title
stringlengths
22
149
text
stringlengths
112
31.4k
දරුවන් නොලැබීමට තීරණයකර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ
"දරුවෝ හදන්නේ නැති එක අපි දෙන්නගෙම පෞද්ගලික තීරණයක් නිසා කවුරු මොන කතා හැදුවත් අපි දෙන්නම ගණන් ගන්නේ නෑ. වෙලාවකට මට හිතෙනවා මං දරුවෙක් නොහදන්නේ දරුවට ආදරේ නැති නිසා නෙමෙයි, ආදරේ වැඩි නිසා කියලා. මං හිතන විදියට, ඇත්තටම දරුවන්ට ආදරෙ මිනිස්සු හදන්නන්වාලේ දරුවෝ හදන්නෑ," ඔවුන් දරුවන් නොලැබීමට තීරණය කළේ ඇයිදැ යි අප ඇසූවිට 'සුචේතා' මෙසේ පවසයි. ශ්‍රී ලංකාවේ සමාජය අතිප්‍රමුඛ වශයෙන් විවාහය තුළ අනිවාර්යයෙන් දරුවන් ලැබීමට පක්ෂ ය. ජනප්‍රිය සංස්කෘතිය සෑම විටම මාතෘත්වයේ ශ්‍රේෂ්ඨත්වය සහ දැඩි ප්‍රීතිය නිරන්තරයෙන් ගෙනහැර දක්වන්නට හැකි සෑම විටම උත්සුක වෙයි. ශ්‍රී ලාංකික සමාජයට පමණක් නොව දකුණු ආසියාවටම පාහේ පොදු වන මේ ගතිලක්ෂණය නිසාවෙන්, විඵලතාව නිසාවෙන් හෝ පුද්ගලික තෝරාගැනීම නිසාවෙන් දරුවන් නොලබන විවාහක යුවළ, විශේෂයෙන්ම කාන්තාවන්, පවුල හා සමාජය තුළ පීඩාවට ලක්වීම දැකගත හැකිවිය. එනමුත් දැන් දැන් ශ්‍රී ලංකාවේ ඇතැම් කාන්තාවන් හා ඔවුන්ගේ සහකරුවන් විවාහය තුළ දරුවන් නොලැබීම එළිපිටම තෝරාගෙන තිබේ. අප සමාජ මාධ්‍යයන්හි ඇතැම් සමූහයන් තුළ මේ සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට මෙවැනි කාන්තාවෝ පිළිතුරු දෙමින්, ඔවුන් දරුවන් නොලැබීම සඳහා තීරණය කිරීමට විවිධාකාර හේතු ඉදිරිපත් කළහ. ඔබ කිසිදා දරුවන් නොලැබීමට තීරණය කළේ ඇයි? - කාන්තාවන්ට පැනයක් මේ කාන්තාවන් දරුවන් නොලැබීම සඳහා කළ තෝරාගැනීම්වලට, ඔවුන් වගකීම් අඩු සැහැල්ලු දිවියක් ගත කිරීමේ කැමැත්තෙන් යුතුවීම, ආර්ථිකව ස්ථාවර නොවීම, කුඩාකල ඔවුන්ගේ සොයුරු සොයුරියන් හදා වඩා ගැනීමට සිදුවීම, පරම්පරාවෙන් පැවතෙන ලෙඩරෝගවලින් යුතුවීම හා අස්ථාවර ලොවකට දරුවෙකු ගෙනඒමට ඇති අකමැත්ත යනාදී බොහෝ කාරණා හේතුවී තිබුණි. ඔවුන්ගේ පුද්ගලිකත්වය සුරැකීම සඳහා අපි මේ සියලු කාන්තාවන් ව්‍යාජ නාමයන්ගෙන් අමතමු. "අපිට හොඳ ආර්ථික ස්ථාවරයක් නෑ," අපගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස අචිනි සටහන්කර තිබුණා ය. "අපිට බයිසිකල් කටුවක් වත් නෑ වාහනයක් කියලා. අපි සතියෙ දවස්වලට නම් පාරෙ වැඩ කරන CTB එකෙන් තමයි ගොඩක් ගමන් බිමන් යන්නෙ. වීකෙන්ඩ්ස්වල ඒක නැති නිසා බස් එකකට නගින්න ගොඩක් දුර පයින් යන්න ඕන. ඒ දුක ළමයට දෙන්න බෑ," ඇය පවසයි. මියුරි පවසන පරිදි ඇය දරුවන් නොලබන්නේ බොහෝකොටම මෙලොව වර්තමාන තත්ත්වය හේතුවෙනි. "දරුවන්ට ගොඩක් ඇලිළා ඉන්න දෙමව්පියන්ගේ පූර්වාදර්ශ නිසා ඇතිවෙච්ච බය එක හේතුවක්. අනික state of the world. නගරබද, දරුවෙක්ට තව දුරටත් සුවදායක පරිසරයක ජීවත්වීමේ අවස්ථාව නෑ. පෘථිවිය මිනිස් වාසයට නුසුදුසු බවට පත් වෙමින් යද්දි, වෙළඳපළ අවශ්‍යතා වෙනුවෙන් මිනිස්සුන්ගෙ brain chemicals පාවිච්චි වෙද්දි, දුප්පත් රටක පුරවැසියෙක් විදිහට තවත් එක පාරිභෝගිකයෙක්ව ලෝකෙට ගේන වගකීම බාරගන්න මම කැමති නෑ," ඇය ප්‍රකාශ කරයි. සුචේතා හා ඇගේ සහකරුවා මෙම තීරණය ගෙන තිබෙන්නේ හුදෙක් ජීවිතය සැහැල්ලුවෙන් විඳීමේ ආශාවෙනි. "මම මානසිකව සූදානම් නෑ ඒ වගකීම ගන්න. මාව ආත්මාර්ථකාමී විදිහට දකින අය දකිනවා ඇති, ඒත් ඒ මගෙ මතය සහ මට ඕන විදිහ සහ අපි දෙන්නම කැමති විදිහ." "මම ඇත්තටම මේ නිදහසට ලෝභයි, අපි දෙන්නම. වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑට කාලා සෝෆා එකේ හස්බන්ඩ්ට තුරුල් වෙලා ෆිල්ම් එකක් බලන්න, නිවාඩු දවසට තුරුල් වෙලා දවල් වෙනකල් නිදාගන්න, හිතුණ ගමන් දෙන්නත් එක්ක ඇවිදින්න යන්න, දෙන්නත් එක්ක රට රටවල ට්‍රැවල් කරන්න, මේ දේවල් අපි දෙන්නගෙ ජීවිතේ අංක එකට තියන හීන. ළමයි හිටියට ඇවිදින්න බැරි නෑනෙ කියලා කොයිතරම් අය කිව්වත් බෑ තමයි, ඒකයි ඇත්ත. මොකද අපි දෙන්නම ඉතාමත් සාමාන්‍ය පවුල්වල ඉපදුණු, අදටත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන දෙන්නෙක්," ඇය සටහන්කර තිබුණි. පූර්ණිමා ඇයට කුඩාකල විඳීමට සිදුවූ දැඩි ශෝකජනක අහිමිවීමක් හේතුවෙන් දරුවන් නොලැබීමට තීරණයකර තිබේ. "මගේ අම්මා මම පොඩි කාලෙම නැතිවුණා. මට සෑහෙන ලොකු වගකීමක් දරාගන්න වුණා පුංචි කාලෙ ඉඳලම. ඒ වගේම මට මල්ලිවත් බලාගන්න වුණා. මට මොනවා හරි වුණොත්, මම මගේ දරුවට මට වුණු දේ වෙන්න තියන්නෙ නෑ... ඉපදීම කියන්නෙ දුකක්. මට ඉපදෙන්න චොයිස් එකක් තිබ්බෙ නෑ. මම මගේ නොඉපදුණු දරුවට ඒ චොයිස් එක දෙනවා," ඇය පැවසුවා ය. හර්ෂාට අවශ්‍යව තිබෙන්නේ දරුවන් ලැබීම වෙනුවට, ඇගේ දෙමාපියන්ට හැකි උපරිම අයුරින් සැලකීම ය. "අපි දෙන්නම හරිම මධ්‍යම පාංතික පවුල්වල මිනිස්සු," ඇය ලියයි. "සමහර වෙලාවට අපේ අම්මලා තාත්තල සැප කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. ඉතින් අපි දෙන්නම කැමති තාම මේ ලෝකෙට බිහිවෙලා නැති දරුවෙක් හදනවට වඩා මේ ලෝකේ ඉන්න අපේ දෙමාපියන්ට ඒ සල්ලිවලින් සැප දෙන්න. දැන් ටික ටික ඒ දේ කරගන යනවා. අපි දෙන්නම ඒකෙන් මාර ආත්ම තෘප්තියක් ලබනවා," ඇය ඇගේ අත්දැකීම බෙදාගනියි. සාරදා ඇය දරුවන් නොලැබීමට ගත් තීරණය ගැන මෙසේ අදහස් දක්වා තිබුණා ය: "මොන සැප පහසුව දෙන්න අපි උත්සහ කළත් එයාට මූණ දෙන්න වෙන දුෂ්කරතාවලින් මට එයාව ගලවන්න බෑ. ලෙඩක් දුකක් හැදුණත් එයාම එපැයි මූණ දෙන්න... ඉගෙනීම ඉදලා ජීවත්වෙන්න රස්සාවක් කරන එක දක්වාම මට ජීවිතේ දුකක්. ඒක එයාට අත්වෙන්න ඕනේ නෑ කියලා මට හිතෙනවා... මම මහන්සි වෙලා හම්බ කරලා ජීවත්වෙන්න උත්සහ කරලා මැරිලා යයි. එයාටත් ඉතිං ඊට වඩා දෙයක් වෙන්නෑනේ. ඒ නිසා මම දරුවෙක් ඉපදෙනවට ආස නෑ." මේ සියලු කාන්තාවන්ට දරුවන් නොලැබීම සඳහා ඔවුන්ටම පුද්ගලික වූ හේතු කාරණා සේම, එම තීරණය ගැනීම සඳහා ස්වාධීනත්වයක් තිබුණි. නමුත් ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායික සමාජයක කාන්තාවන් මෑතක දී සිට වැඩි වැඩියෙන් දරුවන් නොලැබීමටත්, එම තීරණය ප්‍රකාශ කිරීමටත් පෙළඹීම පිටුපස පවතින සමාජමය පසුබිම පැහැදිලි කරවාගනු පිණිස අපි කොළඹ විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය ගීතිකා ධර්මසේනගෙන් අදහස් විමසීමු. ස්ත්‍රීන්ට මව් පදවිය හා නොබැඳුනු අනන්‍යතාවක් ලැබීම මීට වසර 50කට පමණ පෙර දී ද ලංකාව තුළ සාපේක්ෂව වැඩි වශයෙන් රැකියාවන්හි යෙදුනේ, වැඩි නිදහසක් ලැබුවේ, වැඩි අවස්ථාවන් ලැබුවේ, වැඩි අධ්‍යාපනයක් ලැබුවේ පුරුෂයින් ය. "නමුත් හැත්තෑ ගණන් වෙනකොට මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන්නට ගන්නවා," ආචාර්ය ධර්මසේන පවසයි. "කලින් තිබුණ සමාජයේ පුරුෂයාට පුළුවන් වුණා නම් වැටුපක් අරගෙන... පවුල කියන ඒකකයේ ප්‍රධානියා විදියට ඒක දරාගෙන හිටියා නම්, ඔහුගේ පැවැත්ම විදියට ඒක සහතික වෙලා තිබුණා නම්, ස්ත්‍රියගේ භූමිකාව විදියට තිබුණේ ‘නම්බුව’ - දරුවන් හදලා, පවුල බලාගන්න එක." නමුත් හැටේ දශකයේ අගභාගයෙන් පසු ලෝකයේ දේශපාලනික, ආර්ථිකමය හා කතිකාමය තලයේ ස්ත්‍රී විමුක්තිය සම්බන්ධයෙන් ඇතිවූ අරගලයන් ද හේතුවෙන් ඇතිවූ වෙනස ස්ත්‍රීන්ට බලපෑබව ඇය පවසයි. කාන්තාවන් ද වැඩි වශයෙන් ශ්‍රම බලකායට එකතුවීම ඇරඹුණු අතර ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ස්වාධීනබවක් ලැබුණි. මෙය කාන්තාවට "නම්බුව වෙනුවට ගරුත්වයක්, පිළිගැනීමක් ඇතිව ජීවත්වීමට අවස්ථාව ලැබීමක්"බව ආචාර්ය ධර්මසේන පවසයි. මේ තත්ත්වය තුළ ලැබෙන ස්වාධීනත්වය, වෘත්තීය දිවිය හා සමාජය සමග සිදුකරන ගනුදෙනුව හරහා, මව් පදවිය ලැබීම මඟින්ම පමණක් ඔවුන්ගේ අනන්‍යතාව සහතිකකර ගැනීමට ස්ත්‍රීන්ට සිදුනොවීය. "දැන් [කාන්තාවො] ඉගෙනගන්නවා, ඊට පස්සේ රැකියාවක් කරනවා; මේක ඇතුළෙ දී අර කලින් තිබුණු තත්ත්වයට වඩා තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය ඉතාම සීමිත වෙනවා - නැත්නම් තවත් කෙනෙක් වෙනුවෙන් යොදවන්න තියෙන කාලය ඉතාම සීමිත වෙනවා," ඇය පවසයි. කාන්තාවකගේ අධ්‍යාපන මට්ටම ඉහළයත්ම, ඇය බිහිකිරීමට ඉඩ ඇති දරුවන් ගණන අඩුවනබව දත්තවලින් පෙන්වා දෙයි. පිරිමින් අධ්‍යාපනය ලැබීමට සාපේක්ෂව කාන්තාවන් අධ්‍යාපනය ලැබීම, විවාහවන වයසට සහ දරුවන් ලැබීම ප්‍රමාදවීම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරයි. උගත්කමින් වැඩි කාන්තාවන්ට ඔවුන්ගේ නඩත්තුව ගැන වගබලා ගැනීමට හැකිවන අතර, පවුලේ විශාලත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් වැඩි කේවල් කිරීමේ බලයක් හිමිවෙයි. අප සමාජ මාධ්‍යයන්හි ඇසූ පැනයට පිළිතුරු දුන් බොහෝ කාන්තාවන්, දරුවන් නොලැබීමට තීරණය කළේ ඔවුන්ගේ නිදහස සීමාවන නිසාත්, විශාල වගකීමක් දැරීමට සිදුවන නිසාත්, සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලය ගෙවීමට අවශ්‍ය නිසාත්යැ යි පවසයි. මෙහිදී ඇතැම් මව්වරුන් ද, දරුවන් ලැබීම නිසා ඔවුන්ගේ නිදහස හා ජීවිතය සීමාවූබව පවසා තිබුණි. අපේක්ෂා මෙසේ පවසා තිබුණා ය: "මගේ අදහස නම්, මම මීට අවුරුදු 7කදි තේරුම් අරං හිටියා නම් මම එක දරුවෙක්ගෙන් සෑහෙනවා. මට තුන්දෙනෙක්. දැන් තියෙන ආර්ථිකය එක්ක දරුවන්ට සැප දෙන්න බැරි වෙද්දි, මගේ නිදහස ඇහිරෙද්දි, ඒ කැපකිරීම් දරාගන්න බැරි වෙද්දි ගොඩාක් හිතනවා ඇයි දරුවෙක්ගෙන් සෑහීමකට පත්වුනේ නැත්තෙ කියල. කෙටියෙන් කියුවොත්, මගේ මුලු ජීවිතේම කැප වෙච්ච නිසා මට ඒ මගේ නිදහස ඕනෙ. හිතුන ගමන් නිදහසේ ගමනක බිමනක් යන්නවත් ඒ නිදහස මට නෑ." 'ළමයි හදන්න අවස්ථාව වැඩිකරන විධියේ ප්‍රතිපත්ති නැහැ' පසුගිය දශක ගණන මුළුල්ලේ ලොව සාඵල්‍යතා අගය, එනම් කාන්තාවක ඇගේ ජීවිත කාලය තුළ බිහිකරන දරුවන් ගණන, ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුණි. මෙය ශ්‍රී ලංකාවට ද අදාළ ය. ලෝක බැංකු දත්තවලට අනුව වර්තමානය වන විට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ බිහිකරන දරුවන් සංඛ්‍යාව දෙකකි. මින් දශක දෙකකට ඉහත දී මේ අගය 2.3ක්ව ද, දශක හතරකට ඉහත දී 3.1ක් වශයෙන් ද පැවතුණි. කාන්තාවන් දරුවන් ලැබීම අඩුවීමට හෝ කිසිසේත්ම දරුවන් නොලැබීමට, කාන්තාවන්ගේ අධ්‍යාපනය පමණක්ම නොව, දරුවන් ලැබීම දිරිගන්වන ආකාරයේ ප්‍රතිපත්ති මෙරට තුළ නොමැතිවීම ද හේතුවනබව ආචාර්ය ධර්මසේන පවසයි. "හුඟක් වෙලාවට, ළමයි හදන්න අවස්ථාව වැඩි කරන විධියේ ප්‍රතිපත්ති මුකුත් ගන්නේ නැතුව, ඒ වෙනුවට ගබ්සාව වළක්වන නීති හඳුන්වලා දෙන එක, පවුල් සැලසුම්කරණයට ඇති ප්‍රවේශය අඩුවෙන එක," මෙයට හේතුවී ඇතැ යි ඇය පවසයි. "සමාජයක් විදියට අපි හිතනවා නම් ළමයි අවශ්‍ය යි කියලා, සමාජයෙන් ඉල්ලීම් එන්න ඕන [මව්වරුන්ට] වැටුප් සහිත නිවාඩු දෙන්න ඕන, විශ්වීය ළමා සුරැකුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන, හොඳ සෞඛ්‍ය රක්ෂණයක් තියෙන්න ඕන," ඇය පැහැදිලි කරයි. කාන්තාවන්ගේ සෞඛ්‍යය හා තෝරාගැනීම් මත පැනවෙන සීමා වැඩිවත්ම, කාන්තාවන් දරුවන් ලැබීමට පෙළඹීමේ අඩුවක් දක්නට ලැබෙනබව ඇය ප්‍රකාශ කළා ය. "අපි හිතනවා සීමාවන් වැඩි කළාම, මර්දනය වැඩි කළාම, ප්‍රතිරෝධය අඩුවෙයි කියලා... ගබ්සා කිරීම තහනම් කිරීමේ නීතිය ගේන්නේ [වැඩිපුර] දරුවො හදයි කියන අපේක්ෂාවෙන්. හැබැයි ඒක තමන්ට [කාන්තාවට] සීමාවක්නේ එතකොට. ඉතින්, චොයිස් එකක් තියෙනවා නම් මිනිස්සු කැමති නෑ එහෙම සීමාවන්, නීති යටතෙ ජීවත්වෙන්න. "'ඔයා ළමයි හදන්න ඕන, අපි ඇබෝට් කරන්න දෙන්නෑ' කිව්වම විරෝධය වැඩිවෙනවා - එතකොට එනවා 'අපි හදන්නෙම නෑ එහෙනම්' කියලා... මර්දනයට 'එපා' කියන වයසෙ ඉන්න අයට තමයි මේ සීමාවන් ගේන්නෙ." "රාජ්‍යට දක්වන, මර්දනයට දක්වන එක්තරා විරෝධයක් විදියට ස්ත්‍රීන් ළමයි හදන්නෙ නැති එක අපට ගන්න පුළුවන්... එතකොට [ළමයි හදනවාට] මුකුත් සමාජයෙන් හම්බවෙන්නේ නැත්නම්, නිවාඩු නැත්නම්, පඩි වැඩිවෙන්නෙ නැත්නම්, ඩේකෙයාස් නැත්නම්, [කාන්තාවගෙ] ජීවිතේම ඒකෙන් සීමා වෙනවා නම්, එතකොට සමාජයට දෙන උත්තරය තමයි 'මම ළමයි හදන්නෙ නැහැ' කියන එක," ආචාර්යවරිය පවසයි. මෙය 'නිහඬ විරෝධයක්' ලෙස සැලකිය හැකියැ යි පවසන ඇය, "මම හිතන්නෙ ආසියාකරයෙ ස්ත්‍රීන්ට ගන්න පුළුවන් රණකාමීම ප්‍රතිචාරය තමයි ළමයි නොහදා ඉන්න එක,"යි ද පැවසුවා ය. සමාජ මාධ්‍යයන්හි මේ සම්බන්ධයෙන් පුද්ගලික අදහස පළකළ බොහෝ කාන්තාවෝ, මේ වන විට ඔවුන්ට දරුවන් ලැබීම නිසා ඇතිවන ආර්ථික බර දැරීමට නොහැකිබව පවසා තිබුණි. මෙතෙක් කලක් දරුවන් ලැබීමට කැමැත්තෙන් සිටි යුවළ ද දැන් රටේ ආර්ථික අර්බුදයත්, ජීවන වියදම අධිකවීමත්, ආර්ථිකමය විසඳුමක් පෙනෙන මානයක නොතිබීමත් නිසා දරුවන් ලැබීම මේ වන විට කල්දමා හෝ අමතකකර දමා තිබේ. එක් මවක්, "දැන් නම් මේ ⁣ඉන්න එක කෙල්ල හැදුවේ අපරාදේ කියල හිතල ⁣ඉන්නේ. මේ ආර්ථිකේ පව්, කන්න දෙන්න බෑ ආස දෙයක්වත්. දරුවෙක් කියන්නේ ජීවිතේ මැරෙන තුරු මාරම වගකීමකැ"යි අප වෙත සටහන්කර තිබුණි. කෙසේ නමුත්, වර්තමානයට බලපාන මෙවැනි විවිධ කාරණා නිසාවෙන් කාන්තාවෝ 'කාන්තාවක් නම් දරුවන් ලැබිය යුතුමය', 'මවක නොවීම ආත්මාර්ථකමකි' වැනි අදහස් සමාජයේ පැතිර තිබුණ ද දරුවන් නොලැබීමට තීරණය කර තිබෙන වග පැහැදිලි ය. වියපත්වන ජනගහනය ඉහළයමින් පවතින ලෝකයක මෙය අනාගත ශ්‍රම බලකායේ විශාලත්වය කෙරෙහි ද බලපෑම් ඇතිකරනු ඇත.
මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයින්: ‘කළුවර කාමර වල සිර කරලා, ආහාරත් නැහැ’
මියන්මාර අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයන් අටදෙනෙකු කළුවර කාමර දෙකක් තුළ සිරගත කර ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත. (දෙසැම්බර් 2 වැනිදා) මියන්මාර දේශ සීමාවේදී එරට නාවික හමුදාව විසින් මේ ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙය වාර්තා වුයේ මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ද වාර්තා වෙමින් පවතින පසුබිම තුළය. කල්පිටිය ධීවර වරායෙන් "රයන් පුතා" බහුදින ධීවර යාත්‍රාවෙන් මේ ධීවරයන් පිටත්ව ඇත්තේ පසුගිය නොවැම්බර් මස 8 වැනි දිනයි. ඔවුන් නත්තලට පෙර නැවත ගම් බිම් බලා ඒමට නියමිතව තිබිණි.මේ ධීවරයන් කල්පිටිය,තලවිල හා අනුරාධපුරයේ පදිංචි කරුවන් වෙයි. මියන්මාර අත්අඩංගුවේ සිටින ධීවරයන් අවස්ථා කීපයකදී ඥාතීන් ට දුරකතනයෙන් කතා කර ඇති අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ තමන්ට නිසි අයුරින් ආහාර පවා නොලැබෙන අතර සිව් දෙනෙකු රෝගී තත්ත්වයේ සිටින බවයි. තමන්ට අමතරව තවත් බහුදින යාත්‍රාවක ධීවරයන් අටදෙනෙකුද මියන්මාර අත්අඩංගුවේ සිටින බව මේ ධීවරයන් දැනුම් දී තිබේ. මියන්මාරයේ සිරවී සිටින ධීවරයෙකුගේ බිරිඳක් වන කල්පිටියේ සබීතා සංජීවනි තම ස්වාමිපුර්ෂයා මුහුණ දී සිටින තත්ත්වය ගැන බීබීසී සිංහල වෙත කියා සිටියාය.“මුදලාලි කිව්වා අපිට මියන්මාර හමුදාව අපේ ධීවරයන් අල්ලන් ගියා කියලා. ගමේ අයත් කිව්වා .ඊට වැඩිය කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ. ඉතින් මං ගොඩක් අසණරයි. මගේ මහත්තයාව මට පුළුවන්තරම් ඉක්මනට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලනවා.මගේ ගේ ඔක්කොම තෙමෙනවා. මට ඉන්නවත් තැනක් නෑ. ගෙදර මට උයන් කන්නවත් කිසිම දෙයක් නෑ. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියනවා අපේ මහත්වරුන්ටත් කන්න නැහැ කියලා.ඒ රටේ ඉන්න කෙනෙක් තමයි අපිට ඒ තොරතුරු දුන්නේ.” මහේෂි ලක්ෂිකා කල්පිටියේ පදිංචිකාරිණියක වන අතර ඇගේ ස්වාමිපුර්ෂයා වන නිශාන් ධනුෂ්කද මේවන විට සිටින්නේ මියන්මාර අත්අඩංගුවේය.මහේශි කියා සිටියේ මේ වන තෙක් කිසිදු ආයතනයක් පැහැදිලි පිළිතුරක් මේ සම්බන්ධයෙන් ලබා දී නොමැති බවයි . " බෝට්ටුව බෝඩර් පැනලා හින්දා එයාලව අත්තඩංගුවට අරන් කියලා තමයි අපිට ආරංචිය ආවේ . අපි මෙහෙන් ධීවර අමාත්‍යංශයේ නම්බර් හොයාගෙන ඒගොල්ලන්ට කතා කරද්දී පවා අපිට දැනුම් දුන්නේ බෝට්ටුව බෝඩර් පැනලා හින්දා අල්ලාගෙන ගියා කියලා . එහෙ අත්තඩංගුවේ ඉන්නවා කියලා.. කොච්චර කාලෙකට දඬුවම් දීලද කියලා තාම දන්නේ නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ මට දරුවෙක් ඉන්නවා .අවුරුදු දෙක හාමාරයි. ඇත්තටම මහත්තයා ගෙදර නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. එයා ධීවර රැකියාවට ගියෙත් දරුවා නිසයි.ඒ වගේම මේ ය අතරේ රෝගීන් කීප දෙනෙක් ඉන්නවා.ඒ අයට බෙහෙත් පවා නැහැ.” මේ පිළිබදව කළ වීමසීමකදී ධීවර දෙපාර්තුමේන්තුව කියා සිටියේ කල්පිටියේ හා මීගමුවේ බහුදින යත්‍රා දෙකක් මියන්මාර හමුදා ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවය. එම යාත්‍රාවල ධීවරයන් 15 දෙනෙකු සිට ඇති බව ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 'රයන් පුතා' බෝට්ටුවේ හිමිකරු බීබීසී සිංහල සේවයට අද (දෙසැම්බර් 27වැනිදා) ප්‍රකාශ කළේ, මියන්මාර අත්අඩංගුවේ සිටින තම ධීවරයින්ට මාස තුනක කාලයකට ආහාර හා බෙහෙත් සැපයීම වෙනුවෙන් රුපියල් අටලක්ෂ හැටපන් දහසක මුදලක් ලබා දුන් බවය. 'අපේ නියෝජිතයන් මියන්මාරය තුළ සිට නෙමෙයි වැඩ කරන්නේ.එයට හේතුව ඔවුන්ට මේ රටේ නිදහසේ වැඩ කිරීමේ නොහැකියාව . හමුදා පාලනය ඊට ඉඩක් ලබා දෙන්නේ නැහැ."මේ පිළිබඳව කළ විමසීමකදී ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම් හර්මන් කුමාර පැවසීය. "අපිට පුළුවන් වෙන්නේ අපේ නියෝජිතයන් හරහා මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න පමණයි . මේ සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතුයි." "අපිට දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව යැන්ගොන් කියන පොලිසියේ තමයි මේ පිරිස රඳවා තිබෙන්නේ.මේ පිරිස බලා ගන්න වගකීම මුලික වශයෙන් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට තිබෙනවා. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යංශයට හා ධීවර දෙපාර්තුමේන්තුවට තිබෙනවා.අපිට පෙනෙන විදිහට මේ සියලු ආයතන තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කර නැහැ.මේ ධීවරයන්ට යම්කිසි කරදරයක් සිදු වුව හොත් මේ සියලුදෙනා වගකියන්න ඕනෑ.”
හෙන්රි පේද්‍රිස්: යනු කවුද? ඔහුගේ මරණ දඬුවම ගැන විමර්ශනයක් කැඳවා ඇත්තේ ඇයි?
ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වෙනිදා ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා දැනට වසර 75ක් ගතවී අවසන් ය. නමුත් මෙම නිදහස වෙනුවෙන් මෙරට දියත් වූ අරගල සහ නිදහස් ව්‍යාපාරය තුළ ඔවුන්ගේ ජීවිත පූජා කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයින් අපමණ ය. ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් ඔවුන්ට එරෙහිව නැගී ඒම වැළැක්වීමට එදා ඉංග්‍රීසි යටත්විජිතවාදීන් විවිධ උපක්‍රම භාවිත කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වසර 108කට පසු විමර්ශනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත්දා කළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය. වසර 108කට පසු විමර්ශනය කරන්නේ කා සම්බන්ධයෙන් ද? ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බව පවසමින් මරණ දඬුවමට ලක් කරන ලද ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි. එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න පත්කොට ඇත. 1915 ජුලි මස 07 වැනිදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් යුද අධිකරණයක් හමුවට පමුණුවා කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කර තිබිණි. ඝාතනය කෙරුණු හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර ඇත. එම ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු අනාවරණය කරගනිමින් ඔහුට යුක්තිය ඉටුකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත්කර ඇති බව කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ. හැමෝම කතාවෙන හෙන්රි පේද්‍රිස් කියන්නේ කවුද? 1888 වසරේ අගෝස්තු 16 වන දින ගාලූ නගරයේ දංගෙදර නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් උපත ලැබීය. ගාල්ලේ විසූ ඩී. ඩී. පේද්‍රිස් සහ කරන්දෙණියේ ඇත්වලගොඩ විසූ කලූවාදේව මල්ලිනෝ ඔහුගේ මව්පියන් විය. හෙන්රි පේද්‍රිස් පවුලේ එකම පිරිමි දරුවා වූ අතර ඔහුට සහෝදරියන් සිව්දෙනෙකු දෙනකු විය. හෙන්රි පේද්‍රිස් ගේ පියා වූ ඩී. ඩී. පේද්‍රිස් මිනිරන් පතලක හිමිකරුවෙකු වූ අතර එකල ජන සමාජයේ ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකු වූ බව පැවසේ. ගාල්ල ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි පේද්‍රිස් පවුල කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, කුඩා හෙන්රි පේද්‍රිස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් සහ රාජකීය විදුහල්වලිනි. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු හෙන්රි පේද්‍රිස් තරුණයා කොළඹ නගර ආරක්ෂක හමුදාවේ සේවයට එක්වී තිබිණි. ඉතා කෙටි කාලයකින් ඔහු කපිතාන් නිලයට උසස්වීම් ලැබ එම ඒකකයේ අණදෙන නිලධාරීවරයා ලෙස උසස්වීම් ලද බව සඳහන් ය. පේද්‍රිස්ට එල්ලවූ චෝදනාව සහ දඬුවම කපිතාන්වරයෙක් ලෙස හෙන්රි පේද්‍රිස් කොළඹ නගර ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 1915 වසරේ මැයි මාසයේ දී මෙරට සිංහල සහ මුස්ලිම් ජාතින් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් ගැටුමක් බවට පත්විය. එම ගැටුම පාලනය කිරීමට එකල මෙරට තුළ රාජ්‍ය පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයින් කටයුතු නොකළ බව පේරාදෙණිය සරසවියේ ඉතිහාස අංශයේ අංශාධිපති රෝහිත් දසනායක බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ රටේ කවදාවත් මුස්ලිම් ජනතාව අරගල කළේ නැහැ සිංහල ජනතාව එක්ක. නමුත් ඉංග්‍රීසි පාලකයින්ට අවශ්‍ය වුනා මේ රට තුළ ඔවුන්ගේ පාලනය පවත්වාගෙන යන්න. ඒ නිසා ඔවුන් මේ තත්ත්වය නිර්මාණය කළා කියලයි ඉතිහාසය ගැන අධ්‍යයනය කරපු කෙනෙක් හැටියට මට කියන්න පුළුවන් වෙන්නේ," මහාචාර්යවරයා පවසා සිටියේ ය. ඇතිවූ සිංහල සහ මුස්ලිම් ගැටුම සමථයකට පත් කිරීමට කපිතාන් හෙන්රි පේද්‍රිස් කටයුතු කිරීම එවක සිටි ඉංග්‍රිසි පාලකයින් දැඩි කණස්සල්ලට හේතුවූ කරුණක් වූ බව සඳහන් වෙයි. කෙසේවුව ද ඉංග්‍රීසි පාලකයින් විසින් කපිතාන් හෙන්රි පේද්‍රිස්ට එරෙහිව චෝදනා ගොනු කළේ ඔහු ඔහුගේ හමුදා ඒකකයේ සෙබළුන් සමග එක්වී මුස්ලිම් වැසියන්ට පීඩා කළ බව පවසමිනි. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් අත්අඩංගුවට ගෙන ඔහුව සිරභාරයට පත්කොට නඩු විභාගයක් සිදුකොට ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කරනු ලැබුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙක් බවට නම් කරමිනි. "බ්‍රිතාන්‍යය රජය හොඳින් දැන සිටියා පේද්‍රිස් තරුණයා වැරදිකරුවෙක් නෙමෙයි කියලා. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයත් ඒක දැනන් සිටියා." "ඇත්තටම හෙන්රි පේද්‍රිස් තරුණයාගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා ඉංග්‍රීසි පාලකයින් කොහෙත්ම කැමති වුණේ නෑ රට තුළ සිංහල ව්‍යාපාරික ප්‍රජාවක් නැගී සිටීම ගැන. ඒ වගේම පේද්‍රිස් තරුණයට එල්ලවෙලා තිබුණේ බරපතල චෝදනාවක් නෙමෙයි. ඒත් ඉංග්‍රීසින් කල්පනා කළා හෙන්රි පේද්‍රිස් කියන තරුණයා අනාගතයේ දී බ්‍රිතාන්‍යය කිරීටයට අභියෝගයක් ගෙන එයි කියලා. ඒ නිසා ඔවුන් ඉක්මන් වුණා ඒ අවදානම නැති කරන්න," මහාචාර්ය රෝහිත් දිසානායක කියා සිටියේ ය. 'මේක ඉංග්‍රීසි පාලනයේ සැලස්මක්' සිය පාලන සමයේ දී ඊට එරෙහිව ශ්‍රී ලාංකික තරුණයින්ගේ නැගී සිටීම මර්දනය කිරීමට යටත්විජිත සමයේ දී බ්‍රිතාන්‍ය පාලකයින් මෙරට තරුණයින් ඝාතනය කිරීමට ඉතා සූක්ෂම ලෙස කටයුතු කළ බව මහාචාර්ය රෝහිත් දිසානායක මෙහිදී අදහස් දක්වා සිටියේ ය. "බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී සිටීම මුලිනුපුටා දමන්න ඔවුන් මේ වගේ දේවල් ක්‍රියාත්මක කළා." "බ්‍රිතාන්‍යයින් කැප්පටිපොළ නිළමේවරයාට මේ දේම කළා. ඕක අඛණ්ඩව ක්‍රියාත්මක කළා. මේකේ තවත් නිර්මාණයක් තමයි උතුවන්කන්දේ සරදියෙල් කියන්නේ. සරදියෙල් වංශවත් පවුලක තරුණයෙක්. ඔහුව එතැනට පත්වෙන්න කටයුතු නිර්මාණය කළේ බ්‍රිතාන්‍යය පාලකයින්." "ඒ වගේමයි මේ අපි කතා කරන පේද්‍රිස් තරුණයා. ඔහුත් එක්කම තවත් සිංහල ජාතික තරුණයෙක් වුණු මිරැන්ඩෝව ඝාතනය කළා. මේ ඔක්කොම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සැලසුම්. තමන්ට විරුද්ධව නැගී එන සිංහල වංශවත් පවුල්වල තරුණයින් ඉලක්ක කළා," මහාචාර්යවරයා කියා සිටියේ ය. පේද්‍රිස් තරුණයාගේ මරණ දඬුවම ක්‍රියාත්මකවූ අයුරු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසීම සහ දේශද්‍රෝහි කටයුතුවල නියැලීමේ චෝදනාවට වැරදිකරුයැ යි පැවති නඩු විභාගයෙන් නියම කිරීමෙන් පසු කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් තරුණයා 1915 වසරේ ජුලී මස 07 වෙනිදා වෙඩි තබා මරණයට පත් කළේ වැලිකඩ බන්ධනාගාරයේ දී ය. මේ පිළිබඳව අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉතිහාස අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය රෝහිත් දිසානායක පැවසුවේ පේද්‍රිස් තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පෙර සැලසුම් කළ දිනයට කලින් එය ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි පාලකයින් කටයුතු කළ බව යි. ඔහුව වෙඩි තබා ඝාතනය කළ පසු පේද්‍රිස් තරුණයාගේ රුධිරය ගලා ගිය ඔහු අසුන්ගෙන සිටි පුටුව වැලිකඩ බන්ධනාගාරයේ සිරගතකොට සිටි එකල අමද්‍යප ව්‍යාපාරය සංවිධානය කළ එෆ්. ආර්. සේනානායක මෙන්ම පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, රිචර්ඩ් සල්ගාදු වැනි නිදහස් සටනට උරදුන් පුද්ගලයින්ට පෙන්වූ බවට ඉතිහාසයේ සඳහන් වන බව ද ඔහු පවසා සිටියේ ය. "මරණ දඬුවම දෙන්න නියම වෙලා තිබුණේ 1915 ජුලි 08 වෙනිදා. නමුත් එදාට කැරැල්ලක් ඇතිවෙයි කියලා බයට පේද්‍රිස් තරුණයාට මරණ දඬුවම පැමිණවීම ජුලි 07 වෙනිදා සිදුකළා." "පේද්‍රිස් තරුණයා තමන්ට මරණ දඬුවම පමුණුවන්න කලින් සිය අවසන් කැමැත්තේ දී ඉල්ලන ඉල්ලීම් ටික බලන්න." "ඔහු අවසන් වරට දෙමවුපියන් දැකීමට අවසර ඉල්ලනවා. මහා සංඝයාට අට පිරිකර පූජා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න කියා ඉල්ලනවා. තමන්ව බ්‍රිතාන්‍යය සොල්දාදුවන් අතින් නොව එවකට මෙරට සේවයේ යොදවා සිටි පන්ජාබ් සොල්දාදුවන් ලවා වෙඩි තැබීමට නියම කරන්න කියා ඉල්ලනවා. ඒ වගේම තමන් සමග සේවය කළ හමුදාවේ හිතවතුන්ට තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට අවසර ඉල්ලා සිටීම වගේම තමාගේ මළ සිරුර පවුලේ සොහොන් බිමේ භූමදානය කිරීමට අවසර ඉල්ලනවා." "ඉංග්‍රීසි පාලකයින් බොහෝම කපටි. ඔවුන් කිසිම පැකලීමකින් තොරව පේද්‍රිස් තරුණයාගේ අවසාන ඉල්ලීම් ඉෂ්ට කරන්න කැමති වෙනවා. මේ වගේ ඉල්ලීම්වලින්ම පේනවා ඒ සමයේ දී හෙන්රි පේද්‍රිස් වගේ වංශවත් සිංහල තරුණයින්ගේ හිත්වල තිබුණේ මොනවගේ පදනමක් ද කියලා. මොකද වීර පුරන් අප්පු, ඇල්ලේපොළ නිළමේ, කැප්පටිපොළ නිළමේ වගේම සූර සරදියෙල්ව ඝාතනය කරද්දී ඉංග්‍රීසි පාලකයින් මේ වගේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත ඉටුකරන්න ඉහළින්ම කැමති වෙලා තියෙනවා." "නමුත් ඉංග්‍රිසී පාලකයින් පෙද්‍රිස් තරුණයාගේ ඉල්ලීම් ඔක්කොම ඉටු කරන්නම් කියලා පොරොන්දු වුණාට අර අන්තිම පොරොන්දු ඉටු කළේ නැහැ. " "ඔවුන් අර මුලින්ම තිබුණු පොරොන්දු 04 ඉටු කරලාත් අවසන් ඉල්ලීම ඉෂ්ට කලේ නැහැ. පේද්‍රිස් තරුණයාගේ දේහය ඔවුන් පවුලේ අයට භාර නොදී රහසිගත තැනකදී ආදාහනය කළා කියලයි සඳහන් වෙන්නේ."යනුවෙන් මහාචාර්යවරයා පැවසුවේය. "මේ කාලයේදී අසල්වැසි ඉන්දියාව තුළත් බ්‍රිතාන්‍යය පාලකයින් විසින් එරටේ වංශවත් පවුල්වල තරුණයින් ඝාතනය කළා විවිධ සැලසුම් ඔස්සේ," මහාචාර්යවරයා කියා සිටියේ ය. රටට ආදරය කරන පාලකයින් අහිමිවී ගියා එදා ඉංග්‍රීසි පාලකයින් ගෙන ගිය මෙම ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටකට සිටිය යුතු පාලකයින් අහිමිවී ගිය බව මහාචාර්ය රෝහිත් දිසානායක මෙහිදී පෙන්වා දුන්නේ ය. "ඒ අහිමිවීම කොච්චරද කියනව නම් ශ්‍රී ලංකාව අද මේ තැනට පත්වෙලා තියෙන්නේ ඒ තැන නිසා. අපේ රටට ආදරය කරන නායකයින් බොහෝමයක් බ්‍රිතාන්‍ය පාලකයින් අපිට අහිමි කළා." "1915 වසරේ දී හෙන්රි පේද්‍රිස් තරුණයාගේ වයස අවුරුදු 27 යි. ඔහුට 1965-70 දක්වා ජීවත් වුණා නම් රටේ නායකයෙක් වෙන්න ඉඩ තිබුණා. ඉංග්‍රීසි පාලකයින් පේද්‍රිස් පවුලට නෙමෙයි ඔහුව අහිමි කළේ, ශ්‍රී ලංකාවට අනාගත නායකයෙක් ඔවුන් විසින් අහිමි කළේ," ඔහු කියා සිටියේ ය. ‘වැරැද්ද නිවැරදි කරන්න අවශ්‍ය යි’ හෙන්රි පේද්‍රිස් තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාව සහ ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය රෝහිත් දිසානායක මෙසේ අදහස් පලකරන ලදී: "ඉංග්‍රීසි යටත්විජිත සමයේ දී තමන්ගේ වැසියන් ඝාතනය කිරීම හා රටේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව ඉන්දීය පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නගලා ඔවුන් වන්දි ඉල්ලන තැනටම ආවා." "මේ පේද්‍රිස්ගේ මරණ දඬුවම වැරදි කියලා ඒ දවස්වල ඒ ගැන කරුණු හොයා බලපු නිලධාරින් කියලා තියෙනවා. ඒ නිසා අලුත් විමර්ශනයක් කරලා පේද්‍රිස් තරුණයාගේ නිවැරදිභාවය ඔප්පු කිරීම වගේම ඔහුට අලවපු දේශද්‍රෝහී කියන ලේබලය ගලවන්න ඕන." "ඒ වගේම බ්‍රිතාන්‍යය මේ කළේ වැරදි දෙයක් නිසා ඔවුන් ඒ වැරැද්ද නිවැරදි කරන්නත් ඕන," මහාචාර්යවරයා කියා සිටියේ ය.
මාතර බන්ධනාගාරය: 'තවම රෝගය කුමක්දැ යි කියලා හඳුනාගෙන නැහැ'
'මෙනින්ජයිටිස්' ආසාදනය හෙවත් මොළයේ උණ රෝගය සම්බන්ධයෙන් නැවත වතාවක් මෙරට සමාජයේ අවධානය යොමුව තිබේ. ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වූ මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ වෛරසය ආසාදනය වීමෙන් එහි රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්‌ෂයට පත්විය. නැවතත් මාතර බන්ධනාගාරය තුළින් වාර්තා වන රෝගී තත්ත්වයක් හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක බිබීසී සිංහල සේවයට පැවසුවේ ය. "දැනට එක් පුද්ගල මරණයක් සිදුව වෙලා තියෙනවා. මියගොස් තිබෙන්නේ අකුරුස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 28ක රැඳවියෙක්. මිනීමැරීමේ චෝදනාවක් නිසා බන්ධනාගාර ගතවූ කෙනෙක්. මීට සතියකට පෙර මෙම තරුණයා එක්ක තවත් රැඳවියන් දෙදෙනෙක් තමයි මුලින්ම රෝග ලක්ෂණ පෙන්නුම් කළේ." "(දෙසැ 24 වෙනිදා) වෙද්දී තවත් රැඳවියන් 16 දෙනෙකු රෝහල් ගතකරලා ඉන්නවා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. අනෙක් අය සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබනවා," බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති පියවර මොනවා ද? මාතර බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන මෙම රෝග තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති පියවර මොනවාදැ යි බීබීසී සිංහල සේවය විසින් නගන ලද ප්‍රශ්නයට ඔහු විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි: "දැනට බන්ධනාගාර කටයුතු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝග අනුව සීමාකර තිබෙනවා. අලුත් රැඳවියන්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන්න පියවර අරන් තියෙනවා." "මේ වෙද්දී බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට, සේවයේ නිරත බන්ධනාගාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීලා තියෙන්නේ සෞඛ්‍ය අංශ විසින්. මේ වෙද්දී බන්ධනාගාරේ සිටින නිලධාරීන් සහ රැඳවියන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පිරිස් නොමැති බවයි වාර්තා වෙන්නේ," බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පවසා සිටියේ ය. 'තවම රෝගය කුමක්දැ යි කියලා හඳුනාගෙන නැහැ' මාතර බන්ධනාගරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වන්නේ මෙනින්ජයිටිස් රෝගය බවට මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග බීබීසී සිංහල සේවයට පැවසීය. "මාතර බන්ධනාගාරයේ මෙනින්ජයිටිස්ම ද කියලා හරියට දන්නේ නෑ. නමුත් ඒ වගේ හඳුනාගැනීම ස්ථීර කරලා කියලා නැහැ අපිට තවම. අපි සැකකරනවා ඒ වගේ රෝගීන් තමයි ඉන්නේ කියලා. බන්ධනාගාරයේ ව්‍යාප්ත වෙන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ක්ෂුද්‍රජීවී විශේෂඥයින්ගෙන් තවම සහතිකකර දැනුම්දීමක් සිදුකර නැහැ." "මේ වගේ තැනක "මෙනින්ජයිටිස්" වෛරසය නම් තියෙන්නේ ඒක අනෙක් අයට ව්‍යාප්ත වෙන්න හැකියාව තිබෙනවා. ඒ නිසා සියලුම රැඳවියන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිජිවක ඖෂධ වගේම මුව ආවරණ පැළඳීම වගේ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා දැනුවත් කර තිබෙනවා." "ඒ වගේම රැඳවියන් බලන්න පැමිණෙන අමුත්තන් සීමා කරන්න කියලා උපදෙස් ලබාදී තිබෙනවා," විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. මේ අතර මාතර බන්ධනාගාරය තුළින් වාර්තා වූ රැඳවියාගේ මරණයට හේතුව මෙනින්ජයිටිස් ආසාදනය නිසා සිදුවූවක් ද කියා මෙතෙක් නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය. "ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු නිසා බන්ධනාගාර ආශ්‍රිතව මෙවැනි රෝග ව්‍යාප්ත වෙන එක ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. මොකක්ද මේ මෙනින්ජයිටිස් කියන රෝගය? මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ යනුවෙන් හඳුන්වන රෝගය කුමක්දැ යි බීබීසී සිංහල සේවය විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් විමසීමක් සිදුකළේ ය. "මොළයේ උණ හෙවත් මෙනින්ජයිටිස් කියන රෝගය බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන්න පුළුවන්. බැක්ටීරියාවක් ආසාදනයවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයට අපි 'බැක්ටීරියල් මෙනින්ජයිටිස්' කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් වෛරසයක් නිසා ඇතිවන රෝගී තත්ත්වය 'වයිරල් මෙනින්ජයිටිස්' කියලා හඳුන්වනවා." "සාමාන්‍යයෙන් මොළයේ තියෙන මෙනින්ජී පටල ක්ෂුද්‍ර ජීවී ආසාදනය නිසයි මෙනින්ජයිටිස් කියන තත්ත්වය ඇතිවෙන්නේ." "එකේ ප්‍රතිපලයක් විදිහට මොළයේ පටකවලට ඇතිවන ආසාදන තත්ත්වය නිසා උණ, ක්ලාන්තය, කරකැවිල්ල වගේ මූලික රෝග ලක්ෂණවලින් පටන් අරන් අධික හිසරදය, කල්පනාව නොමැති වීම සහ අවසානයේ දී මොළයේ පටකවලට හානිවීම නිසා මරණය ඇතිවෙන්න පුළුවන්." "බැක්ටීරියාවක් නිසා මේ තත්ත්වය ඇති වනවා නම් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය ප්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන්. නමුත් වෛරස් නිසා ඇතිවන මෙනින්ජයිටිස් තත්ත්වයන්ට තියෙන වෛද්‍ය ප්‍රතිකාර සීමාසහිත යි." "සාමාන්‍ය අවස්ථාවල දී මේ රෝගී තත්ත්වය වසංගතයක් විදිහට ව්‍යාප්ත වෙන අවස්ථාවල් තියෙනවා. මේ රෝගයට කුඩා දරුවන්ගේ ඉදලා ඕනෑම වයස් සීමාවක පුද්ගලයින්ට ඇතිවෙන්න පුළුවන්," විශේෂඥ වෛදවරයා පවසා සිටියේ ය. මෙම වෛරසය හෝ බැක්ටීරියාව මිනිසෙකුට ආසාදනය වන්නේ කෙසේ ද? මෙම වෛරසය හෝ බැක්ටීරියාව ශරීරගත වීම විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. "සමහර විට වාතාශ්‍රයෙන් වෙන්න පුළුවන්. රෝගය ආසාදනය වී ඇති කෙනෙක්ගේ ශ්‍රාවයන් හරහා සිද්ධ වෙන්න පුළුවන් වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයන්වල දී." "බැක්ටීරියා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයන්වල දී විෂබීජකාරකය ශරීර ගතවීම හෝ රුධිර ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන්න පුළුවන්," විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ය. මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද? මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි ආකාරය පිළිබඳව ඔහු මෙසේ පැහැදිලි කළේ ය. "මේ රෝග තත්ත්වයට ඉක්මණින් ගොදුරු වෙන්න හැකියාව තියෙන පුද්ගලයින් තමයි ප්‍රතිශක්තිකරණ මට්ටම අඩු, අක්මා රෝග, වකුගඩු රෝග, දියවැඩියා රෝග සහ පිළිකා වැනි රෝගවලින් පෙළෙන අය වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලට නොයා ඉන්න." "කුඩා දරුවන් මේ රෝගයෙන් වළක්වා ගන්න ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබාදෙන එන්නත් තිබෙනවා. "ඒ වගේම මේ රෝගය ව්‍යාප්ත වෙන අවස්ථාවක් නම් රෝගය ව්‍යාප්ත වෙන ප්‍රදේශ හරහා ගමන් නොකිරීම, මුව ආවරණ පැළඳීම, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ ආසාදනය වූ පුද්ගලයින්ට හැකිතාක් නිරාවරණය නොවී සිටීම වැනි කරුණු අනුගමනය කිරීම සුදුසු යි," විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ය.
මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන ඔබ දැන සිටිය යුතු කරුණු 7ක්
2024 වසර සඳහා වන සිරිපා වන්දනා සමය ආරම්භ වුයේ අදට (දෙසැ 26) යෙදී ඇති උඳුවප් පොහොයත් සමග ය. ගෞතම බුදුන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි බව සැලකෙන ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ සැදැහැවත්හු මෙන්ම දෙස් විදෙස් වන්දනාකරුවෝ ද එක්වෙති. 01.සිරිපා වාරය සහ අවාරය උඳුවප් පොහොයෙන් ආරම්භ වන මෙම සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය. සෑම වසරකම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුව ය. පැල්මඩුල්ල, රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී නල්ලතන්නිය හරහා උඩමළුව කරා ගමන් කරන පෙරහැර ශ්‍රී ලංකාවේ දිගම පෙරහැර වේ. එය සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් තුනකට අයත් රත්නපුර, කොළඹ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරක් හරහා ගමන් කරනු ලැබේ. සුමන සමන් දෙවියන් ශ්‍රී පාදස්ථානයේ වැඩවාසය කරන බව සලකා 'සමන්ත කූට' යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. මීට අමතරව 'රත්නගිරි' යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වනු ලබයි. 'ඇඩම්ස් පීක්' ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන ශ්‍රී පාදය බෞද්ධ සැදැහැවතුන්ගේ පමණක් නොව හින්දු හා ඉස්ලාම් බැතිමතුන්ගේ ද පුදබිමකි. ඉස්ලාම් බැතිමතුන් ඔවුන්ගේ දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරන අතර, හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරයි. මැයි මාසයට යෙදෙන වෙසක් පොහොයෙන් පසු නැවතත් දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දක්වා වූ කාලය සිරිපා වන්දනාවේ නොයෙදෙන අවාරය ලෙස හැඳින්වේ. සිරිපා සමය අවසන් කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ වූ සලපතල මළුවේ සිට පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය දක්වා නැවත වැඩම කරවීමෙන් අනතුරුව ය. 02.සිරිපා වන්දනාවේ යෙදෙන මාර්ග මොනවා ද? සිරිපා වන්දනාව සඳහා මාර්ග සයක් පමණ ඇති නමුත් බොහෝ දෙනා ප්‍රධාන ප්‍රවේශ මාර්ග තුනක් ඔස්සේ වන්දනාවේ යෙදෙති. දැනට වැඩි පිරිසක් සිරිපා වන්දනාවේ යෙදෙන්නේ හැටන්-නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ය. ගමන් මාර්ගය පහසුවීම හා කෙටි වීම ඊට හේතුව යි. තවත් පිරිස් පැරණි මාර්ග ඔස්සේ සොබා අසිරිය විඳ ගනිමින් සිරිපා කරුණාවේ යෙදීමට උත්සුක වේ. හැටන් හරහා පැමිණෙන වන්දනාකරුවන්ට හැටන් නගරය හරහා නල්ලතන්නිය වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකි ය. රත්නපුර මාර්ගයේ ගමන් ගන්නා සැදැහැවතුන්ට රත්නපුරයට පැමිණ, පලාබද්දල මාර්ගයේ පලාබද්දල වෙත පැමිණ සිරිපා කරුණාව ආරම්භ කළ හැකි ය. කුරුවිට මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකාරුවෝ කුරුවිට එරත්න ඔස්සේ සිරිපා වන්දනාව අරඹති. සිරිපා වන්දනාව දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පියගැටපෙල දහස් ගණනක් නැඟිය යුතු අතර සිරිපා උඩමළුව වෙත ළඟා වීමට පැය කිහිපයක් ගත වේ. 3.සිරිපා වන්දනාව හා බැඳුණු වත්පිළිවෙත් මොනවා ද? සිරිපා වන්දනාව හා බැඳුණු සාම්ප්‍රදායික වත්පිළිවෙත් පවතියි. සිරිපා කරුණා කරන අතරතුර සැදැහැවත්හු තුන්සරණේ කවි හා විවිධ ජන කවි ගායනා කරති. පළමුවර වන්දනාකරු 'කෝඩුකාරයා' ලෙස හඳුන්වන අතර ඔහු 'සීත ගඟුල' යනුවෙන් හඳුන්වන දොළපහරෙන් ස්නානය කළ යුතු ය. එමෙන්ම බොහෝ වන්දනාකරුවෝ 'ඉඳිකටු පාන' යන නමින් හදුන්වන ස්ථානයේ දී ඉඳිකටු හා නූල් දවටා යති. සිරිපා කරුණාවේ යෙදෙන පිරිස් ඔවුන්ගේ විඩාව නිවා ගැනීම සඳහා අග්ගලා වැනි සාම්ප්‍රදායික ආහාර මෙන්ම කොත්තමල්ලි, රණවරා ආදී පාන ද රැගෙන යාමට උත්සුක වන්නේ පැරැන්නන් ද එවැනි ආහාර පාන රැගෙන ගිය බවට ජනප්‍රවාදයේ සඳහන් වන නිසා ය. සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කිහිපයකි. ඒ, මකර තොරණ, ලිහිණි හෙල, කටුකිතුල වංගුව, ධර්මරාජ ගල, සීත ගඟුල, ගෙත්තම්පාන, හැරමිටි පාන, අහස්ගව්ව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොළොස් මහේ පහන ආදිය යි. සිරිපා උඩ මළුවට පැමිණි පසු තමන් ශ්‍රී පාදස්ථානය වන්දනාකර ඇති වාර ගණන අනුව වන්දනාකරුවෝ එහි ඇති ඝණ්ටාරය නාද කරති. 4.සිරිපා වන්දනාවේ දී භාවිතා කෙරෙන විශේෂ යෙදුම් සිරිපා කරුණා කිරීමේ දී ‘කට ප්‍රවේශම්කර ගන්නැ’ යි පැරැන්නෝ නිරතුරුවම කියා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වී තිබේ. කටමැත දෙඩවීම හෝ පුරසාරම් කියූ පුද්ගලයින්ට සිරිපාදය කරුණා කිරීමට ඉඩ නොලැබුණු පුවත් සහ එවැනි පුද්ගලයින්ට විවිධ අනතුරුවලට මුහුණ දෙන්නට සිදුවීයැ යි පැරන්නනන් පැවසූ බව සිරිපා අඩවියේ වැඩිහිටියෝ පවසති. සිරිපා වන්දනාවේ යෙදෙන විට ආදි කාලයේ සිට භාවිත කළ ඇතැම් වචන තවමත් අපේ බස් වහරේ අඩංගු වේ. එලෙස භාවිතා කරන වචන කිහිපයක් සහ ඒවායේ තේරුම් පහත දැක්වේ. කරුණාව යි - සිරිපා වන්දනාවේ දී තම නඩයේ සේම වෙනත් නඩයක පිරිස සමග ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී ආශිර්වාද කරගන්නේ 'කරුණාව යි' කියමිනි. මෙමඟින් ගමනේ විඩාව නිවෙන බවට විශ්වස කෙරෙයි නඩේ ගුරා - ඈත අතීතයේ පටන් දුෂ්කර වූ සිරිපා කරුණාවේ දී නඩයක් එකතුකර ගන්නා පුද්ගලයා 'නඩේ ගුරා' ලෙස හඳුන්වයි. වන්දනාවේ යන කණ්ඩායම 'නඩය' ලෙස හඳුන්වන අතර නඩේ ගුරා විසින් නිසි පිළිවෙත් ඉටු කරමින්, නඩයට නායකත්වය ලබා දෙමින් සිරිපා කරුණාව සිදුකරනු ලබයි. සංහිඳේ - සිරිපා කරුණාවේ දී මඟ අවහිර වන විට දී ඉතා සුහදශීලී ලෙස තවත් අයෙකුගෙන් ඉඩ ඉල්ලන්නේ 'සංහිඳේ' ලෙස අමතමිනි. "දෙන්න අපට සංහිඳේ... දුන්න අයට පිං පිරේ..." කෝඩුකාරයා - පළමුවරට සිරිපා කරුණා කරන අය හඳුන්වන්නේ 'කෝඩුකාරයා' ලෙසිනි. කෝඩුසිරිපා කරුණාව වලංගු වන්නේ සිරිපා වාරයේ කරුණා කිරීමෙන් පමණි. කිරි කෝඩු - ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එක්වන කුඩා දරුවෙකු හෝ දැරියක හඳුන්වනු ලබන්නේ 'කිරි කෝඩු' ලෙසිනි. දඬු කෝඩු - ප්‍රථම වරට සිරිපා වන්දනා ගමනට එකතුවන වැඩිහිටියෙකු හඳුන්වන්නේ 'දඬුකෝඩු' ලෙස යි. පේ වීම - වන්දනාකරුවන් සිරිපතුල වඳින්නට පෙර පිරිසිදු වීම 'පේ වීම' ලෙස හැඳින්වේ. හිසේ දෙහි කැබැල්ලක් ගා, සීත ගඟුලෙන් නා, සුදු පිරුවටයක් ඇඳිය යුතු ය. එලෙසම මස්මාංශ අනුභව නොකර පෙර සිටම මෙම ගමනට සූදනම් විය යුතු ය. ඉර සේවය - හිමිදිරි පාන්දර නැගෙනහිරින් හිරු උදාවීම සිරිපා උඩ මළුවේ දී හඳුන්වන්නේ 'ඉර සේවය' ලෙසිනි. මෙම ස්වභාවික සිදුවීමේ දී සිරිපා කන්දේ සෙවනැල්ල ත්‍රිකෝණාකාරව බටහිර ප්‍රදේශයට පතිත වෙයි. සිරිපා කරුණාව ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් අදින් (දෙසැ 26) ඇරඹෙන සිරිපා වන්දනා සමය 2024 වසරේ මැයි මස 24 වෙනි දින දක්වා පවත්වන බව රත්නපුරේ දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කර සිටින්නේ සිරිපා වන්දනා සමය පිළිබඳව නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. 05.වන්දනාකරුවන්ට පනවා ඇති රෙගුලාසි සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්, වෙළඳාම්කරුවන් සහ සේවා සැපයීමට සූදානම් වන පිරිස් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත්කර තිබේ. 1. නවාතැන් ගැනීම එහි පළමු රෙගුලාසිය ලෙස සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යෑම සිදු නොකළ යුතු ය. නවාතැන්පොළවල් ලෙස භාවිත කළ යුත්තේ ලිහිණිපොළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය. 2. ගොඩනැගිලි ඉදිකිරීම එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව සිරිපා වන්දනා සමය තුළ දී එම භුමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරිම තහනම් කර තිබේ. 3. යාචකයින් සිරිපා මළුව හෝ අම්බලම් ආශ්‍රිතව සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදාදීම් තහනම්කොට ඇත. 4. නෑම සහ සේදීම වන්දනාකරුවන් දියනෑම හෝ රෙදි සේදීම සඳහා භාවිතා කළ යුත්තේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණක් ලෙස දැනුම් දී තිබේ. පෞද්ගලික ආයතන විසින් වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දියනෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතු වේ. 5. වාහන සහ ගමන් මාර්ග ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල හැර අනෙකුත් ස්ථානවල වාහන නැවැත්වීම සපුරා තහනම් කර තිබේ. වන්දනා සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරන්ත මාර්ගය බව දැනුම් දී සිටියි. 6. පරිසරය හා සනීපාරක්ෂාව වන්දනාකරුවන් විසින් ශ්‍රී පාදස්ථාන මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලාවන් හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස දැනුම් දී ඇත. ශ්‍රී පාද අඩවිය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම සිදුනොකළ යුතු ය. එමෙන්ම වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ වූ අත්වැට විෂබීජහරණයට ලක්‌ කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත. 7. වෛද්‍ය පහසුකම් පෞද්ගලික ආයතන විසින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත යුතුවේ. 8. වෙළෙඳාම සහ දන්සැල් සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ සංචාරක වෙළඳාම තහනම් කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු විසින් ලබාදී ඇති අවසරය ඇති ස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් වේ. එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රැගෙන යාම තහනම් කර තිබේ. සෑම වෙළඳසැලක සහ ගොඩනැගිල්ලක කසල බඳුනක් තැබීම අනිවාර්ය කර ඇත. දන්සැල් ලබාදීමට නම් පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරයක් මත පමණක් සිදුකළ යුතුවේ. 9. වසංගත තත්ත්වයන් රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතුවේ. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ. 6.ශ්‍රී පාද අඩවියේ පරිසර විද්‍යාත්මක වැදගත්කම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ශ්‍රීපාදය ආශ්‍රිත නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, ‍ලෝක උරුමයක් ‍ලෙස නම්‍‍‍කොට ඇති වනයකි. රක්ෂිතය අවේනික ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන්, සහ ක්ෂීරපායීන් ඇතුළු සුවිශේෂී, දුර්ලභ ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි. ශ්‍රී පාද අඩවියට පරිසර විද්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ. ශ්‍රී ලංකාවේ උරගයන් සහ උභයජීවීන්ගේ වැඩිම විවිධත්වය සහිත පරිසර පද්ධතිය ශ්‍රී පාද අඩවිය යි. එමෙන්ම ශ්‍රී ලංකාවට අවේණික කුරුලු විශේෂ සියල්ලම වාර්තා වන එකම පරිසර පද්ධතිය ද මෙය වේ. මෙය පහතරට තෙත් කලාපීය වනාන්තර සිට වළාකුළු වනාන්තර දක්වා අඛණ්ඩ වන වැස්මක් දක්නට ලැබෙන පරිසර පද්ධතියක් වීම තවත් විශේෂත්වයකි. කළු සහ කැළණි යන ප්‍රධාන ගංගා දෙක සමනල අඩවියෙන් ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය තුළ විශාලම අලි ගහනය සමනල අඩවිය තුළ ජීවත් වේ. එමෙන්ම තවමත් සොයා නොගත් ජීව විශේෂ සමනල අඩවිය තුළ වෙසෙනබවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති. 7.ගෙන යන දේ නැවත ගෙන එන්න සිරිපා කරුණා කරන ඇතැමුන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා අද වන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ටොන් ගණනින් තැන තැන එකතු වී, මේ සුවිශේෂී පාරසරික පද්ධතිය විනාශයට ලක්වන අයුරු ශ්‍රී පාද වන්දනා සමයේ දී දැකගත හැකි බව පරිසරවේදීන් පවසයි. පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභා සේවකයින්, මධ්‍යම පරිසර අධිකාරිය, ආරක්ෂක අංශ, ස්වෙච්ඡා සේවකයින් මෙන්ම ඇතැම් තරුණ තරුණියන් ඉටු කරනා මෙහෙය බෙහෙවින් අගය කළ යුතු බවට ඔවුන් පවසයි.
සුනාමිය: 'අනතුරු ඇඟවීමේ කුළුණු 77න් ක්‍රියාත්මක කළ හැක්කේ 20යි.'
ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 31,000ක් පමණ මරණයට පත් වී තවත් පුද්ගලයින් 4000ක් පමණ අතුරුදහන් වූ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 19ක් සම්පුර්ණ වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව සුනාමියෙන් සිදු වූ මුළු අලාභයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයකි. යළිත් සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට ඉවත් වීම සඳහා අනතුරු ඇඟවීමට සුනාමි කුළුණු ඉදිකිරීමට රජය පියවර ගන්න ලදී. නමුත් සුනාමියෙන් වසර 19ක් ගතවන විට එම කුළුණු 77කින් 57ක් අක්‍රීය තත්ත්වයට පත්ව තිබේ. ඒ පිළිබඳව BBC සිංහල සේවය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලබාගත් තොරතුරු මේ වීඩියෝව සඳහා පදනම් කරගෙන තිබේ. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදා තත්ත්වයන් වල දී ජනතාවට ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එම පණිවුඩය ජංගම සහ ස්ථාවර දුරකථන හරහා ලබා දෙන ක්‍රමවේදයක් අද සිට ආරම්භ කරන බවය.
'යහපත්ව ජීවත් වෙන්න අපිටත් අනික් අයට වගේ සලකන්න'
දරුවන් පාසලට යෑම සඳහා දිනකට කිලෝමීටර් 10ක් පමණ පා ගමනින් යා යුතු බවත් ගම්මානයේ අඩුපාඩු රැසක් පවතින බවත් වවුනියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ජීවත්වෙන ජනතාව BBC සිංහල සේවයට පැවසූහ. ''මේ වරුසාව කාලේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ.කුලී වැඩකට යන්න නෑ. මාළු අල්ලන්න බෑ. නයි නටවන්න, රිලා නටවන්න, සාත්තර කියන්න යන්න බෑ. දැන් අපිට දෙන්න මිනිස්සු අතේ සල්ලිත් නෑ.'' යනුවෙන් ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ ජීවත් වන තෙලිඟු ජනයා අතීතයේදී ස්ථිර වාසස්ථානයක් නොමැතිව, තැනින් තැනට යමින් 'අහිකුණ්ඨික' (අහිගුණ්ටික) ජීවිත ගත කළහ. එහෙත් අද වන විට ඔවුන්ගෙන් කොටසක් ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වෙති. අක්කරෙයිපත්තුව, කලාඔය , කුඩාගම, අන්දරකැලේ , වවුනියාව සහ මිහින්තලේ ආශ්‍රිතව තෙළිඟු ගම්මාන පිහිටා ඇත. අතීතයේ දී තෙළිඟු බස කතා කළ ද මේ වනවිට සිංහල බස කතා කරන අතර ඔවුන් සිංහල නම් භාවිත කරයි.
රෙක්ස් කොඩිප්පිලි: දිවි රඟ මඩලින් බැස ගිය 'දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයා'
සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට පණ පෙවූ බොහෝ දෙනෙකු සැබෑ ලෝකයේ ද ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට අසමත් වුව ද, රෙක්ස් කොඩිප්පිලි එසේ නොවීය. ඔහු සිනමාවේ දුෂ්ට චරිතය නිරූපණය කළ ද, සැබෑ ලෝකයේ ප්‍රේක්ෂකයින් අතර ඔහුට ගෞරවණීය පිළිගැනීමක් තිබූ බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. එවන් ආකර්ෂණීය රංග පෞරුෂයකට හිමිකම් කී 'සිංහල සිනමාවේ ජනප්‍රිය දුෂ්ටයා' ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ දිවි රඟ මඩලින් බැස ගියේ ය. රෝගී තත්ත්වයක පසුවූ ඔහු අභාවප්‍රාප්ත වන විට 85 වන වියේ පසු විය. ඔහු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 130කට අධික වන අතර ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ. දක්ෂ පොලිස් නිලධාරියෙක් 1938 ඔක්තෝබර් 06 වන දා බදුල්ලේදී උපත ලැබූ රෙක්ස් ජෝසෆ් කොඩිප්පිලිගේ පියා මිනින්දෝරුවරයෙකු වූ අතර රෙක්ස් මාස 18ක වයසේ පසුවෙද්දී පියා අභාවප්‍රාප්ත විය. පුතුන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාලයා වූ රෙක්ස්, පළමුව බදුල්ල සෙන්ට් බීඩ්ස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බදුල්ල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. පාසල් සමයේදී ඔහු දක්ෂ ගායකයෙකු ලෙස බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ලබා සිටි අතර, ඔහුට "බදුල්ලේ මොහිදීන් බෙග්" යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබිණි. පාසල් අධ්‍යාපනය නිම කළ ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර විසිර යාමේ උත්සවයේදී හාර සියයකට අධික පොලිස් ආධුනික භටයින් අතරින් ඔහු දෙවන ස්ථානය හිමි කර ගත්තේ ය. 1958 වසරේ පොලිස් සේවය ආරම්භ කළ ඔහු එහි සේවය කරද්දී බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩාවල නිරත විය. ඊට අමතරව ඔහු මිලිටරි පොලිසියේ ශාරීරික යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. වසර 5ක සේවා කාලයකින් පසු පොලිස් සේවයෙන් ඉවත් වූ රෙක්ස් කොඩිප්පිලි, පිළිවෙළින් මරීනා කැෆේ, හොටෙල් ඇට් පෙටා සහ සලාකා යන ආයතනවල කළමනාකාරවරයෙකු ලෙස සේවය කළේ ය. සිනමාවට පිවිසීම ඔහුට සිනමාවට පිවිසීම සඳහා මාර්ගයක් සකස් වූයේ අහම්බයෙනි. සලාකා කළමනාකාරීත්වය දරන සමයේ ඔහු ඔස්වල්ඩ් ජයසිංහ සහ ඩොමී ජයවර්ධන සමග හිතවත්කමක් තිබිණි. 1969 වසරේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කරමින් සිටි චිත්‍රපටයක දර්ශන තලයක් වෙත ඔස්වල්ඩ් සහ ඩොමී මෝටර් රථයකින් ඇරලීමට ගිය අවස්ථාවක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ඔහුට සටන් නළුවෙකු ලෙස රංගනයට ඇරයුම් කළේ ය. ඒ අනුව, කතුරු මුවාත් චිත්‍රපටයේ පික් පොකට්කරුවෙකුගේ චරිතයකට පණ පොවමින් රෙක්ස් කොඩිප්පිලි සිය රංගන දිවිය ආරම්භ කළේ ය. 1972 වසරේදී කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ලොකු ම හිනාව චිත්‍රපටයේ ද අවදානම් ජවනිකා කිහිපයකට පෙනී සිටි ඔහු, එහිදී බරපතළ අනතුරකට මුහුණ පා මාස 10ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. ඔහු දුෂ්ට සහ සටන් නළුවෙකු ලෙස සිනමාවේ බොහෝ චිත්‍රපටවලට සම්බන්ධ වුව ද, දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස ද චිත්‍රපට රැසක භූමිකා ඉදිරිපත් කර තිබේ. මුවන් පැලැස්ස චිත්‍රපටයේ කදිරා, සාගරිකා චිත්‍රපටයේ රත්නෙ අයියා, කොටි වලිගය චිත්‍රපටයේ සාජන්ට් සිල්වා යන භූමිකා ඊට නිදසුන් සපයයි. 1982 වසරේදී 'බයිසිකලේ' චිත්‍රපටය තුළින් ඔහු චිත්‍රපට නිෂ්පාදනයට සහ තිර රචනයට ද පිවිසියේ ය. කතුරු මුවාත්, ලොකු ම හිනාව, අපරාධය සහ දඬුවම, දුප්පතාගෙ හිතවතා, මගේ නංගි ශ්‍යාමා, කවුද රජා, නිල්ල සොයා, ආශා දෑසින්, මුවන් පැලැස්ස, මහින්දාගමනය, මහරජ අජාසත්, ගිනි අවි සහ ගිනි කෙළි ඔහු රංගනයෙන් දායක වූ 130කට අධික චිත්‍රපට රාශියෙන් කිහිපයකි. 2019 වසරේදී ඔහු ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. "දුෂ්ටයෙකු නොවූ දුෂ්ටයෙක්" ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් යනු රෙක්ස් කොඩිප්පිලි සමග චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක රංගනයේ නිරත වූ රංගන ශිල්පියෙකි. ඔහු රෙක්ස් කොඩිප්පිලි සම්බන්ධයෙන් අදහස් පළ කළේ, මෙසේ ය. "ඔහු බොහෝ අනතුරුවලට ලක්වෙමින් රංගන දිවිය වෙනුවෙන් කැප කිරීම් රැසක් කරපු විශිෂ්ට කලාකරුවෙක්. ඔහු බොහෝවිට දුෂ්ටයෙකු විදිහට සිනමාවේ පෙනී සිටියත් විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔහු දුෂ්ට චරිතවලට පණ පෙව්වත්, සමාජයේ අකැමැත්තක් පළ වුණේ නෑ. ඔහු බොහෝවිට ගෞරවණීය විදිහට තමන්ගේ සැබෑ ජීවිතයත් ගත කළා. ඔහු සිනමාවේ දැක්වූ ප්‍රතාපවත් බව සැබෑ ජීවිතයේදීත් තිබුණා. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්."
නත්තල සමරන්නේ නැති ක්‍රිස්තු භක්තිකයන් සිටින බව ඔබ දන්නවා ද?
නත්තල යනු ලොව පුරා ක්‍රිස්තු භක්තිකයින් බහුතරයක් ජේසුස් වහන්සේ ලෝක වාසීන් පාපයෙන් ගලවා ගැනීම වෙනුවෙන් මෙලොව එළිය දුටු දිනය සමරන උත්සවයකි. එම දිනය දෙසැම්බර් 25 වන දා බව බහුතරයකගේ පිළිගැනීමයි. ඒ අනුව, අද දිනයේදී (දෙසැම්බර් 25) ලෝකය පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරති. කෙසේ වෙතත්, ජේසුස් වහන්සේ දෙසැම්බර් 25 වන දින උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ වූ ලියවිල්ල ලෙස සැලකෙන බයිබලයේ සඳහන් නොවන බවට ඇතැම් පාර්ශව තර්ක කරයි. ඔවුන්ගේ තර්කයට පදනම් කරගෙන ඇත්තේ, දෙසැම්බර් වැනි අධික ශීත කාලගුණයක් සහිත කාලයක අගොස්තුස් අධිරාජයා සංගණනයක් සිදු කරන ලෙසට නියෝග කළ බව පිළිගත නොහැකිය යන්න ය. "ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි" 'තව ද, එසමයෙහි අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා විසින් නියෝගයක් නික්මිණි. මේ වනාහී කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරවරයාව සිටියදී කරන ලද පළමු වන සංගණනය යි. සියල්ලෝ ම ලියාපදිංචි වන පිණිස තමතමන්ගේ නුවරවලට ගියහ.' (ලූක් 2:1 - 3) යනුවෙන් ශුද්ධ වූ බයිබලයේ ශුද්ධවර ලූක් පොතෙහි දැක්වේ. ඔවුන් තර්ක කරන්නේ, ඒ අනුව ජේසුස් වහන්සේගේ උපත අප්‍රේල් හෝ අගෝස්තු මාසයේදී සිදුවන්නට ඇති බව ය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිස්තු සභාවන් අතරින් The Centre Church නමැති සභාව කිතු උපත දෙසැම්බරයේ සිදුවූ බව නොපිළිගන්නා සභාවකි. "ජේසුස් වහන්සේ දෙසැම්බර් මාසයේ උපන් බව පිළිගන්න අමාරු යි. ඒක සිදුවුණේ, අප්‍රේල් නැත්නම් අගෝස්තු මාසයේදී කියල යි අප විශ්වාස කරන්නේ. අතීතයේ සිදු කරපු වෙනත් සැමරුම් උත්සවයක් පාදක කරගෙන තමයි නත්තල් උත්සවය පවත්වන්නේ," ද සෙන්ටර් චර්ච් සභාවේ සාමාජිකාවක් (ඇයගේ ඉල්ලීම පරිදි සැබෑ නාමය හෙළි නොකෙරේ) බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ උත්සවය ජේසුස් වහන්සේගේ උපත සමරන්න ආරම්භ කරපු උත්සවයක් නෙවෙයි. ඒක ගොඩක් කාලෙකට කලින් හිරු දෙවියන් නමදින්න පවත්වපු උත්සවයක්. ඒක කාලයක් ගියාට පස්සේ නත්තල් උත්සවය බවට පත් වෙලා. ඒ නිසා ඒක ජේසු උපත සමරන්න භාවිත කිරීම වැරදි යි." මේ අතර, ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ ආරම්භය ජේසුස් වහන්සේගේ උපත සිදුවූ දින සිට ගණනය කළේ නම් දෙසැම්බර් 25 වන දින ජේසු උපත සිදුවූ බව පිළිගත හැකි ද? යන්න ඇතැමෙක් ප්‍රශ්න කරයි. කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සමරන පාර්ශව පවසන්නේ, දෙසැම්බර් 25 වන දා වෙනත් සැමරීම් පැවතිය ද, එදින නත්තල් උත්සවය සැමරීම වැරදි ක්‍රියාවක් නොවන බව ය. "අපි සමරන්නේ ජේසුස් වහන්සේගේ උපත සහ උන් වහන්සේ ලෝකයට ගෙනාව පණිවුඩය. ඒකට දිනය ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ," මෙතෝදිස්ත සභාවේ සහෝදරතුමෙක් පැවසීය. මේ අතර, ද සෙන්ටර් චර්ච් සභාවේ නත්තල ප්‍රතික්ෂේප කරන දරදඬු ප්‍රතිපත්තිය මේ වන විට යම් ප්‍රමාණයකට ලිහිල් වී තිබේ. එම සභාවේ සාමාජිකාව පැවසුවේ, මීට පෙර නත්තල් දේව මෙහෙයක් නොපැවැත්වුව ද, මෙවර එවැනි දේව මෙහෙයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය. කෙසේ වෙතත්, දෙසැම්බර් 25 වන දා ජේසුස් වහන්සේගේ උපත සිදුවූ බව තවදුරටත් පිළිනොගන්නා බව ද ඇය පැවසීය.
වරෙන්තු නැතිව නිවාස පරීක්ෂා කරන්න පුළුවන් ද?
රට තුළ ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැල්ල මැඩලිමේ අරමුණින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවෙමින් පවතින බව පෙනෙන්නට ඇතැයි මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාකාරීහූ පවසති. දෙසැම්බර් 17 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව පොලිසිය අනාවණය කළේය. මෙම මෙහෙයුමේ දී බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට විශේෂ අවදානයක් යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මීට ඉහත දී පැවසීය. කෙසේවෙතත් මෙම මෙහෙයුමේ දී ආරක්ෂක අංශ නිවාස හා පුද්ගලයන් සෝදිසි කිරීම සම්බන්ධව හා ඒවා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම සම්බන්ධව සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අයුරු බීබීසි සිංහල සේවයට නිරීක්ෂණය විය. රටපුරා ක්‍රියාත්මක ‘යුක්තිය’මෙහෙයුමේ ඉලක්කය කුමක් ද ? සැලසුම් සහගත මෙහෙයුමක් නම් වරෙන්තුවක් ගන්න බැරි වුනේ ඇයි? අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් නොමැතිව නිවසක් පරික්ෂා කිරීමට පොලිසියට සීමිත බලතල ඇතත් ප්‍රදේශයක් ඉලක්ක කරගෙන අධිකරණ අවසරයක් නොමැතිව ආරක්ෂක අංශ වෙත නිවාස හෝ ගොඩනැගිලි පරික්ෂා කිරිමේ බලයක් නොමැති බවට යුක්තිය මෙහෙයුම සම්බන්ධව බීබීසී සිංහල සේවය හා අදහස් දක්වමින් නීතිඥ හිජාස් හිස්බුල්ලා සඳහන් කළේය. “මේක සැලසුම් සහගත මෙහෙයුමක්නේ. එතකොට ඒගොල්ලෝ කියන්න ඕනේ මේක සැලසුම් සහගත මෙහෙයුමක් නම් වරෙන්තුවක් ගන්න බැරි වුනේ ඇයි?, මහේස්ත්‍රාත්තුමාට ගිහිල්ලා කියන්න පුළුවන් මේ පළාතේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ ගෙවල් ටික සර්ච් කරන්න අපිට වරෙන්තුවක් ලබා දෙන්න කියලා. ඒවගේ කරන්න බැරි අවස්ථාවක තමයි මේ අයට වරෙන්තුවක් නැතිව පරික්ෂා කරන්න අවසර තියෙන්නේ. උදාහරණයක් විදියට මම කෙනෙක්ව කුඩු එක්ක අත්අඩංගුවට ගත්තා කියමුකෝ, එතකොට මට පුලුවන් එයාගේ ගෙදර ගිහිල්ලා සර්චි කරන්න. ඔයාව අත්අඩංගුවට ගත්තා කියලා මැසේජ් එක ගිය ගමන් ඒ බඩු ටික හංගනවා. එතකොට ඔයා එක්ක ගිහිල්ලා සර්චි කරලා එතන තියෙන බඩුත් අරගෙන අපි යනවා.” “මෙහෙයුමක් කරලා මේ පැත්තම ක්ලියර් කරන්න යනවා නම්, එතකොට ඒගොල්ලන්ට වෙලාව තියෙනවානේ මහේස්ත්‍රාත්තුමාට කියලා වරෙන්තුවක් ලබා දෙන්න කියලා ඉල්ලන්න. දැන් මේ යන්නේ මාධ්‍යටත් කියලා, මුළු ලෝකෙටම කියලානේ එතකොට තියෙන එකත් කුඩු හංගනවානේ. එහෙම කරන පොලිසියට ඇයි වරෙන්තුවක් ගන්න බැරි.” යැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය. වරෙන්තුවකින් තොරව රෑ මැදියමේ යම් පළාතකට කඩා වැදී පරික්ෂා කිරිමේ බලයක් පොලිසියට නැතැයි පැවසු නීතිඥ හිජාස් හිස්බුල්ලා එය මානව හිමිකම් උල්ලංඝනයක් යැයි පැවසීය. ‘ගේ හිමියා කැමති නම් පරීක්ෂා කරන ඒකේ ප්‍රශ්නයක් නැහැ’ “යුක්තිය” මෙහෙයුමේ දී අධිකරණ වරෙන්තුවක් ලබා නොගෙන නිවාස හා පුද්ගලයන් පරීක්ෂා කිරීම ගැන එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුවගෙන් විමසනු ලැබීය. විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂා කිරීමට වරෙන්තු අවශ්‍ය නැතියි කී මාධ්‍ය ප්‍රකාශකවරයා පරීක්ෂා කිරිම් කරනු ලබන්නේ නීත්‍යානුකූලව බව සඳහන් කළේය. “ෆ්ලැට් එකක් ගත්තොත්, නැත්නම් කොළඹ නගරය සමහර ප්‍රදේශ ගත්තොත් ඒ මිනිස්සුන්ට ගෙයින් ගෙට මාරු වෙන්න පුළුවන් හොයන්න බෑ. අපි යනවා අදාළ ගෙදර පරීක්ෂා කරන්න ඒ ගෙදරින් මේ ගෙදර මාරු වෙලා. අපි අර ගෙදර පරීක්ෂා කරනවා අවශ්‍ය පුද්ගලයා ඉන්නා අනිත් ගෙදර, එතකොට ඒ ගෙදරට වරෙන්තුවක් ගන්න ඕන කියන කල්පනාව ගත්තොත් අපිට මේක කරන්න බෑ.” “ගෙදර පරීක්ෂා කිරීමට වරෙන්තුවක් තිබුණත් නැතත් ගේ හිමියා කැමති නම් පරික්ෂා කරන ඒකේ ප්‍රශ්නයක් නැහැ. එයා විරුද්ධත්වයක් දක්වන්නේ නැතිනම් ගේ පරීක්ෂා කරන්න කියලා වරෙන්තුවක් ඕනේ නෑනේ. එයා කියනවා නම් මොකක් හරි කාරණයක දී වරෙන්තුවක් අරන් එන්න කියලා වරෙන්තුවක් ගන්න ඕන කාරණයක් නම් අපිට වරෙන්තුවක් ගන්න පුලුවන්. කවුරුහරි එයාගේ කැමැත්තෙන් කියනවානම් අපේ ගෙදර පරීක්ෂා කරන්න කියලා වරෙන්තු අවශ්‍ය වෙන්නේ නෑනේ.“යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය. ශ්‍රී ලංකා පොලිසියේ සම්පුර්ණ පිරිස් බලය යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බැවින් වෙනත් ප්‍රදේශයක ගොස් සැඟව සිටිමට ද කිසිවෙකුට අවස්ථාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. කවදාහරි නයිට් ක්ල්බ්වලට පොලිසියෙන් පැනලා තියෙනවා ද? වධ හිංසා කිරීම සම්බන්ධව අධිකරණ තීන්දු මකා ගනිමින් වැඩබලන පොලිස්පතිවරයා හට වීරයෙකු වීමට දුගී ජනයා ඉල්ලක කර ගනිමින් ගෙන යන සංදර්ශනයක් ලෙස නීතිඥවරයා මෙම මෙහෙයුම හඳුන්වා දෙනු ලැබීය. ඔහු පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙන සහ මත්ද්‍රව්‍ය භාවිතය සිදුවන රාත්‍රී සමාජ ශාලා වැනි පොහොසතුන් ගැවසෙන ස්ථාන පොලිසිය විසින් පරික්ෂා කළ බවට දැනගන්න නොමැති බවයි. “කුඩු බිස්නස් එකම අයින් කරනවා නම් යන්න ඕනේ නයිට් ක්ල්බ්වලට. ඇයි නයිට් ක්ලබ් රේඩ් කරන්නේ නැත්තේ. නයිට් ක්ල්බ්වල කොකේන් පාවිච්චි කිරිම, පිල් පාවිච්චි කිරිම, පොහොසත් කට්ටිය පාවිච්චි කරන ඒවා කුඩු නෙමෙයි ද? ඒවට වියදම් කරන අයගේ සල්ලි කොහෙන්ද? ඒවා හොයන්න පටන් ගත්තොත් තමයි ඇත්ම කුඩුකාරයා කුඩු බිස්නස් කරන කොනා හොයා ගන්න පුලුවන්. කවදාහරි නයිට් ක්ල්බ්වලට පොලිසියෙන් පැනලා තියෙනවා ද?” “මේක නිකං මහජනතාවට සංදර්ශනයක් පෙන්වන්න දුප්පත් මිනිස්සු ටාගට් කරපු, පොඩි ඔපරේෂන් එකක්. මානව හිමිකම් උල්ලාංඝනය වීම ගැන කැක්කුමක් නැති සමාජයක්නේ එතන ඉන්නේ. ඒගොල්ලන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී ඉන්න වෙන කවුරුත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරගෙන පොලිසියෙන් ලොකු ඩ්‍රාමා එකක් කරගෙන, පොලිස්පතිතුමාට ඇක්ටින් අපොයිමන්ට් එක්ක දීලා, සුප්‍රිම් කෝට් එකෙන් වධ හිංසා කළා කියලා එහෙම චෝදනා ඇවිල්ලා තියෙනවානේ. එයාට ඒ ඔක්කොම මකා ගන්න මහජනතාවගේ වීරයා වගේ එන්න බලනවා. ඒක තමයි මෙතන ඇත්ත කතාව.” පොලිසිය විසින් මෙහෙයුම් සිදුකරනු ලබන මෙහෙයුම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරිම පිළිකුල් සහගත බව පැවසු නීතිඥ හිජාස් හිස්බුල්ලා “මෙතන මීඩියා සංදර්ශන හැරුණුකොට වෙන කිසිම දෙයක් නැහැ කියන එක තවත් තහවුරු වෙනවා. පොලිසියට මීඩියා එකට කියාගෙන, මීඩියා කැමරා සෙට් කරගෙන යන්න පුලුවන්නම් ඇයි වරෙන්තුවක් ගන්න බැරි?” යැයි ප්‍රශ්න කළේය. මාධ්‍ය හරහා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හා ඔවුන් ඉන්නා ස්ථාන මාධ්‍ය මගින් පෙන්වීම හරහා සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට මෙන්ම ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට බාධා පැමිණෙනු ඇතැයි ද නීතිඥවරයා කියා සිටියේය. 'වින්දිතයෙක් නොවන කෙනෙක් මාධ්‍ය නිසා වින්දිතයෙක් බවට පත් වෙනවා' පොලිසිය විසින් දියත් කර ඇති සෝදිසි මෙහෙයුම වාර්තා කිරිමේදී මාධ්‍ය ආයතන විසින් ආචාරධර්ම කඩ කරමින් සිදුකරනු ලබන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධනගෙන් විමසනු ලැබුවා. “මාධ්‍ය ආචාරධර්ම පැත්තෙන් ගත්තොත් එහෙම බරපතල ගැටලුවක් තියෙනවා, අපි මේක දැක්කා කොරොනා කාලෙත්. අපි කිව්වා මානව හිමිකම් කොමිසමට, ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවට, මාධ්‍යවේදීන්ට ගයිඩ් ලයින් එකක් දෙන්න කියලා. දැනුත් ඒ වගේම තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ සමහර වාර්තා කිරිම්වලින් පස්සේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. වින්දිතයෙක් නොවන කෙනෙක් මාධ්‍ය නිසා වින්දිතයෙක් බවට පත් වෙනවා, පොලිසිය නිසා වින්දිතයෙක් වෙන කෙනෙක් එක පාර ඇවිත්ගේ සර්ච් කරපු එක මාධ්‍යවල යද්දි ආයේ පාරක් වින්දිතයෙක් බවට පත් වෙනවා.” තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන මෙම මාධ්‍ය වාර්තා ආචාරධර්ම විරෝධි ක්‍රියාවක් ලෙස හෙලා දුටුවේය. මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානින් විසින් ආචාරධර්ම කඩ කරන ආකාරයේ සිදුවිම් පළ කරනු ලබනුයේ දේශපාලන ලබැඳියාවන් වෙනුවෙන් සහයෝගය ලබා දීමට විය හැකි යැයි, ඔහු සැක පළ කළේය. ආචාරධර්මික වාර්තා කිරිම් සිදු නොකළහොත් ඉදිරියේ දී ජනමාධ්‍යට එරෙහි නීති පැනවිමේ අවදානමක් ගැන ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.” “සමාජයේ දැනටමත් කතා බහක් ඇති වෙලා තියෙනවා ලංකාවේ පුද්ගලිකත්වය පිළිබඳ නීති නැහැ ගේන්න ඕනේ කියලා. එතකොට එහෙම නීතියක් ගෙනාපු ගමන් ජනමාධවේදීන්ටම තමයි පාර වදින්නේ. හැබැයි දැනට තියෙන අවකාශය ඇතුලේ අපි ආචාරධර්මිකව වාර්තා කිරිම් කරනවා නම් එහෙම නීති ගේන්න අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ.” යි තරිඳු ජයවර්ධනය වැඩි දුරටත් අවධාරණය කරන ලදී. රුපියල් මිලියන 162 කට ආසන්න වත්කම් පොලිස් භාරයට (දෙසැම්බර් 21 වැනිදා) ක්‍රියාත්මක කළ වැටලීම් 1864කට අදළව, සැකකරුවන් 1810ක් සහ සහ සැකකාරියන් 55ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ඉන් සැකකරුවන් 145 දෙනෙකුට රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය. මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම වැටලීම් වලින් මේ දක්වා සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දේපළ රැසක් නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තහනමට ලක්කර ඇති බවයි. එම දේපළවල මුළු වටිනාකම රුපියල් මිලියන 162කට ආසන්න වේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. " 'යුක්තිය' නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම ක්‍රියාකාරකම් කවුරුන් හෝ නතර කළ යුතුයි. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම තීරණය කළා. ඒ අරමුණින් තමයි 'යුක්තිය' මෙහෙයුම ආරම්භ කළේ. මෙම කටයුත්තේදී ප්‍රජා පොලිස් කමිටුවලට ද විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. " "මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් සිටින බවට අපට බුද්ධි වාර්තා ලැබී තිබෙනවා. මේ සියලුම දෙනාවම අත්අඩංගුවට ගන්නා ලෙසට මා උපදෙස් දී තිබෙනවා. පසුගිය දින 4 තුළ පමණක් එම බුද්ධි වාර්තාවේ සිටින 731ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා."අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. තාවකාලිකව සීමා කිරිමක් නත්තල් නිවාඩුවට සමගාමීව පොලිස් නිලධාරින් විශේෂ රාජකාරිවලට යොමු කිරීම හේතුවෙන් “යුක්තිය” මෙහෙයුම තාවකාලිකව සීමා කිරීමක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසු අතර ඉන්පසුව පෙර පරිදිම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. දෙසැම්බර් 17 වැනිදා සිට රටම ආවරණය වන පරිදි දියත් කළ “යුක්තිය” මෙහෙයුමෙන් දින 7ක දී සැකකරුවන් 13,666ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 717ක් සම්බන්ධව රැදවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය අනාවරණය කර සිටියේය. එමෙන්ම සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් 1097 දෙනෙකු පුනුරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කර ඇත. එසේම මෙම මෙහෙයුම්වලදී හෙරොයින් 09kg, අයිස් 04kg , ගංජා 272kg, ගංජා පැල 944,651ක් මෙන්ම මාවා 117kg, ඈෂ් 35kg , හෂීෂ් 989g, තූල් 03kg, කුෂ් 520g සහ මත්පෙති 65,924ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
චොකලට් හදන ලාංකික මහාචාර්යවරයා: 'අපි කන්නේ හැබෑම චොක්ලට් නෙමෙයි'
ලොකු කුඩා කවුරුත් රස විඳින්නට කැමැති කෑමකි චොක්ලට්. අද වන විට ශ්‍රී ලංකාවේ චොක්ලට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා කිහිපයක්ම තිබුණත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කිරීමට පෙළඹී සිටියි. මීට දින කිහිපයකට පෙර නිවසේ දීම චොක්ලට් නිෂ්පාදනයකර ගත හැකි බවට ෆේස්බුක් ඔස්සේ පළ කර තිබු සටහනක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබු අයුරු දක්නට ලැබුණි. ෆේස්බුක් සටහන තැබූ ඔහු කවුද? වසර 23ක කාලයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔහු නමින් මහාචාර්ය නිලන්ත ලියනගේ ය. මේ වන විට මහාචාර්ය ලියනගේ රුහුණු විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ සේවය කරනු ලබයි. දේශීයව කොකෝවා ගස් වැවීමට සහ චොක්ලට් නිෂ්පාදනය කිරීමට කැමති ඕනෑම අයෙකුට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ සහාය ලබාදීමට සූදානම්යැ යි ඔහු විසින් තබන ලද ෆේස්බුක් සටහන දහසකට අධික පිරිසක් සමාජ මාධ්‍ය තුළ බෙදාහැර තිබුණි. "මගේ පොස්ට් එකේ අරමුණ වුණේ අලුතෙන් කොකෝවා වගා කරන්න කැමති අයව ඒ සඳහා උනන්දු කරවන්න. ඒකට විශාල ප්‍රතිචාරයක් හිමිවුණා." "ප්‍රදේශයෙන් ප්‍රදේශයට කොකෝවා වගා කිරීම ප්‍රචලිත කරලා ඔවුන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික මඟපෙන්වීම ලබාදීලා ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කරන්න උනන්දුවක් ඇති කරවන එක මගේ බලාපොරොත්තුව," මහාචාර්යවරයා පැවසුවේ ය. 'විද්වතුන් හැටියට අපි දුක් වෙනවා' බීබීසී සිංහල සමග අදහස් දක්වමින් මහාචාර්ය ලියනගේ පැවසුවේ මේ වන විට ආර්ථික සහ ආහාර අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව තුළ ඇති ස්වභාවික සම්පත් ලොව වෙනත් කිසිදු රටකින් ඔහුට දකින්නට ලැබී නොමැති බවය. "මේ ලෝකයේ තියෙන හොඳම දේශගුණික තත්ත්ව, ඒ වගේම හොඳම පස තියෙන, හොඳම ජෛව විවිධත්වයක් තියෙන රටක් ලංකාව කියන්නේ. ඒ හැර වෙනත් රටක් ලෝකයේ මම දැකලා නැහැ. විද්වතුන් විදිහට මේ රට පවතින තත්ත්වය ගැන අපිට දුකක් වගේම කලකිරීමක් තියෙනවා. ඇයි මේවා හරියට කළමනාකරණය වෙන්නේ නැත්තේ කියන එක සම්බන්ධයෙන්." "විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදිහට අපි ඉන්නේ උගන්වන්න විතරක් නෙමෙයි. එතකොට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කියන්නේ සමාජයේ පවතින ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් වපසරියක ඉන්න ඕන පිරිසක් කියල යි මම දකින්නේ." "මගේ විෂය කේෂ්ත්‍රය ඇතුළත ඒවාට විසඳුම් දෙන්න පුළුවන් අවස්ථා ගැන සොයා බලලා ඒ වෙනුවෙන් කටයුතු කරනවා," ඔහු පවසා සිටියේ ය. 'කොකෝවා වගාව නැවත ජනතාව අතරට ගෙන යා යුතු යි' මෙරට තුළ බෝග වගාවක් ලෙස පැවති කොකෝවා බෝගය නැවත ජනප්‍රිය කරවීම හරහා ජනතාවට එය අත්වැලක් වන බව මහචාර්ය නිලන්ත ලියනගේ පවසා සිටියේ ය. "කොකෝවා වගාව ලංකාවට හඳුන්වා දුන්නේ උපාලි විජයවර්ධන විසින්. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ ඒ බෝගය ගැන තිබු උන්නදුව හීනවෙලා ගියා. ලංකාවේ ගොඩක් පළාත්වල කොකෝවා වගාකර තිබූ ඉඩම් දැන් ඒවා අතහැර තිබෙනවා. ඒකට කර්මාන්තයක් ලංකාවේ බිහිවෙලා නැහැ. "ලංකාවේ යම් යම් කර්මාන්ත ශාලාවල චොක්ලට් නිෂ්පාදනය කළාට මෙරට වගා කරන කොකෝවා භාවිත කරන්නේ නැහැ. ඒ නිසා අමුද්‍රව්‍ය පිටරටින් ගෙනල්ලා තමයි චොක්ලට් නිෂ්පාදනය කරන්නේ. මේ නිසා අපි බැලුවා ලංකාවේ කොකෝවා යොදාගෙන චොක්ලට් නිෂ්පාදනය කරන්න. ඒකෙ විද්‍යාත්මක පැත්ත හදාරා ලංකාවේ වගා කරන කොකෝවාවලින් ඒ දේ කරන්න අපි පටන් ගත්තා," ඔහු කියා සිටියේ ය. නව සැලසුම ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය යි නිවසේ වගාකර ඇති කොකෝවා ගස්වලින් ලැබෙන අමුද්‍රව්‍ය භාවිතාවට ගනිමින් ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කිරීමට ජනතාව පෙළ ගැස්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව මහාචාර්ය ලියනගේ පවසා සිටියේ ය. "ඇත්තටම අපි දැන් කන්නේ චොක්ලට් නෙමෙයි. චොක්ලට් වෙනුවට හදාගත් ආදේශකයක් අපි මේ රස විඳින්නේ. කොකෝවා යොදාගෙන කොහොමද ඇත්ත චොක්ලට් හදන්නේ කියන එක කියලා දෙන්නයි මම සූදානම් වෙන්නේ." "විශාල ප්‍රමාණයේ කර්මාන්තයක් විදිහට වඩා අවම වශයෙන් ගෙදරක කොකෝවා ගස් 2-3ක් වගා කරලා තියෙන ඒවායින් ප්‍රයෝජනයක් අරන් ජනතාවට ගෘහාශ්‍රිත කර්මාන්තයක් විදිහට කොහොම ද මේ චොක්ලට් නිෂ්පාදනය කරන්නේ කියන එක කියලා දෙන්න." "මගේ ෆේස්බුක් සටහනින් පස්සේ ගොඩක් අය මේක ගැන උනන්දු වෙලා මට කතා කරන්න පටන් ගත්තා. මම ඒ අයට උපදෙස් දුන්නා කොකෝවා වගා කරන්න පටන් ගන්න කියලා." මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "සාමාන්‍යයෙන් අක්කරයට කොකෝවා පැළ 300ක් සිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සැලකිය යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්." "කොකෝවා ඇට මඟින් චොක්ලට් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා කොකෝවා බටර් කිලෝග්‍රෑම් එකක මෙරට මිල රුපියල් නව දහසක් වනවා. නමුත් කොකෝවා බටර් හදන්න යන්නේ කොකෝවා ඇට කිලෝග්‍රෑම් දෙකක් විතරයි," ඔහු පැවසුවේ ය. කොකෝවාවලින් නිපදවන්න පුළුවන් චොක්ලට් පමණ ද? ප්‍රධාන වශයෙන් චොක්ලට් නිපදවීමට පමණක් කොකෝවා යොදා ගන්නා බවට සඳහන් කෙරුණ ද, ඒ හරහා වෙනත් නිෂ්පාදන කර්මාන්ත සඳහා කොකෝවා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගත හැකි බව මහාචාර්ය නිලන්ත ලියනගේ අවධාරණය කළේ ය. "චොකලට් කියන්නේ එක දෙයක් විතරයි. නමුත් මෙම කොකෝවා ඇටවලින් අපට වයින්, මත්පැන්, වොඩ්කා මෙන්ම විනාකිරි වුවත් නිපදවීමට හැකියාව තිබෙනවා," ඔහු කියා සිටියේ ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කොකෝවාවල රසය ඉතා වෙනස් මෙන්ම එය මෙරටට සුවිශේෂී රසයකින් යුක්ත වන බව මහාචාර්යවරයා සඳහන් කර සිටියේ ය. "අපේ රටේ මාතලේ, මහනුවර, කෑගල්ල, මොණරාගල වගේ ප්‍රදේශවල කොකෝවා වගා කරනවා. ඒ කොකෝවාවල දැනෙන රස සුවිශේෂ යි. අපිට හොඳ ඉල්ලුමක් ඇති කර ගන්න පුළුවන්," ඔහු කියා සිටියේ ය. කොකෝවා ඇටවලින් අවසන් නිෂ්පාදනය සාදා ගැනීමට මෙරට ජනතාව නොදැන සිටීම අභාග්‍යසම්පන්න කරුණක් බවත්, එම තත්ත්වය මඟහරවා ජනතාවට කොකෝවාවලින් ලබාගත හැකි වාසිදායී තත්ත්වය ගැන අවබෝධයක් මෙන්ම ඊට අවශ්‍ය මඟපෙන්වීම ද ලබාදීම තුළින් හොඳ ප්‍රතිඵලයක් ළඟාකර ගැනීමට හැකිවන පරිදි චොක්ලට් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. “මට මාතලේ ප්‍රදේශයේ තරුණයෙක් කතා කළා. ඔහු කොකෝවා මිල දී ගෙන වේලලා මැලේසියාවට අපනයනය කරනවා. හේතුව, ඔහු දන්නේ නෑ කොකෝවා ඇට වෙලුවට පස්සේ එතනින් එහාට සිදුකරන්න ඕන ක්‍රියාවලිය. ඒ කොකෝවා ඇටවලින් අවශ්‍ය ක්‍රීම් එක ගන්න තියෙන්නේ. මම ඔහුට කිව්වා දැන් කරන් ආපු තැනින් ඉදිරියට යන්න අවශ්‍ය උපදෙස් හා දැනුම මම ලබා දෙන්නම් කියලා,” ඔහු කියා සිටියේ ය. 'මේක ඩොලර් ඉපැයිය හැකි මාර්ගයක්' ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන චොක්ලට් විදේශ රටවලට යැවීමෙන් හොද විදේශ විනිමයක් ඉපැයීමට හැකි බව සඳහන් කළ මහාචාර්ය නිලන්ත ලියනගේ, මේ වන විටත් එවැනි කටයුත්තක නිරත වෙන මෙරට තරුණ ව්‍යවසායකයින් කීපදෙනෙකු සිටින බව කියා සිටියේ ය. "ලංකාවේ මේ වෙද්දීත් හෝම්මේඩ් චොක්ලට් හදලා අපනයනය කරන තරුණයින් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් යුරෝපයේ වෙළෙඳපළට තමන්ගේ නිෂ්පාදන යොමු කරන්නේ." "ඒ වගේම මේ වෙද්දී සංචාරක කර්මාන්තය නැවත හොඳ මට්ටමකට ඇවිත් තියෙන නිසා කොහොමද කොකෝවා ඇට ප්‍රොසෙස් කරන්නේ, කොහොමද චොක්ලට් නිෂ්පාදනය කරන්නේ කියන එක්ස්පිරියන්ස් එක විදේශිකයින්ට පෙන්වලා අපේ මේ කර්මාන්තය දියුණු කරගෙන රටේ සහ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න හැකියාව තියෙනවා," මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
'ප්ලාස්ටික් නත්තල් ගහක් 600 ඉඳන් 20,000යි'
නත්තල වෙනුවෙන් නිවස ගව ලෙනකින් සහ නත්තල් ගහකින් සැරසීමට කිතුණු බැතිමත්හු කටයුතු කරති. එහෙත් රටේ පවතින ආර්ථික අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යෑම සැලකීමේ දී දරුවන් සමග මෙවර නත්තල සැමරීම දැඩි අභියෝගයක් වී ඇතැයි බොහෝ දෙනෙකු BBC සිංහල සේවය සමග පැවසූහ. නත්තල් ගහක් රුපියල් 2000 සිට කොළඹ, හැව්ලොක් ප්‍රදේශයේ අලෙවි වේ. ප්ලාස්ටික් නත්තල් ගහක් රුපියල් 600ත් 20,000ත් අතර මුදලකට කොළඹ කොටුවේ අලෙවි වන බව අද (දෙසැම්බර් 22) අප කළ සොයා බැලීමක දී අනාවරණය විය . කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට ගව ලෙනක් රුපියල් 1200 සිට අලෙවි වේ. භාණ්ඩ අලෙවි කර ගත නොහැකිව වෙළඳුන් ලත වෙද්දී ඒවායේ මිළ වැඩි බවට ජනතාව මැසිවිලි නගති.
JN.1 කොවිඩ් ප්‍රභේදය: දැනටමත් ශ්‍රී ලංකාවට ඇතුළුවෙලා ද?
කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදයක් නිසා මේ වන විට ලෝකයේ බොහෝ රටවල් නැවත වරක් ඒවායේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අවධානය යොමුකර ඇත. ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවලින් මේ වන විට මෙම JN.1 කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් "එහි ශීඝ්‍ර ව්‍යාප්තිය" හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් "සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක්" ලෙස මීට දින කිහිපයකට පෙර නම් කරනු ලැබීය. නව කොවිඩ් ප්‍රභේදය රට තුළට ඇතුළුවෙලා ද? මෙම කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු පූර්ව පියවර ගැන බීබීසී සිංහල සේවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දරගෙන් විමසීය. ඔහු පවසා සිටියේ නව කොවිඩ් ප්‍රභේදය සොයා ජාන අනුක්‍රමික පරීක්ෂණ මෙතෙක් සිදුකර නොමැති වුව ද සැලකිය යුතු ලෙස කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බවට පෙනී යන බව යි. "මේ දක්වා JN.1 කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වී තිබෙන බවට තහවුරු කර ගැනීමට අවශ්‍ය නව පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල් ලබාගෙන නැහැ. අපි සාමාන්‍ය පරිදි අපේ පරීක්ෂණ සඳහා ගනු ලබන ජෛව සාම්පල් වලින් පරීක්ෂණ සිදුකරගෙන යනවා මාසිකව.” "එහෙම වුවත් අපිට හිතෙනවා සැලකිය යුතු කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් ලංකාවේ සිටිනවා කියලා," මහාචාර්යවරයා කියා සිටියේ ය. නව කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද? දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින JN.1 කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ මහාචාර්ය චන්දිම ජීව‍න්දර මෙසේ පැහැදිලි කළේ ය. "කැස්ස, හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ගඳ සුවද හා රස නොදැනීම කියන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්. කලාතුරකින් ඇඟ මලානික වීම, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්." එමෙන්ම මෙම නව කොවිඩ් ප්‍රභේදය දැඩි අවදානම් සහිත ප්‍රභේදයක් නොවන බවට තහවුරු වී තිබෙන බව ද මෙහිදී මහාචාර්යවරයා පවසා සිටියේ ය. නැවත මුව ආවරණ පළඳින්න අවශ්‍ය ද? නව කොවිඩ් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අවම වැඩිහිටි ජනතාව සහ අවදානමක් ඇතිවිය හැකියැ යි අනුමාන කරන පුද්ගලයින් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ ය. "මේ දිනවල සමාජයේ ගැවසෙනවා නම්, විශේෂයෙන් උත්සව සමය නිසා ඇසිරී තිබෙන ස්ථානයක සාදයන්ට සහභාගී වෙනවා නම්, මුව ආවරණයක් පැළඳ සිටීම කොවිඩ් විතරක් නෙමෙයි ඕනෑම ශ්වසන රෝගයකින් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්." "ඒ වගේම අපේ වැඩිහිටි ජනතාව වගේම ප්‍රතිශක්තිකරණ මට්ටම පහත වැටී සිටින පිරිස් සමාජයට යද්දී මුව ආවරණ පැළඳ සිටීම සුදුසු යි," මහාචාර්යවරයා කියා සිටියේ ය. ප්‍රතිශක්තිකරණ මට්ටම ගැන පැහැදිලි කිරීමක් කොවිඩ් වසංගතය සඳහා වූ එන්නත් ලබාගත් හා ලබා නොගත් මෙරට කුඩා දරුවන් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින් ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉතා ඉහළ අගයක පවතින බවට අනාවරණය වූ බව ද මහාචාර්ය ජීවන්දර පවසයි. "අපේ රටේ කුඩා දරුවන්ගෙන් කොවිඩ් එන්නත ලබාගත් සහ නොගත් අයගේ ප්‍රතිශක්තිකරණ මට්ටම 90%ක් තිබෙනවා කියලා මේ ළඟ දි සිදුකළ පර්යේෂණයක දී අනාවරණය කර ගන්න ලැබුණා. අපේ රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ මට්ටම හොද අගයක පවතිනවා," ඔහු පැවසීය. 'ගෝලීය තත්ත්වය ගැන අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ' බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ ගෝලීය වශයෙන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි. "සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපගේ අවධානය යොමු වෙලා තියෙන්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්. විශේෂයෙන් ලෝක තත්ත්වය වගේම දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් ලබා ගනිමින් සිටිනවා." "ඒ වගේම ප්‍රාදේශීයව අනෙක් කලාපයේ රටවල් ගන්නා ක්‍රියාමාර්ග ගැන අපි අවධානය යොමුකර තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිර්ණායකයන් ඉදිරිපත් කර නැහැ." "නමුත් මේ දක්වා එවැනි රෝගීන් අපේ රටින් වාර්තා වෙන්නේ නැහැ. නමුත් අවධානයෙන් සිටිනවා ඉදිරියේ දී එවැනි රෝගීන් වාර්තාවීමක් සිදුවුහොත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන," අමාත්‍යවරයා කියා සිටියේ ය. නැවතත් පරීක්ෂණ ආරම්භ කරනවා ද? ගෝලීයව කොවිඩ් රෝගීන් වාර්තාවීම නිසා මෙරටට පුද්ගලයින් පැමිණෙන ගුවන් තොටුපොළවල දී නැවතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදනවාදැ යි බීබීසී සිංහල සේවය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදුකරන ලදී. ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "දැනට පරීක්ෂණයට ලක් කිරීමේ අදහසක් නැහැ. නමුත් ගුවන් තොටුපොළේ දී මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ උෂ්ණත්වය සටහන් වන ආකාරයේ තර්මල් කැමරා ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර කැමරා දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ." "විශේෂයෙන්ම දේහ උෂ්ණත්වය වැඩි පුද්ගලයින් ගැන විශේෂ සැලකිල්ලෙන් සිටිනවා," ඔහු පැවසුවේ ය. නව කොවිඩ් ප්‍රභේදයට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම් ද? වර්තමානයේ රටේ පවතින ආර්ථික ගැටළු සමග යම් ආකාරයේ කොවිඩ් ව්‍යාප්තියක් සිදුවුවහොත් ඊට මුහුණදීමට සෞඛ්‍ය අංශ සූදානම්දැ යි මෙහිදී බීබීසි සිංහල සේවය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසන ලදී. "පැහැදිලිවම සෞඛ්‍ය අංශවලට ඒ සඳහා හැකියාව තියෙනවා. ඒ නිසා ජනතාව විශේෂ බියක් හෝ කලබලයක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සියලු පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පැහැදිලිවම තිබෙනවා," අමාත්‍යවරයා කියා සිටියේ ය. JN.1 කොවිඩ් ප්‍රභේදය: ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන අයුරු ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වයි මෙම සීත ඍතුවේ දී කොවිඩ් සහ අනෙකුත් ආසාදන ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. උණ, ශ්වසන සංසයිටීය වෛරසය (RSV) සහ ළමා නියුමෝනියාව වැනි ශ්වසන වෛරස ආසාදන ද උතුරු අර්ධගෝලය තුළ ඉහළ යමින් පවතියි. කොවිඩ් රෝගය සඳහා හේතු වන වෛරසය කාලයත් සමග නිරන්තරයෙන් වෙනස් වන අතර ඇතැම් විට එය නව ප්‍රභේද බිහිවීමට මඟ පාදයි. ඔමික්‍රෝන් යනු, කාලයක් පුරාවට ගෝලීය වශයෙන් ආධිපත්‍යය දරන ප්‍රභේදයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට සැලකිලිමත් විය යුතු ප්‍රභේද ලෙස නොසැලකුව ද, JN.1 ඇතුළු ඔමික්‍රොන් හා සම්බන්ධ සැලකිලිමත් විය යුතු ප්‍රභේද ගණනාවක් නිරීක්ෂණය කරමින් සිටියි. නමුත් JN.1 ප්‍රභේදය ලොව බොහෝ ප්‍රදේශ පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි. එය දැනට එක්සත් ජනපදයේ වේගයෙන් ම පැතිරෙමින් පවතින ප්‍රභේදය වන අතර, එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව ආසාදනවලින් 15-29%කට එය දායක වී තිබේ. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසන්නේ, රසායනාගාරයක් තුළ සිදු කරන ලද විශ්ලේෂණවල දී ධනාත්මක වුණු කොවිඩ් පරීක්ෂණවලින් 7%ක් මේ වන විට JN.1 ප්‍රභේදය හෙතුවෙන් සිදු වූ ආසාදන බවට හඳුනාගෙන ඇති බව ය. සීත සෘතු තුළ සිදුවන ඉහළ යාම JN.1 සෑම කලාපයක ම පාහේ වේගයෙන් ව්‍යාප්ත වන්නේ, එය පැවත එන BA.2.86 ප්‍රභේදයට සාපේක්ෂව මෙහි ඇති 'ස්පයික් ප්‍රෝටීනයේ' අමතර විකෘතියක් ඇති නිසා විය හැකි ය. "විශේෂයෙන්ම සීත කාලය ලබන රටවල අනෙකුත් වෛරස් හා බැක්ටීරියා ආසාදනවල වැඩිවීම මධ්‍යයේ මෙම ප්‍රභේදය Sars-Cov-2 [කොරෝනාවෛරස්] රෝගීන් ඉහළ යාමට හේතු විය හැකි බවට අපේක්ෂා කෙරේ," ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානම් තක්සේරුව පවසයි. එන්නත් මඟින් ලබා දෙන ප්‍රතිශක්තිය මඟ හැරීමට JN.1 ප්‍රභේදයට ඇති හැකියාව පිළිබඳව ඇත්තේ තවමත් සීමිත සාක්ෂි ගණනක් බව WHO පවසයි. පෙර පැවති ප්‍රභේදවලට වඩා මෙම ප්‍රභේදයෙන් පුද්ගලයින් වැඩි වශයෙන් රෝගාතුර වූ බවට වාර්තා නොමැත. නමුත් කොවිඩ් හේතුවෙන් රෝහල්ගත කළ පුද්ගලයින් පිළිබඳ දත්ත වාර්තා කරන රටවල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළගොස් ඇති බැවින්, ඉන් සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව සොයා බැලීමට තවත් අධ්‍යයනයන් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආසාදනය වීම හා රෝගී තත්ත්වය දරුණු වීම වළක්වා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන උපදෙස් මෙසේ ය:
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වරදකරුවන් කෙරුණු ලාංකික ජනාධිපතිවරු කවුද?
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව, එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරු පවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබ තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 'ජනාධිපතිට බැරි පිරිමියෙක් ගැහැණියක් කරන්න යි, ගැහැණියක් පිරිමියෙක් කරන්න යි විතරයි' යනුවෙන් අපගේ සමාජයේ ප්‍රකට කියමනක් තිබේ. එහෙත් මෙම වන විට 'මූලික අයිතිවාසිකම්' යටතේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි අවස්ථා වඩාත් පුළුල් වෙමින් පවතින බව මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු නඩු තීන්දු පිරික්සීමේ දී පෙනී යයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදී මේ වන විට වසර 45ක් පමණ ඉක්මගොස් ඇති අතර, එම කාලසීමාව තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් කෙරුණු ජනාධිපතිවරු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු. මුල දී, 1978 වසරේ සම්මත කළ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අපරාධ හෝ සිවිල් නඩුවක් ගොනු කළ නොහැකි බව සඳහන් කර තිබුණි. එහෙත් 2015 වසරේ සම්මත කරගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිල කටයුතුවලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීමේ අවකාශය උදාකර දුන් බව, ප්‍රකට මානව හිමිකම් මෙන්ම ආණ්ඩුක්‍රම නීතිවේදියකු වන ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කළේ ය. "වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට මුක්තියක් ලබාදී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව තුළින් තමයි එම මුක්තිය හිමිවුණේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු ගොනු කිරීමේ අවකාශයක් හිමිවුණේ නැහැ. "එහෙත් 2015 වසරේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් එම තත්ත්වය වෙනස් වුණා. එම සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන විධායක ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීමේ අවකාශය පුරවැසියන්ට හිමි වී තිබෙනවා. ඒ යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිල කටයුත්තක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පාර්ශවයක් වේ නම් නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉදිරිපත් කිරීමට අවකාශ සලසා දී තිබෙනවා," යනුවෙන් නීතිවේදී ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේ ය. ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීම සඳහා දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් එම නීතිමය ප්‍රතිපාදනය, මෑතක දී සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළත් ඒ ආකාරයෙන්ම පවතින බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කොට ඇති ජනපතිවරුන් කවුරුන් දැයි මේ ලිපිය ඔස්සේ අපි විමසා බලමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ප්‍රථම විධායක ජනාධිපතිනි ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් කළ හැකි ය. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි 'වෝටර්ස් එජ්' හෝටලය ඉදිකිරීම සඳහා අක්කර 225ක ඉඩමක් පුද්ගලික සමාගමකට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එය ලබාදීමට කටයුතු කිරීම හරහා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිනිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශිරාණි තිලකවර්ධන සහ පී. ඒ. රත්නායක යන විනිසුරු මඬුල්ල තීන්දු කළහ. සුගතපාල මෙන්ඩිස් සහ ජා සෙනවිරත්න යන හිටපු රාජ්‍ය සේවකයින් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව 2008 වසරේ ඔක්තෝම්බර් මස 08 වනදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි. හිටපු ජනාධිපතිනියට එරෙහිව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ එකඟත්වය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කළ එවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන, "විධායක බලය මහජනතාවට වගකියන ආකාරයෙන් පරිහරණය කළ යුතු ය. එය කිසිදු ආකාරයකින් පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා යෙදවීමට හැකියාවක් නැහැ. විධායක කටයුතු හරහා සිදු කරන ක්‍රියාවන් මහජනතාවට වගකියන ආකාරයෙන් සිදු විය යුතු ය," යනුවෙන් සඳහන් කරමින්, මෙම ඉඩම නීතියට පටහැණි ලෙස පුද්ගලික පාර්ශ්වයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කළ ආකාරය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන 12 (1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළා ය. ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය විසින් රුපියල් මිලියන තුනක මුදලක් රජය වෙත ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය. ඊට අමතරව මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අල්ලස් කොමිසමට නියෝග කරන ලදී. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවතාවක්ම වරදකරු වී තිබේ. පසුගිය යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2018 වසරේ නොවැම්බර් මස 09 වන දා හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 වසරේ ජනවාරි මස 05 දා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එබැවින් එම විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ. එම පෙත්සම් විභාග කොට 2019 වසරේ දෙසැම්බර් මස 13 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කළහ. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවක් තේරී පත්වී වසර හතර හමාරක් ගතවන තුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. මෙම නඩුකරයට අනුව ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා ඔහුට පැවරී තිබෙන නීත්‍යානුකූල බල සීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙනවා,"යි සඳහන් කළ විනිසුරු මඬුල්ල, මෙම ක්‍රියාව තුළින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව තීන්දු කළහ. ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2019 වසරේ ජනවාරි මස 05 වනදා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල ශුන්‍ය බවත්, ඒ අනුව එය බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුවේ සඳහන් කළේ ය. ඊට අමතරව පාස්කු ඉරුදින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළේ ය. මෙය මෛත්‍රිපාල සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දෙවන අවස්ථාව ය. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2023 වසරේ ජනවාරි මස 12 වනදා වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියා කලාපය පිළිබඳව මෙසේ ප්‍රකාශකොට තිබේ: "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තමන් වෙත බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. එය කිසිසේත් පිළිගත නොහැකිය. සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටියි. එය විශාල වගකීමකි. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ජනාධිපතිවරයා එම වගකීම පැහැරහැර ඇත." මෙම ක්‍රියාව තුළින් එවක ජනාධිපති සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ සඳහන් කළේ ය. 1978 වසරේ සම්මත කළ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව, එදා මෙදා තුර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුකොට ගෙන, ඉතිහාසයේ දී පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීම සඳහා නියම කෙරුණු වැඩිම වන්දි මුදල ලෙසත් මෙය සඳහන් කළ හැකි ය. ගෝඨාභය රාජපක්ෂ 2022 වසර රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වගකිව යුතු බවත්, ඔවුන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ. එම පෙත්සම් පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත් වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම ආර්ථික අර්බුදයට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් වගකිවයුතු බව තීන්දු කළහ. "මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණුවලින් 2022 වසරේ රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ආර්ථික විශේෂඥයින් විසින් අනතුරු හඟවා තිබූ බව අනාවරණය වුණා. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් හොඳින් දැන සිටියා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් කටයුතු කළේ නැහැ. හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ අකාර්යක්ෂම සහ වැරදි ආර්ථික කළමනාකරණය නිසා මහජනතාවට ඉන්ධන, විදුලිය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා," යනුවෙන් සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේ තුළින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව තීන්දු කළහ. මෙම නඩුකරය තුළින් පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන් ගෙන් වන්දි අයැද සිටීමක් සිදුකර නොමැති හෙයින්, වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් නොකරන බවත් අධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ ය. කෙසේවෙතත් පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙස එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි. මෙම නඩුවේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුවේ සඳහන් කර තිබීම විශේෂත්වයකි. එහෙත් මහින්ද රාජපක්ෂ ඔහු ජනාධිපතිධුරයේ කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු වී නොමැති බව ද සඳහන් කළ යුතු ය. නිලයේ සිටින යම් ජනාධිපතිවරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අවස්ථාවක ඔහුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයන් කුමක්දැ යි විමසූ විට නීතිවේදී ලක්‍ෂාන් ඩයස් මෙසේ කියා සිටියේ ය: "යම් ජනාධිපතිවරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවක ඔහුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා එවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකියි යන්නයි මගේ පුද්ගලික මතය. මොකද? ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට "ප්‍රකාශයක්" නිකුත් කිරීම පමණ යි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධායක, ව්‍යස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් පැහැදිලි බල බෙදීම් තුනක් දක්නට ලැබෙනවා. ඔය ආයතන තුනෙන් එක් ආයතනයක්වත් අනෙක් ආයතන අභිබවා ගොස් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් ව්‍යවස්ථා අර්බුදයක් මතුවිය හැකියි."
'මම ලියන හැටි': ශාන්ති දිසානායක
ශාන්ති දිසානායක යනු කිසිසේත්ම සිංහල පාඨකයන්ට හැඳින්වීමක් අවශ්‍ය ලේඛිකාවක් නොවේ. වරාමල්, අග්නි, වංකගිරිය, ගිරිදේවි, ගිරිකුළ, හැන්දෑව, වාළුකා ඇතුළු ජනාදරයට පත් නවකතා විසි අටක් ඇය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව කෙටි කතා සංග්‍රහ, තීරු ලිපි සංග්‍රහ, යොවුන් නවකතා හා ළමා කතා ද ඇතුළත් ඇගේ නිර්මාණ සමස්තය සුවිශාල ය. ඇගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍යය එකොළහක් සහ චිත්‍රපට දෙකක් මේ වන විට නිර්මාණය වී තිබේ. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙනුත් අහන්නේ ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන හැටි ගැන. ඒ අත්දැකීම ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? ශාන්ති: මං ජීවත්වෙන පසුබිම ගැන පැහැදිලි කළොත් මට ඒකට ප්‍රවේශවෙන්න ලේසියි. මං ජීවත් වෙන්නේ වෙනස්ම පරිසරයකනේ. මං ඉන්නේ ගොවි ජනපදයක. මට තියෙන්නේ වෙනස්ම කතන්දරයක්. මං පොඩි කාලෙ ඉදන් ම ලිව්ව. එතකොට තාත්ත තමයි ළඟ හිටියෙ. තාත්ත හරියට අගය කළා මං ලියපු දේවල්. හැබැයි මං විවාහ වුණාට පස්සෙ මං ලියන එක ගැන මට පැකිලීමක් තිබ්බ. මං ඉන්නෙ මිනිස්සු ගිනි අව්වෙ පොළවත් එක්ක හැප්පෙන පරිසරයකනේ. ඉතින් මං කාමරේකට වෙලා ලියන කොට ඒක ටිකක් ඔබින්නේ නැති ගතියක් තියනවා. මට පොඩි වරදකාරී හැඟීමක් තිබුණා. ඒක තේරුම් ගන්න නං වන්නියේ අව්ව තේරුම් ගන්න ඕන. ඒක දරන්න අමාරු අව්වක්. ගොවියෝ දිහා බැලුවම ඒක පේනවා. ඉතින්, මං ලියන බව සැමියා දැනගෙන හිටියත් මං ලියනවා දැක්කොත් මොන වගේ වෙයිද කියල ප්‍රශ්නයක් මට තිබුණා. ඉතින් ඉස්සර එයාගේ අඩි සද්දෙ ඇහෙන කොට මං ලියන කොළ ටික මේස රෙද්ද යටට දානවා. ඒ නිසා ලියන එක රහසිගත දෙයක් වෙලා තිබුණේ. මට එහෙම රහස් තිබුණා. දැන් මං පුංචි කාලේ මුලින්ම අකුරු ඉගෙන ගත්තෙත් රහසිගතව. අපේ ගෙදර හිටිය මාමා කෙනෙක් තාත්තගේ උදව්වට. එතකොට එයා තරුණයි මං පුංචියි. ඉස්කෝලේ යන්නත් කලින්නේ. හැමදේටම වයසක් තියනව කියන අදහස මේ පළාත්වල ටිකක් තදින් තියන නිසා ඉස්කෝලේ යන්න කලින් අකුරු ඉගෙන ගන්න එක අපි කළේ හොරෙන් වගේ. අපේ තාත්තට සිල්ලර කඩයක් තිබුණා. ඒකට එන පත්තර එහෙම ගෙනත් තමයි මාමා මට උගන්නන්නේ. තාත්ත හදපු උක් වගාවක් තිබුණා. ඒකෙ අඹ ගහක් යට වාඩි වෙලා උක් දළු වල සිරිසිරියත් එක්ක තමයි මුලින්ම අකුරු ඉගෙන ගත්තේ. එතකොට මං ටිකක් ලොකු වෙද්දි නවකතා කියෙව්වෙත් හොරෙන්. තාත්ත මට කියවන්න දුන්නට කිරි අම්ම බනිනවා, නවකතා කියවල ඉක්මනට කොල්ලෙක් එක්ක යාළුවෙලා පැනල යයි කියල. ඉතින් මේ වගේ විවාහයෙන් පස්සේ ලියන එකත් සිද්ධ වුණේ රහසිගතව. මගෙ දරුවෝ කාලයක් යනකන් දැනන් හිටියේ නැහැ මං ලියනවා කියල. මොකද හුඟක් වෙලාවට ඒගොල්ලන්ව නිදි කරල තමයි මම ලියන්නෙ. මට හරි තැනක් වෙලාවක් තිබුණේ නැහැ ලියන්න. මොකද මට දරුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩත් එක්ක තමයි මං ලියන්නේ. මං ලියන්න පටන් අරන් අවුරුදු විසි පහකට පස්සේ දැන් තමයි මට මගේ කියල මේසයක් තියෙන්නේ. ඔයා අහපු ප්‍රශ්නෙට දැන් ආවොත් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. දැන් මොකක් හරි තේමාවක් මගේ ඔළුවෙ වැඩ කරනවනේ. ඒක සංවර්ධනය වෙන්නේ මං උයන පිහන අතරෙම තමයි. මට උයන එක හරිම චමත්කාරජනක දෙයක්. අපි ඉතින් වත්ත පිටියෙන් හොයා ගන්න දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට උයන්නේ. ගහක තිබුණ ගෙඩියක් ගින්දර, වතුර, තුන පහ, පොල් කිරි, තෙල් එක්ක එකතු වෙලා වෙනස්ම හැඩයක් ගන්න හැටි බලල මං අදත් පුදුම වෙනවා. තාමත් මට ඒ වසඟයෙන් මිදෙන්න බැරිවෙලා තියනවා. ගින්දර කියන්නෙත් ඉතින් ඕනෙනං යමක් විනාශ කරන්නත් පුලුවන් ඕනෙනං යමක් නිර්මාණය කරන්නත් පුළුවන් දෙයක්නේ. ඉතින් මේ දේවල් එක්ක තියන ඉවීමේ චමත්කාරය ඇතුළෙත් මට මගේ නවකතාවල පළමු වාක්‍යය ඇවිත් තියන වෙලාවක්. ඒ වගේම තමයි වැවේ හරි ඇලේ හරි නාන වෙලාව. ඒක වෙනම ජෛව පද්ධතියක්නේ. වැව ඇතුළෙත් ජීවයක් තියෙනවා වැව වටේටත් එහෙමයි. ඒ වෙලාවටත් මට පළමු වාක්‍ය ඔළුවට ඇවිත් තියනවා. පළමු වාක්‍යය විතරක් නෙමේ සමහර නවකතා තවදුරටත් ලියාගෙන යන්න බෑ කියල හිර වෙන වෙලාවට මට මේ වැවේ හරි ඇලේ හරි නාන එක උදව් වෙනවා. තවත් දෙයක් තියනවා කියන්න. මට නිතර හීන පේනවා. ඉස්සර මං පොඩි කාලෙ කිරි අම්මයි මමයි ගෙදරින් එළියට යන කොට ගෙදර කවුරුත් නැත්තං අපි කුස්සියේ බිත්තියේ අඟුරු කෑල්ලකින් ලියල යනවා අපි කොහෙද යන්නෙ කියන එක. මං සමහර වෙලාවට ඒ බිත්තියෙ අඟරු වලින් මගේ කැත අකුරෙන් මම ලියන්න යන නවකතාවෙ පළමු වාක්‍යය ලියවිලා තියනවා හීනෙන් දැකල තියනවා. ඒ විතරක් නෙමේ ලියන්න යන නවකතාවෙ සිදුවීම් එහෙමත් මම හීනෙන් දකිනවා. කොහොමහරි ඉතින් මේ එක එක විදිහට එන පළමු වාක්‍යය වලින් පටන් අරගෙන මං දිගට ලියාගෙන ගිහින් පස්සේ පළවෙනි වාක්‍යය වෙනස් කරන අවස්ථාත් තියනවා. හැබැයි එහෙම වෙනව හරි අඩුයි. කෞශල්‍ය: ඉතාම විචිත්‍ර දේවල් ටිකක් ඔබ කිව්ව. දැන් මේ විදිහට පළමු වාක්‍යය ලියන වෙලාව වෙනකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද? ශාන්ති: මගෙ ඔළුවෙ ලියන්න යන නවකතාව ගැන සැලසුමක් තියනවා. නමුත් කවදාවත් මම මුලින් සැලසුම් කරපු විදිහට නවකතාව ලියවෙන්නේ නැහැ. මම හදපු චරිත වුණාට ඒ අය ටික වෙලාවකට පස්සෙ ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙන්න ගන්නවා. ඒ නිසා කලින් ගහන සැලසුම හැම වෙලේම වෙනස් වෙනවා. සමහර වෙලාවට තරහත් යනවා මට මේ චරිත මට ඕන විදිහට පාලනය කරන්න බැරි වෙන කොට. හැබැයි මං ඒකට කැමතියි. මං හිතන්නේ ඒක තමයි නවකතා ලිවීමේ දී වෙන්න ඕන කියල. නවකතාවෙ මූලික අදහස වෙනස් වෙන්නෙ නැහැ. දැන් උදාහරණයකට මගෙ 'වාළුකා' පොත ගත්තොත් ඒකෙ තියන කුල පීඩනය සහ සමාජ පෙරළිය ගැන අදහස වෙනස් වෙන්නේ නැහැ. ඒ හැරෙන්න සිදුවීම්, චරිත වල හැසිරීම් සහ අවසානය ඒ චරිත විසින්ම වෙනස් කරනවා. සමහර වෙලාවට මට මේ චරිත එක්ක ගැටෙන්නත් සිද්ධ වෙනවා. මංම හදපු චරිත මට විරුද්දව යනකොට. ඒක හරියට මේ වගේ. දැන් අපේ ආතා යකැදුරෙක්. ඒ ගොල්ලෝ ඔය පිල්ලි යවනවනේ හතුරො මෙල්ල කරන්න. දැන් ඔය මන්තරයක් පොඩ්ඩක් එහා මෙහා වුණොත් පිල්ලියක් ගුරුන්නාන්සෙව විනාස කරන්න එන්න පුලුවන් කියලයි කියන්නෙ. ඉතින් සමහරවෙලාවට චරිතත් එක්ක ඔට්ටු වෙද්දි මට ආතා මතක් වෙනවා. කෞශල්‍ය: ඒක ලස්සන උපමාවක්. දැන් ඔබ කලින් මුලින්ම කියපු දේවල් දිහාත් බලන කොට පේන්නේ ඔබ ලියන වෙලාව සහ තැන නිරන්තරයෙන් වෙනස් වෙන්න පුලුවන් කියන එක. ලියන විදිහ ගැන ටිකක් කතා කරමුද? ශාන්ති: ඔව් දැන් සමහර වෙලාවට උයන කොටත් ලියනවා. ඒ නිසා සමහර කොළ වල දැලි ගෑවිලා එහෙම තමයි තියෙන්නේ. රෑට දරුවො නිදා ගත්තට පස්සෙත් ලියනවා. සමහර වෙලාවට රෑ මැද්දෙ නින්දෙන් ඇහැරිලත් ලියනවා. ඉඩක් ලැබෙනකොට මං කැමතියි මිදුලෙ වත්ත පැත්තට වෙන්න ඉඳගෙන ලියන්න. සාමාන්‍යයෙන් බිත්ති හතරක් ඇතුළේ ඉද්දි මගෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙන නිසා එලිමහනේ ඉඳං ලියන්නයි මම ආසා. හැබැයි ඉතින් බාධා වීම් නිතරම සිද්ධ වෙනවා. මේක ඉතින් ගමක්නෙ. ගම්වල මිනිස්සු තවත් ගෙදරකට එද්දි කලින් දැනුම් දීල එන්නේ නැහැනේ. ඒ වගේම තමයි ප්‍රශ්න කියාගෙන දුවන් එන මිනිස්සු. ඒත් ඉතින් මං මිනිස්සුත් එක්ක කතා කරන එකට කැමැතියි. මගෙ ඔලුව ඇතුළේ ඉන්න ප්‍රබන්ධ චරිත හැදෙන්න මේ ඇත්තට ඉන්න මිනිස්සුනේ බලපාන්නේ. කොහොමහරි ඉතින් එක දිගට පැයක් ලියන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. මට තියන වාසිය තමයි මට වේගෙන් ලියන්න පුලුවන් වීම. මට වේගෙන් කියවන්නත් පුලුවන්. නවකතාවක් ලියන්න පටන් ගත්තම මට හැම වෙලේම බයක් දැනෙනවා මට මේක ලියල ඉවර කරගන්න පුලුවන් වෙයිද කියල. මම සෑහෙන්න මරණ මංචකයේ ඉන්න මිනිස්සු දැකල තියන කෙනෙක්. මං වුණත් 88/89 කාලේ ජීවිතේ බේරගත්තෙ අනූනමයෙන්. වතාවක් පෙළ පාලියක මගෙ එහා පැත්තෙ හිටිය මගෙ යෙහෙළියක් වෙඩි වැදිල මැරුණ. ඊළඟ උණ්ඩේ එන්න තිබ්බෙ මට. මේවත් එක්ක මට හැමතිස්සෙම නවකතාවක් ලියද්දි මේ බය එනවා, අනේ මං මේක ඉවර කරන්න කලින් මං මැරිල ගියොත් කියලා. අනිත් එක මගෙ හිතේ ලියන්න මහ ගොඩක් දේවල් තියනවා. මං දන්නව මගෙ ජීවිත කාලේ ඇතුළත ඒව ලියල ඉවර කර ගන්න බැහැ කියල. ඒ නිසත් මට වේගෙන් ලියන්න ඕන. ඒවගේම මේ චරිත සිදුවීම් හිත ඇතුළේ තියන් ඉන්න එක හරිම වේදනාකාරී දෙයක්. එක වෙලාවකට පස්සෙ ඒවා හිත ඇතුළේ තෙරපෙන්න ගන්නවා. ඒ නිසා ඒවා කොළේකට ගන්නකං හරිම නොඉවසිල්ලක් තියනවා. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුණාට පස්සෙ දැනෙන්නේ කොහොමද? ශාන්ති: මට මහ පුදුමයක් දැනෙනවා. මං මේක ඉවර කළා නේ කියල. අර ඔන්චිල්ලාව හයියෙන් පදිද්දි යටිබඩට දැනෙනනවා වගේ එකක් දැනෙනවා. තවත් පැත්තකින් විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඒත් මං දන්නවා ඒක තාවකාලික යි කියල. මොකද මං ඊට පස්සෙ මගෙ ඊළඟ පොත පටන් ගන්නවනේ. මට චෝදනාවකුත් තියනවා මං හරි වේගෙන් පොත් ලියනවා කියල. ඒත් මට හරි වේගෙන් ලියන්න දේවල් එනවා. හරි පුංචි දෙයක් ඇති මට නවකතාවක මූලික අදහස එන්න. දැන් මගේ 'සංග්‍රාමය' නවකතාව ගත්තොත්, මට ඒකෙ අදහස ආවෙ එක්තරා වැහි බර දවසක මට ඇහෙනව දරුවෙක් බාප්පේ කියනවා හැඬුම්බර හඬකින්. කොටින්ම මං ඒ දරුවගෙ මූණවත් දැක්කෙ නැහැ. මේක අර අඳුරු අහසක ක්ෂණිකව මතු වෙලා නැතිවෙන අකුණු සැරක් වගේ දෙයක්. කෞශල්‍ය: නවකතාවක සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොන විදිහට ද? ශාන්ති: ලියාගෙන යද්දි වෙනම ආවේශයකින්නේ ලියන්නේ. එතෙන්දි සංස්කරණයක් වෙන්නේ නැහැ. අවසන් වුණාට පස්සෙ මං සතියක් දෙකක් ඒක පැත්තකින් තියල ආයෙ කියවනව වෙන කෙනෙක්ගේ එකක් කියවනව වගේ. එතකොට මට මේකෙ යම් ගැටළු පෙනුනොත් ඒව සකස් කරනවා. සමහර වෙලාවට හොඳ නැහැ කියල හිතල පැත්තකට ම දාපු අවස්ථා තියනවා. ඒ විදිහට ප්‍රකාශයට පත් නොකළ නවකතා කිහිපයක් ම තියනවා. කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද? ශාන්ති: මං හිතන්නෙ විඳීම තියෙන්නෙ මං මේ චරිතත් එක්ක හදාගන්න බැඳීමත් එක්ක. ඒ වගේම විඳවීමකුත් තියනවා. මට මේක ඉවර කරන්න පුලුවන් වෙයි ද? මං මැරුණොත් එහෙම මේ චරිත වලට මොකද වෙන්නෙ වගේ දේවල් එක්ක. ඒ වගේම පොත අවසන් වුණාට පස්සෙ එන අතෘප්තියක් තියනවා මට ඕනෙ විදිහට මේ පොත ලියවුනා ද කියන ප්‍රශ්නෙත් එක්ක. හැබැයි ඉතින් ලියන කාලය තුළ අකුරක් නෑර ඒක විඳිනවා. ඒත් එක්කම බැඳිල විඳවීම සහ අතෘප්තියත් තියනවා. සිංහල පාඨකයන් අතර සුවිශාල ආදරයකට පාත්‍ර වූ නවකතාකාරියක වන ශාන්ති දිසානයකගේ ලිවීම සමඟ බැඳුණු රහස් ඇගේ නවකතා දෙස නැවත බලන්නට කෙනෙකුට බල කරන්නට ඉඩ ඇත. එසේම දරුවන් පස් දෙනෙකු ද සමඟ කුටුම්බය තුළ ඔට්ටුවෙමින් ගොවි ජනපදයක ජීවත් වෙමින් නවකතා විසි අටක් වසර විසි පහක් තුළ පළ කරන්නට හැකිවීම නවකතාකරණයට ප්‍රවේශ වන්නට ආසා කරන්නියකට අසීමිත ධෛර්යයක් සපයනු ඇත. ලබන සතියේ අප හා එක් වන්නේ අපට කිසිසේත් මඟහැර යා නොහැකි චන්ද්‍රරත්න බන්ඩාර නවකතාකරුවා යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
නත්තල: 'දිළිඳුන් සමග වේලක් වළඳන්න'
''දිළිඳුන් සමග වේලක් වළඳන්න'' යන තේමාව මුල් කරගෙන මෙවර නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. දැඩි ආර්ථික අර්බුදයකින් ජනතාව පීඩා විඳින පසුබිමක ආටෝපවලට නොරැවටී නත්තල් දිනය දිළිඳුන් සමග ගත කරන ලෙස උන්වන්සේ ඉල්ලීමක් කළහ. මේ අතර නත්තල සහ 2024 නව වසර උදාව නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර අවට සැරසිලි රැසක් දක්නට ලැබේ. සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඒවා ඉතා වැදගත් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු වුයේ කුමක් ද?
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් පසුගිය වසරේ දී පැන නැගුණු බව කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඇතැම් ඖෂධ වර්ග සහ එන්නත් සීමාසහිත වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත පවා අවදානමට ලක්වූ අතර දුෂ්කරතා මධ්‍යයේ වෛද්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි වෙහෙසක් දැරීය. එවැනි පසුබිමක් යටතේ ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල විය. මෙම ප්‍රශ්නගත ඖෂධය නිසා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. ඒ, මෙම එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක කරන පුළුල් විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුවූ දෑ පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී. ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය යනු කුමක්ද? මතභේදයට තුඩු දී තිබෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නම් ප්‍රතිදේහ එන්නත කුමක්දැ යි පළමුව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බැලීමක් සිදුකළේ ය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ, මෙම එන්නත භාවිතා කරනු ලබන්නේ මිනිස් සිරුරේ ප්‍රතිදේහ අවම පුද්ගලයින් සඳහා බව යි. "මේ එන්නත මනුෂ්‍යයෙකු ගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම පවත්වාගෙන යාමට යොදා ගන්නවා. ස්වභාවික වශයෙන් රුධිර ප්ලස්මාවල තියෙන ප්‍රෝටීනය සමහර පුද්ගලයින්ගේ සිරුර තුළ නිෂ්පාදනය අඩුවෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ ඇතැම් රෝගී තත්ත්වයන් සමග ප්‍රතිදේහ නොමැතිවීම ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම අවම වීම නිසා ඇතිවන සංකුලතා අඩුකර ගැනීම සඳහා මේ ඖෂධය එන්නතක් විදිහට ලබා දෙනවා, වෛද්‍ය නිර්දේශවලට යටත්ව," ඔහු පැවසීය. ප්‍රතිදේහ තොගය මිලදී ගැනීමේ පසුබිම් කතාව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමේ දී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ, මෙම සිදුවීමට මූලික වූ කරුණු 2022 වසර දක්වා දිවයන බව යි. "මේ කතාවේ ආරම්හය සිද්ධ වෙන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගන්නයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. "මේ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරන දවසෙම සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගයක් එක්ක ඒ ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවන්න සැප්තැම්බර් 27 වැනිදා වගේ පළ කරනවා. නමුත් බලාපොරොත්තු වුණු විදිහට කැබිනට් මණ්ඩලයේ මේක එදා සම්මත වෙන්නේ නෑ, මොකද සාකච්ජාවට ගත්තේ නැති නිසා. "මට මතක හැටියට ඔක්තෝම්බර් තුන්වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඒ වගේම, සැප්තැම්බර් 27 වැනිදා පබ්ලිෂ් කරපු ටෙන්ඩර් එක ඔක්තෝම්බර් තුන්වෙනිදා ක්ලෝස් කරලා දවස් කිහිපයක් ඇතුළත ඒවා එවැලියුවෙට් කරලා අදාළ සමාගම තෝරනවා. "සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගන්න එක ගැන අනිත් කරුණු එක්ක අධිකරණයේ දී තර්කානුකූලව කරුණු ඉදිරිපත් වුණේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන බෙහෙත පසුකාලීනව හොයා ගන්නවා ඒක ව්‍යාජව සාදපු එකක් කියලා," ඔහු පැවසීය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'ඖෂධ තොගය ව්‍යාජව සෑදූ එකක් බව ඔප්පු වුණේ මෙහෙම යි' හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ව්‍යාජව සාදන ලද එකක් බවට තහවුරු වූයේ, එම එන්නත මෙරටට ආනයනය කළ බව කියූ ඉන්දියානු සමාගම කලබලයට පත්වීමෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ ය. "මේ ඖෂධය ව්‍යාජ යි කියලා තීරණය වෙන්නේ, මේ ගනුදෙනුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රශ්න කළාම, ඒවා පුවත්පත්වල වාර්තා වුණා. මේ ඖෂධය ලංකාවේ දේශීය නියෝජිතයාට සපයපු ඉන්දියානු සමාගම කලබල වෙලා, ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වනවා. "ඒ ප්‍රතිචාර දක්වද්දී කියනවා තමන්ගේ සමාගම මේ එන්නත සාදන්නේ නැහැ කියලා. ලංකාවේ මෙහෙම සමාගමකට ලබා දුන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා. එතකොට ඉන්දියානු සමාගම ලබාදුන් බව කියන තත්ත්ව පරීක්ෂා සහතික ගැන ගැටලුවක් ඇති වෙනවා. "ඒ ගැන සාකච්ජා කරද්දී හිටි හැටියේ ඖෂධ නියාමන අධිකාරිය එළියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා, ඒ ඖෂධ මිල දී ගැනීමේ දී ඉන්දියාවෙන් ලංකාවට ඒ එන්නත් ලියාපදිංචියෙන් තොරව ගෙන්න අවසර දුන්න හදිසි මිල දී ගැනීමේ දී, ‍‍රේගුවෙන් තත්ත්ව පරික්ෂා කිරීමෙන් තොරව නිදහස් කරන්න සහතිකය ඔවුන් ලබාදුන් එකක් නෙමෙයි ඒක ව්‍යාජ එකක් කියලා. "පස්සේ කරුණු අනාවරණය වෙනවා මේ වගේ ඖෂධයක් රේගුව හරහා ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් නැහැ කියලා," ඔහු කියා සිටියේ ය. ආනයනය නොකළ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණුවේ කොහොම ද? ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය නොකළ බවට හෙළිවූව ද දේශීය නියෝජිතයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත් 3,000කට අධික ප්‍රමාණයක් ලබාදී තිබූ බව රවී කුමුදේශ් පැවසුවේ ය. "මේ එන්නත් ඇණවුම 22,500ක්. නමුත් මේ දේශීය නියෝජිතයා අවස්ථා කිහිපයක දී එන්නත් 2500, 300, 150 බැගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. සමස්ත එකතුව ගත්තම එන්නත් 3000-4000ත් අතර ප්‍රමාණයක්. "මේ ලබාදුන් ක්‍රමය ගැනත් සැකයක් ඇතිවුණා. නමුත් මේ එක සැකයක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයටවත්, වැටලීම් ඒකකයටවත්, ඖෂධ නියාමන අධිකාරියටවත්, වෙන කාටවත් මතුවෙලා තිබුනේ නෑ. මේ තොරතුරු හොයන වෘත්තීය සමිතිවලට යි මේවා හොයාගන්න ලැබුණේ," ඔහු පැවසුවේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වෘත්තීය සමිති විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය. "මේ එන්නත් 22,500 අරගත්ත නම් ඒකේ සම්පුර්ණ ගණුදෙනුව රුපියල් ලක්ෂ 9,500ක් පමණ වෙනවා. ඊට අමතරව මේ සමාගම විසින් පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නත් 2,000ක් ලබාදීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේ ලබාදී තිබෙන එන්නත් දෙවර්ගයේ වටිනාකම ලක්ෂ 1400ක් පමණ වෙනවා," ඔහු පැවසුවේ ය. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වන බව පැවසුව ද එලෙස ඖෂධ ගෙන්වීමක් සිදුවී නොමැති පසුබිමක, එම මුදල් දේශීය මුදල්වලින් ගෙවන ලෙසට නියෝගයක් ද ලබාදී ඇති බවට කරුණු වාර්තා හෙළිවූ බව ඔහු මෙහිදී පැවසුවේ ය. "ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ ඖෂධ ගේනවා කිව්වට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඉන්දියාවේ නිෂ්පාදනය නොකළ කිසිම දෙයකට ඒ ණය පහසුකම් යටතේ මුදල් ගෙවන්නේ නැහැ. "නමුත් පසුව තේරෙනවා ලංකාවේ මුදලින් මේ සැපයුම් සඳහා මුදල් ගෙවන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයා හරහා නියෝගයක් ඇවිත් තිබෙනවා කියලා." ‘මේක සැලසුම් සහගතව කළ දෙයක්’ මෙම ප්‍රශ්නගත ඖෂධ තොගය ලබාදී මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදුකළ දෙයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද මෙහිදී රවී කුමුදේශ් සඳහන් කළේ ය. "ඔය කාරණා එක්ක ගත්තම ඖෂධය ගෙන්වීමේ දී රේගුවෙන් නිදහස් කරන්න ලබාදුන් WRO සහතිකය නැහැ. මේ සමාගම ඉන්දියාවෙන් ගෙන්වලා නැහැ. ඉන්දියාවේ ණය පහසුකම් යටතේ ගෙවීම් කරලා නැති නිසා ලංකාවේ මුදලින් සල්ලි ගෙවලා තියෙනවා. මේ ඖෂධ පරීක්ෂා කරලා භාරගන්න ඕන අය ඒක කරලා නැහැ. තාක්ෂණික වාර්තාවක් නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රමාණික දැනුම තියෙන විශේෂඥයෙක් පත් කරලා නැහැ. "දැන් ඔය ඔක්කොමත් එක්ක, යම් කිසි කණ්ඩායමක් සැලසුම්සහගතව මේ ගනුදෙනුව කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ." "මේ ලක්ෂ 1,400 වංචනිකව ලබාගත් නිසා අදාළ ඖෂධ සැපයු ආයතනයේ හිමිකරු පළමු සැකකරු විදිහට අත්අඩංගුවට ගන්නවා. පස්සේ මේ මුදල් ගෙවන්න අනුමත කරපු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා, ඔහුට පල්ලෙහා සිටින මුදල් ගෙවූ ගණකාධිවරයෙක්, එහි සේවය කරන තවත් සහකාර අධ්‍යක්ෂවරයෙක්, ගබඩා පාලකවරයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනවා. "මේ පිරිස අත්අඩංගුවට ගන්නේ ඖෂධ සැපයු අදාළ සමාගමට රුපියල් ලක්ෂ 1,400ක් ලබා ගන්න සාමූහිකව උදව් කළා කියන නිමිත්ත යටතේ." "මේ විමර්ශනයේ දී, අත්අඩංගුවට ගත් පිරිස හෙළිකරනවා මේ සියල්ල තමන් ක්‍රියා කළේ එවක සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබාදුන් නියෝග යටතේ කියලා," ඔහු කියා සිටියේ ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලේ බැංකුවට දුන් නියෝගය පර්යේෂණයක් සඳහා, ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සැපයූ දේශීය සමාගමට රුධිරය නිකුත් කරන ලෙසට හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් මධ්‍යම රුධිර බැංකුවට ලිපියක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය. "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයූ දේශීය සමාගම ඒවා හදන්න මධ්‍යම රුධිර බැංකුවෙන් ගත්ත රුධිරය භාවිතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා," ඔහු පවසයි. "නමුත් ඔවුන් ඉල්ලීමක් කර තිබෙන්නේ පර්යේෂණයක් කරන්න රුධිරය ලබා දෙන්න කියලා, මධ්‍යම රුධිර බැංකුවෙන්. පර්යේෂණ සඳහා ගත්ත රුධිරය ඖෂධ නිපදවන්න පාවිච්චියට ගන්න බැහැ. ඒ වංචනික කටයුත්ත ගැන සොයා බලන්නේ නැතුව ලිපියක් නිකුත් කර තිබෙනවා," ඔහු කියා සිටියේ ය. "ඒ එන්නතේ තිබ්බේ කුමක්දැ යි කියා හෙළිවී නැහැ." දේශීය සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයු හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත්වල තිබුණේ මොනවා ද යන්න කිසිවෙකු නොදන්නා බව මෙහිදී රවී කුමුදේශ් පැවසුවේ ය. "මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත කොහෙන්වත් ගෙනල්ලා නැහැ, ලංකාවේ හදලත් නෑ. පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ගැන කරපු පරීක්ෂණයේ දී [ඊට] සංවේදී වන ආකාරයට [එන්නතේ] ඉමියුනෝග්ලොබියුලීන් තිබී නැහැ කියලා. එහෙම නෙමෙයි නම්, ඒකේ තිබ්බේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. "ඒ වගේම මේ වගේ ඉමියුනෝග්ලොබියුලීන් එන්නතක් හදන්න රසායනාගාර පහසුකම් ලංකාවේ ඇත්තෙත් නැහැ කරන්න." "කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඉස්සර වෙලා ටෙන්ඩර් පටිපාටිය වෙලා තියෙනවා. ඒ වගේම දේශීය සැපයුම්කරුට ඉන්දියන් ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙනාවා කියන දේට ලංකාවේ මුදලින් මුදල් ගෙවන්න නියෝග ලබාදීලා තියෙනවා." "මේ ඔක්කොම කරුණු එක්ක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළාට පස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා," ඔහු කියා සිටියේ ය. එක් එක්කෙනාව අත්අඩංගුවට ගන්නවා ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් දැනට සිදුකරගෙන යන විමර්ශනය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් විමසීමක් කරන ලදී. මෙම සිදුවීම වෛද්‍යමය තොරතුරු පදනම්ව ඇති නිසා, ඒ සම්බන්ධයෙන් කේෂ්ත්‍රයේ විශේෂඥ සහාය ද ඇතිව විමර්ශනය අඛණ්ඩව ගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. "මේ විමර්ශනය අඛණ්ඩව ක්‍රියාත්මක යි. එකපාරම ඔක්කොම අය අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් එක් එක්කෙනා අත්අඩංගුවට ගන්නවා. "මේ ලේඛණවල තියෙන දේවල් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිසා ඒවා ගැන විමර්ශන නිලධාරින් විශේෂඥයින්ගේ සහය අරන් ඉදිරි කටයුතු කරන් යනවා."
'සැපවත් ජීවිත' සොයා යන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ යථාර්ථය
'සංක්‍රමණය' යන්න ශ්‍රී ලාංකිකයින්ට මේ වන විට ආගන්තුක වචනයක් නොවේ. දේශපාලනික තත්ත්වයන් සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින් පෙර නොවූ විරූ ආකාරයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වෙමින් සිටින බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇති පරිදි සංක්‍රමණය වීමට බලපාන ප්‍රධාන හේතු සාධක කිහිපයක් වේ. ඇතැමුන් වඩා යහපත් රැකියා සහ ආර්ථික අවස්ථා සඳහා විදෙස් රටවලට සංක්‍රමණය වන අතර, ඇතැමෙක් පවුලේ සාමාජිකයින් සමග එකතු වීම හෝ අධ්‍යාපනය ලැබීමේ අරමුණින් සංක්‍රමණය වෙති. ගැටුම්, පීඩා, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝණය වීම් මෙන් ම, දේශගුණ විපර්යාස, ජලගැලීම් ඇතුළු හේතු මත ද සංක්‍රමණය වීම් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි 2020 වසරේ ජුලි මස පළමුවන දා වන විට ලෝකය පුරා පුද්ගලයින් මිලියන 281ක් විදෙස් රටවලට සංක්‍රමණය වී තිබේ. එය ලෝකයේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 3.5%කි. මේ අතර, දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන තුනක් පමණ විදේශ රටවල වෙසෙන බව සැලකේ. ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසක් වෙසෙන රටවල් පහ ලෙස වාර්තා වන්නේ, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යි. 'Not So Greener Pastures' ඉහත දැක්වූ සංක්‍රමණ සම්බන්ධ තොරතුරු ගෙන හැර පෑමට හේතු වූයේ, ආචාර්ය උදාන් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද ඔහුගේ අටවැනි වාර්තා චිත්‍රපටය වන 'Not So Greener Pastures'හි අන්තර්ගතය ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සිව් දෙනෙකු වටා ගොඩනැගී ඇති හෙයිනි. මෑතක දී නිර්මාණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයෙහි අන්තර්ගත වන්නේ, ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු අහඹු ලෙස ටිමෝර් ලෙස්ටි නමැති සංවර්ධිත නොවූ රටකට ගොස් දුක් ගැහැට විඳිමින් ජීවත් වීමට දරන උත්සාහය යි. "මේ මාතෘකාව තෝරා ගන්න මට බලපෑව හේතුව තමයි, ලංකාවේ පුද්ගලයන්ගෙන් 10%ක් විතර ඉන්නේ විදෙස් රටවල පදිංචි වෙලා. තවත් 10%ක් විතර වෙනත් රටවලට ගිහින් වැඩ කරනවා. ඇත්තට ම ලංකාවෙන් ලොකු පිරිසක් ඉන්නේ පිටරටවල. ලංකාවේ ශ්‍රම බලකායෙන් ලොකු ප්‍රතිශතයක් පිටරටවල තමයි සේවය කරන්නේ. මේ කාරණා නිසා තමයි මට සංක්‍රමණිකයින් ගැන චිත්‍රපටයක් කරන්න හිතුණේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ පිරිස අතරින් කුසලතා හෝ අධිකුසලතා පදනම මත විදෙස් රටවලට යන අයට කිසි පීඩාවක් වෙන්නෙ නෑ. ඒත් ජීවිතය පරදුවට තියලා බෝට්ටුවලින් විදෙස් රටවලට සංක්‍රමණය වෙන්න උත්සහ කරන අය ලොකු පීඩාවන්ට මුහුණ දෙනවා. මට ඒ වගේ ගොඩක් අය මුණ ගැහිලා තියෙනවා. හැබැයි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙලා ගොඩ එන මිනිස්සුත් ඉන්නවා." ‘වෙනස් කතාවක් ඇති ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක්’ ආචාර්ය උදාන් ප්‍රනාන්දු 'නොට් සෝ ග්‍රීනර් පැස්චර්ස්' නමැති වාර්තා චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ සංවර්ධිත රටවලට සංක්‍රමණය වීම වෙනුවට, ඇතැම් විට ශ්‍රී ලංකාවටත් වඩා නොදියුණු රටකට සංක්‍රමණය වූ සිව් දෙනෙකි. "ටිමොර් ලෙස්ටි කියන්නේ දියුණු හෝ ප්‍රසිද්ධ රටක් නෙවෙයි. මේක සරුසාර රටක් නෙවෙයි. ශ්‍රී ලංකාවටත් වඩා දුප්පත් රටක්. මේ සිව් දෙනා අවුරුදු විස්සක් පුරා එහේ ජීවත්වුණු ආකාරය තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙන්නේ," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. දෙමළ ජාතික කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකු, තොරතුරු තාක්ෂණ / පරිගණක වෘත්තිකයෙකු, ආගමික පසුබිමක නිරත වූ පුද්ගලයෙකු සහ රථවාහන කාර්මිකයෙකු ටිමොර් ලෙස්ටි වෙත පැමිණ ලැබූ අත්දැකීම් මෙයින් දිගහැරෙයි. ඔවුහු ශ්‍රී ලංකාවේ උතුර (මනිපායි), දකුණ (හම්බන්තොට), වයඹ (මඩහපොළ) සහ බස්නාහිර (ගම්පහ) යන සිව් දිගින් පැමිණි පුද්ගලයෝ වෙති. ලසන්ත නමැති මෝටර් රථ කාර්මිකයා, ඔහු ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි ටිමෝරයට යන විට විදුලි බලය, ජල සැපයුම වැනි මූලික අවශ්‍යතා ද නොතිබුණු බව පවසයි. මේ සිව් දෙනාගෙන් තිදෙනෙක් මේ වන විට එරට කාන්තාවන් සමග විවාහ වී දරුවන් ද ලබා සිටිති. චිත්‍රපටයේ අරමුණ කුමක් ද? "මම මේ චිත්‍රපටය හරහා යම් පණිවුඩයක් දෙන්න උත්සහ කළා. සුන්දර අනාගතයක සිහින මවාගෙන ක්‍රමානුකූල නොවන ආකාරයට විදෙස්ගතවීමෙන් ලැබීමට සිදුවන දුක් ගැහැට පැහැදිලි කිරීම එක් අරමුණක්. හැබැයි ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකයෝ තමයි," ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. චිත්‍රපටය නැරඹිය හැක්කේ කෙසේ ද? මෙම චිත්‍රපටය මෙතෙක් ජනතාවට නැරඹීමට අවස්ථාවක් සලසා නැත. ආචාර්ය උදාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මේ වන විට අනුරාධපුරය, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක පමණක් මෙය ප්‍රදර්ශනය කළ බව ය. "අපි මේක අනුරාධපුර, පුත්තලම වගේ පැතිවල විශේෂයෙන් ප්‍රදර්ශනය කළේ විශේෂ හේතුවක් ඇතුව යි. දැනට විදෙස්ගත වන විශාල පිරිසක් එන්නේ ඒ ප්‍රදේශවලින්. ඒ නිසා ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සංක්‍රමණය කියන දේ ඇති බරපතලකම පෙන්වන්න තමයි ඒ ප්‍රදේශ තෝර ගත්තේ." ඉදිරියේදී මෙම චිත්‍රපටය මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට පියවර ගන්නා බව ද ආචාර්ය උදාන් ප්‍රනාන්දු පැවසීය. ආචාර්ය උදාන් ප්‍රනාන්දු යනු කවුද? ආචාර්ය උදාන් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව යන විෂය යටතේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගෙන තිබේ. සීපා හෙවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ඇතුළු වගකීම් රැසකට උර දුන් ඔහු මේ වන විට ආසියානු අධ්‍යයන සංගමයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව පදනම් කරගෙන සේවය කරන අතර, මෙම චිත්‍රපටයට පාදක වූ ටිමෝරය ඇතුළු ආසියානු රටවල සංවර්ධනය සහ ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නෙකි.
රටපුරා ක්‍රියාත්මක ‘යුක්තිය’මෙහෙයුමේ ඉලක්කය කුමක් ද ?
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව පුරාවට මෙරට ජන සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවක් වුයේ දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය සහ අපරාධ හේතුවෙන් තරුණ පරපුර ඊට ගොදුරුවීම සමාජ ව්‍යවසනයක් බවට පත්වෙනු ඇතැයි බොහෝ විද්වතුන් අදහස් පළ කිරීම හේතුවෙනි. ඉහළ යන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතැම් අවස්ථාවලදී නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට දුරකථනයෙන් තර්ජනය කළ අවස්ථා සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වරක් ප්‍රසිද්ධියේ අදහස් පළකර සිටියේ මිට සති කිහිපයකට ඉහතදීය. පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් මෙවැනි පසුබිමක් යටතේ රට තුළ ඉහළ යන මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් මැඩලීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්වීමෙන් දින කිහිපයකට පසුවය. මෙම නව මෙහෙයුම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි "යුක්තිය" නමින් මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි. "කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ කිසිදු බලපෑමකට යටත් වෙන් නැහැ" කවර තරාතිරමක පුද්ගලයකුගේ හෝ බලපෑමකට පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර කිරීමට ඉඩ දෙන්නේ නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය. මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා ඒබව අවධාරණය කළේය. “ත්‍රස්තවාදී යුද සමයේදී ජනතාව පොලිසිය, ත්‍රිවිධ හමුදාව සමග එක්ව සහයෝගයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේදීත් අප මුහුණ දී සිටින්නේ මුළු රටම වෙලාගෙන තිබෙන යුද්ධයකට සමාන අභියෝගයකටයි. කතාවට පමණක් සීමා නොවී, මේ වැඩපිළිවෙළ රට පුරාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ඒ සෑම මෙහෙයුමකටම ජනතාවගේ තොරතුරු ලබාදීම අවශ්‍යයි. ලැබෙන සෑම තොරතුරක් පිළිබඳවම අප පරීක්ෂා කර බලනවා.නීතිය අකුරටම තදින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා." "මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි ක්‍රියාකාරකම් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ. නීති විරෝධී ආයුධ සඟවාගෙන සිටින අය සම්බන්ධවද ක්‍රියාකරන්නේ ඒ ආකාරයෙන්මයි. පොලිසියට විරුද්ධව හෝ යම් අපරාධයකට එම අවි ආයුධ භාවිත කිරීමට පෙර පොලිසියටට තම ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා. ඒ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. තම දරුවන්ට සහෝදර සහෝදරියන්ට පවුලට ආදරේ සියලු දෙනාට මේ මෙහෙයුමට සහයෝගය දැක්වීමට එක් වන ලෙස ඉල්ලා සිටිනවා.”අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළේය. මහජන ආරක්ෂක ඇමතිගේ චෝදනාව සහ පිළිතුර මේ අතර පසුගියදා පොලිස් නිලධාරින් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දියත් කර තිබෙන මෙහෙයුම් වලට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යටවූ පිරිස් තමන්ට සහ වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව හඬ නගන බවයි. "මට ගහනවා, පොලිස්පතිතුමාට ගහනවා. සමාජ මාධ්‍යයෙන් හැමදාම ගහනවා. මේ ඔක්කොම කුඩු සල්ලි. පාතාලයේ සහ කුඩු සල්ලි වලින් තමයි මේවා වෙන්නේ. “මම තමයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කිව්වේ. ඔහුව පොලිස්පති කරලා මගේ ගෙදර අරන් යන්න නෙමෙයි නේ.” “ඔක්කොමලා දන්නවා සමහර ආගමික නායකයින් ඇතුළු හුගාක් නීතිඥවරුන්. පස්සේ බලන කොට මට තේරුණා මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.” “මම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න කියලා කියනකොට ඒකට විරුද්ධව හිටිය නිතිඥවරුන් තමයි මේ කුඩුකාරයින් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන ගණන් වලට උසාවි වලදී පෙනී ඉන්නේ.” අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. “මම නම් කියන්න කැමති නැහැ. නමුත් මේ මාධ්‍ය හමුවල ලොකුවට කතා කරන ඔය නීතිඥවරුන් තමයි අභියාචනාධිකරණයේ සහ කොටුවේ උසාවියේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා වාර්තා වෙන්නේ." අමාත්‍යවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මොකද කියන්නේ ? මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වෘත්තීමය අයිතිය නීතිඥවරුන්ට පවතින බවයි. "සේවාලාභියෙකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය වෘත්තීය අයිතියක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අදාළ අමාත්‍යවරයාට මතක් කර දීමට කැමැත්තෙමු.” යැයි නිවේදනයේ දැක්වෙයි. නීතියෙන් ආරක්‍ෂා කර තිබෙන එයට එරෙහිව එල්ල වන ඕනෑම බලපෑමක් පොදුවේ වෘත්තියට එල්ල කරන ප්‍රහාරයක්" බව නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. එමෙන්ම සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතියක් ඇති බවත්, ඔවුන්ගේ නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13(3) ව්‍යවස්ථාවේ නෛතික නියෝජනය සඳහා ඇති අයිතිය විශේෂයෙන් සහතික කර තිබෙන බවද නිවේදනයෙන් පෙන්වා දී තිබේ. වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙක් වැරදිකරුවන් බවට නම් කරමින් ඉකුත් දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ද නිතිඥ සංගමය සිය නිවේදනයෙන් කරුණු දක්වා ඇත. මූලික අයිතිවාසිකම් හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ වූ බවට චෝදනාවක් ඇත්නම් එවැනි නිලධාරින් පොලිස්පති ධුරයට පත් නොකළ යුතු යැයි නීතිඥ සංගමය එම නිවේදනයේ අවධාරණය කර ඇත. පොලිස්පතිවරයා සහ අනෙකුත් සියලුම පත්වීම් පත් මහජන විශ්වාසය තහවුරු වන පරිදි විනිවිද භාවයකින් යුතුව සිදු කරන ලෙසට රජයේ නීතිඥ සංගමය විසින් සිය නිවේදනයේ වැඩිදුරටත් කරුණු දක්වා තිබේ. සැකකරුවන් 6,500ක් අත්අඩංගුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද (දෙසැම්බර් මස 20 වෙනිදා) දිනය දක්වා නිකුත් කර ඇති තොරතුරු අනුව මෙම විශේෂ මෙහෙයුම මේ දක්වා ක්‍රියාත්මක කළ කාලය තුළ සැකකරුවන් 6,583ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 187 දෙනෙකු රැඳවුම් නියෝග යටතේද, තවත් සැකකරුවන් 543 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා ද යොමු කර තිබෙන බව අදාළ නිවේදනයේ දැක්වෙයි. “නව මෙහෙයුමේ සැලසුම මේකයි” පොලිස් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. "මේ යුක්තිය මෙහෙයුම පසුගිය දෙසැම්බර් 17 වෙනිදා පටන් ගත්තා. මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පිරිස් බලය මේකට යොදවලා මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කරන එකයි අපේ සැලසුම. නමුත් මේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට කරගෙන යන එකක්." "මේ මත්ද්‍රව්‍ය ජාලය ඔවුන්ගේ පෙර වැරදි එක්ක අප අඳුන ගත්ත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඔවුන් තාම ඒ ක්‍රියාවලියේ යෙදී ඉන්නවා. අපි ඔවුන්ව තමයි ඉලක්ක කර තියෙන්නේ. ඒ ජාලය බිඳ දමන්න වගේම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙලා ඉන්න පිරිස් පුනුරුත්ථාපනය කරන එකයි මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දේ කරද්දී සංවිධානත්මක අපරාධකරුවන් ඉබේම කොටු කර ගන්න හැකියාව ලැබෙනවා." "එතැනින් එහාට පවතින තත්ත්වය පාලනය කර ගත්තම අපිට හැකි වෙනවා. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගෙන් ලැබෙන තොරතුරු පදනම්ව ඉදිරි මෙහෙයුම් කටයුතු කරන්න." ඔහු පැවසුවේය. මෙහෙයුමේ වැඩිම අවදානය යොමු වූ පළාත් මොනවාද ? යුක්තිය මෙහෙයුමේදී වැඩි අවදානයක් යොමු වී ඇති පළාත් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මෙසේ අදහස් පළකර සිටියේය. "මේ මෙහෙයුම ලංකාව පුරාම සිද්ධ වෙනවා. නමුත් ඒකේදී වැඩි අවදානයක් යොමු කරනවා බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට.අනිත් පළාත් වලටත් අපේ මෙහෙයුම් කරනවා. සමහර පළාත් තිබෙනවා කසිප්පු වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩියෙන් තිබෙන ස්ථාන. ඒ වගේම උතුරු පළාතේ ගංජා වැනි මත්ද්‍රව්‍ය වැඩි. මේ වගේ අංශ ඔස්සේ අපි මුලික අවදානය යොමු කර තිබෙනවා" ඔහු කියා සිටියේය. එමෙන්ම මෙම මෙහෙයුම මගින් සතුටුදායක ප්‍රතිඵල ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. " මේ මෙහෙයුම ආරම්භ කරලා දැනට දවස් තුනක්. එතැනදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගන්න වගේම සෑහෙන්න මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් භාරයට ගන්න පොලිසිය සමත්වෙලා තිබෙනවා. ඒ වගේම අපි හඳුනාගෙන සිටි සැකකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් අත්අඩංගුට ගන්න ලැබුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් පුනුරුත්ථාපනයට ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් සැකකරුවන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීම සිදුකර තිබෙනවා." "මේ මෙහෙයුමේදී අනාවරණය වුනු නීතිවිරෝධී දේපළ සම්බන්ධව වෙනම විමර්ශනයක් සිදුකරගෙන යනවා මේ වෙද්දී. ඒ වගේම මේ මෙහෙයුමට ලැබෙන මහජන ප්‍රතිචාරය ගොඩක් හොඳයි. අපි දුරකථන අංක 46ක් ලබා දුන්නා. ඒ දුරකථන වලට දැන් දැන් ලැබෙන තොරතුරු ධනාත්මකයි. මහජනතාව විශ්වාස කරලා අපිට තොරතුරු දෙන්න කටයුතු කරනවා." “අපි මාධ්‍යට පෙන්වන්නේ නැහැ මෙයා තමයි සැකකරු කියලා” දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම මාධ්‍ය මගින් ප්‍රචාරණය වීම හරහා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්න පෙර ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිවීම නිසා එම පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නොනගින්නේදැයි මෙහිදී බීබීසී සිංහල විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් කරුණු විමසීමක් සිදුකරන ලදී. එලෙස නගන ලද පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි, "එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ සැකකරුවෙක් නේ. එතකොට අපි අත්අඩංගුවට ගන්නා පුද්ගලයා කවුද, එයාගේ සැකකාරයෙක් විදිහට ගන්නේ කියන එක ඕන කෙනෙක් දන්නවා. වරදකරුවෙක් කරන්නේ අධිකරණයෙන්. ඒක නීතියේ පැහැදිලිව තියෙනවා. අපි හැම තිස්සෙම අත්අඩංගුවට ගන්නේ වරදකාරයෙක් නෙමෙයි සැකකරුවෙක්. එතකොට නීතියත් දන්නවා මහජනතාවත් දන්නවා. " "අපි සැකකාරයා කියන පුද්ගලයාව පෙන්වන්නේ නැහැ ඇත්තටම. එකෙන් පුද්ගලිකව ඔවුන්ට හානිකරන චේතනාවක් අපිට නැහැ. අපි යම්කිසි හඳුනා ගැනීමකින් පස්සේ තමයි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගන්නේ. සැකකරුවෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා. එහෙම කිරීමෙන් ගොඩක් අපරාධ ඇතුළු දේවල් අනාවරණය වෙලා තියෙනවා. නිලධාරියාගේ සැකකිරීම ගොඩක් වෙලාවට හරි ගිහින් තියෙනවා." "මෙහෙයුම් වලදී ගොඩක් වෙලාවට අපේ (පොලිසියේ) කැමරා තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඇතැම් අවස්ථා වලදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපි මාධ්‍ය දැනුවත් කරනවා මෙහෙම මෙහෙයුමක් සිදුකර තිබෙනවා කියා අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. නමුත් වැටලීම්වලදී මාධ්‍යට තොරතුරු ලැබිලා එතැනට එනවා. ඔවුන් ඒ ගැන අවදානයෙන් ඉන්නවා. එහෙම එන එක අපිට වළක්වන්න බැහැ. ඒ ආවම එතැනදී ඔවුන් මෙහෙයුමේ සිටින නිලධාරින් ගෙන් තොරතුරැ ලබාගන්න වෙලාවල් තියෙනවා. නමුත් අපි සැකකරුවන් අනාවරණයක් කිරීම සිදුකරන්නේ නැහැ. නමුත් අහම්බයෙන් මාධ්‍ය වලින් ඔවුන්ව පෙන්නුවත් අපි මාධ්‍යයට කියන්න යන්නේ නැහැ මෙයා තමයි සැකකරු කියලා." ඔහු කියා සිටියේය. කෙසේවෙතත් මීට පෙර මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකුට කෲර ලෙස වද හිංසා කිරීම සම්බන්ධයෙන් වත්මන් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේවන විට තීන්දු කරනු ලැබ තිබේ. සැකකරු අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා ද ? යම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම විනා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු වැරදිකරුවෙකු කිරීමට මාධ්‍යය කටයුතු නොකළ යුතු බව නීතිඥ භවානි ෆොන්සේකා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ පොලිසිය විසින් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරිනියක් මෙන්ම නීතිඥවරියක් ලෙස කළ අදහස් විමසීමේදීය. "අත්අඩංගුවට ගනු ලබන ඕනෑම සැකකරුවෙකු අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමෙන් පසුවයි තීරණය වෙන්නේ ඔහු වැරදිකරුවෙකු ද නැද්ද යන්න එක. ඒක අධිකරණ ක්‍රියාවලියක්. මාධ්‍යට හැකියාවක් නැහැ සැකකරුවෙකුව වැරදිකරුවෙක් කරන්න. " "අපි මේ වගේ අවස්ථාවන් පසුගියන් කොවිඩ් වසංගත සමයේදී දැක්කා. නිරෝධායනය කියලා මාධ්‍ය ගෙවල්වලට යනවා. ඒක සිදුනොකළ යුත්තක්. මෙතන නීති පැනවීමෙන් මාධ්‍ය පාලනය කිරීමක් කරන්න බැහැ. නමුත් සෑම මාධ්‍යවේදියෙකුම තොරතුරු වාර්තාකරණය කිරිමේදී අනුගමනය කරන්න අවශ්‍ය ආචාර ධර්ම තියෙනවා. ඒ අනුව කටයුතු කළාම මේ ගැටලුව ඇතිවෙන්නේ නැහැ." ඇය කියා සිටියාය. මෙතෙක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් මොනවාද ? මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලීසිය අවස්ථා රැසකදී මෙවන් මෙහෙයුම් දියත් කළ බවට ඉතිහාසය සාක්ෂි සපයනු ලබයි. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු බලයට පත්වන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ "මතට තිත" වැඩසටහන යටතේ පොලිසිය විසින් "ඔපරේෂන් ක්ලීනප්‍" නමින් මෙහෙයුමක් දියත් කරනු ලැබිය. ඉන් පසුව 2015 වසරේදී බලයට පත්වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ පාලන සමයේදී මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව කටයුතු කරන ලදී. මෙම මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමිව විදෙස් ගතව සිටි ඇතැම් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන, මාකඳුරේ මධුෂ් වැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට ආරක්ෂක සමත් විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ජාලය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමන්ගේ ජීවිතයට වුවද හානි වීමේ අවදානමක් පවතින බව වරක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසා සිටියේය.
ලෝක ප්‍රකට Emmy සම්මානයක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා ජේසන් රාජසිංහ
ලෝක රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්ත ම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ පසුගිය දා සමත්විය. ඒ, ඔහු ඩිස්කවර් මීඩියාවර්ක්ස් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙනි. ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී ය. Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමිවිය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "මේ සම්මානය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට යම් උත්තේජනයක් ලැබේවි කියා මම හිතනවා. ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තයක් ස්ථාපනය කරන්න අපේ ජනතාව තුළ ඇති හැකියාව ගැන මෙමඟින් පණිවුඩයක් ලැබේවි. මේ වැඩේ සාර්ථක කර ගන්න ඇමෙරිකාවේ දී මට මෙවැනි කණ්ඩායමක් ලැබීම ඇත්තට ම ආශිර්වාදයක්. මම මගේ කැමැත්ත වැඩදායක දෙයක් කරන්න උත්සහ කළා," සම්මානය ලැබීම ගැන සතුට පළ කරමින් ජේසන් රාජසිංහ පැවසීය. 2011 වසරේ දී ආරම්භ කළ IFILMSRILANKA නමින් යුත් ඔහුගේ සමාගම හරහා ඔහු ශ්‍රී ලංකාවට ආවේණික සිනමා කලාවක් වර්ධනය කිරීමේ උත්සහයක නිරතව සිටියි. ඊට අමතරව, ඔහු RAD PRODUCTIONS USA නමින් ඇමෙරිකාවේ දී තවත් සිනමා සමාගමක් ස්ථාපනය කර තිබේ. එම සමාගම හරහා ඔහු ORIGIN නමැති වැඩසටහනක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එය විවිධ රටවල ආහාරවල සම්භවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණාත්මක වැඩසටහනකි. එහි එක් වැඩසටහනක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ දී රූගත කිරීමට සැලසුම් කර තිබේ. කවුද මේ ජේසන්? 2010 වසරේ දී රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසි ජේසන් රාජසිංහ, පළමුවෙන් ම PRIME TV ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වෘත්තිය ආරම්භ කළේ ය. ඔහු, 2010 වසරේ සිට 2012 වසර දක්වා Creative House ආයතනයේ සේවය කළ අතර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපට නිර්මාණවලට දායක වී තිබේ. 2011 වසරේ දී ඔහු CSN (Carlton Sports Network) රූපවාහිනී සේවයේ රැකියාව කළ අතර, රථවාහන සම්බන්ධ වැඩසටහන් මාලාවක් වූ MoTORQUEහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය. 2017 වසරේ දී ඔහු හෝප් රාජසිංහ සමග විවාහවිය.
සුපිරි වෙළඳසැල්වල බඩු කියන තරමට ම සුපිරි ද?
එක ම තැනකින් නිවසට අවශ්‍ය සියලු ම ආකාරයේ භාණ්ඩ මිල දී ගැනීමට කාර්ය බහුල බොහෝ දෙනෙකු තෝරාගන්නේ සුපිරිවෙළඳසැල් ය. කාලය කළමනාකරණය කර ගනිමින් ගුණාත්මකභාවයෙන් වැඩි භාණ්ඩ මිල දී ගැනීමේ අරමුණෙන් එලෙස බොහෝ දෙනෙක් සුපිරි වෙළඳසැල්වල සේවාවන් භාවිතා කරති. සාමාන්‍ය පදික වේදිකා වෙළඳසැල්වලින් හෝ පොළකින් හෝ මිල දී ගත හැකි ආහාරවලට වඩා ගුණාත්මකභාවයක් පාරිභෝගිකයෝ නිතැතින් ම සුපිරි වෙළඳසැල්වලින් බලාපොරොත්තු වෙති. මෙම ලිපියෙන් පාඨක ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුපිරි වෙළඳසැල් කිහිපයක සේවය කළ සේවකයන් කිහිපදෙනෙකු විසින් බීබීසී සිංහල සමග ඒ සම්බන්ධයෙන් බෙදාගත් අත්දැකීම් සමුදායකි. 'පළතුරු නම් ගන්නම එපා, අපිනෙ දන්නෙ කොච්චර පරණ ද කියලා' නිලන්ති සහ පියුමි වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වන සුපිරි වෙළඳසැල් ජාලයක සුපරීක්ෂක තනතුරේ සේවය කළ තරුණියන් දෙදෙනෙකි. මේ ඔවුන්ගේ සැබෑ නම් නොවේ. ඔවුන් එම සුපිරි වෙළඳසැල් ජාලයේ සේවය කළ සමයේ ලැබූ අත්දැකීම් ගැන බීබීසී සිංහල වෙත අදහස් පළකළේ මෙසේ ය. "පලතුරු නම් ගන්න ම එපා. අපිනෙ දන්නෙ. ඇතුළෙ තියාගෙන ඉඳලා මැලවුණ ඒවා විකුණනෙ. මිදි එහෙම චිලර්වල තියලා දෙනවා, ඒවා සෑහෙන්න පරණ යි. ඊට වඩා පිටකොටුවෙ විකුණන ඒවා හොඳයි," එලෙස හඬ අවදි කළේ නිලන්ති ය. ඔවුන් පවසන්නේ සුපිරි වෙළඳසැලට එන පළතුරු තොගවල නැවුම්භාවය නැතිවුවත් බොහෝ වෙලාවට ඒවා විකිණීමට කටයුතු කර ඇති බව යි. ඇතැම් සුපිරි වෙළඳසැල්වල පළතුරු ගෙඩිය පිටින් නොව, ඉදී ඇති පළතුරු කෑලිවලට කපා විකිණීමට තබා ඇති අයුරු දැකගත හැකි ය. ඒවා ද ගුණාත්මකභාවයෙන් අඩු පළතුරු බව පියුමි පැවසුවා ය. "කපල තියෙන පලතුරු නම් ගන්නම එපා. පණුවො හැලෙන කෑලි අයින් කරල දෙන්නෙ," ඒ පියුමිගේ හඬ යි. "පළතුරු ජූස් හදලා විකුණන්න දාන්නෙත් ඔය වගේ බාගෙට නරක් වුණු පළතුරු තමයි." ඔවුන් පවසන්නේ එළවලුවල සහ මස් මාලුවල තත්ත්වය ද එය ම බව යි. "සමහර වෙලාවට මස් වර්ග දවස් ගණන් පරණ යි. ඩිස්ප්ලේ තියන්න බැරිම තරම් පරණ වුණාම තමයි අර තුනපහ දාල උයන්න ලෑස්ති කරපුව වගේ විකුණන්න දාලා තියන්නේ," නිලන්ති පැවසුවා ය. "මම වැඩ කරපු එක බ්‍රාන්ච් එකක හවසට බාබකියු දානවා. ඒ දාන්න ගන්නෙ නිලන්ති කියපු විදිහට පරණ වුණ මස් වර්ග තමයි," පියුමි ද ඇගේ අත්දැකීම විස්තර කළා ය. "බඩු ගෙනැල්ලා ඒවා වර්ග කරන්න දාන කාමරවලට ගියාම සමහර වෙලාවට වමනෙ යන්න තරම් අප්පිරිය යි. සමහර දවස්වලට කුණු ගඳ ඉවසගන්න බෑ. පළතුරු, එළවලු කුණුවෙලා වතුර වගේ ගලනවා. පණුවො හැලෙනවා සමහර පළතුරු, එළවලු පෙට්ටි උස්සන් එද්දි." ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ අප්‍රියජනක අත්දැකීම් විස්තර කළේය. මෙම තත්ත්වය නිසා ඇතිවූ පීඩනය හේතුවෙන් ඔවුන්ගේ ආහාර රුචිය පහත වැටුණා සේම, දැන දැනම එවැනි භාණ්ඩ විකිණීමට සිදුවූ නිසා යම් වරදකාරී හැඟීමකට ද පත්ව සිටි බව ඔවුන් සඳහන් කළේය. "දවල්ට, රෑට කන්න බෑ ගොඩක් දවස්වලට. කෑම කන්න යද්දි හරිම අප්පිරිය යි. කෑම එක ගුලිකරලා කුණු බක්කියට දාලා අනන්තවත් අත හෝදගෙන නැගිටලා ඇවිත් තියෙනවා," පියුමි පැවසුවා ය. නිලන්ති ද පැවසුවේ එලෙස ගුණාත්මක නොවන භාණ්ඩ විකිණීමට සිදුවීම ඇයට පීඩනයක් වූ බව යි. "අපට පොඩි කාලෙ ඉඳලා කියන්නෙ කනබොන දේවල්වලට බොරු කරන්න එපා, එහෙම කළොත් ඒක ගෙවා ගන්න බැරි පවක් කියලා. ඒත් මේ වගේ නරක දේවල් බලාගෙන වැඩ කරන්න සිද්ධ වුණේ. එළවළු පලතුරු වර්ග කරද්දි අපි දන්නවනෙ මේවා කොහෙට ද කොහොම ද දාන්නෙ කියලා. ඒ හැඟීම හරිම අමාරු එකක්. මගේ පවුලෙ අයට මම කියලා තියෙන්නෙ පැකට් කරලා සීල් කරපු බඩු ඇරෙන්න වෙන කිසි දෙයක් සුපර්මාකට්වලින් ගන්න නම් එපා කියලා." මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'ටාගට් ගහන්න ඕනෙ නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම' සුමුදු තවමත් සුපිරිවෙළඳසැල් ජාලයක සේවය කරන තරුණියක් වන අතර, මෙය ඇගේ සැබෑ නම නොවේ. ඇය පවසන්නේ සුපිරි වෙළඳසැලට එවන තොග විකුණා ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය නිසා කළමණාකාරීත්වය විසින් පරණ වී ගුණාත්මකභාවයෙන් අඩු වූ එළවළු පළතුරු පවා විකිණීමට උපදෙස් ලබා දෙන බව යි. "එළවළු හරි පළතුරු හරි තොගයක් එවුවාම ඒවායින් පුළුවන් තරම් විකුණලා ටාගට් එකට යන්න ඕනේ. එහෙම නැතිවුනොත් මැනෙජර්ලටත් උඩින් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා මෙයාලා අපි ලව්වා අර පරණ වුණ ඒවාත් විකුණනවා," ඇය පවසයි. "මිදි එහෙම ගණන් වැඩි නිසා දැන් වැඩිය විකිණෙන්නෙ නැහැ. එතකොට කරන්නෙ බාගෙට නරක් වුණ/ තැලුණ ගෙඩි ටික එකතු කරලා කප්වලට දාලා ඇත්ත ගාණට වඩා අඩුවෙන් ගාන ගහලා විකුණන එක. "මේ බඩු විතරක් නෙවෙයි, පැකට් කරපු බඩුවලත් සමහර වෙලාවට කල්ඉකුත් වුණ ඒවා විකුණන්න දාලා තියනවා. ඩේටාබේස් එකෙන් බලලා ඒවා අයින් කරන්න පුළුවන් වුණත් සමහර වෙලාවට එහෙම කරන්නෙ නෑ. හාල්, පරිප්පු වගෙ දේවල්වල වුණත් ගුල්ලො ඉන්න වෙලාවල් ඕනෙ තරම් තියෙනවා," ඒ සුමුදුගේ අත්දැකීම යි. 'පීඑච්අයිලා චෙක් කරන්න එන්නෙ කලින් පණිවිඩේ දීලා' මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙවැනි තත්ත්වයක් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පරීක්ෂා කිරීම් සිදු කරන්නේ නැති ද යන්න අපි මේ තිදෙනාගෙන්ම විමසුවෙමු. සාමාන්‍යයෙන් තම බලප්‍රදේශය තුළ ඇති අවන්හල්, වෙළඳසැල්වල ගුණාතමකභාවය වරින් වර පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරනු ලබන රාජකාරියකි. "චෙක් කරන්න කියලා පීඑච්අයිලා එන්නෙ කලින් ම මැනේජර්ට පණිවිඩේ දීලා. ඉතින් මොනවද චෙක් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?" නිලන්ති විමසයි. "අලුතෙන් මැනේජර් කෙනෙක් බ්‍රාන්ච් එකකට ආව ගමන් කරන්නේ ඒ පැත්තෙ ඉන්න පොලිස් ලොක්කො ටිකයි පීඑච්අයිවයි යාලු කරගන්න එක. තව චෙක් කරන්න එන තැන් තියෙනවා නම් ඒ තැන්වල අයවත් අල්ල ගන්නවා. එතනින් එහාට කිසි දෙයක් වෙන්නෙ නෑ කියලා මැනේජර් දන්නවා. "අපට ඔය වගේ දේවල් කරන්න එපා කියලා කතා කරන්න බෑ. කතා කළොත් අපි ඉවර යි. අපට වැඩ කරන එක එපා කරවනවා," සුමුදු පවසයි. "ගොඩක් මැනේජර්ලා එයාලට හිතවත් සේවකයො කීපදෙනෙක් අල්ලගෙන අනිත් අයගෙ ඔත්තු බලනවා. මේවා ගැන කොහෙ හරි කතා වුණා කියල ඒ අය ගිහින් බොරුවට ගොතලා හරි කිව්වොත් ඒත් ඉවර යි." අප සමග මෙලෙස තොරතුරු බෙදාගත් සේවිකාවන් පවසන ආකාරයේ අත්දැකිම් ඇතැම්විට මෙම ලිපිය කියවන අයෙකුට වුවත් ලැබී තිබිය හැකියි. ඔබ එවැනි අත්දැකීමකට මුහුණ දුන් අවස්ථාවක දී ඔබට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැකි ය. නරක් වුණු කෑම ලැබුණොත් මොකද කරන්නෙ? ජනප්‍රිය අවන්හලකින් නරක් වූ කෑම ලබා දීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ද ඇති වී තිබේ. යම්හෙයකින් ඔබට එවැනි ආහාරයට ගැනීමට සුදුසු නොවන කෑම අලෙවි කළහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බීබීසී සිංහල, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසීමක් කළෙමු. "ඔබ ආහාර මිලදී ගැනීමක් සිදු කරනවා නම් අනිවාර්යෙන්ම බිල්පතක් ඉල්ලගන්න. පැමිණිල්ලකට බිල්පතක් තිබීම වැදගත්. තමන්ට ලැබිලා තියෙන කෑම එක නරක් වෙලා කියලා හිතෙනවා නම් ඒ ආහාර සාම්පලය විසි කරන්නෙ නැතිව තියාගන්න අවශ්‍යයි. ඊට පස්සෙ ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිල්ලක් සිදු කරලා ඔවුන්ට ආහාර සාම්පලය භාර දිය යුතුයි." උපුල් රෝහණ පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටද පැමිණිලි කළ හැකි බවයි. "www.phi.lk වෙබ් අඩවියේ තියෙනවා find your PHI කියලා යෙදවුමක්. එතැනින් ඔබේ ප්‍රදේශය තෝරලා ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකතන අංකය ලබා ගන්න පුලුවන්. රාත්‍රී කාලයේ හැර එවැනි පැමිණිල්ලක දි අපි හැකි ඉක්මනින් පැමිණිලි කරු සමඟ අදාල තැනට යනවා. රාත්‍රියේ නම් උදෑසන 7.30න් පසුව රාජකාරී වෙලාව තුළ දි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා." "බැලූ බැල්මටම ආහාරය නරක් වෙලා කියන එක පැහැදිලි නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අදාළ වෙළඳසැලට නඩු පැවරීම කරනවා. එහෙමත් නැතිනම් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා පරීක්ෂණ කරලා නඩු පැවරීම කරනවා."
ශ්‍රී ලංකාවේ දරු උපත් සැබෑවටම අඩුවෙලා ද?
වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම හරහා රටක අනාගතය සම්බන්ධයෙන් ඇතිවන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඒ, රටක ප්‍රධාන සාධකයක් වන ශ්‍රම බලකාය හීනවීමෙන් ඇතිවෙන ආර්ථික පීඩනය හේතුවෙනි. මේ සම්බන්ධයෙන් ගත හැකි හොඳම උදාහරණය ලෙස ජපානය පෙන්වා දිය හැකි ය. ජපානය දියුණු රටක්වුව ද ඔවුන්ගේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම අනාගතයේ දී එරටට විශාල අභියෝගයක් වනු ඇත. ඉකුත් සැප්තැම්බර් මාසයේ දී වාර්තා වුයේ ජපානයේ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අවුරුදු 80ට වඩා වැඩි බව ය. මිලියන 125ක ජනගහනයක් සහිත ජපානයේ ප්‍රතිශතයක් ලෙස 29.1%ක් අවුරුදු 65ක වයස් සීමාවේ පසුවේ. ශ්‍රී ලංකාවට නව අභියෝගයක් මේ වන විට ශ්‍රී ලංකාවේ ද වාර්ෂිකව වාර්තා වන දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍ර පහත බැසීමක් ගතවූ වසර 10 තුළ දී පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පරිශීලනය කිරීමේ දී බීබීසී සිංහල සේවයට පෙනී ගියේ ය. 2012 වසරේ දී 360,000කට ආසන්නව පැවති වාර්ෂික දරු උපත් සංඛ්‍යාව පසුගිය 2022 වසර වන විට 275,000ක් දක්වා පහත වැටී තිබීම ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය. වාර්ෂික දරු උපත් ගණනය සිදු කරන්නේ කෙසේ ද? සෑම වර්ෂයකම මෙරට සිදුවන දරු උපත් ගණනය කිරීම සිදුකෙරෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් බීබීසී සිංහල සේවය විමසීමක් සිදු කළේ ය. ඊට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා අදාළ දත්ත ලබා ගැනීම සිදුකරන බව යි. "සෑම දරුවෙක්ම ඉපදුණාට පසුව එම දරුවා ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ ලියාපදිංචි කිරීම සිදුකරන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා. එම දෙපාර්තමේන්තුව ඇතුළේ අපේ (ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ) තියෙන වෙනම ඒකකයෙන් ඒ දත්ත අරගෙන වාර්තා සකස් කිරීම සිදුකරනවා," ඇය පැවසීය. ශ්‍රී ලංකාවේ දරු උපත් අනුපාතය අඩුවීමට හේතුව කුමක්ද? ශ්‍රී ලංකාවේ නව දරු උපත් අනුපාතය පහත වැටීමට හේතු මොනවාදැ යි බීබීසී සිංහල සොයා බැලීමක් සිදුකරන ලදී. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක පැවසුවේ දැඩි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ඇතුළු විවිධ හේතු මෙවැනි තත්ත්වයක් පැන නැගීමට හේතුවන්නට ඇති බව යි. “අද කාලේ ගොඩක් අය විවාහවෙන වයස් සීමාව පහුකරලා විවාහ වෙන්නේ. ඒ වගේම මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න වගේම දැඩි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම සහ විදේශගතවීම් කියන කාරණා හේතුවෙන්න පුළුවන්. "සමහර අය විවාහ වුනත් දරුවන් හදන එක කල් දානවා. මේ හේතු නිසයි රටේ උපත් අනුපාතය කඩා වැටීමකට ලක්වෙලා තියෙන්නේ," ඇය පැවසීය. පවතින තත්ත්වය සුබවාදී අයුරින් බැලිය නොහැකි බවත්, සෑම විටම ජන හා සංඛ්‍යාලේඛණ දෙස බැලීමේ දී සමබරතාව අතිශය වැදගත් බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය පැවසුවා ය. ඇය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව උපත් සංඛ්‍යාව තිබිය යුතු බව යි. "මෙතැන දී යම් අසමතුලිතභාවයක් ඇතිවෙනවා කියන්නේ අනාගතයේ දී විශේෂයෙන්ම එය සමාජයට බලපානවා," ඇය පැවසුවා ය. අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද? උපත් අනුපාතය පහත වැටීම අනාගතයේ රටේ ශ්‍රම බලකායට ද අවදානමක් ගෙන දෙන බව මහාචාර්යවරිය සඳහන් කළා ය. "රටක ශ්‍රම සම්පතයි මේ සීමාසහිත වෙලා තියෙන්නේ. රටක ශ්‍රම බලකාය කඩා වැටෙනවා කියන්නේ ඒක දැනෙන්න තව අවුරුදු 25ක් යනවා වෙන්න පුළුවන්. ඒ ඇතිවෙන හිස්තැන ඌනපූර්ණය කරන්න හැකියාවක් නැහැ. "දැනටමත් ලංකාවේ වැඩිහිටි ජනගහනය තමයි වැඩිම. අවුරුදු 60ට වැඩිය වයස් සිමාවේ පිරිස ඉතා ඉහළ යි. මේක රටේ ආර්ථික, සමාජ හා දේශපාලන සංවර්ධනයට ඉතාමත් නරක ලෙස බලපානවා," ඇය සඳහන් කළා ය. උදාහරණයක් වශයෙන් ගත් විට, වැඩිහිටි ජනගහනය ඉහළ යාම සහ ශ්‍රම බලකාය අවමවීමේ ගැටලුවට ජපානය මෙන්ම චීනය ද මුහුණ දෙමින් සිටින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය. චීනය විසින් දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ එක් පවුලකට එක් දරුවෙක් යන සංකල්පය වෙනස් කිරීමට ප්‍රධාන සාධකය වූයේ ද ඔවුන්ගේ ශ්‍රම බලකාය පහත වැටීම බව ඇය මෙහිදී සඳහන් කළා ය. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමත් පහතට මේ අතර පාර්ලිමේන්තුවේ දී පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වූ විවාදයේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිසුන් 50,000කින් පමණ පහත වැටී ඇති බව යි. රටේ උපත් අනුපාතය අඩුවීම හේතුවෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම 340,000 සිට 292,000ක් දක්වා පහත වැටී තිබෙන බව එහිදී ප්‍රකාශ කෙරුණි. "දැන් අපේ රටේ උපත් වේගය අඩුවෙලා. අවුරුදු පහ සම්පූර්ණ කරලා දැන් පාසැලකට ඇතුළත් වන්නේ දරුවන් 292,000යි. මීට අවුරුදු 10කට පෙර දරුවන් 340,000ක් පාසල් සඳහා ඇතුළත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුවත් පෙනී යනවා දරු උපත්වල අඩුවක් පෙන්නුම් කරනවා," අමාත්‍යවරයා කියා සිටියේ ය. මෙම වසරේ දරු උපත් ගැන අනාවරණයක් ගෙවී යන 2023 වසරේ මේ දක්වා මෙරට තුළ වාර්තා වන දරු උපත් අනුපාතයේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවා ය. "මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කොට්ඨාස තුළ ලියාපදිංචි වන ගර්භනී මව්වරුන්ගේ සහ අලුත උපන් දරුවන්ගේ සංඛ්‍යාවේ ඉතා සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා. "වාර්ෂිකව බලාපොරොත්තුවන ගර්භනී මව්වරුන් සංඛ්‍යාවක් වගේම උපත් සංඛ්‍යාවක් තියෙනවා. ඒ සංඛ්‍යාතවලට සාපේක්ෂව සුළු අඩුවීමක් පැහැදිලිවම පේනවා," ඇය සඳහන් කළා ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ පවතින ආර්ථික ගැටළු හමුවේ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සැපයීමට මව්පිටන්ට හැකියාව පවතින්නේ අවම මට්ටමක බව ය. "මේ වනවිට විවාහපත් යුවලවල් දරුවෙක් හදන්න දෙපාරක් හිතනවා පවතින මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඒ වගේම එක් දරුවෙක් ඉන්න පවුලක දෙවැනි දරුවෙකු බිහිකිරීම ගැන දෙවරක් හිතන තත්ත්වයට පත්වෙලා ඉන්නේ," ඇය සඳහන් කළා ය. පවතින තත්ත්වය සුබදායි නොවන බවත්, දරුවන් සීමාවීම හරහා රටේ ජනගහනය ගැන විශාල ගැටලුවක් ඉදිරියේ දී මතුවිය හැකි බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නා ය.
'වැස්ස අඩු වෙන්නේ දෙසැම්බර් 22න් පසුවයි' - කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
මේ වන විට උතුරු පළාතේ පවතින වැසි තත්ත්වය දෙසැම්බර් 22 වැනිදායින් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේ ය. මහා වැසි නිසා උතුරු පළාතේ මුලතිවු , කිලිනොච්චිය , වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වලටත් නගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයත් වැඩි බලපෑමක් එල්ල වී තිබේ. අධික වර්ෂාව සමග ඇතිවු ජල ගැලීම් නිසා උතුරු පළාතේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,000කට ආසන්නය. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති අතර අවතැන්වූවෝ තාවකලික කඳවුරුවල රැඳී සිටිති. උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද දිනයේත් කඩින්කඩ වර්ෂාව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
'ගජමෑන්' ඇතුළු ජීවමාන කාටූන් චරිත රැසක් ඉතිරි කර නිහඬව ම නික්ම ගිය කැමිලස් පෙරේරා
පුවත්පත් ක්ෂේත්‍රයේ පමණක් නොව කලා ක්ෂේත්‍රයේ ද තවත් දැවැන්තයෙකුගේ නිමාව දෙසැම්බර් 17 වන දා සනිටුහන් විය. කාටූන් සහ චිත්‍ර කතා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන් ම විශිෂ්ටයෙකු ද වූ කැමිලස් පෙරේරා එලෙස දැයෙන් සමුගත්තේ ය. ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ ප්‍රවීණ කාටුන් ශිල්පියෙකි. 1939 වසරේ දෙසැම්බර් පළමුවන දා මීගමුවේ දී උපත ලැබූ කැමිලස් පෙරේරා, අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය. වෛද්‍ය උපදෙස් මත, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (දෙසැ:17) පස්වරුවේ ම සිදු කළ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය. කැමිලස් පෙරේරා ඔහුගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ, මීගමුව‍ සාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙනි. ඉන්පසු ඔහු මාරිස්ටෙලා විද්‍යාලයයෙන් සහ සාන්ත මරියා විද්‍යාලයයෙන් ද සිප් සතර හැදෑරීය. කැමිලස් පෙරේරා චිත්‍ර කලාවෙහි දක්ෂයෙකු බව ඔප්පු කළේ, කුඩා අවධියේදී ම ය. ඊට අමතරව ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ අතර මීගමුවේ ජුපිටර් පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙකු විය. විශිෂ්ට කාටූන් ශිල්පියෙකුගේ ගමන්මඟ කැමිලස් පෙරේරාගේ කාටූන් නිර්මාණයක් මුලින් ම පුවත්පතක පළ වී ඇත්තේ 1964 වසරේ දී ය. ඒ, ලේක්හවුස් ආයතනයෙහි 'සරසවිය' පුවත්පතේ ය. 1965 වසරේ සිට 'දවස' පුවත්පත වෙනුවෙන් දිනපතා කාටූනයක් නිර්මාණය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. ඒ සඳහා ඔහු නිර්මාණය කළ කාටූන් චරිතය වූයේ 'තෙපානිස්' චරිතය යි. 1966 වසරේ සිට ඔහු දිනපතා නිකුත් කෙරෙන 'ජනතා' පුවත්පත සඳහා ‘දොන් සේතන්’ නමින් කාටූන් චරිතයක් නිර්මාණය කළේ ය. දොන් සේතන් චරිතය සමග සේතංගේ බිරිය සිමෝනා, දියණිය මෙරායා සහ බාල දරුවා ලපයා, දියණියගේ පෙම්වතා ගොඩ්ඩින් අයියා ආදී එවකට අතිශය ජනප්‍රිය වූ චරිත රැසක් ඔහු බිහි කළේ ය. ඔහු ලේක්හවුස් ආයතනය පළ කළ මිහිර පුවත්පතට ‘ටික්කා‘ නමින් කාටූනයක් ද එහි ම ක්‍රීඩා පුවත්පතට 'සෙල්ලං සේන' චරිතය ද නිර්මාණය කළේ ය. ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත ලෙස සැලකෙන 'සතුට' පුවත්පත වෙනුවෙන් ඔහු අතින් නිර්මාණය වූ ජනප්‍රිය ම කාටුන් චරිතය වූ ‘ගජමෑන්‘ නිර්මාණය කරන ලද්දේ 1972 වසරේ දී ය. එහි අතිශය ජනප්‍රියත්වය නිසා ම ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වෙනුවෙන් ද යොදා ගන්නා ලද්දේ ගජමෑන් චරිතය යි. එම චිත්‍රපටයෙහි කැමිලස් නිර්මාණය කළ චරිත රැසක් ඇතුළත් විය. පසුකලෙක ඔහු 'සතුට' පුවත්පතින් ඉවත්ව මල්ටිපැක්ස් ආයතනය නිකුත් කළ 'සිත්තර' පුවත්පත හා සම්බන්ධ වූ අතර එම පුවත්පත එවකට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබිණි. 1982 වසරේදී මල්ටිපැක්ස් ආයතනයෙන් ඉවත්වූ කැමිලස් ඔහුගේ ම ආයතනයක් පිහිටුවා, 'කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි' නමින් පුවත්පතක් එළිදැක්වීය. එය අතිශයින් ජනප්‍රිය වී අලෙවි වාර්තා බිඳ දැමීමට සමත් වූ අතර, ඔහුගේ ව්‍යාපාරික දැනුම ද ඉන් දිස්විය. 2002 වසරේ දී 'ගජමෑන්' චරිතයෙහි 30 වන උපන් දිනය සැමරූ අතර ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. ‘චිත්‍ර කතා සහ කාටූන් ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා’ කැමිලස් පෙරේරා දශක ගණනාවක් පුරා ඔහුගේ අනන්‍යතාව රැක ගනිමින්, කාටූන් සහ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස පෞරුෂයක් ගොඩනගා ගත් නිර්මාණකරුවෙකි. ඔහුගේ අනුග්‍රහය මත මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන බීබීසී සිංහල සේවයට මෙසේ පැවසීය: "මටත් ඒ කාලේ ආභාසයක් තිබුණා අපේ ඉස්කෝලෙ චිත්‍ර ටීචර් හිටියේ, හෙන්රි තෙන්නකෝන්. අර 'සමාජ සමයං' කාටූන් එක ඇන්ද කෙනා. ඒ නිසා මමත් කාටූන් ඇන්දා. ඇන්ටන් බී. පෙරේරා කියන චිත්‍ර ශිල්පියා තමයි මාව මුලින් ම කැමිලස් පෙරේරා ගාවට එක්කගෙන ගියේ. ඒ කාලේ එයා මල්ටිපැක්ස් සමාගමෙන් මුද්‍රණය කරපු සිත්තර පත්තරේ තමයි වැඩ කළේ." පසුකලෙක ජනප්‍රියත්වයට පත්වූ චිත්‍ර ශිල්පීන් රැසකට මඟ විවර කර දුන්නේ, කැමිලස් පෙරේරා බව ද රන්ජන් පරණවිතාන පැවසීය. "එයා චිත්‍ර කතා ශිල්පීන් සිය ගණනකට අතහිත දුන්නා. පසු කාලවල ගොඩක් ජනප්‍රිය වුණ චිත්‍ර ශිල්පීන් ගොඩක් අය ගෙනාවේ කැමිලස් තමයි. ජනක රත්නායක, බන්දුල හරිශ්චන්ද්‍ර, බලංගොඩ සරත් මධූ වගේ ගොඩක් අය ඒ අතර ඉන්නවා. කැමිලස් පෙරේරා චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි, ඔහුට තිබුණා වර්ණ ගැලපීමේ පුදුමාකාර දක්ෂතාවක්. බොහෝ විට ඔහුගේ අතින් තමයි ඔහු යටතේ මුද්‍රණය වුණු පුවත්පත්වල මුල් පිටුව නිර්මාණය වුණේ. ඔහු චිත්‍ර කතා සහ කාටූන් ක්ෂේත්‍රයට කරපු මෙහෙවර කියලා නිම කරන්න බැරි තරම්." මේ අතර, පුවත්පත් කාටූන් කලාවට කැමිලස් පෙරේරා කළ සේවය අමතක නොකළ යුතු බව මව්බිම පුවත්පතේ සේවය කරන ප්‍රවීණ කාටූන් ශිල්පී එම්. ඩී. වීරරත්න පවසයි. "ඔහු කාටූන් ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෙක් කියලා කියන්න පුළුවන්. ඔහු පුවත්පත් කාටූන් ශිල්පීන්ට යම් ගෞරවයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයෙක්. ඔහුගේ අඩි පාරේ ගිහින් විශිෂ්ටයින් බවට පත්වුණ ගොඩක් අය ක්ෂේත්‍රයේ ඉන්නවා. ඇත්තට ම ඔහුගේ අභාවය ගැන ඇසුවා ම මට ඇති වුණේ කම්පාවක්." ‘මම කැමති මගේ මුල් ගජමෑන්ට’ කැමිලස් පෙරේරා සමීපව ඇසුරු කළ රන්ජන් පරණවිතාන 'ගජමෑන්' චිත්‍රපටය සම්බන්ධයෙන් කැමිලස් කී අදහසක් ද අප සමග පැවසීය. "ඔහු ජීවතුන් අතර ඉන්න කාලෙදි ම චිත්‍රපටය තිරගත කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටු වුණා. හැබැයි චිත්‍රපටය බලලා මට කිව්වා, මම කැමති මගේ මුල් ගජමෑන්ට කියලා. ත්‍රිමාණ සජීවීකරණයෙන් නිර්මාණය කළ ගජමෑන්ට වඩා ඔහු ආදරය කළා තමන්ගේ තෙලිතුඩෙන් ඇන්ද ගජමෑන්ට."
'ඩෙස් එකක් වැදුනත් බිත්ති කඩාගෙන වැටෙනවා. වහලත් අවදානම්'
නැගෙනහිර පළාතේ අම්පාර බණ්ඩාරනායක ජාතික පාසලේ ප්‍රාථමික දරුවන් 450ක් පමණ අධ්‍යාපනය ලබන ගොඩනැගිල්ල ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බව දෙමව්පියෝ පවසති. වසර පනහකට වඩා පැරණි මේ ගොඩනැගිල්ලේ බිත්ති දිරාපත් වී ඇති අතර තහඩු සෙවිලි කළ වහල ද කඩා වැටීමේ අවධානමක් ඇතැයි වාර්තා වේ. මේ ගැන අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ ද මේ දක්වා විසඳුමක් නොලැබුණු බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසූහ. නැගෙනහිර පළාතේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගෙන් මේ පිළිබඳව විමසීමක් කරන ලදී. මේ පාසලට ඇතැම් ගොඩනැගිලි අලුතෙන් සෑදු අතර එහි දී මේ අවධානම ගැන එතරම් අවදානයක් යොමු නොවූ බව ඔහු කියා සිටියේය. ඉදිරියේ දී විශාල විනාශයක් සිදුවන්නට පෙර මේ අනතුරුදායක තත්ත්වය ගැන අවධානය යොමු කරන්නැයි මව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ලංකාවේ නවයොවුන් ගැබ්ගැනීම්: ලිංගික ආශාවන් ස්වභාවික වුණාට සෙක්ස් කරන්න එපා?
යොවුන් දරුවන් ගැබ්ගැනීම සමාජමය ව්‍යසනයකි. දරුවන් අනාරක්ෂිත බවත්, ඔවුන් සතු ලිංගික දැනුම මඳබවත් මින් අදහස් වෙයි. පවුල් සෞඛ්‍ය කාර්යංශය වාර්තා කරන පරිදි 2022 වසරේ දී ශ්‍රී ලංකාවෙන් නවයොවුන් වියේ පසුවන මවුන් 2087 දෙනෙකු වාර්තාවී තිබේ. පසුගිය වසර කීපය තිස්සේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ගර්භනී මවුන් අතර නවයොවුන් මවුන්ගේ ප්‍රතිශතය 4%ක් පමණ වෙයි. නවයොවුන් මවුන් බිහිවීමට හේතු සෙවූ කල විශේෂඥයින් සෘජුව ඇඟිලි දිගුකරන්නේ දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනයක් ලබා නොදීම වෙත ය. මෙහි වරදක් ද නොවේ. පාසලේ දී ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන රටවල නවයොවුන් ගැබ්ගැනීම් අනුපාතයන් පහත වැටී ඇති බවට සාක්ෂි තිබේ. "සමහර දෙමව්පියො හිතනවා, අධ්‍යාපනඥයින් හිතනවා, මේ ගැන දැනුවත් කරොත් මේ ළමයින් බල්ලො බළල්ලු වගෙ හැමතැනම අනාචාරයේ හැසිරේවි කියලා. ඒගොල්ලො හිතනවා උපත් පාලන ක්‍රම සහ ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධව ඒගොල්ලන්ට දැනුමක් ලබාදුන්නොත්, ඒක මේ ළමයින්ට අනාචාරයේ හැසිරීමට දෙන බලපත්‍රයක් වගේ කියලා. ඉතින් ඒකට ඒගොල්ලො විරුද්ධ යි," 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි. ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය - 'ලිංගික ආශාවන් ස්වභාවික යි, හැබැයි සෙක්ස් කරන්න එපා!' අපි හත ශ්‍රේණියේ සෞඛ්‍ය පොත ගනිමු. එහි වන 'නව යොවුන් වියට මුහුණදෙමු' පාඩම යටතේ, 'ද්විතියික ලිංගික ලක්ෂණ ඇතිවීමත් සමග ලිංගික ආශාවන්, හැඟීම් ඇතිවීම ස්වභාවිකයැ'යි දරුවන්ට උගන්වයි. නමුත්, ලිංගික ආශාවන් ඇතිවීම ස්වභාවිකබව උගන්වන අතරේ, ඒ ආශාවන් සෞඛ්‍යමත් ලෙස හසුරුවාගන්නේ කෙසේදැ යි ඉගැන්වීමක් සිදුනොවේ. ඒ වෙනුවට උගන්වන්නේ විවාහයෙන් පසු පමණක් ලිංගික සබඳතා ඇතිකර ගැනීම සුදුසුබව ය. "සෙක්ස් කරන්න තියෙන ආශාව ස්වභාවික නම්, අපි මුලින්ම පිළිගන්න ඕන නේ තරුණ ප්‍රජාව ලිංගිකව හැසිරෙනවා කියන එක. ඒක ස්වභාවික යි කියලා පොතෙත් දාලා තියෙනවා නම්, කොහොමද ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්නේ කියන එක ගැන සාකච්ඡාවක් තියෙන්න ඕන," ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය අප හා පවසයි. "තරුණ ප්‍රජාව ලිංගිකව හැසිරෙන්නේ ගැබ්ගන්න බලාගෙන නෙවෙයිනේ. නමුත් ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන එක ගැන කිසිම කතාවක් නෑ. හැමතැනම කියලා තියෙන්නේ, 'මේක ස්වභාවික යි, හැබැයි සෙක්ස් කරන්න එපා!' කියලා. ඉතින් ස්වභාවධර්මයට විරුද්ධව වැඩ කරන්න, උඩුගං බලා පීනන්න කියලා තමයි මේ තරුණ ප්‍රජාවට කියන්නේ." එසේම, ශ්‍රී ලංකාවේ පාසැල්වලින් ලබාදෙන ප්‍රජනක අධ්‍යාපනය ආරක්ෂාවීම මුල්කොට ගත්තක් නොව, විරමණය මුල්කොට ගත් ප්‍රජනක අධ්‍යාපනයකි. එහිදී, තරුණයින් ලිංගිකව හැසිරීම ස්වභාවික ය යන කරුණ අමතකකොට, ඔවුන්ගේ ආරක්ෂාව සලසාගන්නා අයුරු ඉගැන්වීමකින් තොරව, ලිංගික කටුතුවලින් වැළකීමට පමණක් උපදෙස් ලබාදෙයි. උදාහරණයක් ලෙස, 11 ශ්‍රේණියේ සෞඛ්‍ය අධ්‍යාපනය පොතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවීමට උගන්වන අයුරු බලන්න; කොන්ඩම භාවිතාව ගැන කිසිදු උපදෙසක් එහි සඳහන් නොවේ. එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයසේ දරුවන්ට ලිංගිකව හැසිරීමට නීතිමය බාධාවක් ද නොමැතිබව මෙහිදී ඔබ සිහි තබාගත යුතු ය. දරුවන්ට ලිංගිකත්වය ගැන කුතුහලයක් තිබේ. ලිංගිකත්වය අධ්‍යාපනය ක්‍රමානුකූලව ලබා නොදුන් විට ඔවුන් ඒ දැනුම ලබාගන්නේ මිතුරන්, අන්තර්ජාලය වැනි අවිධිමත් ක්‍රම මාර්ගයෙනි. "ළමයි ඊටපස්සෙ ඒවා දැනගන්නෙ ඉන්ටර්නෙට් එකෙන්, පෝන්වලින් [වැඩිහිටි චිත්‍රපට]. පෝන් දිහා බලපුවම, කොයිම වෙලාවකවත් අපි දකින්නෙ නෑ කොන්ඩම් එකක් පාවිච්චි කරනවා," දේශප්‍රිය පෙන්වා දෙයි. 'ප්‍රධානම හේතුව තමයි ලිංගිකත්ව අධ්‍යාපනයක් නැතිකම' යොවුන්වියේ ගැබ්ගැනීම් සිදුවීමට ප්‍රධාන හේතුව කුමක්දැ යි විමසූ විට, 'ළමා හිංසනයට තිත' පදනමේ සභාපතිනිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක එසේ පැවසුවා ය. "[නවයොවුන් දරුවන්ගේ] තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය අනුව, ඒගොල්ලන්ගේ වර්ධනය අනුව, ඒ අත්දැකීම් ලබාගන්න තියෙන ආසාව ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මේවා අස්වාභාවික චර්යාවන් නෙවේ, මේවා ස්වභාවික චර්යාවන්. නමුත් ඒවා පාලනයකර ගැනීමට ඔවුන් පරිණත නැහැ. එතකොට එය පාලනය කර ගැනීමට තමයි තමන් ඉන්නෙ කොහෙද, කාත් එක්ක ද ඉන්නේ, මොනවද කරන්න ඕන කියන එක - සහ කොහොමද ආරක්ෂාවෙලා ඉන්නෙ කියන එක - අන්න ඒ දැනුම ලබාදීම තමයි 'ලිංගිකත්ව අධ්‍යාපනය' කියලා කියන්නේ," වෛද්‍ය වික්‍රමනායක කියයි. “ඒ වගේම, තමන්ගෙ සම්බන්ධතා, පෙම් සබඳතා විතරක් නෙවේ, තමන්ගෙ යාළුවන් එක්ක, වැඩිහිටියන් එක්ක ඒ රිලේෂන්ශිප් ගැන අධ්‍යාපනයක් ලබාදීම ඉතාම වැදගත්." දැනට ශ්‍රී ලංකාවේ දරුවන්ට ලබාදෙන 'ප්‍රජනන සෞඛ්‍ය' දැනුම හෝ එය සාමාන්‍යයෙන් උගන්වන ආකාරය එතරම් ඵලදායක නැතැ යි ඇගේ අදහස යි. “මේ දරුවො අනාරක්ෂිත යි. ප්‍රෙග්නන්සි එකක් එන්නෙ අන්තිමට. ප්‍රෙග්නන්සි එකට ඉස්සරවෙලා වෙන කොච්චර දේවල් තියෙනව ද?” මීට වසර කීපයකට පෙර හත ශ්‍රේණියේ දරුවන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදීම සඳහා 'හතේ අපේ පොත' නම් ග්‍රන්ථයක් නිකුත් කෙරිණි. නමුත් බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ ඇතැම් ආගමික පූජකවරුන් හා සමාජයේ ඇතැමුන් අතරින් මතුවූ විරෝධය හේතුවෙන් මේ ග්‍රන්ථය හකුළාගැනුණි. කැමැත්ත හා 'කැමැත්තෙන් සිදුවන' ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ශ්‍රී ලංකාවේ නීතියට අනුව, වයස අවු. 16ට අඩු තැනැත්තියක ලිංගික කටයුත්තක් සඳහා ලබාදෙන 'කැමැත්ත' යන්න අදාළ නොවෙයි. එවැනි තැනැත්තියක සමග ලිංගික සංසර්ගයක් පැවැත්වීම 'දූෂණයක්' ලෙස සැලකෙයි. මෙය 'ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය' යි. නමුත්, ශ්‍රී ලංකාවේ පොලීසිය පවසන පරිදි 2022 වසරේ දී 'වින්දිතයාගේ කැමැත්තෙන් සිදුවූ' ස්ත්‍රී දූෂණ සිදුවීම් 1391ක් වාර්තාවී තිබේ. "පොලිස් දත්ත දිහා බලපුවාම පොලීසිය [ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිදුවීම්] දෙකට බෙදලා තියෙනවා 'කැමැත්තෙන් තොරව' සහ 'කැමැත්තෙන් සිදුවූ දූෂණය' කියලා... ලිංගිකව හැසිරෙන්න කැමැත්ත පළකරන්න පුළුවන් වයස අවුරුදු 16 නම්, ඊට පෙර සිදුවන සියලු ලිංගික සිදුවීම් එහෙනම් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ යටතට වැටෙන්න ඕන. නමුත් පොලිස් දත්ත අනුව බලපුවාම මේ ළමයි කැමැත්තෙන් තමයි අපයෝජනය වෙලා තියෙන්නේ," ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පවසයි. 2022 වසර තුළ ශ්‍රී ලංකාව තුළ සිදුවූ වැඩිම බරපතල අපරාධ හත යටතට ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ද අයත් ය. උපත්පාලන ක්‍රම සඳහා දැනුමක් හෝ ප්‍රවේශයක් නොමැතිකම ද යොවුන් ගැබ්ගැනීම් ඇතිකරයි නවයොවුන් වියේ දරුවන්ට පාසැල හෝ දෙමව්පියන් විසින් උපත්පාලන ක්‍රම ගැන නිසි අවබෝධයක් ලබා නොදෙයි. නමුත් ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවාවන් හරහා නොමිලේ කොන්ඩම වැනි උපත් පාලන උපකරණ ලබාගැනීමේ පහසුකම සලසා දී ඇත. "මේවා බොහොම පහසුවෙන් ලබාගන්න පුළුවන් MOH එක හරහා. නමුත් දරුවන් ඒවාට යොමුවෙනකොට හරිම ලැජ්ජාවකට පත්කෙරෙනවා. 'ඇයි ඕගොල්ලන් ඔය වයසෙ දී ඕවා කරන්නේ, අම්මා දන්නව ද, තාත්තා දන්නව ද' එහෙම කියලා එතනත් ඒගොල්ලන් අවනම්බුවකට, ලැජ්ජාවකට පත්වෙනවා. එතකොට ඒගොල්ලන් කරන්නේ කාටවත්ම නොකියා, මේවා හොර රහසේ කරන එක," වෛද්‍ය වික්‍රමනායක පවසයි. "එතකොට අපට පුළුවන්කමක් තියෙනවා නම් උපත්පාලන ක්‍රමවේදයන් හා පවුල් සැලසුම් ක්‍රමවේදයන් ඉස්කෝලෙ ඇතුළට - දැන් පිටරටවල කරන්නේ නම් ඒගොල්ලෝ ඉස්කෝලේ ඇතුළත වෙනම හෙද නිලධාරිනියක් ඉන්නවා, ඒගොල්ලන්ගෙන් තමයි මේ ළමයි උපදෙස් ගන්නෙ සහ අවශ්‍ය කරන කොන්ඩම් සහ උපත්පාලන පෙති ගන්නෙ." උපත්පාලන ක්‍රම පිළිබඳ දැනුම දරුවන්ට ලබා නොදීම මඟින් ඔවුන් ලිංගික ඇසුරකට යොමුවීම වැළැක්විය නොහැකි ය. එමඟින් සිදුවන්නේ නවයොවුන් ගැබ්ගැනීම් ඇතිවීම යි. යොවුන්වියේ ගැබ්ගැනීම් මාරාන්තික ය යොවුන්වියේ ගැබ්ගැනීම් සම්බන්ධයෙන් ගත්කල සමාජයේ ඇතැමුන් අතර ඇත්තේ ඉතාම ඇල්මැරුණු අදහසකි. එම ගැබ්ගැනීම්හි ඇති අවදානම්සහගත ස්වභාවය පිළිබඳ නොදැනුවත්කම ද මීට හේතුවෙයි. ගෝලීයව ගත්කල, නවයොවුන් වියේ ගැහැණු ළමුන් අතර මරණවලට මුල්වන ප්‍රධාන හේතූන් අතර මාතෘමය තත්ත්වයන් ද වේ. ලොව වයස අවු. 19 හා ඊට අඩු දැරියන්ගේ වැඩිම මරණ සංඛ්‍යාවකට යොවුන්වියේ ගැබ්ගැනීම් වගකිව යුතු ය. එපමණක් ද නොවේ, යොවුන්වියේ ගැබ්ගැනීම් මවටත්, දරුවාටත් බරපතල සෞඛ්‍යමය හා සමාජමය විපාකයන් අත්කර දෙයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිකුත් කිරීමක දැක්වෙන පරිදි යොවුන්වියේ ගැබ්ගැනීම්වලින් මවට හා දරුවාට ඇතිවන ප්‍රතිවිපාක බොහෝ ය. මෙහිදී මවට ඇතිවන ප්‍රතිවිපාක මෙසේ සටහන්කර තිබේ: නවයොවුන් වියේ ගැබ්ගැනීමක දී දරුවාට ඇතිවන ප්‍රතිවිපාක මෙසේ ය: මේ සෞඛ්‍යමය ප්‍රතිවිපාකයන් හැරුණුකොට, යොවුන්වියේ ගැබ්ගැනීමක් ඇතිවූ විට එම දැරියන්ට බරපතල සමාජමය හා ආර්ථිකමය ප්‍රතිවිපාකවලට ද මුහුණදීමට සිදුවෙයි. විවාහයකින් තොරව ඇතිවන ගැබ්ගැනීම් සමාජ අපකීර්තිය ගෙනඑන අතර, දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කිරීමට හා පවුල විසින් ප්‍රචණ්ඩත්වයට ලක්වීමට සිදුවිය හැකි ය. එසේම, මේ දැරියන්ගේ පාසැල් අධ්‍යාපනය ද මෙනිසා හමාර වෙයි. ශ්‍රී ලංකාවේ දරුවන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලැබීමට සහතික කළ අයිතියක් ඇතත්, දැරියක ගර්භනීබවට පත්වූ පසු මේ අයිතිය අහෝසිවී යන බවක් පෙනෙන්නට තිබේ. "හැමදාම කරන සම්ප්‍රදායක් විදියට, යොවුන්වියේ ආදර සම්බන්ධතා තියෙනවා නම්, එහෙම ගැබ්ගෙන තියෙනවා නම්, ඉස්සරවෙලාම කරන්නේ ඉස්කෝලෙන් අස්කරන එක... ඒ දරුවට දෙන අධ්‍යාපනය පවා නැති කරනවා. එතකොට ඒ දරුවා ඇත්තටම ආතක් පාතක් නැති තැනකට පත්වෙනවා," වෛද්‍ය වික්‍රමනායක අප හා පැවසුවා ය. පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙවැනි දැරියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් ද නොමැත. එබැවින්, ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම යැපෙන්නෙකු ලෙස වෙසෙන අතර, දරිද්‍රතාව ඔවුන් දුර්වල සමාජ ආර්ථික තත්ත්වයක තබයි. නවයොවුන් මවුන්ගේ දරුවන් ද සුවපහසු හෝ සෞඛ්‍යසම්පන්න පසුබිමක හැදී වැඩෙන්නේ නැත. ඔවුන් මන්දපෝෂණය, අඩු ප්‍රතිශක්තිය, ආතතිය, රැකවරණය සහ සෙනෙහස නොමැතිකම නිසා පීඩා විඳීමට හැකි ය. ඔවුනට හොඳ අධ්‍යාපනයක් හෝ රැකවරණයක් නොලැබීමට සිදුවිය හැකිය. එසේම ඔවුන් ගෘහස්ථ අපයෝජනය, ප්‍රචණ්ඩත්වය, ළමා ශ්‍රමයට ගොදුරුවීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ අපරාධ ක්‍රියාකාරකම්වලට ගොදුරුවීමේ වැඩි අවදානමක් තිබේ. ගබ්සාවට ඉඩක්? ලංකාවේ පවතින නීතියට අනුව ගබ්සාව තහනම් ය. ගබ්සාව සිදුකළ හැකි එකම අවස්ථාව වන්නේ, "ගර්භණීබව නිසා මවගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති" දුලබ අවස්ථාවන්හි දී පමණි. වසර කීපයකට පෙර, අවස්ථා දෙකකට පමණක් අදාළව ගබ්සාව නීතිගත කිරීමේ උත්සාහයක් සිදුවිය. ඒ, මාරාන්තික උපත් ආබාධ සහිත කළලයක් ඇති විට සහ ස්ත්‍රී දූෂණයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවක් ගැබ්ගත්විට යන අවස්ථා දෙක ය. නමුත් කතෝලික අගරදගුරු සම්මේලනය ඇතුළු පූජක හා සමාජ විරෝධතා නිසා එම යෝජනාව හකුළාගනු ලැබිණ. වයස අවු. 15-19 අතර ගැහැනු ළමුන්ගේ මරණයට ප්‍රධාන හේතුව ගැබ්ගැනීම් සහ දරු ප්‍රසූතියේ සංකූලතාබව ඔබ දැන් දනියි. ඉහත යෝජනාව ක්‍රියාත්මක වූවා නම් වයස අවු. 16ට අඩු දැරියන්ට ගැබ්ගැනීමක් සිදුවූ විට නීත්‍යානුකූලව ගබ්සාවක් සිදුකරවා ගැනීමේ පහසුකම සැලසෙන්නට ඉඩ තිබුණි. "මේ දරුවන් මොන ආකාරයකට ගැබ් ගත්තත්, දරුවා බිහිකරනවා ඇරෙන්න මේ දරුවන්ට වෙන විකල්පයක් නෑ," ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණී වෛද්‍ය වික්‍රමනායක පවසයි. "අඩුම වශයෙන් මේ වගේ කුඩා දරුවන්ට සිදුවන ගැබ්ගැනීම් සම්බන්ධව තීරණයක් ගන්න අවශ්‍ය යි... බාලවයස්කාර ගැබිණි මවුවරුන් සම්බන්ධ කතිකාවට ගබ්සාවත් එකතුවිය යුතු යි," ඇය ප්‍රකාශ කළා ය. ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකාව ද මේ සම්බන්ධයෙන් අප හා පැවසුවේ ද මීට සමාන මතයකි. "මේකෙ වැදගත්ම කොටසක් තමයි, ගබ්සා සඳහා තියෙන අයිතියත් - තමන්ගෙ ශරීරය ගැබ්ගැනීමක් දරනවා ද නැද්ද කියන එකත්," පබා දේශප්‍රිය පැවසුවා ය. දරුවන් උදව් පතා දෙමව්පියන් ළඟට යන්න බය යි නවයොවුන් වියේ ගැබ්ගැනීම් වැළැක්වීම පාසැලට හා අධ්‍යාපනඥයින්ට පමණක් පැවරිය හැකි නොවේ. මෙහිලා විශාල කාර්යයභාරයක් දෙමව්පියන්ට ද පැවරෙයි. නමුත් බොහෝ දරුවන් ගැටළුවක් ඇති වූ විට දී දෙමාපියන් වෙත යෑමට මැළිවෙයි. "ළමයින්ට කිසිම සහයක් නැති එකත් [මේවට හේතු වෙනවා]. 'කොල්ලෙක් එක්ක කතා කළොත් බලාගෙනයි', 'ගේ අහලකටවත් එන්න එපා', 'දරුකමින් අයින් කරනවා' - ඔය වගේ තර්ජන නේ අපි ළමයින්ට කරලා තියෙන්නේ," මෙහිදී පබා දේශප්‍රිය පෙන්වා දෙයි. "ඉතින් කොල්ලෙක් ඇවිත් සෙක්ස් කරන්න බල කළොත්, ළමයට ගිහින් කියන්නවත් බෑනේ අම්මට, 'අම්මෙ මෙහෙමයි, අර පිරිමි ළමයා එක්ක මගෙ සම්බන්ධයක් තියෙනවා, එයා මට මෙහෙම බල කළා, දැන් මට බයයි' කියලා කියන්න බෑනේ? මොකද කොල්ලෙක්ගේ මූණ දිහාවත් බලන්න එපා කියලනෙ කියලා තියෙන්නේ... ඉතින් අපි සමාජයෙ වැඩිහිටියෝ හැටියට දරුවන්ව බොහොම අසරණ තැනකට පත්කරලා තියෙනවා," ඇය පවසයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය වික්‍රමනායක දෙමව්පියන්ට දෙන්නේ මෙවැනි උපදෙසකි: "තමන් හිතනවා නම් තමන්ගේ දරුවා පැයකට හරි තමන්ගෙන් ඈත්කරලා හෝඩියෙ පන්තියෙ හරි තියන්න පුළුවන් කියලා, අන්න එදාට මේ දරුවට 'නෑ, බෑ' කියන්න උගන්නන්න. "ඒ දරුවාට වයසට සරිලන ලෙස ලිංගිකත්ව අධ්‍යාපනය ලබාදෙන්න. තමන්ගේ [ලිංගික] ප්‍රදේශයන් අතගාන එක, හොඳ ස්පර්ශය, නරක ස්පර්ශය, තමන් කොහොමද එවැනි අනතුරුදායක අවස්ථාවක දී බේරෙන්නේ කියන එක මේ පුංචි දරුවන්ට පවා කියා දෙන්න." "ඒත් එක්කම, දරුවන් නවයොවුන් වියට පා තබනකොට දෙමව්පියන් දරුවන් එක්ක මේ ගැන කතා කරලා තියෙන්න ඕන," ඇය පවසයි. මෙහිදී මාපිය-දූදරු සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත්බව වෛද්‍යවරිය පවසයි. "මේ දරුවන්ට ලැබෙන අවධානය අඩු වුණාම, මේ දරුවන්ට නොලැබෙන උණුහුම සහ ආදරය හොයාගෙන මේ දරුවන් අවදානම් ආශ්‍රයන්ට යොමුවෙනවා. අපි සමාජයක් හැටියට දරුවන්ට නිසි අවධානය ලබාදීම, ඔවුන් සමග සුහදව කටයුතු කිරීම සහ ඒ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා වැදගත්වෙනවා." "දරුවෙකු යම්කිසි කරදරේකට යොමුවුණාම ඉස්සරවෙලාම යන්න ඕන දෙමව්පියන් ළඟට. නමුත් අපේ රටේ දෙමව්පියන් ළඟට යන්න හරිම බයයි, මොකද ලැබෙන දඬුවම්, බැනුම් සහ අනෙකුත් චෝදනා නිසා. ඉතින් මේ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ඉතා අවශ්‍ය යි."
රාඝවන් අයියර්ගේ ශ්‍රී ලාංකීය ඉස්සන් වට්ටෝරුව : වැංජන ලෝකයට ආදර හසුනක්
මෙම කතාව වාර්තා කළ පසු, රාඝවන් අයියර් කණගාටුදායක ලෙස අප අතරින් සමුගෙන ගියේ ය. මෙය ඔහු විසින් අවසානයට සිදුකළ සම්මුඛ සාකච්ඡාවලින් එකක් වන අතර, අප මේ කතාව සහ ඔහුගේ ශ්‍රී ලාංකීය ඉස්සන් වැංජනයේ වට්ටෝරුව පළකරන්නේ ලෝකය පුරා ඉන්දියානු ආහාර සහ වැංජන පිසීමට අපට ඉගැන්වූ සුවිශේෂී ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු සූපවේදියෙකු සහ කතුවරයෙකුගේ ජීවිතය සහ උරුමය පිළිබඳ ස්මරණය කිරීමට ය. සූපවේදියෙකු, සූපශාස්ත්‍ර ග්‍රන්ථ රචකයෙකු, සූපශාස්ත්‍ර ගුරුවරයෙකු සහ වැංජන පිළිබඳ විශේෂඥයෙකු වන රාඝවන් අයියර් පිළිකාව සමග සිදුකළ දීර්ඝ සටනකින් පසු මාර්තු 31 වැනිදා මියගියේ ය. මෑතක පළවූ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියකට අනුව, ඔහු ඇමෙරිකානුවන්ට ඉන්දියානු ආහාර පිසීමට ඉගැන්වීය. ඔහු වර්තමානයේ දී සුප්‍රකට '660 Curries' ඇතුළු සූපවේදී ග්‍රන්ථ හතක කතුවරයෙකි. මාර්තු මුල දී සිදුකළ ඔහුගේ අවසන් සම්මුඛ සාකච්ඡාවන්ගෙන් එකක දී, ඔහුගේ අලුත් ම සහ අවසන් පොත වන 'On the Curry Trail: Chasing the Flavor That Seduced the World' (පෙබරවාරියේ ප්‍රකාශයට පත් වූ) පිළිබඳ ව සූම් ඔස්සේ ඔහු මට පැවසුවේ ය. සම්මුඛ සාකච්ඡාවේ දී අයියර් විසින්, විශේෂයෙන් ම ලොවපුරා වැංජන වර්ගවල උපයෝගීතාවය පිළිබඳ ඔහුගේ අවසාන සූපශාස්ත්‍ර ග්‍රන්ථය, ඉන්දියානු සූපශාස්ත්‍රය තුළ ඔහුගේ නිත්‍ය ලෙගසිය බවට පත්වනු ඇතැ යි ඔහු තුළ වූ අපේක්ෂාව පළකළේ ය. ඔහුගේ ම වචනවලින්, මේ පොත "වැංජන ඉන්දියාවෙන් පිටත ලෝකය පුරාවටම කොහොමද ගමන් කළේ කියන කතාව කියයි." 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීහු, ඉන්දියානු ආහාරවල 'සෝසි රසයන්' ලෙස අයියර් හැඳින්වූ රසයන්ට ආශා කරන්නට පටන්ගත්හ. ඒවා ඔවුන් සමග ආපිට එංගලන්තයට ගෙනයෑමට හැකිවන පරිදි ඔවුන්ගේ කෝකියන් ලවා "කුළුබඩු එක්කර කොටා බෝතල්වල දම්මවාගත්" ආකාරය පිළිබඳ ව ඔහු කතා කළේ ය. "ඒගොල්ලො ඒවා කරි පව්ඩර් කියලා නම් කළා. ඒ විදිහට තමයි ලෝකය ම ඒ ගැන දැනගත්තේ," ඔහු පැහැදිලි කළේ ය. අයියර්, තුනපහ වර්ගවලට වඩා වැඩි යමක් වැංජනවල ඇතැ යි ඔහුගේ පාඨකයන්ට ඉගැන්වූ, කුළුබඩුවල ගුණ වැයූ අයෙකි. "ගොඩක් කලාතුරකින්, කරි රසට හෝ සුවඳට කැමති නෑ කියලා මිනිස්සු කියනවා. එතකොට මට එයාලට කියන්න වෙනවා, ඔයාලට 'කරි' කියන එකට 'පවුඩර්' කියන එක යොදන්න අමතකවෙලා කියලා," ඔහු පැවසුවේ ය. 1982 දී එක්සත් ජනපදයට යන්නට පෙර මුම්බායි හි ඉපිද හැදී වැඩුණු ඔහුගේ වැංජන පිළිබඳ අවබෝධය, ඔහුගේ ශක්තිමත් ඉන්දියානු මූලයන්ගෙන් පැමිණ තිබේ. ඉන්දියාවේ දී සාමාන්‍යයෙන් කරියක් හෝ වැංජනයක් ලෙස හැඳින්වෙන්නේ (කුළුබඩු සහිත යමකට වඩා) හොදි සහිත යමක් වන අතර, "එක කුළුබඩුවක් හෝ කුළුබඩු වර්ග 20ක් යොදා හෝ, සුවඳුපළා විතරක් යොදලා වගෙ ලොකු විවිධත්වයකින් හදන්න පුළුවන්." මෙහිදී සාමාන්‍යයෙන් වියළි රතු මිරිස්, කහ, කොත්තමල්ලි, දුරු, උළුහාල් ඇට, ගම්මිරිස් ඇට හා කරදමුංගු වැනි අමුද්‍රව්‍ය විවිධ අනුපාතයන්ගෙන් මිශ්‍රකර යොදාගැනෙයි. අයියර් ඔහුගේ කෘතිය හැඳින්වූයේ "වැංජන ලෝකයට ආදර හසුනක්" ලෙස ය. එය "සරල ව කරියක් ලෙස හඳුන්වන ආහාරයේ පොහොසත්බව සහ පුළුල්බවවෙත ඔහුගේ නිත්‍ය ලෙගසිය බවට පත්වනු ඇතැ" යි ඔහු තුළ වූ අපේක්ෂාව පළකළේ ය. එමෙන් ම, නැගෙනහිර සහ බටහිර විවිධ සංස්කෘතිලින් වැංජන අනුවර්තනය කරගෙන ඇති ආකාරය පිළිබඳ සවිස්තරාත්මක කතාව සමග ඉතිහාසය, ජනශ්‍රැති සහ කුටුම්භ සබඳතා පිළිබඳ තොරතුරු මෙම පොත පුරා විසිරී තිබේ. දේශීය ප්‍රජාවන් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සහ රසයන්ට ගැලපෙන ලෙස සරල වැංජනයන් හැඩගස්වා ගෙන ඇති ආකාරයට උදාහරණයක් ලෙස ඔහු දකුණු අප්‍රිකානු 'බනී චව්' ගෙනහැර පෑවේ ය. "ඒගොල්ලො සාමාන්‍ය කඩල ඉස්ටුවකට එළවළුත්, මසුත් කුළුබඩු එක්ක එකතු කරලා වැංජනයක් හදාගෙන, පස්සෙ පාන් ඇතුළට පුරවනවා. ඒක එයාලට ඕනෑ වෙලාවක කන්න පුළුවන්, භාජනේක දාපු කෑමක්," ඔහු පැවසුවේ ය. ඔහු වසර ගණනක් තිස්සේ සිදුකළ විවිධ සංචාර අතරතුර දී, ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව සමග කළ සාකච්ඡාවන් ද, ප්‍රදේශවාසීන්ගේ නිවෙස්වල දී ද, "ඉහළ පෙළේ අවන්හල්වල සිට කුඩාම කෑම කඩ දක්වා" ආපනශාලාවලින් ද ඔහුගේ පොත සඳහා වැංජන පිළිබඳ කතා සහ කෑම වට්ටෝරු රැස්කර තිබේ. ඒ, සංචාරයන්ගෙන් තොරව එක්කළ පර්යේෂණ තොරතුරුවලට අමතරව ය. අයියර්, ඔහු තායි වැංජනවල රසිකයෙකු ලෙස හඳුන්වාගන්නා අතර, "ඉන්දියාවෙන් පස්සෙ කරිවල අයිතිය වෙන රටකට ගන්න පුළුවන් නම් ඒ තායිලන්තෙ තමයි, මොකද [ඔවුන්ගේ කුළුබඩු] මිශ්‍රණවල තියෙන සරුබව හා ඔවුන් යොදාගන්නා කුළුබඩු සහ සුවඳුපළා නිසා,"යි ඔහු පැවසුවේ ය. මේ විශේෂ රසයන් තුළ සේර, සුදුළූණු, කොත්තමල්ලි, ගලන්ගල් (ඉඟුරු විශේෂයක්) සහ තායි බැසිල් අඩංගු වේ. ඔහුගේ බැදගත් කුරුඳු සමග ඉස්සන් වැංජනයේ වට්ටෝරුව, රස සම්පූර්ණයෙන් ම නිදහස්කර ගැනීම සඳහා කුළුබඩු කළු වනතෙක් බැදගෙන පිසින, එරටටම ආවේණික සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් ඇති ශ්‍රී ලංකාවෙන් පැමිණි එකකි. පොල් කිරෙන් පිසූ ප්‍රණීත හොදි සහ කුරුඳු වැනි සුවඳවත් කුළුබඩු යහමින් යොදා පිසින ශ්‍රී ලාංකික ආහාර අයියර්ගේ ප්‍රියතම ආහාර අතරට වැටෙයි. සුන්දර භූ දර්ශන සහ මිනිසුන් සිටින ශ්‍රී ලංකාව මායාකාරීබව ඔහු පවසයි. එය, "එක දවසක් ඇතුළත තේ වතුවල ඉඳන් ලේසියෙන් ම මුහුද වෙනකල් යන්න පුළුවන්," රටක්බව ඔහු කියයි. එමෙන් ම ඔහුගේ කෘතිය හරහා ඔහු ලංකාවේ ආහාර පිසීම ගැන බොහෝ දේ කතාකර තිබේ. "සිත්ගන්නාසුළු විවිධත්වයකින් යුතු ශ්‍රී ලංකා ආහාර, එරට සූපශාස්ත්‍රයේ විශේෂ විලාසය සනිටුහන් කරන අතර, එය වසර 130කටත් වැඩි කලක් රට යටත්කරගෙන සිටි පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්ගේ පිළිබිඹුවක්," ඔහු ලිවී ය. "ඒවගේ ම, ස්කොට්ලන්ත තේ වගාකරුවන්, මුස්ලිම්, මැලේසියන් සහ මුවර්වරුන්ගේ බලපෑම අමතක කරන්න එපා." අයියර්ගේ වට්ටෝරු, නවකයින්ගේ සිට ප්‍රවීණයින් දක්වා ඕනෑ ම අයෙකුට පිසිය හැකි ය. "මම මුළු වට්ටෝරුව පුරාවටම පාඨකයාට එකින් එක කියලා දෙනවා. ඉතින් ඔබට මේ පොත අරගෙන කියවන්න පුළුවන් නම්, ඔබට මේ කරීස් උයන්නත් පුළුවන්," ඔහු පැවසීය. රාඝවන් අයියර්ගේ, බැදගත් කුරුඳු සමග පිසින ඉස්සන් වැංජනයේ වට්ටෝරුව (හතර දෙනෙකුට ප්‍රමාණවත් ය) අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රමය පළමු පියවර කුඩා තාච්චියක් මධ්‍යම-ඉහළ උණුසුමකට රත්කර ගන්න. තාච්චිය රත්වූ විට (අඩියට ආසන්නයෙන් අත්ල ඇල්ලූ විට තත්පර පහක් තුළ තාච්චියේ උණුසුම දැනිය යුතු යි). කුරුඳු කැබලි කුඩා කැබලිවලට කඩා තාච්චියට දමා බැදගන්න. නොනවත්වා කලවම් කරමින්, තාච්චිය සොලවමින්, ඒවා තවත් අඳුරුවන තෙක් සහ සුවඳවත් වනතෙක් විනාඩි 1සිට 2ක් දක්වා බැදගන්න. ඒවා ග්‍රයින්ඩරයට දමා විනාඩි 5ක් පමණ සිසිල් වෙන්නට තබන්න. සිහින් ව කුඩුකරගත් ගම්මිරිස්වල ස්වභාවයට සමානව කුරුඳු කුඩු කරගන්න. දෙවැනි පියවර ලොකු භාජනයකට කුරුඳු, තුනපහ, සුදුලූණු සහ ඉඟුරු එක්කර, එයට ඉස්සන් දමා දවටාගන්න. බඳුන ආවරණය කර විනාඩි 30ක් හෝ රැයක් පුරා ශීතකරණයේ තබන්න. තෙවැනි පියවර මධ්‍යම-ඉහළ ප්‍රමාණයේ උණුසුමකින් ලොකු තෙල් තාච්චියක තෙල් රත්කරගන්න. තෙල් හොඳින් රත් වී ඇති බව පෙනෙන විට අබ ඇට එක්කර, පිපිරීම නවතින තෙක් තත්පර 30ක් පමණ වසා පිසගන්න. ඉක්මනින් ම ඉස්සන් තනි තට්ටුවක් ලෙස තාච්චියේ අතුරා, පැත්ත හරවමින් හොඳින් බැදගන්න. සිව්වැනි පියවර හොඳින් මිශ්‍රකර ගත් පොල්කිරි එයට වත්කරන්න. කරපිංචා, ගම්මිරිස් කැබලි සහ ලුණු එකතුකරන්න. වැංජනය තැම්බෙන්න තබා ඉස්සන් වකුටු වී තැඹිලි පාටට එන තුරු නොනවත්වා මිනිත්තු 3සිට 5ක් දක්වා පිසගන්න. තෙල් හැන්දක් පාවිච්චි කර ඉස්සන් පමණක් වෙනත් භාජනයකට දමා උණුසුම් ව තබා ගන්න. පස්වැනි පියවර 5 හොද්ද වරින් වර කලවම්කරමින්, උකු වන තුරු මිනිත්තු 2 සිට 4 දක්වා පිසීම දිගටම සිදුකරන්න. ඉස්සන් මතට හොදි දමා පිළිගන්වන්න. ටිප්ස්: කුරුඳු කුඩු භාවිතා නොකරන්න. ඒවායේ රසය සහ සුවඳ අඩු ය. භාවිතයට පෙර සම්පූර්ණ කුරුඳු කැබලි කුඩු කරගැනීම වඩා උචිත ය. (උපුටා ගැනීම රාඝවන් අයියර්ගේ On the Curry Trail: Chasing the Flavor That Seduced the World වෙතිනි. ප්‍රකාශනය - Workman Publishing © 2023.)
'මම ලියන හැටි' : කීර්ති වැලිසරගේ
කීර්ති වැලිසරගේ යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි. 1999 වසරේ පළවන 'දුර්යෝගය' නවකතාවෙන් ඇරඹෙන ඔහුගේ නවකතාකරණය උණු දූවිලි, මායා තීර්ථ, දැදුරු ගිරිකුළු, කාල සර්ප, ගරුඬ මුහුර්තය, දෛව, සන්ධ්‍යානන්දය, උත්පත්ති යන විශිෂ්ට නවකතා සිංහල සාහිත්‍යයට දායක කර ඇත. නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුනෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය: මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? කීර්තිඃ මම නවකතාවක් ලියන්න තීරණය කරන්නේ වස්තු බීජය සැලකිය යුතු කාලයක් හිතේ තැන්පත් වෙලා තිබුණට පස්සේ. ඒක සමහර වෙලාවට අවුරුදු ගණනක් හිතේ තිබිච්ච අදහසක් වෙන්න පුළුවන්. එතකොට මේසෙක වාඩි වෙලා කොළ ටිකක් ලං කරගෙන ලියනවයි කියන එකට කලින් පෙර වැඩ විශාල සංඛ්‍යාවක් මගෙ අතින් සිද්ද වෙනවා. ඇත්ත වශයෙන්ම නවකතාව ලිවීම ආරම්භ වෙනවා කියන්නේ ඒ වැඩ ආරම්භ වීමයි කියල තමයි මට දැනෙන්නේ. බොහෝ වෙලාවට මගෙ නවකතාවල නිශ්චිත සමාජ දේශපාලන ආර්ථික පසුබිමක් එක්ක තමයි මගෙ නවකතා ලියවෙන්නේ. අපි ජීවත් වෙන තත්කාලීන සමාජය වෙන්නත් පුලුවන්. ඒ වගේම සමහරක් වෙලාවට ඓතිහාසිකව මේ පරිසරය හා එවක පැවති දේශපාලනයත් අදාළ වෙනව. එවැනි ආකාරයක භෞතික සමාජ දේශාපාලන පසුබිමක් නැතුව මගේ පැත්තෙන් ගත්තොත් නවකතාවකට අවශ්‍ය ප්‍රවේශය ගන්න බැරි වෙනවා. ඒ වගේම චරිත, අවස්ථා, සිද්ධි, ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය එකම නවකතාවේ වර්තමානයත් අතීතයත් යන ආකාර දෙකටම ගමන් කරන්න පුළුවන්. මේක මගෙ නවකතා දිහා බැලුවම පේන්න තියනවා. ඒ නිසා ලිවීමට කලින් මට විශාල පෙර වැඩ ප්‍රමාණයක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තං අවශ්‍ය පරිදි මට නිරූපණ ක්ෂේත්‍රය ගොඩනගන්න බැරි වෙනවා. මම මේ පෙර වැඩ වල ස්වභාවය ඉදිරි ප්‍රශ්න එක්ක කතා කරන්නම්. ඉතින් මේ පළමු වාක්‍යය ලිවීමට මම මුහුණ දෙන්නේ මේ විශාල කාලයක් ගත වෙන පූර්ව සූදානමෙන් පසුවයි. මම මොනතරම් කාලයක් මම ලියන්න යන මගේ චරිතත් එක්ක ගත කර තිබුණත් ඒ සිදුවීම් පසුබිම ගැන දැන සිටියත් මේ පළමු වාක්‍ය ලිවීම කියන්නේ අතිශය අසීරු දෙයක්. මම කරන්නේ මේ පෙර සූදානමෙන් පසු ඒ වාක්‍යය එනතුරු බලා ඉන්න එක. ඒක කොයි වෙලේ එනවද දන්නෙ නැහැ. යම් වෙලාවක මේ ඔක්කොම සමෝධානය වෙලා ඒ වාක්‍යය එනවා, ඒක උදේද දවාලෙද රෑද දන්නේ නැහැ. නිශ්චිත තැනකුත් නැහැ. සමහර විට මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වෙන්නත් පුලුවන්. එතකොට මං කරන්නේ අතට අහුවෙන කොළයක් අරගෙන නවකතාව ලියන්න පටන් ගන්න එක. කෞශල්‍ය: ඔබ කියන ආකාරයට පළමු වාක්‍යය ලියන මොහොත වෙන විට ඔබ ලියන්න යන නවකතාව ගැන ඉතා හොඳින් දන්නවා. අපි ටිකක් කතා කරමුද මේ දැනුවත් භාවය ඔබ ලබා ගන්නා ආකාරය ගැන. කීර්තිඃ ඔව් ඇත්තටම මේ ක්‍රියාවලිය අවුරුදු කීපයක් ගත වෙන එකක්. මුලින්ම නවකතාව ගැන මූලික අදහස එනවා. ඒකත් එක්ක මගෙ හිතේ යම් චරිත සිදුවීම් සමුදායක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කරන්නෙ මේ චරිත පිහිටන පරිසරය සහ සමාජ ආර්ථික දේශපාලන ඓතිහාසික පසුබිම අධ්‍යයනය කරන්න පටන් ගන්න එක. මේ අධ්‍යයනය තුළ තමයි කිසියම් විදිහකට චරිත පූර්ණත්වයට පත් වෙන්නේ. ඒ වගේම අවශේෂ චරිත බිහිවෙන්නෙත්. ඉතින් මේ චරිත පිහිටන භූගෝලීය පරිසරය මට හුරුපුරුදු එකක් නෙමේ නම් එහෙමත් නැත්තම් මං කෙටි කාලයකට පමණක් දන්නා එකක් නම් මං මුලින්ම කරන්නෙ මේ ප්‍රදේශ කරා ගමන් කරන එක. එහෙම ගිහින් ඒ පැත්තෙ මිනිස්සු යම් විදිහකට ඇසුරු කරන එක. මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන මගෙ නවකතා වල නිතරම ඓතිහාසික කාලයන් දෙකක් හෝ කිහිපයක් තුළ කතාව ගමන් කරනවා. උදාහරණයකට මගේ 'මායා තීර්ථ' නවකතාව ගත්තොත් ඒකට 19 වන සියවසේ අගභාගයත් 20 වෙනි සියවසේ මැද භාගයත් කියන දෙකම ඇතුලත් වෙනවා. එතකොට මේ වගේ නවකතාවක් වෙනුවෙන් මගේ අධ්‍යයනය කරද්දි එක පැත්තකින් මං උත්සාහ කරනවා මේ කාලය තුළ ජීවත් වෙච්ච පරපුර දැන් ජීවතුන් අතර නැත්තම් ඔවුන්ගෙන් ඒ අත්දැකීම් අසා දැනගත් ඊලඟ පරපුර ඇසුරු කරමින් මේ කාලය ගැන තොරතුරු සටහන් කර ගන්න. ඒ වගේම 1890 ගණන් නිර්මාණය කිරීමට මට පුරාකතා, පුරාණෝක්ති වැනි දේත් ජාතික ලේඛනාගාරය වැනි තැන් වල තියෙන විවිධ ලේඛනත් අතිශය වැදගත් වෙනවා. මම හැමවිටම කරන දෙයක් තමයි මේ යුගයන් ගැන සාමාන්‍ය මිනිසුන්ගේ කතා වල එන සිදුවීම් සහ කාලයන් මේ ලේඛනාගාරයේ තියෙන ලේඛන සමග සන්සන්දනය කර නිරවද්‍යතාව පරීක්ෂා කරන එක. මේ විදිහට සෑහෙන කාලයක් මම සටහන් තබා ගනිමින් මේ හැදෑරීම කරනවා. යම් වෙලාවකට පස්සේ මම කරන මට පුරුදු වුණු තවත් දෙයක් තියනවා. මේක මට ආවේනික දෙයක්ද නැත්තං තවත් ලේඛකයන් කරන දෙයක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. මම මේ එකතු කර ගත්ත සටහන් ඇසුරෙන් ස්කෙච් එකක් ගහනවා. මේකට මට බ්‍රිසල් බෝඩ් එකක් තරම් ලොකු එකක් ඕන. නවකතාවට පසුබිම් වන සමස්තය මම මේ බ්‍රිසල් බෝඩ් එකට ගන්න උත්සාහ කරනවා. එක පැත්තකින් ඒක සිතියමක්. භෞතික පරිසරය සිතියමක් හැටියට අර බ්‍රිසල් බෝඩ් එකට අරගන්නවා. ඒ වගේ බ්‍රිසල් බෝඩ් රෝල් ගණනාවක් ගෙදර තියනවා එක් එක් නවකතාවට ගහපු. දැන් මේකේ තියනවා ඒ ප්‍රදේශයට ආවේණික ශාක, සත්තු වගේ දේවල්. සමහර කලින් තිබුණු ශාක හෝ හිටිය කියල කියන සතුන් දැන් නැත්තං මං මිනිසුන්ගේ විස්තර කිරීම් ඇසුරෙන් මෙතන ඒවා නිර්මාණය කරනවා. එතකොට මේ ස්කෙච් එකේ පැත්තක් වෙන් වෙනවා පාරවල් වල පිහිටුම, ගඟ ගලන්නේ කොතනින්ද, අදාළ චරිත වල ගෙවල් පිහිටල තියෙන්නෙ කොතනද වගේ දේවල් සිතියම් ගත කරන්න. මෙතෙක් කාලයක් මං සටහන් ගත්තු නොට් පොත් ටිකත් ලං කර ගෙන තමයි මං මේක ස්කෙච් එක ගහන්නේ . ඊට පස්සෙ මං ලියන තැන මේ ස්කෙච් එක තියා ගන්නවා. මට ඒක අවශ්‍යමයි. තවත් දෙයක් කියන්න ඕන, මම මේ ස්කෙච් එකේ එක කොටසක් හිස්ව තියා ගන්නවා. ඒක පිරවෙන්නෙ නවකතාව ලියන අතරෙයි. ඒක චරිත පිළිබඳ රුක් සටහනක් සහ කාලානුක්‍රමණය දැක්වෙන සටහනක්. ඒ කියන්නේ ඒ චරිත මොන වකවානුවක ද ජීවත් වෙන්නෙ කියන එක. සමහර නවකතා වල කාලානුක්‍රමණය ගොඩක් දීර්ඝයිනේ. අවුරුදු 150 ක් විතර යන වෙලාවල් තියනවා. ඒ වගේ අවස්ථාවල මේ රුක් සටහනේ අපිට පේනවා කොහොමද ප්‍රධාන චරිත, අතුරු චරිත සහ අලුතෙන් එකතු වෙන චරිත මේ කාලය ඔස්සේ පැතිරෙන්නේ කියල. ඇත්තටම නවකතාවකට චරිත පනහක් සීයක් එනකොට තමයි ඔය වගේ දෙයක වැදගත් කම හොඳටම පේන්න ගන්නේ. ඒ වගේ වෙලාවට නවකතාව ලියන කෙනාට මේ වගේ රුක් සටහනක්, ධාරා සටහනක් හරිම පහසුවක් වෙනවා. කෞශල්‍ය: ඇත්තටම මේක හරිම වැදගත් දෙයක්. විශාල අධ්‍යයනයක් ඇතුලේ එකතු කර ගත්ත සටහන් මේ තනි ස්කෙච් එකක් ඇතුලට ගන්න එකත් ඇත්තටම සුවිශේෂ විධික්‍රමයක්. දැන් මේ විදිහට නවකතාව ගැන පැහැදිලි අවබෝධයකින් ඔබ ලියන්න වාඩි වුනාට පස්සෙ ඔබ මේ සැලසුම් කරපු ආකාරයටම ඔබේ චරිත හැසිරෙනවද? කීර්ති: හැමවිටම එහෙම වෙන්නෙ නැහැ. චරිත වල සංකීර්ණතාවයත් එක්ක ඒ අය මං කලින් අපේක්ෂා නොකළ දිශාවන්ට ගමන් කරන අවස්ථා තියනවා. මං කලින් නොහිතපු සම්බන්ධතාවයන් ඇති කර ගන්නා වෙලාවල් තියනවා. උදාහරණයකට දැන් මගෙ 'ගරුඬ මුහුර්තය' නවකතාවෙ සරනා කියන චරිතය ගත්තොත් එයාගේ බිරිඳ කුසුඹි මම කලින් සැලසුම් කරපු ආකාරයටම ඉදිරියට ගියා. නමුත් කුසුඹිගේ නංගි කපුරු සහ සරනා අතර ඇති වෙන සම්බන්ධය නවකතාව ලියාගෙන යද්දි ඇති වුන එකක්. මනුෂ්‍ය ස්වභාවයත් එක්ක එන ඒ ඉල්ලීමට ඉඩ නොදී ඉන්න විදිහක් නෑ ඒ වෙලාවට. චරිත වල සම්බන්ධතා සංකීර්ණ වෙන ආකාරය අනුව චරිත වල හැසිරීමට මම ඉඩ දෙනවා නමුත් හැම වෙලාවකම කතාවේ තේමාත්මක ගැඹුරට හානියක් වෙන දේවල් වලින් වැලකී සිටීමට වගබලා ගන්නවා. කෞශල්‍යඃ ඔබ ලියන හැටි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබේ නවකතා වල උදාහරණත් එක්කම මේ ලියන කාලයේ අත්දැකීම් දැන ගන්න අපි කැමතියි. කීර්තිඃ ඇත්තටම මං අර කලින් කියපු ඔක්කොම වැඩ අවසන් වෙන්න සමහර වෙලාවට අවුරුදු පහක් විතර ගත වෙන්නත් පුලුවන්. හැබැයි ඊට පස්සේ ලියන්න පටන් ගත්තම දීර්ඝ කාලයක් ගත වෙන්නෙ නැහැ. දැන් මගේ 'ගරුඬ මුහුර්තය' වගේ නවකතාවක් ගත්තොත් මම ඒක ලිවීම සඳහා ගත වුණ කාලය මාස අටක් වගේ. මම දිනකට මෙච්චර කාලයක් ලියනවා වගේ එකක් මට නැහැ. නමුත් මම ලියන්න ගත්තම පැය හත අටක් වුණත් එක දිගට ලියන්න පුලුවන් ආහාර ගැනීම පවා ප්‍රමාද කරමින්. එහෙම ලිව්වට පස්සෙ මම දවසක් හමාරක් විවේකයක් ගන්නවා නැවත ලිවීමට පෙලඹවීම එනතුරු. සාමාන්‍යයෙන් නවකතාව ඉදිරියට යන්න යන්න මේ පෙළඹවීම වැඩි වෙන්න ගන්නවා. මං සාමාන්‍යයෙන් ලියන තැන් තුනක් තියනවා. එකක් මගෙ නිදන කාමරයේ තියන මේසය, අනික සාලෙ කෑම මේසය, ඒ වගේම මගෙ පුස්තකාල කාමරයේ මේසය. මේ කොතන ලිව්වත් මට අවශ්‍යම දේ තමයි කොන්ද කෙලින් තියන පුටුවක්. මං ලියන්නෙ බෝල් පොයින්ට් පෑනෙන් හාෆ් ෂීට් කොළ වල. ලිවීමේ අත්දැකීම ගැන හිතද්දි මට මතක් වෙන එකක් තමයි මගෙ 'මායා තීර්ථ' නවකතාව. ඒකට වැඩි කාලයක් ගත වුණා . මොකද මම මාස හයක් විතර මුලින් ලිව්ව පරිච්ඡේද පහක්. ඉන් පස්සෙ මට ඒක නවත්තන්න සිද්ධ වුණා. මම ඒක නවත්තල අවුරුද්දක් විතර ගත වුණාට පස්සෙ දවසක හැන්දෑවක මං ආරියවංශ රණවීර මහත්මයා මුණගැහුණා . ඔහු දැනගෙන හිටිය මම මේ නවකතාව ලියන බව. ඔහු මගෙන් ඇහුවා කොහොමද ලියන නවකතාව කියල. මං එතකොට කිව්ව මං ඒක ලියන එක නවැත්තුව, මට ඒක තවදුරටත් ලියන්න බැහැ කියල. එතකොට ඔහු මගෙන් හේතු විමසුවා. එතකොට මං ඔහුට කියපු දේ තමයි මේ නවකතාවෙ පස් වෙනි පරිච්ඡේදයේ තියනව අතිශය කෲර මිනීමැරුමක්. 19 වන සියවසේ සිද්ධ වෙන කාන්තාවක් ඝාතනය කිරීම. මේක රචනා කිරීමෙන් පස්සේ මම දරුණු මානසික කම්පනයකට පත් වුණා . නැවත මට මේ නවකතාව ලියන්න බැහැ කියල. එවිට ඔහු මට කිව්ව මෙතෙක් ලියපු දේවල් කට වචනයෙන් ඔහුට කියන්න කියල. මම එහෙම කළාට පස්සේ ඔහු මට තදින් කියා සිටියා ඔබ මේ නවකතාව අවසන් කළ යුතුමයි කියල. මම හිතන්නේ රණවීර මහතාගේ ඒ වචන වලින් මට ශක්තියක් ලැබුණා නැවතත් එය ආරම්භ කරන්න. එහෙම තමයි 'මායා තීර්ථ' නවකතාව මම ලියා අවසන් කළේ . නමුත් තවමත් මට එය ලියද්දි ඇති වූ ඒ මානසික කම්පනය නම් සම්පූර්ණයෙන් දුරු වෙලා නැහැ. ඇත්තටම ලේඛකයෙක් හැටියට ලිවීමේදී මම මුහුණ දුන්න අසීරුම මොහොත තමයි ඒක. කෞශල්‍ය: මං හිතන්නේ පාඨකයන් ඒ කෘතියෙන් ඒ තරම් කම්පනයට පත් වීමට හේතුව මෙතන තියනවා. මං දැන් කැමතියි දැන ගන්න ඔබ නවකතාවක අවසානයට මුහුණ දෙන ආකාරය ගැන? කීර්තිඃ මං හිතන්නේ නවකතාවකට නිශ්චිත අවසානයක් නැහැ කියල. නමුත් හරියට අර රේඛා සමුදායක් නැත්තං ආලෝක කිරණ සමුදායක් එක තැනකදි ඡේදනය වෙලා නැවතත් ගමන් කරනවා වගේ මේ චරිත සිදුවීම් එකට ඡේදනය වන ලක්ෂ්‍යයක් වගේ තැනක් අපිට හමුවෙනවා. එතෙන්දි අපිට නවකතාව අවසන් කළ හැකියි. නමුත් එතනින් පස්සෙත් නවකතාව ඉදිරියට යනවා. උදාහරණයකට 'ගම්පෙරළිය' නවකතාව ගත්තොත් ඒක අවසන් ඒක අවසන් වෙන්නේ ඒ විදිහෙ අවස්ථා චරිත ඡේදනය වන තැනකදි නමුත් ඊට පස්සෙත් ඒ නවකතාව 'කලියුගය' සහ 'යුගාන්තයේදී' තවදුරටත් ඉදිරියට යනවා. මේ නිසා නවකතාවක දි නිමි කියල දාන එකට මම එකඟ නැහැ. කෞශල්‍ය: නවකතාවක් ලියා අවසන් වුණාට පස්සෙ සංස්කරණය සිද්ධ වෙන ආකාරය මොන වගේද? කීර්ති: මං ලියන මුල් පිටපත සාමාන්‍යයෙන් අවසන් එකට වඩා කෙටියි. අවසානයේ පිටු තුන්සීයක නවකතාවක් නම් පළමු පිටපත වෙන්නෙ පිටු දෙසීයක් වගේ. මේක ලියල අවසන් වුන ගමන් මං නැවත කියවන්නෙ නැහැ. කෙටි විවේකයක් අරගෙන දෙවන පිටපත ලියන්න ගන්නවා මේකෙ වර්ධනය කළ යුතු තැන් වර්ධනය කරමින්. සමහර තැන් වල අතර මැද පරිච්ඡේදයක් වුණත් එන වෙලාවල් තියනවා. සම්පූර්ණ නවකතාව ලියවෙන්නේ මේ දෙවෙනි පිටපතේ දි. නමුත් මං ඒකෙනුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒක බලාගෙන නැවත තුන් වෙනි පිටපතකුත් ලියනවා. මේ පිටපත් තුනම මුල සිට අගට අලුතෙන්ම ලියවෙනවා. මේක තමයි සංස්කරණ ක්‍රියාවලිය. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණ හම දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද? කීර්ති: හරිම සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ඉතින් ලියන කාලෙ අතපසු වෙච්ච වැඩ එහෙම කරන්න ගන්නවා. මේ වෙන කොට වත්ත එහෙම වල් බිහි වෙලා තියෙන්නෙ ඒ නිසා වත්ත එලිපෙහෙළි කරන්න මල් පැලයක් හිටවන්න වගේ දේවල් කරමින් සැහැල්ලුවෙන් ඉන්න තමයි බලන්නෙ. කෞශල්‍ය: ලියන එක ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? කීර්ති: ලිවීම සිද්ධ වෙන්නේ ලොකු භාව කම්පනයක් එක්ක. ඒ නිසයි අවසන් වුනහම විශාල සැහැල්ලුවක් දැනෙන්නෙ. මං අර කලින් කියපු 'මායා තීර්ථ' ලියද්දි මුහුණ දුන්න අත්දැකීමෙන් පේන්නෙ ඒක තමයි. හැම නවකතාවක්ම ලියද්දිම විවිධ තීව්‍රතාවයන්ගෙන් මේ භාව කම්පනය තියනවා. මොකද චරිත මුහුණ දෙන ඒ අවස්ථාවන් මුලින්ම අත්විඳින්නෙ මමනේ. ඒ නිසා මට මේකට තෘප්තිය කියන වචනය යොදා ගන්න බැහැ. නවකතාවක් මුද්‍රණයෙන් පළ වුනාට පස්සෙ මං කවදාවත් මගේ තෘප්තියට කියල කියවන්නෙත් නැහැ. ඇත්තටම පොඩි අතෘප්තියක් තියනවා මට කියන්න ඕන දේ හරියට කියවුණා ද කියල. කීර්ති වැලිසරගේ නවකතාකරුවා සිය නවකතා පිටුපස ගත කරන ජීවිතයේ ස්වභාවය, ඒවා ලියන විට ඔහු අත්විඳින හැඟීම් සහ ඔහුටම අනන්‍ය වූ තාක්ෂණයන් ගැන කරන ලද මෙම කතා බහ නවකතා ලිවීමට ආශාවෙන් සිටින අනාගත ලේඛකයන්ට බොහෝ දේ කියා දෙනු ඇත. එසේම ඔහුගේ නවකතා කියවන විට ඒවායේ ඇති චරිත, සිදුවීම් දෙස පෙර නොදුටු මානයකින් බලන්නටද සමහර විට මේ කතාබහ දායක වනු ඇත. ලබන සතියේ අප හා එක් වන ශාන්ති දිසානායක යනු සමාකාලීන සිංහල සාහිත්‍යයේ සුවිශාල ජනාදරයකට පත් වූ නවකතාකාරියකි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
'ඇතාගේ එක දළක් මගේ බඩ පැත්තට තද වුණා.'
නිවාඩුවක් ගත කිරීම සඳහා ඔස්ට්‍ර්ලියාවේ සිට ලංකාවට පැමිණි කසුන් බස්නායක ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් කළ වාහනයට යාල - සිතුල්පවුව මාර්ගයේ දී ඇතෙකුගේ ප්‍රහාරයකට ලක් වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබේ. එම බිහිසුණු සිදු වීමේ අත්දැකීම් ඊට මුහුණ දුන් අය BBC සිංහල සේවයට පැවසූහ. ''පුතා කාලා නැතුව සැන්විච් එකක් තිබුණා. තව චිප්ස් වගයක් තිබුණා. ඒ ටික දාලා තමයි අපි ජීවිත බේරා ගත්තේ'' යනුවෙන් කසුන් බස්නායක BBC සිංහල සේවයට පැවසුවේය. ''ඇතාගේ එක දළක් බඩ පැත්තට තද වුණා. මම ඉක්මනින් ෂිට් බෙල්ට් එක පන්න ගෙන පොඩ්ඩක් මෙහාට වුණා. අපි කලබල වුණේ නැති එක තමයි ලොකුම දේ'' යනුවෙන් සංචාරක මග පෙන්වන්නා සහ රියදුරු ලෙස කටයුතු කළ නිශාන්ත විමලසේන සිය අත්දැකීම් විස්තර කළේය. දෙසැම්බර් 08 වැනි දා මෙම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දෙන විට කසුන් බස්නායක සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රියදුරු සමග වෑන් රථයේ ගමන් කර තිබුණි.
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන: 'මුද්‍රිත මාධ්‍යත් මාධ්‍යවේදීන්ගේ රැකියාත් අනතුරේ'
මේ වන විට පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය "අභියෝග රැසකට මුහුණ දී ඇති අතර, පුවත්පත් මාධ්‍යකරුවන්ගේ වෘත්තීන් පවා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති" බව, 2022 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ යාවජීව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී බීබීසී සිංහල සේවයට පැවසීය. "ඉස්සර පුවත්පත් මාධ්‍යයට ලොකු පිළිගැනීමක් තිබුණා සමාජය තුළ. පුවත්පත් මාධ්‍යවේදීන් අතීතයේ ගොඩක් බලවත්ව සිටියා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. දැන් විද්‍යුත් මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍යවලට ලොකු පිළිගැනීමක් ලැබිලා තියෙනවා. පුවත්පත් හෙවත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයට මේක ලොකු අභියෝගයක්." කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය බෙහෙවින් කඩා වැටී ඇති බව ඇය සඳහන් කළා ය. "එක අතකින් වෙළෙඳ ක්ෂේත්‍රය කඩා වැටිලා නිසා ඔවුන් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම අඩු කරලා තියෙනවා. තවත් පැත්තකින් ජනතාව මුදල් හිඟකම්වලින් පෙළෙන නිසා පුවත්පත් මිල දී ගැනීම අඩු වෙලා තියෙනවා. ඒ නිසා පුවත්පත් කර්මාන්තය බිඳ වැටිලා මාධ්‍යවේදීන්ගේ වැටුප් පවා නිසි පරිදි නොගෙවන තත්ත්වයක් උද්ගත වී තිබීම දුක්ඛිත තත්ත්වයක්," සීතා රංජනී පැවසීය. 2022 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල දෙසැම්බර් 13 වන දා රාත්‍රියේ පැවැත්විණි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ කර්තෘ සංසදය ඒකාබද්ධව සංවිධානය කරන 24 වන සම්මාන උළෙල එය යි. එහිදී, යාවජීව ජනමාධ්‍ය විශිෂ්ටයින් පස්දෙනෙකුට සම්මාන පිරිනැමිණි. ඒ, එච්.එල්.ඩී. මහින්දපාල, සීතා රංජනී, ස්ටැන්ලි සමරසිංහ, සින්නතුරෙයි තිලෙයිනාදන් සහ එම්.ඒ.එම්. නිලාම් යන ප්‍රවීණයන් වෙනුවෙනි. මෙවර සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මෝහන්ට පිරිනැමිණි. ඊට අමතරව පිරිනැමුණු ප්‍රධාන සම්මාන කිහිපයක තොරතුරු පහත දැක්වේ. ඉහත සඳහන් සම්මාන ඇතුළු සම්මාන 36ක් සහ කුසලතා සම්මාන 16ක් මෙවර සම්මාන උළෙලේ දී පිරිනැමිණි. මේ අතර, පුවත්පත් මඟින් පවත්වාගෙන යන වෙබ් අඩවි වෙනුවෙන් ද එක් සම්මානයක් පිරිනැමිණි. මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය වූයේ, රජිතා වීරකෝන් (සභාපති), අමල් ජයසිංහ, ලක්ෂ්මන් වික්‍රමසිංහ, පුෂ්පා රොවෙල්, පර්සි ජයමාන්න, වී. ධනබාලසිංහම්, මහාචාර්ය ඒ.එස්. චන්ද්‍රබෝස්, ඩිනාලි ප්‍රනාන්දු, සමුද්‍ර වෙත්තසිංහ, ආචාර්ය හංසමාලා රිටිගහපොළ සහ ඩයන් ස්කූමන් යන ප්‍රවීණයන් ය. ‘මාධ්‍ය සම්මාන වෙනස් විය යුතුයි’ සම්මානලාභී ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී පෙන්වා දුන් පරිදි පුවත්පත් කර්මාන්තයට එල්ල වී ඇති අභියෝගවලට මුහුණදීම සඳහා එම කර්මාන්තය යාවත්කාලීන විය යුතු බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ පවසයි. "පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි සමස්ත ලෝකය පුරා ම අභියෝගයකට ලක්වෙලා තියෙනවා. ඒකට හේතුව විද්‍යුත් මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍ය වඩා බලවත්ව ඉදිරියට ගොස් තිබීම. ලෝකයේ තාක්ෂණය මිනිසුන්ට වඩා සමීප වුණාම පුවත්පත් විතරක් නෙවෙයි රූපවාහිනිය පවා අභියෝගයට ලක් වෙනවා," මහාචාර්යවරිය පෙන්වා දුන්නා ය. ඇය පෙන්වා දුන්නේ, මෙවැනි තත්ත්වයක් මත පුවත්පත් ක්ෂේත්‍රය මෙන් ම පුවත්පත් සඳහා සම්මාන පිරිනමන ආයතන ද යාවත්කාලීන විය යුතු බව ය. "දැන් මේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල උදාහරණයක් විදිහට ගත්තත්, මේ සම්මාන උළෙලේ මේ පාර එක සම්මානයක් තමයි වෙබ් අඩවි වෙනුවෙන් පිරිනමා තිබෙන්නේ. ඒත් දැන් පුවත් කියවන පාඨකයින්ගේ වැඩි නැඹුරුවක් තියෙන්නේ වෙබ් අඩවි වෙත. ඒ නිසා ඉන්ටර්නෙට් ආශ්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය ගොඩක් ඉදිරියට ගිහින් තියෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ගොඩක් ගුවන් විදුලිය, පුවත්පත් අතහැරලා රූපවාහිනී සහ ඉන්ටර්නෙට් මාධ්‍ය පවත්වාගෙන යනවා. ඒ අතරින් රූපවාහිනියත් දැන් අභියෝගාත්මක තත්ත්වයක තියෙන්නේ. ඉතින් මාධ්‍ය සම්මාන උළෙලක දී වෙබ් අඩවි ආශ්‍රිත මාධ්‍යවේදීන්ට සම්මාන වැඩි සංඛ්‍යාවක් පිරිනැමීම කළ යුතු ම දෙයක්." මහාචාර්ය මධුභාෂිණී හේවගේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මුද්‍රිත මාධ්‍ය ආයතන ද ඉන්ටර්නෙට් මාධ්‍ය කෙරෙහි අවධානය යොමු නොකළහොත් මාධ්‍යවේදීන් රැසකගේ රැකියාවන් අවිනිශ්චිත වනු ඇති බව ය. "මාධ්‍ය ආයතනවලට විතරක් නෙවෙයි, මාධ්‍යවේදීන්ටත් අභියෝගයට මුහුණ දෙන්න වෙයි. අලුත් තාක්ෂණික ක්‍රම ඔස්සේ වෙනස් වන මාධ්‍ය ක්ෂේත්‍රයන්ට අවශ්‍ය දැනුම් ඔවුන් උකහා නොගත්තොත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එක දුෂ්කර වෙයි."
2024 අයවැය : වැඩි ඡන්ද 41 කින් සම්මතයි
2024 මූල්‍ය වර්ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තෙවනවර කියවීම වැඩි ඡන්ද 41 කින් සංශෝධන සහිතව අද (දෙසැම්බර් 13) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අද පස්වරු 6.40 ට පමණ ඡන්ද විමසීම පැවැත් වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් හිමි විය. විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 81කි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අයවැයට එරෙහිව ඡන්දය ලබා දුන්නේය. සී.වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. පාර්ලිමේන්තුව තුළ ඇති වූ ආරවුලක් නිසා මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වී ඇති ඩයනා ගමගේ මන්ත්‍රීවරියට, රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය යන මන්ත්‍රීවරුන්ට අයවැය අවසන් ඡන්ද විමසීමට පමණක් සහභාගී වීමට අවසර ලැබිණි.
වචනයෙන් කිව නොහැකි දේ සිතුවමට නඟන හඬ අහිමි දරුවෝ
“දවසක් ළමයෙක් ඇන්දා එයාගේ තාත්තා මැරිලා ඉන්න එක. මිනිය ඇඳලා ඒක වටේ කට්ටිය ඉන්නවා. එයාට කියා ගන්න බැරි දේ එයා චිත්‍රයක් විදියට ඇන්දා.” සුළු මොහොතකට හෝ තමන්ගේ වචන, හැඟීම් හෝ අදහස් ප්‍රකාශ කරගන්නට නොහැකි වුවහොත් ඔබට මොන වගේ හැඟීමක්, අපහසුතාවයක් ඇතිවනු ඇති ද? එවැනිම වූ දරුවන් හට ජීවිතය එළි කරගනිමින් අනාගතය සුබවාදී කරගන්නට රත්මලාන බිහිරි විදුහල මහත් පිළිසරණක් වී තිබේ. දෙසවන් නෑසෙන, හඬ අහිමි දරුවන්ට චිත්‍ර ඇඳීම ඉගෙනීමට අවස්ථාව සලසා දී ඇත්තේ ඔවුන්ගේ හැඟීම් පිටකර ගැනීමේ මාධ්‍යයක් ආකාරයට මෙන්ම වෘත්තියක් ලෙස ඔවුන්ගේ අනාගතය එළිය කරගැනීමට ය. ‘එයාලගේ හැඟිම් ප්‍රකාශ කරන්න තියෙන එකම විදිය සමහර විට චිත්‍රයක්’ “මගේ එක දරුවෙක් ඉන්නවා, එයාගේ මාමා ගාව පන්සලේ ඉන්නේ. අම්මා ඉන්නේ අම්පාරටත් එහා. එයාගේ මුළු ලෝකෙම තියෙන්නේ අම්මා. ඇන්දේ අම්මාව. එයාගේ ගෙදර ඉන්න හුරතල්ලු දෙන්නා පූසෝ දෙන්නෙක්, ඒ දෙන්නා එක්ක අම්මාව ඇන්දා,” රත්මලාන බිහිරි විදුහලේ ප්‍රාථමික සිසු සිසුවියන්ට සිතුවම් නිර්මාණය ගැන ගුරුහරුකම් දෙන ලක්මිණි ද සිල්වා ගුරුතුමිය බීබීසි සිංහල සේවයට කියා සිටියා ය. ඇය විසිතුන් අවුරුද්දක් තිස්සේ රත්මලාන බිහිරි විදුහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මඟ පෙන්වීම ලබා දෙන්නී ය. ලක්මිණි ගුරුතුමිය මෙන්ම සමන්කුමාරි තිලකරත්න ගුරුතුමිය ද බිහිරි විදුහලේ චිත්‍ර විෂය ඉගෙන්විමේ කටයුතු සිදු කරනු ලබන අතර, එම විදුහලේ සිසු සිසුවියන්ගේ සිතුවම් 150කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් ප්‍රදර්ශනය “නිහඬ සිතුවම්” නමින් දෙසැම්බර් 12 හා 13 කොළඹ 07, JAD පෙරේරා කලාගාරයේ දී පැවැත්වෙයි. “එයාලගේ හැඟිම් ප්‍රකාශ කරන්න තියෙන එකම විදිය සමහර විට චිත්‍රයක්. මම සයින් එක [සංඥා භාෂාව] දන්නවා ගුරුවරයෙක් විදියට. සමහර දෙමව්පියෝ සයින් එක දන්නේ නෑ, පිට මිනිස්සු සයින් එක දන්නේ නෑ, නමුත් එයාලා [දරුවෝ] ගොඩක් දේවල් චිත්‍රයෙන් අපිට කියනවා,”යි දශක දෙකක් තිස්සේ හඬක් නැති දරුවන් සිය ගණනකට මවක් වූ ලක්මිණි ද සිල්වා පැවසුවා ය. වචනවලින් කියා ගන්න බැරි දේ චිත්‍රයෙන් “සමහර වෙලාවට පවුල අඳින්න දුන්නාම සමහර තැන් හිස්. එක්කෝ අම්මා නැහැ, එක්කෝ තාත්තා නැහැ, ඒ තැන හිස් අනිත් ටික ඇඳලා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ වචනවලින් කියන්න බැරි දේ අපි ඒ චිත්‍රවලින් දැනගන්නවා.” ඔවුන්ගේ හැඟීම් හරියාකාරව සන්නිවේදනය කරගැනීමට නොහැකි බිහිරි දරුවන්ට ජීවිතයේ ලැබුණ එකම ජයග්‍රාහණය චිත්‍ර ඇඳීම බව පවසන ඇය, ලෝකයට අවශ්‍ය දේ කියා පෑමට ඔවුන් චිත්‍රය තෝරාගත් බව කියා සිටියා ය. “මගේ පන්තියේ දරුවෙක් ඉන්නවා, එයාට කෙලින් හිටගන්නවත් බැහැ. අකුරක් ලියා ගන්න බැහැ, එයාගේ අත, ඇඟිලි හෙල්ලෙනවා ස්නායු ප්‍රශ්නයක් නිසා. එයාට පුළුවන් ඉරි කෑලි ගහන්න විතරයි. ඒ ඉරි කෑලිවලින්, ඇඟිල්ලෙන් තමන්ගේ පවුල ඇන්දා. ඒවා දකිද්දි මට හරි සතුටුයි මගේ දරුවෝ ගැන,” ලක්මිණි ගුරුතුමිය බීබීසි සිංහල සේවය හා කියා සිටියා ය. ළමයින් පස්දෙනෙකුගෙන් ආරම්භ කළ වෘත්තිය පුහුණුව රත්මලාන බිහිරි විදුහලේ වෘත්තිය පුහුණුවක් ලෙස ආරම්භ වූ චිත්‍ර විෂය ඉගෙන්වීමට පටන්ගත් ආකාරය ගැන එම විද්‍යාලයේ චිත්‍ර විෂය බාර ආචාරිනී සමන්කුමාරි තිලකරත්න බීබීසි සිංහල සේවය හා විස්තර කළා ය. “මීට මාස හතකට කලින් වගේ අපි වෘත්තිය පුහුණුවක් විදියට ඉස්කෝල වෙලාවෙන් පස්සේ චිත්‍ර විෂය පටන් ගත්තා. ඒකේ දී චිත්‍ර අඳින්න හැකියාව තියෙනව ළමයි පස්දෙනෙක් තෝරගෙන තමයි අපි මුලින්ම මේක ආරම්භ කළේ. දැන් වෙද්දි මුළු පාසලේම ළමයි චිත්‍ර අඳින්න එනවා.” ඇය වසර අටක පමණ සිට රත්මාලන බිහිරි විදුහලේ දරුවන්ගේ ජීවිතය එළිය කර ගැනීමට ගුරුහරුකම් ලබා දෙමින් වෙහෙසවන්නී ය. නේවාසික පාසලක් වන රත්මලාන බිහිරි පාසලට ලංකාවේ සතරදිග් භාගයෙන්ම ළමුන් පැමිණ සිප් සතර හදාරයි. ඔවුන් රැකියාවකට යොමුකරන තෙක්ම හා ඉන්පසුවත් එම විදුහල එම දරුවන් රැක බලා ගනු ලබයි. දුෂ්කරතා මැඩගෙන චිත්‍ර ඉගැන්වීම “චිත්‍රවලට ඒ අය ගොඩක් කැමතියි. අකුරු වුණත් ඒ අය අඳින එක තමයි කරන්නේ. සමහර ළමයි ඉන්නවා බිහිරි වගේම ආබාධිත අය. ඒ අය අඳින දේවල් දැක්කාම හිතාගන්න බැහැ මේ වගේ දෙයක් කරන්න පුළුවන් ද කියලත්,” ඇය සඳහන් කළා ය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට චිත්‍ර විෂය ඉගැන්වීමේ දී දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවෙයි. මහත් වෙහෙසක් දරමින් ඒ දරුවන්ගේ ජීවිත අලෝකමත් කිරීමට වෙර දරන සමන්කුමාරි ගුරුවරිය ඒ පිළිබඳව විස්තර කළා ය. “හැමදේම උගන්වන්නේ සයින්වලින් තමයි. චිත්‍රවලට අඳින ඒවාට ලොකු අමාරුවක් නැහැ. හැබැයි තියරි උගන්වනකොට නම් සමාන්‍ය විදියටම අමාරු යි. ඒ වෙලාවට අපි රූප පෙන්වනවා, පොටෝස් පෙන්වනවා, ඇඳලා පෙන්වනවා, සයින් එකෙන් පෙන්වනවා එහෙම තමයි අපි ඒ දේවල් කියලා දෙන්නේ.” “අපේ ළමයින්ට සඳකඩපහණ ගැන කිව්වොත් ඒ අය ඒ ගැන දන්නේ නැහැ. හැබැයි ඒ අයට පොටෝ එකක් පෙන්නුවොත් හරි ගෙනිහින් පෙන්නුවොත් හරි ඒ අයට ඒක මතක යි. ක්ෂේත්‍ර චාරිකා ගෙනිහිල්ලම තමයි අපි ඒ අයට දේවල් පෙන්වන්නේ," ඇය උදාහරණ සහිතව ඉගැන්වීම් කරන ආකාරය පැහැදිලි කළා ය. කථන හැකියාව නොමැති බිහිරි දරුවන්ට අනාගත වෘත්තිය ලෙස හෝ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කර ගැනීමට චිත්‍ර විෂය මහඟු උපකාරයක් වනු ඇත. දරුවන්ට සිය දැනුම ලබාදීමෙන් ඔවුන්ගේ අනාගතය එළියකර ගැනීමට සහායවීමට හැකිවීමෙන් මහත්වූ ආත්ම තෘප්තියක් ලබන බව සමන්කුමාරි තිලකරත්න ගුරුතුමිය වැඩිදුරටත් කියා සිටියා ය.
ශ්‍රී ලාංකිකයින්ගේ ඕස්ට්‍රේලියා සංක්‍රමණ සිහින බිඳ වැටෙන තීරණයක්
රැකියා, ඉගෙනීම සහ පදිංචිය සඳහා විදේශගතවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ මුල් පෙළේ තෝරා ගැනීමක් වන්නේ ඕස්ට්‍රේලියාව යි. විශේෂයෙන් ආර්ථික අර්බුදයෙන් පසුව නීත්‍යනුකූලව මෙන් ම නීතිවිරෝධී ලෙස ද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. කෙසේ වෙතත්, එවැනි සිහින දකින ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන ආකාරයේ ප්‍රවෘත්තියක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි. ආගමනිකයින්ගේ සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට තීරණයක් ඉදිරි වසර දෙක ඇතුළත ආගමනිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. ඒ, එරට "කඩා වැටුණු" ආගමන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණිනි. ඒ අනුව, 2025 ජූනි මාසය වන විට වාර්ෂික ආගමනික සංඛ්‍යාව 250,000 දක්වා - දළ වශයෙන් කොරෝනා වසංගතයට පෙර පැවති මට්ටමට - කප්පාදු කිරීමට අදහස් කෙරේ. මෙහිදී, විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අඩු පුහුණුවක් සහිත රැකියා අපේක්ෂකයින් සඳහා වන වීසා නීති දැඩි කිරීම ද නව සැලැස්ම අනුව සිදුවනු ඇත. ඕස්ට්‍රේලියාවේ ආගමනික සංක්‍රමණිකයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, එය නිවාස සහ යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්න දැඩි වීමට හේතු වී තිබේ. 2023 ජූනි මාසය වන විට 510,000ක් වූ වාර්තාගත සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ. කෙසේ වෙතත්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් සඳුදා පැවසුවේ, ඇගේ රජය, "යළිත් මෙම සංඛ්‍යා අඩුකර යම් පාලනයක් ඇති කරමින්" වාර්ෂික සංක්‍රමණිකයින් සංඛ්‍යාව 50%කින් පමණ අඩු කිරීමට පියවර ගන්නා බවය. සඳුදා පැවති මාධ්‍ය හමුවක දී වසර 10ක නව සංක්‍රමණ උපාය මාර්ග සැලැස්ම එළිදක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල්, පසුගිය රජය විසින් එරට සංක්‍රමණ ක්‍රමවේදය "කඩා බිඳ දමා" ඇති බව පැවසුවා ය. එහෙත්, ඕස්ට්‍රේලියාව තුළ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින අතර ඔවුන් ආකර්ෂණය කර ගැනීමට අසීරු තත්ත්වයක් පවතියි. නීති සහ සුදුසුකම් දැඩි කෙරේ සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම සඳහා මෙම නව සැලැස්ම යටතේ ඕස්ට්‍රේලියානු රජය පියවර කිහිපයක් අනුගමනය කිරීමට සැරසෙයි. නව ක්‍රියාමාර්ග අතර ජාත්‍යන්තර සිසුන් සඳහා වන අවම ඉංග්‍රීසි භාෂා සුදුසුකම දැඩි කිරීම සහ දෙවන වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කරන්නන් පිළිබඳ පරීක්‍ෂණයක් දැඩි කිරීම ආදිය වේ. ඒ අනුව, වැඩිදුර අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නන් ඔවුන්ගේ අධ්‍යයන අභිලාෂයන් හෝ ඔවුන්ගේ වෘත්තීන් ඉදිරියට ගෙන යන බව ඔවුන් ඔප්පු කළ යුතු ය. ඕස්ට්‍රේලියාව තුළ විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 650,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දෙවන වීසා බලපත්‍රය යටතේ රැඳී සිටින බව නිල දත්තවලින් අනාවරණය වී තිබේ. ඉහළ නිපුණතා සහිත තාක්ෂණික සේවකයින් හෝ රැකවරණ සේවකයින් වැනි "විශේෂඥ" හෝ "අත්‍යවශ්‍ය" නිපුනතා සහිත සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය සඳහා වඩා හොඳ අපේක්ෂාවන් ලබා දීම සඳහා ද වීසා ලබා දීමේ ක්‍රමවේදයන් සංශෝධනය කර තිබේ. සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රතිශතය වැඩිම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන කාර්යංශය නිකුත්කර ඇති නවතම දත්ත වාර්තා අනුව, පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රතිශතය වැඩි ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද වේ. සෙසු රටවල් නවය වන්නේ, ඉන්දියාව, චීනය, නේපාලය, පිලිපීනය, වියට්නාමය, පාකිස්ථානය, ඉරාකය, තායිලන්තය සහ මැලේසියාව යි. 2012 වසර වන විට ශ්‍රී ලංකාවේ උපන් සංක්‍රමණිකයින් 104,950 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ. එම අගය 2017 වන විට 128,360ක් විය. නවතම දත්ත අනුව, එනම් 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ උපත ලැබූවන් 145,430 දෙනෙකු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ. ඉංග්‍රීසි භාවිත කළ නොහැකි ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් 2018 වසරේ දී ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ ඉපිද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවන් 84,190 දෙනෙකුගෙන් 7.4%ක් නියෝජනය කරන පිරිසක් ඉංග්‍රීසි භාවිතයට දුර්වල හෝ කිසිසේත් ඉංග්‍රීසි භාවිත කළ නොහැකි මට්ටමේ පසු වෙයි. ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා නියුක්තිය අදාළ සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් 71.9%ක් රැකියාවල නිරත වෙයි. රැකියා නොකරන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රතිශතය 8.4%කි. මේ අතර, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 51.5%ක ප්‍රතිශතයක් පුහුණු කළමනාකරණ, වෘත්තියමය හෝ වාණිජමය රැකියාවල නිරතව සිටියි. නීතිවිරෝධී උත්සහයන්හි වර්ධනයක් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන පරිදි, 2022 වසරේ බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ දැරූ සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ඒකකය බීබීසී සිංහල සේවයට පැවසුවේ, 2022 ජූලි මාසය වන විට බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 864 දෙනෙකු හා ඔවුන් යාත්‍රා කළ බෝට්ටු 15ක් අත්අඩංගුවටගත් බව ය. ඊට අමතරව, බෝට්ටු හතරක් මඟින් ඕස්ට්‍රේලියා දේශසීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 137දෙනෙකු ගුවනින් නැවත ශ්‍රී ලංකාවට එවා තිබිණි. ශ්‍රී ලාංකිකයින් වැඩි ම සංඛ්‍යාවක් වෙසෙන රටවල් ශ්‍රී ලාංකිකයින් වැඩි ම සංඛ්‍යාවක් වෙසෙන රටවල් අතර ඕස්ට්‍රේලියාවට හිමි වන්නේ දළ වශයෙන් පස් වන ස්ථානය යි. ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසක් වෙසෙන රටවල් පහ ලෙස වාර්තා වන්නේ, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යි. දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන තුනක් පමණ විදේශ රටවල වෙසෙන බව සැලකේ.
'පොත් කියවපු මනුස්සයෙක් පොකට් එකට ගහලා රටක් හදන්න සල්ලි හොයන එක මොන විහිළුවක් ද?'
2024 අයවැය යෝජනාවලියට අදාළ අවසන් ඡන්ද විමසීම අද (දෙසැම්බර් 13) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ. මුදල් අමාත්‍යංශයට අයවැයෙන් වෙන් කළ මුදල් පිළිබඳ විවාදය දැන් පැවැත්වෙන අතර පස්වරු 6.00ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත. 2024 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 13 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම අයවැය යෝජනා ගැන ජනතාව දක්වන ප්‍රතිචාරය BBC සිංහල සේවය විමසා බලන ලදී.
IMF පළමු කඩඉමෙන් ශ්‍රී ලංකාව සමත්වෙයි; දෙවැනි වාරිකය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් විස්තීරණ ණය පහසුකම් පිළිබද වන අමෙරිකානු ඩොලර් මිලියන 337ක් වූ දෙවන වාරිකය නිකුත් කිරීමට අද (දෙසැ 13) අනුමැතිය ලැබිණි. මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් 670ක් වේ. 2023 මාර්තු 20 දින වැඩසටහන් අනුමත කරන විට ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකමේ සම්පූර්ණ වටිනාකම අමෙරිකානු බිලියන තුනක් පමණ විය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය ඉලක්කකර ගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට මෙම වැඩසටහන සහාය වේ. පළමු සමාලෝචනයෙන් පසු ශ්‍රී ලංකාව ගැන IMF පවසන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බවත්, සීඝ්‍ර නිරුද්ධමනය, සැලකිය යුතු ආදායම් මත පදනම් වූ මූල්‍ය ගැලපීම සහ සංචිත ගොඩනැගීම සමග ආර්ථිකය ස්ථායීකරණයේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. විස්තීරණ ණය පහසුකම් පිළිබඳ සහය දක්වන වැඩසටහන යටතේ කාර්ය සාධනය සතුටුදායක බවත්, ජූනි මස අවසානය වන විට සම්පූර්ණ කළ යුතු කාර්ය සාධක නිර්ණායකයන් එකක් හැර අනෙක් සියලු කාර්ය සාධක නිර්ණායක සපුරා ඇති බවත් නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ ය. බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක සපුරා ගෙන ඇති අතර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු 2023 ඔක්තෝම්බර් මස අග වන විට ප්‍රමාද වී හෝ ක්‍රියාවට නංවා තිබෙන බව එහි සඳහන්ය. එමෙන්ම ආසියාවේ ප්‍රථම වරට ව්‍යුහාත්මක මිණුම් ලකුණක් වන පාලන නිර්ණ වාර්තාවක් (Governance Diagnostic Report), ප්‍රකාශයට පත් කිරීම ගැඹුරින් මුල්බැසගත් දූෂණ දුර්වලතා ආමන්ත්‍රණය කිරීමේ ප්‍රශංසනීය පළමු පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. පාලනය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩ කැපවීම සහ වාර්තාවේ නිර්දේශ කාලානුරූපව ක්‍රියාත්මක කිරීම මඟින් රටේ සියලුම පුරවැසියන්ට ප්‍රත්‍යක්ෂ ආර්ථික වාසි ලබාදිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට එළඹීම විස්තීරණ ණය පහසුකම් ගිවිසුමේ ඉලක්කවලට අනුකූල බවත්, ඒවා ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතට ගෙන යන වැදගත් සන්ධිස්ථානයක් බවත්, නිල ණය හිමියන් සමග අවබෝධතා ගිවිසුම් කඩිනමින් නිම කිරීම සහ අත්සන් කිරීම වැදගත් බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියි. ගිවිසුම් කාලානුරූපව ක්‍රියාත්මක කිරීම සහ සංසන්දනාත්මක කොන්දේසි මත විදේශීය පුද්ගලික ණය හිමියන් සමග සමග විසඳුමකට එළඹීම, මධ්‍යකාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථාතත්ත්වයට පත් කිරීමට උපකාරී වන බවට IMF පෙන්වා දෙයි. එමෙන්ම පූර්ණ හා වේගවත් ප්‍රකෘතියක් සහතික කිරීම සඳහා, ප්‍රතිසංස්කරණ ගම්‍යතාව සහ ප්‍රතිසංස්කරණවල ශක්තිමත් හිමිකාරිත්වය පවත්වාගැනීම අතිශය වැදගත් බව පවසා තිබේ. ප්‍රධාන ප්‍රමුඛතා අතරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීම, බලශක්ති මිල ගණන් පිරිවැය සමග පෙළගැස්වීම, සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කිරීම, මුල්‍ය ස්ථායිතාවය ආරක්ෂා කිරීම, දූෂණය පිටුදැකීම සහ පාලනය ඉහළ නැංවීම ඇතුළත් වන බව එමඟින් සඳහන් කර සිටියි. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ මඟින් අනුග්‍රහය දක්වන ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම මගින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අපහසුතා මගහැර ගැනීමට සහ අතීතියේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සිදුවූ අඩුපාඩුකම් වලින් මිදීමට ඉතා වැදගත් බව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිය උද්ධමනය ඉලක්ක කරගත් මුදල් ප්‍රතිපත්ති රාමුවේ විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බහුවිධ නිරුද්ධමන උපාය මාර්ග කෙරෙහි අඛණ්ඩව අවදානය යොමු කළ යුතු බවත් විනිමය අනුපාත නම්‍යශිලි බව මගින් විදෙස් සංචිත ඉහළ නැංවීමට කටයුතු කිරීම විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වැදගත් ප්‍රමුඛතාවයක් බව එහි සඳහන්. බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම මූල්‍ය අංශයේ ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් බව IMF නියෝජ්‍ය කලමණාකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියි. සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමාජ වියදම් ආරක්ෂා කිරීම, දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත රජයේ ප්‍රතිචාරය කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම ලබා දීමේ දෙවන වාරිකය සදහා අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කිරීමෙන පසුව සහනදායි ආර්ථික කලාපයකට ඇතුළු වීමට හැකියාව ලැබී තිබෙන බවයි. මෙම දුෂ්කර කාලසීමාව තුළ මහත් ඉවසීමකින් කැපකිරීම් කළ ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය ලබාගැනීමට අවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවය පළකිරීම හා මූල්‍ය සහතික ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය, ප්‍රංශය හා පැරිස් සමාජය ප්‍රමුඛ නිල ණයහිමියන්ගේ කමිටුව සහ චීනය දැක්වූ සහයෝගීතාවට ස්තුතිය පළකරන අතර පුද්ගලික ණයහිමියන් සමග ද එකඟතාවකට පැමිණිමට සද්භාවයෙන් කටයුතුකරමින් සිටින බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකාව සම්බන්ධ දෙවන සමාලෝචනය ගැන IMF පැවසූ දේ අද (දෙසැ 13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් IMFහි ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් පැවසුවේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ දෙවන සමාලෝචනය ලබන වසරේ මුල්භාගයේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ය. ශ්‍රී ලංකාව සිය නිල ණය හිමියන් සමග ඇති ප්‍රතිපත්තිමය ගිවිසුම් සැබෑ ගිවිසුම් බවට පත් කළ යුතු බවත්, 2024 පළමුභාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන දෙවන සමාලෝචනයට පෙර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ය. ශ්‍රී ලංකාව ඒ වන විට ළඟා කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් මාස දෙකක කාලයකට පසුව එම සමාලෝචනය සිදුකරන බව, මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ය. දේපළ බදු ඉතා වැදගත් 2025 වසරේදී ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දේපල බදු වැදගත් කොටසක් වනු ඇතැ යි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් පැවසුවේ ය. මෙම බද්ද පැනවීම සඳහා නිසි තක්සේරු පද්ධති ක්‍රියාත්මක විය යුතු බවත්, දේපළ පිළිබඳ නිසි ලියාපදිංචියක් තිබිය යුතු බවත් ඔහු මෙහිදී පැවසුවේ ය. එහිදී දේපළවල නිසැක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැටළු පැන නැගුණ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දිය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.
ඇන්ටාක්ටිකාවට ගිය පොඩිනිළමේ: 'ඒ අත්දැකීම වචනවලින් කියන්න අමාරුයි'
ලෝකයේ රට රටවල්වල සංචාරය කිරීමට බොහෝ දෙනා ප්‍රිය කරති. ඒ, එම රටවල ඇති එකින් එකට වෙනස් සංස්කෘතිය, සොබා සෞන්දර්යය සහ චාරිත්‍ර වාරිත්‍ර අත්විඳීමට ඇති රුචිකත්වය නිසාවෙනි. අප රටේ බොහෝ දෙනා විදෙස් රටවල සේවය සඳහා ගොස් සිටිය දී වෙනත් රටවල සංචාරය කිරීමට අවස්ථාව උදාකර ගනු ලබයි. නමුත් අධික වියදමක් දරමින් ලෝකයේ ගමන් කිරීමට අසීරු ගමනාන්තයන් කරා සංචාරය කර අත්දැකීම් ලද ශ්‍රී ලාංකික තරුණයෙකු සමග සම්බන්ධ වීමට බීබීසි සිංහල සේවයට අවස්ථාව හිමිවිය. ඔහු නමින් අභීත් පොඩිනිළමේ වන අතර වෘත්තියෙන් ප්‍රජා වෛද්‍යවරයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ දැනට සේවයේ නියුතුව සිටියි. කොළඹ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි ඔහු කොළඹ නාලන්දා විදුහලේ ආදී සිසුවෙකු වන අතර මේ දක්වා ලෝකයේ රටවල් 35ක සංචාරය කිරීමට ඔහුට අවස්ථාව හිමිව ඇත. අභීත්ගේ පළමු සංචාරක අත්දැකීම කුඩා කාලයේ පටන් ඥාතිවරියකගේ උනන්දුව මත ඔහු ලෝකයේ රටවල සංචාරය කිරීමේ මුලික අඩිතාලම දැමූ බව අභීත් පොඩිනිළමේ බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. "මම පොඩි කාලේ ඉඳන් එක එක දිහාවලට ට්‍රැවල් කරනවා. මම ට්‍රැවල් කරන්නේ පුංචි අම්මත් එක්ක. එයාට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය තියෙනවා. එයා තමයි පොඩි කාලේ ඉඳන් මාව එක්කන් ගියේ. මුලින්ම විදෙස් රටක සංචාරයට ගියේ 2004 වසරේ දී. ඒ ගමන බ්‍රිතාන්‍යයට ආවේ." "2007 වසරේ දී මම එයත් එක්ක ඊජීප්තුවට ගියා. එහෙම තමයි මේ සංචාරය කරන එක පටන් ගත්තේ. 2008 සහ 2009 කියන අවුරුදුවල දී පිළිවෙලින් ඉන්දියාවේ සහ මාලදිවයිනේ සංචාරය කළා පවුලේ අයත් එක්ක," ඔහු කියා සිටියේ ය. 'කොහේ හිටියත් ගමනට තමයි මම ආස' උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා රුසියාවේ වෛද්‍ය විද්‍යාලයයකට ඇතුළුවන අභීත් එහිදී ලොව දිගම දුම්රිය ගමනේ අත්දැකීම ලබා ගෙන ඇති අතර, ඉන් අනතුරුව රටවල් කිහිපයක සංචාරය කිරීමට ද ඔහුට අවස්ථාව උදා වී ඇත. "රුසියාව ඇතුළේ ගොඩක් සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ලෝකයේ දිගම කෝච්චිය වන ට්‍රාන්ස් සයිබීරියන්හි ගමන් කරන්න වගේම බයිකාල් විල නරඹන්න හැකියාව ලැබුණා." "ඒ හරහා මම මොංගෝලියාවට යනවා. එහි තිබෙන මිනිස්සු ගොඩක් නොයන ගෝබි කාන්තාරයේ මම සංචාරය කළා. එහිදී මට මොංගෝලියාවේ හිටපු අධිරාජ්‍යයා වන ගින්ගීෂ් ඛාන්ගේ ප්‍රතිමාව දකින්න අවස්ථාව උදාකර ගන්න ඉඩ ලැබුණා. එතන දී මම අපේ රටේ කොඩිය අරන් ගිහින් ඡායාරූපයක් අර ගත්තා." "ඒ වගේම මම එහෙ ඉන්න කාලයේ දී පළවෙනි වතාවට දකුණු ඇමෙරිකානු රටක් වෙන බ්‍රසීලයේ සංචාරය කරන්න අවස්ථාව උදාවුණා. බ්‍රසීලයේ ගොඩක් නගරවල සහ ස්ථානවල සංචාරය කරන්න හැකියාව ලැබෙනවා ඒ ගමනේ දී." "එහිදි මම දවස් හතරක් ඇමසන් වනාන්තරයේ ගත කරනවා. ඇමේසන් නදියේ ඉන්න පීරානා මාළු සහ රෝස පැහැති ඩොල්ෆින්ලා නරඹන්න අවස්ථාව ලැබුණා මට." "රුසියාවේ ඉන්න ගමන් නිවාඩු කාලයට එංගලන්තයේ ඉන්න පුංචි අම්මා බලන්න එනවා. එයාම තමයි ටිකට් එක දාලා දෙන්නේ. එහෙම ගියාම මම එංගලන්තයේ ආසන්නයේ තියෙන ස්කොට්ලන්තය, වේල්ස් කියන රටවල් වලට යනවා. කොහේ හිටියත් ගමනට තමයි මම ආස," ඔහු පැවසුවේ ය. නත්තල් සීයාගේ ගම බලා රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටිය දී ඔහුට 2017 වසරේ දී පෘථිවියේ උත්තරධ්‍රැවය ආසන්නයේ පිහිටි ආක්ටික් කලාපයේ සංචාරය කිරීමට අවස්ථාව උදාවූ බව අභීත් පොඩිනිළමේ පැවසුවේ ය. "ආක්ටික්වලට යන ගොඩක් අය ඉන්නවා. එහෙට යන්න ලේසි. ආක්ටික් සර්කල් එක හරහා යන්න ඕන. අනිත් එක ඒකට ටිකක් වියදම් යනවා. මේ ගමන ගියෙත් අපේ පවුලේ අයත් එක්ක. ඒ සංචාරයේ දී ‘රෝවැනිමි' කියන නත්තල් සීයාගේ ගමට යන්න අවස්ථාව උදාවුණා හරියටම නත්තල් දවසේ දී," ඔහු පැවසුවේ ය. ඉන්කාවරුන්ගේ දේශයට ගිය සංචාරය රුසියාවේ දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා යන අභීත් කොවිඩ් වසංගතය නිසා නිවසට වී සිටීමෙන් අනතුරුව, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා බ්‍රිතාන්‍යය බලා පැමිණ තිබේ. "මම එංගලන්තයට ඇවිල්ලා මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉගෙනගැනීම් ආරම්භ කරනවා. මම පබ්ලික් හෙල්ත් ගැන කරන්නේ. ප්‍රජා වෛද්‍ය කටයුතු කරන ගමන් ඇවිදින්නයි මට ඕන." "මේ පාර මම එංගලන්තයට ආවට පස්සේ දෙවැනි වතාවට අවස්ථාව උදාවුණා දකුණු අමෙරිකානු කලාපයට අයිති පේරු සහ චිලී කියන රටවල්වල සංචාරය කරන්න. ඒක ගිය අවුරුද්දේ ගියේ." "එතනදී මට පේරූහි පිහිටි මාචු පිචු කියන ඉන්කාවරුන්ගේ දේශයට යන්න හැකියාව ලැබෙනවා. ඒ සංචාරයේ දී මට ගුවන් යානා 15ක ගමන් කරන්න සිද්ධ වුණා." "ඒ වගේම බ්‍රිතාන්‍යයේ දී මම මේ රටවල් දෙකට යන්න වීසා ඉල්ලුම් කරන්නේ. පේරූවලට වීසා ගන්න ගැටලුවක් වුණේ නැහැ. නමුත් චිලී ලට වීසා ඉල්ලුම් කරද්දී ලන්ඩන්වල තියෙන තානාපති කාර්යාලයේ ඉන්න චිලී තානාපතිවරයා එක්ක මට සම්මුඛ පරීක්ෂණයකට මුහුණදෙන්න සිද්ධ වුණා." "තානාපතිවරයා මගෙන් ඇහුවේ ඇයි මේ දවස් පහකට චිලී වලට සංචාරය කරන්නේ කියලා. මම කිව්වා පේරූ යන ගමන් එහෙ නරඹන්න ආසාවක් තියෙනවා කියලා. ලංකාවේ කෙනෙක් එහෙම යන්නේ නැහැ කියලා එයා පුදුම වුණා." "පේරූවල පල්ලෙහාට වෙන්න තියෙනවා පැටගෝනියා කලාපය කියලා ප්‍රදේශයක්. එතන පුදුම ලස්ස නයි. ග්ලැසියර් එහෙම තියෙනවා. එතැනින් එහා තමයි ඇන්ටාක්ටිකාව තියෙන්නේ," ඔහු පැවසුවේ ය. එම ගමනේදී ඇන්ටාර්ටික්හි සංචාරය කළ යුතු බවට වන සිතිවිල්ල සිතේ තබාගෙන තමන් නැවත එංගලන්තය බලා පැමිණි බව ද අභීත් පොඩිනිළමේ කියා සිටියේ ය. එම ගමනින් පසු ඔහුට යුදෙව් වධකාගාරය පිහිටි පෝලන්තයේ අවුෂ්විට්ස්, චෙක් ජනරජය, ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයක සංචාරය කිරීමට හැකිවූ බවත් නැවත මෙම වසරේ දී ශ්‍රී ලංකාව බලා එමින් සිටිය දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර දින කිහිපයක සංචාරය කිරීමට කටයුතු කළ බවත් ඔහු පවසයි. ඇන්ටාක්ටික් සංචාරය සඳහා සූදානම්වීම ඉකුත් වසරේ පේරු සහ චිලී රාජ්‍යයේ සිදුකළ ගමනේ දී බලාපොරොත්තු තබාගෙන සිටියා වූ ඇන්ටාක්ටික් සංචාරය මෙම වසරේ දී සම්පූර්ණ කර ගැනීමට ඔහුට හැකිවූ බව අභීත් පොඩිනිළමේ කියා සිටියේ ය. "ඒ ගමන යන්න කලින් ගොඩක් දේවල් තියෙනවා කරන්න. අපේ ගොඩක් අය මේ ගමන නොයන්න හේතුව තමයි වීසා එක ටිකක් මිල අධික යි. යුරෝ 150ක් වගේ වෙනවා. ඊට වඩා, එයාලා එක පාර වීසා එක දෙන්නේ නැහැ. මමත් ගොඩක් පාරක් ට්‍රයි කරලා වීසා එක අර ගත්තේ." "ඊට පස්සේ මෙඩිකල් ටෙස්ට් එකක් කරලා පාස් වෙන්න ඕන. ඒකටත් ලොකු ගානක් වියදම් වෙනවා. ඒ වගේම එංගලන්තයේ ඉදලා ආර්ජන්ටිනාවට ගිහිල්ලා එතන ඉදලා උෂුආයා කියන ප්‍රදේශයට යන්න ගුවන් ගමනට විතරක් අමෙරිකානු ඩොලර් 2,000ක් වියදම වෙනවා." "උෂුආයා කියන්නේ ලෝකයේ කෙලවරේම තියෙන නගරය. ඒ වගේම එතන ඉඳන් ඇන්ටාක්ටිකාව බලා යන නැවට එක් කෙනෙක්ට පවුම් 7,000ක් වගේ ගෙවන්න වෙනවා. ඊට අමතරව අධික ශීතලට ඔරොත්තු දෙන ඇඳුම් එහෙම සූදානම් කරගන්න අවශ්‍ය වෙනවා," ඔහු පැවැසුවේ ය. අමතක නොවන සංචාරයේ තොරතුරු දින 10ක සංචාරයක් සඳහා ආර්ජන්ටිනාවේ උෂුආයා නගරයෙන් නෞකාවට නැගීමට හැකි වූ බවත්, එම මුහුදු ගමන ඉතා අසීරූ එකක් වූ බවත් ඔහු පැවසුවේය. "මේ සංචාරයට පුංචි අම්මත් එක් වුණා. අපි ගමන් කළ නෞකාවේ සංචාරකයින් 400කට ආසන්න සංඛ්‍යාවක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 150ක් සිටියා." "මේ ගමනේ දී නෞකාව ඇන්ටාක්ටිකාව බලා යාත්‍රා කරන්නේ ඩ්‍රේක්‌ පැසේජ් කියන මුහුදු තීරය ඔස්සේ. ඒක තරණය කරන්න දවස් දෙකක් යනවා. මේ මුහුදු තීරය තමයි ලෝකයේ තියෙන රෞද්‍රම මුහුදු කලාපය. සාමාන්‍යයෙන් මීටර් හතරෙ ඉඳලා 15 දක්වා උසට මුහුදු රළ පහරවල් එනවා. ඒකට හේතුව තමයි අත්ලාන්තික්, පැසිෆික් සාගර සහ දකුණු සාගර කලාපය එකිනෙකට සම්බන්ධ වෙනවා මේ ඩ්‍රේක්‌ පැසේජ් කියන කලාපයේ දී." "මෙතැනදී නැවේ ගමන් කරන අයට මුහුදේ රළු ස්වභාවය එක්ක වමනය, හිසේ රුදාව වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා. ඒවට අවශ්‍ය ප්‍රතිකාර නෞකාවෙන් ලබාදෙනවා. නමුත් මට ඒ අත්දැකීම ගන්න ඕන නිසාම බෙහෙත් මොකුත් පාවිච්චි කළේ නැහැ," ඔහු කියා සිටියේ ය. ඇන්ටාක්ටිකාවේ සංචාරය කරන පුද්ගලයින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් පවතින අතර එහි යන ඕනෑම අයෙකු එය අනුගමනය කිරීමට බැඳී සිටින බව ද ඔහු පැවසුවේය. "ඇන්ටාක්ටිකාවලට සාමාන්‍යයෙන් නිකම් සංචාරකයෙක් යන්නේ නැහැ. එක්කෝ ඒ ගැන බලන්න ආසාවක් තියෙන කෙනෙක් හෝ එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් වෙන්න ඕන." "එහෙම යන අය අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. විශේෂයෙන් මෙහිදී පෙන්ගුවින් සත්ත්වයින් දකින්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක් ඒ සත්ත්වයා සිටින තැනේ ඉදලා මිටර් පහක දුරකින් ඉන්න ඕන කියන එක අනිවාර්යයි. "ප්‍රධාන නෞකාවේ ඉදලා දූපතකට එකවර ගොඩ බහින්න අවසර දෙන්නේ සංචාරකයින් 100 දෙනෙක්ට විතරයි. ඒකට ඔවුන් නැවේ ඉදලා කුඩා බෝට්ටුවල කණ්ඩායම් විදිහට වෙන් කරලා අරන් යන්නේ. "ඒ වගේම නැවෙන් පිටතට ගෙනි යද්දී වගේම නැවත නැවට ගෙන එද්දී අපිව විෂබීජහරණයකට ලක්‌ කිරීමක් කරනවා. ඒ වගේම අපේ කිසිම දෙයක් ඒ පරිසරයට මුදා හැරීම හෝ ඒ පරිසරයේ තියෙන කිසිම දෙයක් අරන් ඒම සපුරා තහනම්," ඔහු පැවසුවේ ය. වෙනම ලෝකයකට ගියා වගේ අත්දැකීමක් පුරා දින දෙකක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව ඇන්ටාක්ටිකා මහද්වීපයට පැමිණි පසු එහි පරිසරය ඔහු වෙනත් ලෝකයකට රැගෙන ගියා සේ දැනුණු බව අභීත් පොඩිනිළමේ විස්තර කර සිටියේ ය. "අපිව මුලින්ම එක්කන් ආවේ පැරඩයිස් බේ කියන තැනට. එතන හරිම ලස්සනයි. නැවෙන් බෝට්ටු කිහිපයක් දානවා. එක බෝට්ටුවක 10 දෙනෙක් වගේ තමයි එක්කන් යන්නේ. ඔවුන් අපිව කණ්ඩායම්වලට බෙදලා වටේ ගිහින් බැලුවා. ඒක හරියට වෙනම ලෝකයකට ගියා වගේ. ඒ අත්දැකීම වචනවලින් කියන්න අමාරුයි." "මම ලෝකයේ රටවල් 35කට ගිහින් තිබ්බත් ඒ වගේ ලස්සනක් දැකලා නැහැ. මට හිතුනා ඇත්තටම මම වාසනාවන්තයි කියලා එහෙම දෙයක් දැක බලාගන්න ලැබීම." "මේ නැවේ කුරුල්ලන්, තල්මසුන්, ජලජ ජීවින් සම්බන්ධ විශේෂඥවරුන් හිටියා. ඔවුන් නැවේ ගමන් කරන සංචාරකයින්ට ඒ ගැන විස්තර කරලා දේශන පැවැත්වුවා. එතැන තල්මසුන් ගැන කතා කරන්න ඇවිත් හිටිය අයට අපේ රටේ සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝස් ගැන මම කිව්වම ඔවුන් කිව්වා ඇයව හඳුනනවා කියලා." "මේ සංචාරයේ දී ඔර්කා තල්මසුන්, සීල් මත්ස්‍යයින්, පෙන්ගුවින් වගේ අයව දකින්න ලැබුණා. ඒ වගේම ඇන්ටාක්ටික්හි ගතකරන ලද දෙවන දවසේ දී මම දැක්ක ලස්සනම ඉර බැස යෑමේ දර්ශනය දකින්න අවස්ථාව උදාවුණා ලැමේරි චැනල් කියන ප්‍රදේශයේ දී." "ග්ලැසිර මැදින් ඉර බැස යන දර්ශනය දකින්න නැවේ හිටපු හැමෝම ඩෙක්වලට ඇවිල්ලා හිටියා. හැබැයි ඔවුන් හැමෝම ඒ ලස්සනට වශී වෙලා වගේ නිහඬව ඒ දිහා බලන් හිටියා." "ඒ වගේම ලෝකයේ කෙළවරම පිහිටලා තියෙන තැපැල් කාර්යාලය වෙන පොර්ට් ලොක්රෝයී (Port Lockroy) වලට ගියා. ඒක පිහිටලා තියෙන්නේ ඇන්ටාක්ටිකාවේ තියෙන බ්‍රිටිෂ් බේස් කෑම්ප් එකේ. එතැනින් මම මටම පොස්ට් කාඩ් එකක් යවා ගත්තා. ඒ මොහොත මට අත්විදින්න තිබ්බ ආසාවත් එකක්ම." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "තුන්වෙනි දවසේ හාෆ් මුන් අයිලන්ඩ් එකට යන්න ලැබුණේ නැහැ. මොකද හිම තත්ත්වය නිසා. පස්සේ අපිව පෙන්ගුවින් ගහණය වැඩි දුපතක් බලන්න එක්කන් ගියා." "කොහොම හරි තුන්වෙනි දවසේ රාත්‍රියේ දී නෞකාවේ කපිතාන්වරයා දැනුම් දුන්නා මෙඩිකල් ඉමර්ජන්සි එක නිසා නැවත හරවන්න සිද්ධ වෙනවා කියලා. අපිට ඇන්ටාක්ටික්වල තව දවස් දෙකක් ඉන්න තිබුණා. නමුත් ඒ හදිසි තත්ත්වයක් නිසා හැමෝටම අකමැත්තෙන් වුනත් ඒ තීරණයට එකඟ වුණා." "ඒ වෙනුවට අපිව උෂුආයා නගරයේ වරායට ආවට පස්සේ ඉදිරි දවස් දෙකට ඒ ආශ්‍රිතව තිබ්බ සංචාරක ගමනාන්ත කිහිපයකට එක්ක යන්න ඒ අය කටයුතු සූදානම් කරලා තිබුණා." "මම මේ ගමන යන්න කලින් හොයලා බැලුවා මීට කලින් ඇන්ටාක්‌ටික් මහද්විපයට ගියපු වෙනත් ලාංකිකයින් ඉන්නව ද කියලා. එතැනදී මට එක්කෙනෙක් ගැන විතරයි තොරතුරු ලැබුණේ," ඔහු පැවසුවේ ය. මේ දක්වා සංචාරයන්හි දී මුහුණ දුන් දුෂ්කරතා මොනවා ද? ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔහු ලෝකය පුරා සංචාරය කරන අවස්ථාවල දී අදාළ රටවල් වලින් වීසා ලබා ගැනීමට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවූ බව ඔහු පැවසුවේ ය. "මගේ ළඟ තියෙන්නේ ශ්‍රී ලංකාවේ පාස්පොර්ට් එක. ඉතින් ඒකෙන් ගමන් යන්න හරිම අමාරුයි වීසා ලබා ගන්න. මොංගෝලියාවේ සංචාරය කරද්දී වීසා ලබා ගන්න ගොඩක් අමාරු වුණා. එයාලා අපිට වීසා දෙන්නේ නැහැ." "ඒ වගේම මෙක්සිකෝවේ දී ගියපු අවස්ථාවක දී මාව ඒ රටේ බලධාරීන් පැය 16ක් රඳවා ගත්තා ලංකාවේ පාස්පෝර්ට් එක නිසා." "වරක් මම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගියා. එහෙදි මම ශ්‍රී ලංකාවේ කිව්වම ඔවුන්ගෙන් මට ඉහළ පිළිගැනීමක් ලැබුණේ අපේ ක්‍රිකට් නිසා. නමුත් මම ලාංකිකයෙක් විදිහට හැම තැනම මගේ රට නියෝජනය කරන මේ පාස්පෝර්ට් එක වගේම ජාතික කොඩිය අරන් යන්නේ අභිමානයත් එක්ක මුසුවුණු හැඟීමෙන්," ඔහු කියා සිටියේ ය. බීබීසි සිංහල සේවය සමග පැවති සාකච්ජාව අවසානයේ දී අභීත් පොඩිනිළමේ මෙලෙසින් ද පැවසුවේය. "මම එහේ ගියා කියලා තැන් මාර්ක් කරන්න ඕන නැහැ. මම නිර්මාංශික කෙනෙක්. ඒ රටේ තියෙන කෑම කාලා, ලස්සන තැන් බලලා ඔවුන්ගේ සංස්කෘතිය අත්විදින එකයි මගේ ආසාව." "මම පොඩි යුටියුබ් නාලිකාවක් පටන් ගත්තා මම දැක්ක දේවල් ලෝකයට කියන්න ඕන නිසා. මම අනිත් අයටත් කියන්නේ යන්න කියලා. ගොඩක් අය හිතන් ඉන්නවා පස්සේ යනවා, සල්ලි එකතු කරන් යනවා කියලා. නමුත් පස්සේ වගකීම් වැඩි වෙද්දී ඒවා මඟහැරෙනවා," ඔහු පැවසුවේ ය.
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ ගැසට්ටුව නව ක්‍රීඩා ඇමති හරීන් ර්වර්ස් කළේ ඇයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අද අත්සන් තැබූ බව සිය X ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා තමන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ද ලිඛිතව දැනුම් දී ඇති බවත් ඉදිරි ක්‍රියාමාර්ග සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගෙන ඇති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහි පණිවිඩයේ වැඩි දුරටත් සදහන් කොට තිබේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 06 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පාලනය කිරීමට අතුරු කමිටුවක් පත් කරන ලදී. එම අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත් නොවැම්බර් මස 11 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධිනව පවත්වාගෙන යෑමට ඉඩ නොලැබෙන බව පවසමිනි. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අධිකරණයට මීට පෙර දුන් ප්‍රතිඥාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා, එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නාබවට, නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගිය නොවැම්බර් 28 වනදා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය. පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නේ ය. ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ දී, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත්, සේවාදායකයා වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන බව දන්වා සිටියේ ය. එමෙන්ම මීළඟ නඩු දිනය තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේ තවදුරටත් පසුවන බව කියා සිටියේ ය. අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය. මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම්දීමට නියමිත ය.
සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට දස්කම් පෑ ගාල්ලේ තුන් නිවුන් සොහොයුරෝ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය යනු පාසල් අධ්‍යාපනයේ වැදගත් විභාග අතරින් එකකි. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක විභාගයක් ලෙස ද සාමාන්‍ය පෙළ විභාගය සැලකේ. එහෙයින්, සාමාන්‍ය පෙළ විභාගය තරගකාරී විභාගයක් නොවුණ ද, සිය දරුවන් එය ඉහළින් ම සමත් වනු දැකීම බොහෝ මව්පියන්ගේ අපේක්ෂාවකි. ශ්‍රී ලංකාවේ අගහිඟකම් මැද ජීවිත ගත කරන බොහෝ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට බොහෝවිට ඇති එක ම මාර්ගය නිදහස් අධ්‍යාපනය යි. මේ කතාව එවැනි අගහිඟකම් මැද සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත් වූ නිවුන් සොහොයුරන් තිදෙනෙකු පිළිබඳව ය. එම සුවිශේෂී නිවුන් සොහොයුරන් පිළිබඳව වාර්තා වූයේ ගාල්ල මාපලගම ප්‍රදේශයෙනි. ඔවුන් තිදෙනා නමින්, අනුද ගජනායක, අකිඳු ගජනායක සහ අමිරු ගජනායක ය. A සාමාර්ථ 25ක් මෙම නිවුන් දරුවන් අතරින් මද්දුමයා ලෙස සැලකෙන අනුද ගජනායක විෂයයන් 9ට ම A සාමාර්ථ ලබා ඇති අතර, අකිඳු සහ අමිරු A සාමාර්ථ 8 බැගින් සහ B සාමාර්ථය බැගින් ලබාගෙන තිබේ. ඒ අනුව, ඔවුන් තිදෙනා A සාමාර්ථ 25ක් හිමිකර ගෙන ඇත. මොවුන් තිදෙනා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්වී තිබූ අතර, A සාමාර්ථ 9ක් හිමිකර ගත් අනුද ගාල්ල ඇලවීෂියස් විද්‍යාලයයේත්, සෙසු සහෝදරයින් දෙදෙනා නාගොඩ රාජකීය විද්‍යාලයයේත් ඉගෙනුම ලැබූහ. ‘ඉගෙනගත්තෙ නැත්නම් අපට අනාගතයක් නෑ’ "අපේ අම්ම යි තාත්ත යි ගොඩක් අමාරුවෙන් අපට උගන්වන්නේ. අපට තව අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලොත් තාම උසස් පෙළ කරනවා. පවුලේ කාටවත් ස්ථිර රැකියාවක් නෑ. තාත්තා අපට අයිති පොඩි තේ ඉඩමකින් තමයි මේ ඔක්කොම කරන්නේ. නෑදෑයෝ පුළුවන් විදිහට උදව් කරනවා," අනුද ගජනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ඔවුන් සියලු දෙනා ම ඉගෙනීම වෙනුවෙන් කැපවීමට බලපෑ හේතුව අනුද පැහැදිලි කළේ මෙලෙසිනි. "ඉගෙනගත්තෙ නැත්නම් අපට අනාගතයක් නැති බව අපි තේරුම් අරගෙන ඉන්නෙ. මොක ද, අපේ තාත්තාට ස්ථිර රැකියාවක් නැති නිසා සහ වත් පොහොසත්කම් නැති නිසා අපට වෙනත් මාර්ගයක් නෑ දියුණු වෙන්න. ඒ නිසා අපි හොඳට ඉගෙන ගන්න ඕන කියන අරමුණ අපට තියෙනවා." ඔවුන් තිදෙනා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම සඳහා පාඩම් කටයුතුවල නිරත වී ඇත්තේ ද තිදෙනා එක්වය. දෙමාපියන් අප සමග පැවසූ පරිදි අකිඳු සහ අමිරු චිත්‍ර කලාවට දක්ෂතාවක් දක්වන අතර ඔවුන් දෙදෙනා පාසලේ මලල ක්‍රීඩාවන්හි ද නිරතවී තිබේ. අනුද බටනලා වාදනයට දස්කම් දක්වයි. මව සහ පියා සමගින් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත මෙම පවුල තුන් නිවුන් සහෝදරයන්ට අමතරව වැඩිමල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වන අතර, ඔවුන් දෙදෙනා මේ වන විට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියි. නිවුන් සහෝදරයන් තිදෙනාගේ ම ඉදිරි බලාපොරොත්තුව වී ඇත්තේ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම ය. ඒ සඳහා සුදුසු පාසලකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද අනුද ගජනායක පැවසීය. අනාගත අපේක්ෂා "අපි තුන් දෙනාට ම ඕන ඉන්ජිනේරුවන් වෙන්න යි. ඒක නිසා අපි තුන්දෙනා ම ගණිතය අංශයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ," අනුද පැවසීය. කුමන ක්ෂේත්‍රයක ඉන්ජිනේරුවරුන් වීමට අපේක්ෂා කරන්නේ ද යනුවෙන් අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි: "අපට තාම ඒ ගැන ලොකු වැටහීමක් නෑ. අපි කොහොම හරි එකතු වෙලා පාඩම් කරලා ඉන්ජිනේරු පීඨයකට ඇතුළත් වෙනවා තුන් දෙනා ම. ඊට පස්සේ අපි කල්පනා කරනවා අනාගතයේ දී මොනවා ද කරන්නේ කියලා." 2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මස 29 වන දා සිට ජූනි මස අටවන දා දක්වා පැවැත්විණි. ඊට විභාග මධ්‍යස්ථාන 3568ක දී අපේක්ෂකයින් 472,553 දෙනෙක් පෙනී සිටියහ.
පොලීසියට භාර වූ 102ක් යළි කන්දකාඩු කඳවුරට යෑම ප්‍රතික්ෂේප කරති
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පළා ගිය රැඳවියන් 102ක් අද (දෙසැම්බර් 12) පෙරවරුව වනවිට යළි සිය භාරයට ගත් බව ආරක්ෂක අංශ පවසයි. පළා ගිය තවත් 36 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ආහාර සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන එම රැඳවියෝ ඊයේ කඳවුරෙන් පළා ගියහ. හමුදාව යටතේ ක්‍රියාත්මක කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යළි යෑම පොලීසියට භාර වූ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති. කන්දකාඩු කඳවුරේ සිටි රැඳවියෙකු මිය යෑමේ සිදුවීමක් 2022 වාර්තා වූ අතර රැඳවියන් පළා යෑමේ සිදුවීම් මිට පෙර ද වාර්තා විය.
ඔන්ලයින් ණය දෙන ආයතනයක සේවිකාවක් මුල්වරට කරන හෙළිදරව්ව
"එන්න එපා, සාධාරණ විධියට නෙවෙයි හම්බ කරන්නේ. යා දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට යා දෙන්නෙත් නැහැ. අපිට යා දෙන්නෙත් නැහැ. මොක ද අපි තව කෙනෙකුට ගින්දරක් දීලානේ හම්බ කරන්නේ,"යි බීබීසී සිංහල සේවය හා පැවසුවේ, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනයක සේවය කළ 23 හැවිරිදි සමාධි ය. සමාධි යනු ඇගේ සත්‍ය නම නොව ඇගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අප භාවිත කරන අන්වර්ථ නාමයකි. එය ඇගේ ජීවිතයේ පළමු රැකියාව විය. මිතුරියක මාර්ගයෙන් ඇය මෙම රැකියාව පිළිබඳව තොරතුරු දැනගෙන ඒ හා සම්බන්ධ වන්නේ 2022 වසරේදී ය. කෙසේ වෙතත්, මාස පහක කාලයකට වඩා ඇය එහි රැඳී සිටීමට අපොහොසත් වන්නේ ඇගේ වරදක් නිසා නොව, රැකියාවේ වූ "පීඩාකාරී ස්වභාවය" නිසා ය. "දවසකට කෝල්ස් 300ක් විතර ගන්නවා. ගෙදර එද්දී මගේ උගුර නෑ. දවස පටන් ගන්න වෙන්නේ ම කුණුහරුප අහගෙන, එක ම කෙනෙකුට දවසකට කෝල්ස් 10ක් විතර ගනිද්දී," ඇය මීට මාස 10කට පමණ තිත තැබූ රැකියාවේ "අප්‍රසන්න" ස්වභාවය ගැන නොනවත්වා පැවසුවා ය. බීබීසී සිංහල සේවය ඔස්සේ මීට පෙර ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනවල වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කළ ද, එවැනි ආයතනයක සේවය කළ වෘත්තිකයෙකු හා සම්මුඛ සාකච්ඡාවක යෙදුණු පළමු අවස්ථාව මෙය වේ. බහුතරයක් තරුණියන් සමාධි සමග තවත් 50ත් 60ත් අතර පිරිසක් ඇගේ අංශයේ රාජකාරි කළහ. ඉන් බහුතරයක් තරුණියන් වූ බව ඇය පැවසුවා ය. ඇය සඳහන් කළේ, රැකියාවට ඇතුළත් කර ගැනීම සඳහා මිතුරිය මාර්ගයෙන් තම ජීව දත්ත පත්‍රිකාව අදාළ ආයතනය වෙත යොමු කළ පසු දුරකතනය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බව ය. ඉන් අනතුරුව ඇයට රැකියාව හිමි වූ බව ඇය පැවසුවා ය. "විස්තර අහනවා, නම, ගම, ඒ ලෙවල් කරලා ද, අනිත් සුදුසුකම්. ඊට පස්සේ කියනවා මේ දවසට එන්න ඉන්ටර්වීව්, ඔයාව මේකට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. හැබැයි මට කියපු එක නෙමෙයි, රිකවරි දුන්නේ.” “ඇත්ත ම කිව්වොත් මොනවත් සුදුසුකම් හරියට බලන්නේ නැහැ. ඕන ම කෙනෙකුට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නම්. කතා කරලා පේමන්ට් එක ගන්න නේ තියෙන්නේ," සමාධි ඇය රැකියාවට ඇතුළත් වුණු ආකාරය පිළිඳව සහ ඒ සඳහා එම ආයතනය ඇගෙන් බලාපොරොත්තු වූ සුදුසුකම් පිළිබඳව පැවසුවේ එලෙසිනි. රැකියාවට බඳවා ගැනීමෙන් අනතුරුව මුල් දිනයේ රාජකාරි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද තවත් දින දෙකක් පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් ද පුහුණුවක් ලබා දුන් බව ඇය පැවසුවා ය. එලෙස බඳවා ගන්නා තරුණ තරුණියන් වෙත රුපියල් 30,000ත් 40,000ත් අතර මූලික වැටුපක් ගෙවූ බව ඇය සඳහන් කළා ය. එම මුදල තමන් වෙත ලබා දෙන ඉලක්ක සපුරා ගැනීමෙන් ආසන්න වශයෙන් 100,000ක් දක්වා ඉහළ දමාගත හැකි බව ඇය පෙන්වා දුන්නා ය. රැකියාවේ ස්වභාවය සමාධි බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කොළඹ නගර මධ්‍යයේ ඇති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මෙම ආයතනයේ, විවෘත ශාලාවක ඇය අයත් අංශය ඇතුළු තවත් අංශ දෙකක සේවක සේවිකාවන් රාජකාරියේ නිරතව සිටි බව ය. ඉන් තමන්ට පැවරී තිබුණේ, ලබා දුන් ණය නැවත පියවා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් දිනපතා දුරකතනය ඔස්සේ ඇමතීම බව ඇය පැවසුවා ය. "ටීම් විධියට ඉන්නේ. එක ටීම් එකක ලීඩර් කෙනෙක් එක්ක පහක් ඉන්නවා." සේවා මුර තුනක් යටතේ රාජකාරි කටයුතු කළ යුතුව තිබුණු බව ඇය පැවසුවා ය. සමාධි පෙන්වා දුන්නේ, දිනකට කාණ්ඩ කිහිපයක් යටතේ ගනුදෙනුකරුවන් වෙත දුරකතන ඇමතුම් ලබා දීමට තමන්ට පැවරී තිබුණු බව ය. "උදේ 10:00 විතර වෙනකම් කස්ටමර් කෝල්ස් ගන්නවා. මොක ද කස්ටමර්ස්ලා වැඩට යනවනේ. ඊට පස්සේ දෙක විතර වෙනකම් වර්ක්ප්ලේස් කෝල්ස් ගන්නවා. ඒ අය වැඩ කරන තැන්වලට. පස්සේ කන්ටැක්ට් පර්සන්ට. ආයෙත් පහ විතර වෙනකම් කස්ටමර්ට ගන්නවා." ඇය සඳහන් කළේ, දිනකට අවම වශයෙන් දුරකතන ඇමතුම් 300ක් පමණ ඇය ලබාගත් බව ය. එක් දිනක දී ඇතැම් ගනුදෙනුකරුවන් වෙත දුරකතන ඇමතුම් 10කට ආසන්න සංඛ්‍යාව ලබා ගත් බව ද ඇය පැවසුවා ය. දහවල් ආහාරය සඳහා සහ රාජකාරි කරන පැය නවයක [දිනක] කාලය තුළ ලැබෙන කෙටි විවේකය හැරුණුකොට ආසනයෙන් නැගිට යාමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය ම කාරණයකට පමණක් බව ද සමාධි සඳහන් කළා ය. රාජකාරී වේලාව තුළ ජංගම දුරකතන භාවිතාව තහනම් ය. යම් හෙයකින් රාජකාරි වේලාව තුළ ආසනයෙන් නැගිට ගියහොත් අධීක්ෂකවරයාගේ දෝෂාරෝපණයට ලක්වන බව ඇය පැවසුවා ය. ඇය සඳහන් කළේ, ණය පියවා ගැනීමට ලබා දෙන ඇමතුම් හැරුණුකොට තවත් ණය ලබා ගැනීමට ගනුදෙනුකරුවන් පොළඹවන ප්‍රවර්ධන ඇමතුම් පවා ඇය ලබා දුන් බව ය. කෙසේ වෙතත් එම ඇමතුම් තුළින් සිදුවන්නේ ද ගනුදෙනුකරුවන් "රැවටීම" බව ඇය පෙන්වා දුන්නා ය. "සතියට නිවාඩු දවස් දෙකක් ලැබෙනවා. එකක් සතියෙන් දවසක. අනිත් එක සති අන්තයේ එක දවසක." ණය ලබාදීමේ දී රැස්කර ගන්නා තොරතුරු හා ණය ලබාදෙන ආකාරය ණය ලබාදීමේ දී ගනුදෙනුකරුවන්ගේ තොරතුරු රැස්කර ගැනීම ඇය සතු කාර්යයක් නොවුණ ද ඒ පිළිබඳව ඇයට අවබෝධයක් ඇති බව සමාධි අප හා පැවසුවා ය. ඇය සඳහන් කළේ, නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, රැකියාව, රැකියා ස්ථානයේ දුරකතන අංකය සහ තවත් ගනුදෙනුකරුට හිතවත් පුද්ගලයෙකුගේ දුරකතන අංකයක් ලබා ගන්නා බව ය. ඊට අමතරව ජාතික හැඳුනුම්පතේ දෙපස පෙනන පරිදි එය අතැතිව සෙල්ෆි ඡායාරූපයක් යොමු කරන ලෙසට ද ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙන බව ඇය පැවසුවා ය. "සමහර වෙලාවට බොරු විස්තර දෙනවා. වැඩකරන තැන එහෙම බොරු නම්බර්ස් දෙනවා. එයාව දන්නෙවත් නැති අයගේ නම්බර්ස් දීලා තියෙන්නේ. කෝල් කළා ම තමයි ඒක දැන ගන්නේ," තොරතුරුවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ඇය අදහස් දැක්වූවා ය. ඇය සඳහන් කළේ, ඉන් අනතුරුව ආයතන ප්‍රධානීන් එම තොරතුරු පිරික්සා බලා ණය මුදල අනුමත කරන බව ය. ණය මුදල ලබාදීම ඉතා කෙටි කාලයක දී වුව ද සිදුවිය හැකි බව ඇය පැවසුවා ය. එම ආයතනයේ ණය ප්‍රතිපත්තිය අනුව, මුල් වරට ලබා දෙන්නේ රුපියල් 5000ක ණය මුදලක් පමණක් බව ඇය පැවසුවා ය. එය දින පහක් ඇතුළත පියවිය යුතු බව ත් නැතහොත් ප්‍රමාද ගාස්තුවක් සමග රුපියල් 1,000ක මුදලක් ඊට එකතු වන බව ත් ඇය පෙන්වා දුන්නා ය. ඉන් අනතුරුව ලබා ගන්නා ණය සඳහා පොලී අය කරගන්නා ආකාරය බීබීසී සිංහල සේවයට නිරීක්ෂණය කිරීමට හැකි විය. 'පොලිය තීරණය වෙන්නේ දෙන ණය කොච්චර ද කියන එක මත' රුපියල් 50,000ක් දක්වා ණය ලබා ගත හැකි බව ත් එම මුදල මාසයක් ඇතුළත පියවිය යුතු බව ත් ඇය සඳහන් කළා ය. එලෙස ණය ලබා ගන්නා වැඩි දෙනෙකු ආරක්ෂක අංශවල රැකියාවල නිරත පිරිස් බව ඇය පැවසුවා ය. ඊට අමතරවර ත්‍රිරෝද රථ රියැදුරන් ද වැඩි වශයෙන් ණය ලබා ගන්නා බව ඇය සඳහන් කළා ය. එම පිරිස් අතරින් බොහෝ දෙනෙකු වයස අවුරුදු 40ක් පමණ වන පිරිස් බව ත් ඔවුන් සතුව ණය ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන යෙදුම (app) පරිශීලනය කිරීමට අවශ්‍ය දැනුම ඇති බව ත් ඇය පැවසුවා ය. ණය නැවත පියවා ගන්නා ආකාරය ණය නැවත පියවා ගැනීමේ ක්‍රියාවලිය තරමක් දුෂ්කර බව සමාධි බීබීසී සිංහල සේවය හා පැවසුවාය. ඇය සඳහන් කළේ, දුරකතන ඇමතුම් 300කට ආසන්න ගණනක් ගත්ත ද ඒ අතරින් ණය නැවත පියවන්නේ 10-15ත් අතර පිරිසක් බව ය. ණය මුදල පියවිය යුතු දිනට දින කිහිපයකට පෙර සිට ඒ පිළිබඳව ගනුදෙනුකරු දැනුවත් කරන බව ත්, එම මුදල අදාළ පුද්ගලයා නියමිත දිනට පියවීම සිදු නොකරන්නේ නම් දිගින් දිගට ම ඔහු වෙත දුරකතන ඇමතුම් ලබා දෙන බවත් ඇය පැවසුවා ය. යම් ගනුදෙනුකරුවෙකුට ණය නැවත පියවීමේ හැකියාව ඇතැ යි හැඟුණහොත් එම මුදල නැවත ගෙවන තුරු අදාළ ගනුදෙනුකරු වෙත ඇමතුම් ලබා ගන්නා බව සමාධි පැවසීය. ඉන් අනතුරුව අදාළ පුද්ගලයාගේ රැකියා ස්ථානය වෙත සහ ඔහු ලබාදුන් අනෙක් හිතවතාගේ අංකය ද අමතන බව ඇය සඳහන් කළා ය. ඒ බොහෝ අවස්ථාවල දී ගනුදෙනුකරුවන් ඇය වෙත "පරුෂ වචනයෙන්" බැණ වදින බව ඇය පැවසීය. ඇතැම් විට "පරිගණක පද්ධතියේ දෝෂ හේතුවෙන්" ණය පියවූ පුද්ගලයින් වෙත ද නැවත නැවතත් දුරකතන ඇමතුම් යොමු වන බව ඇය පැවසුවා ය. තමන් ද ඇතැම් අවස්ථාවල දී ගනුදෙනුකරුවන් වෙත බැණ වැදී ඇතැ යි සමාධි සඳහන් කළා ය. "කස්ටමර් කතා කරන විධියත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ." ඇය පැවසුවේ, දිගින් දිගට ම ගනුදෙනුකරුවන් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔවුන් ලබා දුන් ලිපිනය වෙත, නඩු පවරන බව දන්වමින් ලිපි යොමු කරන බව ය. කෙසේ වෙතත් එවැනි නඩු පැවරීමක් සිදු වූ බවට තමන්ට දැන ගන්නට ලැබී නොමැති බව ඇය සඳහන් කළා ය. මීට පෙර බීබීසී සිංහල වාර්තා කළ පරිදි, ණය ගෙවීමට අපොහොසත් වන ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගෙන ඔවුන් "බ්ලැක්මේල්" කිරීමක් සිදු වුණු අවස්ථා තිබුණේ ද යන්න අපි ඇයගෙන් විමසුවෙමු. එහිදී ඇය සඳහන් කළේ, "දැන් කස්ටමර් අපිට වෙන කෙනෙකුගේ නම්බර් එකක් දෙනව නේ. එයාට අපි දිගට ම කතා කරද්දී එයා අපිට වෙන කෙනෙක්ගේ නම්බර් එකක් දෙනවා 'මිස් මේ නම්බර් එකට කතා කරන්න,' කියලා. එහෙම අපිට හම්බ වෙන නම්බර්ස්වලට අපි ඊට පස්සේ කෝල් කරනවා." කෙසේ වෙතත්, එවැනි "බ්ලැක්මේල්" කිරීමක් සිදු වුණු බවට තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව ඇය පැවසුවා ය. ණය ඉල්ලන "ඕනෑ ම කෙනෙකුට" ආයතනය ණය ලබා දෙන බව ඇය සඳහන් කළේ "අපිට ඕනේ කස්ටමර්ස්ලා නේ," යනුවෙන් ද පවසමිනි. "සමහර කෝල්ස් ගත්තා ම කියනවා, 'මිස් මගේ පුතා ලෝන් එක අරන් තියෙන්නේ, ඌ කුඩු ගහන්නේ, ඌට මොකට ද ඔයාලා ලෝන් දෙන්නේ, ඕගොල්ලෝ දන්නේ නැද්ද?' කියලා," ඇතැම් ගනුදෙනුකරුවන් ලබාදුන් දුරකතන අංක ඇමතීමේදී ප්‍රතිචාර ලැබෙන බව ඇය පැවසුවා ය. "ගොඩක් වෙලාවට රිකවරි එක වෙන්නේ නැහැ. ඩේලි ගනුදෙනු කරන අය තමයි පේමන්ට් එක කරන්නේ." එලෙස සිදුවන අලාභය පියවා ගැනීමට නැවත ප්‍රවර්ධන කටයුතු සිදුකර කෙසේ හෝ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ඇය පැවසීය. දිනකට සමස්ත කණ්ඩායම රුපියල් ලක්ෂ 10-15ත් අතර මුදලක් නැවත පියවා ගන්නා බව ඇය පෙන්වා දුන්නා ය. රැකියාවෙන් ඉවත් වුණේ ඇයි? "මම නම් ආස ම නැති එක්ස්පීරියන්ස් එකක් ඒක. පුදුම ප්‍රෙෂර් එකක්. උදේ පාන්දර සමහර කෝල් කුණුහරුපෙන් පටන් ගන්නේ කස්ටමර්. දවස ම මූසලයි. එපා වෙනවා," සමාධි තමන් රැකියාවට තිත තැබීමට හේතුව පැහැදිලි කළා ය. ඊට අමතරව ගනුදෙනුකරුවන් පීඩාවට ලක් කිරීමට ඇයට සිදුවීම ද රැකියාවට සමුදීමට හේතු වූ බව ඇය පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ, ඇතැම් පිරිස් ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ණය සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට කොළඹ පිහිටි ඇගේ ආයතනය වෙත පැමිණි බව ය. "අසරණ කස්ටමර්ස්ලා ඉන්නවා. මෙහෙම වධ දෙන එක පව්..." ඇය සඳහන් කළේ, ඇය සමග රැකියාවේ නිරත වූ බොහෝ දෙනෙකු ද දැන් එම ආයතනයෙන් ඉවත් වී ඇති බව පවසමිනි. "ප්‍රමෝෂන් කරද්දී, වෙලාවට ණය ගෙව්වොත් වැඩි ගාණක් ආපහු ගන්න පුළුවන් කිව්වට එහෙම දෙන්නේ නෑ. බොරු කරන්නේ." රැකියාවේ තමන්ට අනාගතයක් ඇතැ යි නොදුටු බව ද ඇය පැවසුවා ය. ආයතනය හා සම්බන්ධ වීමේ දී පත්වීමේ ලිපියක් නොදුන්න ද ඉවත් වීමට පෙර මසකට කලින් ඒ පිළිබඳව ආයතනය දැනුවත් කිරීමට සිදු වූ බව ඇය සඳහන් කළා ය. "EPF, ETF කැපෙනවා. ඒ උණාට එහෙම බී කාඩ් එකකට අපි අත්සන් කළේ නෑ. වෙන ම ඉන්ෂුවරන්ස් එකක් ආවා. හැබැයි මම ගත්තේ නෑ," යනුවෙන් ද ඇය ආයතනය තුළ තම අත්දැකීම විස්තර කළා ය. සමාධි සඳහන් කළේ, ආයත ප්‍රධානීන් හා ලැදි සේවකයින්ට නිවාඩු ලබා ගැනීම පහසුවුවත් එසේ නොවන සේවකයින්ට එය අපහසු කාර්යයක් වූ බව ය. "'ඇයි මෙයාලට හැමදා ම ලෙඩ, මෙහෙම අයව අස් කරලා දාන්න,' ඒ වගේ කියනවා." සමාධි තවදුරටත් සඳහන් කළේ, "[බැංකුවලින් ණයක් ගන්න අමාරු වුණත්] මේ වගේ මිනිස්සුන්ට වධ දෙන ආයතන ඕනේ නෑනේ," යනුවෙනි. ආයතනය තුළ නීතිඥවරුන් ලෙස 'ව්‍යාජව' පෙනී සිටින පිරිස් සිටින බව ද ඇය පැවසුවා ය. "ලෝ කිව්වට ඒ ගොල්ලෝ ලෝ කරන්නේ නෑ, ඒත් ලෝයර්ස්ලා කියලා තමයි ඒ ගොල්ලෝ කස්ටමර්ස්ලාගේ සල්ලි එකතු කරන්නේ. දවස් 120-30 පැනපු ලෝන්වලට එයාලා තමයි කෝල් කරන්නේ. ලෝයර්ස්ලා වගේ ඉන්නවා. කස්ටමර්ස්ලා එද්දී ලෝයර් කෝට් එකක් වගේ මොකක් හරි එකක් අඳිනවා. අපි එතනින් යනවා නම් සර්, මිස් කියලා තමයි කතා කරන්න ඕනේ. පහක් හයක් වගේ ඉන්නවා. ලෝ ඩිග්‍රියක් තියෙන කෙනෙක් ඇයි එතන ඇවිල්ලා වැඩ කරන්නේ?" ඇතැම් ඇමතුම්වල දී තමන් වෙත අයුතු යෝජනා පැමිණ ඇති බව ද ඇය සඳහන් කළා ය. "එන්න මාව හම්බ වෙන්න. මං කියලා දෙන්නම් මම කවුද කියලා," යනුවෙන් ඇතැම් ගනුදෙනුකරුවන් එවැනි යෝජනා කළ ආකාරය ඇය සිහිපත් කළා ය. සමාධි සඳහන් කළේ, තම රැකියාව හැඟීම් දැනීම් නොමැති "රෝබෝවරු" ආකාරයේ වූ බැවින් තමන් අවසානයේ ඊට තිත තැබූ බව ය. නීත්‍යනුකූල, බලයලත් බැංකුවලින් පමණක් ජනතාවට ණය ලබා ගන්නා ලෙස ඇය "ඉතා කාරුණිකව" ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් බීබීසී සිංහල සමග පැවසුවා ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය. එහිදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විය යුත්තේ තැන්පතු ලබා ගන්නා ආයතන පමණක් බව ය. "මහජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා ආයතන තියෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතන පමණයි. ඒගොල්ලෝ විතරයි අපි ළඟ ලියාපදිංචි වෙන්න ඕනේ." කෙසේ වෙතත්, "පෞද්ගලික මුදල් පාවිච්චි කරලා ණය දෙන ආයතන කරන අයට දැනට ලියාපදිංචි වීමේ අවශ්‍යතාවක් නැහැ ශ්‍රී ලංකා මහ බැංකුවේ," යනුවෙන් අදාළ නිලධාරියා සඳහන් කළේ ය. "නමුත් මේ වගේ ව්‍යාපාර කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල, සමාගම් රෙස්ජිට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි වෙන්න ඕනේ. මහ බැංකුවේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ." එසේ වුව ද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත නමින් පනතක් කෙටුම්පත් කර ඇති බව ත්, එය මේ වන විට පළමු වර කියවූ බව ත් එම නිලධාරීයා පැවසීය. "සෙකන්ඩ්, තර්ඩ් රීඩින්ග්වලට ටේබල්වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලබන වසරේ මුල් භාගයේ දී පනත බලාත්මක වේවි. එහෙම වුණොත්, සියලු ම ණය දෙන ආයතන ඒ අධිකාරියේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නෙවෙයි එන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ හදන තවත් අධිකාරියක් විධියට." සමාධි හා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ, ඇය රැකියාවේ නිරත වූ ආයතනය වෙත විදෙස් රටක් හරහා මුදල් පැමිණෙන බව ය. එම මුදල් භාවිත කර, ණය ලබා දෙන බවට එහිදී කරුණු හෙළි විය. මෙවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිචි වීම අනවශ්‍ය වුව ද එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් බවට එහි ප්‍රධානීන් සමාධිව දැනුවත් කර තිබේ. එමෙන් ම, බීබීසී සිංහල වෙත තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරන විමසීමක් අනුව, ණය ලබා දෙන ව්‍යාපාර වෙත එම ආයතනයවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලබන පැහැදිලි කිරීමේ ලිපිය, එම ආයතනය එය බලයලත් ආයතනය බවට පෙන්වීමට යොදා ගන්නා බව ය. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතියකින් තොරව විවිධ නම්වලින් පවතින ඔන්ලයින් ණය යෝජනා ක්‍රමවල අපරාධ ඉහළ යමින් බැංකු වැනි ආයතන ද අනතුරට ලක්වන බව පවසා දූෂණ විරෝධී හඬ සංවිධානය සියලු බැංකුවලට ලිපියක් නිකුත් කර තිබේ. දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, මෙම නීති විරෝධී ඔන්ලයින් ණය ක්‍රම හරහා දැඩි ලෙස ජනතාව පීඩාවට පත්ව ඇති බව ය.
'මේ සියඹලා ගහ යට තමයි නඩු ඇහුවේ'
1908 දී දකුණු පළාතේ ආණ්ඩුවේ සහකාර ඒජන්තවරයා ලෙස රාජකාරි ආරම්භ කළ ලෙනාඩ් වුල්ෆ් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ ඉතිරි කළ මතකයන් රැසක් තිබේ. බැද්දේගම නමින් නවකතාවකට සහ සිනමා පටයකට සිංහලට පරිවර්තනය වූ 'Village in the Jungle' කෘතිය, හම්බන්තොට මීගහජඳුරේ පිහිටි නඩු ඇසූ සියඹලා ගස සහ ඔහු නවාතැන් ගත් වලව්ව ලෙනාඩ් වුල්ෆ් ගැන මතකය ඉතිරි කළ සංකේතයන් වේ. 1911 දී ලංකාවේ රාජකාරි නිමවා එංගලන්තයට ගිය ඔහු ඉන් වසර 50කට පසු යළි ලංකාවට පැමිණ අතීත මතකයන් හරහා ගමන් කළේය. වසර තුනක රාජකාරි කාලය තුළ ලෙනල්ඩ් වුල්ෆ් හම්බන්තොට පාසල් 43ක් ආරම්භ කළ බව ලෙනාඩ් වුල්ෆ් ඇසුරු කළ විජේසිංහ බෙලිගල්ල ඔහුගේ 'ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්' කෘතියේ සඳහන් කර ඇත. මීගහජඳුරේ නඩු ඇසීමට පැමිණි අවස්ථාවේ දී ලෙනාඩ් වුල්ෆ් නවාතැන් ගත වලව්ව ද අද ගරා වැටෙමින් පවතී.
'දළඹුවෝ කනවද කියලා පාර දිගේ අහගෙන ගියා. බලන්න ආවේ නෑ'
සේනා දළඹුවා යළි ව්‍යාප්තවීම නිසා වගා බිම් විනාශ වෙමින් පවතින බව බඩ ඉරිඟු ගොවීහු පවසති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව මේ වනවිට හෙක්ටයාර් 50,000ක බඩ ඉරිඟු වගා කර ඇති අතර ඉන් 10%ක ප්‍රදේශයකින් සේනා දළඹුවාගෙන් වගා හානි වාර්තා වී තිබේ. සේනා දළඹුවා පාලනයට විලෝපික ජීවින් 20කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ස්වභාවික ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන්නේ නම් ඩ්‍රෝන යානා යොදාගෙන රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බව අම්පාර ප්‍රදේශය භාර, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එන්.එස්.පී දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය.
ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්නේ කොහොමද?
පසුගිය දිනක දී බම්බලපිටියේ පවත්වාගෙන ගිය ව්‍යාජ උසස් අධ්‍යාපන ආයතනයක් පොලිසිය විසින් වැටලීමේ සිදුවීම දිවයින පුරා පවත්වාගෙන යන මෙවන් ව්‍යාජ උසස් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය පිළිබඳ ගැටලුවේ බරපතල බව පෙන්වන උදාහරණයකි. විදෙස් රැකියාවකට යාමේ අරමුණින් බොහෝ දෙනෙකු විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන නමුත් ඒවායේ පිළිගතහැකිභාවය පිළිබඳ ගැටළු නිසා එලෙස කාලය හා මුදල් අහිමි කරගත් අය බොහෝ සිටිති. ව්‍යාජ ආයතනවලට රැවටෙන්න එපා! තිසර ඒකනායක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත්වන විසිපස් හැවිරිදි තරුණයෙකි. ඔහු පසුගිය වසරේ විදුලි කාර්මික වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරන්නේ රුමේනියාවේ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් ය. "ගිය අවුරුද්දේ මම මේ කෝස් එක කළේ රුමේනියා යන්න බලාගෙන. ඒ වුණාට පස්සෙ තමයි දැනගත්තේ ඒක බොරු කෝස් එකක් කියලා. අන්තිමට මගෙ සල්ලිත් නැතිවුණා. කාලයත් අපරාදෙ," ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේ ය. මේ, විදෙස්ගත වීමේ අරමුණින් විවිධ පාඨමාලා හැදෑරීමට ගොස් සිය මුදල් හා කාලය අහිමි කරගත් එක් තරුණයෙකුගේ කතාවක් පමණි. එවැනි සිදුවීම්වලට මුහුණ දුන් බොහෝ අය වර්තමානයේ සිටිති. පිළිගත් ආයතනයක් තෝරාගන්නේ කෙසේ ද? ඔබ උසස් අධ්‍යාපනය සඳහා ආයතනයකට යොමු වන්නේ නම්, එය රජයට අයත් උසස් අධ්‍යාපන ආයතයක් නම්, බොහෝවිට ඔබට මෙම ගැටළුවට මුහුණ දීමට සිදු නොවේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා රජයේ විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් පරීක්ෂා කරගත හැකි නිසා වඩාත් පිළිගත් උපාධි පාඨමාලාවකට අයදුම් කිරීමේ හැකියාව ද තිබේ. නමුත් අතිශය තරගකාරී විභාගයක් වන උසස් පෙළ විභාගයෙන් රජයේ විශ්වවිද්‍යාලයයකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වූ හෝ වෙනත් හේතුවක් නිසා හෝ අධ්‍යාපනය හැදෑරීමට අර්ධ රාජ්‍ය හෝ පුද්ගලික විශ්වවිද්‍යාල තෝරාගන්නා සිසුහු සැලකිය යුතු සංඛ්‍යාවක් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිටිති. එලෙස උසස් අධ්‍යාපන ආයතයක් හා පාඨමාලාවක් තෝරාගැනීමේ දී එය පිළිගත් එකක්දැ යි සෙවීමට ඔබ යා යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවියට හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ය. එම වෙබ් අඩවි දෙක තුළම එලෙස බලය හිමි ආයතන හා, එම ආයතනවලින් ලබා දිය හැකි උපාධි පාඨමාලා සඳහන් ලැයිස්තු පළකර තිබේ. ශ්‍රී ලංකාව තුළ යම් ආයතනයක් උපාධි පිරිනැමීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතන 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ ආයතනය සහ පාඨමාලා ලියාපදිංචි කළ යුතු ය. ඒවා වරින් වර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට යටත් වේ. මෙවැනි ආයතන 26ක් මේ වන විට ලියාපදිංචි වී තිබෙන අතර, විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමන උපාධි පාඨමාලා පිරිනැමීම සිදුවන්නේ මෙරට ඇති ආයතනයක් හා සම්බන්ධ වී ඒවා සඳහා ඉහත වගන්ති යටතේ අවසර ගැනීමෙන් පසුව ය. දැනට ලියාපදිංචි ආයතන 26 තුළ ඇතැම් ආයතන එලෙස විදේශිය විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වී උපාධි පිරිනැමීම සිදු කරයි. දෙස්/ විදෙස් රැකියාවකට යන්න වෘත්තිය පුහුණු ආයතනයක් තෝරාගන්නෙ කොහොමද? ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1990 අංක 20 දරණ තෘතියික හා වෘත්තිය පුහුණු අධ්‍යාපන පනත සහ අංක 887/8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තිය පුහුණු ආයතයක් "තෘතියික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාව" යටතේ ලියාපදිංචි විය යුතු ය. NVQ සහතික ලබා දීමේ බලය ලබා දෙන්නේ මෙම කොමිසමෙනි. එම කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය උදේනි වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය. "රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ ඕනෑම ආයතනයක් වෘත්තිය පුහුණු ලබා දෙනවා නම් අපේ කොමිසම යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු යි. එහෙම නොකරනවා නම් ඒක නීති විරෝධියි සහ ඒ ආයතන ව්‍යාජ ආයතන හැටියට යි සලකන්නේ. ඔවුන්ගේ විෂය නිර්දේශ කොමිසමට ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගත යුතුයි," ආචාර්යවරයා පැහැදිලි කළේ ය. එමෙන් ම ඔහු පැවසුවේ එලෙස අනුමත ආයතන ලැයිස්තුව www.tvec.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති බව යි. දැනට එවැනි ආයතන 1300ක් පමණ කොමිසම යටතේ ලියාපදිංචි බව ඔහු පැවසුවේ ය. අනුමත වෘත්තීය පුහුණු ආයතනවලට සහතික පත්‍ර පිරිනැමිය හැකි ආකාරය පිළිබඳ ද ඔහු විස්තර කළේ ය. "මේ ආයතනවලට NVQ සහතික නිකුත් කරන්න පුළුවන්. ඒ සහතික සෘජුවම අපි හරහා තමයි නිකුත් කරන්නේ. NVQ නොමැති වෙනත් සහතික වුණත් නිකුත් කරන්න පුළුවන්. මොන සහතිකය පිරිනැමුවත් ඒ ආයතනය අපේ කොමිසම යටතේ ලියාපදිංචි වෙලා තිබිය යුතුමයි ." ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව යනු මට්ටම් හතක සුදුසුකම් රාමුවකි. සුදුසුකම් යනු සාමාන්‍යයෙන් ශ්‍රම වෙළඳපොලේ යම් ස්ථානයක අවශ්‍යතාවයන්ට ගැලපෙන නිපුණතා ඒකක පැකේජයකි. මෙම රාමුව 2005 වසරේ දී හඳුන්වා දී තිබෙන අතර මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සුදුසුකම් රාමුවකි. ආචාර්යවරයා පැවසුවේ ව්‍යාජ ආයතනවලට නොරැවටී කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා පිළිගත් ආයතනයක අධ්‍යාපනය සඳහා යොමුවන ලෙස ඔවුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරන බව යි. විදෙස් රැකියාවකට යන්න සුදුසු පාඨමාලාවක් තෝරාගන්නා ආකාරය ශ්‍රී ලංකාවේ පුහුණු/ නුපුහුණු ශ්‍රමිකයෝ රැසක් වසරකට විදේශ රැකියා සඳහා පිටත්ව යති. ගෘහ සේවිකා සහ ගෘහ පාළිකා වැනි මැදපෙරදිග රැකියා සඳහා බොහො දෙනෙකු යොමුවන අතර, වර්තමානය වන විට යුරොපීය රටවලට සහ ඊශ්‍රායලය වැනි රටවල් සඳහා සාත්තු සේවකයන් ලෙස බොහෝ දෙනෙක් යාමට බලාපොරොත්තු වෙති. මේ සම්බන්ධයෙන් සලකා බලන සුදුසුකම් සම්බන්ධයෙන් අප විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමක් කරන ලදි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු හා බඳවාගැනීම්) යාපා පතිරණ පැවසුවේ බොහෝ රැකියා සඳහා සාමාන්‍යයෙන් NVQ 3 වන අදියර සලකා බලන බව යි. "සාත්තු සේවක වගේ රැකියා සඳහා බොහෝ වෙලාවට සලකා බලන්නේ NVQ Level 3. මේකෙන් යුරෝපීය රටවල්වලට වගේ ම ඊශ්‍රායලය, ජපානය වගේ රටවල්වල රැකියා සඳහා යන්න පුළුවන්. නමුත් එංගලන්තය වගේ සමහර යුරෝපීය රටවල් වල NVQ level 3 වගේම Level 4, 5 ඉල්ලන අවස්ථාත් තියෙනවා. ඒක රඳා පවතින්නේ රැකියාවෙ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් හැම රැකියාවකම අවම සුදුසුකම NVQ තුන්වන අදියර." ඔහු පැවසුවේ විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට විදේශ සේවා නියුක්ති කාර්යංශය යටතේම එම පාඨමාලා හැදෑරීමට ද අවස්ථාව ඇති බව යි. "අපේ ආයතනය යටතේම සාත්තු සේවය, ගෘහ පාලිකා වගේ රැකියා සඳහා NVQ Level 3, 4 මට්ටම්වල පාඨමාලා පවත්වනවා. ඕනෑම කෙනෙක්ට අදාළ ගාස්තුව ගෙවලා ලියාපදිංචි වෙලා අපේ නේවාසික පුහුණුව ලබා ගන්න පුළුවන්," නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය. ඔහු පැවසුවේ එම පුහුණු මධ්‍යස්ථාන සියළු පළාත් ආවරණය වන ආකාරයට පිහිටුවා ඇති බවයි. විදෙස් රැකියාවකට යාමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට ඒ සඳහා අයදුම් කළ හැකි අතර, ඒවා සඳහා වන සුදුසුකම් කාර්යංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. කොරියානු රැකියා සඳහා පිටත්ව යන අය සඳහා ද විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා පුහුණුවක් ලබා දෙන අතර, ඒ සඳහා ඔවුන් භාෂා විභාගය සමත් වී කොරියානු සමාගමක් හා සේවා ගිවිසුමකට එළඹ සිටිය යුතු ය. එවැනි අයදුම්කරුවන්ට කොරියාවට පිටත්ව යාමට පෙර මෙම නේවාසික පුහුණුවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. "සමහර රැකියාවලට NVQ අනිවාර්යය නෑ. නමුත් එහෙම සුදුසුකමක් තිබීම අමතර වාසියක් වෙන්න පුළුවන්," නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවේ ය. අප මේ සඳහා වැඩිදුර තොරතුරු විමසීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) තොරතුරු නිලධාරී චන්න සුබසිංහ සම්බන්ධ කරගත් අතර දැනට විදෙස් රැකියා කිරීමට බලාපොරොත්තු වන අය වෙනුවෙන් ක්‍රියාත්මක පාඨමාලා කිහිපයක්ම ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය. "දැනට සාත්තු සේවක පාඨමාලා, කෘෂිකාර්මික සහායක පාඨමාලා සහ අනෙකුත් කාර්මික පාඨමාලා NVQ level 3, 4 අදියරවලින් හදාරන්න අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. මීට අමතරව කාර්මික විද්‍යාලය හා ජර්මන් ටෙක් එක වගේ ආයතනවලින් මීට වඩා ඉහළ NVQ සුදුසුකම් ලබා ගන්න පුළුවන්." තොරතුරු දැනගැනීමේ අයිතියෙන් තොරතුරු තහවුරු කරගන්න! 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතන වලින් තොරතුරු විමසීමේ බලය පුරවැසියාට ලබා දී තිබේ. ඒ 43 (ඒ) හා (ඔ) වගන්තිවලින් ය. ඔබට අධ්‍යාපන ආයතන පිළිබඳ බොහෝ තොරතුරු ද එමඟින් ඉල්ලුම් කළ හැකි ය.
එක්වරම මුළු රටේම විදුලිය විසන්ධි වීමට හේතුව ඔබ දන්නවා ද?
විදුලි කප්පාදුව හෝ හිටි හැටියේ විදුලි සැපයුම අඩාල වීම මෙරට ජනතාවට මීට වසර එකහමාරකට පමණ පෙර කාලයේ දී පුදුමය දනවන සිදුවීමක් නොවු බව නොරහසකි. නමුත් නැවතත් රටේ ජනතාව තුළ විදුලි සැපයුම පිලිබඳ කතිකාවතක් මතුව ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ සෙනසුරාදා (දෙසැ 09) මුළු රටේම විදුලි ‍සැපයුම බිඳ වැටීම යි. විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව කුමක් ද? බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නොයෙල් ප්‍රියන්ත පැවසුවේ කොත්මලේ සිට බියගම දක්වා විදුලිය ගෙන එන සම්ප්‍රේෂණ මාර්ගය ස්වභාවික කරුණක් මත බිඳ වැටී ඇති බව යි. "බැලු බැල්මට පෙනී යන්නේ මේක ස්වභාවික හේතුවක් මත සිදුවූ දෙයක් කියලා. අකුණක් නිසා ඇතිවූ තත්ත්වයක් කියලයි කියන්නේ. ඒක ගැන තවදුරටත් හොයා බලනවා," ඔහු කියා සිටියේ ය. පාර්ලිමේන්තුවේ වාද විවාද සෙනසුරාදා දිනයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම, ආර්ථිකයට සහ සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑමක් එල්ල කළ බව හා මෙම තත්ත්වයට හේතුවූ සත්‍ය කරුණු හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (දෙසැ 10) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ය. විපක්ෂ නායකවරයා විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසුවේ එම විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ දෙකක් සිදුකරන බව ය. "මේ වෙද්දී විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා දත්ත සටහන්, ඒ ආකාරයෙන් ජනන යන්ත්‍රවලින් ලබා ගැනීමට හේතුවූ කරුණු මේ වෙද්දීත් අපි අනාවරණය කරගෙන තියෙන්නේ." "2015 වසරේ දී ඉදිකරන්න තිබ්බ පොල්පිටිය - කොත්මල් රැහැන් පද්ධතියේ ඉදිකිරිම වසර ගණනාවකින් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ නිසා, ඇයි මෙච්චර ප්‍රමාද වුනේ මේක ඉදිකරන්න හේතුව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඇමතිතුමා දැනුම් දුන්නා. මේකට හේතු කාරණා ගණනාවක් තියෙනවා." "මේ අවුරුද්ද පුරාම අපි පැය 24ම විදුලිය දුන්නා. නමුත් ඊයේ මෙහෙම අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණා," නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය. අසමතුලිතතාව ප්‍රධාන හේතුවක් එක්වරම මුළු රටටම විදුලි සැපයුම බිඳ වැටීම සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට බීබීසි සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ජනක ලක්මෙවන්ගෙන් කරුණු විමසා සිටියේ ය. එහිදී ඉංජිනේරුවරයා පවසා සිටියේ රටේ පවතින විදුලි ඉල්ලුම සහ සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ දී ජාතික විදුලි බල පද්ධතිය ඇතැම් අවස්ථාවල දී මුහුණ දෙන අසමතුලිතතාවන් නිසා ක්ෂණිකව විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වීමේ හැකියාවක් පවතින බව යි. "විදුලිය කියන්නේ පරිභෝජනය කරන භාණ්ඩයක්. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඒවා වගේ විදුලිය ගබඩා කරන්න බැහැ. මේ වගේ ලොකු ශක්තියක් ගබඩා කරන්න පහසු නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් ගබඩා කරන්න පුලුවන් බැටරිවල වගේ. හැබැයි ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වෙනවා." "ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය තමයි රටේ තියෙන විදුලි ඉල්ලුමට අවශ්‍යතාවය සහ රටේ තියෙන විදුලි බලාගාරවල තියෙන ජනන යන්ත්‍රවලින් නිපදවෙන විදුලිය සමතුලිත කරලා තමයි ලබා දෙන්නේ. ඒ සමතුලිතතාවය නැතිවුණාම විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වෙන්නේ," ඔහු පැවසුවේ ය. විදුලි සැපයුම පාලනය කරන මෙම ප්‍රධාන පද්ධතියේ අසමතුලිතතාවය සිදුවන ආකාරය සහ එක්වරම විදුලිය බිඳ වැටෙන්නේ කෙසේදැ යි අපි ඉංජිනේරු ජනක ලක්මෙවන්ගෙන් වැඩිදුරට කරුණු විමසුවෙමු. ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි: "උදාහරණයක් විදිහට බැලුවොත් මේ වෙලාවේ රටේ මෙගාවොට්‌ 1000ක විදුලි ඉල්ලුමක් තියෙනවා කියලා. එතකොට විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය තමයි රටේ තියෙන බලාගාරවල තියෙන ජනන යන්ත්‍රයවලින් අදාළ ඉල්ලුම සම්පුර්ණ කරලා දෙන්න ඕන. ඔය දෙකම හරියටම සමවුණාම තමයි ප්‍රධාන පාලන පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් කියලා කියන්න පුළුවන් වෙන්නේ." "කොයි හරි අවස්ථාවක දී විදුලි ඉල්ලුම එක්වරම මෙගාවොට් 1000 ඉදලා ඊළඟ පැයේ දී මෙගාවොට් 1,200ක් දක්වා ඉහළ යෑමක් වුණාම මේ කියන සංඛ්‍යාතයේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හර්ට්ස් 50 තියෙන්න ඕන ඒක හර්ට්ස් 49.8, 49.7 වගේ පහළට ගමන් කරනවා. "එහෙම අඩු වෙද්දී අදාළ ඉල්ලුමට හරියන සැපයුම පුරවන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අඩු වෙන ඒක පාලනය කරන්නේ අපේ ජල විදුලි උත්පාදනයෙන්. එතැනින් මෙගාවොට් 100ක් එක් කරන්න පුළුවන්," ඔහු පැවසුවේ ය. "තවත් උදාහරණයක් විදිහට අපි අරන් බැලුවොත් නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ තියෙන ජනන යන්ත්‍ර තුනෙන් හදිසියේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය වුණා කියලා. එහෙම දෙයක් වුණාම මෙගාවොට් 300ක් අඩු වෙනවා ජාතික විදුලිබල පද්ධතියට. එහෙම වෙලාවට ප්‍රධාන පද්ධතියේ සංඛ්‍යාතය අඩු වෙද්දී ජල විදුලි උත්පාදනයෙන් ලබා දෙන්න පුළුවන් වෙන්නේ මෙගාවොට් 100ක් කියන්න. අන්න එතකොටත් පාලන පද්ධතියේ සංඛ්‍යාතය අඩුවීමක් වෙනවා." "මේ වෙද්දී රටේ තියෙන විදුලි ඉල්ලුම මෙගාවොට් 1000ක් වෙද්දී, සැපයුම තියෙන්නේ මෙගාවොට් 800ක්. මෙගාවොට් 200ක අඩුවක් වෙනවා. "විදුලිය උත්පාදනය කරන ජනන යන්ත්‍රවල තියෙනවා යම් මට්ටමක්. මෙහෙම සංඛ්‍යාතය අඩු වෙද්දී ඒ ජනන යන්ත්‍ර තමන්ගේ ආරක්ෂාවට ස්වයංක්‍රියව ක්‍රියා විරහිත වෙනවා. ඒ වගේමයි හර්ට්ස් 50 තියෙන්න ඕන සංඛ්‍යාතය 51කට ගියොත් ඒත් ස්වයංක්‍රියව ක්‍රියා විරහිත වෙනවා. මේකට අපි කියන්නේ Over Frequency/ Under Frequency කියලා." "මේ වගේ එක විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වුණාම අනිත් ජනන යන්ත්‍රත් ඉබේම ක්‍රියාවිරහිත වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම තමයි සමස්ත පද්ධතියේම බිඳ වැටීමක් වෙන්නේ," ඔහු පැවසුවේ ය. මෙවැනි බිඳ වැටීමක් පාලනය කරගන්න ඇති හැකියාව කුමක්ද? රටේ සමස්ත විදුලි සැපයුම බිඳ වැටීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැ යි බිබීසි සිංහල සේවය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම්වරයාගෙන් විමසීය. ඔහු පැවසුවේ විදුලි සැපයුම සහ ඉල්ලුම සමතුලිත කර ගැනීමට ඇතැම් අවස්ථාවන්වල දී වැඩි ධාරිතාවක් සහිත විදුලි ග්‍රිඩ් උපපොළවල සැපයුම විසන්ධිකොට තත්ත්වය පාලනය කර ගැනීමට බොහෝ අවස්ථාවන්වල දී කටයුතු කරන බව ය. "අපි අර කලින් කිව්ව විදිහට විදුලි ඉල්ලුම මෙගාවොට් 1000ක් තියෙනවා, නමුත් සැපයුම තියෙන්නේ මෙගාවොට් 800ක්. එතකොට මෙගාවොට් 200ක් අඩු යි. "ඒ වගේ වෙලාවට කරන්නේ මෙගාවොට් 250ක් වගේ වැඩි විදුලි ඉල්ලුමක් තියෙන ග්‍රිඩ් උපපොළක් ජාතික පද්ධතියෙන් ඉවත් කිරීමක් කරලා, තාවකාලිකව ඉවත් කරලා නැවත තත්ත්වය යතා තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. මේක තමයි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කරන ක්‍රමය." "අපේ රටේ සාමාන්‍යයෙන් බැලුවොත් පද්ධතිය අසමතුලිත යි. මොකද රටේ තියෙන ආර්ථිකය එක්ක තමයි මේක රඳා පවතින්නේ. මේ වගේ තත්ත්වයන් පාලනය කරන්න විශේෂ තාක්ෂණ ක්‍රම තියෙනවා. ඒවාට ආයෝජනය කරන්න අවශ්‍ය යි," ඔහු කියා සිටියේ ය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය: මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය විය යුතුද?
“මාගේ පුත්‍රයා දැනට වසර 28ක පමණ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටියි. ඔහු කඩින් කඩ නොයෙකුත් බන්ධනාගාරවලට මාරුකර යවන ලදි. බූස්ස, අඟුණුකොලපැලැස්ස ආදී දුර බැහැර බන්ධනාගාරවල සිටි ඔහු බැලීමට අප හට යාමට නොහැකිය. දැනට මොණරාගල බන්ධනාගාරයේ ඔහු රඳවා තබා ඇත. මා ඉතා අසරණව සිටින අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ වැනි නොයෙකුත් රෝගාබාධයන්ගෙන් පෙළෙමි. කරුණාකර මේ ගැන මානුෂිකව සිතා බලා අපහට ඔහුව බැලීමට හැකිවන පරිදි වැලිකඩ හෝ මහර වැනි බන්ධනාගාරයකට මාරු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.” මේ දිර්ඝ කලක් බන්ධනාගාරගතව සිටින රැඳවියෙකුගේ මවක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට ඉදිරිපත් කළ ආයාචනයකි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මේ මව ඉල්ලා සිටින්නේ තම පුත්‍රයාට නිදහස හෝ පොදු සමාවක් නොව, ඔහු දැක බලා ගැනීමට යාමට හැකිවන පරිදි ඔහු කොළඹ අවට බන්ධනාගාරයකට මාරුකර දීමට සහය වන ලෙසය. එවැනි මානූෂීය ගැටළු සිය දහස් ගණනක් මැද, මරණ දඬුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදින අතරතුර සිය ආචාර්ය උපාධිය හැදෑරීමට සූදානම්වන රැඳවියෙකු පිළිබඳව බීබීසී සිංහල ඉකුත් නොවැම්බර් මස වාර්තා කර සිටියේය. ඔහු සිය මූලික උපාධිය, පශ්චාත් උපාධිය මෙන්ම දර්ශනපති උපාධිය අවසන්කර තිබුණේ බන්ධනාගාරය තුළදීය. අප විසින් එම ප්‍රවෘත්තිය පළ කිරීමෙන් පසු බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළින් විමසා තිබුණේ එවැනි රැඳවියෙකුට පොදු සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට හැකියාවක් නැද්ද යන්න පිළිබඳවය. ඒ, අනුව ජනාධිපතිවරයාගේ විශේෂ සමාව හෝ කොන්දේසි යටතේ හෝ සෘජුව නිදහස නොලබන මරණ දඬුවම නියම වූ සෙසු රැඳවියන්ට හෝ ජීවිතාන්තය දක්වා හෝ දීර්ඝ කාලීන සිරදඬුවම් විදින රැඳවියන්ට බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට ශ්‍රී ලංකාවේ පවතින වත්මන් නීති රාමුව යටතේ හැකියාවක් තිබේද? බීබීසී සිංහල ඒ පිළිබඳ සොයා බැලීමක් කළේය. මරණ දඬුවම නියම වූ රැඳවියන් 1000ක් දැනට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටිති. දිවයින පුරා බන්ධනාගාර 6ක පමණ එම සිරකරුවෝ රැඳවා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය. බන්ධනාගාරය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් හඳුන්වනු ලබන්නේ ‘කන්ඩෙම්’ වූ රැඳවියන් ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් මනුෂ්‍ය ඝාතන වැනි බරපතල අපරාධ හා සංවිධානාත්මක අපරාධවලට වරදකරුවන් වූ චූදිතයින්ය. බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සම්ප්‍රදාය අනුව පළමුවරට දඬුවම් නියම වන රැඳවියන් රඳවා තැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළය. නැවත බන්ධනාගාරගත නොවීමට ඔවුන් පුනරුත්ථාපනය කිරීම එහි අරමුණය. බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් යළිත් වරක් සිර දඬුවම් ලැබ හෝ නැවත නැවත බන්ධනාගාරගත වන රැඳවියන් මහර, දුම්බර, අඟුණුකොලපැලැස්ස ඇතුලු බන්ධනාගාර වෙත යොමු කෙරෙන අතර සංවිධානත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් බොහෝ විට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබෙනු ඇත. මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ මරණ දඬුවම නියමව එකම සිර කුටියක දඬුවම් විදින පියපුතු දෙපළක් පිළිබඳවද අප කළ සොයා බැලීමේ දී අනාවරණය විය. ඒ, වැලිකඩ බන්ධනාගායේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ය. සමාව ප්‍රදානය කිරීම තීරණය වන්නේ දේශපාලන හිතවත්කම මත ද? “සිරකරුවෝද මනුෂයෝය” යන පාඨය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන හිතවත්කම මතදැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රශ්න කර සිටියි. එම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහ දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබූ සිරකරුවන්ට වර්ග කිරීමකින් තොරව පොදු සමාව ලබා දෙන ලෙසය. “සිරකරුවෝද මනුෂයෝය”. යනුවෙන් සඳහන් වුවද එම මනුෂ්‍යයන් රඳවා සිටින බන්ධනාගාර බොහෝ අය හඳුන්වනු ලබන්නේ මිහිපිට අපායන් ලෙසටය. බන්ධනාගාරය තුළ ජීවිතය කෙතරම් කටුකදැයි කීමට එය අතිශයෝක්තියක් නොවනු ඇත. සාමාන්‍ය මනුෂ්‍යයින්ට මෙන් දිවි ගෙවීමට හැකි වටපිටාවක් හෝ පහසුකමක් මෙම රඳවියන්ට තිබේද? ඊට ප්‍රධානතම බාධාව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමය. ජනාධිපති සමාව දීමේ ඉතිහාසය මරණ දඬුවම ලැබූ රඳවියෙකුට නිදහස ලබා දීමට ජනාධිපතිවරයට ව්‍යවස්ථාවෙන් බලය පවරා දී තිබේ. මෙරට ඉතිහාසය තුළ මරණ දඬුවම නියම වූ රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ අවස්ථා කිහිපයක් දැකිය හැකිය. ඉන් ආන්දෝලනාත්මක සිද්ධියක් වුයේ ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමය. එහෙත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිට වූ ශ්‍රේෂ්ඨාධිකරණය වහා ඔහු අත්අඩංගුවට ගන්නැයි (2022 මැයි 31 වැනිදා) නියෝගයක් නිකුත් කළේය. අධිකරණය මෙම නියෝගය කළේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව ඇතුලු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි. ජනාධිපති සමාව ලබා දීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇතත් මරණ දඩුවම නියම වූ අයෙකු සම්බන්ධයෙන් සමාව ලබාදීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නැතැයි පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී තිබුණි. 2021 ජනවාරි 12 වෙනිදා, බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු රංජන් රාමනායකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීම හේතුවෙන් (2022 අගෝස්තු 26) ඔහු බන්ධනාගාරයෙන් පිටව ගියේය. අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද වසර 6ක සිර දඬුවම් විදිමින් සිට බන්ධනාගාරයෙන් නිදහස ලැබුවේ ජනාධිපති සමාව යටතේය. ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. 'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ නඩුවේ විත්තිකරු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබීය. වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති මෙම බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ විසින්ද භාවිත කරනු ලැබූ අවස්ථා පිළිබඳ මෙරට ඉතිහාසය සාක්ෂි දරයි. 'ජනාධිපතිවරු බලය අවභාවිතයට ලක්කරමින් මිතුරන්ට සහන දෙන්න තමා ඒක පාවච්චි කළේ' සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ , “සිරකරුවන්ගේ දඬුවම් සමාලෝචන ක්‍රියාවලියට බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමාව දීමේ බලය තුළ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපතිවරයෙකුට වරදකරුවෙකුට සමාව දීමේ බලය තියෙනවා” “පහුගිය කාලේ අපි දකිනව මේ ජනාධිපතිවරු ගත්තමා දිගින් දිගටම තමන්ගේ ගජ මිතුරුන්ට තමන්ට ලැබිච්ච මේ බලය ප්‍රකාරව උදව්කරපු එක තමයි අපි දකින්නේ.” නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ “සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපිට හුඟක් ලියුම් දෙනවා සිරගතවෙලා ඉන්න අයගේ පවුල්වල අය. ඒවා එහෙම තියෙද්දී දුමින්ද සිල්වා අවුරුදු 5කටත් වඩා අඩු කාලයකින් නිදහස් වෙන තත්ත්වයක් තමා අපි දැක්කේ. තමන්ගේ දේශපාලන ගජමිතුරුවාදය, නැත්නම් තමන්ගේ වෙනත් මොනවා හරි සම්බන්ධතා සහ පක්ෂපාතීත්වය මත සහන දෙන්න තමා ජනාධිපතිවරු පසුගිය කාලේ පුරා වැඩ කළේ. දිගින් දිගටම මේ රටේ ජනාධිපතිවරු තමන්ට ව්‍යවස්ථානූකූලව ලැබිච්ච බලය අවභාවිතයට ලක්කරමින් තමන්ගේ මිතුරුන්ට සහන දෙන්න තමා ඒක පාවච්චි කළේ. එහෙම වෙන කොට විශාල සංඛ්‍යාවක් ඉන්නවා බරපතල විදිහට මේ ප්‍රශ්නය නිසා පීඩා විදින මිනිස්සු. තමන්ගේ ජීවිත කාලයම ඇතුළට වෙලා ඉන්න අය ඉන්නවා.” “ලෝකය ගත්තාම මිනිස්සුන්ට නිවැරදි වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. බන්ධනාගාර ලාංඡනයේ C අකුරු 3ක් තියෙනවා. කරෙක්ෂන්, කෙයාර්, කස්ටර්ඩි. කරෙක්ෂන් කියන්නේ මොකද්ද? නිවැරදි වීම එහෙම නම් නිවැරදිවීම කියලා මේක නිකං ජප කර කර ඉදලා මන්තරයක් වගේ කිය කිය ඉදලා හරි යන්නේ නැහැ. ඒකට හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ හින්දා තමා සුද්දා බන්ධනාගාර ආඥා පනත හදනකොට යහපත් කල් ක්‍රියාවෙන් ඉන්න කොට සහන දෙන්න ප්‍රතිපාදන ඇතුළත් කළේ. හැබැයි දැන් සුද්දාගේ එක බල බලා ඉන්න ඕනේ නැහැ. ඊට වඩා අපි දියුණු තියුණු වෙලා යන්න ඕනේ. ඊට වඩා සංකීර්ණ තත්ත්වයක් දැන් තියෙන්නේ.” නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය. “දැන් බන්ධනාගාර වලින් එළියට යන පුද්ගලයින් ගෙන් 50%ක් ආපහු එනවා. හරි පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් නැහැ.” ඔහු කියා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ “මරණ දඬුවම දුන්නම වෙන රටවල ඒ දඬුවම ක්‍රියාත්මක කරනවා. නමුත් ලංකාවේ එහෙම දෙයක් නැහැ. දවසින් දවස ඒ මනුස්සයට ජීවත් වෙන්න බලාපොරොත්තුව ඇති කර ගත්තට පස්සේ ඒ මනුස්සයට මරණ දඬුවම දෙනවා කියන්නේ ඒ මනුස්සයගේ මානව හිමිකම් කඩ කිරීමක්.” බවය. අත්සන් 20,000ක පෙත්සමක් දැනට මරණ දඬුවම , ජීවිතාන්තය දක්වා සිරදඬුවම සහ දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබූ සිරකරුවන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර තුළ දඬුවම් ලබමින් සිටිති. මොවුන් සඳහා විධිමත් විද්‍යාත්මක පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම තුළ දඬුවම් දීමෙන් බලාපොරොත්තු වන ඉලක්කය කරා යෑමේ නොහැකියාවක් වර්තමානයේ නිරීක්ෂණය කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වාදෙයි. කෙසේවෙතත් බන්ධනාගාර ආඥා පනතේ පවතින ප්‍රතිපාදන අනුව බන්ධනාගාරගත සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සමාලෝචන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ තත්ත්වය තුළ තත්ත්වය වඩාත් අසතුටුදායක වී ඇතැයි එම කමිටුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තම සංවිධානය පසුගිය වසර කිහිපය පුරාම පෙර සිටි ජනාධිපතිවරු ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටි බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වාදෙයි. සිරකරුවන් විසින්ද විරෝධතා ඉදිරිපත් කරමින් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට උත්සාහ දරා ඇතත් ඒ සඳහාද ඇහුම්කන් දී නොමැති බවත් අදාළ ලිපියේ දැක්වෙයි. ජාතික ආදායමෙන් විශාල මුදලක් සිරකරුවන්ගේ කටයුතුවලට වෙන් කිරීමට රජයට සිදුවීම රටේ ආර්ථික සංවර්ධන ඉතා අයහපත් ලෙස බලපාමින් ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දී ඇත. ඒ අනුව රැඳවියන් මුහුණ දෙන අයුක්ති සහගත සහ අමානුෂික ගැටලුවලට විසඳුම් වශයෙන් යැයි සඳහන් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යෝජනා 4ක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. මේ යෝජනා මොනවද ? සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයා ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන මෙම යෝජනා ක්‍රියාවට නංවන ලෙසය. ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන අද (දෙසැම්බර් 10 වැනිදා) සිරකරු අයිතිවාසිකම් සැමරීම වෙනුවෙන් යොදා ගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කටයුතු යොදා තිබේ. අධිකරණ ඇමති පවසන්නේ කුමක්ද ? බීබීසී සිංහල විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ වෙත මෙම ගැටළුව යොමු කරනු ලැබීය. අමාත්‍යවරයා කියා සිටියේ සිරකරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා පැවති මණ්ඩලයේ කටයුතු මන්දගාමී බැවින් එය විසුරුවා හැර නව මණ්ඩලයක් පත් කළ බවය. “ප්‍රශ්නයක් ඕකේ තියෙනවා. ලයිසන් බෝඩ් කියලා එකක් හඳුන්වා දීලා තිබ්බා. සංවිධානාත්මක අපරාධකරුවන්ට නෙමෙයි. අනෙක් මරණීය දණ්ඩනය නියම වෙච්ච අයට හොද චර්යාවෙන් අවුරුදු 5ක් ගත කළොත්. ඒ අවුරදු පහෙන් පස්සේ එයාට පුළුවන් ලයිසන් බෝඩ් එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. එක් විශ්‍රාම ගිය අභියාචානාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තමා මම ඒක පත්කරලා තිබුණේ. ඒ අවුරුදු 5 චර්යාව හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා නම්, එයාගේ චේතනාවත් බලනවා. පළිගැනීමේ චේතනාවක් ඒවගේ දේවල් මේ වෙනකොට හිතින් අතහැරලා නම් ඒ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරනවා. ඊට පස්සේ අවුරුදු 10ක් යටකොට. ඒ කියන්නේ අර පහට අමතරව තව අවුරුදු 5ක්. ඒ කියන්නේ අවුරුදු 10 වෙනකොට එයාට පුලුවන් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා නම් ආයිත් ඇප්ලයි කරන්න. මුළු අවුරුදු 10ක් ගත කළාට පස්සේ ආපුහු අර බෝඩ් එකට ගිහිල්ලා ඔප්පු කලොත් එයා හොඳ චර්යාවෙන් ඉන්නවා කියලා අපි සිර දඬුවම අවුරුදු 20ක් බවට පත් කරනවා. අවුරුදු 20 කළාට පස්සේ එයාට සාමානයෙන් අවුරුදු 20 සිරකරුවෙක්ට හොඳ චර්යාවෙන් ඉදලා නිදහස් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා නේ. එතකොට එයාට අවුරුදු දහතුනහමාරක් දාහතරක් වගේ කාලයක දී නිදහස් වෙන්න පුළුවන්.” මන්දගාමී මණ්ඩලය වෙනුවට නව මණ්ඩලයක් “ඒ බෝඩ් එක ක්‍රියාත්මක වුනේ හරිම ස්ලෝ. මාසයකට දවසයි, දෙකයි රැස්වුණේ. ඊට පස්සේ බෝඩ් එක විසුරුවා හැරලා දැන් අලුතින් ෆුල්ටයිම් වැඩ කරන්න කියලා බෝඩ් එකක් මම පත් කළා. විශ්‍රාම ගිය මහාධිකරණ විනිශ්චකාරවරුන් දෙදෙනෙකුත් එක්ක. දැන් ඒක ක්‍රියාත්මකයි.” විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය. හැබැයි සංවිධානාත්මක අපරාධකරුවන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට මෙය අදාළ නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. සෙසු බරපතල අපරාධවලට සිර ගතවුවන්ට පුනරුත්ථාපනය වී යහපත් පුරවැසියන් බවට පත් ව ඇති බව සනාථ කළ හැකි නම් මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක බව ඔහු පැවසීය. රිමාන්ඩ් භාරයේ සිටි කාලය දඬුවමෙන් හිලව් කිරීමට නව පනතක් එසේම අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සංඛ්‍යාව ඉහළ යෑම බන්ධනාගාර තදබදය වැඩිවීමට හේතු වී ඇති බවය. “හුඟාක් රැඳවියන්... සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා රිමාන්ඩ් භාරයේ අවුරුදු පහක් විතර. සමහර වෙලාවට දඬුවම හම්බවෙන්නෙත් අවුරුදු පහයි. සමහර වෙලාවට ඇපීල් එක තියෙද්දිත් අවුරුදු 4,5ක් ඉදලා තියෙනවා. අවුරුදු 5 දඬුවම ක්‍රියාත්මක වෙන්නේ අවසාන තීන්දුවෙන් පස්සේ. එතකොට අවුරුදු පහක් ඔහු බන්ධනාගාරයේ කාලය ගත කරළත් ඉවරයි. රිමාන්ඩ් එකේ සහ පෙන්ඩින් ඇපීල් හිටපු කාලසීමාව දඬුවමට හිලව් කරන්න පනතක් පාර්ලිමේන්තුවට ගේන්න දැන් මම කැබිනට් එකට දාලා තියෙනවා.” අමාත්‍යවරයා අනාවරණය කළේය. “අවුරුදු 16යේ ඉන්න අයත් තියෙනවා. අවුරුදු 10ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරන කොට එයා අවුරුදු 16ක් බන්ධනාගාරයේ ඉදලත් ඉවරයි. එතකොට එයා තව අවුරුදු 10ක් ඉන්නකොට අවුරුදු 26ක් වෙනවා ඔටෝමැටිකලි. ඩබල් ටැක්ස්සේෂන් වගේනේ. ඒක නැති කරන්න පනත හදලා ඉවරයි.” ඔහු පැවසීය.
'මම ලියන හැටි': සුනේත්‍රා රාජකරුණානායක
සුනේත්‍රා රාජකරුණානායක යනු කිසිසේත්ම හැඳින්වීමක් අවශ්‍ය සාහිත්‍යකාරියක නොවේ. අසූව දශකයේ අගභාගයේ 'සඳුන්ගිර ගිනි ගනියි' නවකතාව සමග සිදුවන ඇයගේ ප්‍රවේශය සමකාලීන සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැළකිය හැකිය. ප්‍රේම පුරාණය, සද්ගුණාකාරය, රිදී තිරංගනාව, කවි කඳුර, පොදු පුරුෂයා, කැන්ඩි මහල්, සිලෝනාගමනය හරහා වීසාචකයෝ නවකතාව දක්වා දිගහැරෙන ඇයගේ දීර්ඝ නවකතා ලැයිස්තුව වෘත්තීය ලේඛිකාවක ලෙස ලිවීමට ඇති ඇයගේ කැපවීම සහතික කරයි. මීට අමතරව ඇය විසින් ප්‍රකාශයට පත් කර ඇති කෙටිකතා සංග්‍රහ සහ සංචාරක සටහන් ද සළකන විට සිංහල සාහිත්‍ය ඉතිහාසයේ කිසිසේත්ම මගහැරයා නොහැකි ලේඛිකාවක බවට ඇය පත් වෙයි. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවාය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මේ සංවාද මාලාවේ සුපුරුදු සමාරම්භක ප්‍රශ්නයම මං ඔබෙනුත් අහන්නම්. ඔබේ නවකතාවල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? සුනේත්‍රා: සමහර සමාරම්භක වාක්‍යය ලියන්න යන නවකතාව මොකද්ද කියල දැනගන්නත් කලින් ආපු අවස්ථා තියනවා. සමහර අවස්ථා වල කිසිම සැලසුමක් නැතුව ලියන්න වාඩි වෙලා පළමු වාක්‍යයේ ඉඳන් එක දිගට ලියාගෙන ගිය අවස්ථා තියනවා. එහෙම ලියාගෙන ගිහින් නවකතාව අවසන් කලාට පස්සේ නැවත පළමු වාක්‍යය වෙනස් කළ අවස්ථාත් තියනවා. එහෙම අවසන් කළ නවකතා වල එක අකුරක්වත් වෙනස් නොකළ පළමු වාක්‍යයත් තියනවා. ඒ නිසා ඒක නිශ්චිතව මෙහෙමයි කියල කියන්න බැහැ. කෞශල්‍ය: ඒ කියන්නේ නවකතාවක පළමු වාක්‍යය ලියන මොහොතේ ලියන්න යන නවකතාව ගැන ඔබට තියන දැනුමේ ස්වභාවය විවිධාකාරයි. සුනේත්‍රා: ඔව්. දැන් ඓතිහාසික නවකතාවක් ලියන්න පටන් ගන්න කොට ඒක ගැන තියන දැනුම ගොඩක් වැඩියි. උදාහරණයක් හැටියට මගේ 'සිලෝනාගමනය' වගේ නවකතාවකට මම අවුරුදු විස්සක් විතර රිසර්ච් කලා. රාජසිංහ රජ්ජුරුවන්ගේ නෑයෝ ඉන්නව කිව්වට මං ලිපිනයක්වත් නොදැන තමයි හොයාගෙන ගියේ. දැන් මං මේ වෙලාවෙත් නුවර ඇවිත් ඉන්නෙත් ඒ වගේ කටයුත්තකට. ඒ වගේම දේශපාලන පසුබිමක් සහිත නවකතා ලියනකොටත් එහෙමයි. නමුත් සමහර නවකතා තියනවා ඒවගේ පූර්ව දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැති. විශේෂයෙන් වර්තමාන කතා ලියනකොට. එවැනි අවස්ථාවල ලියන්න යන්නේ මොකද්ද කියන එක ගැන ලොකු දැනුමක් නැතුව ලිවීම පටන් ගන්න හැකියාවකුත් තියනවා. අපි නවකතාව ගැන උගන්නනකොට නවකයන්ට කියන දෙයක් තමයි සැකිල්ලක් එක්ක පටන් ගන්න කියන එක. නමුත් මං ලියන එක පටන් ගත්තම මගේ චරිත විසින් මගේ කතාව පාලනය කරන්න පටන් ගන්නවා. දැන් 'බුද්ධදාසි' කියන පොත පටන් ගත්තේ ඒ චරිතේ චීනේ දක්වා ගෙනියන්න. නමුත් ලියාගෙන යද්දි ඒක අවශ්‍ය නෑ කියන එක දැනෙන්න ගන්නවා. හිතන්නකෝ අපි පෙම් කතාවක් ලියනවා කියලා. ඒක පටන්ගන්න කොට අපේ හිතේ තියෙන්නෙ දෙන්නෙක්ගේ ආදර කතාවක්. දැන් ඕක ලියාගෙන යද්දි අපිට ඔන්න තව චරිතයක් එනවා කමෙන්ට් එකක් දාන්න, නිකං අහල පහළ චරිතයක්. ඒක ප්ලෑන් කරපු එකක් නෙමෙයි. හැබැයි ඒ චරිතේ ආවට පස්සේ ඒ චරිතෙත් එක්ක මේ ප්‍රධාන චරිත දක්වන අන්තර් සම්බන්ධය මත තමයි මේකේ ඊළඟ ඡේදේ තීරණය වෙන්නේ. මොකද අපිට මේ චරිතේ අතෑරල ඊටපස්සේ යන්න බැහැනේ. අපේ ජීවිතේ වගේ තමයි. අපිට හම්බෙන මිනිස්සු, අපි මුහුණ දෙන අත්දැකීම් අපි යන එන තැන්, අපි කරන රැකියා අපේ ජීවිතේට බලපානවනේ. ඒ දේවල් එක්ක ජීවිතේ වෙනස් වෙනවනේ. එතකොට කතා කලාවෙදි අපි තෝරගන්න භූගෝලීය පරිසරය, ඒ අපේ චරිතවල සමාජ පසුබිම, උගත්කම මේ දේවල් වලින් ඇති කරන සීමාවන් ටිකක් තියනවා. උදාහරණයකට දැන් මගේ 'සද්ගුණාකාරය' පොතේ ඉන්න 'රෝස නෝනා' කියන චරිතය කොලඹටවත් ගිහින් නැහැ. එතකොට මට එයාව ලියන්න බැහැනේ මගෙ 'ප්‍රේම පුරාණය' නවකතාවේ ඉන්න නිර්මලා කියන ජර්නලිස්ට් ගැන ලියන විදිහට. රෝස නෝනගේ භාෂාව, සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම් අර රත්නපුරේ ගමේ සීමාවෙන් එහාට ගෙනියන්න මට අවසරයක් නැහැ. කතා කලාවෙදි ලයිසන්ස් නිකුත් කරන්නේ තමන් වුනාට, ඒ කියන්නේ ලොකේෂන්, චරිත තෝර ගන්නේ තමන් වුනාට ඒකෙ සැඟවුණු නීති රීති ටිකක් තියනවා. ඒවට අවංක වෙන්න ඕන. මගේ පුද්ගලික අත්දැකීම් වලින් විතරක් චරිත ගොඩනගන්න බැහැ. ඒවට හැදෑරීම් කරන්න වෙනවා. දැන් මගේ 'ශ්‍රී ශාන්ත්' කියන පොතේ තියෙන්නේ ඉන්දියාවේ ජෛන පවුලක් වටා ගෙතුන කතාවක්. එතකොට මං ජෛන පූජකයෙක් ගැන ලියනකොට ලංකාවේ මම දන්න බෞද්ධ භික්ෂුවක් ගැන හෝ කතෝලික දේවගැතිවරයෙක් ගැන ලියනව වගේ ලියන්න බැහැ. ඒක වෙනම හදාරන්න වෙනවා. ඒකෙදී ඉන්දියාවේ ගිහිල්ල ඒ අය මුණගැහිල කාලයක් ගත කරන්න වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ ශාස්ත්‍රීය පොත පත ඇසුරු කරන්න වෙනවා. කෞශල්‍ය: ඔබ විශාල වශයෙන් ශාස්ත්‍රීය පොත පත කියවන හදාරණ කෙනෙක්. දැන් මේ ශාස්ත්‍රීය කියවීම් ඔබ කරන්නේ නවකතාකාරියක් හැටියට ද? සුනේත්‍රා: මං ඉස්සර ඉඳන් විශාල දැනුම් පිපාසයක් තියෙන කෙනෙක්. ශාස්ත්‍රීය පොතපත හැදෑරීම කරන්නේ මේ පිපාසය නිසා. හැබැයි එහෙම කියවන දේවල් නවකතාවලට වැදගත් වෙනවා. ඒ වගේම යම් අවස්ථා තියනවා නවකතාවක් වෙනුවෙන්ම හැදෑරීම් කරන්න සිද්ධ වෙන. ඒ දෙක වෙනස්. මං සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය පොතපත තමයි වැඩිපුර කියවන්නේ. ඒ නිසා නවකතා කියවන එක සිද්ධ වෙන්නේ අඩුවෙන්. මෙතෙන්දි හැදෑරීම කියන්නේ පොත් කියවන එක විතරක් නෙමෙයි. විවිධ රටවල ඇවිදින එක, කෞතුකාගාරවලට යන එක. මං මියුසියම් එකකට උදේ ගියොත් එළියට එන්නේ හැන්දෑවෙලා කකුල් කෙඩෙත්තුව හදාගෙන. මං හැම කෞතුක වස්තුවක් ළඟටම ගිහින් ඒව ගැන විස්තර සටහන් තියාගනිමින් තමයි ඇවිදින්නේ. පොත් කියවන කොට ගත්ත මේ වගේ සටහන් විශාල ප්‍රමාණයක් තියනවා. ඒ වගේම තමයි සංචාරයේදිත්. මං හිතන්නේ නවකතාකාරයෙකුගේ මල්ලේ පොඩි නෝට් පොතක් හැම වෙලේම තියෙන්න ඕන. මං ගාව මේ වෙනකොට එකතුවෙච්ච මේ විදිහෙ සටහන් මහ විශාල ප්‍රමාණයක් තියනවා. මං හිතන් ඉන්නේ මැරෙන්න කලින් හොඳ තරුණ ලේඛක ලේඛිකාවෝ ටිකකට කතා කරල මේව දෙන්න. මොකද මං ඒවයෙන් පාවිච්චි කරල තියෙන්නෙ ටිකයි. වෙනත් කෙනෙකුට ඒව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ ශාස්ත්‍රීය පිපාසය හරිම ප්‍රිය කටයුත්තක්. මේ ප්‍රිය කටයුත්ත තියන නිසා සමාජ ආශ්‍රය ඔය මඟුල් ගෙවල් වලට යන්න, වෙන එකක් තියා සාහිත්‍ය උත්සව කටයුතු වලට යන්නත් උනන්දුවක් නැහැ. මොකද අඛණ්ඩව වෙන කතිකාවතකනේ යෙදිල ඉන්නේ. කෞශල්‍ය: ඔබ මේ හැදෑරීම සහ කියවීම ගැන කියපු දේවල් අතිශය වැදගත්. දැන් ටිකක් කතා කරන්න පුළුවන්ද ඔබ ලියන කාලය ගතවෙන හැටි. සුනේත්‍රා: ඉස්සර නං උදේ ඉඳන් රෑ වෙනකං ලියපු කාලෙකුත් තිබුණා. ඒ කාලේ පත්තර දෙකකට විතර කොලම්ස් එහෙමත් ලිව්වා. නමුත් වැඩි කාලයක් යෙදුවේ නවකතා ලිවීමට. මට මතකයි එක දවසක්, 'රිදී තිරංගනාව' ලියන කාලෙ, මහාචාර්ය ලක්ෂ්මී ද සිල්වා මට කතා කරල මගෙ කෙටිකතාවක් ගැන අගය කිරීමක් කළා. මේකෙන් ලැබිච්ච ප්‍රමෝදයත් එක්ක මං හැන්දෑවේ හතරට විතර ලියන්න වාඩි වුණා. එක දිගට ලියාගෙන ගියා මගේ සැමියා ඇවිල්ල දැන් කෑම කෑවොත් හොඳයි නේද කියල කියන කං. ඊට පස්සේ වලං පිඟන් හෝදල ආයෙත් වාඩි වුණා. දැන් මං ලියාගෙන ලියාගෙන ගිහිල්ලා මට තේ තිබහක් දැනෙනවා. එතකොටම මගේ සැමියා නැගිටලා ඇවිත් තේ බොන්න ඕන කිව්වා. එතකොට මං කිව්ව අනේ මටත් තේ තිබහක් දැනෙනව කියල. එයා කියනවා, ඔව් පුදුමයක් නෙමෙයිනේ දැන් පාන්දර පහයි කියල. ඉතින් මං දන්නේ නැතුව රෑ එළි වෙනකං ලියල හැබැයි වෙහෙසක් මුකුත් දැනුණේ නැහැ. ඔන්න එයා වෙලාව කිව්වට පස්සෙ තමයි නිදිමැරවය නිදා ගන්න ඕනය කියන ඒවා කල්පනා වුණේ. හැබැයි දැන් ලබන අවුරුද්දට මට හැත්තෑවක් වෙන්න එනවා. ඒ නිසා රෑට ලියන එක දැන් නැවතිලා. ගොඩක් වෙලාවට හැන්දෑ වෙද්දි ලියන එක නවත්තනවා. රෑ වෙනකන් ලිව්වත් දොළහ පහුවෙනකන් ලියන එක සිද්ධ වෙන්නෙ නැහැ. තාමත් මං අතින් තමයි ලියන්නේ. අතේ ප්‍රශ්නයක් ආවෙ නැත්තං ඒක වෙනස් වෙන එකක් නෑ. දැන් නවකතාවක් ලියල ඉවර වුනාම උරහිසේ පැත්තක් ඉදිමිලා වගේ තියනවා. එහෙම තමයි ඉතින්. ලියන කාලෙට ගෙදරට කට්ටිය එනවට මං කැමති නැහැ. මං එළියට යන්නෙත් නැහැ. මිනිස්සු තරහත් වෙනව සාහිත්‍ය උත්සව වලට එහෙම ආවෙ නැති වුනාම. ඒත් කරන්න දෙයක් නැහැ. මං මගේ ට්‍රැක් එකේ ඉන්න ඕන. එහෙම එළියට ගියොත් එහෙම මගේ ට්‍රැක් එක කැඩෙනවා. ඊට පස්සේ දවස් දෙකක් විතර යනවා රිකවර් වෙන්න. ඉතින් ඒ නිසා දුරකථනයට වැඩිය කතා කරන්නෙත් නැහැ. ඥාති හිතමිත්‍රයන්ගේ කටයුතු මගේ ස්වාමි පුරුෂයට පවරල මං මගෙ ලියන ලෝකය ඇතුළට වෙලා ඉන්නවා. සමහර කාල වල මං දහනමවෙනි ශතවර්ෂයේ ඉන්නේ එතකොට මට මාර අමාරුයි විසිඑක්වෙනි ශතවර්ෂයට එන්න. එහෙම වැඩකළේ නැත්තං මෙච්චර පොත් ගොඩක් ලියන්න බැහැ. අපි අපේ ගේ පිරිසිඳු කර ගන්නවා වගේ අපිට මේ ලියන කාලෙදි කරන්න පුලුවන් වැඩ මොනවද බැරි වැඩ මොනවද කියල තේරුම් ගන්න ඕන. කෙනෙක්ගේ උපන්දින උත්සවයකට අපි යන්නම ඕනද? පන්සලේ වැඩකට යන්නම ඕනද නැද්ද කොටින්ම තමන් ඉගෙන ගත්ත පාසලේ ආදි ශිෂ්‍යාවන් මුණගැසෙන නොමිලේම යන්න ලැබෙන ට්‍රිප් එක පවා මම නං අතාරිනවා ලියන්න ඕන නිසා. වෘත්තීය ලේඛකයෙකුට ලේඛිකාවකට එයාගෙ ලෝකය තියෙන්නේ හරියට තනියම මාලිගාවක් ඇතුලේ ඉන්නවා වගේ. කෞශල්‍ය: මේ අදහස් හරිම වැදගත් ලිවීමට කැමැත්තෙන් ඉන්න ඕනෑම කෙනෙකුට. අපි ටිකක් කතා කරමුද නවකතාවකට මූලික බීජය එන හැටි සහ ඒත් එක්ක ගත කරන කාලය ගැන? මං හිතන්නෙ මේකත් එකිනෙකට වෙනස්. සුනේත්‍රා: ඔව් දැන් 'සිලෝනාගමනය' ප්ලොට් එක ඇවිත් මං අවුරුදු විස්සක් විතර හෙමින් ඒ ගැන හැදෑරීමක් කළා අනිත් නවකතා ලියන අතරේ. දැන් මගෙ 'සඳුන් ගිර' වගේ එකක් ගත්තොත් මට එක වෙලාවක තේරුණා දැන් මේක ලියන්න ඕන කියල. එතකොට එක දිගට ලියාගෙන ගියා. මං දැන් වෘත්තීය ලේඛිකාවක් නිසා මට කොහේ ගියත් ප්ලොට්ස් එනවා. දැන් මං මේ පාර ලන්ඩන් ගියේ ඓතිහාසික නවකතාවකට රිසර්ච් කරන්න. ඒත් ඒකට රිසර්ච් කරද්දි තව කතා කීපයකටම ප්ලොට්ස් ආවා. අනිත් එක එහෙදි මට මගෙ පරණ යාලුවෙක් අවරුදු පණහකට පස්සේ හම්බෙලා එයාල ලියන්න හදපු ඒ ගොල්ලන්ගේ කතාව මට දෙනවා. පිටු දහයක් විතර ලියල තිබුණේ. ඒකෙන් තමයි මං 'වීසාචකයෝ' නවකතාව ලියන්නේ. නමුත් ඒක ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි. ඉතින් ඔහොම තමයි. මං බස් ස්ටෑන්ඩ් එකක හිටියත් දුම්රිය පොළක හිටියත් මං බලාගෙන ඉන්නේ චිත්‍රපටියක් බලනවා වගේ. එතකොට මේ දකින දේවල් කොයි වෙලේ පාවිච්චි වෙනවද දන්නෙ නැහැ. මං 'සද්ගුණාකාරය' ලියන්නේ රත්නපුරේ ගැමි පරිසරයෙ මං අත්දැකපු දේවල් වල මතකය එක්ක. මට ලැබුණ ලොකුම වාසිය තමයි කුඩා කාලේ ඉඳන් අපේ තාත්තා සමසමාජ කාරයෙක් වීම නිසා නිතරම මාරුවීම් ලැබුන එක. මට විවිධ පරිසරයන් විවිධ මිනිසුන් ඇසුරු කරන්න ලැබුණා. උදේට ගැමි දරුවන් එක්ක ඇලේ දොළේ පීනල ඉරිදට හොඳට ඇඳ පැළඳගෙන පල්ලියේ ඉංග්‍රීසියෙන් සිද්ධ වෙන දේව මෙහෙයට යනවා. මේ විදිහට ලෝක දෙකක් අතර ඉන්න ලැබුණු නිසා මට විවිධ සමාජ තලයන් ගැන ලියන එක පහසු වුණා. කෞශල්‍ය: දැන් ඔබ කිව්වේ ප්ලොට්ස් ගොඩක් හැමවිටම ඔළුව ඇතුලේ කැරකෙනවා කියන එක. මේකට මුහුණ දෙන්නෙ කොහොම ද? සුනේත්‍රා: ඇත්තටම එකපැත්තකින් ඒක අමාරු දෙයක්. දැන් මං ලන්ඩන් වලදි වෙනත් නවකතාවක් වෙනුවෙන් වැඩ කරන්න ගියාට අන්තිමට ලිව්වෙ 'වීසාචකයො' නේ. හැබැයි එහෙමයි කියල අරක නැති වෙලා නැහැ. ඒකත් තියනවා. ඒ අතරේ තවත් කෙනෙක් කියනවා ඇහෙනවා, අනේ ඇයි මගෙ කතාව ලියන්නෙ නැත්තේ කියල. ඉතින් එහෙම තමයි. මං මේ පාර ලියන්න වාඩි වෙලා ඒ කිසිවක් නොවන එකක් ලියන්න පටන් ගත්ත. තවත් පැත්තකින් බැලුවොත් මේක නිකං තැන්පත් ධනයක් වගේ. ටිකක් එළියට අරගෙන ඒකෙන් ලියන්න පටන්ගන්න වෙනවා. ඉතින් ඒ අතරේ අනිත් ඒව නවත්තගෙන ඉන්නවා. ඒක පහසු දෙයක් නෙමෙයි. මොකද ඇතුලේ අභ්‍යන්තර සංවාදයක් තියනවානේ. කෞශල්‍ය: ඔබට කවදාවත් ලිවීමට අපහසුවක් දැනිල නැද්ද මං කියන්නෙ රයිටර්ස් බ්ලොක් වගේ එකක්? සුනේත්‍රා: එහෙම වෙන්නේ යම් යම් කම්පනයන් එක්කනේ. මට හැම කම්පනයක්ම තව තවත් ලිවීම පෝෂණය කළා. මට සිද්ධ වුණු හැම නරක දෙයක්ම මට මුණගැසුණු හැම නරක මිනිහෙක්ම මගේ ලිවීම තවතවත් ශකතිමත් කළා. කම්පනයන්ගෙන් හිතේ ඇති වුණ තුවාල නැති වෙලා නැහැ. සොහොන් පිටි වගේ ඒ තුවාල තිබුණට මට ඒ සොහොන් පිටි කිරිගරුඬ මූර්ති දාලා සරසන්න පුළුවන්නේ. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනාම කොහොමද දැනෙන්නේ ? සුනේත්‍රා: ලොකු නිදහසක් දැනෙනවා. විශේෂයෙන් සංස්කරණය කරන්න නැත්තං මං එදාම ප්‍රකාශකයට යවනවා. ඊට පස්සේ දවසක් දෙකක් ගෙදර අස්කරනවා. වත්තේ වල් පැල ගලවනවා. ඒකට නං සතියක් විතර යනවා. ඒ වැඩේ ඉවර වුණාට පස්සේ ඔය වැඩිහිටි කෙනෙක්, ලෙඩෙක් බලන්න වගේ යායුතු ගමනක් තියනව නං යනවා. ඔන්න ඊට පස්සෙ මට හරි වරදකාරී හැඟීමක් දැනෙන්න ගන්නව හරියට හොරට ලෙඩ නිවාඩු දාල ඉන්නව වගේ. ඉතින් මං මගේ ඊළඟ පොත පටන් ගන්නවා. එතකොට සතියක් දෙකක් තමයි ඉන්නේ. එහෙම නැත්තං ඉන්දියාවේ යනවා. දැන් ඉස්සර වගේ ඇවිදින්නේ නෑ වැඩිය. ඔය රාමන අශ්‍රමයට වගේ ගිහින් ඉන්නවා. එතන පුස්තකාලයක් එහෙම තියනවා ආගම් දර්ශනයන් ගැන පොත් විශාල ප්‍රමාණයක් තියන. අනික ගමේ මිනිස්සුත් දැන් මාව දන්නවා. ඔහොම ඉන්නකොට ඊළඟ පොත පටන් ගන්න පුලුවන් වෙනවා. කෞශල්‍ය: මං අවසාන වශයෙන් අහන්න කැමතියි ඔබ ලිවීම විඳින හැටි ගැන? සුනේත්‍රා: වැදගත්ම දේ ලිවීමත් එක්ක මට මගේම කිංග්ඩම් එකක් හැදිල තියෙනවා. ඒකෙ වැසියත් මම, හතුරත් මම, රජතුමත් මම. කිසිම කෙනෙක් එක්ක කතා නොකර මට මගේම හුදෙකළාව ඇතුලෙ මාස දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකාරියකගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඇයගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඇයගේ වෙහෙස ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත. එසේම සුනේත්‍රා රාජකරුණානායකගේ සුවිශේෂී ජීවිතයේ විවිධ පැතිකඩ දෙස බලා ලේඛකයෙකුගේ පැවැත්මේ ආකර්ෂණීය බව ගැන සිතන්නට ද මේ සංවාදය ඉඩ විවර කරනු ඇත. මීළඟ සතියේ අප මුණගැසෙන්නේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් නවකතාකරුවෙකු වන කීර්ති වැලිසරගේ ය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
පාසල් නොයන, ඉංග්‍රීසි කතා කරන මීගමුවේ දරුවන්
ශ්‍රී ලංකාව ම වියළි කාළගුණයකට මුහුණ දෙමින් සිටි මෙම වසරේ අගෝස්තු මාසයේ දී දැඩි අවු රශ්මිය මැදින් තරුණියක මීගමුවේ දූපතක් වෙත යමින් සිටියේ ඇයගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා ය. ජාතික සමාජ සංවර්ධන ආයතනයේ 'සමාජ වැඩ' පිළිබඳ උපාධි පාඨමාලාවේ අවසන් වසර සිසුවියක් වන ඇය යමින් සිටියේ ඇගේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ප්‍රදේශය වෙත ය. මීගමුව නගරයේ සිට මඳ දුරකින් පැවති මෙම දූපත් ප්‍රදේශය මුන්නක්කරේ නැමැති දූපතට ආසන්නයෙන් පිහිටා ඇති අතර, මෙම දූපත් අතර ඉදිකර ඇති පාලම් ගමනාගමනය පහසු කර ඇත. නයනතාරා ජයතිලක උක්ත ප්‍රදේශයට ළඟාවන විටත් කුඩා ළමුන් තැන් තැන්වල රොක් වී ක්‍රීඩා කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ඇය දැක අසලට පැමිණ, 'Where are you from?' (ඔබ කොහේ සිට ද?) ඉංග්‍රීසි භාෂාවෙන් විමසා තිබුණේ ඇය විදේශිකයෙකු යැයි වරදවා වටහාගනිමිනි. ඔවුන් දිගටම ඉංග්‍රීසි භාෂාවෙන් ඇගෙන් ප්‍රශ්න විමසමින් කළපුවේ බෝට්ටු සවාරියක් යාමට පොළඹවා ගැනීමට උත්සහ කර තිබේ. මීගමුව කලපුවේ බෝට්ටු සවාරි යාමට විදේශිකයන් තෝරා ගන්නා එක් ස්ථානයක් වන්නේ මෙම දූපත යි. එලෙස එන විදේශිකයන් සමග ඉංග්‍රීසි, ජර්මන් වැනි භාෂාවලින් කතා කිරීමට උත්සහ ගන්නා මෙම කුඩා දරුවන්ට සරල ප්‍රශ්න විමසීමට හා පිළිතුරු ලබාදීමට තරම් හොඳ භාෂා දැනුමක් ඇති බව නයනතාරාට අවබෝධ වී ඇත. "මේ ළමයි මාත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට සන්නිවේදනය කරනවිට මට පුදුම හිතුණා මෙයාලා ඉංග්‍රීසි කතා කරන එක ගැන. නමුත් ළමයි එක්ක කතා කරද්දි මට තේරුණා මේ අය ඉස්කෝලෙන් නෙවෙයි මේ විදිහට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ කියලා. එතැනින් තමයි මේ දූපතේ දරුවන් මුහුණදෙන ලොකු ම ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් මට ලැබුණේ," නයනතාරා විස්තර කළා ය. පාසල් නොයන, ඉංග්‍රීසි කතා කරන දරුවන් සොයා මීගමුවට ඒ අනුව අප පසුගිය දිනෙක කඩින් කඩ ඇදහැලෙන සුලු වර්ෂාව හමුවේ වුවත් එදින අපගේ ගමනාන්තය වූ මීගමුවේ කුඩා දූපත වෙත යාමට ගමන ආරම්භ කළේ නයනතාරා විසින් විස්තර කළ සහජයෙන් උරුම වූ දක්ෂතා සහිත දරුවන් මුණගැසීමට ය. මීගමුව නගරයේ සිට කොච්චිකඩේ පල්ලිය පාරේ මඳ දුරක් ගිය තැන හමුවන මුන්නක්කරේ දූපතේ සිට පාලමක් හරහා අපි අපගේ ගමනාන්තය වූ "සිරිවර්ධන පෙදෙස" දූපතට ළඟාවීමු. එය එතරම් විශාල බිම් කඩක් නොවූව ද විශාල ජන ගණත්වයක් ඇති බව අපට බැලූ බැල්මටම වැටහුණි. අප ඇවිද ගිය මඟ දෙපස සිටි ගම්වාසීන් ඉතා විනෝදකාමීව සිටින බව ද නිරීක්ෂණය විය. පාසල් යා යුතු වයසේයැ යි හැඟෙන කුඩා දරුවන් තැන් තැන්වල රොක් වී 'ජිල් බෝල ගසමින්' සිටින'යුරු ද දැකගත හැකි විය. අවසානයේ අප සේන්දු වූයේ නයනතාරා ඇගේ කුඩා මිතුරන් හමුවන, දූපත කෙළවරේ පිහිටි ඉතා කුඩා පල්ලියට ය. කළපුව මැද දූපතේ විත්ති 1930 ආසන්න කාලයක දී ජනාවාසවීම ඇරඹී ඇති මෙම දූපතේ මුල් පදිංචිකරුවන් වී ඇත්තේ ධීවර පවුල් හතකි. ප්‍රධාන ගොබිම හා සම්බන්ධ වීමට බෝට්ටුවකින් යා යුතුව තිබී ඇති නිසා මෙම දූපත එකල හුදෙකලා ව තිබී ඇතිමුත්, 1950 කාලවකවානුවේ දී මීගමුව නගර සභාවේ සිරිවර්ධන නැමැති නාගරික මන්ත්‍රීවරයෙකුගෙ ව්‍යාපෘතියකට අනුව මෙම දූපතේ නිවාස ඉදි කිරීම හා පසුව ගොඩබිම හා සම්බන්ධවීමට පාලමක් ඉදි කිරීමත් නිසා එය වේගයෙන් ජනාකීර්ණ වී ඇත. වර්තමානයේ එහි පවුල් 1500ක් පමණ ජීවත් වේ. මෙම දූපත කඩොලාන, මණ්ඩා වැනි ශාකවලිනුත් දැඩි වනගහනයකිනුත් යුක්ත වී ඇති අතර, එකල දූපත හඳුන්වා ඇත්තේ "මණ්ඩා කැළේ" යනුවෙන් ය. සිරිවර්ධන මන්ත්‍රීවරයාගේ ව්‍යාපෘතියෙන් පසුව මෙම ප්‍රදේශයට "සිරිවර්ධන පෙදෙස" ලෙස ව්‍යවහාර කිරීම ආරම්භ වී ඇත. මීගමු කලපුවේ පිහිටා ඇති මෙම දූපත අවට තවත් හරිත පැහැයෙන් දිස්වන කඩොලාන පිරි කුඩා කුඩා දූපත් රාශියක් නිරීක්ෂණය කළ හැකි ය. තැනින් තැන නවත්වා ඇති කුඩා බෝට්ටු හා ඔරු මෙන් ම පසුබිමේ දිස්වන කඩොලාන පරිසරයත්, නිල්පැහැති අහසත් ඉතා සුන්දර දර්ශනයකි. ඇතැම් ධීවරයන් අප එහි සිටිය අතරතුරේ දී මසුන් අල්ලාගෙන ගොඩ බිමට පැමිණි අතර, එක් ධීවර කණ්ඩායමක් මුහුදෙන් විසිතුරු මසුන් අල්ලාගෙන පැමිණියේ අපනයනය කිරීමට සඳහා ය. එම විසිතුරු මසුන් අල්ලාගැනීමට ඔවුහු මුහුද යට කිමිදෙන බව අප සමග එම මසුන් අල්ලන්නෝ පැවසූ හ. මෙම කුඩා බිම්කඩේ නිවාස කෙතරම් කිටි කිටියේ ඉදිකර තිබුණත් සැලකිය යුතු ඉඩක් ඇති බිමක ඉදිකර ඇති විශාල පල්ලිය කාගේත් නෙත් පැහැර ගනියි. කතෝලික ගෘහ නිර්මාණ ශිල්පවලට අනුව ඉදිකර ඇති එම සුන්දර කතෝලික දේවස්ථානයට වඩා අපගේ නෙත් පැහැරගත්තේ වෙනත් දෙයකි. ඒ පල්ලියේ පත්තේ බංකුවක වාඩි වී සිටින ආකාරයට ඉදිකර තිබූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකි. ගම්වැසියන්ට දුකක් දැනුණුවිට ඔවුන් එම බංකුවේ වාඩි වී ජේසුස් වහන්සේගේ පිළිරුවේ කරට අත දමාගෙන තමාගේ ප්‍රශ්න පවසන බව පල්ලිය භාරව සිටි කාන්තාව පැවසුවා ය. එවිට එම ප්‍රශ්න විසඳෙන බවට ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පවතියි. කතන්දර දූපත අප නයනතාරා සමග කුඩා පල්ලියේ වාඩි වී සිටින අතර, අප එහි සිටින බව දුටු කුඩා දරුවෝ කෙමෙන් කෙමෙන් ඒ වෙත ඇදී එන්නට පටන් ගත් හ. මිතුරු සිනහවකින් මුව සරසාගෙන ඔවුහු අප වෙත දිවැ'විත් අප කවුරුන්දැ යි ඔවුහුගේ වැඩිමල් මිතුරිය නයනතාරගෙන් විමසමින් අප හා කුළුපගවීමට උත්සහ ගත් හ. අප එහි සිටින බවට පණිවුඩය ලැබුණු දූපතේ වාසය කරන දරුවෝ තවත් පිරිසක් වරින් වර එක්‍ රැස්වූහ. ඔවුන් සූදානම් වෙමින් සිටියේ ඉංග්‍රීසි භාෂාවෙන් කතන්දර කියවීමට යි. "මම මේ ප්‍රදේශයට ඇවිත් මේ පැත්ත ගැන අධ්‍යයනය කළාම මට තේරුණ දෙයක් තමයි අධ්‍යාපනය ගැන මෙහේ අයට තියෙන්නේ අඩු උනන්දුවක් කියන එක. පාසල් යන්න ඕනෑ වයසෙ දරුවන් ගොඩක් මෙහෙ ජීවත් වුණත් පාසල් යන්නේ නැති, එහෙමත් නැතිනම් අවිධිමත් විදිහට කඩින් කඩ පාසල් යන ළමයි ගොඩක් ඉන්නවා," නයනතාරා විස්‍තර කළා ය. ඒ තත්ත්වය තේරුම් ගැනීමෙන් අනතුරුව ඇයට පැමිණි අපූරු අදහසක් මෙම දරුවන් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට ඇය කටයුතු කර තිබුණා ය. "මේ දරුවොන්ව ඉස්කෝලෙ යන්න පොළඹවන්නෙ කොහොමද කියලා කල්පනා කරකොට තමයි මට මේ අදහස ආවේ. කොළඹ මහජන පුස්තකාලයේ ළමා අංශයේ දරුවන් වෙනුවෙන් සති අන්තයේ දී ඉංග්‍රීසි පොත් කියවීමේ වැඩසටහනක් පැවැවෙනවා ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායකගෙ මෙහෙයවීමෙන්. මමත් ඒ වැඩසටහවලට කිහිපවතාවක් සම්බන්ධ වෙලා තියෙනවා," ඇය විස්තර කරයි. "මම හිතුවා මේ ළමයි එක්කත් මට පුළුවන් ඉංග්‍රීසි කතන්දර කියවන එකතුවක් හදාගන්න කියලා. ඒ අනුව තමයි මම ළමයි එකතු කරගෙන මේ වැඩේ පටන් ගත්තේ." දැන් මේ පෙදෙසේ දරුවන් බලා සිටින්නේ නයනතාරා සමග කතන්දර කියවීමට ය. අප කුඩා පල්ලියට පැමිණි ආරංචියට දරුවන් හනික අප දැකීමට දිව ඒමේ රහස එය යි. "මුලින්ම කළපුව කෙළවරේ ඉංග්‍රීසි කතාන්දර කියැවීම පන්තිය පටන් ගන්නකොට අපිට හිටියෙ ළමයි හතරදෙනයි. සති දෙකක් වගේ යනකොට ඒ පන්තියේ ළමයි 20කට ආසන්න දෙනෙක් ආවා. මේ පන්තිය පටන් ගත්තෙ වෙඩිකන්ද තොටුපළ අසල," නයනතාරා පවසයි. "ඉන් පස්සෙ දූපතේ මොනාකෝ ගම, සිරි කුරුස පල්ලිය අසල සිරි කුරුස පෙදෙස, දේවමාතා පාර යන ස්ථානවල අපි කලපුව අසළ එලිමහන් ප්‍රදේශවල මම කතන්දර කියැවීම පටන් ගත්තා. මේ එකක් වත් ළමයින්ට කලින් එන්න කියල පටන් ගත්ත දේවල් නෙමේ. මේ අය සරුංගල්, ජිල්බෝල වගේ එක එක සෙල්ලම් කරනකොට මම ඒ අය එකතු වෙලා ආරම්භ කළ පන්ති. මාස හතරක් වගේ ඇතුළත ළමයි 50කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ ළමයි වයස අවුරුදු 5 ඉඳන් 12/13 වෙනකල් අය." අපගේ සාකච්ඡාව යන අතරතුරේ දී පැමිණ සිටි කුඩා දරුවන් කිහිපදෙනාට ඇය කතන්දර පොතක් ලබාදුන් අතර, එම දරුවන් ඉතා උනන්දුවෙන් එය කියවන අයුරු දැකගත හැකි විය. එක් දරුවෙකුට තරමක් අකුරු කියවීමේ අපහසුතාවක් පැවති නිසා තවත් දරුවෝ දෙදෙනෙක් ඇයට අකුරු කියවීමට උදවු කරමින් එම පොත කියවමින් සිටියහ. "මුලින්ම අපි ඉංග්‍රීසි කතාන්දර කියවන ගමන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තා. පොඩ්ඩක් හරි කියවන්න පුළුවන් ළමයිට තනියම කතාන්දර කියවන්න දුන්නා. ඉංග්‍රීසි කතාන්දර කියවීමට අමතරව ඉස්කෝලෙ හෝම්වර්ක් පන්තියට ගෙනත් කරන්න උනන්දු කළා. ලොකු අය පොඩි අයට උදව් කළා. මට ඕනෙ උනේ මම නැතත් මේ අය මෙහෙම එකිනෙකාට උදව් කරන එක පුරුදු කරවන්න," ඒ නයනතාරාගේ හඬ යි. "අකුරු කියවන්න අපහසු දරුවො බොහෝ දෙනෙක් පහසුවෙන් අකුරු කියවනවා. පාසලෙන් එයාලට ලැබෙන ප්‍රශංසා ගැන ඇවිත් මට කියනවා." දරුවන් පහළොවක් පමණ ඒ වන විට පැමිණ සිටි නිසා කතන්දර කියවිම ආරම්භ විය. එදින කියවූයේ "කම්මැලි තණකොළපෙත්තෙකුගේ හා කඩිසර කුහුඹු රංචුවකගේ" කතාන්දරයකි. දරුවෝ මාරුවෙන් මාරුවට පොතේ පිටු හඬනගා කියවමින් ඉතා උනන්දුවෙන් කියවීම හා සම්බන්ධව සිටිය හ. සිනහවෙන් වැසුණු කඳුළු ඉතා උද්‍යෝගයෙන් සිනාසෙමින් කතන්දර කියවමින් සිටිනා මේ දරුවන් පාසල් නොයෑමේ පිටුපස විශාල සමාජ අර්බුද ගණනාවක් ඇති බව නයනතාරා සමග මෙන් ම එම ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවන් හා දරුවන් කිහිපදෙනෙකු සමග කළ සාකච්ඡාවේ දී පැහැදිලි විය. ඇගේ ව්‍යාපෘතියට අදාලව සිදු කළ සංගණනයක දී මෙම සිරිවර්ධන පෙදෙස තුළ වයස අවුරුදු පහට අඩු දරුවන් 339ක් හා වයස අවුරුදු 6 -18 අතර දරුවන් 956ක් සිටින බව නයනතාරා පැවසුවා ය. කෙසේ නමුත් පාසල් යායුතු වයසේ දරුවන් 150ක් පමණ පාසල් නොයන අතර බහුතරයක් පාසල් යන්නේ කඩින් කඩ ය. මෙම ප්‍රදේශයේ ජීවත් වන අයගෙන් විශ්වවිද්‍යාල උපාධියක්, බාහිර උපාධියක් හෝ යම් ඩිප්ලෝමාවක් දක්වා මෙතෙක් ඉගෙන ගෙන ඇති සංඛ්‍යාව 17 දෙනෙකු පමණි. පසුගිය කාලයේ අති ජනප්‍රියත්වයට පත් වූ "කොඩි ගහ යට" ටෙලි නාට්‍යයේ 'කළූ' ගේ චරිතයට පණ පෙවූ නලීන් ලුසේනා රංගන ශිල්පියා මෙම ගමෙන් පළමු වරට විශ්වවිද්‍යාලයයකට තේරීපත් වූ පුද්ගලයා වීම විශේෂත්වයකි. පහසුවෙන් ධීවර රැකියාවට යාමට ඇති හැකියාව නිසා පිරිමි ළමුන් සාමාන්‍ය පෙළ දක්වා හෝ බොහෝ විට අධ්‍යාපනය නොලබන අතර, අඩු වයස් විවාහ ද බහුලව සිදුවන මෙම ප්‍රදේශයේ ගැහැනු ළමුන්ගෙන් ඒ දක්වා ඉගෙනගෙන ඇත්තේ ඉතා සීමිත පිරිසකි. මත්ද්‍රව්‍ය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බහුල මෙම ප්‍රදේශයේ, මවුපියන් නීතියෙන් වෙන් වීම නිසා හෝ වෙන්ව ජීවත්වීම නිසා අධ්‍යාපනය මඟහැරුණු විශාල දරුවන් පිරිසක සිටියි. දරුවන් සිටින මවුවරුන් විදෙස්ගතවීමට අදාළව ලබා දිය යුතු 'පවුල් පසුබිම් වාර්තාව' 2021 දි ලිහිල් කිරීමත් සමග කුඩා දරුවන් සිටින අයට වුවත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දී විදේශගත වීමේ අවස්ථාව හිමි වූ නිසා, දරුවන් නිවසේ දමා මෑත අවූරුදු කිහිපය තුළ මවුවරුන් රැසක් විදෙස්ගත වූ බව අප සමග අදහස් දැක් වූ කාන්තාවක් පැවසුවා ය. "දරුවො ගෙදර දාලා අම්මලා රට යනවා. එක්කො තාත්තලා නෑ. ඉන්නවා නම් රස්සාවට ගිහින් ඇවිත් හවස බීලා නිදාගන්නවා. දරුවො ගැන බලන්න කෙනෙක් නෑ. ළමයි හිතුණොත් ඉස්කෝලෙ යනවා. නැත්තම් ගෙදර ඉන්නවා," එම කාන්තාව පැවසුවා ය. "සමහර අම්මලාට අනියම් සම්බන්ධතා තියෙනවා. ඒවාට ඔත්තු බලන්න යොදවන්නෙත් ළමයාවම යි. ඉතින් ළමයාගෙ ජීවිතේ ඉවරයිනෙ. ළමයා දැනගන්න ඕනෙ දේවල් නෙවෙයි දැනගන්නේ. ඊට පස්සෙ ළමයා ඒක දන්න නිසා අම්මලාත් ළමයට කැමති දෙයක් කරගන්න අරිනවා. ළමයි ළමයිට ඕන විදිහට හැදෙනවා." බලාපොරොත්තුවේ සුරදූතිය මෙවැනි සමාජ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දී සිටින පාසල් නොයන දරුවන්ව පාසල් යැවීමට උනන්දු කරවීමේ නයනතාරාගේ උත්සහය දැන් දැන් තරමක් දුරට සාර්ථක වී තිබේ. "හෝම්වර්ක් කරගෙන ඉස්කෝලෙ ගිය නිසා ඉස්කෝලෙන් හොඳ/ ප්‍රශංසා කරන නිසා දැන් ඉස්කෝලෙ යන ප්‍රවණතාව වැඩි වෙලා. එයාලට ඉගෙන ගන්න ආසාව වැඩි වෙලා. ඉස්සර සතියට දවස් තුනක් ගියේ නැති අය දැන් එකයි නොයන්නෙ. එක්කො හැමදාම යනවා. කතන්දරවලට අමතරව අපි ඉංග්‍රීසි සින්දු කියනවා සහ Motivational Videos බලනවා." "ඇත්තටම මේ දරුවන්ට අවශ්‍ය ආදරය. එයාලා ආසයි එයාලව අගය කරනවාට. එයාලගේ ඉස්කෝලෙ හෝම්වර්ක් කරවන්න සමහර වෙලාවට දෙමවුපියන්ට දැනුමක් නෑ. නැතිනම් ඒ ගැන උනන්දුවක් නෑ. අපේ වැඩේ නිසා හැමෝම දැන් හෝම්වර්ක් කරනවා. හැමදාම ඉස්කෝලෙන් බැනුම් අහලා අහලා දැන් ගුරුවරු එයාලව අගය කරන නිසා එයාලට සතුටු යි. ඉස්සර සතියට දවසක් දෙකක් ඉස්කෝලෙ ගිය ළමයි දැන් සතියෙ දවස් පහම හරි නැත්නම් දවස් හතරක්වත් ඉස්කෝලෙ යනවා," නයනතාරා පවසයි. "වයස අවුරුදු අටක, මාස තුනක් ම පාසල් නොගිය පිරිමි දරුවෙක් කතා කියවන්න එනවා. එයාගෙ දෙමවුපියන් වෙන්වෙලා. ආච්චි හා සීයා එක ජීවත් වෙන්නේ. ලබන සතියේ ඉඳන් ඉස්කෝලෙ යනවා අපේ පන්තිවලට සහභාගී වුණ නිසා. මම ඔහුගේ පාසලට ගිහින් ඔවුන් සමග කතා කරල, ඔහුගේ වැඩිහිටියන් සමග කතා කරල මේ වැඩේ කළේ." අපට හමු වූ එක් දරුවෙක් මීට පෙර, සතියේ මුල් දින දෙකේ පාසල් ගොස් ඉතිරි දිනවල දී ධීවරයෙකු වූ සීයා සමග මාලු ඇල්ලීමට ගොස් ඇත. අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු දැන් සතියේ දින පහේම පාසල් යාමට උත්සහ කරයි. "මේ පාර වාර විභාගෙ මම හොඳට ලිවුවා. ඉංග්‍රීසි පේපර් එකේ රචනාවත් මම හොඳට ලිවුවා," ඔහු පැමිණ නයනතාරාට පවසයි. ඉංග්‍රීසි පමණක් නොව සිංහල භාෂාව ද කියැවීමට අපහසු දරුවන් සිටින නිසා සිංහල පොත් කියැවීමේ පන්තියක් ද අලුතෙන් ආරම්භ වී තිබේ. සතිය පුරා පොත් කියවීමට හැකි වන පරිදි දූපතේ නිවෙස් කිහිපයක කතන්දර පොත් තබා ඇති අතර දරුවන්ට ඒවා ඉල්ලගෙන ගොස් කියවා නැවත භාර දිය හැකි ය. "මේ හැම කතන්දර පන්තියකම පොඩි පුස්තකාලයක් තිබෙනවා. එක ගෙදරක අපි මේ පුස්තකාලය කරගෙන යනවා. ඉංග්‍රීසි සිංහල පොත් දෙකම තිබෙනවා. මේ පොත් ගොඩක් මම සහ මගේ මිතුරන් දීපු දේවල්. මුලින්ම මම මේ ප්‍රදේශයේ තිබෙන සිරි කුරුස පල්ලියේ (ලොකු පල්ලියේ) පුස්තකාලයට පොඩි පරිත්‍යාගය කළා. වහල තිබුණ පුස්තකාලය විවෘත කරන්න උදව් කරපු නිසා ප්‍රජාව තුළ මම ගැන මතයක් ගොඩ නැගුණ මම ඇවිත් ඉන්නෙ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන්න කියලා. ඒක කතන්දර පන්තිය කරගෙන යාමට පහසුවක් වුණා." "මේ ප්‍රජාව මට දැන් කියන්නෙ මම දෙවියන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට උදවු කරන්න එවපු කෙනෙක් කියලා. මම හිතන්නෙ ඊට වඩා දෙයක් මට අවශ්‍ය නෑ," නයනතාරා දීප්තිමත් දෑසකින් යුතුව පැවසුවා ය. "ඉංග්‍රීසි කතාන්දර කියැවීමට අමතරව මම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දේවල් දරුවන්ට කියා දෙනවා. උදාහරණයක් විදිහට හොඳ ස්පර්ශයක් සහ නරක ස්පර්ශයක් හඳුනගන්න විදිහ; ඇයි පිරිසුදුවට ඉන්න ඕනෙ; දත් මදින්න ඕනෙ වගේ බොහොම සරල දේවල්. ඒ වගේම හිංසනයන් ගැනත් කියලා දෙනවා. මේ ධීවර ප්‍රජාවේ ගෘහස්ථ හිංසනය වැඩියි. "මීට අමතරව මන්දපෝෂණය සහ පෝෂදායී ආහාර අපි ගන්න ඕනෙ ඇයි කියල මාසෙකට එක වැඩසටහනක් කරනවා. අපි කතාන්දර පන්තියේ ළමයි එකතු වෙලා කෑම එකතු වෙලා උයල රස බලනවා. පෝෂණය වගේ එකමුතුකම, එකතු වෙලා වැඩ කරන්නෙ කොහොමද, සමගිය, ආදරය වගේ ගොඩක් දේවල් අපි මේ වැඩවල දි ඉගෙන ගන්නවා," නයනතාරා විස්තර කළේ කතන්දර පන්තියේ ළමුන් හා එක්ව සිදු කරන තවත් ක්‍රියාකාරකමක් පිළිබඳව ය. මෙමඟින් ඔවුන් අතර කණ්ඩායම් හැඟීම හා එකිනෙකට උදවු කිරීම වැනි සිතුවිලි වර්ධනය වී ඇතැ යි ඇය පැවසුවා ය. ඉර අවරට ගොස් කළපුවට ඉහළින් ඇති අහස රන්වන් වීමට පටන් ගත් විට කතන්දර පන්තිය අවසන් විය. නමුත් සෑම දරුවෙකුගේම උද්‍යෝගිමත් ප්‍රශ්නය වූයේ මීළඟ කතන්දර කියවීමේ දිනය කවදා ද යන්න ය. ඉන්පසුව ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අපට සුබපතා නිවෙස් වෙත ගියේ නැවත වරක් පැමිණෙන්නැ යි ඇවිටිලි කරමිණි. "ඇත්තටම මේ මිනිස්සු ගොඩක් හොඳයි. ගොඩක් විවෘතයි. මේ දරුවන් ගොඩක් දක්ෂයි. සහජයෙන් ම දක්ෂ දරුවන්. එයාලට ඕනෑ ආදරයෙන් පොඩි මඟපෙන්වීමක් විතරයි," දරුවන් නිවෙස් වෙත යනු බලා සිටි නයනතාරා අවසන් වශයෙන් පැවසුවා ය.
සයින්දමර්දු මද්‍රාසා පාසලේ දරුවාගේ මරණය: 'පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා'
අම්පාර කල්මුනේ ඉස්ලාම්බාද් පරිවාස ළමා නිවාසයේ 14 හැවිරිදි දරුශාන් දරුවාගේ මරණයේ උණුසුම යන්නට මත්තෙන් අම්පාර, සයින්දමර්දුහි සබිලුල් රසුඩි මද්‍රාසා පාසලක දරුවෙක් මිය යෑමත් සමගම සයින්දමර්දු ජනතාව කෝපයට පත්ව තිබේ. මද්‍රාසා පාසැලේ ඉගෙනුම ලැබු කාත්තන්කුඩි හනීපා මව්ලවි විදීයේ පදිංචි මොහමඩ් මුෂ්අබි සිසුවා දෙසැම්බර් 05 වැනිදා සවස මිය යෑමත් සමගම මෙම තත්ත්වය උද්ගතව ඇත. මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද? එසේත් නොමැති නම් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද? යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මේවන විට විමර්ශන ක්‍රියාත්මකය. 'අපේ පුතාට මෙහෙම මැරෙන්න කිසිම හේතුවක් නැහැ' තම 13 හැවිරිදි දරුවා ආගම අධ්‍යනය කිරීමට ගොස් මියයෑම පිළිබඳව ඔහුගේ පියා දැඩි කම්පනයට පත්ව සිටියි.නමින් මොහමුදු මුසම්මිල් නම් දරුවාගේ පියා වෘත්තිය වශයෙන් කරනු ලබන්නේ සපත්තු නිෂ්පාදනය කිරීමය. ඔහුට දරුවන් හතර දෙනෙකු සිටින අතර ඒ සියලු දෙනාම පිරිමි දරුවන්ය.මද්‍රසා පැසැලට ඉගෙනුම ලැබීමට ගොස් ඇත්තේ වැඩිමහල් දරුවාය. “මගේ දරුවා දැනට මේ පාසැලට ගිහින් මාස දෙකක් විතර ඇති, එයාගේ කැමැත්තෙන් තමයි මේකට ගියේ.අපේ දරුවා සතුටින් තමයි හිටියේ අපි හැම සිකුරාදාම දරුවට කතා කරනවා ,සමහර දවස්වලට දරුවා බලන්න යනවා ගිහින් එයා බලල එනවා.මේ සිදුවීම වෙලා තියෙන්නේ 5 වැනිදා සවස අපිට මේ මද්‍රසා පාසැල පවත්වාගෙන යන මව්ලව් එස්.එස්.එම්.සනාෂ් රාත්‍රි නවයට කතා කරල කිව්වා දරුවට සනිප නැහැ, රෝහල් ගත කරා පුලුවන් නම් එන්න කියලා.” මොහමුදු මුසම්මිල් පැවසීය. 'පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා' “මමයි නෝනයි පවුලේ නෑදෑයෝ එක්ක සයින්දමර්දු මද්‍රාසා පාසැලට ආවා ඇවිත් දරුවා හෙව්වා නමුත් අපේ දරුවා එතැන සිටියේ නැහැ .අපි ඊට පස්සේ සයින්දමරුදු රෝහලට ගියා. එතැනදි තමයි අපේ දරුවා මැරුණා කියල දැන ගත්තේ.මේ මරණය පිළිබඳව අපිට සැකයි.අපේ පුතාට මෙහෙම මැරෙන්න කිසිම හේතුවක් නැහැ.අපි මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලනවා.” යැයි දරුවාගේ පියා සඳහන් කළේය. “මම දෙසැම්බර් දෙවෙනිදා සෙනසුරාදා මගේ පුතාට කතා කරා අපි පුතාට කතා කරන්නේ මව්ලව්ගේ ෆෝන් එකට මව්ලව් කිව්වා පුතාට පොත් එහෙම අරගෙන එන්න කියලා. මම කිව්වා මට පුතාට කතා කරන්න දෙන්න කියලා එයා කිව්වා දෙන්න බැහැ කියලා. මම තදින්ම කිව්වා මට දරුවට කතා කරන්න ඕනේ කියලා. පස්සේ පුතාට ෆෝන් එක දුන්නා. පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා. එතකොටම මව්ලව් ෆෝන් එක ගත්තා. ඊට පස්සේ මම දැක්කේ පුතා ගේ මරණය" යැයි මියගිය මොහමඩ් මුෂ්අබි ගේ මවවන ෆාතිමා සිපානා හඬා වැටෙමින් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළාය. ප්‍රදේශවාසීන්ගේ විරෝධය මියගිය දරුවාගේ ඥාතියෙක් වන කාත්තන්කුඩි පදිංචි මොහමඩ් මුකරිම් පැවසුවේ මෙම දරුවාගේ මරණය සැක සහිත බවයි. මෙම දරුවා මියගිය බව දෙමව්පියන්ට පැවසීම ප්‍රමාද කිරීම, වැසිකිලියේ ගෙල වැලදාගෙන සිටියා නම් ඒ පිළිබඳව පොලිස් ස්ථානයට දැනුම් නොදී ඔහු විසින්ම සියලු කටයුතු කර දරුවා රෝහලට ගෙන යෑම සහ මද්‍රසා පාසැලේ ඇති CCTV මකා දැමීමට උත්සහ කිරීම වැනි කාරණා තුළින් තවදුරටත් මෙම මරණය පිළිබඳව සැකයක් පවතින බවද ඔහු පැවසීය. මෙම මරණය ගැන සැලවිමත් සමගම කෝපාවිෂ්ට වු සයින්දමරුදු ගම්වැසියන් සබිලුල් රසුඩි මද්‍රාසා පාසලට පැමිණ එහි මව්ලවීවරයාට විරෝධය පෑමත් සමගම පොලිසිය විසින් මව්ලවිවරයා සිය භාරයට ගනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ කුමක් ද? පසුව කල්මුනේ මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයකින් පසුව මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර මහා රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සී.ටී. මහනාම වෙත යොමු කරනු ලැබීය. ඒ අනුව අද (දෙසැම්බර් 7 වැනිදා) දින පෙරවරුවේ අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී මෙම දරුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. එහිදී විවෘත තීන්දුවක් දෙමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ සී.ටී. මහනාම සඳහන් කර ඇත්තේ මෙය ගෙල මත සිදුවු තෙරපීමක් නිසා සිදු වු මරණයක් බවය. මෙම මරණය පිළිබඳව සැක සහිත ස්ථාන කිහිපයක් පවතින නිසා තවදුරටත් මෙම දරුවාගේ මරණය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන කරන බව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල වෙත පැවසීය. දැනට පවතින තොරතුර සමග සබිලුල් රසුඩි මද්‍රාසා පාසැලේ මව්ලවිවරයා සයින්දමර්දු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු කල්මුනේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මෙම මව්ලවිවරයා මීට පෙර දරුවන්ට අමානුෂික පහරදීම් කළ බවට පැමිණිලි ඇතැයි දරුවාගේ පවුගේ ඥාතින් චෝදනා කළත් සයින්දමරුදු පොලිස් ස්ථානයට එවැනි පැමිණිලි ලැබී නැතැයි පොලිසිය පැවසීය. මද්‍රසා පාසල් යනු ඉස්ලාම් අල් කුරාණය ඇතුලු ඔවුන්ගේ ආගමික පිළිවෙත් පිළිබඳව උගන්වන ස්ථානයකි. එවැනි ස්ථානයක ඉගෙන ගන්නා දරුවන්ට අමානුෂික ලෙස සැලකීම සුදුසු නොවන බව සමන්තුරේ ප්‍රදේශයේ මව්ලවි වරයෙකු අම්පාර මහ රෝහලේදි බීබීසී සිංහල වෙත පැවසීය. මොහමඩ් මුෂ්අබි සිසුවා අල් කුරාණය ඉගෙන ගැනීමට පැමිණ අවසනාවන්ත ලෙස ම මියගොස් තිබේ. තම වැඩිමහල් පුතා මිය යෑම පිලිබදව මව, පියා, ඥාතින් මහත් සංවේගයට පත්ව තිබේ.මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද? සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද? යන්න අනාවරණය කර ගැනීමට සිදුව තිබෙන්නේ නව තාක්ෂණය සමග පොලිසිය පවත්වන විමර්ශන මතය.
ආර්ථික අර්බුදය හේතුවෙන් තාරුණ්‍යයේ සිහින බොඳ වෙමින් යන කොළඹට සේන්දු වූ නවාතැන්කරුවෝ
මහරගම - පමුණුව ප්‍රදේශයේ චාමර සහ ඔහුගේ මිතුරන් දෙදෙනා දිවි ගෙවන කුලී නිවස වෙත අප පිවිසෙන විටත් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ ඔහුගේ නිවස පිහිටා ඇති තුන්වන මහල තිබුණේ අඳුරින් වැසී ගොසිණි. පෙර දැනුම් දුන්න ද ඔවුන් නිවසේ නොසිටින්නේ දැයි වූ සැකය අප තුළ ඇති විය. නමුත් එය ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ දෙනෙකු මෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට චාමර ගත් පියවරක් විය. "දැන් අවශ්‍ය තැන්වල විතරයි ලයිට් දාන්නේ," චාමර එසේ පවසමින් අප ඔහුගේ නිවස වෙත පිළිගත්තේ ය. නිවස කාමර කිහිපයකින් යුක්ත වූ නමුත් ඒ තුළ දැඩි හිස් බවක් විය. බිත්තවල කලකින් තීන්ත අලේප කර නොතිබුණු බවක් දක්නට ලැබිණි. සාලයේ තිබුණු පුටු කිහිපයට අමතරව මේසයක්, ලැප්ටොප් පරිගණයක්, ඔහු සහ මිතුරන්ගේ සංගීත භාණ්ඩ සහ උපකරණ කිහිපයක් එහි විය. ලී වලින් තනන ලද එතරම් විශාල නොවන වෙස් මුහුණු කිහිපයක් කාමරවලට ඇතුළු වන උළුවහු කෙලවරට වන්නට ඉහළින් සවිකර තිබිණි. සාලයේ එක් පසෙක ඔවුන්ගේ සංගීත භාණ්ඩ තබා තිබුණු ස්ථානයේ බිම බේසමක් තබා තිබුණේ, අබලන් වී ඇති වහලයෙන් වැටෙන වැහි බිඳු බිම පතිත වීම වැළැක්වීමට ය. මුළුතැන්ගෙය ඉවුම් පිහුම් කිරීමට අතවශ්‍ය ම උපකරණ සහ ද්‍රව්‍යවලින් සමන්විත විය. නමුත් එහි ශීතකරණයක්, බ්ලෙන්ඩරයක් ආදී උපකරණ නොවීය. සාලය සහ මුළුතැන් ගෙය හැරෙන්නට නිවසේ කාමර සහ අනෙක් ප්‍රදේශවල විදුලි පහන් නිවා දමා තිබිණි. 'චාමර' යනු, මෙහි සඳහන් කතා නායකයාගේ සැබෑ නම නොවේ. එය ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන අන්වර්ථ නාමයකි. මෙම කුලී නිවසේ දිවි ගෙවන ඔහු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා අතරින් ස්ථිර රැකියාවක් ඇත්තේ, චාමරට පමණි. අනෙක් දෙදෙනා කලා කටයුතුවල නියැළෙමින් මුදල් උපයති. රුපියල් 35,000ක මුදලක් මාසිකව ඔවුහු මෙම නිවස සඳහා කුලී වශයෙන් ගෙවති. 2020 වසරේ කොචිඩ් වසංගතයෙන් ද පීඩා විඳ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් මේ වන විටත් බැට කමින් සිටින පිරිස අතර චාමර වැනි, ගම්මානවලින් කොළඹ කරා පැමිණ, සිහින සැබෑ කර ගැනීමට වෙර දරන තරුණ තරුණියෝ බොහොමයක් ද සිටිති. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ දෛනික ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගැනීම ගැන අවධානය යොමු කිරීමට ඔවුන්ට සිදුව ඇත්තේ, ඔවුන්ගේ සිහින, සිහින ලෙස ම බොඳ වී යාමට ඉඩ හරිමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව තරුණ ජීවිත ද උඩු යටිකුරු වී ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය ය. 'මස් කීය ද කියලව ත් දන්නේ නැහැ...' චාමර 29 හැවිරිදි රජයේ සේවකයෙකි. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලද නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රාසංගික කලා විශේෂ උපාධියක් ද ඔහු සතු ය. ඒ ඔස්සේ ඉදිරියට යාමට පුත්තලම, වනාතවිල්ලුව වූ තම උපන් ගමේ සිට මීට වසර කිහිපයකට පෙර කොළඹ පැමිණියත් චාමරට දැන් සිදුව ඇත්තේ, තමන් ඉගෙන ගත් විෂය ධාරාවෙන් පරිබාහිර වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නිරත වීමට ය. ඔහුගේ මාසික වැටුප රුපියල් 44,000කට ආසන්න ගණනකි. අප සමග සල්ලාපයට වැටෙන මොහොත වන විටත් ඔහු තම රාත්‍රි ආහාරය පිළියෙළ කරගෙන ආහාරයට ගෙන තිබිණි. එහි බත්, මාළු මිරිස් සහ සම්බෝලයකට වඩා යමක් නොතිබුණු බව ඔහු අප හා පැවසුවේ සිනහමුහුසු මුහුණෙනි. "මස්, මාළු මුකුත් නැද් ද?" අපි ඇසුවෙමු. "මස්, මාළු කොහෙ ද? [සිනහවෙමින්] මස් කීය ද කියලව ත් දන්නේ නැහැ," යැයි පිළිතුරු දෙමින් ඔහු අතීතාවර්ජනයක යෙදුණේ, ආර්ථික අර්බුදයට පෙර ඔහු සහ ඔහුගේ මිතුරන් ගත කළ ජීවිතය පිළිබඳව සිහිපත් කරමිනි. "මුලින් ම අපි හිටියා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ළඟ තැනක. මට හොඳට මතකයි රුපියල් 5 බෑග් එකකට වගේ රුපියල් 800ක විතර බඩු දාගෙන ගියා පිරෙන්න. රුපියල් 600, 700, උපරිම 800යි. ඒ 800 එළවළු මල්ල, අපි 4 දෙනෙක් හිටියා. අපි 4 දෙනාට එළවළු විතරක්, සති දෙකකට විතර හොඳට කන්න තිබුණා." චාමර සඳහන් කළේ, එම කාලයේදී තමන් සහ මිතුරන් රැකියාවක් නොකළ බව ය. කලා කටයුතුවලින් ලැබෙන මුදලින් ඔවුන් ගැටලුවකින් තොරව දිවි ගැටගසා ගත් බව ඔහු සඳහන් කළේ ය. අදායම් මාර්ග අහිමි වීම ඔහු ත් සමග මේ වන විට පමුණුව ප්‍රදේශයේ පිහිටා ඇති නිවසේ දිවි ගෙවන අනෙක් මිතුරන් දෙදෙනා අප එහි යන විට නිවසින් බැහැරට ගොස් තිබිණි. ඉන් එක් අයෙකු කලා උත්සවයක් සම්බන්ධ කටයුත්තක් සඳහා සහභාගී වීමට රාත්‍රියේ ම නිවසින් පිටව ගොස් සිටි බව චාමර පැවසීය. ඔහුගේ වයස 35ක් පමණ ය. නමුත් තම අනෙක් මිතුරා පිළිබඳව චාමර සංවේදීව සඳහන් කළේ, "පසන් (අන්වර්ථ නාමයකි) ගොඩක් වෙලාවට කරන්නේ රඟපාන එකයි, සවුන්ඩ් වැඩයි [නාට්‍යවල]. මට හිතන්නේ එයා මේ ටිකේ අනුරාධපුරේ ගෙදර ගිහින් ඉන්නේ සල්ලි නැති නිසා කියලා. මේ ගෙදරට ගෙවන ගාණත් එක්ක එක්කෙනෙක් ගෙවන්න ඕනේ රුපියල් 11,000ක් විතර කුලිය විතරක්. එතකොට වතුර බිල්, ලයිට් බිල් ආවම ඒක 15,000කට ආසන්න ගාණක් විතර වෙනවා." පසන්ට "දැන් දින ගණනක ඉඳලා" නාට්‍ය වැඩ නොමැති බව ඔහු පැවසීය. "එතකොට එයාට ගාණක් එන්නේ නැහැ. දැන් මම එයාගෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ අහලා, මට දෙන්න නැහැනේ. මම ඒක අහලා තේරුමක් නැහැ ඉතින්. මම කොහොම ද ඉතින් දෙන්නේ?," චාමර තවදුරටත් සඳහන් කළේ ය. 'ඇයි මිනිස්සුන්ට එහෙම කරන්නේ?' තමන් ගමන් බිමන් යාම සඳහා භාවිත කරන්නේ යතුරුපැදියක් බව ත් "මේ අවුල එන්න කලින් බයිසිකලේ ෆුල් ටෑන්ක් කරන්න" රුපියල් 1,800ක මුදලක් පමණක් වැයවුණු බව ත් ඔහු අප හා පැවසීය. ඔහු සඳහන් කළේ, එය සති දෙකකට ප්‍රමාණවත් වූ බව ය. කෙසේ වෙතත් දැන් ඒ සඳහා "මට දැන් රුපියල් 3,800 ටැංකි දෙකක් ඕනේ මාසෙකට. ඒ ඉස්සර ගියපු ගමන් යන්නේ නැතුව. හැබැයි අපේ පඩිය වැඩි වෙලා නැහැනේ. මේන්ටනන්ස් වැඩත් එනවනේ.” ගිය මාසේ රෙපෙයාර් එකක් ඇවිල්ලා මට ගියා රුපියල් 38,000 ගාණක්. මම ඊට පස්සේ අකවුන්ට එකක් ඕපන් කරලා දෙදාහ දෙදාහ දානවා. ඇයි කොහොම ද බයික් එකක් හදා ගන්නේ? කාර් එකක් ගන්න එකක් ගැන විහිළුවකටවත් හිතන්න බැහැ. බයික් එකක් නඩත්තු කරන්න බැරිව කොහොම ද මම කාර් එකක් ගන්නේ?," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. චාමර ප්‍රකාශ කළේ, තමන්ගේ මාසික ආදායම තරම්වත් ආදායමක් තම අනෙක් මිතුරන් දෙදෙනා උපයන්නේ නොමැති බව ය. ඉහළ දමන ලද විදුලිය, ජලය සහ ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ඔහු ලබා දුන් පිළිතුර වූයේ, "ඇයි මිනිස්සුන්ට එහෙම කරන්නේ?" යනුවෙනි. තම වියදම් විටින් විට අවුරුදු කිහිපයක සිට සටහන් කිරීමට චාමර පුරුදුව සිටි හෙයින්, 2021 වසරේ විට 2023 වසර දක්වා වූ කාලය තුළ ඔහුගේ ජීවන වියදම ඉහළ ගිය ආකාරය පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමට අපට හැකි විය. ආහාර සඳහා වැය කිරීමට මුදල් යොදනවාට වඩා රාජකාරිය සඳහා ගමන් කිරීමට මුදල් වැය කිරීමට සිදුව ඇතැයි චාමර පැවසීය. "හරියට බැලුවොත් අපි කාලත් නැහැ." ඔහු ප්‍රකාශ කළේ, ඇතැම් අවස්ථාවලදී රාත්‍රී ආහාර වේල මග හැර හෝ යම් සුළු දෙයක් ආහාරයට ගෙන සෑහීමකට පත්වන බව ය. කිරිපිට මිල ඉහළ යාම හමුවේ කිරිපිටි පරිභෝජනය ද නතර කළ බව ඔහු පැවසීය. කොළඹ ආවේ ඇයි? 'මාව නිකම් ගිනි ගන්නවා වගේ…' විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ පසු 2019 වසරේදී තම උපන් ගම පිහිටා ඇති පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ම රජයේ රැකියාවක් ලද හෙයින් තමන් එහි ගියේ යළි කොළඹ පදිංචියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් නොවන බව චාමර පැවසීය. කෙසේ වෙතත්, කලා කටයුතු සහ දරුවන්ට සංගීතය විෂය ඉගැන්වීම සඳහා පන්ති පැවැත්වීමට තමන් සතිඅන්තවලදී නිතර කොළඹ ආ ගිය බව ද ඔහු සඳහන් කළේ ය. චාමර පැවසුවේ, ඉන් තමන් ස්ථිර රැකියාවෙන් ලද වේතනයට අමතරව රුපියල් 40,000ක පමණ මුදලක් ඉපැයූ බව ය. නමුත් කොළඹට පැමිණීමට පමණක් දිනකට කිලෝමීටර් 200ක් පමණක් ගමන් කළ යුතු බැවින් එය තමන්ට මහත් අසීරු කාර්යයක් බවට පත් වූයේ යැයි ඔහු සඳහන් කළේ ය. "ජීවන වියදම දැන් එන්න එන්න ම වැඩි වෙනවනේ. එතකොට මම හිතුවා මට 80,000ක් හම්බ කරන්න පුළුවන් නම්... මට 40,000ක් පඩිය කොහොමත් හම්බ වෙනවනේ. තව 40ක් මට හම්බ කරන්න පුළුවන් විධියක් තියෙනවා නම් පහසුවෙන්, කොළඹට එන්න ඕනේ කියලා මට හිතුණා. ඒ වගේ ම ඒ වෙද්දී ආර්ට් කරන මගේ යාළුවෝ ටිකත් ආපහු කොළඹට ආවා. එයාලා ඇවිල්ලා මෙහේ [කොළඹ] එක එක තැන්වල වැඩ කරනවා [කලා කටයුතු], ෆොටෝස් දානවා... ඉතින් මට එහේ ඉන්න හිතුණේ නැහැ. මාව නිකම් ගිනි ගන්නවා වගේ. ගමේ ගියාට මම ඉන්නේ මෙහේ. වෙන්ට් එකේ වැඩ යනවා. ඩ්‍රාමා යනවා. ෆෙස්ටිවල් යනවා. එහේ [වනාතවිල්ලුව] මුකුත් ම නෑනේ." ඉන් අනතුරුව තමන් යළි කොළඹ පැමිණීමට තීරණය කළ බව චාමර පැවසීය. "මොක ද මට බය වෙන්න දෙයක් නැහැනේ. මට 40ක් විතර වැඩිපුර හම්බ වෙනවනේ. ඒ නිසා මම කොළඹ ආවා." 'කොළඹ ආපු ප්‍රධාන ම හේතුවෙන් එකක් නැති වෙනවා' යළි කොළඹ පැමිණීමෙන් පසුව තමන්ට අත්වූ ඉරණම පිළිබඳව ඔහු පැවසූ අවස්ථාවේ ඔහුගේ මුහුණේ ඇඳී තිබුණු හැඟීම් අතිශය සංවේදී ය. චාමර සඳහන් කළේ, මාසයක කාලයක් පමණ හොඳින් තමන් රැකියාවත් බාහිර වැඩකටයුතුත් සිදු කරගෙන ගිය නමුත් කොවිඩ්-19 වසංගතය ඒ සියල්ලට ම හරස් වූ බව ය. "ආදායම් මාර්ග කොරෝනා නිසා තමයි නතර වුණේ. නාට්‍ය වැඩ සහ අපි කරපු මියුසික් වැඩ නතර වුණේ කොරෝනා නිසා. ඒවා නතර වුණා ම අර කොළඹ ආපු ප්‍රධාන ම හේතුවෙන් එකක් නැති වෙනවා. එතකොට මගේ එක ආදායම් මාර්ගයක් ඉවරට ම ඉවරයි. එතැනින් පස්සේ වැඩ ගොඩක් නැති වුණා." එතැනින් පසු මේ දක්වා නිශ්චිත වශයෙන් අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව චාමර පැවසීය. ඔහු සඳහන් කළේ, යම් ආකාරයක ආදායම් ඉපැයීමේ මගක් හමුවුව ද එලෙස ලැබෙන මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බව ය. චාමරට සහෝදරියන් දෙදෙනෙකු සිටියි. ඔවුන්ගේ දෙදෙනාට අමතර මව සහ පියා ත් මිත්තණිය ත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දිවි ගෙවති. පියා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකි. ඔහු ලබන විශ්‍රාම වැටුපත්, සහෝදරියන් රැකියාවෙන් උපයන මුදලුත් නිවසේ වියදම් සඳහා යොදා ගන්නා බව ඔහු පැවසීය. තමන් ද නිවසේ වියදම් සඳහා දායක වන්නේ දැයි ඔහුගේ විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "පිස්සු ද?" යනුවෙනි. කජු ගස් සහිත අක්කර කිහිපයක ඉඩමක් තිබුණ ද විවිධ බාධක හේතුවෙන් ඉන් නිශ්චිත අදායමක් ඉපැයිය නොහැකි බව චාමර පැවසීය. 'බැඳලා කෙල්ලෙක්ව කොහොම ද බලා ගන්නේ?' චාමරට පෙම්වතියක සිටියි. ඇය කොළඹ ප්‍රදේශයේ උපන් තරුණියක වන අතර කොළඹ නරගයේ ම පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙයි. විවාහ වීමට බලාපොරොත්තුවක් තිබුණ ද චාමර ප්‍රශ්න කළේ, තමන් ලබන වැටුපෙන් නිවාස කුලිය සහ අනෙක් වියදම් සිදු කර "කෙල්ලෙක්ව කොහොම ද බලා ගන්නේ?" යනුවෙනි. "දැන් මගේ ගෑනු ළමයා කාලා බීලා සැපෙන් ගෙදර ඉන්නවා. ඉතින් එහෙම සැපෙන් ගෙදර ඉන්න කෙල්ලෙක්ව මම ගෙන්නලා ඒ වගේ හොඳට බලා ගන්න බැරි නම් මොක ද කරන්නේ? ගෙදර ෆ්‍රිජ් එකක්වත් නැහැනේ." "කසාද බැඳීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒත් කර ගන්න බැහැ. මම කැමතියි ලබන අවුරුද්ද වගේ ඇතුළත බඳින්න පුළුවන් නම්. පැහැදිලිව මුදල් තමයි බාධකය." 'කොළඹ කියන්නේ මර උගුලක්...' ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරය වුව ද කොළඹින් බැහැර සිට කොළඹට පැමිණෙන තරුණ තරුණයින් "මර උගුලක පටලවන ස්ථානයක්" බව මේ වන විට කොළඹ පත්ව ඇතැයි ඔහුගේ අදහස් විය. යළිත් ගමට ගොස් තම කාලය සහ ශ්‍රමය වගා කටයුතු සඳහා වැය කිරීම තමන් සිව් වසරක කාලයක් කොළඹ සිට උසස් අධ්‍යාපනය හදාරා ලබා ගන්නා ලද දැනුම අපතේ යැවීමක් බව චාමර සලකයි. "කිසි ම දෙයක් ගමේ නැහැ. නාට්‍යයක් බලන්නවත්. ඒකත් කරනවා නම් කරන්න ඕනේ මම. ගමේ නාට්‍ය කාරයෙක් කියලා එහෙම කෙනෙක් නැහැ. එතකොට මම ගිහිල්ලා නාට්‍ය කලාව මුල ඉඳලා ම පැළ කරන්න ඕනේ එහේ. ඒකට කොච්චර කාලයක් යනවා ද? දැන් 29යි වයස. අපි හීන මැව්වේ අවුරුදු 25, 26 වෙද්දි ක්ෂේත්‍රයේ තැනකට ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන දේවල් ටික ළඟා කර ගන්න නේ." දුරස් වන සිහින අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ත් ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා ත් කුඩා පරිමාණයේ ශබ්දාගාරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විදයම් කොපමණ දැයි චාමර සිය දිනපොතේ සටහන කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අවශ්‍ය උපකරණ ආදිය අවම මට්ටමින් සපයා ගත්ත ද එම කටයුතු සඳහා පරිගණයක් මිලට ගැනීම දැන් කළ නොහැක්කක් බව ය. ඔහු ඒ සඳහා වැය වන මුදල එකින් එක අප හා පැවසීය. "වැඩ කරන්න කොහෙන් ද පටන් ගන්නේ කියලා මට හිතා ගන්න බැහැ. දැන් මේ තියෙන කම්පියුටර් එකේ ද වැඩ කරන්නේ? මේ බලන්න? වීඩියෝ එකක් ප්ලේ කර ගන්න බැහැ," යැයි ඔහු ප්‍රකාශ කළේ, "වර්තමානයේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව ඇති" නමුත් තමන් මේ වන විට භාවිත කරන ලැප්ටොප් පරිගණකය පැරණි බව ත් ඉන් තම අවශ්‍යතා ඉටු කර ගත නොහැකි බව ත් පවසමිනි. චාමර වැඩිදුරටත් සඳහන් කළේ, මෑතකදී පැවති තම ළඟ ම මිතුරෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයට යාම පවා තමන් මගහැරි බව ය. 'ලොකු ම විදයම් දෙක කෑමයි සහ රෙන්ට් එක යි...' දුර බැහැර ප්‍රදේශවල සිට රැකී රක්ෂා කටයුතු සඳහා කොළඹට පැමිණ කුලී නිවෙස්වල හෝ තාවකාලික නවාතැන්වල ජීවත් වන තරුණ තරුණියන්ට වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අත්ව ඇති ඉරණම පිළිබඳව බීබීසී සිංහල, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවල නිරත තරුණ තරුණියන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව ද අධ්‍යයනය කර ඇති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගෙන් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, මේ වන විට උද්ගතව ඇති බරපතළ ම ප්‍රශ්නය ආහාර මිල ඉහළ යාම බව ය. ඒ හා සමගාමීව විදුලි සහ ජල ගාස්තු ඉහළ යාමත් සමග නාවතැන් සඳහා ගෙවන කුලී මුදල් ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි ඇය පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ, ඊට අමතවරව ප්‍රවාහන විදයම ද ඉහළ ගොස් ඇති බව ය. "කොළඹ ආශ්‍රිතව ම ඉන්නවා නම් ඒ වියදම අඩු යි. හැබැයි ගොඩක් මිනිස්සු බෝඩ් වෙලා ඉන්නේ දෙල්කඳ, නුගේගොඩ ඒ වගේ පැතිවල නේ. එතකොට එයාලට ප්‍රවාහන විදයමක් තියෙනවා. ලොකු ම විදයම් දෙක ආහාර යි සහ රෙන්ට් එක යි. ගොඩක් අය ප්‍රයිවෙට් සෙක්ටර් එකේ වැඩ කරන්නේ, ප්‍රයිවෙට් සෙක්ටර් එකේ පඩි වැඩි වෙලා නැහැ. ඒකත් එක්ක එයාලගේ බෝඩින් ගාස්තුයි, ආහාර වියදමයි, ප්‍රවාහන ගාස්තුයි වැඩි වෙලා තියෙනවා." පෝෂණ මට්ටම් පහළ යාම ආහාර වේල් මග හැරීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ පෝෂණ මට්ටම් පහළ ගොස් ඇතැයි ද ඇය පැවසුවා ය. "කෑම වේල් අඩු කරනවා. ඒගොල්ලෝ එතකොට කෑම වේල් තුන ම කන්නේ නැහැ අනිවාර්යයෙන්. මෙච්චර කල් චිකන්, මාළු කෑවා නම් දැන් ඒවා කන්නේ නැහැ. එතකොට ඒ පෝෂණ මට්ටම් අඩු වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් කොළඹ බියගම කියලා වෙනසක් නැහැ ඒ ප්‍රශ්නෙදි. සංක්‍රමණික කම්කරුවෙක් නම් රට ඇතුළෙන් වුණත් එයා ඇවිල්ලා ඉන්නවා නම් ඒ ප්‍රශ්නේ තියෙනවා." නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ, සතියකට වරක් කොළඹ සිට දුර බැහැර තිබෙන ගම් ප්‍රදේශ බලා ගිය පුද්ගලයින්ට ඒ සඳහා දැන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ය. මීට පෙර මාසයකට වරක් හෝ නිවස බලා ගිය කෙනෙකු මාස තුනකට වරක් හෝ පවතින තත්ත්වය හමුවේ දැන් නිවෙස් වෙත නොයන බව ඇය පැවසුවා ය. විදේශගත වීමට දරන උත්සහයන් ඉහළ යාම නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ, ආර්ථික අර්බුදයත් සමග බොහෝ පිරිස් විදේශගත වීමට උත්සහ දරන බව ය. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවලදී ඔවුන් අවදානම් තත්ත්ව යටතේ සංක්‍රමණය වීමට ගොස් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව ඇය පැවසුවා ය. අඩුආදායම් ලාභී පවුල්වල සාමාජිකයින් ඊට වැඩි වශයෙන් නතු වන බව ඇය සඳහන් කළා ය. "සංක්‍රමණය වෙන්න මිනිස්සු ලොකු උත්සහයක් දරනවා පිටරටවල්වලට. එහෙම සංක්‍රමණය වෙද්දී අවදානම් තත්ත්ව යටතේ කරනවා. විසිට් වීසා ගිහිල්ලා රස්සා හොයා ගන්න. ඊට පස්සේ රස්සා නැහැ. මෙහෙ ඉන්න [බියගම] විශේෂයෙන් ගැහැනු අය මම දන්නවා සමහර සිදුවීම් තියෙනවා ලිංගික අල්ලස්වලට, ඒ වගේ ලොකු ප්‍රශ්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා රස්සාවක් හොයා ගන්න." එබැවින් ආරක්‍ෂිත ක්‍රමවේද ඔස්සේ විදෙස් රටවලට සංක්‍රමණය වීමට තරුණ තරුණියන් පියවර ගත යුතු බව ඇය අවධාරණය කළා ය. "ඒ නිසා ඒ වගේ අවදානම් ගන්නේ නැතුව ආරක්‍ෂිත මාර්ග ඔස්සේ රැකියා හොයා ගන්න, ඒ කියන්නේ ඒජන්සි තියෙනවා නම් ඒක රෙජිස්ටර් වෙලා ද කියලා බලන්න. ඒ වගේ පාස්පෝට් එක භාර දුන්නට පස්සේ බලපෑම් කරනවා ද ආපහු දෙන්න මුදල් ගන්න. මේක ගොඩක් තියෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්වලට අයට."
දියණියගේ 'අසැබි ඡායාරූප' ගත්බව කියන සැමියා ඝාතනය කිරීම: බිරිඳට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමිවෙයි ද?
අවවාදයයි: ඇතැම් පාඨකයින් කම්පනයට පත්විය හැකි ඇතැම් තොරතුරු මෙම ලිපියේ අන්තර්ගත වේ. බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සිද්ධියක් දෙසැම්බර් තුන්වන දා කුරුණෑගල, වැල්ලව පොලිස් වසමේ බලගහගම ප්‍රදේශයෙන් වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් පළ කරන ලද සහ විකාශය කරන ලද වාර්තාවල මුලින් ම සඳහන් වූයේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා සතු යූටියුබ් නාලිකාවක් ජනප්‍රියකර ගැනීමේ අරමුණින් එහි පළ කිරීම සඳහා ඔහුගේ 14 හැවිරිදි එකම දියණියගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී, ඔහුගේ බිරිඳ (දැරියගේ මව) විසින් එම පුද්ගලයා කපා කොටා ඝාතනය කරනු ලැබ ඇති බව ය. ඒ බව වැල්ලව පොලිසිය ද තහවුරු කළේ ය. එම වාර්තා අනුව, ඝාතනයට ලක්ව තිබුණේ වැල්ලව ප්‍රදේශයේ බලගහගම පදිංචිව සිටි, කුරුණෑගල රෝහලේ උපස්ථායකයෙකු ලෙස සේවය කළ 39 හැවිරිදි දෙදරු පියෙකි. අදාළ කාන්තාව ඇගේ 14 හැවිරිදි දියණිය හා නව හැවිරිදි පුත්‍රයා නිවසේ කාමරයකට දමා දොරගුළු දමා ස්වාමි පුරුෂයා ඝාතනයකර ඇති බව පොලිසිය සඳහන් කර තිබිණි. සැකකාරිය සැමියා නාන කාමරයට ගොස් පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඇති අතර, ඉන්පසු ඔහු නාන කාමරයෙන් එළියට පැමිණීමේ දී කපා කොටා ඝාතනය කර ඇතැ යි වාර්තා විය. එම පහර දීම හේතුවෙන් ඔහු නිවසේ සාලයේ දී ම මරණයට පත්ව තිබූ බව පොලිසිය සඳහන් කළේ ය. මරණයට පත් පුද්ගලයා මෑතක දී යූටියුබ් නාලිකාවක් ආරම්භකර ඇති බවත්, එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ඡායාරූප එක් කරමින් සිටි අයෙකු බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය තහවුරු කරයි. 'වෙනත් පැති කිහිපයක්' කෙසේ වෙතත්, මෙම සිද්ධියෙහි 'තවත් පැති කිහිපයක්' වාර්තා වන බව එම ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. අදාළ නිවසේ ඇති වූ ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 50කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබූ බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එවැනි පැමිණිලි රැසක් ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළේ ය‍. කෙසේ වෙතත්, එම පැමිණිලි අතර බලහත්කාරයෙන් දියණියගේ ඡායාරූප ගැනීමට තැත් කළ බවට හෝ වෙනත් අපයෝජනයක් කිරීමට තැත් කළ බවට පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව ඔහු පැවසීය. මේ අතර, අදාළ 14 හැවිරිදි දියණියගේ ප්‍රකාශය මේ වන විට සටහන් කරගෙන ඇති අතර, ඇගේ පියා බලහත්කාරයෙන් ඇගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ බව ඇය එහිදී පවසා ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර, අදාළ ඝාතනය සිදුවූ දිනයේ දී ම ඝාතනයට ලක්වූ තැනැත්තාගේ වයසේම පසු වූ තැනැත්තෙකු සියදිවි හානිකර ගෙන ඇතැ යි ද පොලිසිය පවසයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සුළු සේවකයින් පිරිසක් අඟහරුවාදා (දෙසැ. 5) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව ද අදාළ ප්‍රාදේශීය වාර්තාකරු පැවසීය. විරෝධතාකරුවන් චෝදනා කර ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය බවට කරන ප්‍රකාශ අසත්‍ය බවත්, ඒ සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකා කිහිපයක් සහ පුවත්පත් කිහිපයක් කරුණු විමර්ශනය නොකර වාර්තා කර ඇති බවත් ය. කෙසේ වෙතත්, එම පුද්ගලයා යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගොස් ඇති බව තහවුරු කරගෙන ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් සියලු අංශවලට අදාළව විමර්ශන සිදුකර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය කාන්තාවට හිමිවෙයි ද? මනුෂ්‍ය ඝාතනය, අපරාධ අතරින් දරුණුතම හා බරපතලම අපරාධය ලෙස සැලකේ. මනුෂ්‍ය ඝාතනය යන්නෙහි සරල අර්ථය වන්නේ, පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීම ය. මෙය වඩාත් බරපතල අපරාධය ලෙස සලකනු ලබන්නේ, පරම මානව අයිතිවාසිකම වන "ජීවත්වීමේ අයිතිය" එමඟින් උල්ලංඝණය වන බැවිනි. කෙසේ වෙතත්, මනුෂ්‍ය ඝාතනයක දී ඝාතනය සිදු කළ තැනැත්තාට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමිවන අවස්ථා කිහිපයක් පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ, දණ්ඩ නීති සංග්‍රහයේ 89 වන වගන්තියේ සිට 99 වන වගන්තිය දක්වා කොටසේ ය. "89 වන වගන්තිය කියන්නේ, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන අවස්ථාවල දී ඒ කරන කිසිවක් වරදක් නෙවෙයි කියලා 92 හතර වන කොටසේ තියනවා, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකි ප්‍රමාණය ගැන," නීතිඥ උපුල් කුමරප්පෙරුම පැහැදිලි කළේ ය. "'ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය ප්‍රමාණයකට හැර, ඊට වඩා වැඩි පීඩාවක් සිදු කිරීමට කවර අවස්ථාවක දී වුව ද, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොපැතිරෙයි' කියලා සඳහන් වෙනවා. ඒ කියන්නෙ තමන්ට ආරක්ෂා වෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරයි ප්‍රතික්‍රියා කරන්න පුළුවන්." "කවුරු හරි ගැහුවොත්, තමන් බේරෙන්න ඒ තැනැත්තාට ප්‍රහාරයක් කරන එක පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමක්. උදාහරණයක් විදිහට, මොකක් හරි පොලු කෑල්ලකින් ගැහුවා කියලා කෙනෙක්ව මරන්න බෑ. 93 වන වගන්තිය අනුව තමන්ව මරණයට පත් කිරීමේ අදහසින් එන පුද්ගලයෙකුව තමන්ගේ ආරක්ෂාව සඳහා මරන්න පුළුවන්. එතනදී ඒ පුද්ගලයා නොමැරුවොත් තමන් ඝාතනයට ලක්වන බව ඔප්පු කරන්න පුළුවන් නම් සහනයක් ලැබෙනවා," ඔහු පැවසුවේ ය. වෙනත් අයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අයිතියක් තිබේ ද? වැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සිද්ධිය අනුව අදාළ කාන්තාව සැමියා ඝාතනය කර ඇත්තේ දියණියට වන ලිංගික අපයෝජන වළක්වා ගැනීමේ අරමුණින් බව කියන හෙයින්, ඇයට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමි වෙයි ද? මෙම සිද්ධිය අදාළ කර ගත හැකි වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 93 වන වගන්තිය අනුව බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. "කෙනෙකුට අස්වාභාවික ලෙස කාමය සංසිඳුවා ගැනීමේ අදහසින් යම් ක්‍රියාවක් කරන අවස්ථාවක දී කරන ලද ප්‍රහාරයකට පුද්ගලික ආරක්ෂාවේ අයිතියි තියෙනවා 93 වන වගන්තිය අනුව. ඒ අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තමන්ට විතරක් නෙවෙයි වෙනත් අයෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ දී හිමි වන අවස්ථාත් තියෙනවා," ඔහු පැවසීය. කෙසේ වෙතත්, අදාළ ක්‍රියාව සිදුවන අවස්ථාවේ දී දැක්වූ ප්‍රතිචාර අනුව සිදුවන ඝාතනයක දී පමණක් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමි වන බව නීතිඥවරයා සඳහන් කළේ ය. "සියලු කාරණා, සාක්ෂි විමර්ශනය කරලා අධිකරණය තමයි අවසන් තීන්දුව දෙන්නේ. ඒ සහනය ලබා ගන්න නම් පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ලබා දිය යුතු බව අධිකරණය හමුවේ ඔප්පු කිරීම අත්‍යවශ්‍ය යි," නීතිඥ උපුල් කුමරප්පෙරුම පැහැදිලි කළේ ය.
ත්‍රිවිධ හමුදා පිරිස් බලය දැන් රටට බරක් ද ?
දශක 3කට අධික කාලයක් යුද්ධයට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් පවත්වාගෙන යෑමට පැවති සෑම රජයක්ම පාහේ කටයුතු කළේය. 2009 වසරේදී යුද්ධය අවසන් වනවිට මෙරට යුද හමුදාවේ පමණක් පැවති පිරිස් බලය ලක්ෂ 02 කට ආසන්න වූ බව එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා සිටියේය. යුද හමුදාවට අමතරව නාවික සහ ගුවන් හමුදාවේද සමාජික සංඛ්‍යාව බලන කළ යුද්ධයක් නොමැති රටකට මෙතරම් විශාල හමුදාවක් නඩත්තු කිරීමට අවශ්‍යතාවයක් පවතින්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියි. 2024 අයවැයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 423කි. ලොව පුරා රටවල හමුදා බලය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් කරන ග්ලෝබල් ෆයර් පවර් වෙබ් අඩවියට අනුව රටවල් 145ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. දැනට සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව කොපමණ ද? වර්තමානයේ මෙරට සේවයේ සිටින ත්‍රිවිධ හමුදා පිරිස් බලය සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදුකරන ලදී. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් පවසා සිටියේ වර්තමානයේ යුද හමුදාවේ සේවයේ නිරත සමස්ත හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 164,000ක් වන බවය. මීට අමතරව නාවික හමුදාවේ ආසන්න වශයෙන් 41,000ක සාමාජික සංඛ්‍යාවක් සහ ගුවන් හමුදාවේ 28,000ක සාමාජික සංඛ්‍යාවක් දැනට සේවයේ නිරතව සිටින බව ඔහු පැවසීය. '27000ක් හමුදා සේවයෙන් ඉවත් වෙලාද? ඉකුත් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ පසුගිය කාලය තුළ දී යුද හමුදාවේ සේවයේ නියුතු 27,000 කට ආසන්න පිරිසක් ඉන් ඉවත්ව ගොස් ඇති බවයි. "2022-23 කාලය තුළදී මගේ ළඟ තියෙන සංඛ්‍යා ලේඛණ වලට හැටියට යුද හමුදාව ඇතුළේ 27,000 කට ආසන්න පිරිසක් සේවය අත්හැරලා ගිහින් තිබෙනවා." “එක්කෝ විශ්‍රාම ගිහිල්ලා, එක්කෝ සේවය අත්හැරලා ගිහිල්ලා, එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒක ඉතාම ඉහළ සංඛ්‍යාවක්. යුද්දේ කාලේදීවත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. එතන ගැටලුවක් තියෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි.” මන්ත්‍රීවරයා කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පසුගියදා කතාබහට ලක්වූ කරුණක් වුයේ වසර 2030 වන විට එහි පිරිස් බලය ප්‍රමාණගත කිරීම සම්බන්ධවයි. ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය අඩු කිරීමට සුදානමක් මේ අතර ලක්ෂ දෙකකට අධික පිරිස් බලයකින් යුත් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවල පිරිස් බලය ඉදිරි වසර 7 තුළදී ක්‍රමානුකූලව අවම කිරීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 2024 අයවැයට අදාළ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ වසර 2030 වන විට යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා පිරිස් බලය සීමා කිරීමට කටයුතු කරන බවයි. ක්‍රමවේදයකට යටත්ව එම පිරිස් අඩු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. "2024 වසර සඳහා වන සමස්ත අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ 6.5% ක්." "2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ සමස්තයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළ ප්‍රමාණය වුයේ 7%ක්." "මේවන විට ත්‍රිවිධ හමුදාව නිවැරදි ප්‍රමාණගත කිරීම ආරම්භ කර තිබෙනවා. යුද හමුදාවේ දෙලක්ෂ අටදහසක් වූ අනුමත පිරිස් බලය 2030 වසර වන විට ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යනවා." "නාවික හමුදාව 30,000 කටත්, ගුවන් හමුදාව 20,000 කටත් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා." "මේ ත්‍රිවිධ හමුදාවට ගෙවන වැටුප් සම්බන්ධයෙන් අදහස් පළවුණා. ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය වැඩි කිව්වා, බරක් කියලා කිව්වා." "නිවැරදි ප්‍රමාණගත කිරීම ආවට ගියාට කරන්න බැහැ. රටේ ආරක්ෂාව, දැනට පවතින රටේ ආරක්ෂක තත්ත්වය සහ ඉදිරියේ තිබෙන ආරක්ෂක තත්ත්වය තක්සේරු කරලා මේක කරන්න ඕන." "නිවැරදි ප්‍රමාණගත කිරීමේදී අපට තාක්ෂණයට යන්න වෙනවා. ඒ වෙනුවෙන් බරක් දරන්න සිද්ධ වෙනවා." "මේ වෙලාවේ අපි කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ." "මේක අපි කරන්නනේ ස්වභාවිකව අඩුවන ප්‍රමාණය සැලකිල්ලට අරගෙන 2030 වසර වන විට මෙම නිවැරදි ප්‍රමාණගත කිරීම සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ." ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජාතික ආරක්ෂාවට දක්වන්නේ අලස වූ ආකල්පයක් ද? 'යුද ජයග්‍රහණයෙන්' පසුව මෙරට රජයන් ජාතික ආරක්ෂාව ගැන දක්වන්නේ අලසවු ආකල්පයක් බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. යුද්ධය පැවති කාලයට වඩා හමුදාවන්හි වෘත්තීය භාවය ශීඝ්‍රයෙන් පහළට කඩා වැටුණු බවත් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් එහි ප්‍රතිඵල දැක ගත හැකිවූ බවත් ඔහු පවසා සිටියේය. "යුද හමුදාව වෙනුවෙන් මේ වසරේ බිලියන 218ක්, ඒ කියන්නේ පෙර (2023 වසරේ) අයවැයට සාපේක්ෂව බිලියන 09ක් වැඩියෙන් වෙන් කර තිබෙනවා." "ආරක්ෂක අයවැය වැඩිවන්නේ වර්තමාන අර්බුදයේදී වැටුප්, ආහාර පාන, ඉන්ධන, ගෑස්, විදුලි බිල්, වාහන නඩත්තු කිරීම් හා අනෙක් සියලු වියදම් වැඩිවීම නිසයි." "මේ දිනවල ආර්ථික විශේෂඥයින් ආරක්ෂාව සඳහා අයවැය වියදම් වැඩි කියා නිතර නිතර කතා කරනවා ඇසි තිබෙනවා. " "නමුත් සැලකිල්ලට ගත යුතු සංකල්පය නම් ආරක්ෂාව නැති තැන ආර්ථිකය නොරැකෙන බවයි. මෙය ලෝකයේ සියලුම රටවල් අකුරටම පිළිපදින සංකල්පයක්."ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර සිටියේය. "හමුදාවේ පිරිස් බලය ක්‍රමානුකූලව අඩු කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායකගෙන් විමසීය. යුද්ධය නිසා ඇතිවූ තත්ත්වය මත විශාල හමුදාවක් පවත්වාගෙන යෑම තවදුරටත් සුදුසු නොවන නමුත් රටේ ජාතික ආරක්ෂාවට සාපේක්ෂව හමුදාවක ශක්තිය තබා ගත යුතු බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම රටේ ආර්ථිකයට මුදල් නොමැති බව පවසමින් හමුදාව අඩු කිරීම සුදුසු නොවන බව තමන්ගේ හැඟීම බව හිටපු යුද හමුදාපතිවරයා පැවසීය. "රටේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, දරුණු සමාජීය සහ දේශපාලන ප්‍රශ්නයක් තිබෙනවා. රටේ ස්ථාවරත්වයක් ඇති වෙන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවූ විටයි රටේ සාමදානයක් ඇතිවන්නේ." "අන්න ඒ විටයි ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ. හමුදාව ලොකු වුණාම වැඩි වුනාම නොවෙයි. ඒකයි රටට හමුදාවක් අවශ්‍ය වන්නේ." "මේ වෙද්දී රට දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන පිරිහීමකට ලක්වෙලා තියෙනවා. මේ වන විට ජාතික ආරක්ෂාව දරුණුම අවස්ථාවකට පත්වී තිබෙන මොහොතක එවැනි තීරණයක් ගැනීම සුදුසුදැයි හිතෙනවා." "මේක ගැඹුරින් හිතන්න ඕන විෂයක්. එහෙම නැත්නම් පවත්වාගෙන යන්න සල්ලි නැහැයි කියලා ඉස්සෙල්ලම තමන්ගේ ආරක්ෂකයා අයින් කරනවනම් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න." "ගංවතුරක් ගැලුවත් මොන තත්ත්වයක් ආවත් හමුදාව තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මීට වඩා හොඳට හිතලා බලලා කටයුතු කළ යුතුයි." ඔහු කියා සිටියේය. 'අපේ හමුදාවේ උඩ හරි බරයි' 2009 වසරේ යුද්ධය අවසන් වූ පසු ඉදිරියේදී හමුදාව පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුම් ලබාදුන් බව ජෙනරාල් දයා රත්නායක පවසා සිටියේය. “යුද්ධය අවසන් වුණාට පසුව 2010 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලයේදී ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රටේ පවතින තත්ත්වය සහ ඉදිරියේදී පවතින්න පුලුවන් තත්ත්වය සහ රටේ අවශ්‍යතාවය වගේම ස්ථාවරත්වය ගැන හිතලා හමුදාව ප්‍රමාණගත කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරලා තිබුණා." "අද අපේ හමුදාවේ උඩ හරි බරයි. යුද්ධයක් නැති අවස්ථාවක මෙවැනි තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ." "විශේෂයෙන් බලසේනාංක, අණු කණ්ඩ සහ බල ඇණි ප්‍රමාණය වැඩියි කියලා හිතෙනවා මට." "මේ වගේ දේවල් ක්‍රමානුකුලව අඩු කළ යුත්තේ කොහොමද කියලා සැලසුම් සකස් කරලා ලබාදී තිබුණත් ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ." ඔහු කියා සිටියේය. පිරිස් බලය අඩු කළ හැකි ක්‍රමය කුමක් ද? හමුදාවේ පිරිස් බලය ප්‍රමාණාත්මකව අඩු කිරීමට අවශ්‍යනම් ඒ සඳහා ගත හැකි සුදුසු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ද හිටපු හමුදාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. "හමුදාවේ ප්‍රමාණාත්මකව අඩුකරන්න අවශ්‍යතාවයක් තියෙනවනම් ඇත්තෙන්ම අපේ ඉන්නවා ස්වේච්‍‍‍ඡා සේනාව." "ඒකේ මේ වෙද්දී අවම වශයෙන් 40,000- 50,000ක් අතර පිරිසක් ඉන්නවා ඇති. එය බලමුළු ගැන්නුවා නම් 160,000ක් ඉන්න හමුදාවේ පිරිස් බලය ලක්ෂයට අඩු වෙනවා." "බලමුළු ගන්වනවා කියලා එක පාරම කරන්න බැහැ. ඒකට අපි ඒ දවස්වල ක්‍රමවේදයක් හැදුවා." "ස්වේච්‍ඡා බලසේනාවේ හිටියේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවේ නිරතවන ගමන් හමුදා සේවයට එක්වූ අය. යුද්ධයත් එක්ක ඔවුන් අඛණ්ඩව හමුදා සේවයට ඇතුළත් වුණා. " "මේ අයව යුද්ධයෙන් පස්සේ නැවත රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි පුරප්පාඩු බලලා ඒවාට යොමු කරවන්න අපේ සැලසුම වෙලා තිබුනේ. නමුත් ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ. එහෙම වුනානම් ඒ අයට අද රැකියාවක් තියෙනවා වගේම අවශ්‍ය වෙලාවට නැවත සේවයට කැඳවන්න හැකියාව තියනවා." ජෙනරාල්වරයා පැවසුවේය. තීරණ ගැනීමට පෙර සිතා බැලීම වැදගත් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒ සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් විශේල්ෂණය කොට තීරණ ගැනීම වැදගත් බවත් අතීතයේ දී එවැනි තීරණ ගැනීම නිසා රටට මුහුණ දීමට සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවිම් වලට ඉතිහාසය සාක්ෂි දරනු ලබන බවටත් හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක සිහිපත් කර සිටියේය. “උදාහරණයක් වශයෙන් ගත්තම 1971 ප්‍රශ්නයක් ආවා, ඒකට මුහුණ දෙන්න හමුදාවක් හිටියේ නැහැ. 88-89 කාලයේදී ප්‍රශ්නයක් ආවා හමුදාවක් හරියට සංවිධානය වෙලා තිබුනේ නැහැ ඒකට මුහුණ දෙන්න." "1980 දී එල්.ටි.ටි.ඊ. සහ උතුරේ ඇතිවූ ප්‍රශ්නයට මුහුණ දෙන්න හමුදාවක් සුදානම් වෙලා තිබුනේ නැහැ. ඒ නිසා වසර 30ක් මේ ප්‍රශ්නය ඇදි ගියා." "ජාතික ආරක්ෂාව ගැන නොහිතන නිසා තමයි රටක් විදිහට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ." ඔහු පැවසුවේය. සිවිල් ආරක්ෂක බළකාය විසුරුවා හැරෙයිද? වන්දි ක්‍රමයක් හඳුන්වා දී සිවිල් ආරක්ෂක බලකාය විසුරුවා හැරීමට රජය කටයුතු කරමින් සිටින්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. විපක්ෂ නායකවරයා සඳහන් කළේ රජය ලබා දෙන එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි. "සිවිල් ආරක්ෂක සේවයේ 40,000 ක පිරිසක් සිටිනවා. යුද සමයේදී මායිම් ගම්මානවල ආරක්ෂාව වෙනුවෙන් කැපවී කටයුතු කළා." "ඔවුන්ව රජය විසින් හඳුන්වා දෙන ලක්ෂ 30ක වන්දි ක්‍රමයක් හරහා ගෙදර යන්න කියලා ඒ සේවය විසුරුවා හරින්න හදනවා. මම අහන්නේ ඒ අය කළ සේවයේ වටිනාකම ලක්ෂ 30 ද?" "ඔවුන් නිකම් රොඩු වගේ සලකන්නේ නැතුව, ඔවුන්ට සාධාරණ වන්දියක් ලබා දෙන්න. මම එය දකින්නේ ඉතාම ද්‍රෝහී ක්‍රියාවක් විදිහටයි." විපක්ෂ නායකවරයා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද පැවසුවේ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නිරත පිරිස් සුළු මුදලක් වන්දි ලෙස ලබාදී සේවයෙන් ඉවත් කිරීම ගැන තමන්ද විරුද්ධ බවයි. "මම තමයි සිවිල් ආරක්ෂක බලකාය ප්‍රතිසංවිධානය කළේ. මට ඒ ගැන ලොකු හිතේ අමාරුවක් තියෙනවා. අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමග කතා කරනවා. සිවිල් ආරක්ෂක බලකායේ විවිධ අය මටත් ඒ ගැන හැමදාම කතා කරනවා." "මේ සිවිල් ආරක්ෂක බලකාය ඇත්ත වශයෙන්ම ඓතිහාසික පසුබිමක් තියෙන එකක්. ගොවි මහත්වරු තමයි බොහෝ විට ඉන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් යුද්ධයට දායක වුණා." "යුද්ධයේදී ඔවුන්ගේ 530 දෙනෙක් මියගියා , තවත් දහසකට ආසන්න පිරිසක් ආබාධිත වුණා. නමුත් ඉන්න අයට මේ වගේ සුළු මුදලක් දීලා යවන එක ගැන මමත් විරුද්ධයි." මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් නගන ලද පැනයට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "සිවිල් ආරක්ෂක බලකායේ දැනට 34,000ක පිරිසක් සේවයේ නිරතව සිටිනවා. ඒ සේවය රටට වැඩදායි ලෙස ගන්න ඕන." "පන්සල්වල පමණක් සිවිල් ආරක්ෂක බලකායේ 4,500ක් සිටිනවා. අලි වැටවල්වල 5,000ක් ඉන්නවා. නොයෙකුත් රාජකාරී සීමාවෙන් පිටත ඉන්නවා." "එතකොට සමහරු මේ ඇතිකර ගෙන ඉන්න සිස්ටම් එකේදී අවුරුද්දම ගෙදර ඉන්නේ.හැබැයි පඩිය ගෙදරටම යවනවා" "ඉතින් අපි දන්නේ නැහැ එහෙම දෙපාර්තමේන්තුවක් දීර්ඝ කාලිනව අපි කොහොමද ගෙනියන්නේ කියලා.ඉතින් එහෙම ගෙනියන්න බැහැ. ඒ නිසා අපි ඒ ගැන සිස්ටම් හදන්න ඕන. " "ඒ වගේම ලොකු ඉල්ලීමක් තියෙනවා නියමිත කාලයට කලින් විශ්‍රාම යන්න වන්දියක් ලබා දෙන්න ඒ අය ඒකට සුදානම් කියලා." "දැනට තියෙන සිස්ටම් එකේ ඒ අය පදිංචි දිස්ත්‍රික්කයේම රාජකාරී කරන්න ඉඩ දෙන්න ඕන කියලා. මේ 34,000ක් දෙනාට වසරකට බිලියන 20ක් වෙන් කරනවා. " "ඉතින් මේකේ සිස්ටම් එක හදන්න ගියාම පළවෙනි අඩිය ටිකක් අමාරුයි. අවුරුදු 10-20 එකම තැන ඉන්නවා. වැඩ කරනවාද නැද්ද කියලා බලන්න විදිහක් නැහැ. ඉදිරියේදී අපි වැඩපිළිවෙලක් හදනවා වගේම ඒ ගැන අපි ඉදිරියේදී දැනුම් දෙනවා." 'අපි අවුරුදු 14ක් අහලා තියෙනවා ඇයි මෙතරම් මුදලක් වෙන් කරන්නේ කියලා' ආරක්ෂක හමුදාව අඩු කිරීමට රජය තීරණය කර තිබීම යහපත් වුවත් එය කරන ආකාරය සහ සේවයෙන් ඉවත් කරන ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නීතිඥ භවානී ෆොන්සේකා බීබීසී සිංහල වෙත පැවසුවාය. "ආර්ථික අර්බුදයක් තිබියදී යුද්ධය අවසන් වෙලා දැනට අවුරුදු 14 ක් ගතවෙලා තියෙද්දිත් මේ වගේ ලොකු හමුදාවක් තියාගෙන යාම අවශ්‍යද කියන එකයි පාර්ලිමේන්තුව බලන්න ඕන ප්‍රශ්නය." "මේ අවුරුදු ගණන පුරාවට වියදම් පැත්තෙන් බැලුවම ලොකුම වැය කිරීම වෙන් කරන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන්. විශේෂයෙන් වසංගතය පැවති කාල සිමාවේදීත්." "ආර්ථික අර්බුදය තියෙද්දී මේ වගේ ලොකු වියදමක් දරලා ආරක්ෂක හමුදාවක් තියාගන්න අවශ්‍යද කියලා. ලංකාවේ ලොකු ප්‍රශ්න නැහැ. නමුත් තියෙන පොඩි ප්‍රශ්න නිසා මේ වගේ ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න ඕනද කියලා." "ඒ ප්‍රශ්නය අපි අවුරුදු 14ක් අහලා තියෙනවා ඇයි මෙතරම් මුදලක් වෙන් කරන්නේ කියලා ආරක්ෂාව වෙනුවෙන් රටේ වසංගතයක් වගේම ආර්ථික ගැටලුවක් තිබියදී." "ඒ වෙන් කරන මුදල් රටේ අධ්‍යාපනය වගේම සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළා නම් එකේ ප්‍රතිලාභය ලැබෙන්නේ ජනතාවට. ඉතින් අවුරුදු 14 කට පස්සේ රජය එහෙම තීරණයක් අරන් තියෙනවා නම් ඒක ප්‍රතිපත්තියක් විදිහට ගේන එක හොඳයි." "එහෙම ඒ දේ කරනවානම් කොහොමද කරන්නේ කියලත් අහන්න ඕන. හමුදා සේවයේ ඉන්න අයගේ ජීවනෝපාය මේකයි. එක නැති වුණාම රටේ අපරාධ රැල්ල වැඩිවෙයි ද ?" "යුද්ධය අවසන් වුණාම හමුදා භට පිරිස් සීමා කිරීම අවශ්‍යයි. හමුදාව අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකරන්න අවශ්‍යයි." "නමුත් මේක කරනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයා කිව්වට ඒ කරන සැලැස්ම ගැන තාම කියලා නැහැ. නමුත් හරි විදිහට ඒක කරනවානම් ඒක හොඳ දෙයක්." "ඒ වගේම එක වරම හමුදා සේවයෙන් ඉවත්වන පුද්ගලයින්ව සමාජගත කරන්න පෙර පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරනවද, ඒ වගේම ඔවුන්ට යම් මාසික දීමනාවක් ලබාදෙන්න සැලසුම් කරනවාද කියලා මේ සැලැස්ම තුළ තියෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් සමාජයේ වෙන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්." "ලබන වසරේ මැයි මාසය වෙද්දී යුද්ධය අවසන් වෙලා අවුරුදු 15ක් වෙනවා. ඒ නිසා එහෙම කරද්දී ඔවුන්ට නැවත රැකියාවක් සොයා ගන්න, මානසික සුවතාවය සම්බන්ධ සහයෝගයක් ලබා දෙන්න කටයුතු කරන ආකාරය ගැන සොයා බලන්න අවශ්‍යයි." "මේක ආණ්ඩුවට පමණක් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අනිත් අංශවල සහයෝගය ලබා ගන්න අවශ්‍යයි. ඒක කරන්න ඕන සැලසුමක් අවශ්‍යයි." "ඒ සැලසුම අපිවත් තවම දැකලා නැති නිසා ඒ ගැන හරියට පිළිතුරක් දෙන්න අපිටත් හැකියාවක් නැහැ මේ වෙලාවේ." ඇය කියා සිටියාය.
යුක්රේන යුධ බිමේදී අවසන් හුස්ම හෙළූ හිටපු ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත් සෙබළුන් කවුද ?
ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සටන ආරම්භ කරන ලදී. රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාව සමග එක්ව සටන් වදින විදේශීය හමුදා ලීගය තුළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටින බවට තහවුරු වී තිබේ. එලෙස රුසියානු හමුදාවට එරෙහිව සටන් වදිමින් සිටි ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්හි සේවය කළ සාමාජිකයින් තිදෙනෙකු පසුගියදා ජිවිතක්ෂයට පත්ව ඇති බවට බිබීසි සිංහල සේවයට තහවුරු විය. යුක්රේනයේ දී මියගිය ශ්‍රී ලාංකික හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් කවුද ? යුක්රේනයේ දී එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයෙකු වන රනිෂ් හේවගේ ඇතුළු තිදෙනෙකු සිටින බවට එහි වෙසෙන හිටපු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයෙකු විසින් බිබීසි සිංහල සේවයට තහවුරු කර සිටියේය. ඔහුට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්.එම්.ප්‍රියන්ත ද වන බව දැනට තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන තවත් ශ්‍රි ලාංකික හිටපු හමුදා සාමාජිකයෙකු වන හතුරුසිංහ බීබීසි සිංහල සේවයට පැවසුවේය. කපිතාන් රනිෂ් හේවගේ යනු කවුද ? ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයෙකු ලෙස වසර 12ක් සේවය කිරීමෙන් අනතුරුව රනිෂ් හේවගේ 2018 වසරේදී ඉන් ඉවත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල සේවයට තහවුරු කළේය. යුද හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍ය බලා ගොස් එහි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදී යුක්රේන හමුදාවට එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව 2022 වසරේ මාර්තු මාසයේදී ඔහු ඩුබායි හි සිට යුක්රේනය බලා පැමිණ එරට හමුදාව සමග එක්ව ඇත. යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සේවයට එක්වන ඔහු එහි විදේශීය සටන්කරුවන් සේවය කරන " විදේශීය හමුදා ලීගයේ" සාමාජිකයෙකු ලෙස පුරා මාස 20 කට අධික කාලයක් යුද මෙහෙයුම් වලට සිය දායකත්වය ලබාදී තිබුණී. කමාන්ඩෝ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවේදී ලද පුහුණුව සහ අත්දැකීම් හේතුවෙන් කෙටි කලක් තුළ දී යුක්රේන යුද හමුදා සාමාජිකයින් අතර ඔහු නමක් දිනා ගනු ලැබූ අතර, යුක්රේන හමුදා සාමාජිකයින් ඔහුව හඳුන්වා ඇත්තේ "ඩෙන්ටිස්ට්" යන අනවර්ථ නාමයෙන් බව සඳහන් ය. යුද බිමේ ලද අත්දැකිම් රුසියානු ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන හමුදාව සමග එක්ව සටන් කිරීමට ප්‍රධාන හේතුව වුයේ රුසියාව විසින් සිදුකළ යුද අපරාධ බවත්, යුක්රේන යුද පිටියේදී තමන් අවස්ථා 06 කදී තුවාල ලැබූ බවත් කපිතාන් රනිෂ් හේවගේ 'සංදේශය බයි සරෝජ්' නමැති යුටියුබ් නාලිකාව සමග වරක් සිදුකළ සම්මුඛ සාකච්ජාවක දී පවසා තිබුණි. වරක් සතුරු ආරක්ෂක වළල්ලෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙහෙයුමක් නිසා යුක්රේන ජනාධිපතිවරයාගෙන් තමන් වෙත සම්මානයක් හිමිවූ බවත් ඒ අනුව තමන්ට යුක්රේන හමුදාවේ කපිතාන්වරයෙකු ලෙස උසස්වීමක් හිමිවූ බවත්, ඔහු යුක්රේන හමුදාවේ විදේශීය හමුදා ලීගයේ භට කණ්ඩායමක වැඩබලන අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින බව ද එහිදී වැඩිදුරටත් පවසයි. කපිතාන්න රනිෂ් ඇතුළු පිරිසට සිදුවුයේ කුමක්ද? යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් හේවගේ සමග යුද මෙහෙයුම්වලට දායක වී දැනට තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින තවත් හිටපු කමාන්ඩෝ බලකායේ සාමාජිකයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසි සිංහල සේවය කටයුතු කරන ලදී. යුක්රේන හමුදාවේ සේවය කරන හතුරුසිංහ නම් වු එම හමුදා සාමාජිකයා යුක්රේනයේ, බක්මුත් ප්‍රදේශයේ දී පැවැති සටන්වලදී තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කර සිටියේය. "ගිය දෙසැම්බර් 04 වෙනිදා ඇතිවුණ ගැටුමකින් අපේ ලංකාවේ කෙනෙක් මියගියා. එයා නේවි එකේ කලින් වැඩ කරපු කෙනෙක්." "එයාගේ බෝඩි එක ගන්න විදිහක් තිබුනේ නැති නිසා රනිෂ් සර් එක්ක අපි ෆෝ මෑන් ටීම් එකක් ගියා ඒ බෝඩි එක අර ගන්න. " "එහෙම යද්දී එල්ල වුණ ප්‍රහාරයකින් අපේ එක්කෙනක් තුවාල වුණා. පස්සේ එයාව එතන ආරක්ෂා සහිතව තියලා අපි තුන් දෙනා ඉස්සරහට ගියා. සර්, මම සහ රොඩ්නි කියන කෙනයි ගියේ." "එහෙම ගිහිල්ලා ලයින් එක පස්සේ ඉද්දී සෙට් එකෙන් කිව්වා ඉස්සරහා එවැකියූවේෂන් එකක් කරන්න තියෙනවා, යුක්රේන හමුදාවේ තුන්දෙනෙක් තුවාල වෙලා ඉන්නවා එයාලව පස්සට ගෙන්න කියලා." "සර් එක්ක අපි තුන්දෙනා එකතූවෙලා අර තුවාල වෙලා හිටපූ යුක්රේන කට්ටියව පස්සට ගෙනාවා. එහෙම කරලා යද්දි තමයි අපිට ආටි වලින් ගැහුවේ." "පළවෙනියට ආපු ආටි ප්‍රහාරයෙන් රොඩ්නි මැරුණා. ඊට පස්සේ ආපු ආටි එක මගේ ලඟට වැටුණා. මම ඒකෙන් තුවාල වුණා. පස්සේ මම ආපහු නැගිටිද්දී තවත් ආටි ප්‍රහාරයන් 05ක් එල්ල වුණා." "මම ටිකක් වෙලා කම්පනයට පත්වෙලා හිටියා. පස්සේ රනිෂ් සර් ආවා මම මැරුණද කියලා බලන්න. ඒ එක්කම වැටුණු ආටි එකට සර් අහුවෙලා නැතිවුණා." "මම තුවාල වෙලා තියෙද්දීත් කොහොම හරි රනිෂ් සර් ගේ බෝඩි එක කිලෝමිටර් 15ක් අපේ ලයින් එකේ පස්සට අරන් ආවා. එහෙම අරන් එද්දිත් ආටි ප්‍රහාරයන් එල්ල වුණා." "මම පස්සේ සර්ගේ බොඩි එක ආරක්‍ෂිත තැනක තියලා වෛද්‍ය ප්‍රතිකාර දෙන තැනට ආවා." ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම එසේ විස්තර කර සිටියේය. මේ අතර තමන් සිටින යුක්රේන හමුදා භට කණ්ඩායමේ තවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව හතුරුසිංහ පවසයි. 'සිදුවීම ගැන තොරතුරු ඉල්ලා තිබෙනවා' මේ අතර බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් තුර්කියේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක පැවසුවේ යුක්රේනයේ ඇතිවූ යුද ගැටුමෙන් මියගිය ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තමන් අන්කාරා හි පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. යුක්රේනයේ වෙසෙන ලාංකිකයින් සම්බන්ධ රාජතාන්ත්‍රික කටයුතු සොයා බැලීම සිදුකරනු ලබන්නේ තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වීම ඊට හේතුවයි. "අපිට මේ දක්වා නිල දැනුම් දීමක් යුක්රේන රජය පැත්තෙන් සිදුකරලා නැහැ. නමුත් අපි අන්කාරා හි පිහිටලා තිබෙන යුක්රේන තානාපති කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා තිබෙනවා මේ සිදුවීම ගැන." "රනිශ් හේවගේ කියන ශ්‍රී ලාංකිකයා යුක්රේනයේ සිටින බවට අපගේ දත්ත පද්ධතියේ තොරතුරු තිබෙනවා. නමුත් ඒ හැර වෙනත් ලාංකිකයින් යුක්රේනයේ සිටින බවට අපට තොරතුරු දීලා නැහැ." "පවතින යුදමය තත්ත්වය මත සියලු තොරතුරු එක්රැස් කරන්න අසීරු කාරණාවක්." තානාපතිවරිය පවසා සිටියාය. සමාජ මාධ්‍යයේ පළ වන සටහන් යුක්රේන සටන් බිමේදී කපිතාන් රනිෂ් ප්‍රනාන්දු මියයාමෙන් පසු ඔහු සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ බොහෝ සටහන් පළකර තිබුණි. ඒ අතරින් ඔහුගේ සහෝදරිය වන අයෝනා හේවගේ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ මෙසේ සටහනක් තබා තිබේ. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර රනිෂ් ප්‍රනාන්දු ගේ මිතුරන් ද ඔහුගේ වියෝව සම්බන්ධව මෙසේ සටහන් පළකර තිබුණි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඇතැමෙක් එම සටහන් සඳහා ශෝකය පළකොට තිබුණද ඇතැම් ලාංකිකයින්ගෙන් ලැබී තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයන් බව අපට නිරික්ෂණය කළ හැකිවිය.
සොරකමක් කළ බවට චෝදනා කොට පරිවාස භාරයට පත්කොට සිටියදී මියගිය 14 හැවිරිදි දරුවාගේ මරණයට වගකිව යුත්තේ කවුද?
අධිකරණය මගින් පරිවාසභාරයට පත්කර සිටි 14 හැවිරිදි පිරිමි දරුවෙකු අම්පාරේ ළමා නිවාසයක් තුළදී මරණයට පත් වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බාලවයස්කරුවෙකුට සැලකුම්කරන ආකාරය ගැන යළි සමාලෝචනය කරවීමට වගකිවයුතු බලධාරීන්ගේ දෙනෙත් යොමු කරවමිනි. කෝවිලක් තුළදී, පොලිස් ස්ථානයක් තුළදී සහ රජයේ පරිවාස නිවසක් තුළදී තමන්ට විදින්නට සිදුවු අමිහිරි අත්දැකීම ගැන විස්තර කිරීමට වින්දිතභාවයට පත් ආනන්ද දේවගේ දරුශාන් දරුවා දැන් ජීවතුන් අතර නොමැත. දරුවාගේ පියා දැන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් දරුවෙකුට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට ඉඩ නොතබන ලෙසය. දරුවාට සිදුවුයේ කුමක් ද? නාරයන් ආනන්ද දේව මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට දරුවන් පස් දෙනෙක් සිටියි.ඒ අතුරින් තිදෙනෙක් පිරිමි දරුවන්ය. දෙදෙනෙක් ගැහැනු දරුවෝ වෙති. ආනන්ද දේවගේ බිරිඳ සිවමනිය. ඇය මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බව ආනන්ද දේව පවසයි. ආනන්ද දේවගේ මියගිය දරුශාන් දරුවා ඌරනී සරස්වති විදුහලේ හත වසර දක්වා පාසැල් ගොස් තිබේ. කොරෝනා වසංගත සමයෙන් පසු ඔහු පාසැල් ගමන අත්හැර කොකුවිල් පත්තිනි දේවාලයේ වැඩ කටයුතු සඳහා සහය වීමට ගොස් තිබේ. දිනපතාම පත්තිනි දේවාලයට යන දරුශාන් සවස නිවසට පැමිණෙන බව පියා පවසයි. පියා රැකියාව වශයෙන් කරදියනාරු ප්‍රදේශයේ ගල් කොරියක් භාරව සේවයේ නිරත වි සිටියි. ඔහු නිවසට පැමිණෙන්නේ දින දහයකට පසුවය. පුත්‍රයා සේවය කළ පත්තිනි දේවාලය ඔහුගේ නිවසේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටා තිබේ.එම දේවාලය ආසන්නයේම ගණදෙවි කෝවිලක් ද පිහිටා තිබේ. ගණ දෙවි කෝවිලේ පුසාරිවරයා විසින් භාවිතා කරනු ලබන සීනුවක් සහ කපුරු දමන පිත්තල භාජනයක් සොරකම් කළ බවට චෝදනා කරමින් කොකුවිල් පොලීසිය මගින් පත්තිනි දේවාලයේ පුසාරිවරයා සහ සහ දරුශාන් දරුවා ඉකුත් නොවැම්බර් 16 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 17 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, පුසාරිවරයා රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර දරුශාන් දරුවා කල්මුනේ පරිවාස සහ ළමා රක්ෂක දෙපාර්මේන්තුවේ රඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ අනුව මඩකලපුව මහේස්ත්‍රාත් ‍අධිකරණයේදී මෙම දරුවා පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්මේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වන වර්ධරාජන් ට භාර දි තිබේ. පසුව ඔහු මෙම දරුවා මඩකලපුව පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ දිස්ත්‍රික් භාර නිලධාරියා වන සිවකුමාරන් වෙත භාර දී ඇති අතර සිවකුමාරන් විසින් මෙම දරුවා කල්මුනේ ඉස්ලාම්බාද් පිහිටා ඇති පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ ළමා නිවාසයට භාර දි ඇත. 'එහෙම කරලා තියෙනවා නම් ඒක වැරදියි' මියගිය දරුවාගේ පියාවන නාරයන ආනන්ද දේව කියා සිටියේ, “මගේ පුතා පරිවාසෙට දැම්මා කියල දන්නේ මම 20 වැනිදා. මම ඇවිත් පරිවාස නිලධාරියා වර්ධරත්නම් හමුවුණා. ඒයා කිව්වා පුතා සති දෙකකින් එනවා අපි ඊට පස්සේ දරුවා වෘත්තිය පුහුණුවකට යොමු කරලා පුහුණුව ඉවර උනාම භාර දෙන්නම් කියලා.පස්සේ මම වැඩ පලට ගියා 30 වෙනිදා මගේ ලොකු පුතා ඩියර්ෂන් කතාකරලා කිව්වා මල්ලි මැරිලා කියලා. ඊට පස්සේ තමයි මම කල්මුනේ පරිවාස එකට ගියේ.” “එතැනදි මම දැක්කා පුතා ෂෙල් එකක් ඇතුළේ මැරිලා ඉන්නවා. පොලිස් සොකෝ එකෙන් ඇවිල්ලා පරීක්ෂණ කරනවා. ඒ වෙලාවේ මම දැක්කා පුතා ගේ එක කකුලක දණහිසට පහළින් ලොකු තුවාලයක් තියෙනවා.” “මේ ළමා නිවාසයේදි දරුවට ගහලා තියෙනවා. මරණ පරීක්ෂණයේදි මම ඒක දැන ගත්තා එයාගේ කොන්දට ගොඩක් හානිවෙලා තියෙනවා.”ආනන්ද දේව කියා සිටියේය. “මගේ දරුවට කොකුවිල් පොලිසියෙන් අසාධාරණයක් වුණා.මගේ පුතා පොලිසියට අරන් ගියාම මගේ නෝනා ගිහින් පොලිසියට බැනලා තියෙනවා ඒයා මානසික රෝගියෙක්. පස්සේ කොකුවිල් පොලිසියේ ස්ථානාධිපතිතුමා මගේ නෝනට ගහලා පන්නලා තියෙනවා. ඒ වගේම දරුවෙක් අත් අඩංගුවට ගත්තට පස්සේ වෛද්‍යවරයෙකුට දාලා තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මගේ දරුවා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ වෛද්‍ය වාර්තා නැතිව මගේ දරුවා වෙද්‍යවරයෙකුට පෙන්නලා නැහැ.පොලිසිය ඇතුළේදි දරුවාට සලකලා තියෙන්නේ අමානුෂික විදියට.මගේ දරුවටයි පුසාරිටයි මාංචු දාලා බිම දණ ගස්සලා තියලා තියෙන්නේ පොලිසිය අත් අඩංගුවට ගත්ත අයට සලකන්නේ මෙහෙමද? දැන් මගේ දරුවට ආයෙත් පණ එන්නේ නැහැ. නමුත් අනිත් දරුවන්ට මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ.” ඔහු අවධාරණය කළේය. “දරුවා මියගියාට පස්සේ අශ්රෝෆ් රෝහලට අරන් ගියා එතැන ඉදන් මරණ පරීක්ෂණයට අම්පාර රෝහලට ගෙනියන්න පරිවාස දෙපාර්මේන්තුවෙන් පොලීසියෙන් මට කිසිම උදව්වක් කරේ නැහැ. මගේ වියදමින් කාර්තිව් ප්‍රාදේශිය සභාවේ වාහනයකට සල්ලි දිලා තමයි දරුවාගේ සිරුර අම්පාරට අරන් ගියේ.” “මගේ දරුවා අත් අඩංගුවට අරගෙන මගේ නෝනට ගහලා දරුවා තවත් කෙනෙක් එක්ක මංචු දාලා පොලිසියේ දණ ගස්සල තිබ්බා .පරිවාස ඉන්නකොට දරුවා මැරුනේ නමුත් මේ මරණය රෝහලට ගෙනියන්න කිසි කෙනෙක් උදව් කෙරේ නැහැ. මට පොලිසියෙන් සහ පරිවාස එකෙන් විශාල අසාධාරණ ගොඩක් වුණා. මම අලුත් පොලිස්පතිතුමාට කියනවා මේ ගැන පරීක්ෂණ කරන්න කියලා.” යැයි ආනන්ද දේව ප්‍රකාශ කළේය. "අපි දරුවාගේ දේහය පොලිසිය ළඟට අරන් ගිහින් විරෝධය පෑවේ ඒක නිසා" යැයි හැඬු කදුලින් ඔහු පැවසීය. මෙම ළමා පරිවාස නිවාසයේ රාත්‍රි මුරය සඳහා පැමිණි සහකාර නිවාස ආචාර්යවරයා පොලිසියට පවසා ඇත්තේ තමන් රාජකාරියට පැමිණෙන අවස්ථාවේ සිටම මෙම දරුවා නිදා සිටි බවය. ඔහු සමග තවත් දරුවෙක් එම කාමරයේ සිටි බවත් ඔහු පවසා ඇත.රාත්‍රි කාලයේ අවස්ථා තුනකදි මෙම දරුවාගේ කාමරය පරික්ෂා කළ නමුත් ඒම සෑම අවස්ථාවකම ඔහු නිදා සිටි බවද ඔහු පැවසීය. එදින අලුයම 5.30 ට පමණ මෙම දරුවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා එහි සේවය කරන ආරක්ෂක නිලධාරියා සමග කාමරය පරීක්ෂා කරන අවස්ථාවේ දරුවා ගේ ඇස් භාගෙට පියවි තිබු අතර අතක් ඔසවා බැලිමේදි අත පහළට වැටුණු බවද ඔහු පැවසීය. පසුව මේ බව නිවාස භාර පාලිකාවට දැනුම් දි පසුව කල්මුනේ පොලිසියට පැමිණිලි කළ බවද ඔහු සඳහන් කළේය.ඉන් අනතුරුව පොලිසිය පැමිණ මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ බවද එම නිලධාරියා පැවසීය. මෙම දරුවාගේ මරණය පිළිබදව මඩකලපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගෙන් බීබීසී සිංහල විමසීමක් කරනු ලැබිය. එහිදී එම නිලධාරියා පැවසුවේ “මෙම දරුවා පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේ නැහැ. ගමේ අය තමයි පොලිසියට ගෙනල්ලා දිලා තියෙන්නේ. ඒ අනුව තමයි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.මේ පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් පැමිණිලි කරන්න කියලා මම පවුලේ අයට කිව්වා නමුත් එහෙම පැමිණිල්ලක් නැහැ.” “මෙම දරුවා බාල වයස්කාර දරුවෙක් ඒ දරුවා වැඩිහිටියෙක් සමග එකට මංචු දාලා පොලිසියේ දණ ගස්සලා තියෙනවා” යනුවෙන් බීබීසී සිංහල එම පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ “එහෙම එකක් මට වාර්තා උනේ නැහැ” යනුවෙනි. “කිසිම අවස්ථාවක ළමයෙකුට එහෙම කරන්න බැහැ එහෙම කරලා තියෙනවා නම් ඒක වැරදියි. මම ඒ පිළිබඳව වහාම සොයා බලනවා” යැයි මේ පිළිබඳව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් බීබීසී සිංහල කළ විමසුමට ප්‍රතිචාර ලෙස ඔහු පැවසීය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුයේ කුමක් ද? මෙම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය කමල් බණ්ඩාර විසින්ය. දරුවාගේ සිරුරේ විශාල තැලුම් ප්‍රමාණයක් ඇති බවත් මෙම මරණය මොට ආයුධයකින් පහරදීමක් නිසා සිදුවී ඇති බවත් පටක පරීක්ෂණයකින් පසුව අවසන් තීන්දුව ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය. පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්මේන්තුවේ නැගෙනහිර භාර කොමසාරිස් රිස්වානි රිපාන්ගෙන් ද බීබීසී සිංහල මේ පිළිබඳව විමසනු ලැබීය. “අපේ ළමා නිවාසයක් ඇතුළේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. අපි ඒ පිළිබඳව කණගාටුව පළ කරනවා. අපි දැන ගත්ත වෙලාවේ ඉඳන් පොලිසියට පැමිණිලි කරලා අවශ්‍ය කටයුතු කළා. සියලුම සහය දුන්නා.”ඇය පැවසුවාය. “නමුත් දරුවාගේ සිරුර අම්පාර රෝහලට ගෙන යෑමට ප්‍රවාහන පහසුකම් නොදුන් බවට දරුවාගේ පියා චෝදනා කරනවා” බීබීසී සිංහල ඇයගෙන් විමසා සිටියාය. “නැහැ. අපි ප්‍රවාහන පහසුකම් දෙන්න හදන කොට ළමයාගේ පියා කිව්වා ඒක සුදානම් කරා කියලා. අපි අපේ පැත්තෙන් කරන්න පුලුවන් හැම සහයෝගයක්ම දුන්නා. පොලිස් පරීක්ෂණවලට අපි උපරිම සහය දෙනවා.”යැයි ඇය පැවසුවාය. වැඩිහිටියෙක් සමග එකට මංචු දමා දණ ගසා තැබිය හැකිද? පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ දරුවෙක් වැඩිහිටියෙක් සමග එකට මංචු දමා දණ ගසා තැබිම කළ හැකිදැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි චන්ද්‍රසිරි විතානගේ ගෙන් ද බීබීසී සිංහල විමසිමක් කළේය. "සාමාන්‍යයෙන් පොලිසිය කරන්නේ යම් වැරුද්දක් කළොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පමණයි. මොනම අවස්ථාවකවත් පොලිසියට දඬුවම් කරන්න බැහැ. ඔය කියන දරුවා වැඩිහිටියෙක් එක්ක එකට මංචු දාලා දණ ගස්වල තියෙනවා නම් පොලිසිය කරලා තියෙන්නේ වැරුදි වැඩක්. බාල වයස්කාර දරුවෙක් අත් අඩංගුවට ගත්තොත් කාන්තා නිලධාරිනියක් අනිවාර්යෙන් එයා එක්ක සිටිය යුතුයි. ඒක තමයි පොලිසියක වෙනම ළමා සහ කාන්තා කාර්යංශයක් තියෙන්නේ.” යැයි ඔහු පැවසීය. දරුවා මඩකලපුවේ වුණත් ඔහු මියගියේ අම්පාර දිස්ත්‍රිකක්යේ නිසා දැනට පොලිස් පරීක්ෂණ පවත්වන්නේ කල්මුනේ පොලිස් ස්ථානය යටතේය. දැනට පරිවාස නිවසය භාර පාලිකාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කල්මුනේ පොලිස් ස්ථානයේ නිලධාරින් මෙම නිවාස පාලිකාවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි මෙම දරුවාට කොසු මිටකින් පහරදුන් බවත් එය කැඩුණු පසු විකට් පොල්ලකින් පහරදුන් බවත් ඇය පිළිගෙන ඇතැයි විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. වරද කාගේද? මෙම දරුවාගේ මරණය සමග හෙළිවන තවත් කාරණයක් පිළිබඳව සැලකිලිමත්විය යුතුව තිබේ. මෙම දරුවා පාසල් ගමන අත් හරිනු ලබන්නේ 2019 වසරේදීය. වසර හතරක් යනතුරු ඔහු කර ඇත්තේ පත්තිනි දේවාලයේ පුජාව තැබීමට අත්උදව් කිරීමය. දරුවන්ගේ ළමා කාලය මේ අයුරින් ගෙවීමට කටයුතු සිදුවන්නේ දෙමව්පියන් මෙන්ම දරුවන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හා ආයතන රැසක් තිබියදීය. පොලිස් ළමා සහ කාන්තා කාර්යංශය, අධ්‍යාපන දෙපාර්මේන්තුව, ළමා රක්ෂක අධිකාරිය, පරිවාස දෙපාර්මේන්තුව යනු එවැනි ආයතන කිහිපයකි. දෙමව්පියන් විසින් තම දරුවන් රැකබලා ගැනීමේ වගකීම මෙන්ම අදාළ ආයතන ද තම වගකීම නිසි ලෙස ඉටු කළේ නම් දරුශාන් අදට ජීවත් වීමට ඉඩ තිබුණි.
පොඩි වැස්සකටත් යටවෙන කොළඹ: 'ස්මාට් කාණු' විසඳුමක් වෙයි ද?
"දැනටත්, පොඩි වැස්සකටත් ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක තියෙන ප්‍රදේශය යටවෙනවා. එතන කාණු ඔක්කොම හිරවෙනවා - වතුර බහින්න ක්‍රමයක් නැති නිසා පොඩි වැස්සකටත් යටවෙනවා. ඉස්සර මම ඉස්කෝලේ යනකොට සපත්තු අතේ අරන් කුණු වතුර පාග පාග ටවුම පැත්තට යන්නේ... ඉතින් මම මගේ ජීවිතේ පුරාම කළේ ගාල්ලට කාණුවක් ඩිසයින් කළ එක." ජනාකීර්ණ නගර සඳහා ඝන අපද්‍රව්‍ය සිරවීමට ඔරොත්තු දෙන විවෘත කාණු පද්ධතියක් නිර්මාණය කළ ආචාර්ය නදීෂා චන්ද්‍රසේන අප හා මෙසේ පැවසුවේ, මේ දිනවල ඇදහැළෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් කොළඹ නගරය ද, ගාල්ල වැනි තවත් ජනාකීර්ණ නගර බොහොමයක් ද නිරන්තරයෙන්ම පාහේ ජලයෙන් යටවී පැවතීමට හේතු විමසූකල ය. සාමාන්‍ය වර්ෂාපතනයක් නිසා කොළඹ නගරය ජලයෙන් යටවීම ශ්‍රී ලංකාවේ අපට සාමාන්‍ය දර්ශනයක්වුව ද, එය ජන ජීවිතයට, ගමනාගමනයට හා ව්‍යාපාර කටයුතුවලට ද දැඩි දුෂ්කරතා ඇතිකරවන, තිරසර පිළියමක් යෙදිය යුතු තත්ත්වයකි. තදබද නගරවල වැසිජල කළමනාකරණය පිළිබඳව ලියැවුණු පර්යේෂණ පත්‍රිකාවට අනුව, කොළඹ වැනි තදබද නගරවල වැසි ජල කළමනාකරණයේ සංකීර්ණ ගැටළු නිර්මාණයකර තිබෙන්නේ පාලනයකින් තොර නාගරීකරණය සහ වේගවත් සංවර්ධනය විසිනි (නගර නිර්මාණයේ දී, සංවර්ධනය යනු නව ඉදිකිරීම් සිදුකිරීම, පවතින ඉදිකිරීම් අලුත් කටයුත්තකට යෙදවීම හෝ තනි ඉඩම් කට්ටි කිරීම යි). එක් අතකින්, නගරවල ඔබමොබ ඇති ඝන අපද්‍රව්‍ය නගරයේ වැසිජල වාහන පද්ධති, විවෘත කාණු හෝ ඇලදොළ මාර්ග අවහිර කරයි. මේ නිසා ඉතා සුලු වැසි තත්ත්වයක දී වුව නගරයේ කාණු පිටාර ගලයි. මුළු නගරයේම කාණු පද්ධති එකවර අවහිරවීම හදිසි හෘදයාබාධයක් ඇතිවීමට සමාන ය. මේ තත්වය 'ෆ්ලෑෂ් ෆ්ලඩ්' හෙවත් ක්ෂණික ජලගැල්ම ඇතිකරයි. නිසියාකාරව බැහැර නොකරන නාගරික අපද්‍රව්‍ය කාණු අවහිර කරමින් ජලගැල්මකට හේතුකාරක වන අතර, අනිත් අතින්, එය ජලගැල්මේ සුන්බුන් ලෙස විශාල ඝන අපද්‍රව්‍ය තොගයක් ජනනය කරයි. කොළඹ නගරය මඳ වැස්සකටත් ජලයෙන් යටවන්නේ ඇයි? අඩු හා පහළ මධ්‍යම ආදායම් ලබන රටවල පිහිටි 'තදබද නගර' (compact cities) නිතර ජලගැල්ම උවදුරුවලට ගොදුරුවීම ලොව පුරා දැකගත හැකි තත්ත්වයකි. කොළඹ, මුම්බායි, ජකර්තා, ඩකා වැනි නගර මීට උදාහරණය සපයයි. කොළඹ යනු පිහිටීමෙන්ම පහත් බිමකි. දැන් 'කොම්පඤ්ඤ වීථිය' ලෙස හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ 'ස්ලේව් අයිලන්ඩ්' ලෙස හැඳින්වීමට හේතුවූයේ ද එය මිරිදියතලයකින් වටවී තිබීම ය. සැලකියයුතු වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන, කැළණි ගඟේ ජලගැලුම් නිම්නයේ පිහිටා ඇති, ජලය බැසයෑම පහසු කරවන පසක් නොමැති ප්‍රදේශයක් වූ කොළඹ දැන් ඉතා වැඩි ජනගහන ඝනත්වයක් සහිත, අවිධිමත් සංවර්ධනයක් සිදුවන, කසළ කළමනාකරණයේ ගැටළු සහිත නගරයක්වීම හේතුවෙන් සුළු වර්ෂාපතනයකට වුව ද ලංකාවේ ආර්ථික අගනුවර ජලයෙන් ගිල්වා දැමිය හැකි ය. "ආර්ථික වශයෙන්, පිහිටීම වශයෙන් ගත්තම කොළඹ කියන්නේ කලාපේ ස්ට්‍රැටර්ජික් ලොකේෂන් එකක්. නමුත් භූ විෂමතාව අතින් ගත්තම කොළඹ කියන්නේ විශාල ලෙස සංවර්ධනය කරන්න පහසු හෝ සුදුසු තැනක් නෙවෙයි. හැබැයි අපට විකල්ප නැති නිසා, භූමිය නැති නිසා, ඔක්කොම කේන්ද්‍රවෙලා තියෙන්නේ කොළඹට නිසා, අපට කොළඹ තවදුරටත් සංවර්ධනයවීම වළක්වන්න බැහැ," ආචාර්ය නදීෂා චන්ද්‍රසේන පවසයි. නමුත් සංවර්ධනය සහ නාගරීකරණය තිරසර විය යුතු ය. කොළඹ යනු වාසභූමි දරිද්‍රතාවෙන් දැඩි ලෙස පීඩා විඳින ස්ථානයකි. 'වාසභූමි දරිද්‍රතාව' යනු, ජනතාවට කෙතරම් ආර්ථික ශක්තියක් තිබුණ ද වාසයට සුදුසු භූමියක් ලබාගැනීමට අපහසුවීම යි. කොළඹ ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් වාසය කරන්නේ ජලගැල්මට ගොදුරුවිය හැකි පහත් බිම්වල අඩු පහසුකම් සහිත ජනාවාසවල ය. එහි නාගරික පැල්පත් නිවාස ප්‍රතිශතය 47%කි. එමෙන්ම මධ්‍යම පාංතිකයන්ගේ වාසභූමි ලෙස අලුතින් සංවර්ධනය වන ප්‍රදේශ සුළු වැස්සකට පවා නිතර යටවෙයි. "අපි බස් එකක් ගමු," ආචාර්ය චන්ද්‍රසේන උදාහරණයකින් තත්ත්වය පැහැදිලි කිරීම අරඹයි. "බස් එකට පුරවන්න පුළුවන් උපරිම මඟී ගාන හතළිහයි, සීට් ගානට වඩා මඟීන් පුරවන්න බෑ කියලා තියෙනවා නම්, ඒ 40 ඉන්නකොට තමයි බස් එකේ මිනිස්සුන්ට පහසුවෙන් යන්න පුළුවන්; ඒ ගමනේ පහසුව විඳින්න පුළුවන්. හැබැයි ඕකට 80ක් 120ක් නගිනවනේ. ඇයි? මොකෝ තව බස් එකක් නෑ... කොළඹත් අන්න එහෙම යි." කෙසේ නමුත්, පහළ මධ්‍යම ආදායම් ලබන අප වැනි රටක් මූලිකත්වය දී විසඳිය යුතු වෙනත් බොහෝ ගැටළු තිබීම හේතුවෙන්, මෙවැනි නාගරික ගැටළු සඳහා තිරසර යටිතල පහසුකම් විසඳුම් ලබාදීම දිනෙන් දින කල් යයි. "[විසඳුමක්] තිරසර නොවීම නිසාම ඒක ගැටළු මවනවා. ආපදා ඇති කරනවා. එහෙම දේවල් නැවත යතා තත්වයට පත්වෙන්න යන කාලය වැඩියි සහ ඒ වෙනුවෙන් දරන්න වෙන වියදම වැඩියි. මේ ආපදාව මැග්නිටියුඩ් එක අඩු කරගැනීමට තමා ඉතින් වැඩ කරන්න තියෙන්නේ. අලුත් තාක්ෂණය ඕන වෙන්නේ ඒකට," ආචාර්ය චන්ද්‍රසේන පවසයි. කොළඹ ප්‍රශ්නය කොළඹ නගරයේ පැරණි කොටස් සැලසුම්කර ඉදිකරනු ලැබුවේ යටත්විජිත සමයේ දී ය. එසමයේ පුරෝගාමී නගර සැලසුම්කරණ ශිල්පියෙකු වූ ශ්‍රීමත් පැට්‍රික් ගෙඩ්ස් 1921 දී කොළඹ නගර සීමාව තුළ සැලසුම්කරණය සිදුකළේ ය. නමුත් නගරය වේගයෙන් ජනාකීර්ණවීමත්, ප්‍රසාරණයවීමත් සමග 1948 දී ශ්‍රීමත් පැට්‍රික් ඇබර්ක්‍රොම්බි නම් නගර සැලසුම්කරණ ශිල්පියා සහ ඔලිවර් වීරසිංහ නම් වාස්තු විද්‍යාඥයා එක්ව මේ ජනගහනයට පහසුකම් සැලසීම සඳහා රත්මලාන, හෝමාගම සහ රාගම නගර තුනක් ඉදිකිරීමට යෝජනා කළහ. එකල ඒවා සැලසුම් කෙරුණේ 40,000ක ජනගහනයකට සරිලන පරිදි ය. අද කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ පමණක් නිත්‍ය පදිංචිකරුවන් ලක්ෂ හයකට වඩා ජීවත්වෙයි. දිනපතා ලක්ෂ පහක පමණ මිනිස්සු රැකියාව සඳහා හෝ විවිධ සේවාවන් ලබාගැනීම සඳහා දිනපතා කොළඹට එති. නමුත් මේ වන විට අපි කොළඹ අවට සංවර්ධනය කළ හැකි සියලුම පාහේ විශාල භූමි ප්‍රදේශ මහා පරිමාණයෙන් සංවර්ධනය කර තිබේ. "භුමිය ඉඩ තියන වෙන රටවල්වලට පුළුවන් මේ ජනගහනය වෙන තැන්වලට විතැන් කරලා මේ ජනගහන ඝනත්වය පාලනය කරන්න, ඝනත්වය වැඩි තැන් ඩීකන්ජෙස්ට් කරන්න. සැටලයිට් ටවුන්ශිප් හදන්න. නමුත් අපේ රට භූමි ප්‍රමාණය අනුව පොඩියි නේ. ඒකෙනුත් ආර්ථික මර්මස්ථාන එක යි තියෙන්නේ. ඉතින් ප්‍රධාන නගරයෙන් ඉවත්කරන්න මොන තරම් ප්ලෑන් කළත් නොයෙකුත් ප්‍රශ්න නිසා මිනිස්සු ආපහු ඔය මාළිගාවත්ත වැනි ප්‍රදේශවලට එකතුවෙනවා. ඒ කියන්නේ කොළඹ නගරය තුළ ඇති දැරිය හැකි වාසභූමි තියන තැන්වලට. "මේක කොළඹ කියන පරිපාලන සීමාවෙ ප්‍රශ්නයක් නෙවේ. ලංකාව කියන පොඩි රටේ ආර්ථික කටයුතු සියල්ල කොළඹට සංකේන්ද්‍රණය වෙලා තියෙනවා. ඒ එක්කම හැදුණු සමාජ වටපිටාවක් තියනවා. එතකොට අපට මේ ජනගහනය විතැන් කිරීමේ අපහසුවක් තියෙනවා," ආචාර්ය චන්ද්‍රසේන පවසයි. "කොළඹ නගර සීමාවේ තව දුරටත් අලුත් ජනාවාස පිහිටුවන්න බැරිවුණාම කොළඹට ආසන්නව ඉක්මනින් ජනාවාසවුණු ප්‍රදේශයක් තමා මාලඹේ. කඩුවෙල මහ නගර සභාවක් වෙන්න මේ ඉතා ඉක්මනින් ජනාවාසවුණු මාලඹේ එක හේතුවක්. කොළඹ දිස්ත්‍රික්කේ ස්වභාවික ජලවහන මැප් එක බැලුවාම පේනවා මාලඹේ කඩුවෙල හරියෙන් තමා කැළණි ගඟ පැත්තට ස්වභාවික ජලවහන නෙට්වර්ක් එක යොමුවෙන්නේ. ඒ කියන්නේ ඒ පැත්තේ තියෙන්නේ පහත්බිම්. 2000/2015 මේ අලුත් සංවර්ධනය නිසා, මිනිස්සුන්ට ජනාවාස හදන්න පහත්බිම් ගොඩ කෙරුණා, ඉඩම් කට්ටි කෙරුණා, මහා පරිමාණයෙන් ගෙවල් හැදුනා. නමුත් 2016 අධික වැස්ස එක්ක මහා පරිමාණ ගංවතුරකුත් ආවා," ඇය පවසයි. "'වාසභූමි දරිද්‍රතාව' කියන එක පැහැදිලි කරන්න පුළුවන් මෙතැනින්," ඇය වැඩිදුරටත් විස්තර කරයි. "මාලඹේ තියනවා අධික වියදමක් දරලා හදපු විශාල ගෙවල්. නමුත් භූමියක් ලෙස ඒක සෑහෙන ප්‍රශ්න ගොඩක් සහිත තැනක්. 2016 දී මුළු ප්‍රදේශයම වතුරෙන් යටවුණා. ඉතින් ගොඩනැගිල්ල ආර්ථික වශයෙන් සුපිරි වුණාට ලොකේෂන් එක වාසභූමි දරිද්‍රතාවට අහුවෙලා තියෙන්නේ." පසුගිය දශක කීපය තුළ කොළඹ නගරය අලුත් ගොඩනැගිලි හා නගරාලංකරණ ව්‍යාපෘති හේතුවෙන් වේගයෙන් සංවර්ධන කෙරුණ ද, වෙනස්වන නාගරික භූමියට සරිලන පරිදි කාණු පද්ධති යාවත්කාලීන කෙරුණේ නැති අතර, ඇතැම් ඉදිකිරීම් කටයුතුවල දී පරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ, පහත් බිම් ආක්‍රමණය කෙරිණි. එසේම, නගරයට අධික ලෙස ජනාකීර්ණ වීම නිසා කසළ කළමනාකරණයේ ද ගැටළු ඇතිවී තිබේ. දැනට හඳුනාගෙන ඇති පරිදි, කොළඹ නගරය වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යටවීමට එක් හේතුවක් නම් කාණු පද්ධතියට ඝන අපද්‍රව්‍ය එක්වීම යි. හොඳින් සැලසුම් කෙරුණු ජලාපවහන යටිතල පහසුකම් හරහා පහළ-මැදි ආදායම් රටවල ජනාකීර්ණ නගරවල ජලගැල්ම අවදානමේ පරිමාණය සාර්ථකව අවම කළ හැකිබව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. එබැවින්, ජලගැල්ම අවදානම අවම කිරීම සඳහා කාර්යයක්ෂම නාගරික කාණු පද්ධතියක් ස්ථාපනය කිරීම තීරණාත්මක වෙයි. පිළියමක් තිබේ ද? අප මේ ලිපිය සඳහා ආචාර්ය නදීෂා චන්ද්‍රසේන සම්බන්ධකර ගන්නට යෙදුණේ, 2014 වසරේ දී ඇය ප්‍රමුඛ කණ්ඩායමක් විසින්, ජනාකීර්ණ නගරවල වැසිවතුර කාණු පද්ධති ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන ලදුව පේටන්ට් බලපත්‍රයක් පවා හිමිවූ 'ස්මාට්' වැහිවතුර කාණු පද්ධතිය නිර්මාණයකර තිබීම හේතුවෙනි. ස්ථර දෙකකට ඉදිකිරීමට සැලසුම්කර ඇති මෙය, උඩ ස්ථරයේ එහි ඇති දැල් මඟින් ඝන අපද්‍රව්‍ය රඳවාගෙන වැසි ජලය පමණක් කාණුවට මුදාහරියි. මේ පද්ධතිය ක්‍රියාකරන ආකාරය සරලව පහදන්නැ යි කී විට ආචාර්යවරිය එය මෙසේ විස්තරකර දුන්නා ය: "කුණු හිරවෙද්දිත් මේකෙ වතුර ගලන්න පුළුවන්. උඩින් කුණු රඳවා ගෙන යටින් වැහි වතුර ටික යවන්න පුළුවන්. උඩ ලේයරේ කුණු පිරුණම නගර සභාවේ සේවක මහත්තයට කෙටි පණිවිඩයක් යවන්න පුළුවන්. ඇතුළෙ කුණු හිරවෙලා ද, තව පැයක් මෙහෙමම වැස්සොත් පාරට වතුර දායි ද කියලා කමියුනිටි සෝෂල් මීඩියා පේජ් එකකවුණත් ඔටෝ පෝස්ට් කරන්න පුළුවන් ජාතියේ 'බොට්-කාණුවක්'." මේ පද්ධතිය නිර්මාණය කිරීම හේතුවෙන් එවක නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලැරිටි විශ්වවිද්‍යාලයයේ ප්‍රයෝගික අධ්‍යයන පාඨමාලාවකට සහභාගීවීම සඳහා ඇයට ශිෂ්‍යත්වයක් ද හිමිවිය. 2016 වසරේ දී ඈ ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT Technology Review මඟින් එවසරේ අවුරුදු 35ට අඩු ලොව හොඳම නව නිපැයුම්කරුවන් 35 දෙනා නම්කරන තරගයේ අවසාන වටයට ද තේරී පත්ව තිබුණි. "ටවුමේ කාණු අවට කුණු, පොලිතීන් සහ ප්ලාස්ටික් විසිරිලා. මොන තරම් ඉක්මනින් ඉවත් කළත් ඊළඟ වාරේ කුණු ලොරිය එනකල් දිරපු කොලයක්, පරඬලක් හරි ඔහේ විසිවෙවී තියෙනවා. පොඩි වැස්සකින් ඒවා හෝදගෙන ගිහින් පාර දෙපැත්තේ කාණුවලට වැටෙනවා. වැහි වතුර ගලන කාණුවල කුණු හිරවෙනවා. එක මොහොතක වැහි වතුර ගැලීම නැවතිලා කාණු පිටාර ගලන්න ගන්නවා. ඒක පාරට වතුර දැමීමක් ඉඳල ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක් දක්වා බරපතල වෙන්න පුළුවන්. 2005 මුම්බායි ෆ්ලෑෂ් ෆ්ලඩ් එකෙන් මිනිස්සු එක්දාස් ගාණක් මැරුණා," ඇය නිර්මාණය කළ කාණු පද්ධතිය මෙසේ සැලසුම් කිරීමට හේතු දක්වමින් ඇය පවසයි. 'ස්මාට් කාණුව' කොළඹට විසඳුමක් ද? මේ ප්‍රශ්නය අප ආචාර්යවරිය වෙත ඉදිරිපත් කළ විට, ඒ සඳහා තවත් බොහෝ අධ්‍යයනයන් හා පර්යේෂණ සිදුකළ යුතුබව ඇගේ මතයයැ යි ඇය පැවසුවා ය. "මම හදපු කාණුව ආචාර්ය උපාධිය වෙනුවෙන් කරපු එකක්. ඒක තාම ස්ටේජ් 1 එකේ තියෙන්නෙ. මේක නගරයකට යොදන්න නම් තව ස්ටේජස් පහක්වත් යන්න ඕන. මේක මේ තියෙන විදියටම ගිහිල්ලා කොළඹට හයිකරන්න බැහැ. "අපේ වගේ රටක නගරයකට යොදන්න මේ කාණුව කොස්ට්-ඉෆෙක්ටිව් වෙන්න ඕන. සාමාන්‍ය කාණුව රුපියල් 1000ට හදන්න පුළුවන් නම්, මේ කාණුව හදන්න රුපියල් 5000ක් වැය කරලා වැඩක් නෑනෙ. ඒ නිසා, අංක එකට ගත්තම මේක පිරිවැය ඵලදායී වෙන්න ඕන. කොස්ට්-ඉෆෙක්ටිව් මැටීරියල් එකකින් මේක හදන්න වෙනම රීසර්ච් එකක් යන්න ඕන. "ඊළඟට, මේක හැමතැනටම අවශ්‍යත් නෑ. ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවලට, [ජලගැල්ම] ප්‍රශ්නෙට වැඩිපුර ලක්වෙන ප්‍රදේශවලට, මිනිස්සු වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලට - අපි හිතමු කොළඹ කොටුව ප්‍රදේශය කියලා - ඒ වගෙ, ප්‍රශ්නෙට උත්තරේ අවශ්‍යම ප්‍රදේශවලට විතරක් දෙන්න පුළුවන්. "අනිත් එක, මේක ප්‍රයෝගිකව යොදනවා නම් පෞද්ගලිකව මගේ මතය තමයි, අලුතින් ඩබල් ලේයර් කාණු දාන්නෙ නැතුව දැනට තියෙන කාණුවලටම උඩ කොටස රෙට්‍රොෆිට් කරන්න ඕන. ඊළඟට, මේක කේස් ස්ටඩි එකක් විදියට යම් තැන්වල සවි කරලා අවුරුද්දක්වත් අධ්‍යයනය කරන්න ඕන. ඊළඟට, ඒ ප්‍රොසෙස් එක හරියනවා ද නැද්ද, මොනවා ද අඩුපාඩු, කොතැන ද හිරවෙන්නෙ වගේ දේවල් බලන්න ඕන," ඇය පැහැදිලි කළා ය. "මොන නව නිර්මාණය වුණත් තිරසර විදියට තමයි ප්‍රයෝගිකව යොදන්න ඕන," ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්‍රකාශ කරයි.
ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා ද?
ජනමාධ්‍යවේදීන්ට පොලීසියෙන් සිදුවන හිරිහැර පිළිබඳව රටේ නැවතත් කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට පත් වුයේ බිංගිරිය පොලිසිය විසින් ජාතික රුපවාහිනියේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න අත්අඩංගුවට ගනු ලැබීමත් සමගය. ඔහු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් පොලිසියේ රඳවා තබා ගැනීමෙන් පසු හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. පසුගිය (නොවැම්බර් 30 වැනිදා) පෙරවරුවේ මොහු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එහිදී දිනෙත් කුමාර මාධ්‍යවේදියාට පොලිසිය එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වුයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන අයුරින් බිංගිරිය පොලිසිය හා පොලිසියේ අවි ගබඩාව වීඩියෝ ගත කිරීමය. බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දිනෙත් කුමාර මාධ්‍යවේදියා හෙට්ටිපොල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහු දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මාධ්‍යවේදී දිනෙත් කුමාර දෙසැම්බර් 01 වැනිදා දෙවනි වතාවටත් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරණු අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය. එහෙත් දිනෙත් කුමාරට තමන්ගේ කැමරා උපකරණ නොලැබෙන අතර මේ හේතුවෙන් මේ වන විට රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. 'මම විශ්වාස කරනවා මට නීතිය ඉටු වෙයි කියලා' "මම පොලිසිය ඉදිරිපිට මාර්ගයේ ඉදලා පැමිණිල්ලකට පොලිසියට ආපු ජනතාව එක්ක තමයි කතා කලේ. ඔවුන්ගේ රූප රාමු තමයි ගත්තේ.මම පොලිසියේ අවි ගබඩාවක් වීඩියෝ කරන්න ගියේ නැහැ.මම පොලිස් පරිශ්‍රයට ගියෙත් නැහැ."මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න තමන්ට බිංගිරිය පොලිසිය ඉදිරිපිටදී මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසී සිංහල වෙත එලෙස විස්තර කළේය. "පොලිස් ස්ථානාධිපතිවරයා කීප වරක් කතා කළාම තමයි මම පොලිසිය ඉදිරිපිටට ගියේ.ඒ අවස්ථාවේ තමයි මට ගහලා මගේ කැමරා උදුර ගත්තේ.මේ සිදුවීම සැලකියයුතු පිරිසක් දැක්කා .මේ රටේ අධිකරණය ගැන පමණයි මට විශ්වාස.මම විශ්වාස කරනවා මට නීතිය ඉටු වෙයි කියලා" මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න පැවසීය. සිද්ධියට පසුබිම් වුයේ කුමක් ද? දිනෙත් කුමාර පසුගිය නොවැම්බර් 30 වැනිදා පෙරවරුවේ බිංගිරිය පොලිසිය ඉදිරිපිටට පැමිණියේ බිංගිරිය ගැටුලාව ගම්මානයේ ගම් වැසියන් කීප දෙනෙකු හමුවී ඔවුන්ගේ ප්‍රකාශ රූගත කර ගැනීම සඳහාය. දිනෙත් ප්‍රකාශ කරන පරිදි ඔහු පැමිණ ඇත්තේ මෙම ගම්වැසියන්ගේ ආරාධනය ඇතිවය. "මම ගිය මාසේ 20 වැනිදා වගේ දවසක ගැටුලාවට ගියේ ගමේ මාර්ගයක් කැඩී යාම සම්බන්ධයෙන් වාර්තාවක් ගන්න.මේ ගමේ ජනතාව මට ආරාධනාවක් කළා.ගිහින් බැලුවම මේ ගැටලුවට මුලිකම හේතුව බිංගිරිය ගොවිජන මධ්‍යස්ථානයේ නිලධාරිනියකගේ ක්‍රියාකලාපය.මේ මාර්ගය පිළිසකර කළොත් ඇයගේ ඉඩම් කීපයක් ජලයෙන් යට වෙනවා කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ. මම උත්සහා කළා මේ කතාව නිවැරදිව වාර්තා කරන්න.ඒ වගේම මම ගොවිජන සේවා නිලධාරිනිය සම්බන්ධ කරගන්න උත්සහ කළා.නමුත් බැරි වුනා.මේ නිසා මම නමක් ගමක් දැම්මේ නැහැ නිශ්චිතව.නමුත් නිවුස් එක දාලා පැය කීපයකින් මට ගමේ මිනිස්සු කතා කළා ඒ අයට පොලිසියට එන්න කිව්වා කියලා." දිනේත් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මේ පැමිණිල්ලට පොලිසියට පැමිණෙමින් සිටි බිංගිරිය ගැටුලාව පහළගම ග්‍රාමයේ පිරිසකගෙන් ප්‍රකාශ ගනිමින් සිටියදීය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බිංගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී ඉනෝකා ප්‍රියංගනී ප්‍රකාශ කළේ තමන් මාධ්‍යවේදියාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් නොකළ බවයි . "මට අපහස වන අයුරින් වීඩියෝවක් ප්‍රචාරය කරලා තිබුනා.ඒ නිසා මම බිංගිරිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා මට අපාහස වන අයුරින් ප්‍රකාශ ප්‍රචාරය කරලා තියනවා කියලා. ප්‍රකාශ දුන්නු කීප දෙනෙක්ගේ නම් තමයි මම පැමිණිල්ලට දැම්මේ." 'සාපරාධි අපහාසය'- නෛතික පසුබිම කුමක්ද? “සාපරාධි අපහාසය 2004 වර්ෂයේ සිට අපරාධ වරදක් නෙමෙයි.” එසේ පැවසුවේ මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත්ය. “අපහාස කළා කියලා පොලිසිය පැමිණිලි භාර ගත්තම එහි කෙළවර මොකද්ද කියන එක ගැටලුවක් තිබෙනවා. පැමිණිල්ලක් භාර ගත්තම එකේ නිශ්චිත අවසානයක් තිබිය යුතුයි. ලංකාවේ අපහාස නීතිය අහෝසි නිසා පොලිසියට පුළුවන් කමක් නැහැ අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරන්න.” ඔහු පෙන්වා දුන්නේය. “මෙවැනි සිදුවීම් කීපයක් පසුගිය කාලයේ වාර්තා වුණා. එසේම මාධ්‍යවේදී දිනෙත් කියන අකාරයෙන් ඔහු වීඩියෝ ගත කරලා තියෙන්නේ පොලීසියෙන් පිටත සිටයි . පොලිසිය තමයි ඔහුව කැඳවන්නේ . එහෙම කැඳවීමක් කරලා මේ වගේ තත්ත්වයක් උදා කිරීම කෙතරම් නීතියට එකඟද කියන ඒක ගැටලුවක්.මීට වඩා කරුණු දැක්වීම අපහසු මේ නඩුව තවමත් අධිකරණයේ විභාග වන නඩුවක් නිසයි.” නීතිඥ විරංජන හේරත් කියා සිටියේය. මාධ්‍ය සංවිධාන වල ප්‍රතිචාරය මාධ්‍යවේදී දිනෙත්ට පහරදීම හා අත්අඩංගුවට ගැනීම මේ වන විට මෙරට මාධ්‍ය හා සිවිල් සංවිධාන රැසක් හෙළා දැක තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජංගම මාධ්‍යවේදී සංසදය , අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ යන සංවිධාන ඉන් කීපයක් වන අතර ජංගම මාධ්‍යවේදී සංසදයේ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන තිලක් ප්‍රකාශ කළේ දැන් දැන් මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා රජය ආරක්ෂක අංශ යොදා ගනිමින් සිටින බවය. එහි ආසන්නතම සිදුවීම මෙය බව ප්‍රකාශ කළ චන්දන තිලක් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මධ්‍යවේදියාව පොලිසිය තුළට කැඳවා පහර දී ඔහුගේ කැමරා උපකරණ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හෙලා දකින බවද ඔහු පැවසීය. "මේ මාධ්‍යවේදියාට දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ .ඔහු සේවය කළේ ජාතික රූපවාහිනියට පමණයි.දැන් ඔහුට රැකියාව කරන්න කැමරා උපකරණ නැහැ.ඒ නිසා අපේ සංවිධානය තීරණය කරලා තියනවා ඔහුට කැමරා උපකරණ අරගෙන දෙන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.” අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ද බිංගිරිය පොලිසිය සිදුකළ මේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක තිබේ. එහි ජාතික සංවිධායක ජනුර් කිචිලාන් ප්‍රකාශ කළේ නව පොලිස්පතිවරයා වැඩ ආරම්භ කළේ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනිමින් බවය. "අපිට ලොකු විශ්වාසයක් තිබුණා අධිකරණය ගැන. අධිකරණය අපේ සහෝදර මාධ්‍යවේදියාට ඇප ලබා දුන්නා.එසේම අධිකරණය මාධ්‍යවේදී හැඳුනුම්පතට ඇති අයිතිය තහවුරු කළා. ඒ වගේම කියන්න ඕනෑ පාරක සිට මාධ්‍ය කටයුත්තක නිරත වෙන්න මාධ්‍යවේදියෙකුට අයිතියක් තියෙනවා කියලා” 'අපි ඔහු අත්අඩංගුවට ගත්තේ පොලිසිය වීඩියෝ කරපු නිසයි'-බිංගිරිය පොලිස් ස්ථානාධිපති “අපි ඔහු අත්අඩංගුවට ගත්තේ පොලිසිය වීඩියෝ කරපු නිසයි” සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බිංගිරිය පොලිස් ස්ථානාධිපති පී. හැරිසන් පැවසීය. "ඔහු පොලිසිය වීඩියෝ කළා.මම පොලිසියට කැඳවලා ඔහුගෙන් ඇහුවා ඇයි වීඩියෝ කරන්නේ කියලා. ඒ අවස්ථාවේදී ඔහු පොලිසිය ඇතුළත් වීඩියෝ කළා.ඒ නිසයි අපි ඔහු අත්අඩංගුවට ගත්තේ". මෙහිදී බීබීසි සිංහල විමසා සිටියේ මාධ්‍යවේදියෙකුට පොලිස් පරිශ්‍රයෙන් පිටත සිට වීඩියෝ ගත කිරීමක් කළ නොහැකිද යන්නයි. එහිදී ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහු මාධ්‍යවේදියෙකු යැයි තමා දැන නොසිටි බවය.
SriLankan Airlines: ‘ශ්‍රී ලංකාවට ආදරෙයි.නමුත් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා’
‘ශ්‍රී ලංකාවට ආදරෙයි.නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා.’ ඒ , නොවැම්බර් 26 වැනිදා චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත පියාසර කිරීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අවලංගු වීම නිසා දැඩි ලෙස පීඩාවට පත්වූ විදේශීය ගුවන් මගියෙකු X ඔස්සේ තබා තිබූ වැකියකි. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්, ජාතික ගුවන් සේවය පිළිබඳ එවැනි ආකල්පයක් දැරීම රටේ කීර්තිනාමයට මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට කුමන බලපෑමක් ඇති කරයිද? යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මෑත කාලීනව වැඩි වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව කතාබහක් ඇති ඇතිව තිබෙන්නේ එහි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නොව එම ගුවන් සේවයේ දිගින් දිගටම ඇති වන ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු කිරීම් පිළිබඳවය. චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත නොවැම්බර් 25 වැනිදා පිටත් වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන යානය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අවලංගු කිරීම හේතුවෙන් මඟීන් ගණනාවක් අසීරුතාවට පත් වූ අවස්ථාව එහි ආසන්නතම සිද්ධිය විය. කලක් කලාපයේ විශිෂ්ටතම ගුවන් සේවයක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙවැනි තත්ත්වයකට පත්කිරීම පිළිබඳව ඇඟිල්ල දිඟු වන්නේ පැවති රජයන්ට සහ ඔවුන් විසින් පාලනාධිකාරියට පත් කළ දේශපාලන නෑහිතවතුන්ටය. මෙම ප්‍රමාද වීම් සහ අවලංගු වීම් මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උපකාර වෙමින් පවතින බව එම ගුවන් සේවයේ සහ ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනාගේ මතය වී තිබේ. යානා ප්‍රමාදයට හේතුව කුමක් ද? ශ්‍රී ලන්කන් ගුවන් යානා මෙසේ ප්‍රමාද වීමට මූලික හේතුව වී ඇත්තේ එම ගුවන් සේවාව සතු ගුවන් යානා ප්‍රමාණවත් නොවීමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව මීට පෙර ගුවන් යානා 29 ක් පැවති අතර ඒවායින් 5 ක් පමණ කල්බදු කාලසීමාව අවසන් වීම නිසා යළිත් ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම වෙත භාර දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිය දෛනික ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වී තිබේ . එහෙත් මේ වනවිට ගුවන් සේවය සතුව සක්‍රිය තත්ත්වයෙන් පවතින්නේ ගුවන් යානා 20 ක් පමණි . ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණිය සතු A330 සහ A320 වර්ගයේ ගුවන් යානා 2 ක් දිගු කාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා මේ වනවිට ශ්‍රී ලන්කන් හැංගර් තුළ රඳවා තිබේ. මීට අමතරව තවත් A320 neo වර්ගයේ ගුවන් යානා 2 ක් එංජින් නොමැතිකම නිසා ශ්‍රී ලන්කන් හැංගරය තුළ නවතා ඇත. මෙම A320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා සඳහා ලොව පුරා ඒංජින් හිඟයක් පවතින අතර , මෙම ගුවන් යානා සඳහා අවශ්‍ය ඒංජින් මේ වනවිට ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ඇනවුම් කර ඇති අතර , ඒවා ලැබුණු වහාම , මෙම ගුවන් යානා වෙත ඒවා සවි කර ගුවන් ගමන් සඳහා එක් කිරීමට නියමිතය . මෙසේ ශ්‍රී ලංකන් හැංගරය තුළ ඇති ගුවන් යානා ද යළි සේවය සදහා එක් වුවහොත් කඩිනමින් මෙම ප්‍රමාද වීම් යම් තරමකින් අවම කර ගත හැකිය . සේවක හිඟය ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම සඳහා එහි සේවක හිඟය ද දැඩි බලපෑමක් එල්ල කරන සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවන් , ගුවන් යානා ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් වශයෙන් ඍජුවම බලපෑම් එල්ල කළ හැකි සේවක කණ්ඩායම් තුනක් සිටිති . මෙයින් ගුවන් නියමුවන් 260 ක් පමණ දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව සිටින අතර ඔවුන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නියමයන් , නිර්දේශ සහ පිරිවිතරයන් මත සේවයේ නියැලී සිටිති . ඒ අනුව ඔවුන් මාසයකට ගුවන් පැය 100 ක සේවා කාලයක් සේවයේ නිරත වීමට අවකාශ තිබුණ ද ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාලසටහන අනුව ඔවුන් සේවයේ නිරත වන්නේ පැය 60 ක් පමණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ සාකච්ඡාවකදී අනාවරණය කළේය . එහෙත් ගුවන් නියමුවන් මාසයකට පැය 100 බැගින් සේවයේ නිරත වුවහොත් ඔවුන්ට වසරකට පැය 1,200 ක් සේවයේ නිරත වීමට සිදුවේ. එහෙත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශය වන්නේ වසරකට ගුවන් නියමුවෙකුට ගුවන් යානා පියාසාර කළ හැකි පැය සීමාව පැය 1,000 ක් පමණක් බවය. එනිසා අමාත්‍යවරයා පවසන පරිදි මාසිකව එසේ පැය 100 බැගින් ගුවන් නියමුවන් සේවය කළහොත් ඔවුන්ට වසරකට මාස දෙකක කාලයක් වැටුප් සහිත නිවාඩු ලබා දීමට සිදු වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පැවසීය . ගුවන් නියමුවන් ඇතුළු සමස්ත ගුවන් යානා කාර්යය මණ්ඩලය එම ගුවන් ගමනේ ගමනාන්තය සමග විවේක ගැන්වීම සිදු කෙරෙන අතර , එහිදී පැය ගණන ගැන අවධානය යොමු කිරීමක් සිදු නොකෙරේ. නිදසුනක් ලෙස කටුනායක සිට එංගලන්තය බලා යන ගුවන් යානයක් එරට හීත්‍රෝ ගුවන් තොටුපොළේ දී නවතා , එහි ගුවන් යානා කාර්යය මණ්ඩලය පැය 48 ක කාලයක් සඳහා විවේක ගන්වන අතර වෙනත් ගුවන් යානා කාර්යය මණ්ඩලයක් එම ගුවන් යානය ආපසු කටුනායකට වෙත රැගෙන එනු ලබයි. ඊට අමතරව ගුවන් යානා ඉංජිනේරුවන් 160 දෙනෙකු පමණ අවශ්‍ය වුවද මේ පිරිස අතරින් මේ වනවිට 35 දෙනෙකු පමණ වෙනත් විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ගොස් තිබේ. එසේම ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් 200 ක් පමණ සිය දෛනික මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය වුවද ඒ අතරින් 40 දෙනෙකු පමණ මේ වනවිට වෙනත් විදේශීය ගුවන් සමාගම් වෙත සේවය සඳහා ගොස් ඇත. එයට හේතු වී ඇත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ මෙම සේවකයින්ගේ වැටුප් වලින් උපයන විට බදු කපා ගැනීමයි . ගුවන් සේවා ක්ෂේත්‍රයේ සියලුම රැකියා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන අතර රැකියාවල නිරත සේවකයින් ක්ෂේත්‍රයේ ඔවුන්ගේ වැටුප් තල සහ අනෙකුත් දීමනා හා වරප්‍රසාද පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරති . මෙම තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම පුරප්පාඩු පිරවීම සදහා පසුගිය දා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ නව සේවකයින් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළ කර තිබූ අතර එහි අයදුම් කළ හැකි සේවකයින්ගේ වයස් සීමාව අවුරුදු 50 දක්වා ඉහළ නංවා තිබීම මෙම සේවක ගැටළුවේ ගැඹුර පැහැදිලි කරන කදිම හරස් කැපුමකි. චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ ගුවන් ගමනට මොකද වුනේ ? චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත නොවැම්බර් 25 වැනිදා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන එම යානය කාර්මික දෝෂයකට ලක්වීම නිසා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පැවසීය. නොවැම්බර් 25 වැනිදා පස්වරු 01.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL880 දරන ගුවන් යානය චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා ගුවන් මගීන් 170 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබුණි . එහෙත් මෙම ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසුව මෙම ගුවන් යානය අලුත්වැඩියා කර නැවත යළි රාත්‍රී 09.20 ට පමණ ගුවන් ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථය වෙත පැමිණි ද යළිත් එම කාර්මික දෝෂය හට ගැනීමෙන් පසුව මෙම ගුවන් ගමන අත්හැර දැමීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ. මයිකල් පැට් නැමැති විදේශිකයෙකු මෙම ගුවන් ගමන් ප්‍රමාදය ගැන මෙලෙස X හි සටහනක් තබා තිබුණි. “අද ගුවන් ගමන ඉතා ප්‍රමාද වුණා. මෙහින්දා මගේ ඊළඟ ගුවන් යානයත් මඟ හැරුණා. ඒ අය මට වෙනත් ගුවන් සේවයක ආසනයක් වෙන්කර දුන්නා. එක භයානක ගුවන් ගමනක්. මැද ආසනයක මිරිකිලා ගියේ.. කොළඹ පැවති සමුළුවකට සහභාගි වුණා විතරයි. බොහෝ අය පියාසර කළේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ.බොහෝ ගුවන් ගමන් දැඩි ලෙස ප්‍රමාද වුණා. ලංකාවට ආදරය කරනවා. නමුත් ගුවන් සේවය ඒ අත්දැකීම විනාශ කළා.” මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ගුවන් යානයෙන් චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත ඉතාමත් හදිසියේම පිටත්ව යාමට අවශ්‍යතා මතුව තිබූ ගුවන් මගීන් සිංගප්පූරුව , මැලේසියාව ඔස්සේ වෙනත් ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි . මීට අමතරව දුරබැහැර සිට මෙම ගුවන් යානය සඳහා පැමිණ තිබූ ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ අසළ හෝටල් පහසුකම් සළසා දීමට ද පියවර ගෙන තිබුණි . ඊට අමතරව තවත් ගුවන් මගීන් පිරිසක් ස්වකැමැත්තෙන් සිය නිවෙස් කරා යාමට එකඟතාවය පළ කර පිටත්ව ගොස් තිබුණි. මෙම ගමනාන්තය වෙත ගමන් කිරීමට නොහැකි වූ මගීන් නොවැම්බර් 27 වැනිදා පස්වරු 01.55 ට චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ බලා කටුනායක තවත් යානයකින් පිටත්කර හැරුණි. ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතියෙත් ගැටළු ද? කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නොවැම්බර් 26 වැනිදා පෙරවරු 11.30 පමණ අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා විය. ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර , නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසීය . එසේම ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වී ඇති බව එම ප්‍රකාශයා සඳහන් කළේය. නොවැම්බර් 26 වැනිදා දහවල් 12.20 පමණ වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර අනතුරුව ගුවන් තොටුපොළ තුළ පැවති අධික මගී තදබදය මදක් ලිහිල් විය. යානා කිහිපයක ලීසිං කාලය අවසන් මෙම වසර අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු තවත් ගුවන් යානා කීහිපයක් සිය ලීසිං කාලය අවසන් වීමෙන් පසු ප්‍රංශයේ එයාර් බස් සමාගම වෙත භාර දීමට නියමිතය. එම නිසා මෙසේ ශ්‍රී ලන්කන් හැංගර් තුළ පවතින ගුවන් යානා සිය නඩත්තු කටයුතු අවසන් කර යළි සේවය සඳහා එක්කළද , යළිත් මෙම වසර අවසානයේ ගුවන් යානා හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ තත්වයට පිළියමක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් නවතම පුළුල් බද සහිත A 350 වර්ගයේ ගුවන් යානා 5 ක් ලීසිං පදනම මත ලබා ගැනීමට ඇනවුම් කර තිබුණ ද පසුව බලයට පැමිණි යහපාලන රජය විසින් එම ගිවිසුම අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි . මේ නිසා ශ්‍රී ලංකාවට විශාල දඩ මුදලක් ගෙවීමට ද සිදු විය. ඊට පසුව මෑතකදී මෙම ගුවන් යානා හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම අරමුදල් යොදවා නවතම ගුවන් යානා 11 ක් ලීසිං පදනම මත ලබා ගැනීමට සැළසුම් කළ ද රජය සහ භාණ්ඩාගාරය ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් මේ වනවිට මෙසේ නව ගුවන් යානා ලබා ගැනීමට රජය විසින් අවසර ලබා දී තිබුණ ද , ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කර තිබීම සහ විදෙස් ණය ගෙවීම නතරකර ඇති නිසා ප්‍රංශයේ එයාර් බස් ගුවන් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ලීසිං පදනම මත ගුවන් යානා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැන ගැනීමට හැකි වී තිබේ . මෙම අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ඉකුත් ඔක්තෝම්බර් 2 වැනිදා කොළඹදී සාකච්ඡාවක් පැවති අතර ඒ සදහා විදේශීය ගුවන් සේවා සමාගම් රැසක නියෝජිතයෝ ද සහභාගී වී සිටියහ . මෙම සාකච්ඡාව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව වුවද ඒ සදහා විදේශීය ගුවන් සේවා සමාගම් සහභාගී වී සිටීම සැක සහිත වූයේ , එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීම් වලට සහ කාර්මික දෝෂවලට ලක් වන බැවින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වෙනත් විදේශීය ගුවන් සේවා වෙතින් ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ලෙස දැනුවත් වීමක් කළ බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කළේය. මේ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කිරීම සදහා ගුවන් සේවා ප්‍රඥප්තියේ සඳහන් 05 වැනි වගන්තිය , එනම් අයිතිය සම්බන්ධ නිදහස ( 05 th Freedom Right ) වගන්තිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න පැවසීය. ඒමගින් විදේශීය ගුවන් සේවාවන්ට ශ්‍රී ලාංකික ගුවන් මගීන් ප්‍රවාහනය කිරීමේ නීත්‍යානුකූල අයිතිය හිමි වන බව ඔවු පැවසීය. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ගුවන් ගමනාගමන කටයුතු භාර ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මතය , එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය . “අපිට මේ පිළිබඳ මතයක් නැහැ . ගුවන් මගීන් තමයි මේ පිළිබඳ තීරණය ගන්න ඕන.ඔවුන් මුදල් දීල ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා විට ඔවුන්ගේ අවශ්‍යතා මත ගුවන් සේවය තෝරා ගැනීමට ඔවුන්ට නිදහසක් තියෙනවා”යැයි රෙහාන් වන්නිඅප්පා පැවසීය. කෙසේවෙතත් මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නව විදේශීය විධායක නිලධාරීවරයෙකු පත් කර ඇති අතර , එළඹෙන 2024 වසරේ ජනවාරි මස මෙම ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇති බව අමාත්‍යවරයා ප්‍රසිද්ධ ජනමාධ්‍ය වෙත අනාවරණය කර තිබේ . ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම වසරේ ගත වූ මාස 8 ක කාළය තුළ ලාභ උපයා ඇති බව අමාත්‍යවරයා පසුගිය දා පුවත් පත්වලට ප්‍රකාශ කර තිබුණි . එසේම පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සිය මෙහෙයුම් කටයුතු කර ගෙන ගොස් ඇති බව එම ගුවන් සේවා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය. ජාතික ගුවන් සේවයක් රටකට වැදගත් වන්නේ ඇයි ? රටකට ජාතික ගුවන් සේවාවක් පවත්වා ගෙන යාමේ වටිනාකමක් ඇති වන අවස්ථා නැතිවා ද නොවේ. මෙයින් එක් අවස්ථාවක් උදා වූයේ මීට වසර කීපයකට පෙරය.එහිදී ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවට විශාල වැඩිහිටි පිරිසක් ශ්‍රී ලංකාවේ සිට විවිධ ගුවන් සේවා මගින් ඉන්දියාවට ගොස් තිබුණි. එහිදී හදිසියේම ඉන්දියාවේ දැඩි ගංවතුර තත්වයක් ඇති වී එම ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිස දකුණු ඉන්දීයාවේ කොටු විය. මේ තත්ත්වය යටතේ ඔවුන් ඉන්දියාවට රැගෙන ගිය ගුවන් සේවා වෙත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ආපසු ගෙනැවිත් දෙන ලෙස දැනුම් දීම් කීපයක් කර තිබුණද, එය ඔවුන්ගේ වගකීමක් වුවද ඔවුන් එම ඉල්ලීම් සදහා ප්‍රතිචාර නොදක්වා නොතිබුණි. මෙම පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධ වී මෙම වන්දනාකරුවන් පිරිස යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. පසුගිය කොවිඩ් වසංගත සමයේ ආරම්භක අවධියේ චීනයේ කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස පැවති අවදානම ද නොතකා විශේෂ ගුවන් යානයක් මගින් යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගැනීම එකල මහත් ඇගැයීමට ලක් වී තිබුණි. යානා ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය කියන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරාගෙන් විමසනු ලැබූ අතර ඔහු පැවසුවේ මේ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම පාලනය කර ඇති බවය. “ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග ශ්‍රී ලන්කන් වෘත්තීය සමිති ඇති කර ගත් එකඟතා මහත්සේ ඉවහල් වී තියෙනවා. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම සහ අවලංගු වීම නොමැති තත්වයකට පත් වී තියෙනවා. ඒ සදහා ගුවන් යානා ප්‍රවාහන කාළසටහන පවතින සක්‍රිය ගුවන් යානා සංඛ්‍යාව මත පදනම් වෙමින් සංශෝධනය කර තියෙනවා . ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම සහ අවලංගු වීම පාලනය කර ගැනීමට හැකි වී තිබෙනවා.” ඔහු පැවසීය. එසේම ප්‍රංශයේ සිට තම ගුවන් යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබීම ආරම්භ වී ඇති බවත් ගුවන් යානා නඩත්තුව සහ අලුත්වැඩියා කිරීම කාර්යක්ෂමව කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් දීපාල් පෙරේරා සඳහන් කළේය. එහෙත් එයා බස් නියෝ ගුවන් යානා සඳහා අවශ්‍ය එංජින් තවදුරටත් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට ශ්‍රී ලන්කන් වෙත පැමිණීම ප්‍රමාද වී පවතින බවත් එනිසා එම ගුවන් යානා 2 ක තවදුරටත් සේවය සඳහා යොදා ගැනීමට නොහැකි වී ඇති බවත් දීපාල් පෙරේරා පැවසීය. වෘත්තීය සමිති පවසන්නේ කුමක්ද ? මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අන්තර් සේවක සංගමයේ ලේකම් ගාමිණී රණතුංගගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය. ඔහු පැවසුවේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා නීතිරීති අකුරටම පිළිපැදීමට තම වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බවය. ඒ අනුව නිදසුනක් ලෙස ගුවන් යානා ඉංජිනේරුවරයෙකු දිනකට අතිකාල සේවා සඳහා නිරත විය හැක්කේ වැඩිපුර එක් පැයක කාලයක් සඳහා පමණි.තවදුරටත් ඉංජිනේරුවරුන්ගේ සේවය අවශ්‍ය නම් වෙනත් විකල්ප ඉංජිනේරුවරයෙකු ඒ සදහා කැඳවිය යුතුය. මෙම තත්ත්වය තාක්ෂණවේදීන් සඳහා ද ඒ ආකාරයෙන්ම අදාල වේ . මෙම ජාත්‍යන්තර නීතිරීති , පිරිවිතරයන් උල්ලංඝනය නොකර ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගැනීමට මේ වනවිට තීරණය කර තිබේ. එසේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා නීතිරීති උල්ලංඝණය කළහොත් , ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අසාදු ලේඛනගත කිරීමේ අවදානමක් ද ඇති විය හැකි බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා උසස් නිලධාරීන් මෙම ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් පවත්වා ගත යුතු අනුපාතය , නැතිනම් ප්‍රතිශතය ගනන් නොගෙන අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු සංගමය පැවසීය. නිදසුනක් ලෙස ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන් 10 දෙනෙකු යටතේ කනිෂ්ඨ තාක්ෂණික ශිල්පීන් 100 ක් , පුහුණු වන අතර සේවයේ යෙදීමද පෙන්වා දිය හැකිය. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු පැයක දී කරන කාර්යය භාරය කනිෂ්ඨ තාක්ෂණ ශිල්පීන් 4 දෙනෙකු විසින් පැයක දී ඉටු කරනු ලබයි. මේ පසුබිම යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ හිගයක් පවතින අතර , ඒ සඳහා නව බඳවා ගැනීම් කිරීමට ශ්‍රී ලන්කන් උසස් නිලධාරීන් කල් යල් බලමින් කටයුතු කරමින් සිටීම මෙම ගුවන් යානා ප්‍රමාද වීමට සහ අවලංගු වීමට ඍජුව බලපා ඇති බව නම හෙළිදරව් කිරිමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු සඳහන් කළේය . ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ කෙසේද? ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා විශේෂ කමිටුවක් මේ වනවිට රජය විසින් පත් කර ඇති අතර , එම කමිටුව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමක් (ලංසු කැදවීමක් ) කර තිබේ. ඒ සඳහා ලැබී ඇති ටෙන්ඩර් පත් අඩංගු පෙට්ටිය විවෘත කිරීම (දෙසැම්බර් 05 වැනිදා) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසීය. එතෙක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිළදී ගැනීමට අපේක්ෂා කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය . ශ්‍රී ලන්කන් මිළදී ගැනීමට එමිරේට්ස් නැතහොත් කටාර් ගුවන් සේවය ඉදිරිපත් වී ඇති බවට පළ වන වාර්තා දීපාල් පෙරේරා බැහැර කළේය .
'ගෑනු කට්ටිය වැඩ කරනවා කියලා හැමෝම පුදුමෙන් බලන්නේ'
මුළුමනින්ම කාන්තාවන්ගේ අතින් බෝට්ටු අලුත්වැඩියා වන යාපනයේ පාසේවූරු හි පිහිටි බෝට්ටු අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පිළිබඳව බීබීසී සිංහල සේවයට වාර්තා විය. ඒ දේවකුමාර් මහතා විසින් පවත්වාගෙන යන මෙහි විශේෂත්වය වන්නේ එහි සියලු කටයුතු සිදුකෙරෙන්නේ කාන්තාවන් අතින් වීමයි. යාපනය අර්ධදීපයට අයත් සියලු ආකාරයේ බෝට්ටු අලුත්වැඩියා කටයුතු මෙහිදී සිදුකෙරෙන අතර විවිධ වයස් මට්ටම්වල කාන්තාවන් එහි සේවයේ යෙදෙයි. මෙහි සේවයේ යෙදෙන සියලු කාන්තාවන් යුද්ධයේ සෘජු වින්දිතන් වන අතර ඔවුන්ගේ ජීවනෝපාය හරහා පවුල් ගණනාවක් රැකබලා ගැනීමට ඔවුහු සමත්ව තිබේ. බෝට්ටු අලුත්වැඩියා කිරීම් මුලින්ම ආරම්භ කළ සමයේදී බොහෝ දෙනා තමන් දෙස විස්මයෙන් බැලු බවත් තමන් ඉහළ ආත්ම තෘප්තියකින් සේවය කරන බවත් එහි සේවයේ කරන පාවන්නා රසන්නී අප හා කියා සිටියාය.
සුමින්ද සිරිසේන: දුෂ්කර ගමක ඉපිද රංගනය දිග්විජය කළ රංගධරයෙකුගේ නික්ම යාම
ප්‍රවීණ රංගධරයෙකු වූ සුමින්ද සිරිසේන අද (දෙසැ. 04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75 වන වියේ පසුවිය. කලක් සිට ස්නායු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විඳි සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වූයේ, ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය යන ක්ෂේත්‍ර තුන ම ජයගත් ප්‍රවීණයෙකු වූ සුමින්ද සිරිසේනයන්ගේ ජීවිතාවලෝකනය සඳහා බීබීසී සිංහල සේවය තබන සටහනකි, මේ. මුල් විය සුමින්ද සිරිසේන 1948 ජූලි හතරවන දා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පිටිසර ගමක් වන බොස්සැල්ලේදී උපත ලැබුවේ, බුලත්ගමුව සිරිසේන සහ පුංචි නෝනාගේ කුළුඳුල් පුත්‍රයා ලෙසිනි. ඔහුගේ පියා සාම්ප්‍රදායික ජන නාට්‍ය රඟදැක්වූවෙකි. මව වූ පුංචි නෝනා ගෘහණියක විය. සුමින්ද සිරිසේන බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගේ වැඩිමල් සොහොයුරා විය. උපන් ගමේ පාසල වූ පුස්සැල්ලාව මහා විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, 1963 වසරේ දී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් හිමිකර ගත්තේ ය. පසු කලෙක විශිෂ්ටත්වයට පත්වූ ඔහුගේ කලා දිවියට පදනම වැටුණේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයෙනි. ඔහු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ කාලයේ දී, සංගීතඥයෙකු සහ පසුකලෙක සම්මානනීය රංගන ශිල්පියෙකු වූ දයා අල්විස්, ප්‍රකට කවියෙකු වූ ආරියවංශ රණවීර සහ ප්‍රවීණ කලාකරුවෙකු වූ ජයසුමන දිසානායක යන කලාකරුවන් එම විද්‍යාලයයේ ගුරු මණ්ඩලයේ සේවය කළහ. ඔවුන්ගේ ඇසුර ලබමින් නාට්‍යකරණයට පිවිසි සුමින්ද සිරිසේන පාසල් සමයේ දී ම වේදිකා නාට්‍ය රංගනයට දායක විය. ඒ අනුව, 1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයයේ 'ගිරිකූඨ' නාට්‍යය ඔහු වේදිකාවේ රඟපෑ පළමු නාට්‍යය වූ අතර, එහිදී ඔහුට රංගන විශිෂ්ටත්වය වෙනුවෙන් කුසලතා සහතිකයක් ද හිමි විය. පාසල් අධ්‍යාපනයෙන් පසු පාසල් අධ්‍යාපනයෙන් පසු සුමින්ද සිරිසේන, විශේෂ ආධුනික නිලධාරියෙකු ලෙස 1969 වසරේ දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්වී තිබේ. පසුව, ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලද ධම්ම ජාගොඩ මෙහෙයවූ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව හැදෑරූ ඔහු 1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවේ ඔහුගේ ප්‍රථම රංගනය 'මූදු පුත්තු' වේදිකා නාට්‍යයෙන් සනිටුහන් කළේ ය. ඒ අතරතුර ඔහු 1970 වසරේ දී ඕමානයට ගොස් වසර දෙකක කාලයක් ව්‍යාපෘති තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළේ ය. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ලබාගත් අතර පසුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් MA උපාධිය සම්පූර්ණ කර තිබිණි. රංගන දිවිය 1969 වසරේ දී ප්‍රසිද්ධ වේදිකාවට පය තැබූ ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූයේ 'මූදු පුත්තු' නාට්‍යය යි. 1970 දශකයේ දී සුමින්ද 'මීපුර වැසියෝ' ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ අතර, 'අන්දරේලා' සහ 'රෝමය ගිනි ගනියි' නාට්‍යවල රඟපෑම් වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර, මනමේ නාට්‍යවල රගපෑම ඔහුගේ රංගන දිවියේ වැදගත් සංධිස්ථානයන් විය. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඔහු රඟපෑ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ දී විකාශය වූ 'සිහින නිම්නය'යි. 'හිරුට මුවාවෙන්' ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනයත්, 'අසල්වැසියෝ' ටෙලි නාට්‍යයේ ලොකු අයියා චරිතයත්, 'චරිත තුනක්' ටෙලි නාට්‍යයේ 'ඉසා' චරිතයත් බෙහෙවින් ජනාදරයට පත්විය. ඔහු ටෙලි නාට්‍ය 40කට වැඩි ගණනක රඟපා ඇති අතර, රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන තිබිණි. ඔහුගේ මංගල සිනමා රංගනය දිග හැරුණේ, 1976 වසරේ තිරගත වූ 'දුහුළු මලක්' චිත්‍රපටයේ ය. ඔහු සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවණ්ණා, සමනල තටු, ඉර හඳ යට, ගුරු ගෙදර, උඩුගං යාමය, ගමණි, බෝම්බ සහ රෝස ඇතුළු චිත්‍රපට රැසක රඟපා තිබේ. ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් කලා කීර්ති (2017) සහ කලා භූෂණ (2014) යන ගෞරවණීය සම්මානවලින් ද පිදුම් ලබා ඇත. 2002 වසරේ දී ඔහු 'සිවුරංග' නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම නාට්‍ය පාසලෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි වූ අතර, පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේ ය. රෝගී වීම 2012 මැයි මාසයේ දී සුමින්ද සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර ඉන්පසු ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේ ය. ඔහු එලෙස රෝගී වූයේ, 'සේපාලිකා' සහ 'බොරළු පාර' ටෙලි නාට්‍යවල රංගන කටයුතුවල නියැළෙමින් සිටි අතරතුර දී ය. ඔහු ඉන්පසු රංගනයට සම්බන්ධ වූයේ නැත. සමකාලීනයින්ගේ මතක සැමරුම් සුමින්ද සිරිසේන සමග මහාසාර ඇතුළු සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය රැසක මෙන් ම 'අසල්වැසියෝ' නාට්‍යයේ සුමින්ද සිරිසේනගේ බාල සොහොයුරෙකු ලෙස ද රංගනයෙන් දායක වූ ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහු‌ගේ සමීප මිත්‍රයෙකි. සුමින්ද සිරිසේන සම්බන්ධයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් ඔහුගේ මතක සැමරුම් මෙසේ දිග හැරියේ ය: "ඔහු මාත් එක්ක රඟපෑවා, අසල්වැසියෝ ටෙලි නාට්‍යයේ මගේ අයියා ලෙස. තවත් ටෙලි නාට්‍ය රැසක වගේ ම එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මහාසාර ඇතුළු නාට්‍ය කිහිපයකම මාත් සමග රඟපෑවා. යමක් ඉගෙන ගන්නත්, ඉගෙනගත් දේ අන් අය සමග බෙදා ගැනීමටත් ඔහුට අවශ්‍යතාවක් තිබුණා. ඔහුගේ දායකත්වය අහිමි වීම ශ්‍රී ලංකාවේ රංගන කලාවට විශාල පාඩුවක්." මේ අතර, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සේවයේ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන් සුමින්ද සිරිසේන කලාකරුවා පිළිබඳ තිර පිටපතක් රචනා කරමින් සිටි ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙකු සහ සාහිත්‍යධරයෙකු වන බුද්ධදාස ගලප්පත්ති බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය. "සුමින්ද සිරිසේන ගැන තිර පිටපතක් ලියමින් සිටි අතරතුර තමයි ඔහු අභාවප්‍රාප්ත වුණා කියන ප්‍රවෘත්තිය දැන ගන්නට ලැබුණේ. මම පිටපත ලියලා ඉවර කරලා තිබුණේ. මට අවශ්‍ය වෙලා තිබුණේ, සුමින්ද හමුවෙලා ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්න විතරයි. ඊයේ රෑ තමයි වැඩසටහනේ නිෂ්පාදකයා එක්ක කතා කරලා ඒ සම්මුඛ සාකච්ඡාව සැලසුම් කළේ. අද වේද්දී එතුමා අපි අතර නැහැ. මගේ තිර පිටපත් අසම්පූර්ණ යි ඒ නිසා," බුද්ධදාස ගලප්පත්ති හැඟුම්බර ස්වරයකින් පැවසීය. අවසන් කටයුතු සුමින්ද සිරිසේනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් හත්වැනි බ්‍රහස්පතින්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව ඔහුගේ පුත් නන්දිත සිරිසේන පවසයි. එතෙක් දේහය බොරැල්ල රේමන්ඩ් හවුස් මල් ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.
ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් - නීතිපති
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අද (දෙසැම්බර් 04 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය. ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි. ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණි. ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් අදාළ පෙත්සම අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් ඒවා ඇති බව සඳහන් කළේය. එම වාර්තාවට අනුව පෙත්සම්කාර ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් පවතින බව අනාවරණය කර ඇති බවත් ඔහු ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේය. පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවටත් චෝදනා කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය ලබන 14 වැනිදා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය ඇතුළු ජාජබ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්‍රහාර
අද පෙරවරුවේ පොල්දූව මංසන්ධියේ පැවති ජාතික ජන බලවේගය කාන්තා සංවිධාන විසින් පැවැත් වූ විරෝධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළේය. 'බදු බර වැඩි කරන බඩු මිල වැඩි කරන ජන පීඩක ආණ්ඩුව පන්නමු' යන මැයෙන් පැවැත්වූ විරෝධතාවයට පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කෙසේ වෙතත් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පිවිසුම වෙත පාගමනින් යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් මන්ත්‍රීවරිය ඇතුළු කාන්තාවන්ට පිරිසට ජල ප්‍රහාර එල්ල කළේය.
වසර දෙසීයකට පසු වතු කම්කරු ප්‍රජාව සඳහා පළමුවරට තැපැල් ලිපිනයක් නිකුත් කෙරේ
මාවතගම "මුවන් කන්ද" වතුයායේ වෙසෙන වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා විසින් අද (දෙසැම්බර් 04 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය. වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම "මුවන් කන්ද" වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා විසින් මේ බව දැනුම් දෙනු ලැබුවාය. වසර 200 කට අධික වතුකම්කරු ඉතිහාසයේ ප්‍රථම වතාවට වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත් විය යුතු බව මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය. මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු පදිංචිව සිටින "මුවන් කන්ද" වතුයායේ පදිංචිකරුවන් සඳහා තැපැල් ලිපින ලබා දීමට කටයුතු කර තිබෙන බව දන්වා සිටියාය. මෙම කාර්යය ඉටු කිරීම සඳහා තොරතුරු රැස් කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිවන්ත විය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබා දීමට බව සඳහන් කර සිටියේය. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව තමා ද පිළිගන්නා බව නීතිඥවරයා සඳහන් කළේය. වසර දෙසීයකට වැඩි කාලයක් මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින වතු කම්කරුවන් සඳහා තැපැල් ලිපින ලබා දීමට රජය කටයුතු කිරීම අගයන බවත් ඔහු සඳහන් කර සිටියේය. පෙත්සම් විභාගය අත්හිටුවයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබාදීමේ කාර්යය දීර්ඝ කාලයක් ගත විය හැකි වැඩපිළිවෙළක් බවය. මෙම කාර්යය ඉටුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා තොරතුරු රැස්කරමින් සිටින බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ සඳහා කාලය අවශ්‍ය බවත් කියා සිටියාය. මෙහිදී අගවිනිසුරු පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේ පෙත්සම්කරු ඉල්ලා සිටි සහනය මේ වන විට ඉටු වී ඇති නිසා මෙම පෙත්සම් විභාගය අත් හිටුවන වන බවය. කෙසේ වෙතත් වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට අවශ්‍ය නම් මාස 6 කින් හෝ මාස 09 කින් පසුව මෙම පෙත්සම විවෘත අධිකරණයේ කැඳවා එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට පෙත්සම්කාර පාර්ශවය හැකියාව තිබෙන බවත් අග විනිසුරු වරයා සඳහන් කර සිටියේය. ඒ අනුව පෙත්සම් විභාගය අත්හිටුවිමට අධිකරණය තීන්දු කළේය. මෙතෙක් සිදු වුයේ කුමක්ද? වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා විසින් (මැයි 25 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය. ඒ, වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීය. මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවය. ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වතුකම්කරුවන්ට තැපැල් ලිපින නිකුත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරන බවත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. ඒ අනුව පෙත්සම සැප්තැම්බර් 13 වැනිදා කැඳවන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා වතු කම්කරුවකු විසින් පසුගිය මාර්තු 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ. වතු කම්කරුවන්ට අභියෝග රැසක්... පෙත්සම්කරු කියා සිටින්නේ ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතු කම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරීත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ය. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සමේ දැක්වෙයි. තමා පදිංචිව සිටින මුවන්කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත්වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත. මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක වතුකම්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ දැක්වෙයි. ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලයි මේ වන විට ශ්‍රී ලංකාව පුරා වතු කම්කරු පවුල් 244 500කට අයත් 966 700ක පිරිසක් සිටින අතර මොවුන් මෙම ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටියි. වතු කම්කරුවන් මෙරට විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද, 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද උපයා ගැනීම සඳහා වතුකම්කරුවන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදී ඇති බවත් පෙත්සමේ දැක්වෙයි. වතු කම්කරුවන්ගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබා නොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. එමෙන්ම වතු කම්කරුවන් පදිංචිව සිටින ස්ථාන සඳහා ඔවුන්ට පෞද්ගලික තැපැල් ලිපින ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
දහසකුත් බාධක මැද ලක්මව රනින් සැරසූ ප්‍රවීණයින්ගේ කතාව
පසුගිය කාලය පුරාවට ජනමාධ්‍යයන්හි මෙන්ම රටේ බොහෝදෙනාගේ ද අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත ය. ඒ අතර දහසක් බාධා මැද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එක්වූ ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මව පදක්කම්වලින් සැරසූ අයුරු බොහෝදෙනාගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබිණි. එම ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 1500 හා මීටර් 5000 දුරදිවීමේ තරගවලින් රන් පදක්කම් ද, මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක් ද, මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් කුසලතා සම්මානයක් ද ලංකාවට දිනාදුන් මුලතිව්, මුල්ලියාවේ පදිංචි 72 හැවිරිදි අකිල තිරුනායකි නම් ක්‍රීඩිකාව ගැන මිට පෙර බීබීසි සිංහල සේවය වාර්තා කළේ ය. ඔවුන්ගේ වගකීම ඉහළින්ම ඉටුකොට නැවත මෙරටට පැමිණිය ද ඔවුන් ගැන මෙරට බලධාරීන්ගේ මෙන්ම පොදු මහ ජනතාවගේ අවධානය යොමුවූයේ ඉතා අල්ප ලෙස ය. පදක්කම් පහක් දිනූ හෙද නිලධාරිනිය පිලිපීනයේ 22 වෙනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී පදක්කම් පහක් දිනූ හෙද නිලධාරිනියක් පිළිබඳ බීබීසි සිංහල සේවයට තොරතුරු වාර්තා විය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරන ඇය නමින් ජයසූරිය ආරච්චිගේ අරුණි ශිවන්ති ජයසූරිය යි. 1978 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දී උපත ලබා ඇති ඇය මූලික අධ්‍යාපනය ශ්‍රී ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයයෙන් හදාරා ඇති අතර පසුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබේ. "මම පාසැල් යන කාලයේ ඉදලා මලල ක්‍රීඩා වගේම වොලිබෝල් සහ කරාතේ යන ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ වුණා. සමස්ත ලංකා තරගවලට නම් සහභාගී වෙලා නැහැ, නමුත් පළාත් තරග දක්වා මම ක්‍රීඩා කරලා තියෙනවා," ඇය පැවසුවා ය. පාසැල් අධ්‍යාපනයෙන් පසු 1999 වසරේ දී හෙද නිලධාරිනියක් ලෙස පුහුණුවට එක්වූ ඇය, 2002 වසරේ දී ස්ථිර පත්වීම් ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවයට එක්වී ඇත. "මම දැනට අවුරුදු 21ක් රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරනවා," ඇය පැවසීය. ‘මම එක පදක්කමක් හෝ දිනා තිබෙනවා’ ඇය 2016 වසරේ දී පැවති ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ බව ද ඇය පැවසුවා ය. මේ දක්වා ඇය ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා ශුරතාවලි හතරකට සහභාගී වී ඇති බවත්, ඒ සෑම විටකදීම එක් පදක්කමක් හෝ ජයග්‍රහණය කර ඇති බවත් ඇය සඳහන් කළා ය. "මම 2014 වසරේ දී තමයි ආපහු ක්‍රීඩාව පටන් ගත්තේ. 2016 අවුරුද්දේ ඉඳලා මේ වෙද්දී තරගාවලි හතරකට සහභාගී වෙලා තියෙනවා. ඒ හැම තරගාවලියකදිම මම එක් පදක්කමක් හෝ දිනලා තියෙනවා. "2017 වසරේදී ස්‌පාඤ්ඤයේ පැවති ලෝක ශුරතා තරගාවලියට සහභාගි වුණා. එකේ තුන් පිම්ම ඉසව්වෙන් මට හිමිවුණේ 15 වෙනි ස්ථානය. "මේ අවුරුද්දේ තමයි මට පදක්කම් පහක් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදාවුණේ. එහිදී මම තුන් පිම්ම, උස පැනීම සහ දුර පැනීම කියන ඉසව් තුනෙන්ම රන් පදක්කම් ජයග්‍රහණය කළා. "ඊට අමතරව මිටර් 400 x 4 සහාය දිවීමේ තරගයෙන් රිදී පදක්කමත්, මිටර් 100 x 4 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්න සමත් වුණා," ඇය පැවසුවා ය. ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන කැපවීම දෙදරු මවක් වන ඇය වෘත්තීය කටයුතු නොපිරිහෙළා ඉටුකරන අතරේ ක්‍රීඩාවේ නිරතවෙයි. "මගේ ස්වාමිපුරුෂයා මීට මාස අටකට කලින් ඇතිවූ හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමුගත්තා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් තවම අධ්‍යාපනය හදාරනවා. "මම රැකියාව කරන ගමන් ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් සතියකට දින දෙකක් විතර ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ දී පුහුණුවීම් සිදුකරන්නේ. එතැන හමුදාවේ ක්‍රීඩකයින් පුහුණු කරන්න එන උපදේශකවරයෙක් තමයි මට උපදෙස් ලබාදීම සිදු කරන්නේ. මුදල් අය කිරීමක් කරන්නේ නැතිව පුහුණුවීම් කරන්න අවශ්‍ය මඟ පෙන්විම සිදුකරනවා. "සාමාන්‍යයෙන් දිනයකට පැය දෙකකට අධික කාලයක් පුහුණුවීම් කරනවා. එහෙම පුහුණුවීම් ලබලා ආපහු මම රාජකාරි කරන්න දවල්ට රෝහලට යනවා," ඇය පැවසීය. බාධක මැද තරගාවලියට ගිය ගමන පිලිපීනයේ පැවති ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවීම සඳහා ඇයට අවශ්‍ය මුදල් සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ඇය මෙහිදී සඳහන් කළා ය. පදක්කම් ජයග්‍රහණය කළද මේ දක්වා කිසිදු ඇගයීමක් හෝ හිමි නොවූබව ඇය පැවසුවා ය. "මෙම තරගාවලියට සම්බන්ධ වෙන්න අවශ්‍ය මුදල් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආකාරයේ අනුග්‍රහයක් ලැබුනේ නැහැ. ඒ නිසා මගේ හොඳම යහළුවගෙන් වගේම මගේ දෙමව්පියන්ගෙන් පවා මුදල් ණයට ගන්න සිද්ධ වුණා. එහෙම ගිහින් තමයි පදක්කම් පහක් ජයග්‍රහණය කරන්න හැකි වුණේ. "මේ ගමනට ලක්ෂ තුනකට අධික මුදලක් වියදම් වුණා. වීසා ගන්න තැන ඉදලා, ගුවන් ප්‍රවේශපත් වගේම, ඉඳුම් හිටුම්, කෑම සහ පිලිපීනයේ ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් ඒ මුදල් දරන්න සිද්ධ වුනේ අපිටම යි. නමුත් තරගාවලිය ජයග්‍රහණය කරලා ආවට පස්සේ කිසිම ඇගයීමකට ලක්වුණේ නැහැ අපිව. "පසුගිය අවස්ථාවලදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට අවසරයක් හිමිවුණා. නමුත් අපිට මේ පාර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසරය හිමිවුණේ නැහැ. ඒ නිසා ගොඩක් අයට රාජකාරි නිවාඩු පවා ලබාගන්න හැකිවුණේ නැහැ. නමුත් මට රාජකාරි නිවාඩු ලබාගන්න හැකිවුණා. "මේ තරගාවලියට ලංකාවෙන් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට ආසන්න පිරිසක් සහභාගී වෙලා පදක්කම් 80කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කළා," ඇය පැවසුවා ය. ක්‍රීඩාවට අමතරව ඇය රුධිර පරිත්‍යාග කිරීමේ කටයුත්තේ ද නිරතවන බව ඇය මෙහිදී පැවසුවා ය. මේ දක්වා අවස්ථා 21ක දී රුධිර පරිත්‍යාග කිරීමට ඇය කටයුතු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. "ගොඩක් දෙනෙක් කියනවා ක්‍රීඩා කරද්දී ලේ දන්දෙන්න එපා කියලා. නමුත් මම අවුරුද්දට එක් වතාවක් හෝ දෙවතාවක් ලේ දන්දීම සිදුකරනවා. දැනට 21ක් වතාවක් ලේ දන්දීම සිදුකර තිබෙනවා. නමුත් මට එහෙම අපහසුතාවක් දැනිලා නැහැ. දැන් මම නැවත ක්‍රීඩා කරන්න පටන් අරන් අවුරුදු නවයක් වෙනවා," ඇය කියා සිටියා ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ‘ලංකාවේ අය ගොඩක් ශක්තිමත්’ මේ අතර ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇයට හමුවූ අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලද පිළිගැනීම ගැන ද හෙද නිලධාරිනි අරුණි ජයසූරිය මෙසේ සිහිපත් කළා ය. "මම තුන් පිම්ම ඉසව්වට තරග කරලා ජයග්‍රහණය කළාම එතන හිටිය අනෙක් රටවල ක්‍රීඩිකාවන් මට හොඳ ඇගයීමක් ලබා දුන්නා. ඒ වගේම උස පැනීම, දුර පැනීම සහ දිවීමේ තරග ඉසව්වලට යද්දී ඒ අය මගෙන් ඇහුවා 'ඔයා මේවටත් තරග කරනව ද' කියලා. ඒ වගේම ඔවුන් කිව්වා ලංකාවේ අය හරිම ශක්තිමත්, ඔයාලත් එක්ක තරග කරලා අපිට දිනන්න හරි අමාරු යි කියලා," ඇය පැවසුවා ය. බිරිඳගේ රන් භාණ්ඩ උකසට තබා තරගාවලියට එක්වූ ක්‍රීඩකයා මේ අතර, මෙම මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී රන් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එක්ස් කිරණ අංශයේ සේවය කරන 59 හැවිරිදි කේ. ඒ. අජිත් පුෂ්පකුමාර අල්විස් සමත් වී තිබේ. කොළඹ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටින අජිත් පුෂ්පකුමාර විවාහක දෙදරු පියෙකි. මෙවර පිලිපීනයේ පැවති ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියේ කිලෝමීටර් තුන බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමත්, කිලෝමීටර් පහ ඇවිදීමේ තරගයෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ඔහු සමත්විය. තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් අජිත් පුෂ්පකුමාර බීබීසි සිංහල සේවයට මෙසේ අදහස් දක්වා සිටියේ ය: "මේ වසරේ ආසියාවේ ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙන්න අවස්ථාව උදාවෙනවා කියලා තහවුරු වුණාම මම වැඩකරන රෝහලේ සුබ සාධක සංගමය හරහා මූල්‍යම සහයෝගයක් ඉල්ලලා ලිපියක් භාර දුන්නා. නමුත් මාසයක කාලයක් ගතවෙලත් ඒකට පිළිතුරක් ලැබුණේ නෑ. "අවසානයේ දී මම සේවය කරන එක්ස් කිරණ අංශයේ ප්‍රධානිතුමා අනෙක් අයත් එක්ක එකතුවෙලා රුපියල් ලක්ෂයක් හොයලා දුන්නා. එකෙන් තමයි මූලික වැඩ ටික කර ගත්තේ. "පස්සේ මගේ බිරිඳ එයාගේ ලඟ තිබ්බ රත්ත්‍රන් බඩු ටික දීලා කිව්වා 'මේ ටික තියලා සල්ලි අරන් ගමන යන්න, ආවට පස්සේ මොනවා හරි කරගමු' කියලා. "දැන් මම තරගාවලියට ගිහිල්ලා ආවා. අඩුම තරමින් කිසිම කෙනෙක් අපේ මහන්සිය ගැන ඇගයීමක් කළේ නැහැ. ක්‍රීඩාව කරන්න අතින් මුදල් වියදම් කරලා අවසානයේ දී කිසිම දෙයක් නොලැබෙන තැන දැන් හිතිලා තියෙන්නේ ඇයි අපි මේවට මහන්සි වෙන්නේ කියලා. "මම පාසැල් යන කාලයේ ඉදලා ක්‍රීඩා කරනවා, ඒ වගේම පාපැදි ධාවකයෙක්. 1993 වසරේ දී සිදුවුණ අනතුරකින් පස්සේ තමයි පාපැදි ධාවනය නතර කරලා මැරතන් වගේ දිගු දුර ධාවනයට එක්වුණේ. "මේ වෙද්දී පදක්කම් 200 කට අධික සංඛ්‍යාවක් දිනලා තියෙනවා දෙස් විදෙස් තරගාවලිවලට සහභාගී වෙලා," ඔහු පැවසුවේ ය.
'මම ලියන හැටි': මොහාන් රාජ් මඩවල
'මාගම් සෝලිය' නවකතාවෙන් සිය නවකතාකරණය අරඹන මොහාන් රාජ් මඩවල මේ වන විට 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'කලම්බෝ', 'අයි ඩී' , 'නිල්කට්රොල්' සහ 'රැජින' යන නවකතා ප්‍රකාශයට පත් කරමින් පාඨකයන් දැඩි ලෙස සිය සාහිත්‍යයේ ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වී ඇත. මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුනු ඔහුටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළ කර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලිවීම තමන්ම විඳින හැටි, වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මීට පෙර සංවාද වගේම මේ සංවාදයටත් මුලපුරන්න මම කැමැතියි ලිවීමේ සමාරම්භක මොහොත සිහිපත් කරමින්. ඔබ ලියපු නවකතා ගැන හිතුවොත් මේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු හැටි ගැන යමක් කියන්න පුළුවන්ද? මොහාන්: මං දන්නෙ නැහැ මට මේකට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්ද කියල. හැබැයි මේ එළඹුම ලියන එක තමයි අසීරුම දේ. මං සාමාන්‍යයෙන් ප්ලොට් එකක මාව ෂොක් කරන මොහොත එනකං ඒක ලියන්න පටන් ගන්නෙ නැහැ. එතකං මං ඒකත් එක්ක ජීවත් වෙනවා. ඒකත් එක්ක හිතනවා ඒවගේම සාමාන්‍ය ජීවිතය ගත කරනවා. මම එක දිගට ලියන කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් නවකතාවක් ලියන එක සලකන්නෙ ප්‍රොජෙක්ට් එකක් හැටියට. ඒක ඇතුලේ මම මූලික සංකල්පයත් එක්ක ගත කරන කාලයට අමතරව විවිධ ආකාරයේ රිසර්ච් තියනවා. මෙහෙම ඒකත් එක්ක ඉන්නකොට එක වෙලාවක මටම වාව් කියල හිතෙන තැනක් එනවා. මොකද මම දන්නවා මට එහෙම හිතෙන්නෙ නැත්තං පාඨකයන්ට එහෙම හිතෙයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ලිවීම ඇරඹෙන තැන එන්නේ ප්ලොට් එකේ මටම විස්මය දැනෙන මොහොතත් එක්ක. කෞශල්‍ය : දැන් අපි සාමාන්‍යයෙන් ඔබේ නවකතා වල කියවන පළමු වාක්‍යය ඔබ ඒ නවකතා ලිවීම අරඹන විට ලියපු පළමු වාක්‍යයද? මොහාන්: බොහෝ දුරට ඔව්. මම සංස්කරණය ගොඩක් විශ්වාස කරන කෙනෙක් වගේම මුලින්ම සිද්ධ වෙන ඉමෝෂනල් රයිටින් එක ගැනත් තදින් විශ්වාස කරන කෙනෙක්. ඒ හැඟීම් එක්ක ඉඳිමින් අපි අතින් ලියවෙන දේවල් වල කිසියම් නිර්ව්‍යාජත්වයක් තියනව කියන එක මම ගොඩක් පිළිගන්න කෙනෙක්. මේ නිසා මම බොහෝ විට උත්සාහ කරනවා ඒ එකවර ලියවෙන කොටස් ඒ ආකාරයෙන් කෘතිය තුළ තියන්න. කෞශල්‍ය : ඔබ නවකතාවක් ලියන්න පටන් ගන්න විට ඒ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත්ද? මොහාන්: මෙහෙම යන්න ඕන කියල පොඩි ස්කෙච් එකක් තියනවා. අවසානය මෙහෙම හැඩයක් ගනියි කියල අදහසක් තියනවා. නමුත් ලියාගෙන යද්දි ඒක වෙනස් වෙන්න පුළුවන්. අතුරුකතා, අතුරු චරිත, සිදුවීම් එක්ක ඔළුවේ තියන සැකිල්ල වෙනස් වෙන්න තියන ඉඩ වැඩියි. සමස්ත නිර්මාණය කියන්නේ සීයක් කියල ගත්තොත් මම ඒ සීයෙන් හැටක් හැත්තෑවක් දෙන්නේ පරිකල්පනයට. ඉතින් පරිකල්පනය කියන්නේ අපිට කලින් ප්ලෑන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ඔළුවේ හදාගෙන එන සැලුසුම් වෙනස් කරන්න පරිකල්පනයට හැකියාව තියනවා. කෞශල්‍ය: දැන් එතකොට මේ ලිවීම ආරම්භ කරන්න කලින් තියන ස්කෙච් එක තියෙන්නෙ ඔළුවේ විතරද නැත්තං කොහෙහරි සටහන් කරල තියෙනවද? මොහාන්: නෑ, බොහෝ දුරට තියෙන්නේ ඔළුවේ තමයි. හැබැයි ලියාගෙන යද්දි මම තව ස්කෙච් එකක් ගහනවා මම ලියල අවසන් කරපු කොටස් සම්බන්ධයෙන්. මොකද මම යම්තාක් දුරට ලිව්වට පස්සේ එදිනෙදා ලිවීම පටන් ගන්නකොට කියවන්නේ අන්තිමයට ලියපු චැප්ටර් එක විතරයි. ඒ නිසා මම ලියපු දේවල් වල ස්කෙච් එකක් ලියල තියාගන්නව මගේ පැහැදිලිතාවය වෙනුවෙන්. ඒ ඇරුනහම ලිවීම ආරම්භ කරන්න කලින් කතාව ගැන තියන සැකිල්ල තියෙන්නෙ බොහෝ දුරට මගෙ හිතේ. කෞශල්‍ය: දැන් ඔබ පසුගිය කාලයේ වැඩිපුරම වැඩ කලේ ඉතිහාස කතා පාදක කරගෙන. ඒවා හැම විටම තරමක් විශේෂ හැදෑරීමක් ඉල්ලා හිටිනවා. නවකතා ලිවීම සහ මේ හැදෑරීම කොහොමද එකට සම්බන්ධ වෙන්නේ? මොහාන් : දැන් මගෙ නවකතා වලින් උදාහරණ අරගත්තොත් මට ලොවිනා නවකතාව ලියන අදහස එන්නෙ මගෙ හිතවතෙක් එක්ක කරපු කතාබහකින් පස්සේ. ඊට පස්සෙ මම මේ ගැන හොයන්න පටන් ගන්නවා. දැන් මවුන්ට් ලැවීනියා හෝටලේ වෙබ්සයිට් එකට ගියොත් ඒකෙ තියනවා, තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ මේ ලොවීනා කියන රොඩී තරුණිය අතර තදබල ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියන කතාව. නමුත් මං මේ ගැන තවදුරටත් හොයන කොට මට පේන්න ගන්නවා මේක ප්‍රේම සම්බන්ධයකට වඩා බලය දේශපාලනය සහ ලිංගිකත්වය එකට එකතු වුණු වෙනත් යමක් කියන එක. අන්න එතකොට තමයි මට මේක නවකතාවකට ගේන්න ඕන කියන එක එන්නෙ. අපි සාමාන්‍යයෙන් දන්නා ඉතිහාසයේ නොපෙනෙන තැනක් මට අහුවෙනකන් මට ඒ ඉතිහාස කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක එන්නේ නැහැ. දැන් රැජින නවකතාව ගත්තොත් අනුලා බිසවගේ කතාවෙන් නවකතාවක් ලියන්න ඕන කියන එක මට කලින් තිබුණු අදහසක් නෙමේ. නමුත් යම් වෙලාවක මට වැටහෙනවා අනුලා ලංකාවේ රජ කරන කාලයේ ම තමයි ඊජිප්තුවේ ක්ලියෝපැට්රා පාලනය කරන්නේ කියන එක. අන්න ඒ මොහොත තමයි මාව මේ කතාව නවකතාවක් කරන්න ඕන කියන තැනට ඇදගෙන යන්නේ. මේක දැනගත්තට පස්සෙ මං ඊජිප්තුවෙ සංචාරයකුත් යනවා. කවුරුත් දන්නේ නැහැ මං මේ නවකතාවක් හිතේ තියාගෙනයි ගියේ කියල. ඒ වගේ තමයි, ඉතිහාස කතාවක් නවකතාවක් බවට පත් කරන්න ඕන කියන තැනට මාව තල්ලු වෙන්නේ මගේ සොයා බැලීම් එක්ක අපි දන්න කතාවේ නොදන්නා අමුතු තැනක් මට අහුවෙන වෙලාවෙදි. කෞශල්‍ය: ඔබේ නවකතා වල අවසානය ගැන ඔබ දරන අදහස මොන වගේ එකක්ද? මොහාන්: මම හිතන්නේ මගේ නවකතා වල තියෙන්නෙ විවෘත අවසානයන්. මම කැමතියි පාඨකයාට අර්ථකථනය කළ හැකි අවසානයන් ඉතුරු කරන්න. මං හිතන්නෙ නැහැ නිශ්චිත අවසානයන් කලා කෘතියකට වැදගත් කියල. ජීවිතයත් එහෙමයි නේ. කෞශල්‍ය: මේ විදිහට අවසන් වෙන ඔබේ නවකතා සංස්කරණය වීම සිද්ධ වෙන්නේ මොන විදිහටද? මොහාන්: ඇත්තටම මම ලියන විට කලින් ලියපු කොටස් කියවන කොට ඒ අතරේ තමයි සංස්කරණය සිද්ධ වෙන්නෙ. මං කලින් කිව්ව විදිහට මුලින් ලියවෙන දේවල් වලට මගෙ විශේෂ ලව් එකක් තියනවා. ඒ නිසා මං සංස්කරණය කරන්නේ මම කියන දේ කියවන්නාට ව්‍යාකූලයි කියල හිතෙනවා නං විතරයි. ලියල ඉවර වුනාට පස්සෙ මුද්‍රණයට පෙර මං මගේ පොත් කියවන්න දෙන පහළවක විස්සක විතර පිරිසක් ඉන්නවා. මේ අය විවිධ මට්ටම් වල අය. සමහරු සාහිත්‍ය හා කලාව සංකීර්ණ දැනුමක් තියෙන අය තවත් සමහරු සාමාන්‍ය පාඨකයන් මට මේ අයගෙන් ලැබෙන අදහස් මත මම සමහර වෙනස්කම් කරල තියෙනවා. මේකත් මගෙ සංස්කරණයේ එක් ආකාරයක්. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද? මොහාන්: ඇත්තටම නවකතාවක් ලියල ඉවර වුනාට පස්සේ දැනෙන්නේ මාර හිස් කමක්. මගෙ ඇතුලේ තිබුණු සියල්ල මේකට දුන්නට පස්සෙ පට්ට හිස් කමක් දැනෙනවා. නැවත මාව පිරෙනකන් කිසිදෙයක් ලියන්න බැහැ. ඒකයි මම එක දිගට ලියන්නෙ නැත්තේ. මං දන්නවා නවකතාවක් ලියල අවසන් වුනාට පස්සෙ මං මා සතුව තිබුණු සියලු දේ ඒකට දුන්නට පස්සේ නැවත නවකතාවක් පටන් ගන්න මට කාලයක් ගන්න වෙනවා. එතකොට මං කරන්නෙ මාව නැවත පිරෙන්න අවශ්‍ය දේවල් කරන එක. ට්‍රැවල් කරනවා, රස්තියාදු ගහනවා, විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරනවා, විවිධ වර්ගයේ පොත් පත් කියවනවා, මෙහෙම ඉන්න කොට තමයි කොහෙ හරි තැනක් ආයෙමත් ස්පාර්ක් වෙන්නේ. ඒ නිසා ඒකට අනිවාර්යෙන්ම අවුරුද්දක දෙකක කාලයක් අවශ්‍යයි. කෞශල්‍ය: අවසාන වශයෙන් ඔබ ලියන ආකාරය සහ මේ ලිවීම විඳින හැටි ගැන යමක් කියන්න මොහාන්: මට මං ලියන එක හොඳින්ම විඳින්න පුලුවන් පෑනෙන් ලියන කොට. කම්පියුටර් එකෙන් ලියන්න මං ට්‍රයි කරල තියනවා. නමුත් මගේ පරිකල්පනයේ රිද්මයත් එක්ක හරියටම ගැලපෙන්නේ පෑනෙන් ලිවීම තමයි. ඒ වාක්‍ය වල රහ මට දැනෙන්නෙ පෑනෙන් ලියන කොට. මං වාක්‍ය වල සවුන්ඩ් එක ගැන රිද්මය ගැන හරියට උනන්දු වන කෙනෙක්. මගෙ හිත ඇතුලෙන් වාක්‍ය නැවත නැවත කියවමින් තමයි ලියන්නේ. මට ලියන තැන ගැන එතරම් ලොකු විශේෂයක් නැහැ. නමුත් මං වැඩිපුර ලියන්නේ ගෙදර පුස්තකාලය තියන කාමරේ. වඩා වැදගත් වෙන්නේ තැනට වඩා ඩිස්ටර්බන්ස් නැති එක තමයි. මොකද ලිවීමේ මූලිකම දේ වෙන්නේ පරිකල්පනය. ඒකට අවශ්‍ය නිදහස තියෙන්න ඕන. එච්චරයි, ඒ ඇරුනම මං නවකතාවක් ලියමින්ද ඉන්නෙ නැද්ද කියන එක දැන ගන්න මාව හම්බෙන අයට අසීරුයි. මොකද මං සාමාන්‍ය විදිහට මගෙ අනික් වැඩ කරන අතර තමයි ලියන එකත් කරන්නේ. මොහාන් රාජ් මඩවලගේ නවකතා භාවිතය හා ඒ සමඟ බැඳුණු හැඟීම් අපට ඔහුගේ නවකතා කියවීමට අලුත් කවුළුවක් විවර කරන්නට ඉඩ ඇතුවා සේම නවකතාකරණයට උනන්දුවන්නන්ට එයට ප්‍රවේශ වීමට තල්ලුවක් සපයන්නට ඉඩ ඇත. ලබන සතියේ අප සුනේත්‍රා රාජකරුණානායක නවකතාකාරිණිය මුණගැසෙන්නේ ද මේ මූලික අරමුණු දෙක සිහි තබා ගෙනය. එනම් අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ සාහිත්‍යය විඳ ගැනීමට නැවුම් ප්‍රවේශයක් සහ ලිවීමට ආශා කරන්නන්ට අනුප්‍රාණයක් යන්නයි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
HIV: 'ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි'
“HIV වලින් මම බේරුණා. ඒත් ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි.” ඒ අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව තම සිතට දැනුන බය හා වේදනාව අප හා බෙදාගත් අප චතුරංග නමින් හඳුන්වන 37 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. “මගේ තියෙන මෝඩකමට මම ස්පා එකකට ගියා. ඒ ගිහිල්ලත් කිසිම ආරක්ෂාවක් නැතිව මම එතන හැසිරුණේ ඒක මගේ අනිත් මෝඩකම.” “හැබැයි එතනින් එළියට එද්දිම මම කරපු මෝඩකම මට තේරුනා ඒ එක්කම මට ලොකු බයක් ආවා, මම ගෙදර ඇවිත් ඒ බයෙන් හිටියේ. ඒ බය වේදනාව නිසාම මම ඉන්ටර්නෙට් එකෙන් ලිංගාශ්‍රිත රෝග ගැන පරික්ෂා කළා. එදා ඉදන් සති කිහිපයක් යනකම් මම අවදානයෙන් හිටියේ මට මොනවා හරි රෝග ලක්ෂණ මතු වෙනවාද කියලා.” ඔහු HIV රෝගියකු නොවන බව මේ වන විට වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වී තිබේ. එහෙත් HIV සම්බන්ධයෙන් වන නිවැරදි දැනුවත්භාවය, නිරෝගී ලිංගික දිවියක් ගත කිරීමට ආරක්ෂා වීම සදහා ගත යුතු පියවර සහ පරීක්ෂා කිරීම් කරගැනීමේ වැදගත්කම එමගින් අවධාරණය වේ. එසේම ආරක්ෂාකාරී ලෙස ලිංගික ක්‍රියාවන් හි යෙදීමෙන් ඔබ අනියත බියකට ලක්වීම හෝ මානසික පීඩාවන්ට ගොදුරු නොවීම වළක්වාලනු ඇත. “රෝග ලක්ෂණයක් නැතිව HIV අපේ ඇගේ තියෙන්න පුලුවන්” “සති කිහිපයක් ගියත් මට රෝග ලක්ෂණ මතු වුනේ නැහැ. ඒ නිසා මගේ සිතට සැනසීමක් ලැබුනා. ඔහොම මාසයක් විතර යද්දි අහම්බෙන් මම ඒඩ්ස් ගැන විඩියෝ එකක් දැක්කා ඒක දැක්කාම මාව රත් වෙලා ගියා. අර කලින් තිබුන වේදනාව බිය දෙගුණ තෙගුණ වෙලා මට දැනෙන්න ගත්තා.” “ඒ විඩියෝ එකේ දොස්තර කියපු විදියට කිසිම රෝග ලක්ෂණයක් නැතිව HIV අපේ ඇගේ තියෙන්න පුලුවන් ඒ තිබිලා අවුරුදු 10 කට විතර පස්සේ මතු වෙන්න පුලුවන් හැබැයි ඒ වෙද්දි හැමදේම වෙලා ඉවරයි වෛරස් එක අපේ ඇගම අල්ලගෙන ඉවරයි කියලා තමයි ඒ විඩියෝ එකේ හිටපු දොස්තර කිව්වේ.” යැයි යළිත් ඔහුව වේලාගත් බිය ගැන විස්තර කළේය. මේ බිය හා වේදනවා සමඟ දින සති ගණන් ගෙවී ගිය අතර කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව සිටි ආකාරය චතුරංග බීබීසී සිංහල වෙත කියා සිටියේය. “මට තේරුණේ නෑ මොනවා කරන්න ද කියලා. මට මතක් වුණේ එහෙම ලෙඩක් හැදිලා තිබුනොත් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක.ගෙදර මිනිස්සුන්ට සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක එක්ක ලොකු මානසික පීඩාවක් ආවා. හරියට නින්දක් නෑ හැම වෙලාවෙම ඒක මතක් වෙනවා. ඒ වින්ද වේදනාව, බය, මානසික පීඩාව මැරෙනකම් මගේ හිතෙන් අයින් වෙන එකක් නෑ.” 'අනිත් අයට ලෙඩේ නොදී ඉන්න එකත් මගේ වගකීමක්' කෙතරම් මානසික පීඩාවක් විඳින්ට සිදු වු නමුත් තම ජිවිතය නැති කරගන්නට නොසිතු චතුරංග දිර්ඝ වේදනාවකින් පසුව සියලු දෙනාගේ යහපත වෙනුවෙන් තීන්දුවක් ගත්තේය. “මට තේරුනා මෙහෙම ඉන්න එක කිසි තේරුමක් නැති වැඩක් කියලා. මගේත් අනිත් අයගේත් යහපත ගැන හිතලා මම පරික්ෂා කරලා මගේ හිතේ තියෙන දේ ගැන සැක හැර දැනගන්න තීන්දු කළා. ඒ කියන්නේ පරික්ෂා කරලා බලන්න තීන්දු කළා. මට ලෙඩක් තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර අරගෙන ආරක්ෂා වෙන්නත්, මට ලෙඩක් තියෙනවා නම් අනිත් අයට ලෙඩේ නොදී ඉන්න එකත් මගේ වගකීමක් කියලයි මට හිතුනේ.” “එහෙම පරීක්ෂණ කරන තැනක්, විදියක් ගැන හොයද්දි තමයි මට Know4Sure වෙබ් සයිට් එක ගැන දැනගන්න ලැබුනේ. ඒකෙන් අපේ අවදානම පරික්ෂා කරගන්න වගේම ලෙඩේ ගැන, ප්‍රතිකාර ගැන දැනුවත් වෙන්න පුලුවන්. මම ඒකෙන් එපොයින්මන්ට් එකක් දාගෙන ක්ලිනික් එකට යන්න තීරණය කළා.” “මම දවසක් දාගෙන ගියා. එතන වෛද්‍යවරයා හම්බ වෙලා සියලු විස්තර කිව්වා. පස්සේ පරික්ෂාවට අවශ්‍ය ලේ දුන්නා. මම ඉල්ලීමක් කළා HIV රැපිඩ් පරික්ෂාව කරන්න කියලා. ඒ අය ඒකේ ප්‍රතිඵලය දෙන්න විනාඩි 20ක් ඉන්න කිව්වා. මම දන්නේ නෑ අදටත් ඒ විනාඩි විස්ස ගෙවුනේ කොහොමද කියලා.” “ටික වෙලාවකින් දොස්තර නැවත මට කතා කළා. මට HIV නෙගටිව් කිව්වා. මට සතුටක් දැනුනත් ඊටත් වඩා ඉහලින් මගේ හිතේ තිබුනේ මම කරපු මෝඩකම හා ඒකෙන් ඇති වෙච්ච බයයි වේදනාවයි. HIV වලින් මම බේරුණා. ඒත් ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි.” එක දිගටම කතා කළ ඔහු සුසුම් හෙළමින් කියා සිටියේය. HIV රෝගයේ අවසාන තත්ත්වය AIDS අනාරක්ෂිත ලිංගික සබඳතා මගින්, HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීමේදී, හෝ ආසාදනය වූ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අය මගින් HIV වෛරසය බෝ විය හැකි ආකාර කිහිපයක් හඳුනාගෙන තිබේ. වසර 5ක්, 8ක් හෝ ඊට වඩා වැඩි කාලයක් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා HIV ශරීරගත වී තිබිය හැකි යැයි ලිංගාශ්‍රීත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය තිලානි රණතුංග බීබීසී සිංහල සමග කතා බහකට එක්වෙමින් කියා සිටියාය. මෙසේ රෝග ලක්ෂණ නොමැතිව HIV වෛරසය ශරීර ගතවී ඇති පුද්ගලයින්ගෙන් වෙනත් අයෙකුට ආසාදනය විමේ අවදානමක් ද පවතී. “රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැතුව සමාන්‍ය වශයෙන් රෝගියා අවුරුදු 5ත් 8ත් අතර කාලයක් සමහරු ඉන්නවා ඊටත් වැඩි, සමහරු අවුරුදු 20ක් විතර ඉන්නවා. ඒ කාලයේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ නමුත් වෛරසය ශරිරය ඇතුලේ තියෙනවා. ඒ කාලය ඇතුලත අපේ ප්‍රතිශක්තිය මගින් යම් කිසි තරමක් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ලෙඩ්ඩුන්වත් දන්නේ නෑ HIV ආසාදනය වෙලා ද නැද්ද කියලා.” “එහෙම ඉදලා අවසානයේ එනවා ඒඩ්ස් කියන තත්ත්වයට. ඒඩ්ස් කියන තත්වයට එනකොට ප්‍රතිශක්තිය හුගාක් අඩු වෙනවා. ඒ නිසා නොයෙකුත් ආසාදනවලට රෝගියා ලක් වෙනවා. ඒවාගේ දකින්න පුලුවන් සුලබ ලක්ෂණයක් තමයි අසමාන්‍ය විදියට බර අඩුවීම, දිගු කල් පවතින කැස්ස, දිගු කල් පවතින උණ, දිගු කල් පවතින බඩඑළිය යාම වගේ රෝග ලක්ෂණ තියෙනවා. තත්ත්වය දරුණු වෙනකොට ක්ෂය රෝගය, සමේ පිළිකා වගේ වෛරස්, බැක්ටිරියා වගේම දිලිර රෝග වගේ නොයෙකුත් ආසාදනවලට රෝගියා ගොදුරු වෙනවා.” HIV රෝගයේ අවසාන තත්ත්වය AIDS බව කී වෛද්‍යවරිය එම තත්ත්වයට පත් වීමට පෙර රෝගය හඳුනාගෙන ඉතා හොඳින් පාලනය කළ හැකි බව සඳහන් කළාය. පෙර හා පසු නිවාරණ ක්‍රම මොනවාද? HIV නිට්ටාවට සුව කිරිමට ප්‍රතිකාරයක් නොමැති වුවද ඉතාම හොඳින් පාලනය කර සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රම පවතින බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. “මේක ඇත්තටම HIV රෝගීන්ට ලැබුන ආශ්චාර්යක් වගේ. මේ බෙහෙත් ගත්තාම මේ රෝගීන්ට සමාන්‍ය පුද්ගලයින් වගේ ජීවත් වෙන්න පුලුවන්. විවාහ වෙනවා, ළමයි හදනවා ඒ හැමදෙයක්ම කරගෙන නෝමල් ලයිෆ් එකකට යනවා. එකම දේ මේ ටැබ්ලට් එක හැමදාම ගන්න ඕනේ. හැබැයි බෙහෙත නැවැත්තුවොත් නැවත රෝගය උත්සන්න වෙන්න පුලුවන්. මේ බෙහෙත් ගන්න කෙනෙක්ගෙන් වෙනත් කෙනෙක්ට අසාදනය වීමත් ඉතාම අඩුයි.” HIV රෝගය සහිත පුද්ගලයකු හට නිරාවරණය වුවහොත් වහාම ගත හැකි ක්‍රියා මාර්ග ගැන ද විශේෂඥ වෛද්‍ය තිලානි රණතුංග බීබීසී සිංහල වෙත සිටියාය. එවැනි පුද්ගලයකු පැය 72ක් ඇතුලත හෝ ඊට පෙර වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතර දින 28 ක කාලයක් සඳහා ලබා දෙන ඖෂධයක් මගින් HIV රෝගය ආසාදනය වීම වළක්වා ගත හැකි බව ඇය සඳහන් කළාය. එමෙන්ම HIV පෙර නිවාරණ ක්‍රම ගැන ද විශේෂඥ වෛද්‍ය රණතුංග සඳහන් කළාය. “අවදානම් ලිංගික චාර්යා තියෙන අයට අපි කියනවා පෙර නිවාරණ ප්‍රතිකාර ගන්න කියලා. ඒකත් ටැබ්ලට් එකක්. වෛද්‍ය උපදෙස් අනුව ඒ ටැබ්ලට් එක ලබාගන්න පුලුවන්. ඒ ටැබ්ලට් එක ගන්න කාල සීමාව තුල HIV වෛරසය තිබුනත් වෙනත් කෙනෙක්ට HIV හැදෙන එක බොහෝදුරට අඩු කරන බව පරික්ෂණවලින් තහවුර කරලා තියෙනවා.” සැක හැර දැනගන්නේ කොහොමද? HIV රෝගය ආසාදනය වී ඇති දැයි දැන ගැනීමට රුධිර පරීක්ෂාවක් කරනු ලබන අතර අද වන විට තමන්ටම පරික්ෂා කර ගත හැකි ලෙස ස්වයං පරික්ෂණ ක්‍රමයක් ද පවතී. එම ස්වයං පරික්ෂණ කට්ටල හෝ රුධිර පරීක්ෂාවක් මගින් සැක හැර දැනගැනීමට අවශ්‍ය නම් රජයේ රෝහල්වල ඇති ලිංගාශ්‍රීත රෝග සායනයට යොමු වීමෙන් පරික්ෂා කර ගැනිම හෝ ස්වයං පරික්ෂණ කට්ටලය ලබා ගැනිමේ හැකියාව පවතී. එමෙන්ම ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන නිවාරණ ඒකකය හඳුන්වා දී ඇති Know4Sure වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා වෙලාවක් වෙන් කරගෙන සායනවලට සහභාගි විමේ හැකියාව හෝ ස්වයං පරික්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තිබේ. මෙම සායනවලට සහභාගි වන පුද්ගලයන්ගේ තොරතුරු හා පුද්ගලිකත්වය ඉතා රහසිගත අතර සේවය සපයනු ලබන්නේ විශේෂ පුහුණුව සහිත කාර්ය මණ්ඩලයකි.
'ශ්‍රී ලංකාව හැර යන්නේ නෑ': කායික වෛද්‍ය විද්‍යාවේ මෙරට 'ලාබාලතම මහාචාර්යවරයා'
ඕනෑ ම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මහාචාර්ය පදවියක් උරුම කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. වෛද්‍ය විද්‍යාව වැනි විෂ්‍ය ක්ෂේත්‍රයක එය බෙහෙවින් දුෂ්කර වන්නේ, පර්යේෂණ රැසක් සිදු කිරීමට සිදුවීමත්, ජාතික මට්ටමේ දායකත්වයක් දැක්වීමට සිදුවීමත් නිසාය. කෙසේ වෙතත්, වයස අවුරුදු 35 වන විට කායික වෛද්‍ය විද්‍යා මහාචාර්ය පදවියකින් පිදුම් ලැබූ තරුණයෙකු පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වෙයි. ඔහු නමින් චාමර දලුගම ය. "කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා" ඔහු බව පිළිගැනීමට සිදුවන්නේ, මෙතෙක් එම වයසේදී එම විෂය ක්ෂේත්‍රයට අදාළ මහාචාර්යවරයෙකු බිහි වී නොමැති බව පැවසෙන හෙයිනි. චාමර දලුගම මහාචාර්ය තනතුර වෙනුවෙන් අයැදුම් කර ඇත්තේ, 2022 ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව, 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුට මහාචාර්ය තනතුර පිරිනැමෙන්නේ, 2022 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය. එවකට ඔහුගේ වයස අවුරුදු 35කි. ළමා විය 1988 වසරේ උපත ලැබූ චාමර දලුගම පළමුවෙන් අධ්‍යාපනය ලැබුවේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙනි. පසුව ඔහු ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර උසස් පෙළ සඳහා පෙනී සිටියේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. "උසස් පෙළ විභාගයෙන් මට A සාමාර්ථ 4ක් ලැබුණා. දිස්ත්‍රික්කයේ 3 වන ස්ථානය හිමි වුණා," මහාචාර්ය චාමර දලුගම අතීතය ආවර්ජනය කළේය. වෛද්‍ය විද්‍යා සරසවි වාර්තාවක් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ ඔහු වෛද්‍ය අවසන් විභාගයට පෙනී සිටියේ, 2013 වසරේදීය. එහිදී වෛද්‍ය විද්‍යා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට හිමි කර ගත හැකි සියලු පදක්කම්, ශිෂ්‍යත්ව සහ සම්මාන සියල්ල දිනා ගැනීමට ඔහුට හැකි විය. එහිදී ඔහුට හිමි මූ සමස්ත සම්මාන සංඛ්‍යාව 26ක් විය. 2013 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමක කළ ඔහු, වෛද්‍යවරයෙකු ලෙස සීමාවාසික පුහුණුව ලැබුවේ, කොළඹ මහ රෝහලේදීය. වෛද්‍ය වෘත්තියට සමු දී කථිකාචාර්ය වෘත්තියට පිවිසීම සීමාවාසික පුහුණුව නිම කළ වහා ම ඔහු කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් විය. එහිදී ඔහු කොළඹ විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමින් සිට ආචාර්ය උපාධිය නිම කළේය. පසුව, පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු එය නිම කර යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. "පශ්චාත් ආචාර්ය උපාධිය ඉවර කරලා ශ්‍රී ලංකාවට ඇවිත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට සහතිකය ලබා ගත්තා. ඊට පස්සේ තමයි මම මහාචාර්ය තනතුරට ඉල්ලුම් කළේ," මහාචාර්ය චාමර දලුගම පැවසීය. වෛද්‍යවරයෙකු වීමේ සිහිනය ගුරුවරියක වූ ඔහුගේ මව සහ බැංකු කළමනාකරුවෙකු වූ ඔහුගේ පියා තමන්ට වෛද්‍යවරයෙකු වන ලෙස කිසි දිනෙක බලපෑම් නොකළ බව ඔහු පවසයි. "මම බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක්. අපේ පවුලේ වෛද්‍යවරයෙක් හිටියෙ නෑ. ඒත් මට පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. මම තේරෙන කාලෙ ඉඳලා සැලැස්මකට අනුව වැඩ කළා. ඊළඟ අවුරුදු 5දී, 10දී මම කොතන ද ඉන්නේ කියලා මම සැලසුම් කළා. සැලසුම් කළා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් වැඩ කළා. ප්‍රශ්න ආවා, පසුබෑමට ලක්වුණා. ඒත් මම අධෛර්යවත් නොවී සියල්ල කළා." 'මගේ තෘප්තිය ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට සේවය කිරීමයි' සිය පශ්චාත් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වසර ගණනක් එංගලන්තයේ වාසය කළ ඔහුට එහි රැඳී සිට සිය වෘත්තිය කටයුතු කරගෙන යාමට අවස්ථා හිමි වුව ද, ඔහු යළිත් මව් රටට පැමිණියේය. "එංගලන්තයේ වැඩ කරන්න මට අවස්ථා ගොඩක් තිබුණා. ඒත් මම ඒවා අතඇරලා ආපහු ලංකාවට ආවේ මගේ රටේ ළමයින්ට උගන්වන එක මට ලොකු සතුටක් නිසා. ඒක මම බොහොම තෘප්තියෙන් කරන දෙයක්. මේ රටේ ජීවත් වෙලා රට වෙනුවෙන් යමක් කරන එකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ නිසා මේ රට දාලා යන්න මට කිසි ම අදහසක් නෑ. අපේ රටේ ශිෂ්‍යයන්ට උගන්වන එකත්, රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් මට ලොකු සතුටක්. ඒක දිගට ම කරගෙන යනවා," මහාචාර්ය චාමර දලුගම පැවසීය. 'තාම පටන් ගත්තා විතරයි' වෛද්‍ය විද්‍යාව ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් අත් කරගෙන සිටින මහාචාර්ය චාමර දලුගම සිතන්නේ, තමන් තවමත් පර්යේෂණ දිවියේ ආරම්භයේ සිටින බවය. "මම හිතන්නෙ මම තාම ඇකඩමික් ජීවිතය ආරම්භ කළා විතරයි. ඉදිරියට ගොඩක් සැලසුම් තියෙනවා. පර්යේෂණ කටයුතු කරගෙන යනවා." මේ අතර, වෛද්‍යවරුන් රාශියක් ශ්‍රී ලංකාව අතහැර යාම සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. "ඒ අය රට හැරලා යන එක හරි හෝ වැරදි කියලා මට කියන්න අමාරුයි. ගොඩක් අය රට අතඇරලා ගියේ ආර්ථික සහ තවත් දුෂ්කරතා ගොඩක් තිබුණ නිසා. ඔවුන් ඒ තීරණ ගන්න ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන හිතලා වෙන්න පුළුවන්. මම නම් තෘප්තියෙන් තමයි මේ රටේ සේවය කරන්නේ." පර්යේෂණ සහ තනතුරු මහාචාර්ය චාමර දලුගම මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහු ඩෙංගු, මී උණ වැනි බෝවන රෝග සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් කර ඇති විද්වතෙකි. එම පර්යේෂණවලට අදාළව පශ්චාත් උපාධි සහ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ඔහු ග්‍රන්ථ කිහිපයක් පළ කර තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සායනික රෝග පිළිබඳ වෛද්‍ය මණ්ඩලයේ සභාපති ධූරය දරන අතර, නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනයේ සම්බන්ධීකාරක වශයෙන් ද කටයුතු කරයි.
ඊශ්‍රායලය වෙත යැවෙන ලාංකික කෘෂි කම්කරුවන් 10,000 සේවයේ යොදවන්නේ කොහෙද?
ඊශ්‍රායල ගාසා ගාසා යුද්ධය හමුවේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති මොහොතක, මෙරටින් කෘෂි කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලය වෙත යැවීම සඳහා එළඹ ඇති ගිවිසුම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ. ඇතැම් පාර්ශව ඒ පිළිබඳව නගන චෝදනා ද මීට හේතුවී තිබේ. අදාළ ක්‍රියාවලිය තුළ පවතින විනිවිදභාවයේ මඳබව, යුදමය තත්ත්වයක් පවතින පසුබිමක ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ආරක්ෂාවට ඉන් කිනම් තර්ජනයක් එල්ලවනු ඇති ද යන්න, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදයෙන් ඊශ්‍රායලය වාසි ලබා ගැනීමට උත්සහ දරන බව, ඔවුන්ට යුද්ධ පුහුණුව ලබා දෙන බව මෙන් ම, එම රැකියා ලබා දීම සඳහා මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද ආදිය එම චෝදනා අතරින් කිහිපයකි. ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 "වහා ම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සලසන" ගිවිසුමකට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෝෂෙ ආබෙල් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එළඹ ඇතැ යි, ඊශ්‍රායලයේ ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් වන Globes නොවැ. 6 වන දා වාර්තා කර තිබුණි. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට පවතින යුදමය තත්ත්වයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර, එරට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියැළී සිටි විදේශීය කම්කරුවන් 30,000න් 8,000ක් පමණ ඔක්තෝබර් 7 වන දා සිට ඊශ්‍රායලය හැර ගොස් ඇතැ යි එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඒ සමග ම පලස්තීන කෘෂි කම්කරුවන් 20,000කට පමණ රටට ඇතුළුවීම තහනම් කර ඇති බව ද එහි සඳහන් විණි. ලාංකික කම්කරුවන් සේවයේ යෙදවීමට විරෝධය ආහාර ස්වෛරීභාවය, ඉඩම්, ජලය, බීජ සහ ස්වභාවික වනාන්තරවල ආරක්ෂාව ආදී අරමුණු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR), කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඊශ්‍රායලය වෙත ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් 10,000ක් යැවීමට එය විරෝධය පළ කරන බව පවසයි. එම ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින්, අදාළ කම්කරුවන් කෘෂි කටයුතු සඳහා යොදවන භූමි ප්‍රදේශ ඊශ්‍රායලයට අයත් ස්වාධීන භූමි ප්‍රදේශ ලෙස ඔවුන් පිළිනොගන්නා බව ප්‍රකාශ කළේය. "මේ භූමිය පැහැදිලිව ම ඊශ්‍රායලය පලස්තීනයෙන් උදුරා ගත්ත භූමියක්, විවිධ කාරණා පාදකකර ගෙන. ඒ භූමිය සඳහා ලංකාවේ ශ්‍රමිකයන් විධියට යැවීම ගැන අපි සම්පූර්ණ විරෝධය පළ කරනවා." මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ගාසා යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායල වෙත යවනු ලබන කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. මොන්ලාර් නියෝජිතයින් පසුගිය දා පලස්තීන තානාපති කාර්යාලයයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහායිර් එම්. එච්. සයිඩ් හමුවී ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවෙන් කෘෂි කම්කරුවන් යැවීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳ ඔවුන් විරෝධය පළ කරන බව ප්‍රකාශ කර තිබේ. එමෙන් ම, ගොවීන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින එම ව්‍යාපාරය 'පලස්තීන ගොවීන්ගෙන් කොල්ලකන ලද' භූමියක ශ්‍රී ලංකාවේ කම්කරුවන් සේවයේ යෙදවීම තරයේ හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ කර ඇත. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඊට අමතරව මොන්ලාර් නියෝජිතයින් විසින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, එම අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රින් සිං ඇතුළු පාර්ශව වෙත, තීව්‍ර වන ගාසා ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලයට කෘෂි කම්කරුවන් යැවීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය හෙළා දකිමින් නොවැ. 27 වන දා ලිපියක් ද යොමු කරනු ලැබ තිබේ. එමඟින් ඔවුන් දන්වා ඇත්තේ, ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් යැවීමට ගත් තීරණය, 'ජන සංහාරයක් ලෙස ප්‍රකාශ කළ හැකි සන්නද්ධ ගැටුමකට සම්බන්ධ රටක් සමග' කම්කරු ගිවිසුම් සඳහා එළඹීම කෙතරම් යෝග්‍ය ද යන්න පිළිබඳ සදාචාරාත්මක ප්‍රශ්න මතු කරන බව ය. මොන්ලාර් මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, "මේ අරන් යන කම්කරුවන් යොදවන්නේ කොහෙට ද සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිරවුල් තත්ත්වයක් ඇති කරලා නැහැ," යනුවෙන් තවදුරටත් සඳහන් කළේ ය. එමෙන් ම, ලෝකයේ බොහෝ රටවල් පවතින යුදමය තත්ත්වයට ඊශ්‍රායලයට විරෝධය පළ කර ඔවුන්ගේ නිෂ්පාදන ආදිය වර්ජනය කරන මොහොතක ශ්‍රී ලංකාව ඊශ්‍රායලය වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් පවතින බව ඔහු පැවසීය. ඔහු අවධාරණය කළේ, එම කෘෂි කම්කරුවන් ඊශ්‍රායලයට යොමු කිරීමේ මෙම ක්‍රියාවලිය පිළිබඳව 'කිසිදු ආකාරයකය පිළිගත හැකි තොරතුරක්' ඉදිරිපත් නොකරන බව ය. "ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා ම සැලසුම්සහගතව යම් විධියකට විනාශ කරමින්, කෘෂි කර්මාන්තයට ඉදිරියට යාමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය කප්පාදු කරමින් තිබෙන මොහොතක, එය ආරක්ෂාකර ගැනීමට මැදිහත්වීම් කළ යුතු මොහොතක, ගොවීන් අධෛර්යවත් කර ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන තත්ත්වයකට පත් කිරීම" සම්බන්ධයෙන් ද ඔහු විරෝධය පළ කරන බව චින්තක රාජපක්ෂ පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය "විශාල කඩාවැටීමකට" ලක්ව ඇති බව ය. බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් පැමිණි ශ්‍රමිකයන් නතර කිරීමත්, සේවය කළ ඇතැම් විදේශ ශ්‍රමිකයන් රටින් පිටව යාමත් ඊට හේතු වී තිබේ. නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර සහ ගාසා තීරය, 1967 වසරේ සිට ඊශ්‍රායල හමුදා අත්පත්කර ගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශ බව වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) සඳහන් කරයි. 'කවුරු හරි එන්න ඉන්නවා නම්, ඒ ගොල්ලන්ට මහඟු අවස්ථාවක්' කෙසේ වෙතත්, අර්බුදයකට ලක් වී තිබෙන ඊශ්‍රායල කෘෂිකර්මාන්තය වෙනුවෙන් දායකවීමට ඔවුන්ගේ රැකියාව අතරතුර ලැබෙන නිවාඩු කාලය වැය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. මාධ්‍යවල පළ වූ එවැනි වීඩියෝවක අදහස් පළ කළ ශ්‍රී ලාංකිකයෙකු ප්‍රකාශ කළේ, "අපේ ඇත්තට ම අරමුණ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලංකාව කියන නාමය ඉහළින් තියන්න. ඇත්තට ම ශ්‍රී ලංකාවේ ඉඳලා යම් කිසි සේවකයෙක් වතු කම්කරුවෙක් හෝ වේවා, නැත්නම් කෙයාර්ගිවර් ක්ෂේත්‍රයේ හෝ වේවා කවුරු හරි එන්න ඉන්නවා නම්, ඒ ගොල්ලන්ට මහඟු අවස්ථාවක් වෙන්න පුළුවන්," යනුවෙනි. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබිණි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රතිචාරය Globes වෙබ් අඩවිය වාර්තා කර තිබුණු පරිදි මෙරටින් කෘෂි කම්කරුවන් 10,000ක් යැවීම සඳහා ඊශ්‍රායලය සමග ගිවිසුමකට එළඹියේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර විමසීමක් කළේ ය. ඔහු, ඒ පිළිබඳව "අපිට මුකුත් කියන්න එපා කියලා ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඉන්ෆෝම් කරලා තියෙනවා,"යි ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නොපවතින බව ද ඔහු පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, ගාසා තීරයේ සහ ලෙබනන් දේශසීමා ආසන්නයේ සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් වෙනත් ස්ථාන වෙත යොමු කර ඇති බව ය. රට තුළ ජන ජීවිතය 90%ක් පමණ සාමාන්‍ය තත්ත්වයේ පවතින බව ඔහු සඳහන් කළේ ය. "ජන ජීවිතය ගැන ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ අය තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඊට අමතරව ඒ ගොල්ලෝ සතිඅන්තවල දී ස්වේච්ඡාවෙන් ගොවිපළවල්වල වැඩ කරනවා. ලංකාවේ ගොඩක් අය යනවා. ඒ වගේ ම ඒගොල්ලෝ රුධියත් පරිත්‍යාග කරනවා." එක් එක් කලාප සඳහා වෙන්වුණු නිලධාරීන් සිව් දෙනෙකු තානාපති කාර්යාලය තුළ සිටින බව ත්, හඳුන්වා දී ඇති විශේෂ දුරකතන අංකයක් හරහා හදිසි අවස්ථාවල දී එම නිලධාරීන් හා සම්බන්ධ විය හැකි බව ත් නිමල් බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය. ඊශ්‍රායලයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මේ දක්වා යළි ශ්‍රී ලංකාවට යා යුතු බවට තානාපති කාර්යාලය දැනුවත් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ සිටින බව ය. මුදල් අය කරන බවට චෝදනා නොවැ. 23 වන දා ඩේලි මිරර් පුවත්පත එහි ප්‍රධාන පුවත හරහා, 'Corruption taints recruitment for Korean, Israeli jobs' යන සිරස්තලයෙන්, මෙම නව රැකියා අවස්ථා සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී දේශපාලනඥයන්ගේ නියෝජිතයින් වැඩි මුදලක් අය කරන බවට පැමිණිලි ලැබී ඇති බව වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, මෙම රැකියා පිරිනැමීම රජයන් දෙකක් අතර එළඹි ගිවිසුමක් අනුව සිදුවන බැවින් ඊශ්‍රායලයේ රැකියාව සඳහා තෝරාගත් තරුණයින් අනුමත ගාස්තුවලට වඩා වැඩි මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව එහි දක්වා තිබිණි. ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ, මෙම රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම මතභේදයට තුඩු දී ඇත්තේ එම ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොමැතිකම හේතුවෙන් බව ය. 'පලස්තීනුවන්ගේ ගෙවල් ගිනි ගනිද්දී සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්' සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මේ සම්බන්ධයෙන් නොවැ. 25 වන දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, ඊශ්‍රායලය වෙත දැනට යැවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා එරට දී යුද්ධ පුහුණුවක් ලබාදීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කළේ ය. එම ක්‍රියාව පිළිබඳව අරාබි රටවල්වල විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු එය 'ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක්' බව ඔහු සමග පැවසූ බව ඔහු ප්‍රකාශ කළේ ය. "ඊයේ මම කතා කරද්දී ජනාධිපතිතුමා සභාවේ ඉඳිද්දිත් කිව්වා, මේක හරියට මේ පලතීනුවන්ගේ ගෙවල් ගිනි ගන්නකොට ගිහිල්ලා සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. මේ ඊශ්‍රායලයට දැනට යවන අයට යුද්ධ පුහුණුවක් ලබා දීමේ සූදානමකුත් තියෙනවා. ඒ ගියාට පස්සේ ඒ ගොල්ලන්ට තුවක්කු භාර දීලා - මොක ද වැඩිහිටි අයගේ සාත්තු කිරීම්වලටත් ඒ වගේ වැඩකටයුතුවලත් ඉඳිද්දි, විශේෂයෙන් මේ ගාසා තීරණයෙන් එන ශ්‍රමිකයන් අහිමිවීමත් එක්ක ඇති වෙන පුරප්පාඩුවලටත් ඒ වගේ ම පලස්තීනුවන්ගෙන් බලහත්කාරයෙන් උදුරා ගත්ත බිම් කොටස්වල ගිහිල්ලා වැඩ කරන්න තමයි මේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. ඒක යි ඇත්ත කාරණාව. ඉතින් මේ පිළිබඳව අරාබි රටවල්වල විදේශ තනාපතිවරුන් කිහිප දෙනෙක් මට කියා සිටියා මේක ඉතා ම වැරදි වෙලාවක ගන්න වැරදි තීරණයක් කියලා." විෂයභාර ඇමතිවරයාගේ ප්‍රතිචාරය නමුත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නොවැ. 25 වන දා මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත ප්‍රධාන පුවත ලෙස නොවැ. 23 අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කිසිදු පදනමක් නොමැති චෝදනා ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළේ ය. එය මුළුමනින් ම අසත්‍ය වාර්තාවක් බව ඔහු අවධාරණය කළේ ය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 3 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත අමාත්‍යවරයා සඳහන් කළේ, ඊශ්‍රායල රැකියා අවස්ථා සඳහා සිදු කරනු ලබන බඳවා ගැනීම් විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව ය. "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ්අඩවිය හරහා ඕනෑ ම පුද්ගලයෙකුට ඒ සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා පාර්ශවයකින් බලපෑම් එල්ල වී නැත." හෙතෙම කියා සිටියේය. රාජ්‍යයන් දෙක අතර පවතින එකඟතාව අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් මෙම ශ්‍රමිකයන් යොමු කරන අතර ඒ සඳහා කිසිදු බාහිර පාර්ශවයකට ගෙවීම් සිදු නොකළ යුතු බව අමාත්‍යවරය සඳහන් කළේ ය. "මෙම රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට දැඩි නීතිමය පියවර ගනිමින් සිටියදීත් ඒ සඳහා කිසිදු පියවරක් නොගන්නා බවට හැඟවෙන බවට කරනු ලබන වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය," බව ද ඔහු එහිදී පැවසීය. අමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දැක්වීය. ඔහු පෙන්වා දුන්නේ, ඊශ්‍රායලය වෙත දීර්ඝකාලීනව ශ්‍රමිකයින් යොමු කරමින් සිටිය ද, උද්ගත වුණු යුදමය තත්ත්වය හමුවේ එය තාවකාලිකව නතර කළේ එහි සිටින ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නිසි තොරතුරු ලබා ගන්නා තුරු බව ය. "ඒ තොරතුරු ලබා ගැනීමෙන් පසු, අපේ ශ්‍රමිකයන් ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශවලටවත් යවන්නේ නැහැ. ඒ රට, අපේ රටේ උතුරේ යුද්ධෙ තියෙන කොට ගාල්ල, මාතර වගේ පැතිවල කෘෂිකර්මාන්තයට යවනවා වගේ තත්ත්වයක් මේ තියෙන්නේ." එම ප්‍රදේශ වෙත අදාළ කම්කරුවන් යොමු කිරීමේ දී අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය. "කිසිදු යුද්ධ පුහුණුවක් මේ අයට ලබා දෙන්නේ නැහැ. මේ වගේ කතා කියලා මේ පාර්ලිමේන්තුව නොමඟ නොයවන ලෙස ඉල්ලා සිටිනවා." අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "කිසිදු ආකාරයකින් ගාසා තීරයේ අත්පත් කරගත් ඉඩම්වලට හෝ පලස්තීනුවන් සතු ඉඩම්වලට යොමු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වගකීමෙන් කියනවා, අනෙක් ප්‍රදේශවලට තමයි මේ ශ්‍රමිකයන් යොමු කිරීම සිද්ධ කරන්නේ," යනුවෙනි.
'පුරාවස්තු භික්ෂූන් වහන්සේලාට අයිති නැහැ-හානි කළොත් අත්අඩංගුවට ගන්න පුළුවන්'
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යා ස්මාරක අතර විශේෂ ස්ථානයක් හිමි වන අවුකන පිළිමයට සිවුරු ඇන්දවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මෙම ක්‍රියාව ඇතැමෙකු හාස්‍යයට ලක් කරමින් ද, තවත් පිරිසක් දෝෂ දර්ශනයට ලක් කරමින් ද සමාජ මාධ්‍යවල සටහන් තබා ඇති අතර, තවත් පිරිසක් එය සාධාරණීකරණය කර ඇති අයුරු ද දැකිය හැකි විය. මේ අතර, මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ උපදෙස් මත "පූර්ණ පරීක්ෂණයක්" ආරම්භ කර තිබේ. "වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. අපි බලනවා මෙතනදි පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරලා තියෙනවා ද කියලා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කමිටුවේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා," අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළේය. 'ඇප මත මුදා හැරිය නොහැකි වරදක්' 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) ආඥා පනත යටතේ පුරාවස්තුවක් 'අයුතු ලෙස වෙනස් කිරීම' වරදකි. ඒ පිළිබඳව සඳහන් කර ඇති 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) ආඥා පනතේ 15 ආ. වගන්තිය මෙසේ කියයි. "යම් පුරාවස්තුවක් ඕනෑකමින් ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු වරදකට වරදකරු වේ." ඊට අමතරව, එහි 15 ඇ‍. වගන්තියේ දැක්වෙන්නේ, '1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද, මේ ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසි ම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය,' යනුවෙනි. දඬුවම් මොනවා ද? ඉහත සඳහන් කළ වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන අයෙකුට පුරා වස්තු ආඥා පනත යටතේ දඬුවම් නියම වන ක්‍රම තුනක් පවතී. ඉන් පළමු වැන්න, රුපියල් 50,000කට නොවැඩි දඩයක් නියම කිරීම ය. දෙවැන්න, වසර දෙකකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීම ය. තුන් වැන්න එම දඩය සහ සිර දඬුවම යන දෙක ම නියම කිරීම ය. සැකකරුවන් නිදැල්ලේ අවුකන පිළිමයට සිවුරු ඇන්දවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නසහගගත බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ඔහු චෝදනා කළේ, මේ සම්බන්ධයෙන් ගල්නෑව පොලිසියට පැමිණිලි දෙකක් කළ ද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවය. නොවැම්බර් 27 සහ නොවැම්බර් 28 වන දා අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිලි දෙකක් ගොනු කර තිබිණි. 27 වන දා 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ 15 (ආ) වගන්තිය යටතේ ද, 28 වන දා 1940 අංක 9 දරන පුරාවස්තු පනතේ 31 වගන්තිය යටතේ ද අදාළ පැමිණිල්ල තවදුරටත් ශක්තිමත් කිරීමට පොලිසිය හමුවේ පැමිණිලි ගොනු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පැවසීය. පුරාවස්තුවක් යනු කුමක් ද? ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අඥා පනතට (1940) අනුව "පුරාවස්තු යනු 1815 මාර්තු මස 2 වන දාට පෙර (එනම් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනට පෙර) නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරෙන කිසියම් වූ ගොඩනැගිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවකි. ඊට අමතරව, සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා පැරණි ස්මාරක ද පුරාවස්තු ලෙස සැලකේ. එම වස්තු පුරාවස්තුවක් ලෙස නම් කර නොතිබුණ ද, පුරාවස්තු ලෙස පිළිගැනෙන බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. පුරාවස්තු අයිති භික්ෂූන් වහන්සේලාට ද? ශ්‍රී ලංකාවේ පෞරාණික, ඉතා වැදගත් පුරාවස්තුවලින් 85%ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අණසක යටතේ පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. බීබීසී සිංහල‌ සේවය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පුරාවස්තු බොහෝ විට විහාරස්ථාන ආශ්‍රිතව පැවතිය ද ඒවායෙහි කිසිදු අයිතියක් බෞද්ධ භික්ෂූන්ට නොමැති බවය. "ලංකාවේ පෞරාණික ඉතා වැදගත් පුරාවස්තු 100ක් ගත්තොත් ඒකෙන් 85ක් තියෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අණසක යටතේ. අනුරාධපුරයට ගියා ම පේනවා රුවන්වැලි සෑයට කරලා තියෙන වින්නැහිය. පුරාවස්තු ආඥා පනතේ තියෙන විධිවිධාන යටතේ ඔය කිසි කෙනෙකුට පුරාවස්තු අයිති නෑ. පැහැදිලිව කියලා තියෙන්නේ, අහසේ තිබුණත්, පොළොවේ තිබුණත්, දිය යට තිබුණත් පුරාවස්තුවක් යනුවෙන් නිර්වචනය කරන දේ අයිති රජයට කියලා." මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කළේ, පුරාවස්තු ස්මාරකයකට හානියක්, නිගරුවක් කළහොත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුරාවිද්‍යා කොමසාරිස්ට බලයක් ඇති බවය. "මෙච්චර නීති තියෙද්දී මේවා ක්‍රියාත්මක කරන්න ඕන නේ. ස්වාමීන් වහන්සේලාට කිසි අයිතියක් ඕවට නෑ. ඔතන තියෙන්නෙ දේශපාලනයක්. පුරාවිද්‍යා කොමසාරිස්ට පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වෙනත් ආගමක පූජකවරයෙක් පුරාවස්තු ස්මාරකයකට නිගරුවක්, හානියක් කළොත් අත්අඩංගුවට ගන්න. එක සැරයක් ඒ විදිහට මිහින්තලේ නායක හාමුදුරුවන්ව අත්අඩංගුවට ගත්තා." භික්ෂූන්ගේ ක්‍රියාවන්ගෙන් පුරාවස්තු රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ ද? රටේ ක්‍රියාත්මක වන නීතිය සහ පුරාවස්තු ඇති ස්ථානවල අධිපතිකම් දරන භික්ෂූන් වහන්සේලා අතර ගනුදෙනුව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගකීමක් පැවරෙන බව මහාචාර්ය රාජ් සෝමදේව අවධාරණය කරයි. "අවුකන සිද්ධිය තවත් එක සිද්ධියක් විතරයි. මේවා නතර කරන්න නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දේශපාලනය සහ සිවුරට තියෙන බය පැත්තකට දාලා නිසි ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. මොකක්ද ඒ ප්‍රතිපත්තිය කියලා ඔවුන් පැහැදිලි කරන්න ඕනෙ. නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ." මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ පැවසුවේ, ඉහත කී ප්‍රශ්නය සම්බන්ධයෙන් උපදේශක කමිටුවේ උපදෙස් ලබාගෙන අවුකන සිද්ධිය සම්බන්ධයෙන් සකස් කෙරෙන කමිටු වාර්තාවේ යෝජනා මාලාවට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවය. ඇය පැවසුවේ, දැනට පවතින ප්‍රතිපාදන අනුව සියලු පුරාවස්තු ස්මාරක වෙනුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් යෙදවීමට හැකියාවක් නොමැති බවය. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ එනම් ධාතුසේන රාජ්‍ය පාලන සමයේ නිර්මාණය කරන ලදැයි සැලකෙන අවුකන පිළිමය ප්‍රමුඛතම ශෛලමය ස්මාරකයක් ලෙස සැලකේ. එහි උස මීටර් 11.84ක් වන අතර බුදුන් වහන්සේගේ අභය මුද්‍රාව දැක්වෙන පරිදි එය නිර්මාණය කර තිබේ. පුරාවස්තුවල‌ට මීට පෙර හානි කළ අවස්ථා කිහිපයක් සීගිරි කැටපත් පවුරට කොණ්ඩ කටුවකින් හානි කළ බවට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණියක 2015 වසරේ පෙබරවාරි මස 14 වන දා අත්අඩංගුවට ගැනුණු අතර, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් සමාව මත 2015 වසරේ අප්‍රේල් 15 වන දා ඇය නිදහස් කෙරිණි. කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය වාර්තා වූයේ, 2020 වසරේ ජූලි මාසයේදී ය. එහිදී ද, ඊට වගකිව යුතු වූ කුරුණෑගල එවකට නගරාධිපති ධූරය දැරූ තුෂාර සංජීව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක නොවූ බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චෝදනා කළේය. තවමත් එම සිද්ධිය අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව, කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පැවති සඳගල පාෂාණයට හානි කළ බව වාර්තා විය. උඩමළුව රක්ෂිතය ලෙස පුරාවිද්‍යා නිලධාරීන් විසින් නම් කර ඇත්තේ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් විසින් ස්වකීය රාජධානියේ ඒ මාලිගාව ඉදිකර තිබුණු බවට සැලකෙන ප්‍රදේශයයි. ඊට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එය ද තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව දෙපාර්තමේන්තුව පැවසීය. ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත හැකි ද? අවුකන පිළිමයට සිවුරක් ඇන්දවීම සම්බන්ධයෙන් ICCPR හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි දැයි එම පනත පිළිබඳ විශේෂඥ හැදෑරීමක් කර ඇති නීතිඥයෙකු වන ජයන්ත දෙහිඅත්තගේගෙන් අදහස් විමසීමු. ඔහු ප්‍රකාශ කළේ, එම පනත යටතේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත නොහැකි බවය. "ICCPR පනතෙන් කියන්නේ යම් ආගමකට අපහාස කිරීම වගේ දෙයක් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එක. මෙතනදී වෙලා තියෙන්නේ එම ආගමේ ම භික්ෂුවක් අන්ධ භක්තියෙන් හෝ භක්තිය වැඩිකමට කරපු වැරදි ක්‍රියාවක්. ඒකෙන් ආගමික වශයෙන් අපහාසයක් සිද්ධ වෙලා තියෙන බවක් පේන්නෙ නෑ. ඒ නිසා මේකට නඩු පවරන්න ඕන පුරාවස්තු ආඥා පනත යටතේයි," නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවසීය.
කොක්කුතුඩුවායි තෙවැනි අදියරේ කැනීම් අවසන්. පූර්ණ අස්ථි කූඩු 40 ක කොටස් මතුකරගනී
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් තෙවන අදියරේ කැනීම් කටයුතු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (නොවැම්බර් 29 වැනිදා) තාවකාලිකව අවසන් කළ බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. ඔහු සඳහන් කළේ, සමූහ මිනිවළ හමුවු ස්ථානයට ඔබ්බෙන් වන මුලතිව් - කොක්කුතුඩුවායි මාර්ගයේ කොටසක්ද කැනීම් කටයුතු වෙනුවෙන් කඩා ඉවත් කළ යුතු බැවින්, මාර්ගය අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබාගැනීම වෙනුවෙන් සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි. සමූහ මිනිවළ මතුකරගත් සීමාව තුළින් මේ දක්වා මිනිස් සිරුරු 40 ක් ගොඩගෙන ඇති අතර, තවත් අස්ථි කොටස් කිහිපයක් ගොඩගැනීමට නියමිත බවද ඔහු පැවසීය. දැනට මීටර් 14 ක් දිග,මීටර් තුනක් පළල අගලක් හාරා අවසන් බවත්, තවත් අවම වශයෙන් මීටර් දෙකක් පළල, මීටර තුනක් දිග කොටසක් හැරීමට නියමිත බවද රාජ් සෝමදේව සඳහන් කළේය. ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසූවේ සමූහ මිනිවළ මේ දක්වා කැනීම් කටයුතු හා මිනිවළ තුළින් හමුවු දෑ සම්බන්ධයෙන් දෙසැම්බර් 31 වැනිදාට පෙර අධිකරණයට වාර්තාවක් ලබාදීමට නියමිත බවය. විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ අදහස සමූහ මිනිවළ මේ දක්වා කැනීම් තුළින් මිනිස් සිරුරු 40 කට අදාළ අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, අදාළ අස්ථි කොටස් ගොඩගැනීමද සිදුකොට ඇති බව මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසීය. ඔහු පැවසූවේ ගොඩගත් අස්ථි කොටස් සියල්ල අධිකරණ නියෝග මත මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට ඇති බවයි. සමූහ මිනිවළ දෙවැනි අදියර කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගත් අතර තෙවැනි අදියරේ කැනීම් තුළින් මිනිස් සිරුරු 23 ක අස්ථි කූඩු මතුකර ගත් බව කැනීම් නිලධාරීහූ පවසති. සමූහ මිනිවළ තුළ තිබී පතුරම් උණ්ඩ වැනි කොටස් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හඳුනා ගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු , අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුවු බව කැනීම් නිළධාරීන් පැවසීය. මුලතිව් අධිකරණ සංකීර්ණයේ අද (නොවැම්බර් 29 වැනිදා) පැවැත්වු සාකච්ජාවේදී සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන මීළඟ අදියරේ කැනීම් කටයුතු 2024 මාර්තු මාසයේ 01 වැනිදා සිට පැවැත්වීම කටයුතු සුදානම් කරන ලෙසටද අධිකරණය කැනීම් නිළධාරීන්ට දැනුම්දුන් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළේය. සමූහ මිනිවළ විශේෂ ස්කෑන් පරීක්ෂාවකට සමූහ මිනිවළ කොපමණ සීමාවක් පුරා පවතින්නේද යන්න දළ අනුමානයක් ලබා ගැනීමට (නොවැම්බර් 22 වැනිදා) සමූහ මිනිවළ පවතින ස්ථානය අවට සීමාවේ විශේෂ ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණයෙන් අවසරය ලැබී ඇති බවද මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළේය. කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ නිළධාරීන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ ස්කෑන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය. මේ දක්වා සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇත. කැනීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මුලිකව දැක ගැනීමට හැකි වන බවද කැනීම් නිලධාරීහූ පැවසූහ. කැනීම් නිළධාරීන් කණ්ඩායම මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරති. යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයුතුවලට එක්ව සිටිති. කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බොම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැනීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙයි. සිරුරු කොටස් සොයා කොක්කුතුඩුවායි කැණීම් යළි ඇරඹේ මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ ආශ්‍රිතව තෙවැනි අදියරේ කැනීම් (නොවැම්බර් 20 වැනිදා) නැවත ආරම්භ කෙරිණි. මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසුවේ මේ දක්වා කැනීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝග යටතේ සමූහ මිනිවළ ආශ්‍රිත කැනීම් කටයුතු තෙවැනි අදියර යටතේ නැවත ආරම්භ කළ බවයි. කැණිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කැණිම් කටයුතු තාවකාලිකව සැප්තැම්බර් 15 වන දින නවතා දැමු බව සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසූවේ දැනට ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැණිම් කටයුතු තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දැමු බවයි. මේ දක්වා කැණිම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය. කැණිම් තුළින් මෙතෙක් මතුකරගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තවමත් ගැනීමට නොහැකි තත්වයක් පවතින බවද ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. සමූහ මිනිවළ නමවන දිනට සැපතැම්බර් 15 වන දින කැණීම් කළ අතර, එහිදි අලුතින් මිනිස් සිරුරු තුනක අස්ථි මතුකර ගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසීය. සමූහ මිනිවළ දින නමයක කාලයක් කැණීම් තුළින් මිනිස් සිරුරු 17 ක අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, මතු කරගත් මිනිස් සිරුරු 17 ට අදාළ අස්ථි කොටස් සියල්ලම ගොඩගත් බවද කැණීම් නිළධාරීහූ පවසති. ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසුවේය. කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මුලිකව දැක ගැනීමට හැකි වන බව ද කැනීම් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ. සමූහ මිනිවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව තිබේ. මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරති. යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැණීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටිති. කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බොම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍ය නිලධාරින්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සදහා සහයෝගය ලබාදෙයි. කැණීම් සදහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ද ? සමූහ මිනිවළ කැණිම් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක් ලැබී ඇති අතර, සති තුනක පමණ කාලයක කැණීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රමාණවත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිළධාරි කනකසභාපති වාසුදේව මීට පෙර පැවසීය. මේ අතර කැණීම් කටයුතු නවතා දැමීමට හදිසියේ තීරණය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පැවසූහ. මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළින් ගොඩට නොගත් අස්ථි කොටස් රැසක් දැක ගැනීමට හැකිවන බැවින් කැණිම් කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි. මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහන් කරනු ලැබුවේ යුධ සමයේ අතුරුදහන්වූවන්ගේ සිරුරු අදාළ සමූහ මිනිවළ තුළ පවතින්නේ යැයි තමන් සැක කරන බවයි. කැණීම් කළ ස්ථානයේ සිදුකළ පළමු කැණීම් තුළින් කුඩා ප්‍රමාණයේ මිනිස් අස්ථි කොටස් 30 කට ආසන්න ප්‍රමාණයක් හමුවු අතර, ඒ තුළින් ආරක්ෂක අංශ භාවිතා කළ කැළැ නිල ඇදුම්වලට සමාන කොටස් කිහිපයක්, කළු පැහැති ඉටිකොළ කිහිපයක් ඇතුළු කොටස් සොයා ගැනිණ. ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුවිය. අස්ථි කොටස් හමුවු ස්ථානය පසුගිය ජුනි 30 වැනිදා පරීක්ෂා කළ මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා විසින් ස්ථානයේ කැණීම් කටයුතු ජුලි 06 වැනිදා සිදුකරන ලෙසට පළමුව නියෝග කළේය. අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු ජුලි 06 වැනිදායින් පසුව නැවත සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ කළේය. මුලතිව් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්, කෝකිලායි පොලිස් නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අගොස්තු 10 වැනිදා අදාළ ස්ථානය පරීක්ෂා කළ අතර, එහි වාර්තාවක් අගෝස්තු 17 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. අදාළ විශේෂඥ කමිටු වාර්තාව අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි. මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු,අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්,මුලතිව් දිස්ත්‍රික් දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක්ද කැණීම් නිරීක්ෂණයට එක්ව සිටියහ. හමුදාවට භාරවීමෙන් අනතුරුව මියගිය එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක්ද ? සමූහ මිනිවළ යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් විය හැකි බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මුලතිව් ජනතාව සැක කරන බව මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "අස්ථි කොටස් හමුවු ස්ථානයේ කාන්තාවන්ගේ ඇදුම්වලට සමාන ඇදුම් කොටස් නිරීක්ෂණය වීම හරහා තමයි ජනතාවට ඒ සැකය ඇතිවෙලා තිබෙන්නේ. යුද්ධ කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011,2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ.ඒ කාලයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය.ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණ දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි." "අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් එල්.ටී.ටී සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමා වී වසර 14 ක් ගතවුවත් තවමත් අතුරුදහන් වෙලා ඉන්නවා.ඒ අයට සිද්ධවුණ දෙයක් තවමත් අභිරහසක්. යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන්වෙලා ඉන්නවා,ඒ අය සොයාදෙන ලෙසට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අවුරුදු ගණනාවක් පාරවල් අයිනේ උපවාස පවත්වනවා.ඒත් ඒ අය ගැන කිසිදු තොරතුරක් නෑ." හිටපු මන්ත්‍රීවරයා පවසයි. "මුලතිව් ජනතාව හිතන්නේ කොක්කුතුඩුවාය අස්ථි කොටස් හමුවු ස්ථානයේ සමූහ මිනිවළක් තියෙන්න පුළුවන් කියලා.එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා.අද දවසේ කැනීම් ස්ථානයේ මමත් හිටියා.මිනිස් අස්ථි කොටස් 10 කට වැඩි ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වුණා.තවත් තියෙයි කියලා හිතනවා.පොලිතීන් කෑලි වගේ දේවලුත් දැක ගන්න තියෙනවා.යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරවු විශාල පිරිසක් අතුරුදහන්වීම ගැටලුවක්.ඒ අය ගැන සොයා බලන්න රජය කටයුතු කරන්නේ නෑ.ඒ ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනේ" හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අදහස වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. "කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ.මන්නාරමේත් මේ වගේ සමූහ මිනිවළවල් කීපයක් තිබිබා.ඒත් ඒ සමූහ මිනිවළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ.කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා.ඒ අස්ථි කොටස් අවුරුදු 500 ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා.ඒ ගැන අපිට විශ්වාස නෑ." "මේ සමූහ මිනිවළ හා මන්නාරමේ හමුවු අස්ථි කොටස් ඩි.එන්. ඒ පරීක්ෂාවන්ට යොමු කරන්න ඕනේ.ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනිවළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයින් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ.ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදහන්.ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ.අතුරුදහන් අය නැවත එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන්,ඥාතීන් බලාගෙන ඉන්නවා.මේ ප්‍රශ්නවලට විසදුම් ඕනේ" රාජ් කුමාර් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
COP28: සමුළුවට ලංකාවෙන් යන පිරිස කොපමණදැයි ඔබ දන්නවාද?
COP සමුළුවයනු එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවයි. මේ සඳහා රටවල් 200ක් පමණ සහභාගී වන අතර, එය 1995 වර්ෂයේ සිට වසරක් පාසා පැවැත්වෙන සමුළුවකි. එහි පළමු සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී පැවති අතර මෙවර COP28 සමුළුව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදීයි. මෙවර එහි තේමාව "පිරිසිදු බලශක්තියට පරිවර්තනය වීම"යි. COP කාට ද? මෙම සමුළුව සඳහා සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් හා විෂය භාර අමාත්‍යවරුන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වේ. රාජ්‍ය දූත පිරිස්වලට අමතරව, පුද්ගලික අංශයේ නියෝජිතයන්, ව්‍යාපාරික ලෝකයේ නියෝජිතයන් හා පරිසර හා දේශගුණික ක්‍රියාකාරිකයන් හා සංවිධාන ද එක් වෙයි. ඒ අනුව හෙට (නොවැම්බර් 30 වැනිදා) ආරම්භ වන COP28 සමුළුව දෙසැම්බර් 12 දා දක්වා පැවැත්වේ. එහි රාජ්‍ය නායකයන් සහභාගීවන වැඩසටහන් දෙසැම්බර් 01 වැනිදා සහ 02 වැනිදා පැවත්වෙයි. මීට අමතරව මෙම කාලය තුළ විවිධ සාකච්ඡා මණ්ඩප ගණනාවක් සැලසුම් කර තිබෙන අතර එම විෂය ක්ෂේත්‍රවලට අදාළ වන නියෝජිතයන් ඒ සඳහා සම්බන්ධ වනු ඇත. ශ්‍රී ලංකාවෙන් යන නියෝජිතයින් කවුද? මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වන පිරිස සම්බන්ධයෙන් මේ වන විට යම් කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඒ සඳහා විශාල නියෝජිත පිරිසක් සම්බන්ධ වන බවට විවේචන එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා තිබූ, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන පවසා තිබුණේ මෙම සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්‍රි, ඛණිජ තෙල් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් තමා සහ ජනධිපතිගේ විදේශ සබඳතා පිළිබඳ අධ්‍යක්ෂක දිනුක් කොළඹගේ ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගීවන බවයි. මීට අමතරව පුද්ගලික අංශයේ තවත් කණ්ඩායමක් ඔවුන්ගේ වියදමින් සම්බන්ධ වන බව ද ඔහු පවසා තිබේ. මේ පිළිබඳව විමසීමට අප ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා පැවසුවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් තමා මෙම සමුළුවට සම්බන්ධ වන බවත් සහභාගීවන සම්පූර්ණ සංඛ්‍යාව පිළිබඳ නොදන්නා බවත් ය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණු අතර, ඔහු විසින් එම 80කට අධික දූත කණ්ඩායම කොටස් තුනක් යටතේ හඳුන්වා තිබේ. ඔහු පවසා ඇති අන්දමට එම දූත කණ්ඩායමට දේශපාලන නියෝජිත කණ්ඩායමක්, තාක්ෂණික නියෝජිතයන් කණ්ඩායමක් සහ ඊට අමතරව සම්බන්ධ වන සමාජ ක්‍රියාකාරී කණ්ඩායමක් වශයෙන් ය. එහි දී ඔහු තාක්ෂණික නියෝජිත කණ්ඩායම හා එම තරුණ හා ව්‍යාපාරික අමතර කණ්ඩායම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. තාක්ෂණික නියෝජිත කණ්ඩායමට 24 දෙනෙකු ඇතුළත් අතර එයින් 11 දෙනෙකු අමාත්‍යාංශ නියෝජිතයන් බවත්, ඔවුන්ගෙන් රජයේ අරමුදල් සපයන්නේ තිදෙනෙකු සඳහා බවත් වෛද්‍ය ජාසිංහ පවසා ඇත. ඉතිරි හත්දෙනා සිය පුද්ගලික වියදමෙන් සමුළුවට සහභාගීවන අතර, කණ්ඩායමේ ඉතිරි අය සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයන බව ඔහුගේ පැහැදිලි කිරීමේ අඩංගු වී ඇත. මීට අමතරව සමුළුවට සහභාගී වීමට බ්‍රිටිශ් කවුන්සිල්, UNICEF, SLYCAN භාරය වැනි ආයතන වලින් අරමුදල් සපයන තරුණ නියෝජිතයන් විස්සක් සහ හතළිහකට අධික ව්‍යාපාරිකයන් පිරිසක් ද සම්බන්ධ වන බව වෛද්‍ය අනිල් ජාසිංහ පවසා ඇත. එම ව්‍යාපාරික කණ්ඩායම ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සමුළුවට සම්බන්ධ වන බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ජාසිංහ දේශපාලන දූත කණ්ඩායම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර නොමැත. ශ්‍රී ලංකාවේ යෝජනා මොනවා ද? ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ යෝජනාවකි. සංවර්ධිත රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීමට සහ නිවර්තන වැසි වනාන්තර සඳහා නිවර්තන කලාප සංසදයක් පිහිටුවීම සඳහා වන යෝජනා දෙක ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරනු ඇත. 'කලින් ඇති කරගත් එකඟතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියනවා.' මේ අතර, නොවැම්බර් 28 වන දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) ඇතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බවයි. ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විදිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්යැයි අමාත්‍යවරයා එහි දී පැවසුවේ ය. කෙසේවෙතත් සහභාගිවන දුත කණ්ඩායම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි දී සඳහනක් නොකළේ ය.
සාගල කියන්නේ කවුදැයි ඇසු රොෂාන් රණසිංහ කවුද ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඊයේ (නොවැම්බර් 27) පාර්ලිමේන්තුව හමුවේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ වැඩි අවධානයක් යොමු විය. එම ප්‍රකාශය කර පැය 3ක් ගතවීමටත් පෙර ඔහු ධුරය දරමින් සිටි ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්‍ය ධුරයන්ගෙන් රොෂාන් රණසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව පසුගිය වසරක පමණ කාලයක් පුරා උණුසුම් පුවත් මවමින් ක්‍රීඩා ක්ෂේත්‍රය සමග බැඳුණු සිදුවීම් ගණනාවකට කතා නායකයා වූ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ දේශපාලන ඉතිහාසය පිළිබඳව බීබීසි සිංහල සේවය සොයා බැලීමක් කළේය. කවුද මේ රොෂාන් රණසිංහ ? අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන් 1975 වර්ෂයේ ඔක්තෝම්බර් මස 24 වෙනිදා උපත ලබා ඇත. පොලොන්නරුව රාජකීය විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති ඔහු පසුව ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් හැදෑරීම සඳහා 1993 වර්ෂයේදී ජපානය බලා ගොස් තිබේ. එලෙස ජපානය බලා ගිය රොෂාන් රණසිංහ කලක් එහි රැකියාවක නිරත වීමෙන් අනතුරුව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. නිව් යුරෝනිපොන් ඉන්ටර්නැෂනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් 2005 වර්ෂයේදී ලියාපදිංචි කරන ලද එම සමාගම යටතේ හිටපු අමාත්‍යවරයා වාහන අමතර කොටස් සහ වාහන අලෙවි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබිය. මෙම ආයතනයට අනුබද්ධිත ශාඛා වාද්දුව, පානදුර, දඹුල්ල, මාතර, වැලිසර, පොතුහැර සහ අම්පාර යන ප්‍රදේශවල පිහිටා තිබේ. එමෙන්ම එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ජපානයේ ද යුරෝනිපොන් සමාගමේ ශාඛා ඇත. විවාහකයකු වන හිටපු අමාත්‍යවරයාට දරුවන් දෙදෙනකු ද වේ. රොෂාන් රණසිංහ ගේ දේශපාලන ගමන් මග ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහගේ දේශපාලන ගමනේ මුල් ගුරුවරයා වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කරනු ලැබු රොෂාන් රණසිංහ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මනාප ජන්ද 56,223ක් හිමිකර ගනිමිනි. කෙසේවුවද 2015 වර්ෂයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් වීම හේතුවෙන් රොෂාන් රණසිංහ සිය සහයෝගය එවකට ජනාධිපති ධුරය සඳහා තරග කළ මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට තීරණය කරන ලදී. එම ජනාධිපතිවරණයෙන් පසුව 2015 වසරේ පැවති මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රොෂාන් රණසිංහ එවර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ මනාප ජන්ද 76,825 ක් හිමිකර ගනිමිනි. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය උදෙසා රොෂාන් රණසිංහ කැපවී කටයුතු කළේය. 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ පත් කරනු ලැබීය. 2020 වසරේ පැවති මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වදින රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මනාප ඡන්ද 90,615ක් හිමිකර ගනු ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි. එම මැතිවරණයේ දී ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මනාප ඡන්ද 111,137ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්විය. ඇවිදින මංතීරුව නිසා උණුසුම් වූ පොළොන්නරුව 2019 වසරේදී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ඔහු 2020 වසරේ අගෝස්තු මස 12 වෙනිදා ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපල සංවර්ධන පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු දිවුරුම් දෙනු ලැබිය. එවකට පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය 2021 වසරේදී ගත් තීරණයට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. කෙසේ වුවද මහා සංඝරත්නය සහ ගොවි සංවිධානවල අනුමැතිය ලබා ගෙන පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුව ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ වරක් ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සමග රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ප්‍රදේශයේ රජය නියෝජනය කරනු ලබන දේශපාලඥයින්ට ප්‍රබල විරෝධයක් එල්ල විය. මෙම විරෝධතාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුව ඉදිකිරීමේ ව්‍යපෘතිය අත්හිටුවීමට රජය තීරණය කරන ලදී. කැබිනට් අමාත්‍ය ධුරයක් දක්වා මේ අතර 2022 වසරේ දී රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට කැබිනට් අමාත්‍ය පදවියක් හිමිවිය. වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඔහු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ආර්ථික අර්බුදය හමුවේ පැන නැගුණු මහජන විරෝධය උග්‍ර වීම හේතුවෙන් රටින් පලා ගොස් තමා ධුරයෙන් ඉවත්වන බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කොට තිබු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා බවට පත්විය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ දී රොෂාන් රණසිංහට ඔහු ඊට පෙර දරනු ලැබූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරය සහ වාරිමාර්ග ‍අමාත්‍ය ධුරය හිමිවිය. කතාබහට ලක්වූ ක්‍රීඩා අමාත්‍ය ධූරය ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ගනු ලැබූ තීරණ සමාජයේ නිරන්තර අවධානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තහනම් කිරීමට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීම වැනි තීරණ නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ භූමිකාව ආන්දෝලනාත්මක එකක් විය. පසුගිය සති කිහිපය පුරා ඔහු දේශපාලන පිටියත්,මාධ්‍ය ලෝකයත් නිරන්තරයෙන් උණුසුම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සමග වර්ධනය වී තිබු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි. එය එතනින් නොනැවතී මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වාත් ඊයේ දිනයේ දී ඔහුගේ අමාත්‍ය ධුරය අහිමිවීම දක්වාත් දිග්ගැසී තිබේ. දිගින් දිගටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන සාගල රත්නායක වෙත දෝෂා රෝපණ එල්ල කළ ඔහු ඊයේ දිනයේ (නොවැම්බර් 27) අවසාන වරට පාර්ලිමේන්තුව හමුවේ කළ කතාවේදී ජනාධිපතිවරයා 'තමන්ව කොටු කිරීමට සැලසුම් කරන බවට' ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක අදද, හෙටද අනිද්දාද කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් ඉදලා ඒකට වගකියන්න වෙයි.”යනුවෙනි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශයෙන් පැය කිහිපයක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ඔහුගේ අමාත්‍ය ධුර වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඉවත් කරනු ලැබීය.
මිලියනයක් ඉක්මවා ගිය සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් දෙන්න ශ්‍රී ලංකාවට හැකිද?
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන උත්සාහයේ දී සංචාරක තුළින් උපයන විදේශ විනිමය ඉපයීම වැඩි කර ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ. 2019 පසු ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවා යෑම මේ වසරේ වාර්තා වූ අතර 2023 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා පැමිණි මුළු සංචාරකයින් ගණන 1,125,255කි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර ගැන සංචාරකයෝ ඉතා සතුටින් කතා කරති. නමුත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම, වැඩිපුර මුදල් අය කිරීම, වැසිකිලි පහසුකම් නොමැති වීම, විදුලිය නොමැති වීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් සංචාරකයින් කණස්සල්ල පළ කරන බව BBC සිංහල සේවය කළ ගවේෂණයක දී අනාවරණය විය. විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවක් නොමැතිව ඇතැම් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඇති බව සංචාරක කර්මාන්තයේ නිරත වූ අය පැවසූහ. 'හැම අඩුපාඩුවක්ම ඇත්ත. මට තියෙන කණගාටුව ඇයි තවම මේවා හැදිලා නැත්තේ කියලා. මම දකින විදියට සංචාරක අමාත්‍යාංශය තුළින් සංචාරක කර්මාන්තයට කළ යුත්තේ 10%ක වැඩ කොටසක් විතරයි. මොකද සංචාරක ව්‍යාපාරයම කියන්නේ පුද්ගලික දෙයක්. හෝටල්, රෙස්ටුරන්ට්, සෆින් ක්ලබ් මේ හැම එකක්ම අයිති පුද්ගලික අංශයට. රජය අමාත්‍යාංශය තුළින් කරන්නේ නියාමනයන් ගේන එක. නීතිරීති දාන එක. අධීක්ෂණය කරන එක. බලපත්‍ර දෙන එක. නමුත් හරිම අවාසනාවකට මේ 10%ත් අද වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.'' යනුවෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ BBC සිංහල සේවයට පැවසුවා ය. නිෂ්පාදනය : ෂර්ලි උපුල් කුමාර
රොෂාන් රණසිංහ: ‘මාව කොටු කරන්න ජනාධිපතිතුමා ලස්සනට ප්ලෑන් කරනවා’
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මේ වන විට දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් බව කියන දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලකින් තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බව කියන ජීප් රථයක් වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා සොයා ගත් බව කියන සිද්ධියත් සමගය. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අද (නොවැම්බර් 27 වැනිදා) පවසා සිටියේ තමන්ව කොටු කර ගැනීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට රටේ විධායකය ද සම්බන්ධ බවයි. 'මාව කොටු කරන්න ජනාධිපතිතුමා ලස්සනට ප්ලෑන් කරනවා' ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණ තමන්ව කොටු කර ගන්න සැලසුමක් සකස් කළ බවයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ බව කියන මෙහෙයුමද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විස්තර කළේය. "දැන් ගිය සතියේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාව ෆ්‍රේම් කරන්න (කොටු කරන්න) ලස්සනට ප්ලෑන් කරනවා. ඒකට මම ස්තුතිය පුදකරනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත්. එතුමාට මුණගැහිලා තියෙනවා චරිත්ව සිනමන්ග්‍රෑන්ඩ් එකේදී. එතුමා එහිදී කියා තියෙනවා රොෂාන් අයියට පරිස්සම් වෙන්න කියන්න. රනිල් කියන්නේ නයෙක්, ඔය නයා කොයි වෙලාවේ රොෂාන් අයියට දෂ්ඨ කරයිද දන්නේ නැහැ කියලා. නයා හොඳයි, නයා පෙනේ පුප්පන්න ඕන වැරදි තැනට. ඒත් නයා දෂ්ඨ කරන්න හදන්නේ කාටද?මේ දුෂණය හොරකම වංචාව අල්ලලා දුන්නු මටද ? මේ 225 දෙනා ඇතුළේ ඉදලා එහෙයි එහෙයි කියලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාවලා දෙන්න මම කැමති නැහැ." "ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මම ගරු අධිකරණයට අපහාස කරනවා කියලා. මම එදා පැහැදිලිවම එදා කිව්වා මේ රටේ ගරු අධිකරණය සහ විනිසුරුවරුන් පිරිසිදුයි කියලා. අධිකරණය ගැන පැහැදිලි විශ්වාසයක් අපිට තියෙනවා. මම එතනදී කිව්වා එක විනිසුරුවරයෙකුගේ ලබැඳියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා." "මෙතන බැලුවේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ කියලා. මාව ෆ්‍රේම් කරන්න යැව්වේ වලානෙන්. එතකොට වලාන දුෂණ මර්දන ඒකකයේ ඉන්න මිනිස්සුන්ටත් හිතත් පපුවක් තියෙනවා නේ. මේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ ඉස්සෙල්ලාම යන්න කියල කුරුණෑගලට. ගියාට පස්සේ දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ගලේවෙලට යන්න කියලා. ගලේවෙලට ගියාට පස්සේ කිව්වා ඔය පාලම ළඟ දකුණට දැම්මම තියෙන්නේ යුරෝ නිපොන් එක. යුරෝ නිපොන් කියන්නේ රොෂාන් රණසිංහ ගේ ගෘප් එකේ ආයතනයක්. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන කටයුතු කරන්න. මගේ ආයතන වටලන්න අවශ්‍යයි කියලා කිව්ව නම් මගේ ආයතනයේ යතුරු කැරැල්ල මම ඔබතුමාට (කථානායකවරයාට) ගෙනල්ලා දෙනවා. ඔබතුමාට මම අද දෙන්නම් මගේ ආයතන අටේම යතුරු කැරැල්ල. මේවා එකින් එක පරික්ෂා කරන්න. ප්‍රශ්නයක් නැහැ." "නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කිව්වා මෙහෙම වාහනයක් තිබ්බා, බදු ගෙවලා නැහැ කියලා. ඊට පස්සේ යුරෝ නිපොන් ආයතනය වටලලා ගත්තේ කියලා. පුවත්පත් වල පලකරලා තියෙන අසත්‍ය ප්‍රවෘත්තිය බලන්න. මගේ ආයතනයේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ, යුරෝ නිපොන් ආයතනයට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහ ගේ නමට එකේ අයිතියකුත් නැහැ, මොනවාද මේ දාන්නේ. ඊට පස්සේ විජිත හේරත් මන්ත්‍රීවරයා එළියේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. දැන් මේ පත්තරෙනේ තියන්නේ." "දැන් මේ එක පැත්තකින් කියනවා මම අධිකරණයට අපහාසයක් කරන්න හැදුවා කියලා ජනාධිපතිතුමා කියනවා. එතැනින්ම ටීම් එකක් යනවා දඹුල්ලට. මොකද එක පැත්තෙන් ලස්සනට අධිකරණයට මම ගැන වෛරයක් ඇති කරනවා, මේ පැත්තෙන් කියනවා මේ මගේ එකක් කියලා අල්ලලා දාන්න කියලා. මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ ? මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ලක්ෂ 69 ජනවරමත් එක්ක. එතුමාට පුළුවන් ඕනෑම වෙලාවක මාව අයින් කරන්න. මම පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජනයාගේ ජන්දයෙන් ඇවිල්ලා. එහෙම පලිගන්න එපා. ඒ පලිගන්න කම් ආණ්ඩුවත්, විපක්ෂයවත් බලන් ඉන්නවද කියල මම දන්නේ නැහැ. ඕන දෙයක් කරන්න ඇරලා අගමැතිතුමා." "මගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක අදද, හෙටද අනිද්දාද කියලා දන්නේ නැහැ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් ඉදලා ඒකට වගකියන්න වෙයි. මේ යන විදිහට. හැබැයි මේ 134ක් ජන්දේ දුන්නේ එතුමාට ජනාධිපතිවෙලා අපෙන් පලිගන්නද කියලා ප්‍රශ්නේ තියෙනවා." අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලයේදී සිදුවු දෙය ගැන හෙළිදරව්වක් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතුරු කමිටු පත් කිරීමේදී එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවට වූ කැබිනට් නියෝගයක් ගෙන තිබීමද තමන්ට නොදන්වා සිදුකර ඇති එකක් බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් සිය කතාවේදී ඔහු දක්වා සිටියේ මෙවන් අදහසකි. "මේ විදිහට ගහනවා කැබිනට් නියෝගයක්. ඒක කැබිනට් එකේ හිටපු ඇමතිවරු දන්නේ නැහැ.1973 දී ක්‍රීඩා පනතෙන් ක්‍රීඩා අමාත්‍යවරයට බලය ලබාදී තියෙනවා අතුරු කමිටු පත් කරන්න කියලා. අපිට හොරු රකින්න බැහැ. නමුත් මේ කැබිනට් පත්‍රිකාවෙන් කියන්නේ මොකක්ද ? පනතෙන් දීපු බලය කැබිනට් මණ්ඩලය කියනවා අතුරු කමිටු පත් කරන්න එපා කියලා. පත්කරනවානම් කැබිනට් අනුමැතිය ගන්න ඕන." "මේක ගත්තු විදිහ කොහොමද ? මම ගිය සතියේ සඳුදා සවස 3 ට කැබිනට් මණ්ඩලයට. ක්‍රිකට් ගැන කැබිනට් පත්‍රිකාව අලි සබ්‍රි ඇමතිතුමා යොමු කළා. ඒ ගැන සාකච්ජා කළා. මම හිතුවා ක්‍රිකට් ගැන කතාව අවසන් කියලා. " "එදා සවස 4.20ට ඔබතුමාගේ (කථානායකවරයාගේ) ආරාධනය තිබ්බ නිසා මම පාර්ලිමේන්තුවට ආවා. ඊට දවස් 4කට පස්සේ මම දකිනවා මම බලනවා මේ වගේ කැබිනට් තීන්දුවක් අරන් කියලා. පස්සේ මම ඇමතිවරුන් කිහිපදෙනෙකුගෙන්ම ඇහුවාම ඔවුන් කිව්වා එහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා. කැබිනට් මණ්ඩලයේ මම ඉදලා, මගේ බලතල මම ම කප්පාදු කරගත්තා කියලා රටට කිව්වම ඒක ප්‍රශ්නයක්. මම එවෙලේ හිටියේ නැහැ." ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති බව කියන තවත් වංචා ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති බව කියන තවත් වංචා කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී හෙළිකර සිටියේය. ඔහු පැවසුවේ ක්‍රීඩාංගණවල LED තිර ගෙන ඒමේදී එම වංචා සිදුකර ඇති බවයි. "ක්‍රිකට් එකේ දුෂණ නැහැ කියන නිසා මේ ටිකත් කියන්න ඉඩ දෙන්න. මේ අය ගේනවා LED තිර ක්‍රීඩාංගණ තුනකට. මේ ආයතනය LED තිර ඇණවුම් කරන්නේ ටෙන්ඩර් එක ලබාදෙන්න දින දෙකකට කලින්. ඔන්න ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වෙන විදිහ. ගේන්නේ ඇමෙරිකානු ඩොලර් 29,000කට. ඒ කියන්නේ ලක්ෂ 97යි. රේගුවෙන් කියනවා මේ ගාන මදි ඒ නිසා තවත් අමතරව ඩොලර් 20,000ක් වැලියුව් කරලා තියෙනවා. ඒ අනුව බද්ද ගෙවලා තියෙනවා ලක්ෂ 65ක්. එතකොට සම්පුර්ණයෙන් ලක්ෂ 167ක් ගෙවලා තියෙනවා. මේක ටෙන්ඩර් එක දීලා තියෙන ගාන කියද දන්නවද ලක්ෂ 2,340ක්. තව පේමන්ට් කරන්න තියෙනවද දන්නේ නැහැ. මොකද ලියකියවිලි එවන්නේ නැහැ." "මේ ඊළඟ එක. මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමයේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා. ක්‍රීඩා විශ්වවිද්‍යාලය, ඒ වගේම ක්‍රිකට් භාණ්ඩ මිලදී ගැනීම්. මේ අනිත් එක. ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාන්න ලක්ෂ 720 කට සයිනෝමෙට් කියන ආයතනයට දෙනවා. මේ සයිනෝමෙට් කියන්නේ ක්‍රිකට් එකේ ඉන්න ඥාතීන්ගේ එකක්. මේක දීලා තියෙන්නේ උදය අලහකෝන් කියන කෙනාට උප කොන්ත්‍රාත්තුවක් ලබාදීලා තියෙනවා ලක්ෂ 280 කට. එතකොට ලක්ෂ 720 කින් ලක්ෂ 280 ක් අඩු වුනාම ඉතුරු එක ලාභය. මෙන්න ඊලඟ දුෂණය සහ වංචාව." ඔහු කියා සිටියේය. 'මගේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න' රටේ වංචාව දුෂණ ගැන කතා කළ තමන්ගේ ‘ජීවත් වීමේ අයිතිය’ ලබා දෙන ලෙස ද මෙහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියේය. "මම මේ රටේ කතා කලේ දුෂණය සහ වංචාව ගැනයි. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගිහින් කියනවා දුෂණය වළක්වන්න ඕන කියලා. එතකොට කොහොමද මම නොකියපු දෙයකින් අධිකරණය මාත් එක්ක තරහක් ඇතිකරන්න හදලා එක පැත්තකින් මාව ෆ්‍රේම් කරන්න හදනවා." "කියන්න බැහැ අර රන්ජන් කනකසබේ වගේ රේගු නිලධාරියා ළඟට සල්ලි මල්ලක් එකෙක් අරන් එනවා, ඒ එක්කම අල්ලස් දුෂණ කොමිසමෙන් ඇතුළට එනවා. කෝ ආරක්ෂාවක් ? අනිත් පැත්තෙන් කුඩු ටිකක් ගෙනල්ලා දායි. " "මම හැමදාම රොෂාන් රණසිංහ, අද මේ ඇමති මණ්ඩලයේ 30 දෙනා ඇතුළේ ඉන්න මගේ ආරක්ෂාව සහ මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම් පිලිබඳ මම කණගාටු වෙනවා. මේ රටේ මගේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න, මගේ බිරිඳ සහ දරුවෝ වෙනුවෙන් මට ජීවත් වෙන්න අයිතිය ලබා දෙන්න. ලෝකයේ වෙනත් රටවලට සරණාගත වීසා අරන් යන්න මම සුදානම් නැහැ.මේකට ඉඩ දෙන්න එපා." ඔහු කියා සිටියේය. ජනාධිපති උපදේශකට චෝදනාවක් මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජනාධිපතිවරයාගේ උපදේශකවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක හට ද චෝදනා එල්ල කර සිටියේය. තමන් ඇතුළු 134 දෙනාගේ ඡන්දයෙන් ජනාධිපතිවරයාව බලයට ගෙනාවේ, සාගල රත්නායක වැනි පුද්ගලයින්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව වාහන 4-5කින් ගමන් යන විට තමාට ලබාදී ඇති ආරක්ෂාව කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. මේ ක්‍රිකට් ප්‍රශ්නය අවසන් නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේදී එය අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිද කියා සිටියේය. "මගෙන් ජෝන්ස්ටන් මන්ත්‍රීතුමා ඇහුවා කවද්ද ඇමතිතුමා මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ කියලා. මට ඕන මේක ඉවර කරන්න. මේ විගණන වාර්තාවෙන් හෙළි කරපු රටේ ක්‍රිකට් විනාශ කරපු අය ගෙදර යවන්නනයි මට අවශ්‍යය. ඒ දේ දැන් කරන්න බැරි වුනොත් ඊළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා." අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රී නාමල් ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශය මේ අතර සිය කතාවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිදුකළ ප්‍රකාශය සත්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය. චරිත් නමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය. "පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙලා මේ බොරු කියන එක සහ ජනතාවට මඩ ගහන එක ගැන තියෙන ස්ටෑන්ඩින් ඔඩ්ර්ස් ඇමන්ඩ් කරන්න වෙනවා. නැත්නම් මේක සීමාවක් නැතිව තුන්වෙනි පාර්ශවයේ ප්‍රකාශ වෙනම තැනකට ගෙනියනවා. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. රොෂාන් ඇමතිතුමා කියන්නේ මගේ මිත්‍රයෙක්. මම එතුමාට චෝදනා කරනවා නෙමෙයි. ඒ නිසා මට අවශ්‍යනම් ඒක එතුමට ඒ ගැන කෙලින්ම කියන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න කියලා මම එතුමගෙන් ඉල්ලා සිටිනවා." මන්ත්‍රීවරයා පැවසුවේය. මෙහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නැවතත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ තමන්ට එම ප්‍රකාශය සිදුකළ තැනැත්තා වගකීමෙන් සිදුකළ එකක් බවට තමන් හමුවේ කියා සිටිය බවයි. නාමල් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අනුව තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට කැමති බවත්, තමන්ට එරෙහිව පලිගැනීමක් සිදුවෙමින් පවතින බවට පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් සමග කියා සිටිය බව ද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය. 'මගේ අතේ තාම ඒ කරගැට තියෙනවා' 1993 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ජපානයට ගිය තමන් එහිදී දැඩි කැපවීමක් දරමින් අධ්‍යාපනය හදාරන අතර වාරයේදී රටවල් 5ක ව්‍යාපාර ගොඩනැගීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය. "මම රට යනකොට මගේ අම්මා රුපියල් ලක්ෂයක් අතට දීලා කිව්වා, ' පුතේ මට දෙන්න තියෙන්නේ මෙච්චරයි කියලා.' මම ජපානයට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය හදාරන ගමන් ගොඩක් දුක් වින්දා. මම පාන්දර 5 ඉදලා රාත්‍රී 2 ක වෙනකම් වැඩ කරලා රටවල් 05ක ව්‍යාපාර ගොඩනැගුවා. මගේ අතේ තාම ඒ කරගැට තියෙනවා." ඔහු කියා සිටියේය. මුහුණ දෙන්න සිදුවූ අතීත සිදුවීම් මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු කිහිපයක් පිලිබඳව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ හෙළිදරව් කළේය. "මෛත්‍රිපාල සිරිසේන මහත්තයා බලයට ඇවිල්ලා ඉස්සෙල්ලාම, පොළොන්නරුවේ මගේ නිවසට ඇවිල්ලා පොලිසියෙන් කියනවා නිවසේ තිබ්බ සංස්ථා සිමෙන්තිවල තියෙන්නේ රාජ්‍ය ලාං‍ඡනය කියලා. එහෙම කියලා රාජ්‍ය ලාංඡනය තියෙන සිමෙන්ති තිබ්බා කියලා පොලිසියෙන් පැමිණිල්ලක් දානවා. පස්සේ මේක ජනාධිපතිවරයාට ආරංචි වෙලා පස්සේ පොලිසියෙන් අහලා තියෙනවා ' තමුසෙලාට පිස්සුද, ඔය රාජ්‍ය ලාං‍ඡනය තියෙන්නේ සංස්ථා සිමෙන්තිවල කියලා." "ඊට පස්සේ මම විපක්ෂයේ දේශපාලනය කරද්දී මම අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. මම හාල් පොල් විකුණන්නේ නැහැ. ඒ අමතර කොටස් ව්‍යාපාරයේ කන්ටේනර් 18ක් පරික්ෂා කරන්න මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ එතුමාගේ කණ්ඩායමේ නියෝග මත කටයුතු කළා. ඒ ඔක්කොම නිත්‍යානුකුලව ගෙනල්ලා තියෙද්දී." "එදා ලිප්ටන් වටරවුමේ කරපු උද්ඝෝෂණයේ වාහනයේ ඉඳලා මගේ වාහන 15ක් රස පරීක්ෂක ළඟට ගෙනිහින් පරික්ෂා කළා. ඒකයි මේ රටේ ජඩ දේශපාලනය. ඒ මම විපක්ෂයේ නිසා." ඔහු කියා සිටියේය. 'අහලා තියෙනවද මම පික්පොකට් ගහලා කොමිස් ගහලා කියලා ?' 2009 වසරේදී දේශපාලනයට පැමිණි තමන් කොමිස් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ගෙන ඇති බවට කවුරුන් හෝ ප්‍රකාශ කර තිබේදැයි මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. "මේ රටේ එක නීතියක් දුෂණයෙන් තොර රටක් කියන තේමාවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට හදයි කියලා රටේ මිනිස්සුන්ට විශ්වාසයක් තියද්දී මටත් ඒ විශ්වාසය ආවා. දන්නවානේ සිරිසේන ජනාධිපතිවරයා, එතන මුදල් බලය, පවුල් බලය, විධායකය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට බලය. ඒ ඔක්කොමත් එක්ක දත් 32ක මැද තියෙන දිව මගේ මම වැඩ කළා." "මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ වැඩ කළා. ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට වැඩ කළා. අහලා තියෙනවද රොෂාන් රණසිංහ ඇමතිවරයා එක රුපියලක් පික්පොකට් ගැහුවා කොමිස් ගත්තා කියලා. එක චෝදනාවක් එල්ල වෙලා තියෙනවාද?" ඔහු විමසා සිටියේය. 69 ලක්ෂයේ ජනවරම සමග පාර්ලිමේන්තුවට තමන් පැමිණි පිරිස සමග රටේම වැඩිම ප්‍රතිශතයක් ජන්ද හිමිවූ දසවැනියා තමන් බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය. අමාත්‍ය ධුර වලින් ඉවත් කෙරේ කෙසේ වෙතත් අද (නොවැම්බර් 27 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කළ මෙම විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුර වලින් ඉවත් කරනු ලැබ තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව සියලු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කරනු ලබන බවයි.
ඉල් මහේ උතුර - දකුණ සමරන විරුවන්
ශ්‍රී ලංකාවේ උතුරත් - දකුණත් තම අයිතීන් වෙනුවෙන් දිවි දුන් විරුවන් ස්මරණය කරන මාසය නොවැම්බරය යි. උතුරේත් දකුණේත් ජනතාව සිය අයිතීන් වෙනුවෙන් විවිධ අවස්ථාවලදී සන්නද්ධ අරගලවලට යොමුවූ අතර බොහෝ දෙනෙකුට තම ජීවිත වලින් වන්දි ගෙවන්නට විය. තවත් බොහෝ පිරිසක් අතුරුදහන්වුවන් අතරට එක්වුහ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදි පක්ෂය ප්‍රමුඛ පිරිස් දකුණේ දී 'ඉල් මහා විරුවන්' ලෙස එම පිරිස් ස්මරණය කරද්දි උතුරු නැගෙනහිර ජනතාව තම අයීතින් වෙනුවෙන් සටන් කර දිවි දුන් තම ඥාති හිතමිත්‍ර ආදීන් 'මහා විරුවන්' ලෙස අනුස්මරණය කරති. දකුණේ ජනතාවට බාධාවකින් තොරව එම විරුවන් ස්මරණය කිරීමට හැකි වුවත්, උතුරේ ජනතාවට තවමත් එම අනුස්මරණය කිරීම් පවත්වන්නට සිදුව ඇත්තේ, විවිධ වූ තහංචි හා බාධා මැදය. 'නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇත' “අපිට දුකයි තමයි, එයා සමාජයට කරපු යහපත් දෙයක් නිසා එයා ජීවත් වෙලා ඉන්කොට ලබාගන්න දේට වඩා එයා මැරිලා දීපු ආදර්ශ ගැන අපිට හැඟීමක් තියෙනවා.” යැයි තම වැඩිමහල් සොහොයුරා ගැන අභීමානයෙන් යුතුව අදහස් පළ කළ ගාල්ල, හවුපේ පදිංචි ශාන්ත සමන්සිරි බීබීසි සිංහල සේවයට කියා සිටියේය. 1987 දී ජාතික ප්‍රශ්නය විසඳීමේ අරමුණින් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජය හා ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ගේ රජය එක්ව අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීම සහ එජාප පාලනයට එරෙහිව ජනතාව විමුක්ති පෙරමුණ නායකත්වය දුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කළේය. එම කැරැල්ලේ දී දහස් ගණන් තරුණ තරුණියන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වු අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් විය. 1989 නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මරණයට පත් වූ අතර සෑම වසරකම එම දිනය කැරැල්ලෙන් මිය ගිය සියලු දෙනා අනුස්මරණය කර 'ඉල් මහ විරු සමරුව' ලෙස සැමරේ. “අපේ අයියා තමයි හවුපේ ඉස්කෝලෙන් එකටම විශ්ව විද්‍යාලයට තේරුණු කෙනා, එයා ගියේ කොළඹ කැම්පස් එකට. අපේ තාත්තාත් වාමාංශික අදහස් තිබුන කෙනෙක්. අයියාත් ඒ වගේමයි. අයියා ගියේ කොළඹ කැම්පස් එකට ඒ ගියාට පස්සේ අන්තරේ එක්ක වැඩ කළා. අවුරුද්දක් දෙකක් යද්දි රටේ තිබුණ කලබල එක්ක කැම්පස් වහලා දැම්මා ඊට පස්සේ අයියා ගමට ආවා.” යි අතීත මතක හාරා අවුස්සමින් සමන්සිරි කියා සිටියේය. හවුපේ පාසලින් කොළඹ විශ්ව විද්‍යාලයට තේරී පත්වු සමන් රංජිත් පවුලේ වැඩිමල් දරුවා වු අතර ඔහු ගමේ කා අතරත් කැපී පෙනෙන පුද්ගලයෙකු වූ බව ඔහුගේ සොයුරු සමන්සිරි බීබීසී සිංහල හා කළ කතාබහේ දී සඳහන් කළේය. “අපේ තාත්තාට කඩයක් තිබුණා ගෙදර ආවාට පස්සේ අයියා ඕකේ වැඩට උදව් වෙන්න ගියා. දවසක් අයියා කඩේට වතුර ගේන්න යද්දි හමුදාවෙන් ඇවිත් අල්ලගෙන යනවා. අල්ලගෙන ගියාට පස්සේ අපිට හොයාගන්න බැරි වෙනවා. අම්මයි තාත්තායි හැමතැනම හොයලා ගාල්ල හිල්ටොප් කඳවුරේ ඉන්නවා කියලා ආරංචියක් එනවා. පස්සේ අයියා ඒකේ ඉඳලා තාත්තාලා ඒකෙන් බේරගෙන අයියාව උසාවි දාලා රිමාන්ඩ් කරලා තියෙලා, පස්සේ ඇප දීලා බේරගත්තා.” “ඔය කාලයේ දේශප්‍රේමී අරගල උග්‍ර වුණානේ එතකොට මෙයා ඒවාගේ නායකත්වය අරගෙන වැඩ කළා. එතකොට දිගටම ආමි එකෙන් ඇවිත් මෙයාව හෙව්වා. කඩේට ඇවිත් නිතරම අපිට කරදර කරනවා. අම්මා තමයි අයියාගේ යාලුවෝ ආවාත් ඒ අයට සලකන්නේ, ඒ නිසා ආමි එකෙන් අම්මාට ගොඩක් කරදර කළා. සෑහෙන වෛරකින් හිටියා අම්මා එක්ක” සමන්සිරි සිය සොහොයුරාගේ අනීතික ඝාතනය ගැන අමිහිරි මතකය වේදනාබරව අප වෙත කියා සිටියේය. “අයියා ගෙදර ඉන්න බය නිසා වෙනත් තැනක හිටියේ. පක්ෂයට සම්බන්ධ එයාගේ වෙනත් යාලුවෙකුත් එක්ක. ඔහොම ඉද්දි 1989 දෙසැම්බර් 23 උදේ පාන්දර මුලු ගමම වට කරළා, හැම ගෙයක් පිටිපස්සෙම ආමි එකන් ඉන්නවා. ඊට පස්සේ අයියලා නැගිටලා එනකොට උදේ 6.20 ට ඒ දෙන්නට වෙඩි තියලා. අපි ගෙදර ඉන්නකොට අපිට සද්දේ ඇහුනා.” යැයි ඔහු පැවසීය. “අයියාලාව මරලා හන්දියට ගෙනල්ලා බලෙන්ම ගමේ මිනිස්සුන්ට හන්දියට එන්න කියලා. අපි කාටවත් එතනට එන්න දුන්නේ නෑ. අම්මලාට එහෙම තුවක්කු තියාගෙන හිටියේ. ගමේ මිනිස්සු ඉස්සරහා අපේ අයියලාට අගෞරව වෙන විදියට එක එක දේවල් කියද්දි ගමේ මිනිස්සු බැනලා තියෙනවා. එක ආච්චි කෙනෙක් කෑගහලා අඬලා තියෙනවා මේ අහිංසක කොල්ලෙක්, ඇයි මැරුවේ කියලා.” “අපේ අම්මට ආමි එකෙන් කිව්වා විමුක්තිය හොයාගෙන ගිය උඹේ පුතා අන්න ඇළේ ඉන්නවා කියලා. එතකොට අපේ අම්මා කිව්වා මගේ පුතා විමුක්තිය හොයාගෙන ගියේ උඹලාටත් එක්ක තමයි කියලා. පාරේ ගිය වාහනයක් නතර කරලා අයියලා ඉදගෙන ඉන්නවා වගේ බැඳලා තමයි ඒ අය බෝඩි අරගෙන ගියේ. සිංදු කිය කිය බජව් දදා තමයි උන් අයියලාව අරන් ගියේ. අපිට ළඟටවත් යන්න දුන්නේ නෑ. අපි කෑගහලා අඬද්දි අපිට තුවක්කු දික්කරලා අම්මාටත් ගහලා තමයි ගියේ.” යැයි වේදනාබර අතීතය අසීරුවෙන් හරා අවුස්සමින් ඔහු කියා සිටියේය. මරා දැමු සමන්ගේ දේහය ඔහුගේ පවුලේ උදවියට ලබා දී නැති අතර පසුව දැනගන්නට ලැබී ඇත්තේ ඔහුගේ සිරුර ටයර් දමා පුලුස්සා ඇති බවය. පසු කලෙක “නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇත.” ලෙස සමන් ගේ මරණ සහතිකය ලබා දීමට උත්සාහ කර ඇතත් පවුලේ උදවිය එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ගේ ඉල්ලා ඇත්තේ රජයේ හමුදා විසින් හෝ රජය විසින් ඝාතනය කළ ලෙස ඔහුගේ මරණ සහතිකය ලබා දෙන ලෙසයි. 'අපේ දරුවන් ව ආයුධ ගන්න තැනට රජයත්, හමුදා යාන්ත්‍රණයත් තල්ලු කළා' “මගේ දරුවන් ව අහිමිවුණු එක මටත් මගේ පවුලටත් ලොකු වේදනාවක් වුණත්, මේ දේශයට විමුක්තියක් ලැබෙන්න ඕනේ.” යි මහවිරු පවුලක සාමාජිකයකු වු සුබ්‍රමණියම් පරමානන්දම් බීබීසි සිංහල සේවයට කියා සිටියේය. දෙමළ ජනයා වෙනුවෙන් ස්වයං තීරණ අයිතිය හා වෙනම නිජබිමක් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් නායකත්වය දුන් LTTE සංවිධානය යුදමය වශයෙන් 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකා හමුදා විසින් ජරාජය කළද LTTE සංවිධානය උතුරු නැගෙනහිර පාලනය හොඹවන කාලයේ සිටම සෑම වසරකම නොවැම්බර් 27 වැනිදා තම අරමුණු වෙනුවෙන් දිවි දුන් අයවලුන් ස්මරණය කරන අතර ඔවුන් 'මහවිරුවන්' ලෙස මහජන ගෞරවයට ලක් කරයි. එම මියගිය අයගේ පවුල් 'මහවිරු පවුල්' ලෙස හඳුන්වනු ලබන අතර හමුදා, පොලිස් බාධා හා තහංචි මැද අදටත් එම පවුල්වල උදවිය තම මිය ගිය සාමාජිකයින් සිහිකරන 'මහවිරු උත්සවය' පවත්වනු ලබයි. කිලිනොච්චිය, වවුනික්කුලම් හි දිවි ගෙවන සුබ්‍රමණියම් පරමානන්දම් ද මහවිරු පවුලක සාමාජිකයකු වන අතර හිටපු LTTE සාමාජිකයකු වු ඔහු තම පුතුන් හතර දෙනෙකු LTTE සංවිධානයට භාර දී තිබුණි. ඉන් දෙදෙනෙකු යුද්ධයේ දී මිය ගොස් ඇති අතර තවත් අයෙකු අතුරුදහන්ව ඇත. පරමානන්දම් ගේ වැඩිමහල් පුතු යුද්ධයේ දී හිසෙහි වැදුණ බෝම්බ කැබලි සහිතව ජීවත් වෙයි. “අපිට නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියන අරමුණ ඇතිව ජීවිතය පූජා කරපු අය විදිහටත් මමත් මගේ පවුලේ අයත් මේ ගැන ආඩම්බර වෙනවා. අද පවතින ආර්ථික ගැටලු එක්ක මේ අහිමි වීම් ලොකු ගැටලුවක් වුණත් අපගේ භූමියට නිදහසක් ලැබෙන්න ඕනේ. අපේ ජනයා නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියන පිවිතුරු හැඟීමෙන් මගේ දරුවන් ජීවිතය පූජා කරලා තියෙනවා. ඒ වගේම අතුරුදන් කිරීමට ලක් වෙලා තියෙනවා. මේ දේශයට ආදරය කළ කෙනෙක් හැටියටත් දෙමාපියන් හැටියටත් අපි ගොඩාක් ආඩම්බර වෙනවා.” සුබ්‍රමණියම් පරමානන්දම් ඇතුලුව මහවිරු පවුල්වල සාමාජිකයින් උතුරු නැගෙනහිර පුරා මෙවර ද මහවිරු සැමැරුම පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර රජයෙන් කෙරෙන බාධා කිරිම් ගැන ද ඔහු අදහස් පළ කළේය. “අපේ දරුවන් ව වන්දනා කරන එකට රජය බාධා කරන්න හොඳ නැහැ. මේකට සංවිධානයට අයත් කිසිම සංකේතයක් භාවිත කළේ නැහැ. දරුවන්ගේ දෙමාපියන් තමා මේක කළේ. මේ සැමරුම්වලට රජය බාධා කරන්න හොඳ නැහැ කියලා ඉල්ලනවා. මේ වෙද්දී නිදහස් කරලා තියෙන සොහොන්වලට අමතරව අනෙක් සොහොන්වලට ගිහින් දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට වන්දනා කරන්න අවසර දෙන්න ඕනේ.” “අපේ දරුවන් වෙනුවෙන් එක දවසකට පහන් පත්තු කරලා වඳින්නත්, අනිත් දවස්වලට දෙමාපියන්ට සොහොනට ඇවිත් යන්න රජය ඉඩ දෙන්න ඕනේ. දැන් සොහොන් කිහිපයක් නිදහස් කරලා තියෙනවා වගේ හමුදාව අත්පත් කරගෙන ඇති සොහොන් රජය නිදහස් කරන්න ඕනේ. එහෙම තැත්නම් විදේශ ගතව ඉන්න අපේ ඥාතීන් සහ විදේශ රටවල් ජාත්‍යන්තර නීතියට අනුව මැදිහත්වීමක් කරලා, මිය ගිය අයව ස්මරණය කිරීමට අපිට තියෙන අයිතිය තහවුරු කරලා, අපේ දරුවන් නිදන සොහොන්වලින් හමුදාව ඉවත් කරලා දෙමාපියන්ට වන්දනා කරන්න සුදුසු පරිසරයක් ඇති කරන්න ඕනේ කියලා ඉල්ලනවා.” යි ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේය. දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගත් නිසා දෙමළ ජනයා ආයුධ සන්නද්ධ අරගලයට යොමු වු බව පවසන ඔහු යුද්ධය නිමා වුවද දෙමළ ජනයාගේ අයිතීන් තවමත් ලැබී නැති බව පැවසීය. “අවුරුදු 30ක් විතර මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න දෙමළ ජාතිකවාදී නායකයන් උත්සහ කළා. ඒකෙන් හරි ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා අපේ දරුවන් ව ආයුධ ගන්න තැනට ශ්‍රී ලංකා රජයත්, හමුදා යාන්ත්‍රණයත් තල්ලු කළා. ඒ තල්ලු කිරීම නිසා 35,000කට වැඩි අපේ දරුවන් ජීවිතය පූජා කරන තැනට ගියා. අද වෙනකම් තිබුණ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිලා නැහැ.” යි සුබ්‍රමණියම් පරමානන්දම් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
Online ණය වින්දිතයන්ගේ කතාව: 'ඔවුන් මට හරිම නින්දිත දේවල් කියමින් තර්ජනය කළා'
ඔබත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යයේ සැරිසරන විට පහසුවෙන්, ඉක්මනින්, ලියකියවිලි නොමැතිව ණයක් ලබා ගන්නා ලෙස පළ කරන ලද ආකර්ෂණීය දැන්වීම් දැක තිබේ ද? එසේත් නොමැති නම් ඔබේ ජංගම දුරකථනයට එවැනි අන්තර්ගතයන් සහිත පණිවුඩ ලැබී තිබේ ද? එවැනි පණිවුඩ හෝ දැන්වීම් නිසා Online ණය ලබා ගෙන ඒවා ගෙවීමට නොහැකිව ගැටළු ගණනාවකට මුහුණ දෙමින් සිටින වින්දිතයෝ විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටිති. කිසිදු නීතිමය පසුබිමක්, කාර්යාලයක් හෝ නොමැතිව පවත්වාගෙන යන මෙම Online ණය ලබා දෙන මූල්‍යායතන එල්ල කළ පීඩනය දරාගත නොහැකිව මෑතක දී ඉන්දියානු පවුලක් සිය දරුවන් සමඟ සියදිවි නසා ගැනීමත් සමඟ ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. එම පවුලේ අයට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා ගත් ඇමතුම් ශ්‍රී ලංකාවේ සිට ගත් ඒවා බවට ඉන්දීය පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව සම්න්ධයෙන් ද ඔවුන් අවධානය යොමු කර තිබේ. භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකට එදිනෙදා වියදම් පවා පියවා ගැනීමේ අපහසුතා පවතියි. එවැනි අවස්ථාවක දී බොහෝ පිරිස් ණයක් ගැනීමට පෙළඹිය හැකිය. මෙවැනි මාර්ගගත ක්‍රම හරහා ලබා දෙන ණය මුදල් ඉක්මනින් ලබා ගැනීමට හැකි නිසා බොහෝ අය මෙම ජාවාරමේ බිල්ලක් බවට පත් වී තිබේ. ණය මුදල ලබා ගැනීමේ දී සම්පූර්ණ කළ යුතු පියවර, එම ණය දෙන ආයතන ඒ ජංගම දුරකතන යෙදවුමක් හරහා සිදු කෙරෙන අතර එම පියවර මඟින් ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකතනයට සහ ඩිජිටල් අනන්‍යතාවයන්ට ඇතුළුවීමේ හැකියාව එම ආයතන වලින් ලබා ගෙන තිබේ. අධික පොළියක් අය කරන මෙම ආයතන වලින්, ණය ලබා ගත් පුද්ගලයාට ණය ගෙවීමට නොහැකි වූ විට ඔවුන්ව Blackmail කිරීම මෙන්ම වැල්පොලී ගණනය කර එම ණය මුදල් අය කර ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ද එලෙස අගතියට පත් වින්දිතයන් විසින් මාධ්‍ය හමුවේ හෙළිදරවු කරන ලදි. 'අයිඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තම පේන විදිහට සෙල්ෆි දෙකක් ගහලා එවන්න කිව්වා' බීබීසී සිංහල එවැනි වින්දිතයෙකු සම්බන්ධ කරගත් අතර ඇය ද මෙවැනි Online ණය මුදලක් ලබා ගෙන විවිධ අන්දමේ වාචික හිංසනයන්ට ගොදුරු වූ කාන්තාවකි. රිව්‍යා සුබ්‍රමණියම් කොහුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවකි. ඇය CamelShip නැමැති online ණය ලබා දෙන ආයතනයකින් පළමු වරට ණයක් ලබා ගෙන තිබෙන්නේ පසුගිය වසරේ, එනම් 2022 ජනවාරි මාසයේ දීය. "මට හදිස්සි සල්ලි අවශ්‍යතාවයකට තමයි මම පළවෙනි ණය ගත්තේ. ඒ රුපියල් 5000ක්. ඒක මම සතියක් ඇතුළත 7000ක් විදිහට ගෙව්වා. පොළිය සතියකට රුපියල් 2000ක් ගත්තා," රිව්‍යා පවසයි. රිව්‍යාට ද මුලින් සඳහන් කළ ණය ලබා ගැනීමේ පියවර අනුගමනය කිරීමට සිදුවී ඇත. "පළවෙනි ණය ගන්නකොට අයිඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තම පේන විදිහට සෙල්ෆි දෙකක් ගහලා එවන්න කිව්වා. මම ඒ දෙකම යැවුවා. ඊට පස්සෙ ඇප් එකකින් දේවල් ටිකක් කරන්න කිව්වා. මට ඒවා හරියට තේරුණේ නෑ. ඒ කට්ටිය කියපු විදිහට කළා," ඇය පැවසුවා ය. ඇය සිය තෙවන ණය මුදල ලෙස රුපියල් 40000ක මුදලක් ලබාගෙන තිබෙන අතර එය මාස දෙකක් ඇතුළත ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇත. නමුත් ඇය පවසන්නේ ඇයගේ අසනීප තත්ත්වයක් නිසා ණය මුදල නියමිත කාලයේ දී ගෙවා අවසන් කිරීමට නොහැකි වූ බවයි. "මම මේ ණය ගෙවාගෙන යද්දි හදිසියේම අසනීප වුණ නිසා ඒ ආයතනයට කතා කරලා කිවුවා මට ටික දවසක් දෙන්න කියලා. එතකොට මට ඒ කතා කරපු ගෑනු කෙනා හොඳටම බැන්නා. එතකොට මම කිවුවා මම කලින් ණය ගෙවලා තියෙන නිසා මේකට පොඩි කාලයක් දෙන්න කියලා. නමුත් සතියකින් දෙකකින් 40000ට දෙගුණයක් තුන්ගුණයක් පොලිය එකතු කරලා ගෙවන්න කිය කියා කරදර කළා." වාචික හිංසන රිව්‍යාට ද සිය ඡායාරූප විකෘති කර පළ කළ හිංසනයන්ට හා වාචික හිංසනයන්ට ගොදුරු වීමට සිදුව තිබේ. "මෙයාලා මුලින් ම මගේ Contact List එකේ නම තියෙන හැමෝටම මම වංචාකාරයෙක් කියලා මැසේජ් යවලා තිබුණා. ඊට පස්සෙ මම අයිඩෙන්ටිය අතේ තියන් ගහපු ෆොටෝ මම ඉන්න වට්සැප් ගෲප් වලට දාලා මම වංචාකාරයෙක් කියලා දාලා තිබුණා," ඇය විස්තර කරයි. "ඊට පස්සෙ මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් මගේ ෆොටෝ එකක් එක්ක එඩිට් කරලා අපි දෙන්නගෙ අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා මගේ Contact List එකේ අයට යවලා තිබුණා." ඉන්පසුව ඇය පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පළමු අවස්ථාවේ දී එම ආයතනයේ කළමනාකරුවෙකු යැයි පැවසු පුද්ගලයෙකු පොලිසියට පැමිණි බව ඇය පැවසුවාය. එහි දී පොලිසිය විසින් එවැනි 'blackmail' කිරීම් නවත්වන ලෙස ඔහුට පවසා පිටත් කළ බව ඇය පවසයි. එදින තවත් එවැනි 'balckmail' කිරීම්වලට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකු ද කොහුවල පොලිස් ස්ථානය වෙත පැමිණිලි විභාග කිරීමට පැමිණ තිබේ. නමුත් දිගින් දිගටම සිදු වූ තර්ජන හමුවේ නැවත නැවත පොලිස් පැමිණිලි ඉදිරිපත්කළ නමුත් එම ආයතනයේ කිසිවෙකුත් පොලිස් ස්ථාන වෙත පැමිණ නැත. "මට හරිම නින්දිත යෝජනා පවා මේ අය කතා කරලා කළා," ඇය තමාට සිදු වූ වාචික හිංසනයන් පිළිබඳව බීබීසී සිංහල වෙත හෙළිදරවු කළා ය. "ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මට සැරෙන් සැරේ කතා කළා. හරිම ජරා යෝජනා කළා. පිරිමි කෙනා කතා කරලා කිවුවා ණය ගෙවන්න ඕනෙ නම් දවස ගානෙ ඒ ආයතනයට ඇවිත් ඒගොල්ලොන් එක්ක හිටියොත් දවසකට 'රුපියල', ගානෙ අඩු කරන්නම්. නැත්තම් ණය ගෙවන්න කියලා." "කතා කරපු ගෑනු කෙනා බැන්නෙම මට මගේ තාත්තා එක්ක හරි ඉඳලා සල්ලි ඉල්ලගෙන සල්ලි ගෙවන්න කියලා. මේ තර්ජන නිසා මම ගොඩක් මානසික පීඩනයෙන් ඉන්නෙ. තාමත් සැරින් සැරේ මට කෝල් ගන්නවා." බීබීසී සිංහල සේවය විසින් Camel ship නැමැති මෙම ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ මේ සම්බන්ධයෙන් විමසීමට එම ආයතනය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද ඔවුන්ගේ වෙබ් අඩවියේ කිසිදු දුරකථන අංකයක්, ඊමේල් ලිපිනයක් හෝ කාර්යාලයක් පවත්වාගෙන යන ලිපිනයක් සඳහන් කර නොමැති බව නිරීක්ෂණය විය. ඔවුන් විසින් මීට පෙර වින්දිතයින්ට ඇමතුම් ලබා ගන්නා ලද දුරකථන අංකද විසන්ධි කොට තිබුණි. කෙසේ වෙතත් රිව්‍යාගේ මේ කතාවට සුළු සුළු වෙනස්කම් සහිතව මෙවැනිම අත්දැකීම්වලට මුහුණ දුන් විශාල පිරිසක් සිටිති. සේවය කරන ආයතනවලට කතා කර තර්ජනය කිරීම් හා බොරු ප්‍රචාර සිදු කිරීම් හේතුවෙන් ඇතැමුන්ට රැකියා හැර යාමට පවා සිදුව තිබේ. Online ණය වින්දිතයන් එක්ව මෑතක දී පැවැතුවූ මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ කාන්තාවක් පැවසුවේ ඇයගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ අංකවලට පවා ඇමතුම්ගෙන ඔවුන්ව ඇපයට තබා ණය මුදල් ලබා ගෙන ඇති බවට පවසා ඇති බවයි. එවැනි සිදුවීම් නිසා ඇයගේ දරුවන් ද මානසික පීඩාවට පත් වී පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගත වී ඇති බව ඇය ප්‍රකාශ කළා ය. මෙවැනි අවස්ථාවකදී ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ ද? ශ්‍රී ලංකාව තුළ මූල්‍ය කටයුතු සිදුකරන මූල්‍ය ආයතන අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි විය යුතු අතර ඒවායේ මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය ද අවධානයෙන් පසුවන්නේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැනි ක්‍රියා නැවැත්වීම සඳහායි. කෙසේනමුත් මෙවැනි ණය ලබාදෙන ආයතන ක්‍රියාත්මක වන්නේ මහබැංකුවේ කිසිඳු ලියාපදිංචියකින් හෝ අවසරයකින් තොරවයි. මොවුන් විශාල පොලී ප්‍රතිශතයක් අය කරන්නේ මහබැංකුව නියමකර ඇති පොලී අනුපාතයන් ද ඉක්මවා යමින් ය. ඒවා සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති පසුබිමක මෙම Online ණය ලබා දෙන ආයතනය බූවල්ලෙකු මෙන් ණය ලබාගන්නා පුද්ගලයන්ව බිල්ලට ගනිමින් සිටියි. මෙවැනි අවස්ථාවකදී ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල විමසීමක් කරනු ලැබීය. “මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් දාන්න. දැම්මොත් අපි විමර්ශනයක් කරනවා. පැමිණිල්ලේ තොරතුරු අනුව වරදක් අනාවරණය වුනොත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ “මෙවැනි ගනුදෙනු වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසය.” “රටේ තියෙන සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා අසාමාන්‍ය ලෙස අඩු පොලී අනුපාතයක් පෙන්වනවා නම්, සාමාන්‍ය ණයක් දෙනවාට වඩා අසාමාන්‍ය විදිහට විශේෂ යෝජනා ඉදිරිපත් කරනවා නම් ප්‍රායෝගිකව කරන්න බැරි. හඳුනාගෙන මේවාට යන්න. විශේෂයෙන්ම නන්නාඳුනන ජංගම දුරකථන , වට්ස් ඇප් වලින් එන. මේවා ගැන හොඳින් කල්පනා වෙන්න.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
'මට සපත්තු දාලා පුරුදු නැහැ' - ශ්‍රී ලංකාවට පදක්කම් 3ක් දිනා දුන් 72හැවිරිදි ධාවන ශූරිය
වයස අවුරුදු 72 ක් යනු මෙරට වැඩිහිටියන්ගෙන් බහුතරයක් නිවෙස් තුළටවී කුමන හෝ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් විවේකීව සිටින සමයකි. එහෙත් මුලතිව්, මුල්ලියාවේ පදිංචි අකිල තිරුනායකි වයස අවුරුදු 72 දි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර දිවීමේ තරග වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දිනාදීමට සමත්වූවාය. පිලිපීනයේ පැවති 22 වන ආසියානු මාස්ටර්ස් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 1500 හා මීටර් 5000 දුරදිවීමේ තරග වලින් මෙරටට රන් පදක්කම් හා මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක්ද, මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් කුසලතා සම්මානයක් දීනා ගැනීමට තිරුනායකි සමත් විය. තිරුනායකි බන්ධනාගාර ආරක්ෂක නිළධාරිනියක් ලෙස වසර 36 ක් සේවය කොට ඇති අතර, ඇය බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවැත්වූ තරගාවලි රැසකදී ද ජයග්‍රහණ ලබා ඇත. තමන් කුඩා කළ සිටම ක්‍රීඩාවට සමත්කම් දැක්වූ බවත්,තමන්ට සපත්තු දමා තරගවැදීමට අපහසු බැවින් තමන් කිසිදු තරගයකට සපත්තු පැළඳ තරග නොකරන බව ඇය සඳහන් කළාය. කෙසේවෙතත් ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා සපත්තු පැළඳ සහභාගි වීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ඔලිම්පික් තරගයක් වෙනුවෙන් සහභාගිවී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීම තමන්ගේ බලාපොරොත්තුව බව ඇය ප්‍රකාශ කළාය.
කඨීන පෙරහැර: එදා සහ අද ගැන විමසා බැලීමක්
වෙසක්, පොසොන්, ඇසළ යන ප්‍රධාන බෞද්ධ පූජෝත්සවවලට නොදෙවෙනි කඨින චීවර පූජෝත්සවය මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවැත්වේ. එයින් ද ඔබ්බට ගොස් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව වාසය කරන වෙනත් රටවල පවා කඨින චීවර පූජෝත්සවය පවත්වන දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල හුවමාරු විය. බුදුන්වහන්සේ ජීවමානව සිටි සමයේ දී ආරම්භ වූ මෙම කඨින චීවර පූජාව, ශ්‍රී ලංකාවේ මේවන විට විවිධ සංස්කෘතිකාංග සමඟ වර්ධනය වී තිබේ. කඨින චීවරය පන්සලට භාර දීමට මත්තෙන් ගම පුරා සිටින උපාසක උපාසිකාවන්ට චීවරට අත ගසා නමස්කාර කිරීම සඳහා කඨින චීවරය ගම පුරා වැඩැමවීම සිදුවේ. එය කලින් කලට එක් වූ විවිධ සංස්කෘතිකාංග සහිත ව පෙරහැරක් ලෙස වර්ධනය වි ඇත. එම කඨින පෙරහැර සම්බන්ධව මේ වන විට විවිධ මත පලවෙමින් ඇති අතර, ඊට එක් වී ඇති විවිධ අලුත් අංග පිළිබඳ ඇතැමුන්ගෙන් එල්ල වී ඇත්තේ බරපතළ විවේචනයකි. බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ "වස් විසීම" කඨින චීවර පූජෝත්සවය බැඳී පවතින්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ "වස් විසීම" සමඟයි. ඇසළ පොහොයට වස් විසීම ආරම්භ කරන භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ ඉල් වප් පොහොයත් ඉල් පොහොයත් අතරමැද කාලයේ දියි. වර්තමානයේ දී එය සිදුවන්නේ බොහෝවිට නොවැම්බර් මාසයේදීයි. ඉන්දියාවේ වර්ෂා කාලය ආරම්භවන විට ධර්ම ප්‍රචාරයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා තෙතබරිතව අපහසුතාවයෙන් සිටින බව දුටු බුදුන් වහන්සේ වස් විසීමට අවසර ලබා දුන් බව බෞද්ධ මූලාශ්‍රවල සඳහන් ය. එමෙන් ම ඉන්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී පැවති අවිහිංසාවාදි ආගමක් ලෙස සැලකෙන ජෛන ආගමිකයන් ද වර්ෂා කාලයේ දී සැරිසැරීම නවතා තිබුණේ වර්ෂා සමයේ වර්ධනය වන අලුත් පැළෑටි සිය පයට පෑගී තැලී පොඩි වෙතැයි සිතමින් ය. නමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වර්ෂා කාලයේදිත් ධර්ම ප්‍රචාරයේ යෙදීම ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් වී ඇත. මෙම හේතු දෙක නිසා බුදුන් වහසේ භික්ෂූන් වහන්සේලාට වස් විසීමට අවසර ලබා දී ඇත. එලෙස වර්ෂා සමයේ දී විහාරස්ථානයක රැඳී සිටීමට උපාසකයන්ගෙන් ආරාධනා ලබන භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයට වී සිය භාවනා කරමින් සිය ආධ්‍යත්මය දියුණු කරගැනීමට උත්සහ කළ යුතු ය. වස් සමාදන් වීම සහ එහි දී භික්ෂූන්වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය මහාවග්ග පාලිය සහ විනය පිටකයේ සඳහන් වේ. කඨින චීවර පූජාවේ ආරම්භය බුද්ධ සමයේ දී ඉතා අල්පේච්ඡව ජීවත්වීමට සිදු වූ භික්ෂූන් වහන්සේලා සතුව තිබී ඇත්තේ එක් සිවුරක් පමණි. බෞද්ධ සාහිත්‍යට අනුව භික්ෂූන් වහන්සේලා සිවුරු සකස් කරගෙන තිබෙන්නේ සොහොන්වලට මළමිනී ගටගසා දමන රෙදි කැබලි එකතුකරගෙනයි. වස් නැතහොත් වර්ෂා කාලයේ දී වැස්සෙන් තෙමී සිදුවන අපහසුතා වළක්වා ගැනීමට තවත් අමතර සිවුරක් තබා ගැනීමට බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවසර ලබා දුන් බව කියැවේ. මහාවග්ග පාලියට අනුව එම චීවර පූජාව සිදු කළ යුත්තේ වස් විසීමට ආරාධනා කළ උපාසක උපසිකාවන් විසින් ය. එහි දී සුදු පැහැති වස්ත්‍රයක් උපාසකයන් විසින් වස් විසීමට ආරාධනා ලැබූ ස්වාමීන් වහන්සේට පූජා කරන අතර, එම වස්ත්‍රයට එදිනම පඬු පොවා, මසා එයින් සකස් කරන චීවර හැඳ ස්වාමීන් වහන්සේ පසුදින බණ කීම අතීතයේදී දී සිදු වූ චාරිත්‍රයකි. වර්තමානය වන විට ඒවායේ යම් යම් වෙනස් කම් සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ කඨින පූජෝත්සවයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට වැඩම කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කඨින පිංකම ආරම්භ වී තිබේ. මිහිඳු මහරහතන්වහන්සේ පොසොන් පොහොය දිනක දී ශ්‍රී ලංකාවට වැඩම කළ අතර මීළඟ පොහොය දින එනම්, ඇසළ පොහොය දිනයේ දී දේවානම්පියතිස්ස රජුගේ ආරාධනා ලැබ වස් විසීම ආරම්භ කළ බව කියැවේ. කඨින චීවර පූජාව ඒ අනුව දේවානම්පියතිස්ස රජ සමයේ දී ආරම්භ වී ඇත. ආරම්භයේ පටන් ම රාජ්‍ය අනුග්‍රහය සහිත වූ මෙම පූජෝත්සවයට විචිත්‍රවත් පෙරහැරක් එක් වන්නේ දුටුගැමුණු රජ සමයේ දී බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ ය. "වර්තමානයේ විවිධ වාහනවලින් කඨින පෙරහැර සමන්විත වෙනවා වගේම ඒ කාලයෙ දී ඇතුන් පිට තබලා කඨින චීවරය වැඩම්මවූ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ විදිහට ඇතුන්, අසුන් යොදාගෙන විචිත්‍රවත් අංග යොදාගෙන කඨින චීවරය වැඩමවීම සිදු කළේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටයි. ඉන් පසුව රජවරුන් විශාල ගණනාවක් කඨින චීවරය ඇතුන් පිටින් වඩමවා ගෞරව දක්වලා තියෙනවා," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය. එහි දී අප මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ එම පෙරහැරට ඉන්දියානු ආභාසයක් තිබේ ද යන්නයි. "කඨින චිවර පෙරහැර ශ්‍රි ලංකාවේ දී ම ආරම්භ වුණු එකක්. ඒක ඉන්දියාවේ දි පවතුණා කියලා කිසිම සාක්ෂියක් නෑ. මුල් කාලයේ දී කඨින චීවරයට උපාසක උපාසිකාවන්ට වන්දනාමාන කරන්න අරමුණු කරගෙන චීවරය රැගෙන ගම හෝ නගර වටේ යාම පස්සෙ කාලෙක පෙරහැරක් දක්වා වර්ධනය වුණා. දුටුගැමුණු රජතුමා කඨින පෙරහැර 24ක් පමණ කළ බව කියැවෙනවා," යැයි මහාචාර්යවරයා පැහැදිලි කළේ ය. "එක් එක් කාලයේ දී තිබුණ සංස්කෘතිකාංග මේ පෙරහැරට එකතු වුණා. රජ කාලයේ දී ඇත්තු, අශ්වයො යොදාගත්තා. වර්තමානයේ දී විවිධ වාහන යොදාගත්තා. අතීතයේ දිත් බෙර වාදනයන් සිදු වුණා. වර්තමානයේ අපි දකිනවා විවිධ ජනප්‍රිය සින්දු බෙදවාදනයන් කරනවා. බුද්ධාගමේ තිබෙන පිළිගැනීම් අනුව ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඔය පෙරහැර බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කරන නිසා නිදි මැරීමේ පහසුවට එහෙම කරනවා වෙන්නත් පුළුවන්. කොහොමත් මේ පෙරහැර වර්ධනය වුණේ එක් එක් කාලවල එකතු වුණු සංස්කෘතිකාංග එක්කයි." "අලුත්වුණු කඨින පෙරහැර ලෞකික පැත්තට බරයි" මෙලෙස නව සංස්කෘතිකාංග එක් වූ අලුත් කඨින පෙරහැර ලෝකෝත්තර දර්ශනයට වඩා ලෞකික සැපයන් පැත්තට බර වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ආචාර්යවරයෙකු වන වසන්ත මෙන්ඩිස් පැවසුවේ ය. "දැන් අපි දකිනවා එක එක පැතිවල විවිධ විදිහට පෙරහැර පවත්වනවා. ජනප්‍රිය සින්දු වාදනය කරහෙන යනවා. එක එක වාහන පෙරහැරට යොදාගන්නවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ පෙරහැර වර්තමානය වන විට ලෞකික පැත්තට බර වෙලා කියන එක," ආචාර්යවරයා පැහැදිලි කළේ ය. ඔහු පෙන්වා දුන්නේ මීට පෙර පැවති පෙරහැර ඉතා සරල එකක් වු බවයි. "රජතුමාගේ අනුග්‍රහය යටතේ රාජ්‍ය උත්සවයක් විදිහට පැවැත්වුණු මේ උත්සවය රජ කාලෙන් පස්සෙ හරිම සරල චාම් උත්සවයක් විදිහට පැවැත්වුණා. කඨින පෙරහැරක් වුණත් ඉතා චාම් විදිහට පැවත්වුණේ. අතීතයෙදී අලි ඇතුන් පිටින් කඨින චිවරය වැඩම්මුවාට එහි තිබුණේ රාජ්‍ය ගෞරව දැක්වීමේ අරමුණක්. සංස්කෘතියේ වෙනස්වීම ගැන අපට විවේචනයක් කරන්න නොහැකි වුණත් වර්තමානයේ ලෞකිකත්වය තමයි මේ පෙරහැරෙන් වැඩිපුර ඉස්මතු වෙලා තියෙන්නෙ." එහි දී ආචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ එම තත්ත්වය බුද්ධාගමේ උපාසක උපාසිකාවන් විසින් සිතා බලා වෙනස් කරගත යුතු දෙයක් බවයි. "මහාවග්ග පාලියේ සහ භික්ෂූන් වහන්සේලාට පනවලා තිබෙන විනය නීති අනුව කඨිනය පවත්වන්න කිසිදු මැදිහත්වීමක් භික්ෂූන් වහන්සේලාට කරන්න අවසර නෑ. සම්පූර්ණයෙන් ම ඒක සංවිධානය කිරීම සිදුවන්නේ උපාසක උපාසිකාවන්ගේ පැත්තෙන්. ඒ නිසා මෙවැනි පිංකමක දී බුද්ධාගමේ අරමුණු ඉතා හොඳින් පිළිබිඹු වන සංස්කෘතිකාංග එක් කරගැනීම ඉතා වැදගත්." ඔහු කියා සිටියේය.
'මම ලියන හැටි': සුමුදු නිරාගී සෙනෙවිරත්න
සුමුදු නිරාගී සෙනෙවිරත්න මේ වන විට ලියා ඇත්තේ 'දූල්වල ආලංකාරේ' නවකතාව පමණක් වුවද එයින් පාඨක විචාරක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට ඇය සමත් වූවාය. ඇගේ කෙටිකතා සංග්‍රහ වන 'සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්' සහ 'ගිහින් එන්න කානිවල්' කෘති ඔස්සේ ඇය විවිධ තේමාත්මක හා භාෂාත්මක කලාපයන්හි සැරිසරමින් සංකීර්ණ අත්දැකීම් පාඨකයා වෙත නැවුම් විලාසයන්ගෙන් රැගෙන ඒමේ ශක්‍යතාව ප්‍රකට කර ඇත. ඈ මෙතෙක් පළ කල සාහිත්‍ය කෘති තුනම විවිධ සාහිත්‍ය සම්මානයන්ට පාත්‍ර වී ඇති බව ද සිහිපත් කළ යුතුය. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : පුරුදු විදිහටම සංවාදය පටන්ගන්න මං කැමතියි අහන්න ලිවීමේ සමාරම්භක මොහොත ගැන. ඔබ නවකතාවක පළමු වාක්‍යය හෝ වාක්‍යය කිහිපය ලියන හැටි ගැන සිහිපත් කරමුද? සුමුදු: හිතට යම් කිසි අදහසක් ආවට පස්සෙ ඒකත් එක්ක මං යම් කිසි කාලයක් ගත කරනවා. ඒ කාලය ඇතුලේ තමයි අදහස කතාවක් ලෙස යම් තාක් දුරට ගොඩනැගෙන්නේ. මේ කාලය තුළ අවශ්‍ය නම් මං ඒ කතාව දිගහැරෙන ස්ථාන හෝ ප්‍රදේශ වලට පවා යනවා. මේක මම කරල තියනවා කෙටිකතා වලදි. මගේ 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත් ඒක ඓතිහාසික පසුබිමක යන නවකතාවක්නේ, මම ලියන්න වාඩි වෙන්න කලින් ඒකේ චරිත වල නම් සහ ඒ චරිත නවකතාව තුළ සිදුකරන වැඩ කොටස ගැන කටුසටහන් අරගෙන තිබුණා. මේ තරම් විස්තරාත්මකව නොවුණත් මම කෙටිකතා ලියද්දිත් මේ කටුසටහන් ගැනීම කරනවා. මම මේ දේවල් කරන්නේ ලිවීම පටන් ගන්න එකට සූදානම් වෙන්න. මොකද පළමු වාක්‍යය කිහිපය ලිවීම කියන්නෙ අතිශය අසීරු දෙයක්. ඒ වගේම මම ඉතාම පරිස්සමෙන් කරන දෙයක්. මේ විදිහට චරිත සහ සිදුවීම් වලට අදාළ තොරතුරු එකතු කරමින් ඉන්න අතරේ එක්තරා මොහොතකදි දැනෙනවා දැන් ලියන්න පටන් ගන්න පුලුවන් කියන එක. මේ වෙනකොට කතාවෙ සිදුවීම් වල අනුපිළිවෙල ගැන අදහසක් තියනවානෙ. දැන් 'දූල්වල අලංකාරේ' නවකතාව ගත්තොත්, මම දැනගෙන හිටියා කතාව පටන් ගන්නෙ සුරේන්දර නයිදේ ගෙ චරිතයෙන් කියල, ඔහු දකිනවා අර සුදු ජාතික වැවිලිකරුගේ බිරිඳ අශ්වයා පිටේ එනවා. දැන් එතකොට මම පටන් ගන්න දර්ශනය දන්න නිසා මට දැන් තියෙන අභියෝගය වෙන්නෙ ඒක ගැලපෙනම ආකාරයට වාක්‍ය බවට පත් කරන එක. මට මතකයි මම ඒ වාක්‍යය කිහිප වරක් ලිව්වා. කෞශල්‍ය : ඒ කියන්නේ මේ ආකාරයට ඔබ ලිවීම ආරම්භ කරන මොහොතෙදි ලියන්න යන නවකතාව ගැන සැළකිය යුතු තරම් ඔබ දැනුවත් කියන එකද? සුමුදු: මං හිතන්නෙ අඩු තරමෙ මං සියයට පනහක් විතර දන්නවා. කලින් කිව්ව වගේ ප්‍රධාන චරිත සහ ඒ චරිත නවකතාව තුළ පිහිටන හැටි වගේම සිදුවීම් පෙළ ගැහෙන හැටි ගැනත් සැලකිය යුතු අවබෝධයක් තියනවා. නමුත් ලිවීමේ ක්‍රියාවලිය තුළ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බැහැ. මොනතරම් දේවල් සැලසුම් කලත් අපේ සැලසුමට පිටතින් දේවල් සිදුවීමේ හැකියාව තියනවා. උදාහරණයක් හැටියට මගේ කටුසටහන් වල නැති චරිතයක් කතාවට එකතු වෙලා වැදගත් භූමිකාවක් කතාව තුළ ඉටුකරන්න පුළුවන්. ඒ වගේම තමයි නවකතාව අවසන් වන ආකාරය ගැන මම දන්නෙ නැහැ. ඒක කතාව විසින්ම තමයි තීරණය කරන්නේ. කෞශල්‍ය : ඔබ කියන විදිහට නවකතාවක් ලිවීමට පෙර ඔබ එහි චරිත හා සිදුවීම් ගැන කටුසටහන් තබා ගන්නා කෙනෙක්. ඊට අමතරව නවකතාව ගොඩනැගීමට ඔබ කරන ශාස්ත්‍රීය හැදෑරීම මොනවගේ එකක්ද? මං මේක අහන්නෙ ඔබේ 'දූල්වල අලංකාරේ' නවකතාවෙ තියෙන සුවිශේෂී ඓතිහාසික පසුබිම නිසයි. සුමුදු: ඇත්තටම 'දූල්වල අලංකාරේ' නවකතාවේ අදහස මගෙ හිතට එන්නේ හරිම අහඹු විදිහට. මං කරමින් හිටිය ශාස්ත්‍රීය කටයුත්තකට අදාළව තමයි මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් හිටියේ. ඒ සම්බන්ධයෙන් ලියවුණු ශාස්ත්‍රීය පොත් හා ලිපි ගණනාවක් මං කියෙව්වා. ඔය අතරෙදි මගෙ යාලුවෙක් ශාස්ත්‍රාලයීය නූතන චිත්‍ර කලාව ගැන එයා ලියපු පොතක් මට පෲෆ් බලන්න කියල දුන්න. මේ දෙකම එකවර සිද්ධ වුණේ . මං නුවර යුගයේ චිත්‍ර කලාව ගැන කියවමින් ඉන්න අතරෙ ඒ යුගයෙන් පස්සෙ ලංකාවෙ ප්‍රචලිත වෙන චිත්‍ර කලාව ගැන පොතක් තමයි මට මගෙ යාලුව දෙන්නේ. මෙතෙන්දි මට පේන්න ගත්ත මේ දෙක අතර තියන සම්බන්ධය. අපේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව කොහොමද නූතන චිත්‍ර කලාව දෙසට හැඩගැහුණේ කියන එක. එතකොට තමයි මට හිතුණේ මෙතන ලස්සන කතාවක් තියනවා කියල. නවකතාවක් වුනත් ලියන්න පුලුවන් විදිහෙ සිද්ධි මාලාවක් මෙතන තියෙනවා කියන එක වැටහෙන්න ගත්තෙ මේ විදිහටයි. ඊට පස්සෙ මං කල්පනා කළා මේක නවකතාවකට නඟනවා නං කොහොමද ඒක කරන්නේ කියන එක. එතෙන්දි මම ඒ කාලයේ අපේ රටේ සමාජ පසුබිම ගැන හදාරන්න පටන් ගන්නවා. ඇත්තටම චරිත සහ සිදුවීම් ගැන ලියපු කටුසටහන් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියනවා මම මේ නවකතාවට අදාළව ලියපු සහ එකතු කරපු ශාස්ත්‍රීය සටහන්. ඒවගේම මේ යුගයේ භාෂාව ගැන වෙනම අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා . එතෙන්දි මට ගොඩක් වැදගත් වුනා මහාචාර්ය ජේ.බී දිසානායකගේ උඩරට සිංහලය වගේ පොත්. මේවා ඔස්සේ විවිධ ව්‍යවහාරයන් ගැන දැනුවත් වෙමින් ඒ කාලේ පාවිච්චි වෙන්න ඇත්තේ කුමන ආකාරයේ භාෂාවක් ද කියන එක අනුමාන කරන්න සිද්ධ වුණා. කෞශල්‍ය :මේක ටිකක් සිත්ගන්නාසුළු දෙයක්. නවකතාවක මූලික අදහස ආවට පස්සේ කරන හැදෑරීම තමයි සාමාන්‍යයෙන් අපිට වැඩිපුර මුණගැසෙන්නේ. මෙතෙන්දි වෙන්නේ නවකතාවෙ අදහස ශාස්ත්‍රීය ව්‍යායාමයක් අතරේ පැමිණීම. සුමුදු: ඔව්. මේක මට කෙටිකතා වලදිත් වෙලා තියෙන දෙයක්. ඒ වගේම තමයි මේකෙ අනිත් පැත්ත, ඒ කියන්නෙ මුලින් කතාවේ බීජය හිතට ඇවිත් ඉන්පසුව ඒ ගැන කරන හැදෑරීම, ඒකත් මම කරන දෙයක්. මම දැනට ලිවීම ආරම්භ කරල තියන මගෙ දෙවෙනි නවකතාවෙදි වුණේ ඒක. කෞශල්‍ය: ටිකක් කියන්න පුළුවන්ද ලිවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන හැටි ගැන? සුමුදු: මම සාමාන්‍යයෙන් ලියන්නේ රෑට. මට පාන්දර ඇහැරිලා ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. මගෙ පළවෙනි නවකතාව ගත්තොත් මම ඒකෙ භාගයක් විතර එක දිගට ලියාගෙන ගියා. දවසකට පැය තුනක් විතර අඩුවැඩි වශයෙන් මාස හයක් හතක් මම එක දිගට වැඩ කළා. අදහස් එනකොට ඒව ඒ වෙලාවේ ලිව්වෙ නැත්තං ආයෙමත් ඒවා ඒ විදිහට එන්නේ නැහැ. ඉතින් මං වෙන වැඩක් කරමින් ඉන්න වෙලාවක වුණත් හැම වෙලේම පුංචි නෝට් බුක් එකක් තියාගෙන ඉන්නේ නවකතාවට හෝ ලියමින් ඉන්න කෙටිකතාවකට අදාළ අදහසක් ආවම ඒක සටහන් කරල තියාගන්න. එතකොට කම්පියුටර් එක ඉස්සරහ වාඩි වුණා ම මට ඒක ලියන්න පුළුවන් වෙනවා. මම සාමාන්‍යයෙන් ස්ටඩි කරන ටේබල් එකේම තමයි ලියන්නේ. කෞශල්‍ය: මේ ලිවීම එහෙමත් නැත්තං මේ ලියන කාලය ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? සුමුදු: ලිවීම වින්දනය කරන එක ලියන අතරෙත් වෙනවා ලිව්වට පස්සෙත් වෙනවා. ලියන අතරෙම මං කලින් ලියපු දේවල් නැවත නැවත කියවනවා. ලියල අවසන් කළ කොටසේ තියන මං කැමති වාක්‍ය මං කැමති සිද්ධි වගේ ඒවා යළි යළිත් කියවල රසවිඳින්න මං හරි ආසයි. මේ විඳීම සඳහා නැවත නැවත කියවීමත් එක්ක මේ ලේඛනය ඔප වැටෙන ගතියකුත් තියනවා. මොකද ඒ කියවන වෙලාවට දැනෙනවානෙ මේක තව ලස්සනයි මෙහෙම වුනානං කියල. එතකොට පොලිෂ් වෙනවා. කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුණා ම දැනෙන දේ ගැනත් යමක් කියන්න? සුමුදු: මුලින්ම දැනෙන්නේ සැහැල්ලුවක්. හැබැයි අවසන් වුණා කියල සම්පූර්ණයෙන් ඒකෙන් මිදෙන්නේ නැහැ. ඒක නැවත නැවත කියවනවා. මං මගෙ අම්මට තමයි සාමාන්‍යයෙන් මුලින්ම කියවන්න දෙන්නේ. කෞශල්‍ය: ඔබේ අම්මා පද්මිණී සෙනෙවිරත්ත කියන්නෙත් පාඨක විචාරක ආදරයට පාත්‍ර වුණු නවකතාකාරියක්. ලියන අතරතුර ඔබ ලියන දේවල් ඇයට පෙන්නන්නේ නැද්ද? සුමුදු: නැහැ. මම ලියල ඉවර වෙනකන් කාටවත් පෙන්නන්නේ නැහැ. මොකද කවුරුහරි මට එකඟ වෙන්න බැරි දෙයක් කිව්වොත් එහෙම මාව බ්ලොක් වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. ඒ නිසා දැන් මම කාටවත් සම්පූර්ණයෙන් ලියල අවසන් වෙනතුරු කියවන්න දෙන්නෙ නැහැ. අම්ම නං එයා ලියන ඒවා ඒ ඒ වෙලාවල් වල ලියන හැටියට කියවන්න දෙනවා. අම්මගෙ පළවෙනි පාඨකයා මම. මගෙ මුල්ම පාඨකයා අම්මා. හැබැයි එයාට ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මට ඒක කරන්න බැහැ. කෞශල්‍ය: සාමාන්‍යයෙන් ඔබේ ලිවීම් සංස්කරණය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද? සුමුදු: සංස්කරණය කියන එක ලියන එක වගේම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් මට නං. මම සාමාන්‍යයෙන් සංස්කරණය පටන් ගන්නේ සම්පූර්ණයෙන් ලියල ඉවර වුණාට පස්සේ. ලියල ඉවර වුණාට පස්සෙ මම සති තුනක් විතර ඒක පැත්තකටම දාල වෙන වැඩ කරමින් ඉන්නේ. ඊට පස්සෙ තමයි සංස්කරණය කරන්න පටන් ගන්නේ. ලිවීම අවසන් වුණු ගමන් කියෙව්වට ගොඩක් දේවල් අහු වෙන්නෙ නැහැ. ඒ වෙලාවට මට හිතෙන්නේ ලියපු හැමදෙයක්ම අවශ්‍යයි කියල. නමුත් යම් බ්රේක් එකකින් පස්සේ නැවත කියවනකොට ඉවත් කළ යුතු තැන්, අනවශ්‍ය තැන්, නැවත ලිවිය යුතු තැන් වගේ දේවල් පේන්න ගන්නවා. දැන් 'දූල්වල අලංකාරේ' ගත්තොත් ඒකෙ තියෙන්නේ නුවර යුගයේ භාෂාවනේ. එතකොට මම භාෂාව ගැන විතරක් සැළකිලිමත් වෙමින් මේක කීප සැරයක් කියෙව්ව. එහෙම කියවද්දි සමහර වෙලාවට අහුවෙනවා වර්තමාන භාෂාවේ වචන අහම්බෙන් කතාවට ඇතුල් වෙලා තියෙනවා. එවැනි වෙලාවට ඒ වචන ඉවත් කරල ඒ යුගයේ තියෙන්න ඇති කියල හිතන වචන ඒ තැනට ආදේශ කලා. විශේෂයෙන්ම දෙබස් වලදි තමයි මේවගේ දේවල් වෙන්නේ. ඒ වගේම මේ සංස්කරණ ක්‍රියාවලියෙදි නවකතාවෙ අවසානය මම කීප සැරයක් වෙනස් කළා. වෙනස් කළා කියන එකෙන් අදහස් කළේ සම්පූර්ණ වෙනසක් කියන එක නෙමේ. ඒක කියන විදිහ, ස්ටයිල් එක. මේ නිසා ලිවීම අවසන් කළාට පස්සේ සිදුවන සංස්කරණය කියන්නේ මට නං අතිශය වැදගත් දෙයක්. මේ ආකාරයට සුමුදු නිරාගී සෙනෙවිරත්න ලේඛිකාවගේ ලිවීමේ භාවිතය සහ ඒ සමඟ බැඳුණු හැඟීම් අප වෙත නිරාවරණය වීම ඇගේ කෘති කියවීමට අලුත් ආලෝකයක් සපයන්නට ඉඩ ඇත. ඇය සේම මේ සංවාද මාලාව තුළ තම ලිවීමේ අත්දැකීම් හෙළිදරව් කරන ලේඛක ලේඛිකාවන් නවකතාකරණයට උනන්දු නමුත් තවමත් එය ඇරඹීමට පෙරුම් පුරන අනාගත නවකතාකරුවන්ට අනුප්‍රාණය සපයන්නේ නම් එය අපට සතුටකි. මේ වෙනුවෙන් ලබන සතියේ අප හා එක් වන්නේ මොහාන් රාජ් මඩවල නවකතාකරුවාය. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
බිල නොගෙවා විදුලිය විසන්ධි කළ මිලියන භාගයකට වැඩි පිරිසට ඔබත් එකතු වෙයි ද?
ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා බහුතරයක් ජනතාව අධික දුෂ්කරතාවන්ට මුහුණපා සිටින අතරවාරයේ 2023 වසර තුළ දෙවතාවක්ම විදුලි ගාස්තු ඉහළ දමා තිබේ. ඒ, ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතාව තවත් තිව්‍ර කරමිනි. පවතින තත්ත්වය හමුවේ 2023 ඔස්තෝම්බර් 31 වැනිදා වන විට මේ වසරේ මුල් මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 544,488 දෙනෙකුගේ විදුලි සම්බන්ධතා විසන්ධිකර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත ඔස්සේ බීබීසී සිංහල අනාවරණය කර ගත්තේය. විදුලි බිල ගෙවා ගත නොහැකිව ජීවිතයෙන් වන්දි ගෙවු මව පුත්තලම පුලිදිවාසල් හි පදිංචිව සිටි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් හට නිවසේ විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකි වීමෙන් අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. එක් දරු මවක් වු ඇය නොවැම්බර් 7 වැනිදා විදුලිය සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය හා ඇගේ සැමියා දෛනිකව ලැබෙන කුලි වැඩවලින් ජිවිතය සරි කරගත් අතර තම නිවසට ලැබුන රුපියල් 3000 ක විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකි විමෙන් ඔවුන්ගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබී ඇත. මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසාවෙන් ඔවුන් දෙදෙනාටම හරිහමන් රැකියාවක් නොලැබ මුදලක් උපයා ගැනීමට අවස්ථාවක් ලැබී නොමැති ඇති අතර ඒ හේතුවෙන් විදුලි බිල ගෙවා දමා නැවත විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී ඇත. දින කිහිපයකට පසුව නොවැම්බර් 7 වැනිදා සිත්ති සෆිකාන් හට ලැබුන කුලි වැඩ නිමකර නිවසට පැමිණෙන විට නිවසේ ජලය තිබී නොමැති අතර ඇය අසල පිහිටි තම මවගේ නිවසෙන් තවකාලිකව වයරයක් යොදා ගනිමින් විදුලිය ලබා ගෙන මෝටරය පනගන්වා ජල ටැංකිය පුරවා ගැනීමට උත්සාහ දරා තිබේ. නොකඩවා ඇද වැටෙන වැසිවලින් ඒ වන විටත් ඇයගේ නිවසේ මිදුල පුරාම ජලය පිරී තිබී ඇත. ඇය තම මවගේ නිවසේ සිට වයරයක් යොදා ගනිමින් විදුලිය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිය දී ස්විචයට සවිකර තිබු වයරය එකවරම ඇයගේ නිවස පුරා ඇති වැසි ජලය හා ගැටී සිදුවු විදුලි කාන්දුවෙන් සිත්ති සෆිකාන් හට විදුලිය සැර වැදී ඇතැයි පුත්තලම පොලිසිය පවසයි. අදාළ අනතුර සිදුවු මොහොතේ ඇයව පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් අවාසනාවන්ත ලෙස කුඩා දරුවාට සිය මව අහිමි වී තිබේ. ඇයගේ නිසල දේහය නිවසට රැගෙන එන විට ගම්වාසින් එකතු කර ගත් මුදලින් විදුලි බිල ගෙවා සිත්ති සෆිකාන් ගේ නිවසේ විදුලි සම්බන්ධතාවය නැවත ලබා ගැනීමට කටයුතු කර තිබුණ ද ඇයගේ දරුවාට මව් සෙනෙහස දෙන්නට ඒ කිසිවෙකුටවත් නොහැකි වනු ඇත. මිලියන භාගයකට වැඩිය විසන්ධි වු විදුලිය සම්බන්ධතා ලංකා විදුලිය බල මණ්ඩලයේ දත්තවලට අනුව මේ වසරේ ඔක්තෝම්බර් 31 ක දක්වා මුල් මාස 10 තුළ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විසන්ධි කරන ලද සම්බන්ධතා ප්‍රමාණය මිලියන භාගය ඉක්මවයි. තොරතුරු දැන ගැනිමේ පනත යටතේ බීබීසි සිංහල සේවය කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් විදුලි බල මණ්ඩලය පවසන්නේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුල බිල්පත් නොගෙවු පාරිභෝගියින් 544,488 දෙනෙකුගේ විදුලි සම්බන්ධතා විසන්ධි කළ බවය. 2022 වසර පුරාම එලෙස විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විසන්ධි කරන ලද විදුලි සබඳතා සංඛ්‍යාව 247,250 කි. කෙසේ වෙතත් පසුගිය වසරේත් මේ වසරේ ඔක්තෝම්බර් දක්වා කාලය තුලත් එලෙස විසන්ධි කරන ලද සියලුම සම්බන්ධතා සඳහා බිල්පත් ගෙවිමෙන් පසුව නැවත සම්බන්ධතාවය ලබා දී ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු, නොයෙල් ප්‍රියන්ත බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේය. බිල්පත් නොගෙවීමෙන් විදුලිය සම්බන්ධතා විසන්ධි කිරිමේ වැඩි වීමක් දක්නට ඇතැයි පෙන්වා දෙන ලංකා විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ දත්තවලට අනුව එය 4.25% ක වර්ධනයක් යැයි පැවසීය. විසන්ධි කරන ලද සම්බන්ධතාවයක් නැවත ලබා දීමට බිල්පත් ගාස්තුවට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 3000 ක මුදලක් අය කරන අතර මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ එ තුළින් රුපියල් මිලියන 1633 ක් උපයා ගැනීමට මණ්ඩලයට හැකිව තිබේ. 'විදුලිය පාවිච්චි කරන්නේ හරි බයෙන්' දරාගත නොහැකි ලෙස විදුලි මිල ඉහළ දමමින් ලාභ උපයන බව පෙන්වා ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයට විකුණා දැමීමට විදුල බල හා බල ශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහා දරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කළේය. පසුගිය වසරේ සිට විදුලි බිලෙහි මිල 254% කට වඩා වැඩි වී ඇති බව එම සංගමයේ ජාතික ලේකම් සංජිව ධම්මික බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය. “ආණ්ඩුව කියන්නේ විදුලි ඒකකයට රුපියල් 45-50 ක වියදමක් දරනවා කියලා. නමුත් අපි දන්නවා එච්චර වියදමක් යන්නේ නැහැ කියලා. පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කළොත් රුපියල් 25ට අඩුවෙන් දෙන්න පුලුවන්. හැබැයි මේ ආයතන තුළ තරගකාරිත්වයක් ඇති කරලා ,අර ටෙලිකොම් එකට කරපු වැඩේ කරලා, රාජ්‍ය ව්‍යවසායකත්වය දුර්වල කිරිමේ වෑයමක් තුළ සම්පුර්ණ පුද්ගලික අංශයට මේවා දෙන තමයි මේ හදන්නේ.” විදුලි මිලෙහි ඉහල යාමත් සමගම විදුලි පාවිච්චි කිරීමට ජනතාව බියක් දක්වන බව ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්වරයා සඳහන් කළේය. “විදුලි කප්පාදු අද සාමන්‍යයෙන් ලක්ෂ 8ක විතරට ගිහින් තියෙනවා. ඊට අමතරව හාර ලක්ෂ පනස්දාහක් විතර තියෙනවා මීටරේ බින්දුවට තියාගෙන, ඒ කියන්නේ මාසික ගාස්තුව පමණක් ගෙවලා තියාගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ විදුලිය කියන එක හරි බයෙන් තමයි පාවිච්චි කරන්නේ.” පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම හරහා විදුලිය නිෂ්පාදනය කිරිමෙන් ඉතා අඩු මිලට විදුලිය ලබා දිය හැකි බව කී සංජිව ධම්මික “අද හැම ගමකම වගේ වැවක් තියෙනවා. මේ වැවක මෙගාවෝට් එකක්වත් ගහගත්තොත් පුනජනනීය බලශක්තිය. අන්න එතකොට අඩු ගානට ජනතාවට දෙන්න පුලුවන්.” යැයි වැඩිදුරටත් කියා සිටියේය. ඔක්තෝම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන විදුලි බිලෙහි මිල වැඩිමත් සමගම පාරිභෝගිකයන් හට රුපියල් කෝටි 3000 ක පමණ අමතර බරක් දැරීමට සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික වැඩිදුරටත් සඳහන් කළේය.
ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද?
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර වසර 43ක් ගතවීමෙන් පසු යළිත් ප්‍රජා අයිතිය අහෝසි කිරීම හෙවත් 'ප්‍රජා අශක්නුතාව' පිළිබඳව සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ ප්‍රජා අයිතීන් අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 17 වන දා පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව හේතුවෙනි. පසුව නොවැම්බර් 21 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනා‍ධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ, අදාළ වගකිවයුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙසය. ''දැන් මුළු රටේ ම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවා ද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තවදුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.'' මේ අතර, මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් ඇමති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් තමන්ට මතක ඇති බව කී ඔහු, අනුන්ගේ අයිතීන් නැති කිරීමට කතා කරන අය රටේ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට වැඩ කළ යුතු බව පැවසීය. මේ අතර, විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා මෙතෙක් දක්වා නොමැත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රට තුළ මතු වී ඇති ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි නොවැම්බර් 14 වන දා තීන්දු කළේය. ඊට අමතරව, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පාර්ශව ද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ. ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ කුමන වැරදි යටතේ ද? දේශපාලනඥයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා බලපාන වැරදි කිහිපයක් ඇතැයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි. ඒ අනුව, "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි," බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. ප්‍රජා අයිතිය අහෝසි කෙරෙන ක්‍රියාවලිය කුමක් ද? යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හෙවත් ප්‍රජා අශක්නුතාව සඳහා පළමුවෙන් ම කළ යුත්තේ, 1978 විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමය. එය පත් කරනු ලැබිය යුත්තේ, ජනාධිපතිවරයා විසිනි. "ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කරන්න ඕන මුලින් ම. එහෙම පත් කළාට පස්සේ ඒ කොමිෂන් සභාව සාක්ෂි කැඳවලා, තොරතුරු එක් රැස් කරලා අවසානයේ නිර්දේශ කරන්න ඕනෙ අදාළ පුද්ගලයා හෝ කිහිප දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියලා," ආචාර්ය ජයම්පති පැවසීය. "ඒ නිර්දේශය යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුණොත් තමයි ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ." ඒ අනුව, උපරිම වශයෙන් වසර 7ක කාලයක් සඳහා ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිය. ප්‍රජා අයිතිය අහෝසි වුවහොත් අහිමි වන්නේ මොනවා ද? දේශපාලකයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ පසු අහෝසි කෙරෙන කාල සීමාව අනුව (උපරිමය වසර7ක්) ඔහුට හිමි සියලු වරප්‍රසාද සියල්ල අහිමි වන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය. ඒ අනුව, මැතිවරණවලට තරග කිරීම, ඡන්දය භාවිත කිරීම, රජයේ නිලතල දැරීම තහනම් වන අතර, මන්ත්‍රීවරයෙකු නම් ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි වෙයි. සමගි ජන බලවේගයෙන් විකල්ප දෙකක් ආර්ථික අර්බුදයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ගැනීමට උපරිම උත්සහ දරන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු සඳහන් කළේ, යම් හෙයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කොමිෂන් සභාවක් පත් නොකළහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති බවය. "ප්‍රජා අයිතිය අහෝසි කරන්න විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ නැත්නම් අපට විකල්පයක් තියෙනවා. එහෙම වුණොත් අපි අදාළ වැරදිකරුවන්ගේ විශ්‍රාම වැටුප්, වෙනත් දීමනා, වරප්‍රසාද අහිමි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේනවා," නීතිඥ අජිත් පී. පෙරේරා පැවසීය. ඔහු පැවසුවේ, එවැනි පනතකට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. කෙසේ වෙතත්, එය අධිකරණය විසින් තීන්දු කරනු ලබනු ඇතැයි ඔහු පැවසීය. පාර්ලිමේන්තුව හරහා ප්‍රජා අයිතිය අහෝසි කිරීම් පිළිබඳ අතීතය දේශපාලකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ සිද්ධිය වන්නේ, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමය. මීට වසර 43කට පෙර එනම් 1980 වසරේ ඇයට එරෙහිව එම තීන්දුව ක්‍රියාත්මක වූයේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක කැමැත්ත ඇතිවය. එහිදී, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරිණි.
'මේ ළමයින්ට හීනයක් තිබුණේ සමස්ත ලංකා තරගයට වඩා කොළඹ දකින්න'
බාධක රැසක් මැද අධ්‍යාපනය ලබන අම්පාර, උහන දෙමටමල්පැලැස්ස විද්‍යාලයේ දරුවන් සමස්ත ලංකා පාසල් සංගීත තරගයෙන් ජයග්‍රහණය ලැබීම රටේ අනෙකුත් පාසල්වලට ආදර්ශයක් ගත හැකි සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව එම විද්‍යාලයේ සංගීත ආචාර්ය ගීත් ජීවන්ත පවසයි. ''මේ ළමයින්ගේ ආසාව තිබුණේ සමස්ත ලංකා තරගයට යන එකට වඩා කොළඹ දකින්න. බොහෝ දරුවෝ මුලින්ම හයිවේ එකක ගියේ එදා. මම ගුරුවරයෙක් විදියට හුඟක් සතුටු වෙනවා මේ ජයග්‍රහණ ගැන.'' යනුවෙන් සංගීත ගුරුතුමා BBC සිංහල සේවයට පැවසුවේය. කිසිදා වේදිකාවකට ගොඩ නොවූ මේ දරුවන් ගමේ පන්සලේ බණ මඩුවේ රාත්‍රී කාලයේ පුහුණුවීම් කළ අතර පුහුණුවට අවශ්‍ය සංගීත භාණ්ඩ ලබා දෙමින් අවට පාසල් කිහිපයක ගුරුවරු ද මේ සඳහා උපකාර කර තිබේ.
ලක්ෂාන්ත අතුකෝරල: වසරේ සියලු කාව්‍ය සම්මාන දිනාගත් කාව්‍ය කෘතියේ හිමිකරු
'කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද ඔබට දැනුණු නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් කොඩි සලකුණු? ඈත සිටන් පොළොව යටින් එළා තිබෙන රැහැන් වැලක් සේ රහසින් විදුලිය දෙන හැඟුම් නහර ගොමුවක් ඇත මා රිදවන සෑරූ කිසිවෙකුට මෙතෙක් මුණ නොගැසුණ අත හැර ආ භවාරාමයකින් විදෙන ගුප්තාදර කිරණාවලියක් ද කුමන නොදනිමි මට දිය නොහැකිය අතට රැගෙන එය භූගත මල් යායකි ඔබම සරන අදහන්නට බැරි ආදර නදියක් ඇත පසෙහි ගිලුණු නොදුටුවෙහි ද එය අඟවා සැලෙන සියුම් කොඩි සලකුණු?' ඉහත කාව්‍යය ලක්ෂාන්ත අතුකෝරල කවියාගේ සුවිශේෂී කාව්‍ය සංග්‍රහයක් වන 'හැඟුම් ග‌ඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චයේ පළමු කවිය යි. මේ කවියෙන් ඇරඹෙන 'හැඟුම් ගඟෙහි හැංගිලා' කාව්‍ය සමුච්චය සුවිශේෂී කාව්‍ය කෘතියක් යනුවෙන් හැඳින්වූයේ, එම කාව්‍ය සංග්‍රහය 2023 වසරේ කාව්‍ය කෘති සඳහා සම්මාන පිරිනමන සාහිත්‍ය උලෙළවල් හතරේ දී ම විශිෂ්ටතම කාව්‍ය කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම හේතුවෙනි. එම කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ, රජත පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ යන සම්මාන උලෙළ හතරෙහි දී ම සම්මානයට පාත්‍ර විය. ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දී වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් සම සම්මානය ලක්ෂාන්ත අතුකෝරලගේ 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට හිමි විය. අනෙක් කෘතිය වූයේ, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චිගේ 'මල් සුවඳැති හිසරදයක්' කාව්‍ය සංග්‍රහය යි. 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියේ විශේෂතා ලක්ෂාන්ත අතුකෝරල යනු ඔහුගේ කාව්‍ය කෘති එකිනෙකට වෙනස් ප්‍රස්තුතයන් ඔස්සේ ඉදිරිපත් කරන කවියෙකි. ඔහු භාවිත කරන ප්‍රස්තුතයන් යම් සමාන්තර මනෝභාවයක් සහිත රේඛාවක් ඔස්සේ දිවෙන කාව්‍ය නිර්මාණවලින් සමන්විත වෙයි. 'හැඟුම් ගඟෙහි හැංගිලා' කෘතියට පාදක වූ ප්‍රස්තුතය සිතිවිලි ලෝකයකි. සිතිවිලි ලෝකයක කිමිදෙන හැඟීම් සමුදායක් මෙම එක එක කවියෙහි අන්තර්ගත වේ. "අපට ඇති වන විවිධාකාර හැඟීම් අතරේ අපට ම තේරුම් ගන්න බැරි විදිහේ හැඟීම්, උදාහරණයක් විදිහට ටෙලිපති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අතීතකාමී අදහස් වෙන්න පුළුවන්, කිසි ම හේතුවක් නැතිව දොම්නසක් ඇති වන මනෝභාවයන් (melancholy) වෙන්න පුළුවන්, ඒ වගේ මතක ගොන්නක් අනුසාරයෙන් ලියපු කවි එකතුවක් තමයි 'හැඟුම් ග‌ඟෙහි හැංගිලා' නමින් පොතක් විදිහට නිකුත් කළේ," ලක්ෂාන්ත අතුකෝරල බීබීසී සිංහල සේවය සමග ඔහුගේ අනුභූතීන් ගැන කතා කළේ එසේ ය. මෙම කෘතියට මෙතරම් සතුටුදායක ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ලක්ෂාන්ත තුළ විශ්වාසයක් නොතිබූ බව ඔහු පැහැදිලි කළේය. "මම හිතුවෙ නෑ අනිත් අයට මේ හැඟීම්වල තියෙන දේවල් අහුවෙයි කියලා. නමුත් ඒක අහුවෙලා තියෙනවා. ගොඩක් අය කැමතියි ඒකට. හිතුවට වැඩිය මං අදහස් කරපු දේ සන්නිවේදනය වෙලා තියෙනවා. මගේ අත්දැකීම් පෞද්ගලික මට්ටමින් එහාට ගිහිල්ලා වෙනත් අයටත් ඒ අත්දැකීම් තිබිලා තියෙනවා කියලා මට දැනෙනවා." සිය කෘතිය වෙනුවෙන් වසරේ සම්මාන හතරම හිමිවීම සම්බන්ධයෙන් ඇති හැඟීම කෙබඳුදැ යි විමසූ විට ඔහු පළ කළේ මෙවන් අදහසකි: "ඇත්තට ම ගොඩක් සතුටු යි. ඒක මගේ ඉදිරි නිර්මාණවලට ලොකු පෙළඹවීමක්. ඒත් මම කවි ලියන්නේ සම්මානයක් හිමිවිය යුතු යි කියන අපේක්ෂාවෙන් නම් නෙවෙයි. අඩු තරමින් මේ පොත පළ කරනකොට මට හිතුණෙ නෑ මම අදහස් කරපු දේ පාඨකයින් අතරට යයි කියලාවත්. ඒත් නොසිතූ විදිහට හොඳ ප්‍රතිචාර ලැබුණ එක ගැන ගොඩක් සතුටු යි." "ඒ වගේ ම හොඳ නිර්මාණ කියවන පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ රසිකත්වය යම් ඉහළ මට්ටමක පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවක්," ලක්ෂාන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසීය. ‘ලක්ෂාන්තගේ සියලු පොත් කියවන පාඨක පිරිසක් ඉන්නවා’ - ප්‍රකාශකයාගේ ප්‍රතිචාරය 'හැඟුම් ගඟෙහි හැංගිලා කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් පළ කළ විදර්ශන ප්‍රකාශන සමාගමේ අධිපති ජනක ඉනිමංකඩ, ලක්ෂාන්ත අතුකෝරල ඇතුළු කවීන් කිහිප දෙනෙකුගේ කවි පොත් සියල්ල කියවිය යුතු ය යන මතය දරන පාඨක පිරිසක් බිහිවී ඇති බව පැවසුවේ ය. "ලංකාවේ කවීන් කීප දෙනෙක් ඉන්නවා, කවි කියවන අය අනිවාර්යයෙන් ඒ ගොල්ලන්ගේ කෘති කියවනවා. ඒගොල්ලො තහවුරු වෙච්ච කවීන්. උදාහරණයක් විදිහට ලක්ෂාන්ත එවැනි කවියෙක්. ඒ වගේ ම ලංකාවේ කවි කියවන පිරිස් අතර, ලක්ෂාන්තගේ හැම පොතක් ම තමන් සතු වෙන්න ඕන කියන අදහසක් තියෙනවා. ලක්ෂාන්තගේ සම්මාන හතරක් හිමි වුණ කෘතිය මේ වෙනකොට මුද්‍රණ වාර තුනක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ පිටපත් 2000ක් විතර විකිණිලා තියෙනවා," ජනක ඉනිමංකඩ පැවසීය. ලක්ෂාන්ත අතුකෝරල ගැන නොදත් කරුණු 1978 වසරේ උපන් ලක්ෂාන්ත අතුකෝරල ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයයේ ඉ‌ගෙනුම ලැබූවෙකි. පාසල් සමයේ සිට කවි ලිවීමට යොමු වී සිටි ඔහු විසින් රචනා කරන ලද 'සෙනෙහස සහ සෙනෙහස' නමැති කවිය 1993 වසරේ දී මුල් වරට දිවයින පුවත් පතේ පළවිය. ඔහු 1997 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයට ඇතුළත් වී නීතිඥයෙකු බවට පත්විය. ඒ අතරතුර කාව්‍ය රචනයෙහි නිරත වූ ඔහුට කවි පොතක් පළ කිරීමේ අදහසක් නොපැවතිය ද, ලාල් හෑගොඩගේ මඟපෙන්වීම මත 2006 වසරේ දී සරසවි පොත් ප්‍රකාශනයක් ලෙස 'අමාවකේ සඳක් සිඹිමි' කාව්‍ය සංග්‍රහය නිකුත් කෙරිණි. ඔහු නීතිඥයෙකු ලෙස වසර 20ක් සේවය කළ අතර, කොළඹ මහාධිකරණය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවය කළේ ය. මේ වන විට කෙටි කාලයක් සඳහා එංගලන්තයේ රැඳී සිටින ලක්ෂාන්ත අතුකෝරල, රැකියාවෙන් තාවකාලිකව ඈත්ව සිටින හෙයින් නව නිර්මාණ කිරීම සඳහා ඔහුට විවේකයක් ලැබෙන බව පවසයි. ඔහුගේ කවි පන්තියක් පස්වැනි ශ්‍රේණිය සිංහල කියවීම් පොතට ද ඇතුළත් කර තිබේ. ලක්ෂාන්තගේ කෘති සහ දිනූ සම්මාන
මඩකලපුව මයිලත්තමඩු කිරි ගොවි ගැටළුවේ අවසන් වින්දිතයින් කිරි ගවයින් ද?
මඩකලපුව - මයිලත්තමඩු, මාදවනෙහි ප්‍රදේශයේ බලහත්කාරයෙන් පදිංචිව සිටින සිංහල ගොවීන් 13 දෙනෙකුට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පසුගියදා එරාවුර් ජංගම අධිකරණ නියෝගය කළේ ය. ඒ, එම ගොවීන්ට එරෙහිව මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පනවා තිබූ නඩුවක් නොවැම්බර් 13 වැනි දා විභාගයට ගත් අවස්ථාවේ දී ය. එම අධිකාරියට අයත් තෘණභූමියකැ යි පැවසෙන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත වන ගොවීන් 13 දෙනෙකුට එරෙහිව පසුගිය සැප්තැම්බර් 22 වනදා මෙම නඩුව පවරා තිබේ. ඒ අනුව අදාළ නඩු තීන්දු ප්‍රකාශයට පත් කරමින්, අදාළ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට එදින අධිකරණය හමුවේ පෙනී සිටි ගොවීන් 13 දෙනාට නියෝග කෙරුණි. මයිලත්තමඩු, මාදවනෙයි තෘණ භූමියේ බලහත්කාරයෙන් ආක්‍රමණය කර වගාවන් සිදු කරනු ලබන ගොවීන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ කිරි ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාව අඛණ්ඩව 69 වන දිනටත් ක්‍රියාත්මක වේ. විරෝධතාවට එක්වෙමින් සිටින කාන්තාවක් බීබීසි සිංහල සේවය වෙත මෙලෙස අදහස් පළ කළා ය. ''අපි දවස් 60කට වැඩි දින ගණනක් ගවයින් වෙනුවෙන් තණබිම් දෙන ලෙසට බල කරමින් විරෝධතාවයේ නිරත වෙනවා. මේ වෙනකම් යුක්‍තිය ලැබිලා නැහැ. අපිට අසාධාරණ සිදුවෙනවා විතරයි. "එදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුන් ඇවිත් අපිට සහයෝගය පළකරලා මෙහෙන් යද්දී මාර්ගය හරස් කරලා ළමයින් හය දෙනෙක්ව අත්අඩංගුවට අරන් එයාලාව උසාවි වෙනකම් අරන් ගියා. එයාලා ආවේ අපි වෙනුවෙන් යුක්‍තිය ඉල්ලන්න. වෙන කිසිම දෙයක් ඉල්ලන්න නෙවෙයි ආවේ. අපිට අවශ්‍ය මේ තණබිම විතර යි. "අපේ පිරිමි අය දුක්විඳිනවා බලාගෙන ඉන්න බැහැ. සතුන්ට හක්කපටස් දෙනවා. උගුල් අටවනවා. පොරවෙන් කොටනවා. ගොඩාක් අය මේ සතුන්ව විශ්වාස කරලා තමා ජීවත් වෙන්නේ. අපේ දරුවන්ට උගන්වන්න සල්ලි නැහැ. අපි හිත් වේදනාවට පත් වෙලා තමා මේ විරෝධතා කරන්නේ. එහෙම ඉන්න අපිව අත්අඩංගුවට ගන්නවා. හරක් මඩුවලට ගිනි තිබ්බා. මේවාට අපි මොනවා කරන්න ද? කවුරු හරි අපිට යුක්‍තිය ඉටු කරන්න. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මයිලත්තමඩු මාදවනෙයි තණ බිම් ටික ගවයින් වෙනුවෙන් බේරලා දෙන්න. මේ විරෝධතාවයට සම්බන්ධ 36 දෙනෙකුට නඩු ගොනුකරලා තියෙනවා. අපි පාරට බැහැලා සටන් කළේ ගවයින් වෙනුවෙන්." දේශීය කිරි නිෂ්පාදනයට මඩකලපුවෙන් දෛනිකව කිරි ලීටර් 3000ක් ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කය ලෙස මඩකලපුව හඳුන්වා දිය හැකි ය. එම දිස්ත්‍රික්කයේ විවිධ ජාතීන් නියෝජනය කරනු ලබන කිරි ගොවීන් 992 දෙනෙකු සිටින බවත්, ඔවුන් දෛනිකව කිරී ලීටර් 3,000කට අධික ප්‍රමාණයක් දේශීය නිෂ්පාදනයට එක් කරන බවත්, ගොවි පවුලවල සාමාජිකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ගොවිජන සේවා කිරි ගොවි සංගමයේ නියෝජිත සී. නිමලන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මෙම භූමිය ගොවීන්ට ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබුණ ද ඊට පටහැනිව රාජ්‍ය අනුග්‍රහය ලත් පිරිස කටයුතු කරන බව ය. "2019/20 කාලයේ දී ගවයින් සඳහා තෘණ බිම් හෙක්ටයාර 21,000ක් අමාත්‍යංශය විසින් දුන්නා. ඊට පස්සේ 19,000ක් දෙනවා කියල යි ලියුමක් දුන්නේ, අනුමැතිය දුන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියන නමින් හෙක්ටයාර 3275ක් දෙන්නම් කියල 3020 පස්සේ අක්කර 7000ක් දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒක දුන්නේ නැහැ. "දැන් අපේ ගවයින් වෙනුවෙන් වෙන් කරලා දෙන්නම් කියපු පැතිවල සිංහල ජනයාව ගෙනත් පදිංචි කරනවා. මේක අපේ ආර්ථිකය කඩා වට්ටවන්න කරන දෙයක්. මේ පදිංචි කිරීම්වල දී අපිට වෙන්නේ තවදුරටත් කැලෑවට කිරි ගවයින්ව දක්වන්න යි. එහෙම වුණාම සතුන්ගේ ගොදුරට මේ කිරි ගවයින් ලක් වෙන්න පුළුවන්. දැනටමත් ගවයන් ගොඩාක් මේ පදිංචිකරුවන් විසින් මරලා දාලා තියෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය. පසුගිය වසර ගණනාවක් පුරාවට කිරි ගොවීන් සහ සිංහල ගොවීන් අතර පැවති ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ දක්වා ගවයින් 5,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන් කර, තුවාල සිදුකර සහ ඝාතනය කර ඇති බවට විරෝධතාවයේ නිරත කිරි ගොවියෙකු සඳහන් කළේ ය. දෙමළ කිරි ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාව මඩකලපුව - මයිලත්තමඩු, මාදවනෙහි තෘණ භූමිය නිරීක්ෂණ කිරීමට ගොස් සිටි ඔහු ඇතුළු ආගමික නායකයින්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එහි ගොවිතැන් කටයුතුවල නිරත වන 50කට අධික පිරිසක් මරණ බිය ඇති කළ බව කන්දෙයියා ජගදාස් පියතුමන් බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කරමින් පැවසුවේ ය. "කිරි ගොවීන්ගේ මේ විරෝධතාව ජීවනෝපාය සඳහා වන අරගලයක්. තමන්ගේ ජීවනෝපාය සඳහා ගව පාලනය සිදු කළ මෙම ජනතාව අවුරුදු 50කට ආසන්න කාලයක් මේ භූමිය සිය ගවයින්ට තණ කැවීමට භාවිත කළා. ‌ඇත්තට ම මේක මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිම් පැත්තට වෙන්න තියෙන තැනක්. 70 ගණන්වල දී මේක කිරි ගොවීන් සඳහා ලබා දීලා තියෙනවා. "පසුගිය අවුරුදු 4ක ඉඳන් මේ තෘණ භූමිය උදුරාගන්න අසල්වාසී ගම්වල ඉන්න සිංහල ජනයාව ගෙනත් මෙහෙ පදිංචි කරවනවා. ගොවිතැන් කරනවා කියන නමින් මේ පදිංචි කිරීම සිදු කරනු ලබනවා. මේකේ කාරණා තුනක් තියෙනවා. එකක් ‌කිරි ගොවියන්ගේ ආර්ථිකය කඩා දමන එක. දෙවැනි එක ගොවිතැන් ජනපදකරණය යටතේ භූමිය ආක්‍රමණය කිරීම. තුන්වෙනි එක කිරි ගොවීන්ව එම ප්‍රදේශයෙන් ඉවත් කරන එක. මේ ඉඩම් ආක්‍රමණයට එරෙහිව පැවැති අධිකරණ කටයුතු එක්ක ‌මේ කටයුත්ත පොඩ්ඩක් අඩුවෙලා තිබුණා. නමුත් දැන් ඉතා දරුණු විදිහට කිරි ‌ගොවීන්ගේ තෘණ බිම් ආක්‍රමණය කරලා, නිතරම ‌ගවයින් ඝාතනය කරන එකත් දිගින් දිගටම සිදු වෙනවා. "පසුගිය අගෝස්තු මාසයේ 23 ‌වෙනිදා අපි කණ්ඩායමක් විදිහට මයිලත්තමඩු කිරි ‌ගොවීන්ව හමුවෙලා තෘණ බිම් ගැන හොයලා බලන්න ගියා. ඒ වෙලාවේ එම ප්‍රදේශ ගිනි තියලා, එම ප්‍රදේශ හේන් ගොවිතැනට සුදුසු විදිහට සකස් කරනවා අපි දැක්කා. අපි ඒවා නිරීක්ෂණය කරලා එද්දි, ඉඩම් ආක්‍රමණය කරලා තියෙන අය යි, ඒ ඉන්න ‌‌බෞද්ධ භික්ෂුන්වහන්සේ කෙනෙකුත් අපේ වාහනය හරස් කරලා නතර කරලා වාහනයේ යතුර අරගෙන කිව්වා, ඔයාලාව මේ වාහනය ඇතුළට දාලා ගිනි තිබ්බොත් තමා මගේ කේන්තිය අඩු වෙන්නේ කියලා. කොහොම හරි පැය තුනක් අපිව වාහනය ඇතුළේ හිර කරලා තියාගත්තා. "ඒ වෙලාවේ හිතුණ දෙයක් තමා, අපිට මේ තරම් තර්ජනය කරනවා නම්, අපිත් එක්ක ආපු හින්දු පූජකවරයෙක්ට පහර දෙන්න උත්සහ කළා. ඊට පස්සේ අපි මුහුණ දුන්න අත්දැකීම සහ දැක්ක දෙය අනිත් අයට කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ වගේ කැලෑ නීතියක් රජ කරනවා කියන එක කතාබහකට ලක් වුණා ම, කිරි ගොවීන් තවත් බලපෑමකට ලක් වුණා. ‌ගවයින් ඝාතනය කරන ප්‍රමාණය වැඩි වුණා. "කිරි ගොවියන් ඉල්ලන්නේ, මේ ‌තෘණබිම ආක්‍රමණය කරන්න එපා. ගවයින්ගේ ඉඩම නැවත දෙන්න කියල යි මේ විරෝධතාවයේ නිතර වෙන්නේ. මයිලත්තමඩු - මාදවනෙයි ප්‍රදේශයට ගොවිතැන් කරන්න ආපු පිට දිස්ත්‍රික්ක ගොවීන්ට අදාළ ‌දිස්ත්‍රික්කයෙන් වගා ඉඩම් ලබා දෙනවා. එයාලා එතැනින් ඉවත් වෙන්න ‌අවශ්‍ය යි. ‌කිරි ගොවීන්ට මේ තණ බිම භාවිත කරන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා දෙමළ දේශපාලනඥයන් ව හමුවුණ වෙලාවේ කියලා තිබුණා. නමුත් ජනාධිපතිවරයාගේ පොරොන්දුව පවා ඉටු ‌නොකර සාධාරණ විදිහට සටන් කරන කිරි ගොවීන්ට තර්ජනය කරනවා. ඒ සාමකාමී විරෝධතාවයට සහාය පළ කරන්න ආපු සිසුන්ව අත්අඩංගුවට ගන්නවා. යුක්තිය ඉටු කරන්නේ නැතිව, රටේ නායකයාගේ පොරොන්දුව ඉටු කරන්නේ නැතිව, රාජ්‍ය යාන්ත්‍රණය රට තුළ අවනීතිය ක්‍රියාත්මක කරනවා. මේක ‌කිරි ගොවීන්ගේ අරගලය ජීවිතයත් - මරණයත් අතර සටනක්." මේ අතර 2023.10.20 වනදායින් පසුව එරාවුර් පට්ටු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත්, කෝරලෙයි පට්ටු දකුණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් ප්‍රදේශ ඇතුළත් කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය මායිම් ලකුණු කර ඇති අතර එම ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක වී වගාවන් සිදු කර ඇති බව සඳහන් වේ. එමෙන් ම වගාවන් සිදු කරනු ලබන ගොවීන් විසින් කිරි ගවයින්ට සිදු කරන පහරදීම්, වෙඩි තැබීම්, හක්ක පටස් ලබාදීම් සහ තුවාල සිදු කිරීම් සම්බන්ධයෙන් කිරි ගොවීන් නිරතුරුව ම පොලිසිය පැමිණිලි සිදු කරමින් සිටියි. එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගිය දා වයස අවුරුදු 4ක් වන වසු පැටවෙකුට වෙඩි තබා, ගෙල සිරුරෙන් වෙන්කර එම සත්ත්වයාගේ මස් ද රැගෙන ගොස් ඇති බවට කිරි ගොවීහු පැවසූහ. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි සිදුකර ඇති බවත්, මීට පෙර සිදු කරනු ලැබූ පැමිණිලි සම්බන්ධයෙන් මේ දක්වා නිසි පියවර ගෙන නොමැති බවත් ඔවුහු චෝදනා කළහ. මයිලත්තමඩු තෘණ භූමිය කේන්ද්‍ර කරගනිමින් ගව පාලනයේ නිරත වන සමස්ත ගොවීන් විසින් කිරි ගවයින් 175,855ක් සහ මී ගවයින් 324,145ක් පාලනය කරයි. 2012 -2023 දක්වා සතුන් 6,948 දෙනෙකු විවිධ වධ හිංසාවලට 2012 වසරේ සිට 2023 වසර දක්වා සතුන් 6,948 දෙනෙකු විවිධ වධ හිංසාවලට ලක්ව ඇත. ඉන් ගවයින් 4,463 දෙනෙකු අතුරුදන් වී ඇති අතර සොරකම් කරන ලද සංඛ්‍යාව 500කි. ගවයින් 300 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීම්වලින් තුවාල ලද ගවයින් සංඛ්‍යාව 425කි. ගවයින් 100 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ඇති අතර විදුලි සැර වැදීමෙන් ගවයින් 500ක් ද, වස ඉසින ලද තණකොළ ආහාර ගැනීමෙන් ගවයින් 575 දෙනෙකු පමණ මියගොස් ඇති බව ද ගොවීහූ ප්‍රකාශ කරති. මේ අතර නොවැම්බර් මස 11 වනදා මයිලත්තමඩු ප්‍රදේශයට ඇතුළු වන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක් කරදියනාරු පොලිසිය විසින් ඉදිකර ඇති අතර ඒ සඳහා දෙහිඅත්තකණ්ඩිය සහ මහඔය යන පොලිස් ස්ථානවලින් නිලධාරින් අනුයුක්ත කර තිබේ. පිට දිස්ත්‍රික්කවලින් අදාළ තෘණ භූමියට ඇතුළුවීම තහනම් කර ඇති නමුත් ඊට අදාළ උසාවි නියෝගයක් හෝ ලිඛිත නියෝගයක් එම නිලධාරින් සතුව නැත. '1961 වසරේ ඉඳලා මේක සිංහල ගම්මානයක්' කෙසේ වෙතත්, දිවුලපතාන සහ මයිලත්තමඩු යනු ප්‍රදේශයන් දෙකක් බව මාදුරුඔයේ දකුණු ඉවුර ගොවින් සුරකීමේ සංවිධානයේ සංවිධායක ජේ. ඒ. චන්දන කුමාර ජයසිංහ බීබීසි සිංහල සේවය සමග අදහස් පළ කරමින් කියා සිටියේ ය. මහවැලි අධිකාරිය විසින් නඩු පවරා ඇති ප්‍රදේශයේ ගොවීන් 23 දෙනෙකු ගොවිතැන් කරන බවත් ඉන් 13 දෙනෙකුට පමණක් නඩු ගොනු ඇති බවත් ඔහු පැවසීය. "2009 අවුරුද්දේ ඉඳලා මේ කියන තැන ගොවීන් 23 දෙනෙකු වගාවන් කරමින් ඉන්නවා. එහෙත් මහවැලිය නඩු දාලා තියෙන්නේ 13 දෙනෙකුට විතර යි. ඒකෙන් පැහැදිලි වෙනවා මෙයාලා වැඩෙන් භාගය යි කරලා තියෙන්නේ කියලා. දිවුලපතාන කියන ගම කන්දේගම වෙල්යාය, නිදන්වල වෙල්යාය, පුබුදුගම, දම්මින්න, අරලගංවිල කියන ගම්වල මායිමට වෙන්න තියෙන ගමක්. මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමා පාලනය වෙන්නේ. 2016 වසරේ ගැසට් එකකින් ඒක මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට නම් කළා." මෙම ගම්මානයේ සිටින ජනතාව 1961 වසරේ සිට මෙම ප්‍රදේශවල පදිංචි සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව ද හෙතෙම අවධාරණය කර සිටියේ ය. "1961 වසරේ ඉඳලා මේක සිංහල ගම්මානයක්. යුද්ධ කාලයේ දී ඒ අය මේ ගමින් පිටත්වෙලා ගියා. 2009 වසරේ යුද්ධය ඉවර වුණාම එයාලා ආයෙත් මෙහෙට ආවා. අවේ මුලින් හිටපු පරම්පරාවේ අය නෙවෙයි. තුන්වෙනි පරම්පරාවේ අය. ඡන්ද හිමි නාමලේඛනයේ පවා විස්තර තියෙනවා. "1961 කාලයේ හිටපු පාලකයන් මේ අයට ඉඩම් ලියලා දීලා තිබුණා. ඊට පස්සේ මෑතක දී සුමනරතන හිමියන්ගේ මැදිහත් වීමෙන් නිවාස 25ක් හදලා දුන්නා. 2015 දී බලයට පත් වුණ යහපාලන ආණ්ඩු මෙතැන හිටිය ගොවියන්ව අයින් කළා. ඒත් අර 23 දෙනා ගියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවාම නැවතත් මේ ජනතාව ඇවිත් ගොවිතැන් කරගෙන හිටියා. ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත්ගේ මැදිහත්වීමෙන් මේ මිනිසුන්ට තාවකාලික ලිපි ලේඛන හදලා දුන්නා. "මාදුරුඔයේ දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විශාල වැව් තුනක් ඉදිකෙරෙනවා. ඒකත් දැන් අවසන් අදියරයේ තියෙන්නේ. මේ ගොවීන් වී, මුං, කවුපි සහ මඤ්ඤොක්ක කියලා හෙක්ටයාර් 10,000ක් විතර වගා කරලා තියෙනවා. මඩකලපුවේ ඉඳන් කිලෝමීටර් 48ක් දුරින් තමා මේ කියන හෙක්ටයාර් 65,000ක් විතර වන භූමිය පිහිටලා තියෙන්නේ. සිංහල ගම්මානයක් මැදින් තෘණ භූමියක් ඉල්ලන්නේ කුමන පදනමකින් ද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. මේ ඉඩමෙන් 75%ක් අම්පාර දිස්ත්‍රික්කයටත්, ඉතුරු 25% තමා මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නේ. මේ ගම්මානයේ පවුල් 550කට වැඩිය පිරිසක් ජීවත් වෙනවා." කිරි ගවයින්ට මෙම සිංහල ගොවීන් විසින් සිදු කරනු ලබන බව කියන තාඩන පීඩන සම්බන්ධයෙන් ද අප ප්‍රශ්න කළෙමු. "ඇලෙන් එහා පැත්තේ කට්ටියක් වගා කරමින් ඉන්නවා. එයාලාගේ වගාවන් ආරක්ෂා කරන්න විදුලි වැට එහෙම ගහලයි තියෙන්නේ. නමුත් රෑට මේ අය කම්බි කපලා ගවයින්ව දානවා. ගවයින් ව මරපු සිදුවීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒවා කරන්නේ කවුද කියන එක හරියට ම දන්නේ නැහැ. මේ ගමේ අය කරනවා ද නැත්නම් පිට පළාත්වලින් ආපු අය කරනවා ද කියලා හරියට ම කියන්න බැහැ. පසුගිය දවස්වලත් එහෙම සිද්ධියක් වෙලා පොලිසිය ඇවිත් අත්අඩංගුවට ගත්තා. "මේක රජයේ ඉඩමක් නම්, මහවැලියට අයිති එකක් නම්, ඇයි සිංහල අයට විතරක් යන්න කියන්නේ? දෙමළ අයට එක විදිහක් අපිට එක විදිහක් සලකන එක ගැන ගැටළුසහගත යි. ඉන්න 23 දෙනාගෙන් 13 දෙනෙකුට විතරක් නඩු දාලා තියෙන එකෙන් මේක හොඳින් පැහැදිලි වෙනවා. කිරි ගොවීන් මෙතැන වැව් දෙකක් හදලා තියෙනවා. මහවැලියට අයිති ඉඩමක මෙහෙම කරන්න පුළුවන් ද? අනික මේක පුරාවිද්‍යාත්මක වැදගත්කමක් රැසක් තියෙන ස්ථානයක්."
'ගාසාහී දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න' - කොළඹ UN ඉදිරිපිට නිහඬ විරෝධයක්
ගාසා තීරයේ ගැටුම් නිසා දරුවන් මිය යෑම වලක්වා ගැනීමට ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් වහා මැදිහත්විය යුතු බවට අවධාරණය කරමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් නොවැම්බර් 20 දා පැවැත්වුණි. සිවිල් සංවිධාන නියෝජිතයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය. ''යුද්ධය නැවත්වීමට, දරුවන් ස්ත්‍රීන් සහ රෝගීන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙන කිසිම කෙනෙක් සමත් වෙලා නැහැ'' යනුවෙන් එම අවස්ථාවට එක වූ සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.
X-PRESS PEARL: ගිනි ගත් නැවේ අදුරු වළා අතරින් රිදී රේඛාවක් පෑදුනු ධීවර කාන්තාවෝ
“මේ වගේ වැඩක් හම්බ වුණ එක ඇත්තටම ලොකු දෙයක් අපිට. පිනක් ලැබුණා වගේ තමයි. ඇත්තටම උදව්වක් තමයි අපිට” මීගමුව පලඟතුරේ පදිංචි ධීවර කාන්තාවක් වු මේරියන් සුභාෂිණි එලෙස බීබීසි සිංහල සේවයට විස්තර කළේ තම ජිවිතය හා බැඳී පවතින මහ මුහුදට සිදුවු විනාශයෙන් පසුව තම ප්‍රජාවට මුදලක් උපයා ගැනීමට ලැබුණ අවස්ථාව ගැනය. මීට දෙවසරකට ඉහත විශාල සාගර විනාශයක් සිදු කරමින් ශ්‍රි ලංකා මුහුදු කලාපයේ ගිනි ගෙන දැවී ගිය X-PRESS PEARL නෞකාව නිසා මීගමුව හා අවට මුහුදු තීරයේ ප්‍රජාවට තම බඩ වියත රැක ගැනීමේ අරගලයට එල්ල වූයේ මරු පහරකි. දැන් ඔවුන්ට එම ව්‍යසනයෙන් පරිසරයට වූ හානියත් තමන්ට වූ හානියත් යන දෙකම අවම කරගැනීමට හැකි අලුත් ජීවිකාවක් ලැබී තිබේ. ඒ අනුව මේරියන් සුභිෂිණි ඇතුලු වෙරළ තීරයේ ජිවත්වන ධීවර කාන්තාවන් හට වසර දෙකක පමණ කාලයක් තිස්සේ නැවෙන් මුහුදට එක් වු ප්ලාස්ටික් හා පිලිස්සී ගිය කොටස් එකතු කිරිමේ නිරත වේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන ඇති බහුතරය මුහුදුකරයේ දිවි ගෙවන ධීවර කාන්තාවන්ය. නැවෙන් සිදුවු විනාශයෙන් අදටත් පීඩා විදින ඔවුන්ට එයින්ම අදායමක් උපයා ගැනීමට ලැබීම ආර්ථික අමාරුකම් ඇති මෙවැනි කාලයක මහත් අස්වැසිල්ලක් වී ඇතැයි ඔවූහූ පවසති. X-PRESS PEARL නැව් ගිනි ගැනීමෙන් මුහුදට එකතු වී වෙරළට ගොඩගසන පිලිස්සී ගිය කොටස්, කුඩා ප්ලාස්ටික් කැබිලි හා ගින්නෙන් විනාශ වී වෙරළට ගොඩගසන පරිසරයට අහිතකර ද්‍රව්‍ය එක්කාසු කර පරිසර පද්ධතියෙන් ඉවත් කිරිම ඔවුන්ගේ රාජකාරියයි. “ධීවර අයට මේ වගේ වැඩක් හම්බ වෙච්ච එක අපිටත් හොඳයි. ලංකාවට මේ වගේ හානියක් වෙලා තියෙන දෙයක් පිරිසිදු කරලා දෙන එක ගැනත් අපිට හරි ආඩම්බරයි.” “ධීවර රස්සාවෙන් මේ වගේ ගාණක් හොයන්න බැහැ. අපි දවස ගාණේ වැඩ කරනවාට අපිට සල්ලි වැටෙනවා. ගෑනු කෙනෙක් හැටියට අපිට මේ වගේ රස්සාවක් හම්බ වෙච්ච එක ලොකු දෙයක් තමයි.” ව්‍යසනයක් මුත් එයින් සිය ජිවිකාවට ලැබෙන අත්වැල ගැන ඇය එලෙස බීබීසි සිංහල සේවයට පැහැදිලි කළාය. මෙම කාන්තාවන් විසින් එකතු කරනු ලබන ප්ලාස්ටි ඇතුලු කොටස් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ලබා ගෙන ගබඩා කර ඇති අතර මුහුදු තීරය පිරිසිදු කරනු ලබන්නේ එම අධිකාරියේ අධික්ෂණය යටතේ ය. මීගමුව ආසන්නයේ කණ්ඩායම් තුනක් විසින් මුහුදු තීරයේ ඇති අපද්‍රව්‍ය එකතු කරනු ලබයි. අපගේ කතා නායිකා මේරියන් සුභිෂිණි ඉන් එක් කණ්ඩායමකට නායකත්වය ලබා දෙන්නීය. වෙරළෙන් ලබා ගන්නා මුහුදු වැලි කිහිප වරක් ගැරීමට ලක් කර අපද්‍රව්‍ය වෙන් කරගන්නා අතර ඉන් පසුව එම අපද්‍රව්‍ය වතුරට දමා අවශ්‍ය ප්ලාස්ටි ඇට හා පිලිස්සී ගිය කැබලි එක්කාසු කර ගනී. “මුලින්ම එකතු කරන කාලේ අපි කිලෝ 80 ක් විතර එකතු කළා. දැන් වෙද්දි ඒක කිලෝ 5 කට වගේ අඩු වෙලා තියෙන්නේ. ඒක ලොකු ආඩම්බරයක් අපිට. ඉස්සර වෙරළේ පොළොව හරලා තිබ්බ දේවල් ඔක්කෝම ගත්තා. දැන් තියෙන්නේ රැල්ල එක්ක ආයේ ගොඩගහන දේවල් තමයි.” දින 702 ක දී අපද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1700 ක් එකතු කරයි 2021 මැයි මස 26 වැනිදා ආරම්භ කරන ලද මෙම වැඩසටහනට සෘජු සේවකයන් ලෙස ලියාපදිංචි වී ඇති ප්‍රමාණය 210 ක් වන අතර ඔවුන් බහුතරය මුහුදු තීරයේ දිවි ගෙවන X-PRESS PEARL නැව් ගින්න නිසාවෙන් පීඩාවට ලක් වු ප්‍රජාව වේ. 2023 වසරේ නොවැම්බර් 6 වැනිදා වන විට මුහුදු තීරය පිරිසිදු කිරිමේ දින 702 ක දී කලාප 6,263 ක පිරිසිදු කිරීම අවසන් කර ඇති අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව එහිදි ඉවත් කරන ලද ප්ලාස්ටික් හා පිලිස්සී ගිය කොටස් ඇතුලු අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1700 කට ආසන්න යි. දැනට මීගමුව හා හලාවත වෙරළ කලාපයේ පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරනු ලබන අතර කොළඹ වෙරළ කලාපයේ මීට පෙර පිරිසිදු කටයුතු සිදුකර ඇතිමුත් දැනට එය නවතා දමා ඇත. වෙරළ තීරයේ සිදු කරනු ලබන නිරීක්ෂණ කටයුතු වලින් අනතුරුව එම කලාප තුළ අපද්‍රව්‍ය හඳුනාගතහොත් අවශ්‍යතාවය මත පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරනු ලබන අතර නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය. පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන X-PRESS PEARL අනතුරින් මෙරට සාගරයට සිදුවු හානිය අති මහත් ය. ඉන් වැඩිම පීඩාවට පත් වුයේ ද ධීවර ප්‍රජාවයි. එම අනතුරින් පසුව ධීවර කටයුතු තහනම් කිරිම, මත්ස්‍ය සම්පත විනාශ වීම වැනි කරුණු නිසා පීඩාවට පත්වු ධීවර ජනතාව තුළින්ම පිරිසිදු කටයුතු සඳහා පිරිස් තෝරාගැනීම ඔවුන්ට සිදුවු ආර්ථික හානියට අස්වැසිල්ලකි. මුහුදු තීරය හා වෙරළ ගැන ඔවුන් තුළ ඇති දැනුම නිසාවෙන් මෙම කටයුතු සිදු කිරිම තවදුරටත් පහසු වී තිබේ. X-PRESS PEARL නැව් අනතුරින් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව
ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් බීබීසී සිංහල ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය. එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයෙකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන. කොළඹ නගරය මැද පිහිටා ඇති මනරම් උද්‍යානයක් වන විහාරමහා දේවි උද්‍යානයට සීමා වී පවතින මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි. සියලුම ආකාරයේ පුස්තකාල සේවා, ජංගම පුස්තකාල සේවා, ශ්‍රවණාගාර පහසුකම්, නවීන කියවීම් ශාලා මෙන් ම ආපනශාලා සහ අනෙකුත් සියලුම පහසුකම් විශාල ප්‍රමාණයක් පවතින ශ්‍රී ලංකාවේ එකම පුස්තකාලය ලෙස කොළඹ මහජන පුස්තකාලය නම් කිරීමට හැකි ය. කොළඹ නගර සභාව මඟින් කොළඹ ක්‍රියාත්මක වන මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට වයස් භේදයකින් තොරව ලබා ගත හැකි අතර, විදේශිකයෙකුට වුවත් පොත්පත් පරිශීලනයට අවසර පත්‍රයක් ලබා ගැනීමට ඉතා පහසු ය. කලකට පෙර පටන් මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ගැනීමට නම් කොළඹ පදිංචි කරුවෙකු විය යුතුයැ යි දුර්මතයක් සමාජයේ තිබූ නමුත්, ඕනෑම අයෙකුට එහි සාමාජිකත්වය ගැනීමට බාධාවක් නොමැත. කොළඹ මහජන පුස්තකාලය පිළිබඳ ඔබ නොදත් කරුණු රැසක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබේ. 'සිරි නිවසේ' සිට 'විහාරමහා දේවිය' දක්වා කොළඹ මහජන පුස්තකාලයේ ආරම්භය 1925 දක්වා ඈතට දිව යයි. බීබීසී සිංහල වෙත තොරතුරු ලබාදුන් කොළඹ මහජන පුස්තකාලයේ පළමු ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු වන ප්‍රසාද් ගුණසේකර පෙන්වා දුන්නේ 1920 දශකයේ පිටකොටුවේ සහ කොළඹ කොටුවේ පැවති ප්‍රජා මූල මණ්ඩල පුස්තකාලවලට සමාන පුස්තකාල දෙකක් මහජන පුස්තකාලය ගොඩනැගීමට මූලබීජය වූ බව යි. එම පුස්තකාල දෙක පවත්වාගෙන යාමේ අපහසුතාවයන් ඇතිවීම හේතුවෙන්, එම පුස්තකාල දෙකෙහිම පොත් කොළඹ මහ නගර සභාවට ලබාදී ඒ හරහා පුස්තකාලයක් ආරම්භ කිරීම කොළඹ මහජන පුස්තකාලයේ ආරම්භක කතාව යි. ආරම්භයේ දී ගොඩනැගිල්ලක් හෝ කිසිදු පහසුකමක් නොතිබූ නිසා පුස්තකාලය ආරම්භ කරන්නේ කොළඹ නගරාධිපති නිල නිවස වන "සිරි නිවස" තුළම ය. ආරම්භ කළ මුල් වකවානුවේ දී බැහැරදීමේ අංශයක්, විමර්ශන අංශයක්, කියවීමේ ශාලාවක් හා පුවත්පත් අංශයක් පුස්තකාලයට ඇතුළත්ව තිබූ බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය. පුස්තකාලයේ පළමු ප්‍රධාන පුස්තකාලාධිපතිවරයා වූයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ පුස්තකාල විද්‍යාව සම්බන්ධයෙන් උපාධිදාරියෙකු වූ එස්. සී. බ්ලොක් ය. ඔහු 1925 සිට 1949 වර්ෂය දක්වා එම තනතුරේ සේවය කර තිබේ. ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රධාන පුස්තකාලාධිපතිවරුන් සය දෙනෙකු සේවය කර ඇති අතර වර්තමාන ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වන වරුණි ගඟබඩආරච්චි සත්වැනියා ය. පුස්තකාලය ආරම්භ කර දශක හයක් පමණ ගෙවී ගිය තැන පුස්තකාලය වර්තමානයේ පවතින ස්ථානයට රැගෙනවිත් තිබේ. සිරි නිවසේ ඉඩකඩ සීමාවීම සහ පුස්තකාල සාමාජිකයන් ප්‍රමාණය ඉහළ යාමත් නිසා අවශ්‍ය ගුණාත්මක සේවය ලබා දීමේ අරමුණින්, ඊෂ්වරී කොරයා ප්‍රධාන පුස්තකාලාධිපති ධූරය දැරූ සමයේ 1982 වසරේ දී විහාරමහාදේවී උද්‍යානයේ කොටසක වර්තමාන ගොඩනැගිලි ඉදිකර පුස්තකාලය නැවත පිහිටුවා තිබේ. අංශ ගණනාවකින් ඔබ වෙත එන දැනුම වර්තමානයේ දී කොළඹ මහජන පුස්තකාලය තුළ ප්‍රධාන අංශයන් ගණනාවක්ම ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට ක්‍රියාකාරී පුස්තකාල සාමාජිකයන් 38335ක් පද්ධතියේ ලියාපදිංචිව සිටින බව ප්‍රසාද් ගුණසේකර පවසයි. "මේ ප්‍රමාණයට ළමා සහ වැඩිහිටි කියන දෙගොල්ලන් ම අයත් වෙනවා. අපේ ශාඛා පුස්තකාලවල සාමාජිකයන් ප්‍රමාණයත් එක්ක මේ සාමාජිකයන් ප්‍රමාණය තව වැඩිවෙනවා. මේ ගණන ප්‍රධාන පුස්තකාලයේ ලියපදිංචි ගණන පමණයි," ඔහු පැවසුවේ ය. කොළඹ මහජන පුස්තකාලයේ ශාඛා කිහිපයක් ක්‍රියාත්මක වන අතර ඒවා කිරුළපන, වැල්ලවත්ත, හෙන්රි පේද්‍රිස් ළමා උද්‍යානය අසල, බොරැල්ල එලියට් පෙදෙස, වනාතමුල්ල, කොටහේන, මට්ටක්කුලිය, බොනවිස්ටා, සුචරිත මාවත හා කෙත්තාරාම යන ප්‍රදේශවල පිහිටා ඇත. මීට අමතරව පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොරැල්ලේ කියවීම් ශාලාවක් ද පවත්වගෙන යනු ලබයි. ශාඛා පුස්තකාලවලට ඔබ්බෙන් යමින් ජංගම පුස්තකාල සේවයක් ද කොළඹ මහජන පුස්තකාලය මඟින් ක්‍රියාත්මක ය. "පුස්තකාලයට එන්න බැරි වැඩිහිටි අය සහ දරුවො වගේම පුස්තකාලයට එන්න වෙලාවක් නැති රැකියා කරන අය ඉලක්ක කරගෙන තමයි 1970 දශකයේ දි පමණ මේ ජංගම පුස්තකාල සේවය ආරම්භ වෙන්නෙ. අපි නිශ්චිත කාල සටහනකට අනුව කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලට මේ සේවා ලබා දෙනවා," ප්‍රසාද් පවසයි. මෙම ජංගම පුස්තකාලය කොළඹ මහ නගර සීමාවේ රාජ්‍ය ආයතන, මහල් නිවාස, බන්ධනාගාරය ඇතුළු බොහෝ ස්ථාන ආවරණය කරයි. පැල්පත්වාසී අඩු ආදායම්ලාභී දරුවන්ගේ කියවීම වර්ධනය කිරීම සඳහා ද UNICEF හා මහජන පුස්තකාලය එක්ව පොත් පෙට්ටි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර, එය ද ජංගම පුස්තකාල සේවාව මෙන් ක්‍රියාත්මක වන සේවාවකි. කොළඹ මහජන පුස්තකාලයෙන් ඔබට ලබාගත හැකි සේවා මොනවා ද? එහි බැහැරදෙන පොත් අංශයේ විශාල පොත් එකතුවක් ඇති අතර, ආසන්න වශයෙන් පොත් ගණන 150,000ක් පමණ වන බව ද, ඊට අමතරව සම්පූර්ණ පුස්තකාලයේ ම පොත් සහ මූලාශ්‍ර 450,000ක් ඇති බව ද පුස්තකාලාධිපති ප්‍රසාද් පවසයි. පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත් අය සඳහා බැහැරදෙන අංශයෙන් එකවර පොත් හතරක් ලබා ගත හැකි අතර, ඒවා නැවත ලබා දීම සඳහා මාසයක කාලයක් ලබා ගත හැකි ය. ඊට අමතරව මෙහි ළමා අංශයක් ක්‍රියාත්මක වන අතර එහි ද විශාල පොත් එකතුවක් තිබේ. දරුවන්ට එහි සිටම පොත් කියවීමේ පහසුකම් ද සලසා තිබේ. පුවත්පත් අංශයක් හා වාර සඟරා අංශයක් වෙන වෙනම පුස්තකාලය තුළ පිහිටා තිබේ. මීට අමතරව, විශේෂ විමර්ශන අංශයක් සහ විමර්ශන අංශයක් ක්‍රියාත්මක වන අතර, ඒවා පුස්තකාල නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ පාවිච්චි කිරීමට හැකි ය. විමර්ශන අංශයන් තුළ පුස්කොල පොත් එකතුවක් සහ රොබට් නොක්ස් විසින් ඔහුගේ අත් අකුරින් ලියූ පොතක් ද පවතින බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය. එමෙන් ම ඒ තුළ යටත් විජිත සමයේ ලියැවුනු බොහෝ පොත් පත් සහ රාජකාරී වාර්තා ද සුරක්ෂිතව තිබෙන බව දැක ගැනීමට හැකි විය. කොරියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයය හා වියට්නාම් තානාපති කාර්යාලයය විසින් එම රටවලට අදාළ පොත් එකතුන් දෙකක් වෙන වෙනම පුස්තකාලය තුළ පවත්වාගෙන යන අතර ඒවා අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද සාමාජිකයන්ට හිමි ය. පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර කොරියානු අංශයේ කොරියානු ස්වේච්ඡා සේවකයන් කිහිපදෙනෙකු ද සේවය කළ බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය. "කොරියන් තානාපති කාර්යාලය මඟින් පවත්වපු විවිධ වැඩසටහන් ඔවුන් කළා පාඨකයන් වෙනුවෙන්. නමුත් අවාසනාවන්ත විදිහට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවුණාට පසුව ඒ අය නැවත ඔවුන්ගේ රටට ගියා." මීට අමතරව විමර්ශන අංශය තුළ, ජපන්, චීන, රුසියානු, ඉරාන, තායිලන්ත, ඉන්දියානු ආදී එකතු කිහිපයක් ම පවතියි. පරණ පොත් විතර ද තියෙන්නෙ? සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ මහජන පුස්තකාලවල පවතින ප්‍රශ්නයක් වන්නේ අලුතෙන් නිකුත් පොත්පත් ඉක්මනින් ම පුස්තකාලයට නොපැමිණීම ය. නමුත්, වසරකට පොත් මිල දී ගැනීම සඳහා පමණක් රුපියල් මිලියන දහයක් පමණ පුස්තකාලයට වෙන් වන බව ප්‍රසාද් පෙන්වා දුන්නේ ය. "භාෂා තුනෙන් ම අවශ්‍ය අලුත් පොත් මිල දී ගන්න ලක්ෂ සීයක විතර මුදලක් අපට නගර සභාවෙන් වෙන් වෙනවා. කලින් එක පොතකින් පිටපත් 15ක් පමණ මිල දී ගත්තා. ඒ අපේ ශාඛා පුස්තකාලවලටත් එක්කම. නමුත් දැන් පොත්වල මිල ගණන් ඉහළයාම නිසා කලින් වගේ මිලට ගන්න දුෂ්කරතාවයක් තිබෙනවා," ඔහු පෙන්වා දෙයි. "කොහොම වුණත් හැම අවුරුද්දෙම නිකුත් වෙන ස්වර්ණ පුස්තක පොත් ටික වගේම පාඨකයන්ට වැදගත්වෙන බහුතරයක් පොත් අපි ඉතා ඉක්මනින් ම පොත් එකතුවට එක් කරනවා." එමෙන් ම කැමති ඕනෑම අයෙකුට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට හැකි ය. මුදල් ආධාර කිසිවක් භාර නොගන්නා බවත් පොත් පරිත්‍යාග කිරීම් පමණක් භාර ගන්නා බවත් ප්‍රසාද් ප්‍රකාශ කළේ ය. පාඨකයන්ට ඔවුන්ට අවශ්‍ය පොත් පුස්තකාලය තුළ නොමැති නම් ඒවා මිල දී ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතියි. සාමාජිකත්වය ගැනීම ඇත්තටම අපහසු ද? පුස්තකාලයේ සාමාජිකත්වය සෑම කලක දී ම ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විවෘත වී තිබූ එකකි. වර්තමානය වන විට එම සාමාජිකත්වය ලබා ගැනීම පෙර පැවති දුෂ්කර ක්‍රමවේදයට වඩා පහසු වී තිබේ. කොළඹ මහ නරග සීමාවේ පදිංචි වැඩිහිටි සාමාජිකයෙකුට, එම නගර සීමාවේ පදිංචි ඇපකරුවෙක් සමග රුපියල් සියයකට සාමාජිකත්වය ලබා ගත හැකි ය. කොළඹ පදිංචි නොවූවත් එම නගර සීමාවේ රැකියාවක නියුතු හෝ අධ්‍යාපනය ලබන අයෙකුට ද කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි ඇපකරුවෙකු සමග රුපියල් 200කට සාමාජිකත්වය ලබා ගැනීමට හැකි ය. නගර සභා සීමාවේ කිසිදු සම්බන්ධයක් නොමැති අයෙකුට සාමාජිකත්වය ලබා ගැනීමේ මුදල රුපියල් 500කි. සාමාජිකත්වය අපේක්ෂා කළ බොහෝ අයට කොළඹ මහ නගර සභා සීමාවේ ඇපකරුවෙකු සොයාගැනීමේ අපහසුතාව නිසා සාමාජිකත්වය ලබා ගැනීම දුෂ්කර වී තිබුණි. දැනට වසර පහකට පමණ පෙර ඒ සඳහා විසඳුමක් පුස්තකාල පරිපාලනයෙන් ලබා දී තිබෙන අතර එහි දී ඇපකරුවෙකු ඉදිරිපත් කිරීමට අපහසු අපේක්ෂකයන් හට නැවත ගෙවනු ලබන රුපියල් 2000ක තැන්පතුවක් තබා ඉහත සඳහන් කළ පුස්තකාල ගාස්තු ගෙවා සාමාජිකත්වය ඉතා සුළු වේලාවක් තුළ ලබා ගත හැකි ය. සාමාජිකත්වය වසර දෙකකට වරක් අලුත් කළ යුතු ය. මීට අමතරව විදේශීකයන්ට සහ අවශ්‍ය අනෙක් අයට රුපියල් සියයක මුදලක් ගෙවා වසරක කාලයකට අවසර පතක් ලබා ගැනීමේ හැකියාව ද පවතියි. එම අවසරපතට බැහැරදෙන අංශය භාවිත පමණක් භාවිත කිරීමට නොහැකි අතර, ඇපකරුවෙකු ද අවශ්‍ය නොවේ. මගේ ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් පුස්තකාලය පාවිච්චි කරන්න පුළුවන්ද? වර්තමානය වන විට පුස්තකාලය පරිගණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන නිසා සාමාජිකත්වය ලබා ගැනීම, පොත් භාරදීම සහ ලබා ගැනීම, දඩ ගෙවීම අඩු කාලයකින් කරගත හැකි ය. ප්‍රසාද් පවසන්නේ පරිගණක පද්ධතිය පිහිටුවීමට ප්‍රථම එක් පොතක් භාර දීමට මිනිත්තු එකහමාරක් පමණ ගත වූ බවත් වර්තමානය වන විට එය තත්ප‍ර දෙකක් පමණ වන තෙක් සීමා වී ඇති බවත් ය. එම පරිගණක පද්ධතිය හරහා සෑම සාමාජිකයෙකුටම පුස්තකාල ගිණුමක් හිමි වේ. "මේ ලයිබ්‍රරි අකවුන්ට් එකට ලොග් වෙලා පුස්තකාල නාමාවලිය පරීක්ෂා කරන්න පාඨකයන්ට පුළුවන්. ඒ වගේම ඒ පොත් ඔවුන්ට අවශ්‍ය නම් රඳවන්නත් පුළුවන්. තමන්ගෙ පොත් ලබාගත් ඉතිහසය පරීක්ෂා කරන්න වගේ මෙතෙක් විශ්වවිද්‍යාල පුස්තකාලවල ලබා දී තිබුණ පහසුකම් දැන් ඕනෑ කෙනෙකුට අපේ පුස්තකාලයෙනුත් ලබාගන්න පුළුවන්," ප්‍රසාද් පවසයි. එළඹෙන 2024 වසරේ දි E-library සංකල්පය යටතේ මාර්ගගත පුස්තකාලයක් ද ආරම්භ කෙරෙන බව ඔහු පැවසුවේ ය. "ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන බුද්ධිමය දේපළ පනත වැනි නීති නිසා හැම පොතක්ම මේ E-Library එකට දාන්න අපට හැකියාවක් නෑ. නමුත් ඒ පනත උල්ලංඝණය නොවන දේවල් අපි ඒ හරහා පාඨකයන්ට පරිශීලනය කරන්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේ ම යම් කර්තෘ කෙනෙක් සිය කැමැත්තෙන් ලිඛිත අවසරයක් ලබා දුන්නොත් අපි ඒ පොතුත් ඊට ඇතුළත් කරනවා." සැමට නුවණ බෙදන දැනුම් යාත්‍රාව පුස්තකාලයකින් සාම්ප්‍රදායිකව ලැබෙන ඉහත සඳහන් කළ පහසුකම්වලට අමතර ව නොමිලේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගණනාවක් ම පුස්තකාලය හරහා ක්‍රියාත්මක වේ. එයින් එක් වැඩසටහනක් වන්නේ වැඩිහිටියන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට පවත්වනු ලබන පාඨමාලාවකි. ඊට අමතරව පාඨකයන් සමග පවත්වනු ලබන සාහිත්‍ය සංවාද ද තිබේ. පුස්තකාලයේ ළමා අංශය මඟින් නොමිලේ වැඩසටහන් ගණනාවක් ම ක්‍රියාත්මක ය. ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කරන ප්‍රායෝගික වැඩසටහන්, පරිගණක භාෂා ඉගෙනුම් වැඩසටහන් (Computer Language) සහ නව නිපැයුම් සඳහා දරුවන් උනන්දු කරන වැඩසටහනක් ද ළමා පුස්තකාල අංශයෙන් ක්‍රියාත්මක වේ. නව නිපැයුම් පාඨමාලාව සඳහා පමණක් අවශ්‍ය උපකරණ කට්ටලය සඳහා දරුවන්ට රුපියල් හත්සියයක මුදලක් ගෙවීමට සිදු වේ. මෙම වැඩසටහන් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව පුස්තකාලාධිපති ප්‍රසාද් පැවසුවේ ය. වර්තමානය වන විට පුස්තකාලයේ 120ක් පමණ සේවය කරන අතර පුරප්පාඩු ද විශාල ප්‍රමාණයක් පවතින බව ප්‍රසාද් පෙන්වා දුන්නේ ය. ඔහු පැවසුවේ එම සේවක අවශ්‍යතාවයන් ද සැපිරීමට හැකි වුවොත් රටටම සේවය කරන එකම මහජන පුස්තකාලයේ සේවාව වඩාත් ගුණාත්මකව හා කාර්යයක්ෂවමව ලබා දීමට හැකිවනු ඇති බව ය.
'දෙලක්ෂ හැත්තෑදාහේ බෙහෙත ඕනා කියනකොට අපි ඔක්කොටම පිස්සු හැදිලා හිටියේ'
රජයේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ හිඟය සහ අනෙකුත් සීමා කිරීම් හමුවේ පිළිකා වැනි රෝග වලට ගොදුරු වූවන් වඩාත් අසරණ වී සිටිනු දක්නට ලැබේ. මේ, පිළිකා රෝගයට ගොදුරු වූ අවුරුදු හතරක දරුවෙකුට අවශ්‍ය ඇතැම් ඖෂධ මිල දී ගැනීමට සිදුවීම එම දරුවාගේ පවුලේ සියලු සාමාජිකයින්ගේ දෛනික ජීවිතයට එම තත්ත්වයෙන් කොතරම් බලපෑමක් සිදු වන්නේදැයි කියන සංවේදී කතාවකි. එම දරුවාට අවශ්‍ය ඖෂධ සහ ආහාර ලබා දෙන්නේ කෙසේදැයි සිතමින් මව්පියෝ ලතවෙති. මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ ලබන වසරේ දී ඖෂධ වර්ග 497ක්, ශල්‍ය අයිතම වර්ග 5301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අයිතම 2219ක් සැපයුම් ලේඛනයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක් නිකුත්කර ඇති බවය. එමෙන්ම දැනටමත් ග්‍රාමීය රෝහල්, බෙහෙත් ශාලා සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 20ක් වැසීගොස් ඇති අතර තවත් රෝහල් 95ක් වැසී යෑමට අසන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඖෂධ හිඟය පියවීම සඳහා 2024 දී රුපියල් බිලියන 180ක් වෙන්කර ඇති බවත්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සැපයුම් ලැයිස්තුවෙන් ඉවත් කළේ වෛද්‍යවරුන්ගේ එකඟතාවය මත බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ BBC සිංහල සේවයට පැවසුවේය.
COPE: හස්ත සංඥාව ගැන සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන්නේ කුමක්ද ?
මේ දිනවල රටේ මතභේදයට තුඩුදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳ ගැටලුව ඉමක් කොනක් නොමැති, පැටලුනු නූල් බෝලයක ස්වභාවට පත්ව ඇත්තේ එය විසඳීමට මැදිහත්වන පාර්ශවද අර්බුදයට ලක්කරමිනි. 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට (නොවැම්බර් 14 වැනිදා) කැඳවනු ලැබුණි. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර එහිදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේවන විට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද ප්‍රබල සංවාදයක් මතුවී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර ලබැඳියාවන් අතර ගැටුමක් තිබේ ද යන්න පිළිබඳවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශනවලට අමතරව දැන් ඒ පිළිබඳවද පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයා වෙත ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබේ. පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු ද ඉවත්ව ඇති පසුබිම තුළය. විපක්ෂ නායකවරයා එල්ල කළ චෝදනාව කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේය. නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කතානායකවරයාට දැනුම්දී සිටියේ ඊට පෙරදින ( නොවැම්බර් 14 වැනිදා ) කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් හස්ත සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන රූප රාමුවක් ඇති බවත් ඔහු විසින් නියම් හෝ අනියම් ආකාරයෙන් සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර හැසිරවීමට කටයුතු කරන බවයි. එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය. "කෝප් කමිටුවේ යම් යම් කරුණු විමසීමේදී අපි දැක්කා රූප රාමුවක්. ඒ රූප රාමුවේදී අපි දකිනවා කෝප් එකේ සභාපතිවරයා මෙහෙම කටට ඇඟිල්ල තියලා යම් කිසි පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා, අපි හිතන විදිහට. ඒ දැක්කේ රූප රාමු විතරයි දැන් එළියට ඇවිල්ලා තියෙන." "හැබැයි ඒ රූප රාමුවලට මැච් කලොත් ඒ රූප රාමු ඇතුලේ අපේ සාමාජිකයෝ දක්වපු අදහස් බොහොම බරපතලයි." "ඒ කියන්නේ කෝප් එකේ සභාපතිවරයා නියම් හෝ අනියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා හෝ හසුරුවනවා සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර පිළිබඳව. ඒක බරපතල කාරණාවක්. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් කතානායකතුමා පරීක්ෂණයක් කරන්න." "හේෂා මන්ත්‍රීතුමා සහ මරික්කාර් මන්ත්‍රීතුමා එකේ සාමාජිකයින්. ඔවුන්ගේ පවා වරප්‍රසාද උල්ලංඝණය වෙලා තියෙනවා. " "කෝප් කමිටුවේ සභාපතිවරයා ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක සාක්ෂි දෙන එක හසුරුවන්න නෙමෙයි නේ. ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලීමක් කරනවා." විපක්ෂ නායකවරයා පැවසීය. 'ඉන්න මන්ත්‍රීවරු චුදිතයෝ හොරු වෙයි' මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස් දක්වමින් පැවසුවේ කෝප් කමිටුව හමුවට ක්‍රිකට් ආයතනය ගෙන එන ලැබුවහොත් අවසානයේදී සිදුවන්නේ සිටින මන්ත්‍රීවරු ටික චුදිතයෝ හෝ හොරු බවට පත්වී ක්‍රිකට් ආයතනය හොඳ පිරිසිදු සුදු ඇඳගත් පිරිසක් ලෙස එලියට යාම බවය. "ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් අහන හැම මොහොතකම කෝප් කමිටුවේ සභාපතිවරයා හෑන්ඩ් සිග්නල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා, ඔයා වාඩිවෙන්න කියලා ඒක එතුමා භාරයේම තියා ගත්තා." "ඉතින් එහෙනම් මේ රටේ ප්‍රශ්න විසඳන්නේ , ක්‍රිකට් එක හොරකම් කළා කියලා රටම පිළිඅරගෙන තියෙන වෙලාවේ මේ හොරු ටික බේරන්න මේ කෝප් කමිටුවේ සභාපතිවරයා විකිණෙනවා නම් අපි කෝප් කමිටුවේ වාඩිවෙන එක තේරුමක් නෑ." "ඒ නිසා කතානායකතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා කෝප් කමිටුව ඉස්සරහට ක්‍රිකට් ආයතනය ගේන එක නතර කරන්න එපා." "මේ ක්‍රිකට් ආයතනයේ මේ හොරකම් වංචා වෙලා තියෙනව නම් හෝ නැත්නම් මේ රටට දැන ගන්න අවශ්‍ය නිසා ලබන 27,28 සහ 29 යන දවස් වලට අපි සාමාජිකයෝ එකතු වෙලා දිනයක් යොදා ගත්තා. ඒ දිනයට මේ සභාපතිවරයා නැතිව මන්ත්‍රීවරු කණ්ඩායමක් දාලා විමර්ශනය කරන්න අවශ්‍ය පරිසරයක් හදන්න. මොකද මේ සභාපතිවරයා එක්ක මේක විසඳනව නම් වැඩක් වෙන්නේ නැහැ." මන්ත්‍රීවරයා පැවසීය. කෝප් කමිටු සභාපති ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මොකද කියන්නේ ? මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එස්.එම්. මරික්කාර්, චමින්ද විජේසිරි සහ නලීන් බණ්ඩාර ද අදහස් දක්වමින් පවසා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තදබල ගැටළු සහගත තත්ත්වයක් පවතින බවය. කෝප් කමිටුවේ සභාපතිවරයා වෙනුවට වෙනත් වැඩබලන සභාපතිවරයෙකු පත්කොට ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනය කරන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසීය. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පවසා සිටියේ රූප රාමු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට විරුද්ධ නොවන බවයි. එමෙන්ම එවැනි විමර්ශනයක් සිදුකරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත කෝප් කමිටුව හමුවට කැඳවන දිනයේදී වැඩබලන සභාපතිවරයෙක් යටතේ එම විමර්ශනය කිරීම සිදුකළ යුතු බව ද ඔහු පැවසුවේය. මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අදහස් දක්වමින් පැවසුවේ විගණනය සම්බන්ධයෙන් කටයුතු කරන කෝප් කමිටුවට එල්ල වන මෙම චෝදනා රටේ අභාග්‍යයට කරුණක් බවයි. "මේ චෝදනාව එල්ල වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධවයි. විපක්ෂ නායකවරයා වගේම මේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුව ගැන කරන චෝදනාව දිහා බැලුවම ඒක රටේ අභාග්‍යයට කරුණක්. මම ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයෙක් ලෙස පත් කරලා වෙනම කාරක සභාවක් පත්කරලා ක්‍රිකට් එක සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන්න කියලා" "මේ ක්‍රිකට් එක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරිමම ඇති. මම ඉල්ලනවා ඒ කෝප් එකේ සම්පුර්ණ වීඩියෝ පටයක් මට ලබා දෙන්න කියලා. මම උත්තරයක් දෙන්න තියෙන එකක් තියනවනම් මම ලබා දෙන්න සුදානම්. " "හැබැයි සමාජගත වෙලා තියෙන කොට පෙනී යන දෙයක් තමයි අහන ප්‍රශ්නවලට ලැබෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තරක්. මේකත් විකිණිලා වගෙයි පෙනෙන්නේ." ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේය. කෝප් කමිටු සභාපතිගේ ප්‍රතිචාරය කුමක්ද ? කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය නොකරන්නැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේය. තමන්ට එරෙහිව නගන ලද චෝදනාවන්ට පිළිතුරු දෙමින් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය. "කෝප් කමිටුවට ඉතිහාසයේ කවදාවත් නැති පිරිසක් ඊයේ සහභාගී වුණා. ස්වාධීනව අවස්ථාව ඉල්ලලා ආපු පිරිසකුත් හිටියා. " "කෝප් කමිටුවේ කටයුතු පාලනය කරන්න මධුර විතානගේ මන්ත්‍රීතුමා සාක්ෂි දරයි මම කිව්වා එක්කෙනෙක් කතා කරන්න එක පාරට කියලා. අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා තුන්දෙනෙක් හිටියා. අහන්න එයාලා ආවේ වෙන පරමාර්ථයකින්." "අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නැහැ. කෝප් කමිටුව දේශපාලනිකරණය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිතුමාගේ නමවත් කිව්වේ නැහැ. ඒ නිසා මේක ස්වාධීන කමිටුවක් විදිහට පවත්වාගෙන යාමේ වගකීම තියෙනවා විපක්ෂ නායකතුමාටත්." ඔහු පැවසීය. ලබැඳියාවේ ගැටුමක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් මේ අතර ( නොවැම්බර් 16 වෙනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සම්බන්ධකමක් පවතින බවට ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. "කැන්ඩි ක්‍රිකට් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයකු විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා." "මම ඒ සියලු ලිපි ලේඛණ සභාගත කරනවා අර ලබැඳියාව අතර ගැටුම් කියන තත්ත්වය තුළ මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පළමුවත්, ක්‍රිකට් ආයතනය සමග මෙවැනි සම්බන්ධකම් තබාගෙන කෝප් කමිටුව හමුවේ එම ආයතනය සම්බන්ධ විමර්ශන කිරීමට ඇති හැකියාව ගැන මම ප්‍රශ්න කරන්න කැමති." "ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු උපදේශකවරුන් ලෙස පත්කරන්න කියන කාරණාවත් තියෙනවා. දැන් කවුද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු එකේ ප්‍රධානියා ? ඒ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයායි." "ඉතින් කොහොමද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු එකේ සේවය කරමින් එකම පත්කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ උපදේශන සමාගම විදිහට. කොහමද ඒක කරන්නේ ? ඒක බරපතල ගැටලුවක්." "ඒ වගේම මම අහන්න කැමතියි රූප රාමුවල ඉන්නවා එක් පුද්ගලයෙක් කෝප් කමිටු රැස්වීමේදී හේෂා සහ මරික්කාර් මන්ත්‍රිතුමන්ලා පිටිපස්සේ. මම ඒ පුද්ගලයා අඳුනන්නේ නැහැ. මට කෝල් එකක් එනවා විදේශ රටකින් කෝප් එකේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුතා කොහොමද කෝප් එකේ වාඩිවෙන්නේ කියලා." "කණිෂ්ක බණ්ඩාර කියන්නේ කෝප් කමිටු සභාපතිගේ පුතා. ඔහු කොහොමද කෝප් කමිටුවේ වාඩි වෙන්නේ? මම අහන්න කැමති කතානායකතුමාගෙන් කෝප් කමිටුවේ වාඩිවෙන්න ? එතුමට සදාචාර අයිතියක් නැහැ කෝප් කමිටුවේ සභාපතිකම දරන්න."විපක්ෂ නායකවරයා පවසා සිටියේය. එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පිළිතුරු දෙමින් කියා සිටියේ නගන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් සිදුකළ යුතු බවයි. මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඉදිරියේදී කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කරන්නේ නම් තවදුරටත් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා සහභාගී නොවී සිටීමට තීරණය කර ඇති බවයි. එල්ලවන චෝදනා ගැන කෝප් කමිටුවේ සභාපති දුන් පිළිතුර තමන්ට එල්ල වන චෝදනා හමුවේ කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත් වන්නේදැයි බීබීසි සිංහල සේවය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවයි. තමන්ට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු පැහැදිලි කර සිටියේය. "මම අවුරුදු 30ක් විශ්ව විද්‍යාලයේ ඉගැන්නුවේ. එතකොට 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල. කොළඹ ව්‍යාපාරික පාසැලේ ප්‍රධානියා මම. අපිට ආරාධනා කළා කන්සෙප්ට් නෝට් එකක් ලියන්න කියලා ක්‍රිකට් ආයතනය ගැන. තිලංග සුමතිපාල ගෙදර ගිය නිසා ඒක වුනෙත් නෑ, අපට සල්ලි ලැබුනෙත් නැහැ." "මම තමයි ඒ සංකල්ප පත්‍රිකාවේ ලිවීමේ ප්‍රධානියා. ඒක ඇත්ත." "අනෙක් ප්‍රශ්නය තමයි මගේ පුතාව කෝප් කමිටුවට කැඳවා ගෙන ගියා කියන එක. මගේ පුතා 2022 වසරේ 10 වෙනි මාසයේ 22 වෙනිදා ඉදන් කෝප් එකට යන්නේ. එයා මගේ සම්බන්ධිකරණ ලේකම්. එයා අද හෙට නීතිඥයෙක් විදිහට දිවුරුම් දෙන්න ඉන්නේ. එයාට භාෂා දෙකෙන් වැඩ කරන්න පුළුවන්." "අනෙක් එක කෝප් එකට ස්ටාෆ් නැහැ. අපි අතින් ගෙවාගෙන මිනිස්සු දාගන්න ඕන කියලා ඔබ දන්නවා ද?" "මම කැමති නැහැ මිනිස්සුන්ට මඩ ගහන්න. කෝප් කමිටුව ඇතුලෙයි කෝප් කමිටුවෙන් එළියේ ක්‍රිකට් බෝඩ් එක ගැන ලබැඳියාව තියෙන අය ඇති. මට ක්‍රිකට් බෝඩ් එකත් කිසිම ලබැඳියාවක් නැහැ." "මම කරන්නේ ස්වාධීන රැකියාවක්. මට කෝප් කමිටුවේ සභාපතිකම තිබ්බත් එකයි, නැතත් එකයි. මම අවුරුදු 30ක් කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩකළේ." "මම කොළඹ විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට ගෙනාවා. මම ඉගෙන ගත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුන්වෙනි පාරටත් කෝප් කමිටුව හමුවට ගෙනාවා. එතකොට මට විශ්වවිද්‍යාල එක්ක ලබැඳියාවක් නැද්ද ?" "අද (නොවැම්බර් 17 වෙනිදා) කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් තියන්න සුදානම්." "බජට් එක ගැන විවාද කරන්නේ නැහැ. මේ ගැන තමයි පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්නේ." "අනිත් එක මම මොකටද සභාපතිකමෙන් ඉවත් වෙන්නේ ? ඒක තීරණය කරන්න ඕන කෝප් එකේ ඉන්න මන්ත්‍රීවරුන්. " "කෝප් කමිටුවට වැඩබලන සභාපති කෙනෙක් පත් කරන්න අවශ්‍ය නැහැ. විපක්ෂ නායකවරයාට කියන්න ඇවිත් කෝප් එකේ ඔබ්සවර් කෙනෙන් විදිහට වාඩිවෙලා අපි මොකද කරන්න කියලා බලන් ඉන්න කියලා." "මම මෙතනින් එලියට ගියත් මහාචාර්ය රංජිත් බණ්ඩාර. එහෙම නැතිව සිම්පල් සයිමන් වෙන්නේ නැහැ නේ." මන්ත්‍රීවරයා පැවසීය. 'ඔහු ඉවත් වෙලා වැඩබලන සභාපතිවරයෙක් පත්කරන්න තිබ්බා' මේ අතර ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ කෝප් කමිටුවේ සභාපති ලෙස කලක් කටයුතු කළ සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ ක්‍රිකට් ආයතනය සමග ලබැඳියාවක් ඇති බවට වත්මන් කෝප් කමිටු සභාපතිවරයා සියල්ලට පෙර තමන් දන්නා නිසා එම ආයතනයේ විමර්ශනය කිරීමට වැඩබලන සභාපතිවරයෙක් පත් කිරීමට තිබු බවයි. ඔහු එහිදී මෙසේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය. "කෝප් කමිටුව සජීවී විකාශනය නොවූ කාලයේදී එකේ සිටි මන්ත්‍රිවරු මුදලට විකිණුනා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් විමර්ශනයේදී ටෙලිෆෝන් කෝල් ආව ඒවා, එතැනදී කට්ටිය හැසිරුණු විදිහ ඇතුළේ හිටිය අපි දැක්කා." "ක්‍රිකට් ආයතනය ගැනත් මම ඉන්න කාලේ විමර්ශනය කළා. එතැනදී අපිට කාගෙන්වත් බලපෑම් ආවේ නැහැ. " "එතැනදී සභාපතිවරයා කටයුතු කරන්න ඕන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තියන ලේඛණ මත. කරුණු ඉදිරිපත් කිරීමට සාමාජිකයින්ට ඉඩ සැලසීම ආදිය මෙන්ම සභාපතිවරයා අපක්ෂපාතිව කටයුතු කළ යුතුයි. ඔහුගේ එවැනි බැඳියාවක් තිබෙනවානම් එහෙම කටයුතු කරන්න බැහැ." "මම කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරද්දී කාරක සභාවේ ඇමතිවරු හිටියා. ඔවුන්ගේ යටතේ තියෙන අමාත්‍යාංශ කෝප් කමිටුවට කැඳවද්දී ඊට සහභාගිවෙන්න ඒ ඇමතිට ඉඩ දුන්නේ නැහැ. " "ක්‍රිකට් බෝඩ් එක ගේද්දී එවකට ක්‍රීඩා ඇමති හිටිය දයාසිරි ජයස්කර කෝප් එකේ සාමාජිකයෙක්. මම ඔහුට එන්න ඉඩ දුන්නේ නැහැ." "එතකොට රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු කළ යුතුව තිබුනේ ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට ගෙන එද්දී විමර්ශනය කරන්න වැඩබලන සභාපති කෙනෙක් පත් කරන එකයි. ඒක හෙළිදරව් නොකිරීම වරදක්." "මේක ගැන කෝප් කමිටුවේ සාමාජිකයින් වගේම පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි. ඒක ක්‍රිකට් ආයතනයේ ගැටලුවක් නෙමෙයි. රටේ මුල්‍ය පාලනය ගැන බරපතල ප්‍රශ්නයක්. මුළු ලෝකයම බලන් ඉන්නවා."යැයි ඔහු පැවසීය. ක්‍රිකට් ආයතනය මොකද කියන්නේ ? කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ලබැඳියාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වසරේ සිට 2018 වසරේ මාර්තු 31 දක්වා එවකට සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සැකසීම සඳහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන් ඔහුට කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවය. Colombo School of Business and Management ආයතනය කළ සේවයට ගෙවීමක් සිදුකර ඇති නමුත් මහාචාර්යවරයාට කිසිදු ගෙවීමක් පෞද්ගලිකව සිදුකර නොමැති බවත් ක්‍රිකට් ආයතනයට ඔහු සමග කිසිදු ලබැඳියාවක් නොමැති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි. නැවත දැනුම් දෙනතුරු කෝප් කමිටු රැස්වීම් නවතී මේ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැවත දැනුම් දෙනතුරු කෝප් කමිටු රැස්වීම් නොපැවැත්වෙන බවය. කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා යටතේ තවදුරත් ක්‍රියා කළ නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරු අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියහ. "අද දින දවල් එකට පවත්වන්න තිබුණු කෝප් කාරක සභාවේ රැස්වීම අද නොපැවැත්වෙන බවත්, නැවත දැනුම්දෙන තුරු කොප් සභාවේ රැස්වීම් නොපැවැත්වෙන බවත් මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමි'' යනුවෙන් කතානායකවරයා කියා සිටියේය.
'මම ලියන හැටි': මනෝහරී ජයලත්
යොවුන් නවකතාවක් ලෙස සලකන සිය මුල්ම නවකතාව වන ‘මැට්ටී’ 2021 වසරේ ප්‍රකාශයට පත් කරන මනෝහරී ජයලත් 2023 වසරේ දී 'කඩදොර' නවකතාව ප්‍රකාශයට පත් කරන විට ඇගේ නමට යටින් එක් වන නවකතා ගණන පහක් බවට පත් වෙයි. සුවිශේෂී භාෂාමය ලෝකයක් තුළට කියවන්නා ඇතුල් කරගන්නා ඇගේ නවකතා පාඨකයන් අතර සේම විචාරකයන් සහ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල තුළ ද නිරන්තර සම්භාවනාවට පාත්‍ර වී ඇත. මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඇයට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියටය. මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මේ සංවාදයට ප්‍රවේශවෙන්න මං කැමතියි අහන්න ඔබ නවකතාවක පළමු වාක්‍යය ලියන ආකාරය ගැන. මනෝහරී: මගේ පොත් වල නං මුළු ශක්තියම තියෙන්නෙ පළවෙනි වාක්‍ය වල කියල තමයි මට හිතෙන්නෙ. ඒක මට හරිම වැදගත්. මං මේ කියන්නේ පාඨකයගේ පැත්තෙන් නෙමේ මගේ පැත්තෙන්. පළවෙනි වාක්‍යය මට ඕනෙ හැටියට එනකං මං පොතක් ලියන්න පටන් ගන්නේ නැහැ. පොතේ කතාව මගෙ හිත ඇතුලෙ ඇති වෙමින් තියෙනව ඇති එහෙම වුණත් මට සීයට සීයක් ගැලපෙන වාක්‍යය එනකොට තමයි මම ලියන්න පටන් ගන්නෙ. පොත දිගටම ලියාගෙන යාමේ ශක්තිය එන්නෙම ඒ වාක්‍යයෙන් කියල තමයි මට හිතෙන්නෙ. අර ගෙදරකට මුල් ගල තියනවා වගේ මගෙ හැම පොතකම පළවෙනි වාක්‍යය ගොඩක් හිතල තමයි මං ලියල තියෙන්නෙ. ඒ වෙලාවෙ ලියවුණු ඒ මුල් වාක්‍යයම තමයි හැම පොතකම මුද්‍රණය වෙලා තියෙන්නෙත්. මොකද ඒ තරම් ගැලපෙන එකක් නැවත ලියවෙන්නේ නැහැ. කෞශල්‍ය : දැන් ඒ පළවෙනි වාක්‍යය ඒ විදිහට ලියවෙන කොට ලියන්න යන නවකතාව ගැන ඔබ කොයිතරම් දුරට දන්නවද? මනෝහරී: ලියන්න යන නවකතාවෙ චරිත ගැන සහ ඒ චරිත වලට අදාළ හැඟීම්වල ස්වභාවය ගැන තමයි මම ඒ වෙනකොට දන්නෙ. මගේ කතාව කොහෙද යන්නෙ මේ චරිත මාව කොයිතරම් දුර එක්ක යනවද කියන එක දැනගන්නෙ ටිකක් දුර ගියාට පස්සෙ. මුල් පරිච්ඡේද වල ඒ චරිත මාව ගෙනියන තැන් වලට මම යනවා. මැදදි තමයි මම මේ චරිත එක්ක විවේචනාත්මකව ගනුදෙනු කරන්න පටන් ගන්නේ. අන්තිම පරිච්ඡේද වලදි තමයි මට තේරෙන්නේ මං මේ චරිත එක්ක මේ ගමන තමයි ආවේ කියල. මගෙ නවකතාවල මං මූලිකත්වය දෙන්නේ මිනිස් හැඟීම් වලට. ඒ නිසා කලින් හදාගත්ත කටුසටහනක් පස්සේ යන්නෙ නැහැ මම. හැඟීම් වලට මුල් තැන දීල චරිත එක්ක කරන ගනුදෙනුවක් මේක. කෞශල්‍ය : එතකොට නවකතාව පටන් ගන්න කොට ඒ වෙනුවෙන් කිසිම සටහන් තබාගැනීමක් කරල නැද්ද? ඔබ ලියපු සංසක්කාරී හෝ ගිරිජා වගේ නවකතා කිසියම් ඓතිහාසික පසුබිමක ගොඩනැගෙන කතා ඒ වගේම ඒවාට අදාළ භාෂා ශෛලීන් වලත් සුවිශේෂතා තියනවා. මනෝහරී: එහෙම සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මිනිස් හැඟීම් වල චමත්කාරය සංකීර්ණත්වය ගැන කියන්න. මං විශ්වාස කරන විදිහට ගැහැනියකගේ හැඟීම් අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් එක සමානයි. පිරිමියෙකුටත් එහෙමයි. මම කොහේ හරි ඓතිහාසික ස්ථානයකට ගිහාම මම හිතන්නේ ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු කොහොම ජීවත් වෙන්න ඇතිද කියන එක. ගල් පඩි පෙළක් දැක්කාම මේව හදපු මිනිස්සු මොනවගේ වෙන්න ඇතිද ඒ අය මේක කරද්දි කාල ඉන්න ඇත්තේ මොනවද. මේ වගේ දේවල් තමයි මට හිතෙන්නේ. අපේ ඉතිහාස කතා අපිට කියන්නේ රජවරුන්ගේ ඉතිහාසය ගැනනෙ. ඉතින් ඉතිහාසය කියවද්දිත් මම හිතන්න උත්සාහ කරන්නේ ඒ ඒ යුග වල සාමාන්‍ය ජනතාවගේ ජීවිතයෙ ස්වභාවය ගැන. දැන් මං 'සංසක්කාරී' ලියද්දි මට ඒකෙ ඉන්න ඩිංගිත්ති කියන චරිතය රජ වාසලට යවන්න උවමනාවක් තිබුණේ නැහැ. මට ඕනෙ වුණේ රදා ගමක සමාන්‍ය ජීවිතය ගැන කියන්න. නමුත් එතෙන්දි ඩිංගිත්ති මාව ඇදගෙන රජ වාසලට ගියා. එතකොට සමහර වෙලාවල් තියනවා අපිට පිළිගත් ඓතිහාසික කාල නිර්ණනයන් ගැන සැළකිලිමත් වෙන්න. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ. උදාහරණයකට මහවැලි ගඟ ගලන්නේ කොතනින්ද කියන එක නිශ්චිතයිනේ. ඒ නිසා සමහර කරුණු ගැන සැළකිලිමත් නොවුනොත් කතාව සුරංගනා කතාවක් වෙනවා. ඒ නිසා ඒ දේවල් ගැන මම සැළකිලිමත් වෙනවා. නමුත් විශේෂ සටහන් තබාගැනීමක් කරන්නේ නැහැ. දැන් භාෂාව ගැන ගත්තත් මගෙ හිතේ ලොකු ඩිපොසිට් එකක් තියනවා වචන වල. මම සිංහල භාෂාවට ගොඩාක් ආස කෙනෙක්. ඒ වගේම මම සවන්දෙන්න කැමති කෙනෙක් නිසා මට නීති වෘත්තියේ යෙදෙද්දි නිතරම අලුත් වචන අහන්න ලැබෙනවා. ඔප්පු ලියන්න එහෙම නිතර එන්නේ වැඩිහිටියොනේ. මං ජීවත්වෙන නුවර ප්‍රදේශයේ වැඩිහිටියෝ හරි ලස්සන වචන පාවිච්චි කරනවා විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න. එතකොට මං ඒව මගෙ හිතේ රඳවා ගන්නවා. මම ලියද්දි ඒවා නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. මේ වචන මොන ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට ද අදාළ කියල කියන්න තරං දැනුමකුත් මට තියනවා. මීට අමතරව මම ඓතිහාසික ලේඛන, උදාහරණයකට රාජසිංහ රජුගේ නඩු තීන්දු වගේ දේවල් කියවන්න මගෙ උනන්දුවක් තියනවා. එක්තරා යුගයක භාෂාව වටහා ගන්න එවැනි දේවල් අතිශය වැදගත්. හැබැයි මේ කිසිම වෙලාවක මම විශේෂයෙන් සටහන් තබා ගැනීමක් කරන්නෙ නැහැ. කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද ලියන විදිහ ගැන. මං අදහස් කරන්නේ ලියන වෙලාව, ලියන තැන, ලියද්දි තියෙන්න ඕනෙ පරිසරය වගේ දේවල්. මනෝහරී: මම තරමක් පසුකාලීනව ලියන්න පටන් ගත්ත කෙනෙක්නේ. මම තේරුම් අරන් තියන එකක් තමයි මම ලියන කොට පරිසරය නිස්කලංක නිහඬ එකක් වුනොත් මට ලියා ගන්න බැහැ. නිහඬභාවය නිස්කලංකභාවය මාව පීඩාවට පත් කරනවා. ඒ වෙලාවට අදහස් ගලාගෙන එන්නෙ නැහැ. මං කලින් කියපු විදිහට මං ලියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් තෙරපෙන විදිහ ඒව විකාශනය වෙන විදිහ ගැනනේ. එතකොට ශාන්ත පරිසරයක් තුළ මගෙ හිතත් නිමිල තියනව නං මට ඒක ලියාගන්න අමාරුයි. මට කලබලය ඕනෙ. ඝට්ටන ගොඩක් තියනව නං තමයි මගෙ අත ඉක්මන් වෙන්නේ. සමහරවිට ලොකු වේදනාකාරී ප්‍රශ්නයක් වුනත් තියනව නං. ඒක පැත්තකින් තියල ලියන්න මාව පෙලඹෙනවා. මගෙ විතරක් නෙමෙයි මට සම්බන්ධ වෙන කෙනෙක්ගෙ හරි ගැටළු දුක් කරදර එහෙමත් නැත්තං මං ඒ මොහොතේ ඉන්න තැනට අදාළ ප්‍රශ්න මේ දේවල් තියනවා නං මට පහසුවෙන් ලිවීමේ හැකියාව තියනවා. ඒ වෙලාවට මට ගොඩක් හැඟීම් ඇති වෙනවා. අනිත් එක තමයි ලියද්දි මගෙ පෙර සූදානම ගොඩක් වැඩියි. මම ලියන්න යන්නෙ කියන එක දැනුනම මං හුඟක් වෙන වැඩ කරනව. සමහර වෙලාවට උයනවා. මල් පැලයක් හදල එනවා. ලිවීමට සම්බන්ධ නැති වෙනත් බොහෝ දේවල් කරල තමයි ලිවීමට තැන්පත් වෙන්නේ. එහෙම ලියන්න වාඩි වුණහම මම ලියන්නේ පිටු තුනයි හතරයි. එහෙම පිටු තුන හතරක් ලියන කොට මං කැමතියි මොකක් හරි ඩින්ටර්බන්ස් එකක් එනවට. ගෙදරදි නං අඩුතරමේ දරුවෙක් හරි කතා කරල අම්මෙ තේ එකක් ඕනෙ කියල කියන එකට මං කැමතියි. ඒක කරන අතරේ තමයි මට ආපහු අර කලබල තත්වෙ එන්නෙ. ඒකත් එක්ක තමයි ප්‍රබල හැඟීම් ඇති වෙන්නෙ. ඊට පස්සෙ ආයෙත් ඇවිල්ල චුට්ටක් ලියන්න පුලුවන්. මං කවදාවත් නිදිමරාගෙන ලියල නැහැ. මම එක දිගට කවදාවත් පැය තුන හතරකට වඩා ලියල නැහැ. මං බොහොම පුංචි වෙලාවක් තමයි එක දිගට ලියල තියෙන්නේ. මට ලියන්න තැනක් නැහැ, ලියන මේසයක් නැහැ, කාමරයක් නැහැ.මං ලිවීම පටන් ගන්න කාලෙ ලිව්වෙ හාෆ් ෂීට්ස් වල. කොච්චර වේගෙන් ලියවෙනවද කියනව නං හරියට ෂෝට් හෑන්ඩ් වගේ අකුරු වල කෑලි විතරයි. දැන් මම ලියන්නෙ ෆෝන් එකේ. මට ලොකු ෆෝන් එකක් නැහැ. පොඩි ස්මාට් ෆෝන් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕනෙම තැනකදි මට ලියන්න පුලුවන්. දැන් වැඩිපුරම ඇඳේ ඉඳන් තමයි ලියන්නෙ නමුත් ට්‍රිප් එකක් ගියත්, උසාවියේ විවේකයක් ලැබුණ වෙලාවටත් මේ ඕනෙම වෙලාවක මට ලියන්න පුලුවන් මොකද මගෙ අතේ ෆෝන් එක තියනවනෙ. නවකතාවක් ලියන කාලෙදි මම ඉන්නෙ සමාන්තර ලෝක දෙකක. එකක් නවකතාවේ ලෝකය අනික මං ජීවත්වෙන ලෝකය. නවකතාවේ ලෝකයෙන් ගැලවිලා ඉන්න බැහැ මොන වැඩ කළත්. හිත ඇතුලේ ඒ චරිත ඉන්නවා. ඒගොල්ලෝ කෑවද බිව්වද ඒ ගමන ගියාද මේ දේවල් හිතෙනවා. කෞශල්‍ය: මේ ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන් ද? මනෝහරී: පොතක් ලියල මුද්‍රණය වුණාට පස්සෙ මං කවදාවත් ඒ පොත් කියවල නැහැ. ඇත්තටම නවකතාව ලියල ඉවර වුණාට පස්සෙ ස්තූතිය හෝ පෙරවදන් ලියන එකත් මට හරි අසීරු වැඩක්. මොකද මං කතාව ලියන තරම් ඉන්පස්සේ සිද්ධ වෙන දේවල් වින්දනය කරන්නේ නැහැ. නමුත් නවකතාව ලියන කොට මං උපරිමයෙන් විඳිනව ඒ චරිතත් එක්ක ගත කරන කාලය. ඒ චරිත යන හැම තැනකටම, හැම අහුමුල්ලකටම මං ඒගොල්ලොත් එක්ක යනවා. ඒ වගේම යම් දෙයක් මට ඕනෙ විදිහටම ලියවුණාම මට විශාල තෘප්තියක් දැනෙනවා. මේක ලියන්න පුළුවන් හොඳම විදිහට තමයි ලියවුණේ කියන එක දැනුන වෙලාවට තමයි එහෙම වෙන්නේ. කෞශල්‍ය: නවකතාවක් ලියල ඉවර වුනහම දැනෙන හැඟීම් මොනවගේද? මනෝහරී: නවකතාවක් ලියල ඉවර වුනාම පුදුම වේදනාවක් දැනෙනවා. මට දැනෙන්නේ මගෙ සමීපතමයන් පිරිසකගෙන් සදාකාලයටම සමුගත්ත වගේ එකක්. ඒක කියන්න අමාරුයි. හිස්තැනකට ඇද වැටෙනවා. මගේ දෙයක් මට නැති වුනා කියල තමයි මට හැමතිස්සෙම හිතෙන්නෙ. මං අන්තිමට ලිව්වේ 'කඩදොර' නවකතාව. මේකෙ තියෙන්නේ කොත්මලේ ජලාශය හදද්දි ඒකට ගිලිල ගිය ගම්මානයක පවුලක් සම්බන්ධයෙන්. පොත අවසානයේදි මට දැනුණේ මාවත් මේ ජලාශයට ගිලිල ඉවරයක් වුණා වගේ. ඒකෙන් පස්සේ තාම මං හරියට රිකවර් වෙලා නැහැ කියල මට හිතෙනවා. කෞශල්‍ය: නවකතාවක් අවසන් වෙලා තවත් නවකතාවක් පටන් ගන්න කාලය ගැන යමක් කියන්න පුළුවන්ද? මනෝහරී: මං හැමදාම නවකතා දෙකක් එකට ලියල තියනවා. මගේ මුල්ම නවකතාව, ඒක යොවුන් නවකතාවක් කියල තමයි හැඳින්නුවේ. 'මැට්ටි' ලියන අතරෙම තමයි සංසක්කාරීත් ලිව්වේ. මේ දෙක එකිනෙකින් ගොඩක් වෙනස්. මැට්ටි කියන්නේ පුංචි ළමයෙක් වටා ගෙතිච්ච බොහෝ දුරට හාස්‍යය තියන කතාවක්. සංසක්කාරී කියන්නේ මං භාෂාව ඉතා ගැඹුරින් හසුරවපු පොතක්. මේ දෙක ශානරයන් දෙකක්. මං හිතන්නේ මං අතින් එහෙම ලියවෙනව ඇත්තේ මගෙ හිත සමතුලිත කරන්න වෙන්න ඇති. එතකොට 'ගිරිජා' පටන් ගත්ත සංසක්කාරී අවසන් වෙන්න කලින්. 'කඩදොර' නවකතාව ලියද්දි ඒත් එක්ක මම 'නැනී' නවකතාව ලිව්ව. ඒ දෙකත් එකිනෙකින් ගොඩාක් වෙනස්. ඒ වගේම මේ මොහොතෙත් මං ලියමින් ඉන්නවා වෙනස්ම පාරවල් දෙකක යන නවකතා දෙකක්. එදිනෙදා ලියද්දි මං ඒ වෙලාවේ ඉන්න මූඩ් එකට අනුව මගෙ ඇතුළත වඩාත්ම සතුටට පත් වෙන එක තමයි මං තොරාගන්නේ. මේ දෙකක් හෝ තුනක් එකට ලිවීම මාව විශාල වශයෙන් සමබර කරනවා. මනෝහරී ජයලත් නවකතාකාරිය ගේ ලිවීමේ භාවිතයන් තුළ ඇති සුවිශේෂත්වය හා ඈ ලිවීම ආත්මීය කර ගන්නා ආකාරය අපට ඇගේ නවකතා කියවීමේ දී ඒවා වින්දනය කිරීමට අලුත් ආලෝකයක් සපයනු ඇත.එසේම ලිවීමට උනන්දුවන්නන්ට තමන් දෙස නැවත හැරී බැලීමට එය ඉවහල් වනු ඇත. ලබන සතියේ අප එබෙන්නට සූදානම් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න නවකතාකාරියගේ ලෝකයට. යි. බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ විදෙස් වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතරට ශ්‍රී ලංකාව
එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ, ඵලදායී සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා එරට ජනගහනයට ප්‍රමාණවත් සෞඛ්‍ය ‌සේවක පිරිසක් නොසිටීම හේතුවෙනි. ඒ සඳහා පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතත්, එම වැඩපිළිවෙළ හරහා බ්‍රිතාන්‍ය තුළ ම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් බිහි වීමට 2031 වසර තෙක් බලා සිටීමට සිදුව තිබේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු රැසක් එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110000ක් ඇතැයි ජාතික සෞඛ්‍ය සේවාව පවසයි. ඒ අනුව, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවාවේ සෑම තනතුරු 10කින් එකක් පුරප්පාඩු වී තිබේ. ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි මේ වන විට පූර්ණ කාලීන වෛද්‍යවරුන් 10,855ක හිඟයක් පවතී. එය වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 7.2ක ප්‍රතිශතයකි. පවතින තත්ත්වය අනුව, එක්සත් රාජධානියේ පුරවැසියන් 1000ක් සඳහා සිටින වෛද්‍යවරුන්ගේ අනුපාතය 3.2කි‍.ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය (OECD) පෙන්වා දෙන්නේ, බටහිර යුරෝපයේ රටවල් අතර ජනගහනයට සාපේක්ෂව අඩු ම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින රට, එක්සත් රාජධානිය බවයි. මෙවැනි පසුබිමක් තුළ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කාර්ය බහුලත්වය අධික වීම නිසා වෙනත් රටවල සේවයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි එරට වෛද්‍ය මහා සභාව (The General Medical Council) පවසයි. ඒ අනුව, 2022 වසරේදී බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 2000ක් එරට අතහැර වෙනත් රටවල සේවයට ගොස් තිබේ. විදෙස් වෛද්‍යවරුන්ට අවස්ථාවක් සෞඛ්‍ය ශ්‍රම බළකාය ඉහළ දැමීමට අනුගමනය කෙරෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත වනු ඇතැයි එක්සත් රාජධානියේ වෛද්‍ය මහා සභාවේ ප්‍රධාන විධායක චාර්ලී මැසී පවසයි. "ඒ කියන්නේ, අපේ ජනගහනයේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ශ්‍රම බළකාය පවත්වා ගැනීම සඳහා මෑත වසරවලට වඩා විදේශයන්හි පුහුණුව ලැබූ වෛද්‍යවරුන් මත විශ්වාසය තැබීමට අවශ්‍ය වනවා කියන එකයි," ඔහු පැවසීය. 2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් එනම් තුනෙන් දෙකක් විදෙස් රටවල සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් බව වෛද්‍ය මහා සභාව අනාවරණය කර තිබේ. බ්‍රිතාන්‍යය‌ට යන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ වැඩිවීමක්‍ 2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යයි. 2021 වසරේදී එම සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර, 2022 වසරේදී 500 ඉක්මවා තිබේ. එනම්, 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමකි. එමෙන් ම, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි. වෛද්‍ය මහා සභා වාර්තාව අනුව එම රටවල් 5 වන්නේ, මේ අතර, 2010 වසර වන විට බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 2423 දෙනෙකු ලියාපදංචි වී සිටියහ. ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් විදෙස්ගත වීම අවම කළ හැකි ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි 2022 වසරේ ජූනි 01 වන දා සිට 2023 මැයි 31 වන දා දක්වා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 1000කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබේ. ඒ, සේවයෙන් ඉවත්ව රට හැර ගිය ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සහ සේවයෙන් ඉවත්ව රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 274ක් වශයෙනි. මේ අතර, පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ වසර 8ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු වුවත් ඇතැම් වෛද්‍යවරුන් එසේ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ, විදෙස්ගතව අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් 343 දෙනෙකු 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇතත්, ඉන් 120 දෙනෙකු පමණ දැනුම් දීමකින් තොරව රටින් පිටව ගොස් ඇති බවය. අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (නොවැ: 13) ඉදිරිපත් කළ අයවැය යෝජනා මාලාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා යෝජනා කිහිපයක් සඳහන් විය. "ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරනවා," අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊට අමතරව, "වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 අයවැය මගින් ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අනුව දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලවලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්වවිද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරන," බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, "මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් වැටුප්, නිල නිවාස ඇතුළු ප්‍රශ්න රැසකින් පීඩා විඳින," බවය. වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු පවසයි.
ඔබේ උපතට පෙර සිට මරණයෙන් පසුවත් ඔබට අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සේවය
පුද්ගලයෙකුගේ උපතට පෙර සිටත්, පුද්ගලයෙකුගේ මරණයෙන් පසුවත් ඉටුකිරීමට රාජකාරී ඇති රාජ්‍ය සේවකයෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට ඔබ මින් පෙර දැන සිටියා ද? ඒ අන් කිසිවෙකු නොව ඔබ පදිංචි ග්‍රාමසේවා වසම භාර ග්‍රාම නිලධාරීවරයා ය. මවක් ගැබ්ගත් පසු ඇයගේ පෝෂණ අතිරේක අනුමත කිරීමේ සිට පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ දේපළ, උරුමයට අදාල පසුබිම් වාර්තා ලබාදීම මෙන් ම මරණ සහතිකයට අවශ්‍ය තොරතුරු සැපයීම් දක්වා විහිදුණු පුළුල් රාජකාරී ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී ඇත. ග්‍රාම නිලධාරී තනතුරේ ඉතිහාසය අතීතය පිළිබඳ පිරික්සීමේ දී එක් එක් යුගයන්වල ගමට නායකත්වය ලබාදුන් පුද්ගලයන් ගැන විවිධ මූලාශ්‍රවල සඳහන් වේ. ඔවුන් බොහෝවිට යම් බලයක් සහිත වූ උසස්යැ යි සැලකුණු පවුල්වලින් පැවතගෙන එන්නන් විය. තනතුර මාරුවීම සිදුවූයේ පවුලේ සාමාජිකයන් අතර ය. "ගමික" ලෙස රාජාණ්ඩු කාලයේ දී ශ්‍රී ලංකාවේ හඳුන්වනු ලැබුවේ ගමේ නායකයා ය. පසු කලෙක එය "ගාමණී" ලෙස ද හඳුන්වන ලදි. ඔවුන් ආදායම් රැස් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම වැනි බලතලවලින් සමන්විත වූවන් ය. යටත්විජිත පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ සිවිල් පරිපාලනය ගොඩනැගෙන අතර එය වැඩිදියුණු කිරීමේ ගෞරවය ඉංග්‍රීසීන්ට හිමිවිය යුතු ය. ඉංග්‍රීසීන් විධිමත් පරිපාලන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ අතර "ගම්මුලාදෑනි තනතුර" එලෙස සමාජයේ බිම් මට්ටමෙන් ආරම්භ කළ තනතුරකි. ගම්මුලාදෑනි තනතුර ද බොහෝවිට පවුලේ උරුමය මත හිමිවූ තනතුරක් විය. ගැටුම් විසඳීමට මැදිහත් වීම, පහළ සිට ඉහළට තොරතුරු රපෝර්තු කිරීම මෙන් ම ඉහළින් එන නියෝග සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම ද හිමිව තිබුනේ මේ ගම්මුලාදෑනි තනතුරට ය. ඊට අමතරව, යටත් විජිත සමයේ පැනවූ විවිධ ආඥා පනත්වලින් ද ඔවුන්ට විවිධ රාජකාරි පනවා තිබුණි. මෙය 1960 දශකය දක්වා ක්‍රියාත්මක වූ තනතුරකි. හැටවසරක් පිරුණු ග්‍රාම නිලධාරී සේවය ප්‍රවේණි උරුමය මත ක්‍රියාත්මක වූ ගම්මුලාදෑනි තනතුරට ඔබ්බෙන් ගොස් තරග විභාගයකින් බඳවා ගන්නා රාජ්‍ය නිලධාරියෙකු "ග්‍රාමසේවක" නමින් බිම් මට්ටමේ පරිපාලන සේවා සඳහා යෙදවීම ආරම්භ කරන්නේ 1964 වසරේ දී ය. නමුත් ඔවුන්ගේ රාජකාරී ආරම්භ වූ නිල දිනය වශයෙන් සැලකෙනේ 1963 මැයි 01 දා ය. ආරම්භයේ දී ග්‍රාම නිලධාරී වසම් 4000කට ආසන්න ප්‍රමාණයකින් ආරම්භ වූ මෙම සේවාවට වර්තමානය වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 333ක් යටතේ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක ග්‍රාම නිලධාරීවරු 11700කට ආසන්න ප්‍රමාණයක් සක්‍රීය සේවයේ යෙදී සිටිති. 1963 ආරම්භ වූ ග්‍රාම නිලධාරී සේවයට මේ වසරේ මැයි 01 වනදාට වසර 60ක් සම්පූර්ණ වී තිබේ. 'ග්‍රාම සේවක' නමින් ආරම්භ වූ මේ තනතුර, වරක් 'ග්‍රාම සේවා නිලධාරී' ලෙස වෙනස් වූ අතර වර්තමානයේ හඳුන්වන්නේ 'ග්‍රාම නිලධාරී' යන නමින් ය. සීමාවක් නැති රාජකාරි ග්‍රාම නිලධාරීවරුන් වෙනුවෙන් මෙතෙක් නිශ්චිත රාජකාරී රාමුවක් නැති බව බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් අසංක කුලරත්න පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ ග්‍රාම නිලධාරීවරුන්ට තවමත් සේවා ව්‍යවස්ථාවක් නොමැති බව යි. "1963 දි ආරම්භ කරපු ඒ සේවාව ගම්මුලාදෑනිවරුන්ගේ රාජකාරිය වෙනුවට විධිමත්ව ආරම්භ කරපු සේවාවක්. තරග විභාග තියලා බඳවා ගත්තත් අපට තවම සේවා ව්‍යවස්ථාවක් නැති එක ගැටලුවක් වෙලා තිබෙනවා," ඔහු පෙන්වා දෙයි. ආරම්භයේ දී දිළිඳු සහන ලබා දීම සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩකිරීමේ රාජකාරි ද ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී තිබුණි. කුලරත්න පෙන්වා දෙන්නේ 1990 දශකයේ දී දිළිඳු සහන සඳහා ගමට සමෘද්ධි නිලධාරියෙකු ද, සංවර්ධන කටයුතු සඳහා 2012 සිට සංවර්ධන නිලධාරියෙකු ද බැගින් සෑම ගමකම ග්‍රාම නිලධාරීවරයාට අමතරව සිටින බව යි. "මේ විදිහට නිලධාරීන් දෙන්නෙක් ගමේ හිටියත් මිනිස්සු ඇවිත් ප්‍රශ්න කියන්නෙ ග්‍රාම නිලධාරීවරයාට. අනෙක් අතට මේ තරම් නිලධාරීන් එක ගමකට පත් කරලා ඒ අයට රජයෙන් වැටුප් ගෙවලා, වැටුපට සරිලන සේවයක් සිදුවෙනව ද කියන ගැටළුවත් තියෙනවා. 1990ට පෙර මේ හැම රාජකාරියක්ම කළේ ග්‍රාම නිලධාරීවරයෙක් තනිවම යි." "මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ග්‍රාම නිලධාරීවරයාට ඇවිත් ප්‍රශ්න කියන්න. නමුත් මේ විදිහට රාජකාරී බෙදුවම අපට කියන්න වෙනවා මේක අපේ රාජකාරියක් නෙවෙයි කියලා. 'අස්වැසුම' දත්ත රැස්කිරීමෙන් අපි වැළකුණු හේතුවත් ඒක යි. දිළිඳු සහන විෂය අපෙන් ඉවත් කළේ 1990 දශකයේ දී," ඔහු පෙන්වා දෙයි. පැය 24ක සේවයක් ග්‍රාම නිලධාරීවරයෙකු පැය 24ම සේවයේ යෙදී සිටිය යුතු ය. සතියේ දින හයක් ඔහුගේ වැඩ කරන දිනයන් වන අතර, සතියට එක් දිනක්, එම දිනයේ රාජකාරී යෙදී නොමැති නම් පමණක් විවේක ගැනීමට හැකි ය. ග්‍රාම නිලධාරීවරයෙකු අනිවාර්යයෙන්ම සතියට දින දෙකහමාරක් කාර්යාල සේවයේ යෙදිය යුතු ය. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දෙදින කාර්යාල වේලාවේ දීත්, සෙනසු‍රාදා එක් වරුවකුත් ඔවුන් කාර්යාලයේ සේවය කළ යුතු අතර, එම දිනවල දී වසමේ පදිංචිකරුවන්ට ග්‍රාම නිලධාරීවරයා හමුවී ඔවුන්ට අවශ්‍ය පදිංචි සහතික, රජයේ වැඩසටහන් සඳහා ලියාපදිංචිය, ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම මෙන් ම ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට ද හැකි ය. මෙම රාජකාරීවලට අමතරව විවිධ ආඥා පනත් සහ පනත් හා නීතිවලින් ද ග්‍රාම නිලධාරීවරුන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරී තිබේ. කුලරත්න පෙන්වා දෙන්නේ එවැනි අණපනත් 236ක් ඇති බව යි. ග්‍රාම නිලධාරිවරයෙකුට ඇති විවිධ රාජකාරි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ දෙවන වගන්තියෙන් “සාම නිලධාරියා” යන්නට පොලිස් නිලධරයන් සහ පොලිස් කාර්යය ඉටු කිරීම සඳහා දිසාපතිවරයා විසින් ලියවිල්ලකින් පත් කරන ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළත් වන බව සඳහන් කරන අතර, 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනතේ හතරවන වගන්තිය ප්‍රකාරව දිසාපතිවරයා සතුව තිබූ එකී බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරන ලදි. ප්‍රාදේශීය ලේකම්වරයෙකු විසින් පත්වීම් ලිපියකින්ම ග්‍රාම නිලධාරිවරයෙකු අදාල වසමේ සාම නිලධාරියා වශයෙන් පත් කරනුයේ උක්ත අණ පනත්වල නෛතික බලතල ද සහිතව ය. එනිසා වසමේ ආරවුල් විසඳීම සහ අදාල පුද්ගලයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට යොමුකිරීමේ බලය ඔහුට පවතියි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 22 වන වගන්තිය ප්‍රකාරව හදිසි මරණ සම්බන්ධ රාජකාරි, 32 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව එම වගන්තියේ දැක්වෙන වැරදි කරන්නන් සිරභාරයට ගැනීමට ද ග්‍රාම නිලධාරීවරයෙකුට බලය තිබේ. තව ද, 1993 අංක 06 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත පනතේ 3, 4 වගන්ති අනුව ග්‍රාම නිලධාරිවරයාට පිස්කල් රාජකාරි කිරීමේ බලතල ලබා දී ඇත. 1907 අංක 16 දරන වන ආඥා පනතේ 2009 අංක 65 දරන සංශෝධනයේ 35 වන වගන්තිය ප්‍රකාරව වන නිලධරයකුගේ කර්තව්‍ය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් ද පත්කර ඇත. 13529 අංක දරන 1963.02.22 දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද සුරාබදු නිවේදන 509හි 1(i) වගන්තිය ප්‍රකාරව සුරාබදු ආඥා පනතේ 33, 35, 45 හා 48(අ) වගන්ති යටතේ සිය බල ප්‍රදේශය ඇතුළත සුරාබදු රාජකාරීන් ඉටු කිරීම පිණිස ග්‍රාම නිලධාරීන් සුරාබදු නිලධාරීන් ලෙස පත් කරනු ලැබ ඇත. එමෙන්ම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(2) වගන්තිය ප්‍රකාරව 1954/34 අංක දරන 2016.02.18 දිනැති ගැසට් පත්‍රයෙන් සෑම ග්‍රාම නිලධාරිවරයෙකුම තම වසම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙක් වශයෙන් පත් කර ඇත. මිට අමතරව සිතාසි භාරදීම, වරෙන්තු ක්‍රියාත්මක කිරීම ඇතුළු විශාල පරාසයක විහිදුණු රාජකාරි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීවරුන්ට පැවරී ඇත. කොරෝනා වසංගත සමයේ දී ද ඔවුන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ අතර, ඇඳිරිනීති බලපැවැත්වූ සමයේ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ සිට එන්නත් ලබාදීම දක්වා විශාල වගකීම් ප්‍රමාණයක් ඔවුන් වෙත පැවරී තිබුණි. ග්‍රාම නිලධාරී සේවය විධිමත් හා පුළුල් කළ යුත්තේ ඇයි? 'ග්‍රාම නිලධාරියා' ඉහත පෙන්වා දුන් සියලු නීතිවලට අදාලව වගකීම් දරන සිවිල් පරිපාලන නිලධාරියෙකි. ඔහුගේ නිලය 'බහුකාර්ය තාක්ෂණික නොවන' සේවයකි. ආරවුල් විසඳීමේ සිට ජාවාරම් වැළක්වීම, බුද්ධි තොරතුරු වාර්තා කිරීම ද ඔහුට කළ හැකි ය. අසංක කුලරත්න පෙන්වා දෙන්නේ සිවිල් පරිපාලනය දියුණු කිරීම රටකට ඉතා වැදගත් බව යි. "වර්තමානයේ අපි දකිනවා හැමතැනම පොලිස් ස්ථාන හදමින් යනවා. නමුත් අපරාධ අඩුවෙලා නෑ. පොලිස් ස්ථාන වැඩියි කියන එක රටකට කළු පැල්ලමක්. එහි තේරුම සිවිල් පරිපාලනයක් නෑ කියන එක. සිවිල් පරිපාලනය ශක්තිමත් වීම රටකට ඉතා හොඳ දෙයක්. ඒ නිසා අපි ඉල්ලන්නේ සේවා ව්‍යවස්ථාවක් සකසලා නිසි බලතල ලබාදීලා, වැටුප්තල සකසලා, පුරප්පාඩු සඳහා අවශ්‍ය බඳවාගැනීම් කරලා අපේ සේවය විධිමත් කරන්න කියන එක යි."
20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ: 'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද?
20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ: 14) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වුණේ, වසර 3කට පසුව වන අතර, 2019 සහ 2020 දෙවසර තුළ තිරගත වූ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. 2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් පාදක කර ගනිමින්, රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි. එහිදී පිරිනැමුණු ප්‍රධාන සම්මාන සම්මාන මෙසේය. මෙහිදී, 2020 වසරේ හොඳ ම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමි වූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ම ගොස් පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය. ෆේස්බුක් හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් විසින් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත විවේචන සහ සම්මාන පිළිබඳ වාද විවාද වසර 3කට පසුව පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතැමෙකු විරෝධය පළ කර තිබූ අතර ඇතැමෙකු උපහාසාත්මක ප්‍රතිචාර දක්වා තිබිණි. එවැනි කතාබහකට ලක්වූ එක් කරුණක් වූයේ, සිනමා සම්මාන උලෙළේ ජූරි සභාවය. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සභිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත විය. ඒ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න සහ රංග දසනායකයි. ඔවුන් අතරින් කිහිප දෙනෙකුට සිනමාව සම්බන්ධයෙන් පවතින දැනුම පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබිණි. ඔවුන්ගේ තෝරා ගැනීම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.ඒ පිළිබඳව, මීට පෙර සිනමා සම්මාන උලෙළවල් රැසක ජූරි සභාව නියෝජනය කර ඇති ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය. "මේ ජූරි සභාවේ සිනමාව ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. මම නම් ඔවුන් තෝරපු දේවල් ගැන දොස් කියන්නෙ නෑ. මොකද රුචිකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. මට හොඳ දේ වෙන කෙනෙකුට නරක වෙන්න පුළුවන්. මෙතනදි වරද කරලා තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඔවුන් දැන ගන්න ඕන සුදුස්සන්ව ජූරි සභාවට පත් කරන්න. ඒ නිසා මම නම් දොස් කියන්නේ, චිත්‍රපට සංස්ථාවට," ගුණසිරි සිල්වා පවසයි. "මගේ පෞද්ගලික කියවීම අනුව හොඳ ම චිත්‍රපටය 'ගින්නෙන් උපන් සීතල' නෙවෙයි. මට හිතෙන්නේ පිටපත ගත්තත්, සමස්ත චිත්‍රපටය ගත්තත් 'දැකල පුරුදු කෙනෙක්' චිත්‍රපටය ඉදිරියෙන් ඉන්නවා. අනික් අතට 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේ විජේවීරගේ බිරිඳගේ චරිතයට පණ පෙවූ සුලෝචනා වීරසිංහටත් සම නැගී එන නිළිය සම්මානය දෙන්න තිබුණා. ඇගේ රංගනය විශිෂ්ට මට්ටමක තිබුණා. හැබැයි මේ මගේ මතය. අර ජූරි සභාවට ඊට වඩා වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ජූරි සභාවේ අවුලක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕන චිත්‍රපට සංස්ථාව," ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළ "තනිකර ම කොමඩියක්" බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා පවසයි. ඔහු එම සම්මාන උලෙළේ ආරාධිත අමුත්තෙකු වූ අතර ඔහු ඊට සහභාගී විය. එවැනි අදහසක් පළ කිරීමකට බලපෑ හේතු මොනවා ද? යනුවෙන් අපි ගුණසිරි සිල්වාගෙන් විමසුවෙමු. 'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද? "අවස්ථා කිහිපයක් ම තිබුණා හාස්‍යය උපදවන. එකක් තමයි, 'රන් මුතු දූව' චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවා කියපු එක," ඔහු පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙසේය. "රන් මුතු දූවේ මාලිනී ෆොන්සේකා මෙතන ඉන්නවා. තාම මතකයි, 'පිපී පිපී රේණු නටන' සින්දුව." එහෙත්, ගුණසිරි සිල්වා පැවසුවේ, රන් මුතු දූව චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක නොවූ අතර එහි ප්‍රධාන භූමිකාව ජීවරාණී විසින් රගපානු ලැබූ බවය. බීබීසී සිංහල විසින් කළ සොයා බැලීමකදී ද තහවුරු වුයේ මයික් ජේ විල්සන් අධ්‍යක්ෂණය කරන ලද, සෙරන්ඩිබ් චිත්‍රපට ඉදිරිපත් කළ ශේෂා පලිහක්කාර සහ ආතර් සී. ක්ලාක් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම අංග සම්පුර්ණ වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සමග එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවා ඇත්තේ ජීවරාණී කුරුකුලසූරිය බවයි. මේ අතර ජනාධිපතිවරයාට දැක් වූ තවත් අදහසක් විවාදයට පාත්‍ර වී තිබේ. ඒ නන්දා මාලිනීට සම්මානය ලබාදෙන මොහොතේ ජනාධිපතිවරයා කියන ලද කරුණක් සම්බන්ධයෙනි. "1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.” ජනාධිපති රනිල් වික්‍රම්සිංග කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ගුණසිරි සිල්වා පවසන්නේ "මං දන්න තරමින් නම් ගම්පෙරළිය චිත්‍රපටයේ ගීතයක් තිබුණෙ නෑ," යනුවෙනි. නමුත් උලෙළේ පුරකවරයෙකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටිගෙන් මේ සම්බන්ධයෙන් විමසමින් ඔහුගේ ෆෙස්ක්බුක් පොස්ටුවට එක්කොට තිබු කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ එවන් ගායනයක් ගම්පෙරළියේ ඇති බවත්, නමුත් සිරස්තලවල නමක් සඳහන් කර නොමැති බවත් ය. "ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක හා නන්දක්කා හමු වූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්" ඔහු එහි වැඩිදුරටත් සඳහන් කොට තිබුණි. මේ සම්බන්ධව අප කළ තොරතුරු සොයා යාමේදී අපට මෙතෙක් හමුවුයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය 'ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය' ලෙස ඉතිහාසයට එක්ව ඇති බවත්, චිත්‍රපටය වෙනුවෙන් ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීතය නිර්මාණය කොට ඇති බවත් යන්න පමණි. 'ගීත ගායනය/ නැළවිලි ගායනා ' චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබුණි. කලා නිර්මාණවලින් 'වාරණය' යන වචනය ඉවත් කළ යුතුයි මේ අතර ජනාධිපතිවරයා කලා නිර්මාණ වාරණය සම්බන්ධයෙන් ද සම්මාන උලෙළේ දී සිය අදහස් පළ කළේය. "රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා." "එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා" හෙතෙම කියා සිටියේය.
ආචාර්ය උපාධියක් ලැබීමේ සිහිනය හඹා යන මරණ දඬුවම නියම වූ රැඳවියෙකු BBC යට කතා කරයි
රටේ නීතිය අනුව වැරදිකරුවෙකු වී මරණිය දණ්ඩනය හිමි වූ රැඳවියෙකු බන්ධනාගාරය තුළ ගෙවෙන කාලය ආචාර්ය උපාධියක් ලැබීමේ සිහිනය හඹා යෑම සඳහා වෙන් කර තිබෙන අතර ඔහු සමග සාකච්ඡාවක නිරත වීමට BBC සිංහල සේවයට විශේෂ අවසරයක් හිමි විය. ඔහු සිය දර්ශනපති උපාධිය (MPhil) සඳහා පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබෙන්නේ 'ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලිවල නව ප්‍රවණතා' පිළිබඳව වීම විශේෂත්වයකි. ''අපරාධ පිළිබඳව පර්යේෂණ කරන අය සාමාන්‍යයෙන් මුහුණ දෙන ගැටලුවක් තමයි ඊට අදාළ තොරතුරු ඍජුව ලබා ගැනීමේ දුෂ්කරතාවය. මම ඉන්නේ බන්ධනාගාරය ඇතුළේ නිසා බොහෝ රැඳවියන් මා සමග ඉතා මිත්‍රත්වයෙන් ඔවුන්ගේ තොරතුරු බෙදා ගන්නවා. ඒ නිසා මේ සියලු කටයුතුවල ගෞරවය ඔවුන්ට වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕනා'' යනුවෙන් ඔහු පැවසුවේය. මරණිය දණ්ඩනය නියම වූ පසු ලද අත්දැකීම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලි සහ ඒවා පාලනයට ඔහු කරන යෝජනා ගැන මෙම සංවාදයේ දී අදහස් පළ කළේය. මෙම රැඳවියාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා විශේෂ අවසරය සහ සහයෝගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලැබේ.
'ICC Hall of Fame' : අර්බුද සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බබළ වන දියමන්තිය අරවින්ද ද සිල්වා
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සහ ජාත්‍යන්තර ලෙස විශාල පිළිගැනීමක් තිබු එකම ක්‍රීඩාව වන ක්‍රිකට් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම, ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය සහ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක සිදුවීම් මාලාවත් සමග 'ශ්‍රී ලංකා ක්‍රිකට්' පිටියේ උණුසුම දිනෙන් දින වැඩි වී තිබේ. එවැනි හැලහැප්පීම් මැද මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබියදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටින් බිහිවූ 'විශිෂ්ටතම' ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇගයීමකට ලක් කොට තිබේ. එලෙස ඇගයීමට පාත්‍රවුයේ ශ්‍රි ලංකාවෙන් එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි පිතිකරුවා ලෙස හැඳින්වෙන අරවින්ද ද සිල්වා යි. අරවින්ද සිල්වා යනු කවුද ? 1965 වසරේ ඔක්තෝම්බර් මස 17 වෙනිදා උපත ලබා ඇති අරවින්ද ද සිල්වා කොළඹ ඩි.එස්. සේනානායක විදුහලෙන් අධ්‍යාපනය ලැබිය. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ඔහු පාසැල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය. 1984 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත් ඔහු සිය එක්දින තරග දිවිය ආරම්භ කළේ එම වසරේ දී නවසීලන්තයට එරෙහිවයි. ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩාකර ඇති අරවින්ද ද සිල්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 15,645 කි. ඔහු ටෙස්ට් හා එක්දින තරගවලදී වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 31ක් වන අතර අර්ධ ශතක සංඛ්‍යාව 86 කි. හෙතෙම එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම ද නියෝජනය කළේය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ ඔහු අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107 අදටත් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවතේ රැඳී අමරණිය මතකයක් ලෙස සටහන්ව තිබේ. එතෙක් මෙතෙක් ලෝක කුසලාන අවසන් මහ තරගයක ශතකයක් රැස් කරමින් කඩුලු තුනක්ද ලබා ගත් එකම ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වා වන අතර, එම වාර්තාව බිඳ හෙලීමට කිසිවෙක් මේ දක්වා සමත්ව නොමැත. 2003 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබූ ඔහු ඊට වසර 20 කට පසුව " ICC Hall of Fame" ඇගයීමට පාත්‍රවීම සුවිශේෂි කරුණකි. "ICC Hall of Fame" යනු කුමක්ද ? "ICC Hall of Fame" 2009 ජනවාරි මස 02 වෙනි දින ICC හි ශත සංවත්සර සැමරුම් උත්සවයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සංගම් සම්මේලනය (FICA) සමඟ එක්ව දියත් කරන ලදී. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දීර්ඝ හා කීර්තිමත් කැපවීමක් සිදුකළ ක්‍රීඩකයින් හඳුනා ගැනීම වෙනුවෙන් පිරිනමන "ICC Hall of Fame" යනු ගෞරව නාමයක් වේ. 1999 සහ 2003 අතර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනය විසින් නම් කරන ලද ක්‍රීඩකයින් 55 දෙනා ඇතුළත් කර ගැනීම "ICC Hall of Fame" හි සමාරම්භය ලෙස සැලකෙයි. තෝරා ගනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයින් අගයනු වස් පැවැත්වෙන උත්සවයේදී "ICC Hall of Fame" හිස්වැසුමක් පිරිනමනු ලැබේ. "ICC Hall of Fame" සාමාජිකත්වය හිමිවූවන්ට නව සාමාජිකයින් තෝරා ගැනීම වෙනුවෙන් වන ක්‍රියාවට සම්බන්ධ වීමට ද අවස්ථාව උදාවේ. මීට පෙර මෙම ගෞරව සම්මානය ලැබූ ශ්‍රී ලාංකිකයින් කවුද ? අරවින්ද ද සිල්වාට පෙර මෙම ගෞරවයට පාත්‍රවූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සිටියි. ඒ මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වේ 'ඔහු ඇදහිය නොහැකි ක්‍රීඩකයෙක්' ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ "ICC Hall of Fame" ගෞරවයට පාත්‍රවූ අරවින්ද ද සිල්වා සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයේ ප්‍රවීණ ක්‍රීඩකයින් මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයින් අදහස් දක්වමින් පැවසුවේ 'ඔහු ඇදහිය නොහැකි ක්‍රීඩකයෙක්' බවයි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාතන්තර විස්තර විචාරකයෙකු වන රවී ශාස්ත්‍රී පැවසන්නේ 'අරවින්ද යනු ඔහුගේ සීමාවට පතිත වන පන්දුවට පහරදීමට කිසිදු බියක් නොදැක්වූ පිතිකරුවෙක්' බවයි. "1985 වසරේදී ඉන්දියා කණ්ඩායමේ පළමු ශ්‍රී ලංකා සංචාරය. එක් තරගයකදී තරුණ ක්‍රීඩකයෙක් පිටියට පැමිණියා. ශ්‍රී ලංකාව ඉලක්කයක් හඹා යමින් සිටියේ. ඔහුට පිතිකරණ ලයිස්තුවේ උසස්වීමක් ලබා දී තිබුණා." "ඔහු මුහුණ දුන් පළමු පන්දුවටම කපිල්ට (කපිල් දේව්ට) හයේ පහරක් එල්ල කළා. එවැනි උසක් සහිත ක්‍රීඩකයෙකුට එවැනි විශාල පහරක් එල්ල කළ හැකිවීම නිසා ඔහූ ගැන බොහෝ දෙනෙක්ගේ ඇස යොමු වුණා." "අරවින්ද ඔහුගේ සීමාවට පතිත වන පන්දුවට කිසිදු බියක් සැකක් නැතිව පහර එල්ල කරන පිතිකරුවෙක්." "1996 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පුර්ව වටයේ තරගයේදී ශ්‍රී ලංකාවේ කඩුලු දෙකක් එක් ලකුණකට දැවී ගොස් තිබියදී ඔහු පිටියට පැමිණ ක්‍රීඩා කළ ඉනිම ඊට හොඳ නිදසුනක්." "ශ්‍රී ලංකාවට එල්ලවී තිබු පීඩනය ඔහු විසින් නැවත ඉන්දීය කණ්ඩායමට යොමු කළා ඒ රැස් කළ ලකුණු 66ත් සමග." රවී ශාස්ත්‍රී පැවසීය. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරයේ නිරත වන නටලී ජර්මනෝස් පවසන්නේ හොඳ පිතිකරුවෙකුට තමන්ට යොමු වන පන්දුවක් පිටියේ ඕනෑම දිසාවකට එල්ල කිරීමේ හැකියාව ඇති බවයි. අරවින්ද ද සිල්වාට එය ඉතා පහසුවෙන් කළ හැකි බව ද ඔහු ටෙස්ට් තරග වලදී දක්වා ඇති දක්ෂතාවය අතිවිශිෂ්ට බව ද ඇය එහිදී සඳහන් කළාය. එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරකයෙකු වන නසාර් හුසේන්, අරවින්ද ද සිල්වා පිළිබඳ දක්වන්නේ මෙවන් අදහසකි. "මට නම් ඔහුගේ ඇදහිය නොහැකි ක්‍රිකට් පහර වන්නේ ෆුල් පහරයි." "අරවින්දට එරෙහිව ක්‍රීඩා කරන විට මම දැක තිබෙනවා ඔහුට තිබෙන ඒ අසාමාන්‍ය හැකියාව." "ඔහුට ඉක්මණින් පන්දුව හඳුනාගෙන ඊට ක්ෂණිකව හැඩ ගැසීමට හැකියාව තිබෙනවා." නසාර් හුසේන් සඳහන් කළේය. 'අප අතරින් මෙම ගෞරවයට පළමුව පාත්‍ර විය යුතුව තිබුණේ ඔබයි' - මහේලගෙන් අරවින්දට ලිපියක් මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු වන මහේල ජයවර්ධන සිය කුඩා කාලයේ වීරයා වූ අරවින්ද ද සිල්වාට සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමු කර තිබේ. මහේල ජයවර්ධන එහිදී අරවින්ද ද සිල්වා හඳුන්වා දී තිබුණේ "ඔබ ඔබේ කාලයට වඩා පරම්පරාවක් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙක්" ලෙසයි. ඉතා ආක්‍රමණශීලී පිතිකරණයක නිරතවූ සහ එම කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඕනෑම පිතිකරුවෙකුට වඩා හොඳින් වේග පන්දු යවන්නන්ට මුහුණදීමේ හැකියාව තිබු පිතිකරුවා ලෙස අරවින්ද ද සිල්වාව, මහේල ජයවර්ධන විසින් හඳුන්වා දී තිබේ. "ඔස්ට්‍රේලියාවේදී, ඔවුන් සෑම විටම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් බිය ගැන්වීමට උත්සාහ කළා. නමුත් ඔවුන්ට කිසි විටෙකත් ඔබව බිය ගැන්වීමට නොහැකි වුණා. ඒ වෙනුවට ඔබ සෑම විටම ඔවුන්ව බියට පත් කළා." "1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට එරෙහිව ඔබ ක්‍රීඩා කළ විලාශය තුලින් අපේ පරම්පරාවට දැනගත්තා අපි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය යුතු ආකාරය සහ එය අපටත් කිරීමට හැකි බව. එමෙන්ම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කරන්න අපිට හැකි බව." එම ලිපියේ සඳහන් වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දී අරවින්ද ද සිල්වා වැනි ප්‍රවීණයෙකු ගෙන් තමන් ලද ඉගෙනුම සහ ඔහු සමග ක්‍රීඩා කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ද මහේල ජයවර්ධන සිය ලිපියේ සඳහන් කර ඇත. ඒ අතර ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කඩුලු 06ක් පමණක් දැවී රැස් කළ වාර්තාගත ලකුණු 952 ක ටෙස්ට් තරගයේදී සිය ප්‍රියතම ක්‍රීඩකයා වූ අරවින්ද ද සිල්වා සමග පිතිකරණයේ යෙදීමට ලැබීම භාග්‍යක් ලෙස මහේල මෙහිදී හඳුන්වා තිබුණි. "කුමාර් සංගක්කාර ලකුණු රැස් කිරීමේ අතින් වාර්තා තබා තිබුණද, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පිතිකරුවා වන්නේ කවුදැයි යන ප්‍රශ්නය අපෙන් ඇහුවොත් එහි පිළිතුර වන්නේ ඔබයි." "ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඔබ කළ බලපෑම සමකළ නොහැකි අතර ඔබ අපට ඒ මාර්ගය පෙන්වා දුන්නා." මහේල ජයවර්ධන සිය ලිපියේ සඳහන් කර ඇත. "ICC Hall of Fame" පිළිගැනීමට පාත්‍ර වූ සිව්වන ශ්‍රී ලාංකිකයා ලෙස ඔබව පිළිගැනීමට ලැබීම ගෞරවයක්. " "දැනටමත් එහි සිටින අප තිදෙනා වන කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් හෝ මාගෙන් කවුරුන් හෝ ඇසුවොත් මෙම ගෞරවයට පළමුව පාත්‍ර විය යුත්තේ කවුරුන්ද යන්න එහි පිළිතුර වන්නේ ඔබයි." "ඒ ඔබ විය යුතුව තිබූ බවට අපි සියල්ලෝම එකඟ වනු ඇතැයි සිතීම මට නවත්වන්නට බැහැ " යැයි මහේල ජයවර්ධන සිය ලිපියේ සඳහන් කර ඇත. 'මම සතුටු වෙනවා, නමුත් තනතුරු බලාපොරොත්තු වන්නේ නැහැ'- අරවින්ද මේ අතර "ICC Hall of Fame" ගෞරව සම්මානයට පාත්‍ර වූ හිටපු ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වා බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ක්‍රිකට් වෙනුවෙන් තමන් කළ කැපවීම, පරිත්‍යාග කිරීම සහ ඒ වෙනුවෙන් තිබු ආශාව පිළිබඳව සිදුකළ පිළිගැනීම ගැන සතුටු වන බවයි. "මම ඉතාමත් සංතෝෂ වෙනවා. මගේ වයසට මේක විශේෂ දෙයක් වෙන්නේ නැහැ. මම ඒ තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ හරි මේක හම්බවුන එක ගැන සන්තෝෂ වෙනවා. ඒ පිළිගැනීම ගැන මම ඉතාමත් ගරුකරනවා. ඔවුන් (ICC) මගේ දක්ෂතාවය ගැන හඳුනාගෙන මෙවැනි පිළිගැනීමක් දුන්න එක ගැන." "මෙච්චර කල් මම ක්‍රිකට් වෙනුවෙන් කළ කැපවීම, පරිත්‍යාග කිරීම සහ ඒ වෙනුවෙන් මගේ තිබුණු ආශාව පිළිබඳ සිදුකරපු පිළිගැනීම ගැන ගරු කරනවා." "ඒ එක්කම මගේ ඒ ගමන යන්න, මේ ගෞරවය ලබන්න උදව් කරපු අය බොහෝ සිටිනවා." "මගේ මව්පියන්, පවුලේ සියලු දෙනා, හිටපු විදුහල්පතිතුමා අයි.ටී. අලස් මහතා (ඩි.එස්.සේනානායක විදුහල), මගේ හිටපු පුහුණුකරුවන් වන චාලි වර්ණකුලසුරිය, වෝල්ටර් පෙරේරා සහ ග්‍රැහැම් සිල්වා ඇතුළු අය මතක් කරනවා." "මම NCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරද්දී රංජිත් ප්‍රනාන්දු මහතා මාව එයාගේ යටතට අරන් මාව බලා ගත්තා. ඒ වගේම මගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්, මේ ඔක්කොම අයයි මාව මෙතනට ගෙනාවේ." "ඒ වගේම විදේශ රටවල මම ක්‍රීඩා කළ අනෙක් කණ්ඩායම්වල සිටි ක්‍රීඩකයින් වගේම ලංකාවේ මෙන්ම ලෝකයේ කොහේ ගියත් සිටින මගේ රසිකයින් එක්ක මට මේ ලැබෙන දේ බෙදා ගන්න කැමතියි." හෙතෙම කියා සිටියේය.
ICCPR: රම්සි රසීක්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඔබ දන්නවා ද?
කොවිඩ් වසංගතය පැවති සමයේ මුස්ලිම් සමාජයට එල්ල වූ චෝදනා සහ අවලාද පරාජය කිරීම සඳහා මතවාදී යුද්ධයකට එළැඹෙන ලෙස තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත [ICCPR] යටතේ මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් ඉස්ලාමීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය. මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ මෙම තීන්දුවේ අන්තර්ගත වැදගත් මූලධර්මයන් පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා කැඳවා දැනුවත් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වන්නේ කුමක් ද? පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කළ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී. එම්. එස්.කේ. සේනාරත්න විසින් රුපියල් 30000/- මුදලක් ඔහුගේ පෞද්ගලික මුදල් වලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවත් නියෝගයේ දැක්වෙයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න ද ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් 30000/- ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කෙරුණි. ඊට අමතරව රජය විසින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල රුපියල් මිලියනයකි. මෙම සමාජ ක්‍රියාකාරිකයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේ ඔහුගේ නීතිඥවරයා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව කියා සිටියේය. ජනක් ද සිල්වා සහ බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. "පෙත්සම්කරු ඉස්ලාම් ජාතිකයකු වන අතර කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජාතිකයන් හේතුවෙන් එම වසංගතය පැතිරී යන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. 2020 වසරේ අප්‍රේල් මස 02 වනදා ෆේස්බුක් සටහනක් තැබූ මෙම පෙත්සම්කරු කොවිඩ් වසංගත සමයේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන අපහාස හා චෝදනා හමුවේ මුස්ලිම් ජනතාව මතවාදී අරගලයක් දියත් කළ යුතු බව සිය ෆේස්බූක් සටහනේ ප්‍රකාශ කර තිබුණා. ඉන් අනතුරුව ආගමික වෛරයක් ඇති කොට ආගමික අසමගියක් නිර්මාණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේ අප්‍රේල් මස 09 වනදා පෙත්සම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කළා." ඒ අනුව පෙත්සම්කරු මාස පහකුත් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව නඩු තීන්දුවේ සඳහන් වේ. මෙම පෙත්සමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී. එම්. එස්. කේ. සේනාරත්න විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මෙසේ සඳහන් වේ. "මෙම සැකකරු පළකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණ තොරතුරකට අනුව විමර්ශන සිදු කළා. පෙත්සම්කරු විසින් පළකර තිබූ ප්‍රශ්නගත ෆේස්බුක් සටහන 75 දෙනෙකු විසින් බෙදා හැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් 495 දෙනෙකු තමන්ගේ අදහස් හා මත පළ කිරීම් සිදුකර තිබෙනවා. මේ තුළින් ආගමික වෛරයක් ඇතිකොට ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර තිබෙනවා" යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය විරෝධතා ගොනුකර තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 120 වන වගන්තිය, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය සහ පරිගණක අපරාධ පනත යනාදී නීති ප්‍රතිපාදන යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කර තිබේ. අධිකරණයේ ස්ථාවරය... "මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ ව්‍යවස්ථාව යටතේ භාෂණය හා ප්‍රකාශනය මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබේ. එම අයිතිවාසිකම භුක්ති විදීම සඳහා වර්තමානයේ ඩිජිටල් වේදිකාවන් ද පුද්ගලයින් සහ ආයතන විසින් භාවිතා කරනු ලබයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, ස්කයිප්, වට්ස්ඇප්, වයිබර් යනාදී ඩිජිටල් වේදිකාවන් ඊට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකියි. මෙම ඩිජිටල් අවකාශයන් අදහස් ප්‍රකාශ කිරීම සහ පලකිරීම් සිදු කිරීමට පුළුල් ලෙස යොදා ගනී. මේ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඩිජිටල් අවකාශයන් තුළ දැඩි විප්ලවයකට භාජනය වී තිබේ. එම සිද්ධිය හරහා පෙත්සම්කරු සන්නද්ධ අරගලයකට කැඳවීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහෙත් එය පිළිගත නොහැකිය.” “ඉස්ලාමයට එරෙහිව නැගෙන මතවාද පරාජය කළ යුතු බව පෙත්සම්කරු තම ෆේස්බුක් සටහනේ සදහන් කර තිබේ. ඒ සඳහා පෑන සහ පරිගණක යතුරු පුවරුව (කී බෝඩ්) යොදාගත යුතු බව ඔහු ප්‍රකාශ කරයි. මේ තුළින් පොලිසිය ගොඩනගන තර්කය බිඳ වැටේ.ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත 3(1) වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බව පෙනී යයි" යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සඳහන් වේ. මෙහිදී පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කළ විනිසුරු යසන්ත කෝදාගොඩ "මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ "බී" වාර්තාව කෙරෙහි අධිකරණයේ අවධානය යොමු විය. එහි අන්තර්ගත කරුණු තුළින් මහේස්ත්‍රාත්වරයා නොමඟ යැවීමට පොලිසිය ක්‍රියා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳ සංවිධාන ව්‍යුහයක් සහිත ආයතනයකි. එම ආයතනයේ නිලධාරීන්ට සෘජුවම නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමේ අවකාශය ද පවතී.මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර නිසි නීති උපදෙස් ලබා ගත් බවක් වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර නොමැත. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වන වගන්ති යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙම නිලධාරියා කටයුතු කර නැත. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු මූලික වශයෙන් වගකිව යුතු බව අධිකරණයේ නිගමනය යි."යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මේ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් සඳහන් කළේය. නීතිය ක්‍රියාත්මක කරවන පොලිස් නිලධාරීන්ට නිදහස්ව ස්වාධීනව හා අපක්ෂපාතීව සිය රාජකාරී ඉටු කිරීමට අවකාශ තිබිය යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය. එසේම බලපෑම්වලින් තොරව තමන් වෙත පැවරී තිබෙන අභිමතානුසාරී බලය ක්‍රියාවේ යෙදවිය හැකි පරිසරයක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත. වසර තුනකට පසු චෝදනාවලින් නිදහස්වෙයි මාර්ගගත ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ අවධානය යොමුව පවතින මොහොතක, සමාජ මාධ්‍යයේ දැක්වූ අදහසක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ චෝදනා එල්ල වී සිටි සමාජ මාධ්‍ය පරිශීලකයෙකු වන රම්සි රසීක්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැප්තැම්බර් 21 දින නියෝගකරනු කරනු ලැබීය. ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් එම නඩු කටයුත්ත අවසන් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නැති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ සිදුකර තිබේ. සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2020 අප්‍රේල් මාසයේ දී ය. එම සිදුවීම පිළිබඳ රම්සි රසීක් බීබීසී සිංහල වෙත අදහස් දැක්වූවේ ය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "මාව අත්අඩංගුවට ගත් කාලය කියන්නේ ජාතිවාදය උපරිම ස්ථානයක තිබුණු කාලයක්. ජනාධිපතිවරණය අවසන් වූ ගමන් ම ජාතිවාදී සංවිධාන වගේ දේවල්වලින් විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාවට ලොකු තර්ජනයක් තිබුණා. මේ කාලයේ දී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර මේ අය සාමාජ මාධ්‍යවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් අරගෙන ගියා," ඔහු පවසයි. "2020 මුල කාලෙ දි කොරෝනා ව්‍යාප්තියත් එක්ක මම දැක්කා එක පෝස්ට් එකක්. ඒකෙ තිබුණෙ මුස්ලිම් ප්‍රජාව හිතාමතාව සිංහල ජනතාව අතරේ කොරෝනා පතුරවනවා වගේ අසත්‍ය අදහසක්. මම ඒක මූලික කරගෙන මුස්ලිම් ජනතාව මේවාට විරුද්ධව චින්තනමය අරගලයක් කරන්න ඕනෑ කියලා මගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබුවා," රම්සි ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ අදහස් දැක්වීම පිළිබඳ පැහැදිලි කළේ ය. "ඒ අදහස් දැක්වීමේ දී, මේ දේවල්වලට විරුද්ධව මුස්ලිම් ජනතාව 'චින්තනමය අරගලයක්', එහෙමත් නැතිනම් 'Ideological Jihad' එකක් කළ යුතු බව මම ලියුවා. ඒකට ඇවිත් තිබුණ ප්‍රතිචාර ගොඩක් නරක ඒවා. ගොඩක් අය වරදවා වටහාගෙන හිටියේ මම මුස්ලිම් ජනතාවට යුද්ධයකට හරි ගැටුමකට හරි පොළඹවනවා කියලා," ඔහු විස්තර කරයි. "ඒ 'ජිහාඩ්' කියන වචනය මූලික කරගෙන මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නවා. එහි දී මට ඒ නිලධාරීන් දෙන්නෙක් පහර දුන්නා. පසුව ICCPR පනතින් චෝදනා එල්ල වුණු නිසා මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා." කොරෝනා නීති රීති හේතුවෙන් ඔහුට ඔහුගේ නීතීඥවරයා හෝ පවුලේ අය මුණ ගැසීමට නොහැකි වූ නිසා පහරදීමේ සිදුවීම එම අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවූ බව ඔහු පැවසුවේ ය. එමෙන් ම ඔහුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ දී ශාරීරික හිංසනයන් සිදු නොවූ නමුත් යම් යම් මානසික හිංසනයන්වලට මුහුණපෑමට සිදු වූ බව බීබීසී සිංහල වෙත ඔහු විස්තර කළේ ය. මාස පහක් පමණ රිමාන්ඩ් බන්ධානාගරයේ සිටි ඔහු පසුව ඇප මත නිදහස් විය. "මට තිබුණු රෝගී තත්ත්වයන්වලට හරියට අවශ්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගරය තුළ දී බැරිවුණා. ඒවගේ ම බන්ධනාගාරයේ දී සිදුවුණ අනතුරක් නිසා මගේ අතක අස්ථි බිඳීමක් වුණා. ඒකටවත් මට හරියට ප්‍රතිකාර ගන්න බැරිවුණා. ඒ නිසා තවමත් මගේ අතේ ආබාධයක් තියෙනවා," ඔහු පවසයි. සැප්තැම්බර් 21 දින ඔහු එම නඩුවෙන් නිදහස් කිරීම භාෂණයේ නිදහස සම්බන්ධ තීන්දුවක් බව ඔහු පවසයි. "මේ බොරු චෝදනාව නිසා මම වගේ ම මගේ පවුලත් ලොකු අපහසුතාවයක සිටියා. පවුලේ අයට යම් කරදරයක් වෙයි කියලා ඔවුන් බයෙන් හිටියා. මගේ දරුවන් තවම පාසල් යන අය. ඔවුන්ගේ අධ්‍යාපනයටත් මේක විශාල වශයෙන් බලපෑවා. අවුරුදු තුනක් තිස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව ඇදගෙන ආවත් මට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බැරිවුණා." රම්සි රාසික් පවසන්නේ ඔහු ඉදිරියටත් මෙවැනි අසත්‍ය සහ වැරදි ප්‍රචාරයන්ට විරුද්ධව හඬ නගන බවයි. "මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් මේ අසත්‍ය ජාතිවාදී ප්‍රකාශයන්ට විරුද්ධව හඬ නැගුවා. ඒක මම අඛණ්ඩව කරගෙන යනවා. ආයෙමත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තවත් පනතක් ගේන්න යනවා. ඒ වගේ වෙලාවක තමයි මට මේ වගේ තීන්දුවක් ලැබුණේ."
Timed Out: ක්‍රීඩාවේ මහත්මා ගුණය හා නීතීය අතර දෝලනය වූ මැතිව්ස්ගේ දැවි යාම
ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම වස්තු බීජ සැපයු තරගාවලියක් බවට මේවන විට පත්ව ඇත. විනිසුරුවරුන් විසින් ලබාදුන් තීරණ මෙන්ම, DRS තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවස්ථා සම්බන්ධයෙන් තරගාවලියේදී අවස්ථා කිහිපයකදී ප්‍රේක්ෂක මෙන්ම විචාර අවදානය යොමු විය. එම සිදුවීම් අතරට (නොවැම්බර් 6 වැනිදා) ශ්‍රී ලංකාව සහ බංගලාදේශය තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් " Timed out" දවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි සංවාදයක් මතුව ඇත. මෙම දැවී යාමේ තීරණයට ප්‍රතිචාර දක්වමින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්, විස්තර විචාරකයින් සහ ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබුණි. මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු පළමු පෙළේ ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් මෙවැනි අවස්ථා හයකට මුහුණ දී ඇත. මෙම නීතිය භාවිතා කරන ලද හත්වන අවස්ථාව ශ්‍රී ලංකා - බංගලාදේශය තරගය වන නමුත් ජාත්‍යන්තර සහ සීමිත ඕවර ක්‍රිකට් තරගවලදී ක්‍රිඩකයෙක් දැවී ගිය පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර සියලුම අවස්ථා දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවල සිදු විය. මැතිව්ස් ගේ දැවී යාම පිළිබඳ MCC මතය කෙසේ වුවද ක්‍රිකට් තරග නීති සම්පාදනය කරන මාලීබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ඇන්ජලෝ මැතිව්ස්ගේ එම දැවී යාම සම්බන්ධයෙන් සිය නිගමනය පැහැදිලි කිරීම සිදුකර ඇත. මාලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ ක්‍රීඩා නීති අභිබවා ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන තරග කොන්දේසි මෙහිදී බලාත්මක වන බවයි. නීතිය සහ ICC ක්‍රීඩා කොන්දේසි දෙකෙහිම වචන වෙනත් ආකාරයකින් සමාන වන අතර, ක්‍රීඩා කිරීමේ කොන්දේසි අදාළ වේලාව මිනිත්තු තුනේ සිට මිනිත්තු දෙක දක්වා වෙනස් කර තිබෙන බව ද ඔවුන් පෙන්වා දී ඇත. MCC නීතියට අනුව එහි 40.1.1 වගන්තියේ මෙසේ සඳහන් වේ : " කඩුල්ලක් දැවී යාමෙන් පසු පැමිණෙන පිතිකරුවා හෝ පිතිකරුවෙකු විශ්‍රාම ගැනීමෙන් පසු නියමිත වේලාවට කැඳවනු ලබන පිතිකරුවා පන්දුවට මුහුණ දීම සඳහා මිනිත්තු 3 ක් ඇතුළත සූදානම් විය යුතුය. මෙම අවශ්‍යතාවය සපුරා නොමැති නම්,පැමිණෙන පිතිකරු දැවී ගිය අයෙක් ලෙස හෙවත් 'Timed out' ලෙස දැක්විය හැක." ඒ අනුව නීතියේ ප්‍රධාන කොටස වන්නේ පිතිකරුවා ‘පන්දුව පිළිගැනීමට සූදානම්ව සිටිය යුතුය’ යන්නයි. 'Timed out ' වීම වැළැක්වීමට පිටියේ සිටීම හෝ කඩුල්ල අසල සිටීම ප්‍රමාණවත් නොවේ. පන්දු යවන්නාට නියමිත කාලය තුළ පන්දු යැවීමට හැකි වන පරිදි පිතිකරු ස්ථානගත වී තිබිය යුතුය යන්න එහි සඳහන් වේ. නීතියේ සඳහන් වන එම මිනිත්තු දෙකක කාලය තුළ පන්දුවට මුහුණදීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම් නොමැති බව පිටියේ සිටි විනිසුරුවරු තීරණය කරන ලදී. පසුව මැතිව්ස් ගේ හිස්වැස්මේ ගැටලුවක් ඇති වූ අතර එය ඔහු පන්දුවට පහරදීම තවදුරටත් ප්‍රමාද වීමට හේතු වූ බව එම පැහැදිලි කිරීම මගින් කියයි. මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙන්නේ මිනිත්තු දෙකක කාලය තුළ සැලකිය යුතු, යුක්ති සහගත, ක්‍රීඩා උපකරණ සම්බන්ධ දෝෂයක් ගැන විනිසුරුවන්ට දැනුම් දුන්නේ නම්, ඔවුන්ට එය නව ආකාරයේ ප්‍රමාදයක් ලෙස සැලකිය හැකිව තිබු බවයි. (උදාහරණයක් ලෙස පිතිකරුවෙකුගේ පිත්තක් කැඩෙන විට ඔවුන් ඒ සම්බන්ධයෙන් පිටියේ විනිසුරු දැනුවත් කිරීම මෙන්). එමගින් විනිසුරුවරුන්ට පිතිකරුවාගේ එම ගැටලුව පිලිබඳව වන කාලය, ' Timed out' දැවී යාමේ අවදානමකින් තොරව විසඳීමට ඉඩ සලසන බව වැඩිදුරටත් පැහැදිලි කර සිටියි. කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී පිටියේ සිටි විනිසුරුවන් දෙදෙනාම ප්‍රමාදය සිදු වූයේ මිනිත්තු දෙකක කාලය අවසන් වීමෙන් පසුව බව තීරණය කරන ලදී.මැතිව්ස් විසින් ඉදිරිපත් කළ අභියාචනයට පෙර ඔහු පන්දුවට පහරදීම සඳහා වන නියමිත මිනිත්තු 02ක වේලාව අවසන්ව තිබු බව සැලකිල්ලට ගැනීම වැදගත් බව එහි සඳහන් කරයි. එමෙන්ම පිටියේ යාර 30 සීමාවට පැමිණීමට මැතිව්ස්ට තත්පර 90 කට වඩා ගත වූ අතර , අවසන් යාර කිහිපයේදී කඩුල්ල වෙත දිව යාමට ඔහුට කාලය මදි බව පෙනී ගිය බව MCCය සඳහන් කර සිටියි. මැතිව්ස් ගේ හිස්වැසුමේ දෝෂය ඇති බවට නිරීක්ෂණය වුයේ ඊට පෙර කඩුල්ල බිඳ වැටී මිනිත්තු 1 යි තත්පර 54 කට පසුව බව පෙන්නුම් කර ඇති බවත් ඔහු එම අවස්ථාවෙහිදී පන්දුව පිළිගැනීමට සුදානම් වීමක් හෝ සිය සීමා ඉර සලකුණු කිරීමක් සිදුකර නොමැති බවත් මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි. ආරක්‍ෂිත හිස්වැසුම් කැඩී ගිය විට, මැතිව්ස් නව හිස්වැසුමක් ලබා ගැනීමේදී ක්‍රීඩකයෙකු විසින් බලාපොරොත්තු වන විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කිරීමක් නොකළ බව පෙනී යන බව ද MCC ය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ වෙනුවට, මැතිව්ස් ආදේශකයක් සඳහා ක්‍රීඩාගාරයට සංඥා කළේය. ඔහු සිදු වූ දෙය විනිසුරුවන්ට පැහැදිලි කර එය නිරාකරණය කර ගැනීමට කාලය ඉල්ලා සිටියේ නම්, ඔවුන් ඔහුට හිස්වැසුම වෙනස් කිරීමට ඉඩ ලබා දෙන්නට තිබු බවත් සමහර විට 'Timed out' නොවී සිටීමට ඉඩ තිබු බවත් එමගින් පෙන්වා දෙයි. 3.විනිසුරුවරුන්ගේ තීන්දුව නිවැරදිද ? කාලය පිලිබඳ ඇතිවූ ගැටළු සහගතභාවය දැනුම් දී නොතිබීමත්, මැතිව්ස් විසින් අභියාචනය ඉදිරිපත් කරන වන විට මිනිත්තු දෙකකට වඩා වැඩි කාලයක් ගතවී තිබීමත් සැලකිල්ලට ගනිමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට විනිසුරුවන් නිවැරදිව කටයුතු කර ඇති බව මාලිබෝන් ක්‍රීඩා සමාජය පෙන්වා දෙයි. MCC ය පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන්ම, ක්‍රිකට් නීතියට අනුව විනිසුරුවන්ට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් මෙහිදී නොතිබු බව යි. ක්‍රීඩා පිටියේ සිදුවුයේ කුමක්ද ? සදීර සමරවික්‍රමගේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගියේය. පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරක්‍ෂිත හිස් වැසුමේ පටියක් ගැලවී යාම හේතුවෙන් ඔහු නව ආරක්‍ෂිත හිස්වැසුමක් ක්‍රීඩාගාරයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පන්දුවට පහරදීම ප්‍රමාද වුවායැයි ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී.ඒ ඔහු පන්දුවට පහරදීම සඳහා මිනිත්තු දෙකක කාලයකට වඩා කාලයක් ගතකළ බව පවසමිනි. කෙසේ වුවද ඇන්ජලෝ මැතිව්ස් බංගලාදේශ කණඩායමේ නායක ෂකිබ් අල් හසන් ගෙන් සිය දැවී යාම පිළිබඳව කළ ඉල්ලීම ඉවත් කර ගන්නවාදැයි විමසුවිට ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත සිව්වන විනිසුරුවරයාගේ ගේ ප්‍රකාශය සහ මැතිව්ස්ගේ ප්‍රතිචාරය මෙම දැවී යාම සම්බන්ධයෙන් ඊයේ තරගයේදී සිව්වන විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඒඩ්රියන් හෝල්ඩ්ස්ටොක් පසුව පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරක්ෂිත හිස්වැසුමේ පටිය ගැලවී යාමට පෙර ද ඔහු පන්දුවට පහරදීමේ සුදානමකින් පසු නොවූ බවයි. "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිය අනුව දක්වා තිබෙනවා පිතිකරුවෙකු දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණෙන ක්‍රීඩකයා මිනිත්තු දෙකක කාලයක් තුළදී පන්දුව පිළිගැනීමට සුදානම් විය යුතුයි කියලා. එම කාලය සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා අවධානයෙන් පසුවනවා. නමුත් මෙම සිදුවීමේදී පිතිකරුවා ඔහුගේ ආරක්‍ෂිත හිස්වැසුමේ ගැටලුව ඇතිවන විටදීත් පන්දුවට පහරදීමට සුදානම්ව සිටියේ නැහැ." යැයි ඔහු පවසා සිටියේය. කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ X ගිණුමේ පළකර තිබු පුවතකට ප්‍රතිචාර දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබුණේ සිව්වන විනිසුරුවරයා විසින් කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි. "4 වැනි විනිසුරු මෙතන වැරදියි! වීඩියෝ සාක්ෂි පෙන්නුම් කරන්නේ හෙල්මට් එක දුන්නට පස්සෙත් මට තව තත්පර 5ක් තිබුණා කියලයි! කරුණාකර 4 වැනි විනිසුරුට මෙය නිවැරදි කළ හැකිද? මම කියන්නේ ආරක්ෂාව ප්‍රධානයි. මොකද මට හෙල්මට් එක නැතුව පන්දු යවන්නාට මුහුණ දෙන්න බැහැ." යැයි මැතිව්ස් මෙහිදී පවසා සිටියි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මොකක්ද මේ ‘Timed out’ නීතිය ? ක්‍රිකට් නීති සකස් කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සඳහන් කර ඇති 40.1 නීතියට අනුව පිතිකරුවෙකු දැවී යාමෙන් හෝ විශ්‍රාම ගැනීමෙන් පසු පිටියට පැමිණෙන අනෙක් පිතිකරු මිනිත්තු 3 ක් ඇතුළත තණතීරුවට පැමිණ ඊළඟ පන්දුවට මුහුණ දීම හෝ ඔහුගේ ඉනිම ලබාගෙන සූදානම් විය යුතුය. එසේ නොමැතිනම් පිතිකරුවා ‘Timed out’ නීතිය යටතේ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ හැකියි. කෙසේවුවද මෙම දැවී යාම පන්දු යවන්නා විසින් දවා ගනු ලැබූ කඩුල්ලක් ලෙස නම් නොකරන බවට ද එම නීතියේ සඳහන් වේ. කෙසේ වුවද මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ සඳහන් වන නීතිය අනුව පිතිකරුවෙකුට ලබාදෙන ‘Timed out’ කාල සීමාව මිනිත්තු දෙකක් ලෙස දක්වා තිබේ. උණුසුම් වූ දෙපිලේ ප්‍රතිචාරය ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය. ලකුණු හඹා යාමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර වචන හුවමාරුවීම් සිදුවන අයුරු ද දක්නට ලැබුණි. ශ්‍රී ලංකා - බංගලාදේශ තරගයේ ඇන්ජලෝ මැතිව්ස් විසින් ෂකිබ්ගේ කඩුල්ල දවා ගනු ලැබීම 'දෛවෝපගත පළිගැනීමක්' ලෙස ඇතැම් දේශීය ප්‍රේක්ෂකයින් හඳුන්වා දී තිබුණි. ඊට සාක්ෂි සපයමින් ෂකිබ් පිටියෙන් ඉවත්ව යන විට මැතිව්ස් තම මැණික් කටුව දෙසට අත දිගු කරමින් ඔහුගේ 'කාලය අවසන්' බව සංඥා කරන අයුරු තරග රූප රාමුවල මැනවින් සටහන්ව තිබුණි. එමෙන්ම තරගය අවසාන වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බංගලාදේශ ක්‍රීඩකයින්ට සුබ පැතීමෙන් තොරව පිටියෙන් ඉවත්ව යන අයුරු දක්නට ලැබුණි. තරගය අවසාන වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් ගෙන් විමසා සිටියේ පිටියේ මැද සිදුවුයේ කුමක්ද යනුවෙනි. එහිදී ඔහු පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය. "අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පැමිණ කියා සිටියා ඉල්ලීමක් කරන්න ඇන්ජලෝ දැවී යනවා කියලා. මොකද ඔහු නියමිත කාලසීමාව තුලදී පිතිකරණය සඳහා ගාර්ඩ් එක අරන් නැහැ කියලා. ඉතින් මම විනිසුරුවරයාට ඉල්ලීමක් කළා. එහිදී විනිසුරුවරයා පැවසුවා මැතිව්ස් දැවී ගිය බවට. මගෙන් ඇහුවා ඉල්ලීම නැවත කැඳවනවද කියා. මම කිව්වා නැහැ කියලා." "ඇන්ජලෝ සහ මම 2006 වසරේ අවුරුදු 19 ලෝක කුසලානයේදී ඉදලා එකට ක්‍රීඩා කරනවා. මම ඔහුව හොඳින් හඳුනනවා. ඒත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි නීතිය." "ඒක හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ, මට දැනුනේ මම යුද්ධයක පැටලිලා වගේ කියලා ඒ නිසා මට තීරණයක් ගන්න වුණා මගේ කණ්ඩායම ජයග්‍රහණය උදෙසා.” ඔහු පැවසීය. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ද මාධ්‍ය හමුවේදී පැවසුවේ සිය අවුරුදු 15ක ක්‍රිකට් දිවිය පුරාවට මෙවැනි පහත් තත්ත්වයේ සිදුවීමක් දැක නොමැති බවය. "අද වන තෙක් ඔහුට (ෂකිබ්) සහ බංගලාදේශ කණ්ඩායමට මගේ ගෞරවයක් තිබුණා. මගේ ජිවිතයට දැකලා නැහැ කණ්ඩායමක් මෙහෙම පහත් තත්ත්වයකට වැටෙනවා. ලැජ්ජයි බංගලාදේශ කණ්ඩායම සහ නායකයා ගැන. අප සියලු දෙනා ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්. එය නීතියට අනුව නම් යහපත්." "ක්‍රිකට් නීතියේ පැහැදිලිව කියනවා මිනිත්තු දෙකක් තිබෙනවා කියලා. මම මිනිත්තු දෙක ඇතුළත ක්‍රීඩා පිටියේ සිටියා. ඒ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි තිබෙනවා අප සතුව, ඒ ගැන ඉදිරියේදී අප නිවේදනයක් නිකුත් කරනවා. මම මෙතැන නිකම් කතා කරනවා නොවේ. සාක්ෂි සහිතවයි කතා කරන්නේ. " "මගේ ආරක්‍ෂිත හිස්වැසුම කැඩීමෙන් පසුව තවත් තත්ත්පර 05ක් ඉතිරිව තිබුණා. අප ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන කතා කරනවා, ඔබ කියන්නේ මගේ ආරක්‍ෂිත හිස්වැසුම නොමැතිව පන්දුවට පහරදීම සඳහා වූ ඉන්න ලබා ගැනීම (සිය සීමා ඉර සලකුණු කිරීම) ගැටලුවක් නැහැයි කියාද ? දඟ පන්දු යවන්නෙකු පන්දු යවන විට කඩුලු රකින ක්‍රීඩකයා අනිවාර්යෙන්ම ආරක්‍ෂිත හිස්වැසුම පැළඳ සිටිය යුතුයි කියා ඔවුන් පවසනවා. මම කොහොමද එහෙනම් ගාඩ් එක ගන්නේ ආරක්‍ෂිත හිස් වැසුම නොමැතිව ?" "විනිසුරුවරුන්ට මෙතැනදී විශාල වගකීමක් තිබුණා. ඔවුන්ට තිබුණා ඒ සම්බන්ධයෙන් නැවත පරික්ෂා කර බලන්න.පස්සේ විනිසුරුවරුන් අපේ පුහුණුකරුවන්ට කියලා තියෙනවා ඔවුන්ට එය පරික්ෂා කරන්න තිබුණා කියලා. නමුත් දැන් එය වැඩක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීමක්." මැතිව්ස් පැවසීය. මීට පෙර ක්‍රිකට් ඉතිහාසයේ ‘Timed out’ නීතිය බලපෑ අවස්ථා මොනවාද ? ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ‘Timed out’ නීතිය අනුව දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයට එක්විය. එය එසේ වුවද 2007 වසරේදී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගයකදී එවකට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ සෞරව් ගංගුලි පිටියට පැමිණීමට මිනිත්තු 06කට වඩා කාලයක් ගත විය. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ග්‍රැහැම් ස්මිත් ‘Timed out’ නීතිය අනුව පිතිකරුවා දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලීමක් කිරීමෙන් වැළකී සිටින අයුරු දක්නට ලැබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ‘Timed out’ තීරණය ගැන සමාජ මාධ්‍යයේ පලවන අදහස් මොනවාද ? මේ අතර මේ සම්බන්ධයෙන් උරණ වූ දේශීය ප්‍රේක්ෂකයින් විසින් මීට පෙර ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වූ එක්දින තරගයකදී බංගලාදේශ පිතිකරුවෙකු සිය ආරක්‍ෂිත ආවරණයක් අමතක වී පිතිකරණය සඳහා පිටියට පැමිණ නැවත එය ලබා ගැනීමට කාලය ගතකලද එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඉල්ලීමක් නොකළ බවට දැක්වෙන සටහන් ද සමාජ මාධ්‍ය තුළට මුදා හැර තිබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත වත්මන් ලෝක කුසලාන තරගාවලියේ තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන රිචඩ් කෙටෙල්බ්රා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ අසිෆ් ෂෙයික්, ෂකිබ් අල් හසන්ට වඩා දහස් ගුණයකින් ක්‍රීඩාශිලිත්වයකින් යුක්ත බවයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් කයිෆ් ද මෙම සිදුවීම පිළිබඳ සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුනේ එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. "ෂකීබ් විශ්වාස කළ යුත්තේ ජයග්‍රහණය ගැන මිස 'මොන යම් හෝ විදියකින් ජයග්‍රහණය කිරීම' නොවේ. එය ලැජ්ජා සහගතයි." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 6 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 6 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 6 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ටෙස්ට් තරග පිළිබඳ BBC විශේෂ කණ්ඩායමේ හිටපු අයර්ලන්ත කඩුලු රකින ක්‍රීඩක නයල් ඔබ්‍රයන් පැවසුවේ: "මම හිතන්නේ ඔහු පන්දුවට මුහුණ දීමට සූදානම්ව සිටියා. නමුත් ඔහු තණතීරුවේ සිටින අතර ඔහුගේ හිස් ආවරණයේ දෝෂයක් මතු වුණා. මම හිතන්නේ එතන අත්වැරදීමක් සිදුවුණා." එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයිකල් වෝගන් මෙම දැවී යාම හඳුන්වා දී තිබුණේ ආරක්‍ෂිත හිස්වැස්මේ දෝෂයක් නිසා ‘Timed out’ වුවා යැයි පැවසීම අලුත් දෙයක් බවයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 7 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 7 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 7 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර ඊයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයේදී විස්තර විචාරයේ යෙදුණු බංගලාදේශයේ හිටපු ක්‍රීඩකයෙකු වන ආතර් අලී ඛාන් පැවසුවේ තමන් ක්‍රීඩා පිටියේ සිටියා නම් අනිවාර්යෙන්ම ඇන්ජලෝ මැතිව්ස් නැවත කැඳවන බවයි. එමෙන්ම එම තරගයේ විස්තර විචාරයේ යෙදුණු හිටපු පකිස්ථාන ක්‍රීඩකයෙකු වන වකාර් යුනිස් පැවසුවේ මෙම සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩි බලපෑමක් එල්ල කරන එකක් බවයි. ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන ෆර්වේස් මහරූෆ් සිය X ගිණුමේ සඳහන් කර තිබුනේ මෙවන්නකි. "ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය නැතිවී ගොඩක් කල්!! එය එසේ නොවේ නම් මෙය අද සිට සියලුම පිතිකරුවන්ට දෑස් විවර කිරීමක්.නීති රීති තුළ අභියාචනය කිරීමට. හෙල්මට් වෙනස් කිරීමට අවශ්‍ය බව ඇන්ජලෝ විනිසුරුවන්ට සහ ෂකීබ්ට දැනුම් දුන්නේ නම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණා." යනුවෙනි. මේ අතර ඊයේ තරගයෙන් පසුව බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් සිය X ගිණුමේ පළකර තිබෙන සටහනට ද ලැබි තිබුණේ දෙරටින්ම ආන්තික වූ මිශ්‍ර ප්‍රතිචාරයන්ය. ඇතැම් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඔහුගේ ක්‍රියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට කලු පැල්ලමක් එක් කළ බවකි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 8 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 8 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 8 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස් දක්වමින් පවසා සිටින්නේ ‘Timed out’ නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වා දී ඇති බැවින් ඊට හැඟුම්බර වීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි. එමෙන්ම බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවසා ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් පරිණත ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණීමට පෙර තමන්ගේ ක්‍රීඩා උපකරණ සුදානම් කර ගැනීමේ වගකීමක් ඔහු සතුව පවතින බවයි. එමෙන්ම ෂකිබ් අල් හසන් ගත් තීරණය නිවැරදි බවට ද බොහෝ දෙනා මෙහිදී කරුණු සටහන් කර ඇති අයුරු දක්නට ලැබුණි. ඔහු ප්‍රශංසාවට ලක්කළ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියා සිටියේ ඔහු ක්‍රිකට් නීතිය අනුව යමින් ඒ මොහොතේ තම අවශ්‍යතාවය සහ රටේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 9 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 9 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 9 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 2014 වසරේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගය මේ අතර 2014 වසරේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් මැන්කඩ් ක්‍රමයට දවා ගත් ආකාරය සම්බන්ධයෙන් ද මෙම සිදුවීම හරහා ඇතැම් ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කර තිබෙන අයුරු දක්නට ලැබුණි. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරන ලදී. පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පැවසුවේ ජෝස් බට්ලර් පන්දු යවන අන්තයේ වූ සීමා ඉරෙන් පිටත සිටීම නිසා ඔහුට අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳව අනතුරු ඇඟවීමෙන් පසුව එලෙස දවාගත් ක්‍රීඩකයෙකු ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 10 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 10 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 10 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශකීබ්ට ඉදිරි තරග අහිමි වෙයි මේ අතර බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ගේ ඇඟිල්ලක ඇතිවු ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශයට ඉතිරිව ඇති ඉදිරි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙන බව අද (නොවැම්බර් 7) වාර්තා විය. කඩුලු තුනක ජයග්‍රහණයක් ලැබු ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ඉතිහාස ගත වූ මතභේදාත්මක තරගය අතරතුර ඊයේ (නොවැම්බර් 6) පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ වම් මාපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවිය. ශකීබ් අල් හසන් ආබාධයට ලක්වීම මේ වන විටත් දේශීය සමාජ මාධ්‍ය ජාලා වල උණුසුම් පුවතක් බවට පත්ව තිබෙන්නේ මේ පසුබිම තුළය. කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩායම තරග කරන අවසන් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව සෙනසුරාදා පූනේහිදී පැවැත්වෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ඇතත්, මේ වටයේ තවත් තරගයක් ලබන 9 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව එහිදී තම අවසන් තරගය ලෙස ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ සිටින නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.
ලෝක දියවැඩියා දිනය: දියවැඩියාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවී සිටින්නේ කෙසේ ද?
දියවැඩියාව යනු සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක් වන අතර එය ඕනෑ ම අයෙකුට වැළඳිය හැකිය. එය සිදුවන්නේ, රුධිර ප්‍රවාහයේ ඇති සියලු ම සීනි (ග්ලූකෝස්) කළමනාකරණය කිරීමට ශරීරය අපොහොසත් වූ විටය. එහි සංකූලතා හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍යවීම් සහ අත් පා කපා දැමීම් ආදියට හේතු විය හැකිය. එය වර්ධනය වෙමින් පවතින ගැටලුවක් වන අතර, ගෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන 422ක් දියවැඩියාව සමග ජීවත් වන බව ඇස්තමේන්තු කර තිබේ. - ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එය, අවුරුදු 40කට පෙර පැවති දත්තවලට සාපේක්ෂව සිව් ගුණයක ඉහළ යාමකි. එවන් අවදානමක් පවතිද්දීත්, දියවැඩියාව වැළඳී ඇති පුද්ගලයින්ගෙන් අඩක් එය වැළඳී ඇති බව නොදනිති. කෙසේ වෙතත්, ජීවන රටාවේ වෙනස් කිරීම් මගින් එය බොහෝ විට වළක්වා ගත හැකිය. එය කරන්නේ කොහොමද? දියවැඩියාවට හේතු වන සාධක මොනවා ද? අප ආහාර ගන්නා විට, අපගේ ශරීරය කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් හෙවත් සීනි බවට හරවයි. අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් නමැති හෝර්මෝනය, ඉන්පසු ශක්තිය සඳහා එම සීනි අවශෝෂණය කර ගැනීමට අපගේ ශරීර සෛලවලට උපදෙස් සපයයි. දියවැඩියාව ඇති වන්නේ, ඉන්සියුලින් නිපදවීම සිදු නොවන විට හෝ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන විටය. එය අපගේ රුධිරය තුළ සීනි රැස් කිරීමට හේතු වෙයි. දියවැඩියා ප්‍රභේද මොනවා ද? දියවැඩියා රෝගයේ ප්‍රභේද කිහිපයක් තිබේ. දියවැඩියා 1වන ප්‍රභේදය (type 1 diabetes) අනුව, අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවීම නතර කරන අතර, ඒ හේතුවෙන් රුධිර ප්‍රවාහය තුළ ග්ලූකෝස් එක්රැස් වේ. විද්‍යාඥයින් ඊට බලපාන නිශ්චිත හේතුවන් නොදන්නා නමුත්, ඔවුන් විශ්වාස කරන්නේ, එය ජානමය බලපෑමක් හෝ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලවලට හානි කරන වෛරස් ආසාදනවල ප්‍රතිඵලයක් විය හැකි බවටය. දියවැඩියා රෝගීන්ගෙන් 10%ක පමණ ප්‍රතිශතයක් පළමු වන ප්‍රභේදය වැළඳුණු අය වෙති. දියවැඩියා 2 වන ප්‍රභේදයේදී (type 2 diabetes), අග්න්‍යාශය ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපද නොවීම හෝ හෝර්මෝන ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම සිදු වෙයි. මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් නොව, අධිබරැති සහ වැඩි කාලයක් වාඩි වී සිටින තරුණයින් සහ දකුණු ආසියානුවන් වැනි ඇතැම් සුවිශේෂී ජන කොටස්වලට අයත් පුද්ගලයින්ට ද එය සාමාන්‍යයෙන් වැළඳෙයි. ඇතැම් ගර්භණී කාන්තාවන්ට තමන් සහ සිය දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට, ඔවුන්ට ගර්භණී දියවැඩියාව වැළඳී ඇතැයි හඳුනාගැනේ. විවිධ නිර්ණායක භාවිත කරමින් සිදු කළ අධ්‍යයන මගින් ඇස්තමේන්තු කර ඇත්තේ, ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 6 සිට 16 දක්වා ඕනෑ ම ප්‍රතිශතයක් තුළ ගර්භණී දියවැඩියාව වර්ධනය වන බවය. එම තත්ත්වය 2 වන ප්‍රභේදය දක්වා වර්ධනය වීම වැළැක්වීමට ආහාර පාලනය, ශාරීරික ව්‍යායාම් සහ/හෝ ඉන්සියුලින් ලබා දීම් මගින් ඔවුන්ගේ සීනි මට්ටම පාලනය කළ යුතුය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සහ දියවැඩියාව ඇති වීමට හේතු විය හැකි පූර්ව දියවැඩියා තත්ත්වය ද හඳුනාගත හැකිය. දියවැඩියාව රෝග ලක්ෂණ මොනවා ද? වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ : • අධික පිපාසය • විශේෂයෙන් රාත්‍රී කාලයේදී, සාමාන්‍ය මට්ටමට වඩා මුත්‍රා කිරීමේ අවශ්‍යතාව • අධික වෙහෙස • නිරායාසයෙන් ශරීරයේ බර අඩු වීම • මුඛය ආශ්‍රිතව වරින් වර ඇති වන දිලීර ආසාදන • දෘශ්‍යාබාධ • සුව නොවන කැපුම් හා තුවාල බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි, පළමු ප්‍රභේදයේ දියවැඩියා රෝග ලක්ෂණ ළමා වියේදී හෝ නව යොවුන් වියේදී පෙන්නුම් කරන අතර එය වඩාත් දරුණු විය හැකිය. දියවැඩියා දෙවන ප්‍රභේදය සහිත පුද්ගලයින් අතරින් වඩාත් අවදානම් තත්ත්වයක පසුවන්නේ, වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් (දකුණු ආසියාවේ නම් අවුරුදු 25ට වැඩි); දියවැඩියාව වැළඳුණු මව්පියන්ගෙන් කෙනෙකු හෝ ඥාතියෙකු ඇති පුද්ගලයින්; අධිබර හෝ ස්ථූලතාවයෙන් පෙළෙන්නන් සහ දකුණු ආසියානු, චීන, අප්‍රිකානු - කැරිබියානු හෝ කළු අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින් යන කාණ්ඩ වේ. මට දියවැඩියාවට ගොදුරු නොවී සිටිය හැකි ද? දියවැඩියාව ජානමය සහ පාරිසරික සාධක මත රඳා පවතින නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කර ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඔබට සහයක් ලබා දිය හැකිය. සීනි සහිත සැකසූ ආහාර පාන ගැනීමෙන් වැළකීමෙන්, සහ සුදු පැහැති පාන් හා පැස්ටා වෙනුවට පූර්ණ සමබල ආහාර වේලක් ලබා ගැනීම හොඳ පළමු පියවරකි. පිරිපහදු කරන ලද සීනි සහ ධාන්‍යවල තන්තුමය ස්වභාවයත් විටමින් බහුල කොටසුත් ඉවත් වී තිබීම හේතුවෙන් පෝෂණ ගුණයෙන් ඌණ වේ. සීනි එකතු කරන ලද සුදු පිටි, සුදු පාන්, සුදු හාල්, සුදු පැස්ටා, පේස්ට්‍රි, ගෑස් සහිත/සීනි අධික බීම, පැණිරස කෑම සහ සීනී එකතු කරන ලද උදෑසන ධාන්‍යමය ආහාර උදාහරණ වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ඇතුළත් වේ. සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, ඇට වර්ග සහ සාර්ඩින්, සැමන්, මැකරල් වැනි ඔමෙගා-3 බහුල මාළු ද ඊට ඇතුළත්ය. නිශ්චිත කාල පරාසයන් තුළ ආහාර ගැනීම වැදගත් වන අතර, ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමෙන් පසු තවදුරටත් ආහාර ගැනීම නතර කළ යුතුය. ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීම සඳහා ශාරීරික ව්‍යායාම් ද උපකාරී වේ. සතියකට පැය දෙක හමාරක් වේගයෙන් ඇවිදීම සහ පියගැට පෙළ නැගීම ඇතුළු ඇරෝබික් ක්‍රියාකාරකම්වල නිරත වීම බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව අනුමත කරයි. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගෙන යාම ඔබේ රුධිර සීනි මට්ටම අඩු කිරීමට පහසු කරයි. ඔබට ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, එය මන්දගාමීව කරන්න, එනම්, සතියකට ග්‍රෑම් 500 සිට කිලෝග්‍රෑමයක් දක්වා අඩු වන පරිදිය. දුම්පානය නොකිරීම සහ හෘදයාබාධ අවදානම් අවම කර ගැනීම සඳහා කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම ද වැදගත් වේ. දියවැඩියා රෝගයේ සංකූලතා මොනවා ද? රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පැවතීමෙන් රුධිර නාලවලට බරපතළ ලෙස හානි විය හැකිය. රුධිරයට ඔබේ ශරීරය තුළ හොඳින් ගලා යාමට නොහැකි වුවහොත්, අවශ්‍ය කොටස් වෙත රුධිරය ළඟා නොවීමෙන්, ස්නායු හානි (සංවේදනය සහ වේදනාව දැනීම අඩුවීම), පෙනීම අඩුවීම සහ පාදයේ අසාත්මිකතා ඇති වීමේ අවදානම ඉහළ යයි. අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍ය වීම්, හෘදයාබාධ, ආඝාතය සහ අත් පා කැපීමට සිදුවීම ආදියට දියවැඩියාව ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2016 වසරේදී, මරණ මිලියන 1.6කට දියවැඩියාව ඍජුව හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. කොපමණ පිරිසකට දියවැඩියාව තිබේ ද? ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, 1980 වසරේ මිලියන 108ක්ව පැවති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 2014 වසර වන විට මිලියන 422ක් දක්වා ඉහළ ගොස් තිබිණි. 1980 වසරේදී, ලොව පුරා වයස අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 5%කට අඩු ප්‍රතිශතයක් දියවැඩියා රෝගීන් වූ අතර 2014 වසරේදී එම ප්‍රතිශතය 8.5%ක් විය. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය ඇස්තමේන්තු කරන්නේ, මෙම තත්ත්වය යටතේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් 80% කට ආසන්න ප්‍රතිශතයක් ආහාර පුරුදු වේගයෙන් වෙනස් වෙමින් පවතින මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවල වාසය කරන්නන් බවය. සංවර්ධිත රටවල, එම තත්ත්වය දරිද්‍රතාව හා මිල අඩු, සැකසූ ආහාර පරිභෝජනය කිරීමට සමගාමීව පවතී.
අයවැය 2024: ඔබ දැනගත යුතු ප්‍රධාන යෝජනා 10ක්
2024 ප්‍රධාන අයවැය යෝජනා මොනවා ද? 2024 අයවැය ඉදිරිපත් කරමින් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබීය. රජයේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම ද මෙවර අයවැයේ කැපී පෙනෙයි. මේ අවධානය ප්‍රධාන අයවැය යෝජනා 10ක් පිළිබඳවය. 1. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් 2024 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරනු ලැබීය. රාජ්‍ය සේවකයින්ට මේවන විට මාසිකව හිමිවන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක් බව පැවසූ ජනාධිපතිවරයා 2024 ජනවාරි මාසයේ සිට එය රුපියල් 17,800 දක්වා වැඩි කරන බව පැවසීය. මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නේ පෙබරවාරි, මාර්තු මාසයේ සිට බැවින් එම දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතුවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ජනවාරි සිට මාර්තු මාසය දක්වා වූ හිඟ මුදල ලබන වසරේ ඔක්තෝම්බර් මස සිට වාරික ලෙස මාස 6ක් තුළදී ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය. රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් සඳහා මාසිකව හිමිවන රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රු. 2500 කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. 2. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සඳහා සේවකයන් සිය මූලික වැටුපෙන් ලබාදෙන සියයට 6‐7ක දායකත්වය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට 8%ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. 3. ආපදා ණය දැනට සීමා පනවා ඇති රාජ්‍ය සේවයකයින්ට ආපදා ණය ගැනීමේ හැකියාව ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට පෙර පරිදි ණය ලබා දීමට යෝජනා කෙරේ. 4. අස්වැසුම සහ ආබාධිත දීමනා අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 60ක මුදල වාර්ෂිකව රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරේ. ඒ අනුව ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව මිලියන 02ක් දක්වා ඉහළ යනු ඇත. ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා මාසිකව ලබා දෙන රුපියල් 5,000 ක දීමනාව රුපියල් 7,500ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කෙරේ. වැඩිහිටි පුරවැසියන් වෙත ලබා දෙන රුපියල් 2,000 ක මාසික දීමනාව රුපියල් 3,000 ක් දක්වා වැඩි කෙරේ. 5. නාගරික නිවාස සහ වතුකරයේ නිවාස විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකොට අඩු ආදායම් පවුල්වලට රුපියල් 3,000 ක මාසික කුලිය මත ලබා දී ඇති නිවාස සඳහා කුලී අය කිරීම අත්හිටුවා එම නිවාසවල අයිතිය එම පවුල්වලට ලබාදීමට ක්‍රියා කිරීම. 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙයි. වතුකරයේ ජීවත් වන පුද්ගලයින්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමේ ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. 6. අතුරුදන් පුද්ගල වන්දි උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ලවූ අතුරුදන්වුවන් සහ විපතට පත් වූවන් සඳහා වූ වන්දි ගෙවීම් කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. 7.ණය ගැනීම් සීමාව වැඩි කිරීම හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිවුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වන බවත් එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350ක් දක්වා රුපියල් බිලියන 3,450 කින් වැඩි කිරීමට යෝජනා කෙරේ. එමෙන්ම විදේශ ණය ප්‍රතිවුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිවුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා රුපියල් බිලියන 3,000 ක් අයවැය මගින් වෙන් කිරීමට යෝජනා කර ඇත. 8.රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරේ. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවිමට අවකාශ සැලසේ. 9. ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බැවින් ඉන්දියානු ආයෝජකයින් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරයි. 10. ‪බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථා වලදී අනිවාර්ය කෙරේ.‬ ‪* ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම;‬ ‪* ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක. ඉල්ලුම්කරු විසින්.‬ ‪* මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන විට. හිමිකරු විසින්.‬ ‪* ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටෙක. ගැනුම්කරු විසින්. පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ අද (නොවැම්බර් මස 13 වෙනිදා) කළේය. ජනාධිපතිවරයා පැවසුවේ සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවය. කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දුවල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බවත් අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.
අයවැය 2024: මෙවර ඇයවැයෙන් අරමුදල් බෙදී යන්නේ කෙසේ ද ?
2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (නොවැම්බර් 13 සඳුදා) මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. මෙවර අයවැය යෝජනාවලින් ප්‍රධාන වියදම් සඳහා මුදල් බෙදී ගොස් ඇත්තේ කෙසේද? මේ ඒ පිළිබඳ සංසන්දනාත්මක සොයාබැලීමකි. මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ දක්වා ඇති සම්පූර්ණ වියදම් ප්‍රමාණය ‍රුපියල් තුන්දහස් අටසිය හැට බිලියන අටසිය හතලිස් හය මිලියන හත්ලක්ෂ අසූඅට දහසකි. පුනරාවර්තන වියදම් ඉහළට - ප්‍රාග්ධන වියදම් පහළට අයවැයක් සකස් කිරීමේ දී ප්‍රධාන වියදම් වර්ග දෙක වන්නේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන එසේත් නැතිනම් මූල්‍යන වියදම් ය. පුනරාවර්තන වියදම් ලෙස හඳුන්වන්නේ රජයක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ය. රටක අයවැයක පුනරාවර්තන වියදම් ලෙස අමාත්‍යාංශ පවත්වාගෙන යාමට යන වියදම, සේවක වැටුප් ගෙවීමට යන වියදම වැනි දේවල් හඳුනා ගත හැකියි. ප්‍රාග්ධන වියදම් බොහෝ විට ආයෝජනයක ස්වරූපයක් ගනියි. යම් අමාත්‍යාංශයක් යටතේ එහි විෂයට අදාලව ගොඩනැගිලි ඉදිකිරීම්, උපකරණ මිල දී ගැනීම් ප්‍රාග්ධන වියදම් ලෙස හැඳින්විය හැකියි. ප්‍රාග්ධන වියදම් වල යෙදවීම් අදාල මූල්‍ය වර්ෂයට පමණක් නොව මූල්‍ය වර්ෂ කිහිපයකටම ප්‍රයෝජනවත් විය හැකියි. සාමාන්‍යයෙන් අයවැයක් සාර්ථක අයවැයක් ලෙස සලකන්නේ එහි ඇති පුනරාවර්තන වියදම් අඩු වී ප්‍රාග්ධන වියදම් වැඩි වූ විටයි. නමුත් ශ්‍රී ලංකාවේ අයවැයේ සෑමවිටම පුනරාවර්තන වියදම් ඉහළ අගයක් ගනියි. පසුගිය වසරට සාපේක්ෂව නව විසර්ජන පනත් කෙටුම්පතේ සම්පූර්ණ වියදම්වලට සාපේක්ෂව පුනරාවර්තන වියදම්වල ප්‍රතිශතය ඉහළ ගොස් ප්‍රාග්ධන වියදම්වල ප්‍රතිශතය පහළ ගොස් තිබේ. මෙවර අයවැයේ රුපියල් බිලියන 2651ක් පුනරාවර්තන වියදම්වන අතර එය සම්පූර්ණ වියදම්වලින් 68.67%කි. 2023 අයවැයේ එය 66.55% ක් වූ අතර ඒ වසරේ වෙන් කර තිබුණේ රුපියල් බිලියන 2432කි. 2023 අයවැයේ ප්‍රාග්ධන වියදම් සම්පුර්ණ වියදම්වලින් 33.53%ක් එනම්, රුපියල් බිලියන 1225ක් වෙන් කර තිබූ අතර, එය 2024 විසර්ජන පනත් කෙටුම්පතේ රුපියල් බිලියන 1209ක් දක්වා අඩු වී ඇත. එම ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 31.33%කි. වැඩිම මුදලක් ආර්ථිකය සංවර්ධනයට මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශයට මෙවර වැඩිම මුදලක් වෙන් කර තිබේ. එම මුදල රුපියල් බිලියන 723කි. ප්‍රතිශතයක් වශයෙන් 18.74%කි. 2023 අයවැයෙන් මුදල් අමාත්‍යංශයට වෙන් ව තිබුණේ 16.8%කි. එනම් රුපියල් බිලියන 614කි. ආරක්ෂාවට රුපියල් බිලියන 423ක් මෙවර අයවැය යෝජනාවෙන් ආරක්ෂාව සඳහා රුපියල් 423, 725, 000, 000ක් (රුපියල් බිලියන 423ක්) වෙන් කර තිබේ. එය සමස්ත වියදම්වලින් 10.97%කි. පසුගිය වසරට සාපේක්ෂව ආරක්ෂාවට වෙන් කර ඇති මුදල් වල ප්‍රතිශතය අඩු වීම විශේෂ සිදුවීමකි. පසුගිය වසරේ, එනම් 2023 අයවැයෙ 11.22%ක මුදලක් වෙන් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් ය. ඒ රුපියල් බිලියන හාරසිය දහයකි. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර රුපියල් බිලියන 13ක් එකතු වී තිබේ. සෞඛ්‍යට වැඩි වෙයි. අධ්‍යාපනයට අඩු වෙයි අයවැයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන් වන මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අවධානය දක්වන අතර, එයට හේතුව ශ්‍රී ලංකාව තුළ තවමත් නිදහස් සෞඛ්‍ය සේවයක් හා නිදහස් අධ්‍යාපනයක් පැවතීමයි. මෙවර සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇති මුදලේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. 2023 අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් වී තිබුණු මුදල ප්‍රතිශතයක් වශයෙන් 8.81%කි. මෙවර එය 10.63%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 410ක් වෙන් කිරීමට කටයුතු කර තිබේ. පසුගිය වසරේ වෙන් කර තිබුණේ රුපියල් බිලියන 322කි. සෞඛ්‍ය සඳහා ප්‍රතිපාදන එලෙස වැඩිවන අතරතුරේ අධ්‍යාපනය සඳහා වෙන් වන මුදල් ප්‍රතිශතය අඩු වී ඇති බව දැකිය හැකියි. අධ්‍යාපනය සඳහා 2023 දී සම්පූර්ණ අයවැයෙන් 6.35%ක් එනම් රුපියල් බිලියන 232ක් වෙන් කර තිබූ අතර මෙවර එය බිලියන 237ක් දක්වා වැඩි වී තිබේ. නමුත් ප්‍රතිශතයක් ලෙස සලකා බැලූ විට එය මුලු වියදම්වලින් 6.14%කි. ක්‍රීඩාවට රුපියල් මිලියන 300ක වැඩිවීමක් ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සිය පුහුණුවීම් සිදු කර ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වීමත් සමඟ රජයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා වෙන් කර මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට සාකච්ඡාවක් ඇති විය. දශක දෙකකට පමණ පසු ආසියානු ක්‍රිඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගත් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඉගෙනුම ලබන වළල එස්. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සඳහා ද මෙතෙක් පහසුකම් සහිත ක්‍රීඩා පිටයක් නොමැති වීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල විය. ජනාධිපතිවරයා ද ඇය සහ ඇගේ පුහුණුකරු ඇතුළු පිරිසක් පසුගිය දිනවල දී හමු වී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන බවට පොරොන්දු විය. මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් ඒ අනුව ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 10.5ක් වෙන් කර ඇත්තේ පසුගිය වසරේ රුපියල් බිලියන 10.2ක් වෙන් කර තිබූ පසුබිමකයි. කෙසේවෙතත් ප්‍රතිශතයක් ලෙස සැලකූ විට පසුගිය වසරේ අයවැයෙන් 0.28%ක් වෙන්කර තිබුණ ද මෙහි වෙන් ව ඇත්තේ 0.27%කි. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් බැලූ කළ ප්‍රතිපාදන අඩු වී ඇත. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයටත් ප්‍රතිපාදන වැඩි වෙයි ප්‍රවාහන හා මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන වල සුළු වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. පසුගිය වසරට වඩා මෙවර මෙම විෂයට අදාලව ප්‍රාග්ධන වියදම් වැඩි කර තිබීම විශේෂත්වයකි. පසුගිය වසරේ රුපියල් බිලියන 372.6ක් වෙන්ව තිබූ අතර එය මේ වසරේ බිලියන 403.6ක් දක්වා වර්ධනය වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 10.46%කි. 2023 අයවැයේ එය 10.2%කි. 2023 අයවැයේ වියදම් රුපියල් බිලියන 3654ක් වූ අතර මෙවර එය බිලියන 3860ක් දක්වා වැඩි වී ඇත. එනම් වියදම් රුපියල් බිලියන 206.5කින් ඉහළ ගොස් ඇත. 2023 වසරට සාපේක්ෂව 2024 සඳහා වියදම් 5.65%කින් ඒ අනුව ඉහළ ගොස් තිබේ.
අයවැයක් සකස් කෙරෙන ක්‍රියාවලිය ගැන ඔබ දැන සිටියා ද?
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය දෙවන වර කියවීම අද නොවැම්බර් 13 වන දා දහවල් 12.00ට ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. එය පළමු වර කියවීම හෙවත් පාර්ලිමේන්තුවට භාර දීම පසුගිය ඔක්තෝබර් මස 05 වන දා සිදු කෙරිණි. මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ, අයවැය සකස් කිරීමේ ආරම්භක අවස්ථාවේ සිට දෙවන වර කියවීම දක්වා පියවරෙන් පියවර සිදුවන්නේ කුමක් ද? යන්න පිළිබඳව පැහැදිලි කිරීමටය. අයවැය චක්‍රය යනු කුමක් ද? අයවැය යෝජනා සකස් කිරීමේ සිට ඒවා ක්‍රියාත්මක කිරීමෙන් පසු අධීක්ෂණය කිරීම දක්වා අදියර 4ක් යටතේ අයවැය චක්‍රය නිර්මාණය වේ. 1. අයවැය සම්පාදනය 2. අයවැය අනුමත කිරීම 3. අයවැය ක්‍රියාත්මක කිරීම 4. අයවැය අධීක්ෂණය අයවැය සම්පාදනය යනු, ඒ ඒ පාර්ශවවලින් අයවැය යෝජනා ලබාගෙන ඒවා සැලකිල්ලට ගනිමින් අයවැය යෝජනා මාලාව සකස් කිරීමය. අයවැය අනුමත කිරීම යනු, සම්පාදනය කරන ලද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමය. එසේ අනුමැතිය ලබා ගත් සම්මත වූ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඊළඟ අදියරයි. සිව් වන අදියර අදාළ අයවැය යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක වූයේ ද යන්න අධීක්ෂණය කිරීමය. ආරම්භය (අප්‍රේල් මාසයේදී) ඉදිරි වර්ෂයේ මුදල් පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනා මාලාව වෙනුවෙන් තොරතුරු ලබා ගැනීම ආරම්භ වන්නේ, ඊට පෙර වසරේ අප්‍රේල් මාසයේ සිටය. "ලංකාවේ අයවැයක් සකස් කරන එක මුලින් ම පටන් ගන්නෙ රජයේ අංශවලින්. රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, ප්‍රාදේශීය සභා මේ හැම එකක් ම ඕකට අයිති වෙනවා. ඒ හැමෝම තමන්ගේ වියදම් හදන්න පටන් ගන්නේ, අප්‍රේල් මාසේ ඉඳලා. ඕනෑ ම ආයතනයක ප්‍රමුඛතා සැලකිල්ලට අරගෙන තමයි අයවැයක් සම්පාදනය කළ යුත්තේ," වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. අයවැය කැඳවීම (ජූලි මාසයේදී) රජයේ දෙපාර්තමේන්තු සහ වෙනත් ආයතන සිය ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු ජූලි මාසය වන විට අයවැය කැඳවීමක් (Budget Call) සිදු කෙරේ. අයවැය කැඳවීම යනු කුමක් දැයි සුභාෂිණී අබේසිංහ පැහැදිලි කළේ මෙසේය. "අයවැය කැඳවීම කියන්නේ, ඉදිරි වර්ෂයට අදාළ රජයේ ප්‍රමුඛතා මොනවා ද?, ප්‍රතිපත්ති මොනවා ද? යන කරුණු රාජ්‍ය ආයතනවලට දැනුම් දීම. එතනදි සාර්ව ආර්ථික රාමුව, රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා මොනවා ද?, අයවැයෙන් රජය බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද? රජය මොන වගේ දේවල්වලට වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා ද?, මොන වගේ වියදම් ද කපා හරින්නේ? කියලා යම්කිසි මාර්ගෝපදේශ මාලාවක් දෙනවා, රජයේ ආයතනවලට. තමන්ගේ ආයතනවල අයවැය සැකසීමේදී රජයේ ප්‍රතිපත්තියට අනුකූලව සකස් කරන්න කියන උපදෙස් දීමක් මෙහිදී සිදුවෙනවා. මෙවර අයවැය සැකසීමේදී අනවශ්‍ය වියදම් කපා හැරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා අනුව අයවැය ප්‍රමුඛතා සකස් වෙනවා." ආයතනික අයවැය ජාතික අයවැය දෙපාර්තමේන්තුවට භාර දීම (අගෝස්තු මාසයේදී) අයවැය සකස් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තුවටය. ඊට අමතරව, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව අයවැය සැකසීමේදී සහය දක්වයි. අයවැය කැඳවීමෙන් පසු රාජ්‍ය ආයතනවල අයවැය යෝජනා අගෝස්තු මාසය වන විට ජාතික අයවැය දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය. ඉන්පසු, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවය සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග එක්ව අදාළ යෝජනා විශ්ලේෂණය කර අයවැය යෝජනා සකස් කිරීම ඇරඹෙයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම (ඔක්තෝබර් මාසයේදී) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාර්යය 'අයවැය පළමු වර කියවීම' යනුවෙන් හඳුන්වයි. පසුගිය ඔක්තෝබර් 05 වන දා මෙවර අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය. "රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා තමයි මේ විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ. මේ අයවැය සකස් කරන්න රටේ මහ ජනතාවගේ අදහස් පවා සැලකිල්ලට ගන්නවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ දෙවන වර කියවීම හරහා තමයි මේක පනතක් විදිහට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් පස්සේ සම්මත වෙන්නේ," නරේන්ද්‍ර ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. දෙවන වර කියවීම සහ ඉන්පසු සිදුවන ක්‍රියාවලිය (නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය සහ ඉන්පසු) අයවැය පළමු වර කියවීමෙන් පසු දෙවන වර කියවීම වෙනුවෙන් දින නියම කර ගැනේ. බොහෝ විට දෙවන වර කියවීම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ සිදුකෙරේ. මෙවර එය යෙදී ඇත්තේ, නොවැම්බර් 13 වන දාටය. ඒ අනුව අද දහවල් 12.00ට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසු දින 7ක් අයවැය යෝජනා සම්බන්ධයෙන් වන විවාදයට වෙන් කෙරේ. එලෙස දින 7ක් විවාද කිරීමෙන් පසු හත් වන දින පස්වරු 6.00ට අයවැයට අදාළ ඡන්ද විමසීම පැවැත්වේ. ඒ ඒ අමාත්‍යංශවලට අදාළ විෂයයන් සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳව ඉන්පසු දින 19ක් පුරා කාරක සභා අවස්ථාව යටතේ විවාද පැවැත්වෙන බව වේත්‍රධාරීවරයා පැවසීය. තෙවන වර කියවීම සිදුවන්නේ ඉන්පසුවය. තෙවන කියවීමෙන් පසු අයවැය අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වේ. ඉන්පසු ලබන වසරේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. අවසන් අදියර වන අයවැය අධීක්ෂණය විගණකාධිපති වාර්තාවක් මගින් සිදුකෙරේ. සම්ප්‍රදාය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව උත්සවාකාරයෙන් සිදුකෙරෙන පාර්ලිමේන්තු කාර්යයන් තුනක් ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. ඒ, නව සැසි වාරයක ආරම්භය, රාජ්‍ය නායකයින් පාර්ලිමේන්තු ඇමතීම සහ අයවැය දෙවන වර කියවීම යන අවස්ථාවලදීය. අයවැය රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගන්නේ ඇයි? අයවැය යෝජනා ඇතුළත් ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන තුරු රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගන්නා බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. ඊට විශේෂ හේතුවක් තිබේ. "අයවැය ලේඛනයේ ඇතුළත් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් වෙනත් පාර්ශව අතට ගියොත් අනවශ්‍ය ගැටලු උද්ගත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බදු සංශෝධන ගැන කලින් දැන ගත්තොත් ව්‍යාපාරිකයින් එක්කෝ භාණ්ඩ හංගන්න පුළුවන්. නැත්නම් බදු පනවන්න කලින් මහා පරිමාණ වශයෙන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා තමයි, අවසන් මොහොත දක්වා අයවැය ලේඛනය රහසිගතව තබා ගන්නේ," නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය. මේ අතර, වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ ප්‍රකාශ කළේ, ඉහත කී හේතුව මත අයවැය ලේඛනය රහසිගතව තබා ගැනීම සාධාරණ වුව ද, මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සියලු පාර්ශව සමග සාකච්ඡා කරන්නේ නම්, වඩාත් සාර්ථක අයවැයක් ඉදිරිපත් කළ හැකි වනු ඇති බවය.
අයවැය 2024: ශ්‍රී ලංකාවේ වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති කවුද?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට ඇත්තේ, දින කිහිපයක් පමණි. 2024 වසරේ රාජ්‍ය ආදායම් සහ වියදම් ලේඛනය වන අයවැය යෝජනා නොවැම්බර් 13 වන දා, එනම් ලබන සඳුදා දහවල් 12.00ට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි. ශ්‍රී ලංකාවේ අයවැය ඉතිහාසය සැකෙවින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වූයේ, 1947 වසරේදීය. එතැන් පටන් ශ්‍රී ලංකාවේ අයවැය යෝජනා 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ඊට අමතරව අතුරු සම්මත ගිණුම් 12ක් ද ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු විසර්ජන පනත 1978 වසරේ ඉදිරිපත් කළ අතර, ‌එම වසරේ දෙසැම්බර් 27 වන දා සහතික කෙරිණි. එය ඉදිරිපත් කරන ලද්දේ, එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් විසිනි. වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කර ඇත්තේ කවුද? ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා 77 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරුන් 16 දෙනෙකු විසින් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධූරය දැරූ අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කරනු ලැබ තිබේ. වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙක් වෙති. ඒ, රොනී ද මෙල් සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාය. ඔවුන් දෙදෙනා ම 11 වර බැගින් අයවැය ඉදිරිපත් කර තිබේ. රොනී ද මෙල් 1978 වසරේ සිට 1988 වසර දක්වා වසර 11කදී අඛණ්ඩව අයවැය යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේය. මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මුදල් අමාත්‍ය ධූරය දරා ඇති අතර, එම කාල සීමාවේදී 11 වරක් අයවැය යෝජනා ඉදිරිපත් කළේය. එහිදී, 2015 වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කර අවසානයේ මහින්ද රාජපක්ෂ ඇසූ ප්‍රශ්නයක් පසුකාලීනව අතිශයින් ප්‍රසිද්ධියට පත්විය. එම ප්‍රශ්නය වූයේ, "කොහොම ද ගමේ බයියන්ගේ අයවැය?" යන්නය. පසුකාලීනව, දේශපාලනික වශයෙන් "බයියා" යන වචනය විශාල වශයෙන් භාවිත වන්නට විය. වෙනසක් 1993 වසර තෙක් මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ වරිය විසින් නොදැරූ අතර, 1993 වසරේදී ජනාධිපති ධූරයට පත්වූ ඩී.බී. විජේතුංග ඒ වන විටත් තමන් හෙබවූ මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ ම තබා ගත්තේය. ඉන්පසු 1994 වසරේදී බලයට පත් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගත්තාය. එම කාලයේදී බොහෝ විට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසිනි. පසුව, මහින්ද රාජපක්ෂ ද එම මග යමින් මුදල් අමාත්‍ය ධූරය දරමින් ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වන විට මුදල් අමාත්‍ය ධූරය හොබවයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යවරු 1977 වසරේ ජනාධිපතිවරණයෙන් පසු බිහි වූ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූයේ, රොනී ද මෙල් ය. එතැන් සිට, මුදල් අමාත්‍ය ධූරය දැරූ දේශපාලනඥයින් මෙසේය.