Title
stringlengths 10
145
| Content
stringlengths 16
23.6k
|
---|---|
iPhone 16 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part I | Apple සමාගම විසින් මේ වසරේදී නිකුත් කරන ලද iPhone 15 Series එකත් සමඟින් ඉදිරි iPhone Series සඳහා වෙනස්කම් රැසක් සිදු විය හැකි බවට තහවුරු වුවා. ඒ අනුව එළඹෙන වසරේදී ඔවුන් විසින් එළිදැක්වීමට නියමිතව පවතින iPhone 16 Series එක පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් අද සිට iPhone 16 Series එක පිළිබඳව අලුත් තොරතුරු සියල්ලම ඔබ වෙත රැගෙන ඒමට Android වැඩකාරයෝ අපි සුදානම්.සුපුරුදු පරිදි එළඹෙන 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත Apple සමාගමේ නවතම iPhone Series එක වන iPhone 16 Series එක සමඟින් iPhone Models 05ක් නිකුත් වේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Image Source - MacRumorsඑලෙස වාර්තා වෙන තොරතුරු අනුව මේ Models 05,iPhone 16iPhone 16 PlusiPhone 16 ProiPhone 16 Pro MaxiPhone 16 Ultraලෙසින් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.iPhone 16 සඳහා අගල් 6.1ක Display එකකුත් iPhone 16 Plus සඳහා අගල් 6.7 Display එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන් අතරම iPhone 16 Pro Device එක සහ iPhone 16 Pro Max Devicesවල Display Size එක ඔවුන්ගේ පෙර iPhone Pro සහ Pro Max Devicesවල Display Sizesවලට වඩා මදක් වැඩි කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. ඒ අනුව iPhone 16 Pro සඳහා අගල් 6.3ක Display එකකුත් iPhone Pro Max සඳහා අගල් 6.9ක Display එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.එළිදැක්විමට නියමිතව තිබෙන iPhone 16 Series එකේ Camera Features පිළිබඳව වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone 16 Pro Model සඳහා 5x optical zoom පහසුකමත්, Main Camera Lenses සඳහා Sony සමාගමේ නවතම 2-layer system එකත්, 48MP Ultra Wide Lens එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Image Source - MacRumorsමේ Series එකේ මිල ගණන් පිළිබඳව පුරෝකතනය කිරීමට තවමත් කල් වැඩි වන අතර පසුගිය වර නිකුත් වු iPhone 15 Series එක, එයට පෙර නිකුත් වු iPhone 14 Series එකට වඩා 16%ක පමණ මිල වැඩි වීමකින් යුතුව නිකුත් වු අතර දැනට වාර්තා වන අයුරට iPhone 15 Series එක සමඟ සැසදීමේදී 15-20% පමණ මිල වැඩි වීමක් අපෙක්ෂා කළ හැකි වනවා.මීලග ලිපිය තුළින් මේ iPhone 15 Series එකේ Design එක, Display Specifications, Processor Specifications සහ Battery Specifications මෙන්ම තවත් තොරතුරු රැසක් ගැන ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.Source:www.macrumors.combgr.com |
ගීතයක කොටසක් මුමුණන විට එම ගීතය සොයාදීමේ නව පහසුකමක් Google විසින් ලබාදීමට කටයුතු කරයි | දවසකට ඔයාට සිංදු කොච්චර නම් ඇහෙනව ද? ඒ සිංදු ඇහෙන වේලාවට හිතෙනව නේද පස්සේ Download කරල අහන්න ඕනේ කියල. ඒත් ගොඩක් වෙලාවට ආපහු ඕක මතක් වෙන්නේ ඒ සිංදුව කවද හරි ආපහු ඇහුණ දවසටනේ. අපි ඉතින් ඒ ඇහෙන වෙලාවටම මේ සිංදුව Download කරන්නේ නැත්තේ වචන Type කරලා එක එක Website ගානේ ඔය සිංදුව හොය හොය මහන්සි වෙන්න කම්මැලි හින්දනේ.ඔයා දැනටමත් දන්නවනේ සිංදුවක් යන වේලාවට එක එක Apps වලින් ඒ සිංදුව හොයා ගන්න පුළුවන් කියල. Shazam කියන්නේ ඒ වගේ app එකක්. ඒත් අපිට Shazam එකෙන් සිංදුවක් හොයා ගන්න නම් ඒ සිංදුව යන වෙලාවක app එකෙන් scan කරන්නම ඕනේ. ඒත් එහෙම නැතුව අපි මුමුණනකොට හරි අපි සිංදුව කියනකොට හරි සිංදුව හොයාගන්න පුළුවන්නම්?ඉතින් අද කියන්න යන්නේ කිසිම App එකක් නැතුව ඒ විදිහටම සිංදුවක් යන වෙලාවටම නැතුව අපි මුමණනකොට ඒකෙන් ඒ සිංදුව හොයා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැනයි. මේකට අපිට උදව් වෙන්නේ Google. දැන් Google අලුත් Feature එකක් ලබා දිලා තියෙනවා අපි මුමුණන සිංදුවම Google Search Engine එක මගින් හොයල දෙන විදිහේ.දැන් Google Search widget එකේ තියෙන Mic Icon එක Touch කරල “what’s this song” කියල හරි “Search a song” කියන Button එක Click කරල හරි අපිට ඇහෙන සිංදුවේ තත්පර 10-15 කොටසක් මිමිණීමෙන් මගින් Google විසන්ම අපිට ඒ ගිතය සොයා දෙන්න කටයුතු කරනවා.iOS සදහා මේ Feature එක English Songs සදහා පමණක් ද Android සදහා භාෂා 20ක ගිත සදහා සහය දක්වනවා.මේ Feature එක Google Machine Learning Algorithm එක මත පදනම් වි තිබෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය Song එකේ Tune එක තත්පර කිහිපයක් තුල හදුනා ගෙන ඒ Song එක අපිට සොයා දිමේ හැකියාව මේ Feature එක සතු වෙනවා. Google algorithm එක මගින් ඒ Song එකේ වාදනය , ගායනය හදුනාගෙන ඊට අනුරූප හොදම ගැලපුම් සහිත ගීත කිහිපයක්ම අපිට සොයා දෙනවා.Source:Google Blog,MobileSyrup |
Sony පවුලේ අලුත්ම Wireless Speaker සාමාජිකයා SRS-XB23 | Sony SRS-XB23Sony සමාගම ඒගොල්ලන්ගෙ 2020 wireless speaker lineup එක එලිදක්වල තියනවා ඊයෙ දවසෙ. ඉතින් මේ කියන විදිහට 2020 අවුරුද්දේ අපිට XB23 , XB33 , XB43 යන Devices තුන $100 - $250 ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් කියල Sony සමාගම කියනවා.ඉතින් අද මම මේ අලුත්ම Speakers 3න් ගනන් අඩුම එක, Sony SRS-XB23 ගැන කතා කරන්න තමයි හදන්නේ.මෙයාලා මේක හඳුන්වන්නේ බරින් අඩු compact ඕනම තැනක ඉතාමත් ලෙහෙසියෙන් ගෙනියන්න පුළුවන් Speaker එකක් විදියට. ඊට අමතරව මෙයාලා කියනවා මේක කලින් ඒවට වඩා කල් පවතින මැටීරියල් පාවිච්චි කරල තමයි හදල තියෙන්නේ කියලා.Bluetooth 5.0 වලින් බලගැන්වෙන මේක Full range speaker එකක් විදියට තමයි වර්ග කරල තියෙන්නෙ. මේකෙ අපිට Clear Audio+ , DSEE , EXTRA BASS™️ වගේම Stamina Mood කියන sound profile හතරක් බලාගන්න පුළුවන්X-Balanced speaker unitSony සමාගමෙන්ම වැඩිදියුණු කරන speaker system එකක් තමයි මේකට මේගොල්ලො පාවිච්චි කරල තියෙන්නෙ. මේ speaker system එක නිසා හොඳ පැහැදිලි ගැඹුරු කනට අපහසු නැති ශබ්දයක් ලාබාගන්න පුළුවන් උනා කියල නිර්මාතෘවරු කියනවා.Dustproof, waterproof and washableමේ speaker එකට IP67 ratings හම්බවෙලා තියෙනවා. මේ නිසා මේක ඕගොල්ලන්ට බීච් එකට ගියත් කැලේක ගියත් කොටින්ම කාන්තාරෙක උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව සිංදු අහන්න පුළුවන්. අනිත් එක මේකෙ දූවිලි ජරාව තියනම් ඔයාලට මේක වතුරෙන් හෝදල පිරිසිදු කරගන්නත් පුළුවන්. මේ කිසිම දේකින් speaker එකට හානියක් නෑ කියල තමයි sony සමාගම කියන්නේ. ඒ වගේම මේක shockproofLong battery lifeමේ speaker එකේ තියෙන ලොකු බැටරිය නිසා ඔයාලට පැය 12ක play time එකක් ලබා ගන්න පුළුවන්. මේකෙ තියෙන Extra Bass පහසුකම on කලොත් බැටරියේ ආයු කාලය පැය 10කට විතර සීමා වෙනවා.පලවෙනි වතාවට sony Wireless Speaker එකක මේගොල්ලො මේකට Type-C USB Port එකක් එකතු කරල තියනවා. ඒක නිසා මේ බැටරිය ඉක්මනින් චාජ් කරගන්න පුළුවන් වෙයි. කොහොම උනත් මේකෙ Fast charging නෑ කියල තමයි දැනගන්න ලැබුණේ.මේ speaker එක සම්පූර්ණයෙන්ම ඔයාට Sony Music Center App එකෙන් control කරන්න පුළුවන්. ඒ කියන්නෙ ඔයාට සිංදුව මාරු කරන්න, සද්දෙ අඩු වැඩි කරන්න වගේ දේවල් වලට හැමවෙලේම speaker එක ලඟට යන්න ඕන වෙන්නේ නෑ.මේගොල්ලො මේ SRS-XB23 Speaker එක වෙළඳපොළට දාන්නෙ $99.99 වගේ මුදලකට. ආසන්න වශයෙන් රුපියල් 20,000 ක් වගේ මුදලකට අපිට මේක ලංකාවෙන් ගන්න පුළුවන් වෙයි. |
Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළගඳිම එළිදැක්වෙන බවට OpenAI සමාගම පවසයි | OpenAI සමාගම විසින්iOS පරිශීලකයන් සඳහා ChatGPT App එක හදුන්වා දීමමගින් Smartphone සඳහාත් ChatGPT App එක ලබා දීම ආරම්භ කරනු ලැබුවා.මේ ChatGPT එකද නොමිලයේ භාවිත කළ හැකි පහසුකම් රැසකින් සමන්විත වන අතර අවශ්‍ය නම් ChatGPT Plus ද App එක ඔස්සේ භවිත කළ හැකි වනවා. මේ App එක ඔස්සේ Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි බව iOS App එක පිළිබඳව OpenAI සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන අතරම මේ විශේෂාංග සියල්ලම සමගින් Android පරිශීලකයන් සඳහාත් App එකක් ලැබෙනු යැයි අපේක්ෂා කරන්න පුලුවන්.OpenAI සමාගම විසින් iOS සඳහා ඔවුන්ගේ ChatGPT App එක නිල වශයෙන් ලබා දීමට කටයුතු කළ බවට අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් Android පරිශීලකයන් සඳහාත් ChatGPT App එක ළඟදීම හදුන්වා දීමට සුදානම් බවත් කියන්න පුලුවන්.ඒ වගේම එම නිවේදනයේදීම ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා ළඟදීම Android පරිශීලකයන් සඳහා ChatGPT App එක නිල වශයෙන්ම හදුන්වා දෙන්න සුදානම් බව. Android සඳහාත් ChatGPT App නිකුත් වු විගස ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට අප සුදානම්.Sources:OpenAi |
Oppo සමාගම විසින් නව Smart Watch එකක් සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගනියි | Oppo සමාගම විසින් නව Smart Watch එකක් සදහා පසුගිය දිනකදී පේටන්ට් බලපත්‍රය ලබා ගනු ලැබුවා. මෙයට අනුව මේ නව Smart Watch එක Round 3D Curved Display එකකින් සමන්විත වෙනු ඇති බව කියන්න පුළුවන්. මේ නව Smart Watch එක බොහෝ දුරට Oppo සමාගමේ මිලග Smart Watch එක විමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.පසුගිය මාර්තු මාසයේ එළි දැක්වු Oppo Watch හි 3D Curved Display එකක් පැවතුනත් එහි Design එක වුනේ Rectangular Display එකක්. මේ අලුත් Watch එකේ Design එක Apple Watch එක වගේ කියල කියන්න පුළුවන්.LetsGoDigitalවෙබ්අඩවියට අනුව මේ Smart Watch එක Rounded Display එකක් සහිත වුවද මෙහි Housing එක Rectangular ආකාරයේ බව දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි යට කොටසේ Sensors ගණනක් අඩංගු කර තිබෙනවා. ඒ වගේම Side Button එකක් ද ලබා දී තිබෙනවා.බොහෝ විට Oppo සමාගමේ ඉදිරි Smart Watch මේ Design එක ආකාරයට නිපදවනු ඇතැයි මත පල වෙනවා.Sources : Gizmochina,LetsGoDigital |
Quality drop වෙන්නේ නැතුව Facebook එකට photos upload කරමු | ඔයා Facebook Use කරන කෙනෙක් නම් දන්නවා ඇති Photo එකක් දැම්මාම ඒක පොඩ්ඩක් Pixlate වෙනවා. එහෙම වෙන්නේ Facebook එකෙන් අපේ Photos සේරම Upload කරද්දී Compress කරන නිසයි.ඒක කරන්න හේතුව තමයි Facebook භාවිතා කරන පිරිස ඇති විශාල වීම. දවසකට මිලියන 350 කට ආසන්න ප්‍රමාණයක් Photos මේ facebook එකට වෙනවා. ඉතිං එයාලේගේ Servers සේරම පිරිලා Slow වෙනවා Compress කලේ නැත්නම්. හැබැයි ඉතින් image compress කරන්නේ facebook විතරක්ම නෙමෙයි, Instagram , Twitter, Tumblr හැම site එකම image compress කරලා තමයි upload වෙන්නේ.දැන් අපි බලමු මේක මග හැරලා image quality තියාගෙන photos upload කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි facebook එකට දාන images lightroom walin export කරගන්න එපා. මේකට අනිවාර්යෙන්ම photoshop තියෙන්න ඕන. එහෙනං මම Step by Step මේක කියලා දෙන්නම්.පහල තියෙන විදිහට Image එකේ Size එක Change කරගන්න. හැබැයි මතක තියගන්න Image එකේ Long Edge එක අනිවාර්යෙන්ම 2048 px විය යුතුයි. මීට වඩා වැඩි උනොත් Facebook එකේ Image එක compress වෙනවා. ( Image > Image Size > Change the longest side to 2048 px )ඊලගට කරන තියෙන්නේ File > Export > Save For web කියන option එක Click කරන්න.ඊලගට කරන්න තියෙනෙන් පහල highlight කරලා තියෙන විදිහට settings වෙනස් කරගන්න එකයි. එත් 4 වෙනි Step එකේදී විතරක් ඔයාට පුළුවන් Bicubic Sharper නැතිනම් Bicubic Smooth තෝරාගන්න. මම නම් portrait වලදී තෝරාගන්නේ Smooth කියන option එකයි.ඊට පස්සේ image එක save කරගන්න.දැන් හරි!ඔයාට පෙනෙයි JPEG upload කරනකොට වගේ Image Details Lost වෙන්නේ නැහැ කියලා.Article by Sony Ambassador Anushka Eranga |
තාක්ෂණයේම ඇලී සිටින ඔබේ නින්දේ රටාව වැරදි විය හැකියි. සුවබර නින්දකට ඔබ කලයුතු දේවල් 9ක් | කෑම බීම වගේම නින්දත් අපිට සෞඛ්‍යමත් ජීවිතයකට හරිම වැදගත් වෙන දේවල් වලින් එකක්. දවසකට වරක් වත් සුවබර නින්දක් ඔබ සතු වුයේ නැතිනම් ඔබට එදිනෙදා කටයුතු කරගෙන යන්නට තියෙන ඉඩකඩ ඇහිරේවි, ආතතිය, මහන්සිය වගේම වෙහෙස ඔබ වෙලා ගනීවි. අඩු ගානේ ඔබට ඔබේ වාහනයවත් නියමිත පරිදි ඩ්‍රයිව් කරන්න බෑ හරි හැටි නින්දක් නැතිනම්. ඒ නිසා ඒ නින්ද සුවබරව ලබාගන්න මේ තොරතුරු ටිකත් හොඳින් හිත තබා ගන්න. කවදාවත් ඔබේ නින්ද ඔබව හැරයන එකක් නැහැ.1. දෛනික රටාවක් ඇති කර ගන්නදවසේ වැඩ බෙදා ගන්න. එත් දැන් රස්සාවල් එක්ක තියෙන වැඩ බෙදා ගන්න බැරි උනත් නින්දට වෙලාවක් හදාගන්න බැරි වෙන්නේ නැහැනේ. කොහොම උනත් දවසකින් හතරෙන් එකක් ඒ කියන්නේ පැය 6 වත් නින්ද වැඩිහිටියෙකුට අවශ්‍යයි කියලයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. ඒ පැය හය රාත්‍රීයේ කොතනින් හරි ලබාගන්න උත්සහ කරන්න, ඔබට වෙනදා නැති ප්‍රබෝධයක් දැනේවි.2. රාත්‍රියට සැහැල්ලු ආහාර වේලක්ඉස්සර අපි ටයිම් ටේබල් එකක් හැදුව මතකද? අපි රෑට ආහාරයට ගන්න දේවල් වලිනුත් අපේ නින්ද තීරණය වෙනවා. ඔබ රාත්‍රියට බත් වගේ බර දෙයක් ගත්තොත් නින්ද එන්න ටිකක් වෙලා යාවි. එහෙත් සැලඩ් එකක්, සුප් එකක් වගේ දෙයක් ගත්තොත් හරිම පහසුවෙන් නින්ද ඔබ වෙතට ඒවි.3. අදහන ආගම සිහිකරන්නදහවල් දවස තිස්සෙම මහන්සි වෙලා ඉන්න මනසට තියෙන එකම සහනය නින්ද නම් ඒ නින්ද තවත් සැපවත් කරන්න අපි අදහන ආගම හෝ දර්ශනය සිහිපත් කිරීම මගින් පුළුවන්, රාත්‍රිය පුරාවට පෙනෙන භයංකර හීන මතකයන් ඔබේ නින්දෙන් ඈත් කර ඔබව පහසුවෙන් තියාවි, මේ අපුරු පුරුද්ද.4. සැහැල්ලු වෙන්නඑහෙම කිව්වට කොහොමද සැහැල්ලු වෙන්නේ කියලා කිව්වේ නැහැනේ. සමහර අපේ මිතුරන් කොහේ හරි ගිහින් ආපුවම ඉන්න ඇඳුම පිටින්ම නින්දට යනවා. එහෙම නෙවෙයි. නින්දට කලින් පොඩි වොෂ් එකක් දාගන්න. තමන් ගාව තියෙන සැහැල්ලු ඇඳුමක් ඇඟ ලා ගන්න. කපු වලින් හදපු ඇඳුමක් නම් වඩාත් පහසුවෙයි. ඇඳ ඇතිරිල්ල කොට්ට කවර පිරිසිදුවට තියෙන කොට අර කිව්වා සැහැල්ලු වැඩි වෙලා ඔබ සුව නින්දක උරුමක්කාරයෙක් වෙයි.5. දහවල් නින්ද සීමා කරන්නදහවලට ඔබ නිදා නොගන්නවා නම් හොඳයි ඇත්තටම. දවස පුරා මහන්සි වෙනකොට දහවල් ආහාරයෙන් පස්සේ පොඩි පහේ නිදිමතක් එනවා නම් තමා එත් ඒ නින්දට හුරු වෙන්න එපා. එයින් ඔබේ රාත්‍රී නින්දට බාදා වේවි, නිදන කාලය කෙටිවේවි. එහෙම උනොත් වෙන්නේ ඉතින් බස්සෙක් වගේ රෑ තිස්සේ ඉන්ටනෙට් යන්න තමා ඔන්න. ☺6. දවස පුරා ක්‍රියාශීලී වන්නඔබ රැකියාව කරන්නේ දුවලා පැනලා මහන්සිවෙන ක්ෂේස්ත්‍රයක නම් අවුලක් නැහැ, එත් දවසම ඉඳගෙන ඉන්න ඔෆිස් රස්සාවක් නම් මේ දේවල් අදාලයි. එහෙම රස්සාවක් කරනවා නම් අඩුම ගානේ පැය භාගෙකට වරක් වත් පොඩ්ඩක් ඇවිදලා හරි එන්න, එක ගොඩක් ඔබේ සෞඛ්‍යට දීර්ගකාලීනව උදව්වක් වේවි, ඊට අමතරව, මහන්සි වෙලා ගෙදර ආවම නින්ද ඔබ වෙතට ඉතා ඉක්මනින් ඒවි.7. රැකියාවේ ප්‍රශ්න ඇඳට අරන් යන්න එපාමොකද ඇඳ කියන්නේ ඔබේ සැපපහසු විමානය. ඕබේ නැවත ඉපදීම සිදුවන තැන, එහෙම තැනකට ඔබ දවස පුරා වද දෙන ප්‍රශ්න අරන් ගිහින් කල්පනා කරනකොට ඔබව නින්ද හැර යන්නේ නොකියාම. ප්‍රශ්න පැත්තකින් තියලා හොඳට නිදියන්න. සමහරවිට ඔබේ නින්ද ඔබව දහවල් දවපු ප්‍රශ්නයට උත්තර ඔබ නැගිටිද්දී හොයලා තියන්නත් ඉඩ තියෙනවා.8. නින්ද ටිකින් ටික පරක්කු කරන පරිගණක තිර දෙස බලා සිටීමඔබ ටීවී එක හරි පරිගණකය හරි ලඟට වෙලා තමන්ගේ ඉඳලා නිදාගන්න හදනකොට නම් ඉතා අමාරුයි. නින්ද ලගකටවත් එන්නේ නැහැ. එකට කරන්න තියෙන්නේ පරිගණක රුපවාහිනී නිවා තැබුවාට වඩා ටික කාලයක් ගෙන එදිනෙදා කටයතු වලට එදිලා නින්දට යන එක හරි ශෝක්.9. ඇඳ උඩ සිට පාඩම් වැඩටෙලිනාට්ටි වල ඉන්න අපේ නිලි නළුවෝ ගොඩාක් පාඩම් කරන්නේ ඇඳවල් උඩ බෝනික්කෝ එහෙම තුරුළු කරගෙන, හැබැයි එහෙම ඔබ පාඩම් කලොත් ඔබට වෙන්නේ පාඩමට කලින් ඔබට දොයිය බබා වෙන්න. ඒ නිසා නින්දට කලින් පොතක් පතක් කියෙව්වට කිසි වරදක් නැතත් ඒකත් නිදි දෙවුදුව ඔබ වෙතට එනකල් විතරක් තියාගන්න. |
Mobile data වැය නොකර Facebook යන්න ලබා දෙන නවතම විශේෂාංගය, Text only mode ගැන දැන ගනිමු | මොකද්ද මේ Facebook Text-only mode එක කියන්නේ?ඔබ Mobile data තුළින් Facebook භාවිතා කිරීමේදී ඔබට Photos සහ Videos බැලීමට ඔබ unlimited package එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔබගේ සාමාන්‍ය data quota එකෙන් data වැයවෙනවා. නමුත් මේ Text Only Mode එක භාවිතා කර ඔබට text පමණක් ඇති post දැමීම, comment, like, upload photos සහ වෙනත් posts වල ඇති text පමණක් නැරඹීම සිදු කළ හැකියි. මේකේ තියෙන විශේෂත්වය තමයි text only mode එකේදී කිසිදු data charge එකක් නොවීම.Text only mode එක settings වලවත් පෙන්නන්නේ නැහැනේ?දැනටනම් මේ text only mode එක තියෙන්නේ Airtel සහ Hutch වලට විතරයි. ඔයා dialog, mobitel වගේ නම් භාවිතා කරනේ මේ text only mode එක ඔයාට access කරන්න බැහැ.කොහොමද මේ Text Only Mode එකට මාරු වෙන්නේ?ඔබගේ facebook app එකෙහි උඩ ඇති bar එකෙහි Go to text only button එක click කර ඒ වෙත මාරු විය හැකියි. එසේත් නැතිනම් ඔබගේ Facebook settings වෙත ගොස් එහි mobile center හි ඇති මේ option එක තුළින් text only mode එකට මාරු විය හැකිය.Text Only Mode එකෙහි සිටින විට external link එකක් click කරොත් මොකද වෙන්නේ?Text Only Mode එකෙහි සිටින විට external link එකක් click කරොත් ඔබට ඔබගේ සාමාන්‍ය data quota එකෙන් data වැයවන අතර ඒ පිළිබඳව දන්වමින් ඔබට ඒ සැණින් warning message එකක් එනවා.මේ mode එක disable කරන්නේ කොහොමද?පියවර 1: Settings & Privacy වෙත යන්න.පියවර 2: ඔබගේ ISP ගේ නාමය මත click කරන්න (ex. Hutch/Airtel)පියවර 3: Settings Icon මත click කරන්න.පියවර 4: Turn off Facebook modes මත click කරන්න.හරි මම හිතනවා ඔයාට මේ text only mode එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතියි කියලා. එහෙනම් තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු. සුභ දවසක්! |
iPhone 13 මාදිලියේ ජංගම දුරකතන මෙම වසරේ සැප්තැම්බර් 14 වන දින එලිදැක්වීමට සූදානම් බව තොරතුරු වාර්තාවේ | Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPhone 13 Series එක සැප්තැම්බර් 14 වන දා එළිදැක්වීමට සැලසුම්කර ඇති බව වාර්තා වෙනවා. ඒ ITHome විසින් සොයාගන්නා ලද E-commerce ලැයිස්තුගත කිරීමකට අනුව සහ පසුව පිළිගත් Tipster කෙනෙකු වෙන Jon Prosser විසින් සිදු කරන ලද තහවුරු කිරිම්වලින් පසුවයි.iPhone 13 හි Pre Order සැප්තැම්බර් 14 සිට ලබාගත හැකි බව Prosser ගෙ වාර්තාවෙන් හෙළි කර තිබෙනවා. අදාළ E-commerce ලැයිස්තුගත කිරීම මුලින්ම පළකලේ චීනයේ Microblogging platform එකක් වන weibo හි @PandalsBald පරිශීලකයා විසිනි.මෙම ලැයිස්තුගත කිරීමට අනුව iPhone 13, iPhone 13 pro, iPhone 13 pro max, iPhone 13 mini දුරකථන සදහා සැප්තැම්බර් 17 වනදාට පෙර ඇණවුම ලබා දිය හැකි බව සදහන් වෙනවා. එපමණක් නොව ලැයිස්තුගත කිරීමෙන් හෙළිවන්නේ ඊළගට පැමිණෙන Apple AirPods 3 හි පෙර ඇනවුම් දිනය සැප්‍තැම්බර් 30 වන බවයි.Front page Tech හී Tipster Jon Prosser මෙය තහවුරු කර ඇති අතර iPhone 13 Series එක Pre Order සදහා සහ නිකුත් කිරිමේ දින පිළිවෙලින් සැප්තැම්බර් 17 සහ සැප්තැම්බර් 24 විය හැකි බව දක්වා තිබෙනවා. එපමණක් නොව iPhone 13 Series එක නිකුත් කිරීමේ Event එක සැප්තැම්බර් 14 වන දින පැවැත්වීය හැකි බවත්, iPhone 13 Series එකේ Devices සාමාන්‍යයෙන් ලබා ගත හැක්කේ සැප්තැම්බර් 24 බවත් වාර්තාවේ සදහන් වේ. සතියකට පෙර එනම් සැප්තැම්බර් 7 වනදා Apple සමාගම විසින් මේ Event එක සදහා Invitation පළකරන බව පැවසේ. එබැවින් සැප්තැම්බර් 14 වනදා ඇත්ත වශයෙන්ම අපට නව iPhone මාදිලිය දැක ගැනිමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.මෙම වසරේ iPhone මගින් PorRes Video Recoding, Portrait Video වැනි කැමරා වැඩිදියුණු කිරීම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනවා. Face Masks හා Foggy glasses සමග හොදින් ක්‍රියා කරන වැඩි දියුණු කළ Face ID System එකක් ද මේ Series එක සදහා ලබා දිය හැකි අතර 25W Fast Charging සදහාත් මේ නව iPhone 13 Series එක සහය දක්වනු ඇති බවට තොරතුරු පළ වෙනවා.Source:Beebom |
ලොව සක්‍රීය Android Devices වලින් 15%ක්ම Android 13 මත ධාවනය වන බව Google සමාගම ප්‍රකාශ කරයි | Google සමාගම විසින් සෑම වසරකම Android Smart Phones සඳහා ඔවුන්ගේ නවතම Android සංස්කරණය හඳුන්වා දෙනු ලැබුවා. එයට අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පමණ එළිදැක්විමට කටයුතු කළAndroid 13සංස්කරණය මේ වන විට බොහෝ Android Smart Phone නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Smart Phones සඳහා ලබා දී තිබෙන අතරම, තවමත් ලබා දෙමින් සිටිනවා.Android 13 “Tiramisu”, 2022දී නිකුත් වීමට නියමිත ප්‍රධානතම Android සංස්කරණය ගැන ඔබ දැන ගත යුතු දෑපසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරන ලද Android12 [https://androidwedakarayo.com/android-12-officially-released/] කියන්නේAndroid Operating System එක සදහා විශාල වෙනස්කම් රැසක් සමග හදුන්Android වැඩකාරයෝ - Sinhala Tech News providerBhasura Nuwan KularathnaGoogle සමාගම විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ලොව පුරා භාවිත වන Android Devicesවලින් 13% ක පමණ ප්‍රමාණයක් මේ වන විට Android 13 සංස්කරණය සඳහා යාවත්කාලීන කර තිබෙන අතර තවමත් බොහෝ සක්‍රීය Android Smart Phones ධාවනය වන්නේ Android 11 සංස්කරණය මත වන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.මෙලෙස දත්ත නිකුත් කර තිබෙන්නේ ජුනි මසට අදාලව වන අතර, ජුනි වන විට Android 13 සංස්කරණය Android Devices 14.7% ක ප්‍රමාණයකත්, පසුගිය අප්‍රේල් මාසය වන විට මෙම අගය පැවතියේ 12.1% ක ප්‍රමාණයකත් වනවා. කෙසේ වෙතත් අප්‍රේල් සිට ජුනි දක්වා කාළය තුළ ආසන්නව 3% ක පමණ Android Devices සඳහා Android 13 සංස්කරණය ලබා ගෙන තිබෙනවා.Image Source - 9to5google.comකෙසේ වෙතත් ජුනි මාසය වන විට ලොව පුරා භාවිත වන සක්‍රීය Android Devices වලින් 16.3% ක ප්‍රමාණයක Android 12 සංස්කරණයත්, 23.1% ක ප්‍රමාණයක Android 11 සංස්කරණයත්, 17.8% ක ප්‍රමාණයක Android 10 සංස්කරණයත් ප්‍රධාන වශයෙන් භාවිත වනු ලබනවා.ඒ වගේම මේ වන විටත් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 14 සංස්කරණයේත් සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට එහි Beta සංස්කරණයන් ද නිකුත් කර තිබෙනවා.Image Source - Developer.android.comSources:developer.android.com9to5google.com |
Windows 10 taskbar සඳහා නවතම News and Interests widget එක නිකුත් වෙයි | මෙම නව widget එක දැන් Windows 10හි 1909, 2004, 20H2 සහ 21H1 යන සංස්කරණ වල ඇති PC වලට නිකුත් කරමින් සිටින බව Microsoft සමාගම නිවේදනය කර තිබුණා.ඔබේ Windows 10 version එක බැලීමට Start menu -> winver ලෙස type කරන්න.මෙවැනි නව විශේෂාංගයක් දැනටම තිබෙන Windows සංස්කරණයකට නිකුත් කළ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර එයට ඔවුන් හඳුන්වන්නේ 'News and Interests"ලෙසයි.මෙයින් ඔබට taskbar එකේ දකුණු පසින් 'widget' එකක් ලබා දෙන අතර එය click කිරීම මගින් Microsoft සමාගමේ MSN.com අඩවියෙන් ලබා දෙන ඔබටම වෙන්වූ ප්‍රවෘත්ති, කාලගුණ සහ ක්‍රීඩා ලකුණු විස්තර ආදිය බලන්න හැකියාව තිබෙනවා.Image Source: Windows Blogsමෙහි අරමුණ ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ users ලා වෙනදා ඔවුන්ම සොයාගෙන දැනගන්නා දේවල්, නිරායාසයෙන්ම ඔවුන් වෙත ගෙන ඒමයි. එනම් ඔබට අවශ්‍ය මාතෘකා (Technology, Politics, Cricket, Football ආදිය) තෝරා දුන් විට ඒවාට අදාළ ප්‍රවෘත්ති, Live Scores, කොටස් වෙළඳපොල අගයන් ආදිය මෙහි පෙන්වනු ලබනවා.Image Source: Windows Blogsඅප ලිපියේ මුලින්ම සඳහන් කළ Windows versions වලට එළඹෙන සති කීපයේ මෙම feature එක නිකුත් කරන අතර, ඔබේ පරිගණකය එය සඳහාසූදානම්නම් Microsoft විසින් එය update එකක් ලෙස install කරනු ඇති.Source:Windows Blogs |
Spotify සමාගම විසින් මෝටර් රථ සඳහා Car Thing නමින් වන උපාංගයක් හඳුන්වාදීමට කටයුතු කරයි | Spotify කියන්නේ දැනට ලෝකේ පවතින Android, Windows, Linux, iOS, MacOS යන Computer හා Mobile OS වලට පවතින හොඳම Music Streaming App එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඔබට මතක ඇති පසුගිය කාලයේදිSpotify සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දිමත්සිදු වුවා.Spotify සමාගමේ පළමුවෙන Hardware Product එක විදිහටCar Thingනමින් හදුන්වන In Car Entertainment System එකක් නිෂ්පාදන කර තිබෙනවා.ප්‍රධාන වශයෙන් LCD Touch Screen එකකින් සමන්විත මෙහි තරමින් විශාල Navigation සදහා උපකාරි වෙන Knob එකක් පවතිනවා. ඒ මගින් සිංදු අතර මාරු විම මෙන්ම සිංදු තෝරා ගැනිමත් සිදු කල හැකි වෙනවා. මිට අමතරව Favorite music, Podcasts, Playlists ආදිය තෝරා ගැනිමට ඉහල කෙරවලේ Button ලබා දි තිබෙනවා. මේ Car Thing එක සදහා Spotify Voice Control Feature එකත් ලබා දි තිබෙනවා.මේ Spotify Car Thing නිෂ්පාදනය කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම Apple CarPlay හෝ Android Auto වැනි Modern in Car Infotainment Systems නොමැති වාහන සදහා වෙනවා. මේ සදහා Bluetooth මෙන්ම AUX හෝ USB Cable මගින් Smartphone එක සම්බන්ධ කල හැකි වෙන අතර මේ Car Thing එක මෝටර් රථයේ Stereo System එකට සම්බන්ධ කල යුතු වෙනවා.තවමත් ඇමරිකා එක්සත් ජනපද වෙළඳපොල සදහා පමණක් හදුන්වා දි ඇති මෙය Spotify Premium Subscribersලා ඉලක්ක කර නිපදවා තිබෙනවා. Spotify වෙබ්අඩවියේ දක්වා ඇති ආකාරයට Premium Subscribersලා සදහා නොමිලේ මේ උපාංග ලබා ගත හැකි වෙනවා.මෙහි වෙළඳපොල මිල ලෙස ඩොලර් 80ක මුදලක් දක්වා ඇති නමුත් මේ උපාංග වෙළඳපොල වෙත නිකුත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් Spotify සේවාව විසින් ප්‍රකාශ කර නොමැති වෙනවා.Source :Gizmochina |
Bug එකකින් ඕනෑම Android device එකක data උස්සන malware එක: StrandHogg 2.0 | Security researchesලා Android device වල තියෙන අළුත්ම vulnerability එකක් හොයාගෙන තියෙනවා. මේ හරහා hackersලාට usersලාගේ data සොරකම් කිරීමට හැකි බව ඔවුන් පවසනවා. 2019දී හඳුනාගත් Strandhoggහි අනුප්‍රාප්තිකයා (තේරෙන්න කිව්වොත් successor, එහෙමත් නැත්තම් ඊලඟ පරම්පරාව) තමයි මේ StrandHogg 2.0 කියන්නේ.මෙය ක්‍රියාත්මක වන ආකාරය පවා මෙය සොයා ගත් නෝවිජියානු app protection සමාගමක් වන Promon විසින් හෙලි කර තිබෙනවා. මෙහිදී සිදුවන්නේ අපගේ දැනට ඇති ඇප් එකක්, උදාහරණයකට Gmail app එක ගමු. ඒක open කරාම අපි දැනටත් ලොග් වෙලා හ්ටියත් open වෙලා පෙන්නන්නේ අපි logout වෙලා වගේ. ඊට පස්සේ මේ ගන නොදන්න කෙනෙක් log වෙනකොට මේ StranHogg 2.0 හරහා ඒ ලොගින් ඩීටේල්ස් අදාල හැකර් වෙත ලැබෙන්න සලස්වනවා.මෙය Gmail app එකට පමණක් නොව. ඕනෑම ඇප් එකක් හරහා සිදු කල හැකිය. Promon විසින් එය පැහැදිලි කරමින් පහත පරිදි වීඩියෝවක්ද නිකුත් කල ඇත.StranHogg විසින් මෙම ක්‍රියාවට යොදාගන්නේ taskAffinity නම් Android feature එකයි. ඒ හරහා වෙනත් ඇප් එකක ඇති packageName එකට ගැලපෙන පරිදි සකස් කරලා ඇප් එක හයිජැක් කරලා allowTaskReparenting="true" විදිහට හදලා අපි ඕපන් කරන ඇප් එක වෙනුවට StranHogg ඇප් එක launch කරන්න සලස්වනවා.StranHogg 1.0 වල තිබ්බ දුර්වලතාවය තමයි මේ ඉස්සෙලා කියපු taskAffinity කියන එක Android Manifest එකේ පෙන්නන්න උන එක. මේ හරහා Playstore එකට ඇඵ් එකක මේක තියෙනවා කියල හඳුනා ගන්න පුළුවන්. නමුත් StranHogg 2.0 වලදී මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද StranHogg 2.0 වලදි කිසිම Android Permission එකක් ඉල්ලන්නේ නෑ. Playstore එක හරහා ඔවුන්ගේ මෙම උපක්‍රමය අඩංගු කර ඇති app එක හරි game එක හරි දැනටමත් install කරලා තියෙනව නම් හෝ install කරගත්තොත් පස්සේ වෙලාවක මේ හානිදායක code එක මේ ඇප් එකට ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ කාර්‍යේ යෙදෙන්න පුළුවන්.ඊට පස්සේ කරන්නේ, බොරු ඇප් එක හදලා හරි ඇප් එක හංගලා අර හදපු බොරු ඇප් එක අපිට පෙන්නන එක.මේකෙන් මොකද වෙන්නේඋඩ කිව්වා මතක ඇති මේකෙන් පුලුවන් අපේ ලොගින් ඩීටේල්ස් හොරකම් කරන්න. මේ හරහා ඒ වෙලාවෙම ඒ අදාල ලොගින් ඩීටේල්ස් හැකර්ට යවනවා.ෙතකොට බැලුවම මේක කී ලොගර් එකක් වෙනවා. ට්‍රෝජන් එකකුත් වෙනවා.මේ StranHogg එකට මොන ඇප් එකද කියල අදාල නෑ, බෑන්කිං ඇප් එකක් උනත් කිසිම ප්‍රශ්නයක් නෑ, එයා එයාගේ විදිහට වැඩේ කරනවා.ඒ විතරක් නෙවෙයි මෙයාට පුලුවන් මුළු ඩිවයිස් එකම කන්ට්‍රෝල් කරන්න. SMS වලට ඇක්සස් කරන්න, Gallery එකට ඇක්සස් කරන්න, GPS movements track කරන්න, ෆෝන් කෝල්ස් ගන්න, ගන්න කෝල්ස් රෙකෝඩ් කරන්න සහ ඔයාගේ කැමරාව හරහා හෝ මයික්‍රෆෝනය හරහා ඔත්තු බලන්නත් මෙයාට පුළුවන්.මේක නම් StranHogg 2.0 එකෙන්ම වෙන්න ඕනේ නෑ, StranHogg 2.0 එකට පිටින් ඉඳන් මෙහෙම කරන්න පුලුවන් කියන්නේ OS එක හදන අයට, ඒ කිව්වේ Google එකට ගේමක්ම නැතුව ඔය දේ කරන්න පුලුවන්නේ, නේද? ඔය යුද්ධයක් එහෙම ආවොත්, නෑ මේ මං නිකං කිව්වේ.ඒ වගේම මේ හරහා ඔවුන්ටRansomwareඑකක් පවා එවන්න පුළුවන්.මේ ගැන දැනට Google එකෙන් මොකද කරල තියෙන්නේමේ vulnerability එක Android versions 8.0, 8.1, සහ 9 වෙත බලපාන අතර Promon විසින් මේ පිළිබඳව Google වෙත 2019 දෙසැම්බර් 04 වෙනිදා දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් Google විසින් මේ සඳහාsecurity patchඑකක් අප්‍රේල් වලදි හදලා තියෙනවා. මේsecurity patchඑක මැයි මාසයේදී නිකුත් කරලත් තියෙනවා.ඉතිං Android වැඩකාරයෝ අපි ඔයාලගෙන් ඉල්ලනවා පුළුවන් තරම් ඉක්මනට කිසිම විමසීමකින් තොරව ඔයාගේ Android phone එක තියෙන අන්තිම security patch update එකට update කරගන්න.ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ ඔයාට සැටිස්ෆයි නැති ඇප් එකක් තියෙනව නම් ඒ සේරම අයින් කරලා දාන්න. ඒ වගේමයි ඔයාට සැටිස් නැත්තම් ආරක්ශිත විදිහට, කම්පියුටර් එකකින් ඔයාගේ ගිණුම් වල පාස්වර්ඩ්ස් සේරම රිසෙට් කරන්න.සමහර විට පහුගිය කාලයේ YouTubersලගේ එහෙම එකවුන්ට්ස්, මේ විදිහටත් නැති වෙන්න ඇති. ඒක නිසා හැමෝම තමන්ගේ ගිණුම් ආරක්ෂිත කරගන්න.Source -Promon.co |
TikTok වලට ආදේශකයක් ලෙස රුසියානු ජනපති Vladimir Putinගේ දියණිය විසින් නව සේවාවක් හඳුන්වාදීමට සූදානම් වේ | Russia විසින් ඔවුන්ගේම නව Short Video Sharing App එකක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ නව App එක මේ වන විට ලොව පුරා ජනප්‍රිය Short Video Sharing Social Media Platform එකක් වෙන TikTok හි නව Version එකක් විදිහට සදහන් කරන්න පුළුවන්.මේ සදහා රැසියාවේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතනයක් හා බලශක්ති සමාගමක් වෙන Gazprom සමාගම මුලිකව සිටින අතර එම සමාගමේ මාධ්‍ය අංශයේ විධායක නිලධාරි වෙන ඇලෙක්සැන්ඩර් ෂාරොව් (Alexander Zharov) විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට මේ App එක “Ya Molodets” (“I am great”) නමින් හදුන්වනවා.ඒ වගේම මේ App එකේ සංවර්ධන කටයුතු සදහා Innopraktika පදනම මගින් සහයෝගය දක්වන අතරම මෙය රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ (Vladimir Putin) දියණිකයක් වෙන කැටරිනා ටිකොනෝවාට (Katerina Tikhonova) හිමිකම් කියනු ලබන බවත් වාර්තා වෙනවා. මේ නව App එක මගින් රැසියානු බ්ලොග් Videoකරැවන්ට නව වේදිකාවක් තනා දිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා.ඒ වගේම මේ නව App එක වසර දෙකක් තුල නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි බවත් මේ වන විට වසර එක හමාරකට වැඩි කාලයක් ඔවුන් මේ App එකේ වැඩි දියුණු කිරිම් සිදු කරමින් සිටින බවත් මෙය කෙටි Portrait Video සදහා සහය දක්වන සේ එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.Source :Ndtv,Gizmochina |
Appstore එකෙන් පරිභාහිරව apps sideload කිරීමේ හැකියාව iOS 17 සංස්කරණය සමඟින් ලබාදීමට Apple සමාගම සූදානම් වේ | iOS සහ Android අතර පවතින විශේෂිතම වෙනස්කමක් වන්නේ iOS හි Applications Sideload කිරීමේ හැකියාව නොතිබිමයි. Sideloading යනු Official Source එකකින් හැර Third party Source එකක් මගින් ලබා ගන්නා Applications Install කිරීමයි.Android සදහා Official Source එක Google Play Store වන අතර iOS සදහා Official Source එක වන්නේ Apple App Store එකයි. Android හි Google Play Store එකෙන් හැර වෙනත් වෙබ් අඩවිවලින් හෝ අන් ක්‍රමයකින් .apk Files Download කර Install කළ හැකි වුවත් iPhone සදහා එලෙස Apps Sideload කිරීමේ හැකියාව නිල වශයෙන් ලබා දී නොමැති වනවා.එහෙත් විශ්ලේෂකයෙකු වන Mark Gurman සදහන් කර සිටින්නේ iPhone සදහාද App Sideloading පහසුකම ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු විය හැකි බවයි. එතුළින් iPhone භාවිත කරන්නන් හට Apple App Store එකේ ඇති Apps පමණක් නොව වෙනත් ඕනෑම Application එකක් Install කර ගැනීමේ හැකියාව උදා වනවා.Tim Sweeney on Twitterමෙය මෙසේ සිදු වුවහොත් එය ක්ෂේත්‍රයේ පෙරළිකාර දෙයක් බවට පත් වනවා. යුරෝපයේ Digital Marketing පනත ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහෙදි Apple සමාගම හට iPhone සදහා App Sideloading ලබා දීමට කටයුතු කරන ලෙස යෝජනා වීමට නියමිතව තිබෙනවා.කෙසේ වෙතත් Apple සමාගම සදහන් කරන්නේ ඔවුන් මේ අවස්ථාවේදී පමණක් යුරෝපීය පනතට අනුව කටයුතු කරන බවත් ඇමෙරිකාව හා අනෙකුත් රටවලට Digital Marketing පනතක් නොමැති බැවින් ඒ සදහා මේ Apps Sideloading කිරීම ලබා දීමට කටයුතු නොකරන බවත්ය.තවද Apple සමාගම විසින් Digital Marketing පනතට සඳහා iMessage, Find My Device, NFC access සහ තවත් බොහෝ දේ සඳහා විශාල වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට ද වාර්තා වනවා.Source:androidauthority.comtechcrunch.com |
ක්‍රියාවිරහිතව තිබියදි පවා දුරකතනය සොයා ගැනීමට iPhone වෙත ලබා දී ඇති පහසුකම Android දුරකතන වෙතද ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ | Android Smart Phones සදහා Google සමාගම විසින් හදුන්වා දී ඇති Find My Device App එක ඔබගේ ජංගම දුරකථන නැති වු හෝ සොරකම් කළ විට එය සොයා ගැනිම සදහා උපකාරී වෙන බව ඔබ දන්නවා. කෙසේ නමුත් Apple iPhonesවල මෙන් Android Smart Phones ක්‍රියා විරහිතව පවතින විට එම Device එක තිබෙන ස්ථානය Track කිරිමේ හැකියාව තවමත් Google සමාගම විසින් ලබා දී නොමැති වෙනවා.වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් මේ වෙන විටත් Android Devices ක්‍රියා විරහිත වි ඇති විට Device එක තිබෙන ස්ථානය Track කිරිමේ හැකියාව ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.ඒ අනුව Apple සමාගමේ Find My App එක ක්‍රියාත්මක වෙනවා මෙන් Google සමාගමේ Find My Device App එක සදහාත් Device එක Power Off වි ඇති විටත් Track කිරිමේ හැකියාව ලැබෙනු ඇත. මෙය Pixel Power-off Finder on Google phones නමින් සදහන් වෙනවා.වාර්තා වෙන තොරතුරුවලට අනුව නව Hardware Abstraction Layer (HAL) එකක්“hardware.google.bluetooth.power_off_finder”නමින් සදහන් වෙන අතර මේ මගින් Finger Network keys Device එකේ Bluetooth chip එකට Device එක Power Off ඇති විට යැවිමට උපකාරි වෙනවා.ඒ අනුව මීලගට එළිදැක්විමට නියමිත Google Pixel 8 Devices සදහා මේ Feature එක ලැබෙනු ඇති අතර Google Pixel 7 Devices සදහා මෙය ලැබේද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වෙන්නේ නොමැති වෙනවා. එමෙන්ම ඉදිරියේදි නිකුත් විමට නියමිත අනෙකුත් Smart Phone නිෂ්පාදනය සමාගම්වලත් High End Smart Phones සදහාත් මේ Feature එක අඩංගු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.Source:gizmochina.com |
Arrhythmia රෝගීන්ගේ ශරීරයට ඇතුල් කරන Pacemaker උපකරණයට MagSafe හරහා බලපෑම් එල්ල වන බව Apple සමාගම නිවේදනය කරයි | ඔබට මතක ඇතිiPhone 12 Seriesඑක හදුන්වා දිමත් සමග Apple සමාගම විසින් iPhone සදහා MagSafe නම් Wireless Charging Technology එකක් හදුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් මේ MagSafe හි භාවිත වෙන Technology නිසා Arrhythmia රෝගය පවතින පුද්ගලයින්ට බලපෑම් එල්ල විය හැකි බව මේ වෙන විට සොයාගෙන තිබෙනවා.American Heart Associationවිසින් පළකර තිබෙන පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඔවුන් විසින් පෙන්වා දි තිබෙන්නේ Arrhythmia රෝගයෙන් පිඩා විදින රෝගින්ගේ හෘත් රිද්මය නිවැරදි කිරිම සදහා ශරිරය තුලට ඇතුළත් කරන Pacemaker නම් කුඩා උපකරණයේ ක්‍රියාකාරිත්වයට මේ MagSafe Chargers වල පවතින Technology එක නිසා බාධා එල්ල විය හැකි බවයි.එමෙන්ම මේ වන විටApple සමාගමද මෙය තහවුරු කරමින් ප්‍රකාශයක්නිකුත් කර තිබෙනවා.MagSafe Charger එක මගින් නිකුත් වෙන Magnetic interference නිසා Pacemaker උපකරණයට බාදා ඇති වෙනු ලබනවා. මේ මගින් එම උපකරණයේ නිවරදි ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වෙන බවත්, ඒ නිසා Arrhythmia රෝගයෙන් පිඩා විදින රෝගින්ට මේ ඔස්සේ බලපැම් ඇති විය හැකි බවත් ඔවුන් දක්වා තිබෙනවා.මේ සදහා හේතු වි තිබෙන්නේ MagSafe Charger එක මගින් iPhone Charge කිරිමේ දි iPhone එක හා MagSafe Charger එක නිවරදිව ස්පර්ශ විම සදහා MagSafe Charger එක තුල Magnets භාවිත කර තිබිමයි. ඒ වගේම ඔවුන් වැඩි දුරටත් දක්වා iPhone 12 Series එක තුළත් එයට පෙර නිකුත් වු iPhone හා සැසදිමේදි වැඩි Magnets ප්‍රමාණයක් ඇතුළත්ව පවතින බවයි.Arrhythmia යනු හෘද ස්පන්ධන රිද්මය නිසි පරිදි රිද්මයාකාරව ක්‍රියාත්මක නොවිම වෙන අතර හෘදයේ ස්පන්ධන රිද්මය නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සදහා Pacemaker නම් කුඩා උපකරණයක් භාවිත කරනවා.කෙසේ වෙතත් Apple සමාගම විසින් මිට පෙර Pacemaker උපකරණය භාවිත කරන පුද්ගලයින් විසින් MagSafe Charger එක අගල් 6 කට වැඩි දුරක තබා ගන්නා උපදෙස් දි තිබෙනවා.Sources:Apple,Business Insider,Gizmochina,American Heart Association |
OnePlus සමාගම විසින් නුදුරේදීම තවත් Nord ජංගම දුරකථනයක් නිකුත් කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කරයි | OnePlus Nord ජංගම දුරකථනය වෙළඳපලට නිකුත් වීමේ වන විට මාස දෙකක් වැනි කාලයක් ගත වී ඇත. මෙම ජංගම දුරකථනය නිකුත් කිරීමත් සමඟම OnePlus සමාගම හෙලිකර සිටියේ මෙය OnePlus සමාගමේ නවතම ජංගම දුරකථන series එකක් බවට පත් වන බවයි. ඒ සඳහා මීට පෙරඔවුන් විසින් Trademarkද ලබාගෙන ඇත.මේ වන විට OnePlus සමාගම විසින් නිල වශයෙන් තවත් OnePlus Nord ජංගම දුරකථනයක් පිළිබඳව ඉඟි පල කර ඇත. ඒ #ComingSoon ලෙස යෙදූ caption එකක් සමඟ OnePlus Nord නිල Instagram ගිණුම හරහා තැබූ පණිවිඩයකිනි. එය පහත දැක්වේ.View this post on Instagram#ComingSoonA post shared byOnePlus Nord(@oneplus.nord) onSep 28, 2020 at 6:00am PDTමීට සති කිහිපයකට කලින් OnePlus සමාගම් විසින් දැරිය හැකි මුදලකට OnePlus Nord N10 5G නම් ජංගම දුරකථනයක් නිකුත් කරන බවට කට කතා පැතිරුණී. ඒ අනුව N10 5Gහි අඩංගු විය හැකියැයි සැලකෙන specifications පිළිබඳවද මත පල වී තිබුණු අතර ඒවා පහත පරිදි විය.Chipset - Snapdragon 690 5GRAM - 6GBStorage - 128GBDisplay - 6.49-inch FHD+ with 90Hz refresh rateRear Camera - 64MP primary + 8MP ultrawide + two 2MPමෙම specifications තවමත් තහවුරු වී නොමැති ඒවා වන අතර මෙම ජංගම දුරකථනයේ මිල ලෙස දැනට වාර්තා වන්නේ $400කට පහල අගයකට මිල වේ යනුවෙනි.Source:Gizmo China |
Facebook ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ ශ්‍රී ලංකා රජයේ සූදානමක් | සමාජ මාධය යනු ලොව පුරාවට විශාල පෙරලියන් ඇති කිරීමට තරම් බලවත් වූ මාධ්‍යක් සහ පුවත් ඉතාමත් ඉක්මනින් පාලනයකින් තොරව පැතිර යාමට රුකුලක් වූ තාක්ෂණික විප්ලවයකින් යුතු මාධ්‍යක් බවට අප සියලු දෙනාම හොඳින් දන්නා කාරණාවකි.මෙහි ඇති වූ අතුරු ප්‍රතිපල ලෙස ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු සමාජ ගත වීමේ ප්‍රවණතාවය වැඩි වූ අතර, ඇමෙරිකාව වැනි ලොව බලවත රටක ජනාධිපතිධූරයට පුද්ගලයන් පත්කිරීමේ ඡන්ද විමසුමට පවා බලපෑම් කිරීමේ හැකියාවකින් යුතු ආකාරයේ මාධ්‍යක් බවට පත් වී හමාරය.එහිදී සමාජ මාධ්‍ය විසින් ක්‍රියාකල ආකාරය පිලිබඳව අප විසින් Cambridge Analytica සිදුවීම හරහා ඔබට පැහැදිලි කල ආකාරය මතක ඇති. ඔබ විසින් ඒ පිළිබඳව කියවා නැති නම් ඒ පිළිබඳව කියවීමටමේ සබැඳිය හරහාපිවිසෙන්න.ඊට අමතරව Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා සහ Google සමාගම විසින් තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත අවභාවිතා කල ආකාය පිළිබඳවද ඔබට විස්තර ගෙන ආවා මතක ඇති. ඔබ අළුතෙන්ම අපේ වෙබ් අඩවියේ ලිපි කියවන්නෙක් නම් පහත සබැඳි හරහා ඒ ලිපි කියවා ඒ අවස්ථාවන්හිදී ඇති වූ භායානක තත්වයන් පිලිබඬව වැටහීමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. අප රචකයන් විසින් ඒ පිළිබඳව මනාව ඔබට පැහැදිලි කරමින් විස්තර කර ඇත.Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථාUser data අවභාවිතාව නිසා Google වලටත් වැඩ වැරදුන තැන්මේ හේතූන් නිසා ලොව පුර රටවල් විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා යොමු වී සිටිනවා. ලංකාවද එවැනිම ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර එහි නවතම පියවරක් ලෙස සමජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානම් වනවා.ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකවැල්ල මහතා විසින් අද දින මාධ්‍යට අදහස් දැක්විමේ දි සමාජ මාධ්‍ය හරහා සිදු වෙන විෂමතා හා අපචාර මැඩපැවැත්වීමට රට තුල යම් කිසි නියාමනයක් ඇති කිරිමට අවශ්‍යව ඇති බවට අදහස් පල කරනු ලැබුවා.එහිදි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයින් නිවරදි තොරතුරු සමග ඉදිරියේදි ලියාපදිංචි කර විමට සැලසුම්ක් තම අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බවයි. ඒවගේම ඉදිරියේදි මෙය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පවසා සිටියා.Sources : ITN TV |
A guidance for caching: Redis කියන්නේ මොකක්ද? | Redis කියන්නේ මොකක්ද?Simply, Redis කියන්නේ in-memory, key-value database එකක්. ගොඩක් application වලට caching layer එකක් විදියට Redis use කරන්න පුළුවන්.මොකක්ද caching කියන්නේ?සරලව කිව්වොත් නිතරම භාවිතා වන data අපිට cache layer එකේ තාවකාලිකව ගබඩා කරන්න පුළුවන්. මේ මගින් data fetch කිරිමට ගත වන කාලය අඩු කරගත හැකියි.මොනවද Redis භාවිතයෙන් තිබෙන වාසි?1. Fast Performance:Redis, In-memory data storage එක නිසා සහ එහි පවතින optimized data structures නිසා read and write operations වේගයෙන් සිදු කළ හැකියි.2. Versatile data structures:Redis විශාල පරාසයක data structures වලට support කරනවා. Ex: String, List, Set, Hash3. Scalability and High Availability:Redis වල තියෙන්නේ Horizontal Scaling Mechanism එකක්. එමගින් අපේ application වලට ඉතා පහසුවෙන් විශාල workload එකක් handle කිරීමට හැකියාව ලබා දෙනවා.4. Pub/Sub Messaging:Publisher Subscriber pattern එක භාවිතා කරන application වල එහෙමත් නැත්තම් real time communication සිදුවන application වලටත් Redis භාවිතා කළ හැකියි.5. GeoSpatial Capabilities:Redis වල පවතින Geo Commands භාවිතා කරලා අපිට location-aware එකක් තියෙන applications පහසුවෙන් නිර්මාණය කල හැකියි.Advantages වගේම Redis වලත් Drawbacks තියෙනවා.1. Persistence Challenge:Redis කියන්නේ in-memory data storage mechanism එකක්. එක නිසා data වල durability එක limitation එකක් වෙන්න පුළුවන්.2. Single-threaded Nature:මේක නිසා highly concurrent workload වලදී bottleneck එකක් ඇතිවිය හැකියි.අවසාන වශයෙන් Redis වෙනුවට අපිට Memcached භාවිතා කළ හැකියි. නමුත් complex use cases වලදී Memcached වලට වඩා Redis වල performance වැඩියි. |
ONE Ui 2.1 Update එක Galaxy S9 Note 9 Series වලටත් | ඔන්න One Ui 2.1 Update එක එන දවස් වලම වගේ අපි දැනුවත් කරා Samsung ලා මේ S20 Features Update එක එයාලාගේ පරන Flagship Device වලටත් එවන්න බලාපොරොත්තුවෙන් සිටින බව කොහොම උනත් සමහර දෙනෙක් එහෙම එන්නේ නැති වෙයි කියලා දැඩි මත ප්‍රකාශ කරත් තවත් සමහර දෙනෙක් මේ Update එක එනකන් මග බලන් හිටියා. ඉතින් බලන් ඉදපු නොයිදපු හැමෝටම වගේ සුභ ආරංචියක් අරන් තමා අද මේ Post එක අරන් එන්නේ. ඉතින් වැඩි කතා නැතුව අද කතා කරන්න ආපු කාරනේ ගැන කතා කරලා ඉන්නම්.Samsung සමාගම මේ වෙනකොටත් එයාලාගේ S9 සහා S9+ යන Device වලට One Ui 2.1 Update එක Rollout කරමින් පවතිනවා Germany South Korea කියන රවල් දෙකට. ඉදිරියේදි අපිට තවත් රටවල් සදහා මේ Update එක Rollout කරනවා දැක බලා ගන්න පුලුවන් වේවි. Update එක 100% ම Android 10 Based වෙලා එන්නේ හරියටම කිව්වොත් Android 10 ONE Ui 2.0 Update එක සමග ආපු නැති ගොඩක් Features ඇතුලත් කරලා තමා මේ Update එක Rollout කරන්නේ. කලින් සදහන් කරා S20 Features Update කියලා S10 Note 10 Series වලට මේ ONE Ui 2.1 Update එක Rollout කරේ ගොඩක්ම S20 සමග පැමිනි Features එකතු කරලා ඉතින් S20 වල පැමිනි Features වලින් කිහිපයක් හෝ අපිට Note 9 S9 Series වලට ලබා දෙයි කියන වශ්වාසය තියන්න පුලුවන්.දැනට සදහන් වන පරිති Apple වලට වෙන්වූ Air Drop වගේම Samsung වලට පැමිනි Quick Share Option එක මේ Update එකට ඇතුලත් කර තිබෙන සදහන් වෙනවා. ඒ වගේම Multi Device Audio Stream Option එකද ඇතුලත් කර තිබෙනවා. Camera Side එක ගැන කතා කරොත් අලුත් Update එක මගින් Camera Interface එකෙහි යම් වෙනස් වීම් සමග Video Pro Mode ද ඇතුලත් කර තිබෙනවා. මෙහිදි සදහන් කරනු ලැබුවේ දැනට ආරංචි උන Features ගැන පමනයි. අපිට තවත් අලුත් උන Features ඉස්සරහදි දැන ගන්න ලැබේවී ඒ ගැනත් අනිවාරෙන්ම දැනුවත් කරන්නම්. බලාපොරොත්තුවෙන් හිටිය අයට මේක හොද ආරංචියක් වෙයි.Post එක අනිත් අයටත් දැන ගන්න Share කරන්න. ඔයාලාගේ අදහස් අනිවාරෙන්ම Comment Section එකේ පල කරන්න තවත් අලුත් Post එකකින් මේ වගේම හමුවෙමු එතකන් ජය හැමොටම. |
ශ්‍රී ලංකාවට අයත් චන්ද්‍රිකාවක් වන රාවණා 1 චන්ද්‍රිකාව තම මෙහෙයුම් සාර්ථකව අවසන් කිරීමෙන් පසු විනාශ වේ | ශ්‍රී ලංකාවට අයත් පළමු හා එකම චන්ද්‍රිකාව විනාශ වී ඇත. නමුත් මෙය අනතුරක් නොවේ. මෙය බලාපොරොත්තු වූ ලෙසින්ම සිදු වූ දෙයකි. ජපානයේ Kyushu Institute of Technology (Kyutech) නමින් හදුන්වන රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් සිදු කරන Joint Global Multi-Nation BIRDS Satellite Project (BIRDS) නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වැනි අභ්‍යවකාශ ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාවක් නොලැබුණු රටවලට පළමු චන්ද්‍රිකාව නිපදවීමට, පරීක්ෂා කිරීමට, දියත් කිරීමට හා ක්‍රියා කිරවීමට අවස්ථාව ලබා දෙන ව්‍යාපෘතියකි.මේ ව්‍යාපෘතියේ තුන්වන මෙහෙයුම වන BIRDS-3 මෙහෙයුමේදී ශ්‍රී ලංකාව හා නේපාලයට තම පළමු චන්ද්‍රිකාව නිපදවීමට අවශ්‍ය පහසුකම් සපයන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉංජිවෙන්රුවන් දෙදෙනක් වන තරිදු දයාරත්න හා දුලානි චාමිකා ජපානයේ Kyutech විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ගේ උපකාර ඇතිව ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව සෑදීම ආරම්භ කරන ලදී. BIRDS-3 මෙහෙයුම 2017 ඔක්තෝබර් 4 වනදා ආරම්භ වන අතර BIRDS-3 මෙහෙයුමේදී එක සමාන චන්ද්‍රිකා 3 ක් නිෂ්පාදනය කරන ලදී. මෙම චන්ද්‍රිකා සම්මත 1U (සෙන්ටිමීටර් 10 × 10 × 10) ප්‍රමාණයේ CubeSat වන අතර මෙම BIRDS-3 චන්ද්‍රිකාවල මූලික අරමුණු 4 ක් ඇත.BIRDS-3 චන්ද්‍රිකාLoRa Demonstration Mission (LDM) - LoRa හෙවත් Long Range යනු ප්‍රංශය විසින් හදුන්වාදුන් අඩු බලැති ලොකු පරාසයක් ඇති සන්නිවේදන ක්‍රමයකි. BIRDS-3 චන්ද්‍රිකාවල RFM95W Semtec Long Range (LoRa) සන්නිවේදන උපකරණ 2 ක් අඩංගු වූ අතර කක්ෂයේදී ඒ දෙක අතර සන්නිවේදනය කිරීම මෙම BIRDS-3 මෙහෙයුමේ එක් අරමුණකි.Imaging Mission (CAM mission) - මේ චන්ද්‍රිකාවල තවත් අරමුණක් වූයේ චන්ද්‍රිකාවේ ඇති කැමරාවෙන් ලබා ගන්නා ඡායාරූප ඒ ඒ රටවල මාධ්‍ය හරහා පෙන්වීමෙන් මේ පිළිබද ජනතාවගේ අවධානය දිනා ගැනීමයි.Raavana-1 චන්ද්‍රිකාවෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ඡායාරූපයක්Attitude Determination and Control Mission (ADCS) - අභ්‍යවකාශ යානයක් Attitude යනු එය ත්‍රිමාණ අවකාශයේ ඇති දිශාවයි. ජ්‍යාමිතියේදී මෙය x, y, z අක්ෂ පද්ධතියට සාපේක්ෂව දක්වනු ලැබේ. BIRDS-3 චන්ද්‍රිකාවල Attitude නිර්ණය කිරීම (Determination) හා අවශ්‍ය ආකාරයට එය පාලනය කිරීම (Control) හෙවත් චන්ද්‍රිකාව අවශ්‍ය දිශාවට හැරවීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් විය. මේ චන්ද්‍රිකාවල අක්ෂ තුනේ 3-axis Magnetorquer (MTQ) එකක් අන්තර්ගත වේ.මෙය භාවිතා කරමින් පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මඟින් සුළු බලයක් චන්ද්‍රිකාව මත උපදවා ගෙන චන්ද්‍රිකාව හරවයි. මෙය සරලව විද්‍යුත් චුම්භකයක් මඟින් ඇති කරන චුම්භක ක්ෂේත්‍රය වෙනස් කරමින් එය අසළ ඇති ස්ථිර චුම්භකයකින් විද්‍යුත් චුම්භකය මත ක්‍රියාකරන බලය වෙනස් කිරීමයි. BIRDS-3 චන්ද්‍රිකාවල ඇති MTQ එක ඇමිපියර් 0.03 ක විදුලි ධාරාවක් යොදා ගෙන නිව්ටන්-මීටර් 2.12 x 10⁻⁶ ක ඝූර්ණයක් චන්ද්‍රිකාව මත ඇති කරයි.Software Configurable Backplane Mission (BPB) - මෙහිදී චන්ද්‍රිකාවේ සියළු පරිපථ එකට සම්බන්ධ කරන Backplane එක මෘදුකාංග මගින් වෙනස් කිරීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට බලාපොරොත්තු විය. නමුත් මෙහි ඇති අවධානම නිසා ශ්‍රී ලංකා හා නේපාල චන්ද්‍රිකා දෙකට මෙය අන්තර්ගත කළේ නැත. BIRDS-3 මෙහෙයුමේ 3 වන චන්ද්‍රිකාව වන ජපන් Uguisu චන්ද්‍රිකාවට පමණක් මෙය අන්තර්ගත කරන ලදී. අනිත් චන්ද්‍රිකා දෙකේ Backplane එක සකස් කළ ආකාරයටම මෙහෙයුම පුරා පවතී.BIRDS-3 කණ්ඩායමRaavana-1 ලෙසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව 437MHz රේඩියෝ තරංග ඔස්සේ සන්නිවේදනය කරයි. මෙය ආධුනික රේඩියෝ ශිල්පීන්ට පවා ග්‍රහණය කර ගත හැක. මෙම සන්නිවේදන පද්ධතියේ මූලික වගකීම හා දත්ත එකතු කිරීමේ කාර්යය තරිදු දයාරත්නටත්, චන්ද්‍රිකාවේ පරිගණක පද්ධතිය හා ADC පද්ධතියේ වගකීම දුලානි චාමිකාටත් පැවරී තිබුණි. මීට අමතරව සියළු කාර්යයන් සදහා ජපාන ඉංජිනේරුවන්ගේ සහාය හිමි විය. වසර දෙකක සංවර්ධනයකින් පසු 2019 වසරේදී චන්ද්‍රිකා 3 දියත් කිරීමට සූදානම් කළ අතර ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) යටතේ මෙම චන්ද්‍රිකා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට යවා, නැවතුම්පළේ Kibo ජපාන විද්‍යාගාර මොඩියුලයේ සිට පෘථිවි කක්ෂයට මුදා හැරීම සැලසුම විය.Cygnus NG-11 දියත් කිරීමඒ අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට භාණ්ඩ රැගෙන යන ඇමරිකාවේ Northrop Grumman සමාගමේ 11 වන Cygnus යානයට මෙම චන්ද්‍රිකා ඇතුල් කරන ලදී. Cygnus NG-11 නමින් හැඳින්වූ මෙහෙයුම යටතේ 2019 අප්‍රේල් 18 වනදා පෙ.ව. 02.16 ට ඇමරිකාවේ වර්ජිනියා ජනපදයේ නාසා වොලොප්ස් පියාසර මධ්‍යස්ථානයේ “මධ්‍යම-අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපළේ” (Mid-Atlantic Regional Spaceport) Pad-0A වේදිකාවෙන් දියත් කළ Northrop Grumman සමාගමේ Antares 230 රොකට්ටුව සාර්ථකව එහි ගෙන ගිය Cygnus "S.S. Roger Chaffee" යානය නැවතුම්පළ බලා ගමන් ගන්නා කක්ෂයකට මුදා හරින ලදී. පසුව එය අප්‍රේල් 19 වනදා නැවතුම්පළ සමග සම්බන්ධ විය.Cygnus "S.S. Roger Chaffee" යානය නැවතුම්පළේ ප්‍රධාන රෙබෝ අතෙන් අල්ලා ගැනීමෙන් පසුකිලෝග්‍රෑම් 3,436 ක භාණ්ඩ රැගෙන ගිය මේ යානයේ තිබූ CubeSat ගණනාවක් අතර කිලෝග්‍රෑම් 1 ක පමණ ස්කන්ධය ඇති ශ්‍රී ලංකාවේ Raavana-1 චන්ද්‍රිකාවත් අන්තර්ගත විය. 2019 ජුනි 17 වනදා ප.ව. 03.45 ට Kibo මොඩියුලයේ රොබෝ අතට සම්බන්ධ කළ CubeSat Dispenser එකක් මඟින් නේපාලයේ NepaliSat-1, ශ්‍රී ලංකාවේ Raavana-1 හා ජපානයේ Ugiusu යන BIRDS-3 චන්ද්‍රිකා 3 පෘථිවි කක්ෂයට මුදා හරින ලදී.BIRDS-3 චන්ද්‍රිකා මුදා හැරීමමෙම චන්ද්‍රිකා දියත් කරන මොහොතේ නැවතුම්පළ පැවති කිලෝමීටර් 420 ක් උස, ආසන්න වශයෙන් වෘත්තාකාර, සමකයට 51.6°ක ආනතියක් ඇති කක්ෂයකට චන්ද්‍රිකා 3 ත් ඇතුල් විය. නමුත් පහළ පෘථිවි කක්ෂයේ ඇති තුනී වායුගෝලය නිසා චන්ද්‍රිකා මත වායුගෝලීය ප්‍රතිරෝධී බලයන් (Drag) ක්‍රියා කරයි. මේ නිසා කාලය සමඟ චන්ද්‍රිකාවේ වේගය කෙමෙන් අඩු වන අතර ඒ සමඟ ඒවායේ කක්ෂය පහළට පැමිණේ. අභ්‍යවකාශ නැවතුම්පළ විටින් විට එහි රොකට් එන්ජින් හෝ එයට සම්බන්ධ කර ඇති අභ්‍යවකාශ යානාවල රොකට් එන්ජින් මඟින් තම කක්ෂය ඔසවා ගන්නා නමුත් මේ කුඩා CubeSat වලට එසේ කිරීමට නොහැක.මේ නිසා වසර 2 ක් පුරා ටිකෙන් ටික පහළට පැමිණි Raavana-1 චන්ද්‍රිකාව දින කිහිපයකට පෙර කිලෝමීටර් 200 නුත් පහළට පැමිණෙන ලදී. මෙවැනි උසකදී පෘථිවි වායුගෝලය සැලකිය යුතු වායු ප්‍රතිරෝධී බලයක් ඇති කරන අතර Raavana-1 චන්ද්‍රිකාවේ වේගය ඉක්මණින් අඩු වීමට ආරම්භ විය. අවසානයේ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වූ Raavana-1 පෙරේදා (03) ප.ව. 09.39 ට ඇමරිකාවට බටහිර දෙසින් ශාන්තිකර සාගරයට ඉහළින් පෘථිවියේ ඝනකම් වායු ස්ථරවලට ඇතුල් වී දැවී විනාශ වූයේ එහි මෙහෙයුම සාර්ථකව අවසන් කරමිනි. |
Windows 11 සංස්කරණය ඔක්තෝම්බර් 5 වන දින නිකුත් කරන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කරයි | මීට මාස කිහිපයකට පෙර අප Microsoft සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වනWindows 11 හඳුන්වාදීමසිදු කරනු ලැබුවා. එහිදී සඳහන් වූ ආකාරයට මෙම නව සංස්කරණය Windows 10 ධාවනය වන පරිගණක සඳහා නොමිලේ යාවත්කාලීන කර ගැනීමට ඉඩ සලස්වනු ලබන බවට නිවේදනය කරා. මීට අමතරව Windows 11 සඳහා සහය දක්වන දෘඩාංග වලින් සමන්විත වන පරිගණක වලට මෙය පෙර ස්ථපිත ආකාරයට ලබා දීමට ඔවුන් කටයුතු කරන බවද සඳහන් කරනු ලැබුවා.මේ ආකාරයට නොමිලේ Windows 11 සංස්කරණය සඳහා යාවත්කලීන කර ගැනීමට අවශ්‍ය සංස්කරණය මෙම වසරේ ඔක්තෝම්බර් මස 5 වන දිනදී සිදු කරන බව Microsoft ආයතන විසින් සුළු මොහොතකට පෙර නිල වශයෙන් ඔවුන්ගේ blog අඩවිය හරහා දැනුම් දීම සිදු කරනු ලැබුවා. මේ ආකාරයට යාවත්කාලීන කිරීම අදාල පරිගණක සඳහා පිරිනැමීම සිදු කරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර සියළු දෙනාටම එකවර මෙම සංස්කරණය සඳහා යාවත්කාලීන කර ගැනීමේ හැකියාව හිමිවන්නේ නෑ. ඒ සඳහා තමන්ගේ පරිගණකය සුදුසුකම් ලබන පරිගණකයක් වේ නම් සහ එයද මෑතකදි නිකුත් වූ පරිගණකයක් නම් මුළින්ම මෙම සංස්කරණය ලැබෙන බව ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉන් පසුව අනෙකුත් පරිගණක සඳහාද මෙම සංස්කරණය ක්‍රමයෙන් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබුනා.වැඩි දුරටත් කරුණු පහදමින් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී වන Aaron Woodman විසින් ප්‍රකාශ කර තිබුනේ, මෙම ක්‍රියාවලිය 2022 මැද භාගය පමණ වන විට සිදු කර නිමා කිරීමට ඔවුන් විසින් සැලසුම් කරගෙන ඇති බවයි. එමෙන්ම Microsoft සමාගම විසින් Windows 10 මඟින් ඉගෙන ගත් දෑ හරහා Windows 11 අග්‍ර ගන්‍යයේ මෙහෙයුම් පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු තවදුරටහ් ප්‍රකාශ කර සිටියා.මේ වන විට Windows 10 සංස්කරණය මත ධාවනය වන පරිගණක සඳහා ඔක්තෝම්බර් 5 වන දිනෙන් පසුව Windows 11 සංස්කරණයේ යාවත්කාලීන කිරීම ලැබී ඇතිදැයි Windows 10 settings හරහා පරික්ෂා කර බැලිය හැකි අතර ඔබගේ දැනට පවතින පරිගණකය සඳහා Windows 11 සංස්කරණය සහය දක්වන්නේද යන්න පරික්ෂා කර බලා ගැනීම සිදු කර ගත හැකිය. ඒ සඳහා Microsoft සමාගම විසින්ම හඳුන්වා දී ඇති PC Health Check නම් app එකමේ හරහා බාගතකරගන්න.Windows 11 සංස්කරණය ඔක්තෝම්බර් 5 වන දින සිට පරිගණක සඳහා නිකුත් කිරීම සිදු කරන බව ප්‍රකාශ කරත් Microsoft සමාගම පවසන ආකාරයට ඔවුන් විසින් Windows 11 හඳුන්වා දීමේදී ප්‍රදර්ශනය කරන ලද සියළුම පහසුකම් මේ හරහා නොලැබෙනු ඇත. ඒ අනුව වැඩි පිරිසක් බලා සිටිනAndroid app ධාවනය කිරීමේ පහසුකමඔක්තෝම්බර් 5 වන දින නිකුත් කිරීමා සූදනම් වන මෙම යාවත්කාලීන කිරීම හරහා නොලැබෙන අතර ඉදිරි මාස කිහිපයක් තුලදී Insider previewහි සිටින පරිශීලකයන් හට මුලින්ම එම පහසුකම ලබා දීම සිදු කරනු ඇත. එමෙන්ම එම පහසුකම අත්විඳීමට බොහෝ දුරට 2022 වර්ෂය වන තුරු Windows 11 පරිශීලකයන්ට බලා සිටීමට සිදු වනු ඇත.මීට අමතරව පසුගිය සතියේදී Microsoft සමාගම විසින් Windows 11 සඳහා සහය දක්වන අවම පද්ධති පහසුකම් ලැයිස්තුව එලි දැක්වූ අතර මීට පෙර ඔවුන් විසින් සඳහන් කල ආකාරයට Windows 11 ස්ථාපනය කිරීමට නොහැකි යැයි සඳහන් කල පද්ධති පහසුකම් සපුරාලන්නේ නැති පරිගණක සඳහාද Windows 11 සංස්කරණය ISO හරහා ස්ථාපනය කර ගැනීමට ඉඩ සලස්වන බව ප්‍රකාශ කර තිබුනා. නමුත් එම පරිගණක සඳහාWindows 11 සංස්කරණයේ ඉදිරි යාවත්කාලින කිරීම හිමි නොවනබවද එහි ඔවුන් සඳහන් කර තිබුනා. ඒ අනුව Widdows 11 සඳහා සහය දක්වන අවම පද්ධති පහසුකම් පහත පරිදි වේ.64-bit 1GHz processor with two or more cores4GB RAM64GB StorageTPM 1.2 Chipඔබගේ පරිගණකය Windows 11 සඳහා සහය නොදැක්වූවද ඔබට කලබල වීමට කාරණාවක් නැත්තේ, Microsoft සමාගම විසින් Windows 10 සංස්කරණය සඳහා 2025 වර්ෂයේ ඔක්තෝම්බර් 14 වන දින තෙක් සහය දක්වනු ලබන බැවිනි. නුදුරු දිනකදීම Windows 10 පරිශීලකයන් සඳහා Windows 10 21H2 සංස්කරණය නිකුත් කිරීමට නියමිත අතර ඒ හරහා Windows Sybsystem foe Linux (WSL), Windows Hello සඳහා වැඩිදියුණු කල පහසුකම් සහ WPA3 H2E Wi-Fi security support එක ලබා දීමට නියමිතය.Source:Microsoft Windows Blog |
Google Assistant ට දැන් ශීතකරණ සහ වායු සිසිලන පාලනය කිරීමේ හැකියාව | Google දැන් Developers ලා ට Google Assistant සමග ශීතකරණ හා වායු සිසිලන යන්ත්‍ර පාලනය කිරීමේ මෘදුකාංග සෑදීමට අවස්ථාව ලබා දෙයි."Internet of Things" වලදී things කියල හැඳින්වෙන දේවල් ඒ කියන්නෙ devices එන්න එන්නම වැඩිවෙන බව පේනවා මොකද දැන් හැම TV ඒකක්ම Remote එකක්ම වාගේ Smart Devices විදිහට තමයි එන්නේ.Google Assistant Developer Documentations වලට එකතු වුණු අලුත්ම උපාංග දෙක,ශීතකරණහාවායු සිසිලන යන්ත්‍රවේ.ඕනෑම ස්මාර්ට් ශීතකරණයක් මඟින් Assistant ට Modes අතර වෙනස් වීමට, උෂ්ණත්වය වෙනස් කිරීමට සහ On/Off කිරීමට හැකියාව ලබා දෙයි.වායු සිසිලන සම්බන්ධයෙන් ගත් කල, වායු සිසිලන යන්ත්‍රයක් සහ වායු සමීකරණ පද්ධතියක් අතර වෙනස මම ඇත්තටම දැන සිටියේ නැත. Google හට ස්තුති වන්නට මෙහි වෙනස්කම් Documentation එකේදී පෙන්වයි.එනම්,වායු සිසිලන, උෂ්ණත්ව සිසිලනය සහ ආර්ද්‍රතාවය පාලනය කිරීමට ඉඩ සලසන උපාංග වේ. මෙම උපකරණ සාමාන්‍යයෙන් වායුසමීකරණ යන්ත්‍රවලට වඩා සැහැල්ලු හා අතේ ගෙන යා හැකි ඒවා වන අතර ජලය සහිත ටැංකියක් සවි කර ඇත. වායු සිසිලන උණුසුම් කිරීමට හෝ නිශ්චිත උෂ්ණත්වයක් සැකසීමට සහාය නොදක්වයි. විදුලි පංකාවේ වේගය සහ ආර්ද්‍රතා සැකසුම වෙනස් කිරීම වායු සිසිලන යන්ත්‍රයේ ක්‍රියාකාරම් වේ.මේ පිළිබඳ වැඩිදුර තොරතුරුGoogle නිල වෙබ්අඩවියෙන්ද9to5Google වෙබ්අඩවියෙන්ද දැනගත හැක. |
Meta සමාගම විසින් Facebook හි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරයි | Facebook App එකෙහි Face Recognition පහසුකම හා බිලියනයකටත් අධික පරිශීලකයන්ගේ Facial Data ඉවත් කරන බවට තොරතුරු අන්තර්ජාලයට එකතු වී තිබුණා.Facebook හි අප විසින් පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝවල අපේ Friends ලා Tag කිරීමේ පහසුකම තිබෙන බව ඔබ දන්නවා ඇති, එහි අපි Tag කිරීමට අදාළ පුද්ගලයාගේ මුහුණ Auto Detect කරගෙන අපට Suggestion එකක් ලබා දෙනවා.Facebook Tagging. Image: CNETඉදිරියේදී මේ සඳහා ඇති ඇල්ගොරිතමය සම්පුර්ණයෙන්ම Facebook තුළින් ඉවත් කරන බව Meta සමාගම නිවේදනය කර තිබෙනවා.මේ සඳහා හේතුව ලෙස Meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂණය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.මෙම පහසුකම හා දත්ත ඉවත් කිරීම ඉදිරි සතිවල දී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන්.Source:MacRumors |
පරණ වෙස්මූණ අස්සෙ හංඟල එවන අළුත්ම යකා iPhone SE - 2017 Phone for 2020? | iPhone SE නැත්නම් "Special Edition" කියල පුරසාරම් දොඩලා Apple සමාගමෙන් නිකුත් කරන දුරකථනය තමා මේක. ඇත්තටම කිව්වොත් මේ කරන්නේ "Old Phone Chassi with New Internal Components" කියන සංකල්පෙට දුරකථනයක් නිකුත් කිරීම. ඒකට තමා අපි මේ මහ ලොකුවට SE කියල කියන්නේ. මීට කලිනුත් මෙහෙම එකක් ආවා ඔයාලට මතක ඇති 2016 ඒක තමා 1st generation iPhone SE එක. ඒකෙන්න් ගොඩ කාලෙකට පස්සෙ ඔන්න තවත් SE එකක් එනවා ඒ තමා SE2 නැත්නම් SE 2020 කියන එක.iPhone SE 2020ඇත්තටම කලින් කිව්ව වගේ Apple ලා මේ කරන්නේ Special දෙයක් ද? ඔයාල එහෙම හිතනවද? එහෙම හිතනවනම් ඒ මතය පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපි කතා කරමු Apple ලගෙ මේ SE කියල කරන විහිළුව මොකද්ද කියලා.iPhone SE (1st Gen)අතීතය හාර අව්ස්සලා බලනකොට ඔයාලට පේනවා iPhone SE කියලා 2016 නිකුත් උන දුරකථනය සම්පූර්ණයෙන්ම 2012 ආපු iphone 5 සහ 2013 ආපු iPhone 5S වලට 100% සමාන නමුත් Chipset එක සහ inbuild OS එක ඇතුලු සුළු වශයෙන් Internal දේවල් විතරක් වෙනස් කරලා එව්ව බව. ඒ කියන්නෙ ඔයා ගාව iPhone 5S එකක් වගේ තිබ්බනම් ඔයාට ඒකේ පාවිච්චි කරපු Cases කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 3ට පස්සෙත් අළුතින්ම ආපු මේ SE එකටත් දැම්මැහැකි.iPhone SE (2nd Gen)ඉතිං ඔය සෙතේම තමා මෙ අළුතින් ආපු iPhone SE දෙවනි එකටත් වෙලා තියෙන්නේ. ඒක සමාන වෙන්නේ 2017 ආපු iPhone 7 සහා 2018 ආපු iPhone 8 කියන දුරකථන වලට. ආ හැබැයි අපිට බැලූ බැල්මට පොඩී වෙනසක් දකින්න ලැබෙනවා ඒ තමයි iPhone 11 Series එකේ ඉඳන් මෙයාලා Apple Logo එක හරියටම ෆෝන් එක මැද්දට ගෙනාව. ඉතිං iPhone 8 එකෙයි මේකෙයි තියෙන එකම වෙනස ඔන්න ඔච්චර තමා. වෙන කිසිම වෙනසක් නෑ.ඇත්තටම මේ ෆෝන් එක අව්ල් ද?එහෙනම් අපි මෙතන ඉඳන් හරියටම බලමු අව්ල් ද? නැද්ද කියල.මුලින්ම මේකෙ මිල ගනන් කතා කරොත් Base Model එක ඒ කියන්නෙ අපිට මේ iPhone SE2 එකේ අඩුවටම ගන්න පුලුවන් Model එක ම $399 වෙනවා ඒ කිව්වෙ ආසන්න වශයෙන් 80,000LKR වගේ.මේකේ හොඳ දේවල් ගැන කිව්වොත්, කලින් පාර වගේම Apple ලා එයාලගෙ Latest ම Chipset එක දීල තියෙනවා. මේකෙ තියෙන්නේ iPhone 11 Pro එකේ ආපු A13 Bionic කියන ගොඩක් බලසම්පන්න ලොකු වැඩක් කරගන්න පුලුවන් chipset එකක්. හැබැයි ඒ එක්කම RAM එකත් දීල තියෙනවා 3GB වෙන්න, කමක් නෑ iOS එක්ක බැලුවම මේ RAM එකේ ප්‍රමාණයත් සාධාරණයි වැඩක් කරගන්න පුළුවන්.අනිත් දේවල් ගත්තොත් iPhone 8 එකම තමයි. වෙනසක් දකින්නෑ. පොඩි Improvements ටිකක් තියෙනවා A13 chipset එක නිසා උන. Camera procesing වල වගේ.ඒත් එච්චරද අපිට දෙන්නෙ? A13 Bionic දුන්නම ඇතිද? අන්න ඒක තමා ප්‍රශ්නේ. මේ 2020 අවුරුද්ද නේ. මේ වගේ අවුරුද්දක ෆෝන් එකක් එලියට දානකොට අපිට දැනටමත් හුරු උන Standard එකක් තියෙනවා. ඒ Standard එකට මේ ෆෝන් එක නෑ.රු. 80,000යි, ඒත් LCD ඩිස්ප්ලේ තඩි bezels දෙකක් එක්කමiPhone SE 2020 DisplayDisplay අතින් ගත්තොත් 4.7', 16:9 Aspect Ratio එකක් එක්ක ලොකු Bezels දෙකක් දෙපැත්තෙන් තියෙනවා ඒකත් LCD 720p Display එකක්, මේකම තමා iPhone 6s, 7, 8 වලත් ආවෙ. සාමාන්‍යෙන් අද කාලේ ගොඩක් අඩු මුදලකට ගන්න තියෙන ෆෝන් එකක උනත් FHD Display එකක් බලාගන්න පුලුවන්. ඒ එක්කම මේ Range එකේ වෙන Brands වලින් ගන්න පුළුවන් ෆෝන් වල Display එක බැලුවම මීට වඩා කොහොමත් ගොඩක් හොඳයි සහ 2020 standard එකට ඒවා එනවා. ඒ කිව්වෙ අඩුම ගානෙ AMOLED Display with FHD Resolution, 18:9 Ratio, Bezel Less මේ වගේ වත්. එහෙම කාලෙක ඇත්තටම Apple ලා මීට අවුරුදු 4ට 5ට කලින් ෆෝන් වලට දාපු දැං බැලුවම මෙලෝ වැඩකට නැති LCD Display එක එක්ක මේ වගේ මුදලකට මේක දෙන එක හොඳද? අඩුම ගානේ Bezels ටික වත් හදලා 18:9 Ratio එකට වත් දුන්නනම් මේ Body එකටම දාල වටිනව නේද.රු. 30,000 ෆෝන් එකෙත් fast chargingiPhone SE 2020 5W Charging Brickඅනික් කාරනාව තමා Battery Life එකයි Charging. ඔයාල දන්නවද, 80,000 ෆෝන් එකක් වෙලත් මේකට එන්නේ 5W Charging Brick එකක් කියලා? මේ 2020? 5W Charging තව 80,000 කුත් දීල? විහිළුවක් නේද තනිකරම. දැං 30,000LKR වගේ ගානකට ගන්න පුලුවන් ෆෝන් එකකත් එනවා Fast Charging + Charging Brick එකක්. ඒත් මෙහෙම උනේ මොකද? ඒ මදිවට මේකෙ තියෙන්නෙත් iPhone 8 එකේ තියෙන Battery එකම තමා. අච්චර Slow Charger එකක් එක්ක මේ වගේ පොඩි Battery එකකුත්? ඉතිං කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේ මින් එහාට.ඇයි Apple මේ?ලෝකෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන ව වගේම ඉස්සර ගොඩක් ම Innovative සමාගමක් ඒ වගේම ගොඩක් ලොකු Fan Base එකකුත් ඉන්නවා, කොටින්ම කිව්වොත් සමහර අය හරියට Apple Device එකක් භාවිත නොකර පවා මේ සමාගමේ හොඳ පෙන්නන්න ගොඩක් අය එක්ක වාද කරන මට්ටමේ Fans ලා ඉන්න සමාගමක්.ඒක නිසාම ද මංදා Apple ල මෙහෙම කරන්නේ, එයාලගට පක්ෂපාතී අයට. මොකද Apple ලා ඕනම ජරාවක් කොහොම දුන්නත් ගන්න Level එකේ අය තමා ඉන්නේ, බය වෙන්න දෙයක් නෑ මොන ජරාව එලියට දැම්මත් ඒක Defend කරන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවනෙ කියන මතේ ඉන්නව ද කියන්න තාමත් හරියටම දන්නෙ නැහැ. කොහොම උනත් Apple ලා මෙහෙම කරන එක සාධාරණීකරනය කරන්න බැහැ එයාලගෙ Fans ලට. එයාලා මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ අර මම කිව්ව එක නම්. ඔයාල ට දෙපාරක් නෙමෙයි දහ පාරක් හිතන්න වෙනවා.සමහර විට Apple Fans ලා මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්, iPhone SE2 කියන්නේ සාමානෙන් Techie අයට හදපු එකක් නෙමෙයි ඒක Apple එකක් ගන්න ආස සාමාන්‍යෙ කෙනෙක්ට හදපු එකක් ගාල. එහෙම නම් ඇයි A13 Bionic එකක් දුන්නේ? ඒක විතරක් දීලා අනික්ව නොදුන්නෙ? ඒ අයට මේ Chipset එක වැඩකුත් නෑනෙ. එයාලට එහෙනම් තව Cost එක අඩු කරන්න A12 වගේ හෝ ඒකේ Upgraded Version එකක් දෙන්නත් තිබ්බනෙ. ලොකු දෙයක් වෙන්නෑනෙ එහෙම දුන්නනම්. ඒත් එහෙම කලේ නෑ.එහෙම බැලුවොත් මේක ඒ Apple වලට ආදරේ කරන සාමාන්‍ය මනුස්සයන්ට ත් කරපු ලොකු අසාධාරණයක් නේද? එයාලට තිබුනනේ මීට වඩා පොඩියට හරි දෙයක් කරන්න අඩුම තරමෙ Display එකට වත්?Apple සමාගම කියන්නේ එයාලගේ Research and Development එකට සෑහෙන්න ගානක් වෙන් කරන විශාල සමාගමක්. එහෙම වෙලත් ඇයි මීට වඩා දෙයක් නොකලේ? ඒ තරම් මේකෙන් Cost එක Cut කරන්න ඕනද? $399 (80,000) දෙන ෆෝන් එකෙනුත් අධික ලාභයක් ලබන්න ඕනද?Final Thought:දැං පේනවනේද මොන තරම් අව්ල් ද කියල මේක? ඔයාලට දැං Apple ලා මේ SE නැත්නම් Special Edition කියල එවන ෆෝන් එක හොඳයි කියල හිතෙනවද? මේකේ මොකුත් Special තියා අඩුම ගානෙ සාධාරණ ෆෝන් එකක් විදිහට වත් මම දකින්නෙ නැහැ එහෙම බැලුවොත්. ගෙවන මුදලට කොහොමටවත් ම වටිනාකමක් නැහැ.මට මෙහෙම දෙයක් හිතෙනව. අවුරුදු කීපෙකට සැරයක් Apple ල මෙහෙම මිනිස්සුන්ව මෝඩයො කරල Special Edition කියලා එවන්නේ එයාලගෙ පරණ Chassi එකටම පොඩියට අළුත් දේවල් ටිකක් දාලනෙ. බලන්න iPhone SE 1st Gen කියන්නේ iPhone 5, 5S මයි, දැං iPhone SE 2nd Gen කියන්නේ iPhone 7, 8 මයි. ඔයාලට හිතෙන්නෙ නැද්ද Apple ලා එයාල ඒ ෆෝන් හදන්න වෙන් කරපු මුදල්, Engineering, Designing, RnD මේ හැම Effort එකකට ම වෙන් කරපු දේවල් අඩියටම හූරං ගන්න කරපු දක්ෂ මෙහෙයුමක් කියලා මේ iPhone SE කියල එවන එක? Apple ල කියන්නෙ මාරම Stratergy එකකට ගේමක් ගහන Company එකක් නිකං නෙමෙයි Trillion Dollar Company එක උනේ.තව දෙයක් කියන්නම්, iPhone 12 Series එකේදි දැනට අපි දැක්ක මේ iPhone X to 11 Pro ආපු Design Language එක ගොඩක් දුරට සෑහෙන්න වෙනස් වෙනවා. මේක කියවන අය මතක තියන් ඉන්න iPhone SE 3rd Gen කියලා එකක් එයි 2022 හෝ 23. ඒක එන්නේ තනිකරම iPhone X to 11 දීපු Chassi එකටම හදලයි. මේ Final Thought එක සහ මුළු Article එක පුරාවටම කිව්ව වගේ iPhone SE කියලා එන්නේ Apple ලාගේ පරණ වෙස්මූණු අස්සටම ඔබල එවන අළුත් යකෙක් තමයි. |
Pixel 7හිදී Google Pay හරහා ගෙවීම් කිරීමේදී Face Unlockහිදී ගැටළු පැන නගී | පසුගිය කාලය තුළ නිකුත් වූ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ Smart Phone එකක් ලෙස Google Pixel 7 සහ Google Pixel 7 Pro හඳුන්වා දිය හැකියි. කෙසේ නමුත් පසුගිය කාලය තුළ සිදුවූ යම් සිද්ධීන් හේතු කොටගෙන Pixel පරිශීලකයන් යම් මතභේදාත්මක ගැටලුවකට මුහුණ දී තිබෙනවා. එනම් Pixel 7 මාදිලියේ දුරකථනයක් ඔස්සේ Google Pay මගින් ගෙවීම් සිදුකිරීමේදී Face Unlock භාවිතා කර දුරකථනය Unlock කළ විට ගණුදෙනුව අසාර්ථක වීමයි.මෙහි දී සිදුවන ක්‍රියාවලිය වන්නේ යම් පරිශීලකයෙකු විසින් තම Pixel 7 මාදිලියේ දුරකථනය Face Unlock භාවිතයෙන් Unlock කිරීම සිදුකර Contactless Payment (ස්පර්ශයකින් තොරව සිදුකරන ගෙවීම්) සිදුකිරීමේ දී Face Unlock භාවිතා කිරීමට නොහැකි වීමයි. එහි දී නැවතත් පරිශීලකයාගේ Fingerprint ඇතුළත් කිරීමට සිදුවේ. මෙම දෝශය පිළිබඳව සඳහන් කරමින් තැබූ Twitter සටහනක් පහත දැක්වෙනවා.So while this behavior is expected, I think Google should do a better job at communicating it to users. Wallet should, IMO, ask you for fingerprint or PIN/password/pattern authentication as soon as you try to make a payment - not decline it and then ask you after.— Mishaal Rahman (@MishaalRahman)October 16, 2022Reddit සමාජ මාධ්‍යය ඔස්සේ ඉතාමත් වේගයෙන් පැතිර ගිය පුවත මගින් සැලකිය යුතු පරිශීලකයන් පිරිසක් අතර මෙම දෝශය පවතින බවස සනාථ කර තිබෙනවා. කෙසේ නමුත් Google සමාගම මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත් පරිශීලකයන් බොහෝ පිරිසක් මේ සඳහා විසඳුම ලෙස Face Unlock භාවිත අවම කිරීම හෝ එය භාවිතා නොකර සිටීමට පෙළඹ තිබෙන අතරම ඇතැමුන් සඳහන් කරනු ලබන ආකාරයට ඔවුන් Google Pay හරහා ගණුදෙනු කිරීමේදී Verification සඳහා Fingerprint පමණක් භාවිතා කිරීමට ද අවධානය යොමුකර තිබෙනවා.The Pixel 7 Pro's Biggest FlawfromGooglePixelකෙසේ වෙතත් Google Pixel 7 මාදිලියේ කැමරා නවීන තාක්ෂණයන්ගෙන් මෙන්ම Machine Learning ඔස්සේ වැඩිදියුණු කර ඇති අතර එය මහත් සේ ජනප්‍රියතාවයට පත් වි හමාරයි. මෙලෙස ඇති වූ දෝශ බොහෝ දුරට වැඩි කාලයක් ගත වීමට ප්‍රථම Google සමාගම විසින් නිරාකරණය කරනු ඇති බවත් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත දුරකථන සඳහා මෙවැනි දෝශ ඇතිවීමේ අවධානම අවම කිරීමට කටයුතු කරනු ඇති බවට සදහන් කරන්න පුලුවන්.Sources:www.androidauthority.com |
ගොඩක්ම ලස්සන Windows ද? Linux ද? | මේ කතා නොකරම බැරි දෙයක්. අපේ ගොඩක් යාළුවො හිතන් ඉන්නෙ Linux කියන්නෙ කැත, රළු OS එකක් කියලනෙ? ඒක ඇත්තටම එහෙමද? අපි බලමු!Windows ඇත්තටම සුමට, ලස්සන OS එකක් තමයි, හැබැයි ඔයාට ඒක හැමදාම පේන විදියටම තමයි බල බල ඉන්න වෙන්නෙ. පාට ටිකක් වෙනස් කළා කියලා, ලස්සන වෝල්පේපර් එකක් දැම්මයි කියලා. Desktop widget වගේ එකේක කෑලි එල්ලුවයි කියලා, ඔයාට ඔයාගෙම තාලෙ Unique OS එකක් හදාගන්න ඔයාට Windows එක්ක බෑ, බොහොම අමාරුයි.ඒත්, Linux කියන්නෙ ඔයාට නිදහසේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි. ඔයාට පුළුවන් මේ ලෝකෙ කාගෙ ළඟ වත් නැති වෙනස්ම විදියේ Desktop Environment එකක් තියෙන ඔයාගෙම OS එකක් හදාගන්න.මේ කියන්නෙ එකකට එකක් වෙනස් Linux Based OS ගැන නෙවෙයි, එකම OS එක විවිධ users ලා customize කරගන්න එක ගැනයි. උදාහරණයක් විදියට, ඔයා පාවිච්චි කරන Ubuntu 18.04 OS එක පේන විදියට සම්පූර්ණයෙන් වෙනස් විදියකට මගේ Ubuntu 18.04 OS එක පේන්න පුළුවන්.අනික, ලස්සන කියන දේ අපි එකිනෙකාට සාපේක්ෂ දෙයක් නෙ, ඔයාට ලස්සන දෙයක් මට කැත වෙන්නත් පුළුවන්, මට කැත දෙයක් ඔයාට ලස්සන වෙන්නත් පුළුවන්. ඉතින්, ඔයාට පුළුවන් Linux එක්ක, ඔයාගෙ ඇහැට ලස්සන interface එක හදාගන්න.ඒකට මහ ලොකු Linux Expert කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. Internet එකේ ඕන තරම් tutorials, discussions හොයාගන්න පුළුවන් ඔයාට මේ ගැන.අද මම ආවෙ ඒ විදියේ ලස්සන DE එකක් හදාගන්නෙ කොහොමද කියලා නියන්න නෙවෙයි, Linux වල ඔබ නොදැකපු ලස්සන පෙන්නලා දෙන්නයි. මේකෙන් ඔයා Linux ගැන හිතන විදිය වෙනස් වේවි. එහෙනම් ඔන්න පහළින් බලාගන්න Linux වල ලස්සන, Linux වල විවිධත්වයමේ Screenshots ටික මම ගත්තෙ මෙන්න මේ පහළ link එකේ තියෙන Sub Reddit එකෙන්. ඔයාලත් ගිහින් බලන්නකො.r/unixpornr/unixporn: Submit screenshots of all your *NIX desktops, themes, and nifty configurations, or submit anything else that will make ricers happy …redditඑහෙනම්, තවත් Post එකකින් හමුවෙමු. ඔබට ජය! |
Google Drive, Gmail සහ Google Search ඇතුලු තවත් Google සේවාවන් කිහිපයක් තාවකාලිකව ඇණහිටී | මේ වන විට Gmail, Google Search, Google Drive ඇතුලු Google services කිහිපයක්ම ලොව පුරා වෙසෙන ඇතැම් පරිශීලකයන් හට භාවිතා කිරීමේ ඇනහිටීමක් වාර්තා වෙනවා. මේ වන විටත් 3,000කට අධික පිරිසක් මෙම ගැටළුව සම්බන්ධයෙන්Downdetector.comවෙබ් අඩවිය වෙත ඉතාමත් සුළුකාලයක් තුල දැනුම් දී තිබෙනවා. ඔවුන් පවසන අන්දමට ඇතැමෙකුට Gmail හරහා attachments යැවීමට නොහැකි ඇතර ඇතැමෙකුට නව ඊමේල් පණිවුඩ නොලැබීමේ දෝශයක් මතුව ඇත. තවත් විශාල පිරිසකට login වීමේ ගැටළුවක් ඇති වී ඇත අතර Google Driveහි files sync කිරීමේ ගැටළුවක් ඇති වී ඇති අතර app එක load නොවීමේ දෝශයක්ද හටගෙන ඇත.Google Searchහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය -Downdetector.comGoogle Driveහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය -Downdetector.comGmailහි ඇණ හිටීමේ තත්වය අද දින දහවල් 12 වන විට වාර්තා වී තිබූ ආකාරය -Downdetector.comGoogle සමාගම විසින් G Suite පරිශීලකයන් විසින් කල විමසීම් වලට පිළිතුරු දක්වමින් මෙම සේවා ඇණහිටීමේ තත්වය තහවුරු කර ඇති අතර මේ වන විටත් ඔවුන් විසින් මෙයට හේතුව කුමක්ද යන්න අධ්‍යයනය කරමින් සිටින බව දැනුම් දී ඇත. මේ පිළිබඳ නවතම තත්වය Google සමාගමෙන් නිල නිවේදනයක් ලද පසුව සවිස්තරාත්මකව ගෙන ඒමට අප විසින් බලාපොරොත්තු වන්නෙමු.Source:Downdetector.com,Gmail - Service Details,Google Drive - Service Details |
Facebook විසින් නව හඳුන්වා දෙන නවතම පහසුකම, Facebook Shops | දැන් ලෝකයේ බොහෝ ව්‍යාපාර ඩිජිටල්කරණය වෙමින් පවතින නිසා සහ තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් කරදරයකින් තොරව මිලදී ගැනීමට හැකි නිසා ලෝකයේ වෙසෙන බොහෝ පිරිස් මේ Online Shopping සිදුකරනවා. ඒ නිසා ඔන්න ෆේස්බුක් ආයතනය අන්තර්ජාල සාප්පු සවාරි (Online Shopping) බාධාවකින් තොරව කිරීමට "Facebook Shops" කියන මේ සේවාව ලබාදීමට නිවේදනය කරලා තියෙනවා. අපි මේ ලිපියෙන් කතාකරමු මොකක්ද මේ Facebook Shops කියන්නේ කියන එක ගැන.මේ Facebook Shops කියන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වල නොමිලේ Online Store එකක් නිර්මාණය කළ හැකි ජංගම සාප්පු සවාරි අත්දැකීමක්. ෆේස්බුක් සමාගමට අනුව, මේ Facebook Shops මාස හයකට වැඩි කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින සේවාවක්. ෆේස්බුක් සමාගමට අයිති වෙනත් Social Media Platforms හරහා තමන්ගේ නිෂ්පාදන විකිණීම සිදු කල හැකි අතර තම ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුව , කතන්දර (Stories), මැසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් Direct Messages මෙයට ඇතුළත් වෙනවා.මෙම නව විශේෂාංගය නිවේදනය කරමින් ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසන්නේ මේ Covid-19 වසංගත තත්ත්වය නිසා ඇතිවෙන ආර්ථික බිඳවැටීම් නිසා බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාර අන්තර්ජාලය හරහා තමන්ගේ ව්‍යාපාරය සිදුකිරීමට පටන්ගන්නා බවත් ඒ අයට අත්වැලක් විදියට Facebook Shops සේවාව ලබාදෙන බවයි.ෆේස්බුක් ආයතන කියන විදියට කුඩා ව්‍යාපාරවලට අවශ්‍ය සහයෝගය ලබා දීමට Shopify, BigCommerce, WooCommerce, Channel Advisor, CedCommerce, Cafe24, Tienda Nube සහ Feedonomics වැනි සංවිධාන සමග හවුලේ වැඩ කරනවාලු. ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට මෙම සංවිධාන මගින් ප්‍රබල මෙවලම් ඉදිරිපත් කරනවා. කුඩා පරිමාණ ව්‍යාපාරවලට ෆේස්බුක් හරහා තමන්ගේ ව්‍යාපාරය පටන් ගැනීමට හා එම ව්‍යාපාරය දියුණු කරගැනීමට උදව් කරනවා කියලා තමයි කියන්නේ.මීට අමතරව,Instagram Shop.ඉන්ස්ටග්‍රෑම් ගවේෂණයේදී ඔයා කැමති නිෂ්පාදන සොයා ගැනීමට සහ මිලදී ගැනීමට නව ක්‍රමයක් විදියට Instagram Shop හඳුන්වා දෙන්න තීරණ කරලා තියෙනවා. ඔයාට @shop වෙතින් ඔයාගේ ප්‍රියතම වෙළඳ නාම සහ නිර්මාණකරුවන්ගේ තේරීම් පිරික්සන්න, අලංකාරය සහ නිවස වැනි කාණ්ඩ අනුව Filter කරන්න, මේ හැම දේම එක තැනකින් කරගන්න පුළුවන්. ෆේස්බුක් ආයතනය පවසන ආකාරයට මේ වසර අගදි Shop Tab එකක් Navigation bar එකට ඇඩ් කරනවලු. එතකොට ඔයාට එක ටැප් එකකින් මේ Instagram Shop වෙත පිවිසෙන්න පුළුවන්.Live Shopping Features.වසර ගණනාවක් තිස්සේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ව්‍යාපාරිකයන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යෙදුම්වල සජීවී වීඩියෝ භාවිතා කරනවා. ෆේස්බුක් ආයතනය කියන විදියටනම් වැඩිකල් නොයවා විකුණුම්කරුවන්ට, වෙළඳ නාමවලට සහ නිර්මාණකරුවන්ට සජීවීව යාමට පෙර ඔවුන්ගේ ෆේස්බුක් සාප්පුවෙන් හෝ නාමාවලියෙන් නිෂ්පාදන ටැග් කිරීමට හැකි වන අතර එම නිෂ්පාදන වීඩියෝ එකේ යට පෙන්වනු ඇත, එවිට මිලදී ගන්නා අයට පහසුවෙන් තේරුම් ගැනීමට සහ මිලදී ගැනීමට හැකි වෙනවා. |
Google services සමඟ 2020දී නිකුත් වන Huawei P30 Pro - new edition | Huawei company එකෙන් ගිය අවුරුද්දෙ නිකුත් කරපු P30 Pro "New Edition" phone එක Rerelease කරන්න යනවා.මේ Device එක Preinstalled Android 10 එක්ක Ship කරන්නෙ ඒ විතරක් නෙමේ අලුත් Silver Color Option එකක් හම්බ වෙලා තියෙනවා කලින් P40 Pro වල විතරක් Available වෙලා තිබුනු. නැත්තම් , මේක identical device එකක් ගිය අවුරුද්දේ Phone එකට. තේරුම මේකට තියෙන්නෙ 6.47- inch OLED display එකක් rear cameras හතරක් සහ මේක එන්නෙ Google App's සහ Services Full suite එකක් එක්ක.Huawei Germany Website එකෙන් දැං Phone එක Preorder කරන්නත් පුළුවන්. ඒ වගේම Advertise කරලා තිබ්බා site එකේ මෙහෙම " use top apps as usual , " use Android as usual " සහ " Get Security Updates as usual " කියලා.P30 Pro එක විශේශ වෙන්නෙ Huawei ලා Us trade restrictions වලට කලින් Release කරපු අන්තිම ඩිවයිස් එක වීම. මෙතනදි Google Apps සහ Services එගොල්ලන්ට නැති උනා.නමුත් Mate 30 , P40 Phones Release කරා Open source core එක Base කරං Android වල October 2019 ඉදන් April 2020 වෙනකන්.දැනට Huawei ලා Officially Confirm කරලා තියෙන්නෙ German release එක විතරයි P30 Pro new edition එකට. Device එක මේ වෙනකොට List කරලා තියෙන්නෙ €749 කට, 256GB internal Storage model එක ඒ. Report එකක් තියෙනවා Germany වලින් එලියේ තව Countries වලට මේක Release කරනවා කියලා නමුත් Officially release dates ගැන කියලා නෑ. |
M1 mac පරිගණක මත ARM Windows සංස්කරණය Natively ධාවනය කල හැකි බව CRAIG FEDERIGHI විසින් ප්‍රකාශ කරයි | අලුත්ම Apple M1 chip එකෙන් බලගැන්වෙන Apple සමාගමේ අලුත් ම laptops line-up එකට reviewers ලගෙන් ලැබෙන්නේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්. x86 ඉඳන් ARM වලට shift වීම ලොකු platform transition එකක් වුනා. ඒ තුලින් performance පැත්ත ගොඩක් improve වුනා. ඒකට විශාල දායකත්වයක් M1 chip එක සහ Rosetta 2 විසින් ලබා දුන්නා.කෙසේ වෙතත් M1 chip එකේ තියෙන major drawback එකක් තමා Boot Camp support එක නැති වීම. ඉතින් ඔයාගෙ workflow එකට Windows apps ඕන වෙනව නම් ඔයාගෙ Mac එකේ Windows copy එකක් boot up කිරීමෙ හැකියාව නැතුව යනවා.කොහොම උනත් මේකට CrossOver 20 වගේ මෘදුකාංග තියෙනවා. ඒ වගේම ඉදිරියේදී M1 සඳහා තව emulation software පැමිණීමට නියමිතයි. ඒත් එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ තමා M1 Macs වලට Boot Camp support එක නැත්තෙ ඇයි? ඉතින් ඒකට උත්තරේ විදිහට පැහැදිලි වෙන දේ තමා Microsoft ලා ඔවුන්ගේ Windows වල ARM version එක කලින් install කරලා නැති device එකක install කරන්න Microsoft විසින් ඉඩ නොදීම.කෙසේවෙතත් M1 chip එකට ARM Windows run කරන්න පුලුවන් වෙනවා. ඒ ගැන Apple සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන Craig Federighi මහතා පැවසුවේ මෙයාකාරයෙන්.“We have the core technologies for them to do that, to run their ARM version of Windows, which in turn of course supports x86 user mode applications. But that’s a decision Microsoft has to make, to bring to license that technology for users to run on these Macs. But the Macs are certainly very capable of it.”කොහොම උනත් Microsoft ලා ARM Windows Apple වල Boot Camp එක එක්ක run කරන්න ඉඩ දෙයිද කියන දේ ගැන තවම confirmation එකක් නැහැ.Source :9to5mac |
Content Creatorsලා වෙනුවෙන්ම Western Digital විසින් නව storage devices කිහිපයක් හඳුන්වා දෙයි | Western digital විසින් ඉහළ කාර්ය සාධන මට්ටමකින් යුත් scalable සහ reliable SanDisk storage solutions හදුන්වා දී තිබෙනවා. මෙම solutions සදහා SanDisk Professional PRO-G40 SSD, G-RAID Shuttle SSD, G-DRIVE Enterprise-Class Desktop Hard Drive, සහා PRO-DOCK 4 යන උපාංග ඇතුලත් වනවා.image : Beebomනව SanDisk Professional Pro-G40 SSD එක ස්වභාවයෙන් දැඩි (rugged) උපාංගයක් වන අතර එය IP68 rating එකක් සමගින් පැමිණේ. තවද මෙය 2700MB/s අධිවේගී reading සහ 1900MB/s write speed සදහාද support කරන අතර තත්පර 30 කින් පමණ 50GB දක්වා දත්ත මාරු කළ හැකිය. SSD එක Thunderbolt 3 (40Gbps) සහ USB 3.2 Gen 2 (10Gbps) යන දෙකටම support වන අතර heat control සදහා සිසිල් ඇලුමිනියම් හරයකින් සමන්විත වනවා. මීට අමතරව Pro-G40 SSD එක up to 1800kg crush resistant පහසුකම සහ මීටර් 3 දක්වා drop resistant පහසුකමින්ද යුක්ත වනවා. තවද වසර 5ක වගකීමක් ඇතිව මෙය පරිභෝගිකයට මිලදී ගත හැක.SanDisk Professional G-Raid Shuttle SSD පිළිබද සදහන් කිරීමේදී එය 32TB දක්වා storage පහසුකමින්ද , 2800MB/s දක්වා reading speed එහෙකින්ද යුක්ත වනවා. තවද එය Thunderbolt 3 (40Gbps) සහ USB-C (10Gbps) interface සඳහාද support කරන අතර මේ සදහාද වසර 5 ක වගකීමක් ලැබේ.SanDisk Professional G-Drive Enterprise-Class Desktop Hard Drive එකද USB-C (10Gbps) සඳහා support වන අතර 280MB/s දක්වා reading සහ 280MB/s write (22TB capacity) speed වලින්ද යුක්ත වනවා. මෙයටද වසර 3ක වගකීමක් ලැබේ.image : BeebomSanDisk Professional Pro-Dock 4 හට විවිධ SanDisk Professional PRO-READER උපාංග 4ක් දක්වා offload කිරීමේ පහසුකම ලැබෙන අතර එය Thunderbolt (40Gbps) සඳහා support කරයි. මේ සදහාද වසර 3ක වගකීමක් ඇත.මෙම උපාංග SanDisk online stores වලින් මිලදී ගත හැකිය.Source:beebom.comThe Statesman |
Google සමාගම පළමු Android 15 Developer preview එක නිකුත් කරයි | පසුගිය වසරේ Google සමාගම විසින් ඔවුන්ගේ නවතමPixel 8Series එක නිකුත් කිරීමත් සමඟ Android 14 සදහා නිළ වශයෙන් නිකුත් කළ බව ඔබට මතක ඇති. මෙලෙස ලබා දුන් Android 14 සංස්කරණයේ උණුසුම යන්නටත් පෙර Google සමාගම විසින් සුපුරුදු පරිදිම මේ මාසයේදී Android 15 Developer preview එක Android developers ලට ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා.Android 10 සංස්කරණය වන තුරු අතුරුපසවලින් Android සංස්කරණයන් නම් කර කරමින් සිටි Google සමාගම එම සම්ප්‍රදාය වෙනස් කිරීමට සුදානම් වුවද, සම්ප්‍රදායෙන් ගැලවීමට අසීරු බව පසක් කරමින් අභ්‍යන්තරව ඔවුන් සෑම Android සංස්කරණයක් සඳහාම අතුරුපසවල Code Name භාවිත කරන බව පසුගිය සංස්කරණයන් සමඟ දැකගත හැකි වුවා. එලෙසම Android 15 සංස්කරණය සදහාVanilla Ice Creamලෙස Codename එකක් භාවිතා කරන බවට තොරතුරු වනවා.ඒ වගේම මේ වන විට Developer Previews ලෙස හදුන්වා දී ඇති මේ Android 15 සංස්කරණයේ Beta Version මැයි මාසයේදී පමණ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Android 15 සංස්කරණයේ නව වෙනස්කම්පෙර Android versions සමග සැසදීමේදී, සමානකම් රැසක් තිබුණද කැපී පෙනෙන ලෙස මේ සංස්කරණයේ විශේෂාංග හා ක්‍රියාකාරීත්වයන් වෙනස් කිරීමට Google සමාගම විසින් කටයුතු කර තිබෙනවා.සාම්ප්‍රදායික Screen capture වලින් ඔබ්බට ගොස් privacy feature එකක් ලෙස ඔබට අවශ්‍ය app එකේ පමණක් screen video එක capture කරගැනීමේ හැකියාව ලැබෙනවා.Notification Cooldown - මේ ඔස්සේ එක් යෙදුමකින් Notifications විශාල ප්‍රමාණයක් ලැබෙන විට අනෙක් Notifications යටපත් වීම වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.Camera App එක සදහා අඩු ආලෝක තත්වයන් හිදී කැමරා preview එකෙහි brightness වැඩි කිරීමට සහ ඡායාරූප ගැනීමේදී flasher එකෙහි ත්‍රීවතාවය පාලනය කිරීමේ හැකියාවන් ද ලබාදීමට කටයුතු කර ඇත.Leaked featuresIOS 16 ඔස්සේ lock screen widgets ලබා දුන් බැවින්, Android සඳහාත් මේ සංස්කරණය ඔස්සේ lock screen widgets ලබා දේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Android 14 මගින් Battery health එක පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබාදීමත් සමග, Android 15 මගින් එය තව දුරටත් යාවත්කාලීන කර, පරිශීලකයන්ට ප්‍රවේශ වීමට පහසු ලෙස හා තම උපාංගයේ battery එක සම්බන්ධ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකි පරිදි එම පහසුකම වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.Apps archiving - මෙය මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Smartphones සඳහා ලබා දී තිබු feature එකක් වන අතර, මේ ඔස්සේ අදාළ යෙදුමට අදාළ files ඉවත් කර යෙදුමේ මුල් version එකක් තබා ගනිමින් ප්‍රධාන වශයෙන් උපාංගයේ ඉඩ ඉතුරු කරගැනීමට සහය වනු ලබනවා.මෙවැනි විශේෂ විශේෂාංගවලට අමතරව තවත් විශේෂාංග රැසක් සහ මේ වන විට ලබා දී ඇති විශේෂාංග තව දුරටත් යාවත්කාලීන කර Android 15 සංස්කරණය නිමවා ඇති අතර ඉදිරියේදී මේ සංස්කරණය සමඟ ලැබෙන විශේෂාංග පිළිබඳව සම්පුර්ණ ලිපියක් ඔබ වෙත ගෙන ඒමය අප බලාපොරොත්තු වනවා.Source:android-developers.googleblog.com |
භාවිතා කල iPhones මිලදී ගැනීමේද ඔබ වද වෙන Battery Life සහ Battery Health ගැන තේරෙන සිංහලෙන් | ගොඩක් දෙනා පාවිච්චි කරන ලද iPhone එකක් ගැනීමේදී විශේෂයෙන්ම මේ Battery Health එක සම්බන්දව විශාල වශයෙන් වද වෙනවා. මේ පිළිබඳව නිවැරදිව දැන සිටීම මගින් Battery Health එක වැඩිකර ගැනීමට ඔබට පුලුවන.මොකද්ද මේ Battery Life එක?Battery Life එක යනු සරලවම එක් වරක් Full Charge කිරීමෙන් පසු නැවත Zero Percent වීම සඳහා ගතවන කාලයයි. සරලව කිව්වොත් “Battery බහින” කාලයයි. වරක් චාර්ජ් කිරීමෙන් පසු ඉක්මනින් බැටරිය ක්ෂය වී යයි නම් එහි අදහස බැටරියේ ආයු කාලය අඩු බවයි. Battery Life එක වැඩි කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී ලිපියකින් ගෙන එන්නම්.Battery Health එකෙන් වෙන්නේ මොකද්ද ?බැටරියේ සෞඛ්‍ය තත්වය එසේත් නැති නම් Health එක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ගණනය කරනු ලබනවා.බැටරියට රඳවා ගත හැකි උපරිම ධාරිතාවය, උදාහරණයකට 3046mAh Battery එකක් නම් එහි කොපමණ උපරිම ධාරිතාවයක් පවත්වාගත හැකිද යන්න. මෙය කාලයත් සමග කෙමෙන් අඩුවනවා.Battery Cycle Count එක මතත් Battery Health එක රදා පවතිනවා. [Battery Cycle Count එක බලන ආකාරය මම පෙර ලිපියක පලකරා]. බැටරි එක සම්පූර්ණයෙන් චාර්ජ් වී සම්පූර්ණයෙන් Discharge වීමෙන් එක් Cycle Count එකක් එකතු වනවා. සාමාන්‍යයෙන් Cycle Count 500 කට පසු Battery Health එක 80% පමණ වන ලෙස iPhone Battery එක නිපදවා තිබෙනවා.Processor Throttling & Unexpected Shutdownඉහත සඳහන් කල ආකාරයට Battery Health එක 80% අගයක් ගැනීමට ආසන්න වශයෙන් වසරකට අධික කාලයක් ගත වෙනවා. නමුත් අයහපත් Charging පුරුදු නිසා ඉතා ඉක්මනින් Battery Health එක අඩු වෙන්න පුලුවන්. ප්‍රමාණවත් තරම් විදුලි සැපයුමක් නොලැබුන විට iPhone එක අධිකව Slow Down වීම හෝ අනපේක්ෂිත ලෙස ක්‍රියා විරහිත වීමට පුලුවන්. නමුත් iOS 11.3 update එකෙන් පසු භාවිතා කරන්නන් හට අවශ්‍ය වැඩි Battery කාලයක්ද නැතිනම් වැඩි ක්‍රියාකාරීත්වයක්ද යන්න තෝරාගත හැකිය. නමුත් එවැනි අවස්තාවකදී ඉක්මනින්ම Battery එක Replace කර ගැනීම වඩා අගනේය. |
Huawei සමාගම විසින් Mate X2 නම් Foldable දුරකථනය මෙම මස 22 වන දින දැක්වීමට සූදානම් වේ | Huawei සමාඟමේ නිළ Weibo පිටුවේ ඵල කර ඇති ආකාරයට, ඔවුන්ගේ නව Flagship ආකාරයේ නැවිය හැකි (Foldable) දුරකථනය මෙම මස අගදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත. මෙතෙක් පැවති නාමකරණය අනුව, මෙම දුරකථනය Mate X2 ලෙස නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.ලොව ප්‍රමුඛ පෙලේ තාක්ෂණික වෙබ් අඩවි සඳහන් කරන්නේ, Huawei සමාඟම විසින් නිකුත් කර ඇති අදාළ නව දුරකථනයේ ඡායාරූපයට අනුව, එය Samsung Galaxy Z Fold ආකාරයේ තිර දෙකක් (screens) සහිතව නිකුත් කිරීමට බොහෝ සේ ඉඩකඩ ඇති බවයි. මින් පෙර නිකුත් වූ Mate X දුරකථ වල පැවතියේ උපාංගය වටා එතෙන ලෙස නිර්මාණය කළ එක් තිරයක් පමණි.බොහෝවිට මෙම දුරකථනය Mate 40 Pro මාදිලියේ මෙන් Kirin 9000 ප්‍රොසෙසරය සමඟ නිකුත් වීමට ඉඩ ඇති බව සඳහන් වේ. එමෙන්ම, මෙතෙක් Huawei සමාඟම වෙත එල්ල වී ඇති වාරණ සමඟ මෙම දුරකථනය සමඟ ද Google සේවා ස්ථාපනය නොවෙනු ඇති. නව ඇමරිකානු ජනාධිපති Biden මහතා විසින් පෙර පැනවූ වාරණ වල වෙනස්කම් සිදු නොකළහොත් තවදුරටත් අදාළ වාරණ Huawei සමාඟම වෙත පැනවෙනු ඇති. එබැවින් මෙම මාදිලිය ද චීනයෙන් පිටතදී එතරම් ජනප්‍රියත්වයක් ලඟා කර නොගැනීමට ඉඩ ඇත.පෙබරවාරි 22 දින දී එළිදැක්වෙන මෙම නව දුරකථනය පිළිබඳ තොරතුරු ඔබවෙත ගෙන ඒමට අපි සූදානමින් සිටී.Source -theverge.com |
Google One පරිශීලකයන්ට VPN සේවාවක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි | Google සමාගම විසින් ඔවුන්ගේ Google One Service එකත් සමග නව VPN Service එකකුත් හඳුන්වාදී තිබෙනවා. මේ VPN Service එක ලගදිම එක්සත් ජනපදයට ලබා දිමට සුදානම් වෙන අතර ඉදිරියේදි අනෙක් රටවලටත් Google One Subscription එක හරහා ලබා ගැනිමට හැකි වනු ඇත.Google සමාගමේනිල Blog අඩවියටඅනුව මේ VPN Service එක භාවිත කරන්න පුළුවන් වෙන්නේ 2TB Plan එකේ සිට ඉහලට ඇති Google One Plan සමගයි. 2TB Google One Plan එකේ මිල ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඩොලර් 99.99කුයි. මේ වන විටත් 2TB Google One Plan එක භාවිත කරන ඇමරිකා එක්සත් ජනපද Usersලාට ඉදිරි දිනවලදි VPN Support එක ලැබෙනු ඇත. ඒ වගේම මේ 2TB Plan එක භාවිත කරන Family Membersලා පස් දෙනාටත් මේ VPN Service එක පාවිච්චි කරන්න පුළුවන්.දැනට මේ Google One Service එකේ නව VPN Service එක Android Usersලාට පමණක් පාවිච්චි කරන්න හැකියාව තිබෙන අතරම ඉදිරියේදි iOS, macOS හා Windows වෙතත් මේ සේවාව හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපයේ දි ඇමරිකා එක්සත් ජනපදයට, එක්සත් රාජධානියට හා කැනඩාව වෙතද මේ Service එක ඉදිරියේදි ලබා දෙනු ඇත. ඒ වගේම ඉක්මනින්ම සියලු රටවල් සදහාද මේ Feature ලබා දිමට කටයුතු කරනු ඇත.Sources :Google Blog,Gizmochina |
Android වලට අළුතෙන් එන messaging features | පොඩි කාලේ ඉඳන් එකම විදිහට SMS යවල එපා වෙලාද? iMessage ගැන දරුණු ලෙස ඉරිසියාවෙන්ද? Google සමාගම දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් දීල තියෙනවා. ඒ අලුත්ම SMS standard එකක් හැම Android device එකකටම නිකුත් කරමින්.RCS; එහෙමත් නැතිනම් Rich Communication Services තමයි මේ protocol එක. මේ ගැන මුලින්ම කතාබහ ඇති වෙන්නේ 2007 දී වුනත් මේක හරි standard එකක් වෙන්නේ 2016 දී. ඔව්, හරිම හෙමින් තමයි මේ තාක්ෂණය වර්ධනය වෙන්නේ.මොකක්ද RCS?RCS මගින් ඔබට hi-quality photos, videos, GIFs සහ text, Wi-Fi හරහා මෙන්ම Mobile Data හරහාද හුවමාරු කරගන්න පුළුවන්. Message එක ලබන අයට ඒක ලැබුනද, කියෙව්වද වගේ අපි දැනට භාවිතා කරන Internet Messaging සේවාවල තියන features ද මේ අලුත් SMS protocol එක මගින් ලබා දෙනවා.SMS යැවීමත් internet messaging වගේම අත්දැකීමක් වේවි.ඒ වගේම Google RCS, Google Assistant සමඟ සම්බන්ධ කරලා තියෙන නිසා ඔබට විවධ businesses සමඟ Assistant හරහා chat කර, ඔවුන්ගෙන් product එකක් සම්බන්ධ උපදෙස් ලබාගන්න, orders place කරන්න වගේම ගෙවීම් කටයුතු සිදු කරන්නත් messaging app එක භාවිතා කරන්න පුළුවන්.RCS ආරක්ෂාව?WhatsApp messages වල අපි දකින feature එකක් තමයි end-to-end encryption කියන එක. මේ ගැන වැඩිදුර තොරතුරු පහත ලිපියෙන් බලන්න පුළුවන්.මොකක්ද මේ Encryption කියන්නේ?Encryption (ගුප්තකේතනය) කියන්නෙ තොරතුරු වල සත්‍ය අර්ථය සැඟවිය හැකි විදියට එයරහස් කේතයක් බවට පරිවර්තනය කරන ක්‍රමයටයි. මේ තොරතුරු සංකේතනය (Encrypt) හා විකේතනය(Decrypt) කිරීමේ විද්‍යාව ගුප්ත ලේඛන විද්‍යාව (Cryptography) ලෙස හඳුන්වනවා. මොකක්හරි උපාංගයක් (Device) එකක් භාවිතා කරමින් ඔයා යවන, ඔයාට ලැබෙන…Android වැඩකාරයෝDakshina Pahanමේ encryption එක නම් තවම Google විසින් RCS වලට දීලා නෑ. අපිට ලැබෙන එකම සහතිකය තමයි Google විසින් statement එකක් නිකුත් කරලා තියෙනවා මේ messages තමන්ගේ servers හරහා ගියාට ඒවා servers වල ගබඩා වෙන්නේ නැති බවට.RCS භාවිතයදැනට තියෙන හොඳම විසඳුම තමයි Google Messages app එක මගින් RCS features භාවිතා කිරීම. RCS Messages app එකේදී හඳුන්වන්නේ Chat features කියල. ඒක භාවිතා කරන්න නම් පාර්ශව දෙකටම Chat features, active වී තියෙන්න ඕනේ.මේ Chat Features අපේ region එකට available නම් ඔබට ඒක active කරගන්න පුළුවන්.තවම ගැටළුවක් වෙන්නේ Google කොහොමද මේ feature එක නිකුත් කරන්නේ කියන එක. කලින් කිව්වේ ඔවුන් Mobile Operators ල සමඟ හවුල් වෙලා නිකුත් කරනවා කියන එක. නමුත් පසුව ඔවුන් තනිවම android smartphone (Android 5.0+) හැම එකකටම මේක release කරනවා කියල කිව්වා.දැන් පෙනෙන විදිහට Google රටින් රටට RCS active කරන් යන අතරේ රට ඇතුලේ Mobile Operator සමාගම් වෙනම release කරනවා. මේ විදිහට දැන් ඉන්දියාවට Google විසින් officially release කරලා නැතත් Airtel හා Jio සමාගම් වල පාරිභෝගිකයින්ට මේ features active වෙලා තියෙනවා.අප ලංකාවේ airtel එකෙන් විමසුවත් ඔවුන් කිව්වේ මේ පිලිබඳ තොරතුරු දැන්ම කියන්න බෑ කියලයි. කොහොම හරි ලංකාවේ operators ලත් මේ features release කලොත් අපිටත් ළඟදීම SMS වෙනුවට RCS යවන්න පුළුවන් වෙයි. |
2021 වසරේදී Google සමාගම විසින් අවසන් ගමන් යැවූ සේවාවන් 24 මෙන්න | ඔබ කවුරුත් දන්නවා ඇති Google සමාගම යනු G-mail, Google maps, Google street View, YouTube ආදී ඉතා වටිනා සේවාවන් රාශියක් පවත්වාගෙන යන ආයතනයක් බව. මොවුන් වසරක් තුල නව සේවාවන් රැසක් හදුන්වා දෙනවා සේම මොවුන්ගේ පවතින සේවා රැසක් නවත්වා දැමීමද සිදු කරනු ලබනවා.මේ ආකාරයෙන් සේවාවන් නැවත්වීම බොහෝ පරිශීලකයන්ගේ අප්‍රසාදයට හේතු වුවත් ඔවුන් සෑම වසරකම මෙලෙස සේවාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නැවැත්වීම අඛණ්ඩව සිදු කරමින් තිබෙනවා. මේ වන විට මොවුන් ආරම්භ කරන ලද සේවාවන් 242ක් මුලුමනින්ම නවත්වා දමා තිබෙන අතර ඉදිරි වසරේදීත් නවත්වා දැමීමට අදාල සේවාවන් 3ක් මේ වන විටත් නම් කර අවසානයි.Google සමාගම මෙම වසරේදී මෙලෙස නවත්වා දමන ලද සේවාවන් 25ක් වාර්තා වෙනවා. එම සේවාවන් වසරේ මුල් කාලයේ සිට පිළිවෙලින් ගත් කල,01. App Makerමෙය 2021 වසරේ ප්‍රථමයෙන්ම නවතා දැමු App එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. මෙය ජනවාරි මස 21 වන දින සම්පූර්ණයෙන්ම නවත්වා දමන අතර 2016 දී ආරම්භ කරන ලද සේවාවකි. මෙය ව්‍යාපාරික අවශ්‍යතා සදහා Coding දැනුමක් නොමැතිව වුවද template භාවිතයෙන් Apps නිර්මාණය සදහා ඉඩ ලබා දුන් මෘදුකාංගයක් වේ.02. Loonමෙයත් 2021 වසරේ ජනවාරි මස නවත්වා දමන ලද ව්‍යාපෘතියක් වන අතර 2013 වසරේදී මෙය ලොව පුරා ග්‍රාමීය, අඩු පහසුකම් සහිත ප්‍රදේශ වලට අන්‍තර්ජාල පහසුකම් සැපයීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. Google සමාගමට මෙහි පිරිවැය දැරීමට නොහැකි වීම මෙය නැවැත්වීමට ප්‍රධාන හේතුවයි.03. Tilt Brushමෙය 2021 වසරේ පෙබරවාරි මස නවත්වා දමන ලද අතර 2016 වසරේ දී හඳුන්වා දී තිබේ. මෙය Google සමාගම මගින් හදුන්වා දුන් VR Application එකක් වන අතර මේ මගින් කාමර අවකාශයක් තුළ Virtual Canvas එකක් මත 3D නිර්මාණයන් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලැබේ.04. Swift For TensorFlowමෙය 2018 වසරේ ආරම්භ කරන ලද අතර 2021 වසරේ පෙබරවාරි මස නවත්වා දමා ඇත. මෙය Apple හි Programming Language වන Swift හා Python මත එක්ව ගොඩනගා ඇත. මෙය Machine learning application නිර්මාණයට ඉතා පහසුවෙන් යොදා ගත හැකිය.05. Google Cardboardමෙය 2014 වසරේදී හදුන්වා දී ඇති අතර මේ වසරේ මාර්තු මස ඔවුන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමු උපාංගයකි. මේ වන විට VR Box, 3D නිෂ්පාදන ආදිය ඉතා දියුණු මට්ටමක පැවතියත් 2014 වසරේ මෙය හදුන්වා දීම VR box සදහා නැඹුරු වීමට ප්‍රධාන හේතුවක් වුවා. මෙය ඝනකම් කාඩ්බෝඩ් සහ කාච සවිකිරීමෙන් සකසා ඇති අඩු වියදම් නිෂ්පාදනයක් ලෙස වෙලදපොලට ඉදිරිපත් විය.06. Google Go Linksඉතා පැරණිම සේවාවක් වන අතර 2010 වසරේදී ආරම්භ කර තිබේ. මේ වසරේ මාර්තු මස 31 වන දින මෙය අත්හිටුවන විටත් විශාල ලෙස පාවිච්චි නොකරන ලද සේවාවකි, එනම් මෙය මීට පෙර දී භාවිතයෙන් අත්හැර දමා ඇති සේවාවක් ලෙස හැඳින්විය හැකිය නමුත් මෙය නිල වශයෙන් අත්හිටුවීම සිදු වූයේ 2021හි මාර්තු මස 31 වනදාය. මෙය URL කෙටි කිරීම සඳහා භාවිතා කර ඇති අතර Google workspace හි Custom domain names ලබා දීම සදහාද මෙය භාවිතා වී තිබේ.07. Google Public Alertsමෙම සේවාව 2012 වසරේ දී ආරම්භ කර ඇති අතර 2021 වසරේ මාර්තු 31 වැනිදායින් නිල වශයෙන් අත්හිටවනු ලැබීය. මේ මගින් රටක හදිසි කාලගුණය තත්ව, ආරක්ෂක උපදෙස් වැනි ඕනෑම හදිසි අවස්ථාවක එම රටේ ජනගහනයට අනතුරු ඇගවීම් සිදු කරනු ලබා ඇත. මෙම සේවාව වෙන්ව ක්‍රියාත්මක වීම නිල වශයෙන් අත්හිටවූ වත් Google maps සහ Google search engine මගින් එම අදාල අනතුරු ඇගවීම් හා පණිවිඩ ලබාදීම් සිදු කරණු ලබයි.08. Google Crisis Mapමෙයත් Public Alerts සේවාව වැනිම සේවාවක් වන අතර මෙය 2011 වසරේදී ආරම්භ කර ඇත. මේ මගිනුත් කාලගුණික විපර්යාස ආදී දේ පිළිබඳව සිතියම් නිර්මාණය කිරීමට උපකාරී වූ අතර මෙම සේවාව අත්හිටුවීමෙන් පසු Google my maps, Google Earth යන සේවාවන් මගින් මෙම කාර්යන් ඉටු කරණු ලබයි.09. Google Shopping Mobile Appමෙය 2019 වසරේ ආරම්භ වූ App එකක් වන අතර 2021 වසරේ අප්‍රේල් මාසයේදී අත්හිටවා තිබෙනවා. මෙය නිල වශයෙන් අත්හිටුවා ඇති බව දැක්වුවත් Google හි Shopping website යටතේ මෙහි ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් තවමත් පවතී.10. TimelyGoogle සමාගම විසින් 2013 වසරේදී ආරම්භ කළ සේවාවක් වන අතර මෙය Android application එකක් ලෙස ක්‍රියාත්මක විය. මෙය මගින් Alarm තැබීමට අවස්ථාව සැපයීම, Stopwatch පහසුකම, Timer පහසුකම ලබාදුණි. කෙසේ නමුත් මෙය 2021 වසරේ මැයි 31 වැනිදායින් අත්හිටවනු ලැබීය.11. Zync Renderමෙය Google සමාගම විසින් 2014 වසරේ දී පටන් ගත් සේවාවක් වන අතර Animation සහ Visual effect සිදු කිරීම සඳහා භාවිතා විය. American hustle, Transformers : Dark Side of the moon ආදී ඉහළ පෙලේ චිත්‍රපටි සදහා මෙම සේවාව භාවිතා විය. කෙසේ නමුත් Google සමාගම 2021 වසරේදී ජුනි 1 වෙනිදා මෙම සේවාව අත්හිටුවණ ලදී.12. Measureමෙම මෘදුකාංගය 2016 වසරේදී Google සමාගම විසින් හඳුන්වා දුන් මෘදුකාංගයක් වන අතර ඒ මගින් ජංගම දුරකථනයේ කැමරාව ආධාරයෙන් වස්තූන්ගේ තිරස් මිනුම් සාපේක්ෂව නිරවද්‍ය ලෙස ලබාගැනීමට අවස්ථාව සලසා දුනි. පසු කාලීනව මෙය Updates මගින් සිරස් මිනුම් ලබා ගැනීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ලැබුණි. කෙසේ නමුත් මෙය 2021 වසරේ ජුනි 8 වනදායින් අත්හිටවනු ලැබීය.13. Google Play Movies & TVමේ Google සමාගමේ ඉතා පැරණි සේවාවක් වන අතර 2011 වසරේ දී මෙය ආරම්භ විය. මේ මගින් රූපවාහිනී කතාමාලා සහ Films මිලදී ගැනීමට අවස්ථාව සැලසුණි. පසුකාලීනව මෙය Google TV ලෙස වෙනස් විය. කෙසේ වෙතත් මෙය YouTube සේවාව සමග ඒකාබද්ධ කරමින් වසර 10කට පසුව 2021 වසරේ ජුනි 15 වනදා නවත්වා දමන ලදී.14. PolyGoogle සමාගම විසින් 2017 වසරේ දී හඳුන්වාදුන් සේවාවක් වන අතර මෙය 3D නිර්මාණකරුවන්ට ඔවුන්ගේ 3D නිර්මාණ බෙදා ගැනීමට Platform එකක් ලෙස ක්‍රියා කරන ලදී. මෙය වඩාත් ප්‍රචලිත මෘදුකාංගයක් නොවූ අතර 2021 වසරේ ජුනි 30 වන දින මෙම සේවාව නවතා දමන ලදී.15. ExpeditionExpedition යනු Google සමාගම විසින් 2015 වසරේ දී ලබාදුන් සේවාවක් වන අතර මෙය පෙරදී සඳහන් කළ Google Cardboard මගින් අධ්‍යාපන ආයතන වල පන්ති කාමර තුළ දී සිසුන්ට VR තාක්ෂණය මගින් ක්ෂේත්‍ර චාරිකා යෑමට ඉඩ සලසාදුන් සේවාවකි. මෙය 2021 වසරේ ජුනි 30 වන දින නවතා දැමිය.16. Tour Creator2018 වසරේදී ආරම්භ කළ මෙම සේවාව Expedition සේවාවට සමගාමීව ක්‍රියාත්මක වූ සේවාවක් වන අතර ඒ මගින් පරිශීලකයන්ට 360°ක දර්ශන කෝණයක් මගින් VR උපාංග යටතේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබාදුණි. මෙම සේවාව ද 2021 වසරේ ජුනි 30 වනදා නවතා දමන ලදී.17. Tour Builderමෙම සේවාව Google සමාගම විසින් 2013 වසරේදී ආරම්භ කළ අතර මේ මගින් Google Earth යෙදුම හරහා පින්තූර සහ වීඩියෝ සමග සම්පූර්ණ චාරිකාවක් යෙදීමට අවස්ථාව සලසා දෙන ලදී. කෙසේ නමුත් වසර 8කට පසුව මෙයත් Google සමාගම විසින් නවතා දැමු අතර Google earth යෙදුමෙහි නව Project තුලට මෙම පහසුකම් වැඩි දියුණු කර එක්කර තිබේ.18. Fitbit Coach & Fitbit Yogaපිළිවෙලින් 2013 හා 2014 වසර වලදී ආරම්භ කරන ලද Fitbit Coach හා Fitbit Yoga යන මෘදුකාංග 2ක Google සමාගම විසින් ආරම්භ කරන ලදී. Fitbit coach යනු පුහුණුවීම් වීඩියෝ මත පදනම්ව ස්වාධීන ශරීර බර පාලනය කිරීම සදහා වූ ව්‍යායාම ඇතුලත් මෘදුකාංගයක් වේ.Fitbit Yoga යනු පරිශීලකයන්ට ඇති හැකියාව හා රුචිකත්වය මත පදනම්ව යෝගා ව්‍යායාම සිදු කිරීම සදහා වූ මෘදුකාංගයකි. මෙම මෘදුකාංග දෙකම 2021 වසරේ ජුලි 30 භාවිතය අත් හැර දමන ලදී.කෙසේ වෙතත් මෙම මෘදුකාංග දෙකම එක් මෘදුකාංගයක් බවට පත් කරමින් තවදුරටත් වැඩිදියුණු කර Fitbit Premium ලෙස ඉදිරියට පැමිණි අතර එම මෘදුකාංගය තුළ භාවනා මාර්ගඋපදේශන, පෝෂණ සැලසුම් ආදී දේද ඇතුලත් කර වැඩිදියුනු කර ඇත.19. Chatbase2017 වසරේදී ආරම්භ කරන ලද මෙම සේවාව Google හි Dialogflow Chatbot සඳහා භාවිත වූ සේවාවක් වන අතර Google හි සහයක සමාගමක් වන Area120 Incubator විසින් ආරම්භ වී ඇත. කෙසේ නමුත් මෙය 2021 වසරේ සැප්තැම්බර් මස 27 වන දින අර්ධ වශයෙන් නවතාදමන ලදී. ඒ මෙම Chatbase, Dialogflow සමග අර්ධ වශයෙන් ඒකාබද්ධ කර ඇති නිසාවෙනි.20.Google Bookmarkමෙය ඉතාමත් පැරණි සේවාවක් වන අතර 2005 වර්ෂයේදී ආරම්භ වී ඇත. මේ මගින් පෞද්ගලික වෙබ් පිටුවල Bookmark තැබීමේ පහසුකම සැලසූ අතර වෙනත් කිසිදු Google සමාගම විසින් ලබා දුන් පහසුකමක් සමග සම්බන්දතාවක් නොදක්වා මෙය ක්‍රියාත්මක වුනි. මේ වසරේ සැප්තැම්බර් මස 30 මෙය අභාවයට යවා මේ වෙනුවට නව හදුන්වාදීමක් ලෙස සේවා සියල්ලෙහිම Bookmark එක් ස්ථානයකින් නැරඹීය හැකි ආකාරයේ පහසුකමක් ලබාදී ඇත.21. Google My Maps app2014 වසරේදී ආරම්භ කළ සේවාවක් වන අතර මෙය Google maps සමග සම්බන්ධයක් නොමැත. මෙය Android Application එකක් වන අතර Userට අදාල ලෙස Custom Maps නිර්මාණය කිරීමේ අවස්ථාව සලසා දී තිබේ. මෙහි Andorid මෘදුකාංගය ඉවත් වුවද වෙබ් සේවාව දීර්ඝ කාලින ලෙස ක්‍රියාත්මක වේ. මෙහි Android මෘදුකාංගය 2021 වසරේ ඔක්තෝබර් 15 දින නවතා දමන ලදී.22. Google Toolbarමෙම වසරේ දී Google සමාගම විසින් නවතා දැමු පැරණිතම සාමාජිකයා වන්නේ Google toolbar ය. මෙය 2000 වසරේ දී හඳුන්වා දී ඇත. මෙය ප්‍රදාන වශයෙන් සෙවුම් යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරන ලද අතර මේ මගින් Pop Up blocker, Built-in google translate support වැනි පහසුකම් රැසක් සැපයුවේය. මෙය එකල වැඩිම පහසුකම් ප්‍රමාණයක් සැලසූ Search Engine එකක් වේ.23. MuseletterGoogle සමාගම පවත්වාගෙන ගිය කෙටිකාලීනම සේවාව මෙය ලෙස දැක්විය හැකිය. මෙය පර්යේෂණාත්මක සේවාවක් ලෙස ආරම්භ කල අතර එය Application එකක් ලෙස ඉදිරිපත් වීමටත් පෙර භාවිතයෙන් ඉවත්ව ගියේය.මෙම සේවාව සදහා භාවිතාකිරීමට කැමති පුද්ගලයන්ගේ ලේඛණයක්ද ආරම්භ කරන ලද අතර එය ලේඛණයකට පමණක්ම සීමාකිරීමට සිදු වුණි.24. Angular JS2010 වසරේ ආරම්භ කර මෙම සේවාව මේ වසරේදී නවතා දැමිමට කටයුතු කරනු ලැබුවා. මෙම සේවාව ලොව පුරා Developersලා විසින් භාවිතාකර Open source software එකක් ලෙස දැක්විය හැකිය. 2021 වසරේ දෙසැම්බර් 31 වන දායින් මෙම සේවාවද අත් හිටුවා දැමීමට Google සමාගම තීරණයකර තිබේ.Source:Android Police |
Apple පරදා Samsung යලි ගෝලීය දුරකතන වෙළඳපලේ අංක එකට | දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ලොව අංක එකේ දුරකතන අලෙවිය සහිත වාර්තාව හිමි කරගෙන සිටි ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී අලෙවි වාර්තා වලින් පසු බැස ඇති බවනවතම IDC වාර්තාහරහා දැක්වෙනවා. ඒ අනුව ඇපල් සමාගම 2024 පළමු කාර්තුවේදී මිලියන 50.1ක දුරකතන ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වී ඇති අතර පසුගිය වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම විසින් දුරකතන මිලියන 55.4ක් අලෙවියක් සිදු කර ඇත.2024 පළමු කාර්තුවේදී 20.8%ක වෙළඳපල කොටසක් සතු කරගනිමින් ප්‍රථමස්ථානයට Samsung සමාගම පත්වන විට, Apple සමාගමට හිමි වී ඇත්තේ 17.3%ක වෙළඳපල කොටසක් පමණයි. Xiaomi සමාගම තෙවන ස්ථානයට පත්ව ඇත්තේ 14.1%ක වෙළඳපල කොටසක් හිමිකරගනිමිනි. මේ අතරේදී Transsion, එනම් TECNO, itel සහ Infinix එකතුව හතරවන ස්ථානයට පත්ව ඇත. පසුගිය කාලයේ පැවති වසංගත තත්වයට පසුව ගෝලීයේ ජංගම දුරකතන වෙළඳපලේ ධනාත්මක වර්ධනයක් ලෙස මෙම වාර්තාවෙන් දක්වා සිටින අතර පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දුරකතන අලෙවිය 7.8%කින් වර්ධනය වී ඇත.Source:www.idc.comwww.androidauthority.comwww.cnet.com |
Dialog Axiata සමාගම විසින් ඉදිරිපත් කල unlimited internet පැකේජ සහ ගාස්තු සඳහා TRCSL අනුමැතිය හිමිවේ | මීට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කල ආකාරයටම මේ වෙන විට ශ්‍රී ලංකාව තුල සේවා සපයන දුරකථන සේවා සමාගම් Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දුරකථන සේවා සපයන සමාගමක් වෙන Dialog සමාගම විසින් මේ වෙන විට ඔවුන් ලබා දිමට බලාපොරොත්තු වෙන Unlimited Internet Packages සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් අවසර ලබා ගෙන තිබෙනවා.ඒ අනුව ඔවුන් Home Broadband Customers හා Fiber Customers යටතේ ඔවුන්ගේ Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.Home Broadband Unlimited Internet Packagesමේ යටතේ ඔවුන් විසින් Network Speeds තුනක් යටතේ එක් දිනක් සදහා, දින හතක් සදහා හා දින තිහක් සදහා Unlimited Internet Packages හදුන්වා දි තිබෙනවා.Unlimited 2Mbps Package2Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.195.00 ද දින හතක් සදහා රැ.595.00 ද දින තිහක් සදහා රු. 1,990.00 ද අය කරනු ඇත.Unlimited 4Mbps Package4Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.360.00 ද දින හතක් සදහා රැ.1160.00 ද දින තිහක් සදහා රු. 4,390.00 ද අය කරනු ඇත.Unlimited 8Mbps Package8Mbps Speed එකක් යටතේ එක් දිනක් සදහා රැ.660.00 ද දින හතක් සදහා රැ.1960.00 ද දින තිහක් සදහා රු. 6,590.00 ද අය කරනු ඇත.මේ Packages සියල්ලම Dialog Home Broadband Prepaid හා Postpaid පාරිභෝගිකයන් සදහා හිමි වෙනවා. ඒ වගේමTelegram හා Torrent වෙබ් අඩවි සදහා 1Mbps දක්වා Network Speed එක සිමා විමක්සිදු වෙනවා. ඒ වගේම Voice Service එක සදහා කිසිදු අමතර අයවිමක් සිදු නොවන අතර අවශ්‍යතාව අනුව Pre Second හෝ Per Minutes Packages තෝරා ගන්න පුලුවන්.සැ. යු. ඉහත දක්වා ඇති පැකේජයන්හි මිල රජයේ අදාල බදු ඇතුලත්ව ඇති මිල වේ.Fiber Unlimited Internet PackagesDialog ආයතනය විසින් Fiber පාරිභෝගිකයන් සදහා නව Internet Packages 08 ක් හදුන්වා දී තිබෙන අතර මින් 05 ක් Quote Based Packages වෙන අතර අනෙක් තුන Unlimited Packages ලෙස හදුන්වා දි තිබෙනවා. ඒ වගේම මේUnlimited Packages සදහා Telegram හෝ Torrent වෙබ් අඩවි ආදිය සදහා ද අදල Packages සදහා එම Network Bandwidth එකම හිමි වෙනු ඇත.Quota Based Packages100Mbps Network Bandwidthඑකක් සමගAny Time Quota Based Packagesපහක් හදුන්වා දි තිබෙන අතර Data Extension සදහා Standard Data Extension Price වැය වෙනු ඇත.Any Time 80GB100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 1,700 මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 10ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Any Time 120GB100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 2,400 මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 15ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Any Time 165GB100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 3,300ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Any Time 225GB100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 4,300ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Any Time 365GB100Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 6,700ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Unlimited Packages10Mbps, 25Mbps හා 50Mbps යන Network Bandwidth යටතේ Unlimited Internet Packages තුනක් හදුන්වා දි ඇති අතර මේ Packages සියල්ල ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20 ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Unlimited 10Mbps Package10Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 5,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Unlimited 25Mbps Package25Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 9,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Unlimited 50Mbps Package50Mbps Bandwidth එකක් සහිතව මේ Package එක රු. 19,990ක මුදලකට (බදු රහිතව) ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ Package එක ලබා ගත හැකි වෙන්නේ Network Node එකේ සිට මිටර් 20ක් ඇතුළත සිටින පාරිභෝගිකයන්ට පමණයි.Fiber පාරිභෝගිකයන් සදහාත් Voice Service එක අමතර සේවා ගාස්තුවකින් තොරව අවශ්‍ය පරිදි Per Second හෝ Per Minutes Packages වලින් ලබා ගැනිමේ හැකියාව පවතිනවා.Source :Telecommunications Regulatory Commission of Sri Lanka |
COVID-19 සම්බන්ධ තොරතුරු share කිරීමේදී පරිශීලකයාට එය දැනුම්දීමට Facebook විසින් නව අංගයක් එකතු කරයි | Facebook එක මෑතකදී එයාලගේ platform එකේ කොරෝනා වෛරස් එක ආශ්‍රිත වැරදි තොරතුරු සීමා කිරීමට අලුත් features එකතු කරමින් ඉන්නවා. ව්‍යාජ කොරෝනා වෛරස් එක ආශ්‍රිත news සමඟ සම්බන්ධ වන usersලට අප්‍රේල් මාසයේදී Facebook සමාගම අනතුරු ඇඟවීම ආරම්භ කළ අතර දැන් ඔයා Facebook තුල කොරෝනා වෛරස් එක සම්බන්ද articles share කරන්න කලින් background information සපයන නව අනතුරු ඇඟවීමේ warning banner එකක් එක් කරලා තියෙනවා.“We’re starting to roll out a global notification screen to give people more context about COVID-19 related links when they are about to share them. The notification will help people understand the recency and source of the content before they share it - Facebook Blog”ඒ banner එකේ විස්තර වලට article එකේ original source එක, article එකේ domain එක register කරපු මාසය සහ article එක මුලින්ම share කරපු වේලාවද ඇතුළත් වෙනවා. අනතුරු ඇඟවීමේදී, විශ්වාසදායක තොරතුරු ලබා දීමට Facebook user ලාව එයාලගෙ COVID-19 information center එකට සම්බන්ධ කරනවා. මේ ආකාරයෙන්, Facebook සමාගම බලාපොරොත්තු වෙන්නේ ගෝලීය සෞඛ්‍ය බලධාරීන් විසින් සපයන තොරතුරු සමඟ users ලාව සම්බන්ධ කිරීමයි.ජුනි මාසයේදී Facebook සමාගම දින 90 කට වඩා පරණ articles සඳහා notification screen එකක් add කරන්න පටන් ගත්තා. මෙම addition එකත් සමඟ, userලට වසර ගණනාවක් තිස්සේ Facebook platform එකේ circulate වෙන articles share කරනවද යන්න පහසුවෙන් දැනගන්නට පුළුවන්.රජයේ සෞඛ්‍ය බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පිළිගත් ගෝලීය සෞඛ්‍ය සංවිධාන විසින් පළ කරන contents පිළිබඳව Facebook එක විසින් මේ අලුත් warning banner එක add නොකරන බව කියලා තියෙනවා. Facebook සමාගම කියන්නේ මේ පියවර විශ්වසනීය සෞඛ්‍ය බලධාරීන්ගේ තොරතුරු මන්දගාමී වීම වළක්වාලීමට සිදුකරපු දෙයක් බවයි.Source:Facebook Blog |
Twitch වැනි PC game streaming සේවාවක් හදුන්වාදීම සඳහා TikTok සමාගම අත්හදා බැලීම් වල නිරත වේ | TikTok විසින් ඔවුන්ගේම නවතම Desktop Streaming App එකක් නිකුත් කිරිමට සුදානමින් සිටින අතර මේ වෙන විට එහි අවසන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටිනවා. මෙය TikTok Live Studio නමින් නම් කර ඇති අතර මේ ඔස්සේ Games හා අනෙක් Desktop Applications ආදිය Live Broadcast කිරිමේ හැකියාව ලබා දෙනවා.මේ ඔස්සේ ඔවුන් විසින් TikTok Live තුලට Game Streaming ආදිය ගෙන ඒමට සුදානමින් සිටින අතර Twitch, YouTube Gaming හා Facebook Gaming ආදි Live Gaming Streaming Platformsවලට මේ මගින් තරගයක් ලබා දෙනු ඇති බව නිසකයි.මේ වෙන විට සුළු පිරිසකට පමණක් මේ TikTok Live Studio Application එක බාගත කර ගැනිමේ හැකියාව ලබා දි ඇති අතර ඔවුන් දක්වා තිබෙන ආකාරයට මේ Streaming Application එක Landscape හා Portrait ආකාරවලින් ද Stream කිරිමේ හැකියාව ඇති අතර අමතරව Draw footage from Games, individual programs, mobile devices & cameras ආදි පහසුකම් ද ලබා දි තිබෙනවා.තවමත් ඔවුන් විසින් නිල වශයෙන් මේ TikTok Live Studio නිකුත් කරන්නේ කවදා දැයි යන්න පිළිබඳ ප්‍රකාශ කර නොමැති අතර මෙහි වැඩි විස්තරTikTok Live Studioසදහා වෙන වෙබ් පිටුවේ දක්වා තිබෙනවා.Sources:The Verge,Tech crunch |
iPad සඳහා පළමු WhatsApp Beta සංස්කරණය නිකුත් කරයි | Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබටමේ ඔස්සේනැවත කියවිය හැකියි.Apple iPad පරිශීලකයන්ට බොහෝ කලෙක සිට තිබූ ගැටලුවක් වූයේ, iPad එකට Normal WhatsApp App එක සහාය නොදැක්වීමයි. මේ හේතුවෙන් ඔවුන්ට සිදු වූයේ WhatsApp Web හරහා Account එක Link කොට භාවිතා කිරීමයි.කෙසේ වෙතත් මීට පිළියමක් වශයෙන් Meta සමාගම විසින් iPad සඳහා ප්‍රථම WhatsApp Beta සංස්කරණය නිකුත් කොට තිබෙනවා.Source:wabetainfo.comකෙසේ වෙතත් මෙය භාවිතා කිරීමටද ඔබ විසින් ඔබගේ දුරකථනයේ ඇති WhatsApp ගිණුම QR Code එක Scan කිරීම මඟින් Link කර ගත යුතුවනවා.මේ වන විට මෙහි Beta Program එක සම්පූර්ණයෙන්ම පිරී ඇති අතර එයට අලුතින් කිසිවෙකුටවත් Join විය නොහැකි අතර මෙය නුදුරේදීම සියලුම පරිශීලකයන් සඳහා නිකුත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:wabetainfo.com |
Virus වලින්, ransomware වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න අනිවාර්යෙන්ම තිබිය යුතු Virus guard 03 මෙන්න | මේ වෙනකොට පරිගණක ලෝකයේ පවතින විශාලතම ප්‍රශ්නයක් වන්නේ වෛරස් සහ ransomware නිසා පරිගණක වල දත්ත වලට හානි සිදුවීම. මේ සඳහා පෙර සූදානම් ලෙස අපිට කල හැකි හොඳම දේ වන්නේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කර ගැනීමයි. මේ අපට භාවිතා කල හැකි හොඳ ප්‍රතිවෛරස මෘදුකාංග 03කි.Kasperskyලෝකයේ තියෙන ජනප්‍රියතම සහ හොඳ Virus guard මෘදුකාංගයක් ලෙසින් Kaspersky අපට හැදින්විය හැකියි. Kaspersky සමාගම ලෝකයේ ප්‍රමුඛ පෙලේ Virus guard නිපදවන ආයතනයක් ලෙසින් නම් දරන ආයතනයක් වන අතර වසර ගණනාවක් පුරාවට අඛණ්ඩව ඔවුන්ගේ සේවාව ලබා දෙමින් පරිගණක රැසකට ආරක්ෂව සපයනු ලබනවා.Kaspersky විසින් පෞද්ගලික පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්‍රචලිතම මෘදුකාංග දෙක ලෙසින් Kaspersky Internet Security සහ Kaspersky Total Security හැදින්විය හැකියි. මෙම මෘදුකාංග ද්විත්වයම ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙන් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.Kaspersky Internet SecurityKaspersky Internet Security 1 Device 1 Year SubscriptionBuy now at LKR 1,750Kaspersky Total SecurityKaspersky Total Security 1 Device 1 Year SubscriptionBuy now at LKR 2,200BitdefenderBitdefender කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ , විශාල පිරිසකගේ හිත් දිනා ගනිපු ප්‍රතිවයිරස් වැඩසටහනක්. 2012 සිට වසර කිහිපයකදීම ලොව හොදම Antivirus හා Internet Security එක විමට Bitdefender ට පුලුවන් වුනා.ඔබ නිතරම අන්තර්ජාලය භාවිතා කරනවා නම්, ඔබ අනිවර්යෙන්ම භාවිතා කල යුත්තේ Bitdefender Total Security මෘදුකාංගයයි. වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංග මෙන් නොව Bitdefender Total Security පරිගණකය තුල ධාවනය වීමේදී system resources වලින් භාවිතා කරනු ලබන්නේ බොහොම සුළු ප්‍රමාණයකි.මෙම ප්‍රතිවෛරස මෘදුකාංගය ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙන් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.Bitdefender Total Security 2022 Antivirus SoftwareOriginal Bitdefender Total Security 2022 Antivirus Software for Windows, macOS, Android & iOS with VPN (1 Year, 1 Device, Email Delivery)Buy now at LKR 2,300ESETESET යනු ලොව ඇති තවත් එක් ප්‍රමුඛ පෙළේ ප්‍රතිවෛරස මෘදුකාංගයකි. මෙය විශේෂයෙන්ම Ransomware මාදිලියේ අනිෂ්ඨ මෘදුකාංග හදුනාගෙන ඒවා පරිගණකයට ආසාදනය වීම වළක්වනු ලබන ප්‍රතිවෛරස මෘදුකාංග අතුරෙන් ඉදිරියෙන්ම සිටිනවා.ඊට අමතරව මේ සමඟින් ඔබට phising attacks වළක්වාගැනීමේ පහසුකමද, අන්තර්ජාලය හරහා බැංකුවට ප්‍රවේශ වීමේදී ආරක්ෂාව ලබා දෙන පහසුකමද, ඔබගේ පරිගණකය නැති වුවහොත් එය සොයා ගැනීමට හැකියාව ඇති Anti Theft පහසුකමද ඇතුලූව තවත් පහසුකම් රැසක් ලැබෙනවා.ESET Internet Security ප්‍රතිවෛරස මෘදුකාංගය ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව පවතින අතර වසරක් සඳහා වන මිල සහ බලයලත් නියෝජිතයෙකුගෙන් මිලදී ගත හැකි ආකාරයද පහතින් දැක්වෙනවා.ESET Internet Security 2022Genuine ESET Internet Security 2022 Antivirus Software for Windows, macOS, Linux & Android Devices (1 Year, 1 User, Email Delivery)Buy now at LKR 2,600සැ.යු. ඉහත දක්වා ඇති සියළුම මිලදී ගැනීම ඔබට Daraz වෙබ් අඩවිය හරහා සිදු කල හැකි අතර, අප විසින් ලබා දී ඇත්තේ Daraz වෙබ් අඩවියේ වෙළදාමේ නිරත වන Flagship stores වල links පමණි. |
OnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Peiගේ Nothing සමාගම නව Wireless Earbuds නිකුත් කිරීමට සූදානම් වේ | OnePlus සමාගමේ සම නිර්මාතෲ ලෙස කටයුතු කල Carl Pei විසින් OnePlus සමාගමෙන් ඉවත්වීමෙන් පසු Nothing නම් වූ නව audio startup එකක් ආරම්භ කලා. පසුගිය දෙසැම්බරය වන විට Nothing සමාගම සතුව ඇමරිකානු ඩොලර් මිලියන 7ක අරමුදලක් පැවති අතර GV සමාගම (පෙර Google Ventures ලෙස හැඳින්වූ) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15ක අරමුද ලබා දී තිබෙනවාමෙම නව මිලියන 15ක අරමුදල් එකතු වීමත් සමඟ Nothing සමාගමේ මූ අරමුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 22 දක්වා ඉහල ගොස් ඇති අතර මීට පෙර ආයෝජකයන් ආයෝජනය කර තිබූ ඩොලර් මිලියන 7 අතර iPod එක සඳහා ආයෝජනය කල Tony Fadell, ලෝක ප්‍රසිද්ධ YouTuber කෙනෙක් වන Casey Neistat, Twitch co-founder Kevin Lin, Reddit CEO Steve Huffman සහ Product Hunt CEO Josh Buckley යන අයවලුන් එම ආයෝජායන්ගේ ලැස්තුවට ඇතුලත් වනවා.GVහි General Partner වශයෙන් කටයුතු කරන Tom Hulme විසින් මෙම ආයෝජනය පිළිබඳ අදහස් දක්වා ඇත්තේ පහතාකාරයටය.“Pei’s vision for smart devices is compelling. We have high confidence that with Carl’s global mindset, the Nothing team will have a meaningful impact on the market for consumer technology,”Bloombergහි වාර්තාවකටඅනුව මේ වන විට Nothing සමාගම විසින් wireless earbuds දෙකක් නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඔවුන් විසින් තමන්ගේ ප්‍රථම නිෂ්පාදනය මෙම වසරේ ජූලී මාසය වන විට එලිදැක්වීමට බලාපොරොත්තු වන අතර අනෙකුත් නිෂ්පාදනයන් මෙම වසර අගදී නිපදවීමට බලාපොරොත්තු වනවා.“We’re building an ecosystem of smart devices. We’ll start with simpler products, wireless earbuds. We’re going to have multiple products throughout the year, not just audio products, and eventually we want to build it so these devices talk to each other,”යනුවෙන් Pei විසින් Bloomberg වෙත ප්‍රකාශ කර තිබෙනවා.Nothing ස්මාගම යටතේ නිපදවෙන මෙම ප්‍රථම wireless earbuds අයත් වන්නේ කුමන මිල කාණ්ඩයටද යන්න මේ වනතුරුත් කිසිඳු අදහසක් හෝ තොරතුරක් හෙලි නොකර ඇති නමුත් මෙම ප්‍රථම නිෂ්පාදනය Sony සමාගමේ WF-1000MX3 සහ Apple සමාගමේ AirPods Pro සම්ඟ ලබාදෙන විශේෂාංග සහිතව ලබා දෙනු ඇතැයි මත පලවෙනවා.ඒ කෙසේ වෙතත් Nothing සමාගම විසින් OnePlus සමාගම ගමන් ගත් මගෙහිම ගමන් කරමින්, ඔවුන්ගේ premium wireless earbuds හරහා AirPods Pro හෝ ඊට සමාන features වලින් යුතු wireless earbuds දෙකක් අඩු මිලට වෙළඳපලට නිකුත් කිරීම හරහා entry-level/mid-range wireless earbuds වෙළඳපල ආක්‍රමණය කිරීමේ සූදානමක සිටින බව අපගේ මතයයි.Source:Bloomberg |
Snapdragon 8 Gen 1 chipset එක සහිත ලොව ප්‍රථම Xiaomi ජංගම දුරකථනය ලෙස Xiaomi 12 මාදිලිය එලි දැක්වීමට එම සමාගම කටයුතු කරයි | Qualcomm Snapdragon 8 Gen 1 Flagship Chipset එක මගින් සමන්විත වෙන පළමු Xiaomi Flagship Devices Series එක විදිහට ඊයේ Xiaomi 12 Series එක නිල වශයෙන් එළිදැක්වීමට Xiaomi සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. මේ Xiaomi 12 Series එක Xiaomi 12, Xiaomi 12X හා Xiaomi 12 Pro ලෙස Devices තුනකින් සමන්විත වෙනවා.මින් Xiaomi 12 සහ Xiaomi 12 Pro Devices දෙක Snapdragon 8 Gen 1 Chipset එකෙන් සමන්විත වුවත් මිල සදහා ප්‍රමුඛත්වය දි ඇති Xiaomi 12X Devices එක Qualcomm Snapdragon 870 Chipset එකෙන් යුතුව නිෂ්පාදනය කරන්න Xiaomi සමාගම විසින් කටයුතු කර තිබෙනවා.Xiaomi 12Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Flagship Devices එකක් සදහා යොදා ගනු ලැබු කුඩාම Screen එකකින්, එනම් අගල් 6.28ක Samsung AMOLED Display එකකින් මෙය සමන්විත වෙනවා. මෙය FHD+, 120Hz Display Refesh Rate එකකින් ද යතු වෙන අතර Gorilla Glass Protection එකෙන් යුතු වෙන අතර Under Display Fingerprint Scanner එකකුත් ලබා දි තිබෙනවා.Xiaomi 12 Device එක සදහා 50MP Sony IMX 766 Sensor එකකින් යුතු Triple Camera Setup එකක් ලබා දි ඇති අතර අනෙක් Sensors විදිහට 13MP Ultrawide Camera Sensor එක හා 5MP Tele-macro camera එක ලබා දි තිබෙනවා. ඒ වගේම 32MP Selfie Camera එකකුත් ලබා දි තිබෙනවා.67W Wired Fast Charging හා 50W Wireless Charging මෙන්ම 10W Wireless Reverse Charging පහසුකම් ද ලබා දි ඇති මේ Device එක සදහා 4500mAh Battery එකක් ලබා දි තිබෙනවා. මෙය Black, Blue හා Pink colors වලින් වගේම විශේෂ Green vegan leather Version එකකිනුත් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.Xiaomi 12 ProXiaomi 12 Pro Model එක අගල් 6.73ක 2K Resolution එකකින් යුතු AMOLED Display Panel එකක් සහිත වෙන අතර LTPO 2.0 තාක්ෂණය ඔස්සේ Display Refesh Rate එක 1Hz සිට 120Hz දක්වා පරාසයේ වෙනස් විමට ඉඩ දෙනු ලබනවා. Display එක Gorilla Glass Protection එකෙන් යුතු වෙන අතර Under Display Fingerprint Scanner එකකුත් ලබා දි තිබෙනවා.Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 12 Pro Device එක සදහා 50MP බැගින් වු Triple Camera Setup එකක් ලබා දි තිබෙනවා. Primary Camera Sensor එක සදහාSony IMX707 Sensor එකකුත් Portrait Lens එක සදහා 50MP Sensor එකකුත් Ultra Wide Camera එක සදහා 50MP Sensor එකකුත් ලබා දි තිබෙනවා. ඒ වගේම 32MP Selfie Camera එකකුත් ලබා දි තිබෙනවා.4,600 mAh Battery එකක් ලබා දි තිබෙන අතරම 120W Wired Fast Charging පහසුකමත් 50W Wireless Fast Charging පහසුකමත් ලබා දි තිබෙන අතර මෙහි Power Management සදහා Xiaomi සමාගමේමනව Surge P1 Charging Chip එක ඇතුළත් කර තිබෙනවා.මීට අමතරව Harman/Kardon Tuned Dual Speaker Setup එකක් හා IP68 Water & Dust Resistance පහසුකම් ලබා දි තිබෙනවා. මෙය Black, Blue හා Pink colors වලින් වගේම විශේෂ Green vegan leather Version එකකිනුත් වෙළෙඳපොළට නිකුත් වෙනු ඇත.Xiaomi 12XXiaomi 12 Series එකෙන් තුන්වෙන මෙන්ම Budget Device එක ලෙස හදුන්වා දී ඇති මේ Xiaomi 12X Device එක අගල් 6.28ක AMOLED Display එකකින් සමන්විත වෙන අතර එය 120Hz Display Refesh Rate එකකින් යුතු වෙනවා.ඒ වගේම මෙය 50MP Primary Camera Sensor එකක් සහිත Triple Camera Setup එකකින් සමන්විත වෙන අතරම මේ සදහා 32MP Selfie Camera එකක් ලබා දි තිබෙනවා.Snapdragon 870 Chipset එකෙන් සමන්විත වෙන මේ Xiaomi 12X Device එක සදහා 4500 mAh Battery එකක් ලබා දි තිබෙන අතර 76W Fast Charging පහසුකම ලබා දි තිබෙනවා. මේ Device එක සදහා Wireless Charging පහසුකම ලබා දි නැ.මිල ගණන්Xiaomi 12 Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $581 ක් පමණ ද, 8GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $628 ක් පමණ ද, 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $691 ක් පමණද වෙනු ඇත.Xiaomi 12 Pro Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $738 ක් පමණ ද, 8GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $785 ක් පමණ ද, 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $848 ක් පමණද වෙනු ඇත.Xiaomi 12X Device එකේ 8GB RAM එකකින් හා 128GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $502 ක් පමණ සහ 12GB RAM එකකින් හා 256GB Internal Storage එකකින් යුතු Mode එක ඩොලර් $596 ක් පමණද වෙනු ඇත.Xiaomi 12 Series එක Android 12 මත පදනම් වු ඔවුන්ගේ MIUI 13 සමග නිකුත් වෙනු ඇති අතර 2022 වසර මුලදි Global Market එක සදහා මේ Series එක නිකුත් විම සිදු වෙනු ඇත. දැනට දෙසැම්බර් 31 සිට චීනය තුලදි මේ Xiaomi 12 Series එක මිලදි ගැනිමේ හැකියාව තිබෙනවා.Sources:Gizmochina,Android Authority |
Mobile games නොමිලේ play කිරීම සඳහා Facebook සමාගම විසින් cloud gaming සේවාවක් හඳුන්වාදේ | Cloud Gaming කියන්නෙ මෑත අතීතයේ කරලියට ආපු online streaming service එකක්. ඉතින් වර්තමානය වන විට අපි හැමෝම දන්නවා අපිට සාමාන්‍ය ලොකු Game එකක් lag වෙන්නෙ නැතුව smooth විදිහට play කරන්න අවශ්‍යයි නම් අපිට ඒ game එකට ගැලපෙන specifications අපේ පරිඝනකය හෝ ජංගම දුරකතනය සතු වෙන්න ඕනෙ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි මේ Cloud gaming technology එක එලියට එන්නෙ.ඉතින් අපි කැමති ඕනෙම game එකක් අපිට මේ cloud gaming service එක හරහා play කරන්න පුලුවන්. මේකට අපිට අවශ්‍ය වෙන්නෙ ඉහල වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවක් විතරයි. අපි කැමතිම game එකක් අන්තර්ජාලය හරහා අපිට stream කරන එක තමයි මේ service එකේදි වෙන්නෙ. ඉතින් ඒ හරහා අපි කැමතිම games smooth විදිහට play කරන්න අපිට හැකි වෙලා තියෙනවා.දැනටමත් Amazon Luna , Google stadia , GeForce Now වගේ cloud gaming services විශාල ප්‍රමානයක් භාවිතයට මිනිස්සු හුරු වෙලා තියෙනවා. ඉතින් Facebook cloud gaming කියන්නෙ මේ cloud gaming දැවැන්තයන්ගේ තරඟයට අලුතෙන්ම ආපු සාමාජිකයා. ඉතින් අපි බලමු කොහොමද Facebook cloud gaming service එක වැඩ කරන්නෙ කියලා.ඉතින් Facebook සමාගම එයාලගෙ මේ අලුත්ම cloud gaming service එක ලෝකෙට ඉදිරිපත් කරනවා කියලා මුලින්ම නිවේදනය කරන්නෙ 2020 සැප්තැම්බර් මාසයේදීයි. නමුත් Facebook සමාගම එයාලගෙ cloud gaming service එකට මුල්ම games ටික ඇතුලත් කරන්නෙ 2020 ඔක්තෝබර් මස 26 වන දිනයි. ඉතින් Facebook සමාගම කියන විදිහට එයාලගෙ service එක හරහා එලි දක්වපු පලවෙනිම game එක තමයි Asphalt 9 : legends කියන්නෙ.ඊට අමතරව Mobile legends : adventure , PGA TOUR Golf shoot out , Solitaire Arthurs' tale , WWE Super card , Dirt bike unchained වගේ තවත් ගොඩක් games Facebook සමාගම මුල්ම සති කිහිපය තුල එලි දක්වන්න කටයුතු කරන කරනවලු. ඒ වගේම දැනටමත් Facebook beta tester සියලුම දෙනාට මේ cloud gaming service එක භාවිතා කරන්න පුලුවන් කියලා තමයි Facebook සමාගම කියන්නෙ.ඒ වගේම Facebook සමාගම විශ්වාස කරනවා එයාලගෙ මේ cloud gaming service එක ඉතා දිගු කාලයක් ඉදිරියට කරගෙන යන්න පුලුවන් වෙයි වගේම විශාල වූ පරිශීලකයන් ප්‍රමානයක්ද ඔවුන් සමඟ අත්වැල් බැඳගනියි කියලා.Facebook සමාගම පවසන්නේ mobile games හරහා එයාලගෙ cloud gaming service එක හඳුන්වා දීමට හේතුව විදිහට පරිශීලකයන්ට නොමිලයේම මේ service එක හරහා games play කිරීමට උනන්දු කිරීමයි. ඒ වගේම Facebook සමාගම කියන්නේ එයාලට හැකි උපරිමයෙන් මේ service එක දියුනු කරන බවයි. ඒ වගේම සියලුම categories වලට අදාල games ද Facebook සමාගම විසින් එයාලගෙ cloud gaming service එක හරහා නිකුත් කරන බවද ඒ වනතෙක්ම කිසිදු මුදලක් ලබා නොගෙන එයාලගෙ මේ service එක දිගටම Facebook gaming හරහා පරිශීලකයන්ට ලබා දෙන්නත් Facebook සමාගම පොරොන්දු වෙලා තියෙනවා.Sources:Facebook Developer Spotlight |
ගත වු 2022 වසරේ Google සමාගමේ ගමන් මඟේ එලිදැක්වුනු වැදගත්ම තාක්ෂණික උපාංග පිලිබඳ යලි විමසුම | 2022 වසර අවසන්ව 2023 වසර එළඹෙන මේ මොහොතේ Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටි පාඨක ඔබ සැවොම දැනුමෙන් යාවත්කාලීන කිරීම සඳහා අප බැඳී සිටි බව ඔබ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. විවිධ විෂය පථයන් ඔස්සේ ඔබ වෙත යාවත්කාලීන තොරතුරු පිරිනැමූ අප විසින් මෙම ලිපිය ඔස්සේ ලබාදෙන්න්නේ ගෙවී ගිය පසුගිය වසර තුළ එනම් 2022 වසර තුළ Google සමාගමේ සමාලෝචනයක් වේ.Source:unsplash.comගෙවී ගිය පසුගිය මාස 12ක කාලය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ Google සමාගම විසින් වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමට අවධානය යොමු කළ කාලයක් විය. මන්දයත් අනෙක් සමාගම් හා ඇති තරඟකාරීත්වය අභිභවා ගමන් කරමින් දුරකථන, Smart Watch සහ අනෙකුත් තාක්ෂණික උපාංග හා සේවා වැඩිදියුණු කළ වසරක් ලෙස 2022 වසර සැලකිය හැකිවේ.Google Pixel Watch2020 වසරේ සිට වසර ගණනාවක් ඔස්සේ නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් සමග ඉදිරියට පැමිණි Google Pixel Watch අවසානයේ මෙම වසරේ දී Pixel 7 දුරකථන පෙළ සමග නිකුත් වීම සිදුවිය. මෙම Smart Watch එක සලකන විට සමස්ථයක් වශයෙන් පරිශීලකයන් අතර ජනප්‍රියතාවයට පත් වූවා සේම එහි සියලුම Fitness Features අන්තර්ගත වීමත් එමෙන්ම Apps අන්තර්ගත වීමත් දැකිය හැකි ලක්ෂණයකි.නමුත් යම් පසුබෑමක ලක්ෂණයක් ලෙස මෙහි බැටරි ආයු කාලය සැලකිය හැකිවේ. එයට හේතුව වන්නේ එහි ආයුකාලය දින 1කට පමණ සීමා වීමයි. නමුත් සමස්ථයක් ලෙස සලකන විට මෙය ඉතාමත් හොඳ මට්ටමේ Smart Watch එකක් වන අතර වෙළඳපොළේ පැවති අනෙකුත් මාදිලි සඳහා ඉතාමත් හොඳ තරඟකාරී වටපිටාවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාගැනීමට හැකිවිය. එලෙස වෙළඳපොළ තුළ සාර්ථක වීම සඳහා අනෙකුත් මාදිලි වලට සාපේක්ෂව මිලෙහි වූ අඩුවීම ද සැලකිය හැකිවේ.Source:blog.google.comGoogle Pixel Buds ProGoogle Pixel දුරකථන මාදිලියේ එළිදැක්මත් සමගම තම පාරිභෝගිකයන් සඳහා වෙළඳපොල වෙතට Wireless Earphone එකක් නිකුත් කිරීම සඳහා Google සමාගම කටයුතු කරන ලදී.Source:notebookcheck.netGoogle Pixel Buds Pro සලකන විට එය නවතම පහසුකම් වලින් සමන්විත වන නමුත් මෙහි වූ Audio Tuning පහසුකම තරමක පසුබෑමක් ඇති කිරීමට හේතු විය. පසුකාලීනව මේ සඳහා Built-in-equalizer සමග ශබ්ද පාලනය කිරීමේ හැකියාවක් එක් කිරීමට සමාගම තීරණය කරන ලදී. එමෙන්ම පරිශීලකයන් තුළ මෙහි ජනප්‍රියතාවය වැඩිවීම සඳහා හේතුවක් වන්නේ එහි සුවපහසු බවයි.මෙය පැළඳීමේදී කනට වඩා සුවපහසුවක් මෙන්ම දිගු කාලයක් පැළඳ සිටීමට හැකියාවක් ඇතිවීම මෙහි විශේෂත්වයයි. එමෙන්ම අනෙක් මාදිලිවල earbuds වලට සාපේක්ෂව වැඩි බැටරි ආයු කාලයක් සහිත වීම ද දැකිය හැකිවේ. Google සමාගම් මගින් මින් පෙර මෙම ආකාරයේ පහසුකම් සහිත Earbuds නිකුත් නොකළ නමුත් මෙය පළමු පියවරක් ලෙස ඉතාමත් හොඳ පියවරක් ලෙස සැලකිය හැකිවේ.Google Pixel 7 Series සහ Tensor G2Android වැඩකාරයෝ අප විසින් Google Pixel 7 සහ 7 Pro දුරකථන පෙළ පිළිබඳව ඔබ වෙත ලිපි ගෙන ආවෙමු. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහාමෙම සබැඳියඔස්සේ පිවිසීමට ඔබට හැකියාව ඇත. Google සමාගම පසුගිය වසරේ එනම් 2021 වසරේ දී නිකුත් කළ Google Pixel 6 දුරකථන පෙළ සලකන විට එය තරමක පසුබෑමක් ඇති කිරීම සඳහා හේතු වූ සාධක රැසක් ඇතිවිය.එම හේතුව නිසාවෙන් මෙම වසරේ දී Google Pixel 7 දුරකථන පෙළ නව උපාංගයන් රැසක් සමගින් නිකුත් කිරීම සඳහා Google සමාගම කටයුතු කරන ලදී. ඒ සමගම දුරකථනය වෙත Tensor G2 Processor එකක් ලබාදීමද සිදුවූ අතර එය පෙර පැවති දුරකථන වලට සාපේක්ෂව වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් ඇති කිරීම සඳහා හේතුවිය.G2 ප්‍රොසෙසරයේ ඇතිවූ බැටරි ආයු කාලය අඩුවීම සහ ක්‍රියාකාරීත්වයේ අඩුවීම පිළිබඳව සලකා බලා මෙම Pixel 7 දුරකථන පෙලට යාවත්කාලීන කරන ලද Tenor G2 ප්‍රොසෙසරයක් එකතු කිරීමට Google සමාගම කටයුතු කරන ලදී.Source:androidwedakarayo.comAndroid 13මෙම වසරෙ තුළ නිකුත් කළ Android 13 මේ වන විට පවතින නවතම Android සංස්කරණය ලෙස සැලකිය හැකිවේ. Android 12 සංස්කරණයට සාපේක්ෂව මෙම සංස්කරණයේ ඉතා ඉහළ දියුණුවලක් මෙන්ම ඉදිරි පිම්මක් තබ ඇති බවට මාධ්‍ය වාර්තා කරනු ලැබුවේය. Android 12 වලට සාපේක්ෂව මෙහි ආරක්ෂාව සහ අනෙකුත් Build in features ඇතුළත් වීම පරිශීලකයන් තුළ මහත් ප්‍රසාදයක් ඇති කිරීම සඳහා හේතු විය.මෙම වසර තුළදී නිකුත් වූ ඉහත සඳහන් කළ උපාංග මෙන්ම 2023 වසරේ නිකුත් වීමට නියමිතව පවතින නිශ්පාදනයන් කිහිපයක් පිළිබඳවත් Google සමාගම විසින් මෙම වසර තුළදී සඳහන් කරනු ලැබුණි.Google Pixel TabletSource:xdadevelopers.comවසර ගණනාවක් තිස්සේ Android මෙහෙයුම් පද්ධතිය සහිත වන Tablets වෙළඳපොළ වෙත නිකුත් වූවත් එහි ඵලදායී ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා Google සමාගම වෙත හැකියාවක් නොලැබුණි. එයට හේතුවක් ලෙස සඳහන් කරනු ලබන්නේ Tablets සඳහා සුදුසු වන අන්දමේ නියමිත Android සංස්කරණයක් නොමැති වීමයි. කෙසේ නමුත් මෙම වසරේ Android 12L සංස්කරණය නිකුත් කිරීමත් සමගම Google සමාගම Android Tablets නිකුත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් කරනු ලැබීය.Source:developer.android.comAndroid 12L විශේෂිත වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි. මෙහි පවතින Split-Screen පහසුකම, Lock Screen Layout හි සැකැස්ම වඩාත් Tablets සඳහා විශේෂිත වන පරිදි නිර්මාණය කර ඇත.එසේම යෙදවුම අතර මාරුවීම සඳහා නවතම Taskbar එකක් ලබාදීම ද එම Google හා සම්බන්ධ යෙදවුම් Tablet හි ස්ථාපිත කිරීම සඳහා විශේෂිත ආකාරයකින් පැවතීම යන කාරණා සියල්ලම සලකන විට මෙම Android 12L සමග 2023 වසරේදී නිකුත් වීමට නියමිත Google Pixel Tablet පරිශීලකයන් සඳහා නව අත්දැකීමක් ලබාදෙනු ඇති බවට බොහෝ විචාරකයන් මත පළකරයි.ලොව ප්‍රමුඛතම සමාගමක් වන Google සමාගම විසින් මෙම වසර තුළ දී නිකුත් කළ නිශ්පාදනයන් අතරින් කිහිපයක් පිළිබඳව විග්‍රහයක් අප විසින් ඔබ වෙත ගෙන ආවෙමු. 2023 වසරේ දී ද මෙම වසරට සාපේක්ෂව ඉතා ඉහල තාක්ෂණික දියුණුවක් ලබාගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙවැනිම තාක්ෂණික පුවත් රැසක් සමග ඔබගේ දැනුම යාවත්කාලීන කර ගැනීම සඳහා අප සමග ඉදිරියේදීත් රැඳී සිටින්න.Sources:Developer.androidStore.googleAndroidpolicenotebookcheck |
OnePlus නිර්මාතෲගේ නව ජංගම දුරකතනය Nothing (1) එලි දැක්වීම ජූලි 12 වෙනිදා | ඔබට මතක ඇති අප මීට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවාOnePlus සමාගමේ සම නිර්මාතෲ Carl Pei එම සමාගමෙන් ඉවත්ව ගොසින් Nothing නමින් සමාගමක් පිහිටුවා ගත් අතර එම සමාගම යටතේ ජංගම දුරකථනයක් එළිදැක්වීමට නියමිතව පවතින බව.ඊයේ දිනයේදී Nothing සමාගමේ පළමු Smart Phone එක වන Phone (1) ජංගම දුරකථනයේ පළමු ජංගම දුරකථන 100 වෙන්දේසිය ආරම්භ කරනු ලැබු අතර Marques Brownlee විසින් මේ ජංගම දුරකථනයේ 1st Look Video Clip එකක් Youtube සදහා එක් කර තියෙනවා.ඒ වගේම Nothing සමාගමේ නිල Twitter ගිණුම ඔස්සේ ඔවුන් පළමු Smart Phone එක වෙන Phone (1) ජංගම දුරකථනය ජුලි මස 12 වෙනි දින නිල වශයෙන් එළිදැක්විමට නියමිත බව දක්වා තිබෙනවා.Bold. Warm. Full of soul.A return to instinct.This is phone (1).Tune in on 12 July to hear all about it:https://t.co/FEJL4Jb2Awpic.twitter.com/5XUbvo8dwZ— Nothing (@nothing)June 15, 2022Transparent Smart Phone එකක් වෙන මේ Phone (1) ජංගම දුරකථනය ඉන්දියාවේදි නිපදවෙන අතර Snapdragon Chipset එකක් මගින් බලගැන්වෙනු ඇති අතර එය Android 12 මගින් සමන්විත වෙනු ඇත.දැනට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව මෙය Snapdragon 7 Gen 1 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර 50MP Rear Camerasවලින් සමන්විත වෙනු ඇත. එමෙන්ම මෙය 45W Fast Charging සදහා සහය දක්වනු ඇති අතර 90Hz Refresh Rate එකකින් යුතු Display එකක් ද ලබා දී තිබෙනවා. එමෙන්ම මේ ජංගම දුරකථනය සදහා LED Light Setup එකක් ද ලබා දී තිබෙනවා.Sources:Beebom |
Intel සමාගම විසින් Iris Xe Graphics ඇතුලත් තම නවතම 11th-gen Tiger Lake Processors නිවේදනය කරයි | Intel සමාගම සිය නවතම පරම්පරාවේ processor එක වන Tiger Lake 11th-generation chip එක announce කරලා තිබෙනවා. මේ නවතම චිප් එක හරහා ඔවුන් Thunderbolt 4 support, WiFi 6 ඇතුළු බොහෝ features ලබා දීමට කටයුතු කර තිබෙනවා. Intel සමාගම විසින් සිදුකර ඇති නිවේදනය පරිදි laptop සදහා වන processor ඉලක්ක කොට ගෙන thin and light laptops වෙනුවෙන් U-series processors එළිදැක්වීමට නියමිතයි.Intel සමාගම නිවේදනය ඇති පරිදි processor 9ක් ඇති අතර Core i7-1185G7 එහි ිහලම බලයකින් යුතු චිප් එක ලෙස පවතිනවා. මෙය 4 cores/ 8 threads වෙන අතර base frequency 3.0GHz වෙනවා. එය Intel සමාගමේ නවතම Iris Xe graphics සමග පැමිණෙන අතර i7-1185G7 හිදී Iris Xe graphicsහි වේගය 1.35GHz දක්වා ඉහළ යන බව ප්‍රකාශ කර තිබෙනවා.Tiger Lake Intel සමාගමේ දැනට පවතින Ice Lake chips වගේම 10nm process වලින් නිපදවලා තියෙන්නේ. Intel සමාගම පවසන්නේ නව processor Willow Core architecture අනුව නවතම '10nm SuperFIN' design upgrade ඇති බවයි. සමාගම පවසන්නේ මෙය අඩු බලශක්තියක් භාවිතයෙන් වැඩි වේගයක් ලබාදෙන බවයි.Intel සමාගම නිවේදනය කල සියලුම processer පහතින් දැක්වේ.ProcessorCores/ ThreadsBase ClockBoost ClockBoost Clock (Single Core)GraphicsTDPCore i7-1185G74/83.0GHz4.3GHz4.8GHzIris Xe12-28WCore i7-1165G74/82.8GHz4.1GHz4.7GHzIris Xe12-28WCore i5-1135G74/82.4GHz3.8GHz4.2GHzIris Xe12-28WCore i3-1125G44/82.0GHz3.3GHz3.7GHzIntel UHD12-28WCore i3-1115G42/43.0GHz4.1GHz4.1GHzIntel UHD12-28WCore i7-1160G74/81.2GHz3.6GHz4.4GHzIris Xe7-15WCore i5-1130G74/81.1GHz3.4GHz4.0GHzIris Xe7-15WCore i3-1120G44/81.1GHz3.0GHz3.5GHzIntel UHD7-15WCore i3-1110G42/41.8GHz3.9GHz3.9GHzIntel UHD7-15WIntel සමාගම Tiger Lake processors processor සමග Xe graphics ද නිවේදනය කරන ලදී. Core i5 හා i7 සදහා Xe graphics ලබාදෙන අතර i3 සදහා UHD graphics පමණක් දිගටම ලබා දේ.සමාගම පවසන ආකාරයට Xe graphics මීට ඉහත පැවති graphics වලට වඩා දෙගුණයක performance ලබාදේ. එමෙන්ම ඔවුන් තම Xe Graphics වල බලය පහතාකාරයට සංසන්දනාත්මක වාර්තාවකින් දක්වා ඇත.Source:TechRepublic |
WhatsAppහි verification system එක භාවිතා කර WhatsApp ගිණුම් සදාකාලිකව අක්‍රිය කල හැකි ක්‍රමයක් සොයා ගැනේ | මේ වෙන විට ඉතා ජනප්‍රිය Messaging Platform එකක් විදිහට WhatsApp හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් පසුගිය කාලයේ ඔවුන්ගේනව Privacy Policy Updateඑකත් සමග සමහර Usersලා WhatsApp ප්‍රතික්ෂේප කිරිම පවා සිදු කරනු ලැබුවා.මැතක සිට WhatsApp User Account අහිමි කිරිමට Hackersලා කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක වෙමින් සිටින බවට අන්තර්ජාල තුල මෙන්ම විවිධ සාමාජ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා වෙමින් පවතිනවා. මෙහිදි WhatsApp Usersලාගේ WhatsApp Account එක ස්ථිරවම අක්‍රිය කිරිමට WhatsApp හි Verification System එක භාවිතා කිරිමක් සිදු වෙන අතර මේ සදහා ලක් වෙන WhatsApp Account සදාකාලිකවම අහිමි වි යන බවත් හෙලි වි තිබෙනවා.Security Researchersලා දෙදෙනෙකු වෙන Luis Marquez Carpintero හා Ernesto Canales Perena විසින් මේ පිළිබඳව සොයාගෙන ඇති අතර ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙලෙස සිදු වෙන Hack කිරිම නිසා WhatsApp භාවිත කරන්නන්ට ඔවුන්ගේ WhatsApp Account සදාකාලිකවම අහිමි වි යා හැකි වෙනවා. මෙලෙස සිදු වෙන Hack කිරිමේ දි වඩාත් භායානක දේ වෙනුයේTwo-factor Authentication (2FA)මගින් හෝ ඔබගේ WhatsApp ගිණුම සුරකිමට නොහැකි විමයි.මේ Remote Account Deactivation Hack කිරිමට භාවිත වෙන්නේ WhatsApp’s ID Verification Architecture එකේ ඇති Security Weaknesses වෙන අතර මේ සදහා ප්‍රහාරකයාට අවශ්‍ය දුරකථන අංකය පමණක් තිබිම ප්‍රමාණවත් වෙනවා.මෙහිදි ප්‍රහාරකයාට විසින් ඔහුගේ WhatsApp App ඔස්සේ අවශ්‍ය දුරකථන අංකය යොදා ඒ සදහා ප්‍රවිෂ්ට විමට කටයුතු කරන අතර මේ අවස්ථාවලදි අදාල දුරකථන අංකයට Login Codes SMS මාර්ගයෙන් ලැබෙන අතර ඒ අවස්ථාවේදි එම දුරකථන අංකයේ හිමිකරුට ඔහුගේ WhatsApp ගිණුම යම් අනිසි ක්‍රියාවකට ලක් වෙන බවට දැන ගැනිමට හැකියාව ලැබෙනවා.කෙසේ වෙතත් මේ Login Codes නොමැතිව ප්‍රහාරකයාට අවශ්‍ය WhatsApp ගිණුම වෙත පිවිසිමට නොහැකි වෙන අතර ඔහු මෙලෙස වැරදි Login Codes ඇතුළත් කිරිම නිසා නව Login Codes Generate කිරිම තාවකාලිකව පැය 12ක් සදහා ස්වයංක්‍රීයවම අත්හිටුවෙනු ලබනවා. එහිදි ප්‍රහාරකයා විසින් Fake Email Address එකක් මගින් WhatsApp Support Mail එක වෙත ඔහුට අක්‍රිය කිරිමට අවශ්‍ය දුරකථන අංකය සදහන් කර එම දුරකථන අංකය හිමි WhatsApp ගිණුම අක්‍රිය කරන ලෙස ඉල්ලිමක් යොමු කරනු ලබනවා.ඉන් පසු WhatsApp විසින් මේ Mail එක පරික්ෂා කිරිමේදි එම දුරකථන අංකයට අදාළව ඇති Failed Login Attempts ද නිසා එම අවස්ථාවේදි එම දුරකථන අංකයට හිමි WhatsApp ගිණුම ඉවත් කිරිමට කටයුතු කරනු ලබනවා. ඉන් පසුව එම දුරකථන අංකයේ හිමිකරුව ඔහුගේ WhatsApp ගිණුම තුලින් ඉවත් කරනු ඇති අතර WhatsApp වෙතින් එම දුරකථන අංකයට අදාලව WhatsApp ගිණුම අක්‍රිය කිරිම පිළිබඳව Email එකක් එවිම සිදු කරනවා.කෙසේ වෙතත් නැවත එම දුරකථන අංකයේ හිමිකරු විසින් ඔහුගේ WhatsApp ගිණුම Reregister කිරිමට උත්සාහ කිරිමේ දි WhatsApp විසින් Login Code එකක් ඔබට එවන අතර එය ඇතුළත් කල යුතු වෙනවා. නමුත් මිට ප්‍රථම වැරදි Login Codes ඇතුළත් කිරිම නිසා මෙලෙස Login Codes Generate විම පැය 12ක් සදහා නැවති ඇති බැවින් නැවත එම දුරකථන අංකයට WhatsApp ගිණුමක් සැදිමට නොහැකි වෙනවා.කෙසේ වෙතත් මේ පැය 12 කාලයට පසුව දුරකථන අංකයේ හිමිකරුට නැවත උත්සාහ කල හැකි අතර ප්‍රහාරකයා විසින් ද නැවත පෙර ලෙසම කටයුතු කල හොත් නැවත් දුරකථන අංකයේ හිමිකරුට ඔහුගේ WhatsApp ගිණුම තුලට ප්‍රවිෂ්ට විමට නොහැකි වෙනවා.ඒ වගේම මෙලෙස යම් උත්සාහ කිරිම් සංඛ්‍යාවකට පසු WhatsApp Core Architecture එකේ පවතින දුර්වලතායක් නිසා Login Codes Generate විමේ කාලය පැය 12ක් යන්න තත්පර -1 ( -1 Second ) කාලයක් සදහා සැකසෙනවා. එනම් Automated Verification System එක එම අවස්ථාවේදි බිද වැටි පවතිනවා.මෙලෙස පද්ධතිය බිද වැටිම නිසා නැවත සදාකාලිකවම එම දුරකථන අංකය මගින් WhatsApp නව Login Codes Generate කිරිමේ හැකියාව අහිමි වි යන අතර ඉන් දින 30කට පසුව එම දුරකථන අංකයට අදාල WhatsApp ගිණුම ස්වයංක්‍රීයවම WhatsApp Database එක තුලින් Delete වි යනු ඇත.මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස පෙනුනද Whatsappහි පවතින මෙම Automated Security Vulnerabilities මගින් Smartphone එකක් ඇති ඕනැම කෙනෙකුට ප්‍රයෝජනයට ගෙන තමන්ට අවශ්‍ය දුරකථන අංකය ඇතුළත් කර එම දුරකථන අංකයට අදාල WhatsApp ගිණුම සදාකාලිකවම අහිමි කර දැමිමේ හැකියාවක් පවතිනවා.මේ ගැටලු නිරාකරණය කර ගැනිමට WhatsApp සදහාMulti Devices Supportඑක ලබා දිමෙන් හැකියාව ලැබෙන බවත් Security Researchersලා වෙන Luis Marquez Carpintero හා Ernesto Canales Perena විසින් පෙන්වා දි තිබෙනවා.ඒ වගේම මේ වෙන විටත් මේ ගැටලුව සදහා විසදුමක් ලැබි නොමැති අතර යම් හෙයකින් ඔබගේ WhatsApp ගිණුම හිමි දුරකථන අංකය වෙතට SMS මාර්ගයෙන් Login Codes ඔබගේ අනුදැනුමකින් තොරව ලැබේ නම් ඔබ වඩාත් සුපරික්ෂාකාරි විම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මෙවන් අවස්ථාව ඔබට WhatsApp Support Team එක සම්බන්ධ කර ගැනිම මගින් ඔබගේ WhatsApp ගිණුමේ ආරක්ෂාව තහවුරු කර ගත හැකි වෙනවා.Source :Beebom |
Windows 11 පරිශීලකයින් සඳහා අලුතෙන් හදුන්වා දුන් Copilot AI පහසුකම අත්විඳිමු | නවතමWindows Copilot AIපිලිබදව අප මිට පෙර ඔබ වෙත ලිපියක් ගෙන ආවා මතක ඇති. අද එය Windows 11 සඳහා සක්‍රිය කරගන්න ආකාරය දැනගමු.මේ සදහා ඔබට Rafael Rivera සහ Lucas විසින් නිර්මාණය කරන ලද GitHubහි ඇති Third-party tool එකක් පාවිච්චි කිරීමට සිදුවන අතර එය "ViveTool" නමින් නම්කර ඇත. Taskbar එක මත "Copilot" Button එක සක්‍රිය කරගත හැකි නමුත් මෙය තවම සම්පුර්ණයෙන්ම ඒකාබද්ධ වී නැත. නමුත් එය කිසිසේත්ම බාධාවක් නොවනු ඇත.Sidebar එකෙන් මෙය පාවිච්චි කිරීමට අවශ්‍ය නම් තවත්commands කිහිපයක් යෙදීමට හා Microsoft Edgeහි "Bing" button එක පාවිච්චි කිරීමටදසිදුවනු ඇත. එවිට ඔබට Microsoft Edge Copilot හෝ Bing Chat Web භාවිතා කරන ආකාරයටම Copilot භාවිත කිරීමට ද හැකි වනු ඇත.Windows 11 හි Copilot පෙරදසුන සක්‍රීය කරමුGithub websiteඑක ගොස්,ViveToolනවතම සංස්කරණය Download කරගන්න.Download කරගත්ViveTool-vx.x.x.zipfile එක extract කරගන්න.Extract කර files, folder එකකට දමා එහි path එක copy කරගන්න.Command Prompt,Run as administratoroption එක යටතේ run කරන්න.cd c:\folder\path\ViveTool-v0.x.xයන command එක cmd එකේ run කරන්න. (අමතක නොකර ඔබ copy කරගත් path එක "c:\folder\path\ViveTool-v0.x.x" කියන තැනට replace කරන්න)vivetool /enable /id:44788892Taskbar එක මත Windows Copilot සක්‍රිය කරගන්න මෙම command එක cmd එකේ run කරන්න.පරිගණකය restart කරන්න."C:\Users\USER-PROFILE\AppData\Local\Microsoft\Edge SxS\Application\msedge.exe"--enable-features=msEdgeAskCopilot,msShorelineToolbarWinCopilot,msUndersideSidebarPinning,msEdgeSidebarIntoFRE,msStandaloneSidebarFramework--flag-switches-begin--flag-switches-endCopilot sidebar එක සක්‍රිය කරගැනීමට පරිගණකය restart වූ පසු මෙම command එකත් cmd එකේ run කරන්න. (අමතක නොකර "USER-PROFILE" කියන කොටසට ඔබේ profile එකෙහි නම යොදන්න)msedge --enable-features=msEdgeAskCopilot,msShorelineToolbarWinCopilot,msUndersideSidebarPinning,msEdgeSidebarIntoFRE,msStandaloneSidebarFramework--flag-switches-begin--enable-features=msEdgeAskCopilot,msShorelineToolbarWinCopilot,msUndersideSidebarPinning,msEdgeSidebarIntoFRE,msStandaloneSidebarFramework,msEdgeJSONViewer,msEdgeMinimumToolbarTitleBar,msEdgeMoveAvatarButtonToFrameView,msEdgeReadingView,msEdgeShare,msEdgeSplitWindow,msEnableDeveloperControlCenter,msEnableShyUI,msOverlayScrollbarWinStyle:scrollbar_mode/enable_settings,msPhoenixShowContainersInEdge,msRobin,msSwipeToShyUi,msVisualRejuvMaterialsMenu,msVisualRejuvRoundedTabs,msWebAppLinkHandling,msWebAppLinkHandlingWinIntegration,msWebAppWidgets --flag-switches-endමෙම command එක cmd එකේ run කරන්න.Microsoft Edge open කරBing buttonඑක click කර Windows Copilot open කරගන්න.ඔබ පියවර සම්පූර්ණ කළ පසු, Taskbar එකේ “Copilot” button එක තිබුනද, නමුත් එය වැඩ නොකරයි. එය open කරගැනීමටMicrosoft Edge එකට ගොස් දකුණු පස උඩම ඇති “Bing” button එක click කරන්න. මෙයත්Bing Chat Webවැනිම වේ. (තවම සම්පුර්ණයෙන්ම ඒකාබද්ධ වී නොමැති නිසා)තවම සම්පුර්ණයෙන්ම ඒකාබද්ධ වී නොමැති නිසා මෙය Copilot AI ලෙසම ක්‍රියා කරන බවට සහතික වීමට අපහසුයි. කෙසේවෙතත් Windows 11 වලට ලැබෙන Copilot AI මෙම පෙරදසුන ලෙසMicrosoft Edge ඔස්සේ ක්‍රියාත්මක නොවේ. එය වෙනම ඒකාබද්ධ කිරීමක් වනු ඇත.මෙම පෙරදසුනෙන්ද ඔබට සංකීර්ණ ප්‍රශ්න ඇසිය හැකිය නමුත්Windows 11 මත settings වෙනස් කිරීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැක.මෙය ඉවත් කරගැනීමට අවශ්‍ය නම් පෙර ආකාරයටම ගොස්10 වන stepඑකේදී පෙර command එක වෙනුවට මෙය භාවිත කරන්න.vivetool /disable /id:44788892. ඉන්පසු පරිගණකය restart කරන්නSources:Pureinfotech |
ඇත්තටම ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ කාන්දු වීමක් වෙලා ද? | චීනයේ ටායිෂාන් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදු වි ඇති බවට බොහෝ තැන්වල සාකච්චාවට බදුන් වෙනවා දකින්න ලැබෙනවා. ඇත්තට ම මොකක්ද මේ සිදුවිම. මේ වගේ ප්‍රවෘත්ති වලට තටු ලැබීම පිටිපස්සෙ දේශපාලනයකුත් තියෙනවා. ඒක අමතක කරලා, එහි තාක්ෂණික කරුණු ගැන විතරයි මේ කතා කරන්න හදන්නේ.Washington is assessing a reported leak at China's Taishan Nuclear Power Plant, but the Biden administration does not believe the facility is at a ‘crisis level’ yet, CNN reportedhttps://t.co/zC6VqSadAXpic.twitter.com/9XXtvy9WyT— Reuters (@Reuters)June 14, 2021Reuters ජාත්‍යන්තර පුවත් සේවය විසින් මේ සිදුවිම වාර්තා කල අයුරැටායිෂාන් කියන්නෙ මේ වෙද්දි ලෝකයේ ක්‍රියාත්මක වෙන දියුණුම වානිජ න්‍යෂ්ටික බලාගාරය කිව්වොත් නිවැරදියි. ප්‍රංශයේ EDF ආයතනය විසින් ඉදි කළ EPR1750 වර්ගයේ අති දැවැන්ත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් සහිත බලාගාරයක් වෙන ටායිෂාන් හි 30%ක කොටස් හිමිකම තියෙන්නෙත් EDF ආයතනයට තමයි. ජර්මනියේ KWU (Kraftwerk Union) හි මූලික නිර්මාණයක් වෙන EPR මොඩලය (එවක KWU මොඩලය) ප්‍රංශයේ EDF මගින් සංවර්ධනය කර ඉදි කිරීම කෙරෙනවා.EPR කියන්නෙ සම්පීඩිත ජල ප්‍රතික්‍රියාකාරක (Pressurized Water Reactor/PWR) වර්ගයේ මෙගාවොට් 1750ක ජව උත්පාදනයක් සහිත බලාගාර විශේෂයක්. මේ බලාගාර වලින් ලෝකයේ ඉදි කරපු පළවෙනි බලාගාරය වෙන්නෙත් ටායිෂාන්. 2009 දී ඉදිකිරීම් ආරම්භ කරලා, 2018 දී මුල් වරට ක්‍රියාත්මක කළ ටායිෂාන් චීනයේ විශාලතම ජවය සහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වෙනවා.EPR මොඩලයේ තවත් න්‍යෂ්ටික බලාගාර තුනක් ප්‍රංශයේ ෆ්ලැමන්විල්, ෆින්ලන්තයේ ඔල්කිලුඕටෝ සහ එංගලන්තයේ හිංක්ලි පොයින්ට් හි ඉදි වෙමින් තියෙනවා.දැන් මොකක්ද මේ වෙලා තියෙන කාන්දු කතාව?ටායිෂාන් පරිපාලනය විසින් EDF වෙත පසුගිය දා දැනුම් දීලා තියෙනවා එක් ඒකකයක ප්‍රාථමික සිසිලන පද්ධතියේ විකිරණශීලී නිෂ්ක්‍රීය වායු සාන්ද්‍රණය ඉහළ ගොස් ඇති බව. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් නිරීක්ෂණය කළාම ඒක බලාගාරයේ ඉදිකිරීම් ආයතනයට දැනුම් දීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම මේ වගේ ලෝකෙටම පළවෙනි බලාගාරය උනාම ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.නමුත්, මේක අරුම පුදුම ප්‍රවෘත්තියක් නෙමෙයි. මේ විකිරණශීලී නිෂ්ක්‍රීය වායු (ප්‍රධාන වශයෙන් හීලියම්,ක්‍රිප්ටන් සහ සෙනෝන් හි සමස්ථානික) නිර්මාණය වෙන්නෙ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවේ අතුරුඵලයක් විදියට. සාමාන්‍ය වෙලාවක මේවා ප්‍රාථමික සිසිලන පද්ධතියට එක් වීමක් වෙන්නෙ නෑ. හේතුව, ඒ වායූන් සියල්ලම න්‍යෂ්ටික ඉන්ධන කැට තුල සහ මුද්‍රා තැබූ කූරු තුල ඇති අවකාශයේ හිර වෙලා තියෙන නිසා. මේ සර්කෝනියම් මිශ්‍ර ලෝහයෙන් සකස් කළ ඉන්ධන ඇසිරුම් කූරක් සාමාන්‍යයෙන් මිලිමීටර 0.8 - 1 ක විතර ඝනකමකින් යුක්තයි.The two EPR units at the Taishan plant (Image: TNPJVC)බලාගාරයේ මේ කූරක් අවුරුදු 5-7 වගේ කාලයක් තියෙනවා. මෙහෙම තියෙද්දි, උෂ්ණත්වයේ හා පීඩනයේ බලපෑම සහ විඛාදනය වීම නිසා ඇතැම් වෙලාවට කූරක් හෝ කීපයක් සිදුරු වීම (fuel rupture) වෙන්න පුළුවනි. මේක නිතර සිදු වෙන, ඒ වගේම බලාපොරොත්තු විය යුතු, සාමාන්‍ය සිද්ධියක්. එහෙම සිදුරු උනාම ඒ මගින් අර කූර තුළ හිර වෙලා තිබ්බ නිෂ්ක්‍රීය වායූන් ප්‍රාථමික සිසිලන ජලයේ මිශ්‍ර වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නෙ. මේ ජලය නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙන නිසා ඒක ක්ෂණිකව හඳුනාගන්නත්, පහසුවෙන් විසඳන්නත් පුළුවන් දෙයක්.මෙහෙම සිදු විමක් සිදු වුණා කියලා න්‍යෂ්ටික බලාගාරය වහලා දාලා කාන්දු වෙන කූර හොයන සිරිතක් නෑ. මේ වගේ බලාගාරයක් අක්‍රීය කෙරෙන හැම විනාඩියකටම කෝටි ගාණක පාඩුවක් වෙනවා වගේම ජාලයට වෙන බලපෑමත් ඉතා විශාලයි. ඒ නිසා බලාගාරයේ නැවත ඉන්ධන යෙදීමේ දී තමයි මේ සිදුරු වූ ඉන්ධන කූරු හොයලා ඒවා ඉවත් කරන එක සිද්ධ වෙන්නෙ. මේ ප්‍රාථමික සිසිලන චක්‍රය බාහිරට සම්බන්ධයක් නැති හුදෙකලා පද්ධතියක් නිසා ඒකෙන් කාටවත් බලපෑමක් වෙන්නෙ නෑ.ඒ නිසා මේ වෙද්දිත් ටායිෂාන් බලාගාරය තමන්ගේ උපරිම ජව උත්පාදනය සහිතව ක්‍රියාත්මක වෙමිනුයි තියෙන්නෙ. ඊළඟ ඉන්ධන පිරවුමට එනකම් ඒක වෙනස් වෙන එකක් නෑ. |
Mi 11 Pro සහ Mi 11 Ultra ජංගම දුරකතන දෙක මේ මස 29 වන දින චීනයේදී එලිදැක්වීමට සූදානම් වේ | Xiaomi සමගාම විසින් මීට පෙර Qualcomm Snapdragon 888 Chipset එකෙන් බලගැන්වුණු Mi 11 දුරකථනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේදි එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.Xiaomi Mi 11 Pro හා Xiaomi Mi 11 Ultra යන දුරකථන මාර්තු මස 29 වන දින චීනය තුළ එලිදැක්වීමට කටයුතු කරන බව Xiaomi සමාගම විසින් තහවුරු කරනු ලැබුවා. එම දුරකථන එලිදැක්වීමට නියමිත Launch Event එක පිළිබදව මීට පෙර twitter හරහා දැනුවත් කර තිබුණි. එය පහතින් දැක්වේ.The 2021#XiaomiMegaLaunchis coming soon!We can't wait to see you at our Xiaomi 2021 New Product Launch on Monday, March 29th, at 19:30 (GMT+8).This is one launch you really better not miss!pic.twitter.com/Y6rA5Wrxyf— Xiaomi (@Xiaomi)March 22, 2021ඉන්පසුව මෙම event එක තුළදී දුරකථන දෙකක් එලිදක්වන බව ඔවුන් විසින් Weibo හරහා දැනුවත් කර ඇත. එය පහතින් දැක්වේ.微博随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!Xiaomi Mi 11 Lite නම් දුරකථනයක් නිකුත් වන බවට තොරතුරු පළවුවද Xiaomi විසින් දුරකථන 3 ක් නිකුත් කරන බවක් ප්‍රකාශ කර නැත.ඒ අනුව Mi 11 Pro හා Mi 11 Ultra දුරකථනයන් දෙක මාර්තු මස 29 වන දින එලිදැක්වෙනු ඇති අතර එම Launching Event එක Xiaomi නිල සමාජජාල ගිණුම් ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ලැබෙනු ඇති.Source:NDTV |
FRM II හෙවත් ලෝකයේ දියුණු ම පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය | ජර්මනියේ මුල්ම පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වන FRM I සහ පවතින තත්ත්වය අනුව අවසන් පර්‍යේෂණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය වනු ඇති FRM II න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටා ඇත්තේ එකම භූමියකයි.මියුනිච් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අයත් එම ප්‍රතික්‍රියාකාරක ද්විත්වයෙන් FRM I ප්‍රතික්‍රියාකාරකය මේ වන විට විශ්‍රාම ගන්වා ඇති අතර එය ඇමරිකාවෙන් ආනයනය කරන ලද්දක් වෙනවා.ඉන් දශක ගණනාවකට පසුව 2004 දී ක්‍රියාත්මක කෙරුණු FRM II ප්‍රතික්‍රියාකාරකය ජර්මානුවන් විසින් සියතින් ඉදිකරන ලද්දක් (SIEMENS සමාගම විසින්) වෙන අතර අද ලෝකයේ ඇති වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු පර්‍යේෂණ ප්‍රතික්‍රියාකාරකය වන්නේ ද FRM II ප්‍රතික්‍රියාකාරකය යි. ලෝකයේ ඇති තාප උත්පාදනයට (මෙගාවොට් 20) සාපේක්ෂව ඉහළම නියුට්‍රෝන ස්‍රාවයක් (neutron flux) උත්පාදනය කෙරෙන්නේ මේ ප්‍රතික්‍රියාකාරකයෙනි. FRM I ආසන්නයෙන් පිහිටා ඇති චතුරස්‍රාකාර ගොඩනැගිල්ල FRM IIහි සුරැකුම් කුටීරය වේ.FRM I සහ FRM II පිහිටා ඇති භූමිය (commons.wikimedia.com)න්‍යෂ්ටික අවි සඳහා සුදුසු තරම් අධි-සුපෝෂණයක් (93%) සහිත යුරේනියම් කිලෝග්‍රෑම් 8ක තනි ඉන්ධන එකලසකින් (fuel element) බලගැන්වෙන මේ අධිතාක්ෂණික FRM II ප්‍රතික්‍රියාකාරකය, ඉන් බාහිරට ලබාගන්නා නියුට්‍රෝන කදම්බ මගින් එක්වර පර්‍යේෂණ 40කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පහසුකම් සපයනු ලබනවා.බැර ජලය (heavy water) මගින් නිතාමනය (moderation) කෙරෙන ප්‍රතික්‍රියාකාරකයක් වන බැවින්, සාමාන්‍ය විවෘත-තටාක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (open pool reactors) මෙන් එහි අභ්‍යන්තර පෙනුම දැක ගැනීමට ඉඩක් නැත. පහත ඇත්තේ සාමාන්‍ය ජල තටාකය (සිසිලනය සඳහා) පතුලේ ඇති විශේෂිත බැර ජල කුටීරය වේ.FRM II හි ප්‍රතික්‍රියාකාරකයේ පෙනුම (frm2.tum.de)න්‍යෂ්ටික හරය ඇත්තේ එහි මධ්‍යයේ ය. ප්‍රතික්‍රියාකාරකය පාලනය කිරීමට යොදාගන්නා තනි පාලක දණ්ඩ (මැද) සහ විශේෂිත ආරක්ෂණ පාලක දඬු මෙන්ම, අවශේෂ අධීක්ෂණ සහ මිනුම් උපකරණත් එහි දක්නට ලැබේ. අධි-ශක්ති නියුට්‍රෝන ලබාගැනීම සඳහා වන අංශක 2500ක් තෙක් උණුසුම් කෙරෙන මිනිරන් තාපකයක් (hot source) සහ අඩු-ශක්ති නියුට්‍රෝන සඳහා සෙල්සියස් අංශක -250ක් තෙක් සිසිල් කෙරෙන හයිඩ්‍රජන් ඉලක්කයකින් ද (cold source) ප්‍රතික්‍රියාකාරකය සමන්විත වේ.FRM II හි භාවිතා වන විශේෂිත ඉන්ධන එකලස (frm2.tum.de)පිළිකා ප්‍රතිකර්ම සඳහා යොදාගන්නා ලුටේෂියම්-177 නිෂ්පාදනයේ පටන්, න්‍යෂ්ටික ඉන්ධන සඳහා වන පර්‍යේෂණාගාරයක් ලෙස ද ක්‍රියාත්මක වන මේ ප්‍රතික්‍රියාකාරකය, ඉඳහිට තත්ත්ව පරීක්ෂා සහ වැඩිදියුණු කිරීම් සඳහා BMW වැනි මෝටර් රථ එන්ජින් සඳහා ද සේවා සපයනු ලැබේ. එමෙන්ම ජර්මනියේ සුප්‍රකට අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සූක්ෂම ක්ෂුද්‍ර චිප සඳහා සිලිකන් අර්ධ-සන්නායක මාත්‍රණය කෙරෙන්නේ ද මෙහි ය. තාක්ෂණික පර්‍යේෂණ සඳහා මේ ප්‍රතික්‍රියාකාරකය කෙතරම් ආකර්ෂණීය ද යත්, මුළු වසර පුරාම ඊට ලබාදිය හැකි පර්‍යේෂණ කාලයටත් වඩා වැඩි ප්‍රමාණයක් එය භාවිතා කිරීම සඳහා ඉල්ලීම් ලැබෙන බව දැනගන්නට ඇත.භාවිතා කළ ඉන්ධන තැන්පත් කෙරෙන තටාකය (frm2.tum.de)මේ විශ්මිත තාක්ෂණික නිර්මාණය ගැන සියලු විචිත්‍ර කතන්දර කියන්නට මේ ඉඩ ප්‍රමාණවත් නොවන නමුත්, ඒ වෙත ඔබ කැඳවාගෙන යාමට මට හැකි ය. මේවෙබ් ලිපිනයමගින්, මේ විසිතුරු නිර්මාණය වෙත අථත්‍ය පිවිසුමක් (virtual tour) කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. |
දුරකතන අංකයක් නොමැතිව Telegram සඳහා ලියාපදිංචි වීමට හැකි විශේෂාංගයක් හදුන්වා දේ | Multi Accounts, Channels සහ තවත් බොහෝ විශේෂාංග WhatsApp වලට පෙර හඳුන්වා දී තිබූ නිසාTelegramකීර්තියක් ලබා ඇත. මීට දින කිහිපයකට පෙර, සමාගම විසින් Privacy පිළිබඳ නවතම Update එකක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඔබට සිම් කාඩ්පතක් නොමැතිව Telegram account එකක් සඳහා ලියාපදිංචි වීමට හැකි බවත් ඒ සඳහා ඔබට නිර්නාමික දුරකථන අංකයක් ලබා ගත යුතු බවත් ය.මෙසේ ලබාගන්නා නිර්නාමික අංකය Telegram තුළදී පමණක් භාවිතා කිරීමට හැකි වීම විශේෂත්වයක්. කුමන හේතුවක් නිසා හෝ (ex: - Privacy) ඔබේ පවතින අංකය Telegram වෙත සම්බන්ධ කිරීමට ඔබට අවශ්‍ය නැතිනම් මෙය තවමත් ඉතා හොඳ විශේෂාංගයක් වනවා.මෙම Update එකෙහි ම කොටසක් ලෙස සියලුම අලුත් Chats සඳහා auto delete feature එක, වැඩිදියුණු කළ Group Topics, Group Chats සඳහා aggressive anti-spam mode එක සහ Username හෝ Phone No. එක නොමැතිව වෙනත් අයට add කරගැනීමට හැකිවන පරිදි තාවකාලිකව QR code එකක් සාදාගැනීමට හැකි වීමද දැක්විය හැකි වනවා.Telegram iOS App එකෙහි Emoji Search කිරීම, Premium users ලා සඳහා Custom Emojis වැනි විවිධ Emoji සම්බන්ධ යාවත්කාලීන කිරීම් ද මෙහි ඇතුළත් වනවා.Source:telegram.organdroidauthority.com |
අන්තර්ජාලයට නිකුත් වී ඇති Windows 11 පිටපත සත්‍ය පිටපතක් බවට තහවුරු වෙයි | මෙම මස 24 වන දින එළිදැක්වීමට නියමිත නවතම Windows 11 මෙහෙයුම් පද්ධතියේ Insider Preview යැයි සැලකෙන සංස්කරණයක් මීට දින කිහිපයකට පෙර නිල නොලත් ආකාරයටඅන්තර්ජාලයට leak වුනා.මේ පිළිබදව බොහෝ දෙනෙකුගේ මතය වුනේ මෙය ව්‍යාජ සංස්කරණයක් බවයි. කෙසේ නමුත් මෙම මතය එසේ නොව, leak වූ සංස්කරණය සත්‍ය වශයෙන්ම එළිදැක්වීමට නියමිත නවතම Windows 11 මෙහෙයුම් පද්ධතියේ සංස්කරණයක් බව තහවුරු කර ගැනීමට උපකාරී වන සාක්ෂියක් ජපානයේ පිහිටි Microsoft සමාගමේ උප සමාගමක් වන Microsoft Japan ආයතනය විසින් ලබා දී තිබෙනවා.ඒ අනුව leak වූ සංස්කරණයේ ISO file එක බාගත කර ගැනීමට සබැදී ලබා දුන් ඉන්දියානු තාක්ෂණික වෙබ් අඩවියක් වනBeebomනැමති වෙබ් අඩවිය සම්බන්ධව Google සමාගමට DMCA notice එකක් යැවීමට Microsoft Japan ආයතනය කටයුතු කර තිබෙනවා.ඒ අනුව කටයුතු කරමින් Google සමාගම Google search results වලින්Beebomනැමති වෙබ් අඩවියේ Windows 11 මෙහෙයුම් පද්ධතියේ ISO පිටපත ගැන පලකර තිබූ වෙබ් පිටුව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙසේ ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ මයික්‍රොසොෆ්ට් වෙත ප්‍රකාශන හිමිකම ඇති තවමත් එළිදක්වා නොමැති Windows 11 මෙහෙයුම් පද්ධතියේ ISO පිටපත් අනවසරෙන් බෙදාහරින නිසා වෙබ් අඩවිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි."Beebom.com's article is distributing Windows 11 ISO (copyrighted to Microsoft). Please remove their article from the search. It is a leaked copy of the unreleased Windows 11."Source:XDA |
ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා කරන Hawk eye තාක්ෂණය පිළිබඳව සියළු දෑ දැන ගනිමු | මේ වෙනකොට ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රික ලෝලීන් විශාල ප්‍රමාණයක් නරඹන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ භාවිතා වන එක් තාක්ෂනයක් පිළිබඳව තමයි අපි අද මේ කතා කරන්න යන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වෙනකොට අනිවාර්යෙන්ම භාවිතා වන තාක්ෂණයක් තමයි Hawk eye කියන්නේ. Hawk eye තාක්ෂණය සැබැවිනම් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා නොවුනු තාක්ෂණයක් වන අතර මෙය ටෙන්ස් සහ පාපන්දු ක්‍රීඩාවේදී පවා භාවිතා වන තාක්ෂණයකි.Hawk eye යන්නෙහි ස්මානය ව්‍යවහාර අරුත වන්නේ උකුසු ඇස යන්නය. ටෙලිවිෂණය හරහා ක්‍රිකට් තරඟ නරබන ඔබට නම් මෙය එතරම් නුහුරු දර්ශනයක් නොවෙයි. විශේෂයෙන්ම ඕවරයක් අවසානයේදී, පන්දු යොමු කරන්නා විසින් දැමූ පන්දු ගමන් කරන ආකාරය පෙන්වන ආකාරය මතක නම්, හයේ පහරක් එල්ල කල පසු එය කොපමණ දුරක් ගියාද යන්න පෙන්වන ආකාරය මතක නම්, පන්දුව පිතිකරුගේ පාදයේ වැදුනු විටෙක පිතිකරු පාදයෙන් විකට්ටුව හරස් නොකරානම් පන්දුව විකට්ටුවේ වැදී ඔහු දැවී යන්නේද නැද්ද යන්න පරීක්ෂා කරන ආකරය මතක නම්, අන්න ඒ තාක්ෂණය පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ.Hawk eye කියන්නේ අති සංකීර්ණ මෙන්ම නවීන පද්ධතියක්. මෙහිදී සිදුවන්නේ ක්‍රිකට් පන්දුව ගමන් කරන ආකාරය ටෙලිවිෂන් කැමරා මගින් ලබා ගත් පසු එහි ගමන් මග විශ්ලේශණය කර එය ඩිජිටල් ක්‍රමයට නිරූපණය කිරීමයි. මේ ක්‍රමවේදයේදී පන්දුව ආ ගමන් මඟ කැමරාවෙන් පෙන්වූ පසු පන්දුවේ ඉතිරි චලනය විශේෂ ගණිතමය ආකාරයකට ගණනය කර එය එසැණින් රූප රාමුවකට ගැනීම සිදු වනවා. මෙය ක්‍රිකට් ක්‍රීඩාවේදී නරඹන්නාට නව අත්දැකීමක් එක කරනවාක් මෙන්ම ක්‍රීඩා විස්තර විචාරයේදී බව මේ වන විට බහුලව භාවිතා වනවා.2001දී හදුන්වා දුන් Hawk EyeHawk eye තාක්ෂණය මුලින්ම ලොවට හදුන්වාදීම සිදු කරනු ලැබුවේ 2001 වර්ෂයේදීය. මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ලෝක ප්‍රකට SIEMENS සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Rock Maner Research ආයතනයේ Paul Hawkins සහ David Sheriff යන ඉංජිනේරුවන් දෙදෙනා විසිනි. මෙයට Hawk eye යන නම භාවිතා වන්නේ Hawkinsගේ නම අනුවය.Paul Hawkinsඔවුන් දෙදෙනා මෙය සොයාගත් පසු මේ සඳහා එක්සත් රාජධානියේදී පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කලද පසුව එය ඉවත් කරගෙන Hawk Eye Innovations නමින් නව සමාගමක් පිහිටුවා ඒ යටතේ පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙනවා. මේ සඳ්අහා Sunset & Wine නම් ටෙලිවිෂන් නිෂ්පාදන සමාගමද හවුල් වී තිබෙනවා. 2011 වසරේ සිට මෙම තාක්ෂණය මුලුමුනනිම සෝනි සමාගම සතුවනවා.මුල් වරට භාවිතාවHawk eye තාක්ෂණය මුලින්ම භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන්නේ Channel 4 රූපවාහිනී නාලිකාවට වන අතර එය 2001 වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින ලෝඩ්ස් පිටියේදී පැවති එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදා ගනු ලැබුවා. එහිදී මෙම තාක්ෂනය යොදා ගත්තේ පන්දුව ගමන් කරන ආකාරය නැවත ශක්වමින් රූපවාහිනී විස්තර විචාරය හරහා ප්‍රේක්ෂකයන්ට අසම සම අත්දැකීමක් ලබා දීමේ අරමුණිනි.Hawk eye තාක්ෂණය මුල්වරට භාවිත කල එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඡායා රූපයක්, ESPN Cricketතෙවන විනිසුරුගේ සහයට Hawk eyeඉන් පසුව 2008/2009 වර්ෂ වලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් මෙම තාක්ෂණය තෙවන විනිසුරුගේ විනිශ්චය සඳහාද යොදා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරද හෙවත් LBW ආකාරයට දවා ගැනීමකදී දැවී යාමක් ලෙස දැක්වීම හෝ දැවි යාමක් නොවන ලෙස දැක්වීමකදී පිටියේ සිටින විනිසුරුගේ විනිශ්චය සම්බන්ධයෙන් එකගතාවයක් නොමැති විටකදී එය තෙවන විනිසුරුට යොමු කර නැවත පරික්ෂා කිරීම සඳහායි. එහිදී පන්දු යවන්නා විසින් පන්දුව යොමු කල පසුව පන්දුව පිතිකරුගේ පාදයේ නොවැදුනේ නම් එය විකට් එක කරා ඇදි යන්නේද සහ එහිදී විකට් ඉන්නේ ගැටෙන්නේද නොගැටෙන්නේද යන්න නිවැරදිව විනිශ්චය කරගැනීමේ හැකියාව හිමිවුනා.දැවී යාමක් පරීක්ෂා කිරීම සඳහා තෙවන විනිසුරු විසින් Hawk Eye භාවිතා කරන ආකාරයමෙම තාක්ෂණය යොදා ගැනීමට ප්‍රථම තෙවන විනිසුරු විසින් මෙවැනි අවස්ථාවකදී ඔහුගේ තීරණය ලබා දුන්නේ පන්දුව පාදයේ වැදුනු ආකාරය පිලිබඳව නිරීක්ෂනය කිරීමෙනි. එහිදී නියමාකාරයෙන් පන්දුව විකට්ටුව වෙත ඇදී ගොස් එය දැවී යාමක් බවට පරිවර්තනය වන්නෙ නොවන්නේද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කර ගැනීමේ හැකියාවක් නොතිබුණත් Hawk eye තාක්ෂණය ඔස්සේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනා.දැවී යාමක් පරීක්ෂා කිරීමට පෙර පරීක්ෂා කරන කරුණු 3ක්මේ වන විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමේදී තෙවන විනිසුරු විසින් තීරණය ලබා දීමට ප්‍රථමව Hawk eye භාවිතා කරමින් කරුණු තුනක් සලකා බලනු ලබනවා.පන්දුව පතිත වන එල්ලයපන්දුව පිතිකරුගේ පාදයේ වදින ස්ථානයපන්දුව පිතිකරුගේ පාදයෙ නොවැදුනේ නම් පන්දුව ගමන් කරන ආකාරය දැක්වෙන ගමන් මඟමේ කරුණු තුන විමසා බැලීමෙන් පසුව එය දැවී යාමක්ද නැද්ද යන්න පිළිබඳව තීරණය ලබා දීම සිදු කරනවා.දැවී යාම් වලට පමණක් සීමා නොවුනු Hawk eyeමෙය හැරුණු කොට පන්දු යවන්නා පන්දුව යොමු කල පසු එය සැබෑ වේගයෙන් පෙන්වීමෙන් පසුව පන්දු යවන්නා විසින් යොමු කල පන්දු වල ගමන් මඟ සහ රටාව දැක්වීමටත් Hawk eye තාක්ෂණය යොදා ගනු ලබනවා. මේ හරහා විස්තර විචාරයේදී පන්දු යවන්නා යොමු කල පන්දු වල සම්පූර්ණ වාර්තාවක් පවා විචාරය කිරීමට ක්‍රිකට් විස්තර විචාරයකයන්ට හිමි වී තිබෙනවා.මෙම විශේෂතාවලට අමතරව පන්දුවක් යොමු කල වේගයත් ඒ වෙලෙම මැන ගැනීමේ හැකියාව Hawk eye හරහා හිමිවනවා.ක්‍රිකට් වලට සීමා නොවුනු Hawk eyeHawk eye ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හදුන්වා දුන්නද 2006 වර්ෂයෙදී ටෙනිස් ක්‍රීඩාවටත්, 2011 වර්ෂයේදී එංගලන්ත පාපන්දු ලීග් තරඟාවලියකටත් යොදා ගැනීම සිදු කෙරුනා. එම ක්‍රීඩා දෙකේදීම ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්නා Hawk eye එකට වඩා වෙනස් කම් සිදු කරන්නට වූයේ ඒ ඒ ක්‍රීඩා වලට එම තාක්ෂණය භාවිතා කල යුතු ආකාරය එකිනෙකට වෙනස් වන බැවිනි.ටෙනිස් ක්‍රීඩාවේදී Hawk eye භාවිතා වන ආකාරයCover image: ICC Website |
දිවයිනම ආවරණය වන පරිදි 4G ජාලය පුළුල් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙරමුණ ගනී | මේ වෙන විට ශ්‍රී ලංකාව තුල 5G නියමු ව්‍යාපෘතින්Dialog,SltMobitelහාHutchසමාගම් විසින් දියත් කරමින් සිටින බවට අපි ඔබව මිට පෙර දැනුම්වත් කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව තුල 4G හෝ 3G Network පහසුකම් නොමැති ප්‍රදේශ බොහෝමයක් පවතිනවා.Covid - 19 වසංගත තත්වයත් සමග බොහෝ දෙනා නිවසට වි තම කටයුතු කර ගැනිමට සිදු වි ඇති නිසා මේ දිනවල 3G හෝ 4G Network පහසුකමක් තිබිම අත්‍යාවශ්‍යම වෙනවා. මේ වෙන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තවමත් 4G තාක්ෂණය නොමැති ප්‍රදේශ වෙත කඩිනමින් 4G තාක්ෂණය ලබා දිම සදහා "ගමට සන්නිවේදනය " නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.පසුගිය වසරේදි ආරම්භ කරන ලද මේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණ කිරීමේ අරමුණ සහිතව භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවාවන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශවීම සහතික කිරීමත්, 100% ක් 4G හෝ Broadband ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීමත් මෙහි අරමුණ වෙනවා. මේ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන සියලු ආයතනය සහය වෙන අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ද මේ ව්‍යාපෘතිය තුල ආයෝජනය සිදු කරනු ලබනවා.මේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව තුල 4G තාක්ෂණය නොමැති ප්‍රදේශ හදුනා ගනිමින් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතනය දැනුම්වත් කරමින් හා 4G තාක්ෂණය ලබා දිමට අවශ්‍ය විදුලි සංදේශ කුළුණු ඉදි කිරිම සිදු වෙනවා. මේ ව්‍යාපෘතිය සදහා SLT-Mobitel සමාගම හා Dialog Axiata සමාගමත් සක්‍රීය ලෙස දායක වෙනු ලබනවා.මෙහි නියමු ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ වු අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 ක්, ජාතික පාසල් 14 ක්, පළාත් පාසල් 588 ක්, රෝහල් 38 ක් සහ රජයේ ආයතන ආවරණය කරමින් දිස්ත්‍රික්කයේ මහජනතාවට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා ද මේ ව්‍යාපෘතිය ඔස්සේ සපයනු ලබනවා. ඒ අනුව මෙන්ම උපදෙස් ද මෙම ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ඇත. මේ ව්‍යාපෘතිය මගින් රත්නපුර දිස්ත්‍රික්කය පුරාවු ප්‍රදේශ සදහා නව සන්නිවේදන කුළුණ 37ක් ඉදිකිරීමත් සිදු වෙනවා.මේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතියේ තවත් අදියරයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය 4G සන්නිවේදන පහසුකම් සැපයීමට නව සන්නිවේදන කුලුනු 50ක ඉදිකිරීම් කටයුතු මුලික අදියරේ පවතිනවා.ඒ වගේම මේ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය 4G සන්නිවේදන පහසුකම් ලබා දිමට අවශ්‍ය නව සන්නිවේදන කුලුනු 23 ක් ඉදිකිරීමේ සදහා අවශ්‍ය ඉඩම් හදුනා ගනිමින් පවතිනවා.මේ වෙන විට පවතින Covid-19 වසංගතය තත්වය තුල ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අධික්ෂණය මත, දුරකථන සේවා සපයන සමාගම් සමග “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරන මේ දිස්ත්‍රික් ව්‍යාපෘතිය සියල්ල මේ වසර ජුලි මාසය අවසන් වෙන විට නිම කිරිමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.Source : TRCSL |
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ වැඩසටහන පසුගිය 28 වන දින දියත් කරයි | ශ්‍රී ලාංකීය රූපවාහිනී විකාශනය ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය කරමින් ISDB-T තාක්ෂණය ඔස්සේ මෙරට රූපවාහිනී විකාශන කටයුතු නවතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරිමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඊයේ දින කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.ජපාන රජයෙන් පිරිනැමෙන සුවිශේෂ මුල්‍ය ප්‍රධානයක් මගින් ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘතිය මගින් මෙරට රූපවාහිනී නාලිකා විකාශකයින්ට, ප්‍රේක්ෂකයින්ට හා සමස්ත මහජනතාව සදහා සුවිශාල ප්‍රතිලාභ හා වරප්‍රසාද රැසක් ලැබෙනවා.මේ වෙන විට මෙරට ක්‍රියාත්මක වෙන Analog තාක්ෂණය යටතේ එක් එක් නාලිකාවන් තනි තනි සංඛ්‍යාත පරාස භාවිත කරනු ලබන අතර මේ නව ඩිජිටල්කරණය ව්‍යාපෘතිය තුලින් මෙරට සංඛ්‍යාත පරාසයේ සුවිශාල් ධාරිතා වර්ධනයක් සිදු වෙනු ලබනවා. මේ ඔස්සේ දැනට ක්‍රියාත්මක වෙන රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් නව රූපවාහිනී නාලිකා 200ක් පමණ විකාශය කිරිමේ හැකියාව ලැබෙනවා.ඒ වගේම මේ ඔස්සේ රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් විම නිසා සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් HD තාක්ෂණය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට උදාවෙනු ලබනවා. බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකි වීම ඩිජිටල් කරණයේ තවත් වාසියක් ලෙස දක්වන්න පුළුවන්.මීට අමතරව අතිරේක සංඛ්‍යාත පරාසයන් භාවිතයට ගනිමින් රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබාදීමටත් මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.ඒ අනුව මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඔස්සේ ඩිජිටල් රූපවාහිනී අත්දැකීම 2023 වසරේදී කොළඹ නෙළුම් කුළුණ ඔස්සේ ආරම්භ කිරිමට නියමිතව පවතිනවා. කොළඹ නෙළුම් කුළුණ ඔස්සේ ඩිජිටල්කරණය ආරම්භ කිරිමට සමගාමීව මහනුවර, මාතර, යටියන්තොට හා වව්නියාව ආවරණය සිදු වෙනු ඇති අතර ඉට සමගාමීව විකාශන කුළුණු 16 ක් මගින් 2025 වසර පමණ වෙන විට මුලු රට සදහාම ඩිජිටල් රූපවාහිනී අත්දැකීම ලබා දිම සිදු වෙනු ඇත.මේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මගින් සියලු දේශිය නාලීකා HD තාක්ෂණය ඔස්සේ විකාශනය කෙරෙනු ඇති අතර 5.1 Dolby Atmos තාක්ෂණයෙන් යුතු උසස් ශබ්ද සහිතව නැරඹිමේ හැකියාවත් ප්‍රේක්ෂකන්ට උදා වෙනවා.මේ තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නැරඹිම සදහා අවශ්‍ය විකේතන උපකරණ (STBS) දැරිය හැකි මිලකට ජනතාවට ලබා දිම, ඒවා අවශ්‍ය ප්‍රමාණයට සැපයිම හා ඕනැම පුද්ගලයෙකුට මිලදි ගත හැකි බවට පත් කිරිම ආදි අරමුණු සමගින් වසර 10ක සහන කාලයක් සහිතව වසර 40කින් ගෙවා නිම වෙන පරිදි මුල්‍ය පහසුකම් ලබා දෙමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.Source :Ministry of Mass Media,DTTB |
මොකක්ද මේ IP Address කියන්නේ? සරලව සිංහලෙන් | IP Addresses වල මූලික කරුණුIP address යන වචනයේ IP කොටසේ තේරුම Internet Protocol යන්නයි. address කොටසේ තේරුම ඔබ කරන සියලුම Online ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන අද්විතීය (unique) අංකය යන්නයි. මෙය ඔබ සාමාන්‍ය ජීවිතයේ යවන ලිපියක සදහන් කරන ආපසු ලිපිනයක් වැනිය. (මේ සියල්ල මිලි තත්පර වලින් සිදු වේ.) මෙහි ඇති සෑම address එකක්ම Periods වලින් වෙන් කරන ලද අංක මාලාවක් පවතී. මෙහි මුළු සංඛ්‍යා හතරක් ඇති අතර සෑම අංකයක්ම 0 සහ 255 අතර පරාසයක පවතී. IP ලිපිනයක උදාහරණයක් වනුයේ ලෙස '506.457.14.512' ලබා දිය හැකිය.IP Addressයක් ක්‍රියා කරන ආකාරයIP ලිපිනයක් පරිගණකයට අන්තර්ජාලය හා සම්බන්ධ වී ඒ හරහා දත්ත යැවීමට සහ ලබා ගැනීම සදහා අවශ්‍ය වේ. බොහෝ IP ලිපින තනිකරම සංඛ්‍යාත්මකව නිපදවී ඇත, නමුත් මිනිසාගේ අන්තර්ජාල භාවිතය වර්ධනය වන විට, පසුව සමහර ලිපින වලට අකුරු එකතු කර ඇත.මේ වන විට විවිධ ආකාරයේ IP ලිපින වර්ග හතරක් ඇත. ඒවා Public, Private, Static සහ Dynamic ලෙස නම් වේ. Public සහ Private ලිපින කිසියම් Network එකක පිහිටීම පෙන්නුම් කරන අතර Private ලිපින Network එකක් තුළ පුද්ගලික භාවිතා වන අතර Public ලිපින Network එකක පිටතින් පොදුවේ භාවිතා වේ. Static සහ Dynamic ලිපින මගින් සමහර Network වල ස්ථීර බව පෙන්වීමට යොදා ගැනේ.Static IP ලිපිනයක් යනු අතින් සාදන ලද එකකි, එනම් Manually සාදන එකකි. නමුත් Static ලිපිනය වෙනස් නොවේ, ඒත් Dynamic IP ලිපිනයක් Dynamic Host Configuration Protocol (DHCP) සේවාදායකයක් මඟින් ලබා දී ඇති අතර එය වෙනස් වීම සිදු වේ. Dynamic IP ලිපින යනු Internet protocol addresses වල වඩාත් සුලභ ලිපින වර්ගයකි. Dynamic IP ලිපින සක්‍රීය වන්නේ නිශ්චිත කාලයක් සඳහා පමණි, ඉන් පසුව ඒවා කල් ඉකුත් වේ. එය අක්‍රීය වීමෙන් පසු පරිගණකයට නව IP ලිපිනයක් ඉල්ලා සිටිනු ඇත.IP ලිපිනයක් සමාජ ආරක්ෂණ අංකයකට (SSN) සැසඳිය හැක, කිමද ඒ සෑම එකක්ම පරිගණකයට හෝ පරිශීලකයාට පවරා ඇති පරිශීලකයාට සම්පූර්ණයෙන්ම අනන්‍යවන අංකයක් නිසාය. මෙම අංක නිර්මාණය කිරීමෙන් router වලට අන්තර්ජාලයේ තොරතුරු යවන ස්ථානය හඳුනා ගැනීමට ඉඩ සලසයි. එය හරියට කිසියම් ලියුමක් යැවීමට ලිපිනයක් සොයාගන්නවාට සමානය. router ක් ඉල්ලා සිටින වෙබ් ලිපිනයක් ලබා දීමට IP ලිපිනයක් අත්‍යවශ්‍ය වේ.ඔබගේ IP ලිපිනය සොයා ගන්නේ කෙසේද?මෙහිදී ඉතා පහසු ක්‍රමය වන්නේ ඔබගේ පරිගණකයේ internet search engine එකේ එහෙමත් නැත්නම් web browser එකේ "what is my IP address" ලෙස search කිරීමයි. එමගින් ඔබට ඔබගේ IP ලිපිනය දැනගත හැක.එසේත් නැතිනම් ඔබ Windows පරිගණකයක් භාවිතා කරන්නේ නම් [Start > Settings > Network & internet] හි ගොස් ඔබ සම්බන්ධ වී ඇති Wi-Fi ජාලය තේරීමෙන් ඔබගේ IP ලිපිනය සොයාගත හැක. Properties යටතේ "IPv4 address" ලෙස ලැයිස්තුගත කර ඇත්තේ ඔබගේ IP ලිපිනය යි.Windows හි Command Prompt ආධාරයෙන් IP ලිපිනය සොයාගමු.Start button ක්ලික් කර එහි "cmd" ලෙස ටයිප් කර Enter කරන්න.2. Command Prompt එක open වූ පසු එහි "ipconfig" ලෙස ටයිප් කර Enter කරන්න.3. ඉන් පසු ඔබට ඔබගේ පරිගනකයේ IP ලබාගත හැක.Mac පරිගණකයේ IP ලිපිනය සොයාගමු.ඔබගේ තිරයේ ඉහළ වම් කෙළවරේ ඇති Apple icon ය ක්ලික් කරන්න.ඉන් පසු System Preferences තෝරන්න.3. පසුව Network ක්ලික් කරන්න.4. දැන් ඔබගේ network එක තෝරන්න.5. ඉන් පසු Advanced මත ක්ලික් කරන්න.6. දැන් TCP/IP tab මත ක්ලික් කරන්න7. දැන් ඔබට ඔබගේ IP ලිපිනය ලබාගත හැක. |