Title
stringlengths
10
145
Content
stringlengths
16
23.6k
Google සමාගම විසින් Files app එක සඳහා favorite folder එකක් හඳුන්වා දීමට සැලසුම් කරයි
ඔබට මතක ඇති මිට පෙර අප Google Files වෙත Safe Folder Feature එක ලබා දිමට සුදානම් බවට ලිපියක් ගෙනා ආවා.දැන් ඔවුන් කටයුතු කරමින් ඉන්නේ අපිට වැදගත් වෙන එදිනෙදා නිතරම භාවිත වෙන Files අපිට ලෙසියෙන් හොයා ගන්න පුළුවන් තැනක අඩංගු කිරිමටයි, ඒ Favorite Folder එකක් විදිහට.Favorite Folder වෙත Add to favorite මගින් ඔබට අවශය Files එකතු කර ගැනිමේ හැකියාව තිබෙනවා.අනිවාර්යයෙන්ම මේ Favorite Folder Option එක අපිට ගොඩක් වැදගත් වේවි. මේ තුලින් අපිට එදිනෙදා අවශ්‍ය වන Files ඉතා ඉක්මනින් සොයා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙහිදි වෙනම ඒ Files Copy කර තබා ගැනිමක් අවශය නොවන නිසා ඔබගේ Storage එක පිරියාමක්ද සිදු වන්නේ නැ.තවමත් මේ Favorite Folder Feature එකත් නිල වශයෙන් ලබා දිලා නැති වුනත් මේ Feature එක Google Files Beta Update එක මගින් ඉක්මනින්ම ලබා දෙනු ඇත.SOURCES :Beebom,XDA Developers
Facebook සමාගම විසින් Mapillary සමාගම මිලට ගනී, Google Street View වලට තරඟයක්ද?
Facebook සමාගම maps වලට සම්බන්ධ වැඩ කටයුතු කීපයක් පසුගිය කාලයේ කරා. පසුගිය අවුරුද්දෙ ඔවුන් AI tool එකක් OpenStreetMap users ලට open කරා. ඒ ලෝකයේ 3D map එකක් මත base උන AR Planet එකක් recreate කරන්න. ඒ වගේම මෑතකදි Covid-19 spread එකත් එක්ක users ලව දැනුවත් ව තියන්න interactive map එකකුත් release කරා. ඉතින් දැන් ඔවුන් Google Street View එකට alternative එකක් උනු Mapillary platform එක acquire කරා.Mapillary කියන්නෙ maps scale කරන්න සහ automate කරන්න පුලුවන් street-level imagery platform එකක්. 2013 වසරේ ඉඳන් රටවල් 190ක පමණ users ලා ප්‍රමාණයක ගෙන් මේ platform එකට විවිධ ස්ථානයන් වල photos එකතු උනා. ඉතින් ඒ photos Mapillary ලගෙ software එකෙන් stitch වෙලා immersive street-level view එකක් මේ තුල create වෙනවා. ඉතින් මේක basic විදිහට කීවොත් crowd-sourced Google Street View එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.ඉතින් මේ වෙනකන් ම Mapillery platform එක ඕනෑම user කෙනෙක්ට non commercial purposes සඳහා freely use කරන්න හැකියාව තිබුණා. ඒත් අද ඉඳන් commercial usersල ටත් මේක free වෙනවා. ඉතින් මෙතනදි Facebook සමාගම මේ service එක ඔවුන්ගේ platform එකට include කරන විදිහ ගැන අපිට clue එකක් ලැබෙනවා. ඉදිරියේදි ඔබට business වල street shots පවා Facebook හරහා දැකගන්න අවස්ථාව ලැබේවි. මේ acquisition එක හරහා Facebook ලගෙ maps ගැන තියෙන අපේක්ෂාවන් ඉටු කරගන්න පුලුවන් වෙනව කියල පැහැදිලීයී.ඉතින් කලින් කියපු විදිහට Google Street View එකේ ප්‍රධානත ම competitor කෙනෙක් විදිහට Mapillery platform එක හඳුන්වන්න පුලුවන්. ඔවුන් කාලයෙන් කාලයට වීවිධ tech giants ලගෙ අවධානය දිනාගන්නට සම්ත් උනා. අවුරුදු කීපයකට කලින් Amazon ලා මේ ගැන විශේෂ උනන්දුවක් දැක්වූවා. Apple Maps, Bing Maps පවා කාලයෙන් කාලයට Google එක්ක compete කරන්නඋත්සාහ කරත් ඒව ව්‍යර්ථ උනා. ඒත් Facebook ලා Mapillary මිලට ගැනීම නම් Google ලට serious ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.Source:Yahoo Finance|Mapillary Blog
SLT Anytime packages ගැන TRCSLහි approval notice එකක් හරහා වාර්තා වේ
අද දිනයේදී නිල නොවන මාර්ගයකින් ලැබුණු TRCSLහි Tariff Approval No: TRC/SLT/PRO/20/04 අංකය දරණ Approval Tariff ලියවිල්ල හරහා ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නෙක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් anytime data package සඳහා ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය TRCSL හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඉහත කී අනුමැති අංකය ඔස්සේ ලබා දී ඇති බව වාර්තා විය.එම අනුමැති ලිපියට අනුව නවතම Anytime පැකේජ වල මිල ගණන් සහ ලබාදෙන දත්ත ධාරිතාවය සමඟ ලබාදෙන වේගය පහත පරිදි වේ.ඉහත රූපය පැහැදිලි නොමැති නම් ඔබට අප විසින් ඉහත document එකේ PDF file එකdownloadකරගත හැක.ඊට අමතරව මේ පිළිබඳ RedditහිSri Lankacommunity එක තුලද කතා බහට ලක්වී තිබුනේ පහතාකාරයෙනි.SLT introducing all new “Anytime data packages” !fromsrilankaමෙම ලියවිල්ල ලැබුණු පසු මුලින්ම අප කලේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වෙන්ව ඇති පිටුව වෙත ගොස් ඒ සඳහා පත් කල ඇති නිලධාරිනිය වන සුජීවා රොද්‍රිගෝ මහත්මිය වෙත email පණිවිඩ කිහිපයක් ඔස්සේ මෙය තහවුරු කරගැනීමට පණිවිඩයක් යැවීමයි. අද දහවල් සිට මේ වනතුරුත් අපට එම email පණිවිඩ සඳහා පිලිතුරු නොලැබුණි.ඒ කෙසේ වෙතත් මේ ආකාරයෙන් අනුමැතිය ලැබී ඇතැයි සැලවී ඇති Anytime data packages නම් දැන් පවතින ඒවාට වඩා ලාභදායක නොවන ඒවා බව Android වැඩකාරයෝ අපගේ අදහස. මෙය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වේදැයි අපි බලාගෙන ඉමු.
Brave browser එක විසින් cryptocurrency website වලට referral links යොදා ඇති බව හෙලි වේ
Brave බ්‍රව්සරය මුලින්ම ආරම්භ කළ දා සිටම එය පුද්ගලිකත්වයට නැඹුරු බ්‍රව්සරයක් විදිහට මුළු ලෝකයේම ප්‍රචලිතයි. කෙසේ වෙතත්, පුද්ගලිකත්වය පෙරටුව තබාගෙන ආරම්භ කළ බ්‍රව්සරය පසුකාලීනව Basic Attention Tokens (BAT) සමඟ ගෙවීම් සඳහා වෙළඳ දැන්වීම් සඳහා දැන්වීම් ලබා දීමට පරිශීලකයින් උනන්දු කිරීමට පටන් ගත්තේය. BAT යනු Brave බ්‍ර්ව්සරයටම අයත් cryptocurrency වර්ගයකි.Apparently Brave Browser is embedding its referral codes into URLs for major cryptocurrency trading websitesBrave browser එක විසින් URL වලට ලෝකයේ ප්‍රධාන crypto currency trading websites වලට referral codes embed කර ඇති අතර මේ පිළිබඳව ට්විටර් පරිශීලකයෙකු විසින් දැමූ ට්වීට් එකක් සමඟම මෙම ගැටළුව අන් අයගේ අවධානයට ලක් විය.So when you are using the@bravebrowser and type in "binance[.]us" you end up getting redirected to "binance[.]us/en?ref=35089877" - I see what you did there mates ?— Cryptonator1337 (@cryptonator1337)June 6, 2020Address bar හී “binance.us” ටයිප් කරන විට එය ස්වයංක්‍රීයව “binance.us/en?ref=35089877” ලෙස වෙනස් වන බව ඔහු දුටුවේය. එය පැහැදිලිවම Affiliate marketing ගණයට වැටෙන කෝඩ් එකක් බව ඔහු හඳුනාගෙන ඇත. බ්‍රව්සරයේGitHubපිටුවට අනුව, බ්‍රව්සරය මෙය සිදු කරන්නේ Coinbase, Ledger, සහ Trezor ඇතුළු crypto-trading වෙබ් අඩවි සමූහයක් සඳහා ය.එම tweet එකට ප්‍රතිචාර වශයෙන්, Brave හී ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ "මෙම ක්‍රියාවෙහි කිසිදු වැරැද්දක් ඇතැයි තමා විශ්වාස නොකරන බවයි."Yes, we partner with Binance as an affiliate. That code identifies us, not you.— BrendanEich (@BrendanEich)June 6, 2020ඔහුගේ ට්වීට් එකේ ඔහු පෙන්වා දෙන්නේ එම code එකෙන් හඳුනාගනු ලබන්නේ බ්‍රව්සරය මිස පරිශීලකයා නොවන බවයි. එය සත්‍යයකි, නමුත් ගැටලුව එය නොවේ. මිනිසුන් සාමන්‍යයෙන් පිවිසෙන සහ මුදල් උපයන වෙබ් අඩවි වලට එහි referral link එකතු කරනු ලබයි. එපමණක් නොව, අනුබද්ධ වැඩසටහන් සමහර විට සමාගම්වලට ඒවා භාවිතා කරන පුද්ගලයින් පිළිබඳ දත්ත බැලීමට ඉඩ දෙයි.Android Policeවාර්තා කරන පරිදි, ට්‍රෙසෝර්“detailed overview of purchases”එකක් ඉදිරිපත් කරයි. එමඟින් ගනුදෙනුකරුවන් ඔවුන් ලියාපදිංචි වූ referral link මගින් තොරතුරු ලබාගත් අනුබද්ධ සමාගම් වල තොරතුරු ලබාගත හැකිය.Brave GitHub repoඑකේ පවසා ඇති අන්දමට, developersලා පවසන්නේ toggle එකක් මගින් මෙම විශේෂාංගය අක්‍රිය කළ හැකි බවයි. මීළඟට පැමිණීමට නියමිත stable update එකට පසුව default settings වලින්ම මේ toggle එක disable කර එවනු ලබන බවද පවසා ඇත.
Samsung සමාගම තම නිෂ්පාදන සඳහා උසස් AI තාක්ෂණයන් භාවිතා කිරීමට සැරසෙ​යි
Samsung සමාගම සිය නිෂ්පාදනයන් සඳහා උසස් AI හැකියාවන් එකතු කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා. ඒ මැලේසියාවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජිකයෙකු විසින් මෙසේ AI උපාංග නිපදවීම සඳහා ඔවුන් වෙනත් සමාගම් සමඟ එකතු වන බවට ප්‍රකාශ කිරීමත් සමඟින් ය.open to collaborating with various partners to find better AI technologies in the future.මීට බොහෝ කලක පෙර සිටම Samsung ජංගම දුරකතන වෙත මෙසේ AI එක් කිරීම සිදු කොට තිබෙනවා. ඒ Bixby නම් Personal Assistant කෙනෙකු ජංගම දුරකතන වෙත ඇතුළත් කිරීමත් සමඟින් ය. කෙසේ නමුත් මෙය ChatGPT තරම් දියුණු නොවූ වත් Personal Smartphone Assistantලා අතරින් Bixby ඉතා දියුණු මට්ටමක පවතිනවා.Smartphones හැරුණු විට Samsung සමාගමේ අභිලාෂය වන්නේ vacuum cleaners ඇතුළු Smart Home Devices සඳහාද ඉතා උසස් මට්ටමකින් යුතුව AI භාවිතා කිරීමය. එම නිසා උසස් Language Models පිළිබඳව සමාගමේ ඉදිරි දැක්ම Smartphones, Tabs සහ Laptop වලින් ඉදිරියට විහිදිය හැක.මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින්න.Source:sammobile.com
Python භාවිතා කරමින් PDF Audio Reader එකක් නිර්මාණය කරමු
අපි කලින් Article එකෙන් ඉගෙන ගත්තාසරල Code Line 4 කින් Text Reader එකක් නිර්මාණයකරගන්නා අකාරය. ඉතින් අද Article එකෙන් මම ගෙනාවා පයිතන් Use කරලා PDF Audio Reader Software එකක් නිර්මාණය කරගන්න Steps 7ක් .Step 1Install Python Softwareපයිතන් software එක install කර ගැනීමට පහත link එකclick කර Download button  එක click කරන්න.https://www.python.org/downloads/Step 2Install Python text to speech version 3 Packageමේ සදහා ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.Pip install pyttsx3Step 03Install PyPDF2 Packageමේ සදහාද ඔබගේ පරිගනකයේ CMD එක Open කර පහත Command එක Type කර enter කරන්න.Pip install pyPDF2Step 04Python IDLE එක open කරගන්න.“File > New File “  Click කර New File එකක් Create කරගන්න.Step 05පහත සපයා ඇති Code එක ඔබCreate කල New File එක මතට Copy Paste කරන්න.import pyttsx3import PyPDF2from tkinter.filedialog import *book=askopenfilename()pdfreader=PyPDF2.PdfFileReader(book)pages=pdfreader.numPagesfor num in range(0,pages):page=pdfreader.getPage(num)text=page.extractText()player=pyttsx3.init()player.say(text)player.runAndWait()Step 06ඔබට අවශ්‍ය නමක් ලබා දී එය අවසානයට “.py” ලෙස Save යොදා කරන්න. Ex:- PDF Reader.pyStep 07Save වී ඇති Python File එක Double click කර Open කර PDF එකක් පරිගණකයෙන් Browse කර Select කරන්න.
ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කර​යි
මේ වන විට ලොව පුරා Apple Devices (iPhones, iPads, Macs) බිලියන දෙකකට අධික ප්‍රමාණයක් සක්‍රීයව තිබෙන බවට නවතම වාර්තා සඳහන් කරනවා.මෙය 2020 වසරේ බිලියන 1.5ක අගයක් පැවති අතර 2016 වසරේ බිලියන 1ක අගයක් පැවතුණි. මේ අතරින් පෙනෙනුයේ මෙම අගය කාලයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් වැඩිවූ බවත් ය.කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාල වූ සැපයුම් කටයුතු 2021 වසරේදී වාර්තාගත ලෙස ඉහළ නංවා ගැනීමට Apple සමාගමට හැකියාව ලැබුණු නිසා මෙලෙස සක්‍රීය Devices ප්‍රමාණය බිලියන දෙකේ සීමාවට පැමිණීමට ආසන්නතම හේතුවක් විය.දැනට ලෝකයේ Android Devices බිලියන 3කට අධික ප්‍රමාණයක් සක්‍රීයව ඇති බවට Google සමාගම 2021 වසරේදී නිකුත් කළ වාර්තා වල සඳහන් වූවා. කෙසේ වෙතත් මෙයට නම් හේතුව වන්නේ Android සමඟ Smartphone brands විශාළ ප්‍රමාණයක් සිටින හෙයිනි. එයත් සමඟ සන්සන්දනය කොට බලන විට Apple සමාගම පමණක් සතුවූ මෙම Devices මෙතරම් ප්‍රමාණයක් අලෙවි වීම විශේෂ කරුණක්.Source:theverge.com9to5mac.com
WhatsApp ගිණුමේ ආරක්ෂාවට තවත් verification code එක​ක්
Whatsapp හි දැනටමත් පරිශීලකයාගේ privacy ආරක්ෂා කිරීම සදහා විශේෂාංග ගණනාවක් ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් එය දෙගුණ කිරීමට මේ වන විට සූදානම් වෙමින් පවතී. Whatsapp ගිණුමකට ඇතුල්වීමේදී තවත් සත්‍යපාත කේතයක් එකතු කිරීමට Whatsapp සමාගම විසින් කටයුතු කරමින් පවතී.WABetaInfo විසින් ඉදිරිපත් කර ඇතිනව වාර්තාවටඅනුව ඔවුන් “Double Verification Code” නම් නව විශේෂාංගය සංවර්ධනය කිරීමක් පිළිබඳව ඉඟි පළකරයි. ඔබ වෙනත් ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඔබගේ WhatsApp ගිණුමට ලොග් වීමට උත්සාහ කරන විට verification code හි තවත් එක් පියවරක් පෙන්වනු ඇත. මෙය දැනට පවතින one-step verification ක්‍රියාවලියට අමතරව තවත් වැඩි දියුණු වූ ක්‍රියාවලියක් ලෙස පැවසේ.පළමු verification codeය සාර්ථකව ඇතුළත් කළ විට, නැවතත් ඉලක්කම් 6 කේතයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති බව පැවසේ. එයද ගිණුම අයිති දුරකථන අංකයට එවනු ලැබේ. මෙයින් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ කිසියම් WhatsApp ගිණුමක් වෙත ලොග් වන්නේ එහි අයිතුකරුබව සහතික කිරීමට  හා සමහර සයිබර් අපරාධකරුවන් නොවන බව සහතික කර ගැනීමටයි.Image: WABetaInfoමේ දිනවල සිදුවන WhatsApp ගිණුම් සොරකමට තිත තැබීමක් ලෙස WhatsApp ආයතනය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇත. මෙමගින් කිසියම් හැකර් කෙනෙකුට WhatsApp ගිණුමකට ලොග් වීමට නොහැකිවන බව තව දුරටත් ඔවුන් පවසා ඇත. එය එසේනම් මෙය ඉතා හොද අදහසක් වනු ඇත.කෙසේ වෙතත් මෙය පරිශීලකයන්ට ලබා දෙන දිනයක් පිළිබදව තවම සදහන් කර නොමැත. එය තවම සංවර්ධන මට්ටමේ පැවතෙන බව පැවසේ. එය beta පරිශීලකයින් වෙත ළඟා වීමට යම් කාලයක් ගත විය හැකි අතර සාමාන්‍ය පරිශීලකයින් සඳහා ලබා ගත හැකි වීමට ඊටත් වඩා කාලයක් ගතවනු ඇත. ඒ සදහා දිනයක් තවම නියම කර නැත. Android සහ iOS යන දෙකටම මෙම privacy විශේෂාංගය පැමිණෙන ඇතැයි අප විශ්වාස කරමු.Source:Beebom
පාට වලින් කියන්නෙ මොනවද? මාකටින් වලදි මොනවද පාවිච්චි කරන්න ඕන පාට?
පාටවලින් මොලේට කොච්චර ලොකු බලපෑමක් කරනවද කියන දේට මේ පොඩි සටහන එක්ක එන ෆොටෝ එක ලොකු උදාහරණයක්. Pizza Hut, KFC, Domino’s, McDonald’s වගේ ලොකු ලොකු කෑම කඩ ඔක්කොම රතුපාට මුල් කරගන්නෙ ඇයි කියලා දන්නවද? මේ විදියට බැලුවම හැම වර්ණයක්ම එක රූපයකට එන්නෙ විවිධත්වය හඟවන්නයි. ඉතිං ඒකට Google සහ eBay තරං හොඳ සාක්ෂි වෙන කොහෙන්ද?1. කහකහ පාටින් හැඟවෙන්නෙ සර්වශුභවාදය. කහ පාටින් ඔබේ මොළය උත්තේජනය කරලා සර්වශුභවාදය ඉස්මතු කරනවා. ඒ පැහැදිලිබව සහ ඒ තුළින් හඟවන උනුසුම්දායී හැඟීම නිසායි.2. තැඹිලිඑය වඩා උද්දාමය සහ ආත්ම විශ්වාසය තුළින් මිත්‍රත්වයේ හැඟීම් දනවනවා. ඒ වර්ණයෙන් නිකලෝඩියන් චැනලය, වීඑල්සී ප්ලේයරය, හාලි ඩේවිඩ්සන් සහ ෆැන්ටා ලෝගෝ ඉදිරිපත් කරතිබීම පුදුම වන්නට කරැණක් නොවන්නේය.3. රතුඔබ මෙම සටහනෙහි ඉන්ට්‍රඩක්ෂන් එක කියවූවා නම් මෙය වටහාගනු ඇත. ඒ රතු වර්ණයෙන් කෙරෙන තාරුණ්‍යෙය් ජවගැන්වුමයි. එය ඔබේ මනස හරහා කරන බලපෑම වඩා තාත්වික ලෙස මාකටින් වෙත යොදාගත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.4. දම්දම් වර්ණය යනු නව අදහස් සහ ඥානය සංකේතවත් කරන්නයි. ඒ හරහා නිර්මාණශීලීත්වය කියන කාරණය ඔබේ මනස තුළ උලුප්පන අතර ඔබට මෙහි සඳහන් රූපයෙන් ඊට බොහෝ නිදසුන් සොයාගත හැකි වනු ඇත.5. නිල්නිල් වර්ණය යනු විශ්වාසයේ සංකේතවත් කිරීමක් සහ ශක්තිය පෙන්වන්නකි. එනිසා ඔය ඔබේ දිවිය හා බැඳි දේ වෙනුවෙන් මාකටින් කරනන්නන් යොදාගනු ඇත. වර්තමාන ජීවිතය තාක්ෂණය විසින් ආක්‍රමණය කිරීමත් සමග ඒ සමාගම් මොනවාදැයි ඔබට රූපය නොබලාම සිතාගත හැකි වනු ඇත.6. කොළකොළ වර්ණය වර්ධනය සහ සෞඛ්‍ය සම්පන්න බව හරහා සාමාදායී වාතාවරණයක් මනස තුළ ඇති කරවයි.7. අළු සහ සුදුමෙම වර්ණය දුටු වනම සිහිවන නිස්කලංක බව මෙහි සංකේතයයි. එය සමතුළිතබව යන මූලික මතය මනසේ ගොඩනගයි. එයට විකිපීඩියා කෙතරම් සාර්ථක උදාහරණයක්ද?
හැකර් ප්‍රහාරයක් හේතුවෙන් Binance blockchain network එකට ඩොලර් මිලියන ගණනක පාඩුව​ක්
Binance ලොව විශාලතම Crypto Currency හුවමාරු ලෙස හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් පසුගිය 06 වන දින හැකර්වරැන් පිරිසක් විසින් Binance තුලින් ඩොලර් මිලියන 570ක පමණ වටිනාකමෙන් යුතු BNB Tokens සොරකම් කර තිබෙනවා.පසුගිය සිකුරාදා Binance විසින් ගණනය කර තිබුනේ ඩොලර් මිලියන 100ත් 110ත් අතර ප්‍රමාණයක ටෝකන් හැකර්වරැන් විසින් සොරකම් කර ඇති බවයි. මේ නිසා බලපෑමට ලක්වු Blockchain එකේ ක්‍රියාකාරිත්වය පැය අටක පමණ කාලයක් සදහා නවතා දමා තිබෙනවා.පසුව සමාගම විසින් දක්වා තිබුණේ හැකර්වරැන් විසින් BNB Cryptocurrency මිලියන 02ක පමණ ප්‍රමාණයක් සොරකම් කර තිබෙන බවයි. මේ එක් BNB Cryptocurrency එකක වටිනාකම ආසන්න ලෙස ඩොලර් 284ක් පමණ වනවා. Binance System දෙකක් අතර Bridge එකක් වන BSC Token Hub එක ඉලක්ක කර ගනිමින් මෙම හැකර් ප්‍රහාරය සිදු කර තිබෙනවා.Binanceහී නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන Changpeng Zhao විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට මුදල් ආරක්ෂිත සහ සිදුවු අපහසුතාවට සමාව අයදින බවයි.An exploit on a cross-chain bridge, BSC Token Hub, resulted in extra BNB. We have asked all validators to temporarily suspend BSC. The issue is contained now. Your funds are safe. We apologize for the inconvenience and will provide further updates accordingly.— CZ 🔶 Binance (@cz_binance)October 6, 2022එමෙන්ම ඔවුන්ගේ Blog Post එකේ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ Bridge Smart Contract හි සිදුවු Bug එකක් නිසා හැකර්වරැන්ට මෙලෙස Binance Cryptocurrency සොරකම් කිරිමට හැකිවු බවයි. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට මේ සොරකම නිසා ඔවුන්ට නැවත ලබා ගත නොහැකි ආකාරයට ඩොලර් මිලියන 100ක් පමණ ද අහිමි වි තිබෙනවා.https://www.ft.com/content/62d8e718-8b55-40df-8599-eeda13c59d3bhttps://www.cnbc.com/2022/10/07/more-than-100-million-worth-of-binances-bnb-token-stolen-in-another-major-crypto-hack.html
Android system update එකක් ආකාරයට පැමිණෙන නව spyware එකක් හඳුනාගැනීමට විශ්ලේෂකයන් පිරිසක් සමත් වේ
Security Patches Update වලට ඔයාල ගොඩක් අය එච්චරම කැමති නෑ නේද ? මොකද ගොඩක් අය කැමතිම Android Updates වලට, එහෙම නැත්නම් Major Updates වලට.. නමුත් අපි හැමෝම හොඳින්ම දැනගන්න ඕන Major Updates වගේම Security Patches අපේ Smartphone එකට අත්‍යාවශයි කියල. ඒ මොකද කියනව නම් ජංගම දුරකථන වලට එල්ල වෙන Malicious Attacks වලින් ඔයාගෙ Smartphone එක ආරක්ෂා කරන්නෙ මේ Security Patches Updates හරහා. ඉතින් ඒ නිසා මාසෙන් මාසෙට ඔයාට ලැබෙන Security Patches Updates ඉක්මනින්ම දාගන්න අමතක කරන්න එපා.සාමාන්‍යයෙන් ඔයා Apps Download කරගන්නෙ Play Store හරහා නම් ඒක ගොඩක් හොඳ තීරණයක්. වාර්තා වන ආකාරයට පසුගිය දින කිහිපයේ ඉඳන්ම Attackers ල එහෙමත් නැත්නම් විවිධ වෛරස් බෙදාහරින්නන් උත්සහ කරමින් ඉන්නෙ බොහොම භයානක වගේම හානිදායක වෛරස් ඔයාගෙ Smartphone එකට එවන්න. ඒ නිසා ඔයා Play Store වලින් හැර වෙනත් ක්‍රම මගින් Apps Download කරද්දි ටිකක් පරිස්සම් වෙන්න.ඉතින් මේ වෛරස් බොහොම සූක්ෂම විදියට තමයි අපේ Smartphone එකට එන්නෙ. පසුගිය සතියෙදි Mobile Security Researchersල සොයගන්න සමත් වෙනව System Update එකක් විදියට අපේ Smartphone එකට Install වෙන Spyware App එකක්. මේ හරහා අපේ Smartphone එක සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ බලය/අවසරය මේ App එකට ලැබෙනව.පළමුවෙන්ම මේ ආකාරයේ Spyware App එක සොයාගනු ලැබුවේ Zimperium නම් ආරක්ෂක සමාගමයි. නවීන ආකාරයෙන් නිර්මාණය වී තිබූ මෙම App එක අපගේ ජංගම දුරකථනයට ඇතුලු වන්නේ Google Play Store හැර වෙනත් ක්‍රමයන් මගින් Apps Install කිරීමෙන්ය. ඉන්පසුව සාමාන්‍ය System Update එකක් ලෙස ජංගම දුරකථනයට ලබා දෙන ව්‍යාජ Update එකක් හරහා අදාළ Spyware App එක අපගේ ජංගම දුරකථනයට Install වේ. මේ ආකාරයට එය Install වූ පසු අපගේ දත්තයන් කිසිවක් ආරක්ෂා වන්නේ නැහැ.මේ Spyware App එක හරහා අපගේ ජංගම දුරකථනයේ Messages, Contacts, Search History සහ Bookmarks බැලීමට සහ Upload කිරීමට හැකිය. එමෙන්ම එයට අප සිටින ස්ථානය නිරීක්ෂණය කිරීමට (Track Locations), කැමරාව භාවිතයෙන් ඡායාරූප ලබා ගැනීමට, ලබගන්නා හා ලැබෙන දුරකථන ඇමතුම් සහ බාහිර ශ්‍රව්‍ය උපකරණයන් පටිගත කිරීමට සහ ඔබ දැනට Copy කරගෙන ඇති Content එක පවා ලබා ගැනීමට හැකිය.කොහොම නමුත් මෙවැනි අන්තර්ගතයන් ඇතුළත් Apps කිසිවිටකත් Play Store තුළ නැහැ. ඒ නිසා Play Store හරහා පමණක් Apps Install කරගන්නා අය අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා.. මුලින්ම මතක් කරා වගේ ඔයාට ලැබෙන Security Updates Install කරගන්න අමතක කරන්න එපා. එ වගේම Play Store හැර Apk ආකාරයට Apps Install කරගන්න කෙනෙක් නම් APK Mirror වගේ Site එකක් භාවිත කරනව නම් ගොඩක් හොඳයි.Source :- Android Police
අද දින සිට ඇරඹෙන එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නරඹන්නේ මෙහෙමයි
ලොව පුරා ක්‍රිකට් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින 13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 19 වන දින ඉන්දීයාවේදී ඇරඹිමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා. Android වැඩකාරයෝ සමඟ එකතු වී සිටින ඔබ මේ වන විටත් දන්නවා ඇති මේ තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලබා දෙන කුසලානයඅභ්‍යාවකාශයට ගමන් කළ ලොව පළමු කුසලානයබවටත් පත් වු බව.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී විමට පසුගියදා ඉන්දියාව බලා පිටත් වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.මේ ලෝක කුසලාන තරඟාවලිය 2019 වසරේදී මෙන් Single Round-Robinආකාරයට පැවත්වෙන අතර මේ සඳහා සහභාගී වන කණ්ඩායම් 10ම එකිනෙකා සමඟ තරඟවැදිය යුතු වනවා. එම සියලුම තරඟ අවසන් වීමෙන් පසුව ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වන අතර ඉන් ජයග්‍රහණය කරණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරඟය සඳහා තේරි පත්වනවා. ලෝක කුසලාන තරඟාවලියේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 7වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්හි හීදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවක් වන TV 1 නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹිමට හැකිවනවා. ඒ අනුව පහත සංඛ්‍යාත ඔස්සේ ඔබට TV1 සුසර කරගත හැකිවනවා.කොළඹ - UHF 58 (767.25MHz)මහනුවර/කෑගල්ල/ගම්පහ - UHF 51 (711.25 MHz)ගාල්ල/මාතර/හම්බන්තොට/රත්නපුර ඇතැම් පෙදෙස්/කළුතර සෙවනැලි කලාප - UHF 53 (727.25 MHz)මාතලේ,මහනුවර ඇතැම් කොටස්,කුරුණෑගල/පුත්තලම/බදුල්ල ඇතැම් කොටස්/ත්‍රිකුණාමලය/මන්නාරම/අනුරාධපුර/පොළොන්නරුව/මඩකලපුව - UHF 53 (727.25 MHz)රත්නපුර සහ සබරගමුව ඇතැම් කොටස් - UHF 54 (735.25 MHz)බදුල්ල, මොණරාගල, මාතර, හම්බන්තොට, පොලොන්නරුව, මාතලේ ලග්ගල - UHF 58 (767.25 MHz)නුවරඑළිය පහළ කොටස් - UHF 29 (535.25 MHz)මතුගම (රන්නලගල)/කළුතර සෙවනැලි කලාප - UHF 53 (727.25 MHz)යාපනය - UHF 34 (575.25 MHz)නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්) UHF 59 (775.25 MHz)නුවරඑළිය, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, කෑගල්ල, බදුල්ල ඇතැම් කොටස් ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආවරණය කරයි.Dialog TV පාරිභෝගිකයන් සඳහා Star Sports 1 SD (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේ ද PEOTV පාරිභෝගිකයන් සඳහා Event TV SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ද ඔස්සේ නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා. තවද Freesat පාරිභෝගිකයන් සඳහා TV1 (Channel 10) ඔස්සේ නැරඹිය හැකිවනවා.මීට අමතරව FM 92.7 ඔස්සේ Y FM හරහා සියලුම තරඟවල සජීවී විස්තර විචාරයට සවන්දිය හැකියි.එමෙන්ම මේ තරගාවලියේ සියලූම තරග Dialog Viu සහ PEOTV Go App ඔස්සේ දසිරස TVවෙබ් අඩවිය ඔස්සේ ද සජීවිව නැරඹිමේ හැකියාව ලැබෙනවා.
Samsung Galaxy S22 ජංගම දුරකතන මාලාව පෙබරවාරියේදී එලිදක්වන බවට Samsung සමාගම තහවුරු කර​යි
Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship ජංගම දුරකතනය වන Samsung Galaxy S22 මාදිලිය මෙම වසරේ පෙබරවාරි මස එලිදැක්වීමට සූදානමින් සිටින බව Samsung Electronicsහි MX Business අංශයේ සභාපති සහ ප්‍රධානියා ලෙස කටයුතු කරන TM Roh විසින් ප්‍රකාශ කර තිබෙනවා. නව Galaxy Unpacked event එක ගැන එලිදැක්වූ teaser video එක පහතින් දක්වා ඇත.TM Roh ප්‍රකාශ කර ඇති ආකාරයට ලබන මස පැවැත්වෙන Unpacked event එකේදී Samsung සමාගම විසින් මෙතෙක් එළිදැක්වූ "the most noteworthy S series device" එකක් එලිදැක්වීමටද ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඔහු එහිදී ප්‍රකාශ කල Noteworthy නම් වචනයෙන් Samsung Galaxy ලෝලීන් වෙත යම් ඉඟියක් පල කර සිටින්නේ, Samsung සමාගම විසින් නවතා දැමූ Samsung Galaxy Note ජංගම දුරකතන මාලාව Samsung Galaxy S දුරකතන මාලාව සමඟින් Galaxy S මාදිලියේ දුරකතනයක් ලෙසින් නිකුත් කරනු ඇති බවයි. මේ පිළිබඳව අප විසින් ඔබට පෙර කරන ලද වාර්තා කිරීම් වලදි සඳන් කරනු ලැබුවා.2021දී අවසන් කෙරුනු Samsung Galaxy Note දුරකතන මාලාවේ අවසාන වරට එලිදැක්වීමේදී හදුන්වාදුන් Galaxy Note 20 Ultra මාදිලිය මෙම වසරේ​දී නැවත වතාවක් Galaxy S දුරකතන මාලාවේම කොටසක් වශයෙන් Galaxy S 22 Ultra නමි​න් එලිදැක්වීමට Samsung සමාගම විසින් සූදානම්ව සිටින බවද වාර්තා වෙනවා. එම වාර්තා වලට අනුව, මෙවර Samsung Galaxy S22 Ultra දුරකතනය සමඟින් Samsung සමාගම විසින් එලිදැක්වූ වේගවත්ම S Pen එකද ලබා දීමට සූදානම් වනවා.වැඩිදුරටත් අදහ​ස් දක්වමින් TM Roh විසින් ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රීකාලයේදී ඉතාමත් හොඳ ඡායාරූප ලබා ගැනීම සහ වීඩියෝ දර්ශන පටිගත කිරීමේ හැකියාව S22 මාදිලිය හරහා පාරිභෝගිකයන්ට හිමිවන බවත්, අනෙකුත් ජගම දුරකතන වලට වඩා වැඩි කාලයක් රදා පවතින බැටරි බලයක්, වේගවත් අත්දැකීමක් සහ නව පහසුකම් රැසකින් මෙම මාදිලිය බල ගැන්වෙන බවයි.Source:Samsung
Instagramහි බිඳ වැටීමක් නිසා ලොව පුරා වෙසෙන පරිශීලකයන්ගේ ගිණුම් රැසක් අතුරුදහන් වේ, Instagram යලි යථා තත්වයට
මීට සුලු වේලාවකට පෙර ලොව ප්‍රමුඛ සමාජ ජාලා යෙදවුමක් වන Instagram යෙදවුමේ පරිශීලකයන්ගේ ගිණුම් තුළට Log in වීමේ ගැටලුවක් වාර්තා වු අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පරිශීලකයන් සඳහන් කරනු ලබන්නේ තම ගිණුම් වෙතට ඇතුල් වීමේදී එම ගිණුම අත්හිටුවා ඇති බවට සඳහන් කිරීම නිසා අපහසුතාවයට පත් වු බවයි.මෙලෙස Instagram ජාලය වෙත පිවිසීම සඳහා බාධා ඇතිවීම Mobile App එක සඳහා පමණක් සීමා නොවන බවත්, එය Web Browser හරහා ද දිගින් දිගටම සිදුවන බවත් පරිශීලකයන් සඳහන් කරනු ලබනවා.මෙම දෝෂය පිළිබඳව මේ වන විටත් Instagram විසින් තම Twitter ගිණුම හරහා දැනුම් දී ඇති අතර ඉන් සඳහන් කරනු ලබන්නේ Instagram ජාලය තුළ පරිශීලක ගිණුම් සඳහා පිවිසීමේ ගැටලුවක් පැනනැගී ඇති බවත් එම දෝෂය හේතුවෙන් සිදුවූ අපහසුතා සඳහා පරිශීලකයන් ගෙන් සමාව අයදින බවයි.We're aware that some of you are having issues accessing your Instagram account. We're looking into it and apologize for the inconvenience.#instagramdown— Instagram Comms (@InstagramComms)October 31, 2022මෙම අසාමාන්‍ය තත්වයට අමතරව ඇතැම් පරිශීලකයන් සඳහා ලැබී ඇති පණිවුඩය වන්නේ ඔවුන් Instagram හි ඇති Community Guidelines උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, තවත් දින 30 ක කාලයක් තුළ Instagram විසින් පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට මැදිහත් වන බවත්ය. එසේම එලෙස තම අනන්‍යතාවය තහවුරු කිරීමට අපහසු වන්නේ නම් එම ගිණුම් ස්ථිරවම ඉවත් කරන බවටත් එහි සඳහන් වන බව පරිශීලකයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ Screenshots පළ කරමින් සඳහන් කර තිබෙනවා දැක ගන්න පුලුවන්.Same here! Can you please address the issue asap@instagram@InstagramComms@Metahttps://t.co/jCeOVh7Sfg— Sarakshi Rai (@Sarakshi)October 31, 2022Did anyone else's Instagram just get suspended for no reason? And now Instagram won't even bother to let you appeal it just gives you an error?#InstagramDown?— Mike (@ModSquadMike)October 31, 2022What is this happening?Like without violating any rule, my instagram was suspended?And now it’s not loading at all.@instagramshould take the responsibility for this and resolve this ASAP.#Instagramcrashing#instagramerror#instagramdown#Instagrampic.twitter.com/ipzy5Bm8XI— Dr. Priya Sharma 🇮🇳 (@priyasharma0231)October 31, 2022කෙසේ වෙතත් පසුගිය දා WhatsApp සමාජ මාධ්‍යයේ සිදුවූ බිඳ වැටීම මෙන්ම මෙම බිඳ වැටීම පිළිබඳවදDowndetectorවෙබ් අඩවිය ඔස්සේ පරිශීලකයින් විශාල ප්‍රමාණයක ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කර ඇත. මෙම ප්‍රතිචාර වලට අනුව බොහෝ පරිශීලකයන්ගේ ගැටලුව වී ඇත්තේ Instagram App එකට පිවිසීමට අපහසුතා ඇති වීමත් තම ගිණුම වෙත පිවිසීමට ගැටලු ඇතිවීමත් ය.මේ වන විට මේ ගැටළුකාරී තත්වය මඟ හරවා ගනිමින් පෙර පැවති ආකාරයටම තම සේවාව ලබා දීමට Meta වෙත හැකියාව ලැබී තිබෙනවා.Sources:www.bloomberg.com9to5mac.com
Dialog සමාගම විසින් Voice over 5G (VoNR) ශ්‍රී ලංකාව තුල සාර්ථකව අත්හදා බැලීමට සමත් වේ
ඔබ මේ වන විටත් හොදින්ම දන්නවා Dialog සමාගම විසින් ඔවුන්ගේ 5G ජාලය මේ වන විට වඩාත් පුළුල් කර ඇති බව. ඒ අනුව මේ වන විට කොළඹ ඇතුළු දිව⁣යිනේ ස්ථාන 70කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි 5G ජාලය ව්‍යාප්ත කර තිබෙනවා.Dialog සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ 5G භාවිත කරන පාරිභෝගිකයන් සඳහා Voice over New Radio (VoNR) පහසුකම හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව මේ VoNR පහසුකම ඔස්සේ ඉතා ඉක්මනින් දුරකථන ඇමතුම් සම්බන්ධ කිරීම, එකිනෙක හා සම්බන්ධ වන කටහඬ අතර කාලය ප්‍රමාදය අවම කිරීම සහ ඇමතුම්වල ගුණාත්මක බව වැඩි වීම ආදි වැඩි දියුණු විම් රැසක් ලැබෙනවා.මේ සේවාව ලබා දීම සඳහා Dialog සමාගම සඳහා තාක්ෂණය සපයනු ලබන්නේ Huawei සමාගම විසින් වන අතර 5G VoNR යනු 4G පාරිභෝගිකයන් සඳහා ලබා දී ඇති VoLTE පහසුකමට මෙන්ම 5G සඳහා ලබා දෙන පහසුකමක් වනවා.ශ්‍රී ලංකාව තුල මෙම පහසුකම අත්හදා බැලූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.Source:www.dialog.lk
Laptop එකක් මිලදී ගැනීමේදී ඔබ අනිවාර්‍යෙන්ම සැළකිලිමත් විය යුතු කරුණු 10ක්
ඔයා අලුතින් Laptop එකක් ගන්න ඉන්නවා නම් මේ ලිපිය ඔයාට. මෙතනදී අපි Gaming laptops ගැන සාකච්ඡා කරන්නේ නැහැ.1. Laptop එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන ඇයි?ඔයා ගොඩක් වෙලාවට Laptop එකක් ගන්න යද්දී බොහෝ වෙලාවට කරන්නේ ඔයා දන්න කෙනෙක් පාවිච්චි කරන Laptop එකේ Model එකම Store වල හොයන එක, ඒත් ඒ විදිහට ඔයාගේ Requirement එකට අවශ්‍ය Laptop එක ඔයාට තෝරගන්න බැහැ. ඒක නිසා මේ ලිපිය හොඳින් කියවලා ඔයාගේ Requirements වලට අවශ්‍ය Laptop එක තෝරගන්න.2. ප්‍රමාණය සහ බර තෝරාගන්නේ කොහොමද?ඔයා ගොඩක් Travel කරන කෙනෙක් නම් ඔයාට ගැළපෙන්නේ Note book වර්ගයේ Laptop එකක්. එහෙම නැති වුනත් රාත්තල් 3ත් 4.5ත් අතර laptop එකක් සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට ඉතාම පහසුයි.3. Screen එකේ ගුණාත්මක භාවයඉස්සෙල්ලාම තීරණය කරන්න ඔයාට ඕනේ Touch Screen එකක් ද නැත්නම් සාමාන්‍ය Screen එකක් ද කියලා. 2 in 1 Laps වල නම් කෝමත් එන්නේ Touch Screen එකක්. සාමාන්‍ය එදිනෙදා පාවිච්චිය ගන්න Laptopsවලට නම් Touch Screen එකක් එතරම්ම අතාවශ්‍ය එකක් නෙවෙයි. ඊට අමතරව බලන්න ඒ Lap එකේ තියෙන්නේ Antiware screen එකක් ද කියලා.එහෙම නැති වුනොත් ඔයා වැඩ කරන තැන පිටි පස්සෙන් Light එකක් තිබුනොත් ඔයාට මේකේ වැඩ කරගෙන යන්න ගොඩක් අමාරු වෙනවා. anti Glare screen එකක නම් ඔය Light Reflect වෙන ප්‍රශ්නේ එන්නේ නැ. අලුතෙන් එන ගොඩක් Lapsවල තියෙන්නේ 4K Screen එකක්. ඔයා Editing කරනවා නම් 4k Screen එකක් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක්.Size එක ගැන කියද්දී නම් Ultrabooks වල සාමාන්‍ය ලැප්ටොප් එකට වඩා මිලෙන් වැඩි අඟල් 13, 14, 15 වගේ ගොඩක් Quality screen තියෙනවා. ඔයාගේ Laptop එකේ Screen size එක නම් අනිවාර්‍යෙන් ඔයාම ඔයාගේ අවශ්‍යතාවය අනුව තීරණය කළ යුතු දෙයක්4. Processor එක තෝරාගන්නේ කොහොම ද?Processor එක තෝරා ගනිද්දී නම් ඔයාට Intel CPU එකකට යනවාට වඩා AMD එකක් ගන්න පුලුවන් ඒ Performance ම තියෙන ඉතා අඩු මුදලකට. මුදල ගැන සැලකිමත් වෙනවා නම් ඔයාට AMD එකකට යන්න පුළුවන්. මේක නම් ඔයාගේ කැමැත්ත අනුව තෝරගන්න.ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ CPU එක අලුත්ම එකක් වීම. මොකද ඔයා සාමාන්‍යෙන් Laptop එකක් ගන්නේ අඩුම තරමේ අවුරුදු 3ක් 4ක් වත් පාවිච්චි කරන්න නේ. ඉතින් ඒ කාලේ ඇතුළත අලුතෙන් Technologies එනවා. ඉතින් මේවා හදන්නේ අලුත් CPU වලට ගැලපෙන විදියට. ඉතින් ඔයා අලුත් CPU එකක් ගත්තොත් ඔයාට ගැටලුවක් නැතුව අවුරුදු 3ක් 4ක් අලුත් Updates එක්කම වැඩ කරගෙන යන්න පුලුවන්. මොකද Desktop එකක වගේ නෙවෙයි Lap එකක CPU එක Upgrade කරනවා කියන්නේ ප්‍රායෝගිකව නම් එච්චර සාර්ථක දෙයක් නෙවෙයි.මොනවද මේ 32-bit සහ 64-bit CPU කියන්නෙprocessors වල main categories දෙක තමා මේ 32-bit සහ 64-bit කියන්නෙ. මේ processor type එක computer එහෙක overall performance එකට බලපානවා.Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerNimuth GunathilakeCPU ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් මෙතනින් කියවන්න.5. RAM එක තෝරාගැනීමේ දීඅලුතෙන් එන Laps වල නම් 4GB, 8GB වගේ Capacityවල Ram තමයි එන්නේ. 8GB ram එකක් නම් වඩා හොඳයි. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, මොකද ඔයාගේ Lap එකේ Ram එක ඔයාට ඕන ම වෙලාවක දී Upgrade කරගන්න පුලුවන්. මේකට තියෙන Ram එක අයින් කරලා ඊට වඩා වැඩි Ram එකක් Set කරගන්නත් පුලුවන්. එහෙම නැත්නම් තියෙන Ram එකත් සමඟ ඒ හා සමාන තව Ram එකක් set කරගන්නත් ඔයාට පුලුවන්.6. Hard Disk සහ SSDඔයා Windows 10 හෝ 11 මෙහෙයුම් පද්ධතිය තියෙනවා නම් SSD කියන්නේ ඔයාට අත්‍යාවශ්‍යම දෙයක්.. මොකද Windows 10/11 OS වල අපි නිතරම පාවිච්චි කරන Files Detect කරලා ඒවා Temporally Load කරලා තියෙනවා, ඒක නිසා හැම තිස්සේම ඔයාගේ Hard එක 100% use වෙන්න ගන්නවා. මේක SSD වලට එච්චරම දැනුනේ නැති උනාට Hard වලට නම් මේක තදින්ම බලපානවා.Image Source - www.google.comHDD සහ SSD කියන්නේ මොනවාද? SSDද හොඳටම කරන්නේ?අද මම කතාකරන්න යන්නේ PC එකක් Build කරන කෙනෙකුට තමන්ගේ Storage Device එක තෝරනකොට එන්න පුලුවන් ලොකු ප්‍රශ්නයක් ගැන. (සාමාන්‍ය කෙනෙක් මේක දැනගත්ත කියල වරදක් වෙන්නෑ ඉතින්) ඒක තමා HDD සහ SSD කියන්නෙ මොනාද කියන එක. කාගෙන් හරි ඒ ගැන ඇහුවොත් ගත් කටටම කියන්නෙ SSD තමා හොඳම කියල. ඉතින් ඒක ඇත්තක්ද? අපි ඒ ගැන ට…Android වැඩකාරයෝ - Premium Sinhala Tech News providerGaviru Bihan WeerapanaHard Disk සහ SSD ගැන සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපියක් මෙතනින් කියවන්න.7. USB Type Cඔයා ගන්න Lap එකේ Usb C Port එකක් තියෙනවා ද බලන්න. මේක දැනට වැඩිය Use වෙන්නේ නැති උනාට ඉදිරියේ දී එන හැම Lap එකකම තියෙන්නේ Usb C Port එකක්. ඉතින් මේක තියෙනවා නම් හොඳයි කියලා තමයි කියන්නේ.8. Biomatrix Protectionඅලුතෙන් එන Laps වල නම් Keyboard එකේම Fingerprint Sensor එකක් එනවා. ඔයා ඔයාගේ පෞද්ගලික දත්තවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් Biomatrix Protection ගැන ඔයා අනිවාර්‍යෙන්ම බලන්න ඕන. මොකද Password එකක්, Pin එකක් වගේ නම් Bypass කරලා දැනගන්න පුලුවන්. ඒත් Biometrix කියන්නේ ඔයාටම අනන්‍ය දෙයක්.9. Your Budgetමේ කරුණු හැම එකක්ම සළකා බලලා ඔයා තීරණය කරන්න ඔයාගේ Budget එක. ඒකට Web siteවල එහෙම හොයලා බලන්න ඔයාගේ Budget එකට ගැළපෙන Laptops තියෙනවා ද කියලා.10. මිලදී ගන්නා ආයතනය ගැනඔයා ගන්න යන shop එකේ Reputation එක කොහොම ද කියලත් හොයලා බලන්න. කවදාවත් පාරේ යන ගමන් දකින තැනකට ගිහින් ගන්න එපා. මොකද අපි ලොකු මුදලක් වියදම් කරලා දෙයක් ගනිද්දී ඒ අදාළ Shop එකෙන් ලැබෙන සේවාව ගැන සැළකිළිමත් වෙන්න ඕන. ඒක නිසා ඔයා ගන්න යන තැන Reputed Shop එකක් නම් එයාලට අනිවාර්‍යෙන් Facebook Page එකක් තියෙන්න ඕන. ඒකේ අනිවාර්‍යෙන්ම Customer Reviews බලන්න.ඉහත කරුණු වලට අමතරව,Amazon වලත් Ratings බලන්න.එකම Model එකේ විවිධ Variants එන නිසා ඔයා බලලා යන Model එකෙයි Shop එකේ තියන Model එකයි දෙකම එකමද බලන්න. (msi වගේ නම් එක අකුරෙන් වෙනස් වෙන වෙලාවල් තියනවා)එක YouTube Channel එකකින් නැතුව Channel කීපයකින් Reviews බලන්න.එහෙනම් මෙන්න මේ කරුණු 10 ගැන හොඳින් හොයලා ඔයාට අවශ්‍ය හොඳම Laptop එක තෝරාගන්න.තවත් දෙයක් Laptop එකක් තෝරාගැනීමේදී ඔයාල විශේෂයෙන්ම සලකලා බලන දේවල් මොනවද කියල Comment Section එකේ දාන්නත් අමතක කරන්න එපා.
WhatsApp වල නැති ඒත් අනිවාර්‍යෙන් හඳුන්වා දිය යුතුම පහසුකම් 05
WhatsApp කියන්නේ මේ වන විට ලොව ජනප්‍රියතම Mobile Messaging App එක කිවොත් නිවරදියි. ඒ වගේම දිනකට WhatsApp හරහා බිලියන 100කට අධික Messages සංඛ්‍යාවක් හුවමාරු වෙනවා. වර්තමානයේ Facebook ආයතනය සතු වෙන මේ App එක නිරන්තර Update මගින් Usersට වඩා හොද Experience එකක් ලබා දිමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා.මේ අනුව මැතකදි හදුන්වා දුන්Disappearing Messages Featureඑක,Storage Management Toolඑක,Advanced Wallpaper Featureඑක,Face Unlock Featureඑක වගේම Whatsappහි Privacy සදහා හදුන්වා දුන්Message forwarding සීමා කිරීමවැනි දේවල් දක්වන්න පුළුවන්.01. Multiple Number SupportWhatsappවල තියෙන ප්‍රධානතම ගැටලුව විදිහට මේක දක්වන්න පුළුවන්. අපේ Whatsapp Account එක Device කිහිපයකින් භාවිත කරන්න හැකි වුවා නම් එය අපිට ඉතා ප්‍රයොජනවත් වෙනවා. ඒ වගේම එකම Device එකේ එකම App එකේ Numbers කිහිපක් භාවිත කරන්න හැකි වුවා නම් එයත් ඉතාමත් ප්‍රයොජනවත් වෙනවා. මේ වන විට අපිට මේ Feature එක Telegram App එකේ දි බලාගන්න පුළුවන්.ඒ වගේම මේ වන විට Facebook ආයතනය විසින් Whatsapp සදහා මේ Feature එක ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නව කියලත් ආරංචි වෙනවා.02. Scheduled messagesඑදිනෙදා පාවිච්චි වෙන Messaging App එකක් විදිහට Scheduled messages Feature එක ඉතා වැදගත් වෙනවා. මේ Feature එක දැනට කාලයකට පෙර Telegram වෙත හදුන්වා දි තිබෙනවා. ඒ මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් යොදා Messages යැවිමට පහසුකම් සලසා තිබෙනවා. මේ මගින් අප සැමට ගැටලුවක් වෙන හරි වෙලාවටම සුබ පැතිම් ආදිය යැවිමට හැකි වෙනවා. නමුත් තවමත් මේ Feature එක සම්බන්ධයෙන් අවධානය යොමු නොවිම නම් ඉතාමත් කණගාටුවට කරැණක්.හැබැයි මේ Feature එක ලබා දිම සම්බන්ධයෙන් නම් කිසිදු තොරතුරක් දැනට නොපවතින අතර මේ සදහා Third-party apps යොදා ගැනිමට සිදු වෙනවා. නමුත් එය අනුමත කල නොහැකියි.03. PollsGroup Chatවලදි අත්‍යවශ්‍ය වෙන Feature එකක් විදිහට දක්වන්න පුළුවන්. මොකද අපි අපේ Group එකේ යම් මත විමසුමක් කරනව නම් දැනට එහෙම දෙයක් කරන්න Whatsappහි හැකියාවක් නැ. මේ Feature එක අපිට Telegram හා Threema Messaging Appsවල භාවිත කරන්න පුළුවන්.Whatsappවලට ඉදිරියේදි හෝ මේ Feature එක ලැබෙනව නම් එය ඉතා වැදගත් වෙනවා.04.Note to Selfඅපිට කවුරැහරි එවපු Message එකක්, අපි යවපු Message එකක් පොඩි Note එකක් විදිහට Whatsapp තුලම ති⁣යා ගන්න විදිහක් තිබ්බොත් ? මේ ඒ ගැන තමයි දැනටමත් Signalවල මේ Feature එක තියෙනවා. මේ මගින් අපේ Chatවල තියෙන වැදගත් Messages, Link වගේ දේවල් App එක තුලම එක තැනක තියා ගන්න පුළුවන් වෙනවා.05. Message reactionsමේ Feature එක Discord හා Slack වගේ Appsවල අපිට දකින්න පුළුවන්. Whatsappවල නම් අපි Message එකකට Reaction කරන්නේ Sticker එකක් හෝ emoji එකක් මගින් නේ. ඒ වෙනුවට ඒ Message එකටම Reaction කරන්න පුළුවන් උනොත්. හරියට Facebookවල Like Button එක වගේ. ඒ කියන්නේ සැම Message එකක් සමග Reaction emoji කිහිපයක් අපිට තේරිමට ලබා දිම මගින් ඒ ඒ Messageවලට Sticker හෝ Emoji මගින් ප්‍රතිචාර දැක්විමට වෙනුවට ඒ emoji මගින් ප්‍රතිචාර දැක්විමට හැකි වෙනවා. මෙය Group Chatවලට නම් ඉතා වටිනා Feature එකක් වේවි.ඉතින් අපි මේ බලාපොරොත්තු වෙන Features සමහර විට ඉදිරියේදි ලැබිමට ඉඩකඩ තිබෙනවා.
Outdated Phones Update කරන Custom ROM
මම අද කතා කරන්න යන්නේ Custom ROM ගැන. මොනවද මේ Custom ROM කියන්නේ. ROM එකක් කිව්වම හැමෝම දන්න Read Only Memory එකක් කියලනේ. හැබැයි මම අද කතා කරන්න යන්නේ Android ROM ගැන. Android ROM එකක් කියන්නෙ Android OS එකට අදාලා Executable Instructions ගබඩා කරලා තියෙන ෆයිල් එක. Android ROM ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා.Stock ROMCustom ROMStock ROMStock ROM කියන්නේ අපි අලුතෙන්ම phone එකක් මිලදී ගද්දි ඒකෙ Manufacture ඒ Phone එකත් සමග එවන Android ROM එක. ඒ කියන්නෙ අපි අලුතෙන්ම Phone එකක් ගද්දි හම්බෙන සහ පසුකාලීනව එම Phone එකට Updates හරහා එන Android Version තමා මේ Stock ROM කියලා කියන්නෙ.Custom ROMදැන් තමා මම මගේ අද මාතෘකාවට එන්නෙ. Custom ROM එකක් කියන්නෙ Third party Android ROM වලට. ඒ කියන්නෙ මේවා නිෂ්පාදනය කරලා තියෙන්නෙ Phone එකේ Manufacture විසින් නෙමේ. මේවා නිර්මාණය කරලා තියෙන්නේ තුන්වෙනි පාර්ශ්වයක් විසින්. ඔයාගේ Phone එකේ එන Stock ROM එක අයින් කරලා වෙනමම Install කරන ROM එකක් Custom ROM එකක් වෙනවා.ඇයි මේ Custom ROM ?මෙහෙම හිතන්නකො ඔයා අලුතෙන්ම ගන්නවා Phone එකක්. ඒකෙ Stock ROM එක විදියට තියෙන්නෙ Oxygen OS එක කියලා හිතන්නකො. ඔයා කැමති නෑ Oxygen OS එකට. ඔයාට ඕනෙ Google Pixel Phone එකක තියෙන Pixel OS අත්දැකීම ගන්න. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මෙන්න මේ Pixel OS Custom ROM එකක් Flash කරලා ඒ අත්දැකීම ගන්න.එහෙමත් නැත්තං හිතන්නකො ඔයාගෙ Phone එක දැන් Outdated Phone එකක් කියලා. ඒ කියන්නෙ දැන් ඔයාගෙ Phone එකට Phone එකේ Manufacture විසින් Updates එවන්නෙ නෑ. ඔයාගෙ Phone එකේ Stock ROM එක විදියට දැනට තියෙන්නෙ Android 10. කවුද කැමති Android 14 එකත් රිලීස් වෙලා තියෙද්දි Android 10 එකක් පාවිච්චි කරන්න. අන්න ඒ වෙලාවෙදි ඔයාට පුළුවන් මේ Custom ROM එකක් පාවිච්චි කරලා අලුත්ම Android Version එකක් Install කරගන්න.(ඔයාගෙ Phone එකේ වර්ගෙ සහ මොඩ්ල් එක අනුව හදලා තියෙන Custom ROM වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර මොඩ්ල් වලට Custom ROM එකක්වත් නැතිවෙන්න පුළුවන්)උදාහරණයක් විදියට මම ගාව තියෙනවා 2018 අවුරුද්දේ Release උන Nokia 6.1 Plus Phone එකක්. ඒකෙ Stock ROM එක විදියට ආවෙ Android 8 වගේම ඒකෙ අවසාන Update එක විදියට ආවෙ Android 10. ඒත් මං ඊටපස්සෙත් ආපු Android 11,12 පාවිච්චි කරලා තියෙනවා වගේම දැනට මම පාවිච්චි කරන්නෙ Android 13 Pixel Experience Official ROM එකක්. ඒ වගේම Pixel Experience ඩිවලොපර්ලා කියලා තියෙනවා මේකට Android 14 එකත් ඉදිරියෙදි ලබා දෙනවා කියලා. මේවා හැම එකක්ම Custom ROM. මට මේ ROM එකේ කිසිම Bug එකක් හමුවුනේවත් වත් Unstable ගතියක් දැනුනෙවත් නෑ. Smoothly Run වෙනවා.Android 13 running on Nokia 6.1 plussome of featuresCustom ROM පාවිච්චි කරන එකේ තිබෙන වාසි කිහිපයක්More security and privacyPersonalize EverythingGood Stability and Compatibility (some ROMs)Use Free and Open Source SoftwareGet Android Updates FasterRemove BloatwareSpeed Everything UpGet Better Battery LifeUndo Unwanted ChangesEnhanced PerformanceCustom ROM පාවිච්චි කරද්දි තියෙන අවාසි කිහිපයක්Voiding WarrantySecurity RisksNot Stability and Compatibility (some ROMs)It may be there bugs (some ROMs)It may be there crashes (some ROMs)ඉහත සඳහන් කරපු අවසාන අවාසි 3 නම් updates ලැබෙන ROM එකක් නම් ඒ හරහා Fix වෙන්න පුලුවන්.දැන් ඔයාලා බලනවා ඇති Security එක ගැන වාසි සහ අවාසි කියන දෙකේම සඳහන් වෙලා තියෙනවනෙ කියලා. ඔව් සමහර ROM පාවිච්චි කරද්දි හොඳ Security එකක් වගේම සමහර ROM පාවිච්චි කරද්දි Security Risk එකක් තියෙන්න පුළුවන්. මොකද මං කලින්ම කිව්වනෙ මේවා නිර්මාණය කරන්නෙ Third Party එකක් විසින් කියලා.හරි, එහෙනම් ඔයාලට බාරයි Custom ROM එකක් පාවිච්චි කරනවද නැද්ද කියන එක. අහ්! තව දෙයක් Custom ROM එකක් Install කරනවනම් හරියටම ඒක ගැන දැනගෙන Install කරන්න. එහෙම නැත්තං නොකර ඉන්න එක තමා හොඳම දේ. මොකද හරියට නොදැන කරද්දි අත්වැරැද්දක් උනොත් එහෙම ඔයාගෙ Phone එක Brick වෙන්න උනත් පුළුවන්. YouTube එකේ ඕනෙ තරම් වීඩියෝ තියෙනවා Custom ROM Install කරන විදිය ගැන. ඒවත් අධ්‍යනය කරන්න.එහෙමත් බැරිනම්Telegramහරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න.ඉදිරි ලිපියකින් දාන්නම් හොඳ Custom ROM කීපයක් ගැන. එතෙක් Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Malware හෙවත් අනිෂ්ට මෘදුකාංග කියන්නේ මොනවාද?
අද අපි අවධානය යොමු කරන්න යන්නේ මොනවද මේ Malware කියන්නේ කියලා. පරිගණක පරිශිලකයකුට හානි කිරිමට හැකි ඕනැම වැඩසටහනක් හෝ ගොනුවක් අපි Malware එකක් ලෙස හදුන්වනවා. Computer viruses, Worms, Trojan horses සහ Spyware අපිට Malware යටතට ගන්න පුලුවන්. මෙවනි Software මගින් දත්ත මකා දැමිම, දත්ත විකේතනය, සොරකම් කිරිම, පරිගණක වැඩ සටහන් වෙනස් කිරිම හෝ පැහැර ගැනීම, පරිශිලකයන්ගේ පරිගණකයේ ක්‍රියා අධීක්ෂණය කිරිම වැනි කාර්යයන් මෙම Software මගින් සිදු කරනු ලබනවා.මෙතෙන් පසු Malware යටතට අයත් වෙන Software ගැන අපි කෙටියෙන් විමසා බලමු.Computer virusමෙම Virus, පරිගණක මෘදුකාංගවලට හෝ ගොනුවලට සම්බන්ධ වෙමින්, එම Virusයේම අනුපිටපත් සාදමින් එහා මෙහා ගෙන යා හැකි උපාංග හරහා අනෙක් පරිගණකවලට ආසදනය වීමේ හැකියාවක් පවතිනවා. දත්ත හා තොරතුරු මකා දැමීම, වෙනස් කිරීම සහ මෘදුකාංග අඩපණ කිරිම වැනි දැ මේ Virus මගින් සිදු වෙනවා.Computer wormsමෙහිදී ද, දත්ත හා තොරතුරු මකා දැමීම, වෙනස් කිරීම සහ මෘදුකාංග අඩපණ කිරිම වැනි දැ සිදු වෙනවා. මෙහි ප්‍රධානතම වෙනස වන්නේ පරිගණක ජාල හා අන්තර්ජාලය භාවිතයෙන් ස්වයංක්‍රියව ව්‍යාප්ත වි පරිගණක මතකයේ ඉඩ සියල්ල ඒ මගින් පුරවා දැමිමට කටයුතු කිරිමයි.Trojan horseTrojan horse යනු ග්‍රීකයන් විසින් ට්‍රෝයි නගරයට ඇතුළු වී යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා භාවිතා කළ ලී අශ්වයා වෙනවා. මේ කතාව කෙටියෙන් කිවහොත් මෙම යුද්ධයේදි සතුරන්ට එරෙහිව ග්‍රීකයන් විසින් ලීවලින් අශ්වයෙක් සාදා, අශ්වයා තුල තෝරාගත් මිනිසුන් පිරිසක් ඇතුලත සගවා තැබුවා. ට්‍රෝයි නගරයේ මිනිසුන් මෙය භාර ගත්තේ ජයග්‍රාහී කුසලානයක් වශයෙන්. එදින රාත්‍රියේ ග්‍රීක හමුදාව අශ්වයා තුලින් ඉවතට පැමිණ ග්‍රීක හමුදාවේ සෙසු අයට දොරටු විවර කර දෙනු ලැබුවා. ඉන්පසු ග්‍රීකයෝ ට්‍රෝයි නගරයට ඇතුළු වී නගරය විනාශ කරනු ලැබුවා.මේ අනිෂ්ට මෘදුකාංගයත් මිතුරු ලෙසින් පෙනී සිට අනර්තකාරී වැඩ කිරිම නිසා Trojan horse යන නම ලැබී තිබෙනවා.Spywareපුද්ගලයෙකුගේ පරිගණක භාවිතය, අන්තර්ජාල පරිහරනය ආදී තොරතුරු රහසිගතව එකරාශීකර වෙනත් පාර්ශවයකට රහසින් ලබා දෙන අනිෂ්ට මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වා සිය හැකියි. මේ මගින් දත්ත හා තොරතුරු ද වෙනත් පර්ශවයක් කරා රහසින් ලබා දිය හැකියි.Ransomwareමෙම අනිෂ්ට මෘදුකාංගය ජාලයක් තුලින් පරිගණකයකට ඇතුලු වී සියලුම දත්ත අගුලු දමනු ලබනවා. ඉන්පසු අගුලු ඉවත් කිරීම සදහා කප්පම් ඉල්ලන වැඩසටහන් විශේෂයක් වෙනවා.HoaxesE – mail පණීවිඩ තුලින් පතුරුවා හරින කටකතා වැනි පණිවිඩයක් බොහෝවිට මේවා සමග virus වැඩසටහන්ද අමුණා එවනු ලබනවා.keyloggerkeyloggers යනු අධීක්ෂණ මෘදුකාංගයකි. මෙය පරිශිලකයෙකුගේ key press පටිගත කිරිම සදහා නිර්මානණය කර තිබෙනවා. සයිබර් තර්ජනවල පැරණිතම ආකාරවලින් එකක් වන මේ keylogger ඔබ Web site එකක හෝ Application එකක Type කරන ලද තොරතුරු ගබඩා කර නැවත තෙවන පාර්ශවයකට යැවිම සිදු කරනු ලබනවා.RootkitRootkit බොහෝ විට භාවිතා කරන්නේ Operating System එකට ප්‍රවේශවීමට Back door එකක් නිර්මාණය කර ගැනීම සදහායි. එවිට Attackerට පරිගණකයට දුරස්තව ප්‍රවේශ වී පරිගණකය තුල ඕනැම දෙයක් වෙනස් කිරිමට හැකියාව ලැබෙනවා.
ඇමෙරිකාවේ TikTok operations මිලදී ගැනීමට Microsoft සූදානම් වන අතරවාරයේ ට්‍රම්ප් විසින් TikTok තහනමට නියෝග කරයි
ඇමෙරිකාව තුල TikTok තහනම් කරන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තහවුරු කලා. ඊයෙ දින රාත්‍රියේ Air Force One වෙත පවසමින් ඔහු සඳහන් කලේ අද (සෙනසුරාදා) දිනයේ එම නියෝගය සහිත ලියවිල්ලට අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. එය ඉතාමත් ඉක්මනින් බලාත්මක වන බව ඔහු සඳහන් කලා.ඉතින් මේ ගැන මත පල වුනේ පසුගිය ජූලී මාසයේ මුල ඉඳන්මයි. ඇමෙරිකානු රාජ්‍ය  වන Mike Pompeo මහතා සඳහන් කලේ TikTok තහනම ගැන සලකා බලන බවයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවත් ඒ ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තා.ඉන් සති කීපයකට පසුව ඔහු සඳහන් කලේ TikTok තහනම් මාස කීපයකින් නොව, සති කීපයකින්ම ක්‍රියාත්මක වනු ඇති බවයි.ඉතින් මේ තහනමට හේතු ලෙස ට්‍රම්ප් රජය දක්වන්නේ TikTok ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. TikTok හි මව් සමාගම වන ByteDance සමාගම චීන සමාගමක් වන බැවින් චීනයට TikTok user data ලබාදෙන බවට ඇමෙරිකානු රජය දිගින් දිගටම චෝදනා කලා. තත්වය වඩාත් තීව්‍ර වෙමින් ඉන්දියාව TikTok තහනම් කලා.ඉතින් මේ විදිහට තහනම් කරන්නට යන සූදානම ගැන පුවත් පල වෙද්දී ම ඇමෙරිකාවෙ පිහිටි සුප්‍රකට Microsoft සමාගම TikTok හි ඇමෙරිකාවෙ operations තම සමාගම යටතට ගැනීමට උත්සාහ කරමින් ඉන්න බවට පුවත් පල වුනා. ඒත් මේ වෙද්දී එම උත්සාහයන් අසාර්ථක වී තිබෙන්නෙ ට්‍රම්ප් රජය මගින් දැනටමත් තහනම් කර තිබෙන නිසයි.කෙසේ වෙතත් මේ තහනම ක්‍රියාත්මක වෙන විදිහ ගැන තවම පැහැදිලිතාවයක් නෑ. මේකට ගොඩක් ක්‍රම තිබෙනවා ඒ අතර චීනයේ Great Firewall එක වගේ network ban එකක් සිදු වෙන්න පුලුවන් කියන එකයි විචාරක මතය.Source:The Verge
Samsung සමාගම අභිබවමින් Xiaomi සමාගම ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා බවට පත්වේ
Xiaomi කියන්නේ ඉන්දියානු ජංගම දුරකථන වෙළඳ පල ඉතාමත් වේගයෙන් තමන්ගේ අණසකට යටත් කරගත් ජංගම දුරකතන නිපදවන සමාගමක් වූයේ ඉන්දියාවේ අංක එකේ ජංගම දුරකතන සන්නාමය වීමත් සමඟයි. මෙවර Xiaomi සමාගම ගෝලීය වෙළඳ පල ආක්‍රමණය කිරීමට සමත්ව තිබෙනවා. මෙම වසරේ ජූනි මාසයේදී Xiaomi සමාගම උපයාගත් ආදායමත් සමඟින් ඔවුන් Samsung සමාගම පරදවා ගෝලීය වෙළඳපලේ අංක එකේ ජංගම දුරකතන නිෂ්පාදකයා බවට පත්වීම තිබෙනවා.Counterpoint සමාගම විසින් පල කලඔවුන්ගේ වාර්තාවටඅනුව 2021 වර්ෂයේ ජූනි මාසයේදී අනෙකුත් මාස වලට වඩා 26% ප්‍රමාණයකින් තම ජංගම දුරකතන ඒකකයන් අලෙවි කර ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමඟම ලොව වැඩිම කාලයක් අංක එකේ ස්ථානයේ රැඳී සිටි ජංගම දුරකතන නිෂ්පාදන ලොවේ දැවැන්තයා ලෙස සැලකුනු කොරියානු සමාගම් වන Samsung සමාගම දෙවන ස්ථානයට පසු බැස තිබෙනවා.2021 වර්ෂයේ මැයි මාසයේදී Apple සමාගම අභිබවා යමින්යුරෝපනු වෙළඳපලේ දෙවන විශාලතම දුරකතන නිෂ්පාදකයාබවට පත්වීමට Xiaomi සමාගම සමත් වූ අතර, 2020 දෙසැම්බර් මාසයේදීගෝලීය වෙළඳපලේ තෙවන ස්ථානයටපත්වූයේ Apple සමාගම ලැයිස්තුවේ සිව්වන ස්ථානය දක්වා ඇද දමමිනි. ඒ කෙසේ වෙතත් ජංගම දුරකතන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් තවමත් මුල් ස්ථානය ආරක්ෂා කර ගැනීමට Samsung සමාගම සමත්ව සිටිනවා.Samsung සමාගම තවමත් අලෙවි ආදායමෙන් ලොව් මුල් ස්ථානයට පත්ව සිටියත් ඉන්දියාව සහ තවත් කලාප කිහිපයකදී Samsung සමාගමේ අලෙවි ආදායම ඉක්මවා යාමට Xiaomi සමාගම සමත්ව තිබෙනවා. එහි වැඩි කොටසක් අයත්ව තිබෙන්නේ Mi 11 මාදිලියේ ජංගම දුරකතන අලෙවියෙන් ලත් ආදායමටයි.Counterpoint සමාගමේ වාර්තාවේ සඳහන් වන ආකාරයට Samsung සමාගමේ මෙම පසුබැසීමට හේතු කිහිපයක් දක්වා තිබෙනවා. එහි ප්‍රධානම හේතුව ලෙස දක්වා තිබෙන්නේ, Samsung සමාගමේ ජංගම දුරකතනයන්ගෙන් වැඩි නිෂ්පාදනයක් සිදු කරන වියට්නාමයට COVID-19 වසංගතයේ වැඩි බලපෑමක් එල්ල වීමත් සමඟ නිෂ්පාදන කටයුතු අඩාල වීමත් සමඟ ලොව ඉල්ලුමට සරිලන ජංගම දුරකතන ඒකක ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකි වීමයි. එමෙන්ම Huawei සමාගමේ පසු බෑමද Xiaomi සමාගමේ මේ විශාල පිම්මට හේතුවක් ලෙස එහි දක්වා තිබෙනවා.මෙම තත්වයන් යටතේ එහි වාසිය උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වූ Xiaomi සමාගම විසින් Redmi 9, Redmi Note 9 සහ Redmi K40 මාදිලියේ ජංගම දුරකතන වල අලෙවියෙන් පමණක් වෙළඳපලේ වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ජයග්‍රහණය Xiaomi සමාගම ලබා ගන්නා විට ඇමරිකානු වෙළඳපල Xiaomi සමාගම වෙත දොර වසා තිබීමයි.Counterpoint Research Monthly Market Pulse, July 2021ඉහතින් දැක්වෙන්නේ Counterpoint ආයතන විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව Xiaomi, Samsung සහ Apple සමාගම් වල දුරකතන ඒකක වල අලෙවියේ කොටසයි. ඒ අනුව 2021 ජූනි මාසය වන විට Xiaomi සමාගම එයින් 17.1%ක කොටසක් ලබාගෙන ඇති අතර Samsung සමාගම සහ Apple සමාගම පිළිවෙලින් 15.7%ක සහ 14.3%ක අගයක් අත්පත්කරගෙන ඇත.වියට්නාමයේ දැනට පවතින තත්වය මෙලිසින් දිගටම පැවතුනකොට Samsung සමාගම තවත් කාලයකට දෙවන ස්ථානයේම රැඳී සිටිනු ඇතැයිද මෙම වාර්තාවේ සඳහන්වනවා.Source:CounterPoint Research
ගිණුමක් නොමැතිව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබා දීමට OpenAI කටයුතු කරයි
Account සෑදීමකින් තොරව ChatGPT භාවිතා කිරීමේ පහසුකම ලබාදීමට openAI සමාගම කටයුතු කර තිබෙනවා.සතිපතා දැනටමත් ලොව පුරා රටවල් 185ක පමණ මිලියන 100කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් අලුතෙන් දේවල් ඉගෙන ගැනීමට, අලුත් නිර්මාණ කිරීමට සහ ප්‍රශ්න වලට පිලිතුරු ලබා ගැනීමට ChatGPT භාවිතා කරනු ලබනවා. ChatGPT භාවිතය තවත් පුළුල් කිරීමේ අරමුණින් ඊයේ (2024/04/01) සිට, Sign Up වීමකින් තොරව එය භාවිත කිරීමෙ අවස්තාව ලබා දී තිබෙනවා.මෙහිදී අප විසින් ලබා දෙන දත්‍ත ඔව්න්ගේ Models පුහුණු කිරීමට යොදාගනු ලබන බවද වැඩ්දුරටත් සදහන් කරනවා. ඔබට අවශ්‍යනම් Account එකක් නොමැති වුවද මෙය නවතාදැමිය හැකියි.ඔබ Account එකක් සාදාගනිමින් chatGPT පරිශීලනය කරන්නේ නම් පහත සදහන් දේවල් වලට Access ලැබෙනවා.Chat History එක save කිරීමේ සහ නැවත බැලීමෙ හැකියාවChat share කිරීමේ පහසුකමVoice conversation සහ Custom instructions පහසුකම්ඔබ Artificial Intelligence ගැන කුතුහලයක් තිබෙනෙ නමුත් තම දත්ත ලබාදෙමින් Sign Up වීමට අකමැති කෙනෙක්ද? එසේනම් OpenAI සමාගම මේ අවස්තාව ලබාදී ඇත්තේ ඔබ වැනි අයටයි.Source:www.theverge.comwww.androidauthority.com
මොබයිල් ෆෝන් වොරන්ටි ගැන හරියට දැන ගමු
මුලින්ම කියන්න ඕන අපි මේ පෝස්ට් එක දාන්න හිතුවේ මීට ටික දවසකට කලින් අපේAndroid වැඩකාරයෝගෘප් එකේ දැක්ක පෝස්ට් එකක් නිසා, ඒකෙ comments අපි හොඳට බැලුවා සහ ඒවට හේතුත් හොයන් තමයි මෙහෙම පෝස්ට් එකක් දාන්නේ කියල මුලින්ම මතක් කරන්න ඕන..ඔයාලත් අළුතෙන් මොබයිල් ෆෝන් එකක් ගන්නද යන්නේ? ඕක ගද්දි හැමෝටම එක එක ප්‍රශ්න එනවනෙ ගන්න බ්‍රෑන්ඩ් එක මොඩ්ල් එක, වොරන්ටි එක්ක ගන්නවද, නැද්ද, Software වොරන්ටි කියන්නේ මොකද්ද ඒක එක්ක විතරක් ගත්තම හරිද කියලා. ඔන්න ඕකට උත්තරයක් තමයි මේ.පොඩ්ඩක් ගිහින් බලන්න ඕනම ෆෝන් ශොප් එකක ෆේස්බුක් පේජ්, ඕනම සෝෂල් මීඩියා එකක හෝ එයාලගේ වෙබ් සයිට් එකට මේ ෆෝන් බ්‍රෑන්ඩ් කරලා කැටගරි කරලා තියෙනවා ඒවගෙන් අපි කැමති එකක් සිලෙක්ට් කරාම අපිට බලාගන්න පුළුවන් එයාල ඒ ෆෝන් එකට Issue කරන්නෙ මොන වගේ warranty එකක් ද කියලා.අපිට බලාගන්න පුළුවන් මෙන්න මෙහෙමNo warrantySoftware warrantyHardware warrantyCompany warranty01. No warrantyNo warranty කියන්නේ ආය අහන්න දෙයක් නෑනේ ෆෝන් එක එයාලගෙන් අරගත්තයින් පස්සේ වෙන කිසිම දේකට එයාල වග කියන්නේ නෑ. මොනව හරි උනොත් ඔයාල ම හදාගන්න ඕන. ඒ වගේම තමයි මේ ෆෝන් වල Price එකත් ගොඩක් අඩුයි.02. Software warrantyසමහර අය හිතනවා අඩුවට තියෙන නිසා warranty කෑල්ලත් තියෙන නිසා මේක එක්ක ගත්තම ඔක්කොම හරි අව්ලක් උනොත් මොනව හරි කරල දෙන්නෙ නැතෑ කියලා. ඒත් ඒක වැරදියි මේකෙදී අපිට ඒ ෆෝන් එක විකුණන Seller කරන්නේ අපි ගන්න ෆෝන් එකේ Software path එකට විතරක් වග කියන එක විතරයි , ඒ කිව්වේ දුරකතනය ගත් පසු අනාගතයේ පැමිණෙන Updates හා යම් ක්‍රමයකින් දුරකතනයේ OS එක සම්බන්ද අව්ලක් ආවොත් මෙයාලා software එක නිකං repair කරලා දෙනවා කියන එක.උදා – එක පාරට ෆෝන් එක ON නොවී bootloop එකක් උනොත් (මේව Hardware හේතු නිසත් වෙන්න පුළුවන් ඒවට වග කියන්නේ නෑ)03. Hardware warrantyමෙන්න මෙතන තමා ගොඩක් අය හිතන්නේ අපි රුපියල් 2000ක්, 3000ක් වගේ වැඩිපුර දීපු නිසා දැං බයක් සැකක් නෑ ඕන දෙයක් වෙද්දෙං අර අය නිකං හදල දෙනවනේ කියලා. ඒක සම්පූර්ණ වැරදියි. මේ Hardware warranty එකටත් Claim කරන rules තියෙනවා.අපේ අතින් ෆෝන් එකට Water , Liquid වගේ දේවල් නිසා damage එකක් උනා කියමුකෝ ඒව මේ Hardware warranty claim කරන එකට අදාල වෙන්නෙ නෑ මොකද ඒක අපේ වැරැද්ද නිසා ගොඩක් අය හිතනවා IP rating එකක් තියෙන ෆෝන් එකක් වතුර් ඇතුලේ යූස් කරලා , පොටෝ ගහලා කොහොම හරි අන්තිමට ඒකට් ඔරොත්තු නොදෙන පීඩනයකින් හෝ තමන්ගෙ නොසැලකිළිමත් කමෙන් වතුර ගියාම ඒකට එනවා Warranty claim කරන්න ආ මේක Water proof / resistance නේ මේකට වතුර් ගියා මට අලුත් එකක් දෙන්න , මේක හදල දෙන්න කියලා, ඉතිං තමංගේ වැරැද්දට වෙන අය වග කියල හරියනවද. Company එකකින් safety එකට ෆෝන් එකක් අරෙහෙම හදල එවද්දී ඒවගෙනුත් අනවශ්‍ය විදිහට වැඩ අරන් අව්ල් කරගන්න අය තමා ඉන්නේ.අනික Drop damage ෆෝන් එක drop වෙන උස එක්ක තමා මේක ෆෝන් එක ඇතුලේ Hardware parts වලට බලපාලා ඒව අව්ල් වෙන්නේ ගොඩක් වෙලාවට් පොඩි උසකින් වටුනට මොකුත්ම නොවෙන්න පුළුවන් , සමහර් වෙලාවට display ගිහින් crack වෙලා පාවිච්චි කරගන්න පුළුවන් මට්ටමකට වැඩ කරන්න පුළුවන්.. සමහර වෙලාවට ON වෙන්නෙම නැති වෙන්නත් පුළුවන් මේවා ඒ අය හරියට් check කරලා තමයි වොරන්ටි එක දෙනවද් නැද්ද කියලා issue කරන්නේ ඒක නිසා මෙ මොකකටවත් බොරු කරලා warranty ගන්න බෑ.Damaged phones after drop04. Company warrantyමේ කියන්නේ අපි ෆෝන් එක ගත්තම ඒ ෆෝන් බ්‍රෑන්ඩ් එක සම්භන්ද වෙලා කරන ආයතනය company එකෙන් දෙන official warranty එකම issue කරන එක ඒ කියන්නේ Hardware + Software දෙකම.. මේකෙදිත් අර උඩ කිව්ව කරුණුම තමයි තියෙන්නේ වෙනසක් නෑ එයාලගෙත් ඒ rules වලටම තමයි වගකීම හම්බ වෙන්නේ ගැබැයි පෙලක් ආයතන වල special warrantyයක් දෙනවා.උදා – LG වල hTC වල වගේ මාස ගානක් හෝ warranty period එක අතුලත වැටිල ඩිස්ප්ලේ එක කුඩු උනත් අලුතින් එකක් දාල දෙනව වගේ (මේව දෙනවනම් එයාල කියනව අපි මේකට මෙහෙම දෙනව කියල , නැත්නම් හැම එකකටම මේක දෙන්නෙත් නෑ)ඔන්න ඔය ටික තමයි warrentyය ගැන මතක් කරන්න ඕන තමන් ෆෝන් එකක් ගන්න කලිං warrentyය ගැන සැලකිලිමත් වෙනවනම් මේ ටික නගෙන ගන්න යන්න , පස්සෙ warranty නම තිබ්බට වත් මේ rules කඩල වත් බොරු කරලා warranty ගන්න වත් යන්න එපා හම්බ වෙන්නේ නෑ , පස්සෙ ගොඩක් අය කරන්නේ ඒ sell කරන Shop වලට බනින එක, ඒත් අපි කියන්නෙ නෑ ලංකාවේ ඕව නොකඩත් warranty දෙන්නෙ නැති shops තියෙනවා . customers ලට බොරුම කියල අන්ල දාන. ඒ වගේම ෆෝන් ගෙන්නද්දී පැකේජ් එකේ තියෙන original accessories පවා මාරු කරලා same IMEI box පවා මාරු කරලා වන්චා කරන අය. එහෙම කරන්නේ මොන අයද කියලා අපි Mention කරන්න ඕන්නෑ, හැමෝම දන්නවා.යම් හෙයකින් ඔයාගේ සාදාරණ හේතුවක් තිබිලත් අසාදාරන විදිහට ඒ ආයතන ඔයාට සලකනවනම් මෙන්න මේ Link එකට ගිහින් complain කරන්න :-CONSUMER AFFAIRS AUTHORITY
USB Type-C Cable සහ Charger සඳහා නුදුරේදීම power rating logos ලබා දීමට සූදානම් වේ
පරිශීලකයන්ට USB-C  Cable වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා USB Type-C ශ්‍රේණිගත කිරීමේ ලාංඡන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම ලාංඡන මඟින් විශේෂයෙන් ම සඳහන් වන්නේ එහි දත්ත වේගය සහ එය සහාය දක්වන ආරෝපණ වේගයයි.තවද, USB4 Cable වල නව ලාංඡනය ද ඇතුළත් වන අතර එමඟින් නව දත්ත හුවමාරු වේගය 20Gbps හෝ 40Gbps පමණක් නොව එහි ආරෝපණ වේගයද පෙන්වයි.මෙම නව සහතික කළ ලාංඡන USB Cable එක හෝ Adapter එක අඩංගු පෙට්ටියෙහි මෙන්ම සෑම cable එකකම සහ adapter එකක දක්නට ලැබෙනවා. මේ තුළින් සෑම පාරිභෝගිකයෙකුට ම මෙහි අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය සහ මෙම නිෂ්පාදන විශ්වාසවන්ත වූ නිෂ්පාදනයක් බවට ද තහවුරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව USB Implementers Forum (USB-IF) හි සභාපති Jeff Ravencraft විසින් වැඩිදුරටත් ප්‍රකාශ  සිටියේ මෙසේයි."අපගේ යාවත්කාලීන කරන ලද ලාංඡන සමඟ පාරිභෝගිකයින්ට පහසුවෙන් සහතික කළ USB-C කේබල් වල USB4 ක්‍රියාකාරිත්වය සහ USB බල සැපයුම් හැකියාවන් පහසුවෙන් හඳුනාගත හැකි අතර එමඟින් Laptop සහ Smart Phone වල සිට Displays සහ Charger දක්වා පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික උපකරණ අඛණ්ඩව ව්‍යාප්ත වන පරිසර පද්ධතියකට සහාය වේ"A typical USB Type-C cableකෙසේ වෙතත්,  USB-IF හි  ප්‍රමිතීන්ට අනුකූල නොවන නිෂ්පාදන සඳහා යමෙකු අනුකරණය කළ ලාංඡන භාවිතා කිරීම වැළැක්වීමට කිසිවක් කළ බවක් තවමත් වාර්තා වී නැත.Source -GIZMOCHINA
Facebook Messenger iOS සඳහා Face ID සහ Touch ID Lock අත්හදා බලයි
Facebook විසින් iOS සඳහා ඇති Facebook Messenger app එකට FaceID සහ TouchID lock එකක් අත්හදා බලමින් සිටිනවා. ඉදිරියේදී එන updates හරහා iOS භාවිතා කරන අයට මේ feature එක භාවිතා කල හැකියි.Facebookහි අයිතිය ඇති වෙනත් messaging platform එකක් වෙන WhatsApp සඳහා FaceID සහ TouchID හරහා ආරක්ෂණ ක්‍රියාමාර්ග ලෙස භාවිතා කිරීමේ පහසුකම ලබා දී ඇති අතර ඒ ආකාරයෙන්ම Facebook Messenger වෙතද මෙය ලබා දීම Facebook ආයතනයේ පරමාර්ථයයි.මෙහි ඇති විශේෂම පහසුකම වන්නේ, Facebook messenger එක භාවිතා කරන විට app එක open කරන සෑම අවස්ථාවකදීම හෝ යම කාල සීමාවක් ඇතුලත open නොකරොත් එම කාලසීමාවට පසුව නැවත වතාවක් authentication එක ඉල්ලන ආකාරයට සකස් කිරීමට හැකි වීමයි. එම අදාල කාල සීමා පහත රූපයේ දැක්වේ.Source: AppleInsiderමේ feature එක නිසා ඔබගේ ජංගම දුරකථනය unlock කර තිබුනදFacebook Messengerහරහා මැසේජ් කිරීමේ හැකියාව ඇහිරෙනු ඇත.මෙම feature එක සම්බන්ධයෙන් Facebook සමාගම ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය."We want to give people more choices and controls to protect their private messages, and recently, we began testing a feature that lets you unlock the Messenger app using your device's settings, It's an added layer of privacy to prevent someone else from accessing your messages."මේ වන විට මෙම feature එක development මට්ටමේ ඇති අතර ඉදිරි මාස වලදී මේ feature එක ඇතුලත් කරන ලද update එක ඔබට ලැබේවි.Source:AppleInsider
WhatsApp Newsletters නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වේ
WhatsAppහි 2.23.5.3 Beta Version එක නිකුත් කිරීමත් සමඟ WhatsApp වෙත Newsletter සේවාවක් හඳුන්වාදීමට Meta සමාගම විසින් සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.Source:hello-charles.comමෙය WhatsApp Broadcastsහි ම එක්තරා දිගුවක් වන අතර මේ තුළින් පුද්ගලයන් කිහිප දෙනෙකුට එකවර Messages යැවීමට ඉඩ සලසයි. මෙය Instagram වෙත Broadcast Channels නමින් ගෙන ආ විශේෂාංගයට සමාන වේ. එය Messenger වෙතටද ලබා දීමට Meta සමාගම අපේක්ෂා කරන අතර WhatsApp වෙතටද ලබා දීමට සූදානමක් පවතිනවා.මෙය WhatsApp හි Status Tab එකේම වෙනම කොටසක් ලෙස අඩංගු වන අතර මේ තුළින් Undefined Contacts සඳහා end to encryption සහිතව පණිවිඩ යැවිය හැකි වනවා. කෙසේ නමුත් මේ තුළින් අදාළ Newsletter එකේ Creatorගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දුරකතන අංකය හා අනෙකුත් තොරතුරු සාමාන්‍ය පරිශීලකයින් සඳහා නොපෙන්වනු ලබනවා.මෙය official Screenshot එකක් නොවන අතර, මෙය තුළින් ඔබට මෙම WhatsApp Newsletters යනු කුමක්ද යන්න පිළිබඳව අදහසක් ලබා දේ. Source:chatwerk.deතවද මෑතකදී YouTube වෙත හඳුන්වා දුන් YouTube Handles හි මෙන් මේ එක් එක් Newsletter එක සඳහා Unique Handle එකක් ලැබෙන අතර ඒ තුළින් පරිශීලකයින්ට Search කිරීම මඟින් අදාළ Newsletter එක පහසුවෙන් සොයා ගත හැකි වනවා.මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර ඒ නිසා මෙය නිල වශයෙන් නිකුත් වන දිනයක් පිළිබදව දැනට ස්ථිර වශයෙන් කිව නොහැකිවනවා. ඒ සඳහා නවතම තොරතුරු දැන ගැනීමට Android වැඩකාරයෝ සමඟම රැඳී සිටින්න.Sources:beebom.comwabetainfo.com
Emoji Kitchen එක භාවිතා කරමින් Gboard හර​හා stickers 14,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලබා ​දේ
පසුගිය වසරේදි Google සමාගම විසින්Google Gboard Keyboard එක සදහා Emoji Kitchen නමින් නව Feature එකක්හදුන්වා දිම සිදු කරනු ලැබුවා.මේ Feature එක හදුන්වා දිමේදි Emoji කිහිපයකට පමණක් මේ සදහා ලබා දි තිබු අතර මේ වෙන විට Google සමාගම විසින් Emoji විශාල ප්‍රමාණයක් මේ සදහා එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. කෙසේ වෙතත් තවමත් Android සදහා පමණක් නිකුත් වෙලා තියෙන මේ Emoji Kitchen Feature එක ඉදිරියේදි iOS සදහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.කොහොමද මේ Emoji Kitchen Feature එක භාවිත කරන්නේ?මේ මගින් Emoji දෙකක් එකතු කර Sticker එකක් සාදා ගැනිමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපිට එදිනෙදා දකින්න නොලැබෙන අලුත්ම විදිහේ Stickers මේ Emoji Kitchen Feature එක ඔස්සේ අපිටම නිර්මාණය කර ගැනිමේ හැකියාව ලැබෙනවා.මේ වෙන විට Emoji විශාල ප්‍රමාණයක් සදහා මේ Emoji Kitchen Feature එක ලබා දි තිබෙන නිසා වෙනස් වෙනස් ආකාරයේ Stickers 15,000කට අධික ප්‍රමාණයක් අපිටම නිර්මාණය කර ගැනිමට දැන් පුළුවන්.මෙහිදි ඔබ විසින් පළමුව Emoji එකක් තොරා Gboard Keyboard එක මගින් Type කළ යුතු අතර ඉට අදාල Emoji Kitchen Suggestions සියල්ල ඉන් පසු පෙන්වනු ලබනවා. ඔබට දැන් පළමු Emoji එක සමග එක් කළ යුතු අනෙක් Emoji එකත් Gboard Keyboard එකේ Type කිරිම මගින් එම Emoji දෙකටම අදාලව Emoji Kitchen Feature එක මගින් දෙනු ලබන Suggestion සියල්ල පෙන්වනු ලබනවා. මේ Sticker Suggestion මගින් ඔබට අවශ්‍ය Sticker එක තේරිම මගින් එය ලබා ගත හැකි වෙනවා.සැලකිය යුතු :ඒ වගේම මේ Emoji Kitchen Feature එක සෑම Android App එකක් සදහාම තවමත් නිවරදිව ක්‍රියාත්මක නොවන අතර Google Messages, Facebook Messenger, Telegram හා WhatsApp, වැනි Messaging Apps බොහොමයක් සමග සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.Emoji Kitchen Feature එක සදහා මේ වෙන විට සහාය දක්වනු ලබන Emoji ලැයිස්තුව :FacesGrinning ?Beaming Face ?​Face with Tears of Joy ?​Smile ?​Grinning Face with Smiling Eyes ?​Grinning Face with Sweat ?​Grinning Squinting Face ?​Smiling Face with Halo ?​Smiling Face with HornsAngry Face with Horns ?Winking Face ?Smiling Face with Smiling Eyes ?Face Savoring Food ?Relieved Face ?Face with Heart Eyes ?Face with Sunglasses ?Smirking Face ?Neutral Face ?Expressionless Face ?Unamused Face ?Downcast Face with Sweat ?Pensive Face ?Frown ☹️Blush ☺️Confused Face ?Confounded Face ?Kissing Face ?Face Blowing a Kiss ?Kissing Face with Smiling Eyes ?Kissing Face with Closed Eyes ?Smiling Face with 3 Hearts ?Yawning Face ?Smiling Face with Tear ?Face with Tongue ?Winking Face with Tongue ?Squinting Face with Tongue ?Disappointed Face ?Worried Face ?Angry Face ?Red Angry Face ?Face with Tear ?Persevering Face ?Triumph Face ?Sad but Relieved Face ?Frowning Face With Open Mouth ?Anguished Face ?Fearful Face ?Weary Face ?Sleepy Face ?Tired Face ?Grimacing Face ?Loudly Crying Face ?Open Mouth Face‍ ?Cold Sweat ?Face Screaming in Fear ?Astonished ?Flushed Face ?Sleeping Face ?Dizzy Face ?Dizzy Face with Spiral Eyes‍ ?‍?No Mouth Face ?Face in Clouds‍ ?‍?️Face with Mask ?Partying Face ?Woozy Face ?Hot Face ?Cold Face ?Disguised Face ?Pleading Face ?Face with Monocle ?Slightly Frowning Face ?Slightly Smiling Face ?Upside Down Face ?Rolling Eyes Face ?Face with Zippered Mouth ?Money-Mouth Face ?Face with Thermometer ?Nerd Face ?Thinking Face ?Face with Head Bandage ?Robot ?Hugging Face ?Cowboy ?Clown ?Nauseated Face ?Rolling on the Floor Laughing Face ?Drooling Face ?Lying Face ?Sneezing Face ?Face with Raised Eyebrow ?Starstruck Face ?Zany Face ?Shushing Face ?Face with Symbols on Mouth ?Face with Hand over Mouth ?Face Vomiting ?Exploding Head ?AnimalsMouse ?Rabbit ?Cat ?Snail ?Goat ?Monkey ?Pig ?Octopus ?Bee ?Fish ?Turtle ?Bird ?Koala ?Lion ?Scorpion ?Unicorn ?Bat ?Owl ?Deer ?Hedgehog ?Llama ?Sloth ?Spider ?Teddy Bear ?Mouse Face ?Rabbit Face ?Cat Face ?Monkey Face ?Pig Face ?Bear Face ?Panda Face ?Pig Nose ?Grinning Cat ?Grinning Cat with Tears of Joy ?Smiling Cat ?Cat with Heart Eyes ?Cat with Smirk Face ?Cat with Kissing Face ?Cat with Pouting Face ?Cat with Crying Face ?Cat Screaming with Fear ?See-No-Evil Monkey ?Hear-No-Evil Monkey ?Speak-No-Evil Monkey ?Dog ?Service Dog ?‍?Penguin ?Poodle ?Dog Face ?Raccoon ?Guide Dog ?HeartsHeart ❤️Heart Exclamation ❣️Heart on Fire ❤️‍?Heart with Bandage ❤️‍?Beating Heart ?Broken Heart ?Two Hearts ?Sparkling Heart ?Growing Heart ?Heart with Arrow ?Blue Heart ?Green Heart ?Yellow Heart ?Purple Heart?Black Heart ?White Heart ?Brown Heart ?Orange Heart ?Heart with Ribbon ?Revolving Hearts ?Heart Decoration ?MiscSunny ☀️Cloudy ☁️Snowman ☃️Snowman without Snow ⛄️Coffee ☕️Crossbones ☠️Sparkles ✨Snowflake ❄️Star ⭐️Cityscape ?Night with Stars ?Sunset ?Cityscape at Dusk ?Rainbow ?Globe showing Europe/Africa ?Globe showing Americas ?Globe showing Asia/Australia ?Globe with Meridians ?First Quarter Moon Face ?Last Quarter Moon Face ?Sun with Face ?Glowing Star ?Shooting Star ?Tornado ?Fog ?Hot Dog ?Evergreen TreeCactus ?Hot Pepper ?Tulip ?Cherry Blossom ?Rose ?Blossom ?Lemon ?Pineapple ?Strawberry ?Bread ?Fork and Knife ?Fork and Knife and Plate ?Birthday Cake ?Jack-o-Lantern ?Christmas Tree ?Balloon ?Party Popper ?Confetti Ball ?Reminder Ribbon ?Carousel Horse ?Fishing Pole ?Headphones ?Musical Note ?Musical Notes ?Musical Score ?Microbe ?Eye ?Crown ?Ghost ?Alien ?Skull ?Lips ?Envelope with Heart ?Diamond ?Bouquet of Flowers ?Zzz ?Sweat Droplets ?Dashing Away ?Poop ?Dizzy ?100 ?Newspaper ?Crystal Ball ?Hole ?Sunglasses ?️Avocado ?Baguette Bread ?Cheese ?Cupcake ?Bandage ?Magic Wand ?Feather ?Orange ?Banana ?Wrapped Gift ?Military Medal ?Sports Medal ?Trophy ?1st Place Medal ?2nd Place Medal ?3rd Place Medal ?Axe ?Wood ?Source:9to5 google
Micosoft office වල අනවශ්‍ය apps ඉවත් කරන්නෙ මෙහෙමයි
අපි කාටත් නැතුවම බැරි දෙයක්නේ Ms Office කියන්නේ. දැන් අලුතෙන් එන Ms Office 365 වගේම Ms Office 2021වලදි අපිට Customize Install එකක් කරන්න බෑ. ඒ කියන්න ඉස්සර ආපු පරණ Office Packageවල වගේ අපට ඕන කරන App එක විතරක් Install කරගන්න Option එකක් නෑ.උදාහරණයක් විදියට අපිට එදිනෙදා වැඩවලට අවශ්‍ය වෙන්නේ Word, PowerPoint සහ Excel වගේ Apps විතරක් නම්, අපිට දැන් ඒ ටික විතරක් Install කරගන්න හැකියාවක් නෑ මේ Office පැකේජ් එක Install කරන වෙලාවට.Ms Office 365වල සහ Ms Office 2021වලදි අපිට අවශ්‍ය මෙන්ම සමහරෙක්ට අනවශ්‍ය Apps බොහොමයක්ම ඇතුලත් වෙනවා.• Word• Excel• PowerPoint• Outlook• Publisher• Access• OneNote• Skype• Teams• Visio• Project• Grooveඑමගින් වෙන්නෙ මේ පැකේජ් එක සම්පූර්ණ Install වීමෙන් අපිට අනවශ්‍ය Apps වලට HDD එකේ අමතර ඉඩක් වැය කරන්න වීමෙන් HDD එකේ Memory එක පිරෙන එක විතරයි.මම අද කියලා දෙන්න යන්නෙ ඒකට පොඩි විසඳුමක්. ඒ කියන්නෙ මේ Package වලින් අපිට ඕනෙ කරන Apps විතරක් Install කරගන්නෙ කොහොමද කියලා.මුලින්ම කරන්න ඕනේ ඔයාලා අවශ්‍ය කරන Ms Office පැකේජ් එක Download කරගන්න එක. (මෙතනි​න් ඩවුන්ලෝඩ් කරගන්න) ඊටපස්සෙ ඒක උඩ Right Click කරලා Mount කියන එක දෙන්න. එතකොට ඔයාලට පහල පින්තූරෙ තියෙන විදියට This Pc වල Drive එකක් විදියට Mount උන පැකේජ් එක පෙන්නයි. (ඒ Drive එකේ Letter එක අපිට පස්සෙ ඕනෙ වෙනවා)DVD Drive (H:)අපිට දැං මේකට Office Deployment Tool (මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න) ඕනෙ වෙනවා. ඒක Download කරගත්තට පස්සෙ ඒක Double Click කරලා Desktop එකේ Folder එකකට Install කරගන්න (මම Install කරලා තියෙන්නෙ ofc කියලා Folder එකකට). එතකොට තවත් .xml Files වගයක් හැදෙනවා, ඒ ටික Delete කරලා දාන්න.ඊට පස්සෙ අපිට මේකට තවත් .xml File එකක් ඕනෙ වෙනවා (පහලින් Download කරගන්න ofc.xml). ඒකත් අර ofc Folder එකටම දාගන්න. ඒ File එකේ තමා අපිට Install කරන්න අනවශ්‍ය Apps මොනවද කියලා සඳහන් කරන්නෙ. ඒක Notepad වලින් Open කරගත්තාම ඔයාලට Code ටිකක් බලාගන්න පුලුවන්. එතනින් ඔයාලට Install කරගන්න අවශ්‍ය Apps වල Code එක තියෙන පේලිය Select කරලා Delete කරගන්න. පහල තියෙන Screen Shot එකේ Word, PowerPoint, Excel නෑ කියලා ඔයාලට පෙනවා ඇති. ඒ තමා මම Install කරගන්න යන Apps ටික.Ofcමේක් ඩවුන්ලෝඩ් කරගන්නofc.xml437 Bytesdownload-circleහරි දැන් ඔයාලට මෙතන පෙනවා ඇති Code එකේ දෙවනි පේලියේ SourcePath කියලා තැනක්. එතනට ඔයලාගේ ඉස්සෙල්ලා office img එක Mount වුණ Drive එකේ Letter එක දෙන්න. (උදාහරණයක් විදියට මගෙ නම් "H: ") දැන් ඔය ඔක්කොම ටික කරලා ofc.xml කියලා Name එක දීලා Save කරගන්න.හරි දැන් තියෙන්නෙ වැඩේ අවසාන ටික. දැන් ඔයලා cmd එක run as administrator දීලා ඕපන් කරගන්න.ඊටපස්සෙ ofc Folder එක Open කරලා ඒකෙ Path එක Copy කරගන්න.Folder pathදැන් cmd එකට ගිහිල්ලා cd කියලා Type කරලා Space එකක් තියලා ඔයාලා අර Copy කරගත්ත Path එක Paste කරලා Enter කරන්න.අවසාන Step එක විදියට cmd එකේ, setup.exe /configure ofc.xml කියලා Type කරලා Enter කරගන්න.දැන් ඔයාලට පෙනෙයි පහල Screen Shot එකේ විදියට අපි Select කරගත්ත Apps ටික විතරක් Install වෙනවා.එහෙනම් ආයෙත් මේ වගේම ලිපියකින් අපි හමුවෙමු. පහළින් මේ ලිපිය ගැන ඔයාගේ අදහස Comment කරන් යන්න.ස්තුතියි.
Qualcomm සමාගම විසින් නිපදවීමට සූදානම් වන Snapdragon 775 chipset එක පිළිබඳ තොරතුරු වාර්තා වේ
මේ වන විට වෙළදපොල මෙන්ම භාවිත කරන්නන් අතර ද ජනප්‍රියතම Smart Phone Chipset එක ලෙස Qualcomm Snapdragon Chipset පෙළ හදුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේSnapdragon 888 5G chipsetඑක Smartphones Industry එක තුල විශාල පෙරලියක් මේ වන විටත් සිදු කරමින් සිටිනවා.Mid-Range Smart Phones අතර ජනප්‍රිය Snapdragon Chipset වෙන Snapdragon 765 හා 765G මගින් Flagship Experience එකක් Mid-Range Devices සදහාත් ලබා ⁣දිමට මේ වන විට හැකිවි තිබෙනවා. මේ Mid-Range Snapdragon Chipset පෙලේ මිලග Mid-Range Chipset එක ලෙස Qualcomm Snapdragon 775 Chipset එක නිකුත් කිරිමට Qualcomm සමාගම විසින් සුදානමින් සිටිනවා.XiaomiUI නම් Telegram Channel එකක් මගින් පල කරන ලද Qualcomm Document එකකට අනුව Qualcomm සමාගම විසින් මේ වන විට SM7350 නම් Snapdragon 775 Chipset එක නිකුත් කිරිම පිළිබඳව කටයුතු සිදු කරමින් පසුවන බව කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ Snapdragon 765 Chipset එක සමග මෙය සැසදිමේදි High Level Features බලාපොරොත්තු විය හැකි වෙනවා.මේ Snapdragon 775 Chipset එක 5nm Chipset එකක් විදිහට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සමග නව Kryo 6-series CPU Core Setup එකත් ඇතුලත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ SoC එක LPDDR5 RAM @ 3200 MHz හෝ LPDDR4X RAM @ 2400 MHz RAM සදහා සහය දක්වන අතරම එය UFS 3.1 Storage සදහාත් සහය දක්වනු ලබනවා. මෙහි තිබෙන Spectra 570 ISP එක මගින් එක වර 28MP වු Camera තුනක් දක්වා සහය දැක්විය හැකි වෙනවා. Video Recoding සදහා නම් එය 4K 60fps දක්වා සහය දක්වනු ලබනවා.මීට අමතරව LTE Cat 18 හා mmWave 5 Alongside VoNR, NR CA, SA හා NSA Support කරන අතරම Wi-Fi 6E with 2x2 MIMO හා Bluetooth 5.2 පහසුකමුත් මේ මගින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙය WCD9380 හා WCD9385 Audio Chips සදහාත් සහය දක්වනු ඇත.කෙසේ වෙතත් තවමත් Qualcomm සමාගම මගින් මේ Snapdragon 775 Chipset එක පිළිබඳව නිල වශයෙන් තොරතුරු නිකුත් කර නොමැති අතර එය ඉදිරියේදි නිල වශයෙන්ම තහවුරු වෙනු ඇත. බොහෝ දුරට මේ වසරේ Mid-Premium Category එකේ Smartphones සදහා මේ මගින් බලගැන්විම හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට මේ Chipset එක සහිතව වෙළදපොලට නිකුත් වෙන පළමු Smart Phone එක Xiaomi Mi 11 Lite 5G Device එක විය හැකි වෙනවා.Source :Xda Developers,Gsm Arena
ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.පිටිකිරිපිටිකිරි ගැන කතා කරන්න නම් මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මොකද ඒ ගැන කතා කරන වෙලාවත් අපරාදෙ. පිටිකිරි කියල විකුණන්නෙ නිකන්ම නිකං රොඩ්ඩක්. පරීක්ෂණාත්මකව සනාථ වුණත් නොවුනත් මෙලමයින්, පාම් තෙල්, ඌරු තෙල් සහ කෘතිම ලැක්ටෝස් තියෙන බවත් කිරි නැති බවත් බොහොම ප්‍රසිද්ධ මතයක්. එහෙම බැලුවම පිටිකිරි බොන එකයි සුදු පාට ඩයි එකක් වතුරෙ දිය කරගෙන බොන එකයි අතරෙ වෙනසක් නෑ.මාගරින් කියල හිතාගෙන අරගන්න Fat Spread එකත් ඔය වගේම තමයි. ඊළඟ පාර ගන්නකොට බලන්නකො පෙට්ටියෙ කොහෙවත් "ෆැට් ස්ප්‍රෙඩ්" කියල මිසක් "මාගරින්" කියල ඕකෙ ගහල තියෙනවද කියලා. ඒවා මාගරින් නෙමෙයි. ඔය 2ම ශරීරයට අහිතකර වුණොත් මිසක් කිසිසේත්ම හිතකර දේවල් නම් නෙමෙයි.දියර කිරි (Fresh Milk)කිරිපිටි කියන්නෙ බොරුවක් කියල කිව්වනෙ. එතකොට දියර කිරි? මේක තමයි අද අපේ මාතෘකාව. මෙතනින් එහාට හැමදේම කියන්නෙ දියර කිරි ගැන.කොළ පාට තණබිම් වල පින්තූර තියෙන්නෙ පැකට් එකේ විතරයිදියර කිරි නැතිනම් ඇත්ත කිරි වල තියෙනවා ප්‍රධාන පෝෂක කොටස් 5ක්.මේදයවිටමින්ඛනිජ හා ප්‍රෝටීන්කැල්සියම්සීනි (ලැක්ටෝස්)කිරි බීමෙන් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නෙ ඔන්න ඔය වර්ග ටික ශරීරයට අවශෝෂණය කරගැනීම. අපි යට ඉඳල උඩට එමු.ලැක්ටෝස්කිරි වල සීනි පවතින්නෙ ලැක්ටෝස් හැටියට. ඇත්තටම කිරි වල තියෙන සීනි වර්ගයේ නම තමයි ලැක්ටෝස් කියන්නෙ. අපි කිරි බිව්වම මේ කිරි ටික යනවා ආමාශය හරහා අපේ කුඩා අන්ත්‍රයට (කුඩා බඩවැල). ඔන්න ඔය කුඩා අන්ත්‍රය නිෂ්පාදනය කරනවා එන්සයිමයක්. ඒකෙ නම ලැක්ටේස්. කිරි වල තිබුණෙ ලැක්ටෝස්, මේ එන්සයිමය ලැක්ටේස්. ටෝස් ටේස් පටලගන්න එපා.කොහොමහරි කිරි ටික එනවනෙ කුඩා අන්ත්‍රයට. එතනදි අර ලැක්ටේස් එන්සයිමය සමත් වෙනවා කිරි වල තියෙන සංකීර්ණ ලැක්ටෝස් සීනි අණුව බිඳලා ලේ වලට උරාගන්න පහසු සරළ සීනි වර්ග නිෂ්පාදනය කරන්න. ඒ කියන්නෙ ග්ලූකෝස්, ගැලැක්ටෝස් වගේ සරළ අණු. ඔන්න දැන් කුඩා අන්ත්‍රයට පුළුවන් ලේසියෙන්ම කිරි වල තිබුණ ලැක්ටෝස් ටික ජීර්ණය කරගන්න..ඕක තමයි ක්‍රමය. හැබැයි පොඩි කොස්සක් තියෙනවා.කුඩා අන්ත්‍රය තුල ලැක්ටේස් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය අපි වයසින් වැඩෙනකොට අඩාල වෙනවා. පුංචි කාලෙ විතරයි මේ ලැක්ටේස් එන්සයිමය හරියට නිෂ්පාදනය වෙන්නෙ. ඒ කියන්නෙ වැඩිහිටියෙකු තුල ලැක්ටේස් නිෂ්පාදනය වෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්. තේරුම තමයි වැඩිහිටියෙකුට කිරි වල තියෙන සීනි ටික ජීර්ණය කරගන්න අමාරුයි. එතකොට මොකද වෙන්නෙ?ලැක්ටේස් නැති නිසා දැන් කුඩා අන්ත්‍රයෙදි කිරි ටික ජීර්ණය වෙන්නෙ නෑනෙ. ඔන්න ඉතින් ඒ කිරි ටික යනවා මහා අන්ත්‍රයට (මහා බඩවැල). මහා අන්ත්‍රය කියන්නෙ බැක්ටීරියා ගුහාවක්. ඔතනදි ඔයා බීපු කිරි ටික මේ අහිතකර බැක්ටීරියා එක්ක එකතු වෙලා නරක් වෙලා යෝගට් චීස් අයිස්ක්‍රීම් මුදවපු කිරි ෆලූඩා පුඩිං වගේ ඔක්කොම ජාති හැදෙනවා. පහුවදා උදේට වැඩේ බලාගන්න පුළුවන්. ඔය තත්වයට කියනවා Lactose Intolerance කියලා.මුළු ලෝකයම සැලකුවම මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්වය වැඩිහිටියන්ගෙන් 65%කට පමණ තිබෙනවා.හැබැයි අපි වගේ ආසියාතික රට වලට මේ ප්‍රතිශතය 90%ක් පමණ දක්වා ඉහළයි. ඒ කියන්නෙ අපේ රටේ වැඩිහිටියන්ට කිරි වල ලැක්ටෝස් ජීර්ණය කරගන්න බෑ කියන එක. කිරි ලැක්ටෝස් සැලකිය යුතු ප්‍රතිශතයක් ජීර්ණය කරගැනීමේ හැකියාව තියෙන්නෙ උතුරු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවෙ මිනිසුන්ට විතරයි. අපි කිරි බිව්වට තේරුමක් නෑ. උඩින් බොනවා යටින් යනවා. එච්චරයි.කැල්සියම්Tv එක දැම්මොත් යන්නෙම ඔස්ටියෝපොරෝසිස් වලින් බේරෙන්න නම් කැල්සියම් වලින් පරිපූර්ණ අහවල් කිරි ජාතිය බොන්න කියල යන වෙළඳ දැන්වීම්නෙ. එතකොට කිරි බිව්වම ඔස්ටියෝපොරෝසිස් වලින් බේරෙනවද? නෑ.. වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ලෝකෙ වැඩිම කිරි පරිභෝජනයක් සහිත රටවල තමයි වැඩිම ඔස්ටියෝපොරෝසිස් රෝගින් ඉන්නෙත්.විටමින් හා අනෙක් පෝෂක කොටස්අපිට වෙළඳපොළෙන් දියර කිරි ගන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා.දොවපු ගමන් නියම fresh milkපැස්චරීකරණය කරන ලද කිරිUHT කිරිහැබැයි ඔය පළවෙනි එක ගන්න පුළුවන් හරිම සුළු පිරිසකට විතරයි (උතුරුවා නිවාගෙන මිසක් බොන එක සෞඛ්‍යාරක්ෂිතත් නෑ). ඉතුරු හැමෝටම වෙළඳපොළෙන් ගන්න පුළුවන් එක්කො පැස්චරීකරණය කරන ලද කිරි, එක්කො UHT කිරි. මොනවද මේවා?පැස්චරීකරණයමේක හොයාගත්තෙ ලුවී පාස්චර් 1880දි. මේකෙදි කරන්නෙ කිරි සෙල්සියස් 100ට අඩු (74°C පමණ) උෂ්ණත්වයකට තත්පර 15ක් පමණ තුල රත් කර සිසිල් කිරීම. මේකෙදි අහිතකර දේවල් බොහොමයක් විනාශ වෙනවා. ඒ වගේම පෝෂක කොටස් ගොඩකුත්.හැබැයි පැස්චරීකරණය කරන ලද කිරි ගබඩා කරන්න ඕන සිසිල් පරිසරයක. ඒ වගේම ගබඩා කරල තියාගන්න පුළුවන් කාලය දවස් 5ක් 6ක් විතර. ලංකාවෙ supermarkets වල හොයාගන්නත් ටිකක් අමාරුයි.UHT ProcessingUHT කියන්නෙ Ultra High Temperature processing එකට. මේකෙදි කිරි සෙල්සියස් අංශක 135ට විතර තත්පර 2ක් 4ක් පමණ තුල ක්ෂණිකව රත් කරනවා. ඊළඟට ක්ෂණිකව සිසිල් කරනවා. පෝෂක කොටස් යම් ප්‍රතිශතයක් විනාශ විය හැකියි.මේ කිරි විවෘත නොකරන ලද ඇසුරුමක් තුල සාමාන්‍ය උෂ්ණත්වයේ (ශීතකරණයේ නොදමා) මාස 8ක් 9ක් දක්වා කල් තියාගන්න පුළුවන්. Supermarkets වල ශීත නොකරන ලද රාක්ක වල තොග ගානට මාස ගණන් තියෙන්නෙ මේවා තමයි.3න් මොකක්ද තෝරගන්නෙ කියන එක ඔබ සතුයි.මේදයඔක්කොම processing ටික කරාට පස්සෙ ඔය මේදය ටික විතරයි කිරි වල අන්තිමට ඉතුරු වෙන්නෙ. කිරිපිටි හෙවත් බොරු කිරි වල නම් ඕකත් නෑ.පාරිසරික බලපෑමලෝකය පුරා කිරි ගොවිපොළ වලින් විමෝචනය වන හරිතාගාර වායු ප්‍රමාණය සියළුම ගුවන් යානා වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයටත් වඩා වැඩියි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමටත් මේ කිරි ගොවිපොළ වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ්, මෙතේන්, ඇමෝනියා වගේ දේවල් ලොකු ප්‍රතිශතයකින් සෘජුවම බලපානවා.මේක විහිළුවක් නෙමෙයි. උෂ්ණත්වය වැඩි වෙලා ග්ලැසියර් යට සිරවෙලා තිබෙන අවුරුදු දහස් ගණන් පැරණි අති ප්‍රභල වෛරස් සහ බැක්ටීරියා මේ ග්ලැසියර් දියවීමත් එක්ක බාහිරට නිදහස් වුණොත් අන්න එදාට අපිට හිතෙයි කොරෝනා කියන්නෙ මොන්ටිසෝරි මට්ටමේ සෙල්ලම් ලෙඩක් කියලා. මේවා ඒ තරම් භයානකයි. විශේෂයෙන් permafrost එකේ. මේ ගැන වෙනම ලිපියක් පුළුවන් වුණොත් ලියන්නම්.සත්ව හිංසනයඔබ කොච්චර නිර්මාංශ පුද්ගලයෙක් වුනත් වැඩක් නෑ කිරි ආහාර පරිභෝජනය කරනවා නම්. ලොකු සත්ව හිංසනයකුත් කරන ගමන් සොබාදහමත් විනාශ කරන ගමන් අපිට හරියට ජීර්ණය වෙන්නෙ වත් නැති දියරයක් පුරුද්දක් හැටියට දිනපතා බොන්න වැඩිහිටි ඔබට තවදුරටත් හේතුවක් තියෙනවද?විකල්පයපිටරට වලට නම් එළකිරි වලට හොඳම විකල්ප වෙන්නෙ සෝයා කිරි, ඕට්ස් කිරි, ආමන්ඩ් කිරි, හාල් කිරි වගේ දේවල්. හැබැයි අපිට ඊට වඩා බොහොම පොහොසත් ගුණදායක විකල්පයක් තියෙනවා. ඒ තමයි කොළ කැඳ.කිරි වලට ඇබ්බැහි වෙලා ඉන්න අයයි කැඳ හදන්න කම්මැලිකමේ ඉන්න අයයි කැඳ ගැන වැරදි මත ඔළුවෙ තියාගෙන ඉන්න අයයි ටික දවසකට කිරි වලින් කැඳ වලට මාරුවෙලා බලන්න. ඔබටම වෙනස වැටහෙයි.
ලොව වටිනාම සමාගමේ කිරුළ Apple වෙතින් උදුරා ගැ​නේ
ලොව වටිනාම සමාගම ලෙස කිරුළු පැළඳ සිටි Apple සමාගමට එම කිරුළ අහිමිවී ගිය බවට වාර්තා වනවා. Apple සමාගමට පෙර මෙම කිරුළ පැළඳ සිටි Microsoft, Google සහ Amazon සමාගම් එකක්වත් මේ කිරුළට නැවත හිමිකම් කීමට සමත් වී නැති අතර මෙවර මෙම කිරුළට හිමිකම් කියා ඇත්තේ මැදපෙරදිග රටක් වන සෞදි අරාබියේ සිට තම වෙළඳ කටයුතු සිදු කරන ලොව විශාලතම බොර තෙල් අපනයනය කරන සමාගම වන Saudi Aramco නම් වන සමාගමටයි. මෙම සමාගමේ කොටස් වලින් 94%කම අයිතිය පවතින්නේ සෞදි අරාබියටයි.Financial Timesහි වාර්තාවකට අනුව Apple සමාගම මීට පෙරදීවෙළඳපල අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා ගිය ලොව ප්‍රථම සමාගමබවට පත්වීමට සමත් වූවා. නමුත් 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ඇපල් සමාගමේ කොටසක වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් 146ක් දක්වා පහත වැටීමත් සමඟම ඔවුන්ගේ වෙළඳපල අගය 19%කින් පහළ වැටුනා. මේත් සමඟම Apple සමාගමේ වෙළඳපල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.37ක් දක්වා පහත වැටුනු අතර Aramco සමාගම විසින් ඔවුන්ගේ වෙළඳපල අගය ලෙස පැවති ඇපරිකානු ඩොලර් ට්‍රිලියන 2.43ක අගය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සමත් වීමත් සමඟම මෙම කිරුළට හිමිකම් පෑමට Aramco සමාගම සමත් වී තිබෙනවා.කෙසේ වුවත් Apple සමාගම තවමත ඇමරිකාවේ වෙළඳපල වටිනාකම වැඩිම සමාගම වන අතර මීට පෙර එම කිරුළුට හිමිකම් කී Microsoft සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.95ක අගයක් ගනිමින් තවමත් Apple සමාගමට පසුපසින් සිටිනවා.මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ටිම් කුක් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ සැපයුම් ජාලයේ ඇති ඌණතාවය සහ කොරෝනා වසංගතය හේතුවෙන් චීනයේ සිදුවූ නිරෝධායන කටයුතු වලින් තම සමාගමට එක කාර්තුවක මුළුමනින්ම ඩොලර් බිලියන 8ක පිරිවැයක් දැරීමට සිදු වීම මෙයට ප්‍රධානතම හේතු සිදුවූ බවයි. මේ හේතුන් මධ්‍යයෙ වුවද Apple සමාගම විසින් ඔවුන්ගේ තෙවන කාර්තුවේදී Apple සමාගම විසින් ඉපැයූ හොඳම කාර්තුමය ආදායම වාර්තා කිරීමටද සමත් වනවා.නව වසර ආරම්භයෙ සිටම Saudi Aramco සමාගමේ කොටස් වල අගය 30%ක පමණ අගයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතු ලෙස බොරතෙල් වල මිලෙහි සීග්‍ර ඉහළ යාම දැක්විය හැකි අතර එම සමාගම විසින් මෙම කාර්තුවේදී පමණක් ඔවුන්ගේ ලාභය 82%කින් වැඩි කරගැනීමට සමත්ව තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් බිලියන 40කින් පමණ වැඩිවීමකි.වසර 14කට පසුව බොරතෙල් බැරලයක මිල ලොව ඉහළම අගය වාර්තා කර ඇති අතර එහි අගය $139ක් වනවා. මෙයට හේතු වී ඇත්තේ රුසියාව විසින් යුක්රේන රාජ්‍ය ආක්‍රමණය කිරීමට සිදු කරගෙන යන වැඩකටයුතු හේතුවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ලෝක වෙළඳපලේ ඉල්ලුම එකවරම සෞදි අරාබිය වෙත යොමු වීමයි.ලොව මෙවැනි අර්බුදයක් පවතින අවස්ථාවකදී තාක්ෂණික සමාගම් අභිබවා බලශක්ති සමාගම විසින් වාර්තාගත ලාභ උපයමින් නැගීසිටියද සැපයුම් ජාලය නැවත වතාවක් යථාතවයට පත්වීමෙන් පසුව Apple සමාගම විසින් ඔවුන්ගේ කිරුළ නැවත අත්පත් කරගනු ඇතැයි මත පල වනවා.මේ පිළිබඳව අදහස් දක්වමින් Tower Bridge Advisors හි CIO ධූරය හොබවන James Meyer විසින් ප්‍රකාශ කර ඇත්තේ “ව්‍යාපාරයන්ගේ ස්වාභාවයන් අනුව Apple සමාගම සහ Saudhi Aramco යනු එකිනෙකට සැසදීමට නොහැකි සමාගම් දෙක වන අතර මෙම තත්වය උද්ධමනයේ සහ සැපයුම් වල ඇති ඌණතාවය නිසා තාවකාලිකව ඇති වූ තත්වයකි” යනුවෙනි.Sources:CNBC,The Wall Street Journal
postmarketOS එක එක්ක කරලියට එන Linux PinePhone ‘Community Edition’ එක
සති කීපයකට කලින් Ubuntu Touch එක එක්ක PinePhone Community Edition එක රිලීස් කරා. දැන් PINE64 ලා ඒගොල්ලන්ගෙ ඊලඟ community edition එකේ pre-orders භාර ගන්න සූදානම් වෙනවා. මෑතකදි PINE64 ලා announce කරේ ඔවුන්ගෙ ඊලඟ community version එක full fledged PostmarketOS එක්ක feature කරනවා කියලයි.ඔතින් මේ pre-order එක ජූලී මාසයේ මුල් කාලයේ දී open වෙන්නේ අඩුම මාස එක හමාරකට වගේ කාලයකට. ඉතින් ඔයාට ඔයාගෙ PinePhone එකටත් Ubuntu Touch වෙනුවට PostmarketOS එක ඕනෙ නම්, මේ edition එකෙන් PocketmarketOS එක install කරන්න යන කාලය ඉතුරු කර ගන්න පුලුවන්.PinePhone PocketmarketOS Community EditionUBports CE එක වගේම මේකත් stable release එකට කලින් highly revised experimental version එකක්. තවත් දෙයක් තමා මේක PinePhone Braveheart Edition එකේම ඊට වඩා හොද design එකක් motherboard එකක් සහ bug fixes සහිත අනුප්‍රාප්තිකයෙන් විදිහට හඳුන්වන්නත් පුලුවන්.PostmarketOSPinePhone Community Editionහි ඇති විශේෂතාPostmarketOS Community Edition එකේ hardware specifications තාම PINE64 ලා සම්පූර්ණයෙන් ම හෙලිකරලා කරලා නැතත්, අපිට Ubuntu Touch CE එකට සමාන specifications ලැබෙයි කියල අනුමාන කරන්න පුලුවන් කම තියෙනවා.කෙසේ වෙතත් PINE64 ලා කියන්නේ ඔවුන් PCB (Printed Circuit Board) Version 1.2 එක තවත් tweak designs කීපයක් එක්ක වෙළඳපලට නිකුත් කරන එක ගැන වැඩ කරමින් ඉන්නවා කියලා. ඒ වගේම PinePhone caseback එකේ UBports වෙනුවට PostmarketOS විදිහට නම් කරලා තියෙනවා.ඉතින් මේකේ hardware specs බොහෝ විට මේ විදිහට වෙන්න පුලුවන්SoC Allwinner A64 Quad Core2GB LPDDR3 SDRAM5.95-inch HD Display with 720×1440 resolutionInternal storage 16 GB eMMCUSB port Type C (power, data and HD digital video out)Wi-Fi 802.11 b/g/n, LTE, Bluetooth 4.0GNSS GPS, GPS-A, GLONASS5MP rear camera with LED flash and 2MP front cameraSensors — Accelerator, gyro, proximity, compass, barometer, ambient lightpostmarketOS එක pre-install කරපු PinePhonepostmarketOS හඳුන්වන්නේ security-oriented සහ lightweight Alpine Linux-based mobile operating system එකක් විදිහට. PinePhone එකත් ඇතුලුව දැනට තවත් mobile devices 200 කට වඩා වැඩියෙන් postmarketOS එක භාවිතා වෙනවා. ඒ වගේම ඔයාගෙ iPhone 7 එකෙත් postmarketOS එක use කරන්න් පුලුවන්.Ubuntu touch එක වගෙම මේකත් තියෙන්නෙ තාමත් beta stage එකේ. ඒත් basic mobile functions වලට මේක support කරනවා. මේ basic functions වලට phone calls, SMS, mobile data, Wi-Fi සහ touch-friendly user interface එක වගේ දේවල් අයත් වෙනවා.ඉතින් මේ postmarketOS එක එක්ක එන PinePhone CE එක නිකුත් වෙන්නෙ Phosh user interface එකත් එක්කයි. Phosh කියන්නෙ Liberum 5 කියන Linux smartphone එකට Purism ලා develop කරපු shell එක. ඉතින් modern GNOME desktop user experience එක ලබා දීමට මේ run වෙන්නෙ GNOME components කීපයක් මත. කෙසේ වෙතත් ඔයාට ඔයාගෙ PinePhone එකේ අනිත් user interfaces වෙන Plasma Mobile, Lune UI, සහ Xfce උනත් flash කිරීමෙ හැකියාව ලැබෙනවා.postmarkeOS phosh menuBrand new on-device installer එකක් එක්ක offer full disk encryption facility එකත් මේ PostmarketOS CE එක userට ලබා දීම සිදු කරනවා. ඉතින් මේ installation method එකේදි, Encrypted installation එකක් set up කරන්න පලවෙනි boot එකේදි ඔයාගෙන් password එකක් ඉල්ලනවා.PostmarketOS එක buy කරන්නෙ කොහොමද?Pre-orders වලට තවම විවෘත වෙලානැති නිසා මේ ගැන හරි තොරතුරක් දෙන්න බෑ. ඒත් ඔයාට පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො එක්ක රැඳිල ඉන්න. මොකද අපි තොරතුරක් ලද විගසින්ම ඔයාලව දැනුවත් කරන නිසා.UBports CEවගේම , postmarketOS community edition එකත් බොහෝ දුරට $150 කට වගේ price වෙන්න් පුලුවන් (shipping සහ අනිත් import charges නැතුව).
Getting Started with Firestore + Flutter (Android)
Firestore, the Firebase’s No-SQL Database + Flutter is a Excellent solution to bring Cloud database connected apps to life. in this tutorial we will discuss how to add Firestore to Flutter ProjectAdding Firebase to FlutterFirst Create a Firebase Project and Add Your App to Firebase. Change App ID to something Unique. (/android/app/build.gradle),Add it to the Firebase as follows,Download the Config file and put it in the “/android/app” folder as Follows,In Your Flutter Project add the Following to the Project Level Gradle.build file. (/android/build.gradle).‘classpath ‘com.google.gms:google-services:4.3.3Then Add the following to the end of the App level Build.gradle file (/android/app/build.gradle)apply plugin: ‘com.google.gms.google-servicesif You want to enable analytics as well, add the following to the dependencies section of this file.implementation ‘com.google.firebase:firebase-analytics:17.2.2Finally apply the Firestore plugin to flutter as below. (use the latest version fromhttps://pub.dev/packages/cloud_firestore)in the pubspec.yml file add the following to dependencies section.cloud_firestore: ^0.13.4+2if you are using a IDE with flutter plugin installed, once you save the changes it will automatically install the dependencies. otherwise run ‘flutter pub get’.then in the dart file/screen you want to use Firestore, initialize the Firebase Firestore as follows.Now Check back in the Firebase Console to See Your App.Congratulation! You have added Firestore to your Flutter application.
ZTE Nubia Red Magic 6 Pro දුරකථනය 165Hz Refresh Rate එකකින් යුතු Display එකක් සමඟින් එලි දැක්වීමට කටයුතු කරයි
2012 වසරේදී ආරම්භ වන චීන දුරකථන සමාගමක් වන Nubia Technology සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ZTE සමාගමේ විසින් දරා සිටියේය. පසුව 2015 වසරේදී ස්වාධීන සමාගමක් බවට පත්වූ නම් 2017 දී ZTE සමාගම විසින් Nubia සමාගමට පැවතුණු කොටස් ප්‍රමාණය 49.9% බවට අඩු කර දැමීමට සමත් විය.Nubia Technology සමාගම 2018 වසරේදී Red Magic සන්නාමය ඔවුන්ගේ උපසන්නාමයක් ලෙසින් ආරම්භ කරනු ලබන අතර ඒ අනුව Nubia Red Magic දුරකථනය එලිදක්වන ලදී.‌‌පසුව Nubia Red Magic Mars , Nubia Red Magic 3 , Nubia Red Magic 3S , Nubia Red Magic 5G , Nubia Red Magic 5G Lite , Nubia Red Magic 5S ආදී පිලිවෙලින් 2020 වසර දක්වා දුරකථනයන් එලිදක්වන ලදී.මෙම Red Magic දුරකථන ජංගම දුරකථන ක්‍රීඩා  අරමුණු කරගෙන නිර්මාණය කර ඇති අතර මේවයේ ඉතා හොද Cooling system එකකුත් අඩංගු කර ඇත.ඒ අනුව 2021 වසරේදී ඔවුන් ගේ නවතම දුරකථන යුගලය වන Nubia Red Magic 6 හා Nubia Red Magic 6 Pro දුරකථන එළිදක්වූවේය.අප මෙම ලිපියෙන් Nubia Red Magic 6 Pro දුරකථනය පිළිබදව කෙටියෙන් විමසා බලමු.Displayමෙම දුරකථනයට අගල් 6.8 ක Super AMOLED display එකක් ද එහි resolution එක 1080 x 2400 කි .මේ display එකට 165 Hz  ක refresh rate එකක් සහ screen to body ratio එක වෙන්නෙ 85.7%.Chipset , Ram , StorageZTE nubia Red Magic 6 Pro බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.මෙහි Ram එක සහ Storage එක අනුව මාදිලි 4 කින් මිලදී ගන්න පුලුවන්.‌‌එනම්, 128GB Storage එකක් සමග 12GB RAM, 256GB Storage එකක් සමග 12GB RAM, 256GB Storage එකක් සමග 16GB හා 512GB Storage එකක් සමග 18GB RAM ආදී ලෙසිනි.ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් නැත.OSමෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු Redmagic 4.0 වේ.BatteryZTE nubia Red Magic 6 Pro හි battery එක විදියට Li-Po 4500mAh, non-removable battery එකක් සහ 120W fast charging පහසුකමත් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම battery එක මිනිත්තු 5 කින් 50% ක් අරෝපණය කරගැනීමේ හැකියාවක් පවතිනවා.Cameraමෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel primary wide angle camera එකකිනුත් 8-megapixel ultra wide camera එකක් හා 2-megapixel macro camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps වලිනුත් 4K videos 60fps දක්වාත් 1080p videos 240fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.මෙහි selfie camera එක විදියට 8 MP, f/2.0 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.Sensorsමීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළඅඩංගු වෙනවා.PriceZTE nubia Red Magic 6 Pro දුරකථනයේ 12GB/128GB model එක ආසන්න වශයෙන් $680 කුත් 12GB/256GB model එක ආසන්න වශයෙන් $738 කුත් 16GB/256GB model එක ආසන්න වශයෙන් $865 ක් සහ 18GB/512GB model එක ආසන්න වශයෙන් $1020 මිලකට චීනය තුළ නිකුත් උනා.Source:NDTV,Gizmochina
OPPO සමාගම විසින් රැහැන් රහිතව වාතය හරහා උපාංග ආරෝපණය කළ හැකි තාක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරයි
Xiaomi සමාගම විසින් පසුගිය මාසයේදිMi Air Chargeනමින් හදුන්වන True Wireless Charging Technology එක හදුන්වා දෙනු ලැබුවා. දැන් OPPO සමාගමත් ඔවුන්ගේ නව Air Charging Technology එක පිළිබඳ MWC Shanghai හිදි එළිදැක්වනු ලැබුවා.OPPO සමාගම මේ Wireless Air Charge Technology එක පිළිබඳව Demo Video එකක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ අනුව මේ සදහා ඔවුන් OPPO සමාගමේ Rollable Device එකක් වෙන OPPO X 2021 Rollable Smart Phone එක යොදා ගෙන තිබෙනවා. මෙහි දි අපිට මේ සදහා True Wireless Charging Technology එක භාවිත වෙන බව දැක ගත හැකි වෙනවා. ඒ වගේම Charging Mat එකෙන් සෙන්ටිමීටර කිහිපයක් එසවු විටද කිසිදු ගැටලුව නොමැතිව Charge වෙන බව දැක ගන්න පුළුවන්.මේ Wireless Air Charging Technology එක සදහා 7.5W දක්වා Charging Power එකක් භාවිත කල හැකි වෙන අතරම OPPO සමාගම පවසන අකාරයට Charging Mat එකේ සිට සෙන්ටිමීටර 10 දක්වා දුරකදි වුවද කිසිදු ගැටලුවක් තොරව මේ Air Charge Technology එක ක්‍රියාත්මක වෙනවා.Source :Gizmochina,Oppo
Android 12 beta 1 සංස්කරණය Google Pixel ඇතුලුව තවත් දුරකතන කිහිපයකට ලබා දේ
පසුගිය මාස කිහිපය තුල නිකුත් කරන ලද Android 12 Developer Previews වලින් අනතුරුව දැන් මේ වෙන විට Google Pixels සහ OnePlus, Xiaomi, Oppo ඇතුළුව දුරකථන නිෂ්පාදකයින් කිහිප දෙනෙකුටම ඔවුන්ගේ Devices සදහා Android 12 Beta ලබා දිම ආරම්භ කර තිබෙනවා.Android 12 Beta 1 ලබාගත හැකි Pixel ජංගම දුරකතනGoogle Pixel 3Google Pixel 3 XLGoogle Pixel 3aGoogle Pixel 3a XLGoogle Pixel 4Google Pixel 4 XLGoogle Pixel 4aGoogle Pixel 4a 5GGoogle Pixel 5Android 12 Beta 1 ලබාගත හැකි Pixel නොවන ජංගම දුරකතනOnePlus 9iQoo 7 LegendOnePlus 9 ProOppo Find X3 ProAsus ZenFone 8TCL 20 Pro 5GTecno Camon 17iQoo 7 LegendXiaomi Mi 11Xiaomi Mi 11 UltraXiaomi Mi 11iXiaomi Mi 11X ProRealme GTZTE Axon 30 Ultra 5GAndroid 12 සමඟින් ලැබෙන නවතම පහසුකම්Android 12 OS Version එක මගින් Android OS එක සදහා මෙතෙක් හදුන්වා දුන් විශාලතම Redesign එක හදුන්වා දි තිබෙනවා. මේ තුලින් සැලකිය යුතු ප්‍රමාණයේ visual upgrades හා ආරක්ෂාව පෙරදැරි කරගත් පහසුකම් රැසක් ලබා දෙන්න Google සමාගම විසින් කටයුතු කර තිබෙනවා.Visual Design ChangesAndroid 12 OS එකත් සමග Material You නම් නව Design Concept එකක් හදුන්වා දි තිබෙනවා. මේ Design එක නිසා Software, Hardware හා Material Design Teams අතර ⁣හොද සහයෝගයක් ලබා ගැනිමේ හැකියාව මේ OS එකට ලැබි තිබෙනවා.Android 12 OS එක මගින් UI Colors, Shapes, Lights, හා Motion වල විශාල වෙනස්කම් ප්‍රමාණයක් ගෙන එනු ලබනවා. ඒ අනුව ඔවුන් විසින් New Adaptive Color Palette එකක් හදුන්වා දි තිබෙනවා. මේ මගින් Device එකේ Wallpaper එක පදනම් කර ගෙන ඊට අනුරැපව Notifications shade, Volume controls, Lock screen හා Widgets ආදිය වෙනස් වෙන අතර මෙය සමස්ථ OS එක සදහාම ආදාල වෙන ලෙස ක්‍රියාත්මක වෙනවා.View post on imgur.comUI Elementsවල ප්‍රමාණයත් මේ නව OS එකේ කැපි පෙනෙන ලෙස වෙනස් කර තිබෙනවා. ඒ අනුව යම් යම් widgets ආදිය යම් යම් අවස්ථාවලදි එම අවස්ථාවට ගැලපෙන ලෙස ප්‍රමාණය වෙනස් කර සකස් විම සිදු වෙනවා. උදාහරණයක් ලෙස Lock Screen Clock Widget එක සැලකු විට Lock Screen එකේ Notification කිසිවක් නොමැති විට ප්‍රමාණයෙන් විශාලවත් Notification පවතින විට ඒවාට අනුරැපව ප්‍රමාණය වෙනස් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා.හදුන්වා දි ඇති Quick Settings Panel එක සදහා නව Button එකතු කර ඇති අතර ඒවාගේ ප්‍රමාණයත් විශාල කර තිබෙනවා. මේ Button මගින් ඒ සදහා අදාල වු Option එක ක්ෂණිකවම ක්‍රියාත්මක කිරිමේ හැකියාව ලැබෙනවා.Google Assistant සදහා පෙර තිබු Gestures ඉවත් කර Google Assistant Power Button එක සදහා හදුන්වා දි තිබෙනවා. ඒ අනුව Power Button එක මගින් Google Assistant භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.Faster & More EfficientMaterial You Design එක නිසා Android 12 OS එක මගින් වේගවත් සහ smooth Animations සහිත UI Experience එකක් ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ප්‍රධාන පද්ධති සේවාවන් සඳහා සදහා අවශ්‍ය CPU Time එක 22% කින් පමණ අඩු කර ගැනිමට හැකියාව ලැබි තිබෙන අතර System Service සදහා Big Cores වල දායකත්වයක් 15% කින් පමණ අඩු කිරිමටත් හැකියාව ලැබි ඇති අතර මේ මගින් Power Efficiency එක Improve කර ගැනිමට හැකියාව ලැබි තිබෙනවා.Security & Privacy FeaturesAndroid 12 OS එක මගින් Smartphone එකේ Security හා Privacy පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව නව Privacy Dashboard එකක් හදුන්වා දි තිබෙන අතර මේ තුලින් පැය 24ක කාලයක් තුල Installed Apps මගින් සිදු කරන දත්ත ඉල්ලිම් ආදිය පිළිබඳව තොරතුරු ලබා ගැනිමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ තුලින් සැම App එකක් සදහාම ලබා දි ඇති Permissions ආදියත් වෙනස් කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.View post on imgur.comමීට අමතරව Camera හා Microphone භාවිත වෙන අවස්ථාවලදි ඒ බව Display එකේ ඉහල දකුණු කෙලවර මගින් දැනුම් දිමට කටයුතු කරනු ලබනවා.Another important addition is the new camera and microphone indicator on the top right corner.මේ සදහා හදුන්වා දි ඇති Approximate Location Permission Setting මගින් Device එකේ Location එක ඉතා නිවරදිව අවශ්‍ය නොවන Weather App වැනි ඒවා සදහා ඔබගේ Location එක දළ වශයෙන් ලබා දිමට කටයුතු කරනු ලබනවා.View post on imgur.comමේ සියලු Features ජුනි හා ජූලි මාසවලදී ලබා දිමට නියමිත Beta Version OS Updates සමග නිකුත් වෙනු ඇති අතර අගෝස්තු මාසයේදි අවසන් Beta Update එක ලබා දෙනු ඇත. ඉන් පසුව ක්‍රමයෙන් Android 12 Stable Version එකක් නිකුත් කිරිමට කටයුතු කරනු ඇත.Source :Google,Gizmochina
Microsoft සමාගම Smart TV සඳහා Xbox app එකක් සහ Stream stick එකක් හඳුන්වා දීමට සැරසෙයි
Microsoft සමාගම විසින් Xbox TV App එකක් නිකුත් කරන්න සුදානම් බවට තොරතුරු මේ වෙන විට අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා.Microsoft සමාගමේ තොරතුරුවලට අනුව මේ වෙනකොටත් ඔවුන් TV Manufacturersලා සමග මේ පිලිබදව සාකච්ඡා කරමින් සිටින බව සදහන් වෙනවා. විශේෂයෙන්ම Samsung සමාගමේ Smart TV සඳහා වැඩි අවධානයක් යොමු කරන බවත් සඳහන්. මේ Xbox Game Pass Service එක TVs වලට දෙන්න plan කරලා තියෙනේXbox Cloud Gaming Technologyඑක භාවිතයෙනුයි.‌Microsoft සමාගම නිකුත් කළ තොරතුරුවලට අනුව මේ App එක මගින් Usersලට තවත් ආකාරයකින් Xbox Games Play කිරිමේ හැකියාව ලැබෙනවා. නමුත් ඔවුන් කියා සිටියේ මෙම App එක නිකුත් කළ පසුව සම්පූර්ණ භාවිතය හිමි වන්නේ XBox Ultimate Game Pass එකක් ඇති Usersලා හට පමණක් බවයි. ඒ වගේම මේ App එක Smart TVs වලට වගේම Microsoft සමාගමේ Dedicated Streaming Stick එකටත් ක්‍රියා කරනු ඇතැයි දැක්වෙනවා.Microsoft සමාගම විසින් නිකුත් කර ඇති තොරතුරුවලට අනුව මේ Smart TV App එකේ ඉදිරි Plans ගැනවත් ඔවුන්ගේ Xbox Streaming Devicesවල Pricesවත් තවම Announce කර නොමැති වෙනවා. ඒ වගේම මේ Smart Tv App එක Support කරන Products මොනවාදැයි කිසිම තොරතුරක් තවමත් ලබාදීලා නැහැ.මේ Smart Tv App එක නිකුත් වූ සැණින් තොරතුරු ගෙන එන්නම්. සුභ දවසක්!Source :Tech Radar
දත්ත අනිසි පරිහරණ කිරීම හේතුවෙ​න් Meta සමාගමට යුරෝ බිලියන 1.2ක දඩයක්
අප විසින් එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය සහ අනෙකුත් යෙදවුම් සහ සේවාවන් මගින් පරිශීලක දත්ත ලබාගැනීම සිදුවන බව ප්‍රකට රහසක් වූවත් විවිධ රටවල් මගින් එම දත්ත පරිහරණය කිරීම නියාමනයකට ලක් කිරීමට අවශ්‍ය වන නීති සම්පාදනය කර තිබේ. එලෙස නීති සම්පාදනය කිරීම මගින් විවිධාකාරයෙන් පරිශීලක දත්ත ලබාගන්නා සමාගම් එම දත්ත පරිහරණය කරන්නේ කෙසේද යන්න නිරික්ෂණය කරනු ලබයි.Source:themorning.lkඑලෙස පරිශීලක දත්ත නියාමනය කරන්නා වූ සංවිධානයක් වන අයර්ලන්තයේ Data Protection Commission (දත්ත ආරක්ෂණ කොමිසම) විසින් මෙම ක්‍රියාමාර්ග ලබාගෙන ඇති අතර Meta සමාගම වෙත එල්ල කර ඇති චෝදනාව වන්නේ Facebook යෙදවුම හරහා ලබාගන්නා ලද පරිශීලක දත්ත යුරෝපය සහ එක්සත් ජනපදය අතර හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස පරිහරණය කිරීමයි.මෙම හේතුව නිසා Facebook හි හිමිකාරී සමාගම වන Meta සමාගම වෙතට මෙම යුරෝ බිලියන 1.2 ක දඩ මුදලක් නියම කර ඇත. මෙය වාර්තා වන්නේ EU හි සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (General Data Protection Regulation (GDPR)) නීතිය යටතේ නියම කර ඇති විශාලතම දඩ මුදල ලෙසයි. මෙලෙස යුරෝපා සංවිධානය විසින් පරිශීලක දත්ත නියාමනය කිරීම සඳහා නියම කර ඇති රෙගුලාසි වන GDPR පිළිබඳවමෙම සබැඳියඔස්සේ වැඩිදුරට අධ්‍යනය කිරීම සිදුකළ හැක.කෙසේ වෙතත් මෙලෙස පරිශීලක දත්ත යුරෝපයෙන් පිටතට නිරාවරණය වීම ඔවුනගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව සඳහන් කර ඇති පසුබිමක Meta සමාගම සඳහන් කරනු ලබන්නේ මෙලෙස ලබාගත් "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවයි.Sources:www.bbc.comwww.theguardian.com
ජීවිත තර්ජන එල්ල කරන Xiaomi Scooter
අදවෙද්දි හැම දෙනාම වගේ ස්මාට් ෆෝන්ස් පාවිච්චි කරනවා. තව මොනාද මේ ස්මාට් ලෝකෙ තියෙන්නෙ? ස්මාට්ටීවි, ස්මාට් වොච් ගොඩක් දේවල්.ගොඩක් අය දන්නව ඇති Xiaomi ලා Smart Scooter එකකුත් නිපදවලා තියෙනවා කියලා. ඒ කියන්නෙ Electric Scooter එකක්. මේක ජංගම දුරකථන හරහා remotely, ඒ කියන්නේ දුරස්ථව පාලනය කරන්නත් පුළුවන්.හරි දැන් ඒ කතාව ටිකකට පැත්තකින් තියමුකෝ..කට්ටියම මේ දවස්වල ටිකක් පාතාලෙ ගැන කතා වෙනවනේ. මෙන්න මේ පාතාලේ කෙනෙක් ගන්නව කියමුකෝ කාව හරි ඝාතනය කරන්න කොන්ත්‍රාත් එකක්. ඔන්න ඔය කියන පාතාලෙ කෙනා ට ලැබුන ඉලක්කය ට මෙන්න මේ Xiaomi Scooter එකක් තියෙනවා නම්, අන්න එතනදි ඉලක්කගත පුද්ගලයාට තමන්ගේම Scooter එක තර්ජනයක් වෙන විදියේ ආරක්ෂාවේ ගැටළුවක් මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙනවා.Zimperium නමින් හඳුන්වන ආයතනයක පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබුව පර්යේෂණවලින් හෙලිවෙලා තියෙන්නේ, දුරස්ථව කරන හැකර් ප්‍රහාරයක් මගින් ඉතාමත්ම පහසුවෙන් මෙන්න මේ Scooter එකේ ආරක්ෂක පද්ධතිය බිඳ හෙළලා, එය පදවන කෙනාට මාරාන්තික අනතුරක් කරන්න පුලුවන් විදියේ Security Flow එකක් මේ Scooter වල තියෙනවා කියලයි.Full speed එක unlock කරලා වේගය වැඩි කරගන්න හැටි පියවරෙන් පියවර දැක්වෙන වීඩියෝවසාමාන්‍යයෙන් මේ Scooter එක පදවන්නාගේ ස්මාට් ජංගම දුරකථනයත් එක්ක සම්බන්ධ වෙන්නේ Bluetooth තාක්ෂණය හරහා මුරපද මගින් ආරක්ෂිත මාර්ගයකිනුයි. මේ හරහා Scooter එකේ Anti-Theft system, cruise-control, eco mode ආදිය පාලනය වගේම scooter එකේ firmware update කිරිමත් සිදු කරන්න පුලුවන්. ඔය ටික තියෙනවා කියන්නේ කරන්න පුළුවන් හානිය හිතාගන්න පුලුවන්නේ.ඉතින් මේ පර්යේෂණ කණ්ඩායම කියන්නේ මේ මුරපද පාලන පද්ධතියේ දෝශ නිසා මීටර් සියයක් ඈතින් ඉඳන් උනත් Hacker කෙනෙකුට පුළුවන් වෙනවා scooter එක අයිති කෙනාගේ අනුදැනුමකින් වත් මුරපදයවත් නැතිව මේ පද්ධතියට ඇතුළු වෙන්න කියලයි.ඉතින් මේ ආකාරයට මේ පද්ධතියට ඇතුළු වෙන Hacker කෙනෙකුට පුළුවන් පාරක් මැද උනත් DDoS Attack එකක් වගේ දෙයක් භාවිතයෙන් Scooter එක සම්පූර්ණයෙන්ම Lockdown කරලා දාන්න. ඊට අමතරව මේ Scooter එකේ Accelerator එක, Break system එක පවා පාලනය කරන්න මේ Hacker ට අවස්ථාව ලැබෙනවා. අනිත් අතට Hacker ට මේ scooter එකේ firmware update එකක් විදයට මේකට Malware වලින් පිරුණු firmware එකක් උනත් flash කරලා දාන්න පුළුවන්.Hacker කෙනෙක් මේ scooter එකට ඇටෑක් කරන විදිහ දැක්වෙන වීඩියෝවමේ වෙද්දි Zimperium ආයතනය විසින් මේ අවදානම ගැන Xiaomi ආයතනය දැනුවත් කරලයි තියෙන්නේ. ඒ දැනුවත් කිරීමේදී Xiaomi ආයතනය විසින් මේ බව පිළිගෙන, අදාල ගැටළුවට ඉක්මන් පිළියම් යොදන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.Xiaomi සමාගමෙන් මේ ගැන දැනගෙන සිටි බවට ඔවුන්ම කල ප්‍රකාශයඅවාසනාවකට තවමත් Xiaomi සමාගමෙන් මේක ෆික්ස් කරා කියල announcement එකක් කරලා නෑ. ඔවුන් Zimperium වෙත feedback එක දී ඇත්තේ 2019 ජනවාරි වල උනත් 2019 දෙසැම්බර් වෙනකොටත් Xiaomi M365 එකේ මේ කියන speed hack එක තියෙනවා කියල තවත් පුවත් පල වෙලා තියෙනවා. ඒ ගැන The Wired විසින් තැබූ සටහන ඔයාල මෙතනින් කියවන්න පුළුවන්.The Xiaomi M365 Scooter Can Be Hacked to Speed Up or StopA hacker can accelerate Xiaomi M365 scooter—or hit the breaks—while a rider is on it.WIREDLily Hay NewmanSource -Zimpurium|The Wired
Foldable iPhone එකේ ප්‍රථම testing devices පරීක්ෂා කිරීම සඳහා Apple සමාගම කටයුතු කරයි
ජංගම දුරකතන නිපදවන සමාගම් මේ වන විට foldable දුරකතන නිපදවීමේ ප්‍රවණතාවය වැඩි කරගනිමින් සිටිනවා. මේ සඳහා මූලිකත්වය දැරුවේ Samsung සමාගම වන අතර මෙ වන විට foldable ජංගම දුරකතන නිපදවීමේ වෙළඳපලේ ඉදිරියෙන්ම සිටින්නේ Samsung සමාගම බව නොරහසකි.Android මෙහෙයුම් පද්ධතිය මූලික කරගෙන ජංගම දුරකතන නිපදවන සමාගම් වලින් අළුතෙන්ම දෙයක් සොයාගෙන එය නිපදවීමෙන් වසරකට හෝ දෙකකට පසුව එම පහසුකම තම ජංගම දුරකතන වලට සුපිරි නව්‍යතාවයකින් යුතුව හඳුන්වාදෙන සමාගමක් ලෙස Apple සමාගම හැඳින්විය හැකියි.මේ වෙනකොට Apple සමාගම දෙසින් අසන්නට ලැබෙනනවතම පුවත තමයිචීන සමාගමකට කරපු ඇණවුමකට අනුව පරික්ෂා කිරීම සඳහා Apple සමාගමට foldable device කිහිපයක් ලබා දීලා තියෙනවා.Apple සමාගම මේ වන විට foldable device එකක් පිළිබඳව කටයුතු කරමින් සිටිනවාය යන්නට ලැබී ඇති හොඳම හෝඩුවාව වන්නේ චීනයේ foldable ජංගම දුරකතන නිපදවීම සඳහා වැඩි වශයෙන් අමුද්‍රව්‍ය සපයන Hon Hai (Foxconn) සහ Shin Nikko සමඟ ගිවිසුම් වලට එලඹ තිබීම. මේ වන විට testing සඳහා ලබා දී ඇති device වල testing අවසාන වූ පසුව OLED හෝ Micro LED display panel භාවිතා කරන්නේද යන්න පිළිබඳව සලකා බලනු ඇත.Apple සමාගම මේ වන විටත් foldable phone එකකට patent ලබාගෙන එහි සංවර්ධන කටයුතු සිදු කරගෙන ගියත් තවත් වසර දෙකක්වත් යනතුරු නිල වශයෙන් මේ පිලිබඳව ප්‍රකාශයක් හෝ එලිදැක්වීමක් සිදු නොවනු ඇත.මීට පෙර වාර්තා වුන ආකාරයට Apple සමාගම මෙම foldable device එක සඳහා අවශ්‍ය කරන display, Samsung සමාගමෙන් ලබාගෙන ඇති අතර මේ වන විට foldable iPhone ඒකේ prototype එකක් නිපදවා අවසන් වී ඇති අතර එය මේ වන විට පරීක්ෂා කිරීම සඳහා Foxconn සමාගමට යොමු කර ඇත.ඊට අමතරව පලවන වාර්තා වලට අනුව foldable iPhone එක නිකුත් කිරීමෙන් පසුව iPad Mini නිපදවීම නැවැත්වීමට Apple සමාගම තීරණය කර ඇත.Sources:Gizmochina
Xiaomi සමාගම විසින් Ultra Wide-angle Shots ලබා ගත හැකි Movable Camera Setup එකක් සදහා Patent බලපත්‍ර ලබාගනී
Xiaomi කියන්නේ Smartphone Industry එක තුල ඔවුන්ගේ නවතම නිෂ්පාද තුලින් කැපි පෙනෙන වෙනසක් ඇති කිරිමට සමත් වු සමාගමක් බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. නිවරදිවම කියනව නම් Smartphone Industry එකේ සිටින නව සොයා ගැනිම්වල මුලිකයා ලෙස Xiaomi සමාගම දක්වන්න පුළුවන්.Xiaomi සමාගම දැන් චලනය කල හැකි Camera පද්ධතියක් සහිත නව Camera Setup එකක් සදහා Patent බලපත්‍ර ලබාගෙන තිබෙනවා. ඔවුන් මේක Movable Camera System එකක් විදිහට හදුන්වනවා.Patent බලපත්‍ර ලබා ගැනිමට ඉල්ලුම් කල Documentවල සදහන් වන පරිදි මේක චලනය කල හැකි ද්විත්ව Cameraවක් විදිහට සදහන් කරන්න පුළුවන්.  ඒ කියන්නේ මේ මගින් / Camera චලනය කිරිමෙන් Camera Viewing Angle එක වෙනස් කල හැකි වෙනවා. මෙලෙස Viewing Angle එක වැඩි කිරිම තුලින් Field of view එක වැඩි කර ගත හැකි වෙනවා. සරලවම කියනව නම් මේ චලනය කල හැකි Camera Setup එක මගින් අපිට ඉතා විශාල පරාසයක Wide-angle Image එකක් Capture කර ගැනිමේ හැකියාව පවතිනවා.Viewing Angle එක වෙනස් කල හැකි Camera 02 ක් සහිතව මේ Camera Setup එක ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි චලනය කල හැකි, එනම් Viewing Angle එක වෙනස් කල හැකි Camera දෙක තිරස්ව පිහිටුවා තිබෙනවා.මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් දැයි තවම පැහැදිලි නොවන අතර මේ Patent බලපත්‍රය ලබා ගැනිම තුලින් ඔවුන්ගේ Smartphone සදහා ඉතා පුලුල් පරාසයක wide-angle shots ලබා ගැනිමට මෙන්ම ඉතා හොද Detailed Wide-angle Photo එකක් Capture කිරිමේ හැකියාව ලබා දිමය උත්සාහ කරන බව කියන්න පුළුවන්. මේ Camera Setup එක තුලින් ultra-wide shots ලබා ගැනිමට Smartphone එකට හැකියාව ලබා දෙනු ඇත. නමුත් ඔවුන් මේ Camera Setup එකට නම් Zoom හා Macro shoot ගැනිමේ හැකියාවක් ලබා දිලා නැ.කෙසේ නමුත් Smartphone එකක් සදහා Moving parts එකතු කිරිම තුලින් එය භාවිතය යම්තාක් දුරට හෝ අපහසු වන බව නිසකයි.ඒ වගේම ඔබට මතක ඇති අප කලිනුත් Xiaomi සමාගමේ මේ අකාරයේ නව නිෂ්පාදන කිහිපයක් සදහාම Patent බලපත්‍ර ලබා ගැනිම් ගැන ලිපි ගෙනාවා.Sources -LetsGoDigital‘s,Android Authority
Facebook හරහා එකවර 50කට Video calls කිරීමට හැකියාව
Facebook සමාගම විසින් මේ දිනවල ඔවුන්ගේ සියලුම සේවාවන්වල Video call පහසුකම පුළුල් කිරීම වගේම අලුතින් විශේෂාංග හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන බවක් පෙනේ. පසුගියදා ඔවුන්, බිලියන 2ක් පමණ ප්‍රමාණයක් භාවිතා කරන, ලොව ප්‍රමුඛතම Messaging සේවාවක් වන Whatsapp සඳහාද වීඩියෝ ඇමතුමක් සඳහා එක් වරකදී එකතු විය හැකි ප්‍රමාණය 8ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබුණා. ඒ පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩිවීමක්.මේ දවස වල ලෝකය පුරාම පැතිර යන COVID-19 වසංගත තත්වය හමුවේ මිනිසුන්ට අන්තර්ජාලය හරහා තම සමීපතමයන්ට, රාජකාරීමය ස්ථානයන්ට සම්බන්ධ වීමට සිදු වුනා කියන එක හැමෝම දන්නවා සහ මේ ලිපිය කියවන ඔයත් ඒ විදිහට සම්බන්ධ වෙන්න ඇති.එහිදී මූලිකවම අන්තර්ජාල පරිශීලකයන් මුහුණ දුන් ගැටළුව වූයේ එකවර විශාල පිරිසකට වීඩියෝ කෝල් තාක්ෂණය හරහා සම්බන්ධවීමට විවිධ සේවාවන් භාවිතා කිරීමට සිදුවීමයි. මෙහිදී Microsoft Teams, Zoom වගේ විවිධ සේවාවන් භාවිතා කරනු දුටු Facebook ආයතනයට තම platform එක තුල ඇති දුර්වලතා සහ සීමාකම් පෙනෙන්නට විය.එයට පිලියම් ලෙස ඔවුන් මුලින්ම අවධානය යොමු කලේ Whatsapp හරහා එක වරකට වීඩියෝ ඇමතුමකට එක විය හැකි පරිශීලකයන් ප්‍රමාණය 4 සිට 8 දක්වා ඉහල දැමීමයි. නමුත් මෙය තවමත් භාවිතා කල හැක්කේ Beta පරිශීලකයන්ට පමණයි. ඉදිරි නොබෝ දිනකදී සියලුම පරිශීලකයන්ට මෙය පොදුවේ භාවිතා කල හැකි වන ආකාරයට යාවත්කාලීන කිරීම ලබා දෙනු ඇත.Whatsapp new group callFacebook Messenger එක දිහාවටWhatsapp වලට පසුව Facebook සමාගම තමන්ගේ අවධාන්‍ය යොමු කරන්නට වූයේ Facebook Messenger වෙතය. ඔවුන් Facebook Chat සේවාව වනMessengerසඳහාද Video Chat පහසුකම පුළුල් කිරීමට පියවර ගත්තා. මෙය“Messenger Rooms”ලෙස නම් කර තිබෙන අතර එක් වරකදී Video Chat එකක් සඳහා එකතුවිය හැකි ප්‍රමාණය 50ක් දක්වා වැඩි කර තිබෙනවා.මෙහි තිබෙන පහසුකම වන්නේ, Facebook තුල නැති අයෙකුට පවා invite කර Messenger Room වෙත සම්බන්ධ කරගත හැකි වීමයි.Messenger Rooms on Desktop - SourceMessenger NewsMessenger Rooms වලට ලැබෙන අළුත් featuresMessenger Room එකක් Host කර පසු එය Facebook Newsfeed එක තුළ, Group එකක් තුළ හෝ Facebook Event Feed එකක් තුළට පවා Share කරගැනීමට අවස්ථාව ලැබෙනවා. එමඟින් ඔබගේ හිතවතුන් පහසුවෙන් ඔබගේ room එක වෙත ඇතුලත් කර ගැනීමට හැකිය.ඔබගේ මිතුරෙකු විසින් හෝ ඔබ සාමාජිකතවය දරණ Community group එකක් මඟින්  Host කර ඇති Open Room එකක්ට ඕනෑම අවස්ථාවක දුරකතනය හරහා හෝ පරිගණකය හරහා සම්බන්ධ වීමට හැකියාව තියෙනවා.Facebook Messenger තුල මේ වන විටත් ඇති AR effects මෙන්ම 360 backgrounds සහ Mood lighting වැනි අලුත්ම effects කිහිපයක්ද Messenger Room තුල භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.Room එකක් Create කරන අවස්ථාවක එයට එකතු විය හැකි පුද්ගලයන් සහ එම Room එක පෙනිය යුතු පුද්ගලයින්ව පාලනය කිරීමේ හැකියාව.ඇමතුමක රැඳී සිටින විට ඔබට අනවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුව Remove කර දැමීමටද ඔබට හැකියාව ලැබෙන අතරම Room එක Lock කිරීමටත් අවස්ථාව ලබා දී තිබීම. (Room එකක් Lock කර ඇති අවස්ථාවක වෙනත් කිසිඳු පුද්ගලයෙකුට Room එකට පිවිසීමට හැකියාව ලැබෙන්නේ නැහැ.)Messenger Rooms වෙනම Install කරගැනීම හෝ Download කිරීම අවශ්‍ය නොවීම.Invitation link එකක් හරහා එකතු කර ගැනීමේ හැකියාව - SourceMessenger NewsMessenger Room වෙත invite කිරීමට හැකිය - SourceMessenger NewsFacebook Groups තුල Messenger Groups - SourceMessenger NewsFacebook News feed මත Messenger Groups - SourceMessenger Newsසුරක්ෂිතභාවයමැතකදි අන්තර්ජාලය පුරා පැතිර ගිය කතාවක් තමයි, Facebook ආයතනය විසින් Messenger හරහා ලබාගන්නා ඇමතුම් වලට AI තාක්ෂණය ඔස්සේ සවන් දෙන බවත්, එමඟින් ඔවුන් word process කරමින් පරිශීලකයන්ට ඒ වචන වලට අදාල වෙන ආකාරයට වෙලඳ දැන්වීම් පලකරන බවත්‍. මේක නම් බොරුවක් කියන්න බෑ, මමත් පෞද්ගලිකව අත්විඳපු දෙයක් තමයි මේක. එක වතාවක් VPS ගැන කතා කරාම විනාඩි කීපයකින් Web hosting service වල ඇඩ්. Facebook block කරපු කාලේ VPN ගැන කිව්වම VPN ගැන ඇඩ්.ඒ කොහොම උනත් Facebook විසින් කියන්නේ Messenger Room වලදී එම ඇමතුම් අතරමැදියෙකුට බැලීමට හෝ ඇසීමට නොහැකි බවත් එම ඇමතුම්වල පුද්ගලිකාභාවය සුරැකෙන බවත්ය.We built Rooms with privacy and safety top of mind so you can feel comfortable connecting with your friends, family and communities. We don’t view or listen to your calls, and the person who creates the room controls who can join, who sees the room, and if the room is locked or unlocked to new guests. The room creator must be present in order for the call to begin, and the creator can remove guests at any time. You can report a room name or submit feedback about a room if you believe it violated ourCommunity Standards. Reports will not include audio or video from the room since we don’t view or listen to your calls.Learn moreabout Rooms privacy features and controls.මේ වන විටත් Messenger Rooms දැනටමත් බොහෝ රටවලට භාවිතා කල හැකි ආකාරයට විවෘත කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුලදී සෙසු රටවල් සඳහාද මෙය භාවිතා කිරීමට හැකියාව ලබාදෙන බවයි Facebook වෙතින් පවසා සිටින්නේ.News source -Messenger News
නව privacy policy එකට එකඟ නොවන්නන්ගේ WhatsApp ගිණුම් මැයි 15න් පසු සීමාවන් යටතේ භාවිතාවට ඉඩ, WhatsApp ප්‍රකාශ කරයි
Facebook ආයතනය විසින් පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සදහා 2021 වසරේ සිට ක්‍රියාත්මක වෙන නව Privacy Policy එකක් හදුන්වා දිමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ Privacy Policy එක එළිදැක්වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරිමට මෙන්ම WhatsApp භාවිත කරන පිරිස් Signal, Telegram වැනි වෙනත් Messaging Services වෙත මාරැ විමටත් කටයුතු කරනු පෙනෙන්නට තිබුණා.මේ සදහා හේතු වුයේ එම Privacy Policy එකට අයත් වු Data Sharing Policies වෙනවා. කෙසේ වෙතත් මේ නව Privacy Policy එකට මතුවු විරෝධතාව නිසා Facebook සමාගම විසින් මේ සදහා එකග විමට ලබා දි තිබුණු කාලය මැයි මස 15 වෙනි දින දක්වා දිර්ඝ කරනු ලැබුවා. ඒ යම් යම් නව කොන්දේසි කිහිපයක් සමගිනුයි.ඒහිදි ඔවුන් සදහන් කර තිබුණේ මැයි 15ට පසුව මේ Privacy Policy එකට එකග නොවන WhatsApp ගිණුම් සදහා නැවත දින 120ක කාලයක් ලබා දෙන අතර ඒ කාලය තුල ද මේ Privacy Policy එක සදහා එකග නොවුනහොත් ඔවුන්ගේ එම Privacy Policy එකේ ආකාරයටම WhatsApp ගිණුම Delete වි යනු ඇති බවයි. ඒ වගේම මේ දින 120ක කාල පරාසය තුල ලැබෙන ඇමතුම් සදහා පමණක් ප්‍රතිචාර දැක්විමේ හැකියාවත් ලබා දි තිබුණා.කෙසේ වෙතත් දිගින් දිගටම මේ Privacy Policy එක සදහා එල්ල වෙන විරෝධතා හමුවේ මේ වෙන විට Facebook ආයතනය විසින් මැයි 15 සිට මේ Privacy Policy එක සදහා එකග නොවන්නන් හට පණවා තිබුණ කොන්දේසි යම් තරමකට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව මේ මස 15 දින සිට මේ නව Privacy Policy එකට ඔබ එකග නොවන්නේ නම් පහත අයුරින් ඔබට WhatsApp භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.මැයි මස 15න් පසුව ක්‍රියාත්මක වෙන නව WhatsApp Privacy Policy එකට ඔබ එකග නොවෙන්නේ නම් ?මේ නව Privacy Policy එක සදහා ඔබ එකග නොවුනහොත් මැයි 15න් පසුව ඔබගේ WhatsApp ගිණුම ඔබට අහිමි විමක් සිදු නොවන අතර Chat History මෙන්ම Chat Backup සදහා ද කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැ. නමුත් ඔබට මැයි 15න් පසුව භාවිත කල හැකි වෙන්නේ යම් යම් Features කිහිපයක් පමණි.ඒ අනුව ඔබට පැමිණෙන Voice හා Video Calls සදහා ප්‍රතිචාර දැක්විමේ හැකියාව ලැබෙන අතර WhatsApp Notification හරහා ලැබෙන Messagesවලට පිළිතුරු ලබා දිමේ හැකියාව ලැබෙනවා. නමුත් මෙහිදි Text Messages පමණක් යැවිය හැකි වෙනු ඇත. ඔබ WhatsApp App එක වෙත පිවිස Chat List එකට  ප්‍රවේශ විමට උත්සහා කල හොත් එදිහි ඔබට Terms of Service පිළිබඳව මතක් කිරිමක් පැමිණෙන බැවින් Chat List එකට පිවිසිමට නොහැකි වෙනවා.ඔබ මේ Privacy Policy එක සදහා එක නොවන නිසා ඔබට,Status Feature එක භාවිත කිරිමේ හැකියාව අහිමි විම.Messages Forward Feature එක අහිමි විම.Broadcast List Feature එක අහිමි විම.Group Chatsවලදි යම් පණිවිඩයක් උපුටා දැක්විම හෝ යම් පුද්ගලයකු Mention කිරිමේ හැකියාව මෙන්ම Voice Messages, Stickers හෝ වෙනත් Photos, Videos, Files ආදිය යැවිමේ හැකියාව අහිමි වෙනවා.Chat Backup Feature එක අහිමි වෙන අතර Automatic Backup පහසුකමත් Disable වි යනවා.Chat History එක Export කිරිමේ හැකියාව අහිමි විම.සති කිහිපයකට පසුව ඔබට මෙතෙක් WhatsApp තුල භාවිත කිරිමට ලැබුණ Messages හා Calls පහසුකම් ද අහිමි වි යන අතර ඒ Messaging Service එක සම්පුර්ණයෙන්ම Disable වෙන නිසයි.කෙසේ වෙතත් ඔබට මැයි 15 සිය දින 120ක කාලයක් මේ නව Privacy Policy එක සදහා එකග විමට කාලය ලැබෙන අතර ඒ කාලය අතර තුර Messaging Service එක සම්පුර්ණයෙන්ම Disable වි පැවතුන ද Privacy Policy එක සදහා එකග විම තුලින් සාමාන්‍ය පරිදි නැවත WhatsApp භාවිතා කිරිමේ හැකියාව ලැබෙනවා.කෙසේ වෙතත් මේ දින 120 තුලත් ඔබ Privacy Policy එක සදහා එකග නොවන්නේ නම් ඉන් පසුව WhatsApp ගිණුම Delete කිරිමට කටයුතු සිදු වෙනු ඇත.Source :WabetaInfo,WhatsApp
Microsoft Teams ඇතුළු 365 සේවාවන් කිහිපයක් ලොව පුරා ඇණ හිටී
මේ වන වි​ට ලොවපුරා වෙසෙ​න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Microsoft Teams ඇතුළු Microsoft 365 සේවාවන්හි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා.Down Detectorවෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.ඒ අනුව Microsoft Teams වෙතින් meetings වෙත පිවිසී​මේ හැකියාව අඩාල වී ඇති අතර Microsoft සමාගමේ ඇතැම් 365 සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.ලොව පුරාවටම බලපාන ලෙස ⁣සිදු වු මේ සේවා බිද වැටිම නිසාි Microsoft teams meeting එකක් සඳහා ඇතුළු වීමට යාමේදීOperation failed with unexpected errorලෙසින් පෙන්වනු ලබනවා.මේ බිඳ වැටීම පිළිබඳව Microsoft සමාගම වෙතට දැනටමත් පරිශීලකයන්ගේ වාර්තා කිරීම් ලැබී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් කටයුතු කරන බවත් ඔවුන් tweet එකක් පළ කරමින් නිවේදනය කර තිබෙනවා.We've received reports of users being unable to access Microsoft Teams or leverage any features. We're investigating the issue and further updates can be found in your Service Health Dashboard via TM402718.— Microsoft 365 Status (@MSFT365Status)July 21, 2022මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.
Windows 11 වෙත කෘත්‍රීම බුද්ධිය රැගෙන එන Microsoft Copilot
පසුගිය සතියේ පැවති Microsoft AI and Surface Event එකේදී Microsoft සමාගම විසින් Windows මෙහෙයුම් පද්ධතිය සඳහා AI Assistant ලෙසින් Windows Copilot හඳුන්වා දෙනු ලැබුවා. Microsoft සමාගම විසින් සඳහන් කරන්නේ මෙය Windows 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් වූවායින් පසු එම මෙහෙයුම් පද්ධතියට ලැබෙන වඩාත්ම වැදගත් Update එක බවයි.මෙය Task Bar එකෙහි දිස්වන අතර එක Click එකකින් මෙය Launch කරගත හැකිවනවා. Microsoft සමාගම පවසන්නේ ඔබ ඕනෑම Microsoft office Application එකක්, Microsoft Edge Browser එක වැනි යෙදවුම් වල විවිධ කාර්යයන් සඳහා මෙයට සහාය විය හැකි බවයි.ඔබ Microsoft Wordහි Document එකක් Type කරන අතරතුර ඔබට ඒ සඳහා පින්තූරයක් අවශ්‍යනම් මේ හරහා අදාල පින්තූරයක් ලබාගෙන එහි Background Remove කිරීම, Color Grading වැනි දේ සිදු කොට Document එකට ඇතුළත් කර ගත හැකි වනවා.Microsoft Edge Browser එකෙහි ඔබ යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමට සොයනවා නම්, එහි Image එකක් මෙයට Upload කිරීම මඟින් මේ හරහා එම භාණ්ඩය ඇති Web අඩවි පෙන්වනු ලබනවා.වැදගත්ම කරුණ වන්නේ මෙයට ඔබගේ Smartphone එකටද සම්බන්ධ විය හැකි වීමයි. උදාහරණයක් ලෙස මෙමඟින් ඔබගේ මාසික දුරකතන බිල විමසූ විට මේමඟින් ඔබගේ Phone එකට ලැබී ඇති SMS වෙත පිවිස ඔබට අදාල තොරතුරු සපයනු ලබනවා.හෙට දින සිට එනම් සැප්තැම්බර් මස 26වන දා සිට ලොව පුරා ඇති Windows 11 භාවිතා වන පරිගණක සඳහා මෙම Update එක නිකුත් කරන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:cnet.com
Online Privacy නොහොත් අන්තර්ජාල පෞද්ගලිකත්වය
ඔයා ඔයාගේ පෞද්ගලිකත්වය ගැන කොච්චර සැලකිලිමත් ද?අපි මෙහෙම පටන්ගනිමු. ඔයාට තැපෑලෙන් ලියුමක් ලැබුණා කියලා හිතමු. ඔයාගෙ අතට ලියුම ලැබෙනකොට ඔයා දකිනවා ඒ ලියුමේ අලවපු තැන් ඔයාට කලින් කවුරු හරි කඩලා කියවලා කියලා. පැහැදිලිවම ලියුමවෙන කෙනෙක් කඩලා ඔයාට කලින් කියවලාකියලා ඔයාට දැනගන්න ලැබෙනවා. ඔයා මොකක්ද හිතන්නෙ එතකොට? සතුටක් දැනේවිද?"අනේ මට ආපු ලියුම වෙන එකෙක් මට හොරෙන් කඩලා කියවලා අනේ ෂෝයි."කියලා හිතනවද? ලියුමෙ අන්තර්ගතය මොකක් වුණත්, ඒක කවුරු හරි කියවලා කියලා දැනගත්තම සතුටක් එනවද? හරි අපි හිතමුකො ඒක වෙන කෙනෙක් කියෙව්වට කමක් නැති නොවැදගත් ලියුමක් කියලා. ඒත් ඔයාට ලැබෙන ඊළඟ ලියුම බොහොම රහසිගත එකක් වුණොත්? ක්‍රෙඩිට් කාඩ් පින් එකක් එවපු ලියුමක් වුණොත්?එකපාරක් වුණ දේ ආයෙත් වෙන්න බැරි නැහැ නේද?ඒ වගේ දෙයක් වුණොත් ඔයා කලබල වෙලා තැපැල් කන්තෝරුවට පැමිණිලි කරන්න වුණත් පෙළඹෙන්න පුළුවන්. මේභෞතික ලෝකයේවෙන ඒ වගේ දේවල් ගැන ඔයා ගොඩක් සංවේදී නේද? ඒත්ඩිජිටල් ලෝකෙදිහාවට ආවොත්? ඔයාගෙ ඊමේල් එකක් ඔයාට හොරෙන් කවුරු හරි කියවලා නම්...? භෞතික ලෝකයේ වගේ ඔයාට විද්‍යුත් ලිපියක් කඩපු තැනක් හොයාගන්න බැහැ නේ නේද?ඒත් ඔයා මෙන්න මේක දැනගන්න, ඔයා පාවිච්චි කරන්නෙගූගල්, මයික්‍රෝසොෆ්ට්, යාහූවගේ ඊමේල් අකවුන්ට් එකක් නම්, ඔයාගෙ විද්‍යුත් ලියුම නොහොත් ඊමේල් එක,ඔයා කියවන්න කලින් සෑහෙන දෙනෙක් කියවලා තියෙන්න පුළුවන්.මම එහෙම කිව්වම ඔයා විශ්වාස කරන්නෙ නැහැ නේද? හොඳයි එහෙනම් මම ඔයාට මේ පෝස්ට් එකේ අන්තිමට දෙනYouTube චැනල් එකබලන්න. නැත්නම් පොඩිResearch එකක් ඔයාම කරලා බලන්න.හොඳයි, මේකෙන් ඔයා තේරුම්ගත්තෙ මොකක්ද? අනිවාර්යයෙන්ම ඔයාගෙ ඉමේල් ගිණුම් තියෙන්නේ අනුන්ගේ පරීක්ෂාව යටතේ. අදාළ ඊමේල් සේවා සපයන ආයතන විසින්ම විවිධ වූ කාරණා මතඔයාගෙ ඊමේල් කියවනවා.ඉන් ප්‍රධානම එකක් තමයි වෙළෙඳ දැන්වීම් පෙන්වීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීම. ඔයා හිතන්නෙ නැති වුණත්, ඔයාගෙ ඊමේල් වල තියෙන දත්ත වලට ඉතා විශාල වටිනාකමක් තියෙනවා.උදාහරණයක් හැටියට, ඔයා ඔයාගෙ යාළුවෙක් එක්ක අලුත් කැමරාවක් ගැන කතා බහ කරලා ඊමේල් සංවාදයක් කළා කියලා හිතමු, ඊළඟ දවසේ ඔයාට කැමරා ගැන වෙළෙඳ දැන්වීම් දකින්න ලැබේවි. ඒ තරමටම මේඔත්තු බැලීමකාර්යක්ෂමයි.අන්තර්ජාලයේ පෞද්ගලිකත්වයගැන කියපු ගමන් කට්ටිය කතාව මඟහරිනවා. සමහර අය කියන කතාවක් තමයි,"මගේ අකවුන්ට් වල හංගන්න දෙයක් නෑ නෙ, ඔන්න ඔහෙ ඕන නම් කියවපුවාවෙ."එහෙනම් මම ඔයාට චැලේන්ජ් එකක් දෙන්නම්, දැන්ම යන්න මගේ Author පේජ් එකට, එතන තියෙනවා මගෙ Contact details, මට ඔයාගෙ Facebook, Twitter, Instagram ඇතුළු සියළු අකවුන්ට් වල පාස්වර්ඩ් ටික plain text ෆයිල් එකක දාලා එවන්න. ඔයාට හංගන්න දෙයක් නෑනෙ නේද? චැලේන්ජ් එක බාරගන්නවද? බෑ නේද?මීට අවුරුදු ගාණකට කලින් මිනිස්සු බොරතෙල් හොයාගෙන, ඒවයින් ඩීසල්, පෙට්‍රල් පිරිපහදු කරගෙන වාහන වලට ගහලා වාහන ධාවනය කරවන්න ගත්තා. ගල් අඟුරු වලින් කෝච්චි ධාවනය කළා. ඒත් අද වෙනකොට මිනිස්සු තේරුම් අරන් තියෙනවා ඒ වාහන වලින් පිටවෙන දුම් නිසා කොච්චර විශාල පරිසර හානියක් වෙනවද කියන එක. ඒ කාලෙ ඒක කාටවත් ගාණක් වුණේ නෑ. ඒත් දැන්? දැන් මිනිස්සු උත්සාහ කරන්නේ පුළුවන් තරම් පරිසර හිතකාමී වාහන හදන්නයි.මෙන්න මේ අන්තර්ජාල පෞද්ගලිකවයත් ඒ වගේ. ඔයාට තාමත් මේ ගැන ලොකු වැටහීමක් නෑ. අනාගතේ ඔයාගෙ සම්පූර්ණ මුදල් ගණුදෙනු වෙන්නේ අන්තර්ජාලය හරහා වෙද්දි, සෑම සියළු සන්නිවේදන කටයුතු අන්තර්ජාලය හරහා වෙද්දි, ඔයාට වැටහෙයි මේඅන්තර්ජාල පෞද්ගලිකවය කියන එකේ වටිනාකම. එතකොට ඔයා ගොඩක් ප්‍රමාද වෙලාත් ඉඳීවි.අපි මේ කතා කළේ ඊමේල් ගැන. එතකොට අපිට නැතුවම බැරිෆේස්බුක්? ඒක ගැන ඔයාලා මොනවද දන්නේ? ඔයාලා යන්තමින් හරි අහන්න ඇති, පහුගිය කාලයේදී ෆේස්බුක් ආයතනයේ හිමිකරු,මාක් සකර්බර්ග්ට චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වුණේ ෆේස්බුක් පරිශීලකයන්ගේදත්ත අයුතු ලෙස පරිභෝජනය කිරීමසම්බන්ධවයි. ෆේස්බුක් කියන්නෙ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ ජාලය. ඔයාට හිතාගන්නවත් පුළුවන් ද, මේ බිලියන ගණනක සෙනඟක රුචි අරුචිකම් ගැන තියෙන දත්ත සමූහයක වටිනාකම කොච්චරද කියලා? ඔයා ලයික් කරන පෝස්ට්, පේජ්, වලින්ම ඔයා ගැන කොච්චර ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන් ද කියලා තේරෙනවද? ඔයා නොදැනම, ඔයා ගැන ප්‍රොෆයිල් එකක් ෆේස්බුක් එකේ තියෙනවා. ඒ ඔයාගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක නෙවෙයි, හැංගුණ එකක්.ෂැඩෝ ප්‍රොෆයිල්කියන්නෙ අන්න ඒවාටයි. ඒ ප්‍රොෆයිල් වල තියෙන දත්ත උපයෝගී කරගෙනයි ඔයාට ෆේස්බුක් එකේ පෙන්වන වෙළෙඳ දැන්වීම් පෙන්නන්නේ.අනික, තනි පුද්ගලයන් වශයෙන් නෙවෙයි, රටවල් වශයෙන්, ප්‍රාන්ත හෝ පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් පවා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් ගැන අවබෝධයක් ලබාගන්න මේ ඔයාගෙන් ලබාගන්න දත්ත උපයෝගී කරගන්නවා.එවැනි දත්ත වල වටිනාකම දන්නා විවිධකූඨ වැඩපිළිවෙළවල් ඇති සංවිධානවිසින් මේ දත්ත මාක් සකර්බර්ග් ගෙන් අධික මුදල් වලට මිළදීගන්නවා කියලා ඔයාලා දන්නවද? මේක අහලා,"අනේ ඔව් ඉතින් නේද අපේ ඩේටා ටික තමයි ඒ විකුණන් කන්නේ, අපිට මොකෝ, කමක් නෑ නේ ඉතින්."කියලා හිතලා නිකන් ඉන්න නෙවෙයි, මේ ගැන හොයා බලන එකබුද්ධිමත් ජනතාවවිදියට අපි හැමෝගෙමවගකීමක් සහ නොදන්නා අයට කියාදීම යුතුකමක්.ඔයා ගණන් නොගෙන ඉන්න අතරේ වෙන්නේ විශාල විනාශයක් බව හැමෝටම පසුකාලීනව තේරේවි.අපි සාමාන්‍යයෙන් පරිගණකය හරහා අන්තර්ජාලයට පිවිසුණාම කරන්නෙ මොකක්ද? මුලින්ම ෆේස්බුක් එක ඕපන් කරගෙන නොටිෆිකේෂන්ස් බලනවා. ඊට පස්සෙ ඒ ටැබ් එකඕපන් එකේ තියාගෙනඅලුත් ටැබ් අරන් වෙන වෙන අපිට අවශ්‍ය අඩවි වලට පිවිසෙනවා. ඔයා දන්නවද දන්නෑ, ෆේස්බුක් එකටඔයා පිවිසෙන අඩවි ඔක්කොමපේනවා. ඔයා මුලින් විවෘත කරපු ටැබ් එකේ ඉන්න ෆේස්බුක් හොරා ඔයා පිවිසෙන අඩවි ගැනලයිස්තුවක්පවා රැස් කරගන්නවා. ෆේස්බුක් කියන්නෙ අන්න ඒ වගේ ඔයා ගැන ඔත්තු බලන කෙනෙක්.ඒ විතරක් නෙවෙයි, ඔයා ෆෝන් එකට දාගෙන ඉන්නෆේස්බුක් ඇප් එකෙන්ඔයා ඔයාගෙ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන් ඉන්නඇප්ස් වල ලයිස්තුවක්පවා අරගන්නවා. ඔයාට හොරෙන් ඔයාගෙඡායාරූප, ඔයාකතා කරන දේවල්පවා ලබාගැනීමේ හැකියාව මේ ෆේස්බුක් ඇප් එකට තියෙනවා. ඒ විතරක්ද? නැහැ. ඔයායන එන තැන්, ඔයාගෙ ෆෝන් එකේ සේව් කරන් ඉන්නදුරකථන අංක, කැලෙන්ඩර් එකේ ඔයා දාන් ඉන්නඉවෙන්ට්ස්,රිමයින්ඩර්ස්පවා ඔයාටත් හොරෙන් කියවීමේ හැකියාව ෆේස්බුක් ඇප් එකට තියෙනවා.මේ කිව්වේ ෆේස්බුක් ගැන. එතකොටඉන්ස්ටග්‍රෑම්එකත් අයිති ෆේස්බුක් සමාඟමට බව ඔයා දන්නවද? ඒකෙනුත් ඔය ෆේස්බුක් එකෙන්ම කරන ඔත්තු බැලීම් ටික කරනවා. එතකොට ඔයාලට නැතුවම බැරිWhatsAppඅයිති කාටද? මාක් සකර්බර්ග් ට! ෆේස්බුක් එකේ අයිතිකාරයා වුණ මාක් සකර්බර්ග් ට.ලෝකේ ලොකුම දුරකථන නාමාවලියමාක් ගෙ අතට ගත්තේ ආසාවට කියලද ඔයා හිතන්නේ? වට්ස්ඇප් කියන්නෙ විශාල දුරකථන නාමාවලියක්. ඔයා කියයි, වට්ස්ඇප් අවුලක් නෑ ඒකෙ End to End encryption තියෙනවා අපි බය නෑ, අපේ මැසේජ් කන්ටෙන්ට් කියවන්න කාටවත් බෑ කියලා. ඒත් ඒක ඇත්තද?අපි හිතමු, හරි. වට්ස්ඇප් වල End to End encryption තියෙන නිසා අපේ මැසේජ් වලකන්ටෙන්ට්එක කාටවත් බලන්න බැහැ. ඒත් අහවල් වෙලාවෙ අහවල් කෙනා එක්ක මැසේජ් කළ බව වට්ස්ඇප් එකෙන් දැනගන්න එක වළක්වන්න ඔයාට පුළුවන් ද?ඒ විතරක්ද? අහවල් කෙනා එක්කමෙච්චර වෙලාවක්මැසේජ් කළ බව, මෙච්චරප්‍රමාණයක්පණිවිඩ යැවූ බව, එතනින්ටෙක්ස් මැසේජ් කොච්චරක්යැව්වද,මීඩියා අඩංගු මැසේජ් කොච්චරයැව්වද?කොච්චර වෙලාවක් ඔයා ඔන්ලයින් හිටියද?කියන දත්ත ඔක්කොම වට්ස්ඇප් සමාඟම සතුයි. මේ ටිකක් විතරයි.මේ දත්ත වලට අපි කියනවාමෙටා ඩේටා(Meta Data) කියලා. මේ මෙටා ඩේටා වල වටිනාකමත් සෑහෙන්න වැඩියි. මේ දත්ත යොදාගෙනත් ඔයා කරන කියන දේවල්, ඔයාගෙ දින චර්යාව ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් බව අමතක කරන්න එපා. උදාහරණයක් විදියට ඔයා වැඩි වශයෙන් ඔන්ලයින් ඉන්නේ රාත්‍රි කාලයට සහ සති අන්තයේ වීම නිසා කාටහරි පහසුවෙන් නිගමනය කරන්න පුළුවන් ඔයා යම් ආයතනයක සේවය කරන හෝ අධ්‍යාපනය ලබන කෙනෙක් කියලා. මේ බොහොම සරල උදාහරණයක්, මෙහෙම නෙවෙයි, ඔයා ඔන්ලයින් ඉඳීමේ කාල ප්‍රාන්තර, මැසේජ් කරන ප්‍රමාණ, මැසේජ් කරන පිරිස වගේ කරුණු යොදාගෙන බොහොම සංකීර්ණ විදියේ තොරතුරු ගොඩක් ඔයා ගැන රැස් කරන්න පුළුවන්. ඒ ගැන ඔයා මීට කලින් හිතුවද?තවත් අපි කතා කරමු, ඔයා දැන් භාවිතා කරන මේ දුරකථනය ගැන. ඔයාඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන්එකක් භාවිතා කරන කෙනෙක් නම්, ඔයා ඕක කඩෙන් මිළදීගන්නකොටම ඕකෙ තිබුණ ඇප්ස් මතකද?ප්ලේ ස්ටෝඑක,Chromeබ්‍රවුසර් එක ආදී ඇප්ස් රොත්තක් ගැන මතකද? ඒ ඇප්ස් අයින් කරන්නත් බැරි බව ඔයා දැක්කද? ඩිසේබල් කියලා ඔප්ෂන් එකක් තිබුණත් අපි කීයෙන් කී දෙනාද ඕවා ඩිසේබල් කරන්නෙ? සමහර ඇප්ස් ඩිසේබල් කරන්න වත් බැරි බව ඔයා පරීක්ෂාවෙන් බැලුවා නම් දකින්න ඇති. මේවායින් සමහරක් දුරකථනයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යසිස්ටම් ඇප්ස්. ඒත් සමහර ඒවා ගූගල් සමාඟම විසින් ඔයාටබලෙන් පටවලා එවපු ඒවා.ඒ ඇයි? ලාභ උපයන්නයි.ඔයා, පහුගිය කාලේ තාක්ෂණික පුවත් ගැන විමසිල්ලෙන් හිටිය කෙනෙක්නම් දකින්න ඇති, ගූගල් සමාඟමට විරුද්ධව කේස් ගොඩක් ඇදුණා. ගූගල් සමාඟම විසින්විශාල දඩ මුදලක්ගෙව්වා. ඒ ඇයි? ඔයාලා හොයා බැලුවද?Google සමාඟම තමයිAndroidමෙහෙයුම් පද්ධතිය දියුණු කරන්නේ. Android මෙහෙයුම් පද්ධතිය කාටත්නොමිලේලබාගන්න පුළුවන්. එහෙම කාටත් නොමිලේ දෙන්නේ Google සමාඟම අපිට හරි ආදරේ නිසා නම් නෙවෙයි Android කියන්නෙසල්ලි උල්පතක්නිසා.ලෝකේ තියෙන Android දුරකථන වලින් ඉතාම ස්වල්පයක් ඇරෙන්න හැම එකේමGoogle Play Storeඑක අන්තර්ගතයි. ඒ කියන්නෙ අපිට නොපෙනෙන හොර ඇප් එක වෙනGoogle Play Servicesකියන ඇප් එකත් අන්තර්ගතයි. මේ දෙකම System ඇප්ස්. අයින් කරන්න බැහැ. අයින් කරන්නෙත් නෑ අපි. මොකද අයින් කළොත්...! ෆෝන් එකට ඇප්ස් ගන්න බෑ. ගොඩක් ඇප්ස් වැඩ නෑ. හෙන ජල්බරි ගොඩයි. ඉතින් අපි ඔය ඇප්ස් තියෙන්න හරිනවා. Google Play Services කියන්නෙ ඔයා සරම අස්සෙ දාන් ඉන්න නයි පැටියෙක් වගේ එකෙක්. මේකා පේන්නෙත් නෑ පිටට. ෆෝන් එකේ ඇප්ස් ලයිස්තුව බලද්දි නම් පේන්න තියෙනවා Google Play Services කියලා එකක්, හැබැයි මෙනු එකේ එහෙම එකක් නෑ. Play Store විතරයි පේන්න තියෙන්නෙ.මෙන්න මේ Play Services ඇප් එකෙන් ඔයාගෙ ෆෝන් එකේ ඕනම රහසිගත දෙයක් පන්නගන්න පුළුවන්. මේ හොරාටයන්න බැරි තැනක් නෑ. කරන්න බැරි වැඩක් නෑ.ඔයාගෙ ෆෝන් එකේ අයිතිකාරයා ඔයා කියලා මහා ලොකුවට හිතන් හිටියට,ඔයාගෙ ෆෝන් එකේ අයිතිකාරයා ඔයා නෙවෙයි. මොකද ඔයාගෙ ෆෝන් එක තියෙන්නෙ ඔයාට ඕන හැටියට නෙවෙයි, කොහෙවත් ඉන්න සමාඟමකට ඕන හැටියටයි.දැන්Appleපාරිභෝගිකයෝ සතුටු වෙනවා ඇති, Android වල තමයි ඔය අවුල්, අපිට ඔව්වා අවුල් නෑ කියලා. ඒක බොහොමවැරදිනිගමනයක්. Apple දුරකථන වල තියෙන්නේ ඒ උපාංග වෙනුවෙන්ම හැදුවClosed Code OSඑකක්. අඩුමගානෙ Android කියන්නෙOpen Sourceඑකක්. අපිට ඕන්නම් Android OS එක අරගෙන අපිට ඕන විදියට හදාගන්න හරි පුළුවන්. ඒත් Apple iOS? ඒක අස්සෙ හැංගුණ මකරු කොච්චර ඉන්නවද වත් කියලා අපි දන්නෙත් නෑ. දැනගන්න වෙන්නෙත් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස උඩ යාමෙන් වළකින්න.හිතලා බලලා කටයුතු කරන, යමක් කමක් තේරුම්ගන්න බුද්ධියක් ඇති කෙනෙක්ට දැන් ඔයාට මේ එල්ල වෙලා තියෙනතර්ජනයේස්වරූපය ටිකක් හරි පැහැදිලි ඇති.ඔයා ගැන හැම දේම ඔයාටත් වඩා හොඳට දන්නෙ, කොහෙවත් ඉන්න අන්තර්ජාල සේවා සපයන සමාගම් ටිකක්. ඔයා ඒකට කැමතිද? ආසද? මං දන්නෑ ඔයාගෙ මතය ගැන නම්. හැබැයි මට නම් ඕන නෑ මගේ ගැන කිසි දෙයක් මේ මොකාවත් දැනගන්නවට.ඒ මම හොරෙක් නිසා නෙවෙයි,මං ගැන ඔත්තු බල බල මගේ පස්සෙන් එන එකෙක් ඉන්නවා කියලා හිතෙනකොටත් මට කේන්තියක් එන නිසා.තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න මේ ලෝකේ සෑම පුද්ගලයක්ටමඅයිතිවාසිකමක්තියෙනවා. ඇත්තටම මෙතන වෙන්නේ ඒ අයිතිය උල්ලංඝනය වීමක් නෙවෙයි ද? කල්පනා කරලා බලන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙඅයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙනලෝකයකයි ඔයා ජීවත් වෙන්නේ. සැඟවුණු අනතුර ගැන අවබෝධයෙන් ඉන්න. කාටහරි ඕන වුණොත් ඔයාගෙ සම්පූර්ණ පෞද්ගලික විස්තර ලයිස්තුවක්, ඒක ගන්න ඔයා ඕන නැහැ. ඔයා ගැන හැමදේම දන්න සමාඟම් මේ ලෝකේ තියෙනවා.මෙන්න මේකයි කතාව. මට ඕන වුණේ අන්තර්ජාල භාවිතාවේ සැඟවුණු අනතුර ගැන පොඩිම පොඩි ඡායාවක් ඔයාලට පෙන්නන්න. තත්වය මීට වඩා බොහෝ දරුණු බව IT ක්ෂේත්‍රයේ ඉහළට ගිය, අන්තර්ජාලය ගැන ඇති සැටියෙන් අවබෝධයක් ඇති අය දන්නවා ඇති. අන්තර්ජාලයේ වෙන Privacy violations එහෙමත් නැත්නම් පෞද්ගලිකත්වය හානි වීම් ගැන කියන්න නම් පොත් පහ හයක් ලියන්න වෙයි. ඒ තරම් තොරතුරු, දත්ත ඔයාලට දෙන්න පුළුවන්. මම මේ කියපු දේ කියවලා ඇස් ඇරුණු කෙනෙක් ඉන්නවා නම්, එයාගෙ ඉංග්‍රීසි දැණුමත් හොඳයි නම්, මම එයාට ආරාධනා කරනවා මෙන්න මේ Youtube චැනල් එක බලන්න කියලා. ඒ චැනල් එකේ තියෙන පරණම වීඩියෝ එකේ ඉඳන් අලුත්ම එක දක්වා බලාගෙන එන්න. මම අද මේ කියවපු දේවල ඇත්ත නැත්ත සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන හැටි බලාගන්න.The Hated One - YouTube Channelනිදහස් ලෝකයක ජීවත් වෙන අපි, නිදහස් මිනිස්සු විදියට ජීවත් වෙන්න උත්සාහ දරමු. භෞතික ලෝකයේ විතරක් නෙවෙයි, ඩිජිටල් ලෝකයේත් ඒ පුරුදු රැකගමු. තමන්ගේපෞද්ගලිකත්වය, තමන්ගේගෞරවයරැකගෙන ජීවත්වීම අපි හැමෝගෙම අයිතියක්. ඒ අයිතිය කාටවත්පාවා දෙන්න එපා.තවත් අලුත්ම පෝස්ට් එකක් එක්ක මුණගැසෙමු, ඔබට ජය!
WhatsApp Android App එකෙහි UI එක Redesign කිරීමට Meta සමාගම කටයුතු කරයි
Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත UI Changes වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබටමේ ඔස්සේනැවත කියවිය හැකියි.2.23.13.16යන WhatsApp for Android Developer Beta Version එකෙහි Top App Bar එක සමඟින් Main UI එකෙහි වෙනස්කම් කිහිපයක් සිදු කොට තිබෙනවා.Source:wabetainfo.comඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි App එකෙහි Top Bar WhatsApp ලෙසින් සඳහන් වී ඇති කොටස කොළ පැහැ කොට WhatsApp සඳහා වූ Unique Font එකකින් එය යොදා ඇති බව පෙනෙනවා. මේ තූළින් අපට ඉදිරියේදී සම්පූර්ණ WhatsApp App එකෙහිම Font එක ලෙස එම Font එක භාවිතා වේ යැයි අනුමාන කළ හැකියි.(දැනට පවතින්නේ ඒ ඒ Smartphone එකෙහි Default Font එක වේ.)තවද 3 Dot Menu එකට වම් පසින් Profile Picture එකද යොදා ඇති අතර එය Touch කිරීම මඟින් පහසුවෙන් Profile Settings වලට යා හැකියි. මීට අමතරව Top App Bar එකට පහළින් All, Unread, Personal, Business ලෙසින් Chats Filter කර බැලිය හැකි වනවා. මෙම Chat Filtering පහසුකම නුදුරේදීම iOS සඳහාද ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.මෙම UI Redesign එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර ඉදිරියේදී Public Beta Versions සඳහා බලාපොරොත්තු විය හැකියි.Source:wabetainfo.com
USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කර​යි
යුරෝපා සංගමය විසින් 2024 වසරේ සිට සෑම ඉලෙක්ට්‍රෝනික උපාංගයකම Charging Port එක ලෙස USB Type C Port එකක් තිබිය යුතු බවට මීට පෙර එකගතාවයකටපැමිණි බවට අප විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව Apple සමාගම විසින්මීලග නිකුත් කිරිමට නියමිත iPhone 15 Seriesඑක සමගින් ඔවුන්ගේ Lightning Port එක USB Type C Port එක මගින් Replace කිරිමට නියමිත වනවා. කෙසේ වෙතත් මෙය මෙතෙක් කල් Lightning Port එක මගින් iPhone සදහා තිබු එක් අනන්‍යතාවයක් අහිමි යාමක් ලෙස සදහන් කරන්න පුලුවන්.Apple සමාගම විසින් දැනටමත් ඔවුන්ගේ නවතම iPads සහ Macs සදහා USB Type C Port භාවිත කරනම අතර දැනට මේ සදහා අවශ්‍ය ඕනැම වර්ගයක Type C USB Cables භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් මෙම Devices සදහා ලබා දී ඇති නවතම iOS Update එක ඔස්සේ මෙලෙස අවශ්‍ය ඕනැම වර්ගය Type C USB Port භාවිත කිරිමට තිබු හැකියාව අහිමි වි ගොස් ඇති බවට අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වනවා.Image - Gizmochinaඒ අනුව මෙම නවතම iOS Update එක මගින් iPads සහ Macs Type C USB Port එක Encrypt කිරිමට කටයුතු කර තිබෙන බවටයි දැක්වෙන්නේ. එනම් මේ Update එක ඔස්සේ Certificate USB Type C Cables සහ Accessoriesවලට පමණක් iPads සහ Macsවල Type C USB Portවල Full Access එක ලැබෙනු ඇත. එමෙන්ම බොහෝ විට Apple සමාගම විසින් නිර්දේශ නොකරන ලද Type C USB Cables සහ Accessories මේත් සමග iPads, Macs සහ ඉදිරියේදි නිකුත් විමට නියමිත iPhone 15 Series එක සමගත් ක්‍රියාත්මක නොවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.එමෙන්ම මීට අමතරව ඉදිරියේදි නිකුත් විමට නියමිත iPhone 15 Series එකේ Type C USB Port එක සහ USB Type C Cables සදහා Lightning වැනි Authenticator Feature එකක් හිමි වෙනු ඇති අතර ඒ ඔස්සේ ද iPhone 15 Series එක මගින් Apple සමාගම විසින් නිර්දේශ කරන ලද Type C USB cables සහ Accessories පමණක් භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.Sources:www.gizmochina.com
TV දෙරණ YouTube channel එක Hack කරලාද?
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවට අයත් YouTube චැනලයක් වන "TV Derana" YouTube චැනලය අද පස්වරුවේ යම්කිසි හදුනා නොගත් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට සමත් වී තිබෙනවා.මේ බව දෙරණ නාලිකාවේ සභාපති වන Dilith Jayaweera මහතා විසින් ඔහුගේ නිල Facebook පිටුවේසටහනක් තබමින්තහවුරු කර තිබෙනවා.මීට අමතරව ග්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සමාජ ජාලා විශ්ලේෂකයෙකු වන සජීව දිසානායක මහතා විසින්ද මෙය තහවුරු කරමින් Facebook පණිවුඩයක් පල කර තිබුනේ පහත පරිදිය.මෙම පිරිස විසින් චැනලයට අයත් Logo එක සහ Description එක වෙනස් කොට ඇති අතර Cryptocurrency පිළිබඳව විකාශය වන Live වැඩසටහනක් චැනලය හරහා එහි මිලියන 3ක් පමණ වන ප්‍රේක්ෂකයින් වෙත විකාශය කරමින් සිටිනවා.Updateමේ වන විට "TV Derana" YouTube චැනලය Crypto News යනුවෙන් නම් කර ඇති අතර දෙරණ නාලිකාව YouTube සමාගම සමග එකතුවී චැනලය නැවතත් යථාතත්වයට ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.එමෙන්ම මේ වන විට වේගයෙන් පැතිර යන පුවතක් තමයි Stream key එකක් හරහා මේ දේ සිදුකලා යන්න වග. නමුත් Stream key එකක් හරහා YouTube channel එකක නමක් වෙනස් කිරීම සිදු කල ඇකි ක්‍රමයක් නොමැති අතර එලෙස පැතිර යන පුවත් සාවධ්‍ය පුවත් වේ.August 30, 2021 - YouTube channel එක නැවත යතා තත්වයට ගැනීමට TVDerana කණ්ඩායම සමත් වී ඇත.
Xiaomi සමාගම විසින් නව logo එකක් එලිදැක්වීමට කටයුතු කරයි
අද Xiaomi Mega Launch එකේ දෙවන දිනයයි. එහිදී ඔවුන්ගේ පෙර පැවති Logo එක සහ typography එක redesign කර එලිදැක්වනු ලැබුවා. මෙම වසරේදී Poco සමාගමේ ද Logo එක වෙනස් වුණු අතර ඒ පිළිබදවද ලිපියක් අප ඔබ වෙත ගෙන ආවා.එම ලිපිය මෙතැනින් කියවන්න. නමුත් Xiaomi සමාගමේ මෙම Logo එක වෙනස් වීමක් නොව redesign කිරීමක් තමයි සිදුකර තිබෙන්නේ.නව Logo එක සහ typography එක පහතින් දැක්වේ.මෙම නවතම logo එක design කර තිබෙන්නේ Nippon Design Center (NDC) එකේ සභාපතිවරයා සහ Musashino Art විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Kenya Hara විසිනි. Xiaomi පවසන ආකාරයට මෙම designer විසින් මේ සදහා “superellipse” ගණිත සූත්‍රය මේ සදහා භාවිතා කර ඇති අතර optimal dynamic balance එකක් සහ square එකක් හා circle එකක් අතරමැදි design එකක් පවතින නිසා ඒ දෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීවා සදහා මෙම සූත්‍රයේ විචල්‍යයන් අවශ්‍ය පරිදි වෙනස් කරමින් මෙම නිර්මාණය සිදුකර ඇත.Xiaomi සමාගම පවසන්නේ ඔවුන් Logo එක සදහා යොදන තැඹිලි වර්ණය ඉදිරියට පවත්වා ගෙන යන බවත් Logo එක වෙනස් නොවන බවත්‍ ය. කෙසේවෙතත් ඔවුන්ගේ high-end products වලදී නම් මෙම logo එකට අතිරේක වර්ණ ලෙස black සහ silver භාවිතා වේ.Source :-Gizmochina
මේ වසරේදී Apple පරිශීලකයන් වෙත Fortnite යළි නිකුත් කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වේ
2023 වසර ආරම්භ වන විටම ඔබ සැමට විවිධාකාරයේ වූ නැවුම් පුවත් වාර්තා වීම සිදුවිය. කෙසේ නමුත් මෙම පුවත Games සඳහා වඩා කැමැත්තක් දක්වන පාඨකයන් හට සුභදායක පුවතක් වනු නොඅනුමානය. මන්දයත් මෙම වසරේ දී Epic සමාගම මගින් iPhone වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීමට හැකි වනු ඇති බවට වාර්තා වේ.මේ වන විට ස්මාර්ට් දුරකථන සඳහා වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීම යන කරුණ පිළිබඳව සමාගම් විශාල ප්‍රමාණයක අවධානය යොමුවී පවතී. Call Of Duty, PUBG වැනි ක්‍රීඩා ලොව පුරා ස්මාර්ට් දුරකථන පරිශීලකයන් අතර ජනප්‍රිය වන කාලයක් තුළ iPhone සඳහා Fortnite වැනි ඉහළ පෙලේ පරිඝණක ක්‍රීඩාවක් ලබාදීම විශාල හැරවුම් ලක්ෂ්‍යක් ලෙස සඳහන් කළ හැකිය.Source:9to5mac.comමින් පෙර ද එනම් මීට වසර දෙකකට පමණ ඉහත දී Epic සමාගම මගින් App Store වෙත Fortnite වීඩියෝ ක්‍රීඩාව ලබාදීම සිදුකර ඇතත් එම ක්‍රීඩාව තුළ මිලදී ගැනිම් සිදුකළ හැකිවන Payment System එකක් නිර්මාණය කිරීමෙන් පසු පැන නැගුණු ගැටලුකාරී වාතාවරණයක් හේතුවෙන් App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කර තිබුණි.වසර දෙකක නිහැඬියාවකින් පසුව පසුගිය වසර තුළ iPhone සහ iPad වෙත Fortnite ලබාදීමට සූදානම් වන බවට පළ වූ කටකතා කිහිපයක් හේතුවෙන් මෙම සිදුවීම තරමක් ජනප්‍රියතාවයට පත්විය. කෙසේ නමුත් Epic සමාගමේ විධායක නිලධාරියෙකු වනTim Sweeneyපවසා ඇත්තේ ඉදිරියේදී එම සිදුවීම සත්‍යක් වනු ඇති බවටයි.Tim Sweeney විසින් පළ කර තිබූTwitter සටහනක්කෙසේ නමුත් Epic සමාගම මගින් මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැති හා App Store මගින් Fortnite තහනම් කර ඇති පසුබිමක මේ වන විට ඇතිවන කතාබහ අනුව ඉදිරියේදී Fortnite ක්‍රීඩාව Apple App Store වෙත ලබාදීම සිදුවනු ඇති බවට අනුමාන කල හැකිවේ.Fortnite ක්‍රීඩාව App Store වෙතින් ඉවත් වූයේ ඇයි?මීට පෙර App Store මගින් මෙම ක්‍රීඩාව පරිශීලකයන් හට ලබාදීමට අවස්ථාව තිබූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. නමුත්මෙම ක්‍රීඩාව App Store වෙතින් ඉවත් කිරීමසඳහා හේතු වූයේ App Store හරහා ක්‍රීඩාව තුළ සිදුවන ගෙවීම් වලට 30% අය කිරීමක් සිදුකරන නිසාවෙන් Epic සමාගම සිය Fortnite ක්‍රීඩාවේ විවිධාකාරවූ මිලදී ගැනීම් සඳහා වෙනත්ම ගෙවීමේ ක්‍රමයක් ඔවුන් විසින්ම හඳුන්වා දීමයි.මෙය App Store හි පවතින නීති රෙගුලාසි වලට පටහැනි වන බැවින් Apple සමාගම සිය App Store වෙතින් Fortnite ක්‍රීඩාව ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. ඉන් පසුව ඇතිවූ වාතාවරණයත් සමග පැනනැගුණු නඩු කටයුතු වල අවසානයේ Apple සමාගම තීරණය කරනු ලැබූවේApp Store වෙතින් Epic සමාගමේ නිල ගිණුම පවා ඉවත් කිරීමටයි.Source:macrumors.comකෙසේ නමුත් Apple සමාගම විසින් ඉදිරියේදී ගෙන එනු ලබන නවතම විශේෂාංග මෙන්ම මෙම ක්‍රීඩාවන් පවා පරිශීලකයන් වෙත ලැබෙනුයේ නම් එය ඉතාමත් ප්‍රශංසාවට ලක්වීමක් මෙන්ම ඔවුන් වටා සිටින් අනෙකුත් දුරකථන සමාගම් සඳහා ද එය විශාල තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමට පවා අවස්ථාව උදාකරයි.මෙවැනිම තාක්ෂණික ලෝකයේ යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග අඛණ්ඩව රැඳී සිටින්න.Sources:macrumors.com9to5mac.combgr.comappleinsider.com
ජාතික ඉන්ධන කාඩ්පත (National Fuel Pass) සදහා පළමු දිනයේදී මිලියනයකට අධි​ක පිරිසක් ලියාපදිංචි වෙයි
මහජනතාවට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීම සදහා ඊයේ (16)ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass)හදුන්වා දෙනු ලැබුවා. මේ වෙන විට මේ සදහා වාහන හිමියන් මිලියනයකට අධික පිරිසක් ලියාපදිංචි වි සිටිනවා.Ministry of Power and Energy has introduced this initiative in collaboration with the ICTA,CPC, IOC Lanka & leading tech companies in Sri Lanka to streamline fuel distribution. The stakeholders are working collaboratively to improve the process further.pic.twitter.com/jERm3q0fWJ— ICTA Sri Lanka (@icta_srilanka)July 17, 2022කෙසේ වෙතත් හදුන්වා දුන් දිනයේදි හා පසු දින මේ සදහා ලියාපදිංචි විමේදි යම් යම් ගැටලු ඇති වු අතර මේ වෙන විට එම ගැටලු සියල්ලම බොහෝ දුරට විසදා තිබෙන අතර දැන් කිසිදු ගැටලුවකින් තොරවජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass)සදහා ලියාපදිංචි විය හැකි වෙනවා.මෙමජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass)සදහා ලියාපදිංචි විය හැකි ආකාරය පහත විඩියෝ පටය මගින් ඔබට නැරඹිය හැකි වෙනවා.ඔබ මේ සදහා ලියාපදිංචි වු පසු නැවත මෙම වෙබ් අඩවියට පිවිසිම මගින් ඔබට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය, එම ඉන්ධන ප්‍රමාණය කල් ඉකුත් වෙන දිනය සහ ඔබගේ ඉන්ධන ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණය ආදිය දැන ගත හැකි වෙනවා.එමෙන්ම ඔබට අදාල ඉන්ධන ප්‍රමාණය සහ ඉතුරැ ඉන්ධන ප්‍රමාණය පහත ආකාරයෙන් බලා ගත හැකි වෙනවා. මේ සදහා FUEL<හිස්තැනක්>BAL<හිස්තැනක්>CAF<හිස්තැනක්>වාහන අංකය යොදා0766220000අංකය කෙටි පණිවිඩයක් යැවිය යුතු වෙනවා.ඔබට ඔබගේ QR කේතය ලබා ගැනිමට අවශ්‍ය නම් පහත ආකාරයෙන් ලබා ගත හැකි වෙනවා.ශ්‍රී අංක තහඩු ඇති වාහන මෙම ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) සදහා ලියාපදිංචි කිරිමේදි ශ්‍රී අක්ෂරට පෙර ඇති ඉලක්කම් වාහනයේ ඉංග්‍රීසි අකුරැ ඇතුළත් කිරිමට ඇති කොටුවට ද ශ්‍රී අක්ෂරට පසුව ඇති ඉලක්කම් අනෙක් කොටුවට ද ඇතුළත් කිරිම ඔස්සේ සාර්ථකව සිදු කළ හැකි වෙනවා.මේ සදහා වාහන කාණ්ඩ 06ක් ඔස්සේ ඇතුළත් කර තිබෙන අතර ඉහත ආකාරයේ වෙනවා.මීට අමතරව වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර හෝ ආයතන සදහාත් භාවිත කළ හැකි ආකාරයට ඉදිරි දිනවලදි වැඩි දියුණු කරන බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් Twitter සටහනක් ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.Update - National Fuel Pass will be upgraded in the next few days to give an option for Businesses\Organizations that operate multiple vehicles to register All their vehicles with the Business Registration Number. Each vehicle will be given a specific QR code after verification.— Kanchana Wijesekera (@kanchana_wij)July 17, 2022එමෙන්ම දැනට ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට එළඹෙන 21 වෙන දින සිට මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) ඔස්සේ ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබා ගත හැකි වෙනවා.මේ ජාතික ඉන්ධන කාඩ් පත (National Fuel Pass) එක ලබා ගැනිම සදහා ලියාපදිංචි විමේ අපහසුතා ඇති පුද්ගලයන් සදහා ඔබට ලබා දිය හැකි සහය ලබා දෙන ලෙසත් Android වැඩකාරයෝ අපි මතක් කර සිටිනවා.Sources:Department of Government Information - Sri Lanka
නුදුරේදී​ම එළිදැක්වීමට සූදානම් වන Coca-Cola ජංගම දුරකතන​ය?
Realme සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ Teaser Video Clip එකක් පල කර තිබෙන්නේ 'Something is fizzing at #realme' යන්නත් සමගිනුයි. ඒත් සමග ඇතිLink එකටපිවිසි විට යොමු වන වෙබ් පිටුවේ ද ඇති පිරිදි මෙය යම් වෙළද සන්නාමයක් සමග හවුල්කාරීත්වයෙන් නිපදවන Smart Phone එකක් යැයි යම් අදහස් ගත හැකි වෙනවා.මේ වන විට මේ පිළිබඳ වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Coca-Cola Branded Smartphone එකක් වි​ය හැකි අතර ඉදිරි සති කිහිපය තුළ මෙය නිල වශයෙන්ම එළිදැක්වෙනු ඇතැයි ද යන්නත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.realme on Twitterඑමෙන්ම ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන Teaser Video Clip එකේ සහ එහි තිබෙන Link එකෙන් යොමු වන වෙබ් පිටුවේ ද රතු පැහැයෙන් යුතු සෝඩා බුබුලු ආදිය නීරික්ෂණය කළ හැකි වන අතර මෙය  Coca-Cola Brand එකේ Colour Theme එකට අනුරෑප වන බවත් හදුනා ගන්න හැකියි.Image viaEvent Realmeකෙසේ වෙතත් මෙය දැනට Realme සමාගම විසින් නිකුත් කර තිබෙන Smart Phone එකක Rebrand වීමක් ද නැතිනම් නව Smart Phone එකක එළිදැක්විමක් ද යන්න පිළිබඳ තවමත නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා නොවන අතර වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Realme 10 Pro Smart Phone එකේ Rebrand Version එකක් විය හැකි බවටත් තොරතුරු පළ වෙනවා.Source:androidpolice.comwww.gsmarena.comau.pcmag.com
Vivo සමාගම විසින් OriginOS නම් ඔවුන්ගේ නවතම UI එක එලිදැක්වීම ගැන ඉඟි පල කරයි
වර්තමාන සැම Smartphone නිෂ්පාදකයෙක් වගේම ඔවුන්ගේම Custom User Interface එකක් Android OS එක සමග යොදා ගන්නවා. Vivo සමාගම විසින් මේ වන විට ඔවුන්ගේම Custom User Interface එකක් වෙන FunTouch OS එක භාවිත කරනවා. හැබැයි Vivo සමාගම විසින් නිල වශයෙන් තහවුරැ කරලා තියෙනවා ඔවුන්ගේ මේ FunTouch OS එක Origin OS මගින් Replace වෙන බව නිවේදනය කර තිබෙනවා.ඒ වගේම Vivo සමාගම විසින් ඔවුන්ගේ නිල Weibo ගිණුමේ මේ පිළිබඳව දක්වා තිබෙනවා. මේ නව Custom User Interface එක “Brave New World” යන Tagline එක සමග ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම Vivo සමාගම විසින් තම පාරිභෝගිකයින්ට Origin OS එක සහිත Interface එක හෝ Stock Android OS එක සහිත Interface එක තොරා ගැනිමට ඉඩ ලබා දෙන බවත් දක්වා තිබෙනවා. ඒ වගේම Vivo හි මේ නව Origin OS එකේ Designer ලෙස කටයුතු කරනු ලැබ ඇත්තේ Apple සමාගමේ Designer කෙනෙක් බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.Origin OS එක නොවැම්බර් 19 වන දින චිනයේදි නිල වශයෙන් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙය දැනට වෙළදපොල තුල පවතින Vivo Smartphone සදහා ලබාගත හැකි වනු ඇති බවත් වාර්තා වෙනවා.Sources :Gizmochina
Xiaomi සමාගමේ 200W charging තාක්ෂණය නිසා බැටරියේ ආයු කාලය ඉක්මනින් අඩු වීමේ අවදානමක්
Xiaomi සමාගම විසින් පසුගිය මාසයේ දි 200W Wired Fast charging Technology එක මෙන්ම Wireless 120W Fast Charging Technology එකත් හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව 4000mAh Capacity එකක් සහිත Battery එකක් මිනිත්තු 08ක් වැනි කෙ⁣ටි කාලයක් තුල Charge කිරිමේ හැකියාව ලැබෙනවා. කෙසේ නමුත් මේ Fast Charging තාක්ෂණ මගින් Battery යෙහි ආයු කාලයට බලපෑමක් වන බවත් කිව යුතුයි.Xiaomi සමාගමේනිල Weibo ගිණුමඔස්සේ ඔවුන් විසින් මේ wired 200W Fast Charging Technology එක හා Wireless 120W Fast Charging Technology එක පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ප්‍රකාශ කරන්න කටයුතු කර තිබෙනවා.මෙලෙස ප්‍රකාශයට පත් කරන ලද⁣ තොරතුරුවලින් මොවුන් විසින් 200W Fast Charging Technology එක Battery Health එක සදහා බලපාන ආකාරය පිළිබඳව තොරතුරු පල කර තිබෙනවා. ඒ අනුව Charging & Discharging Cycles 800 අවසානයේදි Battery Capacity එක 80%ට පමණ අඩු වෙන බව දක්වා තිබෙනවාBattery Cycles 800 කියන්නේ සාමාන්‍යයෙන් වසර දෙකක පමණ භාවිත කාලයක් වෙනවා. ඒ අනුව 4000mAh පමණ Battery Capacity එකක් සහිත Smartphone එකක, වසර දෙකක පමණ භාවිත කාලයකින් පසුව පවතින Battery Capacity එක වන්නේ 3200mAh පමණ Battery Capacity එකකුයි. 5000mAh පමණ Battery Capacity එකක් සහිත Smartphone එකක් නම් වසර දෙකකට පමණ පසුව 4000mAh Battery Capacity එකකට ආසන්න ප්‍රමාණයෙන් ඉතිරි වෙනවා.ඒ වගේමපසුගිය වසරේදි Oppo සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 125W Super Fast Chargerඑක මගින් Charging Cycles 800කට පමණ පසුව Battery Capacity එක 80% පමණ දක්වා අඩු වෙන බව Oppo සමාගම විසින් ප්‍රකාශ කල අතර ඔවුන්ගේ 65W Fast Changing Technology එක මගින් 91% දක්වා Battery Capacity එක අඩු වි තිබෙනවා.කෙසේ වෙතත් Xiaomi සමාගම විසින් මෙහිදි දක්වා තිබෙන්නේ Chinese Regulatory Standard වලට අනුව Battery Cycles 400කට පමණ පසුව Battery Capacity එකෙන් 60%ක ප්‍රමාණයක් ඉතිරිව පැවතිම ප්‍රමාණවත් බවයි. කෙසේ වෙතත් Battery Cycles 400ක්, එනම් වසරක භාවිත කාලයෙන් පසු 4000mAh Battery Capacity එකක් සහිත Smartphone එකක Battery Capacity එක 2400mAh පමණ පැවතිම ප්‍රමාණවත් බවයි.ඔවුන්ගේ Regulatory Standard කෙසේ වුවත් වර්තමානයේ Smartphoneවල පවතින 5G පහසුකම, High Refresh Rates වගේම වෙනත් Power-hungry Features නිසා වසරකින් මෙලෙස Battery Capacity එක අඩු විම Usersලාට අතිශය ප්‍රබල ගැටලුවක් වෙනවා.කෙසේ වෙතත් එදිනෙදා කාර්යබහුල ජිවන රටාවත් සමග අත්‍යාවශ්‍යම උපාංගක් වෙන Smartphone එක Fast Charging Technology එක සහිත විම මේ වෙන විට අත්‍යාවශ්‍යම වි තිබෙනවා. එම හේතුව නිසා Smartphone නිෂ්පාදන සමාගම් 120-200W වැනි Fast Charging Technology මගින් සිදුවෙන Battery Capacity හානිය විසදිමට සුදුසු විසදුමක් ලබා දෙන තුරු 40-65W Fast Charging Technology එක මගින් Battery Capacity එකට එතරම් හානියක් නොවි භාවිත කිරිම සදහා සුදුසු වෙනු ඇත.Source:Android Authority
Windows 11 වෙත නව emojis ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි
Microsoft සමාගම මේ සතියේ Windows 11 හි එහි Fluent-style emoji ලබා දෙන බව වාර්තා වෙයි. OS සඳහා නව optional updates නිකුත් වෙමින් පවතින අතර එයට වැදගත් bug fixe කිරීම් ගණනාවක් සහ Microsoft සමාගම විසින් මෙම වසර මුලදී preview එකක් ලෙස ලබාදුන නව ඉමොජි කිහිපයත් මෙම update එකට ඇතුළත් වේ. එය සම්පූර්ණයෙන්ම නව විලාසිතාවක් වුවද, එය Microsoft සමාගම කලින් පොරොන්දු වූ 3D ඉමොජි නොවේ. Microsoft සමාගම ඒ වෙනුවට 2D ඉමොජි තෝරා ගත් බව වාර්තා වෙයි.Windows 11 හි නව emoji කිහිපයට Clippyද (?) ඇතුළත් වේ, Microsoft සමාගම විසින් එහි Clippy  චරිතය (?) සමඟ standard paperclip ඉමොජි replace කර ඇත. ඉමොජි දීප්තිමත් සහ වර්ණවත් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇති, නමුත් ඒවා pop කළ 3D අංග නොමැති බවට වාර්තා වෙයි.“නව ඉමොජි style එක ලබා ගත හැක්කේ Windows 11 හි පමණක් වන අතර එය 2D වේ,” Microsoft සමාගම ජූලි මාසයේ සිට සිය design blog එක වෙත quiet update කිරීමකින් මෙය ගැන පැහැදිලි කළේ ය.මෙතනින් එම ලිපිය කියවන්න.මෙම Fluent emoji හි 3D සහ animated අනුවාද Microsoft Teams වැනි නිෂ්පාදනවල දිස්වන නමුත්, ඔබට Windows හි නව emoji අවශ්‍ය නම් ඔබට Windows 11 වෙත upgrade කිරීමට අවශ්‍ය වනු ඇත. මේවා Windows 10 වෙත ගෙන ඒමට අදහසක් නොමැති බව Microsoft සමාගම නිවේදනය කළේය.Source:The Verge
OnePlus 9: මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්
පසුගිය දිනක් එළිදැක්වුණOnePlus 8TසමගOnePlus 8 Seriesඑ⁣කේ නිමාව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ OnePlus Series එක Regular Device එකකින්, Pro Device එකකින් හා T Device එකකින් යුතු වෙනවා. ඉතින් මිලග අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ OnePlus 9 Series එක. ඒ කියන්නේ 2021 වසරේ Flagship OnePlus Device එක.අපි දැන් බලමු OnePlus සමාගමේ 2021 වසරේ Flagship Device එක වෙන OnePlus 9 Series එක මගින් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල.1. Mini Version එකක්OnePlus Fansලා ගොඩක් කල් ඉදන් බලාපොරොත්තු වෙමින් සිටින දෙයක් තමයි ප්‍රමාණයෙන් කුඩා Device එකක්. ඉතින් පසුගිය දිනක නිකුත් වුiPhone 12‌‌ Mini සමග අනිවාර්යයෙන්ම අප OnePlus Mini Device එකක් බලාපොරොත්තු වෙනවා.OnePlus 8 Regular Device එක හා OnePlus 8 Pro Devices අතර Design එකේ පැහැදිලි වෙන් කර දැකිය හැකි වෙනසක් අපිට දැකිය හැකි නොහැකි වුණා. මේ තුලින් 8Pro Device එකක් වුවත් OnePlus 8 Regular Device එකක් විදිහට අපිට පෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා OnePlus 9 Regular Device එක Mini Device එකක් විදිහට හෝ Mini හා සාමාන්‍ය Size එකෙන් විදිහට Version දෙකක් ලෙස ලබා දිම තුලින් OnePlus සමාගමට නව පාරිභෝගිකයින් පිරිසක් අතර⁣ට ඔවුන්ගේ නිෂ්පාදන ගෙන යාමට හැකි වෙන බව.2. Flat DisplayOnePlus 7 series එකත් සමග OnePlus සමාගම විසින් Curved Display හදුන්වා දුන් අතර පසුගිය දිනක හදුන්වා දුන් 8T Device එ⁣කේ Display එක Flat Design එකේ Display එකක් වුවා.‌‌මේ වන විට නිකුත් වු iPhone 12 Series එකේදිත් දකින්න ලැබෙන්නේ Flat Design එකක්, ඒ වගේම ඔබට මතක ඇති අපිSamsung Blade BezelDisplay Technology එක ගැනත් ලිපියක් ගෙන ආවා. මේ වන විට සැම Smartphone සමාගමක්ම ආපසු Bezel lees Flat Displayවලට යොමු වෙමින් තිබෙන බව කියන්න පුළුවන්. ඒ අනුව මිලග OnePlus Flagship Series එක වෙන OnePlus 9 Series එකේ Displays බොහෝ විට Flat Bezel Less Display විය හැකි බවයි අපේ අදහස වෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නෙත් එයයි. කෙසේ වෙතත් Pro Version එකේ බොහෝ විට Curved Display එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලත් හිතන්න පුළුවන්.3.Three Lens Camera Setup2021 දි අපි OnePlus 9 Series එක තුලින් කැමරා විශාල සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙන්නේ නැ. ඒ වගේම Macro lens එකකුත්. OnePlus 9 Series එකේදි අපි බලාපොරොත්තු වෙනනේ වැඩි Mega Pixel ගණනකින් යුතු Main Lens එකත්, Ultrawide lens එකක් වගේම Telephoto lens එකකුයි. ඒ වගේම Pro Version එකේ දි Periscope Lens එකක් ලබා දෙන්න පුළුවන් නම් එය ඉතා හොද Feature එකක් වන බවත් කිව යුතුයි.4. In-display selfie cameraOnePlus 9 Series එක මගින් OnePlus සමාගමට හැකියාව තිබෙනවා In-Display Selfie Camera Technology එක Globally Release කරන්න. ඉතින් ඔවුන් මේ අවස්ථාව ලබා ගනි කියල අපි බලාපොරොත්තු වෙන් යුතු වෙනවා.‌‌බොහෝ විට මේ In-Display Selfie Camera Setup එක අපිට බලාපොරොත්තු විය හැකි වන්නේ OnePlus 9 Pro Version එකේ දි පමණයි. ඒ Pro Feature එකක් විදිහට. OnePlus 9 Regular Device එක සාමාන්‍ය Selfie Camera Setup එකක් සහිතව අපිට ලබා ගන්න පුළුවන් වේවි.5. OnePlus 9 Series එක සදහා Wireless charging හා IP rating ලබා දිමOnePlus 8 හා 8Pro අතර පැවැති මුලික වෙනස්කමක් විදිහට Wireless Charging Feature එක හා IP Rating එක දක්වන්න පුළුවන්. කෙසේ වෙතත් මිලග වසරේ Smartphone Series එකක් විදිහට අපි OnePlus 9 Series එකේ සැම Device එකකම වගේ Wireless Charging Feature එකත් IP Rating එකත් බලාපොරොත්තු වෙනවා. එ වගේම Pro Version එකේ Wireless Ultra Fast Charging Feature එක ලබා දිම තුලින් Regular Version එකෙන් වෙන කර දැක්විමට පුළුවන්.6. Internal Storageමේ වන තුරැම පැවතුනු සැම OnePlus Smartphone එකකම වගේ උපරිම Internal Storage එක වුයේ 256GB ප්‍රමාණයක්. ඒ වගේම OnePlus Devices සදහා Micro SD Card භාවිත කල නොහැකි බවත් ඔබ දන්නා දෙයක් නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම OnePlus 9 Series එකේදි 512GB Variant එක බලාපොරොත්තු වෙනවා. එය අනිවාර්යයෙන්ම OnePlus සමාගම ලබා දිය යුතු බවයි අපේ අදහස වෙන්නේ.7. Warp Charge 65WOnePlus 8 ලබා දුන්නේ Warp Charge 30W සමගයි. නමුත් 2021 වසරට ගැලපිමට නම් අවම වශයෙන්Warp Charge 65WCharger එකක්වත් සැම OnePlus 9 Devices එකකම අඩංගු විය යුතු බවයි අපේ මතය වෙන්නේ. ඒ වගේම Pro Version එක සදහා මිට වඩා හොද Fast Charger එකක් ලබා දිමේ හැකියාවත් OnePlus සමාගමට තියෙනවා.
Google Pixel දුරකථන සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ Whitechapel chipset එක Google Tensor නමින් එලිදක්වයි
Pixel 6 series එක හා ඉන්පසුව පැමිණෙන Pixel දුරකථන සඳහා Google සමාගම විසින්ම නිර්මාණය කරන Google Tensor නමින් Chip එකක් යොදා ගන්නා බවට කරුණු අනාවරණය වුණා. ඉතින් මෙම වසර අගභාගයේ දී තමයි Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Google Pixel 6 Series එක එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නෙ.අපි බලමු මොකක්ද මේ Google සමාගම විසින් අලුතින්ම හඳුන්වා දෙන්න යන "Google Tensor Chip" එක කියන්නෙ කියලා.Google Silicon 101 (GS101) හෙවත් “Google Tensor”ඔයාලා දන්නවා ඇති බොහෝ කාලයක් Pixel දුරකථන සඳහා යොදාගත්තෙ Qualcommලගෙ Snapdragon Chips කියලා. ඔන්න ඉතින් මේ පාර එන Pixel 6 series එකත් එක්ක ඒක වෙනස් වෙන්න තමයි යන්නෙ. ඒ Google සමාගම Samsung සමාගම හා එක්ව Co-Design කල අලුත්ම Chip එක වන "Google Tensor" ගැන අනාවරණය කිරීමත් සමඟයි.මේක 8 Core, 5nm, ARM මගින් බලගැන්වෙන Chip එකක්. "Whitechapel" කියන Codename එකෙන් තමයි මුලින්ම මේක හැඳින්වුනේ Google සමාගම Samsung සමඟ එක්ව මෙම Chip එක Develop කරන මුල් කාලෙදි.මේක අන්තර්ජාලය තුලදි දැකගන්නට ලැබුනෙ "GS 101" විදිහට. GS යන්නෙන් "Google Silicon" ලෙසත් 101 යන්නෙන් Googleහී ප්‍රථම Chip එක ලෙසත් අදහස් වෙනවා. කොහොම නමුත්Samsung එක්ක එකතු වෙලා Co-Design කරපු නිසාඅපට හිතන්න පුලුවන් Tensor Chips වලට Samsungලගෙ ARM Exynos Chips වලට ඇති සමහර ලක්ෂණ ලැබෙයි කියලා.Here's a sneak peek at the newest Google Phones powered by Google Tensor - the brand new chip designed by Google, custom-made for Pixel.Meet:?#Pixel6?#Pixel6ProBoth are coming later this year.We’ll tell you a little about them in this ? ?(1/13)pic.twitter.com/SRhzvRA7WC— Made By Google (@madebygoogle)August 2, 2021"Tensor" කියන්නෙ Machine Learning වලදි යොදා ගන්නා වැදගත් ගණිත යෙදුමකි. Pixel 6 Series එකේදි ලබා දීමට නියමිත AI විශේෂාංගවල හැටියට Google ඔවුන්ගේ අලුත්ම Chips සඳහා මෙවැනි නාමයක් යොදාගැනීම පුදුමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස, Google විසින් සිය Tensor චිප් එක HDR වැනි පරිගණකමය ඡායාරූපකරණ ආකෘති ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර ඇත.The Verge වෙබ් අඩවියටඅනුව Tensor චිප් එක තුළ ඇති Tensor Processing Unit (Tensor සැකසුම් ඒකකය) - (TPU) එක මඟින් Video එකක සෑම Frame එකකටම HDRNet Run කරවීමේ හැකියාව ලබාදෙන අතර එය 4K 30fps දක්වා වේ. ප්‍රධාන කැමරාව මඟින් Photos කිහිපයක් එකවර එක HDR photo එකකට එක්රැස් කිරීමෙන් හා Ultra Wide-angle කැමරාව මඟින් ලබා ගන්නා ලද photos වලින් details ලබා ගැනීම තුලින් Photos වල බොඳ වීම (blurriness) එක අඩු කිරීමට ද උපකාර කරයි.තවද Main Cam එක මඟින් Scenes (දර්ශන) ලබා ගැනීම හා වර්ණ ග්‍රහණය කර ගන්නා අතරතුරදී Ultra wide-angle Cameraව වැඩි වේගයකින් Photos Shoot කිරීමේදී වැඩි Details ප්‍රමාණයක් Capture කර ගැනීමටද මෙම Tensor Chip එක හරහා ඉඩ සලසයි.Pixel දුරකථන වලින් ලබා ගන්නා Photos වඩා ආකර්ෂණීය කිරීම සඳහා Google සමාගම සැමවිටම සිය AI ප්‍රයෝග භාවිතා කරන බව අප දන්නවා. නමුත් දැන් Pixel Device වල ඇති AI විශේෂාංග සඳහා වැඩි බලයක් ලබා ගැනීම සඳහා ඔවුන් විසින් Tensor Chip එකද යොදාගෙන තිබෙනවා.Google සමාගම පවසන්නේ Google Tensor චිප් එක මඟින් Voice recognition, Translate (පරිවර්තනය කිරීම), සිරස්තල ගැන්වීම (Captions) යන විශේෂාංග වලදී විශාල සහයක් ලබා දී ඇති බවයි.Washington Post පුවත්පතටඅනුව, Pixel 6 දුරකථනය මඟින් “ඔබ වෙනත් භාෂාවක අන්තර්ගතයක් නරඹන විට හෝ සවන් දෙන විටදී සජීවීව පරිවර්‍තනය කරන ලද (Live Translated) සිරස්තල (Captions) උත්පාදනය කිරීමට” හැකියාව පවතින බවට වාර්තා වේ.ඉහත තොරතුරු අනුව අපට පෙනීයන්නේ Google සමාගම තම Tensor Chip එක Al විශේෂාංග මූලික කරගෙනම නිර්මාණය කල එකක් බවයි.Sources:Google Blog,The Verge&The Washington Post
Samsung Galaxy S8 සහ Note 8 ජංගම දුරකථන හිමියන් GPS නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටළුවකට මුහුණපායි
Samsung Galaxy S8 සහ Galaxy Note 8 භාවිතා කරන පරිශීලකයන් විශාල පිරිසක් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වල GPS හරහා Navigation system එක භාවිතා කරන විට ඔවුන් විසින් තෝරගත් මාර්ගයහි නියමිත ආකාරයට නිවැරදි සිතියම මත ස්ථානගත කිරීම සිදු නොවන බවට වාර්ථා කර තිබෙනවා.මෙම ගැටළුව මතු වීමට හේතුව වී ඇත්තේ GPS හරහා නිවැරදි ස්ථානය පෙන්නුම් කිරීමට අදාලව භාවිතා වන සලකුණ පෙන්වීමට අදාලව ඇති GPS tracking නියමිත ආකාරයට නොලැබීමයි.මෙය පසුගිය මාස කීපයක් පුරාවටම වාර්ථා වූ ගැටළුවක් වන අතර මේ ගැටළුව මතුවී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ලබා දුන් software update එකකට පසුව බව මෙය පිළිබඳව වාර්තා කල අයවලුන් විසින් ප්‍රකාශ කර ඇත.මේ සඳහා පිළියමක් යොදමින් තවමත් Samsung සමාගම විසින් update එකක් ලබා දී නැත.පහතින් දැක්වෙන වීඩියෝව මඟින් මෙම ගැටළුව ක්‍රියාත්මක වන ආකාරය ඔබට නැරඹිය හැක.Source:XDA-Developers
Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට
මෙම වසර අගෝස්​තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.ඒ අනුව මේ Pixel 9 Series එක සමඟින් මොවුන් Devices 4ක් නිකුත් කිරීමට සුදානමින් පසුවන බව දක්වන්න පුලුවන්.Pixel 9Pixel 9 ProPixel 9 Pro XLPixel 9 Pro Foldකෙසේ වෙතත් මේ ඡායාරුපයන් අනුව මීට පෙර නිකුත් වු Pixel මාදිලිවල තිබු Glossy Finish එක වෙනුවට මෙවර මේ Pixel 9 Series එක සඳහා iPhone Pro මාදිලිවප මෙන් Matte Finish එකක් ලබා දී තිබෙන අතරම iPhone මාදිලිවල මෙන් Boxy Design එකකුත් ලබා දී ඇති අයුරු දැක ගන්න පුලුවන්.Google Pixel 9Google Pixel 9 ProGoogle Pixel 9 Pro XLGoogle Pixel 9 Pro Foldඑමෙන්ම මීට අමතරව මේ Series එකේ සියලුම මාදිලිවල Battery Capacity පිළිබඳවත් තොරතුරු නිකුත් වි තිබෙනවා. ඒ අනුව Pixel 9 සඳහා 4558 mAh පමණ Battery Capacity එකකුත්, Pixel 9 Pro සඳහා 4558 mAh පමණ Battery Capacity එකකුත්, Pixel 9 Pro XL සඳහා 4942 mAh පමණ Battery Capacity එකකුත් සහ Pixel 9 Pro Fold සඳහා 4560 mAh පමණ Battery Capacity එකකුත් ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.Source:www.androidauthority.com
Samsung වෙතින් Apple Pro Motion Display වලට උත්තරයක්
Galaxy Note 20 සමග එන අලුත්ම Display Technology එක.ගොඩ දවසකට පස්සේ Post එකක් අරන් එන්න හිතුවා. අද කියන්න යන්නේ ගොඩක් Note Fans ලා වගේම Samsung Fans ලා නොයිවසිල්ලෙන් බලන් ඉන්න Note 20 Series එක ගැන දැන ගන්න ලැබුන අලුත්ම News එකක් ගැන. කලින් Samsung Updates Post එක කට්ටියම බලන්න ඇති කියලා හිතනවා කොහොම උනත් අද කියන්න යන්නේ Note 20 සමග එන අලුත්ම Display Technology එකක් ගැනයි.මුලින්ම ආපු News එක තමා Note 20 Series එකේ Ultra Device එකක් නොපැමිනෙන එක සහ Note 20 And Note 20+ වල Display Specs ඇවිත් තිබෙනවා ඒ ගැන පහතින් සදහන් කරන්නම්.Note 206.42" 2345x1084404 PPi19.5:9 Aspect Ratio120Hz With LTPO TechnologyNote 20+6.87" 3096x1444497 PPi19.3:9 Aspect Ratio120Hz With LTPO Technologyපුදුමයට කාරනය නම් මෙවර Galaxy S20 Ultra Device එක Note 20+ වලට වඩා ප්‍රමානයෙක් යම්තාක් දුරට විශාල වීමයි. සාමන්‍යයෙන් වෙන්නේ මේකේ අනිත් පැත්තයි. ඒ වගේම Note 20+ සමග 120Hz QHD+ Support කරන බවටද සදහන් කර තිබුනා. ( ගොඩක්ම Fans ලා ඉල්ලලා තිබුන Option එකක් තමා මේක.) ඉතින් Apple 12 Series එකේදි පැමිනෙන Pro Motion Display වලටද අභියෝග කරමින් තමා Samsung ලා මෙවර අලුත්ම LTPO Option එක Note 20 Series එක සමග හදුන්වා දෙන්න යන්නේ. අපි බලමු මොකක්ද මේ LTPO Technology කියන්නේ කියලා.LTPO - Low Temperature Polycrystalline Oxide (1Hz to 120Hz)LTPO Technology එක හරහා අපිට Low Power Backplane එකක් ලබා ගන්න පුලුවන් මෙමගින් Display කරන සැම Pixel එකක්ම Read කර අනවශ්‍ය Pixel Turn Off කිරිමේ හැකියාව පවතිනවා. හරියටම කිව්වොත් අපි Video එකක් නරබනවා නම් එයට අවශ්‍ය නැති Pixel Off කිරීමේ හැකියාව තිබෙනවා මේ හරහා. මෙමගින් 15-20% අතර ප්‍රමානයක Battery Power එකක් Save කරගැනීමේ හැකියාව තිබෙනවා. දැනට Industry එකේ සියලුම Flagship AMOLED Display වලට Use වෙන්නේ LTPS යන Technology එකට වඩා Upgrade උන Technology එකක් තමා LTPO කියන්නෙ.තවද LTPO වල එන සුවීශේෂි ලක්ශනයක් තමා Display එක Always On Mode එකේ තිබියදී 1Hz දක්වා Hz ගනන අඩු කිරීමේ හැකියාවත් අවශ්‍ය වූ විට 1Hz සිට 120Hz දක්වා වැඩී කිරීමේ හැකියාවත් මෙහි තිබෙනවා ( දැනට මම දන්න තරමීන් 60Hz 90Hz 120Hz අතර මාරු විය හැකි Variable Refresh Rate Options පමනයි දැන් පවතින Flagship Device වල තිබෙන්නේ ඉදිරියේදි පැමිනෙන Apple 12 Pro Device වලත් LTPS 60Hz to 120Hz මාරු විය හැකි Option එකක් පමනයි ලැබෙන්නේ. දැනට පවසන ආකාරයට LTPO Technology එක Apple 13 Series එකට භාවිතා කරන්න සිටින බවයි සදහන් වෙන්නේ ) මේ Technology එක හරහා Samsung ලට Battery Life Improvement එකක් ලබාදීමට හැකියාව ලැබෙනවා අපි බලමු Exynos 992 SOC එක සමග මේ LTPO Technology එක කොහොම Reaction එකක් දෙයිද කියලා.මේ වගේ අලුත් වෙන Updates දැන ගන්න කැමති නම් දිගටම අපි සමග රැදී සිටින්න. ඒ වගේම මේ Post එක අනිත් අයට දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා.
NOKIA සමාගම විසින් වසර 60කට පසුව තම Logo එක වෙනස් කිරීමට කටයුතු කරයි
අතීතයේ තාක්ෂණික ලෝකයේ නම් දරපු Brand Name එකක් විදිහට NOKIA හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් ඔවුන් විසින් ගනු ලැබු යම් යම් තිරණ නිසා මේ වෙන විට ඔවුන් ජංගම දුරකථන නිෂ්පාදනයෙන් ඇත් වි තිබෙන බවට කිය යුතු නොවේ. ඒ අනුව මේ වෙන විට NOKIA සන්නාමය යටතේ ජංගම දුරකථන නිකුත් කරනු ලබන්නේHMD Globalසමාගම විසිනුයි. වර්තමානය වන විට ඔවුන් වෙළෙඳපොළ සදහා NOKIA Brand Name එකෙන් යුතුව Entry Level සහ Budget Smart Phones නිකුත් කිරිම සිදු කරනු ලබනවා.කෙසේ වෙතත් පසුගිය දිනක NOKIA සමාගම විසින් වසර 60කට පසුව ඔවුන්ගේ Brand Identity එක එනම් ඔවුන්ගේ Brand Logo එක වෙනස් කිරිමට කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.Image viaREUTERSමේ පිළිබඳ NOKIA සමාගම Chief Executive Pekka Lundmark මහතා ප්‍රකාශ කර සිටියේ තවදුරටත් NOKIA යනු ජංගම දුරකථන සමාගමක් නොව "ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක්" වන බවයි. මේ අනුව NOKIA සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධානතම සේවා සපයන ව්‍යාපාරය වන Telecommunication Equipment අලෙවි කිරිම සිදු කරමින් සිටින අතරම ඔවුන් මේත් සමග වෙනත් ව්‍යාපාර අවස්ථා සදහා ද Equipment අලෙවි කිරිම සදහා කටයුතු කරමින් සිටිනවා.Source:reuters.com
Android 11 වලටත් අතුරුපසක නමක්, Red Velvet Cake
Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දියුණු කරනා ආයතනයේ, ඉංජිනේරු අංශයේ උපසභාපති වනDave Burke පවසන පරිදිAndroid 11 නව සංස්කරණයේ කේත නාමය නොහොත් Codename එක වන්නේRed Velvet Cakeයන්නයි.Red Velvet Cakeවසර ගණනාවක් තිස්සේ, ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙළට Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ නම් කිරීම සිදු වුණි. එම නම් කිරීම් වල පළමු නාමය වූයේ Android 1.5 සංස්කරණය හැඳින්වූ Cupcake යන නාමයයි.නමුත්, පසුගිය වසරේදී Google විසින් එම සංස්කෘතිය බිඳ දමා ඔවුන්ගේ නව සංස්කරණය Android Q ලෙස නොව, Android 10 ලෙස නම් කෙරුණු අතර, මීළඟ සංස්කරණය Android 11 ලෙස නම් කෙරුණිනමුත්, Google Android ආයතනයේ නිෂ්පාදන කළමනාකරණ අංශයේ උපසභාපති වන Sameer Samat පසුගිය වසරේThe Verge අඩවියට පවසා ඇත්තේතවමත් ඔවුන් සමාගමේ අභ්‍යන්තරව ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට කේත නාම භාවිතා කරන බවයි.Dave Burke සහ මෘදුකාංග ඉංජිනේරු Dan Sandler,Android Central වෙතපවසා ඇති පරිදි, Android 10 සංස්කරණයටත් මහජනයාට ප්‍රසිද්ධ නොකොට, අභ්‍යන්තරයේ පමණක් භාවිතා වූ කේත නාමයක් තිබී ඇත. එම නාමය නම්,Quince Tartයන්නයි.Quince Tartනමුත්, පැණි රස අතුරුපස සංස්කෘතිය අනුව නාමකරණය පවත්වාගනිමින් මහජනයා වෙත එය ලබා දෙන්නේ නම්, එයQueen Cakeලෙස හැඳින්වීමට ඉඩකඩ තිබූ බවත් දැක්වේ.Queen CakesRed Velvet Cake යන නාමය යෙදීම මඟින් පෙර පැවති සාම්ප්‍රදායික නාමකරණය නැවත රැගෙන ඒම සනාථ වන අතර, ඉදිරියටත් නව Android සංස්කරණ අකාරාදී පිළිවෙළ ගත් අතුරුපස නාමයන්ගෙන් නම් කෙරෙනු ඇත.Source -theverge.com
Topic Groups සමඟින් Group Chats වල පෙරළියකින් අලුත් වූ Telegram
Telegram වල මේ අලුත්ම update එකෙන් Groups organize කරන්න ලේසිවෙනTopicsඑකතු කිරීමේ හැකියාව, Blockchain එකේ තියෙනCollectible Usernamesවලට අලුත් format එකක්, Video Message එකක් Text විදිහට හරවන්න පුළුවන් option එකක් සහ තවත් බොහෝ දේ ලැබිලා තියෙනවා.Groups සදහා TopicsTelegram Groups වලින් සිය දහස් ගණනක් වුනත් users ල ඉන්න community එකක් පහසුවෙන් හසුරවන්න පුළුවන් කියල ඔයාල දැනටමත් දන්නවා. ඉතිං මේ groups වල chats අපිට ලේසියෙන්ම කියවන්න පුළුවන් වෙන විදිහට තියාගන්න තමයි මේ අලුත්ම Topics කියන feature එක හදුන්වල දෙන්නේ. සාමාජිකයෝ 200කට වැඩි ප්‍රමාණයක් ඉන්න Groups වල Topics Enable කරල ඕනෙම විෂයක් සදහා වෙනම ඉඩක් වෙන්කරගැනීමේ හැකියාව ලබාදීලා තියෙනවා.මෙම topics group එක ඇතුලේ තනි chat එකක් විදිහට වැඩකරන්නේ ඒකෙම තියෙන shared media සහ notification settings එක්ක. Polls, Pinned Messages, සහ Bots වැනි විශේෂාංග භාවිතා කරලාAnimeඉදන්Zoologyවෙනකන් ඕනිම topic එකක් ගැන සාකච්චා කරන්න membersලට නිදහස තියෙනවා.0:00/1×මේ විශේෂාංගයLarge Groupsසදහාම විශේෂ වන අතර, සාමාජිකයන්ගේ chat customize කිරීමටත් discussions promote කිරීමට නව ක්‍රම එක්කර ඇත. මෙම වසර ඉවර වන විටSmall Groupsසදහාද ගැලපෙන tool set එකක් හදුන්වාදීමට telegram සුදානමින් ඉන්නවා. ඔයාට topics feature එක test කරන්න ඕනිනම් මේpublic groupඑක try කරන්න.Group Adminsලට එයාලගේGroup Settingsවලින් Topics Feature එක enable කරන්න පුළුවන්. ඒවගේමPermissionsවලින්, Topics නිර්මාණයට සහ කළමනාකරනය කරන්න අවසර ලැබෙන්නේ කාටද කියන එකත් පාලනය කරන්න පුළුවන්.Telegram වල අනිත් හැම එකක් වගේම, මේ feature එකේ ඉදිරි updates වලිනුත් adminsලටත් usersලටත් powerful tools ගොඩක් ලැබෙන්න නියමිතයි.Collectible Usernamesදැනටමත් Telegram use කරන ඕනිම කෙනෙක් දන්නවා අනිත් අයට අපිව contact කරගන්නත්, අපිට පහසුවෙන් channel එකක් හරි group එකක් හරි හොයාගන්නත් Usernames වලින් පුළුවන්. ඉතින් මේ update එකත් එක්ක ඔයාට මුලික username එකට අමතරව profiles සහ public chats වලට usernames කිහිපයක් assign කරන්න පුළුවන් හැකියාව ලබාදීලා තියෙනවා.Collectible Usernamesවල හිමිකාරිත්වය TON blockchain network එකෙන් සුරක්ෂිතයි. මෙම සරල සහ ආරක්‍ෂිත ක්‍රමය හරහා වටිනා telegram domains ලබාගැනීමට සහ exchange කිරීමත්, පසුව ඒවා නව Platform එක හරහා මිලදීගෙන විකිණීමටත් හැකියාව ලැබෙනවා.0:00/1×Collectible usernames වැඩකරන්නේත් සාමාන්‍ය @usernames විදිහටම තමයි. මේවා Global Search Results වලත් පෙන්නනවා වගේම Telegram එකෙන් පිටතදී වැඩකරන්න පුළුවන් විදිහට username.t.me සහ t.me/username වගේ එයාලගෙම links විශේෂයක් තියෙනවා.සාමාන්‍ය usernames වගේ නෙමෙයි මේ Collectible usernames අකුරු 5ට වඩා අඩුයි. ඉතින් අපිට @news , @game වගේ unique නම් ගන්න පුළුවන්. මේවගේ collectible username එකක් ලබාගත්තට පස්සේ user ට ඒකෙ සම්පුර්ණ පාලන අයිතියක් ලැබෙනවා. අපිට ඕනිනම් ඒ usename එක විකුණන්නත්, පස්සේ කාලෙක පාවිච්චි කරන්න තියාගෙන ඉන්නත් හැකියාව තියෙනවා.අපිට ඕනිම වෙලාවක අපි ලග තියෙන collectible usernames deactivate කරන්න  පුළුවන්. එතකොට වෙන්නේ search results වලින් එක අයින් වෙන එකVideo Messages වල Voice, Text බවට හැරවීමTelegram Premium Launch කරනවත් එක්කම ඕනිම Voice Message එකක් Text එකකට Convert කරගන්න Feature එකක් subscribersලට ලැබුණා. අපිට හැමවෙලේම Voice Messages අහන්න බැරි නිසා මේ feature එක ගොඩක්ම වටින දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ update එකත් එක්ක අපිට Video Message වලටත් ඒ Function එකම ලැබෙනවා. මෙතනදී premium userලට instant text transcript එකක් ක්ෂණිකව ගන්න පුළුවන්.0:00/1×අලුත් Emoji Packsදහස් ගණනක් Telegram Usersල Custom Emojis අත්හදා බලන අතරෙ, Telegram Artist Team එකත් අලුත්ම emoji packs 12ක් ලබාදීලා තියෙනවා. Premium Usersලට මේ emoji ඕනිම message එකක, Caption එකක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් Halloween theme එක වෙනුවෙන් Profile Status විදිහට දාන්නත් පුළුවන්.0:00/1×IOS වලට Redesign කරපු Dark Mode එකIOS Usersල වෙනුවෙන් Dark Mode එක Redesign කිරීමක් කරලා තියෙනවා. ලස්සන Colour Balanceඑකක් එක්කම, ඔයා Chat එකක් හෝ Chat List එක Scroll කරනකොට හොද Blur Effect එකක් දැන් බලාගන්න පුළුවන්.0:00/1×Android වල Text Resize කිරීමChat Settings වලදී Text Size එක වෙනස් කරනකොට දැන් link previews, reply headers වගේ අනිත් හැම Text එකකම Size එක වෙනස් කරගන්න පුළුවන්.0:00/1×Designs වල සුළු වැඩිදියුණු කිරීම්Message එකකට Reply කරන්න Swipe කරනකොට අලුත් Animation එකක් බලාගන්න පුළුවන්. User කෙනෙක්ගේ profile page එකෙන් එයාගේ Phone number එක උඩ tap කලාම Call Options ගොඩක් තියෙන menu එකක් වගේම, Telegram Channel එකක හෝ Group එකක Messages load වෙන අතරතුර තියෙන පුංචි කාලය වෙනුවෙන් pulsing placeholders එකතුකරලා තියෙනවා.0:00/1×Several Call Options Menuඅලුත්ම Interactive Emoji සහ Reactionsඔයාල පාඩම් කරන, නිදාගෙන ඉන්න හෝ සැක සහිත දෙයක් අහන බව පෙන්නන්න මේ update එකත් එක්ක අලුත් interactive emoji 4ක් ලබාදීලා තියෙනවා. මේවා 1-on-1 chats වල Full-Screen ආකාරයට play වෙනවා. මීට අමතරව, Spooky Season එක වෙනුවෙන් ඕනිම කෙනෙක්ට ඕනිම Chat එකකදී භාවිත කරන්න පුළුවන් Reactions 3ක් ලබාදීල තියෙනවා.0:00/1×ඉතින් දැනට ලැබුණු වෙනස්කම් මෙච්චරයි. කොහොම වුනත් මේ Update එක Review කරන්න Apple සමාගම සති දෙකක විතර කාලයක් ගත්ත නිසා, හරිම වෙලාවට Update එක ලබාදීලා Halloween සමරන්න බැරිවුන එක ගැන Telegram සමාගම හැමෝගෙන්ම සමාව ඉල්ලලා තියෙනවා.Source:telegram.org
Smartphone වල Dual Camera Systems වල ඉතිහාසය
මේ දිනවල smartphones ගැන කතාකරද්දි ඒවගේ ඇතුලත්වෙන cameras වැදගත්ම දෙයක් විදියටනේ හැදින්වෙන්නේ. Smartphones වල එන මෙන්න මේ camera systems ගැන කතාකරද්දි එක එක models වල එන මේ එක එක විදියේ dual camera systems කියන්නේ ගොඩක් අයට පැටලිලි සහගත තැනක් වෙන එක සාමන්‍ය දෙයක් නේ. ඉතින් මේ මගේ දිගම ඒවගේම වැදගත්ම පැහැදිලි කිරීම මොනවද මේ smartphones වල එන dual camera systems, මොකද්ද මේ dual camera systems එන එකේ අරමුණ කියන දේ. (මේක පැහැදිලි කරන්න මම තෝරාගත්තේ ඇත්තටම smartphones වල ආපු dual cameras වල මුල සිට මොකද එතකොට මේක වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක් වෙන නිසා.)ජංගම දුරකථන වල Dual camera භාවිතයේ ආරම්භයSmartphone වල dual camera systems වල ආරම්භය විදියට අපි දකින්නේ 2011 දී Lg සහ hTC කියන සමාගම් වලින් නිර්මාණය කරපුLG Optimus 3D,HTC EVO 3Dකියන 3D phones එක්ක තමයි. ඉතින් මේ smartphones වල මූලික අරමුන උනේ ඇත්තටම users ලට 3D අත්දැකීමක් ලබාදීම තමයි. මේ සදහා මේ devices වල Autostereoscopic 3D displays අන්තර්ගත උනා. Autostereoscopic 3D කියන්නේ users ලට 3D glasses වල අවශ්‍යතාවයකින් තොරව 3D ඇත්දැකීමක් ගන්න හැකිවෙන විදියට මේ devices වල displays නිර්මානය කර තිබුනා. මෙන්න මේ 3D experience එක සම්පූර්ණ කිරීමට තමයි මේවගේ dual camera system අන්තර්ගත කරලා තිබුනේ. සරලවම කිව්වොත් මේ වර්ගයේ dual camera system වලින් cameras 2ක එකවර භාවිතය මගින් 3D photos සහ videos ලබාගැනිමේ හැකියාව ලබා දී තිබුණා.LG Optimus 3DhTC EVO 3DDual camera මිනිසුන් අතරට ගෙන ආ hTC One M82011 දී ආපු මේ පැරණි 3D dual camera system එකට consumersලගෙන් එතරම්ම ලොකු interest එකක් ලැබුනේ නැහැ ඒකට ඇත්තටම ඒවගේ තිබුන technical limitations ලොකු හේතුවක් උනා කියන්න පුලුවන්. මේ පැරණි Smartphone dual camera systems වලින් පස්සේ අද අපි භාවිතා කරන dual camera systems වලට සමාන system එකක් මිනිස්සු අතරට ගේන්න සමාගම් වලට අවුරුදු කිහිපයක්ම ගත උනා. ඒ අනුව 2014 වසරෙදී අනාගතය දෙස නිවැරදිව බලන hTC සමාගම තමන්ගේ engineers ලත් එක්ක එකතුවෙලා 2014 දී ගේන්න සමත්වෙනවා ඔවුන්ගේOne M8 deviceඑකෙන් අනාගතයට සරිලන අකාරයේ dual camera system එකක්.hTC One M8මේ dual camera system එකට මූලික උන අදහස අදටත් smartphone industry එකේ භාවිතා වෙනවා. ඉතින් hTC සමාගම ඔවුන්ගේOne M8 deviceඑකේ ගෙන ආපු මේ dual camera system එක නිර්මානය කිරීමේ මූලික අරමුණ උනේ ඇත්තටම smartphones වල camera hardware මගින් ලබාදීමට නොහැකි එහෙත් Professional cameras වල lens එක මගින් ලැබෙන bokeh effect එක mobile phone camera එක සදහා ලබා දීම තමයි ඉතින්. අපි ටිකකට මේ dual camera system එකේ specs මතක් කරලා බැලුවොත් ගොඩක් අයට මතක ඇති මෙහි ඇතුලත් උනේ 4MP primary camera එකට අමතරව 4MP camera එකක් විදියට තමයි. ඉතින් ඒකත් එක්ක අදහසක් නැති ගොඩක් අයත් මේක මේ විදියටම භාවිතා කරා ඒ 4MP camera එකත් වෙනම camera එකක් විදියට. නමුත් නිවැරදිම දේ තමයි මෙහි ඇතුලත් උන මේ 4MP camera එක ඇත්තටම සාමන්‍ය camera එකක් විදියට නම් භාවිතා වෙන්නේ නැහැ අනික් 4mp primary camera එක වගේ මොකද ඒකෙන් කිසිදු photos සහ videos ලබා ගැනීමක් නම් සිදු කරන්නේ නැහැ.එතකොට දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙයි මොකද්ද මේ 4MP photos සහ videos ලබා නොගන්නා camera එක කියලා. ඇත්තටම සාමන්‍ය camera එකකට වඩා මේක හදුන්වන නිවැරදි ක්‍රමය තමයි depth sensor එකක් කියන්නේ මේක ඇත්තම කිව්වොත් 4MP depth sensor එකක්. එතකොට මේ dual camera systems වල මේ depth sensors භාවිතා වෙන එකේ අවශ්‍යතාවය වෙන මුකුත්ම නෙවෙයි ඉතින් depth map එකක් නිර්මානය කරගැනීමට අවශ්‍ය details ලබාගැනීම.ඒ අනුව smartphones වල මේ depth sensors ඇතුලත් dual camera systems වලට හැකිවෙනවා primary camera එක භාවිතා වෙන පරිසරයේ depth එහෙමත් නැත්තම් ගැඹුර නිවැරදිව මැනගෙන ඒවගේම අපිට camera එකෙන් ලබාගැනීමට අවශ්‍ය object එක හදුනාගෙන bokeh effect එක සෑහෙන්න හොදින් සිදුකිරීමට. මම දැකලා සමහරතැන්වලදි සමහර අය මේ dual camera system වලට ඇගිල්ල දිගු කිරීමක් සිදුකරනවා මේ සිදුවෙන bokeh effect එක සම්පූර්නෙන්ම software වලින් විතරක් සිදුවෙන දෙයක් විදියට. නමුත් මම මේ post එකෙන් ඒක නිවැරදි කරනවා මේ දේ ඇත්තටම software මත විතරක් නොව depth sensor එකක් වගේ hardware මතත් රදාපවතින දෙයක් බව.Wide-angle cameraව සමඟ 2016 පැමිණි LG G52016 වසරේදී අපි දකිනවාLGආයතනය ඔවුන්ගේLG G5device එක මගින් ටිකක් වෙනස් විදියේ dual camera system එකක් ගේනවා. මේකෙදි ඇත්තටම මොවුන් dual camera භාවිතා කිරීමේ මුලික අරමුණ වෙන්නේ සාමාන්‍ය primary wide-angle camera එකට අමතරව අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කිරීමට 135° super wide angle camera එකකුත් ලබා දීම. ඉතින් මීට අමතරව dual camera භාවිතය නිසා මෙම dual camera system එකටත් depth sensor එකක් භාවිතයෙන් තොරව depth map එකක් සාදාගැනීමට හැකිවෙනවා camera 2ක මගින් ලැබෙන details එකතුවෙන්.LG G52016 අවසාන භාගයේ සිට ප්‍රසිද්ධ වන Dual Cameras2016 වසරෙම අවසාන භාගයේ අපි දකිනවා දැනටත් smartphones වල භාවිතා වෙන ඉතාම සාර්ථක dual camera system එකක්. මේ dual camera system එක අපි දකින්නේAppleසමාගමේiPhone 7 plusdevice එකෙන්. මේ dual camera system එකේ මූලික අරමුණ වෙන්නේ ඇත්තටම primary wide-angle camera එකට අමතරව telephoto lens එක සහිත camera එකක් භාවිතා කිරීම මගින් smartphones සදහා ඒ වනවිට තිබුණු digital zooming වලට අමතරව lens මගින් සිදුවන 2X optical zooming ලබාදීමයි.iPhone 7+ dual cameraමිට අමතරව අපි මේ dual camera system එකේදී දකිනවා අපි කලින් smartphones වල දැකපු bokeh mode එකම වැඩි දියුණු කරලා නිර්මාණය කරපු නව portrait mode එකක්. මෙතැනදී ඇත්තටමAppleසමාගම ඒ වනවිට තිබුණු Machine learning තාක්ෂණයද භාවිතයට ගෙන වැඩි දියුණු කිරීමට සමත්වෙනවා පැරණි bokeh mode එක. ඒ අනුව නව portrait mode එක පියවර දෙකක් යටතේ ක්‍රියාකරනවා එහි පළමු පියවර වෙන්නේ machine learning යොදාගෙන object එක නිවැරදිව හදුනාගන්නව camera එක මගින් ඒවගේම දෙවන පියවර විදියට එම හදුනාගත් object එක camera දෙක මගින් සාදාගත් depth map එකත් භාවිතයෙන් ඉතාම ඉහල accuracy එකක් යටතේ background blur කිරීම සිදුකරනවා.Leica lens සමඟ පෙරලියක් කරන Huawei P92016 වසරේදීම අපි Huawei සමාගමෙන් දකිනවා තවත් ටිකක් වෙනස් dual camera system එකක්Huawei P9device එකෙන්. මේකෙදි Huawei සාමාගම නිර්මණය කරන්න සමත්වෙනවා සුප්‍රසිද්ධLeicaසමාගම සමග එකතුවෙමින් low light සදහා වඩා ඉහල quality එකක් ලබාදෙන dual camera system එකක්. මෙහිදී primary camera එකට අමතරව මෙහි අඩංගුවෙනවා monochrome camera එකක්. මොවුන්ගේ අදහස වෙන්නේ monochrome camera එකකදී color camera එකක අඩංගු Bayer filter එක අඩංගු නැති නිසා වඩා හොද low light photos ලබාගත හැකි බවයි. මෙහිදී මොවුන් මෙම monochrome camera එකෙන් ලබාගන්නා photos වලට color camera එකෙන් ලබාගන්නා colors එකතුකර වඩා හොද low light photos නිර්මණය කරනවා. මිට අමතරව මෙහි dual camera සහිත නිසා bokeh mode එකක්ද සහිත වෙනවා.Huawei P9 rear cameraතනි කැමරාවෙන් Dual camera පැරදූ Google Pixel 2/2XL2017 වසරේදීGoogleසමාගමෙන්Pixel 2සහPixel 2 XLdevices වලින් අපි දකිනවා ඒ වනවිට තිබුණු අනිත් සියලු dual camera systems වලට ටිකක් නිර්භය පිළිතුරක්.Googleසමාගමේ engineers ලා සමත්වෙනවා primary තනි කැමරාව පමණක් භාවිතයෙන් portrait mode එකක් නිර්මාණය කිරීමට. මේ සදහා මොවුන් භාවිතයට ගන්නේ අනිත් සමාගම් වලට සාපේක්ෂව ඉතාම දියුණු තත්වයේ machine learning algorithms. මීට අමතරව මොවුන් depth map එකක් සැදීමට අවශ්‍ය data, එහි අඩංගු dual pixel camera sensor එකෙහි pixel එකක ඇතුලත් photo diodes 2ක මගින් ලබාගැනීමට සමත්වෙනවා. මිට අමතරවGoogleසමාගම ඔවුන්ගේ බලය පෙන්වීමට depth map එකක් රහිතව අති දියුණු machine learning algorithms සමග පමණක් ක්‍රියා කරන portrait mode එකක්ද smartphone ලෝකයේ ප්‍රථමවතාවට front camera එකට ගෙන ඒමට සමත්වෙනවා.Powerful single cameras of Google Pixel 2 / 2 XLDual Camera සමඟ කරලියට එන Flagship killer – OnePlus2017 වසරේදීOnePlusසමාගමේOnePlus 5සහOnePlus 5Tdevices තවත් ආකාරයක dual camera system එකක් අපිට දකින්න ලැබෙනවා. මෙහි අරමුණ වෙන්නේද වඩා හොද low light camera එකක් නිර්මාණය කිරීමයි. මේ සදහා මෙහි primary camera එකට අමතරව 20Mp camera එකක්ද ඇතුලත් වේ. මෙමගින් pixel binning තාක්ෂනය යටතේ pixel size එක වැඩිකර, එමෙන්ම high resolution sensor වල details භාවිතා කර වඩා හොද low light camera experience එකක් ලබාදෙනවා. එමෙන්ම මෙහි dual camera සහිත නිසා portrait mode එකද සහිත වෙනවා.OnePlus 5Tමම මේකෙදි smartphone වල dual camera systems මේ ආපු දුර ගමනේ ඊට අදාල වැදගත් කියල හිතපු දේවල් ටිකක් තමයි සදහන් කලේ. මේ කියපු devices වලට අමතරව විශාල devices ප්‍රමාණයක් එක්ක 2018 මේ වෙනකොට වෙළඳපලට නිකුත් වෙලා තියෙනවා.iPhone X,Samsung S9,Samsung S9 Plus,Samsung Note 8,Samsung Note 9,iPhone XS,iPhone XS Maxවගේ අළුත් devices ගොඩක් පාරිභෝගිකයන් අතට පැමිණිලා තියෙනවා. ඒ ගැන මෙතන සඳහන් නොකරන්න හේතුව වෙන්නේ ඉස්සෙල්ලා කිව්ව වගේ dual camera systems මේ ආපු දුර ගමනේ ඊට අදාල වැදගත් දේවල් පමණක, එහෙමත් නැත්තම් හැරවුම් ලක්ෂ්‍ය ගැන පමණක් මෙතන සඳහන් කරන්න ඕන නිසා.මිට අමතරව dual camera systems භාවිතා වෙන තවත් විවිද අවස්ථා තියෙනවා. එයින් එකක් වෙන්නේ camera system එකෙහි Autofocus වල speed එක සහ accuracy එක වැඩි කිරීමට dual camera එකෙන් ලබාගන්නා depth info භාවිතයට ගැනීමයි. මෙහිදී camera එකෙහි අඩංගු සාමාන්‍ය Contrast detection AF, Phase detection AF, Dual pixel AF, Laser AF වලට අමතරව depth detection ද ප්‍රයෝජනයට ගැනෙනවා. මිට අමතරව dual camera system භාවිතයට ගතහැකි තවත් අවස්ථාවක් විදියට software based aperture change වැනි features හදුන්වන්න පුළුවන්.Dual camera වලින් එහාට ගිය Triple cameraමෙතරම් වෙලා මේක කියවපු අයට මම පොඩි bonus එකක් දෙනවා. ඒ තමයි මේක දැන් triple camera වලට පනිනවා. ඉතින් මේ 2018 අව්රුද්දෙ Huawei සමාගමෙන් හදුන්වාදුන්නHuawei P20 Prodevice එක ලොව පළමු smartphone triple camera system එක වෙන්නේ. මේකෙදි ඇත්තටම Huawei සමාගම එකිනෙකට වෙනස් dual camera system දෙකක මුලික අරමුණු දෙකක් එකට එකතුකරලා තමයි මේ triple camera system එක නිර්මාණය කරන්නේ. ඒ සදහා මෙහි 40MP primary camera එකට අමතරව මෙහි වඩා හොද low light සදහා 20MP monochrome camera එකක් මෙන්ම optical zooming සදහා 8MP camera එකක්ද ඇතුලත් වෙනවා. එමෙන්ම මේකේ හොද portrait mode එකක් සමග depth focus ද ඇතුලත් 4D focus system එකක්ද ඇතුලත් වෙනවා.Huawei P20 Proමේකෙන් පස්සේ 2018 නිකුත් වෙච්චHuawei Mate 20 Proදුරකථනයත් එක්ක Huawei සමාගම තීරනය කරල තිබ්බා එයාලගේ මේ Triple Camera setup එකේ පොඩි වෙනසක් කරන්න. එතනදී ඇත්තටම Huawei සමාගම කරපු දේ තමයි වඩා හොද Low light සදහා යොදාගනිපු 20MP Monochrome camera එක අයින් කරල ඒවෙනුවට 20MP Ultra Wide Angle camera එකක් යොදාගනිපු එක. මෙතනදී Huawei සමාගමේ බලාපොරොත්තු වෙලා තිබ්බේ ඇත්තටම වඩා ප්‍රයෝජනවත් Triple Camera system එකක් නිර්මාණය කිරීමයි.Huawei Mate 20 Proඅපි ඊලඟ ආර්ටිකල් එකෙන් හම්බෙමු මීටත් ඉස්සරහට ගිය කතාවක් ගැන.
Apple AirTag හරහා track කෙරුණු තරුණයෙකු, පෙම්වති​ය විසින් ඝාතනය කෙරේ
ගිය වසරේ අප්‍රේල් මාසයේදීApple සමාගම විසින් AirTagsනමින් නව Apple නිෂ්පාදනයක් හදුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. මේ හරහා Find My App එක තුළින් Apple devices මෙන්ම මෙම AirTags භාවිතා කරන අනෙක් ඕනෑම device එකක් ද පහසුවෙන් සොයාගත හැකිවනවා. මෙහි විශේෂම feature එකක් ලෙසින් Precision Finding හදුන්වා දෙනු ලැබුවා. මේ හරහා accelerometer, camera, සහ gyroscope sensor එක යොදාගනිමින් AirTag භාවිතා කරනු ලබන උපාංගය සොයා ගැනීමට අවශ්‍ය directions පෙන්නුම් කරනු ලබනවා.පරිශීලකයන්ගේ පහසුව සඳහා නිර්මාණය කෙරුනු මේ උපාංගය මේ වන විට ද්වේෂ සහගත ක්‍රියාවන් සදහා පවා භාවිතා කරන තත්වයකට පත්ව ඇති බවට වාර්තා වන්නේ Apple AirTag පුද්ගලයෙකුගේ මරණයට දායක වීඇ ති බව ජාත්‍යන්තර මාධ්‍යන් විසින් වාර්තා කිරීමත් සමඟයි.USA Today වාර්තා කර සිටින ආකාරයට එක්සත් ජනපදයේ ඉන්ඩියානාහි වෙසෙන කාන්තාවක් විසින් ඔහුව ලුහු බැද ගොස් ෂක කටයුතු කාරණාවක් සම්බන්ධයෙන් ඝාතනය කර ඇත. පොලිස් පරීක්ෂන වලදී හෙලි වී ඇති ආකාරයට ඇය විසින් තම පෙම්වතාව ලුහු බැදීම සදහා අවශ්‍ය මාර්ගය සොයා ගැනීමට භාවිතා කර ඇත්තේ Apple සමාගමේ නිෂ්පාදනයක් වන AirTags බවයි. මේ සිදුවීම AirTags භාවිතාවෙන් සිදු වූ එකම වාර්තාව නොවන නමුත් Apple AirTags නිසා සිදුවූ ශෝකදායීම පුවත මෙය වනවා.මෙවැනි ගැටළු ඇති නොවීමට Apple සමාගම විසින් මේ වන විටත් පිලියම් සපයා ඇත. එහි එක් පියවරක් වශයෙන් ඔවුන් විසින් Google Play Store සදහා යෙදුමක් නිකුත් කර ඇති අතර ඒ හරහා Android දුරකතන භාවිතා කරන්නන් හට ඔවුන් අසල ඇති අනවශ්‍ය AirTags හදුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම නව iOS සංස්කරණයන් හරහා anti-tracking පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ වන විට එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත වල AirTags වලට විරුද්ධව නීතිමය කටයුතු පවා සිදුවෙමින් පවතිනවා. AirTags යනු ජීවිතය පහසු කරන මෙවලමක් වුවත්, එය වැරදි ආකාරයෙන් භාවිතා කිරීම නිසා මෙවැනි තත්ව උදා විය හැකිය. මේ ලිපිය කියවන ඔබත් තාක්ෂණය නිවැරදි දේට පමණක් යොදා ගනු ඇතියි Android වැඩකාරයෝ අපි සිතන්නෙමු.Sources:XDA-DevelopersNDTV
Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M2 Pro සහ M2 Max chips එලි දක්වයි
Apple සමාගම විසින් ඊයේ දිනයේදී (2023 ජනවාරි 17) ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips එලිදැක්වීම සිදු කරනු ලැබුවා. ඊට සමගාමී​ව Apple සමාගම විසි​න් එම chips වලින් බල ගැන්වෙන නවතම MacBook Pro සහ Mac mini පරිගණක එලිදැක්වීමටද කටයුතු කරනු ලැබුවා.මේ නවතම chips, Apple සමාගම විසින් ඔවුන්ගේ Apple silicon chips වල M2 මාදිලියේ වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස නිකුත් කිරීම සිදු කෙරුනා. පසුගිය වසරේදීද Apple සමාගම විසින් ඔවුන්ගේ M1 මාදිලියේ chips වලටද M1 Pro සහ M2 Max ලෙසින් chips එලිදැක්වූ බව අප විසින් ඔබට වාර්තා කරනු ලැබුවා.වේගවත් අත්දැකීමකට M2 Proමෙම නවතම M2 Pro chip එක මඟින් නවතම Mac mini පරිගණකය මෙන්ම අඟල් 14 සහ අඟල් 16 තිරයකින් යුක්ත වන MacBook Pro මාදිලියේ පරිගණක බල ගැනිවීම කරනු ලබනවා. Apple සමාගම විසින් Mac mini මාදිලියේ පරිගණකයකට මෙවැනි බලවත් chip එකක් යෙදීම සිදු කල ප්‍රථම අවස්ථාවද මෙය වනවා.Apple සමාගම විසින් M2 Pro chip එක එලිදැක්වීමේදී සඳහන් කරන ලද ආකාරයට M2 Pro chip එක නිපදවීම සඳහා භාවිතා කර තිබෙන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 40ක් අඩංගු වනවා. එය M1 Pro chip එකෙහි ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයට වඩා ආසන්න වශයෙන් 20%කින් පමණ ට්‍රාන්සිස්ටර් වැඩි වීමකි.Source: apple.comM2 Pro chip එක M1 Pro chip එකට ප්‍රමාණයෙන් සමාන වන නමුත් ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා.M2 Pro chip එකෙ​හි memory bandwidth එක 200GB/s වන අතර එය M2 chip එකෙහි මෙන් දෙගුණයකි. එමෙන්ම M1 Pro chip එකෙහි multithreaded CPU performance වලට වඩා 20%කින් M2 Proහි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.මීට අමතරව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ M1 Pro chip එකෙහි ඇති Graphic speed එකට වඩා 30%කින් M2 Pro හි Graphic speed එක වැඩි බවයි. මේ හරහා Apple පරිගණක මත පරිගණක ක්‍රීඩා ධාවනය කිරීමේදී ඉතාමත් හොඳ graphic quality එකක් ලබා ගැනීමට බවද ඔවුන් එහිදී සඳහන් කරනු ලැබුවා.එමෙන්ම M2 Pro chip එක M1 Pro chip එක ඇතුලත් වන අඟල් 16 MacBook Pro එකට වඩා 40%කින් වේගවත් වන අතට Intel Core i9 මඟින් බල ගැන්වෙන අඟල් 16 MacBook Pro එකට වඩා 80%කින් වේගවත් වන බවද Apple සමාගම ප්‍රකාශ කර සිටියා.Source: apple.comඅති වේගවත් අත්දැකීමකට M2 MaxM2 Pro මඟින් බලගැන්වෙන Mac mini පරිගණකයක් එලිදැක්වීමට Apple සමාගම කටයුතු කලද M2 Max chip එක මඟින් බලගැන්වෙනේ අඟල් 14 සහ අඟල් 16 MacBook Pro පරිගණක පමණි.Source: apple.comM2 Max chip එකහිද භාවිතා වන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 67ක් අඩංගු වනවා. එය M1 Max එකට වඩා බිලියන 10ක ට්‍රාන්සිස්ටර් වැඩි වීමක් වන අතර M2 chip එක හා සසඳන විට තුන්ගුණයක වැඩි වීමකි.M2 Pro chip එකෙහි මෙන්ම M2 Max chip එක M1 Max chip එකට ප්‍රමාණයෙන් සමාන වන අත​ර ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා.M2 Max chip එකෙහි unified memory bandwidth එක 400GB/s වන අතර එය M2 Pro එක මෙන් දෙගුණයක වේගයක් වන අතර M2 chip එකෙහි ඇති වේගය මෙන් හතර ගුණයකි.මෙම chip එකෙහි Graphic speed එක M1 Max එකට වඩා 30%කින් වැඩි අතර එහි ඇති video encode engine ද්විත්වය සහ ProRes engines ද්විත්වය, M2 Pro එකට වඩා video encoding වේගය දෙගුණයකින් ඉහළ නැංවීමට සමත්වනවා.Sources:www.apple.com
Generative AI in Google Search පහසුකම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120ක් සඳහා නිල වශයෙන් නිකුත් කරයි
මේ වසරේදී පැවති Google I/O Event එකේදී Google සමාගම විසින් Google Search engine එක සඳහා Generative AI හඳුන්වාදෙනු ලැබුවා. මේ තුළින් Search Engine එකට අප විසින් Search කිරීමට ලබා දෙන Text Prompts කෘතිම බුද්ධිය යොදාගෙන වඩාත් යොග්‍ය ප්‍රතිඵල ලබාදිය හැකිවනවා.මෙය ඒලිදැක්වූ කාලයේදී රටවල් කිහිපයක් සඳහා පමණක් පර්‍යේෂණ මට්ටමේ පැවති අතර මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව නව රටවල් 120කට පමණ මෙම පහසුකම අත්විඳීමේ හැකියාව ලබා දී ඇති බව Google සමාගම විසින්නිල වශයෙන් නිවේදනයකොට තිබෙනවා.මේ අනුව ඔබට Desktop Browser එකකින්labs.google.com/search/installවෙත ගොස් ඔබගේ Google Account එක හරහා මෙය Enable කරගත හැකිවනවා. කෙසේ වෙතත් මේ සඳහා ඔබගේ Google Account එකට ලබා දී ඇති ඔබගේ වයස අවුරුදු 18ට අඩු නම් මෙය භාවිතා කිරීමට නොහැකිවනවා.මෙම Generative AI in Search පහසුකම ඉදිරි දින කිහිපය තුළදී Android සහ iOS Browsers වෙතත් නිකුත් කරන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.මෙම Generative AI පහසුකම Google Translateහිද Word Suggestions ලබා ගැනීම සඳහා (දැනට ඉංග්‍රීසි භාෂාව සඳහා පමණක්) ඉදිරියේදී භාවිතා කර ගත හැකිවනවා.ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.Source:gsmarena.com
රුසියානු රාජ්‍ය නිලධාරීන්ට iPhone භාවිතය තහනම් කිරීමට එරට රජය කටයුතු කරයි
Apple සමාගම විසින් ඇමරිකානු රජය සඳහා ඔත්තු බැලීමට ආධාර කරන බවට චෝදනා එල්ල වීමත් සමඟ iPhone සහ අනෙකුත් Apple නිෂ්පාදන භාවිතා කිරීම රුසියාවේ රාජ්‍ය නිලධාරීන්ට තහනම් කොට තිබෙනවා.Apple නිෂ්පාදන තහනම් කර ඇති එරට එක් රජයේ ආයතනයක මූලාශ්‍රයකට අනුව, නියෝජ්‍ය අමාත්‍යවරුන් වැනි සිවිල් තනතුරු දරන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කොට තිබෙන්නේ iPhone තවදුරටත් ආරක්ෂිත නොවන අතර විකල්ප සොයා ගත යුතු බවයි. රුසියානු ආරක්ෂක සහ බුද්ධි විශේෂඥ Andrey Soldatov සඳහන් කරන්නේ, ඇමරිකානුවන්ට ඔවුන්ගේ iPhone හරහා සංවාද සඳහා සවන්දීම භාවිතා කළ හැකි බවයි.FSBහි වාර්තාවකට අනුව, iPhone දහස් ගණනක් ඇමරිකාවේ ආරක්ෂක ඒජන්සිය සමඟ Appleහි සමීප සහයෝගීතාවය හෙළි කරන අධීක්ෂණ මෘදුකාංග iPhoneවල ඇතුළත් කර ඇති බව සඳහන් වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර, FSBහි වාර්තාවේ අඩංගු වන්නේ Apple සමාගම විසින් ධවල මන්දිරයට සම්බන්ධ පුද්ගලයින් වෙත තොරතුරු ආදිය සපයන බවයි.කෙසේ වෙතත්, Apple සමාගම විසින් මේ සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කොට තිබෙනවා.Sources:timesofindia.indiatimes.comgizmodo.comCover Image Source: Financial Times
Need For Speed Heat ගැන සිංහලෙන්ම දැන ගන්න.
ඔන්න DMC 5 Post එකට පස්සෙ Gamers ලට අලුත් Post එකක් අරන් එන්න හිතුවා මේක නම් අපි කවුරුත් ආස කරන කවුරුත් දන්න Game එකක් ගැන ඒ තමා Need For Speed Series එකේහි එන නවතම Game එක වන Need For Speed Heat ගැනයි. අද මම Game එකට අදාල Basic දේවල් ටික ඔයාලට කියලා දෙන්නම් Post Part 2 එකෙන් Game එකේ End එක සහා Story Missions සම්බන්දව කතා කරන්නම්. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහින්නම්.NFS Heat Game එක Develope කරන්නේ අපි කවුරුත් දන්න Ghost Games ලා ඒ වගේම මේක Publish කරන්නේ Electronic Arts ලා ( EA Games ). එතකොට මොකක්ද මේ NFS Heat කියන්නේ මෙන්න මෙහෙමයි Game එක තුල සිදුවෙන දේවල් වෙන්නෙ.මේකත් අපි ගොඩක් NFS Games වල දැකලා තිබෙනවා වගේ Open World Game එකක් මේකට Based වෙලා තියෙන්නෙ Palm City කියන නගරයයි. මේ මනංකල්පිත නගරයට විශේෂයෙන්ම පාදක වෙලා තිබෙන්නෙ ඇමරිකා වල Miami, Florida අවට ප්‍රදේශයයි.Game එකේ Map එක ගැන කතා කරොත් සාමන්‍යෙන් NFS Games වල ආවා වගේම ටිකක් විශාල Map එකක් තියෙනවා. මෙයට විශේෂයෙන් එක් වෙලා තිබෙනවා කදුකර ප්‍රදේශ වගේම වගා බිම් වගේ Locations. හැබැයි NFS Payback ගහලා එන කෙනෙක්ට මේක ටිකක් අමුතු අද්දැකීමක් වෙයි මොකද කිව්වොත් මෙයට 24-hour day-night cycle එකක් නැ. අපිට Day Time Or Night Time යන Options දෙකක් දීලා තිබෙනවා මේ දෙකෙන් කැමති එකක් තෝරගෙන සෙල්ලම් කරන්න පුලුවන්. එතකොට මොකක්ද මේ Day Time And Night Time කියන්නේ.Day TimeDay Time Gameplay Picමම මෙතනදි Mainly අපීට Day එකේදි කරන්න ඕන දේවල් ටික සදහන් කරන්නම්, Day Time එකේදි අපිට Racing Events වලට සහභාගී වෙලා Rewards, Cash වගේ දේවල් එකතු කරගෙන Cars Buy කරන්න පුලුවන් ඒ වගේම Upgrades වගේ දේවල් කරන්න පුලුවන් Day Time එකේදි.Day එකේදි මේ දේවල් කරගෙන Car එක Fully Upgrade කරගෙන තමා අපිට Night Time එකට යන්න වෙන්නෙ (අනිවාරෙන් Race වලට ඉල්ලන මට්ටමට අපි Car එක Upgrade කරගෙන තියෙන්න ඕනේ නැත්තන් Race දිනන්න අමාරු වෙනවා)Night TimeNight Time Gameplay Picමේක තමා Game එකේ Dark Side එක පෙන්නන වෙලාව Day Time එකේ අපි ඕන ඕන විදිහට Race පැද්දට Night Time එකේදි නම් මේක කරන්න අමාරුයි. මොකද කිව්වොත් Cops ලා එක්ක ඇත්තටම Race පදින්න ගොඩක් අමාරුයි Day Time එකට වඩා ගොඩක්ම Aggressive Cops ලා Night Time එකේදි ( Cops කිව්වේ පොලිසියට ). මෙයාලා අපි පස්සෙන් එනෙනෙ Illegal Activities විදිහට අපි Night Race පදින නිසා. ඉතින් අපිට මේ Night Race වලින් ප්‍රදානවම එකතු කර ගන්න තිබෙනේ Reps ( Reps කිව්වේ අපි වෙනදට NFS Games වලදි Cops ලා එක්ක Play කරලා ගන්න Heat Level එක වැඩි කරන Points. ) මේ Reps අවශ්‍ය වෙනවා Story Missions ඉදිරියට කරගෙන යන්න ඒ නිසා අපිට අවදානමක් අරගෙන Cops ලා එක්ක සෙල්ලම් කරන්න වෙනවා.මෙහෙම Cops ලා එක්ක Race පැදලා Escaped උනොත් අපිට එකතු කර ගත්ත Reps Earn කර ගන්න පුලුවන් (සෙල්ලම් කරලම බලන්න මෙහෙම වචනෙන් කියනවාට වඩා ඒක පැහැදිලි වෙයි එතකොට) මේකත් මතක තියා ගන්න වෙනවා Cops ලට අපිව අහු උනොත් ඒ කිව්වේ Busted or Wrecked උනොත් අපි Earn කරපු Reps අපිට නැති වෙනවා. ඒ වගේම Escaped උනොත් අපිට Safe House එකකට ගිහින් Reps Collect කර ගන්න පුලුවන්.මීට අමතරව Sides Missions වගේම Activities අපිට Map එක පුරාවටම බලා ගන්න පුලුවන් මේ හරහාද අපිට Cash Rewards ලබා ගන්න පුලුවන්. smashing billboards / beating scores on drift zones / passing the speed traps / long jumps / ( Crew Time Trials හරහා අපිට නගරයේ Street Racers ලාගේ Leader Board එකේ පලමු ස්තානය කරා එන්න උදව් කරනවා මෙහි තිබෙන Events Cover කරනකොට.) අපිට NFS games වල වෙනදා වගේම බලා ගන්න පුලුවන් Car Modifications වගේ අලුට් දේවල් ගොඩක් මේ Heat Game එක හරහාද බලාගන්න පුලුවන් ඒ ගැන විස්තර කරන්න යන්නැ Post එක තවත් දික් වෙන නිසා ඒ වගේම මතක් කරන්න ඕන Payback එකේදි Licence Issue එකක් නිසා නැති උන Ferrari Cars ඕක්කොම වගේ Heat එකේදි ලබාදීලා තිබෙනවා.NFS Heat ( Most Wanted ) BMW M3Post එක ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comments Section එකේ පලකරන්න. ඔයාගේ අනිත් Friends ලවත් දැනුවත් කරන්න Share කරන්න. Post Part 2 එක හරහා දැනුවත් කරන්න ඕන දේවල් තිබෙනවා නම් ඒ ගැනත් කියන්න. අලුත් Post එකකින් හමුවෙනතුරු හැමෝටම ජය.
ChatGPT Killer ලෙසින් පැමිණෙන Google Bard, එලිදැක්වීමේදී​ම Google සමාගමට ඩොලර් බිලියනයක් අහිමි ​කර​යි
Google සහ ChatGPT අතර පවතින සීතල යුද්ධයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් පසුදිනක Google සමාගම විසින් සිය AI Chatbot එක වන Bard එළිදැක්වීම සිදුකරන ලදී. මේ සඳහා ලොව විවිධ ආකාරයේ තාක්ෂණික සමාගම් මෙන්ම ලොව පුරා පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අවධානය යොමු කර සිටියේ එය සැබැවින්ම ඉදිරියේදී ChatGPT වෙත පැහැදිලි අභියෝගයක් එල්ල කරනු යැයි බලාපොරොත්තුවෙන් වේ.නමුත් මෙලෙස Bard එළිදක්වන උත්සවයේදී සිදුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් Google සමාගමේ කොටස් වලින් ඩොලර් බිලියන 100කට අධික මුදලක් අහිමි වීමේ පුවතක් ද පසුගියදා වාර්තා වුණා. එයට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ මෙම Bard AI මගින් ලබාදෙන්නාවූ තොරතුරු වල නිරවද්‍යතාවය අඩු බව වේ.Source:dataconomy.comBard AI හි පැවති දෝෂ සහගත තත්ත්වයBard AI පිළිබඳව Google සමාගම විසින් සිය Twitter ගිණුම හරහා සටහන් කර තිබූ මෙම වීඩියෝව ප්‍රථමයෙන් නරඹා සිටින්න.Bard is an experimental conversational AI service, powered by LaMDA. Built using our large language models and drawing on information from the web, it’s a launchpad for curiosity and can help simplify complex topics →https://t.co/fSp531xKy3pic.twitter.com/JecHXVmt8l— Google (@Google)February 6, 2023මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන තොරතුරු අතරින් පහත සඳහන් ප්‍රශ්නය සහ එයට Bard AI මගින් ලබාදෙනු ලැබූ තොරතුරු සලකා බලන්න.Source:dataconomy.comමෙහිදී අසනු ලබන ප්‍රශ්නය වන්නේ "What new discoveries from the James Webb Space Telescope can I tell my 9 year old about?" වේ. එනම් මේ වන විට James Webb දුරේක්ෂය හරහා සිදුකළ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු වයස අවුරුදු 9ක පමණ අයෙකුට පැවසීමට ලබාදෙන ලෙස වේ. මේ සඳහා ලැබුණු පිළිතුරුවල නිරවද්‍යතාවයේ ගැටලු පවතින බවට පසුව ආනාවරණය වූ අතර එය තරමක මතභේදාත්මක තත්ත්වයක් උදගත කළේ ය.එයට හේතුව වූයේ ඒ සඳහා බලාදුන් පිළිතුරු වල පවතින මෙම ප්‍රකාශයයි. "JWST took the very first pictures of a planet outside of our own solar system." මෙහි සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වූ ග්‍රහලෝකයක ප්‍රථමයෙන් ම ඡායාරූප ලබාගෙන ඇත්තේ James Webb චන්ද්‍රිකාව වේ. නමුත් එය වැරදි තොරතුරකි.අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පවතින ප්‍රථම ග්‍රහලෝකය ලෙස දිස්වූ 2M1207 b ග්‍රහලෝකය (ඔබගේ වම්පස රතු පැහැයෙන් දිස්වන) Source:exoplanets.nasa.govNASA ආයතනය මගින් ප්‍රකාශයටපත්කර ඇති ආකාරයට ප්‍රථමයෙන්ම exoplanet එකක්, එනම් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහලෝකයක් ඡායාරූපයකට හසුකරගෙන ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙර එනම් 2004 වසරේ දී European Southern Observatory හි පවහින දුරේක්ෂයක් මගින් වේ.මෙය යම් අයෙකුට අනුව එතරම් සැලකිල්ලට ගත නොහැකි සිදුවීමක් වුව ද මේ ආකාරයේ වූ නිරවද්‍යතාවයෙන් තොර තොරතුරු Bard මගින් ලබාදීම හේතුවෙන් Google සමාගමෙහි මවු සමාගම වන Alphabet සමාගමෙහි කොටස් 7.7% කින් පසුගිය දින පහත වැටීම සිදුවූ අතර එමනිසා එම සමාගමට ඩොලර් බිලියන 100 ක පමණ අහිමි වීමක් දරාගැනීමට සිදුවිය.ඉදිරියේ දී Bard සඳහා කුමක් සිදුවේවි ද?මෙම සිදුවීමත් සමග විශාල පිරිසකගේ අවධානය මෙම Bard AI වෙත යොමු වී ඇති අතර ඉහත සිදුවීම පිළිබඳව Google සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔවුන් මෙම Chatbot එක හා සම්බන්ධ වැඩිදියුණු කිරීම් මේ වන විටත් සිදුකරන බවත්  ඉදිරියේදී තම පරිශීලකයන් හට නිවැරදි හා යාවත්කාලීන වූ තොරතුරු Bard මගින් ලබාදීම සඳහා උපරිමයෙන් උත්සාහ කරන බවත් ය.කෙසේ නමුත් Google හා ChatGPT අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය හේතුවෙන් අපට ඉදිරි කාලය තුළ තරමක වෙනස් අන්දමේ ක්‍රියාවලීන් සහ වෙනස්වීම් විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකිය. එවැනි තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග ඉදිරියේදීත් සම්බන්ධ වී සිටින්න.Sources:blog.google.comedition.cnn.comexoplanets.nasa.govtheguardian.comeconomictimes.indiatimes.comreuters.com
අන්තර්ජාලය වෙත නිකුත් වූ වීඩියෝවකින් Google Pixel 6 Pro දුරකථනයේ හැඩය යැයි සැලකෙන තොරතුරු හෙළිවේ
‌Google Pixel 6 Seriesඑක ගැන මෙන්ම මේ Pixel Series එක නිකුත් වන දින ගැනත් අපි ඔයාලට මීට පෙර තොරතුරු ගෙන එනු ලැබුවා. මේ වන විට Pixel 6 මාදිලිය පිළිබඳව ලොව පුරා බෙහෙවින් කතාබහට ලක්ව ඇති අතර එහි හැඩය එම කතා බහවල අතරින් විශාල ඉඩකඩක් ලබා ගන්නවා. මේ අතරතුරේදී M. Brandon Lee නම් අයෙකු විසින් Twitter වෙත Google Pixel 6 Series එකේ Pixel 6 Pro Device එකේ Video Clip එකක් එක් කර තිබෙනවා.I think this may be the first hands on video leak of a Google Pixel 6 Pro.FYI: The logo would indicate that this is likely an early production test unit, so that means there may be some differences between what you see here and the actual production device.#teampixelpic.twitter.com/4QSvdktqA7— M. Brandon Lee | THIS IS TECH TODAY (@thisistechtoday)September 21, 2021ඒ අනුව මේ Google Pixel 6 Pro Device එකේ Display එක Curve Edges සහිත බව දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත්, මොහු විසින් නිකුත් කරන ලද මේ Video Clip එකේ පවතින Pixel 6 Pro Device එකේ නම් Google Logo එක දකින්න ලැබෙන්නේ නැ.ඒ වගේම Brandon Lee විසින් නිකුත් කරන ලද මේ Video Clip එකට අනුව මීට පෙර Pixel 6 Series එකේ Camera Setup එක පිළිබඳ නිකුත් වු තොරතුරුවලට වඩා මදක් වෙනස් බව දකින්න පුළුවන්. කෙසේ නමුත් මේ video Clip එකේ ආකාරයට මෙය Samsung Note 8 හා Note 9 Devicesවල Camera Setup එකට සමාන බව කියන්න පුළුවන්.මේ Video Clip එක මගින් Google Pixel 6 Device එකේ Appearance එක පිළිබඳව පෙන්නුම් කළත්, මෙහි කිසිදු ප්‍රධාන ලක්ෂණයක් හෝ Feature එකක් පිළිබඳ කිසිදු සදහනක් වෙන්නේ නැ.Google සමාගමේ මේ නවතම Pixel 6 Series එකඔක්තෝබර් මස 28 වන දින එළිදැක්වීමටනියමිත බවට මේ වෙන තොරතුරු වාර්තා වෙන අතරම මේ Pixel 6 Series එක එළිදැක්වූ සැනින් ඒ තොරතුරුත් ඔබ වෙත ගෙන එන්න අපි සුදානම්.Source -Beebom
Google Chromeහි tabs කළමණාකරණය පහසු කිරීම සඳහා tab search පහසුකම අත්හදා බලයි
Google Chrome කියන්නෙ තියෙන ප්‍රසිද්දම web browser එකක් නේ market එකේ තියෙන. ඒ ගොඩක්ම එකේ useful features සහ extensions නිසයි. මේ ඔක්කොමත් එක්ක Google Chrome එකට “tab search” feature එහෙකුත් එන්නයි යන්නෙ.ඉතින් ඔගොල්ලොත් වැඩ කරනගමන් multiple tabs open කරගෙන වැඩ කරනවා නම් මේකේ තියෙන වාසිය තෙරෙයි. මොකද මේ feature එකෙන් අපිට පුළුවන් වෙනවා tabs keywords වලින් search කරන්න. ඒ හින්දා ඉස්සරහට tabs manage කරන එක පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක් වේවී.මේ release කරලා නැති feature එක දැන්ම enable කරගන්න ඔනේ නම් ඔගොල්ලන්ට ඔනේ වෙනවා Chrome Canary version එක. ඔගොල්ලෝ මේ මොකකද කියලා දන්නැත්තම්, මේක නිකන් Chrome beta version එකක් වගේ developers ලට design කරපු. මේ “tab search” feature එක එකේදි ඔගොල්ලන්ට දකින්න ලැබෙයි.මේ  “tab search” feature එක බොහෝ දුරට Chrome OS users ලට ඉස්සෙල්ලම හම්බවෙයි.
Intel සමාගම විසින් 12 වෙනි පරම්පරාවේ නව Mobile සහ Desktop processors එලිදැක්වීමට කටයුතු කර​යි
පසුගිය දිනවල පැවති CES 2022හිදී Intel සමාගම විසින් ඔවුන්ගේ නවතම 12th Gen Intel Core H-series mobile සහ desktop processors එලි දැක්වීම සිදු කරනු ලැබුවා. නවතම mobile processors, Intel Core i9-12900HK පාදක කරගෙන නිපදවා ඇති අතර එය ලොව ඇති වේගවත්ම processor සහ ලොව හොඳම gaming platform එක බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.12th Gen Intel Core Mobile Processorsනව 12th Gen Intel Core mobile processors නිපදවා තිබෙන්නේ Intel 7 process එකෙන් වන අතර එය පෙර පැවති processor වලට වඩා 40%ක ප්‍රමාණයකින් වේගවත් වන බව Intel සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම processor එක single සහ multi-threaded apps සඳහා සහය දක්වන අතර ඒ හරහා Intel සමාගම විසින් ඔවුන්ගේ intel Thread Directorහි සහය හරහා Performance-cores සහ Efficient-cores ඒකාබද්ධ කර system performance වැඩිදියුණු කිරීම සිදු කරනු ලබනවා. Intel Core i9-12900HK processor එක 5GHz වේගයක් දක්වා සහය දක්වනු ලබන අතට Performance cores 6කින්ද Efficient cores 8කින්ද යුතු Cores 14කින් සමන්විතවනවා.මෙම H-series processor හරහා පෙර පැවති processor වලට වඩා gaming සඳහා 28%ක වේගයක් ලබා දීම සිදු කරන අතර 3D redering සඳහා පෙර පැවතියාට වඩා 43%කින් වැඩි වේගයක් ලබා දෙනු ලබන බව Intel සමාගම විසින් මෙම එලිදැක්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම processor එක DDR5/LPDDR5 සහ DDR4/LPDDR4 සඳහා දක්වනු ඇත. ඊට අමතරව Wi-Fi 6E සහ Thundebolt 4 සඳහා සහය දක්වනු අතර ඒ හරහා වේගවත් දත්ත හුවමාරුවකට හැකියාව හිමිවනු ඇති අතර desktop-caliber නම් පහසුකමක්ද මේ සමඟම හදුන්වාදීමට Intel සමාගම කටයුතු කරනු ලැබුවා. මෙම processor මාදිලිය 2022 වර්ෂයේ පෙබරවාරි මස සිට වෙළඳපලට නිකුත් කෙරෙනු ඇත.මෙම H-series processor වලට අමතරව Intel සමාගම විසින් ඉදිරියේදි එලිදැක්වීමට නියමිත U-series සහ P-series processor ගැනද නිවේදනය කරනු ලැබූ අතර ඒවා cores 14කින් සහ threads 20කින් සමන්විත වන අතර Iris Xe integrated graphics වලින් සමන්විත වනු ඇත. U-series එකේ processors 9W සිට 15W දක්වා සහය දක්වනු ලබ අතර මේවා නිර්මාණය කර තිබෙන්නේ වඩාත් සිහින්, සාමාන්‍ය භාවිතාවට ගන්​නා ලැප්ටොප් පරිගණක සඳහාය. P-series processors 28W දක්වා සහය දක්වන අතර එය නිර්මාණය කර තිබෙන්නේ සිහින්, වැඩි බලයකින් යුතු ලැප්ටොප් පරිගණක බල ගැන්වීම සඳහාය.Intel 12th Gen Core Desktop ProcessorsMobile processors වලට අමතරව Intel සමාගම විසින් desktop පරිගණක සඳහා Intel Core i9 සිට Pentium සහ Celeron දක්​වා නව processors 22ක් එලිදැක්වීම සිදුකර තිබෙනවා. මෙම නව desktop processors 35W සහ 65W වන අතර මේ​වා හරහා gaming, content creation සහ අනෙකුත් බලය වැඩියෙන් අවශ්‍ය වන ක්‍රියාකාරකම් සිදු කිරීමේ හැකියාව පවතිනවා.65W processors සඳහා Intel Laminar coolers භාවිතා වේ. මේ අතරම Intel සමාගම විසින් PCIe 4.0 lanes, Wi-Fi 6E, Intel Volume Management Device (VMD), overclock කිරීමේ පහසුකමද ඇතුලුව තවත් පහසුකම් රාශියකින් යුතුව Intel H670, H610, සහ B660 නම් chipset කිහිපයක්ද හදුන්වාදීම සිදු කරනු ලැබුවා.Intel සමාගම විසින් ලැප්ටොප් පරිගණක සඳහා වන IntelEvo platform එක යාවත්කාලීන කර තිබෙන අතර Intel vPro Enterprise, Intel vPro and Intel Evo Design, සහ Intel vPro Essentials ලෙසින් Intel vPro නමින් platform එකක්ද හදුන්වාදෙනු ලැබුවා.Sources:Intel,Windows
New York Timesහි හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub විසින් download කිරීම අවහිර කරයි, Upload කිරීම content partnersලාට පමණයි
New York Times පුවත්පත තුලින් සිදුකල හෙළිදරව් කිරීමෙන් පසුව Pornhub සිය සේවාවේ සැලකිය යුතු වෙනස්කම් හඳුන්වා දී ඇත.නිවේදනයක් නිකුත් කරමින් Pornhub කියා සිටියේ ඔවුන්ගේ වෙබ් අඩවිය තුල ඇති නීතිවිරෝධී අන්තර්ගතයන් ඉවත් කිරීමට සැමවිටම කැපවී සිටින බවත්, එහි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් පියවර ගනිමින් සිටින බවත්ය. verified  නොකළ පරිශීලකයින්ගෙන් Video upload කිරීම නැවැත්වීම සහ සමහර විඩියෝ පට downloads තහනම් කිරීමද මෙයට ඇතුළත් ය.මේ වන විට, Pornhub වෙත videos upload කළ හැක්කේ content partners සහ Model Programmers වරුන්ට  පමණි. සියලුම පරිශීලකයින්ට වීඩියෝ uload කිරීමේ හැකියාව ලබා දෙන verification ක්‍රියාවලියක් නව වසරේදී හඳුන්වා දෙනු ඇත, නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා "identification protocol" සම්පූර්ණ කිරීමෙන් පසුව පමණි.මීට අමතරව, පෝර්න්හබ් බාගත කිරීම් දැනට නවතා දමා ඇති අතර, verified Model Program තුළදි පමණක් ගෙවීම් කර බාගත කිරීම එකම ක්‍රමය ලෙස විවෘත කර ඇත.. සමාගම පවසන්නේ "අපගේ ඇඟිලි සලකුණු තාක්‍ෂණයට සමගාමීව, මෙය දැනටමත් වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති අන්තර්ගතයට නැවතත් ඇතුලත් කිරිමට ඇති හැකියාව අවම කරනු ඇති" බවයි.අනෙකුත් වෙනස්කම් අතරට දැනටමත් උඩුගත කර ඇති නීතිවිරෝධී අන්තර්ගතයන් ඉවත් කර දැමීම සහ අලුත් කර ඇති  ක්‍රියාවලියේ යම් යම් ගැටලු සහ බිඳවැටීම් හඳුනා ගැනීම සඳහා කැපවූ "Red Team" නමින් කන්ඩායමක්ද ඔවුන් පිහිටුව‍ා ඇත.නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නිකලස් ක්‍රිස්ටෝෆ්ගේ වාර්තාව මගින් පෝර්න්හබ් හි ස්ත්‍රී දූෂණ සහ බාල වයස්කාර දැරියන් ලිංගික අතවරයට ලක්වන අයුරු දැක්වෙන විඩියෝ ක්ලිප් විශාල සංඛ්‍යාවක් පෙන්වා දුන් අතර සමාගම විසින් මෙම වීඩියෝ වලින්  මුදල් උපයා ඇති බවට චෝදනා කරයි. Spycam වීඩියෝ සහ revenge කාමුක දර්ශන ඇතුළු වෙනත් නීති විරෝධී අන්තර්ගතයන් ද ලිපියේ ලේඛනගත කර ඇත.NYT විසින් මෙම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ළමා අපයෝජන චෝදනා පිළිබඳව MindGeek's bank බැංකුව විමර්ශනයක් කළ අතර, සමාගම විසින් ලෝකයේ ජනප්‍රියම කාමුක දර්ශන වෙබ් අඩවියකට භාවිත කරන්නන් විසින්  කරන Visa සහ Mastercard ගෙවීම් භාර ගැනීම නතර කළ හැකි යැයි පවසා ඇත.Porn hub සිදු කරනවා යැයි පවසන වෙනස්කම් ගැන කතා කරමින් ක්‍රිස්ටෝෆ් Tweet කරමින් පවසා තිබුනේ, “Pornhub මේවා කොතරම් වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරන්නේද , වෙබ් අඩවියේ දැනටමත් ඇති අතීත අන්තර්ගතයන් පරීක්‍ෂා කර හෝ ඉවත් කර තිබේද යන්න මත ඉදිරියේදි නිතිමාර්ග වලට යැම පිළිබදව මා තිරණ ගැනිමට කටයුතු කරමි" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. "අඛණ්ඩ ව එය පිලිබද අධීක්ෂණයක් සිදු වනු ඇති බවත්, XVideos වැනි අඩවි තුල දැනටමත් Pornhub වඩා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින අතර අඩුපාඩුකම් අඩුය. ඒ හා සමාන ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට බල කළ යුතුය.” යන්න ඔහු තව දුරටත් පැවසිය.Source:The Verge
Windows 11 පරිගණකවල Xbox Games සඳහා controller bar විශේෂාංගය ලබා දෙයි
මෑතකදී  play කළ games වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට සහ අලුත් games launch කිරීමට පහසු වීම​ට Xbox Game Bar වෙ​ත Microsoft සමාගම විසින් නව “controller bar” එකක් එලිදක්වා තියෙනවා..Dev සහ Beta හි නවතම preview version එක run කරන ඔබේ Windows 11 පරිගණකයට Xbox controller එකක් සම්බන්ධ කළ විට මෙ​ම නව controller bar එක open වේ. ඔබ game එක play නොකරමින් සිටින විට controller එකේ ඇති Xbox බොත්තම එබීමෙන් ඔබට controller bar එක ලබා ගත හැකිය.Windows key + Gkeyboard shortcut එකද මඟින්ද මෙම bar එක විවෘත කර ගත හැකිය.Controller bar එක open කර ඇති විට, ඔබ මෑතකදී play කළ games වෙත ප්‍රවේශ විය හැකි ඇති අතර, ඒවා පහසුවෙන් open කරගැනීමට හැකියි. ඔබ game එකක සිටින්නේ නම්, Xbox බොත්තම තවමත් ඔබව කෙලින්ම Xbox Game Bar එක වෙත සහ පෙර මෙන් gaming widgets එක වෙත ගෙන යනු ලබනවා. එමෙන්ම recent games section එක ඔබ ඔබේ පරිගණකයේ play කර ඇති games titles තුනක් දක්වා ඇතුළත් වේ.මෙම නව controller bar එක දැන් insider preview එ​ක ලෙස පවතී. එයින් අදහස් වන්නේ මෙම පහසුකම ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ විසි​න් Windows 11 හි නවතම පෙරදසුන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගත යුතු වන බවයි. එමෙන්ම මෙ​හි updated version එක ලබා ගැනීමට Xbox Insider Hub app එක සමඟින් Windows Gaming පෙරදසුන වෙත sign in වීමට අවශ්‍ය වනු ඇත.Source:Pureinfotech
කෘත්‍රීම බුද්ධියෙන් චිත්‍ර අඳින්නේ මෙහෙම​යි
මේ ටිකෙ කෘත්‍රිම බුද්ධියෙන් චිත්‍ර ඇඳලා හෙන බීසනේ නේද.  නමුත් මේවා අඳින්නෙ කොහොමද කියලා දන්නවද?අපි අද කියලා දෙන්නෙ AI වලින් චිත්‍ර අඳින විදිහ.මෙ චිත්‍ර අඳින වැඩේ කරන්ඩනම් ඔයාට මුලින්ම ඕන වෙනවා Discord එක.ඔයා Pc එකෙන්නම් ලොග් වෙන්නෙhttps://discord.comවෙබ් එකට හෝ Mobile එකකින්නම් ලොග් වෙන්නෙ discord app එක play store/ios app store එකෙන් Download කරාගෙන මුලින්ම Discord එකවුන්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙනවා.ඊට පස්සෙhttps://discord.com/invite/midjourneyකියන මෙන්න මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් (Midjourny) කියන චැනල් එකට join වෙන්​න. ඊට පස්සෙ දීලා තියෙන invitation එක accept කරන්​න. දැන් ඔයාලා චැනල් එකට ගිහින් එකෙ තියෙන newbies කියලා තියෙන රූම් එකකට ගිහින් /imagine (මතක ඇතුව මේක Simple වලින්ම type කරන්​න) ලෙස ටයිප් කරලා ඔයාට ඕන කරන චිත්‍රයේ විස්තරය ඉංග්‍රිසි වලින් වචන කිහිපයකින් ලියන්න. ඊට පස්සෙ AI එක මගින් මෙ චිත්‍රය අඳින තෙක් ඔයාට තත්පර කිහිපයක් බලාගෙන ඉන්​න වෙනවා. දැන් ඔයාට ඕනේ කරන චිත්‍රය ලස්සනට generate වෙලා ඇති. දැන් ඒක ඔයාට සේව් කරගන්න පුළුවන්.අමතක නොකර ඔයාලා මේ විදිහ​ට ඇඳපුවත් අපෙ Facebook පිටුවෙ මතක ඇතුව කමෙන්ට් එකක් දාන්​න. එහෙනන් අපි ගියා හැමෝටම ජය වේවා. 🤩👌
Google වෙතින් ගෙනෙන Hey Google Smart Home Summit ලබන ජූලි 08 වෙනිදා
Google සමාගමේ වාර්ෂිකව පවත්වන I/O developer conference එක පවතින Covid-19 තත්වය නිසා cancel උනත් ඒ වෙනුවෙන් separate segments වලට events organize කරන්න Google ලගෙ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් smart home development වල progress එක share කරන අරමුණින් Google විසින් ජූනි 30 වැනි දා “Hey Google” Smart Home Summit එක announce කරා. මේක පැවැත්වෙන්නේ virtual event එකක් විදිහටයි. මේක පැවැත්වෙන දින වෙන්නෙ ජූලි 8 වැනිදා.“Our team does not want to miss the opportunity to connect, and we decided to take things virtual! Join us on July 8, 2020 to hear what’s new, and what’s coming up for the Google Smart Home”-Googleඉතින් මේ event එක පටන් ගන්නේ Google සමාගමේ නිපැයුම් කලමනාකරණ අධ්‍යක්ෂක වන Michele Turner මහතා ගේ session එකකින්. එහිදී ඔහු විසින් Google සමාගමේ මෑතකාලීන smart home product initiatives ගැන කතා කිරීමට නියමිත වනවා වගේම Google Assistant developers ලට උපකාරී වන අලුත් tools ගැන හඳුන්වා දීමටත් නියමිත වනවා. මේ event එකේ අනිත් sessions මෙන්න මේ ආකාරයට list කරන්න පුලුවන්.Device Access (DAP)Discovery & LinkingLocal Home SDK – New ToolsBLE Seamless SetupNotifications / Async ResponsesGold Standard Integration QualitySmart Home for Entertainment Devices (SHED)3P AnalyticsProject CHIPලෝකයේ විවිධ time zones සැලකිල්ලට ගනිමින් මේ event එක Google සමාගම මගින් AMER (උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව), EMEA (යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව), සහ APAC (ආසියා පැසිෆික්) කියන කලාප වලට අදාල time zones වල පැවැත්වෙනවා.Developers ලට focus උන sessions වලට අමතරව මේ event එකේදි rumor උනු Google Home smart speaker එක සහ Android TV dongle & remote එක ගැනත් announce කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේවෙතත් මේ devices වල existence එක ගැන තවම Google ලා confirm කරලා නෑ.Source:Google developers blog
Android 15 නිල වශයෙන් නිකුත් වන දිනය මෙන්න
Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Android 15 මෙහෙයුම් පද්ධතිය කාටත් කලින් මුලින්ම නිකුත් කරන Pixel Device සඳහා මෙවර ලබා නොදීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුණා.කෙසේ වෙතත් බොහොමයක් දෙනා මත පළ කළේ සැප්තැම්බර් මාසයේදී Android 15 නිකුත් විය හැකි බවයි. නමුත් සැප්තැම්බර් මාසයේද නිකුත් නොවන බවත්, ඉතා Stable Version එකක් නිකුත් කිරීම සඳහා Google සමාගම මෙසේ කල් ගන්නා බවටත් වාර්තා පළ වෙනවා.Android 15 නිකුත් වන්නේ කවදාද?කෙසේ නමුත් Android 15 Beta තුළින් දුරකතනය ඉවත් කිරීමට යාමේදී එහි දැක්වෙන Notice එකෙහි සඳහන් වනුයේ ඔක්තෝබර් මාසයේදී Android 15 Stable Update එක ඔක්තෝබර් මාසයේදී නිකුත් වන බවයි.ඔක්තෝබර් මාසයේදී Android 15 නිකුත් වන දුරකතනඅලුත් Android Version එකක් නිකුත් වුණ ගමන් ම එය ලැබෙනේ Google Pixel දුරකතන සඳහා වන අතර එසේ ලැබෙන Pixel Device ලැයිස්තුව පහත දැක්වේ.Google Pixel 6Google Pixel 6 ProGoogle Pixel 6aGoogle Pixel 7Google Pixel 7 ProGoogle Pixel 7aGoogle Pixel TabletGoogle Pixel FoldGoogle Pixel 8Google Pixel 8 ProGoogle Pixel 8aGoogle Pixel 9Google Pixel 9 ProGoogle Pixel 9 Pro XLGoogle Pixel 9 Pro Foldකෙසේ නමුත් මෙය නිකුත් වන්නේ ඔක්තෝබර් මස කවදාද යන්න තවමත් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ.මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Microsoft සමාගම විසින් USD 99 මුදලකට Xbox Wireless headset එකක් මාර්තු 16 වන දින නිකුත් කිරීමට සූදානම් වේ
Microsoft සමාගම විසින් ඔවුන්ගේ නවතම Xbox Wireless Headset එක 99$ කට නිකුත් කරයි. මෙය Bluetooth හරහා Xbox One, Xbox Series X / S consoles, PCs, සහ mobile වලට connect කිරීමෙ හැකියාව තිබෙනවා.මෙම Headset එක දැනට පවතින Xbox one stereo හා Xbox one wired chat headset වල පවතින සෑම අංශයක්ම වැඩි දියුණු කර නිපදවා තිබෙනවා. මෙය සැහැල්ලු headset frame එකකින්,  විශාල leather ear cups වලින් සහ adjustable cushioned headband එකකින් සමන්විත වෙනවා.ඒ වගේම Windows Sonic, Dolby Atmos, and DTS Headphone:X spatial වගේ sound technologies නුත් මේ headset එකට support කරනවා. මේ headset එක තුල dual beamforming microphones system එකක් අඩංගු වන නිසා background noise වලින් වන බාධාව අවම වෙනවා.ඔබට Xbox console හා smartphone එකට එකවර සම්බන්ධ කීරිමේ හැකියාව නිසා game එකක් play කරන අතරතුර phone call වලට සවන්දීමට හැකියාව තිබෙනවා. මෙම wireless headset එකට පැය 15 ක් දක්වා භාවිතා කල හැකි අතර මිනිත්තු 30 ක් charge කර පැය 4 ක් භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා.ඒ වගේම Microsoft සමාගම ඔවුන්ගේ Xbox Accessories app එකcontrol over the equalizer, bass boost, auto-mute sensitivity, mic monitoring, and brightness of the mic’s mute light වගේ features රැසක් සමගින් update කර තිබෙනවා.මේ අලුත් Xbox Wireless headset එක මාර්තු 16 සිට ලොවපුරා 99$ කට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.Sources:The Verge,Xbox
ඇස්ටෙක් අධිරාජයට වඩා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පැරණි බවත් ඔබ දැන සිටියාද? මේ ඒ ව​ගේ ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය​න් 07​ක්
අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදුබිලියන 4.54ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා තියෙන්නෙඅපි හිතන් හිටපු කාලයේ නෙමෙයි. ඊට වෙනස්ම කාලයක. මේ සූදානම එහෙම පටලගත්ත කාල නිර්ණයන් කිහිපයක් නිරවුල් කරගන්නයි.01. පිරමීඩ් වලට වඩා ස්මාර්ට් ෆෝන් එකට ලඟ ක්ලියෝපැට්රාලෝකෙ පරණම ශිෂ්ඨාචාරයක් තමයි නයිල් ගඟ පාදක කරගෙන බිහිවුනු ඊජිප්තු ශිෂ්ඨාචාරය. මේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසයක්‍රි.පූ. 3100තරම් ඈතට යනවා. ඒ තරම් පරණයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ හිටපු ශ්‍රේෂ්ඨ රැජිනක් කිව්වම අපි හැමෝටම එක පාරට මතක් වෙන්නෙක්ලියෝපැට්රා රැජින. හැබැයි ඉතින් ක්ලියෝපැට්රා ජීවත් උනේක්‍රි.පූ 69ත් ක්‍රි.පූ. 30ත් අතරතරම් මෑත කාලයේ.එහෙම බැලුවම ක්ලියෝපැට්රාගේ ඉඳල ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට තියෙන කාලයඅවුරුදු 3000කටත් වැඩියි. හැබැයි ක්ලියෝපැට්රාගෙ ඉඳලා වර්තමානය දක්වා කාලයඅවුරුදු 2048ක් විතරයි. ඒ කියන්නෙ ක්ලියෝපැට්රා, ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට වඩා අපිට ලඟයි. තව ටිකක් තේරෙන්න කිව්වොත් ක්ලියෝපැට්රාට පිරමිඩ් වලට වඩා ලඟයි ස්මාට් ෆෝන් එක.02. ගීසා පිරමිඩ සාදා නිම කලාටත් පසුව වඳ වී ගිය මැම​ත්ගීසා පිරමීඩ ගැන අහල තියෙනවද? නයිල් ගඟේ බටහිර ඉවුරේ වර්තමාන කයිරෝවේ පිහිටා තිබෙන මේ පිරමීඩ 3 ලෝකයේ විශාලම පිරමීඩයි. ඒ වගේම මේවා දළ වශයෙන්අවුරුදු 4000ක්විතර පරණයි.ඒ වගේම ඈත අතීතයේ පෘථිවියේ තිබුණ මහා හිම යුගය ගැන හැමෝම අහල ඇතිනෙ. අඩු තරමෙ Ice age චිත්‍රපටය වත් බලල ඇතිනෙ. ඉතින්මැමත්ගැන නම් නොදන්න කෙනෙක් ඉන්න බෑ. මැමත් කියන්නෙ අවුරුදු දහස් ගානකට පෙර මිහිමතින් සම්පූර්ණයෙන් වඳවී ගිය සතෙක් බවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.ඒත් දන්නවද ලෝකෙ අන්තිම මැමත් මියයනකොට ගීසා පිරමීඩ හදලා ඉවර වෙලත් ගොඩක් කල් බව?03. ඇස්ටෙක් අධිරාජ්‍යට වඩා පැර​ණි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයඑංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ආරම්භ කරේ 1096 අවුරුද්දෙ. ඒ කාලෙ බොහොම පොඩියට පටන්ගත්ත මේ විශ්වවිද්‍යාලය අද වෙනකොට ලෝකයේ අතිශය කීර්තිමත් දැවැන්ත විශ්ව විද්‍යාලයක්.එතකොට පුරාණ මායා ශිෂ්ඨාචාරයෙන් පසුව බිහිවුණඇස්ටෙක් අධිරාජ්‍යයගැන දන්නවද? මේක මධ්‍යම හා දකුණු ඇමරිකාවේ බිහිවුණ පැරණි අධිරාජ්‍යයක්.වර්තමාන මෙක්සිකෝව කේන්ද්‍ර කරගෙන තමයි මේ බලවත් අධිරාජ්‍යය පැතිරුණේ. හිරු හා සඳු වෙනුවෙන් තැනුණු ඇස්ටෙක් පිරමීඩ වල නිරන්තරයෙන් සිදුකෙරුණු මිනිස් බිලි පූජා පවා එකළ සාමාන්‍ය දේවල්.ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඇස්ටෙක් අධිරාජ්‍යය. මේ දෙකෙන් වැඩිපුර පරණ මොකක්ද? උත්තරේ තමයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය.ඇස්ටෙක් ශිෂ්ඨාචාරය බිහිවෙනකොටත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඇරඹ්ලාවසර 250ක්විතර ගතවෙලා ඉවරයි.04. කලනයට වඩා පැර​ණි හාවඩ් විශ්වවිද්‍යාලයගණිතයේ මූලික හා පැරණිතම සංකල්පයක් වන කලනයට වඩා හාවඩ් විශ්වවිද්‍යාලය පරණයි. හිතුවෙ අනිත් පැත්ත නේද?05. බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සම වයස් මැරිලින් මොන්​​රෝසුප්‍රකට නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක් වුණු මැරිලින් මොන්රෝ ගැන අහල ඇතිනෙ. මෙයා 1926 ඉපදිලා 1962 මියගියා. මේ ඉන්නෙ එයා.එතකොට ගලේ ගැහුවත් මැරෙන්නෙ නැති කෙනෙක් කිව්වම කාවද මතක් වෙන්නෙ? නෑ නෑ ලංකාවෙ දේශපාලකයෙක් නෙමෙයි. මේ කියන්නෙ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ගැන.මේ දෙන්නගෙන් වැඩිපුර පරණ ඇත්තෙ කවුද? වෙන වෙලාවක ඇහුව නම් ඩෝං ගාලා කියයි එලිසබෙත් රැජින කියලා. හැබැයි මේ ලිපිය මුල ඉඳල කියවපු නිසා දැන් දන්නවා වැඩිපුර වයස මොන්රෝට කියලා. එහෙම නේද? නෑ මේ දෙන්නම එකම වයසෙ.06. චිත්‍රපටි වල එකට හිටියට ඇත්තටම එකම කාලයේ හිටියේ නැති ටී රෙක්ස් සහ බ්‍රැකියොසෝර​ස්ජුරාසික් පාක් වගේ ඩයිනෝසර් චිත්‍රපට වල හිටපු මිනී කනT-Rexඩයිනෝසර් මතකද? මේ එයා.එතකොට ඊළඟ පින්තූරෙ ඉන්නෙ ශාක භක්ෂකබ්‍රැකියොසෝරස්කියන ඩයිනසෝර්.ඕනම ඩයිනෝසර් චිත්‍රපටයක මේ දෙන්නා වරදින්නෙ නෑ. දෙන්නම අනිවාර්යයෙන් ඉන්නවා. හැබැයි දන්නවද කවදාවත් මේ දෙන්නමඑකම කාලයේහිටියෙ නැති බව?බ්‍රැකියොසෝරස් වඳවෙලා ගිහින්අවුරුදු මිලියන 78කට පස්සෙයිටීරෙක්ස්ලා බිහිවුණේ. එහෙම බැලුවම කාල නිර්ණය අනුව brachiosaurusලට වඩා T-Rexලා කිට්ටු අපිට. හිතාගන්න පුළුවන්නෙ ජුරාසික් යුගය කොයි තරම් දීර්ඝද කියලා. (මෙයාලගෙ විනාශය ඇතුළුපෘථිවියේ මහා නෂ්ඨ වීම් 5 ගැන ලිපිය මෙතනින්කියවන්න)07. විශ්වයේ ඉතිහාසයෙන් 0.004%ක් හි​මි මිනිස් ඉතිහාසයවිශ්වයේ ඉතිහාසයට සාපේක්ෂව මානව ඉතිහාසය කොච්චර දිගයි කියලද හිතන්නෙ? විශ්වයේ මුළු ඉතිහාසයම සම්පිණ්ඩනය කරලා ධාවන කාලය අවුරුද්දක් තරම් දිග චිත්‍රපටයක් හැදුවා කියල හිතමුකො. ඔය අවුරුද්දක් දිග චිත්‍රපටයේ අපිට මිනිස්සු දකින්න ලැබෙන්නෙ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.59ට විතර. මිනිස්සු ඒ තරම් පොඩි කාලයක් විතරයි මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ විශ්වයේ මුළු ආයු කාලයෙන් 0.004%ක කාලයක් විතරයි මිනිස්සුන්ට අයිති. මේක මහාචාර්ය කාල් සේගන්ගෙ ගණනය කිරීමක්.08. 1990ට වඩා 2040ට ලඟ අ​පි2040 වෙනකොට පෘථිවිය මොන වගේ තියෙයිද? එච්චර කාලයක් ඉස්සරහට මොනව වෙයිද කියල එක පාරට හිතාගන්න අමාරුයි නේද? නිකමට ගාන හදල බලන්නකො 2040 අපි හිතන තරම් දුරද කියලා.අපිට 1990ට වඩා ලඟයි 2040!දැන් 2021 කියල ගත්තොත්2021ඉඳලා 1990ට අවුරුදු31ක්දුරයි. හැබැයි2021ඉඳල 2040ට තියෙන්නෙ අවුරුදු19ක්විතරයි. කොහොමද නොදැනීම කාලය ගතවෙලා තියෙන ඉක්මන?
Calls සඳහා වන tab එකක් WhatsApp Desktop beta වෙත හදුන්වා ​දේ
Meta සමාගම විසින් WhatsApp වෙත පසුගිය දින කිහිපය පුරාම නව විශේෂාංග රැසක් හදුන්වා දීම සිදුකළේය. එලෙස නිකුත් කිරීමට නියමිත තවත් නව පහසුකම ලෙස WhatsApp Desktop සඳහා Calls tab එකක් හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.පසුගිය දිනෙක Windows වෙත නිකුත් කළ WhatsApp 2.2240.1.0 Update එකත් සමග නිකුත් වූ Side Bar එකත් සමගම යාවත්කාලීන වීමේ දී එම Side Bar එකෙහි Chat List, Status Update සහ Settings යන tabs අන්තර්ගත වේ. එසේම මෙලෙස නිකුත් වන Calls ලබාගැනීමේ පහසුකම සමග එම Side Bar එකෙහි Call History ලෙස නව tab එකක් එකතු වීම සිදුවේ. එහි Screenshot එකක් පහත සඳහන් වේ.අලුතින් එකතු වන Call History Tab එක සඳහන් වන Screenshot එකක්.මෙම පහසුකම ඔස්සේ පරිශීලකයන් සඳහා WhatsApp Desktop භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් Voice Calls සහ Video Calls ලබාගැනීමටත් Call History නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව උදාවේ.කෙසේවෙටත් මෙහි පවතින ගැටලුව වන්නේ WhatsApp Desktop හි පවතින WhatsApp ගිණුම Sync වී පවතින වෙනත් Devices වල Call History හි තොරතුරු WhatsApp Desktop හරහා නිරීක්ෂණය කිරීමට හැකියාවක් නොමැති වීමයි. එමෙන්ම WhatsApp Desktop භාවිතයෙන් ලබාගන්නා ඇමතුම් වල තොරතුරු අනෙකුත් Devices හරහා නිරීක්ෂණය කළ නොහැකි වනවා.මෙම පහසුකම Windows සඳහා Microsoft Store හි 2.2246.4.0 Update එකත් සමග නිකුත් වීමට නියමිත අතර එය ඉදිරියේදී සියලුම පරිශීලකයන් සඳහා එම පහසුකම ලබාගත හැකි වේ. එලෙසම ඉදිරියේදී WhatsApp Desktop සඳහා අමතර ආරක්ෂාවක් ලබාදීමට Screen Lock පහසුකමක් හඳුන්වා දීමට සූදානම් වන අතර ඒ පිළිබඳ අප ඔබ වෙත ගෙන ආ ලිපියමෙතැනින්කියවන්න.මෙලෙස ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන සහ නිකුත් වන තාක්ෂණික තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා ඉදිරියේදීත් Android වැඩකාරයෝ අප සමග එක්වී සිටින ලෙස ඔබ සියල්ලන්ටම ආරාධනා කරන්නෙමු.Source:wabetainfo.com
Phone එකත් එක්ක නින්දට යන ඔබට
නූතන ජීවන රටාවත් එක්ක ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙනවා රෑට නින්දට යන විටත් ජංගම දුරකතනය බාවිතා කරන්න. නමුත් Lights නිවා දැමූ පසු Phone Screen එකේ එලිය ඔබේ නින්ද ගෙන ඒම අඩපන කරනවා.මෙහිදී තිරයෙන් නිපදවෙන සුදු/නිල් එලිය මගින් මොලයේ නින්ද ඇති කරනු ලබන Melatonin හෝමෝනය තාවකාලිකව නවත්තනු ලබනවා.iPhone එකේ ඇති Night Shift පහසුකම මගින් පහසුවෙන් තිරයේ නිපදවෙන සුදු/නිල් වර්න කපා දැමිය හැකී. මෙමගින් ඔබ විදුලි පහන් නිවා දමා අදුරේ සිට දුරකතනය බාවිතා කිරීමේදී ඔබ නොදැනුවත්වම නිදිබර ස්භාවය ඇති කරයි.iPhone එකේදී මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහාSettings —> Display & Brightness —> Night ShiftහෝControl Centre —> Haptic Touch on Display —> Turn On Night Shiftඑසේම Color Temperature එකත් මෙහිදී වෙනස් කර ගත හැකී. Automatically මෙය ක්‍රියාත්මක කිරීම සඳහා Schedule On කරන්න. එහිදී හිරු උදාව සහ හිරු බැසීමේ වෙලාව අනුවද මෙය සක්‍රිය කර ගැනීමට හැකියි.ඔයත් රෑට iPhone එක අරන් ඇදට යන කෙනෙක් නම් මේක කරලා බලන්න.
නවතම PlayStation 5 එක සැප්තැම්බර් 16 වෙනිදා එළි දැක්වීමට SONY සමාගම සුදානම් වේ
Sony සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ නවතම PlayStation 5 නිකුත් කරන දිනය ගැන කෙටි Teaser Video එකක් සමග Tweet එකක් පල කර තිබෙනවා.PlayStation 5 Showcase broadcasts live this Wednesday at 1pm Pacific Time:https://t.co/W4gkVp7pdvpic.twitter.com/Nn33RT0yki— PlayStation (@PlayStation)September 12, 2020මේ අනුව සැප්තැම්බර් 16 වනදා මේ PS5 Showcase Event එක පැවැත්වෙනවා. ඔවුන්ගේ Blog අඩවියට අනුව මේ Event එක මිනිත්තු 40 කින් පමණ යුතු වෙනවා. ඒ වගේම මේ Showcase Event එකේදි PS5 හි මිල සදහන් කරනු ඇත.Sources :Sony,MobileSyrup
DNA Digital Data Storage සමගින් අනාගතය කොහොම වෙයිද?
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ගමන් හොයලා බලපු මාතෘකාවක් ගැන කරුණු කීපයක් ඔයාලා හැමෝම එක්ක බෙදා හදා ගන්න හිතුවා. DNA Digital Data Storage කිව්වම ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු දෙයක් නෙවෙයි වෙන්නැති. මොකද මටත් මේ මොකද්ද කියන එක ගැන ඊයේ පෙරේදා වෙනකන්ම හරි අවබෝධයක්රි තිබුණේ නැහැ.ඉතින් DNA Digital Data Storage ගැන අහලා තියන අයට ඒ ගැන දැණුම වර්ධනය කරගන්නත් ඒ ගැන නොදන්න අයට ඒ ගැන දැනගන්නත් මේ ලිපිය උදව් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි මෙහෙම පටන් ගමු.මොකද්ද මේ DNA Digital Data Storage කියන්නේ?හැමෝම දන්න විදියට මිනිස්සෛ සිරුරේ සෛලවල, එහෙමත් නැත්නම් ශාක සෛලවල තොරතුරු ගබඩා වෙන්නෙත් හුවමාරු වෙන්නෙත් රසායනික ක්‍රියාවලියක් තුලින්. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සෛලවල තියෙන DNA හරහා. මිනිස් සිරුරේ සහ ශාක වල තොරතුරු මේ විදියට DNA වල ගබඩා වෙද්දී මේ ලෝකයේ භාවිතා වෙන අතිවිශාල ප්‍රමාණයක් වූ දත්ත සහ තොරතුරුත් මේ DNA භාවිතයෙන් ගබඩා කරන්න ක්‍රමවේදයක් සොයන්න ඒ පිලිබඳ පර්යේෂණ කළ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.ඉතින් එහි ප්‍රතිපලයක් විදියට තමයි අපි එදිනෙදා ලෝකයේ භාවිතා කරන දත්ත ගබඩා කරන්නත් මේ DNA යොදාගන්න පුලුවන් කියන දේ ඔවුන් සනාථ කර ගන්නේ. ඒ විදියට DNA යොදාගෙන අපේ පරිගණක ලෝකයේ දත්ත ගබඩා කරන මාධ්‍යට තමයි මේ DNA Digital Data Storage කියලා කියන්නේ.DNA වල දත්ත ගබඩා කරන ක්‍රියා දාමය මොන වගේද?ඇත්තෙන්ම DNA වල අපි කෘතිමව දත්ත ගබඩා කරනවා කියලා කියන්නේ හිතන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. DNA එකක් A, T, C සහ G ලෙස හඳුන්වන නියුක්ලියෝටයිඩ 4 කින් සමන්විත වෙනවා. මේ නියුක්ලියෝටයිඩ 4 තුළ තමයි අනුක්‍රමිකව දත්ත ගබඩා වෙන්නේ. තවමත් පර්යේෂණ මට්ටමේ තියෙන මේ ක්‍රියාවලිය සිදු වෙන ආකාරය ගැන කෙටියෙන්ම කියනවානම් මෙහෙදී සිදු සංස්ලේෂණය කරන ලද DNA කෙඳි වල (synthesized strands of  DNA) ද්විමය දත්ත (binary data) encode කිරීම සහ decode කිරීම තමයි සිද්ද වෙන්නේ.DNA Digital Data Storage භාවිතයේ වාසි මොනවාද?DNA Digital Data Storage වෙත වත්මන් ලෝකයේ අවධානය යොමු වීමට බලපාන කරුණු රාශියක්ම තියෙනවා. පලවෙනි දේ තමා DNA 1g ක් තුළ 215 PetaBytes, ඒ කියන්නේ GB මිලියන 215 ක දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න තරම් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කාරණය දැනට ලෝකයේ ඉහළ නගිමින් තියෙන දත්ත ගබඩා කිරීමට අවශ්‍ය storage capacity ඉල්ලුමට හොඳ විසඳුමක් වෙනවා.ඒවගේම තමයි එතරම් විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්නත් වැයවන DNA 1g ක් ලබා ගන්න physical space එක, එහෙමත් නැත්නම් භෞතික ඉඩ ප්‍රමාණය ඉතාමත් කුඩයි. මේ DNA තුළ ඉතාමත් ආරක්ෂිතව අවුරුදු මිලියන ගණනක් වුණත් දත්ත ගබඩා කරල තැබීමේ හැකියාවක් තියෙනවා. මේ සියලු කරණා නිසාවෙන් තමයි DNA Digital Data Storage වෙත මේ වෙනවිට ඉතාමත් ඉහළ අවධානයක් වොමු වෙලා තියෙන්නේ.මේ සියලු කරුණු වලට අමතරව තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ DNA වල ඉතාමත් සුවිශේෂී විශ්ලේෂණාත්මක සහ පරිගණකමය හැකියාවන් අන්තර්ගතයි. ඒ නිසා DNA storage medium එකක් විදියට පමණක් භාවිතා කිරීමෙන් ඔබ්බට ගිහින් තවත් බොහෝ සංකීර්ණ කාර්යයන් පහසු කරගැනීමේ ක්‍රමවේදයක් විදියට යොදාගන්නත් පර්යේෂණ කරමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ DNA තාක්ෂණය පරිගණක ලෝකයේ බොහෝ අපූරු වෙනස්කම් සිදු කරන දවස වැඩි ඈතක නොවන බව නම් විශ්වාසයි.මේ කෙටි ලිපිය හරහා DNA Digital Data Storage ගැන යම් අදහසක් ලබා ගන්න පුලුවන් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ගැන තවත් කරුණු හොයලා බලන්නත් අමතක කරන්න එපා.
ඉන්දියානු වෙළඳපලට අවශ්‍ය Nokia සහ Motorola ජංගම දුරකතන නිපදවීම සඳහා Lava Mobile සමාගම සූදානම් වේ
2009 දි ආරම්භ කරන ලද Lava Mobiles කියන්නේ ඉන්දියානු Mobile Phone Company එකක්. සමාගම ආරම්භ වු මුල් කාලයේදි ඉන්දියානු වෙළදපොල තුල හොද ස්ථානයක් අත් කරගෙන තිබුණත් චින සමාගම් ඉන්දියානු වෙළදපොල තුලට ඔවුන්ගේ නිෂ්පාදන එකතු කිරිමත් සමග මොවුන්ට තිබු වෙළදපොල අහිමි වුණා. දැන් මේ Lava සමාගම විසින් වෙනත් Brand සදහා Devices නිෂ්පාදනය සිදු කරනවා. ඒ අනුව ඔවුන් ඉන්දියානු වෙළදපොල සදහා අවශ්‍ය Nokia හා Moto Branded Devices නිපදවිම සිදු කරනු ලබනවා.HMD Global’s Nokia හා Lenovo‘s Motorola Brands ඔවුන්ගේ Devices "Made in India" ශිර්ෂ පාඨය සහිතව ඉන්දියාව තුල අලෙවි කරනවා. මේවා ඉන්දියාව තුල නිපදවිම හා නිෂ්පාදන පිරිවැය අවම කිරිම හා අතරම උපාංග සැපයිමේ පහසුව මුල් කරගෙන Nokia හා Moto සමාගම් ඉන්දියානු සමාගමක් වෙන Lava Mobiles සමග ඔවුන්ගේ නිෂ්පාදන ඉන්දියාව තුල නිපදවිමට හවුල් වි තිබෙනවා.මිට අමතරව Lava Mobiles සමාගම විසින් AT&T හා General Electric වැනි සමාගම් සදහා Low-Cost Phones නිපදවනවා. ඒ වගේම Lava Mobiles කියන්නේ ඉන්දියාවේ දෙවන විශාලතම Feature Mobile Phone Company එක වෙනවා. ඒ වගේම Nokia හා Moto Device නිෂ්පාදනය ආරම්භ කිරිමට සමගාමිව ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය මිලියන 30-45 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ සමග Lava Mobiles ඉන්දියාවේ ප්‍රමුඛතම Smartphone නිෂ්පාදකයා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.Sources :Gizmochina
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු ම තරඟ සජීවී ව නැරඹිය හැකි ආකාර
ලොව පුරා ක්‍රිකට් රසිකයින් නො ඉවසිල්ලෙන් බලා සිටින 09 වන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි මස 02 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල දී ඇරඹීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 16 දෙනෙකු තෝරා පත් කර තිබෙනවා.මේ ලෝක කුසලාන තරඟාවලිය 2022 වසරේදී මෙන් Groupආකාරයට පැවත්වෙන අතර කණ්ඩායම් 5කින් යුත් Groups 4කින් සමන්විත වනවා.සෑම Group එකකින් ම හොඳම කණ්ඩායම් දෙක Super 8 වටය සඳහා පිවිසෙන අතර එම වටයේ සියලුම තරඟ අවසන් වීමෙන් පසුව ලකුණු පුවරුවේ ඉහළින් ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තේරී පත් වන අතර ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරඟය සඳහා තේරි පත්වනවා. ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ තරඟ කාලසටහන පහතින්.ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 3වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව් යෝර්ක් හීදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ තරඟ කාලසටහන පහතින්.මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ දේශිය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් ලබා ගෙන ඇති අතර ඔවුන්ගේ රූපවාහිනී නාලිකාවක් වන TV 1 හා ශක්ති TV නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය සජීවිව නැරඹීමට හැකි වනවා. ඒ අනුව පහත සංඛ්‍යාත ඔස්සේ ඔබට TV1 සුසර කර ගත හැකි වනවා.සිරස TVකොළඹ (යූනියන් පෙදෙස)- UHF 23 (487.25 MHz)මහනුවර (හන්තාන)- UHF 29 (535.25 MHz)මහනුවර (හුන්නස්ගිරිය)- UHF 58 (767.25 MHz)මාතර (ගොන්ගල )-UHF 25 (503.25 MHz)මාතලේ (ගම්මඩුව)- UHF 25 (503.25 MHz)බදුල්ල (නමුනුකුළ)- UHF 46 (671.25 MHz)රත්නපුර (මිනුවන්ගල)- UHF 51 (711.25 MHz)මතුගම (රන්නලගල) -UHF 51 (711.25 MHz)යාපනය-UHF 34 (575.25 MHz)නුවරඑළිය(සිංගල් ට්‍රී )-UHF 23 (487.25 MHz)නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 27 (519.25 MHz)TV 1කොළඹ (යූනියන් පෙදෙස) UHF 58 (767.25 MHz)මහනුවර (හන්තාන)-UHF 51 (711.25 MHz)මාතර (ගොන්ගල)- UHF 53 (727.25 MHz)මාතලේ (ගම්මඩුව)- UHF 53 (727.25 MHz)බදුල්ල (නමුනුකුළ)- UHF 58 (767.25 MHz)රත්නපුර (මිනුවන්ගල)- UHF 54 (735.25 MHz)මතුගම (රන්නලගල)- UHF 53 (727.25 MHz)යාපනය (කිළිනොච්චිය)- UHF 54 (735.25 MHz)නුවරඑළිය (සිංගල් ට්‍රී)- UHF 29 (535.25 MHz)නුවරඑළිය (මවුන්ට් ඔළිෆන්ට්)- UHF 59 (775.25 MHz)Dialog TVපාරිභෝගිකයන් සඳහා Star Sports 1 SD (Ch No - 68) සහ Star Sports 1 HD (Ch No - 120) ඔස්සේ ද,PEOTVපාරිභෝගිකයන් සඳහා Event TV SD (Ch No - 20) සහ Event TV HD (Ch No - 310) ද ඔස්සේ නොමිලයේ ද,Freesatපාරිභෝගිකයන් සඳහා TV1 (Channel 10) ඔස්සේ ද නැරඹිය හැකි වනවා.මීට අමතරව FM 92.7 ඔස්සේ Y FM හරහා සියලු ම තරඟවල සජීවී විස්තර විචාරයට සවන් දිය හැකියි.එමෙන්ම මේ තරගාවලියේ සියලූම තරග Dialog Viu සහ PEOTV Go App ඔස්සේ දසිරස TVවෙබ් අඩවිය ඔස්සේ මෙන්ම icc.tv App එක හරහාද සජීවිව නැරඹීමේ හැකියාව ලැබෙනවා.ශ්‍රී ලංකාවට අමතරව වෙනත් රටවල් වල සජීවී විකාශය කරන නාලිකාමෙතැනින්නරඹන්න.2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ නිල තේමා ගීතයමෙවැනි වූ ලිපි සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්
මෙම කාලවකවානුව තුළ බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදුකරනුයේ අන්තර්ජාලය භාවිතයෙනි. එහිදී, අප බොහෝ විට Google Search Engine එක භාවිතයට ගනු ලබනවා.ඒ ඔස්සේ අප අධ්‍යාපනික ගැටලු විසදා ගැනීමේදී සහ අලුත් දෑ ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේ පහසු කිරීමට Google Search Engine එකට ලබාදී ඇති ඉතා ප්‍රයෝජනවත් Tools පහක් ගැනයි අද අප මෙම ලිපියෙන් විග්‍රහ කරන්නෙ.මේ සියල්ල දැනට ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමට සිදුවන අතර ඉදිරියේදී තවත් භාෂා රැසකින් භාවිතා කිරීමට අවස්ථාව උදාකරන බව ඔවුන් පවසනවා.දැන් ඒ tools මොනවද කියල?2000 කට වඩා වැඩි STEM Concepts වලට අදාල අධ්‍යාපනික මූලාශ්‍ර වෙත පහසුවෙන් ළගාවිය හැකිවීම. (STEM - Science, Technology, Engineering, and Mathematics)මෙහිදී සිදුවන්නේ ඔබ විද්‍යා හෝ ගණිත සංකල්පයක් පිළිබදව search කිරීමේදී එම සංකල්පයට අදාළව දළ විශ්ලේෂණයක් , උදාහරණයන් , ඊට අදාළ මූලාශ්‍ර සහ වීඩියෝ පෙන්වයි ඒ හරහා ඔබට අවශ්‍ය මූලාශ වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙසChemical Bondsලෙස search කිරීමේදී රසායනික බන්ධන වලට අදාලව ඉහත සදහන් කළ දෑ දර්ශනය වන අයුරු ඔබට දැකගත හැකිවනු ඇත. (මෙය පහසුවෙන් උත්සාහ කර බැලීමට ඉහත "Chemical Bonds" මත click කරන්න)පුහුණුවීමට ගැටලු මිලියනයකට ආසන්න ප්‍රමාණයක්මෙමගින් සිදුවන්නේ ඔබ යම් මාතෘකාවක් යටතේ ලබාගත් දැනුම ඔබටම පරීක්ෂා කරගත හැකිවීමයි. එනම්, ඔබ math, chemistry සහ physics වැනි විෂයකට අදාල මාතෘකාවක් පහත ආකාරයෙන් search කිරීමේදී ඊට අදාලව BBC Bitesize, Byjus, Careers360, Chegg, CK12, Education Quizzes, GradeUp, Great Minds, Kahoot!, OpenStax, Toppr, Vedantu සහ තවත් මෙවැනි educational providers ල විසින් සපයා ඇති ප්‍රශ්න මලාවන්ට පිළිතුරු සපයා එම පිළිතුරුවල නිරද්‍යතාවය ඔබ දැකගත හැකිවේ. උදාහරණයක් ලෙසchemical bond practice problemsලෙස ඔබ search කිරීමේදී පහත ආකාරයට ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පුලුවන්.Chemical bond - Googleපාඩම් සදාහා Augmented Reality තාක්ෂණය සහ 3D Models යොදාගනීමට අවස්ථාවවිද්‍යාගාරයක් ඔයාගේ කාමරයට අරන් එන්න පුලුවන්ද ? ඔව්.දැන් ඔයාට ඒ අවස්ථාව Google Search ඔස්සේ ලබාගන්න පුලුවන්. AR තාක්ෂණය ඔස්සේ ඔබට ඒ අවස්ථාව උදාවෙනවා.මේ හරහා ඔබට මිනිස් සැකිල්ලේ සිට බෝර් ආකෘතිය දක්වා Chemistry, Physics, Biology සහ Anatomy සංකල්ප 200 අධික සංඛ්‍යාවක් AR mobile view තුළින් ඔබේ කාමරය තුළින් දර්ශනය කරගත හැකිය. මෙහි Augmented Reality අත්දැකීමට ලබාගනීමට නම් ඒ සදහා සහය දක්වන දුරකථනයක් ඔබට තිබිය යුතුය එසේ නැතිනම් උබට දැකගත හැකිවනුයේ 3D ආකෘතිය පමණි.මෙය ඔබට පහත දැක්වෙන අයුරින් උත්සාහ කර බලන්න.Anatomy AR Mobile View - Googleගණිත ගැටලු විසදන ආකාරය පියවරෙන් පියවරමෙහීදී ඔබට ගැටලුව ඇතුළත් කළ හැකි ආකාර 2 ක් පවතී.එනම්, ඔබ Google Search Bar එක හරහා හෝ Google Lens App එක තුළින් ගණිත ගැටලුවේ ඡායාරූපයක් ඇතුළත් කිරීම මගින් මේ සදහා ගැටලුව ලබාදිය අතර පසු ගැටලුව විසදන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කිරීම් භාෂා 70 කට අධික සංඛ්‍යාවකින් ලබාගත හැකිය. උදාහරණයක් ලෙසx^2-3x-4=0මෙම සමීකරණය ලබාදුන් විට එය විසදන ආකාරය ලබාදෙන අයුරු ඔබට දැක ගැනීමට ඉහත සමීකරණය මත click කරන්න. මෙහි තවත් විවිධාකාරයේ සමීකරණයන් විසදන ආකාරයන් පරිශීකයින් වෙත ලබාදීම සදහා Symbolab, Mathway (a Chegg Service) සහ Tiger Algebra යන ආයතන සමග හවුකාරීත්වයක් Google සමාගම ලබාගෙන තිබෙනවා.සංකීර්ණ ගැටලු ගවේෂණය පහසුවීමමෙහීදී ඔබ STEM(STEM - Science, Technology, Engineering, and Mathematics) හා සම්බන්ධ යම් ගැටලුවක් මතු වූ විට එම ප්‍රශ්නය Google Search Bar එක තුළ type කළ විට එම ගැලුවම නොවුනත් ඒ හා සමාන ගැටලු සහ ඒව විසදා ඇති ආකාරයන් සහ ඒ හා සම්බන්ධව ඔබට අධ්‍යනය කළ හැකි මූලාශ්‍රයන්ද ඔබට පහසුවෙන් සොයාගත හැකි වනු ඇත.
Galaxy 22 දුරකතන මාලාව එලිදැක්වීම පෙබරවාරි 9 වන දින සිදු කරන බව Samsung සමාගම ​නිල වශයෙන් දැනුම් දේ
Samsung සමාගමේ මිලගGalaxy Unpacked Event එක පෙබරවාරි මාසයේදිපැවැත්වීමට නියමිත බවට අපි ඔබ වෙත මීට පෙර තොරතුරු ගෙන ආවා. ඒ අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේ මිලග Galaxy Unpacked Event එක වෙන Next Generation Galaxy S22 Flagship Smartphones Series එක එළිදැක්වීම පෙබරවාරි 09 වෙනි දින සිදු කරන බව මේ වෙන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.ඒ වගේම තවමත් මේ Galaxy S22 Series එක එළිදැක්වා නොමැති වුවත්, එළිදැක්වු විගස තමන්ගේ Device එක ලබා ගැනිමට අවශ්‍ය අය සදහා වෙන් කරවා ගැනිම් සිදු කිරිමේ අවස්ථාව මේ වෙන විට ලබා දි තිබෙනවා.Galaxy S22 Series එක යටතේ අපි මීට පෙර ඔබ වෙත තොරතුරු වාර්තා කළා මෙන්ම Galaxy S22, S22 Plus හා S22 Ultra ලෙස Devices තුනක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන් අතරම මින් එකක් Samsung සමාගම විසින් නවතා දැමු Galaxy Note Series එක සදහා ආදේශයක් ලෙස හදුන්වා දෙනු ඇතැයි ද එය බොහෝ විට Galaxy S22 Ultra වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට අමතරව Galaxy S22 Series එක සදහා S Pen සහයත් ලබා දෙනු ඇත.Galaxy Unpacked Event Official TrailerGalaxy S22 Series එක Qualcomm Snapdragon 8 Gen 1 chipset එකෙන් හා Exynos 2200 Chipset මගින් බලගැන්වෙනු ඇති අතර Region එක අනුව Device එක සතු වෙන Chipset එක වෙනස් වෙනු ඇත.Europe - ExynosNorth America - SnapdragonSouth America - SnapdragonEast Asia - SnapdragonSouth East Asia/Oceania - SnapdragonWest Asia - Exynos & SnapdragonMiddle East Asia - Exynos & SnapdragonAfrica - Exynos & Snapdragonඒ වගේම Galaxy S22 Series එක ඩොලර් 899ක ආරම්භක මිලක් සහිතව වෙළෙඳපොළට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.මීට අතරව මේ Galaxy Unpacked Event එකේදි Model තුනකින් සමන්විත Galaxy Tab S8 එකත් එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙයත් එළිදැක්වු විගස ලබා ගැනිමට නම් කලින් වෙන් කරවා ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.Source:Samsung,Gizmochina,Sam Mobile
මොකක්ද මේ Computer Programming කියන්නේ?
තාක්ෂණික ලෝකයේ ඉහලින්ම ඇති Programming කියන මාතෘකාවට අද අපේ Article එකේ ඉඩ වෙන් වෙනවා.Computer Programming යනු ඉතා විශාල විෂය පථයක් බැවින් මෙම Article එක තුලින් හැකිතාක් අවශ්‍ය මූලික කරුණු පමණක් බුද්ධිමත් පාඨක ඔබ ඉදිරියේ තබමි.Computer Programming (පරිගණක ක්‍රමලේඛනය) යනු නිශ්චිත ප්‍රතිපලයක් ලබා ගැනීම සඳහා හෝ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි පරිගණක වැඩසටහනක් සැලසුම් කර ගොඩනැගීමේ ක්‍රියාවලියයි. Computer Programming නැතහොත් පරිගණක ක්‍රමලේඛනයෙහි අරමුණ වන්නේ දෙන ලද ගැටළුවක් විසඳීම සඳහා පරිගණකයක් තුළ කාර්‍යයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපදෙස් අනුපිළිවෙලක් ගොඩගැනීමයි.පරිගණකය විසින් දත්ත සහ තොරතුරු  සියල්ල හසුරවනු ලබන්නේ ද්වීමය (Binary) ආකාරයට බැවින් අපට පරිගණකය හා සන්නිවේදනය කිරීමට සිදුවන්නේද ද්වීමය ආකාරයෙන් 1 හා 0 පමණක් යොදාගෙන යන්ත්‍ර භාෂාවෙන්ය (Machine Language).යන්ත්‍ර භාෂාවෙන් Program ලිවීම ඉතාමත් අපහසු කාර්යක් වන නිසා මිනිසා විසින් භාවිතා කරන සම්මත භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවට යොදගෙන Programming Languages (ක්‍රමලේඛණ භාෂා) බොහොමයක් නිපදවා ඇති අතර එම Programming Languages යොදගෙන Computer Programs (පරිගණක වැඩසටහන්) ලියන අතර එම වැඩසටහන් Language Translators (භාෂා පරිවර්තක) යොදාගෙන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරයි.එවිට Computer CPU එක මගින්  එම  Program එක මගින් අනුපිලිවෙලට ලබා දී ඇති  Instructions සියල්ල Execute (සැකසීමට භාජනය කිරීම) කර අවසන් ප්‍රතිපලය Output (ප්‍රතිධානය) ලෙස ලබා දෙයි. (Programming Languages සදහා උදාහරණ ලෙස Java, Python, C/C++, C#, Ruby දැක්විය හැක.)Low-Level LanguagesLow level languages ලෙස හදුන්වන්නේ පරිගණකයට පහසුවෙන් පරිවර්තනය කල හැකි, යන්ත්‍ර භාෂාවට (Binary Code) ඉතාම ආසන්න පරිගණක භාෂාවන් වේ.Eg: Assembly Language, Machine LanguageHigh-Level LanguagesHigh level languages ලෙස හදුන්වන්නේ මිනිසාට සමීප භාෂාවකින් Program (ක්‍රමලේඛණ) ලිවීමට නිර්මාණය කර ඇති පරිගණක භාෂාවන් වේ.Eg: Java, Python, C/C++Programming ගැන Article කීපයක් ඉදිරියට ගෙන එමට බලා පොරොත්තු වන අතර මුලින්ම ඔබ වෙත ගෙන ආ යුතු Programming Language එක Android වැඩකාරයෝ Facebook Page එකේහි Comment එකක් දාන්න අපි ඒ ගැන සලකා බලා වැඩිපුරම Comment තියෙන Language එක මුලින්ම ලබා දෙන්නම්. තවත් මේ වගේම Article එකකින් හමුවන තුරු Android වැඩකාරයෝ අප සමග දිගටම රැදී සිටින්න.
හානිදායක Android apps හඳුනා ගැනීමට Google විසින් නව filters හඳුන්වා දේ
ඔයාලා ඔයාලට අවශ්‍ය Android app එකක් Play Store එකේ  search කළාම, එකම කාර්යය සිදු කරන app විශාල ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. නමුත් මේ Android app වලින් හානිදායක නොවන, තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් හොඳම app එක හඳුනා ගන්නේ කොහොමද කියලා ඔයාලටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද?ඔන්න Google විසින් මේ අවුල ලිහන්න නව සැලැස්මක් හදලා  තියෙනවා. Google play store භාවිතා කරද්දි ඔයාට පෙන්වන මේ මනස අවුල් කරවන විශාල app තොගය ඉක්මණින් වර්ග කරලා, user ට පහසුවෙන් අවශ්‍ය ඇප් එක තෝරාගන්න පුළුවන් විදියට හදලා දෙන්න Google විසින් වඩා උසස් වර්ගයේ filters නිපදවීම ආරම්භ කරලා තියෙනවා.හානිදායක Android app වල තර්ජන පසුගිය වසරේ සිට දෙගුණ වෙලා තිබෙනවා.මේ අලුත් search filters මඟින් පහත කරුණු අනුව apps වර්ග කිරීම සිදු කෙරෙනවා.App එක දැනටමත් install කර භාවිතා කර ඇති පරිශීලකයින් විසින් ඉදිරිපත් කරන ලද ratings.Play Store වෙත අලුතින් එක් කළ apps.Premium apps.භාවිතා කිරීමට මුදල් ගෙවිය යුතු හෝ In ap purchases සහිත appsආදී වශයෙන් මෙම වර්ග කිරීම් සිදු වෙනවා.නමුත්, මෙම filters බොහෝ ජනප්‍රිය සහ විශ්වාසය දිනා ඇති apps වලදී ක්‍රියාත්මක වන්නේ නැහැ. එනම් Whatsapp, Gmail, Facebook හෝ Snapchat වැනි apps සඳහා මෙම filters හරහා apps වර්ග කිරීමක් සිදු වෙන්නේ නැහැ.මෙම Filters භාවිතාව ආරම්භ කිරීමෙන් පසුව ඔයාට අවශ්‍ය App එක search results වල උඩින්ම පෙන්වාවි. නමුත්, tool වැනි වචනයක් සෙවීමේදී මෙම filters වලින් බේරී සමහර සැකසහිත apps ඔබගේ search results වල පෙන්වාවි. නමුත් මෙම filters වල වැඩි දියුණු කිරීම් ඉදිරියටත් සිදුවේවි. එවිට වඩා හොඳ search result එකක් Play Store වෙතින් ඔයාට බලාගන්න පුළුවන්.ඔබට අවශ්‍ය නම් එක වර මෙම Filters කිහිපයක් හෝ යොදා ඔබගේ සෙවුම කළ හැකියි. එම පහසුකම නිසා ඔබට යම් කිසි rating එකකට වඩා වැඩි apps සොයා ගැනීමටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය 4.5 ට වඩා ratings ඇති apps පමණක් පෙන්වීමට නම් එම කාර්යයත් මෙම filters හරහා පහසු කරනවා. නමුත් මෙම filters හරහා ඔයාට වෙළඳ දැන්වීම් නොමැති හෝ නොමිලේ ලබාදෙන apps පමණක් ආදිය ලෙස සෙවුම් යෙදීමට නොහැකියි.මෙම ආකාරයේ Filters, 2017 වසරේ දීත් අත්හදාබැලූ නමුත් එවර එය සාර්ථක වූයේ නැහැ.
Android 14 සමඟ One UI 6.0 සංස්කරණය ලැබෙන Galaxy Devices ලැයිස්තුව මෙන්න
Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සඳහා Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය මත පදනම් වු සුවිශේෂි Samsung UI එකක් භාවිත කරනු ලබනවා. One UI නමින් හඳුන්වනු ලබන මේ සුවිශේෂි UI එක, සෑම වසරකම Google සමාගම විසින් නව Android Version එක එළිදැක්විමෙන් පසුව Galaxy Devices සඳහා Unique Features ද සහිතව නව One UI Version එක හඳුන්වා දීම සිදු කරනු ලබනවා.ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේදී පමණ එළිදැක්විම නියමිතව පවතින Android 14 සංස්කරණය මත පදනම් වන One UI 6.0 ද Samsung සමාගම විසින් ඔක්තොම්බර් මාසයේදී පමණ නිල වශයෙන් එළිදැක්විමටත් නියමිත වන බව දක්වන්න පුලුවන්.Android 14 සමඟින් One UI 6.0 සංස්කරණය ලැබෙන Galaxy DevicesGalaxy S series• Galaxy S23 Ultra• Galaxy S23+• Galaxy S23• Galaxy S22 Ultra• Galaxy S22+• Galaxy S22• Galaxy S21 FE• Galaxy S21 Ultra• Galaxy S21+• Galaxy S21Galaxy Z series• Galaxy Z Fold 4• Galaxy Z Flip 4• Galaxy Z Fold 3• Galaxy Z Flip 3Galaxy A series• Galaxy A73• Galaxy A72• Galaxy A54• Galaxy A53• Galaxy A52 (A52 5G, A52s)• Galaxy A34• Galaxy A33• Galaxy A24• Galaxy A23• Galaxy A14• Galaxy A13• Galaxy A04sGalaxy M series• Galaxy M54• Galaxy M53 5G• Galaxy M33 5G• Galaxy M23Galaxy F series• Galaxy F54• Galaxy F23• Galaxy F14 5GGalaxy Xcover series• Galaxy Xcover 6 ProGalaxy Tab series• Galaxy Tab S8 Ultra• Galaxy Tab S8+• Galaxy Tab S8කෙසේ වෙතත් මේ ලැයිස්තුව පිළිබඳව Samsung සමාගම විසින් නිල වශයෙන් තවමත් නිවේදනය කර නොමැති වන අතර ඉදිරියේදි මේ ලැයිස්තුව තුළ යම් යම් වෙනස්කම් සිදුවිය හැක.Sources:SammobileGsmarena
තම පරිශීලකයන්ගේ දත්ත ලබා ගැනීම සඳහා මසකට $2 බැගින් ගෙවීමට Amazon සමාග​ම එකඟ ​බවට වාර්තා වේ
ලෝකයේ අද වන විටeCommerceයනු කවුරුත් දන්නා හොඳින් හඳුනන මාතෘකාවකි. මන්දයත් පැවති අසීරුතා සහ තාක්ෂණයේ දියුණුව හමුවේ ලොව පුරා මෙන්ම අප රට තුළ වෙසෙන පුද්ගලයින් විශාල ප්‍රමාණයක් eCommerce වෙත විශාල උනන්දුවන් දක්වයි. එලෙසෙ ලොව පවතින ප්‍රමුඛතම eCommerce වෙබ් අඩවිය නැතහොත් සමාගම ලෙස සැලකෙන්නේ Amazon සමාගම වේ.Amazon සලකන විට එය භාණ්ඩ හා සම්බන්ධව ඩිජිටල් ලොවට පැමිණියත් මේ වන විට ඉන් පරිබාහිර​ව ප්‍රධාන ව්‍යාපෘති රැසකට අත්පොත් තබා ඇත. මෙම ලිපිය තුළින් පාඨක ඔබ වෙත රැගෙන එන්නේ ආසන්න දිනකදී Amazon සමාගම විසින් නිකුත් කළ සිය පරිශීලකයන්ගේ දත්ත ලබාගැනීම සඳහා මසකට $2 ක මුදලක් ගෙවීමට එකඟ බවට සඳහන් කිරීමේ පුවතයි.Source: www.businessinsider.comවර්තමානය වන විට ඉතාම ප්‍රභල මෙන්ම වටිනා මූලාශ්‍රයක් ලෙස "දත්ත" නැතහොත් "Data" හැඳින්වේ. ඩිජිටල් අවකාශය තුළ මේ වන විට විවිධ ආයතන හා සමාජ මාධ්‍ය ජාලා යෙදුම් ඔවුන්ගේ පරිශීලකයන් සතුව පවතින දත්ත ලබාගැනීමට විවිධ ආකාරයේ වූ ක්‍රම භාවිතා කරයි. Amazon සමාගම විසින් ද මෙවැනිම ක්‍රමෝපායක් අනුගමනය කිරීම සඳහා ඔවුන් තම පරිශීලකයන් වෙත යම් අභිප්‍රේණයක් ලබා දී ඔවුන්ගේ මාසයක කාලය තුළ Amazon ආශ්‍රිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.එහිදී එම පරිශීලකයන් සඳහා මසකට $2 ක පමණ මුදලක් ලබාදෙන අතර එහිදී පරිශීලකයන් විසින් Amazon හි Ad Verification ක්‍රියාවලිය හා සම්බන්ධ වීම සිදුකළ යුතුය. මේ සඳහා ඔවුන් මේ වන විට අවස්ථාව ලබා දී ඇත්තේඑක්සත් රාජධානියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින පරිශීලකයන් සඳහා වේ.Source: www.androidauthority.comඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි Amazon හි FAQ වෙත පිවිසීම මගින් Amazon Shop Panel සාමාජිකයන් සඳහා මෙම Ad verification සක්‍රීය කර ගැනීමට අවස්ථාව ඇති අතර එහිදී එලෙස සක්‍රීය කරගන්නා ලද පරිශීලකයින් සඳහා Amazon තුළින් මෙන්ම ඉන් පරිභාහිරව තෙවන පාර්ශවීය ads පවා නිරීක්ෂණය කළ හැකිවේ.එසේම මෙ ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ මෙලෙස ads නරඹන්නාවූ පරිශීලකයෙක් කුමන ආකාරයේ ads නිරීක්ෂණය කළේද යන්න නිරීක්ෂණය කළ හැකි වීමයි.Amazon සමාගම මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කර ඇත්තේ ඔවුන් තම පරිශීලකයන්ගේ ක්‍රියාකාරීත්වය සහ ads පිළිබඳව ඇති අත්දැකීම් ඉහළ නැංවීම සඳහා මෙම පියවර අනුගමනය කරනු ලබන බවයි. එසේම යම් පරිශීලකයෙකුට අවශ්‍ය වන්නේ නම් මෙම ක්‍රියාවලියෙන් ඉවත් වීමට, ඔහුට ඕනෑම අවස්ථාවක Ad verification හා සම්බන්ධව පවතින ඕනෑම පෞද්ගලික දත්ත ඉවත්කළ හැකි බවයි.කෙසේ නමුත් මේ සියලුම ආකාර මගින් සිදුවන්නේ පරිශීලක දත්ත වෙනත් පාර්ශවයක් මගින් නිරීක්ෂණය කිරීමක් වේ. මන්දයත් මීට පෙර Facebook සහ Google සමාගම විසින් මීට පෙර තම පරිශීලකයන් සඳහා මෙවැනිම ආකාරයේ ක්‍රියාවලීන් යටතේ පරිශීලක දත්ත ලබා ගැනීම සිදුකර ඇත. මෙයින් වැඩි හානියක් නොවූවත් ඇතැම් පිරිස් පවසන්නේ එය පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට සිදුකරන බාධාවක් ලෙසයි.නමුත් අප වටහාගත යුතු දෙය නම්විවෘත ආර්ථික රටාවක් සහ දියුණු තාක්ෂණයක් සහිත මෙම කාලවකවානුව තුළ ඕනෑම අයෙක් තවත් නිරීක්ෂකයෙකු යටතේ සිටීමට ඇති සම්භාවිතාවය ඉහළය.Sources:businessinsider.comandroidauthority.com
Sony Xperia One Mark ll - බොහෝ දෙනා නොදන්න කැමරා වීරයා
Sony සමාගම මීට වසර කීපයකට පෙර Smartphone හා Regular Phone නිපැයුම් කරුවන් අතර ප්‍රමුඛ ම අයෙක් උවත් එම ස්තානය අහිමි වී දැන් වසර කිහිපයකි. ඔවුන් නැවත එම වැරදි සකසාගෙන ඉදිරියට එන්නට පටන්ගෙන දැන් වසර දෙකකි ඒ වසර දෙක ඇතුලත ඔවුන් එතරම් සිත් ඇදගන්නා සුලු නිපැයුම් ඉදිරිපත් නොකලද මෑතකදි හදුන්වා දුන් Sony Xperia One Mark ll දුරකතනය කාගේ කාගේත් සිත් ඇදගන්නේ අප තුල සිටි Sony / Sony Ericsson වලට ආසා කල කුඩා කල මතක අවදි කරමිනි.Sony යනු ලොව ප්‍රමුඛ පෙලේ TV , Mirror Less Camera , Sound System නිපදවන්නෙකි. ඔවුන්ට මේ මුලිකයන් තුන මනාව Smartphone එකකට එක්කර ගැලපෙන මුදලක් දීමට හැකි වුවහොත් එය අනිවාරයෙන්ම ඉදිරියට ආ යුතුය. ඉතිං මේ සියල්ලෙන් කීපයක් හැරෙන්නට බොහෝ කරුනු සපුරන්නට Sony Xperia One Mark ll හට හැකිව තිබෙනවා.Sony Xperia One Mark ll දුටු පමනින් පෙර වසරේ එලි දැක්වූ Sony Xperia One දුරකතනය සිහිවන අතර එයට හෙතුව පෙනුමෙන් ඉතාමත් සමාන නිසායි ඒත් එයට වඩා Sony Xperia One Mark ll තවත් mature device එකක් බව මනාව පැහැදිලි වෙනවා. ඉතිං මේ Sony Xperia One Mark ll හට 21:9 aspect ratio එකක් සහිතයි මේ නිසා one hand user-friendly ගතියක් ඇත්තේ පටු හා දිගින් වැඩි වීම නිසායි. ඒ හේතුවෙන් අගල් 6.5 ක විශාල තිරයක් එක් අතකින් රදවාගත හැකි ලෙස device එකකට ගෙනඑන්න Sony හට හැකි වෙනවා.ඉතිං මේ OLED Display එක 4K resolution එකකින් හා 643 pixels per inch එකකින් යුතු අතර මෙය මෑත කාලයේ top end smartphone අතර වැඩිම resolution එකකින් යුතු තිරයයි. ඒ වගේම මෙම තිරය හා Sony Xperia One Mark ll හි පිටුපස නවතම Gorilla Glass 6 technology මහින් ආරක්ෂා කොට තිබෙනවා. ඉතිං films highest quality එකෙන් බලන්න ආසා ඔයාලට මෙක හොද device එකක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම 21:9 aspect ratio එක නිසා films වගේ දෙවල් වලට ඔබිනවා උනත් YouTube වගේ social media වල ඇති බොහෝ video 16:9 aspect ratio එකට තිබීම නිසා full screen experience එකක් ලබනවා වෙනුවට දෙපස විශාල කලු කොටස් ඇතිව එවා නරබන්නට වෙනවා.ඒ වගේම high resolution හැරුනම 2020 දී බොහෝ smartphone වල ඇති 120Hz තාක්ශනය මෙහි දක්නට නොලැබෙන අතර මෙය 60Hz panel එකකි ඒත් Sony සමාගම motion blur තාක්ශන යොදාගෙන මේ 60Hz තිරය 90Hz මට්ටමට ගෙනනා option එකක්ද include කර තිබෙනවා. මෙය Sony tv වල බහුලව ඔවුන් යොදාගන්නවා. ඒ වගේම Sony මේයට ඔවුන්ගේ flagship Tv වල එන තාක්ශනයන් යොදා ඉතාමත් ඉහල Quality viewing experience එකක් වගේම 1080p දසුන් 4K දක්වා upscale කිරීමේ හැකියාවද මෙය සතු වෙනවා. එ සේම බොහෝ දුරකතන වල දක්නට නොලැබෙන මට්ටමට මේ display එක අපිට ඔබින ලෙස වෙනස් කරන්නට හැකි වෙනවා එය නිසා content creator කෙනෙක්ට අවශ්‍ය පරිදි සකසාගන්නට පුලුවන් වෙනවා.Sony Xperia One Mark ll හි ඊලග සිත්ගන්නා සුලු දේ නම් එහි camera එකයි. ඉතිං ලොකේ බොහෝ ප්‍රමුඛ පෙලේ smartphone වල sensor සකසන්නේ Sony නිසාවෙන් හා ඔවුන්ගේ Sony mirror less camera line up හෙතුවෙන් මෙය ඉතාමත් පහසු දෙයක් ලෙස ඔබට හිතිතෙන්නට පුලුවන්. ඒත් නැවතත් hardware පමනක් smartphone photography වලට ප්‍රමානවත් නොවන බව Sony Xperia One Mark ll හිදී සනාත වන්නේ ප්‍රමුඛ smartphone camera තරම් හැකියාවන් නොදැක්වීම නිසයි. හැබැයි වැරදියට තෙරුම් ගන්න එපා ලොකේ හොදම photos ගන්න පුලුවන් smartphone එක Sony Xperia One Mark ll කරගන්නත් ඔයාට පුලුවන්. එකට හෙතුව නම් Sony Xperia One Mark ll හි කැමරාව DSLR එකකට සමානව නිපදවා තිබීමයි.මෙහි Photography Pro හා Cinema Pro යන application මගින් Sony mirror less camera හා Sony cinema camera interface එකක් සමග එවාගේ ඇති බොහෝ features ලබාදෙන්නට ඔවුන් සමත් වෙනවා. මෙහිදී ඔබට කාලය ගෙන settings සකසා photography හෝ videography කරනවා නම් ඉතාමත් හොද results ලබාගන්නට පුලුවන්. ඒත් Sony Xperia One Mark ll හි ඇති simple camera application එක නම් software වල දුර්වලතාව හා computational photography දුවලතා හෙතුවෙන් පියවර කිහිපයක් පසු පසින් සිටින්මට වෙනවා මේ නිසා මෙය point and shoot camera එකකට වඩා pro camera එකක් කියනවා නම් නිවැරදී.Sony Xperia One Mark ll හි කැමරා 5 ක් තිබෙනවා ඉන් 4ක් පිටුපස තරමක් උස් වූ කොටසක පිහිටන අතර මෙහි 12MP f/1.7 wide, 12MP f/2.4 telephoto සහ 12MP f/2.2 ultrawide කැමරාවක්ද, 0.3MP time of flight sensor එකකින්ද යුක්ත වෙනවා. මේ සදහා ZEISS optics යොදාගෙන ඇති අතර sun flayer වලක්වන ZIESS T* coating එකකින්ද යුක්ත වෙනවා. ඒ වගේම ඉදිරිපස 8MP selfie shooter එකක්ද තිබෙනවා. පිටු පස කැමරා මගින් Sony alfa 9 flagship mirror less කැමරාව මෙන් 20fps continues shooting කිරීමේ හැකියාව ඇති අතර මෙය වෙන කිසිදු smartphone එකකට නොමැති දෙයකි ඒ වගේම Sony camera වල ඇති eye auto focus හා face detection auto focus වැනි ඉතාමත් වටිනා තාක්ශනයන් හෙතුවෙන් ඉතාමත් වේගවත් හා පැහැදිලි photos ලබාගන්නට හැකිවී තිබෙනවා.Photography Pro App එක ඔස්සේ තවත් බොහෝ Sony mirror less camera features ගොඩක් හදුන්වා දී ඇති නිසා මෙය එදා මෙදා තුර ඉතිහාසයේ හොදම manual mode එකක් ඇති smartphone එකක් බව කිව හැකී. ඒ වගේම Cinema Pro App එක ඔස්සේ 4K 60fps video record කිරීමටත් , 120fps 1080p slow motion video කිරීමටත් Sony cinema camera වල මෙන් විවිද colors grading effects add කිරීමටත් වෙනත් කිසිම දුරකතනයක නැති video noise canceling හා sound enhancement features රැසක් සිදුකල හැකි වෙනවා.එනමුත් මෙ සියල්ල Pro apps හරහා manual mode තුලින් කල යුතු අතර සාමාන්‍ය camera app එකෙහි කිසිවක් නැති අතර video 1080p වලට පමනක් සීමා වෙනවා. නැවත නැවතත් මෙය pro users ලා එල්ල කොට පමනක් නිපැයු smartphone එකක් බව මෙයින් පසක් වන්නේ general consumers ලා නැවතත් අමතක කරමිනි. එසේම ඉදිපස 8MP selfie camera ව top smartphone වලට වඩා ඉතා දුර්වල results පෙන්වන නිසා ඒ පිලිබද නොසලකා හැර ඇති බව වැටහෙනවා.Capture the previously impossible with up to 20 fps AF/AEUp to 60 times per second continuous AF/AE calculationThe sensor designed for speedSony Xperia One Mark ll හි specifications ගැන නම් ලොකු වරදක් කීමට නැ දැනට ඇති powerful ම android smartphone processor එක වන Snapdragon 865 SoC එකත් 8GB Ram එකකුත් 256GB internal storage එකක් හා expandable storage option එකකින්ද යුක්ත වෙනවා. මෙහිදී අනෙක් top end smartphone 12GB හා 16GB මට්ටම කරා ram එක උසස් කරද්දි Sony 8GB මත රැදීම කනගාටුවකි මන්ද android යනු spec hungry os එකක් නිසා අනාගතයේදී slow වීම් වලට ලක් වන්නට පුලුවන්.ඒ වගේම මෙහි 5G ready තාක්ශනය ‍යොදාගන්නා අතර එම නිසාවෙන් ගිය වර Sony Xperia One වලට වඩා මුදලින් ඉහල අගයක් ගන්නට හෙතු වෙනවා නමුත් top end smartphone මෙන් නොව මෙය 5G ready නැතිනම් sub 6 5G තාක්ශනය ‍යොදාගන්නා අතර millimeter wave තාක්ශනය ‍යොදා නොගැනීමද මෙම price range එකේ දුර්වලතාවයකි. කෙසේ වෙතත් 5G අවශ්‍ය නැති නම් Sony Xperia One Mark ll හි 4G version එකක්ද මිලදී ගත හැකි බව Sony ප්‍රකාශ කරනා අතර එය මිලෙන්ද අඩු වනු නිසැකයි.ඒ වගේම මෙහි 4000mAh battery එකක් ඇති අතර මෙය අනෙක් smartphone මෙන් විශාල අගයක් නොවුනද 4K display එකක් තිබියදීත් Sony Xperia One Mark ll හට සම්පුර්ණයෙන් දවසක කාලයක් සාමාන්‍ය usage එකකින් ගත කිරිමට හැකියාව තිබෙනවා. ඒ වගේම Sony Xperia XZ3 හි wireless charging දුර්වලතාවය හෙතුවෙන් Sony Xperia One හට wireless charging පහසුකම ගිය වසරේ නොලැබුනත් මෙවර Sony Xperia One Mark ll හට fast wireless charging පහසුකම ලැබී තිබෙනවා.ලොව බොහෝ manufacture ලා 3.5 mm headphone jack එක ඉවත් කරද්දි Sony ද ගිය වසරේ Sony Xperia One වෙතින් මෙය ඉවත් කලත් Sony Xperia One Mark ll හි නැවතත් 3.5 mm headphone jack එකක් පැමිනී තිබෙන අතර මෙයද pro consumers ලාගේ දැවැන්ත ඉල්ලිමක් උනා. කෙසේ වෙතත් dedicated deck එකක් නම් Sony Xperia One Mark ll හි පිහිටන්නේ නෑ. නමුත් ඉතාමත් හොද sound quality එකක් එමගින් ලබාගන්නට හැකි වෙනවා නොඅනුමානයි.ඒ වගේම බොහෝ Sony smartphone මෙන් Sony Xperia One Mark ll ද IP65/IP68 dust and water resistant වෙනවා.තවද Sony බොහෝ smartphone manufacture ලා මෙන් face detection biomatrix සහ in display fingerprint වෙනුවට simple power button fingerprint sensor එකක් හදුන්වා දී තිබෙනවා. මෙය ඉතාම වෙගවත් නොවුනත් බොහෝ in display fingerprint මෙන් දුර්වලතා වලින් තොර වීම වැදගත් වෙනවා. Sony Xperia One Mark ll , 181.4g ක බරකින් යුක්ත අතර 165.1 x 71.1 x 7.6mm ක ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා. ඒ වගෙම මෙය Black , White හා Purple යන Classic වර්නයන්ගෙන් පැමිනෙනවා.Sony Xperia One Mark ll ප්‍රදානම දුර්වලතාවය වන්නේ එහි මුදලයි. ඔනෑම device එකක් කොතරම් හොද මට්ටමකට නිපැයුවත් එම කාලයේ ඇති ඒ මට්ටමේ දුරකතන හට කරට කර තරගයක් දෙන්නට තරම් හැකි වන මට්ටමේ මිලකට හදුන්වා දුන්නේ නැති නම් එම device එක අනිවාරයෙන්ම fail වෙනවා. ඉතිං Sony කියන්නේ returning smartphone manufacture කෙනෙක් මේ වගේ කෙනෙක්ට ලොකු fan base එකක් නෑ Apple හෝ Samsung තරම් ඉතිං හොද තරගයක් දෙන්නට වගේම fan base එකක් market එකක් ගොඩ නගාගන්න හොද මිලක් තිබීම වැදගත් වෙනවා.ඉතිං මේ Sony Xperia One Mark ll දුරකතනය $1199ක මුදලකට Sony නම් කිරීම නැවත Sony වෙත එන්නට යන පැරණි Sony fans ලා ට මෙන්ම නව ගැනුම් කරුවන්ටත් මෙය මග හැරීමට හෙතුවක් වෙනවා $999 වේ සිට ඇති iPhone , Samsung Flagship අතර Sony Xperia One Mark ll $1199 ක් ඉල්ලීම Samsung galaxy s20 ultra මට්ටමට ගෙන ඒමකි. නමුත් s20 ultra තරම් wow factor එකක් නොතිබීම නිසා මෙය අදික මුදලක් ලෙස බොහෝ දෙනාට වැටහෙනු ඇත ඒ වගේම මෙහි 4G version එකක් එන්නට නියමිත අතර එය $999ක් හෝ $1099ක් වෙනු ඇත.කෙසේ වෙතත් Sony මෙම මිල යම්තාක් දුරකට සාදාරනයි කරනය කරන්නට Sony WF-1000XM3 Ture wireless noise cancel ear buds හෝ Sony WH-1000XM3 Wireless Noise cancel headphone එකක් නොමිලයේ ලබාදීමට කටයිතු කර ඇත. මෙය pre orders වලට පමනක් දෙන බව පැවසුවත් දිගටම ලබාදෙන්නට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසනවා. මෙ earbuds නැතිනම් headphone $230 සිට $349 දක්වා පරාසයක ඇති නිසා Sony Xperia One Mark ll හි මූලික ඉල්ලුම් මුදලින් එය අඩු කල විට $969 සිට $848 ක මුදලක් Sony Xperia One Mark ll හට ලැබෙන අතර මේ මුදලට නම් මේ දුරකතනය ඉතාමත් වටිනාකමකින් යුක්ත වෙනවා. ඉතිං මෙය සලකා බැලීම වැදගත් වෙනු ඇත.කෙසේ වෙතත් 2020 දී ඇති වූ කරදර කාරී තත්ව හෙතුවෙන් MWC 2020 හිදී එලි දැක්වීමට තිබූ Sony Xperia One Mark ll දුරකතනය online event එකක් මගින් මෑතදී එලි දැක්වූ අතර Sony products සදහා වැඩි ඉල්ලුමක් ඇති ජපානයේදී මෙය May 28 දින ලබාගත හැකිවූ අතර යුරෝපයේදී June 18 ත් ඇමරිකාවේ දී July 24 ත් එලිදැක්වීමට නියමිතයි කෙසේ වෙතත් මෙය ඔස්ට්‍රේලියාවට හදුන්වා නොදීමට Sony තීරනය කර ඇත.අවසානයේදී හොද display එකක් හොද camera experience එකක් හා Sony DNA සහිත user experience එකක් ලබාගන්නට ඔයාලත් ආසයි නම් Sony Xperia One Mark ll ඔයාලට ගොඩක් හොද choice එකක් වෙනවා නොඅනුමානයි.All image and detail courtesy:Sony
Google Bookmarks පහසුකම සැප්තැම්බර් මාසයේදී නවතා දමන බව Google ආයතනය පවසයි
Google සමාගම විසින් 2005 වර්ෂයේදී "Cloud Based Storage" පාදක කොට ගෙන ඒ සඳහා "Google Bookmarks" පහසුකම ආරම්භ කරන ලදී.මෙම පහසුකම එලැඹෙන සැප්තැම්බර් 30 න් පසු සම්පූර්ණයෙන්ම නවත්වා දමන බව Google සමාගම ප්‍රකාශ කර තිබෙනවා.  මේ වන විට Google සමාගමGoogle Bookmark හි නිල වෙබ් පිටුවේවිශේෂිත වූ බැනරයක් මඟින් මේ බව සනාථ කර ඇත. එසේම අවශ්‍ය නම් තමාගේ Bookmarks Export කරගන්නා මෙන් Google ආයතනය විශේෂිත Link එකක් මඟින් සඳහන් කර දක්වා තිබෙනවා.කෙසේනමුදු, මෙම සේවය සහමුලින්ම ඉවත් කරත් පරිශීලකයන්ගේ Browsing Bookmarks සහ Google Map සඳහා කිසිඳු ආකාරයක අපහසුතාවක් ඇතිවන්නේ නැතැයි Google ආයතනය තවදුරටත් දක්වා තිබෙනවා.2005 වර්ෂයේ පටන් ඉතා හොඳින් ක්‍රියාත්මක වූ මෙම පහසුකම Cloud පහසුකමක් මගින්  පරිශීලකයන්ට ඔවුන්ගේ Bookmarks Save කර තැබීමට, Notes සහ Label මෙන්ම වෙබ් අඩවි වල Save කළ දත්ත සෙවීම සහ Short කිරීමද සිදුකරන ලදී.Source -Google Bookmarks,Gadgets 360
ඇමරිකානු සම්බාධක මැද 2023 දී Huawei සමාගම $ බිලියන 100 ක ආදායමක් ඉපයීමට සමත් ​වේ
Huawei සමාගම 2023 දී ඇමරිකානු ඩොලර් බිලියන 98.5 ක ආදායමක් අපේක්ෂා කරන බව Huawei සමාගමේ නියෝජ්‍ය සභාපති අලුත් අවුරුදු පණිවිඩයකින් පැවසූ බව ලෝක ප්‍රකටරොයිටර්ස් පුවත් සේවයපවසනවා. එය වාර්ෂික ආදායමෙන් 9% වර්ධනයක් වන අතර, 2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 93.5 ක ආදායමක් වාර්තා කරලා තියනවා. ගෝලීය ආර්ථිකයට පනවා ඇති සම්බාධක සමඟ සලකා බැලීමේදී එය සැලකිය යුතු වර්ධනයක් ලෙසයි පැවසෙන්නේ.Mate 60 Smartphone lineup නිකුත් කිරීමෙන් පසු මෙම වේගවත් දියුනුව වාර්තා වූ අතර, in-house developed Kirin 9000S Chipset ද ඇතුලත්ව අති නවීන අංග රාශියක් සමඟ පැමිණි බව බොහෝ දෙනෙක් දන්නා කරනාවක්. කෙසේ වුවත් සමාගම වෙත එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක නොතකා එම අංග ඉදිරිපත් කිරීමට Huawei සමාගම සමත් වූයෙ කෙසේද යන්නත්, බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ මාතෘකාවකී.Image gizmochinaසැප්තැම්බර් මස අවසානය වන විට, චීන Smartphone වෙළදපොළෙන් 14% ක කොටස් ග්‍රහණය කර ගැනීමට Huawei සමාගම සමත් වූ අතර එය චීනයේ පස් වෙනි ස්ථානයටද පත් විය.Huawei නැවත වරක් වේගයෙන් වර්ධනය වීමත් සමඟ වෙනත් වෙළද නාමයන් ඔවුන් දෙස මදක් වුවමනාවෙන් බැලිය යුතු බවයි මගේ අදහස.Source:sammobile.comwww.cnet.com
Huawei සමාගම විසින් ලොව ප්‍රථමවතාවට තුන්වරක් නැමිය හැකි දුරකථනයක් එළිදක්වයි
Huawei සමාගම මීට පෙරද 2019 දී mate X, 2020 දී mate XS, 2021 දී mate X2 ලෙස foldable phones පෙළක් නිකුත් කරල තියෙනවා. Mate XT ultimate ලෙස ලොව ප්‍රථම වතාවට තුනට නැමිය හැක දුරකථනයක් Huawei සමාගම පසුගිය 10 වෙනිදා එළිදැක්වුවා. විශේෂම කාරණය වෙන්නෙ මේ phone එක ගැන නිවේදනය කර තිබෙන්නේ iPhone 16 release කරල පැය කිහිපයකට පසුවීමයි. ඒ වගේම දැනටමත් per-orders 3M ඉක්මවල තියෙනවා කියලත් වාර්තා වෙනවා.අපි දැං Huawei XT ultimate phone එකේ specs ගැන බලමු.DisplayFoldable phone එකක විශේෂම දේ වෙන්නෙ Display එක. මේ phone එක නැමෙන්නෙ 'Z' හැඩයට. සාමාන්‍යය phones තුනක් combine කරාම එන look එකට සමානයි.Three Fold phone එකක් නිසා ආකාර තුනකට phone එක බලාගන්න පුළුවන්. Normal එදිනෙදා පාවිච්චි කරන phone එකක් ලෙස,දෙකට නැමිය හැකි phone එකක් ලෙස සහ ටැබ්ලටයක් ලෙස ආකාර තුනකට phone එක තියන්න පුළුවන්. අඟල් 6.3 සහ 10.2 අතර වෙනසක් බලාගන්න පුළුවන් නවද්දි සහ නවන් නැතුව තියෙද්දි.120Hz refresh rate එකක් එක්ක tri-foldable LTPO OLED display එකක් තමා තියෙන්නෙ. Main display එකේ resolution එක 2232 × 3184 pixels. දෙවෙනි display එකේ 1008×2232 pixel resolution එකකුත් තුන් වෙනි එකේ 2048×2232 pixel resolution එකකුත් බලාගන්න පුළුවන්. මේ දෙකෙත් 12Hz refresh rate එකක් තමා තියෙන්නෙ.Chipset, Ram, Storage, OSKirin 9010 (7nm) chipset එකෙන් තමා Huawei XT ultimate phone එක බලගැන්වෙන්නෙ. CPU එක octa-core CPU එකක්. ඒවගේම Ram එක දැනට සදහන් වෙන්නෙ 16Gb විදිහට. Storages 256Gb, 512Gb, 1Tb විදිහට බලාගන්න පුළුවන්.Harmony OS 4.2 කියන operating system එක තමා මේකෙ තියෙන්නෙ.Batteryඅවශ්‍ය වෙලාවට Display තුනකට power එක දෙන්න පුළුවන් විදිහට Si/C 5600 mAh non-removable battery එකක් තමා මේකෙ තියෙන්නෙ. Wired විදිහට 66W නුත් Wireless විදිහට 50W නුත් phone එක charge කරන්න පුළුවන්.CameraPhone එකේ පිටුපසින් වම් පැත්තට බර වෙලා රවුම් හැඩැති bump එකක් ඇතුළෙ camera setup එක බලාගන්න පුළුවන්. 50MP wide cam එකකුත්, 12MP periscope telephoto cam එකකුත්, 12MP ultrawide cam එකකුත් බලාගන්න පුළුවන් මේකේ. 4K, 1080p වලින් video කරන්න පුළුවන්. Selfie cam එක 8MP. ඒකෙනුත් 4K වලින් video කරන්න පුළුවන්.Sensorසාමාන්‍යය flagship phone එක බලාගන්න පුළුවන් Fingerprint එක, Accelerometer එක, gyro එක, proximity එක, compass එක, barometer එක මේකෙත් තියෙනවා.Bluetooth 5.2, Wi-fi 7 support. ඒවගේම dual sim support කරනවා.මේකෙ Red සහ Black කියල colors දෙකක් තියෙනවා. මිල සදහනෙ වෙම්මෙ $2,809 - $3,371 දක්වා පරාසයක. Storage එක සහ memory ඒක මත ඒක රදා පවතිනවා.සැප්තැම්බර් 20 ඉදං මේක මිලදී ගන්න globally release වෙනවා.Source:Huawei
තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි
Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා. Apple සමාගම එහිදී ප්‍රකාශ කර සිටි ආකාරයට මේ හරහා අපගේ අවට පරිසරය සමඟින් digital අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලැබෙනවා. මේ නව තාක්ෂනය Apple සමාගම විසින් Spatial Computing යන නමින් හදුන්වනු ලබනවා.නව Vision Pro ඔබගේ ඇස්, අත් චලන සහ කට හඬින් පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඇඟිලි දෙකක් එකට tap කිරීමෙන් select කිරීමටද, flick කිරීමෙන් scroll කිරීමට හැකිවීම එහි එක් අංගයක්.මෙහි ඇති සුවිශේෂීම විශේෂාංගයක් වන්නේ ඔබ ඉදිරියට කවුරුන් හෝ පැමිණියහොත් ඒ හරහා ඔබට ඔවුන්වද පෙනීමයි. එමෙන්ම Vision Pro එක හරහා ඔබගේ ඇස් ඔවුන්ට බලා ගැනීමටද හැකියාව ලැබෙනවා. නමුත් ඔබගේ දර්ශන පථයට ඒ හරහා බාධාවන් සිදුවන්නේ නෑ.Vision Pro, Mac පරිගණක සමඟින් wireless ආකාරයට කටයුතු කරනු ලබන අතර Mac පරිගණකයේ උපාංගද මේ headset එක සමඟ කටයුතු කරනු ලබනවා. මෙම headset එක M2 chip එකකින් සහ ඒ සඳහාම නිපදවූ R1 නම් ව​න custom media co-processor එකකින් බල ගැන්වෙනවා. Vision Pro සතුඅව spatial photos සහ videos capture කිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව හොදින් එළිය ඇති කාමරයක පවා අදුරු theater එකක් simulate කිරීමේ හැකියාව මේ සතුව පවතිනවා.M2 සහ R1 සමඟින් Vision Pro බලගැන්වෙන ආකාර​යමෙහි ඇති තවත් සුවිශේ​ෂී විශේෂාංගයක් වන්නේ උපැස් යුවලයන් පළදින අයට පවා සහය දක්වන ආකාරයේ පහසුකමක් එකතු කර තිබීමයි. Apple සමාගම පවසන ආකාරයට Vision Pro සඳහා වෙනම කාච සවි කිරීමේ හැකියාව පවතිනවා.වෙනම කාච සවි කිරීමේ හැකියා​වබැටරියෙන් ක්‍රියාකරන විට උපරිම පැය දෙකකට ආසන්න කාලයක් මෙම Vision Pro එක ක්‍රියාත්මක කල හැකි අතර නොකඩවා විදුලිය සපයන විට මුළු දිනය පුරා භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. Vision Proහි තිරය microLED භාවිතා කර නිපදවා ඇති අතර එහි පික්සල් මිලියන 23කින් යුතු පැනල් දෙකක් සමන්විත වනවා. එය 4K TV එකක ඇති pixel ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නා බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.Vision Pro බලගැන්වෙන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන visionOS විසිනි. මේ වන විටත් Microsoft සහ Zoomහි යෙදවුම් සියල්ලම visionOS සඳහා සහය දක්වන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇති අතර ලක්ෂ ගණනක් වන iPad සහ MacOS යෙදවුම් ස්වයංක්‍රීයවම visionOS සඳහා සහය දක්වන බව Apple සමාගම ප්‍රකාශ කර සිටිනවා.visionOS සඳහා යෙදවුම් සහය දක්වන ආකාර​යApple සමාගම විසින් මේ වන තෙක් හදුන්වාදුන් ඔවුන්ගේ ආරක්ෂිත ක්‍රම වේදයන් වන TouchID සහ FaceID වෙත නවතම සාමාජිකයෙක් එකතු කරමින්  Vision Pro වෙත OpticID නම් වන නව biometric ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබුවා. එය ක්‍රියාත්මක වන්නේ ඇස සමඟිනි.OpticIDඅවසානයට Apple සමාගම විසින් Vision Pro හි මිල නිවේදනය කරනු ලැබූ අතර එය ඇමරිකානු ඩොලර් 3,499ක් ලෙසින් සටහන් වුනා. Vision Pro නිකුත් කිරීම ලබන වසරේ මුලදී සිදු කරන බව Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.මේ article එක ලියන්නේ කොහොමද, කොතනින්ද පටන් ගන්නේ, කොහොමද ඉවරකරන්නේ කියල හිතාගන්න බැරුව තමයි ලිව්වේ. ඒ තරම් innovative product එකක් තම​යි Vision Pro කියන්නේ. මේ ගැන තව ලියන විදිහ ගැන හිතාගන්න බෑ. ඔයාලට Vision Pro ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්www.apple.com/apple-vision-prowebsite එකට ගියොත්.
Oppo, Vivo සහ Meizu සමාගම් විසින් Huawei සමාගමේ HarmonyOS භාවිතා කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වේ
ඇමරිකානු රජයෙන් පැනවුනු සම්බාධක හේතුවෙන් Google සමාගමේ සේවාවන් වලින් තොරව මෙතෙක් කල් Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කල Huawei සමාගම විසින් මේ වන විට Android වෙනුවට භාවිතා කල හැකි ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන HarmonyOS නමින් වන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.මෙම HarmonyOS එක හඳුන්වා දීමත් සමඟම එය Huawei සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වනු ඇතැයි සඳහන් කරමින් පල වූ මත සනාථ කරමින් අපට වාර්තා වන්නේ Oppo, Vivo සහ Meizu යන සන්නාම නාමයන් යටතේ නිපදවෙන ජංගම දුරකතන ඉදිරියේදී HarmonyOS තම ජංගම දුරකතන සඳහා භාවිතා කිරීමට සූදානම් වන බවයි.ප්‍රසිද්ධ tipster කෙනෙක් වන Abhishek Yadav විසින් Weibo වෙබ් අඩ්වියේ පලවූ පෝස්ට් එකක් ගෙන හැර දක්වන්නේ Oppo, Vivo සහ Meizu ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් HarmonyOS යොදවමින් නිපදවන ජංගම දුරකතන චීන වෙලඳපලට පමණක් අලෙවිය සඳහා නිකුත් කරනු ඇති අතර අනෙකුත් වෙළඳපලවල් සඳහා මෙම ජංගම දුරකතන නිකුත් නොකරනු ඇති බවයි.[ Breaking ] ???Oppo, Vivo & Meizu smartphones will adopt Harmony OS.Via:https://t.co/eeT4lyST5Mpic.twitter.com/UmPt3UW3AF— Abhishek Yadav (@yabhishekhd)May 7, 2021Android සඳහා විකල්පයක ලෙස නිමැවුණු HarmonyOS එකෙ 1.0 සංස්කරණය මේ වන විට මූලික වශයෙන් Smart TV සහ Smart Phones සඳහා භාවිතා කිරීම සඳහා නිකුත් කර ඇති අතර එහි 2.0 සංස්කරණය මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා එලිදක්වා ඇත. එය නිල වශයෙන් එලිදැක්වීම මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.මේ වන විට චීනයේ නිපදවන සියළුම ජංගම දුරකතන සඳහා භාවිතා වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වන අතර, HarmonyOS ව්වැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වීම නිසා ඔවුන්ට එය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම Google සමාගම මත පමණක් යැපීමට සිදු නොවනු ඇත.Android සහ iOS වලට අමතරව තවත් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් තරඟයට පැමිණීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් වනු ඇති බව අපගේ අදහසයි.Source:My Smart Price
2021 වර්ෂයේදී ලොව වැඩිම සෙවුම් වාර ගණනක් හිමි වූ සෙවුම් Google සමාගම එලිදක්වයි
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේදි ගෙන එන Youtube Rewind විඩියෝව අත්හැර දැමීමට මිට පෙර තිරණය කරනු ලැබුවා. ඒ අනුව2020 වසරේ සිට Youtube Rewind විඩියෝවක් බලාපොරොත්තු විමේ හැකියාවක් ලැබෙන්නේ නැ. කෙසේ වෙතත් Google සමාගම සුපුරුදු පරිදි Google Play’s Best of 2021 apps and games හා YouTube Music Recap 2021 ආදිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවා.ඒ වගේම දැන් 2021 වසර සදහා Google Search Trends පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. එහිදි 2021 වසර තුල Google Searchහි වැඩිපුරම Search වු දේවල් පිළිබඳ Google සමාගම විසින් Google Search Trends - 2021 Highlight Video Clip එකක් ද Google සමාගම විසින් නිර්මාණය කර තිබෙනවා.2021 වසර තුල Google Searchහි Top Trending lists පහත දක්වා තිබෙනවා.SearchesAustralia vs IndiaIndia vs EnglandIPLNBAEuro 2021NewsAfghanistanAMC ShockCOVID VaccineDogecoinGME StockActorsAlec BaldwinPete DavidsonAryan KhanGina CaranoArmie HammerAthletesChristian EriksenTiger WoodsSimone BilesEmma RaducanuHenry Ruggs IIIFoodsBirria tacosNasi gorengFeta pastaCharcuterie board生姜 焼きGamesPopCatFIFA 2022Battlefield 2042Monster Hunter RiseResident Evil VillageMoviesEternalsBlack WidowDuneShang-Chi and the Legend of the Ten RingsRed NoticePassingsDMXGabby PetitoMarília MendonçaPrince PhilipBrian LaundriePeopleAlec BaldwinKyle RittenhouseChristian EriksenTiger WoodsSimone BilesSongsdrivers license, Olivia RodrigoMONTERO (Call Me by Your Name), Lil Nas XINDUSTRY BABY, Lil Nas X feat. Jack HarlowFancy Like, Walker HayesMAPA, SB19Sports TeamsReal Madrid CFChelsea F.C.Paris Saint-Germain F.C.FC BarcelonaSociedade Esportiva PalmeirasTV ShowsSquid GameBridgertonWandaVisionCobra KaiLokiSource:Xda developers