instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය. මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය. "රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා," ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකරු හෝ මහ මොළකරුවන්' කවුද? එයට අනුබල දුන්නේ කවුද? 'ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ' ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, අඩුම තරමින් එක් සැකකාරියක් ඉන්දියාවට පලා ගොස් තිබේ. ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ "මහ මොලකරු" හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසම හමුවේ අවසාන දින කිහිපයේ දී සාක්ෂි දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන් ද සැක කරන බවය. ඔහු ඒ බව කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව විමසූ අවස්ථාවේදී ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිස් විමර්ශන භාරව සිටි නිලධාරියාය. සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව ඊට පෙරාතුව ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන "අසම්පූර්ණ" බවත් අවධාරණය කළේය. ඒ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සඳහන් කළේ, "ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්," යනුවෙන් විස්තර කළේය. "අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්." "මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව" ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ. එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව," යනුවෙනි. වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය: බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, "මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ," යනුවෙන් පැවසීය. "ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ." මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශයෙන් අනතුරුව, මාධ්‍යවේදියෙක් කළ විමසීමකට පිළිතුරු දුන් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් "පොලිසිය විසින් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා" මේ වනවිට සැකකරුවන් 32 කුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ගොනු කොට තිබෙන බවය. තවත් සැකකරුවන් 241 රැඳවුම් සහ රිමාන්ඩ් භාරයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ඉන්දියාවේ ඔත්තු සේවය ද සමඟ සම්බන්ධ වී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සහ "අන්තර්ජාතික ජාලයක් ඇති කොට" තිබෙන බවක් සඳහන් කළ නමුත් 'සාරා' ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ ද යන්න ගැන අමාත්‍ය සරත් වීරසේකර සෘජු පිළිතුරක් නොදුන්නේය. කියවන්න: 'ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය සම්බන්ධ නෑ' පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට 'ඉස්ලාමීය රාජ්‍යය' (අයි එස්) සංවිධානයේ සෘජු සම්බන්ධයක් නැතැයි විමර්ශන වලදි අනාවරණය වූ බව ද, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ ද අයි එස් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවක් සිය විමර්ශනවලදී අනාවරණය නොවූ බවය. ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් කිසිවෙකුත් සෞදි අරාබිය, ලෙබනනය හෝ වෙනත් කිසිදු රටක සංචාරය කළ බවක් පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අනාවරණය නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය. "ගියා නම් කවුරු හරි ගිහින් තිබුණේ ඉන්දියාවට විතරයි," වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද ඒ බව තහවුරු කළේය. "ප්‍රහාරයෙන් පසු ට්‍රොපිකල් ඉන් ලැගුම්හල හැරුණු විට අනිත් ස්ථාන 06 සහ සෛයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළේ මම. නමුත් ඒ කිසිදු විමර්ශනයකින් මෙම ප්‍රහාරය පිටුපස සෘජුව අයි එස් සංවිධානය ඉන්න බවක් අනාවරණය වුණේ නැහැ," ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව අනුස්මරණ දේව මෙහෙයකට එක්ව සිටි බැතිමතුන් පරීක්ෂණ තුනක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මුලින්ම විශේෂ විමර්ශන කමිටුවක් පත්කරන ලද අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ද ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කළේය. එම මූලික විමර්ශනවල වාර්තා දැනටමත් නිකුත් වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුණ බව දිගින් දිගටම අවධාරණය කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මුල සිටම ඔහු දැරූ ස්ථාවරය වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එහි වගකීම භාරගත යුතු බවය. මූලික විමර්ශනවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර, එම කොමිසම පසුගිය ජනවාරි 31 වෙනි දින සිය විභාගය අවසන් කළේය. "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා," නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. එවක අගමැති පදවිය හෙබැවූ රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජනාධිපතිවරයා තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි කර නොගත් නමුත් ඒ පිළිබඳ සාමූහික වගකීම භාරගැනීමට තමන් සූදානම් බවය. ජනපති මෛත්‍රී 'නොදැන සිටියේ යයි විශ්වාස කරන්න බෑ' පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොදැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය. ඒ, හිටපු ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු දැනුම් නොදුන්නේ යයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳව විමසූ අවස්ථාවේදීය. "මම පැහැදිලිව දන්නවා රාජ්‍ය ආරක්ෂාව, දේශපාලනය, මහජන උද්ඝෝෂණ වගේ ඕනෑම දෙයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරනවා. ලද මුල් තොරතුරමයි ජනාධිපතිට යන්නේ. රටේ සියලු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්‍ය බුද්ධි සේවය හරහා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැන සිටියා වෙන්නට බැහැ," ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය. "ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂිදෙන්න එපා කියන්න ජනාධිපති අපිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ රැස්වීමකට කැදෙව්වා. එහිදී 'මාව දැනුවත් කළේ නැහැ' කියන එක කිව්වා, හැබැයි කිසිම අවස්ථාවක 'ඇයි මට කිව්වේ නැත්තේ' කියලා නිලන්තගෙන් ඇහුවේ නැහැ." වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරි මස 16 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු අප්‍රෙල් 10 වන දින අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ ඔබ සහ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගේ වාර්තාවකට අනුව දැයි එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර: "ඔව් ස්වාමීනි, ආරක්ෂක ලේකම්වරයා සමග පැවති රැස්වීමකදි බස්නාහිර පළාත් අණ්ඩුකාර අසාද් සාලි මහතා ඉල්ලීමක් කළා එම සැකකරුවන් දෙදෙනා නිදහස් කරන්න කියලා. නමුත් මම පැහැදිලිව කිව්වා විමර්ශන අවසන් වෙනකං නිදහස් කරන්න බැහැ කියලා," යනුවෙන් කියා සිටියේය. "ඊට පස්සේ පොලිස් පරීක්ෂක මාරසිංහ අදාළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කරලා ඔවුන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සම්බන්ධ නැති බව වාර්තා කළ නිසා මමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් නියමිත නෛතික ක්‍රමවේදයට සැකකරුවන් නිදහස් කරන්න අවසර දුන්නා." පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි 'ඇමෙරිකාවේ ආශීර්වාදය' වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, එල්ලවිය හැකි බරපතල ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබූ නමුත් සමස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තර බුද්ධි වාර්තාවක් ශ්‍රී ලංකාවේ කිසිදු බලධාරියෙකුට ලැබී තිබුණ බවක් තේරීම් කමිටුව හමුවේ අනාවරණය නොවූ බවය. 2015 ජනවාරි ජනපතිවරණයේ දී ඉන්දියාව විසින් තමන් පරාජය කරන ලද බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප අවස්ථාවකදීම සඳහන් කර තිබුණි. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ පාලනය දැඩි චීනයට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉන්දියාවේ එම ස්ථාවරයට හේතු වූ බවය. එහෙත් ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිය අවශ්‍යතා ඉටුකරගත නොහැකි බව වටහාගත් ඉන්දියාව, බහුතර සිංහල, බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය නායකයෙකු බලයට පත්කර එම නායකයා මාර්ගයෙන් ඉන්දියාවේ අවශ්‍යතා ඉටුකරගැනීමට තීරණය කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ විග්‍රහය වී තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම ක්‍රියාමාර්ගයේ දී ඉන්දියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය සහ ආශීර්වාදය ලැබුණ බවය. තවත් ලිපි:
තමන් බලයට පත්වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ දුන් ප්‍රධානම ප්‍රතිඥා දෙකකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන මෙන් සහ ජාතික සම්පත් විකිණීම නතර කරන ලෙස කළු පටි හිසේ සහ මුඛයේ බැඳගත් විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. විරෝධතාව අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආණ්ඩුවට එරෙහි වෙන සියලු දෙනා සිරගත කරමින් "කාලකන්නි සතුටක් ලබන" බවට ආණ්ඩුවට චෝදනා කළේය. "මේ රටම හොරා කාපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් දූෂිතයි. මේ ආණ්ඩුව තමන් කරන කටයුතුවලට විරුද්ධව වැඩ කරන ජනතාව හිරේට දාල කාලකන්නි සතුටක් ලබනවා," ඔහු පැවසීය. මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමේ ප්‍රයත්නයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව හම්බන්තොට පොලිසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස සදුඳා (ඔක්තෝබර් 16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඩීවී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කණ්ඩායමට ඇතුලත්වේ. නීති විරෝධී ජනරාශිය, පොදු දේපොළ වලට හානි සිදු කරනු ලැබීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාය. ඉරිදා තංගල්ලේ විරෝධතාව අතරවාරයේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම: "නාමල් රාජපක්ෂ, ඩී චානක ඇතුළු අපේ තරුණයින් සහ අහිංසක අම්මලා 40 දෙනෙක් අද වෙනකොට බන්ධනාගාර ගත කරලා ඉන්නවා. අපි මේ රජයට කියන්න කැමතියි ජනතාව තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා තමයි මැතිවරණයකට යන්න ආණ්ඩුව බය," යනුවෙන් ප්‍රකාශ කළේය. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ හමුවීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා (ඔක්තෝබර් 15) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරයට පැමිණියේය. ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද හිටපු ජනාධිපතිවරයා සමග බන්ධනාගාරයට පැමිණ සිටියේය. හම්බන්තොට උද්ඝෝෂණ: විරෝධතාකරුවන් අත්අඩංගුවට ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාවේ සම්පත් විකිණීමට එරෙහි වෙන පුද්ගලයන් සිරගත කරන බවට ආණ්ඩුවට චෝදනා කළේය. "මේ විකුණන්න හදන්නේ වරාය ගුවන් තොටුපොළ. මේ රටේ මහජනයාට අයිතියක් තියෙනවා මේ වට විරුද්ධව නැගී සිටින්න. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීවත් මේවට විරුද්ධව සටන් කළා කියලා අත්අඩංගුවට ගත්තේ නෑ," ඔහු පැවසීය. වත්මන් ආණ්ඩුව "උඩු ගුවනත් විකුණන්නේ නම්" එය රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ද හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය ඔක්තෝබර් 06 වෙනි දින අධිකරණ නියෝග නොතකා හම්බන්තොට දී විරෝධතාවක නිරතවීමේ චෝදනාව මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් තංගල්ල නගරයේ නිහඬ උද්ඝෝෂණයක නිරතව සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මේ එක පියවරක්. තව පියවර දහසක් ඉදිරියට තැබීමට ඔහු බලාපොරොත්තු වෙනවා" 'ප්‍රජාතන්ත්‍රවාදී, ශීලාචාර සහ මානව අභිලාෂයන්ට ගරු කරන' සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ජනාධිපතිවරයා වටහාගෙන සිටින බවයි ශිරාල් ලක්තිලක බීබීසී සංදේශයට කියා සිටියේ. නව සංශෝධනය යටතේ පිහිටවෙන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් අපක්ෂය අවසාන මොහොතේ ඉදිරිපත් කළ සංශෝධනය හේතුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත නොවීමේ අවදානමක්ද මතු වී තිබුණි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් හත් දෙනකු මන්ත්‍රීවරුන් විය යුතු බවට අවසානයේ දෙපාර්ශවය එකඟත්වයකට පැමිණියහ. මැතිවරණ ක්‍රමය 'සම්මත නොවීමට තිබූ' සංශෝධනයක් සම්මත කරගැනීම පිණිස බොහෝ කැපකිරීමේ කිරීමට සිදු වූ බවයි, ශිරාල් ලක්තිලක අවධාරණය කරන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව තෘප්තිමත් නැතත්, සම්මුතියකට ඒමට සිදු වූ බව අගමැතිවරයාද පවසයි "මම හිතන්නේ ජනාධිපතිතුමා මේ පිළිබඳව ඉතාම පැහැදිලි තෘප්තිමත්භාවයකින් ඉන්නේ. මේ එක පියවරක්. තව පියවර දහසක් ඉදිරියට තැබීමට ඔහු බලාපොරොත්තු වෙනවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳව තමන් තෘප්තිමත් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය. සමස්ත ක්‍රියාවලිය සිදු වූ ආකාරය පිළිබඳව තමන් ඇතුළු සියලු දෙනාම පාහේ තෘප්තිමත් නොමැති නමුත් සංශෝධනය දියත් කිරීමට සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සීමා මායිම් යටතේ බවයි ඔහු පෙන්වා දෙන්නේ. අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බැවින් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තිබෙන ජනතා වරම අහිමි වන බවට එක්සත් ජාතික පක්ෂය මතු කරන තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ ශිරාල් ලක්තිලක කියා සිටියේ වඩා හරයාත්මක වන්නේ ලබා දුන් පොරොන්දු ඉටුකිරීමද, නොඑසේනම් කාල වකවානු මත ක්‍රියා කිරීමද යන ප්‍රශ්නය එහිදී මතු වන බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ජනාධිපතිවරයාගේ අභිලාශය බවද ලේකම්වරයා පවසයි. 20 වැනි සංශෝධනයේ මූලික පිටපත් ජනාධිපතිවරයා විසින් බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.
සංශෝධන සහිතව හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාම තෘප්තිමත් බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මනාප ඡන්ද 173,993 ක් ලබා ගැනීමට හරීන් ප්‍රනාන්දු සමත් වී සිටී සමස්ත මනාප ඡන්දවලින් දෙවැනි ස්ථානයට පත් වී සිටින්නේ, මොනරාගල දිස්ත්‍රික්කයේදී මනාප ඡන්ද 96,619 ක් ලබා ගත් පාලක සන්ධානයේ මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අනුර විදානගමගේ මනාප 59,316 ක් ලබාගෙන බදුල්ල දිස්ත්‍රිකයේදී ප්‍රථම ස්ථානයට පත් වී සිටී. මනාප 34,337 ක් ලබා ගත් චාමර සම්පත් සහ මනාප 31,858 ක් ලබාගත් සෙන්දිල් තොන්ඩමාන් පාලක සන්ධානය වෙනුවෙන් ඉහල මනාප ලබාගත් අනෙක් අපේක්ෂකයන්. 'සාමකාමී වාතාවරණයක්' ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබා ගත් මනාප සංඛ්‍යාව 96,619 ක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණු රුද්‍රජීවන් වේලායුදන් මනාප 30,457 ක් ලබා ගනිමින් එජාප අපේක්ෂකයන් අතරින් දෙවැනි ස්ථානයට පත් වී සිටියි. මනාප ඡන්ද 14,161 ක් ලබා ගත් සමන්ත විද්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටින එකම අපේක්‍ෂකයාය. මැතිවරණයෙන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති බව බදුල්ලේ සිටින ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි. සෙනසුරාදා පැවති මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ලබා ගනිමින් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක් ඇතුළුව මන්ත්‍රී ආසන 19ක් දිනාගනිමින් බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනා ගැනීමට සමත් වී තිබේ.
සෙනසුරාදා පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද 173,993 ක් ලබා ගනිමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සමත් වී සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උසින් අඩු කිසියම් ජීවියෙකු දක්නට ලැබුණු බව අම්පාර තොට්ටම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු පසුගිය දා පැවසීමත් සමග නිත්තෑවන් පිළිබඳ කතාබහක් යළිත් මතු වී තිබේ. මේ, ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකි. නිත්තෑවන් සහ ආදිවාසීන් අතර ගැටුම නිත්තෑවන් පිළිබඳව ඇති විවිධ මත අතරින් එකක් වන්නේ, ආදිවාසීන් (වැදි ජනයා) සහ නිත්තෑවන් අතර පැවති බව කියන එදිරිවාදිකමකි. මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට බීබීසී සිංහල සේවය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු විය. එහිදී, ආදිවාසී නායක වන්නිල ඇත්තන් පැවසුවේ, නිත්තෑවන් එක් තැනකට කොටු කළ ආදිවාසීන් ඔවුන් සමූල ඝාතනය කළ බවට පවතින මතය තමා පිළිනොගන්නා බවය. නිත්තෑවන් ආදිවාසී දරුවන් කා දැමූ නිසා ඔවුන්ව විනාශ කළ බවක් තමාට තමාගේ පියා හෝ වෙනත් මුතුන් මිත්තෙකු කිසි දිනෙක පවසා නැති බව ද ඔහු පැවසීය. "නිත්තෑවො එකතු කරල ගල් ගුහාවකට දාල ගිනි තියල මරල දැම්ම කියන ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒ ඇත්තො මීයෝ වගේ නෙමේ නෙ, එකතු කරල ගන්න. අනික එහෙම කණ්ඩායමක් මේ රටේ හිටිය නම් ඒ අය එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කට්ටියක් ඉන්න ඕන. ඒ අයගෙත් පරම්පරාවක් තියෙන්න ඕන. ඉතිං මේ ඔක්කොම නිත්තෑවන් එකතු කෙරුවයි කියල විශ්වාස කරන්න අමාරුයි." යැයි ආදිවාසී නායකයා පැවසීය. කෙසේ වෙතත්, "නිත්තෑවන් අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බවට ඇති මතය" තමා පිළිගන්නා බව ඔහු පැවසීය. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ "අපේ අප්පිල ඇත්තන්ගෙ මුත්තිල ඇත්තන්ටයි කිරි අප්පිල ඇත්තන්ටයි කැළෑවෙදි හමුවෙලා තියෙනව මේ නිත්තෑවෝ. හැබැයි මටවත් මගේ අප්පිල ඇත්තන්ටත් මේ නිත්තෑවන් හමුවෙලා නම් නෑ." ආදිවාසී නායකයා හෙළි කළේ මීට දශක ගණනාවකට පෙර සිය ගමේ ද "වැඩිය උස නැති පවුලක්" වාසය කර ඇති අතර ඔවුන්ගේ උස අඩි 3 ක් පමණ වූ බවය. "ඒ හින්ද ඒ අයටත් නිත්තෑවන් කියල නමක් දාල තිබ්බ. ඒ මගේ අප්පිල ඇත්තන්ගෙ අප්පිල ඇත්තන්ගෙ කාලෙ ඒ කියන්නෙ අවුරුදු 200කට විතර එහාදි." ඔවුන්ගෙන් පැවතෙන අය තවමත් ජීවත් විය හැකි බව ඔහු පැවසීය. "කවද හරි නිත්තෑවන් මගේ ඇස් දෙකින් දැක්කොත් මෙන්න නිත්තෑවන් කියල ලෝකෙට ම ප්‍රකාශ කරනවා. ඔය නිත්තෑවන් සම්බන්ධව මේ දක්වා ම අපේ රැහේ කොහෙන්වත් නම් ආරංචි වෙලා නෑ." මේ තොරතුරුත් කියවන්න: අම්පාරේ ඇතැම් කැළෑබද ප්‍රදේශවල නිත්තෑවන් දුටු බවට පැතිරෙන අදහස් ගැන ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. "නිත්තෑවන් රතුගල අම්පාරෙදි මුණ ගැහුණ, කැළැවෙදි දැක්ක කියල කතාවක් තියෙනව. ඒ කතාව ඇත්ත නම් මම හිතනව ඒ නිත්තෑවන් කියන පරම්පරාවෙ තවත් ඈයො ඉතුරු වෙලා ඉන්න ඇතියි කියල. ඒ ඇත්තන්ගෙන් කැකුළියො කැකුළො ඇති වෙන්න ඇති," ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් පැවසීය. මානව විද්‍යා මතය: නිත්තෑවන් පිළිබඳව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව විටින් විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ කණ්ඩායමක් පසුගිය දා තොට්ටම ඝන කැළය පීරුවේ නිත්තෑවන් දුටු බව ගම්වාසීන් පැවසීමත් සමගය. මහාචාර්ය යසාන්ජලී නිත්තෑවන් සම්බන්ධයෙන් සමාජගත වී ඇති අතීත තොරතුරු පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලකගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේය. එහිදී ඇය පැවසුවේ, දැනට රට තුළ සමාජගත වී ඇති කරුණු අනුව මෙරට තුළ නිත්තෑවන් පිළිබඳව මුලින් ම කරුණු හෙළි වී ඇත්තේ 19 වන සහ 20 වන ශත වර්ෂවලදී බවය. "බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන හියු නෙවිල් සහ ඉන් පසුව ෆෙඩ්රික් ලුවිස් කියන කෙනාත් මේ ගැන විස්තර හොයන්න උත්සහ කරලා තියෙනවා." "ඔවුන් තොරතුරු හොයලා තියෙන්නේ පාලම්පත්තුව, සියඹලාණ්ඩුව පැත්තේ ජීවත් වූවා යැයි පැවසෙන අඩක් මිනිසෙකුට සමාන මානවයෙකුට සමාන සත්වයෙක් ගැන," ඇය වැඩිදුරටත් පැවසුවාය. "මේක හරියට මායාවක් වගේ කතාවක්. කවුරුවත් හරියට දැකලා නැහැ." මහාචාර්ය යසාන්ජලී දේවිකා ජයතිලක සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඝන කැළෑ ප්‍රදේශවල ඈත අතීතයේ "නිත්තෑවන්" නමින් හැඳින්වූ මිනිස් හැඩරුවට සමාන සිරුරකින් යුතු වූ ජීවීන් කොට්ඨාසයක් ජීවත් වූ බවට මත පළවී තිබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර තවත් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වී ඇත ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති. එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති. මේ අතර ජෙරුසලමේ සිය තානාපති කාර්යාලය විවෘත කිරීමේ තීරණය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ගැටුම් පිළිබඳ කිසිවක් පැවසීමෙන් වැලකී තිබුණි. තානාපති කාර්යාලය විවෘත කිරීම සැමරීම් වස් ට්විටර් පණිවුඩ දෙකක්ම නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් ද ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කිසිවක් සඳහන් කොට නැත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසලමට පැමිණ සිටියහ. උත්සවයට සහභාගි වූ ඔහුගේ බෑණා වන ජෙයාර්ඩ් කුෂ්නර් උද්ඝෝෂණ ගැන කෙටි සඳහනක් කරමින් කියා සිටියේ උද්ඝෝෂකයන් "ප්‍රශ්නයේ කොටසක් විනා විසඳුම නොවන" බවය. ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලය සිය සතුට පළ කළ ද එය පලස්තීන ජාතිකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලය සිය සතුට පළ කළ ද එය පලස්තීන ජාතිකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත. ඇමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම ගැන දැඩි විරෝධය පළ කරන පලස්තීන වැසියන් එය දකින්නේ ජෙරුසෙලමේ පාලනය අරභයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් හැටියටය. නැගෙනහිර ජෙරුසෙලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති. සඳුදා ඝාතනයට ලක් වූ පිරිස අතර දරුවන් ද සිටින බව හමාස් සංවිධානයේ පාලනයට යටත් ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ. පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ. මේ තොරතුරුද කියවන්න: පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව පවසන ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියේ, සිය හමුදාව "සම්මත පටිපාටියට අනුකූලව" ක්‍රියා කරමින් සිටින බවය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව පිළිගැනීම පිළිබඳ පලස්තීනයෙන් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. පලස්තීනය ජෙරුසලමේ නැගෙනහිර කොටසට අයිතිය ප්‍රකාශ කර සිටියත් ඊශ්‍රායලය පවසන්නේ කිසි දිනෙක එම නගරය දෙකඩ නොකරන බවය. පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ මායිම් පසු කිරීමේ අරමුණ සහිතව එහි ඉස්ලාම් ආගමික පාලකයන් වන 'හමාස්' සංවිධානය මූලික වී සංවිධානය කරන ලද මහා පා ගමන සති හයක කාලයක් පුරා පැවැත්වේ. ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම මෙතරම් මතභේදකාරී ඇයි? ජෙරුසලම පිළිබඳ මතභේදය ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ආරම්භය දක්වා දිවයන්නකි. ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. 1993 දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ සාම සාකච්ඡාවල අවසාන අදියරේ දී ජෙරුසලම පිළිබඳ තීරණය කිරීමට නියමිතව තිබිණි. ජෝර්දානය අත්පත් කර ගෙන සිටි නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුවේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයෙන් පසුවය. කෙසේවුවද, 2017 වර්ෂයේ දෙසැම්බර් මස ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා තෙක් ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යන්තරය පිළිගනු ලැබුවේ නැත. තවත් තොරතුරු: විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම තුළ යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පූජනීයත්වයේ ලා සලකනු ලබන ප්‍රධාන ආගමික සිද්ධස්තාන කිහිපයක් පිහිටා තිබේ. 1967 වර්ෂයේ සිට මේ දක්වා ඊශ්‍රායලය ජෙරුසලම නගරය තුළ තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් සාදා තිබෙන අතර, මෙහි ලක්ෂ දෙකකට ආසන්න යුදෙව්වන් පිරිසක් වාසය කරති. අන්තර්ජාතික නීතියට අනුව එය නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය එයට එකඟ නොවෙයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අග නුවර ලෙස ඇමරිකාව පිළිගැනීම පිළිබඳ පලස්තීනයෙන් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. මින් පෙර රටවල් කීපයක තානාපති කාර්යාල ජෙරුසලමේ පිහිටා තිබිණි. නමුත් ඊශ්‍රායලය 1980 දී ජෙරුසලම සිය අගනුවර ලෙස නීතියක් සම්මත කිරීමත් සමග, බොහෝ රටවල් එම තනාපති කාර්යාල ඉවත් කර ගත්තේය. ජනාධිපති ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් සමග මෙතෙක් කල් මෙම තත්වය සම්බන්ධයෙන් ඇමරිකාව දැරූ මධ්‍යම ප්‍රතිපත්තිය බිඳ වැටුණු අතර, ජාත්‍යන්තර වශයෙන් මහත් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇත. ජෙරුසලමේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ දැනට පිහිටා තිබෙන ඇමරිකාවට අයත් ගොඩනැගිල්ලක් තුළ කුඩා තානාපති කාර්යාලයක් සඳුදා (මැයි 14) දින විවෘත කරන ලදි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසෙලමට පැමිණ සිටිති කෙසේ වෙතත්, 'ටෙල් අවීව්' නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කීපයකින් ජෙරුසලම වෙත ගෙන යමින් තානාපති කාර්යාලය පුළුල් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ. මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර තුළය. ඊශ්‍රායලයේ හැත්තෑ වෙනි සංවත්සරය දින මෙම තානාපති කාර්යාලය විවෘත කිරීම යොදාගෙන තිබීම ද විශේෂත්වයකි. ජෙරුසලම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය යුරෝපා රටවල දැඩි දෝෂාරෝපණයට ලක් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග ගාසා තීරයේ උණුසුම ඉහළ යමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2007 දක්වා එල්ටීටීඊ පාලනය යටතේ පැවති පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සතුටු විය හැකි බව බීබීසී වාර්තාකරු පවසයි නැගෙනහිර පළාත් සභාවේ පාලනය හිමිකර ගැනීමට පළමු වතාවට පළාත් සභාවලට තරඟ කළ දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) උත්සාහ දැරූ නමුත් පාලක සන්ධානය එම පළාතේ ද ආසන 14 ක් හිමිකරගෙන තිබේ. කෙසේ වුවත්, ටීඑන්ඒ සන්ධානය ආසන 11 ක් සහ මෙවර මැතිවරණයේදී තනිවම තරඟ කළ පාලක සන්ධානයේ පාර්ශවකරු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආසන 7 ක් හිමිකර ගැනීම හමුවේ නැගෙනහිර පළාත් සභාවේ පාලනය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කාලයටත් කලින් පළාත් සභා තුනක් විසුරුවා හැර මෙම මැතිවරණ කැඳවූයේ සිය විවේචකයන් නිහඬ කළ යුතු බව පවසමින් බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පෙන්වා දෙයි. විවේචකයන් නිහඬ කිරීම එබැවින් විශේෂයෙන්ම 2007 දක්වා එල්ටීටීඊ ය විසින් පාලනය කරන ලද පළාතක බලය අත්පත් කරගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සතුටු විය හැකි බවයි, ඔහු පවසන්නේ. විපක්ෂ ආධාරකරුවන් බියවැද්දීම ඇතුළු මැතිවරණ දූෂණ පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයකට එකඟ වී ආණ්ඩුව මුස්ලිම් ජාතිකයෙකුට ප්‍රථම වතාවට නැගෙනහිර පළාතේ මහ ඇමති පදවිය හිමිවීමට ඉඩ තිබෙන බව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් ගේ මතයයි. සබරගමුව පළාතේ පාලක සන්ධානයට ආසන 28 හිමි වී තිබෙන අතර, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට (එජාප) හිමිවී තිබෙන්නේ ආසන 14 ක් පමණි. උතුරු මැද පළාතේ පාලක සන්ධානය ආසන 21 දිනාගන්නා විට එජාපයට හිමිවී තිබෙන්නේ ආසන 11 කි. කෙසේ වුවත් පාලක සන්ධානයේ මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී සහ මැතිවරණ දිනයේදීත් සුළු ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි. රාජ්‍ය ජනමාධ්‍ය සහ පොදු දේපොළ පාලක සන්ධානයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මෙන් ප්‍රාදේශීය නිලධාරීන්ට බල කිරීම සහ විරුද්ධ පක්ෂ අපේක්ෂයන් හා ආධාරකරුවන් බිය වැද්දීම ඇතුළු චෝදනා ගණනාවක්ම පාලක සන්ධානයට එරෙහිව එල්ල වී තිබිණ. උතුරු මැද පළාතේදී ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී පදවියක් දිනාගෙන තිබෙන අතර අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් සන්ධානය සබරගමුව පලාතෙන් මන්ත්‍රී පදවි දෙකක් ජයග්‍රහණය කොට තිබේ. අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නැගෙනහිර පළාතේ එක් ආසනයක් හිමිකරගෙන තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
නැගෙනහිර ඇතුළු පළාත් තුනක පළාත් සභා සඳහා පැවැත්වුණු මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට (එජනිස) ජයග්‍රහණය හිමි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබේ. කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරිණ. රැස්වීම යළි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික Ben Sasse, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් ට කෙලින්ම චෝදනා කළේය. කාන්තාවක් මිය යයි මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය. විදේශ නායකයෝ හෙලා දකිති මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය. ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව "දැඩි කම්පනයට පත් වූ" බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවය. ජෝ බයිඩන් ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් "පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු," බව පැවසීය. ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් හි සිට ජාතිය අමතමින් බයිඩන් කියා සිටියේ, "මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්" බවය. රූපවාහිනිය හමුවට ගොස් "මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න" යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප් ට කියා සිටියේය. "ඔබ දැන් ගෙදර යා යුතුයි" ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, "මා දන්නවා, ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා," යැයි විරෝධතාකරුවන්ට පැවසුවේ මැතිවරණය "සොරකම් කරලා" යැයි යළිත් වැරදි සහගත ලෙස කියා සිටිමිනි. "හැම දෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අනෙක් පැත්තේ අය. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි." යනුවෙන් කී ට්‍රම්ප් "මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපිට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි" ද කියා සිටියේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය. ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි. ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්විණි. කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූ අතර ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදුණහ. ඉන් ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි. "අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා, හෙළි නොකළ ස්ථානයකට ගෙන ගියහ. කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් ආරක්‍ෂිත ස්ථාන කරා දිව යමින් ප්‍රචණ්ඩ ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය. විරෝධතාකරුවෙක් සිය අධාරකරුවන් කඩාවදිමින්, උද්ඝෝෂණ උග්‍ර අතට හැරෙද්දී සිය නිහඬතාව බිඳිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ "පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න" යනුවෙනි. "ඔවුන් සැබවින්ම ඉන්නේ රට පැත්තේයි," යැයි ලියූ ට්‍රම්ප් "සාමකාමී වන්න" යැයි කියා සිටියේය. ඉන් අනතුරුව සාමකාමීව විසිර යන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නමුත්, මැතිවරණය "කොල්ල කෑ" බවට ජනාධිපතිවරයා යළිත් වරක් කරන ප්‍රකාශය හේතුවෙන් එය බෙදා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීම ට්විටර් ආයතනය මගින් අවහිර කොට තිබේ. ට්විටර් සමාගම පවසන්නේ ජනාධිපතිවරයාගේ පණිවුඩය මගින් "ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවදානමක් පවතින" බවය. කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවන පිරිස ඉහළ යන තත්ත්වය මත එතුළ කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රහාර එල්ල කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. ධවල මන්දිර ප්‍රකාශිකා කයිලී මැක්එනානි පැවසුවේ ජනාධිපති ට්‍රම්ප් ගේ ඉල්ලීම මත ජාතික ආරක්ෂක බලමුළුව කැඳවා ඇති බවකි.
වොෂින්ටන් DC හි හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නගරයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කලහකාරීන් ඉවත්කරමින් පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිල් තල්මසා සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා පෙන්වා දෙයි (Photo Credit: MCAF NEAq) ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසද යන්න පිළිබඳව ඇය මේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටින්නීය. "ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා," ආශා මා සමඟ පිළිසඳර ආරම්භ කළේ එලෙසින්. ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණ සිය අනාගත වර්ගයා බෝකරන බව ඇය පෙන්වා දෙන්නීය. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳ වී යාමේ තර්ජනයට තුඩු දෙන්නක් "හැබැයි ලංකාව වටේ ඉන්න නිල් තල්මහ ලංකාව වටේ අවුරුද්ද පුරාම ඉන්නවා. ඉතින් මම බැලුව ඇයි මෙහෙම වෙන්නේ කියල. එහෙම තත්වයක් වෙන කොහේවත් නෑ." ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා, සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා ද වොස් සවිස්තරව පෙන්වා දෙන්නීය. " තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා." යකඩ වැනි එම පෝෂ්‍ය පදාර්ථ සාගරයේ තිබෙන ඇසට නොපෙනෙන මට්ටමේ පවා කුඩා පැළෑටිවලට අත්‍යවශ්‍ය පොහොරක් බවයි, ආශා ද වොස් පවසන්නේ. ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණෙන්නේ සිය අනාගත වර්ගයා බෝ කිරීම පිණිසයි "අපේ ලෝකේ සියයට පණහක් ඔක්සිජන් සපයන්නේ මේ පැළෑටිවලින්. ඒ තල්මසුන්ගේ අසූචි ගැන. ආශා පෙන්වාදෙන පරිදි තල්මසුන් මියගිය පසු ඒ මළකුණත් සාගර ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. ( ආචාර්ය ආශා ද වොස් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න) "ඒ විතරක් නෙවෙයි, කාලෙකට පස්සේ මේ මළකුණ මුහුදේ පතුලටම යනවා. මීටර 4000ක් විතර ගැඹුරුම ජලයට බහින්න අවුරුදු ගාණක් ගතවෙන්න පුළුවන්. එහෙම බැස්සම ඒ තැන්වල ඉන්න විශේෂ සත්තු වර්ග මේ මළකුණ කනවා. ඉතින් මේ තැන්වල ඉන්න සත්තුන්ට මේ මළකුණ නැත්නම් කෑම නැති තරම්." 'ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා' (Photo credit: Steve de Neef) ළමා වියේ පටන් - වයස අවුරුදු හයේ සිට - සාගර ජීව විද්‍යාව පිළිබඳව තමන්ට උනන්දුවක් තිබූ බව පවසන ආශා, සිය දෙමාපියන් එයට මුලසිටම අනුබල් දුන් බවත්, විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් පවා තමන් දිරිමත් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන්නීය. ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරිය පවසන පරිදි ලොව ඉතාම කාර්යබහුල නාවික මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳවී යාමේ තර්ජනයට තුඩු දෙන්නක්. ඔවුන් එම නෞකාවලට යට වී මියයාම ඒ බරපතල තර්ජනයයි. "මම දැනගත්ත ෂුවර් එකටම මේ දෙක එකම තැනක තිබුනොත් ඩිසාස්ටර් එකක් වෙනවා කියල." සමුද්‍ර ආහාර චක්‍රයේ ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගැනීම ආශාගේ අපේක්ෂාවයි මේ තත්වය වැළැක්වීම පිණිස එම නාවික මාර්ගය සැතපුම් 15 කින් පමණ තවත් දකුණට රැගෙන යා යුතු බව ඇයගේ යෝජනාවයි. ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මේ වනවිට පර්යේෂණයක නිරතව සිටින්නේත් එම ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ කෙලෙසද යන්න පිළිබඳව. "මම මෙතනට ආවෙත් දකුණු කැලිෆෝනියාවෙත් මේ වගේම ප්‍රශ්නයක් තිබුණ නිසා. ඒගොල්ල විද්‍යාත්මකව ඒ ප්‍රශ්නේ විසඳුවා." කැලිෆෝනියාවේ විද්‍යාඥයන්ගේ අත්දැකීම් අනුසාරයෙන් සිය මවුබිමේ වෙසෙන ලොව දැවැන්තම සත්වයා ආරක්ෂා කරගැනීම ඇගේ අධිෂ්ඨානයයි. "ලංකාවේ කෙනෙක් වීම ගැන මම ගොඩක් ආඩම්බර නිසා මම හැමතිස්සෙම බලන්නේ ලංකාවට කොහොමද මගේ සේවය ලබාදෙන්නේ කියල." 'තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා' (Photo Credit: Bret Hartman) (බීබීසී ලෝක සේවයේ 'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂ වාර්ෂික වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය ඉදිරිපත් කරන අවසාන අංකයයි, මේ)
ආචාර්ය ආශා ද වොස්, ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායයක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා මතු වී තිබෙන මහඟු අවස්තාව අහිමිවීමේ අවදානමක් පවතින බව ද මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඒ බව සඳහන් වෙන්නේ, 2002 සිට 2011 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිකුත්කළ වාර්තාවකය. එහෙත් අදාළ විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් සම්බන්ධ කරනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිපවතාවක්ම අවධාරණය කළේය. 'බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්' 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීමට වඩා මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ නව ව්‍යවස්ථාව හඳුන්වාදීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පසුගියදා සඳහන් කළාය. මානව හිමිකම් ක්ෂේත්‍රයේ සහ ව්‍යවස්ථාමය සංශෝධන විෂයයෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන බව පිළිගන්නා එක්සත් ජාතීන්ගේ වාර්තාව, කෙසේ නමුත් සංක්‍රමනීය යුක්තිය ඉටුකිරීම සඳහා වූ ක්‍රියාමාර්ග සහ ආයතන පිහිටුවීම විෂයයෙහි ලබා ඇති ප්‍රගතිය ඉතා මන්දගාමී බවත් සඳහන් කරයි. පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාස තුන ඇතුළත අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමට හැකිවනු ඇතැයි ජිනීවා නුවර සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත මනෝ තිත්තවැල්ල සඳහන් කළේය. පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් පළ කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළේය පරිවර්තනීය යුක්තිය ඉටුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී යට පැවසීය. එහෙත් දේශපාලන පක්ෂ අතර පවතින කඹඇදීම් හේතුවෙන් වගවීම වැනි දුෂ්කර කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අදිමදි කිරීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයයි. ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රසංශාවට ලක් වී තිබේ. ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රසංශාවට 7000 කට අධික ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අදහස් විමසා කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද වාර්තාවේ නිගමණ ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරන මහකොමසාරිස්වරයාගේ කාර්යාලය, තවත් ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ. මහකොමසාරිස්වරයාගේ නිර්දේශ අතර: ශ්‍රී ලංකාව සම්බන්ධ මහකොමසාරිස්වරයාගේ වාර්තාව ලබන මාර්තු 22 වෙනි දින මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2013 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ගෙන්වන ලද මෝටර් රථ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් රේගුවට ගෙවනු ලබන්නේ දත්ත ඇතුළත් කිරීමේ ගාස්තුව වන රු1750 ක මුදලක් පමණක් බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දෙයි. 'මන්ත්‍රී බලපත්‍රයකට ලබා ගන්නා බද්ද බිංදුවයි. නමුත් පුංචි මනුස්සයෙක් ගෙනා සීසී 600, 800 කාර් එකකට මිලියන දෙකකට වඩා වැඩි බද්දක් අය කරනවා මේ ශ්‍රී ලංකාවේ,' 'එතකොට මොකක්ද මේ රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය?' නීතිවේදියා ප්‍රශ්න කරයි. මහජන සුබ සිද්ධිය උදෙසා යම් කිසි භාණ්ඩයක බදු අත්හැරීම යෝග්‍ය යැයි මුදල් අමාත්‍යවරයාට හැඟෙන්නේ නම් එවැනි භාණ්ඩයක් බද්දෙන් නිදහස් කෙරෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. 'කොන්දේසි නැහැ' එසේ නමුත් තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෝටර් රථ ගෙන්වීමේදී වත්මන් මුදල් අමාත්‍යවරයා විසින් ''චේතනාන්විතව'' අදාළ කොන්දේසි ඊට ඇතුළත් කොට නොමැති බවට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි. රාජ්‍ය සේවයේ උසස් තනතුරු දරන පුද්ගලයන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දෙන්නේ මෝටර් රථයේ සම්පූර්ණ වටිනාකමින් 50% ක මුදලක් ගෙවීම සහ මෝටර් රථය අවුරුදු පහක් යන තෙක් වෙනත් අයකු වෙත බැහැර නොකිරීම ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව බවත් නීතිඥවරයා සඳහන් කළේය. තීරු බදු රහිත වාහන බලපත්‍ර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ගෙන්වන ලද මෝටර් රථයක් වසර පහකට පෙර බැහැර කරනු ලබන්නේ නම් ඊට ප්‍රථම අදාළ සම්පූර්ණ බදු මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතුව ඇති බව අයබදු විශේෂ විධිවිධාන පනතේ පෙන්වා දී ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. 'බරපතළ වැරද්දක්' "දැන් මේ කියන කොන්දේසි කිසිවක් මේ ගෙනාපු වාහනවලට ඇතුළත් කොට නැහැ. මේ ගෙනත් තිබෙන වාහනවලින් බොහොමයක් ටොයෝටා ලෑන්ඩ්කෘසර්, එක් වාහනයක බද්ද මිලියන තිස් තුන හමාරක්," "පර්මිට් එක විකිණුවොත් මන්ත්‍රීවරයට මිලියන විසි පහක් ලැබෙනවා. පර්මිට් එක ගන්න පුද්ගලයට මිලියන අට හමාරක ලාභයක් ලැබෙනවා. බලන්න කොච්චර බරපතළ වැරද්දක්ද කියලා," ඔහු සඳහන් කළේය. තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී දැයි බීබීසී සිංහල සේවය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ඒ සඳහා පැහැදිලි උත්තරයක් ලබා දීමට මේ අවස්ථාවේ නොහැකි නමුත් සිය බලපත්‍රය භාවිතා නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් තමා සමග මෑතකදී පැවැසූ බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිසිදු බදු මුදලක් නොගෙවා මෝටර් රථයක් මිල දී ගැනීමේ හැකියාව ලබා දී ඇතත් එන්ජින් ධාරිතාවෙන් ඉතා අඩු මෝටර් රථයක් මිල දී ගන්නා 'පුංචි මිනිසකුගෙන්' ඒ සඳහා රුපියල් මිලියන දෙකක පමණ බදු මුදලක් අය කර ගැනීම කොතරම් සාධාරණ දැයි නීතිවේදියෙක් ප්‍රශ්න කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවට, එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට අයිසීසීයේ වැඩි බලතල හිමි වන යෝජනාවක් හිටපු ක්‍රිකට් නායකයන්, හිටපු සභාපතිවරුන්, හිටපු ලේකම්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එය රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් බවද නිවේදනයේ සඳහන්. ජගත් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජිකයකු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනට තිබෙන හිමිකම් වරප්‍රසාද ඉදිරියටත් ආරක්ෂා කර ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ස්ථාවරය බව එම රැස්වීමට සහභාගි වූ පිරිසට දැනුම් දී තිබේ. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානයද මීට ඉහතදී ජගත් පාලක මණ්ඩලයේ යෝජනාවට දැඩි විරෝධය පළ කළහ.
අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩි බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පැවරෙන යෝජනාවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කොට පළාත් පාලන ආයතන වෙත කොඩි කණු බෙදා දුන් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණය වෙත රැගෙන ආවේ ගිලන් රථයකිනි. තම සේවාදායකයාට මහාධිකරණයෙන් ඇප ඉල්ලා ඇති බව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේය. අදාළ ඇප අයදුම්පත ලබන 08 වනදා සලකා බැලීමට නියමිත අතර එදිනටම නඩු විභාගය යළි කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝගය කළේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට විල්පත්තුව අභය භුමියේ උතුරු කොටසේ අනවසරයෙන් කුඩාරම් හා ස්ථිර ඉදිකිරීම් සිදු කරන බවයි ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් ප්‍රකාශ කළේ. ලංකාවේ සුවිශේෂිම පරිසර පද්ධතියක මෙවැනි අනවසර ක්‍රියා සිදු විමට ඉඩදී බලධාරීන් නිහඬව සිටීම පිළිබඳව ද පරිසරවේදීන් විමතියට පත්ව සිටින බවත් ඔහු පැවසීය. පුත්තලම, අනුරාධපුරය, මන්නාරම යන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 03 කට මායිම්ව විල්පත්තුව වන උද්‍යානය පිහිටා තිබෙන අතර මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 දී. හෙක්ටයාර 131693 ක ප්‍රදේශයක පැතිර පවතින විල්පත්තුව වන උද්‍යානය 1947 නොවැම්බර් මාසයේදී අභය භුමියක් ලෙස ප්‍රකාශ කෙරුණි. විල්පත්තුව උතුරු අභය භුමියේ ප්‍රමාණය අක්කර 4640 ක් වන අතර මෙහි මේ වන විට සිදුකරන අනවසර ඉදිකිරීම් විල්පත්තුව වන උද්‍යානයටද තදින්ම බලපා තිබේ. විල්පත්තුව ශ්‍රී ලංකාවේදී දිවියා, වළහා සහ අලියා පහසුවෙන් බලා ගත හැකි වනෝද්‍යානයක්. උතුරු විල්පත්තුවේ සිදු වන අනවසර ක්‍රියා නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විල්පත්තුව දකුණ ප්‍රදේශයේ තබ්බෝව අභය භුමියේ ජිවත් වන ජනතාව කනස්සල්ලට පත් ව සිටිති. වසර 15 ක සිට ප්‍රදේශයේ දිවි ගෙවන තමන්ට මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පවසන මේ ජනතාව, තමන්ට එක නීතියකුත් උතුරු අභය භුමියේ අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරති. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා කියා සිටියේ විල්පත්තුව පිළිබද සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි. විල්පත්තුව උතුරු අභය භුමියේ මේ වන විට තාවකාලික කුඩාරම් ගණනාවක් ඉදිකර තිබෙන බව පිළිගත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩි. රත්නායක අනවසර ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද කියා සිටියේය. එසේ ඉවත් නොවුනහොත් ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වනජිවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සංදේශයට පැවසීය.
විල්පත්තුව අභය භුමියේ දැනට සිදු කරන අනවසර ඉදිකිරීම් වහාම නැවැත්වීමට ක්‍රියා කරන ලෙස පරිසර සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණේ මෙම විරෝධය ඔවුන්ට උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බව ඇමතිවරු පවසති පළාත් සභා ක්‍රමය සංශෝධනය කෙරෙන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා නොදෙන බව අමාත්‍යවරුන් පිරිසක් සහභාගි වූ මාධ්‍ය හමුවක් අමතමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය. “පළාත් සභා සහිත ඒකීය රාජ්‍යයක් මගින් ලාංකේය එක්සත්කම ඇති කරමු” මැයෙන් ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණු මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, රෙජිනෝල්ඩ් කුරේ, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර යන කැබිනට් ඇමතිවරුන් මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂවල නායකයෝද සහභාගි වී සිටියහ. මරණ තර්ජන ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටියි. පළාත් සභා පිහිටුවීමට මූලික වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වෙනි සංශෝධනය, හදිසි ක්‍රියාවක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, එය "ඉතිහාසය පුරා සුළු ජාතීන් සහ සුළු ජාතීන්ගේ අයිතිය පිළිගන්නා වූ මහ ජාතියේ අය" එකතු වී කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් බව පැවසීය. "මේක උත්තරීතරම විසඳුම නෙවෙයි. නමුත් අපි ඉල්ලන්නේ මේක නොවේ නම් මීට වඩා ඒ හා සමාන විසඳුමක් දෙන්න, මේ අන්තවාදීන් කිසි දවසක එහෙම විසඳුමක් දෙන්නේ නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මුලින්ම පළාත් සභා හඳුන්වා දුන් අවස්ථාවේ එයට සහාය දුන් තමන් ඇතුළු විශාල පිරිසකට ජනතා විමුක්ති පෙරමුණෙන් මරණ තර්ජන එල්ල වූ බව පැවසූ අමාත්‍ය සේනාරත්න, කෙසේ නමුත් ඒ අවස්ථාවේ පවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පළාත් සභාවලට ඡන්දය දීම විග්‍රහ කළේ ඒ සඳහා පැවති "හොඳම ජනමත විචාරණය" ලෙසින්. 'ඡන්දය ඉල්ලන්න බෑ' එබැවින් වසර 25 කට පසුව පළාත් සභා සම්බන්ධයෙන් යලිත් වරක් ජනමත විචාරණයක් ඉල්ලීම "හාස්‍යජනක" බව අමාත්‍ය සේනාරත්නගේ අදහසයි. "ජාතිවාදයත් එක්ක ගියාම කෙළවරක් නෑ. අන්තවාදය එක්ක ගියාම කෙළවරක් නෑ," යනුවෙන්ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර දහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මෙම විරෝධය ඉදිරිපත් කරන්නේ ඔවුන්ට පැහැදිලිවම උතුරු නැගෙනහිර පලාත්වල මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා බවයි. "හේතුව, ඔවුන්ගේ දර්ශනය සිංහලවාදී දර්ශනයක්," බවයි අමාත්‍ය නානායක්කාර පවසන්නේ.
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට ඉඩ නොතබන බව කැබිනට් අමාත්‍යවරු පිරිසක් අවධාරණය කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (ජන.25) පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අද කොළඹ අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත් කිරීම සහ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව ඉවත දැමුවේ තමන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නාම යෝජනා අත්සන් තැබූවන් අතර දයා මාස්ටර් ගේ නම නොමැති බව ඇමතිවරයා පවසයි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. "මම දන්න තරමින් කිසිම එල්ටීටීඊ සාමාජිකයෙක් දැනට අත්සන් කරලා නෑ," ඔහු පැවසීය. එල්ටීටීඊයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නමින් ප්‍රකට වේලායුදම් දයානිධි ට නාම යෝජනා ලැබී නැති බව අමාත්‍යවරයා බීබීසී යට තහවුරු කළේය. ජාත්‍යන්තර නිරීක්ෂකයෝ ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් දයා මාස්ටර් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ, සිය නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව තමන්ට තවමත් දැනුම් දීමක් කෙරී නැති බවයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ආණ්ඩුව යුද හමුදාව යොදා ගැනීමට ඉඩ තිබෙන බවට මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් කරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණය සඳහා ආණ්ඩුවට හමුදාවේ සහෝයෝගය අනවශ්‍ය බවයි. ඉදිරි සතිය පමණ ඇතුලත අන්තර ජාතික නිරීක්ෂකයන්ද දිවයිනට ලඟා වීමට නියමිත බැවින්, එම චෝදනාවල සත්‍ය අසත්‍ය භාවය ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළේය. උතුර වයඹ සහ මධ්‍යම පළාත් සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන බදාදා නිමාවට පත්වේ.
උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතර එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් නොමැති බව පාලක සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අතර ඒ සඳහා ජනමත විචාරණයකට මුහුණදීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර සහ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරු පසුගියදා සඳහන් කළහ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් ප්‍රකාර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැප වී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, "පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන් දේ කරන්න පුලුවන් නම් අපිට කිසිම ගැටලුවක් නැතිව සංශෝධනය කරන්න පුළුවන්කම තිබෙන," බව පැවසීය. විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි "කාරණා රාශියක්" සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනය" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවත් සඳහන් කළේය. "සමහර වෙලාවට අපි නමයක් කාරණාවලට කැමතිවෙලා එක කාරණයකට නොකමැතිවීමත් එක්ක ජනතාව ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනව," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) "ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන කරන්න." ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ "ව්‍යවස්ථා සංශෝධනයක්ද" නොඑසේනම් "නව ව්‍යවස්ථාවක්ද" යන්න "වචන හරඹයක් පමණක්" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අදහසයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම 'ව්‍යවස්ථා සංශෝධනයක්' ද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන නමුත් එය ක්‍රියාවට නැගිය යුත්තේ පවත්නා දේශපාලන වාතාවරණයට අනුකූලව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද ගැටුම් වලදී ලිංගික ප්‍රචන්ඩතාව යොදාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) බීබීසී යට ප්‍රකාශ කළේ ස්ත්‍රී දුෂණයේ යෙදුනු භටයන් පිළිබඳ විභාග පවත්වා, නඩු අසා බන්ධනාගාර ගත කළ යුතු වග. ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරද කරු වන කිසිදු යුද භටයකු තව දුරටත් ආරක්ෂක සේනා වලට බඳවා නොගන්නා බවට ජනාධිපති ජෝසප් කබිලා තමනට පොරොන්දු වූ වගත් ඇය ප්‍රකාශ කළාය. නැගෙනහිර කොංගෝවේ දුෂණයට ලක්වූ බොහෝ දෙනකු, දරුවන් බව පැවසූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ඉන් සමහරකු අත දරුවන් බවත් වැඩි දුරටත් කියා සිටියාය.
ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ යුද හමුදා සෙබළුන් හා අතුරු හමුදා භටයන් විසින් කරන ලද ලිංගික දුෂණ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් දැඩි අදිටනින් යුතුව සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, සෛනාබ් බැන්ගූරා (Zainab Bangura) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිස්ත්‍රික්ක 12 ක් තුළ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බැවින් එම මදුරුවන් මර්දනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව 2017 වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 33,151 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 61 කි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලිනි. එම දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් ඉහත කී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වැඩබිම් පරික්ෂාවට එමෙන්ම රට පුරා පිහිටි සියලුම ඉදිකිරීම් කලාප පරීක්ෂාවට ලක් කරන අතර, එහි දී ඩෙංගු මදුරු කීටයින් හමුවුවහොත් අදාළ බලපත්‍රය මසකට අවලංගු කරන බව ද අද (අප්‍රේල් 21) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. එමෙන්ම ධීවර වරාය හා නැංගුරම් තොටුපලවල එකතු වන කැළිකසල පළාත් පාලන ආයතන මාර්ගයෙන් ඉවත් කිරීමට ද අදාළ සාකච්ඡාවේ දී තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.
ඩෙංගු මදුරු කීටයන් හමුවන පාසල් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවී පිල්ලේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හැඳින්වුයේ ‘මහත් සංවේග ජනක’ ඒවා ලෙසින්. බංග්ලාදේශය භයානක අයුරින් ‘විනාශකාරී බවේ අද්දරට’ තල්ලු කිරීම නවත්වන ලෙස ඇය ප්‍රධාන පක්ෂ දෙකින් ඉල්ලා සිටියාය. රටේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ් ජාතික පක්ෂය තම සගයන් හා එක්ව විරෝධතා මාලාවක් පවත්වමින් සිටින්නේ අගමැතිනි ෂේක් හසීනාට ඉල්ලා අස් වන ලෙස බල කරමින්. භාරකාර ආණ්ඩුවක් යටතේ ජනවාරියේ මහා මැතිවරණය පවත්වා ගැනීමයි ඔවුන්ගේ යෝජනාව. නුමුත්, ආණ්ඩුව එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ. රටේ කිහිප පොලක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සඳුදා පටන් මරා දමා ඇති සංඛ්‍යාව විස්සකට වැඩියි.
බංග්ලාදේශයේ මැතිවරණ පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා වලින් තමන් මහත් කම්පාවට පත්වූ බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එරටින් හමුවන නවතම කොරෝනා වෛරස් ප්‍රභේදය තවත් රටවල් දහ අටකවත් පැතිර ඇති බව GISAID ග්ලෝබල් ඩේටාබේස් ආයතනය පවසයි. ඉන්දියාව මුහුණ පා ඇති ගැටලු සහගත තත්ත්වය ලොව සෙසු රටවලට බලපාන්නේ කෙසේද යන්න ඉහත වීඩියෝවේ දැක්වේ. මේ ගැනත් කියවන්න:
ලොව ඇතැම් කලාප කොරෝනා වෛරස් ලොක්ඩවුන් සීමා ලිහිල් කරද්දී ඉන්දියාවේ වසංගත තත්ත්වය ව්‍යසනයක් කරා ඇදෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''වතුර නැති වෙලාවට ගේ ළඟම තියෙන ඔයට ගිහින් නා ගන්නවත් මට අවසරයක් නෑ. දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අඩුම ගානේ දේශපාලන නොවන ගමේ පොදු වැඩ වලටවත් සහභාගී වෙන්න අවසර දුන්නොත් මගේ මනසටත් සහනයක්.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහය ලබා දුන් තස්ලිම් 2019 මාර්තු 09 වැනි දින සහරාන්ගේ කණ්ඩායමේ වෙඩි ප්‍රහාරකට ලක්ව තිබුණි. වෙඩි වැදීමෙන් පසු තස්ලිම්ට රැකියාවක් කිරීමට නොහැකි සේම නිවසින් බැහැරට යෑම සීමා කර ඇති පසුබිමක වසර දෙකකට ආසන්න කාලයක් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් ජීවත්වෙයි. තමන්ට ස්ථිර මාසික අදායමක් ලැබෙන ක්‍රමයක් සකස් කර දෙන්නැයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. තස්ලිම්ට එංගලන්තයට ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රජය මුල්‍ය ආධාර මෙන්ම ආරක්ෂාව සැපයිය යුතු බවට පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම රජයට නිර්දේශ කර තිබේ. ඒ නිර්දේශය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද තස්ලිම් ඉල්ලා සිටී. මේ පිළිබඳව කළ විමසීමේදී බීබීසී සිංහල සේවයට අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසුවේ තස්ලීම් ට ආරක්ෂාව සැළසීමට අමතරව අනෙකුත් පහසුකම් සැපයීමට රජය පියවර ගන්නා බවය. ''පොලීසිය දාලා තියෙන්නේ එතුමාගේ ආරක්ෂාවට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔහුව කාමරකට දාලා වහලා තියෙන එක. ඒක වැරදියි. ඒ ගැන හොයලා බලන්නම්.'' යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසුවේය. නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය ෂර්ලි උපුල් කුමාර
පැය 24ම පොලිස් ආරක්ෂාව මැද ජීවත් වෙන තමන්ට පල්ලියට සහ රෝහලට යෑමට පමණක් අවසර ලබා දීම නිසා 'නිවාස අඩස්සියේ සිටිනා මෙන් හැඟීමක්' දැනෙන බව සහරාන් ඇතුළු කණ්ඩායමේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මාවනැල්ලේ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී පැවසුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි. එංගලන්තයේ ද්විතීයික පාසල් ළමුන්ට 2020 සිට කාන්තා යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීමට දැනටමත් නියමිතව ඇත. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ කරති. ජාතික FGM මධ්‍යස්ථානයට අනුව, වයස අවුරුදු දහයට පෙර බොහෝ ගැහැණු දරුවන් පිටරටවල දී නිතරම යෝනි සුන්නතට ගොදුරු වෙති. 2003 වසරේ සිට එංගලන්තය,වේල්සය සහ උතුරු අයර්ලන්තයේත් 2005 වසරේ සිට ස්කොට්ලන්තයේත් එම ක්‍රියාව නීතියෙන් තහනම් කරනු ලැබ ඇති නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ඇතැම් ප්‍රජා කණ්ඩායම් දිගටම එම චාරිත්‍රයේ යෙදෙන බව බලධාරීන්ට හසු වී ඇත. අප්‍රිකානු ,ආසියානු සහ මැද පෙරදිග කෝටි විස්සක් දැරියන් කාන්තාවන් යෝනි සුන්නත් කිරීමට ගොදුරු වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය ඇස්තමේන්තු කරයි. අවුරුදු තුනක දැරියකටත් එංගලන්තයේ වෙසෙන සංක්‍රමණික පවුලක තුන් හැවිරිදි දැරියක් ඇයගේ මව විසින් යෝනි සුන්නතට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව, එම කාන්තාවට එරෙහිව මේ වසර මුලදී නඩු පවරන ලද අතර, එම කාන්තාව අදාළ අපරාධයට වරදකාරිය යයි අධිකරණය තීන්දු කළේය. බර්නාඩෝ ළමා ශුභ සාධක ආයතනය සහ පළාත් පාලන සම්මේලනය හවුලේ ක්‍රියාත්මක කරන ජාතික FGM මධ්‍යස්ථානයේ ඉලක්කය 2030 වන විට යෝනි සුන්නත සහමුලින්ම සමාජයෙන් තුරන් කර දැමීමය. ප්‍රජාව අතර දක්නට ලැබෙන විවිධ ජන සංයුතීන් නොතකා හරිමින්, තම සිරුරේ අයිතිය තමන් සතු බව සහ ඊට හානි කිරීමේ අයිතියක් වෙනත් කිසිවකුට නැති බව රට පුරාම ළමුන්ට පොදුවේ ඉගැන්වීම ඉතා ප්‍රයෝජනවත් බව ජාතික FGM මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒ අනුව ලබන අවුරුද්දේ අලුත් සබඳතා සහ නව සෞඛ්‍යය අධ්‍යාපන විෂය දහරාව ක්‍රියාවට නංවන විට ළමුන්ට යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීම ආරම්භ කරන මෙන් ජාතික FGM මධ්‍යස්ථානය ප්‍රාථමික පාසල්වලින් ඉල්ලීමක් කරයි. "ප්‍රාථමික පාසල්වල මේ මාතෘකාව පිළිබඳව ළමුන්ට ඉගැන්වීමේ දී ඇතැම් ව්‍යතිරේක ඉදිරිපත් විය හැකි නමුත්,වයසට ඔබින මට්ටමින් ළමුන් කේන්ද්‍ර කර ගනිමින් එම කාර්යය සිදුකළ හැකි බව අපට පෙනී ගොස් තිබෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් ප්‍රකාශ කළාය. "යෝනි සුන්නත් කරනු ලැබීම ගැන ප්‍රාථමික පාසල්වල ළමුන්ට ඉගැන්වීම මගින් එම කාරණය ගැන කතා කරන්නට අපි ඊළඟ පරම්පරාවට ශක්තියක් ලබා දෙනවා" "ඒත් මේක ඊළඟ පරපුර අවදි කිරීමක් විතරක් නොවෙයි.තමන් අයත් ප්‍රජා කණ්ඩායම,තම ලිංගිකත්වය සහ වෘත්තීය නොතකා යමින් කවුරුත් මේ සංවාදයට එකතු වෙන්න අවශ්‍යයි.එහෙම වුනොත් යෝනි සුන්නත සැඟවුන අපරාධයක් විධියට කරන්න බැරි තත්වයක් උදා වෙනවා" ජාතික FGM මධ්‍යස්ථානයේ ප්‍රධානී ලීතන් බර්තොලමිව් වැඩිදුරටත් පවසන්නීය. අදාළ පුවතක්; වත්මන් ලෝකයේ කෝටි විස්සක් පමණ දැරියන් සහ කාන්තාවන් යම්කිසි ආකාරයක යෝනි සුන්නතකට ගොදුරු කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල් තිහක පමණ එම ක්‍රියාව සිදුවෙමින් ඇතැයි අදහස් කරන ලද නමුත්, ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවලත් එසේම බටහිර යුරෝපය,උතුරු ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී රටවලට වෙනත් රටවලින් සංක්‍රමණය වී සිටින ප්‍රජා සමූහයන් අතරත් එය සිදුවෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි. යෝනි සුන්නත කාන්තාවන්ගේ පසුකාලීන ජීවිතයේ දී ශාරීරික සහ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති කරන බව කෙන්යාවේ බොරානා(Borana) ප්‍රජාවට අයත් බිෂාරා ෂේක් හමෝ පවසන්නීය. "මගේ යෝනි සුන්නත සිද්ධ කරන කොට මට වයස අවුරුදු එකොළහයි.මගේ ආත්තම්මා මට කිව්වා- ඒක හැම ගැහැණු ළමයෙක්ම සිදුකළ යුතුය -ඒකෙන් පවිත්‍රතාව ඇති කෙරෙනවය කියල"බිෂාරා සඳහන් කළාය.| බිෂාරා යෝනි සුන්නතට ලක් කරනු ලැබ තිබෙන්නේ තවත් ගැහැණු දරුවන් හතර දෙනකු සමඟිනි. "මගේ ඇස්දෙක රෙදිකඩකින් බැන්දා. ඊළඟට ඒ කාන්තාව මගේ අත්දෙක පස්සට තියල ගැට ගැහුවා.මගේ කකුල් දෙක පළල් කරලා මගේ යෝනියේ බාහිර අධර (තොල්) කපල දැම්මා" "මිනිත්තු කීපයකට පස්සේ මට දැනුනේ දැඩි වේදනාවක්.මම කෑ ගැහුවා.වැලපුනා.ඒත් කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ.වේදනා නාශකයක් වුණේ අපේ සමාජයේ පාවිච්චි කරන සාම්ප්‍රදායික අත්බේතක් විතරයි.පොළොවේ වළක් ඇතුළෙයි බෙහෙත් තියල තිබුණේ. ඔවුන් එලිච්චියකගේ වගේ මගේ කකුල් ගැටගහල - අර බෙහෙත් අරන් මගේ තුවාලේ ගෑවා.කෝ අනිත් එක්කෙනා ? කෝ අනිත් එක්කෙනා ? කියල කෑ ගසමින් ඊළඟ කෙල්ල ගත්තා" එහෙත් එම ක්‍රියාව නිසා පසු කාලයෙහි මුහුණ දීමට සිදු වෙන මුත්‍රාශයේ ගැටලු, නිතර සිදුවෙන ආසාදනය වීම් හෝ රටාවකින් තොරව සිදු වෙන මාසික ඔසප්වීම් ආදියට තමා ගොදුරු වෙන බවක් එම ළමා වියේදී බිෂාරාට නොතේරුණි. ඇයට පසු කාලයෙහි දරුවන් ප්‍රසුත කිරීමට සිදුවුණේ සිසේරියන් සැත්කම් මගින් පමණි. ඇය දැන් යෝනි සුන්නතට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියකි. යෝනි සුන්නතට එරෙහි කෙන්යා කාන්තා හඬ හිබෝ වඩේරේ (Hibo Wadere) ගේ කතාව හිබෝ වඩේරේ(Hibo Wadere) යෝනි සුන්නතට (FGM) ලක් කරන විය ඇයට වයස අවුරුදු හයක් පමණකි. ඇයගේ කතාව අසන්නන් බලවත් කම්පාවකට පත් වීමට හේතුවිය හැකිය. අදාළ දිනයේ ඇය වෙනුවෙන් විශේෂ සාදයක් පිළියෙල කර ඇති බවක් තමාට දැනුම් දුන් බව හිබෝ වඩේරේ පවසන්නීය. නියමිත දවසේ තමා මුහුණ දුන් නපුරු අත්දැකීම ඇය මෙසේ විස්තර කළාය. "හාන්සි වෙයන් !කකුල් දෙපැත්තට කරපන්!දැන් උඹේ යෝනිය කප්පාදු කරනවා" එම නියෝගයට අවනතවීම හැර ඇයට වෙනත් තෝරා ගැනීමක් නොවීය. "මම ලේ දැක්කා.අතේ ලේ ගෑවුණ පිහියක් ඒ ගෑනිගේ අතේ තිබුණා " "ඒ කාන්තාව කප්පාදුව කරගෙන ගියේ කෑ ගසන ශබ්ද ඇයට සාමාන්‍ය වූ දේවල් ගානටයි" "එය ළමයකු මුහුණ දෙන අමානුෂිකම අත්දැකීමක්" හිබෝ වඩේරේ ළමා වියේ නපුරු අත්දැකීම සිහිපත් කළාය. "ඒ අපරාධය මුළු ජීවිත කාලයටම බලපානවා. ඒක යාවජීව දඬුවමක්" යෝනි සුන්නතට එරෙහිව ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර පෙරට යමින් පවතී සුන්නත සිදු කෙරෙන ආකාරය යෝනි සුන්නත(FGM ) යනු කාන්තාවකගේ ප්‍රජනනනේන්ද්‍රියෙහි කෙරෙන කප්පාදුවකි. එහිදී යෝනි මුඛයට පිටතින් පිහිටි අධර (තොල්) සහ භගමනිය ඉවත් කෙරේ. එවැනි සුන්නත් කිරීම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ "කාන්තා ප්‍රජනන ඉන්ද්‍රියයන්ට තුවාල සිදු කෙරෙන වෛද්‍යමය උවමනාවකින් තොරව සිදු කෙරෙන්නක්" ලෙසය. යෝනි සුන්නත සිදු කිරීමේ ආකාරයන් හතරක් පිළිබඳව සඳහන් වේ. යෝනි සුන්නත වේදනාත්මක ව්‍යසනයක් වන අතර, එමගින් කාන්තාවන්ගේ සබඳතාවන්ට හානි කරන බවත් ඊජිප්තුවේ සිනමාවේදිනියක් සහ 'බ්ලොග්' මාධ්‍යවේදිනියක් වන ඕම්නියා ඊබ්‍රාහිම් පවසයි. "යෝනි සුන්නතට ලක් වෙච්ච කෙනෙක් අයිස් කැටයකට සමානයි . කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ.ආදරය කරන්නේ නැහැ.ආශාවක් නැහැ" මේ ක්‍රියාවට ලක්වීමෙන් හටගත් මානසික ආතතියෙන් ගොඩ ඒමට තමා සිය වැඩිහිටි කාලය පුරාම අරගලයක නිරත වූ බවත් ඇය සඳහන් කරන්නීය. "ශරීරය ලිංගිකයි-ලිංගික සබඳතා පවක්" කියන පාඩම අපේ ප්‍රජාව අපට ඉගැන්නුවා.මගේ ශරීරය මටම කොඩිවිනයක් වුණා" පාඩම් මාලාව ගැන උපදෙස් යෝනි සුන්නත පාසල් විෂය මාලාවට හඳුන්වා දීම සිදු කළ යුතු ආකාරය ,දෙමව්පියන් ඊට හවුල්කර ගන්නේ කෙසේද යන්න සහ සිසුන් සමඟ සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ උදව් ලබා ගැනීමට අදාළ උපදෙස් ජාතික FGM මධ්‍යස්ථානය මගින් ප්‍රාථමික පාසල් ගුරුවරුන් සඳහා නිර්මාණය කර ඇත. "යෝනි සුන්නත යනු ඊට ගොදුරුකර ගනු ලබන දැරියන් මෙන්ම ඔවුන්ගේ පවුල් අසීමිත පීඩාවකට පත් කෙරෙන පිළිකුල් සහගත අපරාධයක් ය යන්න ළමුන්ට අවබෝධ කර දීම ඉතා වැදගත් කරුණක්" වන බව එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. "යෝනි සුන්නත ශාරීරික වශයෙන් වගේම සහ සංවේදීභාවය අතිනුත් කාන්තාවන්ට හානි කරන සාපරාධී වරදක් වන බව නව සබඳතා සහ ලිංගික අධ්‍යාපන විෂය දහරාවේ කොටසක් හැටියට 2020 සැප්තැම්බර් මාසයේ පටන් උගන්වනවා" අප්‍රිකාවට FGM විරෝධී ආධාර පැකේජයක් බොහෝ අප්‍රිකානු රටවල යෝනි සුන්නත් කිරීම සිදු කෙරෙන්නේ සමාජ චාරිත්‍රයක් වශයෙනි. අප්‍රිකානු, මැද පෙරදිග සහ ඇතැම් ආසියානු රටවලත් සිදු කෙරෙන එම අපරාධයට එක වසරකට තිස් ලක්‍ෂයක් පමණ දැරියන් ගොදුරු වෙතැයි ඇස්තමේන්තු කර ඇත. අප්‍රිකාවේ යෝනි සුන්නත නතර කිරීමට දිරි දීමක් වශයෙන් ඩොලර් දශ ලක්ෂ හැට හතරක (64) මූල්‍යාධාර සැපයීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී තිබේ. එය 2030 වනවිට යෝනි සුන්නත ලෝකයෙන් උපුටා දැමීම සඳහා යෙදවීමට එක් රටක් විසින් සපයනු ලබන විශාලතම ආයෝජනය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. කියවන්න;
ලබන අවුරුද්දේ (2020) එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එරාන් වික්‍රමරත්න පා.ම. මේ හේතුව නිසා වර්තමානයේ රට තුළ ඉදි කෙරෙන අධිවේගී මාර්ග සඳහා ඒවාට සාමාන්‍යයෙන් වැය වන මුදලට වඩා ඉතා අධික මුදලක් දැරීමට ජනතාවට සිදුව ඇති බවයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසන්නේ. මන්ත්‍රීවරයා එම අදහස් පළකළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවක් අමතමින්. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කල නොහැකි බවයි. ටෙන්ඩර් නැතිව දකුණු අධ්වෙගී මාර්ගය අධිවේගී මාර්ග වියදම සලකා බැලීමේ දී තරඟකාරී ලෙස මිල ගණන් ලබා ගත්තේ නම් ඒවාට දැනට යන වියදමට වඩා ඉතා අඩු මුදලකින් එම මාර්ග ඉදි කළ හැකි බවයි , මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසන්නේ. " දක්ෂිණ අධිවේගී මාර්ගයට කිලෝ මීටරයට ගියේ රුපියල් මිලියන 900 යි., නමුත් කෙරවලපිටිය- කඩවත අධිවේගී මාර්ගයට කිලෝ මීටරයකට යනවා රුපියල් මිලියන 6700 කට වැඩි මුදලක්. අධිවේගී මාර්ග ඔක්කොම එක මුදලට හදන්න බැහැ ,නමුත් වියදම හය ගුණයකින් වැඩි වෙන්න බැහැ, මෙතන තියෙන්නේ ගසා කෑමක්." යයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා කියා සිටියේය. මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව තරඟකාරිත්වයකින් තොර ව ව්‍යාපෘතියක් ලබා දිය හැක්කේ අති විශේෂ කාරණා වලදී පමණක් බව පවසන මන්ත්‍රීවරයා, නමුත් අද ව්‍යාපෘති බොහොමයක් ලබා දෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොර ව යයි පෙන්වා දෙයි. පුහු විවේචන ජනාධිපතිවරයා අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් විවෘත කරමින්. මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කල නොහැකි බවයි. එවැනි ව්‍යාපෘති පිළිබඳව සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ නොහැකි බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් පි බි ජයසුන්දර කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විරෝධය පළ කළේය. රජයේ මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳව විපක්ෂය පුහු විවේචන ඉදිරිපත් කරමින් සිටින්නේ රටේ වර්තමාන සංවර්ධනය දරා ගැනීමට ඔවුන්ට නොහැකි නිසා යයි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සංදේශයට ප්‍රකාශ කළේය. තරගකාරී ලෙස මිල ගණන්කැඳවා කොන්ත්‍රාත් ලබා දුන්නේ නම් එය රටට වාසිදායක විය හැකි නොවේදැයි සන්දේශය විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ, බොහෝ ව්‍යාපෘති විවිධ රටවල ආධාර මුදල් මත සිදු කෙරෙන හෙයින් ඔවුන්ගේ ඇතැම් කොන්දේසිවලට රජයට එකඟ වීමට සිදු වන බවයි.
ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘතීන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට හිතවත් දූෂිත සමාගම්වලට වංචා සහගත ලෙස ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කළ යුතු බවට නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය දැඩි ස්ථාවරයක සිටින බවයි ඇය හමුවූ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේ. දේශපාලන සිරකරුවෝ මීට අමතරව මුස්ලිම් ප්‍රජාවට එල්ලවන හිරිහැර සහ දේශපාලන සිරකරුවන් චෝදනා රහිතව රඳවා තබා ගැනීම පිළිබඳව ද මහ කොමසරිස්වරිය, රවුෆ් හකීම් ඇමතිවරයාගෙන් විමසා තිබේ. මෑතකදී පිහිටුවන ලද නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය අධිකරණ හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතට ගත යුතු බවයි නවී පිල්ලේ ගේ මතය වී ඇත්තේ. මහ කොමසාරිස්වරිය අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් සහ නීතිපති පාලිත ප්‍රනාන්දු හමුවී සාකච්ඡා පවත්වා තිබේ. භාෂා කොමිසම භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ භාෂා කොමිසම විමධ්‍යගත කිරීම පිළිබඳව නවී පිල්ලේ තමාගෙන් විමසා සිටි බව ජාතික ඒකාග්‍රතා අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේය. වෛරය මතු කරවන ප්‍රකාශන තුළින් ඇතිවන ආතතිය පිළිබඳව ද කොමසාරිස් වරිය සිය අවධානය යොමු කළ බව වාසුදේව අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය. කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව තමා සතුටු වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේ. පොලිස් කොමිසම මේ අතර නවී පිල්ලේ කොමසාරිස්වරිය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතවරුන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ස්වාධීන පොලිස් කොමිසම, නීතියේ ආධිපත්‍යය සහ හමුදාකරණය පිළිබඳව කොමසාරිස් වරිය මෙහිදී සාකච්ඡා කළ බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු බීබීසියට කියා සිටියේ. රාජ්‍ය නොවන සංවිධාන දැඩි විවේචනයට ලක් කිරීම සඳහා රජය විසින් රාජ්‍ය මාධ්‍ය යොදා ගනු ලැබීම පිළිබඳව ද නවී පිල්ලේ දැනුවත් කළ බව පී සරවනමුත්තු තව දුරටත් සඳහන් කළේය. මෙම හමුවේදී බහුජන සංවිධාන හතලිස් පහකට වැඩි ප්‍රමාණයකගේ අත්සනින් යුත් ලියවිල්ලක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට භාර දී තිබේ.
උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ දැඩි අවධානයට යොමු වී ඇති බව රජයත් ස්වේච්ඡා සංවිධානත් පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ විපක්ෂ නායකවරයා වෙනුවෙන් එම මෝටර් රථ මිලදී ගැනීමට නියමිතය. ඒ පිළිබඳ අද (නොවැ. 30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය රජයෙන් කරුණු විමසූ අතර එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වසර ගණනාවක සිට අමාත්‍යංශවලට මෝටර් රථ මිලදී නොගැනීම හේතුවෙන් නව මෝටර් රථ මිලදී ගැනීමට සිදු වී ඇති බවය. ඇමතිවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදය ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
ඇමතිවරුන් විසිහත් දෙනෙකු වෙනුවෙන් මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වහනවලටත් අලාභානි දකුණු බංගලාදේශයේ “නොආඛාලි” ප්‍රදේශයේ දී විරෝධතා පවත්වන්නන් විසින් එල්ල කෙරුණු ගල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි. මේ අතර නිරිත දිග බංග්ලාදේශයේ “ෂත්ඛිරා” දිස්ත්‍රික්කයේ දී ද පොලිසිය හා කලහකාරී පිරිස් අතර ගැටුමක් ඇතිවී ඇත. රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදාගනිමින් පොලිසිය එය මැඩපැවැත්වීමට උත්සහ කල අවස්ථාවේදී සිය ගණනක් වූ විරෝධතා පවත්වන්නන් පෙට්රෝල් බෝම්බ වලින් පෙරලා පොලිසියට පහර දෙමින් රථවාහන වලටද අලභහානි කර ඇත. මෙම ගැටුම් හට ගෙන ඇත්තේ පක්ෂ නායකයෙක් වන අබ්දුල් කාදර් මොල්ලාහ් ට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසුවයි. මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්වී ඇත්තේ “මොල්ලාහ්” විසින් 1971 බංග්ලාදේශ නිදහස් සටන පැවති සමයේ දී කෙරුණු අපරාධ වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටියදීය.
බංග්ලාදේශයේ විශාලතම මුස්ලිම් පක්ෂය වන “ජමායතේ ඉස්ලාමි” පක්ෂය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අතරතුර බංග්ලාදේශයේ නගර පුරා කලහකාරී ගැටුම් හට ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිරස් එෆ්.එම් ඔස්සේ විකාශනය කෙරෙන බී.බී.සී ප්‍රවෘත්ති සංග්‍රහයට ශ්‍රී ලංකාවේ මෙන් ම කලාපීය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රධාන පුවත් ඇතුළත් කෙරෙනු ඇත. බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා පටන් සිකුරාදා තෙක් සතියේ දිනවල රාත්‍රි දහයයි දහයටයි විකාශනය කෙරෙන්නේ. බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස එෆ්. එම් සේවාවේ විකාශනය වෙන්නේ, 106.5 තරංග මාලා ඔස්සේ.
අගෝස්තු පළමු වෙනිදා, අද පටන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්‍රවෘත්ති සංග්‍රහයට සවන් දීමට ඔබට අවස්ථාව උදා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සිදුවීමට මේ වන විට දින පහළොවක් ගත වී ඇතත් තමාට සාධාරණයක් ඉටු නොවූ බව ද අතවරයට ලක් වූ, චතුරිකා සංජීවනී පවසයි. ඒ වන විට ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවය කරමින් සිටියාය. "මගේ වයස අවුරුදු 29ක් වෙනවා. ගම්පහට කිට්ටුව ප්‍රදේශයක තමයි දැන් ඉන්නේ. තාත්තගේ මුල් ගම හලාවත මාදම්පේ. අම්මා නැහැ. මට බාල සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් ඉන්නවා," චතුරිකා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා වසර දෙකක් පමණ විදේශගතව සිටි ඇය 2017දී කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට එක් වී තිබේ. "මම අවුරුදු දෙකක් මේකේ වැඩ කළා. ඒ අතරේ තමයි ලේ දන් දීමක් සංවිධානය කළා කියල ළමයි පස් දෙනෙක් සේවයෙන් ඉවත් කළේ. මේ ගැන වෟත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළා," චතුරිකා කීය. කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වැඩි පිරිසක් එම වැඩ වර්ජනයට එක් වී සිටියහ. "මේ වර්ජනයට දින සති ගෙවිලා යද්දී පාලකයන් කළේ සේවකයන් බිලී බාන එක. වන්දි අරගෙන සේවයෙන් ඉවත් වෙලා යන්න හෝ නැවත සේවය සඳහා වාර්තා කරන්න යන අවස්ථා දෙක ම සේවකයන්ට ලබා දුන්නා. මාසයක් විතර යද්දී පඩි නැති නිසා බඩගින්නේ බෝඩිමට වෙලා හිටපු දවස් කීපයක් ම තිබුණා." කියවන්න: වැඩ වර්ජනය අරඹා දින 42කට පසු ආයතනයේ දැනුම් දීමකට අනුව ඇය නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කළාය. ඒ වන විට තවත් සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් සේවයට වාර්තා කර සිටි බවත් ඔවුන්ට යම් යම් හිරිහැර මධ්‍යයේ සේවය ලබා දෙමින් සිටි බවත් ඇය කීවාය. චතුරිකා සංජීවනි "මම වැඩට ගියේ වෙන කරන්න දෙයක් නැති ම නිසයි. මට බඩගින්න දරා ගන්න බැරි වුණා. ඒ නිසා මම වෟත්තීය සංගමයට කිව්වා මම වැඩට යනවා කියලා. ඒ අය එපා කිව්වා. නමුත් මට වෙන කරන්න දෙයක් නැති නිසා මම ගියා," චතුරිකා විස්තර කළාය. "ගිය ගමන් පාලනාධිකාරිය කළේ මගෙන් ලියුම් දෙකකට අත්සන් ගත්තු එක. ඉන් එකක් වුණේ ආයේ වැඩ වර්ජනවලට එක් වන්නේ නැහැ කියන එකයි. අනෙක් ලිපිය වුණේ වෟත්තීය සමිතියෙන් ඉවත් වෙනවා කියන එකයි." ඇය ඒ අනුව පෙබරවාරි 20 වන දින සේවයට වාර්තා කළ තමාට වැඩ දෙන ලෙස ඉල්ලා සිටි විට මුලින් ම ලැබුණේ "හූ සංග්‍රහයක්" බව ඇය පවසයි. "ඊට පස්සේ වෙච්ච් දේවල් මට කියන්න බැහැ. පිරිමි පස් දෙනෙක් එක්ක තව කාන්තාවක් මේ වැඩේට එකතු වුණා. මට එහෙන් ඇන්නා මෙහෙන් ඇන්නා. මම ඒ වෙලාවේදී අන්ත අසරණ වුණා. මේ සියලු දේ පාලනාධිකාරිය බලාගෙන හිටියා. පස්සේ මට වැඩ දුන්නේ කාන්තාවන්ට තහනම් වූ කලාපයකයි," තමා අත්විඳි දෑ හෙළි කරමින් චතුරිකා පැවසීය. තමා සේවයට යෙදවූ කලාපයේ ඊට පෙර සේවය කළ සේවිකාවන් කීප දෙනෙකු ම ගබ්සා වී තිබූ නිසා එම කලාපයට ඇතුළු වීම කාන්තාවන්ට තහනම් කර තිබූ බව ද ඇය කීය. වෙළඳ කලාපවල සිදුවන "අසාධාරණවලට" එරෙහි විරෝධතාවක් "මම එතන වැඩ කරන්න ගියත් වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම ඒ ගැන පැමිණිලි කළා. මට කිව්වා වැඩ කරන්න බැරි නම් යන්න කියලා. ඒ අනුව පැය භාගයක් ඇතුළත මම ඕෆ් වෙලා එළියට අවා. එසේ එද්දී කීප දෙනෙක් ම එකතු වෙලා මට හිරිහැර කළා. හූ කිව්වා. අන්තිමට මගේ පපුවත් මිරිකුවා. මට කියන්න පවා ලැජ්ජයි මට වුණ දේ." මේ පිළිබඳව විමසූ විට නිදහස් වෙළෙඳ කලාපවල සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට සහ අනෙකුත් හිංසනවලට ලක් වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පැවසීය. චතුරිකා සංජීවනී මුහුණ දුන් සිදුවීම ගැන සඳහන් කරමින් එහි සම ලේකම් ඇන්ටන් මාක්ස් පෙන්වා දෙන්නේ, නීතිය ඉටු කිරීම සඳහා පොලිසිය ද පසුබසින බවය. මෙම සිදුවීම සිදුවූ දිනට පසු දින ම චතුරිකා කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙන අතර එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔහු ඇප මත මුදා හැර ඇති බව ද සේවකයෝ පවසති. එහෙත් මේ හා සම්බන්ධ පරීක්ෂණ මන්දගාමී බවත් අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමට හෝ පැමිණිල්ල විභාග කිරීමක් හෝ මේ දක්වා කර නැති බවත් වෟත්තීය සමිති චෝදනා කරයි. බ්‍රහස්පතින්දා (මාර්තු 07) කොළඹට රැස්වූ සංවිධාන කිහිපයක් මෙවැනි සිදුවීම්වලට සිය විරෝධය පළ කළේය. ඇන්ටන් මාක්ස් ප්‍රකාශ කළේ, එම ආයතනය තුළ එවැනි සිදුවීම් ගණනාවක් මීට පෙර ද සිදුව ඇති බවය. "මීට පෙර දිනක මෙම ආයතනයේ සේවිකාවකට අයුතු බලපෑම් කිරීමට ගිය එහි සේවය කරන සේවකයෙකුට විරුද්ධව කළමනාකාරවරයාට පැමිණිලි කිරීමේදී කළමනාකරු ද ඇයට අයුතු යෝජනාවක් කර තිබෙනවා. එයට අකමැති වීම හේතුවෙන් එම සේවිකාව සේවයෙන් ඉවත් කරලා," ඇන්ටන් මාකස් කීය. නමුත් අයුතු යෝජනා ඉදිරිපත් කරන ලද දෙදෙනා ම දැනටමත් සේවයේ නිරතව සිටින බව ඔහු පැවසීය. කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණි වීරසූරිය ප්‍රකාශ කළේ කාන්තා දිනය සැමරිය කළ යුත්තේ වෙළෙඳ කලාපය තුළ බවය. ශ්‍රී ලංකාවේ වැඩියෙන් පීඩාවට හා හිංසනයට ලක් වන කාන්තාවන් සිටින්නේ වෙළෙඳ කලාපයේ හා වතු අශ්‍රිතව බව ද ඇය පැවසුවාය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" මෙම චෝදනා එල්ල වන කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ එම් අයි එල් අබේසිංහ ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ලබා දිය නොහැකි බවය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආයතනයේ මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය ද අසාර්ථක විණි. මේ පිළිබඳව කළ විමසීමකදී කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය. ඔහුට අධිකරණයෙන් ඇප ලැබුණු බව ප්‍රකශ කළ පොලිස් ස්ථානාධිපතිවරයා අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද කියා සිටියේය. මේ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට වෟත්තීය සමිති පොලිසියට කරන චෝදනා ද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ "අපරාධයක්" කියවන්න:
තමන් රැකියාව කරමින් සිටි කටුනායක කර්මාන්ත ශාලාව තුළදී ලිංගික අතවරයට ලක් වූ බව ගම්පහ ප්‍රදේශයේ පදිංචි තරුණියක් පවසන්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රුසියානු හමුදාව අගනුවර සමීපයට පැමිණ ඇති බව යුක්රේනය පවසයි ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබීම ජාත්‍යන්තර නීතියේ පැවැත්මට බලවත් අනතුරක් බවයි G7 කාර්මික බලවතුන්ගේ ප්‍රකාශනයක දැක්වෙන්නේ. රුසියාවේ අනුග්‍රහයෙන් ලබන ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වෙන ජනමත විමසුමට නෛතික බලයක් නැති බව කියා සිටින G7 ප්‍රකාශනය එම ජනමත විමසුමේ ප්‍රතිපලය පිළි නොගන්නා බවත් කියා සිටී. මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේනයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා සිය රටේ දේශසීමාව අවට හමුදාව තර කරමින් සිටින බවට අනතුරු ඇඟවීමක් කරයි. රුසියානු හමුදාව කීව් අගනුවරට 'පැය දෙකක්, තුනක් දක්වා සමීපයට' පැමිණ ඇති බව පවසන අන්ද්‍රේයි පරුබියි ඕනෑම ප්‍රදේශයකින් එල්ල වන ප්‍රහාරයකට මුහුණදීම පිණිස යුක්රේන හමුදා සීරුවෙන් තබා තිබෙන බවද පවසයි. යුක්රේනයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම පිණිස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී ලබන සිකුරාදා රුසියාවේ විදේශ අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතයි.
ක්‍රිමියාව අල්ලා ගැනීමේ සියලු ප්‍රයත්නයන් අත්හිටුවන ලෙසත් එසේ නැත්නම් ගනු ලබන ක්‍රියා මාර්ගයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසත් දියුණු කාර්මික රටවල් හත රුසියාවට අනතුරු ඇඟවීමක් කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ආණ්ඩුව ගත් පියවර පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා සහ කැනඩාවේ අගමැතිවරයා ද දැඩි අවධානය පළ කොට තිබේ තත්ත්වය පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන මහ ලේකම් කමලේෂ් ශර්මා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, තමා ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට ද බලාපොරොත්තු වන බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්, ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව මීළඟට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ දී සාකච්ඡාවට ගන්නා බව පවසයි. එමෙන්ම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කරන බව ද නිවේදනයේ සඳහන්. 'දේශපාලන අරමුණක්' අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර "දේශපාලන අරමුණකින්" යුතු වූ අතර, එහි කිසිදු විනිවිද පෙනෙන සුළු භාවයක් නොවූ බවත් අගමැතිවරයා ප්‍රකාශ කරයි. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) මේ අතර පවසන්නේ පවතින වාතාවරණයට එරෙහිව ගත හැකි එකම ක්‍රියාමාර්ගය ජනතා උද්ඝෝෂණයක් පමණක් බවයි. ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයක් පවතින බවට පැවති "දේශපාලන මිථ්‍යාව" බිඳ දැමීම පිලිබඳව පාලකයන්ට සිය ස්තුතිය පිරිනමන බවද සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් දෝෂාභියෝගය පිළිබඳව මහා සංඝයා වහන්සේගෙන් පළවුණේ එකිනෙකට පරස්පර අදහස්. එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් බවයි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් සංදේශයට කියා සිටියේ. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට "දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්" දැරූ උත්සාහය අසාර්ථක වූ බව ද එහිමියෝ පැවසූහ. 'දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්' කෝට්ටේ නාග විහාරස්ථානයේ විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පවසන්නේ මෙය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පිලිබඳ ගැටලුවක් නොව රටේ නීතියේ ආධිපත්‍යය පිලිබඳ ගැටලුවක් බවයි. ආණ්ඩුව මෙම තීන්දුවට එළඹුණේ රටේ මහානායක හිමිවරුන් සියලු දෙනාගේම ඉල්ලීම් පවා නොතකා හරිමින් බව ද සෝභිත හිමියෝ සංදේශයට කියා සිටියහ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මතය පැහැදිලි කරන අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි සංදේශයට කියා සිටියේ, විශේෂයෙන්ම සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලියේදී ජනමාධ්‍ය මඟින්ද අධිකරණයේ ගෞරවය කෙලෙසීම පිලිබඳ තම අවධානය පල වී තිබෙන බවයි. රටේ අනාගත පරපුරේ අනාගතය සුරක්ෂිත වන පරිදි ගැටලුව විසඳා ගන්න මෙන් අන්ද්‍රාදි රදගුරු හිමියෝ අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිති. මුස්ලිම් ප්‍රජා නායකයෝ ද දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරති. සාධාරණය හා සාමය සඳහා වන පෙරමුණේ සභාපති නජා මොහමඩ් සංදේශයට කියා සිටියේ 1978 ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලබා දෙන ලද අසීමිත බලය මේ ගැටලුවට ප්‍රධානම හේතුව බවයි. රටේ සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් සුරකින ව්‍යවස්ථාවක් අද ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබෙන බවයි, ඔහු පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
දෝෂාභියෝග විමර්ශනයෙන් අනතුරුව අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්නක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි අවධානය පළ වී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
47 හැවිරිදි ඔහු දෙදරු පියෙකි. මිය යන තුරුම ශාන්ත දොඩන්ගොඩ රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. ඉකුත් 5 වැනිදා අලුයම දෙකට පමණ කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩන්ගොඩ සහ තවත් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු අතර එම දෙදෙනාත් තවමත් රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති. විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කෙරිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා විසින් නියෝග කෙරිණ. කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට සඳුදා අලුයම වෙඩි තබා තුවාල සිදු කළ බවට ලැබුණු පොලිස් පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටියදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කහවත්ත, බිංගිරිය ශාන්ත දොඩන්ගොඩ රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මයිකල් කිනේන් ශ්‍රී ලංකාවේ උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන 41 හැවිදිරි මයිකල් කිනේන් වසර හතයි මාස අටකට සිරගත කිරීමට වේල්ස්හි අධිකරණයක් නියම කළේය. මුදල් විශුද්ධිකරණය සහ වංචා චෝදනා තුනකට වරදකරු බව ඔහු පිළිගෙන තිබිණි. ලන්ඩන්හි පිහිටි ඖෂධ ආයෝජන සමාගමක් වන 'ඇවිලියොන්හි' විද්‍යුත් තැපැල් පද්ධතියට ඇතුළු වී, යම් මුදල් ගෙවීම් කරන ලෙස ඉල්ලා අන් අයට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම් සිදු කර තිබිණි. මෙම කාලය ඇතුළත ඇවිලියොන් සමාගම ඇමරිකානු ආයෝජකයෙකු සමග ගනුදෙනුවල නිරත වී සිටියේය. ඇවිලියොන් සමාගමේ සේවකයන්ට යැවුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩවලින් කියවුණේ නීත්‍යනුකූල කාර්යයන් සඳහා නව බැංකු ගිණුම්වලට මුදල් ගෙවන ලෙසය. ඉන් එක් ගිණුමක් මයිකල් කිනේන්ට අයත් වූවකි. 2018 නොවැම්බර් 2 වන දින ඇවිලියොන් සමාගම ඔහුගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් තැන්පත් කර ඇත. මයිකල් කිනේන්ට අයත් විදෙස් මුදල් ගිණුම් දෙකක් තිබිණි. 2018 නොවැම්බර් 2 සිට 5 දක්වා කාලය ඇතුළත පෝලන්තය, ජර්මනිය, හොංකොං, චීනය සහ මැලේසියාවේ සිටින මයිකල් කිනේන්ගේ අධාරකරුවන් අතර මෙම මුදල බෙදා හැර ඇත. මයිකල් කිනේන් මෙම ක්‍රියාව "තණ්හාව" නිසා සිදු කර ඇති නමුත් සංවිධානාත්මක ලෙස සිදු කර නොමැති බව තමන් පිළිගන්නවා යැයි විනිසුරු නිකොලා ජෝන්ස් පැවසීය. "ඔබ මේ මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කර තිබෙනවා. ඒ වගේ ම ඉතා සැලකිලිමත්ව මේ විශාල මුදල බැංකු ගිණුම් අතර හුවමාරු කර තිබෙනවා." "තණ්හාව නිසා ඔබ මෙයට පෙළඹිලා තිබෙනවා. නමුත් ඔබ ඒ ගැන ඇත්තටම පසුතැවිලි වෙන බවක් මට පෙනෙන්නේ නැහැ," විනිසුරුවරිය පැවසුවාය. ගැට්වික් ගුවන්තොටුපොළේදී මයිකල් කිනේන් අත්අඩංගුවට ගෙන තිබිණි. ව්‍යාජ ක්‍රම ඔස්සේ අධි මිලැති වාහන මිල දී ගැනීම් ද මයිකල් කිනේන් සැලසුම් කර තිබිණි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ නම පමණක් සඳහන් වෙනත් සමාගමක බැංකු ගිණුම් දෙකකට අදාළ මුදල් තැන්පත් කර ඇත. 'මැජික් ලිලි ලිමිටඩ්' ලෙස හඳුන්වන මෙම සමාගම ඔහුගේ නිවසේ ලිපිනයට ලියාපදිංචි කර තිබිණි. මෙම සමාගමට අයත් භාණ්ඩ, ගිණුම් වාර්තා නොතිබුණු අතර, කිසිදු ව්‍යාපාරයක නිරත වී හෝ බදු මුදල් ගෙවා නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. 2019 අගෝස්තු 8වෙනි දින තුර්කියේ සිට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මයිකල් කිනේන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පවුම් 4,550ක් වටිනා Tag Heuer වර්ගයේ අත් ඔරලෝසුවක් පැළඳ සිටි බව පොලිසිය පැවසීය. එමෙන්ම, ඩුබායිහි සමාගමකට පවුම් 30,000ක් ආයෝජනය කළ බව සඳහන් ලියකියවිලිද ඔහු සතුව තිබී ඇත. මයිකල් කිනේන්ට අයත් බැංකු ගිණුම් 32ක ලියකියවිලි පොලිසිය මේ දක්වා සොයා ගෙන තිබේ. මාස 13ක් පුරා පැවති පරීක්ෂණවලින් අනතුරුව පවුම් මිලියන 1.2ක් ඇවිලියොන් ආයතනයට නැවත ලබා දීමට හැකියාව ලැබී ඇත. "සාධාරණය ඉටු වීම ගැන සතුටු වෙනවා" යැයි පැවසූ ඇවිලියොන් ආයතනය සියලු මුදල් නැවත අය කර ගැනීමට උත්සහ දරණ අතර, සයිබර් ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බව පැවසීය. "මෙම නඩුව විසඳීමට අපි හැකි වුණේ අදාළ සමාගම් දෙකේ සහය ලැබුණු නිසා වගේම, ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) මීට සමාන්තරව පැවැත්වූ පරීක්ෂණ සහ මර්සෙයිසයිඩ් (උතුරු වේල්ස්) අධිකරණ සේවාවන්හි වංචා පිළිබඳ විශේෂඥයන්ගේ විශිෂ්ට සහයෝගය නිසයි," පොලිස් නිලධාරී බ්‍රයන් කියර්නි පැවසීය. මෙම පරීක්ෂණය "බ්ලූ කෝස්ටල් ක්‍රියාන්විතය" ලෙස නම් කර ඇත. මේ තොරතුරුද කියවන්න:
පවුම් මිලියන හයකට (රුපියල් මිලියන 1410) ආසන්න මුදලක් විශුද්ධිකරණය කිරීමට කුමන්ත්‍රණය කළ බව පිළිගත් ශ්‍රී ලංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට සිර දඬුවම් නියම වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රට පුරා විවිධ ප්‍රදේශවලදී ධාවනයේ යෙදුනු ලංගම මගී ප්‍රවාහන රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රහාර ශ්‍රී ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන්ට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසන අමාත්‍යවරයා, මාර්ග නීති උල්ලංඝනය කරන රථවාහනවලට එවැනි දඩයක් නියම කරන මෙන් ආණ්ඩුවට මුලින්ම යෝජනා කළේ තමන් බවත් සඳහන් කළේය. '25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වෙනවා' ශ්‍රී ලංකාවේ 25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව තරම් මාර්ග නීති උල්ලංඝනය කරන තවත් රටක් ලෝකයේ නොමැති බවයි. ඇතැම් පුද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් රට පුරාම බස් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර රට පුරා විවිධ ස්ථානවලදී ධාවනයේ යෙදුනු ලංගම බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ.
පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිංගප්පූරුවේ සිට ශ්‍රීලංකාවට පැමිනි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. සැත්කම් කිහිපයකට ලක්වූ දුමින්ද සිල්වා දුවිලි සහිත ස්ථානයක රඳවා තැබීම නුසුදුසු හෙයින් නවලෝක රෝහලේ නතර වී සිටීමට ඔහුගේ නීති වේදීන් කළ ඉල්ලීමකට අධිකරණය ඉඩ ලබා දුන්නේය. ප්‍රේමචන්ද්‍ර මහතා ගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන්ට කියා සිටියේ දුමින්ද සිල්වා පැමිණෙන තුරු තමන් බලා සිටි බවයි "මෙතෙක් කාලයක් නඩුවට ආවේ අපේ පාර්ශවයෙන් විතරයි,දැන් තමයි සටන පටන් ගන්නේ" යැයි ඇය පැවසුවාය. මෙම නඩු විභාගය මාර්තු 13 වෙනිදා කැඳවීමට නියමිතය. සබැඳි තේමා
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නවලෝක රෝහලේ ප්‍ර ති කාර කෙරෙන අතරතුරදීම රිමාන්ඩ් භාරයට පත් කොට තබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන, න්‍යාය පත්‍රයේ ඉහළින් ම ඇති මාතෘකාව බවයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ. ඉරාන න්‍යෂ්ඨික වැඩ පිළිවෙළ පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ලබන සිකුරාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි. ඉරානයට දැඩි කොන්දේසි පැමිණ වීම සඳහා ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින අතර ඔවුන් කියා සිටින්නේ ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් නො කළ යුතු බවයි.
ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් තුන් දින නිළ සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුනඛයාගේ හිමිකරු සමග විනාශයට පත් නිවස වෙත ගොස් ඇති ගිනි නිවන භට කණ්ඩායමට සුනඛයකු බුරන හඬ ඇසී තිබේ. සුන්බුන් අතර සිර වී සිටි ගෝල්ඩන් රිට්‍රිවර් වර්ගයට අයත් 'රෝමියෝ' නමැති සුනඛයාට බීමට ජලය ලබා දීමෙන් අනතුරුව සහන කණ්ඩායම් විසින් සුනඛයා ඉන් ඉවතට ගනු ලැබ තිබේ. අගෝස්තු 24 වනදා මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවට හසු වී පුද්ගලයන් 290 දෙනකුවත් මරුමුවට පත් විය.
පසුගියදා මධ්‍යම ඉතාලියේ හට ගත් භූමිකම්පාවට හසු වී විනාශයට පත් වූ නිවසක සුන්බුන් අතර සිර වී සිටි සුනඛයකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙදහස් දොළහ වසරේ පැවති උද්ඝෝෂණයක් ක්‍රිකට් කණ්ඩායම් දොළහක් සහභාගී වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කනිෂ්ඨ ක්‍රීඩකයෝ දාසය දෙනෙකු කොළඹ සිට චෙන්නායි නගරයට පැමිණ සිටියහ. නමුත් අද සඳුදා ආරම්භ වීමට නියමිත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව තරග සංවිධායකයෝ පවසා තිබේ. ආරක්ෂාව කණ්ඩායමේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව පවසා ඇති චෙන්නායි පොලිස් නිලධාරීන් නගරයෙන් පිට වන ලෙස කණ්ඩායමට දන්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ මොහොත වන විට දකුණු ඉන්දියාවේ දැඩි ශ්‍රී ලංකා විරෝධයක් මතු වී ඇති අතර පසු ගියදා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපිය ඊට බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරති. පෙම් පත් මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී තිබුණේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස දෙන ඉංග්‍රීසි වැකියකි. ඉන්දීය මාධ්‍ය වල දැඩි අවධානයට හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එම ලිපිය වහාම ඉවත් කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරියෝ පියවර ගත්හ. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ එම ලිපිය සම්බන්ධයෙන් තමිල්නාඩුව තුල ක්‍රියාත්මක වන සියලු දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී ඇති අතර ඊට එරෙහිව තමිල්නාඩුවේ බොහෝ ස්ථානයන්හි උද්ඝෝෂණ පැවැත්වෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවැත්වෙන පෞද්ගලික ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ගොස් සිටි වයස පහළොවෙන් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක හේතුන් මත නැවත ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉසයිප්‍රියාට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසයි හමුදා භට පිරිසක් ඇය ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 නාලිකාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බව චැනල්4 වාර්තාව පවසන නමුත්, ඒ සියලු චෝදනා අසත්‍ය බව හමුදාව පවසයි. 'කම්පනයට පත් වෙලා' චැනල්4 වීඩියෝ පටයේ ඇතුලත් දර්ශන මගින් ලොව පුරාම දෙමළ ජනතාව කම්පනයට පත් වී සිටින බවයි, ඊපීඩීපී සංවිධානයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට තිබෙන නිවේදනයක දැක්වෙන්නේ. ඉසයිප්‍රියා ඝාතනය පිළිබඳව පමණක් නොව යුද සමයේ සිදු වූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු යයි තමන් මීට ඉහතදීත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව සංවිධානයේ නායක කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. අදාළ වීඩිය පටය තමන් දුටු බවත්, එය සත්‍ය වාර්තාවක් යයි විශ්වාස කරන බවත් මේ අතර සෙනසුරාදා වාර්තාකරුවන් ඇමතූ ඉන්දීය මුදල් අමාත්‍ය පී චිදම්බරම් කියා සිටියේය. ශ්‍රී ලංකා රජය ඒ ගැන සොයා බලා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණ විය යුතු බවද ඉන්දීය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉසයිප්‍රියා අත් අඩංගුවට ගැනීමේ සිදුවීම ඇතුළු බරපතල යුද අපරාධ චෝදනා රැගත් නෝ ෆයර් සෝන් (No Fire Zone) චිත්‍රපටය අද රාත්‍රියේ චැනල්4 නාලිකාව මගින් විකාශණය කිරීමට නියමිතයි.
එල්ටීටීඊ යේ රූපවාහිනී නිවේදිකාවක වූ ශෝභා හෙවත් ඉසයිප්‍රියා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද බවට එල්ල වන චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ආණ්ඩුවේ පාර්ශ්වකාර ඊපීඩීපී සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'පසුගිය රජයේ මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ' ඉහත කී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැවති අවාසිදායක සාධක සංශෝධනය කොට වරාය නගරය යළි ආරම්භ කිරීමට චීනය හා එකඟ වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. වසරකට වැඩි කාලයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට අදාළ ව්‍යාපෘතියෙන් හානියක් නොවන බව තහවුරු කර ගත් බවත් ඔහු සඳහන් කළේය. පැවති ආණ්ඩුව විසින් වරාය නගරයේ ඇතැම් කොටස් සින්නක්කර වශයෙන් ලබා දීමට එකඟ වී සිටි නමුත් මේ වන විට එකී කොන්දේසි සංශෝධනය කොට ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. "අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ." වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීම හේතුවෙන් අදාළ සමාගමට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුව ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ. 'ජාත්‍යන්තරයට විවෘත්තයි' 'අනූ නව අවුරුදු බදු ක්‍රමයට අපි මෙය පරිවර්තනය කොට තිබෙනවා. සින්නක්කර ක්‍රමයට කිසිදු ඉඩමක් පවරා දෙන්නේ නැහැ.' ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුවට එවැනි වන්දියක් ගෙවීමට සිදු නොවන බවයි. අදාළ කොන්දේසිවලට යටත්ව ලොව ඕනෑම රටක ව්‍යාපාරිකයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට චීනය සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගොඩනගන වරාය නගරයේ ආයෝජනය කිරීමට හැකි බවත් ඔහු පැවසීය. වරාය නගරය ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ. ''පසුගිය රජය මේ තුළ නිකන්ම ගොඩනැගිලි හදන්නත් රේස් ධාවන පථයක් හදන්නත් තමයි කටයුතු කරමින් සිටියේ.'' මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන මාසයේ යළි ආරම්භ කරන බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි මියගිය දරුවන්ගේ දෙමාපියන් පාසල් බස් රථයක් මාර්ග සඥා නොමැති දුම්රිය මාර්ගයක් හරහා ධාවනය කිරීමේ දී දුම්රියක ගැටීමෙනි අනතුර සිදුවී ඇත්තේ. පොලිසිය පවසන්නේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර සියයක් පමණ දුරකින් දුම්රිය හරස් පාරකදී මෙම අනතුර සිදු වී ඇති බවයි. බස් රථය පැදවූ රියදුරා ද අනතුරින් මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් නියෝග කර ඇත. බස් රථයේ ගමන් ගත් තවත් ළමුන් දහ නමයකට පමණ තුවාල සිදුවී ඇති නමුත් දුම්රිය මගීන්ට හානි සිදු වී නැති බවයි පොලිසිය පවසන්නේ. පසුගිය මස ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෙවැනිම අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් දස දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර මැයි මස උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ද පුද්ගලයන් විසි දෙනෙකු මිය ගොස් තිබේ. වාර්තා වලට අනුව ඉන්දියාවේ මාර්ග සඥා නොමැති පහළොස් දහසක් පමණ වූ දුම්රිය හරස් පාරවල් වල සිදුවන අනතුරු හේතුවෙන් වසරකට සියයකට අධික පිරිසක් මරණයට පත් වෙති. ඉන්දියාවේ මගී දුම්රිය නම දහසක් පමණ ධාවනයේ යෙදෙන අතර දිනකට මගීන් තුන් කෝටි තිස් ලක්ෂයක් දුම්රිය සේවය තම ගමනාගමනයට යොදා ගන්නා නමුත් දුම්රිය සේවයේ ආරක්ෂා සහගත බව ඉතා පහළ මට්ටමකයි පවතින්නේ.
දකුණු ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ දහතුන් දෙනකුට ආසන්න පාසල් ළමුන් දුම්රිය අනතුරකින් මරණයට පත් වූ බවක් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උනන්දු කරවීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ජෝ බිඩන් (Joe Biden) සිය ප්‍රධාන සුන්නි ප්‍රතිවාදියකු වන , ඉරාක අගමැති , නූරි අල් මලිකි (Nuri al-Maliki) සහ කුර්දි නායකයකු හට දුරකථනයෙන් කථා කොට තිබේ. ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරන්නේ ඉරාක අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වන්නේ යුදමය බලපෑමක් නොව දේශපාලන විසඳුමක් බවයි. ඉරාක අගමැති මලිකි ඉල්ලා අස්විය යුතු බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනේට් සභික ජෝන් මැකෑන් (John McCain) කියා සිටියි. ඩිමොක්‍රටික් පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ සාමාජිකන් දක්වන්නේද එවන් අදහසක්.
සුන්නි ජිහාඩ්වාදීන් විසින් දියත් කොට ඇති කැරැල්ල මැඩ පැවැත්වීමේ පියවරක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය, ඉරාකයේ දේශපාලන වෙනසක් ඇතිකිරීමට ගන්නා ක්‍රියා මාර්ග වැඩි කරමින් සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කරනු ලැබ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කෙරෙන නෛතික විධිවිධාන සහ සම්ප්‍රදායන් අනුව එම කර්තව්‍යය සිදුකෙරෙන නමුත් කොරෝනා වසංගතය සහ පසුගියදා වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙවර එම අවස්ථාවේ එක්තරා වෙනසක් දක්නට ලැබෙයි. ජනාධිපති බයිඩන් සමඟ උප ජනාධිපතිනි කමලා හැරිස් ද සිය පදවිය සඳහා දිව්රුම්දෙමින් නිල කාර්යයන් ආරම්භ කිරීමට නියමිතය. මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයකු පදවියේ දිව්රුම්දෙනු ලැබීම ඇමෙරිකානු දේශපාලනයේ අතිශයින් වැදගත් දිනයකි. 'සමාරම්භය'(inauguration)යනු කුමක්ද? ඇමෙරිකානු ජනාධිපති පදවියේ 'සමාරම්භය'(inauguration) යනු අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයකු නිලමට්ටමින් දිව්රුම් දී පදවියට අයත් රාජකාරි ආරම්භ කිරීමයි. එම සමාරම්භක උත්සවය සම්ප්‍රදායක මට්ටමින් පැවැත්වෙන්නේ 'වොෂිංටන් DC' නගරයේය. එම දිනයෙහි අවශ්‍ය වැදගත්ම කාරණය තේරී පත්ව සිටින අභිනව ජනාධිපතිවරයා සිය ධූරය සඳහා දිව්රුම්දීමය. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර අභිනව ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක දිව්රුම්දෙනු ලබන්නේ මෙම ප්‍රකාශය අනුව ප්‍රතිඥා දෙමිනි. ''එක්සත් ජනපදයේ විධායක ජනාධිපති පදවියට පැවරෙන කාර්යභාරය අවංක ලෙස ඉටුකරන බවට එමෙන්ම,මාගේ උපරිම ශක්තිය අනුව එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්‍ෂිත කොට රැකබලා ගනිමින් ආරක්ෂා කරන බවට ගරු ගාම්භීරව ප්‍රතිඥා දෙමි'' එම වචන උච්චාරණය කරමින් අදාළ ප්‍රතිඥාව දීමත් සමඟ ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා බවට පත්වෙයි. උප ජනාධිපති පදවිය සඳහා පත්කරනු ලැබ සිටින කමලා හැරිස් ද සිය ප්‍රතිඥාව දෙමින් සිය පදවියේ කාර්යයන් ආරම්භ කරන අතර, සම්ප්‍රදායක් ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම නව ජනාධිපතිවරයා දිව්රුම්දීමට පෙර සිදුකෙරෙයි. සම්ප්‍රදායක් ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා හෝ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම නව ජනාධිපතිවරයා දිව්රුම්දීමට පෙර සිදුකෙරෙයි. ජෝ බයිඩන් දිව්රුම්දෙන හෝරාව ඇමෙරිකානු ජනාධිපති පදවිය සඳහා තේරී පත්ව සිටින තැනැත්තා හෝ තැනැත්තිය ජනවාරි මස විසිවෙනි දින දිව්රුම්දෙනු ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කර තිබෙන නිර්දේශයකි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රාන්ත වේලාව අනුව (EST Time) පෙරවරු 11.30ට දිව්රුම්දීමේ උත්සවය ආරම්භ කෙරෙන අතර,අනතුරුව දවසේ මධ්‍යාහ්නයෙහි නව ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරියගේ දිව්රුම්දීම සිදුකෙරෙයි. පදවියේ දිව්රුම්දෙනු ලැබීමෙන් අනතුරුව සවස් භාගයේ නව ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයට පිවිසෙයි. ඉදිරි වසර හතරක කාලය බයිඩන් පවුලේ නිල නිවහන වන්නේ ධවල මන්දිරයයි. උත්සවය සඳහා යොදා ඇති රැකවරණ ඇමෙරිකානු ජනාධිපතිවරයකු දිව්රුම්දීමේ උත්සවය වෙනුවෙන් මනාව සැලසුම්කරන ලද ආරක්‍ෂක වැඩ පිළිවෙලක් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් මෙවර ඊට වඩා වැඩි ආරක්ෂක රැකවරණ සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වන මැර කල්ලියක් ජනවාරි මස හයවෙනිදා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පිහිටි 'කැපිටල්' මන්දිරයට කඩා වැදී එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙනි. නිලධාරීන් විසින් අදාළ ආරක්‍ෂක කටයුතු තර කිරීමට පියවර ගනුලැබ ඇත. ඒ අනුව වොෂිංටන් නගරයේ විශාල කොටසක් වසාදමනු ලැබ ඇත. පහළොස් දහසක පමණ ජාතික ආරක්‍ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය (Secret Service) ආරක්‍ෂක සැලසුම භාරව කටයුතු කරයි. ඊට අතිරේකව, දහස් ගණනක් පොලිස් බලකායක් ද නිරත කොට සිටිති. පහළොස් දහසක පමණ ජාතික ආරක්‍ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය ආරක්‍ෂක සැලසුම භාරව කටයුතු කරයි. දිව්රුම්දීම සිදුකෙරෙන වොෂිංටන් DC නගරයේ දැනටමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය නිමවෙනතෙක් එම හදිසි තත්ත්වය බල පැවැත්වෙයි. රහස්‍ය අංශය වෙනුවෙන් එකී ආරක්‍ෂක කටයුතු මෙහෙයවමින් සිටින මැට් මිලර්(Matt Miller) පසුගිය සිකුරාදා මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින්,එම ආරක්‍ෂක සැලසුම් වසරකට අධික කාලයක් ක්‍රියාවට නැංවෙනු ඇතැයි සඳහන් කළේය. ජෝ බයිඩන් අවධාරණයෙන් කියාසිටින්නේ මෙතෙක් අනුගමනය කෙරුණු සම්ප්‍රදාය අනුව යමින් එළිමහනේ දිව්රුම්දීම සිදුවිය යුතු බවය, එය එසේ මෙවරත් සිදුකෙරෙන නමුත් එම උත්සවයට සහභාගීවෙන ජන සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගනු ලැබ ඇත. ට්‍රම්ප් උත්සවයට සහභාගී වේද? අභිනව ජනාධිපතිවරයා දිව්රුම්දෙන අවස්ථාවට සහභාගීවෙමින් එම අවස්ථාව බලාසිටීම මෙතෙක් බලයේ සිටි සෑම ජනාධිපතිවරයකු විසින්ම සම්ප්‍රදායක මට්ටමින් අනුගමනය කරන ලද චාරිත්‍රයකි. එහෙත් මෙවර දක්නට ලැබෙනු ඇත්තේ එහි අවලක්ෂණ පින්තූරයකි. පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා උත්සවයේ දක්නට නොලැබෙනු ඇත. අමිහිරි ජනාධිපතිවරණ සටනකින් අනතුරුව ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා බවට පත්වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 08 වෙනිදා මෙවැනි ප්‍රකාශයක් ඇතුළත් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළේය. ''මගෙන් විමසා ඇති සියලු දෙනාට මෙම දැනුම්දීම කරමි. ජනවාරි 20 දින දිව්රුම්දීමේ අවස්ථාවට මම සහභාගී නොවෙමි'' උත්සවය මගහරින ජනාධිපතිවරයා 'ෆ්ලොරිඩා'හි පිහිටි 'Mar-a-Lago' නම් සිය නිවස කරා යනු ඇතැයි බලාපොරොත්තු වෙයි. ට්‍රම්ප්ගේ ඇතැම් ආධාරකරුවන් පවසන පරිදි, ඔවුන් ජෝ බයිඩන් පදවියේ දිව්රුම් දෙන දිනයෙහි එම වේලාවටම ට්‍රම්ප් වෙනුවෙන් ''දෙවැනි දිව්රුම්දීමක්'' සැලසුම් කෙරෙමින් පවතී. ජනාධිපති ට්‍රම්ප්ට සහයෝගය පළකිරීම සඳහා තමන් එම අවස්ථාවට සහභාගී වෙන බව 68,000කට අධික පිරිසක් 'ෆේස්බුක්' මගින් ප්‍රකාශකර තිබුණි. ජනාධිපති ට්‍රම්ප් පදවිය සඳහා තරඟ වැදුන අවස්ථාවේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ට්‍රම්ප්ට එරෙහිව දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ නමුත් තමා එම තරඟයෙන් පරාජයට පත්වීමෙන් යාන්තම් මාස දෙකකට පසුව පැවැත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ දිව්රුම් දෙන අවස්ථාවට හිලරි ක්ලින්ටන් සිය සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද කැටුව සහභාගී වූවාය. පසුගිය ශතවර්ෂයක කාලය ඇතුළත සිය අනුප්‍රපාප්තිකයා ධුරයෙහි වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී නොවීම තෝරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරුන් තිදෙනෙකු පමණි. ජෝන් ඇඩම්ස්, ජෝන් ක්වින්සි සහ ඇන්ඩෲ ජොන්සන් ඔවුන් තිදෙනාය. සෙසු සියලු ජනාධිපතිවරුන් සිය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා දිව්රුම්දෙන උත්සවයට සහභාගී වී ඇත. ජනාධිපති ට්‍රම්ප් දිව්රුම්දුන් උත්සවයට සහභාගී වූ එවක බලයේ සිටි ජනාධිපති බරක් ඔබාමා තම අනුප්‍රාප්තිකයාට සුබ පතන ආකාරය ට්‍රම්ප් එම අවස්ථාව පැහැර හරින නමුත් තමා එම අවස්ථාවට සහභාගී වෙන බව උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශකර ඇත. ජනාධිපති ට්‍රම්ප් දිව්රුම්දුන් උත්සවයට සහභාගී වූ එවක බලයේ සිටි ජනාධිපති බරක් ඔබාමා ඔහුට සුබ පැතීමට පියවර ගත්තේය . මෙවර දිව්රුම්දීමට කොරෝනා බලපාන ආකාරය නව ජනාධිපතිවරයකු දිව්රුම්දෙන උත්සවයකට ලක්ෂ ගණනින් මහජනයා වොෂිංටනයට ගලාඑම සාමාන්‍ය තත්ත්වයයි. 2009 වසරේ ජනාධිපති බරක් ඔබාමා පදවියේ දිව්රුම්දුන් අවස්ථාවට ලක්ෂ දෙකක් ජනතාව සහභාගී වූ බව ඇස්තමේන්තු කෙරෙයි. එහෙත් මෙවර කරුණු කීපයක් නිසා එහි වෙනසක් සිදුවෙයි. ඉන් එකක් කොරෝනා වසංගතයයි. දෙවැන්න ජනවාරි 06 දින 'කැපිටල් ' මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරයයි. නව ජනාධිපති බයිඩන් දිව්රුම් දීමේ උත්සවයේ පෙරහුරුව සඳුදා (ජනවාරි 18) පැවැත්වුණි මේ වසරේ උත්සවය අතිශයින්ම සීමාසහිත පිරිසකට සීමා කෙරෙන බව බයිඩන් කණ්ඩායම පවසා ඇත. අගනුවරට පැමිණීමෙන් වලකින ලෙස ඔවුහු මහජනයාගෙන් ඉල්ලා සිටිති. රථ පෙළ ගමන්ගනු ලබන මාර්ගය ඔස්සේ නැරඹුම් ස්ථාන ඉවත්කරනු ලැබ තිබේ. මෙවරත් අනුගමනය කෙරෙන එක් සම්ප්‍රදායක් වන්නේ නව ජනාධිපතිවරයා සහ නව උප ජනාධිපතිවරිය 'කැපිටල්' මන්දිරය ඉදිරිපිට දිව්රුම් දෙනු ලැබීමය. එය 1981 පටන් ක්‍රියාත්මක වෙන, ජනාධිපති රොනල්ඩ් රීගන් විසින් ආරම්භකරන ලද සම්ප්‍රදායක් වෙයි. මෙවර උත්සවයට දෙසීයක් පමණ සහභාගී වෙන අතර සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් අසුන් පනවා ඇත. වේදිකාවට සැපත්වෙන අමුත්තන්ට මුඛ ආවරණ සපයන බවත් ඔවුන් දින කීපයකට පෙර කොරෝනා වෛරස් පරීක්‍ෂණයක් සිදුකරගත යුතුව ඇති බවත් ජෝ බයිඩන්ගේ සංවිධායකයන් විසින් දැනුම් දෙනු ලැබ තිබුණි. බලයට පත්වීමෙන් පසු පදවියේ දිව්රුම්දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජෝ බයිඩන් පසුගිය ජුනි මාසයේ කියා තිබුණේ 'එම අවස්ථාවට තමා මුඛ ආවරණයක් නොපළඳින' බවකි. සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් අසුන් පනවා ඇත. දිව්රුම්දීමෙන් අනතුරුව යුද හමුදාව විසින් ජෝ බයිඩන් යුවල සහ කමලා හැරිස් යුවල ධවල මන්දිරය කරා රැගෙන යනු ඇත. තූර්ය වාදකයන් සහ බෙර වයන්නන් කණ්ඩායමක් ද ඊට එක්වෙති. ප්‍රවේශපත් කාටද? වේදිකාව මත අසුන්ගැනීම සහ එය ඉදිරිපස කලාපයන්හි සිටගෙන සිටින්නන් සඳහා ප්‍රවේශපත් අවශ්‍ය කරයි. සාමාන්‍ය වසරවල නව බලවතුන් ගමන්ගන්නා මාර්ගය දෙපස අසුන් සඳහා ද ප්‍රවේශපත් අවශ්‍ය කෙරෙයි. 'නැෂනල් මෝල් (National Mall )යනුවෙන් හඳුන්වනු ලබන උයන් කලාපය මහජනයා සඳහා විවෘතව තැබීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙවර දිව්රුම්දීමේ උළෙල ආසන්නයේ සිට නැරඹීමට අවශ්‍ය පුද්ගලයන් ඒ සඳහා තමන් ජීවත්වෙන ප්‍රදේශයේ නියෝජිතයන් අමතන ලෙස දැනුම්දීමක් කර තිබුණි. ඒ අතරම, නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය දිව්රුම්දීමේ උත්සවය අරභයා සංවිධානය කෙරෙන සාද නැටුම් සහ වෙනත් උත්සව ආදියට සහභාගීවීම සඳහා වෙනම බලපත් ලබා තිබිය යුතුය. මෙවැනි වෙනත් අවස්ථා සඳහා අතීතයේ ප්‍රවේශපත් ලක්ෂ දෙකක් පමණ නිකුත්කරන නමුත් වසංගතය සැලකිල්ලට ගනිමින් මෙවර නිකුත්කරනු ලැබ තිබෙන්නේ ප්‍රවේශපත් දහසක් පමණි. එහෙත් සාමකාමීව බලය පැවරීම සංකේතවත් කරමින් නව ජනාධිපතිවරයා සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා ලෙස හමුදා ආචාර පෙළපාලියක් අධීක්ෂණය කරන නමුත් වෙනදා මෙන් පෙන්සිල්වේනියා මාවත ඔස්සේ ධවල මන්දිරය කරා ගමන් කෙරෙන සුපුරුදු උත්සවාන්විත 'පෙළපාලිය' වෙනුවට එක්සත් ජනපදය පුරා ජනයාට අන්තර්ජාලය ඔස්සේ උත්සවය නැරඹිය හැකි බව සංවිධායකයෝ පවසති. ජනාධිපති ඔබාමා දිව්රුම්දුන් අවස්ථාවට දෙලක්ෂයක පමණ ජනකායක් එක්විය. සෙනෙට් සභිකයන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රවේශපත් නිකුත්කිරීම භාරකෙරෙන අතර, එම එක් එක් මහජන නියෝජිතයා සඳහා නොමිලේ සපයනු ලබන ප්‍රවේශපත් නිශ්චිත සංඛ්‍යාව බැගින් නිකුත්කර ඇත. වසංගතය හේතුවෙන් මේ වසරේ එක මහජන නියෝජිතයකුට ලැබෙන්නේ ඔහුට සහ තවත් එක් ආරාධිතයකු සඳහා ප්‍රවේශපතක් පමණි. උත්සවය හැඩ කරන කලාකරුවන් මෙම උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සංගීත සංදර්ශනයේදී ගී ගයන, පසුගිය ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩන් ගේ ක්‍රියාකාරී ආධාරකාරියක වූ 'ලේඩි ගාගා'(Lady Gaga)සහ ජෙනිෆර් ලෝපෙස් (Jennifer Lopez) මෙන්ම සෙසු කලාකරුවන් සමඟ නව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය එක්වනු ඇත. ඇමෙරිකානු ජාතික ගීය ගයනු ලබන්නේ 'ලේඩි ගගා'(Lady Gaga)විසිනි. ජෝ බයිඩන් දිව්රුම්දීමෙන් පසු සිනමා නළු ටොම් හැන්ක්ස් (Tom Hanks) විසින් මෙහෙයවනු ලබන විනාඩි අනූවක රූපවාහිනී විශේෂාංගයකි. ගැරත් බෘක්ස් (Garth Brooks), ජොන් බොන් ජෝවි (Jon Bon Jovi) ඩේමි ලොවටෝ (Demi Lovato) සහ ජස්ටින් ටිම්බර්ලේක්(Justin Timberlake) වැනි සුප්‍රකට කලාකරුවන් ද එම සංගීත සංදර්ශනය අලංකාර කිරීමට ඇරයුම් ලබා සිටිති. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිව්රුම්දීමේ උත්සවය සඳහා කලාකරුවන්ට ආරාධනා කිරීමේ දී ඔහු අර්බුදයකට මුහුණ දුන්නේය. එම උත්සවයේ ගැයුමකට ආරාධනා ලද එල්ටන් ජෝන්ස් එම ඇරයුම ප්‍රතික්ෂේප කළේය. සෙලීන් ඩියෝන් (Celine Dion); කිස්' (Kiss) සහ ගැරත් බෘක්ස් (Garth Brooks) වැනි ගයක ගායිකාවන් ද ට්‍රම්ප්ගේ ආරාධනයේ දී එල්ටන් ජෝන්ස් අනුගමනය කරන ලදැයි වාර්තා වෙයි. ජනාධිපති බරක් ඔබාමා පදවිප්‍රාප්තිය නිමිත්තෙන් 2009 වසරේ පැවැත්වුණු සංගීත සංදර්ශනයේ දී සුප්‍රකට ගායිකා 'බියෝන්සේ '(Beyonce) ගී ගයන ලද ආකාරය කියවන්න ;
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් පදවිය සඳහා දිව්රුම්දෙමින් වැඩ භාරගනු ලැබීම(inauguration) ජනවාරි 20 දින ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යාහ්නයෙහි සිදුවෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හුස්නා බායි නම් මෙම 24 හැවිදිරි කාන්තාව, විනිසුරු ජදීෂ් සහායිට පැවසුවේ තමන් ගණිකාවක් බවය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දී ඇති නව නීතියට අභියෝග කර, ව්‍යවස්ථාවේ දැක්වෙන කරුණු ද සඳහන් කරමින් ඇය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. "මේ නව නීතිය නිසා ව්‍යවස්ථාවෙන් ගොඩ නගන රාජ්‍ය සුබසාධනයේ අරමුණ අවුල් වෙලා යනවා" යැයි සිය ජීවන වෘත්තිය අහිමිවීම පිළිබඳ කරුණු දක්වමින් හුස්නා බායි පැවසීය. ගණිකා වෘත්තියේ යෙදෙන දිළිඳු මුස්ලිම් කාන්තාවක් සමාජ මතයට එරෙහිව සිදු කරන අරගලයක් ලෙස මෙය දැක්විය හැකිය. ගණිකා වෘත්තීය සිවිල් සමාජය තුළ තහනම් කිරීමෙන් පසු වීදි සරණ කාන්තාවන් පත් වී ඇති ශෝචනීය තත්වය පිළිබඳ සොයා බලන ලෙස ඇය විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියාය. නිල වාර්තාවලට අනුව 54,000ක්ව සිටි ඉන්දියාවේ ගණිකාවන් සංඛ්‍යාව 1951දී 28,000 දක්වා අඩු වී තිබේ. එමෙන්ම, ඔවුන්ට ලැබුණු මහජන සහයෝගය ද අවම වී ඇත. මෙම ගණිකාවන් එක් වී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයට ආධාර ලබා දුන් අවස්ථාවේ දී මහත්මා ගාන්ධි ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙම කාන්තාවන් ද රැකියාවක නිරත වී මුදල් උපයා, දේපළ හිමිකරගෙන, අදාළ බදු ගෙවා ජීවත් වන පිරිසක් බව සැලකිල්ලට ගෙන නැත. හුස්නා බායිගේ පෞද්ගලික ජීවිතයේ වැඩිදුර තොරතුරු සහ ඡායාරූප හෙළි වී නොමැත. ඇය වාසය කළේ ඥාති සොහොයුරියක සමගය. ඇය උපයන මුදලින් සිය බාල සොහොයුරන් දෙදෙනා ජීවත් කරවීමට වෙහෙස වේ තිබේ. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය ගණිකාවක් වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැඳුණු හුස්නා බායිගේ කතාව යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන රෝහිත් ඩී ලියූ ග්‍රන්ථයේ කොටසක් ලෙස ඇතුළත් කර තිබිණි. ඇය ගැන වැඩි තොරතුරු නොමැති නිසා අධිකරණ වාර්තාවල සඳහන් වූ දේ පමණක් ග්‍රන්ථයට ඇතුළත් කර තිබිණි. හුස්නා බායි අධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සේම මහත් ආන්දෝලනයක් ද ඇති විය. දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සිදු කළ සංවාදවලින් "අති විශාල කොළ මිටි" පිරී ගියේය. අලහබාද් ප්‍රදේශයේ ගණිකාවන් පිරිසක් සහ කාන්තා නර්තන කණ්ඩායම් සංගමයක් මෙම පෙත්සමට ප්‍රසිද්ධියේ සහය පළ කරනු දක්නට ලැබිණි. මේ තොරතුරුද කියවන්න: මේ අතර, දිල්ලි, පන්ජාබ් සහ මුම්බායි නගරවල ජීවත් වන ගණිකාවන් ද හුස්නා බායි ඉදිරිපත් කළ හා සමාන පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි. බේගම් කලවාත් නම් මුම්බායිහි ජීවත් වන ගණිකාවක් පාසලක් අසල සිය රැකියාවේ නිරත වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ. නමුත් මෙම ක්‍රියාවෙන් සමානාත්මතාවට ඇති අයිතිය සහ ව්‍යාපාරයේ යෙදීමට ඇති නිදහස උල්ලංඝනය වී ඇති බව තර්ක කරමින් ඇය මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය. ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතිය හඳුන්වාදීමත් සමග එම වෘත්තියේ යෙදෙන්නන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත් විය. මෙම නීතියට එරෙහිව නැගී සිටිමින් අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුහු සිය ගනුදෙනුකරුවන්ගෙන් සහ දේශීය ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කළහ. "ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්." වෘත්තීය ගායිකාවන් සහ නර්තන ශිල්පිනියන්ගෙන් සැදුම් ලත් සංගමයකට අයත් යැයි පවසන කාන්තාවන් 75 දෙනෙකු අදාළ නීතියට එරෙහිව දිල්ලි නහරයේ පිහිටා ඇති ඉන්දියානු පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරියේ විරෝධතාවක නිරත විය. සාමාන්‍ය ලෙස ගණිකා වෘත්තියේ නියැලීම නතර කළහොත් මෙම වෘත්තීය වැදගත් යැයි සැලකෙන ප්‍රදේශවලට පැතිරෙනු ඇති බව ඔවුහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවසූහ. ගායිකාවන්, නර්තන ශිල්පීන් සහ "අපකීර්තියට" පත් වූ ලෙස සැලකෙන කාන්තාවන් 450 දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ද මෙම නීතියට එරෙහිව සටන් කිරීමට සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබේ. "අපේ ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ඕනෑම වෘත්තියක යෙදීමේ නිදහස මෙම නීතිය නිසා උල්ලංඝනය වෙනවා" යැයි උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වන අලහබාද්වල නර්තන ශිල්පිනියන්ගේ කණ්ඩායමක් පැවසීය. තවත් තොරතුරු: කල්කටාවේ ලිංගික සේවයේ යෙදෙන 130,000ක් කාන්තාවන්ට වෙනත් රැකියාවක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත්, දැඩි උපවාසයක් ආරම්භ කරන බව එහි සිටින ගණිකා වෘත්තියේ යෙදෙන්නියෝ පවසති. හුස්නා බායිගේ පෙත්සම පිළිබඳ ඉන්දියානු පොලිසිය සහ රජය සිය අවධානය යොමු කර තිබේ. මේ අතර, ගණිකා වෘත්තියට එරෙහිව හඬ නගමින්, අදාළ නීතිය සඳහා සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ සමාජ ක්‍රියාකාරීහු හුස්නා ඉදිරිපත් කළ පෙත්සමට දැඩි විරෝධය පෑහ. "ගණිකාවන් ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්ති අයදින ඉතා පුදුම සහගත අවස්ථාවක් මෙය," රෝහිත් ඩීගේ ග්‍රන්ථයේ මේ පිළිබඳ ඇතුළත් කරුණු විවේචනය කරන්නෝ පවසති. ඉන්දියානු ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමට කාන්තාවන් කීප දෙනෙකු ඇතුළත් විය "හුස්නා බායිගේ පෙත්සම සහ තවත් එවැනි පෙත්සම් නව ජනරජයක් කරා යන වැඩපිළිවෙළට එල්ල කරන ලද ප්‍රහාරයක්" යැයි තවත් විවේචනයක සඳහන් විය. ඉන්දීය ව්‍යවස්ථා කෙටුම්පත් සකසන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ කාන්තාවන් කීපදෙනෙකු තර්ක කර සිටියේ, ගණිකා වෘත්තියේ යෙදීමට කාන්තාවන් කැමැත්තෙන් ඉදිරිපත් නොවූ අතර, ආර්ථික සහ සමාජීය තත්වය නිසා ඔවුන් බලහත්කාරයෙන් එම තත්වයට පත් වී ඇති බවය. නමුත් ඔවුන් පවා පුදුමයට පත් කරමින් මෙම ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවෝ සිය රැකියාව කිරීමේ මූලික අයිතිවාසිකම වෙනුවෙන් සටන් වදිමින් ඔවුන්ගේ "අවමානයට පත් වූ ජීවිතය" ඉදිරියට ගෙන යෑමට උත්සහ කරති. "මේ ගැන ඉතා හොඳින් අධ්‍යනය කර බලන කළ, මෙය එක් පුද්ගලයෙකුගේ වීර ක්‍රියාවක් වෙන්නේ නැහැ. නමුත් නිදහසේ සංවිධානය වුණ ඉන්දියාව පුරා සිටින ලිංගික සේවකයන් එකතු වී නගන විරෝධයක කොටසක්" යැයි රෝහිත් ඩී පැවසුවේය. "ලිංගික සේවයේ යෙදෙන්නන් මුහුණ දෙන බලපෑම් මෙම නීතිය නිසා තවත් වැඩි වී ඇති අතර, එය දිගු කලක් පැවති ඔවුන්ගේ පුරුදුවලට තර්ජනයක්." දෙසතියකට පසු, තාක්ෂණික කරුණක් මත හුස්නා බායිගේ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. නමුත් නව නීතියෙන් තවමත් ඇයගේ අයිතීන් උල්ලංඝනය වී නොමැත. ඇය සිය වෘත්තියේ නියැලී සිටින ප්‍රදේශයෙන් පිටමංකර නැති අතර, ඈට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැත. ප්‍රදේශයෙන් පිටමං කිරීම ගැන ඇය ඉදිරිපත් කරන තර්කය නිවැරදි බව පැවසූ විනිසුරු සහායි වැඩිදුර විස්තර පැවසුවේ නැත. කෙසේවෙතත්, ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කරමින් හඳුන්වා දුන් නීතිය ව්‍යවස්ථානුකූල යැයි ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. එමෙන්ම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට අසීමිත අයිතීන් භුක්ති විඳිය නොහැකි බව ද එම තීන්දුවේ සඳහන් විය.
1958 මැයි පළමු වෙනි දින උතුරු ඉන්දියාවේ අලහාබාද් නගරයේ පිහිටි අධිකරණ ශාලාවක් තුළ සිටි තරුණ කාන්තාවක් දෙස සියලු දෙනාගේම නෙත් යොමු වී තිබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීට පෙර කිසිදාක සිදු නොවූ ආකාරයකින් මේ සඳහා ගෝලීය වශයෙන් පර්යේෂකයෝ ඒකරාශී වී කටයුතු කළහ. වසර ගණනාවක් ගත වන පර්යේෂණවලට සහ එන්නත් නිෂ්පාදනයට ගතවූයේ මාස කීපයකි. පසුගිය දොළොස් මාසය ඇතුළත අප ලබාගත් දැනුම මෙසේය. කොවිඩ් 19 රෝග ලක්‍ෂණ වසංගතය ආරම්භයේදී ප්‍රධානතම රෝග ලක්ෂණය ලෙස හඳුනාගෙන තිබුණේ උණ සහ කැස්ස ඇතිවන බවය. වැඩිකල් නොගොස් තවත් රෝග ලක්ෂණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුවට එකතු විය. ආසාදිතයන්ට ගඳ-සුවඳ හා රසය නොදැනී යාම ඒ රෝග ලක්ෂණයයි. ඉන් පසුව පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතැම් ආසාදිතයන්ට ඇතිවිය හැකි බවට වාර්තා ගත විය. රෝග ලක්ෂණ වැඩියෙන් මතුවී වැඩි අසනීප තත්වයක් ඇතිවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට දැනුම් දුන්නේය. හුස්ම ගැනීමේ අපහසුතාවය, කතා කිරීමේ අපහසුතාව, ඇවිදීමේ අපහසුතාව, පපුවේ කැක්කුම හා මානසික ව්‍යාකුලතාවය බරපතල රෝග ලක්ෂණ ලෙස හැඳින්වුණි. පෙර සිට යම් අසනීප තත්වයන්වලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ට කොවිඩ් 19 වැළඳුන විට ඔවුන්ගේ තත්වය බරපතල වන බව අපි දනිමු. දියවැඩියාව, පෙනහළු ආබාධ, හදවත් රෝග සහ පිළිකා ආදියෙන් පෙළෙන්නන් මෙම වෛරසයට ගොදුරු නොවීම සඳහා වැඩි ආරක්ෂාවක් සලසා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ එබැවිනි. බොහෝ ආසාදිතයන් ඉක්මනින් සුවය ලබන නමුත් මෙම වෛරසය ඇතැමුන්ගේ පෙනහළු හා හෘදය වස්තුවට දීර්ඝ කාලීන හානි පමුණුවන බව පර්යේෂණවලින් ඔප්පු විය. කොවිඩ් ව්‍යාප්තිය වසංගතයේ මුල් මාස කීපය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන බිඳිති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීමෙන් පසු එම වෛරසය තවත් කෙනෙකුට බෝවන බවය. වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා ගත යුතු ප්‍රධානතම ආරක්‍ෂිත ක්‍රමවේදය, අත සේදීම බව ඔවුන් විසින් හඳුනාගනු ලැබුණේ එම නිසාය. ආසාදිතයන්ගේ දෑත් මගින් පෘෂ්ඨ මතුපිටට වෛරසය පැමිණීම හා එම පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් තවත් අයෙකුට බෝවීම ඉන් වලක්වා ගැනීම එහි අරමුණ විය. නමුත්, 'British Medical Journal' හි මෑතකදී පළවූ ලිපියක සඳහන් වූයේ පෘෂ්ඨයක් මතුපිට තිබී 'SARS-CoV-2' වෛරසය කෙනෙකුට ආසාදනය වීමට ඇති සම්භාවිතාවට වඩා ඉහළ සම්භාවිතාවකින් එම වෛරසය ආශ්වාසය හරහා ශරීරගත විය හැකි බවය. ඇත්ත වශයෙන්ම කියතොත්, කොවිඩ් 19 ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ සමීප ආශ්‍රිතයන්ගෙන් වාතයට මුසුවූ වෛරස ආශ්වාස කිරීම මගිනි. වැඩි පිරිසක් ගැවසුණු සහ වාතාශ්‍රය පිටවීමට වැඩි ඉඩක් නොතිබෙන, වැසුණු පරිශ්‍රයක් තුළ අසදිතයෙකු හෝ දෙදෙනෙකු අන් අය සමඟ වැඩි කාලයක් ගතකිරීම හේතුවෙන් මෙය සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි තුළ එකිනෙකා හමුවීම තහනම් කරමින් අපට සීමා පැනවූයේ එබැවිනි. එන්නත්වලින් බලපෑමක් සිදුවූයේ ද? එක්සත් රාජධානියේ රෝහල් කරා ඇදී ආ ආසාදිතයන් ප්‍රමාණය අඩුකර ගැනීමට එන්නතෙන් විශාල බලපෑමක් ලැබී තිබේ. එක්සත් රාජධානියේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ පළමු මාත්‍රාව පමණක් හෝ ලබා දී ඇති අතර එමගින් ආසාදිතයන් රෝහල් ගතවීම, මියයාම සහ ජනතාව අතර රෝග ව්‍යාප්තිය අඩු වූ බව දත්ත වාර්තා සනාථ කරයි. "මේක ඇත්තටම හොඳ දෙයක්. සැබෑ ලෝකයේ දත්තවලින් පෙන්නුම් කරනවා එන්නත වැඩ කරන බව. එක් මාත්‍රාවකින් පවා එය හොඳින් වැඩ කළා." එක්සත් රාජධානියේ වෛද්‍ය උපදේශකයෙකු වන මහාචාර්ය කැලම් සෙම්පල් පැවසීය. සාම්ප්‍රදායිකව ගත් කළ එන්නතක් සංවර්ධනය කිරීමට වසර 10 පමණ ගත වනු ඇත. නමුත්, ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා වැනි කොවිඩ් 19ට එරෙහි එන්නත් වැඩිදියුණු කිරීම සඳහා ගත වූයේ එම කාලයෙන් අංශු මාත්‍රයක් පමණි. මුදල් ප්‍රතිපාදන වැඩිවීම, නිලධාරිවාදය අඩුවීම සහ නවීන තාක්ෂණයේ පිහිට ලැබීම එය වේගවත් වීමට හේතු විය. ඒ කෙසේ වෙතත් එම එන්නත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මස කීපයක් ගත විය. එම එන්නත ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් බලා සිටීමට ඇතැම් රටවල මිනිසුන්ට සිදුවනු ඇත. එන්නත් බෙදා හදා ගැනීම පිළිබඳව සලකා බැලීමේ දී ගෝලීය වශයෙන් බොහෝ අසමානතාවයන් පැවතුණි. දිළිඳු සහ ධනවත් රාජ්‍යයන් අතර එන්නත බෙදී ගිය ආකාරය විවේචනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එහි "විමතිය දනවන අසමානතාවයක්" පවතින බවය. කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නතින් විශාල පිටුවහලක් ලැබෙන බව පවසන නමුත් ප්‍රතිශක්තිය සඳහා සිරුරේ පවතින ප්‍රතිදේහ කාලයත් සමඟ වියැකී යනු ඇත. එබැවින් එන්නතකින් සදාතනික ආරක්ෂාවක් නොලැබේ. 'දිගු කාලීන කොවිඩ්' කොවිඩ් 19 වැළඳී මාස ගණනක් ගතවීමෙන් පසුව ද සැලකිය යුතු පිරිසක් තවමත් රෝග ලක්ෂණ ගණනාවකින් පෙළෙමින් සිටිති. මෙය 'දිගු කාලීන කොවිඩ්' (Long Covid) ලෙසින් හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ආසාදිතයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. හිසරදය, තෙහෙට්ටුව, පපුවේ කැක්කුම සහ විෂාදය දිගු කාලීනව පැවතිය හැකි රෝග ලක්ෂණ අතර වේ. වසංගතය ආරම්භ වූ අවදියේ දී මෙම තත්වය වෛද්‍යවරුන්ගේ බරපතල සැලකිල්ලට භාජනය නොවීය. ආසාදිතයන් අතුරින් ඇතැමුන්ට පමණක් දීර්ඝ කාලීනව විඳවන්නට සිදුවන්නේ ඇයිදැයි තවමත් විද්‍යාඥයෝ නොදනිති. කොවිඩ් 19 රෝගයේ දිගු කාලීන බලපෑම පිළිබඳව විද්‍යාඥයෝ දිගටම පරීක්ෂණ පවත්වමින් සිටිති. මෑතකදී ප්‍රකාශිත අධ්‍යයන වර්තාවක සඳහන් වන්නේ කොවිඩ් වෛරසයට ගොදුරු වී සුළු රෝග ලක්ෂණ පමණක් මතු වී සුවය ලැබූව ද ආසාදනයෙන් මාස හයක් පමණ ගතවන තුරු බරපතල ලෙස රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවය. "දිගු කාලීන කොවිඩ් නිසා උසුලාගෙන යන්න සිදුවන බර විශාලයි. මේ රෝගයෙන් ඇතිවන කල්පවතින බලපෑම වසර ගණනක්, ඇතැම්විට දශක කීපයක් වුනත් දෝංකාර දේවි," ශාන්ත ලුවිස් හි වොෂින්ටන් සරසවියේ සහකාර මහාචාර්ය සයිඩ් අල් අලි පැවසීය. "කොවිඩ් 19 වැළඳුනු පුද්ගලයන් පිළිබඳව වෛද්‍යවරුන් විශේෂ පරීක්ෂාවකින් සිටිය යුතුයි. ඔවුන්ට බහුවිධ සත්කාර ලබා දිය යුතුයි." වෛරසයේ අලුත් ප්‍රභේද මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ විවිධාකාර මාදිලි හෝ ප්‍රභේද දහස් ගණනක් පවතී. මෙය බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. වෛරසයක් තම ව්‍යාප්තිය සඳහා තමන්ගේම පිටපත් ජනනය කරද්දී ඒවා විකෘතිවීමට භාජනය වේ. බොහෝ අවස්ථාවලදී මෙම විකෘතිවීම් එතරම් ප්‍රශ්නයක් බවට පත් නොවේ. නමුත් ඇතැම්විට ඒ ක්‍රියාවලිය අතරතුරදී වඩා භයානක සහ බෝවීම අධික විය හැකි වෛරස ප්‍රභේදයක් ජනනය විය හැකිය. එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් මතු වූ වෛරස් ප්‍රභේදවල 'ස්පයික් ප්‍රෝටීනවල' වෙනස්වීම් සිදුවී තිබේ. වෛරසය මිනිස් සිරුරේ සෛලවලට බද්ධ වන්නේ මෙම ප්‍රෝටීනය මගිනි. උදාහරණයක් ලෙස 'N501Y' ලෙස නම් කර ඇති ප්‍රභේදය ගතහොත්, එය ආසාදනය වීමට සහ ව්‍යාප්ත වීමට වැඩි හැකියාවක් සහිත වෛරසයක් බවට පත්වී තිබේ. මේ අතරතුර එක්සත් රාජධානියෙන් සොයා ගත් 'B.1.1.7' නමැති ප්‍රභේදය ආසාදනය වුවහොත් මරණයට පත්වීමට ඇති අවදානම 30%කින් ඉහළ ගොස් ඇති බව ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙම සාධක තවමත් නිල වශයෙන් සනාථ වී නොමැත. ළමුන්ට ඇති අවදානම ළමුන්ට ද කොවිඩ් 19 බෝ විය හැකි නමුත් ඔවුන්ට බරපතල රෝග ලක්ෂණ මතුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. දැනට පවතින දත්ත වාර්තා අනුව බලන කල ඔවුන් හරහා රෝගය ව්‍යාප්ත වීම ද වැඩිහිටියන් හා සසඳන විට අඩු මට්ටමක පවතී. අලුතින් මතුවෙමින් පවතින ප්‍රභේද ව්‍යාප්ත වීමේදී බාල පරම්පරාව ආසාදිතයන් බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇත්දැයි විද්‍යාඥයෝ මේ වනවිට සොයා බලමින් සිටිති. 2020 පෙබරවාරියේ පටන් 2021 මාර්තු 15 වැනිදා දක්වා වූ කාලය ඇතුළත කොවිඩ් වැළඳුණු බ්‍රසීලයේ ළමුන් අවම වශයෙන් 852ක් මරණයට පත් වූ බව පසුගිය මාසයේ නිකුත් වූ වර්තාවක සඳහන් විය. ළදරුවන්ගේ පටන් වයස අවුරුදු 9 දක්වා වූ ළමුන් ඒ අතර විය. වයස මාස 12ට වඩා අඩු ළදරුවන් 518 දෙනෙකු ද මිය ගිය බ්‍රසීල ළමුන් අතර සිටි බව බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වූ රටවල් සහිත ලැයිස්තුවේ දෙවැනි තැන සිටියේ බ්‍රසීලයයි. එරට ළදරුවන් සහ ළමුන්ට කොවිඩ් 19යෙන් ඇතිවූ බලපෑම ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි විශේෂඥයෝ පවසති. මීට හේතු විය හැකි තවත් කාරනා ද බ්‍රසීලයේ පවතී. වෛද්‍ය පරීක්ෂණ හිඟ වීම, පාචනය සහ උදරයේ වේදනා වැනි වෙනත් රෝග ලක්ෂණ ද සහිතව ළමුන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම එරට ජනතාවට වෛද්‍ය සේවා සඳහා වියදම් දැරීමට නොහැකි වීම එම කාරනා අතර වේ. කොරෝනා වෛරසයෙන් එල්ල වූ වක්‍ර බලපෑම් ද ළමුන්ට අහිතකර විය. කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යමින් තිබිය දී වෙනත් සෞඛ්‍ය සේවා අඩාල විය. කොවිඩ් වසංගතයේ වක්‍ර බලපෑම හේතුවෙන් දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ 239,000ක් පමණ සිදු වී ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වේ. කොවිඩ් අප අතර රැඳෙන තත්වයක් කොවිඩ් 19 පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටින ප්‍රතිශක්තිය පිළිබඳ විශේෂඥයින්, බෝවන රෝග පිළිබඳ විශේෂඥයින් සහ වෛරස පිළිබද විශේෂඥයින් 100 දෙනෙකුගෙන් 'Nature' සඟරාව එකම පැනයක් විමසීය. කොවිඩ් 19 මේ ලෝකයෙන් තුරන් කළ හැකිවේද? යන්න එම පැනය යි. මෙම විශේෂඥයන් අතුරින් 90%කට ආසන්න පිරිසක් කියා සිටියේ මෙම වෛරසය මිනිසා අතර දිගටම රැඳී සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. මෙම වෛරසය "ඉදිරි වසර ගණනාවක් පුරා ගෝලීය ජන පොකුරු අතර සංසරණය වෙමින් පවතිනු ඇති" බව ඔවුහු විශ්වාස කරති. නමුත් කොවිඩ් 19 සමඟ අප ජීවත් විය යුතු ආකාරය පිළිබඳව මිනිසා දැනුවත් වෙමින් පවතින හෙයින් පසුගිය වසර පුරා වාර්තා වූ තරම් අසාදිත හා මරණ සංඛ්‍යාවක් ඉදිරියේ දී අපට දක්නට නොලැබෙනු ඇත. සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් තවමත් වසරකට ජීවිත දහස් ගණනක් අහිමි වෙමින් පවතී. නමුත් සමාජයක් ලෙස එම රෝගය දරා සිටින්නට අප හුරු වී ඇත. කොවිඩ් 19 ද එවැනි අසනීප තත්වයක් බවට පත්විය හැකිය. එය වරින්වර සමාජය තුළ හිස ඔසවනු ඇත. එක් වරකට වඩා එය අපට ආසාදනය විය හැකිය. තමන් සහ අනුන් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී කොවිඩ් 19 වැළඳීමෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි පැහැදිලි කරමින් ඒ ඒ රටවල රජයේ බලධාරීහු විවිධ උපදෙස් ලබා දුන්හ. නමුත්, මෙම වසංගතයෙන් බේරී සිටීමට ගත යුතු පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් පැහැදිලි උපදෙස් ලබා දී ඇත. අවම වශයෙන් මීටරයකවත් දුරස්ථභාවය රැක ගැනීම, නාසය සහ මුව ආවරණය කර ගැනීම සහ දෑත් සේදීම ප්‍රධාන ආරක්‍ෂිත ක්‍රමවේද අතර වේ. නිවෙස් හෝ කාමර මනා ලෙස වාතාශ්‍රය හුවමාරු වන පරිදි තැබිය යුතු අතර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටිය යුතුය. කැස්සක් හෝ කිවිසුමක දී වැලමිට නවා මුව හා නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කිරීම කළ යුතුය. එන්නතක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත්නම් එය වහා ලබා ගත යුතුය. "අනුමත කරන ලද එන්නතක් ලබා ගැනීම මගින් කොවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස රෝගී වීම හා මරණයට පත්වීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ඉහල ආරක්ෂාවක්" සැපයෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශයයි. කොවිඩ් ගැන තවමත් නොදන්නා දේ බොහෝය කොවිඩ් 19 පිළිබඳව මෙතෙක් නොවූ විරූ මට්ටමින් පර්යේෂණ සිදු වූ බව සැබවි. නමුත් තවමත් ඒ පිළිබඳව අප නොදන්නා දේ බොහෝය. විශේෂයෙන්ම, අපට 'සමුහ ප්‍රතිශක්තිය' ලඟා කර ගැනීම සඳහා කොපමණ කලක් ගත වේද? කෙනෙකුට සුළු රෝග ලක්ෂණ පහළ වෙද්දී තවත් කෙනෙකු බරපතල ලෙස රෝගාතුර වන්නේ ඇයි? මෙම වෛරසය මුලින්ම මිනිසාට ආසාදනය වුණේ කෙසේද? යන මාතෘකා ගැන කතා කරද්දී අප නොදන්නා දේ බොහෝය. ප්‍රතිශක්තිය කෙතරම් කාලයක් මිනිස් සිරුර තුළ පවතීද යන්න තවමත් පැහැදිලි නැත. එන්නතිකින් ලැබෙන ආරක්ෂාවේ සහ රෝගය වැළඳීමෙන් පසු ලැබෙන ආරක්ෂාවේ වෙනස අපට තවම පැහැදිලි නැත. එක් පුද්ගලයෙකුට නැවත වාරයක් කොවිඩ් 19 වැළඳීම සඳහා කොපමණ කාල පරතරයක් ගතවේද යන්න අපි නොදනිමු. දෙවන වර රෝගය වැළඳුනහොත් සුළු රෝග ලක්ෂණ පමණක් මතුවේද යන්න ගැන ද අවබෝධයක් තවම නැත. මේ සියල්ල පිළිබඳව දන ගැනීම සඳහා තවමත් ලොව පුරා පර්යේෂණ සිදු වෙමින් පවතී. මෙම වෛරසය සහ එහි නව ප්‍රභේද අනාගතයේදී පාලනය කරගන්නේ කෙසේද යන්න සොයා ගැනීමට එම පර්යේෂණවලින් හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.
කොවිඩ් 19, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද දිනයේ පටන් මෙම වෛරසය පිළිබඳව දියත් වූ විද්‍යාත්මක ගවේෂණ පෙර නොවූ විරූ මට්ටමකින් සිදුවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භාරතීය ජනතා පක්ෂයේ රැළියක් බිහාර් ප්‍රාන්තයේ පට්නා නගරයේ පැවති විපක්ෂ රැළියේ පුපුරා ගිය බෝම්බ වලට හසුව විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර පුපුරා නොගිය බෝම්බ කිහිපයක් ද නිෂ්ක්‍රීය කළ බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි රැළිය ඇමතීමට නියමිතව සිටි අතර ඔහු දැකීම පිණිස දස දහස් ගණන් ජනතාව පට්නා නගර මධ්‍යයට රැස් වූ අවස්ථාවේ දීයි බෝම්බ පුපුරා ගොස් තිබෙන්නේ.
භාරතීය ජනතා පක්ෂයේ රැළියකට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් හතර දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශීය සහ ජාත්‍යන්තර තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයන් සහ බලධාරීන් පවා සම්බන්ධ වූ බව එවැනි එක් චෝදනාවකි. සිම්බාබ්වේ කණ්ඩායම පසුගියදා හම්බන්තොට මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී ජගත් පාලක මණ්ඩලයේ (අයිසීසී) දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් හදිසියේම කඩා පැන ක්‍රීඩක විවේකාගාරයේ වැසිකිලි සෝදිසි කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉරිදා (ජුලි 30) පළ කළ වාර්තාව මේ පිළිබඳව අලුත්ම චෝදනාවය. නවක ක්‍රීඩකයෙකුගේ සැක කටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් ප්‍රකාර ඔවුන් වැසිකිලිවල සැක කටයුතු මෙවලමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කළ බව පුවත්පත වාර්තා කරයි. සබැඳි යොමු: එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. එය 'සම්පූර්ණ අසත්‍යයක්' බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, "එහෙම කිසිම සැක කටයුතු දෙයක් ගැන, ක්‍රීඩකයෙක් ගැන කොයි වෙලාවෙවත් කතා කරලා නෑ," යනුවෙන් ද කියා සිටියේය. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් "අපිට කිසිම පැමිණිල්ලකුත් නෑ, එහෙම දෙයක් සිද්ද වුනා කියල වාර්තා වෙලත් නෑ." ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා ජාත්‍යන්තර පාලක මණ්ඩලය එවැනි පරීක්ෂණයක් කිරීමට ඉඩ තිබෙන්නේ නොවේ දැයි විමසූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, එවැනි සියලු පරීක්ෂණ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තමන් අධීක්ෂණය කරන බවය. කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් දිවයිනට පැමිණ සිටින බවත් ඔහු පැවසීය. සිය දූෂණ විරෝධී ඒකකය පවත්වන සාමාන්‍ය සෝදිසි මෙහෙයුම් පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බව ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. කිසිවෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ වුවහොත් පමණක් අයිසීසී ය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. "එහෙම කිසිම සැක කටයුතු දෙයක් ගැන, ක්‍රීඩකයෙක් ගැන කොයි වෙලාවෙවත් කතා කරලා නෑ" මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පත් හෙට්ටිආරච්චි කණ්ඩායම් රැස්වීම්වලට සහභාගී වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත එල්ල කරන තවත් චෝදනාවකි. එය සනාථ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ තාක්ෂණික අවශ්‍යතාවක් මත ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව කියා සිටියේය. ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගයකට ඇතුළත් කිරීම පිණිස ප්‍රතිවාදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය කරුණු රැස් කිරීම පිණිස, ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගේ අනුමැතිය සහිතව, ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව ද තිලංග සුමතිපාල සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ බලධාරීන්ට එරෙහිව මීට ඉහතදී ද කිහිප වතාවක්ම තරග පාවාදීම ඇතුළු දූෂණ චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන්ට එරෙහිව වරින් වර විවිධ චෝදනා එල්ල වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'නවීකරණය යනු යටත්වීමක් හෝ අර්බුදයක් මතු කිරීමක් නොව, ලෝකය සමඟ සාධනීය බලපෑමක් සහිතව නිර්මාණාත්මක මට්ටමින් කටයුතු කිරීමක්' ඔහු එම අදහස් පල කලේ ඉරාන් රූපවාහිනිය සමඟ සජීවී සාකච්ඡාවකට එක්වෙමින්. නවීකරණය යනු යටත්වීමක් හෝ අර්බුදයක් මතු කිරීමක් නොව, ලෝකය සමඟ සාධනීය බලපෑමක් සහිතව නිර්මාණාත්මක මට්ටමින් කටයුතු කිරීමක්ය යන්නයි,ජනාධිපති හසන් රොහානිගේ විග්‍රහය වුනේ. මහජනතාව වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් බව කියා සිටි ඉරාන් ජනාධිපතිවරයා,ආණ්ඩුව ඔවුන්ගේ අදහස් පුළුල් මට්ටමින් සැලකිල්ලට ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය. නව ජනාධිපතිවරයා ඉන්පෙර කළ ප්‍රකාශයකදී යුරේනියම් බල ගැන්වීමේ ඉරාන් වැඩපිළිවෙල නතර නොකරන නමුත්, රටේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය වඩාත් විනිවිද පෙනෙන මට්ටමකින් පවත්වා ගෙන යාමට සුදානම් යයි කියා ඇත.
සමාජ නවීකරණය සහ සෙසු ලෝකය සමඟ සහසම්බන්ධතාවයෙන් ක්‍රියා කරන බවට දුන් ප්‍රතිඥා ඉටුකිරීමෙහිලා තමා කැප වන බව ඉරානයේ නව ජනාධිපති හසන් රොහානි(Hasan Rouhani) ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලිංගභේදය මත අඩු වැටුප් ගෙවීම අනුමත කළ හැකිද? මෙම වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප් නීති ගෙන ආ අතර, ඇමරිකාවේ සමාන වැටුප් පනත සම්මත කෙරුණේ 1963 දීය. එංගලන්තය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 1970 සිටය. එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව මෙම රටවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය මේ වන විට අවම අගයක් ගෙන ඇති බව වාර්තා වේ. සමාන වැටුප් ගෙවීම සහ ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය මත පදනම්ව වෙනස් වැටුප් ගෙවීම අතර පැහැදිළි වෙනසක් පවතී. සමාන වැටුප් ලැබීම හෝ නොලැබීම සිය හැකියාව සහ රැකියාවේ ජ්‍යෙෂ්ඨත්වය මත තීරණය වන කාරණයකි. නමුත් ලිංගභේදය මත අඩු වැටුප් ගෙවීම අනුමත කළ හැකිද? පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරියකට වැටුප් ගෙවන්නේ අඩුවෙන්ද? ජ්‍යෙෂ්ඨ නීතිඥවරයන් යටතේ රැකියාව කරන කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි නීතිය අකුරට රැකීමට සහ පිළිපැදීමට දිව්රුම් දී නීතිඥ වෘත්තියට ඇතුළු වන බොහෝ කාන්තාවන්ට, පුරුෂයන් හා සමාන වැටුපක් නොලැබෙන බවට බීබීසී සිංහල සේවය කළ විමසුමකදී හෙළි විය. රජයේ හෝ පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය ලබාගෙන, ඉන්පසු නීති විද්‍යාලයේ විභාගවලට මුහුණ දී, නැතහොත් ඍජුවම නීති විද්‍යාලයෙන් සුදුසුකම් ලබා, නැවතත් දේශන මාලාවකට සහභාගි වන අතරතුර තවත් සය මසක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ ආධුනික නීතිඥවරයෙකු ලෙස රැකියාව නිමවා, අවසානයේ දී නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිව්රුම් දිය යුතුය. ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු වීමේ මෙම දීර්ඝ ක්‍රියාවලිය අවසන් වන විට වසර පහකට වඩා වැඩි කාලයක් වැය වේ. මේ කාලය ඇතුළත සියලු වියහියදම් පෞද්ගලිකව දැරිය යුතු අතර, එසේ නොමැති නම් තම තරුණ දරුවන්ගේ වියදම් දෙමව්පියන් විසින් දරනු ලැබේ. ආධුනික නීතිඥවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ රැකියාව කරන කාලපරිච්ඡේදයෙහි බොහෝ විට වැටුප් ගෙවීමක් සිදු නොවේ. කාන්තාවන් අධිකරණයට අනිවාර්යයෙන් සුදු, කළු, දම් හෝ අළු පැහැති (ස්වාධීන වර්ණ) සාරිවලින් සැරසී යා යුතුය විශේෂයෙන්ම කාන්තාවන් අධිකරණයට අනිවාර්යයෙන්ම සුදු, කළු, දම් හෝ අළු පැහැති (ස්වාධීන වර්ණ) සාරිවලින් සැරසී යා යුතු අතර ඒ සියල්ල මිලදී ගැනීම සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැයවේ. තත්වය එසේ වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් යටතේ රැකියාව කරන කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි. "නීති විද්‍යාලයේ එකට සිටි මගේ පිරිමි යහළුවන් නීතිඥවරුන් විදියට වැඩ කරද්දී මට වඩා වැඩි පඩියක් ලැබෙනවා. ගැහැනියක් නිසා මගේ හැකියාව අවතක්සේරු කරල, දිව්රුම් දීමෙන් පසු පළමු මාසයේ මට පඩි ලැබුනේ රු.10,000 යි. මාත් එක්ක දිව්රුම් දුන් මගේ පිරිමි යහළුවන්ට පඩිය පටන් ගත්තේ රු.20,000 කින්" යැයි ක්ෂේත්‍රයේ වසර හතක පළපුරුද්දක් සහිත නීතිවේදිනී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර සිටියාය. "ගැහැණු අපිත් පිරිමි හා සමානව වැඩ කරනවා. සමහරදාට අපි රෑ 11.00 විතර වෙන කම් වැඩ කරනවා. ගැහැණු අපි තමයි ඉඩම් ලියා පදිංචි කාර්යාලයට, නඩු පොත් පරීක්ෂා කිරීම සඳහා ලේඛනාගාරවලට සහ නඩුවලට අදාළ නොයෙකුත් වැඩවලට යන්නේ. අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට," ඇය තව දුරටත් පවසා සිටියාය. මේ අතර පෞද්ගලික ආයතනයක සහ බැංකුවක සේවයෙහි නිරත නීතිවේදිනියන් දෙදෙනෙකු පවසා සිටියේ එම ආයතනවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් නොමැති බවය. සමහර ආයතන නීතිවේදීන් පමණක් බඳවා ගන්නා අතර, තවත් ආයතන නීතිවේදිනියන් සදහා පමණක් රැකියා විවෘත කර සිටී. මෙයට ප්‍රධාන හේතුව ලෙස රැකියාවේ ස්වභාවය බලපාන අතර සමහර අවස්ථාවල රාත්‍රියේදී පවා සේවා ස්ථානයෙන් පිටතට යාමට සිදු වන බැවින් පුරුෂයින් පමණක් බඳවා ගැනීමට සිදුවේ. එමෙන්ම ලිපි ලේඛන සම්බන්ධ රැකියා සඳහා කාන්තාවන් පමණක් බඳවා ගැනීමට සමහර ආයතන උත්සුක වන බව හෙළි විය. "මම පෞද්ගලික ආයතනයක නීතිවේදිනියක් විදියට වැඩ කරනවා. මම වැඩ කරන තැන වැඩිපුර ඉන්නේ කාන්තාවන්. අපේ ආයතනයේ ගැහැණු - පිරිමි වැටුප් පරතරයක් නැහැ. නමුත් මම දන්නා සමහර පෞද්ගලික ආයතන පිරිමි විතරයි නීතිවේදී රැකියාවට බඳවා ගන්නේ. හැබැයි ඒ වගේම කාන්තා නීතිවේදීන් විතරක් බඳවා ගන්නා ආයතනත් තිබෙනවා," නීතිවේදිනියක් ලෙස වසර හයක කාලයක් ආයතන දෙකක සේවයේ නිරත නීතිඥ නිලුපුල් ගුණතිලක සඳහන් කළාය. ඇතැම් පෞද්ගලික ආයතන සහ බැංකුවල රැකියා කරන කාන්තාවෝ සහ පුරුෂයෝ සම වැටුප් ලබති පෞද්ගලික බැංකුවක වසර ගණනාවක් සේවය කර, වර්තමානයේ කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නිරත වින්ධ්‍යා පෙරේරා පවසා සිටියේ: "පෞද්ගලික බැංකුවල ගැහැණු සහ පිරිමි නීතිවේදීන්ගේ පඩි අතර වෙනසක් නැහැ. ඒ වගේම කථිකාචාර්ය වෘත්තියේ පඩි අතර වෙනස ඇති වෙන්නේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද මත මිස ලිංගිකත්වය මත පදනම්ව නොවේ," යනුවෙනි. ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටින නඩුවකට සහාය දෙන කනිෂ්ඨ නීතීඥවරයාට එම නඩුව සඳහා අය කරන ගාස්තුවෙන් 1/3 ක් ලබා දීම වෘත්තීය රීතියකි. නමුත් සමහර ජ්‍යෙෂ්ඨයින් මෙම මුදල පුරුෂයින්ට එලෙසම ලබා දුන්නත්, කාන්තාවන්ට ලබා නොදෙන බව තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති කනිෂ්ඨ නීතීඥවරියක් බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය. "කනිෂ්ඨ නීතීඥවරියන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් වෙනවා. අපිට නඩුවකට ගෙවිය යුතු 1/3 ක මුදල තියා, ගමන් වියදමවත් නොදෙන අවස්ථා තිබෙනවා." යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතරත් වැටුප් පරතරයක් නීතීඥවරියන් පමණක් නොව, නීතීඥ කාර්යාල වල සේවයේ නිරත යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතර ද ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් පවතින බව බීබීසී සිංහල සේවය කළ විමසුමේදී හෙළි විය. කනිෂ්ඨ නීතීඥවරුන්ට මෙන්ම බොහෝ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් (EPF) හෝ සේවා නියුක්ති භාරකාර අරමුදලක් (ETF) නොමැත. නීතීඥවරියන් පමණක් නොව, නීතීඥ කාර්යාල වල සේවයේ නිරත යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතර ද ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇති බව හෙළි විය "මම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ කාර්යාලයක යතුරු ලියන්නියක්. අපේ කාර්යාලයේ මේ රස්සාව කරන්න දෙන්නෙක් ඉන්නවා. අනිත් කෙනා මට සමාන පළපුරුද්දක් ඇති පිරිමි කෙනෙක්. මට මාසෙට පඩිය රු. 28,000 යි. එයාට පඩිය රු.35,000 යි. මට අද රස්සාවෙන් එළියට යන්න වුණොත්, මට කිසි දෙයක් නැහැ. අපිට EPF, ETF කියල දෙයක් නැහැ," යැයි සඳහන් කළ සිය රැකියාවේ වසර දහතුනක පළපුරුද්දක් ඇති ඇය තම අනන්‍යතාවය හෙළි කිරීමට මැළි වූයේ රැකියාව අහිමි වේ යැයි බියෙනි. කෙසේ වුවද බහුතරයක් නීතිඥ සමාගම් කාන්තාවන්ට සහ පුරුෂයින්ට අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද අනුව සමාන වැටුපක් ගෙවන අතර, වැටුප් පරතරය බහුලව දැකිය හැකි වන්නේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල (Chambers) තුළය. ගෘහ නිර්මාණ ශිල්පයෙහි යෙදෙන කාන්තාවන්ට පුරුෂයින්ට හා සමාන වැටුපක් නොලැබේද? ගෘහ නිර්මාණ ශිල්පයෙහි ද ස්ත්‍රී-පුරුෂ වැටුප් අසමානතා ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නීතිඥ වෘත්තියට පමණක් සීමා වූවක් නොවේ. ගෘහ නිර්මාණ ශිල්පයෙහි ස්ත්‍රී පුරුෂ වැටුප් අසමානතා ඇති බව ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පිනී චතුරංගි සේනානායක පවසන්නීය. "සාමාන්‍යයෙන් උපාධියෙන් පසු මුල් පඩිය විදියට කාන්තාවකට හෝ පිරිමියෙකුට රුපියල් 30,000 - 35,000 ක් අතර ප්‍රමාණයක් ගෙවනවා. නමුත් උසස් අධ්‍යාපනය (M.Arch විභාගය) ලැබුවාට පසු කාන්තාවකට ගෙවන්නේ රුපියල් 55,000ක් විතර. පිරිමියෙකුට රුපියල් 60,000 - 65,000 ක් අතර ගණනක් ගෙවනවා," ඇය සඳහන් කළාය. "වැඩබිමට ගිහින් තම වෘත්තියේ යෙදෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට (field architects) රුපියල් 80,000 කට ආසන්න පඩියක් ලැබෙනවා. නමුත් කාන්තාවන්ට එහෙම වැඩ ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව රෑ වෙනකම් වැඩ කරල සති අන්තයේත් වැඩ කරන්න තිබෙන නිසා. තවදුරටත් ඉගෙන ගත්ත (Chartered සුදුසුකම් ලත්) පිරිමි ගෘහ නිර්මාණ ශිල්පියකුට රුපියල් 135,000 - 150,000 අතර පඩියක් ලැබෙනවා. සමාන සුදුසුකම් ඇති කාන්තාවකට ලැබෙන්නේ රුපියල් 100,000 ක විතර පඩියක්." මේ තොරතුරුද දැනගන්න: කාන්තා කම්කරුවන්ටත් පුරුෂයින්ට වඩා අඩු වැටුපක් "....උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර...." ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු සහ තේ වතුවල කම්කරු රැකියාවේ නිරත එස්ටී කුමාරි පවසා සිටියේ: "ගෑනු අපි පිරිමි හා සමානව වැඩ කරනවා. දවසේ පඩියට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර. පිරිමින්ට රුපියල් 1,200 - 1500 ක් අතර පඩියක් ලැබෙනවා," යනුවෙනි. මෙම වෙනස සෑම වෘත්තියකටම අදාලද? වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගණකාධිකාරී සහ සංචාරක ක්ෂේත්‍රවල ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා වාර්තා වී නොමැති බව එම රැකියාවල නිරත කාන්තාවන් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී සඳහන් කළහ. මෝස්තර නිර්මාණ ශිල්පයෙහි නිරතවන කාන්තාවන් සම වැටුප් ලබන අතර ඇතැම් අවස්ථාවලදී පුරුෂයින්ට වඩා වැඩි වැටුපක් කාන්තාවන්ට හිමිවන බව ද දැන ගැනීමට ලැබිණ. මෝස්තර නිර්මාණ ශිල්පයෙහි ඇතැම් අවස්ථාවලදී පුරුෂයින්ට වඩා වැඩි වැටුපක් කාන්තාවන්ට හිමි වේ "මෝස්තර නිර්මාණ ශිල්පයේ ඔය කියන වැටුප් පරතරයක් නැහැ. සමහර ආයතන පිරිමින්ට වඩා කාන්තාවන්ට ගෙවනවා. කාන්තාවන්ට වැඩක් බාර දුන්නොත් ඒක පිළිවෙලට වෙලාවට ඉවර කරන බවට හැඟීමක් අපේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒක නිසා තමයි ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩිපුර කාන්තාවන් වැඩ කරන්නේ," මෝස්තර නිර්මාණ ශිල්පිනී තරුක්ෂි රොද්‍රිගෝ බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය. ඇය ඇඟලුම් කර්මාන්තශාලා හතරක, වසර දහයකට අධික කාලයක් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කර, වර්තමානයේ මෝස්තර නිර්මාණ ව්‍යාපාරයක හිමිකාරිණියකි. "නමුත් සමහර අමාරු රැකියා සඳහා කාන්තාවන් බඳවා ගන්නේ නැහැ. මිනිස්සු කැමතියි මොනව හරි දෙයක් ගැන අනවශ්‍ය විදියට කතා කරලා සමාජයේ ප්‍රශ්න ඇති කරන්න. ඒකයි ඔය වැටුප් අසමානතා ගැන කියවන්නේ. ව්‍යාපාරික කාන්තාවක් හැටියට මම කියන්නේ, අවසානයේදී ඕනෑම ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ ලාභ විතරයි. ඒ සඳහා අපි බලන්නේ ගැහැණු ද පිරිමිද කියලා නෙමේ, කාටද වැඩිපුර වැඩ කරන්න පුළුවන් කියලා විතරයි," තරුක්ෂි රොද්‍රිගෝ වැඩිදුරටත් සඳහන් කළාය. සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ, වසර 10 ක පළපුරුද්දක් ඇති තවත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් එය තහවුරු කළාය. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ පුරුෂයින්ට සම වැටුප් ගෙවිය යුතු බවට නීතියක් ඇත්ද? ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' (1978), 12 (1) වගන්තිය: සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 1978 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට' අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති. ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සමානාත්මතාවට ඇති අයිතිය තහවුරු කරයි. 1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැට‍ලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කර ඇත. ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් මුලිනුපුටා දමා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම මෙම ප්‍රඥප්තියේ අරමුණ විය. කාන්තා ප්‍රඥප්තියේ සදහන් වන වගන්තිවලට අනුව ජාතික කාන්තා කමිටුවක් පිහිටවුවද, වැටුප් විෂමතා සම්බන්ධයෙන් තවමත් රට තුළ සැළකිය යුතු සංවාදයක් නිර්මාණය වී නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින් සමාන වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන නොමැත ශ්‍රී ලංකාවේ කම්කරු නීති පනත්: •1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත •1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපනත •2016 කම්කරු අයවැය සහන දීමනා පනත •2016 කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත •1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත •1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත •1942 කර්මාන්තශාලා ආඥාපනත •1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත •1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත •1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත •1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත •1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත •1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත •1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත •1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත •1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත •1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත •1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන නොමැත. තවත් තොරතුරු:
ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීතිඥ උපුල් ජයසූරිය සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසුරිය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ‘කටවුට්’ ප්‍රදර්ශනය, ඡන්දදායකයින් කැඳවා සංග්‍රහ කිරීම, මුදල් ලබා දීම වැනි ක්‍රියා වැළැක්වීමට තමන්ට ප්‍රමාණවත් බලතල නොමැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති නමුත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් වන බවයි. ‘මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා, 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම නිසා තමන්ට එවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලයක් නොමැති බව. ඒත් නීතිවේදීන් වශයෙන් අපට ඒ අදහස පිළිගන්න බැහැ. මන්ද ජනාධිපතිවරණ පනත අනුව එවැනි ක්‍රියා නීති විරෝධී කටයුතු හැටියටත් ඒවාට එරෙහිව නඩු පැවරිය හැකි බවත් දක්වා තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය කියා සිටියි. මැතිවරණ අල්ලස් දැනට බලාත්මක 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේත් එවැනි කටයුතු වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා එවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද බලතල පවතින බවයි පෙන්වා දෙන්නේ. ‘අල්ලස් කොමිසමටත් මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලතල තිබෙනවා. අපි බලා සිටිනවා, එම කොමිසම ගන්නා ක්‍රියා මාර්ගය දෙස. එම කොමිසම ප්‍රමාණවත් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව පෞද්ගලික මට්ටමින් නඩු පැවරීමට ඉදිරියේ දී කටයුතු කරනවා’ නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයාට තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කල මතය අඩංගු පිටපතක් ලබා දෙන මෙන් තම සංගමය විසින් කරණ ලද ඉල්ලීමට එම අධිකරණයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ෂ්ඨාධිකරණයේ මතය බව සඳහන් පිටපතක් මේ වන විට ඇතැම් ජන මාධ්‍යවල පළ කර ඇති බව සඳහන් කළ නීතිඥ උපුල් ජයසූරිය එය පිරික්සීමේ දී දැඩි සැකයක් මතු වන බවයි පවසන්නේ. ‘එම ලේඛනයේ අත්සන් වගයක් දකින්න තිබෙනවා. එහෙත් එම පිටපතේ අන්තර්ගත කරුණු පරික්ෂා කළ විට ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ අදහස් ද එසේත් නැත්නම් ඒවා දේශපාලකයකුගේ අදහස් ද යන සැකය අප තුළ මතු වී තිබෙනවා’ තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටී. මතු වී ඇති සැක දුරු කර ගැනීමට අදාළ තීන්දුවේ පිටපතක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දක්වා සිය ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඔහු පවසන්නේ.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ප්‍රචාරක කටයුතු ,මුදල් ලබා දීම, සංග්‍රහ කිරීම් වැනි මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙන ක්‍රියාවන් වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට ප්‍රමාණවත් බලතල තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැලන්ටයින් දිනය සැමරීමට එරෙහිව කරච්චි නුවර පැවති උද්ඝෝෂණයක් අධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කළේ, වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඉස්ලාමාබාද් මහාධිකරණය ලබා දුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මකවන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක. වැලන්ටයින් දිනය වෙනුවෙන් ලාහෝර් නුවර අලෙවියට තබා ඇති මල් වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබා දී තිබේ. පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.
ඉස්ලාමාබාද් අගනුවර තුළ වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්තාන අධිකරණයක් තහනම් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාපැදි තරඟයක් අතරවාරයේ බහ්මාන් ගොල්බර්නෙසාඩ් හදිසි අනතුරකින් මරණයට පත්විය උළෙල අතරවාරයේ මරණයට පත් වූ ඉරාන ජාතික ක්‍රීඩක බහ්මාන් ගොල්බර්නෙසාඩ්ට උපහාරය පලකිරීමට ප්‍රථම ගායක ගායිකාවන් සහ නර්තන ශිල්පීන් ක්‍රීඩාලෝලීන් පිනවද්දී, මල් වෙඩි සංදර්ශනවලින් ක්‍රීඩාංගනය වර්ණවත් කෙරිණ. සමස්ත පැරාලිම්පික් ව්‍යාපාරයම 'ශෝකයෙන් එකමුතු වූ' බවයි, ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන් කියා සිටියේ. රියෝ උළෙලේ සාර්ථකත්වයද ඔහුගේ ප්‍රශංසාවට ලක්විය. රන් පදක්කම් 107 ක් ඇතුළු පදක්කම් 239 ක් දිනාගනිමින් උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට චීනය සමත් වූ අතර, රන් පදක්කම් 64ක් ඇතුළුව පදක්කම් 147 ක් දිනාගත් බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයට පත් විය. ඉරානයේ වොලිබෝල් කණ්ඩායම සිය රන් පදක්කම මියගිය සහෝදර ක්‍රීඩකයාට පුද කළහ ආබාධිත ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනි වතාවට පැරාලිම්පික් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවත් සමත්විය. ආබාධිත සෙබල දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමෙන් දිනාගත් ලෝකඩ පදක්කමයි, ඒ. රියෝ උළෙලේ සංවිධායකයන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩාලෝලීන්ටත් සිය ප්‍රණාමය පුද කළ ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන්, 2020 පැරාලිම්පික් උළෙල පැවැත්වෙන තෝකියෝ නගරයට පැරාලිම්පික් ධජය භාරදුන්නේය. ඔහු සමඟ එක් වේදිකාවක සිට බ්‍රසීලය සිය වගකීම සාර්ථකව නිමා කළ බව රියෝ උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධානී කාර්ලොස් නුස්මන් නිවේදනය කළේ මරකානා ක්‍රීඩාංගනයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ. "කළ නොහැකියි කී දේ අපි ඉටු කළා. බ්‍රසීලය කිසි දිනක උත්සාහය අත්හරින්නේ නැහැ," ඔහු පැවසීය. සංගීතඥ ජොනතා බස්තොස් සමාප්ති උළෙල වර්ණවත් කළේ සිය පාදයෙන් ගිටාරයක් වාදනය කරමින් ක්‍රීඩා 22 ක් 20202 තෝකියෝ උලෙලට ඇතුලත් වන අතර, ටයිකොන්ඩෝ ක්‍රීඩාව පළමුවරට පැරාලිම්පික් උළෙලට එක්වේ
රියෝ ද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේ පැවති අති උත්කර්ශවත් සමාප්ති උළෙලකින් අනතුරුව 2016 පැරාලිම්පික් උළෙල ඉරිදා රාත්‍රියේ නිමාවට පත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2012 ආසියානු ශූරතාව දිනාගත් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සතුට භුක්ති විඳිමින් අඟහරුවාදා ආරම්භ කෙරෙන තරගාවලියේ අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ මීර්පුර් බංග්ලාදේශ් ජාතික ක්‍රීඩාංගනයේ. ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පහක් මෙම තරඟාවලිය නියෝජනය කරති. ඉන්දියාව පකිස්තානය ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය එම රටවල් පහයි. ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය හෙට, අඟහරුවාදා පකිස්තාන් කණ්ඩායමට එරෙහිව පතුල්ලාහ් නගරයේ පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා බංගලාදේශයේ සිට බීබීසී සංදේශයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ. “පසුගිය දා බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වුන ටෙස්ට් සහ එක් දින තරගාවලිය මහත් අභියෝගයක් මැද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලියටත් සාර්ථකව මුහුණ දීමේ සූදානමක සිටින බවයි” ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කලේ. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු මහේල ජයවර්ධන කෙරෙහි ශ්‍රී ලංකා පිල මෙවර දැඩි බලාපොරොත්තු පළකර ඇත එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉහලම ස්ථානයේ සිටින බව කියා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මාර්තු මාසයේ ආරම්භ කෙරෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලිය තම ඊළඟ ඉලක්කය වන බවත් කියා සිටියි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක තරඟාවලිය පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් බවයි ආසියානු කුසලාන සංවිධාන කමිටුවේ ප්‍රධානී, අමිනුල් ඉස්ලාම් බුල්බුල් මාධ්‍යයට ප්‍රකාශ කළේ. එසේම සියලුම ආරක්ෂක විධි විධාන තර කරනු ලැබ ඇති බවත් අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසයි. ආරක්ෂක තත්වය මෙන් ම ක්‍රීඩාංගණත් ප්‍රශස්ත මට්ටමක පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා විසින් ද තහවුරු කරනු ලැබිණ.
ක්‍රිකට් ලෝලීන් අතර යළිත් වරක් ක්‍රීඩා උණුසුම උත්සන්න කරමින් ආසියානු ක්‍රිකට් ශූරතා එක් දින තරගාවලිය තවත් පැය කිහිපයක් ඇතුළත ආරම්භ කරනු ලැබීමට නියමිතයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි අනුර විදානගමගේ ජයග්‍රහණය සමරා ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ ඔවුන්ගේ ආධාරකරුවන් සමඟ එකට එක් වී බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අතර එහිදී දෙදෙනා එකිනෙකා වැළඳ ගෙන සුබ පැතුම් හුවමාරු කර ගෙන තිබේ. මඳ වේලාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල රැඳී සිටි හරින් ප්‍රනාන්දු ත්‍රී රෝද රථයක නැගී පිටත්ව යාමෙන් පසුවයි ආණ්ඩු පක්ෂයේ අනුර විදානගමගේ ඇතුළු පිරිස ජයග්‍රහණය සමරා ඇත්තේ. බදුල්ල සහ පස්සර ප්‍රදේශයේ මැතිවරණයක් පැවති සේයාවකුදු දැක ගන්නට නොමැති බවයි එම ප්‍රදේශවල සංචාරය කළ ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න බීබීසීයට කියා සිටියේ.
ඌව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව බදුල්ල ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේ සම්මත කර ගත් පනත් කෙටුම්පත සහතික කර තමන් වෙත ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් දින හැත්තෑ පහක්වත් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පමණක් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. "පනත සහතික කර එන්නත් සැප්තැම්බර් පහ, හය වගේ දිනයක් යයි. එවිට ඡන්දය පැවැත්වෙන දිනය කොමිෂන් සභාව එක් වී තීරණය කරන තුරු නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ අවුරුද්දෙම තියන්න උපරිම උත්සාහය දරනවා" ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය. යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන වසරේ ජනවාරි මුල් සති දෙක ඇතුළත සෙනසුරාදා දිනයක පැවැත්වීමට පියවර ගනු ලබන බව ඔහු පැවසීය. තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක් මේ අතර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්ට සිය නම ඊට ඇතුළත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය. විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉලක්ක කර එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බව කී ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.elections.gov.lk) පැමිණ 2017 ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටී. ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති නම් සැප්තැම්බර් 06 වෙනිදාට පෙර ඒ බව දැන්විය යුතුය. ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම ඇතුළත් වී නොමැති බව දැන්විය හැකි හැකි ක්‍රමවේද:
පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම ගල් පර ඉතාම ලිස්සන සුළුය. ගොඩ බිමේ පාවහන් නොමැතිව ඇවිදීම අනතුරුදායකවන්නේ සෑම තැනම විසිරී ඇති ඉතා සියුම් බෙලි කටු වලට දෙපා කැපීමේ අවදානම හේතුවෙනි. සංචාරකයන් වෙරළේ සිට බෝට්ටු මගින් මුලින්ම පැමිණෙන්නේ මෙම ගොඩ බිමටය. මෙය දෙමළ බසින් "පෙරිය පුරා මලේ" (ලොකු පරවි කන්ද) නමින් හැදීන්වේ. ප්‍රමාණයෙන් කුඩා මෙවැනිම තවත් දූපතක් තරමක් ඈතින් දකින්ට ඇති අතර එය හැඳින්වෙන්නේ "සින්න පුරා මලේ" නමිනි. සින්න පුරා මලේ අවට මුහුද තරමක් ගැඹුරුය. වෙරළකින් තොරය. ඒ නිසා සංචාරකයෝ එහි යාමට කැමත්තක් නොදක්වති. පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2003 දී 1291/15 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හදුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියමය. පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ නානා මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ මුහුදු කළාපයක් වීමත්, ROCK PIGEON නම් පරවි විශේෂය කැදැලි සාදන ගල් කුළු වලින් යුක්ත වීමත් නිසා බව ත්‍රීකුණාමල වනජීවී සහකාර අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් කුමාර කියයි. "එවැනි කොරල් වර්ග සියයක් පමණ සහ මත්ස්‍ය වර්ග එකසිය ඇත්තෑ අටක් පමණ දැනට හඳුනා ගෙන තියෙනවා" යැයි ආචාර්ය ලලිත් කුමාර පැවසීය. සංචාරකයින්ගේ පැමිණීම නොගැඹුරු මුහුදේ සුන්දරත්වය නැරඹීමට පහසුකම් සළසනු ලබන්නේ සීමාසහිත නිලාවලි සංචාරක යාත්‍රා හා සේවා සමුකාර සමිතිය මගිනි. "කුඩා යාන්ත්‍රික බෝට්ටු තිස් තුනක් අපේ සමිතිය සතුව තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් සහෝදරයන් සමානව සාමාජිකත්වය දරනවා. ප්‍රවාහන පහසුකම් හා අවශ්‍ය උපකරණ සමිතියෙන් සපයනවා. වසරේ ජූලි මාසයේ සිට සප්තැම්බර් මාසය දක්වා කාලය තුළ තමයි විදේශීය සංචාරකයන් පැමිණෙන්නේ. සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් පැමිණෙනවා. අපේ අය කිරීම් හැමෝටම එක සමානයි. සැප්තැම්බර්-පෙබරිවාරි කාලය තුළ වාරකන් නිසා පරවි දූපත පාළුවට යනවා. පිට පළාත්වලින් පැමීණෙන පිරිසක් තමයි ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවලට සහය වෙන්නේ. ඒකට ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. ගැඹුරු මුහුදේ කිමිදී සමුද්‍ර අසිරිය නරඹන අති බහුතරයක් විදේශිකයන් වීම ද විශේෂයි. කිසිම සංචාරකයෙකුට මේ දක්වා අනතුරක් වෙලා නෑ" සමිතියේ සභාපති එස්. එම්. සජිත් ඛාන් විස්තර කළේය. සංචාරකයන් ප්‍රවාහනය කරන යාන්ත්‍රික බෝට්ටුවක් පදවන එම්. අයි. ඒ. කරීම්ගේ දැන් වයස අවුරුදු හැට පහකි. තමා මුළින්ම පරවි දූපතට ගියේ එක්දහස් නවසිය හැත්තෑ හතේ අවුරුද්දේ බව ඔහු කීය. "අපි අදටත් පරවි දූපත ( පුරා මලේ) කියන්නේ ඔය පෙනෙන ගල් ගොඩලි සහිත දූපතටයි. පොඩි පරවි දූපත (සින්න පුරා මලේ) අපට කොහෙත් ම වැදගත් නෑ. ඒ දවස්වල නම් වෙරළේ ඉදන් පීනලත් යනවා. පුහු පොල් ගෙඩි දෙකක් දෑතට ගත්තම පීනනවා දැනෙන්නෙත් නෑ ." "මම ඉස්සෙල්ලම පරවි දූපතට ආවේ 1977 දී" "කොල්ලෝ රංචු පිටින් යනවා. මුලු දවසෙම දූපතේ නතර වෙලා මාළු, මට්ටි (කුඩා මුහුදු බෙල්ලන්) අල්ලගෙන පුච්චලා කනවා හරිම විනෝදයි. අපි ඒ කාලේ කාල දාපු බෙල්ලන්ගේ කටු නිසා තමයි අද පරවි දූපතේ සපත්තු නැතුව ඇවිදින්න බැරි වෙලා තිනේනේ. බෙලි කටු කුඩු‍ වෙලා වීදුරු කුඩු වගේ හැම තැනම පැතිරිලා ගිහින්" "වනජීවි දෙපාර්තමේතුවට පවරා ගන්න කළින් පවා අපි සුදු නෝනලා මහත්තුරු අපේ ඔරු වලට ගොඩ කරගෙන පරවි දූපතට යනවා. එදා එක් අයෙකුගෙන් අය කළේ රුපියල් විසි පහයි. හය දෙනෙක් එක ඔරුවක යනවා. අද එක ගමන් වාරයකට රුපියල් දෙදහක් අය කරනවා" කරීම් එසේ සිය අත් දැකීම් විස්තර කළේය. සුනාමියේ බලපෑම් නිසා පරවි දූපතේ විශාල ගස් ගැළවී ගිය බව ද ඔහු කීය. පරවි දූපත තුල පරිසර නීති ඉතා තදින්ම ක්‍රියාත්මක වෙයි. පොලිතින්, ප්ලාස්ටික් භාජන පමණක් නොව කඩදාසි කැබල්ලක් හෝ තැන තැන දැමීම තහනම්ය. සියල්ල ආපසු රැගෙන ආ යුතුය. දූපතේ රාජකාරියේ නිරත වනජීවී හා පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව ඉතා විපරමෙන් සිටිති. "දූපතට එන විදේශීය සංචාරකයන් ඉතාමත්ම විනීතව හැසිරෙනවා. ඒ අය කුඩා දරුවන් සමඟ මුහුදේ මතුපිට පිහිනමින් කොරල් සහ මසුන් නරඹනවා නමුත් අපේ අය එන්නේ බිම වාඩි වෙලා කෑම කන්න බලාගෙන. පරිසර සංවේදී බවක් අපේ බොහෝ දෙනෙකුට නෑ." බී බී සී සිංහල සේවයට එසේ පැවසුවේ දූපතේ රාජකාරියේ නිරත වනජීවී නිලධාරියෙකි. "ත්‍රීකුණාමල බස් නැවතුම්පොළේ තේ කඩයක් පවත්වාගෙන 'ලාල් අයියා' පවසන්නේ තමා යුද්ධය උස්සන්න වෙනතුරුම පරවි දූපත නිසා හොඳ ආදායමක් ලැබූ බවය. "ඒ දවස්වල මගේ රස්සාව ගල්මල් (කොරල්) වෙළෙඳාම. මුහුදේ කිමිදිලා අලවන්ගුවෙන් ගල් මල් කඩනවා. ගෙදර ගෙනල්ල උණු වතුරෙන් තම්බලා වේලලා පාට කරලා ටවුන් එකේ තියා ගෙන විකුණනවා. හැබැයි දැන් ඒ සෙල්ලම් බෑ. නීතිය බොහොම තදයි. කොහොමත් මට අද තේරෙනවා එදා කළ වැඩේ වැරදියි කියලා" ඔහු පසුතැවිල්ලෙන් මෙන් පැවසීය. වගකීම් විරහිතබව කෙසේවෙතත්, සංචාරකයින් අධික ලෙස පැමිණීම පරවි දුපතට හානිදායක බව ඇතැම් පරිසරවේදීහු පවසති. ඇතැමුන්ගේ වගකීම් විරහිත ක්‍රියා මීට හේතුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ පරවී දූපත අවට ඉතා අනර්ඝ කොරල් පරයක් පිහිටා ඇති බවය. ඊට අමතරව පරිවි දූපත ආශ්‍රිතව වෙසෙන 'ගල් පරවියා' (ROCK PIGEON) නම් වූ පරවී විශේෂය බරපතල ලෙස වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව පරවි දූපත ආශ්‍රිත පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම අතිශයින් ම වැදගත් වන බව නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දුන්නේය. අසිරිමත් පරවි දුපතට යාමට මේ දිනවල විශාල පිරිසක් නිලාවලී වෙරළට පැමිණෙති. වනජීවී දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සමුකාර සමිතිය සහ කිමිදුම් ආයතන ද එයින් ආදායම් උපයති. එහෙත් සංචාරකයන් සදහා අවශ්‍ය පහසුකම් සහිත විවේකාගාරයක් නිලාවලි වෙරළේ නොමැතිවීම අඩුවක් බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති.
නිලාවලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි "පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය" සංචාරක අකර්ශණය දිනා ගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හදුන්වන්නේ එහි පිහිටි ගල් කුළු වලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතකි .
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී තානාපතිවරයා ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාව සංහිඳියාවක් සඳහා කටයුතු කරමින් සිටියදී ජාත්‍යන්තර විභාගයක් පවත්වනු ලැබීම අනවශ්‍ය ක්‍රියා මාර්ගයක් වන බව එම රටවල් විසිදෙක ප්‍රකාශනයක් මගින් කියා සිටි බවයි. ‘ඊට අමතරව ඉන්දියාව ,පිලිපීනය නැමීබියාව සහ මාල දිවයින ඇතුළු තවත් රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිලි ගන්නා බව ප්‍රකාශයට පත් කළ බවයි ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසන්නේ. ‘ඉන් පැහැදිලි වන්නේ මානව හිමිකම් කොමිසම රටවල අභ්‍යන්තර කාරනා වලට ඇඟිලි ගසන බව රටවල් කීපයක් පෙන්වා දෙන බව වන බවයි. මෙය සදාචාරමය මට්ටමින් සිදු කෙරෙන වැදගත් බලපෑමක්’ තානාපතිවරයා පවසයි. අලුත් ප්‍රවනතාවයක් නොවේ ශ්‍රී ලංකාවට සහය දක්වා ප්‍රකාශනයක් නිකුත් කල රටවල් මීට කලින්ද දිගටම රජයට සහය දැක්වූ කණ්ඩායම් බවයි ජිනීවා නුවර සිටින මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය මේ අතර පැවසුවේ. යෝජනාවට පක්ෂව සහය දැක්වූ කිසිදු රටක් ආපසු ශ්‍රී ලංකාවේ සහයට පැමිණ නැති බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවට පක්ෂව සහය දක්වන රටවල් නියෝජනය කරමින් ඊජිප්තුව මානව හිමිකම් මණ්ඩලයේදී අදහස් දැක්වූ නමුත් චීනය, මියන්මාර් වැනි රටවල් තනි තනිවත් කථා කළ බව ඔහු පැවසුවේය. එම රටවල් විසින්ද ශ්‍රී ලංකාවට වැදගත් කරුණක් ඉදිරිපත් කළ බව පැවසූ ක්‍රියාධර සුනන්ද දේශප්‍රිය උගත්, පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේය. ඒ සදහා ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා දිය යුතු බව එම රටවල් විසින් ඉල්ලා සිටි බවයි ඔහු පැවසුවේ.
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී රටවල් සඳහා අදහස් දැක්වීමට අවස්ථාව සලසන ලද අවස්ථාවේ දියුණු වෙමින් පවතින රටවල් විසි දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ තීන්දුවට විරෝධය පළකළ බව ජිනීවා ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද (ජුනි 27) පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. විමර්ශනයේ ප්‍රතිඵල අද සවස විශේෂයෙන් රැස්වූ විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි. කෙසේවෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය. තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව යන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මේ අතර, ලබන 30 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මෙසේය. උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.
ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීම පිණිස පසුගියදා වඳුරඹ පැවැත්වුණු ප්‍රචාරක රැලියේ වේදිකාව ගිනි තබා විනාශ කිරීමේ චෝදනා ලබා සිටින සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්නා මෙන් පසුගිය බදාදා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළේය. තමන් අධිකරණයට ගරු කරන නමුත් පොලිසිය “කුලප්පුවක් හැදී” තමා සොයමින් සිටි බැවින් සිය “ආරක්ෂාව සඳහා” හිතවතුන් කිහිප දෙනෙකු සමඟ තාවකාලිකව සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සිංගප්පූරු ගුවන් තොටුපොලේ සිට මාධ්‍යවේදී සනත් පතිරණ සමඟ දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්. “ප්‍රශ්නය බේරෙන තුරු” දින කිහිපයක් ගතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වීම පිණිස යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. “මට විරුද්ධව විවිධ, චෝදනා වරෙන්තු ඉදිරිපත් කරලා තිබුන ඒවා දරාගන්න බෑ. පහුගිය ටිකේ ටිකක් මහන්සිවෙලා වැඩකළා. අන්තිමට ප්‍රශ්නෙයක් වුනාම ඉතිරි වෙන්නේ අපි විතරයි,” යනුවෙන්ද ඔහු පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 306 යානයෙන් සිකුරාදා අලුයම එකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්ව පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපොළේ නිලධාරීන් තමන්ට “ඉතා හොඳින් සලකූ” බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. සැකකරුවන් පිරිස පැහැරගෙන යාමට විරෝධය පළකරමින් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පනංගල ලියනගේ කීර්ති සිංහ පසුගිය සඳුදා සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්විය.
අධිකරණ වරෙන්තුවක් ප්‍රකාර තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ දරමින් සිටින බැවින් එයින් බේරීම පිණිස සිංගප්පූරුවට පැමිණි බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සේවකයන්ගේ අඛණ්ඩ විරෝධතාවය හේතුවෙන් මාගම්පුර වරායේ දෛනික කටයුතු සියල්ල ඇණ හිට ඇති බව වාර්තාකරුවෝ පවසති. චීනයේ සහ සිංගප්පූරුවේ සිට වාහන රැගෙන පැමිණි එම නැව් දෙක බලහත්කාරයෙන් ගෙනයාම සඳහා නාවික හමුදාව යෙදවීමේ උත්සාහයක් පවතින බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. "එහෙම කළොත් අපේ සේවක පිරිස් මුහුදේ පාරු යොදා එය වලක්වාලිමට පියවර ගන්නවා," මාගම්පුර වරාය සේවක කමිටුවේ ප්‍රචාරක ලේකම් අයි කේ ඔමේෂ් පැවසීය. පරිපාලන ගොඩනැගිල්ලේ 14 වන මහලේ සේවකයින් රැසක් උපවාසයක් ද ආරම්භ කර ඇති බව පවසන ප්‍රචාරක ලේකම්වරයා, අනෙක් සෑම වරායකම සේවකයන් වරාය අධිකාරියේ සේවයට බඳවාගෙන තිබෙන්නේ නම් මාගම්පුර වරායේ සේවකයන්ට පමණක් මෙවැනි අසාධාරණයක් මන්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. සේවක විරෝධතාවය පිළිබඳව විමසා බැලීම පිණිස බ්‍රහස්පතින්දා වරායට පැමිණි වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, මාගම්පුර වරායේ සේවකයින් වරාය අධිකාරියට බඳවා ගැනීමට නොහැකි නමුත් කිසිම සේවකයෙකු ඉවත් නොකිරීමට අදාළ චීන සමාගම සමග කළ සාකච්ඡාවන්හිදී එකඟ වූ බව සේවකයන්ට දැනුම් දුන්නේය. එබැවින් ඔවුන්ට පෙර පරිදිම වරායේ රැකියා කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන බවට ප්‍රතිඥා දුන් අමාත්‍යවරයා, එසේ නොහැකි වුවහොත් තමන් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවත් පැවසීය. කෙසේ නමුත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව සේවකයන්ගෙන් ප්‍රසාදයක් පළ නොවීය. මාගම්පුර වරායේ සේවකයින් 483 කගේ රැකියා සුරක්ෂිත කෙරෙන තුරු දිගටම විරෝධතාවයේ නියැලෙන බව උද්ඝෝෂකයෝ අවධාරණය කරති. ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.
හම්බන්තොට වරායේ සේවකයින් සියලු දෙනා වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් තෙවැනි දිනයේත් විරෝධතාවයක යෙදී සිටින සේවකයෝ, මේ වනවිට නැව් දෙකක් ද අල්ලාගෙන සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා බාහිර කාර්යයන්වල යෙදවීමෙන් රජයට රුපියල් මිලියන හතළිස් එකකට ආසන්න මුදලක පාඩුවක් සිදු කළ බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (ජන.10) කැඳවා තිබිණි. අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අර්බුදය හේතුවෙන් කටාරයේ ජනතාව ආහාර සහ ජලය ගබඩා කරමින් සිටිති මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි. ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය. එහෙත් කටාරය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ගුවන් ගමන් අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ. අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ. විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති. රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය. විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්‍රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ. මැදිහත්කරුවෙක් සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අරාබි රටවල් එහිදී කටාරය වෙත ඇඟිල්ල දිගු කළ බවත් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි. කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ" මේ අතර නවසීලන්තයේදී ප්‍රකාශයක් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මතු වී තිබෙන ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු ඇතැයි එක්සත් ජනපදය බලාපොරොත්තුවන බව සඳහන් කළේය. "ඔවුන් අතර තිබෙන ගැටළු සාකච්ඡා මේසයට වාඩි වෙලා විසඳා ගන්න කියල අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා," ඔහු පැවසීය. අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කටාරය පවසන අතර, ඒ සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට කුවේටය ඉදිරිපත් වී සිටියි. අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කුවේටයේ එමීර්වරයා සවුදි අරාබිය වෙත සංචාරය කළේය. අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය. එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය. ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය.
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මගින් ජාතික කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා ඉහත කී කමිටුවක් පත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරියට අමතරව නිශාන්ත රණතුංග, ජයනන්ද වර්ණවීර, ඩුෂාන් සොසා, හිරන්ත පෙරේරා, රංජිත් ප්‍රනාන්දු හා ශම්මි ද සිල්වා යන සෙසු සාමාජිකයෝ එම කමිටුවට ඇතුළත් වූහ. ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති සනත් ජයසූරිය ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාසට විද්‍යුත් තැපෑල මගින් දන්වා ඇති බවයි ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ. මාවන් ? ජාතික පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා වූ කමිටුව රැස් වූ අවස්ථාවේ සනත් ජයසූරිය සහ ශම්මි ද සිල්වා එහි නොසිටි බව චන්නක ද සිල්වා වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර මීට පෙර තෝරා ගත් අයදුම්කරුවන් නව දෙනෙකු අතරින් මාවන් අතපත්තු සහ තවත් අයදුම්කරුවෙකු අවසන් වටය සඳහා තෝරා ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. පුහුණුකරුවෙකු තෝරා ගැනීමේ කමිටුව තුළ තම වෘත්තීය කර ගෙන යෑමේදී එල්ල වූ බාහිර පීඩන හේතු කොට ගෙන සනත් ජයසූරිය ඉල්ලා අස්වීමට තීරණය කළ බවට විශ්වාස කෙරේ. සනත් ජයසූරියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය විසින් භාර ගෙන තිබේද යන්න මේ වන තෙක් පැහැදිලි වී නොමැත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීම සඳහා පත් කළ කමිටුවෙන් සනත් ජයසූරිය ඉල්ලා අස් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපතිවරයා සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට අගවිනිසුරු මොහාන් පීරිස් ට චෝදනා පක්ෂ විධායක සභා රැස්වීමේදී ඒ බව අනාවරණය වූ බවයි, අමාත්‍යවරයා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. මේ පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ගේ දුරකථනයට ඇමතූ අවස්ථාවේ එයට පිළිතුරු දුන් ඔහුගේ ලේකම්වරියක් කියා සිටියේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට ආණ්ඩුව චෝදනා කරයි. 'පැය 72 මෙහෙයුම' අගවිනිසුරු මොහාන් පීරිස් ද එම කුමන්ත්‍රණයේ පාර්ශවකරුවකු වූ බව පවසමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. ජනවාරි 09 වැනි දින උදෑසන හිටපු ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ අගවිනිසුරුවරයාද ජනපති මන්දිරයේ සිටි බව අමාත්‍ය සේනාරත්න පවසයි 'පැය 72 මෙහෙයුම' ලෙසින් එම ක්‍රියාදාමය විග්‍රහ කරන රාවය පුවත්පත පවසන්නේ, තවත් වසර දෙකක් තමන්ට බලයේ රැදී සිටීමට නීතිමය ප්‍රතිපාදන පවතින බවට අගවිනිසුරුවරයා ලවා මතයක් ප්‍රකාශ කරවා ගැනීම හිටපු ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී තිබූ බවයි. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට බලය පවරා දීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ ජනවාරි 09 වැනි දින උදෑසන අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ හිටපු ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ අගවිනිසුරුවරයාද එහි සිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස මීට දින කිහිපයකට ඉහත දී සංදේශයේ සරෝජ් පතිරණ අගවිනිසුරුවරයා ඇමතූ අවස්ථාවේ දුරකථනයට පිළිතුරු දුන් ඔහු, ඉන් අනතුරුව වහාම එය විසන්ධි කළේය.
අගවිනිසුරු මොහාන් පීරිස් පදවියෙන් ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පස් දෙනකුට වැඩි පිරිසක් එක්රැස් වීම තහනම් කරමින් යුද හමුදා පාලනය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇතත්, හමුදාව එම විරෝධතා ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු නොකළ බවයි බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලුක් සිනවත් ඇතුළු තවත් මුල් පෙලේ දේශපාලන නායකයන් කණ්ඩායමක් රඳවා තැබීමට යුද හමුදා පාලනය ඊයේ සිකුරාදා පියවර ගෙන තිබුණි. තවත් කැඳවීම් ඒ හැර යුද හමුදා පාලනයට එරෙහි තවත් තිස්පස් දෙනකු යුද හමුදා පාලකයන් විසින් කැඳවනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. බලයෙන් පහ කෙරුණ ආණ්ඩුවේ ආධාර කරුවන් වන තායිලන්ත ‘රතු කමිස’ සංවිධානයට මුදල් සහ වෙනත් ආකාරයෙන් දායක වෙන බලවේග කෙරෙහි අවධානය යොමු කරන යුද හමුදා පාලනය, ඉදිරි කාලයෙහි තමන්ට එරෙහිව නැගී සිටීමට ඉඩකඩ ඇති ඕනෑම අභියෝගයක් වළක්වා ලීම සඳහා සූදානමින් සිටින බවයි, බැංකොක් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.
කුමන්ත්‍රණයක් මගින් පසුගිය සතියේ රටේ පාලන බලය පැහැර ගත් තායිලන්ත යුද හමුදාවට එරෙහි සිය ගණනක් උද්ඝෝෂකයන් බැංකොක් අගනුවර වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් ගත් බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගිණුම අක්‍රීයවීමෙන් පසු මෙසේ දිස්විණි '@realdonaldtrump' නම්වූ, ජනාධිපති ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම එසේ අක්‍රිය කරන ලද්දේ සමාගමේ සේවකයකු වන අතර ඔහුගේ අවසන් සේවා දිනයේදී එය සිදුකර ඇති බව හෙළිවී ඇත. ගිණුම විනාඩි 11ක පමණ කාලයක් අක්‍රියව පැවති අතර ට්විටර් සමාගම ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටී. End of Twitter post, 1 මේ තොරතුරුත් දැනගන්න : මිලියන 41.7 පමණ පිරිසක් ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම හා සම්බන්ධව ඇති අතර ඔහුගේ ප්‍රකාශ නිරන්තරයෙන් අර්බුදකාරී ස්වභාවයක් උසුලයි. ඊයේ සිදුවිම, ජනපතිවරයාගේ ගිණුමෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතු වී තිබෙන්නේ ඔහුගේ නමින් එහි ව්‍යාජ තොරතුරු පළකිරීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගැනීමෙනි ගිණුම යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ජනපතිවරයාගේ පළමු ට්විටර් පණිවුඩය වූයේ බදු කපා හැරීම සම්බන්ධ රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරි සැලසුම පිළිබඳවය. මේ තොරතුරුත් දැනගන්න : ට්‍රම්ප් කතාවට පෙර පුහුණුවක
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුම බ්‍රහස්පතින්දා (නොවැ. 02) තාවකාලිකව අතුරුදහන් වුවද එය යථා තත්ත්වයට පත් කරන ලද බව එම සමාගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුහුණු දෙකක්, කරට කර තරග දෙකක් ජාතික මත විමසීම්වලදී ජෝ බයිඩන් ඉදිරියෙන් ඉන්න බව පෙනුණත්, ඇත්තෙන්ම වැදගත් වන්නේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක සිදුවන දෙයයි. 1. ෆ්ලොරිඩා, දිනිය යුතු ම ප්‍රාන්තයක් ළඟදීම නිකුත් වූ දත්තවලට අනුව පෙන්නුම් කෙරෙන්නේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට වඩා තරමක් වැඩිපුර ලියාපදිංචියක් ඇති රිපබ්ලිකන් පාක්ෂිකයින් කළින්ම ඡන්දය ප්‍රකාශ කරන බවක්. වෙනත්, කළින් ඡන්දය දෙන ප්‍රාන්තවල අපට දකින්නට තිබෙන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක්. 2. පෙන්සිල්වේනියා, වැඩකරන පන්තියේ ඡන්ද මත යැපීමක් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යන්නේ ඊරි ප්‍රදේශයේ යෙදෙන තුන්වෙනි සංචාරය සඳහායි. ගියවර තමන් වෙත වැඩි වාසියක් ගෙනා සුදු ජාතික, වැඩකරන පන්තියේ ඡන්දදායකයින් රඳවා තබා ගැනීමට ඔහු උත්සාහ දරනවා. දින 10කට කළින් එහි ගිය ජෝ බයිඩන් ළඟදී ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ගියවර මැතිවරණයේදී ට්‍රම්ප් දුන් රැකියා පොරොන්දු ඵල දරා නැති බවයි. සමරිසි වැඩසටහනකින් පසු ටිෆනි වඩා ප්‍රචලිත වෙයි මෑතක පැවැත්වුණු ට්‍රම්ප් කඳවුරේ ප්‍රචාරක වැඩසටහනක් ඇමතූ ටිෆනි ගේ වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීමෙන් අනතුරුව, ජනාධිපතිවරයාගේ බාල ම හා වැඩිදෙනා දැන නොසිටි දියණිය හාස්‍යයට ලක්වෙමින් තිබෙනවා. "මගේ තාත්තා විශ්වාස කරන්නේ මොකක්ද කියා මා දන්නවා" යැයි සැලකිය යුතු ජනතාවක් හමුවේ ඇය පැවසුවා. දේශපාලනයට කළින් ඔහු (ජනාධිපති ට්‍රම්ප්) - සමරිසි ස්ත්‍රී පුරුෂයින් ඇතුළුව වෙනස් ලිංගික නැඹුරුතාවක් ඇති ප්‍රජාව හඳුන්වන- "LGBQI... IA+ ප්‍රජාවට සහය දුන්නා" යැයි ද ඇය කියා සිටියා. එහිදී සංක්‍රාන්ති ලිංගිකයින් හැඳින්වීමට යොදන "T" අකුර ඇතුළත් කිරීමට ඇය අමතක කළ බව පවසන විවේචකයින් ඇයගේ පියාගේ පරිපාලනය LGBT අයිතිවාසිකම් අයිතිවාසිකම් හැකිලීම දෙසට එය යොමු කරනවා. උදාහරණයක් ලෙස ගතහොත්, LGBTQ ප්‍රජාවේ ගැටලු ගැන ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ඉතා කලාතුරකින්. සංක්‍රාන්ති ලිංගිකයින් හමුදා සේවයේ යෙදීම ඔහු තහනම් කළා වගේම ප්‍රසිද්ධ පාසල්වල සංක්‍රාන්තික ශිෂ්‍යයින් ආරක්ෂාව සඳහා ඔබාමා පාලන සමයේ යෙදූ පියවර ඔහු වෙනස් කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෙවැනි විවාහය වූයේ මාර්ලා මේපල්ස් නම් නිළිය සමගයි. එම විවාහයේ එක ම දරුවා වූ ටිෆනි මෙවැනි අවධානයකට ලක්වීම ඇයට එක් අන්දමක වෙනසක්. ටිෆනි සාමාන්‍යයෙන් සිය පියාට එතරම් සමීප යැයි සැලකුණේ නැහැ. පසුගිය අගෝස්තුවේදී පැවැති රිපබ්ලිකන් ජාතික සමුළුවේදී ටිෆනි කළ කතාව සිය පියා පිළිබඳ පුද්ගලික කතා පිළිබඳ දැනුමකින් තොර වූවක් බව විචාරකයන්ගේ අදහසයි. ඒ වෙනුවට සිදුවූයේ ඔහුගේ ප්‍රතිපත්ති තහවුරු කිරීමක්. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ප්‍රතිවාදීන්: "අපි එකිනෙකාට වෛර කරන්න අවශ්‍ය නැහැ " සාමාන්‍යයෙන් ඉතා කටුක මැතිවරණයක් ලෙස ගැනෙන මැතිවරණය තුළදී දෙපාර්ශවයෙන් තරග වැද සිටින අපේක්ෂකයින් දෙදෙනෙක් මිත්‍රශීලී හා එක්සත් වී සිටින ආකාරය ද පෙනෙන්නට තිබෙනවා. එම දේශපාලනඥයින් දෙදෙනා වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික ක්‍රිස් පීටර්සන් හා ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ආණ්ඩුකාර ස්පෙන්සර් කොක්ස්. දෙදෙනා ම තරඟ වදින්නේ යුටාහ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයටයි. බෙදී සිටියත් එක්ව සිටීමට හැකි බව පෙන්වන ප්‍රචාරක වැඩපිළිවෙල මාලාවක් ඔවුන් දියත් කරලා. "අප දෙදෙනා ම එකඟවන දේ තිබෙනවා" යැයි කියන කොක්ස්, "වෛර කිරීමකින් තොරව අපිට එකඟ නොවී ඉන්න පුළුවන්" යැයි පවසනවා. මේ ගැනත් දැනගන්න:
ඇමෙරිකානු ජනාධිපතිවරණයට තවත් දින 14 ක් ඉතිරිව පවතින අතරේ තවත් රැලියකට එක්වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තය වෙත යද්දී ඔහුගේ දියණිය රිපබ්ලිකන් පක්ෂයේ සමරිසි වැඩසටහනකදී කළ අතපසුවීමක් කෙරෙහි අවධානය යොමු වෙලා. මේ අතරේ යුටාහ් ප්‍රාන්තයේදී ප්‍රතිවාදී රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් දේශපාලනඥයින් දෙදෙනෙක් කරන්නට යෙදුණේ කිසිවකු අපේක්ෂා නොකරන දෙයක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම ඉදිරියේ පැවති මෙම නඩු විභාගයේ දී විත්තිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු විය. ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ‘මේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මගේ දේශපාලන ගමන අඩාල කිරීම සඳහා මාව උවමනාවෙන් මේ නඩුවට පටලවා තිබෙන බව කිව යුතුයි. මට එරෙහිව ඉදිරිපත් වූ සාක්කි පවා අසත්‍ය ලෙස ගොතා තිබෙනවා.’ යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකාර සම්පත් විදානපතිරණ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 'ගොතපු නඩුවක්' සෙසු විත්තිකරුවන් පස් දෙනාත් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කල අධිකරණය, පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥයාගේ දේශනය හෙට, අගහරුවාදා ඉදිරිපත් කරන මෙන් නියම කළේය. වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා විත්තියේ දේශන සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරිය විසින් දැනුම් දෙනු ලැබීමට නියමිතයි. සාදයේ අපරාධය දෙදහස් එකොළහ වසරේ දෙසැම්බර් විසිහතර වන දින තංගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති නත්තල් සාදයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මරා දමා, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා දුෂණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් හය දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය. ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවට අදාලව විත්තිකරුවන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. මැතිවරණයේ මෙතෙක් නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ. "මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව," ඔහු පැවසීය. මේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. තවත් කියවන්න: 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතත්වයෙන් එය සංශෝධනය කළ හැකි බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, "මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක," යනුවෙන් ද පැවසීය. පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ "එයාට හීනෙන් පේනවා ඇති එහෙම ශක්තිමත් වෙලා කියල," යන්නය. රට තුළ මෙන්ම ආණ්ඩුවේත් "අස්ථාවරභාවයක්" - මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව "ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ" බවට ද ඔහු චෝදනාවක් එල්ල කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරන අතරවාරයේ පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට ඉහතදී කළ විමසීමකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" බවය. ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බව ඒ අවස්ථාවේ සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවය. සබැඳි යොමු:
පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සඳහා ජාතික විධායක සභාවේ සියළු දෙනා එකඟ වී ඇති බවත් එම පරීක්ෂණය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කළ යුතුය යන ස්ථාවරයටත් පැමිණි බව ජාතික විමුක්ති පෙරමුණේ නායක ප්‍රකාශ කළේය. ජාතික විධායක සභාව අද (20) රැස්වීමෙන් අනතුරුවයි එහි සාමාජික අනුර කුමාර දිසානායක මේ බව මාධ්‍යයට දැනුම් දුන්නේ. දූෂණ කොමිසම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳවද අද රැස් වූ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව එකඟතාවකට පැමිණි බව ඔහු තව දුරටත් පැවසීය. වංචා හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර එම තනතුරුට වෙනත් සුදුස්සෙකු පත් කර එම කොමිසමට නීතියේ රැකවරණ ලැබෙන පරිදි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මෙහිදී එකඟ වූ බවයි අනුර කුමාර දිසානායක කියා සිටියේ. මන්ත්‍රීන්ට හොඳ නරක මීට අමතරව පසුගිය වකවානුව තුළ සිදු වූ බව පැවසෙන මුදල් වංචා, මනුෂ්‍ය ඝාතන, පහර දීම් සහ පැහැර ගෙන යාම් පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ක්‍රමවේදයක් සකස් කිරීමටද ජාතික විධායක සභාව එකඟ වී තිබේ. යුද්ධයෙන් පසුව එම පලාත්වල තිබූ වාහන සහ රත්‍රන්වලට සිදු වූ දෙය සොයා බැලීමට විශේෂ ඒකකයක් පිහිටුවීමත් මැති ඇමතිවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් ඇතුළු වැදගත් කරුණු කිහිපයකටම ජාතික විධායක සභාව එකඟ වූ බව එහි සාමාජික අනුර කුමාර දිසානායක තවදුරටත් පැවසීය.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ රාත්‍රියේ දී ජයග්‍රහණය කළ පාර්ශවයට බලය නොදී තව දුරටත් බලයේ රැඳී සිටීම සඳහා සිදු වූ බව පැවසෙන කුමන්ත්‍රණය පිළිබඳව පරීක්ෂණ වාර්තාව සතියක් ඇතුළත ලබා ගැනීමට ජාතික විධායක සභාව සැරසෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වන ජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු හා මුසල්ලි ප්‍රාදේශීය ලේකම්වරයා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී යි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. නමුත් වනෝද්‍යානය තුළ කුඩාරම් ගසා ගෙන අනවසරයෙන් පවුල් හැත්තෑ තුනක් ජිවත් වන බව අමාත්‍යවරයා පිළිගත්තේය. ‘ඒ පවුල් 73ට අයත් ඉඩම් නාවික හමුදා කදවුර තුළ තියෙනවා, මාසෙකට පෙර ඒ ජනතාව ඇවිල්ල මෙතන පොඩි පොඩි කුඩාරම් හදාගෙන ඉන්නවා, ඒක වැරදියි, ඒක ඒ ජනතාවට කියල තියෙනවා, අභයභූමියක් තුළ කාටවත් පදිංචි වෙන්න අයිතියක් නැහැ, ඒ කරණය හොයා බලා ප්‍රාදේශීය ලේකම් තුමා දිසාපතිතුමා ඒ මිනිසුන්ට තැනක් දීල පදිංචි කරවන්න ඕනේ’ අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් පැවසීය. බොදු බල සේනා සංවිධානය සමග විවාදයකට යාමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඔවුන් කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ හෙක්ටයාර 22000ක් හෙළිපෙහෙලි කර නිවාස හා පල්ලි තැනූ බවට බොදු බල සේනා සංවිධානය කරන ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු හෙළි කරන බවට ද ඒකාබද්ධ විපක්ෂය පැවසීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් සිටින්නේ එක් අයෙකු පමණක් බව ආගමන විගමන පාලකවරයා තහවුරු කර තිබේ. ඒ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ බව ආගමන විගමන පාලක එම්එන් රණසිංහ පවසයි. සබැඳි යොමු: ඔහු ඒ බව අනාවරණය කර තිබෙන්නේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් ආයතනය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක් කළ බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනය වෙත ලබා දී ඇති ලිඛිත පිළිතුරේ සඳහන් වේ. ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල් එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු අන්තර්ගත පරිගණක පද්ධතියට ඇතුළත් කොට පරීක්ෂා කළ බවත්, එයින්ද නොනැවතී පරිගණක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛන ද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කළ බවත් ආගමන විගමන පාලකවරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නැතැයි සනාථ කළ හැකි බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනයට ලබාදුන් පිළිතුරේ සඳහන් වේ. ඇමෙරිකානු පුරවැසිභාවය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. ඒ අනුව ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එහි තීන්දුව ලැබෙන තුරු ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සේවය කරයි. ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) පසුගිය සතිය වන තුරුම නවසීලන්තයේ ද පුරවැසියකු විය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාටම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි නමුත් ඔවුහු පාර්ලිමේන්තුව නියෝජනය නොකරති. ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව සඳහන් කළේය. මේ අතර ද්විත්ව පුරවැසිභාවය හිමි නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙකු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ද ආන්දෝලනයක් මතු වී තිබේ. ඒ පිළිබඳව මාස ගණනක් මුළුල්ලේ පැවති දේශපාලන වාද විවාදවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ අධිකරණ විභාගයක් පැවැත්වීමට නියමිතය. අදාළ මන්ත්‍රීවරුන් පිරිස මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ව සිටියේ නම් ඔවුන් මන්ත්‍රී පදවි දැරීමට සුදුස්සන් ද යන්න අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි අපේක්ෂිතය. ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) පසුගිය සතිය වන තුරුම නවසීලන්තයේ ද පුරවැසියකු වූ අතර, ඔහුට මන්ත්‍රී පදවිය අහිමිවුවහොත් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ පෑමට ඉඩ තිබේ. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බලය හිමි වී තිබෙන්නේ එක් බහුතර ආසනයකිනි.
ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරු රැසක් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අක්කර 15,000 කථාව ඇමතිවරු වරද්දගත්තා - ජනපති මහනුවර පැවති උත්සව සභාවක් අමතමින් අදහස් දැක් වූ ජනාධිපතිවරයා, චීන ව්‍යාපෘති සඳහා අක්කර 15,000ක් ලබා දෙන බවට රජය මෙතෙක් කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව අවධාරණය කළේය. "මම කණගාටුවෙන් වුවත් කියන්නට ඕනේ. අපෙත් සමහර මැති ඇමතිවරු මේක වරද්ද ගත්තා. මේ අක්කර 15,000 ක කතාවක් එකදිගට කියන්න ගිහිල්ලා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ." ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය බව පවසන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බව අවධාරණය කළේය. කර්මාන්ත සඳහා සුදුසු ස්ථාන සොයා රජය ඉඩම් ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා, ගම්මානවලින් ජනතාව ඉවත්කරමින් හෝ ඇතැමුන් පවසන ආකාරයට 'විහාරස්ථාන බුල්ඩෝසර් කරමින්' එම ඉඩම් ලබාදෙන ප්‍රතිපත්තියක් රජයේ නොමැති බවත් අවධාරණය කළේය. "ලෝකේ කිසිම රටකට මේ රටේ බිම් අඟලක් දෙන්න මම කටයුතු කරන්නේ නැහැ කියලා බොහොම පැහැදිලිව කියන්නට ඕන." "මම ඊයේ නිලධාරීන් කැඳවලා ඇහුවා අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්නේ කියලා. අක්කර 15,000 කතාව කිසිදු ලියවිල්ලකත් නැහැ, එකඟ වෙච්ච තැනකුත් නැහැ" හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම් පවරාගෙන චීන සමාගම්වලට බදුදීමට සැරසෙන බවට චෝදනා කරමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට උද්ඝෝෂණ දියත්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පසුගිය කාලයේ උදම් අනන සංවර්ධනය සිදු වූයේ රුපියල් කෝටි නවලක්ෂයක් ණය බරක මත බවයි. ජනප්‍රිය වීමට අවශ්‍ය නම් සිය රජයටද ඕනෑ තරම් ණය ලබාගෙන එවන් සංවර්ධනයක් පෙන්නුම් කළ හැකි නමුත් රටේ ණය බර තවත් වැඩිකරන එවන් වැඩපිළිවෙලකට යාමට තම රජය සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් අක්කර 15,000 ක් පවරාගැනීමට නියමිත බව බොහෝ අමාත්‍යවරු පවසා තිබුණි
චීන ව්‍යපෘති සඳහා දකුණු පළාතෙන් අක්කර 15,000ක් ලබාදෙන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු දිගින් දිගටම කරන ප්‍රකාශ වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් නොපැහැදිලිය මේ හේතුවෙන්, 'හුවාවි'Huawei සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇත. 'හුවාවි'Huawei සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගනුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස හැඳින්වීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ක්‍රියා කිරීමෙන් පසු මෙම තත්වය උදා විණි. "අපි අණ පිළිපදිමින් ඇඟවීම් නිරීක්ෂණය කරනවා විතරයි" යැයි ගූගල් සමාගම පවසයි. නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින 'හුවාවි' Huawei සහ Honor ජංගම දුරකතන, ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබා දෙන සේවාවන් දිගින් දිගටම සිදු කරන බව Huawei සමාගම පවසයි. "ලෝකය පුරා සිටින පාරිභෝගිකයන්ට ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා අපි ශක්තිමත් ආරක්ෂණ මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කරනවා," යැයි 'හුවාවි'Huawei සමාගම පවසයි. "අපි Huawei සමාගමේ නීතිමය අයිතීන් රැකගන්න උදව් කරනවා" යයි මාධ්‍ය හමුවකට පැමිණි චීන රජයේ නියෝජිතයන් පිරිසක් කියා සිටියහ. ගූගල් සමාගමේ තීරණය දැඩි ලෙස විවේචනය කරන 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) පැවසුවේ ඇමරිකාව තම සමාගමේ බලය "අවතක්සේරු" කර ඇති බවය. 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදනවල ඇති 5G තාක්ෂණය වෙනත් කිසිදු සමාගමකට නුදුරු අනාගතයේ දී නිර්මාණය කළ නොහැකි බවත් චීන මාධ්‍ය අමතමින් රෙන් ෂෙන්ග්ෆෙයි පවසයි. චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් භාවිත කෙරේ. මේ අතර, 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිහරණය කරන බොහෝ පිරිසක් ද සිටිති. 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ගූගල් සමාගම පැනවූ වාරණ ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී. මෙම තත්වය'හුවාවි' Huawei පාරිභෝගිකයන්ට බලපාන්නේ කෙසේද? මෑතකදී හඳුන්වා දුන් Huawei P30 ජංගම දුරකතනය දැනට 'හුවාවි' Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ. නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නවතම මාදිලිය 'හුවාවි' Huawei උපාංගවලට නොලැබෙනු ඇත. යූටියුබ් සහ 'ගූගල් මැප්ස්' වැනි ඇප් ඉදිරි කාලයෙහි 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇත. මේ අතර, 'හුවාවි' Huawei උපාංග සහ ඒවා ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic ) සමාගම මැයි 23 දා ප්‍රකාශ කර ඇත. මේ අතර ප්‍රකාශයක් කරන පැනසොනික් සමාගම චීනයේ 'හුවාවි' Huawei සමාගම ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර නොමැති නම් ඔවුන් සමග නොකඩවා ගනුදෙනුවල නියැලෙන බවත් පැනසොනික් සමාගම වැඩිදුරටත් පවසයි. "අදාළ රටවල් සහ කලාපවල බලපැවැත්වෙන නීති රෙගුලාසි දැඩිව අනුගමනය කරමිනුයි අප සමාගම ව්‍යාපාරවල යෙදෙන්නේ" යැයි පැනසොනික් සමාගම කියා සිටියි. ගූගල් සිදු කළේ කුමක්ද? 'හුවාවි' Huawei සමාගම සමග "ප්‍රකට නොවන" දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණ සේවා ලබා දීම් සම්බන්ධයෙන් පැවති සියලු ව්‍යාපාර ගනුදෙනු නතර කිරීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් තීරණය කර තිබේ. දැනට Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ විවෘත මෘකාංග ව්‍යාපෘතියක් ඔස්සේ වීම හේතුවෙන් 'හුවාවි' Huawei සමාගමට එය ලබා ගැනීමේ සියලු දොරටු අවහිර නොවේ. ඕනෑම නිෂ්පාදකයෙකුට බලපත්‍රයක් නොමැතිව වුව ද ඔවුන්ගේ උපාංගවලට මෙම තාක්ෂණය ඇතුළු කරමින් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව ඇත. නමුත් තාක්ෂණ ලෝකයේ බොහෝ ව්‍යාපාරිකයන් ගූගල් සමාගම මත යැපීමේ ප්‍රවණතාවක් පවතී. ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය තුළ ගූගල් සමාගම පාලනය කරන මෘදුකාංග කීපයකි: මේ තොරතුරුද කියවන්න: 'හුවාවි' Huawei සමාගමට කළ හැකි වන්නේ කුමක් ද? ඇමරිකානු රජයේ අවසරයකින් තොරව එරට ව්‍යාපාරවලින් අදාළ තාක්ෂණය ලබා ගැනීම නිසා 'හුවාවි' Huawei සමාගමට ඉහත කී වාරණ පනවනු ලැබීය. ඒ ගැන දැනුම් දීමෙන් පසු ජපාන මාධ්‍ය අමතමින් 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි පැවසුවේ "අපි මෙවැනි දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙමින් සිටියා"යි සඳහන් කළේය. Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) Huawei සමාගම වසරකට ඩොලර් බිලියන 67කට ආසන්න වටිනාකමකින් යුත් තාක්ෂණික උපාංග මිලට ගන්නා අතර, මින් පසු ඒ සියල්ල සිය සමාගම තුළම වැඩිදියුණු කර ගැනීමට ක්‍රියා කරන බව රෙන් ෂෙන්ග්ෆෙයි පැවසූ බව 'නිකී' ව්‍යාපාර පුවත්පතේ (Nikkei) සඳහන් වේ. 5G තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන සම්බන්ධතා ඇතුළත් 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදන භාවිතය ආරක්ෂාවට තර්ජනයක් බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා එල්ල කරති. Huawei උපාංග හරහා චීනය දත්ත ලබා ගැනීමට ක්‍රියා කරන බවට රටවල් කිහිපයක් චෝදනා එල්ල කර සිටියත්, එම සමාගම එම සියලු චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරයි. සිය සමාගමේ නිෂ්පාදනවලින් කිසිදු තර්ජනයක් එල්ල නොවන අතර, චීන රජයත් සමග තමන්ට සම්බන්ධතාවක් නොමැති බව 'හුවාවි' Huawei සමාගම පවසයි. කෙසේනමුත්, මේ වන විටත් සමහර රටවල් 5G සම්බන්ධතාව ඇතුළත් 'හුවාවි' Huawei උපාංග භාවිත කිරීම තහනම් කර ඇත. මේ අතර, 'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදිත 'Honor 20' නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ක්‍රියාත්මක ව්‍යාපාරවලට ආරාධනා කර තිබේ. මෙම දුරකතනයේ ගූගල් ඇප් සියල්ලම මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බව බීබීසී සිදු කළ විමසුමක දී හෙළි විය. Huawei සමාගමේ නිෂ්පාදිත Honor 20 නවතම ජංගම දුරකතනය එළිදැක්වීමේ උත්සවයට ලෝකය පුරා ඇති ව්‍යාපාරවලට යැවූ ආරාධනා පත්‍රය ඇමරිකානු රජය සමග පවතින ඝට්ටන සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී එළිදක්වන 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාකාරකම් අඩු වීමට ඉඩ ඇත. එසේ නොමැතිනම් 'හුවාවි' Huawei ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඔවුන් විසින්ම නිර්මාණය කරන නව තාක්ෂණයක් හඳුන්වා දීමට ද ඉඩ තිබේ. ගූගල් සමාගම පැනවූයේ දීර්ඝ කාලීන බාධක ද යන්න තවමත් පැහැදිලි නැත. 'සැම්සුන්' නිෂ්පාදනවලට පසු ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකතන නිෂ්පාදන සමාගම සමග ඇති ගිවිසුම් එකවර අත්හැරීමට ගූගල් සමාගම ක්‍රියා නොකරනු ඇති බවටත් මත පළ වෙයි. Huawei සහ ගූගල් සමාගම අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යෑමට අදාළ බලපත්‍රය නිකුත් කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ සහ ආරක්ෂණ කාර්යාංශයට හැකියාව ඇත. එසේ නොමැතිනම්, සියලු වාරණ ඉවත් කර පෙර තිබූ තත්වයට නැවත යෑමේ හැකියාව ද පවතී. කෙසේවෙතත්, බටහිර වෙළෙඳපොළෙ තුළ 'හුවාවි' Huawei සමාගමට කෙටි කාලීන දැඩි අලාභවලට මුහුණ පෑමට සිදු වෙනු ඇත. ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධයට කුමක් සිදුවේ ද? ඉහත කී වාරණ පැනවීමත් සමග 'හුවාවි' Huawei සහ ගූගල් සමාගම් අතර තිබූ වෙළෙඳ ගැටුම් උත්සන්න විය. ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ ඇමරිකාව මේ වන විටත් 'හුවාවි' Huawei සමාගමට එරෙහිව නඩු විශාල ප්‍රමාණයක් ගොනු කර තිබේ. Huawei සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එහි උප ප්‍රධාන විධායක නිලධාරිනිය වන මෙන්ග් වැන්ග්ෂූ (Meng Wangzou) පසුගිය දෙසැම්බර් මස කැනඩාවේ දී ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ඇය කැනඩාවෙන් පිටුවහල් කිරීමට මේ වන විට ඇමරිකානු බලධාරීහු ක්‍රියා කරමින් සිටිති. මෙම සිද්ධි මාලාවත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වෙමින් පවතින බවක් පෙන්නුම් කෙරෙයි. තවත් තොරතුරු:
ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන Huawei 'හුවාවි' දුරකතනවල ඇන්ඩ්‍රොයිඩ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනාගත පරපුර සඳහා පිලිපීනය ආරක්ෂා කර තැබීම තමන්ගේ යුතුකම බවයි ජනාධිපති දුටර්ටේ පවසන්නේ. 'හිට්ලර් තිස් ලක්ෂයක් යුදෙව්වන් මරාදම්මා...මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නව. ඔවුන් මරාදමන්න මම කැමතියි' යනුවෙනුයි ජනාධිපතිවරයා පැවසුවේ. ජර්මනියේ නාසි හමුදා විසින් අවම වශයෙන් හැට ලක්ෂයක් යුදෙව්වන් සහ වෙනත් සුළු ජාතිකයින් මරා දමනු ලැබූ බවයි පැවසෙන්නේ. පසුගිය ජූනි මාසයේ පිලිපීන ජනාධිපති පදවියට පත් දුටර්ටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් දරුණු ලෙස විනාශකරමින් සිටී. නිල නොවන ඝාතක කණ්ඩායම් වල ඉලක්කයට ලක්වන්නේ බොහෝ විට අඩු මට්ටමේ වැරදිකරුවන් බවයි පැවසෙන්නේ නිල වාර්තා වලට අනුව මේ දක්වා තුන්දහසකට වැඩි පිරිසක් පොලීසිය සහ නීත්‍යානුකුල නොවන ඝාතන කණ්ඩායම් විසින් මරා දමනු ලැබ තිබේ. එසේ මරාදමනු ලැබූවන්ගේ සිරුරු ඔවුන් විසින් කරනු ලැබූ වැරදි ක්‍රියාවන්ගේ ලැයිස්තුවක් ද සමග ජනතාවට දැකගතහැකි වනසේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ. පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුටර්ටේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රවය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව 'හිට්ලර් ගේ ඥාති සහෝදරයෙකු' ලෙස හුවා දක්වන බවයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ සියලුම මත්ද්‍රවය ජාවාරම් කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බවයි.
ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැම්මා සේ තමාද හැකිතරම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මරාදැමීමට කැමැත්තෙන් සිටින බව තම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ජර්මනියේ 'හෝලොකොස්ට්' ඝාතන වලට සමාන කරමින් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
83 හැවිරිදි වොල්ෆ්රම් ගොට්ෂෝක් සහ ඔහුගේ බිරිඳ 81 වියැති ඇනීටා කඳුළු සළමින් සමුගන්නා ඡායාරුපය සහිත පුවත අන්තර්ජාලය ඔස්සේ අති විශාල ප්‍රසිද්ධියක් ලැබුවෙ ඔවුන්ගේ මිනිපිරිය විසින් එය සමාජ මාධ්‍ය ජාලාවකට එක්කරනු ලැබීමෙන් පසුවයි. ඈෂ්ලි බැරික් නම් 29 හැවිරිදි මිනිපිරිය පැවසුවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සරේ ප්‍රදේශයේ එකම වැඩිහිටි නිවාසයක් තුළ දෙදෙනා සඳහාම ඉඩ කඩ නොමැති නිසා ඔවුන් වෙන් කිරීමට සිදුවී ඇති බවයි. තම බිරිඳ සිටින වැඩිහිටි නිවාසයට යාම සඳහා ඉඩකඩක් ලැබෙන තුරු වසා ගැටිතිවල අබාධයකින් පෙළෙන වොල්ෆ්රම් ගොට්ෂෝක් දැන් බලාසිටින බවයි වාර්තාවන්නේ. අඟහරුවාදා කඳුළු පිස දමමින් සමුගන්නා 'ඕමි සහ ඔපි' ගේ ඡායාරුපය තම ෆේස්බුක් ගිණුමේ බෙදා හරිමින් ඈෂ්ලි සටහන් කොට තිබුණේ තමා විසින් ගත් වඩාත් දුක්මුසු ඡායාරුපය එය බවයි. මේ වන විට මාස අටක් තිස්සේ වෙන්ව ජීවත්වන මෙම වයෝවෘද්ධ යුවල ඔවුන් හමුවන හැම අවස්ථාවක දීම කඳුලුසලන බවයි මිනිපිරිය පවසන්නේ. මොවුන් දෙදෙනා නැවත එක් කිරීම සඳහායි ඈෂ්ලි මුහුණු පොත ඔස්සේ ආධාර ඉල්ලා ඇත්තේ.
වසර හැට දෙකක් තිස්සේ එක්ව ගතකළ මහළු විවාහක යුවලක් බලහත්කාරයෙන් වැඩිහිටි නිවාස දෙකක වෙන්ව ගතකරීම සඳහා යැවූ පුවතක් කැනඩාවෙන් වාර්තාවේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආහාර සහ ඖෂධ සැපයුම් අවසන් වී ඇති අතර සාමාන්‍ය ජනතාව ගැටුම්වලට මැදි වීම සම්බන්ධයෙන් බිය පළ වේ. අලෙප්පෝ නගරය තුළ වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි. ජල සහ විදුලි සැපයුම නොමැතිව සාමාන්‍ය වැසියන් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී සිටින බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවා තිබේ. නගරයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරයකු බීබීසීයට කියා සිටියේ ඔහු විසින් දිනකට ප්‍රතිකාර ලබා දෙනු ලබන රෝගීන් සංඛ්‍යාව එකසිය පනහ දක්වා ඉහළ ගොස් ඇති බවයි. සටන් ඇවිලීමට පෙර, දිනකට ප්‍රතිකාර ලබා දුන් රෝගීන් සංඛ්‍යාව හා සැසඳීමේදී මේ වන විට එම සංඛ්‍යාව දෙගුණයකටත් වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සිරියාවේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සහ සිරියානු ආණ්ඩුවේ හමුදා අතර තවදුරටත් දරුණු සටන් පවතියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මිහිතලය රත්වීමට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වග කිව යුතු බව විද්‍යාඥයන් 97 ක් ම සනාථ කරනවා' ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති සමුළුවක් අමතමින් කථා කරමිනුයි, ඔහු එම ඉල්ලීම කළේ. ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගයෙන් කාලගුණය වෙනස් වෙමින් තිබෙන බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි තිබෙන බවද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය. "සියලුම විද්‍යාඥයන්ගෙන් සියයට 97 ක්ම කිසියම් දෙයක් සම්බන්ධයෙන් එකඟ වෙනවා නම්, අපි ඔවුන්ට කන් දිය යුතුයි. අපි ඒකට ප්‍රතිචාර දැක්විය යුතුයි," යනුවෙන්ද ජෝන් කෙරී පැවසීය. "මිහිතලය රත්වීම සිදු වන බව සහ එයට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වග කිව යුතු බව පරිසර විද්‍යාඥයන් 97 ක් ම සනාථ කරලා තිබෙනවා." 2015 වන විට මිහිතලය රත්වීම සම්බන්ධ ඓතිහාසික සම්මුතියක් ඇති කර ගැනීම ජෝන් කෙරීගේ උත්සාහයයි.
මිහිතලය රත්වීම වැළැක්වීම පිණිස සියලු පියවර ගන්නා මෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අප උතුරු කොරියාව සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම්" - රෙක්ස් ටිලර්සන් කොන්දේසි විරහිතව උතුරු කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඔහු අඟහරුවාදා (දෙසැ 12) වොෂිංටනයේ පැවති ප්‍රතිපත්ති පිළිබද සමුළුවකදී ප්‍රකාශ කළේය. "අප උතුරු කොරියාව සමග ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවටත්, පළමු සාකච්ඡාව පූර්ව කොන්දේසි නොමැතිව පැවැත්වීමට කැමති බවටත් රාජ්‍යතාන්ත්‍රික අංශ අපව දැනුවත්කලා"යැයි සමුළුව අමතමින් රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය. නමුත් දිනක් ඇතුලත ධවල මන්දිරය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළේ උතුරු කොරියාව පළමුවෙන්ම න්‍යෂ්ටික අවිහරණයට කැපවියයුතු බවය. මෑත මාස කිහිපය තුළ ධවල මන්දිරය හා රාජ්‍ය ලේකම්වරයා ප්‍රසිද්ධියේ වෙනස් මත දැරූ තෙවන අවස්ථාව මෙම ප්‍රවෘත්තියත් සමග සටහන් විය. උතුරු කොරියාව පසුගිය අප්‍රේල් මාසයේදී සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු මෙම සිදුවීමට අදාලව නම හෙළි නොකළ ධවල මන්දිර නිලධාරියෙක් "කවර හෝ එකඟත්වයකට පැමිණීමට, උතුරු කොරියාව තමන් විසින්ම තමන්ගේ චර්යාවේ වර්ධනයක් සකස්කර ගන්නා තෙක් බලාසිටිය යුතු බව පාලනාධිකාරියේ තීරණයේ වෙනසක් නොමැති බව" රොයිටර් සේවය වෙත බදාදා ප්‍රකාශ කළේය. "රාජ්‍ය ලේකම්වරයා පැවසූ ආකාරයටම, එය සිදුවියයුතු නමුත්, තවදුරටත් මිසයිල අත්හදා බැලීම් හෝ න්‍යෂ්ටික අවි අත්හැර දැමිය යුතුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා ද, ඉහත ප්‍රකාශය නැවතත් තහවුරු කර ඇත. "උතුරු කොරියාව කැමැත්තෙන්ම බරපතල හා විශ්වසනීය ලෙස න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සාකච්ඡාවට පැමිණෙන්නේ නම් ඔවුන් හා සාකච්ඡා මාර්ගයට පිවිසීමට අප විවෘතයි. නමුත් මේ ඊට අවස්තාව නොවේ" ඔහු ප්‍රකාශ කළේය. වැඩිදුර තොරතුරු:
උතුරු කොරියාව හා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයේ වෙනසක්වූ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) කළ සඳහනට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් ධවල මන්දිරය සහ ඔහුගේම පාලනය යටතේ ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව පශු වෛද්‍යවරු පවසති සිය වාසභූමියත්, ජීවිකාවත්, ආහාරත් රැක ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ වෙසෙන සතුන් සහ මිනිසුන් අතර හට ගෙන තිබෙන තවත් ගැටුමක් පිළිබඳව දැන් ප්‍රබල අවධානය පළ වී තිබේ. ඒ දිවි මිනිස් ගැටුමයි. නොඑසේනම් කොටි මිනිස් ගැටුම. මේ ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොටින් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි, වන සත්ව කටයුතු පිළිබඳ පශු වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. එම තර්ජනය කෙතරම් බරපතලද යත් ජාතික වනෝද්‍යානවල සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථවල වේගය සීමා කිරීම කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ද අවධානය පළ වී තිබේ. ගතව ගිය වසර පහක පමණ කාලය ඇතුලත යාල සහ අවට ප්‍රදේශවලදී මානව ක්‍රියාවන් සහ පාරිසරික හේතූන් නිසා දිවියන් විසිදෙනකු පමණ මියගොස් ඇති බව එම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි. අලි මිනිස් ගැටුම සහ නීතිවිරෝධී අලි පැටවුන් පිළිබඳව රාජපක්ෂ පරිපාලනය සමයේ ප්‍රබල අවධානය යොමු වී තිබුණි ඔහු ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයායි. තමා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබැවූ සමයේ යාල වනෝද්‍යානයේ සෆාරි චාරිකාවල යෙදෙන ජීප් රථ සංඛ්‍යාව 80 කට සීමා කොට තිබූ බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට පැවසීය. "දැන් තියනවා 350 කටත් වඩා ජීප් යාල විතරක්," ඔහු පැවසීය. කොටියන්? ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ Leopard හෙවත් දිවියන් විනා කොටියන් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් දෙමළ කැරලිකරුවන් ව්‍යාඝ්‍රයකු සිය සංකේතය බවට පත් කර ගනිමින් 'කොටි සංවිධානය' යටතේ සටන් වැදීම එම විශ්වාසයට පදනම් වූ බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ. කොටි සංවිධානයේ සංකේතය නිසා කොටින් දිවියන් ලෙසින් විග්‍රහ කිරීමට ශ්‍රී ලංකාව පෙළඹුනාද? ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන් පිළිබඳව නිසි සමීක්ෂණයක් පවත්වා නැතත් දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කරයි. කෙසේ නමුත් එය විද්‍යාත්මක නාමය සහ ව්‍යවහාරය අතර ප්‍රශ්නයක් විනා ශ්‍රී ලංකාවේ කොටින් නැති බවයි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ. "කොටියා කියන සතා මෙහෙ නෑ," ඔහු පැවසීය. සන්නිවේදන කුළුණක් පසුගියදා යාල ජාතික වනෝද්‍යානයේදී දිවියකු වාහනයක හැපී මිය යාමත් සමගයි ශ්‍රී ලංකාවේ වෙසෙන දිවියන්ගේ ඉරණම ගැන යළිත් අවධානය යොමු වී තිබෙන්නේ. වනාන්තර හෙළි කිරීමත්, ගංවතුර සහ නියඟ වැනි ස්වභාවික ආපදා හේතුවෙනුත් කොටින්ගේ ස්වභාවික දිවි පෙවෙතට දිගින් දිගටම ප්‍රබල අභියෝග එල්ල වෙමින් පවතියි. "කොටි කියන සතාත් ලංකාව පුරාම විසිරිලා හිටිය. දැන් මේ වෙන කොට ගිහිල්ල, ගිහිල්ල ඔය මුළුවලට තමයි කොටු වෙලා ඉන්නේ," පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේය. "උදාහරණයකට ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි." 'හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටි හොඳටම හිටපු පලාතක්. දැන් හම්බන්තොට දිස්ත්‍රිකයේ කොටි නෑ. ඉතින් වඳ වෙලා යන සත්ව කොට්ටාශයක් තමයි කොටි' මීට දශක පහකට පමණ ඉහතදී කොටින් හෙවත් දිවියන් වාසය කළ කැලෑබද පළාත් වර්තමානයේ ජනාවාශ බවට පත්ව තිබීම හේතුන් කොටින්ට සිය වාසස්ථානය සහ ආහාර අහ්මිවීම මේ තරජනයට ප්‍රධානම හේතුවක්. "දැන් මිනිස්සු ඉන්න පලාත්වල මුවෝ, ගොන්නු වගේ සත්තුත් නෑ. හිටියොත් ඉන්නේ වල ඌරෙක් විතරයි. ඉතින් මිනිස්සු ඉන්න පලාත්වල ඉන්න කොටි යැපෙන්නේ බල්ලෝ, හරක් වගේ ගෘහාශ්‍රිත සත්තු මත," පශු වෛද්‍ය විජිත පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් වනාන්තරබදව වෙසෙන ජනතාවගේ දිවි පෙවෙතට වඩා ලාංකීය බලධාරීන්ගේ ක්‍රියාකාරකම් දිවියන්ට තර්ජනයක් වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා පවසන්නේ. කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය සමයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් කොට යාල වනෝද්‍යානයේද ආරක්ෂක හමුදාව කඳවුරු බැඳගත් බව පවසන ආනන්ද විජේසූරිය, ඉන් අනතුරුව එහි ඩයලොග් සමාගමේ සන්නිවේදන කුළුණක් ඉදි කිරීමට හමුදාව කටයුතු කිරීම වන සතුන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව සඳහන් කළේය. "යුද්ධෙ ඉවර වුනා, ඒත් සන්නිවේදන කුලුන ගලවාගෙන ගියේ නෑ. දැන් ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ," ඔහු පැවසීය. වනෝද්‍යානය තුල ජංගම දුරකතන භාවිතය තහනම් කොට තිබෙන නමුත්, අදාළ කුලුන උපයෝගී කරගමිනින් දිවියන් සිටින ස්ථාන වහාම දැනුම්දීමට හැකියාව තිබීම දිවියන්ගේ ස්වභාවික දිවි පෙවෙතට ප්‍රබල බාධාවක් පමණක් නොව, සතුන් මෙසේ අනතුරුවලට ලක්වීමටද හේතුවක් වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. (හම්බන්තොට සිට ඡායාරූප සහ වැඩි විස්තර ලබා දුන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ට ස්තුතිය)
අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින අලින් සහ මිනිසුන් පිළිබඳව කලක් මුළුල්ලේම වාර්තා පළ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොසිල හමු වූ ඇටකාමා වනාන්තරය මේ අසාමාන්‍ය පොසිල හමුවීම ට හේතු සාධක අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. මෙම පොසිල හමු වී ඇත්තේ රට අභ්‍යන්තරයේ පිහිටි ඇටකාමා වනාන්තරයේ තිබිය දීයි. මීට වසර පනස් ලක්ෂයකට ඉහත දී එම තල්මසුන් ඇතැම් විට විෂ සහිත ශාක වලින් පිට කෙරෙන දිලීරයක් ශරීර ගත වීම හේතුවෙන් රංචු පිටින් මිය යන්නන්ට ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. ඉදිකිරීම් කම්කරුවන් විසින් මීට වසර තුනකට පෙර මාර්ගයක් පුළුල් කිරීමේ යෙදී සිටිය දී එම පොසිල මුලින් ම සොයා ගෙන තිබේ. මෙම පොසිල හමු වූ ස්ථානය අසල පිහිටි ඉඩම්වල දස දහස් ගණන් ක්ෂීරපායී සතුන්ගේ ඇටකටු තිබිය හැකි බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.
හතලිස් ගණනකට වැඩි තල්මසුන් ගේ පොසිල තැන්පත් ව ඇති ස්ථානයක් චිලී රටෙන් සොයා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එබැවින් මින් ඉදිරියට කොට්ලා ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වීමේ කිසිදු සැලසුමක් නොමැති බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ. කෙසේ වුවත් වායු දූෂණය ඉහළ මට්ටමක පවතින මෙවැනි කාලවල දිල්ලි නුවර තරග සංවිධානය කිරීම පිළිබඳව මින් ඉදිරියට ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාස කෙරේ. දිල්ලි නුවර මේ දිනවල පවතින අධික දුමාරය අති විශේෂ තත්ත්වයක් නොවන බව ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. අධික දුමාරය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවති තුන්වෙනි ටෙස්ට් තරගය වරින්වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබිණ. සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වරින්වර නැවැත්වීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වූ අතර හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉරිදා (දෙසැම්බර් 03) මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයටලක් වී තිබිණ. එදින ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා තිබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අඟහරුවාදා (දෙසැම්බර් 05) ක්‍රීඩාංගනයේදීම වමනය කිරීම ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක් වී තිබිණ. ඒ පිළිබඳව සඳුදා (දෙසැම්බර් 04) බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ කියා සිටියේ, ඉරිදා එවැනි ගැටලුවක් පැවතුනු නමුත් සඳුදා තත්ත්වය යහපත් අතට හැරී තිබුණු බවය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණ දුන් තත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ජගත් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කළේ දැයි විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කොට්ලා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන් වෙනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අඟහරුවාදා (ජූලි 25) කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට දන්වා තිබුණද ඔහු සිය නීතිඥයින් මාර්ගයෙන් කොමිසමට දන්වා තිබුනේ වෙනත් කාර්ය හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවය. මේ අතර සඳුදා කොමිසම හමුවේ (ජූලි 24) කෙරුණු සාක්ෂි විභාගයේදී මුදල් අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඉස්මතු කරලන ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් විණි. කොමිසම හමුවේ පෙනී සිටි එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය කියා සිටියේ, කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවී කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බවය. සබැඳි යොමු: 2016 ජනවාරි 27 වෙනිදා දහවල් සිය නිවස පරීක්ෂා කිරීමට මුළින් පැමිණියේ එවක මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ වූ අතර එම අවස්ථාවේ එහි පැමිණි අර්ජුන් ඇලෝසියස් ද නිවස පිළිබඳ වැඩිදුර විමසා තමා එය කුලියට ගන්නා බවත් එහෙත් එහි පදිංචි වනුයේ අමාත්‍ය රවී කරුණානායකගේ පවුල බවත් සඳහන් කළ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය. ඒ වනවිට, පාර්ලිමේන්තුවට ආසන්නයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස අලුත්වැඩියා කෙරෙන බැවින් කුලියට ගන්නා නිවසේ මාස හයක කාලයකට පදිංචිවන බව තමන්ට දන්වනු ලැබූ අතර ඒ පිළිබඳ ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් සමග බව ද ඇය කියා සිටියාය. ඒ අනුව නිවස පිළිබඳ සියලු ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ සමාගමක් හරහා බවත් ඇය සඳහන් කළාය. ඒ සඳහා එකඟ වූ මුදලට යළි ගෙවන තැන්පතු මුදලක් ද ඇතුළත් විණි. ‘බැඳුම්කර කොමිසම’ : මහා බැංකු අධිපති සාක්ෂි දෙයි අදාළ අලුත්වැඩියා කටයුතු අවසන්ව නොමැති බැවින් ලබාගත් තැන්පත් මුදලට සරිලන සේ වැඩි පුර මාස දෙකක කාලයක් ද නිවසේ රැඳීමට ඉඩ හරින ලෙස අර්ජුන් ඇලෝසියස් දන්වා සිටි බව ඇය කොමිසම හමුවේ කීවාය. කෙසේ වෙතත්, මේ අතරේදී අදාළ නිවාස මිලදී ගැනීමට කැමති බව අමාත්‍යවරයාගේ පවුල කළ දැනුම් දීමට අනුව කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව රුපියල් මිලියන 165 ක එකඟ වූ මිලකට නිවස අලෙවි කර තිබේ. ඒ අනුව, නිවස මිලදී ගනු ලැබුවේ මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ හා දියණිය අධ්‍යක්ෂධුර දරන ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නම් සමාගම විසින් බව ද සදුදා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. සබැඳි යොමු: මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සොයා බලන ජනාධිපති කොමිසම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් වෙත කළ දෙනුම් දීමට අනුව ඔහු සිය ජංගම දුරකථන අතුරු සන්නිවේදන උපකරණ ඊයේ (ජූලි 24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබිණි. කොමිසම ඔහුට දන්වා තිබුනේ 2015 - 2016 වසරවලදී භාවිත කරන ලද දුරකථන, ලැප්ටොප් පරිගණක හා අනෙකුත් සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසය. මේ අතර සිය කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් සලකා බලමින් එහි කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ති‍බේ. ඒ අනුව බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව බාරදිය යුතු දිනය 2017 ජූලි 27 සිට ඔක්තෝබර් 27 තෙක් දීර්ඝ වේ. 2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කරති.
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ බදාදා (ජුලි 26) පෙනී සිටින ලෙස එම කොමිසම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායකට සිතාසි නිකුත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමති රිෂාඩ් බද්දියුදින් එම සිද්ධියෙන් ඇමතිවරයා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ජ්‍යෙෂ්ට නීතිවේදීන් පිරිසක් ගොනු කල පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීයි , ඇමතිවරයාගේ සමාව අයැදීම සිදු කෙරුණේ.. ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා සමාව අයදින ලියැවිල්ලක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අදාළ සිද්ධියෙන් මන්නාරම හිටපු මහේස්ත්‍රාත්වරයාට යම් සිත් තැවුලක් සිදු වී නම් ඒ පිළිබඳ ව ඇමතිවරයා කනගාටුව පළ කරන බවයි. මෙම සිද්ධියේ දී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් ඇමතිවරයා තුළ නො තිබූ බව සඳහන් කළ නීතිවේදියා නීතියේ සහ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන බවට ඇමතිවරයා පොරොන්දු වන බවත් කියා සිටියේය. ඇමතිවරයාගේ ස්ථාවරය පිළිගත් පැමිණිලිකාර පාර්ශවයේ නීතිවේදීහු නඩුව සමථයකට පත් කර ගැනීමට එකඟ වූහ. එහෙත් අදාළ නඩුව මුලදී විභාගයට ගත් අවස්ථාවේ දී රිෂාඩ් බද්දියුදින් ඇමතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ තමන් අධිකරණයට අපහාස කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එහෙත් ඇමතිවරයා එම ස්ථාවරය වෙනස් කොට අධිකරණය හමුවේ සමාව අයැදීම අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා සටන් කල කණ්ඩායම් ලැබූ ජයග්‍රහණයකැයි පැමිණිලි පාර්ශවයේ නීතිවේදියකු වන ජේ.සි.වැලිඅමුණ කියා සිටියේය. ‘’පසුගිය කාලයේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධීන් ගණනාවක්ම වාර්තා වුනා. එහෙත් මෙම සිද්ධියයි අධිකරණය හමුවට පැමිණ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වය සහිතව විභාග කෙරුණේ. මේ ගැන අපට සතුටු වන්න පුළුවන්. ‘’යැයි නීතිවේදී වැලිඅමුණ ප්‍රකාශ කළේය. අනතුරුව, මෙම නඩු විභාගයෙන් ඇමතිවරයා මුදා හැරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහර දී එහි මහේස්ත්‍රාත්වරයාට තර්ජන එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ඇමති රිෂාඩ් බද්දියුදින් අද (සිකුරාදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව 'බී' කාණ්ඩයට අයත් වේ. ලබන පෙබරවාරි හත් වැනි දින ශ්‍රී ලංකාව මුලින්ම ඉන්දියාවට එරෙහිව කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී තරග වදින අතර, තවත් තරග තුනක් එදිනම පැවැත්වේ. පෙබරවාරි 13 වැනි දින මූලික වටයේ තරග අවසන් වන අතර පෙබරවාරි 15 වැනි දින 'සුපර් සික්ස්' වටය ආරම්භ වේ. සුපර් සික්ස් වටයේ මුල් ස්ථාන හතර දිනාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීමට සුදුසුකම් ලබති. අයිසීසී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන හතර හොබවන එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙවු සහ නවසීලන්තය ලබන ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටිති.
ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ජගත් කුසලානයට සුදුසුකම් ලැබීම පිණිස කණ්ඩායම් දහයක් ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී තරග වදිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය ඉරිදා (17) අශ්වයෙකු පිට නැග සිය විවාහ මංගල්‍ය උත්සවයට යමින් සිටි දලිත් වංශික මනමාලයාට තර්ජනය කළ පිරිසක්, එය ඉහළ යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන්ගේ වරප්‍රසාදයක් බව පවසා ඇත. දලිත් වංශිකයන්ට එරෙහිව පසුගිය මාසය ඇතුළත පමණක් සිදු වූ පහරදීම් සහ තර්ජනය කිරීම්වලට මුල් වූ සිදුවීම් පහක් මෙම ලිපියෙහි දක්වා තිබේ. සිය මංගල උත්සවයට අශ්වයෙකු පිට නැගී ගමන් කිරීම දලිත් කුලයට අයත් පුද්ගලයෙකු වන ප්‍රශාන්ත් සෝලංකි ජූනි 17 වන දින ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙක් මත නැගී ඔහුගේ මංගල උත්සවය සඳහා පිටත් විය. මෙය මංගල උත්සවවල දැකිය හැකි සාමාන්‍ය ඉන්දියානු චාරිත්‍රයකි. මේ අතර ඔහුගේ ගම්මානයේ ඉහළ යයි සම්මත කුලයට අයත් ලෙස සැලැකෙන පුද්ගලයන් කණ්ඩායමක් සැඟවී සිට ඔහුගේ ගමන් මාර්ගය අවහිර කරන ලදී. අශ්වයෙක් පිට ගමන් කිරීම ඉහළ කුලයට අයත් වරප්‍රසාදයක් ලෙස පැවසූ ඔවුන් ප්‍රශාන්ත් සහ ඔහුගේ පවුලේ අයට පහර දෙන බවට තර්ජනය කළහ. ජීවිත අවදානම ගැන බිය වූ ප්‍රශාන්ත් සිය මනාලියගේ නිවසට පැමිණියේ පොලිස් භටයින් සමගය. විවාහ මංගල්‍යය උත්සවයට ද ආරක්ෂාව යෙදීමට පොලීසිය කටයුතු කර තිබුණි. දලිත් ජාතිකයෙකු සිය මංගල උත්සවයකට අශ්වයෙකු පිට යෑම හේතුවෙන් තර්ජන එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 දී මධ්‍ය ප්‍රදේශ්හි අශ්වයෙකු පිට ගිය දලිත් මනමාලයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි. දෙපා පටලවා හිඳ ගැනීම තමිල්නාඩුවේ හින්දු කෝවිලක චාරිත්‍ර ඉටු කරන අවස්ථාවේ දී එය ඉදිරිපිට දලිත් පුද්ගලයන් දෙදෙනෙකු දෙපා පටලවා හිඳ ගෙන සිටි වරදට ඔවුන් මරා දමනු ලැබිණ. කුල ක්‍රමයට එරෙහිව නැගී සිටින ඉන්දියානු වැසියන් උසස් යයි සම්මත කුලයට අයත් පහළොස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් දලිත් පුද්ගලයන්ගේ නිවෙස් අසල සැඟවී සිට මෙම පහරදීම් සිදු කර ඇත්තේ ඔවුන් "නින්දිත සහ අපහාසාත්මක" ලෙස හැසිරුණ බව පවසමිනි. මෙහිදී පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර නිවාසවලටද හානි සිදුව ඇති බව පොලිසිය පවසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් Indian Express පුවත්පතට පවසා සිටියේ "තුවාල ලැබූ පුරුෂයන්ගේ සිරුරුවල දෑකැතිවලින් සිදු කළ ගැඹුරු කැපුම් තුවාල දක්නට තිබුණා" යනුවෙනි. පිහිනීමේ වරදට ඇඳුම් ඉරා දමා පහර දීම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයක උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන්ගේ ළිඳක පිහිනීමේ වරදට දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය. මෙම ළිදෙහි පිහිනීමට හිය දලිත් කුලයට අයත් පිරිමි ළමුන් තිදෙනෙකුගේ ඇඳුම් ඉරා දමා, පහර දී, නිරුවතින් ගම්මානය මැද්දෙන් රැගෙන යාමට කටයුතු කර ඇත කොළ අතුවලින් සිරුර ආවරණය කරගෙන සිටින පිරිමි දරුවන් දෙදෙනෙකුට පුද්ගලයෙකු කෝටුවකින් සහ බඳ පටියකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළ කර තිබේ. එහි පසුබිමෙහි තවත් පුද්ගලයන් සිනාසෙන හඬ ඇසෙන්නට තිබේ. "ආයෙත් පහර දෙයි කියලා අපි බයෙන් ඉන්නේ," සිද්ධියට මුහුණ දුන් දරුවෙකුගේ මවක් බීබීසී මරාති සේවයට පැවසුවාය. ඇය මෙම සිද්ධිය කෙතරම් බරපතළ දැයි වටහාගෙන ඇත්තේ අන්තර්ජාලයේ පළ වූ වීඩියෝව නැරඹීමෙනි. ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ තොරතුරුද කියවන්න: 'රාජකීය' පාවහන් පැලඳීම නිසා පහර දීම උසස් යයි සම්මත කුලයට අයත් පුද්ගලයන් පළඳින සම් වර්ගයකින් තැනූ පාවහන් යුගලයක් පැළඳ සිටියේ යැයි 13 හැවිරිදි වියේ පසුවන දලිත් කුලයට අයත් මහේෂ් රතෝඩ්, ගුජරාට ප්‍රාන්තයේ දී පහර කෑමට ලක්විය. "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ. "මොජ්රිස්" ලෙස හැඳින්වෙන මෙම පාවහන් සාම්ප්‍රදායික රාජකීය පාවහන් ලෙස සැලකේ මහේෂ් වෙත පැමිණි පුද්ගලයන් පිරිසක් කුමන කුලයට අයත් දැයි ඔහුගෙන් විමසා ඇති අතර ඔහු දලිත් වංශිකයෙකු යැයි පිළිතුරු ලබා දී තිබේ. ඉන්පසු, "උසස් කුලයක කෙනෙකු විදියට ඉන්න ද මොජ්රිස් සෙරෙප්පු දමාගෙන රත්තරන් මාලයක් පැළඳගත්තේ" යැයි අසමින් ඔහුට පහර දුන් බව මාධ්‍ය වාර්තා කර සිටී. පුද්ගලයන් කීපදෙනෙකු මහේෂ්ට කෝටුවකින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල පිරිසක් නරඹා තිබුණි. මෙම සිද්ධියෙන් පසු මහේෂ්ට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තාවේ. තවත් තොරතුරු: ෆේස්බුක් නාමය නිසා හටගත් ප්‍රචණ්ඩත්වය 22 හැවිරිදි මොලික් ජාදව් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ නමට තවත් කොටසක් එකතු කිරීම හේතු කොටගෙන ගුජරාට් ප්‍රාන්තයේ දලිත් වංශිකයන් සහ උසස් කුලවලට අයත් පුද්ගලයන් අතර ගැටුම් ඇති වී තිබේ. මොලික් ඔහුගේ නමට 'Sinh' යන කොටස එකතු කර ඇති අතර, එය ප්‍රාන්තයේ උසස් යැයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් සිය නමට එකතු කරගන්නා කොටසකි. "මගේ Maulik (මොලික්) කියන නම 'Mauliksinh' කියල වෙනස් කළා. මම හිතුව අපිට කැමති නම තෝරා ගන්න නිදහස තිබෙනවා කියලා," ඔහු හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. මේ සමග ඔහුට ෆේස්බුක් සහ දුරකථනය ඔස්සේ විවිධ පුද්ගලයන් තර්ජනය කර ඇති අතර, "මගේ නමින් 'Sinh' යන කොටස ඉවත් කළේ නැත්නම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න" යැයි පවසා ඇත. පසු දින පුද්ගලයන් කණ්ඩායමක් මොලික්ගේ නිවසට පැමිණ පහර දීමත් සමග තර්ජන වෙනුවට ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය. එම පහරදීමෙන් පසු දලිත් වැසියන් පිරිසක් ඉහළ පෙළේ හින්දු පුද්ගලයෙකුගේ නිවසකට කඩා වැදී අලාභ හානි සිදු කර තිබිණ.
ඉන්දියාවේ පීඩිත දලිත් වංශිකයන්ට තර්ජනය කිරීම්, පහර දීම් සහ ඝාතනය කිරීම් විශාල ප්‍රමාණයක් පසුගිය මාසය පුරා වාර්තා විය. මෙම සියලු අපරාධ සිදු වී ඇත්තේ ඉතා සුළු හේතු මුල්කොටගෙනය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන්වූවන් පිළිබඳ විස්තර හෙළි කරන්න - බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ජනපතිගෙන් ඉල්ලයි කෙසේ නමුත් විදේශගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානම සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදය විරෝධතාවයට සහභාගි නොවීම කැපී පෙනුණි. යුද සමයේ අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණවල යෙදී සිටින ජනතාවට සහාය පළ කිරීම සිය විරෝධතාවයේ අරමුණ බවයි, බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. දින සියය සිය නම හෙළි නොකළ ඔහු තමා ශිවා නමින් හඳුන්වන මෙන් බීබීසී යෙන් ඉල්ලා සිටියේය. අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස දැනටමත් ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වන්නේ නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ශිවා කියා සිටියේ, 2009 සිට අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳව සොයා බලන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දින සියයේ වැඩසටහනෙන් ප්‍රතිඥාවක් දී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ දෙමළ ඡන්දදායකයන්ගෙන් විශාල පිරිසක් වත්මන් ජනපතිවරයා තෝරා පත්කර ගැනීම පිණිස සිය ඡන්දය භාවිත කළ බව බීබීසීය පෙන්වා දුන් අවස්ථාවේ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශකයා කියා සිටියේ සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන මෙන් දැන් ඒ ජනතාව නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. යුද අපරාධ චෝදනා පිළිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත බවත් ඔහු සඳහන් කළේය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ උත්සවවලට සහභාගි වන අතරවාරයේ, බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා සංවිධාන කිහිපයක සාමාජිකයෝ ලන්ඩනයේ උද්ඝෝෂණවල නිරතව සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉතා හිතවත්ව කටයුතු කළ හිටපු අග විනිසුරුවරිය, ආණ්ඩුවේ තනතුරක් දැරූ ඇගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා අතර ප්‍රශ්න මතු වූ බවයි අමාත්‍යවරයා ඊයේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැවසුවේ. අමාත්‍ය රාජිත සේනාරත්න අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකරු කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සාමාජිකයකු වන අතර ඔහු පැවසුවේ ඇයට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කළ එකක් වුවත් ඇයට එරෙහිව සාධාරණ චෝදනා එහි තිබූ බවයි. හදිසියේ එම චෝදනා ගෙන එමේ අවශ්‍යතාවක් නොමැති බව හා ඇයට පිළිතුරු දීමට අවශ්‍ය නිසි කාලයක් ලබා දිය යුතු බව තමන් හිටපු ජනාධිපතිවරයාට පැවසූ නමුත් ඔහු ඒ පිළිබඳ උනන්දු නොවූ බවයි ඔහු පැවසුවේ. ඇයගේ ස්වාධීනත්වය පිළිබඳ සහ ඇයට එරෙහිව සාධාරණ චෝදනාවක් ඇත්නම් ඇය නැවත පත් කළේ ඇයි දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළ දෝෂාභියෝග චෝදනා විශේෂ යෝජනාවක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පසුගිය රජයට සිදුවූ අතපසු වීම නිසා මෙම තත්වය උදාවී ඇති බවයි. ඒ පිළිබඳ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කළ බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න ඒ අවස්ථාවේ දී ආණ්ඩුව එම අතපසු වීම යට ගැසූ බවයි කියා සිටියේ. මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු කේ. ශ්‍රී පවන් පත් කිරීමට නියමිතව ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ.
අගවිනිසුරු ධුරය හෙබවූ මොහාන් පිරිස් මෙන්ම ඊයේ බදාදා නැවත පත්ව අද, බ්‍රහස්පතින්දා විශ්‍රාම ගිය අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ස්වාධීනව රාජකාරි නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිනි තෙරේසා මේ සහ කැබිනට් මණ්ඩලය ඒ සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව පවසමින් පසුගියදා මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අටදෙනකු ප්‍රතික්ෂේප කළ අතර, විනිසුරුවන් තිදෙන් එය අනුමත කළහ. යුරෝපා සංගමයෙන් ඉවත්වීම මගින් බ්‍රිතාන්‍ය නීතියේ ඇතැම් මූලාශ්‍ර ඉවත් කෙරෙන අතරම එමගින් බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ඇතැම් අයිතිවාසිකම්ද කප්පාදු කෙරෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතය විමසිය යුතු බව අධිකරණයේ නිගමණයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කෙසේ නමුත් ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව හෝ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ මන්ත්‍රණ සභාවල මතය විමසීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතික තීන්දුව විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය ජුනි මාසයේ බ්‍රිතාන්‍ය ඡන්දදායකයන් තීරණය කළ අතර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය ප්‍රතික්ෂේප කෙරෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. කෙසේ නමුත් මේ තීන්දුවත් සමග ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තුරු යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට අගමැතිනි තෙරේසා මේ ට අවස්ථාව නොලැබේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් විමසිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැතිවරණ දුෂණ සිදුවීමට කිසිදු ඉඩක් නැති බවයි කොමසාරිස්වරයා පවසන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි එවැනි දුෂණයක් සිදු නොවන බවට සහතිකයක් දීම සඳහාය ඔහු මේ බව ප්‍රකාශ කළේ. “සුළු එකතුකිරීමේ දෝෂයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අටසිය හතලිස් එකක් පාවිච්චි කරපු චන්ද පොලේ එස්පීඕ ගේ රිපෝර්ට් එකේ තියෙන්න පුළුවන් අටසිය අනු එකක් පාවිච්චි කලයි කියල. අපි අටසිය අනු එකයි කියල ලියල තිබුණට අරගොල්ලන් ගේ ටැලි වලින් පේනව (ඒජන්ට් ලගේ), අටසිය අනු එකක් නොවෙයි අටසිය හතලිස් එකයි කියල. එතකොට ආපසු ගණන් කරන්න කියල ඒ ගොල්ල කියනව” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. 'පෙට්ටි මාරු කරන්න බැහැ' ඡන්ද පෙට්ටි බස් රථ තුල දී මාරු කිරීම කළ හැකි යැයි නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ අළුතින්ම භාවිතයට හඳුන්වා දුන් අංක හා මුද්‍රා දැමීමේ ක්‍රමයට අනුව පෙට්ටි මාරු කිරීමක් කිසිසේත් කළ නොහැකි බවයි. “අපි චන්ද පොළට සීල් තුනක් යවනව. උදේට රැන්ඩම් විදියටයි ඒවායින් එකක් තෝරා ගන්නෙ” යනුවෙන් රැගෙන ඇති ආරක්ෂාකාරී පියවරවල ඇති විශ්වසනීයත්වය පිලිබඳවද ඔහු පැහැදිලි කළේය. හින්දි චිත්‍රපට වල පෙන්වන “බුත් කැප්චරින්” යන වචනයෙන් හැඳින්වෙන චන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම වැනි දේ ඉන්දියාවේ සිදු වුවද ලංකාවේ සිදු නොවන බවයි මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කළේ. අතීතයේ එවැනි දේ ලංකාවේ සිදු වූ අවස්ථා තිබුණ ද අර්ජුණ පරාක්‍රම සහ අධිකාරී එගොඩවෙල යන අය විසින් අධිකරණයේ ගොණු කළ නඩු වලට ලැබුණු අධිකරණ තීන්දුවලින් පසු එවැනි දේ සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 'යුරෝපා සංගමය පක්ෂග්‍රාහී ලු' විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් ගෙන ඒමට ඇතැම් තරඟ කරුවන් අකමැත්ත පළ කිරීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයන් පැමිණීමට ඇතැමුන් විරෝධය පලකොට ඇත්තේ යුරෝපා සංගමය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ඇති මතය නිසා බවයි. “කොමන්වෙල්ත් එකෙන් ගෙන්න මම කවුරුන් ගෙන් වත් අහන්න ඕන නැහැ. මොකද කොමන්වෙල්ත් එකේ අපේ රට මෙම්බර් කෙනෙක් නිසා. එත් අපි ඊයු (EU) එකේ මෙම්බර් කෙනෙක් නොවෙයි. ඒ නිසා අපේ ට්‍රැඩිෂන් එක තමයි ඊයු එකට ආරාධනා කරනවා නම් තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන් ගේ අනුමැතිය ලබා ගැනීම” යනුවෙන් තීරණය පිලිබඳ විස්තර කළේය.
ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුප ද නො ගෙන ඉවත් වීමට මැතිවරණ කටයුතු දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මේ සතිය තුළ දී කෝටි දහයක් බවට පත් වූයේ ඔහු සිය හතළිස් හත් වෙනි ගෝල ත්‍රිත්වය (hat-trick) වාර්තා කොට දින කිහිපයකට පසුවය. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම රසිකයන් හිමි පිරිමියා වන පෘතුගීසි ජාතික පාපන්දු තරුව අනුගාමිකයන් වැඩිම සංඛ්‍යාවක් හිමි ගිණුම් අතරින් හය වෙනි ස්ථානයේ පසු වේ. බියෝන්සේ, ටේලර් ස්විෆ්ට්, අරියානා ග්‍රෑන්ඩේ, සෙලීනා ගෝමස් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ නිල ගිණුම රොනල්ඩෝට වඩා ඉදිරියෙන් වෙති. නෙයිමාර් සහ මෙසී ඔහුට පසු ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින පාපන්දු තරුව නෙයිමාර් වන අතර එම සංඛ්‍යාව හත් කෝටි හතළිස් ලක්ෂයකි. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය තුළ පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී සතු අනුගාමිකයන් පිරිස හත් කෝටි දස ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ පළ කරන ලද ඔහු සිය පුතු සමග සිටින ඡායාරූපය අතිශයින් ජනප්‍රිය විය.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උඩුගම ගංවතුර ඒ අනුව එම නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ අඩි 24 වඩා යට වී ඇති බවත් සිකුරාදා පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් හදිසි ආපදා කමිටු රැස්වීමක් අමතමින් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය. ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීහු ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට සහභාගි වී සිටියහ. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ එහිදී අදහස් දක්වමින්, ජලයෙන් යට වී තිබෙන නෙළුව හබරකඩ විහාරස්ථානයේ ගංවතුරට කොටු වී සිටි ගැබිණි මවක් තමන්ට දුරකතනයෙන් අමතා ඇය බේරාගන්නා ලෙස ඉල්ලා සිටි බවත් පැවසීය. ගැබිණි මවක් ඇය බේරාගන්නා මෙන් මන්ත්‍රීවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළේය. අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණ ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබී එය ප්‍රචණ්ඩ ලෙස ඉහළ ගිය බවත්, කරකියාගත දෙයක් නොමැතිව පවුලේ සමාජිකයින් සමග දිවි බේරාගෙන පසුව ආරක්ෂිතව උස් ස්ථානයකට ගිය බවත් නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. පසුව සිය නිවස සම්පූර්ණයෙන්ම ගංවතුරට යට වූ බව ඔහු පැවසීය. මේ වනවිට විදුලිය සහ දුරකථන පහසුකම් ඇණ හිටිම හේතුවෙන් මේවන විට එම ප්‍රදේශවල පවතින තත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර බව වාර්තාකරුවෝ පවසති. වේගයෙන් ගලන ජල පහර හේතුවෙන් උඩුගම, නෙළුව ප්‍රදේශවලට ප්‍රවේශවිම අපහසු වීම හේතුවෙන් ගංවතුරට කොටුවූවන් බේරාගැනිමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව යුද සහ නාවික හමුදා නිලධාරීහු පවසති. මේ තත්වය යටතේ සිය හෙලිකොප්ටර් යානා දෙකක් ගාල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මාතර ගංවතුර මේ අතර ෆේස්බුක් ජාලය ඔස්සේ මාතර ප්‍රදේශවාසීන් වෙත පණිවුඩයක් යොමු කරන ගංවතුරට කොටු වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කිසිවකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් තමන් අමතන මෙන් ඉල්ලීමක් කරයි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාද ගංවතුරට කොටු වී සිටියි සහන සේවා හා මුදා ගැනීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, ආධාර අවශ්‍ය නම් ඒ සඳහා 0773011093 දුරකථන අංකය ඇමතීමෙන් තමන් හෝ 0714482590 දුරකථන අංකයට පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඇමතිය හැකි බව දැනුම් දී තිබේ. "මොනව හරි ආපදාවක් තිබෙනවා නම්, ජීවිත අවදානමක් හෝ විශාල ආපදාවක් තිබෙනවා නම් කරුණාකර කථාකරන්න." තමන්ගේ මාතර නිවසේ උඩුමහල දක්වාම ජල මට්ටම ඉහල නැග තිබෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. දුරකථන රැහැනක එල්ලෙයි තවමත් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මාර්ග රැසක් ජලයෙන් යට වී ප්‍රවාහන කටයුතුවලට බරපතල බාධා ඇතිවී තිබේ. තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය බ්‍රහස්පතින්දා රාත්‍රී තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් වාහන ගමනාගමනයට බාධා ඇති විය. මේ අතර බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේදී ජල ගැල්මෙන් බේරීම සඳහා දුරකථන රැහැනක් දිගේ එමින් සිටි පුද්ගලයෙක් ජලයට වැටී අතුරුදහන්ව සිතන බව හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක යූඑල්ආර්එස් ගුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් කැකිරිඔබඩ ජලාශයේ වාන් දැමීම සිදුවන බැවින්, අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බෙලිඅත්ත, කහවත්ත, නතුවල, අරන්වල, කැකිරිඔබට යන ග්‍රාම නිලධාරි වසම් හතරක සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස නියෝග කර තිබෙන බවත් ඔහු පැවසීය. උඩුගම වලස්මුල්ල සපුතන්ත්‍රී කන්ද ප්‍රදේශයේ නාය යාමේ අවදානමට මුහුණ දී සිටි පවුල් අටක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. අගලවත්තේ, වෙයන්ගල ගංවතුර මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල, දකුණේ ගංවතුර 2003 වසරේ ගංවතුර මට්ටම ඉක්මවමින් පවතින බව සඳහන් කරයි. විශේෂයෙන්ම උඩුගම, කැටගොඩ ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට අඩි විසි පහ ඉක්මවා (විදුලි කණු මට්ටමට) ඉහල ගොස් ඇති බව පවසන ඔහු, ඊට ඉහළින් පිහිටි තවලම, නෙළුව, හිනිඳුම ආදී ප්‍රදේශ තව තවත් ජලයෙන් යටවෙමින් පවතින බවත් සඳහන් කරයි. "ගාල්ල, උඩුගම ප්‍රදේශයට මේ වන විට ලඟා වීමට ප්‍රධාන මාර්ග භාවිත කළ නොහැක. ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ උඩුගම රෝහළ අසලින් කැලෑව හරහා උඩුගම ප්‍රදේශය වෙත යා යුතුය. ඉවුම් පිහුම් සඳහා ප්‍රධාන වශයෙන්ම දර භාවිතා කරන එම ප්‍රදේශ මේ වන විට හාමතින් සිටීම ආරම්භ කර ඇත," යනුවෙන්ද එම ෆේස්බුක් සටහනේ සඳහන් වේ. මේ තත්වය යටතේ එම ප්‍රදේශයේ ජනතාව පානීය ජල හිඟයකට ද මුහුණදෙමින් සිටිති.
හිනිදුම, තවලම ප්‍රදේශයේ පිහිටා ඇති ගිං ගඟේ ජල මාපකයේ උපරිම මට්ටම අඩි 15 වන නමුත් දැන් එම මට්ටම අඩි 24 ට වඩා වැඩි වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමාවිතාරණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චෙන්නායි හි පැවති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා වලින් පසු හැඹිලි දැල් සහ ද්විත්ව ට්‍රෝලින් යොදා ගෙන මසුන් මැරීම නැවැත්වීමට සඳුදා තමිල්නාඩුවේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් පසු ඉන්දීය ධීවරයන් තීරණය කළ බවයි නිරපරාදේ අත් අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා වන සන්ධානයේ සභාපති යු අරුලානන්දම් බීබීසී යට කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් සාකච්ඡා වලින් අනතුරුව කියා සිටියේ ශ්‍රී ලංකා සාගර කලාපයේ මසුන් මැරීම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තමිල්නාඩුවේ පැවති සාකච්ඡාවල දී එකඟ වූ බවයි. ලංකා මුහුදු තීරය ට්‍රෝලර් බෝට්ටුවක් ඉන්දීය ධීවර නායක අරුලානන්දම් ප්‍රකාශ කළේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ධීවර නියෝජිත සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමේ අයිතිය අහිමි කර ගනු වෙනුවට හානිකර පන්න ක්‍රම අත් හිටුවීම සුදුසු යයි තමන් විශ්වාස කරන බවයි වැඩි දුරටත් සඳහන් කළේ. ට්‍රෝලර් දැල් ඇතුළු තහනම් දැල් පන්න අත් හිටුවීම ලාංකික ධීවරයන්ගේ දැඩි ඉල්ලීමක් වූ බව කී යූ අරුලානන්දම් ‘ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න නම් ඒ දැල් පන්න නතර කිරීම අවශ්‍ය,’ යැයි තීරණය කළ බවයි කියා සිටියේ. අත් අඩංගුවට “ට්‍රෝලින් දැල් පාවිච්චිය අපි වහාම මාසෙකට අත් හිටුවනවා. මේකට ලංකාවේ අය හරියට සන්තෝස වුනා,” යි ඉන්දීය ධීවර නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ මස මැද දී දිල්ලියේ පැවති ඉන්දු ලංකා සාකච්ඡා වලින් අනතුරුව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නො කරන බවයි.
සාගර සම්පතට හානිකර ධීවර පන්න ක්‍රම දෙකක් වහාම අත් හිටුවීමට ඉන්දීය ධීවරයන් තීරණය කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එක්සත් ජනපද තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකින් පවසා තිබුනේ පුදුමාතලන් හිදී ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ ජනවාරියේ දී දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බවයි. එම චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ එක්සත් ජනපද ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැති බවයි. තානාපති කාර්යාල ප්‍රකාශය සමගින් නිකුත් කෙරුණු ඡායාරූපයේ දැක්වෙන ඉරනෙයිපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනය කිසි විටෙකත් ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ඉලක්ක බවට පත් වී නැති බව කී යුද හමුදා ප්‍රකාශකයා 2009 ජනවාරියේ ඒ ප්‍රදේශයේ ‘සාමාන්‍ය ජනතාව සාමාන්‍ය පරිදි’ සිටි බවයි.
ශ්‍රී ලංකා යුද හමුදාව ෂෙල් ගසා පවුල් සිය ගණනින් ඝාතනය කළ බවට ඇමරිකා එක්සත් ජනපදය කරන ප්‍රකාශය පුදුම උපදවන සුළු බව ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විපක්‍ෂ නායකවරයා එම ඉල්ලීමක් කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් මගින්. ‘හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය’යන තේමාව යටතේ ලියා ඇති එම ලිපිය මගින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ ‘මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොර ව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට දැඩි විරෝධය පළ කරන’ බවයි. මෙම මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුළ පැවැත්වෙන ‘ඊනියා’ රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්‍ෂයක නායකයා වශයෙන් බවයි, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දෙන්නේ. මැතිවරණ කොමසාරිස්ගේ මාධ්‍ය උපමාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලනමය මත පළ කෙරෙන විද්‍යුත් හෝ මුද්‍රිත වැඩ සටහන් ඔවුන් අයත් දේශපාලන පක්ෂයේ වැඩ සටහන් ලෙස සැලකිය යුතු අතර ඊට සමාන අවස්ථා එම මාධ්‍ය මගින් විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂ වලටත් දිය යුත් බව දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ උපුටා දක්වමින් කරුණු පැහැදිලි කරන විපක්ෂ නායකයා පෙන්වා , යම්කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් සෙසු අපේක්ෂකයන්ට අගතියක් වන අයුරින් ගුවන් කාලය හෝ ප්‍රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතු බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බව පෙන්වා දෙන විපක්‍ෂ නායකවරයා, ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් සහ රාජ්‍ය දේපොළ පාවිච්චි කරන බව පෙනී යන බවත්, තමාට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු කර නැති බවත් කියා සිටියි. මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට දෙන මාධ්‍ය ආවරණයට සමාන ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් තමාටත් ලැබිය යුතු බව තමා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉහත කී ලිපිය මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දෙයි.
නිදහස් සහ සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. "මේ පිරිස ඉවත් කරලා, අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න දැන් සාකච්ඡා පැවැත්වෙනවා, ලබන සතියේ මුල එය සිදු වෙයි," අමාත්‍යවරයා පැවසුවේ. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ. විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රජයේ ඇමතිවරුන්ගෙන් බහුතරය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ. අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් සහ ඇමති තනතුරුවලින් ඉවත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග අනුව පමණක් බවය. අගමැතිවරයා පිළිබද අවිශ්වාසයක් තිබුණ ද කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිය හැකි බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පැවසීය. මෙම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නොවන අතර, අගමැතිවරයාට කැමති පරිදි ඇමතිවරුන් ඉවත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී දිසානායක තවදුරටත් සඳහන් කළේය. මේ තොරතුරුද දැනගන්න: විශ්වාසභංගය පරදියි විශ්වාසභංගය: ශ්‍රීලනිප බෙදීමක්? කෙසේ වෙතත්, විපක්ෂයේ අවශ්‍යතාවලට ආණ්ඩුව තුළ රැඳී සිටිමින් ආණ්ඩුවත් රටත් අස්ථාවර කිරීම මෙම පිරිසේ අරමුණ වුවත් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසි ලෙසකින් ඉඩ නොදෙන අතර, මින් පසු ජනතාවට ආණ්ඩුවෙන් ඇසෙන්නේ එක හඬක් පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය. "අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරනවා" මේ අතරතුර ඊයේ (04) රාත්‍රියේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිස්අට දෙනකු අත්සන් කළ ලිපියක් අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත. එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා හා චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණි. "අපි මන්ත්‍රී කණ්ඩායමක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔවුන් ඉවත් කළේ නැත්නම්," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් එම ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර එම තනතුරු තමන්ට ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම උත්සාහය කරන බවය. විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබාගැනීම සදහා අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට තනතුරු ලබාදීමට පොරොන්දු වී ඇති බවට ඔහු චෝදනා කරයි. තවත් තොරතුරු: අගමැති ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි? අගමැතිට ළඟදීම යන්න වෙනවා - මහින්ද ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව තම මන්ත්‍රී කණ්ඩායම ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති කරන අතර, අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන බවය. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට ඉඩ දෙමින් පක්ෂයේ තනතුරු දරන්නන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම ආරම්භ වී ඇත. මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්න මේ වන විට සිය ඉල්ලා අස්වීම් ලිපි බාරදී තිබේ. මේ අතර අද උදෑසන ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළ සහ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ කණ්ඩායම් වෙන වෙනම හමු වී ඇති බව ද වාර්තා විය. විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන ලෙස නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පසුව එය මඟ හැර සිටි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. "පනස් හතරක් ලෙස තිබූ තම පිලෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්" කෙසේ වෙතත්, පනස් හතරක් ලෙස තිබූ තම පිළෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන් එසේ විරෝධතාවක නිරත වූයේ මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු පුදුකුඩීරිප්පු ඇතුළු ගම්මාන රැසක ඉඩම් ආපසු ලබාදෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ විරෝධතාවට සහාය දැක්වීම සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ද පාසල් ඉදිරිපසත් මහාමාර්ගවලත් උද්ඝෝෂණවල නිරතව සිටියහ. විරෝධතා හේතුවෙන් අඟහරුවාදා මුලතිවු හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල කිසිදු පාසලක ඉගැන්වීම් කටයුතු සිදු නොවූ අතර, සියළුම සිසුන් විරෝධතාවලට එක් වී සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසීය.
මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් විශාල පිරිසක් මුලතිවු කේපාපිලවු ගම්මානය ඉදිරිපස සහ වෙනත් ස්ථානවල විරෝධතාවල නිරතව සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය රාත්‍රිය පුරා නාය යාමට හසුව සිටින පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත. මහාරාෂ්ට ප්‍රාන්ත අගමැති මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නිවාස හතලිස් හතරක් නාය යාමට ගොදුරුව ඇති අතර විශ්වාස කරන අන්දමට පුද්ගලයන් එකසිය හැටකට අදික ප්‍රමාණයක් සුන්බුන් අතර සිරව සිටින බවයි. වාර්තාවල සඳහන් නොවන නමුත් පස් සහ සුන්බුන් අතර සිර වී ඇති බවට සැක කරන පුද්ගලයන් එකසිය පනහක් පමණ සෙවීමට ගත් උත්සාහයට දිගින් දිගටම කඩා හැළෙන වර්ෂාවෙන් බාධා එල්ල වෙමින් ඇත. ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ බලකායේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා අඩාළ වූ ගලවා ගැනීමේ මෙහෙයුම් අද, බ්‍රහස්පතින්දා උදෑසන සිට නැවත අරඹා ඇති බවයි. මේ අතර පුද්ගලයන් අට දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ඇති බවත් වාර්තා වේ. මින්පෙර කඩා හැලුණු ධාරානිපාත මෝසම් වැස්ස හේතුවෙන් ඉන්දියාවේ පූනේ දිස්ත්‍රික්කයේ 'මාලින්' නම් ගම්මානයද නාය යාමකට හසු ව පස් කන්දකට යට විය. එම ප්‍රදේශයේ දිගින් දිගටම සිදු වන වනාන්තර විනාශයේ ප්‍රතිවිපාකයක් ලෙස නාය යාම් වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩි වී ඇත.
ඊයේ, බදාදා ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව විසිතුන දක්වා ඉහළ ගොස් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනකු වැලිකන්ද රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන පුනරුත්ථාපනය කරන බව තමන්ට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන්වූ බව ආචාර්ය සිවදාසන් පැවසුවේය. මෙම සිසුන් කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ නායකයා ලෙස පිළිගන්නා බව ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කල බව ආරක්ෂක ලේකම්වරයා තමන්ට දැන්වූ නමුත් ආචාර්ය ශිවදාසන් කියා සිටියේ සිසුන් එසේ තමන්ට ප්‍රකාශ නොකළ බවයි. සිසුන් හට පුනරුත්තාපන කදවුරේ සිට විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා දී ඇති නමුත් විභාගයකට පෙනී සිටීම සඳහා එම පරිසරය සුදුසු නැති හෙයින් සිසුන් එම අවස්තාව ප්‍රතික්ෂේප කල බව ආචාර්ය ශිවදාසන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
යාපන විශ්ව විද්‍යාලය වැසී මාසයක් ගතවී ඇතත් තවමත් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කල නොහැකි තත්වයක් ඇතැයි යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ආචාර්ය එම්.සිවදාසන් ප්‍රකාශ කරයි.