ ගහනවා. විශාල වශයෙන් මුදල් විනාශ කළා. භාණ්ඩාගාරය හිස් කළා. ඔවුන් ඉදි කළ තට්ටු නිවාස සඳහා මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේද අපටයි.ආණ්ඩුව බලයට පත්වීමත් සමග නගර සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ නිසා දැන් ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ බලයත්, නගරසභාවේ බලයත් යන දෙකම අපට දෙන ලෙසයි.අපට බාර දුන්නේ ණය බරින් මිරිකී සිටි රටයි. 2015 දී රටේ ආදායම ණය පියවීමටත් ප්‍රමාණවත් නොවන මට්ටමක තිබුණා. රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරය ද අතහැර පලා ගියා.අප ඒ රට බාර ගත්තා. අද වනවිට කෙසේ හෝ ණය ගෙවන මට්ටමට රට පත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. හිටපු ජනාධිපතිවරයා ගේ පව් පවා අපට ගෙවීමට වෙලා.අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙන් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි.ජී.එස්.පී. ප්ලස් සහනය මා ශ්‍රී ලංකාවට නැවත ගෙන දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා විශාල සැලසුමක් නිර්මාණය කළා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපය ඇති කරනවා.වරාය 02ක්, ගුවන් තොටුපළ 02ක්, කර්මාන්ත කලාප, සංචාරක කලාප, වාණිජ කලාප ඇති වෙනවා. ඒ අනුව මහනුවර-හම්බන්තොට අතර ඇතිවන ආර්ථික කලාපයේ කේන්ද්‍රය කොළඹ නගරය බව මා කියන්න කැමැතියි.එම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට 21 වැනි ශත වර්ෂයට මුහුණ දී ජයගත හැකි ආකාරයට ඇති කළ යුතුයි. මෙය තනි නගරය නොවෙයි. මෙය විශාල නගරයයි. කොළඹ තුළ කර්මාන්ත ශාලා ආදිය අවශ්‍ය නැහැ.ඒවා කොළඹින් බැහැර ප්‍රදේශවල ස්ථාපිත කළ හැකියි. නිවාස ආදී පහසුකම් කොළඹ නගරය තුළ ඇතිකළ යුතුයි. එවැනි විශාල දියුණුවක් සහිත කොළඹ නගරයක් ඇති කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙන නිසා කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත දැන් පහසුවෙන් කළ හැකියි.මහනුවර සිට හම්බන්තොට දක්වා පැය 04 කින් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරනවා. අප  පැමිණෙන විට බාගෙට ඉදි කළ මහා මාර්ග තිබුණා. හම්බන්තොට වරාය තිබුණා. නමුත් නැව් පැමිණෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපොළෙහි සිටියේ මොනරුන් පමණයි.අප ආණ්ඩුව බාරගත් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරමින් අනෙක් සංවර්ධන වැඩ ද කරන්නේ ආර්ථිකය දියුණු කිරීමටයි. සුදු ජාතිකයන්ගේ පාලන සමය තුළ කොළඹ නගරය දියුණු වුණේ කෙසේද? කොළඹ සිට ඈත ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ගය සහ මහා මාර්ග ඇති කළා. කොළඹ කේන්ද්‍රස්ථානය බවට පත් කළා. අලුතින් ආරම්භ කළ යුත්තේ ද එයයි. කොළඹ දියුණු කරන ශක්තිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මා කිව යුතුයි.වරාය දියුණු කිරීමට ජපානය කැමැත්ත පල කළා. ඒ ආකාරයට සියලුම දෙනා ආයෝජන සඳහා මෙරටට පැමිණෙනවා.දියුණු වන කොළඹ නගරයේ වගකීම කාන්තාවන්ට බාරදීමට මා සූදානම්. රෝසි සේනානායක මැතිනිය අමාත්‍යතුමිය ලෙස කටයුතු කරන කාලයේ කාන්තාවට අවම දේශපාලන නියෝජනය දීමට අව්‍යශ්‍ය පියවර ගැනීමට මා සමග කටයුතු කළා. ඒ පනතින් ඕනෑම පළාත් පාලන ආයතනයක දී කාන්තාවන් සියයට 25ක කාන්තා නියෝජනය ලැබෙනවා. ඒ අනුව බලගතු කොළඹ නිර්මාණය කිරීම සඳහා රෝසි සේනානායක කොළඹ පුරපතිනිය කරන්න යයි ඔබට ප්‍රකාශ කරනවා.රටේ ආර්ථික ගොඩ නගන අතරම කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10 තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා.ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව නැවතත් මිතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්‍රදේශයටයි.කොළඹ නගරය සංවර්ධනයේ සාර්ථකත්වය සඳහා බලශක්තිය අවශ්‍යයි. විදුලිබලය අවශ්‍යයි. ඒ සඳහා ජපන් සහ ඉන්දියානු ආධාර යටතේ එල්.එන්.ජී. විදුලි බලාගාර 02ක් ඇති කිරීමට පියවර ගත්තා. තුන් වැනි විදුලි බලාගාරය සඳහා දැන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එසේ නම් කොළඹට බලශක්තිය දීම සඳහා කෙරවලපිටියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර තුනක්ම ඇති කිරීමට පියවර ගන්නවා.ඒ වගේම වේගවත් මාර්ග ප්‍රවාහන වැඩසටහන ආරම්භ කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්න මාර්ග තදබදයයි. එය අද හෙට අවසන් නොවුණ ද එය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. පසුගිය අටවැනිදා අපි ගුවන් පාළම විවෘත කළා. ඉදිරියේදී තවත් ප්‍රධාන ගුවන් පාලම් මාර්ගයක් විවෘත කිරීමට කටයුතු කරනවා.ඒ වගේම නගර සභා මගින් පාලනය කෙරෙන ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඉදිරියට ගෙන යා යුතුයි. සියලු වැඩ කටයුතු පාලනයට දක්ෂ ප්‍රධානියෙකු අවශ්‍යයි.උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්‍රශ්නය කුමක්ද? මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කොනකම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට මා තදින් ක්‍රියා කරමින් සිටිනවා.කරුණාකරල කුඩුකාරයන් නම් නගර සභාවට පත් කරන්න එපා. කුඩු විකුණන, බෙදන පුද්ගලයන්, ඔවුන් සමඟ වැඩ කරන අය පත්කරන්න එපා.මත් උවදුර නැති කළ යුතුයි. ඒ සඳහා හොඳ නගර සභාවක් ඇති කර ගත යුතුයි. අපේ එක්මන්ත්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ ශක්තිය අපට තිබෙනවා.මෙහි සිටින සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් ඊට සහයෝගය දිය යුතුයි. මේ කිසිවෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලටසම්බන්ධ නැති බව මා හොඳින්ම දන්නවා. පොලිසිය ද මේ වැඩ සඳහා සම්බන්ධ කර ගන්නවා. පොලිසියේ වැඩ කටයුතු සම්බන්ධව යම් ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන්න. නගර සභාව ප්‍රධානත්වයෙන් මේ වැඩකටයුතු පාලනය කළ යුතුයි.එසේ නොමැතිව නගර සංවර්ධනය කිරීමෙන් පළක් නැහැ. නගරය බාර ගැනීමට අනාගත පරපුර නැතිවීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇති වෙලා. ඒ නිසා එය පාලනය කළ යුතුමය.බේරේ වැව වටා ප්‍රදේශයේ අලංකාර වාණිජ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. නාගරික යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ එහි ඊළඟ අදියරේ දී තට්ටු නිවාස පණස් දහසක් ඉදි කිරීම අප ආරම්භ කරනවා. එවිට පවුල් පනස් දහසකට තමාගේ කුඩා නිවසින් ඉවත්ව තට්ටු නිවසක ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.මධ්‍යම පාන්තිකයන් සඳහා රුපියල් මිලියන 75000 ක මුදල වෙන් කළා. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පළමු අවුරුදු පහට සහනදායී පොලියට ණය ගැනීමට හැකියි.නිවාස අමාත්‍යාංශය හෝ පෞද්ගලික ආයතන හෝ හරහා ඉදි වන මධ්‍යම පාංතික නිවාස තමන්ටම මිලදී ගැනීමට ජනතාවට හැකියි.කොළඹ නගරය තුළ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත්ව යනවා. ඒ නිසා  කොළඹ නගරය තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගන්නවා.සියල්ල පවසන්නේ අප දැනට ඉටුකළ කාර්ය බාරය ගැන පමණයි. ඉදිරියේ දී ජනතාවට පානීය ජල පහසුකම්, වැඩි වශයෙන් නිවාස ආදිය අප දෙනවා.උතුරු කොළඹ මැද කොළඹ ආදී ප්‍රදේශවල තරුණ-තරුණියන්ට ස්වයං රැකියා ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. කළේ කුමක්දැයි ජනතාව අසනවිට මේ වැඩ කටයුතු පිළිබඳව ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතුයි. කුණු කන්දට ස්ථීර විසඳුම දීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා.අවශ්‍ය වන්නේ බලගතු  ශ්‍රී ලංකාව ඇති කරන විට බලගතු කොළඹ ගොඩ නැංවීමයි.එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය බාර දෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළ සියලු දෙනාටම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට හොඳ නගරාධිපතිනියක් දුන්නා.තවත් වසර 04ක් යනවිට මීටත් වඩා දියුණු නගරයක් අප ඔබට දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවට මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.හිටපු අමාත්‍ය සහ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර් මහතා:  “රෝසි සේනානායක මහත්මිය පැරෂුට් එකකින් දේශපාලනයට ආව කෙනෙකු නොවෙයි. ඒ වගේම ඇය පවුල් උරුමයකින් දේශපාලනයට ආපු කෙනෙකු ද නොවෙයි.එක්සත් ජාතික පක්ෂයේ බලය අඩු වු අවස්ථාවල දී රෝසි සේනානායක මහත්මිය පක්ෂය ශක්තිමත් කරන්න දැඩි කැපවීමෙන් ක්‍රියා කළ අන්දම අපට මතකයි”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා: “කොළඹ නගර සභාව සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන්නේ එෛතිහාසික බැඳීමයි. මේ මහ නගර සභාවෙන් අපේ පක්ෂයට සහ රටට දැවැන්ත නායකයන් බිහි වුණා.කොළඹ මහ නගර සභාවට කුමන පක්ෂ විවිධ සළකුණු රැගෙන විත් ඡන්දය ඉල්ලුවත් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටෙන්ම එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය කරන විට කොළඹ ජනතාවත් දැවැන්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම දෙනවා.විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:   පළාත් පාලන මැතිවරණයේ තිබෙන වැදගත්කම එක්සත් ජාතික පාක්ෂිකයා අවබෝධ කර ගත යුතුයි. අපට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරනවා. මැතිවරණයෙන් එක්සත් ජාතිකි පක්ෂයට රටේ තිබෙන ස්ථානය පෙන්නුම් කරනවා.වැරදිච්ච තැන් නිවැරදි කර ගත යුතුයි. ගමේ බලය වැදගත් වෙනවා. ගම සංවර්ධනය කරන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.අප නිසා පෙරට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වර්තමානයේ කරන-කියන දේ පිළිබඳ එකඟ වන්න බැහැ. පොදු අපේක්ෂකයෙකු ගෙනල්ලා රටට වෙනසක් කරන්නයි, අප එදා උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ අප නිසයි. අද සිටින්නේ අප ගෙනාපු ජනාධිපතිවරයායි. අද තිබෙන්නේ අප ගෙනාපු යහපාලනයයි”මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා:  “රෝසි සේනානායක මහත්මිය අගනුවර පුරපති කිරීමට එක්සත් ජාතික පක්ෂ තීරණය කිරීම පිළිබඳව සංතෝෂ විය යුතුයි. රටේ කාන්තාවන් විශාල ලෙස විවිධ තනතුරුවල සිටිනවා. කාන්තාවන් මේ රටේ ඉදිරියෙන් සිටිනවා. නමුත් දේශපාලනයේ දී කාන්තාවන් සිටින්නේ පසුපසිනුයි.මෙය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශාල අරගලය ගෙන ගියා. ඒ නිසයි, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය වැඩි කරන්න තීරණය කළේ.ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා:  “එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සේවය කළේ රටටයි. මහවැලිය, ගම්උදාව, ඇඟලුම් කර්මාන්ත ඔවුන් ඇති කළා. රටට විශාලප සංවර්ධන යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂ නායකයන් ක්‍රියාත්මක කළා.2001දී ඍණ එයි, දශම පහේ තිබූ ආර්ථිකය ධන හයයි දශම දෙකට එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැගෙන ආවා. ඒ නිසයි, මහින්ද රාජපක්ෂ දන්සල් දෙනවා වගේ රැකියා දුන්නේ. රාජපක්ෂ ආණ්ඩුව රට විශාල ලෙස ණය කරලයි, අපට බාර දුන්නේ. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඇති කළා”පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා: “කොළඹ අනාගත පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියට මේ අවස්ථාවේ සුබ පතනවා. කොළඹ නගරය පිළිබඳව කතා කිරීමට එහි ජීවත් වන්නන් ලෙස අපට විශාල වගකීම තිබෙනවා.අතීතයේ සිට කොළඹ ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයනුයි. පසුගිය කාලයේ ගෝඨාභය කොළඹ නගරයේ ඉඩම් විදේශිකයන්ට දුන්නා. මේ නිසා කොළඹ පදිංචි ජනතාවට විවිධ ගැටලුවලට මුහුණ දීමට වුණා.නගරයේ ජීවත්වන ජනතාව නගරයෙන් එළියට දමන්න එදා කටයුතු කළා. අප ඒවාට විරුද්ධ වුණා. 2015න් පසු කොළඹ නගරයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරය අප නිර්මාණය කළා.කොළඹ වතු ජනතාවට නගරයේ සුපිරි පාසල් ලැබෙන්නේ නැහැ. අඩු පහසුකම් සහිත පාසල් ඔවුන්ට ලැබෙනවා. මේ පිළිබඳව අප අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා. අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාර්ථක පිළිතුරක් ගෙන තිබෙනවා. නගරයේ තිබෙන සැප සම්පත් නගරයේ ජනතාවට දිය යුතුයි.එක්සත් ජාතික පක්ෂ කොළඹ මහ නගර සභා නගරාධිපතිනී අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය:“එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩලවල ජනතාව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් දීමට සූදානමින් සිටිනවා. කොළඹ නගර සභාව තුළ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය ලබාදීමට ඔවුන් කැපවී ක්‍රියා කරනවා.බටහිර කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල නායකයන් ක්‍රියා කළා. එවන් ආසනයක සංවිධායකධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.මා දේශපාලනයේ අයන්න ආ යන්න ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසයි. ඒ මීට අවුරුදු විස්සකට පෙරයි. එදා අපේ තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.මට දේශපාලනයේ ඍජුවම ජනතාව වෙනුවෙන් සේවය කරන්න ආරාධනාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගෙනුයි. ඒ පිළිබඳව නැවතත් අග්‍රාමාත්‍යතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරනවා.මේ අවස්ථාවට කොළඹ නගර සභාව වෙනුවෙන් තරග කරන අපේක්ෂකයන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ විශලා පිරිසක් සහභාගී වූහ. 
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
0
(අංජුල මහික වීරරත්න)‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප‍්‍රකාශ කළේය.‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන  ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප‍්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප‍්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.මේ සෙනඟ දුටු විට අප  ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට  ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග‍්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග‍්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප‍්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත‍්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප‍්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත‍්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත‍්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක‍්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත‍්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.ත‍්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප‍්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.වරාය දියුණු වුණාම වරාය ආශ‍්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප‍්‍රදේශය කර්මාන්තපුරය වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත‍්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප‍්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප‍්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප‍්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ.
සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා
0
(ක.ග. කරුණාරත්න)තමාට ඡන්දය දුන් නොදුන් මේ රටේ සියලූ දෙනාට තමා ජනාධිපතිවරයා වශයෙන් එක සේ සේවය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙළොන්නරුව, සුංගාවිලදී ඉකුත් දා පැවැසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුංගාවිල මහා විද්‍යාලයේ නව  ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.සුංගාවිල මහා විද්‍යාලයට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ ප‍්‍රදේශවලට මම මුලින්ම ආවේ මීට අවුරුදු 47 කට පෙරයි. එවිට මට වයස අවුරුදු 19 යි. මුලින්ම මේ ප‍්‍රදේශයට ආවේ 1970 මහ මැතිවරණය වෙනුවෙන් වේදිකාවේ කතා කිරීමටයි. එවිට මම පාසල් යන ශිෂ්‍යයෙක්. 1970 මැතිවරණයෙන් පසුව අවුරුදු පහකට පසුව එහා ගමේ මම ග‍්‍රාම නිලධාරී ලෙස කටයුතු කළා. මේ ගමේ සිටිය ග‍්‍රාම නිලධාරි මහත්මයා නිවාඩු ගිය විට මේ ගමත් මටයි භාරදී යන්නේ. මේ තරුණ ළමයින්ට මාව මතක නැතුව ඇති. නමුත් ඒ කාලයේ මෙහි බොහෝ ගෙවල්වලට මම ඇවිත් තිබෙනවා. එසේ ආවේ ඡන්ද ලැයිස්තු දීමට සහ හාල්පොත් දීමටයි.ලක්ෂ උයනේ සිට මගේ කාර්යාලයට මම බයිසිකලෙන් එනවා. 1977 මැතිවරණයට  පසුව එනම් ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්ව සිටි කාලය. මගේ කාර්යාලයේ ලොකූ පෝස්ටර් ගහලා තිබුණා. ”ග‍්‍රාම නිලධාරීයා ගෙදර පල” කියා. පසුගිය ජනවාරි 08 වෙනිදා මට ඡන්දේ දුන්න එක්සත් ජාතික පක්ෂයේ කට්ටියයි එදා මට පෝස්ටර් ගැහුවේ. හැමදාම පෝස්ටර් ගහලා තියෙන නිසා මම කල්පනා කළා මොකටද මම ඉන්නේ කියා. ඒ නිසා මම රැකියාවෙන් ඉල්ලා අස්වී සම්පූර්ණයෙන්ම දේශපාලනය කිරීම ආරම්භ කළා. ”ග‍්‍රාමයා ගෙදර පල” කියා පෝස්ටර් ගැහුවේ නැතිනම් මම විශ‍්‍රාම යන කල්ම හාල්පොත් බෙද බෙද ඉන්නවා. එම පෝස්ටර් ගහපු අයට මම ස්තූතිවන්ත වෙනවා මාව ජනාධිපති කෙනෙක් කරපු එකට. ඔවුන් මාව ජනාධිපති කෙනෙක් කරන්න ඡන්දේ දුන්නා. මම බොහෝම සතුටිනුයි අතීතය ගැන කතා කරන්නේ.තමුන්නාසේලාගේ සුංගාවිල ගම්මානය වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ගම්මානවල ජීවත්වන ජනතාවට දුෂ්කරතාවයන් වැඩියි. ප‍්‍රශ්න වැඩියි. මෙතනින් සුංගාවිල, පල්ලියගොඩැල්ල, තව ගත්විට වැලිකන්දෙන් එහා තිබෙන කුඩා ගම්මාන පඹුරාන, පල්ලියගොඩැල්ල, පලිංචිපතාන මේ ගම්මානවල දරුවන්ට බොහෝ අඩුපාඩු තියෙනවා. පානීය ජල ප‍්‍රශ්නය තිබෙනවා. ඒ ගම්වල සංවර්ධන කටයුතු නතරවෙලා තිබුණේ.නමුත් 2015 ජනවාරි 8 වනදා හැට දෙලක්ෂයක් ඡන්ද දීලා මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් ඡන්ද අතරේ මේ සුංගාවිල ප‍්‍රදේශයේ ජනතාවගෙන් සියයට අනූනවයක්ම මට ඡන්දය දුන් බව මම දන්නවා. ඒ පිළිබඳව අද ඔබේ ගමට ඇවිත් ඔබට ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මට ඡන්දය දුන් නොදුන් මේ රටේ සියලූ දෙනාට මම ජනාධිපති විදියට එකසේ සේවය කරනවා. මට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද බෞද්ධ ද හින්දු ද ඉස්ලාම් ද කතෝලික ද වෙනත් ජාති ආගම්ද කියලා වෙනසක් නැහැ. සෑම කෙනෙකුටම තිබෙන ප‍්‍රශ්න සොයා බලනවා.මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා කතා කරන ගමන් පැවසුවා පසුගිය වසර දෙක හමාරක කාලය තුළ මේ පාසලේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ වුණා කියලා. එහෙම කිරීමට හැකියාව ලැබුණේ පේෂල ජයරත්න මහ ඇමැතිතුමා ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමැතිවරුන් මේ ප‍්‍රදේශවල තිබෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒ ප‍්‍රශ්නවලට විසඳුම් දුන්න නිසයි.මම ජනාධිපති වෙනකොට මේ පාසල්වල ඩෙස් පුටු පවා තිබුණේ නැහැ. මේ දිස්ත‍්‍රික්කයේ පාසල් වලට මම රුපියල් කෝටි නවයක ඩෙස් පුටු අරන් දුන්නා 2015 දී. ඒ විදියටයි අපි පාසල්වල සංවර්ධන කටයුතු පටන් ගත්තේ. මේ දිස්ත‍්‍රික්කයේ පාසල් 240 ක් තිබෙනවා. ඒ සියල්ලේම අපි එකවගේ සංවර්ධන කටයුතු කරගෙන යනවා. මහ ඇමැතිතුමා සඳහන් කළා ලබන මාසය වනවිට ගුරු ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා කියලා.මේ පාසලේ දරුවෝ 1100 ක් විතර ඉන්නවා. ගුරු හි`ගය 26 ක්. ඒ ගැන මම කනගාටුවට පත්වනවා. මුස්ලිම් හා දෙමළ පාසල්වල ගුරු හිඟය ඉතාමත් විශාලයි. කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට ගියත් එහෙමයි. මේ දිස්ත‍්‍රික්කයේ අනෙක් පාසල්වලත් එහෙමයි. අනුරාධපුරෙත් එහෙමයි.මම මාස කිහිපයකට පෙර මහනුවර දිගන කුණ්ඩසාලේ පාසලක උත්සවයකට ගියා. එය සිංහල පාසලක්. ඒ උත්සවය කරගෙන යන අතරතුර මට තේරුණා පාසලෙන් එහා පැත්තේ ළමයි මේ පැත්ත බලාගෙන ඉන්නවා. මම විදුහල්පතිතුමාගෙන් ඇහුවා අර පාසලට එහා පැත්තෙන් ඉන්න ළමයින්ට මෙතනට එන්න කිව්වෙ නැද්ද කියලා. එවිට විදුහල්පති පැවසුවා ජනාධිපතිතුමා ඒ මේ පාසලේ දරුවෝ නෙවෙයි. ඒක දෙමළ පාසලක් කියලා. මම ඒ සිංහල පාසලේ වැඩසටහන නිමකර ඒ දෙමළ පාසලට ගියා. ඒ දරුවෝ එක්ක කතා කළා.මම ඇහුවා මොනවද අඩුපාඩු කියලා. ගුරුවරු එහෙම ඉන්නවද කියලා. එයාලා මට කිව්වා ගුරුවරු 26 ක් වැඩිපුර ඉන්නවා කියලා. මම කිව්වා වැඩිනම් ගුරුවරු නැති පාසල් වලට යන්න පුළුවන් නේද කියලා. ගුරුවරු නැති දෙමළ පාසල්වලට ඒ ගුරුවරුන් යවන්න පුළුවන් නේද කියලා. ඒ ගුරුවරු යන්න කැමති නෑ. ඒ නිසා ඉන්නවා. කරන්න වැඩකුත් නැහැ. ඔහේ ඉන්නවා කිව්වා වසර 15 ක් 20 ක් තිස්සේ. එහෙම පාසලූත් තියෙනවා.මහ ඇමැතිතුමා කියපු විදියට පසුගිය සතියේ අධ්‍යාපන ඇමැතිතුමා, අනෙකුත් නිලධාරීන් සාකච්ඡා කරලා අපේ රටේ ප‍්‍රධාන වශයෙන්ම ගුරු මාරු ප‍්‍රතිපත්තිය, ගුරුවරුන් පත්කිරීම පිළිබඳ මේ වසර අවසානය වනවිට අපි අලූත් වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ කිසිදු පාසලක අතිරික්තයක් තියන්න පුළුවන්කමක් නැහැ. එහෙම වැඩිපුර ඉන්නවා නම් අනිවාර්යයෙන් ගුරුවරුන් හිඟ පාසල්වලට යොමු කරන්න චක‍්‍රලේඛයක් අපි හදනවා. ගුරු හිඟයට පිළියමක් ලෙස ඒ වැඩපිළිවෙළ සකස් කරනවා.අද දවසේ පාසල් ගණනාවකට යන්න තියෙනවා. ඇලහැර, බකමූණ, ගිරිතලේ පැතිවල පාසල් උත්සවවලට ගියා. අපි මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පළාත් සභාවත් එකතු වී කරන සංවර්ධන වැඩවල මේ තිබෙන විවෘත කිරීම්, මේ සම්පත් ලබාදීම් තමයි මේ අපි එකදිගටම කරගෙන යන්නේ. දැන් අද ඔබගේ පාසලේ තිබෙන ප‍්‍රශ්න ගැන සොයලා බැලූවාම විදුහල්පතිතුමා කිව්වා දෙමාපියන් හා දරුවන් කියනවා කියලා, අනෙක් පාසල් වලට තට්ටු තුනේ ගොඩනැගිලි දීලා තියෙනවා, අපිට විතරක් නැහැ කියලා. දැන් ගොඩනැගිලි අපි ලබාදෙන නිසා හැමෝම ඉල්ලන්නේ තට්ටු තුනේ ඒවා. මම දැක්කා මෙතනට එනවිට පාසලේ තිබුණ අඩුපාඩුකම්. මේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවත්, මේ තිබෙන අඩුපාඩුත් බැලූවාම මම තීරණය කළා මේ පාසලට නව ගොඩනැගිල්ලක් හදා දියයුතුයි කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පන්ති කාමර හිඟයක් තිබෙන නිසා නව ගොඩනැගිල්ලක් හදා දෙන්න.අද මේ පාසලට ඇවිත් මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. පාසලේ අඩුපාඩු විතරක් නොවේ අපි රජය විදියට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් උදව් උපකාර කරනවා. ඒ නිසා මේ දරුවන් හා දෙමාපියන් විදියට ඔබ සෑම කෙනෙක්ම හමුවන්න ලැබීම ගැන නැවතත් සතුට ප‍්‍රකාශ කරනවා. මේ දරුවන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරලා මේ පාසල දියුණු කරන්නත්, අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන්නත් රජය විදියට අපි කටයුතු කරන බව සඳහන් කරමින් මාගේ ආශිර්වාදය ඔබ සියලූ දෙනාටම පිරිනමනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා - අපේ රටේ නිදහස ලැබුණට පස්සේ අධ්‍යාපනය සඳහා වැඩිම රජයේ මුදල් ප‍්‍රමාණයක් වැය කරන්නේ අපේ ජනාධිපතිතුමාගේ කාලයේදීය. ඒ නිසා අද පොළොන්නරුව දිස්ත‍්‍රික්කය ගත්තාම පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ පාසල් 246 ක් තිබෙනවා. මේ පාසල් 246 න් පාසල් 25 ක් තිබෙනවා දෙමළ මාධ්‍ය පාසල්. මේ දෙමළ මාධ්‍ය පාසල් අතර පාසල් 19 ක් මුස්ලිම් දරුවන් ඉගෙන ගන්නා පාසල්. ඒ වගේම පාසල් 06 ක් දෙමළ දරුවන් ඉගෙන ගන්නා පාසල්.උතුරු මැද පළාත ගත්තාම පාසල් 816 ක් තිබෙනවා. මෙයින් 90 ක් දෙමළ මාධ්‍ය දරුවන් ඉගෙන ගන්න පාසල්. ඒ නිසා මේ පාසල්වල අද තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි ගුරු හිඟය කියන එක. ඒ නිසා තමුනාන්සේලාගේ පාසලේ ගුරු හිඟයක් තිබෙන බව අර දරුවාගේ කතාවේදී ප‍්‍රකාශ කළා.නමුත් මීට අවුරුදු දෙකකට කලින් ගත්තහම මීට වඩා අති දැවැන්ත දරුණු ගුරු හිඟයක් අපේ පළාතේ තිබුණා. ඒ නිසා තමයි ගුරු හිඟය දුරු කිරීම සඳහා ඒ ගුරු හිඟය මේ ප‍්‍රමාණයට අඩු කිරීම සඳහා සහයෝගය ලබා දීලා තිබෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා. 2015 ජනවාරි මාසය වන විට උතුරු මැද පළාතේ ගුරුවරු 5000 ක් හිඟයි. අපි පසුගිය අවුරුදු දෙකක කාලය තුළදී ගුරුවරු 4000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන තිබෙනවා.ඒ නිසා තවත් අපිට ගුරුවරු 1500 - 2000 කට ආසන්න ප‍්‍රමාණයක් තමයි හිඟය තිබෙන්නේ. විශේෂයෙන්ම දෙමළ මාධ්‍ය පාසල් 700 ක පුරප්පාඩු තිබෙනවා. මේ පාසලේ දරුවන් 1200 ක් අධ්‍යාපනය ලබනවා. ඒ දරුවන් 1200 සඳහා අද ඉන්නේ පාසලේ ගුරුවරුන් 37 දෙනයි.හැබැයි 62 ක්  ඕනෑ සාමාන්‍ය අධ්‍යාපන නිර්ණායක අනුව. ඒ නිසා තව 25 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙනවා. අපි දැනට දෙමළ මාධ්‍ය සඳහා වෙනම අයදුම්පත‍්‍ර කැඳවලා, දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විභාග තියලා ඒ සියල්ල අවසන් කරලා තිබෙන්නේ.පසුගිය 19 වැනිදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුදල් අමාත්‍යතුමාත් එක්කරගෙන ඇවිල්ලා සාකච්ඡාවක් තිබුණා එතුමාත් සමඟ එම නිසා ජනාධිපතිතුමාගේ නියමය පරිදි එතුමාගේ නියෝගය පරිදි මුදල් අමාත්‍යතුමා එකඟ වුණා. එතුමාගේ මුදල් ලබා දෙන්න. ඒ නිසා අපි ලබන මාසය ඇතුළත, විශේෂයෙන්ම ජුලි මාසයේ 31 වෙන කොට අපේ පළාතේ තිබෙන ගුරු හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා සියලූම ගුරුවරුන් අපි බඳවා ගන්නවා.විශේෂයෙන්ම දෙමළ මාධ්‍ය සඳහා අවශ්‍ය සියලූ ගුරුවරුන් බඳවාගෙන තුන්වෙනි වාරය වෙන කොට තමුන්නාන්සේලාට අවශ්‍ය ගුරුවරු ටික අපි ලබලා දෙනවා. මේවා අපිට ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ තමුන්නාන්සේලාගේ අපේ නායකතුමා නිසා. පොළොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී එස්.එම්.එම්. අන්සාර් මහතාද උත්සව සභාව ඇමතීය.සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. නාසර් මහතා පිළිගැනීම් කථාව පැවැත්වීය.උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ප‍්‍රසාද් ජයවර්ධන, අධ්‍යාපන අධ්‍යක්ෂ නිශ්ශංක ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ සහ මවුපියෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
1
(ක.ග. කරුණාරත්න)මීට වසර 25කට, 30කට පෙර ආණ්ඩු හැදූ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩු හැදිය නොහැකි බවත්, මැතිවරණ ප‍්‍රතිඵල ලැබෙන්නේ රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් ආදී සියල්ල අනුව බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ජාතිවාදී ලෙස වෙන් වී කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හැදීමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හැදිය හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් යැයි ද සඳහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.‘‘කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. 2015-10-18 වනදා තමයි මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබුවේ. එදා මුල් ගල් තැබුවේ මේ ගොඩනැගිල්ල සඳහා පමණක් නොවෙයි. එදා මුල් ගල් තැබුවේ මේ පාසලේ ගොඩනැගිලි සංකීර්ණයක ව්‍යාපෘතියක් සඳහායි. අද මම මේ උත්සවයට එන්න දිනයක් ලබා දුන්නාම ලේකම්වරු මගෙන් ඇහුවා පටන් ගන්න අනිත් ගොඩනැගිල්ලට මුල්ගල් තියන්න අද යොදාගන්න කියලා. මම කිව්වා ව්‍යාපෘතියකට තියන්නේ එක මුල්ගලයි. එක ගොඩනැගිල්ලකට එක මුල්ගල ගානේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම මුල්ගල් තියන්න උත්සව වුවමනාවකුත් නැහැ කියලා.මම 2015 මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ පසුගිය වසරේත් අපේ නිලධාරි මහත්වරුන්ගෙන් මම ඇහුවා මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ ඇයි මේ තරම් ප‍්‍රමාද කියලා. මට ලැබුණු උත්තරය තමයි ගොඩනැගිලි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩ කලට වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා. මම බලාපොරොත්තු වුණේ මේ එක ගොඩනැගිල්ලක් නෙවේ අවශ්‍ය සියලූ ගොඩනැගිලිවල වැඩ 2015, 2016 කෙරෙයි කියලයි.නමුත් මම අදත් ඇහුවා ඇයි අනිත් ගොඩනැගිලි පටන් ගන්නේ නැත්තේ කියලා. මට ලැබුණු පිළිතුර තමයි, ඒක සාධරණ පිළිතුරක්, මේ පාසලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක මේ ගොඩනැගිලි ඔක්කොගේම වැඩ පටන් අරගෙන වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එක ගොඩනැගිල්ලක වැඩ ඉවරවෙලා ඊට පස්සේ තමයි අනිත් ගොඩනැගිලි පටන් ගන්න පුළුවන්. මෙහි තිබෙන ඉඩ කඩත් සමග පාසල් වේලාවේ දරුවන් හැම තැනම දුවනවා, පනිනවා. ඒ නිසා ගොඩනැගිලි කිහිපයක වැඩ එකවර පටන්ගන්න පුළුවන්කමක් නැහැයි කියන එක විදුහල්පතිතුමා, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම ඉංජිනේරු මහත්තුරු මට ඒ පිළිබ`දව දැනුම් දුන්නා.මම හිතනවා ඒකේ සත්‍යයක් තිබෙනවා. ඊළඟට කරන්න තිබෙන්නේ මේ ඉදිරියේ තිබෙන ගොඩනැගිල්ල කඩා නව ගොඩනැගිල්ල හැදීමයි. එයයි ප‍්‍රශ්නය. මම කිව්වේ පුළුවන් තරම් ඉක්මණින් මේ සියලූ ගොඩනැගිලි හදන්නයි කියා. මේ පැත්තේ කවුද කෙනෙක් කිව්වලූ ඔය විවෘත කරපු ගොඩනැගිල්ල විතරයි. බලමු අනෙක් ඒවා හදනවාද කියලා. එවැනි අසත්‍ය ප‍්‍රචාර කරන අයගෙන් අපි ප‍්‍රවේශම් වෙන්න  ඕනෑ. අප විසින් සිදුකරන මේ කඩිනම් සංවර්ධන වැඩකටයුතු ඉතා විධිමත්ව ක‍්‍රමවේදයකට කරගෙන යාමයි අවශ්‍ය වන්නේ. මුදල්වල කිසිදු ගැටලූවක් නැහැ. සියලූම පාසල්වල සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරගෙන කටයුතු කරනවා. උදේ මම විලයාය මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එහිත් සංවර්ධන කටයුතු කරනවා.පන්සල්වල වගේම මුස්ලිම් පල්ලිවලත් මුදල් ඉල්ලපු හැම කටයුත්තකටම මම සල්ලි දීලා තිබෙනවා. කතෝලික පල්ලිවලටත් දීලා තිබෙනවා. හින්දු කෝවිල්වලටත් දීලා තිබෙනවා. ඒ නිසා සෑම පූජනීය ස්ථානයකම සංවර්ධන කටයුතු කරගෙන යනවා. හැම ගමකම පාසල්වල අලූත් ගොඩනැගිලි හැදෙනවා. හැම රෝහලකම අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම පානීය ජලය, අවශ්‍ය අනෙකුත් සංවර්ධන කටයුතු විශාල වශයෙන් කරගෙන යනවා.මේ වසරේ අපි අලූත් ව්‍යාපෘතියක් පටන් ගත්තා, මම කිව්වා ගොඩනැගිලි විතරක් හදලා හරියන්නේ නෑ විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන කි‍්‍රයාවලියට මුදල් වෙන් කරන්න  ඕන, ගොඩනැගිලි සඳහා වෙන්කරන මුදල් අපතේ යනවා නොවෙයි. නමුත් ඒ කරන ආයෝජනයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීනයි. නමුත් කෙටි කාලීන ආයෝජන විදියට නිෂ්පාදන කි‍්‍රයාවලියට, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන මේ සඳහා දිස්ති‍්‍රක්කයේ හැකියාවන්, දක්ෂතාවන්, නිපුණතාවයන් තිබෙන තරුණ පිරිස් බලලා ඒ අයට මුදල් දෙමු ව්‍යාපෘති කරන්න කියලා.දැන් අද උදේ ඒ වැඩෙත් පටන් ගත්තා. දිස්ති‍්‍රක්කයේ තෝරාගත් පිරිසකට ඒ සඳහා මුදල් ලබා දුන්නා, මේ අවුරුද්දේ ඒ සඳහා මේ දිස්ති‍්‍රක්කයට මිලියන දාහක් වෙන්කර තිබෙනවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් දිස්ති‍්‍රක්ක සඳහා ඒ විදියට මුදල් වෙන් කරලා තිබෙනවා.ඒ වගේම අපි අලූත් වැඩසටහනක් පටන් ගත්තා මීට සති දෙකකට කලින්. රටේ ග‍්‍රාමීය සංවර්ධනය, ආර්ථිකය ගොඩනැගීම සඳහා ග‍්‍රාම ශක්ති කියලා. දැනට කි‍්‍රයාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධ ග‍්‍රාම ශක්ති වැඩසටහන කි‍්‍රයාත්මක වෙනවා, අඩු ආදායම්ලාභි පවුල්වල ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා.ඒ වගේම තමයි පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම දිස්ති‍්‍රක්කවල වැව් 600 කට වැඩිය ප‍්‍රතිසංස්කරණය කරන්න සහ අලූතින් වැව් අමුණු ඉදිකරන්න කටයුතු කරනවා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සල්ලි දීලා තියෙනවා. ක්වේට් රජය සල්ලි දීලා තිබෙනව. විදේශ ආධාර මුදල් විශාල වශයෙන් අපට ලැබෙනවා. ලෝක බැංකුවෙන් මුදල් ලැබෙනවා. මේ ආකාරයෙන් රජය සංවර්ධන කටයුතු රාශියක් කරගෙන යනවා. එහිදී අධ්‍යාපනය ඉතා ප‍්‍රමුඛයි.රටේ සංවර්ධනය සඳහා නැණවත්, ගුණවත් ඒ වගේම ප‍්‍රඥාවන්ත දැනුමෙන් පිරි ජනතාවක් බිහි කරන්න රටේ අධ්‍යාපනය වර්ධනය කරන්න  ඕනෑ. ඒ සඳහා කිසිදු පසුබෑමක් නැතිව රජය අවශ්‍ය මුදල් වෙන් කරනවා භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය ස`දහා.පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පුරවන්න තියෙන්නේ ඉතා සුළු පිරිසකි. ඒක සම්පූර්ණ වුණහම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ගුරු පුරප්පාඩු පිරෙනවා. නමුත් ලංකාවේ සෑම තැනම ප‍්‍රශ්නයක් තිබෙනවා. දෙමළ ගුරුවරුන්ගේ විශාල හිඟයක් තිබෙනවා. මම ගිය සතියේ නුවරඑළියේ ගිය වෙලාවෙත් ඒ ප‍්‍රදේශයේ තිබෙන ගැටලූ සොයා බැලීමේදී දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බව කිව්වා.මීට මාස තුනකට පෙර අපි පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තරුණ දරුවන් එකතු කරලා පවත්වපු තරුණ කඳවුරේ අවසන් දිනයේ මුස්ලිම් සහ දමිළ දරුවන් සමග මම සාකච්ඡා කළා. මම ඔවුන්ගෙන් ඇහුවා මොනවාද තිබෙන අඩුපාඩු කියා. ඔවුන් කියා සිටියේ ගුරුවරුන්ගේ තිබෙන හිඟය සහ උසස් අධ්‍යාපනය සඳහා අදාළ ආයතන මේ දිස්ත‍්‍රික්කයේ නොමැති කමයි. මේ ප‍්‍රශ්න අප විසින් විසඳිය යුතු වෙනවා. එහිදී ගුරුවරුන් අපිට සොයා ගතයුතු වෙන්නේ පාසලෙන්ම තමයි. වැඩි අධ්‍යාපනය ලබන පිරිස්වලිනුයි අපිට ගුරුවන් තෝරා ගත හැකි වන්නේ.උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පසුගිය කාලයේ රැකියා නොමැති උපාධිධාරීන් විරෝධතා ආරම්භ කළා. පසුගිය මාසයේ රජය තීරණය කළා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ, දිවි නැගුම අමාත්‍යාංශය යටතේ, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි නිලධාරීන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට උපාධිධාරීන්ගෙන් බඳවා ගන්න. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දීර්ඝ කාලයක් නොකරපු වැඩ, අතපසු වූ වැඩයි අපි මේ ඉටුකරන්නේ.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ තිබෙන සිංහල, දෙමළ, මුස්ලිම් පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල පාසල්වල අඩුපාඩුකම් බොහෝ දුරට සම්පූර්ණ වී තිබුණත් මුස්ලිම් සහ දෙමළ පාසල්වල අඩුපාඩුකම් රාශියක් තිබුණා. මම ජනාධිපති ධුරයට පත්වුණාට පසු සිංහල පාසල්වල වගේම මුස්ලිම් සහ දෙමළ පාසල්වලට අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් ලබා දෙන්න අවශ්‍ය මුදල් වෙන්කර මේ වැඩපිළිවෙළ ගෙනයනවා.පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රටේ අනෙක් ප‍්‍රදේශවලත් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. අන්සර් මන්ත‍්‍රීතුමා කතා කරන විට සඳහන් කළා මුස්ලිම් පාසලකට තට්ටු තුනේ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ, එසේ වුණු පළවන වතාවයි කියා. මම ඒ පිළිබඳව ඉතාමත් සතුටු වෙන්නේ, මේ පාසලට අවශ්‍ය අනෙක් සියලූ ගොඩනැගිලි සම්පූර්ණ වූ දවසටයි කියා. පැහැදිලිව සඳහන් කරන්නට  ඕනෑ දරුවන්ගේ අධ්‍යාපනයේදී සිංහල ද දමිළ ද මුස්ලිම් ද කියා ප‍්‍රශ්නයක් අපිට නැහැ. සෑම දරුවෙක් දිහාම අපි බලන්නේ එකම දරු පිරිසක් විදියටයි.ඊළඟට මම බලාපොරොත්තු වන්නේ ඉන්දීය රජයේ ආධාර යටතේ මගේ ඉල්ලීමකට අනුව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අංග සම්පූර්ණ පාසලක් හදන්න. සිංහල, දමිළ, මුස්ලිම් සියලූ දෙනාටම එකට අධ්‍යාපනය ලැබිය හැකි සංහිඳියා පාසලක් ලෙස. මේ දිස්ත‍්‍රික්කයේ අඩුපාඩුකම් තිබෙන පාසල්වල තත්ත්වයත් සැලකිල්ලට ගෙන ප‍්‍රධාන පාසලක් ලෙස සියලූ දරුවන්ට සහෝදරත්වයෙන් එකම පිරිසක් විදියට අධ්‍යාපනය ලබන්නත්, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමටත් අපි ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන්නේ. මේ සියලූ අංශ සම්බන්ධයෙන් අධ්‍යාපනය ද සෞඛ්‍ය ද කෘෂිකර්මය ද  මේ පිළිබඳ දැන් රට වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් අපි කරගෙන යනවා.මම අද උදේ වරුවේ අරලගංවිලදීත් කිව්වා මේ විදියට වැඩ කරගෙන යනකොට සමහර අය කියනවා මේ ආණ්ඩුව ගෙන යන්න බැහැ. මේක කඩා වැටෙනවා. සමහර අය කියනවා මේ මැයි දිනයට ගොල්ෆේස්වලට සෙනග හුඟක් හිටියා, ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට ආණ්ඩුවක් හදනවා. ඒ ඔක්කොම සිහින තමයි. සාමාන්‍යයෙන් පිට්ටනියකට එක්වෙලා හිටපු ඔලූ ගෙඩි ගාන බලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ.මේ රටේ ජනතාව මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කරනකොට ඡන්දය පාවිච්චි කරන ක‍්‍රමයක් තිබෙනවා මේ රටේ. රටේ ජනවාර්ගික සංයුතිය, සමාජ තත්ත්වයන්, ආර්ථික, සමාජ හා දේශපාලන පසුබිම් මේ සියල්ලත් එක්ක තමයි මැතිවරණ ප‍්‍රතිඵල එන්නේ. මීට අවුරුදු 25, 30, 40 කට ඉස්සෙල්ලා ආණ්ඩු හදපු විදියට ඉදිරියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ.ජාතිවාදී ලෙස වෙන්වෙලා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස්වලට සාධාරණත්වය ඉටුකරන දේශපාලන ව්‍යාපාරයකට පමණයි ඉදිරියේදී මේ රටේ ආණ්ඩු හදන්න පුළුවන් කියන එක මම ඉතාමත් පැහැදිළිව කියන්න  ඕන.මේ රටේ සෑම කෙනෙක්ම සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් වෙන්න  ඕන. මේ සෑම පැත්තකම අන්තවාදී පිරිස් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජන කොටසකම අන්තවාදී ලෙස කටයුතු කරන පිරිස් ඉන්නවා. ඔවුන් සාමය කඩ කරන දේවල් කරනවා, අසමගිය ඇති කරන දේවල් කරනවා. ගැටුම් ඇතිකරන දේවල් කරනවා. නමුත් අපි හැම කෙනෙක්ම බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන්, දැනුමෙන්, ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්න  ඕනෑ රටක් ලෙස අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ඉදිරියට යන්න.සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියලා බලන්නේ නැතිව අපේ දරුවන් කියන හැඟීමෙන් අපි හැම දරුවෙක් දිහාම බලන්න  ඕනෑ. රටේ සෑම පුරවැසියෙක් දෙසම එක විදියට බලන්න  ඕන. එතකොට තමයි සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙන්නේ.සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන විට මොන පාට ද මොන පක්ෂයේ ද මොන ජාතියේ ද මොන ආගමේ ද මොන භාෂාවේ ද කියන කාරණා බලලා නොවෙයි, අවශ්‍යතාවය අනුවයි එය කළයුතු වන්නේ. ඒ නිසා මූලික විය යුත්තේ මනුෂ්‍යත්වයයි, මිනිස්කමයි, මානව වාදයයි. අපි සෑමවිටම කල්පනා කරන්න  ඕනෑ තමන්ගේ ප‍්‍රශ්නය වගේම අන් අයගේ ප‍්‍රශ්න, තවත් කෙනෙකුට අපි පිහිට වන්නේ කෙසේද කියන කාරණාව. මමත්වයෙන් තමන් ගැන හිතලා, තමන්ගේ ප‍්‍රශ්නයට පමණක් මූලිකත්වය දීලා කවදාවත් සමාජය යහපත් කරන්න බෑ. ඒ විදියට රටක් ගොඩනගන්න පුළුවන්කමක් නැහැ.ඒ නිසා ආණ්ඩුවක් විදියට අපි වැඩකරගෙන යනකොට මොන විදිහේ විවේචන, අභියෝග, චෝදනා, අපහාස, උපහාස මේව කොතෙක් ආවත් ඒ සියල්ල යටපත් කරගෙන අපි බලාපොරොත්තු වන යහපත් අරමුණු සඳහා මේ රට අපි ඉදිරියට ගෙනයනවා. ඒ නිසා අද විශේෂයෙන්ම පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණිලා මවුපියන්, දරුවන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සෑම කෙනෙක්ම හමුවීමට ලැබීම ගැන නැවත වාරයක් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි.’’උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න, පළාත් සභා මන්ත‍්‍රී එස්.එච්.එම්. අන්සාර් යන මහත්වරුද කතා කළහ.කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඉක්බාල් මහතා පිළිගැනීමේ කතාව කළේය.පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිඞ්නි ජයරත්න මහතා ඇතුළු දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් රැුසක් ද දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු විශාල  පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
(ජේ.ඒ.එල්. ජයසිංහ)ජාතීන් අතර සහෝදරත්වය ඇතිකර සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට රජය ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක කටයුතු කරද්දී ඊට එරෙහිවන ඇතැම් පිරිස් රට නොසන්සුන් කිරීමේ උත්සාහයක යෙදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (16) මහනුවරදී පැවැසීය.පාසල් නිල ඇඳුම් වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් නිල ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් වසර 23 කට වැඩි කාලයක් එහි මහනායක ධුරය හොබවමින් වැඩ විසූ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ සමරමින් උන්වහන්සේගේ නමින් ආරම්භ කළ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දසවෙනි සමරුව පවත්වන අවස්ථාව වගේම වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.                                                            අපේ රටේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ රට වගේම අපේ රටෙන් පිටස්තර විදේශයන්හි විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිකරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙත් ඊටත් වඩා කීර්තිමත් වූත් විශිෂ්ට වූත් අධ්‍යාපනයක් පිළිබඳව අපේ රටේ සඳහන් වෙන්නේ බෞද්ධ අධ්‍යාපනය, විහාරස්ථානය, ගමේ පන්සල, පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය තුළයි. බොහෝ වෙලාවට අද ත්‍රෛ භාෂා විශාරදයින් පිළිබඳව කතා කරනවා. නමුත් අපේ බෞද්ධ අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනයේදී එදා කතා කළේ ෂඞ් භාෂා විශාරදයින් පිළිබඳවයි. පිරිවෙන මුල්කරගත් පන්සල මුල් කර ගත් අධ්‍යාපනය මේ රටේ යහපත් බව, හැදිච්චකම, විනය, හික්මීම ජාතියේ මුළු ඉතිහාසය පුරා  සටහන් කර තැබූ කීර්තිමත් වූ කතාවක් බවට පත් වෙලා තිබෙනවා.ලෝකයේ තාක්ෂණය තුළ ඉහළම දියුණුවක් තිබෙනවා. සංවර්ධනයේ මහා ප්‍රබල ලෙස විශිෂ්ටත්වයන් පෙන්වුණු ලෝකයේ රටවල්වල ඒ තාක්ෂණයේ දියුණුව කොතෙක් තිබුණත් මිනිසුන්ගේ යහපත් බව, කරුණාව, පරිත්‍යාගශීලීභාවය, මනුස්සකම බොහෝ විට අඩු බව අපි දන්නවා. නමුත් ශ්‍රී ලාංකික සමාජයේ පරිත්‍යාගය, කරුණාව, දයාව සහ මනුස්සකම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනය තුළ වසර දහස් ගණනක ඉතිහාසය පුරා කියවෙන විශේෂයෙන්ම පිරිවෙන මුල් කර ගත් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණය, විනය, හැකියාව කියන එකයි අපි සෑම කෙනෙක්ම දන්නේ. ඒ වගේම විශ්වාස කරන්නේ.ගෞරවණීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ අනුශාසනාවලදී කියවුණු පරිදි අපි යහපත් රටක් හදන්න ගන්නා වූ උත්සාහයේදී අධ්‍යාපනය තමයි මුල් වන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ජාතියේ අනාගතය සඳහා කරන්නා වූ දීර්ඝකාලීන ආයෝජනය රටේ දරුවන්ට දෙන අධ්‍යාපනය යි. අපිට අද දවසේ තිබෙන්නා වූ අභියෝග සැලකිල්ලට ගත්විට ඒ අභියෝගවල පැහැදිලිව කැපීපෙනෙන දෙයක් තමයි සමාජය තුළ හික්මීම, විනය, ශිෂ්ටකම, ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. අද අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් සියල්ල තුළ අද දවසේ කතා වෙන මේ රටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවනේ.එක් පැත්තකින් රටේ ඩෙංගු උවදුර. තවත් පැත්තකින් කැළිකසළ. තවත් පැත්තකින් බෞද්ධ, මුස්ලිම්, හින්දු ජාතීන් අතර තිබිය යුතු සමගිය, එකමුතුව සහ සහෝදරත්වය. මේ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඒ පිළිබඳව සොයා බැලුවොත් එම නැගී ඇති ප්‍රශ්න සහ ගැටලුවලට මූලිකම කාරණයක් තමයි අපේ හැදියාව ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. කවුරුන් වේවා කුමන ආකාරයේ කෙනෙක් වේවා කුමන පාර්ශ්වයක් වේවා කුමන පුද්ගලයෙක් වේවා කුමන සංවිධානයක් වේවා රටක ජීවත් වන ජනතාවගේ දෛනික ජීවිතය, සමාජ ජීවිතය, නිදහස් ජීවිතය ඒ සියල්ලට බාධාවන ආකාරයෙන් කෙනෙක් හැසිරෙනවා නම් ඔහු කුමන භාෂාවක්, කුමන ආගමක්, කුමන ජාතියක් නියෝජනය කළත් ඒ තුළ කියවෙන්නේ සහ පෙන්නුම් කරන්නේ ඔවුන් තුළ තිබෙන්නා වූ ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය යි. අපේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දැනුම මෙන්ම ඒ දැනුම තුළින් මිනිසුන්ට දරුවන්ට ලැබෙන්නේ හැදියාව සහ ශිෂ්ටකම. ඒ නිසා ශිෂ්ටකම, හැදිච්චකම, විනය මේ පිළිබඳව ඉතාමත්ම වැදගත්ම ස්ථානය තමයි පාසල, පන්සල, අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. ඒ නිසා මෙවැනි බෞද්ධ විද්‍යාලයක අපි රටක් විදියට බලාපොරොත්තු වන උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ ක්‍රියාකරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් මග අපි ඉතාමත්ම අගය කරනවා.අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ ශාසනික වශයෙන්, ආගමික වශයෙන්ම වගේම සමාජීය වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් ඉතාමත් පුළුල් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ සේවාවක් ඉටු කළ අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ නමින් නම් කර ඇති මේ බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් ඉතාමත්ම පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් වාසනාවන්ත වූත් දරුවන් ලෙසයි මම දකින්නේ. මේ වගේ පාසලකට ඔබට එන්න හැකියාව ලැබීම ඔබේ ජීවිතයේ වාසනාවක් ලෙසයි මා දකින්නේ.අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ පාසලේ වාර්තාව ඉදිරිපත් කරන ගමන් පාසලේ වාර්තාවේ අදාළ පාසලේ කරුණු වගේම ඉන් බාහිර කරුණු කිහිපයක් පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේ සඳහන් කළා රජය මේ පාසල් දරුවන්ට ටැබ් එකක් දෙනවා කිව්වා. තවම මේ පාසලට නම් ලැබුණේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වාට පස්සේ මම මෙතන ඉඳගෙනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කරලා ඇහුවා මේ ටැබ් එක පිළිබඳව ප්‍රශ්නය කොහොමද? මේක දුන්නද නැද්ද මොකද වුණේ කියලා. එතුමා මාත් සමග දැන් කිව්වා ඒ ටැබ් එක තවම කිසිම ශිෂ්‍යයෙකුට කිසිම පාසලකට දීලා නැහැයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුවේ එක් කොටසක මමත් ඉන්නවා. පසුගිය අයවැය යෝජනාවල තමයි මේ පිළිබඳව සඳහන් කළේ. ඒ අයවැය යෝජනාවල සඳහන් කළාට පසුව මම අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් ඇහුවා මේ ටැබ් එක දරුවන්ට දෙනවා නම් දෙන ක්‍රමය කොහොමද කියලා. ටැබ් එකේ තිබිය යුතු කොටස්, ඒ වගේම අවලංගු කළ යුතු කොටස්. අපි අද දකින අන්තර්ජාලයේ, ෆේස් බුක්, වෙබ් සයිට් අපි කතා කරන දකින ශිෂ්ටත්වය, විනය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. අද මේ රටේ ජාතිවාදය අවුස්සන්න සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒ සෑම ආගමකම ඒ සිටින සෑම කෙනෙක් අතරේම නොසන්සුන්භාවය ඇති කරන්න ගැටුම් ඇති කරන්න අද අන්තර්ජාලය, ෆේස් බුක් ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව අපිට පෙනී යන කාරණයක්.මීට දවස් දෙකකට කලින් අපේ මහ නායක හාමුදුරුවනේ රාජ්‍ය නොවන රූපවාහිනී ආයතනයක සන්ධ්‍යාවේ තිබූ වැඩසටහනක් මම අහගෙන හිටියා. ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ ක්‍රිස්තියානි, කතෝලික, පල්ලි 166 ක පසුගිය මාස කිහිපයේ පහර දීලා තියෙනවා කියලා. ඒ වැඩසටහන අහපු නිවේදකයා ඒ මහත්මයාගෙන් ඇහුවා ඔබ වගකීමකින්ද මේක ප්‍රකාශ කරන්නේ කියලා. එච්චර එවැනි සිද්ධියක් වෙලා තියෙනවද කියලා. ඒ පුද්ගලයා කිව්වා රටටම ඇහෙන්න ලෝකයටම ඇහෙන්න කතෝලික පල්ලි 166 කට පහර දීලා තියෙනවා කියලා. මම ඊයේ අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට දුරකතනයෙන් කතා කරලා එතුමාගෙන් ඇහුවා මෙහෙම කලින් දවසේ රූපවාහිනී සංවාදයක මහත්මයෙක් ගිහින් කිව්වා කතෝලික ක්‍රිස්තියානි පල්ලි මෙච්චර සිය ගණනකට පහර දීලා තියෙනවා කියලා. ඔබ වහන්සේ දන්නවද එවැනි දෙයක්.මට නම් එවැනි දෙයක් වාර්තා වෙලා නැහැ, ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියලා. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ හවස මම දුරකතනයෙන් කතා කරපුවහම උන්වහන්සේ කිව්වා ජනාධිපතිතුමා අපිට නම් එහෙම කිසි දෙයක් වාර්තා වෙලා නැහැයි කියලා. උන්වහන්සේ කිව්වා මම මාධ්‍යයට කැඳවලා කියන්නම් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැයි කියලා. මෙවැනි කාරණා පිළිබඳව ඒ නිසා මේ රටේ සමගිය ජාතීන් අතර සහෝදරත්වය හික්මුණු නිදහස් සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනැගීම සඳහා අපි ජාතික සංහිඳියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීමේදී ඊට එරෙහි වන්නා වූ ඇතැම් පිරිස් විසින් නොයෙක් විදිහේ රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පෙන්නුම් කරනවා.ටැබ් එක පිළිබඳව කතාවේදී ඒ පැත්තට ගියේ ටැබ් එකත් අපි ශිෂ්‍යයින්ට දෙන කොට අධ්‍යාපන ලේකම්ටත් ඇමතිතුමාටත් මම කිව්වා මෙහි ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය කොටස් පමණක් ඒ තුළින් බලා ගත හැකි දැක ගත හැකි ඇසිය හැකි ආකාරයට මේවා සකස් කරලා මිසක් එහෙම නැතිව මේක ළමයින්ට නිකුත් කරන්න එපා කියලා මම පසුගිය දවස්වල කිව්වා. සමහර විට ඒ නිසා වෙන්න ඇති තවම ප්‍රමාදය. ඒ නිසා මම ඒ පිළිබඳව තවදුරටත් සොයා බලනවා. ඒ වගේම අපේ ගෞරවණීය විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේගේ වාර්තාව තුළ කියවුණා වගේම ඉන් බාහිරව උන්වහන්සේ සඳහන් කළා මේ පාසල්වල දරුවන්ගේ ඇඳුම් පිළිබඳව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පාසල්වල දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් දැනට ඇඳගෙන එන ඇඳුමට හැර වෙනස් විදියකට ඇඳිය යුතුයි කියලා නැත්නම් සකස් විය යුතුයි කියලා එහෙම නැත්නම් මෙය වෙනස් විය යුතුයි කියලා. අපි රජය විදියට අමාත්‍ය මණ්ඩලයත් අපි කිසිම තීන්දුවක් එහෙම අරගෙන නැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ නිසා අපේ පාසල්වල දරුවන් ඉතාමත් හික්මුණු විනයගරුකභාවය වගේම ඉතාමත් සුන්දර ලෙස අලංකාර ලෙස ආකර්ෂණීය ලෙස මේ අඳින ඇඳුම කෙසේවත් වෙනස් නොවිය යුතුයි කියන එක මා ඉතා පැහැදිලිවම දරන ස්ථාරවයක්, මතයක් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ.අවසාන වශයෙන් අද මේ වැදගත් උත්සව සභාවට ඇවිල්ලා මම වාඩිවෙලා ඉන්න ගමන් අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ විද්‍යාලය බොහෝම ලස්සනයි. ගොඩනැගිලි හොඳට තිබෙනවා. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හොඳ විභාග ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් අපි ඇවිල්ලා දැන් අපෙන් මොනවත් දෙයක් බලාපොරොත්තු වෙනවද? මොනවද ඕනේ කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා.ඉතින් උන්වහන්සේ මට කිව්වා ජනාධිපතිතුමා මෙතන මේ අල්ලපු වැටේ තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක නිවාසයක් තියන ඉඩම් කැබැල්ල. මේක අපිට පුළුල් කර ගන්න ඒ ඉඩම් කැබැල්ල දෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ මට කිව්වා. මාර්ග සංවර්ධන අධිකාරියත් එහි දේපළවලත් භාරකාරයත් මෙතන ඉන්නවා මේ දිස්ත්‍රික්කයේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාත්. ඒ නිසා මම ඒ භාරකාරයාගෙන් මේ දිස්ත්‍රික්කයේම මව්පියන්ගේම මහජන නියෝජිතයාගෙන් කිරිඇල්ල ඇමතිතුමාගේ කනට කරලා ඇහුවා අපේ හාමුදුරුවෝ කියනවා මේ අල්ලපු වැටේ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙම එකක් තියෙනවා පාසල තව වැඩිදියුණු කරන්න ඉඩම් කැබැල්ල ගන්නවා නම් හොඳයි, ඇමතිතුමා මොකද කියන්නේ කියලා. ඉතින් කිරිඇල්ල ඇමතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කියනවා නම් දෙමු කියලා. ඒ නිසා ඒ ඉඩම් කොටස අපි මේ බෞද්ධ විද්‍යාලය සඳහා දෙන්න තීන්දු කළා. ඒ අනුව එතුමා මේ විද්‍යාලයේ කටයුතු සඳහා එය නිදහස් කරයි.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉතා විශිෂ්ට ලෙස සහ උතුම් ලෙස සාර්ථක වේවා. ඒ වගේම දරුවන් මව්පියන් මේ විශාල සේවයක් කරන විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මීට අනුග්‍රහය දක්වන සෑම කෙනෙකුටම වඩාත් යහපත් වූ සුබවාදී අනාගතයට ආශිර්වාද කරමින් සුබපතමින් මේ අවස්ථාවේදී සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.සම්බුද්ධ දර්ශනය හා උතුම් සම්බුද්ධ දේශනාව අපේ පාසල් දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරවීමේ පරමාර්ථයෙන් තමයි මෙම බෞද්ධ මහා විද්‍යාලය ආරම්භ වූයේ. මේ බෞද්ධ විද්‍යාලය අද ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. මෙම විදුහලේ දරුවන් සෑම පෝය දිනකදීම පංචශීල අටසීල සමාදන් වී ප්‍රතිපත්ති ගරුක වැඩසටහන් ඉටු කරනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකම මේ විදුහලේ දරුවන් නුවණ වඩා ගන්නවා.උදාවන හෙට දවසේ මුහුණ දිය යුතු අභියෝග ගැන ජනාධිපතිතුමා ඉතා මැනවින් දන්නවා. ඒ අභියෝග ජය ගැනීමේ භාරදූර වගකීම අපේ මහා නායක හිමිපාණන් වහන්සේලා මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ සඳහන් කළහ.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලට වර්ෂ 10 ක් සපිරෙන මේ මොහොතේ අපේ දේශීය බෞද්ධ සිරිත් විරිත් සංස්කෘතික සාරධර්ම ආගමික චාරිත්‍ර මේ රට තුළ අර්ථවත් වන සුරක්ෂිත වන අවස්ථාවකටයි අපි පත්ව ඉන්නේ. අපේ දේශීයත්වය අපේ සංස්කෘතික අංශ සුරක්ෂිත කිරීමට ඔබ අප සැමදෙනා බැඳී සිටිනවා. අපේ රටට සංස්කෘතිය ආගමිකත්වය බෞද්ධකම සුරක්ෂිතවන අන්දමටයි අපේ අනාගත පරපුර හැඩගැස්විය යුත්තේ.යහපත් පෞරුෂයක් සහිත දරු කැලක් සමාජයට බිහිකරල යහපත් පුරවැසියන් රටට දායාද කිරීම අපේ අධ්‍යාපනයේ අරමුණ විය යුතුයි. අපේ පාසල් පද්ධතිය තුළ දරුවන්ට මේ රටේ සුදුසු ඇඳුමක් සුදුසු පරිසරයක් සදාචාරාත්මක භාවයක් ගොඩනැංවිය යුතුයි. එය කිසිසේත් වෙනස් නොවන වැඩ පිළිවෙළකට අපේ පාසල් පද්ධතිය හැඩගැසිය යුතුයි. එවැනි තත්ත්වයක් දැන් දැන් වෙනස් වන තත්ත්වයක් ඇතිවන බව කිව යුතු අතර එයට මහා සංඝරත්නයේ බලවත් විරෝධය පළකරනවා.අස්ගිරිය පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති අස්ගිරි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමියෝ විද්‍යාල ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කරවමින් මෙසේ පැවසූහ.රජය අනුමත මේ පෞද්ගලික පාසල 2006 ජනවාරි 4 වැනි දින ආරම්භ කළේ. මේ පාසලේ අද වන විට දරුවන් 3000 ක් ඉගෙනුම ලබනවා. එය 4000 දක්වා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැකසීමට ඉදිරියේදී කටයුතු කරනු ලබනවා. මේ විදුහල ආරම්භ කළේ ගුරු උපහාරයක් ලෙසටයි.අප විදුහලේ දරුවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කර සම්මාන සහතික තිළිණ කුසලාන දිනාගෙන තිබෙනවා. ජාතික ක්‍රීඩා රැසක් ජයග්‍රහණය කළ අපේ විදුහලේ දරුවන් විසින් ජනමාධ්‍ය තරගවලින්ද කෘෂිකර්ම කටයුතුවලින් හා වගා තරගවලින්ද විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙනවා.අද පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටිනවා.සමහරු නගරයේ අන්තර්ජාල පහසුකම් තිබෙන ස්ථානවලට යනවා. ඇතැම් අපේ දරුවන් නගරයේ ලැගුම්හල්වලටත් යොමුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙනවා. අද අපේ සමහර දරුවන් පමණක් නොව වැඩිහිටි කතුන් පවා අඳින ඇඳුම අසංවර වී තිබෙනවා. අද පාසල් පද්ධතිය හෑල්ලුවට ලක්කෙරෙන අවස්ථාද අසන්නට දකින්නට තිබෙනවා.පාසල් දරුවන්ට දෙනවා කියලා කිව්වා අය වැයෙන් ලැප්ටොප් පරිගණක. ඒවා නම් තවමත් ලැබී නැති බව කිව යුතුයි.ඇතැම් පාසල් පද්ධති තුළ සිසු සිසුවියන්ගේ යම් යම් සමාජයට අහිතකර දරුවන්ට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙන විට ඒවා වැළැක්වීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙනවා. එවැනි ක්‍රියාවල් වළක්වාලීමට නොහැකිවන විදුහල්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීම් කළ යුතුයි.ගොවි ගමක ඉපදුණු මඩ නාගත් ගොවියකුගේ පුතෙකු වූ අපේ වත්මන් ජනාධිපතිතුමා අප විදුහල පිළිබඳව විශාල උනන්දුවක් දක්වන විදුහලේ අනාගත අභිවෘද්ධිය දකින්න කැමැති කෙනෙක්. ඒ පිළිබඳව එම ජනාධිපතිතුමාට ප්‍රසංසාව පුද කරනවා.මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියෝද අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩවත්තේ නන්ද යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුද විදුහලේ ගුරු මණ්ඩලය, මව්පියන් සහ විදුහලේ සිසු දරුවෝද සහභාගි වූහ.ජනාධිපතිවරයා අතින් දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට ත්‍යාග සහ තළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. 
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප‍්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප‍්‍රදේශයේ සංවර්ධනයේ ප‍්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප‍්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප‍්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප‍්‍රදේශය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප‍්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප‍්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත‍්‍ර අභාවප‍්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප‍්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්‍ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග‍්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග‍්‍රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප‍්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප‍්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප‍්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප‍්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප‍්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප‍්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප‍්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප‍්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප‍්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක‍්‍රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප‍්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප‍්‍රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප‍්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත‍්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප‍්‍රදේශ ගත්විට මේ ප‍්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප‍්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප‍්‍රශ්න තිබෙනවා. ප‍්‍රවාහන ප‍්‍රශ්න තිබෙනවා. නේවාසික ප‍්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප‍්‍රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත  ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප‍්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප‍්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප‍්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප‍්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප‍්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ‍්‍රී ලංකා ඉන්දීය මිත‍්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත‍්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත‍්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත‍්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත‍්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත‍්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න  ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප‍්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප‍්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට  ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට  ඕනෑ.සෑම ප‍්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප‍්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප‍්‍රදේශයේ ආයතන ප‍්‍රධානීන් සමඟ කතා කර ප‍්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප‍්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප‍්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප‍්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප‍්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් මේ ප‍්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න  ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප‍්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප‍්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත‍්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප‍්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප‍්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප‍්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප‍්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත‍්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප‍්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
’සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද කතෝලිකද මට වෙනසක් නෑ’
0
(අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා)මේ රට ගොඩනැගීමේ පළමු ප්‍රයත්නය මහජනයාගේ දේපළ හොරකම් නොකරන පාලනයක් ගොඩ නැගීම යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී පසුගියදා (06) පැවසීය.එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනතාව ගතයුතු මඟ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවේදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රට හැදීමේ පළමු සාධකය මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එයාගෙ සීමාවේ මහජන දේපළ හොරකම් කරනවා. පළාත් සභා පාර්ලිමේන්තු දක්වා සියලු ආයතනවල සහ ජනාධිපති දක්වා තම බල සීමාව තුළ වංචාවේ දූෂණයේ යෙදෙනවා. ඒ නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වංචාවෙන් දූෂණයෙන් පිරුණු සංස්කෘතියක් බවට පත්ව තිබෙනවා.මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා හැර වෙන කිසිම අපේක්ෂකයකුට වේදිකාවට නැඟලා කියන්න බැහැ ජනතා දේපළ හොරකම් කරන්නේ නැහැ කියලා. ඔය අපේක්ෂකයා එහෙම කියනකොටම බලන්න ජනතා දේපළ හොරාකාපු පරපුටු කණ්ඩායම් වේදිකාවේ ඉන්නවා. නමුත් ජාතික ජනබලවේග කිසිවෙකු තම ජීවිත කාලය තුළ ජනතා දේපළ හොරකම් කරලා නැහැ. එහෙම චෝදනා නෑ.මේ පාලක පැලැන්තිය නඩත්තු කිරීම සඳහා අති දැවැන්ත ජනතා මුදලක් වැය කරනවා. ජනාධිපතිවරයා ගතහොත් රටපුරා මාලිගා විශාල ප්‍රමාණයක් නඩත්තු වෙනවා. විශාල මන්දිර කාර්ය මණ්ඩල දුරකතන විදුලිබිල් නඩත්තු සඳහා අති විශාල මුදලක් වැය කරනවා. නමුත් ජනාධිපතිවරයාට තියෙන්නෙ එක ආත්මයයි. භූතාත්ම හතක් නැහැනෙ. වසරකට එක රැයක් නිදාගත්ත ජනාධිපති මන්දිර මේ රටේ තිබෙනවා. එම නිසා රට පුරා තිබෙන ජනාධිපති මන්දිර එක්කෝ කෞතුකාගාර බවට පත් කරනවා. නැත්නම් සංචාරක කේන්ද්‍රස්ථාන බවට පත්කර  ධනය උපයන මධ්‍යස්ථාන බවට පත්කරනවා.ජනාධිපති නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. ජනාධිපති ඇමැති මණ්ඩලය නඩත්තුව සඳහා පමණක් නොව හිටපු ජනාධිපතිවරු නඩත්තුවටත් අතිවිශාල මුදලක් ජනතා බදු මුදල් වැය කරනවා. මේ කිසිදු හිටපු ජනාධිපතිවරයෙකු රජයේ නඩත්තු කළ යුතු නැහැ. ඒ සියලු දෙනාට ආදායම් මාර්ග තියෙනවා. එහෙම නැත්නම් ඒ අයට දරුවෝ ඥාතීන් සලකයි. ආදායම් මාර්ගයකුත් නැතිනම්, දරුවෝ සලකන්නෙත් නැතිනම් සමාජ ආරක්ෂක අරමුදලින් දීමනාවක් දීලා හිටපු ජනාධිපතිවරු බලාගන්න හැකිවනවා. අනෙකුත් විශ්‍රාම වැටුප් ඇතුළු සියල්ල කපා හරිනවා.මෙරට හදන්න පටන් ගන්න නම් මුදුනින් පටන් ගත යුතුයි. අපිට ඒ මුදුණේ බලය දෙන්න. සහතික වශයෙන් ඒ මුදුනින් පටන් ගෙන මේ රට පිරිසුදු කරනවා. මේ රටේ සියලු වංචනිකයින්ට හොරුන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි. පසුගිය කාලයේ මේක කළේ නෑ. ඒකට හේතුව වංචනිකයෙක්ට තව වංචනිකයෙකුට දඬුවම් ලබාදීමට නොහැකි නිසයි. වංචාව කෙරෙහි ගත් ක්‍රියාමාර්ග දේශපාලන මැදිහත්වීමෙන් නතර කරා. වංචා කරන ලද මුදල් අරගෙන එහි පරීක්ෂණත් නතර කළා.අපට එක් අවස්ථාවක් බලය ලබාදෙන්න මේ රටේ ජනතා දේපොළ වංචා කළ කෝටි ප්‍රකෝටිපතියන්ට අපි අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මේ කිසිවකුගෙන් පළිගැනීමේ අපේක්ෂාවක් අපිට නැහැ. අපට එවැනි අරමුණක් නැහැ. මහජන දේපළ හොරකම් කරලා තමන් අධික ලෙස ධනය උපයා ගෙන තියෙනව නම් මාස දෙකක් ඇතුළත ඒවා ආණ්ඩුවට භාරදිය යුතුයි කියලා අපි කල් ලබා දෙනවා. එසේ නොකළහොත් වංචනිකයන්ට දඬුවම් කර වංචා කළ දේපළ යළි පවරා ගැනීමට කටයුතු කරනවා. ඡන්දය කියන එක ජනතා දේපළ හොරා කන ලයිසන් එකක් බවට පත්කර තිබෙනවා. මේකෙන් මේ රට මුදාගත යුතු වෙනවා. අපි මේ සංස්කෘතිය වෙනස් කරනවා. මේ රටේ ඉදිරියටම යාමට නම් ජාතික සමගියක් ගොඩනැගිය යුතු වෙනවා. කවර වර්ගයක හෝ ජාතික ගැටුමක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීම අපගේ ප්‍රමුඛ වගකීමක් බවට පත් කර ගන්නවා. මේ රටේ පාලකයින් හැම කාලයටම විවිධ වර්ගයේ ජාතික ගැටුම් නිර්මාණය කර තිබෙනවා. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර ජාතිවාදය නැහැ. ජනතාව එකට ඉන්නවා. එකට ජීවත් වෙනවා. එකට උත්සව සමරනවා. ඔවුන් අතර එහෙම අර්බුද නෑ. අලුත්ගමට ගහන්න ආවෙ දන්න කියන අය නෙවෙයි. පිට පළාත් අය කියලා ජනතාව කියනවා. දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නැහැ. ජාතිවාදය දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කරගෙන තිබෙනවා.ජාතිවාදී ගිනි පුළිඟු ඇති කරන්නේ දේශපාලනඥයින්මයි. කිසිම දේශපාලන ව්‍යාපාරයක් ජාතිවාදයට තම දේශපාලන න්‍යාය පත්‍රය කොටසක් බවට පත් කර නොගත යුතුයි. එහෙම දේශපාලනයක් කරන්නේ ජාතික ජනබලවේගය පමණයි. මොනතරම් දුෂ්කරතා අත්වින්දත් අප ළඟ ජාතිවාදී න්‍යාය පත්‍ර නැහැ. තාවකාලික කෙටි බල උවමනාවක් වෙනුවෙන් කවර වර්ගයක හෝ ජාතිවාදී කණ්ඩායමක් හෝ ආර්ථික අන්තවාදී කොටස් කල්ලි සමග ජාතික ජනබලවේගය කිසි ලෙසකින් සම්බන්ධ කරගන්න නැහැ. අනෙක් හැම කෙනාම බල තණ්හාව වෙනුවෙන් විවිධ වර්ගයේ ජාතිවාදී සංවිධානවල පිටුපස යනවා.සමහර අය එන්නෙම ජාතික ආරක්ෂාවේ පියා ලෙසයි. බලය ගත්තම ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා තව පිරිසක් කියනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක් තියෙනවා. එකක් රටේ අභ්‍යන්තරික ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන. අනෙක බාහිර වශයෙන් රටකට එල්ලවිය හැකි ආරක්ෂාවේ තර්ජන. අපිට බාහිර වශයෙන් යුදමය තර්ජන නැතත් රටේ අභ්‍යන්තරික ජාතිවාදී ගැටුම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේක අපිට තර්ජනයක් වෙලා තියෙන්නේ. අද අපේ රටේ මුස්ලිම් සිංහල ගම්මාන වෙන්කෙරෙන ආරක්ෂිත බැරියර් දාලා. මේ දර්ගා නගරයට කිට්ටුවෙනුත් බැරියර් දාලා සිංහල මුස්ලිම් ගම්මාන වෙන් කරන මායිම් හදලා. මාවනැල්ලේ එහෙම ඒව තියනව අපි දැකලා තියෙනවා. යැයි හෙතෙම පැවසීය.මෙම ජනහමුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ. 
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’
1
(එප්පාවල - නන්දන සමන් කුමාර සහ මකුලෑව ලේකම්ගේ අනුර)මහජනතාවගේ දේපළ හොරකම් කළ දේශපාලනඥයන්ට එම දේපළ මාස දෙකක් තුළ නැවත රජයට බාරදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටු වූ පසු අවස්ථාව දෙන බවත් එසේ නොවන්නේ නම් හොරකම් කරන ලද සෑම රුපියලක්ම නැවත රජයටම පවරා ගැනීමට කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (8) පැවැසීය.ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා දීමෙන් පසුව තම උපන් ගම වන තඹුත්තේගම දී මංගල ජන රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. තඹුත්තේගම බස් නැවතුම්පොළ භූමියේදී මෙම ජන රැලිය පැවැත්විණි.අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.“අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. අපි හොරකම නම් නතර කරනවා. මහජනතාවගෙන් හොරකම් කරන ලද, උදුරාගත් සෑම රුපියලක්ම අපි යළිත් පවරා ගන්නවා.අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ දේවල් කියනවා. හැබැයි කොතැන ද කතා කරන්නේ වෙනස් කරන්න. දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් ප්‍රථමයෙන් කරන්න ඕනේ හොරකම නැති කරන එක. ඔය අනෙක් පක්ෂ අපේක්ෂකයෝ ඒ ගැන පොරොන්දුවක් දෙනවා ද දෙන්න පුළුවන් ද. මේ රටේ කොයි පක්ෂයට ද කාට ද හොරකම නතර කරන්න පුළුවන් වෙන්නේ. අපි ඔබට එක සහතිකයක් දෙනවා. එක සැරයක් ඔබ අපට බලය දුන්නොත් මේ රටේ හොරකම අපි නියත වශයෙන්ම නතර කරනවා.අපි එක ශතයක්වත් මුදල් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්නේ මහජනයාට අයිති ශත පහක් හොරකම් නොකරපු, නාස්ති නොකරපු උදවිය. ඔබ ගිහින් බලන්න නල්ලච්චිය මගේ අම්මගේ, මගේ නිවස. ඒ නිවසට අත්තිවාරම දැම්මේ අසූ අටේ අවුරුද්දේ රුපියල් 8500ක් බැංකුවෙන් ණයට අරගෙන. දැන් වසර 31ක් ගතවෙලා තියෙනවා. තවමත් සාලෙ කෑල්ල හදනවා. අපි මහජනයාගෙන් ශත පහක්වත් හොරකම් කරලා නැති අය. ඔබ අපේ ජීවිතවලට එබිලා බලන්න ඔබට එය තේරුම් ගන්න හැකිවෙයි.මේ රට ගොඩ ගන්න නම් පාලකයා නාස්තිකාරයෙක් නොවිය යුතුයි, හොරෙක් නොවිය යුතුයි. පාලනය හොරකමට ඉඩ නොදෙන පාලනයක් වෙන්න ඕනේ. ඔය කොයි පක්ෂයේ ද කොයි අපේක්ෂකයාට ද කියන්න පුළුවන් මම හොරකම් කෙරුවේ නැහැ, ජනතාවගේ මුදල් නාස්ති කෙරුවේ නැහැ, ඒ නිසා මම හොරකම් කරන්නෙත් නැහැ කියලා. ඉස්සරහට ජනාධිපතිවරණ රැස්වීම්වල වේදිකාවල ඉන්න පුද්ගලයන් දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබටම තේරෙයි වැලිකඩ හිරගෙදර ඉන්න ඕනේ කී දෙනෙක් ඒ වේදිකාවල ඉන්නව ද කියලා.අපි දන්නවා පොලිසියේ මහත්තුරුන්ට චෝදනාවක් තියෙනවා පාරේ ඉන්නවිට සල්ලි ගන්නවා කියලා. රජයේ ලිපිකාර මහත්තයට චෝදනාවක් තියෙනවා ෆයිල් එක කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. පොලිසියේ මහත්තුරුන්ගේ ජීවිතේට මොකද වෙලා තියෙන්නේ. නිශ්චිත වැටුපක් තියෙනවා. නමුත් අතට ලැබෙන්නේ සොච්චම් මුදලයි. අර ණයටයි මේ ණයටයි කැපිලා ගියහම ජීවත්වෙන්න ඒ මුදල මදි. එයා කල්පනා කරනවා පාරේ යන කෙනාගෙන් කීයක් හරි ගන්න. ඒ ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නිසා. ඒ වගේ ද දේශපාලනඥයො. ඒ අය ජීවත් වෙන්න ද හොරකම් කරන්නේ, නැහැ. මේ මිනිස්සු මහජනතාවගේ දේපළ හොරකම් කරන්නේ සැපට ඉන්න. ලංකාවේ ගෙවල් ද ඕස්ටේ්‍රලියාවේ ද ඇමෙරිකාවේ ද ගෙවල් ගන්න තමා මේ පොදු ජනතාවගේ දේවල් හොරකම් කරන්නේ.ඊළඟට බලන්න මේ පාලකයන් නඩත්තු කරන්න කොච්චර මුදලක් යනවා ද කියලා. රටේ මිනිස්සු දුක්ඛ දෝමනස්සයට පත්වෙලා. ජීවත් වෙන්න විදියක් නැහැ. කුසට අහරක් නැහැ. ලෙඩක් වුණහම බෙහෙත් ටිකක් ගන්න රෝහලේ බෙහෙත් පෙත්තක් නැහැ. වී ටික විකුණා ගන්න විදියක් නැහැ. ඒ වීවලට මුදලක් නැහැ. හැබැයි රටේ නායකයන්ට කොළඹ මාලිගා තියෙනවා, අනුරාධපුර, නුවර, නුවරඑළිය, අර පැත්තෙන් උඩවලව මාලිගා තියෙනවා. පාසිකුඩාවල තවත් මාලිගාවක් හදන්න යනවා. ජනාධිපතිවරයාට ආත්ම හතක් තියෙනවා ද නැත්නම් භූත ආත්ම හතක් තියෙනවා ද. මොකද නුවර එක භූත ආත්මයක් තියෙන විට අනිත් භූත ආත්මේ අනුරාධපුරේ ඉන්න. එහෙම නැහැ. ජනාධිපතිවරයා ගුවන් යානයෙන් එනවා රැස්වීමක් තියෙනවා නම් පැය දෙක තුනක් රැඳෙනවා ආයෙත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ යනවා. මේ ටික වෙලාවට නගරයක් නගරයක් ගානේ මාලිගා හදන්න ඕනේ ද?ජනාධිපතිවරයකුට ලේකම්වරු කීදෙනෙක් ඉන්නවා ද. පහුගිය කාලයේ මතක ඇති මිනිස්සු කිව්වා පඳුරකට ගහනවිට ජනාධිපති ලේකම් කෙනෙක් විසිවෙනවා කියලා. ඒ තරමට ජනාධිපති ලේකම්වරු හිටියා. මම පාර්ලිමේන්තුවේදී පහුගිය කාලයේ ප්‍රශ්නයක් ඇහුවා ජනාධිපතිවරයකුට කාර්ය මණ්ඩලයේ කීදෙනෙක් ඉන්නව ද කියලා. 1200ක් ඉන්නවා කියලා පිළිතුරු ලැබුණා. මේ අයට කැබ් එකයි, තිස් දාහක ඉන්ධනයි, හැටදාහක වැටුපකුයි ඩ්‍රයිවරුයි ලැබෙනවා. දැන් ඔය සමහරුන්ට කඬේ යන කෑගහන හාමුදුරුවරු කිහිපදෙනකුත් ඔය ගොෙඩ් හිටිය ද? කමක් නැහැ ඒවා පින් තකා කියමු. හැබැයි කවුරු හරි නැහැ කියනවා නම් මම නමත් එක්ක කියන්නම්.මේ ජනාධිපතිවරුන් මහජනතාවගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණනින් නාස්ති කළා. අපි එක් සහතිකයක් ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළායින් පසුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සියයට අනූවකට වැඩි ප්‍රමාණයකින් කපා දමනවා. මේ මුදල් රෝහල්, පාරවල් දියුණුවට වගේම ගොවියාගේ වී ටික මිලදී ගැනීමටත් යොදවන්න පුළුවන්කම තියෙනවා. මේ රට හදන්න නම් උඩ ඉඳලම සුද්ධ කරන්න වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතනවලට මොකද වෙලා තියෙන්නේ අද. තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ ආයතන පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමැතිවරයා වනවිට ඔහුගේ මල්ලි වරායේ සභාපති වෙනවා. අයියා වරාය ඇමැති නිසා මල්ලිට ඒ පිළිබඳව හසල දැනුමක් ඇවිල්ලා ද ඒ පත්කිරීම් සිදුකරන්න. ඊට පස්සේ වරායෙන් පෙට්ට්‍රෝලියම් ඇමැතිකමට අර්ජුන ඇමැතිවරයා මාරුවෙන විට ආයෙත් මල්ලි පෙට්ට්‍රෝලියම් එකේ සභාපති වෙනවා. සාගල වරායේ ඇමැති වනවිට ඔහුගේ අයියා කාවන් රත්නායකට වරාය පිළිබඳව හසල දැනුමක් ලැබෙනවා. ඒ නිසා ඔහු ඒකේ සභාපති කරනවා. අයියා ජනාධිපති වනවිට මල්ලි ටෙලිකොම් සභාපති වෙනවා. ඇයි මහින්ද මස්සිනා ජනාධිපති වනවිට ඔහුගේ අනෙක් මස්සිනා එයාර් ලංකා සභාපති වෙනවා. රටට මොකද වෙලා තියෙන්නේ. දේශපාලන ඥාතීන්ගෙන් රටේ රාජ්‍ය ආයතන ටික පිරිලා. ඒ විතරක් නොවෙයි දේශපාලන පත්වීම්වලින් රාජ්‍ය ආයතන ටික පුරවලා. ආයතනවලට ඔරොත්තු නොදෙන සේවකයින් ප්‍රමාණයක් දාපු නිසා රාජ්‍ය ආයතන සියල්ලම කඩා වැටිලා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල විශාල බරක් පොදු ජනතාවට දරන්න සිදුවෙලා තියෙනවා.එයාර් ලංකා එකේ විතරක් ගිය අවුරුද්දේ මිලියන 40,000ක වැය බරක් රටේ ජනතාවට දරන්න සිදුවෙලා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන්නම පසුගිය කාලයේ වැය වුණේ කෝටි 1500ක් විතරයි. මේවා ජනතාව දරන්න ඕනේ ද. අපි මේ රාජ්‍ය ආයතන යම් ප්‍රතිසංවිධානයක් කරනවා. මම අමාත්‍යාංශයක් දරුවා. වැඩිම ආයතන සංඛ්‍යාවත් තිබුණ. අපි ඒ ආයතනවලට පත් කළේ ඒ සම්බන්ධව විශේෂඥ දැන්මක් තිබූ පුද්ගලයන්. රුපියල් මිලියන පනහක බැංකු අයිරාවකින් තමා මිල්කෝ ආයතනය දිව්වේ. අපි ආයතනය ලබාගෙන මාස දාහතරකින් එළියට එනවිට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් හදලයි අපි එළියට ආවේ. ලංකාවේ පළවැනි වතාවට මිල්කෝ ආයතනයට කිරි දීපු ගොවියන්ටම ලාභාංශ වශයෙන් බෝනස් ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ විකුණපු කිරි ටිකට සල්ලි දෙන්නේ නැහැ. එදා ලීටරයකට රුපියල් දෙකයි ශත හැත්තෑ පහක් වසර අවසානයේ බෝනස් විදියට ගොවියාට ලබාදුන්නා. අද මොකද වෙලා තියෙන්නේ. එහෙනම් කොයි පාලනය ද හොඳ වෙලා තියෙන්නේ. එහෙමයි පාලනය ගොඩනගන්න ඕනේ.දේශපාලනය අයින් කරලා හොඳ කළමනාකරණයක් ලබාදෙනවා නම් ඕනෑම ආයතනයක් ගොඩනගන්න පුළුවන්. අද වී අලෙවි මණ්ඩලයට මොකද වෙලා තියෙන්නේ කෝටි, ප්‍රකෝටි ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා. මොකක්ද කරන්නේ ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, ගබඩාවල ඒ වී ටික ගබඩා කරනවා. ඊට පස්සේ ගත්ත මිලටත් වඩා මෝල්කාරයන්ට ඒ වී ටික විකුණනවා. එතකොට ආයතනය පාඩු ලබන් නැද්ද. පාඩු ලබන්නේ නැත්තම් තමා පුදුමේ. වී ටික අරගෙන ගබඩාවලින් විකුණන්න බැරි ආණ්ඩුවක් ද මේ. 1994 ඉඳලා වී අලෙවි මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි දෙනවා. මේවා අපේ පාසල්, රෝහල් හදනන තියෙන සල්ලි, ලෙඞ්ඩුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සල්ලි. මේ පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාව තියෙන්නේ අපට විතරයි.හැත්තෑවේ ඇවිදින් කියනවා හා දුප්පත් නේද කන්න නැහැ නේද මම හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නම් කියලා. හැත්තෑ හතේ ඇවිදින් කිව්වා කන්න නැහැ නේද? පෝෂ්‍යදායී ආහාරවේලක් නැහැ නේද? මම ආවම ධාන්‍ය රාත්තල් අටක් දෙන්නම් කිව්වා. දුප්පත් භාවය වික්කා. අසූ නවයේ ප්‍රේමදාස මහත්තයා කිව්වා සෙරෙප්පු දාන කකුල්වලට සපත්තු දෙන්නම්, බත් කෑවට පස්සේ ගස්ලබු කෑල්ලක් කන්න ආර්ථිකයක් හදන්නම් කියලා. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා කිව්වා තුනයි පනහට පාන් ගෙඩිය දෙන්නම් කියලා. ඔය අය අදත් ඇවිදින් කියන්නේ ඔය දේම නේද. අපි සමෘද්ධිය වැඩි කරන්නම්, තහඩු ටිකක් දෙන්නම් කියලා. ඉතිහාසයේ හැම දේශපාලකයෙක්ම මේ දුප්පත් භාවය විකුණලා තමා බලය ලබා ගත්තේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත් භාවය විකුණන්න නෙවෙයි, දුප්පත් භාවය තුරන් කරන්න.අපට මතකයි අපේ පොඩි කාලයේ වට්ටක්කා වැලේ ලොකුම වට්ටක්කා ගෙඩිය වැල මැරෙනකම් ඉතුරු කරලා තියනවා. ඒ වළ මැරුණට පස්සේ ගෙනැල්ලා කපලා ඇට ටික අරගෙන වහලේ එල්ලා තියනවා බීජවලට ගන්න. අද වට්ටක්කා බීජ ගන්නේ එහෙමද. අපේ බඩඉරිඟු බීජ හදාගත්තේ කොහොමද. ගහා මැරෙනකම් කරල තියාගෙන ඉඳලා උඩ එල්ලා තියලා බීජවලට ගත්තා. දැන් එහෙම කරනවාද. ඉස්සර ලොකු අක්කා කෙනකු දැකපුවාම කියන්නේ ඒ අක්කා නම් වට්ටක්කා ගෙඩිය වගේ කියලා. දැන් තියෙනවාද ලොකු වට්ටක්කා. දැන් තියෙන්නේ මෙනවාද මීමිනි වට්ටක්කා. අපේ බීජ ටික නැති කළා, ඒ නිසා මුළුමනින්ම බීජ ටික කඩෙන් ගන්න සිදුවණා. හිටපු පාලකයෝ අපේ තිබුණු බීජ සම්පතම අහිමි කරලා දාලා. අද බහුජාතික සමාගම්වල පදේට නටන්න වෙලා.මහඉලුප්පල්ලම ගොවිපොළෙන් මිරිස් බීජ නිෂ්පාදනය කළා. අද මොනා ද මේ ගොවිපොළේ දකින්න ලැබෙන්නේ ඉපිල් ඉපිල්. චීන ගොවිපොළ තිබ්බා. ඒක සී.අයි.සී. කාරයට විකුණුවා. හිඟුරක්ගොඩ අක්කර දෙසිය ගාණක වී වගා කළා බීජවලට. ඒකත් විකුණලා දැම්මා. අපේ බීජ පර්යේෂණ ආයතන විනාශ කළා, බීජ ගොවිපොළවල් විනාශ කළා. ඉතින් මේ අයට කෘෂිකර්මාන්තය ගොඩගන්න පුළුවන්ද. අපි බලයට පැමිණි පසු නැවත පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ඒවා ගොවි ජනතාවට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා, ඒක අපිට කරන්න පුළුවන්. මහවැලි ව්‍යාපාරය හදනවිට කිව්වා කන්න තුනක් වගාකරන්න පුළුවන් කියලා. මහවැලි වතුර ගේනවිට අතරමැදි වැව් පද්ධතියක්ම විනාශ කළා. මේක වැව් බැඳි රාජ්‍යය අපේ රටේ වැව් 32,000ක් තිබුණා. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උතුරුමැද පළාතේ. මේ වැව් 32,000න් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 14,000ක් විතරයි.වැව් සම්පත විනාශ කරනවිට කීවා කඳුකරයෙන් ජලය ගෙනැවිත් දෙනවා කියලා. කලා වැවට වතුර දෙනවිටත් කිව්වා කන්න තුනක් වගාකරන්න වතුර ඇති කියලා. මේ යල කන්නයට මොකද වුණේ එච් කලාපයට. වතුර නැහැ. මොකක්ද සිදු වුණේ. අපේ වර්ෂාපතනයේ අඩුවීමක් තිබුණේ නැහැ. අපි මාස් කන්නය වගාකරලා ඉපනැල්ලට කවුපි ගැහුවා දින හතළිස් පහයි. ආපසු යල කන්නයට වී වැපිරුවා. අද එක කන්නයි. මේකයි සිද්ධවෙලා තියෙන්නේ. අපේ වාරිමාර්ග පද්ධතිය සුනු විසුනු කළා පාලකයෝ. අපි ඔක්කොම එකතු වුණොත් වසර 71ක් රට විනාශය කරා ඇදගෙන ගිය පාලනය අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ට සැනසුම, සතුට තියෙන මාවතකට ගෙන එන්න වුවමනායි. අන්න ඒකට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ නිසා නොවැම්බර් 16 වැනිදා අපි ඔක්කොම එකතුවෙලා ජයග්‍රාහී තීන්දුවක් ගනිමු. වසර හැත්තෑ එකක මේ ගමන් මග වෙනුවට සුබදායි දේශපාලන තීන්දුවක් රට වෙනුවෙන් ගැනීමට ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කරමු.” යැයි ද අනුර දිසානායක මහතා කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ කලාකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම ජන හමුව ඇමතූහ.මෙම අවස්ථාවට ජාතික විද්වත් සංවිධානයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා, ජගත් මනුවර්ණ, සමනලි ෆොන්සේකා, සම්මානනීය සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ. 
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’
0
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’
0
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන කළ යුතු යැයි ද ඔහු කීය. මහර බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට සහභාගීවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.දැන් රතු ලූනු, බොම්බයි ලූනු මිල කොහොමද? ජීවන වියදම අඩුයිද? බඩු මිල ඉහළ ගිය තරම කොතරම් ද කියනවා නම් ජනතාව ඒ ගැන කතා කරන්නෙත් නැහැ. එදා අපට විරුද්ධව ඡන්දය දීපු එකේ ප්‍රතිඵලය වුණේ එදා සිගරැට් බීපු කෙනා අද බීඩි බොන තත්ත්වයට පත්වීමයි. මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අද රටේම ජනතාව බලාගෙන ඉන්න බව ඇල්පිටිය ජනතාව පෙන්නුවා. ශ්‍රීලනිපයත් අපිත් අද එකතුවුණා. ශ්‍රී.ල.නි.ප.ය. අපේ මහ ගෙදර. ඒ නිසා අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නැහැ.මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටේ සම්පත් විකුණනවා. ඒ සල්ලි ආණ්ඩුවම කෑවා. ණය ගෙවන්න රට වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වේ නැහැ. මේ ආණ්ඩුව හැම කෙනෙක්ගෙන්ම පළිගත්තා. හරියට පළිගන්න අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙකම එ.ජා.පයට දෙන්න කියලා මහ ලේකම්තුමා කියනවා. ඔවුන් බලයට එන්නේ පළිගන්න මිස රට හදන්න නෙවෙයි. කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ග අපි ඉක්මනට හැදුවා. මේ ආණ්ඩුව අත ගානවා මිස වැඩ නැහැ. නිදි මරණ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි රටට වැඩක් කරන්න පුළුවන් වැඩකරපු මිනිහෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර තිබෙනවා. අපි නම් බලයට ආවත් ජනතාවගෙන් උපදෙස් ගන්නවා. ජනතාවගේ අදහස් වලට ගරු කරන්න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒකපුද්ගල ආදායම අද 1.6ට වැටිලා. රටේ ණය බර වැඩිවෙලා. මේ තත්ත්වය ඉතාම ඉක්මනට වෙනස් කළ යුතුයි.අවුරුදු පහකට බලයට ඇවිල්ලා අනාගත පරපුරට හිමි දේපළ විකුණන්න ආණ්ඩුවකට බැහැ. ජනතාව නොදුන් අයිතියක් ආණ්ඩුවක් පාවිච්චි කරන්නේ කොහොමද? ජනාධිපති කොමිෂන් දාලා ඒවා ගැන සොයන්න ඕන. වංචාව, දූෂණය, මංකොල්ලකෑම සදාකාලිකවම නතර කර දමන්න කාලය එළැඹිලා තිබෙනවා. ජනතාව ඉදිරියට එන්න බැරි අය අපිට විරුද්ධව උසාවි යනවා. උසාවිය නිවැරැදි තීන්දුවක් දුන්නා. අද අපිට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවා විශ්වාස නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීය.පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතා මෙසේ පැවැසුවාය.ජනතාව අතරින්ම මතුවූ යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර ගත්තා. මා කෙරෙහි තැබු විශ්වාසය අනුව උරුමයන් රැකගෙන සුරක්ෂිත අලුත් රටක් බිහිකිරීමට මම ක්‍රියාකරනවා.ආරක්ෂිත, විනයගරුක රටක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. දේශපාලන සංස්කෘතිය යහපත් කරගත යුතුයි. ආවේගශීලීව, අවස්ථාවාදීව විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණවලට අසුවී ක්‍රියාකරන්න අපට බැහැ. ලංකා කම්කරු කොංග්‍රසයත් අපට සහය ලබාදෙනවා. ඒ සියලුම පක්ෂ අප සමග එකතු වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමට අප දැනමටත් සැලසුම් සකස්කර ඇති නිසයි.ශ්‍රී.ල.නි.ප.ය.ත් අප සමග එකතුවීම නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩිකර ගන්න අපට හැකි වී තිබෙනවා. අද අප භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් රටට හඳුන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අප නැවතත් ආර්ථිකය පණගන්වන සුරක්ෂිත රටක් බිහිකරනවා. බුද්ධි අංශවලට නිසි පරිදි ක්‍රියාත්මක වීමට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ආර්ථිකය සුරක්ෂිත කිරීමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ.අපගේ සැලසුම් සකස් වී තිබෙන්නේ ඥානය මුල්වූ ආර්ථිකයත් කෙරෙහියි. තොරතුරු තාක්ෂණය මූලික කරගෙන ආර්ථිකය දියුණු කිරීමට අපට පුළුවන්. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අප රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. මිනිස් සම්පත් දියුණු කිරීමට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් මාගේ පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල අයෝජනයක් කරනවා. තරුණ තරුණියන් අසහනයට පත්වසිටින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරැදි නිසයි.ලක්ෂ දෙකක සිසුන් පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ සිසුන් තිස්පන් දහසක් පමණයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල දියුණු කරනවා. තාක්ෂණය මුල්වූ ආර්ථිකයක් වෙනුවෙන් අප ක්‍රියාත්මක වෙනවා.අද නිපුණත්වයෙන් හෙබි තරුණයන් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ආර්ථිකය දියුණු කිරීමට නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණියන් බිහිකිරීමට ක්‍රියාකරනවා.සංචාරක ක්ෂේත්‍රය අද කඩාවැටිලා. ස්ථාවර සුරක්ෂිත රටක් බිහිකිරීම හරහා සංචාරකයන්ට සුදුසු රටක් අප බිහි කරනවා. මෙම රජය කෘෂි කර්මාන්තය අමතක කරලා. ලොව ඉහළම වාරි මාර්ග පද්ධතිය තිබුණේ අප රටේයි. අද අප රටේ ගොවියා දුප්පත් වෙලා. ගොවියා දියුණු කළ යුතුයි. ගොවියාට ජීවත්වීමට සුදුසු ආදායමක් ලැබීමට හැකිවන පරිදි කෘෂිකර්මාන්තය දියුණු කරනවා. රටක් සංවර්ධනයවීම යනු සමාජයේ එක් කොටසක් දියුණුකිරීම නොවෙයි. රටේ සියලුම ජනතාව ඉහළට ගැනීමට හැකි වන පරිදි ජනතා හිතවාද ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. සුරක්‍ෂිත රටක්, දියුණු ආර්ථිකයක් බිහිකර අනාගත පරපුරට ජීවත්විය හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් යුතුකම ඉටුකිරීමට සූදානම් යැයිද ඔහු කීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ඉතාම තීරණාත්මක අවස්ථාවකට රට පරිවර්තනය වී තිබෙනවා. පසුගිය රජය කාලයේ තිබූ වේගවත් ආර්ථීක සංවර්ධනය එ.ජා.ප. පාලනය යටතේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අනාගතයක් නැති ජාතියකට අනාගතයක් නිර්මාණය කිරීමේ සටන ‘මහින්ද - ගෝඨා සුසංයෝගය’ අද ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදිය යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කළා. එම තීරණය ගන්න අපිට ටිකක් කල්ගතවුණා. මම මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියාකළා. මගේ තීරණය පක්‍ෂයේ තීරණය බවට පත්කිරීමට හැකිවීම මට සතුටක්. ගෝඨාභය දිනවීම සඳහා ශක්තිමත් ආර්ථීකයක්, සුරක්‍ෂිත රටක් අපට ලැබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව දුටුවිට ජනාධිපති ධුරයට ඔහුට වඩා වෙනත් සුදුස්සෙක් නැහැ. සුරක්‍ෂිත රටක්, ශක්තිමත් ආර්ථියක් ප්‍රාර්ථනා කරන හැමෝටම ගෝඨාභය දිනවීමේ යුතුකමක් තිබෙනවා.තමන්ගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමැතිකමට සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ෆොන්සේකා පත්කරගන්නවාට වඩා ගෝඨාභය පත්කරගැනීම රටට හොඳයි. ගෝඨාභය - මහින්ද රාජපක්‍ෂ එක්ක අත්වැල් බැඳගන්නවා. නමුත් සජිත් ප්‍රේමදාස අත්වැල් බැඳගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.අද වනවිට පක්‍ෂයට වඩා රට ගැන හිතා තීන්දු ගතයුතු වේලාවක්. ජනතාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ගම් මට්ටමින්  පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒවා අමතකකර ගෝඨාභය දිනවීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.දෛවය දේශපාලනයට බලපාන අවස්ථාවන් තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එවන් අවස්ථාවක්. එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. නමුත් අප කවුරුත් නොසිතූ විදියට එම මැතිවරණය ජනාධිපතිවරණ කාලසීමාවේදීම පැවැත්වුණා. පොදුවේ රටේ ජනමතය කෙබඳුදැයි එම මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ඇල්පිටිය ප්‍රාදේශීය ජනතාව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කරලා දැම්මා. රනිල්ට බැහැ කියලා ගෙනාපු සජිත් ප්‍රේමදාස එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය රනිල්ටත් වඩා පහළ මට්ටමකට දමලා. ශ්‍රී.ල.නි.ප.යෙත් අපෙත් ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ.වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ මන්ත්‍රීන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ සඳහා සහභාගීවූහ.
’’රට ගොඩගන්න නම් පළමුව හොරකම් නොකරන පාලනයක් ගොනැගිය යුතුයි’’
0
(අංජුල මහික වීරරත්න කුරුණෑගල සිට)“හොර, බොරු, දූෂණ නැති, ප්‍රදේශය නියෝජනය කරන සැබෑ ජනතා නියෝජිතයා ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට මෙන්ම පාර්ලිමේන්තුවට පත්වන මැතිවරණ ක්‍රමය නිර්මාණය කළ බව”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල- මල්කඩුවාවේදී පැවැසීය.“ගමේ සහ කොට්ඨාසයේ හොඳ මිනිසුන් මුලින් ප්‍රාදේශීය සභාවට සහ පළාත් සභාවට තෝරා පත් කරගෙන 2020 දී පාර්ලිමේන්තුවට සැබෑම ජනතා නියෝජිතයා ගෙන්වා ගැනීම රජයේ අවසන් අපේක්‍ෂාව යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කුරුණෑගල- මල්කඩුවාවේ ඉදිකෙරෙන නව ජාතික පාසල සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයේදී දුන් තවත් ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් මේ ජාතික පාසල ඉදිකෙරෙයි.වසර දෙකක් ඇතුළත පාසලේ ඉදිකිරීම් අවසන් කර සිසු-සිසුවියන් ඇතුළත් කර ගැනීමටද නියමිතය.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“මෙහි එද්දි පිළිගත් තූර්ය වාදක කණ්ඩායම්, නර්තන කණ්ඩායම්, බාලදක්‍ෂ කණ්ඩායම්, සංගීත කණ්ඩායම්වලට පළමුවෙන්ම ස්තුති කළ යුතුයි. මේ නිවාඩු කාලයයි. නිවාඩු කාලයේත් මේ උත්සවයට සහභාගි වූ පාසල් දරු දැරියන්ටත් ස්තුතිය පළ කරනවා.අශෝක් අබේසිංහ මහතා උත්සවය සංවිධාන කළා. දක්‍ෂ ඇමතිවරයකු වන ඔහු අද මට කතා කර උත්සවය අවසන් වනතුරු වැස්ස නතර වන්නැයි ඉල්ලා බාරයක් වූ බව කිව්වා. නමුත් රටේ අනෙක් හැම දෙනාම වියළි කාලගුණය නවතා වැස්ස වහින්නැයි භාර වී තිබෙන නිසා කුමක් වේදැයි කියන්න බැහැ.මට පෙනෙන විදිහට අහස කළු කරන්න, ඉඳහිට වහින්න දෙවිවරුන් සම්මුතියකට පැමිණ ඇති හැඩයි. ඒ නිසා විශාල වැස්සක් වහින්න පෙර උත්සවය නතර කරමු.අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවට මෙන්ම පාර්ලිමේන්තුවේදී රජයේ වැඩපිළිවෙළ කුමක්දැයි හොඳින් පැහැදිලි කරනවා. එමෙන්ම කුරුණෑගල දියුණු කරන්න එතුමා විශේෂ උනන්දුවක් ගන්නවා. ඒ සඳහා අපත් විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඒ පිළිබඳව කිසිම සැකයක් තබා ගන්න එපා.ජනපති ප්‍රමුඛ රජය ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. මේ පාසල ඇරැඹීම සඳහා සහාය වූ වයඹ මහ ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා.නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අධ්‍යාපන අමාත්‍යවරයකු මා විසින් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා පත් කළා. ඉතිහාසයේත් වූ ආකාරයට අසීරු කාර්යය පැවරෙන්නේ කුලියාපිටියෙන් එන ජනතා නියෝජිතයන්ටයි.පහසුකම් ඇති ජාතික පාසල් දෙකක් කුරුණෑගල ඉදිවෙනවා. දෙවැන්න වරියපොළ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතය. ඒ පාසල් දෙකෙහිම 2019 වන විට පළමු වසර සඳහා සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ පාසල් දෙක සඳහා සුදුසු නමක් සිසු- සිසුවියන් අතර තරඟයක් පවත්වා හෝ තෝරා ගන්නා ලෙස මා ඇමතිතුමාට දැනුම් දුන්නා. ඔවුන්ගෙන් ඇසුවොත් හොඳ නම් ටිකක් දේවි.එමෙන්ම මේ විදුහල සඳහා කල්තියාම හොඳ විදුහල්පතිවරයෙකු මෙන්ම ගුරුවරුන් තෝරාගෙන වැඩ කටයුතු පටන්ගන්නැයි මා දැනුම් දෙනවා.අපේ බලාපොරොත්තුව තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් විශාල ආර්ථික දියුණුව සහිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. ඒ අනාගත ලංකාවේ ජනගහන කේන්ද්‍රස්ථානය වන්නේ වයඹ පළාතයි. ඒ වෙනුවෙන් හොඳ පාසල් ආරම්භ කළ යුතුයි.මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රමුඛ රජයට විශාල සංවර්ධන වැඩකටයුත්තක් තිබෙනවා. ණය බර ගැන අශෝක් අබේසිංහ මහතා පැවැසුවා. ණය ක්‍රමයෙන් ගෙවා දමමින් රට දියුණු කිරීම අපේ අරමුණයි.ණය අප බලාගන්නම්. එසේම අනාගතය ඔබට බාර දෙන්නම්.ජපන් රජය සමඟ එක්ව මහනුවර විශාල දියුණුව ඇති කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී මහනුවරට මෙන්ම කුරුණෑගලටත් එහි වාසිය ලැබෙනවා.කුලියාපිටිය, බිංගිරිය ප්‍රදේශවල කර්මාන්ත කලාප පිහිටුවා හලාවත සංචාරක කලාප ඇති කිරීමෙන් විශාල දියුණුව දකින්න හැකිවේවි.බස්නාහිර මහා නගරය, ගාල්ලේ සිට මාතර කොටස ඉහළ ආදායම් ලබන සංචාරකයන් ඉලක්ක කරගෙන සංචාරක පුරය ලෙස දියුණු කිරීම, එහි ආසියාවේ හොඳම සංචාරක කලාපය පිහිටුවීම, එමෙන්ම හම්බන්තොට සිට මොනරාගල දක්වා කර්මාන්ත කලාපය පිහිටුවීම, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගෙන ඒ දියුණුව ඇති කිරීමට දැනටමත් ක්‍රියා කර අවසානයි. ලබන වසරේ දී තෙල් පිරිපහදු, විදුලිය බලාගාර ආදිය සියල්ලම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා ඇති සංවර්ධන තීරුවේ ජනගහන කේන්ද්‍රස්ථානය ඇත්තේ කොතැනදැයි අමුතුවෙන් කිවයුතු නැහැ.1977 අප පාර්ලිමේන්තුවට පැමිණි වකවානුවේ මෙරට කේන්ද්‍රස්ථානය වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එදා මමත් ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමාත් ජෝන් අමරතුංග මැතිතුමාත් ජේ.ආර්. ජයවර්ධන ජනපති හමුවී ගම්පහ දිස්ත්‍රිත්කය දියුණු කරන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව බියගම සහ කටුනායක වෙළෙඳකලාප දෙක ආරම්භ කළා.21 වැනි ශතවර්ෂය වන විට ජනගහන කේන්ද්‍රස්ථානය වූයේ ගම්පහ දිස්ත්‍රික්කයයි. වාර්තමානයේ ජනගහන කේන්ද්‍රස්ථානය ඇත්තේ ගම්පහ ප්‍රදේශයේයි. නමුත් අලුත් සංවර්ධන වැඩසටහනට අනුව ඊළඟ දශකය එළැඹීමට පෙර ජනගහන කේන්ද්‍රස්ථානය කුරුණෑගලට එන බව මා මතක් කරනවා. අප දැන් අරඹන්නේ ඒ සඳහා අවශ්‍ය වන සංවර්ධනයයි.ඔබ සිටින දිස්ත්‍රික්කය ආරක්‍ෂා කරගන්න, දියුණු කරගන්න. විශාල දියුණුවක් මේ ප්‍රදේශයේ ඇති වීමට නියමිතයි.අපට බලය දෙන්න, අප කුරුණෑගලට අලුතින් ප්‍රධාන විදුහල් දෙකක් දෙන බව මා ඉකුත් මහ මැතිවරණයේදී ප්‍රකාශ කළා. අශෝක් අබේසිංහ, අකිල විරාජ් කාරියවසම්, එස්.බී. නාවින්න යන මහත්වරුන්ට ඒ සඳහා ඉඩම් සොයා ගන්නා ලෙස දැනුම් දුන්නා. ඒ අනුව මල්කඩුවාවේ සහ වාරියපොළ ප්‍රදේශවල ඉඩම් සොයාගත්තෙ. කුරුණෑගල ඉඩම් සොයා ගැනීමට ඇති අසීරුතාව ගැන මා දන්නවා.මේ ප්‍රදේශ දියුණු කළ යුතුයි. මේ අරඹන විදුහල් ශ්‍රී ලංකාවේ හොඳම පාසල් බවට පත් කිරීමට සියලුම දෙනා දේශපාලන අරමුණුවලින් තොරව වැඩ කළ යුතු යැයි මා මෙහිදී සඳහන් කරනවා.පසුගිය මැතිවරණයේදී අප තවත් පොරොන්දුවක් දුන්නා. ඒ නව මැතිවරණ ක්‍රමය ඇති කිරීමයි. මා 1977 පාර්ලිමේන්තුවට ආවේ කොට්ඨාස ක්‍රමය අනුවයි. මා බියගමට පත්වුණා කුරුණෑගලට වෙලගෙදර මහතා පත්වුණා. හිරියාලට එස්.බී. හේරත් මහතාත්, දොඩම්ගස්ලන්දට ජේ.සී. අලවතුවල මහතාගේ පියාත්, කුලියාපිටියට ලයනල් ජයතිලක මහතාත් පත් වුණා. අප තේරී පත්වුණේ කොට්ඨාසවලිනුයි.නමුත් එතන අසාධාරණයක් වුණා. ඒ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සියයට 51ක් ලැබී හයෙන් පහක බලයක් ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැත්තටම නැති වුණා. ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට 47ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී අප ආසන 18කට පහත බැස්සා. තව ආසන එකක් දෙකක් අඩු වුණා නම් චෙල්වනායගම් මහතා විපක්‍ෂනායක බවට පත් වෙනවා.ඒ නිසා අප අනුපාත ක්‍රමයකින් විපක්‍ෂයටත් තැනක් දිය යුතු බව ජේ.ආර්. ජයවර්ධන මහතා පැවැසුවා. අපත් විපක්‍ෂයේ දුක් විඳ තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් දුක් විඳ තිබෙනවා. ඒ අනුව අප අනුපාත ක්‍රමය හඳුන්වා දුන්නා.1987 වසරේදී දේශපාලන පක්‍ෂ සියල්ලම පැවැසුවේ කුමක්ද? අනුපාත ක්‍රමය ප්‍රමාණවත් නැහැ. හැම ඡන්ද ආසනයකටම දිස්ත්‍රික්කයෙන් මනාප තුනක් දෙන්නැයි යෝජනා වුණා. පටන් ගත් යුගයේදී නම් එය හොඳයි. දැන් තිබෙන්නේ මනාප පොරයයි. මන්ත්‍රීවරයකු වෙන්න කෝටි ගණන් වියදම් කරන බවට චෝදනා තිබෙනවා.1977 වසරේ මුළු මැතිවරණයටම වියදම් කළ මුදල අද මන්ත්‍රීවරයකු වීම සඳහා එක් අයකු වියදම් කරනවා. තෑගි දෙනවා. ඔරලෝසු දෙනවා. හැම එක්කෙනාම තෑගි ගන්නවා. කනවා, බොනවා. ඔක්කොම කර ගිහින් තමන් කැමති පක්‍ෂයකට අන්තිමට ඡන්දය දෙනවා. මේ අනුව දේශපාලනයට විශාල දූෂණයක් ආවා.ඒ නිසා අලුත් ක්‍රමයකට යා යුතු යැයි ජනපති - අප ඇතුළු සියලුම දෙනා කිව්වා. කොට්ඨාස ක්‍රමයත් අවශ්‍යයි. අද බලන්න, දොඩම්ගස්ලන්දට, පොල්ගහවෙලට මන්ත්‍රීවරුන් නැහැ. මම හිතන්නෙ කිසිම පක්‍ෂයකින් ඒ ප්‍රදේශවලට මන්ත්‍රීවරුන් නැහැ. දඹදෙණියට මන්ත්‍රීවරයකු නැහැ. නිකවැරටියට නැහැ. යාපහුවට නැහැ. මෙය විශාල ප්‍රශ්නයක් වෙලා.මන්ත්‍රීවරුන් හිටියත් ඒ ප්‍රදේශ නියෝජනය කරන්න කවුරුවත් නැහැ. මේ තත්ත්වය අනෙක් දිස්ත්‍රික්කවලටත් බලපා තිබෙනවා.කොළඹ අප ජයග්‍රහණය කළත් බටහිර කොළඹටවත්, නැගෙනහිර කොළඹටවත් මන්ත්‍රීවරුන් නැහැ. එතන ඔක්කොම මන්ත්‍රීකම් කරන්න වී ඇත්තේ මටයි. දෙහිවලටත් මන්ත්‍රීවරයකු නැහැ. මේ ආකාරයට විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන අප කතා කළා.අප ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා මෙහෙයුම් කමිටුවෙන් එකඟත්වයකට පැමිණියා. සියයට 60ක් කොට්ඨාස ක්‍රමයත්, ඉතිරිය අනුපාත ක්‍රමයෙන් තෝරා පත් කරගත යුතු බවත් එහිදී යෝජනා වුණා. එලෙස තෝරන්නේ කෙසේද?පළමුවෙන්ම කොට්ඨාස දිනන 145ක් මන්ත්‍රීවරු ලෙස ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්‍ෂය වැඩිපුර ජයග්‍රහණය කළා නම් 100ක් එක්සත් ජාතික පක්‍ෂයටත් 45ක් අනෙක් පක්‍ෂයටත් ලැබෙනවා. ඊට පසුව හැම පක්‍ෂයකටම ලැබුණු ඡන්ද ප්‍රමාණයේ අනුපාත ගෙන 240 අනුපාතය සලකා බලනවා. ඒ අගය සලකා හැම පක්‍ෂයකටම 240 මන්ත්‍රී පිරිසෙන් ලැබෙන්න තිබෙන ප්‍රමාණයෙන් ලැබුණු මන්ත්‍රී පිරිස අඩු කර මන්ත්‍රීධුර දීම සැලසුමයි.එක්සත් ජාතික පක්‍ෂයට 95ක් ලැබුණා නම් අපට මන්ත්‍රීන් 130ක් ලැබීමට නියමිතයි. ඉතිරිය අනෙක් පක්‍ෂවලට යනවා. මෙහි කේවල සහ අනුපාත ක්‍රමය සහිත මිශ්‍ර ක්‍රමය පවතිනවා.මිශ්‍ර ඡන්ද ක්‍රමය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. ඒ සංශෝධනය ක්‍රියාත්මක කර එකම දිනයක සියලු පළාත් සභා ඡන්ද පවත්වන්නට බලාපොරොත්තු වෙනවා.ලබන වසර අවසන් වීමට පෙර ඡන්ද සියල්ලම පැවැත්වීමට අදහස් කරනවා.පළමුවෙන්ම මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න වූයේ ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දවලටයි. පසුගිය සතියේ ඒ සඳහා වන සංශෝධන ඉදිරිපත් කළා. සංශෝධන අනුමත කරගත් පසුව ඒ මැතිවරණය පැවැත්වෙනවා.පත්වන සභිකයන්ගෙන් සියයට 25ක් කාන්තාවන් විය යුතු යැයි අප යෝජනා ඇතුළත් කළා. දැන් කළ යුත්තේ ඒ ක්‍රමවේදය පළාත් සභාවල ක්‍රියාත්මක කිරීමයි.පළමුවෙන්ම ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුයි. එහිදී මේ ක්‍රමයේ අඩුපාඩුකම් තිබේ නම් ඒවාත් හදාගන්නට හැකියාව ලැබෙනවා.තවත් කමිටුවක් පත්කර පළාත් සභා සඳහා කොට්ඨාස බෙදන්නට අවශ්‍යයි. ඊට පසුව පළාත් සභා මැතිවරණත් එකම දිනයක පැවැත්විය යුතුයි. කඩිනමින් පවත්වන මැතිවරණවලින් පලක් නැහැ.ඒ වැඩකටයුත්ත කිරීමේ පළමු පියවර ලෙස අප ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. පළාත් සභා ඡන්ද එක දිනයක පැවැත්වීම එහි අරමුණයි. අප සදහටම ඡන්ද කල් දමා වි යයි සමහරුන්ගේ බයක් තිබෙනවා. අප තවත් සංශෝධන සලකා බලන්න සූදානම්. ඒ නිසා වසරක් ඇතුළත නැතිනම් ලබන වසර අවසන් වීමට පෙර සියලු මැතිවරණ පවත්වන බව අධිකරණයටත් යෝජනා කරනවා. අදාළ දිනයට ඒ මැතිවරණ පැවැත්විය යුතුයි. නැතිනම් මැතිවරණ කොමිසම එවේලේම ඡන්ද පවත්වාවි.ඒ නිසා කිසිම බයක් තබාගත යුතු නැහැ. සංශෝධන ගෙනැවිත් ඇත්තේ අලුත් ක්‍රමය පළාත් සභාවලටත් යෙදවීමයි. සංශෝධනය සම්මත කළ සැනින් ආසන වෙන් කිරීම සඳහා කමිටුව පත් කිරීමට නීති කෙටුම්පතක් සකස් කරමින් සිටිනවා.ආසන වෙන් කිරීමේ කමිටුව පත්කර ඉතා කෙටි කාලයක් තුළ ආසන බෙදා ගත් විට, ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය සභා කොට්ඨාසවල, පළාත් සභා කොට්ඨාසවල මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසවලද මන්ත්‍රීවරුන් සිටිනවා.අනෙක් කරුණ නම් ඉස්සර වගේ එක් පැත්තකට බර වී අනෙක් පැත්ත සේදී යන්නේ නැහැ. විපක්‍ෂයටත් අනුපාත ක්‍රමය යටතේ සාධාරණ මන්ත්‍රී පිරිස ලැබෙනවා. එවැනි අනුපාත ක්‍රමයක් තිබේ නම් කාටවත් තුනෙන් දෙක ලැබෙන්නේ ද නැහැ. පවතින බිය ඒකයි.ඕනෑම පක්‍ෂයක් එක්සත් ජාතික පක්‍ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වේවා තුනෙන් දෙකක බලය ගෙන තමන් කැමති විදියට ක්‍රියාත්මක කරයි කියා සිතිය හැකියි. තුනෙන් දෙකකුත් නොලැබෙන්න කොට්ඨාසවලට, පළාත් සභාවලට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ මේ අලුත් ක්‍රමයයි.පළාත් සභාවලට අනුපාත හා කේවල මිශ්‍ර ක්‍රමය ක්‍රියාත්මක කර එකම දිනයක ඡන්ද පැවැත්වීමට මේ සංශෝධන ගෙන එනවා.අපට අවශ්‍ය වන්නේ අනුපාත හා කේවල ක්‍රම දෙකම මිශ්‍ර වූ අලුත් ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමයි. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ ඒ සඳහායි.ලබන වසර අවසානයට පෙර ඡන්ද පවත්වන බවට එකඟතාවයකට එළැඹීමට හැකියාව තිබෙනවා. ඡන්ද පැවැත්වූ පසු ඡන්ද දායකයන්ට ප්‍රාදේශීය සභා ඡන්ද සහ පළාත් සභා ඡන්ද අත්හදාබලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම පිළිබඳව සම්පූර්ණයෙන් දැනුම්වත් වීමට හැකියි.පාර්ලිමේන්තු මැතිවරණය අවුලක් නැතිව පැවැත්විය යුතුයි. මේ ගැන සැකයක් තබාගන්න එපා යැයි මම විපක්‍ෂයේ සිටින අයටත් පවසනවා.අපි සියලුම දෙනා එක්ව ඉක්මනින් අදාළ සම්මත කරගැනීම් කරමු. ඒ අනුව අලුතින් කොට්ඨාස බෙදා තම තමන්ගේ මන්ත්‍රීවරයා, ප්‍රාදේශීය සභාවේත්, පළාත් සභාවේත්, පාර්ලිමේන්තුවේත් නියෝජනය කරන ක්‍රම ඇති කරමු.ගමේ හොඳ මිනිස්සු, කොට්ඨාසයේ හොඳ මිනිස්සු තෝරාපත් කරගන්න.ඊට අමතරව පාර්ලිමේන්තුවේදිත් ඔබේ ප්‍රදේශය නියෝජනය කරන ක්‍රමය 2020 වන විට නිර්මාණය කිරීම අපේ අරමුණයි.මේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන්ම ලංකාවේ හොඳම පාසලක් බිහි කරමු යයිද, රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:-“මේ ප්‍රදේශයට පාසල් දෙකක් ලබා දෙන බව අගමැතිතුමා පැවැසුවා. අක්කර පහක භූමියක ඉතා දියුණු මට්ටමින් ජාතික පාසල ඉදිකරනවා. අනෙක් පාසලේ කටයුතු ඇරැඹීමට ඉඩමක් සොයාගෙන තිබෙනවා.මහනුවර තවත් ජාතික පාසලක් ඉදිකරනවා. ප්‍රධාන පාසල්වල ඉඩකඩ ප්‍රශ්න තිබෙනවා. මේ පාසල ඉදි කළ විට මෙහි ජනතාවට සුවිශේෂි අවස්ථාවක් ලැබෙනවා.ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 18500ක් පමණ ක්‍රියාත්මක කෙරෙනවා.අප කිසිදු දේශපාලනයක් නැතිව විදුහල්පතිවරුන් බඳවා ගත්තා. අගමැතිතුමා ඇරැඹූ අධ්‍යාපන පරිපාලන සේවය ඉතා වැදගත් සේවයක් කරනවා. පසුගිය සමයේ අධ්‍යාපනය අවිධිමත් තත්ත්වයකට පත් වුණා.අපට අවශ්‍ය අධ්‍යාපනයේ විධිමත් බව ඇති කරන්නයි. පාසල් සිසුන්ට ලක්‍ෂ දෙකක රක්‍ෂණාවරණය දීමේ ගිවිසුම් අත්සන් කරනවා. ලක්‍ෂ 45කට ආසන්න පාසල් සිසු සිසුවියන්ට මේ මුදල් දෙනවා.නොමිලේ ඇඳුම්, පොත් දීමෙන් පසු නිදහස් අධ්‍යාපනයට දුන් දැවැන්තම සහනය මෙයයි. පසුගිය සමයේ දරුවන්ගේ නිල ඇඳුමෙන් පවා ගසා කෑවා. අප වවුචර් ක්‍රමය හඳුන්වාදීමෙන් ඒ ගසා කෑම සම්පූර්ණයෙන් නතර කිරීමට හැකිවුණා.ලොව වෙනත් රටවල ක්‍රියාත්මක වන දියුණු අධ්‍යාපන ක්‍රම අප ක්‍රියාත්මක කරනවා. වසර 13 දක්වා අධ්‍යාපනය දෙන වැඩසටහන තව නොබෝ කාලයකින් ක්‍රියාත්මකයි.2019 වසරෙන් පසු සාමාන්‍ය පෙළ අසමත්වන සිසුන්ටත් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.ටැබ් පරිගණක දීමේ නියාමක වැඩසටහන මේ වසර අවසන් වීමට පෙර කරනවා.”ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා:-“මේ ඉටුවන්නේ පසුගිය මැතිවරණ සමයේ අගමැතිතුමන් දුන් පොරොන්දුව බව කිව යුතුයි. රුපියල් කෝටි සියයක මුදලක් වැයකර මේ පාසල ඉදි කෙරෙනවා. 2020 වසර වන විට පාසල විවෘත කිරීම අපේ අරමුණයි.අගමැතිතුමා කියන දේ කරන නායකයකු වනවා. ණයකරුවන් බවට පත් වී සිටින ශ්‍රී ලංකා ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් ඉන් මුදාගැනීමේ ක්‍රියාදාමය දැන් සාර්ථක වෙලා.ආදායම සහ වියදම අතර පරතරය අපට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් 2025 වසර වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ කාර්යය දැන් අරඹලා.අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් මහතා:-“අද කුරුණෑගල ජනතාවට ඉතා වටිනා වස්තුවක් ලැබෙනවා. මේ ඉදිවන්නේ ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයයි. ලංකාවේ විවිධ පාසල් වර්ග තිබෙනවා. වැඩිම ඉල්ලුම ඇත්තේ ජාතික පාසල්වලටයි.හොඳම පාසල ළඟම පාසල වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දියුණු කෙරෙනවා.”අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද කථා කළේය. (ඡායාරූප - ඉෂාන් සංජීව)
හොඳ මිනිසුන් ප්‍රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
1
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
හොඳ මිනිසුන් ප්‍රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
0
(අංජුල මහික වීරරත්න සහ ශාන්ත ප‍්‍රදීප් කුමාර)”යහපාලන ජාතික රජය රට සංවර්ධනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසියක් ගැනීමේ අරමුණෙන් නොවේ” යයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ පන්නිපිටියේදී පැවැසීය. ”සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස හැම පාර්ශ්වයකම එකමුතුවෙන්” බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහි අවසාන ප‍්‍රතිඵලය සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමසේ බෙදී යන්නේ යැයි පැවැසීය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරැඹීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි. පන්නිපිටිය වීර මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක රුපියල් මිලියන 6000ක වියදමින් ඉදිවන නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විතය. ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ”වියත් පුර” නමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.  ”වියත් පුරය” යනු යහපාලන රජයේ නිවාස යෝජනා ක‍්‍රමය, නාගරික යෝජනා ක‍්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතිය බව කිව යුතුයි.  ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍යයි. එමෙන්ම අපගේ අපනයනය වැඩි කළ යුතුයි. රටේ ආදායම වර්ධනය කළ යුතුව තිබෙනවා. බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා.  2020 වසර වනවිට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතුළත ණය බර ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමට හැකියි. ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකය ඇති කළවිට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනකුට පමණක් සීමා කරන්න බැහැ. එහි ප‍්‍රතිලාබ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිපදෙනකුට පමණක් නොවෙයි.  අපට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි. පසුගිය සතියේ දී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමඟ සාකච්ඡුා කිරීමට මට අවස්ථාව ලැබුණා. නිෂ්පාදනවලට ලැබෙන ලාබය වැඩි වූ විට එහි වාසිය ලාබයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා දෙන්නේ කෙසේ දැයි සාකච්ඡුා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ ද ඒ ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ජනතාවට සහන දීම සඳහා තවත් ප‍්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. පළමු වැන්න නම් අධ්‍යාපනයයි. වසර 13ක අධ්‍යාපනය අනිවාර්යය කර පාසල් ක‍්‍රමය දියුණු කිරීමට අප කටයුතු කරනවා. ”හොඳ පාසල් නැහැ, ජාතික පාසල් අවශ්‍යයි” යන චෝදනාව එවිට නගන්නට හැකි වන්නේ නැහැ.  පළාත් සභා සමඟ සාකච්ඡා කර පළාත් සභා පාසල් ගණනාවක් ඒ සහ බී ශ්‍රේණියේ මධ්‍ය මහා විද්‍යාල බවට පත් කිරීමටත්, ඒ තත්ත්වය ආරක්ෂා කිරීමටත් ක‍්‍රියා කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මා සමඟ පැවසුවා. තම දරුවන්ට හොඳ අනාගතය ලබා දීම සියලූම දෙනාගේ අපේක්ෂාවයි.  ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට දක්ෂකම් නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් පාසල් අතහැර යනවා. අපේ උත්සාහය වන්නේ එලෙස පාසල් හැර යන අයත්, පාසලේ තබා ගෙන ඒ පිරිසට වෘත්තීය දැනුම දීමයි. එවැනි දැනුමක් ඇති වෘත්තීයවේදීන්ටත් මේ යුගයේ දී හොඳින් මුදල් ඉපැයීමට අවස්ථාව තිබෙනවා.  එවැනි අයකු විදේශගත වුවහොත් සාමාන්‍ය උපාධිය ඇති අයකුට වඩා හොඳ ආදායම ගත හැකි තත්ත්වය නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යහපාලන රජය තවත් වෛද්‍ය පීඨ ගණනාවක් මොරටුව, සබරගමුව, වයඹ ආරම්භ කරනවා. අපට අවශ්‍ය වෛද්‍යවේදීන් ඒ අනුව බිහි කළ හැකියි. මීට අමතරව ඇති විශාලතම ප‍්‍රශ්නය වන්නේ නිවාස ප‍්‍රශ්නයයි. ග‍්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාවට, උතුරේ නිවාස අහිමි වූ ජනතාවට, බිම් අඟලක හෝ හිමිකාරීත්වයක් නැති කඳුකරයේ කම්කරු ජනතාවට, කොළඹ පැල්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස දීම සඳහා අප විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාගරීකරණයේ ප‍්‍රධාන වැඩසටහන ලෙස තට්ටු නිවාස ව්‍යාපෘතිය ද ඉදිකිරීමට ද යටිතල පහසුකම් දියුණු කිරීමට ද අදාළ කටයුතු සැලසුම් කර තිබෙනවා. අද කුඩා කාලයේ ලංකාවේ ප‍්‍රධාන නගරය ලෙස පැවැතියේ කොළඹ පමණයි. ඒ කාලයේ මහරගම ආදී නගර කොළඹින් බොහෝ දුර බැහැර නගර ලෙසයි සැලකුණේ. ඒත් අද වනවිට හෝමාගම, මහරගම දක්වාත් අනෙක් පසින් ගම්පහ සිට කුරුණෑගල දක්වාත් නාගරීකරණය වෙලා. තවත් වසර 10ක් පමණ ගත වනවිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත ආදී ප‍්‍රදේශ එක් පසෙකිනුත් අනෙක් පසින් ගාල්ල, මාතර දක්වාත් විශාල නාගරීකරණයකට රට ලක් වෙනවා. නාගරීකරණය තුළ ජීවත් වීමට තට්ටු නිවාස ක‍්‍රමය අවශ්‍යයි. නිවාස සම්බන්ධව විශාල ගැටලූ තිබෙන්නේ අපේ රටේ වෘත්තීයවේදීන්ටයි. මුදල් නොමැතිවීම, නිවාස සඳහා ණය ගැනීමට සිදුවීම ආදී ගැටලූ ඔවුන්ට බලපානවා. ඒ සඳහා විසඳුම ලෙස විදෙස්ගත වී මුදල් සෙවීමට ඇතැමුන් කල්පනා කරනවා. ඉන් වන්නේ ජනතාවගේ සේවය රටට අහිමි වීමයි. ඒ ගැටලූ සඳහා පිළියම් දෙමින් ලාංකික වෘත්තීයවේදීන්ගේ සේවය ශ්‍රී ලංකාවටම ගැනීම සඳහා අප මේ වැඩ කටයුතු ආරම්භ කළා. රටේ මධ්‍යම පන්තික උගතුන්ට, වෘත්තීයවේදීන්ට මෙලෙස නිවාස දීම වන්නේ පාඨලී චම්පික අමාත්‍යතුමාගේ යෝජනාවක් අනුවයි. එය රටට අවශ්‍යයි. ශ්‍රී ලංකාව වැනි රටක් දියුණු වීමට නම් මධ්‍යම පාන්තිකයන් අත්‍යවශ්‍යයි. තමන් නීතිඥයකු, වෛද්‍යවරයකු, දක්ෂතා සහිත කාර්මිකයකු හෝ ව්‍යාපාරිකයකු හෝ වුවත් මධ්‍යම පන්තියට ඇතුළත් වීමේ හැකියාව සියලූ දෙනාට තිබිය යුතුයි. මේ වැඩසටහන යටතේ විශාල නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට තිබෙනවා. බස්නාහිර පළාතේ නාගරීකරණය දියුණු කිරීම සඳහා නිවාස පමණක් නොව යටිතල පහසුකම්, විදුලිය, ජල පහසුකම් ද දියුණු කළ යුතුයි. වාහන තදබදයත් විසඳිය යුතු එක් ගැටලූවක් වනවා. පාඨලී චම්පික ඇමැතිතුමා අභියෝග බාර ගනිමින් ඒ සඳහා වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා එතුමාට තවත් මුදල් දීමට මා බලාපොරොත්තු වෙනවා. 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ මෙවැනි විශාල වැඩ කොටස කිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි. පැරණි දේශපාලන සම්ප‍්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුව ගෙන යනවා යයි පැවැසීමට හැකියාව තිබුණා. ඒත් ගැටලූවලට විසඳුම් දෙමින් එක්ව වැඩ කිරීමට මා තීරණය කළා. පසුව ඡුන්දයට මුහුණ දෙනවිට ජනතාව පක්ෂ දෙකෙහි ගුණ වර්ණනා කරයි. එවිට ජනතාව පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායී අපේක්ෂකයන් තෝරා ගනීවි. මේ ක‍්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමිනුයි. මේ වනවිට අපට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කරලා. සියලූ වැඩ කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව ලෙස සියලූ දෙනාගේම එකතුවෙනුයි. එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසිය දීමට අප වැඩ කරන්නේ නැහැ. පක්ෂ දෙකක් එකට වැඩ කිරීම යනු ඉතා අසීරු කාර්යයයි. මේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුව රැුගෙන යනවා වාගේ යයි මා පැවසුවේත් ඒ නිසයි. ජාතික ආණ්ඩුව රැුගෙන යනවිට යම්තමින් හෝ අවධානය ගිළිහුණොත් වරදින්නේ කෙසේ දැයි සිතා ගැනීමටත් නොහැකියි. පොඞ්ඩක් බැරි වුණොත් කොහේ ගිහින් වදියි ද දන්නේ නැහැ. රටට වාසිය වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යාමට මා තීරණය කරනවා. සමාජ සාධාරණත්වය සහිත වෙළෙඳ ආර්ථිකය බිහි කිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා වන වැඩපිළිවෙළෙහි සමාරම්භක අවස්ථාවට මට ආරාධනා කළ පාඨලී චම්පික ඇමැතිතුමාට සුභ ප‍්‍රාර්ථනා කරනවා” යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ”මහරගම, හෝමාගම, කොට්ටාව ප‍්‍රදේශ කොළඹ නගරයෙන් පසුව බිහි වන දෙවැනි අගනගරය ලෙස සැලකිය හැකියි. හෝමාගම දැන් තාක්ෂණික නගරය ලෙස දියුණු වෙමින් තිබෙනවා. දෙවැනි අගනගරය මේ ප‍්‍රදේශයේ බිහි වනවිට වියත් පරපුර සඳහා නිවාස අවශ්‍යයි. මේ වසරේ දී ස්ථාන 6ක් කේන්ද්‍ර කරගනිමින් වෘත්තීයවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ අනුව නිවාස 5000ක් ඉදි වීමට නියමිතයි. බොරැුල්ල නිවාස සංකීර්ණයේ වැඩ මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා. විනිවිද පෙනෙන අයුරින් ජනතාවට උපරිම ප‍්‍රතිලාබ දීම අපේ අරමුණයි. අතීතයේ ද නොයෙක් ජන වර්ග තමන් ලෝකයට මඟ පෙන්වන්න සුදුසු බව කල්පනා කළා. එවැනි සංකල්පය නිසා ඇතැම්විට යුද්ධ ඇති වුණා. ඇතැම්විට යහපත් දේ සිදු වුණා. ලෝකයට මඟපෙන්වීම ගැන විවිධ අය විවිධ කතා කියනවා. නවෝත්පාදනයේ යෙදෙන තාක්ෂණ කණ්ඩායම ලෝකයට මඟපෙන්වන බව අලූත්ම මතයයි. එනම් මධ්‍යම පන්තියයි. මෙරට වූ සමාජ පෙරළියේ පෙරමුණ ගත්තේ ද මැද පන්තිය බව කිය යුතුයි. අනාගතයේ මේ ප‍්‍රදේශය කොළඹටත් වඩා තාක්ෂණ පන්තියේ අගනගරය බවට පත් වෙනවා. ශ‍්‍රම විභජනය අනුව දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී වශයෙන් අලූත් කුල ක‍්‍රමය නිර්මාණය වී තිබෙනවා. මේ නිවාස යෝජනා ක‍්‍රමය ඔවුන් සඳහායි. අපේ නව නගරයට ඇතුළු වන්නැයි වෘත්තීයවේදීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. පොදු පහසුකම් සඳහා වෙන් කළ භූමිය සංවර්ධනය කර අප නැවත ජනතාවට දෙනවා. එමෙන්ම මෙහි  කසළ කළමනාකරණය මෙන්ම ජල කළමනාකරණය ආදිය හරිත ක‍්‍රමවේදයට අනුව ක‍්‍රියාත්මක වන බව කිව යුතුයි.”මේ අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, පළාත් සභා මන්ත‍්‍රීවරු වන රොඞ්නි ෆ්‍රෙෂර්, නිමල් ආර්. පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
හොඳ මිනිසුන් ප්‍රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
0
(අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප‍්‍රකාශ කළේය.සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව  පැවැසීය.කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික‍්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.එතුමාගේ ප‍්‍රධානත්වයෙන් තායිලන්තයේ ප‍්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප‍්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ඉන් පසුව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප‍්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක‍්‍රියාත්මක වෙනවා.සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග‍්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත‍්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප‍්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.මේ ප‍්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.අද ක‍්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක‍්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත‍්‍ර ද  තිබෙන්න පුළුවනි. මොකද නවීන ක‍්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.මහා සංඝරත්නය ප‍්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප‍්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක‍්‍රම ක‍්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.2015-2016 කාලවලදී ජනතාවට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප‍්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.අප ක‍්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත‍්‍රයේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.මේ කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප‍්‍රවණතාවේ අඩුවක් තිබෙනවා.නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ප‍්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.මනාප ක‍්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක‍්‍රමය සම්මිශ‍්‍රණය වූ මැතිවරණ ක‍්‍රමයක් අප ඇති කළා. කේවල ක‍්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක‍්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක‍්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක‍්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.එවිට ජනතාවට තමන්ගේ ප‍්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප‍්‍රකාශ කරනවා. ඒ ක‍්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප‍්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක‍්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.මේ ආකාරයට අප අලූත් ක‍්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක‍්‍රමය සඳහත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක‍්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප‍්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක‍්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.උතුරේ කාන්තාවන්ගේ ප‍්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප‍්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප‍්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා.”ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.මා කිසි දිනෙක පක්ෂ ප‍්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ  ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ.  ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.තව වසර පහක් ගතවන විට සීඝ‍්‍ර සංවර්ධනයේ ප‍්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත‍්‍රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප‍්‍රසංශනීය බව කිව යුතුයි.”මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
හොඳ මිනිසුන් ප්‍රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
0
(හර්ෂණ තුෂාර සිල්වා)ඩිජිටල් තාක්ෂණය, පරිගණක සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට පුරාම ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී (7) ප්‍රකාශ කළේය. නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය හරහා රට තුළ අපනයන පදනම් කර ගත් ආර්ථික රටා ඇති කරතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටේ දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව ඇති කරන බවත්, ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගය බිහි කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. බල මණ්ඩල රැස්වීම ඇමතූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය. “ජනාධිපතිවරණයට මුහුණ දී ඒ දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර රට නව මාවතට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය මා බාරගෙන සිටිනවා.මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. මා වැඩ කර ඔප්පු කරලා තිබෙනවා. මා ජනතාවට දැවැන්ත සේවාවක් කළා. කෙටි කාලයක් තුළ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලුම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේ දී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, ඒ සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළට කාලය එළැඹිලා. අප රටක් හැටියට ලොව දිනන්න ඕනෑ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් නව කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනෑ.නව නගර, නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය නවෝත්පාදනය තුළින්, කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනෑ. ඒ ආර්ථික රටාව ශක්තිමත් කරන්නත් ඕනෑ. තිරසර සංවර්ධනය, සුහුරු සංවර්ධන රටා දියත් කරන්න ඕනෑ. ලෝකයේ නව ප්‍රවණතා සමග තරග කරන මාතෘ භූමියක්, ඒ තරගය තුළින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාවක් ඇති කළ යුතුයි. ජයග්‍රහණයේ අරුණළු හා ප්‍රතිලාභ රටේ තරුණ පරපුර ප්‍රමුඛ පුරවැසියන් සියලු දෙනාට ලැබෙන යුගයක් බිහි කළ යුතුයි. ඒ හැකියාව, ඒ දර්ශනය, ඒ කැපවීම සහ උනන්දුව මා සතුයි. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ නව පරම්පරාවට ශක්තිය, රටේ තරුණ පුරවැසි පරපුරට ජවය දෙන මහා සංවර්ධන විප්ලවයක් බිම් මට්ටමේ දියත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව කියනවා.කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරන විට රණසිංහ ප්‍රේමදාස මහතා කරන ලද සංවර්ධනය කිසිවකුට අමතක කරන්න බැහැ. ලලිත් ඇතුලත්මුදලි මහතා වරාය සංවර්ධනය කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කරන ලද සංවර්ධනය සියලු දෙනාගේම මතකයේ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව හැම විටම ප්‍රගතිශීලී දේශපාලනය අගය කළ ජනතාවයි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අවස්ථාවක දී ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම් වාදය මුදුන් පත් කරගෙන කටයුතු නොකළ ජන කොටසයි.ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට නම් ජාතීන්, ආගම් අතර මිත්‍රශීලිත්වය තිබෙන්න ඕනෑ. සංහිඳියාව තිබෙන්න ඕනෑ. ඒ මිත්‍රශීලීත්වය හා සංහිඳියාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය සාධකයක්. ජාතිභේදය, ආගම් භේදය අවුස්සා අනෙකුත් ආගමික ස්ථාන විනාශ කළ අයට රටක් එක්සේසත් කරන්න බැහැ. ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්ය කරන්නයි. තමන්ට රජවීම උදෙසා රට තුළ ගිනි කන්දක් නිර්මාණය වුව ද ඔවුන්ට කමක් නැහැ. එය තමයි ඔවුන්ගේ කාර්ය වන්නේ.තමන්ගේ පවුල, රජ පවුල රැකෙනවා නම්, රජ පවුලේ සාමාජිකයන්ට ජනාධිපති මන්දිරයටයි, අරලියගහ මන්දිරයටයි යන්න පුළුවන් නම් රට ගිනි ගත්ත ද ඔවුන්ට කමක් නැහැ. තමන්ගේ පවුල රජ වෙනවා නම් ජාතිභේදය, ආගම්භේදය නිර්මාණය වෙලා රටේ ඒකීයභාවය එක්සත්භාවය පළුදු වෙලා රට කෑලි කෑලිවලට කැඩුණත් ඔවුන්ට කමක් නැහැ. නොවැම්බර් 16 වැනිදා ජනතාව අති විශිෂ්ට ජනවරමෙන් රටේ මීළඟ ජනාධිපති තෝරන විට, පවුල්වාදී දේශපාලනය අපේ මාතෘ භූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉවත් කරන බව ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ දී මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ දවස්වල සිද්ධ වෙච්ච දේවල් දිහා බලද්දි මුළු කණ්ඩායමම රාජපක්ෂලායි. අතිරේක ක්‍රීඩකයාත් රාජපක්ෂයි. බැරිවෙලා කණ්ඩායමේ කාටහරි මොනවාහරි ඇබැද්ධියක් වුණා නම් ඒකට රිංග වන්නෙත් රාජපක්ෂ කෙනෙකුයි. එතකොට රටේ රාජපක්ෂලා හැර උගතුන් නැහැ, බුද්ධිමතුන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ හැකියාවන් තිබෙන මිනිස්සු නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ වෙන දක්ෂයන් නැහැ. රාජපක්ෂලා හැරුණු විට රටේ ප්‍රවීණයෝ නැහැ. ඒ මොකද? මේ ඇත්තන්ගේ ඇඟ පුරාම මොළේයි. එක තැනක විතරක් නෙවෙයි, ඇඟ පුරාම මොළේයි.ජනතාවගෙන් අහන්න මා කැමැතියි, හදවතට තට්ටු කර අහන්න, පොඞ්ඩක් හිතා බලන්න ජනාධිපති රාජපක්ෂ, අගමැති රාජපක්ෂ, මුදල් ඇමැති රාජපක්ෂ, කතානායක රාජපක්ෂ, වාරිමාර්ග රාජපක්ෂ, කෘෂිකර්මාන්තය රාජපපක්ෂ හැම තැනම රාජපක්ෂයි. රටේ උතුම්ම ආගමික නායකයාත් රාජපක්ෂ කෙනකු කියලා ඒ අය කියාවි යයි මට ලොකු සැකයක් තිබෙනවා.මේකට අප දෙන විකල්පය කුමක් ද? පවුල්වාදය බිඳ දමා, ඥාති සංග්‍රහය ඉවත් කර, ගජ මිතුරු සංගම් දේශපාලනය අතුගා දමා හැකියාව තිබෙන තරුණ පරපුරට, උගතුන්ට, බුද්ධිමතුන්ට හා විශේෂඥයන්ට අවස්ථාව මා දෙන බව පැහැදිලිව කිව යුතුයි. මෙදා රාජ්‍ය ගන්නා විටත් ඉන් අනතුරුව සංවර්ධන ක්‍රියාදාම නිර්මාණය කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් උගතුන්ට, දක්ෂයන්ට, බුද්ධිමතුන්ට අවස්ථාව දෙනවා. තරුණ පරපුරට දෙන්න පුළුවන් ඉහළම ශක්තිය දී ඔවුන් රටේ අනාගතයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරනවා. රටේ මධ්‍යම පන්තියට මා අවස්ථාව දෙන බව ද සිහිපත් කළ යුතුයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොකු පරිත්‍යාගයක් කළා. ඒ පරිත්‍යාගයට මගේ ස්තූතිය සහ ගෞරවය පුද කරනවා. මෙදා පාර කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව මෙහිදී ඔබට කිව යුතු” යයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීවේය. බල මණ්ඩල රැස්වීම ඇමතූ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා මෙසේ පැවැසීය.“ජනාධිපතිවරණයේ දී අප කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 230,000කින් ජයග්‍රහණය කරනවා. ලක්ෂ 70කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන අප එක්සත් ජාතික පක්ෂයේ අපේම නායකයකු ජනාධිපති ධුරයට පත් කරනවා. අප 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. අගෝස්තු මාසයේ දී මහ ඡන්දය දින්නා. එදායින් පසුව අද වෙද්දි අපේ ඡන්ද ප්‍රමාණය සියයට 7කින් වැඩි වෙලා. අප මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 235,000කට වැඩි ප්‍රමාණය ගන්නවා. අප අවුරුදු පහක් වැඩ කළා. කතා කළ කාලය අවසානයි. අප ආරම්භ කරන්නේ වැඩ කරන යුගයයි. අප ජනාධිපතිවරයකු පත් කළා. ආණ්ඩුව පිහිටෙව්වා. එහෙත් අපට හිතපු විදියට පොරොන්දු ඉටු කරන්න බැරි වුණා. ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න බැරි වුණා. මොකද බොහෝ පිරිසක් අපේ කකුලෙන් ඇද්දා. ඒ කොහොම වුණත් අප ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවට බයක්, සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් උදා කළා.මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ කීය.“ජනාධිපතිවරණය ලෙහෙසියට ගන්න එපා. 1994න් පසු අපට අපේ ජනාධිපති කෙනකු පත් කර ගන්න බැරි වුණා. ඒනිසා අප ඒ රාජ්‍ය ගන්න ඕනෑ. අපට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක්. අප හැමෝම එකට එකතු වෙන්න ඕනෑ.මතභේද, විවිධ අදහස් සියල්ල අවසන් කරමින් පක්ෂය ඒකරාශී කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් එඩිතර තීන්දුවක් ගත්තා. ඒ නිසා අපේ පක්ෂය පෙරටත් වඩා ශක්තිමත් වෙලා. ඉතාම කෙටි කාලයක් අපට තිබෙනවා.පක්ෂයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කර අවුරුදු 10කට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ස්ථාපිත කරනවා. එසේ කරමින් රට ඉදිරියට ගෙන යනවා”. තීනියාවල පාලිත හිමි, අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’
1
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.” එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.” එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා. සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද? මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.” කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා. ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ. 
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’
0
(හර්ෂණ තුෂාර සිල්වා) ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (6) ප්‍රකාශ කළේය.නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කළ යුතු යැයි ද ප්‍රේමදාස මහතා පැවැසීය.කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.          “ජනාධිපතිවරණයකට මුහුණ දී එම දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර මේ රට නව මාවතකට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ අපේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා.  මිත්‍රවරුණි, මෙම මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. අපි වැඩ කරලා ඔප්පු කරලා තිබෙනවා. අපි ජනතාවට දැවැන්ත සේවාවක් කරලා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලූම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේදී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, එම සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළකට කාලය එළැඹ තිබෙනවා. අපි රටක් හැටියට ලොව දිනන්නට ඕනේ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනේ. නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කරලා නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනේ. එම ආර්ථික රටාව ශක්තිමත් කරන්න ඕනේ”. ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’
0
(අංජුල මහික වීරරත්න, මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි, වතුපිටිවල - එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන, මොරොන්තොට - එන්. ආරච්චි සහ රුවන්වැල්ල - විමලරත්න සමරකෝන්)“ජනාධිපති ධුරයට පත්වූ පසු රජවන්නේ මෙරට පොඩි මිනිහා ඇතුළු සමස්ත ජනතාව බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දැරණියගල - නිට්ටඹුව - රුවන්වැල්ල - මීරිගම සහ දඹදෙණිය ජන රැලි අමතමින් පැවැසීය.“තමා පාලනය කරන්න හෝ හසුරුවන්න හෝ කිසිවකුටත් හැකියාවක් නැති බව කී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පොදුජන ජනපති වන තමන් පාලනය කරන්න හැකි එකම බලවේගය වන්නේ මහ පොළොවේ ජීවත් වන පොඩි මිනිහා පමණකැයි” ද අවධාරණය කළේය. ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ජන රැලි පැවැත්විණි.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැරණියගල ජන රැලියෙන් මෙදින ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.“ත්‍රස්තවාදය විනාශ කළා සේම කුඩු දේශපාලනයත් රටින් තුරන් කරනවා යැයි” ද ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.ජනාධිපතිවරණ ජන රැලි මාලාවේ දැරණියගල - රුවන්වැල්ල ඇතුළු ජනහමුවලට සහභාගි වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“මහ පොළොවේ පය ගසා ජීවත් වන ජනතාවට නොවැම්බර් 17 දාට රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා ජනාධිපති කරනවා කියන විශ්වාසය තිබෙනවා. ජනාධිපතිවරණය ගැන කතා කරද්දි මා අපේ කණ්ඩායමත් සමග ඉදිරිපත් කරන්නේ අලුත් ගමනක්, අලුත් වැඩපිළිවෙළක්. නවීනත්වය නූතනත්වයට ගැළපෙන ප්‍රගතිශීලී ගමනක්.මෙය ඩිජිටල් තාක්ෂණය දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්. දැනුම මත පදනම් වූ ආර්ථික සංවර්ධනයක්. මගේ ඉලක්කය මාතෘ භූමියට නවීන ක්‍රමෝපායන් හරහා අලුත් සංවර්ධන රටාවක්, ජනතාවගේ දුක නිවන යුගයක්, ජනතාවට සංවර්ධිත යුගයක් ජනතාව වෙනුවෙන් ඇති කිරීමයි.රටේ අති මහත් බහුතරයකට පවුල් පාලන බලය නැහැ. ධන බලය නැහැ. රටේ බහුතර ජනතාව ජන බලය අතේ තියාගෙන ඉන්නවා. ඒ, හරි වෙලාවට හරි දේ කරන්නයි.දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන රූකඩයක් නොවෙයි මා. එක් එක්කෙනා පාලනය කරන එක් එක් කෙනාට යටත් වුණු වහල් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නොවෙයි. රටේ ජනාධිපති ලෙස ජනතාව මා දිනවනකොට මාව හසුරුවන්න කවුරුවත් නැහැ. මාව පාලනය කරන්න කවුරුත් නැහැ. මාව හසුරුවන්නේ මාව පාලනය කරන්නේ මහ පොළොවට පය ගසා ජීවත් වන පුංචි මිනිසුන් වන ජනතාවයි.අපේ ප්‍රතිවාදී කණ්ඩායම් කොහොමද හැසිරෙන්නේ කියා දැන් හැමෝටම දැකගන්න පුළුවන්. හැම දෙයක්ම දැන් පටන්ම පාලනය කරනවා. මාධ්‍යවේදීන් ළඟට ඇවිත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් තහනම්. මොකද කට වරද්ද ගනීවි කියා බයයි.අප සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවෙයි. මමත් අංග සම්පූර්ණ පුද්ගලයෙකු නොවෙයි. මගෙනුත් යම් යම් අවස්ථාවලදී අඩු පාඩුකම් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැරදිලාවත් අඩුපාඩුකම් සිද්ධ වුණොත් ජනතාව ළඟට ඇවිත් සමාව ඉල්ලන්න මට පිට කොන්ද, කශේරුකාව තිබෙනවා. මට ඒ හැකියාව තිබෙනවා. මගේ ළඟ මහන්තත්ත්වය නැහැ. මා ළඟ ආඩම්බරකාරකම නැහැ. නමුත් මගේ ළඟ එක දෙයක් තිබෙනවා. පොදු ජනතාවගේ හද ගැස්ම. මගේ පපුවේත් තිබෙනවා. රටේ හැම කෙනෙකුම බලාපොරොත්තු වන්නේ සුබවාදී අනාගතය රටේ දරු පරපුරට දෙන්නයි. මතු පරපුර වෙනුවෙන් ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනගන්නයි. අපේ රටේ හැම මව්පියකුගේම බලාපොරොත්තුව එයයි.එවැනි රට ගොඩනගන්න නම් විනයගරුක ජන සමාජයක් බිහි කරන්න ඕනෑ. යුක්තිගරුක, නීතිගරුක ජන සමාජයක් නිර්මාණය කරන්න ඕනෑ. රට පාලනය කරන පවුලේ පරපුරේ ළමයින්ට එක නීතියකුත් ගමේ බණ්ඩයියාගේ දූ දරුවන්ට තව නීතියකුත් යනාදී ලෙස දෙවිදියක නීතිය ක්‍රියාත්මක වෙන්න බැහැ. එදා එවන් යුගයක් තිබුණා. නැවතත් එවන් නීතියක් ඕනෑද රජ පවුල්වල දරුවන් රජ කරන යුගය නැවත ඕනැද? එසේ නම් සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කරනකොට රජ වෙන්නේ වෙන කව්රුවත් නොව රටේ සමස්ත ජනතාවයි.දැරණියගලට එද්දිම මට හිතට ලොකු ආඩම්බරය දැනුනා. නගරයට ඇතුළු වෙද්දි මගේ තාත්තා හදපු පවුල් 3000 ක් ජීවත් වන ඇඟළුම් කර්මාන්තශාලාව පසු කරද්දි ලොකු සතුටක් හිතට දැනුණා.තාත්තා කර්මාන්තශාලා ආරම්භ කළා සේම පුතා කර්මාන්ත පුර ආරම්භ කරනවා. ජනාධිපතිවරණයෙන් මාව ශක්තිමත් කරනකොට තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම වෙනම කර්මාන්ත පුරවර වැඩසටහනක් ආරම්භ කරනවා. දැරණියගලටත් දෙහිඕවිටටත් කර්මාන්තපුර දෙද්දි මුළු රටේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න කර්මාන්ත පුර රට පුරාම ඉදි කරනවා.රට ඉදිරියට යන්න නම් අලුත් තාක්ෂණය, නව දැනුම පදනම් වූ ආර්ථිකයක් වෙනුවෙන් රට පරිවර්තනය කරන්න ඕනෑ. නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබාදෙන්න ඕනෑ. අගනුවර හෝ තදාසන්න හෝ නගරයක සිටින තරුණ පරපුර පමණක් නොව රටේ සමස්ත තරුණ පරපුරටම එය දිය යුතුය කියන ශක්තිමත් මතයේ මා ඉන්නවා.මගේ ජනාධිපතිවරණය ආරම්භ කළේ ඓතිහාසික ජන රැලිය ගාලු මුවදොර පිටියෙන් පවත්වලයි. ඉන්පසුව ආසන මට්ටමේ රැස්වීම් මාලාව වැල්ලවායෙන් ආරම්භ කළා. මා එහිදී කළ කතාවේ අත්‍යවශ්‍යම කොටස් රටටම ඉදිරිපත් කරන සමහර මාධ්‍ය හෙමිහිට කපා හැරියා.කතාව මාධ්‍යයෙන් කපා හැරියාට මා යන යන තැන්වලදී. ඒ කතාව කියනවා. මා සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරනවා වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනසවියත් යළි දෙනවා. මා කියන දේ කපා හරින්නේ ඒ ඇත්තන් සහාය දෙන අපේක්ෂකයන් කඩාගෙන වැටේවි කියලයි. ප්‍රතිවාදී අපේක්ෂකයන් ජනසවි මුද්දරයවත් සමෘද්ධි මුද්දරයවත් දැක නැහැ.දැන් එයාලට මෙන්න බොලේ ජන සවි මුද්දරය මෙන්න බොලේ සමෘද්ධි මුද්දරය කියා උගන්වනවා. මට ඒවා උගන්නන්න අවශ්‍ය නැහැ. මොකද මා මහ පොළොවේ පය ගහපු ජනතාවගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයායි. ඒ නිසා පොදුජන හද ගැස්ම ගැන මට කාගෙන්වත් ටියුෂන් ගන්න අවශ්‍ය නැහැ. මා ජනාධිපති වුණාට පසු සමෘද්ධියත් දෙනවා ජන සවියත් දෙනවා.බලංගොඩ රැස්වීමේ කියපු වැදගත් දේත් ඇතැම් මාධ්‍ය පෙන්නුවේ නැහැ. ඇයි. ඒ බය නිසයි. මා කියන දේ ජනතාව පිළිගන්නවා.පොරොන්දු දෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා ඇතැම් මාධ්‍ය ඒවා කපා හරිනවා. මාධ්‍යයෙන් කපන නිසා මුහුණුපොතේ මගේ කතාව සජීවීව දෙනවා.මගේ තාත්තා දෙපැත්ත පත්තු වන විලක්කුවක් වැනි රට බාර ගත්ත ද පාසල් දරුවන්ට නිල ඇඳුම් දුන්නා. දිවා ආහාරය දුන්නා. අපේ ප්‍රතිවාදීන් පාසල් දරුවන්ගේ දිවා ආහාරය කැපුවා. දිවා ආහාරය කපපු අය අද දරුවෝ වඩාගෙන දරු සුරතල් පෙන්නමින් ඡන්ද ගන්න හදනවා. හැබැයි ජනතාව දිවා ආහාරය කපා දරු සුරතල් පෙන්නන අය ප්‍රතික්ෂේප කරනවා.සැබෑ දරු කැක්කුම තිබෙන සජිත් ප්‍රේමදාස දුවා දරුවන්ට දිවා ආහාරය දෙනවා. මගේ කතා ඇතැම් මාධ්‍ය කපන්නේ මා උඩට ඉස්සෙයි කියා බයටයි. ඒ අයට මා කියනවා ජනතාව මාව උඩට උස්සලා හමාරයි. රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවෙකුට දවසකට ලැබෙන්නේ රුපියල් 700ක සොච්චම පමණයි. ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ජීවත් වෙන්න රුපියල් 50,000 ත් 55,000 ත් අවශ්‍යයි කියනවා. ඒ නිසා සොච්චම් මුදලක් ලැබෙන වතු කම්කරුවාගේ වැටුප වැඩි කරනවා කියා මා පොරොන්දු වෙනවා.රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. මාතෘ භූමියේ කඩු කුඩුකාරයන්ට තැනක් නැහැ. දේශපාලන ක්‍ෂේත්‍රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මා හොඳම පුද්ගලයා ආරක්ෂක ඇමැතිකමට පත්කර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කර කුඩුකාරයාවත් මෙරටින් අතුගා දමනවා. ඔවුන් රටේ මහා භාණ්ඩාගාරයේ අයිතිකරයෝ ද වෙනවා.රජ පවුල් සමග ගජ මිතුරු සබඳතා මට නැහැ. මා පාට පක්ෂ භේදයෙන් තොරව කුල මල භේදයෙන් තොරව එකතු වෙන්නේ රටේ තැළෙන පොඩිවෙන වැඩ කරන ජනතාව සමගයි. ප්‍රේමදාසගේ පුතාට හයිය දී අලුත් යුගයක් අලුත් ගමනක් ආරම්භ කරමු. රට ලෝකයේ අංක එකේ රට බවට පත් කරනවාමයි” යයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා2015ට පෙර පැවැති කාලය මතක් වනවිට ඇඟ කිලිපොළා යනවා. කකුල් වෙව්ලනවා. අද නිදහසේ ඉන්න අදහස් ප්‍රකාශ කරන්න කැමති දේශපාලනය කරන්න රැකියාව කරන්න නිදහස ලැබිලා.දේශපාලකයින්ට වඳින්නේ නැතිව බියක් සැකක් නැතිව ජීවත්වන්න රට හදා තිබෙනවා. නමුත් එදා මට නඩු පිට නඩු දැම්මා. මාව හිරේ අරින්න එල්ලුම් ගස් යවන්න කටයුතු කළා.රාජපක්‍ෂ කාලයේ පාන් ගෙඩිය රුපියල් හැට වුණා. පොල් ගෙනාවේ ඉන්දියාවෙනුයි. කුකුල් මස් ගෙනාවේ පිටරටිනුයි, කන්න නැතිව තාත්තෙකුයි දුවෙකුයි වස බීලා මැරුණා. කරවිලයි බතුයි කාපු අය හිටියා. නමුත් රාජපක්‍ෂල කාපු හැටි ජනතාව දන්නවා. ජනතාවට දුක් දීලත් ඔවුන් කීවේ රට ආසියාවේ ආශ්චර්ය කියලයි.කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රුවන්වැල්ල එ.ජා.ප. සංවිධායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය:-“2015 ජනාධිපති මැතිවරණයේදී අපට රැස්වීමක් තියන්නවත් තැනක් දුන්නේ නැහැ. අද එවැනි තත්ත්වය නැහැ. යහ පාලන රජය පිහිට වූ කොමිෂන් සභා නිසා කාටත් නිදහස ලැබිලා.2018 ඔක්තෝබර් මාසයෙන් පසු අපේ රජයට සංවර්ධන වැඩ වේගවත් කරන්න අවස්ථාව ලැබුණා. එතෙක් අප සංවර්ධන කටයුතු කළ ද සමහරුන් කකුලෙන් ඇද්දා. දැන් මේ වනවිට විශාල වැඩ කොටස කරලා. සජිත් ජනාධිපති කර ඒ කටයුතු ඉදිරියට ගෙනයාමට සැම දෙනාගේම සහාය අවශ්‍යයි”.එක්සත් ජාතික පක්ෂ යටියන්තොට ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර තුසිතා විජේමාන්න, බී. රාධා ක්‍රිෂ්ණන්, දැරණියගල එ.ජා.ප. සංවිධායක රංජිත් පොල්ගම්පල, අරණායක සංවිධායක නීතිඥ ලලිත් දිසානායක යන මහත්ම මහත්මීහු ද ජන රැලි ඇමතූහ. 
’’අපනයන පදනම් කරගත් බිහි කරනවා’’
0
(ජේ.ඒ.ඒල්. ජයසිංහ,  සිසිර කුමාර සහ විශේෂ චමල් රූපසිංහ)යටත් විජිත වාදයට එරෙහිව මෙරට ජනතාව ගෙනගිය නිදහස් දේශපේ‍්‍රමී අරගලය, මහා පරිත්‍යාගය කිසි විටෙකත් අමතක කළ යුතු නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පෙරේදා (01) ප‍්‍රකාශ කළේය.මේරට දෙකඩ කර ඊලාම් රාජ්‍යයක් හැදීම සඳහා ම්ලේච්ඡු එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ගෙන ගිය යුද්ධයට මුහුණ දී සිය ජීවිත අහිමි වූ, දරු පවුල් අහිමි වූ රණවිරුවන් සියලූ දෙනාද සිහිපත් කළ යුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කරන ලද අසූ දෙදෙනකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් නිවේදනයට අස්සන් කිරීම නිමිත්තෙන් ඓතිහාසික මහනුවර, මඟුල්මඩුවේදී පැවැති උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.මේ අවස්ථාව ඔබ අප සියලූ දෙනාට මෙන්ම ලක්වැසි සියලූ දෙනාටත් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවටත් ඉතා වැදගත් ඓතිහාසික අවස්ථාවක්. ඊට හේතුව ඔබ කවුරුත් දන්නා පරිදි 1818 දී ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔවුන්ට විරුද්ධව සටන් කළ අපේ රණකාමීන්, විරුවන්, දේශපේ‍්‍රමීන්, දේශමාමකයන්, ජාති හිතෛෂීන් ඇතුළු ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන්ගේ ජීවිත අහිමි කළා. තවත් පැත්තකින් ඔවුන්ගේ දේපළ ඉංග‍්‍රී‍්‍රීසි පාලනයට පවරා ගත්තා. තවත් පිරිසක් අපේ මාතෘ භූමියෙන් පිටුවහල් කළා. එම ඉතිහාසයේ ඉංශ‍්‍රීසි පාලකයන් සිදුකළ ශෝකජනක සහ ඛේදජනක සිදුවීම   අප විසින් නිවැරැදි කළා. ඒ සියලූ දෙනා දේශපේ‍්‍රමීන්, රණවිරුවන්, ශ‍්‍රී ලංකා මාතෘභූමියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයන් ලෙස අප රජය අද ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා. අද දවස ඉංග‍්‍රී‍්‍රීසි පාලකයන් විසින් එදා ජාතිද්‍රෝහීන්, රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කරන ලද ගැසට් පත‍්‍රය අහෝසි කරන අවලංගු කරන දිනයයි. ඒ නිසා අද දිනය ශ‍්‍රී ලාංකිකයන්ට, සිංහල බෞද්ධයන්ට රටේ ඉතිහාසයේ වැදගත් උතුම් ඓතිහාසික දිනයක් ලෙස මා විශ්වාස කරනවා. වසර 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීමෙන් පසු මේ වරද නිවැරැුදි කිරීමට, වරින් වර ඇති වූ අදහස් සැලකිල්ලට ගනිමින් මීට පෙර කළ යුතුව තිබූ කාර්යයක් පසුගිය නොවැම්බර් මාසයේ කිරීමට හැකිවුණා. මීට පෙරාතුව කළ යුතු කාර්යයන් ප‍්‍රමාද වී හෝ සිදුකිරීම පිළිබඳව මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සියලූ රටවැසියන්, සිංහල බෞද්ධ ජනතාව ඉමහත් ලෙස සතුටු වෙන අවස්ථාවක් බව පැවසිය යුතුයි. අපට වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ විශිෂ්ට ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ මීට වසර පන්දහසකට පෙරාතුව කර්මාන්ත තිබූ බව, යකඩ තිබූ බව අපේ ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා. එදා මෙදා කාලය තුළ ශී‍්‍ර ලාංකිකයා, සිංහල බෞද්ධ ජනයා ඉතිහාසයේ ගමන් මග සමග ගොඩනැගුණ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නොයෙක් විශිෂ්ට ජයග‍්‍රහණ ලබා තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී යම් යම් තාවකාලික පසුබැසීම් වලට ලක්වී තිබෙනවා. 1505 සිට 1948 දක්වා වසර හාරසිය ගණනක් රට නිදහස් කර ගැනීම සදහා දේශපේ‍්‍රමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදු පිරිස මෙතෙකැයි කියා කිව නොහැකියි. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව ජාතික නිදහස් අරගලය වෙනුවෙන් අභිමානවත් ලෙස වීරත්වය පෙන්නූ අභීත හඬක් නැගූ වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමි ගුණසමරුව හෙටට (2)යෙදී තිබෙනවා. අප අමතක නොකළ යුතු ශ්‍රේෂ්ඨ බුද්ධ ශ‍්‍රාවකයාණන් වහන්සේ සිහිගන්වන දිනයක්. ඊට පෙරදින මේ උතුම් ඓතිහාසික කාර්යය සිදුකිරීමට හැකිවීම පිළිබඳව මා සතුටුවෙනවා. අපේ රට නිදහස් රටක් ලෙස, ස්වාධීන රටක් ලෙස යටත් විජිතවාදයට විරුද්ධව අපේ ජනතාව නිදහස් දේශපේ‍්‍රමී අරගල ගෙන ගියා. දිවි පිදීමෙන් පමණක් නොව දේපළ, වත්කම් සියල්ල අහිමි වූ ඉතිහාසයේ කළ මහා පරිත්‍යාග අප කිසිවිටකත් අමතක කළ යුතු නැහැ.  මෑත භාගයේ 1980 දශකයේ මුල් භාගයේ සිට 2009 දක්වා මේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය මේ රට දෙකඩ කිරීමට, ඊලාම් රාජ්‍යයක් හැදීමට, වෙනම රාජ්‍යයක් හදන්න, ස්වාධීනත්වය අහිමිකර, භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරමින් ම්ලේච්ඡු ත‍්‍රස්තවාදීන් ගෙන ගිය ම්ලේච්ඡ අරගලය පරාජය කර අපේ රට නිදහස් සාමකාමී රටක් කළා. තිස් වසරක ම්ලේච්ඡු යුද්ධයට මුහුණ දී ජීවිත අහිමිවූ, දරුපවුල් අහිමි වූ, අතපය අහිමිවූ, අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක හමුදා සියලූ දෙනා සිහිපත් කළ යුතුයි. බෝම්බ පුපුරවා ගම්මාන විනාශ කළ අවස්ථාවල ලක්ෂයකට වඩා වැඩි පිරිසකගේ ජීවිත අහිමිවුණා. ඔවුන්ව සිහිපත් කරමින් ඔවුන් වෙත ජාතියේ ගෞරවය, අභිමානය පිරිනමනවා. අද දවස ඉතිහාසයේ එම අනභිභවනීය ලාංකික ජනතාවගේ, අපේ පුරවැසියන්ගේ ඉතිහාසයේ ලැබූ ජයග‍්‍රහණයක්. වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හෙට දවස ආර්ථික සමෘද්ධිය ඇතිකර ගනිමින්  නිදහස්, ස්වාධින රටක් ලෙස ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන අයුරින් ශ්‍රේෂ්ඨ රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා ගෙනයෑමට කටයුතු කළ  යුතුයි.  දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරීයා ද, විද්වතුන්, විවිධ ක්ෂේත‍්‍රවල බහුශ‍්‍රැතයන් සාමාන්‍ය පොදු ජනතාව, රාජ්‍ය නොවන ව්‍යාපාරික ක්ෂේත‍්‍ර පාසල් දරුවාගේ සිට ඒ වගකීම සහ යුතුකම ඉටුකිරීම අප සැම වෙත පැවරී තිබෙනවා. මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ඉතිහාසයේ ඔවුන් සිදුකළ මග පෙන්වීම අනුව යමින් හෙට දවස රට ගොඩනැගීම සහ ගොඩගැනීම  කළයුතුයි. ඒ සඳහා මෙවැනි ශ්‍රේෂ්ඨ කාර්යයකට සියලූ දෙනාට එක්වීමට, දායකවීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. එසේම මේ උතුම් කාර්යය සිදුකිරීම සඳහා  අද දින ගැසට් පත‍්‍රය නිකුත් කිරීමටත් අවශ්‍ය මග පෙන්වීම් සිදුකරමින් අවශ්‍ය සහාය ලබාදුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට සහ කාර්යමණ්ඩලයට, ගයන්ත කරුණාතිලක මහතා ඇතු`එ කාර්යමණ්ඩලයට, කරුණාරත්න පරණවිතාන මැතිතුමාට සහ කාර්යමණ්ඩලයට ස්තුතිය පුද කරනවා. ලේඛන, ගැසට් සොයාදෙමින් අවශ්‍ය තොරතුරු ලබාදුන් විද්වතුන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේම  ඓතිහාසික නිවැරැුදි කිරීම සඳහා එක්ව සිටින ඒ ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමීන්ගේ, රණවිරුවන්ගේ, ලංකා පුත‍්‍රයන්ගේ පවුල්වල ඥාතීන්ට ජාතියේ උත්තමාචාරය රජය ලෙස පිරිනමනවා. මීට සුළු මොහොතකට පෙර ඓතිහාසික මඟුල්මඬුවේදී එම ලියවිල්ල අත්සන් තැබීමත්, මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනාවලට අනුව මා වෙත දන්වා සිටි කරුණු පිළිබඳ මා යමක් ප‍්‍රකාශ කළයුතු වෙනවා. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පසුගිය කාලවලදී අහෝසි කර තිබෙනවා. මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන්, ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ඉල්ලීම වුණේ ගැමි පුනරුත්ථාපන කොමිසම  අහෝසි කිරීම තුළින් උඩරට මධ්‍යම ප‍්‍රදේශයන්හි සංවර්ධන පසුබෑමක් සහ ඇනහිටීමක් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව එම ආයතනය පිහිටුවීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස මා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළා. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසු එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේ ආයතනය පිහිටුවීමේ වැදගත්කම මා පෙන්වා දුන්නා. ඒ කටයුතු අපි ඉදිරි දිනවලදී විධිමත් කරමින් ඒ ආයතන තවදුරටත් කාර්යක්ෂම කිරීමත් ඉක්මන් කරන බවත් මා සඳහන් කරන්නට කැමැතියි. දළදා මාලිගය අසල භූමිවල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය නිරවුල් කිරීමේ වැදගත්කම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් අනුශාසනා කළා. මා මේ සම්බන්ධයෙන් එවැනි ප‍්‍රශ්නයක් දැනසිටියේ නැහැ. ඒ පිළිබඳ සොයා බලා ඒ ඉඩම් ඔප්පු නිරවුල් කර මේ පූණ්‍යභූමියට ඒවා පැවරිමට කටයුතු කරන බවද මා සඳහන් කිරීමට කැමතියි. බෝගම්බර බන්ධනාගාරය ස්ථාපිත කළ ස්ථානයේ සංවර්ධන කටයුතු හේතුවෙන් කන්ද උඩරට ඓතිහාසික පසුබිම් තොරතුරු, සංස්කෘතික තත්ත්වයන් සලකාබලා එම කටයුතු සිදුකරන ලෙස ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමාට සහ ඇමැති මණ්ඩලයට දැනුම් දී ඒ පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඓතිහාසික කටයුතු වලදී මග පෙන්වීම් කළ මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නයටත් අමාත්‍යවරුන්ට කාර්යමණ්ඩලයටත්, රංග කලංසූරිය මහතාටත්, නිමල් බෝපගේ මහතාටත්, විද්වතුන් සියලූ දෙනාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා යැයිද  ජනාධිපතිවරයා කීවේය. මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජකීය පණ්ඩිත සාහිත්‍ය චක‍්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ මෙසේ පැවසූහ.ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලයට නායකත්වය දෙමින් දෑ හිතකාමීව දේශපේ‍්‍රමීත්වයෙන් යුතුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්, තමන්ගේ දිවි පුදන්නට ඇත්තේ, විවිධ දඬුවම්වලට මුහුණ දෙන්නට ඇත්තේ ඉතිහාසයේ කෙදිනක හෝ ඒ නිදහස් කර නිදොස්කර හරින බවට තම සිත්හි තබාගෙන විය හැකියි.එකී උදාරතර කාර්යයකට දායක වූ ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මැතිතුමන් ඇතුළු සැමටත් ප‍්‍රශංසා කළ යුතුව තිබෙනවා. 1815 මාර්තු මස 02 වන දින මෙම ස්ථානයේදීම තමයි අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ නිදහස සහ අපේ රටේ රාජ්‍යත්වය අවසන් වූයේ, පරාධීන ජාතියක් ලෙස අප එදා සිට කටයුතු කරන්නට වූවා. විදේශීය බලපෑම් සහ අනවබෝධය පෘතුගීසි සහ ලන්දේසි ආක‍්‍රමණයෙන් පසුව මේ කුඩා දිවයිනේ අපේ මහජනතාවට ඇති වූ විවිධ අභියෝග හේතුවෙන් රට අස්ථාවර වූ බව පැවසිය යුතුයි.හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව අපේ රටේ ජනතාව ඒකාබද්ධව එදා සිදුකළ ඒ වටිනා අරගලය ඓතිහාසිකව යටපත් වී තිබෙනවා. ඒ නිසාම ඔවුනට දඬුවම් විඳින්නට සිදුවූවා. ඒවා එදා සිට රටේ ආර්ථිකයටත් සමාජයටත් සංස්කෘතියටත් බලපෑවා. රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ අපේ විරුවන් ප‍්‍රමුඛ මොණරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු විරුවන් තම ජීවිතය අහිමිකර ගත්තේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින මේ පුණ්‍යභුමියේ දළදා සමිඳුන් වැඳ පුදාගෙනයි. එදා එම විරුවන් නැඟූ ප‍්‍රාර්ථනා සුසුමන් තවමත් මේ පූජනීය බිමේ වාතලයේ රැඳී තිබෙන්නට පුළුවන්.පුද්ගලයකුට ඉතිහාසය නිර්මාණය කරන්නට බැරිවුවත් ඉතිහාසය විසින් ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙදිනක හෝ බිහි කරනු ඇති.අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.අපේ විරුවන් රැුසක් ඌව වෙල්ලස්ස ජනතාව සමග එදා පැවැති විමුක්ති අරගලය හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූවා.ඒ පීඩිත ජනතාවගේ ඉඩකඩම්, දේපළ රාශියක් එදා ඔවුන්ට අහිමි වූවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග‍්‍රාමාත්‍යතුමා පසුකලෙක උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටුවලා ජනතාවගේ අහිමි වී ගිය දේවල් හා දුක්ගැහැට පිළිබඳව සොයා බලා කටයුතු කළත් අවාසනාවකට වගේ ඒ උඩරට, ගැමි පුනරුත්ථාපන කොමිසම අහෝසි වූවා. එම කොමිසම වෙනුවට නැවත වරක් උඩරට සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරලා එදා අහිමි වූ සියල්ල යළි ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී දළදා මාලිගා ඓතිහාසික භූමිය අසල පිහිටි ඉපැරණි මඟුල් මඬුව දළදා මාලිගාවට පවරා දෙන මෙන් අපි ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා.රටේ ඒකීයභාවය, ආරක්‍ෂාව, ආර්ථික නිදහස්භාවය  ආරක්‍ෂාකිරීම සඳහා ඔබතුමන් ප‍්‍රමුණ රජය පියවර ගන්නවා ඇතැයි අපි අපේක්‍ෂා කරනවා යැයිද කීහ.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඓතිහාසින මහ මළුවේ ස්ථාපිත කර තිබෙන වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ පිළිරුව අබියසට පැමිණ උන්වහන්සේගේ පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීය.අනතුරුව එම පරිශ‍්‍රයේම වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන්ගේ හිස්කබල තැන්පත් කර තිබෙන ස්මාරකය අබියසට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මල්කලඹක් තබා පුෂ්පෝපහාර දක්වා ගෞරව කළේය.තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිිමියන්, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත‍්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්‍ෂ, කරුණාරත්න පරණවිතාන, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග ප‍්‍රදීප් දෑල, හිටපු අමාත්‍ය නන්දමිත‍්‍ර ඒකනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ. පියදාස, මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස යන මහත්වරුද පළාත් සභාවේ අමාත්‍යවරුන්, මහනුවර ඓතිහාසික සිවු මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, 1818 ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලයට උරදී ජීවිතය පූජා කළ විරුවන්ගේ ඥාති පරපුරේ සාමාජික සාමාජිකාවන්, ආදීවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ප‍්‍රමුඛ ආදිවාසී ජනතාව නියෝජනය කරමින් ආදිවාසී නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ. 
’නිදහස් දේශපේ‍්‍රමි අරගලය මහා පරිත්‍යාගය කිසිවිටෙකත් අමතක කළ යුතු නෑ’
1