title
stringlengths 22
149
| text
stringlengths 112
31.4k
|
---|---|
'මම ලියන හැටි':නෝබට් අයගමගේ | නෝබට් අයගමගේ යනු තම පළමු නවකතාවෙන් ම ජනාදරයට සහ සම්මානයට පාත්‍ර වූ සාහිත්‍යකරුවෙකි. 'කාල නදී ගලා බසී' නවකතාවෙන් පටන්ගෙන 'සුර අසුර යාමය' හරහා මෑතක දී පළ වන 'කුර හඬකි වියැකෙන' නවකතාව දක්වා වූ ඔහුගේ නවකතාකරණය අපේ අතීත ජන ජීවිතය යළි නිපදවීමට දරන සෞන්දර්යාත්මක වෑයමක් වැනිය. ගුවන් විදුලි විශේෂාංග රචකයෙකු ලෙස කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත් දැනුම තම ජීවින අත්දැකීම් හා කැටිවී ඔහු අතින් සිය පළමු නවකතාව ලියවෙන්නේ 2012 වසරේදී ය.එතැන් පටන් නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුණෙමි. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය. හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. අද සිට ඇරඹෙන මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය. කෞශල්‍ය : මං කැමතියි පළවෙනි වාක්‍යයෙන් පටන් ගන්න.ඔබට කියන්න පුලුවන් ද නවකතාවක පළවෙනි වාක්‍යය ලියවුණ හැටි ගැන.ඔබේ නවකතා වල අපි දකින පළමු වාක්‍යයම ද ඔබ මුලින්ම ලිව්වෙ. නැත්තං ඒවා පස්සෙ වෙනස් වුණා ද? නෝබට්: නෑ. ඒවා තමයි මුලින්ම ලිව්වෙ.ඉතාම සුළු වෙනස්කම් තමයි වුණේ.මම ලියන්න පටන්ගන්නෙ හොඳට සූදානම් වෙලා ලියන දේ සැලසුම් කරලා.ඒ නිසා ලියන්න පටන් ගත්ත ම මට එක දිගට ලියාගෙන යන්න පුලුවන් වෙහෙසක් හෝ හිරවීමක් නැතුව.ඒ දේවල් මගෙ අතින් සංස්කරණය වෙන්නේ හරි ම අඩුවෙන්. කෞශල්‍ය : කොහොමද සැලසුම් කරන්නේ. ඔබ කටුසටහන් පාවිච්චි කරනව ද? නෝබට්: මං කටුසටහන් තියාගන්නෙ නෑ.හැමදේම තියෙන්නෙ මගෙ හිතේ.මං කාලයක් තිස්සෙ ලියන්න යන දේ ගැන අධ්‍යයනය කරනවා සහ මෙනෙහි කරනවා.ඒ නිසා හැම චරිතයක් ම සිදුවීමක් ම ගැන මට හොඳ අවබෝධයක් තියනවා පටන් ගන්න කලින්. සමහර වෙලාවට චරිත වල කටහඬ වල් පවා තනියම අනුකරණය කරමින් තමයි මං ඒකත් එක්ක ඉන්නෙ.ඒවගේම සිදුවීම් සහ චරිත වලට අදාළ වචන මාලාව ගැනත් හොඳින් දැනුවත් වෙනවා.අනිත් එක නවකතාවක් සැලසුම් කරමින් ඉන්න කොට කඩේට ගියත් බස් එකක ගියත් වෙනත් පොතක් කියෙව්වත් හිතේ පැත්තක ඒක වැඩ කරනවා.කොයිම වෙලාවක වත් ඒකෙන් ගැලවෙන්නේ නැහැ.එතකොට ලියන්න පටන් ගත්ත ම පැය ගාණක් එක දිගට ලියාගෙන යන්න පුලුවන්.ඒ හින්ද මගෙ නවකතා වල පළමු වාක්‍ය හැටියට ඔබ දකින්නෙ ඒ විදිහට ලියන්න වාඩි වුනහම නිරායාසයෙන් ලියවුණු ඒවා. කෞශල්‍ය :ඒ කියන්නෙ ඔබ කතාවෙ සැලැස්ම කොහෙවත් සටහන් නොකළට පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ දන්නවා ඔබ ලියන්න යන නවකතාවෙ දිග පළල? නෝබට්: ඔව් ඇත්තෙන්ම මම ලියන්න යන නවකතාවෙ මුල මැද අග ගැන ඉතා හොඳ අවබෝධයකින් තමයි ලිවීම පටන් ගන්නෙ.මගෙ සැලැස්ම මම කොහෙවත් ලියන්නෙවත් කාටවත් කියනනෙවත් නෑ.ඒක දන්නෙ මං විතරයි.හැබැයි මම කටුසටහන් නොදැම්මට සමහර ඓතිහාසික සිද්ධි සහ පුද්ගලයන්ගේ නම් කොළයක ලියල තියාගන්නව මොකද එක දිගට ලියන කොට ඒව අමතක වෙන්න පුලුවන් නිසා. කෞශල්‍ය : ඔබ නවකතාව මනසින් සැලසුම් කරමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න විට මේක ලියන්න පටන් ගන්න වෙලාව ඔබ හොඳට හිතල තෝරගන්නවද නැත්තං එක මොහොතක දි ඔබටත් පාලනය කරගන්න බැරි විදිහට ඒක කරන්න සිද්ධ වෙනව ද? නෝබට්: මං 'කාල නදී' ලියන්න පටන් ගත්තෙ 2012 නොවැම්බර් 18.මට ඒ දවස හොඳට මතක එදා මහින්ද ජනාධිපතිවරයගේ උපන්දිනය.ඒ වෙනකොට මගෙ බිරිඳ රැකියාව කළේ බැංකොක් වල ලංකාවෙ තායිලන්ත තානාපති කාර්යයාලේ. මමත් ඇයත් එක්ක එහෙ හිටියෙ.මතකනෙ මහින්ද මහත්තයගෙ උපන්දිනය දවසට ඒ කාලෙ ලංකාවෙ ඔය කාර්යයාල වල බෝධි පූජා එහෙම ලෑස්ති කරනවනෙ. එදා තානාපති කාර්යයාලයෙනුත් එහෙම ආගමික කටයුත්තක් සුදානං කරල තිබුණ නිසා ගෙදර හැමෝම ඒකට ගිහිං මං විතරයි හිටියෙ.මේ වෙනකොට 'කාල නදී' ගැන මං සෑහෙන්න වැඩ කරල තිබුණේ. මේකට විෂය වුණු පාරුකාරයින්ගේ ජීවිතය ගැන මං ඕනැවටත් වඩා දැනන් හිටිය. මොකද අපේ තාත්තගෙ තාත්තත් පාරු කාරයෙක් නිසා මං හැදුණේ වැඩුණේ මේ කතා අහගෙන. ඊට අමතරව මං මේ ගැන අධ්‍යයනය කරල කතාව හිතෙන් සැලසුම් කරල තිබුණේ.ඒ නිසා ඒක කොලයකට පනින්න මාන බලමින් හිතේ තෙරපෙමින් හිටි වෙලාවක තමයි ගෙදර කවුරුත් නැති මේ නිස්කලංක දවස ආවෙ.එදා මං පැය ගාණක් එක දිගට ලිව්වා.මේ කතාවේ සිදුවීම් කාලයක් තිස්සෙ මගෙ හිතේ තෙරපෙමින් තිබ්බ නිසා මේකත් එක්ක මට මහ පුදුම බන්ධනයක් තිබුණා.හරිම ඉක්මනින් පොත යි මම යි එකට හුස්ම ගන්න තත්වෙට පත් වුණා.ඒ හින්ද මාස හයක් යන්නත් කලින් මට මුළු නවකතාව ම ලියල අවසාන කරල ලංකාවට ත් එවන්න පුලුවන් වුණා පළ කරන්න. කෞශල්‍ය : ඔබ මෙහෙම ලියාගෙන යද්දි සුළු චරිත හැටියට සැලසුම් කරන ඇතැම් චරිත ඔබ අපේක්ෂා නොකළ පරිදි ප්‍රබල චරිත බවට පත් වුණ අවස්ථා තියනව ද? නෝබට්: ඇත්තටම ඔව්.මම කිසිසේත්ම බලවත් චරිත හැටියට සැලසුම් නොකළ චරිත මං නොහිතපු ආකාරයෙන් කතාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන චරිත බවට පත්වුණ අවස්ථා තියනවා.අපි මොනතරන් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලියේ දී මෙවැනි දේ සිද්ධ වෙනවා. නවකතාකරුවෙක් හැටියට ඔබට ත් මේ අත්දැකීම ඇති.මට තියන ආසන්න ම උදාහරණය මගේ 'කුරහඬෙකි' නවකතාවේ 'අංචිරාල' කියන චරිතය.ඔහු එතරම් නොවැදගත් සුළු චරිතයක් හැටියට මම සැලසුම් කර තිබුණ ත් පසුව කතාවේ විකාශනය තුළ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළා. කෞශල්‍ය : ඔබ මේ කියන්නෙ අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය තුළ අපි කලින් නොහිතපු අනපේක්ෂිත දේ සිද්ධ වෙන්න පුලුවන් කියන එක ද? නෝබට්: ඔව්. නවකතා රචනය ගැන මොන නීති රීති තිබුණත් අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ එහෙම ගතිකයක් තියනවා.ඒක තමයි ඒකේ සුවිශේෂත්වය. කෞශල්‍ය : ඔබ ලියන නිශ්චිත වෙලාවක් සහ තැනක් එහෙම තියනව ද? නෝබට්: වැඩිපුරම මං ලියන්නෙ කාමරේ මගෙ ලියන මේසෙ.ඒක එහෙම ගම්භීර තැනක් නං නෙමේ. ලියන්න පටන් ගන්නේ පාන්දර.ඒ නිශ්ශබ්ද නිසා ම නෙමේ.මට ලිවීමේ දි නිශ්ශබ්දතාවය විතරක් නෙමේ සද්දබද්ද ත් ඕනෙ.පාන්දර පැය කීපයක් එක දිගට ලියනවා.ඉන් පස්සෙ දවසෙ සාමාන්‍ය වැඩ පල කරල ආයෙමත් හැන්දෑවෙ හයට විතර පටන් අරන් පැය කීපයක් ලියනවා.හැබැයි නවකතාවක් ලියමින් ඉන්න කාලෙදි සමහර වෙලාවට ලියන්න යමක් හිතේ තෙරපෙන්න ගත්තොත් පාන්දර එකට දෙකට වුණත් නැගිටල ඇවිත් ඒක ලියල ගිහින් ආයෙමත් නිදාගන්නවා.මොකද එහෙම එන ඒවා ඒ වෙලාවෙ ලිව්වෙ නැත්තං ආපහු එන්නෙ නැහැ. කෞශල්‍ය: අවසාන වශයෙන් මට කියන්න ඔබ ලියන සමහර වාක්‍ය ඔබව ම පුදුමයට පත් කරනව ද? ලියන කොට දැනෙන සතුට ගැන යමක් කියන්න පුලුවන් ද ? නෝබට්: හරියට ලියවෙනවා නේද ඡේදයක් හෝ පරිච්ඡේදයක්,ඒක ඉතින් කියල වැඩක් නෑ පුදුම සතුටක්.ඒ වෙලාවට ඒක නැවත නැවත කියවමින් කොම්බු පවා හදනවා.සමහර වෙලාවට හරි විස්මයක් දැනෙනවා සමහර යෙදුම් එහෙම ලියවුණා ම.ඒ වෙලාවට තව පරිච්ඡේද දෙක තුනක් වුණ ත් ඒ ගැම්මට එකදිගට ලියන් යන්න පුලුවන්.ලිවීමේ දි දැනෙන තෘප්තිය නං නිකං හරියට අති රමණීය රමණයක දි වගේ. ලිවීමේ දී ලේඛකයෙකු අනුගමනය කරන වතාවත් එකිනෙකාගෙන් වෙනස් විය හැකි බව අපට තේරුම් ගත හැකි ය. එහෙත් ලිවීමේ දී ලේඛකයෙකු අත්විඳින රමණීයත්වය එසේ වෙනස් විය හැකි ද?මට ද නවකතාකරුවෙකු ලෙස අයගමගේ මහතා විඳින ඒ රහස් සතුට ගැන ඉඟියක් ඇත.නමුත් මේ ගැන තවදුරටත් තේරුම් ගත හැකි වන්නේ මේ සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම් වලදී ය. මේ කෙටි කතාබහ තුළ මා උත්සාහ කළේ නෝබට් අයගමගේ නම් නවකතාකරුවා ලිවීම තුළ පවතින ආකාරය දෙස ඉක්මන් බැල්මක් හෙළීමට ය. ලබන සතියේ සුරත් ද මැල් සමග සිදුවන සංවාදය දිගහැරෙනු ඇත්තේ ද ඒ අපේක්ෂාවෙන් මය. බීබීසී සිංහල වෙනුවෙන් අද සිට ඇරඹෙන මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි. |
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: ඔබට බලපාන්නේ කෙසේ ද? | ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීති අතුරින් ජාත්‍යන්තර මෙන් ම දේශීයව ද විවේචනයට ලක් වූ නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැඳින්විය හැකි ය. ත්‍රස්තවාදී සැකකරුවන්ට අමතරව,පවතින රජය දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම සඳහා මෙන් ම ජාතිකවාදී හෝ ආගමික ආකල්පයකින් මර්දනය සදහා එය යොදා ගන්නා බවට එල්ල වී ඇති ප්‍රධාන ම චෝදනාවකි. 1979 දී තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමානය වනවිට ත් ක්‍රියාත්මක වන නීතියකි. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන, වෘත්තිය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම බොහෝ සංවිධාන ද එය අහෝසි කරන ලෙස වසර ගණනක් තිස්සේ ඉල්ලීම් කර තිබේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට දැනුම් දී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (Anti-Terrorism Act - ATA) රජය පළමු වරට ඉදිරිපත් කළේ මේ වසරේ මාර්තු මාසයේ දී වුවත් එයට එල්ල වූ විවේචන හමුවේ රජය එක් පියවරක් පසුපසට ගන්නා ලදි.නමුත් මේ වන විට එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කරමින් 2023 සැප්තැම්බර් 15 දිනැති ගැසට් පත්‍රයේ පනත් කෙටුම්පත පළ කර තිබේ. 1. රජය නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන්නේ ඇයි? මෙම පනත මූලික වශයෙන් ම ගෙන එනු ලබන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන ) පනත වෙනුවටයි. ඒ අනුව මෙම පනත බලාත්මක වූ පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි වනු ඇත. එමෙන් ම ත්‍රස්තවාදය සම්බන්ධ වැරදි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණ පැවැත්වීම හා දඬුවම් ලබාදීමට අදාල විධිවිධාන මෙම පනතේ අඩංගු වෙයි. 2. අලුත් පනතේ වෙනස්කම් මොනවා ද? පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මූලික වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. 3. මාර්තු මාසයේ ගෙන ආ පනත සම්මත නොකළේ ඇයි? මාර්තු මාසයේ දී ගැසට් කරන ලද පනත් කෙටුම්පතට බොහෝ විවේචන එල්ල විය. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති මානව හිමිකම් කඩවීම් සහ එහි ඇති අපැහැදිලි නිර්වචන වල ඇති අවදානම්සහගත භාවය නිසා එම කෙටුම්පත තුළද පැරණි පනතේ ඇති ආකාරයේ මර්දනීය නීති අඩංගු බවට බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය. මාර්තු මාසයේ ගෙන ආ පනත් කෙටුම්පතේ, 4. නව කෙටුම්පතෙන් කර ඇති වෙනස් කම් මොනවා ද? සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙන් විවේචන එල්ල වූ වගන්ති කිහිපයකට සුළු සංශෝධන ඉදිරිපත් කර තිබේ. ඇතැම් වගන්ති එලෙසම පවතියි. 5. නව පනත මට වැදගත් ඇයි? එය මගේ භාෂණයේ නිදහසට හෝ අනෙකුත් මූලික අයිතිවාසිකම් වලට බලපානවා ද? නව ත්‍රස්ත විරෝධී පනතට එල්ල වී ඇති ප්‍රභල විවේචනයක් වන්නේ එය මූලික වශයෙන් ම පුද්ගලයන්ගේ භාෂණයේ නිදහසට සහ අනෙකුත් මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් බවටය. මුල් පනතේ මෙන් ම මෙම පනතේ ද ත්‍රස්තවාදී වරදට නිශ්චිත අර්ථකථනයක් නොමැත. එහි අර්ථකථනය ඉතා පුළුල් එකකි. මෙහි තෙවන වගන්තියේ, යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් කරන ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථකථනය කර ඇති අතර එහි සීමාවන් දක්වා නොතිබීම හේතුවෙන් ඇතැම් විට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කිරීමේ ඉඩ පවතී දැයි යන්න නිශ්චිතව අර්ථ දක්වා නොමැත. 6. උද්ඝෝෂණ මර්දනය කළ හැකි ද? පසුගිය වර්සරේ දී දැවැන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එහි දී, හිටපු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, මුදල් ඇමතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදු විය. මෙම වගන්තිය යටතේ එවැනි ක්‍රියාවක් ද ත්‍රස්තවාදී ක්‍රියාවක් ගණයට වැටීමට ඉඩ ඇතිද යන්න පිළිබඳව හෝ වෙනත් රජයන් සමඟ ගිවිසුම් ගත වීමේ දී, බොහෝවිට පැන නගින උද්ඝෝෂණයන් වුව ද ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දැක්විය හැකිද යන්න පැහැදිලි නැත. කලින් සඳහන් කළ අන්දමට ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීමක් (උදා:පෝස්ටර්) මගින් ත්‍රස්තවාදී වරදක් කිරීම දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපණය සිදු කරන්නා වූ සියලුම දේ ත්‍රස්තවාදී වැරදි ලෙස නම් කර ඇත. එවැන්නකින් සියළුම ජනතාව හෝ ජනතාවගෙන් කොටසක් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමට පොළඹවන්නේ නම් එය ද ත්‍රස්තවාදි ක්‍රියාවකි. ඔබ සමාජ මාධ්‍යයේ පළ කරන යම් අදහසකින් ආණ්ඩුවට අනිසි බලපෑමක් සිදු කරතැයි හෝ, එමඟින් ත්‍රස්තවාදී ක්‍රියාවන් උත්කර්ෂයට නංවා ඇතැයි හෝ, මහජනතාව ත්‍රස්තවාදී ක්‍රියාවන්ට පොළඹවනු ඇති බවට අදාළ බලධාරීන් තීරණය කළ හොත් ඕනෑම අයෙකු මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හැකියි. මෙහි වචන හා ඉඟි පවා සලකා බලන නිසා යම් ඉඟියක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දීමක් ලෙස පොලිස් නිලධාරීන් හඳුනාගතහොත් පුද්ගලයෙකු මෙම පනත යටතේ අත්අඩංගුවට ගත හැකියි. 8. නිදහසේ ගමන් බිමන් යෑමත් සීමා කළ හැකිද? මෙම භාෂණයේ නිදහස සීමා කිරීම් හැරුණු විට ඔබට ඇති ඕනෑ තැනක යාම් ඊම් කිරීමේ අයිතිවාසිකම ද මෙහි එක් වගන්තියකින් සීමා කර තිබේ. යම් ප්‍රදේශයක් සම්බන්ධයෙන් සැකයක් මතු වී තිබේ නම් එම ප්‍රදේශය පොලිසිය යටතට ගැනීමට මෙමඟින් බලය පවරා තිබේ. ඒ අනුව යම් මාර්ගයක ගමන් කිරීම තහනම් කිරීමට වුව ද පොලිසියට හැකියි. එම මාර්ගයේ ගමන් කරන්නන් වෙනත් කිසිඳු වරෙන්තු හෝ කිසිවක් නොමැතිව ප්‍රශ්න කිරීමට හා පරීක්ෂා කිරීමට බලය ලබා දී තිබෙන අතර ඔබ පොලිස් නිලධාරියාව නොමඟ යවන බවක් ඔහුට හැඟුනේ නම් ඔබට විරුද්ධව මෙම පනත යටතේ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද හැකියි. 8. වෘත්තීය සමිති හා අනෙකුත් සංවිධානවලට බලපාන්නේ කොහොම ද? පසුගිය කාලය පුරාවට ම විවිධ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට යාමේ දී මෙන් ම එම ආයතන සම්බන්ධයෙන් විදෙස් රටවල් සමඟ ගිවිසුම් ගතවීමට යාමේ දී එම ආයතනවල වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂ වැනි සංවිධාන ඒවාට විරෝධය පළ කරමින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදි. ඒවායේ බලපෑම හේතුවෙන් ඇතැම් පියවර හකුලා ගැනීමට ද රජයට සිදු විය. එමෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවීමේ දී ද ඇතැම් සංවිධාන එයට විරෝධය පළ කරන ලදි. මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් මෙම පනතේ තෙවන වගන්තිය යටතේ ආණ්ඩුවට, වෙනත් ආණ්ඩුවකට හෝ සංවිධානයකට බලපෑම් කිරීමේ වරද යටතේ ත්‍රස්තවාදී වරදක් කරන බවට අර්ථ දැක්වීමට ද හැකිද යන්න වන සීමාවක් දක්වා නොමැත . මෙවැනි උද්ඝොෂණ ක්‍රියාමාර්ග හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හැරුණු විට ආණ්ඩු විරෝධී යැයි සැලකිය හැකි අත්පත්‍රිකා හා පෝස්ටර් ප්‍රචාරය කිරීම ද මෙම පනත යටතේ වරදකි. එමෙන් ම ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලයක් ඇති අතර, පොලිස්පතිවරයා හෝ වෙනත් රටකින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන ඉල්ලීමක දී එලෙස තහනම් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව ඇත. සංවිධානයේ කටයුතු තහනම් කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම තහනම් කිරීම ආදී එහි සියලුම ක්‍රියාවන් තහනම් කිරීමට ජනාධිපතිවරයාට හැකිය. එම සංවිධානය තහනම් කිරීමට විරුද්ධව පෙනී සිටීමට ද නොහැකි අතර සංවිධානය වෙනුවෙන් ආයාචනය ද තහනම් ය. පනතට අභියෝග කළ හැකි එක ම ක්‍රමවේදය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමය. එය ද තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, එම පෙත්සම් විභාගයට නොගෙන නිශ්ප්‍රභ වීම වුවද විය හැකිය. |
පාස්කු ඉරිදා ප්‍රහාරය : සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාලගේ වාදයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි | සහරාන්ව මෙහෙයවන ලද්දේ බාහිර බලවේගයකින් බවට තමන් විශ්වාස නොකරන බවත් ඒ මහ මොළකරු රට තුළම සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (සැප්තැම්බර් 21වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙන්ම පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට ගිය අවස්ථාවේදී සුරේෂ් සලේ හමු වූ බවට තමන් විශ්වාස කරන බවට කළ ප්‍රකාශයත් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. පාස්කු ප්‍රහාරය සහ මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා කළ සියලු හිටපු ජනාධිපතවරයා ප්‍රතික්ෂේප කළේය. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය හෙටයි. |
2022 ඕස්ට්‍රේලියා T20 ලෝක කුසලාන සංචාරය: අක්‍රමිකතා ගැන විගණන වාර්තාවෙන් හෙළිවූ කරුණු මොනවාද ? | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ. ඒ, 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති 20/20 ක්‍රිකට් ලෝක ශුරතාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කරන ලද විගණන වාර්තාව සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කිරීමෙන් අනතුරුවයි. පිටු 260කින් සමන්විත විගණන වාර්තාවෙන් රජය විගණකාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 26ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ජාතික විගණන වාර්තාව මගින් හෙළිවූ කරුණු මොනවාද ? 1. 2022 විස්සයි 20 ලෝක කුසලාන තරග සංචාරය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් මෙම තරග සංචාරයට අදාළ ආදායම් සහ වියදම් වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාවට අනුව තරගාවලියෙන් රුපියල් 396,359,350ක ආදායමක් සහ රුපියල් 313,371,158 ක් එහි වියදම් ලෙස සඳහන් කොට තිබේ. 2. එම වියදම් තුළ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරින් 14 දෙනාගේ සහභාගිත්වයට අදාළ වියදම් ද ඇතුළත්ව ඇත. එහිදී ඔවුන් වෙනුවෙන් රුපියල් 68,237,263 ක් ගෙවා ඇති අතර ඉන් විධායක කමිටුවේ නිලධාරීන් තිදෙනෙකු රුපියල් 2,653,086ක මුදලක් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා තිබුණි. 3. ලෝක කුසලාන තරගාවලිය පැවති අතර වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සිව්දෙනෙකු විවිධ හේතු මත ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ. ඔවුන් සිව්දෙනා සඳහා රුපියල් 18,079,741ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇත. එම පිරිසෙන් නිලධාරින් දෙදෙනෙකු විසින් රුපියල් 3,321,850ක් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබේ. 4. ලෝක කුසලාන තරග ආවරණය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොරව මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගොස් තිබෙන අතර එම මාධ්‍යවේදීන් සිව්දෙනාට ඕස්ට්‍රේලියාව බලා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 5,520,800ක මුදලක් ගෙවා ඇත. වීසා ලිපි ලබා ගැනීම 1. ලෝක කුසලාන තරගාවලිය නැරඹිම සඳහා ඕස්ට්‍රේලියාව බලා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිභාහිර යැයි සැලකිය හැකි පුද්ගලයින් 35 දෙනෙකුට හා විධායක කමිටු සාමාජිකයින් නොවන ක්‍රිකට් ආයතනයට සම්බන්ධ යැයි සැලකිය හැකි පුද්ගලයින් 9 දෙනෙකුට වීසා ලබා ගැනීම සඳහා වීසා ඉල්ලුම් ලිපි මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත නිකුත් කර තිබු බව ජාතික විගණන වාර්තාවේ දැක්වේ. 2. එහිදී විධායක කමිටු සාමාජිකයින් 11 දෙනෙකු, ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බවට සැලකිය හැකි පුද්ගලයින් 9 දෙනෙකු සහ ක්‍රිකට් ආයතනයට පරිභාහිර පුද්ගලයින් 36 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 56 දෙනෙකු වෙනුවෙන් මෙම වීසා ඉල්ලීම් ලිපි නිකුත් කර ඇත. එහිදී විධායක කමිටු නිලධාරීන් 11 දෙනෙකුට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් 21 දෙනෙකුට, උප සභාපති ජයන්ත ධර්මදාස ගේ හිතවතුන් දෙදෙනෙකුට, විධායක කමිටු සාමාජිකයින් 8 දෙනෙකුගේ බිරින්දෑවරුන් / පවුලේ සාමාජිකයින් 9 දෙනෙකුට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ හා වෙනත් පුද්ගලයින් 11 දෙනෙකුට හා ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකුට වීසා ලබා ගැනීමේ ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇත. 3. මෙලෙස වීසා ලබාගෙන ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නොමෑන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නැවත මේ දක්වා ශ්‍රී ලංකාවට නොපැමිණ ඇති බවට ද නිරීක්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වේ. වීසා ගාස්තු ගෙවීම සහ ගුවන් ටිකට් පත් මිලදී ගැනීම 1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන්, නිලධාරින් හා විධායක කමිටු සාමාජිකයින් වෙනුවෙන් රු. 1,228,450 ක් වීසා ගාස්තු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් ආයතනය වෙත ගෙවා තිබේ. 2. එම සංචාරය සඳහා එක් නොවූ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර වෙනුවෙන් වීසා ගාස්තු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් ආයතනය වෙත ගෙවන ලද රුපියල් 60,650ක මුදල නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අයකර ගැනීමට පියවර නොගැනීම. 3. තරගාවලිය සඳහා පිටත්ව ගිය විධායක කමිටු සාමාජිකයින්, නිලධාරීන්, අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු, සහය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හා මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු 29 දෙනෙකු වෙනුවෙන් රු. 50,849,896ක ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබීම. 4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ තොරතුරු, විගණනයට ඉදිරිපත් කළ විද්‍යුත් ගුවන් ප්‍රවේශපත්‍ර වල සඳහන් වූ තොරතුරු අතර නොගැලපීම් ඇති බව නිරීක්ෂණය වීම. විදේශ ගමන් සංයුක්ත දීමනා ගෙවීම 1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත 20/ 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව බලා යාම වෙනුවෙන් විදේශ ගමන් සංයුක්ත දීමනා ලෙස රු. 6,028,830ක් ගෙවා ඇති බවට නිරීක්ෂණය වූ බව ජාතික විගණන වාර්තාවේ දැක්වේ. 2. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඕස්ට්‍රේලියාව බලා යාම වෙනුවෙන් 2022 ඔක්තෝම්බර් 08 වෙනිදා සිට ඔක්තෝම්බර් 17 දක්වා දිනකට ඇමෙරිකානු ඩොලර් 700 බැගින් දින 10ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 7,000ක් ගෙවා ඇත. එමෙන්ම සභාපතිවරයා 2022 ඔක්තෝම්බර් 10 වෙනි දින විදේශගතව ඔක්තෝම්බර් 18 වෙනිදා ආපසු මෙරටට පැමිණි බැවින් එක් දිනක් සඳහා ඇමෙරිකානු ඩොලර් 700ක් වැඩිපුර ලබාගෙන ඇති බවට නිරීක්ෂණය කර ඇත. කෙසේ වුවද මෙම විගණන වාර්තාව සකස් කිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මස 14 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා එම ඇමෙරිකානු ඩොලර් 700 මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබුණි. 3. විධායක කමිටු සාමාජිකයින්ට දෛනික විදේශ ගමන් දීමනාව ඇමෙරිකානු ඩොලර් 700ක්, කළමනාකරණ කාර්ය මණ්ඩලයට දෛනිකව ඇමෙරිකානු ඩොලර් 600ක් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට දෛනිකව ඇමෙරිකානු ඩොලර් 475ක් ගෙවීම සඳහා වියදම් සංශෝධනය කිරීම.ඒ අනුව 2014 වසරට සාපේක්ෂව පිළිවලින් 75%ක්, 71%ක් සහ 46%ක් වශයෙන් වියදම් සංශෝධනය කර ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. තරග නැරඹීමට ටිකට්පත් මිලදී ගැනීම 1. 2022 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යම් ටිකට්පත් ප්‍රමාණයක් නොමිලේ ලබා දී තිබු අතර මීට අමතරව තරග නැරඹීම සඳහා රුපියල් 8,747,960ක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටිකට්පත් මිලදීගෙන තිබු බවට විගණන වාර්තාවෙන් හෙළිකර ගෙන ඇත. 2. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ගේ නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් ලැබිය යුතු සුඛෝපභෝගී කාණ්ඩයේ ප්‍රවේශපත්‍ර 100න් ප්‍රවේශපත්‍ර 69ක් ලද බවත් එයින් ප්‍රවේශපත්‍ර 60ක් ක්‍රීඩකයින්, විධායක කමිටු සාමාජිකයින්, සහය කාර්යය මණ්ඩලයට සහ වෙනත් පුද්ගලයින්ට බෙදා දී ඉතිරි ප්‍රවේශපත්‍ර 9 විනාශ කර දැමු බවට එම සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ මහින්ද හලංගොඩ ජාතික විගණන ආයතනයට පවසා ඇත. 3. එමෙන්ම මෙම තරගාවලිය සඳහා ලැබිය යුතු සාමාන්‍ය ප්‍රවේශපත්‍ර 625න් ප්‍රවේශපත්‍ර 624ක් ලද බවත් එයින් ප්‍රවේශපත්‍ර 434ක් ක්‍රීඩකයන්, සහය කාර්යය මණ්ඩලයට හා විධායක කමිටු සාමාජිකයින්ට බෙදා දුන් බවත් ඉතිරි ප්‍රවේශපත්‍ර 190න් ප්‍රවේශපත්‍ර 35ක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට ලබාදී ඉතිරි ප්‍රවේශපත්‍ර 155 විනාශ කර දැමු බවත් ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු දැනුම් දී ඇත. ක්‍රීඩකයින් වෙනුවෙන් ගෙවීම් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග එළඹ තිබු ගිවිසුම් අනුව මුලික වටයේ තරග සඳහා සහභාගිවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක් තරග කළ ක්‍රීඩකයින්ට ලබා දිය යුතු වුවත් ඊට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වෙනුවෙන් මුදල් ගෙවා නොතිබූ අතර මෙම කෙටුම්පත් වාර්තාව නිකුත් කිරීමෙන් පසු 2023 ජුනි 14 වෙනිදා දින ඇමෙරිකානු ඩොලර් 144,748ක් ක්‍රීඩකයින් වෙත ගෙවා ඇතැයි නිරීක්ෂණය වී තිබේ. නීති සහ වෙනත් වියදම් 1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ' වෘත්තීය ගාස්තු' වියදම් ශීර්ෂය යටතේ 2023 වර්ෂයේ පළමු මාස 3 තුළදී වැය කර තිබු රුපියල් 28,740,300ක් වූ වියදම තුළ නීති වියදම් ලෙස දරන ලද මුදල රුපියල් 23,100,000ක් ඇතුළත්ව තිබු බව නිරීක්ෂණය වීම. 2. විධිමත් අනුමැතියකින් හා වවුචර් පිළියෙල කිරීමකින් තොරව බැංකු ගාස්තු ලෙස රු. 9,029,527ක් ගිණුම් ගත කිරීම. මිලදී ගැනීමේ අක්‍රමිකතා ක්‍රීඩා පිටියේ ජලය ඉවත් කිරීමට සුපර් සොපර් යන්ත්‍ර 5ක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදකයෙකුගෙන් බවත් එම යන්ත්‍ර සෘජුව මිලදී ගැනීමෙන් තොරව ඇමෙරිකානු ඩොලර් 185,000ක මුදලක් වැඩියෙන් ගෙවීමට උත්සහා දරා ඇති බවත් නිරීක්ෂණය විම. ජාතික විගණන වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ මොනවාද ? |
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද? | අන්තර්ජාලය එදිනෙදා ජීවිතයේ නැතුව බැරි අංගයක් වී ඇති පසුබිමක එහි ආරක්ෂාව උදෙසා බව පවසමින් නව නීති හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටියි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත', නීතිපතිවරයාගේ නිෂ්කාශනයෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනිම සඳහා සහ ප්‍රකාශයට පත් කිරිම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණ සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි,”යි එහි සඳහන් වේ. ලංකාව තුළ හෝ රටින් පිටත සිටිය දි යම් තැනැත්තෙකු විසින් මෙරට පුරවැසියකු සම්බන්ධයෙන් පනත යටතේ වූ වරදක් සිදු කරනු ලබන අවස්ථාවක දී හෝ මෙම පනත යටතේ වූ වරදක් සිදු කිරිම මඟින් රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් හෝ අලාභයක් ශ්‍රී ලංකාව තුළ දී හෝ පිටත දී සිදු කරන අවස්ථාවක දී මෙන්ම මෙම පනත යටතේ වරදක් කවර ස්ථානයක දී සිදු කරනු ලැබුව ද එය මෙරට පුරවැසියකු සිදු කරනු ලබන අවස්ථාවක දී මෙම පනතේ විධිවිධාන අදාළ විය යුතු බව පනතේ සඳහන් වෙයි. පංච පුද්ගල කොමිසම මෙම පනතට අදාළ පංච පුද්ගල කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර එහි සාමාජිකයන්ගේ ධුරකාලය වසර තුනකි. කොමිසමේ සාමාජිකයන් තොරතුරු තාක්ෂණය, නීතිය, පාලනය, සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණවේදය හෝ කළමනාකරණය යන කේෂ්ත්‍රවල සුදුසුකම් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින් විය යුතු ය. කොමිසන් සභාවේ සාමජිකයන් අතරින් කෙනෙකු එහි සභාපතිධුරයට පත්වන අතර සභාපතිවරයා තීරණය කිරිමේ බලය මෙන්ම කොමිසමේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඉවත් කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වේ. එමෙන්ම කලින් කලට මෙම පනතට අවශ්‍ය රෙගුලාසි සෑදිමේ බලය ඇමැතිවරයා වෙත ලබාදීමට ද මෙම කෙටුම්පතින් යෝජනා කර තිබේ. මෙම කොමිසමට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි අතර, තහනම් ප්‍රකාශයක් මඟින් අහිතකර බලපෑමකට ලක්ව ඇති පුද්ගලයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කිරීම, තහනම් ප්‍රකාශයක් වෙත පරීශිලකයින්ට ප්‍රවේශවීමේ අවස්ථාව අක්‍රීය කරන ලෙස හෝ එම ප්‍රකාශය ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නට හෝ අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම, සහ අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය අපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි සන්නිවේදනයන් පිළිබඳ සලකා බැලීම සඳහා උචිත අධිකරණයක් වෙත යොමු කිරීමේ බලය කොමිසම සතු වේ. පොලිසියේ සහාය ලබා ගනිමින් විමර්ශන සිදු කිරිමට මෙන්ම පරිශ්‍රවලට ඇතුළු වී පරික්ෂා කිරිම, දඩ නියම කිරිම, නඩු පැවරිම සහ තහනම් කිරිමේ බලය කොමිසම වෙත ලබාදීමට ද පනතින් යෝජනා කර තිබේ. පනතේ සඳහන් වැරදි මොනවා ද? රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත. ඒ අනුව, මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දඬුවම් මොනවා ද? මෙම පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති පුද්ගලයකු බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරිමේ හැකියාව පවතියි. මෙම පනත හරහා සේවා සපයන්නන්හට ද දඬුවම් කිරිමේ හැකියාවක් පවතින අතර, එමඟින් සේවා සැපයිම අඩාලවීමේ අවදානමක් පවතියි. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ව්‍යපාරවල නිරත පුදගලයන් හට ද මෙම පනත හරහා ගැටලු ඇතිවීමේ ඉඩ පවතියි. පනතට අදාළ කොමිසමේ සියලු සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවීම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන තවත් කරුණකි. මෙම කොමිසමට ප්‍රකාශවල සත්‍යාසත්‍යතාව තීරණය කිරීමට ඉඩ ලබාදීම හරහා භාෂණයේ හා ප්‍රකාශයේ නිදහසට බලපෑම් සිදුවීමේ ඉඩක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද පෙනීයයි. |
දසුන් ශානක: නායකත්වයේ ගමන් මග දෙස හැරී බැලීමක් | ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නොමැත. එහෙත් දසුන් ශානකගේ නායකත්වයේ වෙනසක් නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් පවසයි. ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් අතර විශේෂ සාකච්ජාවක් ( සැප්. 20 වැනිදා) පැවැත්විණි. ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 26 වෙනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ජයග්‍රහණ ගෙනා දසුන් ශානකගේ නායකත්වය 2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන සංචාරය සඳහා දසුන් ශානක පළමු වරට නායකත්වයට නම් කෙරුණි. පකිස්ථානය සමග පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 64කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එය පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගයක් වසර 6කට පසුව ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව එය විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සමත්විය. පළමු වරට නායකයෙකු ලෙස පාකිස්ථානයට එරෙහිව විස්සයි 20 තරග සංචාරයක් ජයග්‍රහණය කළ තෙවන නායකයා ලෙසට දසුන් ශානක ක්‍රිකට් වාර්තා පොතට එක්විය. ඔහුට පෙර එම දස්කම දක්වා තිබුනේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක් පමණි. එංගලන්තයට එරෙහිව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලද පරාජයෙන් පසු 2021 වසරේ දී දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කෙරුණි. එහිදී ඉන්දීය කණ්ඩයම සමග පැවති එක්දින තරග සංචාරයේදී ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස පරාජයට පත්වුවද විස්සයි 20 තරග මාලාව 2-1ක් ලෙස ඉන්දියාවට එරෙහිව ජය වාර්තා කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඉන් අනතුරුව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග සංචාරයේදී 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව වසර 8 කට පසුව ශ්‍රී ලංකාව ලද පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස එය වාර්තා අතරට එක්විය. 2021 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය හොබවනු ලැබුවේ ද දසුන් ශානකයි. 2022 වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග සංචාරයේදී සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට දසුන් ශානකට හැකිවිය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත එම වසරේ ජුනි මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී දසුන් ශානක නායකයෙකු ලෙස කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කිරීමට සමත් විය. එහිදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූ අතර එවැනි දස්කමක් දැක්වීමට ශ්‍රී ලංකාවට හැකිවුයේ වසර 12කට පසුවයි. එමෙන්ම පසුගිය වසරේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවති 2022 ආසියානු කුසලාන ශුරතාවය ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ හිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ද අවස්ථාව උදාකර ගන්නා ලදී. දසුන් ශානකගේ නායකත්වය යටතේ එක්දින තරග 13ක් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී සිය ප්‍රතිවාදී කණ්ඩායම සම්පුර්ණයෙන් දවා ගත් එකම කණ්ඩායම ලෙස වූ වාර්තාවට ද හිමිකම් කීමට සමත්විය. එමෙන්ම වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ ලොව දෙවන කණ්ඩායම බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය. නායකයෙකු ලෙස දසුන් ශානක එක්දින තරග 39 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 23ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. පරාජයට පත්ව ඇත්තේ තරග 15ක් පමණි. ආසියානු කුසලානයේ ලද පරාජය සහ නායකත්වය පිළිබඳ ඇතිවූ කතා බහ ඉකුත් ඉරිදා (සැප් 17 වෙනිදා) අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලද පරාජය හේතුවෙන් දසුන් ශානක ගේ නායකත්වය සම්බන්ධයෙන් කතිකාවතක් මෙරට සමාජ මාධ්‍ය තුළ ඇතිවිය. දසුන් ශානක නායකයෙකු ලෙස යම් සාර්ථක භාවයක් පෙන්නුම් කළද ඔහු පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමට ලබාදෙන සේවය අවම බවට ඇතැම් ප්‍රේක්ෂකයින් පවසයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට සුදානම් වන බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිව තිබුණි. මේ සම්බන්ධයෙන් ද දෙස් විදෙස් විස්තර විචාරකයින්, හිටපු ක්‍රීඩක ලසිත් මාලිංග සහ ක්‍රීඩා ලෝලීන් ප්‍රතිචාර දක්වා තිබුණි. එහිදී බොහෝ දෙනා පවසා තිබුණේ ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක සිටිය යුතු බවයි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'ඒ ජයග්‍රහණය කාටවත් සමකරන්න බැහැ' දසුන් ශානක නායකයෙකු වශයෙන් ලබා ඇති ජයග්‍රහණය කාටවත් සම කිරීමට නොහැකි බව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ නායකයෙකු ලෙස තරග 13ක් අඛණ්ඩව ජයග්‍රහණය කිරීම පහසු කාර්යක් නොවන බවයි. "ඒක රෙකෝඩ් එකක්. අපි ඕනෑම කෙනෙක් ජර්ජ් කරන්නේ ප්‍රතිඵල මතයි. එතකොට දසුන් ශානක නායකයෙකු වශයෙන් සිදුකර තිබෙන සේවය අසීමිතයි. ඔහු ලබා තිබෙන ජයග්‍රහණ අසීමිතයි." "කවුරු මොනවා කිව්වත් අපි ක්‍රීඩා කරපු රටවල් මොනවාද කියලා ඒක දසුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔහුට ලැබුණු කණ්ඩායම ඔහු පරාජය කළා නායකයෙකු විදිහට." "අනෙක් දේ තමයි අපි හැම කණ්ඩායමක්ම පරාජය කරද්දී අපි ඔවුන්ව ඕල් අවුට් කළා. අවසන් තරගයට පෙර පැවති තරගයේදී අපි ඉන්දියාව ඕල් අවුට් කළා ඒ මැච් එක අපි පැරදුනත්." "අනිත් එක ආසියාවේ අපි විස්සයි 20 ශුරයින්. ඊළඟට ආසියාවේ ඕවර් 50 තරගාවලිවල අපි තමයි දෙවන කණ්ඩායම. අපි පකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය පරාජය කරලා තියෙනවා." "ඉන්දියාව පරාජය කරන්න කිට්ටුවට ආවා. මේවා දිහා බලද්දී ඔහුගේ නායකත්වය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු නායකයෙකු වශයෙන් හොඳ සේවයක් කර තිබෙනවා." ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය. |
ජනාධිපතිවරයාගේ නිව් යෝක් සංචාරය: වැදගත් සිදුවීම් 10 ක් | එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමෙරිකාවේ නිව් යොක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හා ව්‍යාපාරික නායකයින් සමග සාකච්ඡා පවත්වා තිබේ. "2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර මහ මණ්ඩල සැසිවාරය පැවත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (සැප් 21 වනදා) සැසිවාරය ඇමතීමට නියමිතය. ඇමෙරිකාවට ගොස් සිටින දූත පිරිස කවුද ? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් දුත පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිති. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඊට ඇතුළත් වෙති. 1. තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඉකුත් සැප්තැම්බර් මස 18 වෙනිදා ආරම්භ වූ “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය. 2. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් හමුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අතර හමුවක් සැප්තැම්බර් 18 වෙනිදා පැවැත්විණි. ඒ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේ දීයි. එහිදී දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා ලබාදීම සහ දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණි. 3. ලෝක බැංකුවේ සභාපති අජේ බංගා හමුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අතර විශේෂ හමුවක් සැප්තැම්බර් 18 වැනිදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබීය. අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහය සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කර ගන්නා ලෙස මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. එමෙන්ම ලෝක බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානි ලබන මස අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද ඔහු ජනාධිපතිවරයාට පවසා ඇත. ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හොත් අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකි බවද ලෝක බැංකු සභාපතිවරයා පවසා තිබේ. ඒ සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. ඩිජිටල්කරණය, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය වැනි කේෂත්‍ර සඳහා ලෝක බැංකු සහය ලබා දිය හැකි බවද අජේ බංගා සඳහන් කළේය. 4. සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංවාදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයර් විසින් එය මෙහෙයවන ලදී. ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඉන්දීය සාගරයේ සහ දකුණු පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී. ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දීය සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන අතර මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් තම රටවල ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන බව මෙහිදී ජනාධිපතිවරයා පැවසීය. තවද ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත් අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. චීනයේ නැඟී සිටීම APEC සහ ASEAN වැනි දැනට පවතින කලාපීය රාමු තුළ සිදු වූ බවත්, බොහෝ රාජ්‍යයන් එය පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දූපත් රාජ්‍යයන් ඉන්දු පැසිෆික් කලාපය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය, මාලදිවයිනේ තානාපති කාර්යාලයක් විවෘත කිරීම වැනි මෑතකාලීන වර්ධනයන් පවතින බව ද සඳහන් කළේ ය. ආසියාන් සංවිධානයේ බලපෑම, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ BRICS+ බිහිවීම වැනි බලපෑම් මත ඉන්දීය සාගරයේ බල තුළනයක් ඇති වෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වෙනස් වන භූ දර්ශනය දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය පවත්වාගැනීමට සහය වන අතර ඉන්දියානු සාගර රිම් සංගමය (IORA), ආසියාන් (ASEAN) සහ BRICS+ යන සංවිධාන අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වාගත යුතු බව ද අවධාරණය කළේය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ හම්බන්තොට වාණිජ වරාය, චීන හමුදා කඳවුරක් ලෙස හංවඩු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බවයි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා මෙහිදී ‘වින්ස්ටන් චර්චිල්ගේ‘ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම යනු ඉන්දියන් සාගරයේ බලය අහිමිවීමක් වන බවයි'. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරමින් සිටින අතර ජාත්‍යන්තර සංසදවලදී මෙම කාරණය මතු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. 5. ජනපති මහ මණ්ඩල සමුළුවට එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ( සැප් 19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය. 6. බංගලාදේශ අගමැතිනිය අතර හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අතර නිල හමුව (සැප් 19) නිව්යෝර්ක් නුවරදී සිදු විය. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. පසුගිය කාලයේ බංගලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව පැවසූ බංගලාදේශ අගමැතිනිය එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය. මීට ඉහතදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුණද නොවැළැක්විය හැකි හේතු මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද පැවසීය. 7. “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” වට මේස සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඉකුත් 18 වෙනිදා පැවති “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව - 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය. 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවර පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි. “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වට මේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය. මෙම වට මේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමෙරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිය හ. 8. Meta සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති අතර හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ Meta සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් (Sir Nick Clegg) අතර හමුවක් ද නිව්යෝර්ක් හීදී සිදු විය. එහිදී කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ අවධානය යොමු විය. අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය. එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබීය. ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය. 9. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (USAID) පරිපාලක සැමෙන්තා පවර් අතර හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමෙන්තා පවර් අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සමන්තා පවර් වෙත සිය ස්තූතිය පිරිනැමිය. දුෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා විධිමත්ව පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරිමේ අභියෝගයට මුහුණ දී සිටින බවත්, මෙම තත්ත්වය හමුවේ දූෂණ විරෝධී නීතිය සම්මත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි. කෙසේ නමුත්, දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පූර්ණ වශයෙන් අනුගත කරවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම කටයුතු කඩිනමින් අවසන් කරගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. 10. නේපාල අගමැති අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව නිව්යෝර්ක් නුවරදී සිදු විය. දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා ඇත. |
මොහොමඩ් සිරාජ්: සෙරෙප්පු දෙකෙන් උල් සපත්තුවට පැමිණි වේගපන්දු යවන්නා | 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි අවසන් මහ තරගය ඉකුත් ඉරිදා (සැප් .17 වැනිදා) නිමාවට පත්වුයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට සිත්තැවුලක් මෙන්ම කලකට අමතක නොවන නමක් මුවගට එක් කරමිනි. ඒ, අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකාව ලකුණු 50 කට සීමා කළ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කරමින් කඩුලු 06ක් දවා ගනු ලැබූ ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ය. එක් රැයකින් ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය ක්‍රීඩකයකෙු වූ ඔහු අවසන් මහ තරගයේ වීරයා ලෙස නම් කෙරුණි. මොහොමඩ් සිරාජ් කියන්නේ කවුද ? 1994 වසරේ මාර්තු මස 13 වැනිදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි උපත ලබන මොහොමඩ් සිරාජ්ගේ පියා ඔටෝ රික්ෂෝ රියදුරෙක් වන අතර මව ගෘහණියකි. පවුලේ බාලයා වන සිරාජ්ට වැඩිමහල් සොහොයුරෙක් ද සිටියි. කුඩා කල පටන් ක්‍රිකට්වලට ඇලුම් කළ ඔහු ක්‍රීඩාවට අවතීරණ වන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙනි. ආරම්භයේ දී තමා වැඩි නැඹුරුතාවයක් දැක්වුයේ පිතිකරුවෙකු වීමට බව වරක් ඉන්දීය මාධ්‍ය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිරාජ් අනාවරණය කළේය. “මම තාත්තා එනකම් ගෙදර යන්නේ නැහැ” සිය ළමා කාලයේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් ඇලුම් කළා ද කියතොත් පාසැල් පවා නොගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිය මිතුරන් සමග එක්ව කටයුතු කළ බව වරක් මොහොමඩ් සිරාජ් සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් පැවසීය. තමන් එසේ පන්ති කාමරයේ නොසිටියොත් පාසැලේ විදුහල්පතිවරයා විසින් සිය මවට දැනුම් දෙනු ලැබූ දිනයන් පවා තිබූ බවත්, ත්‍රිරෝද රථ රියැදුරෙක් වන පියා නැවත නිවසට පැමිණෙන තෙක් තමන් නිවසට නොයන බවත් ඔහු එහිදී පැවසුවේය. "මගේ පියාට විතරයි මාව බේර ගන්න හැකි වෙන්නේ. අම්මා මාව දැක්ක ගමන් ගහනවා. ඇය නිතරම කියන දෙයක් තමයි අයියා ඉංජිනේරු විද්‍යාලයට යනවා, උඹ පාසැලෙන් කට්ටි පනිනවා කියලා." සිරාජ් සිය සම්මුඛ සාකච්ජාවේදී සඳහන් කර සිටියේය. “ලොකු ලොකු වාහන වල එන අය යනකම් මම බලාගෙන ඉන්නවා” සිය පියා දෛනිකව තම වැඩිමහල් සහෝදරයාට රුපියල් 100ක් සහ තමන්ට රුපියල් 70ක් වියදම සඳහා ලබා දුන් බව සිරාජ් සිහිපත් කර සිටියි. "මගේ යතුරුපැදියට දවසට රුපියල් 40ක ඉන්ධන අවශ්‍යයි පුහුණුවීම් සඳහා යන්න. ඒ වගේමයි යතුරුපැදිය පනගන්වන්න ඒක තල්ලු කරන්න ඕනේ." "මම ක්‍රිකට් පුහුණුවීම්වලට යන ස්ථානයට එන අනෙක් ක්‍රීඩකයින් එන්නේ BMW, මර්සිඩීස් වැනි සුඛෝපභෝගී රථවල. ඉතින් බොහෝ දිනවල පුහුණුවීම් අවසන් වෙලා ඒ වාහන වල පැමිණි ක්‍රීඩකයින් නැවත පිටත්ව යනකම් මම බලාගෙන සිටිනවා. මොකද ඔවුන් ගියාට පසුවයි මගේ යතුරුපැදිය තල්ලු කරලා පන ගන්වන්නේ." " මොකද මම ඒක ඔවුන් ඉදිරියේදී කළා නම් ඔවුන් මා දිහා බලන ආකාරය වෙනස් වෙන්න තිබ්බා වගේම ඔවුන් හා මා අතර දුරස්ථ භාවයක් ඇතිවෙන්න ඉඩ තිබුණා." සිරාජ් සිය ක්‍රිකට් දිවියේ මුහුණ දුන් කටුක අත්දැකීම් පිළිබඳ සම්මුඛ සාකච්ජාවේදී පවසා සිටියේය. “මට පන්දු යවද්දී පළදින්න සපත්තු දෙකක් තිබුණේ නැහැ” වයස අවුරුදු 16 දී වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම අරඹන සිරාජ්ට එලෙස පන්දු යැවීමේදී පැළදීමට සපත්තු දෙකක් හෝ නොතිබූ බැවින් වසර 3ක් පුරා ක්‍රීඩා කළේ සෙරප්පු දෙකක් පැළද බව පවසා සිටියේය. " ගමේදී ක්‍රීඩාවක් ලෙස සැහැල්ලු පන්දු කරද්දී බොහෝ වෙලාවට ගම් ගම් අතර ක්‍රීඩා තරග පැවැත්වෙනවා. ඒ වෙලාවේදී මට පළඳින්න සපත්තු දෙකක් හෝ තිබුනේ නැහැ. මම අවුරුදු 19ක් වෙනකම් ක්‍රීඩා කළේ සෙරප්පු දෙකක් දාගෙන” "සපත්තු මිලදී ගන්න මට මුදල් තිබුණේ නැහැ. තාත්තා දවසට දෙන රුපියල් 70 කින් කොහොමද හැම දෙයක්ම කරන්නේ. අම්මගෙන් සල්ලි ඉල්ලන්නත් බැහැ. ඉල්ලුවනම් අනිවාර්යෙන්ම ඇය මට ගුටි දෙනවා." ඔහු කියා සිටියේය. “මගේ ගමන ආරම්භ කළේ ප්‍රමාද වෙලා” වයස අවුරුදු 19ක් දක්වා සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදුණු තමන්ට පළමු වරට ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූ ආකාරය පිළිබඳව ද මොහොමඩ් සිරාජ් මෙලෙස අදහස් දක්වා සිටියේය. "දවසක් මට ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන්න එන්න කියලා ආරාධනාවක් ආවා. ඒ වගේ තරගවලදී මුදල් ලැබෙනවා කියලා දැන ගන්න ලැබුණා." "මට අවශ්‍යව තිබුණා ආර්ථික වශයෙන් මගේ පවුලට ශක්තියක් වෙන්න. මම ඒ කණ්ඩායමේ අයට කිව්වා මම ක්‍රීඩා කරන්න කැමැති, හැබැයි මට ඒ සඳහා ගෙවීමක් කරනවද කියලා." "ඔවුන් කිව්වා ඔව් ඔබට මුදල් පමණක් නොවේ, යතුරුපැදියට ඉන්ධන ලබා ගන්න මුදල් පවා දෙනවා, තරගයට ක්‍රීඩා කරන්න නිල ඇඳුමක් වගේම සපත්තු දෙකක් දෙනවා කියලා." "එදා තමයි මම පළමුවරට ක්‍රීඩා කරද්දී පළඳින සපත්තු දැම්මේ. ඒකෙ සවිකර තිබ්බ ඇණ තියන්නේ මොනවටද කියලවත් මම ඒ වෙද්දී දැනන් හිටියේ නැහැ." "තරගය පටන් ගත්තම මට ලෙදර් පන්දුවක් අතට දුන්නා. එදා තමයි මම පළමු වරට ලෙදර් පන්දුව අතින් ඇල්ලුවේ. කොටින්ම අවුට් ස්වින්ග් හෝ ඉන් ස්වින්ග් පන්දු යවන්නේ කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ." "ඔවුන් මට කිව්වේ හැකි තරම් වේගයෙන් පන්දු යවන්න කියලා. මම හැකි උපරිම වේගයෙන් පන්දු යවලා ඒ පළමු තරගයෙන් කඩුලු 5ක් දවා ගත්තා. ඒ වෙද්දී මට වයස අවුරුදු 19යි. " ඔහු කියා සිටියේය. IPL ආරම්භය සහ ජීවිතයේ පළමු බලාපොරොත්තුව මොහොමඩ් සිරාජ් පළමු වරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියක් සඳහා තෝරා ගැනුණේ 2017 වසරේදීය. ක්‍රීඩක වෙන්දේසියේ දී මොහොමඩ් සීරාජ් හට ඉන්දීය රුපියල් කෝටි 2.7ක මිලක් නියම විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූ බව දැන ගත් විට තමන්ගේ සිතට පැමිණි පළමු සිතිවිල්ල පිලිබඳව ද සිරාජ් මෙලෙස කියා සිටියේය. "මම පළමුව තීරණය කළා නිවසක් මිලදී ගන්න. මට කාර් රථයක් හෝ වෙනත් දේවල් මිලදී ගන්න අවශ්‍යයි කියා සිතුනේ නැහැ. " "මට අවශ්‍ය වුනේ මගේ පවුලේ අයට සුව පහසුව ජීවත් වෙන්න අවශ්‍යය තැනක් ලබා දෙන්න." "නිවස මිලදී ගත්තම මට ඇතිවුනේ පුදුම සතුටක්. එමගින් මගේ ජීවිතය තුළ යම් සාර්ථකත්වයක් අත්කර ගත් බවට වන හැඟීමක් ඇතිවුනා යැයි පැවසුවොත් මා නිවැරැදි." ඔහු කියා සිටියේය. “අවුරුද්දක් මම ක්‍රිකට්වලට වෙන් කළා” කොවිඩ් වසංගත සමය සමග ලොවපුරා අගුලු දැමීම නිසා නිවසට වී සිටීමට සිදුවූ වසරක කාල සීමාව පුරා තමන් බොහෝ කැපවී පුහුණුවීම් කළ බව ඔහු සඳහන් කරයි. " මම තීරණය කළා අවුරුද්දක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා.ඒක මට හොඳ නම් අඛණ්ඩව ක්‍රීඩා කරන්න. නැත්නම් වෙන රැකියාවකට යොමු වෙන්න මගේ බලාපොරොත්තුව තිබුණේ." "මම ලොක්ඩවුන් කාල සීමාවේදී බොහෝ මහන්සි වෙලා පුහුණුවීම් කළා. මම උදෑසන තනියම නැගිටලා ව්‍යායාම් වල යෙදිලා පන්දු යැවීමේ පුහුණුවීම් වලට යනවා. මගේ දෛනික රාජකාරිය වුනේ එයයි." "එලෙස පුහුණුවීම් කරලා අවසානයේදී ක්‍රීඩා කරන්න පටන් ගත්තා. එතකොට දැනුනේ වෙනස්ම හැඟීමක්. " "මට තේරුණා මා තුළ යම් වෙනස්කමක් ඇතිවෙලා තියෙනවා කියලා. අඛණ්ඩව සිදුකළ පුහුණුවීම් නිසා මගේ පන්දු යැවීමේ සාර්ථකත්වයක් ඇතිවුණා." ඔහු කියා සිටියේය. ඉන්දීය පිලට ලද පළමු කැඳවීම 2017 වසරේ IPL තරගාවලියෙන් පසුව මොහොම්ඩ් සිරාජ්ට ඉන්දීය ජාතික කණ්ඩායම සමග නවසීලන්තයට එරෙහි විස්සයි 20 තරග සංචාරයට එක්වීමට අවස්ථාව උදාවිය. එමෙන්ම 2019 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග වරම් හිමිවන ඔහුට පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවන්නේ 2020 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. ටෙස්ට් තරග 21කදි කඩුලු 59ක්, එක්දින තරග 29 කදී කඩුලු 53ක් සහ විස්සයි 20 තරග 08 කදී කඩුලු 11ක් මේ වන විට ඔහු දවා ගැනීමට සමත්ව ඇත. ආසියානු කුසලානයේ තෑගි මුදල මෙවර ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් මොහොමඩ් සිරාජ් ඒ වෙනුවෙන් තමන්ට ලද ඇමෙරිකානු ඩොලර් 5,000 ක මුදල මෙරට ක්‍රීඩාංගණ සේවකයින් වෙත පිරිනැමීමට තරම් ත්‍යාගශීලි විය. ඒ සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා ලෝලීන් පවා ඔහු ඇගයීමට ලක් කරමින් සමාජ මාධ්‍ය තුල සටහන් පවා පළ කර තිබෙන අයුරු දක්නට ලැබුණා. 'ජාතික ගීය වැයෙන කොට මම හිතනවා මම අද කොතැනද ඉන්නේ කියලා' ඉන්දීය ජාතික ගීය වාදනය කරන සෑම අවස්ථාවකදීම තමන්ගේ ක්‍රීඩා ගමන, ගමේ මිතුරන් සමග සැහැල්ලු පන්දු ආරම්භ කළ අයුරු සහ අද වන විට තමන් සිටින ස්ථානය පිළිබඳ සිහියට නැගෙන බව සිරාජ් තමන් සහභාගි වූ සම්මුඛ සාකච්ජාවේදී පවසා තිබේ. " මට මං ගැන ආඩම්බරයක් ඇති වනවා ඒ ගැන සිතන කොට. මගේ දෙමව්පියන් වින්ද වේදනාවන් සහ ඔවුන්ගේ ආශිර්වාදය තමා මාව මෙතරම් දුර ගෙනාවේ." සිරාජ් සඳහන් කර සිටියේය. |
800 චිත්‍රපටය: මුරලි පැමිණි ගමන | ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රිදී තිරයට නැගෙන "800" චිත්‍රපටය ලබන මස තිරගත වීමට නියමිත ය. ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගවල ලොව වැඩිම කඩුලුලාභියා වන මුරලිදරන් විසින් දවාගත් ටෙස්ට් කඩුලු ගණන 800ක් වීම හේතුවෙන්, ඔහුගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටය "800" යනුවෙන් නම් කරනු ලැබ තිබේ. මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සැප්තැම්බර් පස්වැනිදා ඉන්දියාවේ දී එළිදැක්වූ අතර, එම අවස්ථාවට හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් වන සචින් තෙන්දුල්කාර් සහ සනත් ජයසූරිය ද මුරලිදරන් සමග එක්ව සිටියහ. මුරලි කියන්නේ කවුද? 1972 වසරේ අප්‍රේල් මස 17 වෙනිදා මහනුවර දී සින්නසාමි මුත්තයියා සහ ලක්ෂ්මි යුවලට මුත්තයියා මුරලිදරන් උපත ලැබීය. මුරලිදරන්ගේ පවුලේ සහෝදරයින් සිව්දෙනෙකු වන අතර, ඔහුගේ පියා බිස්කට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකු විය. මුරලිදරන්ගේ සීයා වන පෙරියසාමි, 1920 වසරේ දී දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබේ. ඔහු තේ වතු කම්කරුවෙකු ලෙස ජීවිකාව ගෙනගොස් තිබේ. පෙරියසාමි ඔහුගේ දියණියන් සමග නැවත ඉන්දියාව බලා පිටත්ව ගිය ද ඔහුගේ පුත්‍රයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කර ඇත. මුත්තයියා මුරලිදරන්, වයස අවුරුදු නවය වන විට අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර සාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් කරනු ලැබීය. මඳ වේග පන්දු යවන්නෙකු ලෙස පාසැල් ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රීඩා ජීවිතය ආරම්භ කළ මුරලිදරන්, වයස අවුරුදු 14 වන විට පුහුණුකරු වන සුනිල් ප්‍රනාන්දුගේ උපදෙස් මත පිට දඟ පන්දු යවන්නෙකු ලෙස මාරුවිය. මුරලිදරන් සාන්ත අන්තෝනි විදුහලේ දී වසර හතරක කාලයක් 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අතර, 1990-91 වසරේ හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකර ගනු ලැබීය. ජාත්‍යන්තර ක්‍රිකට් ගමනේ ආරම්භය 1992 වසරේ දී මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් වරම් උදාකර ගත්තේ ය. ඒ, ඕස්ට්‍රේලියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ දී ය. 1993 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගනු ලබන ඔහු, 2006 වසරේ දී නවසීලන්තයට එරෙහිව විස්සයි 20 තරග සඳහා පළමු වරට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගනු ලැබීය. ගැටළුසහගත තීරණය 1995 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයේ දී, ඩැරල් හෙයාර් විනිසුරුවරයා මුරලිදරන් පන්දුව දමා ගසන බවට පළමු වරට චෝදනා කළේ ය. 1996 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරග වැදුණු තුන් කොන් එක්දින තරග සංචාරය අතරතුරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ දී, එරට විනිසුරුවරුන් දෙපළක් වන රොස් එමර්සන් සහ ටෝනි මැක්කුයිලන් විසින් ද මුරලි පන්දුව දමා ගසන්නෙකු බවට චෝදනා කරනු ලැබීය. එහිදී එම විනිසුරුවරු මුරලිදරන් පන්දු යවන අවස්ථාවේ දී එම පන්දු නිපන්දු ලෙස සංඥා කරනු ලැබූහ. මේ හේතුවෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා කටයුතු කළේ ය. මෙනිසා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. ඕස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් සහ මුරලිදරන් අතර වැඩිම ටෙස්ට් කඩුලුලාභියා බවට පත්වීමේ තරගයක් පවතින බව ක්‍රීඩා විචාරකයින් එම කාල සිමාවේ දී අදහස් පළ කර තිබුණි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් විසින් මුරලිදරන්ට සැලසුම් සහගතව අසත්‍ය චෝදනා එල්ල කරනු ලබන්නේයැ යි මතයක් ද එවකට පැවතියේ ය. මෙවැනි සිදුවීම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග පැවැත්වෙන සෑම අවස්ථාවක්ම ඉතා උද්වේගකර විය. පන්දු යැවීමේ ඉරියව්ව ගැන සහතිකයක් මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීම හේතුවෙන් මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ දී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීමට සිදුවිය. ඔහු අදාළ පරීක්ෂණ සඳහා මුහුණදුන් අතර, ඔහුගේ පන්දු යවන දකුණු අතේ වැලමිටේ උපත්තියේ දී ඇතිවූ අසාමාන්‍ය පිහිටීමක් ඇතිබව එහිදී තහවුරු විය. ඒ අනුව ඔහුට පන්දු යැවීමේ ඉරියව්ව නිත්‍යානුකූල බවට ICCය විසින් තහවුරු කෙරිණි. මුරලි - වෝන් මිතුරුකම 2004 වසරේ ඉන්දියානු සාගරයේ රටවලට බලපෑ සුනාමි තත්ත්වයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විනාශයට පත්විය. ක්‍රීඩාංගණය පිළිසකර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඉදිරිපත් වූයේ මුත්තයියා මුරලිදරන්ගේ ඉල්ලීම මත ය. මුරලි දවාගත් කඩුලු සංඛ්‍යාව මුරලිදරන් ඔහුගේ ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකර ඇති පළමු පෙළ, ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරගවල දී යවා ඇති පන්දු සංඛ්‍යාව 157,504කි. ඔහු ටෙස්ට් තරග 133ක දී කඩුලු 800ක්, එක්දින තරග 350ක දී කඩුලු 534ක් සහ විස්සයි 20 තරග 12ක දී කඩුලු 13ක් දවාගෙන ඇත. ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස මුරලි තබා ඇති වාර්තාව තවමත් නොබිඳී පවතියි. මේ අතර 2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුරලිදරන් හට 'හෝල් ඔෆ් ෆේම්' ගෞරව පදවිය ද පිරිනැමීය. නව ගමනක ආරම්භය 2011 වසරේ දී මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළේ ය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ඔහු අවස්ථා කිහිපයක දී විස්සයි 20 ක්‍රිකට් ලීග් තරග සඳහා ක්‍රීඩා කළේ ය. ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මුරලිදරන් මේ වන විට පූර්ණකාලීනව ව්‍යපාරික කටයුතුවල යෙදී සිටියි. මුරලිදරන් සහ දේශපාලනය 2020 වසරේ දී පැවති මහ මැතිවරණය සඳහා මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුරලිදරන් ප්‍රභාකරන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කළේ ය. සහෝදරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් මෙසේ අදහස් දක්වා තිබුණි: “මට දේශපාලනය ගැන උනන්දුවක් නැති වුණත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත මම මගේ සහෝදරයාව ඉදිරි මහ මැතිවරණය නියෝජනය කරන්න ඉදිරිපත් කරනවා." ඔහු දේශපාලනයට අකැමති බව හා එම විෂයය ඔහුට නොතේරෙන බව මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ ය. 2019 වසරේ දී මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් "800" චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සූදානම් බවට පළමු වරට නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය. මුරලිගේ චිත්‍රපටයට බාධා 2020 වර්ෂයේ දී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. මුරලිදරන්ගේ චරිතය රඟ දැක්වීම සඳහා පළමුව තෝරා ගැනුනේ දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය සේතුපති ය. චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භයට පෙර සිට විජය සේතුපති මුරලිදරන්ගේ චරිතයට පණ පෙවීමට එරෙහිව දකුණු ඉන්දියානු දේශපාලඥයින් සහ ඇතැම් සිනමා කර්මාන්තකරුවන් දැඩි විවේචනයක් එල්ල කළේ ය. ඒ, මුත්තයියා මුරලිදරන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතුවලට සහය දැක්වීම නිසා සහ යුද්ධයේ අවසන් සමයේ දී දෙමළ ජාතිකයින් වෙනුවෙන් පෙනී නොසිටි බවට චෝදනා කරමිනි. එල්ලවූ විරෝධතා දිගින් දිගටම ඉහළ යාම හේතුවෙන් අවසානයේ දී විජය සේතුපති මුරලිදරන්ගේ චරිතය සඳහා රංගනයෙන් දායකවීමෙන් ඉවත් වන බවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ, මුරලිදරන් විසින් විජය සේතුපතිට එම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට දැනුම්දුන් නිසාවෙන් බව පැවසෙයි. ඔහු නිසා විජය සේතුපතිගේ චරිතයට හානියක් නොවිය යුතු බවට මුරලිදරන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ ය. විජය වෙනුවට නව නළුවෙක් විජය සේතුපතිගේ ඉවත්ව යෑමෙන් පසු 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී 800 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන ලදී. විජය සේතුපති වෙනුවට මුරලිදරන්ගේ චරිතය රගපෑම සඳහා මධුර් මිත්තල් තෝරා ගැනුණි. 800 චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර ඇත්තේ එම්. එස්. සිරිපති විසින් වන අතර එහි රූගත කිරීම් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක දී සිදුකර ඇත. මෙම චිත්‍රපටය ඔක්තෝම්බර් මස හයවෙනිදා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක සිනමා ශාලාවල දී තිරගත කිරිමට නියමිත ය. |
'ලංකාවෙම ඉන්නේ කුරුල්ලෝ 20ක් විතර. අදටත් කැදැල්ලක් හොයාගෙන නැහැ' | ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන උසම සහ අඩුම පක්ෂීන් සංඛ්‍යාවක් (අඩුම කුරුලු ගහනය) සිටින කුරුලු විශේෂය අලි මානාවා හෙවත් අලි මාන කොකා ය. මෙම විශේෂයේ පක්ෂීන් 20 දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන බවට විශ්වාස කරන බව පක්ෂි විද්‍යාඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය. එහෙත් බොහෝ දෙනෙකු මේ පක්ෂියා දැක නොමැති අතර අදටත් ශ්‍රී ලංකාවෙන් මෙම පක්ෂීන්ගේ කැදැල්ලක් සොයා ගැනීමට කිසිදු පර්යේෂකයෙකුට හැකි වී නැත. මෙම පක්ෂියාගේ උස අඩි 4.5ක් පමණ වේ. |
එක්සත් රාජධානියේ 'දැවැන්ත ම සාහිත්‍ය උළෙලකට' ඇරයුම් ලැබූ ශ්‍රී ලාංකික කිවිඳිය | එක්සත් රාජධානියේ පැවැත්වෙන දැවැන්ත ම කාව්‍ය සහ නිරූපණ සාහිත්‍ය උළෙලක් වන බීබීසීහි Contains Strong Language 2023 නියෝජනය කිරීමේ ගෞරවණීය අවස්ථාව ශ්‍රී ලාංකික කිවිඳියක වන රම්‍යා ජීරසිංහට හිමි වී තිබේ. සැප්තැම්බර් 21 දා එක්සත් රාජධානියේ ලීඩ්ස්හි දී ඇරඹෙන මෙම සාහිත්‍ය උළෙල දින හතරක් පුරා පැවැත්වෙන අතර, ඊට ලෝකයේ ප්‍රමුඛ පෙළේ කවියන් සහ කලාකරුවන් මෙන් ම නවක සාහිත්‍යකරුවන් ද සහභාගිවීමට නියමිත ය. එහිදී, රම්‍යා ජීරසිංහ සාහිත්‍ය ඉසව් තුනක දී ඇගේ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ, සැප්තැම්බර් 22, 23 සහ 24 යන දිනයන්හි දී ය. Contains Strong Language සාහිත්‍ය උළෙල යනු කුමක් ද? මෙය බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දැවැන්ත ම කාව්‍ය සහ නිරූපණ සාහිත්‍ය උළෙලක් ලෙස සැලකෙයි. එය මෙවර පැවැත්වෙන්නේ හත්වන වරට ය. සාහිත්‍ය නිර්මාණ සහ නිර්මාණකරුවන්‌ගේ අදහස් බෙදා ගැනීම සඳහා කවියන්, කලාකරුවන්,ලේඛකයින් සහ චින්තකයින්ගේ මිශ්‍රණයකින් සමන්විත එකතුවක් මෙහිදී ඒකරාශී වනු ඇත. මෙම උළෙලේ දී නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බෙලීස්, කෙන්යාව, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ්, නයිජීරියාව මෙන් ම, ලීඩ්ස් සහ බටහිර යෝක්ෂයර්හි ජාත්‍යන්තර කවියන් රාශියකගේ කෘති රස විඳිය හැකි ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ රම්‍යා ජීරසිංහට ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත රම්‍යා ජීරසිංහ යනු කවුද? රම්‍යා චාමලී ජීරසිංහ ශ්‍රී ලංකාවේ උපත ලබා සාහිත්‍යකරණයේ නියැළෙන ජාත්‍යන්තර සම්මානලාභී සාහිත්‍යවේදිනියකි. කිවිඳියක, නවකතාකාරියක සහ ප්‍රබන්ධ නොවන කතා රචිකාවක වන ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභිනියක ද වන අතර, දෙවරක් ග්‍රේෂන් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශයට පත්වූ ලේඛිකාවකි. 2009 වසරේ දී ඇය එක්සත් රාජධානියේ ගාර්ඩියන් ඔරේන්ජ් ෆර්ස්ට් වර්ඩ්ස් (Guardian Orange First Words Prize) සම්මාන උළෙලේ සම දෙවන ස්ථානය හිමිකර ගත්තා ය. පසුව, 2011 වසරේ දී ඇය රචනා කළ 'There’s an Island in the Bone' කාව්‍ය සංග්‍රහයට සම රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ඇයගේ දෙවන කාව්‍ය එකතුව වූ 'Love Poems from a Frangipani Garden 2018' වසරේ දී එක්සත් රාජධානියේ මිකා ප්‍රෙස්හි ප්‍රකාශයට පත් කරන ලදී. ඊට අමතරව ඇය 'Rhythm of the Sea', 'Trinity' සහ 'When Life Touches Life' යන ප්‍රබන්ධ නොවන කතා ද රචනා කර තිබේ. රම්‍යා ජීරසිංහ ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආචාර්ය උපාධිය ද ලැබූවෙකි. බීබීසී සිංහල සේවය සමග රම්‍යා ජීරසිංහ කළ සාකච්ඡාවේ දී, ඇය ඇයට එක්සත් රාජධානියේ දැවැන්ත ම සාහිත්‍ය උළෙලට සහභාගිවීමට අවස්ථාව හිමිවූ ආකාරය පැහැදිලි කළා ය. "ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ උත්සවයට සහභාගී වෙන්න කියලා මට බීබීසී ආයතනය ආරාධනා කළා. උළෙලේ සාහිත්‍ය ඉසව් තුනක දී මගේ කවි කියවනවා. සැප්තැම්බර් 22,23, 24 දිනවල මගේ කවි කියවනවා. එක්සත් රාජධානියේ සහ ලීඩ්ස්වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මේ උත්සවයට එන්න කියලා ආරාධනා කරන්න කැමතියි." ඇය ඇගේ පාසල් සමය සහ සාහිත්‍යකරණයට පිවිසීම පිළිබඳව ද අදහස් පළ කළා ය. "මම ඉපදුණේ ගම්පහ, උඩුගම්පොළ. කොළඹ හැදුණේ වැඩුණේ. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. මගේ සාහිත්‍ය ගුරුවරිය සහ මඟපෙන්වන්නා වුණේ යුදෙව් කිවිඳියක වූ ඈන් රණසිංහ. ඇයගේ නිර්මාණ සහ අදහස් මගේ නිර්මාණවලට ගොඩක් බලපෑවා." "ශ්‍රී ලංකාව සතුව ප්‍රබල ලේඛකයින් සහ ප්‍රබල සාහිත්‍යයක් ඇතිබව" ද ඇය අවසන් වශයෙන් ප්‍රකාශ කළා ය. |
IMF: ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ඔබ දන්නවා ද? | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාව මේවන විට ආරම්භ වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණය අරමුදල් පහසුකම යටතේ වන මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර සිය කොන්දේසි ඉටු කිරීමේදී ශ්‍රී ලංකා රජය දක්වා ඇති ප්‍රගතිය හා කැපවීම මේ යටතේ සමාලෝචනය කරනු ඇත. සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව සැප්තැම්බර් 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. IMF ණය ලබා ගැනීම සහ කොන්දේසි ඉකුත් මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණයක් අනුමත කරන ලදී. ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වූ සිව් අවුරුදු ණය වැඩසටහනක් යටතේය. එම ණය මුදල අනුමත කිරීම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් පළමු වාරිකය ලෙස ඉකුත් මාර්තු මස 21ක් වෙනිදා මෙරටට හිමිවිය. IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය සැපිරිය යුතු කොන්දේසි 100ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙරට ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ අරමුණින් යුතුවය. ප්‍රගතිය අත්කර ගත් කරුණු මොනවාද ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 38ක් ශ්‍රී ලංකාව අගෝස්තු මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් 'වෙරිටේ රිසර්ච්’ විසින් හඳුන්වා දී ඇති අයි.එම්.එෆ්. මීටරය මගින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පවා පෙනී ගොස් ඇති පසුබිමක පළමු සමාලෝචනය සිදුකිරීම ප්‍රමාද කර ඇති බවට පෙනී යන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මැල්, බීබීසි සිංහල වෙත පැවසුවේය. ඔහු වැඩිදුරටත් පවසනු ලැබුවේ මෙවර සමාලෝචනයේදී අවධානය යොමු වන්නේ ලංකාවේ රජය විසින් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කළ යුතුව තිබු කරුණු සම්බන්ධයෙන් බවයි. එහිදී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් තිබෙන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එය තේරුම් ගෙන අදාළ සමාලෝචන ක්‍රියාවලිය ප්‍රමාද කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය. “උත්සහයේ තරමට ප්‍රතිඵල නැහැ” ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ කොන්දේසි ඉටු කිරීමට රජය උත්සහ කළ ද ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසි සිංහල වෙත පැවසුවේය. උදාහරණයක් වශයෙන් අල්ලස් හෝ දුෂණ වංචා සම්බන්ධ පනත කෙටුම්පතක් සාදනු ලැබුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන්නේ නම් එහි කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔහු සඳහන් කළේය. මීට අමතරව රජයේ ආදායම් වැඩි කර ගැනීමට සහ වියදම් අඩු කර ගැනීම පිළිබඳ සඳහන් කෙරුණද, ඉකුත් මාස හයේදී රජයේ ආදායම 43% කින් ඉහළ යන විට රජයේ වර්තන වියදම් සියයට 48 කින් ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය. මෙවැනි කරුණු IMF නියෝජිතයින්ට ලිඛිතව පෙන්නුම් කළ හැකි වුවද රටේ පවත්නා ආර්ථික අර්බුදයට එමගින් විසඳුම් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රජය විසින් ලබාදෙන වාර්තා ආදිය සම්බන්ධ ප්‍රගති සමාලෝචනයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මුලික අවධානය යොමු කරන බැවින් එහිදී ලංකාව බොහෝ කොන්දේසි ඉටුකර ඇති බවට පෙනෙන්නට තිබුණද ප්‍රායෝගිකව එය එසේ නොවන බව ඔහු පැවසුවේය. මීළඟ IMF ණය වාරිකය ප්‍රමාද වෙයි ද? මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා රජය විසින් මෙරට දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කටයුතු කළ යුතුව ඇති බවත්, සේවක අර්ථසාධක අරමුදල හැර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉටු කර ගැනීමට රජය අපොහොසත්ව ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේය. "IMF දෙවැනි ණය වාරිකය නිකුත් කරන්න පෙර දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්න අවශ්‍යයි කියලා. නමුත් රජයට තවම හැකියාව ලැබිලා නැහැ දේශීය ණයවත් සම්පුර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න." "උදාහරණයක් විදිහට ETF එකෙන් සිදුකළ ආයෝජන සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීන්දුව ගත්තේ IMF සමාලෝචනය ආරම්භ කරපු දවසේ උදෑසන." "නමුත් මහ බැංකුව විසින් දුන් ණය ගැන තවම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවෙලා නැහැ. ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවශ්‍ය සැලැස්මවත් ඉදිරිපත් කරලා නැහැ." ඔහු පෙන්වා දෙන ලදී. මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රමාදයක් නොව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයේ පවතින ප්‍රමාදයක් බැවින් දෙවන ණය වාරිකය හිමිවීමේ යම් ප්‍රමාදයක් යම් අයුරකින් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය. “IMF යෝජනාවලියෙන් පමණක් රට හදන්න බැහැ” ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට කාර්තු 6ක් අඛණ්ඩව සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියෙන් පමණක් රට නැවත ගොඩගත නොහැකි බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි. අඛණ්ඩව සිදුවූ දරුණු ආර්ථික කඩා වැටීම තුළ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හඳුන්වා දුන් යෝජනාවලිය රට තුල ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ දරමින් පසුවන බව සඳහන් කළ මහාචාර්යවරයා එම යෝජනාවලිය තුලින් පමණක් රටේ ඇති ප්‍රශ්න සඳහා විසඳුම් නොලැබෙන බවත් සඳහන් කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උත්සහ දරන්නේ රටේ ආර්ථිකය ස්ථායිකරණය කිරීමට බව පැවසූ මහාචාර්යවරයා එයට සමගාමීව රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය. රජය ද රටේ ආර්ථික ස්ථායිකරණය කිරීම සඳහා කටයුතු කරමින් පසුවන බවත්, මේ හේතුවෙන් රටේ ආර්ථික ස්ථායිකරණය මෙන්ම ආර්ථික වර්ධනය ද කඩා වැටීමක් පෙන්නුම් කරන බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් ප්‍රකාශ කළේය. |
රැප් ගායනයෙන් ජාත්‍යන්තරයේ නමක් තබන්න සිහින දකින මැය කවුද? | මෙරට සංගීත ක්ෂේත්‍රයට විවිධ නවක ගායක ගායිකාවන් එක්වුද රැප් ගීත ගායනයට හැකි ගායිකාවන් එක්වීම මදක් විරලය. රැප් ගායන කේෂත්‍රයට යොමු වූ එවැනි තරුණ ගායිකාවක් සම්බන්ධයෙන් මෙරට නව පරපුරේ අවධානය යොමුව තිබේ. ඇය නමින් හිරුෂි ජයසේනය. 1996 වර්ෂයේ බ්‍රිතාන්‍යයේදී උපත ලබන ඇය අධ්‍යාපනය හදාරණු ලබන්නේ කොළඹ විසාකා විදුහලේය. ඇය මානසික සෞඛ්‍ය, ව්‍යවසායකත්වය, සංගීත භාණ්ඩ වාදනය, රංගනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සරසවි කිහිපයකින් උසස් අධ්‍යාපනය හදාරා තිබේ. "මගේ ජීවිතයේ සතුට තියෙන්නේ ගායනයත් එක්ක " ගායන ක්ෂේත්‍රයට තමන් යොමු වීමට ප්‍රධාන කරුණ වුයේ තම පියාගෙන් සහ මවගෙන් ලද ආභාෂය බව හිරුෂි ජයසේන බීබීසි සිංහල සේවය සමග පිළිසඳරකට එක්වෙමින් පැවසුවාය. "මගේ පියා විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඔහු ගීත රචනා කරනවා ගොඩක් ජනප්‍රිය ගායක ගායිකාවන්ට 1980 දශකයේ ඉදලා. ඒ වගේම මගේ අම්මා විනෝදාංශයක් විදිහට ගීත ගායනා කරනවා." "ඒ වගේම මම කුඩා කාලේ ඉදලා සමස්ත ලංකා පාසල් ගායන තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සියලු දේ එක්ක මම ගායනයට කැමැත්තක් දක්වනවා." "මගේ ජීවිතයේ සතුට තියෙන්නේ ගායනයත් එක්ක. මට මොන විදිහේ උසස් අධ්‍යාපනයක් තිබුණත් ජීවිතයේ සතුට තියෙන්නේ ගායනය එක්ක." "මම පළමුවරට චිත්‍රපටයක් සඳහා ගායනයෙන් දායක වුනේ මායා චිත්‍රපටයට, 2016 වසරේදී. ඒ වගේම මගේ පළවෙනි ස්වයං ගීත නිර්මාණය කළේ 2018 වසරේදී." ඇය පැවසුවාය. වැඩියෙන් ඇසීමට කැමති කුමන ආරක ගීත ද ? තමන් 80-90 දශකයේ සිට ජනප්‍රිය වූ විවිධ භාෂාවන්වල ගීත ඇසීමට ප්‍රිය කරන බව හිරුෂි සඳහන් කළාය. විවිධ භාෂා මෙන්ම සංගීත කාණ්ඩ නියෝජනය කරන ගීත එක් එක් කාලයට ඇසීමට තමන් ප්‍රිය කරන බව ඇය පැවසුවාය. "ගොඩක් වෙලාවට 80-90 කාලයේ ක්ලැසිකල් මියුසික්, දැන් කාලයේ ඉන්න පොප් ආර්ටිස්ලගේ සිංදු අහනවා. ඒ වගේම ජෑස් වගේ සංගීතය අහනවා." ඇය පැවසුවාය. "මම ආසයි අභියෝග භාර ගන්න" මෑත කාලයේදී රැප් ගායිකාවක් ලෙස සමාජයේ ප්‍රසිද්ධියක් ලැබීම සම්බන්ධයෙන් ඇය අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ තමන් අභියෝග භාර ගැනීමට කැමැත්තක් දක්වන බවයි. "මම කැමති අභියෝග භාරගන්න. මම අදටත් කියන්නේ නැහැ මම රැප් ආර්ටිස්ට් කෙනෙක් කියලා. සර්ව සම්පුර්ණ රැප් ආර්ටිස්ට් කෙනෙක් බිහිවෙන්න ලොකු ස්කිල්ස් සෙට් එකක් ඕන. රැප් කියන්න පමණක් නොවෙයි. රැප් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ ගොඩක් දේවල් කරන්න ඕන. මම ඒ ගමන පටන් ගත්තා විතරයි.” "මට හිපොප් හරි රැප් ට්‍රැක් එකක් හරි එකපාරක් අහලා මගේ මතකයෙන් ඒක කියන්න පුළුවන්. මම ඒක නිකම් අත්හදා බැලුවා පහුගිය කොවිඩ් ලොක්ඩවුන් එක කාලේ. ඒක සාර්ථක වෙලා තියෙනවා. ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තියනවා ඒකට." "ඉස්සරහට අඩු පාඩු හදාගෙන මගේම රැප් ගීත කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා." ඇය පැවසුවාය. ජාත්‍යන්තරයේ නමක් තියන්න පුලුවන් වෙයිද ? රැප් ගායිකාවක් ලෙස තමන්ට ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට හැකියාව ලැබුනොත් එය වාසනාවක් ලෙස සලකන බව ඇය සඳහන් කළාය. එමෙන්ම රැප් ගායන කේෂ්ත්‍රයෙන් ශ්‍රී ලංකාවේ රසික රසිකාවියන්ට වින්දනයක් ලැබිය හැකි හොඳ නිර්මාණ බිහි කිරීම මේ වන විට තමාගේ අරමුණ බව ඇය මෙහිදී පැවසුවාය. ඇය මේ වන විට චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍යය තුනකට පසුබිම් ගායනයෙන් දායකත්වය ලබාදී ඇත. එමෙන්ම තමන්ගේ අනාගත බලාපොරොත්තුව ප්‍රාසාංගික කලාකාරිනියක් ලෙස ඉදිරියට පැමිණීම බව පැවසු ඇය, නුදුරේදීම තමන්ගේම සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් කළාය. |
ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට අහිමිවුණේ වගකීම් විරහිත පිතිකරණය නිසා ද? | 2023 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (සැප්තැම්බර් මස 17 වැනිදා) සමත් විය. ඉන්දියාව ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ 8 වන වරටය. බුමරංගයක් වූ තීරණය තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කරනු ලැබුවේ මිනිත්තු 35ක පමණ කාලයක ප්‍රමාදයකින් අනතුරුවය. කෙසේවුවද තරගය ආරම්භ වී පළමු පන්දු වාරයේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේය. සිරාජ් සුනු විසුනු කළ ශ්‍රී ලංකා මුල් පෙළ ශ්‍රී ලංකා ඉනිමේ 4 වන පන්දු වාරය යැවීමට පැමිණි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී කඩුලු 4ක් දවා ගනු ලැබුවේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින්ය. සිරාජ් විසින් එම පන්දු වාරයේදී ලකුණු 4කට කඩුලු 4ක් දවා ගැනු ලැබිය. පැතුම් නිස්සංක, සදිර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාගේ කඩුලු ද මොහොමඩ් සිරාජ් විසින් එම පන්දු වාරයේදී දවා ගනු ලැබීය. තරගයේ 6 වන පන්දු වාරයේදී මොහොමඩ් සිරාජ් විසින් නායක දසුන් ශානක ගේ කඩුල්ලද දවා ගන්නා ලදී. ඉන් පසුව 12 වන පන්දු වාරයේදී සිරාජ් විසින් ලකුණු 17ක් රැස් කර ගෙන සිටි කුසල් මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගනු ලැබිය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට ස්ථාවර වීමට කිසිදු අවස්ථාවක් නොදුන් ඉන්දීය වේග පන්දු බල ඇණිය විසින් පන්දු වාර 15.2 කදී ලකුණු 50 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගනු ලැබිය. මොහොමඩ් සිරාජ් විසින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් අද තරගයේදී ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගන්නා ලදී. එමෙන්ම මෙම පන්දු යැවීම ආසියානු කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවන හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් අතරට එක්විය. පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්යා ලකුණු 3 ට කඩුලු 03ක් සහ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 23 කට එක් කඩුල්ලක් දවා ගනු ලැබීය. ලකුණු 51ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය විසින් පන්දු වාර 6 යි එක් පන්දුවකදී කිසිදු කඩුල්ලක් නොදැවී සිය ඉලක්කය පසු කර යමින් ආසියානු කුසලානය තමන් සතුකර ගැනීමට සමත් විය. පරාජිත වාර්තා පොත අලුත් කළ ශ්‍රී ලංකාව |
'වලාකුළු එන විදිහට කියන්න පුළුවන් දැන් වැස්සක් වැටෙන්න පුලුවන්ද නැද්ද කියලා'-ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් | 2023 ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ආරම්භ කිරීමට ඇත්තේ තවත් පැය දෙකකටත් අඩු කාලයකි. අද තරගයතටත් මුල් තරගවලදී මෙන්ම වර්ෂාවෙන් බාධාවක් වෙයිද? ඒ පිළිබඳ ක්‍රිකට් ලෝලීන් තුළ ඇත්තේ චකිතයකි. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 17 වැනිදා) දහවල් (12ට) නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර පළාතට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඒම අනාවැකිය කෙසේවෙතත්, කාලගුණය ගැන වඩාත් අවධානයෙන් පසුවන තවත් පිරිසක් සමග කතා බහ කිරීමට බීබීසී සිංහල වෙත හැකිවිය. ඒ, දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ පැසසුම් ලබමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළට අප ඇතුලු වන අවස්ථාවේදීත් ඔවුන් සිය දෛනික රාජකාරි කටයුතු ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබුණි. “අපි හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්නේ” ඕනෑම අවස්ථාවක වර්ෂාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා තමන් ඇතුළු ක්‍රීඩාංගණයේ සේවකයින් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව ක්‍රීඩාංගණ සේවකයෙකු වන හේරත් දිසානායක බීබීසි සිංහල වෙත පැවසුවේය. ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කරනු ලබන්නේ 2007 වසරේ සිටය. ක්‍රිකට් තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වන්නේද යන්න පිළිබඳ ක්‍රීඩාංගණයේ සියලුම සේවකයින් කාලගුණය පිළිබඳව මනා අවධානයෙන් පසුවන බව ඔහු පැවසුවේය. " සාමාන්‍යයෙන් අපිට අහසේ වලාකුළු එන විදිහට කියන්න පුළුවන් දැන් වැස්සක් වැටෙන්න පුලුවන්ද නැද්ද කියලා. ඒ ගැන අපි හොඳ අවධානයකින් ඉන්නේ." "වැස්සක් ඒවි කියලා හිතුන ගමන් අපේ ක්‍රීඩාංගණයේ ඉන්න සේවකයෝ කොටස් හතරකට බෙදිලා ඒ ඒ තැන් වලට යනවා." "වැස්ස පටන් ගන්නවත් එක්කම අපි කවර්ස් අරන් ඇවිත් විකට් එක කවර් කරනවා. ඒක අපි බොහොම ඉක්මනට කරනවා." යනුවෙන් ඔහු පැවසීය. "බවුන්ඩ්‍රිය ඇතුළේ වතුර හිටින්න දෙන්නේ නැහැ " වර්ෂාව ඇද හැලීමෙන් පසු ක්‍රීඩාංගණයේ ආවරණ මත රැඳී ඇති ජලය ඉවත් කිරීම සිදුකරන්නේ සැලැස්මකට අනුව බව ද ඔහු සඳහන් කළේය. " වැස්ස නතර වෙනවාත් එක්ක අපි කරන්නේ ග්‍රවුන්ඩ් එකේ තියෙන කවර්ස් පිළිවෙලට පෙරලගෙන එන එකයි. එහෙම පෙරලගෙන එන්නේ අර කවර්ස් වලට එකතු වෙලා තියෙන කිසිම වතුර බින්දුවක්වත් ග්‍රවුන්ඩ් එකේ බවුන්ඩ්‍රී ලයින් එක ( හතරේ සීමාව තුල වූ කොටසේ) ඇතුළේ වැටෙන්න දෙන්නේ නැතුව." "ඒ කවර්ස් වල එකතු වෙන වැහි ජලය ඔක්කොම අපි ග්‍රවුන්ඩ් එක ඇතුලේ තියන කාණු පද්ධතියට බැහැර කරනවා." "ඊට පස්සේ අපි දිග ලණුවකට ගෝනි බැඳලා තියෙනවා. ඒක මැෂින් එකට හයි කරලා ග්‍රවුන්ඩ් එක වටේ ඇද ගෙන ගිහිල්ලා පින්න කඩනවා." "ඒ එක්කම පිච් එක චෙක් කරනවා, කරලා ඒකෙ තෙතමනය වගේ තිබෙනවා නම් ඒකට අපේ ක්‍රීඩාංගණය භාර නිලධාරිතුමන්ලාගේ උපදෙස් අනුව වේලීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා." යනුවෙන් ඔහු පැවසුවේය. “වැස්ස නිසා ලොකු අභියෝගයක් එල්ල වුණා” මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා සේවය කිරීමට වෙනත් ක්‍රිඩාංගණවල සේවය කරන සේවකයින්ද කැඳවා තිබෙන අයුරු දක්නට ලැබුණි. එලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පැමිණ සිටි මංජුල පුෂ්පකුමාර බීබීසි සිංහල වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවූ බවය. "මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී වැස්ස නිසා අපිට ලොකු අභියෝගයක් එල්ල වුණා. නමුත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වගේම ගාල්ලේ ඉදලා ආව අපි ඔක්කොම එකතු වෙලා හැකි උපරිමයෙන් වැඩ කරලා නැවත තරගය පවත්වන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දුන්නා." යනුවෙන් ඔහු පැවසීය. “හැම ටීම් එකක්ම ඇවිත් අපිට කතා කරලා ගියා” මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා එල්ල වුවද නැවත තරග ආරම්භ කිරීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් සෑම කණ්ඩායමකම පාහේ ක්‍රීඩකයින්, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට ස්තුතිය පුදකළ බව එහි සේවයේ නියුතු හේරත් දිසානායක පැවසුවේය. " ගොඩක් වෙලාවට ක්‍රිඩාංගණයේ ඉන්නකොට අපේ කණ්ඩායමේ අය පමණක් නෙමෙයි අනෙක් කණ්ඩායම්වල ක්‍රීඩකයින් අපිත් එක්ක කතා කරනවා. ඒක ලොකු දෙයක්." "ඒ වගේම ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වගේ ක්‍රීඩකයින් අපේ ටෙම්පරි ස්ටාෆ් එකේ අය එක්ක කතා කරලා ගිහින් තියෙනවා." "ඒ හැමෝම මේ වැස්සේ මැච් එක නැවත සෙල්ලම් කරන්න අවස්ථාව උදාකරල දුන්නට අපිට ස්තුතියි කළා. ඒ ගැන අපිට හරිම සතුටුයි." ඔහු එලෙස පැවසුවේය. මේ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල සේවයේ නිරතවන සේවකයින් ලොව හොඳම ක්‍රීඩාංගණ සේවකයින් බවට සමාජ මාධ්‍යයන් හි පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ එවැනි ඇගයීමක් ලැබීම ගැන සියලුම සේවකයින් තුළ ඇත්තේ නිහතමානි සතුටක් බවයි. ක්‍රීඩාංගණ සේවකයින්ට ලැබෙන පහසුකම් මොනවාද ? තරග පැවැත්වෙන සෑම දිනයකම සේවකයින් සඳහා දෛනිකව ගෙවන රුපියල් 3,000ක වැටුපක් සහ වේල් 03 කින් යුත් ආහාර පහසුකම්වලට අමතරව අතුරු ආහාර වේල් දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන බවද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රීඩාංගණවල ප්‍රධාන තණනිලි සකසන්නා වන ගොඩ්ෆ්‍රී දාබරේ බීබීසි සිංහල වෙත පවසා සිටියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නිත්‍ය සේවකයින් 35 දෙනෙකු සිටින බවත් වර්ෂාව නොමැති දිනයකදී ජාත්‍යන්තර තරගයක් සඳහා සේවකයින් 60ක් අවශ්‍ය වන බවත් වර්ෂාව පවතින කාල සීමාවක ජාත්‍යන්තර තරගයක් පවත්වන්නේ නම් සේවකයින් 100ක් හෝ 140ක් අවශ්‍ය වන බවත් ඔහු පැවසුවේය. "අපේ ක්‍රීඩාංගණයේ සේවය කරන්න බොහෝ වෙලාවට ගාල්ල සහ හම්බන්තොට ක්‍රිඩාංගණවල සේවය කරන අය කැඳවනවා. ඔවුන් ඔක්කොම පුහුණුවීම් ලබපු අය." "ඒ වගේම වැස්ස දවසක් නම් අපි සේවකයින් 100ක් හෝ 140ක් සුදානම් කර ගන්නවා. ඒ වෙලාවට සේවකයින් 40ක වගේ පිරිසක් අපි පිටින් ගන්නවා. ඒ අය ගේන්නෙත් මේ ග්‍රවුන්ඩ් එකේ සේවය කරන අයමයි. ඔවුන්ටත් පුහුණුවක් ලැබිලා තියෙන්නේ." "ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් වල වැඩ කරන අයගේ ජොබ් එක පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. ඒ නිසා මේ රස්සාවේ දැන ගත යුතු දේවල් ඒ ඒ විදිහට හැම කෙනෙක්ම දැනගෙන ඉන්නේ." "ඒ වගේම පිටින් සේවය කරන්න කැඳවලා සිටින සේවකයින් වගේම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්න සේවකයින් ගේ සුබ සාධනයට අවශ්‍ය සෑම දෙයක්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් වගේම ක්‍රීඩාංගණයේ කළමනාකරු වශයෙන් නිතිපතා සොයා බැලීමක් කරනවා." "ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ අවශ්‍ය සියළු දේ සපයා තිබෙනවා. ඒ වගේම ඔවුන් මේ දක්වා කර තිබෙන සේවය ගැන සතුටු වනවා. මොකද හැම වැස්සකට පස්සේ හොඳ තරගයක් සෙල්ලම් කරන්න අවශ්‍ය ලෙස පිටිය සකස් කර දීම පහසු කටයුත්තක් නොවන නීසා." ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේය. |
2023 ආසියානු කුසලානය:මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මොනවාද? | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය අද (සැප්තැම්බර් 17 වැනිදා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේවනවිටත් සියලු කටයුතු සූදානම් ය. මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා අවසන් මොහොත තෙක් සිය සංචිතය නම් කිරීම ප්‍රමාද කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා පැමිණි ගමන් මග බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මොනවාද? මේ විමසා බැලීම ඒ පිළිබඳවය. අභියෝගයක් වූ ආරම්භය පන්දු යවන්නන්ගේ බල ඇණියේ වනිදු හසරංග, ලහිරු කුමාර, ඩිල්ශාන් මධුෂංක, දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් විය. ප්‍රබල ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පන්දු යවන්නන් ආදේශ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මේ හේතුවෙන් දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, දුනිත් වෙල්ලාලගේ ඇතුළු නවක ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුවට සිදුවුණි. මේ අතර පකිස්ථානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ ද ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ( සැප්තම්බර් මස 16 වැනිදා) නිවේදනය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු නොමැතිවයි. තරගාවලියකට ජීවයක් ගෙන දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග දෙකක ජයග්‍රහණය අන්තිම පන්දුව දක්වා ඇදී ගියේ ක්‍රීඩා ලෝලීන්ට දැඩි ආශ්වාදයක් ගෙන දෙමිනි. ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය සහ සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවති තීරණාත්මක තරගය කලකට මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳෙන තරග දෙකක් වනු නොඅනුමානය. මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මොනවාද ? තරගාවලියේ හොඳම පන්දු යවන්නා කවුද? මෙවර ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභින් දෙදෙනා ලෙස පිළිවෙලින් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේය. තරගාවලියේදී මේ දක්වා මතීෂ පතිරණ කඩුලු 11ක් ද, දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් ද ලබා ගෙන තිබේ. එමෙන්ම මෙවර තරගාවලියේ දෙවන හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ දුනිත් වෙල්ලාලගේ විසිනි. ඒ ඔහු ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී ලකුණු 40 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ පිතිකරණ අංශයෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතරින් දෙවන හා තෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකි. ඒ අනුව කුසල් මෙන්ඩිස් තරග පහකදී ලකුණු 253ක් ද, සදීර සමරවික්‍රම තරග පහකදී ලකුණු 215ක් රැස් කරගෙන සිටියි. මෙවර තරගාවලියේ කඩුලු රකින ක්‍රීඩකයින් අතරින් වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවක් සිදුකර ඇති කඩුලු රකින්නා වන්නේ කුසල් මෙන්ඩිස් ය. කුසල් මෙන්ඩිස් තරග පහකදී දවා ගැනීම් 9 කට දායකවී ඇත. එහිදී ඔහු උඩ පන්දු 8ක් සහ එක ස්ටම්ප් කිරීමකට දායකවී තිබේ. ආසියානු කුසලාන අවසන් මහ තරග පිලිබඳව තොරතුරු 1984 වසරේදී ආරම්භවූ ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා තරගාවලි 16ක් පවත්වා තිබේ. එම තරගාවලි 16 යෙන් තරගාවලි 8ක අවසන් මහ තරග සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා තිබේ. 1984, 1988, 1991, 1995, 1997, 2004, 2008 සහ 2010 යන වර්ෂයන් හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලාන තරගාවලියන් හි අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා ඇත. ඉන් අවස්ථා පහකදී ඉන්දියාව ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර ශ්‍රී ලංකාව අවස්ථා 03කදි කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. එමෙන්ම මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහ තරගයකදී මුණ ගැසෙන්නේ වසර 13 කට පසුව වීමද විශේෂත්වයකි. |
ආසියානු කුසලානය: අවසන් මහ තරගයට පෙර ඉන්දියාවට අමිහිරි පරාජයක් | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පෙර පැවති සුපිරි සිව් දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ලකුණු 6 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම (සැප්තැම්බර් මස 15 වැනිදා) සමත් විය. තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීය. බංගලාදේශ කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියකදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2012 වසරෙන් පසුවය. එමෙන්ම බංගලාදේශ සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති අවසන් එක්දින තරග 4 අතුරින් තරග තුනක ජයග්‍රහණය බංගලාදේශ කණ්ඩායම තමන් සතුකර ගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය. ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වයි මෙම තරගයට දෙපිලේම ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබුණි. විශේෂයෙන් ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව්, හර්දික් පාන්ඩ්යා සහ මොහොමඩ් සිරාජ් ඒ අතර වූහ. බංගලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම්, ටස්කින් අහමඩ්, හසන් මහමුද්, මොහොමඩ් නයීම් ද මෙම තරගයේදී විවේක ගන්වා තිබූහ. බංගලාදේශ ඉනිමේ ආරම්භය පෙර තරගවලදී මෙන්ම මෙම තරගයේදී ද බංගලාදේශ කාණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් විය. බංගලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළ වූ ලිටන් දාස් ලකුණු නොලබා දැවි ගිය අතර ටන්සිඩ් හසන් ලකුණු 13 කට දැවී ගියේය. අනමුල් හක් ලකුණු 4 කට සහ මෙහෙදි හසන් මීරාස් ලකුණු 13 කට දැවී ගියහ. බංගලාදේශයට ජීවයක් ගෙන ආ නායකත්වයේ ඉනිම බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව පන්දුවාර 14 කදී ලකුණු 59 කට කඩුලු 4ක් ලෙස සටහන් වූ මොහොතේ පිටියට එක්වූ නායක ශකිබ් අල් හසන් සමග එක්වූ තව්හිද් හිර්දෝයි සිය කණ්ඩායම වෙනුවෙන් අගනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය. එහිදී නායක ශකිබ් සහ හිර්දොයි විසින් ඉන්දීය පන්දු යවන්නන් ක්‍රමයෙන් පාලනය කරමින් කඩා වැටීමට ලක්වූ බංගලාදේශ ඉනිම නැවත ගොඩ නගනු ලැබුවේ පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 101ක් රැස් කරමිනි. පන්දු 85 කදී හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 6ක් සමග ලකුණු 80ක් රැස් කර ගෙන සිටි ශකිබ් අල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමට ශාර්දුල් ඨාකුර් සමත් විය. ඉන් පසුව ශම්මි හුසේන්ගේ කඩුල්ල දවා ගැනීමට මොහොමඩ් සාමි සමත් වීමත් සමග බංගලාදේශ ඉනිම දැක්වුණේ පන්දු වාර 34.1 කදී ලකුණු 161 කට කඩුලු 6ක් ලෙසයි. වගකීම කරමතට ගත් පසුපෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන්ගේ බල ඇණිය එල්ල කළ ප්‍රබල තර්ජනය හමුවේ බංගලාදේශ ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණයට පාඩම් උගන්වමින් පසු පෙළ පිතිකරුවන් සිය කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට සමත් විය. තව්හිද් හිර්දොයි පන්දු 81 කදී ලකුණු 54ක්, නසුම් අහම්ඩ් පන්දු 45 කදී ලකුණු 44ක්, මෙහෙදී හසන් නොදැවී පන්දු 23 කදී ලකුණු 29ක් සහ ටන්සිම් හසන් සාකිබ් නොදැවී පන්දු 8 කදී ලකුණු 14ක් රැස් කිරීමට සමත් වූහ. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම විසින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරන ලදි. සාර්ථක නොවූ ඉන්දීය නායකයා ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට පෙර තරගවලදී මෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මෙම තරගයේදී නොහැකි විය. සිය මංගල එක්දින තරගය සඳහා ක්‍රීඩා කළ බංගලාදේශ වේග පන්දු ක්‍රීඩක ටන්සිම් හසන් සකිබ්, ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඉන් පසුව ටන්සිම් හසන් විසින් තිලක් වර්මා ලකුණු 5 කට දවා ගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම අසරණ කරමිනි. ඉන් පසුව පිටියට එක්වූ කේ.එල්. රාහුල් සහ ශුබ්මන් ගිල් ඉන්දීය ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කට ලකුණු 57ක් එක් කිරීමට සමත් වූහ. දඟ පන්දුවට යටවු ඉන්දීය ඉනිම බංගලාදේශ නායක ශකිබ් අල් හසන් ප්‍රමුඛ දඟ පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළේ ඔවුන්ව දැඩි ග්‍රහණයකට නතු කර ගනිමිනි. කේ.එල්. රාහුල් ලකුණු 19 කට සහ ඉෂාන් කිෂන් ලකුණු 5 කට දැවී යාමෙන් පසු ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 23.3 කදී ලකුණු 94 කට කඩුලු 04ක් ලෙසයි. ශුබ්මන් ගිල් ගේ අනගි ඉනිම අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙකා දැවී යන විට සිය කඩුල්ල ආරක්ෂා කර ගත් ශුබ්මන් ගිල් සුර්යකුමාර් යාදෙව් සමග එක්ව ඉන්දීය පිලේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා ගේ සබඳතාවය බිඳ හෙලමින් ශකිබ් අල් හසන් විසින් ලකුණු 26ක් රැස් කර සිටි සුර්යකුමාර් යාදෙව් ගේ කඩුල්ල දවා ගත්තේය. ඉන් පසුව පිටියට පිවිසි රවින්ද්‍ර ජඩේජා ලකුණු 7 කට දැවී ගියේය. ඉන්දීය ඉනිම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ ශුබ්මන් ගිල් සිය එක්දින තරග දිවියේ පස්වන ශතකය රැස් කිරීමට සමත් වුයේ පන්දු 117ක් තුළදීය. හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 8ක් සමගින් පන්දු 133 කදී ලකුණු 121ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට මෙහෙදී හසන් සමත් විය. ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 43.4 කට ලකුණු 209 කට කඩුලු 07ක් ලෙසයි. උණුසුම් වූ අවසානය ශුබ්මන් ගිල්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසී ශ්රාදූල් ඨාකුර් සහ අක්සාර් පටෙල් ක්‍රමයෙන් තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සීමාව සමීපය කරා ඉන්දීය කණ්ඩායම රැගෙන ඒමට කටයුතු කළේ ය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට අවසන් පන්දු වාර 3 තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 31ක් අවශ්‍යව තිබුණි. පන්දු 34 කදී ලකුණු 42ක් රැස් කරමින් අක්සාර් පටෙල් ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට ගෙන ඒමට සමත් විය. කෙසේවෙතත් 49 පන්දු වාරය ක්‍රියාත්මක කළ මුස්ටාෆිසුර් රෙහෙමාන් විසින් ශ්රාදූල් ඨාකුර් සහ අක්සාර් පටෙල් ගේ කඩුලු දෙක දවා ගනු ලැබීය. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට සිය පන්දුවාර 49.5 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 259ක් පමණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින බැවින් මෙම තරගය තරගාවලියේ තීරණාත්මක තරගයක් නොවීය. 2023 ආසියානු කුසාලනයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහ තරගය හෙට පස්වරු 3ට කොළඹදී පැවැත්වීමට නියමිතය. |
ආසියානු කුසලානයේ 'සම්මාන නොලබන තරගාවලියේ වීරයන්' | ආසියානු කුසලාන තරගාවලියේ අවසන් භාගයට මේ වන විට එළඹ තිබේ. මෙම තරගාවලියේ සත්කාරක රට පාකිස්ථානය වුව ද, තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ දී ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පැවැති තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව මැද ක්‍රිකට් තරග පැවැත්වීම අභියෝගයක් වුවත්, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ (ග්‍රවුන්ඩ් ස්ටාෆ්) කැපවීම මත පළමු වටයේ එක් තරගයක් හැර අනෙක් තරග සියල්ල පැවැත්වීමට අවස්ථාව උදාවිය. වර්ෂාව නිසා අතහැරුණු තරග සහ බාධා එල්ලවූ තරග මොනවාද? මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයට මඳ වේලාවක් වර්ෂාවෙන් බාධා එල්ලවිය. මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් හිමිව තිබූ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. අනතුරුව නේපාලය සහ ඉන්දියාව අතර පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය. ආසියානු කුසලාන තරගාවලියේ දෙවන වටයේ දී ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගයට ද, ඊයේ (සැප් 14) ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ලවුණි. වර්ෂාව හේතුවෙන් ඇතැම් තරගවල පන්දුවාර සංඛ්‍යාව සීමා කෙරුණ ද, එම තරග පැවත්වීමට අවස්ථාව උදාවූයේ එම ක්‍රිඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ දැඩි කැපවීම නිසාවෙනි. ඉන්දියාවේ ඇගයීමට පාත්‍රවූ අපේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය අද වන විට, මෙම ක්‍රීඩාංගණවල ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය, ක්‍රීඩකයින්ගේ පමණක් නොව ජාත්‍යන්තර විස්තර විචාරකයින් සහ ක්‍රීඩාලෝලීන්ගේ පවා ඇගයීමට ලක්වී තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුව ද තරගය පැවැත්වීමට හැකි විය. එම තරගයෙන් පාකිස්ථානය පරාජය කරමින් ඉන්දියාව ජයගත් අතර, තරගයෙන් පසු නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි ප්‍රේමදාස ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ස්තුතිය පුද කළහ. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා, "අද මෙම තරගය පවත්වන්න හැකිවුයේ ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය නිසා" යනුවෙන් පැවසුවේ ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙරට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ස්තුතිය පුදකර තිබුණේ මෙසේ ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් ගැන කතාබහක් මේ අතර ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලයට ගෙවන වැටුප් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යයේ කතිකාවතක් ඇතිවිය. ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රෙක්ස් ක්ලේමන්ටන් විසින් X (ට්විටර්) සමාජ මාධ්‍ය අඩවියේ පළකර තිබු සටහනක සඳහන් වූයේ, මෙම ක්‍රීඩාංගණ සේවකයින් සඳහා දිනකට රුපියල් 2,000ක වැටුපක් පමණක් ගෙවන බව ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගුගෙන් කරුණු විමසන ලදී. ක්‍රිඩාංගණවල සේවය කිරීම සඳහා නිත්‍ය සේවකයින් මෙන්ම, තරගාවලි සඳහා කොන්ත්‍රාත් පදනමින් ද සේවකයින් කැඳවීම සිදුකරන බව එහිදී ඔහු පැවසුවේ ය. කොන්ත්‍රාත් පදනමින් කැඳවනු ලබන සේවකයින් සඳහා වැටුප් ගෙවීම සිදුකරන්නේ අදාළ ක්‍රීඩාංගණයන්හි කළමණාකරුවන්බව ද ඔහු පැවසුවේ ය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලයට ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩිපිරිසකගේ අවධානය යොමුවන්නට ප්‍රධාන හේතුවක් වූයේ, මෙම තරගාවලියට රටවල් හයක් ක්‍රීඩා කිරීමබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය. |
නව දූෂණ විරෝධී පනත:ඔබ දැනගත යුතු කරුණු මොනවාද? | නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මකවීමට නියමිතය. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 09 වනදා නිකුත් කළේය. දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙය අතීතයට බලපාන පරිදි ගෙන ආයුතු බවට සහ මෙටරටින් පිට කරන ලද සොරකම් කරන ලද ධනය යලි මෙරටට රැගෙන ඒමට හැකි පරිදි ගෙන ආයුතු බව විපක්ෂය මතුකරන ලද කාරණයකි. දුෂණය පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාව තුළ දැනටත් අණ පනත් තිබියදී නව දුෂණ විරෝධී පනතක් ගෙන ඒමේ අරමුණ කුමක්ද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි. නව පනත සමග අහෝසි වන පනත් තුන ගැන ඔබ දැනුවත් ද ? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දුෂණ විරෝධී පනත් කෙටුම්පත පනතක් ලෙස සම්මත වූ විට මෙරට ක්‍රියාත්මක පනත් තුනක් අහෝසි වන බව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර පැවසුවාය. " අල්ලස් පනත සහ දුෂණ විරෝධී පනත් කෙටුම්පතයි අතර තිබෙන විශේෂම වෙනස්කම තමයි ලංකාවේ අල්ලස සම්බන්ධයෙන් තියෙන නීති බැලුවම අල්ලස් පනත 1954 ආපු, ඊලඟට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත 1994 දී ආපු එක. ඒ වගේම 1975 දී ගෙනාපු වත්කම් සහ බැරකම් නීතියයී." "එතකොට පාර්ලිමේන්තුවේදී දුෂණ විරෝධී පනත පාස් වුනොත් අර පරණ අල්ලස් පනත වගේම අල්ලස් කොමිෂන් සභා පනත යන පනත් දෙක සහ වත්කම් හා බැරකම් කියන නීතිය අහෝසි වෙනවා" "ඒ කියන්නේ වෙන වෙනම තියෙන අර නීති තුන අහෝසි වෙලා ඒ ඔක්කොම එක නීතියක් වෙලා තමයි දුෂණ විරෝධී පනත කියලා එන්නේ." යැයි ඇය සඳහන් කළාය. නව දුෂණ විරෝධී පනතක් කුමටද? දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගෙන එන බවට පසුගිය වසරේදී අධිකරණ අමාත්‍යාංශය අනාවරණය කළේය. "ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් කියලා තියනවා දුෂණ විරෝධී පනතක් ගේන්න ඕන කියලා. ඒකෙ තියෙනවා ස්ට්‍රක්චරල් බෙන්ච් මාර්ක් කියලා දෙක තුනක්. මේ කාලය වෙනකොට මේ දේවල් කරන්න ඕන කියලා. " "ඒකෙන් එකක් තමයි මේ අවුරුද්දේ ජුනි මාසය වෙන කොට ලංකාවේ දුෂණ විරෝධී පනත සම්මත වෙන්න ඕන කියලා. ඒකට හේතුව හැටියට කියලා ඒගොල්ලෝ කියන්නේ දුෂණ සිදුවන දුර්වලතා තියෙන තැන්වලට ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න පුළුවන් කියලයි ඒ පනත ගෙන්න හදන්නේ. ඒ නිසා තමයි මේ වෙද්දී මේ පනත හදිස්සියේම ගේන්නේ. " "නමුත් හදිස්සියේ කියලා කියන්නත් බැහැ මොකද ගිය අවුරුද්දේ ඉදන්ම අපේ ආයතනය වගේම තවත් සිවිල් සංවිධාන කිහිපයක්ම එකතු වෙලා මේකට ඇතුළත් කළ යුතු කරුණු මොනවාද කියලා මහජනතාවගෙන් එහෙම අදහස් අරන් අමාත්‍යාංශයට දුන්නා." "ඒ දුන්න නිර්දේශ, වට කිහිපයකදීම ඇතුලත් කරලා තිබෙන නිසා ගේන නව පනතේ සාධනීය මට්ටමක් තිබෙනවා." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දුෂණ විරෝධී පනතෙන් වැඩි දියුණු කර ඇති නීති මොනවාද ? නව දුෂණ විරෝධී පනත මගින් සෙසු පනත් තුනට සාපේක්ෂව සිදුකර ඇති නීති සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු. "නව පනත මගින් සිදුකර තිබෙන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතර ලිංගික අල්ලස් ගැනීම, පෞද්ගලික ආයතන තුල සිදුවන අල්ලස්, නව පනත යටතේ විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා." "අල්ලසක් කියලා ඒකේ හඳුන්වන්නේ, නිර්වචනය කරන්නේ යම් කිසි තුටු පඬුරක් කියලයි. ඒ කියන්නේ තුටු පඬුරක් කියන එකට මුදලක් වෙන්න පුලුවන්, මොකක් හරි රස්සාවක් වෙන්න පුළුවන්, ඒ වගේම කොන්ත්‍රාත්තුවක් වෙන්න පුලුවන්." "නමුත් මෙච්චර කල් ඒක ඇතුලේ ලිංගික අනුග්‍රහයක් කියන එක හඳුනාගෙන තිබ්බේ නැහැ ලංකාවේ තියන අල්ලස් නීතිය යටතේ." "මේදේ ගොඩක් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තම මොකක් හරි රැකියාවක් දෙන්න ලිංගික අල්ලස් ඉල්ලන එක තියෙනවා හැබැයි ඒක ලංකාවේ අල්ලස් නීතිය යටතේ වරදක් ලෙස තිබ්බේ නැහැ." "අලුත් නිතියෙන් ලිංගික අනුග්‍රහය කියන එක වැරැද්දක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක වැරැද්දක් විදිහට. ඒක ගොඩක් හොඳ වෙනසක්." ලංකාවේ අල්ලස් නීතියේ පෞද්ගලික අංශයේ අල්ලස කියන එක වරදක් ලෙස මෙතරම් කාලයක් ඇතුලත්ව තිබුනේ නැහැ. "මෙපමණ කාලයක් රජයේ ආයතනයක සම්බන්ධව සිද්ධ වෙන සිදුවීම් විතරයි අල්ලස් නීතිය ඇතුලේ අඩංගු වෙලා තිබුනේ." "නමුත් නව නීතියේ යෝජනා කරලා තිබෙනවා පෞද්ගලික අංශයේ කාර්යාල තුල සිදුවන අල්ලස් සිදුවීම් වරදක් ලෙස ඇතුලත් කරන්න." "පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙක් හෝ ඕනෑම මට්ටමක නිලධාරියෙක් අල්ලසක් ගත්තත්, අල්ලසක් පිරිනැමුවත්, ඒ සියල්ලම වැරැද්දක් විදිහට හඳුනා ගෙන තියෙනවා." ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් මෙච්චර කාලයකට සහතික කර තිබුණේ නැහැ. ඒ වගේ දේවල් වුණාම මෙච්චර කල් සෘජුවම අල්ලසක් විදිහට ආවේ නැහැ. ඒකට වෙනම මහන්සිවෙන්න වුණා. "නමුත් අලුත් පනතෙන් ක්‍රීඩාවේ සුපිලිපන්භාවයට හානිකර දෙයක් කලොත් ඒක මේ පනත යටතේ වරදක් වන බවට වෙනම කොටසක් සඳහන් කර තිබෙනවා." "තරග පාවා දීම් වගේ කරුණු ඒක යටතේ සාකච්ජා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා." දැනට පවතින වත්කම් හා බැරකම් නීතියේ අඩංගු කරුණු මොනවාද ? දැනට පවතින වත්කම් හා බැරකම් නීතිය අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නම්, මන්ත්‍රී ධුරය ලබා ගන්නා විට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබා දිය යුතුය. ඉන් පසුව සෑම වසරකම එම මන්ත්‍රීවරයා විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වේ. මෙය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පවා කරනු ලබයි. "ඒ වගේම මැතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වෙන කොට වත්කම් හා බැරකම් ප්‍රකාශනය ලබා දෙන්න ඕන කියලා තියෙනවා. හැබැයි දැනට තියෙන නීතිය අනුව නාම යෝජනා භාරදීලා මාස තුනක් ඇතුලත." ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියාය. "සමහර අපේක්ෂකයින් ඉන්නවා ජන්දයෙන් පරාජය වුනොත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්නෙත් නැහැ. දැනට තියෙන නීතිය අනුව නාම යෝජනා සමග වත්කම් හා බැරකම් ප්‍රකාශනය නොදුන්නොත් කිසිම දඬුවමකුත් නැහැ." "ඒ වගේම දැනට තිබෙන නීතිය අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට වත්කම් හා බැරකම්වලට ප්‍රවේශ වෙන්න තිබෙන ඉඩ අඩුයි." "අපට වත්කම් හා බැරකම් ප්‍රකාශයක් අවශ්‍ය නම් අපි ඒක ඉල්ලන්න ඕන ඒ ප්‍රකාශනය තියෙන ආයතනයෙන්. ඉල්ලලා ඒක එයාලා දෙන්න කැමති වුනොත් රුපියල් 750ක් ගෙවලා තමයි ගන්න ඕන. අර ගත්තට පස්සේ අපිට ඒ ගන්න එක ප්‍රසිද්ධියට පත්කරන්න බැහැ කියලා ඒ නීතියේ තියෙනවා." වත්කම් හා බැරකම් ප්‍රකාශන සම්බන්ධයනේ නව නීතියෙන් වෙනස් වන නව කරුණු මොනවා ද ? නව නීතියෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට රටේ ජනාධිපතිවරයාව ද ඇතුලත් කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන ලදී. " නව නීතියෙන් ජනාධිපතිවරයාවත් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕන කියලා ඇතුලත් කර තිබෙනවා. දැනට පවතින නීතියේ ජනාධිපතිවරයා ඇතුළත් වන්නේ නැහැ. නව නීතියෙන් ජනාධිපතිවරයාත් මේකට ඇතුළත් වෙන්න ඕන කියලා යෝජනා කරලා තියෙනවා." "ඒ වගේම නිලධාරියෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඒ, නිලධාරියෙකුට සිය තනතුර ලද අවස්ථාවෙයි, වාර්ෂිකවයි ඇරෙන්න තව අවස්ථා කිහිපයකදීම." "ඒ අනුව සිය රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී නිලධාරියාට වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ලබා දෙන්න, රැකියාවෙන් ඉවත් වෙලා වසර දෙකකට පස්සේ නැවත වරක් වත්කම් හා බැරකම් ප්‍රකාශනය දෙන්න ඕන." "තව විශේෂත්වයක් තමයි තමන්ගේ වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕන ඒ වටිනාකම පිළිඹිබු වෙන විදිහට." "මැතිවරණ අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා පත්‍රයත් එක්ක වත්කම් හා බැරකම් ප්‍රකාශයක් දෙන්න ඕන කියලා නව නීතියෙන් යෝජනා කර තිබෙනවා." "නව වත්කම් හා බැරකම් ප්‍රකාශනය ඉලෙක්ට්‍රෝනික පද්ධතියකට යොමු කරන්න වගේම නොමිළේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබා දෙන්න කියන යෝජනාවත් ඇතුලත් කර තිබෙනවා." රටින් පිට කළ සොරකම් කළ ධනය නැවත ගෙන ඒමට යෝජිත නව පනතින් ඉඩක් තිබෙනවා ද ? විවිධ අවස්ථාවල දී සොරකම් කර හෝ අපරාධ වලින් ඉපැයූ මුදල් විදෙස් ගතව තබා ඇති බවත් එසේ තිබෙන මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙන් හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් ද අපි විමසා බැලුවෙමු. " රටින් පිට කර තිබෙන, සොරකම් කරන ලද හෝ අපරාධ වලින් උපයා ගත් දේපළ නැවත ගෙන ඒම සම්බන්ධයෙන් වෙනම නීතියක් ගෙන එන්න එකඟ වෙල තිබෙනවා ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක." "ඒ නීතිය 2024 මාර්තු මාසය වෙන කොටා ගෙන එන බවට අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම දුන්නා." "ඒ අනුව ලංකාවෙන් පිටට රැගෙන ගිය සොරකම් කළ හෝ අපරාධ වලින් ඉපැයු වත්කම් නැවත ගෙන ඒම මේ නව දූෂණ විරෝධී පනතට ඇතුල් වෙන්නේ නැහැ." "නමුත් ඒ සම්බන්ධයෙන් වන නීති කෙටුම්පත 2018 වෙද්දී හදලා තිබුණේ. ඒ කෙටුම්පත පදනම් කරගෙන තමයි ඉදිරියේ දී එන්න යන වත්කම් හා අයකිරීම කියන නීතිය හදන්න යන්නේ කියලා අධිකරණ අමාත්‍යාංශයෙන් අපට දැනුම් දීලා තිබෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් ගත කරලා තියෙනවා." යනුවෙන් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාරවරිය බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් පවසා සිටියාය. |
'G77+China' යනු කුමක්ද? | සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවක් වන G77 කණ්ඩායමේ සමුළුව අද සහ හෙට (සැප්තැම්බර් 15 සිට 16 දින) කියුබාවේ හවානාහි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර සමුළුවට සහභාගී වේ. ඒ, ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනේල්ගේ නිල ආරාධනයක් අනුව ය. මෙම රැස්වීම මෙතෙක් ශ්‍රී ලංකාවේ දී පවත්වා නොමැති අතර; ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ද මෙතෙක් දරා නැත. විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය හා සම්බන්ධ සමකාලීන අභියෝගයන් තක්සේරු කිරීමට ත්, විශේෂයෙන්ම අන්තර් දක්ෂිණ සහයෝගීතාවෙන් වඩා ත් යහපත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විසඳුම් සොයා බැලීමට ත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එක්ව කටයුතු කළ හැකි ආකාරය විමසා බැලීමට ත් මෙම සමුළුවෙන් වැඩිදුරටත් අවස්ථාව සැලසෙයි. ඒ අනුව අදාළ ක්ෂේත්‍රයන්හි වැඩිදියුණු කරන ලද සහයෝගීතාවක් ගොඩනැගීම සඳහා දක්ෂිණ රටවලට ප්‍රතිසංස්කරණ සහ නව ප්‍රවේශයන් පිළිබඳ මාර්ගෝපදේශ සපයනු ලබන ‘හවානා ප්‍රකාශය’ ද රාජ්‍ය නායකයන් විසින් සම්මත කර ගනු ලැබීමට නියමිත ය. 77 කණ්ඩායම යනු කුමක් ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වන G77, 1964 වසරේ ජූනි මස 15 වන දින ස්ථාපනය කෙරිණි. ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මේලනයෙන් (UNCTAD) පසුව "සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ඒකාබද්ධ ප්‍රකාශනය" නිකුත් කරමින් එය පිහිටුවනු ලැබුණි. මෙහි පළමු අමාත්‍යවරුන්ගේ රැස්වීම 1967 වසරේ ඔක්තෝබර් මාසයේ ඇල්ජීරියාවේ දී පැවැත්විණි. මූලිකව ඒකාබද්ධ වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් හේතුවෙන් එය '77 කණ්ඩායම' යනුවෙන් නම් කරනු ලැබූ අතර, මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 134කි. සාමාජික රටවල් සංඛ්‍යාව වැඩි වුව ද, ඓතිහාසික වැදගත්කම හේතුවෙන් එම සංවිධානයේ නම G77 යනුවෙන් ම ව්‍යවහාර කෙරේ. ආරම්භයේ සිටි සාමාජික රටවල් 77න් දැන් ඉතිරිව සිටින්නේ රටවල් 74කි. තවත් රටවල් 60ක් වරින් වර ඊට එක්ව ඇත. ඉවත්වූ රටවල් ආරම්භක රටවල් හතරක් සහ පසුව එක්වූ රටවල් අටක් වරින් වර මෙම කණ්ඩායමේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. නවසීලන්තය: 1963 වසරේ දී මෙම කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ අතර 1964 පළමු රැස්වීමට පෙර කණ්ඩායමෙන් ඉවත් විය. මෙක්සිකෝව: 77 කණ්ඩායමේ ආරම්භක සාමාජික රටක් වූ මෙය 1994 වසරේ දී ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ (OECD) සාමාජිකත්වය ගැනීමෙන් පසු ඉවත් විය. දකුණු කොරියාව: ආරම්භක සාමාජික රටක් වූ අතර 1996 වසරේ දී ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ඉවත් විය. යුගෝස්ලාවියාව: ආරම්භක සාමාජික රටක් වූ මෙය පසුව ඉන් ඉවත් විය. සයිප්‍රසය: ආරම්භක සාමාජික රටක් වුව ද, 2004 වසරේ දී යුරෝපා සංගමයට එක්වීමෙන් පසු සාමාජික රටවල් ලැයිස්තුවෙන් ඉවත් කෙරිණි. මෝල්ටාව: 1976 වසරේ දී 77 කණ්ඩායමට ඇතුළත් කෙරුණු ද 2004 වසරේ දී යුරෝපා සංගමයට එක්වීමෙන් පසු සාමාජිකත්වයෙන් ඉවත් විය. පලාවු: 2002 වසරේ දී සාමාජිකත්වය ගත් මෙම දූපත් රාජ්‍යය 2004 වසරේ දී ඉවත් විය. රුමේනියාව: 1976 වසරේ දී සාමාජිකත්වය ලැබූව ද යුරෝපා සංගමයේ සාමාජිකත්වය හිමි වීමෙන් පසු 77 කණ්ඩායමෙන් ඉවත් විය. චීනයට වෙන ම පිළිගැනීමක් ඇයි? වාර්ෂිකව පැවැත්වෙන මෙම රැස්වීම 'G77+China' ලෙස හඳුන්වන්නේ, චීනය මෙම කණ්ඩායමට දේශපාලනිකව සහ මූල්‍යමය වශයෙන් සහයෝගය දුන්න ද සාමාජික රටක් නොවීම හේතුවෙනි. ඊට අමතරව, මෙම කණ්ඩායමේ සම්බන්ධතා කාර්යාල කිහිපයක් ලොව පුරා රටවල් කිහිපයක පිහිටුවා ඇත. ඒ, ස්විට්සර්ලන්තය (UNCTAD), කෙන්යාව (UNEP), ප්‍රංශය (UNESCO), ඉතාලිය (FAO/IFAD), ඔස්ට්‍රියාව (UNIDO), අමෙරිකාව (G-24) යන රටවල පිහිටි සංවිධාන හරහා ය. G77 අයත් නොවන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව සමග සැසඳීමේ දී, ඉන් තුනෙන් දෙකක් පමණ රටවල් සංඛ්‍යාවක් 77 කණ්ඩායම නියෝජනය කරයි. G77 සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් ද? G77 සමුළුව ශ්‍රී ලංකාවට කෙසේ වැදගත් වන්නේ ද යන්න පිළිබඳව අපි රජරට විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලමගෙන් විමසා බැලීමු. "ශ්‍රී ලංකාව ඉන්න ආර්ථික මට්ටම අනුව මෙවැනි ඕනෑ ම රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් අතිශයින් වැදගත් වෙනවා. මොක ද සංචාරක කර්මාන්තය, විදේශ සේවා නියුක්තිය සහ විදේශ ආයෝජන මත යැපෙන ආර්ථිකයක් සහිත රටකට විදේශ සබඳතා අතිශයින් වැදගත්. සෑම සමුළුවකින් ම කෙරෙන්නේ විදේශ සබඳතා වැඩි දියුණු වෙන එක. ඒ නිසා මේක ත් වැදගත් සමුළුවක් ශ්‍රී ලංකාවට," මහාචාර්යවරිය පැවසුවා ය. වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන හතරක ආදායමක් පැවති සංචාරක කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියනයක් දක්වා පහත වැටී ඇති බව පෙන්වා දුන් ඇය, ඊට අමතරව විදේශ සේවා නියුක්තිය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.8ක් ලෙස පහත වැටී ඇතිබව ද පැවසුවා ය. "මෙවැනි හැකිළුණු ආර්ථිකයක් තියෙන අවස්ථාවක විදේශ සබඳතා ආරක්ෂාකර ගන්න එක ත්, වැඩි දියුණුකර ගන්න එක ත් ගොඩක් වටිනවා. "පරම්පරා ගණනක ඉඳන් අපි තාම ත් ඉන්නේ 'සංවර්ධනය වෙමින් පවතින' රටවල කුලකයේ. ඒකෙන් ගොඩ එන්න නම් සෑහෙන කාලයක් යයි. මොන සමුළුවට ගිය ත් ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගෙන රට සංවර්ධනය කරා ගෙන යන්න වැඩපිළිවෙළක් තිබිය යුතු යි," මහාචාර්ය බුලංකුලම වැඩිදුරට ත් පැවසීය. |
ශ්‍රී ලංකාවේ ජය සහ පකිස්ථානයේ පරාජය අවසන් පන්දුවෙන් තීරණය වු තියුණු සටන | ඉතා තියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (සැප්තැම්බර් 15 වැනිදා) සමත් විය. ඒ, සුපිරි සිව්දෙනාගේ වටයේ පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු 2 කින් ජය ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව 12 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගය සඳහා ලබන 17 වැනිදා කොළඹදී තරග වදිනු ඇත. කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. වර්ෂාව හේතුවෙන් තරගය පන්දු වාර 42කට සීමා කරන ලදී. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි. ඒ අනුව දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා තිබුණි. සාර්ථක නොවූ ආරම්භය පකිස්ථාන කණ්ඩායමට තරගයේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවුයේ නැත. ඒ ප්‍රමෝද් මධුෂාන් විසින් තරගයේ 04 වන පන්දු වාරයේදී ෆාකර් සමාන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගය. ඉන් පසුව පිටියට පිවිසි බාබර් අසාම් සහ අබ්දුල්ලා ෂෆීක් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ. දුනිත් වෙල්ලාලගේ තරගයේ 16 වන පන්දු වාරයේදී පකිස්ථාන නායක බාබර් අසාම් ලකුණු 29 කට දවා ගැනීමට සමත් විය. පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් පන්දු 69 කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය. මේ අතර තරගයේ 24 වන පන්දු වාරයේදී ලකුණු 3ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් හැරිස් ගේ කඩුල්ල දවා ගැනීමට මතිෂ පතිරණට හැකිවිය. තරගයේ 28 පන්දු වාරයේ දී මහිෂ් තීක්ෂණ විසින් ලකුණු 12ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් නවාස් ගේ කඩුල්ල දවා ගනු ලැබුවේය. ඒ වන විට පකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 130කට කඩුලු 05ක් ලෙසය. තරගයේ 28 වන පන්දු වාරයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පකිස්ථානයට වාසියක් වූ වර්ෂාව පැයක පමණ කාලයක් පැවති වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඊට පෙර තණ නිල්ලෙන් ලැබුණු සහයෝගය අවම විය. ඒ සමග ක්‍රියාත්මක වූ මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 108ක් එක් කිරීමට සමත් වුයේ එතෙක් පකිස්ථානය මත තිබු පීඩනය ශ්‍රී ලංකාව වෙත හරවමින්ය. 41 වන පන්දු වාරයේ දී මතිෂ පතිරණ විසින් පන්දු 40 කට ලකුණු 47ක් රැස් කළ ඉෆ්තිකාර් අහමඩ් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඉන් පසුව ප්‍රමෝද් මධුෂාන් විසින් ෂදාබ් ඛාන් ගේ කඩුල්ල දවා ගනු ලැබිය. පකිස්ථාන ඉනිමේ වගකීමට උර දුන් මොහොමඩ් රිස්වාන් පන්දු 73 කදී හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් සමග නොදැවී ලකුණු 86ක් රැස් කළේ ය. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 42ක අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 252ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 03ක්, ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02ක් , දුනිත් වෙල්ලාලගේ සහ මහිෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබිය. ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු වාර 42 කදී ලකුණු 252ක ඉලක්කයක් හිමිවිය. කලකට පසු පිටියට පිවිසි කුසල් ලකුණු 252ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පකිස්ථානයේ පන්දු යවන්නට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදී. කලකට පසුව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 08 කදී ලකුණු 17ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 04ක් ඇතුලත් වීය. ශ්‍රී ලංකා ඉනිමේ 04 වන පන්දු වාරයේදී ඉක්මන් ලකුණක් කරා දිව යාමට ගොස් අවාසනාවන්ත ලෙස කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියේය. පැතුම් සහ මෙන්ඩිස්ගේ සබඳතාවය කුසල් ජනිත් පෙරේරාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සමග එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඛණ්ඩව රඳවා ගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57ක සබඳතාවයක් පැවැත්විය. පැතුම් නිශ්ශංක පන්දු 44 කදී ලකුණු 29ක් රැස් කරමින් සිටියදී දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු දෙකට ලකුණු 77ක් ලෙසය. ශ්‍රී ලංකා ඉනිමට ජීවය දුන් මෙන්ඩිස් සහ සදීර පැතුම් නිශ්ශංක ගේ දැවි යාමෙන් පසු කුසල් මෙන්ඩිස් සමග පිටියට එක්වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙ මාවත එලි කිරීමට සමත් වූහ. කුසල් සහ සදීර විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 100ක සම්බන්ධතාවයක් එක් කිරීමට විය. පකිස්ථාන දඟ පන්දු යවන්නන් සහ වේග පන්දු යවන්නට එරෙහිව සාර්ථක පිති හරඹයක නිරත වූ සදීර සහ කුසල් පන්දු වාරයක සඳහා අවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට සමත් වූහ. කෙසේවුවත් ශ්‍රී ලංකා ඉනිමේ 30 වන පන්දු වාරයේදී ලකුණු 48ක් ලබා ගෙන සිටි සදිර සමරවික්‍රම දවා ගැනීමට ඉෆ්තිකාර් අහමඩ් සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 177ක් ලෙසය. නැවතත් ශතක සිහිනය බොදවූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වගකීම කර මතට ගෙන පිතිකරණයේ යෙදුණු කුසල් මෙන්ඩිස් පන්දු 87 කදී ලකුණු 91ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමට ඉෆ්තිකාර් අහමඩ් සමත් විය. කුසල් මෙන්ඩිස් මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ලකුණු 90 සීමාවේදී දැවී ගිය දෙවන අවස්ථාව මෙය විය. කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු නායක දසුන් ශානක ලකුණු දෙකකට දැවී ගියේ ය. ක්‍රීඩා ලෝලීන්ගේ පීඩනය තිව්‍ර කළ අවසන් පන්දුව තරගයේ 41 වන පන්දු වාරයේදී ෂහින් අෆ්රිඩි විසින් ධනංජය සිල්වා සහ දුනීත් වෙල්ලාලගේ ගේ කඩුලු දෙක පිට පිට දවා ගනු ලැබුවේය. තරගයේ අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබුණේ ය. චරිත් අසලංක නොදැවී ලකුණු 49ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය. |
පාස්කු ඉරිදා ප්‍රහාරය: විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයේදී කිව්වේ කුමක්ද? | පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පුළුල් හා පූර්ණ විමර්ශනයක් පවත්වා ඇතැයි, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අමතමින් පැවසුවාය. සැසිවාරය අමතමින් (සැප්තැම්බර් 13 වැනිදා) ඇය මේබව කියා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනි. ශ්‍රී ලංකා තානාපතිවරියා කියා සිටියේ ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඔවුන්ගේ විශ්ලේෂණයේදී පක්ෂග්‍රාහී මූලාශ්‍රවලින් වැරදි සහ තහවුරු නොකළ තොරතුරු භාවිතා කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවය. ශ්‍රී ලංකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දිගින් දිගටම දන්වා ඇති පරිදි, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ජනාධිපති විමර්ශන කොමිසමකින් ඇතුළුව පුළුල් හා පූර්ණ විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ඇය පැවසුවාය. රජයේ බලධාරීන් කරන ලද පරීක්ෂණ සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, එක්සත් ජනපදයේ FBI සහ INTERPOL ඇතුළු ජාත්‍යන්තර වෘත්තීය ආයතනවල සහාය ලැබුණු බවද හිමාලි අරුණතිලක සඳහන් කළාය. 2023 අප්‍රේල් වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 79 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. ශ්‍රී ලංකා තානාපතිවරිය පෙන්වා දුන්නේ, 2023 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ධුරයේ සිටි ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමවල තීන්දුව ද ප්‍රකාශයට පත් කර ඇති බවයි. මීට අමතරව, මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් පසුව මතු වූ ගැටළු විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇති අතර අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයිද තානාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සහයෙන් ස්වාධීන විමර්ශනයක් ඇරඹීමට නිර්දේශ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම්, ස්වාධීන සහ විනිවිද භාවයෙන් යුත් විමර්ශනයක් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට නැවත වරක් නිර්දේශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසි වාරයේ ආරම්භක සැසිය අමතමින් නියෝජ්‍ය මහ කොමසාරිස් නඩා අල් නෂිෆ් (සැප්තැම්බර් 11 වැනිදා) මේ බව අනාවරණය කළාය. ඇය කියා සිටියේ මානව හිමිකම් කඩකිරීම් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධි සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙස, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව රජයට නිර්දේශ කර සිටින බවය. ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වගවීම කේන්ද්‍රීය වන බවද ඇය පැවසුවාය. අතීත මානව හිමකම් උල්ලංඝන සිදුවීම් පිළිගෙන විශ්වාසනීය වගවීමේ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ වගකීමක් බවත්, වගවීම ඉදිරියට ගෙන යාමේදී මානව හිමිකම් කවුන්සිලයට සහ සාමාජික රටවලට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පැවසුවාය. ආර්ථික අර්බුදයෙන් මානව හිම්කම්වලට වන බලපෑම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් චර්ක් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආර්ථික අර්බුදය සහ ගෝලීය ආර්ථිකය මත ඇතිවූ පුළුල් ආතතීන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වා ගෙන යාමේ හැකියාවට දිගින් දිගටම බලපෑ අතර එය විශාල සහ තියුණු ලෙස වැඩිවන දුප්පත් ජනතාවට විනාශ කාරී බලපෑමක් ඇති කළ බවය. අර්බුදය හේතුවෙන් 2021 සහ 2022 වසරවල දිලිඳු ප්‍රතිශය 13% සිට 25% දක්වා දෙගුණ වී ඇතැයි, ලෝක බැංකු ඇස්තමේන්තු උපුටා දක්වමින් මහකොමසාරිස්වරයාගේ වාර්තාව අනාවරණය කළේය. ඊට අලුතින් එක්ව ඇති පිරිස මිලියන 2.5කි. 2023 වසරේදී දිලිඳු ප්‍රතිශතය 27.4 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළද එය 25% ඉක්මවනු ඇතැයි වාර්තාවේ දැක්වෙයි. එහි සඳහන් වන්නේ ආහාර අනාරක්ෂිත බව මානව හිමිකම් භූක්තිවිදීමට ප්‍රධාන බාධාවක් බවය. සෞඛ්‍යයට ඇති අයිතියටද ආහාර අනාරක්ෂිතභාවය බලපෑ බව මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන්ය. ළමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටිමේ අවදානම ද ඉහල ගොස් ඇති පෙන්වා දෙන වාර්තාව අනාවරණය කර සිටින්නේ සාමාන්‍යයෙන් ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් විමේ අවදානම ඉහළ ගොස් ඇති බවය. කාන්තාවන්ට රැකියා අහිමි විමෙන් සමාජ ආරක්ෂණය අඩු විමේ අවදානමට ලක් විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් වගවීම පිළිබඳ අඩු ලුහුඬුකම් ඇති බවය. “යුද අපරාධ වේවා, වඩාත් මෑත කාලීන මානව හිමිකම් උල්ලංඝන, දූෂණ හෝ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ වගවීමේ අඩුලුහුඬුකම් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට නම් එය ආමන්ත්‍රණය කළ යුතු” යැයි මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි. “මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරුවූවන් සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ එවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික කිරීමට ගනු ලබන පියවර පිලිබඳ දිගටම බලා සිටිනවා” යැයි මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ සදහන් වේ. ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය අවසන් වී වසර 14ක් ගතවී ඇතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල දස දහස් ගණනක් සත්‍යය, යුක්තිය සහ විසඳුම් සෙවීමේ වේදනාව අත්විඳිමින් සිටින බවය. සත්‍ය හා සංහිඳියා කොමිසමට වින්දිතයන්ද එකතු කරගන්නා ලෙස ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. සත්‍ය සෙවීමේ ක්‍රියාවලිය, වින්දිතයින් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් විශ්වාස කළ යුතු බවත්, එය සත්‍ය තොරතුරු විමසීම තුළින් ආරම්භ වන බවත් පවසන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා "එය සිදු විය යුත්තේ වින්දිතයින්ට පළිගැනීම්වලට බිය නොවී කටයුතු කිරීමට නිදහස ඇති පරිසරයක පමණක් නොව, ඔවුන්ගේ අර්ථවත් සහභාගීත්වයට ඉඩ සලසන තත්වයන් තුළ" යැයි සිය වාර්තාවෙන් පෙන්වා දෙයි. “සත්‍යය සෙවීම පමණක් ප්‍රමාණවත් නැහැ. වගවීම සඳහා පැහැදිලි කැපවීමක් මෙන්ම දීර්ඝ කාලීන වෙනසක් ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අභිලාෂයක් ද තිබිය යුතුය, ”චර්ක් පැවසීය. විකාශන අධිකාරී පනත ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත පිළිබදව ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් අවදානය යොමු කර ඇත. විකාශන නියාමන අධිකාරී පනතේ ස්වාධීනත්වය පිළිබදව ගැටලු මතුකරන බව වාර්තාවේ සදහන්ය. එම පනත මගින් ස්ථාපනය කිරීමට යෝජිත කොමිසමට රජයේ නියෝජිතයින් පස් දෙනෙකු පමණක් පත් කිරීම නිසා එහි ස්වාධීනත්වයක් නොමැති බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත. විකාශන නියාමන අධිකාරී පනත හරහා ප්‍රකාශනයේ නිදහසට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, මෙය ත්‍රස්තවාදය වැළැක්විමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත මෙන් ජනතාව මර්දනයට යොදා ගනිවි දැයි සැක මතු කර තිබේ. ත්‍රස්තවාදය යන්න හැඳින්වීම හරහා භාෂණයේ නිදහසට බාධා එල්ල කිරිමේ හැකියාව තවමත් එම පනතේ සඳහන් බවද මහ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් පෙන්වා දෙයි. |
දුනිත් වෙල්ලාලගේ: 'මුලින්ම මගේ අතට බැට් එකයි බෝලෙයි දුන්නේ මගේ අම්මා' | ඉන්දියාව සමග පැවති ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය ලැබුව ද, අද වන විට මෙරට ක්‍රිකට්ලෝලීන් අතර පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් අතර පවා එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ගැන වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ, මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ, තවමත් 20 හැවිරිදි වියේ පසුවන දුනිත් වෙල්ලාලගේ ගැන ය. ඉකුත් දා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති ශ්‍රී ලංකා තරගයේ දී දුනීත් වෙල්ලාලගේ පන්දුවෙන්, පිත්තෙන් හා පන්දු රැකීමෙන් දැක්වූ දස්කම් නිසා ඔහු මෙසේ අවධානයට පාත්‍ර වී සිටියි. කවුද මේ දුනිත් වෙල්ලාලගේ? 2003 වසරේ ජනවාරි මස නවවැනිදා මෙලොව එළිය දකින දුනිත් නෙත්මික වෙල්ලාලගේ, මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් ඔහුගේ මූලික අධ්‍යාපනය හැදෑරීය. ඔහු වයස අවුරුදු නවයක් වන විට විදුහලේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් සඳහා යොමුවිය. 2013 වසරේ දී ඔහු ශාන්ත සෙබස්තියන් විදුහලේ 13න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීය. විදුහල වෙනුවෙන් පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වන දුනිත්ට 2016 වසරේ අගභාගයේ දී මරදානේ සාන්ත ජෝසප් විදුහලට ඇතුළුවීමට අවස්ථාව උදාවිය. එම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන දුනිත්, 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගනු ලැබීය. ඒ, එම කණ්ඩායමේ නායකයා ලෙස ය. ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වූ දක්ෂතා 2019 වසරේ දී, අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ ය. ඔහු තරග හයක දී කඩුලු 17ක් දවාගත්තේ ය. එම තරගාවලියේ දී ඔහු ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහි තරගවල දී කඩුලු පහ බැගින් දවාගැනීමට සමත්විය. පිත්තෙන් ද දස්කම් දැක්වූ දුනිත් ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 264ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා ද වෙමිනි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔහු රැස් කළ ලකුණු 113 වාර්තා පොතට එක්වූයේ, ඔහු අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත් කරමිනි. 'මේ නම ගැන මතකයේ තබා ගන්න - ඔහු ලංකාවේ නායකයෙක්' අවුරුදු 19න් පහළ අර්ධ අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ශතකය සහ එම තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද අවධානය දිනා ගැනීමට සමත්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ කාලෝස් බ්‍රැත්වේට්, දුනිත් සම්බන්ධයෙන් එහිදී මෙසේ අදහස් දැක්වීය: "ඔහුගේ නම මතකයේ තබා ගන්න. ඔහු තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ ඇයි කියා ඔබටම පෙනෙනු ඇති." එමෙන්ම දුනිත් අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු බවට පත්වනු ඇති බවත්, ඔහු ක්‍රීඩා කරන විලාසය සහ ඉනිම ගොඩනගන අයුරු දුටු විට එම ශෛලිය ඔහු තුළම ලියැවී ඇති ආකාරයක් පෙනෙන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඇලන් විල්කින්ස් ප්‍රකාශ කර තිබුණේ ය. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ්, දුනිත් උපක්‍රමශීලි ක්‍රීඩකයෙකු බව පවසා තිබුණි. "උපක්‍රමශීලීව ඔහු දක්ෂයි. ඔහු තම පිටිය වටේ පන්දු රකින්නන් හසුරුවන ආකාරය, ඔහු නිතරම උත්සාහ කරන්නේ කඩුලු දවා ගෙන ආක්‍රමණශීලී අයුරින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට. මේවා ඇත්තටම ඔබව ශූරයෙකු බවට පත් කරන අතර එය කණ්ඩායමට සම්පතක්," ආර්නල්ඩ් එහිදී පවසා තිබුණි. එම ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉකුත් වසරේ මැයි මාසයේ දී එංගලන්තයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීමේ අවස්ථාව දුනිත්ට උදාවිය. අනතුරුව ජූනි මාසයේ දී ඕස්ට්‍රේලියානු "ඒ" කණ්ඩායම සමග වූ තරග සංචාරය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට දුනිත් නම් කෙරුණි. ඕස්ට්‍රේලියානුවන් විමතියට පත් කළ වෙල්ලාලගේ ඔහුගේ මංගල එක්දින තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වීමට දුනිත් සමත්විය. ඔහු කඩුලු දඩයම අරඹනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවෙකු වූ ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවාගනිමින් වීම විශේෂත්වයකි. දුනිත් ඔහුගේ මංගල එක්දින තරගයේ දී පන්දු යැවීමෙන් කඩුලු දෙකක් සහ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් විය. ඔහු තරග පහක දී කඩුලු නවයක් දවා ගනු ලැබුවේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වෙමිනි. දුනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ද හිමිකර ගනු ලැබුවේ ය. ඒ පාකිස්ථානයට එරෙහිව ය. 'මට මුලින්ම බැට් එකයි බෝලෙයි අතට දුන්න අම්මා - තාත්තා මට ලොකු හයියක්' වරක් දුනිත් වෙල්ලාලගේ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්, ඔහු පැමිණියේ ඉක්මන් ගමනක් නොව පියවරෙන් පියවර පැමිණි ගමනක් බව පැවසීය. එම ගමනේ දී ඔහුට පුහුණුව දුන් සෑම පුහුණුකරුවෙකු මෙන්ම, ඔහු වෙත පන්දුවක් හෝ යැවූ සෑම කෙනෙකුටම ස්තුතියිවන්ත වන බව ද ඔහු පැවසුවේ ය. දුනිත්ගේ පියාවන සුරංග නිරෝෂන් වෙල්ලාලගේ ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. ඔහු 1993 වසරේ දී මොරටුව වේල්ස් කුමාර විදුහල් ක්‍රිකට් කණ්ඩායම නායකයා ලෙස කටයුතු කර ඇත. ඔහුගේ ක්‍රිකට් ගමනට පියාගෙන් ලැබෙන ගුරුහරුකම් හා මඟපෙන්වීම ඉතා වැදගත් බව පැවසූ දුනිත්, ක්‍රිකට් පිත්ත සහ පන්දුව ඔහු අතට ලබා දුන්නේ මව බව ද එම සාකච්ජාවේ දී පවසා සිටියේ ය. දුනිත් වෙල්ලාලගේ පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට බාල සොහොයුරන් දෙදෙනෙකු ද සිටියි. ඉන්දියාවට එරෙහිව අඟහරුවාදා තරගයේ දී දුනිත් තැබූ වාර්තාව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරගයක දී කඩුලු පහක් දවාගනු ලැබූ ලාබාලතම පන්දු යවන්නා බවට දුනිත් වෙල්ලාලගේ පෙරේදා (සැප් 12) වාර්තා පොතට එක්විය. දුනිත් ඉන්දියාවට එරෙහිව ලකුණු 40කට කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වේ. එමෙන්ම ඔහු පන්දු 46ක දී නොදැවී ලකුණු 42ක් රැස් කිරිමට සමත්විය. IPL කණ්ඩායම් රැසක් දුනිත් ගැන අවධානය යොමු කරයි ඉන්දියාවට එරෙහි තරගයේ දී දුනිත් වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා නිසා ඉන්දීය මාධ්‍ය මෙන්ම IPL තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් කිහිපයකම ද අවධානය ඔහු වෙත යොමුවී තිබේ. මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්, රාජස්ථාන් රෝයල්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක් දුනිත්ගේ දක්ෂතා ගැන අදහස් දක්වා තිබුණේ මෙසේ ය: මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 3 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දවාගත් වටිනාම කඩුල්ල ගැන දුනිත් කියූ දේ ඉන්දියාව සමග පැවති තරගයේ දී දුනිත් ශුබ්මන් ගිල්, රෝහිත් ෂර්මා, විරාත් කෝලි, හර්දික් පාන්ඩ්යා සහ කේ.එල්. රාහුල්ගේ කඩුලු දවා ගැනීමට සමත්විය. තරගයේ දී දවා ගනු ලැබූ වටිනාම කඩුල්ල කුමක්දැ යි ක්‍රීඩා විස්තර විචාරකයෙකු විමසූ විට, විරාත් කෝලීගේ කඩුල්ල දවා ගැනීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් බව ඔහු පැවසුවේ ය. ඉදිරි දශකයේ වටිනාම ක්‍රීඩකයා ඔහු යි මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින්, දුනිත් ඉදිරි දශකයේ දී මෙරට වෙනුවෙන් එක්දින තරගවලදී වැදගත්ම ක්‍රීඩකයා වනු ඇති බව ප්‍රකාශ කර තිබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 4 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර ඉන්දීය පිලේ දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින් ද දුනිත් පිලිබඳ සමාජ මාධ්‍ය සටහනක් තබමින් මෙසේ පැවසීය: "මට දුනිත් වෙල්ලාලගේ ගැන පවසන්න දෙයක් නැහැ. මම ඔහුගේ රසිකයෙක් බවට පත්ව හමාරයි." මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 5 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත |
බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ? | රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව පසු කර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව අනුව එම අගය 8.2% දක්වා පහත වැටී තිබේ. 2022 වසරේ දී ශ්‍රී ලංකා රජයේ ආදායම ගෝලීය වශයෙන් ද අවම අගයක් වූ අතර රටවල් 193ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 190 වැනි ස්ථානය බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාවේ දැක්වේ. 2023 වර්ෂයේ අපේක්ෂිත රජයේ ආදායමෙන් 91%ක් බදු අදායමෙන් සමන්විත වේ. එහෙත් වසරේ මුල් මාස හය තුළ අපේක්ෂිත බදු අදායම් එකතු කිරීමට ප්‍රධාන ආයතන තුනම අසමත් වී තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව 42%ක් ද රේගුව 33% ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව 41%ක් පමණක් සිය ඉලක්කයන් සපුරා ඇත. 2022 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණය (දඩ සහ පොලිය සමග) රුපියල් බිලියන 904කි. 2023 ජුනි 30 වැනි දිනට ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.71කි. 2023 ජුනි 30 දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ එකතු කිරීමට ඇති හිඟ බදු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 6 කි. ''දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල ආසන්න වශයෙන් රාජ්‍ය සේවකයින් දාහතර ලක්ෂයකට වැටුප් ගෙවීමට යන මුදලක්. අපි දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුවා කවුද මේ පොලු තියපු කට්ටිය බලන්න ඒ ලැයිස්තුව දෙන්න කියලා. නොයෙක් හේතු කියමින් අද මේ වෙනකන් ඒක ලබා දීලා නැති බව කණගාටුවෙන් කියන්න වෙනවා. ඒ වගේම නව බදු ප්‍රතිපත්තිය යටතේ ලක්ෂ 15ක පමණ බදු ගොනු විවෘත කරන්න වෙනවා. නමුත් දැන් ඒ අයට ටැක්ස් ෆයිල් එකක් අරින්න යන කාලය අනුව මේ වැඩේට දශක දෙකක කාලයක් යනවා'' යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක BBC සිංහල සේවයට පැවසුවේය. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 යටතේ, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවක් ලෙස පිහිටුවන ලද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන්ට ඕනෑම වාර්තාවක් කැඳවීමටත්, ඕනෑම ආයතනයකට ගොස් නිරීක්ෂණය කිරීමටත් බලය පවරා තිබේ. ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවරී ඇති වගකීම වන්නේ රජයේ ආදායම වැඩි කිරීමට අදාළ කටයුතු විමර්ශනය කර ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම, රජයේ සමාජ සුබ සාධන කටයුතු සහ හදිසි ආපදා සහන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලා අවශ්‍ය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ යටතේ ඔවුන් සිය පළමු වාර්තාව මගින් පහත සඳහන් කරුණු පෙන්වා දී තිබේ. '45%ක් බදු දැලට අහුවෙන්නේ නැහැ. ෆේස් බුක්, යූ ටියුබ් වලිනුත් බදු ගන්න ඕනා.' ශ්‍රී ලංකාවේ මුළු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 3%කි. නමුත් රටේ මූල්‍ය ක්‍රියාවලියට යටත් නොවන, අවිධිමත් අංශය (බැංකු ප්‍රකාශන, රිසිට්පත් ආදිය නොමැතිව ගනුදෙනු කරන පිරිස) 45%ක් බවට හඳුනාගෙන ඇත. ඔවුන් බදු ක්‍රමයට ඇතුළත් කර ගතයුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ. ''ඒ වගේම අපි දැකපු තව වැදගත් දෙයක් තමයි ඩිජිටල් සේවා මත බදු අය කරන්න ලෝකයේ ගිවිසුමක් අත්සන් නොකළ රටවල් හයෙන් එකක් ශ්‍රී ලංකාව. උදාහරණයක් ලෙස ඌබර් එකයි පික්මී එකයි ගත්තොත්, පික්මී එකෙන් බදු අය කර ගත්තාට ඌබර් එකෙන් බදු අය කරගන්න බෑ අපිට. ෆේස් බුක්, යූ ටියුබ් මේ කිසිවකින් අපිට බදු අය කරගන්න බෑ. නමුත් අපේ අල්ලපු රට ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල් ඒ බදු අයකර ගැනීම කරනවා. අපි ඇතුළු රටවල් හයයි ඒක නොකරන්නේ. අපි පැහැදිළිව පෙන්නලා තියෙනවා අනිවාර්යෙන් ඒ ගිවිසුමට ඇතුලත් වෙලා ඒ මත කටයුතු කරන්න ඕනා කියලා.'' යනුවෙන් පාඨලී චම්පික රණවක සඳහන් කළේය. විදේශ වෙළදාමේ දී වැරදි ලෙස ඉන්වොයිස් සකස් කිරීමෙන් බදු මග හැරීම සහ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවීමෙන් තොරව වෙනත් රටවල තැන්පත් කිරීම මගින්ව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුදලක් ශ්‍රී ලංකා රජයට අහිමි වීම ගැන ද අදාළ වාර්තාවෙන් අවධානය යොමු කර ඇත. 2009 දී බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 60 : 40 අගයට ගෙන ආ යුතුය. එහෙත් දැනට ලංකාවේ බදු ආදයම් රැස් කිරීමේ දී ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය 20 : 80 වේ. මත්පැන් බෝතලයට QR එකක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා 23ක් ඇති අතර සුරා බදු ආදායමෙන් 73% ක් ලැබෙන්නේ ප්‍රධාන සමාගම් දෙකක් මගිනි. බදු වංචා අවම කර ගැනීම සඳහා මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත බදු මුද්‍රා සහිත ස්ටිකරය ඇලවිය යුතුය. එහෙත් මෙම ස්ටිකරය අලවනු ලබන්නේ මත්පැන් නිෂ්පාදන ආයතන 21ක් පමණි. ප්‍රධාන සමාගම් දෙක 'එම්බ්ලම්' ලෙස හඳුන්වන වෙනම ක්‍රමයක් භාවිත කරන අතර එය හඳුනාගත හැක්කේ 'UV ලයිට් එකක' ආධාරයෙනි. එබැවින් බදු වංචා අවම කර ගැනීම සඳහා සියලු සමාගම් එක පොදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නියෝග කර තිබේ. එම ලාංඡනය සහිත මත්පැන් බෝතලයක් නිකුත් කළ සැනින් අදාළ බදු මුදල මහා භාණ්ඩාගාරයට යොමු කරන ක්‍රමයක් හඳුන්වා දීමටත්, පාරිභෝගිකයාට සිය ජංගම දුරකථනය හරහා අදාළ මත්පැන් බෝතලයේ QR කේතය පරික්ෂා කර නිසි පරිදි බදු ගෙවන ලද, ප්‍රමිතියට නිෂ්පාදිත මත්පැන් බෝතලයක් දැයි හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කිරීමටත් උපදෙස් ලබා දී ඇත. ඊට හේතුව ස්ටිකර් ක්‍රමවේදය 2018 හඳුන්වා දී තිබුණ ද ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වැටලීමට මේ වසරේ දී පළමු වරට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබුණේ ඒ පිළිබඳව ක්‍රියා කරන්නැයි මෙම කාරක සභාවේ උපදෙස් වලින් අනතුරුව වීම නිසා ය. අදාළ වැටලීමේ දී ස්ටිකර් අලවා නොමැති මත්පැන් බෝතල් 44,000කට වැඩි ප්‍රමාණයක් හමු වූ අතර එක් සමාගමකින් රුපියල් කෝටි හතරකට ආසන්න දඩ මුදලක් අය කරගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 7 වැනිදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලදී. බදු පැහැර හරින අය හඳුනා ගන්න එකම අංකයක් ඒකාබද්ධ අදායම් කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව 2016 දී නිර්දේශ කරන ලදී. එහෙත් එය තමවත් ක්‍රියාත්මක වන්නේ නැත. ''දැන් RMV එකේ, අදායම් බදු දෙපාර්තමේන්තුවේ , සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර සම්භන්ධයක් නැහැ. එකම පුද්ගලයාට විවිධ ආයතනවල විවිධ හඳුනා ගැනීමේ අංක තියෙන්නේ. ඒ නිසා අවහිරතා මග හැර ගන්න වගේම බදු අහිමි වීම අවම කර ගන්න අපි රාජ්‍ය ආයතන 13ක ඒකාබද්ධ කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා'' යනුවෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක විස්තර කළේය. අදාළ කමිටුව එක් එක් ආයතන සම්බන්ධ නිර්දේශ වෙනම දක්වා ඇත. එම කමිටුවේ විෂය පථයට වැටෙන අපදා කළමනාකරණයට අදාළ ක්‍රියාවලිය සොයා බැලීමේ දී අනාවරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අවුරුදු දහයකින් රැස් වී නොමැති බවය. |
පාස්කු ඉරුදින ප්‍රහාරය විමර්ශනයට ජාත්‍යන්තරය අවශ්‍ය ද? - පක්ෂ විපක්ෂ මතය | මීට වසර හතරහමාරකට පෙර මෙරට කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන හතක් ඉලක්කකොට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඉකුත් සතියේ සිට නැවත මෙරට ජන සමාජය තුළ කතිකාවතකට පාත්‍රවිය. ඒ, එම ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිකුත්වූ වීඩියෝවක් හේතුවෙනි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණවලින් නියම අපරාධකරුවන්ට දඬුවම් නොලැබුණු බවට චෝදනා ද එල්ල කළ බොහෝ පිරිස්, මෙම වීඩියෝවෙන් හෙළිදරව් කළ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුබවට ප්‍රකාශ කරති. චැනල් 4 වීඩියෝව ගැන ජනපති ගත් තීරණය චැනල් 4 නාලිකාව පසුගිය 5 වැනිදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මඟින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට නියමිත බව ඉකුත් ඉරිදා (සැප් 10) දැනුම් දුන්නේ ය. 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ 'සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරෙන' බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතිබව එම වාර්තා වේ සඳහන් විය. එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේ දී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ දැක්වේ. පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන්නේ නිවැරැදි ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණ යි - විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් දා හික්කඩුවේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර සිටියේ, පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිවන්නේ නිවැරැදි ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණක් බව ය. ඔහු ජාත්‍යන්තර පරික්ෂණ සඳහා කැමති පුද්ගලයෙකු නොවන බවත්, 2019 සහ 2020 වසර තුළ දී මෙරට පැවති මැතිවරණවල දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවට පොරොන්දු වී ජනතා වරමෙන් තේරී පත්වූ පාලකයින් ජනතාව මුළාකර ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන් සෑම වසරකම ඇතිවන කතාවලට නොව පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම දැරිය යුතු අය කවුදැ යි යන සත්‍යය දැන ගැනීම සඳහා නිවැරදි පරීක්ෂණයක් කළ යුතු බව මෙහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ ය. චෝදනා එල්ලවූ අය ආණ්ඩුවේ - අනුර ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක බදුල්ලේ දී පැවති රැස්වීමක් අමතමින්, පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන චෝදනා එල්ලවන අය පමණක් නොව, එය වළක්වා ගැනීමට අපොහොසත් අය ද මේ වන විට සිටින්නේ ආණ්ඩුව තුළ බව පැවසුවේ ය. "රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරලා මොකද කිව්වේ? මේ ඔක්කොම බැහැර කරනවා කිව්වා. ඒ ඔක්කොම වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, ඒ ප්‍රහාරය සිද්ධ වෙනකොට හිටිය අගමැතිවරයා අද ජනාධිපතිවරයා. ප්‍රහාරය සිද්ධ වෙනකොට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ ප්‍රධානියා. පිල්ලෙයාන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමති. "හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා වන සලේ මහත්තයට වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වනවා. ප්‍රහාරය ගැන චෝදනා එල්ල වන අය පමණක් නොව එය වළක්වා ගැනීමට අපොහොසත් වූ අය ආණ්ඩුවේ. ඉතින් ජනතාව කියනවා පරීක්ෂණ කරන්න කියලා," මන්ත්‍රීවරයා කියා සිටියේ ය. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයැ යි නොසිතන නමුත් නිවැරදි විමර්ශනයක් කර සත්‍යය හෙළිකරන්නැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව, එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. 2018 වසර වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවක පැවති පළාත් පාලන මැතිවරණය ඉහළින් ජයගනු ලැබූ බැවින් බෝම්බ පුපුරුවා ඡන්ද දිනීමට කිසිදු වුවමනාවක් නොතිබූ බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ හේතුවෙන් බෝම්බ ප්‍රහාරය පිලිබඳව පරීක්ෂණයක් සිදුකොට සත්‍යය හෙළිකළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. "ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යි කියලා අපි හිතන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අපේ රටේ ඉන්න විමර්ශකයින් ඒ පිළිබඳ මනා දක්ෂතාවයක් යුක්ත අය කියලා. නමුත් මේ රටේ ඇතැම් කොටස් මේ පරීක්ෂණයට ජාත්‍යන්තර පරීක්ෂකයින් අවශ්‍යයි කියලා කියනවා. ඒ නිසා අපි පක්ෂයක් ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ගැන නිවැරදි විමර්ශනයක් කරලා සත්‍යය හෙළිකරන්න කියලා," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පැවසුවේ ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත නිසි විමර්ශනයක් සිදුවන්නේ නැහැ - කටුවාපිටිය දේවස්ථානයේ මීසම භාර පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිසි පරිදි සිදුනොවන බව මුල සිට පෙනීගිය කරුණකැ යි, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ එක ඉලක්කයක් වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම භාර පියතුමා වන මංජුල නිරෝෂන් බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවීම සිදුවන්නේ ස්වාධීන විමර්ශනයක් තුළ පමණක් බවත්, ඊට අනිවාර්යෙන්ම විදේශීය නිරීක්ෂකයින් ද ඇතුළත් විය යුතු බවත් උන්වහන්සේ පැවසුවේ ය. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, මෙය අන්තවාදී ක්‍රියාවක් පමණක් නොව අනෙක් පැත්තෙන් එයට යම් දේශපාලන බලපෑමක් ද තිබුණේයැ යි ද පෙනී යන බව යි. “මෙම ප්‍රහාරය සිදුකළ සහරාන් ඇතුළු පිරිසට තමන්ගේ මතවාදය පැතිරවීමට මෙය අවස්ථාවක් කර ගත්තත්, ඒ තුළ යම් දේශපාලනික බලපෑමක් තිබූ බවට පෙනී යනවා. මේ හරහා දේශපාලන බලය ලබා ගැනීමට යොදා ගත්තා කියලා අපට හිතෙනවා. එය ඔප්පුකර ගන්න අපි සතුව සාක්ෂි නැහැ. චැනල් 4 හරහා හෝ ඒක ඔප්පු වෙනවා නම් ඔය කියන තිත්ත ඇත්ත එළියට ගන්න අපට පුළුවන් වෙනවා,” මංජුල නිරෝෂන් පියතුමා පැවසීය. මේ අතර, එම බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත්වූ කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අජිත් අලුත් මුහන්දිරම්ගේ, චෝදනා එල්ල වූ පුද්ගලයින් තනතුරුවලින් ඉවත්කොට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කළ යුතු බව බීබීසි සිංහල සේවයට සඳහන් කළේය. චැනල් - 4 නාලිකාව නිකුත්කර ඇති වීඩියෝව සම්පූර්ණයෙන් පිළි නොගන්නේ නම් ආණ්ඩුව මේ අවස්ථාවේ දී සිදුකළ යුත්තේ චෝදනා එල්ලවූ පුද්ගලයින් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කොට ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීම බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. 'මේක කරපු අය නීතිය ඉදිරියට ගෙන එන්නම ඕන' පාස්කු ප්‍රහාරයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ ගීතා ඇන්ටනෙල්, පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව බලයට ඒමේ වුමනාවෙන් යුත් දේශපාලන පසුබිමකින් යුත් පිරිසකගේ අවශ්‍යතාව මත දියත්කර ඇතැ යි මෙ වනවිට හෙළි වෙමින් ඇති සාක්ෂිවලින් පෙනී යන කරුණක් බව පවසන්නී ය. ඒ හේතුවෙන්, ඊට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනා යුතු බව ඇය බීබීසි සිංහල සේවයට පැවසුවා ය. මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවති විමර්ශන මඟින් වින්දිතයින්ට කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවූ පසුබිමක නව විමර්ශනයක් සිදුකරන්නේ නම් ඊට ජාත්‍යන්තර නිරීක්ෂකයින් අනිවාර්යෙන් එක්විය යුතු බව ඇය ප්‍රකාශ කළා ය. |
ඉන්දියාවට එරෙහිව වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක | ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ (සැප්තැම්බර් 12 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 41 ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. ඒ සමග ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය. තරගයේ කාසිය වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඉන්දීය පිලේ සාර්ථක ආරම්භය සහ කඩා වැටීම ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 80ක් රැස් කළේය. ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රබල පිතිහරඹයක් දියත් කරනු ලැබිය. කෙසේ වුවත් ලකුණු 19ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුයේ තමන් යවන ලද පළමු පන්දුවෙන්ය. ඉන් පසුව ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ තරගයේ 14 වන පන්දු වාරයේදී විරාත් කෝලි ලකුණු 3 කට දවා ගනු ලැබිය. ඉන් පසුව තරගයේ 16 වන පන්දු වාරයේ දී ලකුණු 53ක් රැස් කරගෙන සිටි නායක රෝහිත් ෂර්මා දවා ගැනීමට දුනීත් වෙල්ලාලගේ සමත් වීමත් සමග ඉන්දීය කණ්ඩායම දැඩි අසරණ භාවයකට පත්විය. කඩා වැටීම මැද උදාවූ අස්වැසිල්ල පන්දුවාර 15.1 කදී ලකුණු 91 කට කඩුලු තුනක් දැවී ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අස්වැසිල්ලක් ගෙන ඒමට ඊෂාන් කිෂන් සහ කේ.එල්. රාහුල් සමත් වූහ. ඔවුන් දෙදෙනා විසින් කඩා වැටුණු ඉන්දීය ඉනිමේ සිව්වන කඩුල්ලට ලකුණු 63ක් එක් කිරීමට සමත් විය. කෙසේවුවත් තරගයේ 30 වන පන්දු වාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාගේ ලකුණු 39ක් රැස් කර ගෙන සිටියි කේ.එල්. රාහුල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. නායක දසුන්ගේ තීරණය දඟ පන්දු යවන්නන් හට තණ තීරුවේ සහය ලැබෙන බවට පෙනී යෑමත් සමග නායක දසුන් ශානක චරිත් අසලංක පන්දු යැවීමට කැඳවීමට තීරණය කළේය. ඒ අනුව අසලංක විසින් ලකුණු 33ක් රැස් කරමින් සිටි ඉෂාන් කිෂන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. තරගයේ 36 වන පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ විසින් හර්දික් පාන්ඩයා ගේ කඩුල්ල දවා ගත්තේය. ඒ සමග වෙල්ලාලගේ පළමු වරට සිය එක්දින තරග දිවියේ කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය. අසරණ වූ ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන ඒමට සමත් විය. නිත්‍ය පන්දු යවන්නෙකු නොවුවද අද දිනයේදී පන්දු යැවීමට කැඳවූ චරිත් අසලංක ද ඉන්දීය කණ්ඩායමේ කඩුලු 04ක් දවා ගත්තේය. ලකුණු 186 කට කඩුලු 09ක් දැවී තිබු මොහොතේ මොහොමඩ් සිරාජ් සහ අක්සාර් පටෙල් විසින් සෙමෙන් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පානදු යවන්නන් ගෙන් එල්ලවූ තර්ජනයට සාර්ථකව මුහුණ දෙමින්ය. තරගයට වර්ෂාවෙන් බාධා ඉන්දීය කණ්ඩායමේ 47 වන පන්දු වාරය අවසානය සමග ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව නිසා තරගය පැයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවිය. නැවත රාත්‍රී 7.15 ට තරගය ආරම්භ කෙරුණ අතර තරගයේ 49 වන පන්දු වාරයේදී මහීෂ් තීක්ෂණ විසින් ලකුණු 26ක් රැස් කරගෙන සිටියි අක්සාර් පටෙල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. අක්සාර් පටෙල් සහ මොහොමඩ් සිරාජ් විසින් ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සම්බන්ධතාවයක් එක් කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 49.1ක් අවසානයේ දී සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 213 ක් පමණි. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කට කඩුලු 05ක් ද, චරිත් අසලංක ලකුණු 18 කට කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 41 කට එක් කඩුල්ලක් දවා ගනු ලැබීය. ලකුණු 214 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉන්දිය පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප්‍රබල තර්ජනයකි. පැතුම් නිශ්ශංක ලකුණු 06කට, දිමුත් කරුණාරත්න ලකුණු 02 කට, කුසල් මෙන්ඩිස් ලකුණු 15 කට දැවී ගියහ. ලකුණු 25 කට කඩුලු 03ක් දැවී ගොස් තිබියදී චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට සමත් විය. කඩා වැටුණු මැද පෙළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 68ක්ව තිබියදී සදිර සමරවික්‍රම ලකුණු 17 කට සහ චරිත් අසලංක ලකුණු 22 කට දැවී ගියේය. ඉන් පසුව නායක දසුන් ශානක ලකුණු 09 කට දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වුයේ පන්දු වාර 25.1 කදී ලකුණු 99ක් ලෙසය. ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙනා ධනංජය සහ වෙල්ලාලගේ ශ්‍රී ලංකාව අසරණ මට්ටමක පත්ව සිටිය අවස්ථාවේ දී ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ 07 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන ආවේය. එසේ නමුත් ලකුණු 41ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා ගේ කඩුල්ල දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා සමත් විය. ඒ සමග ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් තිදෙනා ඉක්මනින් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූහ. කෙසේ නමුත් අද තරගයේදී කඩුලු 05ක් දවා ගනු ලැබූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කුල්දිප් යාදෙව් කඩුලු 4ක්, ජස්ප්‍රීට් බුම්රා සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 ක බැගින් දවා ගත්හ. අද තරගයේ බිහිවූ වාර්තා මොනවාද ? අඛණ්ඩව එක්දින තරග 14 කදී ප්‍රතිවාදී පිතිකරුවන් සම්පුර්ණයෙන් දවා ගනු ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය. එක්දින තරගයකදී දඟ පන්දු යවන්නන් හමුවේ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 10 ම දැවී ගිය පළමු අවස්ථාව ලෙස මෙම තරගය වාර්තා පොත් අතරට එක්විය. |
හොරපේ දුම්රිය අනතුර:'අම්මේ අද යන්නම ඕන කියලයි ගියේ;මගෙන් සල්ලිත් ඉල්ල ගත්තා බස් එකේ යන්න' | *අවවාදයයි:මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයින්ට කම්පනයක් ඇතිවිය හැකි ය. මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක වහලය මත නැගී ගමන් කළ තරුණයෙකු අද (සැප් 12) හොරපේ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය. අනතුරෙන් මියගොස් ඇත්තේ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු මොරටුව ජපන් කාර්මික විද්‍යාලයයේ ඉගෙනුම ලබන අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසි සිංහල සේවයට තහවුරු කළේ ය. දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානය අසල දී ඉන් ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. දුම්රිය රියැදුරන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය අද දිනයේ දී සීමා සහිතවී තිබේ. 'වැටුණු ළමයගේ ඔලුව කුඩු වෙලා තිබුණා' දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වී තිබුණි. ඒ හමුවේ ධාවනයට එක්කර ඇති සීමිත දුම්රියවල පැවති මඟී තදබදය හේතුවෙන්, අනතුරට පත්වූ මෙම තරුණයා දුම්රියේ වහලය මත ගමන්කර ඇති බව අදාළ දුම්රියේ සිටි, අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙකු බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය. සතියේ රාජකාරී දිනයක් බැවින් බොහෝ දෙනා අද රැකියා කටයුතු සඳහා දුම්රියේ ගමන් කරමින් සිටිබවත්, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී එක්වරම දුම්රියේ වහලේ ගමන් කළ අයෙකු ඇද වැටුණු බවට කෑ ගසන ශබ්දයක් ඇසුණු බවත් ඔහු පැවසීය. හොරපේ ප්‍රදේශයේ පදිංචි කේ. අතුල, ඔහු උදෑසන කාර්යාලයය සඳහා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ දී මෙම අනතුර පිළිබඳව දැන ගැනීමට ලැබුණු බව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. "මම උදේ වැඩට යන්න එනකොට කෝච්චිය අපේ ගෙවල් ළඟින් එන ගමන් තිබ්බේ. මම පාරට ඇවිල්ලා දුම්රිය ගේට්ටුව ළඟට එද්දී ස්ටේෂන් එක ළඟ කට්ටිය කියන්න ගත්තා එක්කෙනක් කෝච්චියෙන් වැටුණා කියලා. "පස්සේ මම ගිහින් බැලුවා. ඒ වැටුන ළමයගේ ඔලුව කුඩුවෙලා, හැම තැනම කෑලි තිබුණා. පස්සේ ස්ටේෂන් එකේ කට්ටිය ඇවිත් ඒ බොඩි එක අරන් ගියා," ඔහු ප්‍රකාශ කළේ ය. 'අම්මේ අද යන්නම ඕන කියලයි ගියේ - මගෙන් සල්ලිත් ඉල්ල ගත්තා බස් එකේ යන්න' මේ අතර, සිද්ධියෙන් මියගිය 18 හැවිරිදි දිනෙත් ඉඳුවරගේ පියා මාධ්‍යයට පැවසුවේ, පුත්‍රයා මොරටුව ජපන් කාර්මික විද්‍යාලයයේ හදාරන පාඨමාලාව සඳහා වෙනදා ගමන් කරන පෙරවරු 06.05 දුම්රිය නොතිබීම හේතුවෙන් අද දිනයේ දී මෙම අනතුරට මුහුණ පෑ දුම්රියේ ගමන් කළ බව යි. "මම වෙනද වගේම පුතාව ගම්පහ ස්ටේෂන් එකට එක්කන් ආවා. එද්දී උදේ 6.05 කෝච්චිය තිබුණේ නැහැ. ඒ නිසා, 6.45 කෝච්චියේ ගිහින් කෝස් එකට යන්න වෙලාව මදි නිසා මම ඒ ගැන ගෙදර ගිහින් කිව්වා. "ඒ වෙලාවේ [පුතාගේ] අම්මා කෝල් කරලා කිව්වා පුතාට ගෙදර එන්න කියලා. ඒත් අද යන්නම ඕන කියල යි ඔය ගියේ. කොළඹින් බැහැලා බස් එකේ යන්න මගෙන් සල්ලිත් ඉල්ලා ගත්තා පුතා අද උදේ. "මට සල්ලි තිබ්බෙත් නැහැ බස් එකේ යවන්න රුපියල් 300ක්. කොළඹින් බැහැලා බස් එකේ යන්නම් තාත්තේ කිව්වා. මේ කෝච්චි ස්ට්‍රයික් එක නිසානේ මෙහෙම දෙයක් වුණේ," පියා වේදනාවෙන් පැවසුවේ ය. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා - ශෝකය පලකරමින් ප්‍රවාහන ඇමති කියයි අද (සැප්තැම්බර් 12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැ යි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, උදෑසන සිදුවූ අනතුරෙන් මියගිය තරුණයා වෙනුවෙන් මිනිත්තුවක කාලයක් නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ශෝකය පළකර සිටියේ ය. දුම්රියේ වහලය මත ගමන් කරමින් සිටිය දී මෙම තරුණයා අනතුරට ලක්වූයේ දුම්රිය රියැදුරන් 84 දෙනෙකු විසින් දියත්කළ වැඩ වර්ජනය හේතුවෙන් බවත්, ඔවුන් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ය. දුම්රිය වර්ජනය ගැන මඟීන්ගෙන් චෝදනා මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත දුම්රිය රියදුරන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මඟීන් රැසක් අපහසුතාවයට පත්ව තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කළ යුතු බව යි. දිනෙන් දින දුම්රිය සේවකයින් කරන මෙම වර්ජන හේතුවෙන් පාසැල් ළමුන්, කාර්යාල සේවකයින් මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ගමන් බිමන් යන පුද්ගලයින් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව බොහෝ දෙනා පවසති. මේ අතර දිනපතා සිය රැකියාව සඳහා දුම්රියේ ගමන් කරන චන්දිම කරුණාරත්න කියා සිටියේ, දුම්රිය සේවකයින් විසින් විටින් විට සිදුකරන වර්ජන හේතුවෙන් මඟීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවය. "බොහෝ වෙලාවට දුම්රියේ ගමන් කරන්නේ මධ්‍යම පාන්තික ජනතාව හෝ ඊටත් වඩා ආර්ථික වශයෙන් අපහසුතා නිසා දුක් විඳින අය. නමුත් මේ වගේ වැඩ වර්ජන නිසා රැකියාවට යන ඇතැම් සේවකයින්ට මුහුණදෙන්න සිදුවන අපහසුකම් මෙතෙක්යැ යි කියන්න බැහැ. ඇතැම් වෙලාවට නියමිත වෙලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ නිසා දෛනික වැටුප් පවා අහිමිවූ අය ඕනෑ තරම් ඉන්නවා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න දුම්රිය සේවකයින් සාමාන්‍ය ජනතාව බිල්ලට දීම ගැන තියෙන්නේ පිළිකුලක්. ඒ වගේම අද එක් අහිංසක ජිවිතයක් නැති වුණා," ඔහු ප්‍රකාශ කළේ ය. ‘සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා’ හොරපේ ප්‍රදේශයේ දී අද උදෑසන වාර්තා වූ අවසනාවන්ත අනතුර සම්බන්ධයෙන් එම දුම්රියේ නියාමකවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙන බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ බීබීසි සිංහල වෙත පැවසුවේ ය. ඇතැම් අවස්ථාවල දී මඟීන් දුම්රියේ එල්ලී ගමන් කරන බවත්, එවැනි අවස්ථාවල දී එය වළක්වා ගැනීමට දුම්රිය රියදුරන්ට හෝ නියාමකවරුන්ට කටයුතු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේ ය. "අද සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන ඇත්තටම කණගාටු වෙනවා. මේ ගැන දුම්රියේ සේවයේ යෙදී සිටි නියාමකවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. එම වාර්තාවෙන් පසුව අපි ඉදිරි විමර්ශන ගැන කටයුතු කරනවා. "මේ වගේ කෝච්චියේ උඩ ඒ ළමයා ගමන් කළා කියලා නියාමකවරයා පවා දැනන් ඉදලා නැහැ යි කියලා ආරංචි. මොකද ඒ වෙද්දීත් කෝච්චියේ ලොකු සෙනඟක් ඉදලා තියෙනවා. "සමහර වෙලාවට දුම්රිය වර්ජනයන් පවතින වේලාවන්වල දී මඟීන් අවදානමක් ගෙන ගමන් කරනවා. ඒ අවස්ථාවන්වල දී අපේ රියැදුරන්ට හෝ නියාමකවරුන්ට මඟීන්ව වලක්වන්න බැහැ. මඟීන් ඉන්නේ ලොකු ගැටලුවක," ඔහු පැවසුවේ ය. |
වැව් ඩෝසර් කිරීම: වැව් ප්‍රතිසංස්කරණය හරියට කරන්නේ කොහොම ද? | ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පිහිටි බොහෝ කුඩා වැව් කෙමෙන් අකාර්යක්ෂම තත්ත්වයකට පත්වෙමින් පවතියි. මාස කීපයක නියඟයකිනුදු වියළි කලාපීය ගොවීන්ට ජලය හිඟකමට මුහුණපාන්නට සිදුවෙයි. කුඩා වැව්වල රොන්මඩ තැන්පත්වීමෙන්, ඒවායේ ගැඹුරත්, ඒ සමගම ධාරිතාවත් අඩුවීම මීට ප්‍රධාන හේතුව යි. පසුගිය නියං සමයේ දී ඇතැමුන්, ඩෝසර් ලබාදී කුඩා වැව් හාරන්නැ යි සමාජ මාධ්‍ය හරහා යෝජනාකර තිබුණි. නමුත් එයින් වැවට හානිවනබව කියමින් ප්‍රතිපක්ෂ අදහස් ද ඉදිරිපත්වී තිබුණි. මෙනිසා අපි, වැවක් පුනරුත්ථාපනය කිරීම යනු එතරම් සරල කටයුත්තක් නොවන්නේ මන්දැ යි ජලය හා කෘෂිකර්මය පිළිබඳ ජාතික උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේනයන්ගෙන් විමසා සිටියෙමු. නොසලකා හැරෙන කුඩා වැව් 'වැවක්' කී විට එකවරම සිතට නැගෙනුයේ ඇහැට පෙනෙන මානයේ පැතිරි, උස් බැම්මකින් යුත් කවුඩුල්ල හෝ මින්නේරිය වැනි මහා ජලාශයක් විය හැකිමුත්, මෙරට වැව් බහුතරය කුඩා වැව් ය. ශ්‍රී ලංකාවේ කුඩා වැව් 16,500ක් පමණ පිහිටා ඇති අතර, ඒවා මෙරට සහල් නිෂ්පාදනයෙන් 20%කට ජලය සපයයි. මෙරට වැව්වලින් 85%ක් පමණම වැව් පොකුරු ලෙස පිහිටා තිබෙනබවත්, මෙවැනි වැව් පොකුරු 1000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුබවත් ආචාර්ය ධර්මසේන ප්‍රකාශ කරයි. වැව් පොකුරක් යනු කුමක් ද? වියළි කලාපයේ ජනයා වැව් ඉදිකළේ, ජලය ස්වභාවිකව ගලාගොස් එකතුවන ස්ථානවල ජලය රඳවාගැනීමට බාධක ඉදිකිරීමෙනි. මෙසේ තනන වැව් තනි වැවක් ලෙස නොව විශාල ප්‍රදේශයක් පුරා පැතිර භූමිය පෝෂණය කරන අයුරින්, ඇළ මාර්ග හා භූගත ජල පරිවහන මාර්ග ආදිය හරහා එකිනෙක සම්බන්ධ වාරිමාර්ග ඒකකයක් ලෙස නිර්මාණය කෙරිණි. වියළි සහ අතරමැදි කලාපවල භූ දර්ශනය, වර්ෂාපතනය, පසේ ස්වභාවය සහ භූ විද්‍යාත්මක තත්ත්වය වැව් පොකුරු නිර්මාණය සඳහා ඉතාම උචිතබව ආචාර්ය ධර්මසේන අපට පැහැදිලි කළේ ය. එසේ නොවේ නම් වැව් පොකුරු නිර්මාණය නොවනබව ඔහු පවසයි. "උදාහරණයක් විදියට, අම්පාරෙ තියෙනවනේ මහ ඔය වගෙ පොඩි පොඩි ජල මූලාශ්‍ර, ඒවයේ තියෙන වැව් - එක වැවකින් තව වැවකට වතුර යනවා ඇරෙන්න එතනින් ඉවරයි. අතු විහිදෙන ලෙස ඇති ජලාපවහන රටාවක් තිබුණොත් විතර යි වැව් පොකුරු හැදෙන්නේ." මේ වැව් පොකුරු නිසා ජලගැල්ම අවදානම පහත බසින අතර, වැව් පද්ධතිය විසින් අදාළ ප්‍රදේශයට නියඟයෙන් ඇති බලපෑම සැහැල්ලු කරයි. එසේම, භූමියේ මතුපිටට පහළින් නිරන්තරයෙන් ගලායන ජල සීරාව නිසා භූමියේ තෙතමනය පවතියි. මේ වැව් පොකුරු ගම හා බැඳී තිබුණ ද වැව් සියල්ල ගොවිතැන සඳහා යොදාගන්නේ නැත. "ගමේ තියෙනවා වැව් වර්ග. කුළු වැව් තියෙනවා කැලේ ඇතුළෙ. ඊට පස්සේ තියෙනවා ඔලගම් වැව් - ගම් නැති ඒවා. කායම් වැව් තියෙනවා කුඹුරු සහ ගම් නැති ඒවා. ඉහළ වැව් තියෙනවා අවශ්‍ය වුණොත් ආපහු වතුර ගන්න - මේවට 'බිසෝ වැව්' කියලත් කියනවා. මේවා පුරවලා තියෙනවා යට [තියෙන] මහවැවට ඕනෙ වුණොත් ගන්න. ඊළඟට තියෙනවා මහවැවට උඩින්, අර මුදුන් ඇළවල්වලට එන රොන් මඩ අල්ලගන්න ගොඩවලවල් තියෙනවා. ඔය වගේ සංකීර්ණ, හොඳින් සංවිධානය වුණු පද්ධතියක් තියෙනවා වැව් පොකුරුවල," ආචාර්යවරයා පැවසීය. කුඩා වැව්වලට සිදුවෙමින් පවතින්නේ කුමක් ද? කෙසේ නමුත්, මේ වන විට කුඩා වැව් නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා ද, වැව් පද්ධතියේ ක්‍රියාවලියට බාධා කිරීම නිසා ද ඒවා දැන් කෙමෙන් ආකාර්යයක්ෂම තත්ත්වයට පත්ව කෙත්වතු පෝෂණය කිරීමට හෝ ජල අවශ්‍යතා සැපිරීමට අපොහොසත්වෙමින් පවතියි. "දැන් වෙලා තියෙන්නෙ මෙහෙමයි; සමහර අය දැන් ඔය කියන කුළු වැව්, කායම් වැව්, බිසෝ වැව්, ඔලගම් වැව් ඔක්කොම 'වැව්' කරලා, කුඹුරු හදලා ගොවිතැන් කරනවා. ඒ කියන්නේ [වැව් පොකුරුවල] ජල විද්‍යාව දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නෙ," ආචාර්යවරයා ගැටලුවේ පසුබිම පැහැදිලි කරයි. "දැන් මේ ටික හරියට තේරුම්ගත්තෙ නැතුව තමයි මිනිස්සු වැව්වලට තව කුඹුරු ඈඳලා කුඹුරු කරන්නෙ, අනිත් පැත්තෙන් වාන උස්සලා බඳින්නේ - ඉස්සර කළානෙ වාන උස්සන එක. වාන කියන්නෙ වැඩිපුර වතුර පිටකරන තැන. වැවේ රොන්මඩ පිරුණම, මෙන්න මේ වාන උස්සලා බඳිනවා [වැවේ] කැපෑසිටි එක වැඩි කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ වතුර ඔක්කොම වැවේ ඉහත්තාවට යනවා පැතිරිලා. "දැන් මේක වැව් පොකුරු සිස්ටම් එකක්නේ. වතුර පැතිරිලා යනකොට උඩ තියෙන කුඹුරු - ඊටත් උඩහා වැවෙන් කරන කුඹුරු - ඒවා යටවෙනවා. ඒවා තවත් ගමක සමහර විට. එතකොට ගම් අතර මිනිස්සුන්ගේ සමාජ ගැටුම් ඇතිවෙනවා ඔය වැඩෙන්. ඒ නිසා දැන් ඒක නවත්තලා තියෙන්නේ. "දැන් කරන්නේ රොන්මඩ අයින් කරනවා කියලා ඔය බුල්ඩෝසර් ටිකක් දාලා එහෙන් මෙහෙන් කරලා දානවා," ආචාර්ය ධර්මසේන ප්‍රකාශ කළේ ය. නමුත් වැවක් 'හැරීම' යනු හුදෙක් මඩ ස්ථරය කපා ඉවත් කිරීම නොවේ. එය වැව් පත්ල සමීක්ෂණයකොට, පස් ස්ථර පරීක්ෂාකර බලා, ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු විද්‍යාත්මක ක්‍රියාවලියකි. ඩෝසර්කර රොන්මඩ ඉවත් කිරීමේ ගැටලුව කුමක් ද? "දැන් වැවේ ගැඹුර වැවෙන් වැවට වෙනස්වෙනවා," ආචාර්ය ධර්මසේන පහදයි. "ගැඹුර කියලා කියන්නේ වැවේ මුළු ධාරිතාව මුළු වපසරියෙන් බෙදුවම. එතකොට එනවනේ සාමාන්‍යය ගැඹුරක්? මෙන්න මේ සාමාන්‍යය ගැඹුර අඩුවෙන්න අඩුවෙන්න, වැවේ වෝටර් ලොස් එක වැඩියි. අපි දැක්කා සමහර ඒවයෙ [වැව්වල] 80%ක් විතර වෝටර් ලොස් වාෂ්පීකරණය සහ වෑස්සීම නිසා. එතකොට අපේ ක්‍රියාකාරී ධාරිතාව ගොඩක් අඩු යි." මෙය සිදුවන අන්දම පැහැදිලි කිරීමට ඇති හොඳම උදාහරණය නම් කෝප්පයේ හා පීරිසියේ පරීක්ෂණය යි. තේ කෝප්පයකටත්, පීරිසියකටත් එකම ජලය ප්‍රමාණයක් දමා අව්වේ තැබූ විට, මතුපිට ක්ෂේත්‍රඵලය වැඩි පීරිසියට දැමූ ජල ප්‍රමාණය කෝප්පයට දැමූ ජල ප්‍රමාණයට වඩා ඉක්මණින් වාෂ්පවී යයි. වැවක් ගැඹුරින් අඩුවී යන විට සිදුවන්නේ ද මෙය ය. එනිසා, වැවක ධාරිතාව ඉහළ දැමීමට නම් වැවෙහි වපසරිය අඩුකර ගැඹුර වැඩිකළ යුතු වේ. ඩෝසර් මාර්ගයෙන් වැව් පතුළේ රොන්මඩ සියල්ල ඉවත්කිරීම හරහා වැවේ වපසරිය අඩු නොවෙයි. එවිට වාෂ්පීකරණයෙන් අහිමිවන ජල ප්‍රමාණය ද අඩු නොවෙයි. මෙය වැළකීමට නම් වැව පත්ලේ ජ්‍යාමිතිය සළකා බලා නියමාකාරයෙන් රොන්මඩ ඉවත් කිරීම සිදුකළ යුතු ය. එසේම වැවක ගැඹුර අඩුවූ විට, ගැඹුරු දියේ වෙසෙන ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂයන්ට උචිත පරිසර තත්ත්ව අහිමිවීමෙන් උන්ගේ ගහණය අඩුවීයෑමට හැකි ය. "ඒ නිසා තමයි අපි කියන්නේ මේ නිකන් රොන්මඩ අයින් කරන්න යන්න එපා, ඒවයෙ [වැව්වල] වැව් පත්ල හැඩතල බලලා කරන්න කියලා,” ආචාර්යවරයා කියා සිටියේ ය. "[වැව] පතුලෙ තියෙනවා මැටි තට්ටුවක්. මේ මැටි තට්ටුවෙ අපි කියනවා සෙන්ටිමීටර් 30ත් 60ත් අතර ප්‍රමාණයක් ඉතුරු කරන්න කියලා. මේ බුල්ඩෝසර්කාරයො මේක ඉතුරු කරන්නේ නෑ. ඒ හින්දා වැව පත්ල හිල්වෙනවා. හිල්වුණාම වතුර බහිනවා." වැව් හාරන මුවාවෙන් වැලි කැපීමක්? ලංකාවේ කුඩා වැව් සම්බන්ධ කටයුතු භාරව සිටින්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යි. ගම්වල කුඩා වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගොවිජන සංවර්ධන පනත හරහා ගොවි සංවිධානවලට බලය පැවරෙයි. මේ වැව් කටයුතු සඳහා රජය වියදම් නොකරයි. කෙසේ නමුත්, ගොවිජන සංවිධාන විසින් පාර්ශවකාර ආයතන හා එක්ව වැව් ප්‍රතිසංස්කරණය කරන ඇතැම් අවස්ථාවන්හි දී, තෙවැනි පාර්ශවීය කොන්ත්‍රාත්කරුවන් විසින් ආර්ථික ලාභ ප්‍රයෝජන තකා වැවට හානි කිරීම සිදුවෙනබව අපට වාර්තාවිය. "ගොඩක් අය කරන්නෙ වැව් හාරන්න කියල ඉල්ලලා, රොන්මඩ අයින් කරනවා වෙනුවට ගොඩක් යටට වෙනකල් කපාගන්නවා ඒවයෙ අර වැලි ගතිය තියෙන නිසා. 60%කට වැඩිය වැලි ගතිය තියෙන ඒවා තමයි කපාගන්න බලන්නෙ. ඊට පස්සෙ උඩට අර පස් තට්ටුව පුරවන්න හදනවා," නම සඳහන් කරනවාට අකමැතිවූ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධරයෙකු අප හා පැවසීය. "දැන් ඇත්තටම රොන්මඩ ඉවත් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ... නමුත් මෙයාල අර වැලි මිශ්‍ර පස තමයි ඉවත්කර ගන්න හදන්නෙ. එතකොට යටට කපනවා... එහෙම වුණොත් වෙන්නේ [වැවේ] වතුර රැඳෙන්නෙ නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය. අපි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්නගෙන් මෙහි සත්‍යාසත්‍යතාව විමසීමු. "[වැව් හැරීමේ දී] අපි ඒ [හාරන්න ඕන] කොටස වෙන්කරලා, හාරන්න ඕන ප්‍රමාණය දාලා - අපි නිකුත්කරලා තියෙන චක්‍රලේඛෙ තියෙනවා - අපි එතනට වැටුප් ලබන කෙනෙක් අනිවාර්යයෙන් පත්කරලා තමයි ඒ කාර්යය කරන්න ඕන කියලා. ඉතින් විශේෂයෙන්ම ගොවි සංවිධානවලට තමයි මේකෙ වගකීම පවරලා තියෙන්නෙ... ඉතින් අපි පුළුවන් තරම් ගොවි සංවිධානවලට දැනුවත් කරලා තියෙනවා - නමුත් එහෙම නොවෙන අවස්ථා කීපයක් අපට හම්බවෙලත් තියෙනවා, අපි ඒවා නවත්තලත් තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා," ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේ ය. 'වැව ආරක්ෂාකර ගැනීම ගොවි සංවිධානයේ වගකීමක්' වැව්වල රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර ගැන විමසූකල, ඒ සඳහා එම දෙපාර්තමේන්තුවෙන් සැලැස්මක් හා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස්කර ඇතිබව කොමසාරිස් ජනරාල් අබේරත්න ප්‍රකාශ කළේ ය. රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ නව චක්‍රලේඛයක් නිකුත්කර ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය. "[ලංකාවේ] සුළුවැව් විශාල ප්‍රමාණයක් තියෙන නිසා රජයකට මේවා හැමවෙලේම නඩත්තු කරන්න අමාරු යි. ඒ නිසා ගොවි සංවිධාන විසින් මේ වැව් නඩත්තු කිරීම කරගත යුතු යි. එහෙම වුණොත් තමයි ගොවියාට අදාළ වැවට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවාගන්න පුළුවන්වෙන්නෙ. ඒ නිසා තමයි, එකක්, මේ රොන්මඩ අයින් කරද්දී වැව ආරක්ෂාකර ගැනීම ගොවි සංවිධානයේ වගකීමක්. ඉතින් බැරිවෙලාවත් ඒ වගකීම පැහැර හැරියොත් බලපෑම එන්නෙත් ගොවියටම යි," කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. "ඒක නිසා මේක ආරක්ෂා කරගෙන, වැවේ රොන්මඩ ප්‍රමාණය ඉවත්කරලා වතුර ප්‍රමාණය වැඩිකර ගන්න ගොවි සංවිධාන සම්බන්ධ වෙනවා නම් ඒකෙ වාසියත් අපේ ගොවීන්ටම ගන්න පුළුවන්. අපි ඉල්ලීමක් කරන්නෙ වැව ආරක්ෂා කිරීමේ වගකීම ගොවි සංවිධාන දරනවා නම් රජයට ඉතාමත්ම පහසු යි මේ කාර්යය ගොවීන්ට කරලා දෙන්න." කුඩා වැවක රොන්මඩ ඉවත් කරන නිවැරදි ක්‍රමය - ආංශික රොන්මඩහරණය වැවක් පුනරුත්ථාපනය කිරීම සඳහා ආචාර්ය ධර්මසේන ඉදිරිපත් කරන ක්‍රියාවලිය නම්, විද්‍යාත්මක හා අඩු-වියදම් ක්‍රමයක් වන 'ආංශික රොන්මඩහරණය' යි. මෙය නිවැරදිව සිදුකරන්නේ නම්, "ඉස්සරවෙලාම [වැව්] පත්ල සමීක්ෂණයක් කරන්න ඕන. වැව් පත්ලේ භූ විෂමතාවය තියෙන සිතියමක් ඇඳගන්න ඕන," ඔහු ප්‍රකාශ කරයි. අනතුරුව වැව් බැම්මේ සිට අරීයව විහිදෙන පරිදි වැව් පත්ල නොයෙක් තැන්වලින් විද පස් ස්ථර සාම්පල ලබාගත යුතු වේ. මෙමඟින් වැවෙහි මැටි, රොන්මඩ හා වැලි ස්ථර පිහිටන ගැඹුර හා ඒවායේ ඝනකම ආදී තොරතුරු හඳුනාගත හැකි ය. වැව් පත්ල මතුපිටට ආසන්නයේ දී රොන්මඩ සහ මඩත්, තවත් ගැඹුරට යන විට වැලිත් හමුවේ. වැවේ මුල් පත්ල පිහිටන්නේ මේ වැලිවලට යටිනි. "දැන් ඔය විදියට දැනගත්තට පස්සෙ අපි ඔය වැලි ලේයර් එකට උඩින් තියෙන මැටි ලේයර් එකේ සෙ.මීටර් 30ක් ඉතුරු කරලා, ඉතිරිටික තමයි ඉවත්කරන්න ඕන. ඒකත් ඔක්කොම නෙවෙයි, සමෝච්ච කීපයක්. හොරොව්ව ළඟ තියෙන සමෝච්ච කීපයකට තමයි මේවා [රොන්මඩ] ඉවත් කරන්නේ. එතකොට වතුර ඔක්කෝම එතෙන්ට එනවනෙ. ඇවිල්ලා එතන ගබඩා වෙනවනෙ. එහෙම වුණාම වැව් පත්ලේ හැඩතල වෙනස් වෙනව අර පීරිසියෙන් කෝප්පෙට," ආචාර්ය ධර්මසේන පැහැදිලි කළේ ය. ආංශික රොන්මඩහරණයෙන් ඇත්තෙන්ම අරමුණු කෙරෙන්නේ වැවක වත්මන් ධාරිතාව ප්‍රසාරණය කිරීමම නොවේ. මේ සංකල්පයේ ප්‍රධාන අරමුණ නම්, රොන්මඩ ඉවත්කිරීම හරහා වැව් පත්ලේ හැඩතල (ජ්‍යාමිතිය) වෙනස්කිරීම හරහා වැවේ ජල හානිය අවම කිරීම ය. සාමාන්‍යයෙන් සිදුකෙරෙන අන්දමේ සම්පූර්ණ රොන්මඩහරණයකින් වැවේ ධාරිතාව හා ජලය පැතිරුණු ප්‍රදේශයේ අනුපාතය විශාල වශයෙන් වෙනස් නොකරන නිසාවෙන්, ඒ හරහා වැවේ ජල හානිය අවමකර ගැනීමේ අරමුණ සාර්ථකව ඉටුකරගත නොහැකිබව ආචාර්ය ධර්මසේන පවසයි. ලංකාවේ කුඩා වැව්හි තැන්පත්ව ඇති රොන්මඩ ප්‍රමාණය 20 - 35% පරාසයක පවතිනබව ද, රොන්මඩවලින් අඩක් පමණම වැව් බැම්මට ආසන්නව මුළු වැව් පත්ලෙන් තුනෙන් එකක පමණ ප්‍රදේශය තුළ දක්නට ලැබෙතැ යි අවසාදිත අධ්‍යයනයකින් පෙන්නුම් කරනබව ද ආචාර්යවරයා ප්‍රකාශ කළේ ය. එහෙයින්, එම ප්‍රදේශයේ තැන්පත්ව ඇති රොන්මඩ ඉවත්කර වැවේ ඉහළ ප්‍රදේශයේ වැව් පත්ලෙහි ගොඩගැසීමෙන් ද වැවෙහි වත්මන් ධාරිතාවම පවත්වාගත හැකි ය. එවැනි ආංශික රොන්මඩහරණයක් හරහා වැවේ ධාරිතාව හා ජලය පැතිරුණු ප්‍රදේශයේ අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කරන අතර, වැවේ ව්‍යාප්තියෙන් 50%කට වැඩි ප්‍රදේශයක් ජලයෙන් තොරව පවත්වාගැනීමට උපකාරී වේ. මෙමඟින් වාෂ්පීකරණය හරහා අහිමිවන ජල ප්‍රමාණය විශාල වශයෙන් පහත දමයි. ආචාර්ය පී. බී. ධර්මසේන නිර්දේශ කරන පරිදි ආංශික රොන්මඩහරණය ක්‍රමානුකූලව සිදුකිරීමේ දී මෙම කරුණු සලකා බැලිය යුතු ය: |
වසර 11කට පසු අලුත් වූ වාර්තාවක් සමග පකිස්ථානයට එරෙහිව ඉන්දියාවට දැවැන්ත ජයක් | ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානය පරාජය කරමින් ලකුණු 228ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දියාව අද (සැප්තම්බර් මස 11 වෙනිදා) සමත් විය. ඊයේ (සැප්තැම්බර් මස 10 වෙනිදා) තරගය අතර මැද දී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අතිරේක දිනයක් ලෙස නම් කළ අද දිනයේදී තරගය නැවත ආරම්භ කළේ පස්වරු 4.30 න් පසුවය. ඒ, අද සවස් කාලයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඇතුළු ප්‍රදේශයට වර්ෂාව ඇද හැලිම හේතුවෙනි. ඊයේ තරගයේ ආරම්භයේ දී කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාව පිටියට පිවියේය. සාර්ථක ආරම්භයක් ගත් ආරම්භක පිතිකරුවන් ඉන්දීය කණ්ඩායම අද තරගය සඳහා පැමිණියේ වෙනස්කම් දෙකක්ද සමගින්ය. ඒ ඔවුන් සිය කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා සහ කේ.එල්. රාහුල් කැඳවීමට ගත් තීරණයත් සමගයි. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති පළමු වටයේ තරගයේදී පකිස්ථාන පන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසුවූ ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් මෙම තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. ශුබ්මන් ගිල් සහ නායක රෝහිත් ෂර්මා පළමු පන්දු වාර 10 තුලදී ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය. ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා විසින් පකිස්ථාන ආරම්භක පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිති ප්‍රහාරයක් දියත් කළේ ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 13.2 කදී ලකුණු 100 සීමාවට රැගෙන එමිනි. මෙම තරගයේදී ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. එක ළඟ බිද වැටුණු කඩුලු ඉන්දීය ඉනිමේ 17 වැනි පන්දු වාරයේදී ලකුණු 56ක් රැස් කරගෙන සිටි නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ශදාබ් ඛාන් සමත් විය. ඉන් අනතුරුව 18 වැනි පන්දු වාරයේදී ලකුණු 58ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට ෂහින් අෆ්රිඩි සමත් විය. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 123ක් ලෙසයි. ආරම්භක පිතිකරුවන්ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් ක්‍රමයෙන් ඉන්දීය ඉනිම නැවත ගොඩ නැගීමට සමත්වූහ. කෙසේ වුවත් තරගයේ 25 වන පන්දු වාරයේ ආරම්භයත් සමග ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට ඉන්දියාවේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 147 කට කඩුලු 2ක් ලෙසයි. ඒ අනුව අතිරේක දිනයේදී තරගය පෙර දිනයේදී නතර වූ තැන සිට නැවත ආරම්භ කෙරුණි. කෝලි - රාහුල් සුසංයෝගය පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙකු වන හැරිස් රාවුෆ් අද දිනයේදී ක්‍රීඩා කිරීම සඳහා පිටියට නොපැමිණියේ ඊයේ දිනයේදී ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙනි. අද දිනයේ දී විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් පකිස්ථාන පන්දු යවන්නන් කිසිවෙකුට ස්ථාවර වීමට ඉඩක් නොදෙමින් ප්‍රහාරත්මක පිතිකරණයක නිරත විය. එහිදී විරාත් කෝලි සිය 47 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් වූ අතර ආබාධයක් නිසා දිගු කලකට පසු කණ්ඩායමට කැඳවූ කේ.එල්. රාහුල් ද සිය 6 වන එක්දින ශතකය වාර්තා කළේ ය. 11 වසරකට පසු අලුත් වූ වාර්තාව විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් විසින් අද තරගයේදී පන්දු 194 කදී ලකුණු 233 ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. එම සබඳතාවය මෙතෙක් ආසියානු කුසලාන තරගාවලියකදී පිතිකරුවන් දෙදෙනෙකු තැබූ හොඳම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය. 2012 වසරේ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී පකිස්ථානයේ නසීර් ජම්ෂෙඩ් සහ මොහොමඩ් හෆීස් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 224ක් රැස් කරමින් එම වාර්තාව තබා තිබුණි. ඒ අනුව ඉන්දියාව සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කළේය. මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් විසින් රැස් කළ සිව්වන වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් විය. ලකුණු 357ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පකිස්ථාන පිතිකරුවන්ට ඉන්දියානු පන්දු යවන්නන්ගෙන් එල්ල වුයේ ප්‍රබල තර්ජනයකි. ඒ අනුව ඉමාම් උල් හක් ලකුණු 9 කට සහ බාබර් අසාම් ලකුණු 10කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය. ඒ වන විට පකිස්ථාන කණ්ඩායම රැස් කර සිටියේ ලකුණු 43ක් පමණි. කෙසේවෙතත් පකිස්ථාන ඉනිමේ 11 වන පන්දු වාරයේදී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. නැවත තරගය රාත්‍රී 9.30න් පසුව ආරම්භ කෙරුණි. කුල්දිප් හමුවේ අසරණ වූ පකිස්ථානුවෝ ඉන්දියාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යෑම සඳහා පකිස්ථාන පිතිකරුවන්ට කිසිදු ඉඩක් නොලැබුණි. ඒ අනුව පන්දු වාර 32ක් අවසානයේදී පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 128ක් පමණි. පන්දු යැවීමේදී කුල්දිප් යාදෙව් විසින් ලකුණු 25 කට කඩුලු 5ක් දවා ගනු ලැබුවේය. ඊට අමතරව ජස්ප්‍රීට් බුම්රා, හර්දික් පාන්ඩ්යා සහ ශරාඩුල් ඨාකුර් එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබූහ. |
'ඇඳුමේ අත් නොතිබූ නිසා' මවකට ජාතික අධ්‍යාපන ආයතනයේ ගේට්ටුව වැසෙයි | පාසල් විෂය නිර්දේශයන්ට අදාළ පොත් කිහිපයක් මිල දී ගැනීම සඳහා මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ අලෙවිසැලට දියණිය සමග ගිය මවක මුහුණදුන් සිද්ධියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිවී තිබේ. ඇය ඇයට මුහුණදීමට වූ සිද්ධිය පිළිබඳව ෆේස්බුක්හි සටහනක් තැබීම නිසා මේ කතාබහ ඇතිවිය. ඇය එම සටහන හරහා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබිණි: 1. අවුට්ලට් එකක් කියන්නේ අවුට්ලට් එකක්. අලෙවිසැලක් තියෙන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළේ කාටවත් යන්න බැරි තැනක ද? 2. අපි යන්නේ පාරිභෝගිකයන් ලෙසින් භාණ්ඩයක් මිල දී ගන්න නං ඒකට සාරිය, ඔසරිය හෝ විශේෂිත ඇඳුමක් තිබිය යුතු ද? ඇය "සංස්කෘතික මූලධර්මවාදය" යන මාතෘකාව සමගින් ෆේස්බුක්හි තැබූ සටහන මෙසේ ය: මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ගාල්ලේ පදිංචි ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර නමැති ඇය, එම සිද්ධිය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් පළ කළා ය. "මම ඇඳගෙන ගිය ඇඳුමේ කිසි ම අසංවරකමක් තිබුණෙ නෑ. ඒක මගේ බෙල්ල ළඟ ඉඳලා යටි පතුල වෙනකම් දිග ඇඳුමක්. ඒක එහෙන් මෙහෙන් පලලා තිබුණෙත් නෑ. ආරක්ෂකයෝ පෙන්වපු එක ම වරද තමයි, ඒක අත් නැති ඇඳුමක්වීම. ඒකෙත් අත් නැහැ කිව්වාට ඇතුළට කපලා ඇඟ පේන විදිහට මහපු එකක් නෙවෙයි," ක්‍රිෂ්ණා පැවසුවා ය. "මම ගාල්ලේ ඉඳලා ගොඩක් දුර ගෙවාගෙන තමයි මහරගමට ගියේ. ඒගොල්ලෝ එහෙනම් කලින් ජනතාව දැනුවත් කරන්න ඕන. පාසල් හරහාවත් එහෙම දැනුවත් කිරීමක් කරලා නෑ. හොඳ වෙලාවට මම දුව එක්ක ගියේ. තනියම ගියා නම් මට එක්කෝ අලුතින් ඇඳුමක් ගන්න වෙනවා. නැත්නම්, පොත් නොගෙන ආපහු ගාල්ලට යන්න වෙනවා." ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර ඇගේ ෆේස්බුක් සටහනේ මෙසේ ද සඳහන් කර තිබිණි: "අපි අධ්‍යාපනය අතින් කොතන ද ඉන්නේ? අපේ අධ්‍යාපනය නවීන ලෝකෙට ගැලපෙනව ද? සංස්කෘතිය කියන කඩතුරාවෙන් වහලා අපි මොනව ද බලාපොරොත්තු වෙන්නේ? මම අනිවාර්යෙන් පිළිගන්නවා සෑම පුද්ගලයෙක් ම තමන්ගේ වයසට, තමන්ගේ තරාතිරමට, ස්ත්‍රීපුරුෂභාවයට, තමා යන ස්ථානයට ගැලපෙන විදිහට තමන්ගේ ඇඳුම පැළඳුම තිබිය යුතු බව. ඒ වගේ ම අපි ඝර්ම කලාපයක සමකාසන්න අධික ලෙස දහඩිය දාන හිරු එළියට නිරාවරණය වෙන රටක්. අපේ රටේ අත්දිග ෂර්ට් ඇඳලා ටයි දාලා සාරි ඔසරි පොරවගෙන අමාරුවෙන් ඇදගෙන යන සංස්කෘතිය දැක්ක ම හැම දා ම දැනුණේ ලොකු අනුකම්පාවක්." බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ක්‍රිෂ්ණා තවත් තර්කයක් මතු කළා ය. "දැන් එතනින් කියන්නේ සාරි ඇඳල යන්න ඕන කියලා නම්, අත් නැති හැට්ට ඇඳපු ගුරුවරියෝ ඕන තරම් ඉන්නවා. ඒ අයට අධ්‍යාපන ආයතනය ඇතුළට යන්න දෙන්නේ නැද්ද? අනික් අතට අලෙවිසැලක් ඇයි ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රය ඇතුළේ හදන්නේ? එහෙනම් ඒක හදන්න තිබුණා පිටතින් අලෙවිසැලට ඇතුළු වෙලා පොත් ගන්න පුළුවන් විදිහේ තැනක." මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විවිධ අදහස් පළ කර තිබිණි. මේ එවන් අදහස් දැක්වීමකි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිචාරය මෙම සිද්ධිය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිචාරය කුමක්දැ යි දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය එම ආයතනයේ පරිපාලන සහ මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බී. එම්. පී. විජේසුන්දරගෙන් විමසීමක් කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් බව ත්, ආරක්ෂක අංශයේ නිලධාරීන් මාර්ගෝපදේශ නිසි පරිදි වටහා නොගෙන ක්‍රියාකර ඇතැ යි නිරීක්ෂණය වී ඇති බව ත් ය. "මම ඒ ගැන හොයලා බැලුවා. ඒ කාන්තාව ෆේස්බුක් එකේ දාලා තිබුණ ඇඳුම ත් මම දැක්කා. ඒ ඇඳුමේ වරදක් නෑ. ඒක අසංවර ඇඳුමක් කියලා කියන්න බැහැ. අපි ඒ ගැන ආරක්ෂක නිලධාරීන්ට පැහැදිලි කරලා දුන්නා. මීට පස්සෙ ඒ වගේ සිදුවීමක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ." ජාතික අධ්‍යාපන ආයතනය පිහිටවූ කාලයේ සිට ම ඊට ඇතුළුවීමේ දී ඇඳිය යුතු ඇඳුම් පිළිබඳ සීමා පැවති බව ඔහු පැවසුවේ ය. "මේ නීති දාලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටවපු මුල් කාලේ ඉඳලමයි. දැන් ඒ නීති කාලයට අනුව වෙනස්කළ යුතු යි. අපි මූලිකව ආරක්ෂක නිලධාරීන් දැනුවත් කළා. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා." මහරගම පිහිටි ජාතික අධ්‍යාපන ආයතනය යනු 'ශ්‍රී ලංකාවේ ප්‍රාථමික, ද්විතීක සහ පශ්චාත්-ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් පෙළපොත් සැකසීම සහ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා' පිහිටුවන ලද ප්‍රමුඛතම ආයතනය වේ. එය, 1985 වසරේ අංක 28 දරන පාර්ලිමේන්තු පනත හරහා 1986 වසරේ දී පිහිටුවන ලදී. සාරි ඇඳීම සහ සංස්කෘතික සීමා ගුරුවරුන් සාරි ඇඳීම ඇතුළු සංස්කෘතික සීමා පිළිබඳව ශ්‍රී ලංකාවේ වරින් වර සංවාද වර්ධනය වෙයි. යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍යධුරය දැරූ අකිල විරාජ් කාරියවසම්, ගර්භණී තත්ත්වයේ පසුවන ගුරුවරුන්ට අනිවාර්යයෙන් සාරි ඇඳිය යුතු බවට පැවති සීමා ඉවත් කළේ ය. පසුව, මෑතකාලීනව සාරි ඇඳ සේවය කිරීම අපහසු බවට ඇතැම් ගුරුවරුන් විරෝධය පළකර තිබිණි. එහි දිගුවක් ලෙස ඇතැම් ගුරුවරියන් දැන් සාරිය හැරුණුකොට වෙනත් සුදුසු ඇඳුම්වලින් සැරසී පාසැල් පැමිණෙයි. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිසුවියක් ඇඳුමක් නිසා යම් අපහසුතාවකට පත්වූ සිද්ධියක් එම විශ්වවිද්‍යාලයයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ෆේස්බුක්හි සඳහන් කර තිබිණි. "පසුගිය දවසක පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරියෙක් මෙම ඡායාරූපවල පෙනෙන වැනි ක්‍රොප් ටොප් එකක් හැඳි ශිෂ්‍යාවකට 'ඔහොම අඳින්න එපා මේක විශ්වවිද්‍යාලයක්' යැයි කියා තිබුණා," මහාචාර්යවරයා සඳහන් කර තිබිණි. මෙවැනි සංස්කෘතික සීමා සම්බන්ධයෙන් ඔහු සමාජය හමුවේ මෙම ප්‍රශ්නය තබයි: "සාරි හැට්ටයට බොහෝ දුරට සමාන ක්‍රොප් ටොප්වල වැරැද්ද මොකක් ද? මේවා ගැඹුරට මුල් ඇදුණු එහෙත් අතිසරල සංස්කෘතික ජාතිකවාදී ආලංකාරික මාලාවක් අපේ චින්තනය මෙහෙයවීම පිළිබඳ ප්‍රශ්න." |
සති දෙකක් තුළ ප්‍රසිද්ධ නිවේදනයකින් බොරුව නිවැරදි කරන්නැයි නියෝගයක් | ඉන්ධන ලීටරයක් රුපියල් 250ට ලබා දිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක කළ ප්‍රකාශය අසත්‍ය බව සති දෙකක් තුළ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නියෝග කරන ලදී. එමෙන්ම මේ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියෝග කළ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළ කළේය. ඉන්ධන ලීටරයක් රු. 250 ක මුදලට ලබාදිය හැකි බවට කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගේ දත්ත සහ ගණනය වැරදි බව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සැප්තැම්බර් 06 වැනිදා කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී පෙන්වා දෙන ලදී. |
2023 ලෝක කුසලාන ක්‍රිකට් විනිසුරන් අතරට තේරුණු ලංකාවේ 'උනන්දුවා' | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම්කර තිබේ. තරගාවලිය සඳහා විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කොට ඇති අතර, ඊට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද ඇතුළත් ය. ලබන ඔක්තෝම්බර් මස පස්වෙනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේ විනිසුරුවරයෙකු ලෙස ඔහු නම්කර තිබේ. කුමාර් ධර්මසේන, 2019 වසරේ දී එංගලන්තයේ පැවති අවසන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ද ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය. කුමාර් ධර්මසේන යනු කවුද? හඳුන්නෙත්තිගේ දීප්ති ප්‍රියන්ත කුමාර් ධර්මසේන 1971 අප්‍රේල් මස 24 වෙනිදා කොළඹ දී උපත ලැබීය. ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විදුහලේ ආදී සිසුවෙකු වන ඔහු 1993 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගනු ලැබීය. ඒ මෙරට නියෝජනය කරමින් බිහිවූ 59 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව හිමිවීම ගැන ඔහු වරක් සහභාගී වූ සම්මුඛ සාකච්ජාවක දී මෙසේ පැවසීය. "අද වගේ නෙමෙයි, ඒ කාලේ අපේ ජාතික සංචිතයට එන්න හැමෝටම පුළුවන් වුණේ නැහැ. මගේ තාත්තා රාජ්‍ය සේවකයෙක්. ඉතින් ඒ වගේ පවුලක ළමයෙක් ක්‍රිකට් ක්‍රීඩා කරලා ජාතික තලයට එන එක අමාරු දෙයක්. නමුත් මගේ උනන්දුව යි, දක්ෂකම යි එක්ක මට ඒ දේ කරන්න හැකි වුණා," ඔහු එම සාකච්ජාවේ දී පැවසුවේ ය. ක්‍රිකට් පිටියේ ‘උනන්දුවා’ 1993 වර්ෂයේ දී ජාත්‍යන්තර වරම් දිනූ කුමාර් ධර්මසේන ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2005 වර්ෂයේ දී ය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 141ක් ක්‍රීඩාකර ඇත. එහිදී ඔහු කඩුලු 207ක් දවාගනු ලැබ ඇති අතර අර්ධ ශතක හතක් ද සමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 2090කි. පන්දු රැකීමේ දී ඔහු උඩ පන්දු 48ක් රැකගැනීමට සමත් ව ඇත. 1996 වසරේ එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන කුමාර් ධර්මසේන, ක්‍රීඩා පිටියේ දී කා අතරත් ජනප්‍රියවී ඇත්තේ 'උනන්දුවා' යන අන්වර්ථ නාමයෙනි. මෙම අන්වර්ථ නාමය ගැන වරක් කුමාර් ධර්මසේන මෙසේ පැවසීය: "හැමෝම මට 'උනන්දුවා' කියද්දී මටම පොඩි කුතුහලයක් ආවා. මම පස්සේ මම ක්‍රීඩා කළ තරගවල වීඩියෝ පට නැවත බලද්දී මට තේරුණා ඇයි මට මිනිස්සු අර වගේ නමක් කියන්නේ කියලා. මොකද මම මැච් එකේ දී තනියම කතා කරනවා. කවුරු හරි බෝල් කරද්දී බැට්ස්මන් හතරක් ගැහුවත් ළඟට ගිහින් ඒ බෝල් දාපු කෙනාට කතා කරනවා. මම නෙමෙයි ටීම් එකේ කැප්ටන්. කැප්ටන් කළේ අර්ජුන අයියා. නමුත් මට ඕනකම තිබුණේ කොහොමහරි මැච් එක ගොඩ දාගන්න. ඒ නිසයි මම අර විදිහට හැසිරිලා තියන්නේ." 'මම හිතුවා ඒ චැලේන්ජ් එක භාරගන්න ඕන කියලා' 2005 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරිමට අවශ්‍යව තිබුණත් අවසානයේ දී ක්‍රිකට් විනිසුරුවරයෙකු බවට පත්වීමට ඉලක්කයක් ඔහු තුළ ඇතිවූ බව කුමාර් ධර්මසේන සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වරෙක පවසා සිටියේ ය. විනිසුරුවරයෙකු බවට පත්වී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග විනිසුරුවරුන්ගේ මණ්ඩලය (Elite Panel of ICC Umpires) වෙත ඇතුළුවීම සිය අභිලාෂය වූ බව ඔහු ප්‍රකාශ කළේ ය. "මොකද ICC එකේ විනිසුරුවරයෙක් වෙන්න ලොකු චැලේන්ජ් එකක් තිබුණා. මම හිතුවා ඒ චැලේන්ජ් එක භාරගෙන කරන්න පුළුවන් කියලා. ගොඩක් සතුටු වෙනවා, මම ඒක කරලා දෙවැනි අවුරුද්ද වෙනකොට ලෝකයේ ප්‍රථම ස්ථානයට ආවා. ලෝක කුසලාන අවසන් මහ තරග තුනක දී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා," ඔහු එම සාකච්ජාවේ දී සඳහන් කළේ ය. ඔහුට ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කෙදිනකවත් ලෝක කුසලාන තරගයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේයැ යි නොසිතු බව පැවසූ කුමාර් ධර්මසේන, ටෙස්ට් ක්‍රිකට් තරග 100ක විනිසුරුවරයෙකූ ලෙස කටයුතු කිරීමෙන් පසු ක්‍රිකට් විනිසුරු දිවියෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බව ද එම සාකච්ජාවේ දී වැඩිදුරටත් පැවසීය. ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස තැබූ වාර්තා ලෝක කුසලාන අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ සහ ලෝක කුසලාන අවසන් මහ තරගයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ලොව එකම පුද්ගලයා ලෙස කුමාර් ධර්මසේනගේ නම වාර්තා පොත්වලට එක්ව ඇත. ඔහු 2015 සහ 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරග දෙක මෙන්ම 2022 විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. 2012 වසරේ දී සහ 2018 වසරේ දී ඔහු හොඳම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍රවිය. කුමාර් ධර්මසේන මේ දක්වා ටෙස්ට් තරග 79ක්, එක්දින තරග 118ක්, විස්සයි 20 තරග 42ක් සහ එක් කාන්තා එක්දින තරගයක් සඳහා විනිසුරුවරයෙකු ලෙස දායකත්වය ලබාදී තිබේ. |
ශ්‍රී ලංකාව පිට පිට 13 වැනි එක්දින තරගයත් ජයගනී | ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ( සැප්තැම්බර් මස 09) සමත් විය. තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 13ක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට ලෙස වාර්තා පොත් අතරට එක්විය. කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ශක්තිමත් ආරම්භය සහ තර්ජනය පසුගිය දින කිහිපයේදී කොළඹ ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අද තරගයේ ආරම්භයේ සිට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට එල්ල වුයේ දැඩි තර්ජනයකි. මන්දගාමී තණ තීරුව සහ පන්දුවේ දෝලනය නිසා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ඉතා සෙමෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේය. තරගයේ පළමු පන්දු වාර දෙකේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා හතරේ පහරවල් කිහිපයක් එල්ල කළ ද බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්ථා කිහිපයකදී යොමු කළ පන්දු හමුවේ ඔවුන් අසරණ වූ අයුරු දක්නට ලැබුණි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 34ක් ව තිබියදී දිමුත් කරුණාරත්න දවා ගැනීමට හසන් මහමුද් සමත් විය. දිමුත්ට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 18ක් පමණි. පැතුම් සහ කුසල්ගේ සබඳතාවය දිමුත් කරුණාරත්න ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට කටයුතු කළේය. බංගලාදේශ කණ්ඩායම තරගය සඳහා වමත් දඟ පන්දු ක්‍රීඩක නසුම් එහෙමඩ් කැඳවා තිබුණේය. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඉතා ඉවසීමෙන් යුක්තව පන්දුවට පහර දෙමින් පන්දු 107 කදී දෙවන කඩුල්ල සඳහා ලකුණු 74ක් එක් කිරීමට සමත් විය. පන්දු 60 කට හතරේ පහරවල් 05ක් සමගින් ලකුණු 40ක් රැස් කරමින් සිටි පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට ෂොරිෆුල් ඉස්ලාම් සමත් විය. ඉන් පසුව පිටියට පිවිසියේ සධීර සමරවික්‍රමයි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 23.2 කදී ලකුණු 108ක් ලෙසයි. එක ළඟ වැටුණු කඩුලු පැතුම් නිස්සංක ගේ දැවී යෑමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය රැස් කළේය. කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය වාර්තා කිරීමත් සමග ෂොරිෆුල් ඉස්ලාම් ගේ පන්දුවක් හමුවේ ටස්කින් අහමඩ් ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ චරිත් අසලංක ලකුණු 10 කට සහ ධනංජය ද සිල්වා ලකුණු 06 කට දැවි ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 37.1 කදී ලකුණු 164 කට කඩුලු 05ක් ලෙසයි. ශ්‍රී ලංකා ඉනිමේ සය වන කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 60ක් එක් කිරීමට සධීර සමරවික්‍රම සහ නායක දසුන් ශානක සමත් විය. පන්දු 32 කට ලකුණු 24ක් රැස් කරමින් සිටිය දසුන් ශානක දවා ගැනීමට හසන් මහමුද් සමත් විය. නායක දසුන් ශානක ගේ කඩුල්ල දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු දෙකක් ඉක්මනින් දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම් ලෙස පිතිකරණයේ යෙදුනු සධීර සමරවික්‍රම පන්දු 72 කදී හතරේ පහරවල් 8ක් සහ හයේ පහරවල් දෙකක් සමග ලකුණු 93ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්ය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 257ක් රැස් කළේය. පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ ටස්කින් අහමඩ් සහ හසන් මහමුද් කඩුලු 03 බැගින් දවා ගනු ලැබිය. බංගලාදේශ ඉනිමේ සාර්ථක ආරම්භය සහ කඩා වැටීම ලකුණු 258ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි බංගලාදේශ ආරම්භක පිතිකරුවන් සිය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් රැස් කළේය. ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ බංග්ලාදේශ පිලේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙලීමට නායක දසුන් ශානක සමත් විය. ඒ, පන්දු 29 කට ලකුණු 28ක් රැස් කරමින් සිටි මෙහෙදී හසන් මිර්සා ගේ කඩුල්ල දවා ගනිමින්ය. නැවතත් ක්‍රියාත්මක වූ දසුන් ශානක විසින් බංග්ලාදේශ ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 21 ක් ලබා සිටි මොහොමඩ් නයීම් දවා ගැනීමට සමත් විය. බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 70ක් වන විට ලකුණු 03ක් ලබා සිටිය ෂකිබ් අල් හසන් ගේ කඩුල්ල දවා ගැනීමට මතීෂ පතිරණට හැකි විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෑම විටම බංගලාදේශ පිතිකරුවන්ට තර්ජනයක් ගෙන ඒමට සමත් විය. බංගලාදේශ ඉනිමේ 19 වන පන්දු වාරයේ ලකුණු 83ක් වන විට ලිටන් දාස් ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය. ලිටන් දාස් ගේ දැවී යාමෙන් පසු මුෂ්ෆිකර් රහීම් සහ තව්හිඩ් හිර්දෝයි බංගලාදේශ ඉනිමේ පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 72ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය. පන්දු 48 කට ලකුණු 29ක් රැස් කර ගෙන සිටි මුෂ්ෆිකර් රහීම් ගේ කඩුල්ල දවා ගැනීමට තරගයේ 38 වන පන්දු වාරය යවන ලද දසුන් ශානක සමත් විය. ඒ වන විට බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 155ක් ලෙසයි. අවසන් පන්දුවාර 10ට ලැබුණු ඉලක්කය තරගයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායමට පන්දු වාර 10 කදී ලකුණු 81ක් අවශ්‍ය විය. තරගයේ 42 වන පන්දු වාරයේදී ෂමිම් හුසේන් ලකුණු 05 කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය. බංගලාදේශ ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ තව්හිඩ් හිර්දෝයි තරගයේ 44 වන පන්දු වාරයේදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් විය. හිර්දෝයි පන්දු 97 කදී ලකුණු 82ක් රැස් කර ගැනීමට සමත් විය. නැවත වරක් 44 වන පන්දු වාරයේදී ක්‍රියාත්මක වූ මහිෂ් තීක්ෂණ, ටස්කින් අහමඩ් එක් ලකුණකට දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ඒමට සමත් විය. බංගලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට මතීෂ පතිරණ සමත් විය. ඒ අනුව බංග්ලාදේශය පන්දු වාර 48.1 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 236ක් පමණි. පන්දු යැවීමේදී දසුන් ශානක, මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවා ගනු ලැබූහ. |
පාස්කු ඉරිදා ප්‍රහාරය:චැනල් 4 වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය කුමක්ද? | 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබීය. ඊට දිනකට පෙර"Sri Lanka bombings:were 269 people killed for political power?Dispatches exclusive"යනුවෙන් මිනිත්තු 5ක සංෂිප්ත වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කොට තිබුණි. ශ්‍රී ලංකාව තුළ චැනල් 4 ප්‍රසිද්ධියක් උසුලන්නේ මීට පෙර 2009 වසරේ දී එල්.ටී.ටී සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පැවති යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් යුද්ධයේ අවසන් සමයේදී දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදු කර ඇති බවට සැක කළ හැකි බවට වන සාක්ෂි ඇතැයි ඉදිරිපත් කරමින් නිකුත් කළ"Killing field"නම් වාර්තා චිත්‍රපටය නිසා ය. එවකට එම වාර්තා ච්ත්‍රපටය දෙස් විදෙස් වශයෙන් ආන්දෝලනයට තුඩුදුන් අතර, එමගින් එල්ල වී තිබු සියලු චෝදනා ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළේය. 'දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?'- චැනල් 4 වාර්තාවේ සාක්ෂි කරුවන් කවුද? පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් "දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළාද?" යන ප්‍රශ්නය මතුකරමින් ඉදිරිපත් කළ නව චැනල් 4 වාර්තාව අඩංගු වීඩියෝව නිකුත් කිරීමත් සමග එය ද දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයක් දිනා ගෙන තිබේ. මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත්තේ ජිවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානාය. අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් දුන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු දින කිහිපයක්ම එම විමර්ශකයින් හමු වී ඇති අතර විමර්ශකයින් මොහුගේ ප්‍රකාශ සත්‍ය බව සලකා කටයුතු කරන බවත් වීඩියෝවේ ප්‍රකාශ වෙයි. ආරක්ෂාව පතා රටින් පිටව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජැන්ස්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කොංගහගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙන්ම නම් හෙළිදරව් නොකරන රජයේ නිලධාරියෙකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ. නිශාන්ත ද සිල්වා සහ අසාද් මවුලානා විසින් මෙම සිදුවීම් පිළිබඳව යුරෝපා බුද්ධි එජන්සිය වෙත ද ප්‍රකාශ ලබා දී ඇති අතර අකටයුතු නාද කරන්නන් (whistleblowers) ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයක පළමු වරට මෙම වීඩියෝව හරහා පෙනී සිටිනු ලබන බව එහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම තොරතුරු සපයන්නන්ගේ සාක්ෂි ඇසුරින් චැනල් 4 නඟන ප්‍රධාන ප්‍රශ්නය කිහිපයකි. එනම්, 01. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද? 02. ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා හමුදා බුද්ධි අංශය පොලිසිය නොමඟ යැවුවාද? 03. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබුවාද? යන්නයි. ශ්‍රී ලංකා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම අතර සෘජු සම්බන්ධයක් ඇති බව තම අකටයුතු නාද කරන්නන් (whistleblowers) වෙන වෙනම විස්තර කරන බවත්,රට තුළ බියක් මෙන්ම නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කර වසර 10ක් පුරා රට පාලනය කොට වසර කිහිපයකට පෙර බලයෙන් පහ කරන ලද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම සඳහා සැලැස්මක් සකස් කොට ඇති බවත් චැනල් 4 වීඩියෝව පවසයි. හන්සීර් අසාද් මවුලානා චැනල් 4 වෙත ප්‍රකාශයක් ලබා දෙමින් “මම ඇත්ත දැනගෙන හිටියා,කවුද අපරාධකාරයෝ කියලා. එය සංවිධානය කළේ කාගේ මිනිස්සුද ඒක සංවිධාන කළේ.කාගේ නියෝගයක් ද කියලා.” “බල පෙරළියක් කරන්න, පල්ලිවල, හෝටල්වල ඉන්න අහිංසක මිනිස්සු තමයි මේ මරන්නේ” කියා සිටියේය. ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර සිදුවු බව කියන හමුව 2018 වසරේ ජනවාරි මාසයේ දී අන්තවාදී කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව අසාද් මවුලානා චැනල් 4 වෙත පවසයි. එල්.ටී.ටී සංවිධානයෙන් බිඳී ගිය හිටපු කොටි සමාජිකයෙකු වන පිල්ලෙයාන් රාජපක්ෂ හිතවාදියෙකු ලෙස හඳුන්වන අතර ඔහු රාජපක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයෙකි. ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර ගතව සිටි පිල්ලෙයාන් විසින් තමන් වෙත කරන ලද දැනුම් දීමකට අනුව සයීන් මවුලවී ඇතුළු පුද්ගලයින් පිරිසකට ඇප ලබාදුන් බවත්, පසුව එම පුද්ගල කණ්ඩායම සහ සුරේෂ් සලේ අතර හමුවක් සංවිධාන කළ බවත් අසාද් මවුලානා පවසයි. එම හමුව සඳහා පුත්තලම, කරඩිපුවල් (Karadipuval) නැමති ප්‍රදේශයට අදාළ කණ්ඩායමට පැමිණෙන ලෙස තමා දැනුම් දුන් බව අසාද් මවුලානා වීඩියෝවේ සඳහන් කරයි. තමා එම ස්ථානයට යන විට සුරේෂ් සලේ පැමිණ සිටි බවත් පසුව සුදු පැහැති වෑන් රථයකින් සයීන් මවුලවී සහ ඔහුගේ සහෝදරයා වන සහරාන් ඇතුලු 6 දෙනෙකු පැමිණි බවත්, එම සාකච්ඡාව දීර්ඝ වේලාවක් පැවතුණු බවත් ඔහු එහිදී පවසයි. 'ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි', එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩි දුරටත් ප්‍රකාශ කරයි. නම හෙළි නොකළ චැනල් 4 වෙත අදහස් දක්වන රජයේ නිලධාරියා පවසන්නේ සුරේෂ් සලේ ව මෙහෙයවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය. 2019 වසරේ ජනවාරි මාසයේ දී පොලිසිය විසින් මෙම අන්තවාදී කණ්ඩායම පොල්වත්තක පවත්වාගෙන ගොස් තිබු ආරක්ෂිත නිවෙසක් සොයා ගන්නා ලදි. අසාද් මවුලානා චැනල් 4 වෙත පවසන්නේ සුරේෂ් සලෙයි සහරාන් ඇතුලු පිරිස හමු වූ ස්ථානය එය බවයි. මේ අතර හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් නොමඟ යැවීම් නොකලේ නම් ජාතික තවුහිත් ජමාත් (NTJ) කණ්ඩායම මෙම සිද්ධිවලට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසැකවම අනාවරණය කර ගැනීමට තිබූ බව නම හෙළි නොකළ චැනල් 4 වෙත අදහස් දක්වන රජයේ නිලධාරියා පවසයි. ‘ට්‍රිපෝලි ප්ලැටූන්’ නැමති ඝාතක කල්ලියක් පිළිබඳ අනාවරණයක් පාස්කු ප්‍රහාරයට අමතරව, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා පිල්ලෙයාන් යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘ට්‍රිපෝලි ප්ලැටූන්’ නැමති ඝාතක කල්ලියක් පිළිබඳව තොරතුරු ද මේ වීඩියෝව මගින් ප්‍රකාශ කෙරේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, උපාලි තෙන්නකොන් වැනි මාධ්‍යවේදින්ට එල්ල වූ ප්‍රහාර 'ට්‍රිපෝලි ප්ලැටූන්' නැමති කල්ලිය විසින් සිදුකරනු ලැබ ඇති බව හියුමන් රයිට් වොච් ඇතුලු සංවිධාන විසින් නිගමනය කර ඇති බව ද චැනල් 4 වීඩියෝවේ දැක්වෙයි. මෙහිදී අදහස් දක්වන දැනට ජිවිත ආරක්ෂාව පතා විදෙස්ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ විමර්ශන නිලධාරියෙකු වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පවසන්නේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට 'ට්‍රිපෝලි ප්ලැටූන්' නැමති කණ්ඩායමේ සාමාජිකයන් ගනු ලැබූ දුරකතන 05ක් පිළිබඳ තමාට අනාවරණය කර ගැනීමට හැකි වූ බවය. "ගෝඨාභය රාජපක්ෂට සෘජු අධීක්ෂණයක් තියෙනවා ට්‍රිපෝලී ප්ලැටූන් එක සම්බන්ධව. මම ගෝඨාභය රාජපක්ෂව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා.” නිශාන්ත ද සිල්වා පවසයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ තමා සහ පිල්ලෙයාන්ව රැස්වීමකට කැඳවූ බවත්, ඔහුට අවශ්‍ය වූයේ ලසන්තව ඝාතනය කිරීමට බවත් මවුලානා චැනල් 4 වෙත පවසයි. "අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැහුණා ඔහුගේ කාමරයේදී. ඔහු ඉස්සරහා 'සන්ඩේ ලීඩර්' පත්තරේ තිබුණා. ඔහු කිව්වා, "මේ බල්ලා", සිංහලෙන් බල්ලා කියන්නේ Dogට.මේ බල්ලා නිතරම මාත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. ලසන්ත මරලා දාන්න ඕනි කියලා ඔහු කිව්වා. ඔයාලට පුළුවන් නම්, වහාම ඒක කරන්න. හැකි ඉක්මනින්ම." 'මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි' - ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිචාරය චැනල් 4 වීඩියෝව පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 7 වැනිදා මාධ්‍ය වෙත දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ. “චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි” එහි සඳහන් ය. මේජර් ජෙනරාල් සලේ තම අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා දී ඇති නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර,සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වන බව එහි සඳහන් කොට තිබේ.තමන්ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, මේජර් ජෙනරාල් සලේ මෙන්ම තමන්ද විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇති බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. “2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි" යනුවෙන් එහි වැඩි දුරටත් දක්වා තිබේ. මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ, චැනල් 4 වීඩියෝවෙන් චෝදනා කර ඇති පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙකුත් තමා බලයට පත්වීමෙන් පසු මාරු කර යැවූ නොලැබූ බවයි. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව තමන් වෙත භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවසීම චැනල් 4 විසින් පැවසීම අසත්‍යයක් බවත්, අදාළ වාර්තාව 'පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති' යැයි ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ. කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව චැනල් 4 වීඩියෝවේ සාක්ෂිකරුවන් විසින් සෘජුවම ගෝඨාභය රාජපක්ෂ වෙත එල්ල කොට ඇති චෝදනා සම්බන්ධයෙන් එම ලිපියෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. ආරක්ෂක අමාත්‍යාංශය විසින් චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය විසින් "ආරක්‍ෂක අමාත්‍යාංශය: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීම" යන ශීර්ෂය යටතේ සැප්තැම්බර් 9 වන දින මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ 'ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පරික්ෂණ වලින් පෙන්වා දෙන්නේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින්' බවයි. මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව 'වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට' එරෙහිව සිදු කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දකින බව එහි සඳහන් ය. දේශීය යාන්ත්‍රණයන්ට අමතරව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මගින් ද දේශීය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු කළ බව එහි දක්වා තිබේ. "ආරක්‍ෂක අමාත්‍යාංශය ඕනෑම පුද්ලයෙකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බව කිව යුතුය. Channel 4 නාලිකාව විසින් සිදු කරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නිසැකවම වගකිව යුතු බව ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ කියා සිටි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නැවත අවධාරණය කරයි" යනුවෙන් නිවේදනය අවසන් කොට තිබේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි චැනල් 4 වීඩියෝව නිර්මාණය කර ප්‍රසිද්ධි කිරීමට පෙර එහි නිෂ්පාදන සමාගම වන 'බේස්මන්ට් ෆිල්ම්ස්' විසින් අගෝස්තු 7 වැනි දින ලිපියක් යොමු කර තිබු අතර,එමගින් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් චෝදනා 4ක් පිළිබඳ නිල ප්‍රතිචාරයක් ඉල්ලා තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් සලේ සාක්ෂිකරුවන් විසින් අදාළ හමුවීම් සිදුවීම් වූ බව කියන කාල වකවානුව තුළ තමන් මෙරටින් බැහැරව සිටි බව සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී අවධාරණය කොට තිබේ. එම කාලවකවානුව තුළ තමන් මලයාසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය කවුන්සිලවරයා ලෙස කටයුතු කළ බවත්, 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසානය දක්වා ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වී සිටි බවත්; ඒ බව සනාථ කිරීමට මලයාසියානු සහ ඉන්දියානු බලධාරීන්ගෙන් සොයා බැලීමට වුව ද හැකියාව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබේ. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ ද විද්‍යුත් තැපෑල ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, එම ලිපියෙන් කියවෙන්නේ නිශ්චිතව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. ඒ අනුව සුරේෂ් සලේට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක කරණු පළ කළහොත් සිවිල් ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි වැඩි දුරටත් සඳහන් ය. පිල්ලෙයාන් CID පරීක්ෂණයක් ඉල්ලයි සිවනේතුරන් චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් සැප්තැම්බර් 06 වැනිදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර චැනල් 4 සිද්ධියට අදාළව තමාගේ ලේකම්වරයෙකු පවසන කරුණු සම්බන්ධයෙනුත්, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වන ලෙස එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය. එදින උදෑසන ඔහු පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දක්වනු ලැබීය. "පාස්කු ප්‍රහාරය කවුරුත් පිළි නොගන්න ප්‍රචණ්ඩත්වයක්. ඒක IS සංවිධානය කළ බව IS මියගිය නායකයා කියලා තියෙනවා. ඔවුන්ගේ නිල වෙබ් එකෙත් කියලා තිබුණා.” “අසාද් මවුලානා ගන්න උත්සාහය ගැන මට සැකයක් තියෙනවා. අසත්‍ය දේවල් පදනම් කරගෙන අපි ක්‍රියා කළ යුතු නැහැ. රට යන්න අවශ්‍ය වෙන අය මේ වගේ අසත්‍ය චෝදනා, පාවාදීම් කරනවා. මම ඒ කාලේ බන්ධනාගාරය ඇතුලේ හිටියේ. මේ මිලේච්ච ප්‍රහාරය ගැන හොයන්න ඕනා. අසාත් මවුලානා ඔවුන් ජිවත් වීම සඳහා අනිත් අයව පාවා දෙන අය.'' එහිදී හෙතෙම පැවසීය. පසුව දීර්ඝ කරුණු දැක්වීමක් කළ ඔහු කියා සිටියේ “කල්පනා කරලා බලන්න ගරු කතානායක තුමනි, මා 2015 සිට 2020 දක්වා බන්ධනාගාරගතව සිටියා. මා වැනි බන්ධනාගාරගතව සිට පැමිණි තවත් මන්ත්‍රීවරුන් මෙහි ඉන්න පුලුවන්. එසේම බන්ධනාගාරය පිළිබඳ දන්නා මන්ත්‍රිවරුන් මෙහි ඉන්න පුලුවන්. බන්ධනාගාරතගව සිටිය දී මෙවැනි දෙයක් සිදුකළ හැකි ද යන්න පුදුමයට කරුණක්” යනුවෙනි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය මනූෂ නානායක්කාර සැප්තැම්බර් 05 වැනිදා සඳහන් කළේ මේ විඩියෝවේ සඳහන් කරණු පිළිබඳ අනිවාර්යෙන් අධ්‍යයනය කළ යුතු බවය. "මේ චැනල් 4 නාලිකාවේ කාරණාව මතුකරපු නිසා, අපි රජයක් හැටියට වගකීමෙන් කටයුතු කරනවා වගේම කැබිනට් මණ්ඩලය තින්දු කළා මේ පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරකා සභාවක්, ඒ පිළිබඳව දැනුවත් කිරීම ඉදිරියේදී කරයි. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙනුත් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා ඒ පරීක්ෂණ කටයුතු කරන්න රජයක් විදිහට ඒ ඉල්ලීම අපි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. මොකද ඒක ක්‍රියාත්මක කරන්න මේ රජය පසුබට වෙන්නේ නැහැ.” අමාත්‍යවරයා අවධාරණය කළේය. “ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලේට මේවගේ වීඩියෝ චැනල් 4 නාලිකාවෙන් නිරන්තරයෙන් එනවා. මේ කාලය බලන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වෙන්න තියෙන කාලයේ මේ වීඩියෝ එක එනවා.අපි මේ වීඩියෝ එකේ තියෙන කරුණු පිළිබඳව අනිවාර්යෙන් ම අධ්‍යයනය කරන්න ඕනේ. මේ කියන වෙලාවේ මෙහෙම සාකච්ඡාවක් තිබිලා තියෙනවාද, ඒ පිළිබඳව අපගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කියන විදිහට සැලසුම තිබුණු විදිහට, ඔය විදිහට නම් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න සුරේෂ් සලේ ඔය කියන ප්‍රකාශය පදනම් කරගෙන කෙනෙක් මත කටයුතු කරනවා නම්, එහෙනම් කණගාටුයි කියන්න ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් උන්නාන්සේ උදේ පාන්දර ගිහිල්ලා ඡන්ද දෙන්න ගෝඨාභය රාජපක්ෂට කියලා කිව්වේ මුහුණෙ අත ගහගෙන අඬ අඬ මේ සම්බන්ධයනේ මත වාදයක් ගොඩ නැඟුවේ. එහෙනම් ඒ සියල්ලට ඒ ඔය අඬපු අය මේ විදිහට වැඩ කරන්න කියපු අය මේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කොටස් කාරයෝ වෙන්න ඕනේ එහෙම නම්. මේ පදනමෙන් යනවා නම්. ඒක මගේ පුද්ගලික මතය.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඒ අනුව සැප්තැම්බර් 06 වෙනිදා පාර්ලිමේන්තුවට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයේ එකඟතාවයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්, ඒ අනුව විදෙස් ගතව සිටින අයෙකුට සූම් ඔස්සේ වුව ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවත් ය. 'මම ඒ චැනල් 4 වාර්තාව විමර්ශනයක් කරල පිළිගන්න සූදානම්.විමර්ශනයක් නැතුව පිළිගන්න සූදානම් නෑ'- කාදිනල් හිමි 'පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරවා ගැනීමට මෙරට පුරවැසියන් දැරූ ප්‍රයත්න අසාර්ථක වී ගොස් ඇති අවස්ථාවක චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ වෙනුවෙන් දැරූ වෙහෙස හා කැපවීමට කෘතඥතාව පළකරන' බවත් 'වැදගත් වන්නේ එම නාලිකාවේ පෙර හැසිරීම නොව එය අප මුහුණදුන් ප්‍රශ්නය ගැන සොයා පළකරන කරුණු' යැයි චැනල් 4 වීඩියෝව සම්බන්ධව අදහස් දැක්වීමට සැප්තැම්බර් 6 වෙනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් කොළඹ දී කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදී. මෙමඟින් හෙළිකළ වැදගත් කරුණු හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටු විසින් හෙළිදරව් කළ එහෙත් නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව අපක්ෂපාතී, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම අවශ්‍ය බව පවසන උන්වහන්සේ; පාර්ලිමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත්කෙරෙන කමිටුවක් මගින් අපක්ෂපාතී හා අවංක විමර්ශන සිදුවනු ඇතැ යි කිසිසේත් තමන් විශ්වාස නොකරන බවත්, පෙර දී පාර්ලිමේන්තුව පත්කළ කමිටුවලින් ඉදිරිපත් කෙරුණු නිර්දේෂ වලට පවතින රජය ද, පෙර රජය ද දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයක් හෙයින් එය ස්වාධීන ජාත්‍යන්තර කමිටුවක් හරහා සිදුවිය යුතුයැයි ද වැඩි දුරටත් ප්‍රකාශ කළහ. ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය පිණිස පත්කරන දේශීය කණ්ඩායමට, ප්‍රහාරයේ මූලික විමර්ශන සිදුකරන ලදුව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා ඇති විමර්ශකයන් සියලුදෙනා පත්කළ යුතුබව ද, විමර්ශනයට ලක්වන ඉහල නිලතල දරන නිලධාරීන් සියලුදෙනාගේ සේවය විමර්ශන නිමවනතුරු අත්හිටුවිය යුතුබව පවසන උන්වහන්සේ ප්‍රහාරය වළක්වාගැනීමෙහිලා අසමත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ද සේවය විමර්ශන නිමවනතුරු අත්හිටුවිය යුතු බව පැවසීය. මේ අතර"පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව ඉදිරිපත් කරපු වාර්තාව ඔබ වහන්සේ පිළිගන්නවද නැද්ද?" යනුවෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ "මම ඒ චැනල් 4 වාර්තාව විමර්ශනයක් කරල පිළිගන්න සූදානම්. නැත්නම් එහෙම විමර්ශනයක් නැතුව පිළිගන්න සූදානම් නෑ"යනුවෙනි. එසේම ගෝඨභය රාජපක්ෂට සහාය පළ කරන ලද බවට තමන් වෙත එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් “මම කිසිම ආකාරයකින් ගෝඨභයට ඡන්දය දෙන්න කියලා කිව්වෙත් නැහැ. සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියලා කිව්වෙත් නැහැ. අනුර කුමාර දිසානායකට ඡන්දය දෙන්න කියලා කිව්වෙත් නැහැ” උන්වහන්සේ කියා සිටියහ. 'මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක්'- නාමල් රාජපක්ෂ මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී ය වෙත ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, 'මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක්’ බවය. රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය. රජයක් ලෙස මීට නීතීමය පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු එහිදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දී ද සැප්තැම්බර් 06 වැනිදා වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ “චැනල් 4 ආයතනය ගත්තොත් මගේ පවුල එක්ක මගේ පියා එක්ක රාජපක්ෂ නාමය එක්ක පාරම්පරික වෛරයක් තියෙනවා. 2009 යුද්ධය අවසන් කරපු වෙලාවේ ඉදන් චැනල් 4 ආයතනය, මහා බ්‍රිතානයේ නාලිකාව, රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් වීඩියෝ චිත්‍රපට ක්‍රියාත්මක කරනවා. මං ඒක මාධ්‍ය ආයතනයක් විදිහට සලකන්නේ නැහැ. මං හිතන්නේ ඒක වීඩියෝ චිත්‍රපට කරන ආයතනයක්. අද ඊයේ ආරම්භ කරපු කාරණයක් නෙමේ” “චැනල් 4 ආයතනය පාස්කු ඉරිදා සම්බන්ධයෙන් කරපු චිත්‍රපටය අද පටිගත කරත් එය, මං හිතනවා එය 2009 යුද්ධය අවසන් වෙච්ච වෛරය පිරිමහගන්න චැනල් 4 ආයතනය කටයුතු කරනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ගේ දේශපාලන අරමුණක් ඉෂ්ට කරන්න චැනල් 4 ආයතනය කටයුතු කරනවා” ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරයා පවසන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරකට පෙර පැවති මැතිවරණයෙන් ප්‍රාදේශීය සභා වලින් 70%ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වූ බවය. “යහපාලන ආණ්ඩුව කාලේ අපි වැඩි හරියක් අපේ කාලය ගත කලේ FCID එකේ, පොලිසිවල, හිරගෙවල්වල, එහෙම කාල සීමාවක මට හිතා ගන්න බැහැ කොහොමද ගෝඨාභය රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂවරු එකතු වෙලා බුද්ධි අංශ ප්‍රධානියෙක් හොයා ගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයක් සැලසුම් කරන්නේ කියන කාරණය.” “පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය කොහෙද හිටියේ. එක බෝම්බකරුවෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වේදිකාවේ හිටියා. අනුර කුමාර දිසානායකගේ මහතාගේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් විදිහටත් හිටියා. එහෙම බැලුවා නම් මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හිටපු, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු එක්කෙනාගේ පුතා, මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරපු කෙනා, රාජපක්ෂවරයෙක්ව බලයට ගේන්න තමන්ගේ ජීවිතය නැති කරගත්තා කියන එක පිළිගන්න පුලුවන් කාරණයක් නෙමේ.යම්කසි හෙයකින් එය එහෙම වුණා නම් ඔබ තමන්නාන්සෙලා සියලුදෙනාත් ඒ ගෝඨභය රාපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවන්න සහයෝගය දීලා තියෙනවා කියන එක තමයි කියන්න වෙන්නේ.” මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියේය. 'ආරක්ෂාව දෙන්නම් කියලා අර මරණ ටික ප්‍රයෝජනයට ගත්තා'-වින්දිතයින් කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් සිය ස්වාමි පුරුෂයා සහ දියණියන් දෙදෙනා අහිමි වූ චැනල් 4 වීඩියෝව වෙත ද තම අදහස් දක්වා තිබු නෙරංජලා යසවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කළත් තමන් එය විශ්වාස නොකළ බවයි. "එයා මේක කෙරුවා කියන කතාව නෙමෙයි කියන්නේ. නමුත් ඒ අය හිනාවෙවී කියන කරන දේවල් දිහා බලන්න.මේ රටේ සමස්ත ජනතාව දැක්කා මේ ප්‍රහාරය දේශපාලන වේදිකාවේ මොන විදියට පාවිච්චි කළා ද කියන එක.ඒ වන විට රටේ තිබුණු අස්ථාවර භාවයත් එක්ක ඒ අයට ආරක්ෂාව දෙන්නම් කියලා අර මැරීච්ච මරණ ටික ප්‍රයෝජනයට ගත්තා." "මිනිස්සුන්ගේ ඡන්දයෙන් රජයක් පත්වෙන්නේ ඒ කතිරේ ගහන අයට සේවය කරන්න. ඔවුන්ව ආරක්ෂාව කරනවා කියලා. නමුත් එහෙම වෙනවා නම් මේ වගේ සිද්ධියක් වුණේ කොහොමද? මිනිස්සු බලාපොරොත්තු වෙනවා රජයකින් තමන්ට ආරක්ෂාවක් ලැබෙයි කියලා. නමුත් ඔවුන් වගකීම ඉෂ්ඨ කර නැහැයි කියා පැහැදිලිවම පෙනෙන දෙයක්." නෙරංජලා කියයි. මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි 01 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 වැනිදා සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා එම කොමිසම පත් කරනු ලැබීය. කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන අතර එම වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විත බව ජනාධිපති කාර්යාලය තම වෙබ් අඩවියේ දක්වා ඇත. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් අතුලු පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුව ද මෙම සම්පූර්ණ වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර එහි කොටස් කිහිපයක් පමණක් ප්‍රසිද්ධ කර තිබේ. චෝදනා 23,270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු මේ අතර අප කළ වැඩිදුර සොයා බැලීමකදී අප අධිකරණ වාර්තාකරු තහවුරු කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අපරාධ නඩුවක් කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ වන විට විභාග වෙමින් පවතින බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270 යටතේ, විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ. |
EPF:'මහබැංකුවයි,රජයයි අහන්නේ අතද, කකුලද කපාගන්න ඕනේ වගේ ප්‍රශ්නයක්' | සේවක අර්ථ සාධක අරමුදලේ විශාලත්වය රුපියල් ට්‍රිලියන3.4ක් පමණ වෙයි. එහි ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. කතානායකවරයා කෙටුම්පතට අත්සන් තැබීමත් සමග අද සිට එය බලාත්මකය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන අනුව යමින් යෝජිත ණය ප්‍රශස්ථකරණ වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා ලබන 14 වැනිදා වන විට එම කටයුතු අවසන් කිරීම රජයේ ඉලක්කයයි. ඒ සඳහා සේවක අර්ථ සාධක අරමුදල භාණ්ඩාගාර බැඳුම්කරවල අයෝජනය කර ඇති මුදල් සඳහා ඉදිරියේදී ගෙවන පොලිය 9% දක්වා අඩු කිරීමට හෝ එම අරමුදලේ ප්‍රතිලාභ වලින් අයකරන 14%ක පොලිය 30% දක්වා ඉහළ නැංවීමට මේ යටතේ යෝජනා කර තිබේ. සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මෙම පසුබිම තුළ වෘත්තීය සමිති නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡාවක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විණි. ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක, යුනයිට් සංවිධානය වෙනුවෙන් තරිඳු උඩුවරගෙදර, පෞද්ගලික සේවක මධ්‍යස්ථානයේ සභාපති දුමින්ද නාගමුව, යුනයිට් සංවිධානය වෙනුවෙන් දනූෂ පතිරණ, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත, එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජගත් ගුරුසිංහ, වාණිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික විජේපාල වීරකොන්, ලංකා බැංකු සේවක සංගමයේ භාණ්ඩාගාරික එච්.එම්.ටී.බී හේරත් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වූහ. ඉතා උණුසුම් වචන හුවමාරු මෙන්ම තර්ක විතර්ක මැද පැවති සාකච්ඡාව අවසන් වුයේ එකඟතාවකයින් තොරවය. වෘත්තීය සමිති නියෝජිතයින් මතු කළ ප්‍රධාන කරුණු මොනවාද? සාකච්ඡාවට එක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුයේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන වතු කම්කරුවන් ඇතුලු ලක්ෂ 25ක් පමණ වන සේවකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට අත නොතබන ලෙසයි. එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනී නීතිඥ ස්වස්තිකා අරුලිංගම් මෙහිදී අවධාරණය කළේ, “අත තියන්න එපා. ඒවා කම්කරුවන්ගේ ඉතුරුම්. භාරකරු විදිහට EPF අරමුදල්වලට අත තියන්න බැහැ. එවැනි තීරණයක් ගන්නව නම් ඔබ තවදුරටත් භාරකරු වෙන්නෙ නැහැ.” වෘත්තීය සමිතිවල යෝජනා මොනවාද? 01. EPF,ETF සහ අනෙකුත් විශ්‍රාමික අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමෙන් (DDR) සම්පුර්ණයෙන්ම බැහැර කරන ලෙස වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටිති. විශ්‍රාම වැටුප් අරමුදල් යනු වැඩ කරන ජනතාවට මහළු වියේදී භාවිතා කළ හැකි එකම ඉතුරුම් බවත් ඒවා ලාභ රැස් කිරීමට භාවිතා කරන වත්කම් හා ධනය සම්බන්ධ ආයෝජන අරමුදල් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි. වැටුප් වලින් සිදුවූ ඉතිරිකිරීම් වන විශ්‍රාම අරමුදල් පුද්ගලික ණය හිමියන්ගේ ආයෝජන වත්කම්වලට කිසිසේත් සමාන කිරීමට නොහැකි බව වෘත්තීය සමිති නියෝජතයින් පෙන්වා දෙයි. 02. පැහැර හරින ලද බදුවල වර්තමාන වටිනාකමට සාපේක්ෂව බදු පැහැරහරින්නන් සතු බැඳුම්කර කප්පාදු කරන ලෙසත්, තැන්පතු රජයේ භාරයට ගන්නා ලෙසත් වෘත්තීය සමිති නියෝජිතයින් ඉල්ලා සිටියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව 2022 අවසානය වනවිට නොගෙවා පැහැර හරින ලද බදුවල මුළු වටිනාකම රුපියල් බිලියන 904 කි. බැඳුම්කර හිමියන්ට ඉහළ පොලී ලබා දෙන කාල සීමාවක් තුළ බදු පැහැර හැරීම සිදුවී ඇති නිසා නොගෙවා පැහැර හරින ලද බදු වල වර්තමාන වටිනාකම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ඇතැයි යුනයිට් සංවිධානයේ සාමාජිකයෙකු මෙන්ම ආර්ථික විශ්ලේෂකයෙකු වන දනූෂ පතිරණ සඳහන් කළේය. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බදු නොගෙවූ පිරිසගේ බැඳුම්කර කපා හැරීමෙන් සහ ඔවුන්ගේ තැන්පතු අත්පත් කරගැනීමෙන් ආණ්ඩුවට EPF,ETF කපා හැරීමෙන් ඉතිරි කිරීමට අපේක්ෂා කරන මුදල මෙන් තුන් ගුණයක් ඉතුරු කිරීමට ඉදිරි වසර 16 තුළ ඉඩ සැලසෙන බවය. මෙයින් බැංකු පද්ධතියට කිසිඳු බලපෑමක් නොවී රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකි බවත් එම නිසා විශ්‍රාමික අරමුදල්වලට අත නොතබා ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ නොහැකි බවට මහබැංකුව සහ ආණ්ඩුව කරන ප්‍රකාශය දූෂිතයන් රැකීම සඳහා ගොතන ලද්දක් බවද වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරයි. 03. ජාත්‍යන්තර වෙළෙඳාමේදී සාවද්‍ය ඉන්වොයිසි හරහා විදේශගත කරන ලද ඩොලර් බිලියන 53 ක අරමුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට වෝහාරික විගණනයක් කිරීම වෘත්තීය සමිති නියෝජිතයින්ගේ තවත් ඉල්ලීමකි. 2009 සිට 2018 දක්වා කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ සාවද්‍ය ඉන්වොයිසි කිරීම හරහා රටට ඇ.ඩො. බිලියන 40කට අධික මුදලක් අහිමි වී ඇති බව Global financial index අනාවරණය කර ඇති බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 53ක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් රජයේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම අරමුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මහබැංකුව වෝහාරික විගණනයක් කරන ලෙසත් වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලා සිටිති. 04. රජය විසින් ලබාගෙන ඇති විදේශීය සහ දේශීය ණය පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා එම ණය අතර ඇති පිළිකුල් සහගත ණය (odious debt) මොනවාදැයි ප්‍රකාශ කිරීම තවත් ඉල්ලීමකි. 2017 වන විට රජය ලබාගෙන ඇති විදේශ ව්‍යාපෘති ණය හා සසඳන විට රටේ ඉතිරිව ඇති දේශීය වත්කම්වල වටිනාකම සැලකිය යුතු ලෙස අඩු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හෙළි කර ඇති බවත් මෙයින් පෙනී යන්නේ දූෂිත දේශපාලන සංස්ථාපිතයක් සහ බලයේ සිටින්නන් සමග සමීප සම්බන්ධතා පවත්වන ව්‍යාපාරික ප්‍රභූන් පොහොසත් කිරීම සඳහා විදේශ ණය විශාල වශයෙන් ගසා කා ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. 05. ආයෝජන මණ්ඩලයේ (BOI) සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කිරීම තවත් ඉල්ලීමකි. මෙම බදු සහන ඉවත් කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කළ ඉල්ලීම් නොතකා ආයෝජන මණ්ඩලයේ සමාගම් ආදායම් බදුවලින් නිදහස් කර ඇත. මීට පරිබාහිරව, සියලු BOI සමාගම් වෙත බදු රහිතව ආනයනය කිරීමට ලබා දී ඇති වරප්‍රසාද අහෝසි කළ යුතු බවද වෘත්තීය සමිති අවධාරණය කරයි. 1990 දශකයේ මැද භාගයේ සිට බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 22% සිට දැනට 9% දක්වා පහත වැටීමට මේ තත්වය සෘජුව බලපා ඇත. එම නිසා ආයෝජන මණ්ඩලයේ සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කිරීම මගින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි බවද වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙයි. මහබැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ප්‍රතිචාර වලින් පසු අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට රජය විදේශීය ණය ගෙවීම් නතර කර ඇති බවය. ණය ප්‍රශස්තකරණය නොකළ හොත් ඉදිරියේදී දේශීය ණය ගෙවීම ද නතර විය හැකි බව ඔහු සඳහන් කළේය. රටේ බැංකුවලට සහ සේවක අර්ථසාධක අරමුදලට වන හානිය අවම කිරීමත්, සේවකයින්ගේ ගිණුම් හා ශේෂයන් ආරක්ෂා කිරීමටත් හැකි හොඳම විසඳුමක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී තර්කර කර සිටියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% පමණ අගය බැගින් EPF අරමුදලෙන් කාප්පාදුවක් සිදුවන බවටය. දේශීය ණය ප්‍රශස්තකරණය තුළින් EPF අරමුදලින් සිදුවන කප්පාදුව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව වෘත්තිය සමිති නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට 9% බැගින් ප්‍රතිලාභ ගෙවීම නීතියකින් තහවුරු කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ. යුනයිට් සංවිධානයේ සාමාජික දනුෂ පතිරණ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ "මෙතෙන කරන්නේ මහබැංකුවයි, මේ රජයයි අතද,කකුලද කපාගන්න ඕනේ වගේ ප්‍රශ්නයක් අහන්නේ.මේ දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයට ETF ඒක සම්බන්ධ වුනේ නැත්නම් 30ක විශාල බද්දක් වදිනවා. මේක දළ ආදායමට ගහන බද්දක්.මේක අතිවිශාල බද්දක්.මහ බැංකුව මේක සමාන කරනවා කෝපරේට් ටැක්ස් එකට. කෝපරේට් ටැක්ස් එකට මේක සමාන කරන්න බැහැ." "ණය ප්‍රශස්තකරණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කලොත් 30% බද්දකට යටත් වෙනවා.ඒකෙන් බේරෙන්න නම් DDR එකට සම්බන්ධ වෙන්න වෙනවා.DDR එකට සම්බන්ධ වුණාම ආදයමෙන් 45%ක් අහිමි වෙනවා ඊළඟ අවුරුදු 16 ඇතුළත.” |
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින නඩු මොනවාද? | බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව වීඩියෝවක් නිකුත් කිරීමත් සමග මේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දිනවල යළි බහක් මතුව තිබේ. මේ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවටද ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ දක්වා නඩු පවරා ඇත්තේ කාටද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාගවන නඩු මොනවාදැයි, බීබීසී සිංහල විමසා බැලීමක් කළෙමු. චෝදනා 23270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 යටතේය. විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ. නඩුවේ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් ( අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා ), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ( අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් ( අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් ( අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා , මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර සිටිති. ඔවුහූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. නඩුවට අදාළ චෝදනා මේ වන විට සම්පූර්ණයෙන්ම විත්තිකරුවන්ට කියවා දී අවසන් කොට ඇති අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ. නඩු විභාගය ලබන ඔක්තෝබර් මස 10 වැනිදා පැවැත්වීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කර ඇත. වන්දි නඩු 290ක් මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හානිය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 108 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබීය. එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස එවකට අග්‍රමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණද ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි හෙයින් ඔහු මුදා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි. නඩුවේ ප්‍රධාන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් එම නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළත් කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බැවින් තමන්ව එම නඩු වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ දිසාඅධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පවත්වාගෙන යාමට තීන්දු කරනු ලැබීය. තීන්දුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ ද අධිකරණය විසින් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නඩු 182 ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ. එම නඩු වල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය නම් කර ඇති අතර එම නඩු ද මේ වනවිට විභාග වෙමින් ඇත. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850 බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙනම නඩු දෙකක් ගොනු කර තිබුණි. එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් තිබේ. මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව විසින් මේ පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණි. පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලැබීය. එම වන්දි මුදල, තීන්දුව ලබා දුන් ජනවාරි මස 12 වනදා සිට සිට මාස හයක කාලසීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් රජයට නියෝග කර තිබුණි. එහෙත් තමන්ට ගෙවන ලෙස නියම කර තිබෙන රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 15 ක මුදලක් පමණි. ඉතිරි වන්දි මුදල් වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් 2024 වසරේ ජූනි මස 30 වන දා සිට ඉදිරි වසර 10 තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග උත්තර කරුවන් හා රජය අපහොසත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය නීතීඥ ශමිල් පෙරේරා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ. එම මෝසම ද ලබන 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස මිනීමැරීම, රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් ජනවාරි මස ගොනු කෙරුණි. සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලයෙක් එම පෞද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ. එම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණි. තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බැවින් එම නඩුව විභාගයට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ මේ වනවිට විභාග වෙමින් පවතින අතර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තවත් නඩුවක් ගොනු කර ඇත. එම නඩුවද මේ වන විටත් විභාග වෙමින් පවතී. ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු දනිමින් ඒවා ආරක්ෂක අංශ වලට වසන් කළේ යැයි චෝදනා කරමින් දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු ට එරෙහිව ද මේ වන විට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. එම නඩුවට අදාළ චෝදනා විත්තිකරුවන්ට භාරදී ඇති අතර එම නඩුව ද විභාගය ද නියම කර ඇත. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් යනු පාස්කු ඉරුදින ෂැංග්‍රී-ලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වල දී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන් බව කියන ඉන්ෆාස් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන අයගේ පියා බවත් නඩු විභාගයේදී අනාවරණය විය. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් 2021 වසරේ අප්‍රේල් මස 26 වැනිදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. පසුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහෝදරයා මුදා හැරීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. |
තරිඳු පෙරේරා: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජයග්‍රහණවල ‘මහ මොළකරුගේ’ ජීවිත කතාව | ශ්‍රී ලංකාවට ක්‍රිකට් තරග වසන්තයක් උදා වී තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය යනාදී වශයෙන් අඛණ්ඩව ක්‍රිකට් තරගාවලි රැසක් පැවැත්වෙයි. සුපිරි කණ්ඩායම් 4ට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සුදුසුකම් ලැබීමෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ට ලැබුණු ප්‍රීතිය දෙගුණ තෙගුණ කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ, මෙරට ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ජේදයක් ලියමින් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බදාදා (සැප් 06) සමත්වීමත් සමග ය. තරග තුනකින් සමන්විත වූ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 12ක පරාජයක් අත්වුව ද, සෙසු තරග දෙක ම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. තිරය පිටුපස සිට මේ සියලු ජයග්‍රහණවලට මඟ පෙන්වූ සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව ක්‍රීඩාලෝලී සියල්ලන්ගේ අවධානය යොමු වී තිබේ. එය, සමාජ මාධ්‍ය හරහා ඔහුට ලැබී ඇති ප්‍රතිචාරවලින් මනාව පැහැදිලි වෙයි. ඇතැම් විදේශික ක්‍රිකට්ලෝලීන් පවා තරිඳු පෙරේරා හඳුන්වා ඇත්තේ, "එංගලන්ත කණ්ඩායමේ පරාජය සැලසුම් කළ මහ මොළකරුවා" ලෙස ය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ, ඔහු වෙනුවෙන් පළකරන ලද සිය ගණනක් වූ අගැයීම්වලින් කිහිපයක් පමණි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත කවුද මේ තරිඳු පෙරේරා? මේ කියන තරිඳු පෙරේරා වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස ක්‍රියා කරයි. ඔහු එම තනතුර සඳහා පත් කරන ලද්දේ, පසුගිය ජූලි මස පළමු දා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තරිඳු පෙරේරා, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ඉහළ ම සුදුසුකම වන විශේෂඥ පුහුණුකරු (ECB Specialist Coach) හෙවත් සිව්වන මට්ටමේ (ECB level 4) පුහුණුකරුවෙකි. ඔහු, නව තනතුර භාර ගැනීමට පෙර එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ පළමු පෙළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් දෙවන පෙළ පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සේවය කළේ ය. ඊට අමතරව, වෝවික්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය, ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් (BBL), වෙස්ට් එන්ඩ් රෙඩ් බැක්ස් ආදී ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක පුහුණුකරු තනතුරු දරමින් අත්දැකීම් ලබා තිබේ. අහම්බෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ හැටි තරිඳු පෙරේරා අධ්‍යාපනය ලැබුවේ, කොළඹ අසෝක විද්‍යාලයයේ ය. ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකාර තනතුර භාර ගැනීමට පෙර පැවති සාකච්ඡාවකදී පැවසූ පරිදි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ අහම්බෙනි. "මම හය වසරේ ඉන්න කාලේ අපේ පන්තියට ඇවිත් කිව්වා ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට කැමති අය හවසට එන්න කියලා. ඒ කාලේ අම්මා හැමදාම මාව එක්කගෙන යන්න ඉස්කෝලේ ගාවට එනවා. මම ඉස්කෝලේ ඇරිලා අම්ම ළඟට දුවගෙන ගිහින් ඇහුවා ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්න ද කියලා. අම්මා කැමැත්ත දුන්නා. මම එදා ඉඳන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා." පසුව ඔහු 13 පහළ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනුණු අතර පසුව එම කණ්ඩායමේ නායකත්වයට ද පත් විය. ඉන්පසු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල නායකත්වය දරා ඇත්තේ ද තරිඳු පෙරේරා ය. වයස අවුරුදු 17න් පහළ ජාතික ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් වූ ඔහු, 1999 වසරේ පිහිටුවූ ශ්‍රී ලංකාවේ පළමු පන්දු යවන්නන්ගේ ඇකඩමියට ද තෝරා ගනු ලැබිණි. එංගලන්තයට ගියේ ඇයි? 2004 වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වූ බව තරිඳු පෙරේරා පවසයි. ඒ, ඔහුගේ පියාගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට ඔහුට සිදුවී ඇති හෙයිනි. "මම ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ගැහුවා දිගටම. ඒත් ජාතික කණ්ඩායමට එන්න ගොඩක් තරගකාරීත්වය වැඩි වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටක පළමු පෙළ ක්‍රිකට් ගහලා ජීවිතය ගොඩනගා ගන්න අමාරුයි කියන එකත් මට තේරිලා තිබුණා. ඒ අතරතුර එංගලන්තයේ හිටිය මගේ ඥාතියෙක් කිව්වා ක්‍රීඩාව ගැන ඉගෙනගන්න විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම 2005 දී රෝහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව උපාධිය කරන්න පටන් ගත්තා. ඒ අතරේ මම එංගලන්තයේ පොඩි පොඩි ක්ලබ්වල ක්‍රිකට් ගැහුවා දිගටම." ඒ අනුව, 2007 වසරේ දී ඔහු නොදම්ටන් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ දෙවන පෙළ කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට උපාධිය නිම කිරීමට නොහැකි වූ අතර 2011 වසරේ දී ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ය. එහෙත්, අපේක්ෂා කළ පරිදි එය සාර්ථක නොවූ හෙයින් ඔහු යළිත් එංගලන්තයට ගියේ ය. එහිදී ඔහු යෝක්ෂයර් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් පුහුණු කිරීම ද සුළුවෙන් ආරම්භ කළේ ය. 2014 වසරේ දී තරිඳු, වේක්ෆීල්ඩ්හි Ceylon Cricket Academy නමින් ක්‍රිකට් පාසලක් ආරම්භ කළේ ය. ඒ සමග ම ඔහු ක්‍රිකට් පුහුණුකරු උපාධිය හැදෑරීම ආරම්භ කළේ ය. "මේ කාලෙත් මට ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මෙහෙ ගොඩක් වියදම් වැඩියි. උපාධි ගාස්තුත් ගොඩක් වැඩියි. තාත්තාත් නැතිවුණ නිසා මට මෙහෙ රස්සාවල් කිහිපයක් කරන්න වුණා ජීවත් වෙන්නයි, ඉගෙන ගන්නයි. ඒ නිසා ම 2009 පටන් ගත්ත උපාධිය ඉවර කරන්න පුළුවන් වුණේ 2017 දී," තරිඳු පෙරේරා අතීතය ආවර්ජනය කළේ ය. පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට ආ හැටි ක්‍රිකට් පාසල පවත්වාගෙන යන අතරතුර ඔහුට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ 10න් පහළ, 14න් පහළ සහ කාන්තා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලැබිණි. ඔහු යෝක්ෂයර් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට 2019 වසරේ දී පත් කෙරුණු අතර පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද පත් කිරීම විශේෂත්වයකි. එංගලන්තයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස වැඩුණු තරිඳු එහිදී ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට ඉවහල් වූවාට සැකයක් නැත. ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නම බැබළවීමට ඔහුට තිබූ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වුව ද, පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව බැබළවීම සිය අරමුණ වී ඇතැ යි ඔහු එංගලන්තයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සමයේ අප සමග පැවසීය. "මම ගොඩක් දුක් විඳලා මේ තත්ත්වයට ආවේ. මගේ අම්මා කළුබෝවිල. තාත්තා ජපානයේ වැඩ කළ නිසා අම්මා තමයි මගේ හැම වැඩකටම මට උදව් කළේ. මගේ අරමුණ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නම බබළවන එක යි. ඒක මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කරන්න බැරි වුණත් මම අධෛර්යවත් වුණේ නැහැ. පුහුණුකරුවෙකු විදිහට මම ඉදිරියට ම යන්න බලාපොරොත්තු වෙනවා," තරිඳු පෙරේරා වැඩිදුරටත් පැවසීය. මේ වන විට, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එංගලන්තයේ සංචාරයක නිරත වන හෙයින් තරිඳු පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවසරයක් නොලැබේ. මෙම තරගාවලිය යටතේ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරග මාලාව සැප්තැම්බර් 9 වන දා ආරම්භ වීමට නියමිත ය. |
විශ්වාසභංගය : 'දැන් දෙවියන් වහන්සේ දඬුවම් දෙන්න පටන් අරගෙන. එයින් කෙනෙක් ගෝඨාභය' | රටේ හොරකම් සහ දුෂණ වැළක්වීමේ වගකීම ජනාධිපතිවරයා සතු වගකීම බවත් ඔහු ඡන්දය සහ බලය බලාපොරොත්තුවෙන් වැරදි ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව පියවරක් නොගන්නා බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (සැප්තැම්බර් 07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ''මේ අය එපා කියද්දීත් මම ඡන්දය දුන්නා. ජනාධිපති කරන්න (රනිල් වික්‍රමසිංහ) ඡන්දය දීපු 134 දෙනාගෙන් කෙනෙක් මම. මේ පාලකයා දැන ගන්න ඕනා මේ ගොල්ලන්ව හොරකම් කරන්නේ නැතුව ගෙනියන්න. ජනාධිපතිතුමා දැන ගන්න ඕනා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට විරුද්ධව ක්‍රියා කරන්න'' යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අදාළ විවාදයේ දෙවන දිනයට එක් වෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසුවේය. ''ඉන්දියාවෙන් බෙහෙත් 307ක් ගෙනල්ලා තියෙනවා. එකක් කෝලිටි ෆේලියර් වෙලා තියෙනවා, ඇත්ත.හැබැයි මතක තිය ගන්න පහුගිය අවුරුදු 10 තුළ ඇවරේජ් 80යි 100යි අතර සෑම අවුරුද්දෙම කෝලිටි ෆේලියර්ස් වෙලා තියෙනවා. බැච් විඩ්රෝල් වෙලා තියෙනවා. මේක අරුමයක් නෙමෙයි" යනුවෙන් තමන්ට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේය. මෙම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පැවැත්වේ. |
'මගේ වැරදි නෙමෙයි හදා ගන්න ඕන' - මන්ත්‍රී දයාසිරි ජයසේකර | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස 2019 වසරේදී පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම තීරණය ගෙන තිබුණු අතර, එහි නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇත. 'මම වැරැද්දක් කරලා නැහැ' මෙම සිද්ධිය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බීබීසි සිංහල සේවයට පැවසුවේ ඔහු කිසිදු වරදක් සිදුකර නොමැති බව යි. "දේශපාලන මණ්ඩලයක් රැස් කළා කියනවා. එහෙම දේශපාලන මණ්ඩලයක් රැස් කළේ නැහැ. මටත් කතා නොකර දේශපාලන මණ්ඩලයක් රැස් කරන්න බැහැනේ. ඒ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 14-15ක් ඉන්නවා, නමුත් ඒකට ඉදලා තියෙන්නේ සාමාජිකයින් පස් දෙනෙක් විතරයි. ඒක සම්පූර්ණ නීති විරෝධියි, එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා," මන්ත්‍රීවරයා පැවසුවේ ය. ඔහු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාක්ෂිකයින් සහ සංවිධායකවරුන් ද වික්ෂිප්තභාවයට පත්ව ඇතැ යි හිටපු මහ ලේකම්වරයා සඳහන් කළේ ය. දිගින් දිගටම ඔහුට කතා කළ ඔවුන්, පක්ෂය සිදුකර ඇත්තේ වැරදි ක්‍රියාවක්බව දැනුම්දුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'මහ ලේකම් තනතුර නැතුව ඕනෑම තනතුරකට භාර ගන්නවා' - මෛත්‍රිපාල සිරිසේන මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට පැමිණි එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර පක්ෂයේ මහ ලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරකට භාර ගැනීමට සූදානම් බව පැවසුවේ ය. එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, එකඟත්වයට පැමිණෙන්නේ නම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඕනෑම මොහොතක ඉවත් කළ හැකි බව යි. "අයින් කරලා නෑ... තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ." "එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන්, අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා." "සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්," හිටපු මෛත්‍රීපාල සිරිසේන පැවසීය. නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ, පක්ෂයේ බලය ඔහු යටතට ගනු ඇති බවට පක්ෂයේ සභාපතිවරයා තුළ බියක් පවතින බව යි. "පක්ෂ සභාපතිතුමාගේ යම් භීතියක් තිබුණා මම පක්ෂයේ බලය අල්ලයි කියලා. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්. ඊයෙත් අපි දෙන්නා එකතු වෙලා කතා කරලා ගියේ පාර්ලිමේන්තුවේ. රෑ වෙනකොට මගේ බෙල්ල කපයි කියලා මම හිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාට මම තාත්තා කෙනෙකුට වගෙයි ආදරය කළේ. තාත්තලා පුතාලගේ බෙල්ල කපන්නේ ඇයි කියලා තමයි ප්‍රශ්නය තියෙන්නේ." 'මගේ වැරදි නෙමෙයි හදා ගන්න ඕන' වැරදි හදාගෙන එනවා නම් නැවත භාර ගන්න සූදානම් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්, වැරදි නිවැරදිකර ගත යුත්තේ ඔහු නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර පැවසුවේ ය. "මගේ වැරදි නෙමෙයි හදාගන්න තියෙන්නේ එතුමාගේ වැරදි. මහලේකම්කම නැතුව අනෙක් ඒවා දෙන්න පුළුවන් නම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නය? පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලා වෙනත් තනතුරක් දෙන්නම් කියලා කියන්නේ මම වැරැද්දක් කරලා නැති නිසානේ." "මම පක්ෂය අතහැරලා යන්නේ නැහැ. මම පක්ෂයත් එක්ක දිගටම ඉන්නවා," මන්ත්‍රීවරයා පැවසුවේ ය. 'එක්වෙමු - වෙනසකට සැරසෙමු' මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය ඉකුත් සැප්තැම්බර් මස තෙවැනිදා පැවැත්වුණි. "එක්වෙමු - වෙනසකට සැරසෙමු" යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර සංවත්සරයේ තේමාව විය. ගෙවුණු 72 වසරක කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරුන් සය දෙනෙකු සහ මහ ලේකම්වරුන් 12 දෙනෙකු කටයුතුකර තිබේ. |
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ශුරියන් වාර්තා කළ ඓතිහාසික ජය | මෙරට ක්‍රිකට් වංශකතාවට නව පරිච්ජේදයක් එක් කරමින් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (සැප් 06) සමත්විය. ඒ, එංගන්තයේ ඩර්බීහි පැවති තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමිනි. තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 2-1ක් ලෙස ය. ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා ය. අවාසිය එංගලන්ත පිලට පළමුවෙන් පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කාන්තා පිලේ කඩුලු තුනක් පළමු පන්දු වාර හය තුළ දී දැවී ගියේ ලකුණු සංඛ්‍යාව 41ක්ව තිබිය දී ය. එංගලන්ත පිතිකාරියන්ට කිසිදු අයුරකින් ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දුයවන්නියන් තරගයේ ආරම්භයේ සිටම දැඩි අක්‍රමණශීලි පන්දු යැවීමක නිරතවිය. එංගලන්ත කාන්තා කණ්ඩායමේ ලකුණු 100 වාර්තා කිරීමට පන්දු 97ක් වැයවුණි. එම කණ්ඩායම පන්දු වාර 19ක් තුළ දී ලකුණු 116කට දැවී ගියේ ය. පන්දු යැවීමේ දී නායිකා චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු තුනක් ද, කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධිනි කඩුලු දෙක බැගින් ද දවාගත්හ. චමරි නැවතත් ලකුණු අතරට එංගලන්ත කණ්ඩායම විසින් ලබාදුන් ලකුණු 117ක ඉලක්කය හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සිය ඉනිමේ ආරම්භයේ සිටම එංගලන්ත පන්දුයවන්නියන්ට එරෙහිව දරුණු පිති ප්‍රහාරයක් එල්ල කළහ. නායිකා චමරි අතපත්තු පන්දු 28ක දී ලකුණු 44ක් රැස් කළා ය. ඇගේ ඉනිමට හතරේ පහරවල් පහක් සහ හයේ පහරවල් දෙකක් ඇතුළත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුෂ්කා සංජීවනි ලකුණු 20ක්, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 26ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණය කරා රැගෙන යෑමට අඩිතාලම සකස් කළෝ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 17ක දී කඩුලු තුනක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. 'ඔවුන් පැහැදිලි සැලැස්මක් ඇතිව පැමිණියා' තරගයෙන් පසු ලද පරාජය සම්බන්ධයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් දඟපන්දු යැවීමේ පැහැදිලි සැලැස්මක් ඇතිව පිටියට පැමිණි බව ය. “මම හිතන්නේ ඒකෙන් අපි වඩාත් දියුණුවිය යුතු අංශ කිහිපයක් හඳුනාගත්තා. අපි ඒවායින් ඉගෙනගෙන දියුණු වෙන්න අවශ් යයි. අපෙන් ක්‍රීඩා කළේ තරුණ කණ්ඩායමක් නමුත් ඒක නිදහසට කරුණක් නෙවෙයි." "මම ඇතුළු පිතිකාරියන් කිහිප දෙනෙක් අද ආරම්භය ලබා ගත්තා මිස එය ඉදිරියට ගෙනගියේ නැහැ. අපට නිසැකවම දඟපන්දු සඳහා මුහුණ හොඳ සැලැස්මක් මෙන්ම සූදානමක් ඇතිකර ගත යුතු යි," ඇය පැවසුවා ය. 'අපට අනාගතයේ දී හොඳ කණ්ඩායමක් වෙන්න පුළුවන්' එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ අනාගතයේ දී හොඳ කණ්ඩායමක් වීමට ඇගේ කණ්ඩායමට හැකියාව ඇති බව ය. “ඇත්තටම මගේ දක්ෂතා සහ කණ්ඩායමේ දස්කම් ගැන මම සතුටු වෙනවා. පසුගිය මාස කිහිපය තුළ මම වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළ අතර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ අවසන් තරග දෙකේ දී අපි හොඳින් දස්කම් දැක්වූ නිසා මෙම තරගාවලියේ දීත් එය දිගටම කරගෙන යාමට අපට අවශ්‍ය වුණා." "අවසාන වශයෙන්, අපි ජයග්‍රහණය කළා. එය අපට ඇත්තෙන්ම හොඳ යි. විස්සයි 20 තරගවල මෙන්ම එක්දින තරගවලදීත් අපට මෙම දක්ෂකම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැ යි මම බලාපොරොත්තු වනවා. කණ්ඩායම පන්දු යැවීම අද තරගයේ මෙන්ම මුළු තරගාවලිය පුරාම ඉතා හොඳ කාර්යයක් ඉටුකළා." "අපි හැම විටම අපගේ විවේකාගාරයේ දී ධනාත්මක දේවල් ගැන පමණයි සාකච්ජා කරන්නේ. කිසි විටෙකත් සෘණාත්මක දේවල් අප සාකච්ජා කරන්නේ නැති තරම්. අපි අපගේ සැලසුම් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි ජයග්‍රහණය කළා," ඇය ප්‍රකාශ කළා ය. |
පාස්කු ඉරිදා ප්‍රහාරය:'මම ඒ චැනල් 4 වාර්තාව විමර්ශනයක් කරල පිළිගන්න සූදානම්.විමර්ශනයක් නැතුව පිළිගන්න සූදානම් නෑ'-කාදිනල් හිමි | පාස්කු ඉරිදා ප්‍රහාරය:'මම ඒ චැනල් 4 වාර්තාව විමර්ශනයක් කරල පිළිගන්න සූදානම්.විමර්ශනයක් නැතුව පිළිගන්න සූදානම් නෑ'- කාදිනල් හිමි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අද (සැප්තැම්බර් 6) උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.35 ට පමණ විකාශනය කෙරුණු චැනල් 4 වීඩියෝව සම්බන්ධව අදහස් දැක්වීමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. 'පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරවා ගැනීමට මෙරට පුරවැසියන් දැරූ ප්‍රයත්න අසාර්ථක වී ගොස් ඇති අවස්ථාවක චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ වෙනුවෙන් දැරූ වෙහෙස හා කැපවීමට කෘතඥතාව පළකරන' බව පවසන අගරදගුරු හිමියන්, 'වැදගත් වන්නේ එම නාලිකාවේ පෙර හැසිරීම නොව එය අප මුහුණදුන් ප්‍රශ්නය ගැන සොයා පළකරන කරුණු' යැයි එහිදී ප්‍රකාශ කළේ ය. මෙහිදී කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය වන්නේ, එහිදී හෙළිකළ වැදගත් කරුණු හා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටු විසින් හෙළිදරව් කළ නමුත් නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව අපක්ෂපාතී, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම බව ද කාදිනල් හිමි ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත්කෙරෙන කමිටුවක් මගින් අපක්ෂපාතී හා අවංක විමර්ශන සිදුවනු ඇතැ යි කිසිසේත් තමන් විශ්වාස නොකරන බවත්, පෙර දී පාර්ලිමේන්තුව පත්කළ කමිටුවලින් ඉදිරිපත් කෙරුණු නිර්දේෂ වලට පවතින රජය ද, පෙර රජය ද දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයක් හෙයින් එය ස්වාධීන ජාත්‍යන්තර කමිටුවක් හරහා සිදුවිය යුතුයැ යි උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළහ. ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය පිණිස පත්කරන දේශීය කණ්ඩායමට, ප්‍රහාරයේ මූලික විමර්ශන සිදුකරන ලදුව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා ඇති විමර්ශකයන් සියලුදෙනා පත්කළ යුතුබව ද, විමර්ශනයට ලක්වන ඉහල නිලතල දරන නිලධාරීන් සියලුදෙනාගේ සේවය විමර්ශන නිමවනතුරු අත්හිටුවිය යුතුබව ද උන්වහන්සේ එහිදී කියා සිටියහ. තව ද,ප්‍රහාරය වළක්වාගැනීමෙහිලා අසමත් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ද සේවය විමර්ශන නිමවනතුරු අත්හිටුවිය යුතු බව පැවසීය. මේ අතර "පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව ඉදිරිපත් කරපු වාර්තාව ඔබ වහන්සේ පිලිගන්නවද නැද්ද?" යනුවෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ "මම ඒ චැනල් 4 වාර්තාව විමර්ශනයක් කරල පිළිගන්න සූදානම්. නැත්නම් එහෙම විමර්ශනයක් නැතුව පිළිගන්න සූදානම් නෑ" යනුවෙනි. |
පාස්කු ඉරිදා ප්‍රහාරය : චැනල් 04 වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයන්න රජයෙන් කමිටුවක් | පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 04 නාලිකාව පළ කළ වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කමිටුවක් පත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (සැප්තැම්බර් 06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ''එම කමිටුවට මේ රටට ඇවිල්ලා සාක්ෂි දෙන්න බැරිනම් Zoom ඔස්සේ ඒ රටේ ඉඳලා හරි සාක්කි දෙන්න පුළුවන්'' යනුවෙන් ඔහු එහිදී කියා සිටියේය. මෙහිදී රාජපක්ෂවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් පළ කළේය. '' ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවලා පාස්කු ප්‍රහාරය අවුරුද්දකට කලින් අපි ප්‍රාදේශීය සභා වලින් 70%කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපිට තුන්වෙනි පාර්ශවයක් හෝ ප්‍රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අද චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක පාවිච්චි කළා, ඒ සඳහා බුද්ධි අංශ එක්ක එකතුවෙලා සැලසුම් කළා කියලා. මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවේ හිටපු කෙනා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනාගේ පුතා, මුජූබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂවරයෙක් බලයට ගේන්න තමන්ගේ ජීවිතය නැති කර ගත්තා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි'' යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය. එහිදී ඖෂධ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ හා උපකරණ මිලදී ගැනීම, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය රට හැර යෑම, හදිසි මිලදී ගැනීම් වල දී සුදුවන මුල්‍ය අක්‍රමිකතා ගැන සඳහන් කරමින් විපක්ෂයේ අදහස් පළ කළහ. ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේ තමන් නිසි පරිදි ධුරයේ ක්‍රියා කර ඇති බවයි. දින තුනක මෙම විවාදයේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.30.ට පැවැත්වේ. |
අක්ෂි කාච හිඟයේ ඇත්ත කතාව කුමක්ද? | මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ඖෂධ හිඟය, ඖෂධ සංකූලතා වැනි ප්‍රශ්න ගොන්නට අලුතින්ම එකව ඇති මාතෘකාව වන්නේ අක්ෂිකාච හිඟයයි. මෙම කතාබහ මතුවන්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භාංග යෝජනාව අද (සැප්තැම්බර් 06 වැනිදා) සිට විවාදයට ගැනීමට නියමිතව තිබියදීය. මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. කෙසේවෙතත් මෙරට රෝහල්වල ඇති ඖෂධ හා උපකරණ පිළිබඳ දත්ත ඇතුලත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්ථ පද්ධතියේ (සැප්තැම්බර් 05 වැනිදා) පස්වරු 5 වන විටත් සඳහන් වුයේ අක්ෂිකාච නොමැති බවය. සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට අනුව මෙරට රෝහල්වලට මසකට අවශ්‍ය කෙරෙන අක්ෂි කාච ප්‍රමාණය 15000කි. එහෙත් නිල දත්තවලට අනුව අක්ෂිකාච තොග ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යක්ෂම නම් මසකට අවශ්‍ය අක්ෂි කාච සාමාන්‍ය මිල දී ගැනීම යටතේ සැපයිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් බීබීසී සිංහල වෙත පැවසීය. අක්ෂි කාච හිඟයක් නැති බව හෝ අඩුපාඩුවකින් තොරව සපයන බව පමණක් ප්‍රකාශ කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට 'ගැලවිය නොහැකි බව' ඔහු සඳහන් කළේය. එසේම 'සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි නම්, මසකට අවශ්‍ය අක්ෂි කාච 15,000ක ප්‍රමාණය, සාමාන්‍ය මිලදී ගැනීම යටතේ ලබා දිය හැකි බව තහවුරු කිරීමට වෛද්‍ය සැපයීම් අංශයට හැකියාව තිබිය යුතු බවත් ඔහු අවධාරණය කරයි. මසකට රජයට සිදුවන පාඩුව මිලියන 200ක් ද? සමාන්‍ය මිල දී ගැනීමට වඩා රුපියල් මිලියන 200ක් පමණ මසකට වැය කරමින්, අක්ෂි කාච සැපයීම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා, එමන් රජයට පාඩුවන මුදල පිළිබඳව වග කිව යුත්තෙක් සිටිය යුතු අතර, ටෙන්ඩර් නැවත නැවත අවලංගු කිරීම හරහා හදිසි මිලදී ගැනීමට පෙළඹවීම හේතුවෙන් ඇතිවන මුදල් නාස්තිය, මෛරට සෞඛ්‍ය සේවාව ආරාජික වීමට ප්‍රධාන හේතුවක් වන බැවින්, මෙවන් තත්වයක් ඇතිවීම සුළුකොට තැකීම නොකළ යුතු බවද වෘත්තීය සමිති අවධාරණය කරයි. මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000 සිට 9500 දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමනාකරණ දෝෂ හේතුවෙන් එය 'හදිසි මිලදී ගැනීමක්' ලෙස සිදු කරණු ලැබුවහොත්, එම අක්ෂි කාචවල මිල රුපියල් 20,000 සිට රුපියල් 30,000 අධික මිලකට ලබා ගැනීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේය. ඒ අනුව හදිසි මිලදී ගැනීම හේතුවෙන්, එක් අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රුපියල් 12,000 සිට රු. 20,000 දක්වා ප්‍රමාණයකි. රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15,000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් මිලියන 200ත් 300ත් අතර බව ඔහු පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද? මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සෞඛ්‍ය අමාත්‍යංශය සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු පෙන්වා දෙයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරයා, පසුගිය මැයි මාසයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් මාස 6 ක අවශ්‍යතාවය සඳහා අවශ්‍ය අක්ෂි කාච රෝහල් වෙත බෙදාහැර ඇතැයි සදහන් කළේය. දිවයින පුරා රෝහල්වල මාසයකට 10,000 ක පමණ කැට්රැක්ස් ශල්‍යකර්ම (cataracts surgery) සිදු කරන බවත්, වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂයක් වන බවත් ඔහු පැවසීය. හෙතෙම වැඩිදුරටත් පැවසුවේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් සිටින සියලු මූලික රෝහල්වල සිට ප්‍රධාන රෝහල් දක්වා මැයි මාසයේදී මාස 06ක පමණ අවශ්‍යතාවය වෛද්‍ය සැපයුම් අංශය වෙත ලබාගෙන, වෛද්‍ය සැපයුම් අංශය මගින් එම රෝහල්වලට බෙදා හැර ඇති බවය. දැනටමත් නොවැම්බර් මාසය දක්වා මෙම රෝහල්වල අක්ෂිකාච ප්‍රමාණවත්ව තිබෙන බවත්, ඉදිරි මාස දෙකකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව හරහා මාස හයක අවශ්‍යතාවය දැනමත් ලැබී ඇති බවත් ඒවා රෝහල් වෙත දැනටමත් බෙදා හැර ඇති බවත් වෛද්‍ය කපිල වික්‍රමනායක පැවසීය. අක්ෂි කාච විශාල පරාසයක් සහිත වන අතර ශ්‍රී ලංකාව තුළ දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ 18.5 සිට 26 දක්වා පරාසයක කාචය. එම ප්‍රමාණයන්ගෙන් අක්ෂි කාච දැනට ඕනෑම රෝහලක ඇති බවත් කුමන හෝ රෝහලක අඩු පාඩුවක් සිදුවී තිබේ නම් වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාගත හැකි බවත් ඔහු පැවැසීය. ඒ අනුව දැනට අක්ෂි කාච හිඟයක් හේතුවෙන් කිසිදු රෝහලක අක්ෂි කාච සැත්කම් නැවතී නොමැති බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක කියා සිටියේ, වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය අක්ෂිකාච මිලදී ගෙන සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පැවරී තිබෙන බවය. පවතින තොග වලට අමතරව ඉදිරි අවශ්‍යතා සදහා ඇනවුම් දෙකක් මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සැපයුම්කරුවන්ට නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. විවිධ අක්ෂි කාච වර්ග 11 ක් සදහා මිල ගණන් කැඳවා ඒ කැඳවු මිල ගණන් තාක්ෂණික ඇගයීම් වලට ලක්කර දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කර තිබේ. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අවශ්‍ය තීරණ ගත් පසු එම අයිතම සදහා ඇනවුම් ලබා දීමේ හැකියාව පවතින බවද දිනුෂ දසනායක පැවසීය. තවත් අයිතම දෙකක් අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව හමුවට යොමු කල බවද සියලු ප්‍රසම්පාදන මුලික කටයුතු හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කර සැප්තැම්බර් 6 දින රැස්වන ඉදිරි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධව තීන්දු තීරණ ලැබුණු පසු ඇනවුම් කිරීමේ හැකියාව පවතින බවත් දැනට පවතින තොග තත්ත්වයන් යටතේ, ඉදිරියට ලැබීමට පෙළගැසී තිබෙන තොග අනුවත් අක්ෂි කාච වල හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නැතිබව ඔහු වැඩිදුරටත් පැවසීය. “ටෙන්ඩරයක් අවලංගු කලාම හිඟයක් නැත්නම් ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ අවශ්‍යතාවක් නැතිව” “ලෙන්සස් තියෙනවද නැද්ද කියන එක එක් කාරණාවක්. ලෙන්සස් තියෙන්නේ සාමාන්‍ය මිලදී ගැනීම යටතේද? ලෝකල් පර්චස් යටතේද? ලෝකල් පර්චස් යටතේ නම් මිලියන 200ක් ආණ්ඩුවට පාඩු කරලා තියෙනවා. මිනිස්සුන්ට කාච තිබ්බාට පාඩුවක් වෙලා තියෙනවා.” ඔහු අවධාරණය කළේ, "ඉතා පැහැදිලිව අපි දන්නවා ටෙන්ඩර් එකක් නවත්තලා තියෙනවා.ඒ ටෙන්ඩර්ය කැඳවලා තියෙන්නේ අවශ්‍යතාවට නම්, අවශ්‍යතාවට කැඳවපු ටෙන්ඩරය නවැත්තුවාම හිඟයක් තියෙන්න ඕනේ. දැන් ඒ ටෙන්ඩරය නැවැත්තුවම හිඟයක් නැත්නම් ඒ ටෙන්ඩරය කැඳවලා තියෙන්නේ අවශ්‍යතාව නැතිව ඒකත් ප්‍රශ්නයක්.” රවී කුමුදේශ් මෙහිදී චෝදනා කළේය. |
උද්වේගකර තරගයකින් පසු ශ්‍රී ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට | ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද ( සැප්තැම්බර් මස 05) වැනිදා සමත් විය. සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 37.1 කදී ලකුණු 292ක් රැස් කරමින් තරගය ජය ගැනීමට අවශ්‍ය විය. එම ඉලක්කයට ළඟා වීම සඳහා අෆ්ගනිස්ථාන පිතිකරුවන් වේගවත් පිති හරඹයක නිරතවූ අතර ඉතා තියුණු සහ උද්වේගකර තරගයකින් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 2 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එක්දින තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් පිට පිට අවස්ථා 12 කදී සියලු පිතිකරුවන් දවා ගනිමින් ජයග්‍රණය කළ ලොව එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව සමත් වූයේ එම වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්ය. පකිස්ථානයේ ලාහෝර් හි පැවති තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරුවන් යෙදු ශක්තිමත් අඩිතාලම බංගලාදේශය සමග පැවති තරගයේදී පෙන්නුම් කළ දුර්වල පන්දු රැකීම අද තරගයේදී පෙන්නුම් කිරීම හමුවේ ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් නිසා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කළේය. 11 වන පන්දු වාරයේදී ලකුණු 32ක් රැස් කරමින් සිටියදි දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට ගුලාබ්දීන් නායිබ් සමත් විය. ඉන් පසුව පැතුම් නිශ්ශංක ලකුණු 41 කට සහ සදිර සමරවික්‍රමගේ ලකුණු 3 කට දවා ගනිමින් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් නැවතත් තරගයට අවතිර්ණ විය. කුසල් සහ අසලංකගේ ශතක සම්බන්ධතාවය පන්දු වාර 16.5 කදී ලකුණු 86 කට කඩුලු 03ක් දැවී ගොස් තිබු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩ නැගීමට චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ. ඔවුන් දෙදෙනා විසින් සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් එක් කරනු ලැබීය. චරිත් අසලංක පන්දු 43 කදී ලකුණු 36ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට රෂිඩ් ඛාන් සමත් විය. එක ළඟ ඇද වැටුණු කඩුලු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු තුනක් ලකුණු 06 කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය. එහිදී ධනංජය ද සිල්වා ලකුණු 14 කට දවා ගැනීමට මුජිබ් උර් රහුමාන් සමත් විය. ලකුණු 92ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 92 කදී ඉතා අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ය. මෙන්ඩිස් ගේ ඉනිමට හතරේ පහර 06ක් සහ හයේ පහරවල් 03ක් ඇතුළත් විය. නායක දසුන් ශානක ලකුණු 05 කට දවා ගැනීමට රෂිඩ් ඛාන් සමත් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 39.3 කදී ලකුණු 227කට කඩුලු 07ක් ලෙසය. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාර 10 තුලදී සටන්කාමී ලකුණු මට්ටමකට රැගෙන ඒමට නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ සමත් වීය. ඔවුන් දෙදෙනා විසින් පන්දු 63 කදී ලකුණු 64ක් රැස් කරනු ලැබීය. එහිදී දුනීත් වෙල්ලාලගේ පන්දු 38 කදී නොදැවී ලකුණු 33ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් දුන් මහීෂ් තීක්ෂණ පන්දු 25 කදී ලකුණු 28ක් රැස් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 291ක් රැස් කළේය. ඇෆ්ගනිස්ථානයට හිමි වූ ඉලක්කය සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 292 ක ඉලක්කය පන්දු වාර 37.1 කදී රැස් කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිදුවිය. ඒ අනුව ඉක්මන් ලකුණු හඹා යෑමක් සඳහා පැමිණි ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් වූ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 04 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය. නැවතත් ක්‍රියාත්මක වූ ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 07 කට දවා ගැනීමට කසුන් රාජිතට හැකිවිය. ගුලාබ්දින් නායිබ් පන්දු 16 කදී ලකුණු 22ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණේය. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු 03ක් පන්දු වාර 8.1 කදී ලකුණු 50 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකාවට තර්ජනයක් වූ සිව්වෙනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 50 කට කඩුලු තුනක් දැවී ගොස් සිටියදී පිටියට එක්වූ රහමත් ෂා සහ හෂ්මතුල්ලා ෂාහීඩි ඇෆ්ගනිස්ථාන ඉනිමේ 4 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 71ක් එක් කිරීමට සමත් වූහ. පන්දු 40 කදී ලකුණු 45ක් රැස් කර ගෙන සිටියදී රහමත් ෂා දවා ගැනීමට කසුන් රාජිත සමත් විය. ඉන් පසුව පිටියට එක්වූ මොහොමඩ් නබි ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් පන්දු 32 කදී ලකුණු 65ක් රැස් කළේය. ඔහු පන්දු 24 කදී රැස් කළ අර්ධ ශතකය එක්දින තරගයකදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්විය. ලංකාවට ජය ගෙනා ධනංජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ අවසන් පිතිකරුවන් කිහිප දෙනා තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරනු ලැබීය. කරීම් ජන්නත් ලකුණු 22ක්, නජිබුල්ලා සර්දාන් ලකුණු 23ක් රැස් කළේය. රෂිඩ් ඛාන් නොදැවී ලකුණු 27ක් රැස් කළේය. කෙසේ වුවත් දුනිත් වෙල්ලාලගේ තරගයේ 32 වන පන්දු වාරයේදී කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව තරගය කරා යළි රැගෙන ඒමට සමත් විය. සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට 37 වන පන්දු ඕවරයේ පළමු පන්දුව සඳහා ලකුණු 3ක් රැස් කිරීමට තිබියදී පන්දු යැවූ ධනංජය ද සිල්වා කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. එමෙන්ම ඔහු විසින් ඇෆ්ගනිස්ථාන කඩුල්ලේ අවසන් පිතිකරු වූ ෆස්ලාක් ෆාරුකිගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් විය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 04ක්, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා කඩුලු දෙක බැගින් දවා ගනු ලැබිය. හෙටින් ඇරඹෙන සුපිරි සිව්දෙනාගේ වටය ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග හෙට (සැප්තැම්බර් මස 06) ආරම්භ වේ. සැප්තැම්බර් 06 : පාකිස්ථානය සහ බංග්ලාදේශය සැප්තැම්බර් 09 : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සැප්තැම්බර් 10 : ඉන්දියාව සහ පකිස්ථානය සැප්තැම්බර් 12 : ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සැප්තැම්බර් 14 : ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සැප්තැම්බර් 15 : ඉන්දියාව සහ බංග්ලාදේශය සැප්තැම්බර් 17 : අවසන් මහ තරගය |
ශ්‍රී ලංකාවේ විශ්වාසභංග ඉතිහාසය සහ 'රස කතා' | ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංගයකට මුහුණ දෙන 14වැනි ඇමතිවරයා බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත්ව තිබේ. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගය ඉල්ලා සිටි දින තුනක විවාදය හෙට (සැප්තැම්බර් 06 ) ආරම්භ වේ. ඊට අදාළ ඡන්ද විමසීම සිකුරාදා (සැප්තැම්බර් 08 ) පස්වරු 5.30ට සිදු කිරීමට නියමිතව ඇත. 1947 ඔක්තෝම්බර් 14 වැනිදා පළමු පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට) මේ දක්වා සමස්ත රජයට හෝ ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග යෝජනා 27ක් ඉදිරිපත්ව ඇත. රජයකට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනා, කරුණු සලකා බැලීමෙන් අනතුරුව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ අවස්ථා දෙකක් තිබේ. එම්. ඒ බාකිර් මාකර් කතානායකවරයා විසින් ඒවා ප්‍රතික්ෂේප කළේය. 2001 දී රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ලැබුණේ නැත. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත්ව තිබේ. 1957 සැප්තැම්බර් 04 වැනිදා එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අපූරු සිදුවීමක් වාර්තා විය. ඒ, එම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ එක් මන්ත්‍රීවරයෙකු පමණි. අදාළ යෝජනාව සී. සුන්දරලිංගම් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතර සී. වන්නිසිංහම් ස්ථිර කර තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ද ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ එක් ඡන්දයක් පමණි. ඊට එරෙහිව ඡන්ද 45ක් ලැබී තිබිණි. මුල් කාලයේ දී විශ්වාසභංග වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන්නේ පැවති රජයේ ක්‍රියා කලාපයට එරෙහිව වන අතර මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාව වන්නේ සමස්ත රජයට හෝ ආණ්ඩුවට නොව ඇමතිවරු ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වීමයි. කෙහෙළියට ඇති චෝදනා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල අසමත් වී ඇති බවත් වගකීම පැහැර හැර තිබෙන ඔහු එම අමාත්‍යධුරය තවදුරටත් දැරීමට නුසුදුසු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 47 දෙනෙකුගේ අත්සනින් ඉකුත් ජූලි මාසයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දුන්හ. ඖෂධ හිඟය, ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව ඖෂධ ආනයනය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හා උපකරණ ආනයනය නිසා ඇතැම් මරණවලට හේතු වී ඇති බව පවසන විපක්ෂය වැඩිදුරත් පෙන්වා දෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිය මූලික රාජකාරිය පැහැර හැරීමේ වන්දිය ජනතාවට ගෙවීමට සිදුව ඇති බවය. ''මේ බාල ඖෂධ භාවිතය නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වෙලා තියෙනවා. ඇස් අන්ධවෙලා තියෙනවා. අබ්බගාත වෙලා තියෙනවා. ඒ වගේම හෙදියන්, වෛද්‍යවරු රට අතහැරලා යන්න පටන් අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමතිගෙන් උත්තර නැහැ.'' යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය. විපක්ෂය බෙදීමකට ලක්ව ඇති අවස්ථාවක ජයග්‍රහණය කිරීමට නොහැකි , පදනම් විරහිත චෝදනා එල්ල කරමින් මේ අවස්ථාවේදී විශ්වාසභංගයක් ගෙන ඒම ගැටලු සහගත බවත් එය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති මෙම විශ්වාසභංගය යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය ගැනීම සදහා විපක්ෂය ද විශ්වාසභංගය පරාජය කිරීම සදහා ආණ්ඩු පක්ෂය ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු සභිකයන් එකිනෙකා අතර සාකච්ඡා පවත්වමින් තිබේ. විශ්වාසභංගකට මුහුණ දුන් 'තාත්තයි පුතයි' පාර්ලිමේන්තු ඉතිහාසය පරික්ෂා කර බැලීමේ දී විශ්වාසභංගයකට මුහුණ දුන් පළමු ඇමතිවරයා වන්නේ මහානාම සමරවීර ය. හැටේ දශකය ආරම්භයේ දී පළාත් පාලන සහ නිවාස අමාත්‍ය ධූරය දැරූ ඔහුට විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ 1960 දෙසැම්බර් 20 වැනිදා සහ 1962 අගෝස්තු 09 වැනිදා ය. ඔහු මෙන්ම විශ්වාසභංග දෙකකට මුහුණ දීමට සිදු වූ තවත් ඇමතිවරයෙකු විය. ඒ, අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ධූරය දැරූ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල ය. ඔහුට එරෙහිව විශ්වාසභංග දෙකක් 1965 දී හා 1968 දී ඉදිරිපත් කෙරුණි. තැපැල්, සන්නිවේදන සහ මාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ මංගල සමරවීරට ද 1998 දී විශ්වාසභංගකට මුහුණ දීමට සිදු විය. ඔහු මහානාම සමරවීරගේ පුත්‍රයා ය. කෙහෙළිය රඹුක්වැල්ලට පෙර විශ්වාසභංගයට මුහුණ දුන් ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ බලශක්ති අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ උදය ගම්මන්පිල වේ. 2021 ජූලි 20 වැනි දා පැවති ඡන්ද විමසීමේ දී ඔහු වැඩි ඡන්ද 91කින් ජය ගත්තේය. විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අමාත්‍යවරු සැමියා සහ බිරිඳට මුහුණ දීමට සිදු වූ විශ්වාසභංග අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අතර එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක ද ඒ අතරට අයත් වේ. අගමැතිවරුන් මුහුණදුන් විශ්වාසභංග අතරින් තුනක් පරාජය විය. මහින්ද රාජපක්ෂගේ දින 52 ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ ද එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන දැඩි විවිචනයකට ලක් වූ, පාර්ලිමේන්තුවට 'කළු පැල්ලමක්' එකතු වූ සිදුවීමක් බව එවකට කතානායක කරූ ජයසූරිය BBC සිංහල සේවය සමග පැවති සංවාදයකදී සඳහන් කළේය. 2018 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශ්වාසභංග යෝජනාව අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් මෙන්ම සමස්ත ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ලෙස ද සැලකිය හැකිය. ''දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා'' එදින මූලාසනය දැරුවේ කතානායක කරූ ජයසුරිය විසිනි. අනුර කුමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කිරීමෙන් පසු සභාවේ අනුමැතියෙන් ස්ථාවර නියෝග අත්හිටුවමින් ගෙන හා විශ්වාසභංග යෝජනාවක් වීම මෙය විශේෂ වේ. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට හෝ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නැත. ඡන්දය ගැනීමේ දී කටහඬ අනුව ඡන්දය ලබාගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය පළ කළහ. කතානායකවරයා අවසානයේ දී ''දැනට පත්වී ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැතිබව ප්‍රකාශ කරනවා'' යනුවෙන් සඳහන් කළේය. එම උණුසුම් තත්වයේ දී පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන, පොත්පත් හා වෙනත් දේපලවලට හානි විය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද තීන්දුව මත මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය අහිමි විය. 2018 නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ දී ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් විය. මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ ප්‍රසන්න රණවීර ගේය. චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී තිබූ අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය. මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කොට තිබේ. විශ්වාසභංග යෝජනාවලට මුහුණ දුන් අගමැතිවරු එදා රනිල්ට විශ්වාසභංගය ගෙනාපු කෙනා අද අගමැති අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අතීතය විමසා බැලීමේ දී 2018 අප්‍රේල් 04 වැනි දින එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේ විශේෂත්වයක් දක්නට ලැබේ. රනිල් වික්‍රමසිංහට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන විසින් වන අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එය ස්ථිර කරන ලදී. යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ලැබුණ ද එම යෝජනාවට විරුද්ධව ඡන්ද 122ක් ලැබුණු නිසා රනිල් වික්‍රමසිංහ එදින ජයග්‍රහණය කළේය. මන්ත්‍රීවරු 26ක් එදා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. කෙසේ වෙතත් එදා විශ්වාසභංගයට මුහුණ දුන් රනිල් වික්‍රමසිංහ අද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අතර එදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය හොඹවයි. |
සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය හම්බන්තොටට ද? | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය පැවැත්වීමේ ස්ථානය වෙනස් කිරීමට මේ වන විට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ එම තරග පැවැත්වීම සඳහා පෙර සුදානම් කර තිබු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිහිටි කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයයි. මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට රැගෙන යාම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සලකා බලමින් සිටියි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ තරග මොනවාද ? සැප්තැම්බර් 9 වෙනිදා සිට ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග මෙරට දී ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 9,10,12, 14 සහ 15 යන දිනවලදී එම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන සැප්තැම්බර් 17 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත. වර්ෂාව නිසා අමුතුම ලෝක වාර්තාවකට උරුමකම් කියන ශ්‍රී ලංකාව මීට 16 වසරකට පෙර, එනම් 2006 වර්ෂයේදී ද වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග 07ක් අඛණ්ඩව අවලංගු කිරීමට සිදුවීම නිසා ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබේ. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමග පැවති තුන් කොන් එක්දින තරගාවලිය අගෝස්තු මස 14 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පැවැත්වීමට සුදානම් කර තිබු අතර එම තරගාවලියේදී යැවීමට හැකිව ඇත්තේ එක් තරගයකදී පන්දු 22ක් පමණයි. තරගාවලිය පැවැත්වෙමින් තිබු කාල සීමාවේදී කොළඹ සිදුවූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවෙන් පිටව ගියද, වර්ෂාව හේතුවෙන් සම්පුර්ණයෙන්ම තරගාවලිය අතහැර දැමීමට සිදුවූ බව ක්‍රිකට් වාර්තා පොත්වල දැක්වෙයි. එම තරගාවලිය සඳහා පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ය. එමෙන්ම එම කණ්ඩායම නියෝජනය කළ අජිත් අගාකර් වත්මන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබීමද විශේෂත්වයකි. වර්ෂාව නිසා සේදී ගිය බලාපොරොත්තුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ පකිස්ථානය වුවද එරටදී තරග කිරීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරග කිහිපයක් හයිබ්‍රිඩ් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරන ලදී. එම තීරණය අනුව ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග තුනක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි පළමු තරගය වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හැර සෙසු තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන්ගේ වැඩිම අවධානයක් හිමිකර ගෙන තිබූ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ද වර්ෂාව නිසා අත්හැර දැමිණි. මේ අතර (සැප්තැම්බර් මස 4 වැනිදා) පැවති ඉන්දියාව සහ නේපාලය අතර වූ ක්‍රිකට් තරගයට ද වර්ෂාව හේතුවෙන් අවස්ථා කිහිපයකදී බාධා එල්ල විය. දඹුල්ලට අකමැති ඇයි? ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යෝජනා කර තිබුනද ඉන්දියාව ඇතුළු තවත් එක කණ්ඩායමක් එයට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා නවාතැන් ගැනීමට සුදුසු හෝටල් නොමැති බව පවසමිනි. ඉදිරි සතිය ගැන කාලගුණ අනාවැකිය ඉදිරි සතියේදී කොළඹ ඇතුළු දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥවරිය බීබීසි සිංහල වෙත පැවසුවේ සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනවලදී විටින් විට කොළඹ දිස්ත්‍රික්කයට තද වැසි බලාපොරොත්තු වන බවයි. සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර මීළඟ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද සැප්තැම්බර් මස 10 වෙනිදායි. ආසියානු කුසලාන තරග කොළඹින් බැහැර ක්‍රීඩා පිටියකට ? 2015 වර්ෂයේ සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි 20 තරග 05ක් සහ එක්දින තරග 04ක් පවත්වා තිබේ. ඉන් වර්ෂාව නිසා බාධා එල්ල වී ඇත්තේ තරග දෙකකට පමණි. වැසි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කාලගුණ දත්ත පුරෝකථන කර ඇති පසුබිමක ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට මේ වන විට පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් වූ අවසන් නිවේදනය ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද හෝ හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත. B කාණ්ඩයේ ඉරණම තීරණය කරන තීරණාත්මක තරගය අද ආසියානු කුසලානයේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පකිස්ථානයේ ලාහෝර් හිදී පැවැත්වෙයි. මෙම තරගයේ ප්‍රතිඵලය මත B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා පත්වෙනු ඇත. ඇෆ්ගනිස්ථානයට සුපිරි සිව්දෙනාගේ වටයට තේරීමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන අතර එහිදී ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහොත් ලකුණු 275 කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කොට තරගය ලකුණු 68 කින් හෝ ඊට වැඩි ගණනිකින් ජය ගත යුතුයි. එසේත් නොමැතිනම් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සිදුකළහොත් ලබා දෙන ඉලක්කය පන්දු වාර 35ක් තුලදී සම්පුර්ණ කළ යුතුය. අනෙක් අතින් අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව උදාවෙනු ඇත. |
'මම මගේ තාත්තාව කවදාවත් දැකලා නෑ.ෆොටෝවලින් විතරයි දැකලා තියෙන්නේ' | "මම මගේ තාත්තාව කවදාවත් දැකලා නෑ.ෆොටෝවලින් විතරයි දැකලා තියෙන්නේ" යැයි බීබීසී සිංහල වෙත පැවසුවේ වයස අවුරුදු දහයක් වන හංසලී ද සිල්වායි. ඇය මීට වසර 10 කට පෙර අතුරුදහන් වූ මදුෂ්ක ද සිල්වාගේ දියණියයි. ඔහුගේ බිරිඳ වන මයුරි ජයසේන සහ ඔවුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට සැප්තැම්බර් 05 දින විරෝධතාවයක නියැලුණේ වසර 10කට පෙර අතුරුදහන් කළ සිය සැමියා සහ දරුවන්ගේ පියා සම්බන්ධයෙන් සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් ය. මේ වන විට මයුරි සහ මදුෂ්කගේ දරුවන් දෙදෙනා පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔහු පැහැරගැනීමට ලක්වන විට මයුරි සයමස් ගැබිණියකි. "ඉස්කෝලෙ ඇරිලා අනිත් ළමයින්ගේ තාත්තලා ඇවිත් එයාලව ගෙදර එක්කගෙන යනකොට මට ගොඩක් දුක හිතෙනවා. ඒ වෙලාවට මට හිතෙනවා මගේ තාත්තත් මගේ ළඟ හිටියා නම් මාව එක්කගෙන යන්න එනවනේ කියලා," ඒ මදුෂ්කගේ දියණියයි. "තාත්තාට ගිහින් වඳින්න මට සොහොනක්වත් නෑ," ඒ මදුෂ්කගේ දස හැවිරිදි පුත්‍රයා වන රනුල් ද සිල්වා ය. ඔවුන් නිවුන් දරුවන්ය. "2013 අතුරුදන් කළ සැමියා කෝ?" "මගේ මහත්තයාව පොලිසියෙන් කියලා මාංචු දාලා, තවත් යාලුවො දෙන්නෙකුත් එක්ක අරගෙන යන්නෙ 2013 සැප්තැම්බර් 02වෙනිදා අනුරාධපුර නගරයේදිමයි. යාලුවො දෙන්නවා පහුවදා ආපහු එවුවත් මගේ සැමියාව ආපහු එවුවෙ නෑ.එයාට මොකද වුණේ කියලා දන්නෙ නැතිව අවුරුදු 10ක් ගෙවිලා ගිහින් ඉවරයි," මයුරි ජයසේන පවසයි. මදුෂ්ක ද සිල්වා අනුරාධපුර නගරයේ පළතුරු වෙළඳසලක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, ත්‍රීරෝද රථයකින් ඔහු සහ මිතුරන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අවස්ථාවක ඔවුන්ව වැන් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. ඔවුන් රැගෙන ගිය ස්ථානයේ හී ඔවුන්ට රාත්‍රියේ පහරදුන් බවත්, පසුව මදුෂ්කව ඔවුන්ගෙන් වෙන්කොට වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත් එම මිතුරන් දෙදෙනා පවසන බව මයුරි පැවසුවා ය. එමෙන් ම ඇයව ද 2014 වර්ෂයේ දී පැහරගෙන ගොස් ඇති අතර එහි දී සැමියා සෙවීම නතර කරන ලෙස පවසා තර්ජනය කළ බව ඇය පවසයි. "මදුෂ්කව අරගෙන ගිය සුදු වෑන් එකේ අංකය තියෙනවා. ඒ වගේම එයා එක්ක අරගෙන ගිය යාලුවෝ දෙන්නාගෙ සාක්ෂි තියෙනවා. මෙයාලව අනුරාධපුර නගරයේදී පැහරගෙන යනවා දැකපු අය ඉන්නවා.මෙ විදිහට හැම සාක්ෂියක්ම තිබුණත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරලා තියෙන නඩුව ඇහුවේ එකපාරයි. අපි කියන්නේ මේ අධිකරණ කටයුතු කඩිනම් කරන්න කියලා." "මගේ දරුවො දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. මදුෂ්ක හිටියා නම් ගොඩක් සතුටු වෙයි. දරුවො තාත්තා අහනකොට මට දෙන්න උත්තරයක් නෑ," මයුරි කියා සිටියාය. "මගේ තාත්තා ආපහු ආවොත් මම තාත්තට ගොඩක් ආදරෙයි කියලා කියනවා. අපේ අම්මා තව කී දවසක් අපේ තාත්තව හොයන්නද?" දියණිය විමසයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයේ ප්‍රතිචාරය අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව සහ මයුරි ජයසේන විසින් 2019 වර්ෂයේ දී මදුෂ්ක ද සිල්වාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් තමාට සිදු කර නොමැති බව ඇය පවසයි. "OMP එකෙන් වන්දි ගන්න දෙන සහතිකය ගන්න එන්න කියලා මට කිව්වා. මමත් ඒකට කැමති වුණා. නමුත් මට ඒකවත් දුන්නෙ නෑ. මට නඩු කියන්න සල්ලි නැති නිසා නීතීඥයෙක් දෙන්න කියලා ඉල්ලුවා. ඒ කිසිම දෙයක් මේ වෙනකන් සිදු කරලා නෑ." 2014 වර්ෂයේ දී ඔවුන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ද කිසිඳු දැනුවත් කිරීමක් නැති බව මයුරි පැවසුවා ය. ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය විමසීම සඳහා අප අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයේ විධායක අධ්‍යක්ෂක ජී. තත්පරන් සම්බන්ධ කරගත් නමුත් ඔහු ප්‍රකශ කළේ පනත ප්‍රකාරව තෙවන පාර්ශවයකට තොරතුරු ලබා දීමට නොහැකි බවයි. එක්සත් ජාතීන්ගේ කාර්‍යාලට භාර දුන් පෙත්සම මයුරි ජයසේන සහ අතුරුදහන් වූවන්ගේ පවුල් වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් අත්සන් කළ පෙත්සමක් එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වෙත භාර දීමට ඔවුහු අද දින කටයුතු කළ හ. එම පෙත්සමේ, අධිකරණ කටයුතු කඩිනම් කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්‍යාලයට යොමු කර ඇති පැමිණිල්ල ප්‍රකාරව සත්‍ය හෙළිදරවු කිරීම සහ හානිපූර්ණය කිරීම කඩිනම් කිරීමට සහය දෙන ලෙස ඉල්ලා තිබේ. "මේ සිද්ධියට ආණ්ඩුව අනිවාර්යයෙන්ම සම්බන්ධයි. ඒ නිසා තමයි මේ පරීක්ෂණ යට ගහන්නේ," යැයි කියා සිටියාය. |
'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ | පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබියදී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා, අන්තර්ජාලය ඔස්සේ කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (සැප්තැම්බර් 4 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි නඩු විභාගය සඳහා විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියේය. රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින "සූම් "ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් සුරේෂ් සලේ කියා සිටියේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බවය. විත්තිකරු කළ මෙම ප්‍රකාශය නිසා තමන්ටත් තම දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වූ බව සඳහන් කළ සාක්ෂිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම හරහා වැරදි සමාජ මතයක් නිර්මාණය වීමට හේතු වන බවත් සඳහන් කළේය. "මම දරුවන් දෙදෙනකුගේ පියෙක්. මේ වනවිට මම යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙනවා. මගේ සහෝදරයින් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම රට වෙනුවෙන් ආරක්ෂක හමුදාවලට සම්බන්ධ වෙලා අත පය නැති කරගෙනයි ඉන්නේ. විත්තිකරු සිදු කළ මේ ප්‍රකාශය නිසා දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඒ හරහා මටත් පුද්ගලිකව විශාල පීඩනයක් එල්ල වුණා. අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙද්දී තමා විත්තිකරු මේ ප්‍රකාශය සිදුකළේ. ඒ හරහා සමාජය තුළ වැරදි චිත්‍රයක් නිර්මාණය වීමට හේතු වුණා. එපමණක් නෙවෙයි ඒ ප්‍රකාශය නිසා මගේ දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වුණා. මේ ප්‍රකාශය නිසා දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට සිදු වුණා" සුරේෂ් සලේ සාක්ෂි දෙමින් කියා සිටියේය. තමාට පුද්ගලිකව දැඩි පීඩනයක් මෙම ප්‍රකාශය තම දරුවන්ට පුද්ගලිකව විශාල තර්ජනයක් වු බවත් තම දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට පවා සිදුවු බවත් මෙම ප්‍රකාශය තමාට පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළ බවත් කී සුරේෂ් සලේ අදාළ කරුණු තහවුරු කරමින් දිවුරුම් පෙත්සමක්ද, අපහාසාත්මක බව කියන ප්‍රකාශය අන්තර්ගත සී.ඩී පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 25දා තෙක් කල් තැබුණි. එදින විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් සාක්ෂිකාර සුරේෂ් සලේගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව තිබේ. |
වැසි තත්ත්වය සමග ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු | පවතින වැසි තත්ත්වය සමග ඉදිරි දිනවල දී පැතිර යා හැකි ලෙඩ රෝග සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් පසුවිය යුතුබව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඉදිරියේ දී වැසි තත්ත්වය වර්ධනය වීමත් සමග, බෝවෙන රෝග සහ වසංගත රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඩෙංගු රෝගයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි පවතින වැසි තත්ත්වය සමග ඉදිරියේ දී ඩෙංගු වසංගත තත්ත්වයේ වර්ධනයවීමක් සිදුවිය හැකි බැවින්, ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි බීබීසි සිංහල වෙත පැවසුවා ය. නිවෙස් අවට ඩෙංගු කීටයින් බෝවීමට වැඩි හැකියාවක් පවතින ස්ථාන සොයා, ඒවා පිරිසිදු කිරීමේ කටයුතු නිවැසියන් විසින්ම සිදුකිරීමට උනන්දුවීම වඩාත් වැදගත්බව ඇය පවසයි. නිවෙස් තුළ ඇති මල් පෝච්චි, ශීතකරණවල ජලය රැදෙන ස්ථාන, විසිතුරු මසුන් ඇති කරන ටැංකි, ජල ටැංකි හා ඒවා වසා ඇති පියන් මෙන්ම වහලයේ වැහි පීලි ද ඩෙංගු කීටයින් වැඩි වශයෙන් බෝවීමේ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින්, සතියකට වරක් එම ස්ථාන පිරිසිදු කිරීම හා තමාගේ ගෙවත්ත පිරිසිදු කිරීම ඉතා වැදගත් බව ඇය මෙහිදී පෙන්වා දුන්නා ය. ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරීම සිදුවන්නේ බොහෝ විට උදෑසන සහ සවස් කාලයේ බැවින් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ඉන් ආරක්ෂාකර ගැනීමට හැකි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ පන්නිලහෙට්ටි ප්‍රකාශ කරයි. මේ අතර යම් අයෙකුට උණ, මස් පිඬු වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව ද ඇය සඳහන් කළා ය. 2022 වසරේ දී මෙරටින් ඩෙංගු ආසාදිත මරණ 72ක් හා රෝගීන් 76,689ක් වාර්තා වී ඇති බව පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය, මෙවසරේ මේ දක්වා (සැප් 03) ඩෙංගු මරණ 38ක් සහ රෝගීන් 62,183ක් වාර්තා වූබව පැවසුවා ය. "මේ වසර අවසන් වීමට තව මාස හතරක කාලයක් තිබෙනවා. දැනටම රෝගීන් 62,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඉදිරියේ දී ඊසානදිග මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු තත්ත්වය වර්ධනයක් වෙන්න හැකියාව තිබෙනවා. මේ නිසා ජනතාව තුළ ස්වයං විනය වගේම තම අවට පරිසරය පිළිබඳව ඇති අවධානය වැඩි වශයෙන් පවත්වාගෙන යාම ඉතා වැදගත්," ඇය ප්‍රකාශ කරයි. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ගැන දැනුම්දීමක් මේ අතර, පවතින වැසි තත්ත්වය සමග ඉන්ෆ්ලුවෙන්සා වෛරස උණ රෝග තත්ත්වය ද නැවත වරක් සමාජය තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතිනබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. "විශේෂයෙන් අප දකින දෙයක් තමයි වැසි තත්ත්වය සමග ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ හැකියාව වැඩියි. මේ නිසා ජනතාව අධික ලෙස ගැවසෙන ස්ථානවලට යාමේ දී ඉන් ආරක්ෂාවෙන්න ජනතාව මතක තබාගන්න අවශ්‍ය යි. පාසල් යන තම දරුවන්ට උණ, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් ඔවුන්ව පාසැල්වලට නොයවා සිටින්න දෙමව්පියන් වගබලා ගන්න අවශ්‍ය යි. "එමෙන්ම වැසි තත්ත්වය සමග වැසිකිළි වලවල් උතුරා යෑම හෝ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් තමන් පානීය ජල අවශ්‍යතාව සපුරාගන්නා ළිංවල ජලය උණුකර නිවා පානය කිරීමට කටයුතු කිරීම වැදගත්," නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ය. රටේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය ගැන දැනුම්දීමක් මේ වන විට දිවයිනේ නිරිතදිග කොටසට බලපානු ලබන වැසි තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි බීබීසි සිංහල සේවයට පැවසුවා ය. පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දිනවල දී පෙන්නුම් කළ ද සැප්තැම්බර් 10 වැනිදාට පසු වැසි තත්ත්වය වර්ධනය විය හැකිබව ඇය ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම කොළඹ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම වැසි තත්ත්වය බලපානු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. |
ශ්‍රී ලාංකික තරුණියකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දුන්නේ ඇයි? | ආර්ථික ගැටලු වලින් මිරිකී සිටින මෙරට බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන්නේ තම ප්‍රශ්නවලට අස්වැසිල්ලක් ලබා ගැනීමේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරිවය. එලෙස දහසකුත් බලාපොරොත්තු සහිතව කුවේට් රාජ්‍ය බලා ගිය ලාංකික කාන්තාවකට සිය ජීවිතයට සිදුවූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගනිමින් සැප්තැම්බර් 3 වැනිදා යළි දිවයිනට පැමිණීමට සිදුව තිබුණි. සිදුව ඇති අසාධාරණය කුමක්ද? අප විසින් අනන්‍යතාවය හෙළි නොකරන , ඇය 2022 ඔක්තෝබර් 22 වැනිදා කුවේට් රාජ්‍යයේ ( Sabah Al Salim City ) නගරයේ ගෘහ සේවය සදහා ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත පවුලකට අයත් නිවෙසකටය . එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම කාන්තාවගේ කැමැත්තෙන් තොරව ඇය බලහත්කාරයෙන් දුෂණයට ලක් කර තිබේ. කෙටි කාලයක් ගත වනවිට මෙම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණිය ගැබ් ගෙන ඇති බව තේරුම් ගැනීමෙන් අනතුරුව,ඇයගේ නිවෙස වෙත රහසිගතව වෛද්‍යවරයෙකු ගෙන්වා,මෙම තරුණියගේ කැමැත්තෙන් තොරව ගබ්සා කිරීමක් කර තිබේ.එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස ඇය විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීමෙන් පසුව මෙම කාන්තාව අධික රුධිර වහනයකට ලක්ව ඇති අතර , එයින් දින තුනකට පසුව ඇය ආපසු ශ්‍රී ලංකාවට එවීම සදහා 2023.03.23 දින රෝද පුටුවක හිදුවා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී තිබේ. කුවේට් ගුවන් තොටුපොලේදී එරට ගුවන් සේවා නිලධාරීන් විසින් රෝගී වී රෝද පුටුවක සිටි මෙම කාන්තාවගෙන් කරුණු විමසා ඇති අතර , එහිදී තමන් මුහුණ දුන් මෙම සිදුවීම එම නිලධාරීන් හමුවේ පවසා තිබේ. එහිදී මෙම තරුණියගේ තත්ත්වය ගුවන් ගමනක් සඳහා සුදුසු මට්ටමක නොපවතින බැවින් ගුවන් සේවා බලධාරීන් වහාම මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මැදිහත් වෙයි කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්ගේ උපදෙස් මත , නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම්ගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර , භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන අය විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ . ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන් , එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ නඩු කරය පවත්වාගෙන යාමෙන් පසු මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක (රුපියල් ලක්ෂ 68 ක) වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ අනුව මෙම වන්දි මුදල, යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍රය සහ මෙම තරුණියගේ ගමන් බලපත්‍රය කුවේට් ජාතිකයා විසින් ලබා දීමෙන් අනතුරුව, මෙම තරුණිය සැප්තැම්බර් 03 වැනිදා දිවයිනට පැමිණ තිබේ. |
එංගලන්තය දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අමතක නොවන තරග ජය | ක්‍රිකට් ලොව පූර්ණ අවධානය ආසියානු කුසලානය දෙසට යොමුවෙමින් තිබියදී, මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු වරට 20 යි 20 තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ( සැප්තැම්බර් 2 වැනිදා) සමත් විය. එංගලන්තයේ, චැම්ස්ෆෝඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08 කින් පරාජය කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව සිය පළමු විස්සයි 20 තරග ජයග්‍රහණය එංගලන්තයේදීම වාර්තා කිරීමට සමත් වීමය. ශ්‍රී ලංකා දඟ පන්දුවට යටවූ එංගලන්ත පිතිකාරිනියන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගත නොහැකි විය. එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 6 දී බිඳ වැටුණු අතර ඉන් පසුව ක්‍රමයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ ග්‍රහණයට ඔවුන් නතුවිය. එංගලන්ත කණ්ඩායමේ මැද පෙළ පිතිකාරිණියක් වන චාර්ලි ඩීන් වාර්තා කළ ලකුණු 34 හැර වෙනත් කිසිදු පිතිකාරිනියකට ලකුණු 20 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් ඉඩ නොදෙන ලදී. එංගලන්ත ඉනිමේ කඩුලු 10 යෙන් 8ක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් විසින් දවා ගනු ලැබිය. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධිනි, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවිර සහ කවීෂා දිල්හාරි කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 18කදි සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 104ක් පමණි. මෙම ලකුණු සංඛ්‍යාව එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 තරගයකදී වාර්තා කළ 9 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය. චමරිගේ නායකත්ව ඉනිම ලකුණ 105 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10 යෙදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නියන් සමත් විය. අනුෂ්කා සංජීවනී එක් ලකුණකට දැවී යාමෙන් පසු පිටියට පැමිණි හර්ෂිතා සමරවික්‍රම සමග නායක චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට සමත් විය. එංගලන්ත පන්දු යවන්නියන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ චමරි අතපත්තු පන්දු 31ක් තුලදී හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළාය. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 79ක් ව තිබියදී දෙවන කඩුල්ල ලෙස චමරි අතපත්තු දැවී ගියා ය. ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 26 රැස් කිරීමට හර්ෂිතා සමරවික්‍රම ( නොදැවී ලකුණු 30) සහ විශ්මි ගුණරත්න ( නොදැවී ලකුණු 18) සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨයි තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ බවයි. " පෙර තරගයට සාපේක්ෂව ඔවුන් අද දිනයේදී හොඳ පන්දු යැවීමක නිරත වුවා. චමරි ඇයගේ සුපුරුදු විලාෂයෙන් ආක්‍රමණශීලිව තරගය ඔවුන් සතු කර ගනු ලැබුවා." ඇය පැවසුවාය. ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ ක්‍රීඩා විලාසය පිළිබඳ තමන් සතුටු වන බවයි. " නායිකාව වශයෙන්, කණ්ඩායමක් වශයෙන්, මෙය විශාල ජයග්‍රහණයක්. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල ජයග්‍රහණයක්." ඇය පැවසුවාය. පෙර තරගයේ දී ලද අත්දැකීම් සමග මෙම තරගයේදී සියළු සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කළ බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ මේ වන විට දෙපිලම තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවයෙි. අවසන් විස්සයි 20 තරගය ලබන 06 වෙනිදා ඩර්බි හිදී පැවැත්වීමට නියමිතයි. |
සංචාරක කලාපයක සැඟවුණු මැණිකක් බඳු කළුදියපොකුණ | ඉරු උදාවටත් ප්‍රථමයෙන් අවදි වී අලුයම 5.30ට පමණ ලහි ලහියේ ආහාර ගනිමින් මමත් මාගේ මිතුරියත් සූදානම් වෙමින් සිටියේ හැකි ඉක්මනින් අප යාමට බලාපොරොත්තුවෙන් සිටිනා වනය තුළට පිවිසීමටයි.හිරු උදාව නැරඹීමටත්, උදෑසනින්ම කෑම සොයා යන සතුන් දැකබලා ගැනීමට පහසු වීමත් නිසා එලෙස අලුයමින් ම පිටත් වීමට අපි තීරණය කළෙමු. පෙරදා රාත්‍රියේ, මාගේ නවාතැනේ සේවා සපයන්නා වූ, වසය අවුරුදු 86ක් පමණ වන කුඹුක්කඳන්වල ග්‍රාමයේ මුල්පදිංචි කරුවන්ගේ සත්වැනි පරම්පරාවේ සාමාජිකයෙකු වන ටිකිරි බණ්ඩා මෙම ප්‍රදේශය ජනාවාසකරණය වූ ආකාරය පිළිබඳ විස්තරයක් පැවසුවේ ය. "ගැමුණු කුමාරයා යුද්දෙ පැරදිලා තැනින් තැනට යමින් හිටිය දි ගෙදරකට ගිහින් කෑම කෑ කතාව අහලා ඇතිනේ. මගේ පරම්පරාවේ ගෙදරකට තමයි ගැමුණු කුමාරයා ඒ විදිහට ගොඩවැදිලා තියෙන්නේ. රජවුණාට පස්සෙ අපේ පරම්පරාවට කැකිරාව පැත්තෙන් නින්දගම් ලබා දීලා තියෙනවා. සියවස් කීපයක් ඒ නින්දගම්වල හිටියාට පස්සෙ ඒ නින්දගම් විකුණලා ඒ මුදල් මේ ප්‍රදේශය අයිතිවෙලා තිබුණු මහවාසළ අධිකාරම් කෙනෙකුට දීලා තමයි මේ ප්‍රදේශයට ලන්දේසි කාලයේදි අපේ පරම්පරාවෙ අය පදිංචියට එන්නේ," යැයි ටිකිරි බණ්ඩා විස්තර කළේ ය. මෙම ගම්මානය දඹුල්ලට කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටා ඇති අතර මෙම ග්‍රාමයට යාමට කණ්ඩලම වැව ද පසු කර යා යුතු ය. මාතලේ දිස්ත්‍රික්කයට අයත් වූවත් මෙම ප්‍රදේශය කාළගුණික වශයෙන් අයත් වන්නේ වියළි කලාපයටයි. ගමට නම වැටීමට හේතුවද ටිකිරි බණ්ඩා විස්තර කළේ ය. " දඹුල්ල විහාරෙ හදන කාලෙ බුදුපිළිම හදලා තියෙන්නෙ අච්චුවකට මැටි පුරවලා. ඒ අච්චු හදන්න කුඹුක් කඳන් ගෙනිහින් තියෙන්නේ ගමට මායිම් වුණ කැලෙන්. ඒ නිසා තමයි මේ ගමට කුඹුක්කඳන්වල කියලා නම වැටිලා තියෙන්නේ." ගමට නම වැටීමට හේතු පාදක වූ ගමට මායිම් වූ වනාන්තරයට පිවිසීම එදින අපගේ අරමුණ විය. එය අතිශය සුන්දර හා බොහෝ දුරට නොයිඳුල් පරිසර පද්ධතියක් බව පෙර දැනගන්නට ලැබුණ ද එය හැබැහින් දැකගැනීමේ කුහුලක් ඒ වන විට ඇති වී තිබුණි. අප යාමට සූදානම් වෙමින් සිටි වනාන්තරය පුරා විද්‍යා රක්ෂිතයක් වන අතර එය සීගිරිය සංචාරක කලාපයට අයත් සංචාරක ස්ථානයකි. හිරු උදාව මැදින් සමනල උයනක සිට අලුයමින්ම උදෑසන ආහාරය ගෙන, ටිකිරි බණ්ඩා විසින් ඔතා දුන් දිවා ආහාරය ද රැගෙන කුඩා මෝටර් සයිකලයෙන් අප පිටත් වූයේ කඳු අතරින් හිරු උදාවන සුන්දර දර්ශනය නැරඹීමටයි. උදෑසන හය පසු වී මිනිත්තු පහක් පමණ ගතවන තැන අපට එම දර්ශනය නැරඹීමට අවස්ථාව ලැබුණු අතර නැගෙනහිර අහස තැඹිලි පැහැයක් ගෙන තිබුණි. සවසට ද හිරු බැස යන දර්ශනය ඉතාම සුන්දර බව මා සමඟ යමින් සිටි මිතුරිය පැවසුවා ය. ඒ වන විට අප රළු මාර්ගයකට ප්‍රවිෂ්ට වී සිටි අතර වළ ගොඩැලි අතරින් සෙමෙන් සෙමෙන් මෝටර් සයිකලය මඳ දුරක් යන අතරතුර දී එම විශ්මයජනක දර්ශනය ආරම්භ විය. අප ගමන්කරමින් සිටි මාර්ගය දෙපස "සිරි සිරි" හඬ නගමින් සුදු පැහැති සමනලුන් සියගණනක් පියඹා යාමට පටන් ගත්තේ අප එනු දැක පලා යාමට තැත් කරන්නා මෙනි. නමුත් එය සැබෑ දර්ශනයක්දැයි ඇස් අදහා ගත නොහැකි තරම් විශාල සමනලයන් ප්‍රමාණයක් දක්නට ලැබුණි. අප ගමන් ගත් බයිසිකලයේ සමනලුන් වැදී ඔවුන්ට හානියක් වේදැයි සැක මතු වූ නිසා අපි මදවේලාවක් බයිසිකලය නවත්වා සිටියෙමු. මෙම සමනලයන් වර්ගය ශ්‍රී ලංකාවේ බහුලව දැකගත හැකි Common Albatross නැමැති සමනල විශේෂයයි. මද දුරක් ගොස් පුරා විද්‍යා කලාපයට ඇතුළුවන තෙක්ම සමනල් රංචු දැකගැනීමට හැකි වූ අතර ඒවා අතර Common Indian Crow, Chocalate Soldier, Tamil Yeoman, Red spot duke යන සමනලුන් බහුලව ම දැකගැනීමට හැකි විය. පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් සමනල් ගහණය යම් දුරකට අඩු වී තිබුණද දින කිහිපයකට පෙර ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නැවතත් සමනල් ගහණය වර්ධනය වී ඇති බව දැනගන්නට ලැබුණි. දෙවන සේන රජු ඉදිකළ ආරාමය ඒ වන විට අප පුරාවිද්‍යා කලාපයට ඇතුළු වී සිටි අතර උදෑසනම වූ නිසාදෝ අප යනවිට කිසිඳු සංචාරකයෙක් එහි පැමිණ තිබුණේ නැත. කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතයට එලෙස නම යෙදීමට මූලික හේතුවක් වී ඇත්තේ මෙම පුරා විද්‍යා කලාපයේ ඇති පොකුණයි. එය කළුදියපොකුණ නමින් හඳුන්වයි. අනුරාධපුර යුගයේ ඉදිවූවක් වූවද අනෙකුත් පොකුණුවල වැනි කැටයම් හෝ වෙනත් ශිලා නිර්මාණ එහි නොතිබූ අතර එය හුදෙක් ස්වභාවික විලකට සමාන විය. ජල මට්ටම අඩු වී තිබුණු නමුඳු එහි ජලය කළු පැහැයෙන් දිස්විය. වියළි කාලයේදී පවා අවශ්‍ය ජලය සපයාගැනීම සඳහා මෙම පොකුණ කරවා අතැයි දැනගැන්නට ලැබුණි. එහි ස්ථූපයක නටඹුන් දිස්වන අතර ගල් කුට්ටි යොදාගනිමින් සිදු කළ ඉදිකිරීම් කිහිපයක නටබුන් ද දැකගැනීමට හැකි විය. කුඹුක්කඳන්වල ග්‍රාමයේම පදිංචි කරුවෙකු වූ ස්ථාන භාර පුරාවිද්‍යා සහායක හේරත් එහි ඇති පුරා විද්‍යා වටිනාකම පැහැදිලි කළේ ය. "1970 ගණන්වල වගේ ගමේ හිටපු මුතුබණ්ඩා කියලා කෙනෙක් මේ කැලේ දි නටබුන් දැකලා සීගිරියෙ තිබුණු පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව තමයි මෙතණ කැණීම් පටන් ගන්නේ. කැණීම් අතරතුර සොයාගත් සෙල්ලිපියකින් මේ තැන අනුරාධපුර රාජධානියේ සිටි රජකෙනෙක් වන දෙවන සේන රජතුමා විසින් කරවපු ආරාමයක් බව හෙළිවෙලා තියෙනවා," එම නිලධාරියා පැවසුවේ ය. මෙම විහාරය පුරාණ කාලයේ හඳුන්වා තිබෙන්නේ 'දඛිණගිරි' විහාරය ලෙසයි. රක්ෂිතයේ සෑම තැනම ගල් පර්වත දිස්වන අතර කඳුමුදුන්ද ගල් පර්වත වලින් සැදී ඇත. ගල් පර්වත පෙනෙනා විහාරයක් නිසා එය දඛිණගිරි ලෙස නම් කළ බවට සැක කරන බව පුරා විද්‍යා නිලධාරියා පැවසුවේ ය. එහි තෙවන සේන රජුගේ කාලයේ කරවන ලද පුවරු ලිපියක්ද ඇති අතර එහි, විහාරයේ භික්ෂූන් හා නිලධාරීන් පිළිපැදිය යුතු නීතිරීති අඩංගු බවත්, එසේ නීති කඩකරන්නන්හට 'මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට නොහැකිවේවා' යනුවෙන් සඳහන් කර ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සවිකළ පුවරුවක දැක්වේ. මෙම ප්‍රදේශය ආශ්‍රිතව කටාරම් කොටා සකස් කරන ලද ලෙන් කිහිපයක්ම දැකගැනීමට හැකියි. පුරා විද්‍යා නිලධාරියා පැවසුවේ එලෙස කටාරම් කොටා ඇති ලෙන් 47ක් මේ වන විට පුරා විද්‍යා රක්ෂිතයෙන් සොයා ඇති බවයි. "කටාරම් කොටලා තියෙන එකෙන් තමයි මේ ලෙන්වල මනුෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවුණා කියලා සාක්ෂි ලැබෙන්නේ. මේ සමහර ලෙන් විශාල පිරිසකට එක වර ඉන්න පුලුවන් එවා. බොහෝදුරට මේ විහාරයේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉන්න ඇති කියලා අනුමාන කරනවා," හේරත් පවසයි. නටබුන් ආශ්‍රිතව පිහිටා ඇති ගල් තලාවක් "සළුසල" ලෙස හඳුන්වන අතර එය භික්ෂූන් වහන්සේලා සිය සිවුරු සේදීමට යොදාගත් ස්ථානය යැයි කියැවේ. වර්ෂා කාලයේ දී ඒ හරහා ජල පහරක් ගලා යන නමුත් අප එහි යන විට කුඩා වතුර වළවල් පමණක් ඉතිරි වී ජල පහර සම්පූර්ණයෙන් ම වියළී ගොස් තිබුණි. එම වතුර වළවල් ආශ්‍රිතව තෙත් වූ පසේ සුදු පැහැති සමනලයන් රංචු පිටින් වසා සිටිය හ. ඒ ආශ්‍රිතව බොහෝ ගල් පර්වත දැකගැනීමට හැකි අතර නටබුන්වල ඇති ගල්කණුවල ප්‍රමාණයට සමානවන අයුරින් එම ගල්කුට්ටිවල කැපුම් සලකුණු දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. විහාරය සෑදීම සඳහා ගල්කණු ලබාගන්නට ඇත්තේ ද මෙම ප්‍රදේශයෙන් ම බව ඔහු පවසයි. ඒවන විට විදෙස් සංචාරකයන් කිහිපදෙනෙකු මෙම ස්ථානය නැරඹීමට පැමිණ සිටි අතර, වෙනත් ස්ථානවල මෙන් දේශීය හෝ විදේශීය සංචාරකයන් හට අවසර පතක් අලෙවි කිරීමක් නොකරන නිසා ඕනෑම අයෙකුට නොමිලේ ඇතුළුවීමේ හැකියාව පවතී. වඳුරු රාජධානියේ තතු අහස උසට විහිදුණු දැවැන්ත ගස් අතරින් කුහුඹුවන් සේ අප ගමන් කරමින් සිටිය දී එම ගස්වල අතුපතරෙන් පෙරී එන ළා හිරු රශ්මිය අතරින් ශ්‍රී ලංකාවට ආවේණික වඳුරු විශේෂයක් වන කළුවඳුරු රංචුවක් ගමන් අරමින් සිටිනා බව අපට නිරීක්ෂණය විය. [Purple-Faced Leaf Langur] ලෙස හඳුන්වන මෙම වඳුරු විශේෂය මෙන් ම අළු වඳුරන් ලෙස හඳුන්වන [Gray langur] වඳුරු විශේෂය ද මෙහි ජීවත් වෙති. මේ වන විට මෙම කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතය ආශ්‍රිත ව වඳුරන් සම්බන්ධයෙන් [Kaludiyapokuna Primate Conservation and Research Center]නමින් දීර්ඝකාලීන පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කරන අතර එය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්වවිද්‍යාලය හා ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. ඒ සඳහා දේශීය විශ්වවිද්‍යාලවල උපාධිදාරීන් හා විද්‍යාර්ථීන් මෙන් ම ස්වේච්ඡා සහභාගීත්වය සපයන විදේශීය විශ්වවිද්‍යාලවල සිසුන්ද සම්බන්ධ වී සිටියි. එම ව්‍යාපෘතියේ සම අධ්‍යක්ෂකවරයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් මෙම රක්ෂිතයේ ජීවවිද්‍යාත්මක වැදගත්කම පැහැදිලි කළේ ය. වර්ග කිලෝමීටර 13ක් පුරා පැතිරී ඇති මෙම රක්ෂිතයේ තවමත් ස්වභාවික හැසිරීම් සහිත සතුන් ජීවත්වීම විශේෂත්වයක් බව ආචාර්ය රාජ්නිෂ් පැවසුවේ ය. "අපි ජාතික වනෝද්‍යානයක හෝ වෙනත් කැලෑවක ගිහින් බැලුවොත් ඒ සත්තු මිනිස් ක්‍රියාකාරකම්වල මොකක් හරි බලපෑමකට ලක්වෙලා තියෙනවා. සමහර වනෝද්‍යානවලට ගියාම රිලවුන් වගේ සත්තු කෑම ඉල්ලගෙන එනවා. ඒ වගේ තැනක අපට මේ සතුන් ගැන පර්යේෂණ කරන්න බෑ. නමුත් මේ වනාන්තරයේ සතුන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙලා තියෙන බලපෑම අවමයි. එ නිසා පර්යේෂණයකට වුණත් හොඳ දත්ත මේ රක්ෂිතයෙන් ලබා ගන්න හැකියි," ඔහු පැහැදිලි කළේ ය. එමෙන් ම අළුවඳුරන් සහ කළුවඳුරන් එකම පරිසර පද්ධතියක ජීවත්වීම ද මෙම රක්ෂිතයේ විශේෂත්වයක් බව ආචාර්යවරයා පෙන්වා දෙයි. "ලංකාවෙ බොහෝ වනෝද්‍යානවල එක්කෝ කළු වඳුරන් ඉන්නවා. එහෙම නැතිනම් අළුවඳුරන් ඉන්නවා. නමුත් මේ වර්ග දෙකක් එක සමාන පරිසර පද්ධතියක ජීවත් වෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේ විශේෂ දෙකක් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වීමත් මේ රක්ෂිතයේ ඇති විශේෂත්වයක්." මීට අමතරව මෙම රක්ෂිතයේ සුළු වශයෙන් රිළවුන්ද වාසය කරයි. ආචාර්ය රාජ්නිෂ් පෙන්වා දුන්නේ මිනිස් ක්‍රියාකාරකම් වැඩි වී සංචාරකයන් සතුන්ට කෑම ලබා දීමට පුරුදුවුවහොත් වඳුරු ගහණය ඉක්මවා රිලවුන්ගේ ගහනය ඉහළ යනු ඇති බවයි. "ඕනෑම පරිසර පද්ධතියක සමබරතාවයක් තිබිය යුතුයි. ඒ සඳහා විවිධ සතුන්ට විවිධ කාර්යභාරයන් තිබෙනවා. වඳුරනුත් ඒ විදිහට පරිසර සමබරතාවය පවත්වාගෙන යන ජීවීන් කොට්ඨාසයක්. ඒ ගැන වැඩිදුර සොයාබැලීම සඳහා කළුවඳුරන්ගේ හා අළුවඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම වගේ ම ඔවුන්ගේ ජීව කොටස් පරීක්ෂාවට ලක් කිරීමක් අපේ පර්යේෂණයෙන් සිදුවෙනවා," ආචාර්යවරයා සිය පර්යේෂණය සම්බන්ධයෙන් පැහැදිලි කළේ ය. "ඒ වගේම දරුවන්ගේ මොළය වර්ධනය වගේ දේවල් ගැන අවබෝධයක් ගන්න යොදාගන්නෙත් වඳුරන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ. අපට කිසිවෙලාවක ඒ වගේ පරීක්ෂණවලට ළමයින්ව යොදාගන්න හැකියාවක් නෑ. ඒ නිසා වඳුරන් ආශ්‍රිතව කරන පර්යේෂණවල දත්තත් ඒ වගේ ක්ෂේත්‍රවලට වැදගත්වෙනවා," යැයි පර්යේෂණය සාමාන්‍ය ජනතාවට වැදගත්වන ආකාරය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කළේ ය. රටක ජාතික වශයෙන් බලපාන වනජීවී ප්‍රතිපත්ති වැනි දේ සකස් කිරීමේ දී මෙවැනි දීර්ඝකාලීන පර්යේෂණ වැදගත් බවත්, මෙම පරීක්ෂණ වලින් ගන්නා දත්ත ඇසුරින් එම ප්‍රතිපත්ති සඳහා අවශ්‍ය අදහස් ලබා ගන්නා බවත් ඔහු පැවසුවේ ය. මෙම පර්යේෂණ කණ්ඩායම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන අතර, කැමරා යොදාගෙන වඳුරන්ගේ හැසිරීම් වීඩියෝගත කිරීමත්, පටිගත කිරීමේ යන්ත්‍ර යොදාගෙන වඳුරන්ගේ ශබ්ද පටිගත කිරීමත් සිදු කරයි. මෙම රක්ෂිතය ආශ්‍රිතව ජීවත්වන වඳුරු රංචු කිහිපයක් ඇති අතර ඇතැම් කණ්ඩායම්වල එක් එක් කණ්ඩායමට ආවේණික කතාන්දර පවා තිබෙන බව දැනගන්නට ලැබුණි. මෙහි ජීවත්වන කළුවඳුරු රංචුවක් තනි පිරිමි සතෙකු සහ ගැහැනු සතුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත අතර අළුවඳුරු රංචු බොහෝවිට පිරිමි සතුන් කිහිපදෙනෙකු සහ ගැහැනු සතුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත බව ආචාර්යවරයා පැහැදිලි කළේ ය. එමෙන් ම ශ්‍රී ලංකාවට ආවේණික කළුවඳුරන් මේවන විට වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින වඳුරු විශේෂයක් ද වේ. තවමත් නොයිඳුල් වනාන්තරය දහවල්වනවිට සූර්ය රශ්මිය වැඩීවූවත් අහස වසා ඉහළට එසැවී සිටි වෘක්ෂයන් හේතුවෙන් වනාන්තරයේ බොහෝතැන් ආවරණය වී තිබුණි. ඒ නිසාම ඒ තුළ සිසිලසක් වූ අතර, දැඩි සූර්ය රෂ්මිය මධ්‍යයේ වුවත් සුළු අඳුරු ස්වභාවයක් ද තිබුණි. රැහැයියන්ගේ හඬ නොනවත්වාම ඇසෙන අතරේ කුරුළු නාදයද එයට මුසු වී ඇසුණි. ගල් තලාවක් ආසන්නයෙන් දුමක් දර්ශනය වූ අතර අප එම ස්ථානයට යන විට කිසිවෙකු හෝ එම ගක්තලාව මත ගිනිදල්වා නිවාගොස් තිබූ බව නිරීක්ෂණය කළ හැකි විය. ආචාර්ය රාජ්නිෂ් වැන්ඩකෝන් 2008 වර්ෂයේ පමණ සිට මෙම රක්ෂිතය ආශ්‍රිතව පර්යේෂණ සිදු කරන අතර ඔහු පෙන්වා දෙන්නේ වනාන්තරය තවමත් යම් දුරකට ආරක්ෂිතව පවතින බවයි. "අනෙකුත් වනාන්තරවලට සාපේක්ෂව මේ වනාන්තරයේ අපට දැව වටිනාකම වැඩි ගස් විශාල වශයෙන් තවමත් දැකගන්න පුලුවන්. මේ රක්ෂිතයට යන්න තියෙන්නේ එක පාරක් නිසාත්, ඒ පාර අබලන් නිසාත් හොරෙන් දැව කපන අයට මේ කැලෙන් දැව කපලා පිට කරගන්න බෑ. ඒ නිසා තවමත් මේ කැලේ ඒ ගස් ආරක්ෂිතව තිබෙනවා," ඔහු පවසයි. එමෙන් ම ඔවුන් වඳුරන් නිරීක්ෂණය කිරීමට සවිකළ කැමරාවකට දිවියෙකුද (Leopard) දර්ශනය වී තිබේ. ඒ හැර තවත් සත්ත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිතයේ ජීවත්වන අතර, එහි අලි ද ජීවත් වෙති. සංචාරක වැදගත්කම මෙම පුරාවිද්‍යා රක්ෂිතය බොහෝවිට සීගිරිය සංචාරක කලාපයේ සංචාරකයන් හට මඟහැරෙන සංචාරක ස්ථානයකි. නමුත් එය සුන්දර හා වටිනා පරිසර පද්ධතියකින් සමන්විත අතර පර්වත කඳුමුදුන් කිහිපයකින් ද සමන්විත ය. එහි කඳුමුදුන්වලට සීගිරිය හා පිදුරංගල නිරීක්ෂණය කළ හැකි අතර කොළපැහැ රුක්ගොමු වලින් පිරීගිය දර්ශනයක් මෙම කඳුමුදුන්වලට ගියහොත් දැකගනීමට හැකිවෙයි. වන සතුන්ගේ හඬ මිස වෙනත් හඬක් නොඇසෙන මෙම රක්ෂිත කලාපය එහි ස්වභාව සෞන්දර්යයෙන් ඕනෑම අයෙකුගේ මනස සුවපත් කරයි. මෙම වනාන්තරය ත්‍රාසජනක සංචාර සඳහා කැමැත්තක් දක්වන්නන් හට ප්‍රවර්ධනය කළ හැකි ස්ථානයක් බව ආචාර්ය රාජ්නිෂ් පෙන්වා දෙයි. "මේ තැන මධ්‍යම මට්ටමේ ත්‍රාසජනක සංචාර සඳහා යොදාගන්න පුළුවන් තැනක්. නමුත් එහෙම යොදාගන්නවා නම් ස්වභාවික පරිසර පද්ධතියට අවම බලපෑමක් වන විදිහට යොදාගැනීමයි කළ යුත්තේ." මේ වන විට මෙම පුරාවිද්‍යා රක්ෂිතයට යන මාර්ගය නැවත සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාරයක් ලැබී ඇති බව කළුදියපොකුණ ස්ථාන භාර පුරා විද්‍යා සහායක නිලධාරියා පැවසුවේ ය. තුවක්කු බැඳීමට, ගස් කැපීමට වැට බැඳීමට නම් තමා 2008 වර්ෂයේ මුලින් ම රක්ෂිතයේ පර්යේෂණ කළ කාලයට සාපේක්ෂව වර්තමානයවන විට වනාන්තරයේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් වැඩි වී ඇති බව ආචාර්ය රාජ්නිෂ් නිරීක්ෂණය කර තිබේ. "වඳුරන් නිරීක්ෂණය කරන්න අපට රක්ෂිතයේ සමහර පැතිවලට යන්න බෑ. සමහරවෙලාවට තුවක්කු බැඳලා තියෙනවා දඩයම් කරන්න. දැන් අලුතෙන් පාර නැවත සකස් කළොත් අනිවාර්යයෙන්ම දැව වටිනාකම තියෙන ගස්වලටත් තර්ජනයක් එල්ල වෙනවා," ඔහු පෙන්වා දෙයි. නමුත් ඒවා පාලනය කිරීමට නම් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්යවරයාගේ මතයයි. "මේ දිනවල අපි මින්නේරිය සහ කවුඩුල්ල වනෝද්‍යානවල අලින් නිරීක්ෂණය කරනවා. අපි නිරීක්ෂණය කරන බොහෝ අලින් එක් වරක් හෝ වෙඩි පහරකට ලක් වෙලා. සාමාන්‍යයෙන් අපට අධ්‍යනයක් කරන්න වුණත් අවසර ගන්න ඉතා අමාරුයි එවැනි නීති පද්ධතියක් යටතේ තමයි ජාතික වනෝද්‍යානවල ඉන්න අලිඇතුන් වෙඩි කන්නේ." "මෑතක දී කළුදියපොකුණ පුරා විද්‍යා රක්ෂිතයේ චිත්‍රපටයක් රූගත කරලා තිබුණා. මේ රක්ෂිතයට වන සංරක්ෂණ නීතියත් පුරා විද්‍යා නීතියත් දෙකම බලපැවැත්වෙනවා. රූගත කිරීම් අතරතුර ඓතිහාසික විදිහට තිබෙන ගල් පවා ඒ අය වෙනස් කරලා ඔවුන්ට අවශ්‍ය විදිහට පසුබිම් හදාගන්නවා. එහෙම වුණාම ඒ තියෙන ඓතිහාසික වටිනාකමට මොකක්ද වෙන්නේ?" ආචාර්යවරයා විමසයි. මෙම වනෝද්‍යානවලට මායිම්ව ජීවත්වන ජනතාවට ඒවා ආශ්‍රිත සංචාරක ව්‍යාපාර වලින් හා අනෙකුත් පහසුකම් සැපයීමේ ක්‍රමයන් වලින් විකල්ප ආදායාම් මාර්ගයක් සකස් කර දීමකින් වනාන්තරවලට සිදුවන හානි අවම කර ගැනීමට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන් ම වන සතුන් සංරක්ෂණය කිරීමේ දී ද ඔවුන් ජීවත්වන ප්‍රදේශ ආරක්ෂා කිරීම ද වැදගත් බව ආචාර්යවරයා පැවසුවේය. "වනාන්තර එළි කරනවා වගේ ම, ලංකාවේ බහුතරයක් ජාතික වනෝද්‍යාන එක් එක් සතුන්ට ගැලපෙන පරිසර පද්ධති තෝරලා නම් කරපුව නොවීමත් ගැටලුවක්. මේවා බොහෝවිට ඉංග්‍රීසි පාලන කාලයේ දඩයම් භූමි ලෙස යොදාගත්ත ප්‍රදේශ. අලි වගේ සතුන් බොහෝවිට සංචරණය කරනවා. ඔවුන්ව විදුලි වැටගහලා නවත්වන්න අමාරුයි. ඔවුන්ව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කරලා වෙන දිහාවකට ගිහින් දැමුවත් ඔවුන් ආපහු හොයාගෙන එනවා. ඒ නිසා සත්තුන්ට ගැලපෙන වනාන්තර පද්ධති තුළ සත්තු සංරක්ෂණය කිරීමත් කළ යුතුයි," ඔහු පෙන්වා දෙයි. "කළුදියපොකුණ කියන්නේ වඳවීගෙන යන කළු වඳුරට ජීවත්වෙන්න සුදුසු පරිසරයක් තිබෙන තැනක්. ඒ නිසා කළු වඳුරන් සංරක්ෂණය සඳහා මේ රක්ෂිතය ආරක්ෂා කරගත යුතුයි." සංචාරක සටහන : අමන්දිකා කුරේ සේයා රූ : එරික් ලෙන්ඩන් හස් |
පරම ප්‍රතිවාදීන්ගේ සටනට වර්ෂාව හරස් වෙයි | ඉතා උද්වේගකර ආරම්භයකින් යුක්තව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද (සැප්තැම්බර් මස 02 වෙනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට විනිසුරුවන් විසින් තීරණය කරන ලදී. ඒ අනුව අද තරගයේ ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර බෙදී යනු ඇත. කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. වේග පන්දුව හමුවේ කඩා වැටුණු ඉන්දීය මුල් පෙළ ෂහින් අෆ්රිඩි සහ හැරිස් රාවුෆ්ගේ වේග පන්දු හමුවේ පළපුරුදු ඉන්දීය මුල් පෙළ පිතිකරුවන්ට අද තරගයේදී සුපුරුදු අයුරින් ලකුණු අතරට ඒමට නොහැකි විය. ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා ලකුණු 11 කට, විරාට් කෝලි ලකුණු 04 කට, ෂෙරෙයිස් අයියර් ලකුණු 14 කට සහ ෂුබ්මන් ගිල් ලකුණු 10 කට දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 14.1 කදී ලකුණු 66ක් ලෙස සටහන්ව තිබියදීයි. දැඩි පීඩනයකට නතුව සිටි අවස්ථාවේදී පකිස්ථාන පන්දු රකින්නන් අවස්ථා කිහිපයකදී දැක්වූ අලස පන්දු රැකීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඉන්දීය පිතිකරුවන් නැවත ක්‍රමයෙන් තරගයේ ස්ථාවරත්වය තමන් අතට ගැනීමට සමත් විය. ලකුණු 66 කට කඩුලු 04ක් දැවී ගොස් තිබියදී පිටියට එක්වූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාන්ඩයා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 138 ක් එක් කිරීමට සමත් විය. ඒ, පකිස්ථාන පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙනි. හතරේ පහරවල් 09ක් සහ හයේ පහරවල් දෙකක් සමගින් ඉෂාන් කිෂාන් පන්දු 81 කදී ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය. යළි ක්‍රියාත්මක වූ පකිස්ථාන වේග පන්දු බල ඇණිය පන්දු වාර 37.3 කදී ලකුණු 204ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ඉන්දීය කණ්ඩායමේ 5 වන කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් දවා ගැනීමට හැරිස් රාවුෆ් සමත් විය. ඉන් පසුව පන්දු 90 කදී ලකුණු 87ක් ලබා ගෙන සිටි හර්දික් පාන්ඩයා ගේ කඩුල්ල 43 වන පන්දු වාරයේදී දවා ගැනීමට ෂහින් අෆ්රිඩි සමත් විය. ඉන් පසුව ක්‍රියාත්මක වූ අෆ්රිඩි විසින් එම ඕවරයේ අවසන් පන්දුවේදී රවින්ද්‍ර ජඩේජා දවා ගනු ලැබීය. ඉන් අනතුරුව නසීම් ෂා ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් ෂාර්දුල් ඨාකුර් ලකුණු 03 කට දැවී ගියේය. ඒ අනුව පන්දු වාර 48.5 කදී ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 266ක් පමණි. ඉන්දිය කණ්ඩායමේ අවසන් කඩුලු 06 ලකුණු 62ක් තුලදී දවා ගැනීමට පකිස්ථාන වේග පන්දු යවන්නන් සමත් විය. පන්දු යැවීමේදී ෂහින් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 04ක් සහ නසීම් ෂා සහ හැරිස් රාවුෆ් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායමේ ඉනිම අවසන් වීමත් සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් රාත්‍රී 9.50 ට පමණ තරගය අත්හිටුවීමට විනිසුරුවන් විසින් තීරණය කළේය. ඒ අනුව කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු බෙදී යනු ඇත. |
ඉන්දු-පකිස්ථාන තරගය: පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අවම ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට සිදුවුයේ ඇයි? | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි උණුසුම් ම එක්දින තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත හෙලීමට තරගාවලියේ සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ලැබිය. පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත (අගෝස්තු 31 වැනිදා) දැනුම් දුන් බව එහි නිලධාරියෙකු බීබීසි සිංහල වෙත සඳහන් කළේය. අධික ටිකට් මිල ගණන් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමි ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන එක්දින තරගය සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියම කර ඇති ප්‍රවේශපත්‍ර ගාස්තු මිල අධික බවට පසුගිය දින කීපය පුරා සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය විය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ක්‍රීඩා පිටියේ තණකොළ සහිත විවෘත ප්‍රේක්ෂක භුමියේ සිට තරගය නැරඹීම සඳහා වු ප්‍රවේශ පත්‍රයක ගාස්තුව පමණක් රුපියල් 9,600ක් ලෙස නියම කර තිබුණි. මෙතෙක් අලෙවි නොවූ ප්‍රවේශ පත් සංඛ්‍යාව හෙට (සැප්තැම්බර් මස 02 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගයේ මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් ප්‍රවේශ පත් 11,754කට අධික සංඛ්‍යාවක් (අද සවස 4.50 වන විට) විකිණී නොමැති බව ප්‍රවේශ පත් අලෙවි කෙරෙන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙබ් අඩවියේ සඳහන් විය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාව 35,000කි. කෙසේවෙතත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තෘණභුමිය ආශ්‍රිත ප්‍රේක්ෂකාගාර කොටසේ පමණක් ප්‍රවේශ පත් 10375ක් පමණ තවමත් ඉතිරිව ඇතැයි, එම වෙබ් අඩවිය (අද සවස 4.50 වන විට ) අනාවරණය කර තිබුණි. මේ අනුව තෘණභුමිය ආශ්‍රිත තරග නැරඹීමේ ප්‍රේක්ෂකාගාර කොටසේ තරග ප්‍රවේශ පතක් මිට පෙර රුපියල් 9,600ක් ලෙස සටහන් කර තිබු අතර එය රුපියල් 1,500ක් දක්වා පහත හෙලීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. ක්‍රීඩා ලෝලීන් කියන්නේ කුමක්ද ? ප්‍රවේශ පත්‍රවල මිල ගණන් අඩු කිරීමෙන් පසුව ඒවා මිලදී ගැනීමට පල්ලේකැලේ ක්‍රීඩාංගණය අසල ප්‍රවේශපත් අලෙවි කරන ස්ථානයකට අද (සැප්තැම්බර් 1 වැනිදා) පෙරවරු 8 සිට ප්‍රේක්ෂකයින් පැමිණ සිටි බව බීබීසි සිංහල වාර්තාකරු ෂර්ලි උපුල් කුමාර සඳහන් කළේය. ඒ අනුව පෙරවරු 11.00 ට පමණ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි. ප්‍රවේශ පත් මිලදී ගැනීමට මහනුවර සිට එහි පැමිණි සිටි ක්‍රීඩා ලෝලියෙකු වූ රිද්ම මීගහගෙදර බීබීසි සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන්නේ කලාතුරකින් බැවින් තමන් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට පැමිණි බවය. එමෙන්ම ප්‍රවේශ පත්වල මිල ගණන් අඩුකොට තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුති වන්ත වන බවද ඔහු පැවසීය. හෙට තරගයේදී තමන් ඉන්දීය කණ්ඩායමට සහය පළකරන අතරම පකිස්ථාන කණ්ඩායමට සුබ පතන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පොල්ගොල්ල ප්‍රදේශයේ සිට ප්‍රවේශපත් මිලදී ගැනීමට පැමිණ සිටි තවත් ප්‍රේක්ෂකයෙකු වූ දුමිදු අදහස් දක්වමින් පවසා සිටියේ හෙට තරගයේදී තමන් පකිස්ථාන කණ්ඩායමට සහය පළකරන බවය. "ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී වැඩි සහයක් දෙන්නේ පකිස්ථානය නිසා මම ඔවුන්ට සහය පලකරනවා. ඒ වගේම මේ ප්‍රවේශ පත්වල මිල ගණන් තවත් අඩු කළා නම් හොඳයි කියලා හිතෙනවා. මම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයත් නරඹන්න ගියා. හැබැයි ගොඩක් සෙනඟ හිටියේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මැච් එකක් ගහද්දි මෙහෙම නෙමෙයි. ලංකාවේ ටීම් එකේ. ටුවෙල්ත් මෑන් වෙන්නේ ප්‍රේක්ෂකයෝ." ඔහු පැවසුවේය. මේ අතර ප්‍රවේශ පත් මිලදී ගැනීම සඳහා මැද මහනුවර සිට පැමිණ සිටි එක් ප්‍රේක්ෂකයෙකු බීබීසි සිංහල වෙත කියා සිටියේ තමන් ඉන්දීය කණ්ඩායමට සහය දක්වන්නේ වත්මන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක එම්.එස්. දෝනි නිසා බවය. "දෝනි IPL තරගාවලියේදී අපේ මතීෂ සහ මහීෂ් තික්ෂණට හොඳ උපදෙස් දීලා කණ්ඩායමේ තියා ගෙන ඉන්නවා. ඒ නිසා මම එදත් අදත් සපෝර්ට් කරන්නේ ඉන්දියාවට. ලංකාව සෙල්ලම් කරන්නේ නැත්නම් සපෝර්ට් කරන්නේ ඉන්දියාවට." පිරීගිය ක්‍රීඩාගාරයක් බලාපොරොත්තුව සිටි උණුසුම් තරගය දෙරට අතර පවතින දීර්ඝ කාලීන විරසකය හේතුවෙන් ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරග පිළිබඳ හැම විටම වැඩි අවධානයක් යොමු වෙයි. ලොව කුමන රටක, කුමන නගරයක පැවැත්වුණත්, යුද ගැටුමකට නොදෙවැනි මුහුණුවරක් ගන්නා මේ තරග නැරඹීට දෙරටේ ප්‍රේක්ෂකයින් පමණක් නොව ලොව පුරා වෙසෙන ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවක් දැක්වීම ඊට හේතුවයි. මෙවර තරගාවලිය ආරම්භයේදීම තරගාවලියේ සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුණේ බොහෝ ප්‍රවේශ පත්‍ර අලෙවි වී ඇති බවයි. එසේනම්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල අසුන් හිස්ව පවතින්නේ කෙසේද? එය සමාජය මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා ලෝලීන් විමසා තිබූ පොදු ප්‍රශ්නයකි. පකිස්ථානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවති පළමු තරගයේ මෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී ද බොහෝ ආසන හිස්ව තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබුණි. කෙසේ වෙතත් මීට පෙර වැඩි මිලට පිරිසකට ප්‍රවේශ පත් අලෙවි කර තිබියදී හෙට (සැප්තැම්බර් 02 වැනිදා) පල්ලේකැලේදී පැවැත්වෙන ඉන්දීයාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරගයේ අවම ප්‍රවේශ පත්‍ර ගාස්තු අඩු කිරීමට ගත් තීරණය ගැන ද ඇතැම් විවේචන එල්ල වෙමින් තිබේ. මේ අතර හෙට පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධාවනු ඇති බවට ඇතැම් ප්‍රේක්ෂකයින් තුළ බියක් පැවතීම හේතුවෙන් ප්‍රවේශපත්‍ර අලෙවියේ යම් අඩුවීමක් සිදු වී තිබිය හැකි බව ද පැවසේ. කෙසේවෙතත් මීට පෙර ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ, මෙම තරගය හේතුවෙන් අතිවිශාල පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවය. පැමිණෙන පිරිස සඳහා ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති වීම හේතුවෙන් නිවාසවල කාමර කුලියට දීම සඳහා ලියාපදිංචිවන ලෙස ද මහනුවර ජනතාවට ආරාධනාකර තිබුණි. |
ශ්‍රී ලාංකික සිනමාව ජාවාරම්කරුවන්ට යටවෙලා ද? නව සිනමාකරුවන් හයදෙනෙකුගේ නිර්මාණ 6ක් | මේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳ විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් වන කාලයකි. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මැදි වී තිබූ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සුබවාදී පුවත් කිහිපයක් පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එමෙන් ම, ඓතිහාසික සිද්ධි අළලා නිර්මාණය කෙරුණු චිත්‍රපට ආදායම් වාර්තා තබමින් අතිශය සාර්ථකව තිරගත වන බවට තොරතුරු ලැබෙමින් පවතියි. ඒ අතර විදේශීය චිත්‍රපට නැරඹීම සඳහා සිනමාහල් වෙත ඇදී එන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව ද ඉහළගොස් තිබේ. නමුත් මේ වන විට, "කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ජාවාරම්කරුවන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙමින් සිටින" බවට ද චෝදනා නැගෙමින් තිබේ. මේ සියල්ල මධ්‍යයේ සිනමා කර්මාන්තයේ ප්‍රගමනයක් ගැන සිහින දකින සිනමාකරුවෝ පිරිසක් විවිධ දුෂ්කරතා මැද සිනමා නිර්මාණකරණයේ නියැළෙමින් සිටිති. එවැනි සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිරගත කෙරෙන සිනමා උළෙලක් සැප්තැම්බර් දෙක, තුන දෙදින පැවැත්වීමට නියමිත ය. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රාගාරයේ දී තිරගත කෙරෙන මෙය චිත්‍රපට හයකින් සමන්විත වේ. මේ, එම සිනමා නිර්මාණ සම්බන්ධයෙන් ඒවායෙහි නිර්මාණකරුවන් සමග බීබීසී සිංහල සේවය කළ සාකච්ඡා තුළින් සකස් කෙරෙන ලිපියකි. නව චිත්‍රපට නිර්මාණය කිරීමේ දී සිනමාකරුවන් මුහුණ දෙන අභියෝග, මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 1. මාරියා - අරුණ ජයවර්ධන චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මාරියා' චිත්‍රපටය සැප්තැම්බර් දෙවන දා පෙරවරු 10.30ට තිරගත කිරීමට නියමිත ය. "මාරියා චිත්‍රපටයේ කතා තේමාව මට හම්බවුණේ අවුරුදු හතරකට කලින්. ඉන්දුනීසියාවේ ධීවරයින් පිරිසකට මාළු අල්ලමින් ඉන්න අවස්ථාවක සෙක්ස් ඩෝල් කෙනෙක් හම්බවුණා. ඒක ජාත්‍යන්තර වගේ ම ලංකාවේත් ලොකු අවධානයක් යොමුවුණ ප්‍රවෘත්තියක් වුණා. ඒක ඇතුළෙ කෙතරම් දේවල් අපට කතා කරන්න පුළුවන් ද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් උත්සහ කළේ. බාහිරින් එන සියල්ල අපේ කරගන්න යාමෙන්, අපේ මානුෂික සම්බන්ධතාවලට සහ සංස්කෘතික වටිනාකම්වලට මොකද වෙන්නේ කියන එක ගැන තමයි මේ චිත්‍රපටයෙන් පැහැදිලි කරන්න හිතුවේ," අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන පැවසීය. මෙම චිත්‍රපටය මෙතෙක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ චිත්‍රපටවලට වඩා නව හැඩයකින් යුත් චිත්‍රපටයක් බවත්, එය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වනු ඇති බවත් අරුණ ජයවර්ධන විශ්වාස කරයි. "මේ සිනමා කර්මාන්තය බිඳ වැටිලා, ආර්ථිකය කඩා වැටිලා කිය කිය ඉන්න හැමදාම අපට බැහැ. ඒ නිසා යම් ඉදිරි පියවරක් තියන්න නිර්මාණකරුවන් උත්සහ කරනවා. ඒ උත්සහයට රජයෙනුත් සහයක් අවශ්‍ය යි." මේ අතර, වත්මන් ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා නිර්මාණ බිහි කිරීම අභයෝගයක් වී ඇතැ යි ද ඔහු පැවසීය. "වත්මන් ප්‍රේක්ෂකයෝ සමහර වෙලාවට නිර්මාණකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ලෝකය පුරා හැදෙන විශිෂ්ට සිනමා කෘති නරඹනවා. ඔවුන් අපේ නිර්මාණවලිනුත් ඒ විශිෂ්ටත්වය අපේක්ෂා කරනවා. ඒ නිසා අපි ඒ ගැනත් හිතලා නිර්මාණකරණයේ නියැළෙන්න වෙනවා." "කළු සල්ලි සුදු කර ගන්න චිත්‍රපට කරනවා කියන මතයක් තියෙනවා. එතනදී මම දකින්නේ, ඒක නිර්මාණකරුගේ ප්‍රශ්නයක් හැටියට නෙවෙයි. නිර්මාණකරුවෙකු කරන්නේ තමන්ගේ නිර්මාණය වෙනුවෙන් වෙහෙසෙන එක. එතන දී කර්මාන්තයේ දියුණුවට මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා නිර්මාණකරුවාට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ." 2. සන් කරමි - ශ්‍යාම් ප්‍රනාන්දු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම හඬ නළුවෙකු ලෙස ද අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිටින ශ්‍යාම් ප්‍රනාන්දුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සන් කරමි' චිත්‍රපටය සැප්තැම්බර් දෙවැනි දා පස්වරු 2.30ට තිරගත වේ. දරුවන් පාසලට ඇතුළත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් දෙමාපියන් මුහුණ දෙන ගැටලු මුල්කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ. ඔහුගේ දරුවා පාසලට ඇතුළත් කිරීමට නොහැකිවීම මත අනාගතයේ දරුවන්ට වන අසාධාරණකම් නතර කිරීමේ අරමුණින් ඊට ප්‍රතිචාර දක්වන පියෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ. අමාත්‍යවරයාගේ දියණිය පැහැර ගැනීම හරහා මෙම පණිවුඩය දීමට ප්‍රධාන භූමිකාව මෙහෙයවා තිබේ. "ඇත්තට ම ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයෝ ලෝක සිනමාව ගැන ලොකු අවබෝධයක් තියෙන පිරිසක්. ඔවුන්ට දැනෙන සිනමා කෘතියක් අවම වියදමකින් කරන එක සිනමාකරුවෙකු මුහුණදෙන ලොකු අභියෝගයක්. ඒත්, මලයාලම් සිනමාව ගත්තහම ලොකු පිරිවැයක් නැතුව විශිෂ්ට කතා පුවත් හරහා ලෝක සිනමාව ජයගත් සිනමා කර්මාන්තයක්. මම අනුගමනය කරන්න උත්සහ කරන්නේ ඒ ක්‍රමය. මෙතෙක් මගේ චිත්‍රපටය නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් මට දැනෙන්නේ මගේ උත්සහය යම් ප්‍රමාණයකින් සාර්ථක වෙලා තියෙන බව යි," ශ්‍යාම් ප්‍රනාන්දු පැවසීය. සිනමා කර්මාන්තය හරහා මුදල් විශුද්ධිකරණය සිදුවනවාදැයි ඇසූකල ඔහු පැවසුවේ මෙවැන්නකි: "මට දැනිලා තියෙනවා යම් යම් අවස්ථාවල එවැනි තත්ත්වයක් තියෙනවා කියලා. මම පෞද්ගලිකවත් ඒක අත්දැක්කා. හැබැයි මගේ අදහස තමයි මුදල් විශුද්ධිකරණය සඳහා නිර්මාණකරුවෙකු සහය නොදැක්විය යුතු බව. ඒ නිසා මම මගේ නිර්මාණයට කළු සල්ලි නොවන පැහැදිලි ලෙස උපයාගත් මුදල් යෙදවිය හැකි මගේ මිතුරෙකු සම නිෂ්පාදක ලෙස සම්බන්ධකර ගත්තා. විශුද්ධිකරණය විතරක් නෙවෙයි, විවිධ ජාවාරම් කෙරෙනවා මේ ක්ෂේත්‍රයේ. උදාහරණයක් විදිහට අපෙන් යම් මුදලකට අපේ නිර්මාණය මිල දී අරන්, ඒක ඊට වඩා විශාල මුදලකට අලෙවි කරන ජාවාරමුත් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල අතරින් නිෂ්පාදකයෙක් හොයාගෙන සාර්ථක නිර්මාණයක් කරන එකත් ලොකු අභියෝගයක්." 3. රහස් කියන කඳු - ජගත් මනුවර්ණ ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය සැප්තැම්බර් 2 වන දා පස්වරු 6.30ට තිරගත වේ. වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස අනන්‍යතාවක් ගොඩනගාගත් ජගත් මනුවර්ණ මේ වන විට ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු බවට පත්ව සිටියි. 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අනෙක් ශ්‍රී ලාංකික සිනමාපටය වූයේ, ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි. එය Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ අතර, NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය. "ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වුණ යම් යම් ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ කම්පනය තමයි මේ සිනමා පටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. ඒ කම්පනය සිනමාවට ගේන්න මං සෑහෙන කාලයක් කල්පනා කරමින් හිටියා. ඒ සිද්ධි සිනමාරූපීව ඉදිරිපත් කිරීමක් තමයි මම කළේ. මේක ප්‍රබන්ධිත කතාවක්," ජගත් මනුවර්ණ පැවසීය. චිත්‍රපට නිෂ්පාදනය හරහා "කළු සල්ලි සුදු කරන" බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ වෙනස් අදහසකි. "සල්ලි කළු ද සුදු ද කියලා හොයන්න නිර්මාණකරුවන්ට බැහැ. ඒක අපේ රාජකාරියක් නෙවෙයි. ඒකට තියෙනවා මුදල් විශුද්ධිකරණ පනතක්. ඒ හරහා ඔවුන්ට දඬුවම් දිය යුත්තේ රජය. අපට බැහැ ව්‍යාපාරිකයින්ගේ අක්මුල් හොයන්න. නිර්මාණකරුවා කරන්නේ තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන එක. ඇඳක් ගන්න ගියා ම අපි හොයන්නෙ නෑනේ ඒක හදලා තියෙන තේක්ක ගහ හොරෙන් කපපු එකක් ද අවසරයක් ඇතිව කපපු එකක් ද කියලා." 4. පාස්පෝර්ට් - ක්‍රිස් ඇන්තනි ක්‍රිස් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පාස්පෝට්' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පෙරවරු 10.30ට තිරගත කෙරේ. ඉටුකර ගත නොහැකි බලාපොරොත්තු රැසක් මැද ජීවිතය ජයගැනීමට නොහැකි තරුණයින් දෙදෙනෙකු ජීවිත සාර්ථක කර ගැනීම සඳහා යුරෝපා රටකට සංක්‍රමණය වීමට දරන උත්සහයක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. කූට ඒජන්සිකරුවෙකු හරහා ව්‍යාජ ලේඛන සකස්කර යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දරනා ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් අළලා මෙම චිත්‍රපටය සකස්කර තිබේ. රූපවාහිනී දැන්වීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ක්‍රිස් ඇන්තනිගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙය යි. "මේ චිත්‍රපටයෙන් කියන්නේ, ලෝකේ කොහේ යන්න හිතුවත් උපන් රට තරම් වටින තැනක් නෑ කියන එකයි. ලංකාවේ ඉඳගෙන ම ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් කියන අදහසත් මේ හරහා දෙන්න උත්සහ කළා," ක්‍රිස් ඇන්තනි පැවසීය. මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස පැහැදිලි කළේ මෙසේ ය. "මම මගේ නිර්මාණය හරහා වින්දනාත්මක විදිහට සමාජයට පණිවුඩයක් දෙන්නයි උත්සහ කරන්නේ. මේ චිත්‍රපටයෙන් මම කියන්නේ, ජාවාරම්කාරයින්ට අහු වෙන්නෙ නැතුව තරුණයෙක් සාර්ථක වෙන්නෙ කොහොම ද කියන එක. නිෂ්පාදකයා මුදල් උපයා ගත්තේ කොහොම ද කියලා හොයන එක අපට කරන්න අමාරු යි." 5. දූස්රා - චන්න දේශප්‍රිය චන්න දේශප්‍රියගේ 'දූස්රා' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පස්වරු 2.30ට තිරගත කෙරේ. චන්න දේශප්‍රිය මීට පෙර 'යූ-ටර්න්' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර 'දූස්රා' ඔහුගේ දෙවන චිත්‍රපටය යි. "ඈත ගමක පෙම්වතුන් යුවළක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. ගමේ ක්‍රියාත්මක කරන විශාල සංවර්ධන ව්‍යාපෘති නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි වෙනවා. එතකොට ඒගොල්ලො අයථා විදිහට සල්ලි හොයන්න පටන් ගන්නවා. පස්සේ ඒක ඔවුන්ට ම පාරා වළල්ලක් වෙලා ඔවුන් මුහුණදෙන ගැටලු ගැන මේකෙ අන්තර්ගත වෙනවා," චිත්‍රපටයේ කතා තේමාව පැහැදිලි කරමින් චන්න දේශප්‍රිය පැවසීය. රටේ ආර්ථික කඩා වැටීමක් පැවතිය ද සිනමාව කෙරෙහි ප්‍රේක්ෂක අවධානය වර්ධනය වෙමින් පවතින බව ඔහුගේ අදහස යි. කෙසේ වෙතත්, චන්න දේශප්‍රිය පවසන්නේ මුදල් විශුද්ධිකරණය කිරීමට සිනමාව යොදා ගැනීම හොඳ ප්‍රවණතාවක් බව යි. "සිනමාව හරහා කළු සල්ලි සුදු කරන එක මේ ආසියානු කලාපයේ ම කෙරෙනවා. ඒ හරහා කළු සල්ලි සුදු වෙනවා නම්, හොඳ සිනමා නිර්මාණ බිහි වෙනවා නම් හොඳයි නේ. කළු සල්ලි සුදු කරන ඒවා හොයන්න රජයේ ආයතන තියෙනවා. අපි කරන්නේ අපේ වෘත්තිය." 6. මනල් - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' චිත්‍රපටය තිරගත කෙරෙනුයේ සැප්තැම්බර් තෙවන දා පස්වරු 6.30ට ය. රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය 'මනල්' සිනමා පටයට හිමිවිය. ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු ඔහුගේ අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි. "පශ්චාත් යුද්ධ සමයේ, ඒ කියන්නේ 2009 වසරේ දී, අත්අඩංගුවට පත්වුණ තරුණයෙක් සිරගතව ඉඳලා අවුරුදු පහකට පස්සේ එළියට එනවා. ඒක තමයි මේ නිර්මාණයේ වස්තු බීජය. ඒ තරුණයා එයාගේ නැතිවුණ ආදරවන්තියව හොයනවා. යුද්ධයේ අන්තිම කාලේ කාණ්ඩයක් අත්අඩංගුවට පත්වුණා. කාණ්ඩයක් අතුරුදන් වුණා. තව කාණ්ඩයකට යන එන මං නැති වුණා. තවත් සමහරු අවුරුදු ගාණක් තිස්සේ සරණාගත කඳවුරුවල ඉන්නවා. එහෙම අතරමං වුණ අයව හොයන කාලයක තමයි මේ කතාව දිවෙන්නේ," මනල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය. ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසන්නේ, මූල්‍යමය වශයෙන් සාර්ථක නොවන විශිෂ්ට සිනමා නිර්මාණ වෙනුවෙන් රජය යම් දායකත්වයක් දැක්විය යුතු බව ය. ඓතිහාසික සිද්ධි පාදකකර ගනිමින් නිර්මාණය කෙරෙන චිත්‍රපට හරහා කර්මාන්තයට මුදල් ගලා ඒම ද කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය බව ඔහුගේ අදහස යි. මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහු පළ කළේ මිශ්‍ර අදහසකි. "ඒ ක්‍රියාවලිය හරි කියන්න බෑ. කළු සල්ලි සුදු කරන්න හිතාගෙන චිත්‍රපට නිෂ්පාදනය කරන්න දරන උත්සහයන් සාධාරණීකරණය කරන්න බැහැ. ඒත් ඔවුන් ගැන පියවර ගත යුත්තේ, රජය. හැබැයි පෞද්ගලිකව මම නම් මගේ නිර්මාණවලට එවැනි කූට ව්‍යාපාරිකයින් සම්බන්ධකර ගන්නෙ නෑ. මොක ද මම සිනමාකරුවෙක් විදිහට ජාවාරම්කරුවන්ට සහාය දෙන්න කැමති නෑ." |
වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද? | දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි. මේ කෲර සිදුවීම් කෙතරම් බිහිසුණු දැයි, වැටහෙන්නේ මේ සිද්ධිවලට අදාළ CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදීයී. රැයක් දවාලක් නොමැතිව යතුරු පැදිවලින් පැමිණෙන සාහසික තුවක්කුකරුවන් රිසි සේ තම ගොදුරු සොයා යන්නේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නොසිටිනා ගානටය. ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටවල දසුන් මවමින් ගිනිඅවි අසුරුවන ඇතැම් වෙඩිකරුවන් ඊට කෙතරම් පළපුරුදු දැයි, කෙතරම් ප්‍රවීණදැයි සැකමතු වන්නේ යතුරු පැදිවල යන අතරවාරයේද ඇතැම් පුද්ගලයින්ට වෙඩි තබන ලද සිද්ධි වාර්තා වීම නිසාය. පොලිස් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේ අගෝස්තු 29 වැනිදා වන විට දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 69ක් වාර්තා වී ඇත. ඉන් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41කි. වෙඩි තැබීම් වලින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. වෙඩි තැබීම් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතෙන් බව වෙඩි තැබීමේ සිද්ධි පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වෙඩි තැබීමේ සිද්ධිවලට ප්‍රධානම හේතුව ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන් ඔවුන් අතර පැරණි අමනාපකම් මුල්කර ගනිමින් මෙම වෙඩි තබා ගැනීම් සිදුකරන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පවුල් ආරවුල්, අමනාපකම් හා අනියම් සබඳතා හේතුවෙන් ද වෙඩි තැබීමේ සිද්ධි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය. මෙම ඝාතන වැඩි සංඛ්‍යාවක් මෙරටින් පලා ගොස් ඩුබායි ඇතුලු රටවල වෙසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් විසින් මෙහෙයවන බව විමර්ශනවලදී හෙලි වී තිබේ. මෙවැනි ඝාතන සඳහා යොදා ගන්නා නීති විරෝධී ගිනිඅවි කොපමණ සංඛ්‍යාවක් රට තුළ තිබේද? පොලිසිය පවසන්නේ මේ පිළිබඳ නිසි සංඛ්‍යා දත්ත නොමැති බවය. මෙම වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෝද වෙති. 46 කට රතු වරෙන්තු පොලිසිය පවසන්නේ, මෙරටින් විදෙස් රටවලට පලා ගොස් සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගෙන ඇති බවය. විදෙස් රටවල සිට මෙලෙස මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පසුගිය කාලසීමාව තුළ දී හැකිවිය. එලෙස රතු වරෙන්තු නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අතුරින් දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන් රැඳවුම් භාරයට පත් කර තිබේ. පොලිසිය පවසන්නේ, ඩුබායි වැනි රටල සිටින තවත් අපරාධකරුවන් මෙරට තුළ ඝාතන මෙහෙය වන බවය. කොන්ත්‍රාත් ඝාතන සද්ධි කිහිපයක් වාර්තා වී තිබුණද, වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඝාතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය. සංවිධානත්මක අපරාධ කල්ලි මර්දනය කරන්නේ කෙසේද? සංවිධානත්මක අපරාධ කල්ලිවල වෙඩි තැබිම්වල වර්ධනයක් දක්නට ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිද්ධි මැඩ පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමර්ග ගැන ද සඳහන් කළේය. “ගොඩක් සිද්ධිවල සැකකරුවෝ අපි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේම මේවා වැළැක්වීමට අපි මෙහෙයුම් වැඩි කරලා තියෙනවා, උදාහරණයකට ඔය දකුණු පළාතේ අපරාධවල වැඩි වීම නිසා අම්බලන්ගොඩ, අහුංගල්ල, කොස්ගොඩ, බටපොල, මීටියාගොඩ, ඇල්පිටිය, හික්කඩුව කියන පොලිස් වසම් ආවරණය වෙන පරිදි STF කණ්ඩායම් නතර කරලා තියෙනවා ඒ පොලිසිවල. මේ වගේ විශේෂ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය. මීට අමතරව සෝදිසි මෙහෙයුම් මෙන්ම බුද්ධි අංශ නිලධාරින්ගේ මෙහෙයුම් වැඩි කර ඇති බවද ඔහු සඳහන් කළේය. “ඒ වගේම මේ ඝාතනවල අපිට නිරික්ෂණය වෙනෙවා මේ වගේ හැම එකකම දේශියව ඉඳලා විදේශවලට ගිහිල්ලා ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධකම්. මේගොල්ලෝ සම්බන්ධවත් අපි මේ වෙනකොට විවිධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ අයට මොකක්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව මුලික සාකච්ඡා පැවැත්වෙනවා.” “අපි දකින දෙයක් තමයි ඔය වෙඩි තියෙන අය බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට එක පාරක් වෙඩි තියලා ඇතුලට ගිහිල්ලා ආපහු මාස හත අටකින් ඇවිල්ලා නැවත වෙඩි තැබීමක් කරනවා. එතකොට අපි ආපහු අල්ලනවා. සමහර පුද්ගලයෝ රට පනින අවස්ථාවලුත් තියෙනවා.” යැයි අපරාධ මැඬ පැවැත්වීමට ඇති දුෂ්කරතාවය ගැන විස්තර කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය. මහජන ආරක්ෂක ඇමති මොකද කියන්නේ? ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (අගෝස්තු 28) වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණු බවය. නමුත් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කිරීම තුළ එම පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. "රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ." ඔහු පැවසීය. බලය අවභාවිතා වෙයි ද? කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීමට මෙලෙස ආරක්ෂක අංශවලට මුළුමනින්ම බලය පැවරීම හමුවේ ආරක්ෂක අංශ විසින් එසේ ලැබෙන බලය අනීතික හෝ අවභාවිත කිරීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව ද තක්සේරුවක් තිබිම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් නීතිඥ දුලාන් දසනායක බීබීසි සිංහල කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය. “අපි දැකලා තියෙන දෙයක් තමයි අතීතයේ මෙවැනි තත්ත්වයක දී මොකක්ද වෙන්නේ කියන එක. හොඳම උදාහරණයක් තමයි මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය වගේ කියලා එවැනි අදහසකින් වැටලීම් ගණනාවක් සිද්ධ වුනා. මත්ද්‍රව්‍ය වැඩිවීමත් එක්ක සමාජයෙන් ලැබුන උත්තේජනයත්, ආණ්ඩුවෙන් ලැබුණ උත්තේජනයත් එක්ක ඒ අය යම් ආකාරයකට බලය අවභාවිතා කරන අවස්ථා අපි දැකලා තියෙනවා.” “ඒ වගේම ඕන තරම් අපි දැකලා තියෙනවා පාතාලයට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ අය කියලා මේ වෙඩි තැබිම්වලට සම්බන්ධ අයව අරන් ගිහිල්ලා ආයුධ පෙන්වන්න හරි වෙනත් කටයුත්තකට අරන් යනවයි කියලා වෙඩි තබන අවස්ථා.” යැයි මානව හිමිකම් නීතිඥවරයා පැවසීය. මේ නිසා යුක්තිය පසඳලීමේ කාර්යයේදී නිරන්තරයෙන්ම සැකකරුවන් ආරක්ෂා කරගැනීම,අපරාධවල සුල මුල සොයා ගැනීමට අත්‍යවශ්‍යම සාධකයක් බවත්, පොදු සමාජය විසින් ඒ සඳහා වන උත්තේජනය සැපයිමට සහාය විය යුතු බවත් නීතිඥ දුලාන් දසනායක අවධාරණය කරයි. |
මෙනින්ගොකෝකල් රෝගය ගැන ඔබ දැන ගත යුතු කරුණු මොනවාද? | "මෙනින්ගොකෝකල්" ආසාදනය සම්බන්ධයෙන් මේ වන විට රටපුරා වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ, මෙරටින් මෙනින්ගොකෝකල් රෝගය ඇතිකරවන බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් වාර්තාවීම සහ පුද්ගල මරණ දෙකක් වාර්තා වීම හේතුවෙනි. මොකක්ද මේ "මෙනින්ගොකෝකයි" බැක්ටීරියාව කියන්නේ ? මෙනින්ගෝකෝකයි යනුවෙන් හඳුන්වන්නේ මෙනින්ජයිටිස් හෙවත් " මොලේ උණ" රෝගය සාදන බැක්ටීරියාවක් බව සායනික ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය රේණුකා වඩනම්බිගේ බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියාය. "මොලේ උණ ගත්තම විශේෂයෙන් මොලේ තරලයට විෂබීජ ගිහිල්ලා හදන උණ, මොලේ සෛලවලට විෂබීජ ගිහින් හදන උණ තියනවා බැක්ටීරියා, වෛරස් සහ ෆන්ගස් වලින්. නමුත් මේක බැක්ටීරියා වර්ගයක්." "මේ මෙනින්ගෝකෝකයි කියන බැක්ටීරියා වර්ගය එක සැරේ ගොඩක් දෙනෙක්ට බෝවෙලා ඒ රෝගය ආසාදනයවූ අයගේ ආශ්‍රිතයන් වටා ව්‍යාප්තවිය හැකි ආසාදනයක්." විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. ‘මෙනින්ගෝකෝකයි බැක්ටීරියාව ආසාදනය වූ රෝග වාහකයින් සිටිනවා’ මෙනින්ගෝකෝකයි බැක්ටීරියාව පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැක්ටීරියාවක් බව ඇය පෙන්වා දුන්නාය. විශේෂයෙන් බැක්ටීරියාව ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කිරීමෙන්, කෙළ බිඳිති මගින්, ආශ්වාස ප්‍රාශ්වාසය හරහා මෙම බැක්ටීරියාව පහසුවෙන් නිරෝගී පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාවක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය පැවසයි. "සමහර පුද්ගලයින්ට මෙම බැක්ටීරියාව ඔවුන්ගේ උගුරේ තියෙන්න පුලුවන් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරම. රෝග වාහකයින් ඉන්නවා ඔවුන්ට රෝගය ආසාදනය වෙන්නේ නැතුව." "රෝගය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් මෙන්ම රෝග ලක්ෂණ නැති කෙනෙකුගෙන් වුණත් මෙය ව්‍යාප්ත වෙන්න හැකියාව පවතිනවා." "එහෙම වුනාම ප්‍රතිශක්තිය අඩු පුද්ගලයෙකුට මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන්." මෙනින්කොකොකල් මෙනින්ජයිටිස් බැක්ටිරියාව බහුලව ව්‍යාප්ත රටවල් මොනවාද ? විශේෂයෙන් අප්‍රිකානු රටවල මෙම බැක්ටීරියාව බහුලව පැතිරෙන එක් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. මෙනින්ගෝකෝකයි බැක්ටිරියාවේ විවිධ ප්‍රභේදයන් පවතින බවත් ඒවා භූගෝලීය වශයෙන් වෙනස් වන සුළු බවද ඇය සඳහන් කළාය. මෙනින්ගෝකෝකයි බැක්ටිරියාව ආසාදනය වූ විට ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ? මෙනින්ගෝකෝකයි බැක්ටිරියාව නිසා මෙනින්ජයිටිස් හෙවත් මොලේ උණ රෝගය සෑදීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ඇය සඳහන් කළාය. බැක්ටීරියාව ආසාදනය වු රෝගියෙකුට පළමුව ඇතිවන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන ආකාරයේ රෝග ලක්ෂණ බව ද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි. 01. උගුරේ වේදනාව : පළමුවෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන විට ඇතිවන උගුරේ දැවිල්ල සහ කිවිසුම් යෑම 02. තදබල හිසේ රුදාව 03. සිහිමද භාවයෙන් මෙන් දෙඩවීම 04. සිරුරේ කුෂ්ඨ රෝගී තත්ත්වයක් හට ගැනීම මෙය 'මෙනින්ගෝකෝකල් රෑෂ්' නමින් හඳුන්වන අතර බැක්ටීරියාව ආසාදනය වූ සෑම අයෙකුටම එය ඇති නොවේ. 05. අපස්මාරය කුඩා දරුවන්ට මෙනින්ජයිටිස් හෙවත් මොලේ උණ රෝගය වැළදුණු විට එහි දරුණුතම අවස්ථාවේදී අපස්මාරය ඇතිවිය හැක. "මෙය ඕනෑම වයස් සීමාවක පුද්ගලයෙකුට වැළදිය හැකි රෝගයක්. ඇතැම් අවස්ථාවන් වලදී එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ලෙස සුව අතට හැරීමට හෝ ජීවිතයට හානිකරවන තත්ත්වයට ගෙන ඒමේ හැකියාවක් තිබෙනවා." ඇය පැවසුවේය. ආරක්ෂා විය හැක්කේ කෙසේ ද ? මෙනින්ගොකෝකල් ආසාදනයේ මුලික රෝග ලක්ෂණ වන සෙම්ප්‍රතිෂ්‍යාව සහ කැස්ස බැවින් එවැනි රෝග ලක්ෂණ පවතින ඕනෑම පුද්ගලයෙකුට නිරාවරණය වීමේදී මුව ආවරණ පැළඳීම මෙම ආසාදනයෙන් ආරක්ෂා වීමට හැකි මූලික පියවරක් ලෙස විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. එමෙන්ම මෙනින්ගොකෝකල් බැක්ටීරියාව ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයෙකු වේ නම් ඔහුගෙන් අනෙක් අයට එය බෝවීමේ හැකියාව පවතින බැවින් හැකි තාක් සමාජයේ අනෙක් පුද්ගලයින්ට නිරාවරණය නොවී සිටීමට පියවර ගැනීම වැදගත් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. |
බංගලාදේශයට එරෙහි ජයත් සමග ශ්‍රී ලංකාව පිට පිට එක්දින තරග 11ක් ජය ගනියි | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ පළමු තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් කඩුලු 05 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව පළමු වතාවට පිට පිට එක්දින තරග 11ක් ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි. ඉකුත් ජුනි මස 04 වෙනිදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති එක්දින තරගයේ සිට මේ දක්වා එක්දින තරග 11ක් පිට පිට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම කැපි පෙනෙන වාර්තාවකි. බංගලාදේශ පිතිකරුවන්ට පාරා වළල්ලක් වූ තීරණය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසිය වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. එම තීරණයට අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ටන්සීඩ් හසන් දෙවන පන්දු වාරයේ දී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්විය. ඉන් පසුව ධනංජය සිල්වා විසින් මොහොමඩ් නයීම් ලකුණු 16 කට දවා ගනු ලබන වීට බංගලාදේශ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 7.4 කට ලකුණු 25ක් ලෙසය. අත්හැරීම සහ රැක ගැනීම බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හුසේන් සැන්ටෝ විසින් ලකුණු දෙකක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් නායක දසුන් ශානක අතින් ගිලිහි ගියේය. බංගලාදේශ නායකයා ලකුණු 05ක් ලබා ගෙන සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ඉතා අනර්ඝ අයුරින් රැක ගැනීමට කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය. බිඳුණු ඉනිම ගොඩ නැගු මැද පෙළ බංගලාදේශ ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 36 කදී බිඳ වැටීමෙන් අනතුරුව නජ්මුල් හුසේන් සැන්ටෝ සමග එක්වූ ටෝව්හිඩ් හිර්දෝයි සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට සමත් විය. ලකුණු 20ක් රැස් කරමින් සිටියදී ටෝව්හිඩ් හිර්දෝයි ගේ කඩුල්ල දවා ගැනීමට නායක දසුන් ශානක සමත් විය. එවිට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 95ක් ලෙසය. හිර්දෝයි ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි මුෂ්ෆිකර් රහීම් ලකුණු 13 කට දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය. බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හුසේන් සැන්ටෝ ලකුණු 89 කට දැවී ගියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම පන්දු වාර 42.4 කදී ලකුණු 164 කට සීමා විය. සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 32 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවේ ය. මහීෂ් තීක්ෂණ ලකුණු 18 කට කඩුලු දෙකක් ද, ධනංජය සිල්වා, දසුන් ශානක සහා දුනීත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ද දවා ගනු ලැබීය. පස්සට පය නොතැබූ බංගලාදේශ පන්දු යවන්නන් ලකුණු 165ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය ඉනිමේ ආරම්භයේ සිට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් එල්ල වුයේ දැඩි පීඩනයකි. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකට, පැතුම් නිශ්ශංක ලකුණු 14 කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 05 කට දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වීය. වගකීම උරමතට ගත් සදිර සහ අසලංක ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු තුනක් ලකුණු 43 කට දැවි ගොස් තිබියදී පිටියට එක්වූ සදිර සමරවික්‍රම සහ චරිත් අසලංක සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කිරීමට සමත් විය. සදිර සමරවික්‍රම පන්දු 77 කදී ලකුණු 54ක් රැස් කරමින් සිටියදී දැවී ගිය අතර, ධනංජය සිල්වා ලකුණු දෙකකට දැවී ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු පුරුවේ සටහන් වුයේ ලකුණු 128 කට කඩුලු 05ක් ලෙසය. සදීර සමරවික්‍රමගේ දැවී යාමෙන් පසු චරිත් අසලංක පන්දු 92කදී නොදැවී ලකුණු 62ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 11ක් ඉතිරිව තිබියදී ය. තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සධීර සමරවික්‍රම පැවසුවේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දෙකක් දැවී ගොස් තිබීම නිසා කණ්ඩායමට හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම සඳහා ධනාත්මකව පිතිකරණයේ යෙදීමට සිතා ගත් බවය. පන්දුව දඟ කැවෙන අතරම වේග පන්දු යවන්නන් විසින් යවන පන්දු තරමක් වේගය අඩාලව පිත්තට පැමිණීම නිසා එම තණ තීරුවේ පිතිකරණයේ යෙදීම පහසු කාර්යක් නොවූ බව ඔහු පැවසුවේය. බංගලාදේශ නායක ෂකිබ් අල් හසන් පවසා සිටියේ එම තණ තීරුවේ ලකුණු 300ක් ලබා ගැනීම පහසු නොවන නමුත් තරගයක් දීම සඳහා අවම වශයෙන් ලකුණු 220 - 230ක් ලබා ගත යුතුව තිබු බවයි. ශ්‍රී ලංකාව ලකුණු 30 කට කඩුලු තුනක් දැවී ගොස් සිටියදී තවත් ඉක්මන් කඩුල්ලක් දෙකක් දවා ගැනීමට අවස්ථාව නොලැබුණු බව ඔහු සඳහන් කළේය. පිතිකරුවෙක් වශයෙන් තමන්ට වගකීමක් පැවරී ඇති නමුත් එය අද දිනයේදී ඉටුකරලීමට අවස්ථාවක් නොවූ බව ෂකිබ් පැවසීය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ බංගලාදේශය රැස් කළ ලකුණු ප්‍රමාණය සමග සැසදීමේදී තණ තීරුව යහපත් එකක් යැයි හැඟුණු බවයි. "පන්දු යවන්නන් හොඳින් වගකීම් ඉටුකළා. ඒ වගේම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දි මෙම තණ තීරුව භාවිතා කර තිබු නිසා ඒ ගැන මනා අවබෝධයක් තිබුණා." "අසලංක නැවත ලකුණු අතරට පැමිණීම යහපත් දෙයක්. ඒ වගේම සධීර හොඳින් ක්‍රීඩා කළා." මතීෂ පතිරණ පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු වරට තරගයේ වීරයා ලෙස සම්මානය හිමිකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවයි. එමෙන්ම වේගය අඩාල කරන ලද පන්දුවෙන් ඉනිමේ අවසන් භාගයේ කඩුලු දවා ගැනීමට හැකිවූ බව ද ඔහු පැවසුවේය. මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මිළඟ තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර සැප්තැම්බර් 2 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය. |
ආසියානු කුසලානය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ දෙවන පෙළට හැකිවෙයි ද ? | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (අගෝස්තු 31 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. මේවන විට ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ පැහැබර කාලගුණ තත්ත්වයක් පවතී. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට තරග වදින්නේ සිය ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැති අභියෝගාත්මක වාතාවරණයකය. ‘හොඳම සංචිතය නම් කර තිබෙනවා’ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්ව සිටියද ආසියානු කුසලාන තරගාවලිය සඳහා හොඳ සංචිතයක් නම් කර ඇති බව හිටපු ප්‍රවීන ක්‍රීඩකයෙකු වන ෆර්වීස් මහරුෆ් බීබීසී සිංහල වෙත පවසා සිටියේය. ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ දී මෙන්ම සිම්බාබ්වේහිදී පැවති ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ලකුණු අතර සිටි දිමුත් කරුණාරත්න සංචිතයට නම් කර තිබීම වැදගත් බව ඔහු පැවසීය. මේ අතර කුසල් ජනිත් පෙරේරා අද ( අගෝස්තු මස 31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ප්‍රවීන ක්‍රීඩක මහරූෆ් සඳහන් කළේය. "කුසල් ජනිත් පෙරේරා කියන ක්‍රීඩකයා ෆුල් ෆිට්නස් එක තියා ගත්තොත් සෙල්ලම් කරන්න ඕන ක්‍රීඩකයෙක්. අද තරගය ඔහු සෙල්ලම් කරයිද කියලා මට ෂුවර් නැහැ. කොවිඩ් වලින් පස්සේ ගොඩක් දුරට ෆිට්නස් ටෙස්ට් එකක් එහෙම තියයි. එයා නැති වුනත් බැට්ස්මන්ලා තව හය දෙනෙක් ඉන්නවා. අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ මෙවැනි තරගාවලි සඳහා සෙල්ලම් කිරීම වැදගත්." ඔහු පවසා සිටියේය. වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම නිසා තරගාවලිය අහිමිවීම ශ්‍රී ලංකාවට පාඩුවක් වුවත් ඒ වෙනුවට සංචිතයට නම් කළ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා විදහා දැක්වීමට මෙය හොඳ අවස්ථාවක් බව මහරුෆ් පැවසුවේය. එමෙන්ම පළමු වටයේ තමන් මුහුණ දෙන තරග දෙක ජයග්‍රහණය කොට දෙවන වටයට යෑම සෑම කණ්ඩායමක්ම සිය අරමුණ කරගෙන සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයේ තණ නිල්ලේ ස්වභාවය ඉක්මනින් තේරුම් ගෙන ඒ අනුව ක්‍රීඩා කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ‘මේක සුබවාදීව බැලිය යුතු අවස්ථාවක්’ ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධානම පන්දු යවන්නන් සිව්දෙනෙකු ආබාධයන් නිසා ආසියානු කුසලානයට ක්‍රීඩා නොකළ ද දෙවන පෙළ ක්‍රීඩකයින්ට ඔවුන්ට ලැබුණු මෙම අවස්ථාව සිය දක්ෂතාවයන් පෙන්නුම් කිරීම සඳහා හොඳ අවස්ථාවක් බව ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසි සිංහල වෙත පැවසීය. ඔහු සඳහන් කළේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ ආබාධ තත්ත්වයන් නිසා නම් කර ඇත්තේ හොඳම ශ්‍රී ලංකා සංචිතය නොවුවත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දෙවන පෙළ ක්‍රීඩකයින්ගේ හැකියාව පෙන්නුම් කිරීමට ඇති හොඳ අවස්ථාවක් බවයි. "විශේෂයෙන් ප්‍රමෝද් මධුෂාන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දුනීත් වෙල්ලාලගේ කැඳවීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඔහු ක්‍රීඩා කළ ආකාරය දෙස බලන්න. තරුණ ක්‍රීඩකයෙක් වුවත් ඔහුගේ පරිණතභාවය හොඳට පෙන්නුම් කළා. මේක අපි සුබවාදීව දැකිය යුතුයි." රොෂාන් අබේසිංහ පැවසුවේය. තීරණාත්මක සාධකය පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුලික වටයේ තරග දෙක ක්‍රීඩා කිරීමට නියමිත පල්ලෙකැලේ සහ පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණවල තණ තීරුව සම්බන්ධයෙන් ද බීබීසි සිංහල, රොෂාන් අබේසිංහ ගෙන් කරුණු විමසා සිටියෙමු. එහිදී ඔහු පවසා සිටියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිතිකරුවන්ට හොඳ සහයක් දෙන තණ තීරුවක් වුවත් පවතින කාලගුණික තත්ත්වය ගැන ද අවධානය යොමු කිරීමට සිදුවන බවයි. "මේ වගේ වැස්සක් සහිත අහස වලාකුළු වලින් බරව තියෙන තත්ත්වයක කාසියේ වාසිය දිනන කණ්ඩායමේ නායකයා ප්‍රතිවාදී කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දෙන්න කියලා ආරාධනා කරනවා. මොකද විකට් එකේ තියෙන තෙතමනය එක්ක." "ඒ වගේම හොඳට අව්ව තියෙන දවසක් නම් කාසියේ වාසිය දිනන නායකයාට තීරණය කරන්න පුළුවන් පළමුවෙන් පන්දුවට පහර දෙන්න." "කරච්චි හි විකට් එකත් පිතිකරණයට හොද වෙයි. ඒ වගේම පාකිස්තානයේ වේග පන්දු යවන්නන් වැඩි නිසා ඒ විකට් වේග පන්දු යවන්නට ටිකක් වැඩිපුර සහයක් දේවි." "නමුත් මේ තණ තීරුවල තීරණාත්මක සාධකය ලෙස මම දකින්නේ පිතිකරුවන්. ඔවුන් ලකුණු ලබා ගත යුතුයි." ඔහු පැවසීය. අවිශ්ක ප්‍රනාන්දු නොසිටීම අවාසනාවක් ශ්‍රී ලංකා සංචිතයේ අවිශ්ක ප්‍රනාන්දු නොසිටිම අවසනාවන්ත තත්ත්වයක් බවත් දිනේෂ් චන්දිමාල් ද පන්දු වාර 50 තරග සඳහා වැදගත් බැවින් ඔහුද සංචිතයට ඇතුලත්ව සිටියා නම් යහපත් බව ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේය. එමෙන්ම දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම වැදගත් තීරණයක් බවත්, ආරම්භක පිතිකරු වශයෙන් පසුගිය තරගාවලි සඳහා ඔහු විසින් පෙන්නුම් කළ ඒ සංයමය කණ්ඩායමට ඉතා වැදගත් බැවින් ඔහු වටා සෙසු පිතිකරුවන් ඔවුන්ගේ ඉනිම් ගොඩනගා ගැනීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. 'මැතිව්ස් සහ චන්දිමාල් සිටිය යුතුයි' ආසියානු කුසලානය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය සඳහා අනිවාර්යෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත් කළ යුතුව තිබුණු බව තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනුෂ සමරනායක පැවසීය. බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දැක්වූ දක්ෂකම් හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් විය යුතු බවට තමන් විශ්වාස කරන බවයි. මේ අතර කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා තිබීම හොද කරුණක් බවද අනුෂ සමරනායක පැවසීය. උප මහ්ද්ධිවිප කලාපයේ දී ක්‍රීඩා කළ තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට ප්‍රධාන සාධකය වුයේ පන්දු යැවීම බවත් වනිදු හසරංග, දුෂ්මන්ත චමීර ඇතුළු පළපුරුදු පන්දු යවන්නන් සිව්දෙනෙකු ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක් බවද ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන අනුෂ සමරනායක වැඩිදුරටත් පැවසීය. |
බණ්ඩාර වන්නියන්: ලාංකීය දෙමළ ජනයා මෙම රජු විරුවෙකු ලෙස සලකන්නේ ඇයි? | වන්නියේ අවසන් පාලකයා ලෙසත්, අවසන් දෙමළ රජු ලෙසත් හඳුන්වා දෙනු ලබන බණ්ඩාර වන්නියන් විසින් එකල මුලතිව්හි පිහිටා තිබූ බ්‍රිතාන්‍ය බලකොටුව අත්පත් කරගැනීමේ ජයග්‍රාහී දිනය පසුගිය අගෝස්තු මස 25 වනදා සමරනු ලැබුණි. මෙම සැමරුම වාර්ෂිකව මුලතිව් ප්‍රදේශයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි. මුලතිව් - ඔඩ්ඩුසූඩාන් ප්‍රදේශයේ බණ්ඩාර වන්නියන්ගේ පිළිරුව ස්ථාපනය කර ඇත. මෙම ස්ථානයේ බ්‍රිතාන්‍යයන් විසින් බණ්ඩාර වන්නියන් උදෙසා ස්මාකරයක් ද ඉදිකර ඇති අයුරු දැකගත හැකි ය. මෙරට පැවැති සිවිල් යුද සමයේ දී මෙම ස්මාරක විනාශ වී ගිය ද, ඉන් පසු ප්‍රදේශවාසීන් විසින් එය නැවතත් පිළිසකර කර තිබේ. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දෙමළ රජුන් සිදුකළ සපථය 1796 වසරේ දී ලංකාව තුළ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ විය. ලන්දේසි යුගයේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීම හේතුවෙන් ඕලන්ද පාලකයෝ බණ්ඩාර වන්නියන් ඔහුගේ තනතුරෙන් නෙරපා දැමීමට කටයුතු කළහ. අනතුරුව බ්‍රිතාන්‍යයන් ඔහුට නැවතත් ඔහුගේ රාජ්‍යය ලබා දෙන ලදී. කෙසේ වෙතත්, රජු බ්‍රිතාන්‍යයන් රටින් පළවා හැරීම සඳහා වන අරගලය ආරම්භ කරන බවට සපථ කළේයැ යි ඉතිහාස සටහන්වල දැක්වෙයි. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව විශාල සේනාවක් රැස්කිරීම ආරම්භ කළ බණ්ඩාර වන්නියන්, වන්නි බල ප්‍රදේශය ඔහුගේ පාලනයට නතුකර ගත්තේ ය. විශේෂයෙන් ම ඔහු 1803 වසරේ දී අගෝස්තු මස 25 වනදා සේනාවක් සමග පැමිණ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කර මුලතිව් බලකොටුව අත්පත් කරගනිමින් විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. මෙලෙස ඔහුගෙන් ගිලිහුණු බල ප්‍රදේශය ඉතා කෙටි කාලයක දී ඔහු බ්‍රිතාන්‍යයන්ගෙන් ඔහු වෙත නතු කරගත්තේ ය. බණ්ඩාර වන්නියන්ගේ මරණය මෙවැනි පසුබිමක බණ්ඩාර වන්නියන් 1803 වසරේ දී කට්සිලෛමඩු නමැති ස්ථානයක නවාතැන් ගෙන සිටි බව සඳහන් ය. බ්‍රිතාන්‍ය සේන්පතියෙකුගේ නායකත්වයෙන් යුත් හමුදාවක් 1803 වසරේ ඔක්තෝබර් මස 25 වනදා බණ්ඩාර වන්නියන්ට එරෙහිව යුද වැදුණහ. මෙම ප්‍රහාරයෙන් බණ්ඩාර වන්නියන් ඇතුළු ඔහුගේ සෙබළුන් විශ්මයට පත් වූ පැවසෙයි. මෙම යුද්ධයේ දී බණ්ඩාර වන්නියන් දැඩි ලෙස සටන් කළ ද ඔහු බ්‍රිතාන්‍යයන් හමුවේ පරාජයට පත් විය. මෙම සටනේ දී බණ්ඩාර වන්නියන් වීර මරණයකට පත් වූ බව ද ඉතිහාසය සඳහන් කරයි. මහවිරුවෙකු ලෙස සැමරෙන බණ්ඩාර වන්නියන් දෙමළ රජෙකු බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කර මියගිය ද මෙරට දෙමළ ජනයා ඔහු ව මහවිරුවෙකු ලෙස සලකයි. බණ්ඩාර වන්නියන් පරාජයට පත් කළ බවට සඳහන් කර ස්ථාපනය කර ඇති ස්මාරයක් අදටත් ඔඩ්ඩුසූඩාන් හි දැකිය හැක. නමුත් බණ්ඩාර වන්නියන් පරාජයට පත්වූවායැ යි සිතා කණගාටු විම සිදු නො කළ යුතු බව ඔඩ්ඩුසූඩාන් දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පති චින්නප්පා නාගේන්දිරරාජා පවසයි. බණ්ඩාර වන්නියන් ලාංකීය දෙමළ ජනයාගේ අභිමානයක් "බණ්ඩාර වන්නියන් පරාජයට පත් කළා, එහෙමත් නැත්නම් පරාජයට පත් වුණා කියලා අපි වේදනාවට පත්වෙන්නත්, දුක්වෙන්නත් අවශ්‍ය නැහැ. මොකද කිව්වොත් බණ්ඩාර වන්නියන්ව පරාජයට පත් කළ සේනාධිපති කැප්ටර් වෝන්ඩ්රිවර්ක් මෙම ස්ථානයේ දී දැඩි සටනකින් පසුව පරාජයට පත් කළා කියලා ඉතිහාස සටහනක් විදිහට ස්මාරකයක් නිර්මාණය කරලා තිබෙනවා." "1803 වසරේ දී එම ඓතිහාසික සිද්ධිය සිදුවුණා කියන සාක්ෂියක් මෙතැන තිබෙනවා. ඒ නිසා අපිට ආඩම්බරයෙන් හිස ඔසවා මෙය අපගේ වීර දෙමළ ඉතිහාසය, එතුළින් ප්‍රකාශයට පත් වන බණ්ඩාර වන්නියන්ගේ පරපුරෙන් පවතින අය යි කියලා කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා," චින්නප්පා නාගේන්දිරරාජා බීබීසිය සමග පැවසීය. බණ්ඩාර වන්නියන් විසින් බ්‍රිතාන්‍යයන්ගෙන් රාජ්‍ය බලය ලබාගත් අගෝස්තු 25 වන දින ජයග්‍රාහී දිනය ලෙස සැමරීම සෑම වසරක ම සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේ ය. |
ආසියානු කුසලානය: පළමු තරගයෙන් පකිස්ථානයට වාර්තාගත ජයක් | 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් නේපාලය ලකුණු 238 කින් පරාජය කිරීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම අද (අගෝස්තු මස 30 වැනිදා) සමත් විය. කාසියේ වාසිය දිනු පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 342ක් රැස් කිරීමට සමත් විය. පකිස්ථානයට අභියෝගයක් වූ නේපාලය ලොව අංක එකේ එක්දින කණ්ඩායමේ පිතිකරුවන්ට අභියෝගයක් ගෙන ඒමට නේපාල පන්දු යවන්නන් තරගයේ ආරම්භයේ සිට සමත් විය. පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ ෆාකාර් සාමාන් (14) සහ ඉමාම් උල් හක් (05) කට දවා ගැනීමට නේපාල පන්දු යවන්නන් සමත් විය. ඒ වන විට පකිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 25ක් ලෙසයි. නේපාල පන්දු යවන්නන් එල්ල කළ අභියෝගය හමුවේ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් කඩා වැටුණු පකිස්ථාන ඉනිම යළි ගොඩනැගීමට කටයුතු කළේ පන්දු 109 කදී ලකුණු 86ක් තෙවන කඩුල්ල සඳහා එක් කරමිනි. කෙසේවෙතත් තරගයේ 23 වන පන්දු වාරයේදී ලකුණු 44ක් රැස් කර ගෙන සිටි මොහොමඩ් රිස්වාන් දුවද්දී දවා ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය. රිස්වාන්ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ සල්මාන් ආගා ලකුණු 05 කට දැවී යන විට පකිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 27.5 කදී කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලෙසයි. නේපාලය අතින් ගිලිහුණු වාසනාව පකිස්ථාන ඉනිමේ 28 වැනි පන්දු වාරයේදී ලකුණු 55ක් ලබාගෙන සිටියදී නායක බාබර් අසාම් විසින් පෙරලා ලබා දුන් උඩ පන්දුවක් පන්දු යවමින් සිටි චෙට්ට්‍රි අතින් ගිලිහි ගියේ තරගයේ සමස්ත තීරණයට බලපෑමක් එල්ල කරමිනි. බාබර් - ඉෆ්තිකාර් සුසංයෝගය තරගයේ 30 වැනි පන්දු වාරය දක්වා නේපාල පන්දු යවන්නන්ගේ අණසකට යටත්ව තිබු පකිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 139 කට කඩුලු 04ක් ලෙසයි. කඩා වැටුණු පකිස්ථාන ඉනිම නැවත තමන් යටතට ගැනීමට නායක බාබර් අසාම් සහ ඉෆ්තිකාර් එහෙම්ඩ් සමත් විය. ඔවුන් දෙදෙනා විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 214ක් රැස් කිරීමට සමත් විය. එම සම්බන්ධතාවය ආසියානු කුසලාන තරගාවලියක පස්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය. බාබර් ආසාම් සිය එක්දින තරග දිවියේ 19 වන ශතකය වාර්තා කරමින් පන්දු 131 කදී ලකුණු 151ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් 14ක් සහ හයේ පහරවල් 4ක් ඇතුළත් විය. ඉෆ්තිකාර් එහෙම්ඩ් පන්දු 67 කදී සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ එම ශතකය ආසියානු කුසලාන තරගාවලියක වාර්තා වූ පස්වන වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය. ඒ අනුව පකිස්ථානය සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 342ක් රැස් කිරීමට සමත් විය. වේග පන්දු හමුවේ අසරණවූ නේපාලය ලකුණු 343 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමේ පිතිකරුවන්ට සිය ඉනිම ආරම්භයේ සිට පකිස්ථාන පන්දු යවන්නන් ගෙන් එල්ල වුයේ දැඩි පීඩනයකි. නේපාල ඉනිමේ පළමු පන්දු වාරයේදීම පිට පිට යවන ලද පන්දු දෙකකදී කඩුලු දෙකක් දවා ගැනීමට පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහින් අෆ්රිඩි සමත් විය. සොම්පාල් කාමී ලකුණු 28ක් සහ ආරිෆ් ෂෙයික් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූ අතර අනෙක් කිසිදු නේපාල පිතිකරුවෙකුට ලකුණු අතරට ඒමට පකිස්ථාන පන්දු යවන්නන් විසින් ඉඩ නොදෙන ලදී. පන්දු වාර 23.4ක් අවසානයේදී සියලු දෙනා දැවී නේපාල කණ්ඩායම රැස් කළේ ලකුණු 104 ක් පමණි. ඒ අනුව පකිස්ථානය ලකුණු 238 කින් තරගය ජය ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ෂඩාබ් ඛාන් ලකුණු 27 කට කඩුලු 04 ක් සහ ෂහින් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු දෙකක් දවා ගන්නා ලදී. |
උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක | බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීන් ඔවුන්ගේ ආදරණීයයන් සොයාදෙන ලෙස ඉල්ලීම් කරමින් අද (අගෝ. 30) මන්නාරම නගරයේ දී විරෝධතාවයේ නිරතවිණි. සෑම වසරකම අගෝස්තු 30 වැනිදාට යෙදෙන 'බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය' නිමිති කර ගනිමින්, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, අම්පාර හා යාපනය දිස්ත්‍රික්කයන්හි අතුරුදහන්වූවන්ගේ ඥාතීහු එක්ව මෙසේ මන්නාරම නගරයේ දී විරෝධතාවයේ නිරතවූහ. යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඔවුන් අද (අගෝ. 30) දිනය වන විට දින 2383ක් විරෝධතාවක නිරතවී තිබුණ ද කිසිදු රජයකින් ඔවුන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසයි. අවස්ථා ගණනාවක දී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටලුව සඳහා පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළ ද ඔවුන්ගේ ගැටලුවට මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් බව ද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය. මීට සමගාමීව, අතුරුදහන්වූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීහු අද මඩකලපුවේ දී ද විරෝධතාවක් පැවැත්වූහ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හා අනෙකුත් ආයතන රජයේ අවශ්‍යතා ඉටු කරන බැවින් ඔවුන්ට ඒ ආයතන පිළිබඳ විශ්වාසයක් නොමැතිබව පවසන විරෝධතාකරුවෝ, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම මැදිහත්ව මෙරට අතුරුදහන්වූවන්ගේ ගැටලුවට විසදුම් ලබාදිය යුතුබවට ඉල්ලීම් කළහ. ජාත්‍යන්තරය මැදිහත්ව ඔවුන්ගේ ගැටලුව සඳහා විසඳුම් ලබාදිය යුතු අතර, අපරාධකරුවන්ට ජාත්‍යන්තර අධිකරණයක් හරහා දඩුවම් ලබාදිය යුතු බව ද විරෝධතාවයට එක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු ඉල්ලා සිටියහ. උතුරේ හා දකුණේ දේශපාලන නියෝජිතයින් කිසිවෙකු ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ දූදරුවන් හා ඥාතීන් සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබී ඇති බව ඔවුන් පවසයි. යුද්ධය නිමාවී වසර 14ක් ගතවුව ද අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිසි සඳහනක් හෝ සොයා බැලීමක් නොමැතිවීමෙන් ඔවුන් මහත් සේ අසරණ වී සිටින බව ද විරෝධතාකරුවෝ පවසති. විරෝධතාව සඳහා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ හා වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සෙල්වම් අඩෙක්කලනාදන්, විනෝ නෝහදාරලිංගම් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. |
ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි ක්‍රීඩකයින් කවුද ? | මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්, පළපුරුදු හා දස්කම් වලින් හෙබි ක්‍රීඩකයින් රැසක් සිය සංචිතවලට නම් කර තිබේ. එවන් පසුබිමක මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ හැකි ක්‍රීඩකයින් කවුද ? මේ ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල කළ විමසා බැලීමකි. ඉන්දීය කණ්ඩායම පිළිබඳ විමසා බැලීමේදී ICC එක්දින පිතිකරණ සහ පන්දුයැවීමේ ශ්‍රේණිගත කිරීම් සලකා බැලීමේදී හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකු සහ පන්දු යවන්නන් දෙදෙනෙකු ඇතුළත්ව තිබේ. දක්ෂතා වලින් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක් ඉන්දියාව සතු බැවින් ඉන්දීය කණ්ඩායම ම අභියෝගාත්මක කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. විරාට් කෝලි එක්දින තරග 275 කට ක්‍රීඩා කර ඇති විරාට් කෝලි ඉනිම් 265 කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 12,898කි. විරාට් කෝලි සිය එක්දින දිවියේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 183ක් වන අතර, ඒ 2012 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්ථානයට එරෙහිවයි. එම ලකුණු සංඛ්‍යාව පිතිකරුවෙකු විසින් ආසියානු කුසලාන තරගාවලියකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ. ශතක 46 ක් සහ අර්ධ ශතක 65ක් වාර්තා කර ඇති විරාට් කෝලි ඉන්දීය පිළේ පළපුරුදුම පිතිකරුවාය. කෝලිගේ එක්දින තරග වාර්තා පොත පෙරලා බැලීමේදී ඔහු එක්දින තරගවලදී හතරේ පහර 1,211ක් සහ හයේ පහර 138ක් එල්ල කර ඇත. ශුබ්මන් ගිල් ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන ශුබ්මන් ගිල්, කෙටි කලක් තුළ දී ක්‍රිකට් ලොව තුළ වැඩිම අවධානයක් හිමිකර ගැනීමට සමත්වූ පිතිකරුවෙකු ලෙස සැලකෙයි. තවමත් එක්දින තරග 27 කට පමණක් ක්‍රීඩා කර ඇති ශුබ්මන් රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1,437ක් වේ. ඔහු මේ දක්වා එක්දින තරග වලදී ශතක 04ක් සහ අර්ධ ශතක 06ක් වාර්තා කර තිබේ. එක්දින තරග වලදී ශුබ්මන් විසින් හතරේ පහර 166ක් සහ හයේ පහර 28ක් එල්ල කර ඇත. එක්දින තරග වලදි ශුබ්මන් වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2023 ජනවාරි 18 වැනිදා නවසිලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 208යි. එක්දින ඉතිහාසයේ ද්විත්ව ශතකයක් රැස් කළ ලාබාලතම පිතිකරුවා ලෙස ශුබ්මන් ගිල් වාර්තා අතරට එක්ව සිටියි. ඔහු එම දස්කම දක්වා ඇත්තේ වයස අවුරුදු 23 දීයි. මොහොමඩ් සාමි එක්දින තරග 90 කදි කඩුලු 162ක් දවා ගෙන ඇති මොහොමඩ් සාමි ඉන්දියාවේ වත්මන් වේග පන්දු බල ඇණියේ ප්‍රධානම පන්දු යවන්නා ලෙස සැලකේ. ලකුණු 69 කට කඩුලු 05ක් දවා ගනිමින් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළ සාමි, අවස්ථා 09 කදී කඩුලු 04 බැගින් දවා ගෙන තිබේ. ජස්ප්‍රිට් බුම්රා ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි ජස්ප්‍රිට් බුම්රා ඕනෑම අවස්ථාවක දී ප්‍රතිවාදී පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ හැකි පන්දු යවන්නෙක් වේ. එක්දින තරග 72 කදී කඩුලු 121ක් දවා ගෙන ඇත. එක්දින තරග වලදී ඔහුගේ හොදම පන්දු යැවීම ලෙස සැලකෙන්නේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුළු 6ක් දවා ගැනීමයි. බාබර් අසාම් පකිස්ථාන කණ්ඩායමේ නායකයා මෙන්ම ICC පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව දැනට ලොව සිටින හොඳම එක්දින පිතිකරුවා වන්නේ බාබර් අසාම් ය. එක්දින තරග 103 කට ක්‍රීඩා කර ඇති බාබර් අසාම්, ඉනිම් 101 කදී ලකුණු 5,202ක් රැස් කර ගෙන සිටියි. ඔහුගේ එක්දින දිවියේ හොඳම ඉනිම ලෙස සැලකෙන්නේ 2021 වසරේ ජුලි මාසයේදී එංගලන්ත පිලට එරෙහිව රැස් කළ ලකුණු 158 යි. බාබර් අසාම් එක්දින ශතක 18ක් සහ අර්ධ ශතක 28ක් රැස් කර ඇත. මොහොමඩ් රිස්වාන් පකිස්ථාන කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ද ආරම්භක පිතිකරුවා වන මොහොමඩ් රිස්වාන් වේගයෙන් ලකුණු රැස් කිරීමට කැමැත්තක් දක්වන පිතිකරුවෙකු වේ. මේවන විට එක්දින තරග 60 කට ක්‍රීඩා කර ඇති ඔහු, ඉනිම් 55 කදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,498කි. ශතක දෙකක් සහ අර්ධ ශතක 10ක් වාර්තා කර ඇති රිස්වාන්ගේ එක්දින දිවියේ හොදම ඉනිම ලෙස සැලකෙන්නේ 2019 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළ ලකුණු 115 ය. ෂහීන් අෆ්රිඩි පකිස්ථාන වේග පන්දු යැවීම් බල ඇණියේ ප්‍රධාන තුරුම්පුව ලෙස සැලෙකන ෂහීන් අෆ්රිඩි ඕනෑම අවස්ථාවකදී තරගයක තීරණය වෙනස් කළ හැකි පන්දු යවන්නෙකු ලෙස හැඳින්විය හැක. එක්දින තරග 39 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී ඉනිම් 38 කදී කඩුලු 76ක් දවා ගැනීමට සමත්ව ඇත. 2019 වසරේ එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 35 කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සැලකෙයි. හැරිස් රාවුෆ් පකිස්ථාන කණ්ඩායමේ සිටින තවත් දක්ෂ වේග පන්දු යවන්නෙකු වන හැරිස් රාවුෆ් ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ට තර්ජනයක් ගෙන දෙන දක්ෂ පන්දු යවන්නෙකු ලෙස නමක් දිනා ගනු ලැබූ අයෙකු වේ. 2022 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව රාවුෆ්, ලකුණු 29 කට කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුවේය. මේ වන විට ඔහු එක්දින තරග 24 කදී කඩුලු 44ක් දවාගෙන ඇත. හැරිස් රාවුෆ් ගේ එක්දින දිවියේ හොදම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ හම්බන්තොට ක්‍රීඩාංගනයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 18 කට කඩුලු 5ක් දවා ගැනීම වේ. ෂකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ප්‍රවීණතම ක්‍රීඩකයා වන්නේ ෂකිබ් අල් හසන්ය. එක්දින පිටියේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත කිරීම් වලින් පළමු ස්ථානයේ පසුවන්නේ ද ඔහු යි. එක්දින තරග 235 කට ක්‍රීඩා කර ඇති ෂකිබ්, එහිදී ඉනිම් 222ක් තුළදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7,211කි. ශතක 09ක් සහ අර්ධ ශතක 53ක් වාර්තා කර ඇති ඔහුගේ හොඳම එක්දින ඉනිම වන්නේ 2007 වසරේදී කැනඩාවට එරෙහිව රැස්කළ ලකුණු 134 වේ. පන්දු යැවීමේදී එක්දින තරග වලදී කඩුලු 305ක් දවා ගෙන ඇති ඔහු පන්දු රැකීමේදී උඩ පන්දු 56ක් රැක ගෙන තිබේ. මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පිතිකරණ සාමාන්‍ය 50.00 අගයක් තබාගෙන සිටින ඔහු ඕනෑම අවස්ථාවකදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වන දක්ෂ පිතිකරුවෙකු ලෙස නමක් දිනා ගෙන සිටියි. එක්දින තරග 251ක් ක්‍රීඩා කර ඇති ඔහු එහි ඉනිම් 234 කදී රැස් කර ගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 7,257ක් වේ. ශතක 9ක් සහ අර්ධ ශතක 44ක් රැස් කරගෙන ඇති මුෂ්ෆිකර් රහීම්ගේ එක්දින දිවියේ හොඳම එක්දින ඉනිම වන්නේ 2018 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ලකුණු 144 යි. මුස්තෆිසුර් රහාමාන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ප්‍රබලතම පන්දු යැවීමේ තුරුම්පුව ලෙස මුස්තෆිසුර් රහාමාන් සැලකෙයි. ඉතා හොඳ සංකලනයක් සහිත පන්දු යවන්නෙක් වන ඔහු මේ දක්වා එක්දින තරග 89 කදී කඩුලු 144ක් දවා ගැනීමට සමත් ව තිබේ. ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 43 කට කඩුලු 6ක් දවා ගැනීමය. රහාමානුල්ලා ගුර්බාස් ඇෆ්ගනිස්ථාන කණ්ඩාමේ කඩුලු රකින්නා මෙන්ද ආරම්භක පිතිකරුවා ද වන රහාමානුල්ලා ගුර්බාස් වේගයෙන් ලකුණු රැස් කිරිමට ප්‍රියතාවයක් දක්වන පිතිකරුවෙකු වේ. එක්දින තරග 24 කදී ශතක පහක් සහ අර්ධ ශතක දෙකක්ද සමගින් ගුර්බාස් රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 953කි. ඔහුගේ හොඳම එක්දින ඉනිම ලෙස සටහන් වන්නේ පකිස්ථානයට එරෙහිව හම්බන්තොට දී රැස්කළ ලකුණු 151ක වේ. මොහොමඩ් නබි ඇෆ්ගිස්ථාන කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස මොහොමඩ් නබි සැලකිය හැක. එක්දින තරග 145ක් ක්‍රීඩා කර ඇති නබි එහිදී ඉනිම් 129 කදී ලකුණු 3,085ක් රැස්කර ගෙන සිටින ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 15ක් වාර්තා කර ඇත. පන්දු යැවීමෙන් ද කඩුලු 154ක් දවාගෙන ඇත. රෂිඩ් ඛාන් එක්දින පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වලින් සිව්වන ස්ථානයේ පසුවන රෂිඩ් ඛාන් ප්‍රතිවාදී පිතිකරුවන්ට ඕනෑම මොහොතක තර්ජනයක් එල්ල කළ හැකි පන්දු යවන්නෙකු වේ. එක්දින තරග 92 කදී කඩුලු 170ක් දවාගෙන ඇති ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 18 කට කඩුලු 07ක් බිඳ හෙලීමයි. මුජීබ් උර්- රෙහෙමාන් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවන්නේ මුජීබ් අර් රෙහෙමාන් ය. එක්දින තරග 64 කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 91කි. 2018 වසරේ සාජා හිදී ලකුණු 50 කට කඩුලු 5ක් දවා ගැනීම ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සැලකෙයි. |
'දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ' | මුල්ලිවයික්කාල් අවසන් සටනට මැදිවී අතුරුදහන් වූ දියණිය යළි නිවසට පැමිණෙන තෙක් වසර 14ක සිට තමා සහ සැමියා මග බලා සිටින බව තුඩරාසනි නිර්මලාදේවි BBC සිංහල සේවයට පැවසුවාය. ඇගේ දියණිය වූ තුඩරාසනි ප්‍රියදර්ශනී අතුරුදහන් වනවිට 20 වැනි වියෙහි පසු වූවාය. ''මුල්ලිවයික්කාල් ගියාට පස්සේ ෂෙල් වැටුණා. එතනදි මගේ දුව අතුරුදහන්වුණා. අපි දිවුවා. සමහර අය කිව්වා අල්ලගෙන යනවා දැක්කා කියලා. කවුරු අල්ලාගෙන ගියාද කියලා දන්නේ නෑ. දරුවාගේ ෆොටෝ එක බලමින් අපි හැමදාම අඬ අඬා තමයි ඉන්නේ.'' යනුවෙන් තුඩරාසනි නිර්මලාදේවි හැඬු කදුළින් සිය දියණිය සිහිපත් කරන්නීය. |
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය: 'තාත්තට කොච්චර ආදරෙයි ද කියලා මට එයාට කියන්න බැරිවුණා' | 2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි. මාධ්‍යවේදියෙකු, කාටූන් ශිල්පියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රගීත්, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. ඔහුගේ අතුරුදන්වීමට කිසිදු සම්බන්ධයක් ඇතැ යි යන්න ශ්‍රී ලංකා රජය සහ යුද හමුදාව ප්‍රතික්ෂේපකර තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 1980 ගණන්වල අග භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 60,000ත් 100,000ත් අතර පිරිසක් අතුරුදහන්වී තිබේ. |
ආර්.රාජකුමාරි: මරණය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට | වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත්වූ බව කියන ආර්.රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අජිත් කුමාර නමැත්තා ලබන සැප්තැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට අද සවස ඉදිරිපත් කෙරිණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය. මියගිය තැනැත්තිය අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට මිය යන තෙක්ම මෙම සැකකාර පොලිස් නිලධාරියා භාරයේ සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බවත් බලපෑම් වලින් තොරව මෙම විමර්ශන කෙරෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට දන්වනු ලැබීය. සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ බව කියන ආර්. රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (අගෝස්තු 25 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබා දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අන්තර්ගත කරුණු විශ්ලේෂණයකර තීන්දුව ලබා දෙන බවයි. ඒ අනුව මොට ආයුධයකින් හෝ ඒ හා සමාන බලයකින් පහරදීම හේතුවෙන් මරණකාරියගේ මාංශපේෂිවලට ඇති වූ හානිය මත ශරීරය තුළට රුධිරය වහනය වීමෙන් සහ කම්පනයකින් මෙම කාන්තාවගේ මරණය සිදුව ඇති බව අධිකරණය නිගමනය කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඒ අනුව මෙම මරණයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. ඒ අනුව පැමිණිල්ල යළි ඔක්තෝම්බර් මස 27 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර සිටියේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය වෙත අදහස් පළ කළේය. "මෙම කාන්තාව වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය බවට මරණ පරීක්ෂණයේදී සාක්ෂි අනාවරණය වුණා. ඒ නිසා විමර්ශන තුළින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද? යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම සිද්ධියේදී සාක්ෂි වසන් කිරීමේ කාරණයක් ගැනත් කරුණු අනාවරණය වුණා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් නීතිඥ සේනක පෙරේරා පැවසීය. 'පොලිස් නිලධාරියා බටයකින් පහර දෙනවා මං දැක්කා' පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන රාජකුමාරි නමැති ගෘහ සේවිකාවට වැලිකඩ පොලීසියේ නිලධාරීන් පහර දෙනු තමන් දුටු බව සාක්ෂිකරුවකු (ජුනි 21 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය. මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මේ පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙකු සාක්ෂි ලබා දුන්නේය. මෙම සාක්ෂිකරු කොළඹ පිහිටි නිවාසවලට ගෘහසේවිකාවන් සම්බන්ධ කර දීමේ කාර්යයේ නිරත වන පුද්ගලයකු බවත් නඩු විභාගයේදී හෙළිවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැති සාක්ෂිකරු" දිනක් මම මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එක් කරගෙන යාම සඳහා පිටකොටුව ප්‍රධාන බස් නැවතුමට ගියා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනක පැමිණ මගේ අතේ මාංචු දලා වාහනයකට දාගත්තා. පසුව එයාලා මියගිය රාජකුමාරි ගැන විමසුවා. පසුව මම කිව්වා එයා දැන් බොරැල්ල කොටා පාරේ ගෙදරක වැඩ කරනවා කියලා. පසුව මාව එයාලා ඒ ගෙදරට එකක් ගියා. වාහනේ ගිහින් ඒ ගෙදර ගාව නැවතුනා. මම වාහනේ තුළ හිටියා. පොලිස් නිලධාරීන් දෙන්නා ඒ ගෙදරට ගිහින් රාජකුමාරිවත් අරන් ඇවිත් වාහනයට දාගත්තා. පසුව මගේ අතේ දමා තිබූ මාංචු කුට්ටමේ එක් කොනක් රාජකුමාරිගේ අතට දැම්මා. "යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. වාහනයට දමා ගන්නා අවස්ථාවේදී රාජකුමාරි නමැත්තිය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පසුවුණා දැයි, මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ "එහෙම අසනීප තත්ත්වයක් තිබුණේ නැහැ. එයා හොඳින් ඇවිදගෙන ඇවිත් තමයි වාහනයට නැග්ගේ.” 'වැලිකඩ පොලිසියේ දී මටත් රාජකුමාරිටත් පොලිස් නිලධාරීන් පහර දුන්නා' වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු" වාහනයේ ගමන් කරන අතරවාරයේ ‘ඔයා තමයි මුද්දයි, සෙන්ට් බෝතලයයි සපත්තු කුට්ටමයි හොරකම් කළේ’ කියා වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙකු රාජකුමාරිට ප්‍රකාශ කළා. පසුව අපිව වැලිකඩ පොලිසියට අරන් ගියා. වැලිකඩ පොලිසියේ දී මටත් රාජ කුමාරිටත් පොලිස් නිලධාරීන් පහර දුන්නා." "පහරදුන් එක නිලධාරියෙක් ‘තට්ටේ’ තියන කෙනෙක්. අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයෙක්. කෙට්ටු උස නිලධාරියා රාජකුමාරිට බටයකින් පහර දෙනවා මං දැක්කා. පසුව ‘සුධර්මා මැඩම්’ ආවා. ඇවිත් කිව්වා ගහන්න එපා ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා. ඉන්පසුව මම හරිම වේදනාවෙන් තමයි හිටියේ. රාජ කුමාරිට මොනව උනාද කියල මම දන්නෙ නැහැ."යනුවෙන් සාක්ෂිකරු සඳහන් කර සිටියේය. ඉන් අනතුරුව මියගිය තැනැත්තියගේ සැමියා වන ජේසුරාජ් නමැත්තා ද අධිකරණය හමුවේ සාක්ෂි දෙනු ලැබීය. වැඩිදුර විභාගය ජුලි 26 වැනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. විමර්ශන කඩිනම් කරන්නැයි CID යට නියෝග වැලිකඩ පොලිස් භාරයේදී අභිරහස් ලෙස මරණයට පත් වූ ආර්.රාජකුමාරි නැමති ගෘහ සේවිකාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන ලබාගෙන විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට (ජුනි 02 වැනිදා) නියෝග කළේය. මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය. මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන මුලින්ම වැලිකඩ පොලිසිය විසින් ක්‍රියාත්මක කළ අතර පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා. ඒ අනුව අදාළ පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කිරීමට අවශ්‍ය වී ඇතැයි, දන්වා සිටියේය. "ස්වාමීනි.... මරණකාරිය අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කරන්න අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා එම ස්ථානයෙන් සීසීටීවී දර්ශන ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් ඒවා මේ දක්වා ලබා දී නැහැ. එම නිසා අදාළ සීසීටීවී දර්ශන ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. “පරීක්ෂණය ස්වාධීන ද? අධිකරණය අධීක්ෂණය කළ යුතුයි.” එම අවස්ථාවේදී මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ (ජුනි 02 වැනිදා) අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... මෙම මරණකාරියගේ දේහය මහමඟ දමා තිබියදී සොයා ගත් බව වැලිකඩ පොලීසියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. එසේ මහමග තිබී මෘත ශරීරයක් සොයා ගත්තා නම් පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු නීති මාලාවක් තිබෙනවා. එසේ දේහයක් සොයා ගත් විට ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තමන්ගේ සාක්කු සටහන් පොත් වල සටහන් කළ යුතුයි. ඒ වගේම අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පෝරම සම්පූර්ණ කළ යුතුයි. එසේම රෝහල් පොලිස් මුරපොල දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි. එහෙත් මෙම සිද්ධියේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබේද යන්න පිළිබඳව සැකයක් මතුවී තිබෙනවා. එම නිසා වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් එම නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබේද? යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා"යනුවෙන් පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ පතිරාජ " මරණකාරිය ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ තැනැත්තියක්. මෙවැනි තැනැත්තියන්ට තිබෙන්නේ ඉතා අවම අයිතිවාසිකම්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. එම පරීක්ෂණය ස්වාධීනව සිදුවෙනවාද? යන්න අධිකරණය විසින් අධීක්ෂණය කළ යුතුයි." යනුවෙන් නීතිඥවරයා කියා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට කර ඇති විමර්ශනවලට අදාල රහසිගත වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළහ. එම වාර්තා පරීක්ෂාවට ලක් කළ මහේස්ත්‍රාත්වරයා මරණකාරිය අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයෙන් සී.සී.ටී.වී දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. එමෙන්ම මරණකාරිය සම්බන්ධයෙන් වූ රෝහල් හා පොලිසිය භාරයේ ඇති ලේඛන මෙන්ම ඒ හා බැඳුණු සෙසු ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන ලෙසත් විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයේ දැක්විණ. ඉන් අනතුරුව පැමිණිල්ල ජුනි 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය. වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි මෙහෙකාර කාන්තාව මිය ගියේ පහර දීමකින්ද? කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවසේ මෙහෙකාරියක වු ආර්.රාජකුමාරිගේ මරණය පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සැකකරුවන්ගේ දීර්ඝ ලැයිස්තුවට අලුතින්ම එක්වූ තවත් අභිරහස් මරණයකි. ඇය මිය ගියේ පොලිස් පහරදීමකින්ද? එය තවමත් අභිරහසකි. රාජකුමාරිට මොකද වුනේ? පොලිස් අතඅඩංගුවේ දී මිය ගිය ආර්.රාජකුමාරිගේ ස්වාමි පුර්ෂයා වන්නේ සෙල්ලදොරේ යෙසුරාජ්ය. ඔවුන්ගේ පදිංචිය බදුල්ල, දෙමොදර ප්‍රදේශයයි. ඔහු රැකියාව ලෙස අම්පාර ප්‍රදේශයේ උක්වත්තක උක්ගස් කැපීමේ නිරත වෙයි. යේසුරාජ් සහ රාජකුමාරි දරුවන් තුන් දෙනෙකුගේ දෙමව්පියන් වන අතර ඔවුහූ අවුරුදු 7, 11, 13 යන වයස්වල පසුවෙති. ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පුත්‍රයෙකුගේ ආදරණීය මවක වන ආර්.රාජකුමාරි මිය යන විට 41 හැවිරිදි වියේ පසුවූවාය. “බිරිඳගේ මරණයත් එක්ක මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. දරුවෝ තුන්දෙනා ජීවත් කරවන්න.”යෙසුරාජ් බීබීසී සිංහල වෙත පැවසීය. යේසුරාජ්ට අනුව ඔහුගේ බිරිඳ ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ රාජගිරියේ පිහිටි ගෙදරක වසරක පමණ කාලයක් සේවයේ යෙදී සිට තිබේ. පසුගිය මැයි 11 වැනිදා යෙසුරාජ් තමන්ගේ බිරිඳට දුරකතන ඇමතුමක් දෙන අවස්ථාවේ ඇය සිට ඇත්තේ පොලිස් භාරයේය. තමන්ට පොලිසියෙන් පහර දෙන බවත්, ඇයව බේරා ගන්නා ලෙසත් ඇය එහිදී ස්වාමිපුර්ෂයාට පවසා ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් බීබීසී සිංහල සේවයට පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ නිවසක තිබූ වටිනා භාණ්ඩ මෙහෙකාරියක විසින් සොරකම් කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිවසෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය. වැලිකඩ පොලිසිය විසින් ඒ පිළිබඳ විමර්ශනය කර ආර්. රාජකුමාරි අත්අඩංගුවට ගෙන තිබුණේ වෙනත් නිවසක සේවය කරමින් සිටියදීය. පොලිස් ස්ථානයේ රඳවා සිටින අවස්ථාවේ යම් අසනීප තත්ත්වයක් ඇති බව එම කාන්තාව දැනුම් දීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඇයව ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවත් එලෙස ඇතුලත් කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඥාතීන් සහ වෙනත් පාර්ශව මෙම මරණය පිළිබඳ සැක පළ කිරීමෙන් පසු මේ පිළිබඳ වහාම විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවත් ඔහු පවසා සිටියේය. නිලධාරීන්ගේ වැඩ තහනම් අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණේ, පොලිස් නිලධාරීන්ගේ අතින් යම් රාජකාරී අතපසුවීමක් හෝ සිතා මතා යම් වරදක් සිදුවී ඇති දැයි අනාවරණය කර ගැනීම සඳහාය. ඒ අනුව අදාළ විමර්ශනයේ නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා විසින් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ. ඒ, රාජකුමාරිගේ විමර්ශනයට සම්බන්ධ උප පොලිස්පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයෙකුගේය. මීට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක්, කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ඨාස තුනට ස්ථාන මාරු කර යවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වැලිකඩ පොලිස් සථානාධිපතිවරයා ද ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත නිර්දේශයක් කර ඇති බවය. අදාළ හොරකම සහ කාන්තාවගේ මිය යෑම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර එම විමර්ශන මේවන විට ක්‍රියාත්මකය. පොලිස් නිලධාරීන් යම් අපරාධමය වරදක් සිදුකර තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් විනය විරෝධී ක්‍රියාවක් කර ඇත්නම් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ‘වැඩ තහනම් කිරීමෙන් පළක් නැහැ’ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අවධාරණය කර සිටියේ මෙම පොලිස් නිලධාරින්ගේ වැඩ තහනම් කිරීමෙන් සහ ස්ථානමාරු කිරීමෙන් පළක් නොවන බවය. “වැඩ තහනම් කරනවා කියන්නේ විනයානුකූල විමර්ශන පියවරක් නේ. අපරාධයකට අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.” ඔහු කියා සිටියේය. නීතිඥ සේනක පෙරේරා පැවසුවේ, මෙම කාන්තාවට පහරදීමක් කර තිබේ නම්, ඊට සම්බන්ධ සහ අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවය. රාජකුමාරි අත්අඩංගුවට පත්වන්නේ සොරකමක් සම්බන්ධ චෝදනා මතය. "සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට, එය පොලිස් පොත්වල සටහන් කළ යුතුයි,"එහෙත් ඒ පිළිබඳ සටහන් තබා නොමැති බව අනාවරණය වී ඇතැයි නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේය. මේ අතර සුදේශ් නන්දිමාල් කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ ‘සැකකරුවන් සෑහෙන පිරිසක්’ පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇති බවය. “ආයුධ හොයන්න කියලා අරන් ගිහින් තිබුණා. ඒත් අත්අඩංගුවේ හිටපු අයනේ” ඔහු සඳහන් කළේය. “අත්අඩංගුවට පත් වෙලා මිනිස්සු මිය යනවා කිව්වාම.සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, පොලිසියට යනවා කියන්නේ මිනිහෙක් අනාරක්ෂිතයි. කොයි මොහොතක යන මනුස්සයා ආපහු එලියට එයිද කියලා විශ්වාසයකුත් නැහැ. ඒ තරමටම ශ්‍රී ලංකා පොලිසිය වදකාගාරයක් වෙලා. පොලිසියට යනවා කියන කොටම මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ ගුටි කන්න වෙනවා. වද හිංසනයට පත් වෙන්න වෙනවා කියන හැඟීමනේ. ඒක කාලෙක ඉදලා එන දෙයක්නේ. ඉතින් ඒවගේ ඒවා සනාථ වෙනවා මේවගේ සිද්ධි එක්ක.” නන්දිමාල් සඳහන් කළේය. අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු පිළිබඳ පොලිසියට ඇති වගවීම කුමක්ද? විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා සඳහන් කළේ, පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට ඒ පිළිබඳ සැකකරුගේ පවුල හෝ ළඟම ඥාතීන් දැනුවත් කළ යුතු බවය. “කාටවත් ගහනන්න බැහැ. ප්‍රශ්න කරනවා නම් හරිනම් නීතිඥවරයෙක් ඉන්න ඕනේ. මොන නීතිය පාවිච්චි කළත් පහර දෙන්න බැහැ. මේක යන්නෙ “කස්ටෝඩියල් ඩෙත්” එකක් විදිහට.” නීතිඥ භවානි ෆොන්සේක සඳහන් කළේ සැකකරුවෙකු පොලිසිය භාරයේ සිටින විට සැලකිය යුතු ආකාරය ගැන මීට පෙර මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි. “පෙර නඩු තීන්දු වලින් දීලා තියෙන නිර්දේශවත් අනුගමනය කරලා නැහැ. ගොඩක් අය පොලිසියට විවේචන එල්ල කරන්නේ මේවගේ සිද්ධි නිසා.” “කස්ටෝඩියල් ඩෙත් එකක් කියන්නේ ලොකු ප්‍රශ්නයක්.” මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඇය අවධාරණය කළාය. ‘කන්ද උඩරටින් ඇවිත් කොළඹ වැඩ කරන කාන්තාවන්ට වෙච්ච පළවෙනි සිද්ධිය නෙමේ’ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තුවේදී (මැයි 23 වැනිදා) අදහස් දක්වමින් කියා සිටියේ “සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ වැඩ කරපු කාන්තාව 11 වැනිදා හවස පොලිසියට භාර දීලා තියෙනවා. 12 වැනිදා උදේ මැරිලා. පොලිසියෙන් ගහලා තියෙනවා කියලා තමයි දැනට රෝහල් ආරංචි මාර්ග කියන්නේ. එතකොට පොලිසියෙන් ඇයි රුපියල් 10,000ක් සල්ලි දෙන්නේ, බොඩිය ගෙනියන්න. රුපියල් 10,000ක් 25,000ක් දීලා. අහිසංක පොඩි ලමයි තුන්දෙනෙක් ඉන්නේ. මේ කාන්තාව දැන් වලදාලත් ඉවරයි.” ඔහු පැවසීය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කන්ද උඩරට ප්‍රදේශවල සිට කොළඹ සේවයට පැමිණෙන කාන්තාවන්ට අත්විඳීමට සිදුවු පළමු මරණය මෙය නොවන බවයි. “මේක පළවෙනි එක නෙමේ කන්ද උඩරට ඉදලා කොළඹ අවිල්ලා වැඩකරන කාන්තාවන්ට වෙන ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් පොලිසිය හරි තීන්දු ගන්න ඕනේ.” මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඔහු මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසය.“කන්ද උඩරට ඉදලා අවිල්ලා වැඩ කරන තරුණ තරුණියන්ට, කාන්තාවන්ට මේ පළවෙනියට වෙච්ච දේ නෙමෙයි. මීට වඩා ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ නිසා මෙයාලගේ ආරක්ෂාව සම්බන්ධව පොලිස් ඇමති තුමාගෙන් ඉල්ලීමක් කරනවා , විශේෂ සැලකිල්ලක් යොමු කරන්න කියලා. නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ ගැහැණු ළමයි දෙන්නෙක් මරුණා. තවත් කොල්ලෙක් මරුණා. දැන් ඊයේ පෙරේදා කාන්තා කෙනෙක් මැරිලා තියෙනවා. මේවගේ දැන් දිගටම මේ ප්‍රශ්නය යනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.” ඔහු කියා සිටියේය. |
ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී, ක්‍රිකට් ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි ශ්‍රී ලංකා සංචිය අද (අගෝස්තු 29 වැනිදා) සවස නම් කෙරිණි. ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත්තේ ප්‍රමුඛ පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිවය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත. මීට අමතරව පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා,චරිත් අසලංක, ධනංජය සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට නම් කොට ඇත. මහිෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතිෂ පතිරණ, කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත සහ ප්‍රමෝද් මධුෂාන් පන්දු යවන්නන් ලෙස සංචිතයට එක් කර ඇත. උණ රෝගයෙන් පෙලෙන කුසල් ජනිත් පෙරේරා මේ වන විට සුවය ලබමින් සිටින බවත් ඉදිරියේදී ඔහු කණ්ඩායම සමග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ආබාධයන්ට ලක්වූ පන්දු යවන්නන් කවුද? ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වනිදු හසරංග, වේග පන්දු ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතයට නම් කර නොමැත. සමාජ මාධ්‍ය උණුසුම් කළ මාතෘකාව ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය, අද සවස් වනතුරුම ප්‍රකාශයට පත් නොකිරීම සමාජ මාධ්‍ය තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුණි. විශේෂයෙන් ෆේස්බුක් සහ X (පෙර ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මෙන්ම ඉන්දීය ක්‍රීඩා ලෝලින් මේ සම්බන්ධයෙන් විමසා තිබුණි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කිරීම ප්‍රමාද වීම හමුවේ ක්‍රීඩා ලෝලියෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ආදර්ශ සංචිතයක් නම් කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුයේ ඇයි? ආසියානු කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බව, එම ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු බීබීසි සිංහල වෙත (අගෝස්තු 28 වැනිදා) තහවුරු කළේ ය. ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය සිදුකළ විමසීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ, ආසියානු කුසලානය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකොට ඇති බවත්, එම අනුමැතිය ලද වහාම නිල නිවේදනය නිකුත් කරනු ලබන බවත් ය. ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීම ප්‍රමාද වීමට මූලික හේතුව වුයේ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයන්ට ලක්වීම බවද මේ අතර වාර්තා විය. පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංග, වේග පන්දු ක්‍රීඩකයින්වන දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ආබාධයන්ට ලක්විය. මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කිරීමට සිටි ක්‍රීඩකයින් වේ. එසේම වමත් වේග පන්දු ක්‍රීඩක දිල්ශාන් මධුෂංක ද ආබාධයකට ලක්ව ඇති අතර, ආසියානු කුසලානය සහ ලෝක කුසලාන තරගාවලි දෙක ආරම්භවීමට ආසන්නව තිබියදී ක්‍රීඩකයින් මෙලෙස ආබාධයන්ට ගොදුරුවීම ශ්‍රී ලංකා පිළට ප්‍රබල ගැටලුවක් වී තිබේ. ක්‍රීඩකයින් ආබාධයන්ට ගොදුරුවූයේ ඇයි? ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා බීබීසි සිංහල සේවයට පැවසුවේ, දැනට ආබාධවලට ලක්ව සිටින වේග පන්දු ක්‍රීඩකයින් තිදෙනාට මෙවර ආසියානු කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වනු ඇති බව ය. දඟ පන්දු ක්‍රීඩක වනිදු හසරංගගේ පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධය සුව අතට හැරීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. "වනිඳුට සම්පූර්ණ සුව වෙන්න සති තුනක කාලයක් ගතවෙයි. ඔහුට ආසියානු කුසලානයේ අවසන් භාගය වෙද්දී ක්‍රීඩා කරන්න පුළුවන් ද කියලා බලන්න වෙන්නේ ෆිට්නස් ටෙස්ට් එකක් සිදුකරලා බලලයි. නමුත් වර්ල්ඩ්කප් එක ළඟ තියාගෙන එහෙම රිස්ක් එකක් ගන්න සූදානම් නැහැ," මහාචාර්යවරයා පැවසීය. මේ අතර, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ ආකාරයෙන් ආබාධයන්ට ලක්වීමට හේතුව වූයේ ළඟ ළඟ ක්‍රීඩා තරග වැඩි වශයෙන් ක්‍රීඩා කිරීම නිසාදැ යි අපි මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් විමසීමු. එය ද හේතුවක් වන්නට ඇති බව මහාචාර්යවරයා පැවසුවේ ය. "මට හිතෙන්නේ ඒක වෙන්න ඕන. අපි ඇනලයිසිස් කරලා තියෙන්නේ බොහෝ දුරට ඒක වෙන්න ඕන. මොකද අපි LPL ක්‍රීඩා කළා මේ ළඟ දි, ඒක නිසා වෙන්න ඕන. මොකද වෙන හේතුවක් නැහැ." "කට්ටියගේ ෆිට්නස් ලෙවල් එකත් තිබුණට වඩා දැන් හොඳ යි. අපිට ඒක තව උඩට ගන්න පුළුවන්. ඉතින් ක්‍රිකට් වැඩිපුර ගහපු නිසා තමයි මේක වෙන්න ඇත්තේ. මොකද එක ළඟ මැචස් තිබුණ නිසා තමයි ඉන්ජරිස් වැඩි," මහාචාර්යවරයා පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයින් කවුද? මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන සමාගම ඊයේ (අගෝ 27) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය දරන්නේ 1XBET නම් සමාගම යි. 1XBET සමාගම ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා තරග සඳහා අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තබන සමාගමකි. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විවාදයේ දී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ක්‍රිප්ටෝකරන්සි ඇතුළු ඔට්ටු තැබීමේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ය. කුසලානයේ නිල අනුග්‍රාහකත්වය B-Love කැන්ඩි කණ්ඩායමේ හිමිකරුට මේ අතර මෙවර ආසියානු කුසලානයේ නිල අනුග්‍රාහකත්වය දරන සමාගම ලෙස, පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම වූ B-Love කැන්ඩි කණ්ඩායමේ හිමිකරුට අයත් සමාගමක් පත්ව ඇත. ඒ අනුව ඕමාර් ඛන්නා හිමිකාරිත්වය දරන super11 සමාගම මෙවර ආසියානු කුසලානය සඳහා නිල අනුග්‍රාහකත්වය දක්වන සමාගම බවට පත්ව තිබේ. ඩුබායිහි වෙසෙන ඕමාර් ඛන්නා, ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරයක් වන B- Love සමාගමේ හිමිකාරිත්වය දරනු ලබයි. |
කෞතුක වස්තු : 'ලන්දේසීන් ගෙනිච්ච කඩු ලංකාවට ගේන්නේ නැතුව එහෙම තිබුණොත් හොඳ නැද්ද?' | ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා රැගෙන ගිය කෞතුක වස්තු හයක් දෙසැම්බර් මාසයේ දී යළි ලංකාවට රැගෙනවිත් විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ලෙවුකේ දිසාව භාවිත කළ බවට විශ්වාස කෙරෙන කාලතුවකුවක්, රනින් සහ රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තාන දෙකක් (උත්සව අවස්ථාවන්හි භාවිත කරන කඩු දෙකක්) රනින් කළ පිහියක් සහ තුවක්කු දෙකක් යළි ලංකාවට ලැබෙන කෞතුක භාණ්ඩ අතරට අයත් වේ. ''සමහර අයගේ සැකයක් තියෙනවා මේවා එහෙ තියෙන එක හොඳ නැද්ද මේවා නැති වුණොත් කියලා. ඒක සාධාරණ සැකයක්. කලින් කෞතුකාගාරයේ තිබුණු කඩු දෙකක් එකපාරටම අතුරුදහන් වෙනවා. අපි විශේෂ වැඩපිළිවලක් යොදනවා අපිට ලැබෙන පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා'' යනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් පැවසුවේය. |
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර - නීතිපති | 'අරගලය' පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා අද (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. එම සිද්ධියෙන් අගතියට පත් ගම්වාසීන් පිරිසක විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න මෙම දැනුම්දීම සිදුකළේ ය. බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබීය. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දහතුන්දෙනෙකු තුවාල ලැබූ බව කියා සිටියහ. සිද්ධිය සිදුවී මේ වන විට වසර එකහමාරකට අධික කාලයක් ගත වී ඇතත්, ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවරක් ගෙන නොමැති බව එම නීතිඥවරු පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ගිනි අවි, වීඩියෝ දර්ශන සහ අනෙකුත් නඩු භාණ්ඩ විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව යි. එම විමර්ශන වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, මෙම සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කර තිබෙන බවත් කියා සිටියේ ය. මෙහිදී, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අදාළ විමර්ශන වාර්තා කඩිනමින් ගෙන්වාගෙන නොපමාව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්හ. ඒ අනුව, මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. අදාළ සීමිත විරෝධතා අගෝ. 29 දින සිට සති හයක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඬුල්ල, පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 16 වනදා නැවතත් කැඳවන ලෙසත් නියෝග කළෝ ය. 2022 වසරේ අප්‍රේල් මස 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණයක දී කේ.ඩී. චමින්ද ලක්ෂාන් නැමැති දෙදරු පියෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකොට ප්‍රදේශවාසීන් පිරිසක විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. |
ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට | සියවස් කිහිපයකට පෙරාතුව ඔවුන්ගේ බලපරාක්‍රමය අනෙකුත් අසල්වාසී රටවලට වඩා වැඩිකරගනු වස් යාත්‍රාවල නැගී පෙරදිග, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව බලා යාත්‍රා කළ යුරෝපීයයන්, එම මහද්වීපවල බොහෝ රටවල් ගණනාවක් යටත් කරගැනීමට සමත් වූයේ ඔවුන් ඒ වන විට ළඟා කරගෙන තිබූ යම් යම් තාක්ෂණික දැනුම ද උපයෝගී කරගෙන ය. එම රටවල් යටත් විජිතයන් බවට පත් කරගත් ඔවුහු ඒවායෙන් ඔවුන්ගේ මවුරටවලට ධනය රැගෙන ගියා පමණක් නොව, බොහෝ රටවල්වල සංස්කෘතිය හා දැඩිව බැඳී පැවති වටිනා භාණ්ඩ, පුස්තකයන් මෙන් ම ඇතැම් විට ශුද්ධ වස්තූන් ද රැගෙන ගිය හ. යටත් විජිතවාදය අවසන් වී සියවසකට ආසන්න කාලයක් ගත වී ඇතිමුත් තවමත් එකල යටත්විජිතවලට අයත් වස්තූන් යුරෝපීය රටවල කෞතුකාගාරයන්හි ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් තබා තිබේ. ශ්‍රී ලංකාව පෘතුගීසීන් (1505), ලන්දේසීන් (1658) සහ ඉංග්‍රීසීන් (1796) යන යුරෝපීය ජාතීන් තුනෙහිම යටත් විජිතයක් බවට පත්වී තිබුණි. එවකට ලංකාවේ සිටි පෘතුගීසි එළවා දමා 1658 දී බලය තහවුරු කරගන්නා ලන්දේසීහු 1796 දී ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගන්නා තෙක් වසර 156ක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සහ තවත් ප්‍රදේශ කිහිපයක බලය හිමිකරගෙන සිටිය හ. ලන්දේසීන් ශ්‍රී ලංකාවේ බලය ලබා ගන්නේ පෘතුගීසීන් එළවා දැමීමට රාජාණ්ඩුවට සහාය දක්වන ආකාරයේ උපායමාර්ගයක් අනුගමනය කරමින් වන අතර, එය "ඉඟුරු දී මිරිස් ගත්තා වගේ" යන ප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුළේ පසුබිම් කතාව බව ජනශ්‍රැතියේ එන්නකි. එලෙස සියවසක් හා තවත් අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි යටත් විජිත පාලනයක් ගෙන ගිය ලන්දේසීන් 1765 දී සෙංකඩගල රජ මාලිගාව වටළා ඇති අතර, එහි තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් එවකට ඕලන්දය වූ වර්තමාන නෙදර්ලන්තයට ගෙනගොස් තිබේ. යටත්විජිත කෞතුක භාණ්ඩ නැවත භාරදීමේ රැල්ල මෑතකාලීනව, එකල අධිරාජ්‍යවාදී ඇතැම් රටවල් එවකට ඔවුන්ගේ යටත්විජිතයන්ගෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ නැවත භාරදීමේ ප්‍රවණාතාවක් දැකිය හැකි ය. ආසන්න වසර කිහිපය තුළ, එවකට "හිරු නොබසින අධිරාජ්‍ය" වූ බ්‍රිතාන්‍යය විසින් ඇතැම් රටවලට ඔවුන්ගේ කෞතුක වස්තූන් නැවත භාර දුන් අතර, ඇතැම් රටවල් එලෙස භාර දෙන්නැ යි ඉල්ලා තිබේ. නයිජීරියාවට සහ මැදපෙරදිග රටවල් කිහිපයකට බ්‍රිතාන්‍ය කෞතුකාගාර විසින් මෙසේ ඔවුන්ගේ කෞතුක භාණ්ඩ නැවත භාර දීමට කටයුතු කර තිබෙන අතර කාම්බෝජියාව, ඉන්දියාව වැනි රටවල් ද ඔවුන්ගේ රටවලින් රැගෙන ගිය උරුමයන් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. ජර්මනිය ද එලෙස නයිජීරියාවෙන් රැගෙන ගිය කෞතුක වස්තූන් නැවත ලබා දීමක් සිදු කර තිබේ. ලංකාවට නැවත ලැබෙන කෞතුක භාණ්ඩ මොනවාද? යටත්විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹි නෙදර්ලන්තය ඒ වෙනුවෙන් පර්යේෂණයක් පවත්වා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥ කණ්ඩායමක් ද එක්ව තිබේ. එම පර්යේෂණය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අවසන් වී තිබේ. ශ්‍රී ලංකාවට අමතර ව ඉන්දුනීසියාවට අයත් කෞතුක භාණ්ඩයන් ද එලෙස ලබා දීමට නියමිත නමුත්, ශ්‍රී ලංකාවට නෙදර්ලන්තය විසින් එසේ කෞතුක භාණ්ඩ ලබාදෙන්නේ පළමු වරටයි. නෙදර්ලන්තයේ රිජික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණායැ යි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානි සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වී ඇති අතර, වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙනගොස් ඇති බවද තහවුරු වී තිබේ. සිදු කළ පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මාණය කළ ඒවා ය. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවන් මනාව පෙන්නුම් කරන අතර, එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ. මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා බවත්, මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ බවත්, කිලෝග්‍රෑම් 28ක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයන බවත් එහි සඳහන් ය. රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද, ලෙව්කේ දිසාවගේයැ යි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වන අතර, ලියවැල්, කල්ප වෘක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත ඒවා ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් ය. ඉහත භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට භාර දෙන බවට 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නෙදර්ලන්තය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් අත්සන් කෙරේ ඒ අනුව එම භාණ්ඩ නැවත ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ ගිවිසුම් දෙකක් ශ්‍රී ලංකාවේ බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සහ නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් ගුනායි උස්ලු අතර, අගෝස්තු 28 කොළඹ දී අත්සන් කෙරුණි. ඒ සඳහා දෙරටේ තානාපතිවරුන් සහ එම විෂය ක්ෂේත්‍රයට අදාළ නිලධාරීහු පිරිසක් සම්බන්ධ වී සිටියහ. ගිවිසුම් ප්‍රකාරව ඉදිරියේ දී කෞතුක භාණ්ඩ රැගෙන එන දිනයක් තීරණය කෙරෙනු ඇත. ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බටහිර ජාතීන් අතරින් අඩුම හානියක් සිදු කළේ ලන්දේසින් බව යි. එමෙන් ම කෞතුක භාණ්ඩ නැවත ලබාදීම සම්බන්ධයෙන් ඔහු නෙදර්ලන්ත රජයට ස්තූති කළේ ය. "මම විශේෂයෙන් ම යටත් විජිත සන්දර්භයක් සහිත සංස්කෘතික භාණ්ඩ නැවත ලබාදීම පිළිබඳ ලන්දේසි උපදේශක කමිටුවට (The Dutch Advisory Committee on Returning of Cultural Objects from Colonial context) ස්තූතිවන්ත වෙනවා. ඔබ මේ සඳහා කොළ එළියක් ඉක්මනින්ම ලබා දුන්නේ නැතිනම් තවමත් අපට ඒවා ගෙන්වා ගන්න හැකි වෙන්නේ නෑ," හෙතෙම කියා සිටියේය. එමෙන් ම අමාත්‍යවරයා පැවසුවේ මෙම අවස්ථාව අනෙකුත් රටවල්වල ද දෑස් විවරකිරීමක් බවයි. "මේ සිදුවීම තවත් රටවල්වල කෞතුක භාණ්ඩවල හිමිකාරීත්වය තිබෙන රටවල්වල දෑස් විවර කිරීමක්. ඒ රටවල් විසින් කාලයකට කලින් අරගෙන ගිය දේවල් නැවත ඒවා අයිති රටවල්වලට භාර දීමට කාලය ඇවිත්." බුදධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක කියා සිටියේය. ගුනායි උස්ලු රාජ්‍ය ලේකම්වරිය ද එලෙස භාණ්ඩ නැවත හිමිකාරීත්වය ඇති රටවලට භාරදීමට හැකි වීම සතුටට කරුණක් බව පැවසුවා ය. "අපේ රටවල්වලට පොදු ඉතිහාසයක් තිබෙනවා. මේ භාණ්ඩ පිළිබඳ නෙදර්ලන්ත හා ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායම් එකතු වී කළ පරීක්ෂණ වලින් අපට දැනුම, දැක්ම වගේ දේවල් හුවමාරු කරගන්න හැකි වුණා වගේ ම ඉතිහාසයත් බෙදාගන්න හැකිවුණා," ඇය වැඩි දුරටත් සදහන් කළාය. මෙවැනි කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු වඩා පහසු කරනු පිණිස ශ්‍රී ලාංකික උපදේශක කමිටුවක් ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පත්කර තිබේ. |
ශ්‍රී ලංකාවට පදක්කම් තුනක් දිනා දුන් කායවර්ධන ශිල්පිනිය | ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට වෙහෙසෙන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපි අසා ඇත්තෙමු. එවන් දස්කමකින් මෑතකදී ලක්මවට අභිමානයක් ගෙන දුන් තවත් එක් ක්‍රීඩිකාවක් වන්නේ කායවර්ධන ශිල්පිනයක් වන ජයරුක්ෂි සමන්කුලය. සිය ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයකට යොමු වූ ඇය කෙටි කලක් තුළදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වන්නීය. ඒ, සිංගප්පුරුවේ පැවති ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියට තරග වදිමින්ය. ලක්මව පදක්කම් වලින් සැරසු ඇය කවුද? 1991 වර්ෂයේ මැයි මස 27 වැනිදා රාගම ප්‍රදේශයේ දී ඇය උපත ලබන ජයරුක්ෂිට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටියි. "මගේ නම ටිකක් දිගයි.. ඒ නිසා මම භාවිත කරන්නේ ජයරුක්ෂි සමන්කුල කියන කෙටි නම." මම විවාහකයි.මගේ ස්වාමිපුරුෂයා සේවය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. ඔහු ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනවා. ඒ නිසා මමත් ජීවත් වන්නේ ඩුබායි වල." ඇය බීබීසී සිංහල වෙත පැවසුවාය. සිය පාසැල් දිවිය ගැන අදහස් දක්වමින් ඇය පැවසුවේ තමන් වැලපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරු බවත් උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවේ වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් බවත්ය. මම බොඩි බිල්ඩින් කළේ මාස 4යි තමන් කායවර්ධන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසියේ අහම්බෙන් බව ජයරුක්ෂි සමන්කුල පැවසුවාය. " මම සැරින් සැරේ කොහොමත් ජිම් එකට ගියා. මුලින්ම ගියේ කඩවත ප්‍රදේශයේ ජිම් එකකට. ඒක සාමාන්‍යයෙන් කරපු දෙයක්." "එතැනදී මගේ මුල්ම පුහුණුකරු වුනේ කඩවත ජිම් එකේ සිටිය ඉන්දික ධනංසුරියයි." "මම ඩුබායිවල තියෙන ජිම් එකට ගියේ ඇත්තටම මගේ ඇගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කර ගන්න උවමනා වුණ නිසා. " "මගේ බර කිලෝග්‍රෑම් 69ක් වෙනකම් වැඩි වුණ නිසා මට අවශ්‍ය වුනා ඇගේ බර අඩු කර ගන්න. එහිදී තමයි මට කෝච් හර්ෂ ඩි. පිරිස් මුණ ගැහුණේ." "එහිදී මම සෙල්ලම් කරන විදිහ, ටෙක්නික් යූස් කරන විදිහ, මගේ ස්ට්‍රෙන්ත් එක ඔක්කොම බලලා කෝච් කිව්වා නිකම් ඉදලා හරියන්නේ නැහැ මොකක් හරි වැඩක් ගන්න ඕනෑ කියලා." "ඊට පස්සේ කෝච් කිව්වා මෙහෙම 'තරගාවලියක් තියෙනවා. ඒකට තරග කරමු කියලා' ඒ අනුවයි මම තරගයට ඉදිරිපත් වෙන්න සුදානම් වුනේ. ඇත්තම කිව්වොත් මාස හතරයි මම බොඩි බිල්ඩින් කළේ." "මට මේ ගමන එන්න මගේ පවුලේ අයගෙන් වගේම හස්බන්ඩ් ගෙන් ලොකු ශක්තියක් ලැබුණා. කොටින්ම කියනවනම් මම බැහැයි කියල අත්හරින්න යන හැම වෙලාවෙම එයාලා තමයි කිව්වේ නැහැ ඔයාට පුළුවන් කියලා. ඒ වගේම ලංකාවට ආවම මගේ කෑම ටික නියම විදිහට හදලා දෙන්නේ මගේ තාත්ති. ඒ වගේ සපෝර්ට් එකක් ලැබුණා." ඇය සඳහන් කළේ ය. දිනු පදක්කම් මොනවාද ? සිංගප්පුරුවේ පැවති ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියේ දී ඇය 'ලයිෆ් ස්ටයිල් මොඩල්' සහ 'ස්පෝර්ට්ස් මොඩ්ල්' යන අංශ දෙක නියෝජනය කරමින් ඉසව් තුනකට තරග කළාය.එම ඉසව් තුනෙන්ම ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කිරිමට ඇය සමත් වුවාය. "මම ඩුබායි වල ජීවත් වුනත් මේ තරගාවලිය නියෝජනය කළේ ශ්‍රී ලංකාව යටතේ. මේ තරගාවලියට චීනය ඇතුළු රටවල් රැසකින් තරගකාරියන් 35ක් වගේ ඉදිරිපත් වෙලා හිටියා." ඇය වැඩිදුරටත් සඳහන් කළාය. අනාගත බලාපොරොත්තුව සිය අනාගත බලාපොරොත්තු ගැන අදහස් දක්වමින් ජයරුක්ෂි සමන්කුල පැවසුවේ තමන් කෙදිනක හෝ ඔලිම්පියා කායවර්ධන තරගාවලියක් නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි. එමෙන්ම පෞද්ගලික කායවර්ධන උපදේශකවරියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවක් ඇති බවත් ඩුබායි වැනි රටක එවැනි වෘත්තියක් කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබා ගැනීම සඳහා වෙහෙස වී කටයුතු කළ යුතු බවත් ඇය සඳහන් කළාය. |
ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවේ පෙරළිකාර වාර්තා ගැන ඔබ දන්නවාද? | මීළඟ ආසියානු ක්‍රිකට් ශුරයින් කවුද? ශ්‍රී ලංකාවට තවදුරටත් එම කිරුළ තමන් සතු කර ගැනීමට හැකි වෙයිද? යන්න තීරණය කෙරෙන ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය 36 කටත් අඩු කාලයකි. ආසියානු කුසලාන තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 6ක් තරග වදින අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථාන, බංගලාදේශ, ඇෆ්ගනිස්ථාන සහ නේපාල කණ්ඩායම් ඊට අයත් ය. 16 වැනි වරට පවත්වනු ලබන ආසියානු කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට හිමිව තිබේ. පාකිස්ථානයේ දී පැවැත්වෙන තරග සඳහා සහභාගී වීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමට අවස්ථාව උදාවිය. ආසියානු කුසලානයේ ඉතිහාසය ආසියානු රටවල හොඳ හිත වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් 1983 වසරේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය පිහිටවනු ලැබිය. එම කවුන්සිලයේ යෝජනාවක් අනුව පළමු වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් 1984 වසරේදී පැවැත්වීමට තීරණය කෙරුණි. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. මංගල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය ක්‍රීඩා කරනු ලැබීය. එහිදී අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් පළමු ආසියානු කුසලාන ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් විය. විරසකයන් නිසා ආසියානු කුසලානයට ඇතිවූ බාධා 1986 වසරේ දී පැවති දෙවන ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමිවුයේ ශ්‍රී ලංකාවට ය. එසේ වුවද ශ්‍රී ලංකාවේ එවකට පැවති යුදමය තත්ත්වය හේතුවෙන් සිය කණ්ඩායමේ ආරක්ෂාව ගැන සිතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දියාව දැනුම් දෙන ලදී. මේ අතර 1985 වසරේදී පැවති ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දී ඇතිවූ යම් යම් සිදුවීම් හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට එක්වීමට අකමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුණි. ඉන්දියාව තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් පළමුවරට ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය. එම තරගාවලියේ අවසන් මහ තරගයෙන් පාකිස්ථානය පරාජය කරමින් පළමු වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ අතර 1991 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට පාකිස්ථානය තීරණය කරනු ලැබිය. ඒ ඉන්දියාව සමග ඇති රාජ්‍යතාන්ත්‍රික ගැටළු හේතුවෙනි. මේ අතර 1993 වසරේ දී ආසියානු කුසලාන තරගාවලිය අවලංගු කිරීමට ද සිදුවිය. ඒ ඉන්දු - පාකිස්ථාන රාජ්‍යතාන්ත්‍රික ගැටළු උත්සන්න වීම හේතුවෙනි. වැඩිම වාරයක් ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම කුමක් ද ? ආසියානු කුසලානයේ මේ දක්වා පවත්වා ඇති තරගාවලි 15න් අවස්ථා 7 ක කුසලානය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත. ශ්‍රී ලංකාව අවස්ථා 06කදි සහ පාකිස්ථානය අවස්ථා දෙකකදී ආසියානු කුසලානයේ ජයග්‍රාහකයින් බවට පත්ව ඇත. වැඩිම අවස්ථා ගණනාවකදී ආසියානු කුසලාන තරගාවලියේ අනුශුරයින් බවට පත්වු කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි. අවස්ථා 06 කදී ශ්‍රී ලංකාව අනුශුරයින් බවට පත්ව ඇත. ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාවන් ආසියානු කුසලානයේ වැඩිම ශතක ලාහියා සනත් ජයසුරිය වන අතර ඔහු රැස්කොට ඇති ශතක සංඛ්‍යාව 06 කි. ඔහුගෙන් පසුව වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාර වේ. සංගක්කාර රැස් කර ඇති ශතක සංඛ්‍යාව 04කි. වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා වන්නේ කුමාර් සංගක්කාරය. ඔහු අවස්ථා 12 කදී අර්ධ ශතකයක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබේ. වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් පන්දු රකින්නා මහේල ජයවර්ධන වන අතර තරග 28 කදී ඔහු රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 15කි. |
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය : 'එදා අපිව උසිගන්නපු රනිල් අද EPF එක කොල්ල කන්න හදනවා' | දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ දී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු කිරීමට සහ දේශීය සම්පත් විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (අගෝස්තු 28) කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුණි. ඒ සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටියහ. ''එදා 2014 දී මහින්ද රාජපක්ෂගේ කාලේ EPF එක කොල්ල කන්න හදනකොට ජනතාව පාරට බස්සන්න අපිව උසිගන්නපු රනිල් වික්‍රමසිංහ අද EPF එක කොල්ල කන්න හදනවා'' යනුවෙන් මේ අවස්ථාවට එක වූ ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ ය. |
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: EPF,ETF ගැන ඇත්ත කියන්නේ කවුද? | දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සඳහා ගෙවන පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව අද (අගෝස්තු 28 වැනිදා) දහවල් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ක්‍රියාකාරීහූ සූදානම් වෙති. ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයින් 24 දෙනෙකුට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිම තුළයි. මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නැවත වතාවක් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු පෞද්ගලික විශ්‍රාම අරමුදල් රජයේ සුරැකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී අනුපාතික පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ (අගෝස්තු 28 වැනිදා) ගැනීමට නියමිත බවට වන තොරතුර සමගයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය මොකද වෙන්නේ? දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වැනිදා පාර්ලිම්න්තුවේදී වැඩි ඡන්ද 60කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත වීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වුයේ ඉන් සේවක අර්ථ සාධක අරමුදල සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් සඳහා බලපෑමක් එල්ල විය හැකි බවටයි. පාර්ලිමේන්තුවේදී අනුමත වූ එම යෝජනාවට අනුව සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විසින් එම පොලී ප්‍රතිශත ස්වෙච්ඡාවෙන්ම පිළිගැනීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීම හේතුවෙන් ඒ පිළිබඳ තීරණය අද දිනයේ දැනුම් දීමට නියමිතව ඇත. 'මේක රජයේ ණය අඩු ආදායම්ලාභීන්ගෙන් හිලව් කිරීමක්' සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ පොලී කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවට වන අරමුණ මත මහ බැංකු අධිපතිවරයා සිටින බවත් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද ඔහු විසින් බවත් සිවිල් ක්‍රියාකාරිනියක් මෙන්ම නීතිඥවරියක් වන ලක්මාලී හේමචන්ද්‍ර බීබීසි සිංහල වෙත පැවසුවා ය. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ EPF සහ ETF අරමුදල් සඳහා රජයෙන් ගෙවිය යුතු පොලී සම්බන්ධයෙන් බරපතල අවධානමක් මේ වන විට මතුව ඇති බවයි. "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලක් රජය විසින් බැංකු සහ අනෙකුත් දේශීය පුද්ගලික ණය හිමියන්ට ගෙවිය යුතු සම්පුර්ණ පොලී ගෙවන ගමන් කම්කරුවන්ගේ පමණක් පොලී කප්පාදු කිරීමට කටයුතු කරමින් යනවා. මේක ඉතා අසාධාරණ ක්‍රියාවලියක් ලෙසයි අප දකින්නේ." "විශේෂයෙන් රටේ වතු සේවකයින්, ඇගළුම් සේවකයින් අඩු ආදායම්ලාභීන්ට ඇති එකම ඉතුරුව තමයි සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කියන්නේ. ඔවුන් දුක්මහන්සි වී උපයන වැටුපෙන් ඉතිරි කරන මේ මුදල් සඳහා උපරිම පොලියක් ගෙවන්න අවශ්‍යයි රජය." "නමුත් ඔවුන්ට ගෙවන පොලිය අඩු කරලා මෙරට මෙන්ම විදේශයන් හි සිටින ධනවතුන්ගේ පොලී සහ ණය නැවත ගෙවීම කම්කරුවන්ගේ මුදල් වලින් රජයේ ණය හිලව් කිරීමක් ලෙසයි අප දකින්නේ." "ඒ නිසා EPF සහ ETF අරමුදල්වල පොලී කප්පාදුව වහාම නවත්වන ලෙස රජයට දැනුම් දී සිටිනවා." යැයි ඇය පැවසුවාය. මේ අතර ඊට පහසුකම් සැපයීම සඳහා ආදායම් බදු පනත සංශෝධනය කිරීමට ද රජය විසින් කටයුතු කරගෙන යන බව නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සඳහන් කළාය. ඇය සඳහන් කළේ, මෙම බදු සංශෝධනය මගින් අර්ථ සාධක අරමුදලට අමතර බලපෑමක් එල්ල කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි. ඒ, පොලී කප්පාදුවට එකඟ වන්නේ නැත්නම් 30%ක් දක්වා බදු වැඩිකරන බව කියමින් මේ වන විට ඊට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඇය පැවසුවාය. මෙම කෙටුම්පත මගින් සේවක අර්ථ සාධක අරමුදලට අමතර බලපෑමක් එල්ල කරන බවත් එම යෝජනාව ඉතා අසාධාරණ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. එමෙන්ම අර්ථ සාධක අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරන මහ බැංකු අධිපතිවරයා විසින්ම මෙහි සියලු දේ මුල සිට අග දක්වා සැලසුම් කොට ක්‍රියාවට නංවා ඇති බව පැවසූ ඇය, සේවකයින්ට මේ හේතුවෙන් ඊට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අවකාශය ඉතා සීමිත බවද පෙන්වා දෙනු ලැබුවාය. මීට එරෙහිව සේවකයින් විරෝධතාවයන් මෙන්ම අධිකරණය හමුවේ පෙත්සම් පවා ගොනු කර ඇති පසුබිමක ඒවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා අඩු ආදායම්ලාභීන්ගේ ඉතුරුම් මුදල් උපයෝගී කර ගෙන ධනවතුන්ගෙන් ගත් ණය සහ පොලී ගෙවීමට රජය පියවර ගනිමින් සිටින බව ඇය සඳහන් කළාය. එමෙන්ම දැනට පාර්ලිමේන්තුව හමුවේ ගොනු කර ඇති ආදායම් බදු සශෝධන කෙටුම්පතට එරෙහිව සිය ඡන්දය භාවිතා කොට කම්කරුවන්ගේ ඉතුරුම් ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලු මන්ත්‍රීවරුන් සතුව ඇති බව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවාය. 'මේකෙන් බලාපොරොත්තු වන දේ ප්‍රශ්නගතයි' දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදලට පමණක් ඉලක්ක ගතවීම සම්බන්ධයෙන් සිය පක්ෂය විරෝධය පළකරන බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය බීබීසි සිංහල වෙත පැවසුවා ය. ඇය සඳහන් කළේ ආණ්ඩුව පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොකරන බවට පැවසූ බවත් එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන බවට පොරොන්දු වූ බවයි. කෙසේවෙතත් අවසානයේදී විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොකර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව මන්ත්‍රීවරිය සඳහන් කළාය. මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල ඉලක්ක කර ගෙන ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ආසාධාරණ ක්‍රියාවක් බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ බර සාධාරණව බෙදී යා යුතු බවත් ඇය පෙන්වා දුන්නාය. මෙවැනි ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියක් හරහා ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න බරපතල ප්‍රශ්නගත කරුණක් බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය. එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාත පහළ දැමීම සහ ආදායම් බදු සංශෝධන කෙටුම්පතට සිය පක්ෂය විරුද්ධ බවද ඇය අවධාරණය කළාය. 'දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍යයි විදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න' මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මත පමණක් බර පැටවීමක් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසි සිංහල, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගෙන් විමසනු ලැබීය. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන පැවැත්මට සටන් පාඨ සාදන පිරිස් කරන යෝජනාවෙන් අවසානයේ සිදුවන්නේ රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇතිවන ආකාරයේ විසඳුමකට තල්ලු කිරීම බවයි. එමගින් නැවත රටේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව ද අමාත්‍යවරයාගේ අදහසයි. "අපට බැහැ රටේ බැංකු පද්ධතියට බලපෑමක් එල්ල වන ආකාරයෙන් ජනතාවගේ තැන්පතු වලින් කපා හැරීමක් කරන්න, පොලී කපා හැරීමක් කරන්න, ආයෝජකයින් විසින් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවල කර තිබෙන ආයෝජන කපා හැරීමක් කරන්න හෝ ඔවුන්ගේ විශ්වාසය කඩා වැටෙන අයුරින් කටයුතු කරන්න." "එවැනි කපා හැරීමක් සිදුකළොත් අද ETF එක ගැන කිඹුල් කඳුළු හෙලන අය දැන ගන්න ඕන ඒක EPF / ETF අරමුදල් වලිනුත් කපා හරින්න රජයට සිදුවනවා කියලා." "මේ දේශපාලනඥයින් උත්සහ ගන්නේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරල රට නැවත වරක් බරපතල ආර්ථික කඩා වැටීමකට තල්ලු කරලා ඔවුන්ට දේශපාලන වාසි ගන්න. නමුත් එය යහපත් දෙයක් නෙමෙයි." "අධිකරණය විසින් ලබා දෙන තීන්දුවලට ගරු කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ යෝජනාව ක්‍රියාවලියට නංවන්න අප සුදානමින් ඉන්නේ." "මේ විදිහට අධිකරණ ක්‍රියාමාර්ගවලට නොගිහින් තිබුණා නම් පෙර යෝජනා කළ දිනවලට අනුව සියලු කටයුතු කරන්න තිබුණා. විශේෂයෙන් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන්න තිබ්බා." "මේ නිසා යම් ප්‍රමාදයක් සිද්ධ වෙයි. නමුත් අපි විශ්වාස කරනවා මේක ජාතික අවශ්‍යතාවයක් නිසා අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් අපිට ලබා දෙයි කියලා." රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. "ඉදිරියේදී වෙළඳපොල තීරණය කරයි පොලි අනුපාතයන් ගැන" "2025 වෙනකම් සියයට 12 කුත්, තව අවුරුද්දක් සියයට 09ක් සහ ඉදිරි කාලයේ දී වෙළඳපොළ විසින් පොලි අනුපාතයන් තීරණය කරාවි." "විපක්ෂයේ බොහෝ අය සමාජගත කරන්නේ සාවද්‍ය තොරතුරුයි." "අපිට තීරණය කරන්න වෙනවා ආර්ථික වශයෙන් බින්දුවට වැටිලා ඉන්නවද කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් නැතිව, එහෙම නැත්නම් යළි එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වගබලා ගන්නවද කියලා." රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. අනුන්ගේ සල්ලි ගැන තීරණයක් ගන්න පාර්ලිමේන්තුවට කොහෙන්ද බලයක් ? මහ බැංකුව නිකුත් කර ඇති ඇතැම් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනය කළ පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට 26% කට ආසන්න පොලී ප්‍රතිශතයක් ගෙවීමට කටයුතු කර ඇති පසුබිමක සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා පහත හෙලීමට සුදානම් වීම සැබවින්ම ගැටලු සහගත ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ බීබීසී සිංහල වෙත පැවසුවේය. ඔහු පැවසුවේ සේවක අර්ථ සාධක අරමුදලට පසුගිය වසරේ 14%ක පොලියක් ගෙවා ඇති බවත් නව පොලි අනුපාතිකය ක්‍රියාවට නංවනු ලැබුවහොත් එමගින් සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට දැඩි ආසාධාරණයකට මුහුණ දීමට සිදුවන බවත්ය. " උදාහරණයක් විදිහට ගත්තම දැනට සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් ලක්ෂ 10ක ශේෂයක් තියෙන කෙනෙක්ට 14% ඉදලා 9% දක්වා පොලිය අඩු කළාම 5%ක් පොලියක් අඩුවෙනවා." "එහිදී ලැබෙන පොලි මුදල වසරකට රුපියල් 50,000කින් අඩුවනවා කියලා හිතමු. එහෙම වුනොත් අවුරුදු 15ක් ගත වෙන කොට ඒ සාමාජිකයාට අහිමිවන මුදල රුපියල් හත්ලක්ෂ පනස්දහසක්." "දැනට ගණන් බලා තිබෙන විදිහට වසර 2038 වෙද්දී සියයට 14 ක පොලී අනුපාතිකය අනුව ගියොත් EPF අරමුදල රුපියල් ට්‍රිලියන 25ක් දක්වා වර්ධනය වෙනවා. මේ වෙද්දී ගත්ත පියවර නිසා එම අරමුදලේ තියෙන්න යන මුදල ට්‍රිලියන 13යි." "මේ අනුව බලනකොට ආණ්ඩුව EPF අරමුදලෙන් ට්‍රිලියන 12ක් අරන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. සොච්චම් බද්දක් ධනපතියන්ට පනවලා ආණ්ඩුව සම්පුර්ණ බර එදාවේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් මිනිස්සු මත පටවලා." "ලොකු ධනපතීන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවීම් පැහැර හැරලා තියනවා කියලා පාර්ලිමේන්තුවේදී හෙළිවුණා." "පාර්ලිමේන්තුවට මුල්‍ය බලය තියෙන්නේ කියලා පසුගියදා ජනාධිපති කිව්වා. මේ මුදල ජනතාවගේ. ඉතින් අනුන්ගේ සල්ලි ගැන බලයක් කොහෙද පාර්ලිමේන්තුවට තියෙන්නේ? එතැන නීතිමය ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් සටන් වදිනවා." ඔහු වැඩිදුරටත් පැවසීය. සමාජ ආරක්ෂණ දායක බදු කෙටුම්පතක් පාර්ලිමේන්තුවට මේ අතර, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව සමාජ ආරක්ෂණ දායක බදු කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසි සිංහල වෙත පැවසුවේය. මන්ත්‍රීවරයා සඳහන් කළේ අර්ථ සාධක අරමුදල සඳහා යෝජනා කර ඇති 9% ක පොලි ප්‍රතිශතයට එකඟ නොවන්නේ නම් සේවක අර්ථ සාධක අරමුදලෙන් දැනට අයකරන 14%ක් වූ බද්ද 30% දක්වා වැඩි කළ යුතු බවට නව බදු කෙටුම්පතෙන් යෝජනා කර ඇති බවය. "මේක බොහොම ආසාධාරණයයි. සියලු දෙනාම මේ බද්දට වගේම පොලිය පහල දැමීමට එරෙහි වන්න ඕන." මන්ත්‍රීවරයා සඳහන් කළේය. අද මොකද වෙන්නේ ? දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල් මත රජය විසින් පැනවීමට යන ආසාධාරණ පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව අද (අගෝස්තු 28 වැනිදා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බීබීසි සිංහල වෙත පැවසුවේය. ඔහු සඳහන් කළේ, "යුනයිට්" නමින් හඳුන්වන වෘත්තීය සමිති එකමුතුව විසින් ආණ්ඩුව ගෙන යන ආසාධාරණ වැඩපිළිවල රැසකට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. බැංකු සේවක සංගමය, එක්සත් කම්කරු සංගමය, ගුරු සංගමය, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් සහ සංවිධාන රැසක් එකමුතුවෙන් මෙම විරෝධතාවය පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය. මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ පොලි අනුපාතය පහත හෙලීමේ උත්සාහය පමණක් නොව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ මෙන්ම ගොවීන් මුහුණ දී ඇති ජල ගැටලු ඇතුළුව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විරෝධතාවය ක්‍රියාත්මක කරන බව ද තරිඳු උඩුවරගෙදර පැවසුවේය. |
ශානි අබේසේකර: මාස 10ක් රක්ෂිත බන්ධනාගාරට යැවූ චෝදනාවෙන් නිදහස් | හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවකට අදාළව චෝදනා ලැබ සිටි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 25වැනිදා) නියෝග කළේය. ශානි අබේසේකරට එල්ල වූ චෝදනාව කුමක්ද? 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වැරදිකරුවන් කරමින් ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබිය. එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස් ගුණවර්ධන, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර හා ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව යන විත්තිකරුවන්ටය. මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට 2020 වසරේදී පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ අනුව 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසුව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබිය. මාස 10ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ශානි අබේසේකරට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීම ට සිදුවිය. මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට කෝවිඩ්-19 ආසාදිතවූ අතර පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ඔහු IDH රෝහලට ඇතුළත් කරනු ලැබිය. එම කාල සීමාවේදී ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය හමුවේ ඇප අයැදුම් ඉදිරිපත් කරනු ලැබුවද ඒවා ප්‍රතික්ෂේප කෙරුණි. ඉන් පසුව අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්ට 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ඇප නියම කරනු ලැබීය. අධිකරණයේදී සිදුවුයේ කුමක් ද ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්ට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධ චෝදනාවට අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (අගෝස්තු 25 වැනිදා)කැඳවිණි. එහිදී නිතිපතිවරයා විසින් ලිඛිතව මෙම නඩුවේ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස දැනුම් දී තිබෙන බවත්, එම තීරණය නැවත සලකා බලන ලෙසත් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බැවින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගම්පහ මහේස්ත්‍රාත්වරියගෙන් එහිදී ඉල්ලීමක් කරනු ලැබිය. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම නඩුවට අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබියදී තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවය. ඒ අනුව අදාළ චෝදනාවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. ශානිගෙන් නඩු ගොන්නක් මේ අතර ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ තමන්ට සිදුවූ ආසාධාරණකම් හේතුවෙන් මුලික අයිතිවාසිකම් සහ වන්දි නඩු 15ක් පමණ ගොනු කර ඇත. මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා කාලය තුළදී අපරාධ රාශියක සුලමුල හෙළිකර ගැනීමට සමත් වූ ප්‍රවීණ විමර්ශන නිලධාරියෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හට පුර්ණ විශ්‍රාමය ගෙවන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් මීට තෙමසකට පෙර ලබාදුන් නියෝගය ද මෙතෙක් ක්‍රියාවට නංවා නොමැති බව බීබීසි සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි. එම සිදුවීම් වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් විමර්ශනවල කටයුතු වල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය. |
මහ බැංකුව අද තහනම් කළ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති ආයතන 09 කුමක්ද? | පිරිමීඩ් මුදල් ගනුදෙණු පවත්වාගෙන ගොස් ඇති ආයතන 09ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී සිටින්නේ පිරිමීඩ් මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. පහත සඳහන් ආයතන තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බව / පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. මහ බැංකුවෙන් නීතිපතිවරයාට ඉල්ලීමක් පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බව මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ. මහජනතාවට දැනුම් දීමක් ඒ අනුව තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටියි. එමෙන්ම පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට ඇතැම් පිරිස් විසින් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද ශ්‍රී ලංකා බැංකුව කියා තිබේ. පිරිමිඩ වංචාවට රැවටුණු පුද්ගලයින්ට දැනුම් දීමක් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ පිරිමීඩ් යෝජනා ක්‍රමයන් යටතේ කටයුතු කරනු ලබන සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ඒවා කඩා වැටෙන විට නැවත වෙනත් නමකින් මතුවන බවයි. "විශේෂයෙන් කියන්න තියෙන්නේ ඒක පිරිමිඩාකාර ව්‍යාපාරයක් නම් ඒකේ ආයෝජනය කරලා අහුවෙන්න එපා. දැනට අහුවෙලා ඉන්නවනම් සල්ලි දාන්න කිව්ව අයගෙන්, ප්‍රමෝට් කරපු අයෙගන් ඒ සල්ලි ඉල්ල ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නැත්නම් ඇවිල්ලා පැමිණිලි කරලා ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දෙන එක තමයි කරන්න තියෙන්නේ." "මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මේ ගැන විශාල දැනුවත් කිරීමක් සිදුකළා පසුගිය කාලයේදී. විශ්වාස කරනවා ජනතාව ඒ ගැන අවබෝධයක් ලබාගෙන ඇති කියලා." "ඒ වගේම සමහර තැන් වලදී අපි දැක්කා සමහරුන් කියනවා අපේ වොලට් එකේ සල්ලි තියෙනවා ගන්න විදිහක් නැහැ කියලා. අර වොලට් කියලා දාගෙන එකේ USDT තියෙනවා කියලා කියනවා. ඒවායේ නිකම් නොම්බරයක් විතරයි තියෙන්නෙ. ඒවායේ සල්ලි නැහැ. ගන්නවනම් කරන්න තියෙන්නේ අර සල්ලි දාන්න කියපු කෙනාට කියන්නේ මගේ වොලට් එකේ තියෙන USDT ටික ඔයා අරන් මට සල්ලි ටික දෙන්න කියලා. එහෙම නැතිව ඒ සල්ලි වෙන ගන්න ක්‍රමයක් නැහැ. ඒවා වංචාගත වැඩපිළිවෙලවල්. " "එක එක ක්‍රමවේද හරහා ප්‍රචාරණ සිදුකරනවා ජනතාව රවටන්න. ඒ ගැන ජනතාව අවදියෙන් සහ දැනුවත් වීමෙන් සිටින්න කියලයි අපිට විශේෂයෙන් දැනුම් දෙන්න තිබෙන්නේ." මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසීය. |
චන්ද්‍රයාන් 3 සාර්ථකත්වය වෙනුවෙන් ජනපති වික්‍රමසිංහගෙන් අගමැති මෝදිට සුබ පැතුම් | සිය අසල්වැසියා මෙන්ම දීර්ඝ කාලීන මිතුරු රාජ්‍ය වන ඉන්දියාව විසින් ඊයේ (අගෝස්තු මස 23 වෙනිදා) අත්පත් කර ගනු ලැබූ ඓතිහාසික අභ්‍යවකාශ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය සුබ පැතුම් දිගින් දිගටම එක් කරමින් තිබේ. "ශ්‍රී ලංකාවට ආඩම්බරයක්" ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි. "චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි" ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය. "අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයින් ලෙස ද මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි" "සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිදුකළ මෙම කැපකිරීම ඔබගේ මහත්මා ගතිගුණය ලෝකයට මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් බව ද කිව යුතුය. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව නොඅනුමානය" "සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගවේෂණය කිරීමේ ඔබගේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබටත්, සියලුම විද්‍යාඥයින්ටත් සුභ ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත යොමු කළ සිය සුබ පැතීම් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම් මේ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන මිලින්ද මොරගොඩ ද සිය සුබ පැතුම් එක් කරමින් පවසා සිටියේ "එය ඉන්දියාවට ආඩම්බරයක්, නමුත් ශ්‍රී ලංකාව ද උප මහාද්වීපයේ කොටසක් බැවින් එය අපටත් ආඩම්බරයක්. ඉන්දියාවට සුබ පැතුම් එක් කරනවා." යනුවෙන්ය. පක්ෂ සහ විපක්ෂ සුබ පැතුම් මේ අතර ඉන්දියාව විසින් සිය චන්ද්‍රයාන් 3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්වන ලැබූ ඓතිහාසික අභ්‍යවකාශ ජයග්‍රහණයට අද ( අගෝස්තු මස 24) වෙනිදා රැස්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ සහ විපක්ෂ දේශපාලඥයින් විසින් සිය සුබ පැතුම් එක් කරනු ලැබීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉන්දියාව විසින් අත්කර ගනු ලැබූ එම ජයග්‍රහණය ගැන පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේ මීට වසර ගණනාවකට පෙර මෙරටින් අභ්‍යවකාශයට යවන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වූ බව ද පවසමින්ය. පාර්ලිමේන්තු සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ඉන්දියාව විසින් දිගු කාලීන සැලැස්මක් යටතේ කටයුතු කරමින් මෙම අභ්‍යවකාශ ජයග්‍රහණය ලබා ඇති බවය. හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් විසින් එම ගමනේ පුරෝගාමියෙක් බවත් ඔහුගේ 2020 දැක්මට එහා යමින් ඉන්දියාව මෙම ජයග්‍රහණය අත්පත්කර ගනු ලැබුවේ නිවැරදි නායකත්වයේ මග පෙන්වීම මත බවය. පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී විමල් විරවංශ ද ඉන්දියාව ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් X ( පෙර ට්විටර්) සමාජ මාධ්‍ය අඩවිය ඔස්සේ සිය සුබ පැතුම් එක් කර තිබුණේ මේ අයුරිනි. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ඉන්දියාවට සුබ පතන්න එක්වූ ක්‍රිකට් තරුව මේ අතර චන්ද්‍රයාන් 03 මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලාංකික වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ද සුබ පැතුම් එක් කර තිබේ. "ඉන්දියාව සඳ මත! චන්ද්‍රයාන්-3 සාර්ථකව ගොඩබැස්වීමත් සමඟ අභ්‍යවකාශ ගවේෂණයේ යෝධ පිම්මක් පැනීම පිළිබඳව @isro සහ සියලුම ඉන්දියානුවන්ට සුබ පැතුම්. දකුණු ආසියාව ඔබ ගැන ආඩම්බරයි" මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ අතර ඉන්දියාව විසින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට චන්ද්‍රිකාවක් ගොඩ බැස්සවීමට සමත් වීම සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුලද බොහෝ දෙනෙකු තම සුබ පැතුම් පළකර තිබුණි. |
ශ්‍රී ලංකා ක්‍රිකට්: LPL තරඟාවලියේ සිටි නීතිවිරෝධී ක්‍රිප්ටෝකරන්සි සමාගම් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක් | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් නිකුත් කළ විගණන කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් අදහස් හුවමාරු විය. මන්ත්‍රී හේෂා විතානගේට වාරණ නියෝගයක් පාර්ලිමේන්තු විවාදය ආරම්භයට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුවකට අනුව සමගි ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේට අධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා ඇති බවය. ඒ, අදාළ විගණන කෙටුම්පතේ ඇති කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් මන්ත්‍රී හේෂා විතානගේ හට එලෙස අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව සඳහන් කරමිනි. ඒ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය ආරම්භ කිරීමට පෙර නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ අධිකරණය හමුවේ නඩු කටයුතු කිහිපයක් විභාග වන බැවින් විවාදය සිදුකිරීමේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි. ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ගන්නා දේශපාලඥයින් සහ නිලධාරින් මෙරට පළාත් ක්‍රිකට් පරිපාලනය සිදුකරන පිරිස් අතර සිටින දේශපාලඥයින් හා ඇතැම් නිලධාරීන් ද සිටින බවත්, ඔවුන් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන බව ද විවාදයේ දී සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විවාදයට එක්වෙමින් පැවසුවේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු පලපුරුදු ක්‍රීඩකයෙකු ලෙස දිස්ත්‍රික් ක්‍රිකට් කමිටුවක සභාපතිවරයෙක් ලෙස කටයුතු කරන්නේ සනත් ජයසුරිය පමණක් බවය. පළාත් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දේශපාලඥයින් ඇතුළු නිලධාරීන් කවුද ? පළාත් ක්‍රිකට් කමිටුවල කටයුතු කරන බොහෝ දෙනා දේශපාලනයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බව මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේය. ඒ අනුව එලෙස දේශපාලනයට සම්බන්ධ පිරිස් ලෙස මධ්‍යම පළාතේ සභාපති ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක, පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභාපති ලෙස සි.බි.රත්නායක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සභාපති ලෙස කංචන ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන අය බවය. මෙයට අමතරව උතුරු මැද පළාතේ ක්‍රිකට් පරිපාලනය භාර සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් මොහාන් ද සිල්වා බවත් එහි ලේකම්වරයාව ඉන්නේ සුජීව ගොඩලියැද්ද බවත් ඔවුන්ද ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන පුද්ගලයින් බව මන්ත්‍රීවරයා පැවසීය. ගම්පහ දිස්ත්‍රිකයේ සභාපති ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රී දාබරේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර විජිත් මාදම්පේ ද ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන අය බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සභාපති ලෙස කටයුතු කරන ආර්.ඩි.එම්.බි.වනිගසේකර සහ එහි ලේකම්වරයා වන ඒ.ජී. කැලුම් ප්‍රභාත් ද ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන අය බව එහිදී හෙතෙම කියා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස කටයුතු කරන ජානක පතිරණ, මාතලේ දිස්ත්‍රික්කයේ සභාපති උපාලි සිරිසේන, මොණරාගල දිස්ත්‍රික්කයේ සභාපති කසුන් මධුරංග සහ එහි ලේකම් ඩබ්ලිව්.එන්.එම්. බණ්ඩාර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභාපති ලේකම් ජගත් ජයසුන්දර, වව්නියාව දිස්ත්‍රික්කයේ සභාපති වයි. රතීපන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස එරංග ප්‍රසාද් යන පිරිස ද ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන බව මෙහිදී මන්ත්‍රීවරයා අනාවරණය කරන ලදී. LPL තරඟාවලියේ සිටි නීතිවිරෝධී ක්‍රිප්ටෝකරන්සි සමාගම් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක් මෙවර පැවති ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් එම තරඟාවලියේ දී නීතිවිරෝධී ක්‍රිප්ටෝකරන්සි සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. "මේ මෑතකදී පැවැත්වූ LPL තරඟාවලිය පිලිබඳ බරපතල ගැටලු තිබෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ආයතනය යන දිශානතිය ගැන ගැටලුවක් මතුවනවා." "ඒකට හේතුව ලෙස LPL තරඟාවලියේ දී බොහෝදුරට ක්‍රිප්ටෝකරන්සි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. " "එහි T20 ෆ්‍රැන්චයිස් පදනම් කර ගත් ලීගයේ මාතෘකා අනුග්‍රහය දක්වලා තියෙන්නේ Sky Fare කියන නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්. අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්" "එතකොට ඒ තහනම් ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරල තියෙන්නේ." "ඒ විතරක් නෙමෙයි අනුග්‍රාහකයින් රාශියක් නිතිවිරෝධී ෆොරෙක්ස් අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15 ක් හඳුනා ගෙන තිබෙනවා." "දැන් මේ තරගාවලිය ජයග්‍රහණය කරපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තියෙන්නේ B Love කියනා ක්‍රිප්ටෝ කරන්සි ආයතනය. එය තහනම් කරපු ආයතනයක්." "මේ ක්‍රිකට් මණ්ඩලය ක්‍රියාදාමය නීතියෙන් පිට කළ ක්‍රියා හරිද වැරදිද කියල හොයල බලන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයල වැඩක් නැහැ එය නිවැරදි කරන්න පියවර ගන්න ඕන." අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ය. 'පැයට කිලෝමීටර් 150ක් වේගයෙන් එන බෝලෙට බැට් එක දාන්න අපිට බැහැ ' මෙරට ක්‍රීඩා සංගම් තහනම් වීම හරහා අපහසුතාවයට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා නොව අදාළ ක්‍රීඩාවේ යෙදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ක්‍රීඩාව සම්බන්ධ නොකොට කටයුතු කිරීම සැමදෙනාගේ වගකීමක් බවත්, පවතින ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය. "අපිට මෙතැන ඉදන් කතා කරන්න පුළුවන්. කටින් ක්‍රිකට් ගහන්න බැහැ. පිට්ටනියට ගියාම පැයට කිලෝමීටර් 150ක වේගයෙන් බෝල දානකොට බැට් එක දාගන්න අපිට බැහැ." මන්ත්‍රීවරයා සඳහන් කළේය. "පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු නොකර රගර් පිටියක් හදන්න මුදල් දෙනවා " මෙරට පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රය දියුණු කිරිමට කටයුතු බොහොමයක් සිදුකිරීමට තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහනුවර රග්බි ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 200ක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ රග්බි ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමට මිලියන 200ක් ලබාදීමට එකඟ වී ඇති බවත් මේ වන විටත් එයින් රුපියල් මිලියන 20ක් ලබා දී ඇති බවයි. එමෙන්ම ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එළිදක්වා ඇති විගණන කෙටුම්පත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතට යොමු කරන ලෙස ද මෙහිදී මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙත යෝජනා කළේය. "මාෆියා කල්ලි වලින් ක්‍රිකට් ආයතනය බේරා ගන්න ඕන" ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනනය වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ විස්සයි 20 ලෝක කුසලානයට අදාළ විගණනය පමණක් බවත් ඔවුන් තමන්ට සිතුසේ මුදල් වියදම් කිරීම අනුමත කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය. ක්‍රිකට් ආයතනය සම්බන්ධව ඇති ව්‍යවස්ථා වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත්, දකුණු අප්‍රිකාවේ ද මෙවැනි තත්ත්වයක් පැවතීම නිසා එරට ක්‍රීඩා අමාත්‍යවරයා නව නීති සම්පාදනය කොට ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දීම සිදුකළ බවත් එහිදී ඔහු කියා සිටියේය. "මේ වන විට ක්‍රිකට් ආයතනයේ බලය මාෆියා කල්ලි කිහිපයක් අතර සැරිසරන බැවින් ඔවුන්ගෙන් එම ආයතනය බේරාගැනීමට වහාම පියවර ගත යුතුයි" මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය. "මමයි ජනපතියි අතර ගැටුම් ඇති කරන්න හදනවා" කෙසේ වෙතත් විවාදයට එක් වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ ඇතැමුන් තමන් හා ජනාධිපතිවරයා අතර ගැටුම් ඇති කිරීමට පියවර ගන්නා බවයි. "සමහරුන් මා සහ ජනාධිපතිතුමා අතර ප්‍රශ්න ඇති කරන්න හදනවා. ඒ මොකද ක්‍රීඩා ඇමතිකමට සමහරුන් කෙළ හලාගෙන ඉන්නවා. හේතුව ක්‍රීඩා සමාජ වල තිබෙන මුදල් නිසා." ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. |
දළදා පෙරහැරට මුලින් ම අලි ඇතුන් එකතු වුණේ කොයි කාලයේ ද? | කන්ද උඩරට දළදා පෙරහැර සෑම වර්ෂයක දී ම පාහේ අගෝස්තු මාසයේ දී විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගන්නා සංස්කෘතික අංගයකි. සතර මහා දේවාල පෙරහැර සහ දළදා මාලිගාවේ දළදා කරඬුව ඇතෙකු පිටින් වඩමවන පෙරහැරද සමග දැවැන්ත ඇසළ පෙරහැර මංගල්‍යය සෑම වර්ෂයක දී ම පැවැත්වේ. මෙම පෙරහැර මංගල්‍ය වඩාත් සංචාරක ආකර්ෂණය ලබා ගන්නා උත්සවයක් වීමට එහි ගමන් කරනා අලි ඇතුන් හේතුවක් වී තිබේ. වනාන්තරයකින් පිටත වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් එකම ස්ථානයක දී දැකගත හැකි වීම එයට හේතුවයි. පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව සත්ව හිංසාවට එරෙහි ක්‍රියාකාරීන්ගේ දැඩි ලෙස විවේචනයට ලක්වන අතර බෞද්ධ සංස්කෘතික උත්වසයකට එලෙස දම්වැල් යොදා ගනිමින් අලි ඇතුන් සම්බන්ධ කරගැනීම පිළිබඳ සමාජයේ බෙදුණු මතයක් තිබෙන නමුත් සංස්කෘතිකාංගයක් වශයෙන් එය සිදු කිරීම තවමත් සිදු වේ. මීට පෙර අවස්ථා කිහිපයක දී එලෙස පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් කලබල වී යම් අනතුරු සිදු වී තිබෙන අතර පසුගිය අගෝස්තු 22වන දා ද දෙවැනි කුඹල් පෙරහැරේ ගමන් කළ අලින් කලබල වීම හේතුවෙන් කෙසේ වෙතත් එම මාතෘකාව නැවත දැඩි සමාජ අවධානයට පාත්‍ර වී තිබේ. අලි ඇතුන් පෙරහැරට සම්බන්ධ වීමේ ඉතිහාසය කුමක්ද? අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ බොහෝ තැන්වල සඳහන්වන විශේෂ සතුන් වර්ගයකි. දුටුගැමුණු රජුගේ මංගල හස්ති රාජයා වූ කණ්ඩුල ඇතා පිළිබඳ විවිධ ජනකතා තවමත් පවතියි. එමෙන් ම බෞද්ධ සාහිත්‍ය තුළ ද අලි ඇතුන් බොහෝ කතාවල ඇතුළත් ය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයට බොහෝ සෙයින් ආභාසයක් හිමි වූ ඉන්දියාව තුළ ද අතීතයේ රජවරුන් ඔවුන්ගේ බල පරාක්‍රමය පෙන්වීම සඳහා අලි ඇතුන් යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ද බොහෝ රදළ පවුල් සිය බලය හා ධනය පෙන්වීම සඳහා අලි ඇතුන්ට හිමිකම් කියා ඇත. අලි ඇතුන් දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ කොහොමද? අලි ඇතුන් අනුරාධපුර යුගයේ සිටම දළදා පෙරහැරට සහභාගී වී ඇති බව ජනශ්‍රැති පර්යේෂකයෙකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. අනුරාධපුර රාජධානි සමයේ කිත්සිරි මෙවන් රජ සමයේ දී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවීමෙන් පසුව පැවති පෙරහැර මංගල්‍යන් සඳහා අනුරාධපුර යුගයේ සිට ම දළදා වහන්සේ වැඩමවීමට අලිඇතුන් යොදාගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. "දළදා වහන්සේට පුද පූජා පැවැත්වීමේ ආකාරය ගැන දළඳා සිරිත කියල දෙයක් තිබෙනවා. දළදා සිරිත ආරම්භ වෙන්නේ අනුරාධපුර යුගයේ පටන්. රාජධානි මාරුවන විට දළඳා වහන්සේත් ඒ රාජධානිවලට ආසන්නම තැන්වලට රැගෙන ගියා. ඒ හැමතැනකදී ම මේ විදිහට අලිඇතුන් යොදාගෙන පෙරහැර මංගල්‍යයන් පවත්වලා තිබෙනවා," ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පැවති කාලවකවානුවේ දී රාජ්‍යත්වය යම් රජකෙනෙකු විසින් තහවුරු කරගැනීමට නම් දළදා වහන්සේගේත් පාත්‍රා ධාතූන් වහන්සේගේත් හිමිකාරීත්වය ඔහු විසින් ජනතාවට පෙන්විය යුතුයි. රාජ්‍යත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට එය වැදගත් ය. මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙන්නේ එලෙස රජුගේ මඟුල් ඇතු පිටින් දළදා වහන්සේ වඩම්මවා චාරිත්‍ර ඉටුකිරීම මහනුවර රාජධානිය දක්වා සියලුම රජවරුන් පාහේ සිදු කරනු ලැබූ දෙයක් බවයි. "අලියා කියන්නේ හරිම ශක්තිමත් සහ සද්ධන්ත සතෙක්. ඒ අතරිනුත් ඇතා කියන්නේ හරිම අලංකාර, තේජවන්ත සතෙක්. ඒ වගේ තේජවන්ත හස්තියෙක් පිට තියලා පමණයි දළදා වහන්සේ වැඩම කරවන්නේත්. මේ අලි ඇතුන් ගැන පාහියන් භික්ෂුවගේ සටහන් වලත් ලියැවිලා තිබෙනවා." 'අලි ඇතුන් සංස්කෘතියේ කොටසක්' ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඈත අතීතයේ පටන් ම අලි ඇතුන් සම්බන්ධ වී සිටි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය දමිත් රණගල පෙන්වා දෙයි. "ක්‍රි.පූ. 3 වන සියවසේ දි දේවානම්පියතිස්ස රජ සමයේ බුදු දහම ලංකාවට ගෙන ආවාට පස්සෙ මහා විහාරය ඉදි කරන්න සීමා ලකුණු කරන්න යොදා ගැනෙන්නේ ඇතෙක්. ප්‍රාග් ඓතිහාසික චිත්‍ර හමුවෙලා තිබෙන කුරුණෑගල දොරවක කියන තැන්වගේ බොහෝ තැන්වලත් චිත්‍රවල අලියෙක් කියා හිතන්න පුළුවන් චිත්‍ර තියෙනවා," කථිකාචාර්යවරයා පවසයි. එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ සඳකඩපහණ, කොරවක්ගල් වැනි නිර්මාණවල ද ඇතුන් නිරූපණය කර ඇති බවයි. දළදා පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ වූ කාලය නිශ්චිතව පැවසිය නොහැකි වුවත් කුරුණෑගල රාජධානි සමයේ පන්සිය පනස් ජාතක පොත රචනා කර අවසන් වූ විට එම පුස්තකය ඇතෙකු පිට තබා නගරය පුරා වීදි සංචාරය කරවු බවට මූලාශ්‍රවල සඳහන් බව ඔහු පෙන්වා දෙයි. සෙංකඩගල පෙරහැර ආරම්භය දෙවන විමලධර්මසූරිය රජු විසින් මහනුවර රාජධානියේ රාජ්‍යත්වය අත්පත්කරගැනීමෙන් පසුව සඟවා තිබූ දළදා වහන්සේ මහනුවර නැතහොත් සෙංකඩගලට වඩමවා පෙරහැර පවත්වා පිළිවෙත් ඉටු කිරීම ආරම්භ කළ බව මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි. "මේ වෙනකොට රටේ පහළ කොටස අධිරාජ්‍යවාදීන් අතේ තිබුණේ. ඒ නිසා විමලධර්මසූරිය රජතුමා උපාය මාර්ගයක් යොදවලා දළදා වහන්සේ සෙංකඩගලට වැඩමවලා අලිඇතුන් යොදාගෙන පෙරහැර මංගල්‍ය කරලා තිබෙනවා." එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ කරඬුව වැඩමවන ඇතාගේ ආරක්ෂාව සඳහා දෑලේ ඇතුන් දෙදෙනෙකු දෙපසින් ගමන් කරවීමේ චාරිත්‍රය එම කාලයේ දී ආරම්භ වූ බවයි. "මේ කාලයේ දී රට විවිධ විදිහට බෙදිලා තිබුණේ. ඒ නිසා රජුගෙ පාලනය යටතේ තිබුණේ කන්ද උඩරට විතරයි. ඒ හේතුව නිසා දළදා වහන්සේ වඩමවන විට ඊට හොඳ ආරක්ෂාවක් ලබා දෙන්න තමයි දෑලේ ඇතුන් දෙදෙනෙක් දෙපසින් ගමන් කරවීමේ චාරිත්‍රය ආරම්භ වෙන්නේ," ඔහු පෙන්වා දෙයි. වර්තමාන පෙරහැර ආකෘතිය ආරම්භ වූයේ මහනුවර රාජාධානියේ නායක්කාර් වංශික රජකෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ බව කථිකාචාර්ය දමිත් රණගල පැවසුවේ ය. "වර්තමානයේ අපි දකින නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි කියන සතර දේවාලවල පෙරහැර සමඟ දළදා පෙරහැර ගමන් කරන ආකෘතිය ආරම්භ වෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දීයී." මෙම දේවාල පෙරහැරවල ද දේවාභරණ වැඩමවීම සඳහා අලිඇතුන් යොදාගනු ලබයි. මහනුවර යුගයේ දළදා පෙරහැරට අලිඇතුන් යොදාගත් බව එකළ බොහෝ මූලාශ්‍රවල සඳහන් බවද ඔහු පැවසුවේ ය. "මේ කාලයේ ඇඳපු ඉංග්‍රීසි චිත්‍රවල වගේම දෙගල්දොරුව වගේ තැන්වල චිත්‍රවලත් පෙරහැර ඇඳලා තියෙන්නේ අලිඇතුන් සමඟයි." අතීතයේ අලි ඇතුන් සමඟ සංස්කෘතිකමය හා ආගමික බැඳීමක් තිබුණ ද වර්තමානයේ ඒ නමින් අලිඇතුන් හිංසනයට ලක් කිරීම අනුමත කිරීමට නොහැකි බව ද මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේ ය. "පෙරහැර කාලයට මිනිස්සු අලිඇතුන්ට හරිම ආදරෙයි. ලොකු ආකර්ෂණයක් තියෙනවා. නමුත් පෙරහැරෙන් පස්සෙ ඒ සතා දම්වැල්වලින් හිරවෙලා දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. දම්වැල්වලට ඒ සතාගෙ හම පසාරු කරගෙන යනවා. ඒ විදිහට අහිංසක සත්තුන්ට දුක්ඛිත ජීවිතයක් හිමිවෙන එක ගැනත් ජනතාව අවධානය යොමු කරන්න අවශ්‍යයි." |
ශ්‍රී ලාංකික හිමිනමකට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ අපයෝජන චෝදනාව කුමක්ද? | ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන ශ්‍රී ලාංකික ස්වාමින්වහන්සේ නමකට එරෙහිව අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනාවන් ගොනු කර ඇති බව එරට මාධ්‍ය (අගෝස්තු මස 18 වෙනිදා) වාර්තා කර තිබුණි. එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ගිනිකොන දිග මෙල්බර්න් හි පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ වැඩවාසය කරන පුජ්‍ය නාඔටුන්නේ විජිත නාහිමිට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ ABC නාලිකාව සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ වර්ෂ 1996 සිට 2004 දක්වා වූ කාල වකවානුවේ සිදුවූ බව කියන ළමා අපයෝජන සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි. දැරියන් කිහිප දෙනෙකු අනිසි ලෙස ස්පර්ශ කළ බවට පැමිණිලි 3ක් ලැබීමෙන් අනතුරුව වික්ටෝරියා පොලිසියේ ලිංගික අපරාධ මර්දන අංශයේ නිලධාරීන් උන්වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ. ABC නාලිකාව පවසන ආකාරයට පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේට වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13 කට මුහුණ දීමට සිදුව තිබේ. “මෙතෙක් චෝදනා පත්‍රයක් භාරදී නැහැ” පුජ්‍ය නාඔටුන්නේ විජිත ස්වාමින්වහන්සේට එරෙහිව මේ දක්වා අධිකරණය විසින් කිසිදු චෝදනා පත්‍රයක් භාරදී නොමැති බව ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි වෙසෙන අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකිකයෙකු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් පළමු කොට මෙම ප්‍රවෘත්තිය වාර්තාකරණයේ යෙදුණු ආකාරය සම්බන්ධයෙන් එරට වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයින් තුළ කුකුසක් ඇති වූ බව ඔහු සඳහන් කළේය. "පළමුව කියන්න ඕන දේ තමයි විජිත නායක හාමුදුරුවන් පසුගිය සිකුරාදා (අගෝස්තු 18 වැනිදා) අධිකරණය හමුවට වැඩම කළා. එහිදී උන්වහන්සේට එක වචනයක් හෝ පවසන්න අවශ්‍යතාවයක් පැන නැඟුනේ නැහැ." "එයට හේතුව අධිකරණය, පොලිස් නිලධාරින්ගෙන් උන්වහන්සේගේ නම සම්බන්ධයෙන් ඇතිව තිබු යම් ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් නිරාකරණය කර ගැනීමක් කරලා ඉන් පසුව නඩුව නොවැම්බර් මස 10 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා." "විජිත ස්වාමින්වන්සේ ඇප තැබීමක් සිදුකර නැහැ. නමුත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය නාලිකා තුනක් මේ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාකරණය සම්බන්ධව එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වශයෙන් අපිට යම් කුකුසක් තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී කුමක්ද සිදුකළ යුත්තේ කියලා අපි සාකච්ජා කරමින් සිටිනවා." "ඒ වගේම උන්වහන්සේ වසර 30 කට අධික කාලයක් මෙල්බර්න් හි පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ වැඩ සිටිනවා. උන්වහන්සේ විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් බොහෝ කැපවී කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ නමක් කියා මෙහි ඉන්න මුළු ලාංකික ප්‍රජාවම දන්නවා." "උන්වහන්සෙගේ ප්‍රධානත්වයෙන් තමයි අපේ පන්සලේ ඉරිදා දහම් පාසැල ආරම්භ කළේ. දහම් පාසැලේ අධ්‍යාපනය ලැබූ බොහෝ ලාංකික දරු දැරියන් අද ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වගේ හොඳ වෘත්තීය පසුබිම් වල කටයුතු කරනවා. ඒකට හේතුව ලැබූ හික්මීම සහ යහපත් උපදෙස් කියලයි මම විශ්වාස කරන්නේ. මොකද මගේ දරුවන් දෙදෙනා ගැහැණු ළමුන් දෙදෙනෙක් විදිහට උන්වහන්සෙගේ දහම් පාසැලේ අධ්‍යාපනය ලැබුවා." ඔහු පැවසුවේය. සමාජ මාධ්‍ය සටහන් නාඔටුන්නේ විජිත නාහිමිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබුණේ මේ අයුරින් ය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 1 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post, 2 මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත මේ සම්බන්ධයෙන් එක් ෆේස්බුක් සටහනක දැක්වුණේ, “මේ වගේ දේවල්වලට නිකාය භේදය පැත්තකින් තියලා පොදු නීති ක්‍රියාත්මක කරන්න ඕන.. නැත්නම් බෞද්ධ කිව්වම නින්දා විඳින්න වෙන කාලය උදා වෙයි.” යනුවෙනි. පැමිණිලි ගැනත් සැකයක් නා ඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේට එරෙහිව පැමිණි කළ පැමිණිලිකාරියන් වසර 20 කට අධික කාලයක් ගතවන තෙක් පැමිණිලි නොකිරීම විමතිය ගෙන එන කරුණක් බව මෙල්බර්න් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේය. ඔහු සඳහන් කළේ මෙම චෝදනාවන් තුන එකම කාල සීමාවකදී ගොනු වීම සැකයට තුඩු දෙන කරුණක් බවයි. "යම් කිසි පිරිසකට ඇතැම් විට උන්වහන්සේව අපහාසයට ලක් කිරීමේ වුමනාවක් මත හෝ නායක ස්වාමින් වහන්සේ විහාරස්ථානයෙන් පිටමං කිරීමේ වුමනාවක් තිබෙනවාද කියලා සැකයක් ඇතිවනවා මේ සිදුවන දේවල් එක්ක." "මේ පැමිණිලි කරන කාන්තාවන් මේ වෙද්දී වයස අවුරුදු 30 හෝ ඊට ආසන්න අයයි. මෙතරම් කාලයක් ඔවුන් නිහඬව සිටීම ගැටලු සහගතයි." "ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන රටක්. නමුත් පැමිණිලි කරන්න වසර 20 කට අධික කාලයක් ගත කිරීම හිතා ගන්න බැහැ." ඔහු පැවසුවේය. පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක ස්වාමින්වහන්සේ කියන්නේ කවුද ? ඕස්ට්‍රේලියාවේ පිහිටි බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව පුජ්‍ය නාඔටුන්නේ විජිත හිමියන් ස්වීඩනයේ සිට ඕස්ට්‍රේලියාව බලා වැඩම කර තිබේ. ඒ , 1994 වර්ෂයේ මුල් භාගයේදීය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ප්‍රීන්වේල් හි පිහිටි විහාරස්ථානයට නාඔටුන්නේ විජිත නායක හිමියන් වැඩම කිරීමට පෙර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කර ඇත්තේ අපවත්වී වදාළ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය. නාඔටුන්නේ විජිත නාහිමියන් ඕස්ට්‍රේලියාවට වැඩම කිරීමට පෙර ස්වීඩ්න්, ස්ටෝක්හෝම් හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ වසර 07 ක කාලයක් විහාරාධිපති හිමියන් ලෙස වැඩ සිට ඇත. බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය ගැන ඇතිවූ උනන්දුව මත වයස අවුරුදු 15 දී තමන්වහන්සේ පැවිදි දිවියට එළඹුණු බව වරක් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළහ. පැවිදි දිවියට එළඹීමෙන් අනතුරුව තමන්වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත් විශ්ව විද්‍යාලයේ සිටි සමකාලීන මිතුරෙකු පසුව ස්වීඩනය බලා ගොස් සිටි නිසා ඔහුගේ ආරාධනයකට අනුව තමන්වහන්සේ එහි වැඩම කොට ස්ටොක්හෝම් බෞද්ධ විහාරස්ථානයේ වසර 07ක් ධර්මදූත සේවාවේ යෙදුණු බවත් උන්වහන්සේ එම සම්මුඛ සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසූහ. පුජ්‍ය නාඔටුන්නේ විජිත නායක හිමියන්ට සිංහල, ඉංග්‍රීසි සහ ස්වීඩන් භාෂා චතුර ලෙස හැසිරවීමට හැකිය. බෞද්ධ ශාසනයට කරන ලද මෙහෙවර ඇගයීම වස් ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ මහා නිකාය විසින් " සිරි විපුලසිරි වංශවතංස බුද්ධ ශාසන ප්‍රදීපායාමන සාසන සෝබනා සද්ධර්මඛිත්තිසිරි" යන ගෞරව නාමය 2003 වසරේදී නාඔටුන්න විජිත නාහිමියන්ට පිරිනමා තිබේ. එමෙන්ම 2011 වසරේදී රාමඤ්ඤ නිකායේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පදවියට පුජ්‍ය නාඔටුන්න විජිත නායක හිමියන් පත් කරනු ලැබුවේ අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නායක හිමිපාණන් විසිනි. අදහස් දැක්වීමක් නොකරන ලෙස විහාරස්ථාන දායක සභාවෙන් උපදෙස් මේ අතර පුජ්‍ය නාඔටුන්නේ විජිත ස්වාමින්වහන්සේට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් අදහස් විමසීමට බීබීසි සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර පිහිටි ධම්ම සරණ විහාරස්ථානය සමග දුරකථනයෙන් සම්බන්ධ විය. ඊට පිළිතුරු දෙමින් එම විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් බීබීසි සිංහල වෙත පැවසුවේ මේ සම්බන්ධව නීතිමය කටයුත්තක් පවතින බැවින් ඒ ගැන අදහස් දැක්වීමක් නොකරන ලෙස විහාරස්ථාන දායක සභාවෙන් උපදෙස් දුන් බවය. |
අනුර කුමාර දිසානායක: තිස්සකුට්ටි ආරච්චිගෙන් බිලියන 10 ක වන්දි ඉල්ලා එන්තරවාසියක් | අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ කාලයක පටන්ය. එහි සත්‍ය අසත්‍ය බව තවමත් තහවුරු වී නැත. එවන් පසුබිමක මෙරට ධනය රැගෙන ගිය බවට චෝදනා එල්ල වන අලුත්ම ගමනාන්තය වන්නේ යුරෝපයේ දිවයිනකි. අගෝස්තු 12 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආන්දෝලනත්මක ප්‍රකාශයක් කරමින් මේ අනාවරණය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවය. ඔහු මේ බව කියා සිටියේ, අයථා පරිදි විදෙස් රටවලට රැගෙන ගිය මෙරට ධනය ආපසු මෙරටට ගෙන්වා ගත යුතු බවට අරගල සමයේ දැඩි ඉල්ලීමක් ද පැවති පසුබිම තුළය. දුමින්ද නාගමුවගේ චෝදනාව දුමින්ද නාගමුව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කරන ව්‍යාපාරයක් කරගෙන යන බවය. "මේ සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී තරුණ සංගමය වගේ දාගත්ත අය, බලල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා. අපි ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ කතාව. දැන් ටිරාන් අලස් ආරක්ෂක ඇමතිවිදිහට අපි දැක්කා පහුගිය කාලපරිච්ඡේදයේම සියලු උද්ඝෝෂණවලට පහර දෙනවා." “අපි අභියෝග කරනවා මේ බලල්ලු ලවා කොස් ඇටබාවන්න හදන ඒ පක්ෂයට ඒ, දේශපාලන ව්‍යාපාරයට අපි අභියෝග කරනවා පුලුවන් නම් ටිරාන්ට විරුද්ධව වචනයක් කතා කරන්න පාර්ලිමේන්තුවේ. පුළුවන් නම් ටිරාන්ට විරුද්ධව වචනයක් කතා කරන්න. අපි මේකත් කියනවා.ටිරාන් එක්ක යුරෝපයේ දූපතකට සල්ලි ආයෝජනය කරන බිස්නස් එක ගැන පුලුවන් නම් රටට කියන්න.ඒ වෙළෙඳාම මොකද්ද කියලා කියන්න.ඒ කරන් යන ඩීල් එක මොකද්ද කියලා කියන්න. ඒ නිසා දවල් මිගෙල් රෑ දනියෙල් කරන්න පුලුවන් ටික දවසකට.ඒක හැමදාම කරන්න බැහැ.” දුමින්ද නාගමුව අවධාරණය කළේය. ඔහු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අභියෝග කර සිටියේ “ඕගොල්ලෝ කියන්න ඕනේ රටට ටිරාන් එක්ක තියෙන මේ ගනුදෙනුව මොකද්ද කියලා. අපි ඒගොල්ලොන්ට කියනවා ඒක කියන්න කියලා.” මේ අතර, දුමින්ද නාගමුවගේ ප්‍රකාශයට පසු ජනඅරගල ව්‍යාපාරයේ විදර්ශන කනන්ගර ජනහමුවකදී කියා සිටියේ “මෝල්ටාවේ ටිරාන් සහ අනුර කුමාර ඇතුලු ඒ සන්ධානයෙන් මුදල් විශූද්ධිකරණ ආයෝජනයක් කරලා තියෙනවා කියන එකට ෆේස්බුක්වල ලොකු කතා බහක් යනවා. මේවා අහම්බ නෙමේ, කතාවක් තියෙනවා මේකේ. මම දන්න තරමින් මෝලටාවම නෙමේයි, මේක බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්.” ඔහු පැවසීය. කෙසේ වෙතත් දුමින්ද නාගමුවගේ ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පෝස්ට් පළවු අතර ජනතා විමුක්ති පෙරමුණ දෙසට ඇඟිල්ල දිගුවන ආකාරයේ සටහන් රැසක් දැක ගැනීමට හැකි විය. CID විමර්ශන ඇරඹේ දුමින්ද නාගමුවගේ මේ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණ නිහඬ පිළිවෙතක් අනුගමනය කළද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය. ඔහු සඳහන් කළේ, ඒ සඳහා දුමින්ද නාගමුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බවය. බිලියන 10ක වන්දි ඉල්ලයි රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට එරෙහිව එන්තරවාසි යවනු ලැබ තිබේ. ඒ, අගෝස්තු 19 වැනිදා මැද කොළඹ පැවති ජනහමුවකදී තමාට විරුද්ධව අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමිනි. නීතිඥ සුනිල් වටගල මාර්ගයෙන් අද දින (අගෝස්තු 22 වැනිදා) යවන ලද එන්තරවාසියේ දැක්වෙන්නේ දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් සිවිල් අධිකරණයක ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. “ සජබෙ පක්ෂෙ හොඳයි ඇයි?අපේ කට්ටිය සමහර වෙලාවට එහේ කට්ටිය මෙහෙ මාත් හිටියේ එහේ ඒ නිසා උනුත් එකයි අපිත් එකයි ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි දැන් කියනවා මේක උදාහරණෙට අරගෙන අනුර කුමාර දිසානායක උනුත් එකයි මුනුත් එකයි ඒ නිසා බලය අපිට දෙන්න රාජාංගනේ හාමුදුරුවන්ට හම්බුනේ කෝටි දහයයි ලක් අම්මට හම්බුනේ ලක්ෂ අටයි නේ ඩෑන් අර රැට්ට පරට්ටට ලක්ෂ 50ක් ගිණුමට ආවානම් මේකට දැවැන්ත නායකත්වයක් දුන්න අනුර කුමාරට කියක් එන්න ඇත්ද? විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා අන්න අනුර කුමාර දිසානායකගේ හෙළුව පේනවා මෝල්ටාවේ බිලියන 5ක් ආයෝජනය කරලා ඔන්න බඩු අන්න අපට දැන් පැහැදිලියි අනුර කුමාරගේ වැඩපිළිවෙල මොල්ටාවේ විජ්ජාව වැඩිකල් යන්න කලින් ඇත්ත හොයාගෙන අනුර මහත්තයෝ උඹට අපි දඩුවම් දෙනවා කියන කාරණාව නං ඉතා පැහැදිලිව මතක් කරනවා.” මැද කොළඹ පසුගියදා පැවති ජනහමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මෙලෙස අසත්‍ය සහ ද්වේශසහගත චෝදනාවක් නඟා ඇතැයි, ඔහුට යවන ලද එන්තරවාසියේ දැක්වෙයි. මෙම ජනහමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සාගාර කාරියවසම් විසින් “බිලියන ගණන් සල්ලි ඇදලා මුල්‍යමය වංචාවක් කරලා තියෙනවා කියන මේ චෝදනාව නගන්නෙ අපි නෙවෙයි ඔවුන් සමගම එකට හිටපු පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහත්තයා දැන් කියනවා මේ චෝදනා ගෙනාවට මේවා ඔප්පු කරල පෙන්නන්න මං හිතන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දීල තියෙනවා.” යනුවෙන් අනුර කුමාර දිසානායකට එරෙහිව අසත්‍ය සහ ද්වේශසහගත චෝදනාවක් එල්ල කර ඇතැයි, ද එන්තරවාසියේ සඳහන් වෙයි. මොවුන්ගේ මෙම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා මගින් අනුර කුමාර දිසානායකට බරපතල අපහාසයක් සිදුව ඇති බවත්, ඔහුගේ කිර්තිනාමයට මහත් වූ හානියක් සිදු වී ඇති බවත් නීතිඥ සුනිල් වටගල යවන ලද එන්තරවාසියේ සඳහන් වෙයි. කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග එක්ව යුරෝපයේ දුපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගය මෙතෙක් නීතිමය පියවරක් ගෙන නොමැත. "මම වැරදිනම් මට ඇක්ෂන් ගන්න.එයා බොරු නම් කියලා තියෙන්නේ එයාට ඇක්ෂන් ගන්න" ජනතා විමුක්ති පෙරමුණ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කරන බවට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන්ද බීබීසී සිංහල විමසා සිටියෙමු. එහිදී ඔහු එම චෝදනාව සම්පූර්ණයෙන්ම බැහැර කළේය. අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, "දුමින්ද නාගමුවට දැන් තියෙන සාක්ෂි ඔක්කොම දෙන්න පුළුවන් නේ. ඒකයි මම මගේ පැමිණිල්ල දැම්මේ.” “මම හැම තිස්සෙම CID ඒකට, පොලිසියට කියන්නේ තරාතිරම නොබලා වැරදිකරන අයට ඇක්ෂන් ගන්න කියලා.” ඔහු පැවසීය. “ඒ විදිහට මම වැරද්දක් කරලා නම් ඇක්ෂන් ඒකක් ගන්න ඕනේ. මෙහෙ සල්ලි අරන් ගිහිල්ලා වෙන දූපතක තැන්පත් කරනවා කියන්නේ වැරදියි. ඉතින් ඒක හින්දා තියෙන සාක්ෂි ඔක්කම අරගෙන ෆුල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා මං කිව්වේ අධිකරණයටත් රිපෝට් කරලා ඇක්ෂන් අරගන්න. හැබැයි ඒක බොරු ප්‍රකාශයක් නම් ඒ බොරු කියපු එක්කෙනාට විරුද්ධව ඇක්ෂන් ගන්න. එච්චරයි මම කිව්වේ පැමිණිල්ලෙන්.” මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ “මම වැරදිනම් මට ඇක්ෂන් ගන්න ඕනේ. එයා බොරු නම් කියලා තියෙන්නේ එයාට ඇක්ෂන් ගන්න ඕනේ.” “දූපතක් කියලා නේ කියන්නේ. එයා ඇවිල්ලා කියන්න ඕනේ කොයි දූපතේ, කොයි බැංකුවකද, කොහෙද තියෙන්නේ.හැම එකම එයාට කියන්න පුළුවන් නේ. දැන් එයා දැනගෙනනේ ඔය කිව්වේ” “මෙහෙම මේ දේශපාලනයේ කටට එන එන එක කියලා. හිතලා බොරු හදලා මඩ ගහන දේශපාලනය නවතින්න ඕනේ. ඒක හින්දමයි මම මේ ඇක්ෂන් එක ගත්තේ.” ඔහු වැඩිදුරටත් පැවසීය. “ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිකමින් අයින් කරන්න” මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට නම් ටිරාන් අලස්ගෙන් සී.අයි.ඩීයට නියෝග නිකුත් කිරීමේ බලය ඉවත් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ, “සී.අයි.ඩී , සී.අයි.ඩී කිව්වට එයා මහජන ආරක්ෂක ඇමති. සී.අයි.ඩී එක තියෙන්නේ ඔහු යටතේ. ඔහු විසින් අණ දෙන ආයතනයක් හරහා ඔහු පරීක්ෂණයක් කැඳවලා තියෙනවා. අපි කියපු කරුණක් සම්බන්ධයෙන්.” පුබුදු ජයගොඩ සඳහන් කළේය. “ටිරාන් අලස් කොහොමත් විවිධ ජාවාරම් සඳහා කුප්‍රකට පුද්ගලයෙක්. ඔහු කිසිදු මහජන අනුමැතියකින්, ඡන්දයකින් ආපු කෙනෙක් නෙමේ.දේශපාලන පක්ෂවලට තමන්ගේ මුල්‍ය බලය පාවිච්චි කරලා පක්ෂවලට, නායකයින්ට උදව් කරලා අපු කෙනෙක්. ඔහු ගත්ත ණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.” පුබුදු ජයගොඩ පැවසුවේ “දුමින්ද සහෝදරයා චෝදනා කළේ විදෙස් ආයෝජන, විදෙස් සමාගම් ප්‍රමාණයක් තියෙනවා ඔහු සතුව ඒවා ලංකාවේ ලියාපදිංචි නැතිව විදේශ විනිමය යම් ආකාරයකට මුල්‍ය විශුද්ධිකරණයක් පිළිබඳ සැක කළ හැකි මට්ටමේ ව්‍යාපාර ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වේ. දැන් ඒක සම්බන්ධව පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනවා නම්, එවැනි පරීක්ෂණයක අවම සාධාරණයක් හරි වෙන්න තියෙන මූලික විදහ තමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කිරීමේ බලය සහිත පුද්ගලයා ගැන පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන එක කිසි තේරුමක් නැහැ.එහෙම පරීක්ෂණයක් ඕනේ නම් ආණ්ඩුවේ අයට අපි කියනවා ඉස්සෙල්ලා ටිරාන් අලස්ව අයින් කරන්නකෝ මහජන ආරක්ෂක ඇමතිකමින්.සී.අයි.ඩීයට නියෝග පැනවීමේ බලය ටිරාන් අලස්ගෙන් අයින් කරන්නකෝ.අයින් කරලා ඊට පස්සේ පරීක්ෂණය තියන්න. කොහොම උනත් ඒ ඕනෑම ආකාරයක පරීක්ෂණයකට දුමින්ද නාගමුව සහෝදරයා සූදානම්. අපි සූදානමින් ඉන්නවා.” ජනතා විමුක්ති පෙරමුණ මොකද කියන්නේ? මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිචාරය කුමක් දැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් බීබීසී සිංහල විමසා සිටියෙමු. "මොකක්වත් හරියට කියන්නේ නැතිව අපිට කියනවා යුරෝපයේ දූපතක සල්ලි දාලා තියෙනවා ඒ ගැන කියන්න කියලා. ඉතින් අපි මුකුත් දන්නේ නැත්නම්, අපේ සම්බන්ධයක් නැති නම් අපිට කියන්න දෙයක් නැහැනේ. අපි මොකටද පැමිණිලි කරන්නේ,මොකටද? කාටද පැමිණිලි කරන්නේ.?" “එයා ටිරාන් අලස්ගේ නමටනේ කියන්නේ. ඒනිසා ටිරාන් අලස් පැමිණිලි කරලා තියෙනවා.එයා අපිට කියන්නේ එහෙම දූපතක ආයෝජනය කරලා තියෙනවාලු අපිට කියන්නලු.අපි චැලෙන්ජ් කරලාම සද්දෙ නැතිව ඉන්නවා. එයා කියන්නේ නැතිව. අපිට කියනවා කියන්න කියලා. අපි මොනවද කියන්නේ” හෙතෙම කියා සිටියේය. ‘අල්පෙනිත්තක හෝ මොකක් හරි කරලා තිබ්බා නම් අපි පහුවදා ඇතුළේ’ විදෙස් දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ ගම්පහ ආසන සමුළුව අමතමින් (අගෝස්තු 20 වැනිදා) අදහස් පළ කළේය. ඔහු මෙහිදී අවධාරණය කළේ, “දැන් නයි මුගටි එක කොටේ නගින කාලේ. දැන් අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා කෙනෙක් කියනවා. කිව්වට පස්සේ, තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ. එක දවසකින් මාව හිරේ යනවාලු. යවපන්කෝ හිරේ මාව, පව්.. මතක තියා ගන්න. හරිද. මමත්, අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයගේ මුදල් සතයක් හොරකම් කරලා නැහැ. සතයක් නාස්ති කරලා නැහැ.එහෙම හොරකම් කරලා තියෙනවා නම් එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදිහට අපිට දේශපාලනය කරන්න හම්බ වෙන්නෙ නැහැ.” “දවසක් පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනන්දු කිව්වා මට වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් දීමේ බලය තියෙනවා කියලා. මම නැඟිටලා කිව්වා මට ඒ බලය තිබ්බ නම්, ඉස්සරහා පේළියේ ගොඩක් ඇය ඇතුළේ කියලා. කවුද ඉස්සරහා පේළියේ හිටියේ මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ඒගොල්ලේ තමා ඉස්සරහා පේළියේ හිටියේ. එස්.බී දිසානායක, ඒගොල්ලෝ ආණ්ඩුවේ. මහින්ද අගමැති.ගෝඨාභය ජනාධිපති.ඒගොල්ලෝ බලය තියෙනකොට අපිට කියනවා , අපි අතේ බලය තිබුණා නම් ඕගොල්ලෝ ඇතුළේ කියලා. සහතිකයි. හැබැයි ඒගොල්ලෝ බලය තියෙන වෙලාවේ ඒ විදහට අපිට කියනවා නම්, අපි අල්පෙනිත්තක හෝ මොකක් හරි කරලා තිබ්බා නම් අපි පහුවදා ඇතුළේ. නැද්ද.නැද්ද. ගෝඨාභය රාජපක්ෂ කොමිසමක් දැම්මා.පුරවැසිභාවය අහෝසි කරන්න ඕනේ කියලා. කොමිසමේ නිර්දේශයක් ආවා පුරවැසිභාවය අහෝසි කරන්න කියලා. ඊළඟට ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා තව කොමිසමක් දැම්මා. කොමිසම ඉවර වෙනකොට ගෝඨාභය ගෙදර.” “අපි මඩ අවලාද අසත්‍ය ඒවට කිසිසේත්ම සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමේ. හැබැයි අපි දන්නවා මේවා පොම්ප කර කර පොම්ප කර කර ඉදිරියට වර්ධනය කරනවා. ඇයි, ගොඩනැගිලා තිබෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම දේශපාලන කඳවුරු දෙකක්. මේ අහිමි වෙන්න යන්නේ කුමක්ද? මේ අහිමි වෙන්න යන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය විතරක් නෙමේ. මේ අහිමි වෙන්න යන්නේ රුවන් විජයවර්ධන පිළිබඳ රනිල් දකින හීනය. මේ අහිමි වෙන්න යන්නේ රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය විතරක් නෙමේ මහින්දගේ. මේ අහිමි වෙන්න යන්නේ නාමල්ගේ අනාගතය පිළිබඳ දකින සිහිනය. මතක තියා ගන්න. මේ අහිමි වෙන්න යන්නේ මැති අමැතිවරුන්ගේ දේශපාලන අනාගතය විතරක් නෙමේ. ඒගොල්ලන්ගේ බිරින්දෑවරුන්ගේ ඒගොල්න්ගේ දරුවන්ට එගොල්ලන්ගේ සිතියමේ දේශපාලන සිහිනය.” අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය වල සංසරණය වූ පොස්ටු සම්බන්ධයෙන් නිරවද්‍යතාවය පරික්ෂා කරන වෙබ් අඩවි කියන්නේ කුමක්ද? 'Fact Cresendo' වෙබ් අඩවිය පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා එක්ව ගනුදෙනුවක් සිදු කරන බවත්, ඒ පක්ෂ අරමුදලේ මුදල්, යුරෝපීය රාජ්‍යයක මුදල් ආයෝජනය කරන බවටත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය සටහන් රැසක් නිර්මාණය වූ බවය. ඒ අනුව “අනුර මෝල්ටාවෙ ආයෝජනය කළේ, හොරාකපු සල්ලි නෙවෙයි. එය ජනතාව වෙනුවෙන් කළ දෙයක්” – නමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක විසින් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වී ඇති අතර නිරවද්‍යතාවය සදහා තොරතුරු විමර්ශනයේදී බිමිල් රත්නායක එවැනි ප්‍රකාශයක් කර නොමැති බව අනාවරණය වී ඇතැයි ද 'Fact Cresendo' වෙබ් අඩවිය සඳහන් කොට තිබේ. එමෙන්ම “සොරකමක හා ආයෝජනයක වෙනස නොදන්නා මුග්ධයින්ට උත්තර දෙන්න අපි බැඳී නැහැ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කළ බව කියන ප්‍රකාශයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර ඔහු එවැනි ප්‍රකාශයක් කර නොමැති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා කළ පරීක්ෂණයේදී මෙන්ම සුනිල් හඳුන්නෙත්තිගෙන් කළ විමසීමේදී තහවුරු වූ බව එහි වැඩි දුරටත් සදහන් කොට තිබේ. |
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සීඝ්‍රයෙන් රට හැර යන්නේ ඇයි? | රටේ පවතින ආර්ථික තත්ත්වය මත දිනෙන් දින වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවයක් පවතී. ඒ අතරින් විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් විදේශ ගතවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රයට එය විශාල ගැටලුවක් බවට පත්වන්නේ ඉදිරියේ දී මෙරට තුළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ හිඟය විසඳාගත නොහැකි ප්‍රශ්නයක් විය හැකි බවට මේ වන විට සමාජයේ මතයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක් තුළයි. විගණන වාර්තාවෙන් හෙළි වන්නේ කුමක්ද? "ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ සුවපහසු ජාතික මහජන සෞඛ්‍ය පද්ධතිය" මැයෙන් විගණකාධිපති කාර්යාලය මෙම වසරේදී එලි දැක්වූ විගණන වාර්තාව අනුව මෙරට විශේෂඥ වෛද්‍ය සේවය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ඇත. සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයකටම විශේෂඥ වෛද්‍යවරුන් සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල ද තදබදය ඉවත් කළ හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය එසේවුවද, එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයන්හි විශේෂඥයින් නොමැති වීම සහ ප්‍රමාණවත් නොවීම නිරීක්ෂණය වී ඇති බව ජාතික විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ‘නීතියෙන් බාධාවක් නැහැ’ වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ආයතන සංග්‍රහය තුළ සේවයේ යෙදී සිටින වෛද්‍යවරයෙකුට සේවයෙන් ඉවත්ව යෑම සඳහා නීතියෙන් ඉඩකඩ ලබාදී ඇති බවයි. " මේක නීති දාලා, බය කරලා, නාස් ලණු දාලා නතර කරන්න බැහැ. එකක් තමයි ඕනෑම කෙනෙක්ට යන්න පුළුවන් නේ." "යන කෙනාට යන්න අයිතිය තියනවා. ඒක නතර කරන්න බැහැ. ඒක අයිතියක් සහ ඒකට නීතිමය ප්‍රතිපාදනත් තියනවා නේ. ආයතන සංග්‍රහයේ තියෙනවා නෝපේ ලීව් දාලා යනවනම් කොහොමද, රිසයින් වෙලා යනවනම් කොහොමද කියලා ප්‍රතිපාදන තියෙනවා." "රිසයින් වෙලා යනවනම් ගෙවලා යන්න ඕන. බොහොම සුළු පිරිසක් තමයි ඔය නොදන්වා සේවයෙන් ඉවත්ව යන්නේ. ඒකට එයාලට හේතු තියනවා." ඔහු පැවසුවේය. වෛද්‍යවරුන් කොපමණ සංඛ්‍යාවක් රට හැර ගොසින්ද? මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉකුත් වසරක කාල සීමාව තුළ මෙරට වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්වී විදෙස් ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ය. වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගත් තොරතුරු අනුව එම දත්ත හෙළිවූ බවය. එම දත්ත අනුව, 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසරේ මැයි මස 31 වැනිදා වන විට විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී රටින් පිටව ගොස් ඇත. එමෙන්ම එම කාල සීමාව තුළදී ශ්‍රේණි වෛද්‍යවරුන් 842 දෙනෙකු ද සේවයෙන් ඉවත්ව විදෙස් ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ. පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා රටින් පිටව ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 660 දෙනෙකු බවට සඳහන්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා රටින් පිටව ගොස් ඇති වෛද්‍යවරුන් අතරින් කොපමණ පිරිසක් නැවත රටට පැමිණේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි. "ඔය ගිය පිරිසෙන් කීදෙනෙක් ආපහු එයිද කියලා අපිට හරියටම කියන්න බැහැ." "ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට දුන්න තොරතුරුවල සඳහන් වෙනවා ලංකාවෙන් ගියපු ශ්‍රේණි වෛද්‍යවරුන් ගණන 842ක් කියලා. " "නමුත් පසුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 1300ක ප්‍රමාණයෙන් පත්වීම් ලබා ගන්න වෛද්‍යවරුන් 250 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණියේ නැහැ. ඒ කියන්නේ ඔවුන් සිස්ටම් එකේ නැහැ කියන එක. මේ ගණන සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් දත්ත වල ඇතුළත් නැහැ." ඔහු පැවසුවේ ය. වසරකදී සේවයට එක්වෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණ ද ? සරසවි අධ්‍යාපනයෙන් පසුව වාර්ෂිකව මෙරට සෞඛ්‍ය සේවයට වෛද්‍යවරුන් ලෙස එක් වන වෛද්‍යවරුන් සංඛ්‍යාව 1500-1800ක් පමණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එමෙන්ම වාර්ෂිකව සේවයෙන් විශ්‍රාම යන වෛද්‍යවරු සංඛ්‍යාව 200-300ත් අතර වන බව ද එම සංගමය අනාවරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ කුමක් ද? සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු බීබීසි සිංහල වෙත සඳහන් කළේ පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා රටින් පිටව යන වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණ අනිවාර්යෙන් සේවයේ යෙදීය යුතු බවයි. "සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරනු ලබන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. එහි කොන්දේසි 20ක් ඇතුළත්." "මේ ගිවිසුම අනුව එක් කොන්දේසියක සඳහන් වනවා පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා වසරක කාලයක් විදේශ ගතව අධ්‍යාපනය හදාරන වෛද්‍යවරයෙක් නැවත ලංකාවට ඇවිල්ලා වසර හතරක කාලයක් සේවයේ යෙදෙන්න ඕන. " "ඒ වගේම වසර දෙකක් විදේශ ගතවුණා නම් වසර 08ක් මෙරට සේවයේ යෙදෙන්න ඕන." "නමුත් 2022 වසරේ ජනවාරි 09 වෙනිදා ඉදලා මේ වසරේ ජුලි මස 31 වෙනිදා වන විට පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදේශ ගත වු වෛද්‍යවරුන් 343 දෙනෙකු නැවත ලංකාවට ඇවිත් තිබෙනවා. නමුත් ඉන් වෛද්‍යවරුන් 108ත් - 120ත් අතර පිරිසක් නොදන්වා රටින් පිටව ගොස් තිබෙනවා." වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසුවේ ය. මේ අතර නොදන්වා සේවය අත්හැර යන වෛද්‍යවරුන් අසාදු ලේඛණ ගත කිරීමට ආයතන සංග්‍රහයෙන් මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාරක පටිපාටි සංග්‍රහයෙන් පැහැදිලිව කරුණු සඳහන් කර ඇති බැවින් එම නීතියට අනුව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය. " ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛණ ගත කරනු ලැබූ වෛද්‍යවරයකු විදෙස් රටක සේවය කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි" මෙහිදී ඔහු වැඩිදුරටත් විමසා සිටියේ ය. වෛද්‍යවරු රට හැර යන්නේ ඇයි? මීට සති දෙකකට පමණ ඉහත දී නොදන්වා සේවයෙන් ඉවත්ව විදේශ ගත වූ බව පැවසූ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා සිය ලිපි ගොනුව භාරදී ඇත්තේ මීට මාස තුනකට පෙර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඊට අදාළ නිසි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුනොකිරිම හේතුවෙන් අදාළ වෛද්‍යවරයා විදෙස්ගතව ඇති බවයි. වෛද්‍යවරුන් රට හැර යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය දිගින් දිගටම අදහස් දැක්වුවත් වෛද්‍යවරුන් එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදක්වන බවද ඔහු පැවසුවේය. "දැනට විශේෂඥ වෛද්‍යවරුන් 200-300ක් රටින් ගිහිල්ලා කියන්නේ එය සමස්තයක් විදිහට 15%ක් විතර. තාම 85% ක පිරිසක් රට ඇතුළේ ඉන්නවා. ශ්‍රේණි වෛද්‍යවරුන් 20,000ක ප්‍රමාණයෙන් 1,200ක් විදේශ ගතවෙලා ඉන්නවා කියමු. නමුත් මේ ඉන්න පිරිස රඳවා ගන්න ක්‍රමයක් හිතන්න ඕන. වැටුප් ප්‍රශ්න තියෙනවා, වෛද්‍යවරුන්ගේ නිල නිවාස ගැටලු තියෙනවා. ඒ ප්‍රශ්න විසඳුවා නම් මේකට උත්තර ලැබෙනවා." "අපි මේ ගැන රජයට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන කිසිම දැක්මක් නැහැ." වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය. විදේශ රටවල සේවයට යන්න සුදානමින් සිටින වෛද්‍යවරුන් ගැනත් අනාවරණයක් විදේශ රටවල වෛද්‍ය සේවයේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ලීමේ විභාගයන් සඳහා පෙනී සිට සමත්වූ වෛද්‍යවරුන් පන්දහසක් පමණ මේවන විට රට තුළ රැඳී සිටින බවද බීබීසී සිංහල කළ සොයා බැලීමේදී අනාවරණය විය. "වෛද්‍යවරයෙකුට එක්වරම ගිහින් විදේශ රටක සේවයේ යෙදෙන්න බැහැ. ඒ වෙනුවෙන් අදාළ රටේ පවත්වන සුදුසුකම් සපුරා ලීමේ විභාගයකට පෙනී සිටින්න ඕන." "ඒ වගේ අපේ රටේ වෛද්‍යවරුන් පන්දහසක් පමණ ඉන්නවා ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ මැදපෙරදිග වැනි රටවල විභාග වලට පෙනී ඉදලා සුදුසුකම් ලැබූ. ඔවුන් කුමන මොහොතක හෝ රටින් පිටව යන්න පුළුවන්." "ඒ වගේම මෙම විභාගවලට පෙනී ඉන්න විශාල වෛද්‍යවරුන් පිරිසක් උනන්දුවෙන් ඉන්නවා. උදාහරණයක් විදිහට අදාළ රටවල පවත්වන විභාග සඳහා ශ්‍රී ලංකා වෛද්‍යවරුන් සඳහා වෙන් කළ කෝටාව ඉදිරි මාස 04ට සම්පුර්ණ වෙලා අවසන්." “ එංගලන්තයේ සෞඛ්‍ය සේවයෙත් මේ වෙද්දී විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. ඒකට හේතුව ඒ රටේ වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග රටවලට යනවා. මේ නිසා ලංකාවේ වෛද්‍යවරුන්ට එරටින් විශාල ඉල්ලුමක් තිබෙනවා. මොකද ඒ රටවල ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ හොඳ පිළිගැනීමක්." ඔහු වැඩිදුරටත් පැවසුවේය. |
2020-2023 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුද සහ පර්යේෂණ නෞකා මොනවාද? | ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැවතත් අසල්වැසි ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ඒ ලබන ඔක්තෝම්බර් මාසයේදී මෙරටට තවත් චීන පර්යේෂණ නෞකාවක් පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වීමත් සමගයි. ෂි යැන් 6 නැමති අදාළ චීන පර්යේෂණ නෞකාවට දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල කළ විමසීමකදී තහවුරු කළේය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉකුත් තෙවසරක කාල සීමාව තුළ පැමිණි ඇති යුද සහ පර්යේෂණ නෞකා මොනවා ද යන්න සම්බන්ධයෙන් බීබීසි සිංහල සොයා බැලීමක් කළේ ය. මෙරටට පැමිණිමට අවසර ලබා ගන්නේ කෙසේ ද? විදෙස් රටකට අයත් යුද හෝ පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් බීබීසි සිංහල , ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේ යාත්‍රාව අයත් රාජ්‍යය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඊට අදාළ අවසරය ලබා ගත යුතු බවයි. "යුද හෝ පර්යේෂණ නෞකාව අයත් රටෙන් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමක් කරනවා." "ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාවෙන් විමසීමක් කරනවා. මේ සියලු පියවර සම්පුර්ණ කිරීමෙන් අනතුරුවයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ අවසරය ලබා දෙන්නේ." "එසේ කිරීමේ දී අනුගමනය කළ යුතු තවත් ක්‍රියා පටිපාටි කිහිපයක් තිබෙනවා.විදේශ රටකට අයත් යුද නෞකාවක් මෙරට වරායකට ඇතුල්වීමේදී එය පිළිගනු ලබන්නේ නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකුලවයි." නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය. මෙරටට පැමිණි යුද හා පර්යේෂණ නෞකා මොනවාද ? මෙරටට පැමිණි පර්යේෂණ නෞකා අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව (YUAN WANG 5) ද ඇතුලත්ව වේ. 2020 වසරේදී මෙරටට යුද නෞකා 43ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 15ක් ඉන්දියාවෙන් ද ,තවත් නෞකා 09 ක් ජපානයට අයත් බව ද නාවික හමුදාව විසින් ලබා දුන් දත්ත වල සඳහන් වේ. එමෙන්ම 2021 වසරේදී මෙරටට පැමිණි යුද නෞකා සංඛ්‍යාව 36ක් වන අතර ඉන් නෞකා 12ක් අයත් වන්නේ ඉන්දියාවටය. මේ අතර එම වර්ෂයේදී රුසියාවට අයත් B-274 සහ B-603 යන විශාල ප්‍රමාණයේ සබ්මැරින් දෙකක් කොළඹ වරයාට පැමිණ ඇත. 2022 වසරේදී යුද නෞකා 31ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් නෞකා 14ක් අයත් වන්නේ ඉන්දියාවටය. මේ අතර 2023 වසරේ මේ දක්වා යුද නෞකා 16ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 04ක් ඉන්දියාවට අයත් වන අතර නෞකා තුනක් ඇමෙරිකාවට අයත් වේ. ඉන්දීය නාවික හමුදාවට අයත් INS “VAGIR” නම් සබ්මැරීනය කොළඹ වරයාට පැමිණි බව නාවික හමුදාව විසින් බීබීසි සිංහල වෙත නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන්නේ ශ්‍රී ලංකාවට විදේශීය යුද නෞකා පැමිණීමේදී ආර්ථිකයට ද යම් වාසියක් හිමිවන බව ය. "යුද නෞකා කොළඹ වරායට පැමිණියාට පසුව එහි සිටින නාවික නිලධාරීන් නගරය දැක බලා ගැනීමට සහ භාණ්ඩ ආදිය මිලදී ගැනීම සිදුකරනවා. ඒ අනුව එතැනින් රටේ ආර්ථිකයට යම් ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා." ඔහු පැවසුවේ ය. |
අයෝමාල් අකලංක: බාධා මැද ශ්‍රී ලංකාවට රිදී පදකකමක් දිනා දුන් යොවුන් ක්‍රීඩකයා | රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කරමිනි. වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා හේතුවෙන් මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද, විවිධ බාධා මැද තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් මොනවා ද ? මෙම තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් අයෝමාල් අකලංක රිදී පදක්කම දිනා ගනු ලැබුවේය. එමෙන්ම නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. “පදක්කමක් දිනන්න ඕනමයි කියලා හිතුවා” තමන් සහභාගී වූ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමේ බලපොරොත්තුවක් සිතේ තිබු බවත් තරගය ආරම්භයේ දී සිතේ යම් බියක් ද ඇති වූ බවත් මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කළ අයෝමාල් අකලංක බීබීසි සිංහල වෙත පැවසුවේ ය. "කොහොම හරි පදක්කමක් දින්නන ඕන කියලා හිතේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ එක්කම හිතේ පොඩි බියක් තිබුණා. අවසානයේ දී හොඳ තරගයක් දීලා පදක්කමක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා."යැයි ඔහු පැවසීය. හැටන්, අඹගමුව මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන අයෝමාල් අකලංක එම පාසැලට ඇතුළත්ව ඇත්තේ 9 වැනි ශ්‍රේණියේදීය. ඔහු ඊට පෙර අධ්‍යාපනය හදාරමින් සිට ඇත්තේ හැටන් ශ්‍රී පාද මහා විද්‍යාලයේ ය. "මම අවුරුදු 5 ඉදලා දුවනවා. 9 වසරේ දී ක්‍රීඩා කටයුතු නිසා අඹගමුව මහා විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකි වුණා. එහිදී තමයි අනුර සර් හම්බ වුණේ." ඔහු පැවසුවේ ය. තමන්ගේ ක්‍රීඩා ගමනට දෙමව්පියන් ඇතුලු පවුලේ සාමාජිකයින්, පුහුණුකරු වන අනුර බණ්ඩාර, පාසලේ ගුරුවරුන්, හිටපු ධාවන ශුරයෙකු වන සුගත් තිලකරත්න සහ මලල ක්‍රීඩා සංගමය හා ජාතික ඔලිම්පික් කමිටුවෙන් බෙහෙවින් උපකාර ලැබෙන බව අයෝමාල් අකලංක සඳහන් කළේය. ඉදිරියේදී ජාත්‍යන්තර තරග නියෝජනය කරමින් තවත් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීම සිය අපේක්ෂාව බව අකලංක වැඩිදුරටත් පැවසීය. "මේක නිකම් ලැබුණ මෙඩ්ල් එකක් නෙමෙයි" යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟාවලියේ දී අයෝමාල් අකලංක ජයග්‍රහණය කරනු ලැබූ පදක්කම වෙනුවෙන් වසරකට අධික කාලයක් වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල යෙදුණු බව ඔහුගේ පුහුණුකරු වන අනුර බණ්ඩාර බීබීසි සිංහල වෙත පැවසුවේ ය. "යොමාල් වර්ල්ඩ් රෑනක් එකේ 6 වෙනියට හිටියේ. ජැමෙයිකාවේ ක්‍රීඩකයා හිටියේ රෑන්ක් එකේ පළවෙනි තැන. හැබැයි මම ට්‍රේනින් කරන් එන මෙතඩ් එකත් එක්ක බැලුවාම මට තේරුණා පළවෙනි තුන් දෙනා අතරේ මෙඩ්ල් එකක් තියෙනවා කියලා." "ඒ එකක්ම අපි බලාපොරොත්තු වුණා දකුණු අප්‍රිකාව නියෝජනය කරන ක්‍රීඩකයාත් තරගෙට එයි කියලා. මම පුදුම විදිහට ඔය ක්‍රීඩකයින්ගේ කාල ගණනයන් විශ්ලේෂණය කළා. " "මේක නිකම් ලැබුණ මෙඩ්ල් එකක් නෙමෙයි. ගිය අවුරුද්දේ ඉදලා මහන්සි වුණා. අකලංක ඒ වෙනුවෙන් ගොඩක් කැපවීමක් කළා." ඔහු පැවසුවේ ය. තරගාවලියට ප්‍රවේශ වීමට මුල සිටම බාධා පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යය වෙත යෑමට සැලසුම් සකස් කර තිබුණේ ස්විට්සර්ලන්තය හරහාය. මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවසුවේ අවසන් මොහොතේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ස්විට්සර්ලන්තය විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවය. ඒ අනුව මලල ක්‍රීඩා සංගමය මැදිහත් වීමෙන් ඇමෙරිකාව හරහා ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යය වෙත යෑමට අවශ්‍ය වීසා ඉල්ලුම් කරනු ලැබූ අතර එහිදී අයෝමාල් අකලංකගේ පුහුණුකරු වන අනුර බණ්ඩාරට සහ තවත් නිලධාරිනියකට ඇමෙරිකාව විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි. එවන් පසුබිමක ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වූ අතර තරගාවලියේ සමාරම්භක උත්සවයට හෝ ඔවුන්ට සහභාගී වීමට නොහැකි වුයේ ඔවුන් ඒ වන විටත් එරටට ළඟා වී නොසිටීම හේතුවෙන් බව ලේකම්වරයා පැවසුවේ ය. ජාතික ඔලිම්පික් කමිටුවට චෝදනාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වීසා ලබා ගැනීම ඇතුළු අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම සතු වුයේ ජාතික ඔලිම්පික් කමිටුව වෙත බව මලල ක්‍රීඩා සංගමය සඳහන් කළේය. කෙසේ වුවත් මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතිවූ තත්ත්වය පිළිබඳ දැනුවත් කරමින් පවසා ඇත්තේ මෙම තරගාවලියට සහභාගිවීමට ඇති අවස්ථාව ඉතාම අල්ප බවය. ඇතිවූ තත්ත්වය හේතුවෙන් මලල ක්‍රීඩා සංගමය මැදිහත් වී ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා ලබා ගැනීමට ඉල්ලුම් කළ බවත් ඊට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද සහය හිමිවූ බවත් සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන පැවසුවේ ය. ශ්‍රී ලංකාවේ සහයට පැමිණි ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු දහසක් බාධා මැද තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව භාරව පුහුණුකරුවන් නොමැති වීම ගැටලුවක් වූ බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසීය. කෙසේ වුවත් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම භාරව පැමිණි ලාංකික පුහුණුකරුවෙක් සහ ඉන්දියාවේ පුහුණුකරුවන් විසින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. "ඇමෙරිකාවෙන් අනුර බණ්ඩාර පුහුණුකරුට වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිනියට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා, බීච් වොලිබෝල් කණ්ඩායම භාරව සිටි පුහුණුකරු යටතේ මේ සංචාරයට එක්වෙන්න." "නමුත් ඒ තරගාවලිය අතර වාරයේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුහුණුකරුවෙක් හිටියේ නැහැ." "නමුත් හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවේ ටීම් එකත් එක්ක ආවේ ලංකාවේ කෝච් කෙනෙක්. අනුලා කොස්තා කියලා. අපි එයාට කතා කරලා කිව්වම එයා ටීම් එක බලලා තිබුණා. " "ඒ වගේම ඉන්දියන් ටීම් එකේ මැනේජර් සහ කෝච්ටත් අපි දැනුම් දුන්නා. එයාලත් අපේ ළමයින් ගැන හොයා බලලා තිබුණා." මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේය. |
හෝමාගම කර්මාන්තපුරයේ ගිනි ගැනීම:'ඒ වෙලාවේ හුළඟත් එක්ක සැර කෙමිකල් ගඳක් වගේ දැනුණා' | හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි ගබඩාවක ඊයේ රාත්‍රියේ ( අගෝස්තු මස 17 වෙනිදා) ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි සිදුවිය. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කෝට්ටේ සහ හොරණ ඒකකවල නිලධාරීන් සහ ආරක්ෂක අංශ මැදිහත් වී ගින්න පාලනය කිරීමට සමත් විය. ගින්න හටගැනීමත් සමග ප්‍රදේශවාසින් තුළ යම් තැති ගැන්වීමක් ද ඇතිවූ අතර එයට ප්‍රධාන හේතුව වුයේ ගිනි ගැනීමට ලක්වූ ගබඩාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. ගින්න පාලනය කළ නිලධාරින් ගේ අත්දැකීම හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පළමු දැනුම් දීම සිදුකර ඇත්තේ කෝට්ටේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවටයි. ඒ රාත්‍රී 8.50 ට පමණයි. "රාත්‍රී 8.50ට අපිට කෝල් එකක් ආවේ කර්මාන්ත පුරයේ ගින්නක් කියලා. ඒ අනුව 8.51 වන විට අපේ නිලධාරින් 16 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහ ගිනි නිවීමේ රථ හතරක් ඒ ස්ථානය බලා පිටත් කර හැරුණා." කෝට්ටේ ගිනි නිවීමේ සේවා ඒකකයේ කාර්යභාර නිලධාරිවරයා ලෙස කටයුතු කරන ජී.ඩි.බී.පි. ගලගෙදර බීබීසි සිංහල සේවයට පැවසුවේය. "අපේ නිලධාරීන්ගේ සහයට තවත් ගිනි නිවීමේ රථ දෙකක් හොරණ ගිනි නිවීමේ ඒකකයෙන් ඒවා තිබුණා. ඒ නිලධාරින් 10 දෙනෙක් සමග. රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබුණ තැනක් නිසා අපේ නිලධාරීන් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගත්තා." "ඒ වගේම අපේ එක් නිලධාරියෙක් හුස්ම ගැනීමේ අපහසුව නිසා හෝමාගම රෝහලට ඇතුලත් කළා" "ගින්න ඇතිවූ ගබඩාවේ සෝඩියම් සල්ෆේට් කුඩු, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ක්ලෝරීන් කැට ගබඩා කරලා තිබුණා කියලා ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදුකරනවා." ඔහු පැවසුවේ ය. මේ අතර රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවේ ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට දින කිහිපයක් ගත විය හැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව බීබීසි සිංහල සේවයට පැවසුවේය. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Facebook post මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත "එක පාර හිතා ගන්න බැරිවුණා" කටුවාන කර්මාන්ත පුරයේ ඇතිවූ ගින්න හටගැනීමත් සමග සිදුකළ යුත්තේ කුමක්ද යන්න තමන්ට එක්වරම සිතා ගැනීමට පවා නොහැකි වූ බව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ නිර්මාල් ධනංජය සිය අත්දැකීම පිළිබඳ බීබීසි සිංහල සේවයට විස්තර කරමින් කියා සිටියේ ය. "මුලින්ම ගින්න එක්ක ලොකු දුමක් ආවා. ඒ වෙලාවේ හුළඟත් එක්ක සැර කෙමිකල් ගඳක් වගේ දැනුණා." "පස්සේ අපි දැක්කා සෝෂල් මීඩියා වල දාලා තියෙනවා හෝමාගම ආසන්නයේ ජීවත් වෙන ජනතාවට මුව ආවරණ පලදින්න කියලා. දැන්නම් වෙනසක් නැහැ. නමුත් අපේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරනවා." ඔහු පැවසුවේය. මේ අතර ගින්න ඇතිවූ ස්ථානයට ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකු වන රංග රත්නායක පැවසුවේ ගින්න ඇතිවීමත් සමග එය දැක බලා ගැනීමට බොහෝ පිරිස් පැමිණි බවයි. "ගින්න ඇතිවුනේ රාත්‍රී 8.30ට පමණ. ඒ ගින්න ඇතිවෙලා ටික වෙලාවක් ගියාට පස්සේ සුළු සුළු පිපිරීම් ශබ්ද ඇසුණා. මම හිතන්නේ ඒ ගබඩාවේ තිබුණු රසායනික ද්‍රව්‍ය පිපිරෙන්න ඇති." "ගිනි නිවීමේ නිලධාරින් මෙතැනට එද්දී රාත්‍රී 9.15 ට වගේ වුණා. ගින්න එක්ක කෙමිකල් පිච්චෙන ගඳ දැනුණා. අපි ටිකක් ඈතට වෙන්න හිටියේ. නමුත් ගින්න බලන්න කියලා බයිසිකල් වලින්, ත්‍රිවිල් වලින් කට්ටිය ආවා. එක බයික් එකක් හරි පිපිරුණා නම් එතන තව කරදරයක් වෙනවා." ඔහු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. "විමර්ශන නිලධාරින් යොමු කළා" හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගිනි ගැනීමට ලක්වූ ගබඩාවේ තිබු රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ කිරීමට සහ ප්‍රදේශයේ තත්ත්වය විමසා බැලීම සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. කෙසේ වෙතත් ඔවුන් විසින් සිදුකළ මුලික විමර්ෂණයේ දී අදාළ හිමිකරු විසින් රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතුව ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගෙන නොමැති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත. ඔහු සඳහන් කළේ ගබඩාවේ තිබු රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම, ප්‍රදේශයේ ළිං ඇතුළු පරිසර තත්ත්වය සම්බන්ධයෙන් නිලධාරීන් විමර්ශනය කරනු ලබන බවයි. |
වෛද්‍ය සැපයුම් අංශයට නව විගණන වාර්තාවෙන් එල්ල වූ චෝදනා මොනවාද? | මහජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඕනෑම රජයක් කැපවී කටයුතු කිරීමට බැඳී සිටින අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සියලු දෙනාට සේවා හිමිවන සෞඛ්‍ය සේවා පද්ධතියක් බව නොරහසකි. නිදහස් සෞඛ්‍ය සේවාවක පහසුකම් ලබා ගැනීමට මහජනතාවට හැකියාව පවතින ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක පසුවේ. 2023 වසර සඳහා වූ අයවැය දත්ත අනුව මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 322කි. කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවය හා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විවේචන එකින් එක එල්ලවෙමින් පවතින වකවානුවක ජාතික විගණන කාර්යාලය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවෙන් වෛද්‍ය සැපයුම් අංශයේ ද අඩුපාඩු සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමක් සිදුකර තිබේ. රාජ්‍ය අංශය සඳහා වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබාදීමේ වගකීම වෛද්‍ය සැපයුම් අංශය සතු වන නමුත් එහි සැලසුම්ගත ක්‍රියාකාරකම් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි නියම කර ගන්නා ලද පරිදි ක්‍රියාත්මක කර නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ. 2021 සහ 2022 යන කාල සීමාවන් සම්බන්ධයෙන් නිකුත් කර තිබු එම විගණන වාර්තාව අනුව පහත දැක්වෙන චෝදනා වෛද්‍ය සැපයුම් අංශය වෙත එල්ල වී ඇත. වෛද්‍ය සැපයුම් අංශයට එල්ල වී ඇති චෝදනා මොනවා ද ? ඖෂධවල ප්‍රමාණවත් බව වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ඇණවුම් කිරීම සම්බන්ධයෙන් විගණනයට ලැබුණු තොරතුරු අනුව, ඖෂධ තොගයේ අවම මට්ටම, අවධානම් මට්ටම, නැවත ඇණවුම් මට්ටම, උපරිම මට්ටම සහ සාමාන්‍ය මට්ටම් පවත්වා ගෙන ගොස් නොමැති බව නිරීක්ෂණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. 2022 වසරේ අප්‍රේල් මස 20 වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වා ගෙන යනු ලබන රෝහල් 14ක ඉතා අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ තොග පිලිබඳ විගණනයට ලැබුණු දත්තවලට අනුව ඉතා අත්‍යවශ්‍ය ඖෂධ 15ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ 1205 ක තොග නොතිබූ බව නිරීක්ෂණය කර ඇති බව එම වාර්තාවේ සඳහන් ය. ඊට අමතරව ඉතා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 49 ක සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 943ක තොගය ඇත්තේ දින 30 කට අඩු ප්‍රමාණයකට බව හෙළිව ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවා ආයතන අතර බෙදාහරින තෙක් වෛද්‍ය සැපයුම් ගබඩා කර ඇති මධ්‍යම පද්ධතිය ස්ථාපිත කර තිබුණද ඉකුත් අප්‍රේල් මස 30 වෙනිදා දින තෙක් වූ ඖෂධ තොග සම්බන්ධයෙන් වූ තොරතුරු විගණනය සඳහා ලබාදීමට ඔවුහු අපොහොසත් වූ බව ද එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. |
2023 ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට යන්න වීසා ප්‍රමාද වූ ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ කුමක්ද? | අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (අගෝස්තු 23 වැනිදා) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය. කණ්ඩායමට, ක්‍රීඩකයින් 06 දෙනෙක් , ඒක් ක්‍රීඩිකාවක් සහ නිලධාරීන් තිදෙනෙකු ඇතුළත් වෙති. කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරති. කාලිංග කුමාරගේ , අරුණ දර්ශන , පබසර නිකූ , රජිත රාජකරුණා , පසිදු කොඩිකාර , දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ දිවයිනෙන් පිටත්ව ගිය පිරිසට අයත් වූහ. ලෝක මලල ක්‍රීඩා ශුරතාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී මීටර් 400, මීටර් 400 x 4 සහ හෙල්ල විසි කිරීමේ තරග ඉසව් නියෝජනය කිරීමට නියමිතව ඇත. මෙසේ පිටත්ව ගිය මීටර් 400 x 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ ලොව ජාතික කණ්ඩායමක් වාර්තා කළ හොඳම දක්ෂතාව ( මිනිත්තු 3:01.56) දක්වා තිබීම විශේෂත්වයකි. ඇමෙරිකාවේ අන්තර් විශ්වවිද්‍යාල තරගාවලිවලදී මීට වැඩි දක්ෂතා වාර්තා වී ඇතත් ජාතික කණ්ඩායමක් මෙවැනි දක්ෂතාවක් දක්වා නොමැත. ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියට සහභාගීවන්නේ ලොව හොඳම 12 වැනි කණ්ඩායම ලෙසයි. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද ? මෙවර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර් 400 තරග ඉසව්ව සඳහා එස්. අරුණ දර්ශන සහභාගී වන අතර ඔහුගේ පළමු වටයේ තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර මීටර් 400 x 4 සහය දිවීමේ තරගය සඳහා ක්‍රීඩකයින් සයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ. ඊට එස්. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකු, පසිඳු ලක්ෂාන් කොඩිකාර, ආර්.එම්. රාජකරුණා, දිනුක දේශාන් යන ක්‍රීඩකයින් ඇතුළත් වේ. මීටර් 400 x 4 සහය දිවීමේ තරගයේ පළමු වටයේ තරගය අගෝස්තු 26 වැනිදා පැවත්වෙන අතර අවසන් තරගය පැවැත්වෙන්නේ අගෝස්තු 27 වැනිදාය. මේ අතර නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට තරග වදින අතර ඇය සහභාගිවන පළමු වටයේ තරගය අගෝස්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතය. “හොඳ සුදානමකින් පසුවනවා” මීටර් 400 x 4 තරග ඉසව්ව වෙනුවෙන් සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන කාලිංග කුමාර බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් ඇතුළු ක්‍රීඩකයින් හොඳ තරගයක් ලබාදීමේ සුදානමින් පසුවන බවය. "දැනට අපි හොඳින් ප්‍රැක්ටිස් කරගෙන යනවා. හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. " "අවම වශයෙන් සති දෙකකට කලින්වත් තරගාවලිය පැවැත්වෙන රටට යන්න ලැබුණානම් ඒ රටේ පවතින දේශගුණික තත්ත්වයට හුරුවන්න අපට අවස්ථාව ලැබෙනවා. " "හංගේරියාවේදී තරගය පැවැත්වෙන්නේ එරට වේලාවෙන් රාත්‍රී 7.20 ට පමණය. ඒ වෙලාවේදී එහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-17ත් අතර ප්‍රමාණයක් ගන්නවා කියලයි කියන්නේ." ඉතිං අපිට ඒකට හුරුවෙන්න, ඒ වෙලාවටම දුවලා අඩු පාඩු හදාගන්න තිබුණා වේලාසන ගියානම්." "නමුත් අපේ කණ්ඩායමට වීසා ලැබුනේ ගිය සඳුදා ( අගෝස්තු 14 වෙනිදා). මේ තරගාවලියට සහභාගී වන ඉන්දියාවේ රීලේ ටීම් එක දැන් සති දෙකකට කලින් ඒ රටට ගිහිල්ලා එයාලා ප්‍රැක්ටිස් පටන් අරන් තියෙන්නේ. නමුත් අපි හොඳ ෆයිට් එකක් දෙන්න උපරිමයෙන් කටයුතු කරනවා." ඔහු පැවසුවේ ය. වීසා ප්‍රමාදය ගැන මලල ක්‍රීඩා සංගමය හේතු කියයි මේ අතර මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන බීබීසි සිංහල වෙත පැවසුවේ සංවිධායක මණ්ඩලය විසින්, ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන අවසන් ක්‍රීඩක ලැයිස්තුව නම් කිරිම සහ අවශ්‍ය ලිපි නිකුත් කළේ ඉකුත් අගෝස්තු 5 වැනිදා බවය. ඔහු සඳහන් කළේ ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගනු ලබන්නේ මෙම වසරේ මෙන්ම පසුගිය වසරේදී දක්වා ඇති දක්ෂතා අනුව කරන ශ්‍රේණිගත කිරීම්වලට අනුව බවයි. එලෙස තෝරා ගනු ලබන ඇතැම් ක්‍රීඩකයින් අවසන් මොහොතේදී තරගාවලියෙන් ඉවත් වන බැවින් තරග සංවිධායකයින් විසින් සහභාගිවන ක්‍රීඩකයින් නම් කරන්නේ අවසන් මොහොතේදී බව ඔහු සඳහන් කළේය. "උදාහරණයක් විදිහට අපේ යුපුන් අබේකෝන් මෙවර තරගාවලියට එක්වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා අපි ඔහුගේ නම ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා ලයිස්තුවේ යටින් ඉන්න කෙනාට අවස්ථාව ලැබෙනවා තරගාවලියට යන්න." "ඒ ලැයිස්තුව අවසාන කළාට පස්සේ තමයි ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් අදාළ රටවලට ලිපි නිකුත් කිරීම කරන්නේ තරගාවලියට සහභාගී වෙන්න කියලා." "මේ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට මෙවර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට යන්න අවස්ථාව උදාවුණා. ඒ අය කඩඉම් දක්ෂතාවයන්ගෙන් බොහෝම ආසන්නයෙන් හිටපු අය. නමුත් එක් ක්‍රීඩිකාවක් ආසියානු තරගාවලිය වෙනුවෙන් සුදානම් වෙන නිසා මේ තරගාවලියට යන්නේ නැහැ කියලා දැනුම් දුන්නා." "මේ නිසා අගෝස්තු 5 වැනිදා තමයි අපිට තරගාවලියට එන්න කියලා අවශ්‍ය ලිපිය ලැබුණේ. ඒක නැතුව අපිට වීසා ඉල්ලුම් කරන්න බැහැ." "නමුත් රීලේ ටීම් එකට අපි වේලාසන වීසා ඉල්ලුම් කරලා තිබුණේ. මොකද එයාලා වේලාසන සිලෙක්ට් වෙලා තිබුණ නිසා.නමුත් ඒ අයට වීසා ඉන්ටර්වීව් එන්න කියලා තිබුණේ අගෝස්තු 07 වැනිදා සහ 08 වැනිදා." "නමුත් අපිට පසුගිය සිකුරාදා වීසා ලැබුනේ නැහැ. ජර්මන් එම්බසි එකෙන් අපේ ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ තවත් තොරතුරු ඉල්ලුවා. සාමාන්‍යයෙන් ජර්මන් වීසා දෙන්න සති දෙකක් ගත වනවා. ඒ නිසා අපිට සිදුවුනා ෆ්ල්යිට් ටිකට්වල දින වෙනස් කර ගන්න." "පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයත් ලැබුන නිසා අපිට සඳුදා දවල් වෙද්දී වීසා ලැබුණේ. ඒ වෙද්දී අපිට ෆ්ලයිට් ටිකට් ඩේට් වෙනස් කරන්න සිද්ධ වුණා නිසයි 17 වැනිදා යන්න වුණේ. " "නමුත් මීට කලින් ඇතැම් තරගාවලිවලට සහභාගී වෙන්න ගියපු අපේ ඇතැම් ක්‍රීඩකයින් ඒ රටවලදී පැන යෑම කියන කාරණාව නිසා විශේෂයෙන් යුරෝපා රටවලදී වීසා ඉල්ලුම් කරන අවස්ථාවලදී ඇතැම් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා." ඔහු පැවසුවේය. මේ අතර ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබිය යුතු අවසරය හිමිව ඇත්තේ ( අගෝස්තු මස 16 වෙනිදා) පෙරවරුවේය. මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේ වීසා කල් තියා ලැබුනත් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට කල් තියා තරග පැවැත්වෙන රටට යෑමට මේ හේතුවෙන් අවසරය හිමි නොවන බවය. |
ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය: ලාංකිකයින්ගේ වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් ද? | වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 50,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති පසුබිමක මෙරට සහල් නිෂ්පාදනය ශ්‍රී ලාංකිකයින්ගේ වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්න විමසා බැලිය යුතු කාරණයකි. ආර්ථික අර්බුදය හා පොහොර අර්බුදය හමුවේ පසුගිය වසරේ, මෙරට සහල් අවශ්‍යතාව වැඩි වශයෙන් ආනයනය මගින් සපුරා ගත් අතර ඉන් 90%ක්ම පමණම ආනයනය කර තිබුණේ අසල්වැසි ඉන්දියාවෙනි. ජුලි 20 වැනිදා, රට තුළ සහල් මිල ඉහළයෑම පාලනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් වර්ග අපනයනයට තහනමක් පැනවීය. ඉන් තැතිගත් ජනයා සහල් වැඩි වැඩියෙන් මිලට ගනිමින්, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඉන්දියානු සිල්ලර වෙළඳසැල්වල රාක්ක හිස්කරනු දැක්වෙන විඩියෝ සහ වාර්තාවන් සංසරණයවූ අතර, මේ නිසා එම රටවල්වලද සහල් මිල ඉහළ ගියේ ය. ඉන්දියාවේ සහල් අපනයන තහනම: ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද? මේ අතර මේ දිනවල පවතින වියළි කාලගුණය සහ ඉන්දියාව සහල් අපනයනය තහනමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ සහල් සැපයුමට යම් බලපෑමක් ඇතිවේද? යන්න නිරන්තර කථා බහට ලක්වන්නකි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සහල් නිෂ්පාදනය පිලිබඳ සොයා බැලීමට අපි කටයුතු කළෙමු. ශ්‍රී ලංකාව තුළ වැඩියෙන්ම වගා කරන වී ප්‍රභේද මොනවද? මෙරට තුළ ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන වී වර්ග අතරින් සියයට 99ක්ම වැඩි දියුණු කරන ලද වී ප්‍රභේද වන අතර දේශීය වී ප්‍රභේද වගා කෙරෙන්නේ සීයයට එකකටත් අඩු ප්‍රමාණයක් වේ. "2021 වර්ෂයේ දත්ත බැලුවොත් ලංකාවේ සම්ප්‍රදායික වී වර්ග 0.46%ක් පමණයි වගා කර තිබෙන්නේ. නව වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද සීයයට 0.73%ක් පමණයි වගා කිරීම සිදුකරන්නේ. ඉතිරි 98.5%ක් පමණ වී වගාව සිදුකරන්නේ වැඩි දියුණු කරන ලද වී ප්‍රභේදයන්." බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය සඳහන් කරයි. වී අස්වැන්න ලබා ගැනීමට යන කාල සීමාව කොපමණද? මෙරට තුළ වගා කරන විවිධ ප්‍රභේද අනුව අස්වැන්න ලැබීමේ කාල සීමාවන් හි වෙනසක් පවතින බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක බීබීසි සිංහල සේවයට සඳහන් කළේය. "ලංකාවේ වගා කරන වී ප්‍රභේද වලින් 75%ක්ම මාස තුනහමාරේ ප්‍රභේද. ඊළඟට 19%ක් වෙන්නේ මාස තුනේ ප්‍රභේද. 4%ක් පමණ අයත් වෙන්නේ මාස හතරේ ප්‍රභේද. මාස දෙකහමාරේ ප්‍රභේද අයත් වෙන්නේ සියයට 1.2ක් විතරයි. මාස පහේ කියලා ප්‍රභේදයක් තියෙනවා ඒක 0.04%ක් වගේ අඩු ප්‍රමාණයක්." මෙරට තුළ වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් වර්ග මොනවාද ? මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන සහල් වර්ග අතරින් වැඩි ප්‍රමාණයක් නාඩු සහල් වේ. සාමාන්‍යයෙන් සුදු දිග සහල් කියලා හඳුන්වන නාඩු සහල් වර්ගය මෙරට තුළ 52%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර සුදු කොට සහල් නමින් හඳුන්වනු ලබන සම්බා වර්ගය 6%ක් නිෂ්පාදනය කරනු ලබයි. 2022 වසරේ දත්ත අනුව ඉහත වර්ග දෙකම 48%ක් වගා කර ඇත. පොදුවේ ගත් කළ වැඩි වශයෙන් ගොවීන් වගා කරන්නේ සුදු දිගැටි කියලා හඳුන්වන නාඩු සහල් විශේෂය බව කෘෂි විශේෂඥයින් පවසයි. සුදු කොට නමින් හඳුන්වන සම්බා සහල් 26% ක් පමණ වගා කරනු ලබන අතර රතු කෙටි සහල් 21%ක් පමණ වගා කෙරේ. එමෙන්ම රතු සම්බා සහල් වගා කරනු ලබන්නේ 1%ක් පමණයි. මීට අමතරව වසරින් වසර කන්නයෙන් කන්නයට වගා කරන සහල් වර්ග ගොවින් විසින් වෙනස් කරනු ලබයි. වී සම්බන්ධයෙන් මෙරට කරන පර්යේෂණ මොනවද? සෑම විටම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද සොයා ගැනීම සඳහා නිරන්තරයෙන්ම පර්යේෂණ කරන බව වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක පවසයි. "අපි හැම වෙලාවෙම පර්යේෂණ කරනවා විශේෂයෙන් වැඩි අස්වැන්නට, ඒ වගේම ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් බාස්මතී වැනි සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා." "ඒ වගේම නියඟයට ඔරොත්තු දෙන වී වර්ග හදන්න, තාපයට ඔරොත්තු දෙන වී හදන්න, විශේෂයෙන්ම කර්මාන්ත සඳහා ( බිස්කට් නිෂ්පාදනයට) අවශ්‍ය වී හදන්න සහ ඉහළ පෝෂණ ගුණාත්මකභාවයෙන් යුත් වී හදන්න පර්යේෂණ කරනවා." "පොදුවේ අපි වී හදද්දී ලෙඩ රෝග වලටත් ( රෝග සහ පලිබෝධ) ඔරොත්තු දෙන විදිහේ වී තමයි හදන්නේ. " "ඒ වගේම කීටයින්ට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවන්න නිරන්තරයෙන් කටයුතු කරනවා. " "එමෙන්ම අඩු පොහොරෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වී වර්ග සම්බන්ධයෙන් නිරන්ත පර්යේෂණ කරනවා." "ඒ වගේම ජලය අඩුවෙන් යොදා ගෙන වගා කළ හැකි වී වර්ග සම්බන්ධයෙන් සොයා ගැනීම සඳහා පර්යේෂණ ගණනාවක් මේ වන විට සිදුකරනවා. " "වී වගාවට යොදන පොහොර වලින් වැඩි ප්‍රතිචාරයක් දක්වන වී වර්ග සොයා ගන්න, වල් පැලෑටි සමග තරග කරන්න හැකි වී වර්ග සොයා ගන්න විශාල පර්යේෂණ රැසක් සිදුකරනවා." "අනෙක් සුවිශේෂී කරුණ තමයි අපි වී වර්ග හදනවා ලවණතාවයට ඔරොත්තු දෙන සහ ජලයෙන් යටවීමට ඔරොත්තු දෙන වගේම යකඩ විෂවීම වැනි අහිතකර පාරිසරික සාධක වලට ඔරොත්තු දෙන වී වර්ගත් සාදනු ලබනවා." "ඊට අමතරව දෙමුහුන් වී ප්‍රභේද සෑදීමට වී පර්යේෂණ ආයතනය කටයුතු කරමින් සිටිනවා." ඔහු සඳහන් කළේය. ලංකාවේ වැඩියෙන්ම සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක මොනවා ද ? ලංකාවේ වැඩිම සහල් නිෂ්පාදනයක් සිදුවන්නේ අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවලය. වැඩි අස්වැන්නක් ලබනුයේ මහවැලි උඩවලව කලාපයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වේ. 2018 සිට 2020 යන කාලය ගත්විට වැඩිම අස්වැන්නක් ලැබී ඇත්තේ තෙත් කලාපයෙන් වන අතර මෙට්ට්‍රික් ටොන් 04 කට වැඩි වී අස්වැන්නක් කෑගල්ල, නුවර, නුවරඑලිය සහ රත්නපුරය දිස්ත්‍රික්ක වලින් ලැබී ඇත. මෙයට අමතරව කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලින් මෙට්ට්‍රික් ටොන් 4.5 කට වැඩි වී අස්වැන්නක් ලැබි ඇත. වව්නියාව, මන්නාරම, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් මෙට්‍රික් ටොන් පහකට වැඩි අස්වැන්නක් ලැබි තිබේ. විශේෂයෙන් අඩු අස්වැන්නක් ලැබෙන දිස්ත්‍රික්ක ලෙස ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ලෙස හැඳින්විය හැක. වී වගාවේ අස්වැන්න තීරණය වීමට බලපාන ප්‍රධාන කරුණ ලෙස පසේ ගුණාංග සලකනු ලැබේ. වපුරන වී ප්‍රභේදය, කාලගුණ තත්ත්වය, ලෙඩ රෝගවලට ඔරොත්තු දීම හැකියාව වී අස්වැන්නට බලපානු ලබන ප්‍රධාන සාධක ලෙස සඳහන් කළ හැකිය. වැඩි වී අස්වැන්නක් ලැබෙන්නේ කුමන කන්නයේ ද ? "සාමාන්‍යයෙන් යල කන්නයට ලැබෙන අස්වැන්න වැඩියි. එයට හේතුව ලැබෙන සුර්යාලෝකය යි. යල කන්නයේදී වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර් එකෙන් ලැබෙන වී ප්‍රමාණය වැඩියි." වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා පැවසීය. "නමුත් මහ කන්නයේදී වගා කෙරෙන කුඹුරු හෙක්ටයාර එකකින් ලැබෙන වී අස්වැන්න අඩුයි. මොකද මේ කාලයේදී ගොඩක් වෙලාවට අහස වලාකුළු වලින් බරව තියෙන්නේ. වී වර්ග ප්‍රභාසංස්ලේෂණය කරන්න ඕන. එතකොට මහ කන්නයේ දී ලැබෙන අස්වැන්න අඩුයි." "ඒ වගේම පොදුවේ ගත්තම මහ කන්නයේදී හෙක්ටයාර අට ලක්ෂයක් හෝ අට ලක්ෂ පනස්දහසක් පමණ වගා කරනවා. යල කන්නයේදී සාමාන්‍යයෙන් අපි වගා කරන්නේ හෙක්ටයාර හාර ලක්ෂයක් හෝ හාර ලක්ෂ පනස්දහසක් වගේ ප්‍රමාණයක්." 'එතකොට සම්පුර්ණ නිෂ්පාදනය අතින් ගත්තම මහ කන්නයේ නිෂ්පාදනය වැඩියි, යල කන්නයේ නිෂ්පාදනය අඩුයි." ආචාර්ය ජයන්ත සේනානායක පැවසුවේය. මෙරට වගා කරන දේශීය සහල් වර්ග මොනවාද ? මෙරට තුල දේශීය සහල් ප්‍රභේද වගා කිරීමට කැමති ගොවීන් සඳහා බතලේගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානය විසින් වී වර්ග කිහිපයක බිත්තර වී ලබා දෙනු ලබයි. ඒ, සුවඳැල්, කළු හීනැටි, සුදු හීනැටි, පොක්කාලි, පච්චපෙරුමාල්, මඩතවාලු, සුඳුරු සම්බා, හේරත් බණ්ඩා, බෙහෙත් හීනැටි, කුරුළු තුඩ සහ සත්දැල් වේ. වී වගාවේ දී මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද ? පාරිසරික වෙනස්වීම් සහ වී මිල ඇතුළු කරුණු කිහිපයක් වී වගාවේදී මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධාන අභියෝග ලෙස හැඳින්විය හැක. "එමෙන්ම වී වගාවේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි අහිතකර කාලගුණ තත්ත්වය. හිටි හැටියේ දැඩි නියඟයක් ආවොත්, එහෙම නැත්නම් දැඩි වර්ෂාවක් ආවොත් වී වගාවට පාරිසරික සාධක වෙනස්වීම දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ලබනවා." "එයට අමතරව විශේෂයෙන් පළිබෝධ හානිකර තත්ත්වය වී වගාවට බලපෑම් එල්ල කරනු ලබනවා. දුඹුරු පැල කීඩෑවන්ගෙන් වන හානිය වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ නිසා වී වගාවට හානිවන අවස්ථා ගොඩක් වාර්තා වුණා." අචාර්ය සේනානායක පැවසුවේ ය. ඉදිරියේදී හඳුන්වා දීමට යන නව වී ප්‍රභේද මොනවා ද ? "පසුගිය වසරේදී අපි අලුත් වී ප්‍රභේද හතරක් සහ ඊට පෙර වසරේදී අලුත් වී ප්‍රභේද තුනක් නිදහස් කළා. " "අපේ වී පර්යේෂණ කරන මධ්‍යස්ථාන තුනක් තියනවා. ඒවායින් වාර්ෂිකව ගත්තම වී ප්‍රභේද රැසක් තියෙනවා නිදහස් කරන්න. නමුත් අපි නිදහස් කරන්නේ ඊට පෙර අපි නිදහස් කර තිබෙන වී ප්‍රභේදයන්ට සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවට තහවුරු කළ හැකි වී ප්‍රභේදයක් පමණයි." "ළඟදිම බාස්මතී වී ප්‍රභේද ඇතුළු තවත් නව වී ප්‍රභේද කිහිපයක් ගොවීන්ට නිකුත් කරන්න හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තුව සිටිනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය කාබනික පොහොර නිසා වී වගාවට සිදුවූ බලපෑම කුමක්ද? 2021 සහ 2022 යන වසර වලදී මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙනු කාබනික පොහොර හඳුන්වා දීම හේතුවෙන් වී අස්වැන්න ලැබීමේ යම් අඩුවක් වූ බව බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකවරයා පැවසීය. "ඇත්තටම මට මතක විදිහට මුලින්ම හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් 2.8 කට වගේ ආසන්න අස්වැන්නක් ලැබුණා පළමුවෙන්ම. ඊට පස්සේ හෙක්ටයාර එකකට මෙට්ට්‍රික් ටොන් 2.6 කට වගේ අස්වැන්නකට ගියා. ඊට පස්සේ එය හෙක්ටයාර එකකට මෙට්ට්‍රික් ටොන් 3.6 කට අස්වැන්නකට ගියා." "අපේ සාමාන්‍යයෙන් 2021 වෙද්දී තිබුනේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.75ක් වගේ. මේක කලාපයේ වැඩිම අස්වැන්නක් බංග්ලාදේශය ළඟට." "එතකොට ඒක අර පොහොර නොයෙදීම සහ නුසුදුසු කාබනික පොහොර යෙදීම නිසා මේ අස්වැන්න භාගයකට වඩා අඩුවුණා පළමු අවස්ථාවේදී. ඊට පස්සේ මේ අස්වැන්න අඩු වුණා. නමුත් මේ කන්නයේදී අපි බලාපොරොත්තු වෙනවා හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4ක් ලැබෙයි කියලා." ඔහු පැවසීය. මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාව කොපමණ ද ? මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාවය හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 2.4ක් වේ. "වී කොටද්දී මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන්. හොඳටම පොලිෂ් කලොත් වී කිලෝ 100 කට හාල් ලැබෙන්නේ කිලෝග්‍රෑම් 60ක ප්‍රමාණයක්." "වාර්ෂිකව මෙරට වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12 -13 කට ආසන්න වෙනවා. එතකොට එහිදී සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්ට්‍රික් ටොන් 4.5 කියලා ගත්තත් ඇත්තටම ලංකාවේ අතිරික්ත සහල් නිෂ්පාදනයක් එනවා හැම කන්නයකදිම." "නමුත් පසුගිය කාල සීමාවේදී එහි අඩුවක් වුණා කාබනික පොහොර යොදා ගැනීම නිසා." "2021 වසරේ ගත්ත දත්ත අනුව බැලුවම රටේ සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණා මිලියන මෙට්‍රික් ටොන් 0.8ක වගේ. ඒ කියන්නේ අවශ්‍යතාවයට වැඩිය සහල් තිබෙනවා අපිට." බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේ ය. ඉදිරියේදී සහල් හිඟයක් ඇති වෙයිද ? පවතින වියලි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී රටේ වී අස්වැන්නේ අඩුවීමක් හෝ සහල් හිඟයක් ඇතිවීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය ආචාර්ය ජයන්ත සේනානායක ගෙන් විමසුවේ ය. "ඇත්තටම දැනට තියෙන දත්ත මත අපගේ ආර්ථික විශ්ලේෂකයින් සමග ඒ ගැන විශ්ලේෂණය කළා. ගිය මහ කන්නයෙන් සහ මෙවර යල කන්නයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අස්වැන්න ගත්තොත් අපිට ඇත්තටම මාස 13 කට අවශ්‍ය සහල් තියනවා." "ඒ වගේම අපි ළඟ දත්ත නැහැ. නමුත් ප්‍රධාන පෙළේ මෝල් හිමියන් සහ සුළු පරිමාණ මෝල් හිමියන් සතුවත් වී තොග ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා දැනට වහාම සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ." "මේ නියං තත්ත්වය බලපාලා තියෙන්නේ හම්බන්තොට ප්‍රදේශයට. නමුත් අගෝස්තු මස 10 වෙනිදා එහෙට වතුර දීලා තියෙනවා. එහෙම වුනොත් එහෙට හානියක් ඇතිවෙන්නේ නැහැ." "ඒ වගේම මේ වෙද්දී මොණරාගල දිස්ත්‍රික්කයේ ගොයම් කැපෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහරක් පැතිවල ගොයම් කැපෙමින් තියෙනවා. ඒ වගේම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ගොයම් කැපිලා අවසන් කියලයි ආරංචි වෙන්නේ." "එතකොට මේ නියඟ තත්ත්වය නිසා වර්ෂාව ඉදිරියේදී අඩු වුනොත් මම හිතන්නේ නැහැ ඒකෙන් ගොඩක් ලොකු හානියක් ඇතිවෙයි කියලා." ඔහු පැවසුවේය. ඉන්දියාවේ තීරණය ලංකාවට බලපෑමක් එල්ල කරයිද ? ඉන්දියාව සහල් අපනයනය තහනමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට යම් බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයෙන් විමසුවෙමු. එහිදී ඊට පිළිතුරු දෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පැවසුවේ මෙරටට පසුගිය වසරේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරිමට කටයුතු කළ බවත්, ඉන් සියයට 95ක ප්‍රමාණයක් ආනයනය කරනු ලැබුවේ ඉන්දියාවෙන් බවයි. "මේ වෙනකොට ලංකාවට සහල් ආනයනය කිරීම තහනම් කරලා තිබෙන්නේ. මේ වෙද්දී රටේ සහල් තොග තිබෙනවා ඉදිරි පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් සහල් අතිරික්තයක් නැහැ." "පවතින නියං තත්ත්වය හෝ යම් වගා හානියක් සිදුවුවහොත් තමයි සහල් ආනයනය කරන්න වෙන්නේ. නමුත් දැනට එවැනි තත්ත්වයක් උදාවෙලා නැහැ." "ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීමට ගත් තීරණය නිසා අපට සහල් අවශ්‍ය වුවොත් පාකිස්ථානය, බුරුමය හෝ වියට්නාමය වැනි රටවලට යන්න වෙනවා." "නමුත් ඉන්දියාව එක්ස්පෝර්ට් බෑන් කළාට පස්සේ වියට්නාමයත් සහල් අපනයනය තහනම් කළා කියලයි මම හිතන්නේ." ඔහු පැවසුවේය. මේ අතර, ඉන්දියාව පනවා ඇති සහල් අපනයන තහනම හේතුවෙන් මෙරටට අවශ්‍ය කරනු ලබන බාස්මතී වැනි සහල් වර්ග ආනයනය කිරීමේ යම් ගැටලුවක් පැන නැගිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය. ඒ හැර ජනතාව විසින් එදිනෙදා පාරිභෝජනයට ගනු ලබන නාඩු සහ සම්බා සහල් වර්ග රට තුළ පවතින බැවින් ඒවා ආනයනය කිරිමට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය. කුඹුරු අක්කර 50,000කට හානි දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේවන විට කුඹුරු අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසුවේ ය. අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණයක් හානියට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. එමෙන්ම හම්බන්තොට, පොලොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවලද කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බවට නිරීක්ෂණය කර ඇති බව ඔහු පැවසුවේය. දැනට පවතින තත්ත්වය මත යල කන්නයේ වී අස්වැන්නේ 10%ක් පමණ අඩුවක් සිදුවනු ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට ඉදිරි මාස 10කට අවශ්‍ය සහල් තොග පවතින බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවතින සහල් තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා දීමට නොහැකිව ඇත්තේ ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියන් ඊට අදාළ තොරතුරු ලබා නොදීම නිසා බව ද පවසා සිටියේ ය. |
LPL: ක්‍රිකට් කණ්ඩායම්වල හිමිකරුවන් කවුද? | 2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05 තරග වදින අතර තරගාවලියට සුවිශාල ආයෝජනයක් කරමින් එම කණ්ඩායම්වල හිමිකාරීත්වය දරන්නේ කවුදැයි ඔබ දන්නවාද? ඔවුන් වැඩි දෙනෙක් ලාංකිකයින් වන අතර ක්‍රිප්ටෝකරන්සි, ජංගම දුරකථන ජාල, ජනමාධ්‍ය, දේපළ වෙළඳාම් හා කෝමාරිකා වගා ව්‍යාපෘති අතුළු දෙස් විදෙස් ආයෝජන ව්‍යාපෘතිවල නිරත ව්‍යාපාරිකයින්ය. කලම්බු ස්ට්‍රයික්ස්, දඹුල්ල ඕරා, ගෝල් ටයිටන්ස්, ජැෆ්නා කිංග්ස් සහ B-Love කැන්ඩි නම් වූ කණ්ඩායම් පහ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන කණ්ඩායම් වේ. 2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර මේ දිනවල පැවැත්වෙමින් ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරණු ලබන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ දඹුල්ල ඕරා කණ්ඩායමයි. මෙම කණ්ඩායම්වල හිමිකාරිත්වය දරනු ලබන්නේ කවුද ? මේ ඒ සම්බන්ධයෙන් වන සොයා බැලීමකි. 1. කලම්බු ස්ට්‍රයිකර්ස් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයේ වෙනසක් මෙම වසරේ දී සිදුවිය. ඒ අනුව එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි SKKY ගෲප් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන සාගර් කන්නා වේ. ඔහු ඉඩම් හා දේපළ වෙළෙඳාම, සංචාරක කටයුතු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සිය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන අයෙකු ලෙස හැඳින්වේ. ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කර ගත් ක්‍රිකට් තරගාවලියේ සම නිර්මාතෘවරයෙකූ මෙන්ම ස්කයි ස්ට්‍රයිකර්ස් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන්නේද සාගර් කන්නා විසිනි. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන සයිමන් හෙල්මාට් කටයුතු කරනු ලබයි. මේ අතර එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වූ චමින්ද වාස් ය. 2. B- Love කැන්ඩි මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වයේ ද වෙනසක් සිදුවිය. B- Love කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරිකයෙකු වන ඔමාර් ඛාන් විසින්ය. B - Love නම් වූ එම ක්‍රිප්ටෝකරන්සි මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ද ඔමාර් ඛාන් ගේ හිමිකාරිත්වය යටතේ ඇති Innovation Factory නම් සමාගම විසිනි. ඔමාර් ඛාන්ට අමතරව බොලිවුඩ් නළු සංජේ දත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මර්වාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ද මෙහි සම හිමිකරුවන් වේ. එමෙන්ම මෙම කණ්ඩායමේ උපදේශකයින් ලෙස වසීම් අක්‍රම් සහ ජාවේඩ් මියන්ඩාඩ් කටයුතු කරනු ලැබේ. B - Love සමාගම 2023 සාජාහි පැවති පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර වූ 20/ 20 ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහකත්වය දක්වා ඇති අතර පකිස්ථාන සුපර් ලීග් 08 වන අදියරේ නිල අනුග්‍රාහකත්වය ද දක්වා ඇත. B - Love කැන්ඩි කණ්ඩායමේ පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුෂ්ටාක් අහමඩ් කටයුතු කරනු ලැබේ. එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා කමල් ෆාරීඩි වේ. 3. දඹුල්ල අවුරා දඹුල්ල අවුරා කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ මෙරට ව්‍යාපාරිකයෙකු වන අවුරා ලංකා සමාගමේ හිමිකරු වන විරංජිත් තාඹුගලය. අවුරා ලංකා සමාගම යටතේ ව්‍යාපාර කිහිපයක්ම පවතින බව හිමිකරු වන විරංජිත් තාඹුගල විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත. ඒ අතරින්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා හර්බල් යන ව්‍යාපෘති දෙක ප්‍රධාන තැනක් ගනියි. පසුගිය තරගාවලි කිහිපයට සාපේක්ෂව මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුළ දඹුල්ල අවුරා කණ්ඩායම පෙරළියක් සිදුකරමින් ප්‍රසාද ලකුණු 12ක් ද සමගින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ. දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කරනු ලැබේ. එමෙන්ම එම කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසුරියයි. 4. ගෝල් ටයිටන්ස් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නව හිමිකරුවෙකු විසින් මිලට ගනු ලැබ තිබේ. ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු වන නයන වාසලතිලකය. ඔහු ඕස්ට්‍රේලියාවේ Malibu Caravans Campbellfield සමාගමේ හිමිකරු වේ. නයන වාසලතිලක සමගි ජනබල වේගය පක්ෂයේ හපුතලේ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ චාමර කපුගෙදරය. ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ අචින්ත හේවානායක වේ. 5. ජැෆ්නා කිංග්ස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා දෙමළ ව්‍යවසායකයෙකු වන සුබාස්කරන් අල්ලිරාජා ය. සුබාස්කරන් අල්ලිරාජා ලයිකා මොබයිල් සමාගමේ හිමිකරිත්වයට අමතරව මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක ද හිමිකාරිත්වය දරනු ලබයි. එයට අමතරව සුබාස්කරන් අල්ලිරාජා විසින් සංචාරක, සිනමා ඇතුළු ක්ෂේත්‍ර රැසක ද සිය ව්‍යාපාර කටයුතු පත්වා ගෙන යනු ලැබේ. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරයි. එම කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හැරී ගනේෂන් වහීසන් වේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන අතර එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ. |
ඔන්ලයින් ණය : 'මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ මල්ලිට ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා' | පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් හරහා ණය ලබා ගත් වැඩි දෙනෙකුට දැන් සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි’ අත්දැකීමට මුහුණ දීමටය. පෞද්ගලික තොරතුරු ඔන්ලයින් ඔස්සේ තෙවැනි පාර්ශවයක් අතට පත්වීම නිසා විවිධ අපහාසයන්ට ගොදුරු වීමට මෙන්ම නීතියෙන්ද නිසි පිලිසරණක් නොමැති වින්දිතයින් පිරිසක් බවට පත්වීමට ණය ආපසු ගෙවාගත නොහැකි වූ ගනුදෙනුකරුවන් වැඩි දෙනෙකුට සිදුව ඇති බව මේ පිළිබඳ බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය. රටේ පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම හමුවේ ජනතාවගෙන් බහුතරයක් සිය මාසික වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල් අතමාරු කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. බැංකු මගින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ ගතවන කාලය හේතුවෙන් ඉක්මනින් ණය ලබා ගැනීමට උනන්දුවන පුද්ගලයෝ බොහෝ විට මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පොලියට මුදල් ලබා දෙන පුද්ගලයින්, සිය මිතුරන් හෝ ඥාතින්ගෙන් ණය ලබා ගැනීමට පෙළඹී සිටිති. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් විට කෙටි පණිවුඩ හරහා ද ප්‍රචාරණ කටයුතු කරනු ලබන ඔන්ලයින් ණය දෙන ආයතන වලින් ද බොහෝ පිරිසක් හදිසි ණය අවශ්‍යතා සපුරා ගන්නේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය. “ණය ඉල්ලුම් කිරීමේදී පෞද්ගලික දත්ත ඔවුන් සතු කර ගන්නවා” ණය ලබා ගැනීමට ඉල්ලුම් කරනු ලබන පුද්ගලයින් ඊට අදාළ තොරතුරු සැපයීමේදී නොදැනුවත්ම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අදාළ සමාගම වෙත සපයනු ලබයි. "ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප් එකේ හරි ප්‍රමෝෂන් මැසේජස් තියෙන්නේ. ඒ විදිහට මැසේජ් එනවා මිනිත්තු පහෙන් ලෝන් එකක් දෙනවා, ඇපකරුවන් අවශ්‍ය නැහැ, ඔබට මුදල් හදිස්සියක් ද කියලා ඔය වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කර ගන්න විදිහට මැසේජ් එකක් එනවා." බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් නීතිඥ සඳරුවන් සේනානායක පැවසීය. "සාමාන්‍යයෙන් වට්ස්ඇප් එකට හරි ෆේස්බුක් එකට මැසේජ් එක එන්නේ ලින්ක් එකත් එක්ක. ඒ ලින්ක් එක ක්ලික් කලාට පස්සේ ඔවුන් නිර්මාණය කරපු ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ෆෝන් එකට. ඒකෙ අදියර හතරක් විතර තියෙනවා. ඒ ටික අනුගමනය කරන් යද්දී අවසාන අදියරට යද්දී ඒ ණය ඉල්ලුම්කරුගේ ෆේස්බුක් එකයි විද්‍යුත් තැපල් ගිණුමයි හැක් වෙනවා." "විද්‍යුත් තැපැල් ගිණුම හරහා අපේ දුරකථනයේ තියෙන කන්ටැක්ස් ( දුරකථන අංක) වගේම ෆේස්බුක් එකේ පාලනයත් ඒ අයගේ අතට යනවා. නමුත් ඒ අය මොකුත් කරන්නේ නැහැ." "ඉන් පසුව ඔවුන් දැනුම් දෙනවා ණය ඉල්ලුම්කරුට තමන්ගේ ජාතික හැඳුනුම්පත අත තබාගෙන සෙල්ෆි ජායාරූපයක් ගෙන එය ඔවුන්ට යොමු කරන්න කියලා." “ණය දීම හරහා කෙරෙන සූරා කෑම” සියලු කරුණු සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ණය ඉල්ලුම්කරුට පළමු පියවර වශයෙන් ණය නිකුත් කිරීම සිදුකරනු ලැබුවද අදාළ සමාගම සඳහා මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ණය ලබාදීම හරහා අදාළ සමාගම් අධික පොලියක් අය කර ගනු ලබන බවය. "ඉස්සෙල්ලාම රුපියල් 7,500 -10,000 සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වා ණය මුදලක් මෙම ආයතනය විසින් සපයනු ලබනවා. " "දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙමෙයි. ණය ගන්න කෙනෙක් කැමතියි. ඒ නිසා ණය ලබා දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. " "ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් නිකුත් කළා. අන්න ඒ චක්‍ර ලේඛය අනුව ඔන්ලයින් හරි දුරකථනය භාවිත කරලා ණය දෙනව නම් ඒකට වෙනම අවසරයක් ගන්න ඕන. ඔය ණය දෙන එකම සමාගමක්වත් ඒ අවසර අරන් නැහැ. " "ඊළඟ කාරණාව මේ සමාගම් එක්කවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක්." "අනිත් කාරණාව ණය ලබා දෙන්නේ පොලි රහිතව කියලයි. හැබැයි රුපියල් 10,000 ක ණයක් ඉල්ලුම් කළාම ණය ඉල්ලුම්කරුට ලැබෙන්නේ රු. 7,000ක් විතරයි. ඒකත් දවස් 10ක් ඇතුලත ගෙවන්න ඕන." "ඒ කියන්නේ දවස් දහයට පොලිය රුපියල් 3,000ක්. හරියට බැලුවොත් සියයට 30ක පොලියක් අය කරනවා. මාසයක කාලයක් යනකොට සියයට 90ක් පොලිය. එතකොට මේ ණය දෙන පිරිස් අධික ලාභයක් උපයනවා." "මේක පිරිමිඩ් වලටත් එහා ගිය දෙයක්. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. " "යම් විදිහකින් අර රුපියල් 7000ක් ණයට ලැබුන කෙනා දවස් 10ක් ඇතුළත රුපියල්10,000ක් ගෙවන්න ඕන. ඒ නියමිත දිනයට මුදල් ගෙවන්න බැරි වුනාම දවසකට 10%ක අමතර පොලියක් අය කරනු ලබනවා. ඒක තමයි ඔවුන්ගේ සැලැස්ම." ඔහු පැවසුවේ ය. මේ ණය දෙන ආයතනවලට කාර්යාලයක් තිබේ ද? මෙම ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය විය. පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට ලබාදී ඇති ලිපිනයන් පරික්ෂා කර බැලීමේදී එම ස්ථානවල එවන් සමාගමක් පිහිටා නොමැති බවට ද කරුණු හෙළිව තිබේ. නීතිඥ සඳරුවන් සේනානායක පැවසුවේ මෙලෙස ණය ලබා දෙන එක් සමාගමක අධ්‍යක්ෂකවරයා මෙන්ම කොටස් හිමියා ලෙස කටයුතු කරනු ලබන්නේ තනි පුද්ගලයෙකු බවයි. "මේ සමාගම එකම වුවත් ඔවුන් විවිධ නම් වලින් සමාජ මාධ්‍යයේ පෙනී ඉදිමින් ප්‍රචාරණ කටයුතු කරනවා." ණය නොපියවන පුද්ගලයින්ට අත්වන ඉරණම මෙම ණය දෙන සමාගම් මගින් මුදල් ණයට ගෙන යම් හෙයකින් නියමිත දිනයට මුදල් නැවත පියවීමට අපොහොසත්වන පුද්ගලයින්ට ඉතා අප්‍රසන්න සිදුවීම් වලට මුහුණ පෑමට සිදුව තිබේ. "ණය ලබා ගන්නා පුද්ගලයින්ට යම් විදිහකින් නියමිත දිනට මුදල් ගෙවීමට නොහැකි වෙලා යම් කාලයක් ගතවුනොත් අදාල ණය දෙන සමාගම කරන්නේ ණය ගත් පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබෙන සම්බන්ධතා ලැයිස්තුවට (කන්ටැක් ලිස්ට්) එකේ සිටින පුද්ගලයින්ට කෙටි පණිවිඩ යොමු කරනවා.” නීතිඥ සේනානායක පැවසීය. "ඒ කෙටි පණිවිඩයේ සඳහන් වනවා මෙහෙම ණය අරක් තිබෙනවා අදාළ පුද්ගලයා විසින්. ඔහු ඒ මුදල නැවත පියවා නැහැ. ඔහු වංචාකාරයෙක් කියමින් පණිවිඩ යවනවා. " "ඊට පස්සේ අර කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කරනවා. ඔය අතර වාරයේදී ලබා ගත්ත ජායාරූපය යොදා ගෙන ෆේස්බුක් හෝ වට්ස්ඇප් ගිණුමේ සිටින පුද්ගලයින්ට ඒවා යොමු කරනවා ණය අරන් නොපියවා ඉන්න පුද්ගලයෙක් බව කියලා. " "අන්න එතැනින් තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. මේ ඔක්කොම නීතියෙන් තහනම් වැඩ." “අම්මගේ අසනීපය නිසයි මම ණය ගත්තේ” සිය මවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන සමාගම් කිහිපයකින් ණය ලබා ගෙන මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව සිටින ගුරුවරියක් බීබීසි සිංහල සේවයට මෙලෙස අදහස් දක්වා සිටියාය. ඇයගේ ඉල්ලීම මත ඇගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට බීබීසි සිංහල කටයුතු කරන එබැවින් අපි ඇයව ස්වර්ණා ලෙසින් හඳුන්වන්නෙමු. " මම ගුරුවරියක්. පසුගිය කාල සීමාවේ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ නිසා මම අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතන වලින් ණය ලබා ගන්න පෙළඹුණා." "මුළින්ම රුපියල් 5,000ක් වගේ පොඩි ගණන් වලින් තමයි ණය ලැබුනේ. මම ඒ වගේ ආයතන කිහිපයක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගත්තා. " "ණය ගන්න හේතුව වුනේ මගේ අම්මාට අසනීප වුණා. වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මම බැංකු වලින් ණය ගන්න උත්සාහ කළත් මගේ වැටුප ඇපයට තබා ගෙන ණය ගන්න විදිහක් තිබුනේ නැහැ." "මම අවුරුද්දක් විතර මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් වලින් මුදල් අරන් ඒවා හැම මාසයකදීම පියෙව්වා. ලොකු පොලියක් අය කරනවා ඒ අය. නමුත් හදිස්සියට වෙන ගන්න තැනක් නැති නිසා කරන්න දෙයක් නැහැ." මේ අතරතුරදී මගේ ආර්ථික ප්‍රශ්න තවත් උත්සන්න වුණා. ඒ නිසා බැරිම තැන මම එයාලට කිව්වා මට ගෙවන්න සල්ලි නැහැ. මට ටික කාලයක් අවශ්‍යයි කියලා." "ඒ වෙද්දී මම එක ණය දෙන ආයතනයකින් රුපියල් 40,000ක් වගේම තවත් ආයතන කිහිපයකින් තව මුදල් ප්‍රමාණයක් ණයට අරන් තිබුණේ." "දැන් මම අර රුපියල් 40,000ක් ණයට ගත්ත සමාගමෙන් මාස එකහමාරක කාලයකට පොලී පිට පොලී එකතු කරලා රුපියල් 239,000ක් ගෙවන්න කියලා මට කියනවා." "ඒ වගේම අනෙක් ණය දුන් ආයතනත් වැල් පොලියට පොලී එකතු කරලා ඒ ණය ගෙවන්න කියලා කෝල් පිට කෝල් දෙනවා මට." "සාමාන්‍යයෙන් උදේ 6.00 ඉදලා රෑ 8.00 වෙනකම් මේ විදිහට මාරුවෙන් මාරුවට කෝල් කරනවා. අඩුම තරමින් එක දවසකට කෝල් 60ක් වත් එනවා. මම ඒ නිසා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය මගේ අම්මටත් කෝල් කරනවා. එයා අසනිපෙන් ඉන්නේ." "දැන් ටික දවසකට කලින් මම රැකියාව කරන පාසලට කෝල් කරලා විදුහල්පතිට කියල තිබුණා මම මෙහෙම ණය අරන් නැවත ගෙවන්නේ නැහැ කියලා." "පස්සේ මට කතා කරල කිව්වා ළඟදීම ඉස්කෝලෙට එනවා ලෝයර් කෙනෙකුත් අරන්, ඒ ආවම ණය මුදලෙන් භාගයයි ලෝයර්ගේ ගාස්තුවයි මම ගෙවන්න ඕන කියලා. මම කිව්වා එහෙම ගෙවන්න දැන් මගේ අතේ මුදල් නැහැයි කියලා. එතකොට ඒ කතා කරපු කෙනා කිව්වා ඒකට කරන්න දෙයක් නැහැ. කොහොම හරි සල්ලි ගෙවන්න ලෑස්ති කරන්න කියලා." "මම ඇත්තටම සල්ලි ගත්තේ මම පත්වෙලා හිටපු තත්ත්වය නිසා. ඒත් දැන් පුදුම විදිහට මානසිකව පීඩනයට ලක් වෙලා ඉන්නේ." ඇය පැවසුවාය. “මිතුරිය නිසා ණය උගුලේ සිරවුණු රම්‍යා” විදේශ ගතවූ සිය මිතුරියකගේ ඉල්ලීම අනුව අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතනයකින් සිය නමට රුපියල් 40,000ක ණය මුදලක් ලබා ගත් කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රම්‍යා ( සත්‍ය නම නොවේ) තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසි සිංහල සේවයට මෙලෙස පැවසුවාය. "මගේ යාලුවෙක්ට රට යන්න මුදල් අවශ්‍යව තිබුණා. නමුත් එයාගේ නම ක්‍රිබ් එකේ තියන නිසා ණය ගන්න බැරි නිසා මට ලින්ක් එකක් එව්වා ණයක් අරන් දෙන්න කියලා" "මම ණය ඉල්ලුම් කළාම ඒ අය මට ලින්ක් එකක් එව්වා ෆෝන් එකට ඩවුන් ලෝඩ් කර ගෙන ඒ කියන විදිහට කරන්න කියලා. මම ඒ අනුව හැමදේම කළා. පස්සේ අයිඩින්ටි එක අතේ තියන් ෆොටෝ එකක් අරන් එවන්න කිව්වා එයාලගේ වට්ස්ඇප් නම්බර් එකට. මම ඒකත් කළා." "ඒ ඔක්කොම කරාට පස්සේ මගේ බැංකු ගිණුමට රුපියල් 40,000ක් ලැබුණා. ගිය ජනවාරි මාසයේ දී මම ණය අර ගත්තේ. පස්සේ යාලුවා මගෙන් ඒ ආයතනයේ එකවුන්ට් නම්බර් එකත් ඉල්ලා ගත්තා, එහෙ ගිහින් සල්ලි දාන්නම් කියලා. එයා ජනවාරි මාසෙම කුවේට්වලට ගියා." "ගිහිල්ලා මාසයකට පස්සේ මට අර ආයතනයෙන් කෝල් කළා. සල්ලි ගෙවලා නැහැ කියලා. පස්සේ මම මගේ යාලුවට කිව්වා. එයා කිව්වා ජොබ් එක හරි ගියේ නැහැ ඒ නිසා මාසයක් දෙකක් කල් දෙන්න කියන්න කියලා. පස්සේ මම කම්පැනි එකට කිව්වා කෝල් කරලා. " "ඔය අතර මාස දෙකක් ගියාම, මාර්තු මාසයේදී මගේ ෆෝන් එකේ වට්ස්ඇප් එකේ තියෙන කන්ටැක් ඔක්කොටම මගේ ෆොටෝ එක යවලා මෙයා සල්ලි වංචා කරපු කෙනෙක් කියලා. ඔය මැසේජ් එක මගේ පුතා ඔන්ලයින් ක්ලාස් කරන ඉස්කෝලේ ගෘප් එකටත් ඒ අය යවලා තිබුණා." "ඊට පස්සේ මගේ ඥාති වෙන මල්ලි කෙනෙක් ගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි එකට හදලා වට්ස්ඇප් එකට යවලා තිබුණා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, මේ දෙන්නා සල්ලි වංචාකාරයෝ කියලා." "ඔය අතරේම තමයි මගේ ෆෝන් එකේ කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරලා ඒ කතා කරන අයට කියලා තිබුණා මම වංචාකාරයෙක් කියලා. ඔය වගේ මානසිකව වට්ටවන වැඩ ගොඩක් මේ අය කළා. සමහර පවුල් පවා කැඩෙන විදිහේ කෝල් දිලා තිබුණා." "අවසානයේ දී බැරීම තැන මේ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කළා මම. පොලිසියෙන් මේ ආයතනයේ නිලධාරියෙක්ව කැඳවලා ඒ ගැන ප්‍රශ්න කළා." “ඒ අය කරන්න පුළුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි” බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරනු ලබන නිලංකා(සත්‍ය නම නොවේ) පැවසුවේ තමන් විසින් මුදල් ගෙවීමට ඇති බව සිය පෙම්වතාගේ සහෝදරයාට සහ සේවය කරන ආයතනයේ කළමනාකාරවරයාට පවා දුරකථන ඇමතුම් ලබාදී තිබු බවය. "මට මේ ඔන්ලයින් ලෝන් දෙන කම්පැනි එක ගැන මුලින්ම කිව්වේ යාලුවෙක්. පස්සේ මම යාලුවගෙන් ඒ කම්පැනි එකේ නම්බර් එක ඉල්ලන් True Caller එකේ සර්ච් කරලා බැලුවා. ඒ වෙලාවේදී එකේ පෙන්නුවේ පට්ට පල් හොරු කියලා ඔය වගේ සේව් වෙලා තිබුණේ." "පස්සේ ඔය ගැන හෙව්වම මිනිස්සු බැනලා කමෙන්ට් කරලා තිබුණ නිසා මම යාලුවට කිව්වා සල්ලි ගන්න එපා කියලා." "ඔහොම ටික දවසක් යද්දී මම ඔන්ලයින් සල්ලි දෙන තවත් තැනක් ගැන ඇඩ් එකක් දැක්කා. ඒ කම්පැනි එකේ කන්ටැක් නම්බර් එහෙම දාලා තිබුණා පේජ් එකේ. ඒ වගේම පොස්ට් වල ගොඩක් අය හොඳ කියලා තිබුණ නිසා මම ඒ අයට කෝල් එකක් ගත්තා." "පස්සේ මට ලින්ක් එකක් එවලා කිව්වා ඒක ඩවුන් ලෝඩ් කර ගන්න කියලා. මම ඒ කිව්ව විදිහට කළා. ඒකෙ ඔක්කොම තිබ්බේ ජපන් අකුරු වගේ ඒවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. " "ඊට පස්සේ පළවෙනියට දෙන ලෝන් එක රු. 10,000ක් කිව්වට අපිට එහෙන් දෙන්නේ රු.7,000 යි. අපි දවස් 10ක් ඇතුලත ගත්ත ණය ආපහු ගෙවන්න ඕන. ඒ ගෙවන්න ඕන ගාන රුපියල් දහදාහක්. ඒ අය අපෙන් රුපියල් 6,000ක් පොලිය ගන්නවා.""මම සල්ලි අර ගත්තට ආපහු ගෙව්වේ නැහැ, ඒ අය මට කෝල් කලෙත් නැහැ. " "ඊට පස්සේ මම දැක්කා තවත් ආයතනයක් ණය දෙනවා කියලා. මම එකෙනුත් ණය ඇප්ලයි කළා. ඒ අයත් දෙන්නේ රුපියල් 7000යි හැබැයි දවස් 7ක් ඇතුලත රුපියල් 10,000ක් ගෙවන්න ඕන. මම ණය ගත්තේ 2022 අවුරුද්දේ දී." "මේ ණය ගත්ත තැනින් හරියටම දවස් 07ක් යද්දී මට කෝල් කළා සල්ලි දාන්න කියලා. පස්සේ මම කිව්වා මගේ අම්මා හොස්පිට්ල් ඉන්නේ අද දාන්න වෙන්නේ නැහැ කියලා. මම අම්මගේ මෙඩිකල් රිපෝට් එක පවා යැව්වා. ඊට පස්සේ මට අසභ්‍ය වචනයෙන් බැන්නා කතා කරපු කෙනා. මමත් ආපහු බැන්නා." "මම දන්නේ නැහැ ඒ වෙද්දී ඒ අය මගේ වට්ස්ඇප් එක හැක් කරලා කියලා. " "පස්සේ මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ මල්ලිට ෆොටෝ එකයි, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා. එහෙම යවපු මැසේජ් එකේ ස්ක්‍රීන් ෂෝට් එක එයාලා මට එවලා තිබුණා. " "ඒ වගේම මගේ කම්පැනි එකේ බොස්ටත් ඒක යවලා තිබුණා. " "ඔය අතර වාරයේදී මගේ කන්ටැක් ලිස්ට් එකේ හැමෝටම කෝල් කරලා අහලා මෙහෙම කෙනෙක්ව ඔයාලා දන්නවද ? එයා ලෝන් එකක් අරන් තියෙනවා, එයා ගෙවලා නැහැ. ඔයා තමයි ඇපකරු විදිහට නම් කරලා තියෙන්නේ. ඔයා සල්ලි ගෙවන්න කියලා තර්ජනය කරලා තිබුණා" "පස්සේ මට රුපියල් 30,000ක් වගේ ගෙවන්න කිව්වා. මම කිව්වා එච්චර ගෙවන්න බැහැයි කියලා. පස්සේ මම රුපියල් 10,000ක් වාරික තුනකින් ගෙව්වා. " "නමුත් මෙයාලා කරන්න පුලුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි." "මම මේ ගැන මහ බැංකුවට කතා කළා. එතැනින් කිව්වා මේවා ඒ අයගේ යටතේ පාලනය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම මම පොලිසියට පවා කතා කළා. ළමා හා කාන්තා කාර්යාංශයට පවා කතා කළා. නමුත් සහනයක් ලැබුනේ නැහැ." "අද වෙද්දී මේ වගේ තැන් වලින් ණය අරන් ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයගේ පෞද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ පවා මේ අය එහෙ මෙහෙ ෂෙයාර් කරනවා. එහෙම කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. නමුත් ආර්ථික අතින් අසරණ වුන මිනිස්සුන්ට දැන් මේ නිසා තවත් අසරණ වෙන්න වෙලා." ඇය පැවසුවාය. "එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන" "මෙහෙම කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණය හමුවට ගියත් සිතාසීයක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මන්ද අදාළ සමාගමට නිවැරදි ලිපිනයක් නොමැතිකම නිසා. " නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය. "අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීම හෝ ඒවාට ඉල්ලුම්කිරිම සඳහා යම් නියාමනයක් සිදුකල යුතුයි. ඒ කියන්නේ යම් නිත්‍යානුකුල ලියැවිල්ලක් තියෙන්න ඕන. මොකද ණය ගන්නා පුද්ගලයාට යම් විදිහකින් ආසාධාරණයක් වුවොත් ඒ ගැන පැමිණිල්ලක් කළත් ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නැහැ. හේතුව එම සමාගම් සඳහා ලිපිනයක් නොමැතිකම නිසා." "අන්තර්ජාලය හරහා ණය දීම හෝ එය ලබා ගැනීම සිදුකරන්න පුළුවන් වුනත් එය නිත්‍යානුකුල ගිවිසුමක් හරහා ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු පනත යටතේ ඇක්සස් එකක් තියෙන්න ඕන. යම් අයුරකින් ණය ලබා ගත් අයෙකුට එය නැවත ගෙවීමේ දී මුහුණ දෙන අසීරුතාවන් වලදී ඔවුන් අපකීර්තියට ලක් කරන්න, තර්ජනය කරන්න අයිතියක් නැහැ." "මේ සමාගම් අධික ලෙස ලාභ ලබනවා. නමුත් රජයට ආදායම් බද්දක්වත් ගෙවනවා ද කියා දන්නේ නැහැ." "ඒ වගේම ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නැහැ. " "මේ වගේ ණය ගැනීම් නිසා ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් පාසැල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියා පවා අහිමිවී තිබෙනවා. " "මේ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ ගැන හැකි පමණින් අවශ්‍ය නීති ආධාර ලබා දීමට පියවර ගනිමින් ඉන්නවා." "මේක සම්පුර්ණයෙන් වැරදි වැඩක් වෙන්නේ. එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන. මහ බැංකුව මේ සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමු කිරීම වැදගත්." නීතිඥවරයා පැවසුවේය සයිබර් අපරාධ ඒකකය පවසන්නේ කුමක්ද? අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබා ගත් පුද්ගලයින් නැවත ඔවුන් එම මුදල් පියවීමට අපොහොසත් වීමේදී අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත වෙත වෙනත් පාර්ශවයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයෙන් කරුණු විමසුවෙමු. එහිදී එම ඒකකය සඳහන් කළේ මෙවැනි ණය ලබා ගැනීම් නිසා අපහසුතාවයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි. "මේ ගනුදෙනුවේදී ණය ලබා දෙන ආයතනය විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබා දෙන බවට තොරතුරු තිබෙනවා. පසුව එය ගෙව්වාට පසුව වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ සියයට 40ක් වගේ වැඩි පොලියට." "මිනිස්සු සල්ලි ලබා ගන්නා විට පොලිය ගැන විමසීමක් කරන්නේ නැහැ." "ඒ එක්කම ඔවුන්ගේ ජංගම දුරකථනයට අදාළ ණය ගන්නා සමාගමෙන් ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරල ඔවුන් එකඟ වනවා තමන්ගේ ජංගම දුරකථනයේ ඇති තොරතුරු වලට එම ආයතනයට ප්‍රවේශ වෙන්න අවසරය ලබා දෙනවා කියලා." "මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින් කිහිප දෙනෙක්ම තමන්ට අත්විදින්න වූ තත්ත්වය පිළිබඳව අපගේ ඒකකයට දැනුම් දුන්නා. අපි ඔවුන්ට උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කරන්න කියලා." සයිබර් අපරාධ ඒකකය සඳහන් කළේ ය. නියාමනයට නව පනතක් අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන ඇතුළු කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව මේවන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. එමෙන්ම දැනට පවතින නීති පද්ධතිය අනුව යම් පුද්ගලයෙකුට මහජන තැන්පතු ලබා ගැනීමෙන් තොරව තමන් සතු මුදල් යොදවා ණය දීමට මහ බැංකුවේ අවසරයක් අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කල් බදු පහසුකම් ලබා දීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ එම ආයතනය ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය. පවතින තත්ත්වය සලකා බලා ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට යෝජනා කර තිබේ. ඒ අනුව ඊට අදාළ කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇති අතර, ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන මගින් ණය ලබා ගත් පුද්ගලයින්ට අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නේද යන්න ගැන මෙහිදී බීබීසි සිංහල විමසනු ලැබීය. ඊට පිළිතුරු දෙමින් එම බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි ආයතන නියාමනය කිරීමට නීතිමය බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැති නිසා ඊට මැදිහත් වීම අපහසු කරුණක් බවය. යම් ගනුදෙනුකරුවෙකුට අත්විදීමට සිදුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතියේ සරණ පැතිය හැකි බවද එහිදී බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. |
'පාසල් විෂය මාලාවට AI එක් කිරීම' අධ්‍යාපන ඇමතිගේ වහසිබස් දෙඩීමක් ද? | මොනරාගල දිස්ත්‍රික්කයේ හම්බෙගමුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන කෞෂල්‍යාගේ (සැබෑ නම නොවේ) සිහිනය වූයේ, අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිට ඉංජිනේරුවරියක වීම ය. එහෙත්, ඇයට උසස් පෙළ ගණිතය විෂය ධාරාව ඔස්සේ හැදෑරීමට අවස්ථාවක් උදා නොවූයේ, ඇගේ වරදින් නොවේ. ඇය ඉගෙනුම ලැබූ පාසලේ හෝ ආසන්න පාසලක ගණිතය විෂය ධාරාව ඉගැන්වීමට ගුරුවරුන් නොසිටි හෙයින් ඇය හමුවේ විකල්ප දෙකක් තිබිණි. ඉන් එකක් වූයේ, කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ඇඹිලිපිටිය නගරයේ පාසලකට ඇතුළු වීම ය. දෙවැන්න, ගණිත විෂය ධාරාව අතහැර පාසලේ ඇති වෙනත් විෂය ධාරාවක් තෝරා ගැනීම ය. දරිද්‍රතාවයෙන් පෙළුණු කෞෂල්‍යාට, වන අලි ප්‍රහාරයකින් සිය පියා ද අහිමි වී සිටි හෙයින්, දිනපතා කිලෝමීටර් 30ක් ගෙවා පාසල් යාමට මෙන් ම උපකාරක පන්ති යාමට ද අවශ්‍ය මූල්‍යමය හැකියාවක් නොවී ය. ඒ අනුව, ඇය හමුවේ ඉතිරි වූ එක ම විකල්පය වූයේ, ඉංජිනේරු සිහිනයට සමුදී කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලැබීම පමණි. ඇය මේ වන විට, කලා විෂය ධාරාව යටතේ සිංහල, බෞද්ධ සංස්කෘතිය සහ දේශපාලන විද්‍යාව හදාරමින් සිටී. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විෂය ධාරා 4ක් යටතේ විෂයයන් 66ක් හඳුන්වා දී තිබේ. කෙසේ වෙත ත්, නාගරික පාසල් හැරුණුකොට පාසල් රැසක එම විෂයයන් සියල්ල ඉගැන්වීම සිදු නොකෙරෙන බව ගුරු සංගම් පවසයි. ගුරු සංගම් චෝදනා කරන්නේ, එවැනි තත්ත්වයක් තුළ දරුවන්ගේ කැමැත්ත පරිදි විෂයයන් තෝරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ය. කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට මේ වන විට ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තාක්ෂණය පදනම් කර ගත් වෘත්තියාභිමුඛ මට්ටමක පවතී. ඒ අනුව, කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා විවිධ රටවල් පියවර ගෙන ඇති අතර, තවත් රටවල් ඒ සඳහා සූදානම් වෙයි. යුනෙස්කෝ සංවිධානය මේ වසරේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 'ඩිජිටල් නවෝත්පාදන අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ සහය හිමි වන,' බව ය. ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ද කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීමට මාස 6ක් තුළ පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළේ, මෙවැනි පරිසරයක් තුළ ය. "ජාතික අධ්‍යාපන ආයතනය ත් එක්ක එකතු වෙලා 6න් ඉහළට 6-9 සහ 10 - 13 වශයෙන් සයිකල් දෙකක් හැටියට දැනට තොරතුරු තාක්ෂණ විෂය විකාශනය වෙනවා AI දක්වා. ක්‍රමයෙන් IT අඩු කරමින් AI වර්ධනය කරනවා. ඒ කටයුතු දැන් කෙරීගෙන යනවා. ඊළඟ මාස හයේදී අපි AI ගේනවා," අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. ගුරු සංගම්වලින් විරෝධයක් කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය ධාරාවට එක් කිරීම වරදක් ලෙස නොදකින නමුත්, මේ වන විට හඳුන්වා දී ඇති විෂයයන් උගන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිව තිබියදී මෙවැනි "මහ ජනතාව රවටන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන," බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. "උසස් පෙළ විෂයයන් තියෙනවා 66ක්. අද වෙනකොට ප්‍රධාන පාසල් ඇරෙන්න පාසල් ගණනාවක මේ විෂයයන් ගණන අඩු කරනවා. ළමයින්ට කියනවා ගුරුවරු නැති විෂයයන් කරන්න එපා කියලා. තෝරා ගත් පාසල්වල විතරයි ඒ විෂයයන් තියෙන්නේ. ඉතිං මේගොල්ලෝ තවත් විෂයයන් වැඩි කළා කියලා ඒවා උගන්වන්න ගුරුවරු නැත්නම් වැඩක් නෑ. දැනට තියෙන විෂයයන් 66වත් උගන්වගන්න බෑ." "එහෙම තත්ත්වයක් උඩ ලෝකයේ තියෙන සියලු විෂයයන් කරනවා කියලා විශාල ප්‍රචාරයක් ගෙනියනවා. ඒක නිසා මේක විහිළුවක්. අපි කැමති යි ඒවා උගන්වනවාට. විෂයයන් ගේනවාට අපි අකමැති නෑ. ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් රටේ තියෙනවා කියලා ජනතාව රවට්ටන ප්‍රකාශයක් පමණ යි මේක. අපි ඒ ගැන කනගාටු වෙනවා," ඔහු වැඩිදුරට ත් පැවසීය. මේ අතර, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ, "අමාත්‍යවරයා එලෝ විකාරෙන් මෙලෝ දොඩවන," බව ය. "ගුරුවරු 5000ක් විතර රට අතඇරලා ගිහින්. ගුරුවරු දැන් ඉන්නේ 40,000ක් විතර. කෘත්‍රිම බුද්ධිය ගේන්න කලින් ඉස්සෙල්ලා ම පාසල් පද්ධතියේ ප්‍රශ්න විසඳිය යුතු යි. මේක අලුත් විෂයයක්. අලුත් දැනුමක් අවශ්‍ය යි ඒක උගන්වන්න ගුරුවරු අවශ්‍ය යි. රුපියල් 40,000ක් වගේ සොච්චම් පඩියකට කෘත්‍රිම බුද්ධිය උගන්වන්න එන්නෙ නෑ ගුරුවරු," මහින්ද ජයසිංහ පැවසීය. අභියෝගය ජය ගත හැකි ද? ගුරු සංගම් ඉහත සඳහන් කර ඇති පරිදි ආර්ථික මෙන් ම තාක්ෂණික වශයෙන් ශක්තිමත් නැති ශ්‍රී ලංකාව වැනි රටක පාසල් විෂය ධාරාවට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීම දැවැන්ත අභියෝගයක් වනු ඇත. ආර්ථික සහ තාක්ෂණික දුර්වලතා පසෙක ලා එම අභියෝගය ජය ගත හැකි ද? එය ජය ගත හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳව ද විමසා බැලිය යුතු ය. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනෙත් කරුණාරත්නගෙන් අදහස් විමසූ අතර, ඔහු පැවසුවේ, "මේක අතිශය දැවැන්ත අභියෝගයක්," බව ය. "ඒක දැවැන්ත අභියෝගයක් කියන එක ඉතා පැහැදිලි යි. ඒත්, අභියෝගය භාර ගත්තොත් තමයි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ කව දා හරි දවසක. ඒ නිසා කිසියම් තැනකදී ඒ අභියෝගය ගන්න වෙනවා. අපේ ආර්ථිකය සහ තාක්ෂණය ඒ තැනට ඇවිත් නෑ. ඒත් අපට ආරම්භයක් දෙන්න වෙනවා යම් තැනකදී." විෂය නිර්දේශය කෙසේ සකස් විය යුතු ද? "මේක පාසල් විෂය නිර්දේශයට ගේනවා කියන එක අමාරු වැඩක් තමයි. අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නෑ පළමු අවස්ථාවේදී ම රොබෝටික් ලෙවල් එකට ගිහින් intelligence brain එකක් හදන මට්ටමක් නෙවෙයි. නමුත්, කිසියම් දුරකට ඒකෙ මූලික දේවල් ටික අපට දෙන්න පුළුවන් නම් පාසල් වයසේ දරුවෙකුට, එතකොට එයා දන්නවා, කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක් ද? මොකක් ද ඒකෙන් කරන්න පුළුවන්? කියලා. එයා කැමති නම් ඊළඟ මට්ටමට යන්න පුළුවන්. මුලින් ම සරල සංකල්ප ටිකක් තමයි ඇතුළත් කළ යුත්තේ," ආචාර්ය සුනෙත් කරුණාරත්න පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය යනු පරිගණකමය විෂයයක් නොවන බව ය. ඊට අවශ්‍ය ගණිතමය පසුබිම සකස් කිරීම පාසල් වියේදී සිදු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. "මේක කම්පියුටර් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේකට හොඳ ගණිතමය පසුබිමක් තියෙන්න ඕනෙ. ස්වාභාවික සංකල්ප සියල්ල මැතමැටිකල් මොඩ්ල් එකකට ගේන්න ඕනෙ. ඒ මොඩ්ල් එක තමයි කම්පියුටර් එකට දාන්න වෙන්නේ. ඒ ගණිතමය පසුබිම, කොහොම ද සංකල්පමය වශයෙන් යාන්ත්‍රික කරන්නේ කියන එක, ඒකට තියෙන සංකල්ප මොනවා ද? කොහොම ද කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නේ කියන දේවල් ගැන ළමයාට වටහා දෙන එක වගේ හඳුන්වා දීමේ මට්ටමක් තමයි අපට පාසලේදී කරනවා නම් කරන්න වෙන්නේ." කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීම සඳහා ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගය ජය ගන්නේ කෙසේ ද? මෙම නව විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඔහු පැවසුවේ, අධ්‍යාපන කලාප 100ක ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන හරහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරන බව ය. කෙසේ වෙතත්, ආචාර්ය සුනෙත් කරුණාරත්න පෙන්වා දෙන්නේ, දැනට සේවයේ සිටින ගුරුවරුන් ඒ සඳහා පුහුණු කිරීම සාර්ථක නොවනු ඇති බව ය. "දැනට ඉන්න ගුරුවරු අවම වශයෙන් අවුරුදු පහකට විතර කලින් ඉගෙන ගත්ත අය. ඒ අයට මේ පුහුණුව දීලා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරු යි. ඒ අයට එහෙම නම් බරපතළ පුහුණුවක් දෙන්න වෙයි." ආචාර්ය සුනෙත් කරුණාරත්න පවසන පරිදි, ඊට ඇති සුදුසු ම ක්‍රියාමාර්ග වන්නේ, 1. කෘත්‍රිම බුද්ධිය හදාරා ඇති වෘත්තිකයින්ගේ ස්වේච්ඡා සේවය ලබා ගැනීම සහ, 2. තොරතුරු තාක්ෂණය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආයතනික පුහුණුව වශයෙන් පාසල්වලට අනුයුක්ත කිරීම යි. මේ අනුව, කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය මාලාවට හඳුන්වා දීම දැවැන්ත අභියෝගයක් බව පෙනී යයි. කෙසේ වෙතත්, රටේ ඉදිරි පරම්පරාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එම අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇති අතර නිසි කළමනාකරණයක් පැවතියහොත් එය ජය ගැනීම දුෂ්කර කටයුත්තක් නොවනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනෙත් කරුණාරත්න වැඩිදුරට ත් පැවසීය. |
ජනපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාව මුනිවත රකිනවාද? | ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය හෝ කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සෑම විටකම සිය දැඩි අවධානය යොමු කොට තිබේ. ඒ අනුව ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විවිධ යෝජනාවලි ඉදිරිපත් කිරීමට බටහිර රටවල් පියවර ගනු ලැබීය. විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේ රාජපක්ෂ පාලනය තුළ දී මෙරට තානාපතිවරුන් ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සහ නිවේදන නිකුත් කරනු ලැබීම අඛණ්ඩව දක්නට ලැබුණි. කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම පවතින රජයට චෝදනා එල්ල වුවත්, ජාත්‍යන්තර ප්‍රජාව හෝ දේශීය මානව හිමිකම් සංවිධාන තම මුනිවත රකිමින් සිටින බවට ඇතැම් ක්‍රියාකාරීහු දිගින් දිගටම චෝදනා නගති. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපි විවිධ පාර්ශව නියෝජනය කරන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේම අදහස් වීමසීමු. "දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන ඉදලා තියෙන්නේ රනිල්ගේ න්‍යාය පත්‍රයේ" දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කළ පුද්ගලයින් හා සංවිධාන සිට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ බව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසීය. මානව හිමිකම් යන මාතෘකාව බොහෝ විට විදේශ රාජ්‍යයන් යොදා ගන්නේ අනෙක් රටවල් වල ආර්ථික සහ දේශපාලනික තත්ත්වයන්ට මැදිහත් වීමට බවත් එය මේ වන විට ශ්‍රී ලංකාව තුළ කිසිදු අපහසුවකින් තොරව සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. "මේ වෙනකොට වෙලා තියෙන කාරණය තමයි ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ඉන්දියාව සහ චීනය පවා මේ ආර්ථික අර්බුදය මැද ඉතා පහසුවෙන් අපේ රටේ ආර්ථිකයට හා දේශපාලනයට මැදිහත් වෙමින් තියෙනවා." "කලින් ජාතික සම්පත් ඒගොල්ලන්ට මිලදී ගන්න, රාජ්‍ය දේපල තමුන්ගේ යටතට ගන්න ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණානම් දැන් ඉතාම අඩු පරිශ්‍රමයක් යටතේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ ඕනෑම දෙයක් කර ගන්න පුළුවන් තත්ත්වයට පත්වෙලා තියෙනවා." "කලින් පාලකයින්ට තිබ්බනම් යම් කිසි ආකාරයේ කේවල් කිරීමේ හැකියාවක් ඒ සියල්ල දැන් නැතිවෙලා තියෙනවා. ඉස්සර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඕන විදිහට කොන්දේසි දාගන්න හම්බ වුනේ නෑ. දැන් IMF එකේ කොන්දේසි ඉටුකරන්න රටේ ඉන්න මිනිස්සු පවා මරණ තත්ත්වයට රනිල් වික්‍රමසිංහලා පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය ජාත්‍යන්තර දේශපාලනයේදී විශේෂයෙන් භූ දේශපාලනයේ දී විශේෂයෙන් අධිරාජ්‍යවාදී රටවල් වලට හොඳ තත්ත්වයක්." "ඒ තත්ත්වය අනෙක් පැත්තට බලපානවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට. මොකද මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් බහුතරයක් සම්බන්ධ වෙලා තියෙනවා මේ අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයන්ට. ඒ නිසා තමයි ඒ අය මේවට මැදිහත් වෙන්නේ නැත්තේ. යුරෝපා සංගමය ගත්තම ඔවුන්ගේ න්‍යාය පත්‍රය කෙලින්ම සම්බන්ධයි අපේ වගේ රටවල රාජ්‍ය දේපල, ජනතා දේපල කොල්ල කන්න. ඒක පහසුවෙන් කරන්න පුළුවන් වෙද්දී මානව හිමිකම් වගේ දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැ. අමෙරිකාව ගත්තත් එහෙමයි. " "ඉතාමත් පැහැදිලි ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් කියන දේ පාවිච්චි කලේ රටවල් වල අභ්‍යන්තරයට මැදිහත් වෙන්න. අප වැනි රටක අභ්‍යන්තරයට මැදිහත් වෙන්න පහසු තත්ත්වයක් තිබියදී මානව හිමිකම් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ." "ඊළඟට බැලුවම ලංකාවේ හිටිය ඇතැම් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානවල හිටපු අය අද රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරු වෙලා. සමහර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ තනතුරු අරන් ඉන්නවා." "එතකොට පැහැදිලිව පේන දෙයක් තමයි ජාත්‍යන්තරයේ පමණක් නොවේ ලංකාවේ ඉදගෙන මානව හිමිකම් කඩවීම් ගැන විකුණන් කාපු ගොඩක් අය ඉදලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ කියලා" නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ ය. මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පෙර දැක්වූ උනන්දුව දැන් නොදක්වනවාද යන්න සම්බන්ධව බීබීසි සිංහල සේවය නගන ලද පැනයට නීතිඥ නුවන් බෝපගේ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් පසුගිය කාලයේ සිදුකළ සමහර ප්‍රකාශ ගත්තොත් රටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වන ප්‍රකාශ. " "චීන තානාපති කාර්යාලය පවා පහුගිය කාලයේ ඇතැම් ප්‍රකාශ කළා රටේ ස්වෛරීභාවයට හානි සිද්ධ වෙන. " "ඊට පස්සේ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති සහ ආරක්ෂක ඇමති ලංකාව සම්බන්ධයෙන් අතපොවන ප්‍රකාශ නිකුත් කළා පසුගිය කාලයේ දී." "ක්‍රියාවලිය පැහැදිලියි, රටේ තියෙන ආර්ථික අර්බුදය යොදාගෙන ඔවුන් තමුන්ගේ න්‍යාය පත්‍ර හරියට ඉෂ්ට කරගෙන ඉන්නවා. " "අමෙරිකානු තානාපතිනිය තුලින් මේ බව විශේෂයෙන් දකින්න ලැබෙනවා. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කෙලින්ම බද්ධ වෙලා තියෙනවා අමෙරිකානු න්‍යාය පත්‍රයන් වලට. " "රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉෂ්ඨ කරන්න දරන වෙහෙස මහන්සියත් එක්ක අමෙරිකානු තානාපතිනියට මානව හිමිකම් හෝ වෙනත් දේවල් නෙමෙයි වැදගත්, ඒ යන මාර්ගයට සහය දැක්වීමයි වැදගත්." ඔහු පැවසීය. "ජාත්‍යන්තරයෙන්ම ජනාධිපතිට අවස්ථාවක් ලබා දීලා " රටේ ගැටලු විසඳා ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කාලය ලබා දිය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ යම් අදහසක් ඇති බවට තමන් සිතනා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නිතිඥ අම්බිකා සත්කුනනාදන් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. ඇය සඳහන් කළේ මෙයට හේතු විය හැක්කේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට තුළ ක්‍රියාකාරිව පැවති නිසාත්, ජනාධිපතිවරයා 13 වැනි සංශෝධන ගැනත්, සත්‍යය සහ සංහිදියා කොමිසම ගැනත්, වාර්ගික අර්බුධය සම්බන්ධ සමහර ගැටලු විසදීම සම්බන්ධව ගැනත් ප්‍රකාශ කරමින් සිටින නිසාත් ය.මෙහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කළ නීතිඥ අම්බිකා සත්කුනනාදන්, "පොදුවේ ගත්තම ජාත්‍යන්තර ප්‍රජාව හිතනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට අවස්ථාවක් දෙන්න ඕන කියලා. ලංකාව තුළ මේ වෙන කොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන නිසා අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන මතය තියෙනවා.." "ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සත්‍යය සහ සංහිඳියා කොමිසම, 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා." "මානව හිමිකම් පැත්ත ගැන බැලුවොත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කරපු වෙලාවේ යුරෝපා සංගමය කියා සිටියේ එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත්, සහ එය GSP+ පවත්වා ගැනීම සඳහා රජයට විසින් ඉටු කළ යුතු එක් වගකීමක් උල්ලංඝණය කළ හැකි බවත්ය." "ඒ අවස්ථාවේදී අනෙක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයට ප්‍රකාශ කර සිටියා මේ කෙටුම්පත මුලික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකුල නැහැයි කියලා. දේශීය මෙන්ම විදේශීය මානව හිමිකම් සංවිධාන වලින් එල්ල වූ විරෝධතාවය නිසා ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගනු ලැබුවා ඒ වෙලාවේදී." "ඊට පසුව බැලුවොත් විශ්ව කාලාන්තර සමාලෝචනයේ දී මානව හිමිකම් කවුන්සිලයේදී විදේශ රටවල් නිවේදන නිකුත් කළා ලංකාවේ මානව හිමිකම් ගැටලු සම්බන්ධව. නමුත් දැන් ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මේගොල්ලන්ට (ලංකාවට) අවස්ථාව ලබා දෙන්න ඕන කියලා." "ජනාධිපතිතුමා සත්‍යය සහ සංහිදියා කොමිසම ගේනවා කිව්ව නිසා ටිකක් බලන් ඉන්න ඕන කියන මතය ජාත්‍යන්තර ප්‍රජාව තුළ තියෙනවා මේ වෙලාවේ." " පහුගිය දවස්වල අපි දැක්කා සිවිල් සමාජයේ ඉන්න අය රජයේ තනතුරු බාරගන්නවා. 2002 වසරේ බිහිවූ රනිල් වික්‍රමසිංහ රජය සමයේ දී වගේම යහපාලන රජය සමයේදී මේ දේ සිද්ධ වුණා. මෙම කාල වලදී දකුණේ සිවිල් සමාජ සංවිධාන යුද්ධය සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හෝ ඇතැම් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් රජයන් විවේචනය කළේ නැහැ." "දකුණේ සංවිධාන ඇතැම් සංක්‍රාන්ති යුක්ති ප්‍රශ්න සම්බන්ධයෙන් රජය විවේචනය නොකළ නිසා යහපාලන සමයේදී උතුරු සහ නැගෙනහිර ක්‍රියාත්මක වූ මානව හිමිකම් සංවිධාන වලට කොළඹ පිහිටි සංවිධාන ගැන තිබුණු විශ්වාසය බිඳ වැටුණා. ඒ තත්ත්වය තවම තියෙනවා. " "සත්‍යය සහ සංහිදියා කොමිසම ගැන උතුරු සහ නැගෙනහිර පිහිටි මානව හිමිකම් සංවිධාන පසුගිය මාසයේදී නිවේදන හතරක් නිකුත් කළා, නමුත් දකුණේ සිවිල් සමාජ සංවිධාන කිසිම නිවේදනයක් නිකුත් නොකිරීමෙන්ම පෙර කියූ කතාව තහවුරු වනවා." "සත්‍යය සහ සංහිදියා කොමිසම පිහිටුවීමට අදාළ නීති මෙතෙක් හදලා නැහැ. ඒ සම්බන්ධයෙන් වන අන්තර්කාලීන කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ පිහිටලා තියෙනවා." "මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තම පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලේ ව්‍යුහාත්මක ගැටලු තිබෙනවා. හිංසනය, දුෂණය, දේශපාලනීකරණය වීම යන සියල්ලම ඒ තුළ තිබෙනවා. අපි කිසිම දියුණුවක් දැකලා නැහැ." "මේවට අමතරව ආණ්ඩුව අලුත් අලුත් නීති හදනවා. විකාශන අධිකාරී පනත, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු නව නීති ගේනවා. ඒකට හේතුව කුමක්ද කියා බැලුවොත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන්න, රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන්න, මාධ්‍ය පාලනය කරන්නයි." "මේ ආණ්ඩුව සුදු වෑන් භාවිතා කරන්නේ නැහැ. ඔවුන් භාවිත කරන්නේ නීතියයි. ඔවුන් මානව හිමිකම් සීමා කිරීමට නීතිය ආයුධයක් ලෙස භාවිත කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ විවේචන තිබෙන නිසා, ඔවුන් දැන් ICCPR වැඩිපුර භාවිතා කිරීමට පටන් ගෙන තියෙනවා. වත්මන් රජයේ උපක්‍රම වෙනස්." මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ අම්බිකා සත්කුනනාදන් පැවසුවාය. ආණ්ඩුව විවේචනය කළොත් සිදුවන දේ දැනට තියෙන තත්ත්වය යටතේ කවුරුන් හෝ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පනත පාවිච්චියට අරන් ඔවුන් සිරගත කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසි සිංහල සේවයට සඳහන් කළේය. "ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී යෝජනා කිහිපයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගැන. ඒගොල්ලන් කියන්නේ ඔයගොල්ලන් මේක කරන්න පොරොන්දු වෙලා තියෙනවා නමුත් ඔබලා එය කරලා නෑ කියලයි." "GSP+ පහසුකම තවත් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙනවා. ඒගොල්ලන් කියන්නේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය තවමත් හොඳ නැහැ. නමුත් දෙනවා කියලා." "එළඹෙන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් සැසියේ දී ලංකාව සම්බන්ධයෙන් දැනට තියෙන යෝජනාව අවසන් වෙන්න යනවා. එහෙනම් තවත් යෝජනාවක් ගේන්න යනවද කියලා අපි බලන්න ඕන. දැනට තියෙන යෝජනවා ගැන සැප්තැම්බර් මාසයේදී ලිඛිත වාර්තාවක් දෙන්න තිබෙන්නේ." "නව යෝජනාවක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වුනේ නැත්නම් ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ගැන ජාත්‍යන්තර න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙනවා." "පුද්ගලිකව ඒ අය ආණ්ඩුවට කියනවා මේක හරි ගස්සන්න කියලා. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අපි කිව්වා ජීනීවා වලදී ඒක අහෝසි කරලා නව පනතක් ගේනවා කියලා. නමුත් ගෙනාපු කෙටුම්පත නම් ඉතාමත් දුර්වලයි." "ඉතින් මම හිතන්නේ යුරෝපා සංගමය ආණ්ඩුවට පෞද්ගලිකව දැනුම් දීලා තියනවා ඕක ගේනවා නම් GSP+ දෙන්නේ නැහැ කියලා." "දැනට තියෙන තත්ත්වය යටතේ කවුරුන් හෝ ආණ්ඩුවට විවේචනය කරනවා නම්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පනත පාවිච්චියට අරන් ඒ අයව හිරේට දානවා." "දැන් තියෙන තත්ත්වය යටතේ ප්‍රමුඛතාවය දීලා තියනවා මේ ආර්ථිකය ගැන." "ඒ ප්‍රමුඛතාවය යටතේ සිවිල් සමාජයට තිබුණු සාධනීය විවේචනය කරන්න, උද්ඝෝෂණ කරන්න තිබු ඉඩ කඩ ඔක්කොම නැති කරලා තියෙනවා." ඔහු සඳහන් කළේය. "විශේෂයෙන් බටහිර රටවලට රාජපක්ෂ සම්බන්ධයෙන් නොතිබුණ පොඩි මෘදුබවක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තියෙනවා" ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් දක්නට ඇත්තේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වී නොමැති බවත් නීතිය සහ සමාජ භාරය ආයතනයේ වැඩසහන් අධ්‍යක්ෂ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සඳුන් තුඩුගල බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. වත්මන් රජය යටතේ සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන පෙර මෙන් හඬ නොනගන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙල වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ රටතුළ සිදුවන නිසා බව ඔහු සඳහන් කරයි. "ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගෝලීය සංවාදය යම් අන්දමකින් දේශපාලනිකයි. එතකොට විශේෂයෙන් බටහිර රටවල් මානව හිමිකම් කියන මාතෘකාව භාවිත කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලෙයි." "එතකොට අපි දකින දෙයක් තමයි මානව හිමිකම් ගැන ප්‍රධාන වශයෙන් කතා කරන බටහිර රටවල් ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන නිශ්ශබ්දව සිටිනවා. මොකද එතන එයාලගේ දේශපාලන වුවමනාකම් තියෙනවා." "මේ වෙලාවේදී ලංකාව ඇතුලේ කාරණාවේදී එකක් තමයි ඒගොල්ලන්ගේ දේශපාලන සහ ආර්ථික වුමනාව කියන දේ." "විශේෂයෙන්ම මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ රජය ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික වැඩපිළිවල බටහිර රටවල් විසින් ඉල්ලා සිටිය ආර්ථික වැඩපිලිවලයි. " "බටහිර රටවල පාලනය යටතේ තියෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතන විසින් ඉල්ලා තිබු ආර්ථික වැඩපිළිවෙල තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර තිබෙන්නේ." "ඉතින් යම් විදිහකින් බටහිර රටවල් හිතනවා ඇති මේ ආර්ථික වැඩපිළිවලට බාධා නොකොළ යුතුයි කියන මතයක ඉන්න." "විශේෂයෙන් බටහිර රටවලට රාජපක්ෂ සම්බන්ධයෙන් නොතිබුණ පොඩි මෘදුබවක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තියෙනවා." "පැහැදිලිවම බටහිර රටවල් කියලා තියෙනවා රාජපක්ෂ පාලන සමයේදී ලංකාවට චීනයෙන් එල්ලවූ බලපෑම බොහොම ත්‍රීව ලෙස තිබුනානේ, ඒක නැවත ඇති නොවීමට වගබලා ගැනීමත් වැදගත්. මොකද බටහිර රටවල් හිතනවා රනිල් වික්‍රමසිංහ යටතේ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික වුමනාවන් රාජපක්ෂ රජයට වඩා හොදින් කරගන්න පුළුවන් කියලා.ඉතින් ඒ නිසා මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පෙර තිබුණාට වඩා අඩුවෙන් කතා කරන්නේ. ඒ තරම් සැරට කතා කරන්නේ නැහැ. ඉතින් ඒක මේ වෙලාවේ පැහැදිලිවම පෙනෙන්න තියෙන දෙයක්. ඒ හැර ලංකාවේ මානව හිමිකම් කඩවීමේ අඩුවක් පෙන්න නැහැ." "ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරද්දී කොටස් දෙකක් තිබෙනවා. එකක් සිවිල් හා දේශපාලනික මානව හිමිකම් කියලා සහ අනෙක් එක ආර්ථික අයිතිවාසිකම් කියන එකයි." "නමුත් ලංකාවේ වැඩි වශයෙන්ම කතා වුනේ සිවිල් හා දේශපාලනික මානව හිමිකම් කියන දේ ගැනයි. ආර්ථිකය සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සාකච්ජාවක් තිබුනෙම නැහැ. ආර්ථික මානව හිමිකම් වලට එරෙහිව සිදුවන උල්ලංඝණය කිරීම් ලොකුවට ගන්නේ නැහැ" "ලංකාවේ මේ වෙද්දී බැලුවොත් පෙන්න තියෙන්නේ ඇත්තෙන්ම උල්ලංඝණය වන්නේ ආර්ථික අයිතිවාසිකම් කියන දෙයයි. වෘත්තීය සමිති අයිතිවාසිකම් වෙන්න පුළුවන්, සේවක අයිතිවාසිකම් වෙන්න පුලුවන්, සේවක අර්ථ සාධකය වගේ ප්‍රශ්න, අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රශ්න වගේ ආර්ථික අයිතිවාසිකම් ගොඩක් උල්ලංඝණය වනවා." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. |
අනුල ද සිල්වා: ස්ත්‍රී ශක්තිය වෙනුවෙන් සාහිත්‍ය කෘති 125ක් ලියූ විශිෂ්ට ලේඛිකාව | "අප අවට සිටින බොහෝ ගැහැනු නොසැලී අභියෝගවලට මුහුණ දෙන වීරවරියෝ ය. එය එසේ වුව ද, බොහෝ ගැහැනුන් තුළ ඇති අව්‍යාජ අහිංසකබව පිරිමින් දකින්නේ මෝඩ නෝන්ජල්කමක් ලෙසිනි. අභියෝගවලට මුහුණ දෙන වීරවරියන් ගැන පිරිමින් තුළ ඇත්තේ, නොකැමැත්තකි." (පින් මඳ ගැහැනු) ඉහත පාඨය උපුටා ගනු ලැබුවේ, අනුල ද සිල්වා නමැති කෘතහස්ත ලේඛිකාව විසින් රචනා කරන ලද 'පින් මඳ ගැහැනු' නමැති නවකතාවෙනි. ඇයගේ ජීවිතය, ලේඛන දිවිය සහ මාධ්‍ය දිවිය යන සියල්ල එම පාඨය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි. ඇය හුදු කාන්තාවක, ලේඛිකාවක, මාධ්‍යවේදිනියක පමණක් නොවූවා ය. ඇය පුරුෂාධිපත්‍යය නිසා විවිධ කායික හා මානසික අර්බුදයන්ගෙන් පීඩාවට පත්ව සිටින කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ ධෛර්යය වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ "අභියෝගාත්මක කාන්තාවක්" වූවා ය. අනුල ද සිල්වා නමින් සාහිත්‍ය ක්ෂේත්‍රය දිග්විජය කළ ඇය දැයට සමුදී අවසන් ය. වසර 60කට ආසන්න කාලයක් තිස්සේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඇය කළ මෙහෙය අගැයීම වෙනුවෙන් බීබීසී සිංහල සේවය තබන සැමරුම් සටහනකි, මේ. ආරම්භය 1941 ජනවාරි 27 වන දා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා, සාහිත්‍ය කටයුතුවල නිරත වූයේ පාසල් සමයේ සිට ය. වරක් ඇය ප්‍රකාශ කළේ, තමන් පාසල් සමයේ රචනා කළ කෙටිකතාවක් කියවූ ප්‍රවීණ ලේඛක ගුණදාස අමරසේකර එය අගය කරමින් ලිපියක් එවා තිබූ බව ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යටතේ නිර්මාණකරණය පිළිබඳව අධ්‍යයනය කිරීමට ඇය භාග්‍යවන්ත විය. එහිදී ද, ඇය රචනා කරන ලද කෙටිකතා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අගැයීමට පාත්‍ර වූ හෙයින් ඇයට නිර්මාණකරණයේ නිරත වීමට ධෛර්යයක් ලැබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හිමි කර ගත් ඇය, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ, ගුරුවරියක ලෙස ය. පසුව, ඇය ගුරු වෘත්තියට සමුදී පත්තර මහ ගෙදර වූ ලේක් හවුස් ආයතනයට එක් වූවා ය. එහිදී, මිහිර, තරුණී ඇතුළු පුවත්පත් කිහිපයක සේවය කර ප්‍රධාන කර්තෘ ධූරය ද හෙබවූවා ය. සිංහල පුවත්පතක කොටස් වශයෙන් පළවූ පළමු නවකතාව ඇය, සිය පළමු නවකතාව වන 'උන්මන්තකයෝ' ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේදී ය. එම නවකතාව පළමුව 'රිවිරැස' පත්‍රයේ කොටස් වශයෙන් පළ කෙරිණි. සිංහල පුවත්පතක කොටස් වශයෙන් පළ කෙරුණු පළමු නවකතාව එය විය. වසර 60කට ආසන්න කාලයක් ලේඛන කටයුතුවල නියැළුණු ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළා ය. එම නවකතා වෙනුවෙන් ඇය රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූවා ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආභාසය ඇයට ලේඛිකාවක වීමට කැමැත්තක් ඇති කළ ප්‍රබල චරිතය වූයේ, හෙළ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ය. ඇගේ ජීවිත කාලය තුළ මාර්ටින් වික්‍රමසිංහයන් හමුවී කතා කිරීමට වාසනාවක් ඇයට හිමි නොවුව ද, ඇය වරක් පවසා තිබුණේ, සිය ලේඛන දිවියට ආලෝකය වූයේ, වික්‍රමසිංහයන්ගේ නිර්මාණ බව ය. මිය යන තුරු ම ඇය විශ්වාස කළේ, මෙතෙක් රචනා වූ විශිෂ්ටතම සිංහල නවකතාව, ගම්පෙරළිය බව ය. "මම මිහිර පත්තරේ වැඩ කරන කාලේ ඒ පත්තරේ කර්තෘ වෙලා හිටියේ සුමනා සපරමාදු. එයා මාර්ටින් වික්‍රමසිංහගේ නෑදෑයෙක්. එයා දවසක් මට කිව්වා, මාර්ටින් වික්‍රමසිංහ බරපතළ විදිහට අසනීප වෙලා ඉන්නේ, එයා ගැන ලිපියක් ලියන්න කියලා. මම ඒ ලිපිය ලියන අතරතුර දැන ගන්න ලැබුණා ඒ විශිෂ්ට ලේඛකයා අභාවප්‍රාප්ත වුණා කියලා. මට ඒක මගේ ජීවිතයේ ලබපු ශෝකජනක අත්දැකීමක්," යනුවෙන් අනුල ද සිල්වා පුවත්පතකට පවසා තිබිණි. ඇයට සිය නිර්මාණාත්මක ලේඛන කාර්යයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආභාසය දැඩිව බලපෑ බව ඇය පවසා ඇත. ලේඛන දිවිය අනුල ද සිල්වා ස්වතන්ත්‍ර නවකතා සහ පරිවර්තන කෘති 125ක් පමණ රචනා කර පළ කර තිබේ. උන්මත්තකයෝ, අහස් මාලිගා, මංජේශ්වරී, මහා මුහුද මමයි, ආදරය බලා හිඳී, ආදරය සමුගනී, ආවර්ජනා, කොරෝනා වාට්ටුව වැනි ජනප්‍රිය නවකතා 100කට අධික සංඛ්‍යාවක් සහ දෙවියන්ගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිළිකා වාට්ටුව (Cancer Word), තිබ්බත දියණිය (Daughter of Tibbatha), තිත්ත කෝපි (Bitter Berry), පෙරා ගත් මල් පැණි (Nectar in a Sieve) වැනි පරිවර්තන රැසක් ද ඇය ප්‍රකාශයට පත් කර ඇත. ඇයගේ කෘතිවල විශේෂත්වය වූයේ, බොහෝවිට ස්ත්‍රීත්වය නිසා යටපත් වන ගැහැනිය දුර්වල නොවන බව නිරූපණය කිරීම ය. අනුල ද සිල්වාගේ නිර්මාණකරණය පිළිබඳව අධ්‍යයනය කෙරුණු අවස්ථා රැසක් පවතී. ඒ අතරින් සුවිශේෂී කාන්තාවක සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලතා ගුරුසිංහයන් ය. ඇය සුවිශේෂී වන්නේ, සිය ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන ලද පර්යේෂණයේදී ඇය අනුල ද සිල්වාගේ නිර්මාණ සම්බන්ධයෙන් ද විශේෂ අධ්‍යයනයක නිරත වීම නිසා ය. "තමන්ගේ කෘතිවල කාන්තාව නියෝජනය කරන හැම අවස්ථාවක ම ඇය තුළ ධෛර්යයක් රෝපණය කිරීමට උත්සහ කරලා තියෙනවා. නවකතාවලින් ඇය ප්‍රධාන වශයෙන් ම පුරුෂ මූලිකත්වයට, ගෘහස්ත හිංසනයට, ළමා අපයෝජනයට, ලිංගික හිංසනයට, කුල ධූරාවලියට, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම්වලට තමන්ගේ කෘති තුළින් නිර්මාණාත්මකව විරෝධාකල්ප ඉදිරිපත් කළා," මහාචාර්ය ලතා ගුරුසිංහ පවසයි. ඕනෑ ම ප්‍රශ්නයකදී නොසැලී ඊට මුහුණ දීමට කාන්තාව සතු ශක්තිය සම්බන්ධයෙන් සමාජය තුළ ආකල්පමය වෙනසක් නිර්මාණය කිරීම අනුල ද සිල්වාගේ නිර්මාණ කාර්යයේ ප්‍රධාන අරමුණක් විය. "පවත්නා සමාජ දේශපාලන ව්‍යුහය ඇතුළේ කාන්තාව මුහුණ දෙන එද ත් අද ත් පවතින බරපතළ තත්ත්වයන් තමයි එතුමිය තමන්ගේ නිර්මාණවලට ගත්තේ. ජීවිතයේ ඕනෑ ම ප්‍රශ්නයකට මුහුණ දීමට කාන්තාවට තියෙන ශක්තිය ඇය හැම නිර්මාණයකින් ම මතු කළා. පරිවර්තනවලදී පවා ඇය උත්සහ කළේ, ලෝක සාහිත්‍යයේ තියෙන නිර්භීත කාන්තා චරිත ලාංකීය පාඨකයාට හඳුන්වා දීමට යි," මහාචාර්ය ලතා ගුරුසිංහ වැඩිදුරට ත් පැවසීය. සුනාමියෙන් වූ බලපෑම කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි අනුල ද සිල්වා විශිෂ්ට ලේඛිකාව සුනාමි මුහුදු රළින් දිවි ගලවා ගත්තේ, අසීරුවෙනි. ගෙළ තෙක් ජලයේ ගිලී සිටි ඇය එම බිහිසුණු අවස්ථාවේදී ද ක්‍රියා කළේ, තමන් රචනා කළ නිර්මාණවල අත්පිටපත් බේරා ගැනීමට ය. වරක් ඇය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පැවසුවේ, අසල තිබූ රෙදි කඩක දවටා අත්පිටපත් සියල්ල නිවසේ උඩු මහලට විසි කළ බව ය. කෙසේ වෙතත්, ඇය එතෙක් ආසාවෙන් එක් රැස් කළ පුවත්පත් ලිපි, පොත් රැසක් සුනාමි උදම් රළ පහරට හසුවීමෙන් නැවත දැක ගැනීමටවත් නොහැකි විය. අවසන් හෝරාව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් මේ විශිෂ්ට අයෝමය ලේඛිකාව දැයට සමු දුන්නා ය. එහෙත්, ඇගේ නිර්මාණ සිංහල පාඨක ප්‍රජාව අතර සදා රැඳෙනු ඇත. මිය යන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 14 වන දා බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. ඇයව පෞද්ගලිකව දන්නා හඳුනන සහෘදයින් පවසන්නේ, ඇය කිසි දිනෙක කම්පාවට පත් නොවූ කාන්තාවක බව ය. ඇය සිය සිත මුහුණ දෙන සියලු කම්පාවන් නිර්මාණ කෘති හරහා සහෘද පාඨකයින් සමග බෙදා ගත් බව ඔවුහු පවසති. |
මිල්කා ද සිල්වා: ඔලිම්පික් ගමනට සිහින දකින ජිම්නාස්ටික් ශූරිය | ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනය තමන් නියෝජනය කරනු ලබන ක්‍රීඩාවෙන් සිය උපන් රටට කීර්තියක් අත්කර දීමය. එම ඉලක්කය ළඟා කර ගැනීම වෙනුවෙන් ඔවුහු දින සති මාස ගණන් වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල නිරත වෙති. එවන් ඉලක්කයක් වෙනුවෙන් පුරා වසර 04 කට ආසන්න කාලයක් මෙම ක්‍රීඩිකාව සිය උපන් බිමෙන් බැහැරව පුහුණුවීම්වල යෙදී සිටින්නීය. ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ ඇයයි. ඇය මිල්කා ගිහානි දිව්‍යාන්ජලා ද සිල්වා ය. මිල්කා ද සිල්වා කියන්නේ කවුද? 2003 වසරේ අප්‍රේල් මස 24 වැනිදා උපත ලබන මිල්කා පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේ ය. සහෝදරයින් දෙදෙනෙකු සිටින මිල්කා පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඇයගේ පියා විදේශ ගතව රැකියාවක නිරතවන අතර මව ගෘහණියක් වේ. "උඩ ඉදන් තාත්තීගේ අතට පැනලා ඇතිවුණු පුරුද්ද නිසා ජිම්නාස්ටික් වලට ආස හිතුණා." බීබීසි සිංහල සමග අදහස් දක්වමින් මිල්කා ද සිල්වා පැවසුවේ තමන් පාසැලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වූ බවය. " මම පාසැල් තුනක අධ්‍යාපනය ලබලා තියෙනවා. මුලින්ම පාසැල් ගියේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලට. ඉන් පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා පිළියන්ද මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. ඒ පාසැලේ අධ්‍යාපනය ලබමින් සිටියදී මට අවස්ථාව උදාවුණා, 08 වසරේදී කොළඹ මෙතෝදිස්ත පාසැලට ඇතුළත් වෙන්න." "මම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් ඉද්දි තමා ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වෙන්න පටන් ගත්තේ. " "ඒකට හේතුව වුනේ ඉස්කෝලේ පොඩි කාලේ මට මතක විදිහට තිබ්බේ ඇත්ලටික්ස් සහ ජිම්නාස්ටික්ස් විතරයි. ඇත්ලටික්ස් වලට හැමෝම යනවා. ජිම්නාස්ටික්වලට ටිකක් කට්ටිය බයයි. ඒකත් එක්ක මම පොඩි කාලේ අර උඩවල්වල නැගලා තාත්තීගේ අතට පනිනවා. ඒ වගේ දේවල් හින්දා තමයි ආස හිතුනේ." මිල්කා පැවසුවාය. ජාත්‍යන්තර තරගාවලි නියෝජනය "මම ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වෙලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරලා ඉන්දියාවේ පැවැත්වුණු පොඩි තරගාවලියකට යන්න අවස්ථාව ලැබුණා. නමුත් ඒක ලොකු තරගාවලියක් නෙමෙයි" මිල්කා සිය පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම සම්බන්ධයෙන් එලෙස අදහස් පළ කළාය. "හරි පිළිගත් තරගාවලියක් විදිහට මම ලංකාව නියෝජනය කළේ 2016 වසරේදී නැමීබියාවේ දී පැවැත්වුණු කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය ශුරතාවලියට." ඇය පැවසුවාය. එහිදී තමන් සහභාගී වූ සියලු තරග ඉසව් වලින් අවසන් වටයට තේරුණු ඇය සමස්ත ශුරතාවලියේ දී ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් අතරින් 10 වැනි ස්ථානයට පත්විය. ඇයගේ එම දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව එම ශුරතාවලියේ ජිම්නාස්ටික් තරග ඉසව්වෙන් සිව්වෙනි ස්ථානය හිමිකර ගනු ලැබීය. ඉන් පසුව මිල්කා, 2017 සහ 2018 වසරේදී පැවති ආසියානු කනිෂ්ඨ ශුරතාවලියන් ද නියෝජනය කරනු ලැබුවාය. 2018 වසරේදී ආර්ජන්ටිනාවේ පැවති ගිම්හාන යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ද මිල්කා සමත් වන්නේ එහිදී සමස්තයක් වශයෙන් ගත් කළ 28 වැනි ස්ථානය හිමිකර ගනිමින්ය. ඉන් පසුව ඇය 2019 වසරේදී ජර්මනියේ පැවති ජිම්නාස්ටික් ලෝක ශුරතාවලිය නියෝජනය කළ අතර එහිදී ඇය 114 වැනි ස්ථානය හිමිකර ගත්තාය. 2020 වසරේදී ජපානයේ පැවති ජපාන ජ්‍යෙෂ්ඨ ශුරතාවලිය නියෝජනය කරමින් ඇය සමස්ත තරගාවලියේ 40 වැනි ස්ථානය හිමිකර ගනු ලැබුවාය. 2021 ආසියානු ශුරතාවලිය අවලංගු කිරීම හේතුවෙන්, 2021 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා මිල්කා සුදුසුකම් ලැබුවේ 2019 වසරේ පැවති ලෝක ජිම්නාස්ටික් ශුරතාවලියේ දී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් ය. එහිදී ඇය ඔලිම්පික් තරගාවලියේ දී ජිම්නාස්ටික් තරග ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්විය. ජපාන පුහුණුකරුගෙන් ලද පළමු ශිෂ්‍යත්වය 2019 වසරේ දී මිල්කා ද සිල්වාට ජිම්නාස්ටික් පුහුණුවීම් සඳහා ජපානයෙන් ශිෂ්‍යත්වයක් හිමිවිය. “2018 වසරේදී මම ශ්‍රී ලංකාවේ ජිම්නාස්ටික් ජාතික ශුරිය බවට පත්වුණා. ඒ වගේම 2023 වසරේත් ජාතික ශුරිය බවට පත්වුණා." "මට 2019 වසරේදී ජපානයේ ශිෂ්‍යත්වයක් හම්බ වුණා. ඒක හම්බ වුනේ ලංකාවට ආපු ජපාන පුහුණුකරුවෙකුගේ මාර්ගයෙන්. ඒ ශිෂ්‍යත්වය පසුගිය ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරනකම් ලැබුණා." "ඉන් පස්සේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් ඒ ශිෂ්‍යත්වය දීර්ඝ කිරීමක් සිදුවුණේ." "මෙඩ්ල් එක ඩිසයිඩ් වෙන්නේ අපි ඒ වෙලාවේ කරන පර්ෆෝමන්ස් එකත් එක්ක " සිය ක්‍රීඩා දිවියේ ඉදිරි බලාපොරොත්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ ලබන මස බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ජිම්නාස්ටික් ලෝක ශුරතාවලියට සහභාගිවීමේ අරමුණින් තමන් පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බවය. “මේ දිනවල මම වර්ල්ඩ් චැම්පියන්ශිප් එක වෙනුවෙන් පුහුණුවීම් වල යෙදීලා ඉන්නවා හොඳින්. ඒක තමයි ඔලිම්පික් කොලිෆිකේෂන් එක. එකෙන් ඔලිම්පික් සිලෙක්ට් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ." "ලෝක ශුරතාවලියේ දී අවසන් වටයට එන්න ඕන කියන එක මගේ ටාර්ගට් එක. අඩුම තරමේ එක ඉවෙන්ට් එකක හරි ෆයිනල්ස් යන්නයි මම ට්‍රයි කරන්නේ." "හේතුව මීට කලින් වර්ල්ඩ් චැම්පියන්ශිප් එකක දී ෆයිනල්ස් ගිහින් නැහැ. ඒ වගේම ඔලිම්පික් සිලෙක්ට් වෙන එකයි මම ටාර්ගට් කරන් ඉන්නේ. ඒ අතරේ දී මෙඩ්ල් එකක් ෆෝකස් කරනවා." "ඒක අපි ඒ වෙලාවේදී කරන පර්ෆෝමන්ස් එකත් එක්කයි ඩිපෙන්ඩ් වෙන්නේ." "ඒ වගේම මේ ගමන එන්න මට මගේ පවුලේ අය වගේම, සියලුම පුහුණුකරුවන් ඇතුළුව උදව් කරපු හැමෝම මතක් කරනවා." ඇය පැවසුවාය. |
සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව: ‘මේක ජිනීවාවලට පෙන්වන්න හදන නාටකයේ කොටසක්’ | ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය හෙළි කිරීමේ අරමුණින් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටියි. සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුලි 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණි. මෙම නව කමිටුව නම් කර තිබෙන්නේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුව ලෙසයි. (Truth and Reconciliation Committee) ශ්‍රී ලංකාවේ පැවති සත්‍ය සෙවීමේ යාන්ත්‍රණ සිවිල් යුද්ධයක්, කෝළාහලයක් හෝ ජනසංහාරයක් වැනි ගැටුමකට යම් රටක් මුහුණ දුන් පසු එක් එක් පාර්ශවයන් අතින් සිදුවූ අපරාධ පිළිබඳ සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාමාර්ගයට දායක වීම මෙන් ම නැවත එවැනි ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ප්‍රජාව ප්‍රතිසන්ධානය කිරීම සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුවක මූලික කාර්යයි. සාමාන්‍යයෙන් එවැනි සිදුවීමක් සිදුවූ පසුව වහාම කමිටුවක් යොදවන්නේ කල් ගතවත්ම සාක්ෂි නැති වී යාමේ අවධානම හේතුවෙන් ය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ එම කමිටුව පත් කිරීමට සැරසෙන්නේ දශක තුනක් පමණ පැවති සිවිල් යුද්ධය 2009 දී අවසන් වි වසර 14ක් ගතවන තැන ය. මීට පෙර ද මේ සඳහා වෙනත් කමිටු සහ කොමිෂන් සභා ශ්‍රී ලංකා රජය විසින් පත් කර තිබේ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට මොකද වුණේ ? ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වීමෙන් පසුව එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් 2010 දී "උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම" යනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ ය. එහි සභාපතිවරයා වූයේ විශ්‍රාමික නීතිපතිවරයෙකු සහ සොලිසිටර් ජනරාල්වරයෙකු වූ ජනාධිපති නීතීඥ චිත්ත රන්ජන් ද සිල්වා ය. එම කොමිසමේ වාර්තාව 2011 ජනවාරි මාසයේ එළිදැක්වූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. අප ඒ පිළිබඳම මෙම කොමිසමේ පර්යේෂණ සඳහා මැදිහත් වූ මහාචාර්ය තිස්ස විතාරණගෙන් විමසීමක් කළෙමු. එහි දී ඔහු පැවසුවේ පර්යේෂණය අවසාන වූ පසු ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීමේ දී තමාව නැවත කැඳවන බවක් පැවසුවද එලෙස සිදු නොවූ බවයි. "අපි උතුරේ හා නැගෙනහිර ඇවිදලා තොරතුරු එක්රැස් කරලා නිර්දේශ සකස් කළා. මතක විදිහට 2011 දි වගේ වාර්තාවකුත් දැම්මා. මේවා ක්‍රියාත්මක කරනකොට මට කතා කරන්නම් කියා කිවුවාට මට නැවත කතා කළේ නෑ. මටත් ඒ ගැන හිටපු ආණ්ඩු වලින් විමසලා හොයා බලන්න බැරි වුණා. ඒක මගේ අඩුපාඩුවක්," යැයි මහාචාර්යවරයා පැවසුවේ ය. වෙනත් කමිටු අතුරින් කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් වන්නේ 2016 දී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමයි. එහෙත් 2018 වසරේ සිට එය ක්‍රියාත්මක වුවද මෙතෙක් කිසිඳු අතුරුදන් වූවෙකු පිළිබඳ සත්‍ය හෙළි කිරීමට මෙම කාර්යාලය අපොහොසත් වී තිබේ. 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථිර කරගත් 30/1 යෝජනාව තුළ මෙම සත්‍ය සෙවීමේ කමිටුවක් පිහිටුවීමට යෝජනා කර තිබේ. එහි සත්‍ය සෙවීමේ කමිටුව්ක් පිහිටුවීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ සෙවීමේ කාර්යාලයක් පිහිටුවීම, හානිපූර්ණය සඳහා කාර්යාලයක් පිහිටුවීම හා විදේශීය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන අධිකරණ පද්ධතියක් සකස් කිරීම ඇතුළත් විය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා හානිපූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙන නමුත් එහි මූලික යෝජනාව වූ සත්‍ය හෙළිදරව් කිරීමේ කමිටුවක් පිහිටුවීම මේ දක්වා ප්‍රමාද විය. මෙම කමිටුව සඳහා රජය විසින් ජපානය, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් වල සහයෝගය ලබා ගැනීමට නියමිතයි. දකුණු අප්‍රිකාව සත්‍ය සෙවීමේ කමිටුවක් හරහා වර්ණභේදවාදය නිසා සිදු වූ අපරාධයන්ට යම් තාක් දුරකට යුක්තිය ඉටු කරදීමට සමත් වූ අතර අප්‍රිකානු මහද්වීපයේම රටක් වන රුවන්ඩාව ද එලෙස බොහෝ දුරට රට තුළ සිදුවූ ජන සංහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමට සමත් වු රටවල් ය. රුවන්ඩාව සහ දකුණු අප්‍රිකාව සත්‍ය හෙළිදරව් කළේ කොහොමද? 1994 වර්ෂයේ දී රුවන්ඩාවේ හුටු ජනවර්ගය විසින් එරට විසූ ටුට්සි ජනවර්ගය ඉලක්ක කරගෙන දැවැන්ත ජනසංහාරයක් සිදුකරන ලදි. එහි දී ආසන්න වශයෙන් ටුට්සි ජනතාව සහ ඔවුන් වෙනුවෙන් පෙනීසිටි අය ලක්ෂ අටක් පමණ ඝාතනය විය. තවත් බොහෝපිරිසක් වධහිංසා වලට ලක් වූ අතර ඇතැම් ටුට්සි කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස සිරකර තබා ගන්නා ලදි. මෙහි සත්‍ය හෙළි කිරීම සහ යුක්තිය ඉටු කිරීම පියවර තුනක් ඔස්සේ ක්‍රියාත්මක වූ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පත් කළ අපරාධ විනිශ්චය සභාවක් හරහා සාක්ෂි රැස්කරන ලදි. රුවන්ඩා ජාතික උසාවි පද්ධතිය මඟින් නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ අතර සංහාරයට සම්බන්ධ වූ 22දෙදෙනෙකුට 1998 දී මරණ දඬුවම ලබා දුන්නේ ය. 2006 වන විට සැකකරුවන් 10,000ක් පමණ හඳුනා හැනීමට ඔවුහු සමත් වූහ. මෙහි කැපීපෙනෙන අංගයක් වූයේ ගචාචා (Gacaca) නමින් හැඳින් වූ බිම්මට්ටමේ ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රමයයි. 2005 දී ආරම්භ වූ එයට ඒ ඒ ප්‍රදේශවලින් විනිසුරුවරුන් තෝරාගන්නා ලදි. ඔවුන් වින්දිතයන්ගේ ගම් වෙත ගොස් සාක්ෂි හා පැමිණිලි එකතු කළේ ය. 2012 වන විට එවැනි ගචාචා 12,000කින් පැමිණිලි හා ප්‍රකාශ මිලියන 1.2ක් එකතු කර තිබුණි. දකුණු අප්‍රිකාවේ ද 1994 දී පමණ වර්ණභේදවාදය අවසන් කිරීමෙන් පසුව අලුතෙන් පත් වූ ආණ්ඩුව විසින් මෙලෙස සත්‍ය හෙළිදරව් කිරීමේ යාන්ත්‍රණයක් 1995දී ආරම්භ කරන ලදි. එහිදී වරදකරුවන්ට කමිටුව වෙත පැමිණ වරද භාරගතහොත් දඬුවම ලිහිල් කිරීමට කටයුතු කළ නිසා බොහෝ අය කමිටුව හමුවේ සත්‍ය හෙළිදරව් කර සාක්ෂි ලබා දෙන ලදි. එමෙන් ම වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ට සමාව ලබා දීමට එකඟ වන්නේ නම් සමාව ලබා දීමට ද කටයුතු කරන ලදි. අධිකරණ ක්‍රියාවලිය යටතේ ද පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවීම සිදුවිය. එම රටවල් දෙකම සිය රටවල් තුළ සිදුවූ අපරාධ වහාම සෙවීම සඳහා කටයුතු කර තිබෙන අතර ඒ නිසාම ඔවුන්ට යුක්තිය ඉටුකිරීම හා සත්‍ය හෙළිදරවු කිරීමේ දී සාර්ථක වීමට හැකි ව තිබේ. එමෙන් ම ගචාචා වැනි යන්ත්‍රණයකින් ග්‍රාමීය මට්ටමට ගොස් වින්දියා මුණගැසී පැමිණිලි ලබා ගැනීම තුළින් යටපත්වීමට ඉඩ තිබූ අපරාධ පවා හෙළිදරව් විය. අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද නොකර ඉක්මන් කිරීම ද එම රටවල් දෙකෙහිම නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයකි. වින්දිතයන් මෙම කමිටුව විශ්වාස කළ යුතු ද? ශ්‍රී ලංකාව තුළ සිදු වූ බවට සැලකෙන අපරාධ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට රජයට අවශ්‍යතාවයක් ඇති බවක් නොපෙණෙන බවත්, මෙම නව කමිටුව කෙරෙහි ජනතාව විශ්වාසය තැබීමට අදාල හේතුවක් රජය විසින් මෙතෙක් පෙන්වා නොමැති බවත් අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් ප්‍රකාශ කරන ලදි. "මේ කමිටුව තවත් ඇස් බැන්දුමක්" දැනට පවතින අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කර සත්‍ය හෙළිදරව් කරගන්නවා වෙනුවට අලුතෙන්ම කමිටුවක් පත් කිරීම ඇස්බැන්දුමක් බව බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු පැවසුවේ ය. ඔහු පෙන්වා දෙන්නේ පවතින කාර්යාල ශක්තිමත් කිරීම හා අධිකරණ යාන්ත්‍රණය ඉක්මන් කිරීම සිදු නොකර නැවත නැවත විවිධ කමිටු පත් කිරීම ප්‍රතිඵල රහිත වැඩක් බවයි. "අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පසුගිය අවුරුදු පහටම එකම අතුරුදහන් වුණ කෙනෙක් ගැනවත් සත්‍ය හෙළිදරව් කරන්න අසමත් වුණාට යම් යම් නඩුවලට අදාලව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් යම්දුරකට සත්‍ය හෙළිවෙලා තියෙනවා. තරුණයන් එකොළොස්දෙනෙක් පැහැරගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාවට චෝදනා එල්ල වී ඇති නඩුව වගේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවල ඔවුන්ට සිදු වුනේ කුමක්ද කියලා යම්තාක් දුරකට හෙළිදරව් කරගෙන තියෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණවලින්මයි. මේ තරමට හරි සත්‍ය හෙළිවෙලා තියෙන්නෙ අධිකරණ ක්‍රියාවලියෙන්. ඒ නිසා අධිකරණ ක්‍රියාවලිය ඉක්මන් කිරීමත් වැදගත්." ඔහු පෙන්වා දෙන්නේ එලෙස හෙළිදරව් වී ඇති සත්‍ය යටපත් කිරීමට මෙම නව කමිටුව පත් කරන්නේදැයි තමාට සැකයක් පවතින බවයි. "මේක ජිනීවාවලට පෙන්වන්න හදන නාටකයේ කොටසක්" අතුරුදන් වූවන්ගේ පවුල්වල එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඔහුගේ සංවිධානය නියෝජනය කරමින් සත්‍ය සෙවීමේ කමිටුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමට සම්බන්ධ වී තිබේ. එහි දී එම කමිටුව විනිසුරුවරුන් කණ්ඩායමකින් හා විදේශීය විශේෂඥවරුන් හා විදේශීය නිරීක්ෂකයන් කණ්ඩායමකින් සමන්විත බවට දැනුවත් කළ බව ඔහු පැවසුවේ ය. "මේ කමිටුවට ගිහින් කෙනෙක්ට අතුරුදන් වූ කෙනෙක් ගැන සත්‍ය දැනගන්න ඕනෑ කිව්වොත් ඔවුන්ව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලටත්, වන්දි ලබා ගැනීමට අවශ්‍ය නම් හානිපූර්ණ කාර්යාලයටත්, යුක්තිය අවශ්‍ය නම් නීතිපති වෙතත් යොමු කරන බව අපට පැවසුවා. මේ ඔක්කොම ආයතන දැනට තියෙන ඒවා. ඒවාටම යොමු කරන්න ඇයි අලුත් කමිටුවක්?" ඔහු විමසයි. එමෙන් ම දැනට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වැඩකටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ මුදල් නොමැති තත්ත්වයක් තිබිය දී නව කමිටුවක් ක්‍රියාත්මක කරවීමට මුදල් සම්පාදනය කරගන්නේ කෙසේද කියා මෙතෙක් රජය ප්‍රකාශ කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේ ය. තවද මෙවැනි දේශීය යාන්ත්‍රණයකට උතුරේ හා නැගෙනහිර මානව හිමිකම් සංවිධාන රැස්වීමේදී විරෝධය පළ කළ බවද ඔහු පැවසුවේය. රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සුදානම් වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරක් වශයෙන් බව ඔහු පෙන්වා දෙයි. "2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී ශ්‍රී ලංකා රජය සම දායකත්වය දක්වමින් 30/1 යෝජනාව ගෙන ආවා. ඒ යෝජනාවෙ මේ සංවිධාන පිහිටුවන්න කියලා තිබුණා. නමුත් පහුගිය අවුරුද්දේ විදේශ ඇමති අලි සබ්‍රි ගිහින් ඒ යෝජනාවලට ශ්‍රී ලංකාව විරුද්ධ බව කියලා ඒ යෝජනාවලින් අයින් වෙලා ආවා. නමුත් ඔවුන් ඒ යෝජනාවේ කරන්න කියපු දේවල් කරනවා. ඔවුන් යෝජනාවෙන් ඉවත් වෙලා මේක කරන්න හේතුවක් තමයි එතකොට ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම කමිටුවක් තියෙනවා කියලා නාටකයක් පෙන්වලා හැම අවුරුද්දෙම මාර්තු හා සැප්තැම්බර් මාසවලදි ජිනීවාවලට පෙන්වන්නයි හදන්නේ," ඔහු පවසයි. "මිලිටරිකරණය වූ සන්දර්භයක් තුළ ප්‍රතිසංධානයක් අපේක්ෂා කරන්න බෑ" මේ වනවිට කමිටු කිහිපයක් ම මඟින් ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන තිබියදී යළිත් ඒවා එක් රැස්කරගැනීමට නව කමිටුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක්දැ'යි නීතිය හා සමාජ භාරයේ විධායක අධ්‍යක්ෂිකා සකුන්තලා කදිරගාමර් විමසයි. "අපිට සත්‍ය දැනගැනීමට අවශ්‍යයි. අපට වගවීම අවශ්‍යයි. ඒ වගේම ප්‍රතිසන්ධානයත් අවශ්‍යයි. නමුත් විශල වශයෙන් මිලිටරිකරණය වුණ හා හිංසාකාරී සන්දර්භයක් තුළ අපට එවැනි දෙයක් අපේක්ෂා කරන්න බෑ" එමෙන් ම පැරණි, සත්‍ය සෙවීමේ අරමුණින් පිහිට වූ කමිටු වාර්තා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් මෙතෙක් සිදුව නොමැති බව ඇය පෙන්වා දෙයි. "මිනිස්සුන්ට මේක විශ්වාස කරන්න සාධාරණ හේතුවක් නෑ. මේකට බිම් මට්ටමේ සහයෝගය ලැබෙන්නෙ නෑ. හුදෙක්ම කාලය කා දැමීමක් තමයි වෙන්නෙ." ශ්‍රී ලංකාව වර්තාමනයේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා වින්දිතයන් තවදුරටත් පීඩාවට පත්ව සිටින නිසා නව කමිටුවකින් නැවත ඔවුන්ට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස පැවසුවද එය සාර්ථක නොවනු ඇතැයි, සකුන්තලා කදිරගාමර් පෙන්වා දුන්නේය . "ආණ්ඩුව වින්දිතයන් ගැනත් සංවේදී විය යුතුයි" සත්‍ය සෙවීමේ කමිටුවක මූලිකාංගවලට සමාන මූලිකාංග සහිත කමිටු 11ක් පමණ මෑත ඉතිහාසයේ ශ්‍රි ලංකාව තුළ යම් යම් කාලවලදි ක්‍රියාත්මක වූ බව ස්වාධීන පර්යේෂකයෙකු සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ හිටපු කොමසාරිස්වරයෙකු වන මිරාක් රහීම් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් වින්දිත පවුල් කමිටු කිහිපයක් ඉදිරියේ සිය ප්‍රශ්න ඉදිරිපත් කර ඇති බවයි. "කමිටු හදන්න ලේසියි. ක්‍රියාත්මක කරවන්න අමාරුයි. ඒ නිසා වින්දිත පවුල් කමිටු කීපයකටම ගිහින් තියෙනවා. නමුත් යුක්තියක් නෑ. දැන් ඔවුන්ට ආපහු අලුත් කමිටුවකට එන්න කියනවා. මේ විදිහට ඒ මිනිස්සු කමිටු කීයකට ප්‍රකාශ දෙන්නද? ආණ්ඩුව මේ වින්දිතයන්ගේ පැත්තෙනුත් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතුයි." එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය හඳුනාගෙන ඊට ගැලපෙන සත්‍යසෙවීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට දැන්වත් රජය මැදිහත්විය යුතු බවයි. රුවන්ඩාවේ ගචාචා ක්‍රමය ඒ රටට ගැලපෙන ක්‍රමයක් ලෙස ඔවුන් නිර්මාණය කරගත් බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ගැලපෙන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර යුතු බව රහීම් පවසයි. "ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ සත්‍ය හෙළිදරව් කරන්න.යුද්ධය ඉවර වෙලා අවුරුදු පහළොවකටත් ආසන්නයි. දැන්වත් අපට ගැලපෙන යාන්ත්‍රණයක් මේ සඳහා නිර්මාණය කළ යුතුයි." |
වසර දෙසීයක් පැරණි කඳුකර දෙමළ ජනයාගේ ලංකාගමනය සිදුවුයේ කෙසේ ද? | සියවස් දෙකක් තිස්සේ රටට ඩොලර් අද්දවා දෙන්නට මෙන්ම 'සිලෝන් ටී' නාමය ලොව පුරා ගෙනයන්නට කඳුකර දෙමළ ජනතාව සිය දහදිය, ලේ, කඳුළු වගුරුවාලනු ලැබීය. ඉන්දියාවේ සිට වසර දෙසීයකට පෙර ඉතා භායනක වූ අති දුෂ්කර චාරිකාවක යෙදෙමින් වතු කම්කරුවන් ලංකාවට පැමිණි ගමන ආවර්ජනය කරන්නට කඳුකර දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මාරිමුත්තු සතිවේල් පියතුමා බීබීසි සිංහල සමග කතා බහකට එක්විය. “මෙහෙ අය ගත්තොත් කැරළි ගහන්න පුලුවන් කියලා තමයි ඒ අය ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙනාවේ. අනිත් එක ඒ වෙලාවේ ඉන්දියාවේ ලොකු නියඟයක් තිබුණා. කුස ගින්නෙන් දහස් ගාණක් මැරුණා, ගොවිතැන් කරගන්න බැරි තත්වයක් තිබුණා. ඒ කාලේ තමයි මෙහෙ ඉඳන් කංකානම්ලා ගිහිල්ලා අපිත් එක්ක එන්න, අපි එක්ක ආවොත් ඕගොල්ලන්ට හොඳට හම්බ කරගන්න පුලුවන් කියලා ඒ අය එක්කගෙන ආවේ.” දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ ගොවි ජනයා මුල්වරට ලංකාවේ වතු වගාව සඳහා ගෙන එන ලද ආකාරය ගැන ඉතිහාස කතාව දිග හරිමින් පියතුමා කියා සිටියේය. “1823 න් පසුව තමයි ආර්ථික හේතුමත කඳුකරයට මුලින්ම මේ අය ගේන්න පටන් අරන් තියෙන්නේ. ඊට කලිනුත් හමුදාවට උදව් කරන්න, කොළඹ නගරයේ වැඩවලට කට්ටිය ගෙනල්ලා තියෙනවා.” “පළමුවෙන් තිබුනේ කෝපි වගාව, කෝපි වගාවට හැමදාම ශ්‍රමිකයෝ අවශ්‍ය නැහැ. කෝපි කඩන කාලයට තමයි ගොඩක් ඕන වෙන්නේ. එතකොට කාලෙන් කාලෙට තමයි මේ අය එන්නේ මෙහාට.” සංඛ්‍යා ලේඛන නැති මරණ කඳුකරයේ කෝපි වගාවට වරින්වර ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙනැවිත් ඇති අතර කෝපි වගාව අලාභ වී, වගාව විනාශ වී යන විට වගාව ඉවත් කළ භූමිවල තේ වගාව ආරම්භ කර තිබේ. තේ වගා කිරිමට ස්ථිර සේවකයන් අවශ්‍ය බැවින් වරින් වර ඉන්දියානු කම්කරුවන් මෙරටට ගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වන බව සතිවේල් පියතුමා පැවසීය. සුළි කුණාටුවලට මුහුණ දෙමින් මහ සයුර හා පොර බඳිමින් තමිල්නාඩුවේ සිට බෝට්ටු හරහා අන්තරාකාරී ගමනකින් පසුව තලෙයිමන්නාරමට ගොඩ බසින ඉන්දීය කම්කරුවන්, ඉන් පසු දින, සති ගෙවමින්, ගම් නියංගම් පසු කර, මහ වනාන්තර මැදින් සතා සිවුපාවන් හා ගැටෙමින් ඔවුන්ගේ ප්‍රධානතම සංධිස්ථානයක් වන මාතලේට පැමිණ තිබේ. මාතලේට පැමිණිමෙන් පසුව ඔවුන් කණ්ඩායම් වශයෙන් වෙන් කර විවිධ ප්‍රදේශවල වගා කටයුතු සඳහා යවා ඇත. ඉන්දියාවෙන් පිටත් වු සියලු දෙනා සිය ගමනාන්තය දක්වා පැමිණිමට තරම් වාසනාවන්ත නොවු බව කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ මාරිමුත්තු සතිවේල් පියතුමා සඳහන් කළේය. “1841 දක්වා ආපු අයගෙන් 70,000 ක් මැරිලා තියෙනවා කියලා ඒ කාලේ ඔබ්සවර් පත්තරේ වාර්තා වෙලා තියෙනවා. සීයයට විසි පහක් මැරුණා කියලා තමයි කියන්නේ. මෙහාට සීයක් ගෙන්න ගන්න ඕනේ නම් එහෙන් 400 ක් ගේනවා. හේතුව මේගොල්ලෝ දන්වා එන ගමනේදී කට්ටිය මැරෙනවා කියලා. මේ ගොල්ලෝ කවදාවත් මුහුදේ ඇවිල්ලා නෑ. එන්නේ පයින් කැලෑ පාරවල්වල සෞඛ්‍ය පහසුකම් තිබුනේ නැහැ, ආහාර නැහැ, විවිධ රෝග ඇති වෙනවා, ඕකෙන් මැරෙනවා කියලා දන්න නිසා තමයි එහෙන් වැඩි පුර අය ගෙන්නේ.” “ඊට පස්සේ 1841 ඉඳලා 1849 දක්වා ගෙනාපු අයගෙන් 90,00 මැරුණා කියලා තමයි කියන්නේ. 1880 දී කෝපි වගාව විනාශ වෙනවා. එතකොට වතු අයිතිකාරයින්ට මේගොල්ලන්ට පඩි ගෙවාගන්න විදියක් තිබුනේ නැහැ. මේ අයට ඒ කාලේ හැම මාසෙම පඩි ගෙව්වෙත් නැහැ. එතකොට ලොකු කෑම හිඟයක් තිබුනා, වෛද්‍ය පහසුකම් තිබුනෙත් නැහැ. එතකොට තැන් තැන්වල වැටිලා මැරිච්ච අයත් ඉන්නවා. මැරුණ ගාන ලක්ෂ දෙකක් ද තුනක් ද කියන එක ගැන සංඛ්‍යා ලේඛන තවම කොහොවත් නැහැ.” පියතුමා කියා සිටියේය. මෙම කම්කරුවන් මුහුද දැක තිබු හෝ මීට පෙර බෝට්ටුවක ගමන් නොකරන ලද පිරිස් බව පැවසු සතිවේල් පියතුමා “කුණාටුවලට අහුවෙලාත් මැරුණා, මුහුදේදි මැරුණ අය මුහුදට විසි කරලා ඇවිත් තියෙනවා.” යැයි සඳහන් කළේය. ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ගෙන එමින් තිබු “ආදිලච්චමි” නමින් හැඳින්වු නැව 1864 දී මුහුදුබත් වීමෙන් කම්කරුවන් 150 දෙනෙකු පමණ ද මිය ගොස් තිබේ. කඳුකර දෙමළ ජනතාවගේ විශේෂත්වය විවිධ අවස්ථාවලදී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මේ වන විට ලංකාවේ දිවි ගෙවනු ලබන දෙමළ ජනයා අතර කඳුකර දෙමළ ජනයාගේ විශේෂත්වය කුමක්දැයි බීබීසි සිංහල පියතුමාගෙන් විමසීමක් කළෙමු. “කඳුකරයට ආපු අය ඉන්දියාවේ එකම ගම්මානයකින් තමයි එන්නේ. ඒ ගමේ තිබුණ සංස්කෘතිය එක්ක තමයි ඒ අය මෙහාට එන්නේ. සංස්කෘතිය, ජීවන රටාව, කෑම බීම එක්ක තමයි රැකියාව කරන්න ආවත් ඒ අය එන්නේ. ඒ වගේ තමන්ගේ ආගමික විශ්වාසය එක්ක තමයි එන්නේ, ඒ විශ්වාසය රැක ගත්තා මෙතනට ආවාට පස්සෙත්. කොළඹ පැතිවලට ගිය අය නාගරිකරණය වුණා. හැබැයි වතු වැඩවලට ආපු අය නාගරිකරණයට අහුවුණේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ වතු අයිතිකාරයන්ට.” ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද සංස්කෘතිය හා ආගමික විශ්වාසයන් විකාශනය වු ආකාරය ගැන ද පියතුමන් විස්තර කළේය. “ඒගොල්ලෝ කුල දෙවියෝ තමයි ඇදැහුවේ ඒක තමයි මෙහාට ගෙනාවේ. ඒගොල්ලන්ට කියලා ලොකු කෝවිල් තිබුනේ නෑ. තමන්ගේ ඥාති කෙනෙක් හරි කුලය වෙනුවෙන් ජීවිතය දුන්න කෙනෙක් හරි තමයි ඒ අය නමස්කාර කළේ.” “මෙහෙට ආවාට පස්සේ රැකියාමය දෙවිවරුත් ඇති වුණා. අපි කියමුකෝ මේගොල්ලෝ ෆැක්ටරියේ ස්ටෝරුවේ වැඩ කරනවා කියලා, එතකොට ඒ ෆැක්ටරියට කියලා “රෝදමුණි” කියලා දෙවි කෙනෙක් මේගොල්ලො හැදුවා. ඒක ඉන්දියාවේ තිබුනේ නැහැ, ඉන්දියාවේදි කළේ ගොවිතැන්නේ. තේ ගස් කප්පාදු කරනවානේ. එතකොට “කපාතු සාමි” කියලා එක දෙවි කෙනෙක් මේගොල්ලෝ අලුතින් ඇති කර ගත්තා. එතකොට මෙහාට ආවාට පස්සේ මේ පොළොවට ආවේණික වු දෙවියන් මේගොල්ලෝ ඇති කරගත්තා.” යි කඳුකරයට කම්කරුවා බද්ධ වු ආකාරය විස්තර කරමින් සතිවේල් පියතුමා පැවසීය. මලෙයියහ තමිල් හෙවත් කඳුකර දෙමළ වතු කම්කරු දෙමළ ජනයා 'මලෙයියහ තමිල්' හෙවත් 'කඳුකර දෙමළ ජනතාව' ලෙස හැඳින්වීම ගැන ද කඳුකරයේ වතු කම්කරු දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මාරිමුත්තු සතිවේල් පියතුමා කියා සිටියේය. “1911 දී සංඛ්‍යා ලේඛන ගන්නකොට මේ අයව ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා කියලා නම් කරනවා, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් වෙන් කරන්න. 1960 න් පසුව ඉන්දියානු සම්භවයක් කියන වචනය පාවිච් කරන්න එපා කියලා කඳුකරයෙන්ම පිබිදීමක් ඇති වෙනවා. අපි මේ රටේ ඉපදුනා, අපේ කවුරුත් ඉන්දියාවේ ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. අපිව කඳුකර දෙමළ ජනයා කියලා හඳුන්වන්න කියලා පිබිදීමක් ඇති වෙනවා.” “1977 වෙනකොට එහෙම හඳුන්වන්න කියලා ලිපියක් එනවා ජේ. ආර්. ජයවර්ධනට. ඒකේ පිටපත් යවනවා එවකට විපක්ෂ නායක අමිර්තලිංගම්ට, සිරිමාවෝ බණ්ඩාරනායකටත් යවනවා, තොණ්ඩමන්ටත් යවනවා. ජේ.ආර්. ජයවර්ධන හා සිරිමාවෝ බණ්ඩාරනායක ඒකට ප්‍රතිචාර දක්වනවා ඒක ජනතාවගේ ඉල්ලීමක් ලෙස ගේන්න කියලා. ඒත් ඊට පස්සේ ඒක වුණේ නැහැ උතුරු නැගෙනහිර ප්‍රශ්න මතු වෙද්දි මේක වෙන විදියකට අර්ථකථනය කරයි කියලා.” මලෙයියහ දෙමළ අනන්‍යතාවය සහිතව තමන්ව හඳුන්වන්නැයි, කරන ලද ඉල්ලීම වතු කම්කරු ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීමක් වුවද ඉන්දියානු හිතවාදී ප්‍රභූන් ඇතුළු දේශපාලකයන් ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ලෙස හැඳින්වීමට උත්සාහ දරන බව පියතුමා කියා සිටියේය. එහෙත් වතු කම්කරු ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ව 'කඳුකර දෙමළ' යනුවෙන් හඳුන්වන ලෙසයි. |
ක්‍රීඩා සංගම් තහනම් වන්නේ දේශපාලන අත පෙවීම් නිසාද? පරිපාලකයින්ගේ දූෂණ නිසාද? | ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රය දක්වන දායකත්වය සුවිශාල ය. එහෙත් මේ වන විට මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් දෙකක් වන පාපන්දු සහ රග්බි ක්‍රීඩාවලට ජාත්‍යන්තර වශයෙන් තරග තහනමක් පනවා තිබේ. මීට අමතරව දේශීය වශයෙන් ද ක්‍රීඩා සංගම් කිහිපයක් සඳහා තහනම් පැනවීමට සහ ඒවායේ ලියාපදිංචිය අහෝසි කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. ඊට අලුතින්ම එක් වුණේ මෝටර් රථ ක්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයයි. ක්‍රීඩා සංගම් හා ක්‍රීඩා තරග තහනම් හේතුවෙන් මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයට අනාගතයෙ දී අත්විය හැකි ඉරණම කුමක් ද ? බීබීසි සිංහල ඒ පිළිබඳව සොයා බැලීමක් කරනු ලැබුවේ ය. තහනමට ලක්වූ ක්‍රීඩා සංගම් මොනවාද? මේ වන විට ශ්‍රී ලංකාව තුල ලියාපදිංචිව ඇති සමස්ත ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 72ක් බවත් ඉන් සංගම් හයක ලියාපදිංචිය සම්පුර්ණයෙන් අහෝසි වී ඇති බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බීබීසී සිංහල වෙත පැවසුවේ ය. මේ අතර තවත් ක්‍රීඩා සංගම් තුනකට තාවකාලික තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තුවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ සඳහන් කළේය. " රගර්, පාපන්දු සහ කරාටේ යන ක්‍රීඩා සංගම් තුනට මේ වෙද්දී තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඉන් පාපන්දු සහ රගර් සංගම් සඳහා තහනම පනවනු ලැබුවේ ඔවුන් නියෝජනය කරන ජාත්‍යන්තර සම්මේලන විසින්." "මීට අමතරව තවත් ක්‍රීඩා සංගම් 06ක ලියාපදිංචිය සම්පුර්ණයෙන්ම අහෝසි වී තිබෙනවා. ඊට හේතුව වන්නේ එම ක්‍රීඩා සංගම් ස්ථිර තැනක නොපිහිටීම සහ ක්‍රියාකාරී මටටමේ නොතිබීම." "එලෙස තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා සැම්බෝ, ශ්‍රී ලංකා පවර් බෝල්, ශ්‍රී ලංකා යුනිෆයිට්, ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්ස් සංගමය, ශ්‍රී ලංකා ස්ක්‍රෑබ්ලර්, ශ්‍රී ලංකා ජුජීත්සූ යන සංගම්." ඔහු පැවසුවේය. ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයත් අත්හිටුවයි මෙරට මෝටර් රථ ක්‍රීඩාව සඳහා වන ජාතික සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් (අගෝස්තු 09 වැනිදා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එමෙන්ම එම සංගමයේ ඉදිරි කටයුතු තාවකාලිකව පවත්වාගෙන යෑම සඳහා මහේෂ් ගම්මන්පිලගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවක් ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබීය. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා නිලවරණය පැවැත්වීම සඳහා එම සම්මේලනයෙහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමගින් නිලවරණ කමිටුවක් පත්කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් සිදුකරන ලෙසටද අදාළ ගැසට් නිවේදනය මගින් දන්වා තිබේ. එමෙන්ම නිලවරණ කමිටුව මගින් නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමේ බලය ද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් පවරා ඇත. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 1 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත ජාත්‍යන්තරය සමග එක්ව ගමන් කළ යුතුයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධානවල ව්‍යවස්ථාවන් අනුව එක්ව කටයුතු කිරීමට එකඟ වී ඇති බවත් ඒ අනුව එම ව්‍යවස්ථාවන් නොසලකා හැර කටයුතු කරගෙන යා නොහැකි බවත් ලෝක කැරම් සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන පරාක්‍රම බස්නායක බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය. " මා මෙරට ප්‍රධාන ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කළ නිලධාරියෙක් වශයෙන් ඇති අත්දැකීම් අනුව කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම් බැඳී සිටිනවා තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න. " "මොකද ඒ ව්‍යවස්ථාවේ අඩංගු නීති වලට අපි බැඳිලා අත්සන් තබා ඇති නිසා. " "ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල ඇති ව්‍යවස්ථාවට අනුව ලංකාවේ ක්‍රීඩා සංගම් පවත්වාගෙන යන්න කටයුතු කරන්න ඕන. " "ක්‍රීඩා සභාවේ සිටින පුද්ගලයින් ඒ අනුව කටයුතු කරන්න උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා පෙනී යනවා ඔවුන් කටයුතු කරන ආකාරයෙන්. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් සිටින නිලධාරිනියක් මේ ගැන දැනුවත් නැහැ. ඔවුන් තමන්ට අවශ්‍ය පුද්ගලයින් පත්කර ගන්න හදනවා ව්‍යවස්ථාවට පිටින්. මේක ඉතාම නරක ක්‍රියාවක්. මේ නිසා තමයි පාපන්දු, රගර් වැනි ක්‍රීඩාවන් තහනමට ලක්වෙලා තියෙන්නේ. " "ඒ වගේම මීළඟට ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ තත්ත්වය උදාවෙයි කියලා සැකයක් තියෙනවා. මොකද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කැමැති නැහැ දේශපාලන අත ගැසීම් වලට." "මේ ඇඟිලි ගැසීම් වලින් ක්‍රීඩාවේ යෙදිලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අගතියක් සිදුවෙනවා. ඒ නිසා ඔවුන්ට ඔලිම්පික් ධජයක් යටතේ තමයි ක්‍රීඩා කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තවත් ක්‍රීඩා සංගම් කිහිපයක්ම තිබේ තහනම් කිරීමට යන ස්වභාවයක් පෙන්නුම් කරනවා. තහනම් කිරීමක් නොවෙයි සිදුවිය යුත්තේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කෙරෙනවාද කියා සොයා බලා ඒවා නියාමනය කිරීමයි. එය තමයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සිද්ධ වෙන්න ඕන. " "ක්‍රීඩා සභාවේ කටයුතු නිසා ක්‍රීඩා අමාත්‍යවරයාත් ගොඩක් වැරදි තීරණ අරන් කියලා මට හිතෙනවා." "ක්‍රීඩා පනත අවස්ථා රැසකදී සංශෝධනය කළත් තාම බැරි වෙලා තියෙනවා ලංකාවට ගැලපෙන, ඒ වගේම ලංකාවේ තියෙන සංගම් තමන්ගේ මව් සංගම්වල ඇති ව්‍යවස්ථාවට අනුකූල වෙන ආකාරයේ ක්‍රීඩා පනතක් හදා ගන්න. මේක තමයි නිරන්තරයෙන් ඇතිවන ගැටුම. ක්‍රීඩා සංගම් තහනම් කිරීම නිසා ගම්බදව සිට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ අසරණ වෙනවා. "අතුරු පාලක මණ්ඩල පත් කිරීම නිසා ක්‍රීඩාවට විශාල හානියක් සිදුවනවා. මොකද ඔවුන් කිසිම දෙයක් වෙනුවෙන් වගකියන්නේ නැහැ. " "ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දෙන්න පුළුවන් ක්‍රීඩා කිහිපයක් පමණයි තියෙන්නේ. ඒ ක්‍රීඩා කිහිපය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරලා ඉතාම පැහැදිලි නියාමනයක් ඇති කරන්න අවශ්‍යයි. " ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් තියෙන අලුත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙක් පත්වෙලා සිටිනවා. ඔහු හොඳින් මේ තත්ත්වය නියාමනය කළොත් හොඳයි කියන එක මගේ අදහස. මේ තත්ත්වයන්ට විසඳුම් ඉතා ඉක්මනින් පිලියම් ලබා නොදුන්නොත් රටේ ක්‍රීඩාව බරපතල තත්ත්වයකට පත්වෙනවා." ඔහු පැවසුවේ ය. 'අපිට කොදෙව් මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න බැහැ' ක්‍රීඩා සංගම් තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සමග ගැටුම් ඇති නොකර කටයුතු කළ යුතු බවය. " ඔතන තියෙන්නේ අන්ත දෙකක්. එකක් තමයි ක්‍රීඩා පනත. ලංකාවේ ක්‍රීඩා සංගම් සියල්ල ක්‍රීඩා පනතට යටත් වෙනවා. සමහර ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල නීති සහ අපේ ක්‍රීඩා පනත අතර ගැටෙන අවස්ථා තියෙනවා. " "මේ ගැටෙන අවස්ථා හේතුවෙන් තමයි අපිට ඔවැනි තත්ත්වයන් උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා ඉස්සර වෙලාම ක්‍රීඩා පනත සහ ජාත්‍යන්තර සංගම්වල ඇති නීති සහ ව්‍යවස්ථා ගලපා ගැනීමේ කටයුත්තක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු දෙයක්. ඉතින් ඔය ගැටලුව විසඳ ගත්තොත් අපට පුළුවන් ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න." විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන පිළිගන්නේ සහ කටයුතු කරන්නේ ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුවයි. ඒ ව්‍යවස්ථාවන් ලිබරල් ව්‍යවස්ථාවන්. නමුත් අපේ පුද්ගල කේන්ද්‍ර කර ගනිමින් වරින් වර එක එක නීති වෙනස් කරනවා. ඒ නිසා තමයි මේ ගැටළු ඇතිවෙන්නේ. "මේ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර සම්මේලනවල ව්‍යවස්ථාවන් එක්ක ගැටෙන්න නැති වෙන ආකාරයෙන් පනත සංශෝධනය කිරීමට පියවර ගන්න ඕන." "මොකද අපිට බැහැ ජාත්‍යන්තරයේ නීතිවලට පිටින් කටයුතු කරන්න. එහෙම කලොත් වෙන්නේ රට ඇතුළේ විතරක් අදාළ ක්‍රීඩාව කරල ඉන්න. ජාත්‍යන්තරයට යන්න නම් ඔවුන්ගේ ව්‍යවස්ථාව සමග ගැටුම් අති නොකරගෙන ඉන්න අවශ්‍ය වෙනවා. " "විශේෂයෙන් අපේ රටේ ක්‍රීඩාව, ක්‍රීඩා පනත සලකන්නේ දේශපාලඥයන් ගේ ඕනෑ එපාකම් අනුව. ඒ ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලන ව්‍යුහයට අනුව තමයි ඒ නිලධාරින් පත්කරන්නේ සහ නිලධාරින් පත්කිරීම වළක්වන්නේ. ඒක ජාත්‍යන්තරය දන්නවා. ඒක නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙලා තියන්නේ." අපිට කොදෙව් මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න බැහැනේ. අපි ජාතික මට්ටමෙන් ජාත්‍යන්තරයට යන්න ඕන. ජාත්‍යන්තරයට යන්නේ නැතිව ජාතික මට්ටමෙන් සීමා වුනොත් වර්ණ වාදය නිසා කලක් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග අහිමි වුනා වගේ තත්ත්වයක් තමයි අපිටත් අත්වෙන්නේ." ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ඒ ගැන අවදානය යොමු කරන්න ඕනෑ. අද රටේ ක්‍රීඩා සංගම්වල තනතුරු දරන්නේ දේශපාලඥයින්. රටේ ක්‍රීඩා සංගම්වලට අත්වෙලා තිබෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ." "මේ සල්ලි තියෙන හැම ක්‍රීඩා සංගමයකම ප්‍රශ්න. සල්ලි නැති සංගම්වලට මේ ප්‍රශ්න නැහැ. සල්ලි තියෙන සංගම්වල කුට්ටි බෙදා ගන්න ගිහින් තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. දවසින් දවස ක්‍රීඩාව වලපල්ලට යන එකයි වෙන්නේ." විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ ය. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙහි අන්තර්ගතය නැත මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. End of Twitter post, 2 මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න. මෙහි අන්තර්ගතය නැත 'වගකියන්න ඕනෑ ක්‍රීඩා සංගම්, රජය නොවෙයි' පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයට පමණක් දෝෂාරෝපණය කළ නොහැකි බවත් ඊට ක්‍රීඩා සංගම් වගකිව යුතු බවත් මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් දයා රත්නායක බීබීසි සිංහල සේවයට පැවසුවේය. " ඉස්සර අපිත් ක්‍රීඩා සංගම්වල ඉන්නකොට මේ වගේ ප්‍රශ්න තිබුණා. මෙතැන දී මම රජයට දෝෂාරෝපණයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද අපේ ක්‍රීඩා සංගම් කෙරෙහි මගේ ලොකු විශ්වාසයක් නැති නිසා." "වැඩිම හරියක් ක්‍රීඩා සංගම්වල ප්‍රශ්න තිබෙනවා. ඒ අයගේ ඇතුළේ ප්‍රශ්න, ක්‍රියාදාමයේ ප්‍රශ්න, පත්කිරීමේ දී ඇතිවන ප්‍රශ්න තියෙනවා." "මට කියන්න පුළුවන් මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයා හැටියට ඡන්ද එකසිය ගාණක් තියෙනවා ඒ සංගමයට, මට මතක හැටියට. ඇත්තෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසියේ හැරුනම අනෙක් ක්‍රීඩා සංගම්වල ක්‍රීඩකයෝ නැහැ. ඒ අය වාර්ෂික තරග පවත්වන්නේ නැහැ. නමුත් සංගම් තියෙනවා. බලධාරීන් විතරයි ඉන්නේ. ඉතින් මේ අයව තමයි ඡන්ද තියද්දි කවුරැ හරි පත්කරවන්නේ. ඉතින් ඒ නිසා හරිම කණගාටුයි. " "මේවා නියාමනය කරන්න රජය ඉදිරිපත් වුනොත් දේශපාන සම්බන්ධතා කියල ජාත්‍යන්තරයට ගිහිල්ලා පෙත්සම් ගහලා ඒ අයත් අල්ලන් රජයට විරුද්ධව වැඩ කරනවා. මට පේන්නේ මේක නිකම් මාෆියාවක් වගේ කියලා. " "ඒ නිසා හැම තිස්සෙම අපි රජයට ඇඟිල්ල දිගු කරනවා. ක්‍රීඩා ඇමතිවරුන් ආවම උත්සහ කරනවා අලුත් දෙයක් කරන්න. ඉතින් හරි කණගාටුයි ඒවා කරන්න බැරි වෙනවා." "ක්‍රීඩා අමාත්‍යාංශයේ වැරදි නැතිවා නෙමෙයි. ඒවායේ සිටින ඇතැම් නිලධාරීන්ට ක්‍රීඩාව ගැන මනා දැනුමක් නැහැ. ක්‍රීඩාව ගැන ඇල්මක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්න ඕනෑ ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන, ඒ ගැන පැෂන් එකක් තියෙන නිලධාරින්. ඉතින් එහෙම අය ක්‍රීඩා අමාත්‍යංශයේ මම දකින්නේ නැහැ." "දැන් තරුණ ක්‍රීඩා ඇමති කෙනෙක් ඉන්නවා. ඒ අය වැරදි නියාමනය කරන්න ගියාම ඇතිවන තත්ත්වය වෙනස්." "ඒ නිසා තමයි අපි වගේ අය ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. මට හිතෙන්නේ රජයට පමණක් දෝෂාරෝපණය කරලා හරියන්නේ නැහැ, වැඩි වගකීමක් තියෙන්නේ ක්‍රීඩා සංගම් වලටයි. නව ක්‍රීඩා පනතක් ක්‍රීඩාවේ ආරක්ෂාව මෙන්ම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සැමවිටම පෙනී සිටින බවත් මෙරට ඇතැම් ක්‍රීඩා සංගම් තහනම් කරනු ලැබුවේ ඔවුන් නියෝජනය කරනු ලබන ජාත්‍යන්තර සම්මේලන විසින් බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් බීබීසි සිංහල සේවයට පැවසුවේය. නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය. " ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින්." "මෙම තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සමග සාකච්ඡා කළා මාර්ගගත ක්‍රමය ඔස්සේ." "එහිදී පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් ද විභාග වෙමින් තිබෙනවා." "ඒ වගේම ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක් පැනවීම සිදුකළේ ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් 2022 වසරේදී." "සාමාන්‍යයයෙන් අපේ පවතින ක්‍රීඩා නීතිය අනුව ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයක් විසින් අපේ රටේ ක්‍රීඩා සංගමයකට තහනමක් පැනවුවහොත් එය ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටිනවා. එය පදනම් කර ගනිමින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. " "ජාත්‍යන්තර රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය මෙරටට පැමිණ ක්‍රීඩා අමාත්‍යවරයාව මුණ ගැසී සාකච්ජා කළා." "ඒ වගේම රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ද මෙරට අධිකරණය හමුවේ නඩු කටයුතු විභාග වෙමින් පවතිනවා." "ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය තහනම් කිරීමට හේතු වුයේ ඔවුන්ගේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් සිදුකළ විගණන පර්යේෂණයේ දී සොයා ගැනුණු යම් අයථා කටයුතු සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් කරුණු වාර්තා කිරීමක් කළා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියා." "ඒ අනුව ජාත්‍යන්තර කරාටේ සම්මේලනය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ තහනම පැනවීමට කටයුතු සිදුකළේ." "ක්‍රීඩා අමාත්‍යාංශය උත්සහ දරනවා ක්‍රීඩාවේ සුපිරිසන් භාවය සුරැකීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්න." "ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට බලය තිබෙනවා. ඒ යටතේ ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සහ එය පිරිසිදුව තබා ගන්න අවශ්‍ය නව නීති හඳුන්වා දීමට පියවර ගනු ලබනවා." "2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ගැසට් නිවේදනයක් මගින් නව කොන්දේසි කිහිපයක් හඳුන්වා දෙනු ලැබුවා." "එහිදී සඳහන් කර තිබුණා ඕනෑම ක්‍රීඩා සංගමයක විධායක කමිටුවේ සාමාජිකත්වය දරන්න හැකියාව ඇත්තේ ඕනෑම පුද්ගලයෙකුට වසර 08 ක කාලයක් පමණක් කියලා." "එහිදී සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික තනතුර දරනු ලබන පුද්ගලයින්ට වාර දෙකක් තරග කරන්න පුළුවන්." "ඒ වගේම ඒ නිලධාරීන්ගේ අවම වයස අවුරුදු 70ක් විය යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා." "ක්‍රීඩා සංගම්වල නිලධාරින් වසර ගණන් එකදිගට තනතුරේ සිටිනවා. මේ හරහා ඇතිවන මුල්‍ය අක්‍රමිකතා මෙන්ම විවිධ දුෂිත ක්‍රියාවන් මැඩ පැවැත්වීම සහ තරුණ නිලධාරීන්ට ක්‍රීඩාව වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න ඉඩ ප්‍රස්ථාව ලබාදීමටයි මේ කොන්දේසි පැනවීමට හේතුව වුයේ." "නමුත් මෙම කොන්දේසි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා." "මේ ක්‍රීඩා සංගම් ස්වයංක්‍රියව බැඳී සිටිනවා රටේ පවතින ක්‍රීඩා නීතියට යටත් වෙන්න. ඔවුන් ලියාපදිංචිව සිටින්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ යි. " "නමුත් අපේ රටේ ඇති ක්‍රීඩා සංගම් හිතන්නේ ඔවුන් අනුගමනය කරන්න අවශ්‍ය තමන්ගේ ඇති ව්‍යවස්ථාව පමණක්ය කියලා. මෙයයි ගැටලුව. මන්ද ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව යන නාමය." "යහපාලනය, මූල්‍ය විනය සහිතව තමන්ගේ ක්‍රීඩා සම්මේලනයේ ඇති ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕනෑම ක්‍රීඩා සංගමයකට අවස්ථාව තිබෙනවා." "බොහෝ ක්‍රීඩා සංගම්වල නිලධාරින් සියලු වරප්‍රසාද භුක්ති වින්දට ක්‍රීඩකයින්ට හිමිවන්නේ අවම පහසුකම්. මේ හේතුවෙන් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සෑම විටම කටයුතු කරන්න වගබලා ගන්නවා." "ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා පනත සංශෝධනයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. " ඊට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ඊට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මමත්, තවත් කිහිප දෙනෙකු ඇතුලත් වනවා. හැකි ඉක්මනින් නව ක්‍රීඩා පනත හඳුන්වා දීමට කටයුතු කිරීමට පියවර ගන්නවා." ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය. |
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ වැදගත් කරුණු 10ක් | 1. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බවත්, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද ( අගෝස්තු මස 09 වැනිදා) පැවසුවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 13 වන සංශෝධය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේ දී පොලිස් බලතල වැනි සංවේදී විෂයයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමෙන් සිදු වන්නේ ඇතැම් විට කිසිඳු එකගතාවකට එළැඹීමට අපහසුවීම බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව අනෙකුත් බලතල පිළිබඳ එකඟතාවන්ට පැමිණෙමින් රටේ අනාගතය වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පියවරින් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා එක් විය යුතු බව ද අවධාරණය කළේය. 2. පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයටත් සූදානම් පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය කර හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඊට ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. 3. ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට කමිටුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා එම යෝජනා ගැඹුරින් විමසා බලන ලෙසත්, ඒ වෙනුවෙන් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර එම සියලු අදහස් සැලකිල්ලට ගෙන පළාත් සභාවල කාර්යභාරය සහ ඒවායේ අනාගතය පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමේ වගකීම පාර්ලිමේන්තුවට හිමිවන බවද කියා සිටියේය. පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවත් නීති සම්පාදනය සඳහා ද තවත් කමිටුවක් පත්කිරීමට මෙහිදී යෝජනා කර සිටියේය. 4. ජනාධිපති සමාව රිමාන්ඩ් සිරකරුවන්, මරණ දඬුවම නියම වූවන් සහ වෙනත් සිරකරුවන් ලෙස සිරකරුවන් කාණ්ඩ තුනක් සිටින බවත්, අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති සමාව සඳහා අවසන් කාණ්ඩ දෙක සලකා බලන බවත් පැවසීය. ඒ අනුව සිරකරුවන් 11 දෙනෙකු වෙනත් සිරදඬුවම් සහිත ගණයෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව ප්‍රකාශ කළේ ය. 5. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ජාතික ඉඩම් කොමිසම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත්, ඉඩම් කොමිෂන් සභා නීති කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය රජයේ ඉඩම් භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමට යොදා ගන්නා බවත් ජාතික ඉඩම් කොමිෂන් සභාවේ කටයුතු සඳහා මගපෙන්වීමට ඉඩම් කොමිෂන් සභා ප්‍රතිපත්ති පනතක් සැප්තැම්බර් මාසය වන විට ගෙන ඒමට අපේක්ෂා කරන බව පැවසුවේ ය . මේ අතර 2009 වසරේ ආරක්‍ෂක අංශ, පොලිසිය විසින් අත්පත් කරගෙන සිටි භූමියෙන් සැලකිය යුතු කොටසක් එනම් සියයට 90ත් 92ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කළේය. මෙයට අක්කර 22,919 ක් ඇතුළත් වන බවත් එයට රජයට අයත් අක්කර 817 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 22,101 කින් යුක්ත වන බව ජනාධිපතිවරයා පැවසුවේය. වර්තමානයේ දී ආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් රැඳී සිටින ඉඩම් ප්‍රමාණය අක්කර 3,756 ක් වන බවත් ඉන් ඉඩම් අක්කර 860 ක් රජයට සහ අක්කර 2,892 ක් පුද්ගලික අයිතියට අයත් බව ප්‍රකාශ කළේ ය. 6. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මකයි අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් (COA) නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව පැවසුවේ ය. සියලු දෙනාටම එකඟවිය හැකි විසඳුමකට එළැඹීමෙන් ජාතික අනන්‍යතාව ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැඟී සිටීමටත්, රටේ බලය මහජනතාව වෙත සමීපවන ආකාරයට විමධ්‍යගත කිරීමටත් ට්ට්අවස්ථාව සැලසෙන බවත්, පළාත් සභා ස්ථාපනය කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් නොව පළාත් නවයටම අදාළ වන අයුරින් බවට අවධාරණය කළේ ය. 7. ස්වෛරීභාවය සහ ඒකීයභාවය රටේ ස්වෛරීභාවයට සහ ඒකීයභාවයට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවල නිරත නොවන බවට ජනාධිපතිවරයා සහතික විය. ජාතික සංහිඳියාව සඳහා සාධනීය ලෙස සහභාගී වන ලෙස ඔහු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර ජාතියේ සංවර්ධනය සඳහා ජනතාවගේ අවශ්‍යතා මූලික වන බව අවධාරණය කළේය. 8. ඉන්දියාවේ පුනරුත්ථාපන කඳවුරුවල සිටින ලාංකිකයන් දකුණු ඉන්දීය පුනරුත්ථාපන කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් 2,678 දෙනෙකුගේ ලැයිස්තුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව ජනාධිපතිවරයා නිවේදනය කළේය. ඔවුන් අතර, ශ්‍රී ලංකා උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් යන දෙකම ඇති පුද්ගලයින් සියලු රටවල ගමන් බලපත්‍ර සඳහා සුදුසුකම් ලබයි. මෙම ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලිය සති දෙක හතරක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 9. උතුරේ ගුවන් සහ මුහුදු සබඳතා වැඩිදියුණු කිරීම ඉන්දියාවේ සහයෝගය සහිතව උතුර සහ නැගෙනහිර පළාත් තුළ ආර්ථික සංවර්ධනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එහිදී උතුරු කලාපයේ ගුවන් සහ මුහුදු සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. කන්කසන්තුර වරාය, වව්නියාව සහ පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සහ උතුරු පළාත සහ දකුණු ඉන්දියාව අතර යාත්‍රා සේවාවක් ස්ථාපිත කිරීම ද එම සැලසුම්වලට ඇතුළත් වේ. මීට අමතරව කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් හි ආයෝජන ප්‍රවර්ධන කලාප ඇති කිරීමට උත්සාහ කරමින් පවතින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. 10. මැතිවරණ වියදම් පාලන පනත මැතිවරණ සමයේ සිදුවන මූල්‍ය අපයෝජන සහ අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් මැතිවරණ වියදම් පාලන පනත බලාත්මක කිරීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපා ඇති දූෂණ හා වංචා ගැටලු විසඳීමට අදහස් කරන ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් දූෂණ විරෝධී පනතක් අනුමත කිරීම ගැනද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. |
හොර වීසා, පාස්පෝට් වලින් විදෙස්ගත වෙන්න ගියොත් මොකද වෙන්නේ? | එක් රටක පුරවැසියෙක් තවත් රටකට ඇතුළු වීමේ දී අනිවාර්යෙන් ම ඔවුන් සතුව වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. ඇතැම් රටවල්, ඔවුන් විසින් නම් කරන රටවල්වල පුරවැසියන් සඳහා වීසා නොමැතිව සිය රටට ඇතුළුවීමේ පහසුකම් ද සලසා තිබේ. කෙසේවෙතත් ඕනෑම අයෙකු සතුව එක් රටකින් තවත් රටකට යාමේ දී වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබිය යුතු වේ. පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් හෝ ව්‍යාජ වීසා බලපත්‍ර සහිතව විදේශගත වීමට උත්සහ කළ කිහිපදෙනෙකුම ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ව්‍යාජ ලේඛන වලින් විදේශගත වීමට උත්සහ කිරීම ශ්‍රී ලංකාව තුළ වරදක් වන අතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට ද හැකි ය. මේ ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සමඟ කළ සාකච්ඡාවකි. ශ්‍රී ලංකාවෙන් හසුවන ව්‍යාජ ගුවන් ගමන් ලියකියවිලි මොන වගේ දේවල් ද? "ශ්‍රී ලංකාවෙන් ව්‍යාජ ලෙස හදපු ගුවන් ගමන් බලපත්‍ර, එහෙමත් නැතිනම් පාස්පෝට් හසුවෙන්නේ ඉතාම අඩු වශයෙන්. නමුත් ව්‍යාජ වීසා බලපත්‍ර හසුවෙනවා. බොහෝවෙලාවට ව්‍යාජ පාස්පෝට් එකක් හදනවාට වඩා, පාස්පෝට් එකේ හිමිකරුට සමාන රූපයක් තියෙන වෙන කෙනෙක් ඒ නමින් පෙනීසිටිමින් විදේශගත වෙන්න එනවා. සමහරවෙලාවට මේ ලිපිලේඛන වල තොරතුරු වෙනස් කරන්න උත්සහ කරලා තියෙන්න පුලුවන්. ඒ කියන්නේ ඒ ලේඛන සූරලා, මකන්න උත්සහ කරලා යම් විකෘති කිරීමක් කරලා තියෙන්න පුලුවන්. මෑත කාලයේ දී අපි බහුලව ම අත්අඩංගුවට ගත්තේ යුරෝපා රටවල් වලට යාමට බලාපොරොත්තුවෙන් ඒ රටවල්වල ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ලේඛන, වීසා වගේ දේවල් වෙනස් කරලා, ව්‍යාජ ලෙස සකසලා යන්න උත්සහ කරන අය. ඒ වගේම අපේ ගුවන්තොටුපොළේ ඇතුළුවීමේ සහ පිටවීමේ පර්යන්ත දෙකම තියෙන්නෙ එක තැන. සාමාන්‍යයෙන් වෙනත් රටවල්වල ඒ දෙක තියෙන්නෙ තැන් දෙකක. නමුත් ශ්‍රී ලංකාවෙ එහෙම නැති නිසා ඒ යන එන අය මිශ්‍ර වීමක් සිදුවෙනවා. එතැන දී වෙනත් රටක ඉඳල එන කෙනෙක්ගෙ ලේඛන අරගෙන වෙන කෙනෙක් එතනින් ඇතුළුවෙන්න උත්සහ කරපු අවස්ථාත් වාර්තා වෙලා තිබෙනවා." මෙවැනි ව්‍යාජ ලේඛන එක්ක එන කෙනෙක් හඳුනාගන්නේ කොහොමද? "ගුවන්තොටුපොළේ ඕනෑම තැනක දී මෙවැනි අයව අපි හසුකරගෙන තියෙනවා. ඒ සඳහා විශේෂ යාන්ත්‍රණයක් තියෙනවා. අපි සතුව මේ සඳහා, 'දේශ සීමා ආවේක්ෂණ ඒකකය' නමින් විශේෂ ඒකකයක් ගුවන්තොටුපොළ තුළ තියෙනවා. මේ නිලධාරීන් ඉන්නේ බොහෝවිට ලේඛන පරීක්ෂා කරන කවුන්ටරවල නොවෙයි. ඔවුන් ඉන්නේ සිවිල් ඇඳුමින්. ගුවන්තොටුපොළ පුරාම ඔවුන්ව යොදලවලා තිබෙනවා. ඔවුන්ට පුද්ගලයන්ගේ හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙනවා. එමඟින් ඔවුන් යම් සැකසහිත හැසිරීම් නිරීක්ෂණය කළොත් ඔවුන්ව පරීක්ෂා කරනවා. ඒ වගේම කවුන්ටරවලදීත් පරීක්ෂා කිරීමක් සිදුවෙනවා. ඒ වගේම අපි සතුව ගුවන්තොටුපොළ තුළ අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණාගාරයක් තියෙනවා. ඒ පරීක්ෂණාගාරයේ දී ඕනෑම රටක පාස්පෝට්, වීසා වගේ දේවල් සත්‍යද කියලා සෙවීමේ හැකියි. ගුවන් සමාගම් වලිනුත් සමහර අවස්ථාවල දි සැකසහිත ලේඛන නිරීක්ෂණය කළොත් ඒවා අපට එවනවා පරීක්ෂා කිරීම සඳහා. පහුගිය අවුරුද්දේ, 2022 දි එවැනි අපි හසුකරගත් පුද්ගලයන් 137ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදුන්නා. මීට පෙර වසරවලට වඩා පහුගිය වසරේ දී සහ මේ වසරේ දී මේ විදිහට ව්‍යාජ ලේඛන සමඟ ගුවන් ගතවෙන්න එන අය වැඩි වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වෙලා තියෙනවා." කවුරුන් හෝ කෙනෙක් වලංගු නැති වීසා එකක් හෝ පාස්පෝට් එකකින් රට යන්න ආවොත් මොකද වෙන්නේ? "මෙහෙම කෙනෙක් මුලින්ම හසුකරගත්තට පසුව අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් වෙනම පරීක්ෂණයක් කරලා ඒ පුද්ගලයාගෙ ඉතිහාසය, ඔහුගේ සම්බන්ධතා මේ හැමදේ ගැනම වාර්තාවක් සකස් කරනවා. ඉන්පසුව අපේ පරීක්ෂණයට අදාල ඇඟිලි සලකුණු හා ඡායාරූප ගත්තාට පසුව තමයි ඒ අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ. මේ ව්‍යාජ ලේඛන සැකසීම.ඔහු විසින් කළා වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් වෙනත් පාර්ශවයක් මේවා සකස් කර දුන්නා වෙන්නත් පුළුවන්. එවැනි ජාවාරම් ආදී දේවලුත් තිබිය හැකි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තියට අනුව, ගුවන ගමන් බලපත්‍රයක් හෝ එහි පිටුවක්, වීසාවක් හෝ එහි පිටුවක් ව්‍යාජ ලෙස වෙනස් කරන්න උත්සහ කරලා තියෙනවා නම් ව්‍යාජ ලෙස වෙනස් කිරීම හා කූඨ ලේඛන සැකසීම යටතේ වරදක් ලෙස සලකන්න පුළුවන්. මෙම වගන්තිය යටතේ තමයි සැකකරුවන්ව CID ය විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මුලින් ම එම සැකකරුවන්ව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් ඔවුන්ට ඒ අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාවක් නෑ. ඇප ලබා ගැනීමට මහාධිකරණය දක්වා යා යුතුයි. මහාධිකරණය දක්වා ගියත් එයිනුත් මෙවැනි වරදක් සඳහා කෙටි කාලයකින් ඇප ලබා ගැනීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. ආධාර අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගන්නා අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටමයි." යම් කෙනෙක් වැරදිකරු කියලා අධිකරණයෙන් ඔප්පු වුණොත්? "ව්‍යාජ ලේඛන සහිතව විදේශගත වෙන්න ගිය පුද්ගලයා වරදකරු කියලා ඔප්පු වුණෝතින් ඔහුට ලැබෙන දඬුවම වෙන්නේ රුපියල් 50000 ක දඩයක් ගෙවීමට නියම කිරීම. නමුත් මේ සඳහා ආධාර අනුබල දෙන අයට ලැබෙන දඬුවම විශාලයි. කෙනෙක් ආධාර අනුබල දුන් බව ඔප්පු වුණොත් ඒ පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම වෙනවා. මෙවැනි දේකට ආධාර අනුබල දෙනවා කියන්නෙ බරපතළ වැරැද්දක්. ව්‍යාජ ලේඛන සහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සහ කරන විදේශිකයන්ව අපි ගුවන්තොටුපොළින්ම හරවලා යවනවා. ඔවුන් සම්බන්ධයෙන් අපට ක්‍රියාමාර්ග ගන්න බෑ. ඔවුන්ට නැවත වීසා ලබා නොදීම වගේ දේවල් කරන්න පුළුවන්." මේ වරදවල් මඟහරවා ගන්න ජනතාවට කරන්න පුලුවන් මොනවාද? "ශ්‍රී ලංකාවෙ පුරවැසියන් හැමකෙනෙකුටම තමන්ගේ උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරලා ගුවන්ගමන් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ඕනෑ තරම් පහසුකම් සපයලා තියෙනවා. හැමරටක්ම නීත්‍යානුකූල විදිහට තමන්ගෙ රටට ඇතුළුවෙන්න අවශ්‍ය දේවල් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේවගේ දේවල් සිදුවෙන්නෙ හොරපාරවල් වලින් විදේශගත වෙන්න යන අය නිසා. ඒ නිසා මම ජනතාවට කියන්න කැමතියි ජාවාරම් කාරයන්ට හසුවෙන්නෙ නැතිව, නිවැරදි ක්‍රමයට නීත්‍යානුකූල විදිහට විදේශ ගතවෙන්න කියලා. තමන් දන්නෙ නැති ඕනෑම දෙයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනගන්න පුළුවන්." වලංගු වීසා නැතිව හොර පාරෙන් යන අයට තියෙන අවදානම මොන වගේ ද? "ඔබ ජාවාරම්කරුවන්ට හසුවෙලා ඔබේ මුදල් නාස්ති කරගන්න වෙනවා. මේ දේවල් සකස් කරන්න ඔබ ජාවාරම් කරුවන්ට වියදම් කළ මුදල් අපතේ යනවා. ඔබට කිසිසේත්ම විදේශ ගත වෙන්න ලැබෙන්නේ නෑ වලංගු වීසා නොමැතිව. නීත්‍යානුකූල නොවන අන්දමින් විදෙස්ගත වෙන්න තීරණය කරන අවස්ථාවේ සිටම මේ අයගේ ජීවිතය සහ දේපළ තියෙන්නේ අනතුරක. මේවිදිහට ජාවාරම් කරුවන් හරහා රට ගිහින් ආයුධ සන්නද්ධ කණ්ඩායම් යටතේ වහලුන් විදිහට වැඩ කරන්න සිදුවෙලා තිබෙන අය ගැන අපට තොරතුරු ලැබිලා සොයා බලමින් ඉන්නවා. සමහර අය වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හා වීසා බලපත්‍රයක් ඇතුව ගියත් ජාවාරම්කරුවන් හරහා රට යන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඒ නිසා විශ්වාසදායක ඒජන්සියකින් විදේශගත වෙන එක වැදගත්. ඒ වගේම වර්තමාන ප්‍රවණතාවයක් තිබෙනවා තමන්ගේ ඇත්ත පාස්පෝට් එකෙන් සංචාරක වීසා අරගෙන වෙනත් රටකට යනවා. මෙතනදි මේ දෙකම නීත්‍යානුකූලයි. නමුත් ඔවුන් ඒ රට ගිහින් ගොඩබිමින් හෝ මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට ඇතුළුවීමට උත්සහ කරනවා. මේ දේවල් නිසා ජීවිතය වගේම දේපල අහිමි කරගත් සිදුවීම් විශාල ප්‍රමාණයක් අපට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයෙන්, විශ්වාසනීය සේවා ගිවිසුම් සහිතව විදේශගත වෙන්න කියන පණිවුඩය මහජනතාවට දෙන්න කැමතියි." |
ඉස්ලාමීය සංවිධානවලට පැනවූ තහනම ඉවත් කළේ ඇයි? එය රටේ ආරක්ෂාවට තර්ජනයක් ද? | 2019 අප්‍රේල් 21 වැනි දා ශ්‍රී ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල කළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන 11න් 5ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූලි 26 වැනි දා පියවර ගත්තේ ය. ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමිනි. ඒ අනුව, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි ත් කතාබහක් නිර්මාණය විය. ශ්‍රී ලංකාව යුද්ධ හමුදාව 2019 ජූනි 26 වන දා නිල වෙබ් අඩවියෙහි පළ කරන ලද ලිපියක "තව්හිද් ජමාත් සංවිධානය පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයෙන්...," යන සිරස්තලයෙන් අර්ථ ගන්වා තිබුණේ, පාස්කු ප්‍රහාරයට තවුහිද් ජමාත් සංවිධානය වගකිව යුතු බව ය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සේයිලානි (JMI) යන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන දෙකක සිටි පිරිස් එක්ව සිදු කළ ප්‍රහාරයක් බව ද යුද හමුදාව 2019 අප්‍රේල් මාසයේදී අනාවරණය කර තිබිණි. සිව් වසරකට ඉහතදී පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට චෝදනා කරමින් තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන 11න් 05ක තහනම ඉවත් කළේ, කුමන පදනමක් යටතේ ද යන්න විමසා බැලීම වටී. ඉස්ලාම් සංවිධාන තහනම් කිරීම පාස්කු ප්‍රහාරය එල්ල වීම ත් සමග ඇති වූ විරෝධය හමුවේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 මැයි 13 වන දා ඉස්ලාමීය සංවිධාන 3ක් තහනම් කිරීමට පියවර ගත්තේ ය. අංක 2123/2 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් තහනම් කරන ලද සංවිධාන වූයේ, ජාතික තව්හීද් ජමාත් (NTJ), ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් (JMI) සහ විලයාත් අස් සෙයිලානි (WAS) යන ඒවා ය. පසුව, 2021 වසරේ අප්‍රේල් 13 වන දා 2223/3 දරන ගැසට් පත්‍රය නිකුත් කරමින් එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් සංවිධාන ලෙස නම් කළේ ය. එම සංවිධාන 11 මෙසේ ය. 1. එක්සත් තවුහිද් ජමාත් (UTJ) 2. සිලෝන් තවුහිද් ජමාත් (CTJ) 3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත් (SLTJ) 4. සමස්ත ලංකා තවුහිද් ජමාත් 5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා 6. දාරුල් අදර් කුරාන් මද්‍රසා 7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය 8. ඉස්ලැමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා 9. අල්-ඛයිදා 10. සේව් ද පර්ල්ස් 11. සුපර් මුස්ලිම් එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, "රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයත්නයන් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස," අදාළ සංවිධාන තහනම් කරනු ලැබූ බව ය. මේ අතර, තව්හිද් ජමාත් සංවිධානවලට ප්‍රතිපාදන සැපයූ බව කියන පාර්ශව පිළිබඳව පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙක් විවිධ මත පළ කළහ. "තොරතුරු ලබා ගැනීම සඳහා වුව තව්හිද් ජමාත් ව්‍යාපාරයට ඇයි උදව් කළේ කියන එක සහ තවුහිද් ජමාත් ව්‍යාපාරය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වෙ ඇයි? මේ තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු එයින් කැඩී ගිය කෙනෙක් තමයි සහරාන් හෂීම් කියන්නේ. ඉතින් මේවා නොවිසඳුණු ප්‍රශ්න. අපි තවමත් හිතනවා මේ ප්‍රහාරවලට සම්බන්ධ අය ඉන්නේ නිදැල්ලේ කියලා," යනුවෙන් පාඨලී චම්පික රණවක පසුගිය අප්‍රේල් 21 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ අතර, අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ කොමිෂන් සභා විමර්ශනවලදී ද ඉස්ලාම් සංවිධාන රැසක නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කෙරිණි. තහනම ඉවත් කිරීම මෙවන් තත්ත්වයක් තුළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තහනම් කර තිබූ ඉස්ලාමීය සංවිධාන 5ක තහනම ඉවත් පසුගිය ජූලි 26 වන දා පියවර ගෙන තිබිණි. ඒ අනුව, ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන පහ සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරිණි. ඉහත කී සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කළේ කුමන පදනමක් යටතේ ද යන්න අපි ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසීමක් කළෙමු. එහිදී, ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් ප්‍රකාශ කළේ, අදාළ සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කළේ කොන්දේසි මත පදනම්ව බව ය. "කොන්දේසි යටතේ තමයි ඒ තහනම ඉවත් කළේ. ඒ කොන්දේසිය තමයි, අපි නිරන්තරයෙන් ඒ සංවිධානය ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඒ සංවිධාන හරහා රටේ ආරක්ෂාවට බලපෑමක් විය හැකි කුමක් හෝ සිද්ධ වුණොත් ආයෙත් තහනම පනවනවා. ඒ නිසා ඒක රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන්නෙ නෑ." අදාළ සංවිධාන සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පෙර අධ්‍යයනයක් කළේ ද යන්න අපි විමසුවෙමු. "අපි දීර්ඝ කාලයක් විමර්ශනය කළා. ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියලා හරියට ම අපි කියන්නෙ නෑ. ඒත්, දැනට ඒක තහවුරු වෙලා නෑ. ඒ විමර්ශනය තාම ත් අධිකරණය මත තියෙන නිසා නිශ්චිත තීන්දුවක් දෙන්න අමාරු යි. අපි ඔවුන්ගේ කටයුතු ගැන දැඩි අවධානයෙන් ඉන්නේ," ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය. තහනම ඉවත් කිරීම ආරක්ෂාවට තර්ජනයක් ද? ඉහත කී ඉස්ලාමීය සංවිධාන 5 සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත්දැයි අපි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු වන ජාතික ආරක්ෂක විද්‍යාලයේ හිටපු අණ දෙන නිලධාරී මේජර් ජෙනරල් (විශ්‍රාමික) අමල් කරුණාසේකරගෙන් විමසීමු. ඔහු පැවසුවේ, රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන විදෙස් රටවල් සමග ඇති කර ගත් එකඟතා මත අදාළ සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පෙනී යන බව ය. "මෙතන මට පේන විදිහට ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල ඉල්ලීම් මත මේ තහනම ඉවත් කිරීමට පියවර ගන්න ඇති කියල යි හිතෙන්නේ. මොක ද මේ වෙලාවේ රටේ ආර්ථික තත්ත්වය කඩා වැටිලා තියෙන නිසා විදෙස් ආයෝජන ගෙන්න ගන්න එක ත් වැදගත්. රටේ ආරක්ෂාව වගේ ම ආර්ථිකය ත් වැදගත් නිසා වරදක් කියන්න ත් බෑ." කෙසේ වෙත ත්, රටේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කර අදාළ සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම අතිශයින් වැදගත් බව ඔහු පෙන්වා දුන්නේ ය. "ආරක්ෂක අමාත්‍යංශය කියන විදිහට ඒ සංවිධාන ගැන විමසිල්ලෙන් ඉන්නවා නම් හොඳ යි. රටේ ආර්ථිකය ගොඩ නගන්න ත් ඕන. මේ වෙලාවේ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙන්න තීරණය කළා වෙන්න පුළුවන්. හැබැයි ඒක හරහා රටේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙන පරිදි නිරන්තර අවධානයෙන් සිටිය යුතු යි," මේජර් ජෙනරල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර පැවසීය. |