Search is not available for this dataset
News Content
stringlengths
35
40.7k
Headline
stringlengths
9
215
Is_headline
int64
0
1
 (නාලක සංජීව දහනායක)කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය.එම වැඩිවන මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයට රජය ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම විහාරයේදී, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පෙරේදා (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.පොදුජනතාවට අත්‍යවශ්‍ය සහල් හා පොල් මිල ඉතිහාසයේ පළමු වතාවට රුපියල් සියය ඉක්මවා තිබෙනවා. එම නිසා අද පොල් සම්බල් හා බත් ආහාරයට ගැනීමත් පිරිවැය අධික කාර්යයක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම මෙලෙස ආහාර මිල ඉහළ යෑමෙන් පෙන්නුම් කරනවා. මේ මිල පාලනය කරන්න වෙළෙඳපොළ ක‍්‍රමයට රජයේ ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. පසුගිය රජය සමයේ එක් අවස්ථාවක මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළා. ඒ වකවානුවේදී මුළු ලෝකයේම ආර්ථිකය අර්බුධයකට ලක්වුණා. අපිත් යුද්ධයත් සමඟම ඒ ආර්ථික අර්බුධයට මුහුණ දුන්නා.ඒ අර්බුධයෙන් මිදෙන්න අපි මුදල් අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වෙලා විකල්ප වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. දේශීය අස්වැන්න නෙළන කාලය වනවිට අපි ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවලට බදු පනවනවා. නමුත් වර්තමානයේදී අමාත්‍යංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකරන නිසා බදු පැනවීම් ආදිය සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙනවා.පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට පොල් අලෙවි මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැහැ. පොල් ගෙඩියකට සම්මත ප‍්‍රමිතියක් නැහැ. ඒ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධානයන්ට අනුව ගැසට් නිවේදනයක් පළ කළ යුතු වෙනවා. පොල් අලෙවි මණ්ඩලය නිකම් ප‍්‍රකාශයක් නිකුත් කළ පමණින් පොල් මිල පාලනය කරන්න බැහැ. පසුගිය රජය සමයේදී පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරඟයක් ඇති කරලා පොල් මිල පාලනය කිරීමට කටයුතු කළා. මෙවැනි දේවල් කිරීම සඳහා අමාත්‍යංශ අතර අන්තර් සබඳතාවක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.පසුගිය රජය යුද්ධය නිම වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තා. ඒ නිසා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අසාමාන්‍ය පිිබිදීමක් ඇති වුණා. ඒ නිසා මේ රජයට අතිරික්ත වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපළ පවා යොදා ගත්තා. නමුත් මේ වනවිට නියඟය හා අධික වරුසාව නිසා වගා පාළු වුණා. එමෙන්ම ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වීම නිසා වී සඳහා ගොවීන්ට නියම මිලක් ලැබුණේ නැහැ. මේ කරුණු නිසා සහල් කිලෝවක මිල රුපියල් සියයට වඩා ඉහළ ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා වී කිලෝවකට රුපියල් 30 සහතික මිලක් නියමකර සහල් කිලෝවක මිල රුපියල් 60 සීමාවේ පවත්වා ගත්තා.එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් හා ගෑස් හා ආහාර මිල පහළ වැටීම නිසා මෙම රජයට අසාමාන්‍ය වාසි අත්වුණා. ඒසේ තිබියදීත් රුපියල් 110න් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවුණා. පසුගිය කාලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෑස් මිල ඉහළ යෑම කෘති‍්‍රමව වළක්වා ගැනීම ඒකට හේතුවුණා. ඒක තාවකාලික ප‍්‍රතිකර්මයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ට රජය කළමනාකරණය කර ගැනීමට නොහැකි බව ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට චෝදනා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා යැයි පැවසීය.            ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ වනවිට අපේ රටේ පවතින අධික දුෂණය නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි මෙම රජය අප රටේ පත්වූ දුෂිතම රජයයි. අපේ රටේ විශාලතම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. එම වංචාවෙන් රටට රුපියල් ටි‍්‍රලියන තුනක අලාභයක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා. බැඳුම්කර වංචාවට රජයේ ඉහළ තැන්වලින් අනුග‍්‍රහයක් ලැබුණු බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා බැඳුම්කර කොමිසමේ දෙන සාක්‍ෂි අනුව පැහැදිලි වෙනවා. ලිට්ල් ජොනී, චාලි වැනි අන්වර්ථ නම්වලින් ඒ ඉහළ නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මෙම වංචාව නිසා රටේ ආර්ථිකය දෙදරා ගියා. රට පිළිබ`දව ජාත්‍යන්තර විශ්වාසය පළුඳු වුණා.             මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ තුන්වන අදියර මෙම සතිය තුළදී ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. එම මාර්ගය ඉදිකිරීමේදී මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සිදුව තිබෙනවා. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කරන ලද ෆූජීටා නමැති සමාගම මෙම ව්‍යාපෘතියට ඈඳා ගැනීමට රජයට විශාල උවමනාවක් තිබෙනවා. එම සමාගමට මූල්‍ය ශක්තිය හා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තාක්‍ෂණික දැනුමක් නොමැති බව තාක්‍ෂණ කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ නිසා ඨායිසෙයි නමැති සමාගමට මෙම මාර්ගය ඉදිකිරීමට භාරදුන්නා.එහෙත් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලින් කොටසක් ෆූජීටා සමාගමට ලබාදෙන ලෙසට ඨායිසෙයි සමාගමට බලකරනවා. ජපන් රජයේ වුවමනාව මත එලෙස ක‍්‍රියා කරන බවත් රජය ප‍්‍රකාශ කරනවා. නමුත් මෙම මාර්ගය ඉදිකිරීම අපේ රටේ නීතිරීති අනුව සිදුවේ යැයි ජපන් රජය බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන මහකොමසාරිස්වරයා මේවනවිට රජයට ලිඛිතව දන්වා තිබෙනවා. මේ දුෂණය නිසා දළ වශයෙන් රුපියල් බිලියන 1100 ක අලාභයක් සිදුව තිබෙනවා. මේ කොමිස් ගන්නේ කවුද?. මේ වගේ තත්ත්වයක් තුළ ආයෝජකයන් අපේ රටට පැමිණෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.මේ වන විට රටේ මැතිවරණ පවත්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ පිළිබඳව තැකීමක් නැහැ. පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන ක‍්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ක‍්‍රියාදාම උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. කිසියම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු අදියරේදී ඉතාම භායානක වගන්ති එම පනතට ඇතුළත් කරනවා. ඒ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ. ඒ වගන්ති නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ සංශෝධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා. නීතිපතිවරයාට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඔහුට ජාතික කර්තව්‍යයක් පැවරී තිබෙනවා. නමුත් නීතිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔහු අපක්‍ෂපාතීව කටයුතු කළේ නැහැ. 2002 අංක 5 අනුව නීතිතිවරයා නිලයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සැලසී තිබෙනවා. ඒ පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සලකා බලමින් සිටිනවා. අද මධ්‍යම රාත‍්‍රි සිට සබරගමු පළාත් සභාව අහෝසි වෙනවා. ඒ අනුව පළාත් සභා ස`දහා බාරවන ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි වෙනවා. බරපතළ ප‍්‍රතිඵල ලැබෙන පනතක් සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමට රජය උත්සාහ ගත්තේ නැහැ. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එය බරපතළ වැරැද්දක්.සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ පළාත් සභා මැතිවරණ පනතට පක්‍ෂව මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්දය දුන්නා. තවත් දින කිහිපයකින් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අහෝසි වෙනවා. ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය මේ රජයේ අන්තර්ගත කොටස්. ඔවුන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස ගණන් ගැනීම යථාර්ථවාදී නැහැ. තීරණාත්මක අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණේ තම සහයෝගය ආණ්ඩුවට ලබාදෙනවා. එදා පළාත් සභා පනතට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය නොලැබුණානම් මැතිවරණ කල් දැමීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මාර්තු මාසයට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණ තුන පවත්වන ලෙස කථානායකවරයා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට නියෝග කළා. එහෙත් ඒ මැතිවරණය පවත්වාවි යැයි කිසිම විශ්වාසයක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ කටයුතු කිරීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඒ සංකීර්ණ ක‍්‍රියාදාමය නැවැතත් පළාත් සභා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා. 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර මැතිවරණ නොපවත්වන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කරනවා. ඒ අනුව තවත් මාස 15කට මේ රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවෙනවානම් රටට මැතිවරණ කොමිසමක් කුමකටදැයි ප‍්‍රශ්න කළේය.
දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න
0
(නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.   මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප‍්‍රශ්න කළා. එහෙම ප‍්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ හැදීම, එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.මේ සියලූම පාපතර ක‍්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප‍්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප‍්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්‍ෂය, ලක්‍ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්‍ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් සාමාජික පක්‍ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය.
දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජික ඇමැති තනතුරුවලින් ඉවත්කරන්න
0
(අංජුල මහික වීරරත්න)“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ  නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටමඅපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට  නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන  එවිට ලෝක වෙළෙඳපොළේ  විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය  නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඌව පරණගම සංවිධායක ඌව පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ මහාමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා:“ඌව පරණගම ආසනයේ කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි. ඌව පරණගම සීයට 85ක ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. හැමදාම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමේ වුවමනාව අපට තිබුණා.යාලගමුවේ ගොවි ගම්මානය සඳහා අප අක්කර 53ක භූමිය හඳුනාගෙන තිබෙනවා. මේ අසලින් උමා ඔය ගලා බසිනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇරඹූ වාසනා ගමත් මේ ආසන්නයේ තිබෙනවා. තල්පිටිගම වේල්ල ඉදිවෙන්නේත් මේ ආසන්නයේයි. මෙය මා වසර 16කට පෙර දුටු සිහිනයක් බව කිව යුතුයි. අක්කර 53ක් වන ඉඩමේ අක්කර 50ක් වගා කටයුතු සඳහා ද අක්කර 3ක් මෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සහභාගී වන තරුණ තරුණියන්ගේ නේවාසික පහසුකම් සඳහා ද වෙන්කර තිබෙනවා.අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල්දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙහි වගා කරනවා.  විශේෂයෙන් ජර්මනියේ මේ භෝග සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා.”කම්කරු සබඳතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතා:“රාජ්‍ය නායකයකු ඉතා දුෂ්කර ප්‍රදේශයකට පැමිණීම ගැන ස්තූති විය යුතුයි. මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පමණයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව මේ ප්‍රදේශයට ආ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.අපනයන ගම්මානය ඉදි කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වීමට නියමිතය. පරිවර්තනය සිතන තරම් ලේසි නැහැ. අප බාර ගත්තේ හොඳ රටක් නොවෙයි. අප ජනප්‍රිය නොවන ආණ්ඩුවක් වී ඇත්තේ හරි දේ කරන නිසයි. තව වසර 2ක් යනවිට ජන වරමේ සැබෑ වෙනස දැක ගැනීමට හැකි වේවි.ඉදිරියේදී විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාව ඉවසිලිවන්තව අප සමඟ ගමන යන්න සූදානම් වෙන්න.”ඌව පරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් මහතා:“උපාලි සමරවීර යනු අභියෝග බාර ගන්නා නායකයයි. ඔහුගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව අපට විශ්වාසයි.අභියෝග බාර ගැනීමට අප සූදානම්. ඒ මෙරට තාරුණ්‍යයට හෙට දවස සෑදීම සඳහායි. ඌව පරණගම ආසනය කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි.2000 වසරේ නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. 2000 බල පෙරළියෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා. 2001 දී අප ආණ්ඩුව පිහිටෙව්වා. ඌව පරණගම සීයට 85ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා.”ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
1
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්‍ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන  යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය  අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්‍ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර  සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස  හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද  ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ  තාවකාලිකබාරය  නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු  විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(අංජුල මහික වීරරත්න)බඩු මිල අඩු කර, වැටුප් වැඩි කරමින්, රටේ ජනතාවගේ ආදායම ඉහළ දැමූ එකම ආණ්ඩුව වන්නේ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලිගහ මන්දිරයේදී ඊයේ (29) පැවැසීය.යහපාලන රජයේ වත්මන් වැඩසටහන්වල ප‍්‍රගතිය 2020 වන විට දැක ගැනීමට හැකියාව ලැබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය බර නැති ශීඝ‍්‍රයෙන් දියුණුවන රටක් අනාගත පරපුරට උරුම කර දෙන බවද අනාවරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ගමින් ගමට - දොරින් දොරට සැමට සෙවණ විසිර නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍ය ආධාර චෙක්පත් ප‍්‍රදානය කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාස ලාභීන් 1100 ක් සඳහා මේ යටතේ විසිරි නිවාස ණය පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.මෙම නිවාස වැඩසටහන යටතේ සැමට සෙවණ විසිරි නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විශාල පිරිසකට අද නිවාස ඉදිකර ගැනීම සඳහා උපකාර කරනවා. මෙය සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ විශේෂ වැඩසටහනක් බව කිව යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන රණසිංහ පේ‍්‍රමදාස මහතා මෙරට නිවාස අමාත්‍යවරයා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙසත් නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, උදාගම් ව්‍යාපාරය, ගම්උදාව ආරම්භ කළා. ඒ වනතුරු මෙරට නිවාස ක්‍ෂේත‍්‍රයෙන් අප බලාපොරොත්තු වූ ප‍්‍රගතිය දක්නට ලැබුණේ නැහැ.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ අත්දැකීම් ද ලබාගෙන සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා දැන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු අදාළ ආයතනවල සහයෝගය ලැබෙනවා. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මා විශේෂ ප‍්‍රශංසාවක් පළ කිරීමට කැමැතියි.මේ වනවිට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට ආධාර උපකාර කර තියෙනවා. එකල අමාත්‍යංශය විසින් නිවාස ඉදිකිරීම් බාරගත්තා. ඒත් ඊට වඩා අඩු වියදමකින් ලාබදායී ආකාරයට ඉදිකර ගැනීම සඳහා අප නිවාස හිමියන්ට මූල්‍ය සහ ද්‍රව්‍ය ආධාර උපකාර ලබා දෙනවා. අද මේ වැඩසටහන් සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ මේ ක‍්‍රමය අනුවයි.නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවක්. තම නමට නිවසක අයිතිය ලබාගැනීම සියලූම දෙනාගේ සිහිනයක් බව කිව යුතුයි. තමන්ගේ නිවසක ජීවත්වීම  මෙන්ම තම දරුවන්ට ද නිවසක අයිතිය ලබාදීම සැමගේම සිහිනයක් වී තිබෙනවා.වර්තමානයේදී ජනතාව වෙනුවෙන් නිවාස ලක්‍ෂ දෙකහමාරක් පමණ ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ සඳහා මූල්‍ය සම්පත් වෙන්කර ගැනීමට හැකියාව ලැබී තිබෙන නිසයි. සම්පූර්ණයෙන්ම රුපියල් කෝටි 2200 ක් පමණ නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කිරීමට හැකිවී තිබෙනවා. මෙය අප අරඹා ඇත්තේ විශාල කාර්යභාරයක් බව කිව යුතුයි.ගංවතුර සහ නාය යෑම නිසා නිවාස අහිමිවූවන් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන්වලට සහභාගීවීමට පසුගිය දිනවල මට අවස්ථාව ලැබුණා. එමෙන්ම ඇල්පිටිය ප‍්‍රදේශයේදී ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගීවීමටත් අවස්ථාව ලැබුණා. ඒ අයුරින්ම උතුරේ නිවාස, වතුකරයේ නිවාස, ග‍්‍රාමීය නිවාස වැඩසටහන් සඳහා ද ආධාර උපකාර ලබාදීමට හැකිවුණා. සෑම දෙනා සඳහාම නිවාස ලබාදීමට ප‍්‍රාග්ධනයක් අවශ්‍යයි. අපේ එක් අරමුණක් වන්නේ එම ප‍්‍රාග්ධනය ලබාදීමයි. ආණ්ඩුව ප‍්‍රාග්ධනය ලබාදුන් පසුව ජනතාවගේ දහඩිය මහන්සිය යොදා නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබෙනවා. අපේ විශාල අවශ්‍යතාවක් තිබුණේ අඩු ආදායම්ලාභීන් සඳහා ප‍්‍රාග්ධනය ලබාදීමයි. අප මේ වර්තමානයේදී ක‍්‍රියාත්මක කරන්නේ ඒ කාරණයයි.වර්තමානයේදී ආණ්ඩුවක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා කියූ ආකාරයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අප බාරගනිද්දී ලංකාව පුරා කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි යන කාරණය වත් දැනගෙන සිටියේ නැහැ. කොතෙක් නිවාස ඉදිකළ යුතු දැයි එහිදී අප සාකච්ඡුා කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුල් යුගයේදී අපට උරුම වී තිබුණේ ණය කන්දරාවක් පමණයි.වත්මන් පරම්පරාවට පමණක් නොව ඊළඟ පරම්පරාවටත් රාජපක්‍ෂ රජය විසින් ණය කන්දරාවක් උරුම කර දී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. එම ණය ගෙවා දැමීමට නොහැකි බව දැනගත් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වූවා. මේ ආණ්ඩුව ණය අර්බුදය හේතුවෙන් කඩා වැටේවි යැයි ඇතැම් අය කල්පනා කළා. ඒත් ණය අර්බුදය හේතුවෙන් ආණ්ඩුවෙන් වැටෙන්නට නොදෙන බව අපි එදා තීරණ කර තිබුණා. අපි එම අභියෝගය බාර ගනිමින් එකට එකතු වී ණය අර්බුදයට විසඳුම් සොයා ගත්තා. එදා රටේ ජාතික ආදායම ණය ගෙවීමට වත් ප‍්‍රමාණවත් වුණේ නැහැ.එදා පැවැති ආණ්ඩුව ආදායම් සොයා ගත්තේ තෙල් මිල වැඩි කර ලබාගත් ලාබයෙනුයි. ඒත් අප තෙල් මිල ලෝක වෙළෙඳපොළේ මට්ටමට අඩු කිරීමට පියවර ගත්තා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වුණොත් රටේ තෙල් මිල අඩු කිරීමටත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියහොත් රටේ තෙල් මිල වැඩි කිරීමටත් අප තීරණය කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා. ඒ වගේම මේ වනවිට ආදායමත් වැඩි කර තිබෙනවා. එසේ නම් බඩු මිල අඩුකර වැටුප් වැඩි කරමින් රටේ ජනතාවගේ ආදායම් ඉහළ දැමූ එකම ආණ්ඩුව අපේ ආණ්ඩුවයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරිමයි. රටේ ආර්ථිකය ප‍්‍රමාණවත් නැතිනම් නිවාස ඉදිකළ නොහැකියි.සජිත් පේ‍්‍රමදාස අමාත්‍යතුමා පැවසූ ආකාරයට අපට ණය, ණය සඳහා පොලිය ආදී ගැටලූ නොතිබුණානම් ඉතා අඩු පොලියක් යටතේ රටේ සියලූම ජනතාවට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමට හැකියාව තිබෙනවා. ණය, ණය සඳහා පොලිය ගෙවීම වැනි ගැටලූ තිබියදී පවා ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා අප රුපියල් කෝටි 2200ක මුදලක් වෙන්කර තිබෙනවා. ජනතාවගේ ශ‍්‍රමයෙන් සහ රජයෙන් ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්බ කර තිබෙනවා. එසේ නම් මෙම වසර දෙකහමාර තුළ  රටේ  ණය බර ගෙවීමට හැකි ආර්ථික තත්ත්වයක් ඇති කළා සේම  අනාගතයේ දී ණය බර ගෙවා අවසන් කිරීමට හැකි ශක්තියක් තිබෙන ආර්ථික මට්ටමක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි. අද අපට තිබෙන සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. රටේ ජාතික ආදායමෙන් ණය ප‍්‍රමාණයෙන් කොටසක් ගෙවීමට හැකි වුවත්. සම්පූර්ණ ණය ප‍්‍රමාණය ගෙවා අවසන් කිරීමට තරම් ප‍්‍රමාණවත් ආදායමක් නැහැ. ඒ සඳහා දැන් විශාල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ නිසි ආර්ථික කළමනාකරණය නිසා පමණක් නොව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ අපේ ආණ්ඩුව ලෝකයේ සෑම රටක් සමගම හොඳ  සම්බන්ධතාවක් පවත්වාගැනීමත් ඊට හේතුවයි. ඉන්දියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, රුසියාව යන රටවල් සහ යුරෝපා රටවල් සමගත් අප මිත‍්‍රත්වයෙන් කටයුතු කරනවා. ඒ සියලූ රටවල් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ආධාර හා උපකාර ලබා ගනිමින් අප ඉදිරියට  යනවා. ඒ අනුව මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කිරීමට අපට හැකි වී තිබෙනවා. ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර ලබාදීමට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට අපට හැකිවී තිබෙනවා. ගෝලීය ආර්ථිකයේ ගැටලූ ඇති වී තිබෙන අවධියක අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇතිකර ගනිමින් ඉදිරියට යාමට අපට මේ වනවිට හැකිව තිබෙනවා. දැන් අපට තිබෙන්නේ විශාල සංවර්ධනයකට සූදානම් වීමයි. අපේ රටේ ණය ප‍්‍රමාණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කිරීමට අපට හැකි වන්නේ ඒ සංවර්ධනය මගිනුයි. ආණ්ඩුව පිහිටුවා ගත වූ මේ වසර දෙකහමාර තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ලක්‍ෂ දෙකහමාරකට අධික ප‍්‍රමාණයක් අප ජනතාව වෙනුවෙන් බිහිකර තිබෙනවා. මේ වනවිට රටේ පෞද්ගලික අංශය දියුණුවෙමින් පවතිනවා. ලබන මාසයේදී නව බදු සහන ලබාදුන් පසුව ආර්ථිකය මීටත් වඩා දියුණුවට පත්වේවි. ආයෝජකයන් සඳහා බදු සහන ලබාදුන් පසුව එයින් තවදුරටත් රැුකියා අවස්ථා බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. හම්බන්තොට වරාය ණය බරින් ඉවත් කොට වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්වී වරාය ඉදිරියට ගෙනයාම සඳහා හවුල් ව්‍යාපාර අරඹා තිබෙනවා. ඒ  තීරණය ජනතාවගේ කරමතින් විශාල බරක් ඉවත් කිරීමක් බව කිව යුතුයි. එමෙන්ම අප ජපානය සමග එකට එක්ව මහනුවර නගරය විශාල සංවර්ධනයකට ලක් කරනවා. කෘෂිකර්මය මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කරනවා. වයඹ ප‍්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්ද කර්මාන්ත කලාප ඇති කිරීමෙන්ද විශාල දියුණුවක් දැකගන්නට හැකියාව ලැබේවි. කුරුණෑගල නගරය දියුණු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත්. බස්නාහිර පළාතම මහනගරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ගාල්ල, මාතර ප‍්‍රදේශවල ආසියාවේ හොඳම සංචාරක කලාප බිහිකිරීමටත් අප වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. හම්බන්තොට, මොනරාගල, මාතර ප‍්‍රදේශවල කර්මාන්තකරණය සමග විශාල ආර්ථික දියුණුවක් ඇතිවීමට නියමිතයි. පිබිදුනු පොලොන්නරුව වැඩසටහන යටතේත්, මොරගහකන්ද වැඩසටහන යටතේත් මල්වතු ඔය වැඩසටහන යටතේත් අප විශාල දියුණුවක් අපේක්‍ෂා කරනවා. එමෙන්ම ති‍්‍රකුණාමලය වැඩසටහන තුළින්ද ඒ ප‍්‍රදේශයේ අලූත් විප්ලවයක් බිහිවෙනු ඇතැයි අප අපේක්‍ෂා කරනවා. අප මෙම අභියෝගය බාරගත්තේ විශාල බරක් උරමත තබාගෙනයි. ඒත් ණය බර තිබෙනවා යැයි කියා අප නිවාස ඉදිකිරීම් කටයුතු නතර කළේ නැහැ. වර්තමානයේදී ඒ කි‍්‍රයාවලිය තවත් වර්ධනය කොට ජනතාවට නිවාස අයිතිය ලබාදීමට, ඉඩම් අයිතිය ලබාදීමට  අධ්‍යාපනය ලබාදීමට වන අයිතිවාසිකම් තවත් පුළුල් කිරීමට ජනතාවගේ ආදායම වැඩිකිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ඔබේ සම්පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:-මේ මන්දිරය කාලයක් භාවිතා වූයේ එක කණ්ඩායමක පැවැත්ම වෙනුවෙන්. අද ඔබ දහස් ගණනක් මෙහි පැමිණ සිටිනවා.අප අන්ත අසරණ පවුල් සඳහා රුපියල් ලක්ෂ 42 ක නිවෙසක් පරිත්‍යාග කරනවා. මලල ක‍්‍රීඩා ක්්ෂේත‍්‍රයේ ක‍්‍රීඩිකාවන් තිදෙනකු සඳහා රුපියල් ලක්ෂ 42 බැගින් වන නිවාස 22 ක් දෙනවා. පවුල් 1100 ක් සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැයකොට අසම්පූර්ණ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍ය පරිත්‍යාග කරනවා.යහපාලන රජය නිවාස ක්ෂේත‍්‍රයේ යෝධ සංවර්ධන හිමි පිමි ගණනාවක් ඉදිරියට තබා තිබෙනවා. ජනපති සහ අගමැති අපට හැමවිටම උපදෙස් දෙන්නේ කරන දේ හරියට පිරිසුදුව කරන ලෙසයි. ඔබට දෙන අරමුදල් කාගෙවත් පෞද්ගලික මුදල් නොව මහජනතාවගේ සම්පත් බව ඔවුන් හැමවිටම උපදෙස් ලබා දෙනවා. අප හැමවිටම කටයුතු කරන්නේ ජනතාවගේ උන්නතිය සඳහායි.අගමැතිතුමන් හැමවිටම නිවාස ඉදිකිරීම් සඳහා සුවිශේෂී උනන්දුවක් දක්වනවා. 2020 වනවිට මෙරට උදාගම්මාන 2500 ක් ඉදිකිරීම අපේ අරමුණයි. උතුරු පළාතින්ද දැවැන්ත නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.අගමැතිතුමාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම සමරමින් රටපුරා උදාගම්මාන 40 ක් අරඹා තිබෙනවා.රණවිරුවන් සඳහා විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපගේ ව්‍යාපෘති තුළින් මෙරට නිවාස අවශ්‍යතාව හඳුනාගෙන තියෙනවා.මෙරට ලක්ෂ 25 කට නිවාස ප‍්‍රශ්නය තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. මුළු රටම ණය බරින් පීඩාවට පත් කර පසුගිය සමයේ මහා පරිමාණ ව්‍යාපෘති ඇරඹුණා. මේ සුදු අලි ව්‍යාපෘති නොතිබුණා නම් ඒ මුදල් ද නිවාස ප‍්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෙදවීමට හැකියාව තිබෙනවා.සොඳුරු පියස ණය වැඩසටහන තුළින් කොළඹ පවුල් 5000 කට ආධාර උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ප‍්‍රගතිශීලී, ජනහිතකාමී අමාත්‍යංශයක් බව කිවයුතුයි. රජයේ අරමුණ සැමට ශක්ති සම්පන්න ජීවිකාවක් ලබාදීමයි. මෙරට ආර්ථික වර්ධනය ඇති කිරීමට විශේෂ සංවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මකයි.අපේ සිහිනය නිවාස ප‍්‍රශ්නය තිරසාරව විසඳුණ ශ්‍රී ලංකාවක් දැකීමයි.නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා:-ඉතිහාසයේ සිට අප නිවාස ප‍්‍රශ්නයට මුහුණ දුන්නා. පසුගිය සමයේ නිවාස අමාත්‍යංශයට වෙන්වූයේ සීමිත මුදලක්. එලෙස වෙන්වූ මුදලෙන් පවා ඥාතීන්ට නිවාස ඉදිකර දුන්නා. වත්මන් රජය බලයට පත්වූ පසුව අප අමාත්‍යංශයට ප‍්‍රමාණවත් මුදලක් වෙන්කර තිබෙනවා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අද ඉතා කාර්යක්ෂම අමාත්‍යංශයක් බවට පත්වී තිබෙනවා. ඉදිරි වසර කීපයේදී නිවාස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දීම අපේ අරමුණයි. වත්මන් රජය ගැන ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.අතීතයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතාත් මෙහිදී අදහස් දැක්වූහ.
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
(නාලක සංජීව දහනායක)යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ.එබැවින් රටට ආදරයක් ඇත්නම් කිසිවකුත් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩක් නොදිය යුතු යැයිද උන්වහන්සේ කීහ.”එළිය” සංවිධානය විසින් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ (03) සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.අභයතිස්ස හිමියෝ මෙසේද පැවසූහ.මේ රට ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් සමන්විත ෆෙඞ්රල් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවෙමින් තිබෙනවා. ”යුනිටරි” කියන වචන සමඟ මේ අය හැප්පෙන හැප්පිල්ලෙන් අපිට ඒ බව ඉතාම පැහැදිලි වෙනවා. ඒ වචනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පසුගිය කාලයේ බොහොම දැඩිව කතා කළා. යුනිටරි වචනය භාවිතයට නොගන්නා ලෙස බෙදුම්වාදීන් ඉතාම දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වචනයට ජාත්‍යන්තර අර්ථයක් තිබෙනවා. ඒ අර්ථය ප‍්‍රතික්ෂේප කර සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට අයිති වචන සමඟ මේ ගමන යෑම හරහා ඔවුන් රටේ ඒකීය බව නැතිකර ගැනීමේ මූලික පදනම සකස් කර ගන්නා බව පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය යන වචනය ඉවත් නොකරන බව ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් මහානායක හිමිවරුන්ට නිතරම පවසනවා. ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් නොකරන ලෙස අපිත් ඉල්ලීමක් කරනවා.පැරණි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේ රටේ දිස්ත‍්‍රික්ක 25 පිළිගෙන තිබෙනවා. නමුත් සකස්වීගෙන යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එය පළාත් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පළාත් ප‍්‍රමාණය කොපමණදැයි සඳහන්කර නැහැ. එමෙන්ම ජාතික ගීය ශ‍්‍රී ලංකා මාතා හා ශ‍්‍රී ලංකා තායි යන දෙයාකාරයෙන්ම තිබිය යුතු බවත් මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් අලූත් දෙයක් අවශ්‍ය නැහැ. මේ තිබෙන විදියටම ඒවා පැවැතිය යුතුයි. ශ්‍රී ලංකාව බුදුදහමට මූලිකත්වය පිරිනමන්නේය කියල වගන්තියක් මෙයට ඇතුළත් කර තිබෙනවා. අමුතුවෙන් පිරිනමන්න දෙයක් නැහැ. කොහොමටත් ශ්‍රී ලංකාව බුදුදහමට ප‍්‍රමුඛස්ථනය පිරිනමා තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප‍්‍රමුඛස්ථානය පිරිනමනවා යනුවෙන් වෙනස්විය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය යන වචනය ඇතැම් අවස්ථාවල ක‍්‍රමානුකූලව මෙම කෙටුම්පතින් හලලා තිබෙනවා. මේ කරුණු දෙස බැලූවම රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා.සම්ප‍්‍රදායට පිටින් කටයුතු කරමින් වත්මන් රජය බොහෝ දේවල් ඉටුකරවා ගත්තා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගත්තෙත් තක්කඩි ක‍්‍රමයටයි. එමෙන්ම ඒ වගේම ක‍්‍රමවේදයන් භාවිතා කරමින් පළාත් සභා ඡුන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත කර ගත්තා. ඒ නිසා සදාචාර සම්පන්න නොවන ක‍්‍රමයට ව්‍යවස්ථාවත් සම්මත කරගනීවි. පොලිස් බලතල හා ඉඩම් බලතල සම්බන්ධයෙන් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර නැහැ. ඒවා සම්බන්ධව කතා නොකරන්නේ ඇයි. එම යෝජනා ඇතැම්විට කාරක සභා අවස්ථාවන්හිදී මෙයට රිංගවාවි. එසේ වුවහොත් එය ඉතාම භයානක තත්ත්යවයක් වෙනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අලූත් ආණ්ඩුව බලයට පැමිණ තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් පසුගියදා ප‍්‍රකාශ කළා. එමෙන්ම මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව තමන්ට විශ්වාස බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබුණා. මෙම අතුරු වාර්තාව ගෙන්වාගෙන කියවා බලන ලෙස අපි මහානායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් අපි ඉදිරි දින කිහිපයේදී මහානායක හිමිවරුන්ට බාරදෙනවා.සංඝ සභාවේ විද්වත් හිමිවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් උන්වහන්සේලාට ව්‍යවස්ථාව වැනි කරුණු සම්බන්ධයෙන් වඩාත් හොඳින් දැනුම්වත් බවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොමැතිව පුද්ගලික අවශ්‍යතා මත හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති ප‍්‍රසාදය මුල්කරගෙන රටක අනාගතය සම්බන්ධයෙන් තීරණ නොගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ රට වින කරන්න කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේලා ජනතාව අතරේ අප‍්‍රසාදයට පත්ව සිටිනවා. ඒ තත්ත්වයම මහානායක හිමිවරුන්ටත් අත්වෙනවට මම කැමති නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස්, යෝජනා හා තමන්ට තිබෙන ගැටලූ පිළිබඳ අදහස් ලබාදුන්නා. එය සතුරා ශක්තිමත් කිරීමක්. ඒ දේවල් නිවැරදි කිරීමෙන් මෙම ව්‍යවස්ථාව පාරිශුද්ධ ඒකීය ව්‍යවස්ථාවක් යැයි සිතීම මුළාවක්. මොවුන් මෙම කටයුත්තේදී බොහොම උපක‍්‍රමශීලීව කටයුතු කරනවා. ඒ නිසා මේ කටයුත්තේදී මහානායක හිමිවරුන් පරිස්සම් විය යුතුයි.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොවන බව ජයම්පති වික‍්‍රමරත්න මහතා තමන්ට ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළා. ජයම්පති වික‍්‍රමරත්න වසර තිහක විතර කාලයක සිට බෙදුම්වාදය පෝෂණය කිරීමට කටයුතු කළ කෙනෙක් බව අපි දන්නවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම සඳහා පසුගිය රජය එළවා දැමිය යුතු බව ඔහු අමිර්තලිංගම් දේශනයේදී ප‍්‍රකාශ කළා. බෙදුම්වාදයේ වර්තමාන න්‍යායාචාර්යවරයාගෙන් ජයම්පති වික‍්‍රමරත්නයි. ඒ නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තිබෙන නීතීඥවරුන්ගෙන් උපදෙස් ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් තිබෙනවා. ඒ ස`දහා අවශ්‍ය පසුබිම මොවුන් සකස් කරමින් පවතිනවා. එවැනි විටකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ආකර්ෂණීය පොරොන්දු ඉදිරිපත් කරාවි. ඉන්දියාවේ නාමමාත‍්‍රික ජනාධිපතිවරයෙක් හිටියත් පළාත් ආණ්ඩු සම්බන්ධයෙන්  ඕනෑම විටක තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙනවා. යාපනයේ වෙනම ආණ්ඩුවක් සකස් කිරීම සම්බන්ධව පසුගියදා වෛයිකෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී කතා කළා. ද්‍රවිඩ ජනතාව බහුලව සිටින තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ගැන ඔවුන්ට ඉන්දියාවෙදී කතාකරන්න බැරි ඇයි. ඉන්දියාවේදී ඔවුන්ට ඒ ගැන කතාකරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉන්දියානු රාජ්‍ය ශක්තිමත්. රාජ්‍යයක් යනු ශක්තිමත් විය යුත්තක් මිස දුර්වල විය යුත්තක් නොවෙයි. රාජ්‍ය දුර්වල කරලා ඒ හරහා පළාත් ආණ්ඩු ශක්තිමත් කිරීමෙන් බෙදුම්වාදය කරා රට යොමු වෙනවා. ඒ නිසා රටට ආදරේ නම් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉඩක් නොදිය යුතු යැයි පැවසූහ.හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට හෝ ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙන්නේ ඇයි?. අපි කවුරුවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලූවේ නැහැ. ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 2015 වසරේදී ජිනීවා මානව හිමිකමි මණ්ඩලයේ දී සම්මතවූ යෝජනා නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිදුව තිබෙනවා. දේශපාලන විසඳුමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව එම යෝජනාවලියේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.අපේ හමුදා යුධ අපරාධ කළ බවට චෝදනාවක් තිබෙනවා. නමුත් විද්‍යා නැමැති පාසල් දැරිය දුෂණය කර ඝාතනය කළේ යාපනයේ දෙමළ තරුණයන්. එම දුෂණය වීඩියෝ කර යුරෝපයේ සිටින දෙමළ ජනතාව අතර බෙදාහැරීමට ඔවුන් කටයුතු කර තිබුණා. එමෙන්ම ඒ ඝාතනයත් හමුදාව මත පැටවීමට උත්සාහ ගත්තා. එම සිද්ධිය ආරක්‍ෂක අංශ සම්බන්ධ නැති බව පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම ඝාතනය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් එම සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් මේ ආණ්ඩුව නියෝජනය කරන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. මේ වගේ අශීලාචාර වැඩ නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපෙන් අදහස් විමසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකීය රටක තිබෙන්නේ එකම නීතියයි. නීතිය පළාත් වශයෙන් වෙනස් වෙන්න බැහැ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුකමිටු හයක් පත් කළා. ඉන් එක් අනුකමිටුවක් වන මධ්‍ය පර්යන්ත අනුකමිටුවේ සභාපතිවරයා ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙක් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් පත්කළා. ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කර සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු බවට ඔහු නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ විධායක බලය පළාත තුළ ක‍්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයායි.ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කිරීමෙන් පළාත් සභා තුළ  ඕනෑම ආකාරයට කටයුතු කිරීමට මහ ඇමතිවරුන්ට හැකියාව ලැබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකර සමගාමී ලැයිස්තුවත් අහෝසි කළොත් රටේ ඒකීය බව නැතිවෙනවා. මේ ඇත්ත යට ගසමින් ජයම්පති වික‍්‍රමරත්න පට්ටපල් බොරු කියනවා. මේවා ගැන ඔහුගෙන් විමසන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.           ප‍්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ පැවසීය.19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක් බවට පත් කරන බව මොවුන් ප‍්‍රකාශ කළා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පටන් මේ රටේ සිටි සියලූම විධායක ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට වග කිව්වා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ 42 වැනි වගන්තිය කිසිදු වෙනසක් නොකර 33 ඒ වගන්තිය වශයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ව්‍යවස්ථාමය හා නීතිමය වශයෙන් තක්කඩිකම් මේ අය කළා. එසේ තක්කඩිකම් කරලා විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කළේ අපියි කියලා දැන් ප‍්‍රචාරයක් ගෙනියනවා.2015 මාර්තු 17 වැනිදා වන විට මැතිවරණ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට හා අපේ‍්‍රල් මස 20 වැනිදා වන විට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවටත් මොවුන් බලයට පත්වීමේදී ලිඛිත පොරොන්දුවක් දුන්නා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතාවක් එදා තිබුණේ නැහැ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා වෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා අතුරුකමිටු වාර්තාවේ 27 වැනි පිටුවේ යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පළාතේ පාලන බලය සම්පූර්ණයෙන්ම ගැනීමට හැකිවන පරිදි ප‍්‍රතිපාදන සකස් කර තිබෙන බව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලික කාර්යභාරයක් කරන ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. එවැනි තත්ත්වයකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වෙන්වී තිබෙනවා. ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයාගේ යෝජනාවලට වඩා ඒ යෝජනාවන් ඉතාම හොඳ බව පැවසීය.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
1
වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛතාව හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කර ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජනවරමක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එබැවින් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පිළිගත හැකි පැහැදිලි කිරීමක් කරන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බලකරන බව ද ඔහු සඳහන් කරයි.මන්ත‍්‍රීවරයා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට හානි කරන රට බෙදන උත්සාහයක් බැවින් රටට ආදරය කරන ආගමික නායකයන් ප‍්‍රමුඛ බහුතර ජනතාවගේ විරෝධය මේ වනවිට ඒ සඳහා එල්ල වී තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සාමාජිකයන් වන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ මම ලිඛිතව කිහිප අවස්ථාවකදීම කරුණු සහිතව මේ සඳහා විරෝධය පළ කළ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කළ අතුරු වාර්තාවෙන් (කෙටුම්පත) පැහැදිලි වන්නේ ඔවුන් ඒ විරෝධයන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවය.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව (කෙටුම්පත) පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. අතුරු වාර්තා කෙටුම්පත සකස් කිරීමේදී මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති වාචික හා ලිඛිත සංදේශ හෝ සැලකිරීම් කිසිවක් සැලකිල්ලට ගෙන නොමැත. අපගේ ස්ථාවරයන්ට හාත්පසින්ම පටහැනි වූ කරුණු එම අතුරු වාර්තා කෙටුම්පත්වලට ඇතුළත් කර ඒවා එකඟ වූ කරුණු ලෙස සාවද්‍ය ලෙස හුවා දැක්වීම පිළිබඳව අපි දිගින් දිගටම විරෝධය පළ කළ බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලැබේ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති වගන්තිය ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි මෙම මෙහෙයුම් කමිටුවේදී දැඩි ලෙස විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් ඇති වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කළ ද එම 09 වන වගන්තිය ඉවත් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඒ සඳහා විකල්ප පද යෙදුම් යෝජනා කරමින් සිටී. එය බරපතළ අනතුරුදායක තත්ත්වයකි.මෙම අතුරු වාර්තාවේ (කෙටුම්පත) සිංහල භාෂාවෙන් ඒකීය යන වචනය තිබුණ ද දෙමළ භාෂාවෙන් ඇත්තේ සන්දීය යන අදහස රැගත් වචනයකි. මේ අනුව යෝජිත නව ව්‍යවස්ථාව පැහැදිලිවම බෙදුම්වාදය ශක්තිමත් කරන්නකි. යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ අපගේ විවේචන, අදහස් හා නිරීක්‍ෂණ තහවුරු කරමින් බුද්ධ ශාසන කාර්ය සාදන මණ්ඩලය මෙමගින් බෙදුම්වාදයට දොර ඇරෙන බව ඉතා පැහැදිලිව කරුණු දක්වමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමුකර තිබුණි.පුදුමය වන්නේ එය ජනාධිපතිවරයා වෙත යොමු කළ ද එහි අඩංගු කරුණු පුවත්පත්වල පළකෙරෙන තුරු ජනාධිපතිවරයා නොදැන සිටීමය. ඔහු බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලයේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික ජයම්පති වික‍්‍රමරත්න මහතා දුරකතනයෙන් අමතා පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමෙන් පසුවය. තමන් වරක් නොව දෙවරක්ම වික‍්‍රමරත්න මහතාගෙන් මේ පැහැදිලි කර ගැනීම සිදු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේම කීවේය.අපට ඇති ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්ව ද යන්නයි. එසේ නම් එය භයානක තත්ත්වයකි. රාජ්‍ය නායකයා නොදැනුවත්ව රටක ව්‍යවස්ථාව සකස් වන්නේ කෙසේ ද එහි අන්තර්ගතය කුමක් වුව ද ඒ ගැන රාජ්‍ය නායකයා දැන සිටිය යුතු නොවේ ද. රටේ ව්‍යවස්ථාව වැනි අතිශය බරපතළ කාරණාවක් සම්බන්ධයෙන් එක් අයකුට දුරකතන ඇමතුමක් දී සෑහීමට පත්වීමට ජනාධිපතිවරයකුට හැකි ද.මෙමගින් තහවුරු වන්නේ එක්කෝ නැවත මේ රටේ ජනතාව ඇන්දවීමට උත්සාහ දරන බවය. නැතහොත් මේ ර`ග දක්වන්නේ පසුගිය කාලය පුරාම ර`ග දැක්වූ බොරු කීමේ නාටකයේ තවත් එක් ජවනිකාවක් බවය.එසේත් නැති නම් මතුවන ගැටලූව වන්නේ බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය ඉදිරිපත් කරන කරුණු සරල කාරණා ලෙස ගෙන ජනාධිපතිවරයා එහි ඇතුළත් කරුණුවල බැ?රුම්කම යටපත් කිරීම සඳහා දේශපාලන පිළිතුරක් ලබා දී ඇති බවය.වත්මන් ආණ්ඩුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ජන වරමක් නොමැත. 2015 දී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ජනමත විචාරණයකින් පමණක් සංශෝධනය කළ හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අත නොතබා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවටය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම එමගින් සිදුවනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිවිය. වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛත්වය හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කිරීමට ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජනවරමක් නොමැත.එවැනි ජන වරමක් නොමැතිව තිබියදී ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යන්නේ ජනතාව ගොනාට අන්දවමිනි. ඉන් ගම්‍ය වන්නේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් හිතකර එකක් නොවන බවය. මේ ගෙනෙන්නට හදන නව ව්‍යවස්ථාව කොටි ඩයස් පෝරාවට සහ ආණ්ඩුවේ ඊනියා ජත්‍යන්තර ගජ මිතුරන්ගේ අවශ්‍යතා ඉටුකරන ලේඛනයක් මිස අන් කිසිවක් නොවේ. මේ ලබා දෙන්නට උත්සාහ දරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ජයග‍්‍රහණය කරවීමට සහාය පළ කළ කොටි ඩයස් පෝරාවට සහ ඊනීයා ජාත්‍යන්තර ගජ මිතුරන්ට ඒ වෙනුවෙන් ලබාදෙන සන්තෝසමකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානය සහ වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් අතර, ඇති වූයේ යැයි කියන රහසිගත එකඟතාවන් පිළිබඳ ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් විය. එහි සඳහන් වූයේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සිදුවන්නේ එයදැයි අපට සාධාරණ සැකයක් මතුවෙයි. එසේ නොවන්නේ නම් ආණ්ඩුව මෙලෙස රටටත් ජනතාවටත් කොළේ වසා ගැසිය යුතු නැත.ඒ නිසා අප ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බල කර සිටින්නේ වහාම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පිළිගත හැකි පැහැදිලි කිරීමක් කරන ලෙසය. එසේ නොකර ජනතාවගේ ඇස වසමින් ඊනියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් එකී උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙස රටට ආදරය කරන සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
 (නාලක සංජීව දහනායක)කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ පසුගිය වසර දෙකහමාර තුළ සිදුවූ කඩාවැටීම හේතුවෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල නූල කැඩුණ සරුංගලයක් සේ වේගයෙන් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (26) පැවසීය.එම වැඩිවන මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළ ක‍්‍රමයට රජය ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.පුංචි බොරැල්ල, වජිරාශ‍්‍රම විහාරයේදී, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පෙරේදා (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.පොදුජනතාවට අත්‍යවශ්‍ය සහල් හා පොල් මිල ඉතිහාසයේ පළමු වතාවට රුපියල් සියය ඉක්මවා තිබෙනවා. එම නිසා අද පොල් සම්බල් හා බත් ආහාරයට ගැනීමත් පිරිවැය අධික කාර්යයක් බවට පත්ව තිබෙනවා. පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම මෙලෙස ආහාර මිල ඉහළ යෑමෙන් පෙන්නුම් කරනවා. මේ මිල පාලනය කරන්න වෙළෙඳපොළ ක‍්‍රමයට රජයේ ප‍්‍රමාණවත් මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. පසුගිය රජය සමයේ එක් අවස්ථාවක මම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් වැඩ කළා. ඒ වකවානුවේදී මුළු ලෝකයේම ආර්ථිකය අර්බුධයකට ලක්වුණා. අපිත් යුද්ධයත් සමඟම ඒ ආර්ථික අර්බුධයට මුහුණ දුන්නා.ඒ අර්බුධයෙන් මිදෙන්න අපි මුදල් අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වෙලා විකල්ප වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. දේශීය අස්වැන්න නෙළන කාලය වනවිට අපි ආනයනික පාරිභෝජන ද්‍රව්‍යවලට බදු පනවනවා. නමුත් වර්තමානයේදී අමාත්‍යංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉටු නොකරන නිසා බදු පැනවීම් ආදිය සඳහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට සිදුවී තිබෙනවා.පොල් අලෙවි මණ්ඩලය පොල් ගෙඩියක් සඳහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පොල් සඳහා උපරිම මිලක් නියම කිරීමට පොල් අලෙවි මණ්ඩලයට නීත්‍යානුකූල බලයක් නැහැ. පොල් ගෙඩියකට සම්මත ප‍්‍රමිතියක් නැහැ. ඒ සඳහා වෙළෙඳ අමාත්‍යවරයා පාරිභෝගික ආරක්‍ෂණ පනතේ විධිවිධානයන්ට අනුව ගැසට් නිවේදනයක් පළ කළ යුතු වෙනවා. පොල් අලෙවි මණ්ඩලය නිකම් ප‍්‍රකාශයක් නිකුත් කළ පමණින් පොල් මිල පාලනය කරන්න බැහැ. පසුගිය රජය සමයේදී පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරඟයක් ඇති කරලා පොල් මිල පාලනය කිරීමට කටයුතු කළා. මෙවැනි දේවල් කිරීම සඳහා අමාත්‍යංශ අතර අන්තර් සබඳතාවක් තිබිය යුතුයි. ඒ නිසා ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය එකට එක්වී වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.පසුගිය රජය යුද්ධය නිම වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් රටේ සංවර්ධන ක‍්‍රියාවලියට දායක කර ගත්තා. ඒ නිසා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයේ අසාමාන්‍ය පිිබිදීමක් ඇති වුණා. ඒ නිසා මේ රජයට අතිරික්ත වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපළ පවා යොදා ගත්තා. නමුත් මේ වනවිට නියඟය හා අධික වරුසාව නිසා වගා පාළු වුණා. එමෙන්ම ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වීම නිසා වී සඳහා ගොවීන්ට නියම මිලක් ලැබුණේ නැහැ. මේ කරුණු නිසා සහල් කිලෝවක මිල රුපියල් සියයට වඩා ඉහළ ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා වී කිලෝවකට රුපියල් 30 සහතික මිලක් නියමකර සහල් කිලෝවක මිල රුපියල් 60 සීමාවේ පවත්වා ගත්තා.එමෙන්ම ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් හා ගෑස් හා ආහාර මිල පහළ වැටීම නිසා මෙම රජයට අසාමාන්‍ය වාසි අත්වුණා. ඒසේ තිබියදීත් රුපියල් 110න් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවුණා. පසුගිය කාලයේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෑස් මිල ඉහළ යෑම කෘති‍්‍රමව වළක්වා ගැනීම ඒකට හේතුවුණා. ඒක තාවකාලික ප‍්‍රතිකර්මයක්. ආණ්ඩුවේ ඇමතිවරුන්ට රජය කළමනාකරණය කර ගැනීමට නොහැකි බව ඉතාම පැහැදිලිව ඔප්පුවෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට චෝදනා කරන ආණ්ඩුවක් බවට පත්ව තිබෙනවා යැයි පැවසීය.            ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවසීය.මේ වනවිට අපේ රටේ පවතින අධික දුෂණය නිසා ආයෝජකයන්ට අපේ රට කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි මෙම රජය අප රටේ පත්වූ දුෂිතම රජයයි. අපේ රටේ විශාලතම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවයි. එම වංචාවෙන් රටට රුපියල් ටි‍්‍රලියන තුනක අලාභයක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා. බැඳුම්කර වංචාවට රජයේ ඉහළ තැන්වලින් අනුග‍්‍රහයක් ලැබුණු බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා බැඳුම්කර කොමිසමේ දෙන සාක්‍ෂි අනුව පැහැදිලි වෙනවා. ලිට්ල් ජොනී, චාලි වැනි අන්වර්ථ නම්වලින් ඒ ඉහළ නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඔවුන් කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. මෙම වංචාව නිසා රටේ ආර්ථිකය දෙදරා ගියා. රට පිළිබ`දව ජාත්‍යන්තර විශ්වාසය පළුඳු වුණා.             මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ තුන්වන අදියර මෙම සතිය තුළදී ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. එම මාර්ගය ඉදිකිරීමේදී මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් සිදුව තිබෙනවා. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කරන ලද ෆූජීටා නමැති සමාගම මෙම ව්‍යාපෘතියට ඈඳා ගැනීමට රජයට විශාල උවමනාවක් තිබෙනවා. එම සමාගමට මූල්‍ය ශක්තිය හා මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තාක්‍ෂණික දැනුමක් නොමැති බව තාක්‍ෂණ කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ නිසා ඨායිසෙයි නමැති සමාගමට මෙම මාර්ගය ඉදිකිරීමට භාරදුන්නා.එහෙත් මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලින් කොටසක් ෆූජීටා සමාගමට ලබාදෙන ලෙසට ඨායිසෙයි සමාගමට බලකරනවා. ජපන් රජයේ වුවමනාව මත එලෙස ක‍්‍රියා කරන බවත් රජය ප‍්‍රකාශ කරනවා. නමුත් මෙම මාර්ගය ඉදිකිරීම අපේ රටේ නීතිරීති අනුව සිදුවේ යැයි ජපන් රජය බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකාවේ සිටින ජපාන මහකොමසාරිස්වරයා මේවනවිට රජයට ලිඛිතව දන්වා තිබෙනවා. මේ දුෂණය නිසා දළ වශයෙන් රුපියල් බිලියන 1100 ක අලාභයක් සිදුව තිබෙනවා. මේ කොමිස් ගන්නේ කවුද?. මේ වගේ තත්ත්වයක් තුළ ආයෝජකයන් අපේ රටට පැමිණෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.මේ වන විට රටේ මැතිවරණ පවත්වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ පිළිබඳව තැකීමක් නැහැ. පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරන ක‍්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ ක‍්‍රියාදාම උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. කිසියම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කමිටු අදියරේදී ඉතාම භායානක වගන්ති එම පනතට ඇතුළත් කරනවා. ඒ වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ. ඒ වගන්ති නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට පුරවැසියාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ සංශෝධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම නීතිපතිවරයාට වගකීමක් පවරා තිබෙනවා. නීතිපතිවරයාට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්න බැහැ. ඔහුට ජාතික කර්තව්‍යයක් පැවරී තිබෙනවා. නමුත් නීතිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඔහු අපක්‍ෂපාතීව කටයුතු කළේ නැහැ. 2002 අංක 5 අනුව නීතිතිවරයා නිලයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සැලසී තිබෙනවා. ඒ පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සලකා බලමින් සිටිනවා. අද මධ්‍යම රාත‍්‍රි සිට සබරගමු පළාත් සභාව අහෝසි වෙනවා. ඒ අනුව පළාත් සභා ස`දහා බාරවන ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අයිතිය අහෝසි වෙනවා. බරපතළ ප‍්‍රතිඵල ලැබෙන පනතක් සම්බන්ධයෙන් පළාත් සභාවල මතය විමසීමට රජය උත්සාහ ගත්තේ නැහැ. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එය බරපතළ වැරැද්දක්.සියලූම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ පළාත් සභා මැතිවරණ පනතට පක්‍ෂව මුස්ලිම් කොන්ග‍්‍රසය ඡන්දය දුන්නා. තවත් දින කිහිපයකින් නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය අහෝසි වෙනවා. ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සංධානය මේ රජයේ අන්තර්ගත කොටස්. ඔවුන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස ගණන් ගැනීම යථාර්ථවාදී නැහැ. තීරණාත්මක අවස්ථාවන්හීදී ජනතා විමුක්ති පෙරමුණේ තම සහයෝගය ආණ්ඩුවට ලබාදෙනවා. එදා පළාත් සභා පනතට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය නොලැබුණානම් මැතිවරණ කල් දැමීමට රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මාර්තු මාසයට පෙර කල් දැමූ පළාත් සභා මැතිවරණ තුන පවත්වන ලෙස කථානායකවරයා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට නියෝග කළා. එහෙත් ඒ මැතිවරණය පවත්වාවි යැයි කිසිම විශ්වාසයක් නැහැ. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සීමා නීර්ණ කටයුතු කිරීමට වසර දෙකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඒ සංකීර්ණ ක‍්‍රියාදාමය නැවැතත් පළාත් සභා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා. 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර මැතිවරණ නොපවත්වන්නේ නම් තමන් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කරනවා. ඒ අනුව තවත් මාස 15කට මේ රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතිවෙනවානම් රටට මැතිවරණ කොමිසමක් කුමකටදැයි ප‍්‍රශ්න කළේය.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
(නාලක සංජීව දහනායක)දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය.ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසීය.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර මත ගැටීමක් ඇතිව තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නව ව්‍යවස්ථාවේ හරය ලෙස සලකන්න පුළුවන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එකඟයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි.නව මැතිවරණ ක‍්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩුවේ අනෙක් දේශපාලන පක්‍ෂ නව මැතිවරණ ක‍්‍රමයකට විරුද්ධයි. මේ ආකාරයට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක කඹ ඇදීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමක් සිදුවෙන්නේ නැහැ. මෙම විවාදයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන් පමණක් විවාදයට සහභාගීවන සියලූම දෙනා අදහස් දක්වනවා.පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. මෙම අතුරුවාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපිටත් බරපතළ සැකයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත්වල ඒකීය වචනය සඳහන්කර තිබෙන්නේ වෙනස් විදියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මේ අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කර නැහැ. මේ විවාද කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මතය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳවයි. කෙටුම්පත හදපු ප‍්‍රධාන කමිටුවල තනතුරු දැරුවේ සුමන්තිරන් මහතායි. ඔවුන්ගේ අතීත  ක‍්‍රියාකාරකම් පිළිබඳව රටවැසියන් දන්නවා. ඒ නිසා මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා. උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් අගමැතිවරයා හා සුමන්තිරන් මහතා මූලාසනයේ තියාගෙන හදන මෙවැනි අතුරු වාර්තාවලින් බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන අපිට සැකයක් තිබෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්‍ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. එහෙම සමුළු කැඳවනවා නම් මේවා ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක්. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අගමැතිවරයාට ජනවරමක් ලැබුණේ නැහැ. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාත් මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබුණා. ඒකීය වචනය ඉංග‍්‍රීසි භෂාවෙන් යුනිටරි යනුවෙන් සඳහන් වෙන්නේ නැත්නම් තමන් අත උස්සන්නේ නැති බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකර තිබුණා. ආණ්ඩුව හදපු මිනිස්සුත් ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාත් මේ ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැහැ. ඒ නිසා නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේක 2020 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දගන්න බලාගෙන කරන සෙල්ලමක්. මේක උතුරේ ජනතාවට දෙන අයිසින් කේක් කෑල්ලක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමක් සිදුවෙන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.තවත් මාස දෙකකින් මේ ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. මේ කාලය ඇතුළතදී රටේ කොයිතරම් උද්ඝෝෂණ, වර්ජන, මිනිස්සුන්ට පහරදීම් සිද්ධ වුණාද. ආයෝජකයන් රටට ආවේ නැහැ. ව්‍යාපාර කඩාගෙන වැටිලා. රට අවුල්වෙලා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් රටේ ඇතිවී තිබෙන සියලූම ප‍්‍රශ්න විසඳිය හැකියැයි ආණ්ඩුව කල්පනා කරනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා තවමත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ලෑස්ති වෙන්නේ කොලේ වහල ගහන්නයි. තවත් නොබෝ දිනකින් හදිසියේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ආණ්ඩුව ක‍්‍රියාකරනවා. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තනිකරම නංගි පෙන්නලා අක්ක දීමක්. මේකට විරුද්ධ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු දැනටමත් අපිත් එක්ක ඉන්නවා. මෙය බහුතර ඡන්දයෙන් සම්මතවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.අපේ රටේ මෙච්චර කල් වික්කේ පොල් ගෙඩි. දැන් විකුණන්නේ පොල් බෑ. ලූනු කිලෝව රුපියල් 260යි. මිනිස්සු කනව නෙවෙයි ලෙව කනවා. අනිත් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ මහනායක හිමිවරුන්ට පහර දෙන්න එන්.ජී. ඕ. කාරයින් දානවා. රටේ නීතිය වල් වැදිලා. පොලිසිය පන්නන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පස්සෙයි. අපිව කොයි වෙලේ ඇතුළට දායිද දන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය. මේ වනවිට රට ඉතාම තීරණාත්මක මෙහොතකට මුහුණ දී සිටිනවා. සංහිඳියාව ඇති කරන්න ගේන ව්‍යවස්ථාවෙන් රට නැවැත අමු සොහොනක් බවට පත්වෙනවා. සංහිඳියාව වචනය ඉස්සරහට දාගෙන ආණ්ඩුව දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදෙනවා යැයි පැවසීය.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
(කැලණිය ලාල් එස්. කුමාර)“රටේ නාස්තිය දූෂණය නැති කළා නම් ජනතාවගේ බදු බර විශාල ප්‍රමාණයකින් අඩුකළ හැකි වුවත් දූෂණය නාස්තිය ජාති ලක්ෂණය කරගත් පාලකයන්ට එය කළ නොහැකියි. ජාතික ජන බලවේගය පළමු කාර්යයක් සේ සලකා ජනතාව බදු බරින් නිදහස් කරනවා” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (15) පැවසීය.දිසානායක මහතා මේ බව පැවසුවේ කිරිබත්ගොඩ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ ජනරැලිය අමතමිනි.එහිදී ඔහු මෙසේ ද කීවේය.“1994 රටේ ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට 23%යි. එනම් රටේ සමස්ත ධන නිෂ්පාදනයෙන් 23%ක් භාණ්ඩාගාරයට. 2014 වනවිට ආණ්ඩුවේ ආදායම 11.5% දක්වා හරි අඩකින් කඩා වැටුණා. ඒ නිසා ආණ්ඩුවේ ආදායම හීන වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව ආදායම වැඩිකර ගන්න විවිධ වර්ගයේ බදු හඳුන්වා දුන්නා. කාබන් බද්ද ගහනවා, කාබන් පරීක්ෂා කරන්න යනකොට බද්දක් ගන්නවා. විවාහ ගාස්තු වැඩි කළා. මෝටර් සයිකලයක් ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩි කළා. එතන රෙජිස්ට්‍රාර් ගාස්තු වැඩි කළා. ව්‍යාපාර මහතුන්ගෙන් ගන්න ආදායම් බදු ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකළා. ඇයි ඒ?ආර්ථිකයක් පළල් වෙන්නේ නැත්නම්, ඉදිරියට යන්නේ නැත්නම්, ආණ්ඩුවේ ආදායම වැඩිකර ගන්න වෙන්නේ නැවත නැවත බදු ගහලා. ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. එක තැන පල්වෙනවා. සංවර්ධනය වෙන්නේ නැහැ. ආර්ථිකය සංවර්ධනය නොවී ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න යාමේදී මොකද වෙන්නේ. විවිධ වර්ගයේ බදු හඳුන්වා දෙනවා. අධික බදු පීඩනයකට අද ජනතාව පත්කරලා තිබෙනවා. ඒ නිසා තමයි අද රුපියල් 100ක රීලෝඞ් එකක් ගත්තොත් 40ක් තියෙන්නේ බදු. පෙට්‍රල් ලීටරයක් 138කට ගන්නා විට රුපියල් 70කට වඩා තිබෙන්නේ බදු. දැන් මොකද සිද්ධවෙලා තියෙන්නේ. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත අධික ලෙස බදු පනවන්න සිදුවෙලා. ඒක ජනතාවට බරක්, ව්‍යාපාරිකයන්ට බරක්, රාජ්‍ය සේවකයන්ට බරක්, ඒක පෞද්ගලික අංශයේ රැකියාව කරන සේවකයාට බරක්. අපි කියන්නේ බදු මුළුමනින්ම ඉවත් කරනවා කියන එක නොවෙයි.රටට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හැදෙන්න ඕන. ලෝකයේ තිබෙන සාධාරණ බදු නිර්ණායකය කුමක්ද? ඍජු බදු 80%ක් වෙන්න ඕන. වක්‍ර බදු 20%ක් වෙන්න ඕනෑ. වක්‍ර බදු කියන්නේ සියලු පුරවැසියන්ට ගහන බදු. චැට් කියන්නෙ වක්‍ර බද්දක්. අපි සීනි කිලෝ එකක් ගත්තොත් සීනි කිලෝ එකකට රුපියල් 15/-ක බද්දක් ගෙවනවා. දුප්පත් ගොවියා ගත්තත් ටි්‍රලියනපතියා ගත්තත් සීනි කිලෝ එකකට බද්ද රුපියල් 15යි. ඒ තමයි වක්‍ර බදුවල හැටි. ආදායමේ විෂමතාවය. ආදායම් බෙදීයාම ගැන කිසිදු භේදයකින් තොරව ධනවත් දුප්පත් හැම දෙනාටම ඒ බද්ද වදිනවා. ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනෑ, ඍජු බදු 80%ක් වෙන්න ඕනෑ කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර. ඊළඟ පියවර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම.අද රාජ්‍ය ව්‍යවසායයන් විශාල පාඩුවක් ලබනවා. ඒ පාඩුව පියවා ගන්න හදන්නේ ජනතාව මත බදු බර පටවලා. ‘එයාර් ලංකා’ ආයතනය පවරා ගන්නේ 2008 අවුරුද්දේ. ඒක පවරා ගන්නේ ව්‍යාපාරයක් හැටියට නොවෙයි. ගුවන් සේවය දියුණු කරන සැලැස්මක් හදලා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එංගලන්තේ ගියා. හදිසියේ එන්න වුණා. එයාර් ලංකා එකෙන් සීට් ඉල්ලුවා. එතකොට ‘එයාර් ලංකා’ එක පාලනය කළේ ‘එමිරේට්ස්’ ආයතනයෙන්. ඒකේ ප්‍රධානියා කිව්ව ඔබතුමාටයි තව හතර දෙනෙකුටයි සීට් දෙන්නම්. ඔක්කෝටම දෙන්න බෑ කියලා. අනෙක් කට්ටිය ඊළඟ ගුවන් යානයේ ගේන්නම් කිව්වා.මහින්ද මහත්තයාට ඒකට හොඳටම කේන්ති ගියා. එයා ලංකාවට ඇවිල්ලා ‘එමිරේට්ස්’ ආයතනයට කිව්වා අර ප්‍රධාන නිලධාරියාව මාරුකරන්න කියලා. ‘එමිරේට්ස්’ ආයතනය කිව්වා අපේ ප්‍රතිපත්තිය ඒකයි, ටිකට් වෙන්කරලා තිබෙන ගුවන් යානයක එකපාරම ටිකට් වෙන්කරන්න බැහැ. එහෙම කළොත් ගුවන් සමාගමට නඩු පැවරෙනවා. ඒ නිසා ඒක කරන්න බැහැ කියලා. ඊට පස්සේ ප්‍රධාන විධායක නිලධාරියාට ලංකාවෙන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ එමිරේට්ස් ආයතනය කිව්වා අපි එයාව යවන්නේ නැහැ. ඕන නම් එමිරේට්ස් ආයතනය ගන්න කියලා. ඒ නිසා එයාර් ලංකා එක පවරා ගත්තේ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව නෙවෙයි. වෙළඳ දැක්මක් ඇතිව නෙවෙයි. සංවර්ධන ඉලක්කයක් සහිතව නෙවෙයි.දැන් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? 2009 අවුරුද්දෙ පාඩුව බිලියන 9.3යි. 2012 දී 24.9%යි. 2014 දී බිලියන 32යි. 2016 දී බිලියන 16යි. 2016 දී බිලියන 12යි. 2017 දී බිලියන 28යි. 2018 දී බිලියන 17යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුදු 6කම පාඩුව බිලියන 142යි. කෝටි 14,200යි. අපේ රටේ ඉස්පිරිතාල ආසන්න වශයෙන් 650යි තියෙන්නේ. මේ සෑම ඉස්පිරිතාලයකටම කෝටි 25 ගාණේ දෙන්න පුළුවන් ධනය. මේ ධනය නාස්ති කරනවා. ඒ නාස්ති කරන ධනය එකතුකර ගන්නේ කොහොමද? ජනතාවට බදු ගහල. අන්න බදු වැඩිවීමට එක හේතුවක්. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 2900යි. සිපෙට්කෝ එකේ පාඩුව කෝටි 10,400යි. ජල සම්පාදනයේ පාඩුව මිලියන 568යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව මිලියන 1024යි.සතොසෙ පාඩුව බිලියන 02යි. ෆුඞ්සිටියත් බඩු විකුණනවා. සතොසත් විකුණනවා. කාගිල්ස් එක ලාබ ලබනවා. සතොස පාඩු ලබනවා. සතොස 2018 පාඩුව කෝටි 200යි. ඒවායේ වංචාව, දූෂණය, නාස්තිය ඔඩුදුවලා. මේ විනාශ කළ ආයතනයන්වල පාඩුව ජනතාවගේ බදු මුදල්වලින් පියවන්න හදනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. ජනතාවට හොඳ ජීවිතයක් ගතකළ හැකි වන්නේ, ආදායමට සරිලන බද්දක් වැදීමෙන්. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලැබීමෙන්. රාජ්‍ය ආයතනවල පාඩුව අවම කිරීමෙන්. එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමෙන්.අපි මේ වංචාව - දූෂණය නතර කරනවා. ජනතාවගේ බදු සල්ලි ඉතාමත් හොඳින් පරෙස්සම් කරන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා තමුන්නාන්සේලාගේ බදු බර අඩු කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තියෙනවා.අපි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආරාධනය කරනවා, අපේ පාලනයක් යටතේ ඔබලාගෙ ධනය ආයෝජනය කරන්න. අපි නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරනවා. ඒවාට අදාළව රැකියා නිර්මාණය වෙනවා. රටේ ජාතික ධනය වැඩිවෙනවා. රටේ ආදායම වැඩිවෙනවා. අන්න එතනට බද්දක් ගහනවා. බද්දක් අයකර ගැනීමට පුළුවන් අන්දමේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නිර්මාණය කරන්න ඕනෑ.”ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා:-“අපේ රටේ ජනතාව ඉන්නෙ මහා අගාධයක ගැට්ටෙ. අපි විශ්වාස කරනවා දැන් මේ ජනතාව අවුරුදු 71 තිස්සේ තමන් මෙතනට තල්ලු කරගෙන ආපු උදවියට එරෙහිව හැරෙනවා. හැරිලා ඔවුන් පරාජය කරලා මේ රට ගොඩනඟන්න පුළුවන් මිනිහෙකුට මෙවර රට බාර දෙනවා.අපි හදනව රටක් සජිත්ට හදන්න බැරි රටක්. ගෝඨාභයට හදන්න බැරි රටක්. අපි හදන රට වෙනස්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස්. සංස්කෘතිය, දේශපාලනය වෙනස්. ඒක මිරිස් කුඩු සංස්කෘතිය නොවෙයි. අපේ සදාචාරය වෙනස්. ඒක පාර පුරා රතිඤ්ඤා පත්තු කර කර, කිරිබත් උයාගෙන කන සංස්කෘතිය නොවෙයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ හැම එකකටම වෙනස් රටක් හදන්නයි.අද මම මේ වේදිකාවෙ වාඩිවෙලා ඉන්නේ බරපතළ සන්තෝෂයකින්. මෙතන කුඩු බිස්නස්කාරයෝ නැහැ. මහජන මුදල් ගසාකාපු උදවිය නැහැ. වංචාකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ නැහැ. මෙතන ඉන්නේ බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු මේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු. ඒ නිසා මේ වාගේ වේදිකාවක වාඩිවෙලා හිටියත් නම්බුවක්. රට හදන්න පුළුවන් මිනිස්සු මෙතන ඉන්නේ. ඒ රට හැදීමේ කර්තව්‍යයට ඔබ සියලු දෙනාම එක්වන්න කියලා මම ඉල්ලනවා.”ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය:-“ජාතික විද්වත් සංවිධානය ලංකාවේ දිස්ත්‍රික්ක 20ක පමණ ගොඩනඟා තියෙනවා. ඇයි අපි ඔබ හමුවට ආවේ? මේ සමාජය මුහුණදී තිබෙන සමාජ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රමයක් තිබෙනවාද කියලා අවුරුදු ගණනක් තිස්සේ අපි සොයා බැලුවා. මේ ප්‍රශ්නය හරි සංකීර්ණයි. හේතු ප්‍රතිඵල සංකීර්ණයි.මේ රට විසමතාවලින් පුරවලා. ආගම් ලෙස අප වෙන්කරලා. අපේ ආදායම් අඩුකරලා. අපිව දුප්පත් කරලා. පසුගිය අවුරුදු 71 ඇතුලේ අපට බැරිවෙලා තියෙනවා අල්පෙනෙත්තක්වත් නිපදවන්න. මේ තත්ත්වයට හේතු හඳුනාගන්න ප්‍රධාන කාරණා දෙකක් මම දකින විදියට තිබෙනවා.එකක් තමයි අපි වෙලාගෙන තිබෙන ආර්ථික පරිහානිය. අනෙක් කාරණාව අප වෙලාගෙන තිබෙන සමාජ පරිහානිය. මෙතෙක් කල් රට පාලනය කරපු පාලකයන් අපට ඉතිරි කළේ මේ දෙක පමණයි.”කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. 
“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“
1
(විනීතා එම් ගමගේ) “අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දිනුවත් අපි දිනුම්, පැරදුණත්අපි දිනුම්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.“දැනට ඇති දූත ලක්ෂණ අනුව විශ්වාසභංගය අපි දිනනවා. එතැනින් එහා ඇති තත්ත්වය කළමනාකරණයකිරීම බාර රජයටයි. විධායක ජනාධිපති ඉන්නවා නේ.” යැයි ද ගුණවර්ධන මහතා කීය.“ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවා නම්, රටට අහිතකර දේ නතර කරනවානම්, හිතකාමී දේ කරනවා නම් තනතුරු භාර නොගත්තත් අපි සහය දෙනවා” යැයි ද හෙතෙම සඳහන් කළේය.ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ ඊයේ (1) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ අඩංගු වෙනවා විශ්වාසභංග යෝජනාව. මහ දවල් මහ බැංකු මංකොල්ලය ගැන අගමැති විසින් පාර්ලිමේන්තුව නොමඟයැවූ ජාතික අපරාධය ගැන කියන විශ්වාසභංග යෝජනාව මේ වනවිට න්‍යාය පුස්තකයේ ඇතුළත් වෙනවා.හතර වැනිදා හෘදය සාක්ෂියට එකඟව ජනතාව පැත්තේ හිටගෙන කිසිම මන්ත්‍රී කෙනකුට බැහැ මෙතනදී විරුද්ධ වෙන්න. රුපියල් බිලියන 2000ක් වැනි මුදලක් රටට අහිමිකරලා ජනතා පීඩනය වැඩි වෙලා, රැකියාඅහිමිවෙලා, රට තුළ අවුල් ජාලයක් ඇති වෙලා. ලංකාවේ ඉතිහාසයේ ඇතිවූ විශාලතම මුල්‍ය මංකොල්ලයට එරෙහි සියලු දෙනා මීට සහය දෙනවා.ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළුව, ජනතා විමුක්ති පෙරමුණ, සුසිල්ප්‍රේමජයන්ත ඇතුළු කැබිනට් ඇමතිවරුන් පිරිසක්, ලක්ෂ්මන් යාපා ඇතුළු කැබිනට් නොවන ඇමතිවරුන්පිරිසක්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වනවිටත් නිල වශයෙන් එකඟවෙලා තිබෙනවා සහය දෙන්න. එජාපයේ අය ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියේ ද රහසිගතව ද ජනතාව පැත්තේ සිටගෙන ඉන්නවා. දැනටඇති දූත ලක්ෂණවල හැටියට හතරවනදා රාත්‍රියේ අපි ජයගන්නවා. පුනර්කථනයක් සඳහා කාලය වැඩියි. නමුත් පුරා වසර තුනක් රටේ කරගෙන ගිය ව්‍යාපාර, දේශීයත්වය වැනසූ, රට අරාජික කළ, අනාගතය විනාශ කරන පිරිසට පරාජය උරුම බව සහතිකයි.විශ්වාසභංගයට සහය නොදී තමන්ට පාරෙ බැහැල යන්න බැරිවෙයි කියල මන්ත්‍රීවරු කියනවා. දැනට නොකියන අයත් හතරවැනිදාට ඡන්දය දෙද්දි කියාවි. හතර වෙනිදායින් පසු අපි විශ්වාසභංගය දිනුවත් දිනුම්පැරදුණත් දිනුම් අලුත් බද්ද අනුව තැන්පත් මුදලේ වෙනසක් නැතිවම රුපියල් පන්දාහක් වුණත් ශත පන්දාහක් වුණත් සියයට පහක පොළියක් අයකරන එක ස්ථිරයි. මහින්ද රාජපක්ෂ යුගයේ බදු අය කළේ රුපියල් 60,000 ඉඳලයි. දැන් සියයට සියයක් පොලී ආදායම මත බදු අය කරනවා. දැන් සමාගම්වලට රඳවා ගැනීමේ බද්ද සියයට10 සිට 14 දක්වා වැඩිකර තිබෙනවා. එහි දී පන්සල් පල්ලි කෝවිල්වලින් පවා තැන්පත් කර ඇති පුණ්‍ය අරමුදල්වලටත් බදු අය කරනවා. බදු අයකිරීම අවශ්‍යයි. අපේ කාලයේත් පොලී මත බදු අය කළා. නමුත් මේක්‍රමය අසාධාරණයි. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරල තිබෙන මුදල්වලටත් බදු අයකරනවා.මේ නව බදු ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා. ඉඩම් විකිධෑමේ දී හෝ වත්කම් විකිධෑමේ දී සියයට දහයකබද්දක් අයකරනවා. මෙවැනි බද්දක් මෑත ඉතිහාසයේ තිබුණේ නැහැ. 1977 ට පෙර තිබුණා. නමුත් රොනී ද මැල් මුදල් අමාත්‍යවරයා එම බදු ඉවත් කළා.මහින්ද රාජපක්ෂ යුගයේ දී කෘෂිකර්මය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සිනමාකරුවන්, ග්‍රන්ථ කර්තෘවරුන්,නාට්‍යකරුවන් ආදීන්ට බදු සහන දුන්නා. මහින්ද රජයට ආයෝජකයින්ට බදු සහන දෙන්න වුණේ අවුරුදු තිහකත්‍රස්තවාදයෙන් බැට කාපු රටක ව්‍යාපාර කඩා වැටිල තිබුණ කාලයක් වුණ නිසා. උතුරු නැගෙනහිර ව්‍යාපාර අත ඇරල දාල තිබුණේ. වෙළෙඳපොළ හැකිළිලා තිබුණේ. නව ආයෝජන සිදුවුණේම නැහැ. යුද්ධයක් නිමා වුණාම ඕනම රටක පුද්ගලික අංශයට නැගිටින්න නිර්ලෝභීව බදු සහන දෙනවා. අවුරුදු දහයක්වත් ඒ උත්තේජනය නිසා බදු සහන දෙන්න කටයුතු කරනවා. ඒ අනුව 2010 සිට 2020 දක්වා බදු සහන දෙන්න කටයුතු කර තිබුණා. මුළුරටම අලුතින් වැඩබිම් බවට පත් වුණා. 2020 දක්වා නිර්මාණය වුණ වැඩ කොටසක් තිබුණා.නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මේ යුද්ධ වගේ දේවල් ගැන කිසි අදහසක් නැහැ. ඒ ගැන කියා දෙන්නදන්න මුදල් ඇමති කෙනෙකුත් නැහැ. රජය කියන්නේ සුරබිදෙනක්, ඉල්ලන දෙයක් දෙන්න පුළුවන් තැනක්කියලයි හිතුවේ. යුද්ධයෙන් පසු රටක තිබිය යුතු දිරිගැන්වීම් ගැන කිසි අදහසක් නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ දිරිගැන්වීම් කරල බැනුම් ඇහුවා. මේ ආණ්ඩුව ආදායම් වැඩි කරන්න බදු අයකරනවා. බි්‍රතාන්‍ය යුගයේදී නම් මේ වගේ බදු අයකළා. ඇඟ බදු, බලු බදු වගේ ඒවා. එහෙම බදු අයකළාට ජනතාවට සෙතක් වන්නේ නැහැ. අද සිට බදු සහන ගැන තිබුණ නිදහස අහෝසියි. මම ඒ ගැන පොතක් ලියා තැබුවේ ඉතිහාසයට එකතු වෙන්නයි. නමුත් රජයට අවස්ථාව තිබෙනවා මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. මේ බදු ප්‍රතිපත්තිවැරදියි කියා මේ වනවිට ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පිළිගෙන තිබෙනවා. ආර්ථිකකළමනාකරණය, දේශිය සම්පත් විජාතිකකරණය, කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොමැතිවීම වැනි කරුණු පුන පුනා කියා බැරිම තැන තමයි ආර්ථික කළමනාකරණ කමිටුව පවර ගත්තේ. මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යාංශයට දුන්නේ.මේ බදු පනත හදල තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි. ඒ බව පෙන්වමින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි වගේම තවත් පෙත්සම් දහයක් ඉදිරිපත්වී තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්තිවලට පටහැනි නිසා සංශෝධනය කරන්න කියා අධිකරණය නියෝග කළා. ඒ අනුව සංශෝධනය කරලත්මේ  වගේ තත්ත්වයක් තිබෙන්නේ. මේ නව බද්දත් උපයනවිට ගෙවීමේ බද්දත් දෙකම ගෙවන්න වෙනවද කියල මටත් පැහැදිලි නැහැ. මට නොවෙයි දේශිය ආදායම් කොමසාරිස්ටත් පැහැදිලි නැහැ. ඒ වගේම මේකෙ එක වගන්තියක් අනුව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති විදේශිකයන් මේ බදුවලින් නිදහස් වෙනවා.” යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේ කීය.“මහ බැංකු මංකොල්ලයෙන් රටට අහිමි කරන ලද මුදල පියවා ගන්න ඒ බර ජනතාව මත දමමින් බදු අය කරන්න ආණ්ඩුව සූදානම්. රටට සිදුකළ මේ අපරාධයට පිළිතුරු දෙන්න හතරවැනිදා හැකියාව ලැබෙනවා.මේ අපරාධයට විරුද්ධව ජාතික විරෝධතා දිනයක් පවත්වමු කියා අපි රටටම යෝජනා කරනවා. ඒ වගේම දැවැන්ත වැඩ වර්ජනයක් කරන්න දැනට යෝජනාවෙමින් පවතිනවා.ආයෝජනය කරල බදුගෙවන්න, ඉඩමක් විකුණුවාම සියයට දහයක් ගෙවන්න සිද්ධ වෙනවා. මේක නිතිඥවරුන්ටත් ප්‍රශ්නයක් වෙලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පවා තැන්පතුවලට බදු ගෙවන්න වෙලා.විදේශවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මුදල් එවද්දිත් බදු ගෙවන්න වෙනවා. දැන් ඒ අය මුදල් ගෙවන එකතබා ලංකාවට එන එකත් නවත්තයි. මැදපෙරදිග බැල මෙහෙවර කරල මුදල් එවන අයගේ මුදල්වලිනුත් මේ බදුඅයකිරීම කොයිතරම් සාධාරණ ද? ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලන්නේ මේ බදු පනත සහිත ගැසට් පත්‍රය වහා අහෝසි කරන්න කියලයි.” යැයිද ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
“අපි මුලින්ම වැඩ අල්ලන්නේ ජනතාව බදු බරින් නිදහස් කරලයි“
0
(*** නිමල කොඩිතුවක්කු)රටේ ජනතාවට සෙත සලසන බවට පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව උහුල ගන්න බැරි පීඩනයකට අසහනයකට ජනතාව පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලානේදී පැවති ජන හමුවක දී පැවසීය.ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල පිළිගැනීමේ හමුවලට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් මේ බව පැවසීය.රත්මලාන, කොතලාවලපුර, රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පැවැති පිළිගැනීමේ හමුවට සහභාගි වී එම හමුව අමතමින් සිටිය දී කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් වේදිකාවට ගල් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබීය.එම ගල් ප්‍රහාරය නොතකමින් විපක්ෂ නායකවරයා සිය කතාව අඛණ්ඩව කරගෙන ගිය අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අපට ඡන්දය ලබා දුන් පොදු ජනතාවට කෙළෙහිගුණ දැක්වීමක් වශයෙන් රට වටා යන්න අපි තීරණය කරලා තියෙනවා. සමගි ජනබලවේගය මේ රටේ ජනතාවගේ ජන සවියෙන් රාජ්‍ය බලය ලබාගන්න විට රටේම ජනතාවට කෙළෙහි ගුණ දැක්වීමේ යුගය ආරම්භ කරනවා.හැටනව ලක්ෂයක් ජනාධිපතිවරණයේදී ඡන්දය දීපු ජනතාව තුනෙන් දෙකකට ආසන්න ආසන පිරිසක් මහ මැතිරවණයේදී මේ ආණ්ඩුවට ලබා දුන්නා. මේ තරම් සුවිශාල ජනවරමක් ලබාගත්තු වත්මන් ආණ්ඩුව පොදු ජනතාවට කෙළෙහිගුණ දක්වලා තියෙනවද කියලා අපි අහනවා.ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ ජනතාවට හොඳ ජන ජීවිතයක් ලබාදීමටයි. ඒත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ රටේ ජනතාවගේ ප්‍රශ්න එමටයි. ජීවන බර ඉහළ ගිහින්. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ.මේ රජය පත් කරපු ජනතාව අද සම්පූර්ණයෙන්ම අනාත තත්ත්වයට පත් වෙලා තියෙනවා. රටේ සමස්ත ජනතාව විපතට පත් වෙලා ඉන්න වෙලාවක පැය 24ම ඒ ජනතාව වෙනුවෙන් සටන් වඳින්න රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අපි සුදානම් කියලා මම මේ අවස්ථාවේ කියනවා.අපි ගෙන යන මේ ජනතාවාදී වැඩපිළිවෙලට එරෙහිව අද වෙන විට විවිධ පුද්ගලයන් බොහොම නොඉවසිල්ලෙන් කටයුතු කරනවා. සත්‍ය කතා කරන විට මේ පුද්ගලයන්ට ඒවා දරාගෙන ඉන්න බැහැ. ඒ නිසා තමයි අද මේ මැර ප්‍රහාර එල්ල කරන්න හදන්නේ. අපිට ගහපු මේ ගල් යොදා ගෙන මේ ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් ඉදි කරන්න අපි කටයුතු කරනවා.ආණ්ඩුවේ වැරදි ආර්ථික සැලසුම් හේතුවෙන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දමා තිබෙනවා. මේ ශ්‍රේණිගත කිරීමෙන් අපි පහළ බැස්සා කියන්නේ ජාත්‍යන්තරයෙන් අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීමයි.අපේ රටට ජාත්‍යන්තර විශ්වාසය අහිමිවීම තුළ විදේශ ආයෝජන අපේ රටට අහිමිවීමේ අවදානමක් තියෙනවා. විදේශ ආයෝජන නොමැතිව අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට බැහැ.මේ ශ්‍රේණිගත කිරීම් වලින් පහළ දැමීමෙන් ආර්ථික සංවර්ධන මර උගුලක අපි හිර වෙනවා.විගනණයේ ප්‍රසම්පාදනයේ යෝජිත වෙනස්කම් ජාත්‍යන්තරයට වැරැදි පණිවුඩයක් ලබාදීලා තියෙනවා. පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය පාලනය පිළිබඳ තියෙන තත්ත්වය දුර්වලවීම මේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමට දැවැන්ත ලෙස බලපාල තියෙනවා. මේ අනුව අද රටේ ආර්ථික තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුව පත් වුණේ ජනතාවට සෙතක් සලසනවා. ජනතාවට සේවය සලසනවා කියලා ඒත් ඒ දේවල් කරන්න වර්තමාන රජය අද අපොහොසත් වෙලා තියෙනවා.උහුලගන්න බැරි පීඩනයක් අසහනයක් මේ ආණ්ඩුව අද ජනතාවට ඇති කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි දිගින් දිගටම කටයුතු කරනවා. පොඩි මිනිසා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා යැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. 
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා
1
(නිමල කොඩිතුවක්කු)තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමා ජනතාවට සහන ලබාදී ජනතාවාදී පාලනයක් ගෙනයනවා වෙනුවට පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියා ජනතාවට විහිළු සපයමින් සිටින බව සමගි ජන ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුරයේදී  පැවසීය.ජනතා ප්‍රශ්න විසදනවා වෙනුවට තම අභිමතාර්ථ ඉටුකරගැනීමේ අරමුණින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයන 20 වන සංශෝධනය පිටුපස ආණ්ඩුව දිවයමින් සිටින බවද  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික, පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම විපක්ෂය ප්‍රබල සටනක් ගෙනයන බවද සමගි ජනබලවේගයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවලට අනුරාධපුරයේදී එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.අනුරාධපුර කැකිරාව සූරියගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද පැවසීය.    “පොල් ගන්න ටේප් එකක් අරන් පොළේ යන්න කියලා ආණ්ඩුව ජනතාවට කියනවා. වර්තමාන ආණ්ඩුවට මේ තරම් විශාල ජන වරමක් ලැබිලත් විහිළු සහගත ක්‍රියාවන් සිදුකරමින් සිටිනවා. දැන් රටේ ජනතාවට පොල් ගෙඩියක් මිලදී ගන්න ටේප් පටියක් අරගෙන පොලට යන්න සිද්ධ වෙලා තියෙනවා.මේ ආණ්ඩුව පොල් මිලදී ගැනීමට අමුතුම රෙගුලාසියක් ඉදිරිපත් කරලා තියෙනවා. පොල් ගෙඩියේ වට ප්‍රමාණය 13ට වැඩි නම් 70 යි. 12 ත් 13 අතර නම් 65 යි.  12 ට අඩුනම් 60 යි.හැටනම ලක්ෂයක් ජනතාව  ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් ලබා දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දීලා අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ ටේප් පටියක් අරගෙන පොළවල් ගාන ගිහිල්ලා පොල්ගෙඩි මැන මැන ඉන්නයි.මේක තමයි වියත්මග. මේ ආකාරයෙන් ආණ්ඩුව බොහොම වියත් විදියට අද  රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා.මේ විදියට වියත් ආකාරයෙන් රටේ ජනතාවට සලකමින් ඉන්න එක ගැන ජනතාවාදී විපක්ෂයක් විදියට අපි කණගාටු වෙනවා.තව ඉදිරියටත් ටේප්පටි ගණනාවක් එක්ක පොළට යන්න වෙයි කියලා රටේ ජනතාවට අපි කියනවා. ඉදිරියටත් මේ සරදම් රාජ්‍ය පාලනය සරදම් දේශපාලනය තමයි අපිට බලාගෙන ඉන්න වෙන්නේ.මේ රටේ ජනතාව මුහුණදෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික පරිසර යන සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විපක්ෂය විදිහට  අපි එකට හිට ගන්නවා.පොදු ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් කැපවෙන අලුත් දේශපාලන ප්‍රවාහයක් විදියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම්.බඩු මිල ගැන ජනතාවගේ අඳෝනාව ඉදිරියේ පොල් ගස්වල නගින්න  ඇමතිවරුන්ට අද සිද්ධවෙලා තියෙනවා. ඒක තමයි මේ මාස කීපය තුළ රටට සිද්ධ වෙලා තියෙන මහා දැවැන්ත සෞභාග්‍යය. රටට විහිළු සපයන රාජ්‍ය පාලනයක්  බිහිවීම පිළිබඳව දැන් රටේ ජනතාවට හිතන්න හොඳ අවස්ථාව උදාවෙලා තියෙනවා.රටේ ජනතාවගේ ගැටලු විසඳීම පැත්තකින් තියලා දැන් ආන්ඩුව විසිවන සංශෝධනය අල්ලගෙන සිටිනවා. විසිවන සංශෝධනය පැහැදිලිවම රටට වින කරන රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරන පොදු ජනතාව ගේ ස්වෛරීත්වය විනාශ කරන දැවැන්ත බලඅධිකාරියක් එක ආයතනයක ස්ථාපනය කරන ක්‍රියාදාමයක්. රටේ බහුතරයක් ජනතාව මේක භාර ගන්න සූදානම් නැහැ.මේ ආණ්ඩුව ලොකුවට කියාගෙන යනවා විසිවන සංශෝධනයට  ජනතා වරමක් ලැබුණා කියලා.  විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බලය අඩු කරන්න, ප්‍රසම්පාදනය අහෝසි කරන්න මේ රටේ ජනතාව බලයක් ලබා දුන්නේ නැහැ.ලේ වගුරවන්නේ නැතිව ජීවිත ආරක්ෂා කරමින් දේශපාලන ප්‍රචණ්ඩත්වය සහමුලින්ම අතුගාලා දාපු මේ මැතිවරණ කොමිසමේ බලතල අඩු කරන්න කියලා රටේ ජනතාව වරමක් ලබා දුන්නේ නැහැ.නැවත වරක්  මිනීමරන දේශපාලන සංස්කෘතියකට යන්න රටේ ජනතාව ඉඩ දෙන්නෙ නැහැ. එනිසා මේ කරුණු කාරණා සියල්ලක්ම සලකා බැලුවහම ඔය වරමක් ලැබුණා කියලා කියන කතාව පිළිගන්න බැහැ.මේ ආණ්ඩුවේ  සරල බොළඳ පැලැස්තර න්‍යායේ තවත් එක් කාරණයක් තමයි මේ විදිහට විදිහට ඉදිරිපත් කරන්නේ. 20 වන සංශෝධනයට ආණ්ඩුවෙන්ම විශාල පිරිසක් විරුද්ධයි. ඒක රටින් සඟවන්නට මේ අය උත්සාහ කරනවා.20 වන සංශෝධනය සම්මත කරන්න සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට උදව් කරන්න යනවා කියලා දැන් කතාවක් ගොතනවා. එහෙම ක්‍රමවේද පහුගිය කලේ විපක්ෂවලින් සිදුවුණා. සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් කිසිම දවසකින් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ.පක්ෂය තුළ තමන් වදාපු අම්මල තාත්තලත් තුට්ටු දෙකට පාවලා දෙන වරදාන වරප්‍රසාද ඇමතිකම් වලට  සිල්ලරට විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය නැහැ.රජරට ජනතාව අතිවිශිෂ්ට ජනවරමක් පොහොට්ටුවට ලබා දුන්නා. අද ඒ ජනතාවට පොහොර නැහැ, සහන නැහැ, දිරිදීමනා නැහැ. මේ ආණ්ඩුව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමලා තියෙනවා. දස ලක්ෂ ගණනින් ජනතාව රැවටිලා තියෙනවා. ජනතාවට සත්‍ය අවබෝධ කරගැනීමට  ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී පැවසීය. 
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා
0
(නිමල කොඩිතුවක්කු)ජනතාව පීඩාවට පත් කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට  අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවති ජනහමුවක් අමතමින් අද(15) පැවසීය.ජන බලයෙන් ආණ්ඩුව බලයෙන් පහකොට රට ගොඩනැගීමේ වැඩපිලිවල සමගි ජනබලවේග රජයක් තුළ බිහිකරන බවත්  විපක්ෂනායකවරයා සඳහන් කළේය.රටේ සම්පත්, දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණමින්  අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය ප්‍රමුඛ  රජයක් මගින්  යලි ලබාදෙන බවත්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව  ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.   “ දුර්දාන්ත ජනතා විරෝධී  රාජපක්ෂ ආණ්ඩුව  ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.ගෑස්  ටික,  කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ  ජන බලය රටට පෙන්නුවා  කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා.ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නෙවෙයි ජනතා සේවයක් එහි සේවයට කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී පොරොන්දු වෙනවා.ජනාධිපතිගේ අගමැති ඉඳලා අපට තිබෙන වරදාන වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් ලබා දෙනවා කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි.අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපි ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. අපි ආණ්ඩුව තුළ පවා දීම් නැහැ. අපි එකම ඩීල් එක දී මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අද වෙන්දේසි ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සම්පත් අපේ දේශීය දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණන ජාතිද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන මොහොතේ අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය පොදු ජන රජයක් හරහා අපි නැවතත් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න දැන් එක එක්කෙනා එනවා. මෙතෙක් කල් සිදුවුණු බහුතර ඩීල් ක්‍රියාත්මක වුණේ ඇමතිකම්, සභාපතිකම් නිලතල මත පදනම්වයි. එහෙම ඩීල් දේශපාලනයක් සමගි ජන බලවේගය තුළ ඉඩක් නැහැ. එකතු වෙන්න ඕන නම් අපි එකතු වන්නේ පුද්ගල  ඩීල් මත නෙමෙයි කියලා ඒ කැමති හැමෝටම අපි කියනවා.අපි එකතු වන්නේ ජනතාව රට දිනවන ඩීල් එකක් එක්ක විතරයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.අද කොළඹට ඇවිල්ලා  අපි මේ ක්‍රියාත්මක කළේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික්ක මට්ටමින් ආණ්ඩුව පලවා හැරීමේ ගමන දියත් කරනවා. ගමක් ගමක් ගානේ අපි ඇවිත් කාටවත් බිද දමන්න බැරි කාගෙවත් කුමන්ත්‍රණවලට යට වෙන්නේ නැති පාලනයක් අපි බිහි කරනවා. දකුණු පය පෙරට තබල තනි බලයකින් යුතු   සමගි ජන බලවේ සන්ධානය ජයග්‍රහණය කිරීමට අපි ඇප කැප වෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජනබල පාලනය බිහි බිහිකරන්න එක්වන්න කියලා  අපි මේ ජනතාවට ආරාධනා කරනවා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරිනම් රට හදන්න අපිට බාර දෙන්න. අපි වැඩේ කරලා පෙන්නන්නම්. මේ වෙනකොට මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා.
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා
0
‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකියාව නැතැයි සමගි ජන බලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේදී පැවසීය.රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජනතාව අසරණකාරී, පීඩාකාරී තත්ත්වයට ගොදුරුව ඇති බවත්, අගෝස්තු පස්වැනිදායින් පසු මේ තත්වය වෙනස් කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කැපවන බව ද  සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දඹුල්ලේදී සංවිධානය කළ ජන හමුවට එක්වෙමිනිවැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.   “ අපි මැතිවරණය ජයග්‍රහණය කරනවා. දුරකථනයට විශිෂ්ට ජයක් ලැබෙනවා. ඒ එක්කම ඊළඟට පළාත් සභා මැතිවරණයත් එනවා.   අප වෙනුවෙන් කැපවෙන සියලුදෙනා ජයග්‍රහණය කරවීමට අපේ උපරිම දායකත්වය දෙන්නත් කටයුතු කරනවා.   කැප කිරීම් කරන නියෝජිතයන් බලාගන්නවා වගේම, ඉදිරියේදී අපේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නෙත් අද දුක් විඳිමින් අපත් එක්ක එකට එකතුවෙලා කැපවෙන අයට කියා මා කියන්න කැමැතියි. ඒ නිසා දැනටමත් එකතු වුණේ නැති අයගෙන් මා ඉල්ලීමක් කරනවා. දැන්ම අපත් එක්ක එකතු වෙන්න කියා. මොකද, පස් වැනිදායින් පසුව එකතු වෙන අයට වඩා දැන් එකතුවෙන අය විශේෂයි.රටක් හැටියට අද අපි සියලු දෙනාම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට මුහුණදීලා අද වෙනවිට රටේ ආර්ථිකය මට්ටම ඉතාම පහළට ඇද වැටිලා. රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත්ම අසරණකාරී - පීඩාකාරී තත්ත්වයකට ගොදුරුවෙලා.වර්තමාන ආණ්ඩුව කොරෝනා ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවායි සමහරුන් හිතාගෙන හිටියා. කොරෝනා දිනූ අපේ ආණ්ඩුවට සුබ පැතුම් කියා සමහර තැන්වල පොහොට්ටු අපේක්ෂකයෝ පෝස්ටර් ගැහුවා.  කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් විනාශ වුණානම් කොහොමද  දෙවැනි රැල්ලක් ආවේ? දෙවැනි රැල්ල ආවම තුන්වැනි හතරවැනි රැල්ලකුත් එන්න පුළුවනි.  කොරෝනා වසංගතය විනාශ කළා කියන්නේ දෙවැනි, තුන්වැනි  රැලිත්  එක්ක ද කියා මා පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් අහන්න කැමැතියි. පහුගිය දවස්වල කොරෝනා ව්‍යසනය උග්‍ර වෙනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙච්ච දේ මතක ඇති.එක පැත්තකින් ගොවියන් අනාථ වෙනවිට තව පැත්තකින් සුළු වෙළෙන්දන් පාඩු පිට පාඩු ලබනවිට මේ ප්‍රදේශවල පොහොට්ටු දේශපාලන හෙංචයියන් ගජරාමෙට තමන්ගේ බිස්නස් කරගෙන ගියා.රට පුරා සමහර පොහොට්ටු අය කළුකඩ කළා. අප බලයට පත්වූ වහාම ඒවා පිළිබඳ පරීක්ෂණ කරනවා. වැඩ බැරි ආණ්ඩුව රටත් නන්නත්තාර කරලා. ජනතාවත් නන්නත්තාර කරලා. අප ජයග්‍රහණය කළාට පසු ජනතාවට කඩිනමින් සහන රැසක් දෙන්න සූදානම්.පළමු සහනය තෙල් මිල අඩු කිරීමයි. අද වෙනවිට බොරතෙල් මිල පතුළටම වැටිලා. නමුත් මේ ආණ්ඩුව ඒ සහනය ජනතාවට දෙන්නෙ නෑ.  තෙල්වලින් ලාභ පිට ලාභ ලබනවා.අප පැය විසි හතරක් තුළ වහාම තෙල් මිල පහළ දානවා. ලෝකයම පිළිගත්ත ක්‍රමවේදය ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල් දීමයි. එහෙම මුදල් දුන්නම ඒ ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා. ඉතිරි කරනවා. ඒ තුළින් ආර්ථිකය ඉහළට එනවා. මේක තමයි, ලෝකයම පිළිගත් ක්‍රමවේදය වන්නේ.  ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව, එදිනෙදා කුලී වැඩකරන ජනතාව, සාමාන්‍ය ස්වයං රැකියා කරන ජනතාව මේ වගේ සමාජයේ පහළ පීඩිත ජනතාව අගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් අප බලයට පත් වූ වහාම රුපියල් විසි දහස බැගින් මාසෙකට දෙන බවට සහතික වෙන්න කැමැතියි.එහෙම දෙන්න සල්ලි කෝ කියා දේශපාලන කුහකයන් අහනවා. දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් වගේ තිබිච්ච රට භාර ගත්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාසල් දරුවන් හතළිස් තුන් ලක්ෂයකට නොමිලේ දිවා ආහාරය දුන්නා. නොමිලේ නිල ඇඳුම් දුන්නා. රට පුරා ඇඟලුම් ශාලා ආරම්භ කර දහස් ගණන් රැකියා අවස්ථා උදාකර දුන්නා.ගම්උදාව නිර්මාණය කර ආර්ථික නවෝදයක් ගෙනත් දුන්නා. ජනාධිපති ජංගම සේවය රට පුරා තියා විශාල වැඩ කොටසක් කළා. මුළු රට පුරාම ගෙවල් හැදුවා. එහෙම කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙපැත්ත ගිනි ගත්ත රටකයි. ඒ තරම් විශාල වැඩ කොටසක් කරන්න එතුමාට පුළුවන් වුණා නම් එතුමාගේ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසට රටේ පීඩිත ජනතාව වෙනුවෙන් රුපියල් විසි දාහක් දෙන්න බැරිද කියා මා අහනවා.අනිවාර් යෙන්ම දිනා මා ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවනවා. එහෙම පිහිටුවන ආණ්ඩුව යටතේ ඔබව හමුවෙන්න එනවාපහුගිය දවස්වල පොල් ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා සියයට 4 සහන ණය ජනතාවට දෙනවා කියලා. මුළු රටම  ජනතාවට ඒ සහනය ලැබෙයි කියා සිතුවා.  ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද? ඒ වගේම මාර්තු, අප්‍රේල් විදුලි බිල කපනවා කීවා. එහෙම කපලද?. අප මේවා කියනවිට ආණ්ඩුව අවලාද නඟනවා. චෝදනා කරනවා. ආණ්ඩුවේ ඩීල්කාරයන් කලබල වෙනවා. අවලාද - චෝදනා මොනතරම් නැඟුවත් ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර නතර කරන්නේ නැතැයිද ඔහු පැවසීය.මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.(*** නිමල කොඩිතුවක්කු සහ *** දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා
0
(විනීතා එම් ගමගේ)කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ  යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ  අද(17) පැවති මාධ්ය  හමුවක් අමතමිනි.එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු  යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ  හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා  මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු  කියාසිටියේය.පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ  ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය. 
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘
1
(විනීතා එම් ගමගේ)කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ  යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ  අද(17) පැවති මාධ්ය  හමුවක් අමතමිනි.එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු  යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ  හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා  මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු  කියාසිටියේය.පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ  ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය. 
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘
0
 (ඩයනා උදයංගනී)හම්බන්තොට වරාය කිසිම රටකට හෝ සමාගමකට විකුණන්නේ නැති බවත්, එය ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් ලාභ ලබන තත්ත්වයට පත්කරගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන දෙපාර්ශවයටම එක`ග විය හැකි ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයට අනූ නව අවුරුදු බදු ක‍්‍රමය යටතේ මේ සඳහා වූ ගිවිසුමකට ඉදිරියේදී අත්සන් තැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ ද කියා සිටියේය.‘‘හම්බන්තොට වරාය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දිනවල ඇතිවුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. එයට අපේ පක්‍ෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරුන් මම සහ එක්සත් ජාතික පක්‍ෂයෙන් මලික් සමරවික‍්‍රම ඇමතිතුමාත් සහභාගී වුණා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවේ වරාය මොනම හේතුවකටවත් විකිණීමේ අදහස සම්පූර්ණයෙන් බැහැර කළ බවයි. ඒ නිසා කිසිම රටකට හෝ සමාගමකට මේ වරාය විකිණීමක් වෙන්නේ නැහැ.වරාය පිළිබඳ ගිවිසුම අපි පිළියෙළ කරන්නේ පක්‍ෂ දෙකේම පොදු එකඟතාවක් මතයි. අපි මූලික වශයෙන් කරුණු කිහිපයක් ශ්‍රී.ල.නි.පයේ නිරීක්‍ෂණ මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා තවත් විධිමත් ආකාරයෙන් සකස් කරගත යුතුයි. එමෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ මූලික ලක්‍ෂණවලට අනුව අපි අපේ නිරීක්‍ෂණ ඉදිරිපත් කළා. මේ මූලික ලක්‍ෂණ එකඟතාවලට ගැළපෙන තත්ත්වයකට ආ පසු තව අංශ කිහිපයකට යා යුතු වෙනවා.මූලිකවම 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත වෙනස් නොකර ගිවිසුමක් අත්සන් කරන්න බැහැ. අපේ සියලූම වරාය වලින් 2016 වසරේ ණය සහ පොලිය ලෙස මිලියන 16,700ක් ගෙවා තිබෙනවා. හම්බන්තොට වරායෙන් පමණක් මිලියන 7,100ක් ගෙවා තිබෙනවා. අපි ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් මෙය ලාභ ලබන තත්ත්වයටත්, ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයටත් ගිවිසුම්ගත වීමයි.මෙහිදී ශ්‍රී.ල.නි.පයේ හා එ.ජා.පයේ ස්ථාවරයත් සමඟ පොදු එකඟතාවකට පැමිණ ඒ අනුවයි මේ සම්බන්ධ ගිවිසුමකට එන්නේ. ඒ හැර කවුරුන් හෝ වෙනත් මත ප‍්‍රචාරය කරනවා නම් එය වැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණයට විරුද්ධ දේශපාලන පක්‍ෂයක්. අපිට අපේ දර්ශනය මෙන්ම වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම වන්නේ මේ ආයතන අලාභ නොලබන අයුරින් පවත්වාගෙන යාමයි. මෙහි ණය ගෙවීමේ මූලික වගකීම භාණ්ඩාගාරයට පවරන්නත් බැහැ. මේ අනුව අපි ඉදිරි කාලයේදී වරාය පිළිබඳ තීන්දුවක් ගත යුතුයි.ඉදිරියේදී අපි මෙය සාර්ථකව ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඒ ගැන කටයුතු කිරීමට කැබිනට් අනුකමිටුවකුත් පත් කර තිබෙනවා. එම කමිටුවට අපේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන ගිවිසුමකට  එළඹීමට අපි බලාපොරොත්තු වෙනවා.පසුගිය වසර දෙක ගත්විට අපිට සතුටු විය හැකි හා සතුටු විය නොහැකි කාරණා සිදුවී තිබෙනවා. අද මේ රටේ ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන්. දැන් රට තුළ  ඕනෑම කණ්ඩායමකට, පාර්ශවයකට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට, අරගල කිරීමට නිදහස ලැබී තිබෙනවා.ඒ වගේම අපිට අසතුටු වීමට සිදුවන දේ ගත් විට ඒ කාලයේදී අපේ අපනයන ආදායම වැඩි වී නැහැ. රාජ්‍ය ආදායම වැඩිවීම සිදුවුණත් රාජ්‍ය වියදමත් වැඩි වී තිබෙනවා. වැටුප් වැඩිවීම එයට හේතුවක්. ලෝක ආර්ථික අර්බුදයකුත් තිබෙනවා. ඒ තුළ අනාගතයේ අපිට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ පෑමට සිදුවෙනවා. මෙයින් සහනයක් ලැබීමට නම් අපි අපනයන ආදායම වැඩි කරගත යුතුයි. ඒ සමඟම විදේශීය ආයෝජනයත් වැඩිකරගත යුතුයි. ඒ නිසා ඉදිරි වසර දෙක තුළ මේ කරුණු ගැන තීන්දු ගැනීමට රජයට සිදුවෙනවා.ජනාධිපතිතුමා ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගන්නවා. සමහරුන්ට මෙය තිත්ත වෙන්නත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්. ඒ වුණත් ජනාධිපතිතුමා වසර දෙකක් හැමදේටම ඉඩ දී තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය පවත්වාගෙන ගියා. නමුත් එතුමාට තමන් භාරගත් දේ ඉදිරි වසර හතර ඇතුළත ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා එතුමා ඉදිරි කාලයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් ශක්තිමත් තීන්දු කිහිපයක් ගන්නවා.ඒ වගේම මේ කාලය තුළ බැඳුම්කර වංචාව ගැන පැහැදිලි ක‍්‍රියාදාමයක් සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම ප‍්‍රමාද ඇයිද යනුවෙන් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් අපෙන් ප‍්‍රශ්න කළා. නමුත් නියම වෙලාවට මේ ගැන නිසි තීන්දු ගත් නිසා දැන් විනිවිද භාවයකින් යුතුව බැඳුම්කර කොමිසමේ කටයුතු සිදුවෙනවා.පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඇතැමුන්ගේ හැසිරීම රටේ ආර්ථිකයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැටලූවක් වෙලා. ගොඩින් විසඳාගත හැකි දේ පාරේ දී විසඳාගන්නට ඇතැමුන් උත්සාහ කිරීම තුළ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙලා.  යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: ඔබතුමා නොකියා කියන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවන බවද?පිළිතුර: කැබිනට් සංශෝධන කරන්නේ ජනාධිපතිතුමායි. එතුමා ගන්නා තීන්දු ගැන ඇමැතිවරයෙක් ලෙස මට කියන්න බැහැ. නමුත් යම් යම් දේ සිදුවෙන්න පුළුවන්.ප‍්‍රශ්නය: එ.ජා.පය වැරදි පාරක යන බවද කියන්නේ?පිළිතුර: මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් නිසා දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවෙන්න පුළුවන්. නිසි කලට, නිසි ලෙසට, නිසි විලස තීන්දු ගන්නවා. මිනිසුන් අතින් වැරදි සිදුවෙනවා.ප‍්‍රශ්නය: ආර්ථිකය ගැන තීන්දු ගන්නවා නම් එම වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු තිබිය යුතුයි නේද?පිළිතුර: අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා අපට වගකීමක් තිබෙනවා.ප‍්‍රශ්නය: මුදල් අමාත්‍යධූරය වෙනස් වෙනවාද?පිළිතුර: එය මට කියන්න බැහැ.ප‍්‍රශ්නය: අපනයනය වැඩිකිරීමට හෝ ආයෝජන වැඩිකරන්න රජයට වැඩපිළිවෙළක් තිබෙනවාද?පිළිතුර: ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිවීම තුළ ඇතිවී තිබෙන යම් යම් අස්ථාවරභාවයන් නිසා ආයෝජන අඩු වී තිබෙනවා. යම් යම් කරුණු නොසලකා තද තීන්දු ගත්තා නම් ආයෝජන වැඩිවෙනවා. වර්ජන, පිකටින් නිසා අස්ථාවරභාවයක් ඇති බව ආයෝජකයන්ට පෙනෙන්නට පුළුවන්.ප‍්‍රශ්නය: ශ්‍රී.ල.නි.ප.යට බලපාන තීන්දුත් ගන්නා බව කීවා. ඒ මොනවාද?පිළිතුර: පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඉදිරි මැයි දිනයෙන් පසුව ඉතා ඉක්මනින් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය: ජනාධිපතිතුමාගේ හිතවතුන්ට නව පත්වීම් ලැබේවිද?පිළිතුර: අපිත් ජනාධිපතිවරණයේදී එතුමාට හිතවත්ව සිටියේ නැහැ.  ඒ නිසා හිතවතුන්ට පත්වීම් දෙනවා කීම වැරදියි. අපට අවශ්‍ය පක්‍ෂය එක්කරගෙන ඉදිරියට යාමයි. පක්‍ෂයකට බෙදිලා කැඩිලා ඉදිරියට යන්න බැහැ.ප‍්‍රශ්නය: පෞද්ගලීකරණය, විකිණීම මුල්කරගත් එ.ජා.පය සමඟ ඉදිරියට යන්න පුළුවන්ද?පිළිතුර: පුළුවන්. ජාතික ආණ්ඩුවේ අරමුණ එයයි. කමිටු දමන්නේ, සාකච්ඡා කරන්නේ ඒ සඳහායි. රටට ආයෝජන, ලාභ අවශ්‍යයි. ඒත් අපි වෙන්දේසිකරුවන් බවට පත්වෙන්නේ නැහැ. ශ්‍රී.ල.නි.ප. ය ෂොක්මන් හා සමරවික‍්‍රම පෞද්ගලික සමාගම නෙවෙයි.ප‍්‍රශ්නය: කල්කුඩා මත්පැන් කම්හලට බදු සහන දීම ගැන ඔබතුමා දන්නවාද? මෙය බැඳුම්කර වංචාවට සම්බන්ධ සමාගමෙන් කරන එකක්. ඒ සමාගම යටතේ ඇති මෙන්ඩිස් සමාගමට මීට පෙරත් විශාල සහන දී තිබෙනවා.පිළිතුර: මම ඒ ගැන හරියට දන්නේ නැහැ. බදු සහන දී ඇත්නම් ඒ කුමන පදනම යටතේද යන්න මා දන්නේ නැහැ. ඉදිරි මාධ්‍ය හමුවේදී මේ ගැන සොයා තොරතුරු ලබාදෙන්නම්.ප‍්‍රශ්නය: එ.ජා.ප.ය හා ආණ්ඩු හදනවාට ඒකාබද්ධ විපක්‍ෂයේ අය විරුද්ධයි. ඒ අය සමඟ එක්විය හැකිද?පිළිතුර: එ.ජා.ප.ය සමඟ 2006දීත් ආණ්ඩු කළා. එදා ඒ අය විරුද්ධ වුණේ නැහැ. එදා ගිවිසුම් ගහද්දී කිරිබත් කෑ අය දැන් බැහැ කියන්නේ ඇයි? පසුව 18 දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ කරගත්තා. ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නෙවෙයි. මේ ගමන යන්න බැරිකමක් නැහැ. ජනතාවට හානිකර නොවන අයුරින් සම්මුතියකට එන්න අපිට හැකිවිය යුතුයි. ඒ හැකියාව තමයි නිදහස් පක්‍ෂය අතට ගන්න හදන්නේ. යම් යම් තීන්දු ගන්නා විට ගැටලූ ඇතිවිය හැකියි. පොහොර දෙන ආකාරය වෙනස් කරන විට ගැටලූ ආවා. නමුත් දැන් දී ඇති ප‍්‍රමිතියෙන් යුතු පොහොර නිසා අස්වැන්න වැඩිවෙලා.ප‍්‍රශ්නය: වරාය ගිවිසුම අත්සන් කරන්නේ 99 අවුරුදු බදු ක‍්‍රමයටද?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: ජිනීවා හි ඇති තත්ත්වය ගැන මොකද කියන්නේ?පිළිතුර: ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය නැති බව ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා. අපට අපේ ක‍්‍රමවේදය විශ්වාසයි.ප‍්‍රශ්නය: මුදල් ඇමතිතුමාට ලැබෙන සම්මාන ගැන මොකද හිතන්නේ?පිළිතුර: එය හොඳයිනේ. ඒ ගැන සතුටුයි.ප‍්‍රශ්නය: බැඳුම්කර සිද්ධිය ගැන ශ්‍රී.ල.නි.පයේ මතය කුමක්ද?පිළිතුර:- මෙය හොරකමක්. මංකොල්ලයක්. ඉදිරියේදී ඒ ගැන ක‍්‍රියාමාර්ග ගැනේවි.ප‍්‍රශ්නය: පක්‍ෂයට නව සංවිධායකවරුන් පත්වීම ගැන අදහස කුමක්ද?පිළිතුර: ඉන්න සංවිධායකවරයා වැඩ කරන්නේ නැත්නම් නව සංවිධායකවරයෙක් පත්කර හෝ කටයුතු කරගෙන යා යුතුයි.
‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලනයේ පිරිසිදු චරිත ඒකරාශී කරගනිමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන් ලෙස බඳවාගනු ලබන්නේ හොරකම්, මැරකම් හා වංචාවලට සම්බන්ධ අය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) පැවසීය.එහි පළමු සාමාජිකයා අයිතිකරුවන් නැති ගෙවල් හිමිකරුවෙක් වන අතර දෙවැනි හා තුන්වැනි සාමාජිකයන් වන්නේ ස්ත‍්‍රී දුෂණවලට හා ලක්‍ෂ 30ක අල්ලසක් ගැනීමට සම්බන්ධ සභාපතිවරුන් දෙදෙනෙක් බව කී මහ ලේකම්වරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.පිරිසිදු චරිත ලෙස අනාගතයේදී කටයුතු කිරීමට කැමති අය සිටී නම් ඔවුන්ට වැරදි හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ අවස්ථාවක් ඇති බවද සන්ධාන මහලේකම්වරයා කීවේය.සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරයට පත්වීමෙන් අනතුරුව පැවැත්වූ 64 සහ 65 වැනි සම්මේලනයන්ද ඉතා සාර්ථකව පැවැත්වීමට අපට හැකිවුණා. අපි කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මෙවර අපිට තිබෙන්නේ අපේම ඒ වාර්තාව බි`දහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන්නයි. මෙවර අපි මෙරට  ඕනෑම පක්‍ෂයක් පැවැත්වූ වැඩිම ජන සහභාගීත්වයක් සහිත පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.මේ වන විට අපිට එක`ග වූ ප‍්‍රමාණයටත් වඩා බස් රථ ලබාගන්න සිදුවෙලා. ඒ බස් රථ ඇතුළු කිසිම දේපළක් අපි නොමිලයේ ලබාගන්නේ නැහැ. මේ සියල්ලට අපි අදාළ ගෙවීම් කරනවා. නමුත් අතීතයේ ආණ්ඩු පක්‍ෂ පක්‍ෂ සම්මේලන, සංවත්සර හා මැයි දිනය කළේ ආණ්ඩුවේ මුදල්වලින්. නමුත් අපේ පක්‍ෂයේ උත්සව කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා නොගත යුතු බවටත්, රාජ්‍ය දේපළවලට හානි නොවන ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දී තිබෙනවා.අපි අපේ සංවත්සරයේදී ජනතාවට ඇති ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. අපේ යෝජනා සකස් වෙන්නේ ඒ අනුවයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මේ මොහොතේ අපි තරුණ නියෝජනය, කාන්තා නියෝජනය ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා මත්පැන් පානය කර සම්බන්ධ නොවන ලෙස සංවිධායකවරුන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේදී පැවසුවා. මත්පැන්වලින් තොරව පැමිණෙන ලෙස අපි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස`දහා ලංකාවේ සිව්දෙසින් සියලූම ජන කොට්ඨාස නිවේදනය වන ලෙස ජනතාව සහභාගී කරවාගන්න අපි බලාපොරොත්තු වෙනවා.අපේ කාන්තා සංවිධානය ගිය සම්මේලනවලදී ඉදිරිපත් කළ කාන්තා නියෝජනය පිළිබ`ද යෝජනාව මේ වන විට මල්ඵල ගැන්වී තිබෙනවා. ඒ වගේම තරුණ නියෝජනය වැඩි කරන්න මේ වන විටත් අපේ තරුණ පෙරමුණ යෝජනා කර තිබෙනවා. නීති රීති කෙසේ වෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තරුණ අපේක්‍ෂකත්වය වැඩි කිරීමට අපි පක්‍ෂයක් ලෙස තීන්දු කර තිබෙනවා.අපි මේ ජාතික ආණ්ඩුවට එකතුවීමේ ප‍්‍රධාන කරුණු දැන් ඉටුවෙමින් යනවා. ජිනීවා අවධානම මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. දැන් විදුලි පුටු ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති මට්ටමට පැමිණ තිබෙනවා. ජී.එස්.පී තහනම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස මැතිවරණ ක‍්‍රමයක් ඇතිකරන්න ජනාධිපතිතුමාත්, ෆයසිර් මුස්තාපා මහතාත් දැරූ උත්සාහය දැන් සාර්ථක වී තිබෙනවා. එය රජයක් ලෙස මෙන්ම පක්‍ෂයක් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක්. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූලිකත්වය ගන්නා මනාප ක‍්‍රමය ඉදිරි සියලූ මැතිවරණවලට හඳුන්වා දිය යුතුය යන මතයේ අපි ඉන්නවා.එවිට සල්ලිකාරයින්ට නොව ගමේ හොඳ, අවංක අයට දේශපාලනයට එන්න පුළුවන් වේවි. පිරිසිදු  රාජ්‍ය පාලනයක් මෙන්ම පිරිසිදු පක්‍ෂයක් ගොඩනගන්න ජනාධිපතිතුමා කැපවී සිටිනවා. පිරිසිදු දේශපාලකයන් බිහිවනු දැකීම රටේ බහුතරයකගේ බලාපොරොත්තුවයි. දුෂණයට පක්‍ෂය තුළ ඉඩක් නැති බව නොපෙන්නුවොත් ‘අපේ හොරා අපිට හොඳ’ යනුවෙන් සටන් පාඨයක් හදාගෙන පරණ වැරදි කරපු අය යළිත් එන්න බැරි නැහැ. මනාප ඡුන්ද ක‍්‍රමය තුළ හා රාජ්‍ය නායකයින් වංචාව දුෂණය සම්බන්ධව නිහඬව සිටීම තුළ එවැනි දේ වී තිබෙනවා. ඒ වගේම අපි සම්මේලනයෙන් පසු ඊ ළඟ සතියේ සිටම පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.‘‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොයෙක් අවස්ථාවල අභියෝග පැමිණ තිබෙනවා. පංච මහා බලවේගයෙන් ආරම්භ වූ අපේ පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කකුළෙන් නොඇද එය ශක්තිමත් කරන වැඩපිළිවෙලට සහය විය යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් රාජ්‍ය නායකයන් වුණේ පක්‍ෂය නිසා බැවින් හිටපු පක්‍ෂ නායකයන්ට පක්‍ෂය ආරක්‍ෂා කරන යුතුකමක් තිබෙනවා. ජනාධිපතිතුමා පක්‍ෂය භාරගන්නා විට සුළු ජාතීන් පක්‍ෂයෙන් ඈත් වී සිටියත් ජනාධිපතිතුමාට පක්‍ෂය හරි මගට ගන්න හැකිවුණා. ඒ නිසා වෙනදාට වඩා මෙවර සම්මේලනයට මුස්ලිම් දෙමළ ජනතාව සහභාගී වේ යැයි අපි විශ්වාස කරනවා. සුළු ජාතීන් පක්‍ෂයක් වටා ඒකරාශී වෙන්නේ ඒ පක්‍ෂ නායකයාගේ ප‍්‍රතිපත්ති අනුවයි.සමහර පක්‍ෂවලට තිබෙන්නේ අරක්කු බෝතලයට, බත් පැකට් එකට සීමා වූ දේශපාලනයක්. ඒත් ශ්‍රී.ල.නි.පයේ අපට යම් ප‍්‍රතිපත්ති මාලාවක් තුළ පදනම් වූ ගමනක් තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ සිටියේ නැත්නම් නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිවෙයි ද කියා මම ප‍්‍රශ්න කරනවා. නව ක‍්‍රමය වෙනුවෙන් වැඩි වශයෙන් කතා කළේ ජනාධිපතිතුමායි. 70 දශකයෙන් පසු පළමු වතාවට කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයක් පැවැත්වීම සඳහා දැන් අපි සූදානම් වෙනවා.අපි ඉදිරි මැතිවරණ සඳහා සුපිරිසිදු චරිත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මනාප ක‍්‍රමය යටතේ ඡුන්දයක් කළ හැක්කේ මුදල් ඇති අයට පමණයි. ඒ ක‍්‍රමයෙන් ඈත්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී.ල.නි.පයටයි. අපි මෙවර පවත්වන්නේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක වශයෙන් උසස් සම්මේලනයක්. වෙන වෙන බලවේග ඇතිකර ශ්‍රී.ල.නි.පයට අභියෝග කළ හැකි බව කවුරුන් හෝ සිතනවා නම් එය දවල් හීනයක් බව කිව යුතුයි. පක්‍ෂයෙන් එළියට යන අයට ආයෙ ආවොත් ලැබෙන්නේ පසුපස පුටුවක් බව ඒ කවුරුත් මතක ලබාගත යුතුයි. එවැනි උදාහරණ අපේ පක්‍ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේත්  තිබෙනවා. මෙය නායකයන්ගේ පක්‍ෂයක් නොව පාක්‍ෂිකයින්ගේ පක්‍ෂයක්. ඒ නිසා ඔවුන් පක්‍ෂය සමඟ සිටිය යුතුයි’’ යැයි ද ඇමතිවරයා කීවේය.පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා මෙසේ අදහස් දැක්වීය.‘‘මෙවර පක්‍ෂ සම්මේලනයට උතුරු නැගෙනහිර පළාත්වලින් මුස්ලිම් හා දෙමළ ජනතාව විශාල වශයෙන් පැමිණීමට නියමිතයි. හජ් දිනය 2 වැනිදාට යෙදීම නිසා සම්මේලනය කල්දමන්නැයි ජනාධිපතිතුමාගෙන් අප කළ ඉල්ලීම එතුමා පිළිගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා මහින්ද අමරවීර මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය: පනත සම්මත වුණත් පළාත් පාලන ඡුන්දය කල්යාමක් සිදුවන බව කියනවා නේද?පිළිතුර: එවැනි අදහසක් නැහැ. අපිට අවශ්‍ය ඉතා කඩිනමින් ඡන්දයකට යන්නයි. ලබන මාසේ වුණත් කමක් නැහැ. කොමසාරිස්වරයාට බාධා තිබෙනවා නම් ඒවා සකසා දිය යුතුයි.ප‍්‍රශ්නය: සම්මේලනය කල් ගියේ විභාගය නිසාද? හජ් උත්සවය නිසාද?පිළිතුර: මුලින්ම මේ අදහස ආවේ අවට පාසල්වල සිසුන් උසස් පෙළ විභාගය ලියන නිසයි. නමුත් පසුව හජ් උත්සවයත් එදිනට යෙදී ඇති බව දැනගත්තා. මෙතෙක් කල් නම් ආණ්ඩු මෙවැනි තීන්දු වෙනස් කළේ නැහැ. ඒත් අපි දරුවන්ගේ විභාගයට මුල් තැන දුන්නා.ප‍්‍රශ්නය: ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සහනයක් ලැබී ඇති බව කීවත් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් යුද අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: පුද්ගලයින්ට එවැනි දේ කළ හැකියි. නමුත් අපිට මෙවැනි නඩු පවරන්න තිබුණේ එක්සත් ජාතීන්ගේ රටවල් හා ප‍්‍රබල සංවිධාන විසිනුයි. රාජ්‍ය නොවන සංවිධාන කරන මේ කටයුතු උතුරේ ශිවාජිලංගම් මහතා ඉඳහිට කරන ප‍්‍රකාශ වගේයි.ප‍්‍රශ්නය: මේ සමුළුවට තවමත් ආරාධනා ලැබී නැති බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියනවා.පිළිතුර: අපි සියලූම පක්‍ෂවලට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්‍ෂය ඇතුළු සියලූ පක්‍ෂවලට, අපේ පක්‍ෂයේ සියලූ මන්ත‍්‍රීන්ට ආරාධනා කර තිබෙනවා. කාට හෝ ආරාධනා ලැබී නැත්නම් මම මේ අවස්ථාවේ විවෘත ආරාධනයක් කරනවා. මටත් තවම ආරාධනයක් ලැබී නැහැ. පක්‍ෂයේ අයට එහෙම ආරාධනා දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නොඑන්න, වෙන්වෙන්න හේතු සාදානොගෙන පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. සමහර මන්ත‍්‍රීන් සම්මේලනයට සූදානම් වෙද්දීම අපි එන්නේ නැහැ කීවා.ප‍්‍රශ්නය: පක්‍ෂ සභාපතිවරයා ගැන ගැටලූවක් තිබෙනවාද?පිළිතුර: වත්මන් ජනාධිපතිතුමාට පක්‍ෂ සභාපතීත්වය භාරදුන් හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළෙත් මම. ඒ වගේම පොළොන්නරුවේ පැවති අපේ සම්මේලනයේදී සභාපති පුටුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අනුශාසක පුටුවක මහින්ද රාජපක්‍ෂ මහතාත් අසුන් ගත්තා. ඉදිරියේදීත් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්නවා.ප‍්‍රශ්නය: මෙවරත් ඒ අනුශාසක පුටුව වෙන්කර තිබෙනවාද?පිළිතුර: ඔව්. ඒ සියලූ දෙනාට ආසන වෙන් කරනවා. නමුත් ආවෙ නැත්නම් ඒවායේ වෙන අය අසුන්ගනීවි. හිස් ඉඩ තියන්න බැහැ.ප‍්‍රශ්නය: සභාපතිකම තවමත් අයිති හිටපු ජනාධිපතිවරයාට බවට නඩුවක් ගොණු කර තිබෙනවා නේද?පිළිතුර: එයත් රාජ්‍ය නොවන සංවිධානයක් ගොණු කර ඇති යුද අපරාධ චෝදනා වගේ. එදා හිටපු ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම භාරදුන් බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. අද එය අමතක වී ඇති අය වෙනුවෙන් මාධ්‍ය මේවා පෙන්විය යුතුයි. නමුත් බොහෝ පෞද්ගලික නාලිකා ඒ දේ කරන්නේ නැහැ. තවමත් ඒ මාධ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට බයද කියන්න මම දන්නේ නැහැ. දැන් බය වෙන්න එපා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාධ්‍යවලට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන්වත් ඒකාධිපති මානසිකත්වයෙන් මිදී ඒවා විකාශය කරන්න.ප‍්‍රශ්නය: පක්‍ෂයේ සමහරු වෙනත් පක්‍ෂවල කටයුතු කරන බව පේනවා. ඒ අය ගැන තීන්දු ගන්නේ නැද්ද?පිළිතුර: මේ විනය පියවර කල්යාම ගැන පක්‍ෂයේ අය අපෙනුත් අහනවා. ජනාධිපතිතුමාත් අපත් කාලයක් නිහඬව සිටියේ මේ අයත් එකතු කරගැනීමේ අවශ්‍යතාවය තිබූ නිසයි. ඒ උත්සාහය අප තවමත් අත්හැර නැහැ. ඒ අපට අනාගත ජයග‍්‍රහණ විජයග‍්‍රහණයක් කරන්න අවශ්‍ය නිසයි. ඒ නිසා විනය ක‍්‍රියාමාර්ග කල්යාමේ වගකීම මමත් ජනාධිපතිතුමාත් භාරගන්නවා. නමුත් දැන් රතු කට්ට පැනලා. දැන් අපට වහාම ක‍්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.ප‍්‍රශ්නය: සන්ධානයේ කොටසක් කැඞීයාම පාඩුවක් නෙවෙයිද?පිළිතුර: සියලූ පිරිසිදු දේශපාලනඥයින්ට අපේ ඉල්ලූමක් තිබෙනවා. අපට පිරිසුදු දේශපාලනඥයන් උවමනා කර තිබේ. මෙතෙක් කලක් පිරිසිදු නැත්නම් පිරිසුදු වෙන්න කැමති අයට වැරදිවලින් මිදී අප ළඟට එන්න පුළුවන්. බුදු හාමුදුරුවෝත් එවැන් අවස්ථා දී තිබෙනවා. ජනාධිපතිතුමා අපට කියා තිබෙන්නේ කිසිම වංචාවක, දුෂණයක, මැර ක‍්‍රියාවක යෙදෙන්න එපා. එහෙම වුණොත් මම මොන ඉරණම ආවත් ගන්න තියෙන තීන්දුව ගන්නවා කියලයි.ප‍්‍රශ්නය: එවැනි අය පුනරුත්ථාපනය කරලද ගන්නේ?පිළිතුර: ඔව්.ප‍්‍රශ්නය: එ.ජා.පය හැර  ඕනෑම පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වෙන්න සූදානම් බව බැසිල් රාජපක්‍ෂ මහතා කියනවා. ඒ ඇරයුම පිළිගන්න සූදානම්ද?පිළිතුර: අපිට එවැනි අවශ්‍යතාවක් නැහැ. එක එක පක්‍ෂවල අය එයට යන්න සූදානම් ඇති. මේ පක්‍ෂයේ පළමු, දෙවැනි, තුන්වැනි සාමාජිකයින් ගැන බැලූවොත් එක් අයෙක්ට අයිතිකාරයින් නැති ගෙවල් තිබෙනවා. තව කෙනෙක් ලක්‍ෂ 30ක් පගා අරන් අහුවුණ සභාපතිවරයෙක්. තව කෙනෙක් ස්ත‍්‍රී දුෂණවලට හසු වූ කෙනෙක්. එතෙන්ට  ඕනෑ කරන්නේ හොරකම්, මැරකම්, වංචාවලට ඉහළින් සම්බන්ධ අයයි.ප‍්‍රශ්නය: පළාත් පාලන මැතිවරණය මේ වසරේ පවත්වනවාද?පිළිතුර: විභාග නිසා ගැටලූවක් ඇති බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. දිනය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ එතුමාටයි.ප‍්‍රශ්නය: 20 වැනි සංශෝධනයට පළාත් සභා විරුද්ධ වුණේ ඇයි?පිළිතුර: එහි ගැටලූ තිබූ බව අපිත් පිළිගන්නවා. ඒ ගැන අපි කටයුතු කළ යුතුයි. කෙසේ වුණත් මේ පනත පැරදවීමෙන් පේන්නේ අපේ පක්‍ෂයේම අයට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එදා  ඕන එකකට අත උස්සා සම්මත කළා. සංශෝධනවලින් පසු මෙය සම්මත වේවි.  ඕනෑ නම් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. නමුත් අපිට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඊට මෙහා මේ ප‍්‍රශ්නය විසඳාගත හැකියි.
‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘
0
(අංජුල මහික වීරරත්න)සම්මුතිවාදී රජයේ උපරිම වාසිය ලබා ගැනීමට නම් තව දුරක් යා යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පෙරේදා (4) පැවැසීය.ජාතික රජය යටතේ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව තම හැඟීම බව ද ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුයේ ‘‘2025 පොහොසත් රටක්’’ දැක්ම එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදීය.මෙහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ පසුගිය රජය තරුණයන්ගෙන් සොරාගත් අනාගතය නැවත ඔවුනට ලබාදීම ජාතික රජයේ අරමුණ බවයි.තරුණ පරපුර ජාතික රජයෙන් බලාපොරොත්තු වූ අනාගතය ඒ අයුරින්ම ලබාදෙන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.2025 පොහොසත් රටක් දැක්ම ප‍්‍රධාන කරුණු 13කින් සමන්විතය. රජයේ ආර්ථික දැක්ම, වර්ධනය සඳහා පවතින සීමා, තුන් අවුරුදු ආර්ථික වැඩසටහන, වර්ධනයේ නව ප‍්‍රවේශය, සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කිරීම, වර්ධන රාමුව ශක්තිමත් කිරීම, ඉඩම් ශ‍්‍රම හා ප‍්‍රාග්ධන වෙළෙඳ පොළ ප‍්‍රතිසංස්කරණය, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, තාක්ෂණය හා ඩිජිටල්කරණය, සම්පත් ආරක්ෂණ වැඩසටහන, කෘෂිකර්ම හා තිරසාර සංවර්ධනය, වගකීමට බැඳී සිටීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම එම කරුණු පහයි.2025 දැක්ම ජනපති සහ අගමැති විසින් අනාගත පරපුරට පිළිගැන්වීම සංකේතවත් කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.අනතුරුව යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විවිධ දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප‍්‍රශ්න විමසීමට ද අවස්ථාව ලැබිණි.තරුණ තරුණියන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඇසූ ප‍්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ශ්‍රී ලංකා යෞවන සමාජ බල මණ්ඩලයේ උප සභාපති ශෙහාන් කෝකිලප‍්‍රශ්නය - සම්මුතිවාදී රජයේ කැබිනට් මණ්ඩලයට අදට වසර දෙකක් පිරෙනවා. එහි ප‍්‍රගතිය ගැන ඔබේ මතය කුමක්ද?ජනපති - සම්මුතිවාදී ආණ්ඩුව යන සංකල්පය මේ රටට අලූත් දෙයක්. දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පුරවැසියන්ටත් එය අලූත්. කිසිම කෙනෙකුට අත්දැකීමක් නොතිබූ අලූත් දෙයක් අප නිර්මාණය කළා. අප රටේ සම්මුතිවාදී රජයේ වි්‍යුහය ලෝකයේ වෙනත් රටක දකින්නටත් නැහැ. ඒ නිසා මේ පිළිබඳව විවේචන රාශියක් තිබෙනවා. විරෝධතා තිබෙනවා. චෝදනා තිබෙනවා. නමුත් අප කරන්නේ ඉතා අපහසු අභියෝගාත්මක එහෙත් කළ යුතු කාර්යයක්. සම්මුතිවාදී රජයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවුරුදු 60කට වැඩි කාලයක් විශාල වෛරයකින් ක්‍රෝධයකින් දේශපාලනය කළා. ගෙවල් ගිනි තැබුවා. දෙපැත්තෙම අයගේ ජීවිත විනාශ වුණා. රැකියා අහිමි කළා. මෙවැනි විශාල විරසකයක් තිබූ දේශපාලන පක්ෂ දෙකක්. ඒ පසුබිම තුළ වසර 60කට ආසන්න කාලයක් පිල් දෙකක සිට එකතු වූ විට අප බලාපොරොත්තු වූ කාරණය සියයට සීයක් පැයකින් මාසයකින් සිදුවන්නේ නැහැ.ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි ගමේ කතාවක් තිබෙනවා. අප බලාපොරොත්තු වන මූලික විනයක් හික්මීමක් සමග ඉදිරියට යාමට පසුගිය කාලයේ අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. ඒ අභියෝගාත්මක වෙනස ඉතා සාර්ථක බව මගේ හැඟීමයි. කවුරුන් කෙසේ කීවත් එය සාර්ථකයි. ඒ සාර්ථකත්වය ඇත්තේ සම්මුතිවාදී බව මත ඉදිරියට යාම නිසයි. ඒ අභියෝගාත්මක පසුබිම තුළ අප සාර්ථකත්වය කරා ළඟා වී තිබෙනවා. අත්දැකීම් ලබාගෙන ඉදිරියට යනවිට බොහෝ අඩුපාඩු සමනය වේවි.අගමැති (පිළිතුර) - අලූත් පරපුරට අපි අලූත් දෙයක් දී තිබෙනවා. පක්ෂ දෙක ගහමරා ගැනීමෙන් ඵලක් නැහැ. තරුණයන් සඳහා අප අලූත් දෙයක් ලබාදිය යුතුයි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූ අනාගතයක් තිබෙනවා. අපි බාර ගත්තේ විශාල අභියෝගයක්. වසර 60ක් ගහමරා ගත් අය දැන් එකතු වී තිබෙනවා. මීට පෙරත් අප එකට වැඩ කරන්නට උත්සාහ කළා. දැන් අපි මේ ගමන ඉදිරියට යමු.අපිට දැනෙන වෙනසක් තිබෙනවා. තරුණයන්ට අද  අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. සියලූම දේ ඉටු කරන්නට බැරි වුණත් අපි ඉදිරි ගමනක් යනවා. සම්මුතිවාදී රජයෙන් ඔබට සෙතක් වුණාද නැද්ද යන්න සිතන්න. සෙතක් වී තිබේනම් අපේ වැඩකටයුතු ගෙනයාම සඳහා සහයෝගය දෙන්න. ප‍්‍රශ්නය: යොවුන් පාර්ලිමේන්තුවේ කථානායක සචිත‍්‍ර දුලංජන:- 2025 වන විට විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට අගමැතිතුමා සැලසුම් කර තිබෙනවා. රැකියා දශ ලක්‍ෂයක් ලබාදීම යථාර්ථයක් කිරීම සඳහා අනුගමනය කරන ක‍්‍රමෝපායන් මොනවාද?අගමැති (පිළිතුර) :- පක්‍ෂයක මන්තී‍්‍ර පිරිසක් සිටි පමණින් අපට වැඩ කරන්නට බැහැ. පක්‍ෂ දෙක එකතු විය යුතුයි. දැන් ඒ තත්ත්වය ඇති වී තිබෙන නිසා ක‍්‍රමෝපායන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව අපට තිබෙනවා. අප එකට එක්ව සාකච්ඡා කරනවා. ස්ථාවර බවක් නැතිනම් ඉදිරියට යන්න බැහැ. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල හැමවිටම ආර්ථික සමාජ ක‍්‍රම ගැන එකඟතාවයක් තිබෙනවා. අපේ රටේත් එවැනි ක‍්‍රමයක් ඇතිකර වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම පදනම් කරගෙන ඉදිරියට යාම අපේ අරමුණයි. ලෝක තත්ත්වයන් අනුව අප වෙනස් විය යුතුයි. පක්‍ෂ දෙක එකට එක්වී ඉදිරියට යාම ප‍්‍රධානම කාරණයයි. ප‍්‍රශ්නය:- කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දිලූෂි වීරසිංහ:- ප‍්‍රධාන පක්‍ෂ දෙක සම්මුතියක් ඇති කරගෙන ඇති අවස්ථාවක රටට මෙම සම්මුතියෙන් උපරිම වාසි ලැබේවි යැයි සිතනවාද?පිළිතුර ජනපති:- උපරිම වාසිය ගන්න නම් තවදුරටත් යා යුතු වෙනවා. සම්මුතිවාදී ආණ්ඩු සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති මෙන්ම ඊට කැමති නැති අය බලය ඉලක්ක කරගෙන පටු දේශපාලනයක් කරනවා. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන සිතා සැලසුම් සකසන අය සමාජයේ ජීවත් වෙනවා. මේ කාර්යය සාර්ථක කර ගැනීම දේශපාලනඥයාගේ වගකීමයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන්ගේ වගකීමයි. ව්‍යාපාරිකයන්ගේ වගකීමයි. ඒ සියල්ලන්ගෙන්ම තම වගකීම හරිහැටි ඉටු විය යුතුයි. එමෙන්ම සැමවිටම අපේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ වෙන්වීම නොව එක්වීමයි. කිසිම තැනක වෙන්වීම සුබදායක වන්නේ නැහැ. සැමවිටම එක්වීම තිබිය යුතුයි. සාමුහිකත්වය, පොදු බව තිබෙන්නේ එක්වීම යන සංකල්පය තුළයි. පෞද්ගලිකත්වයෙන් මිදී සාමුහිකත්වය සහ පොදු බව අගයන වැඩපිළිවෙළකට යා යුතුයි. අපේ සමාජයේ මේ තත්ත්වය ගොඩනැගීම එතරම් පහසු කරුණක් නොවේ. කිසියම් දෙයක් අරඹා පළමු වසරේදීම සියයට සියයක සාර්ථකත්වයක් දකින්නට හැකියාවක් නැහැ. සාර්ථකත්වය දකින්නට හැක්කේ පියවර ගණනාවක් ගිය විටදීයි. ගමන් මග හරියාකාරව තේරුම්ගත් විට අපට බලාපොරොත්තු ඉලක්ක කරා යාමට හැකියාව තිබෙනවා. ඒ සඳහා සියලූ පාර්ශවවල  කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. ප‍්‍රශ්නය:- අල්ලසින් දුෂණයෙන් තොර සමාජයක් අනාගතයට තිළිණ කිරීම සඳහා වන සැලසුම් මොනවාද? ජනපති:- අල්ලස, දුෂණය, වංචාව ආදී සියලූ දේවලින් පිරුණු සමාජයක් අප විසින් බාරගත්තා. ඒ තත්ත්වය ඉහළ සිට පහළටම ගලාගෙන පැමිණ තිබුණා. ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් කිරීම දවසකින් හෝ දෙකකින් කළ හැකි දෙයක් නොවේ. අල්ලස දුෂණ වංචාව නතර කිරීම සඳහා තීන්දු තීරණ රාශියක් ගෙන තිබෙනවා. අප නීතිය ශක්තිමත් කළා. අල්ලස දුෂණය වංචාව මර්දනය කරන ආයතන ශක්තිමත් කළා. මේ වනවිට සමාජය සකස් වෙමින් ඉදිරියට එන බවක්  පෙනෙන්නට තිබෙනවා. වැරදි කරන්නට දේශපාලකයන්  තුළ  බයක් ඇති වී තිබෙනවා. එදා, අද මෙන්ම හෙට කරන සහ කළ වැරදිවලට දඬුවම් ලැබෙන බවට බයක් ඇති වී තිබෙනවා. සමාජය විනය ගරුක වීමට නම් ලැජ්ජාව සහ බය තිබිය යුතුයි. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබෙන බවට එන බය අද ඇති වී තිබෙනවා. මේ වසර එකහමාරේදී ගත් තීන්දු තීරණ නිසා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි දේශපාලකයන්ට හැඟීමක් ඇතිවී තිබෙනවා. එසේ හැඟීමක් නැතිනම් අපට නීතියෙන් දඬුවම් කරන්නට වේවි. අනෙක් පැත්තෙන් ජනතාවගෙන් දඬුවම් ලැබේවි. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට දේශපාලකයන්ගේ පෙළගැස්මක් ඇති වී තිබෙනවා.ඇමැතිවරයා සොරකම් කරනවා නම් අමාත්‍යාංශ ලේකම් ද ඊට පෙලඹෙනවා. ඒ අයුරින් සමාජ පද්ධතියම වැරදි පැත්තට යනවා. මේ ආකාරයට සමාජයක් වැරදි පැත්තට ගලාගෙන  යාම නොවැළැක්විය හැකි දෙයක්. නිවැරදි පැත්තට සමාජය හැඩගස්වා ගැනීම ආදර්ශයෙන් කළ යුතු දෙයක්. ඒ ආදර්ශය අපි විසින් දිය යුතුයි. අපේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට හේතු රැසක් බලපෑවා ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම නිසා මුළුමහත් සමාජ දේහයම පිරිහුණා. රාජ්‍ය සේවයත් පිරිහුණා.ප‍්‍රශ්නය - ගාල්ලේ තිළිණි මැදගොඩ - ණය බරින් රට මුදා ගැනීමට ඔබ යෝජනා කරන ක‍්‍රමවේද මොනවාද?පිළිතුර - අගමැති: අප රජය බාරගත්තේ අපේ ආදායමෙන් ණය පොලියවත් ගෙවීමට නොහැකි මොහොතකයි. දැන් අප ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථික තත්ත්වයකට පැමිණ තිබෙනවා. නමුත් අපට එදිනෙදා කටයුතු සඳහා ණය ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. 2025 වනවිට මේ ණය බර අඩුකර ගැනීම අපේ අරමුණයි. මේ වසර තුනේ විශාල ආයෝජන පැමිණි විට 2025 වන විට අපේ ආදායම ශීඝ‍්‍රයෙන් වැඩි වෙනවා. එමෙන්ම අපේ විදේශ විනිමය වැඩි වෙනවා. එවිට ණය ගෙවීම අසීරු වැඩ කටයුත්තක් නොවේ. අපට අවශ්‍ය සාමාන්‍ය ආර්ථික ශක්තියක් ඇතිකර ගැනීමයි. අපේ යුගයේදී මේ ප‍්‍රශ්නය විසඳාගෙන අනාගත පරපුරට ශීඝ‍්‍ර දියුණුවක් ලබාදීම අපේ අරමුණයි. ඊට අවශ්‍ය පදනම මේ වසර පහ තුළ දැමිය යුතුයි.ජනපතිට, මට මෙන්ම ආණ්ඩුවට දොස් කියනවා. අනාගතයට ණය බර නැති රටක් උරුම කිරීම අපේ අරමුණයි. අද වනවිට ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නියඟ ගංවතුරවලට මුහුණ දීම සඳහා ආදායම අප විසින් සොයා ගත්තා. අසීරුම වසර දෙකට අප මුහුණ දුන්නා. යුද්ධයෙන් නැති වූ උතුරේ ආර්ථිකයත් අප විසින් දියුණු කරනවා.ප‍්‍රශ්නය x ඒකපුද්ගල ආදායම වැඩි කිරීමේ සහ රැකියා බිහි කිරීමේ සැලසුම් මොනවාද?පිළිතුර (අගමැති) - පළමුවෙන්ම ආයෝජන ලබාගත යුතුයි. ආයෝජන නිසා තාක්ෂණය දියුණු වෙනවා. තාක්ෂණය සමග රටේ ආර්ථිකය නවීකරණය වෙනවා. එම නවීකරණය කෘෂිකාර්මික, සේවා, ක්‍ෂෙත‍්‍රවලටත් ගමන් කරනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය තාක්ෂණය දියුණු වී ඇති ආකාරය බලන්න. අපගේ නිෂ්පාදන ක‍්‍රමවේදය වෙනස් වෙලා. ආයෝජන සඳහා අදාළ ස්ථාවර බව ඇති කළ යුතුයි. ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට පෙර සමාජ සමබර බව ඇති කළ යුතුයි. අප රජයේ ආගමික ජනවාර්ගික ගැටුම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කරනවා. ඒ ස්ථාවර බව උඩ අපට අවශ්‍ය වන්නේ පළමුවෙන්ම යටිතල පහසුකම් ලබාදීමයි. රටේ හැම ප‍්‍රදේශයකටම අප මෙම යටිතල පහසුකම් ලබා දෙනවා.අප මිනිස් සම්පත දියුණු කළ යුතුයි. පුහුණුව ලබාදිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා යුතුයි. ලෝකය සමග අපත් වෙනස්විය යුතුයි. ජංගම දුරකතනයෙන් දැනුම සොයාගත හැකි තත්ත්වයට යා යුතුයි.ඒ සමගම අප ලෝක වෙළෙඳපොළට ඇතැළු විය යුතුව තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය, ආයෝජන ලබාගත යුතුයි. කර්මාන්තශාලා, සංචාරක ව්‍යාපාරය, සේවා දැනුම ඇති කළ යුතුයි. යුරෝපා වෙළෙඳ පොළටගොස් තරග කළ හැකි තත්ත්වයක් ඇති කිරීම අපේ අරමුණයි. ඉන්දියාව, චීනයට ගොස් තරග කළ හැකි තත්ත්වයක් අප නිර්මාණය කරනවා.අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවානම්. ඒ දියුණු බවට සම්බන්ධ වෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා.මඩකළපුවේ එස්. ඉන්දුරාජා මෙනවිය (ප‍්‍රශ්නය):- වත්මන් ආණ්ඩුව අන් කවරදාවත් වඩා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය මෙරට සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් යොදාගන්නේ කෙසේද?ජනපති (පිළිතුර) - අපට අභ්‍යන්තර සහාය ලැබුණේ මේ වසර කීපයේදී අප ගෙනගිය වැඩපිළිවෙළ නිසයි. පෙර රජයට ජාත්‍යන්තර සහයෝගයක් නොලැබුණේ ඒ රජය ගෙන ගිය වැඩපිළිවෙළේ තිබූ වැරදිසහගත ස්වභාවය නිසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව මේ සියලූ දේ ජාත්‍යන්තරයට අයත් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ තිබෙන කරුණු අපත් පිළිපැදිය යුතුයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතා නිදහස, මානව හිමිකම්, මානව අයිතිවාසිකම්, මූලික අයිතීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තහවුරු විය යුතුයි. මාධ්‍ය නිදහස තහවුරු විය යුතුයි. එය සමාජයේ හොඳ ලක්ෂණයක්. එවිට අප ජාත්‍යන්තර ප‍්‍රසාදයට ලක්වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා නම් ඔවුන් රට හැරදමා යනවා නම් මාධ්‍ය ආයතන ගිනි තබනවා නම් ජාත්‍යන්තරය ඒ පාලනය ප‍්‍රතික්ෂේප කරනවා.මිනිසුන්ට නිදහසේ ජීවත්වීම සඳහා අප අයිතිය තහවුරු කොට තිබෙනවා. මිනිසුන්ගේ දුගී බව තුරන් කිරීම සඳහා රජයක් ක‍්‍රියා කරන ආකාරය ඉතා වැදගත්. රටක දුප්පත්කම අවම කරගන්නේ කෙසේද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කෙසේද? සංවර්ධනයේදී යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන සැලසුම් මොනවාද? අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කරන්නේ කෙසේද? සමාජය යහපත් කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාද? ඒ සඳහා රජයක් ලෙස ගෙන තිබෙන පියවර මොනවාද? යන කරුණු ගැන ජාත්‍යන්තරය බලාපොරොත්තුවෙන් සිටිනවා.නීතියේ ආධිපත්‍ය රැකීමට අප බැඳී සිටිනවා. නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. සෑම කෙනෙකුගේම හිසට උඩින් නීතිය තිබෙනවා යන කරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින දෙයක්.අධිකරණය ස්වාධීන අපක්ෂපාති විය යුතුයි. රජයක් ලෙස කටයුතු කරන විට දේශපාලන පක්ෂ බේදයෙන් තොරව නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම්, මුූලික අයිතිවාසිකම් තුළ සියලූ දෙනාට සමාජ සාධාරණත්වය ලබාදිය යුතුයි. එමෙන්ම සැමට සමානාත්මතාවයෙන් කටයුතු කිරීම රජයේ ප‍්‍රතිපත්තිය විය යුතුයි.කෙනකුට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමට ඉඩදිය යුතුයි. අපට මේ වසර කීපයේදී ජාත්‍යන්තර හොඳ හිත ලැබී ඇත්තේ අප කරගෙන පැමිණි වැඩපිළිවෙළ නිසායි.අපට පෙර පාලනයේ ජාත්‍යන්තර හොඳ හිත නැති වූයේ එවැනි වැඩපිළිවෙළක් නැතිව සමාජය උඩු යටිකුරු කොට කටයුතු කළ නිසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පෙන්නුම් නොකර ආඥාදායක පාලනයක් ගෙන ගියා. 18 වැනි සංශෝධනය අප රටේ උගතුන් බුද්ධිමතුන් පමණක් නොව මුළු ලෝකයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන අය විසින් ප‍්‍රතික්ෂේප කළා. අප 18 වැනි සංශෝධනය අහෝසි කොට 19 වැනි සංශෝධනය තුළින් නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කොට  අධිකරණ අපක්ෂපාතී බව අල්ලස දුෂණයට විරුද්ධව අනාගත ශක්තිමත් කිරීම කළා. එවිට ඒ පාලනය ගැන ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇති වෙනවා. අපට ජාත්‍යන්තර ප‍්‍රසාදයක් ඇතිවී ඇත්තේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගත් නිසයි.ප‍්‍රශ්නය - අපට අහිමි වූ ජාත්‍යන්තර මිතුරු බව යළි ලැබීම ගැන අගමැතිතුමාගේ අදහස කුමක්ද?අගමැති - ලෝකයේ එක් පිලකටවත් නොබැඳි රටක් ලෙස කටයුතු කිරීම අපේ පිළිවෙතයි. ලොව අප පිළිගෙන තිබුණා ඒ පිළිගැනීම අප ආරක්ෂා කරගත යුතුව තිබුණා. නමුත් පසුගිය රජය සමයේ අප ඒ පිළිගැනීම ආරක්ෂා කරගත්තේ නැහැ.  අවසානයේ අපට යුරෝපා සංගමය සමග ගැටෙන්න සිදු වුණා. අපට ජාත්‍යන්තරයෙන් දී තිබූ සහන අප විසින් අහිමිකර ගත්තා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ගැටුණා. ඉන්දියාව, ජපානය සමග ගැටුණා. ඒ අය අප සමග තරහ වෙන්න ආවේ නැහැ. අප යුද සමයේ ඒ රටවල් සමග එකට එක්වී කටයුතු කළා. මානව හිමිකම් රකින්න උපකාර කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න. රට දියුණු කරන්න උපකාර කළා.2010-2015 අතර අපට ජාත්‍යන්තර සහන විශාල වශයෙන් නැති වුණා. ඒ කාලයේ බංගලාදේශය විශාල පිම්මකින් ඉදිරියට ගියා. 2030-2040 වන විට ලෝකයේ ප‍්‍රධාන ආර්ථික 32කෙන් එකක් බවට බංගලාදේශය පත් වෙනවා. වියට්නාමය දියුණුවට පත් වෙනවා. අපට අතට ලැබුණු සහන අතහැර තිබෙනවා.අවසානයේ අපට ගෙවන්න බැරි ණයක් ඉතිරි වුණා. අපගේ අපනයන ආදායම අඩු වුණා. ඇඟළුම් කර්මාන්තශාලා වැසී ගියා. අනාගතයක් සොයා ගන්න නම් මැදපෙරදිග යන්නට සිදුවුණා.2015 ජාතික ආණ්ඩුවෙන් පසු අපි ජාත්‍යන්තර මිත‍්‍රත්වයට එළඹුණ හැම රටක් සමගම අප මිතුරු වී සිටිනවා. ලෝකය සමග අප වැඩ කරනවා.ඞී.එස්. සේනානායක යුගයේ සිට අපට ලෝකය සමග එක්ව ඉදිරියට යාමට හැකි වුණානම් ඇයි අපි ලෝකය සමග හැප්පුනේ. ලෝකය අප සමග හැප්පෙන්න ආවේ නැහැ.ඔවුන් ඔබේ අනාගතයෙන් වසර පහක් සොරකම් කර ගත්තා. අප උත්සහ කරන්නේ එලෙස සොරාගත් අනාගතය නැවත ලබාදීමටයි.ලෝකයේ බලවත්ම ඇමරිකාවටවත් ලෝකය සමග තරහ වී ඉන්නට හැකියාවක් නැහැ. පක්ෂ දෙක එක්වී අප අලූත් පණිවිඩයක් ලබා දුන්නා.මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, කථානායක කරු ජයසූරිය මහත්ම මහත්මීහු යහපාලන රජයේ මැති ඇමැතිවරු ද, සිවිල් සමාජ ක‍්‍රියාකාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘
0
(ඩයනා උදයංගනී)ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි විය හැකි බවත්, කතානායකතුමාගේ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ඔවුන්ට ස්වාධීන වී විපක්‍ෂ නායකකම ගැනීමට නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (16) පැවසීය.මන්ත්‍රීවරයකුට ඕනෑම වෙලාවක ස්වාධීන විය හැකි නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් එතැනට තල්ලු නොකර එම සියලු මන්ත්‍රීවරුන් ඒකරාශී කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයට එක්කර පක්‍ෂයේ අරමුණ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්‍ෂ මහතා හමුවට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීම සුදුසු බව කී අමාත්‍යවරයා එතුමා තැන් තැන්වල රස්තියාදු නොකළ යුතු බව ද ප්‍රකාශ කළේය.    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.“ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධව මේ වන විට රටේ කතිකාවතක් ඇති වී තිබෙනවා. මේ ගැන විවිධ අය විවිධ ප්‍රතිචාර දක්වනවා. පාර්ලිමේන්තුවේ පවා මේ ගැන විවාද කෙරුණා. ජනාධිපතිවරයා සැමවිටම රට තුළ මෙවන් කතාබහක් ඇතිවන විට තමන්ගේ පැත්තෙන් ගත යුතු පියවර ගන්නවා. සංවේදී නායකයෙක් ලෙස එතුමා මේ ගැන සොයා මාස දෙකක් තුළ වාර්තාවක් ලබාදීම සඳහා ස්වාධීන විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා.කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්වරු සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.රටට අයහපත් කරුණු මේ වාර්තාවේ තිබෙනවා නම් ඒවා ගැන විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් දී තිබෙනවා. මෙම ගිවිසුම අස්සන් කිරීම සිදුවුණේ නීතිපතිවරයාගේ ද නිර්දේශය මත කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙය අස්සන් කර වසරක් ඇතුළත සංශෝධනය කිරීමේ අවස්ථාව ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ මත ගත යුතු පියවර ගත හැකියි.කවුරුත් මේ ගැන කුලප්පු විය යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල විවිධ මති මතාන්තර, දේශපාලනමය වශයෙන් සටන් පාඨ ලෙස විවිධ දේ කතා කරන්න පුළුවන්. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමක් පත් කළේත් එවැනි අවස්ථාවකයි. එතුමා එහිදීත් ජනතාව ඉල්ලු දෙයට ප්‍රතිචාර දැක්වූවා මිස අනවශ්‍ය ඇඟිලිගැසීම් කළේ නැහැ.ඒ වගේම මාධ්‍යවේ දී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට සැරසෙනවා. එයට හිටපු ජනාධිපතිවරයාත් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය එතුමාගේ නිවසටම ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයා ලෙස එතුමාව එක් එක් තැන්වලට ගෙන්වා රස්තියාදු කරන්න අවශ්‍ය නැහැ. එසේ කර තනතුර බාල්දු කළ යුතු නැහැ.කීත් නොයාර් මහතාට මෙන්ම පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් රැසකට පහරදීම්, තර්ජන ආදියට මුහුණ පාන්නට සිදුවුණා. තවත් අය ඝාතනය කෙරුණා. එයින් ජාත්‍යන්තර වශයෙනුත් රටේ ප්‍රතිරූපයට හානි සිදුවුණා. දැන් ඒ තත්ත්වය බොහෝ දුරට මගහැරී ගොස් තිබුණත් මේ සිදුවීම් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා. දැනට කරගෙන යන පරීක්‍ෂණවල ප්‍රගතියක් තිබෙනවා.” යැයි ද අමාත්‍යවරයා කීවේය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්නට පෙර සිංගප්පූරු ගිවිසුමේ කරුණු නිසි ලෙස අධ්‍යයනය නොකළේ ඇයි?පිළිතුර:- එය රේඛීය අමාත්‍යාංශයේ වගකීමක්. අමාත්‍යාංශය මෙය සකස් කර නීතිපතිතුමාගේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුවයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ.ප්‍රශ්නය:- මෙය මේ වන විට ක්‍රියාත්මක වෙනවාද?පිළිතුර:- ඔව්. අත්සන් කළ දා සිට ක්‍රියාත්මක බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසුවා.ප්‍රශ්නය:- ඔබතුමා මෙය කියවූවා නම් ඔවුන්ගේ කසළ ලංකාවට ගෙන ඒමේ යෝජනාවක් එහි තිබුණා ද?පිළිතුර:- වචනයක් වචනයක් කියෙව්වේ නැහැ. නමුත් එහි අන්තර්ගතය මා දන්නවා. ඔය චෝදනාව මමත් දැක්කා. ඒ ගැනත් කමිටුව බලයි. විවිධ අය විවිධ වැරදි අර්ථකථන දෙමින් දේශපාලන වාසි ගන්න හදන බවත් පේනවා. ස්වාධීන කමිටුවක් පත්කර තිබෙන්නේ ඒකයි.ප්‍රශ්නය මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට චෝදනාවක් තිබෙනවා නේද?පිළිතුර:- නීත්‍යනුකූලව ගත් විට එසේ කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒත් පාර්ලිමේන්තු අනුමැතිය ගත්තා නම් හොඳ බව මා සිතනවා. ඒත් ව්‍යවස්ථාවේ එහෙම සඳහනක් නැහැ. ඉදිරියේදී එවැනි අඩුපාඩු සකසා ගත යුතුයි.ප්‍රශ්නය:- ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන එක්ටා ගිවිසුමටත් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැද්ද?පිළිතුර:- ඒ ගැන මා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා සිදුකරන්නේ නීත්‍යානුකූලවයි.ප්‍රශ්නය:- මලික් සමරවික්‍රම මහතා ව්‍යවස්ථාවේ අඩුපාඩුවකින් ප්‍රයෝජන අරන් බව ද කියන්නේ?පිළිතුර:- නැහැ එහෙම එකක් නැහැ. කැබිනට් අනුමැතිය දුන් පසු අපි කාටත් ඒ ගැන සාමූහික වගකීමක් තිබෙනවා. එතුමා කටයුතු කර තිබෙන්නේ නීත්‍යානුකූලවයි. ඔය විදියට ඇමතිවරු හංවඩු ගහනවාට මම කැමති නැහැ.ප්‍රශ්නය:- ජිනීවාවලදී යෝජනාව අත්සන් කිරීමට පෙරත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා ද?පිළිතුර:- කවදාවත් අපි ජාත්‍යන්තර මට්ටමේ සමුළුවල දී බාරගන්නා හෝ ප්‍රතික්‍ෂේප කරන යෝජනා කැබිනට් මණ්ඩලයට ගේන පුරුද්දක් නැහැ. ඒ කටයුතු කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහිදී විදේශ විනිසුරුවරුන් ගෙන ඒමට එකඟ වන්නේ නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ජාත්‍යන්තරයත් ඉන්පසු ඒ සඳහා බලපෑම් කළේ නැහැ. අද අධිකරණය ස්වාධීන වී තිබීමත් එයට හේතු වෙන්න ඇති.ප්‍රශ්නය:- එහි කියන තරම් වැසියන් යුද්ධයේදී ඝාතනය නොවූ බව එංගලන්ත පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. ඇයි අපේ ආණ්ඩුව ඒ ගැන ජිනීවා දැනුම්වත් නොකළේ?පිළිතුර:- ඔය සංඛ්‍යාව තිබුණේ දරුස්මාන් වාර්තාවේ. ඔවුන් මේ රටටවත් එන්නේ නැතිවයි එය හැදුවේ. ඒ කාලේ මම ගොස් මෙය බාරගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධ කළා නම් අපේ රණවිරුවන් එතරම් මිය යන්නේ හෝ යුද්ධය අවසන් කරන්න දිගු කාලයක් ගතවෙන්නේ නැහැ. අතුරුදන් වූ ලැයිස්තුවල සරණාගතයින් ලෙස ගිය අයත් ඉන්න පුළුවන්. අපට ඒ ලැයිස්තු ලබාදී නැහැ.ප්‍රශ්නය:- දුම්රිය සේවකයින් බලාපොරොත්තු වූ විසඳුම නොලැබුණ බව කියනවා නේද?පිළිතුර:- මුදල් ඇමතිවරයා කීවේ සේවා වැටුප් කොමිසමක් පත්කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි. එය කළා. එම පත්‍රිකාවේ දුම්රිය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල වැටුප් විෂමතාවලට මාස දෙකක් තුළ විසඳුම් දෙන බව කියනවා. පොළොන්නරුවට ගොස් ජනාධිපතිතුමාව හමුවුණෙත් ඒ අයමයි. ජනාධිපතිතුමා එන්න කිව්වේ නැහැ. ඉන්නේ පොළොන්නරුවේ කියා කී විට ඔවුන් එහි එන්නම් කියා ගොස් එතුමා සමඟ සුහදව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන් බව ඔවුන් කියා තිබුණේත් නැහැ. මෙයට විසඳුම් දෙන වැඩපිළිවෙළකට ගොස් තිබෙන නිසා ඔවුන් එයින් විසඳුමක් දෙන තුරු සිටිය යුතුයි.ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වෙන්න යන බව කියනවා. එසේ කළොත් මන්ත්‍රීධුරවලට මොකද වෙන්නේ?පිළිතුර:- ඒ අය තවම එවැන්නක් නිවේදනය කර නැහැ. මන්ත්‍රීවරයෙකුට ඕනෑම වෙලාවක ස්වාධීන වෙන්න පුළුවන්. නමුත් එවිට පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රීකම අහෝසි කරන්න පක්‍ෂයට පුළුවන් ස්වාධීන වෙනවාද? නැද්ද? යන්න ඔවුන් තීරණය කළ යුතුයි. නමුත් අපේ කාර්යය ඔවුන් එතැනට තල්ලු කිරීම නොව සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගිය සියලු මන්ත්‍රීවරු මේ මූලස්ථානයට ගෙනැවිත් ශ්‍රී.ල.නි.පයට පත්කර ගැනීමයි. මේ ස්වාධීන කතාව ආවේ මොනවා ඉලක්ක කරගෙනද කියා මම දන්නේ නැහැ. කතානායකතුමාගේ තීන්දුව අනුව පක්‍ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ස්වාධීන වී ඔවුන්ට විපක්‍ෂනායකකම ගන්නත් බැහැ.අපිට පක්‍ෂය ශක්තිමත් කරගැනීමට අවශ්‍යයි. අපේ පිරිසක් විපක්‍ෂයේත් වාඩි වී ඉන්නවා. ඒ සියලු දෙනා සම්බන්ධ කරගැනීමටයි අපි උත්සාහ කරන්නේ.ප්‍රශ්නය:- සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කරන්න වුණොත් කැබිනට් මණ්ඩලය ගෙන ඇත්තේ වැරදි තීන්දුවක් බව ඔප්පු වෙනවා නේද?පිළිතුර:- නැහැ. සමහර ගිවිසුම්වල අඩුපාඩු පේන්නේ ක්‍රියාත්මක වන විටයි. සමහර රටවල සම්මත වූ පනත් අභියෝගයට ලක්කරන්න අවස්ථාව දී ඇත්තේ ඒ නිසයි. කැබිනට් මණ්ඩලය පටු විදියට හිතන්නේ නැහැ.ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ ප්‍රතිඵලයක් තිබුණා ද?පිළිතුර:- ඇයි නැත්තේ. ඇමතිවරයෙක් ඉල්ලා අස්වුණා. දෙදෙනෙක් බන්ධනාගාරයේ. මහ බැංකු අධිපතිවරයාත් වෙනස් වුණා. හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වන්නත් කටයුතු කරගෙන යනවා. ප්‍රශ්නය:- බන්දුල ගුණවර්ධන මහතාත් සිංගප්පූරු ගිවිසුමේ අඩුපාඩු පෙන්වා දී තිබෙනවා නේද?පිළිතුර:- ඔහුත් දේශපාලනඥයෙක්. ඔහු කර ඇති ආර්ථික විද්‍යා උපාධිය කුමක්ද කියා මා දන්නේ නැහැ. ටියුෂන් දී ඇති බව නම් දන්නවා. මමත් ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. මට පෞද්ගලික මට්ටමින් ඔහු විවේචනය කිරීමට අවශ්‍ය නැහැ. විවිධ අය මේ ගැන අදහස් ඉදිරිපත් කරනවා. සමහරු මෙය හොඳ බවත් කියනවා. 
‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘
0
(හර්ෂණ තුෂාර සිල්වා)(ඡායාරූප - ශාන්ත රත්නායක)අපනයන කර්මාන්තයේ කඩා වැටීමට පැවැති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (8) කොළඹදී පැවැසීය.    ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් ලොව රටවලට ඇත්තේ අවම දැනුමක් බවත් අපි අපගේ වගකීම් ඉටු කර තිබෙන්නේ ද යන්න අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදි කීය.රටේ ජාතික ආර්ථිකය නගා සිටුවීමේදී අපනයන කර්මාන්තය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ජාතික ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බව ද කීය.   ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සැපිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික තේ සම්මාන උළලේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.“තේ කර්මාන්තයේ නියැළී සිටින සියලුදෙනා ඇගයීමට ලක්වන මෙම උත්සව සභාව ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. අපට වසර 150කට වැඩි ඉතිහාසයක් සහිත තේ කර්මාන්තයක් තිබෙනවා. වැවිලි කර්මාන්තය වරෙක සුබවාදී ලෙසත් විටෙක අසුබවාදී ලෙසත් අපට බලපෑවා. දීර්ඝ ඉතිහාසයක් සහිත අපේ වැවිලි කර්මාන්තයේ දී අප මුහුණ දුන් ගැටලු, අභියෝගවලට අප මුහුණ දුන් ආකාරය පිළිබඳ මතක සටහන් ඔබ සතුවත් මා සතුවත් තිබෙනවා.වැවිලි ක්ෂේත්‍රය තුළ ඇතිවන පරිවර්තන, වෙනස්කම් වගේම පර්යේෂණ, නව සොයා ගැනීම් සහ ඇගයීම් ඉතා අවශ්‍ය දෙයක්. එය කෘෂි ආර්ථිකය ප්‍රවර්ධනයට ඒ සියල්ල ඉතා වැදගත් සහ අත්‍යාවශ්‍ය වෙනවා. වැවිලි ක්ෂේත්‍රයේ පමණක් නොව, වෙනත් ව්‍යාපාරික අංශ, අධ්‍යාපන අංශ පමණක් නොව අද මුළු මහත් මානව සමාජය තුළ පුළුල් තරගකාරීත්වයක් තිබෙනවා. මෙම තරගකාරීත්වය තුළ තමාගේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමේ අභියෝගයට අපි සැවොම මුහුණ දී තිබෙනවා.යම් ක්ෂේත්‍රයකින් ඉදිරියට යෑමේදී ප්‍රමිතිය, ගුණාත්මකභාවය, ඊට ලැබෙන සමාජ පිළිගැනීම, සමාජ ආකර්ෂණය, ඒ වගේම විවිධ නිෂ්පාදනවලට සමාජයෙන් ලැබෙන ගෞරවය තුළ ක්ෂේත්‍රයට ඉදිරියට යෑම අප දකිනවා.විශේෂයෙන් තේ කර්මාන්තය සම්බන්ධයෙන් බැලීමේදී අද වනවිට තේවලට හොඳ මිලක් ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මා සමඟ කියා සිටියා. එහෙත් මීට වසරකට පෙර අපේ තේවලට නිසි මිලක් නොමැතිකම නිසා ඔබ පත්වුණු දුෂ්කරතාවත්, රජයක් විදියට අපි මුහුණ දුන් අභියෝග, රටේ ජාතික ආර්ථිකයට ඇති වූ පුළුල් බලපෑම් සහ එහි දුෂ්කරතා අපට මතකයි. අපි අසීරු තත්ත්වයකට පත් වුණා.ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් නිසා අපේ අපනයන කර්මාන්තයේ ඇතිවන වර්ධන සහ පසුබෑම් ගැන ඔබ කවුරුත් දන්නවා. අපේ අපනයන කර්මාන්තය ජාතික ආර්ථිකයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් බව ඔබ දන්නවා. ඒ නිසා අපි රජයක් විදියට ජාතික ආර්ථිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිවලදී අපනයන කර්මාන්තයට ප්‍රමුඛත්වය දෙමින් අවශ්‍ය සම්පත් දෙමින් සෑම සහයෝගයක්ම ලබා දීමට අපි බැඳී සිටිනවා.වාර්ෂික අයවැයවලින් වැවිලි කර්මාන්තයේ දියුණුවට අපි යෝජනා රැසක් ඉදිරිපත් කළා. එම යෝජනා දැනටමත් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ නිසා අද තේ කර්මාන්තය සුබදායක තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ නිසා යහපත් තැනක තිබෙන තේ කර්මාන්තයේ ඉදිරි සුබසිද්ධිය සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ඉදිරියේදී ගන්නවා.අපේ තේ කර්මාන්තයේ කඩා වැටීමට හේතු රැසක් බලපෑවා. ඒ හේතු මොනවාදැයි අපි දන්නවා. අපනයන තේවල මිල පහත වැටීම, තේවල ගුණාත්මකභාවය පහළ වැටීම, අපනයනයට සුදුසු තේ සකස් කිරීම් නිසි පරිදි සිදු නොවීම එම කරුණු බව කිව යුතුයි. ඒ වගේම ඇතැම් ජාවාරම්කරුවන්ගේ කටයුතු නිසා තේ කර්මාන්තය, දේශීය වැවිලි කර්මාන්තයට ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපෑවා.ඒ වගේම ප්‍රතිඅපනයනය අපට කොතරම් සුදුසු ද යන්න ගැන විමසා බැලිය යුතුයි. තේ ප්‍රතිඅපනයනයේදී මෙන්ම අනෙක් නිෂ්පාදන ප්‍රතිඅපනයනයේදී විවිධ අක්‍රමිකතා සිදු වෙනවා. ඒ නිසා එය කොතරම් සුදුසුද යන්න සොයා බැලිය යුතුයි. ප්‍රතිඅපනයනයේදී ගුණාත්මකභාවය අඩු වෙන බව ඔබ සැවොම දන්නවා.    තේ අපනයනය, තේ කර්මාන්තය කඩා වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම එම අර්බුදවලට කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව විසඳුම් සෙවිය යුතුයි.තේ සඳහා තිබෙන තරගකාරීත්වය සලකා බැලීමේදී තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් හා සැසඳීමේදී අපේ තේවල ගුණාත්මකභාවය පහත වැටුණා. ඊට ප්‍රධානතම හේතුව අපේ අංශවල ඇති වූ දුර්වලතා බව කිව යුතුයි. ඒ නිසා අපේ තේ කර්මාන්තය ජාත්‍යන්තර වෙළෙඳපොළේ පිළිගන්නා නිෂ්පාදනයක් බවට පත් කිරීමේ කාර්යය මට වඩා හොඳින් ඔබ දන්නවා.මම තේ කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම වැවිලි කර්මාන්තය ගැන දන්නේ නැහැ. මම සාමාන්‍ය ගොවි පවුලක කෙනෙක්. ඒ නිසා තේ කර්මාන්තයේ නියැළෙන පිරිස්, කෘෂි විශේෂඥයන් ආදී කර්මාන්තයේ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයත් තේ කර්මාන්තයේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා.මම මීට සති දෙකකට කලින් දකුණු කොරියාවට ගියා. එහිදි කොරියානු වාණිජ මණ්ඩල හමුවට ගියා. ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම ව්‍යාපාරිකයන් ද ඊට සහභාගි වුණා. මෙතැන ඉන්න අයත් යන්න ඇති. එහිදි මා සමඟ දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් මා සමඟ සිටියා. ඔවුන් සමඟ මා කතා කළා. විවිධ දේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන් දෙදෙනා ලංකාවේ තේ සහ රබර් කර්මාන්තය ගැන දන්නේ නැහැ.ලංකාවේ තේ, රබර් නිෂ්පාදනය කරන බව ඔවුන් දන්නේ නැහැ. මම පුදුමයට පත් වුණා. ලංකාවේ අපනයන භාණ්ඩ, අපනයන භෝග බොහෝ දෙනා දන්නේ නැහැ. මම ඔවුන්ට දන්න තරමින් තේ සහ රබර් ගැන කිව්වා.අපේ තානාපති සේවාවල දුර්වලතා රැසක් තිබෙන බව මා හඳුනා ගත්තා. අපේ අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට පත් කරන පිරිස්වල දුර්වලතා මා හඳුනා ගත්තා.ඉන් අනතුරුව මා එදින රාත්‍රියේ නිල රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වුණා. මා දකුණු පැත්තේ දකුණු කොරියානු ජනාධිපතිවරයා. වම් අත පැත්තේ ජනාධිපති ආර්යාව. එදින දහවල් සිදුවීම සම්බන්ධයෙන් මා ජනාධිපතිවරයාට කරුණු කිව්වා. අමාත්‍යවරයා ඇතුළු පිරිස ලංකාවේ තේ කර්මාන්තය ගැන නොදන්නා බව මා ඔහුට කිව්වා.ඉන් අනතුරුව දකුණු කොරියාවේ තේවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බව මූන් ජායි ඉන් ජනාධිපතිවරයා මා සමඟ කියා සිටියා. දකුණු කොරියානු ජනාධිපති ආර්යාව අපේ තේවලට වැඩි කැමැත්තක් දක්වනවා. ඇය ලංකාවේ තේ සන්නාම කිහිපයක නම් කිව්වා. ඒ නම් මම මෙතැන කියන්නේ නැහැ, මොකද එතකොට මම එම සමාගම්වල ප්‍රචාරක නිලධාරියෙක් වෙනවා. දකුණු කොරියාව තුළ ලංකාවේ තේවලට ඉතා විශාල වටිනාකමක් තිබෙනවා.දකුණු කොරියාවට අපනයනය කිරීම ශක්තිමත් කිරීමට එම සංචාරයේදී මම එරට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. මම මේ එක රටක් ගැන කියන්නේ මෑතකදී ගිය රට නිසා. අපේ රට සහ අනෙක් රටවල් සබඳතා පවතින්නේත් එවැනි මට්ටමක. දකුණු කොරියාවට අපේ කුළු බඩු යැවීම නිසි පරිදි සිදුවන්නේ නැහැ. දකුණු කොරියාව සමඟ අපි සමීප සබඳතා පැවැත්වුවත් අපි රටක් විදියට දකුණු කොරියාවට අපේ අපනයන යවලා නැහැ. අපේ තරුණ පිරිස් 30,000කට වැඩිය දකුණු කොරියාවේ ඉන්නවා.අපි රටක් විදියට අපි ගැන කොතරම් දුරකට අපේ වගකීම් ඉටු කරලාද කියන ගැටලුව පැන නගිනවා. මා ඒ ගැන කනගාටු වෙනවා. පැවැති සෑම රජයක්ම ඊට වගකිව යුතුයි. තානාපති කාර්යාල, තානාපති නිලධාරීන්, තානාපති අංශවල ඉන්න වෙළෙඳ කොමසාරිස්වරු ආදී පිරිස් මේවාට වගකිව යුතුයි.ලංකාවේ හොඳම තේ වර්ග දකුණු කොරියානු ජනාධිපතිවරයාට එවන බවට මා පොරොන්දු වුණා. දැනුත් මම නවීන් අමාත්‍යවරයාගෙන් ඇහුවා මගේ තේ පාර්සලය හරිද කියලා. මා මේ කතා කළේ අපි අපේ දුර්වලතා, ශක්තීන් මොනවාදැයි හඳුනාගත යුතුයි. අපේ වැවිලි කර්මාන්තයේ අර්බුද මොනවාදැයි තේරුම්ගත යුතුයි. ඒ නිසා අපි සිටින තැන මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම නවීන් දිසානායක මහතා මේ අමාත්‍යාංශය හොඳින් කරගෙන යනවා. මා මුලින්ම හඳුනාගත්තේ නවීන් අමාත්‍යවරයාගේ පියා ගාමිණි දිසානායක මහතායි. පක්ෂ දෙකක සිටියත් ඔහුත් මාත් සහයෝගයෙන් කටයුතු කළා. නවීන් දිසානායක මහතාට වැවිලි කර්මාන්තයට හොඳ අවබෝධයක් තිබෙනවා. ලක්ෂ්මන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාත් නවීන් අමාත්‍යවරයාට සහාය දක්වමින් ඉතා හොඳ වැඩ කොටසක් කරනවා. මා ඔබ සැමට අපේ වැවිලි කර්මාන්තය තවත් ඉහළ තැනකට එසවීමට සුබ පතනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.මෙහිදි තේ කර්මාන්තයේ වතු කම්කරුවන්ගේ සිට සෑම අංශයක්ම නියෝජනය වන අයුරින් සම්මාන පිරිනැමිණි.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා යන මහත්වරු ද තේ කර්මාන්තයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
1
(ඩයනා උදයංගනී)“රටේ ව්‍යාපාර දියුණු කිරීමට නම් සෑම ව්‍යාපාරිකයකුටම බලපාන මේ සංකීර්ණ බදු ක්‍රමය සරල ක්‍රමයක් බවට පරිවර්තනය කළ යුතු” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතු බව කී රාජපක්‍ෂ මහතා දැනට පවතින වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකි යැයි ද සඳහන් කළේය.ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ඉකුත්දා 15 වැනිදා තේ කර්මාන්ත ශාලාහිමියන් හමුවූ අවස්ථාවේදීය.එම අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මෙසේද කීය.“තේ කර්මාන්තයේ නියැළී සිටින බොහෝ දෙනෙක් මට කියපු දෙයක් තමයි. මෙම කර්මාන්තය පහසුවෙන්ම ඩොලර් බිලියන පහක ආදායමක්, විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි ආකාරයට ගොඩ ගැනීමට පුළුවන් කියන එක. අපේ ඉලක්කය විය යුත්තේ එයයි. තේ, රබර්, පොල්, ඉතාමත් වැදගත් විදේශ විනිමය උපයන කර්මාන්ත.අපි ලෝකය දිහා බැලුවොත් ලෝකයේම තේවල අගය පහතට වැටී තියෙනවා. අපි මේ වෙලාවේ කල්පනා කර බැලිය යුත්තේ අපි මේ තත්ත්වයට වැටුණේ ඇයි කියලයි. වෙනත් රටවලින් අඩු ගුණාත්මක භාවයකින් යුතු තේ ගෙනල්ලා නැවත අපනයනය කිරීම නිසා අපේ වටිනා තේ කර්මාන්තය කඩා වැටුණා කියන එක මා විශ්වාස කරනවා.  සිලෝන් තේ ලෙස අපේ තේවලට එදා තිබුණු අගය නැවත යා යුතුයි.මම ඇමරිකාවේ සිටියදීත් ලංකාවෙන් තේ ගෙනගොස් විදේශිකයන්ට තෑගි දෙනවා. දවසක් මට මිත්‍රයෙක් එයාගෙ තේ ගෙනැවිත් දුන්නා. ඒක  ශත අනූ නවයේ කඩෙන් ගත්ත එකක්. ඇත්තටම ඒක තේ නෙවෙයි. එයාගෙ මනසේ  තේ කියලා හිතාගෙන ඉන්නේ  ඒ කඩෙන් ගත්ත තේ වර්ගයයි. එදා මට තේ එකක්  කියන්නේ කුමක්ද, ඒක රස විඳින්නේ කොහොමද විස්තර කර දෙන්න සිද්ධ වුණා.අපි මේ වෙලාවේ අලුත් වෙළඳ පොළක් ගැන සිතිය යුතුයි. බි්‍රතාන්‍ය අපේ  තේවලට හොඳටම හුරු වෙලා සිටින බව අපි දන්නවා. අපි අලුත් වෙළෙඳ පොළ ක්‍රමයට අවතීරණය වනවිට ‘සිලෝන් ටී’ ඔවුන්ට හඳුන්වා දිය යුතුයි. අපේ තේවලට වෙළඳ පොළක් හදා ගන්න ඕනේ. අපේ තේ කර්මාන්තයේ ආදායම ඉහළ නංවා ගත හැක්කේ මේ වගේ සන්නාමයක් හදලා ගුණාත්මක භාවයෙන් වැඩි තේ අලුත් වෙළඳපොළට ගෙනයාමේ හැකියාවක් තිබෙනවා නම් විතරයි.මෙය පෞද්ගලික අංශයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනේ. ඩොලර් බිලියන පහක ඉලක්කය කරා යන්නට හැක්කේ මෙම ක්‍රමය අනුවයි. තේ කර්මාන්තය අපේ රටේ ප්‍රධාන අපනයනයක් වුණත් තේ වතුවලට එන ශ්‍රමිකයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. අප මේ ගැනත් කල්පනා කර බලන්න ඕනේ. වතුකරයේ තරුණ තරුණියන් හැමදාම වත්තට සීමා වෙනවා. ඒක මනුස්සකමක් නෙවෙයි. අපි ඒ අයටත් ඉදිරියට එන්න අත දිය යුතුයි. කුරුණෑගල ඉන්න හැමෝම පොල් කඩනවාද,? කොහු තලනවද? කියලා සමහරු අහනවා. ඒ ප්‍රදේශවලින් දොස්තරලා ඉංජිනේරුවෝ වගේ උගත් පිරිස බිහිවෙනවා. එහෙනම් මේ වතුකරේ ජනතාව තේ දළු කඩන්න විතරක් වෙන් වෙන්නේ ඇයි ? මෙම තත්ත්වයෙන්  මිදිලා වෙනත් රැකියාවලට යන්න, අධ්‍යාපනය ලබන්න දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්න ඒ අය කැමැතියි. රජයක් හැටියට අපි එය කළ යුතුයි.අපේ රටේ තේ වතුවලින් සියයට හැත්තෑවක් පමණ තිබෙන්නේ කුඩා තේ වතු ලෙසයි. අපි මේ කුඩා තේ වතු හිමියන් තවත් දියුණු කළ යුතුයි. ඒ අයට නැවත වගා කිරීමට පහසුකම් සැලැස්විය යුතුයි. විශාල තේ වතුවල යම්  බිම් ප්‍රමාණයක් එහි කම්කරුවන්ට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. තවත් දෙයක් තමයි ලාබ බෙදීම සහ යාන්ත්‍රිකරණය මගින් කොහොමද අපේ කටයුතු කාර්යක්ෂම කරගන්නේ කියන එක. පලදාව වැඩිකර ගැනීමේ ක්‍රමවේද ගැන කතා කරනවා. මේවා මගින් තමයි තේ කර්මාන්තය ගොඩනැංවිමට සහ ඵලදායීතාවයන් ආදායමත් වැඩි කරගත හැක්කේ. තේ කම්කරුවන් ගැන කතා කරනකොට ඒ අයගේ  වැටුප් වැඩි කර ගැනීම පිළිබඳව කතා කළ යුතුමයි. වත්මන් රජය රුපියල් 1000 වැටුපක් ඔවුන්ට ලබා දීමට පොරොන්දු වුණා. නමුත් සිද්ධ වුණේ නැහැ. මම කියන්නේ එය සිදුවිය යුතුයි. තේ කර්මාන්ත හිමිකරුවන්ට ලොකු ප්‍රශ්න තිබෙනවා. මේ වෙනකොට විශාල කර්මාන්ත ශාලා රැසක් වැසී ගිහින්. මේ වැහුණු කර්මාන්ත ශාලා නැවත විවෘත කිරීමට හා නවීකරණය කිරීමටත් අවශ්‍ය පහසුකම් සැලසීමට රජය මැදිහත්විය යුතුයි. ඊට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය ණය ලබා ගැනීමටත්, බදු සහන ලබා දීමටත් රජය කටයුතු කළ යුතුයි.සෑම ව්‍යාපාරිකයෙකුටම බලපාන ප්‍රශ්නයක් ගැන ජනාධිපතිතුමා කතා කළා. මේ සංකීර්ණ බදු ක්‍රමය සරල බදු ක්‍රමයක් බවට පත් කරන්නට අවශ්‍යයි. විවිධ වර්ගයේ බදු ඉවත් කර එක බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගත යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැට් බද්ද සියයට 20 සිට 11 ක් දක්වා අඩු කළා. පසුව මේ රජය නැවත එය වැඩි කළා. මේ වැට් බදු සියයට 8 පමණ දක්වා අඩු කළ හැකියි.දුරකතන බද්ද වගේ නොයෙකුත් බදු, කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකයන්ගේ වැටුප් මත අය කරන බද්ද වැනි බදු ඉවත් කිරීමට අවශ්‍යයි. මේ වගේ විශාල බාධක ව්‍යාපාරිකයන්ට හා ව්‍යවසායකයන්ට මේ රජය විසින් ඇති කර තිබෙනවා. අපි බලන්නට ඕනේ අපි කරන හැම දේකින්ම ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා. අපි පොහොර සහනාධාරය දෙනවා කියලා පොරොන්දු වූණා. එය ඡන්ද පොරොන්දුවක් නොවෙයි. එයින් ගොවියෝ දිරිමත් වෙනවා. මුඩු වෙලා තියන කුඹුරු නැවත වගා කරනවා. ඒ හරහා අස්වැන්න හා ගොවීන්ගේ ආදායම වැඩි කරන්නත් සහල්වලින් ස්වයංපෝෂිත වෙන්නත් අපට පුළුවන් වෙනවා.2007 යුද්ධය දරුණුවටම යන වෙලාවේ හාල්  පිළිබඳව ප්‍රශ්නයක් ආවා. ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමා කතාකරලා හාල් ගෙන්නන්න ඇමතිවරු ලෝකෙ වටේටම යැව්වා. මිනිස්සු ඒ ගෙනාපු හාල් කන්න කැමති වුණේ නැහැ. එදා ජනාධිපතිතුමා කිව්වා මේක හරියන් නෑ අපි සහල් වලින් ස්වයංපෝෂිත වෙන්න පොහොර සහනාධාරය දෙමු කියලා. යුද්ධයට විශාල වියදමක් යන වෙලාවක පොහොර  සහනාධාරය දීලා අපි රට ස්වයංපෝෂිත කළා.මේ රජය ආවට පස්සෙ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කිසිම දෙයක් සිදු කළේ නැහැ. වියදම් අනුව බලනකොට ගොවියන්ට ලැබෙන්නේ පොඩි ගණනයි. වී බුසලක් නිෂ්පාදනය කරන්න බරපතළ වියදමක් යන නිසා ඊට වඩා හොඳයි පිටරටින් හාල් ගෙන්වන එක කියලා ඇතැම් උපදේශකයෝ කියනවා. මේ වගේ උපදේශකයෝ ගැන විශ්වාසය තියෙනකොට රජයත් ඒ විදිහට තමයි වැඩ කරන්නේ. වත්මන් රජය පිහිටුවලා මුල් කාර්තුවේම කුඹුරු ලක්ෂයක් වගා කරන්න එපා කීමෙන් රටේ සහල් හිඟයක් ඇති වුණා. අනාගතයේ දී මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතභාව ඉතාමත්ම වැදගත් අංගයක්. එතකොට සහල් විතරක් නෙමෙයි කිසිම දෙයක් පිටරටින් ගේන්නේ  නැතිව අපේ රට ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. අපි මේ හැම දෙයක්ම යෝජනා කළේ ඉලක්ක බලාගෙනයි.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටේ වැඩිම  විදේශ ආදායමක් ලැබෙන්නේ තේ කර්මාන්තයෙන්. එයින් සංචාරක කර්මාන්තය වඩා වැඩි විදේශ විනිමයක් උපයනවා. පසුගිය කාලයේදී තේ කර්මාන්තය ඇද වැටුණා. අපේ කාලයේ කැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයක් සිදු වුණා. ඒ කාලයේ තමයි තමුන්නාන්සේලා මාව හමුවුණේ. එදා තමුන්නාන්සේලාට විවිධ සහන ලබාදීමට අපිට හැකිවුණා.තමුන්නාන්සේලා එදා ඇද වැටී තිබෙන තේ කර්මාන්තය හා වැසී යන තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අද මේ තත්ත්වයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. එය රජයක වගකීමක්. අපි අනිවාර්යෙන්ම තේ කර්මාන්තය ගොඩනැංවිය යුතුයි. තේ කර්මාන්තය අද අපේ රටේ සංස්කෘතික අංගයක් බවට පත්වෙලා. එය නැවතත් ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන්. අද තේ කර්මාන්තයේ නොයෙක් ප්‍රශ්න තිබෙනවා. ඇතැම් බාල  කසළ තේ වර්ග නිසා ඇති වූ ගැටුම විසඳීමට අපිට රජයක් විදිහට මැදිහත් වෙන්න සිදුවුණා.තමුන්නාන්සේලාට තරඟ කරන්න සිදුවෙලා තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් සමඟයි.කෙසේ වෙතත් මේ කර්මාන්තය ගොඩනඟන්න අපිට වගකීමක් තිබෙනවා. ඔබේ ප්‍රශ්න පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. අද රටේ මිනිස්සු ව්‍යාපාර කඩන් වැටීමෙන් ණය වෙලා. පදිංචි වෙලා ඉන්න ගෙවල් සින්න වෙන තත්ත්වයක් වාර්තා වෙනවා. හැම ව්‍යාපාරිකයෙක්ම මේක කියනවා. තමන් බැංකුවට වූ ණය මුදල ගෙවා ගන්න බැරුව ඇති වූ සිත් කම්පාවෙන් කොළඹ ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් දිවි නසා ගත්තා. ව්‍යාපාරිකයාට අද එවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ රජයට හොඳ කළමනාකරණයක් හෝ ප්‍රතිපත්තියක් නැති නිසයි. අද රට අයාලේ යන්නට ඉඩ දීලා තිබෙනවා. අද අපි මුහුණ දී තිබෙන්නේ එවැනි තත්ත්වයකටයි. රටක ආරක්ෂාව හැමදේටම වඩා ඉතා වැදගත්. ඔබේ ව්‍යාපාරය හරි ගෙනියන්න පුළුවන් වන්නේ රටේ ආරක්ෂාව තිබුණොත් විතරයි. ඒ තත්ත්වය ඇති කරන්න මුලින්ම අපි පියවර ගන්නවා. රටේ ජාතික ආරක්ෂාව තිබෙනවා නම්  ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට සහ අනිකුත් සියලු දෙනාටම තමන්ගේ කර්මාන්ත කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් හැම ව්‍යාපාරයක්ම  කඩා වැටෙනවා.තේ කර්මාන්තය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනියන්න අපි හැම අවස්ථාවකදීම ඔබ සමග සාකච්ඡා කර ප්‍රශ්නවලට උත්තර හොයන්න පියවර ගන්නවා. ණය පොලිය ගත්තත් බදු ක්‍රමය ගත්තත් අපට ප්‍රශ්නයක් තිබෙනවා. බදු ක්‍රමයේ කිසිම පිළිවෙළක් නැහැ. එක ඉලක්කමේ බදු ක්‍රමයකට මුළු රටම ගොනු කිරීම අපේ අරමුණයි. 
අපනයන කර්මාන්තයේ කඩාවැටීමට සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි
0
(***අංජුල මහික වීරරත්න සහ ***කැලණිය - ලාල් එස්. කුමාර)ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ බරපතළ වගකීම රුවන් විජයවර්ධන මහතාට පැවැරී ඇතැයි කී සංඝරක්ඛිත නාහිමියෝ ඒ සඳහා මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළහ.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා කැලණිය රජමහා විහාරයට ගොස් වන්දනාමාන කර මහා සංඝරත්නයේ ආශිර්වාද ගැනීමෙන් පසු මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ ද පැවැසූහ.“කැලණිය රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය ප්‍රමුඛ විහාරස්ථානවල ක්‍රියාකාරී දායකත්වය දරමින් රුවන් විජයවර්ධන මහතා විශාල මෙහෙවරක් කරනවා. ඒ අනුව ඔබතුමන්ට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා.හෙලේනා විජයවර්ධන ළමාතැනිය කැලණි රජමහා විහාරයේ නව දියුණුව උදෙසා ධන පරිත්‍යාග කළ මැතිනිය ලෙස මුළු මහත් ලංකාවම දන්නවා. එදා පටන් මේ දක්වා විජයවර්ධන පවුලේ සියලු‍ම දෙනා යහපත් මංගල කාරණයක් සිදුවන අවස්ථාවකදී කැලණි විහාරයට පැමිණ ආශිර්වාද ගැනීම සිරිතයි. ඒ ආශිර්වාදය ගැනීම සඳහා රංජිත් විජයවර්ධන පියාණන් ප්‍රමුඛ රුවන් විජයවර්ධන මහතා අද මෙහි පැමිණ සිටිනවා. පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක උරුම කරගත් පවුලේ කෙනකු ලෙස රුවන් විජයවර්ධනට මෙරට සංස්කෘතිය, දේශීයත්වය පිහිටා තිබෙනවා. එමෙන්ම මෙරට ජනතාව ශක්තිවන්ත කිරීමට අවශ්‍ය කරන ආභාසය ද එතුමාට තිබෙන බව අවධාරණය කළ යුතුයි.විජයවර්ධන පවුල මෙරට ප්‍රකට බෞද්ධ පවුලක්. රංජිත් විජයවර්ධන මහතාගේ පියාණන් වන්නේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන ඩී.ආර්. විජයවර්ධන මැතිතුමායි. ඒ නිසා මෙරට ආගමට, සංස්කෘතියට, ජාතියට සම්බන්ධ  පවුල් දෙකක නියෝජනය ලෙස රුවන් විජයවර්ධන මහතා අප සලකනවා.ඒ නිසා එතුමාට  දේශීයත්වය, ආගම පිළිබඳව මෙන්ම රටේ ගැඹුරට ගිය සංස්කෘතිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. එතුමා පවුලේ ආභාසය මෙන්ම උරුමය නිසා රටේ පවතින ශක්තිය පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගෙන සිටිනවා.රුවන් විජයවර්ධන මහතා ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මෙරට මෙන්ම එංගලන්තයේදී  ලබාගෙන අංගසම්පූර්ණ වී දේශපාලනයට පැමිණියා. එතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට පත්වූයේ එවන් පසුබිම යටතේයි.කඩාවැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමේ බරපතළ වගකීම නියෝජ්‍ය නායක ලෙස ඔබතුමාට පැවැරී තිබෙනවා. යම්කිසි සැහැල්ලු‍වක් ඇති කරගත්තා නම් එය බැහැර කර වගකීම තේරුම් ගෙන පාක්ෂිකයන් තවදුරටත් මනසින් ශක්තිමත් කරමින් ප්‍රායෝගිකව ක්‍රියාකාරී පාක්ෂිකයන් බවට පත්කරමින් රටේ ආර්ථික වෙනසක් ඇති කරන්න අවස්ථාවක් ගන්නැයි අප ඉල්ලා සිටිනවා.”එක්සත් ජාතික  පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.“එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න මට හැකියි. අපට මහ මැතිවරණයෙන් ලැබුණේ පරාජය නොවෙයි. එය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා හොඳ අවස්ථාවක් බව කිව යුතුයි.අතීතයේ දී රජයක් ලැබුණු විට අප පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. මේ ප්‍රතිඵලය අපට ලැබුණේ ඒ නිසයි. නැවත පාක්ෂික විශ්වාසය දිනාගෙන  ඉදිරියට යන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව පක්ෂය නිසි තැනට ගෙන එන්න හැකි වෙතැයි මා සිතනවා.”මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය: ඔබතුමාට නියෝජ්‍ය නායක ධුරය ලැබුණාට පක්ෂයේ ඇතැම් පිරිස් කැමැති නැහැ නේද?පිළිතුර: මා ඒ ගැන දන්නේ නැහැ. පක්ෂයේ විවිධ අදහස් සහ මතවාද තිබෙනවා. සියලු‍ම දෙනා එකමුතුකමින් ඉදිරියට යා යුතුයි. විවිධ මති මතාන්තරවලටත්  ගරු කරමින් පක්ෂය ශක්තිමත් කිරීම මගේ අරමුණයි.ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසුව එ.ජා.ප.යේ නායකත්වය ලැබෙන්නේ කාට ද?පිළිතුර: ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන හරි තීරණයක් ගනීවි.ප්‍රශ්නය: ඔබ පක්ෂ නායකත්වය බලාපොරොත්තු වෙනවා ද?පිළිතුර: අනිවාර්යයෙන්ම. පාක්ෂිකයන්ගේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් විශ්වාසය තිබෙනවා නම් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න මා ලෑස්තියි.ප්‍රශ්නය: පක්ෂ නායකත්වයට තෝරා පත් කරගන්නත් රහස් ඡන්දයක් තැබිය යුතු වේවි ද?පිළිතුර: නායකත්වය බලාපොරොත්තු වන තවත් අය ඉන්නවා. ඔවුන් ද ඉදිරිපත් වේවි. ඒ අනුව තෝරා ගැනීම සඳහා සුදුසු තීරණයක් ගනීවි.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පාක්ෂිකයන්ගෙන් විමසන්නේ නැතිව පත් කරන්නේ ඇයි?පිළිතුර: ජනතා විශ්වාසය නැතිව  තනතුරුවලට පත් වී නැහැ. මගෙත් නායක පුටුවට කෑදරකමක් නැහැ. ඒත් පක්ෂය ආරක්ෂා කරගත යුතුයි.මට තිබෙන්නේ ඒ චේතනාව පමණයි.මා ඉදිරිපත් වූයේ පක්ෂය ගොඩනැගීම සඳහායි. එක්සත් ජාතික පක්ෂය මගේ හෝ වෙන කාගෙවත් හෝ පෞද්ගලික දේපොළක් නොවෙයි. මෙය ඉතිහාසය සමග බැඳී තිබෙන පක්ෂයක්. පක්ෂය විනාශ වීම ජාතික අපරාධයක්.ප්‍රශ්නය: සමගි සන්ධානයක් ගැන සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා. එයින් ආරාධනාවක් ලැබුණොත් ගන්නා පියවර කුමක් ද?පිළිතුර: ඒ අයත් සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි නම් රට වෙනුවෙන් වැඩ  කරන්න සූදානම්. දැනටමත් ආණ්ඩුවෙන් විවිධ වැරැදි වෙනවා. රට, ජනතාව ගැන  මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතා එක් වීමට හැකියි.ප්‍රශ්නය: විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස කුමක් ද?පිළිතුර: අප ඒ ගැන කනගාටුවට පත්වෙනවා. සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් 19 වැනි සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නයි.විසිවැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබා ඒකාධිපති ස්වරූපයක් ඇති කරලා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු යැයි ඔබ සිතනවා ද?පිළිතුර: නායකත්වයෙන් ඉවත් වන බව එතුමා  පැහැදිලිවම කියා තිබෙනවා. එතුමා දිගු කාලයක් තිස්සේ පක්ෂයට නායකත්වය දුන්නා. එතුමා අත්හරින්න හැකියාවක් නැහැ. ඊළඟ නායකත්වයට වැඩ බාරදෙන්න එතුමාටත් කාලයක් තිබෙනවා.දෙසැම්බර් වනවිට අලු‍ත් නායකයාට පූර්ණ බලතල දී පත්කරන බව එතුමා ප්‍රකාශ කළා. ඒ විශ්වාසය අප ළඟ තිබෙනවා. එතුමාට අගෞරවය කර වැඩ කරන්න මට කිසිම චේතනාවක් නැහැ. පක්ෂය ප්‍රතිසංවිධාන කළ යුතු බව එතුමාගේත් අදහසයි.ප්‍රශ්නය: එ.ජා.ප.යේ ඉදිරි නායක ඔබතුමා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ ද?පිළිතුර: එතුමා එසේ කියා නැහැ. ඉදිරි නායකයා වන්නේ නියෝජ්‍ය නායකයාම නොවෙයි.ඒත් ඉදිරිපත් වී  පක්ෂ නායකත්වය ගන්න  නියෝජ්‍ය නායකයාටත් ඉඩ ප්‍රස්ථා තිබෙන බව එතුමා ප්‍රකාශ කළා.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පවුලේ අය අතර දෝලනය වන බවට චෝදනා කරනවා නේද?පිළිතුර: එහි සත්‍යතාවක් නැහැ. මා පත්වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. නායකතුමා එහිදී ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. යැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
1
(*** අංජුල මහික වීරරත්න)එක්සත් ජාතික පක්ෂයට නැවත ජේ. ආර්. ජයවර්ධන ස්වර්ණමය යුගය ගෙන එන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (17) පැවැසීය.ආසන අටකට පසු බැස තිබූ එක්සත් ජාතික පක්ෂය නැවත හයෙන් පහක බලයක් ගැනීමට තරම් ශක්තිමක් කිරිමට ජිවය දීමට ජයවර්ධන මහතා සමත් වු බව කී රුවන් විජයවර්ධන මහතා සිදුවු වැරදි හදාගෙන පාක්ෂිකයා සමග ශක්තිමත් ගමනක් යන්නේ යැයිද සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දින සමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශය කරමිනි.පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති ජයවර්ධන පිළිරුව පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.ප්‍රශ්නය: කරූ ජයසූරිය මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනවාද?පිළිතුර: කරු ජයසූරිය මහතාත් පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කර තිබෙනවා. පක්ෂය ගොඩනැගීම සඳහා එතුමාගේ උපදෙස් ද අවශ්‍යයි. ගමන යා යුත්තේ සියලුම දෙනා එකතු කරගත යුතුයි.ප්‍රශ්නය: නියෝජ්‍ය නායක තෝරා  පත්කර ගැනීම සඳහා තැබූ ඡන්දයේදී නැවත පක්ෂය දෙකඩ වුයේ නැද්ද?පිළිතුර: පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා. ඒ අනුව නොයෙක් මතවාද ද තිබිය හැකියි. ඡන්දය තිබුණා  යැයි පක්ෂය බෙදිය යුතු නැහැ. පක්ෂය ගොඩනගා ගැනීමට නම් සියලුම දෙනා එකමුතු විය යුතුයි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන මැතිවරණයට පෙර කළා නම් ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නේ නැද්ද?පිළිතුර: මහ මැතිවරණ ප්‍රතිඵලය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා අවස්ථා කරගත යුතුයි. දැන් බිම් මට්ටමට ගොස් යට ඉඳන් උඩට පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. ඉදිරියේදී අතීතයේ මෙන් පක්ෂය ශක්තිමත් තත්ත්වයට ගෙන එන්න හැකිවේ යැයි මා විශ්වාස කරනවා.ප්‍රශ්නය: 19 වැනි සංශෝධනය විසි වැනි සංශෝධනයත් සමග විසි වෙන්න යනවා නේද?පිළිතුර: එක්සත් ජාතික පක්ෂය අනිවාර් යයෙන්ම විසි වැනි සංශෝධනයට විරුද්ධයි. මේ ගෙනෙන්න හදන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානිය වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා. පාර්ලිමේන්තුවට තිබූ බලය නැවත ජනපතිට දීම සඳහා සංශෝධනය ගෙනැවිත් තිබෙනවා. එය රටේ අනාගතයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා අහිතකරයි.ප්‍රශ්නය: විසිවැනි සංශෝධනයට එරෙහිව සටන් කරද්දී සියලු දෙනා එක වේදිකාවකට එනවද?පිළිතුර: ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පමණක් නොව සෙසු සියලු පක්ෂ එක්විය යුතුයි. සටන් බිමට යාමට පෙර අප සැම එක් මේසයකට පැමිණිය යුතුව තිබෙනවා. එය සිදුවනු ඇතැයි මා සිතනවා.ප්‍රශ්නය: එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: සජිත් ප්‍රේමදාස මහතා සමග පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගත් සාකච්ඡා කරන්න මා ලැහැස්තියි. මා ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත්, තලතා අතුකෝරල මහත්මියටත් දුරකතනයෙන් කතා කළා. එතනත් ඉන්නේ අපේ සහෝදර මන්ත්‍රීවරුයි.එහි සිටින ගොඩක් අය මට දුරකතනයෙන් කතා කර සුබ පැතුවා. ඉදිරියේදී එකට වැඩ කරන්නට අපට හැකියි.ප්‍රශ්නය: ජේ. ආර්. ජයවර්ධන අද ජීවතුන් අතර සිටියා නම් එජාපය සිටින තැන ගැන මොනවා සිතේවිද?පිළිතුර: එතුමා අපේ පක්ෂයට විශාල ශක්තිය වූ  චරිතයයි. කම්කරු පන්තිය වෙනුවෙන් එතුමා විශාල සේවයක් කළා. ජාතික සේවක සංගමය එක් උදාහරණයක් පමණයි.ජේ. ආර්. ජයවර්ධන මහතා අද සිටියා නම් පක්ෂය වඩාත් ශක්තිමත් කරන්න හැකි වේවි. එතුමා සිටියා නම් එක්සත් ජාතික පක්ෂය තවමත් ඉතා ප්‍රබල පක්ෂය ලෙස තිබේවි.එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේදීත් මෙවැනි පසුබෑම්වලට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවකදී ආසන අටකට පසු බැස්සා. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ගැනීමට හැකියාව ලැබුණා.එක්සත් ජාතික පක්ෂය පරාජයට මෙන්ම ජයග්‍රහණයන්ටත් මුහුණදී තිබෙනවා. අප පක්ෂය නැවත  දැවැන්ත සේවය රටට කළා. එක්සත් ජාතික පක්ෂය පසු බැසීම යනු ජාතික අපරාධයයි. මගේ එකම අරමුණ ජේ. ආර්. ජයවර්ධන යුගය නැවත එක්සත් ජාතික පක්ෂයට ගෙන ඒමයි.ප්‍රශ්නය: අප සියලු පසු බැසීමට වගකිවයුත්තා කවුද?පිළිතුර: අප සියලු දෙනාම පොදුවේ ඒ වගකීම බාරගත යුතුයි. එක පුද්ගලයකුට පමණක් ඇඟිල්ල දිගු කළ යුතු නැහැ. ජයග්‍රහණයේ අභිමානය බාර ගන්නවා වගේම පරාජයත් සියලුම දෙනා එක්ව බාරගත යුතුයි.අප ආණ්ඩුවේ සිටින විට මගේ අතිනුත් වැරදි වුණා. පාක්ෂිකයන්ගෙන් දුරස් වුණා. කළ වැරදි හදාගෙන තවත් ශක්තිමත්ව ඉදිරියට පැමිණිය යුතුයි.මෙහිදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අරඹා තිබෙනවා. එහි මූලික පියවර පසුගිය දිනවලදී සිදුවුණා. ඉදිරි කාලයේදී සෙසු ප්‍රතිසංවිධාන කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.ප්‍රශ්නය: පක්ෂ නායකයා පත්කර ගන්නවා යැයි කිව්වත් අවසානයේ පත් කළේ නියෝජ්‍ය නායකයා නේද?කාරියවසම් මහතා : ඉතිරි තනතුරු තෝරා පත්කර ගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැහැදිලිවම ප්‍රකාශ වුණා. නායකත්වයේ සිට සියලු තනතුරු පූර්ණ වෙනස වේවි.ප්‍රශ්නය: ප්‍රතිසංවිධාන කලින් කළානම්  හොඳ යයි සිතන්නේ නැද්ද?කාරියවසම් මහතා: සමහර කණ්ඩායම් ඒ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. එකතුවී යා යුතු යැයි යන පදනමේ සිටියද ඒ අය වෙනම ගියානේ. අප එකතු වී ගියා නම් මීට වඩා ශක්තිමත් වෙනවා. කිසිවෙකුත් ජයග්‍රහණය කර නැහැ. ඡන්ද පදනම අඩු වූවා.මහ ලේකම්ධුරයත් ප්‍රතිසංවිධානයට ලක්කර අලුත් අය පත් කර ගන්නා ලෙසට තමා ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
0
(***නිමල කොඩිතුවක්කු, ***දෙහිවල එච්.එම්. ධර්මපාල, ***කැස්බෑව ජී.එච්. එස්. කහටපිටිය)කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට රුවන් විජයවර්ධන මහතාට හැකියාව ඇතැයි  බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ.‘ශක්තිමත් පදනමක් ඇති, නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන විරුද්ධ පක්ෂයක් රටට අවශ්‍ය බවත් ඒ කාර්ය භාරය ශක්තිමත්ව ඉටු කිරීමට රුවන් විජයවර්ධන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත්’’ උන්වහන්සේ අනුශාසනා කළහ.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ගැනීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි  අවස්ථාවේ ධම්මරතන හිමියෝ මේ බව පැවසූහ.රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් අනතුරුව මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කළහ.වැඩිදුරටත් අනුශාසනා කළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ.“රුවන් විජයවර්ධන මහතාගේ පවුල් පසුබිම ගත්තත් ආගමට දහමට ලැදි පවුලකින් එතුමා පැවත ගෙන එනවා. ඒ ආභාෂය ගනිමින් රුවන් විජයවර්ධන මහතා කටයුතු කරනවා. මහා විහාරය ඉදිකරන අවස්ථාවේත් මේ පවුලෙන් අපට බොහෝ විශාල උපකාර ලැබී තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය දුර්වල වෙලා කඩා වැටුනට පසු දැන් විජයවර්ධන මහතාට පක්ෂය ගොඩනැගීමේ වගකීම පැවරිලා. දැන්  පක්ෂය ශක්තිමත්  කර ඉදිරියට ගෙන යන්න විශාල කැප කිරීමක් කරන්න වෙනවා.පක්ෂය වැටිලා තිබෙන වෙලාවක ගොඩගෙන ඉදිරියට ගන්න විට ඔබතුමන්ගේ සංවිධානාත්මක ශක්තියත් වැඩිවෙනවා.දේශපාලන අදහස් කොහොම වුණත් ලංකාවේ ශක්තිමත් විරුද්ධ පක්ෂයක් තිබිය යුතුයි.ශක්තිමත් පදනමක් තිබෙන නිවැරදි ප්‍රතිපත්තියක් තිබෙන ශක්තිමත් විරුද්ධ පක්ෂයක් රටට තිබිය යුතුයි. ඔබතුමන් වගේ දක්ෂ තරුණ නායකත්වයක් මෙතනට පත්වීම මහා සංඝ රත්නය විදියට අප අගය කරනවා.ආගමට, සංස්කෘතියට ලැදියාවක් දක්වන, බෞද්ධ ආභාෂයෙන් පෝෂණය වූ අයෙකු පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වීම අපි අගය කරනවා.රුවන් විජයවර්ධන මහතාගේ පවුලේ උදවිය ආගම දහමට බොහොම ලැදියි. ඒ වගේම ශාසනික ජාතික වශයෙන් ලැදියි. මේ පරම්පරාවෙන් ලැබිච්ච පසුබිම ඔබතුමන්ට තිබෙනවා. ඒ වගකීම ඔබ හොදින් ඉෂ්ඨ සිද්ධ කරයි කියා අප විශ්වාස කරනවා යයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේය.“රටේම ජනතාව විශාල ප්‍රසිද්ධියක් දී මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තා. එකම රටක් එකම නීතියක් කියලා තමයි කිව්වේ. නමුත් දැන් ඒක පේන්න නැහැ.විසිවැනි සංශෝධනය සම්මත වෙලා මුළුමනින්ම එය ක්‍රියාත්මක වන බව දැන් පෙනී යනවා. ස්වාධීන අධිකරණයක් තිබෙනවද කියා අපට ප්‍රශ්න කරන්න වෙලා. එක එක අපරාධවලට අහුවෙච්ච අය ආණ්ඩුවට අවශ්‍ය විදියට නිදොස් කරන බවක් අද පෙනී යනවා යන්න මගේ මතයයි.මේ වැඩපිළිවෙළ ගැන අප ගොඩක් කණගාටු වෙනවා. ජාතික ආරක්ෂාව ගැන මේ ආණ්ඩුව බොහොම ඉහළින් කතා කළා. අද කරුණා, පිල්ලයාන් වැනි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ආණ්ඩුව කටයුතු කරමින් යනවා.හමුදාවේ දහස් ගණනක් ඝාතනය කළා කියා මහ මැතිවරණයේදී කරුණා අම්මාන් ප්‍රකාශ කළා. ඉදිරියේදී රටේ ජාතික ආරක්ෂාවට මොනවා වෙයිද කියා කල්පනා කරන්න වෙනවා.අනෙක් පැත්තෙන් 19 මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා ටික ඉවරයි. දැන් ස්වාධීන කොමිෂන් සභා කියා එකක් නැහැ. කොමිෂන් සභාවලට අවශ්‍ය පුද්ගලයන් රටේ නායකයින්ට අවශ්‍ය විදියට දාලා. රට පත් වෙලා තිබෙන තත්ත්වය ගැන එක්සත් ජාතික පක්ෂය විදියට අප කණගාටු වෙනවා.ඉදිරියේදී රජයේ ආයතනවලින් මාධ්‍ය ආයතනවලට දෙන දැන්වීම් සියල්ලම තමාගේ අනුමැතිය අනුව තමයි ලබාදෙන්නේ කියලා පී.බී. ජයසුන්දර මහත්තයා රෙගුලාසියක් දාලා තියෙනවා අපි දැක්කා. මේකෙන් කරන්නෙ ඇත්තටම පෞද්ගලික මාධ්‍ය එක පැත්තකින් සිර කරන එකයි.ඒ ආයතනවල ආදායම දැන් එක පුද්ගලයකු විසින් තීරණය කරනවා මේ ආයතනයට මේක දෙන්න ඕනෑ, මේ ආයතනයට මේක දෙන්න ඕනෑ කියලා.අනික් පැත්තෙන් ස්වාධීන මාධ්‍යයත් දැන් හිරකරන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳව කණගාටුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් අහිමි වීගෙන යනවා. විසිවන සංශෝධනයේ පළවිපාක තමයි අපට දැන් ගෙවන්න වෙලා තිබෙන්නේ.සජිත් ප්‍රේමදාස මහතා සමග ඉන්න පිරිසත් පක්ෂයේ අවුරුදු ගානක් අපත් එක්ක හිටපු අයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අපත් එක්ක දැන් සාකච්ඡා කරනවා.මේ යන තත්ත්වය උඩ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු කණ්ඩායම් එක වේදිකාවකට එන්න වෙනවා යයිද ඔහු එහිදී පැවසීය.මේ අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බෙල්ලන්විල රාජමහා විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.විශේෂ බෝධිපූජා පිංකමක්ද එහිදී පැවැත්විණි.රුවන් විජයවර්ධන මහතා සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්
0
 (නිමල කොඩිතුවක්කු)එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගිලිහී ගිය  ජයග්‍රහණය සහ අභිමානය යළි ලබා ගැනීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමගි ජන බලවේගය” බිහිකිරීමේ අරමුණ  බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.පාක්ෂිකයන් වෙනුවෙන් එකමුතුබව ඇතිව නව සංධානය හා එක්ව ඉදිරියට යාමට අලියට මුවාවී තමන්ගේ පටු වාසි වෙනුවෙන් කුමන්ත්‍රණ සිදුකරන කිහිපදෙනාට ආරාධනා කර සිටින බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.කොළඹ, මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.“මේ ආණ්ඩුව බලයට පත්වෙලා දින සීයකට ආසන්න වෙලා තියෙනවා. අපි දින 100 යේ ආණ්ඩුවේ කරපු වැඩයි මේ ආණ්ඩුව දින 100 න් කරපු වැඩයි උරගා බලන්න දැන් ජනතාවට අවස්ථාව උදාවෙලා තියෙනවා.2015 ජනවාරි 08 වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරලා අපි දින 100 ආණ්ඩුව එදා හැදුවා.  දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා, ජනතාවට සහන දුන්නා.  19 වැනි සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකි වුණා.මේ සියල්ල සිදුකළේ අපි මන්ත්‍රී ධුර 42ක් තියාගෙනයි. දැන් මේ පත්වෙලා ඉන්න ආණ්ඩුව රටේ ජනතාවට සහන දෙන්න තුනෙන් දෙකක් ඉල්ලා සිටිනවා. ජනතාවට සහන දෙන්න  අවශ්‍ය බහුතරය ලබාදෙන්න අපි කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් මේ ආණ්ඩුවට කිසිදු ජනතාවාදී වැඩපිළි​වෙළක් නොමැති බවට දැන් ජනතාවට පැහැදිලිව පෙනී යනවා.මේ ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. මේ අය හිතන් ඉන්නේ මේ ලක්ෂ 69 ම රාජපක්ෂ පස්සෙ යන බයියො පිරිසක් කියලා. හැබැයි ඒ අය දන්නේ නැහැ මෙතන ලක්ෂ 25ක් පමණ මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් ඉන්නවා කියලා. අද ඒ සියලු දෙනාම පාහේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරමින් සිටිනවා. අද ඔවුන්ට මේ ආණ්ඩුව වහකදුරු ගානයි.ගෝඨාභය රාජපක්ෂ මහතා  රටේ ජනාධිපති වුණාට මේ අර පරණ සෙට් එකම තමයි මැති ඇමතිකම්  කරගෙන ඉන්නේ. 2015ට පෙර තිබුණු පරණ තැටියම දැන් වාදනය වෙමින් තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ  මහතා දිවුරුම් දෙන්න තනි වාහනේ ආවට රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගියේ විශාල පිරිසක් පිරිවරාගෙනයි. අද ඥාති පරම්පරාව විතරක් නෙමෙයි  විහිළුකාරයො, කිරිහාමිලා, අප්පුහාමිලා  සියලු දෙනාම පිරිවරාගෙන තමයි රට යන්නේ. මේ ආණ්ඩුවට  විදේශ රටවලින් ඇවිල්ලත් මිනිස්සු ඡන්දය දුන්නලු. මේ අයටත් අද මුහුණ දෙන්න බැරි විදියටයි මේ ආණ්ඩුව වැඩකරගෙන යන්නේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකයා විදියට  මේ සංධානයට නායකත්වය ලබාදෙනවා. කෘත්‍යාධිකාරි  මණ්ඩලයෙන් මේකට අනුමැතිය ලැබුණහම  බොහෝම සද්භාවයෙන්  අපේ නායකකාරකාදීන් මේ වැඩේට උදව් කරාවි කියලා  අපිත් හිතුවා. නමුත් සද්භාවයෙන් නෙමෙයි ඒ කටයුත්ත මේ අය කරන්නේ කියලා දැන් අපිට පැහැදිලි වී තිබෙනවා.දැන් මේ අය අපේ අලුත් සංධානයට දුස්රා පන්දු  දානවා. අලියා ලකුණට  මුවාවෙලා මේ අය තමන්ගේ න්‍යායපත්‍රය යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන්.  ඒත් අපිට මේ අලියට මුවාවෙලා කරන මේ කුමන්ත්‍රණයට හසුවෙන්න බැහැ.ඔය අලියා ඉදිද්දීම තමයි සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන  සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ජනාධිපතිවරණයට හංසයාගෙන් ඉල්ලුවේ.  දැන් අලියා ගැන කිඹුල් කඳුළු හෙලන අය එදා  කිඹුල් කඳුළු හෙලුවේ නැහැ.අපි මේ පුළුල් සංධානය හදන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට  ජයග්‍රහණය සහ අභිමානය  ලබාගන්නයි. අපි අලියගෙන් වසර ගණනාවක් ඉල්ලුවා. හැබැයි  අපිට ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස් කරගන්න බැරුව ගියා.  පාක්ෂිකයන් තුළ අලියට  තියෙන ආදරය දඩමීමා කරගෙන  සමහරු උත්සාහ  කරනවනම් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ඉටු කරගන්න ඒකට අවස්ථාව දෙන්න බැහැ.එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයවත්, අකිල විරාජ් කාරියවසම්වත්, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි කීප දෙනාවත් නෙමෙයි.  සිරිකොතේ යතුර, ව්‍යවස්ථාපිත බලය තියෙන්න පුළුවන්, අලියා තියෙන්න පුළුවන් නමුත් පාක්ෂිකයන් රැකගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.අපි මේ හදන  පුළුල් සංධානය ජනගත කළහම මේ ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා  ඒකරාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 113 ඉලක්කයට  අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.යැයිද ඔහු එහිදී පැවැසීය.
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’
1
(නිමල කොඩිතුවක්කු)යහපාලන රජය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය සේවකයන්ට දී ඇති ස්වාධීනත්වය ගම්පහ දිසා වන නිලධාරිනියගේ හැසිරීමෙන් පෙන්නුම් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ, පොලිසියේ, අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමා ඒකාධිපතිත්වයකට රට ගෙන යාම වත්මන් රජයේ අරමුණ වී ඇතැයිද?  මන්ත්‍රීවරයා සඳහන් කළේය.රාජ්‍ය නිලධාරීන්ගේත්, පොලිසියේත්, අධිකරණයේත් ස්වාධීනත්වය දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියලු කණ්ඩායම් ඒකරාශී විය යුතු යැයි  කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා   මහතා මෙසේද කීවේය.“පහුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය සේවකයන්, ස්වාධීන ආයතන  සියල්ලක්ම දේශපාලනීකරණය වෙලා තිබුණා. ඒ හොල්මන්  දැන් අපට ආපහු දකින්න ලැබෙමින් තිබෙනවා.රාජපක්ෂ ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා  ස්වාධීන ආයතන සියල්ලම නැතිකර එක පුද්ගලයෙකුට එක පවුලකට සම්පූර්ණ බලය ගෙන රට පාලනය කළ යුගය අපට අමතක නැහැ.2015 න් පසු නැවත අප 19 වැනි  සංශෝධනය ගෙනල්ලා මේ ආයතන ස්වාධීන කර රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බවට පත් කරන්න  පුළුවන් වුණා. ඒ වගේම රාජ්‍ය ආයතන ස්වාධීන කිරීමටත්, පොලීසිය, අධිකරණය ස්වාධීන කිරීමටත් අපිට හැකිවුණා. එක විධායක ජනාධිපතිවරයෙකු යටතේ තිබූ බලතල පාර්ලිමේන්තුවට, ස්වාධීන කොමිෂන්වලට දීමටත් අපට හැකිවුණා.දිසාවන නිලධාරීතුමිය දේශපාලන අධිකාරිය ඉදිරියේ නොබියව කතා කරනවා අප දැක්කා. රාජ්‍ය සේවය ශක්තිමත් කර අප පහුගිය අවුරුදු හතරේ බලාපොරොත්තු වූ කාරණාව දැන් ඉටු වෙමින් තිබෙනවා.  දැන්  2015 ට පෙර වගේ රාජ්‍ය සේවකයන් පාගගෙන කටයුතු කරන්න බැරි වෙලා.නමුත් දැන් යළිත් 2015 ට පෙර තිබූ තත්ත්වයට රාජ්‍ය සේවකයන් පත්කරමින් යනවා. රාජ්‍ය  සේවකයන් ගස් බැන්ද, රාජ්‍ය ආයතන වලට කඩා පැන ප්‍රහාරයට ලක්කරපු,  රාජ්‍ය සේවකයන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරපු ක්‍රමවේදය යළි ඇති කිරීමට මේ රජය උත්සාහ කරනවා.අද මේ අයට තිබෙන ලොකුම හිසරදය 19 වැනි සංශෝධනයයි. මේක වෙනස් කරන්න හදන්නේ රටට සෙතක් සලසන්න නෙවෙයි මේ අයගේ ඒකාධිපතිත්වය තහවුරු කර ගන්නයි.ජනතාවට සහන  දෙන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ. අය වැයක් හෝ මුදල්  පනතක් හෝ ඉදිරිපත් කරන්න. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න අප සූදානම්.ජනතාවට සහන මල්ලක්  දෙනවා කියා ගෙන ආපු ආණ්ඩුව එක සහනයක් දීලා නැහැ.  අප ගැබිණි මාතාවන්ට දීපු පෝෂණ  මල්ලත් දැන් නතර කරලා. දූ - දරුවන්ට ඇදුම් කට්ටල දෙකයි, සපත්තුයි දෙනවා කිව්වා.  ඒවා තියා අප දීපු වවුචරේ මිල ගානත් අද අඩුකරලා.  පොහොර නොමිලේ  දෙනවා කිව්වා. සල්ලි දීලා ගන්නවත් අද පොහොර කඬේ නැහැ. දැන් ජනතාවට එදා වේල කාලා ඉන්න බැරි තත්ත්වයට ජීවන මිල ඉහළ ගිහිල්ලා.ඇත්තටම ජනතාවට සහන දෙන්න අවශ්‍ය නම්  ආන්ඩුවට ඒ සඳහා  හොද අවස්ථාව දැන් තිබෙනවා. ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල සීයට 20 කින් අඩුවෙලා. අපේ ආණ්ඩුව තිබුණා නම් මිල සූත්‍රය යටතේ ඉන්ධන ලීටරයක් රුපියල් 10ත් - 12ත් අතර ගණනකින් අඩු කරනවා. කරුණාකරලා මේ සහනය ජනතාවට දෙන්න කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරගත්ත ලොකුම වැරුද්ද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නොදීමයි. ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය අපට සහාය දුන්නානම් මල්මාලා දාලා පිළිගන්නවා. පොහොට්ටුවට සහය දෙන්න ශ්‍රීලනිපය තීන්දු කළවිට ඒ අය පිළිගත්තෙත් හූවෙනුයි. පොහොට්ටුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දීගය හරියට සැමිය බිරියට තඩි බාන එක බිරිඳ අහක බලාගෙන ඉන්නවා වගේයි.ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය කියන්නේ වටිනා පක්ෂයයි. අප හදන නව සංධානයට එකතු වෙන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරනවා. අපි එකතුවෙලා සහෝදරත්වයෙන් මේ ගමන ඉදිරියට යමු කියලා අපි ආරාධනා කරනවා.  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය මෙහෙම පොහොට්ටුවෙන් බැනුම් අහ- අහා ඒ අයගේ පස්සෙන් යන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන තින්දුව ගත යුතුයි” යයිද ඔහු එහිදී පැවැසීය.මතුගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජගත් විතාන  මහතා :“පසුගිය ජනාධිපතියවරණයේදී ගෝඨාභය රාජපක්ෂ  මහත්තයා ලංකාව වටේ වට දෙකක් දිව්වට පස්සෙ තමයි  අපට අපේක්ෂකයා කවුද කියා කිව්වේ.  ඊට පසු අප කඩිමුඩියේ බෙල්ල කඩාගෙන ගිහින් ලක්ෂ 56 කට ආසන්න ගානක් ඡන්දය දුන්නා.මුදලට පක්ෂය පාවාදෙන, රාජපක්ෂලත් එක්ක  ඩීල් දාන  කණ්ඩායමක් අදටත් අපට ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරන්න  පූර්ණ සහයෝගය මේ අයගෙන් අදටත් අපට ලැබෙන්නේ නැහැ.දෙපාර්ශවයේම ජාතික ලැයිස්තුව බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. නෝනයි -මහත්තයයි දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියකුත් ඉන්නවා. මේක නතර කළ යුතුයි. මේ අයට  මෙදා සැරේ  මහ මැතිවරණයේදී ජනතාව හොද උත්තරයක් දේවි කියා අප විශ්වාස කරනවා” යයිද ඔහු එහිදී පැවැසීය.                                                                                                                                   මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීවේය.ප්‍රශ්නය : ඇයි ඔබතුමන්ලා  අලියා ලකුණින්  ඡන්දය ඉල්ලන්න අකමැති?පිළිතුර : අලියා ලකුණින් ඡන්දය ඉල්ලන්න අප සියලු දෙනාගේ කිසිම ගැටලුවක් නැහැ. අලුතින් හදන සන්ධානයට අලියා ලකුණ දෙනවනම් ප්‍රශ්නය අවසන් වෙනවා.දැන් මේ ප්‍රශ්නය හොදටම ඇති. මේ සතිය අවසන් වෙන්න පෙර අවසාන තීන්දුව ගත යුතුයි. සිකුරාදා දිනය වෙන විට අවසන් තීන්දුව ගන්නා ලෙසට අප සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂයේ පිරිස අයින් කරගෙනද ගමන යන්න හදන්නේ?පිළිතුර : අපට කාවවත් අයින් කර යන්න අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂය විදියට සියලුදෙනා එකතු කරගෙන ගමන යා යුතුයි.ඊයේ දිනයේදීත් සජිත් ප්‍රේමදාස මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කළා. හෙට දිනයේදීත් දීර්ඝ සාකච්ඡාවක් වෙනවා. සකච්ඡා වලින් ගන්න තීන්දුව සිකුරාදා වෙනවිට අවසන් විය යුතුයි කියන එක තමයි, අපේ ස්ථාවරය වන්නේ.ප්‍රශ්නය : හෙට ගන්න තීරණය මොකක්ද?පිළිතුර : මේක වහෙන් ඔරෝ කියන්න දෙයක් නොවෙයි. මේ මැතිවරණයේදී අප කණ්ඩායම් දෙකක් විදියට ඉල්ලනවද, එක කණ්ඩායමක් හැටියට ඉල්ලනවද කියන තීන්දුව ගත යුතුයි.
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’
0
(නිමල කොඩිතුවක්කු)ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙන් ජනතා අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත  දිසානායක මහතා කොළඹදී අද(2) පැවසීය.ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකේ බලය උපයෝගී කරගනිමින් රටට නව දේශපාලන ගමනක් ආරම්භ කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.වත්මන් ආණ්ඩුවේ මෙන්ම හිටපු ආණ්ඩුවේ හොරුන්ට දඩුවම් කිරීම ප්‍රමාද කිරීම ගැන සමගි ජන බලවේගය විමතියට පත්ව සිටින බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි  ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේ ද කීය. ගෝඨාභය රාජපක්ෂ  මහතා ජනාධිපති ධූරයට පත්ව මාස දහයක් ගත වනවා. ඒ අවස්ථාවේදී අපේ ආණ්ඩුව ඉවත් වෙමින් අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත් කරමින් රටේ  පාලනය කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාව අපි ලබා දුන්නා. නව අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර රටට අවශ්‍ය මුදල් වෙන්කර ගන්නා ලෙසත් අපි දැනුම් දුන්නා. නමුත් ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව  නීති විරෝධී ලෙස මුදල් වෙන් කර ගනිමින් ඔවුන් රටේ පාලනය ගෙන ගියා.කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය විනාශ කිරීම ගැනත් අපි අපේ විරෝධය මතු කළා. ඒ වගේම පුත්තලම පරිසර පද්ධතියට සිදු කරල තියෙන විනාශයක් සිංහරාජ වනාන්තරයට සිදු කරලා තියෙන විනාශය පිළිබඳ අපි විශාල හඬක් නැගුවා. ආණ්ඩුව තමන්ට ලැබුණු තුනෙන් දෙකේ බලයෙන් ජනතා අපේක්ෂා ඉටු කරනවා වෙනුවට තමන් සහ තමන්ගේ මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා ඉටුකරදෙමින් සිටිනවා.ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනිකුත් පක්ෂවල ඉන්න මැති ඇමතිවරු සන්තෝෂයෙන් තියා ගන්නත් ආණ්ඩුව අද කටයුතු කරමින් යනවා. මේ සියල්ලටම පලිහක් වෙලා තියෙන්නේ  අද තමන්ට ඡන්දය දීපු ජනතාවයි.මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා විරෝධී කටයුතු වලට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව වගකිව යුතු පක්ෂයක් විදියට අපි කටයුතු කරනවා.ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒ කණ්ඩායම මේ රටේ පාලන බලය ගෙන යන ආකාරය පිළිබඳව අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.අද ආර්ථිකය කඩාගෙන වැටිලා. උද්ධමනය  6.1 ත් 6.3ත් අතර දෝලනය වෙනවා. ආර්ථික වර්ධන වේගය  සෘණ මට්ටමට අද ඇවිත් තියෙනවා. බඩු මිල දවසින් දවස අහස උසට නගිනවා.මහබැංකු චෝදනාව පිළිබඳව තවමත් කතා කරනවා විතරයි. ඒ හොරු ටික අල්ලන්න කියලා මේ ආණ්ඩුවට අපි ඉතා පැහැදිලිව කියනවා. පිරිසුදු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉන්න සමගි ජනබලවේගයේ අපි ආන්ඩුවේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්ව සිටිනවා.මේ ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ රටේ අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න. ඒ බලය යොදාගනිමින් රට විනාස කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.අපේ මහගෙදර වෙච්ච එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ ගැන අපි කණගාටු වෙනවා. මේ සතිය තුලත්  එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පත් කරනු ඇතැයි කියා මම හිතන්නේ නැහැ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය :19 අහෝසි කිරීම ගැනත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැනත් නොයෙකුත් කතන්දර මේ දිනවල කියවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අතින් රටට යහපතක් සිදු වුණොත් ඒ 19 වන සංශෝධනය නිසා කියලා මම විශ්වාස කරනවා.රාජපක්ෂ පාලන සමයේ වචනයට පමණක් සීමාවුනු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට හැකි වුණේ දහනවවන සංශෝධනය නිසයි.රටේ ජනතාවගේ සිට මාධ්‍යවේදීන් දක්වා 19 වන සංශෝධනයෙන් විශාල නිදහසක් ලැබුණා.  19  තිබියදීත් රාජපක්ෂ පාලනය යටතේ මාධ්‍යවේදීන්ට අද විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. 19 අහෝසි කළොත් මාධ්‍යවේදීන්ට රටවැසියන්ට විපක්ෂයේ පිරිස් වලට කුමක් සිදුවේවි ද කියලා අපිට හිතාගන්නවත් බැරි වේවි. ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 
’’අලියට මුවා වී කුමන්ත්‍රණකරන අයත් අප හා එක්වෙන්න’’
0
(а·ғිරа¶Ӯа¶ңа·’а¶ҡа·Ҹ а¶Ҫа·ңа¶ҡа·”а¶ҡරа·Җිට)"а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·Ҡ. а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶ӯа¶Үරිа¶әа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶ҙරа·Ҹа¶Ҝа¶әа·’. а¶ёа·ҡ а¶…а¶ҙට а¶Ҫа·җබа·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ. а¶ёа·ҡ а·Җа·ҷа¶Ҫа·Ҹа·Җа·ҡ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶ӯඅරිа¶ұа·Ҡа¶ұ එа¶ҙа·Ҹ." а¶әа·җа¶әа·’ а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶»а¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡа·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶Ҝ (22) а¶ңа·Ҹа¶Ҫа·Ҡа¶Ҫа·ҡ а·Җа·җа¶ҡුණුа¶ңа·ңඩ 'а¶ұа·’а¶Ҫ а·ға·ҷа·Җණ' а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ұа·’а¶Ҫ а¶ұа·’а·Җа·Ҹа·ғ 100а¶ҡа·Ҡ а¶·а·Ҹරа¶Ҝа·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа·ҡ а¶Ҝа·“ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶…а¶ңа·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а¶ёа·ҷа·„а·’ а¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶ёа·ҷа·ға·ҡ а¶Ҝ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶әа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රණа¶әа·ҡ а·ғමහර а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа·Җа¶Ҫට а¶ҙа·’а·…а·’а¶әа¶ёа·Ҡ а¶ұа·җа¶ӯа·’ а·Җුණа·Ҹа¶ё а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶әа·ҷа¶ұа·Ҡ а¶·а·“а·Ӯණа¶әа·ҡа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а·„а·’а¶ӯа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ ඕа¶ұа¶ё රටа¶ҡа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶Үа¶ӯа·’ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·„а·җа¶ҡа·’ а·ға·‘а¶ё а·Җිටම а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ӯа¶әа·”а¶ӯа·”а¶әа·’. а¶Ӣа¶ӯුරа·ҡ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶ә а¶Үа¶ӯа·’а·Җුණа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶әа¶ҡа·Ҡ а¶ұа·’а·ға·Ҹ а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ға·Ҡа·ға·ҡ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ බа·җරි а·Җුණа·Ҹ. а¶Ҝа¶ҡුණа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ а·ға·’а¶Ӯа·„а¶Ҫ а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ а¶’а¶ҡа·“а¶ә රа·Ҹа¶ўа·Ҡ‍а¶әа¶әа¶ҡа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ёа¶ӯа¶әа·ҡ а¶ұа·’а¶ӯරම හිටිа¶әа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ҙа·ҷඩරа¶Ҫа·Ҡ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ ඕа¶ұ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·Ҡ‍රа·Җිඩ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа¶Ҫа·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ. а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҡ а¶Ҝа·“а¶ӯа·Ҡ а·Җа·ҷа¶ұа¶ё රа·Ҹа¶ўа·Ҡ‍а¶әа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·”а·Җа·Ҹ. а¶’а¶ҡ а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶…а¶ҙа·’ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ҡа¶Ҫа·Ҹ. а¶…а¶ҙа·ҡ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға¶·а·Ҹа·Җа·ҡ а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡමිටුа·Җа·ҡ а¶…а¶ұа·Ҡа¶ӯරа·Ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа·ҡ එа¶ҡට а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а·„а·ңа¶әа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җа·ҡ а¶ҙа·…а¶ёа·” а¶Ўа·ҡа¶Ҝа¶әа·ҡ а¶ӯිබа·ҷа¶ұ а¶әа·қа¶ўа¶ұа·Ҹ а¶ңа·җа¶ұ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶әа·ңа¶ёа·” а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶Ӣа¶ҙරිම බа¶Ҫа¶ә බа·ҷа¶Ҝа·Ҹ а·„а·җරීම а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶…а¶ёа¶ӯරа·Җ а·ға·ҷа¶ұටа·Ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම. а¶ёа¶Ҝа·’а¶ҙа·”а¶Ӯа¶ а·’а¶ҡа¶ёа·Ҡ а·Җа¶Ҫට а¶үඩ а¶ұа·ңа¶Ҝа·ҷа¶ұ а¶ёа·Ҹа¶ұа·Җ а·„а·’а¶ёа·’а¶ҡа¶ёа·Ҡ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම, а·ға·Ҡа·Җа·Ҹа¶°а·“а¶ұ а¶…а¶°а·’а¶ҡරණ а¶ҡа·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Үа¶ӯа·’а¶ҡිරීම, а¶әа·”а¶Ҝа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶…а·Җа¶ӯа·җа¶ұа·Ҡ а·Җа·–а·Җа¶ұа·Ҡ а·Җа·„а·Ҹа¶ё а¶ҙа¶Ҝа·’а¶Ӯа¶ а·’ а¶ҡිරීම а¶ҡа·’а¶әа¶ұ а¶ҡа·Ҹරණа·Ҹа·Җа¶Ҫට а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа¶ҹа·Җа·ҷа¶ұа·Җа·Ҹа¶ұа¶ёа·Ҡ а·Җа·’а·ға¶іа·”а¶ёа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶’а¶ҡа·“а¶ә රа·Ҹа¶ўа·Ҡ‍а¶әа¶әට а·„а·Ҹ බුа¶Ҝа·Ҡа¶° а·Ға·Ҹа·ға¶ұа¶әට а¶ҙа·Ҡ‍රමුа¶ӣа¶ӯа·Ҡа·Җа¶ә а¶Ҫබа·Ҹ а¶Ҝීමටа¶ӯа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡ එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Җа·Ҹ а¶ҡа·’а¶әа·Ҹ а·ға·”а·…а·” а¶ўа·Ҹа¶ӯа·“а¶ұа·Ҡ а¶ұа·’а¶әа·қа¶ўа¶ұа¶ә а¶ҡරа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ එа¶ҡа¶ҹ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа¶ё а¶ёа·ҡ а¶ңа·җа¶ұ එа¶әа·Ҹа¶Ҫа·Ҹ а·ға¶ёа¶ң а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡරа·Ҹ.а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶ңа·җа¶ұ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ӯа·Ҡ а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ӯа·Ҡ а·„а·җа¶ёа¶Ҝа·Ҹа¶ё а¶ҡඹ а¶Үа¶Ҝа·Ҡа¶Ҝа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ එа¶Ҝа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶ҙа·ңа¶Ҝа·” а¶…а¶ҙа·ҡа¶ҡа·Ҡа·Ӯа¶ҡа¶әа·Ҹ а·Җටа·Ҹ එа¶ҡа¶ӯа·”а·Җුණа·ҡ а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫට а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а·„а·ңа¶әа¶ұа·Ҡа¶ұ. එа¶Ҝа·Ҹ а·ға·’а·Җа·’а¶Ҫа·Ҡ а·ға¶ёа·Ҹа¶ўа¶ә а·„а·Ҹ а·ға·”а·…а·” а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ӯа·Ҡ එа¶ҡа¶ӯа·” а·Җුණа·Ҹ.а¶…а¶Ҝ а¶…а¶ҙිට එа¶ҡа¶ё а¶ёа¶ӯа¶әа¶ҡට එа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·ға¶ёа¶ҹ а¶…а¶ҙа·’ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а·җа¶Ҝа·”а·Җа·ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶ә а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ. а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶…а¶ә а¶…а¶ҙа·ҷа¶ұа·Ҡ а¶Үа·„а·”а·Җа·Ҹ а¶Үа¶әа·’ а¶ёа·ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶…а¶ҙිට а¶ӯа¶ұа·’ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа¶ҡа·Ҡ а·„а·җටිа¶әට а¶Ҫа·җබа·ҷа¶ұ а·Җа·Ҹа·ға·’а¶ә ටිа¶ҡа¶ҡа·Ҡ අඩු а¶ҡරа¶ңа¶ӯа·Ҡа¶ӯа¶ӯа·Ҡ а¶ҡа¶ёа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. රටа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶Ҝа·ҷа¶ҡ එа¶ҡа¶ӯа·” а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷණа·Ҡඩුа·Җа¶ҡа·Ҡ а·„а·җа¶Ҝа·”а·Җа·Ҹ.2016 а¶ўа¶ұа·Җа·Ҹරි а¶ёа·Ҹа·ға¶әа·ҡ а¶Ҝа·“ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җ а·Җа·Ҡ‍а¶әа·Җа·ға·Ҡථа·Ҹа¶Ҝа·Ҹа¶әа¶ҡ а·ға¶·а·Ҹа·Җа¶ҡа·Ҡ බа·Җට а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·ҡ. а¶’ а¶ҡа·ҷටුමа·Ҡа¶ҙа¶ӯ а¶…а¶ҙа·’ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға¶ёа·Ҡа¶ёа¶ӯ а¶ҡරа·Ҹ. а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а¶ҙа·’а¶әа·Җර а·„а·җටිа¶әට а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡа·ңමිටිа¶әа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶…а·Җුරුа¶Ҝа·Ҡа¶Ҝа¶ҡට а·Җඩа·Ҹ а¶’ а¶ҡමිටුа·Җа·ҡа¶ұ а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә. а¶ӯа¶ёа¶ұа·Ҡ а¶…а¶ӯර а¶ӯිබа·ҷа¶ұ а·Җа·ҷа¶ұа·ғ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶ә а·Җа·’а·ға¶іа¶ұа·Ҡа¶ұ а¶ҙа·”а·…а·”а·Җа¶ұа·Ҡ а¶Ҝ බа·җරිа¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ а¶ҡа¶ӯ а¶ҡа·…а·Ҹ. а·Җа·Ҹа¶Ҝ а¶ҡа·…а·Ҹ. а·Җа·’а·Җа·Ҹа¶Ҝ а¶ҡа·…а·Ҹ.  а¶ёа¶ңа·ҷа¶ұа·Ҡ а·ғමහරු а¶Үа·„а·”а·Җа·Ҹ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а·Җа·ҷа¶Ҫа·Ҹ а¶ҡа¶Ҫа·Ҡа¶ңа¶ӯ а¶ҡරа¶ұа·Җа·Ҹ а¶Ҝ а¶ҡа·’а¶әа·Ҹ.а¶ёа¶ё а¶ёа·ҡ а¶ҡа·Ҹරа·Ҡа¶әа¶әට а¶ҡа¶Ҫа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·ҡ а·„а·җа¶ёа·қටම а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ұа·Ҡа¶ұ. а·Җа·’а·ға¶іа·”а¶ёа·Ҡ а¶әа·қа¶ўа¶ұа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’ а¶Ўа·ҡа¶Ҝа¶әа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ а¶ӯа¶ёа¶ұа·Ҡට а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶ұа¶ёа·Ҡ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа¶әа·ҡ а·ға·Ҡථа·Ҹа·Җරа¶ә а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶Ҫа·Ҹ а¶’ а¶ҡа·Ҹරණа·Ҹа·Җа¶Ҫට එа¶ҡа¶ҹ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·ңа·„а·ңа¶ёа¶Ҝ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ а¶…а¶ҙа·’ а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹа·Җ а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. එа¶ӯа·җа¶ұ බහුа¶ӯරа¶әа¶ҡа·Ҡ а¶ұа·‘. а·ға·”а·…а·”а¶ӯරа¶әа¶ҡа·Ҡ а¶ұа·‘. а¶ҙа¶ҡа·Ҡа·Ӯ а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶’а¶ҡа·Ҹබа¶Ҝа·Ҡа¶° а·Җа·’а¶ҙа¶ҡа·Ҡа·Ӯ а¶…а¶Ҝа·„а·ға·Ҡ ඔа¶ҡа·Ҡа¶ҡа·ңа¶ё а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. එа¶ҡ එа¶ҡ а¶ҙа¶ҡа·Ҡа·Ӯа·Җа¶Ҫ а¶ёа·–а¶Ҫධරа·Ҡа¶ё а·ға·’а¶әа¶Ҫа·Ҡа¶Ҫ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶…а¶ҙа·’ а¶ёа·ҡ а¶ңа¶ёа¶ұ а¶үа¶Ҝිරිа¶әට а¶ңа·ҷа¶ұа¶әа¶ұа·Ҡа¶ұ ඕа¶ұ. а¶ёа·ҷа·„а·ҷа¶әа·”а¶ёа·Ҡ а¶ҡමිටුа·Җа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶ҡරа¶ұа·Ҡа¶ұ ඕа¶ұ а¶Ҝа·ҡ а¶ҡරа·Ҹ. а¶Ҝа·җа¶ұа·Ҡ රටට а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶·а·Ҹර а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ а¶үа¶ӯිරි а·Җа·җඩ ටිа¶ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұ. а¶ёа·ҡа¶ҡ а¶…а¶ҙිට а¶Ҫа·җබа·ҷа¶ұ а¶…а·Җа·ға¶ұа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ. а·ғමහරු а¶ҡа·‘ а¶ңа·„а¶ұа·Җа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶ә а¶Ӣа¶ӯුරට а¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶Ҝа·ҷа¶ёа·… а¶…а¶ә а¶ҡа·’а¶әа¶ұа·Җа·Ҹ а¶ӯа¶ёа¶ұа·Ҡа¶ңа·ҡ а¶…а¶ә බඳа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶ұа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ. а·ға¶ёа·Ҡа¶ҙූරа·Ҡණ а¶Үබෑරа·Ҡа¶ӯа·” 7000а¶әа·’ а¶ҙа·…а¶ёа·” а·Җටа¶әа·ҡ а¶Ҝа·Ҡ‍රа·Җа·’а¶Ә а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ 700а¶ҡа·Ҡ බඳа·Җа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұа¶ёа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа·Ҹ.а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ 180а¶ҡа·Ҡ а¶ҙමණа¶әа·’. 700а¶ҡа·Ҡ а¶ёа¶Ҝа·’ а¶’а¶ӯа·Ҡ එа¶ұа·Ҡа¶ұа·ҡ а¶үа¶ӯа·Ҹ අඩු а¶ңණа¶ұа¶ҡа·Ҡ. а¶…а¶ҙа·’ а¶әа·Ҹа¶ҙа¶ұа·ҡ а¶ңа·’а·„а·’а¶Ҫа·Ҡа¶Ҫа¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а¶ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ёа·ҡа¶ҡ රට а¶ҙа·Ҹа·Җа¶Ҫа·Ҹ а¶Ҝа·ҷа¶ұ එа¶ҡа¶ҡа·Ҡ а¶ұа·ҷа·Җа·ҷа¶әа·’. а¶ёа·ҷа¶ӯа·җа¶ұа·’а¶ұа·Ҡ а¶…а¶ҙа·’ а¶үа¶Ҝිරа¶әට а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ёа·ҡ а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұ а·Җа·’а·ға¶іа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ ඕа¶ұ. а¶ёа·ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ අරа¶ңа·ҷа¶ұ а¶…а¶ҙа·’ а¶үа¶Ҝිරිа¶әට а¶әа¶ұа·Ҡа¶ұ ඕа¶ұ.а¶ёа·ҡ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа¶ұа·Җа·Ҹ. а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ ඩа·Ҡ‍රа·ңа¶ҙа·Ҡ а¶ҡа·…а·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶ҙරа¶Ҝа·’а¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ а¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа·Ҹа¶ңа¶ұа·Ҡа¶ұ а¶ё ඕа¶ұа·‘.а¶ёа·ҷа¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җ а·ға¶іа·„а·Ҹ а·ға·Ҡа·Җа¶Ҝа·ҡа·Ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а·Җජිර අබа·ҡа·Җරа·Ҡа¶°а¶ұ, а¶ұа·“а¶ӯа·’а¶ә а·„а·Ҹ а·ға·Ҹа¶ёа¶ә а·ға·„ а¶Ҝа¶ҡа·Ҡа·Ӯිණ а·ға¶Ӯа·Җරа·Ҡа¶°а¶ұ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а·ға·Ҹа¶ңа¶Ҫ රа¶ӯа·Ҡа¶ұа·Ҹа¶әа¶ҡ, а¶үඩමа·Ҡ а·„а·Ҹ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ҙа·Ҡ‍රа¶ӯа·’а·ға¶Ӯа·ға·Ҡа¶ҡරණ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ңа¶әа¶ұа·Ҡа¶ӯ а¶ҡරුණа·Ҹа¶ӯа·’а¶Ҫа¶ҡ, а·Җа·’а¶Ҝа·ҡа·Ғ රа·җа¶ҡа·’а¶әа·Ҹ а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶ёа¶ұа·–а·Ӯ а¶ұа·Ҹа¶ұа·Ҹа¶әа¶ҡа·Ҡа¶ҡа·Ҹර, а¶ңа·Ҹа¶Ҫа·Ҡа¶Ҫ а¶Ҝа·’а·ға·Ҡа¶ӯа·Ҡ‍රිа¶ҡа·Ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а·“а¶ҡරණ а¶ҡමිටු а·ға¶ё а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а·Җа·’а¶ўа·ҡа¶ҙа·Ҹа¶Ҫ а·„а·ҷටа·Ҡටිа¶Ҷරචа·Ҡа¶ а·’, а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී බа¶ұа·Ҡа¶Ҝа·”а¶Ҫа¶Ҫа·Ҹа¶Ҫа·Ҡ බණа·Ҡඩа·Ҹරිа¶ңа·ңඩ а¶Үа¶ӯа·”а·…а·” а¶ёа·җа¶ӯа·’ а¶Үа¶ёа¶ӯа·’а·Җරු а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶Ҝ а·ға·„а¶·а·Ҹа¶ңа·“ а·Җа·“ а·ғිටිа¶әа·„. 
вҖҳа¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
1
а·Җа·җරа¶Ҝа·’ а·ға·„а¶ңа¶ӯ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶ҡිරුළа¶ҙа¶ұ а¶ҙූරа·Ҡа·Җа·Ҹරа·Ҹа¶ёа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҙа¶ӯа·Ҡබа·ҡරිа¶әа·ҡ а·Җа·’а¶ёа¶Ҫа¶Ҙа·Ҹа¶ұ а·„а·’а¶ёа·’а¶әа¶ұа·Ҡ а·Җа·’а·ға·’а¶ұа·Ҡ  а¶ӯа¶ёа¶ұа·Ҡට а·ға·’а¶Ҝа·”а¶ҡа·… а¶…а¶ҙа·„а·Ҹа·ға¶әа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ රුа¶ҙа·’а¶әа¶Ҫа·Ҡ а¶ҡа·қටි 100а¶ҡа·Ҡ а·Җа¶ұа·Ҡа¶Ҝа·’а¶әа¶ҡа·Ҡ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ  а¶ұа·Ҹරа·Ҹа·„а·ҡа¶ұа·Ҡа¶ҙිට а¶…а¶·а¶әа·Ҹරа·Ҹа¶ёа¶әа·ҡ а·Җа·җඩа·Җа·ҷа·ға·ҷа¶ұ ,රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а·ға·ҡа·Җа·Ҹ එа¶ҡа·Ҡа·ға¶ӯа·Ҡ а·„а·ҷа¶Ҝ а·ға¶Ӯа¶ңа¶ёа¶әа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ මුරුа¶ӯа·Ҡа¶ӯа·ҷටа·Ҡටුа·Җа·ҡ а¶Ҷа¶ұа¶ұа·Ҡа¶Ҝ а·„а·’а¶ёа·’ а¶…а¶Ҝ (06) а¶ҡа·ңළඹ а¶Ҝа·’а·ға·Ҹ а¶…а¶°а·’а¶ҡරණа¶ә а·„а¶ёа·”а·Җа·ҡ а¶ҙа·җමිණිа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а¶ңа·ңа¶ұа·” а¶ҡа·…а·ҡа¶ә.а¶ӯа¶ёа·Ҹ රටа·ҡ а¶ҡීරа·Ҡа¶ӯිධර а¶·а·’а¶ҡа·Ҡа·Ӯа·”а·Җа¶ҡа·Ҡ а·Җа¶ұ බа·Җ, а¶…а¶·а¶әа·Ҹරа·Ҹа¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ңа·җа¶ұ а¶ұඩු а¶ұа·’а¶ёа·’а¶ӯа·Ҡа¶ӯа¶ҡа·Ҡ а¶ӯිබිа¶әа¶Ҝа·“ එම а·Җа·’а·„а·Ҹරа¶әа·ҡ а¶…а¶әа·’а¶ӯිට а¶ңа·җа¶ұ а·Җа¶ңа¶Ӣа¶ӯа·Ҡа¶ӯරа¶ҡа·Ҹර а·„а·’а¶ёа·’ а¶ұа¶ё а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡිරීමа·ҷа¶ұа·Ҡ а¶ӯа¶ёа·Ҹට а¶Ҝа·җඩි а·„а·Ҹа¶ұа·’а¶әа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·”а·Җ а¶Үа¶ӯа·’ බа·Җа¶ӯа·Ҡ а¶Ҷа¶ұа¶ұа·Ҡа¶Ҝ а·„а·’а¶ёа·’ а·ға·’а¶ә а¶ҙа·җමිණිа¶Ҫа·Ҡа¶Ҫа·ҷа¶ұа·Ҡ а¶ҡа·’а¶әа·Ҹ а·ғිටී.
вҖҳа¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
(*** а¶Ҝа·ға·”а¶ұа·Ҡ රа·Ҹа¶ўа¶ҙа¶ҡа·Ҡа·Ӯ)а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җ а¶ӯа·”а·… а¶ҙа·Ҡ‍රචа·Ҹරа¶ә а¶ҡරа¶ұ බа·Җ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට а¶ҙа·җමිණීමට а¶ұа·’а¶әа¶ёа·’а¶ӯа·Җ а·ғිටි а¶ӯа·Җа·”а·„а·’а¶Ҝа·Ҡ а¶ўа¶ёа·Ҹа¶Ҝа·Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶үа¶ұа·Ҡа¶Ҝа·“а¶ә а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶…а·ға·Ҹа¶Ҝа·” а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әට а¶Үа¶ӯа·”а·…а·” а¶ҡර ඔහුа¶ңа·ҡ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а·ға¶Ӯа¶ а·Ҹරа¶ә а¶ӯа¶ёа·Ҹ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җ а·Җа·…а¶ҡа·Ҡа·Җа·Ҹ а¶Ҝа·җа¶ёа·– බа·Җ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа·Ҹ හිටа¶ҙа·” а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а·Җа·’а·Ға·Ҡ‍රа·Ҹа¶ёа·’а¶ҡ а¶ўа·Ҡ‍а¶әа·ҷа·Ӯа·Ҡа¶Ё а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’ ධරа·Ҡа¶ёа¶ңа·”а¶ҙа·Ҡа¶ӯ а¶ңа¶ўа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරුа¶Ҝа·’а¶ұ බа·қа¶ёа·Ҡබ а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·Җිමරа·Ҡа·Ға¶ұа¶ә а¶ҡරа¶ұ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а·„а¶ёа·”а·Җа·ҡ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶Ҡа¶әа·ҡ 29 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹа¶°а·’а¶ҡරණ а·Җа·’а¶ұа·’а·ғුරු а¶ўа¶ұа¶ҡа·Ҡ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұа¶ӯа·Ҡа·Җа¶әа·ҷа¶ұа·Ҡ බණа·Ҡඩа·Ҹරа¶ұа·Ҹа¶әа¶ҡ а¶…а¶ұа·”а·ға·Ҡමරණ а¶ўа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶ұа·Ҡа¶ӯර а·ға¶ёа·Ҡа¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රණ а·Ға·Ҹа¶Ҫа·Ҹа·Җа·ҡ а·ға·Ҡථа·Ҹа¶ҙа·’а¶ӯа¶ҡа·ңට а¶ӯිබа·ҷа¶ұ а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡа¶Ҝа·“ а¶ёа·ҷа¶ё а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а¶Ҡа¶әа·ҡ 29а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ රа·җа·ға·Ҡа·Җа·’а¶ә.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа·Җරа¶әа·Ҹ а¶Үа·ға·– а¶ҙа·Ҡ‍රа·Ға·Ҡа¶ұа·Җа¶Ҫට а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ හිටа¶ҙа·” රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ ධරа·Ҡа¶ёа¶ңа·”а¶ҙа·Ҡа¶ӯ а¶ңа¶ўа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ёа·Ҹ а¶Ӣа¶ҙ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ҙරීа¶ҡа·Ҡа·Ӯа¶ҡа·Җරа¶әа¶ҡа·” а¶Ҫа·ҷа·ғ 1971 а¶ёа·җа¶әа·’ 1 а·Җа·җа¶ұа·’а¶Ҝа·Ҹ а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әට а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° а·Җුණа·Ҹ. 2011 а¶…а¶ңа·қа·ға·Ҡа¶ӯа·” а¶ёа·Ҹа·ға¶әа·ҡ а¶ёа·Ҹ а·Җа·’а·Ға·Ҡ‍රа·Ҹа¶ё а¶Ҫа·җබුа·Җа·Ҹ. а¶ҙа·ңа¶Ҫа·’а·ға·’а¶әа·ҡ а·Җа·җඩි а¶ҡа·Ҹа¶Ҫа¶әа¶ҡа·Ҡ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҙරීа¶ҡа·Ҡа·Ӯණ а¶Ҝа·ҷа¶ҙа·Ҹරа·Ҡа¶ӯа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·ҷа·ғ а·ға·ҡа·Җа¶ә а¶ҡа·…а·Ҹ. а¶үа¶ұа·Ҡа¶ҙа·ға·” а¶ёа·Ҹ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа¶әට බа·җඳුණа·Ҹ. එහි а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯа·Җරа¶әа·Ҹ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а·ғිට а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯа·Җරа¶әа·Ҹ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶Ӣа·ға·ға·Ҡа·Җа·“а¶ёа·Ҡ а¶Ҫа·җබුа·Җа·Ҹ. а¶Ҡට а¶…а¶ёа¶ӯරа·Җ а¶ёа·Ҹ а¶Үа¶ёа·җа¶ӯа·’ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а·ға·ҡа·Җа¶ә, а¶…а¶ңа¶ёа·җа¶ӯа·’ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а·ға·ҡа·Җа¶ә а·„а·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а·ға·ҡа·Җа·Ҹа·Җа¶Ҫ а¶Ҝ а·ға·ҡа·Җа¶ә а¶ҡа·…а·Ҹ. а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а·Җිමරа·Ҡа·Ға¶ұ а¶ҡа·ңටа·Ҡа¶Ёа·Ҹа·ға¶әа·ҡа¶Ҝ а·ға·ҡа·Җа¶ә а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·ҷа·ғ а¶ҙа¶ӯа·Ҡа·Җа·–а¶әа·ҡ а¶ҡа·Җа¶Ҝа·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු:- 2011 а·Җа·ғරа·ҡа¶Ҝа·“ а·Җа·’а·Ға·Ҡ‍රа·Ҹа¶ё а¶әа¶ұа¶ӯුරු а¶ёа·Ҹ 2003 а·Җරа·Ҡа·Ӯа¶әа·ҡ а·ғිට රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·ҷа·ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·…а·Ҹ. а·Җа·ғර 8а¶ҡа·Ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·ҷа·ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·…а·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а¶Қа¶ўа·”а·Җа¶ё а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ а¶ҡа·Ҹටа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු:- а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа¶Ӯа·Ға¶әа·ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹටа¶әа·’ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- එа¶Ҫа·Ҡ.ටී.ටී.а¶Ҡ. а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶…а·Җа·ға·Ҹа¶ұ а¶ҡа·Ҹа¶Ҫа¶ә а·Җа¶ұа·Җිට ඔබ а·ға·ҡа·Җа¶ә а¶ҡа·…а·ҡ а¶ҡа·ңа·„а·’а¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු:- а¶’ а¶ҡа·Ҹа¶Ҫа¶әа·ҷа¶ӯа·Ҡ а¶ёа·Ҹ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а·ға·ҡа·Җа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶Ҫа·ҷа·ғ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·…а·Ҹ. රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җට а¶ӯුඩුа¶Ҝа·ҷа¶ұ а¶ҡරුණු а·ға·ңа¶әа·Ҹ а¶’а·Җа·Ҹ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹට а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡිරීමа¶әа·’ මට а¶ҙа·җа·Җරී а¶Үа¶ӯа·’ а¶ёа·–а¶Ҫа·’а¶ҡ а·Җа¶ңа¶ҡа·“а¶ё.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹට а¶ҙමණа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු:- а¶Үа¶ӯа·җа¶ёа·Ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶Ҫ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·ға·„ а¶ҡа·ңළඹ а¶Ҝа·’а·ға·Ҹа·Җ බа·Ҹර а¶ұа·’а¶әа·қа¶ўа·Ҡ‍а¶ә а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹට а¶ӯа·ңරа¶ӯුරු а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹа¶ңа·ҡ а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡа¶Ҝа·“а¶ё а¶ёа¶ӯ а¶ёа·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹටа¶Ҝ а¶ӯа·ңරа¶ӯුරු а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- එа¶Ҫа·Ҡ.ටී.ටී.а¶Ҡ. а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ ඔබа¶ңа·ҡ а·ға·ҡа·Җа·Ҹ а¶ҡа·Ҹа¶Ҫа¶ә а¶ӯа·”а·… а¶ҡа·… а¶ҡа·Ҹරа·Ҡа¶әа¶әа¶ұа·Ҡ а¶ёа·ңа¶ұа·Җа·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු:- а¶ҡа·ңටි а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әට а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җුණа·ҡ а¶Ҝа¶ҡුණа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶ә а·Җа·’а¶әа·Җа·”а¶Ҫа·Ҡ а¶ҡිරීමа¶әа·’. а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ұа·Ҡ රа·җа·ға¶ҡа·Ҡ а¶қа·Ҹа¶ӯа¶ұа¶ә а¶ҡිරීමට ඔа·Җа·”а¶ұа·Ҡට а·Җа·”а·Җа¶ёа¶ұа·Ҹ а¶ҡа·…а·Ҹ. а¶ёа·Ҹ а¶’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ රටа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶…а¶°а·’а¶ҡа·Ҹරිа¶ә а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡа·Җа¶ӯа·Ҡ а¶ҡа·…а·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- а¶ҡа·ңටි а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а¶ӯරа·Ҡа¶ўа¶ұа¶әට а¶Ҫа¶ҡа·Ҡа·Җа·– а¶Ҝа¶ҡුණа·ҡ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ұа·Ҡ а¶ҡа·Җа·”а¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶Ҫа¶ҡа·Ҡа·Ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶ҡа¶Ҝිරа·Ҡа¶ңа·Ҹමරа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹට а¶ӯа¶ёа¶әа·’ а¶Ҫа·ңа¶ҡа·”а¶ё а¶ӯරа·Ҡа¶ўа¶ұа¶ә а¶ӯිබුණа·ҡ. එа¶ӯа·”а¶ёа·Ҹ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶ҡа·ңа¶ёа¶ұа·Ҡඩа·қ භටа¶әа¶ұа·Ҡ а·ға·’а¶әа¶әа¶ҡට а¶…а¶°а·’а¶ҡ а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җ а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а¶әа·ңа¶Ҝа·Җа·Ҹ а¶ӯිබුණа·Ҹ. а¶ўа·ҷа¶әරа·Ҹа¶ўа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ұа·Ҹа¶ұа·Ҡа¶Ҝа·”а¶ҙа·”а¶Ҫа·Ҡа¶Ҫа·ҡ, а¶ұа·’а¶ёа¶Ҫа·Ҡ а·ғිරිа¶ҙа·Ҹа¶Ҫ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ, ඩа¶ңа·Ҡа¶Ҫа·ға·Ҡ а¶Ҝа·ҡа·Җа·Ҹа¶ұа¶ұа·Ҡа¶Ҝ а·ға·„ а¶ёа·ӣа¶ӯа·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұа¶Ҙа¶әа¶ұа·Ҡ а¶ҙිරිа·ға¶ҡට а¶ҡа·ңටිа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·ға·ҳа¶ўа·” а¶ӯරа·Ҡа¶ўа¶ұ а¶ӯිබුණа·Ҹ. а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ මණа·Ҡඩа¶Ҫа¶ә රа·җа·ға·Ҡа·Җа·– а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶Ҫа¶Ҝа·“ а¶ёа·Ҹ а¶’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҡරුණු а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а¶ҡර а¶ӯිබුණа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а¶ңа·җа¶ұ ඔබට බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а¶Ҫа·җබී а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а¶ҙිළිබඳ а¶ӯа·ңරа¶ӯුරු а·ға·ҷа·Җීමට 2002 а·Җа·ғරа·ҡа¶Ҝа·“ а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ёа¶ҡа·Ҡ а¶әа·ңа¶Ҝа·Җа·Ҹ а¶ӯිබුණа·Ҹ. එа¶ә а·Җа·’а·Ға·ҡа·Ӯ а¶…а¶Ӯа·Ға¶әа¶ҡа·Ҡ. а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҫа·ҷа·ғ а¶Ҷа¶ңа¶ёа·Ҡ а¶ҙа·Ҡ‍රචа·Ҹරа¶ә а¶ҡිරීම а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ұа·’а¶әа·Ҹа¶ёа¶ұ а¶ҡිරීමටа¶Ҝ а·Җа·ҷа¶ұа¶ё а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ёа¶ҡа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡර а¶ӯිබුණа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- එම а·Җа·’а·Ға·ҡа·Ӯ а¶’а¶ҡа¶ҡа¶әа·ҷа¶ұа·Ҡ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ а¶ҡа·…а·ҡ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а¶ңа·җа¶ұ а·ға·ңа¶әа¶ұа·Ҡа¶ұ а·Җа·ҷа¶ұа¶ёа¶ё а¶’а¶ҡа¶ҡа¶әа¶ҡа·Ҡа¶Ҝ, а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а¶ңа·җа¶ұ а·ға·ҡа·Җීමට а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶’а¶ҡа¶ҡа¶әа¶ҡа·Ҡа¶Ҝ а¶ҙа·Җа¶ӯа·Ҡа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а¶ңа·’а¶әа·Ҹ. а¶Ҷа¶ңа¶ёа·’а¶ҡ а·ға·„ а¶Ҝа·ҡа·Ға¶ҙа·Ҹа¶Ҫа¶ұ а¶…а¶Ӯа·Ға¶ә а¶ҙිළිබඳ а·ға·ҷа·Җа·“а¶ёа·ҡ а¶…а¶Ӯа·Ға¶ә එමа·Ҡ. а¶…а¶Ӯа·Ға¶ә а¶Ҫа·ҷа·ғ а¶ұа¶ёа·Ҡ а¶ҡර а¶ӯිබුණа·Ҹ. а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а·ға·ҷа·Җа·Ҡа·Җ а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ё а¶ҡа·Ҡа¶ҡа·’а¶әа·” а¶…а¶Ӯа·Ға¶ә а¶Ҫа·ҷа·ғ а¶ұа¶ёа·Ҡа¶ҡර а¶ӯිබුණа·Ҹ. а¶ёа·Ҹ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а¶’а¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а·Җීමට а¶ҙа·ҷර а·ғිට а¶ёа·ҷа¶ё а¶’а¶ҡа¶ҡ а¶ҙිහිටа·Җа·Ҹ а¶ӯිබුණа·Ҹ.а¶ёа·ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡа¶Ҝа·“ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а·Җа·’а¶ёа·ғීමට а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җа·– а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ а·ға¶·а·Ҹа¶ҙа¶ӯа·’ а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹа¶°а·’а¶ҡරණ а·Җа·’а¶ұа·’а·ғුරු а¶ўа¶ұа¶ҡа·Ҡ а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа·Ҹа·Җට බа¶Ҫа¶ҙа·Ҹа¶ұ а·ға¶Ӯа·Җа·ҡа¶Ҝа·“ а¶ҡරුණු а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරුа¶ңа·ҷа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а·Җа·ҡ а¶ұа¶ёа·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ а·Ға·Ҹа¶Ҫа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶ҙිට а¶ҡිරීමට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ බа·Җ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරුට а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡа¶ә.а¶Ҡට а¶ҙа·Ҡ‍රа¶ӯа·’а¶ а·Ҹර а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු а¶Ҝа·җа¶ұට එа¶ә а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ұа·ңа·Җа¶ұ බа·Җа¶Ҝ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а·Җිටа·ҷа¶ҡ а¶’ а¶ҙිළිබඳ а¶ҡа·ңа¶ёа·’а·ғමට а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡа¶Ҝа·ҷа¶ұ බа·Җа¶Ҝ а¶ҙа·Җа·ға·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.а¶үа¶ұа·Ҡ а¶ҙа·ға·” а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а·Җа·’а¶ёа·ға·“а¶ё а¶әа·…а·’ а¶Ҷරමа·Ҡа¶· а·Җа·’а¶ә.а¶ёа·ҡ а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡа¶Ҝа·“ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҷа¶ұ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු а·Җа·ҷа¶ӯ රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа·Җරа¶әа·Ҹ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·ңට එа¶ә а¶ұිරීа¶ҡа·Ҡа·Ӯණа¶ә а¶ҡර а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұ а¶Ҫа·ҷа·ғ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරුට а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- බа·җа¶Ҫа·– බа·җа¶Ҫа·Ҡමට а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරа¶ҡа·Ҡ බа·Җ а¶ҙа·җа·Җа·ға·’а¶ә а¶ұа·ңа·„а·җа¶ҡа·’а¶әа·’. а¶ӯа·ңරа¶ӯුරුа·Җа¶Ҫට а¶…а¶Ҝа·Ҹа·… а¶ёа·–а¶Ҫа·Ҹа·Ға·Ҡ‍රа¶әа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶ӯа·ңරа¶ӯුර а·Җа·’а·Ға·Ҡа¶Ҫа·ҡа·Ӯණа¶ә а¶ҡිරීමට а¶ӯа·ңරа¶ӯුර а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·Ҹа¶ңа·ҡ а¶…а¶ұа¶ұа·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶…а·Җа·Ға·Ҡ‍а¶әа¶әа·’. а¶’а¶ӯа·Ҡ а¶ёа·ҷа¶ә а¶ёа·Ҹ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ҡа·” එа·Җа·Ҹ а¶Үа¶ӯа·’ බа·Җ а¶Ӣа¶ҙа¶ҡа¶Ҫа·Ҡа¶ҙа¶ұа¶ә а¶ҡа·…а·„а·ңа¶ӯа·Ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҡ а¶Ҝа¶ӯа·Ҡа¶ӯ а¶ҙරිа¶ҡа·Ҡа·Ӯа·Ҹ а¶ҡර а¶…а¶ҙ а·ға¶ӯа·”а·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶ӯа·ңරа¶ӯුරු а·ға¶ёа¶ң а·ға¶ұа·Ҡа·ға¶ұа·Ҡа¶Ҝа¶ұа¶ә а¶ҡර а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶ҙа¶ӯа·Ҡа¶ҡа·ңට а·Җа·’а·Ға·Ҡа¶Ҫа·ҡа·Ӯණ а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға·’а¶Ҝа·”а¶ҡර а·ға¶ӯа·Ҡ‍а¶ә а¶…а·ға¶ӯа·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а¶ұිරа·Ҡණа¶ә а¶ҡරа¶ңа·җа¶ұීමට а·„а·җа¶ҡа·’а¶әа·’.а¶ҙа·Ҹа·ға·Ҡа¶ҡа·” а¶үරුа¶Ҝа·’а¶ұ а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶әට а¶ёа·–а¶Ҫа·Ҹа·Ға·Ҡ‍ර а·Җа¶ұ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа·Җරа¶әа·Ҹ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු а·Җа·ҷа¶ӯ а¶Ҫබа·Ҹа¶Ҝа·“ එа¶әа¶Ҝ а¶ұිරීа¶ҡа·Ҡа·Ӯණа¶ә а¶ҡරа¶ұ а¶Ҫа·ҷа·ғ а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡа¶ә.එම а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а¶ҙිරිа¶ҡа·Ҡа·ға·– а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු එම а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරа¶ҡа·Ҡ බа·Җ а¶Ҝа¶ұа·Ҡа·Җа·Ҹ а·ғිටිа¶әа·ҡа¶ә.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- ඔබට а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а¶ҙа¶Ҝа¶ұа¶ёа·Ҡ а¶ҡරа¶ңа·ҷа¶ұ а¶Ҝа·ҷа·Җа·җа¶ұа·’а¶әට а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·– а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а·ға¶ҡа·ға·Ҡ а¶ҡර а¶Үа¶ӯа·’ බа·Җ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ ඔබට а·Җа·’а·Ға·ҡа·Ӯа¶Ҙ а¶ёа¶ӯа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а·„а·җа¶ҡа·’а¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶’ а¶ҙිළිබඳ а¶ёа¶ӯа¶әа¶ҡа·Ҡ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීම а¶…а·ғීරුа¶әа·’.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ – а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа·Җа¶Ҫ ටа·ңа¶ҙа·Ҡ а·ға·“а¶ҡа·Ҡ‍රටа·Ҡ а·ға·„ а·Ӯа·”а·Җරа·Ҡ а¶…а¶әа·’а·ға·Ҡ ඔа¶ұа·Ҡа¶Ҫа·’ а¶Ҫа·ҷа·ғ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·“ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. එа¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝа·җа¶әа·’ а¶ҙа·„а¶Ҝа¶ұа·Ҡа¶ұ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶ёа·ҡ а·Җа¶ а¶ұ а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶…а¶ӯа·’а·Ға¶ә රහа·ға·’а¶ңа¶ӯ а¶ӯа·ңරа¶ӯුරු а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҷа¶ұ а¶ӯа·ңරа¶ӯුරු а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·Ҹа¶ңа·ҡ а¶…а¶ұа¶ұа·Ҡ‍а¶әа¶ӯа·Ҹа·Җ а·ғුරа¶ҡа·Ҡа·Ӯа·’а¶ӯ а·Җа¶ұ а¶үа¶ӯа·Ҹ а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа¶ӯ а¶әа·”а¶ӯа·” а¶ҡරුණු а¶ҙිළිබඳа·Җа¶әа·’. а¶…а¶әа·’а·ға·Ҡ ඔа¶ұа·Ҡа¶Ҫа·’ а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҷ а·Җа·’а·Ға·ҡа·Ӯа·’а¶ӯ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа¶ҡුට а¶ҙමණа¶ҡа·Ҡ а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұීමට а·ға¶Ҫа·ға·Ҡа·Җа¶ұ а·ға·„ එа¶ә බа¶Ҫа·Ҹ а¶ҙිටа¶ҙа¶ӯа·Ҡ а¶ұа·ңа¶ҡර а·Җа·’а¶ұа·Ҹа·Ғ а¶ҡа·… а¶әа·”а¶ӯа·” බа·Җа¶әа·’.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- а¶ёа·ҡ а¶ҡරුණු а¶Ҝа·ҷа¶ҡа¶ё а·ға·„а·’а¶ӯ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а¶Ҫа·җබුණු а·Җිට а¶’ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әට а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- එа¶ә а¶Ҫа·җබුණු а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·Ҹ එа¶ә а¶ҡа·’а¶әа·Җа·Ҹ බа¶Ҫа·Ҹ а¶…а¶ұа·’а·Җа·Ҹරа·Ҡа¶әа¶әа·ҷа¶ұа·Ҡ එа¶ә а·Җа·’а¶ұа·Ҹа·Ғ а¶ҡර а¶Ҝа·җа¶ёа·’а¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶Ҫа·ҡа¶ӣа¶ұ а¶әа·ңа¶ёа·” а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а·„а·қ а¶Ҷරа¶ҡа·Ҡа·Ӯа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а·Җа·ҷа¶ӯ а¶ҙමණа¶әа·’. а·Җа·ҷа¶ұ а¶ҡа·’а·ға·’а·Җа¶ҡුට а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶әа¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶Ҫа·ҡа¶ӣа¶ұ а¶әа·ңа¶ёа·” а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- ඔබට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡа·… а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әට а¶…а¶ұа·”а·Җ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·Ҡ а¶ңа·җа¶ұීමට а¶ӯිබа·ҡ а¶ұа¶ёа·Ҡ එа·Җිට а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ҡа·Ҡ‍රමа¶ә а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а·Җа·’а¶ұа·Ҹа·Ғ а¶ҡිරීමට а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а¶…а¶ӯа·’а·Ға¶ә රහа·ға·’а¶ңа¶ӯ а¶ұа·’а·ға·Ҹ а·Җа·ҷа¶ұ а¶ҡа·’а·ға·’а·Җа¶ҡа·” එа¶ә а¶Ҝа·җа¶ұа¶ңа¶ӯ а¶әа·”а¶ӯа·” а¶ұа·җа·„а·җ. а¶ёа·ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа·Җа¶Ҫ а¶…а¶ұа·Ҡа¶ӯරа·Ҡа¶ңа¶ӯ а¶ҡරුණු а¶әа·ңа¶Ҝа·Ҹ а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа¶ҡа·Ҡ а·ға·Ҹа¶Ҝа·Ҹ а¶ӯа·ңරа¶ӯුරුа·Җа¶Ҫ а·ға¶Ӯа·Җа·ҡа¶Ҝа·“а¶·а·Ҹа·Җа¶ә а¶…а¶ұа·”а·Җ එа·Ҷа·Ҡ.එа¶ұа·Ҡ.а¶’. а¶әа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡර а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ а¶ҡණа·Ҡඩа·Ҹа¶әа¶ёа¶ҡа·Ҡ а¶…а¶ӯට а¶ёа·ҷа¶ә а¶ҙа¶ӯа·Ҡа¶ҡිරීම а¶…а¶ӯа·’а·Ға¶әа·’а¶ұа·Ҡ а·Җа·җරа¶Ҝа·’ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа·Җа¶ҡа·’.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ :- а¶’ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡ а¶ұа·’а·ға·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶ҡරු :- а¶ёа·ҷа¶ё а¶Ҫа·’а¶ҙа·’а¶әа·ҡ а¶…а¶ұа·Ҡа¶ӯරа·Ҡа¶ңа¶ӯа¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶ҙа·ҡ රට а¶Ҫа·ңа¶ҡа·” а·Җа·’а¶ұа·Ҹа·Ға¶әа¶ҡට а¶Үа¶Ҝ а¶Ҝа·җа¶ёа·’а¶ә а·„а·җа¶ҡа·’а¶әа·’. а¶ёа¶ңа·ҡ а¶…а¶ӯа·Ҡа¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а¶…а¶ұа·”а·Җ එа·Ҷа·Ҡ.එа¶ұа·Ҡ.а¶’. а¶әа¶ұ а·Җа¶ а¶ұа¶ә а¶әа·ңа¶Ҝа¶ұа·Ҡа¶ұа·ҡ а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ӯа·ңරа¶ӯුරු а·ға¶іа·„а·Ҹа¶әа·’. а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҡ එа·Ҷа·Ҡ.එа¶ұа·Ҡ.а¶’. а¶Ҫа·ҷа·ғ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ӯිබа·ҷа¶ұ а¶ұа·’а·ға·Ҹ ඔහු а·Җа¶ңа¶ҡа·“а¶ёа·Ҡ රහිа¶ӯа·Җ а·Җа·җඩа¶ҡර а¶Үа¶ӯа·’ බа·Җ а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙа·Җරа¶әа·Ҹ:- එа·Ҷа·Ҡ.එа¶ұа·Ҡ.а¶’. а¶әа¶ұ а·Җа¶ а¶ұа¶әа·ҡ а¶ӯа·ҡරුම а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡරු:- а·ға·”а·…а·” а¶…а¶ҙරа·Ҹа¶° а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ңа¶Ҫа·“а·ға·’а¶ә а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а¶ҡරа¶ұ а¶ҡа·ҷටි а¶әа·ҷа¶Ҝа·”а¶ёа¶ҡа·Ҡ. а¶…а¶Ҝ а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡа·Җа·– а¶үа¶ӯа·Ҹ රහа·ға·’а¶ңа¶ӯ а¶ӯа·ңරа¶ӯුරු а¶Ҫа·җබූа·Җිට а¶ұа·’а·Ға·Ҡа¶ а·’а¶ӯ а¶ұа·’а¶әа·қа¶ңа¶әа¶ҡа·Ҡ а¶ұа·’а¶ҡа·”а¶ӯа·Ҡ а¶ҡිරීමа·ҡ а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯිට а¶ӯිබිа¶ә а¶әа·”а¶ӯа·”а¶әа·’. а¶»а¶ўа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබа¶ңа·ҡ а¶…а¶ӯа·Ҡа¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а¶…а¶ұа·”а·Җ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ңа·ҷа¶ұ а¶Үа¶ӯа·Ҡа¶ӯа·ҡ а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа¶ҡа·Ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶ёа·ҷа¶ё а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶әа·ңа¶Ҝа·Җа·Ҹ а¶ӯිබа·ҷа¶ұ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶үа¶ӯа·Ҹ අඩුа¶әа·’. а¶ёа¶ңа·ҡ а¶…а¶ӯа·Ҡа¶Ҝа·җа¶ҡа·“а¶ёа·Ҡ а¶…а¶ұа·”а·Җ මීට а·Җඩа·Ҹ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а·ға·„ а¶Ӣа¶ұа¶ұа·Ҡа¶Ҝа·”а·Җа¶ҡа·Ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹට а¶Ҝа·җа¶ҡа·Ҡа·Җීමට а¶ӯිබුණа·Ҹ. а·Җа·’а·Ға·ҡа·Ӯ а¶ҡа·Ҹරа·Ҡа¶ә බළа¶ҡа·Ҹа¶ә а·„а·қ а¶әа·ңа¶Ҝа·Җа·Ҹ а¶Ҫа·’а¶ҙа·’а¶әа·ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·ҷа¶ұ а·Җа·Ҡ‍а¶әа·ға¶ұа¶ә а·Җа·…а¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа·җа¶ұීමට а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡа·… а¶әа·”а¶ӯа·”а·Җ а¶ӯිබුණа·Ҹ. а¶ёа·ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҡ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ӯа·ңරа¶ӯුරු а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ұа·’а·ға·’ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ң а¶ңа¶ӯ а¶әа·”а¶ӯа·”а·Җ а¶ӯිබුණа¶ӯа·Ҡ එа¶Ҫа·ҷа·ғ а·ға·’а¶Ҝа·”а¶ҡර а¶ұа·җа·„а·җ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබට а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·– а¶Ҫа·ҡа¶ӣа¶ұа¶әа·ҡ а·ғහරа·Ҹа¶ұа·Ҡ а·„а·Ӯа·“а¶ёа·Ҡ а¶ұа·җа¶ёа·җа¶ӯа·’ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·Ҹ а¶ңа·җа¶ұ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. ඔහු а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶° 2018 а¶ұа·ңа·Җа·җа¶ёа·Ҡබරа·Ҡ а¶ёа·Ҹа·ға¶әа·ҡ а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа¶ҡа·” а¶қа·Ҹа¶ӯа¶ұа¶ә а¶ҡිරීම, 2018 а¶Ҝа·ҷа·ға·җа¶ёа·Ҡබරа·Ҡ а¶ёа·Ҹа·ға¶әа·ҡ а¶ёа·Ҹа·Җа¶ұа·җа¶Ҫа·Ҡа¶Ҫа·ҡ බුа¶Ҝа·” а¶ҙа·’а·…а·’а¶ёа·Җа¶Ҫට а·„а·Ҹа¶ұа·’ а·ға·’а¶Ҝа·” а¶ҡිරීම а·ға·„ 2019 а¶ўа¶ұа·Җа·Ҹරි 16 а¶ҙа·”а¶ҙුරණ а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а¶ӯа·ңа¶ңа¶әа¶ҡа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ёа·ҡа¶Ҝа·“ а·ға·ңа¶әа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а¶әа¶ұ а¶ӯа·ңරа¶ӯුරු а¶ҙිළිබඳа·Җ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶ӯа·ңරа¶ӯුරු а·ға·җа¶ҙа¶әа·– а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·Ҹ а¶…а¶ұа·Ҹа·Җරණа¶ә а·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а·Җа·ҷඩි а¶ӯබа·Ҹ ඔහු а¶қа·Ҹа¶ӯа¶ұа¶ә а¶ҡිරීමට а¶ӯа·җа¶ӯа·Ҡ а¶ҡිරීම а·Җа·җа¶ұа·’ а·ға·’а¶Ҝа·”а·Җа·“а¶ёа·Ҡ а·Җа·“ а¶ӯිබිа¶әа¶Ҝа·“ а¶ёа·Ҹ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·– а¶Ҫа·ҡа¶ӣа¶ұа·Җа¶Ҫ а·ға¶іа·„а¶ұа·Ҡ вҖӢа¶ӯа·ңරа¶ӯුරු а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶…а·Җа¶ӯа¶ҡа·Ҡа·ға·ҡරු а¶ҡර а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶ёа·ҡ а¶ӯа·ңරа¶ӯුරු а¶ұа·’а·Җа·җරа¶Ҝа·’ а¶Ҫа·ҷа·ғ а·Җа·’а·Ға·Ҡа¶Ҫа·ҡа·Ӯණа¶ә а¶ҡර а¶Ҡට а¶Ҝа·җඩි а¶…а·Җа¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·–а¶әа·ҡ а¶ұа¶ёа·Ҡ а·ғහරа·Ҹа¶ұа·Ҡа¶Ҫа·Ҹ මරа·Ҹа¶ңа·ҷа¶ұ а¶ёа·җරа·ҷа¶ұ а¶ҙа·Ҡ‍රහа·Ҹරа¶әа¶ҡа·Ҡ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡරа¶ұ බа·Җ а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а¶Ҝа·җа¶ұа¶ңа¶ӯ а·„а·җа¶ҡа·’а·Җ а¶ӯිබුණа·Ҹ. а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җа·ҡа¶Ҝа·“ а·ға·ңа¶әа·Ҹа¶ңа¶ӯа·Ҡ а¶ҙа·”а¶ҙුරණ а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а¶ҡа·ңටි а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶·а·Ҹа·Җа·’а¶ӯ а¶ҡа·… а¶ҙа·”а¶ҙුරණ а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶әа·Җа¶Ҫට а·Җа·ҷа¶ұа·ға·Ҡ. එම а¶ҙа·”а¶ҙුරණ а¶Ҝа·Ҡ‍රа·Җа·Ҡ‍а¶ә а¶…а¶әа·’.එа·ға·Ҡ. а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶ә а¶·а·Ҹа·Җа·’а¶ӯа·Ҹ а¶ҡа·… එа·Җа·Ҡа·Җа·Ҹ බа·Җ а¶ёа·Ҹ а¶ҡа·… а·ға·ңа¶әа·Ҹ බа·җа¶Ҫа·“а¶ёа·ҡа¶Ҝа·“ а¶Ҝа·җа¶ұа¶ңа·җа¶ұීමට а¶Ҫа·җබුණа·Ҹ. а¶ёа·ҷа¶ё а¶ӯа·ңරа¶ӯුරු а¶ңа·җа¶ұ а¶ҡа·’а·ға·’а¶Ҝа·” а¶…а·Җа¶°а·Ҹа¶ұа¶әа¶ҡа·Ҡ а¶әа·ңа¶ёа·”а¶ҡර а¶ұа·җа·„а·җ.а·Җа·’а¶ұа·’а·ғුරු මණа·Ҡඩа¶Ҫа¶ә:- බුа¶Ҝа·Ҡа¶°а·’ а¶…а¶Ӯа·Ға·Җа¶Ҫට а¶ёа·ҷа¶ё а¶ӯа·ңරа¶ӯුරු а¶…а¶ұа·Ҹа·Җරණа¶әа·Җа·“ а¶ұа·җа¶ӯа·’а¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶ёа·ҷа¶ё а¶ӯа·ңරа¶ӯුරු а¶ӯа·„а·Җුරු а¶ҡර а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ұа¶ёа·Ҡ එа¶ә а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ёа¶ӯа·Ҡ а¶ӯа·ңරа¶ӯුරа¶ҡа·Ҡ а·Җа·ҷа¶ұа·Җа·Ҹ. බුа¶Ҝа·” а¶ҙа·’а·…а·’а¶ё а¶ҡа·җඩූ а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әට а¶ҙමණа¶ҡа·Ҡ а¶Ҷරа¶ҡа·Ҡ‍а·Ӯа¶ҡ а¶…а¶Ӯа·Ғ а¶…а·Җа¶°а·Ҹа¶ұа¶ә а¶әа·ңа¶ёа·” а¶ҡිරීම а¶ңа·җа¶ұ а¶ёа·Ҹ а¶ҙа·”а¶Ҝа·”а¶ё а·Җа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·ҷа¶ё а¶ӯа·ңරа¶ӯුරු а¶ҙа·ңа¶Ҫа·’а·ға·Ҡа¶ҙа¶ӯа·’а·Җරа¶әа·Ҹ а¶…а¶ӯට а¶ұа·’а·ға·’ а¶…а¶әුරිа¶ұа·Ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ңа¶ӯа·Җа·“ а¶Ҫа·җබුණ а¶Ҝ ඔහු а¶’ а¶ңа·җа¶ұ а·ға·җа¶Ҫа¶ҡа·’а·…а·’а¶ёа¶ӯа·Ҡа·Җа·“ а¶ұа·җа¶ӯа·’ බа·Җ а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ұа·Җа·Ҹ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබට а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа·– а¶Ҫа·ҡа¶ӣа¶ұ а·Җරа·Ҡа¶ңа·“а¶ҡරණа¶ә а¶ҡර а¶ӯිබа·ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- ඔа·Җа·Ҡ. එම а¶Ҫа·ҡа¶ӣа¶ұ а¶…а¶ӯа·’а·Ға¶ә රහа·ға·’а¶ңа¶ӯа¶әа·’ а¶ҡа·’а¶әа·Ҹ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. එහි а¶Үа¶ӯа·’ а·ға¶Ӯа·Җа·ҡа¶Ҝа·“ а¶ӯа·ңරа¶ӯුරු а¶ұа·’а·ға¶әа·’ а¶…а¶ӯа·’ රහа·ға·Ҡ‍а¶әа¶ә а¶ёа·”а¶Ҝа·Ҡ‍රа·Ҹа·Җ а¶ӯබа·Ҹ а¶ӯිබа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ.රජа¶әа·ҡ а¶ұа·“а¶ӯа·’а¶Ҙ:- ඔබ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡ‍а·Ӯа·Җරа¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а·ғිටිа¶әа¶Ҝа·“ а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶Ҫа·ҡа¶ӣа¶ұ а¶Ҫа·җබුණа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ңа¶ә а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶ёа·ҷа¶ё а¶Ҫа·’а¶ҙа·’а·Җа¶Ҫ а·ға¶іа·„а¶ұа·Ҡ а·Җа¶ұа·Ҡа¶ұа·ҡ а·Җа·’а¶Ҝа·ҡа·Ға·“а¶ә රටа¶ҡ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶…а¶Ӯа·Ға¶әа¶ҡа·’а¶ұа·Ҡ а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ а¶ӯа·ңරа¶ӯුරа¶ҡа·Ҡ. а¶ёа·Ҹ а¶ёа·”а¶Ҫа·’а¶ұа·Ҡа¶ё а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ а¶ӯа·ңරа¶ӯුර а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡ а¶’а¶ўа¶ұа·Ҡа¶ӯа¶әа·Ҹ а¶ёа¶ңа·ҡ а·…а¶ҹට а¶ҡа·җа¶іа·Җа·Ҹ а·Җа·җඩිа¶Ҝුර а·ға·ңа¶әа·Ҹ බа·җа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а¶ҡිරීමа¶әа·’. а¶ёа·ҡ а¶ӯа·ңරа¶ӯුරු а·ға¶ұа·Ҹථ а¶ҡිරීමට а·Җа·ҷа¶ұа¶ӯа·Ҡ බුа¶Ҝа·Ҡа¶°а·’ а¶…а¶Ӯа·Ғ а·ға¶ёа¶ң а·ға·Ҹа¶ҡа¶ а·Ҡа¶Ўа·Ҹ а¶ҡරа¶ұа·Җа·Ҹ. а¶’а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶Ҫа·ҡа¶ӣа¶ұа¶ә а¶ңа·җа¶ұ а·Җа¶ңа¶ҡа·’а·Җа¶әа·”а¶ӯа·Ҡа¶ӯа¶ұа·Ҡ එа¶Ҫа·ҷа·ғ а¶ҡර а¶ұа·ңа¶ёа·җа¶ӯа·’ බа·Җ මට а¶ҙа·ҷа¶ұа·“ а¶әа¶ұа·Җа·Ҹ.а·Җа·’а¶ұа·’а·ғුරු මණа·Ҡඩа¶Ҫа¶ә:- а¶ӯа¶ёа¶ұа·Ҡට а¶ёа·ҷа·Җа·җа¶ұа·’ а¶ӯа·ңරа¶ӯුරа¶ҡа·Ҡ а¶Ҫа·җබුණа·Ҹ а¶ұа¶ёа·Ҡ а¶ҡа·”а¶ёа¶ҡа·Ҡа¶Ҝ а¶ҡරа¶ұа·Ҡа¶ұа·ҡ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶Ҷරа¶ҡа·Ҡ‍а·Ӯа¶ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹට එа¶ә а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·ҷа¶ұа·Җа·Ҹ. а¶Ҷරа¶ҡа·Ҡ‍а·Ӯа¶ҡ මණа·Ҡඩа¶Ҫа¶ә а·Җа·ҷа¶ӯ а¶ёа·ҷа¶ә а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡа¶Ҝа·“ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ёа·Ҹරа·Ҡа¶ң а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ.а·Җа·’а¶ұа·’а·ғුරු මණа·Ҡඩа¶Ҫа¶ә:- а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡ а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а¶ңа·җа¶ұ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җа·–а¶әа·ҡ а¶ҡа·Җа¶Ҝа·Ҹа¶Ҝ?а·ға·Ҹа¶ҡа·Ҡ‍а·Ӯа·’а¶ҡරු:- а¶ёа·”а·ға·Ҡа¶Ҫа·’а¶ёа·Ҡа·Җරුа¶ұа·Ҡ а¶Ҷа·Җа·ҡа¶ңа·Ға·“а¶Ҫа·“а·Җ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ බа·Җ 2004 а¶Ҝа·“ а¶ҙමණ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җа·–а·Җа·Ҹ. а¶ӯа·Җа·”а·„а·’а¶Ҝа·Ҡ а¶ўа¶ёа·Ҹа¶Ҝа·Ҡа·„а·’ а¶үа¶ұа·Ҡа¶Ҝа·“а¶ә а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·Ҹ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җට එа¶ұа·Ҡа¶ұ а·„а¶Ҝа¶Ҝа·Ҡа¶Ҝа·“ а¶ёа·Ҹ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җа·“ එа¶ә а·Җа·җа·…а·җа¶ҡа·Ҡа·Җа·–а·Җа·Ҹ. ඔහු බа·Ҡа¶Ҫа·җа¶ҡа·Ҡ а¶Ҫа·’а·ға·Ҡටа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶…а¶ұа·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа·“ а¶Ҫа·ҷа·ғ а¶…а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа·ҷа¶ұа·Ҡ а¶үа·ға·Ҡа¶Ҫа·Ҹа¶ёа·Ҡ а¶Ҷа¶ңа¶ё а¶ҙа¶ӯුරа·Җа¶ұ а·Җа·’а¶Ҫа·Ҹа·ға¶әа¶ҡа·Ҡ а·Җа·Ҹරа·Ҡа¶ӯа·Ҹ а·Җа·– а¶ұа·’а·ға·Ҹ එම а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹමරа·Ҡа¶ңа¶ә а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ.а¶ёа·ҷа¶ё а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ҡа·ңа¶ёа·’а·ға¶ё а¶…а¶Ҝ (30) а¶әа·…а·’ රа·җа·ға·Ҡа·Җа·ҡ. 
вҖҳа¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
(а¶ӯිළිණි а¶Ҝ а·ға·’а¶Ҫа·Ҡа·Җа·Ҹ а·ға·„ රа¶Ӯа¶ўа¶ұа·Ҡ а¶ҡටුа¶ңа¶ёа·Ҡа¶ҙа·ңа·…)රа¶ұа·Ҡа¶ўа¶ұа·Ҡ රа·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹට එරа·ҷа·„а·’а·Җ а¶ҙа·Җа¶ӯа·’а¶ұ а¶…а¶°а·’а¶ҡරණ а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ а¶ұඩුа·Җа·ҡ ඔහු а·Җа·ҷа¶ұа·”а·Җа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝа·“а¶ё  а·ға¶іа·„а·Ҹ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯ‍а·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Җа¶° а¶ӯරа·Ҹа¶ӯිරමа·Ҡ а·Җа¶Ҫ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ 42а¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а¶ұа¶ёа·Ҡ а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡරුа·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа¶ҡа·Ҡ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶Ӯа¶ўа¶ұа·Ҡ රа·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а·„а¶ёа·”а·Җට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶Үа¶ӯ. а·Җа·’а¶Ҝа·Ҹа¶ұа¶ңа¶ё а¶ұа·“а¶ӯа·“а¶Ҙ а·ға¶ёа·Ҹа¶ңа¶ёа·ҡ а¶Ӣа¶ҙа¶Ҝа·ҷа·ға·Ҡ а¶ҙරිа¶Ҝа·’ а¶ёа·ҷа¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡරුа·Җа¶ұа·Ҡа¶ңа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯ‍а·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹට а¶…а¶ёа¶ӯරа·Җ а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·Ҡ а¶ҡරа·Ҡа¶ӯа·ҳа·Җරුа¶ұа·Ҡ, а·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа¶Ҫа·’а¶ҡа·Ҹа·Җа¶Ҫ а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұа·“а¶ұа·Ҡ , а¶ўа¶ұа¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“а¶ұа·Ҡ а¶ёа·ҷа¶ұа·Ҡа¶ё а·ға·Ҹа¶ёа·Ҹа¶ұа·Ҡ‍а¶ә а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡа¶Ҝ а¶ҡа·җа¶іа·Җීමට а¶…а·Җа·ғර а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ. а¶‘а¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶Ҫа·җа¶әа·’а·ға·Ҡа¶ӯа·”а·Җට а¶Үа¶ӯа·”а·…а¶ӯа·Ҡ а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҙа·ҷа·…а·ҡ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·қ а¶ёа·ҷа·ға·ҡа¶ә. а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ёа·ӣа¶ӯ‍а·Ҡ‍රීа¶ҙа·Ҹа¶Ҫ а·ғිරිа·ға·ҡа¶ұ а¶ёа·„а¶ӯа·Ҹ , රа·Ҹа·Җа¶ә හිටа¶ҙа·” а¶ҡරа·Ҡа¶ӯа·ҳ а·Җа·’а¶ҡа·Ҡටරа·Ҡ а¶…а¶әа·’а·Җа¶ұа·Ҡ,  а¶ўа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ а¶ұа·“а¶ӯа·“а¶Ҙ а¶Ӣа¶ҙа·”а¶Ҫа·Ҡ а¶ўа¶әа·ғූරිа¶ә , а¶ўа¶ұа¶ӯа·Ҹ а·Җа·’а¶ёа·”а¶ҡа·Ҡа¶ӯа·’ а¶ҙа·ҷරමුණ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а¶’а¶ҡа¶ҡа¶әа·ҡ а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұа·’а¶әа·Ҹ , а·ғිරа·ғ, හිරු, а¶Ҝа·ҷරණ, එමа·Ҡ.ටී.а·Җа·“. а·Җа·’а¶Ҝа·Ҡ‍а¶әа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа¶Ҫа·’а¶ҡа·Ҹа·Җа¶Ҫ а¶ҙ‍а·Ҡ‍රධа·Ҹа¶ұа·“а¶ұа·Ҡ,  а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҷа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී а¶…а¶ұුර а¶ҡа·”а¶ёа·Ҹර а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ ,  а¶…а¶°а·’а¶ҡරණ а·ға·ҡа·Җа·Ҹ а¶ҡа·ңа¶ёа·’а·ға¶ёа·ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ ,  а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа·„а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡа·Җරа¶әа·Ҹ,  ඬа·ҡа¶Ҫа·“ මිරරа·Ҡ  а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·ҡ а¶ҡරа·Ҡа¶ӯа·ҳ ,  а¶…а¶ұа·’а¶Ҝа·Ҡа¶Ҝа·Ҹ  а¶ҙа·”а·Җа¶ӯа·Ҡа¶ҙа¶ӯа·ҡ  а¶ҡරа·Ҡа¶ӯа·ҳ ,  а¶ҡа·ҡ.ඩබа·Ҡа¶Ҫа·’а·Җа·Ҡ .а¶ўа¶ұරа¶Ӯа¶ўа¶ұ ,  а¶ңа·Җа·ҡа·Ӯණа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ұа·’а¶Ҝа·„а·ға·Ҡ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶әа·Җа·ҡа¶Ҝа·“ а¶ҡа·ға·”а¶ұа·Ҡ а¶ҙа·”а·ға·Ҡа·ға·ҡа·Җа·ҷа¶Ҫ ,  а¶Ӣа·ға·Ҹа·Җа·’а¶ә а¶ұිහඬа¶әа·’ а¶ а·’а¶ӯ‍а·Ҡ‍රа¶ҙටа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡ‍а·Ӯ а¶ҙ‍а·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұ а·Җа·’а¶ӯа·Ҹа¶ұа¶ңа·ҡ, а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶әа·ҡ රа·ҷа¶ўа·’а·ға·Ҡට‍а·Ҡ‍රа·Ҹරа·Ҡа·Җරа¶әа·Ҹ а¶Үа¶ӯа·”а·…а·” а·Җа·’а·Җа·’а¶° а¶ӯරа·Ҹа¶ӯිරමа·Ҡ а·Җа¶Ҫට а¶…а¶әа¶ӯа·Ҡ а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫа¶әа·’а¶ұа·Ҡ 42 а¶Ҝа·ҷа¶Ҝа·ҷа¶ұа·ҷа¶ҡа·”а¶ңа·ҡ а¶ұа¶ёа·Ҡ а¶Ҝ а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’ а¶Ҝීමට а¶…а¶°а·’а¶ҡරණа¶әට а¶ҡа·җа¶іа·Җීමට а¶…а·Җа·ғර а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ.                                                                                                                         а¶ёа·ҷа¶ё а·ға·Ҹа¶ҡа·Ҡа¶ҡа·’а¶ҡරුа·Җа¶ұа·Ҡට а¶…а¶ёа¶ӯරа·Җ а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ғුරු а¶ұа¶Ҫа·“а¶ұа·Ҡ а¶ҙа·ҷරа·ҡරа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶ңа·Җа·’а¶ұа·’а·ғුරු ධුරа¶әට а¶ҙа¶ӯа·Ҡа·Җа·” а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа·ҡа¶Ҝа·“ а¶ҙа·’а·…а·’а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җ а·ға¶·а·Ҹа·Җ а¶…а¶ёа¶ӯа·Ҹ а¶ҡа·… а¶ҡа¶ӯа·Ҹа·Җ а·ға·„ а·Җа·’а¶ҡа·Ҡටරа·Ҡ а¶…а¶әа·’а·Җа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҫа·’а¶әа·” а¶ұа·ңа¶ұа·’а¶ёа·’ අරа¶ңа¶Ҫа¶ә, а¶ҡа·ҳа¶ӯа·’а¶әа¶Ҝ а¶…а¶°а·’а¶ҡරණ а¶Ҫа·ҡа¶ӣа¶ұ а·Җа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶…а¶°а·’а¶ҡරණа¶әට а¶үа¶Ҝිරිа¶ҙа¶ӯа·Ҡ а¶ҡිරීමටа¶Ҝ а¶…а·Җа·ғර а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶Үа¶ӯ. а¶…а¶°а·’а¶ҡරණа¶әට а¶…а¶ҙа·„а·Ҹа·ғ а¶ҡа·…а·ҡ а¶әа·җа¶әа·’ රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә රа¶Ӯа¶ўа¶ұа·Ҡ රа·Ҹа¶ёа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ එරа·ҷа·„а·’а·Җ а¶ҙа·Җරа·Ҹ а¶Үа¶ӯа·’ а¶ұඩුа·Җ  а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණа¶ә а·„а¶ёа·”а·Җа·ҡ а¶…а¶Ҝ  (30)  а¶ӯа·ҷа·Җа·җа¶ұа·’ а¶Ҝа·’а¶ұа¶әටа¶ӯа·Ҡ а¶ҡа·җа¶іа·Җа·–а¶әа·ҡ а·ға·’а·ғිර а¶Ҝ а¶Ҷබෲ ,  а¶ҙ‍а·Ҡ‍රа·ға¶ұа·Ҡа¶ұ а¶ўа¶әа·Җරа·Ҡа¶°а¶ұ а·ға·„ а·Җа·’а¶ўа·’а¶ӯа·Ҡ а¶ёа·…а¶Ҫа·Ҡа¶ңа·ңඩ а¶әа¶ұ а¶ёа·„а¶ӯа·Ҡа·Җරුа¶ұа·Ҡа¶ңа·ҷа¶ұа·Ҡ а·ға¶ёа¶ұа·Ҡа·Җа·’а¶ӯ а¶ӯ‍а·Ҡ‍රි а¶ҙа·”а¶Ҝа·Ҡа¶ңа¶Ҫ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණ а·Җа·’а¶ұа·’а·ғුරු මඩුа¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а·„а¶ёа·”а·Җа·ҡа¶ә.
вҖҳа¶ҡа·җа¶ а·Ҡ එа¶ҡ а¶…а¶Ҫа·Ҡа¶Ҫа¶ңа¶ӯа·Ҡа¶ӯа·ңа¶ӯа·Ҡ а¶ёа·җа¶ а·Ҡ එа¶ҡ а¶Ҝа·’а¶ұа·”а¶ёа·ҠвҖҷ - а¶…а¶ңа¶ёа·җа¶ӯа·’
0
දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්‍ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්‍ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්‍ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්‍රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්‍ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්‍ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්‍ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්‍රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්‍ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්‍ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා.  මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්‍ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්‍රලියන් දහයකට වැඩියි. ටි්‍රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්‍රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්‍රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්‍ෂයෙ කට්ටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයත් නොදැන ශ්‍රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්‍ෂයක් මට බාරදුන්නේ. පක්‍ෂය ගොඩගන්න මම පක්‍ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්‍ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්‍ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්‍රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්‍ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්‍ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්‍රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) 
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
1
(දෙවැනි කොටස)මොකද ඇත්ත වශයෙන්ම මම එතුමාට කියල තිබුණා මහින්ද නම් කරන්න අවුරුදු දෙකකට පෙර මම දේශපාලනයේ ඉන්නේ නැහැ කියල තීන්දු කරලනෙ තිබුණේ. මම හිතන්නේ ලංකා දේශපාලනයේ නායකයෙක් හැටියට අවුරුදු 60 දී ගෙදර ගිය එකම එක්කෙනා මම. මගේ පැහැදිලි තීන්දුවක් මත. මම කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මම මේකෙන් සත පහක් හොයල නැහැ. තිබුණු ඒවා නැති කරගත්ත මිසක්. අම්මල තාත්තල අපි ඔක්කොම. මට එකම එක සතුටයි තිබුණේ තෘප්තිය අපි මොකක් හරි වැඩක් කරනවා කියල රට වෙනුවෙන් සාර්ථකව. විශාල වැඩකොටසක් කෙරුවා. මහින්දයි එයාගෙ පුත්‍රයයි ගිහිල්ලා කිව්වට චන්ද්‍රිකා කිසි දෙයක් කෙරුවෙ නැහැ කියලා මහින්ද විවෘත කර කර ගියේ අවුරුදු 7 ක් 8 ක් මම කරපු දේවල්. මම ආරම්භ කරල බාගෙට ඉවර කරල ගිය දේවල් තමයි විවෘත කර කර ගියේ. ඔය අධිවේග මාර්ග දෙකම නෙළුම් පොකුණ ඒවා ඔක්කොම. කොහොමහරි ඒ තෘප්තිය මට තිබුණා. හැබැයි දෙවතාවක් කරල ගෙදර ගියාට පස්සේ ආයෙ කරන්ඩ අවශ්‍ය නැහැ කියල මම තීන්දු කරපු නිසා මේ දැන් කවුද මේකට ගන්නේ? ඉතින් බලනකොට මම මෛත්‍රීට කියල තිබුණා ගෙදර යන බව මම ස්ථිරව දන්නවා 2003/04 වෙනකොට කරුණාකරල හැදෙන්න. ඒ කියන්නේ නායකත්වයට සූදානම් වෙන්න කියල. මොකද එතුමා සාමාන්‍යයෙන් ලැජ්ජයි. තල්ලුකරගෙන නායකත්වයට එරෙහිව යන කෙනෙක් නෙමෙයි. පක්ෂෙට හරි ආදරෙයි. මම එතුමා තීන්දු කෙරුවේ ඇයි මම දන්නවා එතුමා හොරෙක් නෙමෙයි කියලා. මගේ කැබිනට් එකේ ඉඳගෙන හොරකම් නොකරපු ස්වල්ප දෙනාගෙන් එක්කෙනෙක්. මම හොරකම් කරන්න දුන්නේ නැහැ. හැබැයි හුඟක් අය උත්සාහ කළා. මිනීමරුවෙක් නෙමෙයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රගතිශීලියි. ජනතාවගේ පැත්තේ ඉන්න කෙනෙක්. අනික් එක මට ඕන කරල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තුළින් මගේ තාත්තා හදපු පොදු ජනතාවගේ පක්ෂය උච්ඡතම ස්ථානයට ගේන්න ජනතා පුත්‍රයෙක් ජනාධිපති කරලා. ඉතින් එතුමාට මම කිව්වා ඔයා තමයි මේ වැඩේට හොඳම, දැන් බිල්ඩ්අප් වෙන්න. හැබැයි එතුමා කිව්වා අනේ නෑ මැඩම් තව වාරයක් ඉන්න ඕන කියල ඔය වාගෙ කථාවල් කිව්වා. ඉතින් කොහොමහරි කවුරුත් හිතපු නැති තමයි මහින්ද රාජපක්ෂ හැදෙයි කියල හිතාගෙන දුන්නේ. ඒක වෙන කතන්දරයක්. ඉතින් එහෙම වුණා. ඊළඟට දැන් ආපහු හිතනකොට ආයෙ මගේ ඔළුව ආපහු කැරකිලා ආවා එතුමා ගැන. ඊට පස්සේ අවුරුදු තුන හතරක ඉඳන්ම එතුමා කරපු ප්‍රකාශ බැලුවා. දැන් මේ කාටවත්ම මට කථා කරන්නවත් දෙන්නෙ නැහැනේ. මම ඈත ඉඳගෙන මම ටෙලිවිෂන් එකත බලන එක නවත්තලා තිබුණේ. ඉඳලා හිටලා සිරස බලනවා, එම්ටීවී එක බලනවා. මං බීබීසී, සීඑන්එන් බලන්නේ මොකද හැමදාම බොරුනෙ අහගෙන ඉන්න ඕන. හැබැයි මං පුවත්පත් කියවනවා. මම කීප වතාවක්ම දැක්කා ලංකාදීපෙ එතුමාගෙ කථාවල් වාර්තා කරල තිබුණා. එතුමා හොරකතමට එරෙහිව, ඥාති සංග්‍රහයට එරෙහිව කථා කරල තිබුණා පැහැදිලිව. මගේ කිසිම නෑදෑ කෙනෙක්ට මං තැනක් දීල නැහැ, මං හොරකම් කරල නැහැ මට අයිති නැති දෙයක් සහ ජනවර්ග ප්‍රශ්නය ගැනත් එතුමා මම විශ්වාස කරනදේත් ඒ ස්ථාවරේ තමයි එතුමා හිටියේ. ඒ ස්ථාවරය නැවත ප්‍රකාශ කරල තිබුණා. පස්සේ මම හිතුවා මේ මනුස්සය තවම වෙනස් වෙලා නෑනේ. හොඳ ස්ථාවරයක ඉන්නවනේ මේ ප්‍රධාන ප්‍රශ්න ගැන. එහෙමනම් ආපහු දැන් මෙයා ගැන බලන්න ඕන කියල තමයි මම ඊට පස්සේ මම පණිවිඩ ඇරිය එතුමට. එතුමා කවදාවත් මට පණිවිඩ එව්වෙත් නැහැ. පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට එයාට පණිවිඩ එවන්න බැහැනේ එයාගේ සභාපතිවරයා පරද්දන්න එන්න කියලා. එතුමා ඒ අංශයෙන් බොහොම හොඳ විනයක් ඇති කෙනෙක්. මම පණිවිඩ අරින්න පටන්ගත්තා.ප්‍ර.හොඳයි මැතිනියනි මා කැමතියි තවත් ප්‍රශ්න කිහිපයක් මේ රටේ ජනතාව වෙනුවෙන් අහන්න. මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ දැන් පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කණ්ඩායම් ඇතුළු මේ රටේ ස්වාධීන ස්වේච්ඡා බලපෑම් කණ්ඩායම් පොදු එකඟතාවයකට ආවා මේ පාලන තන්ත්‍රය පෙරළා දමා නැවත යහපාලනය සමාජගත කරන්න අවශ්‍යයි කියලා.පි.ඇයි ටීඑන්ඒ එක? රවුෆ් හකීම්ලා?ප්‍ර.ඔව් හැබැයි මැතිනියනි මම තරමක මේ හිතුවක්කාර ප්‍රශ්නයක්ද දන්නේ නැහැ අහන්නේ? දැන් ඔබතුමිය විජය කුමාරතුංග මහත්මයා විවාහ කරගත්තායින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා කළා කියන මේ පක්ෂ කැඩීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබතුමිය කවදාවත් හානි කළේ නැද්ද?පි.කවදාවත් නැහැ. ඒක ගැන මම වචනයක් කියන්නද? ඕක හැමවෙලාවෙම කියන දෙයක් නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන වැටෙන්න ගිය තුන් වතාවකදිම මමයි පක්ෂය බේරාගත්තේ. මම, මම, මම කියල මහින්ද වාගේ කටවුට් අහසට උඩින් දාගෙන කථා කරන කෙනෙක් නෙමෙයි මං. මම කරපු දේවල්වත් කථා කරලා නැහැ. ඒක නිසා තමයි ඒවා එයා කෙරුව කියල එයාගෙ ගාණට ගන්න පුළුවන් වුණේ. පළවැනි වතාව ඔය මං කිව්වේ ඉස්සරවෙලා මෛත්‍රී, මහින්ද කට්ටිය එකතුවෙලා  මැතිනිය පක්ෂෙන් පන්නන්න හදපු වෙලාවෙ අපි පක්ෂය බේරාගත්තා. හැබැයි එතැනින් පක්ෂෙට වෙච්චි හානිය නිසා අවුරුදු 17 ක් අපි පැරදි පැරදි එළියෙ ඉන්න සිදුවුණා. දෙවැනි වතාව අවුරුදු 17 ක් පරාජය වෙමින් හිටපු පක්ෂය ඉල්ලපු හැම ඡන්දයක්ම පරාද වෙමින් හිටපු පක්ෂයට මම නායකත්වය දීලා මගෙ ජීවිතේ පරදුවට තියලා මම දේශපාලනයෙන් ඉවත්වෙලා එන්නෙත් නැහැ කියල හිටපු වෙලාවේ ලන්ඩන්වලට ඇවිල්ලා මාව ඇදගෙන ඇවිල්ලා විජයව මරපු වෙලාවෙ මං දරුවො දෙන්නත් අරගෙන ගියා ඒ වෙලාවේ ජේවීපි එක මාවත් මරන්න හිටියේ. එතැනින් බේරිලා ගිහිල්ලා මං ආයේ එන්නේ නැහැ දේශපාලනයට හිමින් සැරේ රටේ ඇවිල්ලා ජීවත් වෙනවා කියල හිටපු අවස්ථාවේ බලෙන් මාව ඇදගෙන ඇවිල්ලා දැම්මා. ඒ වෙලාවෙත් පක්ෂය බේරාගෙන ඉවරවෙලා පක්ෂය බලයට ගෙනාවේ මම අවුරුදු 17 කට පස්සේ. ඊළඟට දැන් තුන්වැනි වතාව.ප්‍ර.හොඳයි. මා තුන්වැනි වතාවට දැන් එන්නම්. ගරු මැතිනියනි දැන් ජයග්‍රහණයට කළායින් පස්සේ මේ දක්වා කාලයට පෙර මා කැමතිය මේ කුමන්ත්‍රණයක් සිදුවුණා ඒ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරන දවසේ සහ ප්‍රතිඵල බලාපොරොත්තුවෙලා රටේ වෙනසක් සිද්ධ වෙයිද නැද්ද අපි ඉංග්‍රීසි භාෂවෙන් කියනවා මේ ප්ලෑන් බී එකක් යම් කිසි හෙයකින් පරාජයට පත්වුණොත් ඊට පස්සේ මොකක්ද වෙන්නේ. දැන් මැතිවරණය පැවැත්වුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙච්චි රාත්‍රියේ සිදුවෙච්චි සිදුවීම් මාධ්‍ය වාර්තා කළා. මං කැමතියි එයත් සැකෙවින් කෙටියෙන් ඔබතුමියගෙන් දැනගන්න?පි.මම එතැන හිටියේ නැහැ ඒක නිසා මට සහතික කරල කියන්න බැහැ. හැබැයි සෑහෙන්න සාධක තියෙනවා ඒක ඇත්ත කියලා විශ්වාස කරන්න. ප්‍රථමයෙන්ම මම හිතුවා දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් හැටියට මම දිගටම කිව්වේ අපේ අයට හිතන්න නම් එපා රාජපක්ෂලා අතහැරලා යයි කියලා ලේසියෙන්. මොකද ඒගොල්ලෝ මේ රටක් පාලනය කෙරුවේ නැහැ. රටට හොඳක් කෙරුවේ නැහැ. තමා හැදෙන එක විතරනේ කෙරුවේ. ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය රටට හෙණ ගැහුවත් කමක් නෑ අපි හැදෙන්න ඕන කියන එකනේ කෙරුවේ. පුළුවන් තරම් රටේ මුදල් හොරකම් කෙරුවා. පුළුවන් තරම් එයාට විරුද්ධ වෙච්චි අය මැරුවා. අඩම්තේට්ටම් කෙරුවා, හානි කෙරුවා. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ බලයෙන් යන්න වෙයි කියල. ටෙම්පල් ත්‍රීස් එකටයි ජනාධිපති මන්දිරයටයි ගිහින් බලන්න ඕන හිටපු හැටි. ඒගොල්ලො හිතුවෙ මේක ජනතාව විසින් අපිට දුන්නු එකක් නෙමෙයි. මේ බලය ජනතා බාරයක් නෙමෙයි. මේක අහසින් කඩාගෙන වැටිච්චි අපට හිමිවිය යුතු දේවත්වයෙන් අපට ලැබිච්ච දෙයක් කියලනේ ඒගොල්ලන් කටයුතු කෙරුවේ. රටේ තියෙන හැමදෙයක්ම අපිට අයිතියි. අපිට අයිති කරගන්න පුළුවන් කාටවත් කථා කරන්න බැහැ. ඒක හොරකමක් නෙමෙයි ඒක අපිට අයිතියි. ඒවට විරුද්ධ වුණොත් ඒ හැමකෙනාටම ගහනවා. මාධ්‍ය ඇතුළු හැමකෙනාටම. සමහර විශේෂඥයෝ පොත් ලියල තියෙනවා when King's go mad  කියලා. ඉතින් ඒක තමයි මෙයාට වුණේ. කින්ග් කෙනෙක් කියල එයා හිතුවා. එයා කින්ග් කෙනෙකුත් නෙමෙයි. එයා ජනතාවගේ නියෝජිතයෙක්. ඊට පස්සේ ඔළුවට ගැහුවට පස්සේ බලය කියන එක හරි අමාරුයි. කොහොමහරි මම දැනගත්තා මෙයා බලය දාලා නම් යන්නේ නැහැ කියලා. මම ඒ ස්ථාවරයේ විග්‍රහයේ හිටියා. ඒක නිසා එයාලා ප්ලෑන් බී එකක් හදා ගත්තා පැරදුණොත් ඒගොල්ලො හිතුවෙ නැහැ පැරදෙයි කියලා. හැබැයි අන්තිම දවස් දෙක තුනේ මං හිතන්නේ ඒගොල්ලොන්ට ඉඟියාවල් තිබුණා කියල ඒගොල්ලො වටේ හිටපු අය කියන දේවල්වලින් අපිට දැන් තේරෙනවා. පරාජය වුණොත් දීලා යන්නේ නැතිව හමුදා පාලනයකට යන්න. ඒක නිසා තමයි එයා පොලිස්පතිතුමාටයි හමුදාපතිතුමාටයි එන්න කියලා අග්‍ර විනිශ්චයකාරයත් ළඟ තියාගෙන ඇටර්නි ජනරලුත් ළඟ තියාගෙන කියල තියෙන්නේ අපි හදිසි නීතිය ප්‍රකාශයට පත්කරලා මැතිවරණ කොමසාරිස් ඡන්ද ගණන් කරන එක නවත්වමු කියලා. එතන එතන හිටපු රජයේ නිලධාරි තුන්දෙනාම විරුද්ධ වෙලා තියෙනවා. සීජේ මොනවද කිව්වෙ කියල මං දන්නෙ නැහැ. එයා ඕනැ එකක් කරන්න ලෑස්ති කෙනෙක්නේ. අනික් තුන්දෙනා කියල තියෙනවා අපිට නම් ඒකට එකඟවෙන්න බැහැ කියන එක. ඉතින් ඊට පස්සෙ තමා ඒගොල්ලො අප්සට් ගහලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ටෙලිෆෝන් කරලා එන්න කිව්වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා උදේ පාන්දර 4 ටද 5ටද යනකොට එතැන සීජේ ඉඳල තියෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. සීජේ කෙනකුට ජනාධිපතිවරණයක් වෙලාවේ ජනාධිපති ළඟ ඉන්න බැහැ. සම්පූර්ණයෙන් වැරදියි. ඉතින් කෙහොමහරි කුමන්ත්‍රණයක් තිබුණ කියල ඔය දේවල් නිසා අපට හිතන්න පුළුවන්. තවත් සාධක තියෙනවා හමුදාවේ 2000 ක් කොළඹට ගෙනාවා කිසිම හේතුවක් නැතිව. ඡන්දය වෙලාවේ ආරක්ෂක කටයුතුවලට කියලා. ඊළඟට ප්‍රධාන විපක්ෂයේ අයගේ ගෙවල් ළඟ රයට් ස්කොඩ්ස් (කැරළි මර්දන කණ්ඩායම්) දාලා තිබුණා. මගේ ගෙදරත් මෙතැනින් පොඩ්ඩක් එහා රයට් ස්කොඩ් එකක් තිබුණා. ඔය වාගේ ඒ සියල්ල නිසා අපිට හිතාගන්න පුළුවන් අපිව අත් අඩංගුවට අරගෙන හෝ මොකක් හරි කරලා නිවාස අඩස්සියේ දාලා හෝ අත් අඩංගුවට අරන් හෝ මරා දාලා, මාව නම් පෙති ගහල බැදල කනවා පුළුවන්නම්. ඒ කරලා හමුදා පාලනයකට යන්න උත්සාහ දරපු බවට සාධක තියෙනවා.ප්‍ර.මේ මොහොතෙත් අපි කථා කරන මොහොතෙත් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙනවා. අපිට පුළුවන් වේවි මේ පරීක්ෂණ වාර්තාවන් එළියට ආවාම. හැබැයි දේශපාලන වශයෙන් වැදගත්වන කාරණා කිහිපයක් ගරු මැතිනියගෙන් මං විමසන්න කැමතියි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා රජ ගෙදරින් නික්ම යන්නේ මේ අරලිය ගහ මන්දිරයෙන් නික්ම යනවා සාමාන්‍ය පුරවැසියෙක් විදියට පරාජය බාර ගනිමින් පාන්දර. ඒ නික්ම යාම මෙරට සහ විදේශීය මාධ්‍ය වාර්තා කළාම අතිශය කම්පාවට පත්වනවා ඇතැම් පිරිසක්. මේ අපේ ජනාධිපතිතුමා නික්ම යන ආකාරය කොයි ආකාරයෙන්ද පරාජය බාරගන්නේ කියලා. එතුමා පවා පසුව මැදමුලනෙදි ඒගැන කථා කරලා තිබුණා. මං කැමතියි දැන් ගරු මැතිනියනි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කිසිම හොඳ වැඩක් කළේ නැද්ද? දැන් යුද්ධය අවසන් කිරීම හැමෝම ඒ ගෞරවය දෙනවනේ එතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායමට සහ අනෙකුත් ආරක්ෂක අංශවලට. දැන් මේ රටේ පසුගිය කාලය දිහා ආපසු හැරිල බැලුවාම ඒ පිළිබඳ ගරු මැතිනිය තෘප්තිමත් නැද්ද? සතුටුදායක තත්ත්වයක නෙමෙයිද ඉන්නේ? හොරකම රටේ තිබුණා කියන එක දැන් මහජනතාව පිළීගන්න නිසානේ ඡන්දෙ දීලා මෛත්‍රී ජනාධිපතිතුමාව පත් කළේ?පි.පළමුවෙන්ම නික්ම ගිය එක ගැන මං වචනයක් කියන්න ඕනේ. මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රටේ හිටපු සියලුම ජනාධිපතිවරු අගමැතිවරු ඒ විදියටනේ නික්ම ගියේ. මොකක්ද එයා කරපු විශේෂය? එයා හොරෙන් බලේ ඩැහැගෙන හමුදා පාලනයක් තියාගෙන ඉන්න හදලා ඊට පස්සේ ඒක හරිගියේ නැතිකොට ගියා. අනික් අය එහෙම මොකක්වත් උත්සාහ දරන්නේ නැතිව බොහොම වැදගත් විදියට නික්ම ගියා. මේ රටේ හිටපු සියලුම අගමැතිවරු සහ ජනාධිපතිවරු. එයා මොකක්ද කරපු විශේෂය. අර මැදමුලනට ගිහිල්ලා ඉවරවෙලා යකඩ කූරු ටිකක් පිටිපස්සේ හිටගෙන හිරේ හිටියා වාගෙ පෙන්නගෙන, ඔබතුමා දන්නවාද මහින්ද රාජපක්ෂ බලයට ආපු ගමන් චන්ද්‍රිකා කුමාරතුංගව පෙන්නන්න එපා එයාගෙ නමවත් කියන්න එපා කියල සියලු මාධ්‍යවලට කිව්වා කියල. ඔයගොල්ලො දන්නවා ඇතිනේ?පි.ඔව්. ඔව්පි.අපි එහෙම කෙරුවේ නැහැනේ. අපි ඒ තරම් වැදගත් විදයට දේශපාලනය කරන අය නිසා අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මම අපි මාධ්‍යයට කිව්වේ නැහැ කොහෙත්ම මෙයාව දාන්න එපා කියලා. තාමත් මාධ්‍යයේ පෙනි පෙනී ඉන්නවා. ඉතින් ඒක නිසා එයාට මාධ්‍ය පාවිච්චි කර කර අනුකම්පාවක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. මෝඩ මිනිස්සු ඒව විශ්වාස කළා. මොකක්ද එයා කරපු විශේෂය? අපි ඔක්කොමලා ගෙදර ගියේ එහෙමනේ. හොරකම් කරලත් නෙමෙයි ගෙදර ගියේ අපි ගෙදර තියෙන ඉඩම් විකුණ විකුණ මං ජීවත්වෙන්නෙ දැනුත්. එහෙනම් අපිට ඊට වැඩිය අනුකම්පාව එන්න ඕන. හැබැයි අපි ඒව කිය කිය කැත විදියට අනුකම්පාව ගන්න බලන්නෙ නැහැ. එක. දෙක ඔබතුමාගෙ ප්‍රශ්නෙ ඉතුරු කෑල්ල. ඒගොල්ලො මුකුත් කෙරුවෙ නැද්ද? යුද්දෙ දිනුව ඒක ඉතාමත් ප්‍රශංසනීයයි. හැබැයි ඒකත් එයා තනියම දිනුව කියල පෙන්නන එකට මං විරුද්ධයි. මම මේක හුඟක් මැතිවරණය වෙලාවෙත් ප්‍රකාශ කෙරුව. යාපනය දිනුවේ කවුද? මහින්ද රාජපක්ෂද? මගේ ආණ්ඩුවෙන්නේ. මම කියන්නේ නැහැ මම කියල. එයා වගේ මම, මම කියන ලෙඩේ මට නැහැ. මගේ ආණ්ඩුවෙන් යාපනේ දිනුවේ. යාපනේ දිනල ඉවරවෙලා අපි බලයට එනකොට 94 උතුරුකරයෙන් මුළු උතුරෙම දිස්ත්‍රික්ක 5 ක් තියෙනවා. උතුරුකරයෙන් 75% ක්  80% ක් විතර එල්ටීටීඊ අණසක යටතේ තිබුණේ. හමුදා කඳවුරු තිබුණා 6 ක් විතර තිබුණා වටේට මුහුද අද්දර. වව්නියාවේ මැද තිබුණා එච්චරයි. තනිකර යාපනේ හිටපු හමුදාවට ළිඳෙන් වතුර ගන්නත් ප්‍රභාකරන්ගේ අවසර අරගෙන එළියට ආවේ කෑම්ප් එකෙන්. කේකේ සහ පේදුරුතුඩුවේ කෑම්ප් එකෙන්. එතැනින් අපි සම්පූර්ණයෙන්ම යාපනය අර්ධද්වීපයම මුදවාගෙන ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා ප්‍රභාකරන් අල්ලාගෙන හිටපු භූමි ප්‍රමාණයෙන් 80%න් 75% ක් විතර අපි ගත්තා. ඊට පස්සේ ඒගොල්ලොන්ව අපි සීමා කරල පැන්නුවා මුලතිව් කිලිනොච්චි පුදුකුඩිඉරුප්පු ඒ හරියට. එතැන හිරවෙලා හිටියේ ඒ ටික අපිට ගන්න බැරි වුණේ. අපි තවමත් සටන් කරමින් හිටියේ. ඒක මහින්ද මුදවාගත්තා. බොහොම හොඳයි. ඊළඟට රටේ සංවර්ධනය ගැන ඒ වුණත් එල්ටීටීඊ එක සම්පූර්ණයෙන්ම චුත කරලා අපේ භූමියෙන් ඒක කරපු එක ඉතාමත් ප්‍රශංසනීයයි. මම එයාට ලියුමකුත් ලීවා එයාට ප්‍රශංසා කරලා. ඒකටවත් මට ස්තූති කළේ නැහැ. සංවර්ධනය ගැන. ඔය සංවර්ධනය ගැනනේ ගොඩාක් කථා කරන්නේ ඒගොල්ලෝ. පාරවල් හැදුවා හැම පාරකින්ම අයවිය යුතු ගාන වාගේ 4 ගුණයක් කොමිස් ගහගත්තා. ඒවා සඳහා විදේශයෙන් විශාල වශයෙන් ණය ගත්තා. අපේ බැංකුවලින් අදින්න පුළුවන් තරම් ඇදලා විදේශයෙන් ගත්තා. සාමාන්‍යයෙන් රටක් 1/2% යි 1% ට වැඩිය ණය ගන්නේ නැහැ. මගේ ආණ්ඩුවෙන් මම 1% ට වැඩිය කවදාවත් ගන්න දුන්නේ නැහැ ණය ගන්න කොට. 9% ට ගත්තේ. චීනෙනුයි අනිත් රටවල්වලිනුයි. ඒවැනුත් කොමිස් ගහගත්තා ගන්න ණය වලිනුත්. එතකොට එහෙම හදන පාරවල්වලින් මොකක්ද තියෙන වාසිය රටට. එක. අනෙක් සංවර්ධන කටයුතු පාරවල් විතරක් නෙමෙයිනේ සංවර්ධන කටයුතු කියන්නේ. අධ්‍යාපනය රටකට අත්‍යාවශය දෙයක්. අධ්‍යාපනය විනාශ කෙරුවා. මම බලයට එනකොට අපේ රටේ ඉතාමත් හොඳ ලෝක ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රමයක් තිබුණා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ප්‍රතිසංස්කරණවල ඉඳන් එහාට. හැම ආණ්ඩුවෙන්ම අධ්‍යාපනය දියුණු කළා. හැබැයි අපි බලයට එනකොට 1994 දී අධ්‍යාපනය ටිකක් වැටිල තිබුණේ. විවිධ හේතුවලට ආණ්ඩු යුද්ධය නිසා අනෙක් දේවල්වලට ප්‍රමුඛත්වය දෙන්න ඇති. කොහොමහරි මම විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් කරල විශේෂ ගුණාත්මක වර්ධනයක් කෙරුවා අධ්‍යාපනයේ. ඒවා සම්පූර්ණයෙන් ඉවරයි අද. සෞඛ්‍ය, සෞඛ්‍ය ක්‍රමය විනාශ වෙමින් පවතිනවා. අධ්‍යාපනය තරම් විනාශ කරල නැහැ. ඒවා ගැන කිසිම පැකිළීමක් තිබුණේ නැහැ ආණ්ඩුවේ ලොක්කන්ගේ. එතකොට සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් කියන්නේ මම හැමදාම කිව්වේ විවෘත ආර්ථිකය අපට වෙනස් කරන්න බැහැ. විවෘත ආර්ථිකය දැන් මුළු ලෝකෙම පිළි අරන් තියෙන්නේ. අපට වෙනස් කරන්න බැහැ. රුසියාව පවා සමාජවාදයේ උල්පත රුසියාව පවා පිළිගත්තා. ඒකියන්නේ විවෘත ආර්ථිකේ ලොකු ලොක්කන්ගේ කිට්ටු අතලොස්සකට පමණක් වාසි දෙන්නේ නැතිව මුළු මහත් ජනතාවට ප්‍රතිලාබ ගලා යන විදියට ක්‍රමයක් හදන්න ඕන. ඒක කෙරුවා සෑහෙන දුරට. උදාහරණයක් වශයෙන් මම හැම එකම කියන්නේ නැහැ. රැකියාවල් නැති ව්‍යාපාරවල් කරන්න කැමති විශේෂයෙන්ම තරුණ පරපුරට බැංකුවලින් බිස්නස්වලට 25%ට බැංකු පොළියට ණය මුදල් දෙන වෙලාවේ මම නියෝග කෙරුවා මුදල් ඇමැති සහ ජනාධිපති විදියට රජයේ බැංකුවලට ලංකා බැංකුවටත් මහජන බැංකුවටත් 5% ට දෙන්න කියලා. 5% පොළියට අපි මුදල් දීලා හරියට ලක්ෂ 5ක් සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ වුණා. අද ඒවත් කඩාගෙන වැටිලා. ඒවටත් වාසි නෑ. එතකොට සමෘද්ධි. මම ආරම්භ කරපු ව්‍යාපාරයක්. මම අතින් ලියල පේපර් එකක් ගෙනාපු දෙයක්. සමෘද්ධි ව්‍යාපාරය අද සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා. මම ඒ ගැන විස්තර කරන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් ගමේ ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතුවලට ග්‍රාමීය තරුණ තරුණියන් නායකත්වය දෙන වැඩපිළිවෙළක්. නායකත්වය දීල ඒගොල්ලෝ ඇදල ගන්න. එතකොට කෙරුවේ මොනවද? ලොකු ව්‍යාපෘති වැඩි හරියක් මගේ ආණ්ඩුවෙන් ආරම්භ කරල භාගයක් විතර ඉවර කරපු ඒවා ඒගොල්ලෝ ඉවර කරල මම අත්සන් කරපු කොන්ත්‍රාත් කැන්සල් කරල මම අත්සන් කරපු ගාණ වාගේ දෙගුණයකට තුන් ගුණයකට වැඩියෙන් අත්සන් කරල ඒවා හැදුවා.ප්‍ර.ගරු මැතිනියනි මේ ජයග්‍රහණයේ ප්‍රබල කොටස්කරුවන් එක්සත් ජාතික පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් උදවිය කියනවා. ගම් මට්ටමින් බිම් මට්ටමන් දුවල ඇවිදල මහන්සිවෙලා ප්‍රබල බැට කෑවේ ඔවුන් කියලා. තවත් පිරිසක් ඉන්නවා ඔවුන් පීඩනය හෝ අභියෝගය ගත්තේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන නව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආපු කණ්ඩායමට එකතු වුණේ ජාතික හෙළ උරුමය, ස්වාමින්වහන්සේලා, මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ ඇතුළු කණ්ඩායම් කියල. ඔබතුමිය කොහොමද මේ කාරණාව විග්‍රහ කරන්නේ. විශේෂයෙන්ම මේ ජයග්‍රහණයට පියවරු බොහොයි. පරාජය නම් අවජාතක දරුවෙක්. හැබැයි දැන් අපි හැමෝම එකතු වුණා කියනවා. කොහොමද එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව ඉතාම වැදගත් මේ රටට?පි.ඔව් ප්‍රශ්නෙ අහපු එක හොඳයි. මමත් දකිනවා මාධ්‍යවල එක එක මාදිලියේ කට්ටිය මම තමයි මේක ඔක්කොම කෙරුවේ කියල කියනවා. මම දන්නවා කවුද කෙරුවේ කියලා. මුලින්ම පටන් ගත්තේ මම. අර මම කිව්ව හේතුවට. මොකද මට එන්න කියනකොට එන්න කියනකොට බැහැ කියල ඉන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා අන්තිමට මොකක් හරි කරන්න ඕන කියල මම වැඩේට අත ගැහුවා. ඒ අතරතුරේ එක්සත් ජාතික පක්ෂයත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. අපි යාළුවෝ අපි මේක මොකක් හරි වෙනසක් ඇති කරන්න ඕන කියලා පොදුවේ අපි කථා කරමින් හිටියා. අවුරුදු ගාණක්. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සෑහෙන ප්‍රමාණයක් බොහොම කලකිරීමෙන් ඉන්න බව අපි සියලු දෙනාම දන්නවා.ප්‍ර. හැබැයි ආවේ නැහැ?පි.ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකවරු දන්නවා. මමත් දන්නවා. අපිට ආරංචි එනවා. ඉතින් ඒ සැරේ රනිල්වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂේ නායකයෝ කිහිපදෙනෙක් මාව දිගින් දිගටම මුණගැසෙමින් මට කිව්වා ඔබතුමියට විතරයි මේ කට්ටිය එළියට ගන්න පුළුවන් ගන්නවනම් මේකට අත ගහන්න බැරිද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වාගේ මම උත්තරයක් දෙන්නේ නැතිව ඉඳලා ඉඳලා ඒ අයත් මට පණිවිඩ එවනවා යූඇන්පී එකෙනුත් කියනවා. අන්තිමට කොහොම හරි අත ගැහුවා. එතකොට එහෙමයි මේක පටන් ගත්තේ ඔය කියන එක පක්ෂයවත් හිටියේ නැහැ. මේකෙ හිටියේ යූඑන්පී එකේ නායකත්වයයි මමයි මාත් එක්ක වැඩකරපු පුද්ගලයෝ කිහිප දෙනකුයි. යම් යම් වාමාංශික පක්ෂවලට සම්බන්ධ. අපි එහෙම බල බල ඉන්නවා තාම හුඟක් ක්‍රියාකාරී වෙලා නැහැ. දැන් මේ අවුරුදු 3 කට ඉස්සරවෙලා කතන්දරේ මම කියන්නේ. දැන් අවුරුදු 2කට විතර පෙර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ විවෘතව කථා කෙරුවා පළවැනි වතාවට , උන්වහන්සේ කථා කෙරුවේ මේ අනික් අය කියන ඒවා බොරු, හරියට පත්තර බැලුවොත් ස්ටඩි එකක් කෙරුවොත් පේනවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකවේදීන් ප්‍රමාණයක් වට කරගෙන එකතු කරගෙන උන්වහන්සේ එළියට බැහැලා කථා කෙරුවා. හුඟ දෙනෙක් බයෙන් කථා කරන්න බයෙන් තමාගේ හිත්වල හදවත්වල හංගගෙන තිබුණ දේ උන්වහන්සේ ප්‍රකාශත් කෙරුවා. එතැනින් අර බයෙන් මිරිකි මිරිකි හිටපු සමහරු එළියට ආවා. සමහරු. එතැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මට හොරෙන් හොරෙන් හිමින් සැරේ පණිවිඩ එවපු අය ඊට වැඩිය ටිකක් ප්‍රබල ලෙස පණිවිඩ එවන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයත් පටන් ගත්තා මැඩම් ඉක්මන් කරමු මේක පරක්කු වැඩියි. අපි කථා කර කර ඉන්නවා. ඒගොල්ලොත් ක්‍රියාශීලි වුණා. එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. එතකොට එහෙම තමයි මේක සිද්ධවුණේ. වෙන කවුරුත් මේකෙ හිටියේ නැහැ. ඊළඟට ඇත්ත වශයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රයිට් මම එළියට එන්නම් කියලා කිව්වේ එළියට එන්න සුමාන තුනකට ඉස්සරවෙලා. එතුමා මම කියනකොට මුලදි බැහැ කිව්වා. මං කොහොමද එහෙම කරන්නේ මං පක්ෂෙ ප්‍රධාන ලේකම් අරක මේක. ඊට පස්සේ මම විතරක් නෙමෙයි එතුමා වටේ හිටපු හුඟ දෙනෙක් පක්ෂේ ඇතුළේ මං කිව්වේ මැති ඇමැතිවරු මන්ත්‍රීවරු ඒ අය වටේ ඉන්න පාක්ෂිකයෝ , ප්‍රබල පාක්ෂිකයෝ කියන්න පටන් ගත්තා හැමෝටම. ඉතින් එතුමාටත් එළියට එන්න කිව්වා මිසක් එතුමාට නායකත්වය දෙයි කියල කවුරුත් දන්නේ නැහැ. මං විතරයි ඒක දන්නෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නම මං කිව්වේ නොවැම්බර්  6 වැනිදා. තනියම මං මේ වැඩේ කෙරුවේ. මහින්ද රාජපක්ෂට මේක ලොකූ ප්‍රෙහ්ලිකාවක් කොහොමද මේක මෙච්චර රහසක් වුණේ කොහොමද මේක කෙරුවේ අරකයි මේකයි කියලා. කෙරුවේ තනිකර මම රහසක් හැටියට තියාගෙන හිටපු නිසා. වෙන කාටවත් කීවේ නැහැ. මම පණිවිඩ අරිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කීප දෙනෙක් මං පාවිච්චි කළා x ට යවන පණිවිඩකාරයා කවුද කියලා y ට යවන පණිවිඩකාරයා දන්නේ නැහැ. එකිනෙකා දන්නේ නැහැ. ඒ විදියටයි මම පණිවිඩ ඇරියේ.ප්‍ර.ඔබතුමිය මහ මොළකරු?පි.පොඩ්ඩක් මොළේ ඇති...ඉතින් එහෙම කරලා මේක බොහොම රහසක් හැටියට තියාගෙන ඉඳලා මාස තුන හතරකට ඉස්සරවෙලා මෛත්‍රිපාල මැතිතුමාගෙන් මම ඇහුවා ඔබතුමා මේකෙ නායකත්වය ගන්නවද? මම විශ්වාස කරන්න නායකත්වය මට එපා. මම ඔබතුමා එළියට ඇදල අරගෙන මම ඕනෙ කියන එහෙම කැත වැඩක් නම් මම කරන් නැහැ. එතකොට කිව්වා මට යූඇන්පී එකෙන් දෙයිද? එතුමා ඒත් බැහැ කිය කිය හිටියේ. ඊට පස්සේ මං කිව්වා මට කියල තියෙනවා මාව විශ්වාස කරන්න මට ඒ තත්ත්වයට ගේන්න පුළුවන්. එහෙම ඔහොම ඔහොම කථා කරල අන්තිමට සති තුනකට ඉස්සරවෙලා එතුමා කිව්වා රයිට් හා කියලා. ඊට පස්සෙ තමයි අපි දෙන්නා මුහුණට මුහුණ මුණ ගැහුණේ. දෙවතාවයි මුණ ගැහුණේ එතුමා එළියට බහින්න ඉස්සරවෙලා.ප්‍ර.ඒ සිංගප්පූරුවෙදිද මුණ ගැහුණේ?පි.නෑ, කොළඹදි. ඒකත් බොහොම රහසිගතව.ප්‍ර.ඒ කාලෙ බොහෝ දෙනා කථා කළා සිංගප්පූරුව ගැන? පි.කවුරුත් දන්නේ නැහැ අපි කරපු විදිහ. මගේ හිතවතකුගේ ගෙදර මුණ ගැහුණේ. සිකියුරිටි එකෙනුත් පණිවිඩ ගන්නවා. සිකියුරිටි එකේ සමහරු ඉන්නවා කේළම් කියන අය. සිකියුරිටි එකවත් දන්නෙ නැති විදිහට මම ඒ වැඩේ සෙට් කරලා අපි මුණ ගැහුණා. පොදු විපක්ෂයක් හදන එකත් මගෙ අදහසක්. එක්සත් ජාතික පක්ෂයත් මුලදි කැමති වුණේ නැහැ. ඊට පස්සේ මං කිව්වා එහෙම නැතිව මේක දිනන්න බැහැ. දෙවියන්වහන්සේ ආවත්. ඊළඟට එක්සත් ජාති පක්ෂය හරියට සංවිධානය වෙන්න කිව්වා. මොකද මං දන්නවා මේකෙ ප්‍රධාන කොටස්කරුවෙක් වෙනවා එක්සත් ජාතික පක්ෂය. එතකොට අනෙක් පක්ෂ පොඩි පක්ෂ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතකොට මං දන්නවා මුලදි අපිට එන්නෙ නැති බව එහෙම පිටින්ම. එකේ සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහයක් හැටියට තියෙන්නේ. ඔය දෙක මම පැහැදිලිව හිතලා කියලා ඒගොල්ලොන්ව තල්ලු කළේ. සමහර දේශපාලකයෝ නෙමෙයි සමහර මගේ විශ්‍රාම ගිය නිලධාරීන් කිහිපදෙනෙක් එකතු කරගෙන ටිකක් කෙරුවා. හැබැයි ඔක්කොම මගේ ඔළුවෙන් කළේ. ඔය මම කෙරුව කෙරුව කියන සමහර අද දැන් ඉන්න ඇමැතිවරු එහෙම මේකට සම්බන්ධ වුණේ අන්තිම සුමාන දෙකේ. හැබැයි ඒ අය කලකිරීමෙන් ඉඳල ප්‍රකාශ කරන්න ඇති. විවේචනය කරන්න ඇති. මේ කටයුත්තට කිසිසේත්ම සම්බන්ධ වුණේ නැහැ. ඒක වැඩිය කථා කරල වැඩක් නැහැ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දන්නවා. මම දන්නවා කවුද කෙරුවේ කියල. රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා.ප්‍ර.හැබැයි මැතිනියනි අපි හොඳ තැනකට ආවා අපේ සාකච්ඡාවේ. දැන් රටේ මාතෘකාවක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු එවකට මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රමුඛයන් බවට පත්වුණු උදවිය කියනවා මේක අපේ රජයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය ලබාදුන්න නම් අපේ මහ ලේකම්තුමා නම් දැන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් තියෙන්නේ ඒ නිසා අපට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒවුනාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඔවුන්ට හිතවාදී කණ්ඩායම් සහ ඔවුන්ගේ නායකයින් කියනවා එක්සත් ජාතික පක්ෂය තමයි ගම් මට්ටමින් බිම් මට්ටමින් පක්ෂ සංවිධානය කරලා අවදානම බාර අරන් එළියට බැස්සේ කියලා. දැන් තව තැනකදී කියනවා මේක හවුල් ආණ්ඩුවක් කියලා. අපට කරුණාකරල පැහැදිලි කරල දෙන්න මේක යූඇන්පී ආණ්ඩුවක්ද? මේක එස්එල්එෆ්පී ආණ්ඩුවක්ද? මේක මිශ්‍ර ආණ්ඩුවක්ද?  පි.මේක යුඇන්පී ආණ්ඩුවකුත් නෙමෙයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවකුත් නෙමෙයි. මේක පොදු ආණ්ඩුවක් අපි හැමෝගෙම ආණ්ඩුවක් අර මං කිව්වා වාගේ මේක ගොඩනගන්න අපි හැමෝම සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රමාණයෙන් අඩු ප්‍රමාණයක් සම්බන්ධ වුණා. හැබැයි ගුණාත්මක වශයෙන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුණාත්මක වශයෙන් අපි දෙගොල්ලොම එක හා සමානව සම්බන්ධ වුණා සමහර විට වැඩියෙනුත් වෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගණන් හිලව් ඇතිව මැති ඇමැතිවරු නායකයෝ අඩුවෙන් සම්බන්ධ වුණේ මොකද ඒ ගොල්ලෝ ආණ්ඩුවක හිටපු නිසා. ඒ ගොල්ලො එළියට එන්න බයක් තියෙන්න ඇති නොයෙක් හේතු තියෙන්න ඇති. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය එහෙම පිටින්ම එක්සත් ජාතික පක්ෂයට නැති වෙන්න කිසි දෙයක් තිබුණේ නැහැ. සියලු දේ ඇතිකරගන්න තිබුණේ. ඉතින් මුළු පක්ෂෙම එකාමෙන් බොහොම ශක්තිමත් ලෙස දුර්වල වෙලා තිබුණ පක්ෂෙ ශක්තිමත් කරගෙන මේ මැතිවරණයට ඉදිරිපත් වුණා. හරි. අපි ඒකට බොහොම ප්‍රශංසා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආණ්ඩුවෙ හිටියෙ ඒගොල්ලො සියල්ල නැති කරගෙන එන්න ලෑස්ති නෑ මේක මොකක්ද වෙන්නෙ කියල දැනගන්නෙ නැතිව අපි විතරයි දන්නෙ මොකක්ද වෙන්නෙ කියලා. අන්තිම මොහොතෙ ඒගොල්ලන්ට තේරුම් කරල කියන්නවත් වෙලා තිබුණෙ නැහැ. අපිට මුළු කැම්පේන් එකටම තිබුණේ හරියාකාරව සති 5යි. එහෙම වුණාට මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විශාල දායකත්වයක් ගෙනාවා. පක්ෂයේ අපි කිහිප දෙනා වෙනුවෙන් ඊළඟට පාක්ෂිකයින් එකතු කරලා පක්ෂයේ ඡන්ද ගන්න මම විශාල වශයෙන් දායක වුණා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රැස්වීම් කර කර හැම ආසනයකටම රැස්වීම් 150 ක් විතර කරන්න වුණා. මම ඒ ස්වල්පයකට විතරයි ගියේ. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එකතු කරලා ඒ අය ගමට දාලා ඔයගොල්ලො ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපේ මේ සටන මොකක්ද මේ සටනේ අදහස මොකක්ද අපේ පක්ෂෙත් බේරගෙන රටත් බේරාගැනීමේ සටනක් මේක කියන පණිවිඩය අපි ඇරියා. ඉතින් ඒක නිසා අපිත් විශාල වශයෙන් දායක වුණා. හුඟක් තැන්වල එක්සත් ජාතික පාක්ෂිකයින් මාත් එක්ක වැඩ කෙරුවේ ඒගොල්ලන්ගේ සංවිධායකයින් දුර්වල වෙච්ච වෙලාවෙ. මේක අපි එක් පක්ෂයක් හැටියට කරපු දෙයක්. ඇත්ත තමයි අපේ හුඟක් පාක්ෂිකයෝ අහනවා දැන් මේක යූඇන්පී ආණ්ඩුවක්ද ශ්‍රී ලංකා ආණ්ඩුවක්ද කියල මොකද වැඩඩි හරියක් ඇමැතිවරු ඉන්නෙ යූඇන්පී එකෙන්. කැබිනට් ඇමැතිවරු අනෙක් ඇමැතිවරු ඔක්කොම. ඒකට හේතුවුණේ එකම එක දෙයයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් මුල් අවදියේ ආවෙ නැහැ. ඉතින් අපිට කැබිනට් මණ්ඩලය පිහිටවන්න පුළුවන් වුණේ ඉන්න අයගෙන්. අපි ඇත්ත වශයෙන්ම ප්‍රධාන කැබිනට් අමාත්‍යංශ 10 ක් නියෝජ්‍ය අමාත්‍යංශ ඒවට හරියන්න 10කුයි තව රාජ්‍ය අමාත්‍යංශ ගණනාවක් ඉතුරු කරගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ආවොත් ඒවා ලබාදෙන්න. ඒගොල්ලො ආවා පළවැනි දවස් කිහිපය ඇතුළත ආවා. නමුත් ඒ අයගෙග් අදහසක් තිබුණා අපි ආණ්ඩුවට එකතුවෙලා තනතුරු අරගත්තොත් ඒක කැතයි. අපි ආවෙ මුලදි එන්නෙ නැතුව දැන් එන්නෙ දිනුවට පස්සෙ තනතුරු ගන්න විතරයි කියලා ජනතාව කියයි. අපිත් වෙනම පක්ෂයක් විදියට අපේ අනන්‍යතාවය තියාගෙන ඉන්න ඕන ඒකත් ඇත්ත. ඉතින් ඒ නිසයි ඒගොල්ලො ආවෙ නැත්තෙ. නමුත් අපිට සහයෝගය දෙනවා. මෙතැන මං කියන්න ඕන පක්ෂයක් හැටියට රට විනාශ කෙරුව වගේම රාජපක්ෂල අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් විනාශ කෙරුවා. මේක ඉතා උතුම් පක්ෂයක්, ජනතාවගේ පක්ෂයක්. මේ රටේ තියන සියලු පක්ෂ එක්ක බලපුවාම නියම ජනතා පක්ෂයක් විදියට මම සඳහන් කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු පක්ෂයක්. එතකොට අපි මිනී මැරුවෙ නැහැ කවදාවත් බලයෙ ඉන්න වෙලාවක. පහුගිය රජය නම් කරල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අනික් ඒවා ගැන මම කියන්නේ. ඉතින් මේ පක්ෂය ඇත්ත වශයෙන්ම උතුම් ප්‍රතිපත්තියක් මත පදනම්වෙලා ඇතිවුණු පක්ෂයක් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පදනම මත පැහැදිලි ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් මත ජනතාවගේ පක්ෂයක් හැටියට ඉදිරිපත් වුණේ. මේකෙ හිටපු නායකයෝ තැපැල් පියුම් කෙනෙක්, කවි කොළ විකුණන කෙනෙක් 56 රජ කෙරුවා මගේ පියතුමාගේ ආණ්ඩුවෙන් ඒ වාගේ අයට මේ පක්ෂෙ තැන හම්බුණේ. මෛත්‍රිපාල සිරිසේන අපි රජ කෙරෙව්වා ගොවි පුතෙක්. මේ පක්ෂෙ එවැනි පක්ෂයක්. නමුත් රාජපක්ෂගේ යුගයේ මේ පක්ෂය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා. දර්ශනය විසි කරලා දැම්මා. බණ්ඩාරනායක දර්ශනය කියල ඒකට කියන්නෙ. නම කෙසේ වෙතත් විසි කරලා දැම්මා. බණ්ඩාරනායකල මං විනාශ කරනවා කියන ප්‍රකාශෙ කෙරුවා පක්ෂෙ හැමෝටම කරල විසි කරල දාලා මේක ප්‍රතිපත්තියක් ආණ්ඩුවට දර්ශනයක් තිබුණෙත් නැහැ රාජපක්ෂගෙ රාජපක්ෂ ගෙනිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් තිබුණෙත් නැහැ. එක දර්ශනයක් තිබුණා රටටත් පක්ෂයටත්, ජනතාවටත් හෙණ ගැහුවත් කමක් නැහැ අපි රටේ පක්ෂෙ තියෙන සියල්ල සූරා කාගෙන මුදල් සහ තනතුරු අපි හැදෙන එක තමයි අපේ ප්‍රතිපත්තිය කියල ඒ ආකාරයටයි කටයුතු කළේ මේ සියල්ල සිදුවුණේ ඒ නිසා. ඉතින් එතකොට මේ පක්ෂයේ අර හිටපු ජනතා පුත්‍රයෝ ශ්‍රේෂ්ඨ නා
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
0
(සුජිත් හේවාජුලිගේ තිස්සමහාරාමයේ සිට...)(ඡායාරූප - ගයාන් අමරසේකර)හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බවත් හොරුන්ට දඬුවම් කිරීමේදී පක්ෂ පාට තමාට ප්‍රශ්නයක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිස්සමහාරාමයේදී පැවැසීය.වැරැදි කළ අයට රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කරන්නේ යැයි කී ජනාධිපතිවරයා මිහින් ලංකා ගැන කොමිසම පත් කළ පසුව තවත් සුද්ධෝදනලා එළිවේවි යැයිද ප්‍රකාශ කළේය.“අපේ මේ අපේක්ෂකයන් වැඬේ හරියට කළොත් ඉදිරියට යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්” යැයිද ඔහු කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා තිස්සමහාරාමය දෙබරවැව ඇන්.ටී. දයානන්ද ක්‍රීඩාංගණයේදී පසුගිය 12 වැනි සිකුරාදා පැවැති ජන හමුවේදීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් රැස්වීම සංවිධානය කෙරිණ.දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාව පළ කර ගෞරව දැක්වීමෙන් පසුව උත්සව සභාවේ කටයුතු ඇරැඹිණි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.තිස්සමහාරාම මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා. රුහුණ මාගම්පුර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ප්‍රදේශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බැඳුණු වාම ප්‍රගතිශීලී පිරිසක් මේ ප්‍රදේශවල සිටිනවා. ඩී.ඒ. රාජපක්ෂ යුගයේ සිට දිස්ත්‍රික්කයට ශ්‍රීලනිප නායකත්වයක් දුන්නා. අප පක්ෂය සමග එවැනි ගෞරවනීය සම්බන්ධයක් තියෙන පළාතක්. සන්ධාන මහ ලේකම් තනතුර අපි හම්බන්තොටට දුන්නේ ඒ ගෞරවය නිසයි.අද පක්ෂය සරලයි. උස්කම්, මිටිකම් පක්ෂය තුළ නැහැ. අද තියෙන්නේ ගමේ ඡන්දය. ගමට වැඩ කරන නියෝජිතයකු තෝරා ගන්නා මැතිවරණය. ඒ පත්වන නියෝජිතයා පිරිසුදු අවංක කෙනෙකු වෙන්න ඕන.ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා නාගරික මන්ත්‍රීවරයකු සිට අගමැති ධූරයට ආවා. ආර්. ප්‍රේමදාස මහත්තයත් එහෙමයි. මේ අපේක්ෂකයන්ටත් එහෙම ගමනක් යන්න පුළුවන්. මුලින් වැඬේ හරියට කළොත් ඒ ගමන යන්න පුළුවන්. වැඬේ වරද්ද ගත්තොත් ගෙදර යන්න පුළුවන්. වැරැදි කරන අයට මගෙන් කිසිම සමාවක් නැහැ. පක්ෂයේ විනය තියෙන්න ඕන. රටේ නීතිය ඕනෑම කෙනකුට එක විදිහට ක්‍රියාත්මක කරනවා.මම ආවේ සදාකාලිකව වැජඹෙන්න නොවෙයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ කතාවක් යනවා. මගේ ධූර කාලය ගැන රට තුළ සංවාදයක් තියෙනවා. මා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇහුවේ ඒ නිසයි. වෙනත් නායකයෝත් ඔහොම ඇහුවා. විපක්ෂයේ අය වගේම ආණ්ඩුවේ සමහරුන් අද මේකට කලබල වෙලා. විනිසුරුවන් දෙන ඕන තීරණයක් මා බාර ගන්නවා. මම ආවේ සදාකල් වැජඹෙන්න නොවෙයි. තනතුරු මට ප්‍රශ්නයක් නොවෙයි. තනතුරු තිබුණත් නැතත් මම වැඩ කරනවා.අපේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක් තියෙනවා. රටේ පසුගිය කාලයේ බරපතළ දූෂණ වුණා. දේශපාලනඥයන් ඒවා කරන කොට රාජ්‍ය නිලධාරිනුත් ඔවුන් අනුගමනය කළා.මම ජනාධිපති වී බරපතළ දූෂණ ගැනත්, බැඳුම්කරය ගැනත් කොමිෂන් සභා දෙකක් පත් කළා. මේ වාර්තා දෙකම මට එකම සතියේ ලැබුණා. මට පක්ෂ භේදයක් නැහැ. දඬුවම් කළ යුතු අයට දඬුවම් දෙනවා.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල ගමේ කියමනක් තියෙනවා. මිහින් ලංකා ගැන ලබන සතියේ කොමිසමක් පත්කරනවා. ඒකෙන් සුද්දෝධනලා එළිවේවි. මා පක්ෂය වගේම ආණ්ඩුවත් ශුද්ධ කරනවා.ආණ්ඩුව ඇතුළේ කොළොන්නාවේ කුණු කන්දට වඩා ලොකු කුණු කඳු තියෙනවා. මා ඒ කුණු කන්දත් අදින්න සූදානම්.සමහරු මම රට විකුණනවා කියලා චෝදනා කරනවා. එදා අපි සමග සම්බන්ධතා පැවැත්වුයේ රටවල් කිහිපයක් පමණයි. අපිට විදේශ රටවලින් එල්ල වූ තර්ජන ඉවත් කරගන්න මා කටයුතු කළා. ලෝකයේ රටවල් මා ගැන විශ්වාසය තැබුවා. රුසියාව අපේ තේ නැවැත්වූවා. මම පුටින්ට ලිපියක් යැව්වා. එතුමා ඒ තහනම ඉවත් කර ගත්තා. පොහොර ප්‍රශ්නයක් ඇතිවුණා. මා පාකිස්ථාන අගමැතිතුමාට කතා කළා. ඉල්ලුවේ මෙටි්‍රක් ටොන් 40,000යි. 75,000ක්ම එව්වා. රටේ ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යනවා.පොහොර හිඟ ඇතිවුණේ අපේ ආණ්ඩුව කාලයේ පමණක් නොවෙයි. පසුගිය ආණ්ඩුවලදීත් ඒ වගේ දේවල් වුණා. හොඳ පිරිසක් හදන්න බුලත් කොළයට ඡන්දය දෙන්න. ඔබ පත් කරන නියෝජිතයා මගේ නියෝජිතයායි.ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා: මම දිස්ත්‍රික්කයේ හැම තැනකම ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන දිනා ගන්නවා. අපට විරුද්ධ අයත් අද එකතු වී සිටිනවා. අද ජනාධිපතිතුමා රටේ වෙනසක් කරනවා. හොරු අල්ලන වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ආරම්භ කළා.හම්බන්තොට වරායේ සේවක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නය බාරගන්න සූදානම්. ඒක ගිය ආණ්ඩුව හදපු එකයි. හම්බන්තොටට සංවර්ධනය අපි ජනාධිපතිතුමා සමග එකතු වී ගේනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනේ වැදගත් අවස්ථාවක් අද දෙබරවැවෙන් අරඹනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එදා ප්‍රභු පන්තිය ක්‍රියා කළා. සඟ, වෙද, ගුරු... පංච මහා බලවේගය ගොඩනැගුණේ ඒ අනුවයි.දොස්තරවරු, ඉංජිනේරුවරු ගමෙන් බිහිවුණේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නිසයි. බණ්ඩාරනායක මහත්තයා මැරුවේ එතුමා මරන්න නොවෙයි. පක්ෂය මරන්නයි. එතුමා මැරුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරලත් පක්ෂය විනාශ කරන්න හැදුවා. එහෙත් කරන්න බැරිවුණා. ඊට පසුව චන්ද්‍රිකා මරන්න හැදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න බැරිවුණා.තනි යූඑන්පී ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වේදිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ඉන්නේ හිරගෙදර. සම්මුතිවාදි ආණ්ඩුව හැදුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසයි. මේ නිසා නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. පාක්ෂිකයාත් ආරක්ෂා වුණා. මහ බැංකු හොරකම එළියට ආවේ සම්මුතිවාදී ආණ්ඩුව තිබුණු නිසයි. බැඳුම්කර වංචාව ගැන මුළින්ම අල්ලස් කොමිසමට ගියේ මහින්ද අමරවීර. බැඳුම්කරේ ගැන කොමිෂන් සභාව පත් කළේ අපි නිසයි. හොරා එළිවුණේ මේ කොමිෂන් සභා වාර්තාව නිසයි.පාර්ලිමේන්තුව ජෝක් එකක් කළා. එදා හොරා මොකාද කියලා රටම දැනගත්තා. හොරු සමග හෙළුවෙන්. සමහරු ඇත්තට බෙහෙත් දාගත්තා. සමහරු බොරුවට බෙහෙත් දා ගත්තා. දැන් නියම හොරා මාට්ටු.අපි අතර තිබූ සමගිය කැඩුවේ නාමල් හා ගම්පහ පැත්තේ ඌරු මීයෙකු වගේ ඇඟක් තියෙන මොළේ නැති කෙනායි. අපි හංසයාට අලියට පූට්ටු වෙලා නැහැ.ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:- මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ මන්ත්‍රීකම රනිල්ගේ කකුල් දෙක ළඟ තියලයි. මහින්ද වගේ නායකයෙක් පැරදුණේ ඇයි? මහින්ද මේ රට බේරා ගත්තු නායකයා. මේ රටට වැඩ කරපු නායකයා. පැරදුණු හේතුව හොයන්නේ නැතිව ඔවුනට ඉදිරියට යන්න බැහැ. මහින්ද යුද්ධය දිනුවට උතුරේ ජනතාවගේ හදවත දිනා ගත්තේ නැහැ. මුස්ලිම් ජනතාව එතුමාගෙන් ඈත්වුණා. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසකට රැකියා දුන්නේ මහින්ද. 58,000කට රැකියා දුන්නා. ඒ පනස් අට දහසට මෝටර් සයිකලය බැගිනුත් දුන්නා. මර්වින් සමෘද්ධි නියාමකයන් ගස් බැන්දා. මේවාට පියවර ගත්තද? සරත් ෆොන්සේකාට ජම්පරේ අන්දලා හිරේට දැම්මා. ජනතාව මේ වැඩවලට විරුද්ධව ඡන්දය දුන්නා.මම එදා රනිල් එළවන්න සජිත් එක්ක කැරලි ගහපු කෙනෙක්. අන්තිමේදී මට ගෙදර යන්න වුණා. නමුත් අද රනිල්, සජිත් තකට තක. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බැසිල් රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක කටයුතු කළා. එහෙම කරලා යූඑන්පීයට සේවය කළා. මෛත්‍රී පක්ෂය කඩාගෙන ගියාට වෙනම පක්ෂ හැදුවේ නැහැ. ඒ වගේම යූඑන්පීඑකේ සාමාජිකත්වය ගත්තෙත් නැහැ. අද අපේ පක්ෂය බෙදලා පොහොට්ටුව කියල අවජාතක පක්ෂයක් හදලා තියෙනවා. එහෙම හදල යූඑන්පීඑකට සපෝට් කරනවා.මහ බැංකුවට කොටි ගැහුවා. අවුරුදු 20කට පස්සේ ඒකට අලි ගැහුවා. නැතිවෙන්නම ගැහුවා. මට මගේම නොවන මගේම ගෙයක් තිබුණා කියලා රවී කියනවා. ඕක බැසිලුත් එදා කිව්වා. මට මගේම නොවන මගේම ගෙයක් මල්වානේ තිබුණ කියල ඔහු කිව්වා.මෛත්‍රී මේ රටේ සියලුම හොරු අල්ලන නායකයා. අපි ආණ්ඩුවෙන් එළියට ගියොත් බිහිවන්නේ යූඑන්පී ආණ්ඩුවක්. ජනාධිපතිතුමා 2021 වනතුරු මේ රටේ ජනාධිපති.පිළිගැනීමේ කතාව පවත්වමින් දකුණු පළාත් අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා මෙසේ පැවැසීය.මනාප ක්‍රමය තුළ ඇතිවූ ගැටුම් ආරවුල් අප නැති කළා. සියලු දෙනා සමගියෙන් කටයුතු කරන මැතිවරණයක් අප ලබාදුන්නා. පෙබරවාරි 10 වැනිදා වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය ලැබීම ස්ථිරයි. එය කාටවත් වළක්වන්න බැහැ. මුළු ගමම ඊට සූදානම්.ජාතික නිදහස් පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා:- ජනාධිපතිතුමා බැඳුම්කර වාර්තාවෙන් හොරු කවුද කියල පෙන්නුවා. හොරු දෙගොල්ල පාර්ලිමේන්තුවේදී මරාගත්තා. අගමැති පාර්ලිමේන්තුවේදී එදා හැසිරුණු විදිය හරිද? රටට විහිළු සපයන නායකයෙක්. එවැනි නායකයකු සිටින පක්ෂයකින් ගමට මන්ත්‍රීවරුන් පත් කරනවාද? මෙවැනි පන්නයේ අගමැතිවරයෙක් මීට පෙර අප දැකලා නැහැ.ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුපමා රාජපක්ෂ, එරාජ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
0
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත යැයි ඔබ සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය."අපි ගහගන්න ජාතියේ මිනිස්සු නොවෙයි. ඒත් ගැහුවොත් අපි ගහන්නේ ඔය විදියට නොවෙයි. අපි ගහන්න ගිය දාට කාට මොන තුවාල ඇති වේද කියන්න මමවත් දන්නේ නැහැ.." යැයිද හිටපු ජනාධිපතිවරයා මෙහිදී කීවේය.මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසුවේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මෙයට පෙර ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමිනි.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද ප්‍රකාශ කළේය."මම ගෙවල් තුනක් එකතු කරලා පදිංචි වෙලා ඉන්නවා කියලා කෘෂිකර්ම ඇමැතිතුමා මේ සභාවේදී ප්‍රකාශයක් කළා. එය ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවට මම අභියෝගයක් කළා. ඒත් ඔහු මේ දක්වාම ඒ චෝදනාව ඔප්පු කරල නැහැ. එතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. ඊට පස්සේ ජනාධිපති වැය ශීර්ෂය විවාදයට ගත් පසුගිය අඟහරුවාදා මහින්දානන්ද ප්‍රකාශ කළා, හිටපු ජනාධිපතිවරයා වාහන දෙසීයක් පාවිච්චි කළා කියලා. ඒ වගේම ඒ කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 3.5යි කියලත් ඔහු ප්‍රකාශ කළා. වාහන එක ගාණේ පාවිච්චි කළත් දවස් දෙසීයක් යනවා. ඒ කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මට වෙන් කරලා තිබුණේ වාහන හතරයි. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි."මම විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. මගේ කාලේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කළා. ඒ ව්‍යාපෘති අද කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික පරිසර වැඩසටහන මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙළ, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල යන වැඩසටහන් වලට තමයි මේ මුදල් වියදම් කළේ. ඒ වැඩසටහන් රට පුරා ඉතා සාර්ථක වුණා.මමත් මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුවේ ඇමතිවරයකු මට මෙහෙම චෝදනා කිරීම වැරදියි. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි දාහතර දෙනා පෙරේදා රැස්වෙලා තමයි මේ ප්‍රකාශය කරන්න තීරණය කළේ. මේ මඩ ගැහිලි, වැරදි ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා:හිටපු ජනාධිපතිතුමාට මෙහෙම මඩ ගහනකොට අපට ඉවසගෙන ඉන්න බැහැ. මහින්දානන්ද අද මොණරෙක් වගේ පිල් විදහාගෙන නටනවා. හැබැයි පස්ස එළියට දාගෙන ඉන්නේ. එතුමා ඔය වළ තව හාරන්න,හාරන්න කුණු ගඳ එනවා.ආණ්ඩුවේ කොටස්කාරයන් විදිහට අපි මේ ආණ්ඩුව රැකගන්න කටයුතු කරලා තියෙනවා. ගහන්න ඕනනම් අපිට ගහන්න. පක්ෂ නායකයාට ගහලා මේක කරගෙන යන්න හැදුවොත් විශාල අර්බුදයකට යනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයෙක්. පොළොන්නරුවෙන් වැඩිම ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් නෙවෙයි.සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:මන්ත්‍රීවරයකු බරපතළ වැරදි ප්‍රකාශයක් කළ හොත් පිළිතුරු දීමට කලින් ඒ මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කරුණාකරලා සභාවට ඇවිල්ලා ඉන්න කියලා. එහෙම වුණා නම් එතුමාට ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න අවස්ථාව තිබුණා. අඩුපාඩුවක් වෙලා නැතිනම් ඒක පැහැදිලි කරයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ නැහැ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම මෙතන සඳහන් වුණා කියලා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාර්යාලයේ වියදම් සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන මේ සභාවේදී එදා ඇගයීමට ලක් වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසිම ගැටලුවක් මතුවී නැහැ. ඒ විදිහට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ජනාධිපතිතුමා තමන්ගෙ වැය ශීර්ෂය ගැන පැහැදිලි ආදර්ශයක් ලබාදී තිබෙනවා. එතුමා ඒක පැහැදිලිව කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතා රට එක්කගෙන ගියේ ඉතාම සීමිත නිලධාරින් පිරිසක්.තමන්ගෙ පවුලෙ කෙනෙක් අරගෙන ගියා නම් එතුමා ඒවට අතින් වැය කළා. පක්ෂ අතර අර්බුදයකට මෙය හේතුවක් නොවෙයි.කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:මම මෙතන නැති වෙලාවෙ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා, වළවල් හෑරුවම ගඳ වැඩිවෙයි කියලා. හෑරුවොත් ගොඩක් ඒවයි ගඳ එයි තමයි. ඒක මමත් පිළිගන්නවා. අර්ජුන් ඇලෝසියස්ගේ චෙක්වල ඉඳලා ගොඩක් දේවල් එන්න පුළුවන්. ඒ නිසා මම වළවල් ගැන කතා කරන්නේ නෑ.හිටපු ජනාධිපතිවරයාගේත් වර්තමාන ජනාධිතිවරයාගේත් වැය ශීර්ෂ ගැන මම මෙතනදී කතා කළා. මම කිව්වේ වැය ශීර්ෂ දෙක අතර වෙනසයි. වර්තමාන ජනාධිපතිවරයා රටට ලබා දීපු ආදර්ශය මම කතා කළා.ඒක කියන්න අපිට අයිතියක් තියෙනවා.මට මගේ ජනාධිපතිතුමා ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට වඩා වත්මන් ජනාධිපතිවරයා බිලියන 1.7 ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය අපට තියෙනවා. මම ඒක තමයි පැහැදිලි කරල තියෙන්නෙ. මම ඒ වියදම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.මම එතුමාගේ නිලනිවෙස ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් විස්තර ලබා ගත්තා. මම මේක කියන්න හිටියේ නැහැ. දොස් කියපු නිසා මම දැන් මේක සභාගත කරනවා. කිසිදු පක්ෂ නායකයකුට ගහන්න අපට අවශ්‍යතාවක් නැහැ. මහින්දානන්දට වෙළේ යන්න බැහැ කියලත් කිව්වනේ. අපි වෙළේ වගේම නියරේත් ගිහිල්ලා තියෙනවා. අපිට ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට ගැහුවොත් අපිත් ගහනවා. අපි වැරදි කරල නැහැ. කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්න අපි ලැහැස්ති නැහැ. අපි නැති වෙලාවෙ මේවා කතා කිරීම වැරදියි.මගේ පඹයෝ නෙමෙයි, මොක පිච්චවත් මම රජයේ තීන්දුව සමග සිටිනවා.මෛත්‍රිපාල සිරිසේන මහතා:මහින්දානන්ද බොහොම වේගවත් සංවේදී කතාවක් කළා. හිටපු ජනාධිපති විදිහට ඒ චෝදනාවලට පිළිතුරු දීමට මටත් අයිතියක් තියෙනවා. අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ. අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා. අපි ගහගන්න ජාතියේ මිනිස්සු නෙවෙයි. ආපු ගැහුවොත් ගහන්නේ ඔය විදියට නොවෙයි. වෙන විදියකට. ඒකත් මම කියන්නට ඕන." ජනාධිපති වැය ශීර්ෂ ගැන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශ ගැන ගැටලුවක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ආදර්ශයක් දීල තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාත් ප්‍රකාශයක් කළා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැය ශීර්ෂයත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයත් අරගත්තේ මම අනවශ්‍ය විදිහට මුදල් වියදම් කළා කියලා පෙන්වන්නයි. වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න එපා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් කටයුතු කළ විදිය ,වියදම් කරපු විදිය, අනුව නම් ආදර්ශයක් ලබාදීලා තියෙනවා. එදා ගුවන් යානා පාවිච්චි කරපු හැටි, හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි වාහන පාවිච්චි කරපු හැටි බලල 2015 ඉඳලා මම ආදර්ශයක් දුන්නා. මම ඒක පැහැදිලිවම කියනවා.ගහගන්න ගියොත් මොන මොන තුවාල ඇතිවෙයිද කියන එක ප්‍රශ්නයක්. අතීතයේ සමහර පක්ෂ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අතේ. ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තම වෙන දේ අපි ඉතිහාසය පුරාම දැක්කා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු පළමුවැනි මැතිවරණයේදී බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා.බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64දී. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව හැත්තෑ පහේදී.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා අන්තිමට ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනතුරුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි වුණු තත්වයට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014දී මම සාධාරණ හේතු මත අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පරාජය වුණා. තුනෙන් දෙකේ බලය කියන එක සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධව හිතන්න ඕන.මීට වඩා බහුශෘත ලෙස හිතන්න ඕන .මේ ආණ්ඩුවත් සන්ධාන ආණ්ඩුවක්. අපිටත් බොහොම වේගයෙන් කතා කරන්න පුළුවන්. අපිට නම් ගහ ගන්න බැහැ. අපි බොහොම අහිංසක මිනිස්සු. මහින්දානන්ද අලුත්ගමගේට අපේ දුමින්ද දිසානායක ඇමතිතුමා හම්බ වෙලා තියෙනවා ඊයේ. ඒ වෙලාවෙදි දුමින්ද අහලා තියනවා, මොනවද මේවැඩක් නැති වාහන කතා කියලා. එතනදි මහින්දානන්ද කියලා තියෙනවා, දන්නෙ නැද්ද අපේ ලොක්කා නඟන්න කියන දේවල්නේ ඕවා කියලා. ලොක්කා නග්ග ගත්තට අපිට කමක් නැහැ. අපිට ගහන්න එපා. අපිට ගහන්නෙ නැතුව ලොක්කා නග්ග ගන්න දේවල් ඕනතරම් තියෙනවනේ. අපිත් ඉන්නේ ඔය ලොක්කාගේ නායකත්වය යටතේ නේ. ආණ්ඩු පක්ෂය ඇතුළේ ප්‍රශ්න හදා ගන්නේ නැතුව අපි මීට වඩා සංවරව කටයුතු කළ යුතුයි. බොක්සිං ගහගන්න ඒවට නම් මම නැහැ . අපි මිත්‍රත්වය තියාගමු. පහළට වැටෙන්න ඕනේ නැහැ. මහින්දානන්ද කැබිනට් ඇමතිවරයෙක්. මම හිටපු ජනාධිපතිවරයෙක්. දයාසිරි ජයසේකර හිටපු මහ ඇමතිවරයෙක්. අපේ මට්ටම්වලට ගැලපෙන විදියට අපි කතාබහ කර ගනිමු.මගේ ගෙවල් ගැන කියනකොට අනිත් අයගෙ ගෙවල් ගැනත් කියනවා නම් හොඳයි. වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීල තියෙනවා. මම ඒක හොඳ දෙයක් විදිහට දකිනවා. මම ඊට කලින් හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරපු ආකාරය දිහා බලලා ආදර්ශයක් දීල තියෙනවා.අපි ගුණයහපත්, යමක් කමක් තේරෙන මිනිස්සු විදිහට වැඩකරමු කියලා මම යෝජනා කරනවා. මේක දිගට ගෙන යෑම අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න යම් කිසි තැනකට ගන්න එක සභානායකතුමාගේ වගකීම.මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා. කැබිනට් එකට බොරු කිව්වා. පාර්ලිමේන්තුවට බොරු කිව්වා. ජනතාවට බොරු කිව්ව. ගොවීන්ට බොරු කිව්වා. පාරිභෝගිකයාට බොරු කිව්වා. ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුණේ. ආණ්ඩුව මේ කාලයේදී බරපතළ ලෙස අප්‍රසාදයට පත්වීමට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය. ඒකෙන් තමයි පඹයෝ පුච්චන ඒව ඔක්කොම ආවේ. ඔබතුමාගේ පඹයෝ පුච්ච ගත්තේ ඔබතුමාමයි. මම මේවා උපේක්ෂා සහගතව ඉවසන කෙනෙක්. ආණ්ඩුවක් විදිහට වැඩ කරනව නම් සහයෝගයෙන් වැඩ කරමු. මම ඊට වඩා කියන්නේ නැහැ.කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා:මම ජනාධිපතිතුමා චූන් කරන්න යමක් කිව්වා කියල හිටපු ජනාධිපතිතුමා දැන් මෙතන කිව්වා. ඒක අතේ පැලවෙන බොරුවක්. මහින්දානන්ද නිසයි මේ ඔක්කොම වුණේ කියලා එතුමා තවත් කතාවක් කිව්වා . මම ක්‍රියාත්මක කළේ රජයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට පාස්කු ප්‍රහාරය ගැනත් මෙතන කියන්න පුළුවන් .එහෙම නම් මම ඒක ගැනත් කියන්නම්.ඒ නිසා මම එතනින් එහාට යන්නෙ නෑ .මෛත්‍රිපාල ජනාධිපතිවරයාට රිදෙන්න පුළුවන්. මම කිසි දවසක බොරුවක් කියලා නැහැ.මම හිටියේ ප්‍රතිපත්තිය වෙනුවෙන්. මම අගමැති දාලා ගිහින් අගමැතිගෙ කකුලෙන් අදින්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ බොරු කියන්න හොඳ නැහැ. 
මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ
0
“සමහරු අපෙන් අහනවා ඔයාලගේ සැලසුම් ප්‍රතිපත්ති සියලු දේ හොඳයි ඒත් වැඬේ කරන්න පිරිසක් කෝ කියලා. මෙතෙක් රට පාලනය කළ සියලු කණ්ඩායම්වලට වඩා, වඩා හොඳ, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අපට ඉන්නවා මේ වේදිකාව පිරිලා තිබෙන්නේ ඔවුන්ගෙන්” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දෙවෙනිදා පැවසීය.ඔහු මේ බව පැවසූවේ තිස්සමහාරාම නගරයේදී පැවති ජනරැලියකට සහභාගී වෙමිනි.ඔහු තවදුරටත් මෙසේද පැවසීය.“රටට නව පාලනයක්, නව පාලකයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ඇවිල්ලා. මේක ඒ වෙනුවෙන් ආව පළමුවැනි අවස්ථාව නොවෙයි. වැඩි ඈතක නැතිව 2015ට ගියොත්, අපේ රටේ ජනතාවට මේ අවස්ථාව උදා වුණා. ඒ වෙනකොට තිබුණු පාලනයේ හොරකම් නතර කරයි කියලා විශාල අපේක්‍ෂාවන් සහිතව ජනතාව අලුත් පාලනයක් හැදුවා. හොරුන්ට දඬුවම් කරයි කියලා ජනතාව හිතුවා. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ටික විසඳලා, රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනියි කියලා බලාපොරොත්තුවෙන් ජනතාව මේ පාලනය හැදුවා. එතෙක් තිබුණු විනාශකාරී පාලනය ලක්‍ෂ හැටදෙකහමාරක් ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළා. අවුරුදු පහකට ආසන්න කාලයකදී ඔප්පු කර තිබෙන්නේ, දෙදහස් පහළොවේ ජනතාවට දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න අසමත් බවයි. ඒ නිසා මේ පාලනය බිඳවට්ටන්න ඕනෑ.මේ පාලනය බිඳවට්ටවලා, නැවත බලයට ගේන්නේ දෙදහස් පහළොවේ පරාද කළ කට්ටියමද? එහෙම නම්, ඒක පරාද නොකර ඉන්න තිබුණා. පරාද කිරීම හරි. ආයේ ගේන්න උත්සාහ කරනවා නම්, ඒක වැරැදියි. මේ පාලනය බිඳවැට්ට විය යුතුයි වාගේම පලවා හරින ලද පාලනයට නැවත ඉඩ ලබා නොදිය යුතුයි. අපි ඔබ සැම හමුවෙන්න ආවේ, නොවැම්බර් දහසය වැනිදාට අලුත් පාලනයක් ගෙන එන්න, අලුත් පාලකයෙක් අපේ රටට තෝරා පත් කරගන්න ආරාධනා කරන්නයි. ඇයි ඒ ? මේ රට හදන්න.රටකට වෙන්න පුළුවන් සියලු විනාශයන් මේ රටට අත්කර දී හමාරයි. අපේ රට දුප්පත් කරලා. ණය බර, රටේ නිෂ්පාදනය කඩාවැටීම, රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් දුප්පත්. හැම පැත්තෙන්ම දුප්පත්. හැබැයි, පාලකයෝ පොහොසත්. රජයේ මුළු ආදායම ණය පොළිය, වාරිකය ගෙවන්නත් මදි. අමතරව කෝටි දහතුන්දහස් පන්සියයක් ගිය අවුරුද්දේ ගන්න ඕනෑ වුණා ණය ගෙවන්න. හැබැයි, පාලකයන්ගේ ගිණුම් පිරිලා. අවුරුදු හැත්තෑ එකක් තිස්සේ කළේ රට දුප්පත්භාවයේ පතුලට දාලා, පාලකයෝ පොහොසත්කමේ හිණිපෙත්තට නැඟීම. මේ දුප්පත්භාවයට ඇදලා දාපු රට පොහොසත් රටක් බවට පත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. අපට එක අවස්ථාවක් දෙන්න. අපි සහතික වශයෙන් මේ රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම්, හොරකම, නාස්තිය නතර කරන්න ඕනෑ. එය කළ හැක්කේ, ජාතික ජන බලවේගයට විතරයි.අපේ රටට ණය ගත්තේ, අවශ්‍ය වත්කම් නිෂ්පාදනය කරන්න නොවෙයි. ගාල්ලේ ඉඳලා මාතරට රේල් පාර අධිවේගී කළා. කිලෝ මීටර් හතළිස්අටට රුපියල් කෝටි නවසීයක් වියදම් කළා. වැඬේ පටන් ගන්න කොට ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම. වැඬේ අවසාන කරන කොට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම. රේල් පාර අධිවේගී කරන්න කලින් ගාල්ල- මාතර කෝච්චියට විනාඩි හතළිස් දෙකක් ගියා. අධිවේගී කළාට පස්සේ විනාඩි තිස්නවයක් යනවා කියලා, පාර්ලිමේන්තුවේ මම අහපු ප්‍රශ්නයකට කුමාර වෙල්ගම ඇමැතිවරයා උත්තර දුන්නා. අර තරම් වියදම් දරලා හදපු පාර නිසා විනාඩි තුනයි අඩුවෙලා තියෙන්නේ.  ඉතින්, ණය බරක් වෙන්නේ නැද්ද? අපේ රට විශාල ණය උගුලක හිර කළා. ඒ ගොල්ලෝ ගොඩක් කැමැතියි, වාණිජ වෙළෙඳපොළෙන් ණය ගන්න. හැබැයි, ශක්‍යතා අධ්‍යයන නිසි පරිදි සම්පූර්ණ කරන ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය දෙන්නේ සියයට 0.75 පොලියට. සියයට පහේ පොළියට අවුරුදු හතළිහක විතර දීර්ඝකාලීන ණය ගත්තොත්, ණය මුදල වාගේ තුන්ගුණයක් ගෙවන්න වෙනවා. හැබැයි, සියයට එකේ පොළියට ගත්තොත්, ගන්න ණය මුදලෙන් හරි අඩක් විතරයි පොලිය ගෙවන්න වෙන්නේ. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න මේ වාගේ ණය තමයි ගන්නේ.ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන්නේ, තොරතුරු තාක්‍ෂණ වෙළෙඳපොළයි. ඇමෙරිකාවේ පෙන්ටගන් යුද මධ්‍යස්ථානයේ මෘදුකාංග පද්ධතියේ කොටසක් හයි කරලා තියෙන්නේ, ලංකාවේ ‘මිලේනියම් අයි ටී’ කියන සමාගම. එංගලන්ත කොටස් වෙළෙඳපොළේ මෘදුකාංග පද්ධතියෙන් කොටසක් නිර්මාණය කළේ ලංකාවේ සමාගමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුළු ආණ්ඩුවේම මෘදුකාංග පද්ධතියෙන් කොටසක් හැදුවේ ලංකාවේ සමාගමක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබා දුන්නේ සිංගප්පූරු සමාගමකට. මේ ක්‍ෂේත්‍රයෙන් ලෝක වෙළෙඳපොළෙන් විශාල කොටසක් අපට අත්පත් කර ගන්න පුළුවන්. ප්‍රතිපත්ති හදන්න ඕනෑ මෙතැනට. තොරතුරු තාක්‍ෂණයෙන් විතරක් අපේ රටට විශාල වත්කමක් උපයා ගන්න පුළුවන්. අපේ රට ලෝකයේ ශක්තිමත්, පොහොසත් රටක් කිරීමේ ආර්ථික සැලැස්මක් හදලා තියෙන්නේ.ජනතාව දුප්පත්භාවයෙන් මුදාගන්න පුළුවන් වෙන්නෙත්, මේ වාගේ ක්‍රියාමාර්ගවලින්. එහෙම නැතිව “සතියකට හාල් සේරු දෙකක් දෙන්නම්, ධාන්‍ය වර්ග රාත්තල් අටක් දෙන්නම්” වගේ පොරොන්දුවලට රැවටෙන්න එපා කියලා අපි ඉල්ලනවා. දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ, ජනතාවගේ දුප්පත්කම විකුණන එකයි. දුප්පත්කම විකිණීමේ ඔවුන්ගේ දේශපාලනය නැවැත්විය යුතුයි.මේ අවුරුදු තිහේ මුදල් ඇමැතිකම් කළ හැමකෙනාටම වඩා අධ්‍යාපනයෙන් අපේ හඳුන්නෙත්ති සහෝදරයාට සුදුසුකම් තිබෙනවා. මම මේ මුදල් ඇමැති කියලා කියනවා නොවෙයි, අත්දැකීම්වලින්, භාවිතයෙන්, කැප කිරීම්වලින් ඒ බව තහවුරු කර තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත වාගේ විශාල කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට දැනුම, හැකියාව සහ දක්‍ෂතාව තියෙන අය ඉන්නවා. අපේ නාමල් කරුණාරත්න සහෝදරයා, මාපලාන කෘෂිවිද්‍යා පීඨයේ ආචාර්ය අබේසිංහ මහත්තයා, බතලේගොඩ පර්යේෂණ ආයතනයේ, ආචාර්ය ධනපාල මහත්තයා, ලංකාවේ මුල්වරට බාස්මතී සොයා ගත් ආචාර්ය සුමිත් වාගේ විශාල පිරිසක් කෘෂිකර්මාන්තය පැත්තෙන් ඉන්නවා. ධීවර කර්මාන්තය, පරිසරය, සාහිත්‍ය කලා ක්‍ෂේත්‍ර මේ ඕනෑම පැත්තකින් මේ ජනතාවගේ ජීවිත එක්ක ගැටෙන අධ්‍යාපනයෙන් ඉහළම සුදුසුකම් පෙන්වූ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ හැම දේකට ම වැඩිය ස්වේච්ඡාවෙන්, කැප කිරීම් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ අයට වඩා හොඳ කණ්ඩායමක් අපට ඉන්නවා. ඒ නිසා අපට බලය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ රටට අලුත් පාලනයක් හදමු. සහතික වශයෙන්ම අපේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු. මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටිනවා”.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.“මේ ජනාධිපතිවරණය අපේ රට වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය බවට පත් කරගන්න පුළුවන්. අපේ රටේ වමේ ව්‍යාපාරය තුළ මේ තරම් මහජන සහයෝගයක් ලැබුණු ඡන්දයක් මීට පෙර තිබිලා නැහැ. ජාතික ජන බල වේදිකාව ජනතා විමුක්ති පෙරමුණට අමතරව විද්වතුන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන්, වමේ පක්‍ෂ, ප්‍රගතිශීලී සිවිල් සංවිධාන, ගොවීන්, ධීවරයන්, කාන්තාවන්, කලාකරුවන් එකතු කර ගත් සියලුම හොඳ මිනිසුන්ගේ බලවේගය ලෙස එකතු වී ඉන්නවා. ජාතික ජන බලවේගයේ හොඳ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් අප වටා ඉන්නවා. ඊට නායකත්වය දෙන්න හොඳ අපේක්‍ෂකයෙක් ඉන්නවා. රට දිනවන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව දැන් ඔප්පු වී හමාරයි.”සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා -“මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණට, ප්‍රාදේශීය සභාවක බලය ලබා දීපු ගෞරවනීය ජනතාව. ඔබලා අපිට ඉගැන්නුවා, රටට ඉගැන්නුවා. මම ජාතික ජන බලවේගය වේදිකාවට ගොඩ වුණේ, ‘ජන නියමු කලාකරුවන්ගේ’ සංවිධානය වෙනුවෙන්.  අපි මෑතක් වනතුරු නැග්ගේ දේශපාලන වේදිකාවලට නොවෙයි, රඟහල්වල වේදිකාවලට. ඒ වාගේම ටෙලිනාට්‍ය, සාහිත්‍ය නිර්මාණ ඇතුළු නිර්මාණවලින් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වුණේ. නමුත්, මේ රට අධිවේගයෙන් පරිහානියට යන එක වළක්වා ගන්න නිර්මාණකරුවන් හැටියට නිර්මාණ පමණක් කරමින් සිටීම ප්‍රමාණවත් නැති බව තේරුම් ගත්තා. ජනතාව ළඟට ගිහිල්ලා, නිසි ප්‍රවේශයක් ගන්න ඕනෑ බව අපි කල්පනා කළා. ඒ සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව තේරුම් ගත්තා. පිරිසුදු, පැහැදිලි දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ මෙතැන. කොන්දක් තියාගෙන එතැන හිටගන්න පුළුවන් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි කලාවෙන් කරපු සේවයට වඩා උතුම් වූ සේවයක් දැන් කරනවා කියලා හැඟීමක් ඇති වෙනවා.”
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
1
(හසිත රංග ගුණතිලක)ගමේ ජනතාව ගමේම තියමින් ගම හා නගරය එකිනෙකට සම්බන්ධ කරන ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ලේ දී ඊයේ (4) පැවසීය.තරුණ තරුණියන්ගේ සාම්ප්‍රදායික රැකියා ඉල්ලුම අවසන් කර ඔවුනගේ හැකියාවට දක්ෂතාවට මුල් තැන දෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා රටේ සමස්ත තරුණ්‍යය යොදා ගන්නා බව ද දිසානායක මහතා කියා සිටියේය.තම පාලනයක් යටතේ රටේ සමස්ත ජනතාව පාලන තන්ත්‍රයේ හවුල්කරුවන් කරගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා කීය.බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ඊයේ (4) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.අපේ රටේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය මෙවර ජනාධිපතිවරණයයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර මේ වන විට මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. අපේ රටේ දේශපාලනය වෙනස් විය යුත්තේ ඇයි ද යන්න එම කාලය තුළ යමින් ගමට යමින් ජනතාව දැනුවත් කරනු ලැබුවා.අපේ රටේ දේශපාලනඥයින්ගෙන් බහුතරයක් බලය ලබා ගැනීමට දෙන පොරොන්දු බලය ලබා ගත් පසුව අමතක කර දමනවා. ජනාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ශක්තිමත්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ ජාතික ජන බලවේගය වන අපියි.ආර්ථික අතින් ගතහොත් අපේ රට දුප්පත්භාවයට පත්වූ රටක් වනවා. වසර 71ක් පුරා අපේ රට පාලනය කළ පාලකයින් විසින් අපේ රට දුප්පත්භාවයට පත් කරනු ලැබුවා. දුප්පත්භාවයේ පතුලටම බැස තිබෙන අපේ රට පොහොසත් රටක් බවට පත් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තිය සතුයි.සමෘද්ධි දීමනාව ලබා ගන්නා පවුල් ලක්ෂ 20ක් පමණ අපේ රටේ සිටිනවා. ඔවුන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන ගමන් ක්‍රමවත් වූ ආර්ථික උපායමාර්ගයක් සාදා දීම අපේ ප්‍රතිපත්තියයි. අපේ පාලනය තුළ දුප්පත්කම මෙරටින් අනිවාර්යෙන්ම තුරන් කරනවා. බාල, තරුණ, මහලු යන සියලු දෙනාටම සම අයිතීන් ලැබෙන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ළමයාට හිමි ළමා කාලය ඔවුන්ට දිය යුතුයි. තරුණයින්ගේ හැකියාව දක්ෂතාව අනුව රට ගොඩනගන යාන්ත්‍රණයට ඔවුන් සම්බන්ධ කරගත යුතුයි.බොහෝවිට වැඩිහිටි පරපුර පවුල්වලට බරක් වෙලා. වැඩිහිටියන් ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වනවා.රටේ සමස්ත ජනතාවගෙන් සියයට 9ක් පමණ කුමක් හෝ ආබාධයකින් පෙළෙන ජනතාවක් සිටිනවා. නමුත් ඔවුන් සමාජයේ ජීවත් නොවිය යුතු පිරිසක් බවට වන වටපිටාවක් පාලකයින් රටේ නිර්මාණය කර තිබෙනවා. එම තත්ත්වය අප සම්පූර්ණයෙන්ම නැතිකර දමනවා.අන්ධ අයටත් ශ්‍රව්‍යාබාධිත අයටත් භාවිත කළ හැකි ලෙස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප්‍රවාහනය ජනතාවගේ මූලික සේවාවන් වනවා. එහෙත් එම සියලු සේවාවන් ජනතාවගේ පොකට් එකේ තරමට ලබා ගන්න වී තිබෙනවා.රාජ්‍ය සේවයේ පරිවර්තන යුගයක් යළි අවශ්‍යයි. රාජ්‍ය සේවයේ නියැළුණු සියලු දෙනා සිටින්නේ අසතුටුදායක ලෙසයි. එමගින් සේවා ලබා ගන්නා ජනතාව සිටින්නේ ද එලෙසයි. මෙරට අධිකරණයක ගොනුවන නඩුවක් නිරාකරණය කර ගන්න වසර ගණනක් ගත වනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව එයින් පෙන්නුම් කරනවා. එමනිසා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක් කඩිනමින් කළ යුතුයි.රටක් සංවර්ධනය කිරීමට නම් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ඒවා කරන්න හමුදාවවත් යුද්ධය අවසන් කරන විට සිටි ආරක්ෂක ලේකම්ලාවත් අවශ්‍ය නැහැ. දේශපාලනයේ අන්තවාදීන්ව බැහැර කළ විට රටේ ජාතික සමගිය අපටත් නොදැනීම ඇති වනවා.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. මෙතෙක් ගොඩනැගූ පාලනයන්ට වඩා අත්දැකීම් සහ නිපුණත්වයෙන් යුතු පිරිසක් අපට සිටිනවා. ජනතාව පත් කරන පාලකයින් වෙනස් කළ යුතුයි. නමුත් ජනතාව කොතරම් උත්සාහ කරත් පාලකයින් ඔවුන්ගේ චර්යාවන් වෙනස් කරගන්නේ නැහැ. වසර 71ක පාලන ක්‍රමය එය පෙන්වා තිබෙනවා.මෙම මස 16 වැනිදාට ජනතාව එය වෙනස් කළහොත් ආර්ථිකයෙන් පරිපූර්ණ සුරක්ෂිත රටක් අප ගොඩනගනවා. ජාතික ජන බලවේගයේ අපි පෙනී සිටින්නේ ආණ්ඩු වෙනස් කරන්න නොව සමාජ පරිවර්තනයක් සිදු කරන්නයි යැයි ද ඔහු පැවසීය.එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අනුර කුමාර දිසානායක මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය - සමාජ ජාලා මාධ්‍ය මගින් පමණක් ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වැඩපිළිවෙළ ප්‍රචාරය කිරීම ප්‍රමාණවත් ද?පිළිතුර - අනෙකුත් අපේක්ෂකයින් සමග සැසඳීමේ දී සමාජ ජාලා මාධ්‍යවල සිටින බහුතරයක් අයගේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. සමහර දේශපාලන පත්ෂවලට නාළිකා තිබෙනවා. සමහර නාළිකාවලට දේශපාලන පක්ෂ තිබෙනවා. මාධ්‍යවලින් අපට ඉඩක් නොලැබුණත් අපේ වැඩපිළිවෙළ ප්‍රචාරය කළ හැකි සෑම අංශයකින්ම ජනතාව දැනුවත් කරනවා. අපේ අරමුණ සෑම නිවසකටම ගෙයින් ගෙට ගොස් රට හදන අපේ වැඩපිළිවෙළ දැනුවත් කිරීමයි.ප්‍රශ්නය - තම පාලනයක් යටතේ ඔබලා ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාව කෙබඳු ද?පිළිතුර - පසුගිය 1978 වසරේ ව්‍යවස්ථාව මගින් බොහෝ පැතිකඩයන් ආවරණය වන්නේ නැහැ. මේ දක්වා 19 වතාවක් එම ව්‍යවස්ථාව සංශෝධනය වූයේ ඒ නිසයි. මෙම සියලු සංශෝධනයන් ගෙන එනු ලැබුවේ පාලකයින්ගේ වුවමනා ඉටුකර ගැනීමටයි. එහෙත් සංශෝධන විය යුත්තේ ජනතා වුවමනාවන් ඉටුකර ලීමටයි. එමනිසා මහජන අදහස් ලබා ගනිමින් ජනතා වුවමනාවන් ඉටු කරලන නව ව්‍යවස්ථාවක් අප ගෙන එනවා.ප්‍රශ්නය - සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා ද?පිළිතුර - යම් වරදකට පුද්ගලයකු වරදකරුවකු වුවොත් ඔහුට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය වසර 7යි. එහෙත් නඩු පැවරීම ප්‍රමාද වීම නිසා අධිකරණය මගින් වරදකරුවන් නොවුණු බොහෝ පුද්ගලයන් වසර 20කටත් වැඩි කාලයක් රිමාන්ඞ් බාරයේ සිටිනවා. එමනිසා වරදකරුවන් නොවුණු සියලු දේශපාලන සිරකරුවන් අප නිදහස් කරනවා.ප්‍රශ්නය - ඔබලා ජාත්‍යන්තර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නවා ද?පිළිතුර - අතීත ලෝකය කෙසේ වෙතත් වර්තමානයේ දී විවිධ බලකේන්ද්‍ර ලෝකය තුළ ගොඩනැගී තිබෙනවා. ලෝකය දෙස බැලූ විට ලංකාව බලගතු රටක් නෙමෙයි. සමහර රාජ්‍යයන් අපේ රටට ළං වෙන්නෙත් දුරස් වෙන්නෙත් බලයේ සිටින පාලකයින් දෙන කොමිස්වලට අනුවයි. අප කොමිස්වලින් තොර ජාත්‍යන්තර සම්බන්ධතාවක් ලෝකය සමග ගොඩ නංවා ගන්නවා.ප්‍රශ්නය - අපේ රට ණය උගුලක හිරවී තිබෙනවා. එයින් මිදීමට ඔබට තිබෙන වැඩපිළිවෙළ කුමක් ද?පිළිතුර - රාජ්‍යයක පැවැත්මට මෙය විශාල ගැටලුවක්. රටේ ආදායමටත් වඩා වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ණය ගෙවීමට දරන්න වී තිබෙනවා. බොහෝ පාලකයින් ණය ගත්තට එම ණයවලින් වත්කම් නිර්මාණය කර නැහැ. අපි ණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රටේ තාක්ෂණය සහ ප්‍රාග්ධනය වැඩි කිරීමට අප ණය ලබා ගන්නවා. එමගින් ලැබෙන ආදායමෙන් අප ණය ගෙවනවා.ප්‍රශ්නය - කෘෂිකර්මාන්තය නැංවීමට ඔබ සතුව වැඩපිළිවෙළක් පවතින්නේ ද?පිළිතුර - ගොවි ජනතාවට සාධාරණ මිලක් යටතේ තම අස්වැන්න විකිණීමටත් පාරිභෝගිකයින්ට ස්ථාවර මිලක් යටතේ එළවළු මිලට ගැනීමටත් හැකි පරිසරයක් ගොඩනගනවා. යල සහ මහ කන්නයට අමතරව මැද කන්නයක් වගා කිරීම සඳහා අප කටයුතු කරනවා.ප්‍රශ්නය - මාධ්‍ය නිදහස සහතික කරනවා ද?පිළිතුර - දේශපාලනඥයින්ට හා මාධ්‍යයට වගකීමක් තිබෙනවා.ජනතාවගේ අදහස් පෙට්ටගම්වල දාලා දොරගුලු දාන සමාජයක් අප ඇති කරන්නේ නැහැ. රටේ සිදුවන සිදුවීම් එලෙසින්ම වාර්තා කිරීමට අප ඉඩ ලබා දෙනවා.ප්‍රශ්නය - ඔබ ජනාධිපතිත්වයට පත්වූ පසු ගොඩනගන නව ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව කොපමණ ද?පිළිතුර - කැබිනට් මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමති ධුර 25යි. ඊට වඩා එකදු ඇමති ධුරයන් හෝ අප ලබා දෙන්නේ නැහැ.ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, අධිනීතිඥ ලාල් විජේනායක, රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
0
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
0
(මුදිතා දයානන්ද)“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට  යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්.  ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ  ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ.  මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
“මෙතෙක් රට පාලනය කළ සැමට වඩා උගත් බුද්ධිමත් කණ්ඩායමක් අප සමග ඉන්නවා“
0
(කුරුණෑගල අධිකරණ - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ) “මා අධ්‍යාපනයේ කරන එක ප්‍රතිසංස්කරණයක් කියන්නම්. පහේ විභාගය දක්වා මුල් පන්ති පහේදී එකදු විභාගයක්වත් තියන්නේ නැහැ. පහේ පන්තියේ සිට නමය වසර දක්වා විභාග තියෙනවා. එක දෙක තුන ස්ථාන කවුද කියලා තෝරන්නේ නැහැ. නමය පංතියේදී විභාගයක් තියෙනවා. එහිදී ඒ දරුවා ලබාගන්නා ලකුණු ප්‍රමාණය ඒ දරුවා විෂයන් පිළිබඳව දක්වන දක්ෂතාව අනුව දරුවාගේ මව්පියන් ගුරුවරු සමග සාකච්ඡා කරලා දරුවා ඉන් ඉදිරියට යා යුතු මාර්ගය පිළිබඳව කරුණු කියා දෙනවා. අද තියෙනවද එහෙම පාරක්. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ වැඩියෙන් ගත්තොත් විද්‍යා හෝ ගණිතය කරන්න ඕන. ඒ සාමාර්ථ අඩුයි නම් වාණිජ හෝ කලා. අද අධ්‍යාපනය තීරණය වෙලා තියෙන්නේ දරුවාගේ හැකියාව මත නෙමෙයි.” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (09) වාරියපොලදී පැවසීය.ඔහු මේ බව පැවසුවේ වාරියපොළ නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියකට සහභාගි වෙමිනි. අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද කීවේය.“ගුරුවරයයි දරුවයි මව්පියනුයි එකතුවෙලා දරුවාගේ හැකියාව මත දරුවාගේ ක්ෂේත්‍රය මොකද්ද කියලා තීරණය කරන්න ඕනෑ. එයාගේ හැකියාව තියෙන්නේ අපේ රටේ ලේඛකයෙක් වෙන්න නම් ඒ සඳහා නියමිත අධ්‍යාපන ධාරාව, චිත්‍රපටකරුවෙකු වෙන්නනම් ඒ සඳහා නියමිත අධ්‍යාපන ධාරාව, දොස්තරවරයෙකු ඉන්ජිනේරුවෙකු හෝ කළමනාකරුවෙකු වෙන්න නම් අදාළ අධ්‍යාපන ධාරාව, විද්‍යාඥයෙක් වෙන්නනම් ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය, දරුවාගේ හැකියාව අනුව අධ්‍යාපන ධාරාව හඳුන්වා දීලා ඒ තුළින් දරුවා උඩට ගේන්න ඕනෑ. අද මොකද වෙලා තියෙන්නේ. දරුවට අවබෝධයකුත් නැහැ මව්පියන්ට අවබෝධයකුත් නැහැ. මව්පියන් අඬමින් ඉන්නවා. ඒ නිසා අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරනවා. අපි මවුපියන්ට ආරාධනා කරනවාගෙදරදී දරුවන් අධිකාරි බලයකට යටත් කරන්න එපා කියලා. මා දැක්කා ගුරුවරුන්ගේ පහරදීම් ගැන මවුපියන්ගේ පහරදීම් ගැන. කිසිම දරුවෙකුට පහර දෙන්න අත උස්සන්න එපා. අද මනෝවිද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා අධිකාරි බලයක් යොදා දරුවෙකු හදන්න බැරි බව. ගහලා බැනලා දරුවෙකු හදන්න බැහැ. මම දැක්කා ජනාධිපතිතුමා කියලා තියෙනවා එතුමාට නම් ගුරුවරු ගැහුවා කියලා. ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවා ගහලා හදන්න බැරි බව. ඒ නිසා ගෙදර අධිකාරි බලයකට යටත් කරන දරුවා සමාජයේ නිතරම ගැටුනු දරුවෙකු බවට පත්වෙනවා. අපි දැකලා තියෙනවා සමහර දරුවෝ තාත්තා එනකොට ලොකු අයියා එනකොට හැංගෙනවා. ඇයි ඒ බයකරලා හදන්නේ. එහෙම හදන්න එපා. ඒ නිසා අපි ඒ සඳහා අධ්‍යාපනයක් ලබාදෙනවා වගේම සමහරවිට අපි කල්පනා කරනවා ඒ අධ්‍යාපනයේ එක අග්‍රයකදී නීති සම්පාදනය කරන්න දරුවන්ගේ හිංසනය වැළැක්වීම සඳහා. අපි ඒක කරනවා. හැබැයි මම කියන්නේ නැහැ අවුරුද්දකින් කියලා. දරුවන්ට වධ හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.ආණ්ඩුවක වගකීම් තියෙනවා එක තලයක. ආර්ථික සංවර්ධනය, මංමාවත් ඉදිකිරීම, යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම, රටේ පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, නීතියේ විධාන ආදිපත්‍යය තහවුරු කිරීම, නඩු කාර්යක්ෂම කිරීම ආදී රාජ්‍යයකට පැවරෙන එක ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම පාලනයකට පැවරෙන තව කොටසක් තිබෙනවා. ඒ තමයි සියලුම පුරවැසියා දරුවා, තරුණයා, වැඩිහිටියා, කාන්තාව, ආබාධයට ලක්වූවන් සහ රෝගියා යන මේ සියලු දෙනා රැකබලාගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව හදන්නේ අපි ඒකට. රටක සංවර්ධනය පිළිබඳ වගකීම වගේම ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරගෙන රැකබලා ගැනීමත් පාලනයක වගකීමක්. මේ සමාජයේ ජීවත් වෙන සෑම තරාතිරකම කෙනෙකුගේම ජීවිතය රැකබලා ගන්නවා කියන එක අපි ඔබට සහතික වෙනවා. විශේෂයෙන්ම දරුවෝ. අපි දන්නවා අපේ දරුවෝ අද විශාල පීඩාවකට පත්වී තිබෙනවා. ඒ විශාල පීඩාවේ ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය. අද අපේ රටේ අධ්‍යාපනය කියලා කියන්නේ විභාග තුනකට දරුවන් සූදානම් කිරීම. කටේ කිරි සුවඳ යන්න කලින් ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ ආයෙත් හඹාගෙන යනවා සාමාන්‍ය පෙළට. ඊළඟට හඹාගෙන යනවා උසස් පෙළට. අපේ රටේ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස්වී තිබෙන්නේ. අපි මේ රටේ දරුවන්ට සහතිකයක් දෙනවා මේ ව්‍යවසනයෙන් අපේ රටේ දරුවන් නිදහස් කර ගන්නවා කියලා. අද දරුවන්ට ළමා කාලයක් තිබෙනවද? දරුවන්ට ළමා කාලයක් නැහැ. එහෙම එකක් නැහැ. ඉස්කෝලෙන් ටියුෂන් එකට ආයෙත් ටියුෂන් එකෙන් ඉස්කෝලෙට. මට මේ ළඟදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානම රසායන විද්‍යාව පෞද්ගලික පන්ති කරන තරුණ ගුරුවරයෙක් මුණගැහුනා. ඔහු මට කිව්වා ඔහුගේ පංතියේ ළමයි දාහා දෙදාහා ඉන්නවා කිව්වා. ඔහු වැඩියෙන්ම සතුටු වෙන්නේ එක ළමයෙක්වත් තමන්ගේ පන්තියට ආවේ නැති දවසට කියලා ඔහු කිව්වා. එයා කිව්වා මේ ඛේදවාචකය දකිනවා කියලා. ළමයි දාහක් ඉන්න පන්තියක අඩුම තරමින් ළමයි පනහක් වත් මානසික වෛද්‍යවරයෙකු මුණගැහෙනවා කිව්වා මාසයකට. උගන්නනවා කියන්නේ අනුමාන ප්‍රශ්න සීයක් හදලා ඒක කටපාඩම් කරවන එක කියලා එයා කිව්වා. ඔච්චරයි අධ්‍යාපනය. මේ මේ ටික එන්න පුළුවන් කියලා උපකල්පනය කරලා ප්‍රශ්න ටික හදලා පාඩම් කරවනවා කියලා කිව්වා. මේ ව්‍යවසනයෙන් දරුවන් ගලවා ගන්නට අවශ්‍යයි කියලා කිව්වා. අද දරුවා මානසික ආතතියට මහුණ දීලා නැද්ද? ඔයගොල්ලන්ගෙ දරුවා බලන්න ගෙදර ඉන්න සමහර විට කියනවා මට නිකම්ම නින්ද යනවා කියලා. ඒක මානසික ආතතියේ එක ප්‍රකාශනයක්. සමහර විට නින්ද යන්නේ නැහැ. තවත් සමහරවිට නිරන්තරයෙන් කේන්ති එනවා. පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ කියනවා. මේ ඔක්කොම මානසික ආතතිය. මේකට හේතුව මේ අධ්‍යාපන ක්‍රමය. දරුවන් විශාල වශයෙන් මානසික පීඩාවට පත්වෙලා තියෙනවා. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා මේ දරුවා මත හෙළා තිබෙන මානසික පීඩනයෙන් දරුවන් ගලවා ගන්නට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදනවා. අද අධ්‍යාපනය තියෙන්නේ පාසලෙන් එළියේ. එම අධ්‍යාපනය නැවත අපි පාසල වෙත ගෙනයාමේ වැඩපිළිවෙළක් හදනවා. එදා අපේ ළමයින්ට ළමා කාලයක් තිබුණ. පොතක් කියවන්න වැවක් අසල ඉන්න දරුවෙක් නම් වැවේ එගොඩ මෙගොඩ පීනුවා. ගඟක් තිබුණානම් ගඟේ එගොඩ මෙගොඩ පීනුවා. ගොයම් කැපුවට පස්සෙ වෙල් යායට ගිහින් සෙල්ලම් කළා. හංදියේ බෝක්කුවක කඩයක් ළඟ කොල්ලො රංචු ගැහිලා හිටියා. අද එහෙම ජීවිතයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට යළි ළමා කාලයක් ලබාදිය යුතුයි.මා ඇතුළු අපේ කණ්ඩායම ඕනෑම අවස්ථාවක මාධ්‍ය ඉදිරිපිටට ගිහිල්ලා අපේ සැලසුම් ඉදිරිපත් කරන්නත් ඒ වාගෙඅපෙන් ප්‍රශ්න කරන්නත් අවස්ථාව ලබාදීලා තියෙනවා. මේ දවස් කීපය ගත්තොත් මා ඊයේ ස්වර්ණවාහානියේ, අද රෑ අයි ටී එන්, හෙට රෑ සිරස, අනිද්දා රෑ හිරු සලකුණ. ඒවා තිර පිටපත ලියලා කරන රඟදැක්වීම් නෙමෙයි. බොහෝ ඒවා සැබැවින්ම සජීවීව ඒ අයට අපෙන් ප්‍රශ්න කරන්න ඉඩ දෙමින් ඒ ප්‍රශ්නවලදී අදට බාරගන්න හැකි දේ බාරගනිමින් ප්‍රතික්ෂේප කළ යුතු දේ ප්‍රතික්ෂේප කරමින් විසඳුම් ලබාදීමට සමත්වන කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අනිත් අයගේ වේදිකාවේ වැඩියෙන්ම තියෙන්නේ මොනවාද? උසුළු විසුළු දෙපැත්තට කැපෙන කතා. ඒ නිසා අපි සතුටු වෙනවා ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාව මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් පහත් අඩියක සිට ප්‍රබුද්ධ තලයකට ඔසවා තබන්නට ජාතික ජනබලවේගය මැතිවරණ ව්‍යාපාරය තුළ සමත්වී තිබෙනවා.කොහොමද මැතිවරණ ව්‍යාපාරය තිබුණේ. බත් පැකට් දෙනවා අරක්කු පැකට් දෙනවා බීලා එනවා. ඒක තමයි තිබුණු මැතිවරණ ව්‍යාපාරය. ඊට පස්සේ වේදිකාවට නගිනවා උසුළු විසුළු කරනවා දෙපැත්ත කැපෙන කතා කියනවා. බාගෙට අසභ්‍ය වචන කතාකරනවා. එහෙම වේදිකා තිබුණේ. හැබැයි මතක තියාගන්න ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාවක ඉතාමත් ප්‍රබුද්ධ සහ විනයානුකූල දේශපාලන ව්‍යාපාරයකට අපේ රට කැඳවාගෙන ඒමේ පරිවර්තනය අපි මේ වෙනකොටත් ඉටුකරලා අවසන්. ඒක තමයි වැදගත්ම. අපි ඒක කරමින් ඉන්නවා. දේශපාලනය කියන්නේ ඒක.මැතිවරණ ව්‍යාපාරය වෙනස් කළ අපට පමණයි මේ රට වෙනස් කළ හැක්කේ කියන විශ්වාසය ඔබ අප කෙරෙහි තබන්න. බිඳවැටුණු මැතිවරණ ව්‍යාපාරය ජනතාවට අප්‍රසන්න වූ මැතිවරණ ව්‍යාපාරය ඒක අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම බිඳවැටුණු රටත් කඩාවැටුණු රටත් සහතික වශයෙන් වෙනස් කළ හැකි ජන බලවේගය තමයි ජාතික ජනබලවේගය කියලා අපි ඔබට සහතිකයක් දෙනවා. ඇයි ඒ මේ රට හදන්න ඕනෑ. මේ රට හැදීම සඳහා ගොඩක් කරුණු අපි අද සාකච්ඡා කරලා තියෙන්නේ. මේ මාස එකහමාරක කාලය තුළ අපි දීර්ඝ ලෙස මේ රට ගොඩනැගීම පිළිබඳව මේ රටේ දැක්ම පිළිබඳව අපි කතා කළා. මම හිතනවා අපි ඒක සැලකිය යුතු ප්‍රමාණයක් සමාජය වෙත අපි ගෙනිහිල්ලා තිබෙනවා.මහාචාර්ය චන්දන ජයරත්න, චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ඒ.එම්. රිස්මි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, වාරියපොල ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායිකා මැණිකේ ගුණසේකර, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් වන සුජීව දිසානායක සහ විජිතා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරන පක්ෂ සහ සංවිධාන ගණනාවක නියෝජිතයෝ එම අවස්ථාවට එක්ව සිටියහ. 
“බය කරලා දරුවන් හදන්න බෑ“
1
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
“බය කරලා දරුවන් හදන්න බෑ“
0
(ජේ.ඒ.එල්. ජයසිංහ)ජාතීන් අතර සහෝදරත්වය ඇතිකර සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට රජය ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක කටයුතු කරද්දී ඊට එරෙහිවන ඇතැම් පිරිස් රට නොසන්සුන් කිරීමේ උත්සාහයක යෙදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (16) මහනුවරදී පැවැසීය.පාසල් නිල ඇඳුම් වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් නිල ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා කීවේය.ජනාධිපති සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් වසර 23 කට වැඩි කාලයක් එහි මහනායක ධුරය හොබවමින් වැඩ විසූ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ සමරමින් උන්වහන්සේගේ නමින් ආරම්භ කළ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දසවෙනි සමරුව පවත්වන අවස්ථාව වගේම වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.                                                            අපේ රටේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ රට වගේම අපේ රටෙන් පිටස්තර විදේශයන්හි විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිකරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙත් ඊටත් වඩා කීර්තිමත් වූත් විශිෂ්ට වූත් අධ්‍යාපනයක් පිළිබඳව අපේ රටේ සඳහන් වෙන්නේ බෞද්ධ අධ්‍යාපනය, විහාරස්ථානය, ගමේ පන්සල, පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය තුළයි. බොහෝ වෙලාවට අද ත්‍රෛ භාෂා විශාරදයින් පිළිබඳව කතා කරනවා. නමුත් අපේ බෞද්ධ අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනයේදී එදා කතා කළේ ෂඞ් භාෂා විශාරදයින් පිළිබඳවයි. පිරිවෙන මුල්කරගත් පන්සල මුල් කර ගත් අධ්‍යාපනය මේ රටේ යහපත් බව, හැදිච්චකම, විනය, හික්මීම ජාතියේ මුළු ඉතිහාසය පුරා  සටහන් කර තැබූ කීර්තිමත් වූ කතාවක් බවට පත් වෙලා තිබෙනවා.ලෝකයේ තාක්ෂණය තුළ ඉහළම දියුණුවක් තිබෙනවා. සංවර්ධනයේ මහා ප්‍රබල ලෙස විශිෂ්ටත්වයන් පෙන්වුණු ලෝකයේ රටවල්වල ඒ තාක්ෂණයේ දියුණුව කොතෙක් තිබුණත් මිනිසුන්ගේ යහපත් බව, කරුණාව, පරිත්‍යාගශීලීභාවය, මනුස්සකම බොහෝ විට අඩු බව අපි දන්නවා. නමුත් ශ්‍රී ලාංකික සමාජයේ පරිත්‍යාගය, කරුණාව, දයාව සහ මනුස්සකම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනය තුළ වසර දහස් ගණනක ඉතිහාසය පුරා කියවෙන විශේෂයෙන්ම පිරිවෙන මුල් කර ගත් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණය, විනය, හැකියාව කියන එකයි අපි සෑම කෙනෙක්ම දන්නේ. ඒ වගේම විශ්වාස කරන්නේ.ගෞරවණීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ අනුශාසනාවලදී කියවුණු පරිදි අපි යහපත් රටක් හදන්න ගන්නා වූ උත්සාහයේදී අධ්‍යාපනය තමයි මුල් වන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ජාතියේ අනාගතය සඳහා කරන්නා වූ දීර්ඝකාලීන ආයෝජනය රටේ දරුවන්ට දෙන අධ්‍යාපනය යි. අපිට අද දවසේ තිබෙන්නා වූ අභියෝග සැලකිල්ලට ගත්විට ඒ අභියෝගවල පැහැදිලිව කැපීපෙනෙන දෙයක් තමයි සමාජය තුළ හික්මීම, විනය, ශිෂ්ටකම, ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. අද අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් සියල්ල තුළ අද දවසේ කතා වෙන මේ රටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවනේ.එක් පැත්තකින් රටේ ඩෙංගු උවදුර. තවත් පැත්තකින් කැළිකසළ. තවත් පැත්තකින් බෞද්ධ, මුස්ලිම්, හින්දු ජාතීන් අතර තිබිය යුතු සමගිය, එකමුතුව සහ සහෝදරත්වය. මේ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඒ පිළිබඳව සොයා බැලුවොත් එම නැගී ඇති ප්‍රශ්න සහ ගැටලුවලට මූලිකම කාරණයක් තමයි අපේ හැදියාව ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. කවුරුන් වේවා කුමන ආකාරයේ කෙනෙක් වේවා කුමන පාර්ශ්වයක් වේවා කුමන පුද්ගලයෙක් වේවා කුමන සංවිධානයක් වේවා රටක ජීවත් වන ජනතාවගේ දෛනික ජීවිතය, සමාජ ජීවිතය, නිදහස් ජීවිතය ඒ සියල්ලට බාධාවන ආකාරයෙන් කෙනෙක් හැසිරෙනවා නම් ඔහු කුමන භාෂාවක්, කුමන ආගමක්, කුමන ජාතියක් නියෝජනය කළත් ඒ තුළ කියවෙන්නේ සහ පෙන්නුම් කරන්නේ ඔවුන් තුළ තිබෙන්නා වූ ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය යි. අපේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දැනුම මෙන්ම ඒ දැනුම තුළින් මිනිසුන්ට දරුවන්ට ලැබෙන්නේ හැදියාව සහ ශිෂ්ටකම. ඒ නිසා ශිෂ්ටකම, හැදිච්චකම, විනය මේ පිළිබඳව ඉතාමත්ම වැදගත්ම ස්ථානය තමයි පාසල, පන්සල, අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. ඒ නිසා මෙවැනි බෞද්ධ විද්‍යාලයක අපි රටක් විදියට බලාපොරොත්තු වන උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ ක්‍රියාකරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් මග අපි ඉතාමත්ම අගය කරනවා.අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ ශාසනික වශයෙන්, ආගමික වශයෙන්ම වගේම සමාජීය වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් ඉතාමත් පුළුල් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ සේවාවක් ඉටු කළ අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ නමින් නම් කර ඇති මේ බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් ඉතාමත්ම පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් වාසනාවන්ත වූත් දරුවන් ලෙසයි මම දකින්නේ. මේ වගේ පාසලකට ඔබට එන්න හැකියාව ලැබීම ඔබේ ජීවිතයේ වාසනාවක් ලෙසයි මා දකින්නේ.අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ පාසලේ වාර්තාව ඉදිරිපත් කරන ගමන් පාසලේ වාර්තාවේ අදාළ පාසලේ කරුණු වගේම ඉන් බාහිර කරුණු කිහිපයක් පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේ සඳහන් කළා රජය මේ පාසල් දරුවන්ට ටැබ් එකක් දෙනවා කිව්වා. තවම මේ පාසලට නම් ලැබුණේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වාට පස්සේ මම මෙතන ඉඳගෙනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කරලා ඇහුවා මේ ටැබ් එක පිළිබඳව ප්‍රශ්නය කොහොමද? මේක දුන්නද නැද්ද මොකද වුණේ කියලා. එතුමා මාත් සමග දැන් කිව්වා ඒ ටැබ් එක තවම කිසිම ශිෂ්‍යයෙකුට කිසිම පාසලකට දීලා නැහැයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුවේ එක් කොටසක මමත් ඉන්නවා. පසුගිය අයවැය යෝජනාවල තමයි මේ පිළිබඳව සඳහන් කළේ. ඒ අයවැය යෝජනාවල සඳහන් කළාට පසුව මම අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් ඇහුවා මේ ටැබ් එක දරුවන්ට දෙනවා නම් දෙන ක්‍රමය කොහොමද කියලා. ටැබ් එකේ තිබිය යුතු කොටස්, ඒ වගේම අවලංගු කළ යුතු කොටස්. අපි අද දකින අන්තර්ජාලයේ, ෆේස් බුක්, වෙබ් සයිට් අපි කතා කරන දකින ශිෂ්ටත්වය, විනය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. අද මේ රටේ ජාතිවාදය අවුස්සන්න සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒ සෑම ආගමකම ඒ සිටින සෑම කෙනෙක් අතරේම නොසන්සුන්භාවය ඇති කරන්න ගැටුම් ඇති කරන්න අද අන්තර්ජාලය, ෆේස් බුක් ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව අපිට පෙනී යන කාරණයක්.මීට දවස් දෙකකට කලින් අපේ මහ නායක හාමුදුරුවනේ රාජ්‍ය නොවන රූපවාහිනී ආයතනයක සන්ධ්‍යාවේ තිබූ වැඩසටහනක් මම අහගෙන හිටියා. ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ ක්‍රිස්තියානි, කතෝලික, පල්ලි 166 ක පසුගිය මාස කිහිපයේ පහර දීලා තියෙනවා කියලා. ඒ වැඩසටහන අහපු නිවේදකයා ඒ මහත්මයාගෙන් ඇහුවා ඔබ වගකීමකින්ද මේක ප්‍රකාශ කරන්නේ කියලා. එච්චර එවැනි සිද්ධියක් වෙලා තියෙනවද කියලා. ඒ පුද්ගලයා කිව්වා රටටම ඇහෙන්න ලෝකයටම ඇහෙන්න කතෝලික පල්ලි 166 කට පහර දීලා තියෙනවා කියලා. මම ඊයේ අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට දුරකතනයෙන් කතා කරලා එතුමාගෙන් ඇහුවා මෙහෙම කලින් දවසේ රූපවාහිනී සංවාදයක මහත්මයෙක් ගිහින් කිව්වා කතෝලික ක්‍රිස්තියානි පල්ලි මෙච්චර සිය ගණනකට පහර දීලා තියෙනවා කියලා. ඔබ වහන්සේ දන්නවද එවැනි දෙයක්.මට නම් එවැනි දෙයක් වාර්තා වෙලා නැහැ, ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියලා. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ හවස මම දුරකතනයෙන් කතා කරපුවහම උන්වහන්සේ කිව්වා ජනාධිපතිතුමා අපිට නම් එහෙම කිසි දෙයක් වාර්තා වෙලා නැහැයි කියලා. උන්වහන්සේ කිව්වා මම මාධ්‍යයට කැඳවලා කියන්නම් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැයි කියලා. මෙවැනි කාරණා පිළිබඳව ඒ නිසා මේ රටේ සමගිය ජාතීන් අතර සහෝදරත්වය හික්මුණු නිදහස් සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනැගීම සඳහා අපි ජාතික සංහිඳියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීමේදී ඊට එරෙහි වන්නා වූ ඇතැම් පිරිස් විසින් නොයෙක් විදිහේ රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පෙන්නුම් කරනවා.ටැබ් එක පිළිබඳව කතාවේදී ඒ පැත්තට ගියේ ටැබ් එකත් අපි ශිෂ්‍යයින්ට දෙන කොට අධ්‍යාපන ලේකම්ටත් ඇමතිතුමාටත් මම කිව්වා මෙහි ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය කොටස් පමණක් ඒ තුළින් බලා ගත හැකි දැක ගත හැකි ඇසිය හැකි ආකාරයට මේවා සකස් කරලා මිසක් එහෙම නැතිව මේක ළමයින්ට නිකුත් කරන්න එපා කියලා මම පසුගිය දවස්වල කිව්වා. සමහර විට ඒ නිසා වෙන්න ඇති තවම ප්‍රමාදය. ඒ නිසා මම ඒ පිළිබඳව තවදුරටත් සොයා බලනවා. ඒ වගේම අපේ ගෞරවණීය විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේගේ වාර්තාව තුළ කියවුණා වගේම ඉන් බාහිරව උන්වහන්සේ සඳහන් කළා මේ පාසල්වල දරුවන්ගේ ඇඳුම් පිළිබඳව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පාසල්වල දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් දැනට ඇඳගෙන එන ඇඳුමට හැර වෙනස් විදියකට ඇඳිය යුතුයි කියලා නැත්නම් සකස් විය යුතුයි කියලා එහෙම නැත්නම් මෙය වෙනස් විය යුතුයි කියලා. අපි රජය විදියට අමාත්‍ය මණ්ඩලයත් අපි කිසිම තීන්දුවක් එහෙම අරගෙන නැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ නිසා අපේ පාසල්වල දරුවන් ඉතාමත් හික්මුණු විනයගරුකභාවය වගේම ඉතාමත් සුන්දර ලෙස අලංකාර ලෙස ආකර්ෂණීය ලෙස මේ අඳින ඇඳුම කෙසේවත් වෙනස් නොවිය යුතුයි කියන එක මා ඉතා පැහැදිලිවම දරන ස්ථාරවයක්, මතයක් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ.අවසාන වශයෙන් අද මේ වැදගත් උත්සව සභාවට ඇවිල්ලා මම වාඩිවෙලා ඉන්න ගමන් අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ විද්‍යාලය බොහෝම ලස්සනයි. ගොඩනැගිලි හොඳට තිබෙනවා. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හොඳ විභාග ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් අපි ඇවිල්ලා දැන් අපෙන් මොනවත් දෙයක් බලාපොරොත්තු වෙනවද? මොනවද ඕනේ කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා.ඉතින් උන්වහන්සේ මට කිව්වා ජනාධිපතිතුමා මෙතන මේ අල්ලපු වැටේ තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක නිවාසයක් තියන ඉඩම් කැබැල්ල. මේක අපිට පුළුල් කර ගන්න ඒ ඉඩම් කැබැල්ල දෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ මට කිව්වා. මාර්ග සංවර්ධන අධිකාරියත් එහි දේපළවලත් භාරකාරයත් මෙතන ඉන්නවා මේ දිස්ත්‍රික්කයේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාත්. ඒ නිසා මම ඒ භාරකාරයාගෙන් මේ දිස්ත්‍රික්කයේම මව්පියන්ගේම මහජන නියෝජිතයාගෙන් කිරිඇල්ල ඇමතිතුමාගේ කනට කරලා ඇහුවා අපේ හාමුදුරුවෝ කියනවා මේ අල්ලපු වැටේ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙම එකක් තියෙනවා පාසල තව වැඩිදියුණු කරන්න ඉඩම් කැබැල්ල ගන්නවා නම් හොඳයි, ඇමතිතුමා මොකද කියන්නේ කියලා. ඉතින් කිරිඇල්ල ඇමතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කියනවා නම් දෙමු කියලා. ඒ නිසා ඒ ඉඩම් කොටස අපි මේ බෞද්ධ විද්‍යාලය සඳහා දෙන්න තීන්දු කළා. ඒ අනුව එතුමා මේ විද්‍යාලයේ කටයුතු සඳහා එය නිදහස් කරයි.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉතා විශිෂ්ට ලෙස සහ උතුම් ලෙස සාර්ථක වේවා. ඒ වගේම දරුවන් මව්පියන් මේ විශාල සේවයක් කරන විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මීට අනුග්‍රහය දක්වන සෑම කෙනෙකුටම වඩාත් යහපත් වූ සුබවාදී අනාගතයට ආශිර්වාද කරමින් සුබපතමින් මේ අවස්ථාවේදී සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.සම්බුද්ධ දර්ශනය හා උතුම් සම්බුද්ධ දේශනාව අපේ පාසල් දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරවීමේ පරමාර්ථයෙන් තමයි මෙම බෞද්ධ මහා විද්‍යාලය ආරම්භ වූයේ. මේ බෞද්ධ විද්‍යාලය අද ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. මෙම විදුහලේ දරුවන් සෑම පෝය දිනකදීම පංචශීල අටසීල සමාදන් වී ප්‍රතිපත්ති ගරුක වැඩසටහන් ඉටු කරනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකම මේ විදුහලේ දරුවන් නුවණ වඩා ගන්නවා.උදාවන හෙට දවසේ මුහුණ දිය යුතු අභියෝග ගැන ජනාධිපතිතුමා ඉතා මැනවින් දන්නවා. ඒ අභියෝග ජය ගැනීමේ භාරදූර වගකීම අපේ මහා නායක හිමිපාණන් වහන්සේලා මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ සඳහන් කළහ.ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලට වර්ෂ 10 ක් සපිරෙන මේ මොහොතේ අපේ දේශීය බෞද්ධ සිරිත් විරිත් සංස්කෘතික සාරධර්ම ආගමික චාරිත්‍ර මේ රට තුළ අර්ථවත් වන සුරක්ෂිත වන අවස්ථාවකටයි අපි පත්ව ඉන්නේ. අපේ දේශීයත්වය අපේ සංස්කෘතික අංශ සුරක්ෂිත කිරීමට ඔබ අප සැමදෙනා බැඳී සිටිනවා. අපේ රටට සංස්කෘතිය ආගමිකත්වය බෞද්ධකම සුරක්ෂිතවන අන්දමටයි අපේ අනාගත පරපුර හැඩගැස්විය යුත්තේ.යහපත් පෞරුෂයක් සහිත දරු කැලක් සමාජයට බිහිකරල යහපත් පුරවැසියන් රටට දායාද කිරීම අපේ අධ්‍යාපනයේ අරමුණ විය යුතුයි. අපේ පාසල් පද්ධතිය තුළ දරුවන්ට මේ රටේ සුදුසු ඇඳුමක් සුදුසු පරිසරයක් සදාචාරාත්මක භාවයක් ගොඩනැංවිය යුතුයි. එය කිසිසේත් වෙනස් නොවන වැඩ පිළිවෙළකට අපේ පාසල් පද්ධතිය හැඩගැසිය යුතුයි. එවැනි තත්ත්වයක් දැන් දැන් වෙනස් වන තත්ත්වයක් ඇතිවන බව කිව යුතු අතර එයට මහා සංඝරත්නයේ බලවත් විරෝධය පළකරනවා.අස්ගිරිය පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති අස්ගිරි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමියෝ විද්‍යාල ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කරවමින් මෙසේ පැවසූහ.රජය අනුමත මේ පෞද්ගලික පාසල 2006 ජනවාරි 4 වැනි දින ආරම්භ කළේ. මේ පාසලේ අද වන විට දරුවන් 3000 ක් ඉගෙනුම ලබනවා. එය 4000 දක්වා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැකසීමට ඉදිරියේදී කටයුතු කරනු ලබනවා. මේ විදුහල ආරම්භ කළේ ගුරු උපහාරයක් ලෙසටයි.අප විදුහලේ දරුවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කර සම්මාන සහතික තිළිණ කුසලාන දිනාගෙන තිබෙනවා. ජාතික ක්‍රීඩා රැසක් ජයග්‍රහණය කළ අපේ විදුහලේ දරුවන් විසින් ජනමාධ්‍ය තරගවලින්ද කෘෂිකර්ම කටයුතුවලින් හා වගා තරගවලින්ද විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙනවා.අද පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටිනවා.සමහරු නගරයේ අන්තර්ජාල පහසුකම් තිබෙන ස්ථානවලට යනවා. ඇතැම් අපේ දරුවන් නගරයේ ලැගුම්හල්වලටත් යොමුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙනවා. අද අපේ සමහර දරුවන් පමණක් නොව වැඩිහිටි කතුන් පවා අඳින ඇඳුම අසංවර වී තිබෙනවා. අද පාසල් පද්ධතිය හෑල්ලුවට ලක්කෙරෙන අවස්ථාද අසන්නට දකින්නට තිබෙනවා.පාසල් දරුවන්ට දෙනවා කියලා කිව්වා අය වැයෙන් ලැප්ටොප් පරිගණක. ඒවා නම් තවමත් ලැබී නැති බව කිව යුතුයි.ඇතැම් පාසල් පද්ධති තුළ සිසු සිසුවියන්ගේ යම් යම් සමාජයට අහිතකර දරුවන්ට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙන විට ඒවා වැළැක්වීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙනවා. එවැනි ක්‍රියාවල් වළක්වාලීමට නොහැකිවන විදුහල්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීම් කළ යුතුයි.ගොවි ගමක ඉපදුණු මඩ නාගත් ගොවියකුගේ පුතෙකු වූ අපේ වත්මන් ජනාධිපතිතුමා අප විදුහල පිළිබඳව විශාල උනන්දුවක් දක්වන විදුහලේ අනාගත අභිවෘද්ධිය දකින්න කැමැති කෙනෙක්. ඒ පිළිබඳව එම ජනාධිපතිතුමාට ප්‍රසංසාව පුද කරනවා.මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියෝද අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩවත්තේ නන්ද යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුද විදුහලේ ගුරු මණ්ඩලය, මව්පියන් සහ විදුහලේ සිසු දරුවෝද සහභාගි වූහ.ජනාධිපතිවරයා අතින් දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට ත්‍යාග සහ තළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. 
“බය කරලා දරුවන් හදන්න බෑ“
0
(බන්දු තඹවිට)‘අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ. ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන.‘ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මතුගම පැවති රැස්වීමේදීය.මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පවතී මෙම රැස්වීම කළුතර දිස්ත්‍රික්කයේ නව ලංකා නිදහස් පක්‍ෂයේ මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා විසින් සංවිධානය කර තිබුණි.එහිදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේද පැවසීය.‘අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ.  හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද? ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ.අද අපේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ සහ ඛේදජනක තත්වයකට පත්වී තිබෙන අවස්ථාවක්. අද මේ ආණ්ඩුවම කියනවා ඒගොල්ලෝ බංකොලොත් කියලා.ආණ්ඩුව බංකොලොත් කියන්නේ මුළු රටම බංකොලොත්.පඩි ගෙවන්න මුදල් නැහැ. මේ දවස්වල  මහා භාණ්ඩාගාරය ඊළඟ මාසේ පඩි ගෙවන්නේ කොහොමද කියලා සතෙන් සතේ ගණන් කරනවාලු. වෙන කිසි වැඩක් කරන්න මුදල් නැහැ. ප්‍රාදේශීය සභා , නගර සභා වේලෙනවා.ග්‍රාමීය සංවර්ධනයට මුදල් නැහැ.  රාජපක්ෂ ආණ්ඩුවලින් ණය අරගෙන අරගෙන ගෙවාගන්න බැරුව විලි ලැජ්ජාවන ආකාරයට ලෝකය හැමතැනම දණින් වැටීගෙන රටේ ජනාධිපතිලා,අගමැතිලා ,පොල්කට්ට අරන් හැමතැනම බඩගානවාලු. මහා උතුම් ඉතිහාසයක් තියාගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් තිබුන ලංකාවේ අපි,මටනම් විලිලජ්ජාවේ බෑ. අපි පුංචි වුණත් අපි ආණ්ඩු කරපු කාලේ ,මැතිනියගේ කාලේ ,ඩී.එස්.සේනානායක මැතිතුමාලගේ ආණ්ඩු කාලේ බොහොම ආඩම්බරයෙන් අපි ලෝකයා ඉදිරියේ නැගී සිටියේ. පුංචි රටක් වුනාට අපි ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන වල නායකත්වය ගත්තා. අපේ නායක නායිකාවන් ,අපේ රටේ වෙනත් නිලධාරීන් ,අද හිඟන්නෝ වෙලා. කොහොමට මේක වුනේ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව බාරදෙනකොට රටේ භාණ්ඩාගාරයේ හොඳට මුදල් තිබුනා. රුපියල් තිබුනා හොඳට ,විදේශ විනිමය තිබුනා. ඒ යුද්ධයත් කර කර. ගමේ අවුරුදු එකොළහේම යුද්ධෙට මහා මුදලක් වය කරලා ප්‍රහාරක යානාවල්, ඈතට වෙඩි තියන්න පුළුවන් තුවක්කු, කාල තුවක්කු  වියදම් කරලා ගෙනල්ලා ,රටත් සංවර්ධනය කරලා ,රටේ මුළු රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම පඩි පස් ගුණයකින් වැඩි කෙරුවා. මුලින් තුන් ගුණයකින් වැඩිකෙරුවා. මම ගෙදර යන්න පෙර දෙගුණයකින් වැඩි කෙරුවා සියලුම රජයේ සේවකයන්ගේ. අලුතෙන් රැකියාවල් දුන්නා ලක්‍ෂ එකොළහකට. අධිවේගී මාර්ග ආරම්භ කෙරුවේ ,මුදල් දුන්නේ මගේ ආණ්ඩුවෙන්. මගේ නම තිබුන බෝඩ් ලෑලි රාජපක්ෂ ගලවලා විසිකරලා එයාගේ නම ගහලා උඩ පැනපැන මේවා මමයි කෙරුවේ කියලා විවෘත කළා. හැබැයි ඒ ඔක්කොම අපි හොයපු මුදල්. අපේ නිර්මාණ ,අපේ සැලසුම්. රටේ විශාල සංවර්ධනයක් ඇති කෙරුවා යුද්දේ කර කර. එහෙම දීලා ගිය රට අද කොහොමට මෙහෙම වෙලා තියෙන්නේ. හොරා කාලා. මංකොල්ල කාලා.මහා දවල් මංකොල්ල කාලා.රාජපක්ෂ පවුල මහ දවල් මංකොල්ල කාලා. ඉවරයක් නැතිව නිමාවක් නැතිව සොරකම් කළා. ටිකක් නෙමෙයි හැම ව්‍යාපෘතියකින්ම හොරකම් කෙරුවා. මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක්  වන නොරිච්චෝලේ බලාගාරය අපි කරන්න හදපු විදිහට කෙරුවා නම් අද ලයිට් කපන්න ඕනා වෙන්නේ නැහැ. දකුණු අධිවේගී මාර්ගය ,කටුනායක අධිවේගී මාර්ගය ,නෙලුම් පොකුණ කියන එක ,ඒ ඔක්කොම මගේ ආණ්ඩුව කාලේ පටන් ගත්තේ. අපි දුන්න ටෙන්ඩර් කැන්සල් කරලා ,කොන්ත්‍රාත් කැන්සල් කරලා අපි දුන්න ගාන වගේ දෙගුණයකට ආපහු දුන්නා. වැඩිපුර දුන්න ගාන තමාගේ සාක්කුවේ. මම ගෙදර යන්න පෙර ආරම්භ කල ඔය ව්‍යාපෘති හයෙන් විතරක් රාජපක්ෂලා ගත්ත හොර මුදල රුපියල් බිලියන 15 ක් බවට අපි ගණන් බැලුවා. ඒ කියන්නේ කෝටි 1500 යි.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කියන එකට ඉරිසියාවේ පැලෙනවා. ඒ නිසා රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හැදුවා අද වෙනතෙක් එක ප්ලේන් එකක්වත් ගිහින් නැහැ. ඊළඟට වරායක් හැදුවා. නැව් යන්න බැහැ. ගල් තිබෙනවා. මේ හැම එකකින්ම ඒගොල්ලෝ හොඳට පොහොසත් වුනා. අන්න එනිසයි අද රට නැත්තටම නැතිවෙලා බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ හිටපු ජනාධිපති තමාගේ කටින්ම කියනවා රජයේ සේවකයන්ට ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ,කැබිනට් ඇමතිවරුන්ට තමුසෙලා ඕනේ තරම් හොරකම් කරපල්ලා අහුවෙන්න විතරක් එපා කියලා. අර ගෑණි වගේ මම ඇඟිලි ගහන්න එන්නේ නැහැ. කවුද ගෑණි .මමයි. මම ඇඟිලි ගැහුවා තමයි. හොරකම් කරන්න ඉඩ නොදුන්න නිසා තමයි අපිට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වුනේ.ඔය මහා ව්‍යාපෘති ගොඩක් කරන්න පුළුවන් වුනේ. යුද්දෙට අවි ආයුද ගෙන්න පුළුවන් වුනේ. මම ගෙදර යන්න ඉස්සෙල්ලා යුද්දෙන් තුන්කාලක් දිනලා දුන්නේ හොරකම නවත්තපු නිසා. එහෙම හොරකම් කලාම ආර්ථිකය බංකොලොත් වීම විතරක් නෙමෙයි මුලු සමාජයම සම්පුර්ණයෙන්ම මානසිකව කඩාගෙන වැටෙනවා. රට ගැන හිතන්න ඕනේ මහා අපි හැදුනොත් ඇති. මම විතරයි රට නෙමෙයි. මේ තරම් උතුම් ගතිගුණ තිබුන සමාජය ජරාජීර්ණ වෙලා. දෙමාපියන්ට සලකන ,නෑදෑ මිත්‍රයන්ට සලකන ,ගමේ අසල්වැසියන්ට සලකන ,උතුම් ගතිගුණ නැතිවෙලා අද මොකාට මොක උනත් කමක් නැහැ මම විතරක් හැදුනොත් ,අනිත් එකා මරාගෙන හැදුනත් කමක් නැහැ බොහොම හොඳයි. සමාජ සංස්ථාව සම්පුර්ණයෙන් ගරා වැටිලා. මේකට කරන්න තිබෙන්නේ එකම එක දෙයයි . දෙමාපියන්ගේ සහ දරුවන්ගේ හිත වෙනස් කරන්න ඕනේ. හොඳ හැදියාවක් දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එයාලා තමයි රට බාරගන්න ඉන්නේ. ඒ වගේම අද නවීන ලෝකෙට හරියන අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හොද රැකියාවල් කරන්න පුළුවන් වෙන්න නවීන ලෝකේ අභියෝගයන්ට මුහුණ දෙන්න විද්‍යාව ,තාක්ෂණය, තොරතුරු තාක්ෂණය උගන්වන්න ඕනා. අපේ ලංකාවේ පාසල් 10200 ක් තිබෙනවා. විද්‍යාව උගන්වන විද්‍යාගාර තිබෙන පාසල් තිබෙන්නේ පාසල් 700 යි. පාසල් 10200 න් 700 ක පමණයි  විද්‍යාව ඉගෙන ගන්න තිබෙන්නේ.රට බංකොලොත් වුනු තත්වයකදී  රට හදන්නේ කොහොමද. ඉතින් කලාව ඉගෙන ගන්නවා. භූගෝලය ඉතිහාසය ,අරක මේක ඉගෙනගෙන විශ්ව විද්‍යාලේටත් ගිහින් කලාව කරනවා. කරලා රැකියාවල් හොයාගන්න බැරිව පාරවල් ගානේ රස්තියාදු වෙනවා බෝඩ් කෑලි අල්ලාගෙන. සම්පුර්ණයෙන් කඩාගෙන වැටුණු අධ්‍යාපනයක් තිබෙන්නේ. මගේ ආණ්ඩුව කාලේ මම යුද්ධයක් කරකර ,ආර්ථික යුද්ධයක් කර කර ,මගේ වේලාවෙන් විශාල ප්‍රමාණයක් මම ගත කෙරුවා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට. අති සාර්ථක වැඩපිළිවෙලක් හදලා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළා. මුළු ලෝකයම අපිට ප්‍රසංශා කළා. තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපට ප්‍රශංසා ලැබුනා. තුන්වන ලෝකෙට අයත්ව තිබුණු රටවල් 150 න් සාර්ථකම අධ්‍යාපන වැඩපිළිවෙලක් හැදුවේ අපේ ආණ්ඩුව කාලෙයි. ඒකට අපිට ප්‍රශංසා ලැබුනා. මහින්ද ආපුගමන් ඒ ගෑණිට පිස්සු කියලා අපි හදපු ක්‍රම සහ විධි සියල්ලම නැවැත්තුවා. ගුරුවරුන්ට ඕනේ විදිහට ආයේ නටන්න දුන්නා. ඒ මදිවට අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන නියෝජය ඇමති කෙරුවේ ටියුෂන් කාරයෝ දෙන්නෙක්ව. මුළු මහත් අධ්‍යාපනයම ටියුෂන් මගඩියක් බවට පත්වුනා. අද ටියුෂන් මාෆියාව තමයි ලංකාවේ අධ්‍යාපනය කරන්නේ. පාසල් වල උගන්වන්නේ නැතිව ළමයින්ට කියනවා ටියුෂන් යන්න කියලා. අනේ ඉතින් දෙමව්පියෝ ණයවෙවී තිබෙන ඒවා උගස් කර කර ,පුලුවන්නම් හොරකම් කර කර ළමයින්ව ටියුෂන් පන්ති වලට යවනවා. රජය දස කෝටී ගණන් වැය කරනවා ගුරුවරුන්ට ,විදුහල්පති වරුන්ට ගෙවන්න අනිකුත් දේවල් අධ්‍යාපනයට ලබාදෙන්න. මේක මහා විහිළුවක්. දැන් මේක ගොඩගන්නේ කොහොමද. අපිට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න. අරගලය ආරම්භ කෙරුවේ හොඳ තරුණ පිරිසක්. ඒ ගොල්ලෝ බැරිම තැන ගිහිල්ලා අරගලයක් කරලා 225 ම ගෙදර යවන්න ඕනේ.අපිට රැඩිකල් වෙනසක් අවශ්‍යයි කියලා ඒ අය සටනක් කළා.ඒ කියන්නේ අද රටේ තිබෙන ක්‍රමය ඔලිව උඩින් සිටවලා අනිත් පැත්ත ගහන්න ඕනේ නැත්නම් රට හදන්න බැහැ කියලා. හරියටම හරි.මෙම මම මීට අවුරුදු 3 කට පෙර කියපු දෙයක්. එහෙම කරන්නේ කොහොමද. උද සිට පහලට අපේ සමාජය කුණු වෙලා. රාජ්‍ය සේවයේ හොරකම් නොකරන කෙනෙක් සොයා ගන්න බොහොම අමාරුයි.එහෙම ඉන්නවානම් ඒ අය ළඟදීම බුදු වේවි.මහා එවුන් හොරකම් කරන කොට ඒ අයත් හොරකම් නොකර ඉන්නේ නැහැ.අපට පැහැදිලි සැලැස්මක් අවශ්‍යයි රට හදන්න.හැබැයි අද වනතෙක් ජනතා විමුක්ති පෙරමුණ ගැන මම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණෙන් මමත් හොඳට බැට කාළා තියෙන්නේ. මගේ මහත්තයා විජයව මගේ ඇස් ඉදිරිපිට සහ මගේ දරුවන්ගේ ඇස් ඉදිරිපිට මැරුවේ ජනතා විමුක්ති පෙරමුණයි.මාවත් මරන්න හිටියා. මම යන්තන් දරුවෝ දෙන්නත් එක්ක එංගලන්තයට ගිහින් බේරුනා. ඒ නිසා ඒගොල්ලෝ ගැන මම හොඳට දන්නවා. මගේ යාලුවෝ වෙඩි තියලා මැරුවා සිය ගණනක්.බුදුන් වහන්සේ කියපු විදිහට ඕනෙම මනුස්සයෙකුට වෙනස් වෙන්න පුළුවන් .මේ ගොල්ලෝ එසේ හැදිලද කියලා මම හරියට දන්නේ නැහැ.මටනම් ඒ ගැන සහතිකයක් නැහැ. ඒ ගොල්ලෝ ඔක්කොටම බනිනවා.ඒ ගොල්ලෝ විතරලු හොඳ, අනිත් ඔක්කොම වැරදිලු.එයාලා දූෂණයට විරුද්ධව කතා කලාට කිසිම විටක ඒගොල්ලෝ බලයට ආවොත් දූෂණය නවත්වන්නේ කොහොමද කියලා කිසිම දෙයක් කියන්නේ නැහැ.කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. මම අභියෝග කරනවා ජනතා විමුක්ති පෙරමුණට කියන්න දූෂණය නවත්වන්නේ කොහොමද. අපේ නව ලංකා නිදහස් පක්ෂය නිකුත් කල පොතේ තිබෙනවා දුෂණය නවත්වන්නේ කොහොමද කියන වැඩපිළිවෙල.රාජ්‍ය සේවයේ දුෂණය නැති කරන්න.ඇමතිවරුන්ගේ ,පළාත් සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ දුෂණය නැතිකරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා.එහිදී අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා.මම මේ මගේ හිතවත් ජනතාවට කියන්න ඕනේ කුමාර මහත්තය මැයි 9 වෙනිදා දෙකයි දෙකේ පොලුවලින් හොඳටම ගුටි කෑවා. වාහනෙත් ගිනි තිබ්බා.මාව මැරෙන්න ඔන්න මෙන්න තියලා මගේ ජිවිතේ බේරුනා. ඒක නිසා මම නැවත වාරයක් ,තව චිරාත් කාලයක් මැරෙන්නේ නැහැ.දේශපාලනයේ ඉන්නවා කියන එක කියනවා.මාව මරන්නත් බැහැ. අපේ කාලේ දැන් ඉවරයි අපි මේ රට අපේ දු දරුවන්ට බාරදෙන්න ඕනා.එකයි අප කලයුත්තේ. 225 ම හොරු කියන රටක අපි ජීවත් වෙන්නේ.එයින් එකෙක් මම.මමත් දැන් අවුරුදු 30 කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා.එහෙනම් මමත් උන්ගේ එකෙක්.ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා රට මේ තත්වෙට ගෙනාවා නම් අපේ යුතුකමක් තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා මේ රට නැවතත් ගොඩ ගැනීමට.දැන් ඡන්දයක් තිබෙනවා කියනවා. මේ ඡන්දේ තියනවා කියන කොටම මම මාධ්‍යයට ප්‍රකාශයක් දුන්නා රනිල් මහත්තය මේ ඡන්දේ තියන්නේ නැහැ කියලා. මොකද පොහොට්ටුවේ උන්ට ගමේ බැහැලා යන්න බැහැ. එක 10 ක් එක්කහුකරන්න බැහැ. එහෙම තියෙද්දී මේ ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා මේගොල්ලෝ ඡන්දය කල් දානවා.ඊලංගත මම කිව්වා රනිල් වික්‍රමසිංහ අපි ඔක්කොටම තරු විසිවෙන්න ටොක්කක් ඇන්නා කියලා.ඒ කිව්වේ ඡන්දේ කල් දානවා විතරක් නෙමෙයි රනිල් ලොක්කා අපි බැඳපු ඇප මුදල් වලටත් වැඩේ දුන්නා. දන් ලොක්කට සල්ලි නැහැ කියනවා. ගොටාභයට බැහැ දෙන්න එපා කියලාත් මමයි කිව්වේ.එදා මට ගොඩක් බැන්නා.නමුත් අවුරුද්දක් යනකොට ඔක්කොම පිළිගත්තා.දින 52 දී ආණ්ඩුව පිහිටුවන්න මහින්ද මහත්තයා අගමැති හැටියට යනකොට මම කිව්වා ඕක කරන්න එපා කියලා. චමල් මහත්තයත් කිව්වා.නෑ නෑ මට පුළුවන් කියලා ගිහිල්ලා අන්තිමට ඇනගත්තා.දැන් රට යන්නේ වැරදි පාරේ. මේගොල්ලන් රට ගැන හිතන්නේ නැහැ.මේ ඔක්කොම හිතන්නේ බලය ගැන විතරයි. දැන් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයයි මාලිමාවයි දෙගොල්ලෝ ගහ ගන්නවා.මේ රට ගැන නෙමෙයිනේ කතා කරන්නේ.මේ ආර්ථිකය ගොඩගන්න නෙමෙයි කතා කරන්නේ.දරුවන්ට රටක් දෙන්නේ කොහොමද කියලා කතා කරන්නේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා මාලිමාවට බනිනවා.අනුර දිසානායක මහත්තයා ටෙලිපෝන් එකට බනිනවා.මේකද රට බලාපොරොත්තු වෙන්නේ.මේ ඔක්කොම බලයට කෑදර කමට .මට ප්‍රේමදාස මහත්තයා උදව් කරලා තිබෙනවා. අද මම මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නේ එතුමා නිසයි.ඒක වෙනම දෙයක්.මම කියන්නේ අපි අපි ගහගන්න ඕනේ නැහැ.අපි රට හදන්න උත්සාහ කරන්න ඕනේ.මේකෙන් ප්‍රයෝජනය ගන්නේ කපටි රනිල් වික්‍රමසිංහ මහත්තයයි.මෙහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,ප්‍රියංගනී අබේධීර,සෙනාල් වෙල්ගම යාම මහත්ම මහත්මීන්ද සභාව ඇමතුහ.
“බය කරලා දරුවන් හදන්න බෑ“
0
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය.“ජනතාවගේ දුක පිළිබඳව තමාට කිසිවකුගෙන්වත් ටියුෂන් අනවශ්‍ය බව කී සජිත් ප්‍රේමදාස මහතා ගම හදා - රට හැදීම තම මූලික දර්ශනයක් බවද” කීවේය.ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කටුගම්පොළ පන්නල, නාත්තන්ඩිය කටාන සහ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශවලදී ජනරැලි පැවැත්වුණ අතර පන්නල ජනරැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ කටුගම්පොළ සංවිධායක බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. පන්නල ජනරැලියේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“ගම්උදා සංකල්පය ආරම්භ කළ පුරවරය වන මෙහි ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනය වන්නේ යකාබැඳිඇල්ල වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මා ජනපති වූ සැණින් ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.මෙයින් මෙහි පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම ලැබෙන අතර මාකුඹුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් අදහස් කරනවා.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද විසඳන්න කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ මැටි කර්මාන්තය ද ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානිය නැති පරිදි ඒ කර්මාන්තයේ නියැළී සිටින පවුල්වලට අවශ්‍ය ශක්තිය දෙන්න මා කටයුතු කරනවා. උළු කර්මාන්තකරුවන් සඳහාත් උපරිම දිරිය සහ ශක්තිය දීමටත් අප ක්‍රියා කරනවා.එමෙන්ම බුලත් වගාවේ නියැළි විශාල ගොවි පරපුරක් මෙහි සිටිනවා. බුලත් අපනයනයේදී පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම තුළ බුලත් වගාකරුවා අසරණ බවට පත්ව තිබෙනවා.මගේ රජය ජනතාවාදී රජය බව කිව යුතුයි. සැම විටම පොදු ජනතාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින්න මම සෑම විටකම කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුණ බදු බර ඉවත් කර පීඩනය වෙනුවට සහනය දෙන්න ක්‍රියා කරනවා.මෙරට දුක් විඳින දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහනකට අමතරව ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි දියුණුවත් සමග රටේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය සඳහා දැවැන්ත ශක්තිය දී මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීමටත් මා ක්‍රියා කරනවා.රට මුදවාගෙන වැඩ පෙන්නපු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය කිරීමෙන් මෙරට අන්තවාදී ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන්න කටයුතු කරනවා. එමෙන්ම රටේ අනාගතය වනසන කුඩු වෙළෙන්දන්ටත් අවසන් ඉරණම ළඟා කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්‍ෂක අංශ නවීකරණයට ලක් කර නවීන අභියෝගවලට මුහුණ දීමට හැකි පුහුණුව දෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. බුද්ධි අංශ තිබෙන්නේ රටේ උද්ගතවන ගැටලුකාරී තත්ත්ව, අභියෝග ගැන වේලාසනින් කරුණු සොයා බලා යථාර්ථවාදී උපදෙස් දී විනාශය වැළැක්වීමට කටයුතු කිරීමටයි. ඒ නිසා රටේ බුද්ධි අංශ සහමුලින්ම නිර්දේශපාලනීකරණය කිරීමට මා කටයුතු කරනවා.ලෝකය තරහ කරගෙන අපට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. මම වැදගත් රටවල් සමග සෘජු, විනිවිද බවකින් යුතු සබඳතා ගොඩනගනවා ඒ සබඳතා තුළින් නූතන ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහ වෙනත් කරුණු පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනවා.මන්දිර දේශපාලනය මා ප්‍රතික්ෂේප කරනවා. බදු මුදලින් පෝෂණය වන පාලකයකු බවට මා පත්වන්නේ නැහැ. මෙරටට සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මගේ පෞද්ගලික නිවාසවල සිටයි.මගේ කාලය තුළ දැවැන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. ඒ තුළින් සෑම ග්‍රාමසේවා වසමක්ම ශක්තිමත්  කෙරෙනවා.හැම උප දිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර තලයේ නව තාක්ෂණ විද්‍යාගාරය මා ආරම්භ කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නොමිලේ ලබා දෙන්නට කටයුතු කරනවා.මේ වැඩසටහන් තුළින් ගම හදා - රට හැදෙනවා. අපනයන දැනුම නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් ආර්ථිකය මා නිර්මාණය කරනවා.ජනතාව අධික ජීවන බරක් දරනවා. 2014 වසරේ තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා 2019 වසරේ බොහෝ භාණ්ඩවල මිල අඩු බව කිව යුතුයි. සත්‍ය එයයි. නමුත් ආදායම් මාර්ග සීමාවීම තුළ ජීවත්වීමේ බර ඔබේ කරමත  පැටවිලා. ඒ පීඩනය මා හොඳින්ම දන්නවා. ජනතාවගේ දුක පිළිබඳව කිසිවකුත් මට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැහැ. ඒ සියල්ල පිළිබඳව මට හොඳ අවබෝධය තිබෙනවා.ජාතික නිෂ්පාදනය වර්ධනය කර ජනතා බදු අවම කර  පීඩාකාරී  ජීවන තත්ත්වයෙන් ඔබ මුදාගෙන පොඩි මිනිසාට සෙත සැලසෙන යුගය ආරම්භ කරනවා” යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:“අප මේ සටන කරන්නේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. ජනතා අවශ්‍යතාව ලෙස අප සජිත් ප්‍රේමදාස මහතා පත් කළා.2015 වසරට පෙර රටේ තිබූ තත්ත්වය ඔබට අමතක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදුණු සුදු වෑන් යුගය එකල තිබුණා. ඒ යුගය පරදා අප ලබාගත් ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. රට නැවත භයානක යුගයට තල්ලු කරන්නට අපට හැකියාව නැහැ.බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවායක් ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි”.සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:“එක් පැත්තකින් නඩු රැසක විත්තිකාරයකු ඉන්නවා. මේ පැත්තෙන් තරග කරන්නේ කම්කරු පන්තියෙන් උපන් නායකයයි. සජිත් යනු තම පියා මෙන්ම කම්කරුවන්ගේ හද හැස්ම දන්නා නායකයකු බව කිව යුතුයි.අප අපේක්ෂක තෝරා ගත්තේ සියලු පක්ෂ සංවිධානවල අනුමැතියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි. අනෙක් එක්කෙනා  තෝරා ගන්නේ රෑ කෑම මේසයේදීයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළාට නිර්ධන පන්තියේ එක් මිනිහකුට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ”.එක්සත් ජාතික පක්ෂ පඬුවස්නුවර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:“කලින් දුවපු හාවෝ ඔක්කොටම දැන් හති වැටිලා ඉවරයි. අපේ ජයග්‍රහණය තහවුරුයි. ගෝඨාභයට කිසිම දැක්මක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අසන විට ගොළු වෙනවා.සහරාන්ගේ බෝම්බයෙන් ඒ අය කිරි පැණි කෑවට අප එසේ කරන්නේ නැහැ. යහපාලන මුවාවෙන් අපට සම්බන්ධ වූ හොරු ටිකත් කුණු ටිකත් අපේ පැත්තට තල්ලු කර නැවත රාජපක්ෂ පිලට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ සාමාජිකයන් සියලුම දෙනා ඉන්නේ අප සමගයි”.කර්මාන්ත, වාණිජ කටයුතු, සමුපකාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා:“මා මෙහි පැමිණ ඇත්තේ යුග පෙරළියක් සඳහායි. ඉතිහාසයේ සිට රටට දැනෙන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටිනවා. එතුමාගේ වටා සිටින්නේ මැර බලය නොවෙයි ජන බලයයි”.මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
1
 (අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)“රටේ වැඩකාරයන් සියලුම දෙනා එකතු කර ගනිමින් රට ගොඩනගන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවැසීය.“රණබිමේ සිට යුද්ධය ජයගත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්‍ෂාවේ ඉහළම වගකීම පවරන බව” ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ ජනපතිවරණ ප්‍රචාරක මංගල රැලිය අමතමිනි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැලිය සඳහා ගාලු මුවදොර පිටිය, ඒ අවට මහා මාර්ග අති විශාල ජනතාවකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, නවීන් දිසානායක යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.පැමිණ සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගාලු මුවදොර පිටියට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගෙන් එතුමන්ට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.“රට දිනවන, ජනතාව දිනවන එක්ව ඉදිරියට යන රැළියට එක් වූ සැමට ප්‍රණාමය පුද කරනවා.ඇරැඹුමේදීම සමාව ඉල්ලනවා. මගේ කතාවක දී ඇත්වැරැද්දකින් ශ්‍රී මුඛය යැයි කිව්වා. ඒ වචනයට මා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අතින් අතපසුවීම වුණා.මා කිසි විටක සමාව ඉල්ලන්න පැකිළෙන්නේ නැහැ. අද ලක්‍ෂ ගණනකින් ජනතාව මෙහි එක්ව සිටිනවා. කැප කිරීම් කර පරිත්‍යාග කර අප සමග එක්ව ඉන්නවා.එළැඹෙන ජනාධිපතිවරණයේ දී මව්බිමේ ජනතාව නව ගමනක ඇරැඹුම තබන විට ජාති, ආගම් බේදවලින් තොරව මා පෞද්ගලිකව කළගුණ දක්වනවා.දවසින් දවස අප ජනතා තීන්දුව කරා ළංවෙනවා. ජනතා බලාපොරොත්තුව ජනතා අනාගතය ද? පවුලක අනාගතය ද? අද රට ඉල්ලන්නේ රට නගන නායකයන් ද? විනාශය කරා ගෙනයන නායකත්වයක් ද?පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය කරපින්නාගත් නායකත්වය අපට එපා, වහල් නීතියක් අවශ්‍ය නැහැ. එළැඹෙන ජනාධිපතිවරණයේ දී රටේ පොදුජන හඬ දිනවනවා.අලුත් දශකයේ, අලුතින් හිතන දශකය කර ගනිමු. දක්‍ෂ හපන්කම් මතු කර ලෝකය දිනමු. ලෝකයේම අංක එක රට ලංකාව බවට පත් කරමු.අලුත් සිතුවිලි, ප්‍රවනතා, තාක්‍ෂණය තුළින් ඉදිරියට යන රට ගොඩනගමු. මානව හිතවාදී රට, නිදහසේ හුස්මගත හැකි රට, නිෂ්පාදන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරන රට, අපනයන වෙළෙඳපොළ සහිත රට, සැමට සෞභාග්‍ය උදාකරන රට ගොඩනගමු.නිහඬ බහුතරයට කන්දෙන රට, කම්කරු, ධීවර, ගොවි ප්‍රජාව, රාජ්‍ය සේවකයින් දිනවන රට ගොඩනගමු.අපගේ මාතෘ භූමියේ අනාගතය තීරණය කළ යුත්තේ වලව්ව ඇතුළේ නොවෙයි. ගම් නියම්ගම් පුරා දහඩිය කඳුළ වගුරන ජනතාව. කාන්තා පරපුර, පංච මහා බලවේග සමග අප තීරණ ගන්නවා. වලව්වක් ඇතුළේ පවුලකට රටේ න්‍යාය පත්‍රය තීන්දු කරන්න ඉඩ දෙන්නේ නැහැ.මව්බිමේ මෙතෙක් නොවූ පරිවර්තන යුගය අප නිර්මාණය කරනවා. අපට අවශ්‍ය මව්බිම අභිමානයෙන් යුක්ත දේශය කරන්නයි.අපට ඉතිහාසයක් තිබෙනවා. සංස්කෘතිය තිබෙනවා. අපේකම රකින සංවර්ධන රට අපි නිර්මාණය කරමු.අප නිර්මාණය කරන අලුත් ලංකාවේ සොරකමට ඉඩ නැහැ. දූෂණයට, වංචාවට ඉඩ නැහැ. රාජ්‍ය දේපළවලට අත තබන්නේ නැහැ. ඉතිහාසයේ පිරිසිදුම ආණ්ඩුව මා හදනවා.ඒ අරමුණට පරස්පරව වැඩ කරන්න කවුරුන් හෝ බලාපොරොත්තු වනවා නම් ආණ්ඩු හදනවා වෙනුවට ඇත්තටම ගෙදර යන්න.අප කැපකිරීම් කළ යුතුයි. වරප්‍රසාද ගැන හිතන්නේ නැහැ. නැහැ බැහැ කියන වචන මගේ ශබ්ද කෝෂයේ නැහැ. ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම මගේ එකම අරමුණයි.ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් දෙන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් පත්වෙන්න මා සූදානම්.මා අයිතිකරුවා නොව තාවකාලික  භාරකරුවා ලෙස කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකිමින් රට රකින්න මා සැදීපැහැදී ඉන්නවා.රටේ ජවසම්පන්න තරුණ පිරිසක් ඉන්නවා. රටේ තරුණ පරපුරේ ජනතා සේවකයා වෙන්න මා සූදානම්. අපේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් නොකර දැනුමෙන් ශක්තිමත්, බුද්ධිමත් තරුණ පරපුර ඉදිරියට ගෙනයන මාවත අප නිර්මානය කරනවා. නව නිර්මාණවලට තැන දෙන ගමන හදනවා.තරුණ පරපුර සමඟ මා තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරනවා. ඒ පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන විට තරුණ පරපුර කාටවත් වහල් විය යුතු නැහැ. ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් වෙනවා.මා රටේ මාතෘත්වය දේවත්වයෙන් සලකනවා. මව්වරුන් විදේශ විනිමය උපයා දෙන ශක්තිය අපට අමතක කරන්න බැහැ.කාන්තා ප්‍රඥප්තියක් ද නිර්මාණය කර රටේ කාන්තාවන්ට දිය යුතු ශක්තිය දෙනවා.රටට බත සපයන ගොවි ජනතාව සඳහා ගොවි ප්‍රඥප්තියක් හදනවා. මා ගොවීන්ට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. ගොවීන් සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් හදා ගොවි පරපුරේ නිෂ්පාදන සඳහා සහතික මිලක්ද දීමට කටයුතු කරනවා.පෞද්ගලික ව්‍යවසායකයන්ට හානියක් නොවන ආකාරයට මා කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. එය සැබෑ කම්කරු ප්‍රඥප්තියක් බව කිව යුතුයි.ජාතික ආරක්ෂාව ගැන අද වැඩිපුර කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ.යුද්ධය ජයගෙන ඔප්පු කර පෙන්වපු අයට ඒ වගකීම දිය යුතුයි. රණබිමේ සිට ඒ ශක්තිය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාවේ ඉහළම වගකීම මා දෙනවා. එතුමා කාඞ්බෝඞ් වීරයෙකු නොවෙයි. මහ පොළොවේ සැබෑ වීරයෙකු බව කිව යුතුයි.අනාගත රජයක් තුළ වාද බේද පෞද්ගලික රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. වැඩකාරයන් එකතුකොට රට ගොඩනැගීම මගේ අරමුණයි.සරත් ෆොන්සේකා රට දැය වෙනුවෙන් ඉටුකළ කාර්යයට කළගුණ  දැක්වූයේ ජම්පර ඇන්දවීමෙනුයි. මගේ රජය තුළ දේශපාලකයන්ට ජම්පර අන්දවන්නේ නැහැ. එය තීරණය කරන්නේ අධිකරණයයි.ඒ නිසා සරත් ෆොන්සේකාට විශාල වගකීමක් තිබෙනවා. නූතන ත්‍රස්තවාදයට මුහුණ දෙන සැලසුම් හදා ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න එතුමාට ශක්තිය තියෙනවා. මා කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ.සරත් ෆොන්සේකා මහතාට කුඩු ජාවාරම් විනාශ කිරීමේ වගකීම තිබෙනවා. මම මිනිස් ජීවිත සුරකින පුද්ගලයෙකු වනවා. රටේ දරු පරපුර කුඩු ජාවාරම්කරුවන්ට කළ යුත්තේ ඔවුන් වෙනුවෙන් ඉහළම දඬුවම දිය යුතු බවයි.ජනතාවට අධික ජීවන බරක් බදු බරක් තිබෙනවා. රට ගොඩනගන කාර්යය විෂය පිළිබඳ ප්‍රවීනයන්ට බාරදෙනවා. ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන ආයතනයන්ට හැකියාව මත පත්වීම් දෙනවා. ඒ තුළින් විශේෂඥ දැනුම අනුව රටට නව ආර්ථීක චින්තනයක් උදා කිරීමට අවස්ථාව ලැබෙනවා.සමෘද්ධි ව්‍යාපාරය මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධිලාභීන් සඳහා නව සහන පැකේජයක් දෙනවා.මා අලුත් නායකත්ව පරපුරක් සමග ගමන යනවා. අනාගත රජයේ සාමාජිකයින් පඩි ලබන පුද්ගලයන් ලෙස නොව ජනතා සේවකයින් බවට පත් විය යුතුයි.අපගේ අනාගත ගමන දසරාජ ධර්මවලට අනුකූලව ක්‍රියාත්මක කිරීම අරමුණයි. බුදු දහම අනුගමනය කරන බෞද්ධයකු ලෙස මා එය කියනවා. දැහැමි සංවර්ධිත ශිෂ්ටසම්පන්න ජාතික ආරක්ෂාව රකින නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.සෑම උපදිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ඉදි කරනවා.බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටවූයේ මගේ පියායි. සෑම විහාරස්ථානයකම දහම් පාසල් ගොඩනැගීම සඳහා මා රාජ්‍ය අනුග්‍රහය දෙනවා.අප අලුත් ගමන වැඩ පිළිවෙළ සමග ඉදිරියට එනවා. ශිෂ්ටසම්පන්න ගමනක් යනවා.නැවත වරක් එක්නැලිගොඩ අතුරුදන් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුගය අවශ්‍යද? රතුපස්වල ඝාතකයන් අවශ්‍යද. ජනතාවට වෙඩි වරුසා එල්ල කළ අය නැවත අවශ්‍යද? ඒ යුගය අවශ්‍යද?ඔබට අවශ්‍ය භීතියද? සතුටද? නීතියද? අවනීතියද? අයුක්තියද? යුක්තියද? පවුල් සංවර්ධනයද? රට සංවර්ධනයද? කියා තීරණය කරන්න.මා කම්මැලි දේශපාලනය කරන්නේ නැහැ. මා හැම ආසනයකටම එනවා. පක්ෂ බේදයකින් තොරව සංවිධානය කරනවා.මට ශක්තිය තිබෙනවාදැයි ප්‍රතිවාදීන් අහනවා. කාමරයක් ඇතුළේ කළ තීන්දු තීරණවලට වඩා මගේ ශක්තියෙන් අපේක්ෂකත්වය ගත්තා. මට අපේක්ෂකත්වය දුන් අගමැතිතුමාටත් ඉහළම ප්‍රශංසාව පුදකරනවා.අපගේ මව්බිම ජීවිතයටත් වඩා රැකගෙන පාලනය ගෙන යනවා යැයිද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා-අද අපේ රට ගොඩනගන්න ඇමෙරිකානු දේශපේ්්‍රමියකු ඉදිරිපත් වී තිබෙනවා. මේ රට ගොඩනගන්න පුළුවන් ඇමෙරිකානු පුරවැසියකුට ද දේශයේ උපන් ජනනායකයකුට ද කියලා ජනතාව තීරණය කළ යුතුයි.ගෝඨාභය රාජපක්ෂ එන්නේ විනයගරුක රටක් හදන්නයි. හොරට ජාතික හැඳුනුම්පත්, පාස්පෝට් හදාගෙන ෆයිල් හංගපු පිරිස කොහොමද විනයගරුක රටක් හදන්නේ කියා අපි අහනවා යැයි ඔහු එහිදී පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා -එජාපය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ මතවාද තිබුණා. අද අප සියලු දෙනා එකට එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න කැප වී සිටිනවා.සජිත් ප්‍රේමදාස මහතා රටේ අනාගත ආරක්ෂාව මට භාර දුන්නා. යුද්ධය තවත් හමුදාපතිවරයෙකුට තියන්නේ නැහැ කියා එදා මම පොරොන්දුවක් දුන්නා. අද මම කියනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සුරක්ෂිත ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවෙනවා කියලා යැයි ද ඔහු පැවැසීය.එජාප මාධ්‍ය ප්‍රකාශක සහ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-අප “එක්ව ඉදිරියට” යන තේමාවෙන් මේ වැඩපිළිවෙළ ගෙනියනවා. එක්ව ඉදිරියට කියන්නේ සිංහල - දෙමළ - මුස්ලිම් පාට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු ජනතාව සජිත් එක්ක එක්ව ඉදිරියට යන නිසයි.ගෝඨාභය මේ වන විටත් ඉන්නේ සිංගප්පූරුවෙයි. පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවෙයි. හැබැයි කතාව කරන්නේ ජාතික ආරක්ෂාව, දේශ හිතෛෂිභාවය ගැනයි. මේ අයගේ බොරු බේගල්වලින් තවදුරටත් ජනතාව අන්දන්න බැහැ යැයි’ ඔහු එහිදී පැවැසීය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි-“ලංකාවේ සියලුම පුරවැසි බලවේග අද සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්වී සිටිනවා. අප ඒකාධිපතියන් බිහි වන්නට ඉඩ දෙන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යයට අත තියන්න අප ගෝඨාට ඉඩ දෙන්නේ නැහැ.අද ගෝඨා බලාගෙන කියවීම කරනවා. අප එය කළේ හෝඩියේ පන්තියේදීයි. ශ්‍රී ලංකාවේ හිට්ලර්ලාට අප ඉඩ දෙන්නේ නැහැ. එදා ගෝඨා එනවිට මාධ්‍යවේදීන් දිව්වා. අද මාධ්‍යවේදීන් එනවිට ගෝඨාභය දුවනවා. වෙනස එයයි.” එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ගාලුමුවදොර පමණක් නොව බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ප්‍රදේශ පවා ජනකායෙන් පිරී ගිහිල්ලා. සමගියේ බලය මෙයයි. මේ එකමුතු බව ගොඩනැගූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුද කරනවා.අද ඇරැඹූ සටන අප ඉදිරියට ගෙනයනවා. අපට චෝදනා නැති නිසා පොඩි පොඩි වචන අල්ලාගෙන දඟලනවා. මේ මැච් එකත් පවුල ද? රට ද? යනුවෙන් ජනතාව තීරණය කළ යුතුයි.පවුල්වාදය අවශ්‍ය නම් පොහොට්ටුවටත්, රට අවශ්‍ය නම් හංසයාටත් ඡන්දය දිය හැකියි. යුක්තිය අවශ්‍ය නම් හංසයාටත් අයුක්තිය අවශ්‍ය නම් පොහොට්ටුවටත් ඡන්දය දිය හැකියි.”එක්සත් ජාතික පක්ෂ උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා- “අප එක පවුලක් සේ මේ සටන ඉදිරියට ගෙන ගොස් ජය ගන්නවා. අප ප්‍රතිවාදීන් මෙන් උතුරට එක කතාවක් කියා දකුණට තවත් කතාවක් කියමින් ජනතාව රටවන්නේ නැහැ.සියලුම ජාතීන් එක ධජයක් යටතට ගෙන රට ශක්තිමත් කිරීම අපගේ එකම අරමුණයි. එක්සත් ජාතික පක්ෂ ජනපති කෙනෙකු අගමැති කෙනෙකු යටතේ අප රටට යෝධ සංවර්ධනයක් උදා කරනවා.” එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“ලබන 16 වැනිදා මෙරට ජනපති සජිත් ප්‍රේමදාස බව මේ ජනකාය දුටු විට අපට පැහැදිලිවම කිව හැකියි. විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා. සජිත් මෙන්ම මමත් වසර 19ක දේශපාලන ගමනක් පැමිණ තිබෙනවා. සජිත් ගම් මට්ටමෙන් දේශපාලනය පටන් ගත්තා. ගෝඨාභය ගම් සභාවකවත් ඉඳලා තිබෙනවාද? මිනිසුන්ගේ දහඩිය සුවඳ දන්නවාද? බැලුම් බෝල වගේ උඩින් එන නායකයන් ජනතාවට අවශ්‍ය නැහැ. සජිත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වනවා. හිංසාවාදී නායකයෙකු නොවෙයි. සුදු වෑන් එවන නායකයකු නොවෙයි. අත්වල ලේ තවරාගත් නායකයන් රටට අවශ්‍ය නැහැ.” කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර  මහත්මිය- “මේ දවස එනතුරු අප දිගු කාලයක් බලා සිටියා. වසර 25ක් තිස්සේ අපේම කියා ජනාධිපතිවරයකු බිහිකර ගැනීමට නොහැකි වුණා. ජාති ආගම් බේදවලින් තොරව සියලුම පාර්ශ්ව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා ඒකරාශිවී සිටිනවා.”විශාල ජන ගංගාවක් රැලියට සහභාගි වී සිටියහ. 
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේමදාස මහතා ජාති ආගම් කිසිදු බේදයකින් තොරව හංසයාගේ සෙවණ යටට එක්වීමට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථාව තිබෙතැයිද සඳහන් කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.මහවැසි මැද ජනතාව ජනරැලිවලට සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය.බලංගොඩ ජන රැලියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ උපන්බිමේ ජීවත්වන සියලුදෙනාටම ශක්තිසම්පන්න ජීවිතය දීම මගේ අරමුණයි.ප්‍රදේශයේ අබුසාලි මහතා කාටවත් අමතක කරන්න බැහැ. බලංගොඩ අනාගත වගකීම තලතා අතුකෝරල මහත්මිය බාරගෙන කරන සංවර්ධනයට මා උපහාර කරනවා. බලංගොඩ සංවර්ධන සුරපුරය කරන්න මා කැප වෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. තේ කර්මාන්තය ප්‍රමුඛ ප්‍රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා. සුළු අපනයන බෝග, ගොවීන් රැකීමටත් මා කටයුතු කරනවා.ගම්මිරිස් සඳහා සහතික මිලක් දෙනවා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය මා සහමුලින්ම නතර කරනවා.එළවළු වගාවේ සහ පලතුරු වගා කරන ගොවි ජනතාව රැකගන්න මා කැපවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය ප්‍රචලිතයි. මෑත කාලයේ පැනවූ අසාධාරණ නීතිරීති නිසා මැණික් කර්මාන්තකරුවා අසාධාරණයට ලක්ව සිටිනවා.ඔබේ ශක්තියෙන් ජයගත් පසුව නොවැම්බර් 17 වැනිදා සිට තීන්දු ගන්නේ සමස්ත ජනතා මතයට අනුවයි.මැණික් කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට මා ප්‍රකාශයක් කරනවා. නොයෙක් අය දෙන සීනිබෝල පිළිගන්න එපා. ප්‍රේමදාස කෙනකු වචනයක් දුන්නොත් ඒ වචනය පණටත් වඩා රකිනවා.රත්නපුර දිස්ත්‍රික්ක ශක්තිමත් සංවර්ධනයට යොමු කර සංවර්ධනයෙන් බබලන දිස්ත්‍රික්කය බවට පත්කරන්න මා පෞද්ගලික අවධානය යොමු කරනවා. රත්නපුර සංවර්ධන යුගය මා අරඹනවා.ධාරාණිපාත වර්ෂාව මැද ඔබ මේ තරම් උනන්දුවෙන් මා සමග රැඳී සිටීම ගැන ස්තුති කළ යුතුයි. පසුගිය දශකය පුරා මේ ප්‍රතිපත්ති තීන්දු ගන්නාවිට දුටුවේ ඉහළින් තීන්දු ගෙන පහළට යාමයි.මහ පොළොවේ පය ගසා සිටින ජනතාව ගැන අවධානයක් යොමු වී නැහැ. නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහාගේ කරපිටින් ජනපති ධූරය ලැබෙන විට ජනතා ප්‍රශ්න කරටගෙන විසඳීමට කටයුතු කරනවා.රටේ සංවර්ධනය ජනතා අදහස් මත ජනතාවාදී තීන්දු ගන්නවා.රත්නපුර කොළොන්නේ සංවර්ධන කටයුතු සඳහා මගේ පියා යනවිට දුටු දර්ශනයක් දැක පාසල් දූදරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය දෙන බවට පොරොන්දු වූවා. දිවා ආහාර ක්‍රමය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය රජයේ හිටපු ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එය කපා හැරියා.රටේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. මගේ පියා නිල ඇඳුම් දී මේ සිතුවිල්ල සිතට ගත්තේ කොළොන්නේදීයි. ජනපතිවූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය දෙන්න මා කැප වෙනවා.මා කරන්න යන දේ කපා දමා කතාව පළ කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ අපේක්ෂක පරාජය වන බව දන්නා නිසයි. එක් අපේක්ෂකයකු විතරක් උස්සන්නට මගේ ප්‍රතිඥා කපා දමන්නේ ඇයි?අප ගාලු මුවදොර ඓතිහාසික ජන රැලිය කළා. ඉතිහාසයේ කිසිදිනෙක එවැනි සෙනඟක් පැමිණ නැහැ. රටපුරා රැලි 151ක් මා පවත්වනවා. මගේ ඥාති සහෝදරයා රැලි වලට එවන්නේ නැහැ. අප ළඟ පවුල්වාදය නැහැ. ජනතාව අතරට එන්නේ මා පමණයි.ඒ උදවිය කතා කරන්නේ මිනිස්කම පපුවේ තබාගෙන නොවෙයි. සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ සමගම ජනසවිය සහනයත් ජනතාව වෙත දීමට කටයුතු කරනවා.මට අමුතුවෙන් රට වටේ යන්න හේතුවක් නැහැ.  වසර හතර හමාරක් මා සිටියේ ජනතාව සමගයි. කිසිම සැකයක් නැතිව ප්‍රේමදාස පුතාට ශක්තිය දෙන්න. කොන්ද කෙළින් තබාගෙන රට මා රැකගන්නවා. රට එක්සේසත් කරනවා. ජාත්‍යන්තරයේ කිරුලු පළන්ඳනවා.මගේ ජීවය ප්‍රාණය ඔබේ ඇසුරයි. ඔබ මහා බලාපොරොත්තු සිතේ තබාගෙන මා සමග එක්ව සිටිනවා. ඔබේ අහිංසක බලාපොරොත්තු රැසක් තිබෙනවා.ජනපති වන්නේ මට සුරසැප විඳින්න නෙවෙයි. ඔබ වෙනුවෙන් දුක් විඳින්න මහන්සි වෙන්න මා සූදානම්. රටට අවශ්‍ය සොඳුරු නායකත්වයයි. රටට නායකයින් වන්න ගෝනි බිල්ලන්, භීෂණ කප්පිත්තන් අවශ්‍ය නැහැ.මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය සිටින්නේ මා සමගයි.දේශපාලන අවස්ථාවාදීත්වයට මා තැන දෙන්නේ නැහැ. දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවෙයි. මා සමග කව්රුත් එක්වන්නේ ප්‍රතිපත්ති අනුවයි. මා සොරා කා නැහැ. වංචා දූෂණ කර නැහැ. ජාති ආගම් වලින් තොරව මට ඔබේ ශක්තිය අවශ්‍යයි.මහවැසි මැද ඔබ රැඳී සිටි අයුරු පුදුමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබෑ යුද වීරයා ආරක්ෂක හා නීතිය හා සාමය ඇමති බවට මා පත් කරනවා.ඒ කතාව කී සැණින් ප්‍රතිවාදීන් බයවෙලා. නියම යුද වීරයා කව්ද? කාඞ්බෝඞ් වීරයා කව්දැයි ජනතාව දන්නවා.පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මගේ ප්‍රතිපත්තියයි. නිල ඇඳුම නැති නිසා පාසල් නොයන තත්ත්වය වහාම නතර කළ යුතුයි.මේවා කරන්න මට සල්ලි තිබෙනවා. මා ආවාට ගියාට පිටරට යන්නේ නැහැ. ගෝලබාලයන් එක්ක යන්නේ නැහැ. මුදල් නාස්ති නොකර ජනතාවට වගවීමේ හොඳම ආදර්ශය ජනපතිගේ සිට දෙනවා. මා කියන දේවල් අපරාධ වියදම බව ඇතැමුන් කියනවා. මෙය රට වෙනුවෙන් කරන ආයෝජනයයි. දරුවන්ට ක්ලාන්තය හැදී වැටෙන යුගය අවසන් කරනවා.මා කාගෙන්වත් පලිගන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට, එක්නැලිගොඩට, පෝද්දල ජයන්තට වූ දේ ජනතාව දන්නවා. එවන් දෙයක් සජිත් ප්‍රේමදාස යුගයේදී වන්නේ නැහැ.නිදහස් මාධ්‍යයට මා ගරු කරනවා. තර්ජන ගර්ජන මා කරන්නේ නැහැ. තර්ජන ගර්ජන කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයට දෙනවා.ශිෂ්ට සම්පන්න මහත්මා නායකත්වය මා රටට දෙනවා. එමෙන්ම රට ලෝකය සමග ගනුදෙනු කරද්දී අපේකම රජකරගෙන රට දිනවන ගිවිසුම්වලට පමණක් අත්සන් කරනවා.මගේ ලේ නහරවල ඇත්තේ රණසිංහ ප්‍රේමදාස සංකල්පයි. රට මා විකුණන්නේ නැහැ. පාවා දෙන්නේද නැහැ.කුලමල බේද වලින් තොරව හංසයාගේ මහා සෙවන යටට ඔබට පැමිණිය හැකියි. අපි අලුත් ලංකාවක් බිහි කරමු. අපේ මව්බිම ජාත්‍යන්තරයේ ශක්තිමත්ම රට බවට පත්කරමු යයිද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියමා ඔබේ ජීවිතය ජය ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. අප ඉතා අසීරුවෙන් 2015 ජනපතිවරණය කළා. අද අපට ඔච්චම් කරමින් නැවත පවුල් පාලනය ගෙන්න හදනවා. ඒවාට ඉඩ දෙන්නේ නැහැ.අද මිනිසුන්ට නිදහසේ මැතිවරණ කරන්න ඉඩදීලා. අප මේ මැතිවරණය ජයගන්නවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දෑත් පිරිසුදුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් පිරිසුදුයි. එදා පොඩි මිනිහා වෙනුවෙන් ශක්තිය දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.සහරාන්ලාට පඩි ගෙවා කල්ලි හැදූ අය අද අපට සහරාන්ලාගේ ලේබල් අලවන්න හදනවා. ඒ පවුල උත්සහ කළේ පවුලේ ඥාතීන්ට බලය ගන්න පමණයි. ඒකාධිපති වියරුවට ඉඩ නොදී සජිත් ජනපති කරන්න අපි සැම කැපවෙමු.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාඑක්සත් ජාතික පක්ෂය යනු ජාති බේද පන්ති බේද නැති පක්ෂයයි. අප ශක්තිමත් නායකයකු ඉදිරිපත් කළා. සජිත් යනු දුප්පත් නිර්ධන පන්ති සටනේ නායකයායි. ඔබේ සිහින ඉටු කිරීමට හැකි එකම නායකයා සජිත් පමණයි.මෙවර මැතිවරණයේදී පක්ෂ අවශ්‍ය නැහැ. සියලු පක්ෂවල දුප්පත් ජනතාව ඉන්නවා. සජිත් අයිති වන්නේ වැඩකරන ජනතාවටයි.සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලා යැයි කියනවා. එකම ඇඳුම අඳින බව කියනවා. ගෝඨාට තිබෙන චෝදනා මොනවාද? ඒ ගැන රටම දන්නවා.සජිත්ට චෝදනා තිබේද ගෝඨාභයට චෝදනා තිබේදැයි තරාදියකට දමා කිරා මැන බලන්න.ජාතික ආරක්ෂාවට දිය යුතු හොඳම උත්තරය සජිත් ප්‍රේමදාස මහතා දී තිබෙනවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාඅතීතයේ සිට අපේ පක්ෂයේ නායකයකු ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව රටට ශක්තිය දීමට හැකි නායකයකු ඉදිරිපත් කළා.එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණු පසු ඒ වාසිය ගෙන ජයගන්න පොහොට්ටුව බලාගෙන හිටියා. සජිත් ජනපති වූ පසුව ගෝඨාභයට දේශපාලන අනාගතය නැහැ.සුළු ජාතික ඡන්ද පදනම නැතිව ජනාධිපතිවරණය ජයගන්න හැකියාව නැහැ. අප රාජපක්ෂ එලෙව්වා වගේම රාජපක්ෂගේ මල්ලිත් එලවා දානවා.රාජපක්ෂ කඳවුර එකිනෙකා මරාගන්න තැනට දැන් පැමිණිලා.විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගී වී සිටියහ.
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න  මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ  භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්‍ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර 
“ජනදුක ගැන මට කාගෙවත් ටියුෂන් ඕනෑ නෑ“
0
(අංජුල මහික වීරරත්න, නිවිතිගල ආරියරත්න මාමුහේවා සහ පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)වැඩිවන බඩු මිලට මුහුණදීම සඳහා රජය දෙන සහන බඩුමල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලෙන් මෙන්ම ගමේ සිල්ලර කඩයෙන් ද ගැනීමට හැකි ක්‍රමවේදය තව සති තුනක් ඇතුළත සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවිතිගල දී පෙරේදා (16) පැවැසීය.දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාවේම ආහාර නිෂ්පාදනය පහත බැස ඇති බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු කාලයක් වුවද රජයේ මූලික යුතුකම ඉටුකරමින් සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර වර්ග දීමේ වැඩසටහන ඇරඹුයේ යැයි ද කීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ නිවිතිගල සති පොළ සහ බස් නැවැතුම්පොළ විවෘත කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුවේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.නිවිතිගල සතිපොළ භූමියේ දී ජන හමුව පැවැත්විණි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ 1600ක ප්‍රතිපාදන වැයකර සති පොළ සහ බස් නැවැතුම්පොළ ඉදිකර තිබිණි.ජනහමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.නිවිතිගල සතිපොළ ගොඩනැගිල්ල සහ බස් නැවැතුම්පොළ විවෘත කරන්නේ 2015 වසරේදී දුන් පොරොන්දුවට අනුවයි. මෙහි පැවැති මැතිවරණ රැස්වීමේ දී මේ වැඩකටයුත්ත ඉටුකර දෙන බව මා පොරොන්දු වුණා. ඒ පොරොන්දුවට දීර්ඝ ඉතිහාසයක්ද තිබෙනවා.මගේ මිත්‍ර නිවිතිගල නියෝජනය කළ ගාමිණී අතුකෝරළ මහතාට ප්‍රදේශය දියුණු කිරීමට විශාල උවමනාව තිබුණා. 1977 සමයේදීත් මා එතුමා සමග නිවිතිගලට පැමිණියා. එකල නිවිතිගල ඉතා නොදියුණු ප්‍රදේශයයි. මෙවැනි දියුණුව තිබුණේ නැහැ.ගාමිණී අතුකෝරළ මහතාගේ  ජීවිත කාලයේ කහවත්ත ප්‍රදේශය දියුණුවට පත් වුණා. අවසාන වශයෙන් 2000-2001 වසරවල නිවිතිගල දියුණු කරන බව එතුමා පැවැසුවා. නමුත් ඊට පෙර ඔහු අප අතරින් වියෝ වුණා.නිවිතිගල දියුණු කරන වැඩසටහන මට අමතක වූයේ නැහැ. තලතා අතුකෝරළ ඇමැතිතුමිය ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියා. දැන් එතුමියට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. එක් පැත්තකින් නීතිය ආරක්ෂා කිරීමයි. විදේශ රැකියා අංශයෙනුත් විශාල වැඩකොටසක් පැවරිලා.නීතිය ක්‍රියාත්මක කරන අතරතුර එතුමියට තවත් වගකීමක් පැවරී තිබෙනවා. ලංකාවේ පළමු අධිකරණ ඇමැතිනිය වන්නේ ඇයයි. කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමි අයට වඩා තදින් කටයුතු කරන නිසා අධිකරණ අමාත්‍ය ලෙස කාන්තාවක් පත් කරමු යැයි මා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන විටත් පැවැසුවා. දැන් සාර්ථකව වැඬේ කර පෙන්වීම එතුමියට බාරයි.සිංහරාජ අඩවියට අයත් ප්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සිංහරාජය ආරක්ෂා කරන අතරතුර වටේ ඇති ගම්මාන දියුණු කළ යුතුයි.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන මත මේ ගොඩනැගිලි ඉදිවූවා. ප්‍රතිපාදන ලැබුණේ තලතා අතුකෝරළ මහත්මිය රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතාගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලය ලෙසයි.මමත් ඉතා සතුටින් ඉදිකිරීම් සඳහා ආධාර උපකාර කරන්න එකඟ වුණා. බස් නැවතුම් පොළ සහ සතිපොළ ඉතා අලංකාර අයුරින් ඉදිකර තිබෙනවා. නමුත් එක් අඩුපාඩුවක් පවතිනවා.සතිපොළ ගොඩනැගිල්ල පාවිච්චි කරන්නේ සතියට එක් දිනක් පමණයි. ඉතිරි දින හය කරන්නේ මොනවාද? එසේ නම් මේ ගොඩනැගිලිවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන නිවිතිගල වෙළඳ සංගමයට තීරණය කළ හැකියි.වෙළඳාමට අමතරව වෙනත් වැඩසටහන් කරනවාද? මෙතරම් මුදලක් වියදම් කළ විට එයින් මුළු සතිය පුරාම ප්‍රයෝජන ගන්න. ඒ වැඩකටයුත්ත තිරණය කරන්න නිවිතිගල ජනතාවටත් වෙළෙඳ සංගමයටත් බාර දෙන්නම්. ඇමැතිතුමිය සමග සාකච්ඡා කර යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.මෙවැනි වෙළෙඳ සල් සතිපොළ දියුණු කිරීම ඉතා වැදගත් කාර්යයක් වන බව කිව යුතුයි. ජනතාවට ආහාර ලැබෙන්නේ ඒ මාර්ගයෙනුයි. ජනපතිගේත්, මගේත් කැබිනට් මණ්ඩලය ඇතුළු රජයෙත් එක් පරමාර්ථයක් වී ඇත්තේ මෙරට ජනතාවට සාධාරණ මිලක බඩු භාණඩ දීමයි. එය අපේ වගකීමයි. ඒ සඳහා බඩු භාණ්ඩ බෙදා හැරීමේ හොඳ ක්‍රමවේදයක් අවශ්‍යයි.මේ දිනවල බඩු මිල ඉහළ ගිහිල්ලා. බොහෝ අය ජීවත් වන්නේ අමාරුවෙනුයි. හාල් මිල, පොල් මිල ගැන බොහෝ අය කතා වෙනවා. මෙවැනි දෙයක් කාලෙකින් වුණේ නැහැ.තම රජය බලයට පත්වූ විට අපේ ප්‍රතිපත්තිය වුණේ බඩු මිල අඩු කිරීමයි. ලෝකවෙළෙඳ පොළෙහි මිල අඩු වූ විට එහි වාසිය ජනතාවට දීමත් ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වූ විට ඒ අනුව මිල වෙනස් කිරීම අපේ ප්‍රතිපත්තියයි. ඉන්ධන මිල අඩු කළේ ඒ ප්‍රතිපත්තියට අනුවයි.නමුත් අද එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ මිල ශිඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා. මේ සමයේ දී මිල අඩු වේවි යැයි බලාපොරොත්තු වුණා. නමුත් දැන් රජයට දේශගුණයට සම්බන්ධ ප්‍රශ්නයකට මුහුණදීමට වෙලා.හාල්, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාළු, අර්තාපල්, ලූනු ආදි භාණ්ඩ සඳහා සහන මිලක් නියම කිීමට අප තීරණය කළා. මේ තීරණය ලබන සිංහල, හින්දු අවුරුද්ද දක්වා ක්‍රියාත්මකයි.පසුගිය සඳුදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් අනු කමිටුව රැස්වුණා. ඉන්පසුව මගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වී සහන මිලට මේ භාණ්ඩ දීමට තීරණය කළා.දැන් ඒ වැඩ කටයුත්ත ඇරඹිලා. මේ ගමට තවම අඩු මිලට බඩු ඇවිත් නැතිව ඇති.අතීතයේ අප බඩු භාණ්ඩ බෙදා හැරියේ සතොස මාර්ගයෙනුයි. නමුත් රට පුරා සතොස ශාඛා ඇත්තේ තුන් දහසයි. ඒ නිසා කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස්, රිචඞ් පීරිස් ආදී වෙළෙඳ ආයතන ද හවුල් කරගෙන බඩු බෙදා හැරීමට මා තීරණය කළා. සියලුම ආයතන එකතු කර ගැණුනද බඩු බෙදා හැරීමට හැකි වන්නේ රටෙන් තුනෙන් එකක ජනගහනයකට පමණයි. එනම් නගරයේ සිටින මධ්‍යම පන්තියේ අයට පමණයි.මේ නිසා බෙදාහැරීමේ සමාගම් සමග ද අපේ අය සම්බන්ධ වුණා. බිස්කට්, දත් බෙහෙත්, ආදිය ගම්මානවලට ගෙනෙන්නේ බෙදා හැරීමේ සමාගම් හරහායි. සියලු ආර්ථික මධ්‍යස්ථාන එකතු කර ඊළඟ සති දෙක තුන ඇතුළත භාණ්ඩ සියල්ල ගම්වලට ගෙනයාමට වැඩසටහනක් සකස් කෙරෙනවා.අඩු ගණනේ ගමේ එක් සිල්ලර කඩයකින් බඩු භාණ්ඩ අලෙවි කිරීමේ පසුබිම නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට හැම ගමකටම සහන මිලට බඩු ලැබෙනවා.කාගිල්ස් සමාගම සැනෙකින් ඉහත භාණ්ඩවල මිල අඩු කරන බව දැනුම් දුන්නා. මෙරට ඇති රජයේ සහ පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් සියලුම දෙනා එකතු කරගෙන සහන ජනතාවට දීමට මම කටයුතු කරනවා. ලබන අප්‍රේල් මාසය දක්වා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනවා.සාමාන්‍යයෙන් ජනවාරියේ බඩු මිල වැඩි වෙනවා. ඒ කාලයේදී තවත් බඩු මිල වැඩි වෙනවා නම් ආදායමට විශාල ප්‍රශ්නයක් විය හැකියි. විශාලතම ණය ප්‍රමාණය ගෙවා දමන්න වන්නේත් ලබන වසරේ සහ ඊළඟ වසරේදීයි.ලංකාවේ විශාලතම ණය බර ගෙවා දමන්න මුදල් සොයන අවස්ථාවේ දී උද්ධමනය වැඩි විය හැකියි. නමුත් ණය බරින් ජනතාව කෙසේ හෝ මා නිදහස් කරනවා. එය අතපසු කළොත් විශාල හානියක් විය හැකියි.මෙරට කෘෂිකර්මාන්තය රඳාපවතින්නේ වැස්ස මතයි. ශ්‍රී ලංකාවේ වගා කරන්නේ මෝසම් වැසි ක්‍රමයට අනුගතවයි. මෝසම් වැස්ස මත වසරකට වරක් හෝ දෙවරක් හෝ වගා කරනවා. දැන් අපේ දේශගුණික රටාවේ අර්බුද ඇතිවෙලා. පසුගිය වසර කීපයේදී බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව ලැබුණේ නැහැ. දේශගුණික රටාව සිතූ පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ කාරණය 2015 වසරේදී මෙන්ම 2016 වසරේදීත් අත්දුටුවා. ඒ තත්ත්වය මේ වසරේදී තවත් උග්‍ර වුණා.තිබූ නියඟය මේ වසරටත් පැමිණියා. කන්න හතරක් ගොවිතැන් කිරීමට නොහැකි වූ ප්‍රදේශ පවා තිබෙනවා. පොල් වගාවටත් ඒ ප්‍රශ්නය බලපෑවා.වැස්ස තිබිය යුතු කාලයේ නියඟය තිබුණා. නියඟය තිබිය යුතු කාලයේ ගංවතුර උවදුර ඇති වුණා. මේ ප්‍රදේශයත් ගංවතුරට යට වුණා. දේශගුණ රටාවේ විශාල වෙනසක් ඇති වුණා.මෙරට දේශගුණ විපර්යාසය වෙනවාද? නැද්ද යන කාරණය හරියටම කියන්න බැහැ. මේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව සමග මා සාකච්ඡා කරනවා. අපේ දේශගුණය පැරණි ක්‍රමයට නැවත පරිවර්තනය වේ යැයි බලාපොරොත්තු තබා ගන්න බැහැ. එලෙස පරිවර්තනයක් වෙනවා නම් හොඳයි.බලාපොරොත්තු නොවූ ආකාරයට ගොවිතැන් කිරීමේ රටාව බිඳවැටුණා. රජරට ජල හිඟකම නිසා වී ගොවිතැන නැවතුණු අතර, නුවරඑළිය ජල හිඟය නිසා ඇතැමුන් එළවළු වගාව අතහැරියා. විවිධ ප්‍රදේශවල මේ ආකාරයේ ප්‍රශ්න මතුවුණා.මේ සංසිද්ධි වාර්තා මත ටික කලක් ගත වුණා. ලංකාවේම සමස්ත ආහාර නිෂ්පාදනය අඩුවුණා. අද වෙළෙඳපොළෙහි අත්දකින්න වී ඇත්තේ ඒ කාරණයයි.නිෂ්පාදනය අඩුවීමත් සමග වී මිල ඉහළ යනවා. ඉල්ලුම වැඩි වෙනවා. අප උත්සාහ කරන්නේ නිෂ්පාදනය වැඩි කිරීමටයි. නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේ ද? නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි වුවත් මූලික ආහාර ද්‍රව්‍ය ලංකාවේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විදේශයන්ගෙන් ආනයනය කරන්න වෙනවා.සහල් අවශ්‍ය තරම් ගෙනෙන්න අප තීරණය කළා. දැනටමත් ටොන් 50,000ක් ගෙනෙනවා. අවශ්‍ය නම් තවත් ගෙන්වනවා. එළවළු අවශ්‍ය නම් ගෙන්විය හැකියි. එලෙස අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්න ජනතාවට අප සහන දෙනවා.නමුත් පොල් ආනයනය කිරීමට හැකියාවක් නැහැ. පොල් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තහනම් කරලා. අනෙක් සෑම භාණ්ඩයක්ම ආනයනය කිරීමට හැකියි. අවශ්‍ය නම් ආනයන කළ යුතු භාණ්ඩ වර්ග වෙනස් කරන්න හැකියාව තිබෙනවා.බෙදාහැරීමේ ඒකාබද්ධ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කළොත් අනාගතයේදී අවශ්‍ය බඩු භාණ්ඩ පහසුවෙන් දිය හැකියි. මීට පෙර එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. රජය ලෙස ක්‍රියා කර ඇත්තේ සහනදායක ආහාර මිලක් ජනතාවට දීම සඳහායි.එමෙන්ම සැමට සමාන අධ්‍යාපනයක් දීම සඳහා ද අප කටයුතු කරනවා. යහපත් සෞඛ්‍ය සේවය ඇති කිරීම සඳහා ක්‍රියා කර තිබෙනවා.නිවාස පහසුකම් වර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. ඒ පහසුකම් දෙනවා නම් දක්ෂයාට ඉදිරියට යාමට හැකියි. අදක්ෂයා හාමතේ මැරෙන්නේ නැහැ. සෑම දෙනාටම ඉදිරියට යාමට හැකි සමාජය මා ඇති කරනවා.සාධාරණ මිලට ප්‍රධාන ආහාර වර්ග දීමේ වැඩසටහන ආරම්භ කළා. අසීරු කාලය වුවත් ආණ්ඩුවේ මූලික යුතුකම වන්නේ එයයි. රජය කැපවී ඉන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි.දෙසැම්බරයේ ඇරැඹූ මේ වැඩසටහන මාසය අවසන් භාගය එළැඹෙන විට නිවිතිගල වැනි ගම්මානවලට ව්‍යාප්ත කිරීමට මා බලාපොරොත්තු වෙනවා. සිංහල හින්දු අවුරුද්ද දක්වා එහි වාසිය භුක්ති විඳින්න හැකියාව ලැබෙනවා.සිංහල අවුරුදු සමයේ දී අපට නැවතත් බඩු මිල පිළිබඳව සලකා බලන්න වේවි.මේ කන්නය සඳහාත් බලාපොරොත්තු වුණ වැස්ස ලැබී නැහැ. කෙසේ හෝ අපේ වී ප්‍රමාණය මීට වඩා වැඩි විය යුතුයි. සමහර ප්‍රදේශවල එළවළු වගාවද දියුණු කළ යුතුව තිබෙනවා.ලංකාවේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා 2019-2020 දක්වා බලා ඉන්න වේවි. එතෙක් ගත යුතු පියවර කුමක් දැයි මේ වන විට සාකච්ඡා කරනවා.සෙසු අංශවලින් සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන කොතරම් ප්‍රශ්න තිබුණ ද ඉදිරියට ගෙන යනවා. අනාගතයේ දී මීටත් වටා හොඳ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න හැකිවේවි. මෙරට මෙන්ම සෙසු රටවලත් දේශගුණය කෙරෙහි අවධානය යොමු කර නිෂ්පාදන නාස්තිය දෙස අවධානය යොමු කර ආහාරදීමත්, සැපයුම් ක්‍රමවේදය සකස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.රජය කැපවී ඉන්නේ ඒ මූලික වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි. සාධාරණ මිලකට ආහාර දීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා” යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.එක්සත් ජාතික පක්ෂ නිවිතිගල සංවිධායක අධිකරණ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළමහත්මිය:-“කෙටි කාලයක් තුළ නිවිතිගල නගරයේ වෙනසක් ඇති කරන්න හැකි වුණා. මහ මැතිවරණය සමයේ හිස් ඉඩමක අප රැස්වීම් තැබුවා.1994දී මේ ඉඩම රජයට පවරා ගත්තා. 2002 වසරේ ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවා ඉඩම අත්පත් කර ගත්තා. මැණික් පුරය වුවත් මේ ප්‍රදේශයේ ජනතාවට පහසුකම් තිබුණේ නැහැ.ජනතා සිතුම්-පැතුම් ඉටු කර ගන්න හැකි වුණේ අගමැතිතුමා දුන් යෝධ ශක්තිය නිසයි.මෙහි තිබුණු මහජන පොළෙහි තත්ත්වය ගැන කවුරුත් දන්නවා. වසර 20ක් කරගන්නට නොහැකි වූ දේ වසර දෙකෙන් කරන්න අපට හැකි වුණා. ලක්ෂ 1600කට ආසන්න මුදලක් මේ ව්‍යාපෘති සඳහා වැය කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ ලස්සනම සති පොළ මෙයයි.ස්වභාවික උවදුරුවලට පසුගිය කාලයේ අපට මුහුණදීමට සිදුවුණා. අගමැතිතුමා මැදිහත් වී මිනිස් ජීවිත සිය ගණනක් බේරා ගැනීමට හැකියාව ලැබුණා. 2015 ජනවාරි 8 වැනිදායින් පසු ස්වභාවික විපතකින් මියයන අයකුට ගෙවන මුදල ලක්ෂය දක්වා වැඩි කළා”සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා:- නිවිතිගල බස් නැවතුම්පොළ සහ සති පොළ ඉතා අලංකාර ලෙස ඉදිකර තිබෙනවා. මේ කටයුතු කරන්නේ දේශපාලන නායකයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ සුබසිද්ධිය සඳහා නොවෙයි. පොඩි මිනිසුන්ගේ සුබසිද්ධිය සඳහායි. දේශපාලන බේදයකින් තොරව මෙවැනි කටයුතු සඳහා සහාය දිය යුතුයි”නිවිතිගල ප්‍රාදේශීය ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය පිළිගැනීමේ කතාව කළාය.ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, එක්සත් ජාතික පක්ෂ රත්නපුර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, රක්වාන සංවිධායක හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද, විශාල ජනතාවක් ද ජන හමුවට සහභාගි වූහ.ඡායාරූප - චතුර එස් කොඩිකාර
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
1
(අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප‍්‍රකාශ කළේය.සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව  පැවැසීය.කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික‍්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.එතුමාගේ ප‍්‍රධානත්වයෙන් තායිලන්තයේ ප‍්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප‍්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ඉන් පසුව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප‍්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක‍්‍රියාත්මක වෙනවා.සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග‍්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත‍්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප‍්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.මේ ප‍්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.අද ක‍්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක‍්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත‍්‍ර ද  තිබෙන්න පුළුවනි. මොකද නවීන ක‍්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.මහා සංඝරත්නය ප‍්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප‍්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක‍්‍රම ක‍්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.2015-2016 කාලවලදී ජනතාවට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප‍්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.අප ක‍්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත‍්‍රයේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.මේ කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප‍්‍රවණතාවේ අඩුවක් තිබෙනවා.නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ප‍්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.මනාප ක‍්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක‍්‍රමය සම්මිශ‍්‍රණය වූ මැතිවරණ ක‍්‍රමයක් අප ඇති කළා. කේවල ක‍්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක‍්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක‍්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක‍්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.එවිට ජනතාවට තමන්ගේ ප‍්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප‍්‍රකාශ කරනවා. ඒ ක‍්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප‍්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක‍්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.මේ ආකාරයට අප අලූත් ක‍්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක‍්‍රමය සඳහත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක‍්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප‍්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක‍්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.උතුරේ කාන්තාවන්ගේ ප‍්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප‍්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප‍්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා.”ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.මා කිසි දිනෙක පක්ෂ ප‍්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ  ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ.  ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.තව වසර පහක් ගතවන විට සීඝ‍්‍ර සංවර්ධනයේ ප‍්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත‍්‍රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප‍්‍රසංශනීය බව කිව යුතුයි.”මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
0
(අංජුල මහික වීරරත්න) අන්තවාදී ත්‍රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම ඉදිරි සති දෙක ඇතුළත යළි අරඹන ලෙස තමා නියෝග දී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැමිණි අර්බුදවලට සාර්ථක අයුරින් මුහුණ දුන්නා සේම අන්තවාදී ත්‍රස්තවාදය ද මුලිනුපුටා දමන බව අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය රට පුරා ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා ඇරැඹූ රන් මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. රන් මාවත් වැඩසටහන අරඹමින් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ (ශ්‍රීපාද මාවත) වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. රුපියල් ලක්ෂ 23120ක ආයෝජනයකින්  මාර්ගය ඉදි කෙරෙයි. රත්නපුරයේ පැවැති සමාරම්භක උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. අද රන් මාවත් වැඩසටහන යටතේ රටපුරා මාර්ග 100ක ඉදිකිරීම් ආරම්භ කෙරෙනවා. මේ ප්‍රදේශයේ දෙමුවාවත පාලමක් විවෘත කෙරුණා. පලාබද්දල යනු ශ්‍රී පාදස්ථානය සඳහා යන මාර්ගයයි. මා අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කළ යුගයේ පලාබද්දල පාසල දියුණු කිරීමට කටයුතු කළා. එය එකල ලංකාවේ හොඳම පාසලක් ලෙස තිබුණා. නමුත් දැන් එවැනි තත්ත්වය නැති බව විජේතුංග මන්ත්‍රීතුමා පැවසුවා.ශ්‍රී පාදස්ථානය වටා දියුණුව ගැන සොයා බැලීමට මා මේ දින දෙක ගතකළා. නල්ලතන්නි ප්‍රදේශයට ගොස් නල්ලතන්නි නගරයේ දියුණුව පිළිබඳව ප්‍රජාව නගරය ඇති කිරීම ගැන නව නගර සංවර්ධනය ගැන සාකච්ඡා කළා. සීත ගඟුල සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා. පළමුවෙන්ම සීත ගඟුල ආරක්ෂා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ සැලසුම් සකස් කළා. ඉන් පසුව රත්නපුරයෙන් ශ්‍රීපාදයට පිවිසෙන පලාබද්දල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කළා. ක්‍රමානුකූලව ඊළඟ වසර කිහිපයේදී ශ්‍රීපාදස්ථානය වටා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි. වැසිකිළි දීම ජල  යෝජනා ක්‍රම ලබාදීම ආදිය කළ යුතුයි. සනීපාරක්ෂක කටයුතුවල විශාල අඩුවක් තිබෙනවා. වසරකට ශ්‍රීපාදස්ථානයට මිලියන තුනහමාරක පමණ පිරිසක් වෙනවා. ඒ නිසා මෙහි අඩුපාඩු සෑදීමට ක්‍රියා කරගෙන යනවා. රන් මාවත් වැඩසටහන ඇරැඹීමේ දින තීරණය කළේ මාර්තු මාසයේදීයි. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මේ වැඩකටයුත්ත කල් දාන්නදැයි සමහරුන් මගෙන් විමසුවා. කල්දැමීමට කිසිම හේතුවක්  නැති බව මා දැනුම් දුන්නා. මා පොලිසිය සහ බුද්ධි අංශ සමඟ කතා කළා. සිද්ධියට සම්බන්ධ බෝම්බ පිපිරවීමට සිටි පිරිස මියගොස් ඇති බවත් අනෙක් අය අත්ඩංගුවට ගෙන සිටින බවත් ඔවුන් මට දැනුම් දුන්නා. දැන් කරන්නේ මොවුන්ට උදව් කළ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි. තර්ජන නැති නිසා මේ වැඩකටයුතු කරගෙන යාමට අප කටයුතු කළා. නල්ලතන්නියේ දියුණුව සඳහා සැලසුම් සකස් කිරීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ඇල්පිටියේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ජනාධිපතිතුමාත් අම්පාරේ උත්සවයකට සහභාගී වුණා. අප මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. අයි.එස්. ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස් බව කිව යුතුයි. මේ ත්‍රස්තවාදයේ විශාල කණ්ඩයමක් නැහැ. මේ කණ්ඩායම අවසන් වූ පසුව තවත් කණ්ඩායමක පැමිණීමද නතර කළ යුතුයි. පිපිරවීම්වලින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ විශාල ජීවිත හානියක් කිරීමයි. දෙවැනි අරමුණ වන්න් රටේ සංහිඳියාව, සාමය නැති කිරීමයි. ඔවුන්ගේ තුන්වැනි අරමුණ වන්නේ රටේ සංවර්ධනය හා ආර්ථික දියුණුව නැතිකර දැමීමයි. මේ සියල්ල කරන්න බලන්නේ ඒ පිපිරීමේ බලපෑමෙන් පමණක් නොව රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ නොදී කඩාවැටීම ඇති කිරීමටයි. අප මීට මුහුණ දෙනවා නම් පළමුවෙන්ම සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. මෙරට සාමයත්, සංහිඳියාවත් එදා ආරක්ෂා කිරීමට හැකි වුයේ  පූජ්‍ය පක්ෂය නිසයි. එය අප පිළිගත යුතුයි. සිද්ධිය ඇතිවූ කතෝලික පල්ලිවල පූජකතුමන්ලා කාදිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය කළ දේශනා නිසා කිසිවකුත් වෙනත් කණ්ඩායමකට පහරදිය යුතු යැයි සිතුවේ නැහැ. එදා මා මහානායක හිමියන්ට දුරකතනයෙන් කතා කර සාමය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර කරන්නැයි ඉල්ලීමක් කළා. මෙය වූයේ පල්ලි අතර වුවද වැඩිපුරම සිංහල ජනතාව ඉන්නේ ගම්මානවලයි. ගමේ පන්සලේ උපකාර නැතිව සාමය ආරක්ෂා කරන්න බැහැ. මුස්ලිම් මෞලවි පැමිණ කාදිනල්තුමා හමුවුණා. හින්දු ආගමිකයන්ද තව වැඩකටයුතු කළා. ඒ අනුව එදා අප සාමය ආරක්ෂා කළා. නමුත් දැන් යන එක් එක් ප්‍රවෘත්තිවලට කලබලවී සංහිඳියාව ප්‍රශ්න ඇතිකර ගන්න ඉඩදිය යුතු නැහැ. අප සංහිඳියාවද ආරක්ෂා කළ යුතුයි. ප්‍රධානතම කාරණය වන්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන ගොස් මෙරට ආර්ථිකය දියුණු කිරීමයි. ඒ සඳහා අපගේ සංවර්ධන වැඩ පටන් ගත යුතුයි. කිසි දිනෙක අයි.එස්.අයි.එස්. සංවිධානයට අපගේ සංවර්ධනය නතර කිරීමට, ආර්ථික දියුණුව නතර කරන්නවත් එදිනෙදා වැඩසටහන අඩපණ කිරීමටවත් ඉඩදෙන්නේ තැනැයි මා මෙහිදී අවධාරණය කරනවා. අප මීට මුහුණ දෙනවා. ආණ්ඩුවේ සංවර්ධනය අවශ්‍යයි. අප වියදම් කරන මුදල් සියල්ල යන්නේ ගමටයි. අප විශාල ව්‍යාපෘති කළ විට ඒ මුදල් බොහෝවිට යන්නේ ජනතාවගේ අතටයි. ආනයනය හැර අනෙක් සියල්ල මුදල් පරිහරණයට එකතු වෙනවා. මේ කාර්යයන් නතර කරනවා නම් මුදල් නැතිව ආර්ථිකය අඩපණ වෙනවා. ත්‍රස්තවාදීන් කරන්න උත්සාහ කරන්නේද එයයි. පසුගිය මාස කිහිපය තුළදී අපට ප්‍රශ්නය වෙනත් ආකාරයකට පැමිණ තිබුණා. දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත නොකළ නිසා අප්‍රේල් මාසයේදී සම්මත කරන්න සිදුවූ නිසා කොන්ත්‍රාත්කරුවන්ගේ සහ අනෙක් අයගේ බිල් ගෙවීමට එදා දුන් මුදල් මදි වුණා. සිංහල අවුරුද්ද වනවිට මෙරට මුදල් නැතිවනු ඇතැයි සමහරුන් සිතුවා. කෙසේ හෝ මා ගත් පියවර නිසා අප්‍රේල් මාසයේ මුල් සතියේ දුන් මුදලින් නැවත මෙරට ආර්ථිකයත් සිංහල අවුරුදු වෙළෙඳාමත් දියුණු වුණා. අපගේ සංවර්ධන වැඩ ඉක්මනින් අරඹන ලෙස දැනුම් දුන්නා. මන්ත්‍රීවරුන්ටත් දැනුම් දුන්නා. එවිට සමාජයට මුදල් ලැබෙනවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා ආර්ථිකය කඩා වැඩුණා. අප යළිත් බලයට පැමිණ කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබුවා. සංචාරක ව්‍යාපාරය ඔසවා තැබුවා. දැන් ත්‍රස්තවාදය නිසා ආර්ථිකය කඩා වැටෙන්න ඉඩදෙන්නේ නැහැ. මේ අංශවල සංවර්ධන වැඩ කටයුතු සියල්ලම කරන්නැයි මා දැනුම්දී තිබෙනවා. අමාත්‍යාංශවල වැඩකටයුතු කරන ලෙස දැනුම් දුන්නා. අයි.එස්. ත්‍රස්තවාදයට සංවර්ධනයවත් ආර්ථික දියුණුවවත් කඩාකප්පල් කරන්නට ඉඩදෙන්න බැහැ එදිනෙදා  ජීවිතය නතර කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම මේ සති දෙක තුළදී කරගෙන යා යුතුයි. සියලු දෙනාට  මේ ගැන නියෝග නිකුත් කළා. විවෘත කිරීම් තිබේනම් ඒවා කරන්න. මුල්ගල් තබන වැඩසටහන්  ආරම්භ කරන්න තිබේ නම් ඒ කටයුතු කරන්න.  රැකියා දෙන්න. ඒ සමඟම ආණ්ඩුව පොද්ගලික අංශ සමඟ වැඩකරනවා.  මුදල් පරිහරණය ඇතිකර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. අතැම්විට සිංහල ප්‍රදේශවලට පැමිණ ගනුදෙනු කරන්නට මුස්ලිම්  ජනතාවත් බයයි. සිංහල දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රදේශවලට යන්න බයයි. නමුත් අප කටයුතු කරගෙන යා යුතුයි. සාමාන්‍ය තත්ත්වයකට රට පත් කරනවා.  එසේ සාමාන්‍ය තත්ත්වයකට පැමිණ එදිනෙදා කටයුතු ගෙනයමු. කුඩා කඩ සාප්පු, ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මධ්‍යම පරිමාණයේ සහ විශාල ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට ආයෝජන ගැනීමට යළි කටයුතු කළ යුතුයි. විදේශ ආයෝජනවල ඇත්තේ මාසයක දෙකක පසුබෑමක් පමණයි. ලොකුම ප්‍රශ්නය ඇත්තේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධවයි. ගමනාගමන උපදේශන අනුව ලංකාවට පැමිණීම සුදුසු නැති බවට නිවේදන නිකුත් කෙරුණා. ඒ නිසා සංචාරකයන් රටින් පිටපුණා. ඇතැම් තැන්වල මැයි මාසය වනවිට සංචාරකයන් අඩුවෙනවා. නැගෙනහිර සහ මහනුවර ප්‍රදේශවල තවමත් සංචාරකයන් ඉන්නනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පනවා ඇති ගමන් උපදේශය ඉවත් කරගත යුතුයි. “අනතුරුයි” යන වචනය ඉවත් කරගත යුතුයි. ජුනි මාසයේ සිට ලංකාවේ සංචාරක වැඩකටයුතු පිළිබඳ ප්‍රචාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න පිරිසට දැන් ණය සහනදී තිබෙනවා. ගෙවීම් ගැන සහන  දී තිබෙනවා. බැංකු වලින් ණය ගෙන තිබේනම් ඊටත් සහන දෙනවා. අගෝස්තු වනවිට සංචාරකයන් නැවත රටට ගෙනැවිත් වැඩකටයුතු ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. අපට ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශාල ණය බරක් තිබුණා. ණය ගෙවීමට ද සිදු වුණා. ආදායමක් නොලබන අලාභ ලැබූ හම්බන්තොට වරාය තිබුණා. දැන් ඒ වරායේ  බර ඉවත් කරලා. දැන් ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇරඹිය යුතුයි. ඒ ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය දියුණු කරනවා. වැඩිපුරම විදේශ ණය ගෙවන්න සිදු වුණේ පසුගිය වසරේදීයි. දැන් ණය බර අඩුවන අවස්ථාවේදී හොඳ අස්වැන්නක් ලැබුණු අවස්ථාවේදී අප තවත් අර්බුදයකට මුහුණ දුන්නා. අප මේ අර්බුදයෙනුත් ගොඩ එනවා. ඉකුත් හතරවැනිදා ලැබුණු තොරතුරු ගැන ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයයි. අප එය පිළිගත යුතුයි. මේ කඩා වැටීම ඇති වුණේ ඒනිසයි. සිද්ධිය වූදා මා ආරක්ෂක හමුදා සහ පොලිසිය මුණ ගැසුණුවිට ඔවුන් තර්ජනයට මුහුණ දීමට සූදානම් බව දැන ගන්න ලැබුණා. අප ඊට ඉඩ දුන්නා. පැය කිහිපයක් ගතවීමට පෙර දෙමටගොඩදී සිද්ධියේ ප්‍රධානම පිරිස අත්අඩංගුවට ගෙන ඔත්තු සේවා අනුව අනෙක් පිරිසත් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. අපගේ  ආරක්ෂාව දියුණු  කරගෙන යා යුතුයි. විදේශ රටවලින් උපදේශ ලැබෙනවා. තාක්ෂණය ගැන කියනවා. මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස්  ක්‍රියාවලියයි. ඒ අනුව අප ආරක්ෂක පියවර ගත යුතුයි. සිද්ධිය ගැන සියලුම දෙනා කනගාටු වෙනවා. අපට ඒ ගැන දොස් අසන්න සිදුවී තිබෙනවා. තාමත්  අපට බනිනවා. අඩුවක් වූ විට දරුවන් මවුපියන් නැතිවූ විට එවැනි  දේ වෙනවා. නමුත් අඩුපාඩුකම් හඳුනාගෙන ඉදිරියට යා යුතුයි. රන් මාවත් වැඩසටහන ඇරැඹීම ගැන කබීර් හෂීම් ඇමැතිතුමාට ස්තුතිය පළ කළ යුතුයි. ඒ අනුව ගමේ කුඩා මාර්ග ඉදිවෙනවා. කබීර් හෂීම් මහතා ඇමැතිකම් කරන්න පමණක් නොව ලෝවැඩ සඟරාවෙත් කවි කියන්නත් දක්ෂයි. එතුමා සමඟ තරගයට කවි කිව්වොත් මා පරදිනවා. ඔහු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකේය යයි අප කියන්නේ ඒ නිසයි. ඒ. ඒ. ජේතුංග මන්ත්‍රීතුමාත් විශාල වැඩකොටසකට අතගසා  තිබෙනවා. ඔහුට අවශ්‍ය රත්නපුර දියුණු කිරීම යයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. මහා මාර්ග සහ මාර්ග සංර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා: රන් මාවත් වැඩසටහන ඇරඹීම සඳහා අප රත්නපුරය තෝරා ගත්තා. පසුගිය රජය සමයේ මාර්ග ඉදිකිරීමට ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. අප ඒ ක්‍රමය නතර කළා. ජනතාවට වන්දි ගෙවීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ   හම්බන්තොටින් පවරා ගත් ඉඩම්වලට වන්දි පවා ගෙව්වේ අප විසිනුයි. ගමනාගමනය පිළිබඳව කඩිනම් වැඩපිළිවෙළක් හැදීමට අප කටයුතු කළා. ඒ අනුව ගම්මානවල මාර්ග ද අප ඉදි කරනවා. භෞතික යටිතල පහසුම් පමණක් නොව සමාජ යටිතල පහසුකම් ද අප සංවර්ධනය කරනවා. රුපියල් ලක්ෂ 800 බැගින් අප සෑම මැතිවරණ කොට්ඨාසයකටම මුදල් වෙන්කර තිබෙනවා. වෙහෙර විහාර ප්‍රවේශ මාර්ග සඳහා මුදල් වෙන්කර තිබෙනවා. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය පිළිසකර කිරීම ඉතා වැදගත් කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගත්තේ ප්‍රශ්න වැළැක් සමගයි. විශාල ණය කන්දක් සමඟයි. ස්වාභාවික ආපදා දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාවට හැකිවුණා. තව සතිකිහිපයක් තුළ එය සහමුලින්ම අතුගා දමනවා. රණවිරු දීමනා 500කින් වැඩි කරන්න අප කටයුතු කළා. 2019 අවසන් වනවිට රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට ලංවීමට හැකියාව ලැබිණි. ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ ආයෝජනය කළ මුදලට වැඩි මුදලක් අප විසින් ආයෝජනය කරනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය: රන් මාවත් සමාරම්භක උත්සවය රත්නපුරයේ පැවැත්වීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. මේ යටතේ ශ්‍රීපාද මාර්ගය ඉදිකිරීම සුවිශේෂියි. ශ්‍රීපාදයට යන මාර්ග තුනක් තිබෙනවා. පැරණිම මාර්ගය පලාබද්දල මාර්ගයයි. යහපාලන රජයේ බිහි කිරීමට අගමැතිතුමන් සියලු ශක්තිය දුන්නා. අද පක්ෂ බේදයෙන් තොරව සංවර්ධන කටයුතු කරනවා. පක්ෂ භේදයෙන් තොරව ජනතාවට වැඩ කරන ලෙස අගමැතිතුමන් උපදෙස් දී තිබෙනවා. පසුගිය කාලයේ අපේ ජනතාවට රැකියාවක් තබා රැකියා ඇබෑර්තු පෝරමයක් දිහා බලන්නවත් ඉඩ දුන්නේ නැහැ. අදමාධ්‍ය නිදහස අවභාවිත කරමින් සිටිනවා. ළඟදී බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා යැයි වැරදි පුවත් පළ කළා. අවසානයේ අපට  එය නිවැරදි කරන්න පවා සිදුවුණා. මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය මර්දනයක් ගැන කතා කරනවා. ඔවුන්ගේ යුගයේ ඝාතනය වූ මාධ්‍යවේදීන්ගේ සාක්කි පවා ඔවුන් විසින් විනාශ කරමින් සිටිනවා. අද අධිකරණයට කොන්ද කෙළින් තබාගෙන සිටින්න පසුබිම සකස් කරලා. අන්තවාදී කල්ලියක් විසින් ඇති කළ ත්‍රස්තවාදය නැති කිරීමේ අභියෝග බාරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග මහතා: පසුගිය වසර 20 තුළ මේ ප්‍රදේශයේ කැබිනට් අමාත්‍යවරුන් රැසක් සිටියද ශ්‍රීපාද පිවිසුම දක්වා මාර්ගය ඉදිකරන්න නොහැකි වුණා. නමුත් අප අද ඒ මාර්ගය ඉදිකිරීම ආරම්භ කළා. මාර්ග හදන මුවාවෙන් අප මුදල් සාක්කුවේදා ගන්නේ නැහැ. අගමැතිතුමා කිසි දිනෙක නෑ බෑ කිව්වේ නැහැ. ප්‍රදේශයේ සංවර්ධනය සඳහා නොපැකිලිව සහයෝගය දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා: රන් මාවත් වැඩසටහන යටතේ කුඩා මාර්ග 6000ක් ලංකාව පුරා ඉදි කෙරෙනවා. මේ මාර්ග පද්ධතිය නිසා ගමේ ආර්ථිකය දියුණුවට පත් වෙනවා. අගෝස්තු 31 වනවිට මහා මාර්ග 6000ම ඉදි කිරීම අපගේ අරමුණයි. පළමුවෙන්ම ශ්‍රීපාද පිවිසුම දක්වා මේ මාර්ගය ඉදි කෙරෙනවා. බුදුන් දවසත් ඒදඬු තැනීම, මංමාවත් ඉදිකිරීම, දිවා රෑ පිං ලැබෙන කාර්යයක් ලෙස දක්වා තිබෙනවා. විහාරාරාමවලට යන මාර්ග පවා මේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනවා. මාර්ග ඉදිකිරීමේදී සොරකම් කරන මුදල නැතිකර තිබෙන බව අවධාරණය කළ යුතුයි. මිලියන දස දහසක් පමණ මේ ව්‍යාපෘතියට වෙන් කරලා. උත්සවයට ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
0
(අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්‍ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප‍්‍රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා කැඳවා ප‍්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප‍්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක‍්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත‍්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත‍්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත‍්‍රීතුමා ද මේ ප‍්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප‍්‍රදේශ ආශ‍්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්‍ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත‍්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක‍්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක‍්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක‍්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක‍්‍රමය යටතේ නිවාස ලක්‍ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප‍්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප‍්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්‍ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප‍්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප‍්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප‍්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප‍්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්‍ෂණ ක‍්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්‍ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන  යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය  අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප‍්‍රතිපත්ති එළිදැක්වීමේදී ප‍්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්‍ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර  සහන දෙන්නේ කෙසේදැයි ප‍්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස  හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප‍්‍රියන්ත මන්ත‍්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප‍්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත‍්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක‍්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප‍්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද  ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ  තාවකාලිකබාරය  නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්‍ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු  විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්‍ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප‍්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා
0
(*** නිමල කොඩිතුවක්කු)‘‘වත්මන් රාජපක්ෂ රජය යටතේ රජයේ සේවකයන්ට අහිමි වී ඇති ස්වාධීනත්වය, වැටුප් වර්ධක සහ විශ්‍රාමිකයන්ගේ දීමනා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ආණ්ඩුව යටතේ කඩිනමින් දෙන බව’’ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී පැවසීය.‘‘වත්මන් රජය තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවා රටේ සිවිල් පරිපාලනය ඒකාධිපතිත්වය කරා ගෙනයමින් සිටිතැයිද’’ මහ ලේකම්වරයා සඳහන් කළේය.‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබා දීමත් ජනතාවට සහන දීමත් සමගි ජනබලවේගයේ රජයක මූලික කාර්යය බවද’’ ඔහු පැවසීය.ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කීය.තවදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කීවේය.‘‘අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. 2015 වන විට රජයේ සේවකයනුත්, විශ්‍රාමිකයනුත් ඉතා අසීරු තත්වයට පත්ව සිටියා. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතැනින් නොනැවතී අපේ ආණ්ඩු කාලයේ දී රජයේ සේවකයන්ට සියයට 107කින් වැටුප් වැඩි කළා.අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැගී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් දුන්නා.රාජපක්ෂ ආණ්ඩු සමයේ විශ්‍රාමිකයන් පාරටම වැටුණා. අඩුම තරමේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවවත් ඉවත් කරන්න ඔවුන් කටයුතු කළේ නැහැ. අපේ කාලේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත්කර ඔවුන්ට විශ්‍රාම වැටුප් වර්ධක දුන්නා.මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස්දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉඳිද්දි තමන්ට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගසා අවසානයි.මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පත් කළේ ජනාධිපතිතුමායි. ඒ නිලධාරීන් ගෙන්නලා හමුදා සෙබළුන්ට වගේ තර්ජනය කරනවා. අද රාජපක්ෂ ආණ්ඩුව සිවිල් පාලනය ඒකාධිපතිත්වය කරා ගෙන යනවා.අගෝස්තු පස් වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කපා දමා තිබූ ඒ වැටුප් වර්ධක විශ්‍රාම වැටුප් දීමට අප කටයුතු කරනවා.මේ ආණ්ඩුව පත් වූ විට සාමාන්‍ය පෙළ අසමත් අයට රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. ඒ සඳහා ලක්ෂ 20ක අයැදුම්පත් කැඳෙව්වා. දැන් හමුදා නිලධාරීන් යොදවා ගෙයින්-ගෙට ගොස් රැකියා දෙන බවට ප්‍රකාශ කරනවා.වැල්ලවායේ දී නිල ඇඳුම ඇඳ ගත්ත හමුදා නිලධාරීන් මේ සඳහා යොදා ගෙන සිටිනවා. මේ ගැන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළා. මේ තත්ත්වය වහාම නවත්වන්න කියා අප මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඉතිහාසයේ කවදාවත් හමුදාව මේ විදියට දේශපාලනය සඳහා යොදා ගත්තේ නැහැ. අද මේ අය ඒකත් කරනවා.ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ?මේ ආණ්ඩුව බලයට පත් වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය, මහ බැංකු කොල්ලය සහ එම්.සී.සී. ගිවිසුම යොදාගෙනයි. ආණ්ඩුව පත් වෙලා මාස අටක් ගිහිල්ලත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා පොහොට්ටු  සන්ධානයේ සභාපති කර ඔහු ඒ පක්ෂයෙන් දැන් ඡන්දයත් ඉල්ලනවා.මහ බැංකු හොරු අල්ලනවා කිව්වා. ඒ අය අල්ලන එක පැත්තකින් තියා අද සමගි ජනබලවේගය නායකයන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. මේවා තමයි නියම ඩීල් කියන්නේ.එම්.සී.සී. ගිවිසුම අත්සන් කළවිට ශ්‍රී මහා බෝධියට යන්න වීසා ගන්න වෙයි කිව්වා රට ඇමරිකානු කොලනිය වෙයි කිව්වා. එහෙම ගිවිසුම් සලකා බලන්නේ ඇයි කියා අප ආණ්ඩුවෙන් අහනවා.අද එකක් කියා හෙට එකක් කරන ආණ්ඩුව මේකයි. මේ කෙටි කාලය තුළ ආණ්ඩුව රටේ අසාර්ථකම රජය බවට පත් වුණා.ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා.‘‘අගෝස්තු පස්වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව කොන්දේසි රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පොහොට්ටුව මේ නීතිවලට යටත් වී නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති තනතුරට මුවා වෙලා අද පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සිටිනවා. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවිය යුතුයි.එතුමා ජාතිය අමතන මුවාවෙන් දවසින් දවස තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වනවා. මේ අවස්ථාව සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාටත් හිමි විය යුතුයි.හමුදාවේ තුන් දහසක් මරා දැමූ බවට පොහොට්ටුවේ පාර්ශ්වකරුවකු වෙච්ච කරුණා අම්මාන් ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් ඒවාට සුදු හුණු ගානවා.විරෝදාර රණවිරුවන්ගේ දූදරුවන්ට, මවුවරුන්ට වෙච්ච හානිය සුදු හුණු ගාලා මකන්න පුළුවන්ද?  අප රාජපක්ෂලාගෙන් අහනවා ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට පහර දීපු එක සුළු දෙයක් ද? කියා.සරත් වීරසේකරලා දකුණට ඇවිත් රණවිරුවන්, ජාතිය, ආගම විකුණමින් ඡන්දය ඉල්ලනවා. මේ වැඩවලින් පොහොට්ටුව හොඳටම බංකොලොත් වෙලා කියා පෙනී යනවා.හැමදාම මේ අය කළේ ඡන්ද කාලේ බොරුවෙන් ජනතාව මුළා කිරීමයි.පැය හතළිස් අටක් තුළ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්, මහ බැංකු වංචාකරුවන් අල්ලනවා කියා ජනාධිපතිවරණයේ දී පැවසුවා. අද කිසි දෙයක් කර නැහැ. පොහොට්ටුව ඡන්ද කාලෙට ජනතාවගේ මොළේ හෝදලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දඟලනවා.තුනෙන් දෙකක් ගන්නවා කියපු ආණ්ඩුවට දැන් බහුතරයවත් ගන්න බැරුව දඟලනවා. ඡන්දය කිට්ටු වෙනවිට ආණ්ඩුවට විපක්ෂයත් නැතිවෙනවා.මේ ආණ්ඩුව මැතිවරණ පොරොන්දු ඉටු කර නැහැ. ජනතාවට සහන නැහැ. ආර්ථික සංවර්ධනය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අපේ ආණ්ඩුව දින සියයෙන් කරපු වැඩවලින් සීයෙන් එකක්වත් මේ ආණ්ඩුවට කරන්න බැරි වුණා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රට බාර ගනිද්දී හිතුවේ නිර්මාණශීලී - දක්ෂ නායකයකු කියලයි. එතුමාගේ සහෝදරයාට මහ බැංකු පාලනය කර ගන්න බැරි නම් අනෙක් ඇමැතිවරුන් ගැන කවර කතා ද? කතා පවත්වලා මාධ්‍ය සංදර්ශන කරන පිරිසක් නම් ආණ්ඩුවෙ ඉන්නවා. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න බැරි, ජනතාවට සහන දෙන්න බැරි අඩු තරමින් ඉන්ධන සහනයවත් දෙන්න බැරි මේ ආණ්ඩුව යළි පත් වුණොත් ජනතාව කබලෙන් ළිපට වැටෙනවාමයි’’ යැයි ද කීය.
‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘
1
(*** නිමල කොඩිතුවක්කු)‘‘රජයේ සේවකයන්ගේ - රණවිරුවන්ගේ පිහිටෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කරමින් ගෙන ගිය පාලනයට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් ලැබෙනු ඇතැයි’’ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.‘‘රජයේ සේවකයන්ට අහිමි වී තිබෙන ආර්ථික ශක්තිය සහ ස්වාධීනත්වය යළි ලබාදීමත් ජනතාවට සහන දීමත් සමගි ජන බලවේගය රජයක මූලික කාර්යය බවද’’ මහ ලේකම්වරයා සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේද කීවේය. “අපේ රටේ රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. පසුගිය ආණ්ඩුවලින් රාජ්‍ය සේවකයන් විශාල රැවටීමකට ලක් කළා. දෙනවා කිව්ව වැටුප් වර්ධක දීමනා දුන්නේ නැහැ.මේ නිසා 2015 වනවිට රජයේ සේවකයනුත්, විශ්‍රාමිකයනුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියේ. අපේ ආණ්ඩුව ඇවිත් දින සියයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි කළා. එතනින් නොනැවතී අපේ ආණ්ඩුව කාලයේදී රජයේ සේවකයන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළා. අපේ ආණ්ඩුව යටතේ රජයේ සේවකයන්ට නැඟී සිටින්න පුළුවන් ආර්ථික ශක්තියත්, ස්වාධීනත්වයත් අප දුන්නා.මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ වැටුප් වර්ධක කප්පාදු කළා. අද රජයේ සේවකයන්ගේ ගරුත්වය බින්දුවට දාලා. විධායක නිලධාරීන්ගේ පහළොස් දහසේ දීමනාව නවත්වලා. පුරුදු පුහුණු දක්ෂ නිලධාරීන් ඉඳිද්දි ඒ අයට හිතවත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පරිපාලනය බාර දීලා. අද රාජ්‍ය පරිපාලන සේවය වැඩ නොකරන තත්ත්වයට හංවඩු ගසා අවසානයි.මේ ආණ්ඩුව ගැන රජයේ සේවකයන් අද හොඳටම කලකිරිලා. ලෝකයේ කිසිම රටක රජයේ සේවකයන්ගෙන් ආපහු වැටුප්  ඉල්ලලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්-දීමනා වැඩි නොකළ මේ ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් යළි ඉල්ලා සිටිනවා.අගෝස්තු පස් වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කපා දමා තිබූ වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් දීමට අප කටයුතු කරනවා.මේ ආණ්ඩුවට රජයේ සේවකයන්ටත් වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් ඉල්ලන ආණ්ඩුව කොහොමද ලක්ෂ විස්සකට රැකියා දෙන්නේ?රජයේ සේවකයන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වැඩියෙන්ම සලකපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ආබාධිත රණවිරුවන් දාලා උපවාස පවත්වා ඒ තුළින් බලයට එන්න කටයුතු කළ මේ ආණ්ඩුව අඩුම තරමින් ඔවුන්ගේ ප්‍රශ්නවත් විසඳුවේ නැහැ.අද එකක් කියා හෙට එකක් කරන ආණ්ඩුවක් තමයි මේක. මේ කෙටි කාලය තුළ මේ ආණ්ඩුව රටේ අසාර්ථකම ආණ්ඩුව බවට පත්වුණා.අද රජයේ සේවකයන් බොහොම නරක තත්වයට පත්  කරලා. අද රජයේ නිලධාරින් පරිපාලන නිලධාරින් යකඩ සපත්තුවෙන් පාගාගෙන  ඉන්නවා. රජයේ සේවකයන් මේවට උත්තර දෙන්න අද බලාගෙන ඉන්නවා.  මේ ආණ්ඩුව  කරපු දේට තැපැල් ඡන්දයෙන් හොඳ උත්තරයක් දෙන්න කියා අප ඉල්ලා සිටිනවා.’’කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය:-“මේ ආණ්ඩුවට කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. මේ ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික සහ මූල්‍ය සැලසුම් හේතුවෙන් අද වාහන ආනයනකරුවන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. ව්‍යවසායකයන්- ව්‍යාපාරිකයන් අද කර කියාගන්න දෙයක් නැතුව ඉන්නවා.කොරෝනා අරමුදලට මේ වනවිට කෝටි 145ක් ලැබිලා. මෙයට අමතරව විදේශවලින් විශාල මුදලක් ලැබී තිබෙනවා. මේ මුදල්වලට වෙච්ච දෙයක් නැහැ. ඒවා වියදම් වූ ආකාරය ගැන දැනගන්න ජනතාවට අයිතිය තිබෙනවා.දැන් සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් වියදම් කරන්න රජයට සල්ලි නැහැ කියලා. සුනාමි අරමුදල්වලට වෙච්ච දේ තමයි මේ මුදල්වලටත් වෙන්නේ.අද සුඩානයේ සහ ලංකාවේ ආර්ථිකය සමාන කරලා. මේ ආණ්ඩුව ඇවිත් මාස අටක කාලයකට කරපු වැඩ ටික කොහොමද?ඇමරිකානු පුරවැසියකු වෙච්ච තමන්ට ව්‍යවස්ථාව වෙනස් කර පාර්ලිමේන්තුවට එන්න දැන් බැසිල් රාජපක්ෂ මහතා තුනෙන් දෙකක් ඉල්ලනවා. රටට මොකක් වුණත් තමන් ගොඩ යනවා නම් ඔවුන්ට ඇති. මේ වගේ ප්‍රතිපත්ති තමයි, අද පොහොට්ටුවේ නායකයින්ට තිබෙන්නේ’’ යයි ද ඇය එහිදී සඳහන් කළාය. 
‘රජයේ සේවකයන්ගේ කැපූ දේ සජිත්ගේ ආණ්ඩුවකින් දෙනවා‘
0
 (මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න)රට ගොඩනැගීමට නම් වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පිරිස සිටින්නේ ජාතික ජන බලවේගය සමග බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (28) පැවැසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිනි.එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවැසීය.“මෙතනට ජනතාව ඇවිත් ඉන්නේ නොවැම්බර් 16 වැනිදා අපි ගන්න ඕන තීන්දුව මොකක්ද කියලා දැනගන්න; සාකච්ඡා කරන්න. අපේ අම්මලා, තාත්තලා හැමදාම ඡන්දෙ දීලා ආණ්ඩු පත්කරගෙන පස්සේ කල්පනා කරනවා මේ සැරෙත් අපිට වැරැදුණා කියලා. අපි බලාපොරොත්තු වූ දේවල් නොවෙයි වෙන්නේ. ඒ නිසා නැවත කල්පනා කරනවා හදපු පාලනය පෙරළන්න. 2015 රාජපක්ෂ පාලනය බිඳවට්ටවලා රනිල්-මෛත්‍රී හවුල් පාලනයක් හැදුවා. දැන් කල්පනා කරනවා මේ අණ්ඩුවත් දීපු පොරොන්දු ඉටුකළේ නැහැ, ඒ නිසා මේකත් බිඳවට්ටන්න ඕන කියලා. දැන් රනිල්ගේ ආණ්ඩුව වට්ටලා නැවතත් 2015 ගෙදර යවපු ආණ්ඩුව ගේන්න ඕන ද?එහෙනම් ඒක 2015 පරද්දන්නේ නැතුව ඉන්න තිබ්බනේ. මේ ආණ්ඩුව බිඳවට්ටලා නැවත ගේන්න ඕන පැරැණි පාලනය නොවෙයි. අපි ඔබලා හමුවට ආවේ නොවැම්බර් 16 වැනිදා පරණ පාලනයත් අලුත් පාලනයත් දෙකම පරාජය කරලා නවතම පාලනයක් ගොඩනගමු කියන ආරාධනාව කිරීමටයි. අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්න ඕන. අපේ තරුණ පරම්පරාවට තමන්ගේ දැනුම, හැකියාව, තමන්ගේ කාලය, ශ්‍රමය සතුටින් රට ගොඩනැගීමට දායකත්වය සපයන, අපේ වැඩිහිටි අම්මලා, තාත්තලාට සුරක්ෂිත ජීවිතයක් හිමිවෙන නව පාලනයක් අපේ රටේ හදන්න ඕන. තව දශක ගණනාවක් අපේ රට මේ විදියටම ආ යුතු ද? එය වෙනස් කළ යුතු නැද්ද?වසර 71ක් මේ රට පාලනය කරපු පාලකයෝ රටට හැම අතින්ම අන්තරාදායක තත්ත්වයක් උදාකර දී තිබෙනවා. මේ ආණ්ඩු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති කළා, යුද්ධ ඇති කළා, වෛරය වැපිරුවා. මොනවාද මේ රටට නොකළේ, මේ පාලකයෝ. රටට විය හැකි සියලු_ පන්නයේ විපත් මේ පාලකයෝ අපේ රටට අත්කරලා දුන්නා. කවුරු හරි පුළුවන් නම් මට කියන්න ඒක එහෙම වුණේ නැහැ කියලා. මත්ද්‍රව්‍ය තොග ගණන් ගේන රටක් හැදුවා. වැඩිපුරම මත්පැන් පානය කරන රටක් හැදුවා. විශාල ජනතාවක් සියදිවි නසාගන්න රටක් හැදුවා. ලෝකයේ විශාලතම වාහන අනතතුරු සිදුවන රටක් හැදුවා. තව මොකක්ද? මේ රටට වෙන්න තිබෙන්නේ.මේ ඛේදවාචකයෙන් අපේ රටත් ජනතාවත් ගලවා ගත යුතු නැද්ද? අපේ රටේ ජනතාව, රට ගැන, මිනිස්සු ගැන, තම ඇකයේ නැළැවෙන දරුවා ගැන, හෘද සාක්ෂියක්, සැබෑ කැක්කුමක් තිබෙනවා නම්, සැබෑ ආදරයක් තිබෙනවා නම්, අපි සියලු_දෙනා එක්වී මෙය වෙනස් කළ යුතුයි. මෙය අපිට පමණක් තනිවම කළ හැකි නම් මේ වෙනකොටත් ඒ වෙනස අපි කර හමාරයි. තමුන්නාන්සේලාගේ දායකත්වය නැතුව මේක වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ වේදිකාවේ ඉන්න සියලු_ දෙනාටම තිබෙන වුවමනාව තමුන්නාන්සේලාටත් තිබිය යුතුයි. මේ සඳහා ඔබලාට නිර්භීත පියවරක් ගත හැකි වුවහොත් අධිෂ්ඨානශීලී තීන්දුවක් ගන්න පුළුවන් වුණොත් මේ රට නියත වශයෙන්ම වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ තීන්දුව නොවැම්බර් 16 ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.යුද්ධ තිබෙන, ගැටුම් තිබෙන මොන රට ද දියුණු වුණේ. ඒ හැම රටකටම උරුම කරලා තිබෙන්නේ සාගතය, විනාශය, සතුරුභාවය, දුප්පත්කම වගේ දේවල් පමණයි. පාලකයෝ අපේ රටේ විවිධ ගැටුම් නිර්මාණය කළා. දැනටත් කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමගි සම්පන්න වෙච්ච සමාජයක් ගොඩනගන්න ඕන. මේ මැතිවරණ වේදිකාවේ අද මහජනයාගේ ආරක්ෂාව ගැන ලොකු සාකච්ඡාවක් ඇතිවෙලා තිබෙනවා.පාස්කු ඉරිදා ප්‍රහාරය සමහර නායකයෝ තම බලය සඳහා ආශිර්වාදයක් කරගන්න උත්සාහ ගන්නවා. ගම්වල තිබෙනවා බඳින තුවක්කු. ඒක බඳින්නේ හොරෙන්. බැන්ද කෙනා කවුද කියලා හොයාගන්න බැහැ. හැබැයි දඩයම උස්සාගෙන යනකොට ඔහු කවුද කියලා දැනගන්න පුළුවන්. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ඊට පස්සේ උස්සාගෙන ගියේ කවුද? කුරුණෑගලදී, මහනුවරදී, බිංගිරියේදී, මිනුවන්ගොඩදී අපි ඒක දැක්කා. ඒක ආශිර්වාදයක් කරගත්ත කෙනා ජනාධිපති තරගයට ඉල්ලනවා කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයා ගන්න පුළුවන් දඩයම උස්සාගෙන යනකොට කියලා අපි කියන්නේ ඒකයි. මතුපිටට පේන දේ නොවෙයි ඇතුලේ තිබෙන්නේ. ඒගොල්ලන් ඕනෑම ගැටුමක් ඒගොල්ලන්ගේ දේශපාලනය වෙනුවෙන් උපයෝගී කරගන්න සූදානම් වෙලයි ඉන්නේ. එවැනි දේශපාලනයකින් අපිට ඉදිරියට යන්න පුළුවන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට සමගි වුණු රාජ්‍යයක් නැතිව. අපි ගහගෙන, වෛරයෙන් මත්වෙලා කටයුතු කළොත් මේ රටට අත්වන ඉරණම කුමක් ද?දැන් එක්කෙනෙක් කියනවා මම හිටපු ආරක්ෂක ලේකම්. මමයි යුද්ධ කළේ. මම තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගන්නම් කියලා. ඊට පස්සේ අනෙක් පිලේ අපේක්ෂකයා කියනවා මම ආරක්ෂාව පිළිබඳ වගකීම දෙන්නෙ ෆීල්ඞ් මාර්ෂල්ට කියලා. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වෙච්ච සමයේ ජනරාල්ලට කරන්න ඕන තරම් වැඩ තිබුණා. හැබැයි අද ආරක්ෂාවේ අනතුර තියෙන්නේ මොකෙන්ද? යම් ජන කණ්ඩායමකින් පැන නඟින අන්තවාදී කොටස් තව ජන කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරයි ද කියන සැකයෙන්.මේක සමනය කරන්න ජනරාල්ලා ඕන ද? විශාල යුද සැලසුම් ඕන ද? මේ කරන්නේ එවැනි සිදුවීම් දේශපාලන වාසියට පාවිච්චි කරන එක. මේ අන්තවාදී ප්‍රහාර නැවැත්විය යුත්තේ නීතිය පාලනය කරන ආයතන හා මහජනයා විසින්. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගොදුර බවට පත්වුණේ කතෝලික ජනතාව. එම ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාරයට ලක්වුණේ මුස්ලිම් ජනතාව. එතකොට ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න, අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. මුස්ලිම් ජනයා කැමැති ද තමන්ගේ ජන සමාජය ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට. කිසිදු ජන කොට්ඨාසයක් තම ජන කණ්ඩායම ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයකට කැමැති නැහැ. තමන්ගේ සමාජය ඇතුළේ ගොඩනැගෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුයි. අපේ ව්‍යාපාරය ඒකට සූදානම්.අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැහැ. එවැනි වර්ගයේ අය අපේ වේදිකාවට කිසිදාක වද්ද ගන්නෙත් නැහැ. අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා. සජිත්ගේ වේදිකාවත් විවිධ වර්ගයේ අන්තාවදීන්ගෙන් පිරිලා. අන්තවාදීන්ගෙන් වේදිකා පුරවාගෙන ජනරාල්ලාට මහජන ආරක්ෂාව දෙන්න බැහැ. මහජනයාට ආරක්ෂාව දීමට නම් පළමුව අන්තවාදය පරාජය කළ යුතුයි. අපේ රටේ පොලිසිය සූදානම් වෙනවා නම්, කවර වර්ගයක හෝ අන්තවාදයකට ඉඩ නොදෙන්න අන්න එවිට ස්ථිර වශයෙන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්. අපේ පාලනයක් යටතේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට, ආගම්වාදයකට මතවාදීව හෝ ක්‍රියාශීලීව පැනනගින්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට අපි ඔබට සහතික වෙනවා.අපේ පාලනයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම වර්ගයක අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය බලතල පොලිසියට ලබාදෙන්න අපි සූදානම්. අපිට අවශ්‍ය අනාරක්ෂිත බවේ සංඥාව සහිත ආරක්ෂාවක් නොවෙයි. ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපේ පාලනයක් යටතේ අපේ රටේ ජනතාවට අපි දෙන්නේ. ස්ථාවර ආරක්ෂාවක් සහතික කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර, ස්ථාවර සමගියක් සාමයක් ඇති කළ හොත් පමණයි. එය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි.ස්ථිර මහජන ආරක්ෂාවේ ලකුණ මාලිමාව පමණයි. තොරතුරු තාක්ෂණය අතින් අපේ රට ඉහළ රටක්. අපි එතුළින් ප්‍රයෝජනය ගත යුතුයි. අපි නුපුහුණු ශ්‍රමය වෙනුවට ලෝකයේ දියුණුතම වෙළෙඳපොළක් සැකැසිය හැකි පිරිසක් රට යැවිය යුතුයි. අපිට ඒ සැලැස්මක් තිබිය යුතුයි. අපිට මේ රට ගොඩනැගිය හැකි ආර්ථික සැලැස්මක් තියෙනවා. ඒ තුළින් රට ගොඩනගන්න පුළුවන්. ආර්ථිකයේ ඉහළ තලයේ ඇති වෙනස්කම් සිදු කර ලෝකයේ දියුණුතම ආර්ථිකයක් ඇති රටත් බවට පත්කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරනවා. හැම කෙනෙක්ම ණයකාරයෙක් බවට පත්වෙලා. මේ සියලල්ලට විසඳුම ඇත්තේ ජාතික ජන බලවේගයට පමණයි.” යැයි ද දිසානායක මහතා පැවැසීය.මෙම ජන හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ වෛද්‍ය චාන්දනී කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුර්‍ළු විශාල පිරිසක් එම රැලියට එක්ව සිටියහ.
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“
1
(මුදිතා දයානන්ද සමග මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන ජනතාවට යහපත් ජීවිතයක්, සියලු දෙනාට සම අයිතීන් හිමිවන සමාජයක් අත්කර දීමෙන් මෙහා අපේ ගමන නවතින්නේ නෑ. ඒ වෙනුවෙන් ඔබේ යුතුකම දහසය වැනිදාට ඉටු කරන්න යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පැවසීය.ඔහු මෙසේ පැවසුවේ මහරගම නගරයේදී පැවැති ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය අමතමිනි.එහිදී වැඩිදුරටත් දිසානායක මහතා මෙසේද පැවැසීය.“මේ මැතිවරණයට ප්‍රධාන කඳවුරු තුනයි. ඒත් අපි දකින්නේ ප්‍රධාන කඳවුරු දෙකක් ලෙසයි. අපි එක පැත්තක. අනෙක් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ඉන්නේ එක කඳවුරක. ජනතාවට තෝරගන්න තිබෙන්නේ රට හදන එකට වැඩපිළිවෙළක් තිබෙන කඳවුර තෝරාගන්නවාද, වසර 71ක් තිස්සේ රට විනාශ කළ කඳවුර තෝරා ගන්නවා ද කියලයි. හොරුන්, දූෂිතයන්, මංකොල්ලකාරයන් ඉන්න කඳවුර තෝරගන්නවාද. හොරුන් සහ දූෂිතයන්ගෙන් තොර රට වෙනුවෙන් කැපවූවන්ගේ කඳවුර තෝරාගන්නවාද කියලයි.ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ. සියලු ආයතන තිබුණේ ඒ පවුල අතේ. ආර්ථික මර්මස්ථාන තිබුණේ ඒ පවුල අතේ. අඩුම තරමින් දේවාල ටිකවත් ඉතුරු කළේ නැහැ. ඒවායේ බස්නායක නිලමේවරුන් කළෙත් ඒ පවුලෙන්මයි. ඒ වෙනුවෙන් පනත් පවා සංශෝධනය කළා. ඒ පාලනයට එරෙහිව ගිය අයට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්න.බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. දෙන්නෙක් ඝාතනයට ලක්වුණා. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ලකන්න ගෙනාපු වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ වැඩ කරන ජනතාවට වෙඩි තියලා රොෂේන් චානක කියන තරුණයා ඝාතනය කළා. එවන් පාලනයක් යළි මේ රටේ ස්ථාපිත වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අපි කියන්න ඕනෑ එදත් ඒ ජනාධිපති පාලනයට බයේ අපි හැංගුණේ නැහැ. අදත් බය නැහැ. හෙට බයවෙන්නෙත් නැහැ. සමහරු ඒවාට මුහුණ දෙන්න බැරිව ජනතාව බියවද්දමින් ඉන්නවා. ඒත් මේ වේදිකාව ඔය කොයි දේටත් මුහුණ දෙන්න පුළුවන් වේදිකාවක්.හොරුන්ට, දූෂිතයනට දඬුවම් දෙන්න බලයට පත්වුණ ඊළඟ ආණ්ඩුව බලයට පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මහබැංකුව කොල්ලකෑවා. ඔවුන්ට පුළුවන්ද ඊට පස්සේ හොරුන්ට දඬුවම් දෙන්න. ආණ්ඩුවේ සල්ලිවලින් ඇමැතිවරු බිස්නස් කරන්න පටන් ගත්තා. අධිවේගී මාර්ගවලින් හොරකම් කළා. වරායෙන් හොරකම් කළා. ඩොලර් කෝටි 3500ක් වටිනා වරායේ සතු ඉඩම් ටික ඩොලර් කෝටි දෙදහාටත් අඩු ගාණකට දුන්නා. ඇයි ඒ? කොමිස් කුට්ටියට.රටටම තෙල් බෙදන්න පුළුවන් තෙල් ගබඩා කර තැබිය හැකි තෙල් ටැංකි අපි සතුව තිබෙනවා. මේ ආණ්ඩුව ඒ ටික ඉන්දියාවට විකුණන්න සැලසුම් ගැහුවා.මේ කඳවුරු දෙකම හොරුන්ගෙන් පිරිලා. දූෂිතයන්ගෙන් පිරිලා. සදාචාරාත්මකව ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී හේතු ගැන කියලා තමයි ඡන්දේ ගත්තේ. ඒත් මෙදා පාර දෙගොල්ලෝම හොරු ගැන කතා කරන්නේ නෑ. මොකද එහෙම කරන්න නම් තමන් ළඟ ඉන්න හොරු හිරේ දාලා ඉන්න වෙනවා.හොරකමෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර පාලනයක් බිහි කළ හැක්කේ ජාතික ජන බලවේගයකට පමණයි. මේ හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පිරුණු කඳවුරු දෙකම එකට තියලා පරද්දන්න අපට පුළුවන්.තවමත් ඔබ අපට ඡන්දෙ දෙන්න හිතාගෙන නැතිනම් ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ හැක්කේ කාටද? නීතිය තමන්ට ඕනෑ හැටියට හැසිර වූ තමන්ට ඕනෑ හැටියට නීතිය නවාපු තමන්ට ඕනෑ අය එළියේ තියලා තමන්ට විරුද්ධ අය හිරේ දාපු පාලනයක් ඔබ නැවත බලයට ගේන්න සූදානම්ද?මේ අයට ගැටුම් නැතිව පාලනය අරන් යන්න බැහැ. එකම ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් සහරාන්ලටත් පඩි ගෙවනවා. සිංහල ජාතිවාදීන්ටත් පඩි ගෙවනවා. ඒ අය ඒ මුදල්වලින් ජාතිවාදය අවුස්සනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පල්ලි තුනකට, සංචාරක හෝටල් තුනකට පහර දුන්නා. බෝම්බ ගැහුවා. සිය ගණනක් මිය ගියා. එය ම්ලේච්ඡ ප්‍රහාරයක්. අපි කවුරුත් ඒ සිදුවීමෙන් කම්පනයට පත්වුණා. ඒත් සමහර කෙනෙක් උණුසුමේම ඇවිත් කිව්වේ මම හිටියා නම් මේක වෙන්නේ නෑ කියලා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, ජනාධිපති වෙලා ජාතිවාදය නැති කරනවා කියලා. අන්තවාදී ගැටුම් තමන්ට ඕනෑ විදියට ප්‍රයෝජනයට ගත්තා.අනෙක් කණ්ඩායම මොනවාද කළේ. කිසිදාක පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා නොකර ගම් මට්ටමයි, බිම් මට්ටමයි, තම්මැට්ටමයි ගැන කතා කරමින් හිටියා. දැන් සජින් වාස්ලා ඉන්නෙත් ඒ කඳවුරේ. ඉතින් මොනවද එයාලට ඡන්දෙ දීලා.අපේ රටේ පොලිසිය ඉතාමත් දක්ෂයි. ඔවුන්ට පුළුවන් මූණ දිහා බලලා හොරා හඳුනාගන්න. ඔවුන්ට අල්ලන්න බැරිවුණේ දේශපාලනඥයන් මැදිහත්වූ හොරකම් වංචා අපරාධ පමණයි. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍යය සුරකින පාලනයක් ඇති කළ යුතුයි.අද සමහරු උතුරේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ කරේ නැගලා උතුරට යද්දි තව කෙනෙක් උතුරේ වෙනම පාලනයක් ගැන හීන දකින දෙමළ ජාතික සන්ධානයේ කරේ නැගලා උතුරට යනකොට අපි ඒ කවුරුවත් නැතිව උතුරට ගියා. තනියම නොවෙයි. මේ වේදිකාව නියෝජනය කරන ජාතික ජන බලවේගය සමග. උතුරේ ජනතාව බොහොම හරසරින් අප පිළිගත්තා.අපි සෑම ආකාරයෙන්ම හිංසනය හෙළාදකිනවා. කිසිම පුද්ගලයකු තවත් කෙනකුගේ හිංසාවට ලක්විය යුතු නැහැ. අඩුම තරමින් ගුරුවරයකු දරුවකුට ගැසීමත් අපි ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ හදන්න, ගහන්න අවශ්‍ය නැහැ. ආදරයෙන් ඔවුන් නිවැරදි ලෙස හදන්න පුළුවන්.සමහර දරුවෝ මාපියන්ට සලකන්නේ නෑ. සමහර දරුවෝ තාත්තා බලු කූඩුවේ දාලා හිංසනයට ලක්කළ හැටි අපි දැක්කා. අම්මලා පාරේ දාලා අතරමං කරලා යන හැටි අපි දැකලා තියෙනවා. අපි මාපියන් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.ආබාධිතයන්ගේ ජීවිතය අද සුරක්ෂිත නැහැ. ඔවුන්ට තමාගේ කටයුතු තනිවම කරගන්න බැරුව අසරණ වෙනවා. ඒ අයත් සම අයිතිවාසිකම් සහිතව රැක බලා ගන්නා සමාජයක් අපි ඇති කරනවා.කාන්තාවන් හා පිරිමින් අතර තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කම් පමණයි. එහෙත් අද මේ වෙනස නිසාම බරපතළ ලෙස හිංසනයට ලක්වෙනවා. ඔවුන්ටද සම අයිතීන් ලබාදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.රෝගීන්ගේ අයිතීන් ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි නායකත්වයක් තමයි අද මේ වේදිකාව නියෝජනය කරන්නේ. හැමදාමත් ජනතාවගේ සිට නිර්මාණ සිදුකළ කලාකරුවන් මේ වේදිකාවේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආචාර්ය, මහාචාර්යවරුන් මෙතන ඉන්නවා. මෙතන කිසිවෙක් නැහැ මහජන දේපල කොල්ලකාපු අය. කුඩා කුඩා හේතු මත මේ දේශපාලනය අත්හැරීමට අපි කිසිවෙක් සූදානම් නැහැ.අපි මරණය පෙනි පෙනී දේශපාලනය කළ අය. ජයග්‍රහණයන් පරාජයන් ද පසුබෑම් සියල්ල හමුවේ මේ රටේ ජනතාවට නව ජීවිතයක් උදාකර දීමේ වගකීම අත්හැරියේ නැහැ. එක් මාධ්‍යවේදියෙක් මගෙන් අහනවා ගත වූ වසර තිහ ගැන දුකක් හිතෙන්නේ නැද්ද කියලා. නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් මට කළ හැකි උපරිමය කළා කියන සතුට මට තිබෙනවා. ජනතාවට සතුටෙන් සමාදානයෙන් ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ සටන ජය ගැනීමෙන් මෙහා අපි නවතින්නේ නැහැ” යැයි ද දිසානායක මහතා කීය.ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාඅපි දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. රට ගැන කැක්කුමක් ඇති, අවංක, හොරු, දූෂිතයන් නොවන විද්වතුන් කලාකරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගෙන් මේ වේදිකාව පුරවන්න අපට හැකිවීම අපේ ජයග්‍රහණයක්. ඔවුන් සමඟ එක්ව එක් පෙරමුණක් හදන්න හැකිවීම අපි ලැබූ ජයග්‍රහණයක්.අපි දේශපාලනයේ දිශානතිය වෙනස් කළා. මේ රටේ ජනතාවට කැත නැතුව ඡන්දෙ දෙන්න තැනක් අපි හැදුවා. ඒ නිසා දෙන්නෙක් අතර තිබූ ජනපතිවරණය සටන අපි තුන්කොන් සටනක් කළා.ඒ නිසා දැන් දෙවැනි මනාපයත් හිඟා කන තැනට සමහර අපේක්ෂකයන් පත්වෙලා. ඒ වෙනුවෙන් අපි කිව්වා කියලා බොරු ප්‍රචාරයන් යවනවා.අද ඉන්න හිතෙන රටක් ගැන ප්‍රචාර යැව්වට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඉන්න හිතෙන්නේ නැති රටක්. ඒ නිසා අපේ කාන්තාවන් ජීවත් වෙන්න ක්‍රමයක් හොයාගෙන මැද පෙරදිග යනවා. තරුණයන් ජපානයට, ඕස්ටේ්‍රලියාවට, කොරියාවට හොරෙන් පැනගන්න හදනවා.අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා. වීසා හදා ගන්න, රස්සාවක් හොයාගන්න පුළුවන් වුණ තරුණ තරුණියන් කොහේ හෝ වෙන රටකට පැනගන්නවා.දුප්පත් ජනතාව විතරක් නෙවෙයි බලය ගන්න එන සමහරුන් මේ රට ජීවත් වෙන්න සුදුසු රටක් ලෙස දැක්කේ නැහැ. බලය ගන්න හොඳ වුණාට ජීවත්වෙන්න මේ රට හොඳ නැහැ. ඒකයි එයාලත් පෙන්වන්නේ.අද අපේ රට බිමට වට්ටලා තිබෙන්නේ. අපේ රට ඉතිහාසයේ ගෞරවනීය තැනක තිබුණේ. මහා දැවැන්ත වාරිමාර්ග කළේ ලෝකෙට ණයවෙලා නෙවෙයි. අද පාරට කාපට් දාන්න බැහැ චීනෙන් සල්ලි දුන්නේ නැත්නම්, චීන සමාගම් ආවේ නැත්නම්. මොකක්ද මේ අපි වැටිලා තියෙන තැන.අපේ සමාජ ජීවිතය බිඳ වැට්ටුවා. හැමෝම ඡන්ද ගන්න ජාතිවාදය භාවිත කරනවා. එක පැත්තක් ජාතිවාදය අවුස්සනකොට තව පැත්තක් ජාතිවාදීන්ට කප්පම් දෙනවා.සමහරු කියනවා දුන්නට වැඩක් නැහැනේ, අනුරට දිනන්න බැහැනේ කියලා. ඔය කියන හැමෝම අනුරට දීලා බලන්නකෝ, දන්නෙම නැතුව දිනලා තියේවි. මේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අන්තිම දවස හෙට අනිද්දා. මේ දවස් දෙකේ බොරු ප්‍රචාර යාවි. දැනටමත් දෙවැනි මනාපයක් ගැන බොරු ප්‍රචාර යවනවා. අරයා මෙයා කිව්වා කියලා බොරු කියනවා. අපි දෙවැනි මනාපය ගැන කතා කරන්නෙත් නෑ. දෙවැනි මනාපයක් ඉල්ලන්නෙත් නෑ. එකම මනාපයයි. එකම ඡන්දයයි අපි ඉල්ලන්නේ. ජනතාවගේ කැමැත්ත අනුව දෙවැනි තුන් වැනි මනාප භාවිත කළාට අපේ අමනාපයක් නෑ.  පාර වැරදුණ රටකට මගපෙන්වන ලකුණ මාලිමාව අරන් අපි ආවා. අපි හරි පාර පෙන්නුවාට ඒ පාරට ජනතාව හරවාගන්න ඕනෑ. අපි ඔබට කියනවා මේ රටත් ජනතාවත් හරි මගට ගන්න ඔබ සියලු දෙනා මාලිමාවක් වන්න.නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,අපි හැමෝටම හීනයක් තිබෙනවා අපේ රටේ සතුටින් ජීවත්වීමට. අපි ප්‍රශ්නවලට උත්තර හැටියට පෞද්ගලිකව නොයෙක් දේ කළා. ළමයින්ට පොත් අරන් දුන්නා. බෑග් අරන් දුන්නා. ඔය වගේ නොයෙක් දේවල් කළා. ඒත් දුප්පත්කම එහෙමමයි. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා. ඉතිං මම ඒකට ජේ.වී.පී. එකත් සමග එකතුවුණා. මේ වේදිකාවේ ඉන්න ලැබීම ගැන මම සතුටුවෙනවා.ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා,මෙතැන රටම හොරකම් කරගෙන කාපු බොරු දේශප්‍රේමීන් නැහැ. මෙතැන දූෂිතයන් නැහැ. වංචාකාරයන් නැහැ. ජාතිවාදින් නැහැ. මෙතන ඉන්නේ එකම ජාතියයි. ඒ තමයි මනුෂ්‍ය ජාතිය. අපි හැමෝම එකම තලයකට අයත් එකම ජාතියකට ඒ කියන්නේ මනුස්ස කුලයට අයත්වූවන්. මේ රට තියෙන්නේ වළක වැටිලා. ඒ වළෙන් ගොඩ අරන් මේ රටේ ජනතාවත් සමග රට හදන්න ජාතික ජන බලවේගයට විතරයි වැඩ පිළිවෙලක් තියෙන්නේ. ඒ නිසා ඒ වටා එකතුවෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක මහතා,මේ රට අද පත්වෙලා තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න දන්දීලා බැහැ. එකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙළ තියෙන්නේ ජනතා ජන බලවේගයට පමණයි. රට හදන්න හොඳ දැක්මක් අවශ්‍යයි.ජාතික ජන බලවේගය ගොඩනැගුවේ ජනාධිපතිවරණයෙන් අවසන් කරන්න නෙවෙයි. මේ රටට හොඳ දේශපාලන නායකත්වයන් අවශ්‍යයි. ඒ නායකත්වය ලබාදෙන්න අනුර සහෝදරයාට පුළුවන්. ඔහුට පාර්ලිමේන්තුව තුළ වසර විස්සක අත්දැකීම් තිබෙනවා. ඒ වසර විස්ස පුරා කවුරු විපක්ෂයේ හිටියත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුයි. මහාචාර්ය චන්දන අබේරත්න මහතා,මෙහිදී අලුත් පියාපත් සංවිධානය වෙනුවෙන් නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මහත්මියත් මෙහිදි අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය ප්‍රභා මනුරත්න, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, රංගන ශිල්පිනි දීපානි සිල්වා,  ජාතික ජනබලවේගයේ නියමුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“
0
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම. ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන්  කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය,  අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා  තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්‍රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:  ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්‍රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා. රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. 
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“
0
(ඩයනා උදයංගනී)ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වා තිබෙනවා.ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික‍්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සකස් කරගෙන යනවා.මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත‍්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්ත‍්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත‍්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්‍ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.”අපි මේ ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප‍්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා.මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක‍්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප‍්‍රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්‍ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්‍ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.” ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප‍්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප‍්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප‍්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.” ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය.         ”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්‍ෂය කීවේ  ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” 
“අපිට වැරදුණා කියා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්න එපා“
0
(අංජුල මහික වීරරත්න, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර, පිටිගල ඩී.ජේ. විජේසිරි සහ බටපොල දීපාල් සිල්වා)ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා තිබේ නම් ඇමැතිවරුන් හෝ මන්ත්‍රීවරුන් කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියේදී පැවැසීය.පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම හොඳම ක්‍රියාවලිය බව කී අග්‍රාමාත්‍යවරයා, සියලු චෝදනා සහ කරුණු පාර්ලිමේන්තු කමිටුවට ලබාදුන් පසු අවශ්‍ය පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.ඇල්පිටිය පිටුවල පාර චෙරිකිඞ්ස් උත්සව ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය."ඇල්පිටියට පැමිණ ඔප්පු බෙදා දීමේ වැඩසටහනට සහභාගි වන්නට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මේ වැඩකටයුතු සංවිධානය කළා. මෙරට ඉඩම් භුක්ති විඳින ලක්ෂ දහයකට, විස්සකට පමණ ඉඩමේ අයිතිය තහවුරු කිරීම සඳහා ලියවිල්ලක් නැහැ. නමුත් පරම්පරා දෙක තුනක් ඉඩමේ පදිංචි වී තිබෙනවා. අප ඒ තත්ත්වය නැති කළ යුතුයි. යුද්ධය නිසා අවතැන් වී නැවත පදිංචි කළ උතුරේ ජනතාව සඳහාත් අප ඔප්පු ලබා දෙනවා. ඉඩමට සින්නක්කර අයිතිය දීම සඳහාත් අප නීති සම්පාදනය කරනවා. සැමට ඉඩමේ අයිතිය තිබිය යුතුයි.ගාලු දිස්ත්‍රික්කය මෙරට ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත් කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. කටුනායක සහ මත්තල මැද තිබෙන දිස්ත්‍රික්ය වන්නේ ගාල්ලයි. ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානය වන්නේ බෙන්තර ඇල්පිටිය දේද්දුවයි. දේද්දුව දියුණු කිරීම සඳහා ඉඩම් හිමියන්ට මේ වන විට වන්දි ගෙවා තිබෙනවා. පාස්කු ඉරිදා දින මමත් ඒ ප්‍රදේශයට ගොස් විමර්ශනය කරන්නට නියමිතව සිටියා. ඊට පෙර බෝම්බ පිපිරීම ගැන ආරංචිය පැමිණියා. මේ තත්ත්වය නිසා ආයෝජකයන් කැඳවීම මදක් කල් දැමීමට සිදුවෙනවා. මේ හරි වෙලාව නොවෙයි.දැනට සංචාරකයන් ලංකාවෙන් පිටවී ගොස් තිබෙනවා. පළමුවෙන්ම සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට රැගෙන ආ යුතුයි. ඉන් පසුව දෙවන පියවර ගැනීමට තිබෙනවා. ඒ ආයෝජකයන් ඉල්ලා නිවේදන නිකුත් කිරීමයි.සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සම්බන්ධව අපි කඩිනම් පියවර ගත යුතුව තිබෙනවා. ජූනි මාසයේ සිට අප සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රසිද්ධිය ලබා දිය යුතුයි.අප මේ කාලයට මුහුණ දී යහපත් තත්ත්වයක් උදාකර ගනිමු. පාසල් විවෘත කරමු. වෙසක් උත්සවය පවත්වමු. සමහර රටවල් ලංකාවට පැමිණීම ගැන තමන් උපදෙස් දී තිබෙනවා. ලංකාවට පැමිණීම අනතුරුදායක යැයි දන්වා තිබෙනවා. මේ වකවානුවෙන් පසු ඒ රටවල් අමතා තත්ත්වය සාමාන්‍ය අතට පැමිණ තිබෙන බව දැනුම් දිය යුතුයි.ඇතැම් රටවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහි ඉන්නවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ අනතුරු හැඟවීම ඉක්මනින් ඉවත් කරගත යුතුයි.නමුත් ඇතැම් සංචාරකයන් තාමත් මෙහි එනවා. නල්ලතන්නියේදී ශ්‍රී පාද වන්දනාවට යන විදේශිකයන් මට හමුවුණා. සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන්නේ විශාල හෝටල් පමණක් නොවේ. කුඩා පරිමාණ ව්‍යාපාරවලත් බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. ඒ සියලුම පිරිස් ජීවත් කරවීමේ වගකීම අපට තිබෙනවා. පසුගිය වසරේදී සංචාරක කර්මාන්තය ඉහළ තත්ත්වයකට ගැනීමට අප කල්පනා කළා. නමුත් ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා නොවැම්බරයේ සංචාරකයන් පැමිණීම අඩු වුණා. මේ වසර වන විට සංචාරකයන් වැඩිපුර පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. ජූනි මාසයේ සිට අගෝස්තු වන විට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප උත්සාහ කරනවා. අප සාමාන්‍ය ස්ථිර තත්ත්වයක් ඇති කර ගත යුතුයි. වැදගත්ම කාරණය එයයි.මේ බෝම්බ පිපිරීම සිදු නොවුණා නම් අයි.එස්. ත්‍රස්තවාදය නොතිබුණා නම් සංචාරක ප්‍රමාණය වැඩි වන්නට තිබුණා. කෙසේ නමුත් අප මේ වෑයම අතහරින්නේ නැහැ.බෝම්බ පිපිරීම නිසා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹීමක් ඇති වුණා. එය අප පිළිගත යුතුයි. ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසයත් නැති වුණා. දේශපාලනඥයන් කෙරෙහි තිබූ විශ්වාසයත් නැති වුණා. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයටත් ඒ තත්ත්වය පොදුයි. කලින් මාධ්‍ය හොඳ බව කිව්වා. ඒ තත්ත්වය දැන් ජනතාව කෙරෙන් දුරස් වෙලා.බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි ජනතාව විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා. කාදිනල්තුමන්ගේ ප්‍රකාශයෙන් තත්ත්වයත් පාලනය කර ගැනීමට හැකි වුණා.නගරයෙන් බැහැරව ගම්මානවල වැඩි වශයෙන් පන්සල් තිබෙනවා. ඒ අනුව මා මහානායක ස්වාමීන් වහන්සේලාටත් කතා කර ඉල්ලීමක් කළා. උන්වහන්සේලාත් කළ ඉල්ලීම් නිසා ගම්මාන ආශ්‍රිතව කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මුස්ලිම් උලමාවරුන්ටත් අප කතා කළා. සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂය ගත් පියවර පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි.අපරාධකරුවන් ඉක්මනින් අල්ලා ගන්නට හැකියාව තිබෙන බව පොලිසිය එදා අපට දැනුම් දුන්නා. මා ජනපති සමගත් සාකච්ඡා කළා. රාත්‍රියේදී ඇදිරිනීතිය පැනවීමට අප තීරණය කළා. සිද්ධියෙන් පැය නවයක් යන්නට පෙර දෙමටගොඩදී පළමු කණ්ඩායම අල්ලා ගත්තා. ඒ ගැන විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි.පැය නවයක් යන්නට පෙර මෙලෙස අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමක් අල්ලා ගත් වෙන රටක් නැහැ. එහිදී අපගේ නිර්භීත පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ජීවිත අහිමි වුණා.මරාගෙන මැරෙන බෝම්බයක් අටවාගෙන කාන්තාවක් දිවිනසා ගනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැහැ. එදා ගත් පියවර නිසා මේ වන විට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැතිනම් ජීවිත හානි කරගෙන තිබෙනවා. මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් දුන් ඔත්තුව අනුව නැගෙනහිර සිටි කණ්ඩායමක් කොටුකර ගැනීමට හැකියාව ලැබුණා.මේ කණ්ඩායම අල්ලා ගන්නට හැකියාව ඇති බවට ජනතාව තුළත් විශ්වාසයක් ගොඩනැගුණා. අනාගතයේදී ගතයුතු පියවර පිළිබඳවත් අප දැන් සාකච්ඡා කරනවා. ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගත යුතුව තිබෙනවා.රටේ තත්ත්වය කුමක්දැයි දැනගැනීමට රටේ නායකයින්ට අයිතියක් තිබෙනවා. අප දින තුනක් පාර්ලිමේන්තුවේ වාද කළා. දෙපැත්තේම සමහර අය දේශපාලන කතා කළා. එයින් විශ්වාසය ගොඩනැගීමට කිසිදු සහයක් ලැබුණේ නැහැ.අනෙක් පැත්තෙන් දෙපැත්තෙන් සමහරුන් කරුණු සහිතව කතා කළා. එය ඉතා හොඳයි. මේ ගැන සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවට බලය දිය යුතු යැයි ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්.විවිධ චෝදනා තිබෙනවා. අප නම් කිසිවකුත් ආරක්ෂා කරන්නට යන්නේ නැහැ. ඇමැතිවරුන්වත්, මන්ත්‍රීවරුන්වත් කිසිවකුත් ආරක්ෂා කරන්නට යන්නේ නැහැ. නමුත් චෝදනා තිබෙනවා නම් කරුණු තිබෙනවා නම් පාර්ලිමේන්තුව මේ කරුණු විභාග කරන විට චෝදනා ඉදිරිපත් කරන්න. එළියේ කෑ ගැසීමෙන් පලක් වන්නේ නැහැ. චෝදනා තිබේ නම් පොලිසියට ඒ පිළිබඳව විභාග කළ හැකියි.ඒ අනුව සිද්ධිය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ හැකියි. එය ඉතා හොඳයි. කරුණු තිබේ නම් ඊට ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා.ජනපති මේ සඳහා කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒ නිසා ඕනෑම කාරණයක් ඉදිරිපත් කළ හැකියි. බියවන්නට කාරණයක් නැහැ. ආරක්ෂා කරන්නට කවුරුවත් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙය විවෘතව සොයා බැලිය යුතුයි. තවත් කරුණු තිබේ නම් හෙළිදරව් කළ යුතුයි. කොමිෂන් සභා වාර්තාවක් මේ කමිටුවට යොදා ගත හැකියි. සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් ඒ යෝජනාවට අත්සන් කර තිබුණා.ආණ්ඩුවේ පක්ෂ, ද්‍රවිඩ සන්ධානය, පොහොට්ටුව, ජනතා විමුක්ති පෙරමුණ ආදී සෑම පක්ෂයකම අත්සන් කර තිබුණා. එය ඉතා හොඳ තත්ත්වයක්.පළමුවෙන්ම කළ යුතු වූයේ ස්ථාවර බව ඇති කිරීමයි. එය සාර්ථක වුණා. පැය නවයක් යන්නට පෙර ඒ වැඩකටයුතු සිදු වුණා. දැන් අතීතයේ වූයේ කුමක් දැයි සොයා බලන්නට හැකියාව තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාපජක්ෂ මහතාගේ පාර්ලිමේන්තුවේදී මේ ගැන සොයා බැලීම අගයමින් අදහස් දක්වා තිබුණා. මේ අනුව මේ කාර්යයේදී පක්ෂ අතර බේදයක් නැහැ.අනාගතයේදී මෙවැනි ක්‍රියා ඇති නොවන්නට වගබලා ගැනීම සඳහා නව ප්‍රතිත්‍රස්ත රාමුවක් ඇතිකරගන්නේ කෙසේ දැයි සලකා බැලිය යුතුයි. ඊට විශාල වැඩකොටසක් තිබෙනවා.මේ කොටි ත්‍රස්තවාදීන් නොවේ. මොවුන් ක්‍රියා කරන්නේ විවිධ මානසික තත්ත්වයන් යටතේයි. මේ තත්ත්වය නැති කිරීම සඳහා ගමේ පන්සලට, පල්ලියට, හින්දු කෝවිලට, මුස්ලිම් පල්ලියට විශාල වැඩකොටසක් තිබෙනවා. පූජකතුමන්ලා ගම්මට්ටමෙන් මුණගැසී මේ කටයුතු කිරීම වැදගත් ක්‍රියාවක් බව කිව යුතුයි.මේ ගැන ක්‍රියා කළ යුතු ආකාරය ගැන හිටපු ජනාධිපතිනියත් හොඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. කතානායක කරු ජයසූරිය මහතාත් යෝජනා ඉදිරිපත් කර තිබුණා.අවි ආයුධවලින් පමණක් නොව මානසික වශයෙන්ද ත්‍රස්තවාදී අදහස් නැති කරන්නේ කෙසේදැයි අප විමසා බැලිය යුතුව තිබෙනවා.මේ ගැන සැකයක් තිබේ නම් ඒ සැකය නැති කර ගැනීමට පාර්ලිමේන්තුව කොමිටියක් පත්කර ඒ ගැන විභාග කිරීම හොඳම දෙයයි.අපට ආරක්ෂා කරගන්න කිසිවකුත් නැහැ. හංගන්න කව්රුවත් නැහැ. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ගෙනයන කිසිම කාර්යයක් අප නතර කරන්නේ නැහැ. එයින් ජනතා විශ්වාසයක් නොඩනැගෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා:-අද ඉඩම් ඔප්පු දහසකට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. පසුගිය දින කීපයේ රටේ තිගැස්මක් ඇති වුණා. අතීතයේ සිට අප විවිධ අර්බුදවලට මුහුණ දී තිබෙනවා. මෑතකදී අන්තවාදීන්ට මුහුණදීමට අපට සිදු වුණා. සෑම විටම අප අභීතව අභියෝගවලට මුහුණ දී ජය ගත්තා.මේ වන විට ඒ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මිදී තිබෙනවා. අප ඉතා සංයමයෙන් රටක් ලෙස මේ අර්බුදයට මුහුණ දුන්නා. ඒ තත්ත්වය ගොඩනගන්නට ක්‍රියා කළ ජනතාවටත්, ආරක්ෂක හමුදාවන්ටත් ප්‍රණාමය පුද කළ යුතුයි.අප ඉලක්ක කරා වේගයෙන් හඹා යමින් සිටිනවා. බොහෝ දෙනකුට සින්නක්කර ඉඩම් ඔප්පුවක් තිබුණේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කිරීම අපගේ අරමුණයි. බොහෝ රාජ්‍ය ආයතනවලටත් ඉඩම් ඔප්පුවක් නැහැ. ඒ සියලු ආයතන සඳහාත් ඉඩම් ඔප්පු දීමට කටයුතු කරනවා. විහාරස්ථාන සඳහා පූජා ඔප්පු දීමටත් අප කටයුතු කරනවා."මෙම උත්සවයට පළාත් සභා, පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියසේන ගමගේ, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි මහත්වරු ද සහභාගි වූහ.
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
0
(අංජුල මහික වීරරත්න) අන්තවාදී ත්‍රස්තවාදයට කිසි විටක රටේ සංවර්ධනය ආර්ථික දියුණුව හෝ එදිනෙදා වැඩසටහන් හෝ නතර කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේදී සහතික වූයේය. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම ඉදිරි සති දෙක ඇතුළත යළි අරඹන ලෙස තමා නියෝග දී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා මීට පෙර පැමිණි අර්බුදවලට සාර්ථක අයුරින් මුහුණ දුන්නා සේම අන්තවාදී ත්‍රස්තවාදය ද මුලිනුපුටා දමන බව අවධාරණය කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය රට පුරා ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා ඇරැඹූ රන් මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. රන් මාවත් වැඩසටහන අරඹමින් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ (ශ්‍රීපාද මාවත) වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. රුපියල් ලක්ෂ 23120ක ආයෝජනයකින්  මාර්ගය ඉදි කෙරෙයි. රත්නපුරයේ පැවැති සමාරම්භක උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. අද රන් මාවත් වැඩසටහන යටතේ රටපුරා මාර්ග 100ක ඉදිකිරීම් ආරම්භ කෙරෙනවා. මේ ප්‍රදේශයේ දෙමුවාවත පාලමක් විවෘත කෙරුණා. පලාබද්දල යනු ශ්‍රී පාදස්ථානය සඳහා යන මාර්ගයයි. මා අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කළ යුගයේ පලාබද්දල පාසල දියුණු කිරීමට කටයුතු කළා. එය එකල ලංකාවේ හොඳම පාසලක් ලෙස තිබුණා. නමුත් දැන් එවැනි තත්ත්වය නැති බව විජේතුංග මන්ත්‍රීතුමා පැවසුවා.ශ්‍රී පාදස්ථානය වටා දියුණුව ගැන සොයා බැලීමට මා මේ දින දෙක ගතකළා. නල්ලතන්නි ප්‍රදේශයට ගොස් නල්ලතන්නි නගරයේ දියුණුව පිළිබඳව ප්‍රජාව නගරය ඇති කිරීම ගැන නව නගර සංවර්ධනය ගැන සාකච්ඡා කළා. සීත ගඟුල සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා. පළමුවෙන්ම සීත ගඟුල ආරක්ෂා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ සැලසුම් සකස් කළා. ඉන් පසුව රත්නපුරයෙන් ශ්‍රීපාදයට පිවිසෙන පලාබද්දල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කළා. ක්‍රමානුකූලව ඊළඟ වසර කිහිපයේදී ශ්‍රීපාදස්ථානය වටා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි. වැසිකිළි දීම ජල  යෝජනා ක්‍රම ලබාදීම ආදිය කළ යුතුයි. සනීපාරක්ෂක කටයුතුවල විශාල අඩුවක් තිබෙනවා. වසරකට ශ්‍රීපාදස්ථානයට මිලියන තුනහමාරක පමණ පිරිසක් වෙනවා. ඒ නිසා මෙහි අඩුපාඩු සෑදීමට ක්‍රියා කරගෙන යනවා. රන් මාවත් වැඩසටහන ඇරැඹීමේ දින තීරණය කළේ මාර්තු මාසයේදීයි. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මේ වැඩකටයුත්ත කල් දාන්නදැයි සමහරුන් මගෙන් විමසුවා. කල්දැමීමට කිසිම හේතුවක්  නැති බව මා දැනුම් දුන්නා. මා පොලිසිය සහ බුද්ධි අංශ සමඟ කතා කළා. සිද්ධියට සම්බන්ධ බෝම්බ පිපිරවීමට සිටි පිරිස මියගොස් ඇති බවත් අනෙක් අය අත්ඩංගුවට ගෙන සිටින බවත් ඔවුන් මට දැනුම් දුන්නා. දැන් කරන්නේ මොවුන්ට උදව් කළ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීමයි. තර්ජන නැති නිසා මේ වැඩකටයුතු කරගෙන යාමට අප කටයුතු කළා. නල්ලතන්නියේ දියුණුව සඳහා සැලසුම් සකස් කිරීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ඇල්පිටියේ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකටද මා සහභාගී වුණා. ජනාධිපතිතුමාත් අම්පාරේ උත්සවයකට සහභාගී වුණා. අප මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. අයි.එස්. ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස් බව කිව යුතුයි. මේ ත්‍රස්තවාදයේ විශාල කණ්ඩයමක් නැහැ. මේ කණ්ඩායම අවසන් වූ පසුව තවත් කණ්ඩායමක පැමිණීමද නතර කළ යුතුයි. පිපිරවීම්වලින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වන්නේ විශාල ජීවිත හානියක් කිරීමයි. දෙවැනි අරමුණ වන්න් රටේ සංහිඳියාව, සාමය නැති කිරීමයි. ඔවුන්ගේ තුන්වැනි අරමුණ වන්නේ රටේ සංවර්ධනය හා ආර්ථික දියුණුව නැතිකර දැමීමයි. මේ සියල්ල කරන්න බලන්නේ ඒ පිපිරීමේ බලපෑමෙන් පමණක් නොව රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ නොදී කඩාවැටීම ඇති කිරීමටයි. අප මීට මුහුණ දෙනවා නම් පළමුවෙන්ම සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. මෙරට සාමයත්, සංහිඳියාවත් එදා ආරක්ෂා කිරීමට හැකි වුයේ  පූජ්‍ය පක්ෂය නිසයි. එය අප පිළිගත යුතුයි. සිද්ධිය ඇතිවූ කතෝලික පල්ලිවල පූජකතුමන්ලා කාදිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය කළ දේශනා නිසා කිසිවකුත් වෙනත් කණ්ඩායමකට පහරදිය යුතු යැයි සිතුවේ නැහැ. එදා මා මහානායක හිමියන්ට දුරකතනයෙන් කතා කර සාමය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර කරන්නැයි ඉල්ලීමක් කළා. මෙය වූයේ පල්ලි අතර වුවද වැඩිපුරම සිංහල ජනතාව ඉන්නේ ගම්මානවලයි. ගමේ පන්සලේ උපකාර නැතිව සාමය ආරක්ෂා කරන්න බැහැ. මුස්ලිම් මෞලවි පැමිණ කාදිනල්තුමා හමුවුණා. හින්දු ආගමිකයන්ද තව වැඩකටයුතු කළා. ඒ අනුව එදා අප සාමය ආරක්ෂා කළා. නමුත් දැන් යන එක් එක් ප්‍රවෘත්තිවලට කලබලවී සංහිඳියාව ප්‍රශ්න ඇතිකර ගන්න ඉඩදිය යුතු නැහැ. අප සංහිඳියාවද ආරක්ෂා කළ යුතුයි. ප්‍රධානතම කාරණය වන්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන ගොස් මෙරට ආර්ථිකය දියුණු කිරීමයි. ඒ සඳහා අපගේ සංවර්ධන වැඩ පටන් ගත යුතුයි. කිසි දිනෙක අයි.එස්.අයි.එස්. සංවිධානයට අපගේ සංවර්ධනය නතර කිරීමට, ආර්ථික දියුණුව නතර කරන්නවත් එදිනෙදා වැඩසටහන අඩපණ කිරීමටවත් ඉඩදෙන්නේ තැනැයි මා මෙහිදී අවධාරණය කරනවා. අප මීට මුහුණ දෙනවා. ආණ්ඩුවේ සංවර්ධනය අවශ්‍යයි. අප වියදම් කරන මුදල් සියල්ල යන්නේ ගමටයි. අප විශාල ව්‍යාපෘති කළ විට ඒ මුදල් බොහෝවිට යන්නේ ජනතාවගේ අතටයි. ආනයනය හැර අනෙක් සියල්ල මුදල් පරිහරණයට එකතු වෙනවා. මේ කාර්යයන් නතර කරනවා නම් මුදල් නැතිව ආර්ථිකය අඩපණ වෙනවා. ත්‍රස්තවාදීන් කරන්න උත්සාහ කරන්නේද එයයි. පසුගිය මාස කිහිපය තුළදී අපට ප්‍රශ්නය වෙනත් ආකාරයකට පැමිණ තිබුණා. දෙසැම්බර් මාසයේදී අයවැය සම්මත නොකළ නිසා අප්‍රේල් මාසයේදී සම්මත කරන්න සිදුවූ නිසා කොන්ත්‍රාත්කරුවන්ගේ සහ අනෙක් අයගේ බිල් ගෙවීමට එදා දුන් මුදල් මදි වුණා. සිංහල අවුරුද්ද වනවිට මෙරට මුදල් නැතිවනු ඇතැයි සමහරුන් සිතුවා. කෙසේ හෝ මා ගත් පියවර නිසා අප්‍රේල් මාසයේ මුල් සතියේ දුන් මුදලින් නැවත මෙරට ආර්ථිකයත් සිංහල අවුරුදු වෙළෙඳාමත් දියුණු වුණා. අපගේ සංවර්ධන වැඩ ඉක්මනින් අරඹන ලෙස දැනුම් දුන්නා. මන්ත්‍රීවරුන්ටත් දැනුම් දුන්නා. එවිට සමාජයට මුදල් ලැබෙනවා. ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා ආර්ථිකය කඩා වැඩුණා. අප යළිත් බලයට පැමිණ කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබුවා. සංචාරක ව්‍යාපාරය ඔසවා තැබුවා. දැන් ත්‍රස්තවාදය නිසා ආර්ථිකය කඩා වැටෙන්න ඉඩදෙන්නේ නැහැ. මේ අංශවල සංවර්ධන වැඩ කටයුතු සියල්ලම කරන්නැයි මා දැනුම්දී තිබෙනවා. අමාත්‍යාංශවල වැඩකටයුතු කරන ලෙස දැනුම් දුන්නා. අයි.එස්. ත්‍රස්තවාදයට සංවර්ධනයවත් ආර්ථික දියුණුවවත් කඩාකප්පල් කරන්නට ඉඩදෙන්න බැහැ එදිනෙදා  ජීවිතය නතර කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආණ්ඩුවේ සංවර්ධන වැඩ සියල්ලම මේ සති දෙක තුළදී කරගෙන යා යුතුයි. සියලු දෙනාට  මේ ගැන නියෝග නිකුත් කළා. විවෘත කිරීම් තිබේනම් ඒවා කරන්න. මුල්ගල් තබන වැඩසටහන්  ආරම්භ කරන්න තිබේ නම් ඒ කටයුතු කරන්න.  රැකියා දෙන්න. ඒ සමඟම ආණ්ඩුව පොද්ගලික අංශ සමඟ වැඩකරනවා.  මුදල් පරිහරණය ඇතිකර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. අතැම්විට සිංහල ප්‍රදේශවලට පැමිණ ගනුදෙනු කරන්නට මුස්ලිම්  ජනතාවත් බයයි. සිංහල දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රදේශවලට යන්න බයයි. නමුත් අප කටයුතු කරගෙන යා යුතුයි. සාමාන්‍ය තත්ත්වයකට රට පත් කරනවා.  එසේ සාමාන්‍ය තත්ත්වයකට පැමිණ එදිනෙදා කටයුතු ගෙනයමු. කුඩා කඩ සාප්පු, ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න මධ්‍යම පරිමාණයේ සහ විශාල ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට ආයෝජන ගැනීමට යළි කටයුතු කළ යුතුයි. විදේශ ආයෝජනවල ඇත්තේ මාසයක දෙකක පසුබෑමක් පමණයි. ලොකුම ප්‍රශ්නය ඇත්තේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධවයි. ගමනාගමන උපදේශන අනුව ලංකාවට පැමිණීම සුදුසු නැති බවට නිවේදන නිකුත් කෙරුණා. ඒ නිසා සංචාරකයන් රටින් පිටපුණා. ඇතැම් තැන්වල මැයි මාසය වනවිට සංචාරකයන් අඩුවෙනවා. නැගෙනහිර සහ මහනුවර ප්‍රදේශවල තවමත් සංචාරකයන් ඉන්නනවා. පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පනවා ඇති ගමන් උපදේශය ඉවත් කරගත යුතුයි. “අනතුරුයි” යන වචනය ඉවත් කරගත යුතුයි. ජුනි මාසයේ සිට ලංකාවේ සංචාරක වැඩකටයුතු පිළිබඳ ප්‍රචාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. සංචාරක ව්‍යාපාරයේ ඉන්න පිරිසට දැන් ණය සහනදී තිබෙනවා. ගෙවීම් ගැන සහන  දී තිබෙනවා. බැංකු වලින් ණය ගෙන තිබේනම් ඊටත් සහන දෙනවා. අගෝස්තු වනවිට සංචාරකයන් නැවත රටට ගෙනැවිත් වැඩකටයුතු ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. අපට ප්‍රශ්න ගණනාවක් තිබුණා. විශාල ණය බරක් තිබුණා. ණය ගෙවීමට ද සිදු වුණා. ආදායමක් නොලබන අලාභ ලැබූ හම්බන්තොට වරාය තිබුණා. දැන් ඒ වරායේ  බර ඉවත් කරලා. දැන් ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇරඹිය යුතුයි. ඒ ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතිය දියුණු කරනවා. වැඩිපුරම විදේශ ණය ගෙවන්න සිදු වුණේ පසුගිය වසරේදීයි. දැන් ණය බර අඩුවන අවස්ථාවේදී හොඳ අස්වැන්නක් ලැබුණු අවස්ථාවේදී අප තවත් අර්බුදයකට මුහුණ දුන්නා. අප මේ අර්බුදයෙනුත් ගොඩ එනවා. ඉකුත් හතරවැනිදා ලැබුණු තොරතුරු ගැන ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයයි. අප එය පිළිගත යුතුයි. මේ කඩා වැටීම ඇති වුණේ ඒනිසයි. සිද්ධිය වූදා මා ආරක්ෂක හමුදා සහ පොලිසිය මුණ ගැසුණුවිට ඔවුන් තර්ජනයට මුහුණ දීමට සූදානම් බව දැන ගන්න ලැබුණා. අප ඊට ඉඩ දුන්නා. පැය කිහිපයක් ගතවීමට පෙර දෙමටගොඩදී සිද්ධියේ ප්‍රධානම පිරිස අත්අඩංගුවට ගෙන ඔත්තු සේවා අනුව අනෙක් පිරිසත් අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. අපගේ  ආරක්ෂාව දියුණු  කරගෙන යා යුතුයි. විදේශ රටවලින් උපදේශ ලැබෙනවා. තාක්ෂණය ගැන කියනවා. මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයට වඩා වෙනස්  ක්‍රියාවලියයි. ඒ අනුව අප ආරක්ෂක පියවර ගත යුතුයි. සිද්ධිය ගැන සියලුම දෙනා කනගාටු වෙනවා. අපට ඒ ගැන දොස් අසන්න සිදුවී තිබෙනවා. තාමත්  අපට බනිනවා. අඩුවක් වූ විට දරුවන් මවුපියන් නැතිවූ විට එවැනි  දේ වෙනවා. නමුත් අඩුපාඩුකම් හඳුනාගෙන ඉදිරියට යා යුතුයි. රන් මාවත් වැඩසටහන ඇරැඹීම ගැන කබීර් හෂීම් ඇමැතිතුමාට ස්තුතිය පළ කළ යුතුයි. ඒ අනුව ගමේ කුඩා මාර්ග ඉදිවෙනවා. කබීර් හෂීම් මහතා ඇමැතිකම් කරන්න පමණක් නොව ලෝවැඩ සඟරාවෙත් කවි කියන්නත් දක්ෂයි. එතුමා සමඟ තරගයට කවි කිව්වොත් මා පරදිනවා. ඔහු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකේය යයි අප කියන්නේ ඒ නිසයි. ඒ. ඒ. ජේතුංග මන්ත්‍රීතුමාත් විශාල වැඩකොටසකට අතගසා  තිබෙනවා. ඔහුට අවශ්‍ය රත්නපුර දියුණු කිරීම යයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. මහා මාර්ග සහ මාර්ග සංර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා: රන් මාවත් වැඩසටහන ඇරඹීම සඳහා අප රත්නපුරය තෝරා ගත්තා. පසුගිය රජය සමයේ මාර්ග ඉදිකිරීමට ජනතාවගේ ඉඩම් බලෙන් පවරා ගත්තා. අප ඒ ක්‍රමය නතර කළා. ජනතාවට වන්දි ගෙවීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ   හම්බන්තොටින් පවරා ගත් ඉඩම්වලට වන්දි පවා ගෙව්වේ අප විසිනුයි. ගමනාගමනය පිළිබඳව කඩිනම් වැඩපිළිවෙළක් හැදීමට අප කටයුතු කළා. ඒ අනුව ගම්මානවල මාර්ග ද අප ඉදි කරනවා. භෞතික යටිතල පහසුම් පමණක් නොව සමාජ යටිතල පහසුකම් ද අප සංවර්ධනය කරනවා. රුපියල් ලක්ෂ 800 බැගින් අප සෑම මැතිවරණ කොට්ඨාසයකටම මුදල් වෙන්කර තිබෙනවා. වෙහෙර විහාර ප්‍රවේශ මාර්ග සඳහා මුදල් වෙන්කර තිබෙනවා. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය පිළිසකර කිරීම ඉතා වැදගත් කාර්යයක්. රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගත්තේ ප්‍රශ්න වැළැක් සමගයි. විශාල ණය කන්දක් සමඟයි. ස්වාභාවික ආපදා දේශපාලන කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාවට හැකිවුණා. තව සතිකිහිපයක් තුළ එය සහමුලින්ම අතුගා දමනවා. රණවිරු දීමනා 500කින් වැඩි කරන්න අප කටයුතු කළා. 2019 අවසන් වනවිට රට දියුණු කිරීමේ වැඩපිළිවෙළට ලංවීමට හැකියාව ලැබිණි. ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ ආයෝජනය කළ මුදලට වැඩි මුදලක් අප විසින් ආයෝජනය කරනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය: රන් මාවත් සමාරම්භක උත්සවය රත්නපුරයේ පැවැත්වීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. මේ යටතේ ශ්‍රීපාද මාර්ගය ඉදිකිරීම සුවිශේෂියි. ශ්‍රීපාදයට යන මාර්ග තුනක් තිබෙනවා. පැරණිම මාර්ගය පලාබද්දල මාර්ගයයි. යහපාලන රජයේ බිහි කිරීමට අගමැතිතුමන් සියලු ශක්තිය දුන්නා. අද පක්ෂ බේදයෙන් තොරව සංවර්ධන කටයුතු කරනවා. පක්ෂ භේදයෙන් තොරව ජනතාවට වැඩ කරන ලෙස අගමැතිතුමන් උපදෙස් දී තිබෙනවා. පසුගිය කාලයේ අපේ ජනතාවට රැකියාවක් තබා රැකියා ඇබෑර්තු පෝරමයක් දිහා බලන්නවත් ඉඩ දුන්නේ නැහැ. අදමාධ්‍ය නිදහස අවභාවිත කරමින් සිටිනවා. ළඟදී බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා යැයි වැරදි පුවත් පළ කළා. අවසානයේ අපට  එය නිවැරදි කරන්න පවා සිදුවුණා. මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය මර්දනයක් ගැන කතා කරනවා. ඔවුන්ගේ යුගයේ ඝාතනය වූ මාධ්‍යවේදීන්ගේ සාක්කි පවා ඔවුන් විසින් විනාශ කරමින් සිටිනවා. අද අධිකරණයට කොන්ද කෙළින් තබාගෙන සිටින්න පසුබිම සකස් කරලා. අන්තවාදී කල්ලියක් විසින් ඇති කළ ත්‍රස්තවාදය නැති කිරීමේ අභියෝග බාරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග මහතා: පසුගිය වසර 20 තුළ මේ ප්‍රදේශයේ කැබිනට් අමාත්‍යවරුන් රැසක් සිටියද ශ්‍රීපාද පිවිසුම දක්වා මාර්ගය ඉදිකරන්න නොහැකි වුණා. නමුත් අප අද ඒ මාර්ගය ඉදිකිරීම ආරම්භ කළා. මාර්ග හදන මුවාවෙන් අප මුදල් සාක්කුවේදා ගන්නේ නැහැ. අගමැතිතුමා කිසි දිනෙක නෑ බෑ කිව්වේ නැහැ. ප්‍රදේශයේ සංවර්ධනය සඳහා නොපැකිලිව සහයෝගය දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා: රන් මාවත් වැඩසටහන යටතේ කුඩා මාර්ග 6000ක් ලංකාව පුරා ඉදි කෙරෙනවා. මේ මාර්ග පද්ධතිය නිසා ගමේ ආර්ථිකය දියුණුවට පත් වෙනවා. අගෝස්තු 31 වනවිට මහා මාර්ග 6000ම ඉදි කිරීම අපගේ අරමුණයි. පළමුවෙන්ම ශ්‍රීපාද පිවිසුම දක්වා මේ මාර්ගය ඉදි කෙරෙනවා. බුදුන් දවසත් ඒදඬු තැනීම, මංමාවත් ඉදිකිරීම, දිවා රෑ පිං ලැබෙන කාර්යයක් ලෙස දක්වා තිබෙනවා. විහාරාරාමවලට යන මාර්ග පවා මේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනවා. මාර්ග ඉදිකිරීමේදී සොරකම් කරන මුදල නැතිකර තිබෙන බව අවධාරණය කළ යුතුයි. මිලියන දස දහසක් පමණ මේ ව්‍යාපෘතියට වෙන් කරලා. උත්සවයට ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
0
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
‘ත්‍රස්තවාදයට හවුල් චෝදනා තිබෙන කිසිම මැති ඇමැති කෙනෙක් රකින්නේ නෑ’
0
(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි හිස එසවීමට ඉඩදිය යුතු බවට රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (03) පැවැසීය.ඒකාධිපතියකු වී එම කටයුතු කළ නොහැකි බව කී කතානායකවරයා ඊට අදාළ හඬ පටි පරීක්ෂා කිරීමට තිබෙන බවද කීය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (3) පස්වරු 1.00 ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.එස්.එම්. මරික්කාර් මහතා (එජාප):- විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිතුමිය ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ජාතිද්‍රෝහී ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම ඒකට විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එජාපයේ මතයද කියලා එජාප මහලේකම්වරයා සහ රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ඔබතුමා මොකද කියන්නේ.අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- එජාපය විදියට අපි ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එජාප මහලේකම් ලෙස මා එතුමියට දුරකථනයෙන් කතා කර මේ ගැන ඇසුවා. එතුමිය කිව්වේ යාපනයේ දැරියක් ඝාතනය වීමේ සිද්ධියට අදාළව ඒ වෙලාවේ ඇතිවූ හිතේ අමාරුවට ඒ වගේ ප්‍රකාශයක් කළා කියලා. පසුගිය දවස්වල හිට්ලර්වත් නායකයන්ට උදාහරණයට ගත්තා. ඒ වගේ එකක් තමයි මේක.කතානායක:- මේකට වාදයක් යන්න බැහැ.එස්.එම්. මරික්කාර් මහතා:- එයාට හිතේ අමාරුවක් තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියෙන අංගොඩ මානසික රෝහලට යවන්න පුළුවන්.ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා:- ඔබතුමාම ඒක එතුමියට කිව්වා නම් හොඳයි.කොළඹ දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න රටේ ඒකීයභාවය රකින්න දිවුරුම් දෙනවා. ප්‍රතිඥා දෙනවා.ඒ වගේම ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින්නත් දිවුරුම් දෙනවා.මේ ප්‍රකාශය කළ මන්ත්‍රීතුමිය රාජ්‍ය අමාත්‍යවරියක්. ඇමැතිවරු දෙදෙනෙක් සිටි වේදිකාවකදී එල්.ටී.ටී.ඊ. ය නැවත ගොඩනගන්න ඕනෑ යැයි කියමින් ත්‍රස්තවාදීන් ප්‍රවර්ධනය කිරීමක් කර තිබෙනවා. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමියට අයිතියක් නැහැ. මේ සභාවේ ඉඳගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න ඉඩ දෙන්න බැහැ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න.කුරුණෑගල දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:- විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියපු කාරණයක් සමග මම මතුකරන්න කැමතියි.එතුමියට විරුද්ධව සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණයක් කරලා නීතිමය පියවර ගන්න. පාර්ලිමේන්තුවට එන එක තහනම් කරන්න ඕන. විනාශ කරලා දාපු එල්.ටී.ටී.ඊ. එක නැගිටුවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා නම් ඔවුන් මේ පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕන.කළුතර දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- මේ ප්‍රකාශය නිසා අද මුළු රටම ඇවිලිලා තියෙන්නේ.එස්.එම්. මරික්කාර් මහතා:- අපි මේකට විරුද්ධ වෙනවා වගේම මේ ගැන උඩ දාගෙන ගහන අයගෙන් අහනවා. චීනෙන් ගත්ත සල්ලි ගැන මොකද කියන්නේ.පුත්තලම දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී අසෝක ප්‍රියන්ත මහතා:- ඒක එක පැත්තක මතයක් පමණක් නොවෙයි. අපි යුද්ධයක් නිසා දුක් විඳපු රටක්. එවැනි ප්‍රකාශයක් කරල ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරීම ගැන විරුද්ධයි. අපි කියන්නෙත් ඇමැති ධුරයෙන් අයින් වෙන්න කියලයි.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේසවලට තට්ටු කරමින් ප්‍රසාදය පළ කරති.කතානායක:- මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක් කියලා දන්නවා. මට මේ පුටුවේ ඉඳගෙන ඒ ගැන තීරණයක් ගන්න බැහැ. තර්ජනය කරල කරන්න බැහැ. පාර්ලිමේන්තුව නවත්වන්න සිදුවෙනවා. පක්ෂ නායකයෝ සමග කතා කරල ඉතා බරපතළ තීරණයක් ගන්න වෙනවා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සභා ගැබට පැමිණ ඝෝෂා කිරීමට වීම නිසා උණුසුම් වාතාවරණයක් ඇතිවිය. කතානායකවරයා සභාව කල් තැබූ අතර නැවත ආරම්භ වූයේ විනාඩි 15 කට පසුවය.කතානායක කරු ජයසූරිය මහතා:- සුළු වේලාවකට හෝ පාර්ලිමේන්තුව අත්හිටුවීමට සිදුවීම ගැන අපි කනගාටුවෙන්න ඕන.මේ සිද්ධීය කතානායකවරයාට බලපාන එකක් නොවෙයි. ඒ සඳහා දේශපාලන පක්ෂ සහ නායකයන් ඉන්නවා. මම අගමැතිතුමාට කතා කළා. එතුමා විශේෂ පරීක්ෂණයක් කර අවශ්‍ය පියවර ගන්නවා කිව්වා.සභානායක:- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- මේ ගැන ඉදිරි පියවර ගන්න අපි අගමැති සමග සාකච්ඡා කළා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි සභා ගැබ මැදට පැමිණෙති.කතානායක:- විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියා ගන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හිටපු අය ඉන්නවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕන කියපු අය ඉන්නවා. මට ඒවා නතර කරන්න බැහැ. මගේ යුතුකම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමයි.පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:- මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවැයි කියපු සිද්ධිය වගේ නොවෙයි. මේ වගකිවයුතු ඇමැති ධුරයක් දරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ මන්ත්‍රීවරියක් තවත් ඇමැතිවරුන් දෙදෙනකු ඉදිරියේ කළ ප්‍රකාශයක් ගැනයි.කතානායකතුමනි, ඔබතුමාට වගකීමක් තියෙනවා මේ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම අත්හිටුවන්න.කතානායක:- ඒවා කරනවා ස්වාමීන් වහන්ස.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරති.කතානායක:- පාර්ලිමේන්තුව විහිළුවක් කර ගන්න එපා. වීරවංශ මන්ත්‍රීතුමා මෙතැනට ඇවිත් සෙල්ලම් කළා. විනයක් තියෙන්න ඕනෑ.විමල් වීරවංශ මහතා:- ලැජ්ජයිකතානායක:- මෙතැන ලැජ්ජා වෙන්න ඕන මම නොවෙයි.විමල් වීරවංශ මන්ත්‍රීතුමා මට නම් කරන්න සිදුවෙනවා. මම ඒකාධිපතියෙක් නොවෙයි. මට මේ ගැන පරීක්ෂා කරන්න අවස්ථාව දෙන්න.විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතානායකවරයා දෙසට අත දික්කරමින් යමක් කීය.කතානායක:- වීරවංශ මන්ත්‍රීතුමා කට පරිස්සම් කර ගන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කර ගන්න. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම කැත විදියට කතා කරනවා.මට මේ සභාව කරගෙන යන්න ඉඩ දෙන්න.විමල් වීරවංශ මහතා:- අපට කතා කරන්න ඉඩ දෙන්න.කතානායක:- ඔබතුමාට කතා කරන්න ඉඩ දුන්නොත් පාර්ලිමේන්තුව තවත් අවුල් වෙනවා.සභානායක:- මේ සිද්ධිය ගැන විනය පරීක්ෂණයක් තියලා සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනවා.ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියට නැවත පැමිණ යම් යම් දේ කිීහ.කතානායක:- මම කරන දේ මම දන්නවා. මෙතැන ඇවිත් අශෝභන විදියට කතා කළා. ඔබතුමා ලජ්ජා වෙන්න.වීරවංශ මන්ත්‍රීතුමාගේ හැසිරීම ඉතාම නින්දිතයි. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාම පහත් විදිහට හැසිරුණා. මුළු සභාවම අපහාසයට ලක් කරන විදියට හැසිරුණා. කතා කරන්න මිනිත්තුවයි ඉල්ලුවේ. ඉතාම නින්දිත විදියට හැසිරුණා.විමල් වීරවංශ මහතා:- ඇහෙන්නේ නැහැ.කතානායක:- ඇහෙන්නේ නැත්නම් කන සුද්ද කර ගන්න.ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය උදුරා ගැනීමට සැරසෙයි.කතානායක:- කැලණියේ ඒවා මෙහේ කරන්න බැහැ. ඔබතුමා මන්ත්‍රීවරයෙක් විදියට හැසිරෙන්න. මොකද මේ චණ්ඩි විදියට හැසිරෙන්නේ. අත උස්සන්නේ ඇයි. හැසිරෙන්න දැනගන්න.පාර්ලිමේන්තුව දක්වා කල් තැබිණි. 
විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නවා
1
(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නිසා කොමිෂන් සභා වාර්තාවේ සියලුම පිටු මැති සබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (5) ඉල්ලීමක් කළේය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (5) සවස 1.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව සභාවේ කටයුතු ඇරඹිණ.එහි දී බැඳුම්කර වාර්තාව ගැන කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එසේ කීය.බැඳුම්කර වාර්තා ගැන කියද්දී මන්ත්‍රීවරුන් 118 දෙනෙක් ගැන කියැවෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාම සැකයට භාජන වෙනවා. ඔබතුමා වෙත ලැබී තිබෙන වාර්තාවේ ඔය කියන නාමලේඛනය තියෙනවාද?කතානායක:- මම ඒක බැලුවේ නැහැ. අපි දැනුවත්ව එහෙම දෙයක් නැහැ.සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- අපි සියලු දෙනාටම ඕන ඇත්ත දැන ගන්න. අද ඔබතුමාට එවලා තියෙන්නේ ක්‍ 350 සිට 360 දක්වා පමණයි. නමුත් ක්‍ - 1 සිට 349 දක්වා එවලා නැහැ. ඔක්කොම එවන්න කියන්න. අනුර කුමාර දිසානායක මහතා:- දැන් එවලා තියෙන්නේ දහයයි නම් තව 349ක් ආ යුතුව තිබෙනවා. ඒ 349 මේ පාර්ලිමේන්තුවට අරන් දෙන බවට ඔබතුමා සහතිකයක් දෙනව ද?කතානායක කරු ජයසූරිය මහතා:- ඒක අවශ්‍ය බවට මම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළා. මට දෙන්න පුළුවන් සහතිකය එච්චරයි.අනුර දිසානායක මහතා:- ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්න ද?කතානායක:- තව නැහැ. එතුමා විදේශගතවෙලා. ඒත් මම පියවර ගන්නවා.විමල් වීරවංශ මහතා:- බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ කෑලි කෑලි මේ සභාවට ගෙනෙන්නේ ඇයි? සමස්ත වාර්තාව දෙනවැයි කියල නොදී ඉන්නනේ ඔය හදන්නේ. එක්කෝ ආපු කොළ ටික අපට පෙන්වන්න.චන්දිම වීරක්කොඩි මහතා:- මේවා පිළිබඳව සමාජ ජාලවල දැන් යනවා. එම නිසා ඔබතුමාට ලැබුණු නම් ටික දැන් කියන්න.නලින් බණ්ඩාර මහතා:- මේ සම්බන්ධව විපක්ෂයේ අය කෑ ගහනවා. අපටත් විශාල වුවමනාවක් තියෙනවා මේ ගැන දැන ගන්න. දින 100 කාලෙ දී පාර්ලිමේන්තුවේ හිටියේ එජාපයේ මන්ත්‍රීවරු 42යි. එතකොට වැඩිපුර පිරිසක් හිටියේ ඒ පැත්තේ.මහින්දානන්ද අලුත්ගමගේ මහතා:- දුරකතන ඇමතුම් ගත්ත අයගේ නාමලේඛනය අද ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කළා. මැති ඇමැතිවරු 24 දෙනකුගේ පොලිස් නිලධාරීන්ගෙන් පොලිසිය කට උත්තර අරගෙන තිබෙනවා. ඒ අය චෙක් මාරු කරලා තියෙනවාලු. මේ අතරේ කෝප් කමිටුවට පත් කර තිබෙන අයගේ රාළහාමිලාගෙන් කට උත්තර අරගෙන තිබෙනවා.කෝප් කමිටුවට ඒකාබද්ධ විපක්ෂයේ මමත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් පත් කර තිබෙනවා. අපි දෙන්නා අර්ජුන ඇලෝසියස් සමග කතා කළේ නැහැ. මුදල් අරගෙනත් නැහැ. ඒ සම්බන්ධව අපි ඔබතුමාට දිවුරුම් ප්‍රකාශ දෙකක් දෙනවා. කෝප් කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ටත් එසේ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්න කියන්න.එස්.එම්. මරික්කාර් මහතා:- මේ එවලා තියෙන ටිකෙයි තව එවන්න තියෙන ටිකෙයි හරහා මේ නම් ටික හෙළිවෙන්නේ නැත්නම් මේ සංවාදවලින් වැඩක් නැහැ. 2010 සිට දුරකතන සංවාද පවත්වපු සියලු දෙනාගේ නම් එළියට දාන්න. තාරක බස්නායක මහතා:- සම්පූර්ණ වාර්තාව හෙළිදරව් කරන්න.කතානායක:- ඔබතුමා එන්න කලින් ඒක තමයි කිව්වේ.රංජිත් සොයිසා මහතා:- ඔය වාර්තාවේ සිංහල පිටපත ලැබෙන්න සලස්වන්න. මුළු රටම මේ ගැන බලාගෙන සිටිනවා. කතානායකතුමා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ ගැන නියෝගයක් දෙන්න.අජිත් පී. පෙරේරා මහතා:- මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා හොඳ දෙයක් කිව්වා. චෝදනාවලට ලක්ව සිටින තැනැත්තන් පාර්ලිමේන්තුවේ කමිටුවලට පත් කිරීම සුදුසු නැහැ කියලා. අලුත්ගමගේ මන්ත්‍රීතුමා සහ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා මේ දෙදෙනාම සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා ලබපු දෙන්නෙක්. මේ කමිටුවලින් විභාග කරන්නේ ඇලෝසියස්ගේ ගනුදෙනු විතරක් නොවෙයි. තව දේවල් විභාග කරනවා. කිසිම කමිටුවකට අපරාධ චෝදනා අධි චෝදනා ලබපු කිසිදු මන්ත්‍රීවරයෙක් පත් කරන්න එපා.(සභාවේ ඝෝෂා)සුසන්ත පුංචිනිලමේ මහතා:- ඇලෝසියස් මුදලාලිගෙන් මුදල් ගත්තේ නැහැ කියල අපි දෙන දිවුරුම් ප්‍රකාශ පිළිගන්න. අපට ගම්වලට යන්න බැහැ. ඒ අය අහනවා ඔබතුමාත් මුදල් ගත්ත කෙනෙක්ද කියලා. නෝන්ඩි දානවා. මගේ දිවුරුම් ප්‍රකාශයත් බාරගන්න.ගාමිණී ලොකුගේ මහතා:- කෝප් කමිටුවේ සාමාජිකයන්ට සල්ලි දුන්නද? දුරකතන ඇමතුම් දුන්නද? කියන ප්‍රශ්නය තියෙන්නේ. අපට ඕන කෝප් කමිටුව පිරිසුදුව පවත්වාගෙන යන්න. ඒ නිසා තමයි කියන්නේ කෝප් කමිටුවේ අයට දිවුරුම් පෙත්සමක් දෙන්න කියලා.මහින්දානන්ද අලුත්ගමගේ මහතා:- අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා කිව්වා අපි දෙන්නට අධි චෝදනා ලබලා මහාධිකරණයේ නඩු තියෙනවා කියලා. ඔව් මට මහාධිකරණයේ නඩුවක් තියෙනවා. මගේ නඩුව මම බලාගන්නම්.මම මෙච්චර කල් කටඋත්තර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කිව්වේ නැහැ. මම දැන් කියන්නම් කටඋත්තර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් නිලධාරීන් අතර අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාගේ පොලිස් නිලධාරීනුත් ඉන්නවා.(සභාවේ ඝෝෂා)අජිත් පෙරේරා මහතා:- අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු කතාව සම්පූර්ණයෙන් වැරැදියි. මගේ ආරක්ෂක භටයෝ හතර දෙනාගෙන් කිසිම පැමිණිල්ලක් අරගෙන නැහැ. මම කතා කළෙත් නැහැ. සල්ලි අරගෙනත් නැහැ.ජයන්ත සමරවීර මහතා:- අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මගේ නමත් සඳහන් කරලා කිව්වා මටත් නඩුවක් තියෙනවා කියලා. ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළා කියල නඩුවක් තියෙනවා. පුට් නෝට් දාපු කල්ලියේ එතුමාත් සාමාජිකයෙක්. එතුමාටත් කියන්න දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියලා.ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:- එක්තරා පිරිසක් පමණක් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තැයි කියන කොට ඒ හා කිසිම සම්බන්ධයක් නැති ඒකාබද්ධ විපක්ෂයේ විශාල සංඛ්‍යාවක් ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ නිසා අපව ආරක්ෂා කිරීමට ඔබතුමාගේ වගකීමක්. මගේ වරප්‍රසාද ප්‍රශ්නය ගන්න ඉඩ ලබා දෙනවද?කතානායක:- මෙවැනි වරප්‍රසාද ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මේ වාර්තාව ඉදිරිපත් කළාට පසුව ඔය ගැන කතා කළ හැකියි.අජිත් පී. පෙරේරා මහතා:- බැඳුම්කර වාර්තාවේ 671 පිටුවේ බොහොම හොඳට පැහැදිලි කර දී තිබෙනවා ෆුට් නෝට් නිවැරැදියි සත්‍යයයි තර්කානුකූලයි, කිසිම අගතියක් වෙලා නැහැ කියලා. ඒ දිහා නොබලා චෝදනා කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු මිනිස්සුයි. ඒ නිසා ඒකට මුහුණ දෙන්න. බොරු දිවුරුම් ප්‍රකාශ දෙන්න එපා.වාසුදේව නානායක්කාර මහතා:- රාජ්‍ය ගිණුම්කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒකට නම් කර තිබෙන අය අතරේ සැකයට භාජන වෙච්ච මන්ත්‍රීවරු සිටිනවා නම් ඒ අය පිළිබඳව ඔබතුමා නැවත සලකා බලන්න. දැන් අපි ඔක්කොම පටලැවිලා කෑ කෝ ගහ ගන්නවා. අර හොර දෙටුවා සිංගප්පුරුවට වෙලා ඉන්නවා. මහින්ද අමරවීර මහතා:- යම් මන්ත්‍රීවරයෙක් මුදල් අරගෙන තිබෙනවා නම් පාර්ලිමේන්තුවත් රටත් දැනුම්වත් කරන්න. මේ සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති අයට පවා චෝදනා එල්ල වෙනවා. මේකෙන් හෑල්ලු වෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුයි.කතානායක:- මාධ්‍ය ඇතුළු සියලු දෙනාට මේ සම්බන්ධව වගකීමෙන් ක්‍රියා කළ යුතුයි කියල මම මුලදීම කිව්වේ ඒකයි. මේ නිසා පොදුවේ රටටත් ඉතාම අහිතකර තත්ත්වයක් උදාවෙලා තියෙනවා.ආනන්ද අලුත්ගමගේ මහතා:- ලංකාව පුරා විසිරී සිටින ජනතාව මේ 225 පාර්ලිමේන්තුවට එවලා බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. ආධුනික මන්ත්‍රීවරුන් වන අපට ආපු දවසේ සිට පෙනුනේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නවා මිස ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකිරීමයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.විමල් වීරවංශ මහතා:- මේ වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළොත් මේකේ ජනාධිපතිතුමාගේ නමත් තියෙනවා කියලා ජනතාව හිතන්න පුළුවන්.අජිත් මාන්නප්පෙරුම මහතා:- විපක්ෂයේ මේ බැඳුම්කර සිද්ධිය අරගෙන එයාලගේ හෙළුව වහගන්න හදනවා. හොරුන්ගේ හෙළුව වහගන්න හදනවා. පාර්ලිමේන්තුව යළි රැස්වේ. 
විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා බරපතළ තීරණයක් ගන්නවා
0
(*** අංජුල මහික වීරරත්න)මහ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණකැයි ඒ පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය පමණක්  යයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී ඊයේ (8) පැවැසීය.එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය තරග කරන්නේ විපක්ෂයේ බලය ගන්න නොව ආණ්ඩු බලය ගන්න බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.එක්සත් ජාතික පක්ෂයේ  වෘත්තීය සමිති නියෝජිත හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද  පැවසීය.අද අප මෙහි රැස්වන්නේ 2020 මහ මැතිවරණය ගැන කතා කරන්නයි. ලංකා ඉතිහාසයේ සෑම පාර්ලිමේන්තු ඡන්දයකටම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.අපට අභීත ඉතිහාසයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ හැමදාම සිටි එකම පක්ෂය වන්නේ අප පක්ෂයයි. මන්ත්‍රීධූර 80 සිට 140 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වර්ධනය කර ගන්න අපට හැකියාව ලැබුණා.අප කිසිවිටෙක පරාජය කියා පසුබැස්සේ නැහැ. සැමවිටම උත්සාහ කළේ ඉදිරියට එන්නයි. පක්ෂ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න. තරග කරන්න අපට යුතුකමක් තිබෙනවා. බලය අල්ලා ගන්න අපට යුතුකමක් තිබෙනවා.රටේ බලය අරන් ආණ්ඩුවක් නිර්මාණය කිරීම අපගේ එකම යුතුකමයි. ඒ වැඩ කටයුත්තට අපි සූදානම් වෙමු.මේ මැතිවරණයේදී බලය වෙනුවෙන් තරග කරන්නේ පක්ෂ දෙකක් පමණයි. ඒ පොහොට්ටු කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒ කාර්යය සඳහා අපි සුදානම් වෙමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.ආණ්ඩුවක් ලෙස පමණක් නොව විපක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට වගකීම් සහගතව ක්‍රියාකළ හැකිබව අප මේ කාලය තුළ පෙන්වා දුන්නා. වගකිව යුතු පක්ෂයක් ලෙස කොරෝනා වසංගතයේ දී ක්‍රියා කළ ආකාරය ගැන ජනතාව අපට ප්‍රශංසා  කරනවා. අප පමණක් නොව තවත් පක්ෂ කිහිපයක්ද මෙහිදී වගකීමෙන් කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.මහා බ්‍රිතාන්‍යයේ, කම්කරු පක්ෂයේ සිට සෙසු පක්ෂ ද සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය දෙන්නත් වැරැදි අඩුපාඩු  තිබේ නම් ඒවා පෙන්වා දෙන්නත් තීරණය කළා. අපත් කළේ එයයි.කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, නෝර්වේ ආදී සෑම රටක්ම මේ ආකාරයට කටයුතු කළා.අපට ආණ්ඩුව හදන්න හැකියි. ඒ සඳහා යා යුත්තේ කුමන මාර්ගයේද?2015 වසරේ අගෝස්තු මාසයේ ආණ්ඩුවක් හදන්න මට වරම ලැබුණා. ඊට පසුව අප ජාතික මට්ටමේ මැතිවරණයක් පරාජයට පත්වී නැහැ. අප හංසයා ලකුණ යටතේ තරග කළේ ජනාධිපතිවරණයේදීයි. එක්සත් ජාතික පක්ෂය මෙවර අලියා ලකුණ යටතේ තරග කරනවා. ඩී.එස්. සේනානයක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී නායකයන් කී ලෙස ඒ ඉතිහාසයට ගරු කරමින් අප ඉදිරියට එනවා.ජය ගැනීමට නම් අප පසුගිය ජනාධිපතිවරණයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එකළ අපේ නියෝජ්‍ය  නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතායි. අපත් ඔහුට සහයෝගය දුන්නා. නමුත් සටන අවසන් වූයේ අපට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ දාහතරකට වැඩි ඡන්ද ලැබීමෙනුයි. ඊට පෙර මෙවැනි දෙයක් සිදුවී නැහැ. අප මේ කාරණය ඉතා හොඳින් සිහියේ තබාගත යුතුයි.දෙමළ පක්ෂවල ඡන්ද අඩු කළොත් අපට ලැබුණු ඡන්ද ප්‍රමාණය තවත් අඩු වෙනවා.2019 වසරේ ගිය පරණ පාරේම ගියොත් නැවත දිනන්න ලැබෙන්නේ නැහැ. නැවත පරාජය කරා යනවා. ඒ නිසා අපට නැවත ඒ මාර්ගයේ යන්න බැහැ. ඒ ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න බැහැ.අපේ ප්‍රතිපත්තිවලට අනුව කාලයට ඔබින  අයුරින් ඉදිරියට යා යුතුයි. අප කිසි විටෙක ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසු අපට ජය ගන්න නොහැකි බවත්, විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කළ යුතු බවත් බොහෝ අය සිතනවා.විපක්ෂයේ බලය වෙනුවෙන් තරග කරන්න මා නම් එකඟ වුණේ නැහැ. මා තරග කරන්නේ ආණ්ඩු බලයටයි. පක්ෂය ඉදිරියට ගෙන යන්නේ ඒ අරමුණ ඇතිවයි. අලුතෙන් සිතා ඉදිරියට යා යුතුයි.එදා අපට දිනන්න බැහැ කී අය අද සිර වී ඉන්නවා. කොරෝනා අර්බුදයෙන් පසු මෙරට දේශපාලන තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස්වී තිබෙන බව කිව යුතුයි. ගෝඨාභයට මෙන්ම පොහොට්ටුව ආණ්ඩුවටත් ජනතා ප්‍රශ්න විසඳන්න නොහැකි බව දැන් තහවුරුයි. අද වනවිට විශාල පිරිසකගේ රැකියා අහිමි කරලා. ආදායම් මාර්ග අහිමි වු ලක්ෂ ගණනක් ජනතාව ඉන්නවා.ආණ්ඩුවේ මෙන්ම පෞද්ගලික අංශයටත් වේතන ගෙවන්න අද නොහැකියි. සියයට 60ක් දක්වා වේතන කපා හැරලා. පෞද්ගලික අංශයේ ද රැකියා වේතන කපනවා. බොහෝ රටවල ජනතාව වෙනුවෙන් මුදල් සහන දුන්නා. ඉක්මනින් රට විවෘත කරන්න කටයුතු කළා. දැන් අප රට එක තැන හිරවෙලා. එයින්ම ආණ්ඩුවේ අසමත් බව ඔප්පු කෙරෙනවා. ජනතාව දැන් අලුතෙන් සිතන්න පෙළඹිලා. අප ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඉදිරියට යා යුතුයි.රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ දෙනවා යැයි ජනතාව අහනවා. වෙළෙඳුන්ට කඩ සාප්පු විවෘත කර ගන්න නොහැකියි. මේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.අලුතෙන් සිතුවේ නැත්නම් ජයග්‍රහණය කරන්න බැහැ. මේ මැතිවරණය ජයගත යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා එක්ව කටයුතු කරමු.1977 වනවිට අපේ පක්ෂයෙන් අඩක් පමණ වෙනත් පක්ෂවලට ගොස් සිටියා. නමුත් 140ක මන්ත්‍රීධුර ප්‍රමාණයක් ගන්න අපට එදා හැකියාව ලැබුණා. එදා නොදන්නා අය පවා පාර්ලිමේන්තුවට ආවා.පොහොට්ටුව බලයට ආවේත් ඒ ආකාරයටමයි. ශක්තිය තිබෙන්නෙ කාටද කියා තාම ජනතාව සිතනවා. කාටවත් එවැනි ශක්තියක් නැතැයි හැඟී ගියහොත් ජනතාව පොහොට්ටුවට ඡන්දය දෙනවා.අද වනවිට තිබෙන්නේ මාර්තු මාසයට පෙර තිබූ තත්ත්වය නොවෙයි. අද තත්ත්වය වෙනස් වෙලා. ආර්ථික මට්ටම පහත බැහැලා. ඒ නිසා කරන්නේ කුමක්දැයි ජනතාව තීරණය කරාවි.එදා මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. නමුත් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජය ගත්තේ පොහොට්ටු පක්ෂයයි. ජනතාවගේ හදගැස්ම තේරුම් ගෙන අප මැතිවරණයට ඉදිරිපත් වෙනවා යැයි ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි
1
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි
0
(*** අංජුල මහීක වීරරත්න සහ *** මොරටුව රේඛා තරංගනී ​ෆොන්සේකා)‘‘පොහොට්ටුව ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ කණ්ඩායම් සමග කිසි විටෙක එක්ව ආණ්ඩු කරන්නේ නැතැ’’ යි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13 වැනිදා) රත්මලානේදී පැවසීය.ආර්ථිකය ඇතුළු රටේ මූලික කරුණු සම්බන්ධයෙන් වන පැහැදිලි ප්‍රතිපත්තියක් තමා සතුව පවතින බව කී රනිල් වික්‍රමසිංහ මහතා, රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙමින් රට ගොඩනැගීමට හැකි එකම පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවද සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂය රත්මලාන බල මණ්ඩල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන සංවිධායක රුවන් ලියනගුණවර්ධන මහතා සංවිධාන කළ මෙම රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘වෙනදා නම් මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් විශාල සෙනඟක් සහිතව අප පවත්වනවා. එහෙත් කොරෝනා වසංගතය නිසා අද සුළු පිරිසකට සීමා වී රැස්වීම පවත්වන්න සිදුවී තිබෙනවා.කොරෝනා වසංගතය සමඟ රට අගුළු දමන්න සිදුවුණා. ඒ ගැන අපටත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපත් සිටියේ ඒ ස්ථාවරයේයි. ඒ අතරතුර වසංගතයට සාර්ථකව මුහුණදීම සඳහා සූදානම් විය යුතුව තිබුණා. එහෙත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. ආණ්ඩුව කළේ ලකුණු දා ගැනීම සඳහා දේශපාලනය කිරීමයි. ලකුණු ලැබුණා දැයි කියා නම් දන්නේ නැහැ. මොනව වුණත් නැවත කොරෝනා අර්බුදය නම් පැමිණ තිබෙනවා.ලෝකයේ සෑම රටකටම කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණියා. අපට විශේෂ බලයක් තිබෙන බවත්, ඒ නිසා දෙවැනි රැල්ලක් නොඑන බවත් ආණ්ඩුව සිතුවා. එක්කෙනෙකු- දෙන්නකු නොව පනහක්- සීයක් පමණ රෝගීන් දැන් හමු වෙන්න පටන් ගෙන තිබෙනවා.පොහොට්ටුවේ පාලනය කොතරම් අසාර්ථකදැයි මෙයින් තේරුම් ගන්න හැකියාව තිබෙනවා.මාස නවයක් ඔවුන් රට පාලනය කළා. අවසන් ප්‍රතිඵලය කුමක්ද? රටේ ආර්ථිකය මෙන්ම ගෙදර ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ජනතාව අතේ මුදල් නැහැ. ඒ නිසා ජීවත් වෙන්න අසීරුයි. පෞද්ගලික අංශයේ හෝ රජයේ හෝ රැකියාව කළද ස්වයං රැකියාවක් කළත් ජනතාවගේ අනාගතය අද අවිනිශ්චිතයි. අද රට මෙන්ම ජනතාවත් බංකොළොත් තත්ත්වයට පත් වෙලා.එක්සත් ජාතික පක්‍ෂය මෙම මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ අපට බලය ගැනීම සඳහායි. අප නිකරුණේ තරග කරන්නේ නැහැ. අපේ අරමුණ ආණ්ඩුවක් හැදීමයි. 1947 වසරේ සිට අප තරග කළේ ආණ්ඩු හැදීම සඳහායි.අප කිසි විටෙක වෙනත් අයට ආණ්ඩු හැදීමට උදව් කරන්නේ නැහැ. අපට එසේ කරන්න අවශ්‍යතාවකුත් නැහැ. පොහොට්ටුව මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් කැඩී ගිය අයත් යූ.එන්.පී. විරෝධීන් බව කිව යුතුයි. මෙරට ඉතිහාසයේ තිබෙන්නේ කෙසේද? යූ.එන්.පී. විරෝධී පක්‍ෂ අවසානයේදී එකතු වුණා.1956-1960 වසරවලදී එලෙස එකතු වුණා. 1965 වසරේදී එකතු වී පරාජයට පත් වුණා. දැන් නැවතත් යූ.එන්.පී. විරෝධී පක්‍ෂ එකතුවීමට නියමිතයි. අපට එය ප්‍රශ්නයක් නොවෙයි. අපේ අරමුණ වන්නේ අපේම ආණ්ඩුවක් හදා ගැනීමයි. අනෙක් අයට ආණ්ඩු හදන්නට උදව් කරන්න අවශ්‍ය නැහැ.රට ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. අප රට ගොඩනගන ආකාරය සඳහන් සම්පූර්ණ ප්‍රකාශයක් තිබෙනවා. එය හොඳින් අධ්‍යයනය කරන්න. එය කියවා අපගෙන් ප්‍රශ්න කරන්න.පොහොට්ටු ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. ඔවුන්ට ඇත්තේ විවේචනය කිරීමේ හැකියාව පමණයි. ආණ්ඩු බලයට තරග කරන්නේ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්‍ෂයයි. පොහොට්ටුව කියන්නේ කුමක්ද?මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ආණ්ඩුව හදන්න උත්සාහ කරද්දී යූ.එන්.පී. විරෝධීන් ලෙස පිට වූයේ පොහොට්ටු කණ්ඩායමයි. ඒ අනුව අප යූ.එන්.පී. විරුද්ධ බලවේගය සමග එකතු වන්නේ කෙසේද?ඔවුන් 2015 වසරෙත් අප සමඟ වැඩ කරන්නට සූදානම් වූයේ නැහැ. වෙනම යන්නට වුවමනා බව කිව්වා. වෙනම ගිහින් දැන් ඔවුන්ගේ හැකියාව පෙන්වා තිබෙනවාද? මෙවැනි අදක්ෂයන් පිරිසකට නැවතත් රටේ පාලන බලය දෙන්නට බැහැ. ඒ පාලන බලය ගත යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයයි.තරග කරන සෙසු පක්‍ෂ ආණ්ඩු බලය දෙන්නැයි ඉල්ලන්නේ නැහැ. සමහරුන් විපක්‍ෂයේ බලය ගන්නට උත්සාහ කරනවා. අපේ අරමුණ විපක්‍ෂයේ බලය ගැනීම නොව ආණ්ඩු බලය ගැනීමයි.සමහරුන් සිරිකොත අල්ලාගන්න උත්සාහ කරනවා. අපේ අරමුණ අරලියගහ මන්දිරයට ගොස් නැවත සංවර්ධන යුගය ඇරඹීමයි. අප එහි යන්නේ ජනතාවට අනාගතයක් උදා කිරීමටයි.එවැනි දේශපාලකයන්ට කියන්නේ ගෑස් සිලින්ඩර් දේශපාලනය යනුවෙනුයි. අපට එවැනි දේශපාලනයකුත් අවශ්‍ය නැහැ.අපට ජාතික ආණ්ඩු අවශ්‍ය නැති බව තරුණ පරපුර පැවසුවා. ආණ්ඩු පක්‍ෂය මෙන්ම විරුද්ධ පක්‍ෂයක් ද තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි.ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය මෙන් දේශපාලන පක්‍ෂ සඳහා දිගු කාලීන මෙන්ම මධ්‍යකාලීන ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් කැමැති බව තරුණ පරපුර අප සමඟ පැවසුවා. ඇමෙරිකාවේ හෝ මහා බ්‍රිතාන්‍යයේ හෝ කවුරුන් ජනපති වුවද තිබෙන ප්‍රතිපත්ති රාමුව වෙනස් වන්නේ නැහැ. ඔවුන් දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති රාමුව තුළයි. අපත් ඒ තත්ත්වයට යාමට කැමතියි. තරුණ ඔබේ අනාගතය තහවුරු වන්නේ එවිටයි.පසුගිය ජනාධිපතිවරණයේදී තරුණ - තරුණියන් අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඔවුන් වෙනසක් අපේක්‍ෂා කළත් ඒ වෙනස සිදුවී නැති බව දැන් තරුණ - තරුණියන් කියනවා. තරුණ - තරුණියන්ගේ ඡන්ද ගැනීමටත් අප වැඩ කළ යුතුයි.ජනාධිපතිවරණයේදී තරුණයන්ගේ තිබුණ බලාපොරොත්තු අප දන්නවා. දේශපාලන අරමුණුවලින් තොරව රට ගෙන යාම ඔවුනගේ අරමුණ වුණා. අප මූලික ප්‍රතිපත්ති පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතුයි. වසර පහෙන් - පහට ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. ආර්ථිකය, අධ්‍යාපනය ආදී මූලික කරුණු සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියක් පැවතිය යුතුයි.ඒ විපර්යාසය කිරීමට මා උත්සාහ කරනවා. අපහාස දේශපාලනය, චරිත ඝාතනය අවශ්‍ය නොවන බව කියන්නේ එ්කයි. එයින් ඡන්ද ලැබෙනවා නම් වැඩිපුරම එවැනි දේ කිරීමට හැකියාව ඇත්තේ මටයි.අප නව දේශපාලන ක්‍රමවේදය බිහි කළ යුතුයි. අලුතින් සිතා කාලය සමඟ වෙනස් විය යුතුයි. එමෙන්ම අලුතින් සිතා රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට අපට හැකියාව තිබෙනවා. ඒ හැකියාව තිබෙන එකම පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව’’ ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජන රැලිය සඳහා එක්සත් ජාතික පක්‍ෂ උපනායක රවී කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් ද සහභාගි වූහ. 
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි
0
(*** අංජුල මහික විරරත්න)සමගි ජන බලවේගය සමග එකතු වන්නැයි එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව සමගි ජන බලවේගය මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදි ඊයේ (10) පැවසීය.සමගි ජනබලවේගයේ කටයුතු කළද තමන් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂය සියයට දෙකක ප්‍රතිශතයකට ඇද වැටීම ගැන කාලකන්නි සතුටක් නොලබන බව ද සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය..විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මුලින්ම ජනපතිට සහ අගමැතිට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ ජයග්‍රහණය තුළින් රටට සේවය කරන්න ශක්තිය ලැබේවායි යන්න අපේ පැතුමයි.ජනතාව ඔවුන්ට සම්පූර්ණ බලය ලබා දී තිබෙනවා. රට මුහුණ දී ඇති අර්බුද හමුවේ ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේදැයි අප බලා සිටිනවා. විපක්ෂයක් ලෙස අප ආණ්ඩුවේ හොඳ දෙයට සහාය දෙන්නත් වැරදි දේට එරෙහිව සටන් කරන්නත් කටයුතු කරනවා.ඔවුන් දුන්නු පොරොන්දු වහා ඉටු කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් දී ඇති නිසා පොරොන්දු සියල්ල ඉටු කරන්න දැන් ශක්තිය තිබෙනවා. සැමන් පරිප්පු සහනය වගේ ඡන්ද පොරොන්දුත් අමතක කරන්න එපා යයි අප ඉල්ලා සිටිනවා.ජනතාව වෙනුවෙන් හඬ නැගීමට අපට තනි විපක්ෂයක බලය තිබෙනවා. අර්බුද රැසක් මැද අප අභියෝග ජය ගත්තා. ආණ්ඩුවේ පළමු යුතුකම වන්නේ පොරොන්දු ඉටු කිරීමයි. තුනෙන් දෙකෙහි ජනවරමේ සැබෑ අරුත එයයි.2010 වසරේදිත් අප ශක්තිමත් රජයක් ගෙදර යැව්වා. ඒ ඔවුන් කළ වැරදි නිසයි. 2015 වසරෙන් පසුව කළ වැරදි නිසා අපට වැරදුණා. මේ පිරිසට සාර්ථක වෙන්න නම් ඇති වන්නට අත්දැකීම් මෙන්ම බලයද තිබෙනවා.කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ 26 දෙනකු පමණක් බව මොවුන් කියනවා. එක පවුලක් වටා කොතරම් ආයතන සංඛ්‍යාවක් බෙදී යනු ඇත්දැයි අප බලා සිටිනවා. එය මගේ අනාවැකියයි. එමෙන්ම මොවුන් පළමුවෙන්ම කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. එයත් මගේ අනාවැකියයි.ඡන්දය දුන් සහ නොදුන් පිරිස වෙනුවෙන් අපට පැවරුණු වගකීමක් තිබෙනවා. ශාඛා සමිතියක් හෝ නැතිව මඩ ගැසීම් මැද අප ලැබූ ජයග්‍රහණය ගැන සතුටුයි.ජනතාව මේ මැතිවරණයේදි අමුතු උත්තර දී තිබෙනවා. තදින් ජාතිවාදය ගැන කතා කළ අය ඉවත් කරලා. ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කර තිබෙන බව කිව යුතුයි.අප වැරදුණු තැන් හදාගෙන ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අත්දැකීම් අප සතුයි. අප සමග සිටි අයගෙන් වැරදි කළ අය භාගයක් පමණ දැන් සිටින්නේ ආණ්ඩුව පාර්ශවයේයි. අනෙක් අය පරාජයට පත්වී ගෙදර ගොස් සිටිනවා. හොඳ පිරිස අප සමගයි.අතීත නායකයන් බලය ලැබුණු පසු හැසිරුණු ආකාරය නිසා අපට මේ තත්ත්වය ඇති වුණා. දැන් ඒ නායකත්වයටත් හිතා ගන්න බැරි පරාජයක් අත්වී තිබෙනවා.අප ආණ්ඩුවේ හැමදේටම එරෙහිවන දෙකේ පන්තියේ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ නැහැ.එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යනු අපේ උරුමයයි. අප එක්සත් ජාතික පක්ෂය අතහැර ගියේ නැහැ. ඒකාධිපති පක්ෂ නායකයකු මෙන්ම රටේ පාලකයකු සමග අපට ගැටෙන්න වුණා. ඒකාධිපති පක්ෂ නායකයාට ජනතාව උත්තර දුන්නා. සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකව සමස්ත එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ගත්තා.තුනෙන් දෙකක ආණ්ඩුවක් සමග ගැටෙන්න ඉඩ ලැබීම අපටත් හොඳ පන්නරයක්. රට වෙනුවෙන් අපි හරි දේ කරමු.අලුත් ගමනක් අරඹමු යයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ හරීන් ප්‍රනාන්දු මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.ප්‍රශ්නය: ඔබ එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කරනවාද?පිළිතුර: විවිධ පාර්ශ්ව එවැනි සාකච්ඡා සඳහා යොමු වී තිබෙනවා. නමුත් දැන් සාකච්ඡා කළ යුතුදැයි යන ප්‍රශ්නය පැන නැගිලා. පාක්ෂිකයන් සියලුම දෙනා දැන් අප සමග එක්ව සිටිනවා. අප ජනවරමක් පෙන්වා දුන්නා. මෙය තේරුම් ගන්න බැරි නම් දරුණු ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් සියයට දෙකේ මට්ටමට වැටිය යුතු නැහැ. අප ඒ කාරණයෙන් කාලකණ්නි වින්දනයක් ලබන්නේද නැහැ.ජනතාවාදි වෙනවා නම් නායකයන් සත්‍යය අවබෝධ කරගත යුතුයි. අප ඔවුන් සමග අතින් පයින් ගහ ගන්න යන්නේ නැහැ. ඔවුන් කරන්නේ කුමක්දැයි අප බලා ඉන්නවා සියයට 2 ක ප්‍රතිශතයක් තබාගෙන පළාත් සභා මැතිවරණයට ඉල්ලීමත් විහිළුවක්. සජිත් ප්‍රේමදාස කිසිවකුටත් වෙනස්කම් කරන්නේ නැහැ.ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට දිය යුතුයි ඔබ කියනවද?පිළිතුර: අප ඉදිරියට කටයුතු කරන්නේ සමගි ජනබල වේගයෙනුයි. නමුත්  එක්සත් ජාතික පක්ෂය අප සමග සිටිය යුතුයි. අප ඉක්මනින්ම අර්බුද මැද ජනතාව අතරට පැමිණියා. නමුත් එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂයයි. අප ඊට ආදරෙයි.අප සමග එක්වන්නැයි ඔවුන්ට ආරාධනා කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෙංචයියන්ට දෙනවා නම් අපට ගැටලුවක් තිබෙනවා.ප්‍රශ්නය: සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු සම්බන්ධ අර්බුදය කොහොමද? ඔබ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටීවිද?පිළිතුර: විපක්ෂයට ගිය විට ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් පක්ෂවලට අර්බුද පැන නැගීම සාමාන්‍ය තත්ත්වයක්. අපේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර අර්බුදය විසඳා ගැනීමට උත්සාහ කරනවා.සියලු දෙනාට සාධාරණයක් වන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දිය යුතුයි. ඊළඟ දින දෙක තුන තුළ විසඳුමක් දීමට හැකි වේවි. අර්බුද ගැන කලබල විය යුතු නැහැ.සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටිය යුත්තේ ක්‍රියාකාරි දේශපාලකයන් පමණයි යයිද කීය.
මහ ඡන්දයේදී තරග කරන්නේ එජාපයයි පොහොට්ටුවයි පමණයි
0
(කැලණිය - ලාල් එස්. කුමාර සහ වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) පැවැසීය.කිරිබත්ගොඩ නගරයේදී පෙරේදා (19) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.“මේ ආණ්ඩුවේ අපේක්ෂකයාට දැන් කෘෂිකර්මය මතක් වෙලා. අපි පොහොර සහනාධාරය කෘෂිකාර්මික කටයුතුවලට දෙනවා කිව්වහමයි එයාටත් මතක් වෙලා තිබෙන්නේ.මේ අපේක්ෂකයා හිටපු ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කරලා දැම්මා. රට තුළ කුඹුරු වගා කිරීම නතර කෙරෙව්වා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අක්කර ලක්ෂයක් මුඩු කෙරෙව්වා.අපේ කාලයේ ගොවියාට පොහොර සහනාධාර දීලා කෘෂිකාර්මික කටයුතු නගාසිටෙව්වා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණා ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වී අස්වැන්න පිරෙව්වා. එහෙම තිබ්බ රටට පිටරටට අතපාන්න වෙලා. එවැනි තත්ත්වයක් ඇති කරපු මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.මේ අවුරුදු හතරේ කරපු වැඩ මේ රටේ ජනතාව දන්නවා. විරැකියාවෙන් පෙළෙනවා. උපාධිධාරීන්ට රැකියා නැහැ. අපේ ආණ්ඩුව කාලේ උපාධිධාරීන් 55000කට රැකියා දුන්නා. මේ ආණ්ඩුව අද හෙංචයියලාට රක්ෂා දෙනවා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා. මේ ආණ්ඩුව අද තැපෑලෙන් පත්වීම් ලබාදෙනවා. අපේ ගමටත් ඈත පළාත්වලින් එවලා තිබෙනවා. ඒ අයට ඉන්න තැනක් නැහැ. බෝඩිම් සොය සොයා ඇවිදිනවා. දේශපාලනඥයන් පස්සේ යන්නේ නැතිව රක්ෂා ලබාදීම අපේ වගකීම වශයෙන් අපි සලකනවා.අද මම කැලණිය පාලම පැනලා මේ පැත්තට එනකොට පැල්පත් පෙනුණා. එහා පැත්තේ පැල්පත් නැති කරපු අපි මෙහා පැත්තේ (කැලණියේ) පැල්පත් නැති කිරීමේ වැඩපිළිවෙළත් අප ක්‍රියාත්මක කරනවා.මේ දවස්වල බොරු ප්‍රචාර යවනවා. ෆේස්බුක්, කටකතා, බොරු කියනවා. ඒවට රැවැටුණු යුගය ඉවරයි. 2015 දී රැවැටුණා. දෙපාරක් රැවැටෙන්නේ නැහැ. අපි දැම්මේ නිකන් මිනිහෙක් නොවේ. අපේ නායකයෝ එක්ක කතා කරලා හොඳට හිතලා බලලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් දැම්මේ. මේ වෙලාවට රටට අවශ්‍ය වැඩ කරන මිනිහෙක්. නිදි මරාගෙන යාල කැලේ අලි කොටි දිහා බලාගෙන ඉන්න මිනිහෙක් නොවෙයි.අපි වැඩ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ දාලා තිබෙනවා. 16 වැනිදා උදේ පාන්දර ගිහිල්ලා අර ඈත පෙනෙන පොහොට්ටුව මතක තබාගෙන ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා පොහොට්ටුව දිනවන්න කටයුතු කරමු.” යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.“අද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ අපට ආරක්ෂිත රටක් ලබාදෙන්න, රට ආරක්ෂා කරදෙන්න. එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක රණවිරුවන් දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරණ තත්ත්වයකට පත් වුණා. අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙනවා. නැවතත් මේ රට සෛවරී සුරක්ෂිත රටක් කරන බවට මම පොරොන්දු වෙනවා.අපි එදා අණ දුන්නේ ආර්ථිකයෙන් ඉහළ සංවර්ධිත රටක්. අද සෑම ක්ෂේත්‍රයක් වාගේම පරිහානියට පත්වෙලා. අපි මේ රට සංවර්ධනය කිරීමට නිසැකවම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනාව. ලෝකයේ තිබෙන ආර්ථිකයත් සමග ඉදිරියට යන විශේෂයෙන්ම ආසියාවේ දැනුම මුල් කරගත්තු ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන් මේ රටේ මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා.අද තරුණ තරුණියන් අතරමං වෙලා තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන්කමක් නැතිව අතරමං වෙලා.ඒ වගේම උසස් පෙළ අසමත් වූ සෑම ක්ෂේත්‍රයකම විශාල තරුණ පිරිසක් අතරමං වෙලා සිටිනවා. අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසු සියලු අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාදෙනවා.ඒ වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය විද්‍යාල ඇති කර ඔවුන්ට හොඳ වේතනයක් ලබන්නට හැකි රැකියා ලබා දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය රැකියා කේන්ද්‍රස්ථානයක් බවට අපේ රජයක් යටතේ පත් කරනවා.කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව වැඩි කරනවා. ඒ හා සම්බන්ධ උපාධි ආයතන, වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කය පලතුරු වගා කරන ප්‍රදේශයක්. ඒ අනුව නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වලා දීලා කෘෂිකර්මය දියුණු කරන්න පුළුවනි. ඒ වගේම පුරන් වූ කුඹුරු කාබනික පොහොර යොදවලා අස්වැද්දීම කරනවා.අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ආර්ථිකය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දීම හරහා සුරක්ෂිත රටක්, සෞභාග්‍යවත් රටක් ලබා දෙන්න මා පොරොන්දු වෙනවා. ඒ සඳහා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යවත් රටක් බිහි කරනවා.” යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.“එදා 2005 මහින්ද රාජපක්ෂ එනකොට මේ රට තිබුණේ සෝල්හයිම් අතේ. මේ රට දෙමළ ඊළම නිර්මාණය කරලා අසරණ වෙලා තිබුණේ. බෙදලා තිබුණ රටේ ආරක්ෂාව සහතික කරලා මාතෘ භූමියට පණ දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා.අන්තවාදීන් සහරාන්ලා හුරතල් කරපු වීඩියෝ පටයක් දැන් පෙන්වලා තිබෙනවා. එහි හකීම් සහරාන්ලාට අතට අත දෙනවා. සාකච්ඡා පවත්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම් කාරක සභාවේ එක නඩුකාරයෙක් තමයි හකීම්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඒ හකීම් දැන් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන්ගේ අවතාරය ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු කඳවුරේ සජිත්ට වම් පැත්තෙන් සුජීව සේනසිංහ ඉන්නවා. බැඳුම්කරයේ ග්‍රන්ථ කතුවරයා ෆුට් නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා දකුණු පැත්තේ. රවී කරුණානායක පිටුපස්සේ ඉන්නවා. කබීර් හෂීම් එක් තවත් චූදිතයෙක්. ඒ ඔක්කොටම වඩා නායක රනිල් බැබලි බැබලී ඉන්නවා.අද භේදයකින් තොරව මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ඕනෑ කියනවා. මත්ද්‍රව්‍ය මාෆියාවට, හොර ජාවාරම්කාරයින් වැනි කොටස්වලට අද ගෝඨා බය කියනවා. මහජනතාවට පාට් පෙන්වන රාජ්‍ය සේවයේ සමහරුන්ටත් ගෝඨා බය තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් ගෝඨා බය නැහැ. අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨා තමයි. රටේ විනය හදන්න පුළුවන් ගෝඨාභයටයි.මේ 16 වැනිදා ජාතික ආරක්ෂාවට පණ දෙන්න අලුත් රටක් හදන්න පටන් ගන්න දිනයයි. ඒ සඳහා ඔබගේ ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මෙසේ පැවැසීය.“මහින්ද රාජපක්ෂ සමග යන අපිට වහල්ලු කියනවා. මේ රටට ආදරය කරන මේ මාතෘ භූමියට ආදරය කරන මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති මහින්ද රාජපක්ෂ පස්සෙන් යන අපිට නම්බුයි. මේ රටේ ජාතික සම්පත් විකුණන් කන, මේ රට පිටරටට පාවලා දෙන, මේ රටේ ත්‍රස්ත්‍රවාදය අන්තවාදය පස්සේ යනවාට වඩා අපි මහින්ද රාජපක්ෂ සමග මේ ගමන ඉදිරියට යනවා. ඒක අපට ලොකු නම්බුවක්. අපි සියලු දෙනා එකතු වෙලා 16 වැනිදා මේ ආණ්ඩුව පෙරළන්න පෙළගැසෙමු.”මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි මහත්වරුන් ද පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතාවක් ද එක්ව සිටියහ.ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කරමින් එම වේදිකාවට එක් වූහ.එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තරග කළ බුද්ධික මිහිපති මහතා ද පොදු ජන පෙරමුණට එක්විය. 
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
1
(නාලක සංජීව දහනායක සහ දයාරත්න ඇඹෝගම)එක්සත් ජාතික පක්‍ෂ රජයේ විනාශකාරී ගමන් මග වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද පොදුජන පෙරමුණ සමග එකතු වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුරයේදී ඊයේ (09) පැවැසීය.රට විකුණන වත්මන් ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදීම පළවා හැරිය යුතු යැයි ද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමිනි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව ශ්‍රීලනීපය නියෝජනය කරමින් ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලිය අමතමින් මෙසේ කීවේය.“අපට කතා කරන්න දෙයක් නැහැ. පොහොට්ටුව දිනනවා. අද පොහොට්ටුව දිනලා අවසන්. මේ ඓතිහාසික අනුරාධපුරයට විශාලම ජනතාවක් ආවේ අද දවසෙයි. අපි මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් වූ මොරගහකන්ද ව්‍යාපාරය අපි කඩිනම් කරනවා. එදා අපි කිව්වා 2015 දී අපට බලය දෙන්න, ඔබේ හැම නිවසකටම අපි පානීය ජලය දෙන බව. ඒත් අපට බලය දුන්නේ නැහැ. ඉදිරියේදී නතර කළ තැනින් වැඩ ආරම්භ කර ඔබට බීමට ජලය ගෙදරට ගේන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඔබට පානීය ජලය ලබා දීම ආණ්ඩුවේ යුතුකමක් වුණත් මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. තමන්ගේ දේශපාලන හතුරාගෙන් පළිගැනීම හැර කිසිවක් මේ ආණ්ඩුව කළේ නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රාහී ගමන්මග දැකපු නිසා ඔහු හිරේ දාන්න හැදුවා. අවසානයේ ගෝඨාභයට රටක් නැහැලු. අධිකරණය ඒකට බොහොම පැහැදිලිව පිළිතුරු දෙමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන තීන්දුවක් දුන්නා.මේ ආණ්ඩුව මොනතරම් බංකොලොත් ද කියනවා නම් කරගන්න දෙයක් නැතිව රට විකිණීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. අපි වරායන්, ගුවන් තොටුපොළවල් හදලා රටට වටිනාකමක් දුන්නත් මේ ආණ්ඩුව ඒ දේවල් විකුණනවා. ජාතික සම්පත් විකුණාගෙන කන මේ ආණ්ඩුව පළවා හැරිය හැකි පළමු අවස්ථාවේම පළවා හැරීම අපේ යුතුකමක්. ගොවි ජනතාවගේ ණය අපි කපා හරිනවා. එය ස්ථිරයි. ඒවගේම පොහොර සහනාධාරය 350ට දෙන්නේ නැහැ. රට ස්වයංපෝෂිත වෙනතුරු පොහොර නිකන් දෙනවා. එදා බඩඉරිඟුවලින් පවා ස්වයංපෝෂිත වූ රට වෙනත් රටවලට අත පාන තැනකටයි මේ ආණ්ඩුව ඇද දැම්මේ.එජාප ආණ්ඩුව කළ සියලු වැරැදිවලට, බැංකු මංකොල්ලයේ සිට කරපු වැරැදිවලට නියෝජ්‍ය නායකයාගේ සිට වගකිවයුතුයි. ඒ අය රට විනාශ කිරීමේ වගකීම බාරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එකතු වෙලා. අනිකුත් වාමාංශික පක්ෂත් එක්ක එකතු වෙලා කරන මේ සටන විජයග්‍රහණය කරා ගෙනයන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තූතියි. 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්න ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතැන එක්ව සිටීමෙන්ම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපට සහාය දෙන්නට මෙහි පැමිණ සිටින තමුන්නාසේලා සියලුම දෙනාට මම මගේ අවංක ස්තූතිය හා ප්‍රණාමය පුදකරනවා.මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව් මේ රටේ මිලිටරිකාරයන් ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට බාරගත් අවස්ථාවේ වව්නියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කරගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා. රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවෝ 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුන දේශීය සංස්කෘතියක් අපිට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්.මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම් ගන්න බැහැ. ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසෙන් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි. එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා, අඩු පොලියට වගා ණය දුන්නා, වීවලට සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.ඒත් අද වර්තමාන ආණ්ඩුව යටතේ කෘෂිකර්මාන්තය කඩා වැටිලා. පොහොර සහනාධාරය නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වුණාම ඒ පොහොර සහනාධාරය දුන්නා. ඔය ජනතාවගෙන් පොහොරවලට 350ක් ගන්නවා වෙනුවට පොහොර ටික නිකම් දෙන්න කියලයි මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ.වී, තේ, රබර්, ගම්මිරිස් ඇතුළු හැම භෝගයකින්ම ආදායම අඩුවෙලා. අස්වැන්න සාධාරණ මිලකට විකුණාන්න බැරිව නොහැකිව ගොවි ජනතාව ණයගැතියන් බවට පත්වෙලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය හා ගොවි ජනතාවගේ සියලුම ණය අපි කපා හරිනවා. මේ ගොවි ජනතාව යළි නගාසිටවන්නට අපට අවශ්‍යයි. රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්න බැහැ. රට ස්වයංපෝෂිත කිරීමට අපේ ඉදිරි රජයක් තුළ සෑම රාජ්‍ය අනුග්‍රහයක්ම අපි ලබා දෙනවා. රට සංවර්ධනය වෙනවා කියන්නේ සියලුම ජන කොටස් සංවර්ධනය වෙන එකයි. අපි දුෂ්කර පළාත්වල දිලිඳු ජනතාව ඉදිරියට ගෙන ආ යුතුයි.වගාව සඳහා අවශ්‍ය වෙලාවට වතුර නොලැබීම අද විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන්ට විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ජල හිඟයට පිළියමක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි වාරිමාර්ග හා ලොකු කුඩා වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවැත්වූවා. රජයේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියකුගේම කෘෂි වගාවන් රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල් 52ක සහතික මිලක් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවීන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබා ගන්නට ගබඩා පහසුකම් නැතිකම. ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන්  කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ. පස සකස් කිරීම, ජලය කළමනාකරණය, වැඩි ඵලදාවක් දෙන බීජ භාවිතය, පොහොර භාවිතය,  අස්වනු නෙලීම, ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේදී නාස්තිය අඩු කරගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම්වලට නව තාක්ෂණය භාවිතකොට වැඩි ආදායමක් උපයා ගැනීමට අපි අපේ ගොවි ජනතාවට උදව් කරනවා.පිරිසුදු පානීය ජලය නැතිකම මේ පළාතේ ජනතාවට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් ලෙස මම හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුරය හා මේ අවට පළාත්වල වකුගඩු රෝගය වැඩිවීමටත් ජලයේ අපිරිසුදුකම හේතුවක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස මම දකිනවා. ඒ නිසා  තමුන්නාන්සේලාගේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් අපි බලයට පත් වූ වහාම ආරම්භ කරනවා.වසර ගණනාවක් තිස්සේ කතා කරමින් සිටින තවමත් නිසි පිළිතුරක් නැති ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම. රජයක් වශයෙන් අපි මේ ප්‍රශ්නයට වැඩි උනන්දුවකින් මැදිහත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අලි වැටවල් සාදනවා වාගේම අලින්ගේ ස්වාභාවික ගමන්මඟ අවහිර නොවන ලෙස අලිමංකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. අවසාන විසඳුම සොයාගත යුත්තේ විද්‍යාත්මකව මේ ගැටලුව අධ්‍යයනය කළ අයගේ සහභාගීත්වයෙනුයි. ඒ වගේම අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමවේදයකුත් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරවන්නට මම පොරොන්දු වෙනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නට අපි සූදානම් නැහැ. ඒ නිසා ඔබේ ආරක්ෂාව අපි අපේ වගකීමක් කරගන්නවා.අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ වසර 5ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිfදාස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක් සේවය කළානම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් - අතමිට සරු හෙටක් අපි සහතික කරනවා. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් අපි ගොඩනගනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බරවිය හැකි සෞභාග්‍යවත් දේශයක් අපි පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යවත් රට ගොඩනගන්න ඔබේ සහාය මට ලබා දෙන්න. මව්බිමට ජය වේවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:අද මේ මංගල වේදිකාවට අපි ඇවිත් සිටින්නේ ශ්‍රීලනිපයේ සුබපැතුම් අරගෙනයි. අපි අතර බහින්බස්වීම් තිබුණත් ඒ සියලු බේද අමතක කරලා නොවැම්බර් 17 වෙනිදාට රටේ අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්න අපි තීන්දු කළා. අපි දෙගොල්ලේ දෙපැත්තකට වෙලා සිටින අවස්ථාවේ වාමාංශික ජනතාව අපේ එකතුව බලාපොරොත්තු වුණා. ඒ එකතුවේ මංගල රැලියයි මේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන්න අවශ්‍ය ඇයි කියන දේ ගැන හිතුවා. එතුමා රට හදන්න, අනාගතය වෙනුවෙන් කරන යෝජනා අපි දැක්කා. ශ්‍රීලනිප අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය තහවුරු කිරීමයි. ශ්‍රීලනිපය රටට සේවය කරපු පක්ෂයක්. ජාති බේද නැති පක්ෂයක්. අපි මේ සමගියත් සමග නැවත වතාවක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිපය කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි: “යුද්ධය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන නායකත්වයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් වැනි බෝම්බකරුවන් රටින් තුරන් කර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාරයක් සහිත නගරයයි මේ. අනුරාධපුරයේ වකුගඩු රෝගීන් දහස් ගණනක් ඉන්නවා. ඒ අපි පාවිච්චි කරපු වස විසයි. වස විසෙන් තොර ආහාර නිෂ්පාදන යුගයක් කරා ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.”ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:  ජය සමරන්න 16 වැනිදා වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. අපේ ජය තහවුරුයි. 11 වැනිදාට ඇල්පිටියේ ජනතාව 16 වැනිදා ජයේ පෙරවදන ලියනවා. මේ අපි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු ආරක්ෂා කරන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියේ. කෘෂිකාර්මික රටකට පණ දුන්න රට රැක්ක මිනිස්සු රැක්ක භූමියකයි අපි ඉන්නේ. හැම අතින්ම අසරණ වූ රටට ප්‍රතාපවත් නායකයෙක් ඉල්ලා සිටිනවා. රටේ දුප්පත්බව අඩු කරලා පරිගණක සාක්ෂරතාව වැඩි කරලා මහින්ද රාජපක්ෂ මහතා රට දියුණු කළා. එදා මහින්ද-ගෝඨාභය සුසංයෝගය රටට තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම් දුන්නා. දරුවන්ට නිදහසේ පාසල් යන්න පරිසරය හැදුවා. 2006න් පස්සේ රටේ විශාලම ප්‍රශ්නයට පිළිතුරු දුන්න විදියටම මේ සුසංයෝගයට අද රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්. අන්තවාදයට එරෙහිව නායකත්වය දෙන්නෙත් මේ සුසංයෝගයයි. මහින්ද-ගෝඨා සුසංයෝගය අපේ රටේ අනාගතයයි.”ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරුමණේ නායක වාසුදේව නානායක්කාර මහතා:“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය අනුරාධපුර වැව්බැඳි රාජ්‍යයෙන් අරඹන දවසයි අද. ප්‍රේමදාස මහතා ක්‍රමානුකූලව විකාර රූපයක් බවට පත්වෙමින් තිබෙනවා. ගෝඨාභය මහතා රටේ තීන්දුකාරයා වෙමින් තිබෙනවා. ප්‍රේමදාස මහතා නොයෙකුත් දේ කියනවා. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවාලු. ආර්ථිකය 1.6 දක්වා පහළ දැමූ අයයි මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනෑ ප්‍රේමදාස මහතාගේ ජවනිකාව හුදු විකාර රූපයක් පමණයි කියන කාරණය.ඔබ ගෝලීයකරණය ගැන අහලා තියෙනවා. අපේ රටවල සම්පත් පැහැර ගන්න අධිරාජ්‍යවාදීන් තල්ලුකරලා එවපු දෙයක් මේ ගෝලීයකරණය කියන්නේ. මේ නිසා අපේ දේශීයත්වය පිළිකන්නට ගියා. දේශප්‍රේමී නායකත්වය පහළට වැටුණා. අපෙන් වුණු අඩු පාඩු හදාගෙන අලුත් මිනිසෙක් ඉදිරියට ගෙන එන අලුත් පරිච්ඡේදයක් ලියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි මේ රටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කරනකොට මේ අය පිටරටින් සෞභාග්‍යය ගේන්න පුළුවන් කියලා හිතනවා. අපේ දේශීය සම්පත් රැකගනිමින් අපේ උරුමයන් රැකගැනීමට අපි සියලු දෙනාම කැපවෙමු.”මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා:“අනාගත ලංකාව වෙනුවෙන් කරන දේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන වගේම ගොවි ජනතාවගේ අනාගතය වෙනුවෙන් දුන් ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙනවා. එජාපය අපේ රටේ නිදහස, ස්වාධීනත්වය වික්කා. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා දේශපාලනයට පළිගැනීම ගෙනාවා. ජනතා විරෝධී අණපනත් 14ක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඔබේ ඉඩම් පවා අහිමි කරන ඒ පනත් වැළැක්වීමට කටයුතු නොකළ සජිත් පරාජය කිරීමේ යුතුකම ඔබට තිබෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ ඇරඹෙන්නේ නව යුගයකට, බලාපොරොත්තු සුන් වූ රටකට යෝධ සවියක් වෙමින් ජනතාවගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ගමනයි. මාතෘ භූමියට ජයවේවා.”පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. චන්ද්‍රසේන මහතා:“මේ වේදිකාව හදන අවස්ථාවේ කිව්වා සෙනඟ පුරවා ගන්න බැරි වෙයි කියලා වේදිකාව ඉදිරියට ගන්න කිව්වා. ඒත් මම විශ්වාස කළා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාව නිසා මේ පිට්ටනිය ජනතාවගෙන් පිරෙන බව. මේ ටිකේම වැස්සා වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසනාවට අද වැස්ස නතර වුණා. වසර 5ක් විනාශ වුණ රට ගොඩනගන්න රජෙක් බිහි වෙනකොට පරිසරය පවා ආශිර්වාද කරනවා. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් අවසන් කරලයි ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා බාරදුන්නේ.”ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙයාන් සේමසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ, අනුරාධපුර නගරාධිපති එච්.සී. සෝමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.සී. මුතුකුමාරණ, වෘත්තීය සමිති නායක බන්දුල සමන්කුමාර, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අඹේපොල, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්ම, මහත්මීහු ද රැලිය ඇමතූහ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ. 
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
0
(මඩුකන්ද -- සිතුම් චතුරංග)“මහින්ද රාජපක්‍ෂ පැවසූ කරුණු නිකුත් කළ වාර්තා උපයෝගී කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කණ්ඩායම දේශද්‍රෝහීන් නම් මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනාධිපතිවරයා විය යුතු යයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චිය සහ යාපනයේදී ප්‍රකාශ කළේය.“ජනපති ඡන්ද ව්‍යාපාරය මඬේ ඔබාගෙන සිටින ගෝඨාභය රාජපක්‍ෂට ‘දේශද්‍රෝහීන්’ හැර වෙනත් කියන්න කිසිවක් දැන් ඉතිරිව නැතැයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.“සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගැනීමෙන් පසුව නව ව්‍යවස්ථාවක් සකස් කර රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, ඒකීය රාජ්‍යයක් යටතේ බලය බෙදා හරින බව ද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“ඒ තුළින් විධායක ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එකඟත්වයෙන් රට පාලනය කරන ක්‍රමවේදයක් ඇති කර නව ඡන්ද ක්‍රමයක් ද හඳුන්වාදෙමින් ඒකීය රාජ්‍යය තුළ බලය බෙදාහැරීම තවදුරටත් ස්ථාපිත කරන්නැයිද” රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය හා යාපනයේ පැවති ජන හමු කිහිපයකට එක්වෙමිනි.කිලිනොච්චිය පොදු වෙළඳපොළ අසල, යාපනය-කයිට්ස් වේලානෙයි උද්‍යානයේ, චාවකච්චේරි බස්නැවතුම්පොළ අසල හා මනිපායි- සෙල්වමුත්තු ක්‍රීඩාංගනයේදී ජන හමු පැවැත්විණ.වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,“2015 වසරේදී ඔබ සැම හංසයා ඉදිරියේ කතිරය ගැසූ නිසා අද මේ ප්‍රදේශයේ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් තිබෙනවා. අනෙක් පුරවැසියන් සේ එක සමාන අයිතිවාසිකම් ලබනවා. අද සුදු වෑන් එන්නෙ නැහැ. ඒත් ඇමතුමක් දුන්නොත් සුව සැරිය ගිලන් රථය නම් ඔබ අසලට පැමිණෙනවා.අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න අවශ්‍යයි. ඕනෑ වෙලාවක අපට කතා කරන්න පුළුවනි. බනින්න පුළුවනි. පෙළපාලි යන්න පුළුවනි. නිදහසේ ජීවත් වෙන්න පුළුවනි. මේ නිදහස දිගටම ආරක්‍ෂා කර ගත යුතුයි නේද?ජනතාවගේ නිදහස ආරක්‍ෂා කරන්න රටේ ව්‍යවස්ථාව තුළම ස්වාධීන කොමිෂන් මා ඇති කළා. අධිකරණය ස්වාධීන කළා. ඒ වගේම මේ  අවස්ථාවේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයත්, හානි පූර්ණ කාර්යාලයත් මා විවෘත කළා.අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් කටයුතු කළා. එහෙත් අපට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකෙහි බලයක් නැති නිසා වාර්තාවලින් එය නැවතුණා මේ අයිතිය තහවුරු කර ගන්නවාද? නැති කර ගන්නවාද. නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවමින් මේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්නැයි මහජනතාවට කියනවා.පොහොට්ටුවට ඡන්දය දුන්නොත් සියල්ල නැති වී යනවා. සුදු වෑන් ආපසු එනවා. හංසයාට ඡන්දය දුන්නොත් ගෝඨා ඉල්ළෙයි, වයිට් වෑන් ඉල්ළෙයි. කොයි එකද තෝරන්නේ කියා ඔබට භාරයි.අප උතුරේ ඉඩම් ගණනාවක් නිදහස් කළා. තවත් ඉඩම් නිදහස් කර ආපසු භාර දෙන්න තිබෙනවා. ඒ වගේම අතුරුදන් වූවන් පිළිබඳ සොයා ගෙන යනවා ඒවා ගැන තවත් කටයුතු කරනවා. ස්වාධීන කාර්යාල ආරම්භ කළ පසු, නඩු දාලා සිටින අය, දඬුවම් කර තිබෙන අය, දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටිනවා. ඒ අය පිළිබඳ සලකා බැලෙනවා.ඒ වගේම මේ අලුත් ව්‍යවස්ථා ගෙන එන්නත්, බලය බෙදාහැරීම ඉදිරියට ගෙන යන්නත් ක්‍රියා කරනවා. ඒ සඳහා ප්‍රේමදාස ජනාධිපතිවරයා, කුමාරතුංග ජනාධිපතිවරිය යටතේ හා රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ ද පැමිණි වාර්තා සියල්ල සලකා බලා යෝජනා සම්මත කර ගන්නවා.ව්‍යවස්ථාව අලුතෙන් ඉදිරිපත් කරන්න පියවර දෙකක් ගන්න තිබෙනවා. එකක් හංසයා ලකුණ ඉදිරියෙන් කතිරය ගසා සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමයි. දෙවැනි පියවර ව්‍යවස්ථා සංශෝධනයට කැමති පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දීමයි. මන්ත්‍රීවරුන් 125 අපට ලබා දෙන්න. නිදහස් සමාජය අවශ්‍යද නැතිද කියා ඔබම තීරණය කරන්න.අපේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පත් කරගෙන අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගන්න කැමති පක්‍ෂවලින් තුනෙන් දෙකක මන්ත්‍රීවරුන් තෝරාදෙන්න, ඒ සඳහා පළමුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කළ යුතුයි. අලුත් ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරනවා. විධායක ජනාධිපති, අගමැති එකඟත්වයෙන් ක්‍රියාකරන ක්‍රමය ඇති කරනවා. අලුත් ඡන්ද ක්‍රමය ඇතිකර ඒකීය රාජ්‍ය යටතේ බලය බෙදා හැරීම තවත් ස්ථාපනය කරනවා.ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළා. මා අනෙක් පක්‍ෂවලිනුත් සහාය ඉල්ලා සිටිනවා. එසේම ඒ පක්‍ෂයට මා ස්තුති කරනවා.වෙන එකක් නැති නිසා රහස් ගිවිසුම් තිබුණා කියා. ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කරාවි. ඒක ඔප්පු කරන්න බැරි නිසා රට පාවලා දෙනවා කියාවි. දේශද්‍රෝහීන් යයි කියයි.අප මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරනවා නම් ලොකුම ද්‍රෝහියා මහින්ද රාජපක්‍ෂයි.දැන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය මහින්දගේ යෝජනා ද එකතු කර ගෙන සිටී. ඉතුරු වී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂගේ යෝජනාවලට මහින්ද රාජපක්‍ෂ එකඟ කරවා ගැනීම පමණයි.මහින්ද රාජපක්‍ෂට මෙතනදී පැන යන්න බැරි වෙනවා. ඔහු පැවසූ වචනවලින් හා ඔහු දුන්න වාර්තාවලින් තමයි, අප නව ව්‍යවස්ථාව සකස් කරන්නේ.ගෝඨාභය රාජපක්‍ෂගේ ඡන්ද ව්‍යාපාරය මඬේ එරී තිබෙන නිසා අප දේශද්‍රෝහි කියා විශාල ව්‍යාපාරය ගෙන යන්න බලනවා. මහින්ද රාජපක්‍ෂගේ යෝජනා අනුව ක්‍රියාකරන අප දේශද්‍රෝහි නම් මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවෙන් අයින් කරන්න කියා මා අභියෝග කරනවා. මේ ප්‍රශ්න විසඳිය යුතුයි. මේවා තවත් ඉදිරියට ඇදගෙන යන්න බැහැ.ජනතාවට විසඳුම් දෙන්න දේශපාලනිකයින් ඉඩ දෙන්නේ නැතැයි ඔබ කියනවා. ගෝඨාභය රාජපක්‍ෂට මෙය ඉදිරිපත් කරන්න නොහැකි වූවාට අපට දොස් කියන්න එපා. අප ඉන්නේ රට නවීකරණය කරන්නයි.පෙර පාසල් පිළිබඳව මෙහි සඳහන් වුණා. සජිත් ප්‍රේමදාස මහතා පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා කිව්වා. ඉතින්, කාන්තාවන්ට ඉදිරියට යන්න අවස්ථාව උදාවනවා. ඒ වගේම කිලිනොච්චිය සංවර්ධනය කරනවා. දැනට කිලිනොච්චිවල යාපනය විශ්වවිද්‍යාලයේ එක මණ්ඩපයක් ආරම්භ කරලා.ඉංජිනේරු විෂය සියල්ලම තිබෙන්නේ ඒ මණ්ඩපයේයි. ජර්මන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයද ආරම්භ කළා.ත්‍රිකුණාමලය විශේෂයෙන් දියුණු කරන වැඩසටහන තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගෙන කර්මාන්ත ඇති කර එහෙනුත් රැකියා ලබා ගන්නට පුළුවනි.සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුනරින්හි සංචාරක ස්ථාන සොයා ගෙන තිබෙනවා. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කළ නිසා එතැන් සිට සංචාරකයින් මෙහි පැමිණෙනවා. කිලිනොච්චියද සංචාරක මධ්‍යස්ථානයක් බවට මෙහි පත් කළ යුතුයි.පුනරින් නගරයට ළඟ නව නගරය ඇති කරන්න උසස් අධ්‍යාපන විශේෂයෙන් අයි.ටී. ආයතන එතැනට ගෙන යන්න අවශ්‍යයි. පරිගණක සේවා මධ්‍යස්ථාන තවත් ඇති කර පුනරින් සේවා මධ්‍යස්ථානය බවට පත් කළ යුතුයි.කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය පී. හැරිසන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත්වරුද කතා කළහ.
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“
1
(අංජුල මහික වීරරත්න, මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න, දඹුල්ල - කාංචන කුමාර ආරියදාස, රවින්ද්‍ර විරාජ් සහ නාවුල - ඉන්දික අරුණ කුමාර)“දුක, කඳුළ, වේදනාව මැද වද හිංසා විඳිමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවන කාන්තාවන් සේවය කරන රාජ්‍ය සමඟ ගිවිසුම් අත්සන් කර හිංසනයෙන්, පීඩාවෙන් තොරව කාන්තාවට එතෙර රැකියා කිරීමේ නිදහස දෙන සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලග්ගලදී පැවැසීය.ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ දේශපාලන, සමාජ, සුබසාධන, සිවිල්, මානව ඇතුළු සියලු අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා ප්‍රඥප්තියක් තව දින කිහිපයකින් අත්සන් කරන බවද” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.ජනාධිපතිධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙදින සංවිධානය කළ පළමු ජන රැලිය ලග්ගල නව නගරයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසක් රැලියට සහභාගී වී සිටියහ.රත්තොට - හතරලියද්ද, අකුරණ හා වත්තේගමද මෙදින ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලි පැවැත්විණි.ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.“අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගන්නා ලග්ගල ජනතාව ඇතුළු රටේ සමස්ත ජනතාවට වැදගත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න තිබෙනවා. දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවගේ ජන ජීවිතය 16 වැනිදා ජයග්‍රහණයත් සමඟ මගේ බලාපොරොත්තුව, මගේ පැතුම ඔවුන්ට උසස් ජන ජීවිතයක්, සෞභාග්‍යමත් ජීවිත උදා කර දීමයි.මේ ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාව ජීවත් වෙන්නේත් ගොවිතැනේ නියැලෙන්නේත් අමාරුවෙනුයි. ජන ජීවිතය ගැටගහ ගන්නා ගොවි පරපුරේ දුක, කඳුළ, වේදනාව දන්නා එකම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ.ජනතාව රටේ ජනාධිපති තනතුරට කවුද පත් කරන්නේ කියන එක ගැන තීරණ ගන්න විට හෘද සාක්‍ෂියට එකඟව ඒ තීරණය ගන්නවා. මොකද, රටේ අති බහුතරයගේ ප්‍රාර්ථනය වන්නේ පොදු ජනතාවගේ හඬ ජනාධිපති ලෙස නියෝජනය කිරීමය. මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයේම පුංචි මනුස්සයා නියෝජනය කරන ගොවි, කම්කරු, ධීවරයා රැක ගනිමින් සාමාන්‍ය ජනතාවගේ එකම බලාපොරොත්තුව බවට මා පත්වූ පසු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනවා.මා ප්‍රභූ දේශපාලනය කරන්නේ නැහැ. වී.අයි.පී. පොලිටික්ස් මා කරන්නේ නැහැ. 16 වැනිදායින් පසුවත් මා මේ විදියට පොඩි මිනිහාගේ දෙපතුල ළඟට එනවා. මේ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු බොහෝමයක් තිබෙනවා. මැණික් කර්මාන්තයේ නිරතව සිටින පොඩි මනුස්සයන්ගේ ගැටලු අපමණයි. ඒ ගැටලු විසඳන්න මා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. අවතැන් වූ පවුල්වලට වන්දි දීමේදී, ඉඩම් ලබාදීමේදී, අඩුපාඩුකම් රැසක් ඇතිවෙලා.හුදකලා වූ ගම්මානවල ජීවනෝපායට මා අත - හිත දෙනවා. ඉඩම් තිබෙන අයගේ ඉඩම් ගැටලු ටික විසඳලා දෙනවා. අලි - මිනිස් ගැටලු නිසා අවතැන් වූ ජනතාවට කාර්යක්ෂම වැඩසටහනක් ක්‍රියාත්මක කර අලි මිනිස් - ගැටලුව අවසන් කරනවා.පුරන් කුඹුරු ජල සම්පතින් පෝෂණය කිරීම සඳහා “වැව් උදාව” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැව් උදාව වැඩසටහන යටතේ වසර දෙකක් තුළ මුළු රටේම තිබෙන වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කර අවසන් කර රටේ ආහාර සම්පත නිර්මාණය කරන, රටට බත සපයන ගොවි පරපුර සුරක්ෂා කරනවා.ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයං රැකියා කිරීමේදී පෞද්ගලික කටයුතු සඳහා වැලි කැණීමේදී වන අපහසුතාව සොයා බලා, පොඩි මනුස්සයට යම්කිසි දෙයක් කරන්න යනවිට ඇතිවෙන දුෂ්කරතා මඟ හරවනවා. පොඩි මනුස්සයට සතුටින් ජීවත් විය හැකි කාලයක් මා ඇති කරනවා. රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පරපුර වෙනුවෙන් සෑම උප දිසාපති කොට්ඨාසයකටම කර්මාන්තපුර ඇති කරනවා. රණසිංහ ප්‍රේමදාස මහතා නගරයෙන් ගමට කර්මාන්තශාලා ගෙනාවා වගේ කර්මාන්තපුර හදනවා. ඉන් තරුණ පරපුරේ ජීවිත සුඛිත මුදිත වෙනවා.සංවර්ධන ක්ෂේත්‍රයේ අලුත් පිම්ම පනින්න අද කාලය ඇවිල්ලා. රට හැටියට උසස් දියුණුව ලබන්න කාලය ඇවිල්ලා. ඩිජිටල් නවීන තාක්ෂණය, තොරතුරු තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් නව ආර්ථීකයක් රටට ගෙනෙන්නයි මා කටයුතු කරන්නේ. එතැනදී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව වැඩි කිරීම උදෙසා සෑම උප දිසාපති කොට්ඨාසයකටම ජාත්‍යන්තර මට්මේ නව තාක්‍ෂණ විද්‍යාව මා බිහි කරනවා.එවිට ගමේ ඉන්න තරුණ පරපුරට නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ නව තාක්‍ෂණය, නව නිපැයුම් නවෝත්පාදන වැඩපිළිවෙළට සහභාගී වෙන්න පුළුවනි. අගනුවර සුළු ජන කොටසට සීමා වූ අධ්‍යාපනික වරප්‍රසාද අනිවාර්යෙන්ම මා ගමට ගෙනෙනවා. සුළු කොටසකට පමණක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළට යන්න තිබෙන මහා ඉනිමඟ නොමිලේ අධ්‍යාපන ක්‍රමවේද තුළින් ගමට දෙනවා.රටේ තරුණ පරපුර, කාන්තා පරපුර ජන සමාජයේ අති වැදගත් කොට්ඨාස දෙකයි. තරුණ පරපුර සමඟ සමාජ ගිවිසුමට මා එළැඹෙනවා. තරුණ ප්‍රඥප්තිය මා නිර්මාණය කරනවා. තරුණ ප්‍රඥප්තිය තුළ තරුණ අයිතිවාසිකම්, තරුණ ඉල්ලීම්, තරුණයන්ගේ පැතුම, තාරුණ්‍යයේ බලාපොරොත්තුව ඇතුළු කර ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ නෛතික බලය රටේ තාරුණ්‍යයට නිදහස් - නිවහල් සංවර්ධිත ජන ජීවිතයක් මා උදා කරනවා.කාන්තා පරපුර වෙනුවෙන් තව දින කිහිපයක් තුළ කාන්තා ප්‍රඥප්තියට අත්සන් තබනවා. රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිය, දේශපාලන, සමාජයීය, සුබසාධන, ආර්ථික අයිතිය, සිවිල් මානව අයිති්ය කියන හැම අයිතියක්ම ප්‍රඥප්තියට ඇතුළත් කරනවා. කාන්තාවන්ගේ ඕනෑ එපාකම්වලට ගැලපෙන ලෙස සියලු අපේක්‍ෂා ඒ ප්‍රඥප්තියේ වගන්තිවලට ඇතුළත් කර සියයට 51 ක් වූ කාන්තා ජනගහනයත් සමඟ මා සමාජ ගිවිසුමට එළැඹෙනවා.ඒ සමාජ ගිවිසුමත් ජයග්‍රහණයෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෛතික බලය කාන්තාවගේ හදවතේ කැකෑරෙන දුක, කඳුළ, බලාපොරොත්තුව, සිහිනය අවබෝධ කරගෙන කාන්තාවන්ට දිය යුතු සමාජ රැකවරණය ඇති කරනවා. ඒ ඓතිහාසික ශක්තිය දීමෙන් රටේ සංවර්ධන ගමනේ පෙරමඟ ගමන්කරුවන් බවට පත් කරන්න කාන්තාවට අයෝමය දායකත්වය මා දෙනවා.විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේ ජනතාව දුක - කඳුළ - වේදනාව මැද වද හිංසා විඳිමින් උපයා දෙන විදේශ විනිමය තමයි, අපේ රටේ ජීවනාලිය වෙන්නේ. එයයි, අපේ රටේ හදගැස්ම. කාන්තාවන් පිටරට රැකියා කරන්නේ දුෂ්කරතා රැසක් මැද්දෙයි. ඒ නිසා ඒ රටවල් කෙතරම් බලවත් වුවද 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඒ රටවල්වල රාජ්‍ය නායකයන් හමුවෙලා ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කර අපේ රටේ කොඳුනාරටිය වන විදේශ සේවාවේ නිරතවී සිටින කාන්තාවන්ට හිංසනයෙන් හිරිහැරවලින් තොරව අඩංතේට්ටම්වලින් තොරව සුරක්ෂිත රැකියාවක් කිරීමේ අයිතිය ඇති කරනවා.ඒ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කර මෙරටට විදේශ විනිමය එවන කාන්තාවන් රැක ගන්න, සුරකින්න විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.මගේ ප්‍රතිවාදියා රුපියල් 350 පොහොර නිකන් දෙනවා කිව්වා. පොහොර මිල රුපියල් 500 යි කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. පොහොරවල නියම මිලවත් නොදැන වී ගොවියාට පොහොර නිකම් දෙනවා කී මෙයා ගොඩ බෝග වගාකරුවාව අමතක කළා.  හේන් ගොවියා - පලතුරු ගොවියා - තේ - පොල් - රබර් ගොවියා අමතක කළා. මා ජනතාවට කියනවා මා නිර්මාණය කරන ආණ්ඩුවෙන් හැම ගොවි පරපුරකටම නොමිලේ පොහොර දෙනවා. එය එක කොටසකට සීමා කරන්නේ නැහැ.ගොවි ජනතාව ගැන කතා කරන විට සමස්ත ගොවියාටම සහන දෙන්න ඕනෑ. ගොවි ජනතාව අතර භේද - බින්නවීම් කර ගැටුම් ඇතිකර කොටස් කර එක් එක් පුද්ගලයන් රජ වන්නට හදපු උත්සාහය පරාජය කර සමස්ත ගොවි ජනතාව දිනවන්න 16 වැනිදාට පොඩි මිනිහගේ නියෝජිතට බලය දෙන්න.අනාගතය සුබයි. අනාගතය ආලෝකමත්, අනාගතය ශක්තිමත් කරන්න මට හයිය දෙන විට සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා යැයිද” සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.ගලගෙදර රැලියේදී මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.“2015 දී හිටපු ජනාධිපතිතුමා තවත් වසර දෙකක් තමාටත් තම නඩයටත් රට පාලනය කරන්න තිබියදී රට නැවත ජනාධිපතිවරණයකට ගෙන ගියේ රටේ අභ්‍යන්තරයේ කරගෙන ගිය නීති විරෝධී - අශිෂ්ට පාලනයට විරුද්ධව ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වර්ධනය වෙමින් පැවතුණු විරෝධතා නිසයි.අද රටට ඕනෑ අලුත් පරම්පරාවට උචිත තීන්දු තීරණ ගන්න පුළුවන් විශ්වවිද්‍යාල දැනුම තිබෙන අලුත් පිම්මකින් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයන්. ඒ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහතායි. එතුමාට අලුත් පරම්පරාවේ නියෝජිතයෙකු හැටියට රටේ පොඩි මනුස්සයා ගැන අංගසම්පූර්ණ දැනුම තිබෙනවා.”රත්තොට ජන රැලියේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා:-“මේ ආණ්ඩුව තරම් වැඩ කළ රජයක් රටේ ඉතිහාසයෙම තිබී නැහැ. නමුත් අප කළ වැඩ ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. වංචා දූෂණය නැති අපේක්ෂකයකු අප ගෙනත් සිටිනවා. ලබන 16 වැනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර රට සංවර්ධනය කරා රැගෙන යන යුගය ආරම්භ කරනවා.”එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණී කවිරත්න මහත්මිය:-“අද සුවිශේෂී මංසන්ධියකට පැමිණ ඉන්නවා. අප රජය ලෙස විශාල වැඩ කොටසක් කළා. වසර 20ක් නිදා සිටි ලග්ගල වසර 4ක් ඇතුළත ඇහැරවූ බව කිව යුතුයි.අපට මෙතෙක් කර ගන්න බැරි වූ වැඩ ටික කර ගන්න හැකි මිනිසෙකු ජනපති පුටුවෙහි වාඩිකර ගනිමු. වගා කරන්න ඉඩම් තිබෙනවා නම් සමෘද්ධි අවශ්‍ය නැති බව අපේ ජනතාව කියනවා. ඔබ ඉල්ලූ අපේක්ෂක අප ඉදිරිපත් කළා. ඔහු ජයග්‍රහණය කරවමු”රත්තොට ජන රැලියේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාද අදහස් දැක්වීය. ජනරැලි සඳහා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. 
“මෙරට ලොකුම දේශද්‍රෝහියා හිටපු ජනපතියි“
0
දුප්පත් පංතියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලූ වැටෙන කාලය අත ළඟ යයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලූණුගම්වෙහෙරදී පැවසීය.39 වැනි උදා ගම්මානය වන ලූණුගම්වෙහෙර-පහළ මත්තල, -සිරිබරගම” ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.වසර 2015 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව යළි පිබිදෙන ‘උදා ගම්මාන’ වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරෙන්නේ 39 වැනි ආදර්ශ ගම්මානයයි. දුෂ්කර ලූණුගම්වෙහෙර කොට්ඨාසයේ පහළ මත්තල ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකළ -සිරිබරගම” විදුලිබල පහසුකම්, පානීය ජලය, මාර්ග ඇතුළු සියලූ පහසුකම් සහිතව ජනතා අයිතියට පත් කෙරෙනවා.‘‘සිරිබරගම” අවට තවත් උදා ගම්මාන 2ක් ඉදිවෙමින් පවතිනවා. ඉන් පළමුවැන්න නම් නිදහස් දිනය සමරමින් ආරම්භ කළ -සියත්ලංකාගම”යි. දෙවැන්න නම් රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා ආරම්භ කළ -ඇත්රජගම” ගම්මානයයි. මේ ගම්මාන 3 එක් වන මාර්ග පද්ධතිය ලබන වසර වන විට කාපට් ඇතිරූ අංග සම්පූර්ණ එකක් බවට පත් කරන ලෙස මා උපදෙස් දුන්නා.ජනාධිපති කාර්ය සාධක බලකා සතරකින් ගම්මානවලට අලූත් ශක්තිය ලැබෙනවා. ඒනම්, පරිසර සංරක්‍ෂණය උදෙසා රුක් රෝපණය, පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වන ගෙවතු වගාව, මත් ද්‍රව්‍ය නිවාරණය සහ භයංකාර වකුගඩු රෝග නිවාරණයයි.ඇතැමුන් අපේ උදා ගම්මාන වැඩපිළිවෙළ විවේචනය කරනවා. උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් කැලෑ කපා පරිසර විනාශයක් ගෙන යන බවට සාවද්‍ය චෝදනා නැගෙනවා. අප සියලූ ගම්මාමාන හරිත ගම්මාන’ බවට පත් කරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. සියලූ ගම්මාන තිරසර සංවර්ධනය වෙත අප යොමු කරනවා.හැම ගම්මානයක්ම වන සංරක්ෂණ, වනජීවී ආරක්ෂණ හා ජනතා සෞඛ්‍ය තහවුරු වන පරිපූර්ණ ජීවිත නිර්මාණය වන කේන්ද්‍රස්ථාන බවට පත් කරනු ලබනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කරන්නේ පවතින සංවර්ධනය බලා සිටීමට බැරි පුද්ගලයන් විසිනුයි. ඔවුන් කියන්නේ යහපාලන රජය බලයට පත්වූ පසු සංවර්ධනය නොවන බවයි.නිවාස සංවර්ධනය මැනවින් වන විට පුහු විවේචනයන් කියන්නේ මේ වැඩපිළිවෙළ නිසා පරිසර විනාශය වන බවයි.පසුගිය ආණ්ඩු කාලයේ මේ ප‍්‍රදේශයෙන්ම බිහිවූ රාජ්‍ය නායකයා සිය බලතල ක‍්‍රියාත්මක කරමින් සිය ගැත්තන්ට, හිතවතුන්ට, සුවච කීකරු ගෝල බාලයන්ට අක්කර 100-200 බෙදා දෙන විට පරිසර විනාශය, කැළෑ එළි කිිරීම ගැන කවුරුන් හෝ කතා කළේ නැහැ. එසේ කතා කළා නම් කට කපා දැමීමට හෝ සුදු වෑන් එකෙන් ගොස් හෝ දඬුවම් විඳීමට වෙනවා.උදා ගම්මාන වැඩපිළිවෙල හරහා ක‍්‍රියාත්මක කරන්නේ දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ‘මිනාසා ජීවත් කරවීමේ සංකල්පය’ යි. ගම්මානවල නිවාස ලැබී තිබෙන්නේ නමට රටේ පුරවැසියන් වුවත් එක බිම් අඟලක් හෝ නැති පවුල්වලටයි. ඔවුන්ට සර්වජන ඡුන්දයත් තිබෙනවා. එහෙත් තමන්ටම යයි කිව හැකි බිම් කොටසක අයිතියක් නැහැ.ගම්මානයට නුදුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තනා තිබෙනවා. එයට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ ගුවන් තොටුපළ වෙනුවෙන් කැලෑ අක්කර දහස් ගණන් විනාශ කළා.ගුවන් තොටුපොළක් ඉදි කිරීමට මා විරුද්ධ වන්නේ නැහැ. එහෙත් එය තිරසර සංවර්ධන ක‍්‍රියාදාමයකට යොමු නොවන සේ සැලසුම් විරහිතව ඉදි කළ එකක් වනවා. මේ අකර්මණ්‍ය ව්‍යාපෘතියේ අයිතිය අපේ රටට තබා ගනිමින් එය විදේශීය රටවල වානිජ ආයතන සමඟ බද්ධ ව්‍යාපාරය හැටියට නැවත සක‍්‍රීය කිරීමට අප බලාපොරොත්තු වනවා. එසේ කළහොත් ඒ සංවර්ධන ක‍්‍රියාදාමයක් සමඟ තවත් රැුකියා විශාල ප‍්‍රමාණයක් බිහිවනවා.ගම්මානයේ ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ජාති, ආගම්, පංති, පක්ෂ, කුල-මල භේදයෙන් තොරව වගකීම් නිසිලෙස ඉටු කර තිබෙනවා. සමෘද්ධියෙන් හිමි වන්නේ මසකට වරක් මූල්‍ය ආධාරය පමණයි. මාසිකව සමෘද්ධි මුද්දරය ලැබෙන විට යම් පවුල් ප‍්‍රමාණයක් සෑම මසකම රජයේ දීමනාව බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ඔවුන්ගේ නැති - බැරිකම හා අග - හිඟකම නිසායි.පසුගිය රජය සමයේ මැතිවරණයක් එළඹෙන විට සමෘද්ධිලාභියාට ‘සෙනසුරු ඒරාෂ්ඨකය’ එළඹුණා වගේ ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කැපෙන බවට දුප්පත් ජනතාව බය කරමින් දොරින් - දොරට යන රජයේ පඩි ලබන පුද්ගලයන් පත්කර තිබුණා. සමෘද්ධි ප‍්‍රතිලාභීන් තමන්ගේ දීමනාව කැපේදෝ යි හූල්ල හූල්ලා බියෙන් ජීවත් වුණේ.උදා ගම්මාන වැඩපිළිවෙළ යනු මාසික දීමනා වෙනුවෙන් දුප්පත් ජනතාව වහලූන් බවට පත් කරන එකක් නොවෙයි. අපට ඉඩම් නොමැති පවුල්වලට රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉඩම් කොටස දෙන්නේ නොමිලයේයි. ඒ අනුව බිම් අඟලක්වත් නැති පවුලකට හිමි වන්නේ ප‍්‍රාග්ධන සම්පතක අයිතියයි. එයින් ඒ පවුලේ වටිනාකම ඉහළ නැංවෙනවා.ඉඩම පමණක් නොව එහි නිවස ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මූල්‍ය ආධාරත් දෙනවා. නිවාස ඉදිකළ පසුව බිම් කොටසේ වටිනාකම දෙතුන් ගුණයකින් ඉහළ යනවා. සමෘද්ධිය  ඕනෑම මොහොතක නතර කළ හැකියි. එනමුත් තමන් ඉදිකරගත් නිවස කිසි කෙනෙකුට ආපසු උදුරා ගත නොහැකියි. අපේ නිවාස සංවර්ධන වැඩසටහන සහ සමෘද්ධිය අතර වෙනස එයයි.හැම නිවසක් වෙනුවෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරනවා. ඒ අනුව හැම ප‍්‍රතිලාභියකුටම ඉඩමක් නමැති ප‍්‍රාග්ධන සම්පත, නිවස, ගමට විදුලිය, ජලය ලැබෙනවා, මාර්ග පද්ධතිය සකස් වනවා. තිරසර පරිසර සංවර්ධනය වනවා.ගෙවතු වගා වැඩපිළිවෙළ නිසා පවුලේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු වනවා. මත්ද්‍රව්‍ය නිවාරණයත්, වකුගඩු රෝග නිවාරණයත් වනවා. සියල්ල නිසා ගම්මානවල ජීවත්වන පුද්ගලයන්ට දෙපයින් නැඟී සිටීමට හැකි වටපිටාවක් නිර්මාණය වනවා.අප මෙසේ සවිබල ගන්වන්නේ මොන බලවතකුට හෝ කෙරුමකුට හෝ ඒ හිමිකම් නැවත ඔබෙන් උදුරා ගන්න නොහැකි වන ලෙසයි. භූමියකට, නිවසකට අයිතිය ඇති විට ඔබට ජන සමාජය පිළිගැනීම ඇති වනවා. එසේ තමන්ගේම යයි කිව හැකි නිවසක ජීවත් වීමේ මානව අයිතිය තහවුරු කර තිබෙනවා.ජනාධිපතිතුමාත්, අග‍්‍රාමාත්‍යතුමාත් ඉදිරි වසර තුන තුළ ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන මහා සංවර්ධන සැලැස්ම ප‍්‍රකාශයට පත් කළා. මහා සංවර්ධන පිම්මකට අදාළ සැලසුම් සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබෙනවා.ඉකුත් මහ මැතිවරණයෙන් පසුව නව උදා ගම්මාන 454ක වැඩ අප ආරම්භ කළා මේ වසර අවසාන වන විට ඒ සංඛ්‍යාව 500බවට පත් වනවා.එපමණක්ද නොව අද වන විට දිවයින පුරා පවුල් 222,000 කගේ නිවාස ගැටලූවලට විසඳුම් දෙමින් ඒ යටතේ නිවාස, නිවාස ණය, සිමෙන්ති ආධාර දී තිබෙනවා. ඉදිරි වසර 3 තුළදී තවත් උදා ගම්මාන 2,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කරනවා. මීළඟ ජන වරම සඳහා ජනතාව අතරට අප යන්නේ ඉන් පසුවයි.මේ උත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 950ක සහන පවුල් 700 කට ආසන්න ප‍්‍රමාණයක් අතර බෙදී යන වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වනවා.සියල්ල අනුව අපට පෙනී යන්නේ ඉදිරියේදී වීමට නියමිත දැවැන්ත සංවර්ධනයේ අරුණලූ ගමේ ගොවියාගේ, ධීවරයාගේ, කම්කරුවාගේ, මධ්‍යම පාන්තිකයාගේ, රාජ්‍ය සේවකයාගේ දරු පවුල්වලට ලැබෙන කාලය ඉතා ආසන්න බවයි.
දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි
1
‘‘රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළමින් සමහරුන් රජ පුටුවට යන්න සිහින මවනවා යැයි නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අනුරාධපුරයේදී පැවසීය.අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත, කුඩාවැව ඉදි වු ‘‘ශ්‍රී විභූතිගම’’ උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කළේය.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.‘‘යහපාලන රජය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආරම්භ කළ යළි පිබිදුනු උදා ගම්මාන’’ වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 37 වැනි උදා ගම්මානය අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාතේ, කුඩාවැව ඉදි වූ ‘ශ‍්‍රී විභූතිගම’ ආදර්ශ ගම්මානයයි.  මෙම ගම්මානය නිවාස 29 කින් සමන්විත මධ්‍යම පාන්තික රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියකි. මේ මොහොත වනවිට දිවයිනේ උදා ගම්මාන 441 ක් ඉදිවනවා.  මේවායේ වැඩ ආරම්භ කරනු ලැබුවේ පසුගිය මහ මැතිවරණයෙන් පසුවයි. මේ වසර අවසන් වීමට පෙර උදා ගම්මාන 500 ක් ඉදි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.තව වසර තුනකින් ආණ්ඩුවේ ආයූ කාලය අවසන් වී නැවත මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට මුහුණ දෙන්න අප කටයුතු කරන්නේ තවත් උදා ගම්මාන 2,000 ක් ඉදිකරමිනුයි. මේ ආණ්ඩුවෙන් වැඩක් වන්නේ නැහැ, ආණ්ඩුවේ ඉන්නේ වැඩ බැරි කණ්ඩායමක්යි අද සමහරුන් පවසනවා. එසේ පවසන මහතැන ප‍්‍රමුඛ ප‍්‍රබලයින්ට රටේ ඉදිවන උදා ගම්මාන 441 නැරඹීමට මා සමඟ පැමිණෙන්නැයි ආරාධනා කළා. බොරුවට කෑ ගහන පිරිසට කොන්දක් තිබෙනවා නම් යහපාලන රජයේ ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් වෙන දැවැන්ත නිවාස ව්‍යාපෘති නැරඹීමට එන්නැයි මා ඔවුන්ට නැවත අභියෝග කරනවා.මේ අභියෝගය කරන්නේ 150 වැනි වතාවටයි. නමුත් කිසිවකු අභියෝගය භාර ගන්නේ නැහැ. ඔවුන් අභියෝගය භාර නොගෙන පුවත්පත් රැස්වීම් හරහාත් රජය කිසිදු වැඩක් නොකරන බව කියනවා. ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ජනතාව වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් අද ඉටු කරනවා.කෑ කෝ ගහන පිරිස් කියා සිටින්නේ ඔවුන්ගේ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වුණා කියායි. ඒ කාලයේ දැවැන්ත වැඩ කොටසක් වූවා නම් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජීවත් වෙන පවුල් 281,000 න් පවුල් 168,000  කට නිවාස ගැටලූ_ පවතින්නේ කෙසේද? එහි අරුත නම් දිස්ත‍්‍රික්කයේ 59% කට නිවාස ගැටලූ_ පවතින බවයි.පසුගිය කාලයේ සංවර්ධනයක් වූවා කියා ඒ පිරිස පවසන්නේ කෙසේද? ජනතාවට සේවාවක් වනවා නම් වන්නේ අපේ රජයේ දැවැන්ත නිවාස සංවර්ධන හරහායි. අපගේ එකම ඉලක්කය 2025 දී සැමට සෙවණ දීමයි.මේ ගම්මානයේ සෑම පවුලකටම පර්චස් 15 ක ඉඩම් කොටසක් දෙනවා. මේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙනවා. ඒ සඳහා කිසිදු මුදලක් අය කර ගන්නේ නැහැ. අද නිවාස ඉදිකළ ඉඩම් කොටස අවම වශයෙන් රුපියල් 750,000 ක් පමණ වටිනවා. නිවාස සංවර්ධන අධිකාරියේ ගණනයට අනුව ඉදිවූ සෑම නිවසකම වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වනවා. මේ නිවසක වාණිජ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වනවා.යහපාලන රජයේ උදා ගම්මාන වැඩසටහනින් ජනතාව ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ නැද්ද? ලක්ෂපතියන් - කෝටිපතියන් බවට පත් වන්නේ පසුගිය කාලයේ මෙන් පාලකයින්ගේ පවුල් සංස්ථාවද? නැතිනම් ප‍්‍රදේශයේ ඉඩමක් නැති නිවසක් නැති අහිංසක අසරණ ජනතාවද? අප සෑම පවුලකමට දෙන්නේ ප‍්‍රාග්ධන ශක්තිය පමණයි. ප‍්‍රාග්ධන ශක්තිය මාසිකව දෙන සහන දීමනාවක් නොවෙයි. එය ඔබටම දෙන ඉඩම් හා නිවාස සම්පතයි.තමන්ට කියා ඉඩමක්, නිවසක් නැති කමින් ජන ජිවිතයේදී ඔබට දුකක් දැනෙන්න ඇති. ඉඩමක් නිවසක් නැති  අනු පවුල් වලට නිවාස තනා ගැනීමට උදව් කරනවා. ඒ නිවාස ගම්මාන වල ස්ථාපිත කර නව ගම්මාන ගොඩ නඟනවා.රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ සංකල්පය හා චින්තනයට අනුව ගම හදා රට හදන වැඩසටහන ඉදිරියටම ගෙන යනවා. යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ රටේ පුරවැසියන්ට දැවැන්ත ශක්තිය ලැබෙනවා.ඉඩමක් නැති පවුල්වලට අද රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ඉඩම් දෙනවා. නිවාස අධිකාරියෙන් සහන පොලී ණය මුදල දී ඒ ජනතාවට නිවාස ශක්තිය දෙනවා. දැන් පවතින්නේ නිවාස සංවර්ධන ක්ෂේත‍්‍රයේ ස්වර්ණමය යුගයයි. පසුගිය රජය කාලයේදී නිවාස ඉදිකිරීමේ වැඩසටහනට ලැබුණේ තුන් වැනි පංතියේ තැනයි. නිවාස අමාත්‍යාංශයට අවශ්‍ය ප‍්‍රතිපාදන දුන්නේ නැහැ. අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය රාජ්‍ය අරමුදල් හා පෞද්ගලික දානපති අරමුදල් වලින් නිවාස ඉදිකරනවා. මාගේ මාසික වැටුප් සහ දීමනා  ජනතාවට නිවාස තැනීම සඳහා සෙවණ අරමුදලේ තැන්පත් කරනවා. පසුගිය කාලයේදී එවැනි දේ වූයේ නැහැ. මා මේ දේ සංසන්ධනාත්මකව පෙන්වා දෙන්නේ අතීතය සහ වර්තාමානය කුමක්ද කියා ජනතාවට මතක් කර දීමටයි. අතීතය වර්තමානය ගැන සිතා අනාගතය ගැන සුබවාදීව සිතන්න.ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කිසි දිනක උදා ගම්මාන වැඩසටහනට සීමා බන්ධන පනවා නැහැ. රට වටේම උදා ගම්මාන ඉදිකරන ලෙසටයි, එතුමන්ලා මට උපදෙස් දුන්නේ. ඒ නියෝගයි අද මා මේ ක‍්‍රියාත්මක කරන්නේ. මේ වැඩසටහන සමඟ ග‍්‍රාමීය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එකතු වී තිබෙනවා.මේ හරහා ගමේ කම්කරුවාට, පෙදරේරුවාට, වඩු කාර්මිකයාට රැකියා ලැබෙනවා. රට පුරාම උදා ගම්මාන ඉදිවන විට අපට අසන්න ලැබෙන්නේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ යුග පෙරළිය ක‍්‍රියාත්මක වන බවයි. අද ඔවුන්ගේ වෘත්තීය දක්ෂතාවට වේතනය ගන්න හැකියාවක් ලැබී තිබෙනවා.රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා රජරට පුරවරයට ආදරය කළා. සංවර්ධන ව්‍යාපෘතිවලදී බෙදන්න පුළුවන් ලොකුම හැන්දෙන් රජරට පුරවරයට බෙදුවා. ඒ කාලයේදී මේ ප‍්‍රදේශයේ බල සම්පන්න, ශක්ති සම්පන්න නායකයන් රැසක් සිටියා.1977 පෙරළියක් සමඟ ඔබට ශක්තිය ලබා දෙන්න චන්ද්‍ර බණ්ඩාර, ඒ.එම්.එස්. අධිකාරී, මහින්දසෝම, යසපාල හේරත්, ඊ.එල්.බී හුරුල්ල, මැදවච්චියේ ආරියදාස, දයා වලගම්බාහු වැනි දැවැන්ත චරිත හිටියා. ඒ සියලූ දෙනා ගමෙන් බිහිවූ නායකයන් වූවා. ඔවුන් ආදර්ශවත් ලෙස රටේ සංවර්ධනයට ශක්තිය දුන්නා. ඒ කාලයේදී කුඩා දරුවකු ලෙස මා ඔවුන්ගේ දස්කම් විස්කම් ඇස් දෙකෙන් දුටුවා. මේ අවස්ථාවේදී ඒ අතීත නායකයින් වෙත මාගේ උපහාරය පුද කරනවා.ජානක පෙරේරා මැතිතුමා උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී අපගේ පක්ෂය, රට ජාතිය වෙනුවෙන් කැපවීම් කළා. පසුගිය දිනක එතුමා සිහිවීම පිණිස මගේ දිස්ත‍්‍රික්කයේ උදා ගම්මානයක වැඩ ආරම්භ කළා. ජානක පෙරේරා මැතිතුමා ඇතුළු රටේ විරෝධාර රණවිරුවන් කිසි දිනක අමතක කරන්නේ නැහැ.‘‘රණවිරුවා අනතුරේ, රණවිරුවාට සහන නැහැ’’ යැයි පිරිසක් කෑ කෝ ගහනවා. අද රණවිරුවා ගැන කතා කරන පිරිසට ඔවුන්ගේ පාලන කාලයේදී සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ 40,000 කගේ  රැකියා ස්ථිර කරන්නවත් බැරිවුණා. ඔවුන්ගේ රැකියා ස්ථිර කරනු ලැබුවේ යහපාලන රජයයි. රණවිරුවා සුරකිනවා කියා පවසන අයට සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රය. අමතක වුණා. සිවිල් ආරක්ෂක නිලධාරින් යුද සමයේදී කොටිකටේ ගම්මාන රැක ගත්තා. ඔවුන් කොටිකටේ ගම්මාන රැක ගෙන කමාන්ඩෝ භටයන්, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය රණ බිමට යැවීමට අවස්ථාව උදා කර දුන්නා.සමහර පාලකයන් අද රණවිරුවාගේ දුක කියමින් අරලියගහ මැදුර, ජනාධිපති මැදුර වෙත යෑමට සිහින මවනවා. ඔවුන් අද උත්සාහ කරන්නේ රණවිරුවාගේ කර පිටින් නැවත රජ පුටුවට යන්නයි. රණවිරුවන් ගැන කතා කිරීමට ඔවුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ නිලධාරින්ට පසුගිය කාලයේ ගෙව්වේ දවස් පඩියයි. හැම තැනින්ම වේතන හා පහසුකම් කපා හැරියා. මා සිවිල් ආරක්ෂක ක්ෂේත‍්‍රයේ අයිතීන් ගැන කතා කළා. ඔවුන්ට මසකට ලැබුණේ රුපියල් 18,000 ක, රුපියල් 20,000 ක පමණ මුදලයි. නමුත් අද ඔවුන්ගේ රැකියාව ස්ථිරයි. විශ‍්‍රාම වැටුප් වරප‍්‍රසාද අද ඔවුනට ලැබෙනවා.ආණ්ඩුවේ යහපාලන ක‍්‍රියාදාමය අඩපණ කිරීමට ඇතැම් කුහක පුද්ගලයන් ඉතා නින්දනීය ආකාරයෙන් හැසිරෙනවා. ඔවුන්ගේ පටු අරමුණු දැනටමත් ජනතාව අවබෝධ කරගෙන අවසානයි. ජනතාව කුපිත කරන්න ඔවුන් ගන්නා උත්සහාය අසාර්ථකයි. අර්ථවත් සේවාව ඉටු කරන වත්මන් රජයේ ක‍්‍රියාකාරකම් දෙස ජනතාව අවබෝධයෙන් යුතුව බලා සිටිනවා.
දුප්පත් පන්තියේ පවුල්වලට දැවැන්ත සංවර්ධනයක අරුණලු අත ළඟයි
0
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶ӯа¶ёа¶ұа·Ҡට а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Ҡа¶ұа·ҡа¶ұа¶ёа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·ңඩඅරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұ බа·Җ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа¶әа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ  а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·„а¶ёа·Ҡබа¶ҡරа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ  ඕа¶ұ а¶ӯа·җа¶ұට а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶әа·ҷа¶Ҝа·Җීමටа¶ӯа·Ҡ а¶…а·Җа·Ға·Ҡ‍а¶ә а¶Ҝа·җа¶ұа·”а¶ё а¶ӯа¶ёа¶ұа·Ҡ а·ға¶ӯа·” බа·Җа¶Ҝ   а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.а¶ҡа·ңළඹа¶Ҝа·“ а¶…а¶Ҝ (15) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶Ӣа¶ӯа·Ҡа·ға·Җа¶әа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·Ҡ  а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ  а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә. а¶‘а·„а·’а¶Ҝа·“ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а·ға¶ёа·Ҹа¶ў а·ға·Җිබа¶Ҫа¶ңа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·Ҡ а·ға·„ а¶ҙ‍а·Ҡ‍රа·Ҹථමිа¶ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ӯ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶ә а¶Ҝа¶әа·Ҹ а¶ңа¶ёа¶ңа·ҡ  а¶ёа·„а¶ӯа·Ҹ        ‘‘а¶…а¶ҙа·’ а¶…а¶Ҝ а¶…а¶Ҫа·”а¶ӯа·’а¶ұа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а·„а¶әа¶ҡට а·ға¶ёа·ҳа¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. а¶үа¶Ҝිරිа¶әа·ҡа¶Ҝа·“ а¶ӯа·Җа¶ӯа·Ҡ а¶Ҫа¶ҡа·Ҡа·Ӯ а¶ӯа·”а¶ұа·„а¶ёа·Ҹරа¶ҡට а·ға¶ёа·ҳа¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶Ҫබа·Ҹа¶Ҝීමට а¶ёа¶ё а¶ҙа·’а¶әа·Җර а¶ңа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а·ға¶ёа·ҳа¶Ҝа·Ҡа¶°а·’ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡට රа·җа¶ҡа·’а¶әа·Ҹа·Җ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұට а¶ҙුහුණුа·Җ а¶Ҫබа·Ҹа¶Ҝа·“а¶Ҫа·Ҹ а¶ұа·җа·„а·җ а¶…а¶ҙа·’ а¶’ а¶ҙුහුණුа·Җ а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ёа·’а¶ұа·Ҡ а¶әа¶ұа·Җа·Ҹ.а¶’ а·Җа¶ңа·ҡа¶ё а·ға¶ёа·ҳа¶Ҝа·Ҡа¶°а·’ а¶Ҫа·Ҹа¶·а·“а¶ұа·Ҡ а·ға¶іа·„а·Ҹ а·Җа·Ҡ‍а¶әа·Ҹа¶ҙа·ҳа¶ӯа·’ а¶ҙа¶ұа·ға·Ҡа¶Ҝа·„а·ға¶ҡа·Ҡ а¶…а¶ҙа·’ а·ға·җа¶Ҫа·ға·”а¶ёа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶ёа·Ҹа·ғ а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶ӯа·”а·… а·ға¶ёа·ҳа¶Ҝа·Ҡа¶°а·’ බа·җа¶Ӯа¶ҡа·” а¶ҙа¶Ҝа·Ҡа¶°а¶ӯа·’а¶ә а¶ҙරිа¶ңණа¶ҡ а¶ңа¶ӯ а¶ҡිරීමටа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а·ға·җа·…а·ға·”а¶ёа·Ҡ а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶ҡටа¶әа·”а¶ӯа·” а·ға¶іа·„а·Ҹ а¶…а¶ң‍а·Ҡ‍රа·Ҹа¶ёа·Ҹа¶ӯа¶ә රа¶ұа·’а¶Ҫа·Ҡ а·Җа·’а¶ҡ‍а·Ҡ‍රමа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶Ҷа·Ғිරа·Ҡа·Җа·Ҹа¶Ҝа¶ә а¶…а¶ҙට а¶Ҫа·җබа·ҷа¶ұа·Җа·Ҹ. а¶…а¶ҙа·’ а¶ҡරа¶ңа·ҷа¶ұ а¶әа¶ұ а·Җа·җඩа¶ҙа·’а·…а·’а·Җа¶Ҫට එа¶ӯа·”а¶ёа¶ұа·Ҡ а·Ға¶ҡа·Ҡа¶ӯа·’а¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·’а¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҡ а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡට  а¶ёа·ңа¶ұа·Җа·Ҹ а¶ңа·’а·„а·’а¶ұа·Ҡ а¶ҡа·’а·Җа·Ҡа·Җа¶ӯа·Ҡ බа·җа·„а·җ а¶ҡа·’а¶әа¶Ҫа·Ҹ а¶ӯа¶ёа¶әа·’ එа¶ҡа¶ҙа·Ҹරට  а¶ҡа·’а¶әа¶ұа·Ҡа¶ұа·ҡ. а¶…а¶ңа¶ёа·җа¶ӯа·’а¶ӯа·”а¶ёа·Ҹ මට а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶ә  а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа¶ұа¶ёа·Ҡ а¶…а¶Ҝ රටа·ҡ а¶ӯа·’а¶әа·ҷа¶ұ а¶ёа·ҡ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶ҙ‍а·Ҡ‍රа·Ға·Ҡа¶ұа¶ә а¶Үа¶ӯа·’ а·Җа·ҷа¶ұа·Ҡа¶ұа·ҡ а¶ұа·җа·„а·җ.а¶ёа·ҡ а¶Ҷරථිа¶ҡа¶ә а¶ёа¶ё а¶ңа·ңඩ අරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·Ҹ. а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а·„а¶ёа·Ҡබа¶ҡරа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ. а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ  ඕа¶ұ а¶ӯа·җа¶ұට а·Җа·’а¶әа¶Ҝа¶ёа·Ҡ а¶ҡරа¶ұа·Ҡа¶ұа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а¶Ҝа¶ұа·Ҡа¶ұа·Җа·Ҹ.මට а¶ҙ‍а·Ҡ‍රථමිа¶ҡ а¶ҡරа·Ҡа¶ёа·Ҹණа·Ҡа¶ӯ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҝа·ҷа¶Ҝа·Ҡа¶Ҝа·’ බа·қඩа·Ҡ а¶Ҫа·‘а¶Ҫа·Ҡа¶Ҫа¶ҡа·Ҡ а·Җа·’а¶ӯරа¶әа·’ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·ҡ. а¶үа¶ұа·Ҡа¶ұ а¶ӯа·җа¶ұа¶ҡа·Ҡ, а¶ҙුටුа·Җа¶ҡа·Ҡ, а¶ёа·ҡа·ға¶әа¶ҡа·Ҡ, а¶ұа·’а¶Ҫа¶°а·Ҹරීа¶ұа·Ҡ හිටිа¶әа·ҡ а¶ұа·җа·„а·җ. а¶’а¶ӯа·Ҡ а¶ёа·ҡ а¶ҡа·ҷටි а¶ҡа·Ҹа¶Ҫа¶ә а¶ӯа·”а¶Ҫ а¶…а¶ҙа·’ а¶ёа·ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·„а¶ә а¶ёа¶ңа·’а¶ұа·Ҡ රටටа¶ӯа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җටа¶ӯа·Ҡ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а·ға·ҡа·Җа¶әа¶ҡа·Ҡ а¶үටු а¶ҡරа¶Ҫа·Ҹ а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ’’ а¶әа·җа¶әа·’а¶Ҝ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Җරа¶әа·Ҹ එහිа¶Ҝа·“ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә. 
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·ңඩඅරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
1
(а¶ұа·’а¶ёа¶Ҫ а¶ҡа·ңඩිа¶ӯа·”а·Җа¶ҡа·Ҡа¶ҡа·”)а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍රа¶ә а¶Ҫබа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ а·Ға·Ҡ‍රа·ҡа·Ӯа·Ҡа¶Ёа·Ҹа¶°а·’а¶ҡරණ а¶ёа·–а¶Ҫа·’а¶ҡ а¶ёа·’а¶ұа·’а·ға·Ҡ а¶…а¶әа·’а¶ӯа·’а·Җа·Ҹа·ға·’а¶ҡа¶ёа·Ҡ а¶ұඩුа·Җа¶ҡа·Ҡ а¶ңа·ңа¶ұа·” а¶ҡරа¶ұ බа·Җ а¶ҙа·’а·Җа·’а¶ӯුරු а·„а·ҷа·… а¶Ӣරුමа¶әа·ҡ а¶ұа·Ҹа¶әа¶ҡ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී а¶ұа·“а¶ӯа·’а¶Ҙ а¶Ӣа¶Ҝа¶ә а¶ңа¶ёа·Ҡа¶ёа¶ұа·Ҡа¶ҙа·’а¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ а¶…а¶Ҝ(28) а¶ҡа·ңළඹа¶Ҝа·“  а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.а¶ӯа·ңරа¶ӯුරු а¶Ҝа·җа¶ұ а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯ а¶әටа¶ӯа·ҡ а¶үа¶ұа·Ҡа¶°а¶ұ а¶ёа·’а¶Ҫ а·ға·”а¶ӯ‍а·Ҡ‍රа¶ә а¶…а¶ұа·Ҹа·Җරණа¶ә а¶ҡරа¶ұ а¶ёа·ҷа¶ұа·Ҡ  а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶әට а¶…а¶·а·’а¶әа·Ҹචණа¶әа¶ҡа·Ҡ а¶ңа·ңа¶ұа·” а¶ҡිරීමа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·Җа·ҷа¶ӯ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа¶ёа·’а¶ұа·Ҡ  а¶’ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·җа·ға·“а¶ә.එහිа¶Ҝа·’ а·Җа·җඩිа¶Ҝුරටа¶ӯа·Ҡ а¶…а¶Ҝа·„а·ға·Ҡ а¶Ҝа·җа¶ҡа·Ҡа·Җа·– а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯ‍а·Ҡ‍රී а¶Ӣа¶Ҝа¶ә а¶ңа¶ёа·Ҡа¶ёа¶ұа·Ҡа¶ҙа·’а¶Ҫ а¶ёа·„а¶ӯа·Ҹ ‘‘а¶үа¶ұа·Ҡа¶°а¶ұ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶Ҫа·қа¶ҡ а·Җа·ҷа·…а¶іа¶ҙа·ңа¶Ҫа·ҡ а¶ёа·’а¶Ҫ а·Җа·җඩි а·Җа·“а¶ёа¶әа·’ а¶Ҫа¶Ӯа¶ҡа·Ҹа·Җа·ҡ а·ға·’а¶Ҫа·Ҡа¶Ҫර а·Җа·ҷа·…а¶Ҝ а¶ҙа·ңа¶Ҫа·ҡ а¶ёа·’а¶Ҫ а·Җа·җඩිа·Җа·“а¶ёа¶әа·’ а¶…а¶ӯර  а¶ҡа·’а·ға·’а¶ё а¶ӯа·Ҹරа·Ҡа¶ҡа·’а¶ҡ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа¶ҡа·Ҡ а¶…а¶ҙට а¶ұа¶ёа·Ҡ а·ға·ңа¶әа·Ҹ а¶ңа¶ұа·Ҡа¶ұට බа·җа·„а·җ. а¶ҙа·ҷට‍а·Ҡ‍රа¶Ҫа·Ҡ а·ға·„ а¶һа·“а·ға¶Ҫа·Ҡ а·Җа¶Ҫට а¶ёа·ҷа¶ӯරමа·Ҡ а¶Ҝа·җа·Җа·җа¶ұа·Ҡа¶ӯ а¶ёа·’а¶Ҫа¶ҡа·Ҡ а¶ңа·ҷа·Җа·’а¶ә а¶әа·”а¶ӯа·Ҡа¶ӯа·ҡ а¶Үа¶әа·’ а¶ҡа·’а¶әа¶ұ එа¶ҡ а¶Ҝа·җа¶ұ а¶ңа·җа¶ұа·“а¶ёа·ҡ а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙа·’ а¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·Ҡ‍а¶әа·Ҹа¶Ӯа·Ға¶әа·ҷа¶ұа·Ҡ а¶ёа·ҡ අරුම а¶ҙа·”а¶Ҝа·”а¶ё අභිරහа·ға·Ҡ а¶үа¶ұа·Ҡа¶°а¶ұ а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍රа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·ҷа¶ұ а¶Ҫа·ҷа·ғ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ёа¶ҡа·Ҡ а¶ҡа·…а·Ҹ. а¶‘а¶ё а¶үа¶Ҫа·Ҡа¶Ҫа·“а¶ё රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶Ҝа·ҷа¶ҙа·Ҹරа·Ҡа¶ӯа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶ӯа·ңරа¶ӯුරු а¶ұа·’а¶Ҫа¶°а·Ҹරිа¶әа·Ҹ а·Җа·ҷа¶ӯ а¶әа·ңа¶ёа·”а¶ҡර а¶ӯිබුණа·Ҹ. а¶ҙа¶ұа¶ӯа·ҡ 5(1) а¶Ү ( iv)а¶Ӣа¶ҙ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’а¶ә а¶әටа¶ӯа·ҡ а¶ёа·ҷа¶ё а¶ӯа·ңරа¶ӯුරු а¶Ҫබа·Ҹ а¶Ҝа·”а¶ұа·„а·ңа¶ӯа·Ҡ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әට බа¶Ҫа·Җа¶ӯа·Ҡ а¶…а¶ңа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ а¶ұа·’а·ға·Ҹ එа¶ә а¶Ҫබа·Ҹа¶Ҝа·’а¶ә а¶ұа·ңа·„а·җа¶ҡа·’ බа·Җ а¶ӯа·ңරа¶ӯුරු а¶ұа·’а¶Ҫа¶°а·Ҹරිа¶әа·Ҹ а¶…а¶ҙට а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ.එමа·ҷа¶ұа·Ҡа¶ё ඔහු රа·Ҹа¶ўа·Ҡ‍а¶ә а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’ а¶Ҝа·ҷа¶ҙа·Ҹරа·Ҡа¶ӯа¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶ўа¶ұරа·Ҹа¶Ҫа·Ҡ а·Җа·’а¶ёа¶Ҫа·ҡа¶ұа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа·Ҹ  а¶ёа·„а¶ӯа·Ҹ а·Җ а¶…а¶·а·’а¶әа·Ҹа¶ а¶ұа·Ҹ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а¶ұа¶ёа·Ҡ а¶ҡа·… а¶ұа·’а¶Ҫа¶°а·Ҹරිа¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а¶ҙа¶ӯа·Ҡ а¶ҡර а¶ӯа·’а¶әа·ҷа¶ұа·Җа·Ҹ. а¶’ а¶…а¶ұа·”а·Җ а¶…а¶ҙа·’ а·Җа·’а¶ёа¶Ҫа·ҡа¶ұа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹа·Җ а·„а¶ёа·” а·Җа·ҷа¶Ҫа·Ҹ එа¶ӯа·”а¶ёа¶ұа·Ҡට а¶ёа·ҡ а¶ңа·җа¶ұ а¶ҙа·җа·„а·җа¶Ҝа·’а¶Ҫа·’ а¶ҡа·…а·Ҹ.а¶ҙа¶ұа¶ӯа·ҡ а¶ёа·ҡ а¶Ӣа¶ҙුටа·Ҹ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶Үа¶ӯа·’ а·Җа¶ңа¶ұа·Ҡа¶ӯа·’а¶әа·ҷа¶ұа·Ҡ  а¶Ҷරа·Ҡථිа¶ҡ а·„а·қ а¶ёа·–а¶Ҫа·Ҡ‍а¶ә а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ҡа¶Ҫа·’а¶ұа·Ҡ а·„а·ҷа·…а·’ а¶ҡිරීම а¶Ҷරа·Ҡථිа¶ҡа¶әට බරа¶ҙа¶ӯа·… а¶…а¶ңа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а·Җа·’а¶ә а·„а·җа¶ҡа·’ а¶ұа¶ёа·Ҡ එа¶ә а·„а·ҷа·…а·’ а¶ұа·ңа¶ҡර а·ғිටීමට а¶Ҷණа·Ҡඩුа·Җට а¶Үа¶ӯа·’ а¶…а¶әа·’а¶ӯа·’а¶ә а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ. а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶…а¶ҙ а¶үа¶Ҫа·Ҡа¶Ҫа·Ҹ а·ғිටිа¶ұа·Ҡа¶ұа·ҡ а¶ҙ‍а·Ҡ‍රа¶ӯа·’а¶ҙа¶ӯа·Ҡа¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ұа·ңа·Җа·ҷа¶әа·’. а¶…а¶ұа·’а¶ҡа·Ҡ а¶ҙа·җа¶ӯа·Ҡа¶ӯа·ҷа¶ұа·Ҡ රටа·ҡ а¶ўа¶ұа¶ӯа·Ҹа·Җට а¶үа¶ұа·Ҡа¶°а¶ұ а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍රа¶ә а¶…а¶ұа·Ҹа·Җරණа¶ә а¶ҡිරීමа·ҷа¶ұа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶әට බරа¶ҙа¶ӯа·… а·„а·Ҹа¶ұа·’а¶әа¶ҡа·Ҡ а·ға·’а¶Ҝа·” а·Җа·ҷа¶ұа·Ҡа¶ұට а·„а·җа¶ҡа·’а¶әа·Ҹа·Җа¶ҡа·Ҡ а¶ұа·җа·„а·җ. а¶’ а¶ұа·’а·ға·Ҹ а¶…а¶ҙට а¶ёа·ҡ а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍රа¶ә а¶Ҝа·җа¶ұ а¶ңа·җа¶ұීමට а¶…а¶әа·’а¶ӯа·’а¶әа¶ҡа·Ҡ а¶ӯිබа·ҷа¶ұа·Җа·Ҹ.а¶ёа·’а¶Ҫ а·ға·–а¶ӯ‍а·Ҡ‍රа¶ә а·ға¶ҹа·Җа·Ҹа¶ңа·ҷа¶ұ а·ғිටීම а¶ұа·“а¶ӯа·’ а·Җිරа·қа¶°а·“ а¶ҡටа¶әа·”а¶ӯа·Ҡа¶ӯа¶ҡа·Ҡ  а¶¶а·Җа¶ӯа·Ҡ а¶…а¶ҙа·’ а·Җа·’а¶ёа¶Ҫа·ҡа¶ұа·Ҡа¶ӯа·’ රа·Ҹа¶ўа·Ҹ а¶ёа·„а¶ӯа·Ҹට а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·”а¶ұа·Ҡа¶ұа·Ҹ. (а¶Ўа·Ҹа¶әа·Ҹරූа¶ҙа¶ә- а¶ўа¶әа¶ёа·Ҹа¶Ҫа·Ҡ а¶ а¶ұа·Ҡа¶Ҝа·Ҡ‍රа·ғිරි)
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·ңඩඅරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
( හිරа·Ҹа¶ұа·Ҡ а¶ҙа·Ҡ‍රිа¶әа¶Ӯа¶ҡර а¶ўа¶әа·ға·’а¶Ӯа·„)а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а·Җа¶ұа·қа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිටිа¶әа¶Ҝа·’ а¶ұිරුа¶ҙа¶Ҝа·Ҡ‍රිа¶ӯа·Җ බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұිමට а·„а·җа¶ҡа·’а·Җа·” බа·Җ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ . а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.а·Җа·’а¶ұа·қа¶Ҝ а·ға¶Ӯа¶ а·Ҹරа¶әа¶ҡа·Ҡ а·ға¶Ҝа·„а·Ҹ රа¶ӯа·Ҡа¶ұа¶ҙුර а¶ҙа·җа¶Ҫа·Ҡමඩුа¶Ҫа·Ҡа¶Ҫ а·ғිට а·Җа·’а¶Ҫа·Ҡа¶ҙа¶ӯа·Ҡа¶ӯа·”а·Җ а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·Җа¶ұ а¶Ӣа¶Ҝа·Ҡ‍а¶әа·Ҹа¶ұа¶ә හරහа·Ҹ  а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶ҙරණ а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරම а¶ёа·җа¶Ҝа·’а¶ұа·Ҡ а·Җа·– а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ  а¶әа·Ҹа¶ҙа¶ұа¶ә а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටි а¶ҙිරිа·ға¶ҡа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡа·… බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶ӯිබа·ҡ.බа·ға·Ҡරිа¶ә මඩа·ҡ එරීම а¶ұа·’а·ға·Ҹ а¶үа¶Ҝිරිа¶әට а·„а·қ а¶ҙа·ға·”а¶ҙа·ғට а¶әа·Ҹа¶ңа¶ӯ а¶ұа·ңа·„а·җа¶ҡа·’а·Җ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිටි а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ а·„а·Ҹ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға¶ёа¶ң 68 а¶ҡට а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ  а¶ҙිරිа·ғ а¶Ҡа¶әа·ҡ (21) а·ға·Җа·ғ 4 а·ғිට а·Җа¶ұ а¶ёа·җа¶Ҝ а·ғිරа·Җа·“ а·ғිට а¶Үа¶ӯ.а¶ёа·ҷа¶ё а¶ҙිරිа·ғ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶әа¶ё а·ғිට а¶ёа¶ұа·Ҡа¶ұа·Ҹරමට а¶ңа¶ёа¶ұа·Ҡ а¶ңа¶ұа·Ҡа¶ұа·Ҹ а¶ёа·Ҹරа·Ҡа¶ңа¶әа·ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶…а·Җа·ға¶ұа·Ҡ а·ға·Ҡථа·Ҹа¶ұа¶ә а·Җа·” а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙරණ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·ғිට а·ға·җа¶ӯа¶ҙа·”а¶ёа·Ҡ 23 а¶ҡа·Ҡ а¶Ҝුරිа¶ұа·Ҡ а·Җа·” а¶ҙа¶Ҫа·”а¶ңа·„а¶ӯුරа·ҡ а¶Ҷа·ға¶ұа·Ҡа¶ұ а¶ҙа·Ҡ‍රа¶Ҝа·ҡа·Ға¶әа·ҡ а¶ёа·ҷа·ға·ҡ බа·ға·Ҡ රථа¶әа·ҷа¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡරමිа¶ұа·Ҡ а·ғිටිа¶әа¶Ҝа·’ а·„а¶Ҝа·’а·ға·’а¶әа·ҡ а¶Үа¶ӯа·’а·Җа·– а·Җරа·Ҡа·Ӯа·Ҹа·Җа¶ӯа·Ҡ а·ға¶ёа¶ң බа·ға·Ҡ රථа¶ә මඩа·ҡ එරි а¶…а·ғරණа·Җа·“ а¶ӯිබа·ҡ.а¶ҙа·ға·”а·Җ а¶ёа·”а¶Ҫа·Ҡа¶Ҫа·’а¶ҡа·”а¶Ҫа¶ё а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුරа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ а·Җа¶ұа·Ҹа¶ӯа·Җа·’а¶Ҫа·Ҡа¶Ҫа·”а·Җ а¶ҙа·Ҡ‍රа·Ҹа¶Ҝа·ҡа·Ға·“а¶ә а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ а¶ а¶ӯුරа¶ҡ а¶ўа¶әа·ға·’а¶Ӯа·„ а¶ёа·„а¶ӯа·Ҹ а¶Ҝа·җа¶ұа·”а·Җа¶ӯа·Ҡ а¶ҡර а¶Үа¶ӯа·’ а¶…а¶ӯර ඔහු а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶ҡළමණа·Ҹа¶ҡරණ එа¶ҡа¶ҡа¶әа·ҡ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯ а¶’.එමа·Ҡ.а¶Ҷරа·Ҡ.එමа·Ҡ.එа¶ұа·Ҡ.а¶ҡа·ҡ  а¶…а¶Ҫа·„а¶ҡа·ңа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹට а·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶ә а¶Ҝа·җа¶ұа·Ҡа·Җа·“а¶ёа·ҷа¶ұа·Ҡ а¶…а¶ұа¶ӯුරුа·Җ а¶ҙිරිа·ғ  බа·ҡරа·Ҹ а¶ңа·җа¶ұа·“а¶ё а¶Ҷරමа·Ҡа¶· а¶ҡර а¶ӯිබа·ҡ.а¶ҡඩිа¶ұа¶ёа·’а¶ұа·Ҡ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а·Җа·” а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ а¶…а¶°а·Ҡ‍а¶әа¶ҡа·Ҡа·Ӯа·Җරа¶әа·Ҹ а¶ҙа·”а¶ӯа·Ҡа¶ӯа¶Ҫа¶ё 143 а·Җа¶ұ බа¶Ҫ а·ға·ҡа¶ұа·Ҹа¶°а·’а¶ҙа¶ӯа·’ බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹට а¶ёа·ҡ а¶ҙිළිබඳа·Җ  а¶Ҝа·җа¶ұа·”а¶ёа·Ҡ а¶Ҝа·“   а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡа¶ңа·ҡ а·ға·„‍2а¶әа·ҷа¶ұа·Ҡ   а¶…а¶Ҫа·”а¶әа¶ё а·Җа¶ұ а·Җිට බа·ға·Ҡ රථа¶ә а·ға·„ එහි а·ғිටි а¶ёа¶ңа·’а¶ұа·Ҡ  а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ ටа·Ҡ‍රа·җа¶ҡа·Ҡටරа·Ҡ а¶әа·ңа¶Ҝа·Ҹ а¶ңа¶ұа·’а¶ёа·’а¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ё а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී.а¶ҡа·ҷа·ға·ҡ а·Җа·ҷа¶ӯа¶ӯа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а¶ўа¶Ҫ මටа·Ҡටම අඩි а¶Ҝа·ҷа¶ҡа¶ҡа·Ҡ а¶Ҝа¶ҡа·Ҡа·Җа·Ҹ а¶үа·„а·… а¶әа·Ҹа¶ё а¶ұа·’а·ға·Ҹ බа·ға·Ҡ රථа¶ә а¶’ а¶ёа¶ӯа·’а¶ұа·Ҡ а¶ңа¶ёа¶ұа·Ҡ а¶ҡිරීම а¶Ҝа·җඩි а¶…а·Җа¶Ҝа·Ҹа¶ұа¶ёа·Ҡ මටа·Ҡටමа¶ҡ а¶ҙа·җа·Җа¶ӯිණ. එබа·җа·Җа·’а¶ұа·Ҡ а¶ҡුඩа·Ҹ а¶Ҝරුа·Җа¶ұа·Ҡ а·ға·„ а·Җа·җඩිහිටිа¶әа¶ұа·Ҡ 68 а¶Ҝа·ҷа¶ұа·Ҹ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ңа¶ҹа·ҡ а·Җа·Ҹඩිа¶ә а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶ҡа¶Ҝа·Җුර а¶ҙිහිටි а·ға·Ҡථа·Ҹа¶ұа¶әට 22 а¶Ҝа·’а¶ұ а¶Ҝа·„а·Җа¶Ҫа·Ҡ а·Җа¶ұ а·Җිට රа·җа¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණී. а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а·Җа·’а·Ға·ҡа·Ӯ බළа¶қණа¶әа·ҡ а¶ұа·’а·…а¶°а·Ҹරිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ға·’а¶әа¶Ҫа·”а¶ё а¶ёа¶ңа·’а¶ұа·Ҡа¶ңа·ҡ බඩු බа·Ҹහිරа·Ҹа¶Ҝа·’а¶ә а¶Ҝа·җඩි а¶ҙරිа·Ға·Ҡ‍රමа¶әа¶ҡа·Ҡ а¶Ҝරමිа¶ұа·Ҡ බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිට а¶ңа·ҷа¶ұ එමට а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡර а¶ӯිබුණි.බа·Ҡ‍රිа¶ңа·ҡඩිа¶әරа·Ҡ а¶°а¶ёа·Ҡа¶ёа·’а¶ҡ а¶Ҝа·’а·ға·Ҹа¶ұа·Ҹа¶әа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹа¶ңа·ҡ а¶ёа·җа¶Ҝа·’а·„а¶ӯа·Ҡа·Җа·’а¶ёа·ҷа¶ұа·Ҡ එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹ а¶…а¶ұа·”а¶ҡණа·Ҡඩ а¶ҡа¶Ҝа·Җුර а·Җа·ҷа¶ӯ රа·җа¶ңа·ҷа¶ұ а·Җа·’а¶ӯа·Ҡ 22 а¶Ҝа·’а¶ұ а¶Ӣа¶Ҝа·ҡ а·ға·„ а¶Ҝа·’а·Җа·Ҹ а¶Ҷа·„а·Ҹර а¶Ҫබа·Ҹ а¶Ҝа·’ а¶…а¶Ҝа·Ҹа¶Ҫ а·ға·Ҡථа·Ҹа¶ұа¶әа·ҡ  а¶ӯа·Ҹа·Җа¶ҡа·Ҹа¶Ҫа·’а¶ҡа·Җ а¶ұа·Җа·Ҹа¶ӯа·җа¶ұа·Ҡ а¶ңа·җа¶ұිමට а·ға·җа¶Ҫа·җа·ға·Ҡа·Җа·–а·„.බа·ға·Ҡ රථа¶әа·ҡ а·ғිරа·Җа·’ а·ғිටි а¶ҙිරිа·ғ රුа¶ңа·ҷа¶ұ а¶ҙа·җа¶ёа·’а¶ұа·’ බа·ға·Ҡ රථа¶әа·ҡ රිа¶әа¶Ҝුරු а·Җа¶ұ а¶ҙа·“.එමа·Ҡ а¶°а¶ұа·”а¶ҡ а¶үа¶ёа·ҡа·Ӯа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ёа·ҷа·ға·ҡ а¶ҙа·җа·Җа·ға·“а¶ә.“ а¶…а¶ҙа·’ 21 (а·ға·’а¶ҡුරа·Ҹа¶Ҝа·Ҹ) а¶Ҝа·’а¶ұ а·ға·Җа·ғ 4 ට а·Җа·’а¶ӯර එළුа·Җа¶ұа·Ҡа¶ҡа·”а¶Ҫа¶ё а¶ҙа·’а·Җа·’а·ға·”а¶ёа·ҡа¶ұа·Ҡ а¶Үа¶ӯа·”а·…а·”а·Җа·”а¶ұа·Ҹ.  а¶ёа¶ё එа¶Ҝа·Ҡа¶Ҝа·’ а¶ҙа·Ҹර а·„а·ңඳට а¶ӯිබුණа·Ҹ. а¶әа¶ұа·Ҡа¶ұ а¶ңа·җටළුа·Җа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ёа¶ңа¶Ҝа·’ а·Җа·җа·ға·Ҡа·ғ а¶ҙටа¶ұа·Ҡ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹа¶ё а¶ҙа·Ҹර а¶Ҝа·’а¶ңටම මඩ.а¶үа·ға·Ҡа·ғරහට а¶әа¶ұа·Ҡа¶ұ а·„а·җа¶Ҝа·”а·Җа¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ එරа·ҷа¶ұа·Ҡа¶ұ а¶ңа¶ӯа·Ҡа¶ӯа·Ҹ а¶ҡරа¶ұа·Ҡа¶ұ а¶Ҝа·ҷа¶әа¶ҡа·Ҡ а¶ӯිබුа¶ұа·ҡ а¶ұа·җа·„а·җ а¶…а¶ҙа·’ а¶…а·ғරණ а·Җа·”а¶ұа·Ҹ .බа·ға·Ҡ එа¶ҡа·ҡ а·ға·’а¶әа¶Ҫа·” а¶Ҝа·ҷа¶ұа·Ҹа¶ё රෑ а¶ҙුරа·Ҹа¶ё а¶ёа·„ а¶ҡа·җа¶Ҫа·җа·Җа·ҡ බа¶әа·ҡ හිටිа¶әа·ҡ . а¶ұа¶ёа·”а¶ӯа·Ҡ а¶ұа·Ҹа·Җа·’а¶ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җ а¶Ҷа·Җа·Ҹ а¶…а¶ҙа·ҡ а¶Ҷරа¶ҡа·Ӯа·Ҹа·Җට. а¶ҙа·ға·Ҡа·ға·ҡ а¶Ҷа¶ҙа¶Ҝа·Ҹ එа¶ҡа·ҷа¶ұа·Ҡ а·„а·Ҹ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҷа¶ұа·Ҡ а¶Үа·Җа·’а¶ӯа·Ҡ а¶…а¶ҙа·Җ අරа¶ұа·Ҡ а¶ңа·’а¶әа·Ҹ. ..а¶’а¶ӯа·Ҡ බа·ға·Ҡ එа¶ҡ а¶ңа¶ұа·Ҡа¶ұ බа·җа·„а·җ අර а·ға¶ҙа¶ӯа·Ҡа¶ӯа·” а¶ҙа·Ҹа¶Ҫа¶ёа·ҡ а·Җа¶ӯුර а·Җа·җඩි а¶ұа·’а·ға·Ҹ“         
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·ңඩඅරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
(ඩа¶әа¶ұа·Ҹ а¶Ӣа¶Ҝа¶әа¶Ӯа¶ңа¶ұа·“)එа¶Ҫа·Ҡ.ටී.ටී.а¶Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а·ға¶ұа·Ҡа¶ұа¶Ҝа·Ҡа¶° а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а¶…а¶Ҫа·’а¶ёа¶Ӯа¶ҡඩа¶Ҝа·’ а·„а·Ҹ а¶ҡа·’а¶Ҫа·’а¶ұа·ңа¶ а·Ҡа¶ а·’а¶әа·ҷа¶Ҝа·’ а¶әа·”а¶Ҝ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ а¶Ҝа·ҷа¶ӯа·”а¶ұа·Ҡ а¶Ҝа·Ҹа·„а¶ҡа·Ҡ මරа·Ҹ а¶Ҝа·җа¶ёа·– බа·Җ а¶ҡරුණа·Ҹ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡ а¶ұа·ңа·„а·ңа¶ӯа·Ҡ а·Җа·’а¶ұа¶әа·Ҹа¶ңමූරа·Ҡа¶ӯа·’ මුරа¶Ҫа·’а¶Ҝරа¶ұа·Ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·Ҡ‍රа·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әа·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶ұа·’а·ға·Ҹ  а¶”හුට එරа·ҷа·„а·’а·Җ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҙа¶ұа¶ӯ а·„а·Ҹ а¶ӯа·Ҡ‍රа·ға·Ҡа¶ӯа·Җа·Ҹа¶Ҝа¶ә а·Җа·җа·…а·җа¶ҡа·Ҡа·Җа·“а¶ёа·ҡ а¶ҙа¶ұа¶ӯ а¶әටа¶ӯа·ҡ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа¶әа·җа¶әа·’. а¶ўа·Ҹа¶ӯа·’а¶ҡ а·„а·ҷа·… а¶Ӣරුමа¶әа·ҡ а¶ёа·„а¶Ҫа·ҡа¶ҡа¶ёа·Ҡ, හිටа¶ҙа·” а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රී а¶ҙа·Ҹа¶Ёа¶Ҫа·“ а¶ а¶ёа·Ҡа¶ҙа·’а¶ҡ රණа·Җа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҙа·җа·Җа·ға·“а¶ә.එළඹа·ҷа¶ұ а¶ёа·„ а¶ёа·җа¶ӯа·’а·Җරණа¶ә а¶ўа¶әа¶ңа·җа¶ұа·“а¶ё а·ға¶іа·„а·Ҹ රණа·Җිරුа·Җа¶ұа·Ҡ а¶үа¶Ҝිරිа¶әට а¶Ҝа¶ёа¶ёа·’а¶ұа·Ҡ а¶ҡටа¶әа·”а¶ӯа·” а¶ҡරа¶ұ а·Җа¶ӯа·Ҡа¶ёа¶ұа·Ҡ а¶Ҷණа·Ҡඩුа·Җ, а·Ға·Ҡ‍රී а¶Ҫа¶Ӯа¶ҡа·Ҹ а¶әа·”а¶° а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ а¶Ҝа·„а·ға·Ҡ а¶ңණа¶ұа¶ҡа·Ҡ а¶ёа·җරූ බа·Җ а¶ҙа·Ҡ‍රа·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әа·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡරа¶ұ а¶ҡරුණа·Ҹ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡ а·„а·ҷа·Җа¶ӯа·Ҡ а·Җа·’а¶ұа¶әа·Ҹа¶ңමූරа·Ҡа¶ӯа·’ මුරа¶Ҫа·’а¶Ҝරа¶ұа·Ҡ а¶ұа·җа¶ңа·ҷа¶ұහිර а¶ҙа·…а·Ҹа¶ӯа·ҡ а¶Ҝа·ҷа¶ёа·… а¶ўа¶ұа¶ӯа·Ҹа·Җа¶ңа·ҡ а¶ҡа·ңටි а·Җීරа¶әа·Ҹ а¶Ҫа·ҷа·ғ а¶ҙа·Ҹරа·Ҡа¶Ҫа·’а¶ёа·ҡа¶ұа·Ҡа¶ӯа·”а·Җට а¶ңа·ҷа¶ұ а¶’а¶ёа·ҡ а¶Ҝа·ҡа·Ға¶Ҝа·Ҡ‍රа·қа·„а·“ а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа·Җа¶Ҫа·’а¶әа¶ҡ а¶ұිරа¶ӯ а·Җа·“ а·ғිටිа¶ұ බа·Җ а¶Ҝ а¶ҙа·Ҹа¶Ёа¶Ҫа·“ а¶ а¶ёа·Ҡа¶ҙа·’а¶ҡ රණа·Җа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а·ға¶іа·„а¶ұа·Ҡ а¶ҡа·…а·ҡа¶ә.හිටа¶ҙа·” а¶ёа¶ұа·Ҡа¶ӯа·Ҡ‍රීа·Җරа¶әа·Ҹ а¶ёа·ҡ බа·Җ а¶ҙа·җа·Җа·ға·”а·Җа·ҡ а·ға¶ёа¶ңа·’ а¶ўа¶ұ බа¶Ҫа·Җа·ҡа¶ңа¶ә а¶ҙа·Ҡ‍රධа·Ҹа¶ұ а¶ҡа·Ҹරа·Ҡа¶әа·Ҹа¶Ҫа¶әа·ҡ а¶Ҝа·“ а¶…а¶Ҝ  (21) а¶ҙа·җа·Җа¶ӯа·’ а¶ёа·Ҹа¶°а·Ҡ‍а¶ә а·„а¶ёа·”а·Җа¶ҡට එа¶ҡа·Ҡа·Җа·ҷа¶ёа·’а¶ұа·’.а¶ҡරුණа·Ҹ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡ а¶ұа·ңа·„а·ңа¶ӯа·Ҡ а·Җа·’а¶ұа¶әа·Ҹа¶ңමූරа·Ҡа¶ӯа·’ මුරа¶Ҫа·’а¶Ҝරа¶ұа·Ҡ එа¶Ҫа·Ҡ.ටී.ටී.а¶Ҡ а·ға¶Ӯа·Җа·’а¶°а·Ҹа¶ұа¶әа·ҡ а·ға¶ұа·Ҡа¶ұа¶Ҝа·Ҡа¶° а¶ұа·Ҹа¶әа¶ҡа¶әа·ҷа¶ҡа·Ҡ а¶Ҫа·ҷа·ғ а·Җа·’а·Ға·Ҹа¶Ҫ а¶…а¶ҙරа·Ҹа¶° а¶ҡа·… а¶…а¶әа·ҷа¶ҡа·Ҡ а·Җа·”а·Җа¶ӯа·Ҡ а¶ҡа·’а·ға·’а¶ё а¶…а·Җа·ға·Ҡථа·Ҹа·Җа¶ҡ ඔහු එа¶ә а¶ҙа·’а·…а·’а¶ңа·ҷа¶ұ а¶ӯිබුණа·ҡ а·„а·қ а¶’ а·ға¶ёа·Ҡබа¶ұа·Ҡа¶°а¶әа·ҷа¶ұа·Ҡ а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’ а¶ӯිබුණа·ҡа¶ӯа·Ҡ, а¶ҙරීа¶ҡа·Ҡа·Ӯණа¶әа¶ҡа·Ҡ а¶ҡа·ҷරුණа·ҡа¶ӯа·Ҡ а¶ұа·җа¶ӯа·җа¶әа·’ а¶ҙа·Ҹа¶Ёа¶Ҫа·“ а¶ а¶ёа·Ҡа¶ҙа·’а¶ҡ රණа·Җа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә.а¶Ҝа·җа¶ұа·Ҡ а¶ҡරුණа·Ҹ а¶…а¶ёа·Ҡа¶ёа·Ҹа¶ұа·Ҡа¶ё а¶ӯа¶ёа¶ұа·Ҡ а·„а¶ёа·”а¶Ҝа·Ҹа·Җа·ҡ 2000 а¶ҡа·Ҡ 3000а¶ҡа·Ҡ а¶ҙමණ මරа·Ҹ а¶Ҝа·җа¶ёа·– බа·Җ а¶ҙа·Ҡ‍රа·ға·’а¶Ҝа·Ҡа¶°а·’а¶әа·ҡ а¶ҙа·Ҡ‍රа¶ҡа·Ҹа·Ғ а¶ҡර а¶Үа¶ӯа·’ а¶ұа·’а·ға·Ҹ а¶ҡа·’а¶әа·Ҹ а¶Үа¶ӯа·’ а¶ұа·’а·ға·Ҹ එа¶ә එа¶ҡа·Ҡа¶ӯරа·Ҹ а¶Ҷа¶ҡа·Ҹරа¶әа¶ҡට а·ға·Ҹа¶ҡа·Ҡа·Ӯа·’а¶әа¶ҡа·Ҡ බа·Җ а¶Ҝ а·„а·ҷа¶ӯа·ҷа¶ё а¶ҙа·җа·Җа·ға·“а¶ә.а¶’ а¶ұа·’а·ға·Ҹ රජа¶ә а·Җа·„а·Ҹа¶ё а·Җа·’а¶ұа¶әа·Ҹа¶ңමූරа·Ҡа¶ӯа·’ මුරа¶Ҫа·’а¶Ҝරа¶ұа·Ҡට එරа·ҷа·„а·’а·Җ а¶ұа·“а¶ӯа·’а¶ә а¶ҡа·Ҡ‍රිа¶әа·Ҹа¶ӯа·Ҡа¶ёа¶ҡ а¶ҡа·… а¶әа·”а¶ӯа·”а¶әа·җа¶әа·’ а¶ҙа·Ҹа¶Ёа¶Ҫа·“ а¶ а¶ёа·Ҡа¶ҙа·’а¶ҡ රණа·Җа¶ҡ а¶ёа·„а¶ӯа·Ҹ а¶ҡа·“а·Җа·ҡа¶ә. 
вҖҳвҖҳа¶ёа·”а¶Ҝа¶Ҫа·Ҡ а¶…а¶ёа·Ҹа¶ӯа·ҠвҖҚа¶әа·Ҹа¶Ӯа·Ға¶ә а¶Ҫබа·Ҹ а¶Ҝа·ҷа¶ұа·Җа¶ұа¶ёа·Ҡ රටа·ҡ а¶Ҷරа·Ҡථිа¶ҡа¶ә а¶ңа·ңඩඅරа¶ңа·ҷа¶ұ а¶ҙа·ҷа¶ұа·Ҡа·Җа¶ұа·Җа·ҸвҖҳвҖҳ
0
(***අංජුල මහික වීරරත්න)කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (1) ප්‍රකාශ කළේය.කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛ අවධානය ලබාදිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති එ.ජා.ප. සන්නිවේදන බලකායේ විශේෂ හමුවකට එක්වෙමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.අද මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නයක් වන්නේ දේශපාලනයේ සිටින දේශපාලනඥයින් ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැතිවීමයි. දේශපාලනයේ නියැළී සිටින එක්කෙනෙක්වත් විශ්වාස කරන්න පුළුවන්ද කියා ජනතාව ප්‍රශ්න කරනවා. ජනතාව මුහුණ පා සිටින ආර්ථික ප්‍රශ්න, ඔවුන්ගේ අනාගතය, සෞඛ්‍ය වැනි ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නේ කා තුළද කියා ජනතාව විමසා සිටිනවා. ජනතාවට මුහුණපෑමට සිදුව තිබෙන මේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි.වර්තමානයේ අපට මුහුණපෑමට සිදුව තිබෙන විශාලම ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයයි. මේ සියල්ල ඇතිවුණේ කොරෝනා වයිසය නිසයි. කොරෝනා වයිරසය නොතිබුණා නම් මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපට මෙන්ම ලෝකයේ අනිකුත් රටවලට ද කොරෝනා වයිරසය අද පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය රටවල්වලට පමණක් නොව සෑම පුද්ගලයෙකුටමත් බලපානවා.අප හැම කෙනෙක්ගෙම යුතුකම හා වගකීම වී තිබෙන්නේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල මෙරට පැතිරීම වළක්වාගැනීමයි. කොරෝනා දෙවැනි රැල්ල පැතිරුණහොත් රටේ ආර්ථිකයට මෙන්ම සමාජ වැඩකටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවෙනවා. නැවත රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.අද එංගලන්තයේ ආර්ථිකයට මෙය දැඩි ලෙස බලපා තිබෙනවා. එංගලන්තයට ගොඩඑන්න බැරිනම් අපි කොහොමද ගොඩඑන්නේ. අපේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීමයි. එය කොහොමද කරන්නේ ? පළමු වටයේදී කොරෝනා පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා එය මැඩපැවැත්වීම සඳහා නියෝග ලබාදෙමින් පියවර රැසක් ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපත් මේ සඳහා විවිධ ක්‍රමවේදයන් යෝජනා කළා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක වුණා.මේ වැඩපිළිවෙළේ දී අප යෝජනා කළ ක්‍රමවේදයන්ද අනුගමනය කළ නිසා අපි ඊට විරුද්ධ වුණේ නැහැ. අපිත් ජනතාවට ප්‍රකාශ කර සිටියේ රජය ලබාදෙන නියෝග අනුව ක්‍රියා කරන ලෙසයි. අප ගත් ඒ පියවර නිසා මේ රටේ ජනතාවට ඉන් විශාල සෙතක් සැලසුණා. අප ඒ කටයුතු එලෙස සිදු කරන විට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මම ආණ්ඩුව සමග ඩීල් දැම්මා කියායි. මේ අයගෙන් මා විමසා සිටින්නේ තමුන්ට විකල්ප විසඳුමක් තිබුණා නම් ඉදිරිපත් නොකළේ මන්ද කියායි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් අප පෙනී සිටියේ ඉතා සද්භාවයෙන් බව සිහිපත් කළ යුතුයි. ඔබේ සෞඛ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳව අපේ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ඩීල් දැමීමක් නොවේ. මා ඒ ඩීල් එක දැම්මේ මේ රටේ ජනතාව සමගයි.නමුත් දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්න තිබෙනවා. පළමු පියවර අපට අනුමත කළ හැකියි. නමුත් පළමු වටයේ අඩු වෙනකොට තහනම ඉවත් කරන්න තිබුණා. ඒ අනුව කොරෝනා පාලනය කිරීම සඳහා අලු‍ත් පනතක් ගෙන ඒමට අවස්ථාව තිබුණා. එහෙත් එය හදිසියේ කළ නොහැකියි. මේ සම්බන්ධව අප මේ ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළා. පරීක්ෂණ වැඩි කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. අප මේ සහයෝගය ලබාදුන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ ඉල්ලීම් කළේ ජනතාව වෙනුවෙන්. හදිසි සෞඛ්‍ය අවස්ථාවක දී ජනතාව ගත යුතු පියවර නමින් කොරෝනා පාලනය කිරීම සඳහා කෙටුම්පතක් අප සකස් කර තිබෙනවා. මේ එකක්වත් නිත්‍යානුකූල නැහැ. නමුත් ආණ්ඩුව මේ යෝජනා සම්මත කරගන්න අපෙන් ඉල්ලු‍වේ නැහැ.කොරෝනා දෙවැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙනවා. එය ඇමෙරිකාවේ තිබෙනවා. චීනය කිව්වා වූහාන්වලින් පස්සේ කොරොනා නැහැ කියලා. නමුත් දැන් බීජිංවලටත් එය ව්‍යාප්ත වී තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපට කොරොනා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ වනවිට එරට කොරෝනාවලින් මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.ඉන්දියාවට ද පළමු වටයේ පාලනය කර ගැනීමට හැකිවුණා. දැන් දිල්ලි අගනුවර, චෙන්නායි, මුම්බායි යන ප්‍රදේශවලද ඉතා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල නැවත කොරෝනා දෙවැනි රැල්ල මතුව තිබෙනවා. එංගලන්තයේ ලෙස්ටර් නගරය වසා දැමීමට සිදුව තිබෙනවා. මේ වෛරසය කුමක්ද කියා අප දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට තිබෙන්නේ කොරෝනා දෙවැනි රැල්ල නැවත මතුවන බවයි.මේ අවදානම නිසා පරීක්ෂණ තවත් වැඩිකළ යුතුයි. මේ සඳහා මුදල් නැහැ කියමින් කල් මරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පසු මා එදා මෙරටට ඩොලර් මිලියන 230 ක් ලැබුණු බව ප්‍රකාශ කළා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ක් ලැබුණු බවයි. සැබවින්ම මුදල් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොවේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මුදල් කපා හැරීමෙන් පසු ඒ මුදල් ලෝක බැංකුවෙන් හා යුරෝපා සංගමයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් ලැබුණු බව කිව යුතුයි. ඒ අනුව ඒ මුදල් අපට ද ලැබුණා. මේ පිළිබඳව නිවැරදි ලැයිස්තුව මා ඉදිරිපත් කළා. ඒ අනුව දැනට අප සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200 ක්. එය වැරදි නම් නිවැරදි ගණන කොපමණද කියා වහා ප්‍රකාශ කළ යුතුයි. එය ඩොලර් මිලියන 200 ක්ද 250 ක්ද එහෙමත් නැතිනම් වෙනත් ගණනක්ද කියා හෙළි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.එපමණක් නොවේ ඊට පසු විවිධ භාණ්ඩ ලබාගැනීමට මුදල් ලැබුණා. ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද? මේ භාණ්ඩ මිලදී නොගත්තේ ඇයි? පරීක්ෂණ සිදුනොකරන්නේ ඇයි? සෞඛ්‍ය සේවාවල නියැළී ඉන්න අයට ඒවගේම ආරක්ෂක අංශයේ අයට ආරක්ෂාව සඳහා උවමනා ඇඳුම් කට්ටල නොදුන්නේ ඇයි?නාවික හමුදාවේ භටයින්ට කොරෝනා වෛරසය ඇතුළු වුණා. දැන් ප්‍රකාශ කරන්නේ මේ රටට කොරෝනා ඇතිවුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් කියායි. මේ හමුදාවේ අයට කොරෝනා තිබුණත් ඒ වෙනුවෙන් ඔවුන්ට අප දොස් කියන්න යන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන ආරක්ෂාව නිසි ලෙස ලබාදුන්නේ නම් එවැනි තත්ත්වයකට ඔවුන් පත් වන්නේ නැහැ.කොරෝනා දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා දැන්වත් අප සූදානම් විය යුතුයි. නමුත් අවාසනාවකට මෙන් ඒ දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා අදාළ පියවර ගැනීමට මේ ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබෙනවා. මේ නිසා මෙයට මුහුණදීමට වැඩපිළිවෙළක් සැලැස්මක් නැති මේ ආණ්ඩුව වහා ඉවත් කොට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අගෝස්තු මාසයේ අප පිහිටුවා ගත යුතුයි.රටේ  උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා. එදා ත්‍රී විල් රථයකින් තම ගමන් පහසුව සලසා ගත් අය අද අතේ මුදල් නැති නිසා ත්‍රී විල් රථයකට ගොඩවන්නේ නැහැ. මේ නිසා ත්‍රී විල් රථ රියදුරන්ගේ ආදායම කඩා වැටී තිබෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳසැල් හිමියන්ට ඒවා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එමෙන්ම රටේ අනෙකුත් ව්‍යාපාර කඩාවැටීමකට ලක්ව තිබෙනවා. මේ තත්ත්වයෙන් අප ගොඩ ආ යුතුයි. ලැබුණු මුදල්වලට සිදුවූයේ කුමක්ද කියා මා නැවතත් ප්‍රශ්න කර සිටිනවා. 
කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි
1
(අංජුල මහික වීරරත්න සහ හැටන් සුදත් එච්.එම්. හේවා)රටේ කොපමණ උසස් අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබේදැයි කිවහොත් මැති ඇමැතිවරුන් ගෙන්වා නීතිපතිට ප්‍රශ්න ඇසීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී ඊයේ (06) පැවැසීය.නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ගෝලයකු බවට පත්ව සිටි යුගය අවසන් කර ඇති බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සිදුවීමට නියමිත පසුගිය වංචා දූෂණ පරීක්ෂණ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය පතන බවද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයේ 40 වන සංවත්සරය වෙනුවෙන් හැටන් මඩකළපුව බස් සේවයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව මා බොහෝ සතුටට පත්වෙනවා. එය ඉතා වැදගත් පියවරක් බව කිව යුතුයි. දැන් මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ප්‍රදේශයේ සිසුන්ට ගමන් පහසුව සලසා ගත හැකියි. මේ පියවර නිසා ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මට ආශිර්වාද කරමින් මට පන්සලේත්, මුස්ලිම් පල්ලියේත්, හින්දු කෝවිලේත් පැවැත්වූ ආගමික උත්සව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.ඔබ සියලුම දෙනා මෙහි පැමිණ නිදහසේ සිටීම මට ප්‍රීතියක් බව කිව යුතුයි. ඔබ සියලු දෙනාටම නිදහසේ හැසිරෙන්නට අවස්ථාව අද උදාවී තිබෙනවා. අප සියලු දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කළේ මේ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. මීට පෙර මෙවන් යුගයක් තිබුණේ නැහැ. මෙරට නිදහස ස්වල්ප දෙනෙකුට පමණක් සීමා වුණා. ඒ යුගය ගැන මා අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. දැන් බියක් සැකක් නොමැතිව ජනතාවට ජිවත්වීමට තිබෙනවා. නිදහසේ ජීවත්වෙන්න පුළුවන්.ජාතිවාදය, ආගම්වාදය නැහැ. අපේ ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. අද වනවිට මෙරට සම්පූර්ණ නිදහස තහවුරු කර තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභා තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා බලය ලබාදී තිබෙනවා. ඕනෑම නිලධාරියකු කැඳවා ඕනෑම සාක්කියක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.ඔබේ ප්‍රශ්න ඇමැතිවරයකු විසඳන්නේ නැතිනම් පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ හැකියි. එමෙන්ම අපි තොරතුරු ලබාගැනීමේ නිදහස තහවුරු කර තිබෙනවා. මෙවැනි නිදහස් සමාජයක් මීට පෙර තිබුණාද?සිරස ආයතනය මට හැමදාම බනිනවා. නමුත් මා කිසිදිනක ගොස් සිරස ආයතනය ගිනි තබා නැහැ. දවසේ පැය 24 තවත් පැයකින් වැඩි කරන්නට හැකි දැයි ඔවුන් මගෙන් ලිපියක් ලියා විමසුවා. ඒ පැයත් මට බැණවැදීම සඳහායි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අසා නිර්දේශයක් ගෙන ඔවුන්ට පිළිතුරුදීමට මා බලාපොරොත්තු වෙනවා. අද ඒ ආකාරයේ නිදහසක් තිබෙනවා.එපමණක් නොව අප දැන් දූෂණ පිළිබඳව හොයාගෙන යනවා. කිසිවකුටත් දූෂණ සිදුකිරීමට ඉඩදීමට හැකියාවක් නැහැ. පසුගිය රජයේ දූෂණ ගණනාවක් අප දැන් සොයාගෙන තිබෙනවා. පොලිසිය විසින් ඇතැම් දූෂණවලට නඩු පවරා තිබෙනවා. අනෙක් දූෂණ පිළිබඳව පරීක්ෂා කරමින් සිටිනවා. ඇතැම් දූෂණ ක්‍රියා සම්බන්ධව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර තිබෙනවා. චෝදනා තිබේ නම් සොයා බැලිය යුතුයි. මහා බැංකුවේ බැඳුම්කරයක් පිළිබඳව චෝදනාවක් තිබුණා. ඒ පිළිබඳව සෙවීමට අපගේ නීතිඥ මහත්වරුන් යටතේ මා පළමුවෙන්ම අභ්‍යන්තර කමිටුවක් පත් කළා. ඉන්පසුව ඒ පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවට භාරදුන්නා. අප මැතිවරණය ජයග්‍රහණය කළත්, පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. එම කාරක සභාවත් සියලු දෙනාට විවෘත කළා. ඉන්පසුව බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නට තීරණය කළා. ඊට කිසිවකුත් විරුද්ධ වුණේ නැහැ.අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවාද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණාද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව ඇසූ නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළා. නැතිනම් සුදුවෑන්වලින් ඉස්සුවා. දැන් ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මා එකක් කියන්නම්. මේ ආණ්ඩුව හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා. ප්‍රසිද්ධියේ විනිවිද භාවයෙන් පරීක්ෂණ කරන්න ඉඩදෙන්න. එපමණයි.අපි දැන් ඇමෙරිකාව වගේ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාට පරීක්ෂණ කීයක් තිබෙනවාද? මාධ්‍යයෙන් කොංග්‍රස් සභාවෙන්, විවිධ අංශවලින් පරීක්ෂණ කරනවා. සමහර වාර්තා පැමිණි පසු ඔවුන් වැරදි කර තිබේ නම් ඉවත් කරනවා. විශේෂිත කරුණකදී පරීක්ෂණ සිදු කෙරෙද්දීම ඉල්ලා අස්වෙනවා. ඇමෙරිකාවේ වගේම එංගලන්තයෙත් එසේමයි. දැන් ලංකාවේ සිදුවන්නේ එයයි. මෙය අලුත් දෙයක් නොවේ.යම් යම් දේ සිදුවුණා යැයි කියන්න ලංකාවේ මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් නෑ. ඒ ඇයි? පසුගිය රජයේ දූෂණ සියල්ලම ඔවුන් වහගත්තා. ඒගොල්ලෝ ඔක්කොම කඬේ ගියා. ලංකාදීපේ කඬේ ගියා. දිවයින කඬේ ගියා. අද පත්තරේ කඬේ ගියා. ලක්බිම කඬේ ගියා. දිනමිණ කඬේ ගියා. සිළුමිණ කඬේ ගියා. දෙරණ කඬේ ගියා. කඬේ ගිය නැති කෙනෙක් කියන්න මට. ඒ නිසා අපි කඬේ ගියා. අපි මේවා කළේ කියලා දැන් කියන්න බැහැ. දැන් මේවා බොරු යයි කෑගහනවා. ඕනේ නම් මට අරලියගහ මන්දිරයෙන් කෑව මාධ්‍යකරුවන් ගැනත් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ හදන්නේ ඒක වහගන්නයි.මේ දූෂණ හෙළි කරන්නට ගිය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩට කළේ මොකක්ද? ඔහුත් දූෂණ, වංචා හෙළි කළා. අන්තිමේදී උස්සලා මැරුවා. දැන් ඔවුන් කියන්නේ මොකක්ද? දූෂණ, වංචා හෙළි කරන්නට ගොස් මැරුම් කෑ මාධ්‍යවේදීන්ගේ ඝාතන සිද්ධි ගැන සොයන්න එපා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියනවා. ඒ අයගේ වංචා දූෂණ, වහගන්න අපිට ගහනවා. මෙවැනි විවෘත සමාජයක් ලංකාවේ තිබුණේ නැහැ. අපට ඡන්දය දුන්නේ ජනතාවට යහපාලනය අවශ්‍ය නිසයි. වෘත්තියවේදීන්, රජයේ සේවකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන්නේ සාධාරණ නිදහස් මෙන්ම දූෂණය නැති සමාජයක්. එම අරමුණු ඉටු කළේ නැතිනම් අපට ජනතාව ඊළඟ වාරයේ ඡන්දය දෙන්නේ නැහැ. එමෙන්ම අපට හොරුන්ගෙන් ඡන්ද ලබාගන්නත් බැහැ. අපට ලංකාදීප, දිවයින, අද පත්තරේ, ලක්බිම, දෙරණ වගේ දූෂණ වහගත් යුගයක් තිබුණේ නැහැ. අප කළ යුතුදේ සියල්ල කර තිබෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අප කරන දේ ගැන බෙරගහන්නෙත් නැහැ. අප කළ යුතු දේ වෙලාවට කරන්නම්. මාධ්‍ය නම් කළා වගේම මාධ්‍යයේ ඉන්න අයගේ නම් ද මට කියන්න පුළුවන්. නමුත් මෙවර මා එසේ කියන්නේ නැහැ.අප දැන් විවෘත සමාජයක් ඇති කර තිබෙනවා. හොරකම් කළොත් අහුවෙනවා. ඒ නිසා සොරකම් කරන්න යන්න එපා. දැන් බලන්න ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පවුල ගැනත් හොයනවා. වැරැදි කළොත් දඬුවම් ලැබෙනවා.එමෙන්ම අප තවත් පරීක්‍ෂණ පවත්වන්නට තීරණය කර තිබෙනවා. උමා ඔය දූෂණ, වංචා ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි වඩිවෙල් සුරේෂ් වැනි මන්ත්‍රීවරුන් අපෙන් ඉල්ලා තිබෙනවා. උමා ඔයේ හම්බ කරගත්තේ කවුද? එයින් ජනතාවට විශාල පාඩුවක් ඇති වී තිබෙනවා.හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් රටට සිදුවුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදු වූ පාඩුව පිළිබඳව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වනවිට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජිමය විසින් ඒ 332 සුබෝපභෝගී ගුවන් යානා 8 ක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාබ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135 ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46 ක අලාභයක් රටට සිදුවුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181 ක් වනවා. මේ පාඩු සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද, දිවයින කළේ කුමක්ද, අද පත්තරේ කළේ කුමක්ද, ඬේලි මිරර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කිව්වා යැයි ඬේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?දෙරණ කළේ කුමක්ද? බිලියන 181 ක් රටට සිදුවූ පාඩුව ගැන එක මාධ්‍යයක්වත් කියන්නේ නැහැ. රාජපක්ෂ සමයේ රටට මෙතරම් පාඩුවක් සිදුවී ඇතැයි හැකිනම් පළමු පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පළ කරන්නැයි මම අභියෝග කරනවා. මම ඔට්ටුවක් අල්ලනවා. එක් කෙනෙක්වත් එය කරන්නේ නැහැ. හැකි නම් අපේ වැරැදි මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සොරකම් සහ ඒවාට වගකිව යුතු අය මෙන්ම ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව හෙළි කරන්නැයි මා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. අප පළමුවෙන්ම කළේ අපේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි. බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් අප පරීක්ෂණ පැවැත්වූවා. ඒ ආකාරයේ සිදුවීම් 2008 සිට 2015 දක්වා යුගයේදීත් සියගුණයකින් පමණ සිදුවී තිබෙනවා. ග්‍රීක් බැඳුම්කර මෙන්ම අනෙක් බැඳුම්කර සම්බන්ධයෙනුත් චෝදනා එල්ලවී තිබුණා. මේ සියලුම චෝදනා සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. එම චෝදනා පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යැයි මා බලාපොරොත්තු වනවා.මෙලෙස අහිමි වූ සල්ලි කන්දරාව තිබුණා නම් රටට මොනතරම් සේවයක් කරන්නට ඉඩ තිබුණාද? මෙම මුදල් රටට අහිමි වූ නිසා දුප්පත් ජනතාවට නිවාස ඉදිකර දීමේ කටයුතු අතපසු වුණා. වතුකරයේ ජනතාවට නිවාස දස දහසක් ඉදිකර දීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතාට මා ස්තූතිවන්ත වනවා. ඉතිරි නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වන මුදල් අප සොයා දෙන්නම්.ගිනිගත්හේන ප්‍රදේශයේ සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ද මුදල් සොයා දෙන බවට, කේ.කේ. පියදාස ඇමැතිවරයාට පොරොන්දු වුණා. ද්‍රවිඩ භාෂා පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට පන්ති අරඹන්නැයි මා වසර දෙකහමාරකට පෙර දැනුම් දුන්නා. මෙහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ප්‍රගතියක් නොතිබුණා නම් අදාළ නිලධාරීන් ඊට වගකිව යුතුයි. අපට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රදේශය දියුණු කිරීමටයි. හම්බන්තොට වරාය නිසා සිදුවූ පාඩුව අප විසින් අවසන් කර තිබෙනවා. දැන් එම වරායෙන් ලැබෙන මුදල් මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ද යෙදවීමට හැකියාව තිබෙනවා. අපගේ තරුණ තරුණියන් සඳහා විශාල වශයෙන් රැකියා සොයා දිය යුතුයි. අලුතෙන් කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන හෝටල් ඉදිකරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් යහපාලන රජයට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා : - 1977 වසරේ විප්ලවීය වෙනසක් කළ ජේ.ආර්. ජයවර්ධන රජයේ කැපී පෙනෙන චරිතයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියා. එක්සත් ජාතික පක්‍ෂය වැනි දැවැන්ත පක්‍ෂයක සාමාජිකයන් බවට පත්වීමම අපට අභිමානයක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන  මහතා දැමූ අත්තිවාරම මත අද වනවිට ශක්තිමත් සමාජයක්  ගොඩනැඟී තිබෙනවා. අගමැතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කිරීමට අප කැපවී ක්‍රියා කරනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ලේකම් වඩිවෙල් සුරේෂ් මහතා :-  රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන දිවියේ 40වසරට පා තැබීමෙන් පසුව පළමු දේශපාලන රැස්වීම පවත්වන්නේ හැටන් නගරයේදීයි. වතුකරයේ ජනතාව හැමදාම අගමැතිතුන් විශ්වාස කරනවා. සරත් ෆොන්සේකා මහතාට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේදි ඡන්දය දෙන ලෙස එතුමා කළ ඉල්ලීමට වතුකරයේ ජනතාව ඇහුම්කන් දුන්නා. 1948 වසරේ දී ලංකාව නිදහස ලැබුවත් වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදී බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ පුළුල් අධ්‍යාපන සංකල්පය නිසා වතුකරයේ  ජනතාවට අධ්‍යාපනයේ දොර විවෘත වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා මේ ප්‍රදේශවලින් බිහි වුණා. සියලුම ජාතීන් සම අයිතිවාසිකම් ලබාගෙන ජීවත්විය යුතු යැයි සිතන එකම නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස අයිතිය ලබාදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.රනිල් වික්‍රමසිංහ මහතා තරම් අභියෝග මැද දේශපාලනයේ ඉහළට පැමිණි තවත් නායකයකු නැති බව මගේ හැඟීමයි. වතුකරයේ වත්මන් දේශපාලන ගමන ශක්තිමත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා :- මහ වැසි නොතකා අධික ජනකායක් මෙහි පැමිණ තිබෙනවා. අගමැතිතුමන් පාර්ලිමේන්තු දිවියේ 40 වන වසර සමරමින් සිටිනවා. එතුමන් මුලින්ම මස්කෙළියට පැමිණීම අප සැමට කළ ගෞරවයක් බව කිව යුතුයි. අප රජය යටතේ වැඩ කටයුතු රැසක් අරඹා තිබෙනවා. වසර ගණනාවක් නොසලකා හැර තිබූ මාර්ග රාශියක් දැන් ඉදිවෙමින් තිබෙනවා. ශීඝ්‍ර සංවර්ධනයත් සමග රැකි රක්‍ෂා රාශියක් ඉදිරියේදී බිහිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂ රජයකින් හැර වෙනත් ආණ්ඩුවලින් වතුකරයට සේවයක් සිදුවී නැහැ. ඉතා හොඳ  චරිතයක් ඇති ජනතා නියෝජිතයන් පිරිසක්  අප සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත් කරමු. ඉදිරි මැතිවරණවලදීත් කුණුකන්දල් ඉවතලා හොඳ ජනතා නියෝජිතයන්  පත්කරගනිමු. සත පහක දෙයක් මා කිසිදු වංචාවක් කර තිබේ නම් ඔබ මට ඇඟිල්ල දිගු කරන්න. මා එසේ කරන්නේ සැබෑ ජනතා මෙහෙවරක් කිරීම සඳහායි යැයිද කීය.(ඡායාරූප - ශාන්ත රත්නායක)
කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි
0
(*** අංජුල මහික වීරරත්න)‘‘ආණ්ඩුව ජනතා අභිලාෂ පසෙක දමා ජන වරම පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීමට යොදවමින් සිටින හෙයින් එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්න කාලය එළැඹ ඇතැයි’’ සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ 7 වැනිදා පැවසීය.‘‘එක්සත් ජාතික පක්ෂය ද ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය නම් සමගි ජන බලවේගය සමග එක්වීමට හෝ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාරදීමට හෝ කටයුතු කළ යුතු බව ද’’ තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.‘‘එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑ හතරක් පිරුණා. මේ වසරේ දී සමරනු ලැබූයේ පක්ෂයේ බිඳ වැටීම සනිටුහන් වූ සංවත්සරයයි. එක්සත් ජාතික පක්ෂය මේ තරම් පරිහානියට ලක් වූයේ ඇයි? පක්ෂය නිසි කලට තීන්දු තීරණ ගත්තා නම් මෙවැනි ඉරණමකට ලක්වන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂය නායකයන් හත් දෙනකු යටතේ පාලනය වී තිබෙනවා. එයින් දිගු කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා පාලනය කළා. එතුමා යටතේ විටින් විට ජයග්‍රහණ කිහිපයක් ගත්තත් ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගා ගන්නට බැරි වුණා. ජනතා කැපවීම තේරුම් ගෙන පාක්ෂිකයන්ට හා රටට ගැළපෙන පරිදි කටයුතු කිරීමට ඔවුන් අපොහොසත් වුණා.එක්සත් ජාතික පක්ෂයට අත්වීමට නියමිත ඉරණම පිළිබඳව සඳහන් කර මීට වසර පහකට පෙර මා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් බාර දුන්නා. පක්ෂය ජයග්‍රහණය සඳහා ගත යුතු තීන්දු ගැන එහිදී අවධානය යොමු කළා. ඒ අදහස් කිසිවක් රනිල් වික්‍රමසිංහ නායකතුමා හෝ සෙසු නායකයන් හෝ පිළිගත්තේ නැහැ.එමෙන්ම 2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම වැරදි තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ අභිමානය රැක  ගැනීම සඳහා පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහි කළ යුතු බව මා එහිදී අවධාරණය කළා. ඒ උපදෙස් නොපිළිපැදීම උද්දච්චකම නිසා අද මෙවැනි ශෝචනීය තත්ත්වයකට පත්ව තිබෙනවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ එක්සත් ජාතික පක්ෂය රැකෙනවා  නම් අප සතුටුයි. අප එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලන්නේ  එක දෙයයි. ජනතාව දුන් තීන්දුව ගැන නැවත නැවතත් සිතා බලන්න.පළමු වරට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එක්සත් ජාතික පක්ෂය යළි ජය ගැනීමට නම් සමගි ජන බලවේගය සමග එක් විය යුතුයි. නැතිනම් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාර දෙන්න. එසේ නොකළහොත් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට එය දැවැන්ත අසාධාරණයක්. අප සැම එකට එක්ව ආණ්ඩුවට විරුද්ධව ජන මතය පෙළ ගසන්නට කාලය එළැඹ තිබෙනවා.20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බරපතළ කාරණා රැසක් තිබෙනවා. ද්විත්ව පුරවැසි බව තිබෙන අයට පාර්ලිමේන්තුවට එන්නට පමණක් නොව ජනාධිපති ධුරයට පත් වීමට පවා විසිවැනි සංශෝධනයෙන් ඉඩ හදා තිබෙනවා. මේ අය ලැබූ ජන වරම ද්විත්ව පුරවැසි බව රකින්නට පාවිච්චි කරනවා නේද?ජනතාව අපේක්ෂා කරන්නේ තම අභිලාෂ ඉටු කරන ව්‍යවස්ථාවක්. එමෙන්ම විසිවැනි සංශෝධනය හරහා හිතුවක්කාර ලෙස පත් කිරීම් කරන්නට ජනපතිට අයිතිය දී තිබෙනවා.ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය මේ වන විට හෑල්ලු‍ කරමින් සිටිනවා. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරය හෑල්ලුවට ලක් කර තිබෙනවා. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු පුරවැසි බලය නැවත පාලකයන් සතු කර ගන්න දරන උත්සාහය බව කිව යුතුයි.මෙම ක්‍රියාවලියට එරෙහිව අප අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගත්තේ සමස්ත පාර්ලිමේන්තුවේම එකඟතාවයෙනුයි. දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත එසවූ අය විසි වැනි සංශෝධනයට අත ඔසවන්නේ කෙසේ දැයි මට නම් තේරෙන්නේ නෑ. මෙම සංශෝධනයට එරෙහිව අප පාර්ලිමේන්තුවේ දී ශක්තිමත්ව විරෝධය පළ කරනවා. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත් සියලු‍ම ජන කණ්ඩායම් ඒකරාශී කරගෙන විරෝධතා පළ කරනවා.අද වන විට රටේ ආර්ථිකය ඍණ තත්ත්වයට පත් වෙමින්  තිබෙනවා. ණය බර වැඩි වෙමින් තිබෙනවා. රටේ ආදායම වගේ දෙගුණයක් ණය ගෙවන්න වෙලා.කඩා වැටෙමින් තිබෙන රට ගොඩනැඟීමට ජන ජීවිතය ශක්තිමත් කිරීමට ප්‍රමුඛතාව දෙනවා වෙනුවට මේ අය කරන්නේ කුමක්ද? ඔවුන්ගේ අරමුණ තම බලය රැක ගැනීම සඳහා නීති සම්පාදනය කර ගැනීමයි. මෙය ඉතා නරක තත්ත්වයක්.ජනතාව තුනෙන් දෙකක බලයක් දී ආණ්ඩුව පත් කරගෙන  මාසයක් යන්නටත් පෙර රජය උද්දච්ච තත්ත්වයෙන් හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා:- ‘‘ආණ්ඩුව හැසිරෙන ආකාරය දකින විට අපට මාදුළුවාවේ සෝභිත හිමියන් මතක් වෙනවා. සෝභිත හිමියන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා දැවැන්ත අරගලය ගෙන ගියා.මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දර්ශනය රැකීමට කැපවන බවට සමගි ජන බලවේගය අද (8) කෝට්ටේ සෝභිත හිමියන්ගේ පිළිරුව අසල දී ප්‍රතිඥාවක් දීමට කටයුතු කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙන පුරවැසියන් සහභාගිවීමට නියමිතයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කෙරුණ ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම විසි වැනි සංශෝධනය යටතේ ඉවත් කරනවා. සෙසු කොමිෂන් සභාවලටත්  සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයායි.ප්‍රසම්පාදන කොමිසම ඉවත් කරන්නේ සොරකම් කරන්න ඉඩ  දෙන්න ද? විගණනය අවශ්‍ය නොවන්නේ ඇයි? විසි වැනි සංශෝධනය යනු හොරකම් කරන්නෙත් හොරා හොයන්නෙත් විධායකයයි වැනි තත්ත්වයක් යැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
1
(නිමල කොඩිතුවක්කු)බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
0
(*** අංජුල මහික වීරරත්න සහ *** ක්‍රිෂාන් ජීවක ජයරුක්)උගත් පාඩම් උපකාරී කර ගනිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම උදෙසා එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දික්වැල්ලේදී පැවසීය.එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා තමා නායකත්වය දෙන බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මාතර – දික්වැල්ල, වැවුරුකන්නල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයන් මෙන්ම සියලු ජනතාව දිනා ගත හැකි අයුරින් නව්‍යකරණයට ලක් කළ යුතුයි. පසුගිය කාලවකවානුවේ පාක්ෂිකයන්ට වූ අසාධාරණය වෙනුවෙන් සමාව අයදින අතර ඒ අතපසුවීම් ආපසු ඇති නොවන අයුරින් කටයුතු කරමින් පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරනවා.කුමන අභියෝග මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂය ජනතාවත් රටත් වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. එවැනි වටිනා දේශපාලන පක්ෂයක් නිකරුණේ විනාශ වී යාමට මා කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි වටිනා පක්ෂයක් විනාශ වී යාමට ඉඩ දීම ජාතික අපරාධයක් බව කිව යුතුයි.අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කරමින් පක්ෂය හැර ගිය සියලු කණ්ඩායම් පක්ෂය සමග එක් කර ගැනීමට කටයුතු කරනවා.වත්මන් රජයේ ක්‍රියා කලාපය සමග රටේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක් පුද්ගලයකුට බලය දෙමින් රටේ ඒකාධිපති පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරයේද ගැටුම් නිර්මාණය වී තිබෙනවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර වත්මන් රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන විසි වැනි ආණ්ඩුක්‍රම  සංශෝධනය රටේ ගැටලු රැසක් නිර්මාණය කරමින් තිබෙනවා.එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය රජය ගෙන ගිය මාර්ගය සම්පුර්ණයෙන් ආපසු හැරවීමට වත්මන් රජය සුදානම් වන බව කිව යුතුයි.ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් විගණකාධිපතිවරයාගේ බලය අහෝසි කරමින් රට නීතියක් නැති තත්ත්වයට රට පත් කරමින් සිටිනවා. මේ වනවිට ඇතැම් ඇමැතිවරුන් පොල් ගස් උඩ සිටිමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන අතරවාරයේ ජනතාවට වට ප්‍රමාණය මනිමින් වෙළෙඳ පොළෙන් පොල් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.ආයතන සංග්‍රහය, චක්‍රලේඛ සහ රාජ්‍ය සේවයේ ක්‍රමවේද පිළිබඳ කිසිදු දැනුමක් නැති අයුරින් ජනාධිපතිවරයා පවා හැසිරීමට පටන්ගෙන තිබීම බරපතළ කරුණක්.මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ගොඩනැංවීම අත්‍යවශ්‍යයි.
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
0
(අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.  
ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙළගැස්මට කාලය ඇවිත්
0
(*** පුෂ්පකුමාර ජයරත්න)මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකරගත් මුස්ලිම් නායකයන් ඉකුත් ආණ්ඩුවේ සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පෙරේදා (8) පැවැසීය.වත්මන් රජය සියලුම ජාතීන් එකතු කර ගනිමින් ඉතාම හොඳ ගමනක් යන බවද ඔහු කීය.කුරුණෑගල, බ්ලූ ස්කයි හෝටලයේ පෙරේදා (8) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සම්මේලනයට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.අගමැතිවරයා මෙසේද පැවැසීය.ඉතිහාසයේ පටන් මුස්ලිම් ජනතාව සහ අප අතර තිබෙන්නේ දැඩි සම්බන්ධතාවක්. අපි ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංවිධානය හදලා හැත්තෑ ගණන් වල තමයි මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලෝකයත් එක්ක සටන් කළේ. පලස්තීනය තමන්ගේ නිජ භූමිය ලබා ගන්න කරපු සටනේ සහායට ඉදිරියෙන්ම හිටියේ අප. ශ්‍රී ලංකා පලස්තීන මිත්‍ර සංවිධානය හදලා අපි රට වටේ ගියා. ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවා කළා. මේ සියල්ලම අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරපු දේවල්. මම වරක් ටියුනීසියාවට ගිහිල්ලා පලස්තීනයේ හිටපු නායක යසර් අරපත් හමු වෙලා අපේ සහාය පළ කළා.අපි මුස්ලිම් ලෝකයත් එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ එහෙමයි. මගේ ආණ්ඩුවේ කැබිනට් එකේ මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරුම විසි අටක්ම හිටියා.මුස්ලිම් ජනතාව විකුණාගෙන කාපු මුස්ලිම් නායකයෝ වගේම ඉතාම හොඳ මුස්ලිම් නායකයොත් අපි සමඟ හිටියා. නමුත් අපි දැන් හොඳ ගමනක් යනවා. රට අලුත් ගමනක් යනවා.එදා අපේ පක්ෂයේ හිටපු ප්‍රධානම නායකයා මුස්ලිම්. එතුමා හැත්තෑවේ අපේ ගමට ඇවිල්ලා මම වෙනුවෙන් මුස්ලිම් ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා මට ජන්දය දෙන්න කියලා ඉල්ලු‍වා. එදා මේ රටේ මුස්ලිම් නායකයෝ කටයුතු කළේ එහෙමයි. මේ රටේ මුස්ලිම් ආගම පස් පාරක් රේඩියෝ එකේ කියන්න අවසර දුන්නේ මම.අද මේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකම අභාවයට ගිහිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභාවයට යවලා ඉවරයි. අපි පොහොට්ටුව පක්ෂය හැදුවේ අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට දාපු නිසායි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩී.ඒ. රාජපක්ෂ, බදූර්දීන් මොහොමඩ් මහත්තයලා එකතු වෙලා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඈත් කළාම අපිට දේශපාලනය කරන්න දේශපාලන පක්ෂයක් තියෙන්න ඕනෑ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදලා අපි මැතිවරණ ජයගන්නකොට පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බයයි. ඒ නිසායි මැතිවරණ කල් දැම්මේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට උදව් කළේ කවුද? මුස්ලිම් නායකයෝ තමයි ඒකට උදව් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිව රනිල් වික්‍රමසිංහට රට ගෙනියන්න මේ අය උදව් කළා. මේකෙන් කාගේ අයිතිවාසිකම්ද නැති වුණේ. ඔබේ අයිතිවාසිකම් තමයි නැති වුණේ. සිංහලද මුස්ලිම්ද දෙමළද නැතිව සියලුම දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති වුණා.දැන් ජනතාවට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපිට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි ව්‍යවස්ථාව වෙනස් කරන්න. ජනතාව විනාශ කරන මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමයි. මේ ව්‍යස්ථාවේ තියෙන සමහර වගන්ති ජනතාව බෙදන වගන්ති මිසක් ජනතාව එකතු කරන වගන්ති නොවෙයි කියලා මම කියනවා. ඒ නිසා අපිට දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ වගන්ති වෙනස් කරන්න.ඒ සඳහා මුස්ලිම් ඔබ අපත් සමග එකතු වෙන්න ඕනෑ. අපිත් එක්ක එකතු වෙලා ඉදිරියට යමින් හැමදාමත් අපි කොළ පාට කොළ පාට කිය කියා ඉන්නේ නැතිව කාලය ඇවිල්ලා තියෙනවා වෙනසක් ඇති කර ගන්න. අද මෙතැනට විශාල පිරිසක් ඇවිත් ඉන්නවා. අපි හැමෝම එකට එකතු වෙලා මේ රට හදමු. ජනාධිපති එක පක්ෂයකිනුත් අගමැති අනික් පක්ෂයෙනුත් හදලා වැඩක් නැහැ.රනිල්ව ගෙනැල්ලා වැඩක් තියෙනවාද? අනික් එක්කෙනා සජිත් ප්‍රේමදාස ගෙනැල්ලා වැඩක් තියෙනවද? ප්‍රේමදාස මහත්තයා දැම්මොත් ඉතින් රෑට රෑට ඇවිල්ලා තමුන්නාන්සේලාගේ ජනේලෙ ඇරගෙන බලාන ඉඳීවි. එහෙම වුණාම ජනේල ලොක් කරගන්නත් වෙයි. ඒකත් ලොකු ප්‍රශ්නයක්. එහෙම කෙනෙක් පත් කරලා වැඩක් තියෙනවද?  කිසිම දර්ශනයක් නැති කිසිම නායකත්වයක් නැති කෙනෙක් බලයට පත් කරලා වැඩක් තියෙනවාද?අද එයාලට ආණ්ඩුව අල්ලන්න ඕනෑ නැහැ. එයාලා කියන්නේ අපිට සිරිකොත අල්ලන්න ඕනෑ කියලයි. සිරිකොත රනිල්නේ දැන් අල්ලන් ඉන්නේ. සජිත්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි රනිල් එලවලා සිරිකොත අල්ලන එක. එතකොට රටේ ජනතාවගේ ප්‍රශ්නය සිරිකොතද? එයා සටන ලඝු කරලා තියෙනවා සිරිකොතට. ඒ අනුව බොහෝම පැහැදිලියි අද මේ අය දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට වැටිලා තියෙන බව. දෙගොල්ල ගහ ගන්නවා. ඒ නිසා දැන් අපිට කරදරයක් නැහැ. මේක නිසා දැන් වෙලා තියෙන්නේ අපේ අය අපිට බනීද කියන එකයි. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අය සමගම ගහ බැණ ගන්න නිසා දැන් අපේ අයට කරන්න දෙයක් නැතිව ඉන්නවා.ඔබ දන්නවා පසුගිය අවුරුදු පහේම ඔබලාගේ ව්‍යාපාර කඩා වැටුණා. මුළු රටේම ආර්ථිකය කඩා වැටුණා. දැන් ආයෙත් ඇවිල්ලා තියෙන්නේ ඔබේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා කාලයයි. අපිට මේ රටේ ඉන්න සියලුම ජාතීන් සමග එක්ව රට ගොඩ නඟන්න අවශ්‍යයි. ඒ සඳහා මේ පාර පොහොට්ටුවත් සමග එකතු වෙන්න කියලා මුස්ලිම් ඔබ සැමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා.කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරාධිකාරි ගල්ලැහැපිටියේ පේමරතන හිමි, ජමියතුල් උලමා සංවිධානයේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හෆිල් මව්ලවි තුමාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් තස්ලිම්, කුරුණෑගල මුස්ලිම් ව්‍යාපාරික සංගමයේ සභාපති මොහොමඩ් හසාම් යන මහත්වරුද අදහස් දැක්වූහ.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ.
‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘
1
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘
0
(*** නාලක සංජීව දහනායක සහ *** සූරියවැව - දිලිප් ජයසේකර)ඉකුත් රජය සමයේ විජිතපුර පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරන විට නිහඬව සිටි එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම සම්බන්ධයෙන් තමන්ට මඩගැසීමට උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බඩල්කුඹුරේදී පැවසීය.පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට තම රජය ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් වරදක් කර ඇත්නම් ඊට සම්බන්ධ අයට දඬුවම් කිරීමට පසුබට නොවන බවද සඳහන් කළේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට සහාය පළකරමින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, සෙවනගල ප්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට එක්වෙමින් හෙතම මේ බව පෙරේදා (19) සඳහන් කළේය.අගමැතිවරයා මෙසේද පැවසීයමොනරාගල කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. වන වගාව විතරක් සියට 50 වැඩියි නිල්ගල රක්ෂිතය පිහිටා තිබෙන්නේ මොනරාගලයි. අපේ ජනතාවගෙන් සියයට 75ක් යැපෙන්නේ කෘෂිකර්මාන්තය මඟින්. මොනරාගලට පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්න අපේ කාලයේ උමාඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒත් කට්ටිය කිව්වේ මැදමුලනට වතුර ගෙනියන්න උමාඔය ව්‍යාපෘතිය කරනවා කියලා.ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙන්න ප්‍රධාන හේතුවක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිකම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා පිරිසිදු පානීය නළ ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. අපි කටයුතු කරන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ඇතිවයි.සෙවණගල කිව්වම අපිට මතක් වෙනේනේ උක් වගාව. මේ වනවිට සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ උක් ටොන් 1200ක් ඇඹරීමකට ලක්කර සීනි නිෂ්පාදනය කරනවා. වහාම දෙවැනි පියවර ගැනීම අපේ වගකීමක්. උක් ටොන් 2400ක් ඇඹරීමේ පහසුකම් සහිතව සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදියට ගොඩනගනවා. අපි දේශීය කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙනවා. පිටරටින් හැම දෙයක්ම ගේනකල් බලන් ඉන්න බැහැ. හම්බන්තොට ලුණූ තියාගෙන ඉන්දියාවෙන් ලුණු ගේනවා. මේවා වෙනස් විය යුතුයි. හැම දෙයක්ම පිටරටින් ගේනකල් බලන් හිටපු යුගය අවසන් කරන්න ඕනෑ.මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි අපේ ආර්ථිකය ගොඩනඟලා, ඒක පුද්ගල ආදායම වැඩිකළා. ජනතාව අතේ මුදල් ගැවසෙන්න පටන් ගත්තා. අලුත් මධ්‍යම පන්තියක් බිහිවුණා. අපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපොළක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණූවා. ගුවන්තොටුපොළ බේරගන්න පුළුවන් වූණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වූණූ ඇමැතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමැති කෙනෙකුට පණ තිබුණේ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න. ඒ වුණාට කිසිදෙයක් විකුණන්න දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස දැන් කියනවා. අපි මේ රටේ දේපළ කිසිකෙනකුට විකුණන්න ඉඩ තියන්නේ නැහැ. ඒ දේපළ ඔබට, ඔබේ දරුවාට සහ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් රැකගන්න ඕනෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගන්න කියලා මට ආරාධනා කරනවා කියලා පත්තරේ තිබුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු අය බණ්ඩාරනායක මහත්තයා, ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් පක්ෂය හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරලා, පක්ෂය ශක්තිමත් කරලා, පක්ෂය බලයට ගේන්නත් අපිට හැකි වුණා.2015 ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පලා බෙදන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි නෙළුම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා, ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ. අපිට දැන් පක්ෂයක් තියෙනවා. දැන් ඒ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.මෛත්‍රීපාල සිරිසෙන මහතා මට කතා කරලා අගමැතිකම දුන්නා. ඊට කලින් ආසන 54ක් තිබුණත්, අපිට විපක්ෂ නායකකම දුන්නේ නැහැ. ආසන දහසයක් තිබුණු දෙමළ ජාතික සංවිධානයට විපක්ෂ නායකකම දීලා ආසන හයක් තිබුණු ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම දුන්නා. අපිත් උපක්‍රම පාවිච්චියට ගත්තා. අගමැතිකම භාර අරගෙන දවස් 51ට පස්සේ අගමැතිකමෙන් ඉවත්වෙලා විපක්ෂ නායකකම ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙනවා. අපි බලයට ඇවිත් කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හරි පවත්වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා.අද අපි නැවත එකතුවෙලා පෙරමුණකට ඇවිත් ඉන්නවා. ඡන්දෙ දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න එපා. වසර පනස් ගණනක දේශපාලන ඉතිහාසයක් තිබෙන මම උපදේශයක් විදියට ඔබට කියනවා මනාප පොරයකට යන්න එපා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ප්‍රේමදාස පිල සහ රනිල් පිල කියලා බෙදුණු ඒ දෙගොල්ලෝ සූදානම් වෙන්නේ සිරිකොත අල්ලන්න. මේ රටේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඡන්දේ දෙන්න ඕනේ සිරිකොත අල්ලන එකටද ඒක ඉඩම් නඩුවක් දාලා බේරගන්න පුළුවන්. පහුගිය දවස්වල මම රට වටේම ඇවිද්දා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් මාත් එක්ක කියන්නේ ඒ අයට ඡන්දේ දෙන්න කෙනෙක් නැහැ කියලයි. එක්සත් ජාතික පක්ෂය රට අල්ලන්න සූදානමක් නැහැ. පක්ෂය අල්ලන්න විතරයි සූදානම්.අද එජාප පාක්ෂිකයනුත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හොඳයි. පැහැදිලියි. ශක්තිමත් කියලා. ඒ අය සියලු දෙනා එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් මේ මැතිවරණයේදී ලබාගැනීමට අවශ්‍යයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න. රටට ගැළපෙන, දේශයට ගැළපෙන, ඒකීයභාවය සුරකින නව ව්‍යවස්ථාවක් ගෙන්න අපි සූදානම්.ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හදපු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, පද්ම උදයශාන්ත, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුද, සුමේධා ජී. ජයසේන මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘
0
(මුලටියන එස්. බාලසූරිය සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)මේ ආණ්ඩුව සමග ඉඳල වැඩක් නෑ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.ඔහු මෙසේද කීය.පසුගිය ජනාධිපතිවරණයේදී අප මහින්ද රාජපක්ෂ දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාට අපි ඡන්දය දුන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ආරක්ෂාවක් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවටත් ආරක්ෂාවකුත් නැහැ.මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් අප නැවැත්තුවා. අප නොසිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා. මේ තත්ත්වය පාලනය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප සිටිය නිසයි. අප මේ සටන ආරම්භ කළේ මේ රටේ සියලුම දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. ඊට පස්සෙ අපේම ජනාධිපතිවරයකු පත් කර ගෙන එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා. මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 26 දා මාතර දී පැවසීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණ මාලාවේ මංගල වැඩසටහනේ පළමු වැනි දේශනය පවත්වමිනි.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ඒ මහතා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් විතර වෙනවා. වයස අවුරුදු 15 දී තරුණ සමිතියක ලේකම්වරයෙකු ලෙස දේශපාලන ගමන ආරම්භ කරලා මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස 1988 වර්ෂයේ ඉඳලා ඉන්නවා. මේ සියල්ල මට ලබා දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. ශ්‍රීලනිපයෙන් දේශපාලනය කරලා අප දහසය දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා.අප මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු අනූපස් දෙනාගේ එකඟත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති වුණාම ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ආණ්ඩුවට එකතු වුණා.මා මැරෙනතුරු එජාපයට යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසය මා දන්නවා. අප දේශපාලනය කරන්නේ පොළොවේ පය ගහපු නායකයකු සමගයි. මේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට ආරක්ෂාවක් නැහැ. එජාප පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවට ආරක්ෂාවකුත් නැහැ. රටට සුගතියක් නැහැ. දුගතියක් තමයි තියෙන්නේ. අපට දේශපාලනය හොඳට තේරෙනවා. පක්ෂයේ විනයක් ඇතිව ඉන්න ඕනෑ. අප මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් නැවැත්වූවා. අප නොහිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා ජනතාවට දැනට ලැබෙන සහනයක් නැහැ. මේ තත්ත්වයට වත් පාලනය වුණේ ශ්‍රීලනිපයේ අය හිටිය නිසයි. ඒ නිසා තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට ගහලා එළවන්න හදන්නේ. ආණ්ඩුව තුළ ඉඳගෙන අප සටනක් කළා. මහ බැංකු මහා කොල්ලය සිදුවුණූ වෙලාවේ ඒ පණිවුඩය රටටම දුන්නේ අප. ඒකට විරුද්ධව සටන් කළේ අප.හෘද සාක්ෂියට එකඟව මහජනතාව වෙනුවෙන් අප ඒවා කළේ. මේකට විරුද්ධව අගමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒකාබද්ධය අප මේක ගෙනැවිත් දිනන්න හදා ගත්තා. එහෙත් මේක නැවැත්තුවේ අපේ අයයි. ඒකයි අපට තිබෙන වෛරය. ඒ අයට අප කීවා පක්ෂව ඡන්දය දෙන්න බැරිනම් ඡන්දයෙන් වළකින්න කියලා. ඒක ඒ අයගේ දේශපාලන අනාගතය. හැබැයි අපට තනතුරු අවශ්‍ය නැහැ. අප රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නා. ඇමැතිකම් තියාගෙන විපක්ෂයේ ඉඳලා නොවෙයි අප තනතුරු අත්හැරලා ආවේ සටන් කරන්නයි.ශ්‍රීලනිපයේ ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම හිටියොත් ශ්‍රීලනිපය නැත්තටම නැති වෙනවා. සමහරු අහනවා අප යන්නේ කොතැනටද කියලා. අප යන්නේ ප්‍රගතිශීලී පෙරමුණටයි. අප මේ සටන ආරම්භ කළේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. මේ 16 දෙනා ඒ සඳහා දිවිහිමියෙන් කැප වෙනවා. අප කේක් එකක් හැදුවා. කේක් එකේ අයිසින් එක තමුන්නාන්සේලා. අයිසින් නැතිව කේක් එක රස නැහැ. ජනාධිපතිවරණයක් දිනන්න මේ 16 දෙනාගේ හයිය අවශ්‍යයි. මේ දහසය දෙනාට පුළුවන් සුළුජාතීන් ඒකරාශී කර ගන්න. ඒ නිසා අපේ සටනට ලකුණු කීපයක් තියෙනවා. අත, පුටුව, බුලත්කොළය, අලුතෙන් ආපු පොහොට්ටුව මේ සියල්ල එකතුවෙලා එක ලකුණකින් ජනාධිපතිවරණයට එනවා.මේ රටේ ජනාධිපතිවරයකු පත් කර ගන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍යයි. ජනතාවගේ එකඟත්වයත් අවශ්‍යයි. එහෙම කරලා ජනතාව ඒකරාශී කරලා අපේම ජනාධිපතිවරයෙකු පත් කර ගන්නවා. අප ජයග්‍රහණය කරලා එජාප රජය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-ශ්‍රීලනිපයේ හා එජාපයේ ප්‍රතිපත්ති අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රීලනිපය පක්ෂයක් හැටියට එදා ජනතාව පිළිගන්නේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රගතිශීලි නායකත්වය නිසායි. මේ රටේ ප්‍රගතිශීලී නායකයන් සමග සියළුම ජනකොටස් එකතු කර ගෙන සමාජ ගත කරපු සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නිසායි. ඒ ශක්තිය අරගෙන පොදු මිනිසාගේ දේශපාලන පක්ෂය හැටියට ගමේ දුප්පතුන්ගේ පක්ෂය හැටියට. කම්කරුවන්ගේ පක්ෂය හැටියට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මේ පක්ෂය ගොඩනැගුවේ. ඊට පස්සේ ප්‍රගතිශීලී නායකයන් මේ පක්ෂය ආරම්භ කළා.මේ ආණ්ඩුව ජනතාවට එරෙහිව ගත් තීරණවලදී අප විරුද්ධ වුණා. විවේචනය කළා. හැබැයි ඒ එකකටවත් මේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න කියලා යෝජනා කළේ අප. විශ්වාසභංගයක් ගේන්න කීවේ අප. ඒකේ චෝදනා 15 ක් තිබෙනවා අගමැතිට විරුද්ධව. විශ්වාසභංගයේදී ශ්‍රීලනිප එක්සත් ජනතා නිදහස් සංධානය, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් පක්ෂව ඡන්දය දුන්නා. හෘද සාක්ෂියේ නිදහස අප භාවිතා කළා. මහජන නියෝජිතයකුගේ වගකීම වෙන්නේ රට හා ජනතාව වෙනුවෙන් බරපතළ කාරණවලදි නිවැරදි දෙය ඉටු කරන්නයි. එහෙම නැතිව ඡන්දය නොදී ගෙදර ඉන්න එක නොවේ. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි. මේ රටේ අති බහුතර ජනතාවගේ මතය අනුව විශ්වාසභංගයට පක්ෂව අප ඡන්දය දුන්නා. ඒ සඳහා අපට කොන්දක් තිබුණා.ජාතික වශයෙන් වැදගත් වන විසි වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක සමාජ ගත කරනවා. අනාගතයේදී ගොඩනගන ප්‍රගතිශීලී වැඩ පිළිවෙළ සඳහාම සියළුම දෙනා ඒකරාශී කර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාට අපේ හයියත් දීලා ඒ ප්‍රගතිශීලී වැඩපිළිවෙළ ගොඩ නගනවා. අපි කවදාවත් ශ්‍රීලනිපය හැර ගියේ නැහැ. ප්‍රගතිශීලී කඳවුර හැර ගියේ නැහැ.මේ රට කෘෂිකාර්මිකයි. 70% ක් කෘෂි කර්මාන්තයෙන් යැපෙන්නේ. 2016 දී දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඍණ බින්දුවයි. දශම තුනයි. (-0.3) 2017 දි ඍණ 0.8 යි. 2020 වනවිට සහල් මෙටි්‍රක් ටොන් 7,60,000 ක් ආනයනය කරන්න සිදු වෙනවා. පවුල් ලක්ෂ නවයක් ආහාර හිඟයට මුහුණපානවා. නියඟය නිසා කන්න කීපයක්ම කුඹුරු පාළුවුණා. වැස්ස ආවාම පොහොර සහනාධාරය නැහැ. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට මාසයකට ලක්ෂ 257 ක් ගෙවනවා. මේ ගොල්ලෝ මේවා තියාගෙන තමයි විශ්වාසභංගයට ෂේප් න්‍යාය දැම්මේ. අද ලෝකයේ නිවාස හදන්නේ හරහට නොවේ. නමුත් අපේ රටේ බිම් කට්ටි කඩ කඩ ගෙවල් හදනවා. මෙහෙම කරද්දී වගා කරන්න භූමියක් ඉතුරුවේවිද. රටේ ජනතාව මිලියන 21 යි. ඉදිරියේ ජනගහණය වැඩි වීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. නව ලෝකයට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් අපට නැහැ.සයිටම් අර්බුදයට වසර තුන හමාරක් වෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක පාස්කරලිංගම් කියනවා. එෆ්.සී.අයි.ඩී. එකට යන්න වෙන නිසා කියලා කියනවා.පළාත් පාලන ඡන්දය වසර දෙක හමාරක් කල් දැම්මා. නමුත් ඡන්දය තිබ්බම ජනතාව තොග පිටින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. ඉදිරි මැතිවරණවලදී තොග වශයෙන් නොවෙයි තොග දෙගුණ කරලා ඡන්ද දෙන්න ජනතාව බලා සිටිනවා. ඒ ජයග්‍රහණයට අපගේ ශක්තියත් ලබා දෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:- අප යූ.එන්.පී. ආණ්ඩුවේ වලිගයක් වෙලා හිටියේ නැහැ. එහෙම හිටියා නම් මෙහෙම එළියට බහින්න අපට බැහැ. අප එළියට ආවේ තවදුරටත් ශ්‍රීලනිපය මරාදාන්න ඉඩ දෙන්න බැරි නිසයි. මේ රටේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය තේරුම් ගත්තේ අප තමයි. ආණ්ඩුවේ ඉඳගෙන එජාපයට කත්අදින්න ඕනෑ කියලා ඒ අය හිතනවා. එහෙම නොකරන විට ඒ අයගේ ගෝලබාලයෝ දාලා අපට ගහනවා.1818 දී කැප්පෙටිපොළ ඉංග්‍රීසින් එළවලා දාන්න කැරැල්ල මෙහෙවූවා වාගේ 2018 දී රනිල් ප්‍රමුඛ එජාපය එළවලා දාන්නයි අප මේ කැරැල්ල ගැහුවේ. සමහරු අහනවා අප කොතැනද ඉන්නේ කියලා. අප ඉන්නේ ශ්‍රීලනිපයේ. මේ ආණ්ඩුවට තව මාස 18 යි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් සමග ඒකරාශී වී ප්‍රගතිශීලී බලවේග සමග ඒකාබද්ධ වී මේ ආණ්ඩුව පලවා හැරීමේ ඓතිහාසික කාර්යයට අපගේ මුළු ශක්තියම යොදවනවා. ඊළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රගතිශීලී වාමාංශික නායකයකු පත් කර ගැනීමේ සටනට අප උර දෙනවා.19 වැනි සංශෝධනය නිසා අගමැති ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිට නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සංශෝධනය ගෙනාවේ ඔහුට වාසි වෙන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා 2030 වනතෙක් එජාපයට නායකයකු ඉන්නවා කියලා. අනෙක් පක්ෂවලට එහෙම කෙනෙකු නැහැ කියනවා. එහෙම කිය කියා ජනතාවට බදු පිට බදු ගහනවා.කුංකුනාවේ හාමුදුරුවෝ කියපු විදියට අපේ රටට අලුත් නායකයකු අවශ්‍යයි. එජාපයට රට හදන්න බැහැ. මේ රට ගොඩ නගන්න නම් ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. බැඳුම්කර වංචාව යට ගහන්න ඇලෝසියස් 118 දෙනෙකුට සල්ලි දීලා තිබෙනවා කියලා කියනවා. අප ඇලෝසියස් ආරක්ෂා කරන්න සල්ලි ගත්තේ නැහැ. ඔහු ආරක්ෂා කරන්න කටයුතු කළෙත් නැහැ. හිරේ නොවේ හිර ගෙවල් දාහක දැම්මත් අප දහසය දෙනා නිවැරදි පිරිසිදු පාලනයක් මේ රටේ ගොඩ නැගීම සඳහා මුළු ශක්තියම යොදවනවා. අපේ සටන අප නොබියව ඉදිරියට ගෙන යනවා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා:- අප දහසය දෙනා පසුගිය 8 වැනිදා විපක්ෂයට ගියේ මේ ආණ්ඩුවේ වසර තුනක කාලයේ සිදු කළ වැරදි නිසායි. වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න අප එකතුවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසායි. ජාතික ආණ්ඩුව තුළ අප බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂාවන් ඉටු වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කීවාට ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ.පොහොර සහනාධාර කපා දැමු හින්දා වී ගොවීයන් වාගේ තේ කුරුඳු ඇතුළු අනෙකුත් වගාකරුවන් දුෂ්කරතාවට පත්වුණා. රටේ කෘෂිකර්මාන්තය අඩාල වුණා. 2012 වන විට මේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබුණා. පිටරටටත් සහල් අපනයනය කළා. ඒ කාලයේ මේ රටේ මිනිසුන් තුන්වේලටම බත් කෑවා. එහෙත් දැන් පිටරටින් හාල් ගේන්න සිදුවෙලා. පිටරටින් ගම්මිරිස් ගේන හින්දා ගම්මිරිස් වගාකරුවන් අනාථ වුණා. කෘෂිකර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව අප පෙන්වා දුන්නා. එහෙත් ඒවා ගණන් ගත්තේ නැහැ. එජාපයේ ඇමැතිවරු තමයි ආර්ථීක අංශයේ හැම පැත්තෙන්ම පාලනය කළේ. ඩොලරය දැන් රුපියල් 160 යි. 2015 දී රුපියල් 130 යි. රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550 ක පමණ අමතර මුදලක් ගෙවන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් සමග රට ගොඩනගන්න බැරි නිසයි අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ. ප්‍රගතිශීලී ජනතාවාදී නායකයකු යටතේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපගේ මුළු ශක්තියම යොදවනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා: රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම ගතයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. එජාපය සමග ශ්‍රීලනිපය හිටියොත් අපේ පක්ෂය කුණුවෙනවා. දියවෙනවා. රනිල්ට විරුද්ධව ගෙනා විශ්වාසභංගයේදී අපට දිනන්න බැරි වුණේ අපේ පක්ෂයේ අපේම අය නිසයි. බොහොම අමාරුවෙන් තමයි රනිල්ට පක්ෂව ඡන්දය දෙන එකත් වළක්වා ගත්තේ.වමේ ප්‍රගතිශීලී බලවේග සමග එකතුනොවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ විපාකය අප දැන් අත්විඳිනවා. කුමන මැතිවරණයකදී වුවත් සියළුම ජනකොටස් හා ප්‍රගතිශීලි පක්ෂ සමග එකතුවී කටයුතු නොකළහොත් ජයග්‍රහණයක් ලබා ගන්න අසීරුයි.අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ තවදුරටත් මේ ආණ්ඩුවේ හිටියට රටට ජනතාවට  සෙතක් නොවන නිසයි. ගොඩනැගී තිබුණූ රට දිනෙන් දිනම අගාධයට යනවා. මේ රට යළි ගොඩ නැගීමේ ඓතිහාසික කාර්යභාරයට උරදීම සඳහා මැති ඇමැතිකම් තනතුරු අත්හැර දමලා ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ සඳහා මුළු රටම පිළිගන්නා නායකයකුට අපේ ශක්තිය ලබා දෙනවා.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා: ශ්‍රීලනිපය මරන්න පුළුවන් පක්ෂයක් නොවේ. එදා බණ්ඩාරනායක ඝාතනය කරලා පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලත් බැරිවුණා. චන්ද්‍රිකා මැතිනියවත් මහින්ද රාජපක්ෂ මහතාවත් මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඝාතනය කරන්න හැදුවා. එහෙත් ශ්‍රීලනිපය මරන්න බැරිවුණා. මේ පක්ෂය මේ රටේ මිනිසුන්ගේ ජීවනාලියයි. අද මේ රටේ ස්කෝලේ මහතාගේ පුතෙකුට ඉංජිනේරුවරයකු එන්න ලැබුණේ ගොවියෙකුගේ පුතෙකුට දොස්තර කෙනෙකු වෙන්න ලැබුණේ ඌවේ වැසියකු වූ ඩිලාන්ට නීතිඥයකු වෙන්න ලැබුණේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති නිසයි.අප දහසය දෙනා ශ්‍රීලනිප පෙරටු කරගෙන එජාපය පරාජය කිරීමේ පාලම හදනවා. මේ රටේ ඉතිහාසය දිහා බැලුවාම සියලු බලවේග ඒකරාශී කර නොගෙන ජයග්‍රහණයක් ලබා ගන්න බැරි බව පේනවා. ඒ නිසා සියලු බලවේග එකතු කර ගෙන ප්‍රගතිශීලී ආණ්ඩුවක්, ජනාධිපතිවරයකු මේ රටේ ගොඩ නගන්න තමයි අප කටයුතු කරන්නේ. එජාප ආණ්ඩුවත් යටතේ රට ගොඩ නගන්න බැහැ. පසුගිය වසර තුනක කාලය තුළ රට අගාධයෙන් අගාධයට වැටුණා. ජනතාව පීඩාවට පත්වුණා.අප 16 දෙනා එකතු වෙලා රටපුරා කරගෙන යන හෘද සාක්ෂියේ නිදහස් සම්මන්ත්‍රණ මාලාව එකිනෙකාට මඩ ගහන එකක් නොවෙයි. රටේ තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්නයි අප හදන්නේ.බෙල්ලේ වැල දාගෙන ඉන්න කෙනාගේ සරම ගැලවුණාට ඒක අන්දවන්න කලින් බෙල්ලේ තොණ්ඩුව ගලවන්න ඕනෑ. එහෙම නැතිව සරම අන්දවන්න ගියොත් ඒ මිනිසාගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙලා මැරෙනවා. එතකොට සරම අන්දවලා වැඩක් නැහැ. ඒ වාගේ දෙයක් තමයි අප මේ ඉටු කරන්නේ.මේ සම්මුති ආණ්ඩුව පිරිමි ගැහැනු විවාහයකින් නොවේ. පිරිමි පිරිමි විවාහයක්. ඒ නිසා මේ සම්මුති ආණ්ඩුවෙන් සංවර්ධනයේ දරුවන් ඉපදෙන්නේ නැහැ. නමුත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ.ජාතික චින්තනයක් සහිත නවීන ලෝකයක් සමග ඉදිරියට යා හැකි ප්‍රගතිශීලී නායකයකු රටට අවශ්‍යයි. ඒ සඳහා පක්ෂ පාට ලකුණු අවශ්‍ය නැහැ. සියලු දෙනාටම පිළිගත හැකි ප්‍රගතිශීලී නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරගෙන ඔහු ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණ ගත යුතුයි.ඒ සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග හා සියළු ජාතීන් එකමුතු කර ගෙන පෙළ ගැසිය යුතුයි. ඒ ඓතිහාසික යුතුකම ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අපගේ මුළු ශක්තියම ඒ සඳහා යොදවා මේ රට යළි ගොඩ නැගීම සඳහා දිවිහිමියෙන් කැප වෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක,  විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජයතිලක යන මහත්වරුද අදහස් පළ කළහ.ආණ්ඩුවෙන් ඉවත් වූ සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න, සාරානාත් බස්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව සහභාගි වූහ.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවීමට පෙර මාතර ඓතිහාසික බෝධිය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ. වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. 
‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘
0
ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ යාපනය, ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.රටේ ජනතාව 2015 ජනවාරි 08 වැනිදා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.විරුද්ධ දේශපාලන බලවේග කෙතරම් පැමිණිය ද ඉදිරියේදී ද එම ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ඊයේ (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.ඉන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවයි.උගතුන් වැඩිවීමත් සමඟ රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ ද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරීන්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක්‍රමය වෙනස් කර තිබෙන බව ද කියා සිටියේය.තාක්ෂණ විෂයයන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික උපාධිධාරීන් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතමෝ ද ජස්ටින් ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් සහ විපක්ෂනායක ආර්. සම්පන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජදුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය. 
සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි
1
(අජන්ත කුමාර අගලකඩ)වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කීවේය.තමා දේශපාලන ජීවියකු බවත්, තමාගේ පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවත් කී ජනාධිපතිවරයා, තමාට තනතුරු තිබුණත් නැතත් නිල කාලයෙන් පසුව ද දේශපාලනය කරන බව සඳහන් කළේය. තමාගේ පණ සහ ලේ හැදී තිබෙන්නේ දේශපාලනයත් සමග යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කරන්නට තිබූ ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සියදිවි හානිකර ගැනීමක් වන බව ද ජනාධිපතිවරයා පැවසීය. මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවට ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළත් ලිපි ගොනු ලොරි දෙකක් ගබඩා කර ඇතැයිද ජනාධිපති සිරිසේන මහතා කියා සිටියේය.පසුගිය වසර දහයේ විදේශ ණය ලෙස ලැබෙන ටි්‍රලියන 10 ක ණයවලින් වත්කම් ලෙස පෙන්වන්නට ඇත්තේ ටි්‍රලියනයක් පමණක් බව කී ජනාධිපතිවරයා ඉතිරි මුදල්වලට සිදුවූ දේ පෙන්වීමට ලිපි ලේඛන නැති බවද පැවසීය.ඉදිරියේදී එන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ-චෞර-අශුද්ධ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව ද ජනාධිපතිවරයා කීය.මහ බැංකු බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව එහි පිටු අඩු බවට කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ ප්‍රකාශයක් කිරීමට තමා සිතා සිටියද, එය වහා ඉදිරිපත් කළ යුතු බවට කළ ඉල්ලීම් නිසා තමා කල් ඇතිව ප්‍රකාශයක් කළ බව කී ජනාධිපතිවරයා, සමහරුන්ට අවශ්‍ය වූයේ එය දේශපාලන වශයෙන් පමණක් යොදා ගැනීමට බව කීවේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා නීතිඥයින්ගේ අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා, තවත් පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් පසුව තමා මෙවැනි ප්‍රකාශයක් කළේ ජීවිතයේ පළමු වතාවට බව පැවැසීය. මෙම වාර්තාවේ කිසිම අඩුවක් නැති බව තමා වගකීමෙන් කියන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමෙන් පසුව ඊට පසුබිම් වූ වාර්තා ලිපි ලේඛන ලොරි දෙකකට වැඩිය ගබඩා කර තිබෙන බව කී ජනාධිපති සිරිසේන මහතා, ඉදිරියේදී නඩු පැවරීමට අවශ්‍ය සහ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද පැවසීය. පාඩු වූ මුදල් අයකර ගැනීමටත්, නඩු පැවරීමටත් අවශ්‍ය ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද ජනාධිපතිවරයා කීවේය.මෙම වාර්තාව නිවැරැදිව තේරුම් ගැනීමට නම් ගබඩාවල තිබෙන එම ලිපි ලේඛන ද යම් ප්‍රමාණයකට පරිශීලනය කළ යුතු යැයි කී ජනාධිපති සිරිසේන මහතා, වාර්තාවේ පිටු අඩුවී ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කළේය.බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එකට ඉදිරිපත් කළේ සැලසුම්සහගතව නොවන බව කී ජනාධිපතිවරයා, අහඹු ලෙස ලැබුණු වාර්තා දෙකම එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කීවේය.තමා වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට පසුව හඬ නැගූ  අය වාර්තාව දුන් පසු පුදුම ආකාරයට නිහඬ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.වාර්තාව ඉල්ලා කෑ ගැසූ අය වාර්තා දෙකම ඡන්දයට පෙර පාර්ලිමේන්තුවේ දින දෙක තුනක් විවාද කළේ නම් ඒ පිළිබඳව රටට දැනගන්නට හැකිව තිබූ බව කී ජනාධිපතිවරයා දෙගොල්ලන්ම එකතු වී පොත වසා දැමූ බව කීවේය.තමාගේ ප්‍රතිපත්ති හේතුවෙන් හිටපු අය මෙන්ම ආණ්ඩුවේ දැන් සිටින අය ද තමා දෝෂදර්ශනයට ලක් කරන බව කී ජනාධිපතිවරයා කොමිසමේ වාර්තාවක් බොරුවක් බව රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව කීවේය.රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය පළමු ප්‍රකාශය අගමැතිවරයා වැළැක්වූයේ එම ප්‍රකාශය කළොත් ලොකු අමාරුවක වැටෙන බව ප්‍රකාශ කරමින් යැයි කී ජනාධිපතිවරයා රවි කරුණානායක මහතා දෙවැනියට කරන්නට ගිය ප්‍රකාශය නතර කළේ කතානායකවරයා විසින් බව සඳහන් කළේය.ඔහු එම ප්‍රකාශය කළේ නම් එය සිය දිවි නසා ගැනීමක් වනු ඇතැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය බොරු යැයි රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ ද, තමා එම ප්‍රකාශය කළේ නීතිඥයන්ගේ ද අදහස් විමසීමෙන් පසුව බව කී ජනාධිපතිවරයා රට යහපත් පැත්තට ගෙනයෑමේ බරපතළ අභියෝගයක් මතුව තිබෙන බව කීවේය.මෙහි කෙළවර කොතැක දැයි තමා නොදන්නා බව කී ජනාධිපතිවරයා එසේ වුවද තමා කරන්නට ඕන දේ කරන බව පැවැසීය.කොමිෂන් සභා දෙකේ වාර්තා අනුව වගකිවයුතු අයට නඩු පැවරීමේදී ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම තමා කරන බව ජනාධිපතිවරයා කීවේය.පසුගිය ආණ්ඩුවේ බලවත් අයට එරෙහිව නඩු පැවැරුවේ දැයි ජනතාව අසන බව කී ජනාධිපතිවරයා තාජුඩීන් ඝාතන සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය ආදිය පිළිබඳ වාර්තා කටයුතු 2016 වන විට අවසන් කර ඇති බව නීති අංශ ප්‍රකාශ කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු කරද්දී පරීක්ෂණ කළ නිලධාරීන්ට කරදර සිදුවූ බව කී ජනාධිපතිවරයා ඇලෝසියස් ගේ දුරකථනයේ තොරතුරු සොයා බැලුවේ යැයි මැති ඇමැතිවරුන් කලබලවූ බවද සඳහන් කළේය.ඔවුන් පරීක්ෂා කළේ ඇලෝසියස්ගේ දුරකථනයට ආ සහ එමගින් ගත් ඇමතුම් පිළිබඳ තොරතුරු මිස මැති ඇමැතිවරුන්ගේ දුරකථන තොරතුරු පරීක්ෂා නොකළ බවද ජනාධිපතිවරයා පැවැසීය.එසේ වුවද එම තොරතුරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට අවසානයේ ඒ පිළිබඳව කරුණු කියන්නට සිදුවූ බවද ජනාධිපති සිරිසේන මහතා කීය.එවැනි ක්‍රියාවලින් ඇතැම් නිලධාරීන් බිය වුවද සියලුම නිලධාරීන් බිය නොවූ බව කී ජනාධිපතිවරයා එසේ වුවද එමගින් පරීක්ෂණවලට බාධා එල්ලවූ බව කීවේය.චෞර ප්‍රභූ සන්ධානයක් දේශපාලන බේදයෙන් තොරව බිහිවී ඇති බව තමා මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළේ යැයි කී ජනාධිපති සිරිසේන මහතා එයට පක්ෂයක් පාටක් නැතැයි සඳහන් කළේය.ඉදිරියේදී එන නඩු ටිකෙන් බේරීමට අශුද්ධ සන්ධානයක් බිහිවී අවසන් බවත් මෙම පරීක්ෂණ කරන නිලධාරීන් බිය ගැන්වීමට ඉඩ නොදෙන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා කීය.ආර්ථිකය හැසිරවීමේ බලය තමා යටතට මේ වසරේ සිට ගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා එමගින් අදහස් කළේ ආර්ථිකය කඩාවැටීමක් නොව ආර්ථිකය කඩාවැටීමට හේතුවන කාරණා ගැන යැයි කීවේය.පසුගිය අවුරුදු තුනේදී ආර්ථිකය ගොඩනැගීමට රජයක් ලෙස කටයුතු කළද ඇතැම් පාර්ශ්වයන් ඊට වෙනස්ව කටයුතු කළේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති සිරිසේන මහතා තමා මන්ත්‍රීවරයෙකු වූයෙත්, ජනාධිපති වූයෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට බවත් තමා නැවත ජනාධිපතිධුරයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලිව තීන්දුවක් ගෙන නැති බවත් කීවේය.තමාට තිබෙන්නේ අද තිබෙන දේ කිරීම බව කී ජනාධිපතිවරයා අභියෝග රැසක් තිබෙන බව සඳහන් කළේය.තව අවුරුදු දෙකකින් එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි තීන්දුවක නැති බව කී ජනාධිපතිවරයා දැනට එන තත්ත්වයන් කොතනින් කෙළවරවේද යන්න ගැටලුවක් බවත් කීවේය.තමා ආණ්ඩුව තුළ සටන් කරන නමුත් ඒවා විස්තරාත්මකව කිව නොහැකි බව ජනාධිපතිවරයා කීවේය.ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනාධිපතිවරයා නොවේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන ලිපි ගොනු නැවත පරීක්ෂා කර තහවුරු කර ගැනීමෙන් පසුව නඩු පවරන ලෙස තමා අගමැතිවරයාට උපදෙස් දී තිබෙන බව පැවැසීය.පර්පෙචුවල් ටේ‍රෂරිස් සමාගමට බැඳුම්කර ගනුදෙනුවෙන් ලැබුන ලාභය එහි වෙනත් සමාගමකට මුදල් වශයෙන් ලබාදී ඇති බවත් අල්ලස් හා සන්තෝෂම් වශයෙන් එක් එක් අයට ලබාදී ඇත්තේ එම මුදල් බවත් ජනාධිපතිවරයා පැවැසීය.මේ අතර බැඳුම්කර වාර්තාව ගැන තවදුරටත් යමක් දැනගත යුතුයි පක්ෂ නායකයින් ලබන සඳුදා (29) ජනාධිපති කාර්යාලයට කැඳවා ඇතැයි කී ජනාධිපතිවරයා කාට හෝ ගැටලුවක් ඇත්නම් එය විසඳාගත හැකි යැයි පැවසීය.ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස් සහ අන්නාසි ප්‍රති අපනයනයේදී බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කී ජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදීද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේය.අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ආණ්ඩුවේ සිටින සමහරුන්ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැනද නිතර පවසා ඇති බව සඳහන් කළේය.මේ අතර පළාත් පාලන මැතිවරණය ඡන්ද කොට්ඨාස මට්ටමේ ඡන්ද පොළවලදී ගණන් කිරීමට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව කී ජනාධිපතිවරයා පළාත් පාලන ආයතන මට්ටමින් ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමේ වැදගත්කම තමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇතැයි සඳහන් කළේය.තමා පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ දූෂණයට හා වංචාවට විරුද්ධව බව කී ජනාධිපතිවරයා කොතරම් අභියෝග ආවද දූෂණයට එරෙහි ගමන නතර නොකරන බව කීවේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඡන්දයෙන් පසුව මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව කීවේය.  
සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි
0
(නාලක සංජීව දහනායක පන්නල සිට)තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් සියලුම පොරොන්දු තම ධුර කාලය ඇතුළතදීම ඉටු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (1) පන්නලදී පැවැසීය.එම අභියෝගය ජයගත හැකි කණ්ඩායමක් තමන් සමග සිටින බවද ඔහු සඳහන් කළේය.පන්නල ප්‍රජා ශාලා භුමියේ සිකුරාදා (1) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද පැවැසීය.අප පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. එය සකස් කිරීමේදී ගමන් මග පිළිසඳරක් වැඩසටහනේදී ඔබලාගෙන් ලබාගත් අදහස් හා විද්වතුන් හා වෘත්තිකයන්ගේ අදහස් ලබා ගත්තා. එහි ඇතුළත් වන්නේ ප්‍රායෝගික විසඳුම්. මාගේ ධුර කාලය ඇතුළතදී එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියල්ලම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.අපගේ රජය යුද්ධය අවසන් කළා. නමුත් ඉන් පසුවත් රටේ ආරක්ෂාව වෙනුවෙන් අප සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ පාලන කාලයේදී කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.නමුත් මෙම රජය බලයට පත් වීමත් සමග ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අප යොදා තිබූ ආරක්ෂක සැළසුම් ඉවත් කළා. ඒ නිසා රටත්, ජනතාවත් අනාරක්ෂිත වුණා.නමුත් අපගේ රජයක් යටතේ මේ රට සුරක්ෂිත කරනවා. නැවත මේ රටේ අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ තියන්නේ නැහැ. අන්තවාදීන් සමග එකතුවිය නොහැකි නිසා දෙමළ පක්ෂවල ඉල්ලීම් අප ප්‍රතික්ෂේප කළා.අප බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙනවා. ගොවි ණය කපා හරිනවා. ගොවි විශ්‍රාම වැටුප, ලබා දෙනවා. ගුණාත්මක බීජ, උසස් බීජ ගොවීන්ට ලබාදෙනවා. ගොවි ජනතාව දුප්පත් කමින් මුදවාගත යුතුයි.එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. ඒ නිසා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනවා. මේ හරහා රටට වැඩියෙන් ආයෝජන ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම අපගේ රජය පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝකාලීන හා කෙටි කාලීන සැලසුම් සකස් කරනවා.උසස් පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක සිසුන් පිරිසක් සමත් වුවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නේ 35000ක සිසුන් පිරිසක් පමණයි. ඒ නිසා සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. නව පාඨමාලා හඳුන්වා දෙනවා. උපාධිධාරියාට රස්තියාදු නොවී රැකියාවක් ලබාගැනීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයන් සකස් කරනවා.තොරතුරු තාක්ෂණය අංශයෙන් රැකියා ලබා ගැනීමට උපාධියක් අවශ්‍ය වන්නේ නැහැ. අද තොරතුරු තාක්ෂණය අංශයෙන් රටට රුපියල් බිලියන දෙකක පමණ ආදායමක් ලැබෙනවා. මෙය රුපියල් බිලියන තුනක පමණ ආදායමක් ලබා ගැනීමට පුහුණු ප්‍රජාවක් අවශ්‍යයි. ඒ නිසා තරුණ පරපුරට අතරමංවීමට ඉඩ නොදී අවශ්‍ය පුහුණුව ලබාදීමට මා කටයුතු කරනවා.තේ, කුරුඳු, ගම්මිරිස් වැනි අපනයන බෝග හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි. නමුත් වත්මන් රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඒ කර්මාන්ත කඩා වැටිලා.අප අභියෝග බාර ගත් කණ්ඩායමක්. බාරගත් සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගත් කණ්ඩායමක්. ඒ නිසා ඔබ මා ගැන විශ්වාසය තබන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මම ඔබට සුරක්ෂිත රටක් බිහිකර දෙනවා යැයිද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.රට සංවර්ධනය කරන්න තමන් ආරම්භ කරන වැඩපිළිවෙළ ගැන අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කළා. ඔහුට පැහැදිලි සැලැස්මක් තිබෙනවා.විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩ නැගීමේදී අප කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තයට වැඩියෙන්ම පහසුකම් සැලසුවේ අපගේ රජයයි. රුපියල් 350ට පොහොර සහනාධාරය දුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. ගුවන් තොටුපොළක වී ගබඩා කරන්න වෙන තරමටම රට සහලින් ස්වයංපෝෂිත වුණා.නමුත් මේ රජය බලයට පත්වී කෘෂිකර්මාන්තයට මොනවද කළේ. අපි දීපු පොහොර සහනාධාරය නතර කළා. කුඹුරු ඉඩම් ලක්ෂයක් වගාකිරීම නතර කළා. ඒ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද පිටරටින් සහල් ගෙන්වනවා.සංවර්ධන කාර්යයන්වලදී කර්මාන්ත සංවර්ධනය කිරීම ගැනත් අපි අවධානය යොමු කරනවා. එහිදී විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි කර්මාන්ත රටට ගෙනඑනවා. ඇඟලුම් කර්මාන්තය අද ගමට ඇවිල්ලා තියෙනවා. ඒ සේවක සේවිකාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් අප ඇති කරනවා. එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා.වත්මන් රජය මේ ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළා. නමුත් තවම වාහන නිෂ්පාදනය වෙන්නේ නැහැ. මාස 6ක් ඇතුළත ඉන් වාහනයක් නිපදවුණේ නැත්නම් අප ඒ ඉඩම නැවත රජයට පවරා ගන්නවා. රටේ ඉඩම් නිකරුණේ පිට අයට දෙන්න බැහැ.ජනතාව බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුවෙන් ලැබුණේ නැහැ. ජනතාවට නොලැබුණ දේවල් හුඟාක් තියෙනවා. රටේ සම්පත් විකුණුවා. මහ බැංකුව මංකොල්ලකෑවා. රටට මුකුත් කළේ නැහැ.සජිත් ප්‍රේමදාස අද රටට විහිළු සපයනවා. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව, තමන්ගේ ආසනය දිස්ත්‍රික්කය දිනාගන්න බැරි කෙනාට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්දැයි ප්‍රශ්නයක් තිබෙන බවද විපක්ෂනායකවරයා කීය. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.මේ ආණ්ඩුවට ආයුෂ තියෙන්නේ තවත් මාස 6යි. ඊට පස්සේ රට බාර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනන බව ඇමරිකාවත් දන්නවා. ඒ නිසා ඡන්දයට කලින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙසට ඔවුන් රජයට බලකරනවා.මේ පණ අදින ආණ්ඩුව එක්ක අත්සන් කරන ගිවිසුම් ඔට්ටු නැහැ. ඒ නිසා ඕනෑම ගිවිසුමක් ගැන 17 වැනිදායින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරන ලෙසට අප ඇමරිකාවට කියනවා.පසුගියදා සජිත් ප්‍රේමදාස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඒකේ සිංහල පිටපතේ තියෙන එක නෙවෙයි ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ. ඉංග්‍රීසි පිට පතේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඕන දේයි. ඒ කියන්නේ සජිත් දින්නොත් ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තියෙන දෙයයි.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස වෙලා රටේ ජනාධිපති නොවුණ නම් අඩුම තරමේ සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නෙවත් නැහැ. නමුත් ඔහු අද රාජපක්‍ෂලාගේ පවුල් දේශපාලනය ගැන කතා කරනවා. මේ රටේ පවුල් දේශපාලනය හැමදාම තිබුණා.මුළු රටම  මහින්දට - ගෝඨාට ආදරය කරන්නේ ඔවුන් රටට වැඩක් කළ නිසයි. ඒ ආදරයට ඊර්ෂියා කරලා වැඩක් නැහැ. වෛර කරලා වැඩක් නැහැ.එදා සජිත්ගේ පියා බලයෙන් වියරු වැටුණා. අන්තිමට මිනිස්සුන්ට ප්‍රේමදාස එපා වුණා.අද සජිත් යන්නෙත් තමන්ගේ පියා ගිය මාර්ගයේමයි. ඔහුගේ රැස්වීමකදී ආධාරකරුවන් පිරිසක් තරුණයකුට පහරදුන්නා. ඒ වෙලාවේ සජිත් වේදිකාවේ හිටියත් ඒ පහරදීම නවත්වන්න කටයුතු කළේ නැහැ. ඔහුගේ මානසිකත්වය ඉන් තේරුම් ගත හැකියැයිද ඔහු කීය.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවැසීය.මේ රටේ ජාතිභේද ඇති වුණේ ඉකුත් රජය කාලේ බවට මතයක් පැතිරෙනවා. ඒක බොරුවක්. මේ රටේ ජාති භේදය ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන රජය කාලයේදීයි. යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ ඒ රජය සමයේදීයි.එක්සත් ජාතික පක්‍ෂය පාලනය කළ හැම කාලයකදීම මේ රටේ මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. අපි ජාතිවාදය වපුරන රටේ සමගිය නැතිකරන පක්‍ෂයක් නෙමෙයි. ජාතීන් අතර සමගිය ඇති කළ පක්‍ෂයක්.ආසියාවේ වේගවත්ම ආර්ථික සංවර්ධනය තිබූ මේ රට එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලොව දුප්පත්ම රට බවට පත්වුණා. අද මේ රටේ මිනිස්සු  ජීවත් වෙන්නේ මාර අවුලක. රටේ මිනිස්සු අනාගතය ගැන හිතන්නත් බයයැයිද ඔහු සඳහන් කළේය.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේ පැවැසීය.යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකක් යනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්න අගමැතිවරයා උත්සාහ කළා. මම එයට විරුද්ධ වුණා.එමෙන්ම ආයෝජන මණ්ඩලයේ හිටපු දූෂිතම නිලධාරියා නැවත රටට ගෙනත් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. ඒ  පත්කිරීම කළේ මහ බැංකුව කොල්ල කන්නයි. ලොව කිසිම රටක අගමැතිවරයෙක් තමන්ගේ රටේ මහ බැංකුව කොල්ල කෑවේ නැහැ. නමුත් අගමැතිවරයා ඒ දේ කළා.එමෙන්ම යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සියලුම රණවිරුවන්ට විරුද්ධව ජිනීවා නුවරදී ගිවිසුම් අත්සන් කළා. ඇමතිකම් පැත්තකට දාලා මම ඒවාට විරුද්ධව සටන් කළා.තමන් බලයට පත්වුවහොත් පිටරට පදයට නටන්නේ නැති බව සජිත් ප්‍රේමදාස කියනවා. නමුත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම හරහා මේ රට ඇමරිකාවට පාවාදෙන්න රජය උත්සාහ ගන්නවා.එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 15,000ක් විදේශිකයන්ට විකුණනකොට ඇමතිකම පැත්තකට දාලා මම ආණ්ඩුවෙන් එළියට ආවා. නමුත් රට ගැන මහා කැක්කුමකින් කතා කරන සජිත් ප්‍රේමදාස මහතා ඒවාට විරුද්ධව වචනයක්වත් කතා කළේ නැහැ. ඔහු රටට එරෙහි හැම යෝජනාවටම අත ඉස්සුවා.මේ ආණ්ඩුව බලයට පත් වූ දවසේ සිටම රටත් ජනතාවත් අනාරක්ෂිත වුණා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර එල්ල වීමට මාස ගණනකට කලින් එවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කළා. නමුත් ආණ්ඩුව තමන් ජාතිවාදියෙක් කළා මිස ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළේ නැහැ.ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.අපි කුඩා කාලේ ආච්චිලා සීයලාගෙන් රස කතා ඇසුවා. අද අපි රස කතා අහන්නේ සජිත් ප්‍රේමදාස මහතා ගෙනුයි. රටට විශාල අනතුරක් එල්ල වී තිබෙන මොහොතකදී රට සුරක්ෂිත කිරීම ගැන කතා කරනවා වෙනුවට ඔහු කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක තුවා ගැන කතා කරනවා.නමුත් ගෝඨානය රාජපක්‍ෂ මහතා රට හදන ආකාරය, අධ්‍යාපනය, ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන කතා කරනවා. ඔහු වේදිකාවල හිස් වචන කතා කරන්නේ නැහැ. ගෙම්බෝ සජිත්, සජිත් කියල කෑගැහුවට මිනිස්සු කෑගහන්නේ ගෝඨා... ගෝඨා කියලා යැයිද ඔහු කීය.පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසකාර මහතා මෙසේ පැවැසීයරට විකුණපු, රණවිරුවන් මහා සංඝරත්නයට අපහාස කළ මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් රටට අවශ්‍ය නැහැ. මේ රට ගොඩගන්න අලුත් නායකත්වයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ නිකරුණේ කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන හැම වචනයකම වටිනාකමක් තිබෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ උපාලි දසනායක මහතා මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දක්වමින් වේදිකාවට එක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න මහතාද ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
1
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(නාලක සංජීව දහනායක, අම්පාර වසන්ත චන්ද්‍රපාල, නාමල්ඔය පියසේන වතුදුර, දමන රවී මැදගෙදර, දිගාමඩුල්ල කුමාර සී. ලියනරාච්චි, හිඟුරාන නවරත්න සමරතුංග අම්පාර සිට)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (29) අම්පාරේ දී පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්වීම එම ජයග්‍රහණයට විශාල ශක්තියක් සපයන බව ද ඔහු කීය.අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.විපක්ෂනායකවරයා එහි දී මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කර ගැනීම ගැන මේ ආණ්ඩුව පත්කරගන්න සටන් කළ උදවියත් අද දුක්වෙනවා. අම්පාරට විතරක් නෙමෙයි මුළු රටටම වැඩ කළේ අපේ ආණ්ඩුවයි.යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳලම රටට මොනවද කළේ. ප්‍රේමදාස යුගය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. පොලිස් නිලධාරීන් 600ක් මරා දැම්මේ එජාප රජය කාලයේයි. අපි ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා.නමුත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අද අපි එකිනෙකාට බියෙන් ජීවත් වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න නම් නැවත අපගේ රජයක් බලයට පත්කර ගත යුතුයි.මේ රටේ තත්ත්වය ගැන ජීවන වියදම ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. කන බොන දේවල්වල මිල මට වඩා හොඳට ඔබ දන්නවා. මේ තත්ත්වය වෙනස් කරන්න ප්‍රේමදාස මහත්තයට බැහැ.අපි හදපු සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම හැර මේ ආණ්ඩුව රටට මොනවද කළේ. ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති හැම එකකටම සජිත් ප්‍රේමදාස මහත්තයා අත ඉස්සුවා.තමන් ජනාධිපති වුවහොත් ගොවි ජනතාවට දෙන සහන ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිවම රටට ප්‍රකාශ කර තිබෙනවා. වීවලට ස්ථිර මිලක්, පොහොර සහනාධාරය නොමිලයේ ලබාදීම ගැන ඔහු ප්‍රකාශ කළා.ශ්‍රීලනිප එජාපය සමග එක්වීමත් සමග අපි ශ්‍රීලනිපයෙන් වෙන්වෙලා වෙනම පක්ෂයක් ගොඩනගා ගත්තා. දැන් අපි නැවත එකතුවෙලා තිබෙනවා. ඒ එකතුවීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා එකතුවී වැඩ කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.අපගේ රජය යටතේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට විශාල අභිමානයක් ලබාදුන්නා. ගම්බට්ටා යැයි හැඳින් වූ ආරක්ෂක භටයාට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් වශයෙන් කටයුතු කිරීමට හැකි වාතාවරණය ලබාදුන්නේ අපගේ රජයයි.එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය කෙළෙසලා දැම්මා. වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. රජය පසුගිය කාලයේ කටයුතු කළේ රණවිරුවාගේ මානසිකත්වය කඩා වැටෙන ආකාරයටයි.අභූත චෝදනා නගමින් රණවිරුවොත් බුද්ධි අංශ නිලධාරියාත් සිරගත කළා. අප යෙදූ ආරක්ෂක විධිවිධාන නොසලකා හැරීම නිසා පාස්කු ඉරු දින බෝම්බ පුපුරා ගියා.විදේශ රාජ්‍යයන්වල අවශ්‍යතාවන් මත කටයුතු කරන වත්මන් රාජ්‍යයට ජාතික ආරක්ෂාවට වගකියන්න බැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ අපගේ රජයකට පමණයි.අපගේ රජය විසින් ආරක්ෂක අංශ වෙත ලබාදුන් හා ලබාදීමට නියමිතව තිබුණ වරප්‍රසාද මෙම රජය අහිමි කළා. නමුත් අපගේ රජයක් යටතේ ආරක්ෂක අංශවලට වරප්‍රසාද ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.හමුදාව, පොලිසිය වැඩ කළේ කවුද කියන්න ඔබ දන්නවා. ඔබට වැඩියෙන්ම වරප්‍රසාද ලබාදුන්නේ කවුද කියලා ආරක්ෂක අංශ දන්නවා. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මම කියනවා.අපගේ රජය යටතේ ගොවි ජනතාව නගා සිටුවන්න පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වගා හානිය ලබාදෙන්නත්, ගොවි ණය කපා හරින්නත් අප කටයුතු කරනව මෙන්ම පොහොර සහනාධාරයත් නොමිලයේම ලබා දෙනවා.ගුණාත්මක බවින් යුතු බීජ නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙනවා. රට ආහාරයෙන් සුරක්ෂිත කිරීමට එම යෝජනා ඉතාම වැදගත්.සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න කටයුතු කරනවා. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් කරනවා. ඒ වෙනුවෙන් විනිවිධ පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ආයෝජන අවස්ථා පුළුල් කරන්නත්, ව්‍යාපාරයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් බදුසහන ලබාදීම හරහා අප බලාපොරොත්තු වෙනවා.උසස් පෙළ සමත් සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල ආයෝජනයක් කරනවා.මේවා කළ හැක්කේ අභියෝග බාරගත් අයට පමණයි. ත්‍රස්තවාදය නිම කිරීමේ අභියෝගය ජයගත්තාක් මෙන් ජනාධිපතිවරණය ජයගෙන රටට එල්ලවී තිබෙන අභියෝග ජයගැනීමට තමන් සූදානම් යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.ඔබ අපි මරණයේ හෙවණැල්ල මැද ජීවත් වූ යුගය නිම කරලා රටට සාමය උදා කළේ මහින්ද - ගෝඨා සුසංයෝගයයි. ඒ කෘතවේදීත්වය හදවතේ දරාගත් මිනිස්සු ඔබයි.මරණයේ බිය පහකළ රටට නැවතත් මරණයේ සෙවණැලි කැඳවාගෙන ආවේ වත්මන් ආණ්ඩුවයි. සහරාන්ලා ගැන 97 වතාවක් බුද්ධි අංශ දැනුම්දීලත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පාස්කු ඉරුදින මිනිස් ජීවිත 400 ගණනක් රටට අහිමි වුණා.සහරාන්ලා හැදුවේ ගෝඨාභය බවට දැන් කතාවක් හදලා තියෙනවා. යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ හිරේ දැම්මේ ගෝඨාභය ද? මෙම ප්‍රහාරය ගැන තමන් නොදැන සිටි බව හිටපු හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ රටට කීවා.ත්‍රස්තවාදය නිමකරන්න සහයෝගය දුන් බුද්ධි අංශ හිරගත කරනවිට සජිත්ගේ කට ඇරුණේ නැහැ. තමන් රණවිරුවන් වෙනුවෙන් හිස දන්දෙන්න වුණත් සූදානම් බව සජිත් කියනවා. ඉතිහාස කතාවට අනුව සිරිසඟබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්නම රජ වුණේ ගෝඨාභය රජ්ජුරුවොයි.මේ රට නැවතත් ආරක්ෂාව සුරක්ෂිත බව ඉල්ලා සිටිනවා. එදා වගේම රටටත්, ජනතාවටත් සුරක්ෂිත බවක් දෙන්න හැකියාව තිබෙන්නේ මහින්ද - ගෝඨා සුසංයෝගයට පමණයි.තමන්ගේ රජය යටතේ ආරක්ෂක අමාත්‍යංශයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පත් කරන බවට සජිත් කියනවා. හමුදාපති කාලෙදි හමුදා මූලස්ථානයේ දීම එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට මුහුණ දුන්න සරත් ෆොන්සේකාට රට ආරක්ෂා කරන්න බැහැ.පසුගියදා සේරුනුවර දී තීපන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට පත් වුණා. මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හතර දෙනෙක් ඝාතනය කරන්න ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු වන බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබෙනවා. දැන් ආණ්ඩුව ඒ පරික්ෂණ අඩපණ කර තිබෙනවා.පොලිස් නිලධාරීන්ට බටා දීමනාව දෙනවට අපි විරුද්ධ බව සජිත් කියනවා. අපි විරුද්ධ නැහැ. ඒ දීමනාව හෙට උණත් දෙන්න අපි අත් දෙකම උස්සන්න සූදානම් යැයි ද ඔහු කීය.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවැසීය.මෙය ආණ්ඩු පෙරලියක් ඇති කරන ජනාධිපතිවරණයක්. ඒ අනුව මෙම ජනාධිපතිවරණයෙන් රටට අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. මේ ආණ්ඩුව ආර්ථික සංවර්ධනය කළේ ඉලක්කම්වලින් පමණයි. අධිරාජ්‍යවාදී රටවල වුවමනාවන් වෙනුවෙන් රට පාලනය කළ වික්‍රමසිංහලා හා ප්‍රේමදාසලා වෙනුවට රටට හිතැති පාලනයක් බිහිකරගත යුතුයි.එජාප අපේක්ෂක ප්‍රේමදාස මහතා අද කවටයෙක් වෙලා. තමන් ජනාධිපති වුවහොත් මාලිගාවල නොසිටින බව ඔහු කියනවා. රටේ ජනාධිපති මාලිගාවක ඉන්නවද, එහෙමත් නැත්නම් මුඩුක්කුවක ඉන්නවද කියන එක රටට ප්‍රශ්නයක් නෙවෙයි. විහිළු කතා කීම නවතා රට සංවර්ධනය කරන ආකාරය ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු කියන්නේ නැහැ.නමුත් ගෝඨාභයගේ කතා ඇසෙන විට අපට දීප්තිමත් අනාගතයක පෙර නිමිති පේනවා. ඔහුගේ කතා විද්වත් ස්වරූපයක් ගන්නවා. රට සංවර්ධනය කරන ආකාරය, ජීවන ප්‍රශ්න විසඳන ආකාරය ගැන ඔහු තමන්ගේ දැක්ම රටට හෙළිකරනවා මිස වේදිකාවල නිකරුණේ කතා කරන්නේ නැතැයි ද ඔහු කීය.අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා:අම්පාරේ අපි එදා කුඹුරට ගියේ පාරේ ගියේ මර බයෙන්. ඒ තත්ත්වයෙන් අපි මුදාගෙන නිදහස ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නා.ලබාදුන් නිදහස වෙනුවෙන් අම්පාරේ අපි ඔබ දෙපළට ණයගැති යැයි ද ඔහු කීය.දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය:ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නියත ජයග්‍රහණයක් වූයේ ශ්‍රීලනිපයත් එකතුවීම නිසයි. මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජය වෙලා ගියාම ඔහුව නැවත දේශපාලනයට ගේන්න සටන් කළ එකම කාන්තාව මමයි.අපිට එදා අසාධාරණකම් වුණා. ඒවාට උත්තර දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මම හැමදාම සටන් කළේ අම්පාරේ ජනතාවගේ ජයග්‍රහණයන් වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණ ලබාදීම මිස පුද්ගලිකව මා දිනාගත්ත දෙයක් නැහැ. තමන් හැමදාම කොන්ද කෙළින් තියාගෙන සිටි කාන්තාවක් යැයි ද ඇය සඳහන් කළාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාසජිත් ප්‍රේමදාසට රණවිරුවන් ගැන අනුකම්පාවක් ඇතිවී තිබෙන්නේ දැනුයි. බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරනවිට, රණවිරුවන්ගේ පුද්ගලික මුදලින් ත්‍රස්තවාදීන්ට වන්දිගෙවන්න නියම කරනවිට ඔහු සිනහාසිසී සිටියා මිස රණවිරුවන් වෙනුවෙන් කිසිවක් කීවේ නැහැ.සිවිල් ආරක්ෂක සෙබළුන් ස්ථිර කළේ මහින්ද රාජපක්ෂ රජයයි. දැන් එයත් තමන්ගේ ආණ්ඩුව කළ වැඩක් බවට සජිත් ප්‍රේමදාස වේදිකාවල කියනවා. ග්‍රාමාරක්ෂක නිලධාරියා සිවිල් ආරක්ෂක සෙබළුන් බවට පත්කර ඔවුන්ට අභිමානවත්ව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයයි. අද සිවිල් ආරක්ෂක සෙබළු බේරේ වැවේ කුණු අදින්න දාලා.මේ ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාරට කළ එකම දෙය රට විදේශයන්ට විකිණීම පමණක් යැයි ද ඔහු කීය.ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා:නැගෙනහිර පළාතේ සම්පත් විකුණාගන්න ආණ්ඩුව සැලසුම් කළා. විපක්ෂයේ කටයුතු නිසා එය තාවකාලිකව නතරවී තිබෙනවා. මේ රට බේරාගන්න නම් අප සියලුම දෙනා එකතුවී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි.අම්පාරේ එදා මායිම් ගම්මාන තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට නිදහසේ ගමන් බිමන් යන්න බැරි තත්ත්වයක් එදා ඇතිවෙලා තිබුණා. ඒ තත්ත්වයෙන් රට නිදහස් කරගෙන රටට නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යැයි ද ඔහු කීය.එක්සත් ජාතික පක්ෂයේ කල්මුණේ ආසන සංවිධායක එස්.එම්. මුනිස් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය පළකරමින් මෙම වේදිකාවට ගොඩවිය.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ කිහිපදෙනෙක් ද මෙම රැලිය ඇමතූහ.
“ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලු පොරොන්දු ධූර කාලය තුළදිම ඉටුකරනවා“
0
(මැදිරිගිරිය චාපා මධුභාෂිණි සහ පොලොන්නරුව ක.ග කරුණාරත්න)එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  මේරට ගොඩ නගන්න බැරි බව පැහැදිලියි. ඒ නිසාම මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් කරන්න පුළුවන්. අද රට කඩාවැටීම නව ගමනකට හොඳ පෙරනිමිත්තක් බැවින් පුළුල් වැඩ පිළිවෙලකට අවතීර්ණ වී බලය අත්පත් කර ගන්න අපි සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පොලොන්නරුවේදී පෙරේදා (19) පැවැසීය.  දිසානායක මහතා මේ අදහස් පළකළේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති දිරිය පුරවැසි සමිති දිසා සමුළුවට එක් වෙමිනි.ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී. සරත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කරනවා. පිටුපස තියෙන ඇත්ත දේශපාලනය මොකක්ද රටේ සිදුවන්නේ අපේ රට කවර අනතුරකද තියෙන්නේ. මේ අනතුරෙන් මුදාගන්න මොකක්ද කරන් ඕනෑ කියලා අවශ්‍ය ප්‍රමාණයට සංකච්ඡා වෙමින් තියෙනවා. ටෙලි නාට්‍යයක දිනපතා විකාශය වෙන කොටසක් වගේ අපේ රටේ ජනතාවට දේශපාලනය දර්ශනය වෙනවා. විසඳුමක් සොයාගත හැක්කේ අප මුහුණ දී සිටින ගැටලු ගැන හොඳ අවබෝධයක් ගත්තොත් විතරයි. ජනවාරි අට වෙනිදා මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ ජනතාවගෙන් බහුතරයක් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් සාකච්ඡා කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඕන බවයි.ජනතාවට සාධාරණයක් ඇති කර දෙන්න බැරි වේච්ච ආණ්ඩුවක් අධ්‍යාපනය මුදලට පමණක් දෙන්න හදන ආණ්ඩුවක, අපේ රටේ ස්‍යෙඛ්‍ය සේවා පවත්වා ගෙන යන්න බැරි ආණ්ඩුවක් වංචාව දූෂණය නාස්තිය ගහණ වෙච්ච ආණ්ඩුවක් හොරු අපරාධකාරයෝ රකින ආණ්ඩුවක් රටේ දේපළ විකුණමින් යන ආණ්ඩුවක් වට්ටන්න ඕනෑ. මේක වට්ටන්න කවුරුත් එකඟයි.මෛත්‍රී - රනිල් ආණ්ඩුව මේ රට හදයි කියා ඔබ හිතනවාද? මේ ආණ්ඩුව අපේ රට හදයි කියලා කවුරුවත් කියන එකක් නැහැ. එළහරකයි මී හරකයි නඟුලේ බැඳලා හානවා වගේ ලංකා ඉතිහාසයේ හැදුණු දුබලතම මේ ආණ්ඩුව වට්ටන්න පුලුවනි. ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුව ඇතුළේම ඇමැතිවරයකුට විශ්වාසභංගයක් ගැන කතා වෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියවෙන තැන තමයි ඇමති මණ්ඩල තීරණ දැනුම් දෙන සාකච්ඡාව. ඒක අද විසුළු ජන අවස්ථාවක් බවට පත් වෙලා. හරියට විනෝද සමය වගෙයි.එකකට එකක් සම්බනධ නැහැ. පෑහෙන්නේ නැහැ. මේක වට්ටලා මොනවගේ ආණ්ඩුවක්ද හදන්නේ මොන ප්‍රතිපත්තියද ගේන්නේ. වසර හැත්තෑවක් ජනතාව ආණ්ඩු හැදුවා. කැඩුවා. මොන වගේ ආණ්ඩුවක්ද ඕනෑ කියන එක දැන් අපි අතේ තියෙන ප්‍රශ්නයයි. රටක ස්ථාවර භාවය රඳාපවතින්නේ ආර්ථික තත්ත්වය මතයි. රටක වැදගත්ම සාධකය ආර්ථිකයයි. අපි කොච්චර ණයද කියලා දන්නේ නැහැ කියලා මේ රටේ අගමැතිවරයා කියනවා. ආසන්න වශයෙන් බිලියන දසදහස් පන්සියයක් ණයයි කියා එතුමා කිව්වා. මේ ණයවලට මොකද කළේ කියා මේ පාලකයන් කියන්න ඕනෑ. අසූපහෙන් පස්සෙ මේ පාලනය කරලා  ජීවතුන් අතර ඉන්න පාලකයෝ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රී මේ අයට අභියෝගයක් කරනවා. මේ ණය තියෙන්නේ කොහේද කියා පෙන්වා දීපල්ලා.හම්බන්තොට වරායට ගියේ කෝටි දහතුන් දහසයි. මත්තලට කෝටි තුන් දාස් පන්සීයයි.අධිවේගී මාර්ගයට, නොරොච්චෝලේ බලාගාරයට ගිය මේවා එකතුකලාම ණය අරගෙන තියෙන්නේ කෝටි හතලිස් දාහයි. අනිත්වා පෙන්නන්න මේ අයට බැහැ. ඒවා තමයි සජින් වාස්ගේ ගොඩ ගැහිලා තියෙන්නේ. මේ ණයවල සල්ලිවලින් තමයි මහා මන්දිර හැදුවේ. ගුවන් යානා තියාගෙන ඉන්නේ. මහින්ද රාජපක්ෂගේ කාලයේ.මල්වානේ ගෙවල්, මාතර මන්දිර, ඒව ගත්තෙත් කුඹුරු කොටලා නෙවෙයි. මේ ණයවලිනුයි. ශීරන්තිට, යෝෂිතට රටපුර ඉඩම් විසිගණනක් ගන්න සල්ලි ලැබුණේ මේ ණයවලින් තමයි. රවි ට ලක්ෂ දාහතර හමාරක් දීලා කුලියට ඉන්න ලැබුණේ මේ ණයවලින්. ලක්ෂ 1650ක් දීලා ගෙයක් ගත්තෙ මේ ණයවලින්. මේ ණය ඒ ඒ අයගේ ගෙවල්වල ගොඩගැහිලා තියෙනවා.අපේ රටත් නූපන් දරු පරම්පරාවත් මහා ණය උගුලක හිර කරළා. ගෙවල්වල එක් රැස් කරගත්තා. මේ ණය අර්බුදය සරල නැහැ. රවි කරුණානායක පොතක් ගහලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. එහි තියෙනවා. ලංකාවේ 2009 ඉඳන් අවුරුදු තුනක් භාණ්ඩාගාරයට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවන්න මදි. 2009 රජයේ ආදායම බිලියන 700 යි. ණය පොලී වාරිකය බිලියන 826 යි. දිගටම එහෙමයි. අනෙක් වසරවල හොඳ නැහැ. චුට්ටක් ඉතුරු වුනා.මේ පාලකයෝ රට හිඟන බංකොලොත් රටක් බවට පත් කළා.ඩොලරයේ අගය රුපියල් 155 දක්වා ඉහළ ගියා.  අපනයන ආදායම 200 ඉඳලා මේ වෙනකොට හරි අඩකින් කඩා වැටිලා. පාලකයා කරන්න ඕනෑ ණය කන්දක් ගොඩගහන එකද? අපනයනය කඩා වට්ටන එකද? පොළොව ඉඹගත්තාට, සාටකයක් දා ගත්තාට දේශප්‍රේමීන් කියලා පපුවට ගහ ගත්තාට පාලකයෙක් වෙන්නේ නැහැ. මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළොත් පාලකයෙක් වෙනවා. රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රීලා මොකද කරලා තියෙන්නේ. රට ආර්ථික  වශයෙන් ප්‍රපාතයකට ඇද දැමීමයි. ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමයි.පාසලෙන් දෙන අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය බිඳවැටිලා. අද පළවෙනි පන්තියේ සිට දරුවා පන්ති යනවා.පාසලේ අධ්‍යාපනය අද කඩාවැටිලා ඉවරයි. රටේ ඉස්කෝල 10052ක් තියෙනවා. ළමයින් පනහට වඩා අඩු ඉස්කෝල 1452ක් තියෙනවා. පාසල්වලින් සියයට 14 ක් ළමයි පනහට වඩා අඩුයි. ළමයි සීයට වඩා අඩු ඉස්කෝල තුන් දාහක් තියෙනවා. නිවාසාන්තර තරගයක් තියන්න බැහැ.   පාසල් 5139 ක හරි අඩකින් ළමයි 200 වඩා අඩුයි. ළමයින්ට ගමේ පාසල ගැන විශ්වාසය බිඳවැටිලා. ගුරුවරු එක්කෙනා ඉන්න පාසල් 27 යි.දෙන්නා ඉන්න ඒවා 108 යි.  පාසල් 3148 ක් ගුරුවරු ඉන්නේ නව දෙනාට අඩුවෙන්. පන්තියේ ළමයි හයයි හතයි. මේවා ඉස්කෝලද?අපේ රටේ වාහනවලට ප්‍රමිතියක් තියෙනවාද. ඔක්කොම තියෙන්නේ පංචිකාවත්තේ කඩන්න ඕන වාහනයි. ලොරියක හරක්  පටවාගෙන යන්න ප්‍රමිතියක් තියෙනවා. හැබැයි දරුවෝ පටවන්න නීතියක් තියෙනවාද? අද අධ්‍යාපනය තීරණය වන්නේ සල්ලි මතයි. සල්ලි නැතිව අද ඉගෙන ගන්න බැහැ. මේක ඛේදවාචකයක් නෙවෙයිද? මව්පියන්ට මෙන්ම දරුවන්ට බරක් වෙලා.  අද දරුවන්ට කරන්නේ මහ අපරාධයක්. ලෝකේ මෙහෙම තියෙන්නේ කොහෙද? මේ මහන්සි වෙන හැටියට අසූවෙන් මැරිලා යන්න බැහැ. තුන්සීයක්වත් ඉන්න ඕනෑ.අපි හදමු ආණ්ඩුවක්. දරුවෝ දරුවෝ ලෙස හදන රටක් හදමු. මස් ලේ විතරක් නොවෙයි. හදවතක් තියෙන දරුවෝ හදමු.අද පාලකයන්ට හදවතක් තියෙන දරුවෝ ලජ්ජාවක්, බයක් තියෙන මිනිස්සු ඕනැ නැහැ.  පරීක්ෂණයකට සීඅයිඩීයට ගෙන්වන කොට  ජාතියේ මව කියලා කෑගහනවා. මම හොයන්නේ මොන ජාතියේද කියලයි. මේ අයට ඕන වහල්ලු වගේ මිනිස්සුයි. හිතන පතන අය නොවෙයි.සෞඛ්‍යයටත් මහ ඛේදවාචයක් කරලා. අලුත් වාර්තාව අනුව දවසකට හෘදයාබාධවලින් 26 ක් මිය යනවා. පිළිකාවෙන් 13 දෙනෙක් මිය යනවා. 2016 හඳුනා ගත් වකුගඩු රෝගීන්ගෙන් 300 මැරිලා. දවසකට වකුගඩු රෝගීන් නව දෙනෙක් හමුවෙනවා. මේ ජාතිය සුවපත්ද? ආහාර ප්‍රමිතිය ගැන හොයනවාද? ඒ නිසා ලෙඩ රාශියක් නිර්මාණය කරලා.  කොරියාව, වියට්නාමය  7 ක් වෙන් කරනවා. තායිලත්නය අටයි දශම පහයි විදියට රටවල්  වෙන් කරද්දී අපේ රටේ වෙන් කරන්නේ එකයි දශම එකයි.මේ කර තියෙන විනාශය නිසා මේ පාලකයන් පලවා හරින්න ඕනැමයි. මේ පාලකයන් ඔබ විශ්වාස කරනවාද? ඔවුන්ට මේ රට ගොඩ ගන්න පුළුවන් කියා හිතනවාද?මේ ආණ්ඩුව කළේ මොකක්ද දැක්කොත් විකුණනවා. කරලා තියෙන්නේ විකිණීම විතරයි. වෙන කිසිම ප්‍රතිපත්තියක් කරගෙන යන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. දැන් මේ පාලනය වෙනස් කිරීමේ දිසාවකට රට ගෙන යන්න ඕනෑ. අතිශය වැදගත් දේශපාලන තීරණයක් අරගෙන අපි ආණ්ඩුවක් හදමු. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට ලැබෙන දෙයකට වඩා වැඩි දෙයක් නොලැබෙන බවට සහතික වෙනවා. එහෙම පාලනයක් හදන්න පුලුවන් වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පාකෂිකයා වෙනස් වුණොත් විතරයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ අරමුණ හොඳයි. වැරදි කරපන්, නාස්ති කරපන්, හොරු අල්ලන්න එපා කියලා, පරිසරය විනාශ කරපන් කියා, අපේ රටේ දේපළ විකුණපන් කියා,  කතිරේ ගහනවාද?නැහැ. ඔවුන්ගේ අරමුණ යහපත්, හොඳයි. එක්සත් ජාතික පකෂයට කතිරේ ගහන පාක්ෂිකයාගේ හොරකම් කරපන්, දේපළ විකුණපන්, නීතිය කඩපන්, අපරාධ වැඩි කරපන්, ආරථිකය වට්ටපන් කියලා කතිරේ ගහනනේ නැහැ. ඒ අය කතිරේ ගහන්නේ රට හදපන් කියලයි. ඒ නිසා මේ දෙගොල්ලන්ගේම අරමුණු හොඳයි. හැබැයි නායකයන්ගේ අරමුණු ගැන විශ්වාසයක් නැහැ. මේ පාක්ෂිකයා කතිරේ ගහන්නේ රටට සෙතක්, ශාන්තියක් පතලයි. හැබැයි කතිරේ අරන් බලයට එන පාලකයා තමයි මේ විනාශය කරන්නේ.  තමන් අපේක්ෂා කරන අරමුණ මේ අය ඉස්ට කරලා නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔබේ අරමුණ ඉටුකරන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි. එය ඉටුකරන්න අපි සූදානම්.අපි සියලු දෙනා මුහුණ දීලා තියෙන්නේ එකම ප්‍රශ්නයට.  ඒ නිසා පොදු ජනතාව හැටියට අපි සියලු දෙනා එකතුවී මේ ප්‍රශ්නයෙන් මිදෙන්න මුහුණ දෙමු. තනි තනියෙන් සටන කරලා දිනන්න බැහැ. අපි සියලු දෙනා සමගි වී පක්ෂ සියල්ල එක තැනකට ගොනු කර 2020 ආණ්ඩු පෙරළියේදී අපි ලෑස්තියි බලය ගන්න කියා හොඳ වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ.  පළාත් පාලන ඡන්දය මේ වසර අග හෝ ලබන වසර මුල එනවා. කොට්ඨාස මත පදනම්වූ ඡන්ද ක්‍රමයක් එනවා. එය හොඳයි. එය ගම්මට්ටමින් උපයෝගී කරගෙන වසර එක හමාරක කාලය තුළ ජනතා පෙරමුණක් ගොනු කර රට ගොඩනගන වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවමු.බලය ගන්න හැටි බලය හසුරුවන අය  බලය ක්‍රියාවට නංවන හැටි කියාදී  මුලු රටේ සියලු බලවේග එකට එකතු කරන මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕනෑ. බලය ගන්න සූදානම් කියන පනිවුඩයත් එක්ක 2020 මැතිවරණයට අපි සූදානම් වෙන්න ඕනෑ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ කීය.දැන් මොකද වෙන්නේ කියලා හැම කෙනෙක්ම අහනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ගේම ප්‍රශ්නයත් ඕකම වෙන්න ඇති කියලා මම හිතනවා. මේ මොකද වෙන්න යන්නේ කියන ඒ ප්‍රශ්නය ඇතුළේ ප්‍රශ්න සීයක් තියෙනවා. බඩු මිලට මොකද වෙන්නේ රටේ  අර්බුදයට මොකද වෙන්නේ. වරායට මොකද වෙන්නේ. සයිටම් එකට මොකද වෙන්නේ. උමා ඔයට මොකද වෙන්නේ. ගොවීන්ගේ ප්‍රශ්නවලට මොකද වෙන්නේ. වගා වන්දිවලට මොකද වෙන්නේ. සමෘද්ධියට මොකද වෙන්නේ. උපාධිධාරීන්ට මොකද වෙන්නේ. හොරුන්ට මොකද වෙන්නේ.  ආණ්ඩුවට මොකද වෙන්නේ. ව්‍යවස්ථාවට, ඡන්දයට මොකද වෙන්නේ.  මේ ආදී ප්‍රශ්න ගොඩක එකතුවක් ගැනයි ජනතාව අහන්නේ. ඇයි ජනතාවට එහෙම අහන්න සිද්ධ වුණේ. ඒකට එක හේතුවක් තියෙනවා. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා මේ පවතින හවුල් ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යහපාලනය යැයි කියා ගන්නා ආණ්ඩුවට ජන වරම දෙනකොට බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් අද බිඳ වැටෙමින් තිබෙනවා.ඒ බොහෝ දේවල් අද මේ ආණ්ඩුවට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්දු වූ දේවල් ඉෂ්ට කරන්නේ මොන ආණ්ඩුවෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අද මේ රටේ ජනතාව නව දේශපාලන නායකත්වයක් නව බලාපොරොත්තුවක් දෑස් දල්වමින් ඉන්නවා. මේ රටේ ජනතාවට සැබෑ නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් දෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. මේ ඔබේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා ලෙස කියා සිටියේ ගුවන් තොටුපළ වහලා හරි හොරු අල්ලනවා කීවා. ගුවන් තොටුපල තාම ඇරලයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හොරුන්ගේ හොරකම් හොයන්න ඊට ජනතාවට පැමිණිලි කරන්න තිබුණු ආයතනය වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැම්මා. ඇයි අද අජිත් පී. පෙරේරාට ආණ්ඩුවේ ඇමැතිවරුන්ට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙත් නෑ අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ කියලා. ආණ්ඩුවේ ඇමැතිවරුම කියනවා අපිට හොරු අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ හොරු අල්ලන්නෙත් නෑ කියලා. හේතුව වෙන කිසිවක්ම නෙවෙයි අද මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුන්ගෙන් භාගයක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ සිටිය හොරු ටික. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව රාජපක්ෂ පාලන සමයේ හොරකම් කළ රාජපක්ෂ එක්කත් ඉන්න හොරු සමග ගනුදෙනු කරනවා. හොරු අල්ලනවැයි කියන ගමන් ආණ්ඩුවේම ඇමතිවරු ඩිලාන් පෙරේරලා අනෙක් පැත්තෙන් කියන්නේ මොකක්ද? හොරු අල්ලනවා කියන ගමන්ම ආණ්ඩුව හොරුන්ට ආරාධනා කරලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියනවා. එහෙම වෙලා තියෙන්නේ හොරු රකින නිසයි.රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳලා මේ ආණ්ඩුවට හැංගුණ හොරු ඉන්නවා. රාජපක්ෂ ආණ්ඩු කාලේ හොරකම් කරලා මේ ආණ්ඩුවට පගාව දීලා හැංගුණ හොරුත් මේ අතර ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නෑ.ආණ්ඩුවට හොරු අල්ලන්න බෑ. ඒ නිසා තමයි රවී කරුණානායකට අද එක බිල්ලක් බවට පත්වෙන්න වෙලා තියෙන්නෙ. ආණ්ඩුව හොරුන්ගෙන් පත් කරලා හොරුන්ගේ ආණ්ඩුවක් හදලා හොරකම් නතර කරන එක ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කියනවා. ඒ වෙනුවට ආණ්ඩුව හොරු නැති ආණ්ඩුවක් හදන්න ඕනේ. කොහොමද හොරු නැති ආණ්ඩුවක් හදන්නේ? ජනතාව හිතේ අමාරුවට ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැණ බැණ ඉඳලා හරියන්නේ නෑ. අවසානයේදී බනින උන්ටම ඡන්දෙ දෙන්න වෙන යථාර්ථයක් තියෙනවා. තමන්ගේ දරුවට රැකියාවක් ගන්න ඕනේ නිසා, සමෘද්ධිය හදා ගන්න උවමනා නිසා, පිං පඩිය හදා ගන්න ඕන නිසා, නිවාස ණයක් ගන්න ඕනෙ නිසා ඒ ජනතාව අසරණ වෙනවා.දැන් මේ ආණ්ඩුව මැතිවරණයක් ළන් වෙනකොට ජනතාව රවට්ටන ක්‍රියාදාමයක නිරත වෙනවා. ආණ්ඩුවට සල්ලි නෑ කියලා වරාය විකුණනවා. රාජ්‍ය දේපළ වෙන්දේසි කරනවා. එහෙම කරන ආණ්ඩුව හිටි හැටියේම බදු අඩු කරන්න පටන් අරන් තියෙනවා. බදු අඩු කරන එක හොඳයි හැබැයි මේ සූදානම් වෙන්නේ මොකටද?ජනතාවට ආදරයටද මෙහෙම කරන්නේ? නෑ එහෙනම් කලින් අඩු කරන්න තිබුණා. සමෘද්ධිය කපා හරින ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ පිං පඩියෙන් රුපියල් 100 හිඟා කන ආණ්ඩුව, පොහොර වන්දිය නොදෙන ආණ්ඩුව, වගාවන්දිය නොදෙන ආණ්ඩුව ජල හිඟයට උත්තර නොදෙන ආණ්ඩුව ඇයි මේ හදිසියේ වාහනවල ටැක්ස් එක අඩු කරන්න හිතුවේ? ඡන්දය ළඟ ළඟ එන බව දැනෙන නිසා මේ දේවල් කරනවා. ජනතාව ඉදිරියට යන්න වෙන නිසයි මෙහෙම කරන්නේ. රැවටෙන්න එපා කියලා අපි ඒ ජනතාවට කියා සිටිනවා.  අවු 70 ආසන්න කාලයක් රැවැට්ටුවා ඇති. මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ  යුතුයි.
පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්
1