Search is not available for this dataset
News Content
stringlengths 35
40.7k
| Headline
stringlengths 9
215
| Is_headline
int64 0
1
|
---|---|---|
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප්‍රදේශයේ සංවර්ධනයේ ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප්‍රදේශය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත්‍ර අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග්රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක්රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප්‍රමුඛත්වය දෙන්නේ ග්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප්රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප්‍රදේශ ගත්විට මේ ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප්‍රශ්න තිබෙනවා. ප්‍රවාහන ප්‍රශ්න තිබෙනවා. නේවාසික ප්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප්රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත්රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත්රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට ඕනෑ.සෑම ප්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප්‍රදේශයේ ආයතන ප්‍රධානීන් සමඟ කතා කර ප්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මේ ප්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ. | ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි | 0 |
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)බඩගින්න දේශපාලන, භාෂා, ආගම් භේදයක් නැති සියලුදෙනාට එක සමාන දෙයක් බැවින් සියලු වාදභේද අමතක කර රටේ දුප්පත්කම තුරන් කිරීමට, ආහාර නිෂ්පාදනය වර්ධනය කර ආහාරවලින් ස්වයංපෝෂිත, සමෘද්ධිමත් රටක් බවට පත්කරන්නට, දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය හා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළ තුළ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් ඇතිකිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වර්තමානයේ සහල්, පොල් මිල ඉහළයාමට බලපා ඇත්තේ නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්රතිපත්තියකින් තොරව පොල් වගා ඉඩම් හා කුඹුරු ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගැනීමෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ‘එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව කැකිරාව තිබ්බටුවැව වෙල්යායේ දී ඉකුත් 6 වැනිදා පැවැති වප්මඟුල් උත්සවය සඳහා සහභාගී වෙමිනි.ගොයම් සිටුවීමේ යන්ත්‍රයක් භාවිතයෙන් පැළ සිටුවීමේ කාර්යය සඳහා ද මෙහිදී එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ගොවීන් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා ද එක්විය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.“ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අනිකුත් පූජකතුමන්ලාගේත් ආශිර්වාදය ලබාගෙන මේ ඓතිහාසික රජරට උරුමයේ හිමිකරුවන් වන ගොවි ජනතාව ප්රමුඛව ඔබ සියලුදෙනා හා එක්වී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ගොවිජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහාත් මේ රටේ නිදහස් ආර්ථිකයත් සමඟ රට පුළුල් ලෙස සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහාත් විවිධ බාධාවන්, ගැටලු, අභියෝග සියල්ල යටපත් කර ගනිමින්, රටේ පොදු මහජනතාවගේ ප්‍රධාන අරමුණු, ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඔබ අප සියලුදෙනා එක්ව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.මෙම ආහාර නිෂ්පාදන සංග්‍රාමය උත්සවයක් නෙවෙයි. මෙය ජාතියේ යහපත සඳහා අනාගතය වෙනුවෙන් ගොවිජන ජීවිතය ශක්තිමත් කිරීමටත් රටට නිදහස් ගොවි කෘෂි ආර්ථික පදනමක් ඇති කිරීම සඳහාත් ගොවි ජනතාව පෙරටු කර ගත් පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් විදියටයි මා මෙය හඳුන්වන්නේ.කෘෂිකර්මාන්තයේ සමෘද්ධිය තුළයි අපේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතාන්දරය කියැවෙන්නේ. එදා දේශීය කෘෂිකර්මාන්තය මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම තුළයි අනුරාධපුර යුගයේ සිට මේ දක්වාම මෙරට ආර්ථිකය ශක්තිමත් වුණේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට අදාළ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය පිළිබඳව ඔබටත් මටත් අත්දැකීම් ඇත්තේ අද ඊයේ දවසේ පමණක් නොව වසර දහස් ගණනක් අතීතයට ඇදී ගිය මේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් සමඟයි.අපේ රටේ පළාත් 09ක වැව් 10,000කට වැඩිය තිබෙනවා. රජරට, වයඹ මේ ප්‍රදේශ ඉතිහාසයේ සිට හඳුන්වන්නේ වැව් බැඳි රාජ්‍යය විදියටයි. රටේ ජන ජීවිතය ශක්තිමත් කළ ප්‍රධාන වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කරන්න පෙරමුණ ගත්තේ කෘෂිකර්මාන්තයයි. වැවයි කෙත් යායයි පන්සලයි සැමවිටම එක්වූ බව ඔබ දන්නවා. දාගැබත් වැවත් කෙත්යායත් මේ රටේ ජන ජීවිතයේ මහා සංස්කෘතිය ගොඩනැගූ බව ඔබ දන්නවා. ඒ නිසා ඉතිහාසයේ අත්දැකීම් සමඟ ඉතිහාසයේ මතක සටහන් සමඟ අද තිබෙන්නා වූ අභියෝග ජයගැනීම සඳහා නව තාක්ෂණයත් සමඟ බද්ධ වෙමින් ගොවි ජනතාව ශක්තිමත් කරමින්, මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අඛණ්ඩව ඉදිරියට ගෙනියන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක් වශයෙන් අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ. අද මේ රටේ ජනතාවට තිබෙන්නා වූ අභියෝග මොනවා ද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාත් දැනුවත් පරිදි රටේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව අවුරුදු එකහමාරක් තිස්සේ දැඩි නියඟයකින් පෙළෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ සියයට 50ක නිෂ්පාදනය පහළ වැටීමක් ඇති වෙලා තිබෙනවා. වී, ධාන්‍ය, එළවළු, පලතුරු මේ සියල්ල මේ මහා නියඟය නිසා නිෂ්පාදනයේ පසු බැසීමක් ඇති වුණා. ඒ වගේම ගංවතුර තත්ත්වය සමඟ ඒ ප්‍රදේශවල ගංවතුර විනාශයෙන් කෘෂි ආර්ථිකයට බරපතළ හානි සිදු වුණා. මේ කලාපයේ අපේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් මේ තත්ත්වයට මුහුණ පාලා තිබෙනවා. බටහිර රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මුළු ලෝකය පුරා සිදුවන කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සෑම රටකම අද විශාල ව්‍යසනයන් සහ බරපතළ ඛේදවාචකයන් සිදුවෙනවා. මුළු ලෝකය පුරාම සිදුවන මහා ගංවතුර, සුළි සුළං, ලැව් ගිනි, භූමිකම්පා වැනි ස්වභාවික ව්‍යසන ඔබ මාධ්‍ය තුළින් දකිනවා. ඒ නිසා මේ ස්වාභාවික ව්‍යසන අපට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් මේ දිස්ත්‍රික්කයේ මොනතරම් ජල හිඟයක් තියෙනව ද කියලා ඔබ දන්නවා. නියඟය නිසා මේ දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු එකහමාර තුළ සංවර්ධනය කෙතරම් පසුබෑමකට ලක්වුණා ද. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තත්ත්වයත් එයයි. කුරුණෑගල තත්ත්වයත් එයයි. උතුරු පළාත බරපතළ ලෙස මේ නියං තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නැගෙනහිර පළාත, ඌව පළාතේ කොටසක්, දකුණු පළාතේ කොටසක් මේ තත්ත්වයට මුහුණ දුන්නා. බස්නාහිර, සබරගමුව ප්‍රදේශ තමයි නියඟයෙන් බේරුණේ. එහෙත් ගංවතුරත් එක්ක බරපතළ ව්‍යසනයන්ට එම පළාත් මුහුණ දුන්නා. පසුගිය අවුරුදු එකහමාරක ඇති වුණ තත්ත්වයන් එක්ක විශාල වශයෙන් සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. දැනුත් සහල් පිටරටින් ගේනවා.මම පසුගිය සතියේ නිලධාරී මහත්වරුන්ට උපදෙස් දුන්නා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් වරින් වර ගෙන්වීමට. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ මස අන්තිම සිට අපේ භූමිය සාරවත් සහ සමෘද්ධිමත් කරන්න අපිට වර්ෂාව ලැබෙයි කියලා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්, උතුම් දළදා වහන්සේගෙන්, ත්‍රිවිධ රත්නයේ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා මේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරලා දුගී බවෙන් රට නිදහස් කරලා සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථික පදනමක් රට තුළ ගොඩනගන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලැබේවායි කියලා.මේ කාර්යය කෘෂිකර්ම අමාත්‍යාංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, වාරිමාර්ග අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපේ රජය තීන්දුවක් ගත්තා සියලු රාජ්‍ය ආයතන, සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු සංස්ථා සියල්ල මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට එක් කර ගැනීමට. අපේ සටන් පාඨය වුණේ ‘එක්වෙමු නැගිටිමු’ කියලා, ‘සිය රට දේ සිරි සැපදේ’ කියලා වගේම, ‘අපි වවමු රට නගමු’ වගේම ‘අපි යළි නැගිටිමු’ කියන සටන් පාඨයත් එක්ක මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය අපි ආරම්භ කළා.ඒ තුළ දේශපාලන පක්ෂ භේදයක් නැහැ. භාෂාව, ආගම් කියලා භේදයක් නැහැ. කිසිදු සංස්කෘතික භේදයකුත් නැහැ. බඩගින්න සියලුදෙනාට එක හා සමානයි. ඒ නිසා අපි සියලු වාදභේද අමතක කරලා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න මේ රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න පිටරටින් ගේන ආහාර නවත්වන්න මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න සමෘද්ධිමත් රටක් බවට පත් කරලා, මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අප සියලුදෙනාම එක්වී දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද සිට ඉදිරියට ගෙනිහිල්ලා ජයග්‍රහණය කරමුයි කියලා රටේ සමස්ත ජනතාවගෙන්ම මා ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා.අපේ ගොවි ජනතාවට මොනතරම් ප්‍රශ්න තියනව ද මොනතරම් ණය බර තියනව ද කියන එක අපි දන්නවා. අපි බැංකුවලින් ඇහුවොත් අපේ ගොවි ජනතාවගේ ණයවල තත්ත්වය අපි ඉතා හොඳින් දන්නවා. ගෙදර දරුවන්ගේ බිරිඳගේ රත්තරන් බඩු බැංකුවලට උකස් තියලා දෛනික ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නොවෙයි. ඔවුන්ගේ දහඩියෙන්, කඳුළෙන්, සුසුමෙන්, ලෙයින් සහ ජීවිත පරිත්‍යාගයෙන් සැමවිටම මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්නේ ඈත අතීතයේ සිටයි.ආර්ථික සමෘද්ධිය ඇති කරන්න රජය ගෙනියන වැඩපිළිවෙළවල් තුළ මූලික වශයෙන්ම ගොවියාව ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර යහපත් සමාජ පිළිගැනීමක් එක්ක ප්රබුද්ධ සමාජයක කොටස්කරුවන් බවට අපේ ගොවි ජනතාව පත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.ආහාර නිෂ්පාදනය පහත වැටීම පිළිබඳව අද මුහුණ දෙන අභියෝගයන්වලදී කරුණු කිහිපයක් සිතට ගත යුතු වෙනවා. තවත් පැත්තකින් අධ්‍යයනය කළ යුතු වෙනවා. තවත් පැත්තකින් ඒවාට විසඳුම් සෙවිය යුතු වෙනවා. නියඟය අවුරුදු එකහමාරක් අපේ ගොවිතැන් බත් නැති කෙරුවා. ආහාර නිෂ්පාදනය පහත දැම්මා. මේ දිනවල දේශපාලන වශයෙන් මම දැක්කා සමහර තැන්වල පෝස්ටර් ගහලා තියෙනවා, හාල් සීයයි පොල් සීයයි කියලා. ඇත්ත. ඒවා ඒ ගාණට ගියා.අපි පසුගිය සතියේ හදිසියේ ජීවන වියදම් අමාත්‍යාංශ කමිටුව රැස් කළා. මම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කිව්වා ඒ අයගේ ආයතනවල තිබෙන පොල් ගෙනැල්ලා කොළඹ දාන්න කියලා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පොල් ලොරිවල ගෙනැල්ලා සතොසට රුපියල් 65 ගාණේ විකුණන්න දැම්මා. ඒ වගේම සතොස විකුණන සහල් මිල අඩු කෙරුවා. පුද්ගලික අංශයට අපි කිව්වා හාල් ගෙන්වන අයටත් රටේ සහල් දෙන ආයතනවලටත් මිල පහත හෙළන්න නැත්නම් අපිට පාලන මිලකට යන්න සිද්ධ වෙනවයි කියලා. ඒ අතරේ තමයි සහල් මෙටි්රක් ටොන් ලක්ෂ 05ක් ගෙන්වන්න අපි තීන්දු කළේ.පොල් නිෂ්පාදනය සහල් නිෂ්පාදනය පහළ වැටුණේ ආණ්ඩුවේ වැරැද්දක් නිසා ද? රටේ පසුගිය ආණ්ඩු ගණනාවක් මේ දක්වාම පැහැදිලි නිවාස ඉදිකිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසයි මෙහෙම වුණේ. පොල් ත්‍රිකෝණය ඇතුළු සියලු පළාත්වල මහා පොල් වතු නිවාස හදන්න, ඉඩම් වෙන්දේසිය කරමින් පසුගිය අවුරුදු 25ක 30ක කාලය තුළ බරපතළ තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. කිසිදු ජාතික ප්‍රතිපත්තියක් නැතිව පොල් අක්කර ලක්ෂ ගණනක් සම්පූර්ණයෙන්ම කඩලා ඒවා නිවාස යෝජනා ක්‍රම බවට පත් වුණා. තවම මේ රටේ නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඕනෑම තැනක ගෙයක් හදනවා. නමුත් ලෝකයේ සංවර්ධනය වුණු රටවල් එහෙම පුළුවන්කමක් නැහැ. වෙල්යායක් තිබෙනවා නම් ඒ වෙල්යාය සම්පූර්ණයෙන් නිදහස් කරනවා. මහා වතු ඉඩකඩම්වලට සැලසුම් සකස් කරනවා නිවාස ඉදිකළ යුත්තේ මේ මේ ප්‍රදේශවල පමණයි කියලා. කිසිදු වගකීමක් නැතිව රජයේ ආයතන මේ සඳහා ඉඩ දෙනවා. දේශපාලනඥයෝ මේවාට ඉඩ දෙනවා. රජයේ නිලධාරීන් මේවාට ඉඩ දෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු විසිපහකට තිහකට වැඩි කාලය තුළ පොල් අක්කර ලක්ෂ ගණනක් රටට අහිමි වෙලා තිබෙනවා. මේ නිසා ගෙවල් හදන්න ඉඩම් දීමේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතුයි. ගෙවල් සෑදීම ඉතාමත් අත්‍යවශ්‍ය නමුත් ඒ සඳහා රජය විසින් තීන්දු කළ යුතු වෙනවා. රටේ නිවාස සෑදිය යුත්තේ කුමන ප්‍රතිපත්තියක් තුළ ද කුමන වැඩපිළිවෙළක් තුළ ද කුමන සැලැස්මක් තුළ ද කියලා.කවුරුවත් කතා නොකරන ගොවි මහත්වරු සහ රජයේ නිලධාරීන් නිතර කියන ප්‍රශ්නයක් තමයි අපිට වවන්න පුළුවන්. නමුත් අපි කොහොම ද ඒවා සත්තුන්ගෙන් බේර ගන්නේ කියන ගැටලුව. මේ රටේ වඳුරන් සහ රිළවුන් ලක්ෂ 10කට වැඩිය සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා වඳුරන්, රිළවුන් පොල් ගහකට නැග්ගහම විශේෂයෙන්ම පොල් ඇට්ටි කාලා මුළු පොල් වල්ලම විනාශ කරනවා. දවසකට වඳුරන් රිළවුන් ලක්ෂයක් පොල් වලු ලක්ෂයක් විනාශ කළොත් පොල් නිෂ්පාදනයේ තත්ත්වය කුමක් ද? මේවා ගැන කතා කරන්නේ නැහැ. මේවාට සැලසුම් නැහැ. ඒ වගේම තමයි වල් අලින්ගෙන් වන විනාශය. වල් ඌරන්ගෙන් වන විනාශය. ඒ වගේම දෙවියන්ගේ වාහනය විදියට අපි බොහොම ගරු කරන සතෙක් මොනරා. මොනරුන් දහස් ගණනක් මේ රටේ ඉන්නවා. මේ මොනරුන් පීදිලා තියෙන කුඹුරකට බැස්සහම වී බුසල් දෙකක් කටට දාගෙන තමයි ඉගිලිලා යන්නේ. රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා.ඒ වගේම ගොවි ජනතාවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. නියඟයත් එක්ක බොහෝ ප්‍රදේශවල බිත්තර වී නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට ලංකාවේ මාස් කන්නයට හෙක්ටයාර් අට ලක්ෂයක් වගා කළ යුතුයි. ඒ සඳහා බිත්තර වී තිබෙනවා. බිත්තර වී නොමැති ප්‍රදේශවලට රජය බිත්තර වී දෙන්න බලාපොරොත්තු වෙනවා. නියඟයෙන් පිඩා විඳි ප්‍රදේශවල ගොවි මහත්වරුන්ට කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය එක්වී යම් සහනදායී තත්ත්වයකින් බිත්තර වී සැපයීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.මම කලින් කිව්වා වගේ අද දවස පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්. මෙය ගොවි සතිය, කෘෂි සතිය, මහවැලි සතිය ආදී ලෙස නම් කරලා තිබෙනවා. මේක සතියකට දෙකකට සීමා වෙන දෙයක් නෙවෙයි. මේක තුන් අවුරුදු සැළැස්මක් එක්ක සම්පූර්ණයෙන් අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. ඒ තත්ත්වය තුළ කෘෂිකර්ම ක්ෂේත්රයට අවශ්‍ය පහසුකම්, සම්පත් ලබාදීලා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීලා මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් විදියට ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.අපි සියලු අමාත්‍යාංශවලට සියලු දෙපාර්තමේන්තුවලට අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. දිසාපතිතුමාලත් එක්ක දිසාපති සමුළුවේ සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් දීලා තිබෙනවා. මේ රටේ සියලු ප්‍රාදේශීය ලේකම්තුමාලා, සියලු දිසාපතිතුමාලා ප්රමුඛව සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යය මණ්ඩල සමඟ මේ ආහාර නිෂ්පාදන වැඩසටහනට එක්වෙලා තමාගේ වගකීමට වඩා යුතුකම ඉෂ්ට කරන්නැයි කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. අපි මේ පිළිබඳ අදාළ චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. එක් පැත්තකින් රජයේ ගොඩනැගිලි පරිශ්‍ර තුළ ගෙවතු වගාවට ප්රමුඛත්වයක් දීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ඇමැතිතුමා පාසල් දරුවන් ප්රමුඛව ගෙවතු වැඩසටහන් සහ අනිකුත් කෘෂිකාර්මික වැඩසටහන් පිළිබඳව පුළුල් කෘෂිකාර්මික සැලැස්මක් මේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මකත කරන්නට අවශ්‍ය මූලික තීන්දු තීරණ අරන් තිබෙනවා. මෙහිදී කිසියම් දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ආයතනයක් කෘෂිකර්ම ක්ෂේත්රයට අපි අදාළ නැහැයි කියලා නිදහස් වෙන්න පුද්වන්කමක් නැහැ.මේ රටේ රාජ්‍ය ආයතනවලට විශාල වශයෙන් ආයතනික වශයෙන් වෙන්වුණු ඉඩම් තිබෙනවා. ඒ සියලුම ඉඩම්වල වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ පුරන් කුඹුරු නොයෙකුත් සමාගම්, වතු සියල්ලම අනිවාර්යයෙන් වගා කළ යුතු බවට අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. අනිවාර්යයෙන්ම වගා කරන්නේ නැත්නම් ගොවිජන සේවා පනත යටතේ තිබෙන බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා නොකරන පෞද්ගලික ඉඩම් වගා කිරීම සඳහා වගා කරන අයට ලබාදීමට. ඒ ගැන අපි පසුබට වන්නේ නැහැයි කියන එක විශේෂයෙන්ම මතක් කළ යුතුයි.ඒ නීති රීති ප්‍රමාණවත් නැහැයි කියලා පෙනී ගියොත් වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ තිබෙන වගන්ති පාවිච්චි කරලා ගැසට් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව කිසි කෙනකුට ඉන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ.වැවිලි ක්ෂේත්රයේ සංවර්ධනය නොකරන, පුරන් වෙලා තිබෙන කුඹුරු වගා නොකරන ගොඩඉඩම් විශාල වශයෙන් තිබෙනවා. කොළඹ ඉන්න මහා ව්‍යාපාර අයිතිකරුවන්ගෙන් ඇතැම් අය ඒ අයගේ ඉඩකඩම් තිබෙන ප්‍රදේශ දන්නෙත් නැහැ. නමුත් රාජ්‍ය අංශය වගේම අක්කර දෙක තුනක් තිබෙන දුප්පත් ගොවි ජනතාව ඒවායේ වගා කටයුතු කරනවා. නමුත් වගා නොකරන ඉඩම් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ අරගෙන මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරමින් බලාපොරොත්තු වන ඉලක්ක කරා යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්රයට අයිති පෞද්ගලික සමාගම්වල සියලුදෙනාට මේ වැඩසටහනට එක්වන්නැයි කියලා අපි ආරාධනා කරලා තිබෙනවා.රාජ්‍ය බැංකු හා රාජ්‍ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද? ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද? ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද? ආහාර නිෂ්පාදන සංග්‍රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා. ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා පෞද්ගලික ආයතන විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවා ද? අලෙවිකරණ කෘෂිකර්මාන්තයට නියමිත උපකරණ, භාණ්ඩ, තාක්ෂණික භාණ්ඩ, ඒවායේ මිල අඩු කිරීම්, ඒවා වැඩි පහසුවට ලබාදීම ඒ කටයුතු පිළිබඳව කෘෂි ක්ෂේත්රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශවලට අපි උපදෙස් දීලා තිබෙනවා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කිරීම සඳහා රටට පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයන් බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට අපි කටයුතු කරනවයි කියන එක මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහිදී ට්‍රැක්ටර්, වතුර පොම්ප, ඒ වගේම අනිකුත් යන්ත්‍ර සූත්‍ර කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනයට බලපාන කෘෂි උපකරණ විශාල වශයෙන් අඩු මිලකට දෙන්න පුළුවන්.මෙය සෑම කෙනෙක්ම එකට එකතු වෙලා ජාතියේ යහපත සඳහා ඉටු කළ යුතු කාර්යයක්, පෙළපාළි යන, පෝස්ටර් ගහන, විරෝධතා කරන සත්යග්රහ කරන, උපවාස කරන, කොළඹ නගරය කළම්බන ඒ සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔය වැඩ නෙවෙයි මේ රටට ආදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න ඔබේ කාලය සම්පූර්ණයෙන් යොමු කරන්න කියලා. මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ වැඩසටහන සාර්ථක කරනවා නම් මේ රට වෙනුවෙන් ඉතාම විශිෂ්ට වූ මෙහෙවරක් ඉටු කරන්නට පුළුවන්.මේ 2017 වසර දුගී බවෙන් නිදහස් කිරීමේ වර්ෂය විදියට නම් කරලා කටයුතු කළේ. 2018 රජය නම් කරනවා දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය කියලා. මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය එක්ක දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.කෘෂිකර්මාන්තයට බලපාන, ගොවියා ශක්තිමත් කරන ඉතා වැදගත් යෝජනා කිහිපයක් ලබන මාසේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සමෘද්ධිමත් රටක් විදියට මේ රට ගොඩනගලා මේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් එක්ක ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් විදියට තවත් රටකට දෙවැනි වෙන්නේ නැතිව පස්සට යන්නේ නැතිව පුංචි රටක් වුණත් ගෞරවනීය රටක්, විශිෂ්ට රටක්, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදමු. දුගී බවෙන් නිදහස් වෙමින් අපි නැගිටිමු. සමෘද්ධිමත් මව්බිමක් ගොඩනගමු. ජාතියේ අනාගත යහපත සඳහා සාමූහිකත්වයෙන් යුතුව එක්වෙමුයි කියලා ඉල්ලා සිටිමින් මේ වැඩසටහන සාර්ථක කරන්න එක්වුණු සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා.”එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා“පසුගිය දවස්වල එක පැත්තක මේ මහ පොළව ඉරි තලලා තියෙන කොට, තවත් පැත්තක් ජලයෙන් පිරිලා ඉතිරිලා ගියා. ඉතිහාසයේ සිටම මේ වැනි දුර්භික්ෂයන්වලට මෙවැනි ආපදාවලට මුහුණ දී තිබෙනවා. ජනපතිදුන් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් සකස් කළා. එහි ආරම්භක උත්සවයයි මේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙන්නේ.රටේ රාජ්‍ය නායකයාගේ ඇල්ම බැල්ම ගොවියාට තියෙනවා නම්, රටේ රාජ්‍ය නායකයාගේ උනන්දුව වුවමනාව ගොවියා වෙනුවෙන් හා අනාගත පරපුර රැකගන්න තියෙනවා නම් ඒක තමයි මේ රටේ අනාගතය. රටේ රාජ්‍ය නායකයා අභියෝගවලින් පැනලා යන්නේ නැතිව, අභියෝගවලට අභියෝගයක් වෙන වැඩපිළිවෙළක් සූදානම් කරලා තියෙනවා. මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සැලසුම් හදලා තිබෙනවා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුමයි මේ දියත් කරන්නේ. වසර 3ක් ඇතුළත මේ රටේ කෘෂිකාර්මික පවුලක දැනට ලැබෙන ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. රටේ අටුකොටු පිරවෙනවා පමණක් නොවෙයි, ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ අරමුණ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ 27,000ක් පමණ වන සියලුම නිලධාරීන්ගේ ගෙවතු වගා කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතමු ගොවි කාන්තා සමිති යටතේ රටේ කාන්තාවන් ලක්ෂ 05ක් සිටිනවා.මේ කාන්තාවන් ලක්ෂ 05ක් තමන්ගේ ගෙවතු වගා කරන්න ආරම්භ කරනවා. පුරන් කුඹුරු තිබුණා ඒක ලක්ෂ තිස්දහසක්. ඒ පුරන් කුඹුරු වගා කරවන්න අපි සූදානම්. මේ වනවිට විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපි ආරම්භ කරලා තියෙනවා. බඩඉරිඟු හෙක්ටයාර් 80,000ක් වගා කරන්න, ඉපනැල්ල වගා කරන්න, තුන්වැනි කන්නය වගා කරන්න, මේ රටේ ගොවිජනතාවගේ ආර්ථිකය දෙගුණ කරන්න සියලු සැලසුම් හදලා ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගා සංග්‍රාමය රටේ රාජ්‍ය නායකයාට පමණක් කරන්න බෑ. ආණ්ඩුවට පමණක් කරන්න බෑ. සියලු ගොවි මහත්වරු මේක හදවතට ගත යුතු වෙනවා. මේක ජාතික වැඩපිළිවෙළක්, ජාතික සංග්‍රාමයක්, අනාගත ආයෝජනයක් කියලා හිතාගෙන ජාති ආගම්, කුල මළ බේදයකින් තොරව, පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාව වගා කිරීම ආරම්භ කළ යුතුයි. වගා කිරීම ගොවියාට පමණක් සීමා නොකර මල් පැළයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අයට කාලය, දැනුම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්” යැයිද පැවසීය.වප් මඟුල් කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගෙවිලියන් ගෙන එනු ලැබූ ඇඹුල ගොවි ගෙදරදී ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් විසින් රස බැලීමට ද එක්විය.මෙම උත්සවය අමතමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ද අදහස් දැක්වීය.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළුව පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්වරු ද උතුරු මැද පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. | ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි | 0 |
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, දේශපාලනඥයන්ගේ ආරවුල් හා ගැටුම් පමණක් දකින මාධ්‍ය එවැනිදේ විකාශය නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.මාධ්‍ය තුළින් පවසන ආකාරයේ විනාශයක් රටට වී නැතැයි කී ජනාධිපතිවරයා බුද්ධිමත් ජනතාව එය තේරුම් ගෙන ඇතැයිද සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 132 ක වියදමින් වැලිකන්ද නගරයේ ඉදිකළ නව ගොවි ජනසේවා මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ගොවි ජන හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.වැලිකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතරේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන අය. ඔවුන්ගේ ජීවන රටාව, ආර්ථික පසුබිම ජීවත්වීමට තිබෙන්නාවූ අභියෝග, ගැටලු එක්, එක් ප්‍රදේශවල එය වෙනස් වෙනවා.මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවියෙකුගේ තිබෙන ප්‍රශ්නවලට වඩා පොලොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන්ගේ ප්‍රශ්න වෙනස්. පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය කවුඩුල්ල ව්‍යාපාරවල ගොවීන්ට තිබෙන ප්‍රශ්නවලට වඩා වැලිකන්දේ මහවැලි ව්‍යාපාරවල තිබෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු වෙනස්. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුල් ගොවි ජනපද සංකල්පය සහ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ අපේ රටේ උතුරු මැද, නැගෙනහිර විශේෂයෙන්ම එදා ඇතිවූ ගොවිජනපද ව්‍යාපාර තුළ එහි ආරම්භයත් සමඟ ඒවායේ සාර්ථකත්වය ඒ ජනතාව දකින්නේ රටක් විදියට අදයි.ඒ අවුරුදු 60 ක් 70 ක් වගේ කාලයක් ගෙවී ගිහිල්ලා. ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය සහ වැලිකන්ද ගොවි ජනතාවගේ ආර්ථිකයේ බොහෝ වෙනස්කම් තිබෙනවා. ජීවන තත්ත්වයේ බොහෝ ප්‍රශ්න තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය අනෙකුත් ජීවන රටාවන් ඒ සියල්ල තුළ වෙනස්කම් රාශියක් තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම ඒවා හඳුනාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.වැලිකන්ද ජනතාව මුහුණදෙන වල් අලි ප්රශ්නය සහ පානීය ජල ප්රශ්නය පිළිබඳව මෙතැනදී ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්න දෙකටම මේ වනවිට මූලික විසඳුම් දීලා තිබෙනවා.ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මේ රටේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්රමුඛ කාර්ය උසුලන ආයතන. කෘෂිකර්ම ඇමැතිවරයකු විදියට මට තිබෙනා අවුරුදු පහක අත්දැකීම් එක්ක මම දන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයත්, මහවැලි අමාත්‍යංශය වගේම වාරිමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව දැනට කරන සංවර්ධන කටයුතුවල යහපත් ප්‍රතිඵල රාශියක් ඉදිරියේදී තවත් ඵලදායී ලෙස ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.මේ රටේ වැඩිපුර දුක් විඳින්නේ ගොවි ජනතාව. ඒ තුළ වඩාත් දුෂ්කරතාවට පත්වෙච්ච ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. තමුන්නාන්සේලාගේ ජීවිත තුළ සැපතක් සතුටක් ලබපු අය නොවෙයි. තමුන්නාන්සේලාගේ ප්‍රාර්ථනා තිබෙන්නේ තමුන්නාන්සේලා ගත කරන ජීවිතය තමුන්නාන්සේලාගේ දරුවන්ට නොදීමයි. ඒ සඳහා අපි රජයක් විදියට කැප වෙනවා.ඒ නිසා තමා මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධන ව්‍යාපෘති කරගෙන යන්න මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය තමුන්නාන්සේලාට ලබා දෙන්නේ. මෙය එදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිතුමා 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ ආරම්භ කළ ගොවිජන සේවා මධ්‍යස්ථාන හාරසිය ගණනක වැඩපිළිවෙළේ එක අවස්ථාවක්.කෘෂිකර්ම ක්ෂේත්රය ගත්විට මේ වකවානුව මම දකින්නේ දේශපාලන විරුද්ධවාදීන් මොනවා කිව්වත් මොන විවේචන කළත් මේ රටේ ගොවි ආර්ථිකයට සහ කෘෂි ආර්ථිකයට ජාතික ආර්ථිකයට හෙට දවසට ඉතාම වාසනාවන්ත කාලයක්. අපි මේ වන විට නියඟයෙන් පීඩා විඳි ජනතාවට රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. කිසිම ආණ්ඩුවක් එච්චර දීලා නෑ. නියඟය වෙනුවෙන් ආපදා වෙනුවෙන්.තමුන්නාන්සේලා හවසට රූපවාහිනිය බලපුවහම නම් ඒව මොකක්වත් නෑ. ආණ්ඩුව කරන දේකුත් නෑ. ආණ්ඩුව කරපු දේකුත් නෑ. රූපවාහිනියේ දැන් හවසට තියෙන්නේ ඔක්කෝම දේශපාලනඥයින්ගේ ආරවුල් ගැටුම් බැණගන්න ඒවා. රටක් නෑ කියලා තමයි පෙන්නන්නේ. නමුත් රටක් ගොඩනගන්න ආණ්ඩුවක් විදියට ඒ වැඩ ඉතාම සාර්ථකව අපි කරලා තිබෙනවා.කළුගඟ ජලාශයට ජලය එක් කිරීම ලබන 23 වැනිදා අපි සුබ මොහොතින් සුබ නැකතකින් පටන් ගන්නවා. කළුගඟ මොරගහකන්ද මහා ජලාශයත්, ඉහළ ඇලහැර ඇළ, වයඹ ඇළ, උතුරුමැද මහ ඇළ ඒ යටතේ හැදෙන වාරි පද්ධතිය වැව් 2400 ට රුපියල් කෝටි 22000 ක් අපි වැය කරනවා. මේ වනවිට රුපියල් කෝටි 11000 කට වැඩිය වියදම් වෙලා තිබෙනවා. ඒ ඇළවල්වල, වැව්වල වැඩ පටන් අරන් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, කුවේට් අරමුදල, සෞදි අරමුදල විදේශීය මූල්‍ය ආයතන සියල්ලම අපිට සල්ලි සම්පූර්ණයෙන් දීලයි තියෙන්නේ. අපිට මුදල්වල කිසිම අඩුවක් නෑ. මේ රටේ පෙර රජ දවසෙන් පස්සේ මේ වගේ වාරිකෘෂි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒක බොහොම පැහැදිලිව කියනව. සමහර අය අහනවා අපි මොනවද කෙරුවෙ කියලා. අපි කරපු ඒවා පෙන්නන්න හවසට රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තට හරියන්නේ නෑ. ඒකෙ පෙන්නන්නේ ඔක්කොම රටේ අවුල් තමයි. ඒක නිසා ඒවා පෙන්නන්න පුළුවන් ඒ වැඩ කරන තැන්වලට ආපුවහමයි. මොරගහකන්දට ගියහම, කලුගඟට ගියාම වයඹ මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. උතුරු මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. ඉහළ ඇලහැර ඇළ පටන් අරන් තියෙනවා. වැව් 2400 පටන් අරන් තියෙනවා. කෝටි 22000 ක් මේ සඳහා වැය කරනවා. මම මේවා කියන්නේ තමුන්නාන්සේලාගේ කනට හැම වේලේම ඇහෙන්නේත් ඇහැට පේන්නේත් මේ අලුත් තාක්ෂණයත් එක්ක අමු පච බේගල් සහ ගැටුම් විතරයි. රටේ යහපතට ආණ්ඩුවක් විදියට කරන දේවල් ඒවා පෙන්නන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. මාධ්‍යවල මහත්තුරුන්ටත් ලොකු සනීපයක් තියෙන්නේ අවුල් පෙන්නපුවහම තමයි. හිතනවා මේවා පෙන්නපුවහම තමයි මේවා බලන්නේ කියලා. නමුත් ඒ මාධ්‍යයෙන් කියන විදියටම පෙන්නන විදියටම ඔය අවුල් ජනතාව පිළිගන්නේ නෑ.මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක්වත් ජනාධිපති ඡන්දයේදී හිටියේ නෑ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනීවල පෙන්නපු විකාර, තිත්ත කුණුහරුප, චරිත ඝාතන ඒවා එකක්වත් සැලකුවේ නෑ. ඒක නිසා ඒ මාධ්‍ය ඇතැම් වෙලාවට ගන්න අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා.තමුන්නාන්සේලාත් ගෙදර ඉඳගෙන, ගේ ඇතුළේ ඉඳගෙන රූපවාහිනිය දාපුවහම ඒක දිහා බලාගෙන ඉන්නවා. අප්පච්චියේ රටට වෙන දෙයක් කියලා. ඔය රූපවාහිනියේ පෙන්වන එහෙම දෙයක් රටට වෙලා නෑ. එහෙම අස්ථාවරත්වයක් මේ රටේ සිද්ධවෙලා නෑ. අපි ආණ්ඩුවක් විදියට රජයක් විදියට විශාල වැඩකොටසක් කරනවා. කරගෙන යනවා. ඉදිරියටත් යනවා. එන දේශපාලන අභියෝගවලටත් අපි මුහුණ දෙනවා.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාරටක් විදියට මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බාරගෙන තිබෙනවා. එතුමා ඒ වැඩපිළිවෙළ අදියර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. අද මේ වෙනකොට මට බය නැතුව කියන්න පුළුවන් මේ රටේ ඉතිහාසයේ ගොවි ජනතාව වෙනුවෙන් වඩාත්ම සහන ලබාදුන්න කාලයක් තිබෙනවා නම් ඒ වාර්තාව තියල තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාල පරාසයේයි කියලා.අපි මේ අවුරුද්දේ පොහොර සහනාධාරයට විතරක් රුපියල් මිලියන 33000 ක් වියදම් කරනවා. ඉතිහාසයේ වැඩිම මුදල. ඒ විතරක් නෙවෙයි වගා පාළු වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාදීලා තිබෙනවා. හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක රක්ෂණයක් ලබා දෙනවා.කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති අංගජන් රාමනාදන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, ගොවි ජන සේවා කොමසාරිස් මද්දුම බණ්ඩා වීරසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් හර්ෂණී කුමාරිහාමි මහත්මිය ද ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. | ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි | 0 |
(මුදිතා දයානන්ද)“රටක අනාගතය පිළිබඳ වැඩ පිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ නැහැ. ඔබේ අනාගතය ගොඩනැගීමට දැක්මක් ඇති, වැඩපිළිවෙළක් ඇති එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණක්” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (27) පැවසීය.ඔහු මේ බව පැවසුවේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවති ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමිනි.ඔහු මෙසේ ද පැවසීය.ලෝකය අත්පත් කරගන්නා ජයග්‍රහණ තුළ, ලෝකය පනින පිමි තුළ ඇතුළත්ව තිබෙන්නේ නව තාරුණ්‍යයයි. අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලන, ගමන්මග අපේ අනාගතය, දරුවන්ගේ අනාගතය තිරසාර ලෙස නැවුම් මාවතකට යොමු කිරීම සඳහා ලංකාවේ තාරුණ්‍යය සූදානම් වන බව කියන පණිවුඩය දෙන්න තමයි අද ඔබ මෙතන රැස්වෙලා ඉන්නේ කියලා. ඒක අපිට විශාල ධෛර්යයක් සහ ආශ්වාදයක්.ඉතාම විකෘතිකාමී අනාගතය පිළිබඳ දැක්මක් නැති, මාතෘ භූමිය හෝ ජනතාව පිළිබඳ බැඳීමක් නැති පරපුටු කණ්ඩායමක් විසින් අද තාරුණ්‍ය ඇතුළු මුළු සමාජයම කෙළෙසමින් තිබෙනවා. අපි කිසිවකුටත් යුක්ති සහගත අයිතියක් නැහැ, අපේ මව්බිම හෝ ජනතාව මේ තරම් විනාශකාරී තත්ත්වයකට ඇදගෙන යද්දීත් ඒ හමුවේ නිහඬව ඉන්න.අප මෙතන පෙළගැසී සිටින්නේ අපේ මාතෘ භූමියට නැවුම් මාවතක් විවෘත කරගැනීමේ අධිෂ්ඨානය හා ධෛර්යය පෙරදැරි කරගෙනයි. ඔබේ අනාගතය දැනෙන ආකාරය පිළිබඳව අද මෙතනදී ඉදිරිපත් කළ ප්‍රශ්න අතර ‘අනාගතය ෂුවර් නැහැ’ කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතය ෂුවර් වෙන්නේ කොහොමද? රටක අනාගතය පිළිබඳ වැඩපිළිවෙළක් හා දැක්මක් නැති පාලකයෝ ඉන්න විට තරුණයන්ට ෂුවර් අනාගතයක් හැදෙන්නේ කොහොම ද?විනාශකාරිත්වයේ ඔටුණු පළන් කණ්ඩායම් බලය හොබවන රාජ්‍යයක ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ කොහොම ද? අපිට අනාගතය ගැන විශ්වාසයයි, මේ සමාජය වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය හා ධෛර්ය අප සතුව තිබෙන නිසා. මේ රටේ සෑම තරුණ තරුණියකුගෙන්ම අප ඉල්ලා සිටින්නේ, ඔබේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන අවිශ්වාසය, අනාරක්ෂිත ස්වභාවය හා බියසුළු ස්වභාවය වෙනස් කරමින් ඉතා සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන්න අපි සූදානම්. අපේ මාතෘ භූමියටත් ජනතාවටත් විශ්වාසවන්ත අනාගතයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක පළමු කාරණය.මේක බොහෝ අය දේශප්‍රේමිත්වය ගැන නන්දොඩවන වෙලාවක්. මේක කෛරාටික, භක්තිවන්තකමක්. මාතෘ භූමිය ගැන කිසිදු හැඟීමක් නැතිව ඉන් පලාගිය මිනිසුන් යළි මාතෘභූමිය පිළිබඳව, ජනතාව පිළිබඳව කෛරාටික දයාන්විත භාවයකින් කතාකරන්නට පටන් අරන් තිබෙනවා. කෛරාටික වදන්වලින් දිනපතා අපේ කන් පුරවනවා. අපේ මාතෘභූමියට අවංකව ආදරය කරන මිනිස්සු අපි. එය කිසිම අභියෝගයක් හමුවේ, වරප්‍රසාදයක් හමුවේ, වරදානයක් හමුවේ, බියගැන්වීමට දරන උත්සාහයක් හමුවේ, පලායන අත්හරින ආදරයක් නොවෙයි.මේ රට මේ ගහල කණ්ඩායම්වලින් මුදා ගැනීමේ කාර්යයට අපි නොබියව පෙරට ආ යුතුයි. අපි ඒකට සූදානම්. තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් වැඩිහිටියන්ට සුරක්ෂිත ජීවිතයක් අපේ බාල පරම්පරාවට සැබෑ කරවන සිහිනයන්ගෙන් පිරුණු රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. අපේ ආර්ථිකයෙන් විශාලම පංගුවක් අපේ තරුණ පරම්පරාව අතින් නිර්මාණය විය යුතුයි.‘හරිහමන් ජොබ් එකක් නැහැ’ කියන ප්‍රශ්නයත් ඔබ අතර තිබෙනවා. සමාජයක් පවතින්නේ විවිධ වෘත්තීයවල සාමූහික ක්‍රියාකාරිත්වයෙන්. කසළ එකතු කරන්නාගේ සිට ඉහළ යැයි සම්මත වෘත්තීන් දක්වා සියලු දෙනාගේම සාමූහික ක්‍රියාකාරිත්වයකින් පමණයි සමාජයක් පවතින්නේ. අපේ පාලනයක් යටතේ සහතික වෙනවා මේ සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක් හා නිසි වටිනාකමක් ලැබෙන සමාජයක් අපි ගොඩනඟනවා. අපි හැමදෙනාටම සමාජය වෙනුවෙන් ඉටුකරන්න පුළුවන් කාර්යයක් අප නිර්මාණය කරනවා.අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක් නියෝජනය කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රවලින්. ජාතික ධනය වැඩි කිරීමටත් ලෝක වෙළඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කරගැනීමටත් හැකිවෙන පරිදි අපි එම ක්ෂේත්‍ර පුළුල් කරනවා. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙම ක්ෂේත්රය ගැන අවධානය යොමු කර තිබෙන බව අපි දන්නවා.කොරියාවට, ජපානයට, ඉතාලියට, මැදිපෙරදිගට ගිහින් අවුරුදු හතරක් පමණ දුක් මහන්සිවෙලා හම්බකරගෙන එන සේසතම යොදවා ව්‍යාපාරයක් පටන් ගන්නවා. අවුරුද්දක් දෙකක් යන විට ඔහු ණයකාරයෙක් වී තමයි නවතින්නේ. අවුරුදු ගණන් හරිහම්බ කරගත් සියලු ධනය විනාශ වී, ණයකාරයෙක් බවට පත්වී යළි රටහැර යන තත්ත්වයක් උදාවෙනවා.අද ගෙයක් හදනකොට පාරක් අයිනෙ නම් කඩ කෑල්ලකුත් පැත්තකින් හදන්න පුරුදු වෙලා. ඇයි මේ? කිසිම ඉලක්කයක් නැහැ. හැමෝම කඩා දාලා හරියන්නේ නැහැ. හැමෝම කුකුල්ලු හදලා හරියන්නේ නැහැ. එක වතාවක දී කුරුණෑගල පැත්තේ මන්ත්‍රී කෙනෙක් හැම ගෙදරකටම කුකුල් පැටව් දුන්නා. හොඳ වෙලාවට උන් ගොඩක් දෙනා මැරුණා. මොකක්ද මේ කරන්නේ? අපි දැන් අපිම නිෂ්පාදන කරගෙන කන්න පුළුවන් සමාජයක් නෙවෙයි තියෙන්නේ. ව්‍යාපාරවලට ව්‍යාපාර ලෙස පවතින්න ඉඩ දෙන්න ඕන. අපි අපට හැකි රටට ගැලපෙන ව්‍යාපාරයක් හොඳින් තොරතුරු අධ්‍යයනය කර පටන් ගන්න ඕන.එනිසා අපි සියලු දෙනාටම දත්ත, පුරෝකථනයන්, ලෝක වෙළඳපොළේ හැසිරීම, මේ සියල්ල පිළිබඳව ඉතාම හොඳ මාර්ගෝපදේශයක් සමග සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් ලංකාව තුළ නිර්මාණය කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. රටේ තරුණයන්ගෙන් විශාල පංගුවක් ජාතික ධනය නිෂ්පාදනය කරන ඒ වෙනුවෙන් තම දැනුම, ශ්‍රමය, කාලය වැය කරන විශාල තරුණ පරම්පාවක් අපි ගොඩනඟනවා.අද රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවෙන්නේ කොහොම ද? තෙල් ඇමති මහනුවර වෙනකොට සංස්ථාව මහනුවරින් පිරෙනවා. ඔහු ගිරිඋල්ලේ වෙනකොට එහෙන් පිරෙනවා. ගාල්ලේ වෙනකොට ගාල්ලෙන්. තමන්ගේ දේශපාලනයේ අතකොළු බවට රාජ්‍ය ආයතන පත්කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි සමහරු ප්‍රසිද්ධියේ කියන්නේ ඔයාට උස නම්, සිකියුරිටි, මිටි නම් කම්කරු කියලා.සෑම රාජ්‍ය ආයතනයකම, අර්ධ රාජ්‍ය ආයතනයකම පුරප්පාඩුවක් පිරවෙන්නේ ඊට අවශ්‍ය සුදුසුකම, දක්ෂතාවය, හැකියාව තිබෙන අයගෙන් පමණයි කියලා අපි ඔබට සහතික වෙනවා. ඒ හැරුණුකොට කිසිසේත්ම දේශපාලන පත්වීම් අපි දෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවෙන් කිව්වා රැකියා දශලක්ෂයක් නිර්මාණය කරනවා කියලා. මම පාර්ලිමේන්තුවේ එවක බලවතාගෙන් ඇහැව්වා මොන රැකියා ද කියලා. අද තරුණ පරපුර එදාට වඩා දැනුමෙන් සන්නද්ධයි. දියුණු වූ ශ්‍රමිකයාට, අවශ්‍යතාවයන් සංකීර්ණය වූ ශ්‍රමිකයාට, දියුණු වූ තරුණයාට, අවශ්‍යතාවයන් පුළුල් වූ තරුණයාට ගැලපෙන රැකියාවක් නිර්මාණය කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. අපි ඔබට නිර්මාණය කරන්නේ ඔබගේ දැනුම, ඔබගේ හැකියාව, ශක්තිය ඉතා හොඳින් රට ගොඩනැඟීම සඳහා උකහාගත හැකි, ඒ වගේම ඔබගේ දැනුමට, ශක්තියට, වුවමනාවට සාධාරණ වේතනයක් සහ පහසුකම් ලැබෙන නව රැකියා වෙළඳපොළක් සහිත ශ්‍රී ලංකාවක්.අපි උදේට වැඩට යනවා. වැඩ කරලා ආපහු ගෙදර එනවා. කනවා බොනවා. ටීවි බලනවා, නිදාගන්නවා. ආපහු උදේ නැගිටලා වැඩට යනවා. ඥාති සබඳතා පවත්වන්න වෙලාවක් නැහැ. නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැහැ. විනෝද ගමනක් යන්න වෙලාවක් නැහැ. හරියට යන්ත්‍රයක් වගේ. මේ අතිශය නීරස, අතිශය රළු විෂම චක්‍රයේ මේ රටේ තරුණ පරපුර අපි හිරකර තබන්නේ නැති බවට සහතික වෙනවා. ඔබට වැඩකරන්න කාලයක්, විවේකීව ඉන්න කාලයක්, විනෝදයෙන් ඉන්න කාලයක්, ඔබට නිදන්න කාලයක් සහිත සුරක්ෂිත රැකියා වෙළඳපොළක් නිර්මාණය කිරිමේ වගකීම අපි භාරගන්නවා.මේ යල් පැනගිය දේශපාලනය තරුණයන්ට දැන් තිත්තවෙලා තියෙන්නේ. තාරුණ්‍යයට ඉදිරියට යාම සඳහා මේ දේශපාලනය තුළ දොරටු විවෘත වී තිබේ ද? ඉන්න හෝ හිටපු මැති ඇමතියන්ගේ පුත්තු, ජනාධිපතිගෙ පුත්තු ආදී ලෙස, අද දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට යන උරුමයක් බවට පත්වෙලා. එහෙම නොවී තාරුණ්‍යයට දොරටු විවෘත කරලා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. රට ගැන කැක්කුමක් ඇගයීමක් තිබෙන මහජන සේවය, ජනතාව ගැන අකලංක වුවමනාවක් තිබෙන, රටට භක්තියක් හා ආදරයක් තිබෙන නව තාරුණ්‍යයට දේශපාලනයේ ඉදිරියටම යාම සඳහා අවශ්‍ය දොරටු විවෘත කිරීමට අපි සූදානම්.සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ද ගුණසේකර, වරලත් ගණකාධිකාරි, දත්ත විශ්ලේෂක කළමනාකාර චතුරංග අබේසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස්, ස්වේච්ඡා පරිසර සංරක්ෂණවේදි ශශීකලන රත්වත්ත යන මහත්වරු ද අදහස් දැක්වූහ.ඉන්ද්‍රචාපා ලියනගේ, නදීක ගුරුගේ ඇතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ ගීත ගායනයෙන් සමුළුව අලංකාරවත් විය. දැඩි වර්ෂාව මධ්‍යයේ ද තරුණ තරුණියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | “ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ | 1 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්රය, කෘෂි ක්ෂේත්රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්රජාත්ත්රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. | “ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ | 0 |
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 පොහොසත් රටක් දැක්ම ප්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ්‍රම හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිලප්රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න. ප්රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත්ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක්රමෝපායන් මොනවාද?අගමැති (පිළිතුර) :- පක්ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක්රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප්‍රධානම කාරණයයි. ප්රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප්‍රධාන පක්ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි. සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. ප්රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද? ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක් පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන් තුළ බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.ප්රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක්‍රමවේද මොනවාද?පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප්රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.ප්රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්ෂෙත්රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප්රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප්රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.ප්රජාතන්ත්රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප්රජාතන්ත්රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප්‍රතික්ෂේප කරනවා.මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය විය යුතුයි.කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප්රජාතන්ත්රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප්රජාතන්ත්රවාදය අගයන අය විසින් ප්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කොට අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.ප්රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ. අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ. | “ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ | 0 |
මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.අගමැතිවරයා මෙසේ ද කීවේය.මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍යයි.මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනෑ.දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ. | “ලෝකය පනින පිමි තුළ ඇත්තේ නව තාරුණ්‍යයයි“ | 0 |
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත්‍රී දුෂණවලට හා ලක්ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට ඕනෑම පක්ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්ෂ පක්ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්ෂකත්වය වැඩි කිරීමට අපි පක්ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්ෂයක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්ෂයේ නායකයන් පක්ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්ෂය නිසා බැවින් හිටපු පක්ෂ නායකයන්ට පක්ෂය ආරක්ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්ෂ නායකයාගේ ප්‍රතිපත්ති අනුවයි.සමහර පක්ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප්‍රශ්න කරනවා. නව ක්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේත් තිබෙනවා. මෙය නායකයන්ගේ පක්ෂයක් නොව පාක්ෂිකයින්ගේ පක්ෂයක්. ඒ නිසා ඔවුන් පක්ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප්රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප්රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප්‍රකාශ වගේයි.ප්රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂය ඇතුළු සියලූ පක්ෂවලට, අපේ පක්ෂයේ සියලූ මන්ත්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප්රශ්නය: පක්ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප්රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප්රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප්රශ්නය: පක්ෂයේ සමහරු වෙනත් පක්ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග්‍රහණ විජයග්රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප්රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප්රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප්රශ්නය: එ.ජා.පය හැර ඕනෑම පක්ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප්රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප්රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්ෂයේම අයට ඇති ප්රජාතන්ත්රවාදයයි. එදා ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි. ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප්රශ්නය විසඳාගත හැකියි. | ’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’ | 1 |
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්ෂ මේ පනතෙහි ඇති ක්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප්‍රශ්න, තාක්ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප්රතික්ෂ්ප කළා. එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්යායපත්රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්ෂයේ තීන්දුව ක්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප්රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.ප්රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප්රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප්රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්ෂයට අසීරුවක් නැහැ. අපි පක්ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්ෂය සමඟ පක්ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප්රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප්රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්ෂයේ විනය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. පක්ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්ෂය විශ්වාසනීය පක්ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප්රශ්නය-මේ වන විට එවැනි විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්ෂයේ විනය කැඩෙන ආකාරයේ ප්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප්‍රතිඵලය මන්ත්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප්රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේත් ප්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්ෂයේත් ප්‍රශ්න තිබෙනවා. අනෙක් පක්ෂවලත් එහෙමයි.ප්රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්ෂයෙන් පරීක්ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ. | ’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’ | 0 |
(සුජිත් හේවාජුලිගේ)‘මොන ඡන්ද ක්‍රම ආවත් කමක් නැහැ. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.සන්ධානගත වී තරග වැදීමට පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්ෂ මහතා කීය.බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (12) දහවල් පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.බැසිල් රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.අපේ පක්ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.නව පක්ෂය නව වැඩ පිළිවෙළක් යටතේ ගෙන යනවා. අපට හොඳ සැලැස්මක් තියෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු අය වගේම අලූත් තරුණයෝ, උගත් අය, කාන්තා පිරිස් අපට අවශ්‍යයි. සියයට 25ක් තරුණයන් වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණයක් ගත්තා. ඉතාම සුදුස්සන් තෝරා ගන්නවා. මේක අලූත්ම ක්‍රමයක්. කොට්ඨාස ක්‍රමය මීට කලිනුත් තිබුණා. කවුරු මොනවා කිව්වත් මනාප ක්‍රමයට මුල් වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. අපි ඒ අභියෝගය බාර ගත්තා.දැන් අපේ ක්රමයම වෙනත් විදියකට ගෙනල්ලා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණත් මේ වෙලාවේ ඡන්දය අවශ්‍යයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න කියලා කාන්තාවන්ට, තරුණයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. හුඟක් අය පක්ෂ අපිත් සමග තරග කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.පොදු ජන පෙරමුණ තවත් පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින පක්ෂ සමග. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය යනාදී පක්ෂ ඒ අතර තියෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ පිල්ලෙයාන්ගේ ටී.එම්.ටී.පී. සමග සාකච්ඡා කළා. ජනතා සේවක පක්ෂය යනාදි පක්ෂ සමගත් කතා කරනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විරුද්ධ පක්ෂ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. අපි උතුරටත් තරග කරනවා.අපිට මේ වනවිට සාමාජිකයන් වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විශාල පිරිසක් එකතු වුණා. දේශපාලනය නොකරපු අය පවා එකතු වී සිටිනවා. සමහර ගම්වල සියයට 85 ක් දක්වා සාමාජිකයන් බැඳිලා තියෙනවා. ශ්‍රී ලනිප සාමාජිකයන් සියයට සියයක්ම බැඳුණු ගම් ද තියෙනවා. පළාත් පාලනය වාර්තා තබමින් ජය ගන්නවා. ප්‍රාදේශීය සභා 335 න් 154 ක් එදත් ජයග්‍රහණ කළා. ඊට අමතරව තවත් 60ක් විතර අපට දිනන්න පුළුවන් වේවි. දෙසීය පන්නන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.අපි ගෙනාපු මැතිවරණ පනතට සියලූ පක්ෂ එකඟ වුණා. ඇමැති අද එක එක කතා කියනවා. ක්‍රමයක් හදපු එක වෙන්නැති අපි කරපු වැරැද්ද. මේ පනත හැදුවේ පක්ෂ එක්ක සාකච්ඡා කරලයි. පාර්ලිමේන්තු තුනක් තුළ සාකච්ඡා කළා. හැමෝම අත ඉස්සුවා. එහෙම එකක් හැදුවට වෙන්නැති බණින්නේ. බහු ආසන වැඬේ ඕන කෙනෙක් කරනවා. දැනුත් වෙනවා. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලැහැස්තියි. බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා. එක විකට් පොල්ලට බෝල් කරන්න කිව්වත් ඒකත් කරනවා. අපි ඕන ක්‍රමයකට ඡන්දයට යන්න සූදානම්. අපි අඩුපාඩු කියන්නේ නැත්තේ ඒකයි.මහින්ද රාජපක්ෂ කියන්නේ දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක්. මගෙන් උපදෙස් ගන්න එතුමාට වුවමනාවක් නැහැ. නමුත් සහෝදරයන් විදියට අපි ඔහු ළඟ හිටියා. ගත්තු හැම තීන්දුවක් පිටුපස්සේම අපි ඉන්නවා. වැරදිච්ච දේවල්වල වගකීම අප බාර ගන්නවා. මේ ආණ්ඩුවේ ගොඩක් අයගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවෙන්ම දැන් ඒවා හෙළිවෙනවා. වංචාවකට සම්බන්ධ වන ලිට්රෝ ගෑස් සභාපති මේ රටේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ සභාපති. ඒක බරපතළ තත්ත්වයක්. බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව පත් කරපු එකක්. ආණ්ඩුවේ අය ඒකට ස්වෙච්ඡාවෙන්ම ඇවිත් සාක්ෂි දෙන එක තමයි හොඳ. අපේ බන්දුල ගියේ කැමැත්තෙන්මයි. කවුරු හරි කොමිසම මඟ හරිනවා නම් ඒක හොඳ නැහැ.”සමහර මාධ්‍යය මොන චෝදනා කළත් මම උත්තර දෙන්නේ නැහැ. අපි දඩාවතේ යන බල්ලකු හැපුවට බල්ල හපන්න යන්නේ නැහැනේ. මම ඕවාට උත්තර දෙන්නේ නැහැ. එයාල ඇයි මට ගහන්නේ. මම කියපු දේකට කලබල වෙලයි. කරන්න ඕන මම කියපු දේ හොයන එකයි. හැම මාධ්‍යයකටම මම ගරු කරනවා.අපි වෛර දේශපාලනයක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වැරැුදි කරපු අයට නිදහස දෙනවා කියන එක නොවෙයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන දඩයමක්. ටී.බී. ඒකනායක ඇමැතිතුමා ආණ්ඩුවෙන් යනවා කිව්ව විතරයි පරික්ෂණයක් පටන් ගත්තා. ඒ හොඳ දෙයක් නොවෙයි. නමුත් ජාතික සම්පත් කොල්ලකාලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි.ඡන්දයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ක්‍රම තුනක් අධ්‍යයනය කරගෙන යනවා. අපි තරග කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ ආශිර්වාදය ඇතිව. ඒක ප්‍රතිපත්ති මාලාවක්, එක මැතිවරණ වැඩපිළිවෙළක් යටතේ තරග වදිනවා. ගෝඨාභය මෙතෙක් මැතිවරණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජාතික ප්‍රශ්නයක් ආවොත් එතුමා මැදිහත් වේවි. එළිය සංවිධානය තුළින් දැනටමත් ඒ වැඬේ කරනවා. මේ මැතිවරණය අපි ජනමත විචාරණයකට සමාන කරලා කටයුතු කරනවා.ඒ වේදිකාවේ ඉඳල ගෝඨාභය සහාය දේවි. ඡන්ද වේදිකාවට නැග්ගේ නැති වුණාට එතුමා 2005 දී එහෙම අපේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම හිටියා. අපි සහෝදරයෝ මහින්ද එක්ක 1970 ඉඳල හිටියා. අපේ හැමදාම ලකුණ පොහොට්ටුව. පොහොට්ටුව කවදාකවත් පරවන්නේ නැහැ. කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම අපට කරගන්න බැරිවුණු දෙයක්. මේකෙදි අපේක්ෂත්වය අනිවාර්ය කරලා.අපි බලාපොරොත්තු වුණේ කාන්තා නියෝජනය අනිවාර්ය කරයි කියලයි. නමුත් ආණ්ඩුව කරපු දේ ජයග්‍රහණයක්. ඒ ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. නමුත් තරුණ නියෝජනය නැති කිරීමටත් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ ප්‍රජා අයිතිය නැති කිරීමටත් කටයුතු කළා. ප්රජාතන්ත්රවාදය පැත්තෙන් මෙය දරුණු පහරදීමක්. ක්ෂේත්‍ර නිලධාරින් ලක්ෂ ගණනකට තරග වැදීමට තිබූ අයිතිය නැති කළා. අපේ හිටපු මන්ත්‍රීවරුන් පන්සිය ගණනකගේ අපේක්ෂකත්වය මේ නිසා නැතිවුණා. අප ඒ ගැන නීති මගින් කටයුතු කරනවා. ඒක මහා අපරාධයක්. ඡන්දයේදී අපි ඒක ජනතා අධිකරණයට ගෙන යනවා.මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.ප්රශ්නය:-ආණ්ඩුවෙන් පිරිසක් ගන්න යනවා කියලා ආරංචියි.රාජපක්ෂ මහතා:-ඒවා ඉතින් වෙලාවට සිද්ධ වේවි. ඕවා කිය කියා කරන දේවල් නොවෙයි. ආප්ප න්‍යාය වගේ. කලින් කිව්වොත් අසාර්ථක වෙනවා. නමුත් අපි ඊට වැඩියෙන් බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් බලය ගන්නයි. ඔළු ගෙඩි මාරු කිරීම වෙනත් වැඩවලට යොදා ගත්තත් මැතිවරණ සඳහා ඒක වැඩිය බලාපොරොත්තු වන්නේ නැහැ.ප්රශ්නය:-අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ස්ථාවරය.රාජපක්ෂ මහතා:-අපි මුළුමනින්ම මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. මේක යටි අදහසකින් කරන වැඩක්. මේකෙන් රට දෙකට බෙදීම පමණක් නොවෙයි ජාතික සමගිය නැතිවීම පවා වෙනවා. | ’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’ | 0 |
(ඩයනා උදයංගනී,ඡායාරූප ශාන්ත රත්නායක)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින ජන බලවේගය අදෘෂ්‍යමාන එකක් බවත්, කිසිම අවස්ථාවක පක්ෂයේ ශක්තිය අඩු තක්සේරුවකට නොයා යුතු බව කාන්තා දින සැමරුමට ආ කාන්තාවන් පෙන්නුම් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වැටි වැටී නැගිටිමින් ඉදිරියට ගොස් අධිෂ්ඨානශීලීව අවශ්‍ය ඉලක්කය කරා යන දේශපාලන ව්‍යාපාරයක් බව කී ජනාධිපතිවරයා අනාගතයේදී පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා ඉතා අත්‍යවශ්‍ය දේ වන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරය බව ද සඳහන් කළේය. කිසිම දේශපාලනඥයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට, වැරැදි, වංචා, දූෂණ කර නිදහසේ සිටීමේ හැකියාවක් නැති බවත් මහජනතාව ඒවා අනිවාර්යයෙන් හඳුනා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ මගින් සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුම ‘ඇගේ සවිය පක්ෂයට හා රටට’ යන තේමාව යටත් පැවැත්විණි.පක්ෂයේ කාන්තා පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක වන හිටපු නාගරික මන්ත්‍රිනි සෝමා පෙරේරා මහත්මියට සමරු තිළිණයක් පිරිනැමීම හා ශ්‍රී.ල.නි.ප කාන්තා පෙරමුණේ ”ෆේස් බුක්” පිටුව එළිදැක්වීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.කාන්තාවන් වෙනුවෙන් වූ යෝජනා තුනක් ද එහිදී ඉදිරිපත් කෙරිණි.මේ සඳහාපක්ෂ මූලස්ථානයේ පස්වන මහලේ පිහිටි ශ්රවණාගාරයට දැරිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් පහළ මාලවල මෙන්ම පක්ෂ මූලස්ථානයෙන් පිටතද රැඳී සිටිනු දක්නට ලැබිණි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.‘‘අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය පවත්වන මෙම වැදගත් උත්සව සභාවට පැමිණෙන්නට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, කාන්තාවත්, මේ රටේ දේශපාලනයත් යන මේ සියල්ල ගත් විට සාමූහිකත්වය හා පොදු වගකීම් තුළ අපේ දේශපාලන ඉතිහාසයේ කතා කළ හැකි කරුණු රාශියක් තිබෙනවා.ලොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සම්ප්‍රාප්තිය සමඟ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවුණා. මේ කාන්තා නායකත්වය තුළ මේ රටේ රාජ්‍ය නායකත්වය නිර්මාණයවීමත්, එතුමිය තැබූ වාර්තාවත් සමඟඅපේ රටට දේශපාලන වශයෙන් මෙන්ම කාන්තාවන්ගේ ගමන් මග පිළිබඳ පරිවර්තනීය යුගයක ආරම්භයත් සිදුවුණා. කාන්තා දිනය, කාන්තා වැඩසටහන්, කාන්තා කාර්යාංශ, කාන්තා අමාත්‍යාංශ, මෙන්ම කාන්තාවන් සඳහාවිවිධ ව්‍යාපෘති සංවිධාන අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල තිබෙනවා.මෙලෙස කාන්තාවන් සඳහාවෙන් වූ දේ තිබුණත් පිරිමින් සඳහාඑවැනි සංවිධාන නිර්මාණය වී නැහැ. එයට හේතුව කාන්තාව සතු වගකීම, වරප්‍රසාද, අයිතීන් සහ කාන්තාවගේ ගමන් මග තුළ සමාජයේ ප්‍රශ්න රාශියක් තිබීමයි. ලෝකයේ එක් එක් සංස්කෘතීන් ලෙස ගත්විට, ලෝක දේශපාලනය තුළ, දේශපාලන ලෝකයේ වසර දහස් ගණනක ඉතිහාසය පිළිබඳ කතා කරන විට කාන්තාවට හිමි ස්ථානය ලැබුණාද යන ප්රශ්නය ලෝක ප්‍රජාව තුළම තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධාන, ලෝකයේ කාන්තාවන් සඳහාබිහිවූ වෙනත් ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ප්රජාතන්ත්රවාදී සමාජයන් තුළ බිහිවන රාජ්‍ය පාලන ක්‍රම තුළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිටත් කාන්තාවන්ට ඇති අයිතීන් සහ වරප්‍රසාද පිළිබඳව නීති ඇතුළත් කරන්න අවශ්‍ය වුණේ ඒ නිසයි.අපේ රට මෙන්ම ලෝකය වශයෙන් ගත්විට කාන්තාවගේ ගමන් මගේ අභියෝග රාශියක් තිබෙනවා. එක් පැත්තකින් ගෝත්‍රික සමාජයන් මෙන්ම අනෙක් පැත්තෙන් ආගමික සමාජයන්, ඇතැම් රාජ්‍ය පාලනයන් තුළ කාන්තාව නොසලකා හැරීම නිසා තමයි ප්රජාතන්ත්රවාදී සමාජය තුළ සැමවිටම කාන්තාව වෙනුවෙන් හඬක් නැගෙන්නේ සහ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ.කාන්තාව ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන්ම එන වචනය වන්නේ මාතෘත්වයයි. මාතෘත්වය තුළ කාන්තාවගේ ආදරය, සෙනෙහස, දයාව, කරුණාව යන සියල්ල පිළිබිඹු වෙනවා. මවගෙන් ලැබෙන සුරක්ෂිතභාවය, ආදරය සහ සෙනෙහස ලොව ප්‍රබලම ආදරය හා සුරක්ෂිතභාවය බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ නිසා සමාජවේදීන්, සමාජ විද්‍යාඥයින් පවසන පරිදි කාන්තාවන්ට සමාජයේ ප්‍රධාන වගකීම් පැවරීමේදී ලැබෙන නායකත්වය තුළ සැමවිමට ආදරය, කරුණාව සහ දයාව මූලික වශයෙන් එක්වන බව පවසනවා.අපි නිර්මාණය කරන සමාජයක් තුළ අපේ රට තුළත්, ලෝකයත් ගත්විට කාන්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවීම අවශ්‍යයි. ඒ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලන රටාවන් තුළ කාන්තාවට දී ඇති ස්ථානය ගත්විට සංවර්ධනය වූ රටවල තත්ත්වය ඉතා විශිෂ්ටයි. කැනඩාව වැනි රටක් ගත්විට ඇමැති මණ්ඩලයෙන් භාගයක් කාන්තාවන්. ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් රාජ්‍ය පාලනයට ගැනීම පිළිබඳව ව්‍යවස්ථාවට ඇතුළත් කර විශාල ශක්තියක් දී තිබෙනවා. අපේ රජයත් පසුගිය දිනවල පළාත් පාලන ආයතනවල පවත්වන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩිකිරීම පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර ගත්තා.අපේ රටේ වඩාත් පිරිසුදු දේශපාලනයක්, සමාජශීලී, අවංක දේශපාලනයක් සඳහාකාන්තාවගේ සහභාගීත්වය අදට වඩා හෙට දවසේදී ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධාන පිළිබඳව පසුගිය දශක කිහිපයේ ඉතිහාසය ගැන කතා කළොත් මේ තත්ත්වය ඉතා ප්‍රබල ලෙස පෙන්වා තිබෙනවා. මේ රටේ ආණ්ඩු හදන්න, ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු වෙනස් කරන්න කාන්තාවන් පෙරමුණ ගැනීම තුළ කාන්තාවන් වැඩිපුර නියෝජනය වෙනවා නම් ඒ මැතිවරණ ව්‍යාපාරයන් ජයගන්නා බව අපි සාක්ෂි සහිතව දැක තිබෙනවා.අපේ රටේ ජනගහණයෙන් සියයට 52කට වැඩි පිරිසක් කාන්තාවන්. අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ කාන්තා බලවේගය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහාඉතා අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ කාන්තා සංවිධානය තුළ මෙන්ම අනෙකුත් සංවිධාන තුළත්, කාන්තාවන්, මව්වරුන්, දියණියන්ගේ සහභාගීත්වය, සහයෝගය සහ අනුග්‍රාහකත්වය ලබාගැනීම ඉතාමත්ම අවශ්‍යයි.එමෙන්ම සමාජය තුළ තිබෙන විවිධ ගරාවැටීම්, පසුබෑම්, තාක්ෂණය සමඟඇතිවී තිබෙන අඩුලූහුඬුකම්, පසුබෑම් මගහරවා ගැනීමට කාන්තාවන් ශක්තිමත් කිරීම අවශ්‍යයි. සමාජය නිවැරදි කිරීම යනු කෙනෙකුට වගකීමක් පැවරූ විට එය අවංකව සහ නිසිලෙස ඉටුවීමයි. අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස මේ රටේ හෙට දවස වෙනුවෙන් අනාගත ආණ්ඩුවක් බිහිකිරීම සඳහාකාන්තාවන්ගේ ශක්තිය තුළ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මේ යුගයේ අවශ්‍යතාවයක්. මේ රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාර පිළිබඳ කතා කරනවිට පිරිසුදු දේශපාලනඥයා කවුද? පිරිසුදු දේශපාලන පක්ෂය කුමක්ද? අප විසින් බලය දිය යුත්තේ කාටද? බලයෙන් ඉවත් කළ යුත්තේ කවුද? යන්න පොදු ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙනවා.ශ්‍රී.ල.නි.ප.ය අනාගතයේදී ජයග්‍රහණය කිරීම සඳහාඉතා අත්‍යවශ්‍යදේ වන්නේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයයි. හොරකම, මහජන දේපළ, සම්පත් අනිසි ලෙස භාවිතය, තමාගේ සාක්කු පුරවා ගැනීම යන කරුණුවලින් බාහිරව සමාජයට දියයුතු ආදර්ශය ඉතා වැදගත්. පොදු ජනතාවට වසන් කර කිසි දෙයක් කරන්න බැහැ. සෑම කෙනෙකුගේම චරිතය, වැඩකටයුතු කරන ආකාරය තුළ තමාට වඩාත් සමීප දේශපාලනඥයා කවුද යන්න ජනතාව තීරණය කරනවා. කිසිම දේශපාලනඥයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට, වැරදි, වංචා, ¥ෂණ කර නිදහසේ ඉන්න පුළුවන්කමක් නැහැ. ඒවා මහජනතාව අනිවාර්යයෙන්ම හ`දුනා ගන්නවා.ඒ නිසා අද රටේ තිබෙන ආර්ථික, සමාජ ප්‍රශ්නවලට මූලික වශයෙන්ම පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සඳහාකැපවීම, ආදර්ශය අවශ්‍යයි. අපේ රටේ දේශපාලනඥයින්ගේ කිසි අඩුවක් නැහැ. අද හැමතැනම පුහු ඝෝෂා ඇහෙනවා. පුහු හඬවල්වලට වඩා ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වන්නේ ගූණාත්මක ගති ලක්ෂණයි. පොදු මහ ජනතාව තමන්ගේ සිතුම් පැතුම් ඉටුකරගැනීම සඳහාසැමවිටම නිදහස් ප්රජාතන්ත්රවාදී සමාජයක නිර්මාණය වන අවංක දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස කාන්තා සංවිධානය ශක්තිමත් කරන්නේ කාන්තාවගෙන් ලැබෙන මගපෙන්වීම, පිටිවහල, කැපවීම, අනුග්‍රහය, ආශීර්වාදය, ඒ සියල්ල ඉතාම බලවත් නිසයි. කාන්තාවගේ බලවත්කම තිබෙන්නේ ගේ ඇතුළේ පමණක් නෙවෙයි. ආයතනික වශයෙන්, ගම නගරය තුළ පමණක් නොව මුළු සමාජය වටා ඉතා පරිපූර්ණව ශක්තිමත්ව තිබෙන්නේ කාන්තාවගේ බලවේගය හා ශක්තියයි. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ ඉදිරි දේශපාලන ගමන්මග සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය පාලන කටයුතුවලදීත් සැමවිටම කාන්තාවට ප්රමුඛ ස්ථානයක් හා වගකීමක් ලබාදීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මෙන්ම පක්ෂය ලෙසත් පියවර ගන්නවා.මෙතැනදී පැවසූ ආකාරයෙන් අපි බලාපොරොත්තු වූවාට වඩා පිරිසක් පැමිණ සිටිනවා. මෙච්චර එයි කියා සිතුවේ නැති නිසා මේ වගේ තැනක මේ උත්සවය පැවැත්වූ බව මෙහිදී ප්රකාශවීම ගැන මා කනගාටු වෙනවා. ඕක තමයි ප්රශ්නය. මෙච්චර ඉන්න බව කවුරුත් දන්නේ නැහැ. ඉන්න ගණන් මිනුම් පිළිබඳව කොහේවත් වාර්තා නැහැ. ඉන්න පිරිස පුළුල් බලවේගයක්. ඒ නිසා කිසිම අවස්ථාවක ශ්‍රී.ල.නි.ප.යේ ශක්තිය පිළිබඳව, පක්ෂයේ කන්තා බලවේගය, තරුණ බලවේගය හා උගතුන්, බුද්ධිමතුන් හා පරිණතයින්ගෙන් ලැබෙන ශක්තිය පිළිබඳ කිසි වේලාවක අඩු තක්සේරුවකට යන්න එපා. ඒ ගැන හැමවිටම වැඩි කත්සේරුවක ඉන්න.මෙතන ලොකු තදබදයක්, අවහිරකමක්, වාඩිවෙන්න පුටු නැතිකමක් සිදුවී තිබෙනවා. අපේ පක්ෂය නොපෙනෙන මහා අදෘෂ්‍යමාන බලවේගයක් ඇති දේශපාලන ව්‍යාපාරයක්. එය දුර්වල කරන්නට කාටවත් පුළුවන්කමක් නැහැ. එය අපි දැනගත යුතුයි.එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය බිහිකර 1956 ආණ්ඩුව හැදු පසු එතුමාට මොන තරම් ප්‍රශ්න ආවද? වැඩ වර්ජන, පෙළපාළි, විරෝධතා වැඩිම ප්‍රමාණයක් ආවේ එතුමාගේ කාලයේයි. මේ රටේ පාලකයකුට වැඩිම විරෝධතා තිබූ කාලසීමාව බණ්ඩාරනායක මැතිතුමාගේ පාලනය තිබූ කාලසීමාවයි. එදා දුන්නු නිදහස, ප්රජාතන්ත්රවාදය කොතෙක් දුරදිග ගියාද යන්න ඔබ දන්නවා. ඒ වසර තුනක කාලයේ එක දිගටම එතුමා ලැබූ අත්දැකීම් සමඟ එතුමාට මොන තරම් දුෂ්කරතා ආවාද යන්න අපි දන්නවා. එතුමා වෙඩි තබා ඝාතනය කළවිට සමහරු හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මේ රටේ වාම ප්රගතිශීලී ව්‍යාපාරයත් අවසන් බවයි.නමුත් එතුමාගේ ජීවිතය මේ රටේ ජනතාවට අහිමි වූ පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පක්ෂය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මොනතරම් ගොඩනැගුවාද යන්න අපි කවුරුත් දන්නවා. අපි මැතිවරණ පැරදී තිබෙනවා. ආණ්ඩු හදල තිබෙනවා. බොහෝ වෙලාවට අපි වැටුණු තැන් තිබෙනවා. අපි නැගිටපු තැන් තිබෙනවා. අපි කොතෙක් වැටුණත් වැටි වැටී නැගිට නැගිට ඉස්සරහට ගිහින් අවශ්‍ය ඉලක්කය කරා අධිෂ්ඨානශීලීව යන දේශපාලන ව්‍යාපාරයක්.මේ රටේ අද ජනතාවට අවශ්‍ය පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගැන කතා කරන විට ඉතා පැහැදිලි ලෙස ඔබ අප එක් කොඩියක් යට එක්වී අපේ රට, ජනතාව සමඟපිරිසුදු අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒ තුළ අපි සියලූ දෙනා ඒකරාශී කළ යුතුයි. ඒ ශක්තිය ගොඩනගන්න කතා කළ යුතුයි. නිහඬවීම පිළිතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා සැමවිටම මතය, ගැටලූව ඉදිරිපත් කළ යුතුයි. හඬ නැගිය යුතුයි. නිවැරදි දේ කතා කළ යුතුයි. වැරදි දේ විවේචනය කළ යුතුයි. වරදට විරුද්ධව හඬ නැගිය යුතුයි. සමාජය සුවපත් කළ යුතුයිඅද ජීවත්වන අයට මෙන්ම හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදන්න හොඳ දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුයි. ඒ තුළ දෙන ආදර්ශය සමඟතමයි කරන ආණ්ඩුවල පිරිසුදුබව ගොඩනැගෙන්නේ. ලංකාවේ විවිධ දිසාවන්ගෙන් ආ අය මෙතැන ඉන්නවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සුමේධා ජී. ජයසේන මහත්මිය කියා තිබෙන්නේ ආසනයෙන් එක්කෙනෙක් දෙන්නෙක් ආවම ඇති කියලයි. ඒත් පොළොන්නරුවෙන් 50ක් ඇවිත්. එවිට ඉඩ නැතිවීම පුදුමයක් නෙවෙයි.අපට පිරිස් ගෙන්වීමේදී 5ද, 10ද, 100ද, 1000ද, 2000ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනෑ තරම් ගෙන්වන්න පුළුවන්. අපි ගාල්ලේ පැවැත්වූ මැයි දිනය ඓතිහාසික එකක්. පක්ෂයේ 65 වැනි සංවත්සරයට අති විශාල ජනතාවක් ආවා. දැන් තරුණ, හා කාන්තා බල මණ්ඩල අපි ගොඩනගාගෙන යනවා. ඒවාට විශාල වශයෙන් පිරිස් ඒකරාශී වෙමින් සිටිනවා. පක්ෂයේ විය යුතු වෙනස්කම් ගැන ඒ තරුණ පිරිස්වලින් අදහස් ඉදිරිපත්වී තිබෙනවා. කාන්තා සංවිධානවලිනුත් එහෙමයි.දහසක්, දහසක් මත ගැටී එක් නිවැරදි මතයක්, දර්ශනයක් ඇතිවීම සමාජ සිද්ධාන්තයක් බව ඔබ දන්නවා. ඒ නිසා මේ රටේ පුළුල්, උගත් තරුණ බලවේග, උගත්, ප්රබුද්ධ කාන්තා බලවේග සියල්ල සමඟඑක්වී ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් කිරීම තුළ ඔබත්, මමත් බලාපොරොත්තු වෙන ජයග්‍රහණය අනාගතයේදී ලබාගත හැකියි. ඒ නිසා ගම, නගරය එකතු කර සංවිධාන ශක්තිමත් කර පක්ෂ භේදයකින් තොරව සියලූ දෙනා සමඟමේ සඳහා ආරාධනා කරන්න. ඒ තුළ අපේ පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන්.මෙවැනි පුංචි ශාලාවකට විශාල පිරිසක් ගෙන්වීම ගැන මමත් කණගාටු වෙනවා. මෙහි පහළ මාලවල මෙන්ම එළියේත් විශාල පිරිසක් ඉන්නවා. ලබන මාසයේ තරුණ සංවිධානයේ ජාතික තරුණ සමුළුව පැවැත්වෙනවා. මේ සියලූ සංවිධාන කාර්යක්ෂම කරගෙන අපි නව, ප්රබුද්ධ අවංක දේශපාලන ව්‍යාපාරයක, පිරිසුදු රාජ්‍ය පාලනයක් සඳහාජනතාව ඒකරාශී කරමින් මේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය ලෙස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. පැහැදිලි ස්ථිරසාර ජයග්‍රහණයක් වෙනුවෙන් අපි සියලූදෙනා එක්ව ඉදිරියට යමු.’’ යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.‘‘පසුගිය කාලයේ අපි කවුරුත් නොසිතූ තරම් කාන්තා බලවේගයක් අද මෙතැනට පැමිණ සිටිනවා. අපි සංවිධානය වීමේ මහිමය අද පෙනෙන්නට තිබෙනවා. පසුගිය කාලයේ අපි ගොඩනැගූ කාන්තා සංවිධාන ශක්තිය මෙයයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පක්ෂය දුර්වලවී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ බොරු බව අද මේ කාන්තාවන් පෙන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් කාන්තාවන්ට අවස්ථාව දුන් හා දෙවරක් පක්ෂ නායකත්වය කාන්තාවන් දැරූ පක්ෂයක් මේ රටේ නැහැ. ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ සෝනියා ගාන්ධි මැතිනිය පක්ෂ නායකත්වය දැරූ ඉන්දීය කොංග්රස් පක්ෂය හැර එවැනි තවත් පක්ෂයක් ලෝකයේත් නැති බව මගේ විශ්වාසයයි. ඒත් එදා අපේ පක්ෂය යටතේවත් කාන්තාවන්ට නිසි නියෝජනයක් ලබාදෙන්න බැරිවුණා. මම වරක් එය කරන්න උපදෙස් දුන්නා. ඒත් අපේක්ෂක ලැයිස්තු බලද්දී එය ඉටුවී තිබුණේ නැහැ.ඒත් මේ වන විට පළාත් පාලන ආයතනවල සියයට 25ක කාන්තා නියෝජනයක් අවශ්‍ය බවට නීති සම්මතවී තිබෙනවා. පළාත් සභා සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් එම නීතිය ගෙන එන්නට ශ්‍රී.ල.නි.ප.ය නායකත්වය ගන්නා බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන වතුකරය, ඇඟලූම් මෙන්ම ගෘහ සේවිකා වෘත්තීන්හි වැඩිම මෙහෙයක් කරන්නේ අපේ අහිංසක කාන්තාවන්. ඔවුන් වෙනුවෙන් තව කළ යුතු දේ තිබෙනවා. ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් කළ යුතු දේ රජය හරහා ඉටුකරවා ගැනීමටත් අපි නායකත්වය ගත යුතුයි.යුද්ධය නිසා විපතට පත්වූ කාන්තාවන් රැසක් සිටිනවා. රට වෙනුවෙන් දිවි දුන් සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ට සැමියාගේ වැටුප ලැබුණත් ඔවුන් විවිධ ප්‍රශ්නවලට මුහුණපා සිටිනවා. උතුරේ නැගෙනහිර අසරණ වී සිටින කාන්තාවන්ට එවැනි වැටුපක් හෝ ලැබෙන්නේ නැහැ. අද ගෝලීයකරණය යටතේ අපේ රට ඕනෑවට වඩා විවෘත ආර්ථිකයට විවෘත වී තිබෙනවා. එය නරක බව මා කියන්නේ නැහැ. නමුත් එදා අපේ රට විවෘත ආර්ථිකයට ඇතුළත් වුණේ සංස්කෘතියට ගැළපෙන දේ ගැන තීරණයක් ගෙන නෙවෙයි. සමාජයට යළිත් මනුස්සකම ඇතුළත් කරන්න නම් කාන්තාවන් ඒ සඳහානායකත්වය ගත යුතුයි. මේ දේ ගැන අපේ ඇමැතිවරුන් විරුද්ධ නොවේ යැයි මා සිතනවා.’’ යනුවෙන් ද හිටපු ජනාධිපතිනිය පැවසුවාය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පිළිගැනීමේ කතාව සිදුකරමින් මෙසේ පැවසුවාය.‘‘අද මෙම ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන තරමින් මෙතනට පැමිණි අපේ කාන්තාවන් පක්ෂය ශක්තිමත් කරන්නට දෙන දායකත්වය ගැන මා ස්තුතිවන්ත වෙනවා. ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළේ අපේ පක්ෂයයි. එමෙන්ම වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කළේ අපේ පක්ෂයට නායකත්වය දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. අපේ පක්ෂය හැමදාම කාන්තාවන්ට තැන දුන් පක්ෂයක්.අද අම්මාව ආරක්ෂා කරන්නට යැයි කියමින් පාරට බහින අය පක්ෂයේ මේ කටයුතු වෙනුවෙන් කිසිම සහයක් නොදුන්නත් මේ වනවිට අපි අම්මාව ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒ වගේම කාන්තාවන් ගැන කතා කළොත් ඔවුන් නිවසට, කුස්සියට සීමා විය යුතු නැහැ. කාන්තාව දරුවන් හදන මැෂිමක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව, දරුවන් අතර තිබිය යුතු පරතරය තීරණය කිරීමේ අයිතිය කාන්තාවට තිබෙනවා.’’තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී මෙසේ කියා සිටියාය.‘‘නොයෙක් අය නොයෙක් තැන්වල විවිධ කතා කීවත් පක්ෂයට ආදරය කරන කාන්තාවන් තවමත් පක්ෂය සමඟසිටිනවා. රටේ ආර්ථිකයටත් කාන්තාව විශාල සහයෝගයක් ලබාදෙනවා. අපි මෙය කරන්න සිටියේ සුළුවෙන් වුණත් අපි බලාපොරොත්තු නොවූ තරම් ප්‍රමාණයක් අද මෙතනට ආවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ශ්‍රී.ල.නි.ප. තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. | ’ශ්‍රීලනිපයට ගන්නේ පිරිසිදු චරිත විතරයි’ | 0 |
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග්රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශීය සභා දෙකම ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප්රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ. ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප්රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක්‍රිකට් ක්රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප්‍රදේශයේ වඩා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින් දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක්‍රියා කළා.ජනප්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ. | ’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති | 1 |
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට 0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව | ’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති | 0 |
(අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.අද ආලෝක පූජාවක්ද කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.මේ දිස්ත්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප්‍රශ්න ගණනාවක් විසඳුණා.හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප්‍රදේශවලත් ගලා එනවා.කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.ඒ වගේම ත්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය. | ’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති | 0 |
(අංජුල මහික වීරරත්න සහ දෙනියාය විශේෂ එස්.ඞී. කොඩිකාර දෙනියායේ සිට)ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටව පැවති රට බාර ගෙන කෙටි කාලය ඇතුළත ණය නැති අපනයන සංවර්ධනය ඉදිරියට යන රටක් බිහි කිරීම සඳහා මූලික පියවර තැබීමට හැකි විනැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙනියායේදී පැවසීය.කතා කළ කාලය අවසන් කර හම්බන්තොට සංවර්ධනයේ සැබෑ ඵල නෙළන කාලය පැමිණ ඇති බව කී අග්‍රාමාත්‍යවරයා, හම්බන්තොට ඇතුළු සියලූ ප්‍රදේශ සඳහා ඉඩම් දී ඇත්තේ ව්‍යාපාර කරන්න පමණක් බව ද ඒවායේ සියලූ අයිතිය ශ්‍රී ලංකාව සතුවන බව ද අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රට පුරා ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ ජාතික වැඩසටහනේ දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ වැඩසටහනට සහභාගී වෙමිනි.දෙනියාය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැඩසටහන ක්‍රියාත්මක කරයි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.”දෙනියායේ ජනතාවට ඉඩම් ඔප්පු දීම හැකි ඉක්මණින් කළ යුතු බව මා මීට පෙර කොටපොළට පැමිණි අවස්ථාවේදී අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දුන්නා. ඉඩම් ඔප්පු දීමේ කාර්ය සීඝ්රයෙන් කිරීම මගේ අරමුණ වුණා. නොවැම්බර් මාසයේදී ඔබට ඔප්පු ප්රදානය කිරීමට තීරණය වුණා.ඒ කටයුත්ත කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ස්තූතිය පළ කළ යුතුයි. මේ වනවිට රට පුරාම ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ කටයුතු ආරම්භ වෙලා. ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශය භාරගත් දා සිට ඔප්පු ප්රදානය කිරීමේ කටයුත්ත ඉතා සාර්ථක අයුරින් ඉටු කරනවා.ජීවිතයේ සුරක්ෂිත බවෙහි ප්‍රධානතම කාරණය වන්නේ ඉඩමක අයිතිය සහ නිවෙස ගැනීමයි. එය සියලූම දෙනාට අවශ්‍යයි. විවාහ වීමට සිටින තරුණ තරුණියන් උත්සාහ කරන්නේ නිවෙසක ඉඩමක අයිතිය ගැනීමටයි. සමහරුන්ට මව්පියන්ගේ මුදල් ඇති විට ඒවා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් බොහෝ අයට ඒ වාසිය නැහැ.ඉඩමක අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් ඔප්පුව දිය යුතුයි. එමෙන්ම නිවාස ඉදි කිරීමට පහසුකම් සහිත ණය මුදල් දීමේ වගකීම අපට තිබෙනවා. අපේ ප්‍රධාන වැඩ කටයුත්ත වන්නේ එයයි.එලෙස සුරක්ෂිත බව දීමේ තවත් කොටසත් තිබෙනවා. නිවස හදන්න නම්, මිලදී ගන්න නම් ආදායම තිිබිය යුතුයි. ඒ සඳහා මෙරට රැකියා සහ ආදායම් මාර්ග වර්ධනය කළ යුතුව තිබෙනවා.එසේ නම් අපට වගකීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න නිවාස ඉදිකර ගැනීම සඳහා අවස්ථාව දීමයි. දෙවැන්න ඊට වියදම් කිරීම සඳහා ආදායම් මාර්ග සකස් කර දීමයි. මේ කාරණා දෙකම ඉටුකර ගැනීම සඳහා මා කටයුතු කරනවා.සියලූම දෙනාට හොඳින් ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවා අප බාර ගත්තේ ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටුවා තිබූ රටයි.2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ණය අඩු වී සංවර්ධනය වැඩි විය යුතුව තිබුණා. නමුත් යුද්ධය අවසන් වූ පසුව ණය බර වැඩි වුණා. සංවර්ධනය නැති වුණා. එවැනි රටක් බාර ගෙන යහපත් අතට හැරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. තනි ආණ්ඩුවකට වඩා ඒ වැඩ කටයුත්ත ජාතික ආණ්ඩුවකින් කිරීමට සුදුසුයි. පක්ෂ ගණනාවක් එක්වී ජාතික ආණ්ඩුව පිහිට වූයේ ඒ නිසයි.විශාල ලෙස ණය ගැනීමට පටන් ගත්තේ 2007 වසරේදීයි. ඒ යුද්ධය අවසන් වන සමයයි. 2013 වසර වනවිට ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ඉතිරි ණය ගෙවීමටත්, තවත් ණය ගෙන තිබුණා. එපමණක් ද නොව ඒ වසරේ සම්පූර්ණ අයවැයට ගෙවීමටත් ණය වෙලා සිටියා.ජාතික රජය පිහිටුවා පළමු වසර දෙක යොදා ගත්තේ ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහායි. ණය ගෙවීමට නොහැකි නම් රටේ ආර්ථිකය අස්ථාවර වෙනවා. පුද්ගලයකු වශයෙන් ණය වී ණය ගෙවා ගන්න බැරි වුවහොත් ඒ පුද්ගලයාගේ ආර්ථිකය අස්ථාවර වනවා.පළමුවෙන්ම අධික ණය බර ගෙවා දමන්නේ කෙසේ දැයි අප කල්පනා කළා. ඒ කරුණ සැලසුම් කිරීමට වසර දෙකක කාලයක් ගත වුණා. රටේ ආදායම වැඩි කර ණය ගෙවීමේ පරිසරය නිර්මාණය කර ගත යුතුව තිබුණා. දැන් ණය ගෙවීම සඳහා අපේ ආදායම ප්‍රමාණවත් වෙලා. ඉතිරි මුදල් සංවර්ධනයට යෙදවිය හැකියි. අයවැය සඳහා යෙදවිය හැකියි. අයවැය සඳහා සම්පූර්ණ මුදල් එතනින් නොලැබෙන නිසා ඉතිරි වැඩ කිරීම සඳහා නැවත ණයක් ගැනීමට විය හැකියි.ණය ගන්නවා මෙන්ම පරණ ණය ගෙවීමටත් සීඝ්‍ර සංවර්ධනය තුළින් හැකියාව ලැබෙනවා. දැන් ණය ගෙවීම ආරම්භ කරලා. 2016 වසරේදී වැට් බද්ද වැඩි කිරීමට වුණා. එහිදී විවිධ උද්ඝෝෂණ ද ඇති වුණා. කෙසේ හෝ දැන් ක්‍රමානුකූලව අපේ ආදායම වැඩි කරගෙන යනවා. ලාබ ලබන ලෙස කටයුතු කරන්නැයි සංස්ථාවලට දැනුම් දුන්නා.වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. ඒ වසරවල අපට රුපියල් කෝටි ලක්ෂ තුනක් නැවත ගෙවීමට වනවා. ඉදිරියට යාමට නම් ඒ ණය ගෙවා දැමිය යුතුමයි.ණය ගෙවීම තවත් කල් දමන්නැයි සමහරුන් කියනවා. නමුත් එය කිරීමට හැකියාව නැහැ. එසේ කළහොත් ණය ගෙවීම ඊළඟ පරපුරට බාර වෙනවා. ඊළඟ පරපුරත් ණයකරුවන් බවට පත් කිරීමට මට අවශ්‍ය නැහැ. අපේ කාලයේදී ගත් ණය අපේ කාලයේදීම ගෙවා අවසන් කළ යුතුයි. එවිට අපේ තරුණ පරපුරට ප්‍රශ්නයක් නැතිව ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. 2018x2019 වසරවල අදාළ මුදල් පියවා දැමීම මගේ අරමුණයි. රටේ ආදායමෙන් වැඩි කොටස වැය වන්නේ ණය ගෙවා දැමීම සඳහායි. ඉතිරි මුදල් සෙසු සංවර්ධන කටයුතු සඳහා වැය කළ යුතුව තිබෙනවා.මහා මාර්ග ඉදිකිරීම, අධ්‍යාපනය දියුණු කිරීම, නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු කිරීම සඳහා ණය ගෙවන අතරම මුදල් වෙන් කරනවා. අතීතයේදී ණය වැඩි වී සංවර්ධනය අඩු වුණා. දැන් ණය බරත් අඩු කර සංවර්ධනය ද ආරම්භ කර තිබෙනවා.රැුකියා, ආදායම් වැඩි කිරීමට නම් සංවර්ධනය වේගවත් කළ යුතුයි. ඒ කටයුත්ත ශ්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනය සහිත වෙළෙඳපොළෙන් කිරීමට හැකියාවක් නැහැ. අප මුළු ලෝකයම අල්ලා ගත යුතුයි.ලබන වසරේ අපේ‍්‍රල් 01 වැනිදා සිට අපනයන සංවර්ධනය කරන සමාගම් සඳහා බදු සහන දීමටත්, දිරිගැන්වීම් කිරීමටත් සඳහා වන නව නීතිය ක්‍රියාත්මකයි. දැන් අපට තිබෙන්නේ සියල්ල දීමයි.ණය වැඩි වී අපනයන නතර වූ සමයේ සිට අපනයන සංවර්ධනය ඉදිරියට ගෙන යාමටත් අප වැඩසටහන් ආරම්භ කළා.හම්බන්තොට වරාය ආශ්‍රිතව ආර්ථික කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා නව කාර්යාල ආරම්භ කළා. ණය ගෙන වරාය හැදුවත් ඊට කිසිවෙකුත් ආවේ නැහැ. වරාය අප නඩත්තු කළේ කොළඹ වරායෙන් ලැබෙන මුදල්වලිනුයි.මත්තල ගුවන් තොටුපොළ ඉදි කළා. එහි පැමිණියේ මොනරුන් පමණයි. කොළඹ ගුවන් තොටුපළෙහි ලාබවලින් මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා.මෙවැනි කාරණා නිසා වරාය අධිකාරියේ අලාබ වැඩි වුණා. මේ ආකාරයට තවදුරටත් කටයුතු කළහොත් ගුවන් සේවා අධිකාරිය සම්පූර්ණයෙන්ම අලාබ ලබන ආයතනය බවට පත් වෙනවා.2017 වසරේ සිට නැවත හම්බන්තොට වරායට ණය ගෙවිය යුතුයි. හම්බන්තොට වරාය පිළිබඳව චීනය සමඟ කතා කළා. ලෝකයේ නැව් හම්බන්තොටට ගෙන ඒමට අපට ශක්තියක් නැති බව ද ප්‍රකාශ කළා. ත්රිකුණමලයට නැව් ගෙන්වා ගන්න බැරි නම් හම්බන්තොටට නැව් ගෙන්වා ගන්නේ කෙසේද? ඒ නිසා ණයක් නොගෙවා වරාය වසා දමන්න වන බව චීනයට පැවසුවා. මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ද මේ ප්ර්රශ්නය තිබෙනවා.ප්‍රධාන චීන සමාගම් සහ ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය එකට එක්වී හවුල් ව්‍යාපාරය ලෙස වරාය පවත්වාගෙන යාමට අවසානයේ චීනය යෝජනා කළා. චීන සමාගමට බහුතර කොටස් දෙනවා නම් වසර 30ක ගාස්තු ගෙවීමට සූදානම් බව චීනය පැවසුවා. අප ඒ කාරණයට එකඟතාවය පළ කළා. ඉඩම අපේයි. ඔවුන්ට අයිතිය ඇත්තේ ව්‍යාපාර කරන්න පමණයි.නව සමාගම දෙසැම්බර් 8 වැනිදා වැඩ ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඒ සමඟම හම්බන්තොට විශාල කර්මාන්තපුරය ස්ථාපිත කිරීමට නියමිතයි.දැන් කතා කළ කාලය අවසානයි. හම්බන්තොට සිට වරාය සහ කර්මාන්තපුරය යන දෙකම ක්‍රියාත්මක කළ යුතුයි.තෙල් පිරිපහදුව සඳහා දැනටමත් ඉඩම් ඉල්ලා තිබෙනවා. එල්.එන්.ජී. විදුලි බලාගාරය සඳහා ඉඩම් සොයනවා. සිමෙන්ති කම්හලට, වානේ කම්හලට, නැව් තටාකයට දැන් ඉඩම් වෙන් කරගෙන යනවා.නව සමාගම ලබන වසරේ වරායට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනිම සඳහා ඩොලර් කෝටි 60ක මුදල යොදවනවා. නව වෙළෙඳ කලාප ආරම්භ කිරීම පිළිබඳව මා අමාත්‍යවරුන් සමඟ සාකච්ඡුා කළා. ඒ සඳහා විශාල සමාගම් ප්‍රමාණය ඉදිරිපත් වී සිටිනවා.මුල් අදියරේදීම මේ කටයුතු වෙනුවෙන් අක්කර දෙදහසක් වෙන් කළ යුතුයි. කටුනායක, බියගම, සීතාවක, කොග්ගල යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් තම කර්මාන්ත සඳහා අක්කර 200 බැගින් ඉල්ලා තිබෙනවා.රබර් කර්මාන්ත ආයතනය අක්කර 300 ඉල්ලා තිබෙනවා. මේ ආයතනය සඳහා අවශ්‍ය රබර් ප්‍රමාණය ලංකාවේවත් නැහැ. මොනරාගල රබර් වැවීමේ කටයුතු තවත් දියුණු කිරීමට අදහස් කරනවා. එවැනි විශාල දියුණුව ලැබුණු පසු මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල ප්රදේශවටලත් විශාල දියුණුව ලැබෙනවා. හම්බන්තොට වරායට ඉන්දියන් සාගරය හරහා යන නැව් පැමිණි භාණ්ඩ සියල්ල එතැන් සිට චීනයට ප්‍රවාහනය කරනවා. දැන් අපට ඉතිරි වී ඇත්තේ මත්තල ගුවන්තොටුපොළ පමණයි.සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ඉන්දියා සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස ලබන වසරේ මාර්තු මාසයට පෙර ගුවන් තොටුපොළ ගොඩ නැගීම සඳහා කටයුතු කිරීම අපේ අරමුණයි.හම්බන්තොට සම්මන්ත්රණ ශාලාවෙන් ද ප්‍රයෝජනය ගැනීම සඳහා නව කාර්යාලය විවෘත කළා.තව එකක් ඉතිරි වී තිබෙනවා. ඊට කුමක් කරන්න දැයි මා නම් දන්නේ නැහැ. ඒ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඒ සඳහා කිසිවකුත් එන්නේ නැහැ. විශාල අලාභයක් ලබන සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයට එන්නේ වල් අලි පමණයි. අනෙක් ප්‍රශ්න සියල්ල ක්‍රමානුකූලව විසඳාගෙන යනවා.මත්තල ගුවන් තොටුපොළ, මහා මාර්ග පද්ධතිය, කටුනායක ගුවන්තොටුපොළ නිසා සංචාරකයන්ට හොඳම ස්ථානය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයයි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ විශාල සංචාරක කටයුතු ඇති කිරීමේ වැඩසටහන දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරගෙන යනවා.ජෙෆ්රි බාවා විසූ නිවෙස ළඟ දේද්දුව ප්‍රදේශයේ අක්කර 1800ක සංචාරක කලාපය ඉදි කෙරෙනවා. එතැන් සිට සැතපුම් 15ක් යන්න පෙර අකුරල සංචාරක කලාපය තිබෙනවා. එය අක්කර 500ක් විශාලයි.කොග්ගල සංචාරක කලාප 3ක් තිබෙනවා. ගාලූ නගරයේ තවත් සංචාරක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීම මගේ අරමුණයි.මේ කටයුතු කරන අතරතුර සංචාරක කර්මාන්තය තුළින් වක්‍ර රැුකියා දහස් ගණනක් නිර්මාණය වීමට නියමිතයි. වැලිගම චාලිමන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපය ඇරඹීමට සැලසුම් කළා.සිංහරාජ සංවර්ධන සැලැස්ම අපගේ ඊළඟ පියවරයි. ගිං, නිල්වලා, වලවේ ආදී ගංගා සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ආරම්භ වෙනවා. සිංහරාජ වනාන්තරයට හානියක් වුවහොත් මුළු දකුණු පළාතටම වතුර නැහැ. හම්බන්තොට කර්මාන්තපුරයට ජලය නැහැ. සංචාරක කලාප සඳහා ජලය නැහැ. ඒ නිසා සිංහරාජ පරිසරය ආරක්ෂා කරන අතරතුර කුඩා කර්මාන්තවල යෙදෙන අයට ආර්ථික වශයෙන් දියුණු වීමට නව වැඩසටහන ඇරඹුවා.එක කොනකින් හම්බන්තොට කර්මාන්තකරණයත්, අනෙක් අතින් දකුණු සංචාරක කලාපයත්, සිංහරාජ පරිසර කලාපයත් දකුණට නව ආර්ථිකය දෙනවා. කොළඹට නොදෙවැනි ආර්ථිකය මේ තුළින් දකුණට දෙන්නට කටයුතු කරනවා.අපනයන සංවර්ධනයේ එක් කේන්ද්‍රස්ථානය බවට ගාල්ල පත් වෙනවා. මාතර, මොනරාගල, හම්බන්තොට ප්‍රදේශවලට ද ඒ සංවර්ධනය ලැබෙනවා.අප බාර ගත්තේ ණය වැඩිවී සංවර්ධනය අහිමි වූ රටයි. අද අප ක්‍රියා කරන්නේ ණය ගෙවීමට හැකි අපනයන සංවර්ධනය ඉදිරියට යන රට තුළයි. වෙනස එයයි.මා බලාපොරොත්තු වන්නේ ඊළඟ වසර දෙක තුන ඇතුළත දී ඒ වෙනස මුළු රටටම දීමටයි. මහවැලියෙන් පසු විශාලතම සංවර්ධනය උරුම වන්නේ දකුණු පළාතටයි” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා”අගමැතිතුමා ඉඩම් ඔප්පු ඉතා කඩිනමින් දිය යුතු බව සඳහන් කළා. වැඩ කටයුත්ත කිරීමට තීරණය වී සති තුන ගිය තැන ඔප්පු දීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාර්ශ්වයන් රැසක් අපට උදව් කළා.මේ නිවන්නේ ජනතාවගේ විශාල ගින්දරයි. පරම්පරා දෙක තුනක් පැවති ප්රශ්නයයි. තවත් ජනතා ප්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලටම අප අවධානය යොමු කරනවා.ඉඩමේ අයිතිය ලැබීමෙන් ඔබ සුරක්ෂිතයි. ආර්ථික ශක්තිය ද ලැබෙනවා. බැංකු ණයක් ගන්න ව්‍යාපාරයක් ඇරැඹීමට හැකියාව ලැබෙනවා.අප දුන් පොරොන්දු සියල්ල ක්‍රමක්‍රමයෙන් ඉටු කරමින් සිටිනවා. ඔබගේ ජීවන මට්ටම ඉහළ දැමීම අපේ අරමුණයි. පහළ වැටී තිබූ තේ මිල දැන් ඉහළ මිලකට ගිහිල්ලා. අප ආණ්ඩුව ගන්නා විට 50 x 58 මට්ටමේ තිබූ තේ මිල අද සීඝ්රයෙන් වැඩිවෙලා.තේ ආර්ථිකයට පමණක් සිරවී නොසිට පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම අපේ අරමුණයි. හම්බන්තොට දියුණුව ඇති කරන විට මේ ප්‍රදේශයේ ආර්ථිකය ද ශක්තිමත් වෙනවා.”ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාකඩිනම් ඉඩම් ඔප්පු හා බලපත්‍ර දීමේ සාර්ථක වැඩසටහන දෙනියායේ පැවැත්වීමට ලැබුණා. අප ගම් දනව්වල සංචාරය කර ජනතාව හමුවී අදාළ කටයුතු කර ඔප්පු දීමට කටයුතු කළා.කෙටි දින ගණනක් ඇතුළත විශාල පිරිසකට ඔප්පු ප්රදානය කිරීමට හැකිවූවා. අප අමාත්‍යාංශය ජනතාව ළඟට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවා.රට පුරාම ජනතාවට ඉඩම් ඔප්පු දීම අපේ අරමුණයි. පසුගිය වසර පහටම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම දුන් ඔප්පු ප්‍රමාණයට වඩා අද අප දෙනියායේ ජනතාවට දෙන ඔප්පු ප්‍රමාණය වැඩියි.ලබන වසරේ සිට ලක්ෂ ගණනින් ඉඩම් ඔප්පු දීමේ කටයුතු අරඹනවා. ඉඩම්වල පදිංචිවී සිටිය ද ඔබට ඉඩමේ හිමිකම තිබුණේ නැහැ. ඔප්පුව හදා ගන්න ඔබට බොහෝ රස්තියාදු වීමට වුණා. ඔප්පුව නැතිව පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමටවත් හැකියාවක් නැහැ.අප රජය යටතේ සැමට සින්නක්කර ඔප්පු දෙන බව අගමැතිතුමා මැතිවරණ සමයේදීත් ප්‍රකාශ කළා. රට පුරාම ගොස් ඉඩම් ඔප්පු දීමට කටයුතු කරනවා.වතුකරයේ ලයින් කාමර වෙනුවට ඔවුන්ට නිවාස දීමේ කටයුතු අගමැතිතුමන්ගේ උපදෙස් පරිදි කෙරෙනවා.ජාතික ප්‍රශ්නයට, රැුකියා ප්‍රශ්න මෙන්ම ඉඩම් ප්රශ්නය ප්‍රබල ලෙස තිබෙනවා. දේශපාලන වාසි ගැන නොතකා ඒ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ඇත්තේ අගමැතිතුමා ළඟයි.ඉදිරි වසර දෙක තුන ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔප්පු දුන් ආණ්ඩුවක නියෝජිතයන් ලෙස අප ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන බව මෙහිදී ප්‍රකාශ කරන්න කැමතියි.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. | ’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති | 0 |
(අංජුල මහික වීරරත්න මඩකළපුවේ සිට)මඩකළපුව ඇතුළුව මුළු නැගෙනහිර පළාතම දියුණු කිරීම සඳහා පළාත් සභාව සහ මහ ආණ්ඩුව එක්ව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේදී පැවැසීය.පළාත් අතර තරගකාරී සංවර්ධනය ඇති කිරීම රජයේ අපේක්ෂාව බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊළඟ දශක දෙක ඇතුළත බෙංගාල බොක්ක කලාපයේ ඇතිවන ශීඝ්‍ර ආර්ථික දියුණුවට ශ්‍රී ලංකාව ප්රමුඛ පෙළේ කොටස්කරුවකු බවට පත්වන බවද ප්‍රකාශ කළේය.මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමත්, සැලසුම් සකස් කිරීමත් සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග මඩකළපුව, ලාගෝන් ඊස්ට් විව්හිදී පැවැති ප්‍රගති සමාලෝචන රැුස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් යන මහත්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීහුද දේශපාලන නියෝජිතයෝද මේ අවස්ථාවට සහභාගී වූහ.මඩකළපුව ප්‍රදේශය සංවර්ධනය කරා ගෙන යා යුතු ක්‍රමවේද පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.අද මා මෙහි පැමිණියේ ආණ්ඩුකාරතුමන්, පළාත් මහ ඇමැතිතුමන් ඇතුළු පළාතේ නිලධාරීන් සමග සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. නැගෙනහිර පළාතට සම්පත් ගණනාවක් තිබෙනවා. ඒත් සම්පත්වලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගෙන නැහැ. ඒ සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප්‍රයෝජනය ගත යුතුයි.ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම මේ ප්‍රදේශයේ එකට ජීවත් වෙනවා. එය මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙහි ඉන්නවා. සියලූම ජන කොටස් ඒකාබද්ධව වැඩ කර දියුණුව ඇති කරන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි.මේ පිළිබඳව ආණ්ඩුකාරතුමන් සමගත් සාකච්ඡා කළා. එතුමාත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පරිපාලන යාන්ත්‍රණයත්, මහ ආණ්ඩුවත් එකට එකතු වී ප්‍රදේශයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ඇති කිරීම අපේ අරමුණයි.මහ ආණ්ඩුවෙන් කළ යුතු සියලූම වැඩසටහන් අප කරනවා. එමෙන්ම පළාත් සභාව විසින් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනවා. සියලූම දෙනා ඒකරාශී කරගෙන කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන වශයෙන් සැලසුම සකස් කර ඉතා ඉක්මනින් සංවර්ධනය ක්‍රියාත්මක කළ යුතුයි. කතා කිරීමෙන් පමණක් ඵලක් නැහැ. වැඬේ විය යුතුයි.දැන් ආර්ථික ස්ථාවර බව ඇතිවෙලා. ඒ නිසා පළාත් තරගකාරී අයුරින් දියුණුවට පත්විය යුතුව තිබෙනවා. තමන්ගේ පළාතේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට සියලූම පළාත් බලධාරීන් ක්‍රියා කළ යුතුයි. එවිට වඩාත් ශීඝ්‍ර අයුරින් සංවර්ධනය කරා ළඟාවිය හැක්කේ කාටදැයි බලාගන්න හැකියාව ලැබෙනවා.යුද්ධයෙන් විනාශයට පත් වූ උතුර සහ නැගෙනහිර ප්‍රදේශයට විශේෂයෙන් සලකන්න විදේශ ආධාර සහ වැඩසටහන් තිබෙනවා. ඒවායින් ප්‍රයෝජන ගත යුතුයි. ඒ ප්‍රයෝජනය නොගතහොත් ලෝකයේ ධනවත් රටවල් යුද්ධය නිසා විනාශ වූ සෙසු රටවල් ගොඩනැංවීම සඳහා එම ආධාර යොමු කරනු ඇති.ඒ නිසා අපට ලැබුණු විදේශ සහනවලින් නිසි ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා. පළාත් අතර සංවර්ධන කටයුතු නිසි පරිදි සම්බන්ධීකරණයද විය යුතුයි.මඩකළපුව යනු වරාය දෙකක් අතර තිබෙන ප්‍රදේශයක්. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන වරාය දෙකට මැදිවී මේ ප්‍රදේශය පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් කළ පසුව ඒ ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවකට ලක් වීමට නියමිතයි. එතැන් සිට අම්පාරට වැඩි දුරක් නැහැ.ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශය ඇතුළු මුළු දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්මක් හැදීම සඳහා සිංගප්පූරුවේ ප්‍රධාන ආයතනයකට බාරදී තිබෙනවා.ත්‍රිකුණාමලයේ කර්මාන්ත දියුණු කිරීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම, ත්‍රිකුණාමලය නගර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. සිංගප්පූරු සමාගම මූලික වශයෙන් කරන වැඩසටහන් පිළිබඳව මා අධ්‍යයනය කළා.ප්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් සේවා දියුණුව පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය, ගැනද අවධානය යොමු කරනවා.හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා. එවිට මත්තල සිට මේ ප්‍රදේශයට කඩිනමින් පැමිණීමට හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. වර්තමානයේදීත් පැය දෙකහමාරක්, තුනක් ඇතුළත එහි යාමට හැකියි.ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කරනවා. විශාල අධිවේගී මාර්ග නොව දැනට තිබෙන මාර්ග දියුණු කිරීම අපේ අරමුණයි.ප්‍රදේශයේ ඉඩම් ප්‍රයෝජනවත් අයුරින් භාවිත කළ යුතුයි. වනාන්තර ඇතුළු පරිසරය ආරක්ෂා කරගත යුතුයි. අපගේ ස්වභාවික සම්පත් සංරක්ෂණය කර ඒ සඳහා සංචාරක ආකර්ශනය දිනා ගැනීමට හැකියාව තිබෙනවා. වන සංරක්ෂණ කටයුතු ඉතා කඩිනමින් කළ යුතුයි.එමෙන්ම මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබෙන පශු සම්පත් ක්ෂේත්රය දියුණු කිරීම, කුකුළු කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය, වී වගාව දියුණු කිරීම, ගබඩා පහසුකම් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.ප්‍රදේශයේ නිෂ්පාදන වැඩිකර ගබඩා පහසුකම් ඇති කරනවා නම් කොළඹ ආහාර මිලත් අඩු වෙනවා. ඒ වෙනුවෙන් රජය ආධාර දීමට සූදානම්.ධීවර අපනයනය පිළිබඳවත් අපේ අවධානය යොමු වී තිබෙනවා. වානිජ ක්‍රමවේද අනුව ධීවර කර්මාන්ත දියුණු කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙහි විශාල ලෙස ඉඩම් තිබෙනවා.පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ටත් ඒ ඉඩම් දියුණුව සඳහා යෙදවීමට හැකියි. අනෙක් අතට හොරෙන් අල්ලාගත් ඉඩම් තිබේනම් ඒවායේ අයිතිය රජය විසින් ගත යුතුයි. එලෙස අත්පත් කරගත් ඉඩම් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි.මුහුදුකරයේ පමණක් නොව අභ්‍යන්තර වැව් ආශ්‍රිතව ද සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. කුඩා වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ගංගා මෙන්ම ගල්ඔය, කුඹුක්කන් ඔය, යාන් ඔය දක්වා ඇති ප්‍රදේශවල සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට හැකියාව තිබෙනවා.ගල්ඔය වනෝද්‍යානය, වස්ගමුව, කුමණ ආදී ජාතික සම්පත් රාශියක් මේ ප්‍රදේශය සතුයි. මේ ප්‍රදේශයට නැත්තේ මොනවාද? මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන ඉදිරියට යා යුතුයි.ඒ සමග ප්‍රදේශවල කෙටි කාලීන ජීවනෝපාය මාර්ග ඇතිකරන වැඩසටහන් ස්ථාපිත කරනවා. පුහුණු මධ්‍යස්ථානද ඇති කළ යුතුයි.සියලූ අංශ පිළිබඳව අවධානය යොමු කර දිස්ත්‍රික්ක නගර වශයෙන් දියුණුවට පත් වන්නේ කෙසේදැයි බලමු. ඒ වගකීම අප ඔබට බාර දෙනවා.ඊළඟ දශක දෙකෙහි මුළු බෙංගාල බොක්කේම ආර්ථික දියුණුව ඇති වෙනවා. ඒ දියුණුවට අප එකතු විය යුතුයි. දශක දෙකක් බලාගෙන ඉන්නේ කෙසේදැයි සමහරුන් අසනවා. අපි දැන්මම පටන් ගනිමු. කළ හැකි දේ අද කරමු.දීර්ඝ කාලීනව සැලසුම් හැදීමේ වරදක් නැහැ. යුද්ධය අවසන් වූ පසුව ප්‍රදේශයේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනංවා විශාල දියුණුව කරගෙන යනවා. අප අද එක්වී සාකච්ඡා කළේත් ඒ වැඩකටයුත්ත පිළිබඳවයි.සංවර්ධන සැලසුම් සාදා අවසන් වූ පසුව සියලූම නිලධාරීන් එක්ව කොළඹ සම්මන්ත්‍රණයක් පවත්වමු. ඒ අයුරින් වැඩ කටයුතු ඉදිරියට ගෙනයමු. සති තුන හතරක් ඇතුළත අපට සැලසුම් දෙන්න. එවිට අදාළ නිලධාරීන්, අමාත්‍යවරුන් කැඳවා සාකච්ඡා කරමු.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් විශාල වැඩ කොටසක් අරඹා තිබෙනවා. ඒ දියුණුව නැගෙනහිරට පැමිණීමට නියමිතයි.මොණරාගල, හම්බන්තොට ප්‍රදේශවල දියුණුවටත් එක් වී දියුණුව ඉදිරියට ගෙනයමු. මේ සාකච්වට එක් වූ සැමට මගේ ස්තූතිය පුද කරනවා යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා -අගමැතිතුමා නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැුස්වීමට සහභාගී වීම පිළිබඳව මා විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිතුමත්, සෙසු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් රැස්වීමට සහභාගී වී සිටිනවා.අගමැතිතුමන්ගේ උපදෙස් අනුව මධ්‍යම රජය සමග සහයෝගයෙන් අප ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වගකීම අප සියලූම දෙනාට පැවරී තිබෙනවා.පළාත් සභාව මෙන්ම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගයෙන් සංවර්ධන වැඩසටහන් ඉතා ඉක්මනින් ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. ලබන මාස දෙක තුන ඇතුළත කඩිනමින් සංවර්ධන ක්‍රියාවලිය ඇරැඹීම අපේ අරමුණයි. ඒ සඳහා ඔබෙන් ලැබෙන සහයෝගය මා අගය කරනවා.නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා-අගමැතිතුමන්ගේ මඩකළපු සංචාරය පළාතේ දියුණුව ඇති කිරීම සඳහා හොඳ මූලාරම්භයක් සපයන බව අපේ හැඟීමයි. සංචාරක කර්මාන්තය, අභ්‍යන්තර ගුවන් සේවා, වාරිමාර්ග සංවර්ධනය ඇතුළු ආර්ථිකය දියුණුව කරා ගෙන යන සැලසුම් පිළිබඳව අප පුළුල් ලෙස සාකච්ඡා කළා.ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගත් සමස්ත රටේ සංවර්ධනය පිළිබඳව වැදගත් අදහස් මෙහිදී පළවූ බව කිව යුතුයි.නැගෙනහිර පළාතේ විරැකියාව නැති කර ආර්ථිකය ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප දැනුම්වත් කළා. ඒ නිසා අගමැතිවරයාගේ මඩකළපු සංචාරය අප විසින් ඉතා ඉහළින් අගය කළ යුතුයි.නැගෙනහිර පළාතේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගී වූහ. | පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා | 1 |
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග්රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශීය සභා දෙකම ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප්රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ. ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප්රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක්‍රිකට් ක්රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප්‍රදේශයේ වඩා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින් දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක්‍රියා කළා.ජනප්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ. | පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා | 0 |
(අංජුල මහික වීරරත්න, තුෂිත කුමාර සිල්වා)”රටේ ජාතික ධනය ගිල දැමූ හම්බන්තොට වරාය නම් සුදු අලියාගෙන්’’ වැඩ ගැනීම දැන් අරඹා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත්ගම දී පැවැසීය.‘‘සංවර්ධනය නම් ආයුධයෙන් වැඩ ගැනීමට නම් පටුබේද අතහැර රට ගැන සිතා වැඩ කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අලූත්ගම කන්දේ විහාරයේ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.අලූත්ගම කන්දේ විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණේය.විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථ විෂ්ණු දේවාලයේදී අගමැතිවරයාට සෙත්පතා ආශිර්වාද පූජාවක් ද පැවැත්වූ අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත් වූහ.ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.අද දිනයේ ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. අද මේ විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික සියලූම බැතිමතුන් පැමිණ සිටිනවා.අද ආලෝක පූජාවක්ද කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ අපේ ජාතික ආණ්ඩුව කළුතර දිස්ත්‍රික්කයටත් එවැනිම පූජාවක් කිරීමට සැරසෙනවා. කළුතර දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම ඒ පූජාවයි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂක ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා ගෙන යාම සඳහායි.නියඟය, ජල ගැලීම් සහ ඩෙංගු ආදී ව්‍යසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි හෝ ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේදී ළඟා කරගත හැකි බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. ඒ ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මා ස්තුතිවන්ත වන අතර නියඟය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කනගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.මේ දිස්ත්‍රික්කයේම ඇමැතිවරයකු වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අස්සන් කළා. මේ හරහා විශාල ප්‍රශ්න ගණනාවක් විසඳුණා.හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46x47ක් පමණ වියදම් කළා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60%කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. බිලියන 46x47ක් වැනි ප්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනිමට හැකියාව ලැබුණේ නැහැ.අප වැඩ කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් මිලියන 1.1ක් මේ වනවිට ගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාව දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් වසර අවසන් වනවිට නිසි කළමනාකාරිත්වය යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියටත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වනවිට කරමින් පවතිනවා. අදාළ සාකච්ඡා ඉදිරියේදී පවත්වන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවැසුවා.මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරිත්වය යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොළෙහි සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට වුණා. අපේ නව ක්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කළුතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ ප්‍රධාන වරාය දෙකක් අතර මැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත් ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ පිහිටා තිබීමත් නිසා සියල්ලට මැදි වූ ප්‍රදේශය ලෙස කළුතර විශාල දියුණුවක් ලබනවා.මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කළුතර ප්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප්‍රදේශවලත් වෙනවා. ඒවගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටද බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප්‍රදේශයේ ආරම්භ කළා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තුති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600ක් - 700ක් පමණ විශාල භූමි ප්‍රමාණය කර්මාන්ත කලාපයක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ද වෙන්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්තපුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වනවිට ඒ දියුණුව මේ ප්‍රදේශවලත් ගලා එනවා.කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. කළුතර, අවිස්සාවේල්ල, හම්බන්තොට, මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට මා සූදානම්.ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප්‍රදේශයේයි. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම් සිද්ධස්ථාන වලද දියුණුව ඇති වෙනවා.අප ආරම්භ කරන සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත් ඉන්පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා.බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතර මැද කලාපය ලෙස ඒ ප්‍රදේශයේ විශාල දියුණුව ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාස පහ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට වන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා ඇති කරන සංවර්ධන ව්‍යාපෘතියයි. සියලූ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනිීමෙන් අනතුරුවයි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අනෙකුත් පක්ෂත් එකතු කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැුකියාව ආදි රටේ ප්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් සටන් නොකර පක්ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ.ඒවගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව, රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතුඔය ව්‍යාපෘති ආරම්භ කෙරුණා.නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මා ඊයේ දිනයේදී සාකච්ඡා කළා.ඒ වගේම ත්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සිංගප්පූරුවේ ප්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ කරනවා. මීට අමතරව නුරවඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතය ලබාදීම වෙනුවෙන් මේ සංවර්ධන සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් දිය යුතුයි. මේ වැඩ කටයුතු කිරීම සඳහාත් මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීමටත් කන්දේ විහාරයේත් විෂ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අප ප්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මා දීර්ඝායුෂ පතනවා යයිද,” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.ගිහි පැවිදි විශාල පිරිසක් පිංකමට සහභාගි වී සිටියහ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක විහාරයේදී ආගමික වතාවත්වලට ද යෙදුණේය. | පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා | 0 |
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා. | පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා | 0 |
(නිමල කොඩිතුවක්කු)“වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.රාජපක්ෂ පවුල අවුරුදු 10ක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට කළ දෙයක් නැතැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් වත්මන් රජයේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයා හැකි වෙතැයි සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය’ කැඳවා තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය සකස් කළ යෝජනාවලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී භාර දෙනු ලැබිණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“පසුගිය වසර පහ තුළ අපේ ආණ්ඩුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල තරම් මුදලක් මෙයට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් කර නැහැ.ළඟම පාසැල-හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 9000කට පහසුකම් සපයලා. අද පාසැල් ගුරුවරුන් සම්පූර්ණයෙන්ම පුහුණුව ලැබූ අයයි. ඒ වගේම පාසල්වලට අවශ්‍ය විද්‍යා ගුරුවරුන් දීමට අප පියවර ගත්තා. සුරක්ෂා රක්ෂණය සිසුන්ට දුන්නා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පත්කිරීම, උසස් කිරීම අද දේශපාලනයකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ කරගෙන යනවා.දැන් අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය පවත්වා ගෙන යනවා. සමහර පාසල්වල උසස් පෙළ සඳහා තිබෙන්නේ කලා විෂය පමණයි. ඒ පාසල්වලට විද්‍යා ගුරුවරුන් දෙමින් යනවා. දැනටමත් පාසල්වලට පරිගණක, ටැබ් යන්ත්‍ර දෙමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ආදී පීඨ අලුතින් ආරම්භ කරගෙන යනවා. 44,000කට අලුතින් හොස්ටල් පහසුකම් දීලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා වැඩි කර තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩි කළා.අප මේවා කළේ ඉතාම අසීරු යුගයකයි. අප රට භාර ගත්තේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබියදීයි. ණය බරින් රට මිරිකී හිටියා. ණය වාරික ගෙවන්නවත් රටට ණය දෙන්න කවුරුත් එදා ඉදිරිපත් වුණේ නැහැ. ණයක් ගන්න බැරි ව්‍යාපාරයක් කියන්නේ බංකොළොත් ව්‍යාපාරයක්. අපට පළමුවෙන්ම තිබුණේ මේ ප්‍රශ්න විසඳා ගන්නයි. ණය ප්රශ්නය විසඟ ගන්න ගමන් වැටුප් වැඩි කරන එක, සහන දෙන එක, සමෘද්ධිය ලබා දෙන එක අප නැවැත්තුවේ නැහැ. අවුරුදු දෙක තුනක් අමාරුවෙන් ආර්ථිකය ගෙන ගියා.ආර්ථිකය කඩා වැටිලා. මේකට වගකියන්න ඕනෑ රාජපක්ෂ රෙජීමය නිසා මේකට මුකුත් කරන්න බැහැ කියන වචනය මා රටට කිව්වේ නැහැ. අප කිව්වේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ආධාර උපකාර දෙනවා කියලයි. අද රට විදියට වැඩක් කරගෙන යන්න පුළුවන්, ණයක් ගන්න පුළුවන් විශ්වාසය මා තහවුරු කළා. මේ තත්ත්වය මදියි. මේ කටයුතු කරන ගමන් ණය ගෙවන්න ඕනෑ. තව පරම්පරාවකට ඒ ණය ගෙවන්න ඉඩ දෙන්න මට බැහැ.විශාල සංවර්ධන ආර්ථිකයට අප සූදානම් වෙමින් සිටිනවා. අප රට භාර ගනිද්දී නැව් නැති වරායක් හම්බන්තොට තිබුණා. දැන් වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමාගමයි එකතුවෙලා අලුත් වරාය ඇති කරලා. ඒ කුලියෙන් ණය වාරික ගෙවනවා.වරායෙන් ලාබ ලබන්න වසර 10ක් යනවා. අන්න එහෙම සුදු අලියෙකුයි අපට භාර දුන්නේ. දකුණු අධිවේගී මාර්ගය මාතර ඉඳන් හම්බන්තොටට ඉදිකරගෙන යනවා.මත්තල ගුවන්තොටුපළෙහි මොනරුන් විතරයි හිටියේ. තවමත් ගුවන් යානා එන්නේ නැනැ. අපේ ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියන් අධිකාරියත් එකට එකතු වෙලා ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එතන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබෙනවා. අප කොච්චර උත්සාහ කළද ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙන්ට එන්නේ නැහැ. එන්නේ වල් අලි විතරයි. එතන සම්මන්ත්රණ ශාලාවක් ද තිබෙනවා. සම්මන්ත්රණ පවත්වන්න කොච්චර උත්සාහ කළද ඒක වහලාමයි තියෙන්නේ. මේ වගේ සුදු අලි භාර දීල ගියාද මා බැලුවේ රටේ දියුණුව ඇති කරන්නයි. මහනුවර ඉඳන් කොළඹට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවෙනවා.කොළඹ වරාය තවත් දියුණු කරමින් දකුණු වරායෙන් පසු උතුරු වරායට යන්න දැන් සැලසුම් හදාගෙන යනවා. මත්තල ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙම නම් ගුවන්තොටුපළ දෙකක් සහ වරාය දෙකක් සහිතව විශාල දියුණුවක් රටේ ඇති වෙනවා. ඒ දියුණුව මහනුවර වෙනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි අදියර ලෙස එතන ඉඳන් දඹුල්ලටත්, දඹුල්ල සිට ත්‍රිකුණාමලයටත් සැලසුම් හදා අවසානයි. ඒ වගේම කර්මාන්ත කලාප කිහිපය හදන්න අප සැලසුම් කළා. දැනටමත් බිංගිරියෙන් අක්කර දාහක් ගෙන තිබෙනවා. හම්බන්තොටින් අක්කර දහදාහක් ගත්තා. දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපය ඒ අනුව බිහි වෙනවා.මෙයට අමතරව කළුතර, අවිස්සාවේල්ල කලාපයෙන් තව ඉඩම් ගන්න යනවා. සංචාරක කලාප හයක් නම් කරලා. මේ සැලසුම් ඉදිරියට ගෙනයනවද? නැද්ද කියා ඔබ තීරණය කරනවා.රාජපක්ෂවරුන් එදා කළේ හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා එකට දීපු එක විතරයි. අද රට මුදල් උපයා ගන්නවා, කර්මාන්ත උපයාගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇති කරලා. ඒ වගේම තොරතුරු තාක්ෂණය දියුණු කරන්න විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. අලුත් ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. මූල්‍ය නගරය ද ඇති කළා.මේ කටයුතු තව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. මේ දේවල් කරන්න රාජපක්ෂ පවුලට අවුරුදු 10ක්ම තිබුණා. ඔවුන් කළ දෙයක් නැහැ. ණය නම් ගත්තා. අධ්‍යාපනයට සෞඛ්‍යට වැය කරන මුදල් පවා එදා අඩු කළා. අපි මේක වෙනස් කළා. ආර්ථික, සමාජ අංශය දියුණු කළා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළා. දැන් මේ ත්තත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න හංසයා ළඟින් කතිරය ගහලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කියා ඉල්ලීමක් කරනවා.” යයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :“පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින්, මාධ්‍යවේදීන් මර්දනය කරමින් කටයුතු කළා. ඒ යුගයේදී මාධ්‍යවේදීන් කී දෙනකුට ජීවිත අහිමි වූවාද? මාධ්‍යවේදීන් කී දෙනකුගේ අතපය අහිමි වූවාද. මහින්ද රාජපක්ෂ පාලනය කළ මාධ්‍ය මර්දනයද අප ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහස දුන්නා. අප දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. අද මාධ්‍යයට අප දුන් නිදහස පාරාවලලක් බවට පත්වෙලා. අපේ රජය රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් දීමනා වැඩි කළා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කළා. රණවිරු සුබසාධනය වැටුප් වැඩිකර තිබෙනවා. හෙද පීඨ ඇති කරමින්, රෝහල් පහසුකම් වැඩි කරමින්, සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයටත් විශාල සේවයක් කිරීමට අපේ රජයට හැකි වුණා”යයිද ඔහු එහිදී පැවැසීය.අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා :“රට වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී සිටියා. වෘත්තීය සමිති නියෝජිතයන් ලෙසත් පුරවැසියන් ලෙසත්, පැවති දුර්දාන්ත පාලනය පලවා හැර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට අපට හැකි වුණා.සමහරුන් වෙනස සැපද අහනවා. අපට වෙනස සැපයි. ඒ වෙනස නිසා අද ජනතාවට මර බියෙන් තොරව ප්රජාතන්ත්රවාදය දිනාගැනීමට හැකිවුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමින් ඒ ප්රජාතන්ත්රවාදය තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථාව දැන් හිමිවී තිබෙනවා” යයිද ඔහු එහිදී පැවැසීය.මේ අවස්ථාව සඳහා අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව සිටියහ. | “අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ | 1 |
‘‘රාජපක්ෂ රෙජිමයට සුව කරන්න නොහැකි වූ රාජපක්ෂලා විසින්ම ඇති කළ ලෙඩ දෙකම ජාතික රජය සුවපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිරිබත්ගොඩ දී පැවසීය.ජාත්‍යන්තරයෙන් එල්ල වූ මානව හිමිකම් ප්‍රශ්නයට සහ විදේශීය ණය බර යන රෝග දෙක හඳුනාගෙන නිට්ටාවටම සුවපත් කිරීම සඳහා බෙහෙත් කර ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කිරිබත්ගොඩ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනෙහි ජන රැලියට සහභාගි වෙමිනි.එජාප කැලණි ප්‍රධාන සංවිධායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රවර්ධන වැඩ සටහන සංවිධාන කර තිබිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය සංවිධායක ලෙස පත්වීමෙන් පසුව පළමු රැුස්වීම මෙහි පවත්වනවා.සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ අපේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා සිරබත් කන්න වුණා. අවසානයේ ඔහු අප සමග එකතුවී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වා. එතුමා වින්ද දුක අප කවුරුත් දන්නවා. එක්සත් ජාතික පක්ෂයට බැඳී කැලණිය සංවිධායක පදවිය ෆොන්සේකා මහතා විසින් බාර ගත්තා.අමාරු කාලයේ කැලණිය බාරගෙන ජයග්‍රහණය කරා මෙහෙය වූ බෙවන් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි. එමෙන්ම අමාරු කාලයේ සිටි ජෝර්ජ් පෙරේරා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි.වෙසක් උත්සවයට වෙසක් කාඞ් සකස් කිරීම පිළිබඳ මේ දිනවල අවධානය යොමු කරනවා. ධම්මපදයෙන් හෝ වෙනත් තැනකින් හෝ ඊට කවියක් යොදනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එතුමලාගේ වෙසක් කාඞ් පතට යොදන්න හොඳ කතාවක් කිව්වා.මේ පොහොය නොව ඊළඟ පොහොයෙන් පසු නැවත ආණ්ඩුව ගන්නා බව ඔහු ප්‍රකාශ කළා. මොනවා කරන්නද? මාර දූවරුන් තුන්දෙනත් නැටුවානේ? ජනවාරි මාසයේදීත් ඔය කතාවම කිව්වා. මා රට ගිය පසු ආණ්ඩුව පෙරළන්නැයි මා අභියෝග කළා. ඊට පසුව එතුමා පාර්ලිමේන්තුවේදීවත් දුටුවේ නැහැ.වෙසක් පොහොය දෙකක් යන විට අපේ සංවර්ධන වැඩ සටහනේ මූලික ප්‍රතිඵල ලැබෙනවා. මහින්ද රාජපක්ෂ රෙජිමයට සුව කළ නොහැකි වූ රාජපක්ෂලා විසින් ඇති කරගත් ලෙඩ දෙකක් තිබුණා.එක ලෙඩක් මානව හිමිකම් ප්රශ්නයයි. එක්සත් ජාතින්ගේ මහලේකම්ව සිටි බැන්කි මූන් සමග ප්‍රකාශය අත්සන් කළේ ඒ අයයි. දරුස්මාන් හමුවට ගොස් අප සාක්කි දෙන්නම්. නඩු පවරන්නම් යනුවෙන් කිව්වොත් ඒ අයයි. අවසානයේ ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා. ජාත්‍යන්තර අප්‍රසාදයට ලක් වුණා.රාජපක්ෂ සමයේ අනෙක් ප්රශ්නය ණය බරයි. ඔහුගේ සමයේ වසර හතරක් යුද්ධ කර වසර පහක් සාමය තිබුණා. ඩොලර් කෝටි 3600 ක ණයක් අද අපි ගෙවා දැමිය යුතුයි.මේ බව මා මුලින්ම දැනගෙන හිටියා. 2015 දී ආණ්ඩුව මාරු කරන බවට මා ප්‍රකාශ කළේ ඒ නිසයි. එදා මා කී කතාව කව්රුවත් පිළිගත්තේ නැහැ. ජාත්‍යන්තර ප්‍රශ්න සඳහා ආර්ථික තත්ත්වය ගැන අවධානය යොමු කළ විට රාජපක්ෂලාට ආණ්ඩු කරන්න බැරි බව අප දැනගෙන හිටියා.එකල මැතිවරණයක් පැමිණි පසුව අප සංවිධානය වී ජයග්‍රහණය කරා රට ගෙන ගියා. අපට විසඳන්න බැරි ප්‍රශ්න මෛත්‍රී - රනිල් කරන්නේ කෙසේදැයි එවිට රාජපක්ෂලා සිතුවා. ආණ්ඩුව වැටෙනතුරු කට ඇරගෙන බලා සිටියා. අවසානයේ අප ඒ ප්‍රශ්න දෙකම විසඳුවා.මෙරට සංහිදියාව ඇති කිරීම සඳහා ජාත්‍යන්තරය විසින් අපට තව වසර දෙකක කාලයක් දුන්නා. දැන් අපි ඒ සඳහා වැඩ කරමු.අපේ තරුණ කාලය ගත වුණේ යුද්ධය සමගයි. නමුත් වත්මන් තරුණයන්ගේ යොවුන් විය සාමය සමග හොඳ රැකියා කරමින් ගත විය යුතුයි. ඒ වෙනස ඇති කරනවා නම් නැවත ආගම්, ජාති බේද ඇති කළ යුතු නැහැ. බහුතරය සහ සුළුතරයට එකට ජීවත් විය හැකි ශ්‍රී ලංකාව අප නිර්මාණය කරනවා. තම තමන්ගේ ජාතිය - ආගම ගැන හැමෝටම ආඩම්බර විය හැකියි.අපට කිසිවකුගෙන්වත් පළිගන්න අවශ්‍ය නැහැ. එල්ටීටීඊ සංවිධානය කළ හානිය අප දන්නවා. උතුරේ ජනතාවට තම සැමියා මව, පියා, සහෝදරයා අහිමි වූවා. ඉඩම් - ගෙවල් අහිමි වෙලා. ඒ අයටත් නැවත ජීවිතය - ආර්ථිකය දිය යුතුයි.මොන පැත්තේ හිටියත් දුක් වින්ද ජනතාවට උදව් කර ලාංකිකයන් ලෙස ඉදිරියට යමු. අප අලූත් ව්‍යවස්ථා ඇති කර ගනිමු.සංධානයේම මහ ඇමැතිවරුන් කියන බලය බෙදා හැරීම සමග අපි ඉදිරියට යමු.ඩොලර් කෝටි 3600 ක ණය මුදල 2026 දක්වා ගෙවිය යුතුයි. අන්තිම ණය මුදල ගෙවන්නේ 2038 වසරේදීයි. මගේ උත්සාහය ඊට පෙර ණය ගෙවා දමා අවසන් කිරීමටයි. රාජපක්ෂලාගේ පව් ගෙවන්න 2038 දක්වා බලාගෙන ඉන්න හැකියාවක් නැහැ.අපි මෙරට ඉදිරියට ගෙනයන ක්‍රමය ගැන කල්පනා කරමු. මැලේසියාව, තායිලන්තය වගේ අපි ඉදිරියට යමු.රට ගොඩගන්න නම් අප එකතු වී වැඩ කළ යුතුයි. සමහර අවස්ථාවලදී අපේ අයට විශාල ප්‍රශ්න තිබුණා. අපි පළමුවෙන්ම රට ගොඩ ගනිමු. දැන් අප ණය ප‍්‍රශ්නයදීත් පාලනය කරගෙන තිබෙනවා. අපේ ආදායම ටිකෙන් ටික වැඩි වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. අප උත්සාහ කරන්නේ ජනතාවට බර නොදී ණය ගෙවා දැමිය හැකි ආර්ථිකය ඇති කිරීමටයි.ඊළඟ වසර පහේදී අපේ සංවර්ධනය පටන් ගන්නවා. බියගම මන්ත්‍රී ලෙස මා මෙහි එන විට අප ආසියාවේ දියුණු රට ලෙස ඉදිරියෙන් සිටියා. අද වන විට රටවල් රැසක් අප පසු කරගෙන ගිහිල්ලා. ඇෆ්ගනිස්තානය, කාම්බෝජය, ලා ඕසය, මොංගෝලියාව, පමණක් අප පසුපසින් අද සිටිනවා. බංගලාදේශයත් දැන් අපේ මට්ටමට එනවා.අප දිගටම දුප්පත්කම ගෙනයනවාද නැතිනම් තරුණ - තරුණියන්ට රැකියා සහ හොඳ ආදායම් මාර්ග දෙනවාද?ප්‍රශ්නවලට අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. මූලික ප්‍රශ්න විසඳූ පසු අපට පාක්ෂිකයන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කළ හැකියි. දේශපාලන පළිගැනීම් ගැන කටයුතු කිරීම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැවරුවා.අපේ පාක්ෂිකයන්ට ක්‍රමානුකූලව අවශ්‍ය සහන දෙනවා. ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සොයා දිය යුතුයි.ඉස්සර ගම්පහ කැලයක් නොවේද? මා ඇවිත් කටුනායක, බියගම වෙළෙඳ කලාප ඉදි කළා. අද ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේයි.එදා 1977 කිරිබත්ගොඩ කුඩා නගරයක් පමණයි. ඡන්දවලට අවශ්‍ය බඩු ගන්නත් මට කොළඹට යන්න වුණා. අද කිරිබත්ගොඩ දියුණුව කොහොමද?කිරිබත්ගොඩ, සපුගස්කන්ද, කඩවත, මාවරමණ්ඩිය එකතු වී ඊළඟ වසර 10 තුළ විශාල නගරයක් ඇති කිරීමට නියමිතයි.බියගම පැත්තෙන් තවත් නගරයක් ඇති වෙනවා. වත්තල, ජා ඇල, කටාන, මීගමුව මැතිවරණ කොට්ඨාස අනෙක් පැත්තට හරවන්න අපට හැකි වුණා. අද මා උත්සාහ කරන්නේ මුළු රටටම ඒ දියුණුව ගෙන එන්නයි.මහනුවර සිට සම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. මහනුවර සංචාරක මධ්‍යස්ථානය බවට පත් කරනවා. වයඹ සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. කුලියාපිටිය කර්මාන්තකරණය ගෙන ආ විට දිවුලපිටිය, කුරුණෑගල, නුවර, කෑගල්ල දියුණු වෙනවා. එවිට ගම්පහත් ශීඝ්‍ර දියුණුවකට ලක් වෙනවා. මේ ප්‍රදේශය ක්‍රමානුකූලව මධ්‍යම පාන්තික ප්‍රදේශ බවට පත් කරනවා.බස්නාහිර මහා නගර වැඩ සටහන යටතේ මුළු බස්නාහිර විශාල දියුණුවක් ඇති කරනවා.තායිලන්තයේ ප්‍රධාන කර්මාන්ත සමාගම කළුතර කර්මාන්තකරණය කිරීම සඳහා මේ වන විට අධ්‍යයනය කරනවා. ගාල්ල මුදල් ඇති සංචාරකයන් එන කලාපය බවට පත් කරනවා. රුහුණු සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස හම්බන්තොට වරාය ආශ්‍රිතව දියුණුවට පත් කරනවා. කොළඹ - ගම්පහ වැනි දියුණුවක් ඒ ප්‍රදේශවලත් ඇති වේවි.සිංගප්පූරු සමාගම පැමිණ ත්‍රිකුණාමලය ආර්ථික කලාපය සකසනවා. වරාය, සංචාරක කලාපය, කර්මාන්ත කලාපය දියුණු කරනවා.මා මේ මාසයේ ජපානයට සහ ඉන්දියාවට යනවා. ත්‍රිකුණාමලය දියුණුවට ඔවුන්ගෙන්ද ආධාර උපකාර ගන්නවා.අනුරාධපුරයද සංචාරක කලාපය බවට පත් කරනවා. අම්පාර දියුණු කරනවා. බදුල්ල - නුවරඑළිය ප්‍රදේශත් දියුණුයට පත් කරනවා. නැති වූ ආර්ථිකය මා ගොඩ නඟනවා.මොනරාගල, වැල්ලවාය ප්‍රදේශවලටත් වෙළෙඳ කලාප දෙනවා. ඒ ප්‍රදේශත් කිරිබත්ගොඩ සේම දියුණු කරන්නම් යයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා කිව්වා. මා ඒ දියුණුව දෙන්නම්.මෙලෙස තරුණ - තරුණියට අනාගතය දෙන්නද? එපාද?සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වැඩිකරගත යුතුයි. මට අවශ්‍ය මුදල් ඇති සංචාරකයන් ගෙන එන්නයි. වතුර බොන සංචාරකයන් ගෙනැවිත් රටට පළක් නැහැ. මෙරට බැංකු මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි. එදා වරාය නගරය අද දකුණු ආසියාවේ ප්‍රධාන මුල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අප කටයුතු කළා. සිංගප්පූරුව-ඩුබායි යන රටවල් පරිද්දෙන් නීති පද්ධති සකස් කරගෙන යනවා.පාසල් අධ්‍යාපනය වසර 13ක් අනිවාර්ය කිරීමට කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව වැඩි කරනවා. අලූතින් ගුරුවරුන් බඳවා ගන්නවා.නාගරික නිවාස, මධ්‍යම පාන්තික නිවාස, උතුරේ නිවාස ආදි ලෙස නිවාස ව්‍යාපෘති රැසක් අද ක්‍රියාත්මකයි. පාක්ෂිකයා මෙන්ම රටත් බලාගත යුතුයි.අද තරුණයන්ගේ දරුවන්ටත් වසර 20කින් පසු හොඳ රටක් අප නිර්මාණය කළ යුතුයි. මේ යන ගමන අනුව නව වෙසක් පෝය දෙකකින් මහින්ද රාජපක්ෂට අඬන්න නම් වේවි.හම්බන්තොට වරාය ගැන දැන් කෑ ගහනවා. හම්බන්තොට වරාය හදන්න මහින්ද රාජපක්ෂ චීනයේ එක්සිම් බැංකුව සමග ගිවිසුම එළැඹුනා. නැවත ණය වෙන්න වසර 20ක කාලයක් වත් එදා ඉල්ලන්න තිබුණා. 2016 සිට ණය ගෙවන බව මහින්ද රාජපක්ෂ කිව්වා.දැන් ඩොලර් කෝටි 30ක පමණ වාරිකයක් වසරකට ගෙවිය යුතුයි. මේ සඳහා රජයට මුදල් නැහැ. මුදල් නොගෙව්වොත් ගිවිසුම අනුව වන්නේ කුමක්ද? කෝටි 1400 ම එකවර අපෙන් අයකර ගන්න පුළුවනි. කෝටි 30ක් ගෙවා ගන්න බැරි රටක් එකවර සියල්ල ගෙවන්නේ කෙසේද?රට ණය උගුලක සිරවී ඉන්න බව සත්‍යයි. ඒ මුදල ගෙවන්න බැරිනම් හම්බන්තොට වරායත්, කොළඹ දකුණු වරායත් ඔවුන් ඉල්ලනවා.2014 වසරේ රාජපක්ෂ රජය එළැඹි තවත් ගිවිසුමකට අනුව චීන සමාගමකට හම්බන්තොටින් කොටසක් සින්නක්කරවම දුන්නා. ණය ගෙවන්නේ අපියි. චීනය ලාභ ගෙන එයින් කොටසක් අපට දෙනවා. එහෙම බිස්නස් කරන්නේ මොන රටේද? එහෙම බිස්නස් නම් කරන්න මමත් කැමැතියි. අගමැතිකමින් ඉවත්ව ජනතාව ණය ගෙවන්න. මා ලාභ ලබන්නම් කියා ඉන්නම්. ඊට පසුව කොළඹ වරාය නගරය කියා කොටසක් අවුරුදු 99 කට බදු දුන්නා. කොටසක් සින්නක්කරවම විකුණා දැම්මා. දැන් එයා හම්බන්තොට වරාය විකුණනවා කියමින් කෑ ගසනවා.මා ප්‍රශ්න තුනක් මහින්දගෙන් අහන්න කැමතියි. මාධ්‍ය ඒ ප්‍රශ්න දාන්න අකමැති වේවි. ඒ මාධ්‍ය මහින්දට උදව් කරන නිසයි.වරාය ඉදිකර වසර 20කින් පසු ගෙවීම් කිරීමට එකඟ වුයේ නැත්තේ ඇයි? 2016 දී ණය ගෙවන බවට පොරොන්දු වූයේ ඇයි? හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම් වලට දී ණය ගෙවීම අප බාරගත්තේ ඇයි? වරාය නගරයෙන් කොටසක් විකුණා අනෙක් කොටස වසර 99 කට බදු දුන්නේ ඇයි?මා හතරවැනි ප්‍රශ්නයකුත් අසන්නම්. එය මාධ්‍යයේ පළ කරනවාද? හම්බන්තොට විකුණනවා කියා ලැජ්ජා නැතිව අද මහින්ද රාජපක්ෂ අඬන්නේ ඇයි? හම්බන්තොට චීන- ලංකා හවුල් ව්‍යාපාරයට බද්දට දී ණය කළමනාකරණය කර ගැනීමට අපට හැකියි.තවත් අපට ගෙවන්න ඉතිරි වී ඇත්තේ කෝටි 3460ක් පමණයි. දැන් අඬන්නේ ණය අඩු කර ගත්තාටද?මේ ප්‍රශ්න හැමතැනදීම අහන්න. මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නිකන් අඬන්න ඉඩ දෙන්න බැහැ. ඒ කාලය ඉවරයි. මා හොඳ ලංකාවක් හදනවා. තරුණයන්ට ජීවත් විය හැකි හොඳ රටක් හදනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ කැලණිය ප්‍රධාන සංවිධායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා‘‘අප කළ දේශපාලන පෙරළිය ශක්තිමත් කිරීම මේ රැුලියේ අරමුණයි. කැලණිය අගමැතිතුමාට නුහුරු ප්‍රදේශයක් නොවෙයි. අගමැතිතුමන්ද දේශපාලනය ඇරැඹුවේ කැලණියෙනුයි.කැලණියේ ජනතාවගෙන් 50% කට හරියාකාරව නිවෙසක් නැහැ. අඩුපාඩු රැසක් තිබෙනවා. ඒ කරදරවල වගකීම බාරගත යුත්තේ රාජපක්ෂ කාලයේ මෙහි සිටි දේශපාලකයන් බව කිව යුතුයි.කැලණිය ජනතාවට විශාල පාසල් ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නවලට ඉදිරියේදී විසඳුම් සෙවිය යුතුයි.අපට මහා සංවර්ධන සැලැස්මක් තිබෙනවා. එදා කැලණියේ දේශපාලකයන් රටම දැනගෙන හිටියා. අල්ලස් ගැනීම, කප්පම් ගැනීමේ සංස්කෘතියක් ඇති කළා. අප මේ රැස්වීම පැවැත්වීමට වත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලූවේ නැහැ.කැලණියේ ජනතාවට දේශපාලකයන්ගේ පිහිට නැතිව තනිව නැඟී සිටින්න හැකි පරිසරයක් මා නිර්මාණය කරනවා.අගමැතිතුමන්ගේ ආර්ථික ඥානය නිසා දැවැන්ත ණය බරින් රට මුදා ගැනීමේ මූලික පියවර ගෙන තිබෙනවා.හැමදාම හිරගෙවල්වල බඩගාන කල්ලියට ගැලපෙන ලකුණ පොහොට්ටුව නොව මාංචු කූට්ටමයි. පොදු ජන මාංචු කූට්ටම් පක්ෂය ඔවුන්ගේ පක්ෂයට හොඳ තමයි.‘‘පාස්පෝට් වංශ’’ වාහන 40ක් නැදෑයන්ට දීලා දැන් හිරේ දාලා. අප දැන් අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. වැරදි කළ අය වන්දි ගෙවිය යුතුයි’’එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා- ‘‘කැලණිය පක්ෂයට මෙන්ම රටටත් ඉතා වැදගත් වනවා. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගියත් ජනතාවට අවශ්‍ය කිසිම දෙයක් වුණේ නැහැ.රාජපක්ෂ යුගයේ සංවර්ධනය එක් පිරිසකට පමණක් සීමා වුණා. යුද්ධය අවසන් වුණත් තම දරුවන්ට සපත්තුවක් අරගෙන දීමටවත් නොහැකි තරමට ජනතාවගේ ආර්ථිකය බංකොළොත් වුණා’’රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් බද්දුම බණ්ඩාර මහතා ‘‘මේ අරඹන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහී ඇරැඹුමයි. මෙරට යුද්ධයට නායකත්වය දුන් යුද ජයග්‍රහණයේ නියමුවා කැලණි පුරවරයට නායකත්වය දෙනවා. එතුමා දේශපාලනයට පිවිසුනේ රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවය ඉටු කිරීමටයි.ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ මෙහි සිටින ජනතාවයි. ආණ්ඩුව හැදුවේ එජාපයේ අයයි.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා‘‘යුද්ධය අවසන් කිරීමට මුල් වූ සරත් ෆොන්සේකා මහතාට එදා අත් වූ ඉරණම මට හොඳට මතකයි. එදා එතුමා දහයයි දහය කාමරයේ ශක්තිමත් මනසින් ජීවත් වුණා. අද කොහොමද? එදා සරත් ෆොන්සේකා | “අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ | 0 |
(අංජුල මහික වීරරත්න)‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප්‍රකාශ කළේය.‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප්රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.මේ සෙනඟ දුටු විට අප ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.ත්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.යාපනය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.වරාය දියුණු වුණාම වරාය ආශ්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප්‍රදේශය කර්මාන්තපුරය වෙනවා. සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ. | “අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ | 0 |
(නිමල කොඩිතුවක්කු)රටේ නිදහස ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකි විණැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (30) පැවැසීය.වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් කළ වැඩ ගැන ප්‍රචාරණය දීම සඳහා ජනතා මුදල් නොයෙදවීමට යහ පාලන ආණ්ඩුව ආරම්භයේ දීම තීන්දුවක් ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට කොළඹ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.වත්මන් රජය යටතේ කර ඇති ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළත් වෙබ් අඩවියක් එළිදැක්වීම ද එහිදී සිදු විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.“2015 ජනවාරි නව වැනිදා සිට අද වෙනකම් අප රටේ විශාල වැඩපිළිවෙළක් ගෙන ගියා. අප රටේ නිදහස් සමාජයක් ඇති කළා. මා ඉදිරියේ සිටින මාධ්‍යයේ සියලු දෙනාත් රටේ සියලුම පුරවැසියනුත් ඒ නිදහස් සමාජය අද භුක්ති විඳිනවා.ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිසියක් නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීම යන සියල්ලක්ම අප ඔබට දී තිබෙනවා.2015 දී මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි ආර්ථිකයක්. ණය බරින් පිරිච්ච ආර්ථිකයට ස්ථාවර භාවය ඇති කිරීමට මට හැකි වුණා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට 2018 දී අපට හැකි වුණා.2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නොවුණා නම් මෙයටත් වඩා එහි අතිරික්තයක් ගන්න අපට තිබුණා. ලබන වසරේ දී ඒ අතිරික්තය ලබා ගැනීමේ අවස්ථාව යළි උදා වෙනවා.අපේ පළමු වැනි අය වැය 2015 පෙබරවාරි ඉදිරිපත් කර ඇති වුණ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරන්න මා කැමතියි.ඒ අනුව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93,726 ක් අප ඇති කළා. ප්රදානය කළ නිවාස ණය ප්‍රමාණය මිලියන 386,000යි. ගම්මාන 2,553ක් අලුතින් බිහි කිරීමට අප සමත් වුණා. ඉන් පවුල් 64,278කට ප්රතිලාභ හිමි වුණා.කොළඹ නාගරික අඩු ආදායම් වෙනුවෙන් නිවාස 3,910ක් අප ඉදිකළා. අධ්‍යාපනය සැමට සහතික කිරීම සඳහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් පාසල් 9,063කට ප්රදානය දුන්නා. සුරක්ෂා රක්ෂණාවරණය යටතේ ශිෂ්‍යයන් 75,850කට ප්රතිලාභ ලබා දුන්නා.2014 වනවිට එන්.වී.කිව්. සහතික පත්‍ර 121,360ක් ප්රදානය කර තිබුණා. 2019 වන විට ඒ සංඛ්‍යාව දෙගුණයක් කරමින් 246,073 කට ඒ සහතික දී තිබෙනවා.සුබ සාධන සහ විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් 2014 වසරේ දී මිලියන 22,226ක් දුන්නා. අද මිලියන 46,100ක් ගෙවනවා. වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් 242,843ක් වෙනුවෙන් එදා දීමනා දුන්නා. අද ඒ ප්‍රමාණය 616,668ක් දක්වා වැඩි කළා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා වෙන් කළ දීමනාව එදා 20,000යි. අද 32,000යි. තවත් විශාල ප්‍රමාණයකට ඒ ආධාර දෙන්න තිබෙනවා.පෝෂණ මල්ල රාජපක්ෂ ආණ්ඩුවේ දී කාටවත් ලැබුණේ නැහැ. අද 274,511ක් සඳහා ඒ පහසුකම් දීලා. සුවසැරිය නොමිලේ පූර්ණ රෝහල් රැකවරණ ගිලන් රථ මගින් 2019 වර්ෂයේ දී 274,544 කට පහසුකම් සපයා දුන්නා.අත්‍යාවශ්‍ය ඖෂධ 48ක් ඇතුළු ඔෂධ දහසකට අධික ප්‍රමාණය සඳහා මිල අවම කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ස්ටෙන්ට් ක්‍රමය සඳහා 2014 දී වන මිල 350,000යි. අද 150,000යි. රජයේ රෝහල්වල මේ සේවාව නොමිලේ දෙන්නත් පියවර ගත්තා.සෞඛ්‍ය සේවා වෙනුවෙන් අප විශාල පියවරක් ගෙන තිබෙනවා. මාතෘ හා ළදරු රෝහල් එදා තිබුණේ 03යි. අද 12ක් දක්වා ඒ ප්‍රමාණය වැඩි කළා. පිළිකා රෝහල් එදා තිබුණේ එකයි. අද ඒ ප්‍රමාණය හයක් දක්වා වැඩි කර තිබෙනවා.නිරෝගී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එච්.අයි.වී. ආසාධනය, වකුගඩු රෝගය ආදී රෝග නිවාරණය සඳහා පියවර රැසක් ගත්තා. විදුලිබල ශක්තිය සහ උත්පාදනය එදා ගිගාවොට් 12,421යි. අද 15,920ක් දක්වා වැඩි කරලා. මොකක් ද මේ ආණ්ඩුව අවුරුදු පහේ කළේ කියා තවමත් සමහරුන් අපෙන් අහනවා. ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 360ක් 2014 දී වැඩි දියුණු වුණා. 2019 දී ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 2,460ක් අප සංවර්ධනය කළා. එදා පරිහරණයට අපහසු මං මාවත් ප්‍රමාණය සීයට 38යි. අද සීයට 21 දක්වා අඩු කරලා.සැමට පිරිසුදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් විශාල අවධානය යොමු කළා. එදා නව ජල පහසුකම් 1,830,137යි. අද වනවිට එය 2,421,218ක් දක්වා වැඩි කළා. එදා පැවති ජල සම්පාදන යෝජනා සංඛ්‍යාව 323 ඉඳන් 372 දක්වා වැඩි කළා.උසස් අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ගණන සීයට 28 කින් වැඩි වෙලා තියෙනවා. නව පීඨ 23ක් සහ විශ්වවිද්‍යාල සඳහා නව අංශ 136ක් අලුතින් ස්ථාපිත කර තිබෙනවා.ප්‍රදේශීය පාලන කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය 2012 වසරේ දී පැවතුණේ සීයට 19යි. අද සියට 25 දක්වා එය වැඩි කරලා. ආගමික සිද්ධස්ථාන 9,850ක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 4,864ක් අප වියදම් කළා.ව්‍යවසායකයන් 40,240ක් සඳහා රුපියල් මිලියන 70,000ක් දීලා. කෘෂි නිෂ්පාදනය ඉහළ නංවමින් අප විශාල පියවර ගෙන තිබෙනවා.2014 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 2,431ක් ලැබුවා. 2018 දී ඒ මුදල ඩොලර් මිලියන 4,380ක් දක්වා වැඩි කළා. සංචාරකයන් පැමිණීම 2014 දී 1,527,153යි. 2018 දී 2,333,796යි.සමෘද්ධි වැඩසටහනින් 2014 දී පවුල් 1,453,078ක් ප්රතිලාභ ලැබුවා. 2019 වර්ෂයේ දී ඒ ප්‍රමාණය 1,808,517ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා වන ගම්පෙරළියෙන් ව්‍යාපෘති 157,219ක් කළා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 44,729ක් වැය කර තිබෙනවා. මෙයට අමතරව ග්‍රාමීය ප්‍රදේශ වෙනුවෙන් තවත් විශාල වැඩකොටසක් කර තිබෙනවා.නීති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ, පළාත් පාලන මැතිවරණ සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික විගණන පනත වැනි නව ප්‍රතිසංස්කරණ අප කළා. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ගැනීමටත්, යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමටත් අපට හැකි වුණා.සෑම වසරකම ඉහළ යන අපනයනය 2014 දී ඇමරිකානු ඩොලර් මිලියන 3,114යි. අද මිලියන 3,490 දක්වා එය වැඩිවෙලා. මේ කාලය තුළ වෙළඳ හා කාර්මික සංවර්ධනය වෙනුවෙන් නිදහස් වෙළඳ ගිවිසුම් හයක් අත්සන් කළා. අපනයනවල ප්‍රගතිය දළ දේශීය නිෂ්පාදනයෙන් 2015 දී සීයට 13 කින් වැඩි වුණා. 2018 දී එය සීයට 20කින් වැඩි වුණා.මේ තොරතුරු කිහිපයක් පමණයි. අප කළ සියලු වැඩ ඉදිරිපත් කළා නම් තව බොහෝ වේලාවක් ගත වේවි. විශාල සංවර්ධනයක් මේ අවුරුදු පහේ දී කළා. ඒක අප රටට දැනුවත් කරනවා.මෙයට පෙර නොවූ විදියේ සංවර්ධනයක් කර තිබෙනවා. මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි රටක්. එහෙම තිබියදීත් වැඩ එකක්වත් අතහැරියේ නැහැ. කරන්න බැහැ කිව්වේ නැහැ. අප සංවර්ධන කටයුතු සියල්ලක්ම කළා.මෙයට අමතරව වැටුප් වැඩි කළා. අනෙකුත් දීමනා වැඩි කළා. මේ සංවර්ධනය පදනම් කරගෙන අපට අනාගතයේ විශාල පිම්මක් ගන්න පුළුවනි. ඒ ගැන මා ආඩම්බර වෙනවා.මේ සංවර්ධනයට සම්බන්ධ වූ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා” යයි ද අග්‍රාමාත්‍යවරයා එහි දී පැවැසීය. | “අපේ රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයාබැලූ කිසිදු ආණ්ඩුවක් නෑ“ | 0 |
(සුජිත් හේවාජුලිගේ, කොලොන්නේ පී.ආර්. ගමගේ, දාපනේ ජයන්ත නානායක්කාර ඇඹිලිපිටියේ සිට...)රට පුරා නැවත බෝම්බ පිපිරීමට පටන් ගත්තේ මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සහමුලින්ම අමතක කර දැමූ නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවැසීය.බුද්ධිමත් ජනතාවක් සිටින මේ සුන්දර දිවයින ආසියාවේ දැවැන්තයකු කිරීම අභියෝගයක් නොවන බව කී රාජපක්ෂ මහතා මේ රට දියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් විද්වතුන් සමග එකතු වී හඳුනාගෙන ඇති බව ද ප්‍රකාශ කළේය.විරැකියාව දුරු කිරීමටත් නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව ද ඔහු කීය.රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ ඇඹිලිපිටිය නව නගරය පොළ භූමියේ දී පෙරේදා (21) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ ජනහමුව අමතමිනි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොලොන්න ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර සනී රෝහණ කොඩිතුවක්කු මහතා ජන රැලිය සංවිධානය කළේය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙයට අමතරව රක්වාන, ගොඩකවෙල, මාදම්පේ හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැති මැතිවරණ ජන රැලිවලට ද සහභාගි විය.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේ ද පැවැසීය.අප එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් අප හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කළා. පාස්කු ඉරුදින නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාවට තැනක් දුන්නේම නැහැ. බුද්ධි අංශ නිලධාරින්, රණවිරුවන් හිරේට දැම්මා. රටේ බෝම්බ පුපුරන්න ගත්තේ මේ නිසයි. අප ත්‍රස්තවාදය නැති කළේ අවුරුදු දෙකහමාරකින්. සුරක්ෂිත රට ගොඩනැගිය හැක්කේ අපට පමණයි.අප අධිවේගී මාර්ග, වරායන් සහ ගුවන්තොටුපළවල් ඇති කළා. කොළඹ ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට පත් කළා. අද රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. මේ නිසා රැකියා ලක්ෂ හතරක් පමණ නැති වුණා. මේ අයට නිසි සැලසුම්ක නැහැ. නිසි දැක්මක් නැහැ. ඒ වගේම ශක්තිමත් කණ්ඩායමක් නැහැ. අප බලයට පත් වී බුද්ධිමතුන් සමග එකතු වී මේ රටේ ප්‍රශ්න හඳුනා ගන්නවා. අපට මේ රට දියුණු කරන්න පුළුවන්. දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන තියෙනවා. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. එවැනි රටක් දියුණු කිරීම අපහසු නැහැ.අප අධ්‍යාපනයට වැඩිම ආයෝජනය කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. තොරතුරු තාක්ෂණ අංශයෙන් අපට ලොකු දියුණුවක් අත්කර ගන්න පුළුවන්. රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරන්න පුළුවන්.අපට මේ රටේ කෘෂිකර්මාන්තය අමතක කරන්න බැහැ. රටින් සහල් එනකම් අපිට බලාගෙන ඉන්න බැහැ. රට සහලින් ස්වයං පෝෂිත කරනවා. අප ගොවි ණය කපා හරිනවා. ගොවීන්ට පොහොර ටික නොමිලයේ දෙනවා. අප කිසිම භෝගයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයකු කළ යුතුයි. ගොවියාගේ ආදායම් වැඩි කිරීමට කටයුතු කරනවා.දේශිය ව්‍යාපාර නැංවීමට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්දත් අඩු කරනවා. විරැකියාව දුරු කරන්නත් අපට වැඩපිළිවෙළක් තියෙනවා. මම ඔබලා පවරන වගකීම උපරිම ශක්තියෙන් ඉටු කරනවා. සුරක්ෂිත, සෞභාග්‍යමත් රටක් ඔබලාට ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:ඇඹිලිපිටිය මට අමුතු තැනක් නොවෙයි. මෙතැන එදා තිබුණේ මඩ වළක්. මම ගෝඨාභයට කිව්වම එතුමා මේ ලස්සන ගොඩනැගිල්ල හදලා දුන්නා. මේ පැත්තෙ තරුණයන් කී දෙනකු එදා මරල දැම්ම ද? සූරියකන්ද ඔබට මතක ඇති. ඔබලාට මැරිච්ච ගාණ මතක ද? කවුද මැරුවේ. ප්‍රේමදාස ආණ්ඩුව. ආපහු ප්‍රේමදාස ආණ්ඩුවක් ඕන ද? තරුණයන්ට ජීවත් විය හැකි යුගයක් උදා කළ යුතුයි. අපේ කාලයේ රටේ බෝම්බ පිපිරුවේ නැහැ. පල්ලිවලට බෝම්බ ගහලා හාරසිය ගණනක් මැරුණා. මේ ආණ්ඩුව බෝම්බ පුපුරනකම් බලාගෙන හිටියා. අද මිනිසුන්ට පල්ලි යන්න, පන්සල් යන්න, කෝවිල් යන්න බයයි. මුස්ලිම් ඡන්ද නැතිවෙයි කියලා කිසිම අපරාධකරුවෙක් ඇල්ලුවේ නැහැ. අද ජාතියක් බයවෙලා රටක් බයවෙලා.සජිත්ගේ ඩයිනමෝව හොඳයිලු. දැන් කළ යුත්තේ දේශපාලන විහිළු නොවෙයි. ගෝඨාභය වැඩ කරන්න පුළුවන් නායකයෙක්. මම ගෝඨාභය පත් කළේ සියලු දෙනාගෙන් අහලයි. අපි කරපු සෑම වැඩක්ම අද ආපස්සට හැරිලා. හයිවේ එක නැවතුණා. හම්බන්තොටට ගුවන් තොටුපළ, වරාය ආවම දියුණු වුණේ මේ ප්රදේශයි. මෙය සශ්‍රික ආසනයක්. අද කුරුඳු කීය ද? පැඟිරි කීය ද? අද බී ලූනු කොහොම ද? ලූනු කනව ද?එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝ අද අපේ පැත්තට එනවා. සියයට 70කට වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය දිනවන්න කියලා මම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපට එකතු වුණා. ඒනිසා සියයට 70ට පහසුවෙන් යන්න පුළුවන්. මේක වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ බැරි පුද්ගලයකුට මේ රට දීලා වැඩක් නැහැ.මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-ගුරුකන්ද නායක හිමියන් විහාර භූමියේ ආදාහනය කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මෙහෙම වෙද්දී සජිත් මොකද කළේ කියලා මම අහනවා. අද වෙළඳාම කඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා. කඩා වැටුණු රට ගොඩගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකියාව තියෙනවා. ඔබගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂට දෙන්න සංවර්ධනය ඉහළ ගියේ මහින්ද යුගයේදීයි.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:-සජිත් ප්‍රේමදාස අද දූෂිතයන් ගැන කතා කරනවා. ඔහු අද ඉන්නේ දූෂිතයන් පිරිවරාගෙනයි. ඒ සියලු දෙනාගේ දූෂිත ගනුදෙනු ඔහු දන්නවා. දුප්පතාගෙන් බදු ගැනීම සියයට 85 දක්වා වැඩි කළා. පොහොසතුන්ගේ බදු සියයට 15 දක්වා අඩු කළා. ඔය සජිත් මේවාට විරුද්ධව කටක් ඇරිය ද?ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-ගෝඨාභය කියන්නේ අන්තවාදය පොඩි පට්ටම් කළ හැකි නායකයෙක් රටට සුරක්ෂිතභාවය දෙන නායකයෙක්. රට පාවා නොදෙන නායකයෙක්. එවැනි නායකයකු ප්‍රසූත කරන්න මවුබිම විළිරුදාවෙන් පෙළෙන මොහොතක්. වින්නඹුකම් කිරීම ඔබට බාරයි. සහරාන්ලාට යට නොවන නායකයකු අපට අවශ්‍යයි. මව් පොළව එක නීතියක් යටතට ගේන නායකයකු අද අපට අවශ්‍යයි. අපේ උරුමයට පණ දෙන නායකයකු මේ මව් පොළව අද ඉල්ලනවා. අද තියෙන්නේ කඳවුරු දෙකයි. රට රැක ගත්තු කඳවුර අපේ කඳවුරයි. අනෙක් කඳවුර සහරාන්ලාට පණ දීපු එකයි ත්රස්තවාදීන්ට පණ දීපු කඳවුරයි. ටයර් සෑයවල් ගෙනාපු කඳවුරයි. අපේ ලී ක්වාන් යු ගෝඨාභය රාජපක්ෂයි. අපේ මහතිර් මොහොමඞ් මහින්ද රාජපක්ෂයි.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා:-ලබන 17 වැනිදා ගෝඨාභය රාජපක්ෂ නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. සෑම මැතිවරණයකින්ම රත්නපුර ජයග්‍රහණය කරනවා. අද මේ රටේ ආර්ථිකය පිරිහිලා. හැම අංශයකින්ම පිරිහිලා. අද ගම්මිරිස් ගොවියා හාන්සියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී ගොවියාට සියලුම සහන දෙනවා.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටේ ආර්ථිකය විනාශ කර දැමුවා. අප මේ රටේ කරපු සංවර්ධනයත් විනාශ කර දැම්මා. අද ගම්මිරිස් මිල කීය ද? අප රත්නපුරයට අධිවේගී මාර්ග ගේන්න ලැහැස්ති කරලා තිබුණේ. වැඩිහිටි ගිණුමෙනුත් රුපියල් සියයක් කපපු ආණ්ඩුවක්. පල්ලිවලට බෝම්බ ගහද්දී මේ ආණ්ඩුව බලාගෙන හිටියා. රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් බුරුතු පිටින් හිරේට දැම්මා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය.ඇල්පිටිය ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සියයට විසි හතරට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණාම අපේ ප්‍රතිශතය සියයට හැත්තෑවයි. ඇල්පිටිය වගේම තමයි ඇඹිලිපිටිය මහින්ද මහත්තයා දීපු පොහොර සහනාධාරය මේ අය ඇවිල්ලා කපා දැම්මා. වගකීමක් ගන්න බැරි ආණ්ඩුවකට රට බාර දෙනවා ද? පිටරටින් ගම්මිරිස් ගෙනවිත් අපේ ගම්මිරිස් වගාව විනාශ කර දැම්මා. තරුණයන් දහස් ගණනක් ටයර් සෑයේ යැව්වේ ඔය පුතාගේ අප්පොච්චියි.රත්නපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා:-තව දින විසි පහකින් මේ යහපාලන රජය පෙරළා දමනවා. රත්නපුර ගෝඨාභයට තියෙන්නේ ස්ථාවර ගිණුමක්. නොවැම්බර් 17 වැනිදා යන්න ලැහැස්ති වෙයල්ලා කියලා අප සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට කියනවා. කරපු වැරදිවලට දඬුවම් විඳින්නත් සූදානම් වෙයල්ලා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා:-ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටට කරපු සේවය අප කවුරුත් දන්නවා. මහින්ද යුගයේ සිදුවුණු සංවර්ධනයත්, අප කවුරුත් දන්නවා. කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඔහු කරපු සංවර්ධන වැඩවලින් කිහිපයක්. මහ බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ පාලනයයි.කොලොන්න ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා.ඔබලාගේ දහදියට නියම වටිනාකම දුන්නේ මහින්ද රාජපක්ෂයි. අප කොලොන්න ආසනය එදා දිනවූයේ වැඩි ඡන්ද තිස්හය දහසකින් අප මෙවර ගෝඨාභය දිනවන්නේ ඊට වැඩි ලොකු ශක්තියකින්. | “බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ | 1 |
(සුජිත් හේවාජුලිගේ, මහරගම ගාමිණී සරත් ගුණවර්ධන හා කැස්බෑව ජී.එස්.එම්. කහටපිටිය)තමාද රාජ්‍ය සේවකයකු හෙයින් රාජ්‍ය සේවකයා විඳින දුක් ගැහැට, ඔවුන් විඳින අපහසුතා අන් කාටවත් වඩා තමා හොඳින් දන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මහරගමදී පෙරේදා (30) පැවැසීය.තමා එදා රාජ්‍ය නිලධාරින්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවේ යැයි කී රාජපක්ෂ මහතා තම රජයක් යටතේ රාජ්‍ය ආයතනවලට ඉදිරියේදී පත් කරන්නේ දක්ෂ කාර්යශූර අය පමණක් යැයිද ප්‍රකාශ කළේය.කුළල් කා ගත්තා මිසක මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන සත පහකට මායිම් නොකළ බවද ඔහු කීය.රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ මහරගම නගරයේදී පෙරේදා (30) පස්වරුවේ පැවැති මැතිවරණ ජනහමුවේදීය.විශාල පිරිසක් වර්ෂාව මැද්දේ රැස්වීමට සහභාගි වූහ.ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.00 ට පමණ රැස්වීම් භූමියට පැමිණි අතර මේ අවස්ථාවේදී ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.තිරසර සංවර්ධනය ඇති කිරීමට අප අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට ඉදිරිපත් කළා. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොවෙයි. ඉටු කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අප මේ ප්‍රතිපත්ති හැදුවේ විද්වතුන් බුද්ධිමතුන් සමග අවුරුදු ගණන් සාකච්ඡා කරලයි. අපි ඇති කරන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඒකීය භාවය තහවුරු කරන රජයක්.යුද්ධයෙන් පසුව අප රටේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. රටේ තවදුරටත් බෝම්බ පිපිරීම් නතර වුණේ ඒ නිසයි. අපි කොටි නායක කේ.පී. පිටරට ඉඳලා අල්ලාගෙන ආවා. එදා බුද්ධි අංශවල චිත්ත ධෛර්යය ඉහළම තැනක තිබුණා. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සියලු තොරතුරු මේ රජයට කල්තියා ලැබිලා තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප්‍රහාරය වළක්වන්න අසමත් වුණා. අසමත් රාජ්‍යයක්. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. රණවිරුවන් බුරුතු පිටින් දංගෙඩියට ගෙන ගියා. අප ඇති කළ ආරක්ෂාව මේ අය පැමිණ නැති කළා. අප බලයට පැමිණ මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා.එදා අප ටී.අයි.ඩී., සී.අයි.ඩී. පාවිච්චි කළේ ත්‍රස්තවාදය හිස එසවීම නැති කරන්නයි. නමුත් මේ ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නයි. රටේ ජාතික ආරක්ෂාව නැතිවුණේ මේ නිසයි.අප යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගියා. පාරවල් හැදුවා. නව නගර හැදුවා. අප හදපු මත්තල ගුවන් තොටුපළේ වායු සමීකරණ කාමරවල මේ අය වී ගබඩා කළා. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට කටයුතු කරනවා. සියලු ව්‍යාපාර අද කඩාවැටිලා. ඒවාට තේරුමක් නැති බදු පටවලා. අප රටේ අනවශ්‍ය බදු සියල්ල ඉවත් කරනවා. ජනතාවට ගෙවිය හැකි පහසු බදු ක්‍රමයක් ඇති කරනවා.සමස්ත ව්‍යාපාර ප්‍රජාවම අද ණය බරින් පීඩාවට පත්ව සිටිනවා. අප ඒ අයට ඉදිරියේදී සහන දෙනවා. සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් වර්ධනය කරනවා.මේ ආණ්ඩුව ලංකාවේ තේ වෙළෙඳපොළ බිමටම වැට්ටුවා. සිලෝන් ටී නාමය අද හෑල්ලුවට පත් වෙලා. වැරදි ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම නවත්වනවා. වැවිලි ආර්ථිකය දියුණු කරනවා. අපේ රටේ බුද්ධිමතුන් ආර්ථික වර්ධනය සඳහා මෙහෙයවිය යුතුයි. අප තාක්ෂණය මුල්වුණු ආර්ථිකයක් හදනවා.ඒ වගේම අධ්‍යාපනයට විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. කාර්මික හා තාක්ෂණ විද්‍යාල අලුතින් පටන් ගන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඉඩ හසර ලබා දෙනවා.අප ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම මොකක්ද කියලා බලන්න ඕන. නුපුහුණු අය පිටරට යවනවාට වඩා නිපුණත්වය දී යැවීම වැදගත්. එතැනදි වැඩි වේතනයක් ලබා ගැනීමට හැකි වෙනවා.රාජ්‍ය සේවකයාගේ අපහසුකම් මා දන්නවා. මා එදා රාජ්‍ය සේවකයා දිරිමත් කළා. එදා කොළඹ හැදුවේ පිටින් ඇවිත් නොවෙයි. අප රාජ්‍ය නිලධාරීන්ට දුන්නේ දේශපාලන ඉලක්ක නොවෙයි.රාජ්‍ය ව්‍යාපාර රැසක් වැරදි කළමනාකරණය නිසා අද පාඩු ලබනවා. අප මේ ආයතනවලට පත් කරන්නේ දක්ෂ අය විතරයි. රාජ්‍ය දේපල පුද්ගලික අංශවලට විකුණන්න බැරි නීති ගේනවා. අප නිලධාරීන්ට ඉලක්ක දෙනවා. අප අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් තට්ටු නිවාස ඇති කළා. දැන් ඒ වැඩ ඇනහිටලා. ජනතාවට පහසු මිලට නිවෙසක් ලබා ගැනීමට අවස්ථාව ඇති කරනවා.පැහැදිලි දැක්මක් අපට තියෙනවා. අපි අභියෝග බාරගෙන ඒවා ඉටු කරපු අය. මා කෙරෙහි විශ්වාසය තියන්න. මා ඔබලාට සුරක්ෂිත රටක්, අභිමානවත් දේශයක් ගොඩනගනවා.ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:-මහා ජයග්‍රහණයකට පෙළගැසෙමින් සිටින මොහොතක්. නොවැම්බර් 16 වැනිදා ලක් ඉතිහාසය අලුතින් ලියවෙනවා. ගෝඨාභය රට වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඔහු විනයගරුක වැදගත් නායකයෙක්. විරුද්ධ පක්ෂයේ කිසිම අයකු විවේචනය කළේ නැහැ. රට කඩාවැටුණේ රනිල් සජිත් යුගයේදීයි. රටේ ඒකීය භාවය රැකිය හැක්කේ ගෝඨාභයටයි. පාලන තන්ත්රය ආණ්ඩුක්‍රම නාඩගමක් බවට පත් කළා.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-මේ රටට අද ඉන්නේ විදේශයන්ගේ පදයට නටන නායකයකු නොවෙයි. මේ ආණ්ඩුව ඇවිත් එක පාරක් හැදුවෙ නැහැ. සහරාන්ලා හැදුවේ මේ ආණ්ඩුවයි. රට ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතාණෝ සනීපාරක්ෂාව දෙන්න යනවා. මේ ආණ්ඩුව ඇවිත් දුප්පතාට බඬේ පාර හැදුවා. සනීපාරක්ෂක තුවාවල බද්ද වැඩි කළේත් මේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයාට කනේ පාර දුන්නා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:-පාස්කු ඉරුදින සිද්ධියට අපේ අයත් ගාවල මඩ ප්‍රහාරයක් ගහන්න සූදානම් වෙනවලු. ඒ ප්‍රහාරයේ වගකීම මේ රජය බාරගත යුතුයි. රජයේ හිටපු සජිතුත් ඊට වග කියන්න ඕන. මහ බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල්.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:-යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු ආරම්භ කළේ මහ බැංකුව කොල්ලකාලයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට බෙදුම්වාදයට ගෙන යන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ත්‍රස්තවාදය, අන්තවාදය පෝෂණය කළේ මේ ආණ්ඩුවයි. පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතිවුණේ මේ නිසයි. මේ ආණ්ඩුව යටතේ ලක්ෂ හතරකගේ රැකියා නැතිවුණා. බුද්ධි අංශවල තුන්සිය විසි දෙනෙක් හිරේට දැම්මා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:-අද සජිත් බදුබර ගැන කිඹුල් කඳුළු හෙළනවා. රණවිරුවන්ට ගැහුවේ මේ ආණ්ඩුව කියලා අද සජිත් දන්නෙ නැහැ. සජිත්ට මේ රට ගියොත් අගමැති මමයි කියලා අද රනිල් ප්‍රකාශ කළා. එතකොට සජිත් සිග්නල් කණුවක් විතරයි. සියයට 37 ට වඩා අරගෙන පෙන්වන්න කියලා මම සජිත්ට අභියෝග කරනවා. අද සජිත් කවටයන් අතර පෙරමුණට ඇවිල්ලා. අවුරුදු දෙකෙන් කොටියා නැති කළේ ගෝඨාභයයි. හතරේ ගණන් දන්නෙ නැති සජිත්ට ආචාර්ය ගෝඨාභය සමග මොන විවාදද?කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා:-ගෝඨාභය ජයග්‍රහණය කරවන්න අද සියලු දේශපාලන පක්ෂ එකතුවී සිටිනවා. ගෝඨාභය දිනවන්න අද රටම එකතුවී සිටිනවා. විජයදාස රාජපක්ෂත් ගෝඨාභයට සහය දෙන්න ඉදිරිපත් වුණා.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:-ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් පාලනයට සුදුසු නැහැ. මේ රටේ ත්‍රස්තවාදය නැති කිරීමට අණ දුන් එකම නායකයා මහින්ද රාජපක්ෂයි. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට හැකි රටක් නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි. මේ ආණ්ඩුවට රුපියල ආරක්ෂා කරන්නත් බැරිවුණා. මුදලට අගයක් දෙන්න බැරි ආණ්ඩුවක්. මහ බැංකුව මහ දවල් කැඩුවා.පොලී අනුපාතය කරටි කඩලා යනවිදියට වැඩිවුණා.පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා:-මේ මැතිවරණයේදී සියලු දෙනා එක වහළක් යටට ගේන්න අපට හැකිවුණා. සහරාන් බෝම්බ පුපුරවන කොට ඔබලාට මතක් වුණේ මහින්ද-ගෝඨායි. ආරක්ෂක ලේකම් සත පහක් වංචා කළ අයකු නොවෙයි. රාජ්‍ය සේවයට ගෞරවයක් දුන්නේ ඔහුයි. කොළඹ පැල්පත් නැතිකළා. ගෝඨා හිටියා නම් මේ වෙනකොට ගෙවල් 35,000 ක් හදලා ඉවරයි.කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-මේ ආණ්ඩුවේ ඉන්නවා අයන් මෑන්. දැන් අලුත්ම කෙනා පෑඞ් මෑන්. 13 වැනිදා වෙනකොට මෙයා තව මොනවා ගෙනත් දේවිද දන්නෙ නැහැ. ජනාධිපති අපේක්ෂකයකු ගන්න වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නේ ගෝඨාභයයි. සජිත් ආණ්ඩුවේ අගමැති මමයි කියලා අද රනිල් කියනවා. මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා කිව්වේ මංගලයි. 16 වැනිදා සජිත් එක්ක මංගලත් ගෙදර යවනවා. අද මහරගම ජන ගඟක්.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි:-එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ රනිල්ගේ පඹයෝ ටිකක් විතරයි. සජිත් කියන්නේත් එක පඹයෙක් විතරයි. ඔහුට කිසිම දැක්මක් නැහැ. රට අද බරපතළ අර්බුදයකට ලක්ව සිටිනවා. සෝෆා ගිවිසුම අත්සන් කරනවාට කැමතිද නැද්ද කියලා සජිත් ප්‍රකාශයක් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම අස්සන් කළේ පිටරට ජාවාරම්කරුවන්ට මෙරටට පැමිණීමටයි. මේ රට ගොඩනැගිය හැකි නායකයා ගෝඨාභයයි. තවම මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. කඩදාසි ටික එන්නෙත් පිටරටින්. සජිත් සිංගප්පූරු ගිවිසුම ගැන එක වචනයක් කතා කළේ නැහැ. රනිල්, සජිත්, මලික් මුළු පෙරමුණම පරාජය කරනවා. සිගරට්, අරක්කු දෙකටම බිලියනයක් වියදම් කරන රටක්. මේක නවත්වන්න රටට ආදරය කරන නායකයකු ගේන්න ඕන. රාජ්‍ය භාණ්ඩාගාරය හිස්. නමුත් සජිත් අරවා දෙනවා මේවා දෙනවා කියලා බොරු කියනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා:-මහරගම ප්‍රදේශයේ ජීවත්වන්නේ උගත් ජනතාවක්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ හත්වැනි විධායක ජනපති වශයෙන් පත්වීම ස්ථිරයි. මහරගම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මේ යහපාලන රජය කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද යුගයේ අලුත් රක්ෂා නව ලක්ෂයක් බිහි කළා. තිබුණු රක්ෂා ලක්ෂ හතරක් මේ රජය යටතේ නැවතුණා. අද පොලී අනුපාතය සියයට හැටකින් අඩුවෙලා. සමාගම් වහනවා. ව්‍යාපෘති නතර වෙලා. ඩොලරය අද රුපියල් 184 යි. අද උපාධිධාරීන්ට රැකියා නැහැ.ගෝඨාභය රට වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. අද හමුදාපති පත් කරන්න උපදෙස් දෙන්නෙත් විදෙස් රටවල්. ගෝඨාභය කියන්නේ ප්‍රතිඵල පෙන්නූ නායකයෙක්. ඔහුගේ එඩිතර නායකත්වය රටට අවශ්‍යයි. මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකත්වයක් අවශ්‍යයි. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ඔහු දිනවන්නැයි මහරගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් සභා හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී කතා කළහ. | “බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ | 0 |
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හා අපේ අපේක්ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්ෂේත්රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැහැ.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ. | “බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ | 0 |
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්රස්තවාදීන් විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා. වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි ආණ්ඩුව කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම. ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන් කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය, අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා: ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා. රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්රජාතන්ත්රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. | “බෝම්බ පිපිරීමට පටන්ගත්තේ ජාතික ආරක්ෂාව අමතක කළ නිසයි “ | 0 |
(හසිත රංග ගුණතිලක)“දේශපාලනීකරණයට ලක්ව ඇති ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සියල්ල මා නිර්දේශපාලනීකරණය කරන්නේ යැයි” නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.විශේෂ ආරක්ෂක ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවා එමගින් සෑම රණවිරු පවුලකම ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් දෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.“ප්‍රතිවාදී අපේක්ෂක මෙන් රණවිරුවන්ව වැරදි වැඩවලට යෙදවීමට කිසිදු සූදානමක් නැතැයි” ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ‘විරු පවුර’ විශ්‍රාමික රණවිරු හමුව අමතමිනි.ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ හමුවට රටපුරා සිටින විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.ත්‍රිවිධ හමුදාව - පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශවල සුබසාධනය සඳහා මගේ රජය මූලිකස්ථානය දෙනවා. නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් නිසයි.මගේ නව රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව පත් කිරීමට ගත් තීරණය එලෙසින්ම ඉටු කරනවා.රට ගොඩනගන්න නම් රට දියුණු කරන්න, රට ශක්තිමත් කරන්න නම් පාලකයින් දක්ෂ හපන්කම් ඇති නිපුණතාව අගයන කාර්ය ශූර පුද්ගලයින් විය යුතුයි. එළැඹෙන නොවැම්බර් 16න් පසු මා නිර්මාණය කරන නව රජය මූලික තැනක් දෙන්නේ කුසලතාව හැකියාව සහ දක්ෂතාවට පමණයි.චණ්ඩි නැතිව තනතුරු තානාන්තර දෙන්නේ පෞද්ගලික හිතවත්කම් මත යාලු හිතවත්කම් මත හෝ ඥාති හිතවත්කම් මත හෝ නොවෙයි. ආරක්ෂක අමාත්‍යධුරය සරත් ෆොන්සේකා මහතාට දීමත් සමග එය තහවුරුවනවා.මෙරට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ ඔවුන්ගේ හැකියාව සහ කුසලතාව මැනවින් ඔප්පු කර තිබෙනවා. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා රණවිරුවන් ඇස්, ඉස්, මස්-ලේ ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනු ලැබුවා. පවුලේ සාමාජිකයින් පසෙකලා රට රැක ගැනීමට රණවිරුවන් කළ සේවය සදා අමරණීයයි.රටේ නිදහසේ නිර්මාතෘවරුන් වන්නේ රණවිරුවෝයි. මාතෘභූමිය සුරක්ෂිතව රැක ගැනීමට නිබඳවම මා කැප වනවා.වර්තමානයේ දී රටක් ලෙස මුහුණ දෙන අභියෝග හේතුවෙන් ආරක්ෂක අංශ තවදුරටත් සන්නද්ධ කළ යුතුයි. නවීකරණය කළ යුතුද වෙනවා. වැඩි වැඩියෙන් පුහුණු කළ යුතු වෙනවා.ඒ සඳහා නවීන යුධෝපකරණ සහ නව තාක්ෂණය ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලට දිය යුතුයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීමෙන් එය කළ හැකියි.වෘත්තිකයින්ට මුල් තැන දී රට මෙහෙයවන්න මා බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක අංශවලට යුතුකම් ඉටු කරනවා සේම රට ආරක්ෂා කිරීමට ඔවුන්ට හොඳ මානසිකත්වය තිබිය යුතුයි.ආරක්ෂක අංශවල රැකියා පිළිබඳව හොඳ තෘප්තිමත් සැනසීමක් තිබිය යුතුයි. රණවිරුවන් ඇතුළු ආරක්ෂක අංශවලට රැකියාව ගැන ආසාව ඇතිවන්නේ එවිටයි. ඒ නිසා ආරක්ෂක අංශවලට දිය හැකි සියලු සහන පැකිලීමකින් තොරව ඔවුන්ට මා දෙනවාතිස් වසරක යුද්ධයට මුල්වූ සක්‍රීය සේවයේ සිටින රණවිරුවන්ට සහ විශ්‍රාමික රණවිරුවන්ට කෙලෙහිගුණ දැක්වීම ආණ්ඩුවක් ලෙස මා ඉටු කරනවා. ආරක්ෂක අංශවල සුබසාධක මෙන්ම රැකවරණයට මුල් තැන දෙනවා.පසුගිය ආණ්ඩු සමයේදී රණවිරු සුබසාධනය කරන මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අහිංසක රණවිරුවන්ගේ වැටුපෙන් මුදල් කපාගත්තා. රණවිරු සුබසාධනය වෙනුවෙන් එකතු කළ මුදල් රණවිරුවන්ගේ සුබසාධනය සඳහා ඉකුත් ආණ්ඩුව යෙදවූයේ නැහැ.කැකිරාව - ඉපලෝගම, රණජයපුර රණවිරු ගම්මානය ඊට හොඳ උදාහරණයයි. යුද්ධයේදී කළ අසීමිත සේවාව වෙනුවෙන් රණවිරුවන්ට රාජ්‍ය උත්සව පවත්වා නොමිලේ නිවාස දී තිබුණ ද පසුව රණවිරු වැටුපෙන් හා විශ්‍රාම වැටුපෙන් නිවාස සඳහා ලක්ෂ අටක මුදල ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත රණවිරුවන්ගෙන් අයකර ගත්තා.ඔවුන්ගේ දේශප්‍රේමීත්වය එයයි. මා බලයට පත්වූ පසු ඉපලෝගම ඇතුළු රටපුරා අසාධාරණයට ලක්ව සිටින රණවිරුවන්ට සාධාරණය ඉටු කරනවා.පසුගිය ආණ්ඩුවේ නායකයින් රණවිරු අරමුදල් පිහිටුවා තිබෙන්නේ රණවිරු සුබසාධනයට නොව ඔවුන්ගේ පෞද්ගලික සුබසාධනය සඳහායි.පසුගිය වසර හතර හමාරක පමණ අපේ ආණ්ඩුව රණවිරු අධිකාරියත් සමග ඒකාබද්ධව නිවාස සංවර්ධන අධිකාරිය ‘විරු සුමිතුරු’ නමින් රණවිරුවන්ට නොමිලේ ඉඩම් දුන්නා. වෙනත් රණවිරුවන්ට නිවසක් සාදා ගැනීම සඳහා ණය නොව මුල්‍යාධාර දුන්නා.එමගින් මා රණවිරුවන්ට කෙළෙහිගුණ දැක්වුවා.සක්‍රීය සේවයේ සිටින රණවිරුවන්ට පමණක් නොව විශ්‍රාමික රණවිරුවන්ටත් වැඩි ප්රතිලාභ රැසක් මා දෙනවා. එමගින් රණවිරුවන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනු දැකීම මාගේ එකම සතුටයි.යුද්ධයේදී ජීවිත අහිමි වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ගතානුගතික රාමුවෙන් පිටතට ගොස් මා උදව් කරනවා.යුද්ධයේදී ශරීර ඉන්ද්‍රියන් අහිමිව විශේෂිත හැකියාව ඇති රණවිරුවන්ව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැකබලා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. දේශපාලනයට වඩා එය මනුස්සකමයි. එමෙන්ම මිනිසාගේ පරම යුතුකමයි.මනුස්සකම අගයන යුගයක් මා නිර්මාණය කරනවා. මහපොළොව මත එය යථාර්ථයක් බවට පත් කරනවා.ආරක්ෂක අංශ ශක්තිමත් නොකර කිසිම රටකට පැවැත්මක් නැහැ. මාගේ නායකත්වය යටතේ ආරක්ෂක අංශ අඩපණ වීමට කිසිදු ඉඩක් නැහැ. ඒකීය ශ්‍රී ලංකාව වන සංකල්පය මා ඉදිරියට ගෙන යනවා.දේශපාලන වාසි ගැනීමට විපක්ෂයේ කල්ලි කණ්ඩායම් බොරු ගිවිසුම් දේශපාලන කරළියට ගෙන එනවා. රණවිරු ඔබට ඉතා පැහැදිලිව මා කියනවා කුමන ආකාරයකටවත් රට, අපේ මාතෘභූමිය පාවා දෙන ගිවිසුම් කිසිවකටත් මාගේ නායකත්වය යටතේ එකඟ නොවන බව. ඔබ ඉදිරියේ සහතික වනවා.ඕනෑම පක්ෂයකට, ඕනෑම කණ්ඩායමකට කොන්දේසි ඉදිරිපත් කළ හැකියි. එය ඕනෑම පක්ෂයක අයිතියක්. එහෙත් මා කවදාවත් කොන්දේසිවලට යට වන්නේ නැහැ.බුදු දහමට මුල්තැන දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහම සුරක්ෂිත කරනවා. එසේම අනෙකුත් ආගම්වලට හිමි නිසි තැන එලෙසින්ම දෙනවා. දේශප්‍රේමීත්වය යනු එයයි.ප්‍රතිවාදී කණ්ඩායම යුද්ධයේදී රණවිරුවන්ට ලැබිය යුතු ගරුත්වය සින්නක්කරවම තමන්ට ගන්න උත්සාහ කළා. සත්‍ය කවදා හෝ හෙළි වන බව මාගේ පියාණන් පැවසුවා.පසුගිය දිනක ප්‍රතිවාදී අපේක්ෂකයා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවේදී එය සනාථ වුණා. යුධ සමයේ ක්‍රියාකාරකම් පිළිබඳව විදේශ මාධ්යවරියක් එහිදී ප්‍රතිවාදී අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කළා. රටට නායකත්වය දෙන්න ඉන්න ඔහුගේ පිළිතුර වූයේ හමුදාවේ වගකීම ආරක්ෂක ලේකම්වරයා හෝ එවක ජනාධිපතිට හෝ බාර නොවූ බවයි.විපක්ෂයේ සැබෑ ස්වරූපය නම් අසීරු අවස්ථාවන්හි රණවිරුවන් තනිකොට ඔවුන් පාවා දීමයි. රණවිරුවන්ව විදුලි පුටුවට ගෙනියන බවටත්, රණවිරුවන්ව විදෙස් යුද අධිකරණවලට ගෙන යන බවටත් වසර හතරක සිට යටි ගිරියෙන් කෑගහන දේශප්‍රේමීන් රණවිරුවන්ට මුවාවී තමනගේ ප්රතිරූප පුම්බා ගන්න හදනවා.කෙසේ වෙතත් අප දැන සිටි පරම සත්‍ය වන යුද්ධයට සැබෑ ලෙස නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාට ප්‍රතිවාදී අපේක්ෂකයාගේ මාධ්‍ය හමුවේදී ඔහු විසින්ම එහි ගරුත්වය ෆොන්සේකා මහතාට දුන්නා.රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ රටේ සේනාධිනායකයායි. එහෙත් ඔහුත් අනෙක් අයට බෝලේ පාස් කරමින් සිටියා.රණවිරුවන්ගෙන් වැඩ ගෙන යුද ජයග්‍රහණ සින්නක්කර ලියාගෙන එහි ගරුත්වයත් තම පවුලෙන් පිටට යා නොදී අසීරු අවස්ථාවන්හි රණවිරුවන් පාවාදී අත පිසදා ගැනීම් වැඩ සජිත් ප්‍රේමදාස ගාව නැහැ.ප්‍රතිවාදී අපේක්ෂකයාගේ බියගුළුකමත්, වගකීම් විරහිත බවත් ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවෙන් රටටම පෙන්වූවා.රණවිරුවන් ගැන තවදුරටත් කතා කරන්නට ප්‍රතිවාදී අපේක්ෂකයා ඇතුළු විපක්ෂයට අයිතියක් නැහැ. රණවිරුවන්ව යොදාගෙන මහපාරේ කානු සුද්ධ කෙරෙව්වා. පාරවල් අතු ගාන්න යෙදෙව්වා. රජතුමාගේ කුමාරවරුන්ට වාහන රේස් පදින්න දළදා මාලිගාව ඉදිරිපිටට වැලි කොට්ට ඇද්දෙව්වා.දළදා මාලිගාව ඉදිරිපිටට රුසියානු කාන්තාවන් ගෙන්වා සංගීත සංදර්ශන පැවැත්වුවා. මේ කිසිවක් ජනතාවට අමතක නැහැ. ප්‍රතිවාදීන්ගේ බෞද්ධකම මෙයයි. බෞද්ධ නායකත්වය ඉහත ක්‍රියාකාරකම් රට තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙත් බෞද්ධ යැයි කියා ගන්නා නායකයන් රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසුවා.කිසි විටකත් රණවිරුවාගේ ගරුත්වය මා නැති කරන්නේ නැහැ. රණවිරුවන් නොවන්න අද අපට රටක් නැහැ. රණවිරුවන් ගැන අසීමිත ආදරයක් මට තිබෙනවා. රට දැය බේරා ගත් සැබෑ රණවිරුවන් සිටින්නේ මා සමගයි.දසරාජ ධර්මය උපයෝගී කර ගනිමින් සොඳුරු මානව හිතවාදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට මා කැපවෙනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව ශක්තිමත් කර සියලු ජාතීන්ට එකට සිටිය හැකි රටක් හදනවා. ත්රස්තවාදයට යොමු වූ තරුණයන්ව පුනරුත්ථාපනය කර ඔවුන් සියලු දෙනාවම රට සංවර්ධනය කිරීමේ වැඩසටහනට යොදා ගන්නවා.යම් යම් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වී ඇති රණවිරුවන් තුන් හතර දෙනෙකු දැනට බන්ධනාගාර ගතව සිටිනවා. ඉදිරියේදී ඔවුන්ට සාධාරණය ඉටු කරනවා. බලයට ආපු ගමන් ඔවුන් සියලු දෙනාවම නිදහස් කරනවා කියලා නම් කියන්නේ නැහැ.අධිකරණයටත් උඩින් ඉන්න කෙනෙකු මෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස සිර ගතව සිටින සියලු රණවිරුවන් නිදහස් කරන බව ප්‍රකාශ කළා. රණවිරුවන්ව එළියට දැමීම කෙසේ වෙතත් වෙන ලැයිස්තුවක් නම් එළියට දාන්න තබාගෙන සිටිනවා.ගෝඨා රණවිරුවන්ව යොදවා වතුර ඉල්ලපු රතුපස්වල ජනතාව වෙඩි තියා මැරුවා. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තම ඉල්ලීම් ඉල්ලු රොෂේන් චානකට වෙඩි තියලා මැරුවා.මාධ්‍යවේදීන් අතුරුදන් කළා. මේවට නියෝග දුන්නු අය එළියේ අහිංසක රණවිරුවෝ ඇතුළේයි. අද වන විට බන්ධනාගාර ගතව ඉන්නේ වැරදි නියෝග ක්‍රියාත්මක කළ රණවිරුවෝයි.රාජපක්ෂ ආණ්ඩුව අහිමි කළ රණවිරු ගරුත්වය අප ඇති කරනවා.මීතොටමුල්ල කුණු කන්ද නාගරික සංවර්ධන අධිකාරිය බර ගන්නා විට තිබුණේ මීටර් 15 ක උසකටයි. එය යුද හමුදාවට බාර දෙන විට මීටර් 45 කටත් අධික උසක් පැවතුණා.පසුගිය 2015 වසරට පෙර නගර අලංකරණය සඳහා රණවිරුවන් 7000 ක් සහ අබාන්ස් සේවකයන් 3000 ක් යොදා ගෙන තිබුණා. එහෙත් අබාන්ස් සේවකයින් යොදාගෙන තිබුණේ 1500 ක් පමණයි. රුපියල් 35000 ගානේ ආබාන්ස් සේවකයින් 1500 කගේ වැටුප් හොරකම් කළාද?රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාආරක්ෂක අංශ වලට වැඩිම වැටුප් වැඩි කිරීම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. රණවිරුවන් අවසන් කළ යුද්ධයට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් රණවිරුවන්ට කිසිවක් ලැබුණේ නැහැ.ඉකුත් 2006 වසරේ සිටම රණවිරුවන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. රාජපක්ෂවරුන් එයට කන් දුන්නේ නැහැ. රණවිරු වැටුප් විෂමතාව නැති කර දැමුවේ ද අප බලයට පත් වූ පසුවයි.යුධ විරුවන්ට ඉමහත් ගෞරවයෙන් අප සලකද්දී තමන්ගේ බලය වෙනුවෙන්ම පමණක් පසුගිය පාලකයින් යුද විරුවන් භාවිතා කළා. සියලුම ආබාධිත රණවිරුවන් 41000 කට ඔවුන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ ආබාධිත දීමනාව ගෙවීමට අපේ ආණ්ඩුව තීරණය කර අවසානයි.වෙන කිසිම රජයක් අප තරම් රණවිරුවන්ට සේවය කර නැතැයි ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.විරු පවුර සංවිධානයේ නිර්මාතෘ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජන මාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද ඇතුළු විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක්ද මේ හමුවට එක්ව සිටියහ. | ’’විශේෂ ආරක්ෂක ජනපති කාර්ය සාධක බළකායක් හදනවා’’ | 1 |
(ආරියරත්න රණබාහු)අපේ ආරක්ෂක හමුදා ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට මෙන්ම සමාජ සුබ සාධනය රටේ සංවර්ධනය ආදී කටයුතුවලදී තමන්ගේ වගකීම සහ යුතුකම් ඉටු කිරීමට නිරතුරුව කැපවී සිටින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 8 වැනි ජාතික රණවිරු සමරු උත්සවය අමතමින් ඉකුත් සිකුරාදා (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය අසළ රණවිරු ස්මාරකය අභියසදී පැවති මෙම උත්සවය සංවිධානය කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය විසිනි.ජනාධිපතිවරයා මෙසේද කීය.අපේ රටේ නිදහස සාමය ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පූජා කරමින් ත්‍රස්තවාදය අවසන් කරමින්, ජාතියේ නිදහස සහ නිදහස් සමාජයක් රට තුළ ස්ථාපිත කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිපත් කිරීමේ ජාතික දිනය අදයි. අපේ රටේ 1948 සිට සෑම වසරකම පෙබරවාරි මාස 4 වැනිදා බි්රතාන්ය පාලනයෙන් නිදහස ලබාගත් දිනය ලෙස අප සමරනවා. 70 දශකයේ මැද භාගයේ ආරම්භ වූ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා පරාජය කරන්නට දිවි හිමියෙන් කටයුතු කළ ජීවිත පරිත්‍යාග කළ ආබාධිත වූ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් අද දවස ජාතික රණවිරු දිනය නමින් නම්කරලා අපි සමරනවා. රටක් වශයෙන් ගත්විට අපිට වසර දහස් ගණනක ඉතිහාසය පුරා ආක්රමණවලට මුහුණ දීමේ සහ ආක්රමණවලින් අපේ රට බේරාගැනීම පිළිබඳ අත්දැකීම් බහුලයි.1948 බි්රතාන්ය පාලනයෙන් අපේ රට නිදහස් කරගෙන සාමකාමී ලෙස ඉතා ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යනකොට තමයි 70 දශකයේ මැද භාගයේ මේ රට දෙකඩ කරන්න ම්ලේච්ඡ ඊලාම් ත්රස්තවාදීන් යුද්ධයක් ආරම්භ කළේ ඒ යුද්ධය ඔබ අපි දන්නා පරිදි වසර 30 ක් පමණ ඇදී ගියා. අපි එවැනි යුද්ධයකට සූදානම්වී සිටි රටක් නොවෙයි. එහෙත් අපේ ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශය ඒ සඳහා වීරත්වයෙන් මුහුණ දුන්නා. ඇතැම් අවස්ථාවල අපේ තාවකාලික පසුබැසීම් සිදුවුණා. ඇතැම් අවස්ථාවල අපට සිදුවුණා. අපේ රට දෙකඩවීම වැළැක්වීම සඳහා ඉන්දියාවට ආරාධනා කරන්න යුද සහාය ලබාගැනීමට ඉන්දීය යුද හමුදාව ලක්ෂකට ආසන්න ප්‍රමාණයක් අපේ රටට පැමිණියත් ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ. ඒ කාලසීමාව තුළ ත්‍රස්තවාදය පරාජය කරන්න. එහෙත් මේ මාතෘභූමියේ උපන් ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට පුළුවන්කම ලැබුණා සිය ජීවිත පූජා කරමින් අපේ මෘතෘභූමිය නිදහස් කරගන්න.මේ කාලසීමාවේ රණවිරුවන් සහ සිවිල් ජනතාව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මියගියා. ආබාධිත වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් අදත් ඔවුන්ගේ නිවෙස්වල ඔවුන්ගේ භාරකරුවන් සමඟ අපේ හමුදා සුබසාධන මධ්‍යස්ථාන තුළ සිටිනවා. යුද්ධය සිහිපත්වන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සටන්කාමීත්වය තුළ ජීවිත පූජා කළ අවස්ථා අතපය අහිමිව ආබාධිත වූ අවස්ථාත් සිය දරු පවුල් අසරණ වූ ඛේදනීය තත්ත්වයත් ඒ සියල්ල මැනවින් අධ්‍යනය කළවිට සැමවිටම ශ්‍රී ලංකා ජනරජයත් මුළු මහත් ලාංකික ජනතාවත් මුළු මහත් ජාතියත් අද ඒ රණවිරුවන්ට ගෞරවය පිරිනමනවා.නව තාක්ෂණය තුළ ලෝකයේ දියුණු රටවල්වල තිබෙන යුධ උපක්‍රම ශිල්පීය ඥානයන් සමග උසස් ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සේවාවක් ලෙස ආරක්ෂක සේවාව පවත්වාගෙන යාම සඳහා අපි රජය විදියට සැමවිටම කටයුතු කරනු ලබනවා. යුද්ධය අවසන්වී වසර අටකට වැඩියි. එම කාල සීමාව තුළ පසුගිය රජයත් මගේ රජයේ කාල සීමාවත් ගත්විට රණවිරු සුබසාධනය වෙනුවෙන් අප විසින් කරන ලද කාර්යයන් රාශියක් තිබෙනවා.ගෙවීගිය වසර දෙකහමාර තුළ අපේ වර්තමාන රජය රණවිරු සුබසාධනය සඳහා විශේෂ වරප්‍රසාද පහසුකම් දීමනා රාශියක් ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාර්ය මණ්ඩලවගේම සුබ සාධන කඳවුරුවල සිටින ආපදාවන්ට ලක්වූ රණවිරුවන් සඳහා අප විසින් කරන ලද කාර්යයන් මෙතකැයි කියා කීමට පුළුවන් කමක් නැහැ. ඒ සියලු වගකීම් සහ යුතුකම් අපි රජයක් විදියට ඉටුකර තිබෙනවා. නිවාස ඉදිකිරීම් සඳහා පසුගිය වසර ගණනාවක් තුළ තිබූ වැඩපිළිවෙළ අපි තව තවත් විධිමත් කරමින් කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවෙසක් ලබා දීමේ ජාතික කාර්යය මේ වනවිට ඉටුකරගෙන යනවා. එක් පැත්තකින් රණවිරු සේවා අධිකාරිය තවත් පැත්තකින් මේ සඳහා තිබෙන විවිධ ආයතන අමාත්‍යාංශ, මේ සම්බන්ධයෙන් කටයුතු කරන පරිත්‍යාගශීලීන් දානපතීන් සෑම කෙනෙක්ම මේ වගකීම යුතුකම නිසිලෙස ඉටුකරනු ලබනවා.ඇතැම් විවේචකයින් දෝෂාරෝපණය කරන අය ආරක්ෂක හමුදා විවේචනය කරන අය ආරක්ෂක හමුදා සාමාජිකත්වය පිළිබඳව සැමවිටම විවේචන එල්ල කරමින් අපේ හමුදාව වැඩියි. ඉවත් කළ යුතුයි. කියා එවැනි චෝදනා කොතෙක් එල්ල කළත් ජාතික ආරක්ෂාව පිළිබඳව දරන්නාවූ වගකීම දරන රජය සැමවිටම ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙලා ඉටුකරන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. අපේ අතීත අත්දැකීම් සමඟ අපේ අනාගතය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුවෙනවා.අපේ ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු පමණක් නොවෙයි මත්ද්‍රව්‍ය මර්දන පුළුල් ජාතික වැඩපිළිවෙළ පොලිසිය සමඟ එක්ව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එහිදී නාවික හමුදාව විශේෂ කාර්යයක් ඉටු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අපේ රටට ගලාඑන නීති විරෝධී මත්ද්‍රව්‍ය රට ඇතුළට ඒම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතුවලදී ඔවුන්ගේ අංශවලින් පුළුල් මෙහෙයක් ඉටුකරනු ලබනවා. රටේ සංවර්ධන කාර්ය තුළ ආර්ථික සංවර්ධනයේදී මහජන සුබසාධනයේදී ඉතා පුළුල් සේවාවක් අපේ ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබනවා.පසුගිය වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑම ඒ වගේම සාලාව ප්‍රදේශයේ ඇති වූ පිපිරීම මෑත සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ඛේදවාචකය මේ සියලු ආපදාවන්හිදී යුද හමුදාව පොලිසිය ප්රමුඛව ත්‍රිවිධ හමුදාව විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබනවා. මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ කාර්යයේදී ඩෙංගු මර්දනය වැනි පුළුල් වගකීම් රාශියක අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යෙදී සිටිනවා. ආරක්ෂක හමුදාවල තත්ත්වය පිළිබඳව සේවාවන් පිළිබඳව කතා කිරීමේදී අපේ ආරක්ෂක හමුදා යුද්ධයක් තිබෙන අවස්ථාවලදී ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයේදී යුද්ධ කිරීමට පමණක් නොව සමාජ සුබසාධනය, රටේ සංවර්ධනය මේ තිබෙන සියලු කටයුතුවලදී ප්රමුඛ ලෙස තමන්ගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන බව පැහැදිලිව සඳහන් කරන්නට ඕන.අද දවස ජාතික රණවිරු උළෙලට එක්වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුදකරමින් මේ වැදගත් උත්සවය සංවිධානය කළ රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාත් රණවිරු අධිකාරියේ අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එම කාර්යය මණ්ඩලයත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් සියලු රාජ්‍ය ආයතනත් සියල්ල දැක්වූ සියලු සහයෝගයන් අගය කරමින් ස්තුතිවන්ත වෙනවා. ජාතියේ නිදහස සාමය සඳහා අපේ රටට දේශපාලන ස්ථාවරත්වයත් සමග ප්රජාතන්ත්රවාදී සමාජයක ඉදිරියට යාමට රට බෙදෙන්න නොදී රට රැකගත් ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට ජාතියේ ගෞරවය මා පුදකරමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය...කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගැනීමට දිවිදුන් රණවිරුවන් මෙන් අනෙකුත් සියලුම රණවිරුවන්ද ඔවුන්ගේ පවුල්වල ඥාති මිත්‍රාදීන් ද ඊට උරදුන් කොටස්කරුවෝ වෙති.මේ ශ්‍රී ලංකාද්වීපයේ සතර දිග්භාගයේම ගස්වැල් කොළ පැහැවී ප්‍රාණවත් වීමට ඒ උදාර රණවිරුවන් හෙලූ රුධිරයෙන් මේ ධරණිතලය පෝෂණය වී ඇත. රටපුරා ගලන ගංගා දිය ඇළි ඒ අභීත රණවිරුවන් හෙලූ දහඩියෙන් පෝෂණයවී අලංකාරවී ඇත. අප සැවොම ආශ්වාස කරන වායුව ඒ විරෝදාර රණවිරුවන්ගේ ජීව වායුවෙන් පෝෂණයවී ඇත. සමස්ත ජාතියටම නව ජීවයක් ලැබීමට ඔබගේ ඒ රණවිරුවාගේ අමිල වූ පරිත්‍යාගය උපකාරීවී ඇත.ඔබගේ සදාදරණීය රණවිරුවා මේ දේශය වෙනුවෙන් කළ ජීවිත පූජාව වෙනුවෙන් ශ්‍රී ලාංකික මුළු මහත් ජාතියේම කෘතගුණ ඔවුන්ට පිරිනැමේ. ශ්‍රී ලංකාවාසී අප ජාතිබේද කුලභේද නොසලකා සමගියෙන් දිවි ගෙවන සාමකාමී නිවහල් නිදහස් දේශයක දිවි ගෙවන වැසියෝ වන්නෙමු.අපගේ මෘතභූමියේ නිදහස දිනා දුන්නේ අපගේ අභීත රණවිරුවෝය. ඒ රණවිරුවන්ට නායකත්වය දුන් වීරෝදාර සෙන්පතියන් නරපතියන් කළ විශිෂ්ට කැපවීම හා උදාරවූ පරිත්‍යාගවල ප්‍රතිඵල අප අද භුක්ති විදින්නෙමු. ඒ උතුම් රණවිරුවන් දිවිපුදා ආරක්ෂා කළ නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු භේද දුරලා අපි ඒකරාශී වෙමු.අටවැනි ජාතික රණවිරු උත්සවය ආවරණය කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි ගිය දෙස් විදෙස් රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවල කැමරා ශිල්පීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ එක්තරා නිලධාරියකු දිගින් දිගටම කළ බාධා නිසා ඔවුන් මහත් දුෂ්කරතාවකට සහ අපහසුතාවයකට පත්වී තිබේ.ඡායාරූප ශිල්පීන් යන යන තැනට ගිය ඔහු සහ ඔහුගේ අණලත් නිලධාරීන් ඒ කිසිදු ස්ථානයක සිට නිදහසේ අවශ්‍ය පරිදි ඡායාරූප ගැනීමට හෝ කැමරා ගත කිරීමට ඉඩ නුදුන් බව එම ශිල්පීහු පැවසූහ. ඔහුගේ නොයෙකුත් බාධා මැද අසීරුවෙන් තම කාර්යයේ නිරතවීම සිදුවු බවද ඔවුහු කීහ.රජයේ එක්තරා රූපවාහිනියක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශය කෙරෙන බවද එමගින් දර්ශන ගන්නා ලෙසද වරෙක ඔහු කියා ඇත.රූපවාහිනීවලට එසේ කළ හැකි වුවද නිශ්චල ඡායාරූප ගන්නා මුද්‍රිත මාධ්‍යවල ඡායාරූප ශිල්පීන් ඒවා ගන්නේ කෙසේදැයි විමසූවිට ඔහු නිරුත්තරවී ඇති අතර ඒවා තමන් නොදන්නා බවද කියා ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මෙම උත්සවය පැවතිවිට කිසිදු බාධාවකින් අපහසුතාවකින් තොරව මෙම කටයුතු කර ගැනීමට හැකි වු බවද සිහිපත් කළ එම ඡායාරූප මාධ්‍යවේදී පිරිස මෙම නිලධාරියා වත්මන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු මහත් රජයම දෝෂාරෝපණයට ලක්කිරීම සඳහා මෙසේ කටයුතු කරන්නේදැයි සැක කරන බවද කීහ. | ’’විශේෂ ආරක්ෂක ජනපති කාර්ය සාධක බළකායක් හදනවා’’ | 0 |
(නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම එම ජයග්‍රහණයට විශාල ශක්තියක් සපයන බව ද ඔහු කීය.අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.විපක්ෂනායකවරයා එහි දී මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කර ගැනීම ගැන මේ ආණ්ඩුව පත්කරගන්න සටන් කළ උදවියත් අද දුක්වෙනවා. අම්පාරට විතරක් නෙමෙයි මුළු රටටම වැඩ කළේ අපේ ආණ්ඩුවයි.යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳලම රටට මොනවද කළේ. ප්‍රේමදාස යුගය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. පොලිස් නිලධාරීන් 600ක් මරා දැම්මේ එජාප රජය කාලයේයි. අපි ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා.නමුත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අද අපි එකිනෙකාට බියෙන් ජීවත් වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් නැවත අපගේ රජයක් බලයට පත්කර ගත යුතුයි.මේ රටේ තත්ත්වය ගැන ජීවන වියදම ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කන බොන දේවල්වල මිල මට වඩා හොඳට ඔබ දන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රේමදාස මහත්තයට බැහැ.අපි හදපු සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම හැර මේ ආණ්ඩුව රටට මොනවද කළේ. ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති හැම එකකටම සජිත් ප්‍රේමදාස මහත්තයා අත ඉස්සුවා.තමන් ජනාධිපති වුවහොත් ගොවි ජනතාවට දෙන සහන ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිවම රටට ප්‍රකාශ කර තිබෙනවා. වීවලට ස්ථිර මිලක්, පොහොර සහනාධාරය නොමිලයේ ලබාදීම ගැන ඔහු ප්‍රකාශ කළා.ශ්‍රීලනිප එජාපය සමග එක්වීමත් සමග අපි ශ්‍රීලනිපයෙන් වෙන්වෙලා වෙනම පක්ෂයක් ගොඩනගා ගත්තා. දැන් අපි නැවත එකතුවෙලා තිබෙනවා. ඒ එකතුවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා එකතුවී වැඩ කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපගේ රජය යටතේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට විශාල අභිමානයක් ලබාදුන්නා. ගම්බට්ටා යැයි හැඳින් වූ ආරක්ෂක භටයාට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් වශයෙන් කටයුතු කිරීමට හැකි වාතාවරණය ලබාදුන්නේ අපගේ රජයයි.එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය කෙළෙසලා දැම්මා. වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජය පසුගිය කාලයේ කටයුතු කළේ රණවිරුවාගේ මානසිකත්වය කඩා වැටෙන ආකාරයටයි.අභූත චෝදනා නගමින් රණවිරුවොත් බුද්ධි අංශ නිලධාරියාත් සිරගත කළා. අප යෙදූ ආරක්ෂක විධිවිධාන නොසලකා හැරීම නිසා පාස්කු ඉරු දින බෝම්බ පුපුරා ගියා.විදේශ රාජ්‍යයන්වල අවශ්‍යතාවන් මත කටයුතු කරන වත්මන් රාජ්‍යයට ජාතික ආරක්ෂාවට වගකියන්න බැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ අපගේ රජයකට පමණයි.අපගේ රජය විසින් ආරක්ෂක අංශ වෙත ලබාදුන් හා ලබාදීමට නියමිතව තිබුණ වරප්‍රසාද මෙම රජය අහිමි කළා. නමුත් අපගේ රජයක් යටතේ ආරක්ෂක අංශවලට වරප්‍රසාද ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.හමුදාව, පොලිසිය වැඩ කළේ කවුද කියන්න ඔබ දන්නවා. ඔබට වැඩියෙන්ම වරප්‍රසාද ලබාදුන්නේ කවුද කියලා ආරක්ෂක අංශ දන්නවා. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මම කියනවා.අපගේ රජය යටතේ ගොවි ජනතාව නගා සිටුවන්න පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වගා හානිය ලබාදෙන්නත්, ගොවි ණය කපා හරින්නත් අප කටයුතු කරනව මෙන්ම පොහොර සහනාධාරයත් නොමිලයේම ලබා දෙනවා.ගුණාත්මක බවින් යුතු බීජ නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙනවා. රට ආහාරයෙන් සුරක්ෂිත කිරීමට එම යෝජනා ඉතාම වැදගත්.සෑම ක්ෂේත්රයක්ම දියුණු කරන්න කටයුතු කරනවා. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් කරනවා. ඒ වෙනුවෙන් විනිවිධ පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ආයෝජන අවස්ථා පුළුල් කරන්නත්, ව්‍යාපාරයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් බදුසහන ලබාදීම හරහා අප බලාපොරොත්තු වෙනවා.උසස් පෙළ සමත් සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල ආයෝජනයක් කරනවා.මේවා කළ හැක්කේ අභියෝග බාරගත් අයට පමණයි. ත්‍රස්තවාදය නිම කිරීමේ අභියෝගය ජයගත්තාක් මෙන් ජනාධිපතිවරණය ජයගෙන රටට එල්ලවී තිබෙන අභියෝග ජයගැනීමට තමන් සූදානම් යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඔබ අපි මරණයේ හෙවණැල්ල මැද ජීවත් වූ යුගය නිම කරලා රටට සාමය උදා කළේ මහින්ද - ගෝඨා සුසංයෝගයයි. ඒ කෘතවේදීත්වය හදවතේ දරාගත් මිනිස්සු ඔබයි.මරණයේ බිය පහකළ රටට නැවතත් මරණයේ සෙවණැලි කැඳවාගෙන ආවේ වත්මන් ආණ්ඩුවයි. සහරාන්ලා ගැන 97 වතාවක් බුද්ධි අංශ දැනුම්දීලත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පාස්කු ඉරුදින මිනිස් ජීවිත 400 ගණනක් රටට අහිමි වුණා.සහරාන්ලා හැදුවේ ගෝඨාභය බවට දැන් කතාවක් හදලා තියෙනවා. යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ හිරේ දැම්මේ ගෝඨාභය ද? මෙම ප්‍රහාරය ගැන තමන් නොදැන සිටි බව හිටපු හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ රටට කීවා.ත්‍රස්තවාදය නිමකරන්න සහයෝගය දුන් බුද්ධි අංශ හිරගත කරනවිට සජිත්ගේ කට ඇරුණේ නැහැ. තමන් රණවිරුවන් වෙනුවෙන් හිස දන්දෙන්න වුණත් සූදානම් බව සජිත් කියනවා. ඉතිහාස කතාවට අනුව සිරිසඟබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නම රජ වුණේ ගෝඨාභය රජ්ජුරුවොයි.මේ රට නැවතත් ආරක්ෂාව සුරක්ෂිත බව ඉල්ලා සිටිනවා. එදා වගේම රටටත්, ජනතාවටත් සුරක්ෂිත බවක් දෙන්න හැකියාව තිබෙන්නේ මහින්ද - ගෝඨා සුසංයෝගයට පමණයි.තමන්ගේ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පත් කරන බවට සජිත් කියනවා. හමුදාපති කාලෙදි හමුදා මූලස්ථානයේ දීම එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට මුහුණ දුන්න සරත් ෆොන්සේකාට රට ආරක්ෂා කරන්න බැහැ.පසුගියදා සේරුනුවර දී තීපන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට පත් වුණා. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හතර දෙනෙක් ඝාතනය කරන්න ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු වන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබෙනවා. දැන් ආණ්ඩුව ඒ පරික්ෂණ අඩපණ කර තිබෙනවා.පොලිස් නිලධාරීන්ට බටා දීමනාව දෙනවට අපි විරුද්ධ බව සජිත් කියනවා. අපි විරුද්ධ නැහැ. ඒ දීමනාව හෙට උණත් දෙන්න අපි අත් දෙකම උස්සන්න සූදානම් යැයි ද ඔහු කීය.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසීය.මෙය ආණ්ඩු පෙරලියක් ඇති කරන ජනාධිපතිවරණයක්. ඒ අනුව මෙම ජනාධිපතිවරණයෙන් රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ආර්ථික සංවර්ධනය කළේ ඉලක්කම්වලින් පමණයි. අධිරාජ්‍යවාදී රටවල වුවමනාවන් වෙනුවෙන් රට පාලනය කළ වික්‍රමසිංහලා හා ප්‍රේමදාසලා වෙනුවට රටට හිතැති පාලනයක් බිහිකරගත යුතුයි.එජාප අපේක්ෂක ප්‍රේමදාස මහතා අද කවටයෙක් වෙලා. තමන් ජනාධිපති වුවහොත් මාලිගාවල නොසිටින බව ඔහු කියනවා. රටේ ජනාධිපති මාලිගාවක ඉන්නවද, එහෙමත් නැත්නම් මුඩුක්කුවක ඉන්නවද කියන එක රටට ප්‍රශ්නයක් නෙවෙයි. විහිළු කතා කීම නවතා රට සංවර්ධනය කරන ආකාරය ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු කියන්නේ නැහැ.නමුත් ගෝඨාභයගේ කතා ඇසෙන විට අපට දීප්තිමත් අනාගතයක පෙර නිමිති පේනවා. ඔහුගේ කතා විද්වත් ස්වරූපයක් ගන්නවා. රට සංවර්ධනය කරන ආකාරය, ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු තමන්ගේ දැක්ම රටට හෙළිකරනවා මිස වේදිකාවල නිකරුණේ කතා කරන්නේ නැතැයි ද ඔහු කීය.අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා:අම්පාරේ අපි එදා කුඹුරට ගියේ පාරේ ගියේ මර බයෙන්. ඒ තත්ත්වයෙන් අපි මුදාගෙන නිදහස ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා.ලබාදුන් නිදහස වෙනුවෙන් අම්පාරේ අපි ඔබ දෙපළට ණයගැති යැයි ද ඔහු කීය.දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය:ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නියත ජයග්‍රහණයක් වූයේ ශ්‍රීලනිපයත් එකතුවීම නිසයි. මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජය වෙලා ගියාම ඔහුව නැවත දේශපාලනයට ගේන්න සටන් කළ එකම කාන්තාව මමයි.අපිට එදා අසාධාරණකම් වුණා. ඒවාට උත්තර දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මම හැමදාම සටන් කළේ අම්පාරේ ජනතාවගේ ජයග්රහණයන් වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණ ලබාදීම මිස පුද්ගලිකව මා දිනාගත්ත දෙයක් නැහැ. තමන් හැමදාම කොන්ද කෙළින් තියාගෙන සිටි කාන්තාවක් යැයි ද ඇය සඳහන් කළාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාසජිත් ප්‍රේමදාසට රණවිරුවන් ගැන අනුකම්පාවක් ඇතිවී තිබෙන්නේ දැනුයි. බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරනවිට, රණවිරුවන්ගේ පුද්ගලික මුදලින් ත්රස්තවාදීන්ට වන්දිගෙවන්න නියම කරනවිට ඔහු සිනහාසිසී සිටියා මිස රණවිරුවන් වෙනුවෙන් කිසිවක් කීවේ නැහැ.සිවිල් ආරක්ෂක සෙබළුන් ස්ථිර කළේ මහින්ද රාජපක්ෂ රජයයි. දැන් එයත් තමන්ගේ ආණ්ඩුව කළ වැඩක් බවට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා. ග්රාමාරක්ෂක නිලධාරියා සිවිල් ආරක්ෂක සෙබළුන් බවට පත්කර ඔවුන්ට අභිමානවත්ව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. අද සිවිල් ආරක්ෂක සෙබළු බේරේ වැවේ කුණු අදින්න දාලා.මේ ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාරට කළ එකම දෙය රට විදේශයන්ට විකිණීම පමණක් යැයි ද ඔහු කීය.ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා:නැගෙනහිර පළාතේ සම්පත් විකුණාගන්න ආණ්ඩුව සැලසුම් කළා. විපක්ෂයේ කටයුතු නිසා එය තාවකාලිකව නතරවී තිබෙනවා. මේ රට බේරාගන්න නම් අප සියලුම දෙනා එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි.අම්පාරේ එදා මායිම් ගම්මාන තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට නිදහසේ ගමන් බිමන් යන්න බැරි තත්ත්වයක් එදා ඇතිවෙලා තිබුණා. ඒ තත්ත්වයෙන් රට නිදහස් කරගෙන රටට නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යැයි ද ඔහු කීය.එක්සත් ජාතික පක්ෂයේ කල්මුණේ ආසන සංවිධායක එස්.එම්. මුනිස් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය පළකරමින් මෙම වේදිකාවට ගොඩවිය.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක් ද මෙම රැලිය ඇමතූහ. | “අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ | 1 |
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ. | “අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ | 0 |
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හා අපේ අපේක්ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්ෂේත්රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැහැ.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ. | “අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ | 0 |
(නාලක සංජීව දහනායක)තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය.නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කීය.ගම්පහ, මිනුවන්ගොඩ නගරයේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.අපගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා.එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා.නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවධානයක් යොමු කළේ නැහැ.රටට එල්ල වන සතුරු තර්ජන ගැන රජයට දැනුම් දෙන්නේ බුද්ධි අංශයි. මේ රජය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන විට යුද මානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. අප විසින් ආරම්භ කළ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති මේ රජය අතරමග නතර කළා. සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා ලක්ෂ හතරකට පමණ පිරිසකට රැකියා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි.එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා.රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්තයෙනුයි. නමුත් බාල තේ සමග කළවම් කර මෙරට තේ පිටරට යැවීම නිසා තේ කර්මාන්තය කඩා වැටිලා. ගුණාත්මක තේ පමණක් පිටරට යවා නැවත විදේශ වෙළෙඳපොළ ලබාගන්න අපගේ රජය කටයුතු කරනවා.එමෙන්ම පොල් කර්මාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා.ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපුර තාක්ෂණයට යොමු කළ යුතුයි. මාස 6ක් වැනි කෙටි කාලයකින් එම පුහුණුව ලබා දීමෙන් රටට ව්‍යවසායකයන් බිහි කර ගත හැකියි. රැකියා ලබාගත හැකියි.තොරතුරු තාක්ෂණය කලා අංශයේ සිසුන්ටත් ලබා දෙන්න කටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා.ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත තරුණයන් වෙනුවෙන් ලෝකයේ ඕනෑතරම් රැකියා තිබෙනවා. ජර්මනියේ පමණක් ලක්ෂ 2ක හෙද පුරප්පාඩුවක් තිබෙනවා. අපගේ හෙද විද්‍යාලයෙන් උපාධි ලබා දෙන මට්ටමට දියුණු කිරීමෙන් අපට ඒ අවස්ථාවන් ලබා ගත හැකියි.එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා.එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභීන්ට පැල්පත්වාසීන්ට නිවාස ලබා දෙනවා.අප අපගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළේ සෑම ක්ෂේත්රයක් ගැනම දැඩි අවධානයක් යොමු කරලයි. ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.චන්ද්‍රිකා මැතිනිය ප්රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පතේ දාල තියෙනවා. මිනීමරු නායකයෙක් වෙනුවෙන් එහෙම කතා කරන්නේ කොහොමද?ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ සැලැස්ම රටට කියනවා. ඔහුට රට ගොඩගන්න ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා.සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි.පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනා අපගේ රජයන් යටතේ නීතිය ඉදිරියට ගේනවා.අපි රටට ජාතික සම්පත් එකතු කළා. රජය අරගෙන අපි රටට සම්පත් එකතු කළා. අපි හදපු වරාය, ගුවන්තොටුපොළ කිසිම හැඟීමක් නැති විදියට විකුණලා දැම්මා.මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සිංහල පිටපතේ ඒකීය රටක් ගැන සඳහන් කරලා, දෙමළ පිටපතේ එක්සත් රාජ්‍ය සංකල්පය ගැන සඳහන් කරලා තියෙනවා. මේ රවට්ටන්න හදන්නේ කවුද?එදා ප්රභාකරන් ඉල්ලපු දේ සජිත් ප්‍රේමදාස ලවා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා.එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ.මේ ජනාධිපතිවරණය පක්ෂ අතර සටනක් නොවෙයි. ස්වදේශිකයාගේ ජයග්‍රහණය ලබන දිනය නොවැම්බර් 16 වැනිදායි. මේ රට දැන් අපේ රටේ නැහැ. රටේ ඉඩම් අක්කර තිස් ලක්ෂයක් කොල්ල කන්න බලාගෙන ඉන්න රැල එළවිය යුතුමයි.ඇක්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ.පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල දාන්න ජනතාව මග බලාගෙන ඉන්නවා.බටහිර ගැති, පරගැති, රූකඩ පාලනය මේ මවු බිමෙන් පලවාහැරිය යුතුයි. මේ පාලකයන් තවදුරටත් තියාගන්නවාද කියලා ඔබ නොවැම්බර් 16 වැනිදා තීරණය කළ යුතුයි. පාස්කු ප්‍රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි.දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි.මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂටයි.ගෝඨාභය රාජපක්ෂ අතීතය කාල්ගාන්නෙත් නැහැ. අනාගතයට දොස් පවරන්නෙත් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරල නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැක්කේ ඔහුටයි.සජිත්ට ඒ හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ.සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලංසා, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. | “අප රජයක් යටතේ ගොවි ජනතාව නගා සිටුවීමට පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා“ | 0 |
(අංජුල මහික වීරරත්න)(ඡායාරූප - ගයාන් අමරසේකර)“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය.“කොළඹ අලංකාර කෙරුණේ යයි කෑගසන ව්‍යාපෘති වෙනුවෙන් වසර තුනක් ගතවන විටත් වත්මන් ජාතික රජය මුදල් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා, රටේ ආර්ථිකය දැන් ස්ථාවර කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂ නගර සභාව යටතේ කොළඹ නගරය සංවර්ධනය පහසුවෙන්ම කළ හැකි යැයි” ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්රණ ශාලාවේ දී රැස්වීම පැවැත්විණි.කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.මගේ දේශපාලනය ආරම්භ වූයේ මේ ස්ථානයෙන් බව ශාලාවට පැමිණිමේ දී මතක් වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට බාර දුන්නා.ඒ කාලයේ මේ ස්ථානයේ පැවැතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපට මෙහි සංවිධායක කටයුතු සඳහා සහයෝගය දුන්නා.එතැනින් ඉදිරියට ගිය මම බියගමට, කොළඹට තරග කරමින් අගමැතිවීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොළඹ සිට රටේ වගකීම බාර ගැනීමට මට හැකියාව ලැබුණා.කොළඹ නගරයේ වගකීම බාර ගැනීමට බටහිර කොළඹ පුරපතිවරයකු පත් කිරීමටයි, දැන් අප බලාපොරොත්තු වන්නේ. ඒ ඔබේ සංවිධායිකා රෝසි සේනානායක මහත්මියයි.රට දියුණු කරමින් කොළඹ දියුණු කළ යුතුයි. රෝසි සේනානායක මහත්මිය මන්ත්‍රීවරියක ලෙස, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස, ඇමැතිවරියක ලෙස මගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි ලෙස ආදි වශයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඇය බටහිර කොළඹ සංවිධායක ලෙසත්, පුරපති අපේක්ෂිකාව ලෙසත් ඉදිරිපත් කර තිබෙන්නේ ඇගේ ඇති විශාල අත්දැකීම් ප්‍රමාණය නිසයි. එතුමියගේ කාර්ය භාරය නැවත අමුතුවෙන් කළ යුතු නැහැ. සියලුම දෙනා ඒ සම්බන්ධව හොඳින් දන්නවා.අප කොළඹට ණය ගැතියි. අපේ පක්ෂය හැදුනෙත්, ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. 1960 දශකයේ සිට අපේ බලකොටුව ලෙස පැවතුණේ කොළඹයි. ඒ නිසා නගර සභා ඡන්දයක දී කොළඹ ජනතාව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටසකට වඩා වැඩ කොටසක් කළ යුතුයි.2015 දී අප ආණ්ඩු බලය ගන්නා විට නගර සභාවේ බලය තිබුණේ ඊට පෙර වතාවේ අපට නගර සභා බලය තිබුණ ද ආණඩු බලය තිබුණේ නැහැ. එවිට එදා කොළඹ නගරයේ වැඩ වුණේ අපට ප්රතිවිරුද්ධවයි.ඔවුන් එදා කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මා අගමැතිවූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ.ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යපෘති වෙනුවෙන් වසර 03 ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා.පසුගිය ආණ්ඩුව කොළඹ අලංකරණය කළ බවට කෑ ගහනවා. විශාල වශයෙන් මුදල් විනාශ කළා. භාණ්ඩාගාරය හිස් කළා. ඔවුන් ඉදි කළ තට්ටු නිවාස සඳහා මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේද අපටයි.ආණ්ඩුව බලයට පත්වීමත් සමග නගර සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ නිසා දැන් ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ බලයත්, නගරසභාවේ බලයත් යන දෙකම අපට දෙන ලෙසයි.අපට බාර දුන්නේ ණය බරින් මිරිකී සිටි රටයි. 2015 දී රටේ ආදායම ණය පියවීමටත් ප්‍රමාණවත් නොවන මට්ටමක තිබුණා. රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරය ද අතහැර පලා ගියා.අප ඒ රට බාර ගත්තා. අද වනවිට කෙසේ හෝ ණය ගෙවන මට්ටමට රට පත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. හිටපු ජනාධිපතිවරයා ගේ පව් පවා අපට ගෙවීමට වෙලා.අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙන් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි.ජී.එස්.පී. ප්ලස් සහනය මා ශ්‍රී ලංකාවට නැවත ගෙන දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා විශාල සැලසුමක් නිර්මාණය කළා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපය ඇති කරනවා.වරාය 02ක්, ගුවන් තොටුපළ 02ක්, කර්මාන්ත කලාප, සංචාරක කලාප, වාණිජ කලාප ඇති වෙනවා. ඒ අනුව මහනුවර-හම්බන්තොට අතර ඇතිවන ආර්ථික කලාපයේ කේන්ද්‍රය කොළඹ නගරය බව මා කියන්න කැමැතියි.එම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට 21 වැනි ශත වර්ෂයට මුහුණ දී ජයගත හැකි ආකාරයට ඇති කළ යුතුයි. මෙය තනි නගරය නොවෙයි. මෙය විශාල නගරයයි. කොළඹ තුළ කර්මාන්ත ශාලා ආදිය අවශ්‍ය නැහැ.ඒවා කොළඹින් බැහැර ප්‍රදේශවල ස්ථාපිත කළ හැකියි. නිවාස ආදී පහසුකම් කොළඹ නගරය තුළ ඇතිකළ යුතුයි. එවැනි විශාල දියුණුවක් සහිත කොළඹ නගරයක් ඇති කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙන නිසා කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත දැන් පහසුවෙන් කළ හැකියි.මහනුවර සිට හම්බන්තොට දක්වා පැය 04 කින් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරනවා. අප පැමිණෙන විට බාගෙට ඉදි කළ මහා මාර්ග තිබුණා. හම්බන්තොට වරාය තිබුණා. නමුත් නැව් පැමිණෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපොළෙහි සිටියේ මොනරුන් පමණයි.අප ආණ්ඩුව බාරගත් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරමින් අනෙක් සංවර්ධන වැඩ ද කරන්නේ ආර්ථිකය දියුණු කිරීමටයි. සුදු ජාතිකයන්ගේ පාලන සමය තුළ කොළඹ නගරය දියුණු වුණේ කෙසේද? කොළඹ සිට ඈත ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ගය සහ මහා මාර්ග ඇති කළා. කොළඹ කේන්ද්‍රස්ථානය බවට පත් කළා. අලුතින් ආරම්භ කළ යුත්තේ ද එයයි. කොළඹ දියුණු කරන ශක්තිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මා කිව යුතුයි.වරාය දියුණු කිරීමට ජපානය කැමැත්ත පල කළා. ඒ ආකාරයට සියලුම දෙනා ආයෝජන සඳහා මෙරටට පැමිණෙනවා.දියුණු වන කොළඹ නගරයේ වගකීම කාන්තාවන්ට බාරදීමට මා සූදානම්. රෝසි සේනානායක මැතිනිය අමාත්‍යතුමිය ලෙස කටයුතු කරන කාලයේ කාන්තාවට අවම දේශපාලන නියෝජනය දීමට අව්‍යශ්‍ය පියවර ගැනීමට මා සමග කටයුතු කළා. ඒ පනතින් ඕනෑම පළාත් පාලන ආයතනයක දී කාන්තාවන් සියයට 25ක කාන්තා නියෝජනය ලැබෙනවා. ඒ අනුව බලගතු කොළඹ නිර්මාණය කිරීම සඳහා රෝසි සේනානායක කොළඹ පුරපතිනිය කරන්න යයි ඔබට ප්‍රකාශ කරනවා.රටේ ආර්ථික ගොඩ නගන අතරම කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10 තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා.ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව නැවතත් මිතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්රදේශයටයි.කොළඹ නගරය සංවර්ධනයේ සාර්ථකත්වය සඳහා බලශක්තිය අවශ්‍යයි. විදුලිබලය අවශ්‍යයි. ඒ සඳහා ජපන් සහ ඉන්දියානු ආධාර යටතේ එල්.එන්.ජී. විදුලි බලාගාර 02ක් ඇති කිරීමට පියවර ගත්තා. තුන් වැනි විදුලි බලාගාරය සඳහා දැන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එසේ නම් කොළඹට බලශක්තිය දීම සඳහා කෙරවලපිටියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර තුනක්ම ඇති කිරීමට පියවර ගන්නවා.ඒ වගේම වේගවත් මාර්ග ප්‍රවාහන වැඩසටහන ආරම්භ කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්න මාර්ග තදබදයයි. එය අද හෙට අවසන් නොවුණ ද එය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. පසුගිය අටවැනිදා අපි ගුවන් පාළම විවෘත කළා. ඉදිරියේදී තවත් ප්‍රධාන ගුවන් පාලම් මාර්ගයක් විවෘත කිරීමට කටයුතු කරනවා.ඒ වගේම නගර සභා මගින් පාලනය කෙරෙන ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඉදිරියට ගෙන යා යුතුයි. සියලු වැඩ කටයුතු පාලනයට දක්ෂ ප්‍රධානියෙකු අවශ්‍යයි.උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්රශ්නය කුමක්ද? මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කොනකම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට මා තදින් ක්‍රියා කරමින් සිටිනවා.කරුණාකරල කුඩුකාරයන් නම් නගර සභාවට පත් කරන්න එපා. කුඩු විකුණන, බෙදන පුද්ගලයන්, ඔවුන් සමඟ වැඩ කරන අය පත්කරන්න එපා.මත් උවදුර නැති කළ යුතුයි. ඒ සඳහා හොඳ නගර සභාවක් ඇති කර ගත යුතුයි. අපේ එක්මන්ත්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ ශක්තිය අපට තිබෙනවා.මෙහි සිටින සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් ඊට සහයෝගය දිය යුතුයි. මේ කිසිවෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලටසම්බන්ධ නැති බව මා හොඳින්ම දන්නවා. පොලිසිය ද මේ වැඩ සඳහා සම්බන්ධ කර ගන්නවා. පොලිසියේ වැඩ කටයුතු සම්බන්ධව යම් ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන්න. නගර සභාව ප්‍රධානත්වයෙන් මේ වැඩකටයුතු පාලනය කළ යුතුයි.එසේ නොමැතිව නගර සංවර්ධනය කිරීමෙන් පළක් නැහැ. නගරය බාර ගැනීමට අනාගත පරපුර නැතිවීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇති වෙලා. ඒ නිසා එය පාලනය කළ යුතුමය.බේරේ වැව වටා ප්‍රදේශයේ අලංකාර වාණිජ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. නාගරික යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ එහි ඊළඟ අදියරේ දී තට්ටු නිවාස පණස් දහසක් ඉදි කිරීම අප ආරම්භ කරනවා. එවිට පවුල් පනස් දහසකට තමාගේ කුඩා නිවසින් ඉවත්ව තට්ටු නිවසක ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.මධ්‍යම පාන්තිකයන් සඳහා රුපියල් මිලියන 75000 ක මුදල වෙන් කළා. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පළමු අවුරුදු පහට සහනදායී පොලියට ණය ගැනීමට හැකියි.නිවාස අමාත්‍යාංශය හෝ පෞද්ගලික ආයතන හෝ හරහා ඉදි වන මධ්‍යම පාංතික නිවාස තමන්ටම මිලදී ගැනීමට ජනතාවට හැකියි.කොළඹ නගරය තුළ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත්ව යනවා. ඒ නිසා කොළඹ නගරය තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගන්නවා.සියල්ල පවසන්නේ අප දැනට ඉටුකළ කාර්ය බාරය ගැන පමණයි. ඉදිරියේ දී ජනතාවට පානීය ජල පහසුකම්, වැඩි වශයෙන් නිවාස ආදිය අප දෙනවා.උතුරු කොළඹ මැද කොළඹ ආදී ප්‍රදේශවල තරුණ-තරුණියන්ට ස්වයං රැකියා ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. කළේ කුමක්දැයි ජනතාව අසනවිට මේ වැඩ කටයුතු පිළිබඳව ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතුයි. කුණු කන්දට ස්ථීර විසඳුම දීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා.අවශ්‍ය වන්නේ බලගතු ශ්‍රී ලංකාව ඇති කරන විට බලගතු කොළඹ ගොඩ නැංවීමයි.එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය බාර දෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළ සියලු දෙනාටම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට හොඳ නගරාධිපතිනියක් දුන්නා.තවත් වසර 04ක් යනවිට මීටත් වඩා දියුණු නගරයක් අප ඔබට දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවට මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.හිටපු අමාත්‍ය සහ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර් මහතා: “රෝසි සේනානායක මහත්මිය පැරෂුට් එකකින් දේශපාලනයට ආව කෙනෙකු නොවෙයි. ඒ වගේම ඇය පවුල් උරුමයකින් දේශපාලනයට ආපු කෙනෙකු ද නොවෙයි.එක්සත් ජාතික පක්ෂයේ බලය අඩු වු අවස්ථාවල දී රෝසි සේනානායක මහත්මිය පක්ෂය ශක්තිමත් කරන්න දැඩි කැපවීමෙන් ක්‍රියා කළ අන්දම අපට මතකයි”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා: “කොළඹ නගර සභාව සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන්නේ එෛතිහාසික බැඳීමයි. මේ මහ නගර සභාවෙන් අපේ පක්ෂයට සහ රටට දැවැන්ත නායකයන් බිහි වුණා.කොළඹ මහ නගර සභාවට කුමන පක්ෂ විවිධ සළකුණු රැගෙන විත් ඡන්දය ඉල්ලුවත් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටෙන්ම එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය කරන විට කොළඹ ජනතාවත් දැවැන්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම දෙනවා.විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා: පළාත් පාලන මැතිවරණයේ තිබෙන වැදගත්කම එක්සත් ජාතික පාක්ෂිකයා අවබෝධ කර ගත යුතුයි. අපට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරනවා. මැතිවරණයෙන් එක්සත් ජාතිකි පක්ෂයට රටේ තිබෙන ස්ථානය පෙන්නුම් කරනවා.වැරදිච්ච තැන් නිවැරදි කර ගත යුතුයි. ගමේ බලය වැදගත් වෙනවා. ගම සංවර්ධනය කරන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.අප නිසා පෙරට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වර්තමානයේ කරන-කියන දේ පිළිබඳ එකඟ වන්න බැහැ. පොදු අපේක්ෂකයෙකු ගෙනල්ලා රටට වෙනසක් කරන්නයි, අප එදා උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ අප නිසයි. අද සිටින්නේ අප ගෙනාපු ජනාධිපතිවරයායි. අද තිබෙන්නේ අප ගෙනාපු යහපාලනයයි”මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා: “රෝසි සේනානායක මහත්මිය අගනුවර පුරපති කිරීමට එක්සත් ජාතික පක්ෂ තීරණය කිරීම පිළිබඳව සංතෝෂ විය යුතුයි. රටේ කාන්තාවන් විශාල ලෙස විවිධ තනතුරුවල සිටිනවා. කාන්තාවන් මේ රටේ ඉදිරියෙන් සිටිනවා. නමුත් දේශපාලනයේ දී කාන්තාවන් සිටින්නේ පසුපසිනුයි.මෙය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශාල අරගලය ගෙන ගියා. ඒ නිසයි, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය වැඩි කරන්න තීරණය කළේ.ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා: “එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සේවය කළේ රටටයි. මහවැලිය, ගම්උදාව, ඇඟලුම් කර්මාන්ත ඔවුන් ඇති කළා. රටට විශාලප සංවර්ධන යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂ නායකයන් ක්‍රියාත්මක කළා.2001දී ඍණ එයි, දශම පහේ තිබූ ආර්ථිකය ධන හයයි දශම දෙකට එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැගෙන ආවා. ඒ නිසයි, මහින්ද රාජපක්ෂ දන්සල් දෙනවා වගේ රැකියා දුන්නේ. රාජපක්ෂ ආණ්ඩුව රට විශාල ලෙස ණය කරලයි, අපට බාර දුන්නේ. අප රටේ ප්රජාතන්ත්රවාදය යහපාලනය ඇති කළා”පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා: “කොළඹ අනාගත පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියට මේ අවස්ථාවේ සුබ පතනවා. කොළඹ නගරය පිළිබඳව කතා කිරීමට එහි ජීවත් වන්නන් ලෙස අපට විශාල වගකීම තිබෙනවා.අතීතයේ සිට කොළඹ ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයනුයි. පසුගිය කාලයේ ගෝඨාභය කොළඹ නගරයේ ඉඩම් විදේශිකයන්ට දුන්නා. මේ නිසා කොළඹ පදිංචි ජනතාවට විවිධ ගැටලුවලට මුහුණ දීමට වුණා.නගරයේ ජීවත්වන ජනතාව නගරයෙන් එළියට දමන්න එදා කටයුතු කළා. අප ඒවාට විරුද්ධ වුණා. 2015න් පසු කොළඹ නගරයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරය අප නිර්මාණය කළා.කොළඹ වතු ජනතාවට නගරයේ සුපිරි පාසල් ලැබෙන්නේ නැහැ. අඩු පහසුකම් සහිත පාසල් ඔවුන්ට ලැබෙනවා. මේ පිළිබඳව අප අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා. අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාර්ථක පිළිතුරක් ගෙන තිබෙනවා. නගරයේ තිබෙන සැප සම්පත් නගරයේ ජනතාවට දිය යුතුයි.එක්සත් ජාතික පක්ෂ කොළඹ මහ නගර සභා නගරාධිපතිනී අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය:“එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩලවල ජනතාව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් දීමට සූදානමින් සිටිනවා. කොළඹ නගර සභාව තුළ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය ලබාදීමට ඔවුන් කැපවී ක්‍රියා කරනවා.බටහිර කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල නායකයන් ක්‍රියා කළා. එවන් ආසනයක සංවිධායකධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.මා දේශපාලනයේ අයන්න ආ යන්න ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසයි. ඒ මීට අවුරුදු විස්සකට පෙරයි. එදා අපේ තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.මට දේශපාලනයේ ඍජුවම ජනතාව වෙනුවෙන් සේවය කරන්න ආරාධනාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගෙනුයි. ඒ පිළිබඳව නැවතත් අග්‍රාමාත්‍යතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරනවා.මේ අවස්ථාවට කොළඹ නගර සභාව වෙනුවෙන් තරග කරන අපේක්ෂකයන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ විශලා පිරිසක් සහභාගී වූහ. | කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ | 1 |
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්රජාතන්ත්රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත් මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:- “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ. | කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ | 0 |
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග්රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශීය සභා දෙකම ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප්රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ. ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප්රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක්‍රිකට් ක්රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප්‍රදේශයේ වඩා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින් දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක්‍රියා කළා.ජනප්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ. | කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ | 0 |
(අංජුල මහික වීරරත්න)“විසි එක්වැනි සියවසට ගැළපෙන කොළඹ නගරයක් බිහි කිරීමේ කටයුතු වත්මන් රජය විසින් මේ වනවිට ආරම්භ කර ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ලේදී පැවැසීය.නව රජය බලයට පත්වන අවස්ථාවේ සමස්තය ලෙස ශ්‍රී ලංකාවත්, නිවාස සංවර්ධන අධිකාරියත් ණය බරින් මිරිකී සිටි බව කී අග්‍රාමාත්‍යවරයා තම ආණ්ඩුව යටතේ ගත් පියවර නිසා නිවාස සංවර්ධන අධිකාරියේ ණය මෙන්ම රටේ ණයත් ක්‍රමානුකූලව ගෙවීමේ හැකියාව ලැබී තිබෙන බව ද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් වෙත බොරැල්ල - කොටා පාර, එලියට් ප්‍රදේශයේ ඉදිවෙන ‘එලියට් රෙසිඩන්ස්’ නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අද ආරම්භ කරන එලියට් තට්ටු නිවාස සංකීර්ණය හේතුවෙන් ප්‍රදේශයේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. මේ ආකාරයට නිවාස සංකීර්ණ ඉදිවනවිට පදිංචිකරුවන්ට අවශ්‍ය ගනුදෙනු කිරීම, බඩු භාණ්ඩ අලෙවි කිරීම වැනි වාසි සැලසෙන්නේ අවට ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියන්ටයි. ඒ වගේම එය එලියට් රෙසිඩන්සි පදිංචිකරුවන්ටත් විශාල වාසියක් සැලසෙනවා.තම නිවාස සංකීර්ණයට ආසන්නයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන්ට හැකියි. මේ හරහා ප්‍රදේශයේ දියුණුවක් ඇති වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.මෙය කොළඹ නගර සංවර්ධනය කිරීමේ එක් පියවරක් පමණයි. මධ්‍යම පාන්තික නිවාස ඉදි කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතේ සහන පොලී ක්‍රමයට අනුව ණය දෙනවා. මධ්‍යම පන්තියේ නිවාස ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. නගරවලට පැමිණ නිවාස මිලදී ගැනීමේ හැකියාව දිය යුතුයි.මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීමේ වැඩසටහන පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිතුමා කතා කළා. ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තට්ටු නිවාස ඉදිකිරීම ඉදිරියේදී ආරම්භ කරනවා. පළමු අදියරේදී ඔවුන් වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.ඉදිරි වසර කිහිපය තුළ එය ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් දැන් සොයා ගනිමින් සිටිනවා. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකර අවසන් කළ පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔවුන් පැල්පත්වලින් ඉවත් කිරීමට හැකියි. මෙහි දෙවැනි සහ තුන්වැනි අදියර අවසන් වනවිට නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලැබෙනවා. ඉදිරියේදී අඩු ආදායම්ලාභීන්ටත් තට්ටු නිවාසවල ජීවත්වීමට හැකියාව ලැබෙනවා.ජීවත් වූ ඉඩම්වල පැල්පත් ඉවත්කර ඒවා වාණිජ ප්‍රයෝජන සඳහා යොදා ගැනීමට හැකි වෙනවා. නගරය දියුණු කිරීමට, කාර්යාල ඇති කිරීමට, සාප්පු සංකීර්ණ ඇති කිරීමට ආදියට ඒවා භාවිත කළ හැකියි. ඒ හරහා නගරයේ ජනතාවට තවත් ආදායම් ඇති වෙනවා.කොළඹ සංවර්ධන වැඩසටහන මා එතැනින් අවසන් කරන්නේ නැහැ. බේරේ වැව සංවර්ධනය කිරීම, කොළඹ නගරය අවට නාගරික ප්‍රදේශය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීම ආදියත්, කොළඹ විශාල නාගරික දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩසටහනත් දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නව ජල යෝජනා ක්‍රම ආදිය ඉදිකරමින් ඉදිරි වසර 10 තුළ කොළඹ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට මා සූදානම්. නිවාස ගැටලුවට විසඳුම් දෙන්නේ ඒ ආකාරයටයි.ඉන් පසුව මහාමාර්ග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරනවා. ප්‍රදේශයට සැහැල්ලු දුම්රිය සේවා ආරම්භ කරනවා. පෑලියගොඩ සිට කොටුව දක්වා ගුවන් පාලම් සහිත නව මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරනවා.මේ වනවිට රාජගිරියේ නව ගුවන් පාලම විවෘත කරලා. මෙවැනි අලුත් ව්‍යාපෘති කිහිපයක්ම දැන් ආරම්භ කර තිබෙනවා. මේවායේ ප්‍රතිඵල මතුවන්නේ තවත් වසර තුන හතරක් ගතවූ පසුවයි. කොළඹ නව නගර ලෙස සකස් කරන්නේ පළමු වතාවටයි.මේ වනවිට වරාය නගරය ඉදිවෙමින් පවතිනවා. තාක්ෂණික සේවා කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අදාළ යෝජනා ද දැන් ලැබෙමින් පවතිනවා.පිටකොටුව ප්‍රදේශයේ මේ වනවිට ඇතිවන දියුණුව, අලුතින් ඉදිවෙන බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය ආදිය කොළඹ සංවර්ධනයේ ආරම්භක පියවර ලෙස හැඳින්විය හැකියි. මේ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි.21 වැනි සියවසට ගැළපෙන ආකාරයේ කොළඹ නගරයක් නිර්මාණය කිරීමට බස්නාහිර මහා නගර අමාත්‍යාංශයත්, පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාත් කටයුතු කරනවා.එතුමා ඒ අභියෝගය ඉතා හොඳින් භාරගත්තා. ඔහු අමාත්‍යාංශයට පැමිණෙන විට සමස්තය ලෙස ශ්‍රී ලංකාවත්, නිවාස සංවර්ධන අධිකාරියත් ණය බරින් මිරිකී සිටියා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගත් පියවර නිසා නිවාස සංවර්ධන අධිකාරියේ ණයත්, රටේ ණයත් ක්‍රමානුකූලව ගෙවීමේ හැකියාව ලැබිලා.දකුණු ආසියාවේ අනෙක් ප්‍රධාන නගර කොළඹ නගරය මෙන් දියුණු කිරීමට පහසු නගර නොවෙයි. මුම්බායි - කොල්කටා, දිල්ලි, කරච්චි, ඩකා ආදී නගරවල ජනගහණය ලක්ෂ 100-150 පමණ වෙනවා. ඒ නිසා නගරය සංවර්ධනය කිරීම අපහසු කටයුත්තක් බවට පත්වෙලා. සියල්ල ප්රජාතන්ත්රවාදී රටවල් නිසා ආණ්ඩුවලට අවශ්‍ය පරිදි ජනතාව ඉවත් කළ නොහැකියි.ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ජනගහණය අනෙක් ආසියානු නගරවලට වඩා සාපේක්ෂව අඩු අගයක් ගන්නා නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ අපේ රජයේ අවධානය යොමු වී තිබෙන්නේ කොළඹ නගරය දියුණු කිරීමටයි.කොළඹ නගරයට අවශ්‍ය නිවාස පහසුකම් සලසන අතරතුර එහි අනෙක් පහසුකම් දියුණු කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම ප්‍රදේශයේ අධ්‍යාපනය ද දියුණු කළ යුතුයි.රටේ හොඳම පාසල් පිහිටා තිබෙන්නේ කොළඹ නගරයේයි. ඒ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගෙන් අඩකටත් වැඩි පිරිස කොළඹ නගරයේ පිටත ජීවත් වන අයයි. ඒ නිසා මැද කොළඹ සහ උතුරු කොළඹ නව ජාතික පාසල් දෙක ආරම්භ කිරීමටත්, ඒ ප්‍රදේශයේ ඇති අනෙක් පාසල් තව දියුණු කිරීමටත් මා කටයුතු කරනවා.බස්නාහිර සංවර්ධන හා මහ නගර අමාත්‍යාංශයත්, කොළඹ නගර සභාවත් එක්ව කටයුතු කරන්නේ වසර 10ක පමණ දීර්ඝ සැලැස්ම ඇතිවයි.එසේ නම් අද අප දකින්නේ 21 වැනි සියවසට අනුව කොළඹ නගරය දියුණු කිරීමේ වැඩකටයුතුවල ආරම්භයයි. ඒ වෙනුවෙන් චම්පික ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයටත් සම්පූර්ණ ශක්තිය දෙනවා.1979-1980 කාලයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කරන සමයේ කොළඹ පරිවර්තනය ආරම්භ කිරීමෙන් පසුව එවැනි සංවර්ධනයක් නැවත ඇති වන්නේ වර්තමානයේ බව පැවැසිය යුතුයි. 1979 දී වූ සංවර්ධනයටත් වඩා විශාල සංවර්ධනයක් ඇති කිරීමට කොළඹ නගරය නවීන නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සියලුදෙනාම දිය යුතුයි.අද ව්‍යාපෘතිය සංවිධානය කළ නාගරික සංවර්ධන අධිකාරියටත්, සමාගමටත්, අනෙක් සියලු දෙනාටත් මා අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.බස්නාහිර මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා“මධ්‍යම පාන්තික නිවාස 50,000 ඉදිකිරීමේ වැඩ කටයුතුවලින් පළමු පියවර අප තැබුවා. ලොකු සද්ද බද්දවලින් තොරව 2020 වනවිට මධ්‍යම පාන්තික නිවාස 50,000 ඉදිකිරීම අපේ අරමුණයි.ලබන 12 වැනිදාත් තලවතුගොඩ ප්‍රදේශයේ මෙවැනිම මධ්‍යම පාන්තික නිවාස ක්‍රමයකට මුල්ගල තබනවා. ඉදිරියේදී මහරගම, පිළියන්දල ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.මා නාගරික සංවර්ධන අධිකාරිය භාරගන්නා විට එහි විශාල ණය බරක් තිබුණා. කොන්ත්‍රාත්කරුවන් සඳහා මිලියන 39,000ක් ගෙවිය යුතුව තිබුණා.කොළඹ නගරය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉදිරියට නොගෙන සහාය දෙන ලෙසට අලුතෙන් පත්වූ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.ලබන සැප්තැම්බර් මාසය වනවිට තව වසර 80ක් සඳහා කසළ බැහැර කළ හැකි ස්ථානයක් අප අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙනවා. එවිට මේ සියවස අවසන් වනතුරු කසළ ප්‍රශ්නයක් නොවේවි.කොළඹ නගරය ආශ්‍රිතව සැහැල්ලු දුම්රිය සේවයක් ඇති කිරීමේ වැඩකටයුතු දෙසැම්බරයේදී ආරම්භ කරනවා. යාචකයන්ගෙන් තොර, පැල්පත්වලින් තොර කොළඹ නගරයක් බිහි කිරීම අපේ අරමුණයි.”නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. | කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ | 0 |
(නිමල කොඩිතුවක්කු)යහපාලන රජය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවකයන්ට දී ඇති ස්වාධීනත්වය ගම්පහ දිසා වන නිලධාරිනියගේ හැසිරීමෙන් පෙන්නුම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ, පොලිසියේ, අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමා ඒකාධිපතිත්වයකට රට ගෙන යාම වත්මන් රජයේ අරමුණ වී ඇතැයිද? මන්ත්‍රීවරයා සඳහන් කළේය.රාජ්‍ය නිලධාරීන්ගේත්, පොලිසියේත්, අධිකරණයේත් ස්වාධීනත්වය දෙමින් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියලු කණ්ඩායම් ඒකරාශී විය යුතු යැයි කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.“පහුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය සේවකයන්, ස්වාධීන ආයතන සියල්ලක්ම දේශපාලනීකරණය වෙලා තිබුණා. ඒ හොල්මන් දැන් අපට ආපහු දකින්න ලැබෙමින් තිබෙනවා.රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ස්වාධීන ආයතන සියල්ලම නැතිකර එක පුද්ගලයෙකුට එක පවුලකට සම්පූර්ණ බලය ගෙන රට පාලනය කළ යුගය අපට අමතක නැහැ.2015 න් පසු නැවත අප 19 වැනි සංශෝධනය ගෙනල්ලා මේ ආයතන ස්වාධීන කර රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බවට පත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම රාජ්‍ය ආයතන ස්වාධීන කිරීමටත්, පොලීසිය, අධිකරණය ස්වාධීන කිරීමටත් අපිට හැකිවුණා. එක විධායක ජනාධිපතිවරයෙකු යටතේ තිබූ බලතල පාර්ලිමේන්තුවට, ස්වාධීන කොමිෂන්වලට දීමටත් අපට හැකිවුණා.දිසාවන නිලධාරීතුමිය දේශපාලන අධිකාරිය ඉදිරියේ නොබියව කතා කරනවා අප දැක්කා. රාජ්‍ය සේවය ශක්තිමත් කර අප පහුගිය අවුරුදු හතරේ බලාපොරොත්තු වූ කාරණාව දැන් ඉටු වෙමින් තිබෙනවා. දැන් 2015 ට පෙර වගේ රාජ්‍ය සේවකයන් පාගගෙන කටයුතු කරන්න බැරි වෙලා.නමුත් දැන් යළිත් 2015 ට පෙර තිබූ තත්ත්වයට රාජ්‍ය සේවකයන් පත්කරමින් යනවා. රාජ්‍ය සේවකයන් ගස් බැන්ද, රාජ්‍ය ආයතන වලට කඩා පැන ප්‍රහාරයට ලක්කරපු, රාජ්‍ය සේවකයන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරපු ක්‍රමවේදය යළි ඇති කිරීමට මේ රජය උත්සාහ කරනවා.අද මේ අයට තිබෙන ලොකුම හිසරදය 19 වැනි සංශෝධනයයි. මේක වෙනස් කරන්න හදන්නේ රටට සෙතක් සලසන්න නෙවෙයි මේ අයගේ ඒකාධිපතිත්වය තහවුරු කර ගන්නයි.ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. අය වැයක් හෝ මුදල් පනතක් හෝ ඉදිරිපත් කරන්න. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න අප සූදානම්.ජනතාවට සහන මල්ලක් දෙනවා කියා ගෙන ආපු ආණ්ඩුව එක සහනයක් දීලා නැහැ. අප ගැබිණි මාතාවන්ට දීපු පෝෂණ මල්ලත් දැන් නතර කරලා. දූ - දරුවන්ට ඇදුම් කට්ටල දෙකයි, සපත්තුයි දෙනවා කිව්වා. ඒවා තියා අප දීපු වවුචරේ මිල ගානත් අද අඩුකරලා. පොහොර නොමිලේ දෙනවා කිව්වා. සල්ලි දීලා ගන්නවත් අද පොහොර කඬේ නැහැ. දැන් ජනතාවට එදා වේල කාලා ඉන්න බැරි තත්ත්වයට ජීවන මිල ඉහළ ගිහිල්ලා.ඇත්තටම ජනතාවට සහන දෙන්න අවශ්‍ය නම් ආන්ඩුවට ඒ සඳහා හොද අවස්ථාව දැන් තිබෙනවා. ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල සීයට 20 කින් අඩුවෙලා. අපේ ආණ්ඩුව තිබුණා නම් මිල සූත්‍රය යටතේ ඉන්ධන ලීටරයක් රුපියල් 10ත් - 12ත් අතර ගණනකින් අඩු කරනවා. කරුණාකරලා මේ සහනය ජනතාවට දෙන්න කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරගත්ත ලොකුම වැරුද්ද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නොදීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට සහාය දුන්නානම් මල්මාලා දාලා පිළිගන්නවා. පොහොට්ටුවට සහය දෙන්න ශ්රීලනිපය තීන්දු කළවිට ඒ අය පිළිගත්තෙත් හූවෙනුයි. පොහොට්ටුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දීගය හරියට සැමිය බිරියට තඩි බාන එක බිරිඳ අහක බලාගෙන ඉන්නවා වගේයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ වටිනා පක්ෂයයි. අප හදන නව සංධානයට එකතු වෙන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරනවා. අපි එකතුවෙලා සහෝදරත්වයෙන් මේ ගමන ඉදිරියට යමු කියලා අපි ආරාධනා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙම පොහොට්ටුවෙන් බැනුම් අහ- අහා ඒ අයගේ පස්සෙන් යන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන තින්දුව ගත යුතුයි” යයිද ඔහු එහිදී පැවැසීය.මතුගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජගත් විතාන මහතා :“පසුගිය ජනාධිපතියවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාව වටේ වට දෙකක් දිව්වට පස්සෙ තමයි අපට අපේක්ෂකයා කවුද කියා කිව්වේ. ඊට පසු අප කඩිමුඩියේ බෙල්ල කඩාගෙන ගිහින් ලක්ෂ 56 කට ආසන්න ගානක් ඡන්දය දුන්නා.මුදලට පක්ෂය පාවාදෙන, රාජපක්ෂලත් එක්ක ඩීල් දාන කණ්ඩායමක් අදටත් අපට ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරන්න පූර්ණ සහයෝගය මේ අයගෙන් අදටත් අපට ලැබෙන්නේ නැහැ.දෙපාර්ශවයේම ජාතික ලැයිස්තුව බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. නෝනයි -මහත්තයයි දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. මේක නතර කළ යුතුයි. මේ අයට මෙදා සැරේ මහ මැතිවරණයේදී ජනතාව හොද උත්තරයක් දේවි කියා අප විශ්වාස කරනවා” යයිද ඔහු එහිදී පැවැසීය. මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීවේය.ප්රශ්නය : ඇයි ඔබතුමන්ලා අලියා ලකුණින් ඡන්දය ඉල්ලන්න අකමැති?පිළිතුර : අලියා ලකුණින් ඡන්දය ඉල්ලන්න අප සියලු දෙනාගේ කිසිම ගැටලුවක් නැහැ. අලුතින් හදන සන්ධානයට අලියා ලකුණ දෙනවනම් ප්රශ්නය අවසන් වෙනවා.දැන් මේ ප්රශ්නය හොදටම ඇති. මේ සතිය අවසන් වෙන්න පෙර අවසාන තීන්දුව ගත යුතුයි. සිකුරාදා දිනය වෙන විට අවසන් තීන්දුව ගන්නා ලෙසට අප සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.ප්රශ්නය : එක්සත් ජාතික පක්ෂයේ පිරිස අයින් කරගෙනද ගමන යන්න හදන්නේ?පිළිතුර : අපට කාවවත් අයින් කර යන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය විදියට සියලුදෙනා එකතු කරගෙන ගමන යා යුතුයි.ඊයේ දිනයේදීත් සජිත් ප්‍රේමදාස මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කළා. හෙට දිනයේදීත් දීර්ඝ සාකච්ඡාවක් වෙනවා. සකච්ඡා වලින් ගන්න තීන්දුව සිකුරාදා වෙනවිට අවසන් විය යුතුයි කියන එක තමයි, අපේ ස්ථාවරය වන්නේ.ප්රශ්නය : හෙට ගන්න තීරණය මොකක්ද?පිළිතුර : මේක වහෙන් ඔරෝ කියන්න දෙයක් නොවෙයි. මේ මැතිවරණයේදී අප කණ්ඩායම් දෙකක් විදියට ඉල්ලනවද, එක කණ්ඩායමක් හැටියට ඉල්ලනවද කියන තීන්දුව ගත යුතුයි. | යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා | 1 |
(නිමල කොඩිතුවක්කු)එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.පාක්ෂිකයන් වෙනුවෙන් එකමුතුබව ඇතිව නව සංධානය හා එක්ව ඉදිරියට යාමට අලියට මුවාවී තමන්ගේ පටු වාසි වෙනුවෙන් කුමන්ත්‍රණ සිදුකරන කිහිපදෙනාට ආරාධනා කර සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.කොළඹ, මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.“මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයකට ආසන්න වෙලා තියෙනවා. අපි දින 100 යේ ආණ්ඩුවේ කරපු වැඩයි මේ ආණ්ඩුව දින 100 න් කරපු වැඩයි උරගා බලන්න දැන් ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.2015 ජනවාරි 08 වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා. දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, ජනතාවට සහන දුන්නා. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකි වුණා.මේ සියල්ල සිදුකළේ අපි මන්ත්‍රී ධුර 42ක් තියාගෙනයි. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා. ජනතාවට සහන දෙන්න අවශ්‍ය බහුතරය ලබාදෙන්න අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් මේ ආණ්ඩුවට කිසිදු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැති බවට දැන් ජනතාවට පැහැදිලිව පෙනී යනවා.මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. මේ අය හිතන් ඉන්නේ මේ ලක්ෂ 69 ම රාජපක්ෂ පස්සෙ යන බයියො පිරිසක් කියලා. හැබැයි ඒ අය දන්නේ නැහැ මෙතන ලක්ෂ 25ක් පමණ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ඉන්නවා කියලා. අද ඒ සියලු දෙනාම පාහේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටිනවා. අද ඔවුන්ට මේ ආණ්ඩුව වහකදුරු ගානයි.ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වුණාට මේ අර පරණ සෙට් එකම තමයි මැති ඇමතිකම් කරගෙන ඉන්නේ. 2015ට පෙර තිබුණු පරණ තැටියම දැන් වාදනය වෙමින් තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න තනි වාහනේ ආවට රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේ විශාල පිරිසක් පිරිවරාගෙනයි. අද ඥාති පරම්පරාව විතරක් නෙමෙයි විහිළුකාරයො, කිරිහාමිලා, අප්පුහාමිලා සියලු දෙනාම පිරිවරාගෙන තමයි රට යන්නේ. මේ ආණ්ඩුවට විදේශ රටවලින් ඇවිල්ලත් මිනිස්සු ඡන්දය දුන්නලු. මේ අයටත් අද මුහුණ දෙන්න බැරි විදියටයි මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකයා විදියට මේ සංධානයට නායකත්වය ලබාදෙනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් මේකට අනුමැතිය ලැබුණහම බොහෝම සද්භාවයෙන් අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරාවි කියලා අපිත් හිතුවා. නමුත් සද්භාවයෙන් නෙමෙයි ඒ කටයුත්ත මේ අය කරන්නේ කියලා දැන් අපිට පැහැදිලි වී තිබෙනවා.දැන් මේ අය අපේ අලුත් සංධානයට දුස්රා පන්දු දානවා. අලියා ලකුණට මුවාවෙලා මේ අය තමන්ගේ න්යායපත්රය යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒත් අපිට මේ අලියට මුවාවෙලා කරන මේ කුමන්ත්‍රණයට හසුවෙන්න බැහැ.ඔය අලියා ඉදිද්දීම තමයි සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජනාධිපතිවරණයට හංසයාගෙන් ඉල්ලුවේ. දැන් අලියා ගැන කිඹුල් කඳුළු හෙලන අය එදා කිඹුල් කඳුළු හෙලුවේ නැහැ.අපි මේ පුළුල් සංධානය හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජයග්‍රහණය සහ අභිමානය ලබාගන්නයි. අපි අලියගෙන් වසර ගණනාවක් ඉල්ලුවා. හැබැයි අපිට ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස් කරගන්න බැරුව ගියා. පාක්ෂිකයන් තුළ අලියට තියෙන ආදරය දඩමීමා කරගෙන සමහරු උත්සාහ කරනවනම් තමන්ගේ පෞද්ගලික න්යායපත්ර ඉටු කරගන්න ඒකට අවස්ථාව දෙන්න බැහැ.එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, අකිල විරාජ් කාරියවසම්වත්, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි කීප දෙනාවත් නෙමෙයි. සිරිකොතේ යතුර, ව්‍යවස්ථාපිත බලය තියෙන්න පුළුවන්, අලියා තියෙන්න පුළුවන් නමුත් පාක්ෂිකයන් රැකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.අපි මේ හදන පුළුල් සංධානය ජනගත කළහම මේ ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා ඒකරාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 113 ඉලක්කයට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.යැයිද ඔහු එහිදී පැවැසීය. | යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවයට දුන් නිදහස වන නිළධාරිනියගේ ක්‍රියාවෙන් පේනවා | 0 |
(සුජිත් හේවාජුලිගේ)විදේශවල සිට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂා කර නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළෙන් වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ වවුනියාව වෙඩිවෛත්‍යකල්ලු බෝගස්වැව විදුහල් භූමියේ දී පෙරේදා (3) වැනිදා පෙරවරුවේ පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේ දීය.මෙය එම වැඩසටහන් මාලාවේ 17 වැනි වැඩසටහන වූ අතර උතුරු පළාතේ පැවැත්වූ පළමු වැන්නයි.වර්තමානයේ කතා බහට ලක්ව ඇති මාතෘකා කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය මෙහිදී නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව ද පැවැසීය. ආනයනික පොල් තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනා ගැනීමට හැකි වූයේ පරික්ෂණවල ප්‍රතිඵලයක් විදියට බවත් පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රමිතිය සහතික කිරීම අදාළ ආයතනවල වගකීම බවත් ඔහු පෙන්වා දුන්නේය.තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලයේ දී ඉටුකළ කාර්යභාරය පැහැදිලි කළ ජනාධිපතිවරයා පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටු පොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව කීය. පොල් තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කෙරුණු බවත් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් පැවැසීය.මවුපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේලාට ශාසනික මෙහෙවර ඉටු කිරීමට අපහසු වී ඇති බැවින් ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් රැකියාවක් දීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා හෙළි කළේය.වවුනියාව දිස්ත්‍රික්කයේ ජල හිඟය පිළිබඳ ජනතාවගෙන් පළ වූ අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා දශක ගණනාවක සිට පවතින පානීය ජල ගැටලුවට වසරක දී විසඳුම් දීමට පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්කයේ ජන ගහණයෙන් සියයට 92ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳින හෙයින් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙන ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 6000 ක් වෙන් කිරීමටත් ප්‍රදේශයේ සියලුම නළ ළිං ප්‍රතිසංස්කරණය සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් තීරණය විය.දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරු හිඟය ගොඩනැගිලි සහ මේස පුටු හිඟයට ඉක්මනින් විසඳුම් අවශ්‍ය බව ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛන සපයාගෙන අවශ්‍යතාව අනුව මුදල් වෙන් කරන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.වවුනියාව නගරයේ සිට කිලෝ මීටර් 38 පමණ දුරින් නැගෙනහිර හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ටත්, බටහිරින් නන්දිමිත්ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව 1, බෝගස්වැව 2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න යන ගම්මාන ග්‍රාම සේවා වසමට අයත්ය. පවුල් 478 කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහනය 1520 කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.ගම සමග පිළිසඳරට සහභාගි වීමට බෝගස්වැවට පැමිණි ජනාධිපතිවරයා බෝගස්වැව මහා විද්‍යාලය දක්වා යන මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව සමග කතා බහ කරමින් ප්‍රදේශයේ තොරතුරු සහ ගැටලු විමසීය.එස්.එල්.ටී. මොබිටෙල් ආයතනය බෝගස්වැව මහා විද්‍යාලයට සහ නෙදුන්කර්නි මහා විද්‍යාලයට පිරිනැමූ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙකක් හා ඩයලොග් ආයතනය පිරිනැමූ රූපවාහිනි යන්ත්‍රය හා සබඳතාව විදුහල්පතිවරුන්ට බාර දීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.පාසල්වල පුස්තකාල පහසුකම් ප්‍රවර්ධනය සඳහා පොත් කට්ටල ජනාධිපතිවරයා විසින් පාසල්වලට පිරිනමනු ලැබීය. එක් පාසලකට ලැබෙන විවිධ විෂයයනට අයත් පොත් සංඛ්‍යාව 500 කි.හිමිකමක් නැතිව මෙතෙක් රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්රදානය පසුගියදා ආරම්භ කෙරිණ. ජනාධිපති වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පවුල් පහකට සංකේතාත්මකව දීමනා පත්‍ර ප්රදානය කළේය.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මෙහෙයවන පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව තුනක් බෝගස්වැව ගම්මානයේ වැව් 16ක්, කිවුල්ඔය ව්‍යාපෘතිය ඇතුළු වැව් 17 ක් ප්‍රතිසංස්කරණයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.පුරා විද්‍යාත්මක උරුමය ආරක්ෂා වෙන පරිදි ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වන අලි තර්ජනයට ගොදුරු වී සිටින ගම් ආරක්ෂා කරනු පිණිස විදුලි වැට ඉදිකිරීමට ද තීරණය විය.බෝගස්වැව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍ය, හෙද හා සෙසු කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, යටිතල පහසුකම් සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ජනාධිපතිවරයා නියම කළේය.දීර්ඝ කාලයක සිට පවතින ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු කඩිනමින් නිරවුල් කර කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට ගම්මුන්ට පහසුකම් සැලසීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.මේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් හා කුලසිංහම් තිලීපන් යන මහත්වරුන් ද ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. | “රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ | 1 |
ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ද ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවාගන්නා ක්‍රමවේද විධිමත් කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහිකිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මඟින් කාලීනව ඉංග්‍රීසි, ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබ තිබිණි. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයි ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙහිදි සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ජනතාව එහිදි ජනාධිපතිවරයාට පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැන නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇතැයි එහිදි ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුපොල් වගාවෙන් ලාභ ලැබුණ ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් එම ලාභයෙන් පලක් නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ නිසා පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතු එහිදි පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි කීවේය. රබර් ආශ්රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබෙන නමුත් එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අවධානය යොමු කළේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ. කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවැසීය.නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන් විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද මෙහිදි සාකච්ඡාවට ලක් වූ ප්රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වූ අතර වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. එමඟින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු විය.මෙරට සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී තිබෙන කී ජනාධිපතිවරයා හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් උපදෙස් දුන්නේය.උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා මෙහිදි පියරව ගත්තේය.හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා එහිදි වැඩිදුරටත් දැනුම් දුන්නේය.දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පැළ 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.055 | “රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ | 0 |
(නාලක සංජීව දහනායක)නව දේශීය ආදායම් පනත මඟින් සීමාවකින් තොරව බදු පැනවීම නිසා සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙරේදා (24) පැවැසීය.ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාස්රමයේදී පෙරේදා (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “දැනට ක්රියාත්මන නව දේශීය ආදායම් පනතින් ජනතාව අන්ත අසරණ වෙනවා. මෙම පනත අනුව මේ මාසයේ සිට ඕනෑම දේපළක් කුලියට දීමෙන් ලැබෙන ආදායමෙන් සියයට දහයක රැඳවුම් බද්දක් අය කරගන්නවා. බොහෝ ව්‍යාපාරිකයන් වෙළෙඳාම් සිදුකරන්නේ තමන්ගේ ගොඩනැගිලිවල නෙමෙයි. ඔවුන් ඒ ගොඩනැගිලි සඳහා කුලිය ගෙවනවා. නව බදු නීතිය යටතේ ගෙවන තැනැත්තා කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වෙනවා. එය හරිම අපූරු නීතියක්. අපේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව මේ නීතිය ගැන දන්නේ නැහැ.එමෙන්ම වාහන කුලියට දෙන ව්‍යාපාරිකයන්, කිරි එකතු කරන මිනිසුන් මේ සියලු දෙනාම නියමිත කුලී මුදලින් සියයට දහයක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුයි. අවසානයේදී මේ බදු මුදල් ගෙවන්නේ රටේ පොදු ජනතාවයි. එමෙන්ම මේ බදු මුදල් වැඩිවීම හේතුවෙන් සියලුම භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. අපේ ආණ්ඩුව කාලේ මෙහෙම සීමාවකින් තොරව බදු පැනෙව්වේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පහසුකම් සැලැසුණා.නව බදු පනතින් කිසිවකුට කිසිම ආකාරයකවත් හානියක් සිදු නොවන බවට රජය පුවත්පත් දැන්වීම් පළකරනවා. ආණ්ඩුවේ මේ අසත්‍ය ප්රචාරක ව්‍යාපෘතිය නිසා බදු ගෙවන පිරිස් නොමඟ යනවා. එමෙන්ම කර්තෘවරුන්ට හා නිර්මාණකරණයේ යෙදෙන අයටත් බදු පනවා තිබෙනවා. විශේෂයෙන්ම කර්තෘවරුන්ට ලැබිය යුතු කර්තෘ භාගය සඳහා සියයට දාහතරක බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ පනත අනුව කටකතාවලට හැර අනෙක් සියලුම කතන්දර සඳහා බදු ගෙවිය යුතු වෙනවා. බදු ගෙවීමේ සීමාවක් නැහැ. ඉදිරියේදී පත්වන අපේ රජයක් යටතේ මෙම බදු පනත සංශෝධනය කරන බවට අපි ප්‍රතිඥා දෙනවා.එමෙන්ම රජයේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නොගෙවන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ කවමදාකවත් මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා නැහැ. මේ තත්ත්වය ලෝකයා දැන ගැනීම රටට හොඳ නෑ.”පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.“මේ වනවිට අපේ රටේ කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාවට හෙට දවස සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබෙනවා. වර්තමාන රජය බලයට පත්වී ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.වර්තමාන ආණ්ඩුව ඉස්සෙල්ලාම වී ගොවිතැන පාලනය කළා. කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂයකට ජලය ලබාදීම නැවැත්තුවා. වී ගොවිතැනට හා අනෙකුත් වගාවන් සඳහා පොහොර ලබාදීම නතර කළා. කොයිතරම් ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කන්න 18ක් පොහොර සහනාධාරය ලබාදුන්නා. ඒ නිසා හැම බිම් අගලක වගා කළා. ඒ නිසා කෘෂි ආර්ථිකයේ නවෝදයක් ඇති වුණා. ගොවීන්ගේ අතමිට මුදල් ගැවසුණා. නමුත් මේ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවගේ ජීවිතය අන්තිම අසීරු තත්ත්වයකට වැටිලා. මේ අර්බුදය ගැන ගොවීන් සමඟ සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් නැහැ.නියඟය නවත්වන්න ආණ්ඩුවකට බැහැ. නමුත් නියඟයෙන් ඇතිවන ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට එහෙම කළමනාකරණ හැකියාවක් නැහැ. අවුරුදු තුනකට පස්සේ වර්තමාන ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා පොහොර මිටිය රුපියල් පන්සියයට දෙන්න කටයුතු කරනවා.මේ වනවිට අපේ රටේ කන්න පහක් පාඩුවෙලා තිබෙනවා. දැන් යල කන්නය සඳහා කුඹුරු සකස් කරලා අවසන්. නමුත් මේ මොහොත වනතුරුත් රුපියල් පන්සියයට කුඹුරු සඳහා පොහොර ලබාදීමත්, රුපියල් එක්දහස් පන්සියයට අනෙකුත් භෝග සඳහා පොහොර ලබාදීමත් සිදුවී නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන මිල ගණන් යටතේ කිසිම තැනක පොහොර නැහැ. ඒ සම්බන්ධ නියෝග චක්‍රලේඛයකට පමණක් සීමා වී තිබෙනවා. ඒ චක්‍රලේක තවම සාකච්ඡා මේසයට පමණක් සීමා වී තිබෙනවා.එමෙන්ම මහවැලි ජලාශවල ජලය ලබාදීම සම්බන්ධයෙනුත් රජයේ නිසි ක්‍රමවේදයක් නැහැ. ගොවිබිම් සඳහා ජලය ලබාදීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ගොවිතැන් සඳහා ජලය ලබාගැනීම ගොවීන්ට සිහිනයක් පමණක් බවට පත්වෙලා. ඒ නිසා කෘෂිකර්මාන්තය බරපතළ ගැටලුවකට පත්වෙලා. කිසිම කෘෂි නිෂ්පාදනයකට ප්‍රමිතියක් නැහැ.මේ අර්බුද නිසා සහතික මිලකට නිෂ්පාදනයක් මිලදී ගන්න බැහැ. අපි රුපියල් විසිපහත්, තිහත් අතර මිලකට වී ටික මිලදී ගත්තා. පාරිභෝගිකයාට රුපියල් හැටට සහල් අලෙවි කළා. අල, ලූනු අස්වැන්න ලැබෙන කාලයට ආනයනික අල, ලූනු සඳහා සීමාවන් පැනෙව්වා. ඒ නිසා ගොවියත්, පාරිභෝගිකයත් රැකුණා. අනාගතයේ බිහිවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මාන්තය නියාමනය සඳහා කෘෂි නිෂ්පාදන අධිකාරියක් පිහිටුවනවා” යැයි ද කීය. | නව බද්දෙන් ජනතාව සුද්දයි | 1 |
(නාලක සංජීව දහනායක)බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන්ගේ අදහස් ලබා ගත යුතු වුවත් දේශීය ආදායම් පනත සකස් කිරීමේදී රජය එවැනි අදහස් ලබා ගැනීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (29) පැවසීය.තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීමට යෑමේදී රටේ ජාතික න්‍යාය පත්‍රය විවිධ අර්බුදවලට ලක්වනවා යැයි ඒ මහතා ද කීය.ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල, ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ස`දහන් කළේය.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත නව දේශීය ආදායම් පනතින් මසකට රුපියල් 50000ත් අවමය රුපියල් ලක්ෂ හයක් දක්වා ආදායම් උපයන සියලූම දෙනාට බදු පනවා තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් ලබාදී තිබූ සියලූම බදු සහන කිසිවක් නව දේශීය ආදායම් පනතට අතුළත් කර නැහැ. ඒ බදු සහන සියල්ලම කපා හැර තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය පිටු 44ක් පුරාවටම යම් යම් කේෂත්ර සඳහා ලබාදී තිබූ බදු සහන නව දේශීය ආදායම් පනතින් පිටු දෙකකට සීමා කර තිබෙනවා. ඒ අනුව අහෝසිවන බදු පිළිබ`දව සමාජයේ කිසිවකු දැනුවත් නැහැ.බදු පනතක් සකස් කිරීමට පෙර විද්වතුන් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත යුතුයි. නමුත් මෙම පනත සකස් කිරීමේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වූයේ නැහැ. මේ අර්බුද සියල්ලම ඇතිවුණේ ඝානා රාජ්‍ය සඳහා සකස් කළ බදු පනතක් කෑලි කපා අපේ රටට ගැනීම නිසයි. තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කිරීමේදී රටේ ජාතික න්‍යාය පත්‍රය අර්බුදවලට ලක්වනවා.මෙම නව බදු පනත ස්වදේශිකයන් වනසන විදේශිකයන් සනසන බදු පනතක්. පහළ ආදායම් ලබන උදවියටත් බදු පනවලා. රජයක් විසින් සකස්කරන ලද බදු පනතකට එරෙහිව ඉතිහාසයේ කවරදාකවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මෙම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10ක් ඉදිරිපත් වුණා. මෙම පනතේ සඳහන් ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපත් මෙම පනතට සංශෝධන 31 ඉදිරිපත් කරා. මෙම පනත ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.නව දේශීය ආදායම් පනත හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා විසින් ලෝක බැංකු නියමයන් අනුවම සකස් කළ පනතක්. ඒ නිසා මෙය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු යැයි මම විශ්වාස කරනවා. අපි විසින් ඉදිරිපත් කළ සංශෝධන සඳහා සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. සුසිල් පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයාගෙන් හා ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ මමත් පෞද්ගලිකවම මේ ගැන සාකච්ඡා කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙක් වශයෙන් සිටි ආණ්ඩුවක් විසින් ලබාදුන් සහන එතුමා ජනාධිපතිවරයා වශයෙන් සිටින ආණ්ඩුවක් විසින් කප්පාදු කිරීම යුක්ති සහගත නැහැ.ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ජනතාව මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ තමන්ට ලැබෙන සහන තවත් වැඩිකර ගන්න මිස තිබෙන සහන කප්පාදු කරගන්න නෙමෙයි. ජනතාව මත පමණක් නෙමෙයි මෙම ආණ්ඩුව සියලූම පුණ්‍යායතන සඳහාත් බදු පනවා තිබෙනවා. ඒ නිසා මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට පටහැනියි. පසුගිය රජය සේවක අර්ථ සාධක අරමුදලට පනවා තිබූ සියයට 10ක බදු මුදල මෙම පනතින් සියයට 14 දක්වා වැඩිකරලා. එමෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර ආරමුදල මත පනවා තිබූ සියයට 16 බද්ද සියයට 20 දක්වා වැඩි කරලා. සමස්තයක් ලෙස ගතහොත් අපේ රටේ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් ලබන්නේ ඉතා අඩු වැටුපක්. ඒ නිසා ඔවුන්ගේ වැටුපට යම් යම් දීමනා ඇතුළත් කර තිබෙනවා. මෙම නව පනතින් ඒ දීමනා සියල්ලටම බදු පනවා තිබෙනවා.එමෙන්ම රටට වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට නම් රටේ ඉතුරුම් ඵලදායිතාව වැඩි කරගත යුතුයි. ඒ නිසා වැඩි වැඩියෙන් බදු සහන ලබාදෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව විසින් ලබාදෙන සහනාධාර සඳහා මේ ආණ්ඩුව බදු පනවලා. අපේ රටේ තිබෙන්නේ දුප්පත් කලාවක්. කලාකරුවන් බොහොම අමාරුවෙන් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ නිසා කලාව නඟාසිටුවීමට මහින්ද රාජපක්ෂ රජය කලා නිර්මාණ ස`දහා බදු සහන ලබාදුන්නා. නව දේශීය ආදායම් පනතින් ඒ බදු සහන සියල්ලම ඉවත් කර තිබෙන බවද පැවසීය. | නව බද්දෙන් ජනතාව සුද්දයි | 0 |
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප්රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප්රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප්රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප්රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය. ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්ෂය කීවේ ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” | ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ | 1 |
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 පොහොසත් රටක් දැක්ම ප්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ්‍රම හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිලප්රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න. ප්රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත්ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක්රමෝපායන් මොනවාද?අගමැති (පිළිතුර) :- පක්ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක්රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප්‍රධානම කාරණයයි. ප්රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප්‍රධාන පක්ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි. සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. ප්රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද? ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක් පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන් තුළ බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.ප්රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක්‍රමවේද මොනවාද?පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප්රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.ප්රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්ෂෙත්රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප්රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප්රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.ප්රජාතන්ත්රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප්රජාතන්ත්රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප්‍රතික්ෂේප කරනවා.මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය විය යුතුයි.කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප්රජාතන්ත්රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප්රජාතන්ත්රවාදය අගයන අය විසින් ප්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කොට අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.ප්රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ. අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ. | ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ | 0 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්රය, කෘෂි ක්ෂේත්රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්රජාත්ත්රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. | ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ | 0 |
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ. පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා, ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. | ප්රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ | 0 |
(සුජිත් හේවාජුලිගේ, මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ හා චමිල් රූපසිංහ සහ සෙංකඩගල සිසර කුමාර බණ්ඩාර මහනුවර සිට)තමා ජනාධිපති ධුරයට පැමිණියේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (1) පැවැති මැයි රැලියේදී පැවැසීය.අනාගත සිහින ලෝක දිනා බලා වැඩ කිරීමෙන් රටට ජනතාවට කිසිම පළක් නැතැයි කී ජනාධිපතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ශක්තිමත් කර මේ රට ප්රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.රටේ නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතු බවද ජනාධිපතිවරයා කීය.මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම මැයි රැලියේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.අපි මේ ඓතිහාසික මහනුවර පුරවරය තුළ අද සාර්ථක මැයි රැලියක් පැවැත්තුවා. පාරවල් දෙකකින් පස්වරු 1 ට පෙළ පාළිය ඇරඹුවා. පෙළපාළිය අවසන් කරන්න පැය හයකට වඩා කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කම්කරු ජනතාවගේ, වාම ප්රගතිශීලී ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ, ධීවර ජනතාවගේ බල වේගයයි. මෙය පුළුල් ජාතික බලවේගයක එක අවස්ථාවක් හැටියටත් සැලකිය හැකියි. රැලිය යද්දී මහනුවරට අද ලොකු වැස්සක් වැටුණා. මහනුවර තිබුණේ වියළි කාලගුණයක්. අපි ඇවිල්ල වැස්ස දුන්න එක ගැන සතුටු වෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ මැයි රැලිය පැවැත්වුවා. එදත් මහ වැස්සක් වැස්සා. ලබන අවුරුද්දේ නියඟය තියෙන පැත්තකට මැයි රැලිය ගෙන ගොස් නැවතත් වස්සවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම වැඩ කළේ කම්කරුවාගේ යහපත වෙනුවෙනුයි. ලෝකයේ අධිතාක්ෂණය සමග රටක් දියුණු කිරීමේදී දැනුම බුද්ධිය සහිත නිපුණ ශ්‍රමිකයා වැදගත්. අපිට අපේ රටට ඒ නිපුණ ශ්‍රමයේ අද අඩුවක් නැහැ. වැඩ කරන ජනතාවගේ නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලනඥයා යටත් විය යුතුයි. ඒ හඬ සමග රජය කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් හැමවිටම කටයුතු කළ සංවිධානයක්. අනාගත සිහින ලෝක දිහා බලල වැඩක් නැහැ. හෙට දවසේ කාර්ය භාරය අද දවසේ කළ යුතුයි.ජාත්‍යන්තරවාදය අද ලෝකය තුළ කෙමෙන් කෙමෙන් වියැකෙමින් යනවා. ජාත්‍යන්තර අත පෙවීම් අද වනවිට අඩු වෙමින් පවතිනවා. අද අපට කිසිම රටකින් බලපෑමක් නැහැ. 2015 දී අප ලැබු ජය සමග ජාත්‍යන්තරය දිනා ගත්තා.ප්‍රබල රටවලින් ඈත්වීම නිසා එදා අපේ රට කොන් වුණා. අප රට ජාත්‍යන්තරය ඉදිරියේ විත්තිකරුවකු බවට පත්වුණා.අද අපේ රට විත්තිකාරයකු නොවෙයි. අද අපට තියෙන්නේ නිදහස් රටක්. ජාතික සංහිිඳියාව ශක්තිමක් කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අයගේ වැරදි නිවැරදි කර ගන්න මේ මැයි රැලිය අද හොඳ සංඥාවක් දුන්නා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටත් යන්න කියලත් නෑ. එන්න එපා කියලත් නැහැ. පක්ෂය විවෘතයි. මධ්‍යම කාරක සභාව තුළ ප්රජාතන්ත්රවාදය අද හොඳට තියෙනවා. ඒක ඇතුළේ විවේචන, ස්වයං විවේචන කරන්න පුළුවන්. අපේ පවුලට තවත් පුටුවක් හදන්න මම මෙතනට ඇවිල්ලා නැහැ.අද පක්ෂයේ තරුණ, කාන්තා සංවිධාන ඉදිරියට ඇවිත් තියෙනවා. ශක්තිමත් වී තියෙනවා. පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය දක්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය, දුගී බව අපි ඉවත් කිරීමට කටයුතු කරන්නේ කොහොමද? කියන ඒකයි.දුගී භාවය නැති කිරීමට අප පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළක් රට පුරා ගෙන යනවා.මේ රට ගොඩ නගන්න අපි කවුරුත් එකාවන්ව කැප විය යුතුයි. ඒ සඳහා සියලූ ජාතීන් වාද භේද අමතක කර එකමුතු විය යුතුයි. අනෙක් ජාතීන් අමතක කරලා මේ රට දියුණු කරන්න බැහැ. එදා මේ රට නිදහස ගත්තේ පොදු අරමුණකින් සටන් කරලයි. කලක් අප යුද්ධයෙන් බරපතළ වධ වේදනා වින්දා. රණවිරුවන්ට පින්සිදු වෙන්න අපිට සාමය ලැබුණා. ඉදිරියට මේ රටට ජාතික සංහිදියාව අවශ්‍යයි. රටට ඉදිරියට ගමන් කිරීමට එය අවශ්‍යයි. අපි රට දෙනවා. පාවා දෙනවා ගිවිසුම් ගහනවා කියලා අද සමහරු චෝදනා කරනවා. මම මේ පුටුවට ආවේ ජාතික සංහිදියාව ශක්තිමත් කරන්නත් විදේශීය බලපෑම්වලින් තොරව ප්රබුද්ධ රාජ්‍යයක් ඇති කරන්නයි. අපේ භූමියෙන් කොටසක් විදේශ රටවලට දෙන්න මා සූදානම් නැහැ. පෝට්සිටි චීනයට දීමත් එක්ක දොන් ජුවන් ධර්මපාලලා ඇතිවුණා. අපි ඒ ගිවිසුම වෙනස් කළා. අපිට නොගැළපෙන දේ වෙනස් කළා.වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මම ඒවාට උත්තර දෙන්න සූදානම්. මම මේ පක්ෂයේ සභාපතිකම බලෙන් බාරගත්තේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මට සුහදව බාර දුන්නා. කොතෙක් බාධා ආවත්, කුමන්ත්‍රණ ආවත් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනැවිත් මම පෙන්නලා තියෙනවා. ඉතිහාසය පුරා මෙවැනි අභියෝගවලට අපි මුහුණ දීලා තියෙනවා.මා එය ජයග්‍රාහී දේශපාලන පක්ෂයක් කරනවා.අප අලූත් ආසන සංවිධායකවරුන් පත් කළා. අද සමහරු පක්ෂයේ දේට එන්නේ නැතිව වෙනත් මැයි රැලි පවත්වනවා. මොන චෝදනා ආවත් සම්මුතිවාදී ප්‍රතිපත්ති නිසා අප රට කෙරෙහි ලෝකයේ තිබුණු අප්‍රසාදය මග හැරුණා. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය ඇතිවුණේ ඒ නිසයි. කාර්යාල සේවිකාවන්ට ඇති අයිතිය අද සාප්පු සේවිකාවන්ට නැහැ. කාර්යාල හා සාප්පු සියලූ සේවිකාවන්ට දින 84 ප්‍රසූත නිවාඩුවක් දෙන්න අපි ස්ථීර තීන්දුවක් ගත්තා. සෙනසුරාදා නිවාඩු දින අත හැරලා එය දෙනවා.අද ඔබ වැස්සේ තෙමුණා. ඔබ ඒ කැප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග්‍රහණය වෙනුවෙනුයි. උතුරෙන් වැඩිම ජනතාවක් අද අපේ මැයි රැලියට ආවා. නැගෙනහිරිනුත් වැඩිම පිරිසක් ආවා. එය ලොකු ජයග්‍රහණයක්. ප්රගතිශීලි වාමාංශික ව්‍යාපාරයට ජයවේවා.එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා.ගාල්ලේ පළමු මැයි රැුලියේ වාර්තාව කඩලා අද වැඩිම ජනගඟ ගැටඹේට ගලලා ඉවරයි. තවමත් පෙළපාලි මහ මග. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ බාර ගත්ත ගමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළා. ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩපිළිවෙළ සාර්ථකව එතුමා ඉදිරියට ගෙන යනවා. අද මේ රටට විදුලි පුටුව එන්නේ නැහැ. රණවිරුවා අද ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා ගැන අද ලෝකය විශ්වාසය තබල තියෙනවා. එතුමා ගැන ලෝකයේම විශ්වසය ගොඩනැගුණා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වුණේ ජී.එස්.පී. ප්ලස් ලැබුණේ ඒ විශ්වාසය නිසයි.ඒ සහන ගත්තේ කිසිම අහිතකර කොන්දේසියකට එකඟ වෙලා නොවෙයි. දැවැන්තම මැයි රැලිය වගේම දැවැන්තම පෙළපාළි දෙකක් අද සාර්ථකව පැවැත්තුවා. හම්බන්තොට වැඩිම ජනකායක් ආවේ අපේ මේ රැලියටයි. ඉදිරි පළාත් මැතිවරණ දිනනවා. 2020 දී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා:-කම්කරුවාගේ අයිතීන් දිනා දීමට කටයුතු කළේ අපේ ජනාධිපතිතුමායි. ඔහු කම්කරුවා රකින නායකයායි. විශ්ව විද්‍යාල ශක්තිමත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජනසතු ව්‍යාපාර හරහා ජනතාවට සේවය සැලසුවේ අපේ පක්ෂයයි. සියලූ කම්කරු අරගලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග සිටින බවට පොරොන්දු වෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:-කම්කරුවා වෙනුවෙන් දැවැන්තම සේවය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැයි දිනය නිවාඩු දිනයක් කළේ සේවක අර්ථ සාධක අරමුදල දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. රාජ්‍ය දේපළ විකිණීම නැවැත්තුවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒවා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කම්කරු අයිතීන් සුරැකීමට නම් මෙම පක්ෂය ආරක්ෂා කර ගත යුතුයි. පක්ෂය නොබෙදා අලූත් පක්ෂ නොහදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය දෙන්න. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට අපි කවුරුත් අදිටන් කර ගත යුතුයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා:-වැඩ කරන ජනතාවට ප්රතිලාභ රැසක් දීමට අප කටයුතු කරනවා. කම්කරු නීතිවල පවතින අඩුපාඩු මග හැරවීමට කටයුතු කරනවා. අපේ පිරිසක් අද කොළඹත් මැයි දිනයක් පවත්වනවා. ලබන මැයි දිනයේදී එකම මැයි දිනයක් පවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. හාම්පතුන්ට බරක් නොවන විදියට කම්කරු වන්දි දෙනවා. පෞද්ගලික අංශයේ නිවාඩු ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි.ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා:-අවම ජාතික වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුපක් හඳුන්වාදීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම වාර්තාවක්. අද ඒවා බොහෝ දෙනකුට අමතකයි. මාතෘ නිවාඩු විෂමතාව ඉවත් කර ගන්න අපි ලොකු අරගලයක් කළා. මම සියලූ කම්කරු සංවිධාන සාධාරණයි කියල කියන්නේ නැහැ. සාධාරණ සටන් තියෙනවා. සමහරු පාරට බැහැලා ඔහෙ කරන්නම්වාලේ කරන උද්ඝෝෂණ රටට අහිතකරයි. එහෙම කළාම ආයෝජකයෝ මේ රටට එන්නේ නැහැ. අරගලය සාධාරණ හේතු මත විය යුතුයි. පෞද්ගලික අංශයේ උපරිම සේවා කාලය අවුරුදු පනස් පහ වැඩි විය යුතුයි.මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා:-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනේ උරුමයේ තියෙනවා. අද අපේ පක්ෂයට නායකත්වය දෙන්නේ කැත්ත උදැල්ල හුරු ගොවි පුතකුයි. පක්ෂයට සැබෑ නිදහස දෙන නායකයා ඔහුයි. අද නිල්පාට තියෙන්නේ ගැටඹේ පමණයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අද ඉන්නේ ගැටඹේයි.හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අගමැති දි.මු. ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මැයි රැලියට සහභාගි වූහ. | මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ | 1 |
(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)(ඡායාරූප - ගයාන් අමරසේකර)හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව තවත් සුද්ධෝදනලා එළිවේවි යැයිද ප්‍රකාශ කළේය.“අපේ මේ අපේක්ෂකයන් වැඬේ හරියට කළොත් ඉදිරියට යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්” යැයිද ඔහු කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා තිස්සමහාරාමය දෙබරවැව ඇන්.ටී. දයානන්ද ක්‍රීඩාංගණයේදී පසුගිය 12 වැනි සිකුරාදා පැවැති ජන හමුවේදීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් රැස්වීම සංවිධානය කෙරිණ.දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාව පළ කර ගෞරව දැක්වීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ඇරැඹිණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.තිස්සමහාරාම මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා. රුහුණ මාගම්පුර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ප්‍රදේශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බැඳුණු වාම ප්රගතිශීලී පිරිසක් මේ ප්‍රදේශවල සිටිනවා. ඩී.ඒ. රාජපක්ෂ යුගයේ සිට දිස්ත්‍රික්කයට ශ්‍රීලනිප නායකත්වයක් දුන්නා. අප පක්ෂය සමග එවැනි ගෞරවනීය සම්බන්ධයක් තියෙන පළාතක්. සන්ධාන මහ ලේකම් තනතුර අපි හම්බන්තොටට දුන්නේ ඒ ගෞරවය නිසයි.අද පක්ෂය සරලයි. උස්කම්, මිටිකම් පක්ෂය තුළ නැහැ. අද තියෙන්නේ ගමේ ඡන්දය. ගමට වැඩ කරන නියෝජිතයකු තෝරා ගන්නා මැතිවරණය. ඒ පත්වන නියෝජිතයා පිරිසුදු අවංක කෙනෙකු වෙන්න ඕන.ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා නාගරික මන්ත්‍රීවරයකු සිට අගමැති ධූරයට ආවා. ආර්. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මේ අපේක්ෂකයන්ටත් එහෙම ගමනක් යන්න පුළුවන්. මුලින් වැඬේ හරියට කළොත් ඒ ගමන යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්. වැරැදි කරන අයට මගෙන් කිසිම සමාවක් නැහැ. පක්ෂයේ විනය තියෙන්න ඕන. රටේ නීතිය ඕනෑම කෙනකුට එක විදිහට ක්‍රියාත්මක කරනවා.මම ආවේ සදාකාලිකව වැජඹෙන්න නොවෙයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ කතාවක් යනවා. මගේ ධූර කාලය ගැන රට තුළ සංවාදයක් තියෙනවා. මා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇහුවේ ඒ නිසයි. වෙනත් නායකයෝත් ඔහොම ඇහුවා. විපක්ෂයේ අය වගේම ආණ්ඩුවේ සමහරුන් අද මේකට කලබල වෙලා. විනිසුරුවන් දෙන ඕන තීරණයක් මා බාර ගන්නවා. මම ආවේ සදාකල් වැජඹෙන්න නොවෙයි. තනතුරු මට ප්‍රශ්නයක් නොවෙයි. තනතුරු තිබුණත් නැතත් මම වැඩ කරනවා.අපේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ පසුගිය කාලයේ බරපතළ දූෂණ වුණා. දේශපාලනඥයන් ඒවා කරන කොට රාජ්‍ය නිලධාරිනුත් ඔවුන් අනුගමනය කළා.මම ජනාධිපති වී බරපතළ දූෂණ ගැනත්, බැඳුම්කරය ගැනත් කොමිෂන් සභා දෙකක් පත් කළා. මේ වාර්තා දෙකම මට එකම සතියේ ලැබුණා. මට පක්ෂ භේදයක් නැහැ. දඬුවම් කළ යුතු අයට දඬුවම් දෙනවා.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල ගමේ කියමනක් තියෙනවා. මිහින් ලංකා ගැන ලබන සතියේ කොමිසමක් පත්කරනවා. ඒකෙන් සුද්දෝධනලා එළිවේවි. මා පක්ෂය වගේම ආණ්ඩුවත් ශුද්ධ කරනවා.ආණ්ඩුව ඇතුළේ කොළොන්නාවේ කුණු කන්දට වඩා ලොකු කුණු කඳු තියෙනවා. මා ඒ කුණු කන්දත් අදින්න සූදානම්.සමහරු මම රට විකුණනවා කියලා චෝදනා කරනවා. එදා අපි සමග සම්බන්ධතා පැවැත්වුයේ රටවල් කිහිපයක් පමණයි. අපිට විදේශ රටවලින් එල්ල වූ තර්ජන ඉවත් කරගන්න මා කටයුතු කළා. ලෝකයේ රටවල් මා ගැන විශ්වාසය තැබුවා. රුසියාව අපේ තේ නැවැත්වූවා. මම පුටින්ට ලිපියක් යැව්වා. එතුමා ඒ තහනම ඉවත් කර ගත්තා. පොහොර ප්‍රශ්නයක් ඇතිවුණා. මා පාකිස්ථාන අගමැතිතුමාට කතා කළා. ඉල්ලුවේ මෙටි්රක් ටොන් 40,000යි. 75,000ක්ම එව්වා. රටේ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා.පොහොර හිඟ ඇතිවුණේ අපේ ආණ්ඩුව කාලයේ පමණක් නොවෙයි. පසුගිය ආණ්ඩුවලදීත් ඒ වගේ දේවල් වුණා. හොඳ පිරිසක් හදන්න බුලත් කොළයට ඡන්දය දෙන්න. ඔබ පත් කරන නියෝජිතයා මගේ නියෝජිතයායි.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා: මම දිස්ත්‍රික්කයේ හැම තැනකම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන දිනා ගන්නවා. අපට විරුද්ධ අයත් අද එකතු වී සිටිනවා. අද ජනාධිපතිතුමා රටේ වෙනසක් කරනවා. හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කළා.හම්බන්තොට වරායේ සේවක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්රශ්නය බාරගන්න සූදානම්. ඒක ගිය ආණ්ඩුව හදපු එකයි. හම්බන්තොටට සංවර්ධනය අපි ජනාධිපතිතුමා සමග එකතු වී ගේනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනේ වැදගත් අවස්ථාවක් අද දෙබරවැවෙන් අරඹනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එදා ප්‍රභු පන්තිය ක්‍රියා කළා. සඟ, වෙද, ගුරු... පංච මහා බලවේගය ගොඩනැගුණේ ඒ අනුවයි.දොස්තරවරු, ඉංජිනේරුවරු ගමෙන් බිහිවුණේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නිසයි. බණ්ඩාරනායක මහත්තයා මැරුවේ එතුමා මරන්න නොවෙයි. පක්ෂය මරන්නයි. එතුමා මැරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලත් පක්ෂය විනාශ කරන්න හැදුවා. එහෙත් කරන්න බැරිවුණා. ඊට පසුව චන්ද්‍රිකා මරන්න හැදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැරිවුණා.තනි යූඑන්පී ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ඉන්නේ හිරගෙදර. සම්මුතිවාදි ආණ්ඩුව හැදුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසයි. මේ නිසා නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. පාක්ෂිකයාත් ආරක්ෂා වුණා. මහ බැංකු හොරකම එළියට ආවේ සම්මුතිවාදී ආණ්ඩුව තිබුණු නිසයි. බැඳුම්කර වංචාව ගැන මුළින්ම අල්ලස් කොමිසමට ගියේ මහින්ද අමරවීර. බැඳුම්කරේ ගැන කොමිෂන් සභාව පත් කළේ අපි නිසයි. හොරා එළිවුණේ මේ කොමිෂන් සභා වාර්තාව නිසයි.පාර්ලිමේන්තුව ජෝක් එකක් කළා. එදා හොරා මොකාද කියලා රටම දැනගත්තා. හොරු සමග හෙළුවෙන්. සමහරු ඇත්තට බෙහෙත් දාගත්තා. සමහරු බොරුවට බෙහෙත් දා ගත්තා. දැන් නියම හොරා මාට්ටු.අපි අතර තිබූ සමගිය කැඩුවේ නාමල් හා ගම්පහ පැත්තේ ඌරු මීයෙකු වගේ ඇඟක් තියෙන මොළේ නැති කෙනායි. අපි හංසයාට අලියට පූට්ටු වෙලා නැහැ.ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:- මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ මන්ත්‍රීකම රනිල්ගේ කකුල් දෙක ළඟ තියලයි. මහින්ද වගේ නායකයෙක් පැරදුණේ ඇයි? මහින්ද මේ රට බේරා ගත්තු නායකයා. මේ රටට වැඩ කරපු නායකයා. පැරදුණු හේතුව හොයන්නේ නැතිව ඔවුනට ඉදිරියට යන්න බැහැ. මහින්ද යුද්ධය දිනුවට උතුරේ ජනතාවගේ හදවත දිනා ගත්තේ නැහැ. මුස්ලිම් ජනතාව එතුමාගෙන් ඈත්වුණා. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසකට රැකියා දුන්නේ මහින්ද. 58,000කට රැකියා දුන්නා. ඒ පනස් අට දහසට මෝටර් සයිකලය බැගිනුත් දුන්නා. මර්වින් සමෘද්ධි නියාමකයන් ගස් බැන්දා. මේවාට පියවර ගත්තද? සරත් ෆොන්සේකාට ජම්පරේ අන්දලා හිරේට දැම්මා. ජනතාව මේ වැඩවලට විරුද්ධව ඡන්දය දුන්නා.මම එදා රනිල් එළවන්න සජිත් එක්ක කැරලි ගහපු කෙනෙක්. අන්තිමේදී මට ගෙදර යන්න වුණා. නමුත් අද රනිල්, සජිත් තකට තක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බැසිල් රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක කටයුතු කළා. එහෙම කරලා යූඑන්පීයට සේවය කළා. මෛත්‍රී පක්ෂය කඩාගෙන ගියාට වෙනම පක්ෂ හැදුවේ නැහැ. ඒ වගේම යූඑන්පීඑකේ සාමාජිකත්වය ගත්තෙත් නැහැ. අද අපේ පක්ෂය බෙදලා පොහොට්ටුව කියල අවජාතක පක්ෂයක් හදලා තියෙනවා. එහෙම හදල යූඑන්පීඑකට සපෝට් කරනවා.මහ බැංකුවට කොටි ගැහුවා. අවුරුදු 20කට පස්සේ ඒකට අලි ගැහුවා. නැතිවෙන්නම ගැහුවා. මට මගේම නොවන මගේම ගෙයක් තිබුණා කියලා රවී කියනවා. ඕක බැසිලුත් එදා කිව්වා. මට මගේම නොවන මගේම ගෙයක් මල්වානේ තිබුණ කියල ඔහු කිව්වා.මෛත්‍රී මේ රටේ සියලුම හොරු අල්ලන නායකයා. අපි ආණ්ඩුවෙන් එළියට ගියොත් බිහිවන්නේ යූඑන්පී ආණ්ඩුවක්. ජනාධිපතිතුමා 2021 වනතුරු මේ රටේ ජනාධිපති.පිළිගැනීමේ කතාව පවත්වමින් දකුණු පළාත් අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා මෙසේ පැවැසීය.මනාප ක්‍රමය තුළ ඇතිවූ ගැටුම් ආරවුල් අප නැති කළා. සියලු දෙනා සමගියෙන් කටයුතු කරන මැතිවරණයක් අප ලබාදුන්නා. පෙබරවාරි 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය ලැබීම ස්ථිරයි. එය කාටවත් වළක්වන්න බැහැ. මුළු ගමම ඊට සූදානම්.ජාතික නිදහස් පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා:- ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාවෙන් හොරු කවුද කියල පෙන්නුවා. හොරු දෙගොල්ල පාර්ලිමේන්තුවේදී මරාගත්තා. අගමැති පාර්ලිමේන්තුවේදී එදා හැසිරුණු විදිය හරිද? රටට විහිළු සපයන නායකයෙක්. එවැනි නායකයකු සිටින පක්ෂයකින් ගමට මන්ත්‍රීවරුන් පත් කරනවාද? මෙවැනි පන්නයේ අගමැතිවරයෙක් මීට පෙර අප දැකලා නැහැ.ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ, එරාජ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ. | මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ | 0 |
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව යන ගමනේදී පක්ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්ෂයක්.අපි ඒ පක්ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්ෂ දෙකේ අය ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්ෂා විය යුතුයි. අපි මෙතැන පක්ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය සමාන අදහස් ඇති පක්ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්ෂයක්. ඉන්පසු වමේ ප්රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්රජාතන්ත්රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්ෂය ශක්තිමත් කරන්න ආරක්ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්ෂය ආරක්ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්ෂිකයින් අපි පක්ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්ෂ 50ත් ලක්ෂ 15ත් එකතු වී ලක්ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ | 0 |
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්ෂ මේ පනතෙහි ඇති ක්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප්‍රශ්න, තාක්ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප්රතික්ෂ්ප කළා. එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්යායපත්රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්ෂයේ තීන්දුව ක්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප්රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.ප්රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප්රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප්රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්ෂයට අසීරුවක් නැහැ. අපි පක්ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්ෂය සමඟ පක්ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප්රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප්රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්ෂයේ විනය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. පක්ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්ෂය විශ්වාසනීය පක්ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප්රශ්නය-මේ වන විට එවැනි විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්ෂයේ විනය කැඩෙන ආකාරයේ ප්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප්‍රතිඵලය මන්ත්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප්රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේත් ප්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්ෂයේත් ප්‍රශ්න තිබෙනවා. අනෙක් පක්ෂවලත් එහෙමයි.ප්රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්ෂයෙන් පරීක්ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ. | මා ජනපති ධූරයට ආවේ පවුලට තවත් පුටුවක් තනන්න නොවේ | 0 |
(නිමල කොඩිතුවක්කු)රටේ නිදහස ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකි විණැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (30) පැවැසීය.වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් කළ වැඩ ගැන ප්‍රචාරණය දීම සඳහා ජනතා මුදල් නොයෙදවීමට යහ පාලන ආණ්ඩුව ආරම්භයේ දීම තීන්දුවක් ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට කොළඹ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.වත්මන් රජය යටතේ කර ඇති ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළත් වෙබ් අඩවියක් එළිදැක්වීම ද එහිදී සිදු විණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.“2015 ජනවාරි නව වැනිදා සිට අද වෙනකම් අප රටේ විශාල වැඩපිළිවෙළක් ගෙන ගියා. අප රටේ නිදහස් සමාජයක් ඇති කළා. මා ඉදිරියේ සිටින මාධ්‍යයේ සියලු දෙනාත් රටේ සියලුම පුරවැසියනුත් ඒ නිදහස් සමාජය අද භුක්ති විඳිනවා.ස්වාධීන අධිකරණයක්, ස්වාධීන පොලිසියක් නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීම යන සියල්ලක්ම අප ඔබට දී තිබෙනවා.2015 දී මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි ආර්ථිකයක්. ණය බරින් පිරිච්ච ආර්ථිකයට ස්ථාවර භාවය ඇති කිරීමට මට හැකි වුණා. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට 2018 දී අපට හැකි වුණා.2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නොවුණා නම් මෙයටත් වඩා එහි අතිරික්තයක් ගන්න අපට තිබුණා. ලබන වසරේ දී ඒ අතිරික්තය ලබා ගැනීමේ අවස්ථාව යළි උදා වෙනවා.අපේ පළමු වැනි අය වැය 2015 පෙබරවාරි ඉදිරිපත් කර ඇති වුණ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරන්න මා කැමතියි.ඒ අනුව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 93,726 ක් අප ඇති කළා. ප්රදානය කළ නිවාස ණය ප්‍රමාණය මිලියන 386,000යි. ගම්මාන 2,553ක් අලුතින් බිහි කිරීමට අප සමත් වුණා. ඉන් පවුල් 64,278කට ප්රතිලාභ හිමි වුණා.කොළඹ නාගරික අඩු ආදායම් වෙනුවෙන් නිවාස 3,910ක් අප ඉදිකළා. අධ්‍යාපනය සැමට සහතික කිරීම සඳහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් පාසල් 9,063කට ප්රදානය දුන්නා. සුරක්ෂා රක්ෂණාවරණය යටතේ ශිෂ්‍යයන් 75,850කට ප්රතිලාභ ලබා දුන්නා.2014 වනවිට එන්.වී.කිව්. සහතික පත්‍ර 121,360ක් ප්රදානය කර තිබුණා. 2019 වන විට ඒ සංඛ්‍යාව දෙගුණයක් කරමින් 246,073 කට ඒ සහතික දී තිබෙනවා.සුබ සාධන සහ විශ්‍රාම වැටුප් ගෙවීම වෙනුවෙන් 2014 වසරේ දී මිලියන 22,226ක් දුන්නා. අද මිලියන 46,100ක් ගෙවනවා. වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් 242,843ක් වෙනුවෙන් එදා දීමනා දුන්නා. අද ඒ ප්‍රමාණය 616,668ක් දක්වා වැඩි කළා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා වෙන් කළ දීමනාව එදා 20,000යි. අද 32,000යි. තවත් විශාල ප්‍රමාණයකට ඒ ආධාර දෙන්න තිබෙනවා.පෝෂණ මල්ල රාජපක්ෂ ආණ්ඩුවේ දී කාටවත් ලැබුණේ නැහැ. අද 274,511ක් සඳහා ඒ පහසුකම් දීලා. සුවසැරිය නොමිලේ පූර්ණ රෝහල් රැකවරණ ගිලන් රථ මගින් 2019 වර්ෂයේ දී 274,544 කට පහසුකම් සපයා දුන්නා.අත්‍යාවශ්‍ය ඖෂධ 48ක් ඇතුළු ඔෂධ දහසකට අධික ප්‍රමාණය සඳහා මිල අවම කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ස්ටෙන්ට් ක්‍රමය සඳහා 2014 දී වන මිල 350,000යි. අද 150,000යි. රජයේ රෝහල්වල මේ සේවාව නොමිලේ දෙන්නත් පියවර ගත්තා.සෞඛ්‍ය සේවා වෙනුවෙන් අප විශාල පියවරක් ගෙන තිබෙනවා. මාතෘ හා ළදරු රෝහල් එදා තිබුණේ 03යි. අද 12ක් දක්වා ඒ ප්‍රමාණය වැඩි කළා. පිළිකා රෝහල් එදා තිබුණේ එකයි. අද ඒ ප්‍රමාණය හයක් දක්වා වැඩි කර තිබෙනවා.නිරෝගී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එච්.අයි.වී. ආසාධනය, වකුගඩු රෝගය ආදී රෝග නිවාරණය සඳහා පියවර රැසක් ගත්තා. විදුලිබල ශක්තිය සහ උත්පාදනය එදා ගිගාවොට් 12,421යි. අද 15,920ක් දක්වා වැඩි කරලා. මොකක් ද මේ ආණ්ඩුව අවුරුදු පහේ කළේ කියා තවමත් සමහරුන් අපෙන් අහනවා. ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 360ක් 2014 දී වැඩි දියුණු වුණා. 2019 දී ග්‍රාමීය මං මාවත් කිලෝමීටර් 2,460ක් අප සංවර්ධනය කළා. එදා පරිහරණයට අපහසු මං මාවත් ප්‍රමාණය සීයට 38යි. අද සීයට 21 දක්වා අඩු කරලා.සැමට පිරිසුදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් විශාල අවධානය යොමු කළා. එදා නව ජල පහසුකම් 1,830,137යි. අද වනවිට එය 2,421,218ක් දක්වා වැඩි කළා. එදා පැවති ජල සම්පාදන යෝජනා සංඛ්‍යාව 323 ඉඳන් 372 දක්වා වැඩි කළා.උසස් අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ගණන සීයට 28 කින් වැඩි වෙලා තියෙනවා. නව පීඨ 23ක් සහ විශ්වවිද්‍යාල සඳහා නව අංශ 136ක් අලුතින් ස්ථාපිත කර තිබෙනවා.ප්‍රදේශීය පාලන කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය 2012 වසරේ දී පැවතුණේ සීයට 19යි. අද සියට 25 දක්වා එය වැඩි කරලා. ආගමික සිද්ධස්ථාන 9,850ක් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 4,864ක් අප වියදම් කළා.ව්‍යවසායකයන් 40,240ක් සඳහා රුපියල් මිලියන 70,000ක් දීලා. කෘෂි නිෂ්පාදනය ඉහළ නංවමින් අප විශාල පියවර ගෙන තිබෙනවා.2014 දී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 2,431ක් ලැබුවා. 2018 දී ඒ මුදල ඩොලර් මිලියන 4,380ක් දක්වා වැඩි කළා. සංචාරකයන් පැමිණීම 2014 දී 1,527,153යි. 2018 දී 2,333,796යි.සමෘද්ධි වැඩසටහනින් 2014 දී පවුල් 1,453,078ක් ප්රතිලාභ ලැබුවා. 2019 වර්ෂයේ දී ඒ ප්‍රමාණය 1,808,517ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා වන ගම්පෙරළියෙන් ව්‍යාපෘති 157,219ක් කළා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 44,729ක් වැය කර තිබෙනවා. මෙයට අමතරව ග්‍රාමීය ප්‍රදේශ වෙනුවෙන් තවත් විශාල වැඩකොටසක් කර තිබෙනවා.නීති ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ, පළාත් පාලන මැතිවරණ සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික විගණන පනත වැනි නව ප්‍රතිසංස්කරණ අප කළා. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ගැනීමටත්, යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමටත් අපට හැකි වුණා.සෑම වසරකම ඉහළ යන අපනයනය 2014 දී ඇමරිකානු ඩොලර් මිලියන 3,114යි. අද මිලියන 3,490 දක්වා එය වැඩිවෙලා. මේ කාලය තුළ වෙළඳ හා කාර්මික සංවර්ධනය වෙනුවෙන් නිදහස් වෙළඳ ගිවිසුම් හයක් අත්සන් කළා. අපනයනවල ප්‍රගතිය දළ දේශීය නිෂ්පාදනයෙන් 2015 දී සීයට 13 කින් වැඩි වුණා. 2018 දී එය සීයට 20කින් වැඩි වුණා.මේ තොරතුරු කිහිපයක් පමණයි. අප කළ සියලු වැඩ ඉදිරිපත් කළා නම් තව බොහෝ වේලාවක් ගත වේවි. විශාල සංවර්ධනයක් මේ අවුරුදු පහේ දී කළා. ඒක අප රටට දැනුවත් කරනවා.මෙයට පෙර නොවූ විදියේ සංවර්ධනයක් කර තිබෙනවා. මා භාර ගත්තේ ණය ගෙවන්න බැරි රටක්. එහෙම තිබියදීත් වැඩ එකක්වත් අතහැරියේ නැහැ. කරන්න බැහැ කිව්වේ නැහැ. අප සංවර්ධන කටයුතු සියල්ලක්ම කළා.මෙයට අමතරව වැටුප් වැඩි කළා. අනෙකුත් දීමනා වැඩි කළා. මේ සංවර්ධනය පදනම් කරගෙන අපට අනාගතයේ විශාල පිම්මක් ගන්න පුළුවනි. ඒ ගැන මා ආඩම්බර වෙනවා.මේ සංවර්ධනයට සම්බන්ධ වූ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වෙනවා” යයි ද අග්‍රාමාත්‍යවරයා එහි දී පැවැසීය. | “ආණ්ඩුවේ වැඩ ප්‍රචාරය කරන්න ජනතා මුදල් ගත්තේ නෑ“ | 1 |
(නිමල කොඩිතුවක්කු)“වත්මන් රජය තරම් රාජ්‍ය සේවකයා ගැන සොයා බැලූ කිසිදු ආණ්ඩුවක් නැති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා වැඩිකරමින් රාජ්‍ය සේවකයාට අභිමානයෙන් තම වෘත්තීය කරගෙන යාමට අවස්ථාව වත්මන් රජය උදා කළ බවත්” එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.රාජපක්ෂ පවුල අවුරුදු 10ක් තිස්සේ රාජ්‍ය සේවකයන්ට කළ දෙයක් නැතැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමෙන් වත්මන් රජයේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයා හැකි වෙතැයි සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ පැවති ‘අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය’ කැඳවා තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානය සකස් කළ යෝජනාවලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී භාර දෙනු ලැබිණි.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“පසුගිය වසර පහ තුළ අපේ ආණ්ඩුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල තරම් මුදලක් මෙයට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් කර නැහැ.ළඟම පාසැල-හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 9000කට පහසුකම් සපයලා. අද පාසැල් ගුරුවරුන් සම්පූර්ණයෙන්ම පුහුණුව ලැබූ අයයි. ඒ වගේම පාසල්වලට අවශ්‍ය විද්‍යා ගුරුවරුන් දීමට අප පියවර ගත්තා. සුරක්ෂා රක්ෂණය සිසුන්ට දුන්නා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පත්කිරීම, උසස් කිරීම අද දේශපාලනයකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ කරගෙන යනවා.දැන් අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය පවත්වා ගෙන යනවා. සමහර පාසල්වල උසස් පෙළ සඳහා තිබෙන්නේ කලා විෂය පමණයි. ඒ පාසල්වලට විද්‍යා ගුරුවරුන් දෙමින් යනවා. දැනටමත් පාසල්වලට පරිගණක, ටැබ් යන්ත්‍ර දෙමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා.ඒ වගේම විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ආදී පීඨ අලුතින් ආරම්භ කරගෙන යනවා. 44,000කට අලුතින් හොස්ටල් පහසුකම් දීලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, දීමනා වැඩි කර තිබෙනවා. විශ්‍රාම වැටුප් වැඩි කළා.අප මේවා කළේ ඉතාම අසීරු යුගයකයි. අප රට භාර ගත්තේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබියදීයි. ණය බරින් රට මිරිකී හිටියා. ණය වාරික ගෙවන්නවත් රටට ණය දෙන්න කවුරුත් එදා ඉදිරිපත් වුණේ නැහැ. ණයක් ගන්න බැරි ව්‍යාපාරයක් කියන්නේ බංකොළොත් ව්‍යාපාරයක්. අපට පළමුවෙන්ම තිබුණේ මේ ප්‍රශ්න විසඳා ගන්නයි. ණය ප්රශ්නය විසඟ ගන්න ගමන් වැටුප් වැඩි කරන එක, සහන දෙන එක, සමෘද්ධිය ලබා දෙන එක අප නැවැත්තුවේ නැහැ. අවුරුදු දෙක තුනක් අමාරුවෙන් ආර්ථිකය ගෙන ගියා.ආර්ථිකය කඩා වැටිලා. මේකට වගකියන්න ඕනෑ රාජපක්ෂ රෙජීමය නිසා මේකට මුකුත් කරන්න බැහැ කියන වචනය මා රටට කිව්වේ නැහැ. අප කිව්වේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ආධාර උපකාර දෙනවා කියලයි. අද රට විදියට වැඩක් කරගෙන යන්න පුළුවන්, ණයක් ගන්න පුළුවන් විශ්වාසය මා තහවුරු කළා. මේ තත්ත්වය මදියි. මේ කටයුතු කරන ගමන් ණය ගෙවන්න ඕනෑ. තව පරම්පරාවකට ඒ ණය ගෙවන්න ඉඩ දෙන්න මට බැහැ.විශාල සංවර්ධන ආර්ථිකයට අප සූදානම් වෙමින් සිටිනවා. අප රට භාර ගනිද්දී නැව් නැති වරායක් හම්බන්තොට තිබුණා. දැන් වරාය අධිකාරියයි චයිනා මර්චන්ට් සමාගමයි එකතුවෙලා අලුත් වරාය ඇති කරලා. ඒ කුලියෙන් ණය වාරික ගෙවනවා.වරායෙන් ලාබ ලබන්න වසර 10ක් යනවා. අන්න එහෙම සුදු අලියෙකුයි අපට භාර දුන්නේ. දකුණු අධිවේගී මාර්ගය මාතර ඉඳන් හම්බන්තොටට ඉදිකරගෙන යනවා.මත්තල ගුවන්තොටුපළෙහි මොනරුන් විතරයි හිටියේ. තවමත් ගුවන් යානා එන්නේ නැනැ. අපේ ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියන් අධිකාරියත් එකට එකතු වෙලා ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එතන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබෙනවා. අප කොච්චර උත්සාහ කළද ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙන්ට එන්නේ නැහැ. එන්නේ වල් අලි විතරයි. එතන සම්මන්ත්රණ ශාලාවක් ද තිබෙනවා. සම්මන්ත්රණ පවත්වන්න කොච්චර උත්සාහ කළද ඒක වහලාමයි තියෙන්නේ. මේ වගේ සුදු අලි භාර දීල ගියාද මා බැලුවේ රටේ දියුණුව ඇති කරන්නයි. මහනුවර ඉඳන් කොළඹට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවෙනවා.කොළඹ වරාය තවත් දියුණු කරමින් දකුණු වරායෙන් පසු උතුරු වරායට යන්න දැන් සැලසුම් හදාගෙන යනවා. මත්තල ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙම නම් ගුවන්තොටුපළ දෙකක් සහ වරාය දෙකක් සහිතව විශාල දියුණුවක් රටේ ඇති වෙනවා. ඒ දියුණුව මහනුවර වෙනකම් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි අදියර ලෙස එතන ඉඳන් දඹුල්ලටත්, දඹුල්ල සිට ත්‍රිකුණාමලයටත් සැලසුම් හදා අවසානයි. ඒ වගේම කර්මාන්ත කලාප කිහිපය හදන්න අප සැලසුම් කළා. දැනටමත් බිංගිරියෙන් අක්කර දාහක් ගෙන තිබෙනවා. හම්බන්තොටින් අක්කර දහදාහක් ගත්තා. දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපය ඒ අනුව බිහි වෙනවා.මෙයට අමතරව කළුතර, අවිස්සාවේල්ල කලාපයෙන් තව ඉඩම් ගන්න යනවා. සංචාරක කලාප හයක් නම් කරලා. මේ සැලසුම් ඉදිරියට ගෙනයනවද? නැද්ද කියා ඔබ තීරණය කරනවා.රාජපක්ෂවරුන් එදා කළේ හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා එකට දීපු එක විතරයි. අද රට මුදල් උපයා ගන්නවා, කර්මාන්ත උපයාගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇති කරලා. ඒ වගේම තොරතුරු තාක්ෂණය දියුණු කරන්න විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. අලුත් ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. මූල්‍ය නගරය ද ඇති කළා.මේ කටයුතු තව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. මේ දේවල් කරන්න රාජපක්ෂ පවුලට අවුරුදු 10ක්ම තිබුණා. ඔවුන් කළ දෙයක් නැහැ. ණය නම් ගත්තා. අධ්‍යාපනයට සෞඛ්‍යට වැය කරන මුදල් පවා එදා අඩු කළා. අපි මේක වෙනස් කළා. ආර්ථික, සමාජ අංශය දියුණු කළා. ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළා. දැන් මේ ත්තත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න හංසයා ළඟින් කතිරය ගහලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කියා ඉල්ලීමක් කරනවා.” යයිද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :“පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට පහර දෙමින්, මාධ්‍යවේදීන් මර්දනය කරමින් කටයුතු කළා. ඒ යුගයේදී මාධ්‍යවේදීන් කී දෙනකුට ජීවිත අහිමි වූවාද? මාධ්‍යවේදීන් කී දෙනකුගේ අතපය අහිමි වූවාද. මහින්ද රාජපක්ෂ පාලනය කළ මාධ්‍ය මර්දනයද අප ජයග්‍රහණයට බලපෑවා.2015 බලයට පත්වූ වත්මන් රජය මාධ්‍යවේදීන්ට විශාල නිදහස දුන්නා. අප දුන් ඒ නිදහස උපයෝගී කර ගනිමින් අද මාධ්‍යවේදීන් අපට ගහනවා. අද මාධ්‍යයට අප දුන් නිදහස පාරාවලලක් බවට පත්වෙලා. අපේ රජය රාජ්‍ය සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් දීමනා වැඩි කළා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කළා. රණවිරු සුබසාධනය වැටුප් වැඩිකර තිබෙනවා. හෙද පීඨ ඇති කරමින්, රෝහල් පහසුකම් වැඩි කරමින්, සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයටත් විශාල සේවයක් කිරීමට අපේ රජයට හැකි වුණා”යයිද ඔහු එහිදී පැවැසීය.අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා :“රට වෙනුවෙන්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අප දිගින් දිගටම පෙනී සිටියා. වෘත්තීය සමිති නියෝජිතයන් ලෙසත් පුරවැසියන් ලෙසත්, පැවති දුර්දාන්ත පාලනය පලවා හැර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට අපට හැකි වුණා.සමහරුන් වෙනස සැපද අහනවා. අපට වෙනස සැපයි. ඒ වෙනස නිසා අද ජනතාවට මර බියෙන් තොරව ප්රජාතන්ත්රවාදය දිනාගැනීමට හැකිවුණා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමින් ඒ ප්රජාතන්ත්රවාදය තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථාව දැන් හිමිවී තිබෙනවා” යයිද ඔහු එහිදී පැවැසීය.මේ අවස්ථාව සඳහා අලුත් ශ්‍රී ලංකාවක් සඳහා හෙද වෘත්තිකයෝ සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිස එක්ව සිටියහ. | “ආණ්ඩුවේ වැඩ ප්‍රචාරය කරන්න ජනතා මුදල් ගත්තේ නෑ“ | 0 |
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන කළ යුතු යැයි ද ඔහු කීය. මහර බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියට සහභාගීවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.දැන් රතු ලූනු, බොම්බයි ලූනු මිල කොහොමද? ජීවන වියදම අඩුයිද? බඩු මිල ඉහළ ගිය තරම කොතරම් ද කියනවා නම් ජනතාව ඒ ගැන කතා කරන්නෙත් නැහැ. එදා අපට විරුද්ධව ඡන්දය දීපු එකේ ප්‍රතිඵලය වුණේ එදා සිගරැට් බීපු කෙනා අද බීඩි බොන තත්ත්වයට පත්වීමයි. මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අද රටේම ජනතාව බලාගෙන ඉන්න බව ඇල්පිටිය ජනතාව පෙන්නුවා. ශ්‍රීලනිපයත් අපිත් අද එකතුවුණා. ශ්‍රී.ල.නි.ප.ය. අපේ මහ ගෙදර. ඒ නිසා අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නැහැ.මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටේ සම්පත් විකුණනවා. ඒ සල්ලි ආණ්ඩුවම කෑවා. ණය ගෙවන්න රට වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වේ නැහැ. මේ ආණ්ඩුව හැම කෙනෙක්ගෙන්ම පළිගත්තා. හරියට පළිගන්න අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙකම එ.ජා.පයට දෙන්න කියලා මහ ලේකම්තුමා කියනවා. ඔවුන් බලයට එන්නේ පළිගන්න මිස රට හදන්න නෙවෙයි. කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ග අපි ඉක්මනට හැදුවා. මේ ආණ්ඩුව අත ගානවා මිස වැඩ නැහැ. නිදි මරණ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි රටට වැඩක් කරන්න පුළුවන් වැඩකරපු මිනිහෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර තිබෙනවා. අපි නම් බලයට ආවත් ජනතාවගෙන් උපදෙස් ගන්නවා. ජනතාවගේ අදහස් වලට ගරු කරන්න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒකපුද්ගල ආදායම අද 1.6ට වැටිලා. රටේ ණය බර වැඩිවෙලා. මේ තත්ත්වය ඉතාම ඉක්මනට වෙනස් කළ යුතුයි.අවුරුදු පහකට බලයට ඇවිල්ලා අනාගත පරපුරට හිමි දේපළ විකුණන්න ආණ්ඩුවකට බැහැ. ජනතාව නොදුන් අයිතියක් ආණ්ඩුවක් පාවිච්චි කරන්නේ කොහොමද? ජනාධිපති කොමිෂන් දාලා ඒවා ගැන සොයන්න ඕන. වංචාව, දූෂණය, මංකොල්ලකෑම සදාකාලිකවම නතර කර දමන්න කාලය එළැඹිලා තිබෙනවා. ජනතාව ඉදිරියට එන්න බැරි අය අපිට විරුද්ධව උසාවි යනවා. උසාවිය නිවැරැදි තීන්දුවක් දුන්නා. අද අපිට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවා විශ්වාස නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීය.පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතා මෙසේ පැවැසුවාය.ජනතාව අතරින්ම මතුවූ යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර ගත්තා. මා කෙරෙහි තැබු විශ්වාසය අනුව උරුමයන් රැකගෙන සුරක්ෂිත අලුත් රටක් බිහිකිරීමට මම ක්‍රියාකරනවා.ආරක්ෂිත, විනයගරුක රටක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. දේශපාලන සංස්කෘතිය යහපත් කරගත යුතුයි. ආවේගශීලීව, අවස්ථාවාදීව විරුද්ධවාදීන්ගේ කුමන්ත්රණවලට අසුවී ක්‍රියාකරන්න අපට බැහැ. ලංකා කම්කරු කොංග්රසයත් අපට සහය ලබාදෙනවා. ඒ සියලුම පක්ෂ අප සමග එකතු වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමට අප දැනමටත් සැලසුම් සකස්කර ඇති නිසයි.ශ්‍රී.ල.නි.ප.ය.ත් අප සමග එකතුවීම නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩිකර ගන්න අපට හැකි වී තිබෙනවා. අද අප භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් රටට හඳුන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අප නැවතත් ආර්ථිකය පණගන්වන සුරක්ෂිත රටක් බිහිකරනවා. බුද්ධි අංශවලට නිසි පරිදි ක්‍රියාත්මක වීමට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ආර්ථිකය සුරක්ෂිත කිරීමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ.අපගේ සැලසුම් සකස් වී තිබෙන්නේ ඥානය මුල්වූ ආර්ථිකයත් කෙරෙහියි. තොරතුරු තාක්ෂණය මූලික කරගෙන ආර්ථිකය දියුණු කිරීමට අපට පුළුවන්. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අප රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. මිනිස් සම්පත් දියුණු කිරීමට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් මාගේ පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල අයෝජනයක් කරනවා. තරුණ තරුණියන් අසහනයට පත්වසිටින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරැදි නිසයි.ලක්ෂ දෙකක සිසුන් පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ සිසුන් තිස්පන් දහසක් පමණයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල දියුණු කරනවා. තාක්ෂණය මුල්වූ ආර්ථිකයක් වෙනුවෙන් අප ක්‍රියාත්මක වෙනවා.අද නිපුණත්වයෙන් හෙබි තරුණයන් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ආර්ථිකය දියුණු කිරීමට නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණියන් බිහිකිරීමට ක්‍රියාකරනවා.සංචාරක ක්ෂේත්රය අද කඩාවැටිලා. ස්ථාවර සුරක්ෂිත රටක් බිහිකිරීම හරහා සංචාරකයන්ට සුදුසු රටක් අප බිහි කරනවා. මෙම රජය කෘෂි කර්මාන්තය අමතක කරලා. ලොව ඉහළම වාරි මාර්ග පද්ධතිය තිබුණේ අප රටේයි. අද අප රටේ ගොවියා දුප්පත් වෙලා. ගොවියා දියුණු කළ යුතුයි. ගොවියාට ජීවත්වීමට සුදුසු ආදායමක් ලැබීමට හැකිවන පරිදි කෘෂිකර්මාන්තය දියුණු කරනවා. රටක් සංවර්ධනයවීම යනු සමාජයේ එක් කොටසක් දියුණුකිරීම නොවෙයි. රටේ සියලුම ජනතාව ඉහළට ගැනීමට හැකි වන පරිදි ජනතා හිතවාද ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. සුරක්ෂිත රටක්, දියුණු ආර්ථිකයක් බිහිකර අනාගත පරපුරට ජීවත්විය හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් යුතුකම ඉටුකිරීමට සූදානම් යැයිද ඔහු කීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ඉතාම තීරණාත්මක අවස්ථාවකට රට පරිවර්තනය වී තිබෙනවා. පසුගිය රජය කාලයේ තිබූ වේගවත් ආර්ථීක සංවර්ධනය එ.ජා.ප. පාලනය යටතේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අනාගතයක් නැති ජාතියකට අනාගතයක් නිර්මාණය කිරීමේ සටන ‘මහින්ද - ගෝඨා සුසංයෝගය’ අද ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදිය යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කළා. එම තීරණය ගන්න අපිට ටිකක් කල්ගතවුණා. මම මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියාකළා. මගේ තීරණය පක්ෂයේ තීරණය බවට පත්කිරීමට හැකිවීම මට සතුටක්. ගෝඨාභය දිනවීම සඳහා ශක්තිමත් ආර්ථීකයක්, සුරක්ෂිත රටක් අපට ලැබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව දුටුවිට ජනාධිපති ධුරයට ඔහුට වඩා වෙනත් සුදුස්සෙක් නැහැ. සුරක්ෂිත රටක්, ශක්තිමත් ආර්ථියක් ප්‍රාර්ථනා කරන හැමෝටම ගෝඨාභය දිනවීමේ යුතුකමක් තිබෙනවා.තමන්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිකමට සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ෆොන්සේකා පත්කරගන්නවාට වඩා ගෝඨාභය පත්කරගැනීම රටට හොඳයි. ගෝඨාභය - මහින්ද රාජපක්ෂ එක්ක අත්වැල් බැඳගන්නවා. නමුත් සජිත් ප්‍රේමදාස අත්වැල් බැඳගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.අද වනවිට පක්ෂයට වඩා රට ගැන හිතා තීන්දු ගතයුතු වේලාවක්. ජනතාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ගම් මට්ටමින් පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒවා අමතකකර ගෝඨාභය දිනවීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.දෛවය දේශපාලනයට බලපාන අවස්ථාවන් තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එවන් අවස්ථාවක්. එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. නමුත් අප කවුරුත් නොසිතූ විදියට එම මැතිවරණය ජනාධිපතිවරණ කාලසීමාවේදීම පැවැත්වුණා. පොදුවේ රටේ ජනමතය කෙබඳුදැයි එම මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ඇල්පිටිය ප්‍රාදේශීය ජනතාව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කරලා දැම්මා. රනිල්ට බැහැ කියලා ගෙනාපු සජිත් ප්‍රේමදාස එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය රනිල්ටත් වඩා පහළ මට්ටමකට දමලා. ශ්‍රී.ල.නි.ප.යෙත් අපෙත් ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ.වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්රීන්ද, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ සඳහා සහභාගීවූහ. | “සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ | 1 |
(නාලක සංජීව දසනායක ගල්ගමුවේ සිට)තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය.මෙරට ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට තමන් කැපවන බව ද ඔහු කීය.කුරුණෑගල ගල්ගමුව සතිපොළ භූමියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජනාධිපතිවරණ රැලියට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජනයන් ඇතුළු ක්‍රියාකාරීහු තුන්සියයක පමණ පිරිසක් මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම වේදිකාවට ගොඩවූහ.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“ජනතාවට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුවක් තිබුණා නම් මේ ආණ්ඩුව පමණයි. පසුගිය අවුරුදු හතරහමාර පුරාවට මේ ආණ්ඩුව ජනතාවට මොකුත් කළේ නැහැ. අඩුම තරමේ මේ පළාතේ ජල ප්රශ්නය විසඳන්න, වල් අලි ගැටලුවට විසඳුමක් දෙන්න ආණ්ඩුව උත්සාහ ගත්තේ නැහැ. නොවැම්බර් 16 වැනිදාට අලි ආණ්ඩුව එලවන විට අපි ඔබ මුහුණ දෙන වල්අලි ගැටලුවටත් විසඳුම් දෙනවා.ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශයට ජලය ලබාදෙන්න, සියලුම මාර්ග හදන්නත් අපි සැලසුම් සකස් කරනවා. ගොවින් වශයෙන් ඔබට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රශ්නවලට අද මුළු රටේම ගොවින් මුහුණ දෙනවා.මේ ආණ්ඩුව ගොවින්ට සැලකුවේ නැහැ. දින 52 ආණ්ඩුව යටතේත් මම ගොවින්ට රු. 350ක පොහොර සහනාධාරය ලබා දුන්නා. නමුත් මෙදා පාර ගෝඨාභයගේ ආණ්ඩුව ගොවින්ට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙන්න දැනටමත් තීන්දුකර තිබෙනවා.හමුදාවට, පොලිසියට, රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව බොරු කියනවා. බොරු කීම කතා කිරීම හැර මේ ආණ්ඩුව ජනතාවට කිසිම වැඩක් කරන්නේ නැහැ. මේක බංකොලොත් ආණ්ඩුවක්.අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. තමන් බලයට පත්වී තාත්තාගේ පාලන යුගය නැවත ගෙන එන බව සජිත් ප්‍රේමදාස කියනවා. තමුන්නාසේලාට තාත්තාගේ යුගය මතකද?(ජනතාව හූ කියමින් කෑ ගසයි.)“ඔව් තමුන්නාසේලාට අපිට ඒ යුගය හොඳට මතකයි. මේ හැම හන්දියකම ටයර්වල තරුණ ජීවිත පිච්චුනා. මම මාතර උසාවියේ වැඩ කරන කාලේ දවසක් දා තංගල්ලේ ඉඳලා මාතරට එන්න පිටත් වුණා. හන්දිවල පිච්චෙන මළසිරුරු මම ගණන් කළා. තංගල්ලේ ඉඳලා මාතරට හැතැප්ම 28යි. ඒ දිගට මළ සිරුරු 28යි. තාත්තාගේ යුගය නැවත ආවොත් කොහොමට හිටීද? මනුස්සයෙක් මැරුණම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කනව මම දැක්කේ ප්‍රේමදාස මහත්තයා මැරුණ දවසෙයි.අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිව ඉහළින්ම ජයග්‍රහණය කරවන්න. රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට අපි සූදානම්” යැයි ද ඔහු කීය.ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා : “සාමකාමී රටක් දියුණු ආර්ථිකයක් හදන්න පොරොන්දු වී සිටින වෙලාවකදී අපි අශෝබනව හැසිරීම විරුද්ධවාදීන්ට ශක්තිය දීමක් වෙනවා. අපිට ලැබීමට තිබෙන සියලුම ඡන්ද එකතු කරගන්න ඕනෑ. නමුත් කුමන්ත්රණකරුවන්ගේ බලවේගවලට යට වුණොත් අපිට ඒක කරගන්න බැරි වෙනවා.ශ්‍රීල.නි.ප.ය. ආරම්භ කළේ බන්ඩාරණායක මහතා හා මගේ පියයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරයට පත් වුණේ එම පක්ෂයෙන්. දැන් ශ්‍රී.ල.නි.පය අයත් සමග එකතු වී තිබෙනවා. ඒ නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩි කරගන්න අපිට හැකිවී තිබෙනවා.තිස් අවුරුදු යුද්ධය පරාජය කර සැම කෙනකුටම නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කළා. නමුත් වත්මන් රජයේ පාලන ක්‍රමය යටතේ නැවත ජනතාව සෝදිසි කරන යුගයක් බිහිවෙලා. අප ප්‍රමුඛතාව ලබාදෙන්නේ සුරක්ෂිත රටක් බිහිකිරීමටයි. ලිබරල්වාදී ඇමැතිවරු ඉන්නකම්ම ජාතික ආරක්ෂාවට පුමුඛතාව දෙන්න මේ ආණ්ඩුවට බැහැ. ආරක්ෂිත රටක් බිහිකළ හැක්කේ විජාතික අදහස්වලට ගැති නොවූ නායකත්වයකට පමණයි.ඉකුත් රජය රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් කටයුතු කළා. නමුත් වත්මන් රජය රණවිරුවාගේ එම අභිමානය නැතිකරලා රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට අවශ්‍ය කටයුතු කළා. නමුත් අපගේ රජයක් යටතේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නිදහස් කරගෙන රටේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා.රටක ස්ථාවර බවක් නැත්නම් ආයෝජකයන් සංචාරකයන් රටට එන්නේ නැහැ. කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස්කර තිබෙනවා. මේ රටේ තුනෙන් එකක ජනතාවක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාව ලබා දුන්නා. නමුත් මේ රජය කෘෂිකර්මාන්තය පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.ඉදිරියේදී විදේශීය ආර්ථික භෝග මත යැපෙන්න අපට බැරි යුගයක් ඇතිවෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිත කිරීමට අප ක්‍රියා කරනවා. ගොවියා දිරිමත් කර රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට අපි ක්‍රියා කරනවා. ඒ නිසා පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. ගොවි ණය සියල්ලම කපා හරිනවා. ගොවි රක්ෂණය නැවත ඇති කරනවා. එමෙන්ම වගා ණය ලබා දෙනවා. ගොවියා විශාල මුදලක් වැයකර වගා කටයුතු කළත් භෝග විකුණාගන්න බැහැ. ඒ නිසා ගොවියා හැමදාම දුප්පත්. නව තාක්ෂණය හරහා ආහාර සුරක්ෂිත කිරීමටත් ගුණාත්මක බවින් වැඩි බීජ වර්ග හඳුන්වා දීමටත් අපි ක්‍රියා කරනවා.අප ඉදිරිපත් කර තිබෙන ආර්ථික සැලැස්ම අනුව හැම තලයකම සිටින ජනතාව ඉහළට ගැනීමට අපි ක්‍රියා කරනවා. දුප්පත් ජනතාව ඉහළට ගැනීමට අපගේ සැලසුම් තිබෙනවා. එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. උසස් පෙළ විභාගය ද අසමත් වීම නිසා අසහනයට පත් තරුණ තරුණියන් විශාල පිරිසක් අප රටේ සිටිනවා. ඒ නිසා අපගේ පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ලබාදීම තුළින් දියුණු ආර්ථිකයක් ගොඩනැගිය හැකිය. අපගේ ආර්ථික සැලසුම් සකස්වී තිබෙන්නේ මිනිස් සම්පත වටායි. ඒ නිසා උසස් අධ්‍යපනය ලබා ඉහළ වේතනක් ලැබිය හැකිවන පරිදි තරුණ පරපුර බලගැන්වීමට අප ක්‍රියා කරනවා.මෙවර ජනාධිපතිවරණයේදී ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. සුරක්ෂිත රටක් බිහිකර මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්. අපට සෑම ඡන්දයක්ම වැදගත්. ඒ නිසා සෑම ඡන්දයක්ම එකතු කරන්න බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස අප ඉල්ලීමක් කරනවා” යැයි ද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා : “ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කරන්න අපි පක්ෂය ඇතුළේ කුළල් කා ගත්තේ නැහැ. පක්ෂ නායකයන්ගේ, මහජනතාව හා රටේ සියලුම ක්ෂේත්රවල ජනතාවගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස නම් කළා.අපට මේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. විරුද්ධ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. ජනාධිපතිවරයෙක් විය යුත්තේ පරිනත නායකයෙක්. නමුත් සජිත් ප්‍රේමදාසගේ කතා ඇහෙනකොට සංසාරෙත් එක්ක එපා වෙනවා.ගෝඨාභයට මහින්දට විරුද්ධව හොරු ටික එකට එකතු වෙලා ඔවුන් තවමත් කරන්නේ රාජපක්ෂවරුන්ට හා අපට මඩ ගැසීිම පමණයි. සජිත් මෙහෙයවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වුණා. රනිල් වික්‍රමසිංහ ගත්ත ඡන්ද ටිකවත් පක්ෂයට අරගෙන දෙන්න සජිත් ප්‍රේමදාසට බැරි වුණා.සුරක්ෂිත රටක් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ජනාධිපති ධුරයට පත්විය යුතුයි” යැයි ද ඔහු කීය.අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.“මේ ආණ්ඩුවෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න බැරිවුණා. අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියයට 70ක් ඡන්ද ලබාගෙන තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මෙහෙයවීම යටතේ ඒ පක්ෂය ලබා ගත්තේ ඡන්ද සියයට 27යි.අවුරුදු හතරක් නිදාගෙන සිටි සජිත් ප්‍රේමදාස අද නින්දෙන් නැගිටලා ගොවින් ගැන කතා කරනවා. මේ රටේ ගොවින් ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ මහින්ද රාජපක්ෂට විතරයි. මේ රජය ගොවින්ගේ සහනාධාර කපා දැම්මා. නමුත් අපගේ රජයක් යටතේ පොහොර සහනාධාර නොමිලයේ ලබා දෙනවා. එමෙන්ම වී සඳහා සහතික මිලක් ලබා දෙනවා. තමන්ගේ ආණ්ඩුවේ හොරු නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. කෑලෑ කපපු, මහ බැංකු කොල්ල කාපු සියලුම දෙනා ගොනුවෙලා ඉන්නේ ඔහුගේ කඳවුරේ. ඔහුට සාමාන්‍ය දැනීමක් නැහැ. පුළුවන්නම් තමන්ගේ අධ්‍යාපන සහතික ජනතාවට ඉදිරිපත් කරන ලෙස සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා” යැයි ද ඔහු පැවැසීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා : “මේ ජයග්‍රහණය ලබන්නේ තාරානාත් බස්නායක නෙමෙයි. තමුන්නාසේලායි. මේ සටනින් අපි ජය නොගත්තොත් එ.ජා.පය අපිට එළවා එළවා ගහනවා. ඒ නිසා පුද්ගලික වාද භේද පසෙක දමා අපි එකාවන්ව කටයුතු කළ යුතුයි.මේ අන්තිම සටන ජය ගැනීමට අපි කැපවී කටයුතු කරනවා. සියලුම දෙනා එකට එකතුවෙමු.” ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා : “මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට අපි 2015 වසරේ සිට කටයුතු කළා. ඒ වෙනුවෙන් මහින්ද සුළඟ රැස්වීම් මාලාව රට පුරාම ගෙනිච්චා. නමුත් මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඔහු ජාතික අපේක්ෂකයෙක්. වැටුණු රට නැවත ගොඩ ගත හැක්කේ ඔහුගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි” යැයි ද ඔහු කීය.අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හිටපු අමාත්‍යවරුන්වන බන්දුල බස්නායක, ජයරත්න හේරත්, හිටපු ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ. | “සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ | 0 |
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්ෂේත්රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. | “සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ | 0 |
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හා අපේ අපේක්ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්ෂේත්රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැහැ.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ. | “සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“ | 0 |
(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම සකස් කොට කි‍්‍රයාත්මක කෙරෙන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් අඟහරුවාදා (18) පෙරවරුවේ පැවැති පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු විශේෂ රැස්වීමෙන් අනතුරුව කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුවයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත නගර සංවර්ධන සැලැස්ම සඳහා මෙම කුඹුරු ඉඩම් පවරාගෙන ඇත්තේ පොලොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ දැනට මෛතී‍්‍රපාල සිරිසේන මාවත නමින් හැඳින්වෙන මඟ දෙපසිනි.එම ප්‍රධාන මාර්ගය මං තීරු හතරක් දක්වා පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.නගර සංවර්ධනය සඳහා පවරා ගෙන ඇති පෞද්ගලික කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 46කි. එම කුඹුරු ප්‍රමාණයෙන් අක්කර 9ක් පමණ මේ වනවිට පස් පුරවා තිබේ. ඉතිරි අක්කර 37ක කුඹුරු ඉඩම් මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කර කි‍්‍රයාත්මක කරන තෙක් ඒවායේ හිමිකරුවන්ට වගා කිරීම සඳහා ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.මේ අතර පොලොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ දැනට පිහිටා තිබෙන භූමි භාගයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සඳහා මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ කර තිබෙන යෝජනාවක් ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවෙන සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසට ජනාධිපතිවරයා එහිදී ද අවධාරණය කොට ඇත. | කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න | 1 |
(ක.ග.කරුණාරත්න)පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන ඇති ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්ෂාකළ ජනපති එසේ උපදෙස් ලබා දුන්නේය.නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද නගර සංවර්ධන සැලැස්ම සඳහා මෙම කුඹුරු ඉඩම් පවරාගෙන ඇත්තේ පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මෛත්‍රිපාල සිරිසේන මාවත දෙපසිනි. එම ප්‍රධාන මාර්ගය මංතීරු 4 ක් දක්වා පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට කෙරෙමින් පවතී. මේ සඳහා පෞද්ගලික ඉඩම් අක්කර 46 ක් පවරාගෙන ඇති අතර එයින් අක්කර 9 ක් පමණ මේ වනවිට පස් පුරවා තිබේ. ඉතිරි අක්කර 37ක කුඹුරු ඉඩම් නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන තෙක් ඒවායේ හිමිකරුවන්ට වගා කිරීමට ලබාදෙන ලෙස ජනපති මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත. | කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න | 0 |
(නාලක සංජීව දසනායක ගල්ගමුවේ සිට)තරුණ ජීවිත ටයර් සෑයවල පිච්චෙන යුගයක් නැවතත් මේ රටට අනවශ්‍ය යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (14) ගල්ගමුවේදී පැවැසීය.මෙරට ජනාධිපතිවරණය ඉහළින්ම ජයගෙන රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට තමන් කැපවන බව ද ඔහු කීය.කුරුණෑගල ගල්ගමුව සතිපොළ භූමියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ ජනාධිපතිවරණ රැලියට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජනයන් ඇතුළු ක්‍රියාකාරීහු තුන්සියයක පමණ පිරිසක් මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් එම වේදිකාවට ගොඩවූහ.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“ජනතාවට කිසිම වැඩක් නොකරපු ආණ්ඩුවක් තිබුණා නම් මේ ආණ්ඩුව පමණයි. පසුගිය අවුරුදු හතරහමාර පුරාවට මේ ආණ්ඩුව ජනතාවට මොකුත් කළේ නැහැ. අඩුම තරමේ මේ පළාතේ ජල ප්රශ්නය විසඳන්න, වල් අලි ගැටලුවට විසඳුමක් දෙන්න ආණ්ඩුව උත්සාහ ගත්තේ නැහැ. නොවැම්බර් 16 වැනිදාට අලි ආණ්ඩුව එලවන විට අපි ඔබ මුහුණ දෙන වල්අලි ගැටලුවටත් විසඳුම් දෙනවා.ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශයට ජලය ලබාදෙන්න, සියලුම මාර්ග හදන්නත් අපි සැලසුම් සකස් කරනවා. ගොවින් වශයෙන් ඔබට මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රශ්නවලට අද මුළු රටේම ගොවින් මුහුණ දෙනවා.මේ ආණ්ඩුව ගොවින්ට සැලකුවේ නැහැ. දින 52 ආණ්ඩුව යටතේත් මම ගොවින්ට රු. 350ක පොහොර සහනාධාරය ලබා දුන්නා. නමුත් මෙදා පාර ගෝඨාභයගේ ආණ්ඩුව ගොවින්ට නොමිලයේ පොහොර සහනාධාරය ලබා දෙන්න දැනටමත් තීන්දුකර තිබෙනවා.හමුදාවට, පොලිසියට, රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව බොරු කියනවා. බොරු කීම කතා කිරීම හැර මේ ආණ්ඩුව ජනතාවට කිසිම වැඩක් කරන්නේ නැහැ. මේක බංකොලොත් ආණ්ඩුවක්.අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. තමන් බලයට පත්වී තාත්තාගේ පාලන යුගය නැවත ගෙන එන බව සජිත් ප්‍රේමදාස කියනවා. තමුන්නාසේලාට තාත්තාගේ යුගය මතකද?(ජනතාව හූ කියමින් කෑ ගසයි.)“ඔව් තමුන්නාසේලාට අපිට ඒ යුගය හොඳට මතකයි. මේ හැම හන්දියකම ටයර්වල තරුණ ජීවිත පිච්චුනා. මම මාතර උසාවියේ වැඩ කරන කාලේ දවසක් දා තංගල්ලේ ඉඳලා මාතරට එන්න පිටත් වුණා. හන්දිවල පිච්චෙන මළසිරුරු මම ගණන් කළා. තංගල්ලේ ඉඳලා මාතරට හැතැප්ම 28යි. ඒ දිගට මළ සිරුරු 28යි. තාත්තාගේ යුගය නැවත ආවොත් කොහොමට හිටීද? මනුස්සයෙක් මැරුණම මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කනව මම දැක්කේ ප්‍රේමදාස මහත්තයා මැරුණ දවසෙයි.අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිව ඉහළින්ම ජයග්‍රහණය කරවන්න. රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට අපි සූදානම්” යැයි ද ඔහු කීය.ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා : “සාමකාමී රටක් දියුණු ආර්ථිකයක් හදන්න පොරොන්දු වී සිටින වෙලාවකදී අපි අශෝබනව හැසිරීම විරුද්ධවාදීන්ට ශක්තිය දීමක් වෙනවා. අපිට ලැබීමට තිබෙන සියලුම ඡන්ද එකතු කරගන්න ඕනෑ. නමුත් කුමන්ත්රණකරුවන්ගේ බලවේගවලට යට වුණොත් අපිට ඒක කරගන්න බැරි වෙනවා.ශ්‍රීල.නි.ප.ය. ආරම්භ කළේ බන්ඩාරණායක මහතා හා මගේ පියයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරයට පත් වුණේ එම පක්ෂයෙන්. දැන් ශ්‍රී.ල.නි.පය අයත් සමග එකතු වී තිබෙනවා. ඒ නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩි කරගන්න අපිට හැකිවී තිබෙනවා.තිස් අවුරුදු යුද්ධය පරාජය කර සැම කෙනකුටම නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කළා. නමුත් වත්මන් රජයේ පාලන ක්‍රමය යටතේ නැවත ජනතාව සෝදිසි කරන යුගයක් බිහිවෙලා. අප ප්‍රමුඛතාව ලබාදෙන්නේ සුරක්ෂිත රටක් බිහිකිරීමටයි. ලිබරල්වාදී ඇමැතිවරු ඉන්නකම්ම ජාතික ආරක්ෂාවට පුමුඛතාව දෙන්න මේ ආණ්ඩුවට බැහැ. ආරක්ෂිත රටක් බිහිකළ හැක්කේ විජාතික අදහස්වලට ගැති නොවූ නායකත්වයකට පමණයි.ඉකුත් රජය රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් කටයුතු කළා. නමුත් වත්මන් රජය රණවිරුවාගේ එම අභිමානය නැතිකරලා රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට අවශ්‍ය කටයුතු කළා. නමුත් අපගේ රජයක් යටතේ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයෙන් නිදහස් කරගෙන රටේ බුද්ධි අංශ ශක්තිමත් කරනවා.රටක ස්ථාවර බවක් නැත්නම් ආයෝජකයන් සංචාරකයන් රටට එන්නේ නැහැ. කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස්කර තිබෙනවා. මේ රටේ තුනෙන් එකක ජනතාවක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ රජය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාව ලබා දුන්නා. නමුත් මේ රජය කෘෂිකර්මාන්තය පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.ඉදිරියේදී විදේශීය ආර්ථික භෝග මත යැපෙන්න අපට බැරි යුගයක් ඇතිවෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිත කිරීමට අප ක්‍රියා කරනවා. ගොවියා දිරිමත් කර රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට අපි ක්‍රියා කරනවා. ඒ නිසා පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. ගොවි ණය සියල්ලම කපා හරිනවා. ගොවි රක්ෂණය නැවත ඇති කරනවා. එමෙන්ම වගා ණය ලබා දෙනවා. ගොවියා විශාල මුදලක් වැයකර වගා කටයුතු කළත් භෝග විකුණාගන්න බැහැ. ඒ නිසා ගොවියා හැමදාම දුප්පත්. නව තාක්ෂණය හරහා ආහාර සුරක්ෂිත කිරීමටත් ගුණාත්මක බවින් වැඩි බීජ වර්ග හඳුන්වා දීමටත් අපි ක්‍රියා කරනවා.අප ඉදිරිපත් කර තිබෙන ආර්ථික සැලැස්ම අනුව හැම තලයකම සිටින ජනතාව ඉහළට ගැනීමට අපි ක්‍රියා කරනවා. දුප්පත් ජනතාව ඉහළට ගැනීමට අපගේ සැලසුම් තිබෙනවා. එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. උසස් පෙළ විභාගය ද අසමත් වීම නිසා අසහනයට පත් තරුණ තරුණියන් විශාල පිරිසක් අප රටේ සිටිනවා. ඒ නිසා අපගේ පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ලබාදීම තුළින් දියුණු ආර්ථිකයක් ගොඩනැගිය හැකිය. අපගේ ආර්ථික සැලසුම් සකස්වී තිබෙන්නේ මිනිස් සම්පත වටායි. ඒ නිසා උසස් අධ්‍යපනය ලබා ඉහළ වේතනක් ලැබිය හැකිවන පරිදි තරුණ පරපුර බලගැන්වීමට අප ක්‍රියා කරනවා.මෙවර ජනාධිපතිවරණයේදී ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. සුරක්ෂිත රටක් බිහිකර මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්. අපට සෑම ඡන්දයක්ම වැදගත්. ඒ නිසා සෑම ඡන්දයක්ම එකතු කරන්න බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස අප ඉල්ලීමක් කරනවා” යැයි ද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා : “ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කරන්න අපි පක්ෂය ඇතුළේ කුළල් කා ගත්තේ නැහැ. පක්ෂ නායකයන්ගේ, මහජනතාව හා රටේ සියලුම ක්ෂේත්රවල ජනතාවගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස නම් කළා.අපට මේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. විරුද්ධ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. ජනාධිපතිවරයෙක් විය යුත්තේ පරිනත නායකයෙක්. නමුත් සජිත් ප්‍රේමදාසගේ කතා ඇහෙනකොට සංසාරෙත් එක්ක එපා වෙනවා.ගෝඨාභයට මහින්දට විරුද්ධව හොරු ටික එකට එකතු වෙලා ඔවුන් තවමත් කරන්නේ රාජපක්ෂවරුන්ට හා අපට මඩ ගැසීිම පමණයි. සජිත් මෙහෙයවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වුණා. රනිල් වික්‍රමසිංහ ගත්ත ඡන්ද ටිකවත් පක්ෂයට අරගෙන දෙන්න සජිත් ප්‍රේමදාසට බැරි වුණා.සුරක්ෂිත රටක් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ජනාධිපති ධුරයට පත්විය යුතුයි” යැයි ද ඔහු කීය.අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවැසීය.“මේ ආණ්ඩුවෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න බැරිවුණා. අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් සියයට 70ක් ඡන්ද ලබාගෙන තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මෙහෙයවීම යටතේ ඒ පක්ෂය ලබා ගත්තේ ඡන්ද සියයට 27යි.අවුරුදු හතරක් නිදාගෙන සිටි සජිත් ප්‍රේමදාස අද නින්දෙන් නැගිටලා ගොවින් ගැන කතා කරනවා. මේ රටේ ගොවින් ගැන කතා කරන්න අයිතියක් තියෙන්නේ මහින්ද රාජපක්ෂට විතරයි. මේ රජය ගොවින්ගේ සහනාධාර කපා දැම්මා. නමුත් අපගේ රජයක් යටතේ පොහොර සහනාධාර නොමිලයේ ලබා දෙනවා. එමෙන්ම වී සඳහා සහතික මිලක් ලබා දෙනවා. තමන්ගේ ආණ්ඩුවේ හොරු නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. කෑලෑ කපපු, මහ බැංකු කොල්ල කාපු සියලුම දෙනා ගොනුවෙලා ඉන්නේ ඔහුගේ කඳවුරේ. ඔහුට සාමාන්‍ය දැනීමක් නැහැ. පුළුවන්නම් තමන්ගේ අධ්‍යාපන සහතික ජනතාවට ඉදිරිපත් කරන ලෙස සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා” යැයි ද ඔහු පැවැසීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා : “මේ ජයග්‍රහණය ලබන්නේ තාරානාත් බස්නායක නෙමෙයි. තමුන්නාසේලායි. මේ සටනින් අපි ජය නොගත්තොත් එ.ජා.පය අපිට එළවා එළවා ගහනවා. ඒ නිසා පුද්ගලික වාද භේද පසෙක දමා අපි එකාවන්ව කටයුතු කළ යුතුයි.මේ අන්තිම සටන ජය ගැනීමට අපි කැපවී කටයුතු කරනවා. සියලුම දෙනා එකට එකතුවෙමු.” ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා : “මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට අපි 2015 වසරේ සිට කටයුතු කළා. ඒ වෙනුවෙන් මහින්ද සුළඟ රැස්වීම් මාලාව රට පුරාම ගෙනිච්චා. නමුත් මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඔහු ජාතික අපේක්ෂකයෙක්. වැටුණු රට නැවත ගොඩ ගත හැක්කේ ඔහුගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයකට පමණයි” යැයි ද ඔහු කීය.අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද හිටපු අමාත්‍යවරුන්වන බන්දුල බස්නායක, ජයරත්න හේරත්, හිටපු ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ. | “ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ | 1 |
(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති) වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය. ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන කළ යුතු යැයි ද ඔහු කීය. මහර බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියට සහභාගීවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.දැන් රතු ලූනු, බොම්බයි ලූනු මිල කොහොමද? ජීවන වියදම අඩුයිද? බඩු මිල ඉහළ ගිය තරම කොතරම් ද කියනවා නම් ජනතාව ඒ ගැන කතා කරන්නෙත් නැහැ. එදා අපට විරුද්ධව ඡන්දය දීපු එකේ ප්‍රතිඵලය වුණේ එදා සිගරැට් බීපු කෙනා අද බීඩි බොන තත්ත්වයට පත්වීමයි. මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අද රටේම ජනතාව බලාගෙන ඉන්න බව ඇල්පිටිය ජනතාව පෙන්නුවා. ශ්‍රීලනිපයත් අපිත් අද එකතුවුණා. ශ්‍රී.ල.නි.ප.ය. අපේ මහ ගෙදර. ඒ නිසා අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නැහැ.මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටේ සම්පත් විකුණනවා. ඒ සල්ලි ආණ්ඩුවම කෑවා. ණය ගෙවන්න රට වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වේ නැහැ. මේ ආණ්ඩුව හැම කෙනෙක්ගෙන්ම පළිගත්තා. හරියට පළිගන්න අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙකම එ.ජා.පයට දෙන්න කියලා මහ ලේකම්තුමා කියනවා. ඔවුන් බලයට එන්නේ පළිගන්න මිස රට හදන්න නෙවෙයි. කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ග අපි ඉක්මනට හැදුවා. මේ ආණ්ඩුව අත ගානවා මිස වැඩ නැහැ. නිදි මරණ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි රටට වැඩක් කරන්න පුළුවන් වැඩකරපු මිනිහෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර තිබෙනවා. අපි නම් බලයට ආවත් ජනතාවගෙන් උපදෙස් ගන්නවා. ජනතාවගේ අදහස් වලට ගරු කරන්න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒකපුද්ගල ආදායම අද 1.6ට වැටිලා. රටේ ණය බර වැඩිවෙලා. මේ තත්ත්වය ඉතාම ඉක්මනට වෙනස් කළ යුතුයි.අවුරුදු පහකට බලයට ඇවිල්ලා අනාගත පරපුරට හිමි දේපළ විකුණන්න ආණ්ඩුවකට බැහැ. ජනතාව නොදුන් අයිතියක් ආණ්ඩුවක් පාවිච්චි කරන්නේ කොහොමද? ජනාධිපති කොමිෂන් දාලා ඒවා ගැන සොයන්න ඕන. වංචාව, දූෂණය, මංකොල්ලකෑම සදාකාලිකවම නතර කර දමන්න කාලය එළැඹිලා තිබෙනවා. ජනතාව ඉදිරියට එන්න බැරි අය අපිට විරුද්ධව උසාවි යනවා. උසාවිය නිවැරැදි තීන්දුවක් දුන්නා. අද අපිට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවා විශ්වාස නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීය.පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතා මෙසේ පැවැසුවාය.ජනතාව අතරින්ම මතුවූ යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර ගත්තා. මා කෙරෙහි තැබු විශ්වාසය අනුව උරුමයන් රැකගෙන සුරක්ෂිත අලුත් රටක් බිහිකිරීමට මම ක්‍රියාකරනවා.ආරක්ෂිත, විනයගරුක රටක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. දේශපාලන සංස්කෘතිය යහපත් කරගත යුතුයි. ආවේගශීලීව, අවස්ථාවාදීව විරුද්ධවාදීන්ගේ කුමන්ත්රණවලට අසුවී ක්‍රියාකරන්න අපට බැහැ. ලංකා කම්කරු කොංග්රසයත් අපට සහය ලබාදෙනවා. ඒ සියලුම පක්ෂ අප සමග එකතු වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමට අප දැනමටත් සැලසුම් සකස්කර ඇති නිසයි.ශ්‍රී.ල.නි.ප.ය.ත් අප සමග එකතුවීම නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩිකර ගන්න අපට හැකි වී තිබෙනවා. අද අප භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් රටට හඳුන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අප නැවතත් ආර්ථිකය පණගන්වන සුරක්ෂිත රටක් බිහිකරනවා. බුද්ධි අංශවලට නිසි පරිදි ක්‍රියාත්මක වීමට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා. රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ආර්ථිකය සුරක්ෂිත කිරීමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ.අපගේ සැලසුම් සකස් වී තිබෙන්නේ ඥානය මුල්වූ ආර්ථිකයත් කෙරෙහියි. තොරතුරු තාක්ෂණය මූලික කරගෙන ආර්ථිකය දියුණු කිරීමට අපට පුළුවන්. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අප රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. මිනිස් සම්පත් දියුණු කිරීමට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් මාගේ පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල අයෝජනයක් කරනවා. තරුණ තරුණියන් අසහනයට පත්වසිටින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරැදි නිසයි.ලක්ෂ දෙකක සිසුන් පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ සිසුන් තිස්පන් දහසක් පමණයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල දියුණු කරනවා. තාක්ෂණය මුල්වූ ආර්ථිකයක් වෙනුවෙන් අප ක්‍රියාත්මක වෙනවා.අද නිපුණත්වයෙන් හෙබි තරුණයන් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ආර්ථිකය දියුණු කිරීමට නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණියන් බිහිකිරීමට ක්‍රියාකරනවා.සංචාරක ක්ෂේත්රය අද කඩාවැටිලා. ස්ථාවර සුරක්ෂිත රටක් බිහිකිරීම හරහා සංචාරකයන්ට සුදුසු රටක් අප බිහි කරනවා. මෙම රජය කෘෂි කර්මාන්තය අමතක කරලා. ලොව ඉහළම වාරි මාර්ග පද්ධතිය තිබුණේ අප රටේයි. අද අප රටේ ගොවියා දුප්පත් වෙලා. ගොවියා දියුණු කළ යුතුයි. ගොවියාට ජීවත්වීමට සුදුසු ආදායමක් ලැබීමට හැකිවන පරිදි කෘෂිකර්මාන්තය දියුණු කරනවා. රටක් සංවර්ධනයවීම යනු සමාජයේ එක් කොටසක් දියුණුකිරීම නොවෙයි. රටේ සියලුම ජනතාව ඉහළට ගැනීමට හැකි වන පරිදි ජනතා හිතවාද ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. සුරක්ෂිත රටක්, දියුණු ආර්ථිකයක් බිහිකර අනාගත පරපුරට ජීවත්විය හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් යුතුකම ඉටුකිරීමට සූදානම් යැයිද ඔහු කීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. ඉතාම තීරණාත්මක අවස්ථාවකට රට පරිවර්තනය වී තිබෙනවා. පසුගිය රජය කාලයේ තිබූ වේගවත් ආර්ථීක සංවර්ධනය එ.ජා.ප. පාලනය යටතේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අනාගතයක් නැති ජාතියකට අනාගතයක් නිර්මාණය කිරීමේ සටන ‘මහින්ද - ගෝඨා සුසංයෝගය’ අද ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදිය යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කළා. එම තීරණය ගන්න අපිට ටිකක් කල්ගතවුණා. මම මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියාකළා. මගේ තීරණය පක්ෂයේ තීරණය බවට පත්කිරීමට හැකිවීම මට සතුටක්. ගෝඨාභය දිනවීම සඳහා ශක්තිමත් ආර්ථීකයක්, සුරක්ෂිත රටක් අපට ලැබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව දුටුවිට ජනාධිපති ධුරයට ඔහුට වඩා වෙනත් සුදුස්සෙක් නැහැ. සුරක්ෂිත රටක්, ශක්තිමත් ආර්ථියක් ප්‍රාර්ථනා කරන හැමෝටම ගෝඨාභය දිනවීමේ යුතුකමක් තිබෙනවා.තමන්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැතිකමට සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ෆොන්සේකා පත්කරගන්නවාට වඩා ගෝඨාභය පත්කරගැනීම රටට හොඳයි. ගෝඨාභය - මහින්ද රාජපක්ෂ එක්ක අත්වැල් බැඳගන්නවා. නමුත් සජිත් ප්‍රේමදාස අත්වැල් බැඳගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.අද වනවිට පක්ෂයට වඩා රට ගැන හිතා තීන්දු ගතයුතු වේලාවක්. ජනතාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ගම් මට්ටමින් පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒවා අමතකකර ගෝඨාභය දිනවීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.දෛවය දේශපාලනයට බලපාන අවස්ථාවන් තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එවන් අවස්ථාවක්. එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. නමුත් අප කවුරුත් නොසිතූ විදියට එම මැතිවරණය ජනාධිපතිවරණ කාලසීමාවේදීම පැවැත්වුණා. පොදුවේ රටේ ජනමතය කෙබඳුදැයි එම මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙනවා.පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.ඇල්පිටිය ප්‍රාදේශීය ජනතාව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කරලා දැම්මා. රනිල්ට බැහැ කියලා ගෙනාපු සජිත් ප්‍රේමදාස එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය රනිල්ටත් වඩා පහළ මට්ටමකට දමලා. ශ්‍රී.ල.නි.ප.යෙත් අපෙත් ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ.වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්රීන්ද, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ සඳහා සහභාගීවූහ. | “ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ | 0 |
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්ෂේත්රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. | “ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ | 0 |
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මාළබේ, අරංගල දී පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය. මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හා අපේ අපේක්ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්ෂේත්රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත් පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා. අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්ෂ සූදානම් නැහැ.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ. | “ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“ | 0 |
(а¶үа¶Ӯа¶ңිරිа¶ә - а¶ұа·’а¶ёа·Ҹа¶Ҫа·’ а¶ҡа·„а·Җа¶Ҫ а·ға·„ බණа·Ҡඩа·Ҹරа¶ңа¶ё - බිමа¶Ҫа·Ҡ а·Ға·Ҡа¶әа·Ҹа¶ёа¶ұа·Ҡ а¶ўа¶әа·ға·’а¶Ӯа·„)“а¶…а¶ҙа·’ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶Ҝа¶ұа·Ҡа¶ұ а¶ёа·’а¶ұа·’а·ға·Ҡа·ға·”. а¶ёа·ҡ රටа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡට а¶Ҷа¶ңа¶ёа·Ҡа·Җа·Ҹа¶Ҝа·“а¶ұа·Ҡට а¶ёа·ҡ රටа·ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶…а¶ӯа·Ҡа¶ҡරа¶Ҝа·”а¶ұа·Ҡ а¶үරණම а¶ңа·җа¶ұ а¶…а¶ҙිට а·„а·ңа¶і а¶…а·Җබа·қа¶°а¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·ҡ රජа¶әа·ҡ а¶ҙа·Ҡරජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·Ҡරа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ңа·ҡ а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ӯа¶ёа¶әа·’ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҡа¶ӯа¶әа·Ҹ а¶’а¶ҡа·Ҹබа¶Ҝа·Ҡа¶° а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а¶ҙа·ңа·„а·ңටа·Ҡටුа·Җа·ҡ а¶ҙа·ңа¶Ҝа·” а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරණа¶әට එа¶ұ එа¶ҡ” а¶әа·җа¶әа·’ а·Җа·’а¶Ҝа·”а¶Ҫිබа¶Ҫ а·„а·Ҹ а¶ҙа·”а¶ұරа·Ҡа¶ўа¶ұа¶ұа·“а¶ә බа¶Ҫа·Ға¶ҡа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶…а¶ўа·’а¶ӯа·Ҡ а¶ҙа·“. а¶ҙа·ҷරа·ҡරа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶үа¶ҡа·”а¶ӯа·Ҡа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә. බණа·Ҡඩа·Ҹරа¶ңа¶ё එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶ҙа·ға·”а¶ңа·’а¶әа¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ҡа·Ҹරීа¶ұа·Ҡа¶ңа·ҡ а¶ўа¶ұ а·„а¶ёа·”а·Җа¶ҡа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·Ҡ а¶’ а¶ёа·„а¶ӯа·Ҹ එа·ға·ҡ а¶ҡа·“а¶ә.එහිа¶Ҝа·“ රа·Ҹа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җරа¶әа·Ҹ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә. “а·„а·”а¶ҹа¶ҡа·Ҡ а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·Ҡ а¶ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҡа¶ёа¶әа·Ҹට а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶ҡа¶ё а¶үа·Җа¶ӯа·Ҡа¶ҡරа¶ңа¶ұа·Ҡа¶ұ а¶ӯිබа·ҷа¶ұ а¶…а¶ёа·Ҹරුа¶ҡа¶ё а¶ңа·җа¶ұ. а¶үа¶ӯа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶ҡа·’а·Җа·Ҡа·Җа¶Ҝ එа¶ӯа·”а¶ёа·Ҹට а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶ҡа¶ё а¶ңа¶ұа·Ҡа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶ҡа¶ё අරа¶ңа·ҷа¶ұ, а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶Ҝа·’а·Җුරුමа·Ҡ а¶Ҝа·“а¶Ҫа·Ҹ, а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а·Җа·Ҡа¶әа·Җа·ға·Ҡථа·Ҹа·Җට а¶…а¶ӯа¶ңа·„а¶Ҫа·Ҹ а¶ёа¶ё а¶Үමරිа¶ҡа¶ұа·Ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶әа·ҷа¶ҡа·Ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҷඩමа·Ҡබරа¶ҡමට а¶ҡа·’а¶әа¶ҙа·” а¶ёа¶ұа·”а·ға·Ҡа·ға¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҝа·җа¶ұа·Ҡ අඬа¶Ҫа·Ҹ а·Җа·җඩа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ, ‘а¶ёа·ҡ а¶ёа¶ңа·ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶ҡа¶ё а¶ёа·ҡа¶ңа·ңа¶Ҫа·Ҡа¶Ҫа·ң а¶…а¶ӯහරිа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа·„а·җа¶ұа·ҷ, а¶ёа¶ңа·ҡ а¶ёа·ҡ а¶ҙුරа·Җа·җа·ға·’а¶ҡа¶ё а¶…а¶ӯа·„а·җරа¶Ҫа·Ҹ මට а¶Ўа¶ұа·Ҡа¶Ҝа·ҷ а¶үа¶Ҫа·Ҡа¶Ҫа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ а¶ұа·җа·„а·җа¶ұа·ҷ’ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶ҙරа·Ҹа¶Ҝ а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶ҙа·” а¶ёа·„а·’а¶ұа·Ҡа¶Ҝ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ 2015 а¶Ҝа·“ а¶ҙරа·Ҹа¶ўа¶ә а¶ҡа·…а·Ҹ. а¶ёа·ҡ රටа·ҡ а¶ӯිබа·ҷа¶ұ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·Җа¶ңа·ҡа¶ё а¶ёа·ҡ රටа·ҡ а¶Ўа¶ұа·Ҡа¶Ҝа¶Ҝа·Ҹа¶әа¶ҡа¶әа·Ҹа¶ңа·ҡ а·„а·җа·ғිරීම а¶ңа·җа¶ұа¶ӯа·Ҡ а¶…а¶ҙිට а·„а·ңа¶і а¶…а·Җබа·қа¶°а¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.එа·ға·ҡа¶ё а¶ҙа·ға·”а¶ңа·’а¶ә а¶Ҝа·’а¶ұа·Җа¶Ҫ අර а¶ңа¶Ҫа¶ңа·ңඩඅа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹර а·„а·Ҹа¶ёа·”а¶Ҝුරුа·Җа·қ а¶ёа·ҡ රටа·ҡ а¶ұа·“а¶ӯа·’а¶әа·ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җ а·ға¶ҙа¶әа¶ұ а¶…а¶°а·’а¶ҡරණа¶әа¶ҡට а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶’ а¶…а¶°а·’а¶ҡරණа¶әට а¶…а¶·а·’а¶әа·қа¶ң а¶ҡරа¶Ҫа·Ҹ а¶ҙа·җමිණිа¶Ҫа·’а¶ҡа·Ҹරа¶әа·Ҹට а¶ӯරа·Ҡа¶ўа¶ұа¶ә а¶ҡරа¶Ҫа·Ҹ а¶ёа·„а·Ҹ а¶ңа·Ҹа¶Ҫа¶ңа·қටа·Ҡටිа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡа·…а·Ҹ. а¶ёа¶ё а¶Үа¶ӯа·Ҡа¶ӯ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡа¶ё а¶ҡа¶ұа¶ңа·Ҹටු а·Җа·ҷа¶ұа·Җа·Ҹ බа·һа¶Ҝа·Ҡа¶° а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·–а¶ұа·Ҡ а·Җа·„а¶ұа·Ҡа·ға·ҡ а¶ҡа·ҷа¶ұа¶ҡුට а·ғිර а¶Ҝඬුа·Җа¶ёа¶ҡа·Ҡ а¶ұа·’а¶әа¶ё а¶ҡිරීම а¶ңа·җа¶ұ. එа¶ә а¶…а¶ҙа·’ а·„а·җа¶ёа·қටම а¶ҡа¶ұа¶ңа·Ҹටුа·Җට а·„а·ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ. а·„а·җබа·җа¶әа·’ а¶ёа·ҡ රටа·ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶үа·ға·Ҡа·ғරහ а¶ңа·’а·„а·’а¶әа·ҷа¶ҡа·Ҡ а·Җුණа¶ӯа·Ҡ, а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·”а·Җа¶ҡа·Ҡ а·Җුණа¶ӯа·Ҡ а¶ёа·ңа¶ұ а¶ӯරа·Ҹа¶ӯිරම а¶Ҝа·җරුа·Җа¶ӯа·Ҡ රටа·ҡ а¶ұа·“а¶ӯа·’а¶әට а¶әටа¶ӯа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶’ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹටම а¶ұа·“а¶ӯа·’а¶ә එа¶ҡ а·„а·Ҹ а·ға¶ёа·Ҹа¶ұа·Җ а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’.а·„а·җබа·җа¶әа·’ а¶ёа·ҡ රටа·ҡ а·„а·җа¶ёа·қа¶ё හඬ а¶ұа¶ҹа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·‘ а¶Ҙа·Ҹа¶ұа·ға·Ҹර а·„а·Ҹа¶ёа·”а¶Ҝුරුа·Җа¶ұа·Ҡට а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа·…а·Ҹ а·Җа¶ңа·ҡ එа¶ҡа·Ҡа¶ұа·җа¶Ҫа·’а¶ңа·ңඩ මරа¶ҙа·”, එа¶ҡа·Ҡа¶ұа·җа¶Ҫа·’а¶ңа·ңඩ මරа¶ұа·Ҡа¶ұ а¶ҡа·”а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡරණа¶ә а¶ҡа·… а¶…а¶әටа¶ӯа·Ҡ а¶’ а·„а·Ҹ а·ға¶ёа·Ҹа¶ұа·Җ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·’ а¶ҡа·’а¶әа·Ҹ. а¶…а¶ҙа·’ а¶’ а¶ңа·җа¶ұ а¶Ҷණа·Ҡඩුа·Җටම බа¶Ҫа¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұа·‘. а¶ұа·“а¶ӯа·’а¶ә а·ға¶ёа·Ҹа¶ұа·Җ а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·“а¶ё а¶ңа·җа¶ұ а¶ёа·’а¶ұа·’а·ға·”а¶ұа·Ҡට а·„а·җа¶ҹа·“а¶ёа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҷ එа¶ӯа¶ҡа·ңට. а¶…а¶ҙа·’ а¶…а¶°а·’а¶ҡරණа¶әа·ҡ а¶ңа·һරа·Җа¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡа·…а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡ а¶…а¶°а·’а¶ҡරණ а¶·а·–а¶ёа·’а¶ә а¶ӯа·”а·… а¶ҙමණа¶ҡа·Ҡ а¶ұа·ңа·Җа·ҷа¶әа·’, а¶’ а¶ёа·”а·…а·” а·Җටа¶ҙිටа·Ҹа·Җ а¶ӯа·”а·…а¶ё а¶’ а¶ңа·һරа·Җа¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡරа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶…а¶ҙරа·Ҹа¶° а·Җа·’а¶ұа·Ҡа¶Ҝа·’а¶ӯа¶әа¶ұа·Ҡට, а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡа·Ҹරа¶әа¶ұа·Ҡට, а¶’ а·Җа¶ңа·ҡа¶ё а·Җරа¶Ҝа¶ҡට а¶…а¶ӯа·Ҡඅඩа¶Ӯа¶ңа·”а·Җට а¶ңа¶ӯа·Ҡ а·ға·җа¶ҡа¶ҡරුට, а·Җа·’а¶ӯа·Ҡа¶ӯа·’а¶ҡරුට а¶ҙа·Җа·Ҹ а¶’ а¶ұа·“а¶ӯа·’а¶әа·ҡ රа·җа¶ҡа·Җරණа¶ә එа¶ҡ а¶Ҫа·ҷа·ғ а¶Ҫබа·Ҹа¶Ҝа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’” а¶әа·җа¶әа·’ а¶Ҝ а¶ҙа·җа·Җа·ға·“а¶ә. | а¶ҙа·ҠвҖҚරජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚරа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට а¶ңа·ҷа¶ұа¶’а¶ё | 1 |
а¶ёа·Җа·Ҡබිමа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ӯа·Ҡа·Җа¶әට а¶ҡа·’а·ға·’а·Җа·ҷа¶ҡුටа¶ӯа·Ҡ බа¶Ҫа¶ҙа·‘а¶ёа·Ҡ а¶ҡිරීමට а¶ӯа¶ёа¶ұа·Ҡ а¶үඩ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ බа·Җ а·Ға·Ҡරී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ҙа·ңа¶Ҝа·” а¶ўа¶ұ а¶ҙа·ҷරමුණа·ҡ а¶ўа¶ұа¶ҙа¶ӯа·’ а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·ға·”а¶ңа¶ӯа¶Ҝа·Ҹа·ғ а¶ңа·ҳа·„а·ға·Ҡа¶ӯ а¶ҡа·Ҡරිඩа·Ҹа¶Ӯа¶ңණа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶Ҝ (11) а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җа·” а¶ҙа·ңа¶Ҝа·”а¶ўа¶ұ а¶ҙа·ҷරමුණු а¶ёа·„ а·ға¶ёа·Ҡа¶ёа·ҡа¶Ҫа¶ұа¶әа·ҡа¶Ҝа·“ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҡ බа·Җ а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа·ҡ а·Җа·’а¶ҙа·Ҡа¶Ҫа·Җа·“а¶ә а·Җа·ҷа¶ұа·ға¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а¶ҡිරීමට а¶Ҫа·җබුණු а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а·Җа¶ңа¶ҡа·“а¶ёа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶ұа·’а·„а¶ӯа¶ёа·Ҹа¶ұа·“а·Җ බа·Ҹරа¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ බа·Җ а¶Ҝ ඔහු а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә. а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡа¶Ҝ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·“а¶ә.‘а¶…а¶Ҝ а·Ға·Ҡරී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа·ҡ а¶ӯීරණа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·ға¶ұа·Ҡа¶°а·’а·ға·Ҡථа·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ. а¶ёа·ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීම а¶ёа¶ё а¶ңа·һරа·Җа¶әа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶ұа·’а·„а¶ӯа¶ёа·Ҹа¶ұа·“а·Җ බа·Ҹර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶…а¶ұа¶ңа·Ҹа¶ӯ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әа·ҡ а·Җа·’а¶ҙа·Ҡа¶Ҫа·Җа·“а¶ә а·Җа·ҷа¶ұа·ға¶ҡа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ බа·Ҹර а¶Ҝа·”а¶ұа·Ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶әа·”а¶ң а¶ёа·ҷа·„а·ҷа·Җරа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶Ҝа¶ҡа·’а¶ұа·Җа·Ҹ. а¶ёа¶ңа·ҡ රа·Ҹа¶ўа¶ҡа·Ҹරීа¶әа·ҡ а¶Ҝа·“ а¶ёа·Ҹ а·ға·Ҹරа·Ҡථа¶ҡа·Җ а·Җа¶ңа¶ҡа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶үටුа¶ҡа·…а·Ҹ. а·ға·“а¶ёа·Ҹа·Җа¶ұа·Ҡට а¶ҡа·ңටු а¶ұа·ңа·Җа·“ а·ға¶ёа·Ҡа¶ёа¶ӯа¶әа·ҷа¶ұа·Ҡ ඔබа·Ҡබට а¶ңа·ңа·ға·Ҡ а¶’ а·Җа¶ңа¶ҡа·“а¶ё а¶үටු а¶ҡа·…а·Ҹ. а¶…а¶ұа·Ҹа¶ңа¶ӯа¶әа·ҡа¶Ҝ а¶’ а·ға·’а¶әа¶Ҫа·” а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ұа·ңа¶ҙа·җа¶ҡа·’а·… а·ға·’а¶Ҝа·” а¶ҡරа¶ұа·Җа·Ҹ.රටа¶ӯа·”а·… а¶ҙූරа·Ҡණ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җ а·ға·җа¶ҙа¶әа·“а¶ё а¶ёа·Ҹа¶ңа·ҡ а¶ёа·–а¶Ҫа·’а¶ҡ අරමුණа¶әа·’. රටа·ҡа¶ӯа·Ҡ а¶Ҝа·–а¶Ҝරුа·Җа¶ұа·Ҡа¶ңа·ҷа¶ӯа·Ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җ а¶ёа¶ё බа·Ҹර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶Ҷа¶ңа¶ёа·Ҡа·Җа¶Ҫට а¶ңරු а¶ҡරමිа¶ұа·Ҡ а·ға¶Ӯа·ға·Ҡа¶ҡа·ҳа¶ӯа·’а¶әට а¶ңරු а¶ҡරමිа¶ұа·Ҡ а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җුණ а¶ўа·Ҹа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶…а¶ҙа·’. а¶…а¶ҙа·ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ә එа¶әа¶әа·’. а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹට එа¶ҡට а¶ўа·“а·Җа¶ӯа·Ҡ а·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ රටа¶ҡа·Ҡ а¶ұිරа·Ҡа¶ёа·Ҹණа¶ә а¶ҡරа¶ұ බа·Җට а¶ёа¶ё а·ға·„а¶ӯа·’а¶ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әට а¶ӯа·Ҡරа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әට а¶үඩ а¶ӯබа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ‘ а¶әа·җа¶әа·’а¶Ҝ а¶’ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶үа¶ӯа·’а·„а·Ҹа·ға¶әа·ҡ а¶ұа·Җ а¶ңа¶ёа¶ұа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶Үරа·җඹු а¶ёа·ҷа¶ё а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ңа¶ёа¶ұа·ҡа¶Ҝа·“ а·ға¶ёа·ға·Ҡථ а¶ёа·җа¶ӯа·’а·Җරණ а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·Ҹරа¶ә а¶ұа·“а¶ӯа·’а¶ңරුа¶ҡ а·ға¶Ҝа·Ҹа¶ а·Ҹර а¶ёа·җа¶ӯа·’а·Җරණ а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·Ҹරа¶әа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶ҙа·җа·Җа·җа¶ӯа·Ҡа·Җීමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ а¶ёа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡа¶Ҝ а¶ҡа·…а·ҡа¶ә.එමа·ҷа¶ұа·Ҡа¶ё а¶ҙа·ңа¶Ҫа·’а¶ӯа·“а¶ұа·Ҡ,а¶ҙа·Ҡа¶Ҫа·Ҹа·ға·Ҡටිа¶ҡа·Ҡ а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ұа·ңа¶ҡර а¶ёа·җа¶ӯа·’а·Җරණ а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·Ҹරа¶ә а¶ҡа·… а¶әа·”а¶ӯа·” බа·Җа¶ӯа·Ҡ а¶…а¶ұа·’а¶ҡа·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫට а¶Ҷа¶Ҝරа·Ҡа·Ға¶әа¶ҡа·Ҡ а·Җа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·җа¶әа·’а¶Ҝ а·ға·’а¶ә а¶ҙа·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡа¶әа·’а¶ұа·Ҡ а·„а¶ёа·”а·Җа·ҡ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶ёа·„а¶ӯа·Ҹ а·ға·’а¶ә а¶ҡа¶ӯа·Ҹа·Җ а¶…а·Җа·ға·Ҹа¶ұа¶әа·ҡа¶Ҝа·“ а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә. | а¶ҙа·ҠвҖҚරජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚරа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට а¶ңа·ҷа¶ұа¶’а¶ё | 0 |
(а·ғිරа¶Ӯа¶ңа·’а¶ҡа·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а¶ҡරа·Җිට)"а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·Ҡ. а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶ӯа¶Үරිа¶әа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶ҙරа·Ҹа¶Ҝа¶әа·’. а¶ёа·ҡ а¶…а¶ҙට а¶Ҫа·җබа·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ. а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶ӯඅරිа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ." а¶әа·җа¶әа·’ а¶…а¶ңа·Ҡරа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡරමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶Ҝ (22) а¶ңа·Ҹа¶Ҫа·Ҡа¶Ҫа·ҡ а·Җа·җа¶ҡුණුа¶ңа·ңඩ 'а¶ұа·’а¶Ҫ а·ға·ҷа·Җණ' а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ұа·’а¶Ҫ а¶ұа·’а·Җа·Ҹа·ғ 100а¶ҡа·Ҡ а¶·а·Ҹරа¶Ҝа·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а¶Ҝа·“ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶…а¶ңа·Ҡරа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·„а·’ а¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶әа¶ұа·Ҡа¶ӯа·Ҡරණа¶әа·ҡ а·ғමහර а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұа·Җа¶Ҫට а¶ҙа·’а·…а·’а¶әа¶ёа·Ҡ а¶ұа·җа¶ӯа·’ а·Җුණа·Ҹа¶ё а¶ӯа·Ҡරа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әа·ҷа¶ұа·Ҡ а¶·а·“а·Ӯණа¶әа·ҡа¶ұ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а·„а·’а¶ӯа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ ඕа¶ұа¶ё රටа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶Үа¶ӯа·’ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·„а·җа¶ҡа·’ а·ға·‘а¶ё а·Җිටම а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ӯа¶әа·”а¶ӯа·”а¶әа·’. а¶Ӣа¶ӯුරа·ҡ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә а¶Үа¶ӯа·’а·Җුණа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·’а·ға·Ҹ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ බа·җරි а·Җුණа·Ҹ. а¶Ҝа¶ҡුණа·ҡ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ а¶’а¶ҡа·“а¶ә රа·Ҹа¶ўа·Ҡа¶әа¶әа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡа¶әа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ёа¶ӯа¶әа·ҡ а¶ұа·’а¶ӯරම හිටිа¶әа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ҷඩරа¶Ҫа·Ҡ а¶ҡа·Ҡරමа¶әа¶ҡа·Ҡ ඕа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·Ҡරа·Җිඩ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҡ а¶Ҝа·“а¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа¶ё රа·Ҹа¶ўа·Ҡа¶әа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·”а·Җа·Ҹ. а¶’а¶ҡ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶…а¶ҙа·’ а¶ҡа·Ҡරිа¶әа·Ҹа¶ҡа¶Ҫа·Ҹ. а¶…а¶ҙа·ҡ а·Җа·Ҡа¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға¶·а·Ҹа·Җа·ҡ а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡමිටුа·Җа·ҡ а¶…а¶ұа·Ҡа¶ӯරа·Ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа·ҡ එа¶ҡට а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ўа·ҡа¶Ҝа¶әа·ҡ а¶ӯිබа·ҷа¶ұ а¶әа·қа¶ўа¶ұа·Ҹ а¶ңа·җа¶ұ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶әа·ңа¶ёа·” а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶Ӣа¶ҙරිම බа¶Ҫа¶ә බа·ҷа¶Ҝа·Ҹ а·„а·җරීම а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶…а¶ёа¶ӯරа·Җ а·ға·ҷа¶ұටа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම. а¶ёа¶Ҝа·’а¶ҙа·”а¶Ӯа¶ а·’а¶ҡа¶ёа·Ҡ а·Җа¶Ҫට а¶үඩ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҡරමа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම, а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶…а¶°а·’а¶ҡරණ а¶ҡа·Ҡරමа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම, а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а·Җа¶ӯа·җа¶ұа·Ҡ а·Җа·–а·Җа¶ұа·Ҡ а·Җа·„а·Ҹа¶ё а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶ҡිරීම а¶ҡа·’а¶әа¶ұ а¶ҡа·Ҹරණа·Ҹа·Җа¶Ҫට а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа¶ҹа·Җа·ҷа¶ұа·Җа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·’а·ға¶іа·”а¶ёа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶’а¶ҡа·“а¶ә රа·Ҹа¶ўа·Ҡа¶әа¶әට а·„а·Ҹ බුа¶Ҝа·Ҡа¶° а·Ға·Ҹа·ға¶ұа¶әට а¶ҙа·Ҡරමුа¶ӣа¶ӯа·Ҡа·Җа¶ә а¶Ҫබа·Ҹ а¶Ҝීමටа¶ӯа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа·Ҹ а·ға·”а·…а·” а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡ а¶ұа·’а¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡරа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ එа¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё а¶ёа·ҡ а¶ңа·җа¶ұ එа¶әа·Ҹа¶Ҫа·Ҹ а·ға¶ёа¶ң а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡරа·Ҹ.а¶ёа·ҡ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а¶ңа·җа¶ұ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ӯа·Ҡ а·Ға·Ҡරී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ӯа·Ҡ а·„а·җа¶ёа¶Ҝа·Ҹа¶ё а¶ҡඹ а¶Үа¶Ҝа·Ҡа¶Ҝа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ එа¶Ҝа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡරීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҙа·ңа¶Ҝа·” а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа·Ҹ а·Җටа·Ҹ එа¶ҡа¶ӯа·”а·Җුණа·ҡ а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫට а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а·„а·ңа¶әа¶ұа·Ҡа¶ұ. එа¶Ҝа·Ҹ а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶ә а·„а·Ҹ а·ға·”а·…а·” а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ එа¶ҡа¶ӯа·” а·Җුණа·Ҹ.а¶…а¶Ҝ а¶…а¶ҙිට එа¶ҡа¶ё а¶ёа¶ӯа¶әа¶ҡට එа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а·Ға·Ҡරී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·ға¶ёа¶ҹ а¶…а¶ҙа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а·җа¶Ҝа·”а·Җа·ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ. а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶…а¶ә а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·”а·Җа·Ҹ а¶Үа¶әа·’ а¶ёа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ҙිට а¶ӯа¶ұа·’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а·„а·җටිа¶әට а¶Ҫа·җබа·ҷа¶ұ а·Җа·Ҹа·ға·’а¶ә ටිа¶ҡа¶ҡа·Ҡ අඩු а¶ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа¶ӯа·Ҡ а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. රටа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡරධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа¶ӯа·” а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а·җа¶Ҝа·”а·Җа·Ҹ.2016 а¶ўа¶ұа·Җа·Ҹරි а¶ёа·Ҹа·ға¶әа·ҡ а¶Ҝа·“ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җ а·Җа·Ҡа¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·ҡ. а¶’ а¶ҡа·ҷටුමа·Ҡа¶ҙа¶ӯ а¶…а¶ҙа·’ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡරа·Ҹ. а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а¶ҙа·’а¶әа·Җර а·„а·җටිа¶әට а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡа·ңමිටිа¶әа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶…а·Җුරුа¶Ҝа·Ҡа¶Ҝа¶ҡට а·Җඩа·Ҹ а¶’ а¶ҡමිටුа·Җа·ҡа¶ұ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә. а¶ӯа¶ёа¶ұа·Ҡ а¶…а¶ӯර а¶ӯිබа·ҷа¶ұ а·Җа·ҷа¶ұа·ғ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұа¶ә а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶Ҝ බа·җරිа¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а¶ҡа¶ӯ а¶ҡа·…а·Ҹ. а·Җа·Ҹа¶Ҝ а¶ҡа·…а·Ҹ. а·Җа·’а·Җа·Ҹа¶Ҝ а¶ҡа·…а·Ҹ. а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а·ғමහරු а¶Үа·„а·”а·Җа·Ҹ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ҡа¶Ҫа·Ҡа¶ңа¶ӯ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ.а¶ёа¶ё а¶ёа·ҡ а¶ҡа·Ҹරа·Ҡа¶әа¶әට а¶ҡа¶Ҫа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а·„а·җа¶ёа·қටම а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ұа·Ҡа¶ұ. а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а¶әа·қа¶ўа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а¶Ўа·ҡа¶Ҝа¶әа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶…а·Җа·Ға·Ҡа¶әа¶ұа¶ёа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶Ҫа·Ҹ а¶’ а¶ҡа·Ҹරණа·Ҹа·Җа¶Ҫට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·ңа·„а·ңа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶…а¶ҙа·’ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. එа¶ӯа·җа¶ұ බහුа¶ӯරа¶әа¶ҡа·Ҡ а¶ұа·‘. а·ға·”а·…а·”а¶ӯරа¶әа¶ҡа·Ҡ а¶ұа·‘. а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶’а¶ҡа·Ҹබа¶Ҝа·Ҡа¶° а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶…а¶Ҝа·„а·ға·Ҡ ඔа¶ҡа·Ҡа¶ҡа·ңа¶ё а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. එа¶ҡ එа¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫ а¶ёа·–а¶Ҫධරа·Ҡа¶ё а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶…а¶ҙа·’ а¶ёа·ҡ а¶ңа¶ёа¶ұ а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұа¶әа¶ұа·Ҡа¶ұ ඕа¶ұ. а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡමිටුа·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұ а¶Ҝа·ҡ а¶ҡරа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ රටට а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶·а·Ҹර а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶үа¶ӯිරි а·Җа·җඩ ටිа¶ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶ёа·ҡа¶ҡ а¶…а¶ҙිට а¶Ҫа·җබа·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ. а·ғමහරු а¶ҡа·‘ а¶ңа·„а¶ұа·Җа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶Ӣа¶ӯුරට а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·ҷа¶ёа·… а¶…а¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶…а¶ә බඳа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а¶Үබෑරа·Ҡа¶ӯа·” 7000а¶әа·’ а¶ҙа·…а¶ёа·” а·Җටа¶әа·ҡ а¶Ҝа·Ҡරа·Җа·’а¶Ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ 700а¶ҡа·Ҡ බඳа·Җа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа¶ёа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ 180а¶ҡа·Ҡ а¶ҙමණа¶әа·’. 700а¶ҡа·Ҡ а¶ёа¶Ҝа·’ а¶’а¶ӯа·Ҡ එа¶ұа·Ҡа¶ұа·ҡ а¶үа¶ӯа·Ҹ අඩු а¶ңණа¶ұа¶ҡа·Ҡ. а¶…а¶ҙа·’ а¶әа·Ҹа¶ҙа¶ұа·ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ёа·ҡа¶ҡ රට а¶ҙа·Ҹа·Җа¶Ҫа·Ҹ а¶Ҝа·ҷа¶ұ එа¶ҡа¶ҡа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶ёа·ҷа¶ӯа·җа¶ұа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶үа¶Ҝිරа¶әට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡරа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ ඕа¶ұ. а¶ёа·ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ අරа¶ңа·ҷа¶ұ а¶…а¶ҙа·’ а¶үа¶Ҝිරිа¶әට а¶әа¶ұа·Ҡа¶ұ ඕа¶ұ.а¶ёа·ҡ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа¶ұа·Җа·Ҹ. а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ ඩа·Ҡරа·ңа¶ҙа·Ҡ а¶ҡа·…а·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶ҙරа¶Ҝа·’а¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ё ඕа¶ұа·‘.а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а·ға¶іа·„а·Ҹ а·ға·Ҡа·Җа¶Ҝа·ҡа·Ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а·Җජිර අබа·ҡа·Җරа·Ҡа¶°а¶ұ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а·ға·„ а¶Ҝа¶ҡа·Ҡа·Ӯිණ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а·ға·Ҹа¶ңа¶Ҫ රа¶ӯа·Ҡа¶ұа·Ҹа¶әа¶ҡ, а¶үඩමа·Ҡ а·„а·Ҹ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ҙа·Ҡරа¶ӯа·’а·ға¶Ӯа·ға·Ҡа¶ҡරණ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶ңа¶әа¶ұа·Ҡа¶ӯ а¶ҡරුණа·Ҹа¶ӯа·’а¶Ҫа¶ҡ, а·Җа·’а¶Ҝа·ҡа·Ғ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·Ҡа¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶ә а¶ёа¶ұа·–а·Ӯ а¶ұа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡа·Ҡа¶ҡа·Ҹර, а¶ңа·Ҹа¶Ҫа·Ҡа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡරිа¶ҡа·Ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а·“а¶ҡරණ а¶ҡමිටු а·ға¶ё а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡරී а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ а·„а·ҷටа·Ҡටිа¶Ҷරචа·Ҡа¶ а·’, а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡරී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫа¶Ҫа·Ҹа¶Ҫа·Ҡ බණа·Ҡඩа·Ҹරිа¶ңа·ңඩ а¶Үа¶ӯа·”а·…а·” а¶ёа·җа¶ӯа·’ а¶Үа¶ёа¶ӯа·’а·Җරු а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶Ҝ а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җа·“ а·ғිටිа¶әа·„. | а¶ҙа·ҠвҖҚරජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚරа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට а¶ңа·ҷа¶ұа¶’а¶ё | 0 |
(ඩа¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“) а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңර а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’а¶ә හරහа·Ҹ а¶үඩමа·Ҡ а¶…а¶ҡа·Ҡа¶ҡර 4000 а¶ҡа·Ҡ а¶ҡа·ңරිа¶әа·Ҹа¶ұа·” රජа¶әට а·„а·Ҹ එරට а·ға¶ёа·Ҹа¶ңа¶ёа·Ҡа·Җа¶Ҫට а·Җа·’а¶ҡිණීමට а¶әа¶ұ බа·Җට а¶ҙа·…а·Җа¶ұ а¶…а¶Ҝа·„а·ға·Ҡ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණа¶әа·ҷа¶ұа·Ҡ а¶…а·ға¶ӯа·Ҡа¶ә බа·Җ а¶ёа·„а¶ұа¶ңර а·„а·Ҹ බа·ға·Ҡа¶ұа·Ҹහිර а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶…а¶ӯිරа·ҡа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а·Җа·ӣа¶Ҝа·Ҡа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңරа¶әට а·Җිරුа¶Ҝа·Ҡа¶°а·Җ හඬ а¶ұа¶ңа¶ұ а¶ҙිරිа·ға·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ එа¶Ҫа·Ҡа¶Ҫ а¶ҡරа¶ұ а¶ а·қа¶Ҝа¶ұа·Ҹ а·Җа¶ұ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ӯටа·Ҡටු а¶ұа·’а·Җа·Ҹа·ға·Җа¶Ҫට а¶ңа·Ҹа¶Ҫа·Ҡ а¶ҡිරීම, а·ға·’а¶Ӯа¶ңа¶ҙа·Ҡа¶ҙූරු а¶ңа·’а·Җа·’а·ға·”а¶ё а¶әටа¶ӯа·ҡ а¶…а¶ҙа¶Ҝа·Ҡරа·Җа·Ҡа¶ә а¶ңа·ҷа¶ұа·җа·Җа·’а¶ӯа·Ҡ а¶Ҝа·җа¶ёа·“а¶ё, а¶ұа·’а·Җа·Ҹа·ғ а·„а¶Ҝа¶ұ а¶ӯුරු а¶ұа·җа¶ұа·қ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶Ҷа¶әа¶ӯа¶ұа¶ә а¶ёа¶ңа·’а¶ұа·Ҡ а·Җරа·Ҡа·Ӯа·Ҹа·Җ а¶ҙа·Ҡරමа·Ҹа¶Ҝ а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶…а·„а·ғට රа·ға·Ҹа¶әа¶ұа·’а¶ҡ а¶Ҝа·Ҡරа·Җа·Ҡа¶әа¶әа¶ҡа·Ҡ а·Җа·’а¶Ҝ а¶Үа¶ӯа·’ බа·Җට а¶Ҷа¶Ҝа·“ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ӯа·Ҹරа·Ҡа¶ҡа·’а¶ҡ а¶·а·Ҹа·Җа¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ӯа·ңර а¶’а·Җа·Ҹ බа·Җ а¶Ҝ а¶…а¶ӯිරа·ҡа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә. а¶…а¶ӯිරа·ҡа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·ға·”а·Җа·ҡ ‘а·„а·қа¶ёа·Ҹа¶ңа¶ё а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңරа¶әට එරа·ҷа·„а·’ а·Җිරа·қа¶°а¶ә а¶әථа·Ҹරа·Ҡථа¶әа¶ҡа·Ҡа¶Ҝ?’ а¶әа¶ұ а¶ёа·җа¶әа·ҷа¶ұа·Ҡ එම а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡа¶әа·Ҹа¶Ӯа·Ғ а·Ға·Ҡරа·Җණа·Ҹа¶ңа·Ҹරа¶әа·ҡа¶Ҝа·“ а¶…а¶Ҝ (11) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡа¶ә а·„а¶ёа·”а·Җа¶ҡа·Ҡ а¶…а¶ёа¶ӯа¶ёа·’а¶ұа·’.а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңර а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’а¶ә а·ға¶Ҫа¶ҡа¶ұа·Ҡа¶ұа·ҡ а¶ёа·ҡ රටа·ҡ а¶…а¶ұа·Ҹа¶ңа¶ӯ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а·„а·ғුරුа·Җа¶ұ, а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа·ҡ а¶ұа·Җ а¶ҙа·’а¶ёа·Ҡа¶ёа¶ҡа·Ҡ а¶ҙа¶ұа·’а¶ұ, а¶ёа¶°а·Ҡа¶әа¶ё а¶Ҷа¶Ҝа·Ҹа¶әа¶ёа·Ҡ а¶Ӣа¶ңа·”а¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ңа·җа¶Ҫа·Җа·“ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණа¶ә а¶Ҝа·җа¶ұа·”а¶ё, а¶ұа·Җа·қа¶ӯа·Ҡа¶ҙа·Ҹа¶Ҝа¶ұа¶ә а¶ҙа¶Ҝа¶ұа¶ёа·Ҡ а¶ҡර а¶ңа¶ӯа·Ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әа¶ҡа·Ҡ а¶ҡරа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡිරීමට а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶Ӣа¶ӯа·Ҡа·ға·Ҹа·„а¶әа¶ҡа·Ҡ බа·Җ а¶Ҝ එහිа¶Ҝа·“ а¶…а¶ӯිරа·ҡа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә.රටට а¶Ҝа·’а¶әුණුа·Җ, а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණа¶ә, а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұа¶ә එа¶ҙа·Ҹ а¶ҡа·’а¶әа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·ҷа·…а¶ҙа·Ҹа·…а·’ а¶әа¶ұ එа¶ҡа¶ё රට а·Ға·Ҡරී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ බа·Җ а¶Ҝ а¶ёа·Ҹа¶°а·Җ а·Җа·ӣа¶Ҝа·Ҡа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·ҷа·…а·ҡа¶ә. а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңර а¶·а·–а¶ёа·’а¶ә а¶ӯа·”а·… а·Җа·’а¶Ҝа·ҡа·Ғ а¶Ҷа¶әа·қа¶ўа¶ұ а¶Үа¶ӯа·’ а·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ රටа·ҡ а¶үඩමа·Ҡ а·Җа·’а¶ҡිණීම а·ға¶іа·„а·Ҹ а¶ҡа·ңරිа¶әа·Ҹа¶ұа·” රජа¶ә а·„а·қ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·Ҡ а·ға¶ёа¶ҹ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶ңа·’а·Җа·’а·ға·”а¶ёа¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡර а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶Ҝ ඔහු а¶ҙа·Ҡරа¶ҡа·Ҹа·Ғ а¶ҡа·…а·ҡа¶ә. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңරа¶ә а¶Ҝа·’а¶әුණු а¶ҡිරීම а·ға¶іа·„а·Ҹ а¶ҡа·ңරිа¶әа·Ҹа¶ұа·” а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҙа¶әа·’а¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Ға·ҡа¶Ҙа¶әа·’а¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҝа·җа¶ұа·”а¶ё а¶Ҫබа·Ҹа¶ңа·җа¶ұа·“а¶ё а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶…а·Җබа·қа¶°а¶ӯа·Ҹ а·ға¶Ӯа¶Ҝа·ҡа·Ға¶әа¶ҡа·Ҡ а¶…а¶ӯа·Ҡа·ға¶ұа·Ҡ а¶ҡර а¶ӯිබа·ҷа¶ұ බа·Җ а¶Ҝ ඔහු а¶ҡа·“а·Җа·ҡа¶ә.එමа·ҷа¶ұа·Ҡа¶ё а¶ёа·ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа¶ӯа·ҷа¶ҡа·Ҡ а¶ҙа·Җරа·Ҹа¶ңа·ҷа¶ұ а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶…а¶ҡа·Ҡа¶ҡර 200 а¶ҡа·Ҡ а¶ҙමණ а·Җа¶ұ а¶…а¶ӯර а¶үа¶Ҝිරිа¶әа·ҡа¶Ҝа·“ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶…а¶ҡа·Ҡа¶ҡර 250 а¶ҡа·Ҡ а¶ҙа·Җරа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ұа·’а¶әа¶ёа·’а¶ӯ බа·Җа¶ӯа·Ҡ а¶ҡа·“ а¶’ а¶ёа·„а¶ӯа·Ҹ а¶үа¶ұа·Ҡ බහුа¶ӯරа¶ә а¶ўа¶ұа¶ӯа·Ҹа·Җ а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶үඩමа·Ҡ а¶ұа·ңа·Җа¶ұ බа·Җ а¶Ҝ а¶ҙа·җа·Җа·ға·“а¶ә.එහි а¶Үа¶ӯа·’ а¶ҡа·’а·ға·’а¶ё а¶ұа·’а·Җа·ға¶ҡа·Ҡ а·„а·’а¶ёа·’а¶ҡරුа·Җа¶ұа·Ҡට а¶…а·„а·’а¶ёа·’ а¶ұа·ңа¶ҡරа¶ұ බа·Җ а¶Ҝ а¶…а¶ӯිරа·ҡа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.එම а¶·а·–а¶ёа·’а¶ә а¶ӯа·”а·… а¶ҙරිа·ғරа¶әට а·„а·Ҹа¶ұа·’ а·Җа¶ұ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯа·Ға·Ҹа¶Ҫа·Ҹ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·Ҡ а¶үа¶Ҝа·’ а¶ұа·ңа·Җа¶ұ බа·Җ а¶ҡа·“ а·Җа·ӣа¶Ҝа·Ҡа¶әරа¶ӯа·Ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙරа·Ҡа¶әа·ҡа·Ӯණа·Ҹа¶ңа·Ҹර а¶ӯа·”а·… а¶ұа·Җ а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණа¶ә а¶ҙිළිබඳ а¶ҙරа·Ҡа¶әа·ҡа·Ӯණ а·ға·’а¶Ҝа·” а¶ҡිරීම, а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫ а¶…а¶°а·Ҡа¶әа·Ҹа¶ҙа¶ұа·’а¶ҡ а¶ҙа·„а·ға·”а¶ҡа¶ёа·Ҡ а·ға·җа¶Ҫа·ға·“а¶ё а¶Ҷа¶Ҝа·’а¶ә а¶ҙමණа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·”а·Җа¶ұ බа·Җ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶ӯа·Ҹа¶ҡа·Ҡа·Ӯණ а¶ұа¶ңර а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’ а¶…а¶°а·Ҡа¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·Ҹа¶Ҫа·Ҡ а¶ҙа·ҡа·Ҡරමа¶ұа·Ҹа¶ӯа·Ҡ, එа¶ұа·Ҡ.එа·ға·Ҡ.බී.එමа·Ҡ. හරිа¶ӯ а·ғරа·ға·Җа·’а¶әа·ҡ а¶ўа·Ҡа¶әа·ҷа·Ӯа·Ҡа¶Ё а¶ҡළමණа·Ҹа¶ҡරු රа·Ҹа¶ўа·Ҡ а¶ҙа·ҡа·Ҡරමа¶Ҝа·Ҹа·ғ, а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡටа·ҷа¶ҡа·Ҡ а¶Ҷа¶әа¶ӯа¶ұа¶әа·ҡ а·ға·”а¶ұа¶ұа·Ҡа¶Ҝ а¶ңුණа·ға·ҡа¶ҡර а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡ а·Ға·Ҡරී а¶ўа¶әа·Җරа·Ҡа¶°а¶ұа¶ҙුර а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә, а¶ёа·ңරටුа·Җ а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә, а¶ҡа·ңළඹ а·Җа·’а·Ға·Ҡа·Җ а·Җа·’а¶Ҝа·Ҡа¶әа·Ҹа¶Ҫа¶ә а¶Үа¶ӯа·”а·…а·” а·Җа·Ҡа¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ҙිරිа·ға¶ҡа·Ҡ එම а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җට а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җа·–а·„. | а¶ҙа·ҠвҖҚරජа·Ҹа¶ӯа¶ұа·Ҡа¶ӯа·ҠвҖҚරа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а¶ҡරа¶ұ а·„а·җа¶ёа·қа¶ңа·ҷа¶ё а¶ҡа·җа¶ёа·җа¶ӯа·Ҡа¶ӯ а¶ңа·қа¶Ёа·Ҹа¶·а¶ә а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶әට а¶ңа·ҷа¶ұа¶’а¶ё | 0 |
අනාගත පරපුරට රටේ සම්පත් ඉතිරි කර යෑම මිස එය විකිණීම පාලකයකුගේ වගකීම නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 2 වැනිදා පැවසීය.එබැවින් අනාගතයේ ඉපදීමට සිටින මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයන්ට රටේ සම්පත් ඉතිරි කර යාම පාලකයන්ගේ වගකීමක් බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ශාලාවේ පැවැති ‘‘රට සුරකින මහ පවුර’’ නියෝජිත සමුළුවට එක්වෙමින් ඉකුත් 2 වැනිදා හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.ජාතික සම්පත් සුරැුකීමේ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ එම සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.අද ජාතික සම්පත් ආරක්ෂා කරගන්න සියලූදෙනා එකතුවෙලා යුගයේ යුතුකම ඉටු කරන්න සැරසෙන වෙලාවක් හැටියට මේ වෙලාව හඳුන්වන්න පුළුවන්. අද සිද්ධවෙන්නේ රටේ තියෙන සම්පත් විකිණීමේ කාර්යයම නෙමෙයි. මේ කරන්නේ රට විකිණීමයි. දැන් ආණ්ඩුව කරගෙන යන්නේ රාජ්‍ය විකිණීමේ කාර්යයයි. මෙතනයි ගැටලූව තිබෙන්නේ. මොකද පවතින රටක පරපුරක් මේ භූමිය තුළ ඇති සම්පත් භුක්ති විඳිනවා. මේ සම්පත් භුක්තිවිඳලා මේකට අයිතිය කියන්න හෝ විකුණලා යන්න බැහැ. අනාගතයේ ඉපදෙන්න ඉන්න මිලියන ගණනාවක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සම්පත් ටික ඉතිරි කරලා යන්න. එය විකුණලා යෑම නොවෙයි අපේ වගකීම. අපි ඒ අයට මොනවද කියන්නේ. අනාගත පරපුරටයි මෙය අයිති.අපි මෙහි තාවකාලික භාරකාරයන් පමණයි. අද මේ යෝධයෝ ටික එකතුවෙලා මේවායේ අයිතිකාරයෝ වෙලා ඒ සම්පත් එකිනෙකාට විකුණනවා. අද එක රටකට විකුණනවා. තව දවසක තව රටකට විකුණනවා. මෙය නතර කළ යුතුයි.අද බලන්න ජල සම්පත් විකුණනවා. අපේ බලාපොරොත්තුව වුණේ 2017 වන විට ශ්‍රී ලංකාවේ 98% කට ජලය දෙන්න. ගම්වලට ජලය ගේන්න. අපි ඒ වෙනුවෙන් වඩාත්ම කටයුතු කළේ වකුගඩු රෝගය හේතුවෙන් පිරිසුදු ජලය ටිකක් ලබාදෙන්න. මේ නිසා පොළොන්නරුවේ වගේම උතුරු මැද පළාතේ ජල ගැටලූව ගැන වැඩිපුර අවධානය යොමු කළා. ඒත් අද මොනවද වෙන්නේ? අද එවැනි අවධානයක් නෑ. මම එතකොට දැනගත්තා මේ වෙනකොට ඩෙංගු රෝගීන් හතළිස් අටදෙනකු මිය ගිහින් කියලා. ඇමැතිතුමාටත් ඩෙංගු හැදිලා. මේ ආණ්ඩුව ඒවා ගැන කටයුතු කරන්නේ නෑ. ප්‍රාදේශීය සභා ටික විසුරුවා හැරීමේ, නගර සභා ටික විසුරුවා හැරීමේ අනියම් ප්‍රතිඵලය තමයි ඒ. ඒත් ඒවා ගැන උනන්දුවක් නෑ. රට විකුණන එක ගැන තමයි හිතන්නේ.අනෙක් එක තමයි මේ අය කියනවා අපට සල්ලි නෑ. මහින්දගේ ණය බේරන්න ඕන කියලා. ඒ අතරේ මම දැක්කා අමූලික බොරුවක් කියනවා. මේ අයට දැන් බොරුව කියන දේ බෝවෙලා. මේක කාගෙන් බෝවුණාද කියන්න මම දන්නේ නැහැ. රනිල්ගෙන් අනෙක් එක්කෙනාට බෝවුණාද, අනෙක් එක්කෙනාගෙන් රනිල්ට බෝවුණාද කියන්න මම දන්නේ නෑ. මේ ආණ්ඩුව කියන්නෙම අමූලික බොරු. අද වරාය විකුණන්නේ, මම පොරොන්දු වෙලා හිටියලූ විකුණන්න. මේ විකුණපු ඒවා ඔක්කොම ගත්තෙ මම. ශ්‍රී ලංකන් එයා ලයින්ස්, ඉන්ෂුවරන්ස් එක, ගෑස් එක, වෝටර්ස් ඒජ් එක, මේවා අපි ආපහු ගත්තා. අර ගෝඨාභයට අයිතියි කියලා තිබුණු ඉස්පිරිතාලේ ඒකත් විකුණලා තිබුණේ. ඒකත් අපි ගත්තා. මේවා අපි ගත්තේ මේ සම්පත් ටික රටට ඕන නිසයි. අපිට ඕන නිසා නෙමෙයි. අපේ අනාගත පරපුරට, හෙට ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් අපි ඒ යුතුකම ඉටුකළ යුතුයි.අද මේ අය බිහිරන් වගේ කිසිදේකට ඇහුම්කන් දෙන්නේ නැතුව හදිස්සියේ මේක විකුණලා දාල යන්න තමයි හදිස්සිය. ඒ මදිවට ඉන්න නිලධාරීන් කියන්නේ විකුණපං, විකුණපං කියලා.අපි ආවෙත් විකුණපු යුගයකින්. අපේ ආණ්ඩුවෙන් නෙවෙයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් තමයි විකුණුවේ. ඒ කියන්නේ නෝනගේ ආණ්ඩුවෙන්. වාසුලා, අපි ඒ යුගයේ විරුද්ධ වුණා. වැඩක් වුණේ නෑ. ඇය ඒ දේවල් කරගෙන ගියා. ඒවා ඇහුණේ නෑ රටට. ලාංකිකයන් ඒ ගැන කතා කළා. ඒත් දැන් මොකද වෙන්නේ. අපේ රට පිටරටට විකුණනවා. රාජ්‍ය විකුණනවා. එහෙමනම් මේ ගැන කතා කරන්න අපට අයිතියක් තියෙනවා. අපිට රට ඉතුරු වෙයිද කියන ගැටලූව තියෙනවා. අපට මේවාට විරුද්ධව සංවිධානය වෙන්න අයිතියක් තියෙනවා. මෙතනදී නොයෙක් මතවාද තියෙන්න පුළුවන්. එදා මේවා වෙනුවෙන් කතා කරපු අය අද ආණ්ඩුවට මුක්කු ගහලා සද්ද නොකර ඉන්නවා. ආණ්ඩුවේ ඉන්න අයට මින් බේරෙන්න බැහැ. අනාගතයේ් මේ විනාශයේ වගකීම ඔවුන් භාරගත යුතුයි.අනෙක් කාරණය ව්‍යවස්ථාව. මේ රටේ ඡුන්දයක් ඉල්ලූවද ව්‍යවස්ථාවක් වෙනස් කරන්න අපට ඡුන්දය දෙන්න කියලා නෑ. එකම දෙයයි කිව්වේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න අපට ඡුන්දය දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා ඊට අනෙක් පැත්තෙන් කිව්වා ජනමත විමසුමක් යනවා නම් එහෙම කරන්නේ නැතුව කරමු කියලා. ඇඟ බේරගන්න ඒක ලියලා දුන්නා. දැන් එතුමා කියනවා මම කිව්වේ අරක, රනිල් කියනවා නෑ මේක කියලා. සෝභිත හාමුදුරුවෝ ළඟ අත දික්කරලා දිවුරලා කරනවා කරනවමයි කියලා කිව්වා. ඒ කියන්නේ වෙන්නේ නෑ කියන එකයි. චන්ද්‍රිකාත් එහෙම කළා මළකඳක් ගාව. මළකඳන් ගාව දිවුරන අය ගැන නම් කිසිම විශ්වාසයක් මට නෑ. අද තියෙන තත්ත්වය ඕකයි.හැම මනුස්සයටම බඩගින්න ගැන කතා කරන්න වෙනවා. පොල් බෑය ගැනත් කතා කරන්න වෙලා. පොල් ගෙඩිය සීයයි. එකසිය විසිපහයි. මේ තත්ත්වය තුළ ජනතාව මැයි දිනය වෙනුවෙන් ඒකරාශී විය යුතුයි. අපේ සටන මෙතනින් නතර වෙන්නේ නෑ. මේ අය අහනවා මේ අවුරුද්දේ මේ ආණ්ඩුව පෙරළනවද කියලා. පෙරළන්න පුළුවන් නම් අපි පෙරළනවා. පෙරළන්නේ නැතුව ඉන්නේ නැහැ. හැම මහන්සියක්ම ගන්නවා. ඒ බැරිවුණොත් අපි ඊළඟ අවුරුද්දේ ඒක කරනවා. පෝය දෙකයි. වෙසක් පෝය මේ පෝය ඇරුණාම තව පෝයයි. වැඩිම වුණොත් මැතිවරණය එන්න ඕන. මේ යන්නේ තුන්වෙනි අවුරුද්ද. අවුරුදු පහෙන් ඉවරයි. මේ ආණ්ඩුව ආවාට පස්සේ ලෝක ගෝලේ ඉක්මනින් කැරකෙනවා වගෙයි.අපි කියන්නේ මේ සටනට එකතුවෙන්න. රටත් ජාතියත් පාවාදෙන්න මේ බලවේගවලට එරෙහිව නැගී සිටින්න රට ජාතිය ආරක්ෂා කරන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සම්පත් සුරැුකීමේ මධ්‍යස්ථාන නායක ඩලස් අලහප්පෙරුම මහතා:xමේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජී.එල්. පීරිස් මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සමග සංවිධානය ඇතිකර මාස 2 ක් පමණයි ගතවී ඇත්තේ ජනතාව මේ වැටී සිටින අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමටයි. ඒ අනුව මේ රජයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව රාජ්‍ය ආයතන වෘත්තීය සමිති එකමුතුවෙන් කටයුතු සිදුකරගෙන යනු ලබනවා. එදා 77 විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ පුද්ගලීකරණය ඇතිවුණා. ඒ අනුව ලාභ ලැබූ ආයතන පවා විකුණුවා. ටයර් සංස්ථාව, ට්‍රැක්ටර් සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ලූණු සංස්ථාව, වානිජ නීතිගත සංස්ථාව, සළුසල, තුනී ලෑලි වැනි ආයතන විශාල ප්‍රමාණයක් පුද්ගලීකරණය කරනු ලැබුවා. ඒත් අද දේශීය සම්පත් විජාතිකකරණය කරනු ලබනවා. ඒ අනුව මේ හවුල් රජයේ විදේශීයකරණය පිළිබඳ අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා.ප්‍රවීණ දේශක දයාන් ජයතිලක මහතා:xමේ රජයේ යම් යම් අයගේ ප්‍රකාශ අනුව භයානක ප්‍රතිඵල අනාගතයේ ඇතිවිය හැකි බව කිව යුතුයි. පසුගියදා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මේ හම්බන්තොට වරාය විකුණලා රුපියල් බිලියන 450 ක් මේ වසරේ ලබා නොගතහොත් මේ රජය ගෙනයාමට අපහසු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ඒ නිසා අදියර කීපයක් යටතේ එය විකුණා මුදල් ලබාගැනීමට සිදුවී තිබෙන බව කියා තිබෙනවා. ඒ තරමටම රජයේ බංකොළොත් භාවය පෙනී යනවා.ඒ අනුව මේ රජයේ අවිධිමත් ක්‍රියා පිළිබඳ අප සාකච්ඡුා කරමින් ජනතාවට කරුණු තේරුම් කර දිය යුතුයි. ඒ අනුව අද මේ රජයට පුද්ගලීකරණය පුරුද්දක් වෙලා තියෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:xඅද මේ රට විශාල අර්බුද රාශියකට මුහුණ දීල තියෙනවා. ඒ අනුව ජනතාවගේ අනාගතය පිළිබඳවත් අනතුරුදායක තත්ත්වයක් ද ඇතිවී තිබෙනවා. වෙනත් මර්දනකාරී ව්‍යාජ පොදු ජනතා විරුද්ධත්වය මත පරාජය කර තිබෙන බව අප ඉතිහාසයේ ඔප්පු කර තිබෙනවා.මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස්, සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් ද අදහස් දැක්වූ අතර ඒ සඳහා රාජ්‍ය ආයතන වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.(දෙහිවල - එම්.එච්. ධර්මපාල සහ කළුබෝවිල - පින්සිරි ආරියරත්න) | දැන් කරන්නේ රටම විකුණා දැමීමය | 1 |
(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.“අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා. අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉඳලා සියලුම ක්ෂේත්‍ර පසුගිය කාලයේදී පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි. අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගානේ බිම් බෝම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අප්‍රියෙල් 21දා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජීවිත නැතිවුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය වුණා. සිකුරාදා පල්ලයට යන්නත් මුස්ලිම් මිනිසුන් බය වුණා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය වුණ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි. ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු වුණා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමු වුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලනඥයකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ බලය බාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ. මෙතන ජනපති ගාව බලතලවල භාගයක් තියෙනවා. අගමැති ගාව ඉතිරි බාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කළා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ. අප කරගෙන ආපු වැඩපිළිවෙළ විනාශ කළා. අපි හිටිය නම් 2018 දී අධිවේගී මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමෙට තවම අධිවේගී මාර්ගයේ වැඩ අතරමග නතරවෙලා. මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගී මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගී මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. මේ වන්දි ක්‍රමය සම්පූර්ණ වැරදි වන්දි ක්‍රමයක්. අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ. මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තා නම් සාධාරණ වන්දියක් ලබාදිය යුතු ක්‍රමවේදයක් තිබියයුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.මේ ආණ්ඩුව ඇවිත් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. මම දවස් 52 මුදල් ඇමැතිවෙලා හිටපු වෙලාවේදි රු. 350 පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා. ලබන 16දායින් පස්සේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න නොමිලයේ ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා යැයි මේ වෙලාවේ කියන්න කැමතියි. අපි කෘෂිකර්මාන්තයට තැන දෙන්න ඕනෑ. ඒකට නිසි මිලක් දෙන්න ඕනෑ. අපි ඉදිරියේදී ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න කටයුතු කරනවා යැයි කියන්නට කැමතියි. ඒවගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න ඕනෑ. අද ජීවන වියදම ඉහළට ගිහින්. කිසි කාලෙක මෙහෙම තත්ත්වයකට අපේ රට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට මේවා දැනෙන්නේ නැතිකම. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතු කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරෙන්දු දෙනවා. පැය විසිහතරම ජනාධිපති කාර්යාලය ඇරලා තියෙනවාලු. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිතුමා මට මතක් කර සිටියා ඇමැති කෙනෙක් කීවාලු සතොස පැය 24 විවෘත කර තියෙනවා කියලා මහජනතාවට. කියලා අන්තිමට මොකද වුණේ. මැස්සොයි මදුරුවොයි ඒකේ හිටපු සේවකයෝ විතරයි ඉතුරු වුණේ. බඩු ගන්න මිනිස්සු ආවේ නැහැ. අන්තිමට ඒ වැඬේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි පාන්දර එකට දෙකට ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවා කරන්නද කියලා මම අහනවා. මේ වගේ මිනිස්සු රවට්ටන වැඩපිළිවෙළවල් ගැන තමයි අද ආණ්ඩුව කථා කරන්නේ. අද එක අපේක්ෂකයෙක් කියනවා උපදෙස් එපාලු. එයා සියල්ල දන්නවලු. අනේ දෙවියනේ මම නම් කියන්නේ අපි නම් සියල්ල දන්නේ නැහැ. නොදන්න දේ ජනතාවගෙන් අහගෙන වැඩ කරන්න කැමතියි කියලා මේ වෙලාවෙදි මතක් කර සිටිනවා.ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා“මේ රටේ ජනතාවට ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් ලබාදෙනවා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරපු කොටසක් විදිහට. අපි පොරොන්දු දෙන කණ්ඩායමක් විදිහට නෙමේ. මොකද අපි පොරොන්දු දී ඒවා ඉටුකරපු පිරිසක් විදිහට තමයි අප මේ ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඔබලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට මේ රට භාරගන්නකොට මේ රටේ අභියෝග ගණනාවක් තිබුණා. අපිට ඒ කාලයේදි වන්නියෙන් ඉහළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නැගෙනහිර ප්‍රදේශයේ තුනෙන් දෙකක් ත්රස්තවාදීන්ට යටවෙලා තිබුණා. දකුණෙත් බෝම්බ පිපිරුනා. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ තිබුණ මෙරට වැසියන් ත්‍රස්තවාදයෙන් බැටකෑවා. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේදි රට වැසියන්ට පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය තුරන් කරනවා කියලා.එතුමා අවුරුදු දෙකහමාරක් යන්න කලින් මේ රටෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළා. ත්‍රස්තවාදය අවසන් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් මේ රටේ ඇතිකළා. අධිවේගී කාපට් මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායන් ඇතුළු අංශ ගණනාවක් මේ රටේ සංවර්ධනයට ඉවහල් වුණා. ඒ සංවර්ධනය හරහා අපි මේ රටේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසා ව්‍යවසායකයින් ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුගේ අතමිට සරු වුණා කියලා ඔබ දන්නවා. මේ රජය බොරු ප්‍රචාර කරලා මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා බලයට පැමිණියට පසු අදූරදර්ෂී ක්‍රියාකලාපය නිසා සංවර්ධන වැඩපිළිවෙළවල් අඩාල වුණා. අපි රණවිරුවන් අභිමානයෙන් සැමරුවා. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරු ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරුදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා නැවතත් බෝම්බ පුපුරලා පන්සලකට පල්ලියකට කෝවිලකට යන්න බැරි තත්ත්වයක් උදා කළා. අප මහින්ද රාජපක්ෂ යුගයේදි මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුනු කෘෂිකර්මාන්තය අපි නගාසිටුවූවා. එවකට අපිට ආර්ථික අභියෝගයක් තිබියදීත් යුද්ධය තිබියදීත් එතුමා ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ඒ හරහා අපට පුළුවන් වුණා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න. අප දන්නවා මේ ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වැදගත් අංගයක් කියලා. අපට පුළුවන්කමක් නැහැ. ආහාර වෙනුවෙන් වෙනත් රටක් දිහා බලන් ඉන්නට. ඒවගේම අප කෘෂිකර්මය හරහා විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවත් තිබෙනවා.නමුත් මේ රජය ආවාට පස්සේ විදේශීය උපදේශකවරුන්ගේ යෝජනා මත මේ රට කෘෂිකර්මයට දුන්න ප්‍රමුඛත්වය නැතිකර දැම්මා. එදා සහලින් ස්වයංපෝෂිත වුණු රට අද පිටරටින් හාල් ගේන තත්ත්වෙට පත්වෙලා. ඒ පමණක් නොවේ අර්තාපල්, මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටට පිටරටින් මේවා ගෙන්වනවා. ගම්මිරිස් හා කිරි ගොවියා අද අසරණ වෙලා. අපි කෘෂිකර්මාන්තයට මුල්තැන දෙනවා. අපි ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය දෙනවා. ඒවගේම ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. ඒ වගේම සහනදායී මිලට කෘෂි උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා කියලා මතක් කරනවා.මේ සහන අපි ලබා දෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නටයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මත. ඉදිරියේදී අප උස්ස පෙළ හදාරණ සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණත්වයක් තිබෙන තරුණ තරුණියන් බිහි කිරීමයි. කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය හරහා අපි මේ තරුණ තරුණියන්ට හොඳ වේතනයකට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම මේ තුළින් සකස් කරනවා. මේ රටට සංචාරක ව්‍යාපාරය හරහා විශාල රැකියා ප්‍රමාණයක් හා විදේශීය විනිමයක් ගෙන එන්නට පුළුවන්. ඒකට සුරක්ෂිත ආරක්ෂිත රටක් අවශ්‍යයි. අපි ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමේ නැවත ත්‍රස්තවාදය එන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරලා මේ රට සුරක්ෂිත රටක් කරන්න කටයුතු කරනවා. අද ව්‍යාපාරිකයින් දේශීය කර්මාන්තකරුවන් අසරණ තත්ත්වෙට පත්වෙලා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා. ඒ නිසා අපි නැවතත් දේශීිය කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මා මත විශ්වාසය තබන්න. මගේ යුතුකම මම ඉටුකරනවා.”මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ටී.බී. ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් හා හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. | දැන් කරන්නේ රටම විකුණා දැමීමය | 0 |
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග්රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග්රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක්රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි්රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප්‍රශ්නෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප්රශ්නය මොකද්ද? ඉඩම් ප්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ) | දැන් කරන්නේ රටම විකුණා දැමීමය | 0 |
අද ලෝකයේ සෑම රටක්ම ආර්ථික අර්බුදයට ලක් වී තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා බවත්, මෙයින් මිදෙන්නේ නැතුව කිසිමදාක ආර්ථික නිදහසක් ලබාගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පැවසීය.එම පක්ෂයේ 21 වැනි ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.මෙම ජාතික සමුළුව ඉකුත් 29 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්විණි.තවදුරටත් අදහස් දැක් වූ ඩියු ගුණසේකර මහතා මෙසේද කීය.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරුන් පස් දෙනෙක් සිටිනවා. එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, ඒ. වෛත්‍යලිංගම්, එම්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් සහ උඩකැන්දවල සිරි සරණංකර හිමියන් ප්‍රථමයෙන්ම ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.එම විසි එක් වැනි සම්මේලනය ඇතුළු මෙතෙක් පවත්වා ඇති සම්මේලන විස්ස මඟින් මේ රටේ ජනතාවගේ දේශපාලන විඥානය, දේශපාලන බුද්ධිය පෝෂණය කිරීමට දායක වූ බව අප ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. අපේ සමහර සම්මේලනවලින් දේශපාලන පෙරළියක් ඇතිකර තිබෙනවා. 1950 දී පැවැත්වූ අප පක්ෂයේ 4 වැනි ජාතික සම්මේලනයේදී ප්‍රකාශ කර සිටියා එ.ජා.ප.ය තුළ පිපිරීමක් සිදුවන බව. එම ප්‍රකාශය කර අවුරුද්දක් ගිය තැන දේශපාලන ලෝකය මවිතයට පත් කරමින් බණ්ඩාරනායක මහතා එජාපය අතහැර ගොස් ශ්‍රී ලං.නි.ප.ය පිහිටුවා ගත්තා.එමෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථමයෙන් පෙරමුණක් හැදුවේ අපේ පක්ෂය මූලිකවීමෙන්. පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයත් අප පක්ෂයත් 1951 දී ප්‍රථම පෙරමුණ පිහිටුවා ගනු ලැබුවා.අපි එදා කියා සිටියා කම්කරු පන්තියට සහ ගොවීන්ට පමණක් තනියම අධිරාජ්‍ය විරෝධි කාර්ය භාරයක් ඉෂ්ඨ කළ නොහැකියි කියා. ඒ නිසා අපි එදා තීරණය කළා. ඒ සඳහා ජාතික බලවේගය එකතු විය යුතු බව.ඒ අනුව තමයි 1951 දී ගාලූ මුවදොර පැවැත්වූ මැයි දින රැළියට වමේ සියලූ පක්ෂ එකම වේදිකාවකට පය තැබුවේ. මෙහි ප්‍රතිඵලය තමයි 56 ජයග්‍රහණය.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1944 පිහිටුවා ගත් දා සිටම අපි පෙන්නුම් කළා මේ රටේ ජාතික ප්‍රශ්නයක් ඉදිරියේදී මතුවෙන බව. නමුත් එදා කවුරුවත් පිළිගත්තේ නැහැ මේ රටේ ජාතික ප්‍රශ්නයක් මතු වේවි කියලා. අපි සඳහන් කළ ඒ ජාතික ප්රශ්නය 1955 දී මතුවුණා භාෂා ප්රශ්නය නමින්.එදා අපි දෙමළ භාෂාව වෙනුවෙන් පෙනී හිටියම අපට ගුටි කන්න සිද්ධ වුණා. ඊට පසුව මැතිවරණවලින් පරාජය කරලත් දැම්මා. ඒත් අප පක්ෂයේ ස්ථාවරය අත් හැරියේ නැහැ. නමුත් අපේ පදනම අද වෙන විට අපේ රටේ සියලූම දේශපාලන පක්ෂ සිංහල සහ දෙමළ භාෂාවන් රාජ්‍ය භාෂාවන් හැටියට පිළිගෙන අවසානයි. අප පක්ෂයේ ස්ථාවරය පාලකයින් විසින් පිළිගැනීමට කාලයක් ගත කළ නිසාම අපට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නටත් සිදු වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකා සමසමාජ පක්ෂයත් දෙමළ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම නිසාම අපේ පක්ෂවල සමහරුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවන්නටත් සිදු වුණා.1947 පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන අවස්ථාවේදී අපේ අරගලවල බලපෑම කොතරම් ද කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නීතියක් ගෙනාවා හිරේ සිටින අයට ඡන්ද ඉල්ලන්න අයිතියක් නැහැ කියලා. එදා හිරේ සිටියේ අප පක්ෂයේ නිර්මාතෘ එස්.ඒ. වික්‍රමසිංහ මහත්මයා. මේ එක් පුද්ගලයෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ව්‍යවස්ථාව වෙනස් කළ රටක් බව වර්තමාන පරම්පරාවේ අය දන්නේ නැහැ.කවුරුත් හිතුවේ නැහැ 2015 වන විට රටේ දේශපාලන කැලඹිල්ලක් ඇති වේවි කියලා. මේ බව තේරුම් අරගෙන තිබුණු නිසයි 2014 ජූලි මාසේ 01 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා මුණගැහිලා ජනාධිපතිවරණයට යන්න එපා පරදිනවා කිව්වේ.ඒ අනාවැකිය කිව්වේ දෛවඥයින්ගේ අදහස් පදනම් කරගෙන නොවෙයි. රටක සමාජයක පන්ති බලවේගයන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් දත්තයන් අනුවයි මම ඒ අනාවැකිය කියා සිටියේ. පරාජයෙන් පසුව එතුමා මට කිව්වා ඩියු කියපු දේ ඇහුවා නම් හරි කියලා.මෙවැනි දේශපාලන විග්රහයන් පිළිගැනීමේ සම්ප්රදායක් දේශපාලන නායකයින් ළඟ තවමත් දකින්නට නැතිවීම කනගාටුවට කරුණක්.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන්නේ රුසියාවේ සිදු වූ ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඇති වූ පක්ෂයක්. ඒ විතරක් නොවෙයි චීනය, ඉන්දියාව, වියට්නාම්, නේපාලනය ආදී ලෝකයේ රටවල කොමියුනිස්ට් පක්ෂ බිහිවන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් පසුවයි. ඔක්තෝබර් විප්ලවය කියන්නේ කම්කරු පන්තියට පමණක් සීමා වූ විප්ලවයක් නොවෙයි. එය ජාතික විමුක්ති ව්‍යාපාරයක්.ඔක්තෝබර් විප්ලවය සිදුවීමෙන් පසුව රුසියාවේ පාලකයා වූයේ ලෙනින්. මේ නිසා සර් පොන්නම්බලම් අරුණාචලම් යාපනයේදී ප්‍රකාශ කළා දැන් අපට බය වෙන්න දෙයක් නැහැ. ජාතික නිදහස සඳහා අලූත් මිතුරෙක් ඇවිත් සිටිනවා කියලා. ඔක්තෝබර් විප්ලවය මඟින් ජාතික විමුක්තියට දොර ඇරුනා කිව්වේ මෙන්න මේ නිසයි.මානව ඉතිහාසයේ මේ තරම් අභියෝග එල්ල වූ යුගයක් තිබුණේ නැහැ. පළවැනි අභියෝගය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ නිසා සාගර ජල මට්ටම වැඩි වී ඉස්සරවෙලාම කිඳා බහින්නේ ඉන්දියා සාගරයේ දුපත්. මේ වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ යුතු වෙනවා.ඊළඟට ජාත්‍යන්තර ත්‍රස්තවාදය. අපි නම් ත්‍රස්තවාදයෙන් බේරිලා සිටිනවා. ත්‍රස්තවාදය නැති කරන්න නම් සාමූහිකව ඒ වෙනුවෙන් පියවර ගත යුතුයි. ඊළඟ අර්බුදය වන්නේ ගෝලීය මූල්‍ය අර්බුදයයි. 2007 වර්ෂයේ මතු වූ මේ අර්බුදයට විසඳුමක් නැතිවයි සිටින්නේ.මෙම ගෝලීය මූල්‍ය අර්බුදයට හේතුව නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහි තර්කානු ප්‍රතිඵලය තමයි මේ ගෝලීය මූල්‍ය අර්බුදය. මෙයින් වඩාත් පීඩනයට පත් වන්නේ තුන්වැනි ලෝකයේ රටවල් වීම තමයි විශේෂත්වය වන්නේ. මේවා ගැන අපේ රටේ දේශපාලන පක්ෂ හෝ නායකයන් සාකච්ඡා නොකිරීම විශාල අඩුවක්. බොහෝ නායකයින්ගේ සිරිත වන්නේ කවුරු හෝ ලියාදුන් ලිපියක් රැස්වීමකදී කියවීමයි.අද විද්‍යාව හා තාක්ෂණය දියුණු වූ ලොවක ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා. විසඳුම් සොයාගත් හැටි බලන්න මහජන චීනයට යන්නට අවශ්‍යයි. අපට පසුව නිදහස ලබාගත් චීනය අද ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. මේ තමයි ආසියානු ආර්ථිකයේ පිබිදීමේ ලක්ෂණයේ ආරම්භය. අද ඇමෙරිකාව ලෝක ආර්ථිකයේ තනිවෙලා.අද ලෝකයේ සෑම රටක්ම දුෂණය නිසයි ආර්ථික අර්බුදයකට ලක්වෙලා සිටින්නේ. හේතුව නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ආර්ථික විද්‍යාඥයින් කුමන සැලසුමක් කළත් වැඩක් නැහැ. දුෂණය විසින් එය විකෘති කරන නිසා. ප්‍රංශයේ ආර්ථික විශේෂඥයින් මහා පර්යේෂණයක් කර ග්රන්ථයක් එළිදක්වා තියෙනවා. එහි සඳහන් වන අන්දමට දුප්පත්කමට හා සමාජ අසමතාවට හේතුව වී ඇත්තේ මූල්‍ය ප්‍රාග්ධන ස්ථරයයි. එයට තිබෙන බලය ආණ්ඩුවලට හෝ බැංකුවලට පාලනය කරන්නට නොහැකි වී තිබෙනවා.මෙය හොඳට දැක ගන්නට ලැබුණේ බැඳුම්කර සිද්ධියෙන්. එය හොරකමින් නොව මෙය ප්‍රාග්ධන කල්ලියේ තිබෙන පන්ති වුවමනාවයි. මම ප්‍රථමයෙන් ජනාධිපතිතුමාට පෞද්ගලිකව කියා සිටියා මේ බැඳුම්කර සිද්ධිය හෙළිකර ගැනීමට නම් ජනාධිපති කොමිසමක් පත් කරන හැටියට. අද මේ සිද්ධියේ කරුණු ටික කොමිසම මඟින් හෙළිදරව් වී තිබෙන බව මම කියනවා.මේ නිසා මෙවැනි ප්‍රාග්ධන ස්ථරයෙන් හෙවත් කල්ලිවලින් ප්‍රවේසම් විය යුතු බව අප ආණ්ඩුවට පෙන්වා දෙන්න කැමතියි. අපට තියෙන ප්‍රධාන අභියෝගය ආර්ථික අභියෝගයයි.පසුගිය කාලයේ අවුරුදු 20 ක් පුරා කැබිනට්ටුව තුළ සිටිමින් මම කියා සිටියා වක්‍ර බදු සහ ඍජු බදු සීයට 80 යි 20 යි වශයෙන් දිගටම ක්‍රියාත්මක කළහොත් රජයේ ආදායම බැහැලා ණය උගුලක හිරවෙන බව. අපේ නායකයෝ මගේ කීම පිළිගත්තේ නැහැ.1978 බලයේ සිටි ආණ්ඩුව ක්‍රියාවට නැංවූ බදු ප්‍රතිපත්තියේ රඟ දැනෙන්නේ දැනුයි. 78 රජයේ මුදල් ඇමති රොනී ද මැල් මහතාගේ අයxවැය මඟින් සියලූ බදු ඉවත් කළා. හේතුව ඒකයි. සිරිමාවෝ මැතිනිය ජේ.ආර්. ජයවර්ධන මහතාට රජය බාර දෙන විට රජයේ ආදායම තිබුණේ සියයට 24 ක් වශයෙනි. අද ඒක සියයට 10 ක් හැටියට පහත වැටිලා. ආදායම් බද්ද ක්‍රියාවට නංවන්නේ නැතුව කොහොමද ආණ්ඩුවේ භාණ්ඩාගාරයට මුදල් ගලා එන්නේ. ඒ නිසා රජයක් ආදායම් බද්ද ක්‍රියාවට නැංවිය යුතුයි. මේක 1932 දී සුද්දෝ ගෙනාපු බද්ධක්. අද වෘත්තිය සමිති නායකයෝ ආදායම් බදු ගන්නවාට විරුද්ධව කතා කිරීම මහා විහිළුවක්.එදා විශ්‍රාම වැටුප දෙන්න කියලා ඊට පක්ෂව කතා කළේ කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහ ඒ.ඊ. ගුණසිංහ විතරයි.අද විශ්‍රාම වැටුප ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඉදිරියේදී ඒක අහෝසි වී යාමට ඉඩ තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා ද අදහස් දැක්වීය.මෙම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති රැසක් මෙම 21 වැනි සමුළුවට සුබපැතුම් එක් කළේය. පිළිගැනීමේ කතාව සංවිධායක ලේකම් එල්.ආර්. ස්ටීවන් මහතා පැවැත්වීය.මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ලංකා සමසමාජ පක්ෂයේ අනිල් ද සොයිසා, විදේශ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ. | සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසයි | 1 |
(ඩයනා උදයංගනී,ඡායාරූප ශාන්ත රත්නායක)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින ජන බලවේගය අදෘෂ්‍යමාන එකක් බවත්, කිසිම අවස්ථාවක පක්ෂයේ ශක්තිය අඩු තක්සේරුවකට නොයා යුතු බව කාන්තා දින සැමරුමට ආ කාන්තාවන් පෙන්නුම් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (9) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වැටි වැටී නැගිටිමින් ඉදිරියට ගොස් අධිෂ්ඨානශීලීව අවශ්‍ය ඉලක්කය කරා යන දේශපාලන ව්‍යාපාරයක් බව කී ජනාධිපතිවරයා අනාගතයේදී පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා ඉතා අත්‍යවශ්‍ය දේ වන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරය බව ද සඳහන් කළේය. කිසිම දේශපාලනඥයකුට හෝ රාජ්‍ය නිලධාරියකුට, වැරැදි, වංචා, දූෂණ කර නිදහසේ සිටීමේ හැකියාවක් නැති බවත් මහජනතාව ඒවා අනිවාර්යයෙන් හඳුනා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ මගින් සංවිධානය කර තිබූ මෙම කාන්තා දින සැමරුම ‘ඇගේ සවිය පක්ෂයට හා රටට’ යන තේමාව යටත් පැවැත්විණි.පක්ෂයේ කාන්තා පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක වන හිටපු නාගරික මන්ත්‍රිනි සෝමා පෙරේරා මහත්මියට සමරු තිළිණයක් පිරිනැමීම හා ශ්‍රී.ල.නි.ප කාන්තා පෙරමුණේ ”ෆේස් බුක්” පිටුව එළිදැක්වීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.කාන්තාවන් වෙනුවෙන් වූ යෝජනා තුනක් ද එහිදී ඉදිරිපත් කෙරිණි.මේ සඳහාපක්ෂ මූලස්ථානයේ පස්වන මහලේ පිහිටි ශ්රවණාගාරයට දැරිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් පහළ මාලවල මෙන්ම පක්ෂ මූලස්ථානයෙන් පිටතද රැඳී සිටිනු දක්නට ලැබිණි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.‘‘අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය පවත්වන මෙම වැදගත් උත්සව සභාවට පැමිණෙන්නට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, කාන්තාවත්, මේ රටේ දේශපාලනයත් යන මේ සියල්ල ගත් විට සාමූහිකත්වය හා පොදු වගකීම් තුළ අපේ දේශපාලන ඉතිහාසයේ කතා කළ හැකි කරුණු රාශියක් තිබෙනවා.ලොව ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සම්ප්‍රාප්තිය සමඟ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවුණා. මේ කාන්තා නායකත්වය තුළ මේ රටේ රාජ්‍ය නායකත්වය නිර්මාණයවීමත්, එතුමිය තැබූ වාර්තාවත් සමඟඅපේ රටට දේශපාලන වශයෙන් මෙන්ම කාන්තාවන්ගේ ගමන් මග පිළිබඳ පරිවර්තනීය යුගයක ආරම්භයත් සිදුවුණා. කාන්තා දිනය, කාන්තා වැඩසටහන්, කාන්තා කාර්යාංශ, කාන්තා අමාත්‍යාංශ, මෙන්ම කාන්තාවන් සඳහාවිවිධ ව්‍යාපෘති සංවිධාන අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල තිබෙනවා.මෙලෙස කාන්තාවන් සඳහාවෙන් වූ දේ තිබුණත් පිරිමින් සඳහාඑවැනි සංවිධාන නිර්මාණය වී නැහැ. එයට හේතුව කාන්තාව සතු වගකීම, වරප්‍රසාද, අයිතීන් සහ කාන්තාවගේ ගමන් මග තුළ සමාජයේ ප්‍රශ්න රාශියක් තිබීමයි. ලෝකයේ එක් එක් සංස්කෘතීන් ලෙස ගත්විට, ලෝක දේශපාලනය තුළ, දේශපාලන ලෝකයේ වසර දහස් ගණනක ඉතිහාසය පිළිබඳ කතා කරන විට කාන්තාවට හිමි ස්ථානය ලැබුණාද යන ප්රශ්නය ලෝක ප්‍රජාව තුළම තිබෙනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධාන, ලෝකයේ කාන්තාවන් සඳහාබිහිවූ වෙනත් ජාත්‍යන්තර සංවිධාන මෙන්ම ප්රජාතන්ත්රවාදී සමාජයන් තුළ බිහිවන රාජ්‍ය පාලන ක්‍රම තුළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිටත් කාන්තාවන්ට ඇති අයිතීන් සහ වරප්‍රසාද පිළිබඳව නීති ඇතුළත් කරන්න අවශ්‍ය වුණේ ඒ නිසයි.අපේ රට මෙන්ම ලෝකය වශයෙන් ගත්විට කාන්තාවගේ ගමන් මගේ අභියෝග රාශියක් තිබෙනවා. එක් පැත්තකින් ගෝත්‍රික සමාජයන් මෙන්ම අනෙක් පැත්තෙන් ආගමික සමාජයන්, ඇතැම් රාජ්‍ය පාලනයන් තුළ කාන්තාව නොසලකා හැරීම නිසා තමයි ප්රජාතන්ත්රවාදී සමාජය තුළ සැමවිටම කාන්තාව වෙනුවෙන් හඬක් නැගෙන්නේ සහ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ.කාන්තාව ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන්ම එන වචනය වන්නේ මාතෘත්වයයි. මාතෘත්වය තුළ කාන්තාවගේ ආදරය, සෙනෙහස, දයාව, කරුණාව යන සියල්ල පිළිබිඹු වෙනවා. මවගෙන් ලැබෙන සුරක්ෂිතභාවය, ආදරය සහ සෙනෙහස ලොව ප්‍රබලම ආදරය හා සුරක්ෂිතභාවය බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ නිසා සමාජවේදීන්, සමාජ විද්‍යාඥයින් පවසන පරිදි කාන්තාවන්ට සමාජයේ ප්‍රධාන වගකීම් පැවරීමේදී ලැබෙන නායකත්වය තුළ සැමවිමට ආදරය, කරුණාව සහ දයාව මූලික වශයෙන් එක්වන බව පවසනවා.අපි නිර්මාණය කරන සමාජයක් තුළ අපේ රට තුළත්, ලෝකයත් ගත්විට කාන්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවීම අවශ්‍යයි. ඒ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලන රටාවන් තුළ කාන්තාවට දී ඇති ස්ථානය ගත්විට සංවර්ධනය වූ රටවල තත්ත්වය ඉතා විශිෂ්ටයි. කැනඩාව වැනි රටක් ගත්විට ඇමැති මණ්ඩලයෙන් භාගයක් කාන්තාවන්. ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් රාජ්‍ය පාලනයට ගැනීම පිළිබඳව ව්‍යවස්ථාවට ඇතුළත් කර විශාල ශක්තියක් දී තිබෙනවා. අපේ රජයත් පසුගිය දිනවල පළාත් පාලන ආයතනවල පවත්වන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩිකිරීම පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර ගත්තා.අපේ රටේ වඩාත් පිරිසුදු දේශපාලනයක්, සමාජශීලී, අවංක දේශපාලනයක් සඳහාකාන්තාවගේ සහභාගීත්වය අදට වඩා හෙට දවසේදී ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධාන පිළිබඳව පසුගිය දශක කිහිපයේ ඉතිහාසය ගැන කතා කළොත් මේ තත්ත්වය ඉතා ප්‍රබල ලෙස පෙන්වා තිබෙනවා. මේ රටේ ආණ්ඩු හදන්න, ආණ්ඩු වට්ටන්න, ආණ්ඩු වෙනස් කරන්න කාන්තාවන් පෙරමුණ ගැනීම තුළ කාන්තාවන් වැඩිපුර නියෝජනය වෙනවා නම් ඒ මැතිවරණ ව්‍යාපාරයන් ජයගන්නා බව අපි සාක්ෂි සහිතව දැක තිබෙනවා.අපේ රටේ ජනගහණයෙන් සියයට 52කට වැඩි පිරිසක් කාන්තාවන්. අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ කාන්තා බලවේගය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහාඉතා අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ කාන්තා සංවිධානය තුළ මෙන්ම අනෙකුත් සංවිධාන තුළත්, කාන්තාවන්, මව්වරුන්, දියණියන්ගේ සහභාගීත්වය, සහයෝගය සහ අනුග්‍රාහකත්වය ලබාගැනීම ඉතාමත්ම අවශ්‍යයි.එමෙන්ම සමාජය තුළ තිබෙන විවිධ ගරාවැටීම්, පසුබෑම්, තාක්ෂණය සමඟඇතිවී තිබෙන අඩුලූහුඬුකම්, පසුබෑම් මගහරවා ගැනීමට කාන්තාවන් ශක්තිමත් කිරීම අවශ්‍යයි. සමාජය නිවැරදි කිරීම යනු කෙනෙකුට වගකීමක් පැවරූ විට එය අවංකව සහ නිසිලෙස ඉටුවීමයි. අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස මේ රටේ හෙට දවස වෙනුවෙන් අනාගත ආණ්ඩුවක් බිහිකිරීම සඳහාකාන්තාවන්ගේ ශක්තිය තුළ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මේ යුගයේ අවශ්‍යතාවයක්. මේ රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාර පිළිබඳ කතා කරනවිට පිරිසුදු දේශපාලනඥයා කවුද? පිරිසුදු දේශපාලන පක්ෂය කුමක්ද? අප විසින් බලය දිය යුත්තේ කාටද? බලයෙන් ඉවත් කළ යුත්තේ කවුද? යන්න පොදු ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙනවා.ශ්‍රී.ල.නි.ප.ය අනාගතයේදී ජයග්‍රහණය කිරීම සඳහාඉතා අත්‍යවශ්‍යදේ වන්නේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයයි. හොරකම, මහජන දේපළ, සම්පත් අනිසි ලෙස භාවිතය, තමාගේ සාක්කු පුරවා ගැනීම යන කරුණුවලින් බාහිරව සමාජයට දියයුතු ආදර්ශය ඉතා වැදගත්. පොදු ජනතාවට වසන් කර කිසි දෙයක් කරන්න බැහැ. සෑම කෙනෙකුගේම චරිතය, වැඩකටයුතු කරන ආකාරය තුළ තමාට වඩාත් සමීප දේශපාලනඥයා කවුද යන්න ජනතාව තීරණය කරනවා. කිසිම දේශපාලනඥයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට, වැරදි, වංචා, ¥ෂණ කර නිදහසේ ඉන්න පුළුවන්කමක් නැහැ. ඒවා මහජනතාව අනිවාර්යයෙන්ම හ`දුනා ගන්නවා.ඒ නිසා අද රටේ තිබෙන ආර්ථික, සමාජ ප්‍රශ්නවලට මූලික වශයෙන්ම පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සඳහාකැපවීම, ආදර්ශය අවශ්‍යයි. අපේ රටේ දේශපාලනඥයින්ගේ කිසි අඩුවක් නැහැ. අද හැමතැනම පුහු ඝෝෂා ඇහෙනවා. පුහු හඬවල්වලට වඩා ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වන්නේ ගූණාත්මක ගති ලක්ෂණයි. පොදු මහ ජනතාව තමන්ගේ සිතුම් පැතුම් ඉටුකරගැනීම සඳහාසැමවිටම නිදහස් ප්රජාතන්ත්රවාදී සමාජයක නිර්මාණය වන අවංක දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී.ල.නි.ප.ය ලෙස කාන්තා සංවිධානය ශක්තිමත් කරන්නේ කාන්තාවගෙන් ලැබෙන මගපෙන්වීම, පිටිවහල, කැපවීම, අනුග්‍රහය, ආශීර්වාදය, ඒ සියල්ල ඉතාම බලවත් නිසයි. කාන්තාවගේ බලවත්කම තිබෙන්නේ ගේ ඇතුළේ පමණක් නෙවෙයි. ආයතනික වශයෙන්, ගම නගරය තුළ පමණක් නොව මුළු සමාජය වටා ඉතා පරිපූර්ණව ශක්තිමත්ව තිබෙන්නේ කාන්තාවගේ බලවේගය හා ශක්තියයි. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ ඉදිරි දේශපාලන ගමන්මග සඳහා මෙන්ම අනෙකුත් රාජ්‍ය පාලන කටයුතුවලදීත් සැමවිටම කාන්තාවට ප්රමුඛ ස්ථානයක් හා වගකීමක් ලබාදීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මෙන්ම පක්ෂය ලෙසත් පියවර ගන්නවා.මෙතැනදී පැවසූ ආකාරයෙන් අපි බලාපොරොත්තු වූවාට වඩා පිරිසක් පැමිණ සිටිනවා. මෙච්චර එයි කියා සිතුවේ නැති නිසා මේ වගේ තැනක මේ උත්සවය පැවැත්වූ බව මෙහිදී ප්රකාශවීම ගැන මා කනගාටු වෙනවා. ඕක තමයි ප්රශ්නය. මෙච්චර ඉන්න බව කවුරුත් දන්නේ නැහැ. ඉන්න ගණන් මිනුම් පිළිබඳව කොහේවත් වාර්තා නැහැ. ඉන්න පිරිස පුළුල් බලවේගයක්. ඒ නිසා කිසිම අවස්ථාවක ශ්‍රී.ල.නි.ප.යේ ශක්තිය පිළිබඳව, පක්ෂයේ කන්තා බලවේගය, තරුණ බලවේගය හා උගතුන්, බුද්ධිමතුන් හා පරිණතයින්ගෙන් ලැබෙන ශක්තිය පිළිබඳ කිසි වේලාවක අඩු තක්සේරුවකට යන්න එපා. ඒ ගැන හැමවිටම වැඩි කත්සේරුවක ඉන්න.මෙතන ලොකු තදබදයක්, අවහිරකමක්, වාඩිවෙන්න පුටු නැතිකමක් සිදුවී තිබෙනවා. අපේ පක්ෂය නොපෙනෙන මහා අදෘෂ්‍යමාන බලවේගයක් ඇති දේශපාලන ව්‍යාපාරයක්. එය දුර්වල කරන්නට කාටවත් පුළුවන්කමක් නැහැ. එය අපි දැනගත යුතුයි.එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය බිහිකර 1956 ආණ්ඩුව හැදු පසු එතුමාට මොන තරම් ප්‍රශ්න ආවද? වැඩ වර්ජන, පෙළපාළි, විරෝධතා වැඩිම ප්‍රමාණයක් ආවේ එතුමාගේ කාලයේයි. මේ රටේ පාලකයකුට වැඩිම විරෝධතා තිබූ කාලසීමාව බණ්ඩාරනායක මැතිතුමාගේ පාලනය තිබූ කාලසීමාවයි. එදා දුන්නු නිදහස, ප්රජාතන්ත්රවාදය කොතෙක් දුරදිග ගියාද යන්න ඔබ දන්නවා. ඒ වසර තුනක කාලයේ එක දිගටම එතුමා ලැබූ අත්දැකීම් සමඟ එතුමාට මොන තරම් දුෂ්කරතා ආවාද යන්න අපි දන්නවා. එතුමා වෙඩි තබා ඝාතනය කළවිට සමහරු හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මේ රටේ වාම ප්රගතිශීලී ව්‍යාපාරයත් අවසන් බවයි.නමුත් එතුමාගේ ජීවිතය මේ රටේ ජනතාවට අහිමි වූ පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පක්ෂය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මොනතරම් ගොඩනැගුවාද යන්න අපි කවුරුත් දන්නවා. අපි මැතිවරණ පැරදී තිබෙනවා. ආණ්ඩු හදල තිබෙනවා. බොහෝ වෙලාවට අපි වැටුණු තැන් තිබෙනවා. අපි නැගිටපු තැන් තිබෙනවා. අපි කොතෙක් වැටුණත් වැටි වැටී නැගිට නැගිට ඉස්සරහට ගිහින් අවශ්‍ය ඉලක්කය කරා අධිෂ්ඨානශීලීව යන දේශපාලන ව්‍යාපාරයක්.මේ රටේ අද ජනතාවට අවශ්‍ය පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගැන කතා කරන විට ඉතා පැහැදිලි ලෙස ඔබ අප එක් කොඩියක් යට එක්වී අපේ රට, ජනතාව සමඟපිරිසුදු අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒ තුළ අපි සියලූ දෙනා ඒකරාශී කළ යුතුයි. ඒ ශක්තිය ගොඩනගන්න කතා කළ යුතුයි. නිහඬවීම පිළිතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා සැමවිටම මතය, ගැටලූව ඉදිරිපත් කළ යුතුයි. හඬ නැගිය යුතුයි. නිවැරදි දේ කතා කළ යුතුයි. වැරදි දේ විවේචනය කළ යුතුයි. වරදට විරුද්ධව හඬ නැගිය යුතුයි. සමාජය සුවපත් කළ යුතුයිඅද ජීවත්වන අයට මෙන්ම හෙට උපදින දරුවන් සඳහා හොඳ රටක් හදන්න හොඳ දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුයි. ඒ තුළ දෙන ආදර්ශය සමඟතමයි කරන ආණ්ඩුවල පිරිසුදුබව ගොඩනැගෙන්නේ. ලංකාවේ විවිධ දිසාවන්ගෙන් ආ අය මෙතැන ඉන්නවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සුමේධා ජී. ජයසේන මහත්මිය කියා තිබෙන්නේ ආසනයෙන් එක්කෙනෙක් දෙන්නෙක් ආවම ඇති කියලයි. ඒත් පොළොන්නරුවෙන් 50ක් ඇවිත්. එවිට ඉඩ නැතිවීම පුදුමයක් නෙවෙයි.අපට පිරිස් ගෙන්වීමේදී 5ද, 10ද, 100ද, 1000ද, 2000ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕනෑ තරම් ගෙන්වන්න පුළුවන්. අපි ගාල්ලේ පැවැත්වූ මැයි දිනය ඓතිහාසික එකක්. පක්ෂයේ 65 වැනි සංවත්සරයට අති විශාල ජනතාවක් ආවා. දැන් තරුණ, හා කාන්තා බල මණ්ඩල අපි ගොඩනගාගෙන යනවා. ඒවාට විශාල වශයෙන් පිරිස් ඒකරාශී වෙමින් සිටිනවා. පක්ෂයේ විය යුතු වෙනස්කම් ගැන ඒ තරුණ පිරිස්වලින් අදහස් ඉදිරිපත්වී තිබෙනවා. කාන්තා සංවිධානවලිනුත් එහෙමයි.දහසක්, දහසක් මත ගැටී එක් නිවැරදි මතයක්, දර්ශනයක් ඇතිවීම සමාජ සිද්ධාන්තයක් බව ඔබ දන්නවා. ඒ නිසා මේ රටේ පුළුල්, උගත් තරුණ බලවේග, උගත්, ප්රබුද්ධ කාන්තා බලවේග සියල්ල සමඟඑක්වී ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් කිරීම තුළ ඔබත්, මමත් බලාපොරොත්තු වෙන ජයග්‍රහණය අනාගතයේදී ලබාගත හැකියි. ඒ නිසා ගම, නගරය එකතු කර සංවිධාන ශක්තිමත් කර පක්ෂ භේදයකින් තොරව සියලූ දෙනා සමඟමේ සඳහා ආරාධනා කරන්න. ඒ තුළ අපේ පක්ෂය ශක්තිමත් කරන්න පුළුවන්.මෙවැනි පුංචි ශාලාවකට විශාල පිරිසක් ගෙන්වීම ගැන මමත් කණගාටු වෙනවා. මෙහි පහළ මාලවල මෙන්ම එළියේත් විශාල පිරිසක් ඉන්නවා. ලබන මාසයේ තරුණ සංවිධානයේ ජාතික තරුණ සමුළුව පැවැත්වෙනවා. මේ සියලූ සංවිධාන කාර්යක්ෂම කරගෙන අපි නව, ප්රබුද්ධ අවංක දේශපාලන ව්‍යාපාරයක, පිරිසුදු රාජ්‍ය පාලනයක් සඳහාජනතාව ඒකරාශී කරමින් මේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය ලෙස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. පැහැදිලි ස්ථිරසාර ජයග්‍රහණයක් වෙනුවෙන් අපි සියලූදෙනා එක්ව ඉදිරියට යමු.’’ යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.‘‘පසුගිය කාලයේ අපි කවුරුත් නොසිතූ තරම් කාන්තා බලවේගයක් අද මෙතැනට පැමිණ සිටිනවා. අපි සංවිධානය වීමේ මහිමය අද පෙනෙන්නට තිබෙනවා. පසුගිය කාලයේ අපි ගොඩනැගූ කාන්තා සංවිධාන ශක්තිය මෙයයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පක්ෂය දුර්වලවී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ බොරු බව අද මේ කාන්තාවන් පෙන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් කාන්තාවන්ට අවස්ථාව දුන් හා දෙවරක් පක්ෂ නායකත්වය කාන්තාවන් දැරූ පක්ෂයක් මේ රටේ නැහැ. ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ සෝනියා ගාන්ධි මැතිනිය පක්ෂ නායකත්වය දැරූ ඉන්දීය කොංග්රස් පක්ෂය හැර එවැනි තවත් පක්ෂයක් ලෝකයේත් නැති බව මගේ විශ්වාසයයි. ඒත් එදා අපේ පක්ෂය යටතේවත් කාන්තාවන්ට නිසි නියෝජනයක් ලබාදෙන්න බැරිවුණා. මම වරක් එය කරන්න උපදෙස් දුන්නා. ඒත් අපේක්ෂක ලැයිස්තු බලද්දී එය ඉටුවී තිබුණේ නැහැ.ඒත් මේ වන විට පළාත් පාලන ආයතනවල සියයට 25ක කාන්තා නියෝජනයක් අවශ්‍ය බවට නීති සම්මතවී තිබෙනවා. පළාත් සභා සහ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් එම නීතිය ගෙන එන්නට ශ්‍රී.ල.නි.ප.ය නායකත්වය ගන්නා බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන වතුකරය, ඇඟලූම් මෙන්ම ගෘහ සේවිකා වෘත්තීන්හි වැඩිම මෙහෙයක් කරන්නේ අපේ අහිංසක කාන්තාවන්. ඔවුන් වෙනුවෙන් තව කළ යුතු දේ තිබෙනවා. ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් කළ යුතු දේ රජය හරහා ඉටුකරවා ගැනීමටත් අපි නායකත්වය ගත යුතුයි.යුද්ධය නිසා විපතට පත්වූ කාන්තාවන් රැසක් සිටිනවා. රට වෙනුවෙන් දිවි දුන් සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ට සැමියාගේ වැටුප ලැබුණත් ඔවුන් විවිධ ප්‍රශ්නවලට මුහුණපා සිටිනවා. උතුරේ නැගෙනහිර අසරණ වී සිටින කාන්තාවන්ට එවැනි වැටුපක් හෝ ලැබෙන්නේ නැහැ. අද ගෝලීයකරණය යටතේ අපේ රට ඕනෑවට වඩා විවෘත ආර්ථිකයට විවෘත වී තිබෙනවා. එය නරක බව මා කියන්නේ නැහැ. නමුත් එදා අපේ රට විවෘත ආර්ථිකයට ඇතුළත් වුණේ සංස්කෘතියට ගැළපෙන දේ ගැන තීරණයක් ගෙන නෙවෙයි. සමාජයට යළිත් මනුස්සකම ඇතුළත් කරන්න නම් කාන්තාවන් ඒ සඳහානායකත්වය ගත යුතුයි. මේ දේ ගැන අපේ ඇමැතිවරුන් විරුද්ධ නොවේ යැයි මා සිතනවා.’’ යනුවෙන් ද හිටපු ජනාධිපතිනිය පැවසුවාය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පිළිගැනීමේ කතාව සිදුකරමින් මෙසේ පැවසුවාය.‘‘අද මෙම ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන තරමින් මෙතනට පැමිණි අපේ කාන්තාවන් පක්ෂය ශක්තිමත් කරන්නට දෙන දායකත්වය ගැන මා ස්තුතිවන්ත වෙනවා. ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළේ අපේ පක්ෂයයි. එමෙන්ම වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කළේ අපේ පක්ෂයට නායකත්වය දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. අපේ පක්ෂය හැමදාම කාන්තාවන්ට තැන දුන් පක්ෂයක්.අද අම්මාව ආරක්ෂා කරන්නට යැයි කියමින් පාරට බහින අය පක්ෂයේ මේ කටයුතු වෙනුවෙන් කිසිම සහයක් නොදුන්නත් මේ වනවිට අපි අම්මාව ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒ වගේම කාන්තාවන් ගැන කතා කළොත් ඔවුන් නිවසට, කුස්සියට සීමා විය යුතු නැහැ. කාන්තාව දරුවන් හදන මැෂිමක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව, දරුවන් අතර තිබිය යුතු පරතරය තීරණය කිරීමේ අයිතිය කාන්තාවට තිබෙනවා.’’තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී මෙසේ කියා සිටියාය.‘‘නොයෙක් අය නොයෙක් තැන්වල විවිධ කතා කීවත් පක්ෂයට ආදරය කරන කාන්තාවන් තවමත් පක්ෂය සමඟසිටිනවා. රටේ ආර්ථිකයටත් කාන්තාව විශාල සහයෝගයක් ලබාදෙනවා. අපි මෙය කරන්න සිටියේ සුළුවෙන් වුණත් අපි බලාපොරොත්තු නොවූ තරම් ප්‍රමාණයක් අද මෙතනට ආවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ශ්‍රී.ල.නි.ප. තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. | සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසයි | 0 |
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත්‍රී දුෂණවලට හා ලක්ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට ඕනෑම පක්ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්ෂ පක්ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්ෂකත්වය වැඩි කිරීමට අපි පක්ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්ෂයක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්ෂයේ නායකයන් පක්ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්ෂය නිසා බැවින් හිටපු පක්ෂ නායකයන්ට පක්ෂය ආරක්ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්ෂ නායකයාගේ ප්‍රතිපත්ති අනුවයි.සමහර පක්ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප්‍රශ්න කරනවා. නව ක්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේත් තිබෙනවා. මෙය නායකයන්ගේ පක්ෂයක් නොව පාක්ෂිකයින්ගේ පක්ෂයක්. ඒ නිසා ඔවුන් පක්ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප්රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප්රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප්‍රකාශ වගේයි.ප්රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂය ඇතුළු සියලූ පක්ෂවලට, අපේ පක්ෂයේ සියලූ මන්ත්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප්රශ්නය: පක්ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප්රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප්රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප්රශ්නය: පක්ෂයේ සමහරු වෙනත් පක්ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග්‍රහණ විජයග්රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප්රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප්රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප්රශ්නය: එ.ජා.පය හැර ඕනෑම පක්ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප්රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප්රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්ෂයේම අයට ඇති ප්රජාතන්ත්රවාදයයි. එදා ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි. ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප්රශ්නය විසඳාගත හැකියි. | සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසයි | 0 |
(අමරදාස සිල්වා) රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට කල්දැමූ මැයි දිනය සැමරීම සඳහා ජ.වි. පෙරමුණ රජයට හිලෑවීම ගැන ලැජ්ජා විය යුතු බවත් ඒ කිසිම තීරණයකට යටත් නොවී ඉතා අභීතව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දිනය දාම කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට එඩිතරවීම ගැන පක්ෂයට ආඩම්බර විය හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. ගුණරත්නම් මහතා එසේ පැවසුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මැයි 1 දා සවස පැවැත්වූ මැයිදින රැලියේදීය. කොළඹ 10, මාළිගාවත්තේ පිහිටි පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලින් පාක්ෂිකයින් පෙළපාළියකින් පැමිණ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම රැලිය පැවැත්විණි. ‘ඇත්ත වෙනසකට වමේ බලයක්’ තේමාව කර ගනිමින් පැවැති එම රැලියේදී කුමාර් ගුණරත්නම් මහතා මෙසේද කීය. මැයි පළමුවැනිදා දවසේ ලෝක කම්කරු දිනය සැමරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පමණක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මැයි රැලියක් පැවැත්වීමට අවසරදීම ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මා ප්‍රථමයෙන්ම ස්තුතිය පළකර සිටිනවා. ලෝක කම්කරු දිනය සැමරීමේ දිනය මැයි මාසයේ හත්වැනිදාට කල්දැමීමට රජය තීරණය කළා. වාම පක්ෂයක් යැයි කියා ගන්නා ජ.වි. පෙරමුණ ඒ දිනයට මැයි රැලිය පවත්වන්නට එකඟ වීමෙන්ම ජ.වි. පෙරමුණ රජයට මොනතරම් හීලෑවෙලාද කියා අපට හිතා ගන්නට පුළුවනි. ඒ නිසා ජ.වි. පෙරමුණ අපි හඳුන්වන්නේ ධනේෂ්වර රජය ඉදිරියේ දණ ගසාගෙන සිටින පැරැණි වමක් හැටියටයි. මේ රටේ වාමාංශික පක්ෂයක් තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි ඒ නිසා අපි රජයට කියනවා අපට තර්ජනය කරලා බය වද්දන්න එපා කියලා. අපේ පෙරටුගාමී වාමාංශික පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඕනෑම කැපවීමක් කරන්න සූදානම් බවත් අප රජයට දන්වා සිටිනවා. එදා 87දී ජේ.ආර්. පාලනය මැයි දිනය පැවැත්වීමට තහනම් කළා. එදා අපි හිටියේ ජ.වි. පෙරමුණට සම්බන්ධවයි. අපි එදා මැයි දිනය පවත්වන්නට ඒකරාශීව ඉදිරියට ගියත් ජේ.ආර්.ගේ පොලිස් හමුදාව අපේ කිත්සිරි මෙවන් රණවක සහ ලෙස්ලි ආනන්දලාල් සහෝදරවරු ඝාතනය කරලා දැම්මා. ඊට පසුව මහින්ද රාජපක්ෂ පාලනයේදී 2006දී යුද්ධයට මුවාවෙලා නැවත වරක් මැයි දිනය තහනමට ලක් කළා. එදා හීලෑවෙච්ච ජ.වි. පෙරමුණ සමග සිටි නිසා මැයි දිනය සමරන්න හැකියාව ලැබුණේ නැහැ. මේ තමයි ජ.වි. පෙරමුණේ මැයි දින ඉතිහාසය. මේ විලිලැජ්ජා නැති හීලෑකමත් පිළිකුල් කරලා තමයි එයින් ඉවත්වෙලා අප පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේ. අද රනිල්-මෛත්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනමට ලක් කර තිබෙනවා. මැයි දිනයේ නිවාඩුවක් අවලංගු කළා විතරක් නොවෙයි මැයි දින රැලියක් පැවැත්වීමටත් කොළඹ නගරයේ පිට්ටනියක්වත් නොදෙන්න කටයුතු කරලා තියෙනවා. කොහොම වුණත් රජයේ තහනම නොතකා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ඉතා ගාම්භීරව කොළඹදී මැයි දින රැලියක් පවත්වන්නට තරම් එඩිතරව සිටින බව මහත් ආඩම්බරයෙන් කියා සිටිනවා. නමුත් රජයේ තීරණයකට අනුව මැයි 07 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීමට ජ.වි. පෙරමුණ රජයට හීලෑවීම ගැන ලැජ්ජා විය යුතුයි. මැයිදිනය මැයි මාසේ 07 වැනිදාට කල් දැමුවේ බෞද්ධ ජනතාවගේ වෙසක් උත්සවයට බාධාවක් වේවි කියලයි රජය මේ තීරණය අරගෙන තිබෙන්නේ. මේක නොවෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ආණ්ඩුවේ විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇති අර්බුද සහ ජනාධිපති සහ අගමැති මුහුණදී සිටින අර්බුද. මේ නිසා තමයි බෞද්ධයා ගැන මහා පුදුම කැක්කුමකින් මැයි දිනය කල් දමල අර්බුදකාරී තත්ත්වය වසන් කරන්නට පියවර ගත්තේ. මේ සමගම අපි මහානායක හිමිවරුන්ගෙන් අහනවා ආර්යෂ්ඨාංගික මාර්ගය අනුව ප්‍රඥාවෙන් යුතුව ජීවත් විය හැකි රටක් අපේ බෞද්ධ ජනතාවට තියෙනවද කියලා. යහපත් කර්මාන්ත කරලා ජීවත් විය හැකි රටක් අපට ඉතිරිවෙලා තියෙනවද කියලා අපට අනුශාසනා කරන්න කියා ඉල්ලා සිටිනවා. රජයේ මේ සෙල්ලම ඇතුළේ තියෙන්නේ රජය කරගෙන යාමට ඇති නොහැකියාව නොවෙයිද?රනිල් වික්‍රමසිංහට නායකත්වය දිගටම තියා ගන්න හැකිවේවිද? සජිත් ප්‍රේමදාසට නියොජ්‍ය නායකත්වය දිගටම තියා ගන්නට හැකිවේවිද? මෛත්‍රීපාල සිරිසේනට දෙවැනි වරටත් ජනාධිපතිවීමේ සිහිනය සැබෑවේවිද? මහින්දට තවත් සැරයක් ජනාධිපතිවීමේ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් වේවිද? මෙන්න මේ වගේ කතාවක් තමයි අද රට තුළ පවතින්නේ. මෙයට කියන්නේ දේශපාලන අර්බුදය හැර වෙන කුමක්ද? මේ වගේ දේශපාලන අර්බුදයක් ඇතිවීමට හේතුව තමයි පවතින ධනේෂ්වර පාලනය. පසුගිය රජයේ සිටි හොරු සමග ආණ්ඩුවක් පිහිටුවාගත් මේ රජයෙන් කෙරෙන්නේ ධනේශ්වර පාලනයක්. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රජපක්ෂට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ මහින්දගේ දක්ෂතාව නිසා නොවෙයි. මේක ජනතාවගේ පුරුද්දක්. මේ පුරද්ද නැති කර ගන්න අවශ්‍යයි. ජනතාව බලාපොරොත්තු වන ඇත්ත වෙනසක් දැකීමට නම් විඳීමට නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බලය පැවරිය යුතුමයි. වමට බලයක් ලබාදිය හැක්කේ ජන බලය ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ ක්‍රියාවලියට ඡන්දය ප්‍රකාශ කිරීමට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම හා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ සියල්ලෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශක්තිමත්. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා: ලෝක කම්කරු දිනය කියන්නේ නිකම්ම නිකන් දිනයක් නොවෙයි. එය ලෝකයේ කම්කරුවෝ ලේ හලලා දිනාගත්තු දිනයක්. ඒ නිසා එම දිනයේම සැමරීමට අපට හැකිවීම අපට ලොකු සතුටක්.විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියන යෝජනාව මේ වනවිට ජ.වි. පෙරමුණ කරළියට ගෙනැත්. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ එන බවට කතාවක් තියෙනවා. එයා එනවට මහින්ද රාජපක්ෂ කැමති නැහැ. එයාගේ බලාපොරොත්තුව එයාගේ නාමල් පුතාට රට බාරදෙන්නටයි. ඔය කවුරු විධායක ජනාධිපති තනතුරට ආවත් අපි බය නැහැ. අපි දේශපාලනය කරනවා. මේ වනවිට වර්ධනය වන ආර්ථික අර්බුදය ලෝකයේ ඉවර වෙන්නෙත් නැහැ. ලංකාවේ ඉවර වෙන්නෙත් නැහැ. මේ වසරේ ලංකාව රුපියල් මිලියන 450ක් ණය ගෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය දැනගෙන තමයි මහින්ද වේලසනින් ඡන්දය තිබ්බේ. මේ අර්බුදයට කර ගහන්න වෙන්නේ වැඩ කරන ජනතාවට ගොවියන්ට ශිෂ්‍යයන්ට සහ කාන්තාවන්ටයි. ඔය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පක්ෂයට අයත් ලොරියේ ඉදිරියෙන් ගහලා තියෙන්නේ බුදු සරණයි කියලා. නමුත් ලොරිය ඇතුළේ තියෙන්නේ හොර හරක් බව අමතක කරන්න එපා. අද කම්කරු දිනය සමරන මේ වෙලාවේ අපි සිටින්නේ දේශපාලන හැරවුම් ලක්ෂයක. මේ අර්බුද ගැන කතාකරන වෙලාවේ අපේ ගෙවල්වල තිබෙන තත්ත්වය කොහොමද? හාල් පොල් සීනි ගණන්. දරුවන්ගේ ටියුෂන් සල්ලි ගෙවන්න ඕනෑ. හැබැයි ගෙදරින් එළියට ආවම මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න ගැන එළියේ පිට කතා කරන්න බැරි තරම් මහා දැවැන්ත මතයක් මාධ්‍ය මගින් හදලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර ප්රශ්නය රටේ ප්‍රශ්නයක් නොවෙයි කියන විදියට. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න වේදිකාවට ගෙනඑන ව්‍යාපෘතිය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මුල පුරලා තිබෙන බව කියන්න කැමතියි. ජ.වි. පෙරමුණේ වංචා දූෂණ නැහැ කියන සටන් පාඨයම දූෂණයක්. මහා පරිමාන ව්‍යාපෘති ඇතුළේ වෘත්තීය සමිති හදලා තියෙන්නේ ජ.වි. පෙරමුණ විසින්. මේ අය ඒ සමාගම් ඇතුලේ වෘත්තිය සමිති කරන්නේ හාම්පුතා සමග රහසේ ඩීල් දමාගෙන. එහෙමනම් මේ රටේ මහා දූෂණ වංචාවන් සිදු කෙරෙන්නේ ජ.වි. පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළේ බව අද අපි රටට හෙළිකර සිටිනවා. මේ ආණ්ඩුව සමෘද්ධිය දෙන හැටිත් අපි කියන්න අවශ්‍යයි. යම් පවුලක සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අය සිටිනවා නම් සමෘද්ධිය දෙන්නේ නැහැ. සතියකට වරක් හෝ මස් හෝ මාළු කනවා නම් සමෘද්ධිය කපා දමන්නට රජය නියම කර තිබෙනවා. රාජපක්ෂලා ආවාට මෙම ක්‍රමය වෙනස් වේවි කියා හිතන්න එපා. ඒ අය බලයට ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කරන පරිප්පුව කන්න වෙන බව අප දන්නවා. ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධායක ලේකම් විමල් වත්තුහේවා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සාමාජික සංජීව බණ්ඩාර, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට, යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. | සෑම රටක්ම ආර්ථික අර්බුදයකට ලක්වී ඇත්තේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසයි | 0 |
(මුදිතා දයානන්ද )“අද පවතින නිවාස ප්‍රතිපත්තියේ රජය සිටියොත් තව අවුරුදු දහයකදී වගා කරන්න තිබෙන බිමෙන් අක්කර විසිලක්ෂයක් නිවාසවලට යට කරන්න වෙනවා. කෘෂිකාර්මික බිම රැකගන්න නම් රජයේ නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුය යන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (22) පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පේරාදෙණිය තානායමේදී මෙම උත්සවය පැවැත්විණ.එහිදී කෘෂිකර්ම ප්‍රතිපත්තියේ පිටපතක් අනුර කුමාර දිසානායක මහතා විසින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාට පිළිගන්වනු ලැබිණ. අනතුරුව අනෙකුත් ආරාධිත අමුත්තන්ට ද දිසානායක මහතා අතින් පිටපත් පිරිනැමිණි.ඔහු මෙසේ ද පැවැසීය.“අපේ කෘෂිකර්ම බිම් ප්‍රමාණය සියයට පනහකින් අඩුවෙලා. වසරකට ජෝඩු එක්ලක්ෂ හැටදාහක් විවාහ වෙනවා. එයින් ලක්ෂයකට පමණ පරම්පරාගත නිවාසයක් හිමිවුණත් තවත් හැටදාහකට අලුතෙන් නිවසක් අවශ්‍යයි. මේ සියලු දෙනාට තනි තනි නිවාස ඉදිකරන්න ගියොත් එක්කෙනාට පර්චස් දහය ගානේ වසරකට පර්චස් ලක්ෂ හයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට වසර දහයක් ගියොත් අක්කර ලක්ෂ විස්සක් නිවාස සඳහා වෙන්කරන්න වෙනවා. එයින් කෘෂිකර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අපිට බැරි වෙනවා.කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.රටකට ඒ රටේ ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්ත්වයක් හා පහළ සමාජීය තත්ත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා.ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි ප්‍රතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නෑ.ගොවි ජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුනයි.ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත් කරගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමි ද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළෙඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500ක් දීල ගන්න ගොවියාට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවි ජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.අලුත් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නෑ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.අද බීජ පර්යේෂණ ආයතන කඩාවැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා. දැන් ඒක බංගලාදේශයට දෙන්න යනවා. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදාගන්නවා.පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. එක් වැස්සකට පස සෝදාගෙන යන්නේ අඟල් හය හත. ඇතැම්විට අඩි ගණනින්. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස් තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලය වේගයෙන් ගංගාවට දාලා මහ මුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවගේ දෙවන මූලික ප්රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩා වීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.අද අපේ එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියට 38ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පලතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පලතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නෑ. ඇසුරුම්කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පලතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළෙඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු, එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් වෙන්නේ වෙළෙඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්. අද දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.දඹුල්ලේ ලූනු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූනු තිබෙනවා. වගා සැලැස්මක් නෑ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුංඇට ගේනවා. ඕස්ටේ්රලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩි කාලෙ අපි දැනන් හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූනු අවශ්‍යතාවයෙන් සියට 56ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයංපෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමැතියි. ඇයි? කොමිස්, පගා ලබාගන්න හොඳම තැන නිසා. ආනයනය කරන තමන්ගේ මිත්රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ. කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමැතිවරු රටකට ඕන නෑ.මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමන අවස්ථාවකදී හරි අරගෙන ගොඩනගනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා.” එහිදී අදහස් දැක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතා:“අපි ජාතික විද්වත් සංවිධානය ලෙස තමයි දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් රට ගොඩනැගීම වෙනුවෙන් සකස් කළේ. එහි එක් අංශයක් තමයි කෘෂිකර්මය. අද අපි මෙතනදී එළිදක්වනු ලබන්නේ එම කෘෂිකර්ම හා පශු සම්පත් ප්රතිපත්තියයි.වසර හැත්තෑඑකකට පසු අපිට මොකද වුණේ කියලා දැනගන්න අපි ඊට කලින් හිටපු කාලය ගැන දැන ගන්න අවශ්‍යයි. ජෝන් ෆර්ගියුෂන් කියන ලංකාවේ සුදු ලේකම්වරයෙක් ලියපු පොතක් සිංහලයට පරිවර්තනය වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ සිය වසරක් කියලා. ඒ කාලය තුළ ලංකාවේ ඇති වුණ වෙනස්කම් තමයි එහි ඇතුළත්ව තිබෙන්නේ. ඒ අනුව අපි කොයි තරම් දියුණු තත්ත්වයක ද හිටියේ කියලා දැනගන්න පුළුවන් ඒ පොත කියෙව්වාම.”එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික හේමජීව ගෝඨාභය මහතා:අපි මීට වසර විස්සකට විතර කලින් ඇහුවා ගොවි රජවරු ණය ගෙවාගන්න බැරුව වහ බීලා මැරෙනවා. දැන් අපිට අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ බිරින්දෑවරු ක්ෂුද්‍ර ණය උගුලට අසුවී වස බී මැරෙනවායි. මේ ඛේදවාදකය හැම ගොවියකුටම වගේම කෘෂි අලෙවිකරුවන්ට පවා මුහුණ දෙන්න සිදුව තිබෙන තත්ත්වයක්. මේ ක්ෂේත්රයේ යෙදෙන්නන්ගේ ජීවිත දවසින් දවස අගාධයට යනවා. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න තමයි අපි මේ වැඩපිළිවෙළ සකස් කළේ. මේ වැඩපිළිවෙළ මහ පොළොවේ පැළ කරගන්නා තුරු අපි නොනැවතී අරගල කරනවා.”මෙම අවස්ථාවට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති කමල් ඔබේසේකර, ලංකෙම් ලංකා සමාගමේ ව්‍යාපාර කළමනාකරු හේමජීව ගෝඨාභය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් ඌව පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, මහචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, යහපාලනය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය කේ.එම්. සාහීර්, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සංවිධායක නාමල් කරුණාරත්න, මහනුවර හිටපු දේශීය ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමාරච්චි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේ හිටපු අධ්යක්ෂ කේ.ඩී. සිරිපාල මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | “නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ | 1 |
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ. මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්රය, කෘෂි ක්ෂේත්රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්රජාත්ත්රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. | “නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ | 0 |
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. | “නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ | 0 |
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග්රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග්රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත් ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක්රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල් ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි්රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප්‍රශ්නෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප්රශ්නය මොකද්ද? ඉඩම් ප්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින් ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක් ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්න ඕනෑ චීනයට හෝ ඉන්දියාවට ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප්‍රතිපත්තියට ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ) | “නිවාස ව්‍යාපෘති සියල්ල මහල් නිවාස විය යුතුමයි“ | 0 |
(නයනජීව බණ්ඩාර)වර්තමාන ආණ්ඩුවට ජනතාව බලය ලබා දෙනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට විනා නව ව්‍යවස්ථාවක් සෑදීමට නොවන බවත් නමුත් වර්තමාන ආණ්ඩුවට විධායක ජනාධිපතික්රමය අහෝසි කරන්නට වුවමනාවක් නොමැති බවත් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (2) බිබිල, මැදගමල නන්නපුරාව ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් පැවැසීය.දෙමළ සංධානයේ මංත්‍රීවරුන් නව ව්‍යවස්ථාව පිළිබඳව එකක් කියන බවත් ආණ්ඩුව තව එකක් කියන බවත් පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථාව පෙඩරල් ව්‍යවස්ථාවක්ද යන්න සැක මතුවන බව පවසයි.කල්දමා තිබෙන ඡන්ද පවත්වන තෙක් ආණ්ඩුවේ ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලියට සහය නොදීමටද ඒකාබද්ධ විපක්ෂයේ මංත්‍රීවරු තීරණය කළ බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.බිබිල, මැදගම, නන්නපුරාව, මැදගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් පියදිගම මහතාගේ නිවසේ පැවැති මෙම ජනහමුවේදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.අද මේ රටේ වැඩියෙන්ම ගුටි කන්නේ හාමුදුරුවරුයි. රණවිරුවොයි, ශිෂ්‍යයොයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ අවුරුදු දෙකට හාරසිය විසි වතාවක් ගුටිකාලා තියෙනවා. මේ ගුටිකන්නේ තමුන්නාන්සේලාගේ දරුවෝග මේ රටේ පාසලට ඇතුළුවෙන දරුවන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ සියයට දෙකක් විතරයි. මේ ගුටි කන්නේ ඒ කුඩා පිරිසයි. ඔවුන්ගේ තමයි මේ ඉල ඇට කඩන්නේ. මේ දරුවන්ට හාරසිය විසිවතාවක් පරහ දෙන්න ඔවුන් කළ වරද මොකක්ද? මෙතන ප්රශ්නය තියෙන්නේ මේ දරුවන්ට ඇහුම්කන් නොදීමයි. මේ දරුවෝ කියනදේ අහන්න අතින් වියදමක් යනවාද. මේ ආණ්ඩුව යුද්ධය ඉවරකරපු රණවිරුවන්ට පහර දෙනවා. හාමුදුරුවන්ට ගහනවා. මේ පිරිස හදන්නේ බැටන් පොල්ලෙන් රට පාලනය කරන්න. මේ අය කිව්වේ අපේ කාලයේ ප්රජාතන්ත්රවාදය නැහැ. ඒක ආරක්ෂාකරන්න තමයි මේ අය එනවා කිව්වේ. දැන් මොකද වෙන්නේ වෙනස හොඳයිද? මගේ කාලයේ ප්රජාතන්ත්රවාදය නැහැ, අරක නෑ මේක නෑ කිව්ව එන්.ජී. ඕ.කාරයෝ ටිකත් දැන් කටවහගෙන ඉන්නවා.රටේ කුණු කන්දක් කඩා වැටුණොත් ඒකට හේතුව මහින්ද, පහුගිය කාලේ රටේ තැනින් තැන නාය ගියා. ඒකත් මගේ වැරද්දලූ. වැස්සත් වැරැද්ද මගේග පෑවුවත් වැරද්ද මගේ. ඒ අය හොඳ අය. උමා ඔයටත් මහින්ද රාජපක්ෂ, මේ අය හැම දේම මගේ පිට පටවලා නිවරැදි වෙන්න හදනවා.මේ ආණ්ඩුව හදන්න අපේ අය ගිහිල්ලා කොටස් කාරයෝ වුණාට රනිල්ගේ ප්‍රතිපත්තිය වෙනස්ග ඔහුට ඕන වුණේ හැමදාමත් මේ රටල මේ සම්පත් විකුණලා රට පාලනය කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. සිරිමාවෝ මැතිනිය තමයි මේ රටේ සම්පත් රැක්කේ. ඒත් චන්ද්‍රිකා ඇවිත් ඒ දේවල් එහෙන් මෙහෙන් වික්කා. මොකද චන්ද්‍රිකාට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැනේ. එතුමියත් මේ පක්ෂය අතහැරලා ගිහිල්ලා වෙනත් පක්ෂයක් හදලා පස්සේ ආව උදවිය. එයාගේ ප්‍රතිපත්තිය තිබුණේ විකුණන්න. එයත් වික්කා. මේ ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ මේ රටේ සම්පත් ටික විකුණන්නද.වෙල්ලස්සේ ඉඩම් ටික සමාගම්වලට විකුණන්නද? වෙල්ලස්සේ ඉඩම් ගන්න ආයෝජකයන් ආවා. අපි කිව්වා ඉඩම් දෙන්න බැහැ කියලා. අපි කිව්වා ආව ආයෝජකයන්ට ඉඩම් දෙනවානම් දෙන්නේ පැළ තවානට විතරයි කියලා. මේ රටේ ඉඩම්වලට අත තියන්න දෙන්න බැහැ. අපි ඒක පිළිගන්නවා. මේ ආණ්ඩුව වෙල්ලස්සේ ඉඩම් පිටරට ආයෝජකයන්ට දෙන්නේ තමන්ගේ දේපළක් ලියලා දෙන විදිහටයි.මේ ආණ්ඩුවට තමුන්නාන්සේලා ඡන්දය දෙන කොට ඡන්දය දුන්නද මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් හදන්න කියලා. ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවන්න කවුරුත් බලය දුන්නේ නැහැ. එහෙම වරමක් කවුරුවත් දුන්නේ නැහැ. සුමන්දිරම් මන්ත්‍රී පසුගිය දවසක යාපනයේදී කියනවා අලූතෙන් එන ව්‍යවස්ථාවේ නම ඇතුව ආවත් නැතුව ආවත් කියන්නේ ෆෙඩරල් ක්‍රමය කියලා. මේ ආණ්ඩුවට ව්‍යවස්ථාවක් හදන්න කවුරුවත් බලය දුන්නේ නැහැ. එකම බලයයි දුන්නේ විධායක ජනාධිපතික්රමය අහෝසිකරන්න. ඉතිං ඒක මේ ආණ්ඩුව කරන්නේ නැහැනේ. සුමන්දිරම් මන්ත්‍රී මේ නව ව්‍යවස්ථාව ගැන එකක් කියනවා. මේ අය තව එකක් කියනවා. ඒ නිසා මේ හදන අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපටත් සැකයක් තියෙනවා.මේ ආණ්ඩුව දැන් ඡන්ද තියන්නේ නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය විදිහට අපි තීන්දු කළා දෙනවා කිව්ව මැතිවරණ දෙන කම් මේ ආණ්ඩුවේ කිසිම ව්‍යවස්ථා වැඩපිළිවෙළකට සහය නොදක්වන්න. ඒ වගේම අපි කොහෙත්ම මේ රටේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් බිහිවෙනවා දකින්න කැමැත්තක් නැහැ. ඊට ඉඩ දෙන්න සූදානමකුත් නැහැ. මේ රට බෙදන්නත් බුද්ධාගමට තියෙන තැන අඩුකරන්නත් ඉඩ දෙන්න බැහැ. මේ ආණ්ඩුව පන්සලේ පිංකැටය ගලවන්න හදනවා. පන්සලට විද්දට කෝවිලට නොවිද ඉදීද? ඒ දෙකටම විද්දමල මුස්ලිම් පල්ලියට මේ අය නොවිද ඉඳීද?මේ ආණ්ඩුවට කුණු ටික ඉවත්කරන්න වැඩ පිළිවෙළක් නැහැග කුණු ඉවත් කරන්න රටේ ජනාධිපතිත් යනවා. අගමැතිත් යනවා. ජනාධිපති තුමා එයාගේ කාර්ය කරන්නේ නැතිව කුණු අදින කාර්ය කරන්න යනවා. ඒත් ඒ කුණු ටිකවත් ඇදගන්න බැහැ. කුණු අදින්න ගිහිල්ලා ජනාධිපති ලේකම් අයින් වෙලා ගියාග දැන් අවුරුදු 85 ක අපේ පරණ මිත්‍රයෙක් ජනාධිපති ලේකම් වෙලා එනවාග එයාට හොඳට වැඩ කරන්න පුළුවන්. එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ මිතුරෙක්.මේ ආණ්ඩුව එදා ඡන්දය ගත්තෙත් ජනතාව රවට්ටලා. ඔවුන් එදා කිව්වා අපි දෙමළ, මුස්ලිම් අයට විරුද්ධයි කියලා. අපි ජාතිවාදීන් කියලා කිව්වා. පනත් ගෙනත්, මිනිස්සු හිරේ යවලා ජාතිවාදය නතර කරන්න බැහැ. ආදර්ශයෙනුයි ජාතිවාදය වළක්වන්න පුළුවන්. නායකයෝ මේවා අවුස්සන කොට ජනතාවත් ඒවා පස්සෙන් දුවනවා. මුස්ලිම් ජනතාව දන්නවා මේවා පස්සේ කවුද ඉන්නේ කියලා. ඒ නිසා අපි මේවාගෙන් පරිස්සම් වෙන්න ඕන.මේ රටේ බඩුමිල අහස උසට නැගලා. අද වෙළඳ පොළේ රතුලූනු කිලෝවක් රුපියල් දාහක් වෙනවා. ජනතාවගේ ගම්මිරිස්වලට, රබර්වලට මිලක් නැහැ. අද මේ රටේ මිල අඩුම ගංජා සහ කුඩුවල විතරයි.මේ අවස්ථාව සඳහා ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, තේනුක විදානගමගේ, විජිත බේරුගොඩ හා වැල්ලවාය, මොණරාගල, බිබිල හා මැදගම ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. | ’ආණ්ඩුවට විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න වුවමනාවක් නෑ’ | 1 |
(නාලක සංජීව දහනායක)වත්මන් ආණ්ඩුව රටේ ස්වෛරීත්වය, ඒකීය බව විදේශීය බලවේගවලට හා බෙදුම්වාදීන්ට බන්දේසියක තබා පුදමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (1) සඳහන් කළේය.එබැවින් මෙම මැයි දිනය වෙන්දේසිකාර, කොන්ත්රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ගාලූමෝදර පිටියේදී පෙරේදා (1) පැවත්වූ මැයි රැලියේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.වෙන්දේසිකාර, කොන්ත්රාත්කාර ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන මැයි දිනය අදයි. වරාය නගරය, නෙළුම් කුලූන අපි ඇති කළ සාමයේ ප්රතිඵලයයි. අපි මේ ජාතියට, අනාගත පරපුරට තිළිණ කළ දේවල්. මගෙන් පළිගන්න ඕන නිසා ආණ්ඩුව මේ දේවල් නතර කළා.මේ ආණ්ඩුව හැමදාම ණය බරගැන කතා කරනවා. වරායක් ඇතුළු හැමදේම විකුණනවා. ආණ්ඩුව අපිට අභියෝගයක් කළා ගෝල්ෆේස් පිටිය පුරවන්න කියලා. ඒ අභියෝගය භාරගෙන ඔන්න අපි පිට්ටනිය පුරවල පෙන්නුවා. ඒ වගේ අපි කරන අභියෝගයත් ආණ්ඩුව භාරගන්න ඕන. පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ආණ්ඩුව ඒ අභියෝගයත් භාරගන්න ඕන. මැතිවරණ ගැන කතාකරන කොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඡන්ද තියන්නේ නැත්නම් විමල් කිව්ව වැඬේට අපි බහිනවා.අපි නම් මීට වඩා අභියෝග භාරගෙන තියෙනවා. විමල් වීරවංශ, මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ගම්මන්පිල වගේ අපේ අය අත්අඩංගුවට අරගෙන අපිව බයකරන්න හදනවා. පළාත් පාලන මැතිවරණය කල් දමනවා. ශ්‍රී.ල.නි.පයේ පතාක යෝධයන් ආසන සංවිධායකකම්වලින් පන්නනවා. මේක හැකියාව වෙනුවට නොහැකියාව රජකරන යුගයක්.පසුගිය මහ මැතිවරණයෙන් මම පැරදුන එක වෙනම දෙයක්. එ.ජා.ප.ය එක්ක යන්න ජනතාව ඒ මැතිවරණයේදී අපිට ඡුන්දය දුන්නේ නැහැ. පැරදුණ මිනිස්සු කැබිනට් එකට දාගෙන ආණ්ඩු කරනවා.අපි ගත්ත ණය නිසා නොවෙයි ආණ්ඩුව අමාරුවේ වැටුනේ. ආණ්ඩුව ගත් ණය නිසා තමයි අද ආණ්ඩුව අමාරුවේ වැටිලා ඉන්නේ. මේ රටේ ජනතාවට ලොකුම ද්‍රෝහීකම කළේ කවුද? පක්ෂයේ ලේකම්වරුන් අයින් කළා. අඩුම තරමින් විපක්ෂනායක කමවත් අපිට නැහැ. ඒක දුන්නේත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 16ක් ඉන්න කණ්ඩායමකටයි. ප්‍රධාන සංවිධායකකම දුන්නේ මන්ත්‍රීවරුන් 6ක් ඉන්න කණ්ඩායමකටයි.මේ ආණ්ඩුව වගේ ජාතික සම්පත් වෙන කිසිම කෙනෙක් විකුණුවේ නැහැ. අපි ජාතියට දායාද කළ හම්බන්තොට වරයා ඇතුළු ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි, මාදුරු ඔය තවත් බොහෝ ස්ථාන මොවුන් විකුණන්න සූදානම් වෙනවා. ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉතාම වැදගත්. මේවා පාවා දෙන්න හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ.වැඩබිම විනාශ කරලා. ගොවිබිම පාළු කරලා. මව්බිම විකුණලා. වරාය අධිකාරිය, තෙල් සංස්ථාව විකුණලා. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුවන්, රණවිරුවන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍ය මේ ඔක්කෝම ආණ්ඩුවෙන් බැට කනවා. මම වෙඩිනොවදින කාර් ගෙන්නුවේ ත්‍රස්තවාදී තර්ජන තිබුණ නිසයි. නමුත් රණවිරුවන්ට පහරදීම ඇතුළු මේ කරන දේවල්වලට ආණ්ඩුවට ගෙන්වන්න සිද්ධ වෙන්නේ හෙණ නොවදින කාර්.එදා එපා කියද්දිත් මම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. බලය ගත්තේ ද්‍රවිඩ සන්ධානයයි. අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් මේ ආණ්ඩුව උතුරට කරලා නැහැ. අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප්‍රශ්න කරනවා.උතුරට ප්රජාතන්ත්රවාදය දුන්නේ අපි. ඒදේ කරන්න පුළුවන් වුණේ එක්සත් ජාතික පක්ෂයට නොවෙයි අපිටයි. ආණ්ඩුව හත්වැනිදාට සම්මත කරගන්න සුදානම් වන පනත සම්මත වුණොත් දෙයියන්ගේම පිහිටයි. ඒ නිසා මේ පනත ගේන්න නොදී නතර කරන්න ඕන. අපි රට නිදහස් කරගත්ත නිසයි පිනුම් ගහන්නේ කියලා මෙයාල තේරුම් ගන්න ඕන. ඒක අමතක කරන්න එපා.අවුරුදු පහකට බලය අරගෙන අනාගත පරම්පරාවේ අයිතිය අහිමි කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. එට්කා ගිවිසුම අත්සන් කළාම දැනට තිබෙන රැකියා විතරක් නොවෙයි අනාගතයේ රැකියා ටිකත් නැති වෙනවා. ආණ්ඩුවේ නායකයන් විදේශ ගතවන හැම මොහොතකම ජනතාවට බයක් දැනෙනවා. මොනදේ විකුණයිද දන්නේ නැහැ කියලා.එක්සත් ජාතික පක්ෂය සමග ගමනක් නැති නිසයි බණ්ඩාරනායක මහත්තයා එළියට බැහැලා ශ්‍රී.ල.නි.පය හැදුවේ. අද ශ්‍රී.ල.නි.පය හතරගාතෙන්ම වැටිලා ඉවරයි. මේවා කරන්නේ කාගේ වුවමනාවටද? රත්වත්තෙලා, ජනකලා ඉවත් කරන්නේ වෙන කාගෙවත් නෙමෙයි සිරිකොතේ වුවමනාවටයි. රට බෙදන ව්‍යවස්ථාව ගේන දවසට ඒකට විරුද්ධව ජනතාව පාරට බහිනවා.ජාතිවාදීන් සතුටුකරන මේ ආණ්ඩුවට විරුද්ධව පාඩම් උගන්වන්න ඕන. මේක කුණු ටිකවත් කළමනාකරණය කරගන්න බැරි ආණ්ඩුවක්.කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණ එකම රට ලංකාවයි. අපි ත්‍රිවිධ හමුදාව යොදාගත්තේ රට රකින්නයි. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්නයි. ඒත් මේ ආණ්ඩුව වැඩ කරන ජනතාව මර්දනය කරන්න ත්‍රිවිධ හමුදාවම යොදාගන්න සුදානම් වෙනවා.අපේ ආණ්ඩුව පෙරළන්නනම් ඇමරිකාව සල්ලි දුන්නා. දැන් කිසිම රටක් මේ ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ. සෞඛ්‍යය, අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාව තියෙන්නේ අපිටයි. දේශීය ව්‍යාපාරිකයන් සුරකින්න බැංකු ක්‍රමයක් අපිට ඕන. විදේශීය ව්‍යාපාරිකයන්ට දෙන පහසුකම් දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න ඕන. ඔවුන් ඒ වෙනුවෙන් හඬක් නගනවා. මේ රටට නවීන ආර්ථිකයක් අවශ්‍යයි.අනාගත පරපුර වෙනුවෙන් අභිමානවත් රටක් ගොඩනැගිය යුතුයි. අප රට ඒ දිශාවට ගෙනගියා. එය කරන්න අපිට ශක්තිය තිබෙනවා. අපි ඒ දේවල් කරලා පෙන්වලා තිබෙනවා. මේ ආණ්ඩුව මැතිවරණ අයිතිය උදුරාගෙන. මේවාට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න ඕන. මෙය කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන මැයි රැලියක් පමණක් නොවෙයි. රටට වැඩ කරන, ජාතික සම්පත් සුරකින ආණ්ඩුවක් ගොඩ නැඟීමට සියලූම දෙනා ජාතිබේදයෙන් තොරව පෙරට පැමිණිය යුතු යැයිද පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය,ප්රතිගාමීන්ගේ තර්ජනය ඉදිරියේ නොසැලී මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත මැයි රැලියක් කැඳවූවා. මෙය අලූත් ආණ්ඩුවක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කැපවෙන රැලියක්.මහබැංකුව කොල්ලකෑ, වරායන් විකුණා දැමූ ආණ්ඩුවක් තවදුරටත් තියාගත හැකිද? රටක් තමන්ගේ රටේ වත්කම් වැඩි දියුණු කොට ජනතාවගේ දියුණුවට ආයෝජනය කළ යුතුයි.සියයට 8.6 සංවර්ධන වේගයක් තිබූ රටක් සියයට 4.2 කින් සංවර්ධන වේගය අඩුවෙලා. මේ ආණ්ඩුව ගැන ඒකෙන්ම තක්සේරු කර ගත හැකියි. මේ ආණ්ඩුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මැතිවරණ කල් දමලා. රට අරාජික වෙලා. නාඩගංකාරයන්ගේ ආණ්ඩුවක් බිහිවෙලා.ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරියටත් පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේම ආණ්ඩුවක් ගොඩ නැගීමට කැපවෙමු යැයි පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය,මහබැංකු වංචාවෙන් රුපියල් මිලියන පහළොස් දහසක පාඩුවක් සිදු වුණා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණනවා. එවිට අප රටේ ජනතාවගේ රැකියා ආරක්ෂාවන්නේ නැහැ. දේශපාලන නායකත්වය විසින් රණවිරුවන් විදේශයන්ට පාවාදෙනවා. ශ්‍රී.ල.නි.පයේ ප්‍රබල ආසන සංවිධායකයන් ඉවත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ අයිතීන් දෙන්නේ නැහැ. ප්රජාතන්ත්රවාදී කිසිම රටක් මැතිවරණ කල් දමන්නේ නැහැ. මෙම රජය වසර දෙකක් තිස්සේ මැතිවරණ කල් දමනවා. මැතිවරණයක් පැවැත්වුවහොත් අපිට ලැබෙන ප්‍රතිපලය ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක් නැහැ. මේ සියලූම ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයකින් යුතු ආණ්ඩුවක් යැයි පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය,ගාලූ මුවදොර පිටියට රැස්වූ ජනතාව අත තිබෙන්නේ රටේ ඒකීයභාවය සහතික කරන ජාතික ධජයයි. අද ආණ්ඩුව බෙදුම්වාදී ව්‍යවස්ථාව හදාගෙන යනවා.රණවිරුවන් ලේ හලා රැකගත් මව්බිම ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව ගේන්න හැදුවොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනපති, අගමැති මන්දිර වටකරාවි. ගාලූ මුවදොර පිටියෙන් පෙන්නුම් කරන රටේ ජනතා බලය දැකලා පැත්ත මාරුකරන්න කියලා ආණ්ඩුවට රිංගාගෙන ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන්ට අපි කියනවා.රටේ සංස්කෘතිය විනාශ කරලා අප රට ඉන්දියානුවන්ගෙන් පුරවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මෝදි ලංකාවට එන්නේ තොරන් බලන්න නෙමෙයි අප රටට එරෙහි ගිවිසුම් ටික හදා ගන්නයි. මේවාට විරුද්ධව මුළුරටම කළුකොඩිවලින් පුරවන්න ඕන.අවුරුදු දෙකකට පෙර ජනතාව විශාල රැවටීමකට හසුවුණා. රටට වෙච්ච සුගතියක් නැහැ. මේ රට එදා ඉඳලා ආපස්සට ගියා. ජනතාව මත බදු බර වැඩිවුණා. පීඩනය වැඩිවුණා. මැතිවරණය දෙන්නේ තැත්නම් මැතිවරණ ගන්න ඕන. ඒකට තියෙන්නේ මුළු කොළඹම වටකරලා මැතිවරණයක් ඉල්ලා සිටීමයි.යුධ හමුදා බුදධි අංශ නායකයන් අද ඉන්නේ හිරගෙවල්වල. ඒ අඹුදරුවන් අඬනවා. සිරිසේන-වික්‍රමසිංහ රට වෙනුවෙන් සේවයක් කළ මිනිස්සුන්ට දෙන තෑගි තමයි ඒ. ඒත් ජාතියේ හිසමතට ගුවන් ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ගුවන් බළකායේ නිලධාරීන්ට ඇප දෙනවා. මේවා වෙනකොට ස්වභාවධර්මය කම්පාවෙන එක අහන්නත් දෙයක්ද?අවුරුදු දහයක් මේ රට නියම මාර්ගයක ආවා. අද මුළු රටම කුණුවලින් පිරිලා. මහින්ද මහත්තයා රටට, ජාතියට විනයක් ගෙනාවා. ඒවා ඔක්කොම කාබාසිනියා කළා. දැන් රටේ විනය හදන්න හදනවා.2020 වනතුරු හිටියොත් අපිට රටක් නැති වෙනවා. එයට කලින් ප්‍රහාරය එල්ල කළ යුතුයි. ඒකට තිබෙන එකම මඟ මේ ජනතා බලයයි. බැඳුම්කර හොරු පත්තර ගහනවා. රූපවාහිනී නාළිකා මිලදීගෙන ඉවරයි. ඒ නිසා බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරීශීලනය කරන්න එපා කියලා අපි ඉල්ලනවා.මේ රට ඉන්දීය කොළණියක් කරන්න දෙන්න බැහැ. එට්කා ගිවිසුම් අත්සන් කරන්න දෙන්න බැහැ. බෙදුම්වාදී ව්‍යවස්ථා ගේන්න දෙන්න බැහැ. ඒවාට විරුද්ධ ප්‍රහාර එල්ල කරන්න ඕන. අපිට මහින්ද මහත්තයාගෙන් දිනය හා වෙලාව විතරයි ඕන. මේ ජනතාව මුළු කොළඹම වටලන්න ලෑස්තියි. 2020ට පෙර මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා බලය පෙන්වන්න අපි සූදානම් යැයි පැවසීය.ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය,ආණ්ඩුව අපිට අභියෝගයක් දුන්නා, ගෝල්ෆේස් පිටිය පුරවන්න. අපි අභියෝගය භාරගත්තා. පහුගිය මැයි දින දෙකක් තිස්සේ අපි ආණ්ඩුව පසු බැස්සුවා. සරසවි සිසුන්, වෘත්තීයවේදීන්, ජනතාව ගෙනගිය අරගලවලින් ආණ්ඩුව පසුබස්සවලා තිබෙනවා. ගෝල්ෆේස් පිටියෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයයි. පුළුවන්නම් මැතිවරණය තියන්න. මාස තුනක් ඇතුළත මැතිවරණ පැවැත්වූයේ නැත්නම් දැවැන්ත අරගලයකට යනවා යැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය,ඒකාබද්ධ විපක්ෂය මැයි රැලිය පවත්වන්න ගෝල්ෆේස් පිටිය තෝරාගත්තේ ජනතාව ගැන අපිට තිබුණ විශ්වාසය නිසයි. අපි මේ පිට්ටනිය මදි සෙනග බලන්න ඕන නම් ගෝල්ෆේස් එන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.ලංකා ඉතිහාසයේ ලොකුම මැයි රැලි පවත්වන්න ඕන නම් ආණ්ඩුව මොකට හුණ්ඩු වැනි පිට්ටනි වෙන්කරගත්තේ. වැඩකරන ජනතාවගේ මුදල් කොල්ල කන, රණවිරුවන්ට පහරදුන් මේ ආණ්ඩුවට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ. දැන් ෆොන්සේකා අයිති අතීතයටයි. සුදුකොඩි කතා කියාපු රණවිරුවන්ට පහරදෙද්දී කටපියාගෙන හිටපු ෆොන්සේකාගේ අණ පිළිපදින්න හමුදාව සූදානම් නැහැ. මේ රට කෑල්ලෙන් කෑල්ල කඩල නොරටුන්ට විකුණන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අගමැතිතුමා ගිය සතියේ ඉන්දියාවේදී අත්සන් කළ ගිවිසුම අනුව ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙනවා. උතුර ඉන්දියාවට, නැගෙනහිර චීනයට, බස්නාහිර ඇමරිකාවට දුන්නම අනාගත පරපුරට රටක් කොයින්ද?වසර පහක් මේ ආණ්ඩුව තිබුණොත් අපිට රටක් නැති වෙනවා. මේ ජනතාව පාරට බැස්සොත් මැතිවරණයක් පැවැත්වීම හැර වෙනත් විකල්පයක් මෙම ආණ්ඩුවට නැතැයි පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,ගෝල්ෆේස් පිටියට රැස්වූ ඔබ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අභියෝග පරාජයට පත්කර තිබෙනවා. කැම්බල්පිටිය, ගැටඹේ ක්‍රීඩාංගණය, බී.ආර්.සී. පිටිය ඒ සියල්ලටම වඩා වැඩි ජනතාවක් ගෝල්ෆේස් පිටියට ඇවිත් ඉන්නවා. අපි මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තොත් මේ රට විකුණන එක නවතාගන්න පුළුවන්යැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසීය.ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මේ මැයි රැලිය ඓතිහාසික එකක්. 2015 ජනවාරි 8 වැනිදා දේශපාලන වෙනස සිදුනොවුනා නම් ආර්ථිකය ශක්තිමත් කරන වරාය නගරය ඉදිකර අවසන්. කොළඹ පමණක් නෙමෙයි මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළා. එදා අපි රට සංවර්ධනය කරනවිට වික්‍රමසිංහ නඩය රටට බොරු කන්දක් කිව්වා. සිරිසේන-වික්‍රමසිංහ මේ රටට ගෙනාපු එකම එක සංවර්ධන මර්මස්ථානයක් පෙන්වන්න.අද රටේ ණය පොලිය ඉහළ ගිහිල්ලා. සියලූම ආර්ථික ක්‍රියාවලි ඇනහිටලා. ජීවත්වෙන්න බැරිව මිනිස්සු පාරට බහිනකොට හමුදාව දාලා කම්කරුවන් මර්දනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. එවැනි පසුබිමක ගැටඹේ මැයි රැුලියටයි, කැම්බල් පිටියටයි රෙද්දක් ඇඳගෙන අපිට යන්න පුළුවන්ද? වික්‍රමසිංහගේ බටලන්දට, සූරියකන්දට බය නැතිවුණ අපි මේවාට බයවෙන්නේ නැතැයි පැවසීය.දේශවිමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය සභාපති පුජ්‍ය ගලගම ධම්මරංසි හිමි,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, රියාර් අද්මිරාල් සරත් වීරසේකර, සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ. සනත් නිශාන්ත, ජනක බණ්ඩාර තෙන්නකෝන්, වීරකුමාර දිසානායක, දිළුම් අමුණුගම, ජයන්ත සමරවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිසිර ජයකොඩි, ශ්‍රීයාණි විජේවික්‍රම, ගීතා කුමාරසිංහ, චමල් රාජපක්ෂ, පියල් නිශාන්ත, ශෙහාන් හේමසිංහ, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, කනක හේරත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය. | ’ආණ්ඩුවට විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න වුවමනාවක් නෑ’ | 0 |
(මුදිතා දයානන්ද)මේ ජනාධිපතිත් අගමැතිත් බලයේ සිටින තාක් ඇමැතිකම් බෙදීම විද්‍යාත්මක හෝ තාර්කික හෝ එකම ක්රමයකටවත් සිදුවන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න තිබෙන්නේ මේ තනතුරු දෙක වෙනස් කිරීම යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (01) පැවසීය.ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍යහමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අද දවසේ විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලයක් පත් කරනවාලු. පළමුව කියන්න ඕනෑ මේ ආණ්ඩුව අවම වශයෙන්වද්යාත්මක ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. පරීක්ෂණයක් කරලා දකින නිරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. ඒක දැනුම ලබා ගන්නා එක ක්‍රමයක්. ඇමැතිවරුන්ට විෂයන් වෙන් කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. තාර්කික ක්‍රමයකට. මුලින්ම ඔය පොරොන්දුව දුන්නේ පසුගිය ජනපතිවරණයේ දී. 2015 ජනවාරි මාසයේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අගමැතිට දුන්නා. 2015 සංශෝධනයේදී උසස් අධ්‍යාපන සහ මහාමාර්ග කියලා අපූරු අමාත්‍යාංශයක් ඇති කළා. ඒක බිහි කළ දා ඉඳලා උසස් අධ්‍යාපන සිසුන් මහා මාර්ගයේ. 2017 ඇමති මණ්ඩල සංශෝධනයේ දී ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරලා ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමැති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුණා. 2018 මාර්තු මාසයේ ඇමැති මණ්ඩල සංශෝධනයේ දී තරුණ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස හැට පැන්න තරුණයකු පත් කළා. මේ ජනපතියි අගමැතියි එකතු වෙලා ඇමති මණ්ඩල පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්වත් තාර්කික ක්‍රමයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මුලින්ම කළ යුත්තේ තාර්කික ක්‍රමවේදයකට හිතන්න පුළුවන් ජනපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කර ගැනීමයි. මේ වතාවේදීවත් පොරොන්දු වුණු පරිදි තිස් දෙනකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති සහ අගමැතිට චේතනාව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියන අය අවම වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ කුමක්ද කියාවත් දන්නේ නැති බව මේ අයගේ කියුම් කෙරුම් වලින් පැහැදිලියි. මේ අය යෝජනා කරන්නේ 1978ට පෙර තිබුණු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට යළි යෑමටයි. ඒ නිසා ඒ අයගේ දැනුම වර්ධනය වෙන්නත් එක්ක ප්‍රශ්න පහක් යොමු කරනවා. ලෝකයේ රටවල් 95ක් විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක කරද්දී වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ රටවල් 44ක පමණයි. විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් නම් ලොව බහුතරයක් එය වැළඳගන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය අහිතකර නම් ලොව පුරා රටවල් එම ක්‍රමයට මාරු වෙන්නේ ඇයි? විධායක ජනාධිපති ක්‍රමය පීඩාකාරී නම් එයින් පීඩාවට පත් විය යුත්තේ වසර 229ක් පුරාවට එය ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ. ඒ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු කියා ඉතිහාසයේ කිසිම දවසකඋද්ඝෝෂණයක් තබා මැසිවිල්ලක් වත් මතු නොවන්නේ ඇයි? නැවත පැරැණි ක්‍රමයට ගිහින් නාමමාත්ර ජනාධිපති කෙනකු නඩත්තු කරන්න රුපියල් බිලියන ගණනක් වෙන් කරන්න වෙර දරන්නේ ඇයි? “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු” කියන සටන් පාඨය සමස්ත ලෝකයෙන්ම ලංකාවේ පමණක් තිබෙන්නේ ඇයි? මෙන්න මේ ප්‍රශ්න පහට පිළිතුරු සොයා ගත්තොත් ඒ තිත්ත ඇත්ත අවබෝධ කරගෙන 20 වන සංශෝධනය හකුළා ගනීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දා ගෑස් සිලින්ඩරයක මිළ රු 245කින් වැඩිවුණා. 2018 අප්‍රේල් මාසයේ ගෑස් ටොන් එකක මිල ඩොලර් 475යි. ඒ කියන්නේ මිල වැඩි වෙලා නොවේ අඩු වෙලා. 2018 ජනවාරි මාසයේ දී ඩොලර් 580ට තිබුණු ගෑස් ටොන් එකක් මේ වන විට ඩොලර් 105කින් අඩු වෙලා. ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන අතරේ ලංකාවේ මිල වැඩි කරන්නේ ඇයි? මේකට කිසිම තාර්කික පදනමක් නැහැ.ප්රශ්නය:- - ඔබතුමාලගේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවටපොරොන්දු වී බලයට ආව කෙනෙක්. ඒ ආණ්ඩුවේ ඔබත් හිටියා. ඇයි දැන් මේ ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැකියන්නේ?පිළිතුර: - මහින්ද රාජපක්ෂ මහතා සමග 2005 දී මුලින්ම අවබෝධතා ගිවිසුමකට එළැඹෙන්නේ අපි. අප සමග එකඟ වුණා විධායක බලතල අහෝසි කරන්නේ නැහැ කියලා. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ගිවිසුමකට පසුව ජවිපෙ සමග අත්සන් කළා. එය වැරැදි බව අප අවබෝධ කර දුන් නිසා 2009න් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිම විටෙක විධායක බලතල අහෝසි කරන බවට පොරොන්දු දී නැහැ.ප්රශ්නය: - එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් කරන්න කියලා ලොකු උද්ඝෝෂණයක් පහුගිය කාලයේ ඇති වුණා. පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් කිව්වා. දැන් මොකද වෙලා තිබෙන්නේ? වෙනත්තනතුරු වෙනස් වෙලා නායකයා එහෙමම ඉන්නවා නේද?පිළිතුර: - අපි යකඬේ රත්කරලා දුන්නා. ඒ වෙලාවේ තලාගන්නේ නැතිව දැන් නිවුණට පස්සේ උඩ පැන පැන තැලුවත් වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීම අපිට වාසියි. ඒ නිසා මේ විශ්වාසභංගය ගෙන ඒම සුදුසු නැහැ කියලා ඒකාබද්ධ විපක්ෂයේම ඇතැමුන් කිව්වා. නමුත් අපි බැලුවේ අපිට ඇතිවන වාසියට වඩා රටට ඇතිවන පාඩුව ගැනයි. ඒ නිසා අපි විශ්වාසභංගය ගෙනාවා. එජපයේ මීරැල තැන තැන කුටු කුටු ගානවා මිසක් අඩුම තරමින් බළලාගේ කරේ ගෙජ්ජියක් බැඳගන්නවත් සමත් වුණේ නැහැ. මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ද අදහස් දැක්විය. අද මේ ආණ්ඩුව දේශද්‍රෝහීන් බවට පත්වෙමින්ත්රස්තවාදීන්ගේ නම්වලින් උතුරේ පාරවල් නම් කරන්න සුදානම් වෙනවා. මෙහෙම ගියොත් මේ රට විනාශ වීම නවත්වන්න බැහැ. ඇමරිකාව බිල්ලාඩන් වෙනුවෙන් පාරවල් නම් කරන්නේ නැහැ. කිසිම රටක් එහෙම කරන්නේ නැහැ. ලංකාව තමයි පළමු වතාවට තමන්ට රටට ජාතියට එරෙහිව සටන් කළ ත්රස්වාදීන්ගේ නමින් පාරවල් නම් කරන්නේ.කඩුවෙල මහනගර සභා මන්ත්‍රිනී කාංචනා දමයන්ති මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප්රශ්නය: - එජාප ප්‍රතිසංවිධානය ගැන මොකද හිතන්නේ? තරුණයන්ට තැනක් දීලා තියෙනවා නේද?පිළිතුර: - රෝයල් හිතවතුන්ට තමයි බලය දීලා තියෙන්නේ. රෝයල් නෙවෙයි ඕනම පක්ෂයක් එකම පාසලක මිතුරන් අතරේ නිලතල බෙදාගන්නවා නම් ඒ පක්ෂයට හෝ සංවිධානයට ඉදිරියට යන්න බැහැ. ඒ පවුලෙන් බිහිවන්නේ මොංගල් දරුවන්. මොකද එකම විදිහට හිතන පතන අයගෙන් වෙනස් සමාජ දැක්මක් ලබාගන්න බැහැ.ප්රශ්නය: අනෙක් පක්ෂ බෙදිලා කියලා කෑ ගැහුවට දැන් විධායක ජනාධිපති ක්‍රමය ගැන සංවාදයත් එක්ක ඒකාබද්ධවිපක්ෂයත් කෑලි කැලි වලට කැඩිලා ගිහින් නේද?පිළිතුර: - අපි සන්ධානයක්. විවිධ මත දරන පක්ෂ මෙතැන ඉන්නවා. නමුත් අපි බොහොම සමගි සම්පන්න සන්ධානයක්. ඒ නිසා විවිධ මත දැරුවත් අපි වාද විවාද කරලා අවසානයේ බහුතරයේ අදහසට එකඟ වෙලා එය ක්‍රියාවට නැගීමට කටයුතු කරනවා. ඒ නිසා බෙදීමක් ඇති වන්නේ නැහැ. එන්න එන්නම අපි ශක්තිමත් වෙලා තිබෙනවා. අපෙන් ආණ්ඩුවට යනවා වෙනුවට ආණ්ඩුවෙන් අපේ පැත්තට එන්නේ ඒ නිසයි.ප්රශ්නය: මහින්ද අමරවීර මහතා කියනවා විශ්වාසභංගය ගෙන ඒම අපරාධයක් කියලා.පිළිතුර: - ඒ ගැන එතුමා හමුවුණ වෙලාවකම කතා කරලා බලන්න ඕන. මොකද විශ්වාසභංගයක් ගෙන ඒම ගැන මුලින්ම අපිත් සමග සාකච්ඡා කළේ එතුමායි. අනෙක් අය ආවේ ඊට ගොඩක් පසුවයි. එතුමා මේ තරම් වෙනසකට ලක්වුණ හේතුව අපිට දැනගන්න වෙන්නේ හමු වී කතා කළ පසුවයි | මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්රමයකටවත් වෙන්නේ න | 1 |
(මුදිතා දයානන්ද) ඉතිහාසයේ තමන් වූ පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සියලු දේශපාලන පක්ෂවලින් ඊයේ (19) ඉල්ලීමක් කළේය. දිසානායක මහතා මෙම ඉල්ලීම කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය. “දැන් රටේ යම් ව්‍යාකූල තත්ත්වයක් අස්ථාවර බවක් නිර්මාණය වී තිබෙනවා. ඉතිහාසයේ මතුවූ මෙවැනි අවස්ථාවල ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් රටට ජනතාවට ජයග්‍රහණ ලබාදෙන්න අපිට හැකිවී තිබෙනවා. 2001 දී අපි චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව අස්ථාවර වූ වෙලාවේ ස්වාධීන කොමිෂන් සභා සහිත 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. එය මහින්ද රාජපක්ෂ පාලනය විසින් අහෝසි කර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවත් එතෙක් එය ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවත් රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයකට යාමට සුදුසු වේලාවක් කියලා. විධායක ජනාධිපති ධුරය ඇති කළ දා සිටම අපේ පක්ෂය එයට විරුද්ධත්වය පෑවා. ඒ වගේම 94 වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන පෙරමුණත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට රට හමුවේ පොරොන්දු වුණා. චන්ද්‍රිකා මහත්මිය දෙවරක්ම ඒ පොරොන්දුව ලබාදී තිබෙනවා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතාත් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ පොරොන්දුව දුන්නා. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණයේදී පමණක් නොවෙයි ඉන් පසුවත් අවස්ථා කීපයකදීම මේ පොරොන්දුව රටට දී තිබෙනවා. මේ වෙනකොට විධායක බලතල හඳුන්වාදුන් එක්සත් ජාතික පක්ෂයත් විධායක බලතල අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස විධායක බලතල අහෝසි කිරීමේ පනත් කෙටුම්පතක් ගෙන එන්නට. ඒ හැමෝටම දැන් පුළුවන් අප ගෙන එන කෙටුම්පතට සහාය දෙන්න. මෙහිදී ඇතැම් අය ඉදිරිපත් කරන ප්‍රශ්න කීපයක් තිබෙනවා. බලය බෙදීම සඳහා ගෙන ආ පළාත් සභා පවත්වාගෙන යාමේදී බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස මේ ආයතන භාවිත කරන්න තවමත් ඉඩ නොලැබෙන්නේ ජනාධිපතිගේ නියෝග ක්‍රියාවට නැගීමට විධායක බලතල යටතේ ඇතිකර තිබෙන ආණ්ඩුකාර තනතුර නිසයි. ජනාධිපති ධුරය අහෝසි කිරීමේදී මේ තනතුර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ඒ ගැන සලකා බැලිය යුතුයි. දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුව දිගින් දිගටම බිහිවන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩු නොවෙයි. ඒවා ශක්තිමත්ව පවත්වාගෙන යන්නේ විධායක ජනාධිපති සතු බලතල භාවිත කිරීමෙනුයි. විධායක බලතල අහෝසි කළ යුතු පසු මේ මෙවැනි අස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යාම පිළිබඳ ප්රශ්නය මතුවෙනවා. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් තිබෙන කෙනෙක් ඉන්නවා නම් අපි යෝජනා කරනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වන යෝජනාවත් මේ කෙටුම්පතටම ඇතුළත් කර ගෙන එමු කියලා. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. මේ කෙටුම්පත අප ගෙන එන්නේ වත්මන් ජනාධිපතිට බලපාන පරිදි නොව ඉන්පසුව සිට ජනාධිපති ධුරයක් නැතිවන පරිදියි. වත්මන් ජනාධිපති ජනතාවගෙන් වරමක් ලබා තිබෙන නිසා අපිට එය අහෝසි කළ නොහැකියි. මේ කෙටුම්පත අපි ගෙන එන්නේ විශ්වාසභංගය පස්සට තල්ලු කරන්න කියලා සමහරු කියලා තියෙනවා. මේ දෙකම වෙන වෙනම කාරණා දෙකක් වෙනුවෙන් ගෙන එන යෝජනා. ඒවා එකිනෙකට සමපාත වන්නේ නැහැ. නමුත් කෙනෙකුට යම් තර්කයක් ඉදිරිපත් කළ හැකි නිසා අපි සූදානම් විශ්වාසභංගයට පසුව මේ යෝජනාව ගෙන එන්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විශ්වාසභංගයක් ගෙන එනවා කිය කියා ඉන්නේ නැතිව ඒක ඉක්මනින් ගෙන එන ලෙස. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ පැවසීය. ප්රශ්නය - මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන අනෙක් පක්ෂ සමඟ කතා කළාද? පිළිතුර - නැහැ. අපි තවම කෙටුම්පත සකස් කරමින් ඉන්නවා. එය අවසන් කළ පසු සියලු දෙනාට ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා මේකට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. මොකද මේ හැම පක්ෂයක්ම ඉතිහාසයේදී විධායක බලතල අහෝසි කරන බවට පොරොන්දු වූ අය. ප්රශ්නය - අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන්න ඔබ පක්ෂය සූදානම්ද? පිළිතුර - අපි මීට පෙරත් කියා සිටියා විශ්වාසභංගයට සහාය දෙන්න අපි සූදානම්. එහිදී අපි යෝජනාවට ඇතුළත් දේශපාලන කාරණා ගැන සලකා බලන්න සූදානම්. ප්රශ්නය - මේ ආණ්ඩුව බලයට ආවේ දූෂණ වංචාවලට තිත තබනවා කියලයි. අතීතයේ සිටි දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලයි. එහෙත් මේ වනතෙක් එය ඉටුවී නැහැ නේද? පිළිතුර - මේ ආණ්ඩුව හැදිලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති කෙනකුගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකුගෙන්. ඒ නිසා බල තුලනයක් තිබුණා වගේම දෙදෙනා අතර සීතල යුද්ධයක් ද පැවතුණා. ඒ නිසා යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී බාධාවන් ඇති වුණා. එය මතුපිටට පෙනුණේ නැති එක විතරයි වෙනස. දැන් දෙදෙනාගේ යුද්ධය එළියට ඇවිත්. ඒ නිසා දූෂිතයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනීවි කියලා විශ්වාස කරන්න බැහැ යැයි ඔහු පැවැසීය. | මේ ජනාධිපතියි, අගමැතියි බලයේ සිටින තාක් ඇමතිකම් බෙදීම විද්‍යාත්මක - තාර්කික මොන ක්රමයකටවත් වෙන්නේ න | 0 |
(ඩයනා උදයංගනී)ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් සිටින බවත්, එම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් යළි බෝතලයට ඇතුළ කළ නොහැකි බව ඔවුන් දැනගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (6) පැවසීය.නමුත් කිසිදු හෝ දේශපාලන පක්ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැතැයි කී අනුර කුමාර දිසානායක මහතා ජාතිවාදී ප්රවණතාවන් ප්‍රතික්ෂේප කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලිනුත්, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.එසේ නොකළහොත් රට අනාගතයේ ලේ විලක් බවට පත්විය හැකියැයි ද හෙතෙම කියා සිටියේය. අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද කීය. “මේ වනවිට ක්‍රමානුකූලව ජාතිවාදී ප්රවණතාවන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප්රවණතාවන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් එකට පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. සාමකාමී තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. මේ ජාතිවාදී ප්රවණතාවන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව්ර කරනවා මිස කිසිදු ජන කණ්ඩායමකට සේවයක් සපයන්නේ නැහැ. මෙම ජාතිවාදී ප්රවණතාවන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව දේශපාලනමය අරමුණු මත ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප්රවණතාවන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. ආණ්ඩුවට සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ලවන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට මෙම ජාතිවාදී ප්‍රවණතාව වාසිදායකයි.ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවට පත්වී සිටීම ඇතුළු සියලු ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප්රවණතාවයකට යොමුකොට තිබෙනවා.ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවැති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප්රජාතන්ත්රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කර ගැනීමට නොහැකිවී තිබෙනවා. එම නිසා ඔවුන් ජාතිවාදී ප්‍රවණතාව වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුළු කිරීමට පහසු දෙයක් නොවේ.මෑත කාලයේ සිදුවුණු ජාතිවාදී ගැටුම් කිහිපයක් තිබෙනවා. 2014 ජූනි මාසයේ අලුත්ගම ගැටුම, 2017 නොවැම්බර් ගිංතොට සිදුවීම, 2018 පෙබරවාරි 27වැනිදා අම්පාරේ හෝටලයක සිදුවීම, පසුගිය දින දෙකේ සිදුවූ තෙල්දෙණිය සිදුවීම. මහනුවර තෙල්දෙනිය සිදුවීමේ ප්‍රධාන සාධකයවී තිබුණේ පිරිසක් විසින් රියැදුරකුට පහරදී ඝාතනය කිරීමයි. මේ ආකාරයටම අපේ රටේ ඝාතන සිදුවෙනවා. 2016දී මිනී මැරුම් 507ක් වාර්තා වී තිබෙනවා. 2017දී මිනී මැරුම් 452යි, 2016දී ළමා දූෂණ 290ක් සිදුවී තිබෙනවා. 2017දී ළමා දූෂණ 232ක් වාර්තා වී තිබෙනවා. මේ ආකාරයට ඝාතන, ළමා දූෂණ, ගැටුම් සිදුවන රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මෙවැනි එක් සිදුවීමක් තමයි පසුගියදා වාර්තා වුණේ. එහිදී ත්‍රීවීල් රථයක ගිය කණ්ඩායමක් රියදුරෙකු ඝාතනය කර තිබෙනවා. එහි විශේෂත්වය වී තිබෙන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වීමත්, පහරදුන් අයත් මුස්ලිම් වීමත්ය. මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් අරගෙන තියෙනවා. අපේ රටේ තිබෙන හෝටල්වල ආහාරවල විවිධ අපද්‍රව්‍ය තිබුණු අවස්ථා හමුවෙලා තිබෙනවා. නමුත් අම්පාරේ හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ කිසිදු ගැටුමක් අනුමත කරන්නේ නැහැ. පිරිසක් විසින් රියදුරෙකු පහර දී ඝාතනයට ලක්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කළයුතු දෙයක්. එනිසා එම ඝාතකයින්ට උපරිම ආකාරයේ නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදිය යුතුයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාර ගතකර තිබෙනවා. ඉන් නොනැවතී ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුව මෙම සිදුවීමේදී ජාතිවාදී ප්රවණතාවයන් උත්සන්න වන බව තේරුම්ගත යුතුව තිබුණා. නමුත් අද ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ කුමක් සඳහාද? අගමැතිවරයා තමන්ගේ අගමැති පුටුව බේරා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටිකූට්ටු වැඩක් කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු තමන්ට ලැබුණු ඇමැති පුටුව වෙනස්වේදැයි හිතමින් ඉන්නවා. පාලකයන් තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් අවධානය යොමුකොට තිබෙනවා.මේ ආණ්ඩුව මන්ද මානසික ආණ්ඩුවක් යැයි අප හිතන්නේ නැහැ. ඔවුන් වුවමනාවෙන්ම මෙම ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මහ දවාලේ කඩ, නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරන කණ්ඩායම් වළක්වන්න ආණ්ඩුවට නොහැකි නම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අපේ රටේ ජනතාවගේ ජීවිත, දේපළ ආරක්ෂා කරන්න බැරිනම් ඒ ආණ්ඩුවක් කුමටද? ආණ්ඩුවක මූලික වගකීම තමයි රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම. නමුත් මේ ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. අද රටේ සාකච්ඡා විය යුතු ඇත්ත ප්‍රශ්න යට ගිහින් තිබෙනවා. එය තමයි ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ. ආණ්ඩුව හිතාමතාම මේ තත්වය පාලනය කරනවා වෙනුවට මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ලබාදී තිබෙනවා. මෙම ගැටුම ඉතාම සැලසුම්සහගත ලෙස සැලසුම් කළ සිදුවීමක් බව සමාජ ජාලා දෙස බැලුවාම පේනවා. මියගිය තරුණයාගේ දේහයේ අවසන් කටයුතු සිදුවන මොහොත පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතුයි. දිගන ප්‍රදේශයේ ජනතාවට අමතරව වෙනත් කණ්ඩායම් මෙම ගැටුමට කැඳවා තිබෙන බව පැහැදිලියි. ඔවුන් තුළ පූර්ව සූදානමක් තිබුණු බව මුහුණු ආවරණය කරගෙන සිටින ආකාරයෙන් පොළු-මුගුරුවලින් දේපළ ගිනි තැබීම්වලින් පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි ගැටුම් වළක්වා ගත යුතුයි. ඒවා පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද? අපි අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා, අපේ රට වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධයකට මුහුණ දුන්නු රටක්. මේ මහ පොළොව ලේවලින්, කඳුළින් තෙත් වුණා. උතුරේත් දකුණේත් මිනී කඳු ගොඩගැසුණා. එම ජාතිවාදී යුද්ධයේ ගොදුරු බවට අපේ පරම්පරාවේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් පත්වුණා. එක්සත් ජාතික පක්ෂය, ශ්රීලනිපය හෝ දෙමළ ජාතික සන්ධානය, අනෙකුත් ඕනෑම දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති අතර වෙනස්කම්, ගැටුම් තිබෙන්නට පුළුවන්. එම පක්ෂ අතර රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අනෙකුත් කාරණා පිළිබඳව සංවාද, විවාද තිබෙන්නට පුළුවන්. නමුත් කිසිදු හෝ දේශපාලන පක්ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැහැ. අපි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා ජාතිවාදී ප්රවණතාවන් ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒ වගේම ජනතාවට අනතුරු අඟවනවා, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය දීමෙන්, අත්පුඩි ගැසීමෙන්, එය අගය කිරීම අපේ රට අනාගතයේ ලේ විලක් බවට පත්කළ හැකියි කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, යළි මේ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට උල් පන්දම් නොදිය යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ සියලුම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. තමන්ට කුමන අරමුණක් තිබුණත් ජනමාධ්‍ය තුළින් ජාතිවාදය වර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතුව තිබෙනවා. ජාතිවාදය වර්ධනය කිරීමට නොව ජාතිවාදය පරාජය කිරීමටත් ජාතිවාදයට එරෙහිවත් ජනමාධ්‍ය යොදාගත යුතුව තිබෙනවා. මෙසේ නොවුවහොත් සිය භාවිතාවන් ඉදිරියේදී ව්‍යසනයක් බවට පත්විය හැකිව තිබෙනවා. සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ජාතිවාදය හෙළා දකින්න කියලා. අපේ පරම්පරාවේ බොහෝ දෙනා යුද්ධයෙන් ජීවිත අහිමි වුණා. ජීවිත භීතියට පත්වුණා. බොහෝ දෙනාට අතපය අහිමි වුණා. යුද ව්‍යසනයෙන් ඉතාම පීඩාවට පත්වුණා. එම නිසා අපේ දරු පරම්පරාව එවැනි පීඩාවකට පත්කළ යුතු නැහැ. අපේ අනාගත පරම්පරාව කුමන හෝ යුද ගැටුමටක මුහුණ දිය යුතු නැහැ. අපි සියලු දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වීමට පෙර සියලු දෙනා මිනිස්සු බව තේරුම් ගතයුතුව තිබෙනවා. එම නිසා ජාතිවාදී ගැටුම් එපා. ජාතිවාදය පරාජය කිරීමට කටයුතු කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් ජාතිවාදය ප්‍රතික්ෂේප කළ පක්ෂයක්. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජාතිවාදීන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක්. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක්. එම නිසා ජාතිවාදී ප්රවණතාවන් පරාජය කරන්න කුමන වර්ගයේ බාධා ආවත් කුමන වර්ගයේ අවලාද ප්‍රහාර එල්ල වුණත් කටයුතු කරන්න අපි සූදානම්. ජාතිවාදී ප්රවණතාවන් ලත් තැනම ලොප් කළ යුතුයි. මොකද, අපේ රට යුද රාජ්‍යයක් විය යුතු නැහැ. එම නිසා ජාතිවාදයට එරෙහිව සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි නැවතත් සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා, යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර දිසානායක මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පැවසීය.ප්රශ්නය: මෙවැනි මොහොතක රජය ගත යුතුව තිබූ මූලිකම පියවර කුමක්ද?පිළිතුර - රජය මේ තත්ත්වය පිළිබඳව පූර්ව අවබෝධයකට ආ යුතුව තිබුණා. මෙවැනි ගැටුමක් නිර්මාණයවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගත යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව එවැනි කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වුණා. දැන් ඔවුන් කළ යුතුව ඇත්තේ මේ ජාතිවාදී ප්‍රවණතාව පරාජයට පත්කිරීමට, නීතිය හමුවට ගෙනයන්නට, දඬුවම් ලබා දීමට අවශ්‍ය වේගවත් ක්‍රියාමාර්ග ගැනීමයි. මෙය තවත් තැනක ඇතිවීම වැළැක්වීම අරමුණු කරගෙන ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ගනීවියැයි මා සිතන්නේ නැහැ.ප්රශ්නය: ආණ්ඩුව හිතාමතාම මෙවැනි තත්ත්වයන් නිර්මාණය කරන බවට මතයක් නිර්මාණය විය හැකියි නේද?පිළිතුර - මේ ජාතිවාදී ප්රවණතා පිටුපස ඉතා පැහැදිලි දේශපාලන අරමුණු ඇති බව මා කිව්වේ ඒ නිසායි. මේ සෑම සිදුවීමකින්ම ආණ්ඩුවට තමන්ගේ ප්‍රශ්න යටගැසීමට අවස්ථාව ලැබෙනවා. එය පැහැදිලිවම පාලකයන්ට ආශීර්වාදයක්.ප්රශ්නය: මේ සිදුවීම වෙලා දින 10ක් පමණ ගතවුණා. නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා යටතේ තිබියදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ ඇයි?පිළිතුර - නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා විසින් පවරාගනු ලැබුවේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොවෙයි. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා තමයි ඔහු එම අමාත්‍යාංශය පවරාගනු ලැබුවේ. ඒ බව මේ සිද්ධියෙනුත් පැහැදිලි වෙනවා. අගමැතිවරයාට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගෙන මෙවැනි සිදුවීම් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඔහු මුළුමනින්ම මෙම ඇමතිධුරය පවරා ගැනීම උපයෝගී කර ගන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමනය කරගැනීම සඳහා පමණයි. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා පරාජිත අය ඇතුළු සියලුදෙනා තමන්ගේ අරමුණු වෙනුවෙන් මේ සිද්ධිය උපයෝගී කරගෙන තිබෙනවා. ප්රශ්නය: අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?පිළිතුර - අගමැතිවරයා තම වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. ඔහු වංචා දූෂණවලට එරෙහිව පත්වූ නායකයෙක් වුවත් ඔහු එවැනි සිද්ධීන්වල යෙදෙමින් වංචනිකයන් ආරක්ෂා කළා. ඒ නිසා අගමැතිවරයාගේ විශ්වාස භංග යෝජනාවේ අඩංගු කරුණු හා එහි දේශපාලන අරමුණු ගැන සලකා බලා ඒ ගැන තීරණයක් ගන්නවා. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති නිශ්චිත කරුණු පැහැදිලිව සඳහන් වී තිබෙනවා නම් එයට සහාය දීමට අපි සූදානම්.ප්රශ්නය: ලෝකයේ විපක්ෂය බලා ඉන්නේ පාලනය අතට ගන්නයි. නමුත් සම්බන්ධන් මහතා අගමැතිවරයා ආරක්ෂා කර ගන්න හදනවා නේද?පිළිතුර - දේශපාලන පක්ෂ තීන්දු ගන්නේ තමන්ගේ අරමුණු සලකා බලලයි. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන පක්ෂය ලෙස තීන්දු ගන්න පූර්ණ අයිතියක් තිබෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ද සහභාගි විය. | ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ | 1 |
(ඩයනා උදයංගනී)ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතයින් ගමට නව දේශපාලනයක් ගෙනයාමේ නියෝජිතයින් බවට පත්වන බව කී දිසානායක මහතා එය සාර්ථකව ඉටු නොකර ජනතාව වැටී සිටින මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බවද සඳහන් කළේය.ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව පැවසුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පෙරේදා (3) පැවැති ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගත වී තිබෙනවා. ගෙවුණු කාලයේ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩයයි. සිදුවූ සිදුවීම් සහ සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ද පැවැත්ම සහ සුරක්ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිහිමුර්ජා වූ අසරණ තත්ත්වයකට මේ පාලනය පත්වී අවසන්.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප්‍රතික්ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි. එයින් ගොඩඒම සඳහා මේ වනවිට ආණ්ඩුව ගනිමින් සිටින සමහර ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය කරමින් තිබූ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන් කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම, දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන් බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ ස්වභාවික සම්පත් සහ ගොඩනගන ලද සම්පත් බහුජාතික සමාගම්වලට විකිණීමට දරන ප්රයත්නය වගේම ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී ජනතා විරෝධි ක්‍රියාමාර්ග අනුමත නොකරන පණිවුඩය මැතිවරණයේදී ලබාදී තිබෙනවා. ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින් ගොඩ ඒමට දරන ප්රයත්නයක් දකින්න ලැබෙනවා. පාසල් දරුවන්ට ටැබ් ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය තහනමට කටයුතු කරපු අයම තහනම ඉවත් කිරීමට ප්රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැලසුම් හකුළා ගනිමින් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා.මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී තිබෙන සිහිමුර්ජා තත්ත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කරුවා වන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්ෂයේ සිටියදී පවා ඔවුන් ජයග්‍රහණය කර තිබූ පළාත් පාලන අයතන මෙහිදී බිඳවැටී තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්ෂයේ දී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවද්දීම ගැටුම් තත්ත්වයක් මතු වී තිබීමයි.මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 ක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමැතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්ත්වයක්වි ධායක ජනාධිපතිවරයා යටතේ ඇති වී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමැතිවරුන් ඊට විරුද්ධව විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්ම කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993 දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. ඒ වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බීජේපී පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මඟත් එක්සත් ජාතික පක්ෂයෙන් දැන් අවසන්. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිලියි. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්.මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.ඊට ප්රතිපාර්ශ්වවිකව රාජපක්ෂ කඳවුර ගොඩනැගෙනමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග්‍රාමාත ධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්රියාකාරීකයින් මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත්කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන් කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන් ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී තීව්ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සලසා දීමයි. අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප්රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය එට්කා වැනි ගිවිසුම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිධෑම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරීමේ එකඟතාවයන් බිඳ දැමීම වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී සිටිනවා. මැයි දිනය සැමරීමේ දී අනෙක් සියලුම පක්ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත් අපේ මැයි දින සැමරුම එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරුන් හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක්ඉටුකරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්දදායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්ෂකයන් හැටියට ප්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම පෞරුෂයකින් ඒබව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ ලෙස ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මහජන සේවයට කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා. අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගා කරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරු ජයසූරිය මහත්තයත් සමගත් තවත් විටෙක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ. සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන් තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව යුතුයි. ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට් එක වෙලාවක කියනවා. ‘ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි’ කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත් අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන් ගත්තාම ජනතාව වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින් මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන් වෙත එහිදී විශේෂ වගකීමක් පැවරීතිබෙනවා.හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත් මැණික් කැට ටික මේ සභාවේ දකින්න ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. මැතිවරණයට පෙර පළාත්පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස ලක්ෂ එක හමාරකින් පමණ වැඩි වී තිබෙනවා. පැවති තත්ත්වය එක්ක බලනකොට ඔබේ පක්ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි. | ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ | 0 |
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්ෂේත්රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. | ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ | 0 |
(නාලක සංජීව දහනායක ඇල්ල ප්‍රසාද් රුක්මල් බදුල්ල සිට)අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට තම රජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේ දී ඉකුත්දා පැවසීය.වෙළෙඳ පොළේ පවතින රැකියාවලට ගැළපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඔහු කීය.බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක රැලියකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේ ද පැවසීය.කෘෂිකර්මය ගොඩනැගීමටත් වැවිලි කර්මාන්තය ගොඩනැගීමට අපගේ රජය අවධානය යොමු කරනවා. මේ රටට වසර ගණනාවක්ම විදේශ විනිමය උපයා දුන් ප්‍රධානම වැවිලි බෝගය තේ කර්මාන්තයයි. නමුත් මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අපගේ තේ සඳහා තිබූ ඉල්ලුම පහළ වැටිලා.එයට ප්‍රධානම හේතුව කසළ තේ පිටරට යැවීමයි. ඒ නිසා අද තේ කර්මාන්තයෙන් ඉහළ මිලක් ලැබෙන්නේ නැහැ. ගුණාත්මක බවින් ඉහළ විදේශීය වෙළෙඳ පොළට යැවීමෙන් අපට ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගත හැකියි. තේ කර්මාන්තය ඉහළට ගැනීමට අප ඉහළම සහය ලබා දෙනවා. එමෙන්ම වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා.වතු කම්කරුවන්ට නිවාස, අධ්‍යාපනය හා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. දෙමළ මාධ්‍යයෙන් විද්‍යා විෂයයන් ඉගෙන ගැනීමට ඔවුන්ට දුර බැහැර යන්න සිදු වෙනවා. අප ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. මේ වන විට දිස්ත්‍රික්ක 9ක පමණ ගම්මිරිස් ගොවීන් අන්ත අසරණ වී සිටිනවා. ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් මෙරටට ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා අද ගම්මිරිස් ආදායම පහළ වැටිලා. අපගේ රජය පිටරටින් ගුණාත්මක බවින් අඩු බෝග ගෙන්වීම නතර කරනවා. ගම්මිරිස් වගාව දියුණු කිරීමට අප මැදිහත් වෙනවා.රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරනවා මෙන්ම ගොවියා සුරකින්නත් ක්‍රියා කරනවා. පොහොර සහනාධාරය සියලුම බෝග සඳහා ලබා දෙන්නත්, ගොවි ණය කපා හැර, ගොවි රක්ෂණ ක්‍රමය හා ගොවි විශ්‍රාම වැටුපක් ලබා දෙනවා.අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි පරිදි ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. එමෙන්ම ගුණාත්මක බවින් උසස් බීජ වර්ග හඳුන්වා දෙනවා. ගොවියා ව්‍යවසායකයකු කිරීමට අප ක්‍රියා කරනවා.එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කළා. මේ රජය ඒ සංවර්ධනය ඉදිරියට ගෙන ගියේ නැහැ. එමෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් අපගේ පළමු වසරේදීම විශාල ආයෝජනයක් කරනවා.විරැකියාව නිසා අද තරුණ පරපුර අසහනයට පත් වෙලා. තොරතුරු තාක්ෂණයට තරුණ පරපුර යොමු කර අපට රැකියා නිර්මාණය කර ගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් ලක්ෂ තුනක පමණ රැකියා උත්පාදනය කළ හැකියි.අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඒ අනුව විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ඇති කරලා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසු පිරිසගේ තත්ත්වය වැඩි දියුණු කරනවා.කලා අංශයෙන් උපාධිය ලබන අයට රැකියා ලබා ගැනීමට අසීරුය. ඔවුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට යොමු කිරීමෙන් රැකියා ලබා ගත හැකියි. වෙළෙඳ පෙළේ තිබෙන රැකියාවලට ගැළපෙන පරිදි අප අධ්‍යාපනය වෙනස් කළ යුතුයි.ජනවාරි 1 වැනිදා වන විට සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. එමෙන්ම රජයේ රැකියා ලක්ෂයක පමණ පුරප්පාඩුවක් තිබෙනවා. ඉන් එක් රැකියාවක් හෝ දුප්පත් පවුල්වලට ලබා දෙනවා. එමෙන්ම සියලුම නගර සභා ප්‍රාදේශීය සභා එකතු කරගෙන කසළ කළමනාකරණ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි ද ඔහු කීය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපේ ආණ්ඩුව කාලේ හාල් කිලෝව රුපියල් 40-45 යි. අද රුපියල් 100යි. යහපාලන ආණ්ඩුව ජනතාවට දුන්න වෙනස ඒකයි. ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලම හොරකම් කළා. නමුත් හොරා කියලා චෝදනා කරන්නේ අපිටයි. පික් පොකට්කාරයන් හොරා කියලා චෝදනා කරන්නේ අනිත් අයටයි.එතකොට හොරා කවුද කියලා හොයා ගන්න බැහැ. නමුත් හොරා කවුද කියලා අද හෙළි වෙමින් තිබෙනවා.මහ බැංකුව හොරා කාලා, වරාය ගුවන්තොටුපොළ විකුණනගෙන කෑවේ මේ ආණ්ඩුවයි. පාසල් දරුවන්ට දීපු නිල ඇඳුම වෙනුවට කූපන් පත් දුන්නේ මේ ආණ්ඩුවයි. වැට් බද්ද වැඩි කිරීම ඇතුළු ආණ්ඩුව ගෙනාපු හැම අහිතකර යෝජනාවකටම සජිත් ප්‍රේමදාස අත ඉස්සුවා. නමුත් ඔහු අද කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් වගෙයි.ෆෙඩරල්වලට එහා ගිය විසඳුමක් දෙන බව සජිත් තමන්ගේ දෙමළ හා ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්රකාශනවල සඳහන් කරලා තියෙනවා. සිංහල පිටපතේ වෙන එකක් කියනවා. අඩුම තරමේ රනිල් වික්රමසිංහවත් මේ වගේ ජනතාව රවට්ටල නැති බව අවංකවම කියන්න ඕන.එක්සත් ජාතික පක්ෂය කවදාවත් තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනවල සිංහල, දෙමළ, පිටපත්වල වෙන වෙන දේවල් කියලා නෑ. නමුත් සජිත් සිංහල, දෙමළ අය පමණක් නෙවෙයි ජාත්‍යන්තරයත් රවට්ටලා. වතු ජනතාවගේ වැටුප රුපියල් 1500 ක් කරන බව සජිත් කියනවා. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙන්නේ රුපියල් 1000 ක් දෙනවා කියලයි. තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනවල එකක් කියලා ජනතාවට තවත් එකක් කියන අය ගැන විශ්වාසය තියන්න එපා.දරු ඵල නොමැති මව්වරුන් සඳහා නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන අද මව්වරුන්ට ප්‍රකාශ කළා.එමෙන්ම ජාතියට වින කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අපි ක්‍රියා කරනවා. අප දරුවන් මතින් මුදවා ගන්න ක්‍රියා කරනවා යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.2015 ජනවාරි 8 වැනිදා වැටුණු රට නැවත ගොඩ ගන්නවා ද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මාසේ 16 වැනිදායි. බොරුවෙන් එකක් කියලා තමන්ව රවට්ටපු ආණ්ඩුවෙන් පලිගන්න ජනතාව බලාගෙන ඉන්නවා.බුද්ධි අංශ 97 ක් අනතුරු හඟවා තිබියදීත් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරය නවත්වන්න උත්සාහ ගත්තේ නැහැ. මේ රටේ නොතිබුණු ත්රස්තවාදයක් ඇති කළේ මේ ආණ්ඩුවයි.පරාජයේ වේදනාව දැනටමත් දැනෙන නිසා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ආණ්ඩුව මඩ ගහනවා. ඒ මඩ ප්‍රහාරවලට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ.අන්තවාදයට විරුද්ධ සියලුම දෙනා මෙවර ඡන්දය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂටයි.පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය පිළි අරගෙන. සජිත්ගේ වේදිකාවේ එ.ජා.ප. ප්‍රබල ඇමතිවරු නැහැ. ඇමැතිවරු දැන් අමාත්‍යාංශවල තම තමන්ගේ ලිපිගොනු අයින් කරනවා.ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බව කියමින් ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමා මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙනවා. මේ රටේ බෝම්බ පිපිරීම අවසන් කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. බෝම්බ පිපිරීම නවත්තපු අපිට නැවත මේ රටේ බෝම්බ ගහන්න අවශ්‍ය නැහැ. ඉරාන් වික්‍රමරත්න ඇමැතිවරයා වහාම අත්අඩංගුවට අරගෙන මේ බෝම්බ ප්‍රහාරයේ ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කළ යුතු යැයි ද ඔහු කීය.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.අපි තීන්දුව හරි අතට ගත්තේ රට ආරක්ෂා කරන නායකයා දිනවන්නයි. නිවට එජාප ආණ්ඩුව පළවා හැර රටට හිතැති ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාව පුල පුලා බලා සිටිනවා. ශ්‍රීලනිපයේ අපි පංගුපේරුවෙන් තොරව ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා. වතුකරයේ ජනතාවගේ වැටුප් ප්රශ්නය විසඳා ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දැන් වතු ප්‍රජාවෙන් අලුත් උගත් පරපුරක් බිහි වී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.එමෙන්ම වසර 40ක් තිස්සේ බදුල්ල නගරයේ දැවැන්ත කුණු ගොඩක් තිබෙනවා. මෙය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්න. ඊට අමතරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙසත් ඉල්ලනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවැසීය.සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි. ගෝඨාභය රට හදන දැක්ම ඉදිරිපත් කරන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ වේදිකාවේ විකට ජවනිකා රඟපානවා.සජිත් යන්නෙත් තමන්ගේ පියාගේ අඩි පාරෙමයි. සජිත්ගේ පියාගේ කාලයේ දී මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය වුණා. බදුල්ලේ ජනතාවට ඒ බියකරු අතීතය හොඳට මතකයි. හරීන්ගේ මාමා වන වින්සන් ඩයස් මේ ආසනයේ සංවිධායකවරයාව සිටි කාලයේ දී මට තුන්පාරක් වෙඩි තිබ්බා. ඒ කාලයේ දී මරණ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. අපි මේ ජීවත්වෙන්නේ බෝනස් කාලයක්.අද සජිත් ටී.එන්.ඒ. සංවිධානයත් එක්ක එකතුවෙලා ඉන්නවා. ටී.එන්.ඒ. සංවිධානය සජිත්ට සහාය දෙන්නේ ඔවුන්ගේ රට බෙදන ඉල්ලීම්වලට ඔහු එකඟ වී ඇති නිසා යැයි ද ඔහු කීය.ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන්, ශ්‍රීලනිප බදුල්ල ආසන සංවිධායක කුමාර් ගුරුබරන් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු මෙන්ම ජවිපෙ බදුල්ල ආසන සංවිධායක රෝහිත තිලකරත්න ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කිහිප දෙදෙනෙක් ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් මෙම අවස්ථාවට එක්වූහ.ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. | ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නා තරම් පහසුවෙන් බෝතලයට යළි ඇතුළු කරන්න බෑ | 0 |
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)පසුගිය ආණ්ඩුවේ අය සොරකම් කළා කියමින් මේ ආණ්ඩුවේ අයට සොරකම් කිරීමට කිසිඳු සඳාචාරාත්මක අයිතියක් නැති බව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ජාතික ආණ්ඩුව තුළ කවුරුන් හෝ සොරකම් කරනවා නම්, ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.”බැදුම්කර කොමිසම ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ අය දිගින් දිගටම අහනවා මොකද වෙන්නේ කියලා, බැඳුම්කර සිද්ධිය අල්ලස් කොමිසමට ගෙන ගියේ මමයි. අපි අඛණ්ඩව ඒ වෙනුවෙන් පෙනී සිටියා. මෙතන වංචාවක් වෙලා තියනවා මේක විමර්ශනය කරන්න කියලා අපි කීවා.ඒ වෙනුවෙන් කොමිසමක් පත්කළාම සමහරු කෑගැහුවා කොමිසම පත්කළේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න කියලා. කොමිසම එපා කීවා. නඩු දානවා කීවා. අයින් කරනවද, අයින් වෙනවද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.මට මේ වගේ චෝදනාවක් ආවා නම් මම එක දවසක්වත් ඉන්නේ නෑ. ජනතාව බලාපොරොත්තු වන දේවල් ඉෂ්ඨ වෙලා ඉදිරියේදී පත්තර වල මුල්පිටුවල දැකගන්න හැකිවේවි.මේ ආණ්ඩුවේ ඉන්න විට සමහර අය විවිධ දේවල් කල්පනා කරනවා. අවුරුදු 20ක් විතර විපක්ෂයේ ඉන්න විට දේශපාලනය කරන විදිහ අමතක වෙන අයත් ඉන්නවා. බලය නැතිව ඉඳලා බලයට ආවාම, පහුගිය ආණ්ඩුව ඩොලර් මිලියන ගණන් හොරකම් කරා කියලා, අපි රුපියල් බිලියන වලින් ගහනවා කියලා වැඩකරන අයත් ඉන්නවා. ඒ හොරු අල්ලන්න ඕනෑ. ඒ අය සොරකම් කළා කියලා මේ අයට එහෙම කරන්න කිසිම සඳාචාර අයිතියක් නෑ. සත පහක හොරකමක් කරන්න බලයක් නෑ.එහෙම කරන්න බෑ. මේ ආණ්ඩුවේ දුෂිතයන්ට ඉඩක් නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ ඔහු දුෂිතයන් සමඟ ආණ්ඩු හදන්නේ නෑ කියලයි.සොරකම් කළ අය මොන තරාතිරමෙද, ළගින් හිටියාද, දුරින් සිටියාද කියලා ජනාධිපතිවරයාට ඒවා වලංගු නෑ එතුමා නිසි දඬුවම් ලබා දේවි.ඉතිහාසයේ පළමු වරට බිහිවුණු පිරිසිඳුම නායකයෙක් තමයි වත්මන් ජනාධිපතිවරයා දුෂිතයන් සමඟ ඉඳගෙන එතුමා ආණ්ඩු කරන්නේ නෑ. වැරදි කරලා අහුවෙන්න එපා කියලයි කියන්නේ. ඉදිරියේදී නම් කිසිම දේශපාලනඥයෙක් වත් කිසිම නිලධාරියෙක්වත් සොරකම් කරන එකක් නැති වේවි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ශක්තිමත් බලවත් පක්ෂයක් වෙනත් පක්ෂ අටවා ගත්තාට හරියන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට ජය ලබාදීම සඳහා මිස වෙන කිසිම ප්‍රතිඵලයක් එයින් සිදු වන්නේ නෑ. ඉදිරියේදී එන පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය වගේම මහා මැතිවරණයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන්න ඕනෑ.අපි හවුලේ ආණ්ඩු හැදුවට, හවුලේ මැතිවරණයකට යන්නේ නෑ. අපි තනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටයි මැතිවරණයට යන්නේ. අපි හවුල් ආණ්ඩුවක ඉන්නවා කියලා සමහරු විවිධ මත පළකරනවා නමුත් අපි හවුල් ආණ්ඩුවට එකතු නොවුණ නම්, දෙමළ සංධානය සමග එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවාවි. ඒ නිසයි ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවක් සඳහා අපිට ආරාධනා කළේ.අපි ජාතික ආණ්ඩුවට එකතු නොවුණ නම් එක්සත් ජාතික පක්ෂය අපේ අයගේ ගෙවල් ගිනි තියන හැටි පළිගන්න හැටි අපි දන්නවා. සමහරු ජනතාවට වැරදි ආකල්පයක් ඇතිකරන්න උත්සාහ කරනවා. ඔබම හිතන්න අපි ජාතික ආණ්ඩුවට ගිය එක වැරදිද?.අපි මේ ඉන්නේ මැතිවරණ දෙකක් පරාජය වෙලා. එදා අපි ජනාධිපතිවරණය දිනන්න නොකළ දෙයක් නෑ. කෝටි ගණන් සල්ලි වියදම් කළා. අපිට සල්ලි දුන්නා. අපි සංවර්ධන කටයුතු කළා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැමදේම කළා. මැතිවරණයට ආණ්ඩුව අපිට සියලූම දේ දුන්නා.ඒත් අන්තිමට අපි පරාදයි. බැනර් කටවුට් පෝස්ටර් නෑ. ප්‍රචාර නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා.මහින්ද රාජපක්ෂ මහත්තයා තිස්වසරක යුද්ධය දිනුවා. එතුමා වැරදිකළා කියලා මම කියන්නේ නෑ. නමුත් එතුමාගේ වටේ සිටිය ගෝල - බාලයින් නෑයන්. වේයන් නිසයි එතුමාට මේ ශාපය අත් වුණේ.පරාජය වුණ අපි කැන්ද කොළෙන් හරි මොන කොළෙන් හරි ඉල්ලලා මහින්ද අගමැති කරලා මේකෙන් ගොඩ එමු කියලා මහ මැතිවරණයට ගියා. අපි එකත් පරාදයි.එදා අපි විදුලි පුටුව ගැන හරිම බයෙන් හිටියේ. විමල් වීරවංශ සහෝදරයා ගිරිය පුප්පලා වේදිකාවල ජාත්‍යන්තරයේ විදුලි පුටුව ගැන කියද්දි අපිව ඉඳන් ඉන්න පුටුවලින් නැගිට්ටුණා හිටපු ජනාධිපතිවරයා විදුලි පුටුවට ගෙනියයිද, රණවිරුවන් ගෙනියයිද කියලා අපි බයෙන් හිටියා. නමුත් අපි සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවලා වත්මන් ජනාධිපතිවරයා ඒ සියල්ල ජය ගත්තා. ජාත්‍යන්තරය ජයගෙන එකින් එක තහනම් ජයගත්තා.සමහරු කියනවා ඔන්න ඉන්දියාවට වික්කා, චීනයට වික්කා, ජපානයට වික්කා කියලා, අපි මේ රටේ එක බිම් අඟලක් විකුණන්නේ නෑ. විකුණලා කියන දේවලූත් බද්දට හරවනවා. අපි ඉන්න තාක් කල් මේ රටේ එක බිම් අඟලක් විකුණන්න දෙන්නෙත් නෑ. වත්මන් ජනාධිපති වරයා යටතේ එවැනි කිසිම දෙයක් සිදුවන්නේ නෑ.එතුමා රටට අහිතකර කිසිම තීන්දුවක් ගන්නේ නෑ. අපේ එකම අරමුණ ඉදිරි මැතිවරණ වලදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවලා ශ්‍රී ලංකා පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒ සඳහා අප සියලූ දෙනාම අත්වැල් බැඳගෙන සමගියෙන් කටයුතු කරමු කියාත් අපගේ අරමුණ ඉටුකර ගනිමු කියාත් මා ඔබට සිහිපත් කරනවා යැයිද ඔහු පැවසීය.ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක පළාත් සභා මංත්‍රී නිලන්ත රාජපක්ෂ යන මහත්වරුද සභාව ඇමතූහ.මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය ඇමති ලක්ෂමන් වේඬරුව, ශ්‍රී ලංකා පක්ෂ ජාතික තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බංඩාර යන මහත්වරුද ආසන සංවිධායක වරුන් හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. | ඉකුත් රජයේ අය සොරකම් කළා කියමින් ආණ්ඩුවේ අයට සොරකම් කිරීමේ අයිතියක් නෑ | 1 |
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්රජාතන්ත්රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා. මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්රලියන් දහයකට වැඩියි. ටි්රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්ෂයෙ කට්ටිය මහින්ද රාජපක්ෂ මහත්තයත් නොදැන ශ්රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්ෂයක් මට බාරදුන්නේ. පක්ෂය ගොඩගන්න මම පක්ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) | ඉකුත් රජයේ අය සොරකම් කළා කියමින් ආණ්ඩුවේ අයට සොරකම් කිරීමේ අයිතියක් නෑ | 0 |
x ඡන්දෙට සුමානයයි. ජවිපෙ කට්ටිය ලෑස්ති ද පාර්ලිමේන්තු යන්න?අපේ කට්ටිය කලිනුත් පාර්ලිමේන්තුවේ හිටියා. මේ වතාවෙ තවත් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යන්න සූදානම් කියලා පේනවා. ජනතාවත් ඒ සඳහා සූදානම්. අපි මේ සැරේ අලූත් තේමාවක් එක්ක අපේ ප්රචාරක කටයුතු කළා. ඒක ඉතාම සාර්ථකයි. ඒකෙ ප්‍රතිඵල මේ වනවිටත් අපිට පේනවා.x ජවිපෙ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය මිනිස්සුන්ට අල්ලලා ගිහිල්ලද?අපි මේක ඡුන්දෙටම ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ විවිධ පිරිස්වල අදහස් එකතු කරමින් ඒවාත් සලකා බලලා තමයි අපි මේක සකස් කළේ. ඇත්තටම ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ සඳහා ලැබෙන ප්‍රචාර ඉහළයි. එක්සත් ජාතික පක්ෂයයි, නිදහස් සන්ධානයයි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ දෙක නම් ඡුන්දෙන් පස්සෙ කුණු කූඩෙට දානවනේ. ඒත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහෙම එකක් නෙවෙයි. අපි හදලා තියෙන්නේ රට හදන වැඩපිළිවෙලක්.x සමහරු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලොකු කතා තිබුණට වැඬේ බාර දුන්නම කර ගන්න අමාරුයි කියලා. පෙට්ටි කඩයක් කළාට සුපර් මාර්කට් එකක් කරන්න ජවිපෙට පුළුවන්ද කියලා ඒ අය අහන්නේ?ඔය වගේ සැකයක් තියෙන ඕන මහත්තයකුට අපි කියන්නේ අවුරුදු පහක් අපට දීලා බලන්න කියලා. අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරලා පෙන්නුවා. අපි ඒක හොඳට කරගෙන යනකොට බලෙන් ඒක උදුර ගත්තා. අපි අවුරුද්දක් ඇමැතිකම් හතරක් කරලා පෙන්නුවා. ඒවා හරියට කරන්නේ කොහොමද කියලා. අපි අවුරුදු පනහක් තිස්සේ පක්ෂය පවත්වාගෙන යනවා තර්ජන ගර්ජන මැද්දේ. අපි ඕන දෙයක් පිළිවෙලට කරන හැටි පෙන්නලා තියෙන්නේ. අපි මැයි දිනේ වුණත් සමුළුවක් වුණත් ආකර්ශණීය විදියට කරනවා. අපේ පක්ෂයේ අයට කැපවීමෙන් වැඩ කිරීමේ ශක්තිය ඕනවටත් වැඩිය තියෙනවා. ඒ ගැන කවුරුවත් සැකයක් තියා ගන්න ඕන නෑ. අපි කියන්නේ වැඩිය ඕන නෑ අවුරුදු පහක් අපට බලය දීලා බලන්න අපට හරියට රට කරන්න පුළුවන්ද බැරිද කියලා.x ඔබ කියන්නේ අවුරුදු පනහක් තිස්සේ ශක්තිමත්ව පක්ෂය පවත්වාගෙන එනවා කියලා එහෙනම් සැරින් සැරේට පක්ෂයේ ජනප්‍රිය චරිත ගැලවිලා යන්නේ ඇයි?එවැනි චරිත ගැලවිලා යද්දිත් අපි පක්ෂය ශක්තිමත්ව මේ දක්වා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. අපිට ඕනම දුෂ්කර තත්ත්වයක් තුළ වැඩ කරන්න පුළුවන්. පක්ෂයට කැපවීමෙන් වැඩ කරන්න බැරි අය පක්ෂයෙන් අයින් වෙලා යනවා. ඒක ස්වභාවිකයි.x ජවිපෙ කිය කිය හිටියේ මේ ඡුන්දෙට හොඳම අය තමයි දාලා තියන්නේ කියලා. ඒත් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජවිපෙ කණ්ඩායම් නායක සමන්ත කෝරළේ ආරච්චි ඡුන්ද නීති කඩලා මාට්ටු වුණා නේද?අපි ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කළා. ඔහු දැන් මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. මෙතන තියෙන්නේ ආයතන ගැටුමක්. ඔහු අපේ පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිතියේ ප්‍රධානියා. ඔහු ඔය කියන රෝහලට යන්න එතන ප්‍රධානියාගෙන් අවසර අරගෙන තියෙනවා. නමුත් එතන ඉදපු අපිට විරුද්ධ කෙනෙක් දීපු කෝල් එකකට තමයි ඔහුව ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. එතන පත්‍රිකා බෙදීමක් හෝ ඡුන්ද නීති කැඞීමක් වෙලා නෑ. ඔහුත් එක්ක පක්ෂයේ තවත් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් පත්‍රිකා බෙදන්න යන අතරතුර තමයි ඉස්පිරිතාලෙට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔවුන් ළඟ පත්‍රිකා තිබිලා තියෙනවා. ඒත් ඔවුන් එතන ඒවා බෙදලා නෑ. ඒක අනවබෝධය නිසා වෙච්ච සිදුවීමක්. දැන් ඔහුට පොලිසියෙන් ඇප ලැබිලා තියෙනවා. දැන් ඔහු ඔහුගේ මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා.x ඔබලා පසුගිය සති අන්ත පත්තර එක්ක දැන්වීම් අතිරේකයක් පළ කළා ”ඒ විසල් සීනු නාදය” කියලා. ඒත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කියන්නේ දැන් සීනුව අලියගෙ හොඬවැලෙත් නෙවෙයි ඒක දැන් අලියගෙ නැට්ටෙ එල්ලලා කියලා.දැන් එයා දේශපාලනයෙන් බංකොලොත්ම අඩියට වැටිලනේ ඉන්නේ. දැන් එක එක කතා විකාරෙන් වගේ කියවනවා. එයා ජනාධිපති කාලේ එක එක්කෙනාට මඩ ගහන්න කට්ටිය වටේ තියාගත්තා. මිනිස්සුන්ට ගහන්නත් තව කට්ටිය තියාගත්තා. එයාලා දැන් ඔහුත් එක්ක නෑ. දැන් මඩ ගහන වැඩෙත් එයාටම කරන්න සිද්ධ වෙලා. දැන් මහින්ද රාජපක්ෂ මිනිස්සුන්ට ගහන වැඩෙයි මඩ ගහන වැඩෙයි දෙකම කරනවා. අකුරැුස්සේදී එයාගෙ රැුස්වීම් බලන්න ආපු කෙනෙකුටම ගහන්න පැන්නා. අපිට මඩ ගහන මහින්ද මහත්තයට තියන්නේ තමන් ගැන කල්පනා කරලා බලන්න කවුද බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. රනිල් වික්‍රම සිංහලගෙ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තෙ මහින්ද රාජපක්ෂගෙ පක්ෂෙ මහත්වරුනේ. අලියගේ නැට්ටේ එල්ලූනේ මහින්ද එක්ක හිටපු අය. රාජිතලා, අර්ජුනලා අද කොහේද ඉන්නේ. නිදහස් පක්ෂෙ හිටපු භාණ්ඩාගාරික නාවින්න අද කොහේද ඉන්නේ. අපි මහින්ද මහත්තයාගෙන් අහන්නේ අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්නෙ එයාගෙ අයද අපිද කියලා.x මේ සැරේ ජවිපෙට දෙන හැම මනාපයක්ම අලියට දෙන මනාපයක් කියලා ඔබලගෙ පක්ෂෙ හිටපු මුසම්මිල්ලා එහෙම කියන්නේ?අපේ ප්‍රතිපත්ති ගැන වැරැද්දක් අල්ල ගන්න බැරි වුණාම අපිට අවලාද ගහනවා. අපි යු.එන්.පීය. එක්ක සම්බන්ධයක් තියෙනවා නම් තනියම ඡන්දෙට ඉල්ලන්නෙ නැතුව එයාලගෙ පෙරමුණට යන්න තිබුණානේ. දින 100 ආණ්ඩුවෙ ඇමැතිකම් ගන්නත් තිබුණනෙ එහෙනම්. පසුගිය ඡුන්දෙ පැරදිලා මහින්ද රාජපක්ෂ ගෙදර ගියෙත් රනිල්ට කතා කරලා. රාජපක්ෂ නෝනගෙන් පසුගිය දවසෙ කට උත්තරයක් ගන්න ඕන වුණාම ඒකත් වෙන තැනකදී කරන්නේ මේ දෙගොල්ලො කතාබහ කරලා. ඒක නිසා ඞීල් ගහන්නේ ඒ දොගොල්ලෝ. ඒගොල්ලො ඞීල් දාගන්න ගමන් අපට බොරු අවලාද ගහනවා. අපිට නම් මහින්දයි, රනිලූයි දෙන්නම එකයි. ඒ දෙන්න එකම කාසියේ දෙපැත්ත. ඔය පක්ෂ දෙකත් එක වගේ. අලියා දිනුවොත් බලන්නකො බුලත්කොලකාරයො කී දෙනෙක් අලියාගෙ පැත්තට බල්ටිය ගහනවද කියලා.x රෝහණ වීරසිංහ කියන සංගීතකරුවා පසුගිය දවසක කිව්වා ජවිපෙට රටේ මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නෑ කියලා.රෝහණ වීරසිංහ ගැන අපිට නම් තියන්නේ කණගාටුවක්. දක්ෂ කලාකරුවෙක් මහින්ද රාජපක්ෂට විකිණිලා එක එක පැත්තට අවලාද කියනවා. රෝහණ වීරසිංහ තාම ජීවත් වෙන්නේ අවුරුදු විසිපහකට විතර එහා අතීතයේ. අපි කියනවා ඔහුට ඔය නින්දෙන් අවදි වෙන්න කියලා. හෘද සාක්ෂියක් තියෙන කලාකරුවෝ දැන් ඉන්නේ ජවිපෙ වටා. එදා නන්දා මාලනීගේ ”පවනේ” ”සත්‍යයේ ගීතයේ” සිංදු හදපු රෝහණ වීරසිංහමද මේ කතා කරන්නේ කියලා අපට සැකයි. එදා එයාලා නියෝජනය කරපු අතීතයට අද එයාලම පස්ස හරෝපු එක ඉතිහාසයේ සරදමක් කියලයි අපට නම් හිතෙන්නේ.x දැන් ආපහු ෆෙඩරල් කතා බහක් කරළියට ඇවිත් ජවිපෙ අදහස මොකක්ද?අපි නම් පැහැදිලිවම ඒ මතයට විරුද්ධයි. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මේක මේ ආපහු ජන්දේදී ජාතිවාදය අවුස්සන වැඩක්. ටී.එන්.ඒ. එකට උතුරෙන් ඡුන්ද ගන්න බෑ ජාතිවාදය අවුස්සන්නෙ නැතුව. ඒ අය දකුණෙ බිල්ලෙක් පෙන්නලා උතුරෙන් ඡුන්ද ගන්න හදනවා. ඒකම දකුණෙදී මහින්ද රාජපක්ෂලා කරනවා. උතුරේ බිල්ලෙක් පෙන්නලා ඒ අය දකුණෙ ඡුන්ද ටික මංකොල්ල කන්න සූදානම් වෙනවා. ජාතිවාදය අවුස්සන මේ කාලකන්නි වැඬේ කාට කාටත් නතර කරන්න කියලා අපි මතක් කරනවා.x ජවිපෙ ජාතික ලැයිස්තුවේ එන්.ජී. ඕ. කාරයො ඉන්නවා කියලා සමහරු චෝදනා කරනවා.පළවෙනි කාරණය ඔය චෝදනාවලට ඇත්තක් නෑ. එය කිසිම පක්ෂයකට අප ඉදිරිපත් කරපු ජාතියේ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසයි මේ අවලාද කියන්නේ. අනික රාජ්‍ය නොවන සංවිධාන ඔක්කොම නරක ඒවා නෙවෙයි. රටට අහිතකර දේවල් කරන එන්.ජී. ඕ. වලට අපිත් විරුද්ධයි.x ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට කුඩු පට්ටං වෙන්න ගහනවනේ. ඒත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පුම්බන්න සුළං ගහපු කලාකාරයෝ එහෙට පැනලා මෙහෙට පැනලා අන්තිමට ඔබලගෙ ජාතික ලැයිස්තුවටත් පැනලා ඉන්නවා.මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තියලා යම් යම් කලාකරුවො පිරිසක් ඔහු වටා හිටියා. ඒ විශ්වාසය නැති වුණාම සමහරු එතනින් අයින් වුණා. ඒ අයට පහුවෙලා හරි සත්‍ය අවබෝධ වීම ගැන සතුටුයි. අපි අනික් අයටත් කියන්නෙ සත්‍ය අවබෝධ කරගෙන රටේ යහපතට වැඩ කරන පාර්ශ්වයක් එක්ක එකතු වෙන්න කියලා.x මහින්ද ළඟ ඉඳගෙන ලාභ ප්‍රයෝජන අරගෙන ඔහු පරදින්න ඔන්න මෙන්න තියෙද්දී පැනලා ආපු අය බදාගන්න තරම් ජවිපෙ බංකොලොත්ද?අන්තිම මොහොතේ හරි නරක තැනකින් කවුරුහරි ගැලවිලා එනවා නම් ඒක හොඳයිනේ. අපට කලාකරුවො අතින් හිඟයක් නෑ. අද වෙද්දී රටේ ප්රගතිශීලී කලාකරුවො බහුතරයක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ එක්ක.x රනිල් වික්‍රමසිංහ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේදී සැම දෙනාම ආණ්ඩුවේ කොටස්කාරයො වේවි කියලා. දැන් නෑ නෑ කිව්වට ජවිපෙත් ඒ හවුලට නොයාවි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ. හවුල් ගහපු අතීතයක් ඔබලට තියෙනවනේ.කිසිසේත්ම අපි ඒ වගේ හවුලකට යන්නේ නෑ. ඉතිහාසයේ අපි හවුලකට ගියේ ජාතික අවශ්‍යතාවක් උඩ අනාගතේ මතුවිය හැකි අවශ්‍යතාවන් ගැන දැන් අනාවැකි කියන්න අපට බෑ. ඒත් මේ මොහොතේ හවුලකට යෑමේ කිසිම අවශ්‍යතාවයක් නෑ.x ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ ඔබ කියෙව්වද?ඔව්. ඒ දෙකම ප්‍රතිපත්ති ප්‍රකාශ කියලා හඳුන්වනවාට වඩා පොරොන්දු මාලාවන් දෙකක් කිව්වොත් නිවැරදියි. රට ගැන දැක්මක්, රට ගැන විග්‍රහයක් රටේ ප්‍රශ්න විසඳන මූලධර්මයක් ඒ එකකවත් හරි හැටි නෑ. දෙකේම තියන්නේ අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා. ඔය වගේ පම්පෝරි අවුරුදු කීයක් තිස්සේ අපි අහලා තියෙනවද? සන්ධානෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ සේවකයින්ට රුපියල් විසිපන්දාහක් දෙනවා කියනකොට අපට හිනා යනවා. කසාද බඳින ගාස්තුව රුපියල් පන්දාහක් කරපු මහින්ද කසාද බඳින අයට ලක්ෂ දෙකක් දෙනවලූ. මරු පොරොන්දු තමයි. යු.එන්.පී. එකෙත් රැුකියා පොරොන්දු අරව මේවා විතරයි තියන්නේ. ඔය දෙන පොරොන්දු ඉටු කරන්නේ කොහොමද කියන එක කවුරුවත් කියලා නෑ. දෙකේම ලස්සන කැරට් අල තියෙනවා. ඔය දෙකම 17 වෙනිදායින් පස්සේ පැත්තකට විසි වෙනවා.x මහනායක හාමුදුරුවො කිව්වා වගේ ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂෙ වැඩ ටික හරියට කරන්න පුළුවන් වෙයිද?කොහොමත් පසුගිය පාර්ලිමේන්තුවෙත් විපක්ෂයේ ඇත්ත කාර්යභාරය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තුන් දෙනා තමයි. අනුර සහෝදරයා තමයි හරියට විපක්ෂ නායකගෙ ජොබ් එක කළේ. ඉතින් තුන් දෙනෙක් ඉඳලා එහෙම නම් පහළොවක් විස්සක් ගියාම ඊට වඩා වැඩ ටිකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම.x ඒ කියන්නේ අනුර දිසානායක ද ඊළඟ විපක්ෂ නායක?දැනට එහෙම කිසිම අදහසක් නෑ. මැතිවරණය ප්‍රතිඵලයෙන් පස්සේ ඒක තීරණය වේවි. කොහොමත් අපි නායකකම් බලාගෙන වැඩ කරන අය නෙවෙයි. නායකකම් තිබ්බත් නැතත් අපේ වගකීම අපි අකුරටම ඉටු කරනවා.x කවදාවත් දැකපු නැති අගමැති පොරයක් මේ ඡුන්දෙදී අපි දකිනවා. ඉදිරි පාර්ලිමේන්තුවෙ අගමැති ධුරය ගැන ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ මොකක්ද?මේ අගමැති පොරය දැක්කම ඇත්තටම ලැජ්ජයි. තමන්ගෙ පක්ෂය දිනවන්න මිසක් තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණම බලාගෙන වැඩ කරන අයගෙන රටට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අගමැති පත්වීමේ පාර්ලිමේන්තු සම්ප්රදායක් තියෙනවා. ඒකට අවනත නොවී මේ කරන බලූ පොරය අපි නම් ප්‍රතික්ෂේප කරනවා. මේ අගමැති පොරේ හැදුවෙත් මහින්ද රාජපක්ෂ.x ඔබලගෙ ඡුන්දෙට ඉදිරිපත් වෙච්ච අයගෙන් පාර්ලිමේන්තුවට යවන්නේ පක්ෂය තීරණය කරන අයද මනාප වැඩිපුර ගත්තු අයද?එහෙම විශේෂ ක්‍රමවේද නෑ. පක්ෂය තීරණය කරන්නෙත් නෑ. මනාප ගත්ත අරගෙන පාර්ලිමේන්තුවට තේරෙන අය පාර්ලිමේන්තු යනවා.x මනාප වැඩිපුර ගත්තු අය ඉල්ලා අස්වෙලා පක්ෂය තීරණය කරන අයට චාන්ස් එකක් දෙන ක්‍රමයක් ඉස්සර ඔබලගෙ පක්ෂයෙ තිබුණානේ?ඔව්. එහෙම ක්‍රමයක් තිබුණා. එහෙම අවශ්‍යතාවයක් ආපු වෙලාවට එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් අපට එහෙම කරන්න අවශ්‍ය නෑ. මුල් කාලෙ ඔබ කියපු විදයට එහෙම කළා.x ටිල්වින් සිල්වා පක්ෂයේ දැන් ඉන්න ජ්යෙෂ්ඨයෙක්නෙ. නැද්ද පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම?අපි කවුරුවත් පාර්ලිමේන්තු යන්නෙ පෞද්ගලික කැමැත්තට හෝ ආසාවට නෙවෙයි. පක්ෂයෙන් පැවරෙන වැඩක් විදියටයි ඒක කෙරෙන්නේ. මම පක්ෂයේ ප්‍රධාන ලේකම්නේ. පක්ෂ ව්‍යවස්ථාවෙම තියෙනවා පක්ෂ ලේකම් පාර්ලිමේන්තුවට පළාත් සභාවලට යා යුතු නෑ කියලා. පක්ෂ ලේකම්ට පක්ෂය පිළිබඳ විශාල වගකීම් ටිකක් පැවරෙනවා. මම ඒක කරනවා.x ඔය වගේම පක්ෂ ගැන බොක්කෙන්ම කතා කර කර ඉඳපු සෝමවංශ අමරසිංහට දැන් ඇමැතිකමකුත් ඕනලූ. ඔබලත් ආසාවන් හංගගෙන නෙවෙයිද ඉන්නේ?එහෙම අය ඉන්නවද කියන්න දන්නේ නෑ. අපි නම් එහෙම නෑ. පක්ෂය වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නවා. පුද්ගලික ආසාවන් පස්සෙ යන අය පක්ෂයෙන් එළියට ගියානේ. ඒ අයට වෙච්ච දේත් දැන් අපිට පේනවනේ. | ඉකුත් රජයේ අය සොරකම් කළා කියමින් ආණ්ඩුවේ අයට සොරකම් කිරීමේ අයිතියක් නෑ | 0 |
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා. | රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක් | 1 |
(අංජුල මහික වීරරත්න, උඩුගම රවි ලියනගේ සහ ගාල්ල අමල් වික්‍රමරත්න ගාල්ලේ සිට)“ජාතික රජයේ ප්‍රගතිය තව වසර දෙකක් ඇතුළත ජනතාවට සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.ප්‍රධාන පක්ෂ එක්වී ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවට දැනුණු ණය බරට හසු වී සිටින මොහොතේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමට බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඒ අරමුණ ඉටු වී තිබෙන බව ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ගංවතුරින් හානියට පත් කුඩා තේ වතු හිමියන් සහ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මුදල්-චෙක්පත් ප්රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.“වැවිලි සවියට තවත් සවියක්” තේමාවෙන් සංවිධානය කෙරුණු උත්සවය ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව වැඩසටහන සංවිධානය කර තිබිණ.කුඩා තේ වතු හිමියන් 5648 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1670 ක්ද, තේ කම්හල් 17 ක් සඳහා රුපියල් ලක්ෂ 1700 ක්ද වශයෙන් ලක්ෂ 3370 ක් මෙහිදී ප්රදානය කෙරිණි.උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපන් දිනයත් යෙදී තිබෙනවා. ගංවතුරට ලක්වූ කුඩා තේ වතු හිමියන් සඳහා ආධාර උපකාර දීම එක් අතකට ඇමැතිතුමාගේ උපන් දින සැමරුම හැටියටත් අර්ථ දැක්විය හැකියි. නවීන් දිසානායක ඇමැතිතුමා වැවිලි කර්මාන්ත ක්ෂේත්රය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් ගන්නවා. රබර්, තේ, පොල් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම අපේ අරමුණයි. උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළේ වජිර අබේවර්ධන ඇමැතිතුමායි. එතුමා ගංවතුරෙන් හානියට පත්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර රාශියක් ගත් බව කිව යුතුයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර පාලන කටයුතු සම්බන්ධවත් එතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයේ වැඩකටයුතු සඳහා උපකාර කරන තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සිටිනවා. දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ලැබීම විශේෂ වාසියක් බව සඳහන් කළ යුතුයි.චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා මෙහි සංවර්ධන කටයුතු සඳහා විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ප්‍රදේශය දියුණු කිරීම සඳහා එතුමා සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඉදිරිපත් කළා.රැකියා සඳහා පුහුණුව දීම ඇතුළු සියලුම කරුණුවලට වඩා වැදගත් වන බව සඳහන් කළ යුතුයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙහි නොසිටියත් එතුමාගේ සහයෝගයත් නිරන්තරයෙන් ලැබෙනවා. ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තේ වගාව පිළිබඳව පොත් දෙක තුනක් රචනා කිරීමට පවා දැනුම ඇති අයකු බව සඳහන් කළ යුතුයි. එතුමාගේ සහයෝගයත් ලැබෙනවා. ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා ප්‍රදේශයේ සියලුම දේශපාලන නියෝජිතයින් සහයෝගය දැක්වූවා. ගංවතුර සමයේ විශාලතම හානියක් වූයේ කුඩා තේ වතු හිමියන්ටයි. හිනිදුම, බද්දේගම, අකුරැස්ස, දෙනියාය, රක්වාන, කලවාන, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශවල තේ වගාවලට වැඩිපුරම හානි වුණා. ඉන් පසුව හානි වූයේ රබර් වගාවටයි. සෙසු භෝගවලට එතරම්ම හානියක් වූයේ නැහැ.කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂයෙන්ම ආධාර උපකාර කරනවා. ඒ ක්ෂේත්රය නඟා සිටුවීම අපේ අරමුණයි.ගංවතුර ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී අප පොහොර සඳහා මූල්‍ය සහනාධාර දීමට එකඟ වී සිටියා. ගෙවා නොතිබූ අය සඳහා රුපියල් කෝටි 47 ක් දුන්නා. ඒ මුදලෙන් රුපියල් කෝටි 16 ක ගෙවීම් කළේ ගාලු දිස්ත්‍රික්කය සඳහායි. අද කුඩා තේ වතු හිමියන් 5600 කටත් ගංවතුරෙන් හානියට පත්වූ තේ කර්මාන්තශාලා 17 ක් සඳහාත් රුපියල් කෝටි 33 ක් දෙනවා. සෑම ආධාරයක්ම දෙන්නේ කුඩා තේ වතු හිමියන්ටත්, ඔවුන්ගේ තේ මිලදී ගන්නා කර්මාන්ත ශාලා ශක්තිමත් කිරීම සඳහාත් බව කිව යුතුයි. පොහොර සඳහා රුපියල් කෝටි 220 දුන්නා. ඒ මුදලින් සියයට හැත්තෑ පහක්-අසූවක් පමණ දැනට ගෙවලා. නොගෙවූ මුදල් ද කඩිනමින් දෙන ලෙස මා අද උදේ මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. තේ වලට අමතරව රබර්, පොල් ආදිය සඳහාත් පොහොර සහනාධාරය දිය යුතුයි.ඊට අමතරව කෘෂිකර්මය සඳහා වන ජාත්‍යන්තර අරමුදල තේ හා රබර් කර්මාන්තයට ආධාර කිරීම සඳහා තවත් රුපියල් කෝටි 100 ක් දුන්නා. ඊට අමතරව කුඩා තේ වතු හිමියන් සඳහා අප තවත් ආධාර දෙනවා. නැවත වගා කිරීම් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 5 බැගින් දෙනවා. එමෙන්ම වගාව හෙක්ටයාරයකට අඩු නම් අහිමි වන මුදල දී තිබෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.තේ කර්මාන්තය ගෙන යා යුතු ප්‍රාග්ධන මුදල් ක්‍රම කිහිපයක් යටතේ ණය ආධාර ලෙස දී තිබෙනවා. තේ වගාව තවදුරටත් දියුණු කිරීම වර්තමානයේ අප හමුවේ තිබෙන අභියෝගයයි.තේ සංවර්ධනය කිරීමට, පසෙහි ගුණාත්මක බව දියුණු කිරීමට අලුත් තේ පැළ වර්ග දීමට මීට වඩා සහනාධාර දීමට අපේක්ෂා කරනවා. තේ වගාව සම්පූර්ණයෙන්ම දියුණු කිරීම එහි අරමුණයි.තේ කර්මාන්තශාලා සඳහාත් ක්‍රම කිහිපයකට මුදල් දීමට අප තීරණය කර තිබෙනවා. තේ වගා අක්කර 50 කට අඩු වැවිලිකරුවන් සඳහාත් මුදල් දිය යුතුයි. තේ අක්කර 50 ක් ඇත්තේ දේශීය ඉඩම් හිමියන් සඳහායි. ඒ අයටත් අප ආධාර උපකාර කරනවා. නැවත වගාව දියුණු කිරීම තුළින් ඊළඟ වසර දහය-පහළොව ඇතුළත තේ වගාවේ ශීඝ්‍ර දියුණුව අපේක්ෂා කරනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. එමෙන්ම ගංවතුර සමයේ වැඩ කටයුතු කළ රජයේ සේවකයින් සඳහා 2002-2005 වසරවල මෙන් විශේෂ දීමනාව දීමටද කටයුතු කරනවා. සියලුම පියවර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ජාතික රජයට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණු නිසායි.2005-2014 කාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සියයට 233 කින් වැඩිවුණා. එලෙස වැඩිවුණේ සහනාධාර ණය නොව වාණිජ ණයයි. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.2013 වසරේ රටේ ණය ගෙවීමට කෝටි එක්ලක්ෂ දහහතර දහස් හත්සියයක් අවශ්‍ය වුණා. නමුත් ඒ වන විට ආදායම කෝටි එක්ලක්ෂ දහතුන් දහස් හත්සියයක් පමණයි. එසේ නම් රටට ලැබෙන ආදායමට වඩා ණය ගෙවීමට අවශ්‍ය මුදල් විශාලයි.නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ ජාතික ආණ්ඩුව යටතේ ගත් ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් 2016 වන විට රටේ ණය පියවීමට අවශ්‍ය මුදල කෝටි එක්ලක්ෂ තිස්හත්දහස් හාරසියයක් වූ අතර ඒ වන විට රටේ ආදායම කෝටි එක්ලක්ෂ හතළිස්පන්දහසක් දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව රටේ ආදායම වර්ධනය කර ගැනීමට අපට හැකි වූ බව පැහැදිලියි.වැට් බදු වැඩිකිරීම් ආදිය කරන විට ජනතාවගේ දෝෂාරෝපණ එල්ලවුණත් අවසානයේ රටේ ආදායම වර්ධනය කරගැනීමට හැකි වුණා. 2014 වසරේ අපේ ආදායම් වියදම් මූලික හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.5 යි. 2016 වන විට එය සියයට 0.2 ක් බවට පරිවර්තනය කරගැනීමට හැකි වුණා. 2020 වන විට එහි අතිරික්තයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.කුඩා තේ වතු සංවර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට මුදල් ගැනීමට හැකි වී තිබෙන්නේ රජය ලෙස අප කල්පනාකාරීව කටයුතු කරන නිසයි. ඒ සමඟම අධ්‍යාපනය වෙනුවෙන් ද මුදල් වෙන්කර තිබෙනවා.නිවාස ලක්ෂ දෙකක් ඉදිකිරීම සඳහා මුදල් දුන්නා. ඉන්ධන මිල පහළ දැමීමටත් අප කටයුතු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාව දුන්නා. රැකියා අවස්ථා ලක්ෂ හතර බිහි කිරීමට අපට හැකි වුණා.මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන දෙකක් දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. මෙවැනි ආර්ථික සංවර්ධන කටයුතු ගණනාවක් අප කළා. ඒ වගේම නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් රටේ බරපතළ ගණයේ අපරාධ සියයට 30 කින් අඩුකර ගැනීමට හැකි වුණා.මේ කටයුතු වලින් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ආණ්ඩුවක් ලෙස රට වෙනුවෙන් විශාල යුතුකමක් තිබෙනවා. රටේ ආදායම වැඩි කිරීම පමණක් නොවෙයි, රටේ විදේශ විනිමය වර්ධනය කිරීමත් කළ යුතුයි.ඒ වගේම රටේ ණය බර ගෙවා දැමීමත් කළ යුතු වෙනවා. ණය බර පියවීමට නම් රටේ ආදායම ඉහළ නැංවිය යුතුයි. ඒ සඳහා රටේ ආයෝජන අවස්ථා වැඩිකළ යුතුය. එය දේශීය හෝ විදේශීය හෝ විය හැකියි. පුද්ගලික අංශයෙන් විය හැකියි. කෙසේ වුවත් සෑම ආයෝජන අවස්ථාවක්ම ඉහළ දැමිය යුතු වෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන සඳහා බදු සහන දී තිබෙන්නේ ඒ නිසයි. සියලුම ආයෝජකයින් දිරිමත් කිරීමට අවශ්‍ය බදු සහන නව දේශීය ආදායම් පනත මගින් සම්මත කළා.සියලු දේ ක්‍රියාත්මක කළ පසු ඉදිරි වසරේ එහි ප්‍රතිඵල ජනතාවට අත්විඳිය හැකියි. ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් නැවත ගැනීමට අපට හැකි වුණා. සිංගප්පූරුව, ඉන්දියාව සහ චීනය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් එළැඹීමට කටයුතු කරනවා. විදේශ විනිමය සඳහා නව පනත ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා. ආයෝජන හරහා රට තුළට මුදල් ගෙන ඒමට කටයුතු කරනවා.රටේ ආයෝජන ඇති කිරීම සඳහා සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි. සංවර්ධන සැලැස්මට අනුව අප මේ වන විට වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා. මහනුවර නගරය දියුණුකිරීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, තාක්ෂණය දියුණුකිරීම, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු ආරම්භකිරීම, කර්මාන්ත කලාප ඇතිකිරීම, කල්පිටිය ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීම, කොළඹ නගරය මහ නගර සංකල්පයට අනුව දියුණුකිරීම, කළුතර ප්‍රදේශයේ විශාල කර්මාන්ත කලාප ඇතිකිරීම ආදී වැඩ කටයුතු රැසක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ වගේම අපේ අවධානය ගාල්ල ප්‍රදේශයටත් යොමුවනවා. මේ ප්‍රදේශය තුළ ඉහළ ආදායම් සහිත සංචාරකයින් සඳහා වන කලාපය ඇතිකරනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා. එක් පසකින් දේද්දූව, අනික් පසෙන් අකුරණ, චන්දිම වීරක්කොඩි මහතා නියෝජනය කරන කොග්ගල, ආදී ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයත්, කර්මාන්ත කලාපත් ඇතිකරනවා. සාමාන්‍ය ආදායම සහිත සංචාරකයින් සඳහා වෙළඳ පොළ ඇති කිරීමට මේ ප්‍රදේශයේම සාමාන්‍ය ජනතාවටත් අවස්ථාව ලැබෙනවා. මේ වැඩ කටයුතු අප මාතර දක්වා ගෙන යනවා. ඉන් පසුව හම්බන්තොටටත්, වැල්ලවාය දක්වාත් විශාල කර්මාන්තකරණය ඇති කරනවා.හම්බන්තොට වරායෙන් පාඩු ලැබීම නතර කර ගැනීමට අපට හැකිවුණා. එය චීන-ලංකා ඒකාබද්ධ සමාගම හරහා භාරගත්තා. මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථානය, එල්.එන්.ජී. විදුලි බලාගාරය, වානේ කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්තශාලාව ආදිය ඇතිකිරීමටත් සැලසුම් කර තිබෙනවා.චාර්ලිමන්ට් වත්ත ආශ්රිත ප්‍රදේශයත් කර්මාන්ත කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. එවැනි විශාල දියුණුව දකුණට ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා.අප රටට අනාගතය ඇති කළ යුතුයි. රට දියුණු වූ විට ණය ගෙවීමටත් විදේශ විනිමය ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ඇතිකර ගත් ජාතික ආණ්ඩුව නිසා රට වෙනුවෙන් මේ වැඩ කටයුතු කිරීම පහසු වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කඳුකරයේ දෙමළ පක්ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්ෂ සියල්ල එකට එකතු වූයේ තනි දේශපාලන පක්ෂය ලෙස ක්‍රියාකිරීමට නොවෙයි. අප එකට එක් වූයේ ජනතාව ණය බරට හසු වී සිටි මොහොතක ණය බර අනාගත පරම්පරාවට ඉතිරි නොකිරීමටත්, රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමත් අරමුණ කරගනිමිනුයි.පළමුව දෙපිලේම පාක්ෂිකයින් විවේචනය කළා. නමුත් දැන් රටේ ඇති වී තිබෙන ප්‍රගතිය ජනතාවට පෙනෙනවා. 2015-16 කාලයේදී ජනතාව එය දුටුවේ නැහැ. 2017 මේ වන විට ඔවුන් එය යම් තරමකින් තේරුම් ගනිමින් සිටිනවා. 2018-19 වන විට ඒ ප්‍රගතිය ජනතාවට සම්පූර්ණයෙන්ම අවබොධ කරගැනීමට හැකි වේවි. ජාතික ආණ්ඩුව ලෙස එකට එක්වී එළැඹෙන මැතිවරණය තෙක් එක්ව වැඩ කිරීම දේශපාලකයින් ලෙස අප ගත් හොඳ තීරණය බව එදාට ජනතාව පවසාවි. ජනතාවට සහන සැළසීම සඳහා කැපවී ක්‍රියාකිරීම අප හමුවේ ඇති කාර්යයි. දැන් ඒ සඳහා ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්රතිලාභ ලබන කුඩා තේ වතු හිමියන්ට මා සුභ ප්‍රාර්ථනා කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා-“ගංවතුර ව්‍යසනය වූ සැනින් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපට දැනුම් දුන්නා. සෑම දිස්ත්‍රික්කයකම ඒ කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක වූවා.සියලුම දෙනා එක කණ්ඩායම ලෙස මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළා. ජනපති මෙන්ම අගමැති හැම විටම ජනතාවට කාර්යක්ෂම සේවය සැලසීම සඳහා විමසිලිමත්ව කටයුතු කළා. ඉතිහාසයේ ස්වභාවික ව්‍යසන ඇති වූ කිසිම අවස්ථාවක මෙවැනි කාර්යක්ෂම සේවයක් මා දුටුවේ නැහැ.තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල මුදලක් වැය කරනවා. නමුත් හැමදාම ගංවතුර ආදී විපත්වලට මුහුණ දෙමින් ජීවත්වීමට හැකියාව නැහැ. ගංවතුර ව්‍යසනවලට මුහුණදීම සඳහා ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ගංවතුර නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපට හැකියාව තිබෙනවා.වර්තමානයේදී බද්දේගම මාර්ගය ගංවතුරින් යට නොවීමට හේතුව ගංවතුර නැවැත්වීම සඳහා බැම්ම ඉඳිකර තිබීමයි. ඒ නිසා සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගංවතුර වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා-එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ජාතික ආණ්ඩුව යටතේ විශාල සහන සලසා තිබෙනවා. එදා ගාල්ලට සුනාමි ව්‍යසනය ඇතිවූ දවසත්, මහ ගංවතුර ඇති වූ දවසත් අපට මතකයි. ගංවතුර ව්‍යසනය ඇති වූ දවසේ ජනපති-අගමැති ප්රමුඛ ආණ්ඩුව විශාල කැප කිරීමක් කර කඩිනමින් ජනතා සහන සැලසීමට කටයුතු කළා. තේ වතුවලට පමණක් නොව සෑම දෙනෙකුටම පොරොන්දු වූ පරිදි කඩිනම් සහන සැලසීමට අපට හැකි වුණා. වෙනත් තැන්වල ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී උද්ඝෝෂණ තිබුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු අර්බුදයකින් තොරව නිසි පරිදි සහන සැලසීමට හැකි වූ බව කිව යුතුයි. අගමැතිතුමා පුළුල් දැක්මක් සහිතව ආර්ථිකය හසුරුවන නායකයෙකු වනවා. එමෙන්ම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභය ගන්නේ කෙසේ දැයි සෑම වැවිලිකරුවෙකුම කල්පනා කළ යුතුයි.දකුණු පළාත් ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා-ශ්‍රී ලාංකික තේ අදටත් ලොව ප්‍රමුඛතම තේ ලෙස සැලකෙනවා. අනෙක් රටවල තේ නිෂ්පාදනය ශ්‍රී ලංකාව අභිබවා ගියත් මෙරට තේ වල තිබෙන ස්වභාවික උත්තේජන නිසා තවමත් සිලෝන් ටී ප්‍රමුඛත්වයේ ලා සලකනවා.සමස්ත වැවිලි කර්මාන්තකරුවන්ගෙන් සියයට 75 ක් කුඩා තේ වතු හිමියන් නම් ඔවුන්ට රජය උපරිම සහාය දිය යුතුයි. වර්තමානයේ කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න මසකට කිලෝ තුන් සියයක් හාර සියයක් පමණ වෙනවා. මේ ප්‍රමාණය කිලෝ හත්සියය දක්වා වැඩිකර ගත යුතුයි. අගමැතිතුමාගේ දේශපාලන දිවියට වසර 40 ක් සපිරුණු මොහොතේ එතුමාට රටට සේවය කිරීමට තවත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා-“ගිංගඟ මිටියාවතේ ජනතාවට අතීතයේ සිටම ගංවතුර සහ නාය යෑම් ඛේදවාචකවලට මුහුණු දීමට වුණා. විපත් අවස්ථාවේදී ජන ජීවිතය නැවත නඟා සිටුවීම සඳහා විශාල වැඩ කොටසක් කළ බව කිව යුතුයි. එදා ජනතාවට දුන් ප්‍රතිඥාව අද ඉටු කරලා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතය නඟා සිටුවීම සඳහා තේ දල්ල මහෝපකාරී වුණා. කුඩා තේ වතු හිමියන් තේ නිෂ්පාදන කාර්යයේදී විශාල වැඩ කටයුතුත් කරන බව කිව යුතුයි. අප රටේ පස තේ වගාවට ඉතා සුදුසු බැවින් ලොව හොඳම තේ නිපදවන රටක් ලෙස අපට කීර්තිය හිමි වුණා.”වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ. රංජිත් සහ අඬාරදෙණිය තේ කම්හලේ හිමිකරු ඩබ්ලිව්. ජිනදාස යන මහත්වරු ද සභාව ඇමැතූහ.මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.ඡායාරූප - ඉෂාන් සංජීව | රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක් | 0 |
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා. අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව) | රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක් | 0 |
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග්රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශීය සභා දෙකම ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප්රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ. ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප්රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක්‍රිකට් ක්රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප්‍රදේශයේ වඩා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින් දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක්‍රියා කළා.ජනප්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ. | රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක් | 0 |
ගෝලීය වටිනාකම්දාම සමග සහසම්බන්ධවීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරැණි සහ නවීන පාරිසරික පද්ධති සේවා වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යයි සිංගප්පූරුවේ ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුව ආරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“අද ලෝකය ලබා ඇති තාක්ෂණ දියුණුව ඔස්සේ ගොඩනැංවී ඇති නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා, මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.සිංගප්පූරුවේ සෑන්ඞ්ස් එක්ස්පෝ හා සම්මන්ත්රණ මධ්‍යස්ථානයේ දී රටවල් 135ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ආරම්භ කෙරිණ. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, අන්ද්‍ර ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිඳු සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ ඇතුළු සම්භාවනීයයෝ රැසක් ඊට සහභාගි වූහ.සමුළු නියෝජිතයන් පිළිගනිමින් සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂන්මුගරත්නම් මහතා පැවසුවේ නගර නිර්මාණය සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ගැටලු මෙන්ම විසඳුම් ද මතුවී ඇති බවය. මේ විසඳුම් ලොව පුරා බෙදා හදා ගැනීමට කටයුතු කළ යුතු බව ද එකිනෙකා අනෙක් හැම දෙනාගෙන් පාඩම් උගත යුතු යයි ද ඔහු අවධාරණය කළේය.සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ පැවසූයේ එක්වර සමුළු තුනක් සමගාමීව සංවිධානය කළේ නගරය, ජලය හා පරිසරය පිළිබඳව පමණක් නොව මිනිස් සම්පත පිළිබඳව ද වැඩි අවධානය යොමු කරලීම සඳහා බවය. ශ්‍රී ලංකාවේ පරිණත හා නිපුණ දේශපාලනඥයා සේ සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා සමුළු ත්‍රිත්වයෙහිම මුඛ්‍ය දේශනය සඳහා සහභාගි කරවා ගැනීමට හැකි වීම සතුටක් බව ඔහු ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද සංවිධානය කර තිබූණි. එය සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ මහතා විසින් මෙහෙය වූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය. “අනාගත ජනජීවී හා තිරසර නගර - මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග” මැයෙන් ආරම්භක සැසි වාරයේ මුඛ්‍ය දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මා සමුළුවට සහභාගි වන විට, පළමුව මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වූ මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.ඊට 50 වසරකට පසු අද දිස්වන සිංගප්පූරුව මර්සර් වාර්තාවන්ට අනුව ආසියාවේ ඉහළම ජීවන තත්වය ඇති නගරයයි. මේ ගුණාත්මක බව ඔවුන්ට ඉබේ ලැබුණු එකක් නොවන බව අප කවුරුත් දන්නවා. ලී ක්වාන් යු අග්‍රාමාත්‍යවරයාගේ දුරදැක්ම හා අධිෂ්ඨානය හේතුවෙන් සිංගප්පූරුව උසස් සුහුරු, ආරක්ෂිත හා ජනජීවී නගරයක් බවට පත් වුණා.අප අද ජීවත් වන්නේ මානව ක්‍රියාකාරකම් මත හැඩ ගැසුණු යුගයකයි. එවැනි දැවැන්ත බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකමක් වන්නේ ග්‍රාමීය ජනතාව විශල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමයි. ඒ නිසා නගරීකරණය සඳහා මානව ක්‍රියාකාරීත්වය මූලික පදනමක් වෙනවා. 2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, ලෝක ජනගහනයෙන් 54.7% ක් එනම් බිලියන 4.1ක ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනවා. මෙය මෙසේ වූයේ නාගරීකරණය, ආර්ථික වර්ධනය වේගවත් කරන උත්ප්‍රේරකයක් වීම නිසයි. නාගරීකරණය හේතු කරගෙන ජනතාව හා ව්‍යවසායයන් එකට එකතු වී කාර්මීකරණයේ හා නවීකරණයේ කේන්ද්‍ර බවට නගර පත් වුණා. සේවකයන් සහ කර්මාන්ත එකට එක්වීමත් සමග බහුල වූ රැකියා අවස්ථා නිසා ඒ සමාගම්වල ඵලදායිතාව ඉහළ යාමෙන් ඔවුන්ට ආර්ථික ප්රතිලාභ අත්කර ගැනීමට හැකි වුණා. මහා පුරවර තවත් ඉදිරියට ගියේ සේවකයන් හා ව්‍යාපාර සුසංයෝගයෙන් ගෝලීය වෙළඳපොළ හා සම්බන්ධ විය හැකි ඉහළ ඵලදායකත්වයක් සහිත කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වූ නිසයි. මේ නගර ධනය ඉපයීම් කේන්ද්‍රස්ථාන බවට පත්වූ අතර, සිය ග්‍රාමීය පෙදෙස්වල දී හිමිව තිබූ දියුණුවීමේ ඉඩ ප්රස්ථා සොයමින් බොහෝ ජනතාව නගර වෙත ඇදී එන්න පටන් ගත්තා.වැඩි වන ජනගහණයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් ඉඩම්, මූලික සේවා නිවාස, පරිසර අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් වුණා. මේ නිසා බහුතරයක් එකම ස්ථානයකට ඒකරාශී වීමේ වාසි සහ ප්රතිලාභ එක් අතකින් ලැබෙද්දී, නව අභියෝග හමුවේ නාගරිකයන්ගේ ජීවන තත්ත්වය පහළ වැටුණා. සනීපාරක්ෂාව, ප්‍රවාහනය හා සුදුසු නිවාස ලබා ගැනීමේ අවකාශ ඇහිරුණා. අපිරිසිදු වාතය ආඝ්‍රාණය කරමින්, දූෂිත ජලය පානය කරමින් ජීවත්වීමට ජනතාවට වුණා.ආසියාවේ බහුනගර පොකුරු නිර්මාණයේ දී මේ අවස්ථා හා අභියෝග අවධානයට ලක්වී තිබෙනවා. බෙයිජිං - ටියැන්ජිං - ජින්හුවංදාඕ නගර කලාපයේ ජනගහනය මිලියන 100 කට අධිකයි. අනාගතයේ බෙයිජිං සිට බැංකොක්, ජකර්තා හරහා මුම්බායි දක්වා නගර කේන්ද්‍ර පොකුරක් අපට දකින්න ලැබේවි. ලෝකයේ, විශේෂයෙන්ම ආසියානු රටවල නගර නිර්මාණ මූලිකයන්ට මෙය අපූරු පාඩමයි. ආසියානු නගර දියුණු වෙමින් පැවතුණ ද මර්සර් සමීක්ෂණයේ ජීවන තත්වය ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර තුනක් පමණයි. සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරයයි. දකුණු ආසියානු නගර අතර කොළඹ ඉහළින්ම සිටියත්, නගර 231 ක් අතුරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50 ක් පමණ තිබෙන්නේ දර්ශකයේ පහලම නගර 50 අතරේයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වන්නේ ඉන්දීය සාගර මධ්‍යයෙහි අපේ රටෙහි පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනය ගැනීමයි. 2050 වන විට බෙංගාල බොක්ක ආශ්රිත නැගෙනහිර ඉන්දීය සාගර වෙරළාසන්න රටවල ජනගහනය බිලියන 2.9 ක් බවට පත් වෙනවා. අපගේ ප්රයත්නයේ වැදගත් අංගය වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9ක ජනගහණය පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩ කර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක් ද නිර්මාණය කෙරෙනවා.නගර සහ මහපුරවර පුද්ගලික අංශයේ මූලිකත්වය ගත් ධන සම්පත් නිර්මාණය කරලීමේ පසුබිමක් සේ සැලකුණ ද මේ ආර්ථික ක්‍රියාදාමය බොහෝ අවස්ථාවලදී කාන්තා, වැඩිහිටි, ළමා, තරුණ හා විශේෂ අවශ්‍යතා සහිත යන සමාජ කොටස්වල අදහස් හා ඕනෑ එපාකම්වලින් තොරව සැකසී තිබෙනවා. සියලු සමාජ කොටස් අන්තර් ග්‍රහණය කර ගැනීම උදෙසා අපගේ නිවාස ප්‍රතිපත්තිය අංශ තුනක් පදනම් කරගෙන නිර්මාණය කරනවා ඒ ප්‍රතිසංවර්ධනය, ප්රතිස්ථානගත කිරීම හා ස්ථාපනයයි. නිසි අයුරින් භාවිත කර නැති නාගරික ඉඩම් උසස් මට්ටමේ නිවාස, වාණිජ හා සේවා අවශ්‍යතා සඳහා ප්‍රජා සහභාගීත්වය ඔස්සේ සංවර්ධනය කිරීම ප්‍රතිසංවර්ධනය යටතේ කෙරෙනවා. ප්රතිස්ථානගත කිරීම යටතේ නුසුදුසු මට්ටමේ ඉඩම්වල වෙසෙන ජනතාවට සුදුසු ස්ථාන දීමත්, අවශ්‍ය ස්ථානයටන්ට යටිතල පහසුකම් දීමත් කෙරෙනවා. අවසාන අංශය වන්නේ අඩු පහසුකම් සහිත පදිංචි කිරීම් ලෙස තවමත් හැඳින්වෙන එනමුත් ආරක්ෂාව, සේවා සහ වාසස්ථානයට සුදුසු නිවාස ආදියෙන් උසස් තත්ත්වයට සංවර්ධනය කළ කොළඹ නගරයේ පදිංචි කිරීම් සමාජයීය හා නෛතික වශයෙන් පිළිගැනීමට ලක් කිරීමයි. පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වූවා. ස්වාභාවික ආපදා තත්ත්වයන් ඉහළ යමින් තිබෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහණ, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්ත්වය තව තවත් වර්ධනය වෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි.ජල කළමනාකරණය අංශයෙන් සිංගප්පූරුව ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් සිය මුල්ම ජාතික සැලැස්ම මගින් උත්සාහ කළේ වැඩි වැඩියෙන් ජලය රඳවා තබා ගැනීම පිළිබඳවයි. ඒ සමගම ඉතා ඥානාන්විතව අසල්වැසි දකුණු මැලේසියාවේ ජොහෝ ප්‍රාන්තය සමග ජලය සැපයුම් ගිවිසුමටත් එළැඹුණා. මුහුදු ජලය භාවිතයට සුදුසු පරිදි සැකසීමේ හා අපජලය පිරිසුදු කර ගැනීමේ කටයුතුවල නිපුණත්වය ඔවුන්ට හිමි වෙනවා. සිංගප්පූරුවේ මහජන උපයෝගීතා මණ්ඩලය මගින් නිෂ්පාදනය කරන “නව ජලය” මගින් පිළිබිඹු වන්නේ එයයි. ජනජීවී නගර සංවර්ධනයේ දී මෙමගින් අපට උගත හැකි පාඩම් බොහොමයි.ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් හෝ සඳහා මේ අභියෝග ජයගැනීමට නම් ඒ රටේ පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි. මහා නගර කළමනාකරණය කිරීමේ දී බලපාන ප්‍රබලම ගැටලුව නම් ඔවුනට විවිධ මට්ටම්වල දී ආණ්ඩු සහ දේශීය බලධාරීන් සමග කටයුතු කිරීමට වීමයි. මධ්‍යම රජය සහ පළාත් සභා අතර, බලය බෙදන අවධිය වන විට මහා නගර හෝ ගෝලීය සම්බන්ධතාව යන සංකල්ප පිළිබඳව හෝ අදහසක්වත් ඔවුනට තිබුණේ නැහැ. නමුත් අද බලය ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම වෙනත් පරිසරයක දී කළ යුතුව තිබෙනවා. ඒ නිසා අපගේ පළාත් පාලන ව්‍යූහය පිළිබඳ නැවත සිතා බැලීම අත්‍යවශ්‍යයි. අප අද ජීවත් වන ආකාරයට මෙන්ම නගර පරිපාලනය කරන ආකාරයට ද මෙමගින් බලපෑම් එල්ල වෙනවා. අප සුහුරු වීදි ලාම්පු උදාහරණයට ගනිමු. ඉතින් මේ සම්මන්ත්‍රණය වෙත ප්රශ්නය ඉදිරිපත් කරමින් ම මගේ කතාව අවසන් කරන්න කැමැතියි. නිර්මාපිත බුද්ධිය හා අන්තර් ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතා මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද?” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. | ජනජීවී හා තිරසාර නගර නිර්මාණ අභියෝගයට අපට මුහුණ දිය හැකියි | 1 |
වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය.මෙය ඉතා අභියෝගාත්මක කාර්යය බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූයහක් සමඟ ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මේ කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමඟ එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හිදී පැවති සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිස එක්ව සිටියහ.ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය යැයදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථික අරමුණු කරගත සමාජ රටාව බිහිරකලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.ලෝකයේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්රතිප්තතිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමඟ ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසන බව ද පැවසීය.දේශීය වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ - මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9ක ජනතාව ඉලක්ක කර ගනිමින් කළ හැකි ආයෝජන පිළිබඳව පෙන්වා දුන්නේය.මෙහිදී සංවිධානය කර තිබූ ප්‍රශ්නෝත්තර වාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ ප්‍රශ්න සහ ඒවාට අග්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය.ප්රශ්නය - ශ්‍රී ලංකාව තුළ ව්‍යාවසායකත්ව සංවර්ධන වෙනුවන් තිබෙන සැලසුම් මොනවාද?පිළිතුර - පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. ඒ සාම්ප්‍රදායිකත්වය තවමත් අප රට තුළ දකින්න ලැබෙනවා. තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටින අතර ඔවුන්ට තිබෙන එකම ප්රශ්නය වන්නේ මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් සහ සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළද බැංකුවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.ඒ නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකයින් සඳහා සහන දීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් දීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත් විය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි.ප්රශ්නය - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම කෙබඳුද?පිළිතුර - කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළෙඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පත් කිරීමට පියවර ගත්තා.ලබන වසර වනවිට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම් කටයුතු කෙරෙනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියානු සාගරය අවට පිහිටුවා තිබෙවා. ඒ නිසා එහි අලුතෙන් ඇති කළයුතු සේවා මොනවාදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැළැස්ම සහිත ව්‍යාපෘතියයි.මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිතර වූ අවස්ථාවේ දී මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන අතර වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා නව කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.ප්රශ්නය - ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ කෙසේද?පිළිතුර - මේ වන විටත් දේශීය දත්ත එක්රැස් කිරීමේ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට වන බලපෑම විශ්ලේෂණය කරනු ලබනවා.ඉදිරියේ දී අනෙකුත් රටවල් සමග දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එය යැයිද’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.සමුළුව ආරම්භ කරමින් මුඛ්‍ය දේශනය පැවැත්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුයේ, ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිප්රායන් පිළිබඳව මුළු ලෝකයටම යහපත් පණිවුඩය ලැබෙන බවය.ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීම සඳහා රජය කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කාර්ය දැන් කෙරෙමින් පවතින බවත් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය. ආසියානු සැපයුම් ජාලය පිළිබඳව වැඩි බරක් තබමින් ඒ හා එක්වීමට හැකි පරිසරය අපනයන කර්මාන්ත ඔස්සේ බිහිකරලීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, රටවල් ගණනාවක් සමඟ ද්වීපාර්ශවික ගිවිසුම්වලට එළැඹීමට අපේක්ෂා කරන්නේ යයි ද කීවේය.මේ අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ. | ජනජීවී හා තිරසාර නගර නිර්මාණ අභියෝගයට අපට මුහුණ දිය හැකියි | 0 |
(නාලක සංජීව දහනායක)කම්කරුවන්ට හිමි මැයි පළමුවැනිදා නිවාඩුව අහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී ක්‍රීයාවක් යැයි ප්රජාතන්ත්රවාදී වාමංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (23) පැවැසීය.ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා හා මෙරට මැයි දිනය පවත්වන හත් වැනිදා යන දින දෙකම නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ක්‍රියාකළ යුතුව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.බොරැල්ල, ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේද පැවසීය.වාමංශික පක්ෂ යනු කම්කරු පංතිය පදනම් කරගත් පක්ෂයි. එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් ලෙස කටයුතු කරනවා. ඒ විරෝධීන් එක්තැන් කරගනිමින් මැයි දිනය පවත්වන්නට තිබුණා නම් හොඳයි. නමුත් මෙවර මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මැයි පළමුවැනිදා හා මැයි හත් වැනිදා යන දවස් දෙකේම නිවාඩුව දිය යුතුව තිබුණා. එසේ නොකර කම්කරුවන්ට හිමි මැයි පළමු වැනිදා නිවාඩුව ආහෝසි කිරීම ආණ්ඩුව දැනුවත්වම කළ කම්කරු විරෝධී වැඩක්.කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය ආරම්භ කිරීමෙන් අප බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශවලට මුල්තැන දෙන පාඨමාලා පවත්වාගෙන යන විද්‍යාපීඨයක් වශයෙන් පවත්වා ගෙන යන්නයි. දැන් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය උත්සාහ ගන්නවා. විශ්වවිද්‍යාලයක් බවට පත්කර සියලුම පාඨමාලා සඳහා මුදල් අයකිරීමට රජය උත්සාහ ගන්නවා. පාඨමාලා සඳහා මුදල් අයකිරීමෙන් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා. සයිටම් ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ උත්සාහය වැළකී ගියාම ආණ්ඩුව ඒ සඳහා කොතලාවල විද්‍යාපීඨය යොදා ගන්නවා. කොතලාවල විද්‍යාපීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කළාට කමක් නහැ. ඉසෙඞ්කෝ ලකුණු යටතේ සිසුන්ට එයට ඇතුළත් වෙන්න ඉඩ දෙන්න. එමෙන්ම ඒ ආයතනය නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් වශයෙන් තියන්නත් අවශ්‍යයි.එමෙන්ම සිංගප්පූරුවත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා. ඒ ගිවිසුම අත්සන් තැබීමෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක පාඩුවක් සිදුවෙන බව වෘත්තිකයන්ගේ ජාතික සභාව කරුණු සහිතව පෙන්නුම් කර තිබෙනවා. නමුත් ඒ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිලධාරීන් පිරිසක් සිංගප්පූරුවට ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා. රටට අවාසිවන ආකාරයට ගිවිසුම් අත්සන් තැබීමට රජය සූදානම් වෙනවා.ඛනිජ තෙල් සංස්ථාව මැලේසියාව සමඟ ලිහිසිතෙල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ ගිවිසුම පසුගිය කාලයේදි සංශෝධනය කර තිබුණා. ඒ සංශෝධිත ගිවිසුමෙන් රටට පාඩු සිදුවෙන බැවින් ගිවිසුමේ ක්‍රියාකාරීත්ව අහෝසි කිරීමට ක්‍රියාකළ බව ඛණිජතෙල් අමාත්‍යවරයාම සඳහන් කර තිබුණා. රටේ සම්පත් ජාත්‍යන්තර ධනපති පංතියේ උවමනාවන් වෙනුවෙන් පාවාදීමේ ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්ෂය හැමදාම ක්‍රියාත්මක කළා. රටේ ස්වෛරීබව ඇපයට තියා රජය පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ණයක් ගත්තා. රටේ ණයබර වැඩියි කියමින් රජය දිගින් දිගටම මේ ආකාරයට ණය ගන්නේ ඇයි? මේ ණය සියල්ලම රටේ ස්වෛරී බවට තර්ජනයක්. එමෙන්ම දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ අතරට ඉන්ධන මිලත් ඉහළ දැමීම සම්බන්ධයෙනුත් ආණ්ඩුව කල්පනා කරනවා. ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟම ජීවන වියදමත් අධිකව ඉහළ යෑමට පටන් ගන්නවා. මේ සියල්ලම සිදුවෙන්නේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුද නැද්ද කියන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට මුලාවෙලයි. අපිට පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි. එය වඩාත් ප්රජාතන්ත්රවාදීයි. ජේ.ආර්. විසින් නිර්මාණය කළ තනි පුද්ගල බලයට වඩා සාමූහික බලය හොඳයි. එහෙත් තමන්ට තනිබලයක් ලබාගැනීම සඳහා අගමැතිවරයා ජනතා විමුක්ති පෙරමුණ ඉත්තන් බවට පත්කරගෙන තිබෙනවා. ජනපති හා අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරයේදී අපිට අගමැතිවරයාගේ පැත්තේ සිටිමින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමේ කටයුත්තට දායක වෙන්න බැහැ. පසුගිය කාලයේදී ජනපති හා අගමැතිවරයා අතර බල පොරයක් තිබුණා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අගමැතිවරයත් ඒ බව දන්නවා. නමුත් අවසන් මොහොතේ දී ජනාධිපතිවරයා අඩියක් පස්සට ගත්තා.දැන් අගමැතිවරයාගේ වාරයයි. ඔහු ජනාධිපතිවරයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණත් හවුල් කරගෙන මෙම යෝජනාව ගෙනත් තිබෙනවා. සිංහල ජාතිවාදි කොටස්වලට අවශ්‍යව තිබෙන්නේ තනි පුද්ගලයකුට බලය තිබෙන ආණ්ඩුවක්. ඒ ඉල්ලිමට අපි එකඟ නැහැ. නමුත් සිරිසේන - රනිල් බල පොරයේදී රනිල්ගේ පැත්තට වැටෙන්න අපිට සූදානමක් නැහැ. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව නිසා ඒකාබද්ධ විපක්ෂය බෙදෙන්න දෙන්නත් බැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය මේ ගැන කල්පනා කර බලාවි යැයි විශ්වාස කරන බවද කීය.ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙසේ පැවැසීය.වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත හිතුවක්කාරී ලෙස ක්‍රියාකළා. මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ නිසා ආර්ථික අර්බුදය මෙන්ම අධිරාජ්‍යවාදී අර්බුදයත් වැඩි වුණා. ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් තිබූ නිසා මේ හිතුවක්කාරී වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම පහසු වුණා. නමුත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසා දැන් ආණ්ඩුවට හිමි 2/3 බහුතර බලය අහිමිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙසේ පැවසීය.ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මත ගැටීමක් ඇතිවී තිබෙනවා. මේ මෙහොතේදී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීම සුදුසු බව විජයදාස රාජපක්ෂ මහාත් ප්‍රකාශ කර තිබුණා. මේ මත ගැටීම් අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම ඉතාම අසීරු තත්ත්වයක් වෙනවා. මේ අර්බුද මඟ හැරීමට නම් ඉතාම ඉක්මනින් මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. | මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක් | 1 |
(නාලක සංජීව දහනායක)බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (15) පැවසීය.එබැවින් මෙවන් ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයිද කීය.ඒකාබද්ධ විපක්ෂය විසින් තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පෙරේදා (15) පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. වීරවංශ මහතා මෙසේද පැවසීය. සංවර්ධනයට මුවාවී හොරකම් කරන බවට එදා අපේ ආණ්ඩුවට චෝදනාවක් තිබුණා. ඒ නිසා හොරකමට එරෙහිව එදා විශාල ජනමතයක් හැදුණා. ඒ ජනබලයට මුවාවී මේ ආණ්ඩුව කරපු හොරකම කොහොමද? මේක තනිකරම ණයදෙන ගමන් ගහපු ගැහිල්ලක්. ඉතිහාසයේ පළමු වතාවට මහබැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට පවරා ගන්නවා. අගමැතිවරයා එසේ ක්‍රියා කළේ ඇයි? මේ දේවල් නිකම්ම සිදුවුණේ නැහැ. මේ සියල්ලක්ම සිදුවුණේ කිසියම් පූර්ව සූදානමක් ඇතුවයි.රාජිත සේනාරත්න ඇමතිතුමාට අනුව නම් මේ වංචාව ලූනු බිකක්. මේ වංචාවෙන් රුපියල් ටි්රලියනයක වංචාවක් සිදුවෙලා තිබෙන බව ලක්ෂමන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා. මෙම වංචාව නිසා රටේ සමස්ත මූල්‍ය ක්ෂේත්රයම කඩාවැටිලා. රටට වැඩි පොලියට ණය ගන්න සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. සියලූම රටවැසියන් දිනපතාම මේ වංචාවේ බලපෑම්වලට යටත් වෙනවා. යහපාලනයේ නාමයෙන් බලයට ආවේ චෞර රැලක්. බැඳුම්කර කොමිසම නෙමෙයි මේ වංචාව පිළිබඳව උසාවියෙන් විභාග කළ යුතුයි. බැඳුම්කර කොමිසමට තවම චෝදනාවට නම් කියවෙන ඇමැතිවරුන් ගෙන්වූයේ නැහැ. බැඳුම්කර වංචාව සිදුවීමට පෙර මහබැංකුවට ගිය මැති ඇමැතිවරුන් කවුද? ඒ ගැන රටට හෙළිවිය යුතුයි.මේ චෞර රැල රටේ සම්පත් විකුණමින් ඉතාම බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කරනවා. දැන් ආණ්ඩුවේ අයට විරුද්ධව ආණ්ඩුවේ අයම විශ්වාසභංග යෝජනා ගේනවා. මුළු ආණ්ඩුවම මුරුගසන් වරුසාවට අහුවෙලා. අපි විශ්වාසභංග යෝජනාව නොගෙනාව නම් රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. තමන් බිත්තියටම හේත්තුවුණ බව දන්නා නිසයි ඔහු ඉල්ලා අස්වුණේ. බල පෙරළියේ ඩොලර් කුට්ටි හුවමාරු වුණේ සිංගප්පූරුව හරහායි. මේ ආණ්ඩුවේ එවැනි මූල්‍ය ඞීල් පමණක් නෙමෙයි දේශපාලන ඞීල් පවා තිබෙනවා. ඒ දේශපාලන ඞීල් ගැනත් සෙවිය යුතුයි.රට දවසින් දවස අගාධයට යනව. 8 වැනිදා බලපෙරළියට කර ගැසූ සියලූම දෙනා මේ පාපකර්මයට වගකිව යුතුයි. මෙහෙම ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයි ඔහු පැවසීය.ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූම දෙනාට මේ වනතුරුත් දඬුවම් ලැබී නැහැ. ඔවුන් සියලූම දෙනාට ද`ඩුවම් ලබාදීමේ ක්‍රියාවලියකට අපි එළඹිය යුතුයි. බැඳුම්කර වංචාව නිසා රටේ මූල්‍ය ක්ෂේත්රයේ අවුල් ජාලාවක් නිර්මාණයවී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය බැඳුම්කර වංචාව ගැන නිරන්තරයෙන්ම හාරා ඇවිස්සුවේ නැත්නම් මෙය මෙතරම් දුරක් යන්නේ නැහැ. ආත්ම ගරුත්වයක් තිබුණානම් අර්ජුන් මහේන්ද්‍රන් මුල් අවධියේම මහබැංකු අධිපතිධුරයෙන් ඉවත්විය යුතුව තිබුණා. නමුත් ඔහු ඉල්ලා අස්වුනේ නැහැ. එසේ ඉල්ලා අස්නොවූයේ ඔහු පිටුපස්සෙන් යම් බලයක් තිබූ නිසයි.මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව අපි මුලින්ගෙනා විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්තේ නැහැ. එය තවමත් කතානායකවරයාගේ ලිපිගොනුවේ තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය කප්පාදුවෙමින් තිබෙනවා. එපමණක් නෙමෙයි රැකියා අවස්ථාවන් ලක්ෂ ගණනින් කප්පාදු වෙමින් තිබෙනවා. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ. දවස ගානේ බදු ගහනවා. අපි අද මෙතන ඉඳගෙන ඉන්න ටිකටත් සීනිවලට බද්දක් ගහලා යැයි ඔහු පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. එකතැන නතරව තිබූ රටක් මහින්ද රාජපක්ෂ යුගයේදී වේගයෙන් සංවර්ධනය වුණා. ඒ නිසා පහළ මැදි ආදායම් ලබන රටක් බවට අපේ රට පත්වුණා. මේ හේතුවෙන් පොළී අනුපාතය, විරැකියාව, උද්ධමනය තනි ඉලක්කමක් බවට පත්වුණා. රටේ සමස්ත සංවර්ධන වේගය සියයට 7,8 ක් පමණ වුණා. පොලී අනුපාතය පහළ යෑම නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල වාසියක් වුණා.නමුත් බැඳුම්කර වංචාව නිසා අපේ රටේ සමස්ත ණය පොලිය රුපියල් බිලියන 167 ක් දක්වා වැඩිවුණා. ඒ මුදලින් මත්තල වගේ ගුවන් තොටුපළක් හා වරායක් හදන්න තිබුණා. එපමණක් නෙමෙයි බැඳුම්කර වංචාව නිසා විදේශීය ආයෝජකයන් විසින් මහබැංකු සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන නැවත අරගෙන ගියා. ආසන්න වශයෙන් පසුගිය වසර දෙකේදී පමණක් රුපියල් බිලියන දෙදාහකට වඩා ආයෝජන නැවැත අරගෙන ගිහින් තිබෙනවා. විදේශ විනිමය රටින් පිටට යනවිට රුපියල බාල්දු වුණා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගනිද්දි අපි ආමරිකානු ඩොලරයකට රුපියල් 101 ක් ගෙව්වා. 2005 සිට 2015 වසර දක්වා මහින්ද රාජපක්ෂ රජය අර්බුධ රාශියකට මුහුණ දුන්නා. එහෙත් එම වසර දහයේදී ඇමරිකානු ඩොලරය වර්ධනය වී තිබෙන්නේ රුපියල් 30න් පමණයි. එතුමා නැවත රට බාරදෙනවිට අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 131 මුදලක් ගෙව්වා. දැන් අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 155ක් ගෙවනවා. ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. රුපියල බාල්දු වීම නිසා ජාතියේ ණය බර ශීඝ්‍රයෙන් ඉහළ යනවා.මේ හැම දෙයක්ම සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. බැඳුම්කරේ සියලූම බර පැටවුණේ මේ රටේ අවිහිංසක ජනතාව මතයි. ඒනිසා බැඳුම්කර වගකීම බාරගෙන මුදල් ඇමැතිවරයා හා අගමැතිවරයා ගෙදර යා යුතුයැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ රවී කරුණානායක මහතා තමන්ගේ ඇමැති තනතුරින් ඉල්ලා අස්වුණා. දැන් මෙම සටන මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද? බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමට වැරදිකරුවන්ට දඬුවම් කරන්න බැහැ. සාක්ෂිකරුවකු වශයෙන් ජනාධිපතිවරයා ඕනෑම කොමිසමකට කැඳවිය හැකියි. ඒ නිසා මෙම කොමිසම හමුවට ජනාධිපතිවරයාද කැඳවිය යුතු බව අපේ අදහසයි.තමන්ගේම කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙද්දිත් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. එමෙන්ම බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරින් ඉවත් කරන ලෙසට රටේම ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. නමුත් ඔහු ඉවත් කළේ නැහැ. ඒ නිසා 2016 වසරේ මාර්තු මාසයේදී පෙරටත් වඩා විශාල බැඳුම්කර වංචාවක් සිදුවුණා. නමුත් අඩුම තරමේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයගේ විදේශ ගමන් බලපත්‍රයවත් අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ.බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් ප්‍රකෝටි ගණන් මුදල් යොදා ස්කාගාර පටන් ගන්නවා. මේ ගැන කතා කරන උදවියට මඩ ගහන්න මාධ්‍ය ආයතන ආරම්භ කරනවා. එහෙත් ඒ මුදල් රාජසන්තක කිරීමටත් මේ වනතුරු පියවරක් ගෙන නැහැ.ජනාධිපතිවරයා පමණක් නෙමෙයි අගමැතිවරයාත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කිරීමට තමන් විරුද්ධවූ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළා. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සියලූම වගකීම් තමන් බාරගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙම වංචාව ගැන හොයන්න අගමැතිවරයා නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා. එම කමිටුව නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ඇයි? මේ වංචාවට සම්බන්ධ වූ ලංකා බැංකු ප්‍රධානීන් හා සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධානීන්ද මෙම කොමිසම හමුවට කැඳවිය යුතුයි. එමෙන්ම කෝප් කමිටු වාර්තාව කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ ”ෆුට්නෝටි” කල්ලියත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි.ඒ කල්ලියේ සමහරුන් තමන්ගේ නැන්දම්මා, සහෝදර සහෝදරියන්ගේ නම්වලින් දේපළ මිළදී ගෙන තිබෙන බව ආරංචියි. ඒ පිළිබඳවත් සොයා බලා දේපළ රාජසන්තක කිරීමට රජය ක්‍රියා කළ යුතුයි. එවිට මේ බැඳුම්කර වංචාව ගැන දිග පළල සහිත පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකියි. මේ වංචාව නිසා රටේ සමස්ත ආර්ථිකයම පීඩාවට පත්වෙලා. ඒ නිසා රවී කරුණානායක වැලිකඩට ගෙනියනතුරු මේ සටන නවත්වන්නේ නැතැයි ද පැවසීය. ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාව පිළිබඳව කතාන්දර හඳුනා ගැනීමට අපි කරුණු එකිනෙක පෙළ ගස්වමින් සිටියා. නමුත් ඊට පෙර රවී කරුණානායක මහතා හරහා මේ කතාව එළියට පැන්නා. රවී කරුණානායක මහතා ඉල්ලා අස්වෙන්නේ ඇයි? ඔහු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුව ඇතුළෙත් ලොකු බෙදීමක් තිබුණා. රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ මේ දේශපාලන අර්බුදය නිසයි.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මුලින්ම පැමිණිලි කළා. නමුත් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ ගැන කරුණු ඇවිස්සුවා. පාර්ලිමේන්තු කෝප් කමිටු දෙකකින්ම මෙම වංචාව සම්බන්ධයෙන් එකම නිගමනයකට එළැඹුණා. නමුත් අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවට මෙම වංචාව හසුවුණේ නැහැ.බැඳුම්කර වංචාව මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී තිබෙනවා. ඒ දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දීමට නොහැකිව සිටිනවා. ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකිනෙකාට ගහ ගන්නවා. බැඳුම්කර වංචාව නිසා ලංකාවේ මූල්‍ය අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් හටගෙන තිබෙන බව ආර්ථික විශේඥයන් සඳහන් කරනවා. මේ නිසා ආණ්ඩුව හැම පැත්තකින්ම කොටුවී සිටිනවා. දැන් ආණ්ඩුව ගැලවෙන්න විවිධ උපක්‍රම සොයන බව ද පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අනන්ත අප්‍රමාණව මිත්‍යාව වපුරනවා. මෙම වංචාවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක මහතා තමන්ගේ අවසන් කතාවේදී දේවධර්මය උපුටා දක්වමින් කතා කළා. අද ඔවුන් ජනතාව අතර වීරයන් වීමට උත්සාහ ගන්නවා. මුදල් පනත අනුව මහ බැංකුව අයත් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයටයි. නමුත් මෙම රජය යටතේ මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළා. මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යාංශයකට පවරනවා නම් මුදල් පනත වෙනස් කළ යුතුයි. නමුත් මෙහිදී මුදල් පනත වෙනස් කළේ නැහැ.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා විසින් අංගසම්පූර්ණ වාර්තාවක් සකස් කළා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එපමණක් නෙමෙයි ළඟදී සිදුවූ කැබිනට් සංශෝධනයේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රවී කරුණානායක මහතාට අයත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය පවරනවා. ලෝකයේ කිසිම රටක එවැනි දෙයක් සිදුවී නැහැ. අමාත්‍යංශවලට විෂයන් වෙන්කිරීම ඉතාම විද්‍යානුකූල ආකාරයට සිදුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ලොතරැුයි මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද?බැඳුම්කර වංචාවේ සියලූම පව් රවී කරුණානායක මහතාගේ කරමත පැටවීමේ හැකියාවක් නැහැ. මුළු ආණ්ඩුවම මෙයට වගකිව යුතුයි. විදේශිකයකුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිකමට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් විරුද්ධවී තිබෙනවා. නමුත් අගමැතිවරයාගේ තනි කැමැත්තට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කළා.2015 වසරේදී පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව පත්වූ නව පාර්ලිමේන්තුවේ කෝප්කමිටුවත් මෙම වංචාව ගැන පරීක්ෂණ පැවැත්වූවා. එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමටත් අගමැතිවරයා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවූවා. මෙම ගනුදෙනුවට ලංකා බැංකුවත් සම්බන්ධ වුණා. ඔවුන් එක දුරකතන ඇමතුමට රුපියල් බිලියන 13ක් මෙම ගනුදෙනුව සඳහා ලබා දුන්නා.නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ වනවිට අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු 87ක් යවා තිබෙනවා. මෙවැනි කටයුතුවලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම විකෘති වෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ අඹුදරුවන්ටත් තර්ජනය කරනවා. මෙවන් වාතාවරණයක් තුළ ඔවුන්ට තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කිරීමට හැකියාවක් නැහැ.බැඳුම්කර වංචාව යට ගැසීමට දැන් රාජපක්ෂවරුන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. චෝදනා තිබුණත් රාජපක්ෂවරුන්ට විරුද්ධව මේවනතුරු කිසිම චෝදනාවක් නැහැ. මෙම පාලන ක්‍රමය වෙනස්කර තමන්ට ආදරය කරන නිර්මල පාලනයක් බිහිකර ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු යැයි පැවසීය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ මහත්වරුන් හා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. | මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක් | 0 |
(නාලක සංජීව දහනායක)ජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැති රජය තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමේ අරමුණින් බඩු මිල ඉහළ දැමීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (26) පැවැසීය. ජනතාව පීඩාවට පත්කරන රජය ගෙදර යැවීම සඳහා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතු යැයි ද මහාචාර්යවරයා කීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවැසීය.“අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය දැනටමත් කඩා වැටිලා ඉවරයි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම හරහා අපි කරන්නේ ජනතාවගේ මතය පර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීම පමණයි.අගමැතිවරයා සමඟ ආණ්ඩුවේ සිටිය නොහැකි බව මුලින්ම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරුන් කණ්ඩායමයි. ඒ නිසා මුලින්ම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනුයි. ඔවුන්ගේ ඒ ප්‍රකාශ ක්‍රියාවට නංවන්න සුදුසු වේලාව දැන් එළැඹී තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට සහාය නොදී අගමැතිවරයාට විරුද්ධව කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය සම්ප්රදායානුකූලවම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. දැන් ඒ දේශපාලන භූමිකාව ඉටුකරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ බව පළාත් පාලන මැතිවණ ප්‍රතිඵලයෙන් තහවුරු වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම දෙදරා ගිහිල්ලා. මැතිවරණ ප්‍රතිඵලය අනුව ආයතන 152ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ.නමුත් මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සියයට 50ක් සම්පූර්ණ කරගන්න බැරිවුණු ආයතන 71ක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එකසත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ ගාල්ල හා මීගමුව මහනගර සභාවල නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මුදලට අපේ පැත්තට නම්මවා ගත්තේ නැහැ. ඒ මන්ත්‍රීවරුන් ජනතාවගේ මතය පිළිබඳව හැඟීමකින් කටයුතු කර තිබෙනවා.ආණ්ඩුවට ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. ජනතාව සම්බන්ධයෙන් අනුකම්පාවක් තිබෙන රජයක් නම් මේ විදියට බඩු මිල වැඩි කරන්නේ නැහැ. මේ වනවිට ආණ්ඩුව අවසන් හුස්ම පොද හෙළන්නට සූදානමින් සිටිනවා. ඒ නිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ඉක්මනින් තීන්දුවක් ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ නැහැ. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂය හදිස්සියේම ඒ පනත සම්මත කර ගත්තා. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට එරෙහිව කරුණු 14ක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කරුණු 11ක්ම තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුයි. ඉතිරි කරුණු හතර ඇතුළත්ව තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධවයි. මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව උසාවිය මඟින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ඔහුගේ අත්සන මෙරට මුදල් නෝට්ටුව මත තිබීමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටෙනවා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණ පිහිටුවන බව රජය ජිනීවා මානව හිමකම් කවුන්සිලයේදී පොරොන්දු වුණා. එහෙත් රජය ඒ පොරොන්දු ඉටු නොකරන බැවින් තමන් මෙම ක්‍රියාව අරඹන බව නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.නමුත් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැන්නක් සිදු කළ නොහැකි බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් කවුන්සිලයට දැනුම්දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආරක්ෂා කරන්නේ කෙසේදැයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා” යැයි ද ඔහු කීය. | මැයි නිවාඩුව අහෝසි කිරීම කම්කරු විරෝධී ක්‍රියාවක් | 0 |
(නාලක සංජීව දහනායක)විමර්ශන පැවැත්වෙන අතරතුරදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉවත් කර රටට යහපාලන ආදර්ශය දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (21) පැවසීය.එසේ නොකරන්නේනම් ජනාධිපතිවරයා ද එම ක්‍රියාවන් අනුමත කරන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද කීය.පුංචි බොරැුල්ල, වජිරාස‍්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගන්නා මෙම යහපාලන ආණ්ඩුව මහබැංකුව ශුද්ද කළ කම්බ හොරුන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුව යනු ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ මුරදේවතාවයි. නමුත් මේ වනවිට කෝප් කමිටුව සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා.විමර්ශන පැවැත්වෙන අතරතුරදී කෝප් කමිටු සාමාජිකයන් පර්පචුවල් ටේරෂරීස් සමාගම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව මේ වනවිට හෙළි වී තිබෙනවා. සමහර කෝප් කමිටු සාමාජිකයන් අර්ජුන් ඇලෝෂියස් සමඟ රහසිගත සාකච්ඡා පවත්වා තිබෙන බවත් මේ වනවිට හෙළි වී තිබෙනවා. ඒක මිනී මැරුම් නඩුවක් අහන විනිසුරුවෙක් චූදිතයත් සමඟ හොරාට හමුවෙලා ?ට ?ට ඩි්රන්ක් එකක් දානව වගේ වැඩක්. මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත යුතු බව කථානායකවරයා පවසනවා. මේ ගැන ක්‍රියාකරන්න නීති උපදෙස් අවශ්‍යද. විමර්ශන පවත්වන සමාගමක නිලධාරියෙක් සමඟ ඉතාම හදිසි අවස්ථාවකදී හෝ කෝප් කමිටු සාමාජිකයෙක් සම්බන්ධකම් පැවැත්වූයේ නම් එම සාමාජිකයා විසින් කතානායකවරයා දැනුම්වත් කළ යුතුයි. මෙතන එහෙම දැනුම්වත් වීමක් සිදුවී නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එඩිතරව කටයුතු නොකළානම් මේ කිසිවක් හෙළිවන්නේ නැහැ.දුරකතන ඇමතුම් ගැන කොමිසම හමුවේ ඉදිරිපත් කිරීමේදී විශාල විරෝධයක් මතුවුණා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ නීතිඥවරයාගෙන්. එදා ඒ විරෝධයට ඉඩ ලැබුණා නම් කෝප් කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම අදත් ජනතාවට හෙළි වෙන්නේ නැහැ.දුරකතන ඇමතුම් දුන් පුද්ගලයන් තමන්ගේ හැසිරීම යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවීමට උත්සාහ ගන්නවා. පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන්නේ ජනතාවට සේවය කිරීම සඳහා මිස හොරකම්, දුෂණ හා වංචාවන් වසන් කිරීමට නෙමෙයි. මේ ක්‍රියාව සඳහා කතානායකවරයා අවසර නොදිය යුතුයි. තවත් මන්ත්‍රීවරුන් 45 දෙනෙක් සමඟ සම්බන්ධකම් පවත්වා තිබියදී ඇයි අපි විතරක් අල්ල ගත්තේ කියා මෙම චෝදනාවට ලක්වන සමහර කෝප් කමිටු සාමාජිකයන් විමසනවා.ඒක වෙනම කතාවක්. මේ විශේෂ වගකීමට බැඳිලා ඉන්නේ කෝප් කමිටු සාමාජිකයින්. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. මෙම මගඩිය වසන් කිරීම සඳහා දැන් රංගනයක් පටන්ගෙන තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයින් ඊට ඍජුව සහභාගි වෙනවා. මේ ලෙස ඔවුන් දුරකතන සබඳතා පැවැත්වීමට හා මුහුණට මුහුණ රහසිගතව හමුවීමේ සාධාරණ හේතුවක් නැහැ.මේ ගැන අවසාන වගකීම භාරවන්නේ ජනාධිපතිතුමාට. කෝප් කමිටුවේ මේ ලෙස හැසිරුණේ ජනාධිපතිවරයාගේ රජයේ ඇමැතිවරුයි. මේ ඇමැතිවරුන්ගේ හැසිරීම අනුමත කරනවාද, නැතිද යන්න ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතුයි. සෑහීමකට පත් නොවන්නේ නම් ඒ ගැන එඩිතර ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී යහපාලන ආදර්ශය දෙමින් මේ ඇමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට එතුමා වහාම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොකරන්නේ නම් එතුමන් ද මේවා අනුමත කරන බව ජනතාව තුළ විශ්වාසයක් ඇති වන බව ද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.2015 පෙබරවාරී මාසයේදී බැඳුම්කර වංචාව සිදු වූ දිනයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ අපි මෙම වංචාව හෙළි කිරීමට උපරිමයෙන්ම කටයුතු කළා. මේ ගැන පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පළමුවෙන්ම ප්‍රශ්න කළේ අපියි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වංචාව සම්බන්ධයෙන් විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධාන දැනුම්වත් කළා.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කෝප් කමිටුවලින් වැඩි විස්තර හෙළිදරව් නොවන බව අවබෝධ වීම නිසා මෙම වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එම කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත වෙනවා.මේ වනවිට අගමැතිවරයාගේ සාක්ෂි විමසීමත් සමඟම බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම් අවසන්ව තිබෙනවා. ඒ සාක්ෂි මත පදනම්ව සකස් කළ වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයාට බාරදීමට නියමිතව තිබෙනවා. මෙම වංචාව සිදුවන්නේ හිටපු මුදල් ඇමැතිවරයාගේ අනුදැනුම මතයි.රටේ මූල්‍ය බලය සම්බන්ධයෙන් වගකීමක් තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන් වහාම ඉන් එක් පිටපතක් කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට බාරදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙය ඉතාම කඩිනමින් විභාග කර නඩු පැවරීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.වසර 2045 වනතුරු බැඳුම්කර වංචාවේ බර දැරීමට ජනතාවට සිදුවෙනවා. ඒ වසර වනතුරු පොලී අනුපාතය හා විනිමය අනුපාතය කෙරෙහි බලපෑම් කරනවා. මේ වංචාව නිසා විශ්වාසය පළුදුවීම නිසා අපේ රටේ තැන්පත්කර තිබූ මුදල් ආයෝජකයන් විසින් නැවත අරගෙන ගියා. රටට ආයෝජකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. ඒ අලාභය කොතෙක්ද කියන්න අපි දන්නේ නැහැ. අපේ රටේ මුදල් ආයෝජනයට සුදුසු රටක් නොවන බවට බ්ලූම්බර්ග් දර්ශකය සඳහන් කරනවා.පසුගිය රජයේ රහසිගත ණය අගමැතිවරයා විසින් හෙළි කළ බව මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට වෙනමම කොමිසමක් පත්කළ යුතුයි. කිසිම රජයක් ණය සඟවාගෙන හිටියේ නැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් ණය වාරික හිඟ තියා නැහැ. ඒ විශ්වාසය උපරිමයෙන්ම ආරක්ෂා කර තිබෙනවා.මේ කතාව නිසා ඉදිරියේදී ණය ගැනීමේදී ආණ්ඩුවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. පසුගිය රජය විසින් ලබාගත් රහසිගත ණය ප්‍රමාණයන් පිළිබඳව සංඛ්‍යා දත්ත සහිතව පාර්ලිමේන්තුවට සියලූම තොරතුරු හෙළිකරන මෙන් ඉල්ලමින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ලිපියක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.බැඳුම්කර කියන වචනය ඇහුණ ගමන්ම එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් දඟලනවා. දැන් බය නැති අගමැති කියලා රට පුරාම පෝස්ටරයකුත් අලවලා. බැඳුම්කර වංචාව නිසා යහපාලන රජය මඩ ගාගත්තා. ජනතා අවධානය එතනින් වෙනතකට යොමු කිරීම සඳහා ඉතාම ඉක්මනින් රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගත යුතු බවට ආණ්ඩුවට උපදෙස් ලැබී තිබෙන බවට අපට තොරතුරු ලැබෙමින් පවතිනවා.මේ වංචාවට සම්බන්ධවූවන්ට නීතිය අනුව දඬුවම් දෙනමෙන් අපි ඉල්ලීමක් කරනවා. කාගෙන්වත් පළිගන්න කියලා අපි කියන්නේ නැහැ. හිටපු මුදල් ඇමැතිවරයා සමඟ අපිට වෛරයක් නැහැ. වෙන අයගේ පවුසමා කර ගැනීමට රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම යහපාලන ආදර්ශය නොවන බව ද පැවසීය. | දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න | 1 |
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක් ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :- රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක් අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන් පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක) | දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න | 0 |