instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජුනෝ චන්ද්‍රිකාව විසින් සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති සහ ඊට අයත් චන්ද්‍ර ග්‍රහයන් පිළිබඳ මෙතෙක් නොදත් දත්ත එක් රැස් කරනු ඇත. ජුනෝ චන්ද්‍රිකාව රැගත් මව් යානය අභ්‍යවකාශ ගත කෙරුණේ මීට වසර පහකට ඉහතදී. චන්ද්‍රිකාව සාර්ථක ලෙස බ්‍රහස්පති කක්ෂය වෙත ඇතුල් වූ බව දැක්වෙන සංඥාව කිලෝමීටර මිලියන අටසීයක් දුර ගෙවා පෘථිවි තලය වෙත ළඟා විය. එම අවස්ථාවේ පාලක මැදිරිය තුළ සිටි විද්‍යාඥයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. බ්‍රහස්පති මත පිහිටි අධි විකිරණශීලී කලාප සිතියම් ගත කිරීම සඳහා ජුනෝ චන්ද්‍රිකාව මාස විස්සක කාලයක් ගත කරනු ඇත. නාසා ආයතනය විසින් චන්ද්‍රිකා මෙහෙයුම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන 1.1 කි.
බ්‍රහස්පති ග්‍රහයා වටා නව චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂ ගත කළ බව ඇමරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රවේසමෙන් ලියන්න මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරති. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංඛ්‍යා ලේඛන අනුව වසර 2020 වන විට එම පිරිස බිලියන දෙකක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.(British Council figures) "ඉංග්‍රීසි භාෂාව යනු සාහසික ලෙස අවිධිමත් භාෂාවක්" යැයි ප්‍රමුඛ පෙළේ පිටපත් සංස්කාරකවරයකු වන බෙන්ජමින් ඩ්‍රයර් පවසා ඇති හෙයින් එය ඉගෙන ගන්නා සියලු දෙනාට වාසනාව උදා වේවා! කෙතරම් දුෂ්කර වුවත් එය අතහැර දැමූ පිරිස බහුල නොවේ. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත. විද්‍යාව, කලාව, මූල්‍ය ක්ෂේත්‍රය, ප්‍රකාශන ලෝකය, ක්‍රීඩා, දේශපාලන සහ සංචාරක ක්ෂේත්‍රය යනාදී සියල්ල ඉංග්‍රීසි බසට නතු වී හමාර ය. භාෂා විශේෂඥ ඩේවිඩ් ක්‍රිස්ටල් ගේ ඇස්තමේන්තුව අනුව මව් භාෂාව ලෙස ඉංග්‍රීසිය වහරන සමස්ත ජනකාය මිලියන 400කි. තවත් මිලියන 700ක් හෝ 800ක් පමණ දෙවැනි භාෂාව වශයෙන් ඉංග්‍රීසි බස වහරන්නේ ඔවුන් ජීවත් වන රටේ ඉංග්‍රීසි භාෂාවෙන් ද බොහෝ කටයුතු සිදුවන බැවිනි. උදාහරණයක් ලෙස නයිජීරියාව හෝ ඉන්දියාව දැක්විය හැක. ඉංග්‍රීසිය විදෙස් බසක් වශයෙන් හදාරා කතා කරන්නන් ද මිලියන ගණනක් ලොව පුරා සිටිති. රුසියානුවන් සහ චීන ජාතිකයන් ඊට කදිම නිදසුන් ය. තම රට තුළ එය භාවිතා නොවන නමුත් විදෙස් බසක් ලෙස ඉංග්‍රීසි හැදෑරීම ඔවුන් විසින් ම තෝරාගනු ලැබ තිබේ. දැන් තිබෙන එකම ප්‍රශ්නය වන්නේ 'ඉංග්‍රීසියෙන් ලිවීම' පිළිබඳව එකඟතාවයකට එළැඹීමයි. එනම්, නිවැරදිව ලියන්නේ කෙසේද? යන්නයි. බෙන්ජමින් ඩ්‍රයර් ට ස්තුතිවන්ත වන්නට දැන් පිහිටක් තිබේ. ඔබේ දෑස රතු වන තුරු සිනහ ගැන්විය හැකි, ලේඛන කලාව සහ ව්‍යාකරණ පිළිබඳව ලියවුණු එකම පොත ඔහුගේ 'ඩ්‍රයර්ස් ඉංග්ලිෂ්' (Dreyer's English) නමැති ග්‍රන්ථය විය හැකිය. පාලකයා කවුද? රටවල් 50කට අධික ප්‍රමාණයක නිල භාෂාව ඉංග්‍රීසි වන නමුත් එම භාෂාව නියාමනය කිරීම සඳහා "බලධරයකු" නොමැත පාලකයෙකු නොමැත. ඉංග්‍රීසිය පවතින්නේ භාෂාමය අරාජිකත්වයකය. එය කිසිදා නියාමනය වී නැත. එසේ කිරීමට 'ලොක්කෙක්' නොමැත. ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවට මෙන් එහි විකාශනයේ හෝ අභිවර්ධනයේ භාරකාරත්වය පැවැරුණු ශාස්ත්‍රාල හෝ විද්වත් පර්ෂද ඉංග්‍රීසියට නොමැත. එහෙයින් මුළු විශ්වයටම බලපවත්නා පරිදි ඉංග්‍රීසි ව්‍යාකරණ නීති රීති ස්ථාපනය කිරීමට පාලකයකු නැත. ඉංග්‍රීසියේ අක්ෂර වින්‍යාසය නපුරු සිහිනයකි. ඉංග්‍රීසි වදන් බොහොමයක් වෙනත් භාෂාවන්ගෙන් ලැබුණු ඒවා වීම ඊට හේතුවකි. තේරුම් ගන්න පුළුවන්නම් කොහොම වුණාම මොකද? මොනවා කියනවද කියල මට නම් තේරෙන්නේ නැහැ! කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවනි. සන්නිවේදනය සඳහා මෙය සරලව ගත හැකි නමුත් වෘත්තීයමය වශයෙන් යමක් ලියන්නේ නම් එය නිවැරදි සහ පැහැදිලි විය යුතුය. නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත නොකිරීමෙන් හාත්පසින් වෙනස් වූ අර්ථයක් ගම්‍ය විය හැකිය. පළමු අභ්‍යාසය: කසල වදන් රහිතව ලියමු ඉංග්‍රීසි බස පිළිබඳව ලොවට ම පොදු එක් නීති මාලාවක් නැතත් "අනවශ්‍ය වදන් ඉවත් කර ලියන්නට හැකි නම්" ඔබට වඩා හොඳ ලියන්නෙකු විය හැකි බව බෙන්ජමින් ඩ්‍රයර් ගේ අදහසයි. very, rather, really, quite, just සහ in fact යන වදන් නොමැතිව සතියක් ලියන්න. ඇත්තටම, actually කියන වචනෙත් මේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන. එහෙම ලියන්න ගත්තොත් ඔබේ ලිවීම 20%කින් වඩා හොඳ තත්වයකට පත් වෙනවා." ඩ්‍රයර් පවසයි. දෙවන අභ්‍යාසය: වැඩකට නැති නීති කාණුවට දමන්න -බෙන්ජමින් ඩ්‍රයර් ඇතැම් "නීති" ඔබේ ලිවීමට අදාළ නොවිය හැකි බව ඩ්‍රයර් පවසයි. මේවා පාසලේ දී අපගේ ඔලු ගෙඩි තුළට දැමූ නීති බව ඔහුගේ අදහස වෙයි. ඩ්‍රයර් ගේ උපදෙස පැහැදිලිය: "ඒවා මතකයේ තබා ගන්න. නොසලකා හරිමින් ඉදිරියට යන්න." "ඔබට කියල දීල ඇති and හෝ but යන වදනින් වාක්‍යයක් ආරම්භ කරන්න එපා කියල. එවැනි තහංචියක් දමන්න යුක්ති සහගත හේතුවක් නැහැ. මෙය විවාදයකට තුඩු දිය හැකියි." "නිර්භීත වන්න. ඉංග්‍රීසි භාෂාවේ ඇති අපූරු පැහැයන් වැළඳ ගන්න. එය වාක්‍යයක් පටන් ගන්න හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන්. ඒත් ඒක වැරද්දක් නොවෙයි." කිසි විටෙක නිපාතයකින් වාක්‍යයක් අවසාන නොකළ යුතුය යන දැඩි නීතියෙන් ද නිදහස් විය යුතු බව ඩ්‍රයර් පවසයි. "නැවතත් කියනවනම්, හොඳ ම ක්‍රමය නොවුනත් එය වරදක් නොවෙයි." තෙවන අභ්‍යාසය: ඔබ කැමති ලියැවිල්ලක් ගැඹුරින් හදාරන්න "හොඳ රචකයෙක් වෙන්න හිතන කෙනෙකුට මට දෙන්න පුළුවන් උපදේශයක් තියෙනවා. ලස්සන ලියැවිල්ලකින් කොටසක් ගන්න. ඒකම වෙනස් නොකර වචනයෙන් වචනයට නැවතත් ලියන්න." "මේක කොම්පියුටරයෙන් කරන්නත් පුළුවන්, අතින් ලියන්නත් පුළුවන්. වෙනත් කෙනෙකුගේ ලියවිල්ලක් ආයෙත් ලියනකොට ඔහුගේ රිද්මය හා වදන් තෝරා ගැනීම වැනි බොහෝ අපූරු දේවල් ඔබට ඉගෙන ගත හැකියි." "හොඳ ලියැවිල්ලක් දැනෙන්නේ කොහොමද කියල අත්හදා බැලිය හැකි හොඳම සහ සරලම ක්‍රමය ඒකයි." බෙන්ජමින් ඩ්‍රයර් ප්‍රකාශ කළේය. අක්‍ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ පරීක්‍ෂාවට පරිගණකය? ලේඛන කලාව පරිගණකට භාර දිය හැකි ද? "ව්‍යාකරණ සඳහා පවතින පරිගණක මෘදුකාංග ඔය කියන තරමට උසස් මට්ටමක තියෙනව නම් පිටපත් රචකයෙක් හැටියට මට මගේ රස්සාවත් නැති වෙනවා." ඩ්‍රයර් පවසයි. "ගැටලුව මේකයි. ඊට පවරා ඇති රාජකාරිය හරියට ඉටු කළ නොහැකියි. එය නම්‍යශීලී නැහැ. විධානයන් දෙන අධිපතියෙක් වගේ. මම ඒක පිළිගන්නේ නැහැ. 'ශුද්ධ වූ ව්‍යාකරණ නීති' උල්ලංඝනය කිරීම ඇතැම් විට ඔබේ රචනයේ දී අවශ්‍ය වන දෙයක්." "ඒ වගේම තමයි, අක්‍ෂර වින්‍යාසයටත් කොම්පියුටරය මතම යැපෙන්න බැහැ." එහෙත් පරිඝනකය මගින් අක්‍ෂර නැවත වතාවක් පරීක්‍ෂාවට ලක් කිරීම සුදුසු බව ඩ්‍රයර් පිළිගනී. "කොහොම නමුත් තමන්ගේ ඇස් දෙක අවතක්සේරු කරන්න එපා. සමාන ශබ්දය ඇති. එභෙත් තේරුම වෙනස් වචන තිබෙන බැවින් පරිඝනකය හැම විටම නිවැරදි නැහැ. reign සහ rain යන වචන දෙක වෙනස්ව හඳුනා ගත හැකි කිසිම මෘදුකාංගයක් ගැන මම තාම දන්නේ නැහැ." ඔහු පැවසීය. (බීබීසී ලෝක සේවයේ ඊවා ඔන්ටිවෙරෝස් ගේ ලිපියක් ඇසුරෙනි.)
ලොව වැඩිම පිරිසක් ඉගෙන ගන්නා භාෂාව ඉංග්‍රීසි බව ඔබ දැන සිටියාද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්." සිය නිවසේ තාවකාලිකව නැවතී සිටි මිතුරකුට වෙළෙඳසැලක් අසලදී පහර දී ඇති ඉහත කී පොලිස් නිලධාරීන් අනතුරුව ඔහු සමඟ තම නිවස වෙත පැමිණ මත් කුඩු තිබේදැයි ප්‍රශ්න කරමින් නිවස සෝදිසි කළ බවත් 'ලංකා නිවුස් වෙබ්' වෙබ් අඩවියේ මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල බීබීසී සංදේශයට පැවසීය. "ඒ වෙලාවෙත් ඔවුන් මගේ මිතුරාට පහර දෙමින් සිටියා." සිය මිතුරාට පහරදීමට පොලිසියට හැකියාවක් නොමැති බව පවසමින් තමන් එහිදී විරෝධය පළ කළ බවත් මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පැවසීය. "ඊට පස්සේ ඔවුන් කිව්වා අපි සියලු දෙනාම පොලිසියට අරන් යනවා කියලා. මම ඇහුවා එහෙම කොහොමද මිනිස්සුන්ව පොලිසියට අරන් යන්නේ කියලා." 'ගංජා, කුඩු' එවිට ගිනි අවියක් පිටතට ගත් එක් නිලධාරියකු බිත්තියට හේත්තු කොට තමාට පහර දුන් බව ඔහු පවසයි. ඉන් අනතුරුව පොලිස් රථය වෙත තමා රැගෙන ගිය බවත් තමා මාධ්‍යවේදියකු බව කියා සිටි අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැණ වැදී තමාට නැවතත් පහර දුන් බව ඔහු කියා සිටියේය. "මම ඇහුවා ඇයි මාව ගෙනියන්නේ කියලා. එතකොට කිව්වා උඹලා ගාව නැති වුනාට අපි ගාව ගංජා, කුඩු ඕන තරම් තියනවා. අතින් දාලා හරි හිරේ යවනවා කියලා තමයි ගෙනිච්චේ." අනතුරුව සිය නීතිඥවරයා පොලිසියට පැමිණි බවත් ඉන් අනතුරුව පහරදීම සම්බන්ධයෙන් නඩු මගට නොයා සමාදාන වීමට එකඟත්වය පළකරමින් පොලිසිය තමා නිදහස් කළ බවත් ලංකා නිවුස් වෙබ් අඩවියේ දේශපාලන කටයුතු සංස්කාරකවරයා සංදේශයට පැවසීය. පහර දීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කරන බවයි ඔහු පවසන්නේ. 'පොලිස් ප්‍රහාර' "මට යමි කිසි හැකියාවක් තිබෙන නිසා මම රාත්‍රියේම පොලිසියෙන් එලියට ආවා. සාමාන්‍ය මනුස්සයෙක් ගෙන ගියා නම් ඒ පුද්ගලයා තාමත් හිරේ. ලංකාවේ මේ වන විට පවතින්නේ මේ වගේ තත්වයක්." "මට සිදු වූ දේ තනි සිද්ධියක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට හඬ නැගීමට නොහැකි වීම හෝ නීතිය නොදන්නා කම නිසා මෙවැනි දේවල් දිනපතා සිද්ධ වෙනවා." මේ පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇමතීමට සංදේශය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
සෙනසුරාදා රාත්‍රියේ සිය නිවසට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් චෝදනාවක් රහිතව තමන් අත්අඩංගුවට ගෙන නිවසේදී සහ පොලිස් රථයේදී දිගින් දිගටම පහර දුන් බව මාධ්‍යවේදී රුවන් නෙලුගොල්ල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට දෙදෙනෙකු අත්අඩංගුවේ පසු වන අතර සමූහ දූෂණයට ලක් වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගෙන් පැහැර ගෙන තිබූ බඩුබාහිරාදිය ඔවුන් ළඟ තිබී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පනස් එක් හැවිරිදි මෙම විදෙස් කාන්තාව පසුගිය අඟහරුවාදා, පිහියක් පෙන්වා දූෂණය කර ඇත්තේ මඟ වැරදී සිටිය දී. පසුගිය වසරේ දිල්ලි නුවර දී ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් වීමෙන් අනතුරුව ස්ත්‍රී දූෂණයට එරෙහි ඉන්දීය නීතිය තවත් දැඩි කෙරුණි.
ඉන්දියාවේ දිල්ලි නුවර දී විදෙස් කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සොයා දිල්ලි පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන් තිදෙනා හිටපු රග්බි ක්‍රීඩක රෝවන් බැක්ස්ටර් සිය සිරුරට පිහි පහර එල්ල කර සිය දිවි නසා ගැනීමට පෙර බ්‍රිස්බේන් නුවරදී අදාළ මෝටර් රථයට ගිනි තැබූ බවට සඳහන් වාර්තා තහවුරු කර ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටී. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිටුපස ගෘහස්ත හිංසනය පිළිබඳ ඉතිහාසයක් ඇතැයි ඔවුහු සනාථ කළහ. ඝාතනයට ලක් වූවන් වන්නේ 31 හැවිරිදි හැනා බැක්ස්ටර් සහ ඇයගේ දරුවන්ය. මෙම සිද්ධියත් සමග ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් එරට විරෝධතා මතු වී තිබේ. "නගරයට තදාසන්න වීදියක සිදු වූ මේ සිද්ධිය නිසා රට පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් කම්පනයටත්, කනගාටුවටත් පත්ව සිටිනවා" යැයි අගමැති මොරිසන් බ්‍රහස්පතින්දා දින (පෙබරවාරි 20) වාර්තාකරුවන්ට පැවසීය. "අනුකම්පා විරහිතව සහ උමතුවෙන් සිදු කළ දරුණු අපරාධයකින් හැනා සහ ඇගේ දරුවන් තිදෙනා ඝාතනය කර තිබෙනවා," ඔහු පැවසුවේය. දරුවන් සහ ඔවුන්ගේ මව ඝාතනය කර ඇති අතර, රෝවන් බැක්ස්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් නොමැති බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පැවසීය. "වර්තමානයේදී පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය පුද්ගලයන් පස් දෙනෙකුගේ මරණයට හේතු වී තිබෙනවා," පොලිස් නිලධාරී මාර්ක් තොම්සන් පැවසීය. බදාදා (පෙබරවාරි 19) කෑම්ප් හිල් ප්‍රදේශයේ සිදු වූ මෙම සිද්ධිය ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 8.30ටය. මෝටර් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබුණු බව පොලිසිය පවසයි ඔවුන්ගේ දරුවන් වන සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ මෝටර් රථය තුළ මියගොස් සිටි අතර, මව හැනා බැක්ස්ටර් ඒ අසල බිම ගින්නෙන් දැවෙමින් සිට ඇත. දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කළ පසු මිය ගියාය. ඔවුන්ට පිහිට වීම සඳහා දිව ආ පුද්ගලයන්ට "ඔහු මට පෙට්‍රල් වත් කළා.. මගේ දරුවන් බේරා ගන්න" යැයි ඇය කෑ ගැසූ බව සාක්ෂිකරුවන් ඔස්ට්‍රේලියානු මාධ්‍යයට පවසා ඇත. සහයට පැමිණි පුද්ගලයන් වළක්වා ලූ 42 හැවිරිදි රෝවන් බැක්ස්ටර් මෝටර් රථය තුළින් පිටතට ගත් පිහියකින් සිය සිරුරට ඇන සිය දිවි හානි කර ගත් බව ඔවුහු පැවසූහ. හදිසි සේවා අංශවලට ඔහුගේ දිවි ගලවාගත නොහැකි විය. සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථය පදවමින් සිට ඇත්තේ හැනා බැක්ස්ටර් බව පොලිසිය පවසයි. වින්දිතයින් ගැන දන්නේ කුමක් ද? හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ඇති අතර, අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පැවසීය. "ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්" හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පසුගිය වසරේදී පදිංචියට ගොස් තිබේ. දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත. "ඇය ඔවුන්ට දැඩි ලෙස ආදරය කළා. ඔවුන් ආරක්ෂා කර ගැනීමට ඇය හැකි සෑම දෙයක් ම කරමින් සිටියා," ඇයගේ මිතුරිය වන කේයිට්ලින් ලැන්ග්ෆර්ඩ් ඔස්ට්‍රේලියානු මාධ්‍යවලට පැවසුවාය. "හැනාව මේ රාක්ෂයාගෙන් බේරා ගැනීමට උත්සාහ කරලා ම ඇයගේ දෙමාපියන් දැඩි වෙහෙසට පත් වෙලා," යැයි අවමංගල්‍ය වියදම් සඳහා අන්තර්ජාලය ඔස්සේ අරමුදල් රැස් කරන ඥාතියෙකු පැවසීය. "හැනාව හඳුනන අය හෝ එක් වරක් ඇය මුණගැසී ඇති සියල්ලන් ම දන්නවා ඇති ඇය කෙතරම් සුන්දර ආත්මයක් තිබෙන පුද්ගලයෙක් ද කියලා. ඇයගේ ජීවිතය වුණේ ඇයගේ දරුවන්," යැයි හැනාගේ නෑනා වන ස්ටේසි රොබට්ස් පැවසුවාය. රෝවන් බැක්ස්ටර් මීට පෙර ඕක්ලන්ඩ්හි 'නවසීලන්ත වොරියර්ස්' රග්බි ලීග් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෑතකදී ඔහු සිය බිරිඳ සමග බ්‍රිස්බේන් නගරයට නැගෙනහිරින් පිහිටි 'කපලාබා' ප්‍රදේශයේ ව්‍යායාම මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබිණි. ව්‍යායාම් මධ්‍යස්ථාන වෙබ් අඩවියේ හැනා බැක්ස්ටර් හඳුන්වා ඇත්තේ, "උනන්දු, උද්‍යෝගිමත් තිදරු මවක්" සහ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් ප්‍රාන්ත ට්‍රැම්පොලින් ශූරියක ලෙසිනි. ප්‍රතිචාර මොනවා ද? වින්දිතයින් වෙනුවෙන් උපහාර බොහොමයක් සංවිධානය කර තිබුණු අතර, #HannahBaxter හෑෂ් ටැගය ඔස්ට්‍රේලියානු ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ. කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ දැඩි කනස්සල්ල, කෝපය සහ බලාපොරොත්තු සුන්වීම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ. සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍යයෙන් සතියකට එක් කාන්තාවක් සිය වත්මන් හෝ හිටපු පිරිමි සහකරුවෙකු විසින් ඝාතනය කරනු ලබයි. "#HannahBaxter සහ ඇයගේ කුඩා දරුවන් තිදෙනා අද ඉතාමත් ම නින්දිත ලෙස මිය ගියා. ඔවුන් ආරක්ෂිතව සිටිය යුතුව තිබුණා. අහිමි වූ ජීවිත ගැන දුක් වන අතර අපේ සිතුවිලි ඔවුන්ගේ පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමග බව දන්වා සිටිනවා," හිටපු ඔලිම්පික් පාපැදි ක්‍රීඩක ට්‍රේසි ගෝඩ්රි පැවසීය. "තවත් සතියකදී තවත් මිනිසෙක් සිය බිරිඳ සහ පවුල විනාශ කරලා. ඔස්ට්‍රේලියාව, අපි මේ ගැන කතා කළ යුතුයි," යැයි ඕස්ට්‍රේලියානු කවියෙකු වන රොබ් ස්කොට් පැවසුවේය. කාන්තාවන් සහ ළමුන් ගොදුරු වූ ඉහළ ගණයේ මිනීමැරුම් නඩු ගොන්නට මෙම නඩුව ද එකතු වී තිබේ. 2018දී තම බිරිඳ, දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ මිත්තණිය නිවස තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පර්ත්හි පදිංචිව සිටි පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට පසුගිය ජූලි මස අධිකරණය තීන්දු කළේය. මේ තොරතුරු ද කියවන්න:
මෝටර් රථයට ගිනි තබා "උමතුවෙන් මරා දැමුණු " කාන්තාවක සහ ඇයගේ දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාව දැඩි ලෙස ශෝකයට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සහ සංහිඳියා ලේකම් කාර්යාලයේ මනෝ තිත්තවැල්ල මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය. විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල දූත පිරිසේ සාමාජිකයකු ලෙස ඔහු මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන 34 වෙනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවෙමින් සිටී. "අපේ අලුත් ව්‍යවස්ථාවක් ළඟදීම පාර්ලිමේන්තුවේ විවාද කරන හින්දා, තව සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධයෙන් කාලවේලාව දීමට ඒ රජයන් දෙකම යෝජනා කරලා තියෙනවා," සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය. "මේ සැරේ මානව හිමිකම් කවුන්සිලයේදී අපි හිතන විදියට ඒකට අනුමැතිය ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා." අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ඉදිරි මාස තුන ඇතුළත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මනෝ තිත්තවැල්ල පැවසීය.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු පළකරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රෝහලේ ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී තුසිත කුමාර පසුගිය 6 වැනිදා සිය බිරිය සමග යතුරුපැදියෙන් ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේදී මැර පිරිසක් විසින් පහර දෙන ලද බව ඔහු පොලීසියට පැමිණිලි කර තිබිණි. එයින් තුවාල ලැබූ මාධ්‍යවේදියා සහ බිරිඳ ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. "මගේ මහත්තයට හොඳටම පහරදුන්නා හෙල්මට් වලිනුයි පොල්ලකිනුයි. අපේ ජිවිතවලට තර්ජනයක් තියෙනවා." පහරදීමට ලක්වූ තුසිත කුමාරගේ බිරිඳ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියාය. පසුගිය ඔක්තෝම්බර් මාසයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලන ලද අලුත්ගම කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳ විමසමින් මෙම පහරදීම කර ඇති බව වාර්තා විය. 'තමන්ගේ ආණ්ඩුවක් බලයට පත් වූ පසු අදාළ වාර්තාකරණයට පිළිතුර දෙන බව පවසා ප්‍රහාරකයින් මීට පෙරද තර්ජනය කර තිබූ බව වින්දිත මාධ්‍යවේදී තුසිත කුමාර සඳහන් කළ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පහරදීම හෙළා දකිමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ ප්‍රකාශය අනුව මේ ප්‍රහාරය තුළ එවැනි දේශපාලන පළිගැනීමක් ගැබ් ව තිබේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට එල්ල කළ බරපතල තර්ජනයක් ලෙස හෙලා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ. පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම මාධ්‍යවේදින් සිය වෘත්තීය නිසා විවිධාකාර තාඩන පිඩන වලට ගොදුරු වී ඇති බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී. 'ද ලිඩර්' වෙබ් අඩවියේ සේවය කරන මාධ්‍යවේදි ධනුෂ්ක සංජය සහ 'වොයිස් ටියුබ්' වෙබ් අඩවියේ මාධ්‍යවේදීනියක් වන තුෂාරා විතාරණ ගෙන් ප්‍රශ්න කිරීම පිණිස පසුගිය මාසයේ පොලීසිය වෙත කැඳවා තිබිණි. වෙබ් මාධ්‍ය ආයතනයන් හි සේවයේ නියුතු වෙබ් මාධ්‍යවේදීන් නිශ්චිත කාරණාවක් නොමැතිව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම මාධ්‍යකරණය සහ මාධ්‍ය නිදහස වෙත කෙරෙන බලපෑමක් සහ තර්ජනයක් සේ සැලකෙන බව මේ සම්බන්ධයෙන් සිය විරෝධය පලකළ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. "කිසියම් වූ විමර්ශන කටයුත්තක් සඳහා ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත්, ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන වග ප්‍රශ්න කිරීමට කැඳවන අවස්ථාවේ අදාළ පුද්ගලයන් දැනුවත් කළ යුතු බව අපගේ හැඟීමයි." යනුවෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර රජයට අයත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී මදුක තක්සල ප්‍රනාන්දුට එම ආයතනයේ දේශපාලන වෘත්තීය සමිතියකට අයත් පිරිසක් තර්ජනය කර පහරදීමට තැත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසියට අද දින (දෙසැම්බර් 10) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අලුත්ගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර සිල්වාට සහ ඔහුගේ බිරිඳට පහරදුන් බවට සැකකරන පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ක්‍රිමියාව 'මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක්' තමන් මුල්ම ප්‍රහාරය එල්ල නොකරන බව යුක්රේනය අවධාරණය කරන නමුත්, ඕනෑම ගැටුම්කාරී තත්වයකට මුහුණ දීම පිණිස හමුදාව සීරුවෙන් තබා ඇති අතර, ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවන මෙන් හමුදාවට නියෝග කොට තිබේ. කෙසේ නමුත් යුද ගැටුමකින් තොරව අර්බුදය විසඳා ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දරන බවයි, බීබීසීය සමඟ අදහස් දැක්වූ යුක්රේනයේ වැඩ බලන විදේශ අමාත්‍ය අන්ද්‍රේයි දෙශිත්සා කියා සිටියේ. 'යුද්ධයක ආරම්භය' "සාමකාමීව කටයුතු කරලා මේක නැවැත්වීම පිණිස රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ක්‍රියා කිරීමයි අපේ ප්‍රතිපත්තිය. දැන් අපි කතා කරන්නේ යුක්රේනය ගැන පමණක් නොවෙයි; මම හිතතෙන් සමස්ත කලාපයටම එල්ල වෙන ව්‍යසනයක් ගැන. යුරෝපයටත්, සමස්ත ජාත්ය්නතරයටමත් ඒකෙ බලපෑම දැනෙන්න පුළුවන්," යනුවෙන්ද ඔහු පැවසීය. ස්වේච්ඡා බල ඇණිද සේවයට කැඳවා තිබේ රුසියාවේ ඕනෑම හමුදා ප්‍රහාරයක් යුද්ධයක ආරම්භය සහ දෙරට අතර සම්බන්ධතාවයන්හි අවසානය විය හැකි බවටද යුක්රේන බලධාරීහු අනතුරු අඟවති. ක්‍රිමියානු අර්ධද්වීපය අවට මුහුදේ තවත් රුසියානු ප්‍රහාරක යානා දැක ගන්නට ලැබුණු නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මේ වන තුරු වාර්තා වී නොමැත. ක්‍රිමියාව අසල දේශසීමාවේ රුසියානු ආරක්ෂක හමුදා අගල් කණිමින් සිටින ආකාරයක් බීබීසීයට දැක ගන්නට ලැබිණ. ක්‍රිමියාව මුහුදින් සහ ගොඩ බිමින් වට කරනු ලැබ තිබෙන සෙයක් දක්නට ලැබෙන බවයි, බීබීසී වාර්තාකරුවන් පවසන්නේ.
යුක්රේනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කළ බවට රුසියාවට චෝදනා කරන වැඩ බලන අගමැති අර්සේනි යත්සේනියුක්, රුසියානු හමුදාව ආපසු කැඳවා ගන්නා මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් ගෙන් ඉල්ලා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත. 2100 වන විට ස්පාඤ්ඤය සහ ජපානය ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. රටවල උපත්වලට වඩා අවුරුදු 80 කරා ළඟා වන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වනු ඇත. සිදු වෙමින් පවතින්නේ කුමක්ද? එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සියවස අවසානයේ ලොව ජනගහනය බිලියන 8.8 (කෝටි 880) දක්වා පහළ යනු ඇති බවත් ඊට පෙර වසර 2064 පමණ වන විට එම අගය එහි උපරිමයට එනම් බිලියන 9.7 ට (කෝටි 970) ළඟා වනු ඇති බවත් පර්යේෂකයෝ අපේක්ෂා කරති. අඩු වයසේ සිට වැඩිහිටියන් අධික සමාජයක් කරා "මේක බැරෑරුම් දෙයක්. ලෝකයේ වැඩි කොටසක් ස්වභාවික ජනගහන පහළ යාමක් දෙසට ගමන් කරමින් සිටිනවා," පර්යේෂකයෙකු වන මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ බීබීසී වෙත පැවසීය. "මම හිතන්නේ මේ ගැන සිතීම සහ මෙය කෙතරම් බැරෑරුම් ද යන්න හඳුනා ගැනීම අතිශය අමාරු දෙයක්. එය සුවිශේෂී තත්ත්වයක්. අප සමාජයන් ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා." සාඵල්‍යතා වේගය එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය, පහළ යමින් පවතී. එම අගය දල වශයෙන් 2.1 ට අඩු අගයක් ගන්නේ නම් ජනගහනය සංඛ්‍යාත්මක වශයෙන් පහළ යාම ආරම්භ වේ. 1950 දශකයේ කාන්තාවන් සිය ජීවිත කාලය තුළ බිහි කළ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 4.7 ක් විය. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ අගැයීම් පිළිබඳ ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි 2017 වසරේදී ගෝලීය සාඵල්‍යතා වේගය 2.4 දක්වා, එනම් අඩකින් අඩු වී ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් කළ අධ්‍යයනය මගින් ප්‍රක්ෂේපනය කර ඇත්තේ වසර 2100 වන විට ගෝලීය සාඵල්‍යතා වේගය 1.7 ට පහළ අගයක් ගනු ඇති බවය. සාඵල්‍යතා වේග පහළ යමින් ඇත්තේ ඇයි? සරුබව හෝ දරුඵල පිළිබඳ කතා කිරීමේ දී සාමාන්‍යයෙන් මතු වෙන කාරණා සහ සාඵල්‍යතා වේග පහළ යාම අතර සම්බන්ධයක් නොමැත. ඒ වෙනුවට ඊට හේතු වී ඇත්තේ කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ. සාඵල්‍යතා වේග පහළ යාම විධි ගණනාවකින් සාර්ථක කතාවකි. වැඩිම බලපෑමකට ලක් වන රටවල් මොනවාද? 2017 වසරේදී මිලියන 128 (කෝටි 12.8) ක උපරිමයකට ළඟා වූ ජපානයේ ජනගහනය මේ සියවස අගදී මිලියන 53 කටත් (කෝටි 5.3) අඩු වෙතැයි අපේක්ෂා කෙරේ. ඒ හා සමානව ඉතාලියේ ජනගහනය ද එම කාල රාමුව තුළදී මිලියන 61 (කෝටි 6.1) සිට මිලියන 28 (කෝටි 2.8) දක්වා විශාල වශයෙන් පහළ යනු ඇති බව ඇස්තමේන්තු කෙරේ. සාඵල්‍යතා වේගය යනු එක් කාන්තාවක් බිහි කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යයයි ඉහත සඳහන් රටවල් 23 අතර සිටින ජපානය සහ ඉතාලියට අමතරව ඊට ඇතුළත් ස්පාඤ්ඤය, පෘතුගාලය, තායිලන්තය සහ දකුණු කොරියාව යන රටවල ද ජනගහන අඩකටත් අඩු ප්‍රමාණයකින් පහළ යතැයි අපේක්ෂා කෙරේ. දැනට ලොව වැඩිම සංඛ්‍යාවක් වෙසෙන චීනයේ ජනගහනය වසර හතරක් ඇතුළත එහි උපරිමයට එනම් බිලියන 1.4 ට (කෝටි 140) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම සංඛ්‍යාව අඩකින් පමණ, එනම් මිලියන 732 (කෝටි 73.2) දක්වා පහළ යනු ඇතැයි ගණනය කර තිබේ. චීනය වෙනුවට ඉන්දියාව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වනු ඇත. එක්සත් රාජධානිය වසර 2063 පමණ වන විට ජනගහනයේ උපරිමයට, එනම් මිලියන 75 ට (කෝටි 7.5) ළඟා වනු ඇති අතර වසර 2100 වන විට එම අගය මිලියන 71 (කෝටි 7.1) දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ නමුත් රටවල් 195 කින් 183 කම සාඵල්‍යතා වේග අඩකින් අඩු වීම සත්‍ය වශයෙන්ම ගෝලීය ගැටළුවක් වනු ඇත. මෙය ගැටලුවක් වන්නේ ඇයි? ඉහත කී තත්ත්වය නිසා පරිසරයට හොඳක් වනු ඇතැයි ඔබට සිතිය හැක. ජනගහනය අඩු වන විට කාබන් විමෝචනය මෙන්ම ගොවිබිම් සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම ද අවම වීමට ඉඩ ඇත. "උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය (තරුණ වයසේ අයට වඩා වයස්ගත පුද්ගලයන් වැඩි වීම) සහ උඩු යටිකුරු වූ වයස් ඛාණ්ඩවල ව්‍යුහය නිසා ඇතිවන නොදන්නා අයහපත් ප්‍රතිවිපාක හැර ඉහත කී කාරණය ඇත්තක් විය හැකියි," යනුවෙන් මහාචාර්ය මුරේ පවසයි. අධ්‍යයනයෙන් ප්‍රක්ෂේපිත කරුණු: "එය දැවැන්ත සමාජයීය වෙනසක් ඇති කරාවි. මෙය මා කනස්සල්ලට පත් කරන්නක්, මොකද මට අවුරුදු අටක දියණියක් ඉන්නවා. ලෝකය මොන වගේ වේවිදැයි මම කල්පනා කරනවා," මහාචාර්ය මුරේ වැඩිදුරටත් සඳහන් කරයි. විශාල වශයෙන් වැඩිහිටියන් වෙසෙන ලෝකයක බදු ගෙවනු ලබන්නේ කවුරුන් විසින්ද? වැඩිහිටියන් රැක බලා ගන්නේ කවුරුන්ද? ඒ වන විට මිනිසුන්ට විශ්‍රාම යා හැකි වෙයිද? "අපට මෘදු ප්‍රවේශයක් අවශ්‍ය කරනවා," මහාචාර්ය මුරේ පවසයි. මේ සඳහා විසඳුම් තිබේද? සිය ජනගහන ඉහළ දමා ගැනීමට සහ පහත යන සාඵල්‍යතා වේගයන්ට හිලව්වක් වශයෙන් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සංක්‍රමණිකයන් යොදා ගනිති. කෙසේ නමුත් ලොව සෑම රටකම පාහේ ජනගහනය පහළ යන විට සංක්‍රමණ තවදුරටත් ඒ සඳහා විසඳුමක් නොවනු ඇත. "ජනගහනය ප්‍රමාණවත් නොවීමත් සමග දේශ සීමා විවෘත කිරීම හෝ නොකිරීම කියන තේරීමේ සිට සංක්‍රමණිකයන් වෙනුවෙන් සෘජු තරගයක් ලබා දීම දක්වා අපිට යන්න වේවි," මහාචාර්ය මුරේ පෙන්වා දෙයි. දරුවෙකු ලැබීමෙන් පසු මව්වරුන්ට සහ පියවරුන්ට දෙනු ලබන නිවාඩු වැඩි කිරීම, ළමුන් සඳහා නොමිලේ සේවා සැපයීම, මූල්‍ය දිරිදීමනා සහ වැඩිපුර සේවක අයිතීන් ලබා දීම වැනි ප්‍රතිපත්ති ඇතැම් රටවල් විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. නමුත් මේ සඳහා පැහැදිලි පිළිතුරක් නොමැත. ස්වීඩනය සිය සාඵල්‍යතා වේගය 1.7 සිට 1.9 දක්වා ගෙන ගොස් ඇතත් ඒ සඳහා සැලකිය යුතු උත්සහයක් දැරූ සෙසු රටවලට එය අභියෝගයක් වී ඇත. සිංගප්පූරුවේ සාඵල්‍යතා වේගය තවමත් 1.3 ක පමණ අගයක් ගනී. "මම දැක තිබෙනවා මිනිස්සු හිනා වෙලා නිකන් ඉන්නවා. මෙය ඇත්තක්‌ විය හැකි බව ඔවුන් සිතන්නේ නැහැ. වැඩියෙන් දරුවන් හදනවා කියා කාන්තාවන් තීන්දුවකට ඒවි යයි ඔවුන් සිතනවා," මහාචාර්ය මුරේ කියා සිටී. "විසඳුමක් සොයා ගන්න බැරි වුනොත් ක්‍රමයෙන් මිනිස්සු නැතිව යාවි. නමුත් ඒක වෙන්න තව ශතවර්ෂ ගණනක් තිබෙනවා." කාන්තා අධ්‍යාපනය සහ උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ පහසුකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආපස්සට හැරවීමට එරෙහිව පර්යේෂකයෝ අනතුරු අඟවති. බොහෝ රටවල ජනගහනය පහළ යාමට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ප්‍රතිපත්ති යටපත් වීමට ඉඩ ඇතත් කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය හෝ කාන්තා අයිතීන් ඉහළ දැමීමේ උත්සාහය ඊට කැප නොකළ යුතු බව මහාචාර්ය ස්ටෙයින් එමිල් වොල්සෙට් පෙන්වා දෙයි. අප්‍රිකාවේ තවත්ත්වය කුමක් වෙයිද? වසර 2100 වන විට බිලියන තුන (කෝටි 300) ඉක්මවා උප සහරා අප්‍රිකානු කලාපයේ ජනගහනය තුන් ගුණයකින් ඉහළ යතැයි අපේක්ෂා කෙරේ. ඉහත කී අධ්‍යයන වාර්තාවට අනුව නයිජීරියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර දෙවන ස්ථානයට පත් වනු ඇත. එහිදී එරට ජනගහනය මිලියන 791 කට (කෝටි 79.1) ළඟා වනු ඇත. "මේ තත්ත්වය තුළ රටවල් බොහොමයක අප්‍රිකානු සම්භවයක් සහිත මිනිස්ස්සු විශාල වශයෙන් සිටීවි," මහාචාර්ය මුරේ පවසයි. විශාල වශයෙන් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් රටවල් බොහෝ සංඛ්‍යාවක දැක ගත හැකි වුවහොත් ජාතිවාදය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් හඳුනා ගෙන ඇති අභියෝග තවදුරටත් බරපතල වනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත්තේ ඇයි? සෑම දෙමව්පියෙකුටම දරුවන් දෙදෙනා බැගින් ජනගහනය එකම අගයක පවතින සේ එම අගය 2.0 විය යුතු යයි ඔබ සිතිය හැක. නමුත් හොඳම සෞඛ්‍ය සේවාවක් තිබුන ද සියලුම දරුවන් වැඩිහිටි අවධිය වන තෙක් ජීවත් නොවේ. එමෙන්ම පෙරට වඩා බිලිඳුන් පිරිමි ළමුන් වීමට ඇති නැඹුරුව වැඩිය. ඒ අනුව සංවර්ධිත රටවල සාඵල්‍යතා වේගය 2.1 ට සීමා කර ඇත. ළමා මරණ වැඩි රටවලට ද ඉහළ සාඵල්‍යතා වේගයක් අවශ්‍ය කෙරේ. විශේෂඥ මතය කුමක්ද? "මේ පුරෝකථන අඩකින් නිවැරදි වුවත්, සෑම රටකටම සංක්‍රමණ කියන්නේ විකල්පයක් නොව, අත්‍යවශ්‍ය දෙයක් වේවි," යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඉබ්‍රහිම් අබුබකර් පෙන්වා දෙයි. "සාර්ථක වෙන්න නම් ගෝලීය දේශපාලනය පිළිබඳ අප යළි මූලික යළි සිතා බැලීමක් කළ යුතු වෙනවා." "මනුෂ්‍යත්වය දියුණු වෙනවද නැතිනම් නැතිව යනවද යන්න කෙරෙහි වැඩ කල හැකි වයසේ ජනගහන විකාශය අතිශය වැදගත් වනු ඇත."
ගෝලීය මට්ටමින් දරු උපත් පහළ යාම සම්බන්ධයෙන් ලෝකයේ නිසි සූදානමක් නොවීම නිසා විශාල වශයෙන් සාමාජයීය බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සහන කණ්ඩායම් තවදුරටත් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටිති. යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණ කරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය. "අද සවස තවත් මළ සිරුරු තුනක් සොයා ගත්තා" යයි සඳහන් කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න අතුරුදහන් වී ඇති සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් නිසි වාර්තාවක් ලැබී නොමැති බවත් කියා සිටියේය. තවත් පුද්ගලයන් විසි දෙනෙකුවත් සුන්බුන් අතර සිර වී සිටිය හැකි බව හදිසි ආපදා බලධාරීහු බීබීසීයට පැවසූහ. නාය යෑමට පැය කීපයකට පෙර කුණු කන්දේ ගින්නක් හට ගෙන ඇති නමුත් ඒ අවට පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් නොවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාමට ඉඩකඩ ඇතිබව හදිසි ආපදා බලධාරීන් AFP පුවත් සේවයට පවසා තිබේ. උස අඩි 300 ක් අඩි තුන්සීයක් උස මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව අවම වශයෙන් හතළිහකි. කුණු කන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු පැන නැගී ඇති බවට මැසිවිලි නගන ප්‍රදේශවාසීහු එය වෙනත් ස්ථානයක් කරා රැගෙන යන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. වාර්තාවලට අනුව මීතොටමුල්ලට දිනකට බැහැර කරනු ලබන කසල ප්‍රමාණය ටොන් අටසීයකි. මේ අතර මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් ඒ සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. මීතොටමුල්ලට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසරේ දී කොළඹ 'බ්ලූමැන්ඩල්' කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමත් සමගය. 'බ්ලූමැන්ඩල්' සහ මීතොටමුල්ල මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’ මීතොටමුල්ල කුණු කන්ද හා සම්බන්ධ සමාජීය ගැටලු පිළිබඳ දීර්ඝ කාලයක සිට වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සිංහල සේවයට කියා සිටියේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹුරක් බවය. "ගම්වාසීන්ට අනුව 1989 වසර වනතෙක් පොතුවිල් කුඹුර ලෙස හඳුන්වපු කුඹුරු යායක් මෙතෙන තිබිලා තියෙන්නේ. නමුත් එම වසරේ කොළඹ නගරයට ආපු විශාල ගංවතුරෙන් මේ කුඹුරු යාය විනාශ වී තිබෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේය. "ඒ කාලේදී තමයි මුල්ලේරියාව නගර සභාව විසින් මේ කුඹුර ගොඩ කරලා කොලොන්නාව කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශීය සභා තුනට අදාළ කසල බැහැර කිරීම ආරම්භ වෙන්නේ" එවකට එම බල ප්‍රදේශවලට අයත් කැළිකසල පමණක් මීතොටමුල්ලට බැහැර කළ බව කී මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල කුණු තට්ටු මත පස් තට්ටු අතුරමින් එවකට කසල ගොඩ කිරීම් සිදු වූ බව කියා සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසන ආකාරයට ආරම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතොටමුල්ල කුණු කන්ද අද වනවිට අක්‌කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේශයක පැතිර තිබේ. ග්‍රාම සේවා වසම් අටකට අයත් මීතොටමුල්ල කුණු කන්ද අවට තිස්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන බවත් ඔහු කියා සිටියේය. මීතොටමුල්ලට කුණු නොදමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පාලන සමයේ නියෝගයක් දුන් නමුත් එවකට සිටි බලධාරීන් එම අධිකරණ නියෝගය නොතකා දිගටම කුණු බැහැර කළ බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් කියා සිටියේය.
මීතොටමුල්ල කුණු කන්දේ සිදු වූ නාය යෑමට හසු වී මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දු -පකිස්තාන් මත බේදයකට තුඩු දී ඇති කාශ්මීර පළාතේදී පකිස්තානු හමුදා විසින් ඉන්දියානු සොල්දදුවන් දෙදෙනෙක් මරා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට චෝදනා කිරීමෙන් පසු මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගෙන තිබේ. පකිස්තානය චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටින්නේ වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බවයි. සබැඳි තේමා
ඉන්දියාව සහ පකිස්තානය අතර හට ගෙන ඇති අර්බුද හේතුවෙන් තමන්ට පෙර පරිදි පකිස්තානය සමග වැඩ කටයුතු කරගෙන යා නොහැකි බව ඉන්දීය අගමැති මන් මෝහන් සිං කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රැඩ්බ්‍රොක් දූපතට නුදුරින් පිහිටි වැලි ඉවුරක සිර වී සිටි තල්මස් මව දියඹට ගැනීමට කුඩා තල්මස් පැටියා උත්සාහ ගන්නා ආකාරය එහි ළඟා වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි විය. මිනිත්තු හතළිහක පමණ උත්සාහයකින් පසු තල්මස් මව දියඹට පීනා ගිය බවයි වාර්තා වන්නේ. නැගෙන මුහුදු රළ සහ සිය පැටියාගේ උපකාරයෙන් තල්මස් මව දියඹට පීනා ගිය බවයි වන ජීවී නිලධාරීන් පවසන්නේ.
නොගැඹුරු මුහුදූ තීරයේ වැලි ඉවුරක සිර වී සිටි සිය මව ඉන් මුදා ගැනීමට තල්මස් පැටියකු ගත් උත්සාහයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශේෂ සාකච්ඡාවක් සඳහා තම නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසකට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් ප්‍රධාන කරුණු හතරක් පිලිබඳ අවධානය යොමු කරවීම තම අදහස බවයි විපක්‍ෂ නායකයා ප්‍රකාශ කරන්නේ. දහ අට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, දහහත් වැනි සංශෝධනය යලි ක්‍රියාත්මක කරමින්, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයන්හි සඳහන් ආකාරයෙන් පොලිස් කොමිසම බලසතු කළ යුතු බවත්, වහාම ක්‍රියාත්මක වන පරිදි, වත්මන් ආණ්ඩුකාරවරයා පදවියෙන් ඉවත් කර, විශ්‍රාමික හමුදා නිලධාරියා වෙනුවට සිවිල් පුද්ගලයෙකු පත් කරන ලෙසත් විපක්‍ෂ නායක වරයා ඉල්ලා සිටියි. "නාමයෝජනා දිනයේ සිට ප්‍රතිඵල ප්‍රකාශ කර සතියක් දක්වා සියළු මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරලීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්‍ෂකයන් කණ්ඩායමකට ආරාධනා කිරීම," යන්න උතුරේ මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් සඳහා අවකාශ ඉල්ලමින් විපක්‍ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් ප්‍රධාන ඉල්ලීම් අතර වෙයි.
දහ අටවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, උතුරට සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කරන ලෙසත්, උතුරේ මැතිවරණ නිරීක්‍ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්‍ෂක කණ්ඩායමක් කැඳවන ලෙසත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බදාදා සිදුවූ අනතුරින් පසු සියයක පමණ පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බවයි වාර්තාවන්නේ සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සි ආයතනයේ කාර්ලොටා සාමි(Carlotta Sami) පැවසුවේ පසුගිය සතියේ බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඉතාලියට දකුණින් මුහුදේ දී බෝට්ටු ගිලී ගොස් ඇති බවයි. ඔවුන් මුහුදේ ගමන් කිරීමට නුසුදුසු මට්ටමේ යාත්‍රා වලින් යුරෝපයට ලඟා වීමට උත්සාහ කරද්දී මෙසේ අනතුරට පත්වී තිබේ. ඉතාලි නාවික හමුදාවේ කැමරාවකට හසුවූ පෙරැළුණු එක් යාත්‍රාවක් සිටි සංක්‍රමණිකයන් ගෙන් 135 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ අතර මළ සිරුරු 45 ක් හමුවී තිබේ. එම යාතාවේ නියමු ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ පැවසුවේ සන්සුන්වී සිටින ලෙස යාත්‍රාවේ මගීන් ගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් කලබල වීම හේතුවෙන් යාත්‍රාව පෙරලුනු බවයි. එහෙත් තවත් සියයක පමණ පුද්ගලයන් පිරිසක් සොයාගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සංක්‍රමණිකයන් පිලිබඳ කටයුතු කිරීමේ විශේෂ මුහුදු ආරක්ෂක කණ්ඩායම පවසන්නේ මියගිය සංඛ්‍යාව 900 දක්වා ඉහල යා හැකි බවයි. Italian Navy captain Francesco Iavazzo says he shouted to the migrants to sit down and stay still
පසුගිය දින කීපය තුළ ලිබියාවේ වෙරලතීරයට නුදුරින් සිදුවූ මුහුදු යාතා අනතුරු මාලාවකින් 700 කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කොරෝනා මර්දන පැණි' දේශපාලකයින් විසින් ඔසවා තබන බවට හැගවෙන කාටුනයක් අවන්ත ආටිගල විසින් සිත්තමට නගා ඇති අයුරු එහෙත් එවැනි කිසිදු එන්නතක් අනයනය කිරීමට හෝ කොරෝනා වෛරසයට එරෙහි ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට අදාළ කිසිදු විධිමත් සැලැස්මක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙතින් හෙළි වී නැත. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට උචිත යැයි සඳහන් වූ විවිධ දේශීය බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතරේ විවිධ ආයුර්වේද මෙන්ම 'හෙළ වෛද්‍යවරුන්' යැයි පැවසෙන පුද්ගලයින් කොරෝනා වෛරසය මර්දනය කිරීමට හෝ රෝගය සුව කිරීමට ඖෂධ සොයා ගත බවට ප්‍රචාරය වීමෙන් ජනතාව මහත් අනාරක්ෂිත බවකට පත්ව සිටින බවට ඇතැම් සෞඛ්‍ය නිලධාරීහු චෝදනා නගති. රජය හා සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පරීක්ෂණ නොකිරීම හා ඒ පිළිබඳව මුනිවත රැකීමෙන් ජනතාව අනාරක්ෂිත බවට පත්වෙද්දී ඇතැම් දේශපාලකයන් විසින් මෙම තත්ත්වය තමන්ගේ ප්‍රචාරණය සදහා යොදාගනු ලැබීම ඉතා භායනක බවට ඔවුන් ගේ අදහසය. "දේශපාලකයන්ගේ පැත්තෙන් මේ සමහර උත්ප්‍රේරණයක් කරන්නේ මේ පැණි ගැන එහෙම නැත්තම් මේ ඖෂධ ගැන නිවැරදි සොයාබැලීමක් කරලා නෙමෙයි. ඔවුන් මේ සම්බන්ධයෙන් අර දේශීයත්වය උඩට ඉලිප්පුවහම තමන්ට දේශපාලන වාසියක් ඇතිවෙනවා කියන කාරණාව මුලික කරගනිමින් සමහර අය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒකනිසා ඖෂධයක් විදිහට කෙනෙකුට දෙනවනම් පළමුවෙනි එක තමයි රෝගය සුව කරන එක කෙසේවෙතත් ඒ ඖෂධය නිසා දීර්ඝ කාලින හා කෙටි කාලිනව මිනිස්සුන්ට ඇතිවෙන්නට පුළුවන් සංකුලතා සම්බන්ධයෙන් මිට වඩා විධිමත්ව විමර්ශනය කරන්නට පුළුවන්," යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් බීබීසී සිංහල සේවය සමග පැවසීය. "අපිට ඕන එකක් බොන්නට පුළුවන් අඩුම තරමේ අපිට හානියක් වෙන්නේ නැත්නම්. මේවා සම්බන්ධයෙන් රටේ මිනිස්සු අයාලේ යන්න ඉඩ දීම බරපතල සෞඛ්‍ය වැරැද්දක් විදිහට අපි පෙන්නලා දෙනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් විධිමත්ව ක්‍රියා කරනකන් ඒ ප්‍රචාරණය විශේෂයෙන්ම අමාත්‍යංශය, කැබිනට් ප්‍රකාශකයෝ, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් දෙන ප්‍රචාරණය කිසියම් අත්හිටුවිමක් කරන්නට කියල අපි පැහැදිලිවම රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා." මේ අතර මහත් කතාබහකට ලක්වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් සාදන ලද බව කියන කොරෝනා වෛරසය මැඩලීමට හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේදී නිල වශයෙන් පරීක්ෂාවකට ලක්කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බව කී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ එහිදී සිදු වී ඇත්තේ යමෙකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ය. "මේ පිළිබඳව යම් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එක හොදයි රටක් විදිහට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා මේක හරියට සනාථ වෙනකම් මේ පිළිබඳව අනවශ්‍ය බලාපොරොත්තු තබල කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්. මොකද ජනතාවට ඇත්තටම අනුගමනය කළ යුතු පුරුදු අමතක වෙන්න පුළුවන්. මේ වගේ සමහර දේවල් එල්ල එහෙම වෙන්නේ නැතිව මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වන තාක්කල් අපි මේ දක්වා අනුගමනය කරපු මුලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ඉස්සරහට ගමන් කිරීම තමයි සිදුවිය යුත්තේ. එහෙම උනොත් විතරයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කම ලැබෙන්නේ," යැයි වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. "හෙළ ඔසුවක් කියපු පමණින් කලබල වෙන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසගේ මතයට සවන්දෙනවට වඩා මේ විද්‍යාත්මක පදනමක් සහිතව මේ දේවල් පරික්ෂා කළ යුතුයි කියන කණ්ඩායමත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා මේකේ යම් ප්‍රතිඵලයක් තියෙනවා නම් එක රටට අරන් දෙන්න කණ්ඩායමක් විදියට රටක් විදිහට අපි ක්‍රියාත්මක විය යුතුයි කියල තමයි අපි විශ්වාස කරන්නේ," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද යම් කණස්සල්ලක් පළ කරති. "මේ විදිහට විවිධ බෙහෙත් තියෙනවා කියල ප්‍රචාරණය විමෙන් ජනතාව තුළ මේ රෝගයට තියෙන භීතිය නැතිවෙලා මෙතෙක් අනුගමනය කරපු නියම සෞඛ්‍ය පුරුදු අතහැරලා කටයුතු කරන්න ගියොත් බොහොම භයානක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්." යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "රජය විසින් මැදිහත් වෙලා මේ පිළිබඳව විධිමත්ව සායනිකව හා විද්‍යාත්මකව පරීක්ෂණයක් කරලා හරි දේ ඔප්පුකරගෙන ජනතාවට හරි දේ කියන්න ඕන. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු ජනතාව මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි." "අපිට ගැටලුවක් නෑ බටහිර උනත් දේශීය උනත් එත් මේක තවම සියයට සීයක්ම සනාථ වෙලා නැති නිසා මේක නිසා ගැටලුවක් මතුවෙන්න පුළුවන්," යැයි ද කී මහජන සෞඛ්‍ය පරේක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස මේ මත කෙරෙහි විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසය. අනුමත නොකළ ඖෂධ පිළිබඳ හිටපු අගමැති කළ ප්‍රකාශයක් කෙසේවෙතත්, කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට පසුගිය දා දැනුම් දුන් බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ සහ ඉන්දික ජාගොඩ ගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර ඇති බව එහි දැක්විණි. නිවේදනයෙන් තවදුරටත් කියා සිටියේ කෑගල්ල ධම්මික බණ්ඩාර ගේ පැණිය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් එහි සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යොමු වී සිටින බවය. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මාධ්‍ය හමුවේ පැවසුවේ "සාදික්කා අධිමාත්‍රාවක් ශරීරගතවීම විෂ සහිත වන බවකි. "මේ වගේ ඖෂධ ඔබ හිතු මනාපේ ගන්න යන්න එපා. මේවා අධිමාත්‍රාව අනිවාර්යයෙන්ම ශරීරයට හානිකරයි. විවිධ ඖෂධ සමහරු ගෙදර හදාගන්නේ කොහොමද කියල දාල තියෙනවා. මේවා නිසි ක්‍රමවේදයෙන් පරිභාහිරව හදන්න ගිහිල්ල ඇතිවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම ඔබ විසින් භාරගත යුතුයි. මේවා එකපාරටම ඇත්තටම වෛද්‍ය අචාරධර්ම වලට අනුව උනත් තමා ඖෂධයක් හොයාගත්තා හෝ මේකට ඖෂධයක් කියල එහෙම ඉදිරිපත් කරන්න බෑ." යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ කීය. මේ අතර දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙසය. "කොවිඩ් 19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම් තුළ භාවිතාවන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මෙම දිනවල විශාල වශයෙන් සංසරණය වීමක් දක්නට ලැබේ. මෙම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසට සමස්ත මහජනතාව චෙත කාරුණිකව දන්වා සිටිමි," ලේකම්වරිය නිවේදය කළාය. "ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණකි. එම ඖෂධය සඳහා භාවිතා කරන්නේ ශාකමය අමුද්‍රව්‍යක් නම් එසේ භාවිතා කළ යුත්තේ එම ශාකයේ කුමන කොටසද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. යම් ඖෂධයක් සකස් කිරීම සඳහා ශාකයක පොතු යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදාගැනීම එම ඖෂධ වට්ටෝරුවෙහි නියමිත ගුණය නොලැබෙන අතර ඒ තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවීමට පවා අවස්ථාව ඇති විය හැකිය," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය. මේ ගැනත් දැනගන්න:
කොරෝනා වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ විවිධ එන්නත් ඇතැම් රටවල් මේ වන විට තම ජනතාවට ලබාදීම ආරම්භකර ඇති අතර එක්සත් රාජධානිය ෆයිසර් සමාගම නිපැයූ එන්නත ලබාදුන් පළමු රට බවට පත්විණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජයග්‍රහණයේ සතුට මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි. කෙසේ නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමේ අවස්ථාව දෙවැනි වරටත් ඉන්දියාවට අහිමි විය. සබැඳි යොමු: තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 228 ක් රැස් කරගත්තේය. එයට ප්‍රතිචාර වශයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම මුලින් ඉතා දක්ෂ පිතිහරඹයක යෙදෙමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 191 ක් රැස් කරගත්තේය. ඉන්දියාව ශීඝ්‍රයෙන් ජයග්‍රහණය හඹා යමින් සිටින අආකාරයක් ඒ අවස්ථාවේ දක්නට ලැබුණි. ජයග්‍රහණයේ සතුට එහෙත් ඉන් අනතුරුව ඕවර කිහිපයක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු හතම දවාගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 9 කින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. 1973 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව මෙවර අවසාන මහා තරයකට මුහුණ දුන්නේ දෙවෙනි වතාවටය. 2005 දී අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඒ අවස්ථාවේදීත් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට ඉන්දීය කාන්තා පිල අපොහොසත් විය. මීට ඉහතදී තරගාවලියට අනුග්‍රහය දැක්වූ අවස්ථා දෙකේදීම - 1973 දී සහ 1993 දී - සහ 2009 දී ජගත් කුසලානය දිනාගැනීමට එංගලන්ත කාන්තාවෝ සමත්වූහ. මේ අතර මෙවර ලෝක කුසලානයේදී තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ පකිස්තානයට එරෙහිව ලෙස්ටර් පිටියේ පැවති තරගය පමණි. එහෙත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 178 ක් රැස් කරමින් චමරි අතපත්තු ලෝක ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ පැවැත්වුන කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට මින් මොහොතකට පෙර එංගලන්ත කණ්ඩායම සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ සචින් තෙන්දුල්කාර්, සව්රව් ගංගුලි වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිලියන් පාපන්දු කණ්ඩායම් මිල දී ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සුපර් ලීග් කණ්ඩායම් අටක් තරග වදින මෙම පාපන්දු තරගාවලිය ලබන සැප්තැම්බරයේ දී ආරම්භ වන බවයි සමස්ත ඉන්දීය පාපන්දු සම්මේලනය කියා සිටියේ. ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබෙන ඉන්දියාව තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වී තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලෝක ශ්‍රේණිගත ලැයිස්තුව තුළ ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමට හිමි වී ඇත්තේ එකසිය හතළිස් පස් වැනි ස්ථානයයි.
පාපන්දු සුපර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැති' බව එ. ජාතීන් පවසයි පසුගියදා නිවේදනය කෙරුණු ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තියට අනුව, බෝට්ටුවලින් පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියාවේදී. කෙසේ නමුත්, එම ඉල්ලුම්පත් සලකා බැලීමෙහිලා පැපුවා නිව් ගිනියාවේ අධිකරණ පද්ධතියේ "බරපතල අඩු ලුහුඬුකම්" පවතින බවයි, අනාථයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ. 'ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නෑ' මේ සම්බන්ධයෙන් පැපුවා නිව් ගිනියාවේ ආණ්ඩුව සමඟ ඕස්ට්‍රේලියාව අත්සන් තැබූ ගිවිසුම දේශපාලන රැකවරණ පතන්නගේ ආරක්ෂාව සම්බන්ධයෙන් "බරපතල ගැටළු" මතු කරන අතර, ඒ සම්බන්ධයෙන් බලධාරීන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි. "පැපුවා නිව් ගිනියාවේදී දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් නොමැතිවීම," පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය බරපතල කනස්සල්ල පළ කොට තිබේ. විශේෂයෙන්ම දේශපාලන රැකවරණ පතන්නන්ගේ ඉල්ලුම්පත්‍ර සලකා බැලීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම පැපුවා නිව් ගිනියාව සතුව නොමැති බව පවසන එක්සත් ජාතීන්, එහි රැඳවුම් කඳවුරුවල පවතින පහසුකම් ද විවේචනයට ලක් කොට තිබේ. දේශපාලන රැකවරණ පතන්නන් සම්බන්ධ නව ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරිපත් විය හැකි අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම එය පවත්වාගෙන යාමේ අභියෝගවලට ද මුහුණදීමට ඕස්ට්‍රේලියාවට සිදු වනු ඇති බවත් නිවේදනයේ සඳහන්.
දේශපාලන රැකවරණ පතන්නන් පිළිබඳ ඕස්ට්‍රේලියාවේ නව ප්‍රතිපත්තිය මගින් ඔවුන්ට ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් නොසලකා හරිනු ලැබ තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගත් පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ග මාර්ගයෙන් නිදහස් කරමින් එම අලි පැටවුන් "නීති විරෝධි ලෙස නීතිගත කිරීමේ" කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ජෛව විවිධත්වය සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න චෝදනා කළේය. පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ බව පවසමින් මෙලෙස අලි ඇතුන් ලබාගන්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට චෝදනා කරන ඔහු, පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය නම් රජයට පින්නවල ඇතුන් පිරිසක් පුහුණුකර අවශ්‍ය විට ඔවුන් ලබා දිය හැකි බවත් අවධාරණය කරයි. මාධ්‍ය හමුව ඇමතූ ජාතික සංඝ සම්මේලනයේ ආනන්ද සාගර හිමියෝ, විහාරස්තානවලට අලි ඇතුන් ලබාදීම දැඩි විවේචනයට ලක් කළහ. විහාරස්තාන එලෙස අලි ඇතුන් ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට උන්වහන්සේ චෝදනා කළහ. "මොකටද පන්සල්වලට අලි ඉල්ලන්නේ අවුරුද්දකට වතාවක් කරන පෙරහැරකට? ඒ පෙරහැරෙන් පස්සේ කොළඹ නගරයේ තියෙන පර්චස් 10-15 පන්සල්වල මේ සතාව ගැටගහලා අන්ත අසරණ දුක් විඳිනවා," ආනන්ද සාගර හිමියෝ පැවසූහ. කොළඹ විහාරස්තානවල වැඩ වාසය කරන ඇතැම් භික්ෂුන් වහන්සේ මෙලෙස අලි ලබාදෙන ලෙස දේශපාලකයන්ට බලපෑම් කරන බව පවසන එහිමියෝ, අලි ඇතුන් පන්සල්වල හිරකාරයන් බවට පත්කරන මෙම වැඩපිළිවෙලට සියලු දෙනා විරුද්ධ විය යුතු බවට ඉල්ලීමක්ද කළහ.
ආගමික කටයුතු සඳහා බව පවසමින් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි අලි පැටවුන් සහ පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින් බාහිර පාර්ශවයන්ට ලබාදීමට රජය ගෙන ඇති තීරණය පරිසර සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයට ලක් වූ යාපනය පල්ලිය යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කළේය. කුඩා පල්ලියක් වන එහි වීදුරු කැඩී බිඳී ගොස් ඇති බව පැවසූ අස්මින් අයුබ් මවුලවිවරයා,ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව පැවසුවේය. පොලීසිය සහ හමුදාව එම පළාතේ සිටින නිසා ආරක්ෂක අංශ වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව අස්මින් අයුබ් මවුලවි විශ්වාශය පල කළේය. ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් පල්ලියට සහ ඒ අවට ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වවුනියාවේ සංදේශය වාර්තාකරු දිනසේන රතුගමගේ ප්‍රකාශ කළේ.
යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඊයේ සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට සහ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා' වරාය නගර ව්‍යාපෘතිය මැයි මස ආරම්භයේ යළි ආරම්භ කරන බවයි ආණ්ඩුව පවසන්නේ. පරිසර ඇගයීම් වාර්තා ක්‍රියාවලිය සහ අධිකරණයේ නඩු කීපයක් පැවතීම හේතුවෙන් ඉහත කී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් පෝට්සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට කියා සිටියේ. 'මේ කරුණු දෙකට අමතරව ජනතාවගේ විශාල විරෝධයක් පවතිනවා. ඒ වගේම රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට සහ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා' ඔහු සඳහන් කළේය. එවැනි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතා අදහස්වලට පිටුපා ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් පරිසරවේදියකු වශයෙන් තමන් කනගාටු වන බවත් ඔහු පැවසීය. 'යහපාලන සංකල්ප ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් ජනතා ඡන්දයෙන් බලයට පත් රජයක්, රටේ ජනතාවට රටේ නීතිරීතිවලට එකඟ නොවී කටයුතු කිරීම පිළිබඳ කණගාටු වෙනවා' පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් ඝාතනය කිරීමේ රැල්ල හේතුවෙන් බංග්ලාදේශය පුරා ආරක්ෂාව තර කොට තිබේ අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් සහ ඔවුන්ට සහය පළ කරන්නන් ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවක නවතම සිදුවීම මෙයයි. පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් කරන ලද ප්‍රහාරයෙන් පසු වයස අවුරුදු 60 ක් වන නිත්‍යරාජන් පාන්ඩේ එම ස්ථානයේ දීම මියගිය බවයි පොලීසිය උපුටා දක්වමින් AFP පුවත්සේවය වාර්තා කරන්නේ. පසුගිය අඟහරුවාදා කඳින් හිස වෙන්වන තරමට ගෙළ සිඳ මරා දැමූ හින්දු පුජකවරයෙකුගේ මළ සිරුරක් කුඹුරක තිබී හමුවීමෙන් පසුවයි මෙම නවතම ඝාතනය සිදුවී ඇත්තේ. මේ දක්වා සිදුවූ ඝාතන රැල්ල වෙනුවෙන් ඉස්ලාම් සන්නද්ධකරුවන් චෝදනාවට ලක්වූ අතර ඇතැම් ඝාතන වල වගකීම ඔවුන් විසින් භාර ගෙන තිබුණි. ඊසානදිග පබ්නා දිස්ත්‍රික්කයේ පොලිස්පති ආම්ගීර් කබීර් AFP පුවත්සේවයට පැවසුවේ උදෑසනින්ම සිදුවූ මෙම ඝාතනය පිලිබඳ ඇසින් දුටු සාක්ෂි නැති බවයි. මෙම ඝාතනයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් තවමත් භාරගෙන නැත. අනාගමික අන්තර්ජාල මාධ්‍ය කරුවකු සහ නීති ශිෂ්‍යයෙකු මේ ආකාරයෙන් මරා දැමීම පිළිබඳව විරෝධතා විටින් විට තවමත් පැවැත්වේ මෙවර ඝාතනයට ලක්වූ පාන්ඩේ වසර හතළිහක් පමණ මෙම ආශ්‍රමයේ සේවය කරමින් සිට ඇති අතර උදෑසන ආශ්‍රමය වෙත ගමන්කරමින් සිටියදීය ඝාතනයට ලක් වුයේ. ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකු වන නරේෂ් මධු මාධ්‍යයට පවසා තිබුණේ මියගිය පාන්ඩේ සරල ගති පැවතුම් ඇති අයෙක් වූ අතර ඔහුට සතුරන් නොසිටි බවයි. මේ ඝාතනය සිදුවී තිබුණේ ආශ්‍රමයට ඉතා ආසන්න ප්‍රදේශයකදීය. අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ. බංග්ලාදේශයේ වැඩි ජනගහනය මුස්ලිම් ජාතිකයන් වන අතර හින්දු ආගමිකයන් වෙසෙන්නේ 8% ක් පමණි.
හින්දු ආශ්‍රමයක සේවකයෙකු කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රොෂාන් රාජදුරේ මෙවන් අනතුරුදායක ස්ථානවල ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සැමවිටම ඉදිරිපත් වී ඇති බව ඔහු කියා සිටියේ, බීබීසී දෙමළ සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්. "ඔවුන් කියනවා අදාළ සමාගම දැනුවත් කළා කියලා. නමුත් අදාළ සමාගමට දැනුම් දීලා නැහැ මෙම ස්ථානයේ නාය යාමේ තර්ජනයක් තියෙනවා කියලා. එහෙම නිසි දැනුම් දීමක් කළා නම් අපි හැම වෙලාවකම විකල්ප ඉඩම් ලබා දෙනවා. එහෙම ලබා දීලා තියෙනවා,” යනුවෙන් ඔහු පැවසීය. වතු කම්කරුවන්ට නිවාස ? එසේ වතු කම්කරුවන්ට ලබාදෙන විකල්ප ඉඩම්වල නිවාස ඉදි කරන්නේ කවුරුන්ද යන්න බීබීසී ය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. "නිවාස ඉදිකරන්න රජය හා අනිකුත් ආයතන අපිට උදව් කරන්න ඕනේ. මොකද දැන් පුද්ගලිකකරණයත් සමග නිවාස ගැන වගකීම රජය සතුයි. අපිට යම් වගකීමක් තිබෙනවා ඒ ගැන බලන්න, නමුත් අපිට හැකියාවක් නැහැ ඔවුන්ට නිවාස ඉදිකරන්න.” යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුරයි. "රජයට මේ නිවාස ප්‍රශ්නය වතු සමාගම් මත පවරන්න බැහැ. මොකද අවුරුදු සියකට කලින් ඔවුන් මෙහි ආපු වෙලාවේ ඔවුන් ශ්‍රමය බැඳ තබා ගත් සේවකයන්. නමුත් දැන් ඔවුන් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇති සේවකයන්.” අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට වතු සමාගම් විකල්ප ඉඩම් ලබා දුන්නත් ඔවුන් බොහෝ විට එම ස්ථානවලට යාමට ප්‍රතික්ෂේප කරන බවත් රොෂාන් රාජදුරේ පවසයි. "අපිට මේකට නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. නැත්නම් හැමදාම ඉඩම් නැහැ වගේ කතාවල් කියාගෙන ඔවුන් එතන ඉඳීවි. සමාගම්වලට බලහත්කාරයෙන් ඔවුන් ඉවත් කරන්න බැහැ. ඒක නීති විරෝධීයි.” වතුකරයේ මෙවන් ගැටළුවක් මතු වූ විට සාමාන්‍යයෙන් පැන නැගෙන දේශපාලන සහ වතු සමිතිවල බලපෑම් හේතුවෙන් එවන් ඉල්ලීම් ලැබුණු විටම ක්‍රියාත්මක වී විකල්ප ඉඩම් ලබාදීමට සමාගම් කටයුතු කරන බව පැවසූ රොෂාන් රාජදුරේ, නායයාම් වැනි ස්වභාවික විපතකට සමාගම්වලට වගකිව නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.
කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ නායයාමේ අනතුරක් පවතින බව එම ප්‍රදේශය භාර වතු සමාගමට නිසි දැනුම් දීමක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මන්ත්‍රීවරයා එම කාරණය මතු කර තිබෙන්නේ, ශ්‍රී ලංකා රජය සතු ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කරමින්. 2013 වසරේ දෙසැම්බර් තිස් එක් වෙනිදා වන විට රුපියල් බිලියන හයකට වැඩි ස්ථාවර වත්කම් ප්‍රමාණයක් ඇති බවට ආයතනය විසින් ප්‍රකාශ කළ ද, ඇතැම් වත්කම් සම්පූර්ණයෙන්ම ද ඇතැම් ඒවා අර්ධ වශයෙන් ද ක්‍ෂය වී ගොස් තිබිය දී නැවත තක්සේරු කිරීමක් සිදු කොට නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නය මගින් පාර්ලිමේන්තුවට කියා සිටින්නේ. මූල්‍ය විනය “පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය අර්බුදයකට මුහුණ පා ඇති බව සහ ක්‍රීඩකයන්ගේ ගෙවීම් පිළිබඳව අර්බුදකාරී තත්වයක් ඇති බව මාධ්‍ය මගින් විටින් විට වාර්තා කෙරුණ අතර,රජයේ විගණකාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට යවන ලද ලිපියක් මගින් මතු කර ඇති නිරීක්‍ෂණ මගින් ද එහි මූල්‍යමය විනය දැඩිව ප්‍රශ්න කෙරෙන” බවයි මන්ත්‍රීවරයා විසින් සභාගත කරනු ලැබ ඇති ප්‍රශ්නය මගින් සිහිපත් කර තිබෙන්නේ. එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය විනය පවත්වා ගැනීම රජයේ වගකීමක් බව පිළිගනු ලබන්නේ දැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරයි. ආණ්ඩුවේ වගකීම ඒ වෙනුවෙන් ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති පියවර කුමක්දැයි ප්‍රශ්න කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා, විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලබන ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා වලට වගකිය යුත්තේ කවුරුන්දැයි විමසයි. එම අක්‍රමිකතා සොයා බැලීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති පියවර කවරේදැයි ඔහු වැඩිදුරටත් පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරයි. විෂය භාර ඇමතිවරයා විසින් ඉහත කී ගැටලුවලට අදාළ පිළිතුරු පාර්ලිමේන්තුව හමුවේ තබනු ඇතැයි තමා බලාපොරොත්තු තබන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ස්ථාවර නියෝග 23/2 යටතේ සභාගත කරනු ලැබ ඇති ප්‍රශ්නයේ දැක්වෙයි. මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ විගණකාධිපතිවරයා මුල්‍ය වංචාවක් පිළිබඳව විමසීමක් කොට නැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භයේ පටන් ම එහි ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් ලියාපදිංචි ලේඛනයක් නඩත්තු කර නොමැති බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී පාකිස්තානය පරාජයට පත් කළේය ශූරතාවලිය අවසානයේ කණ්ඩායම යලි ශ්‍රී ලංකාවට ගිය පසු එම ප්‍රශ්නය නිරාකරණය කර ගනු ඇති බව බීබීසී සංදේශයට කියා සිටි මයිකල් ද මේ මොහොතේ කණ්ඩායමේ අවධානය පළ වී තිබෙන්නේ අවසාන මහා තරඟය ජය ගැනීම පිළිබඳව බවද පවසයි. වෙළඳ දැන්වීම්වලට ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදා ගැනීම මගින් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට ලැබෙන ආදායමෙන් කොටසක් ක්‍රීඩකයන්ට ලබා දීම වසර ගණනාවක් මුළුල්ලේ පැවති ක්‍රමය බව සංදේශයට කියා සිටි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා, මෙවර එය ලබා නොදීමට බලධාරීන් උත්සාහ කිරීම මතභේදයට හේතුව බව පෙන්වා දෙයි. 'සුපුරුදු පරාජය' ඒ සම්බන්ධයෙන් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා කණ්ඩායමට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වූ බව ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් මතු වන තර්කය බවද චන්නක ද සිල්වා පවසයි. මේ අතර බංග්ලාදේශයට එරෙහිව බ්‍රහස්පතින්දා ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණ සෙනසුරාදා තරඟයේදී වෙනස් විය හැකි බව පවසන කළමනාකරු මයිකල් ද සොයිසා, තරඟ වදින එකොලොස් දෙනා තවමත් තීරණය කොට නොමැති බවද සංදේශයට කියා සිටියේය. ලසිත් මාලිංග මෙන්ම ශූරතාවලියේදී එතරම් දස්කම් නොදැක්වූ මහේල ජයවර්ධනත් අනිවාර්යයෙන්ම කණ්ඩායමට එක් වන බවද ඔහු සඳහන් කළේය. ශූරතාවලිය පුරාවටම ඉතා දක්ෂ ලෙසින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කළේ 2008 දී. එවක් පටන් ලෝක කුසලාන ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි ගණනාවකම අවසාන මහා තරඟවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඒ සෑම අවස්ථාවකම පරාජයට පත් වුනේ ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්. එහෙත් සෙනසුරාදා තරඟයේදී එය වෙනස් වනු ඇති බවට කණ්ඩායමේ කළමනාකරු විශ්වාසය පළ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර මතු වී තිබෙන මතභේදය මගින් සෙනසුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරඟයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව කණ්ඩායමේ කළමනාකරු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජ.වී.පෙ.විරෝධතා ව්‍යාපාරයක් අවි ගත් කැරැල්ල දියත් කෙරුණේ 1971 අප්‍රියෙල් පස් වෙනි දින රාත්‍රියේයි. නිදහසින් පසුව සන්නද්ධ බලය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ රජය පෙරලා දැමීමට ගත් පළමු ප්‍රයත්නය එම අවි ගත් නැගිටීමයි. රෝහණ විජේවීර විසින් නායකත්වය දෙන ලද ජනතා විමුක්ති පෙරමුණ විසිනුයි කැරැල්ල දියත් කරනු ලැබුණේ. ක්‍ෂණික ප්‍රහාර න්‍යාය එවකට ජනතා විමුක්ති පෙරමුණේ සටන් උපක්‍රමය වුණේ, එක් රැයකදී එල්ල කරනු ලබන ක්‍ෂණික ප්‍රහාරයකින් බලයේ සිටින ආණ්ඩුව පෙරලා දමා රාජ්‍ය බලය සියතට ගැනීමයි. ජ.වී.පෙ වත්මන් නායකත්වය ‘අප්‍රියෙල් නැගිටීම නිවැරදි දේශපාලන ක්‍රියාමාර්ගයක් නොවන නමුත් එය පීඩාවට සහ මර්දනයට එරෙහි පියවරක්’ වූ බවයි එම කැරැල්ල සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයකු වූ වසන්ත දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ. “එහෙත් තමන් තුළ එදා දේශපාලන දැක්මෙහි පැවති ඌනතාවය සහ නිවැරදි තක්සේරුවකින් තොරව අවි ගනු ලැබීම ඉන් අනතුරු අවධියේ ශ්‍රී ලාංකික සමාජය තුළ දක්ෂිනාංශය ශක්තිමත් වීමට හේතු වූ ”බවයි වසන්ත දිසානායක පවසන්නේ. දක්ෂිනාංශය බලවත් කිරීම තරුණ ජීවිත රැසක් විනාශ වීමෙන් 1971 කැරැල්ල පරාජයෙන් කෙළවර වූ අතර තවත් විසි දහසක් පමණ තරුණයන් අත්අඩංගුවට ගනු ලැබ සිර ගත කරනු ලැබිණ. ග්‍රාමීය මැද පන්තියේ තරුණයන් වැඩි වශයෙන් සහභාගී වූ අප්‍රියෙල් කැරැල්ල ඉඩම් ප්‍රතිසංස්කරණය ඇතුළු සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
1971 අප්‍රියෙල් කැරැල්ලට මෙම අප්‍රියෙල් පස් වෙනිදාට අවුරුදු හතළිස් තුනක් සම්පූර්ණ වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම තීන්දුව අදාළ නඩුවේ කරුණු හා සසඳන විට නෛතික වශයෙන් සාධාරණීකරණය කළ හැකි නමුත් විනිශ්චය ප්‍රකාශ කිරීමට යොදා ගෙන තිබෙන භාෂාව අනුමත කළ නොහැකි බවයි. විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ ප්‍රකාශ කර තිබෙන්නේ කාන්තාවක් සිය හිටපු සැමියාගෙන් නඩත්තු මුදල් ලබා ගැනීමට නම් දික්කසාදයෙන් පසුව බ්‍රහ්මචාරී ලෙස හැසිරිය යුතු බවයි. ඉන්දියානු පවුල් නීතියට අනුව කාන්තාවක් අනාචාරයේ හැසිරීමෙන් දිකසාදය තීන්දු වෙයි නම් ඇයට සිය හිටපු සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට හැකියාවක් නැත. බ්‍රහ්මචාරී දිවියක් මෙම තීන්දුවට අදාළ නඩුවේ පවුල් අධිකරණය විසින් දික්කසාදය තීන්දු කර තිබුනේ කාන්තාව අනාචාරයේ හැසිරීම යන හේතුව මත බැවින් එම කාන්තාවට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කිරීම ඉන්දියාවේ නීතියට අනුව නිවැරදි තීන්දුවකි. කෙසේ වෙතත් විනිසුරු වරයා විසින් ඇයට නඩත්තු ලබා ගැනීමට නොහැකි බව පමණක් නොව කාන්තාවක් සිය දික්කසාදයෙන් පසු බ්‍රහ්මචාරී දිවියක් ගත නොකරන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කිරීම විවේචනයට ලක්ව තිබේ. මෙම තීන්දුව ඉදිරි දික්කසාද නඩු වලටද බලපාන අතර විනිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශය ඉදිරි නඩු වලදී විනිසුරුවරයන් පදනමක් ලෙස යොදා ගැනීම තුලින් සැමියාගේ වැරදි මත දික්කසාද වන කාන්තාවකට පවා සිය සැමියාගෙන් නඩත්තු ලබා ගැනීමට නම් සිය ජීවිතයට තනිව මුහුණ දෙමින් බ්‍රහ්මචාරී දිවියක් ගත කිරීමට නෛතිකව කෙරෙන බලපෑම සාධාරණ නොවන බවයි ක්‍රියාධරයෝ පෙන්වා දෙන්නේ. විනිසුරු නාගමුත්තු සිය තීන්දුවේ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ දික්කසාදයකින් පසු විවාහය තුල සිය සැමියා වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ආකාරයෙන්ම හිටපු සැමියාගෙන් පසු වෙනත් කිසිදු පුද්ගලයෙකු හා ලිංගිකව හැසිරෙන්නේ නම් ඇයට නඩත්තු ලබා ගැනීමේ අයිතියක් නැති බවයි. නඩත්තු ලබා ගන්නා අතරතුර දී ඇය විසින් තවත් පිරිමියෙකු හා ලිංගික සම්බන්ධතාවක් පැවැත්වුවොත් එය ඇයගේ නඩත්තු මුදල් ගෙවීම අත්හිටවීමට හේතුවක් වනු ඇති බවයි විනිසුරුවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පවසන්නේ මෙම නඩු තීන්දුව ඉතා බියජනක තත්වයක් ඇති කරන අසාධාරණ අනතුරු ඇගවීමක් බවයි.
අනාචාරයේ හැසිරීම,දික්කසාද වූ කාන්තාවකට සිය සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කරන සාධකයක් බව දකුණු ඉන්දියාවේ අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි. ආන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ කර තෙලන්ගානා නමින් අලුත් ප්‍රාන්තයක් නම් කිරීමට ගෙන ඇති පියවරට විරෝධය පාමිනුයි මෙම වර්ජනය දියත් වන්නේ. තෙලිඟු භාෂාව කතා කරන ආන්ද්‍රා ප්‍රාන්ත ජනතාව බෙදී වෙන් වන බවයි විරෝධතා කරුවන් කියා සිටින්නේ. නමුත් වෙන් වීමට සහයෝගය දක්වන්නන් කියා සිටින්නේ ඔවුන් ජීවත් වන දිස්ත්‍රික්ක දහයක් මහ ආණ්ඩුව විසින් නො සලකා හැර ඇති බවයි. ගිනි දැල් වූ ටයර් දමා මහා මාර්ග අවහිර කර තිබූ අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය යොදවා තිබුණි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මහා වැඩ වර්ජනයක් ආරම්භ වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයට ලක් වූ පල්ලේ තලවින්න හෝටලය හිටපු ජනාධිපතිවරියගේ රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් එම හෝටලයට පහර දී ඇති බවයි ‍කැෆේ සංවිධානය පවසන්නේ. ප්‍රහාරයෙන් හෝටලයේ කාමර විසි එකක ජනේලවලට හානි සිදු ව ඇත. මහනුවර පොදු වෙළදපොළ ඉදිරිපිට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස ඊයේ (09)පැවති රැස්වීමට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට මහ පාලම අසලදී කැබ් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවක් ද වාර්තා වෙයි. එම ප්‍රහාරයෙන් තුවාල ලද අඹතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන් හතර දෙනෙක් කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත. මහනුවර රැස්වීමෙන් අනතුරුව ඉහත කී රැස්වීමට සහභාගී වී ලංගම බස් රථයකින් ආපසු යමින් සිටි පිරිසකට ද ප්‍රහාරයක් එල්ල වී කොට ඇත. මේ අතර මහනුවර වැලිගල්ල එජනිස මැතිවරණ කාර්යාලයේ දී සන්ධාන ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවක් ද වාර්තා වෙයි. ඊයේ (09)පස්වරුවේ සිදු කෙරුණ එම ප්‍රහාරය එම කාර්යාලයේම අයකු විසින් සිදු කර ඇති බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ. තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ගිනි අවි ප්‍රහාර ගිණි අවි යොදා ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ද ඇතුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හැටකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව කැෆේ සංවිධානය වාර්තා කරයි. ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුවත් තවමත් දිවයිනේ කිසිදු ප්‍රදේශයක බැනර්, කටවුට් ඉවත් කිරීමක් සිදු වී නොමැති බව ‍කැෆේ සංවිධානය පෙන්වා දෙයි. ගම්පහ,මහනුවර,පුත්තලම, හලාවත, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කළුතර, මතුගම සහ රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්‍රචාරක දැන්වීම් හා පුවරු දැකිය හැකි බවයි ‍කැෆේ සංවිධානය ප්‍රකාශ කරන්නේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වූ රැස්වීමක් පැවැත්වුන මහනුවර පල්ලේතලවින්න ප්‍රදේශයේ හෝටලයක‍ට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මේ බව පැවසුවේ බදාදා (මාර්තු 06) මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල, පොලීසියේ ක්‍රියා කලාපය, ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ. ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී මතුකරන ලද කරුණු වලින් තෝරාගත් කරුණු කිහිපයකි, මේ. 1. ජිනීවා මානව හිමිකම් කොමිසම: "පරණ දේවල් අමතක කරමු" "අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 10ක් ගතවෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා," ඔහු පැවසීය. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තමන් නියෝජනය කිරීම සඳහා ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් පිටත්කර යවා ඉහත ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ද ජනපතිවරයා පැවසීය. 2. පොලිසිය තමන් යටතට ගත් ආකාරය පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට ගැනීම ව්‍යවස්ථානුකුලව සිදුවූ කාර්යයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි අමාත්‍යාංශ ගැන සීමාවක් පවතින නමුත් ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි ආයතන ගැන සීමාවක් නොමැති බව පෙන්වාදුන් ඔහු කියා සිටියේ, තමාට අවශ්‍ය නම් ආයතන 500ක් පමණ වුවත් තබා ගැනීමට හැකි බවය. "අමාත්‍යාංශ දෙකයි පවත්වාගෙන යන්න පුළුවන් හැබැයි ඒ අමාත්‍යංශ දෙකට ඕනේ නම් පුළුවන් ආයතන 500ක් විතර ගැසට් කරන්න," යැයි ජනපතිවරයා පැවසීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය 3. පොලිසියේ අභ්‍යන්තර තත්වය"ඛේදවාචකයක්" 85,000කට ආසන්න ශ්‍රී ලංකා පොලිස් සේවාවේ අභ්‍යන්තර තත්වය ඉතා කණගාටුදායක බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "පොලිසියේ පහළ නිලධාරීන් සිටින්නේ දැඩි මානසික අසහනයෙන් වැටුප් ඇතුළු ගැටළු රැසක් නිසා. ගිය අවුරුද්දේ පොලිසියේ දේසීය ගාණක් මැරිලා තියෙනවා නොයෙකුත් අසනීප නිසා. කායික හා මානසික කිසිම තෘප්තියක් නැති කටුක ජිවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ." පොලිස් කාන්තාවන් 2500ක් මෙන්ම දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් බඳවා ගැනීමට ද කටයුතු යොදා තිබෙන බව ජනාධිපතිවරයා කීය. පොලිසිය ගැන ජනාධිපතිවරයා එසේ අදහස් දක්වන අතරවාරයේ, නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි. 4. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළක් මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂම කිරීම සඳහා ඩොලර් මිලියන 10ක් - 15ක් අතර මුදලක් වැයකර නව අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අදහස්කරන බව කී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීමට 1984 නමින් විශේෂ දුරකථන සේවයක් හඳුන්වාදෙන බව සදහන් කළේය. අප්‍රේල් 3 වැනිදා උදෑසන මුළු රට පුරාම මත්ද්‍රව්‍ය වලට එරෙහිව "බක් මහ දිවුරුම" දිවුරුමක් ලබාගැනීමට පියවර ගැනෙන අතර, "ලබන වෙසක් පෝය දිනෙන් පසු ශ්‍රී ලංකාවේ කසිප්පු තියෙන්න බැහැ," යනුවෙන් පොලීසියට දැන්වූ බව කීය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනයට නව අධිකාරියක් පිහිටුවන බවත් ගංජා, කොකේන්, හෂිෂ් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඒ අතර පාසල් දරුවන් හා ගැහැණු දරුවනුත් සිටින බව ජනාධිපතිවරයා පැවසීය. මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා විනිසුරුවන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. "මගේ දරුවන් මරලා මට කන්න දෙනවා කියනවා" 5. ලසන්ත ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන්වීම් පරීක්ෂණවලට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් "අහවල් අහවල් පුද්ගලයන් මෙන්න මේ විදිහට කටයුතු කළා කියන තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් සොයාගෙන තිබුණත් අධිකරණයට ගියාම ඒවා ඔප්පුකිරිමේදී අධිකරණයට හරි සාක්ෂි අවශ්‍ය වෙනවා. ඇතැම් ගැටළුකාරී තත්වයන් ඔය ඇතැම් පරීක්ෂණවල තියෙනවා". ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදහන්වීම යන පරීක්ෂණ ගැන විමසූ විට ජනාධිපතිවරයා කීවේ මාස කිහිපයක් එම පරීක්ෂණවල ප්‍රගතිය ගැන සොයාබැලීමට තමාට නොහැකිවූ බවය. ඒ ගැන නැවත සොයා බලන බව ද ඔහු කියා සිටියේය. හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව පැවසූ ජනපතිවරයා තමා සිංගප්පුරු අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ ගැන දැනුම් දුන් බව කියා සිටියේය. තවත් ලිපි: 6. "මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය දන්නවා" මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම ගැන ඔහු පැවසුවේ එය "අනාගතයේදී සිදුවේවි, කාලසීමාව නම් මම දැන් කියන එක හොඳ නැහැ, මම දන්නවා දිනය නම්." මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදී තිබෙන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම සිදුකරන බව පැවසීය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට යුරෝපා සංගමය දක්වන විරෝධතාවය හමුවේ ශ්‍රී ලංකාවට ජීඑස්පි ප්ලස් වැනි තීරු බදු සහන අහිම්විමට ඇති ඉඩකඩ ගැන විමසීමේදී ජනාධිපතිවරයා පැවසුවේ "ඔය විරෝධතා දක්වන අය මත්ද්‍රව්‍ය මර්ධනයට මොනවාද කරලා තියෙන්නේ. අඩුම වශයෙන් මම ඔය කියපු අධි තාක්ෂණික උපකරණ වත් දෙනවද? එහේ ඉඳන් ඇගිල්ල දික්කරන්න දන්නේ මානව හිමිකම් එක්ක. නමුත් මේ රටේ මේ සිද්ධවෙන මේ බරපතල මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙන් අපියි ගොඩ එන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා කවුරු විරුද්ධ වුනත් මම මේක කරනවා." කියවන්න: 7. රටේ ආර්ථික තත්වය විදේශ ණය, දේශීය ණය, නිෂ්පාදනය පහත වැටීම, අපනයන කර්මාන්ත වල ඇතිව තිබෙන පසුබෑම් හමුවේ රටේ ආර්ථිකය ඉතා අමාරු තැනක සිටින බව ජනපති සිරිසේන පෙන්වාදුන්නේය. වර්ෂ අවසානයේ ජනාධිපතිවරණය හා ඊට පෙර ඇතැම් විට පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්විය හැකි මැතිවරණ වසරක් වන මෙම වසර තුළ ආර්ථිකය අභියෝග ජයගැනීමට සියලු දේශපාලන බලවේග තම න්‍යාය පත්‍ර අතහැර එකට එක්විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. මැතිවරණ වසරක් නිසා විරෝධතා වැඩිවිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා වැඩි වැටුප් ඉල්ලන්නන් රටේ තිබෙන ආර්ථික අර්බුදය ගැන සිතා බැලිය යුතු බවද කියා සිටියේය. අයවැය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම අයවැය විවේචනය නොකරන බවය. "අයවැයකින් සියලු දෙනා සතුටු කළ නොහැකියි." මේ තොරතුරුත් කියවන්න:
එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පැවසුවේ අයවැයෙන් කිසිදු සහනයක් ජනතාවට නොලැබෙන බව තම පක්ෂය දැන ගත් නිසා ඊට විරෝධය පල කිරීමට අයවැය වර්ජනය කල බවයි. අයවැය තුලින් අලුත් යමක් ඉදිරිපත් නොවුවත් තමන් මෙම අවස්ථාවට සහභාගී වූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති එම්. ඒ. සුමන්තිරන් පැවසීය. මේ අතර විපක්ෂය අයවැය වර්ජනය කිරීම ට වැරදි සහගත ක්‍රියාවක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වයඹ මහා ඇමති දයාසිරි ජයසේකර හදුන්වා දුන්නේය. " සම්ප්‍රදායක් හැටියට තියෙන අයවැය කතාව වර්ජනය කරන එක වැරදි, මේකෙන් වෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩෙන එක,විපක්ෂය් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරලා යම්කිසි විරෝධතාවක් තියනවානම් ඒක ඉදිරිපත් කරන්න තිබුන" යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැය වර්ජනය කල අතර දෙමළ ජාතික සන්ධානය අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයෙන් මියගිය මහේන්ද්‍ර කර්මා මාඕවාදීන්ට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස මූලික වූවෙක් කොන්ග්‍රස් පක්ෂ සාමාජිකයන් රැගත් වාහන පෙලට මාඕවාදී කැරලිකරුවන් සැඟවී සිට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් විසිතුන් දෙනකු මියගොස් ඇති අතර තවත් තිහකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා මාඕවාදී කැරලිකරුවන් දෙසියයකට අධික පිරිසක් සහභාගි වී තිබේ. පාලක කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රාන්ත සංවිධායකයා සහ මාඕ විරෝධී අතිරේක හමුදාවේ නායකයා ද මියගිය අය අතර සිටින බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ පාලක කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඉලක්ක කර සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලා ගන්නා බවට ඉන්දීය අගමැති මන්මෝහන් සිංග් ප්‍රතිඥා දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායමක් පවසන්නේ අයි.වී.එෆ්. තාක්ෂණය මගින් මවගේත් පියාගේත් ජාන මෙන්ම තවත් කාන්තාවකගේ ජාන යොදා ගැනීමෙන් දරුවන් බිහි කිරීමේ දී මවගෙන් දරුවාට බෝවිය හැකි මාරාන්තික රෝග වළක්වා ගත හැකි බවයි. නීරෝගී දරුවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය දීමේ තීරණය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සම්මතවුවහොත් බ්‍රිතාන්‍යය අයි.වී.එෆ්. තාක්ෂණයෙන් නීරෝගී දරුවන් බිහි කිරීමේ ක්‍රමවේදය නීතිගත කරන පළමු රට බවට පත් වෙයි. එසේම ඒ ආකාරයට පිළිසිඳ ගන්නා පළමු දරුවා ලබන වසරේ ආරම්භයේ දී බිහි විය හැකියි. ආචාර්ය ධර්ම සහ ආරක්ෂාව යන කරුණු උඩ ආගමික කණ්ඩායම් ද, ජාන තාක්ෂණ වැඩ සටහනට එරෙහි උද්ඝෝෂකයෝද මීට විරෝධය පල කරති. සැක සංකා එහෙත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය සැලී ඩේවිස් (Sally Davies) පවසන්නේ මේ ක්‍රමයේ ප්‍රතිලාභ, පල කෙරෙන සැක සංකා වලට වඩා වැඩි බවයි. මෙම ක්‍රමවේදය පිළිබඳ විද්‍යාත්මක කරුණු සහ ආරක්ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කොට ඇති බවයි ඇය පැවසුවේ. “අඹු සැමියන්ට මෙය අවශ්‍යව තිබෙනවා. අපිට ඒ පවුල් විඳින පීඩාව වළක්වන්නට හැකියාව තියෙද්දී ඇති තවදුරටත් ඔවුන්ට ඒ දුක දෙන්නේ කියන එකයි ගැටලුව,” මහාචාර්ය සැලී ඩේවිස් පැවසුවාය.
පුද්ගලයන් තිදෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් අයි.වී.එෆ්. තාක්ෂණය මගින් දරුවන් බිහි කිරීමට අද, අඟහරුවාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෞඛ්‍ය සේවකයන්, සේවා, පහසුකම්, අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට ඇති අපහසුතා මෙන්ම පරීක්ෂණවල දී සිදුවන ප්‍රමාදයන් සහ අඩුපාඩු නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට මහජනතාවට සිදු වී තිබේ. එවන් අවස්ථා ගැන සමාජ මාධ්‍ය ජාලවල ද විවිධ සටහන් පළ වෙමින් තිබේ. 'රෝග ලක්ෂණ තිබුණත් රස්සාවට යන්න වෙනවා' "මට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වුණාට පස්සේ පීසීආර් ටෙස්ට් එකට දිනයක් ලැබුණේ දවස් හතරකින්. ලොකුම ප්‍රශ්නය වුණේ ටෙස්ට් එකේ රිසාල්ට් එක එනකම් රැකියා ස්ථානයෙන් නිවාඩු නොලැබුණු එක. රෝග ලක්ෂණ එක්කත් මට රස්සාවට යන්න වුණා. අවසානයේ ටෙස්ට් එක පොසිටිව්. ඔෆිස් එකේ මගේ වටේ හිටිය හැමෝටමත් ගිහින්," වත්තල ප්‍රදේශයේ දිවිගෙවන කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය. "රැකියා ස්ථානවල සේවකයන් ගැන විශ්වාස තබන්නේ නැහැ. කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නැහැ, වෛරසය වැළඳුණ අය සම්බන්ධයෙන් විශේෂ නීති රීති මාලාවකුත් නැහැ. ටෙස්ට් එකේ ප්‍රතිඵල නැතුව, රෝග ලක්ෂණ විතරක් තියෙනවා කියලා ගෙදර නැවතුනොත් රස්සාව නැහැ. මේක නම් අවුල් ජාලයක් වුණ රටක්," ඇය තවදුරටත් පැවසීය. මේ හා සමාන තවත් සිද්ධීන් කීපයක් ගැන තොරතුරු ලැබුණු අතර, එක්තරා රාජ්‍ය ආයතනයක ද කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වූ පුද්ගලයන් රැකියාවට පැමිණීම නිසා එහි සිටි සේවකයන් සියල්ලටම පාහේ රෝගය බෝවී තිබේ. "කඩිනමින් නිසි පියවර නොගැනීම නිසා" මේ වන විට එම ආයතනය වසා දැමීමට ද සිදුව ඇතැයි එක් සේවිකාවක පැවසීය. එදිනෙදා ජීවිතය සමග බැටකන මිනිස්සු කැළණි ගඟ මිටියාවතේ දිවිගෙවන කරුණා පෙරේරා පැවසුවේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සමග ඔවුන්ට එදිනෙදා දිවි පෙවත "ගැටගසා ගැනීමට" අවශ්‍ය මුදල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවය. "අපි කුලී වැඩ කරන්නේ. දැන් කිසිම ආදායමක් නැහැ. අහස උසට ණය වෙලා. ඒ වගේම තමයි අපිට දරන්න බැරි තරමට බඩු මිල වැඩි වෙලා. හැමදාම බොන්න ඕනේ බෙහෙත් වර්ග පවා සියයට පනහකින් විතර වැඩි වෙලා. ඒවත් එක සැරේ සොයා ගන්න නැහැ. මෙහෙම ගියොත් කොරෝනාවලට කලින් අපි නිකම්ම මැරිලා යයි," ඇය හැගීම්බරව පැවසුවාය. රෝගීන් ප්‍රවාහනය ගැන සමාජ මාධ්‍ය ජාල සටහන් මේ අතර, කොවිඩ් 19 රෝගීන් කැබ් රථයක පිටුපස නංවාගෙන නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන ගිය සිද්ධියක් පිළිබඳ මාධ්‍යවේදී නයන සංජීව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි. "මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථානවලට රැගෙන ආ ආකාරයයි. දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් කොවිඩ් 19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙම පෝස්ට් එක මෙසේ එකක් පළ කිරීමට සිදුවිය. අවම වශයෙන් එම ආයතනවල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත. සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ. එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැතිවල නිවාසවල සිටින රෝගීන් 60ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය. ගමන් වාර ගණනාවක් මෙලෙස ප්‍රවාහනය කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කළ හැකිව තිබිණි. මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කළ යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය," යැයි නයන සංජීව සටහන් කර තිබිණි. මෙයට පිළිතුරු ලබා දෙමින් දෙහිඅත්තකන්ඩිය MOH කාර්යාල ෆේස්බුක් පිටුවේ මෙලෙස සඳහන් විය. මේ පිළිබඳ යුධ හමුදා මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමක දී පැවසුවේ නිසි අංශ වෙත මෙම කරුණු සන්නිවේදනය වී නොතිබුණු නමුත්, කෙටි වේලාවක දී ඇතිව තිබු ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කළ බවය. මේ තොරතුරු ද කියවන්න: "නියම තත්ත්වය භයානකයි" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, "කොවිඩ් 19 පළමු සහ දෙවෙනි රැල්ලේ වගේම, මෙවරත් කණගාටුදායක විදිහට රසායනාගාර පරීක්ෂණවල වාර්තා ලැබීම්වල විශාල වශයෙන් ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා. මේ වන විට එක් දිනක් තුළ වාර්තා කරන රෝගීන් ගණන, ඇත්තටම දින තුනකට හෝ ඊට කලින් වාර්තා විය යුතු රෝගීන් ගණනයි. රටේ පවතින නියම තත්ත්වය මේ රෝගීන් ගණනින් බලනවා නම් එය අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. පවතින නියම තත්ත්වය වටහා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ කඩිනම් කරන ලෙස අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. රටේ නියම තත්ත්වය රසායනාගාර වාර්තා සහ රෝගීන් දත්ත වලට වඩා භයානක බව තමයි අපිට පේන්න තියෙන්නෙ." ඇති වී තිබෙන තත්ත්වයට වඩාත් හේතු වී තිබෙන්නේ මහජනතාවගේ සංචරණය වන අතර, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී, ජනතාව ඒකරාශි වන ස්ථාන මගහැර සිටින ලෙස සභාපතිවරයා ඉල්ලීමක්ද කළේය. "සහයෝගයක් නැහැ" ස්වයං නිරෝධායනයට යොමු වූ බියගම ප්‍රදේශයේ දිවි ගෙවන පස් දෙනෙකුගෙන් යුතු පවුලක් බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ දී නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවය. "අපේ ගෙදර එක්කෙනෙකුට කොවිඩ් හැදිලා ඉන්නේ. අනෙක් අය නිරෝධායනයට යොමු වෙලා ඉන්නේ. ළඟපාත කිසිම කඩේකින් අපේ ගෙදරට කෑම, බඩු ඩිලිවර් කරන්නේ නැහැ. ගමේ අය ගේ ඉස්සරහින් යන්නත් බයයි. මේ රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා කියලා වගකිව යුතු ආයතන කීයක් තියෙනවා ද? ඒවායින් මොනවා ද වෙන සේවය? පිටරටවල නිරෝධායනය වෙන මිනිස්සුන්ට ඒ පළාතේ අදාළ රජයේ ආයතනයෙන් උදව් කරනවා. නමුත් අපි ජීවිත කාලයම හිර වෙලා ඉන්නේ මේ මඩගොහොරු සිස්ටම් එකේ," ඔවුහු පැවසූහ. "රෝහල් පිරීගෙන යනවා" අඟහරුවාදා (මැයි 4) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, "අපිට පේනවා රෝගීන් පාලනයකින් තොරව වැඩිවෙමින් යන විත්තිය. රෝගීන් 1800 කට වැඩි ගණනක් දවසක ට හඳුනා ගන්න කොට, අපි දන්නවා මීට දෙගුණයක් හෝ තෙගුණයකට වැඩි ප්‍රමාණයක් සමාජයේ ඉන්නා බව. රෝගීන්ට ලබාදෙන ඇඳන් දැඩි සත්කාර ඒකක පහසුකම් ඉතා සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. මේ වෙලාවේ රෝගීන් ගෙනයාමේ අපහසුතා ඇති වෙලා තිබෙනවා. රෝගීන් ගෙවල්වල බලා ගැනීමට සිදු වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක දී රෝගියා නිවසේ වෙන් කර තැබීමත්, නිවසේ සිටින අය මුඛ ආවරණ පැළඳීමත්, රෝගියාට අවශ්‍යය පැරසිටමෝල් වැනි ප්‍රතිකාරත්, විජලනය නොවී සිටීමට අදාළ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. රෝහල් ඉතා වේගයෙන් පිරී යන නිසා උපරිම ලෙස සංචරණ සීමා යොදා රෝගය පාලනය කිරීමට පියවර ගත යුතුයි කියන මතයේ ‍ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉන්නවා," යැයි සභාපතිනිය තවදුරටත් පැවසීය. මේ අතර, අයිඩීඑච් උණ රෝහල, කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් පවසන්නේ රෝහල් පිරී යාමත්, සේවකයන් මදිකමත් නිසා රෝහල් තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් පවතින බවය. "ඇඳන් වැඩි කිරීමට පියවර ගත්තා" - රජය "සෞඛ්‍ය අංශ මෙන්ම ජනාධිපති කාර්ය සාධන බලකාය ක්‍රමානුකූලව හා ශක්තිමත් ලෙසින් කොවිඩ් පාලනයට ප්‍රවිශ්ඨ වී" ඇතැයි අඟහරුවාදා ( මැයි 04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය. කෙටි කාලයක් ඇතුළත රෝහල්වල ඇඳන් ප්‍රමාණය 4000-5000කින් වැඩි කර ඇති අතර, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ද ඉදිරි දින කීපය තුළ වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය වගේම ජනතාවගෙන් ද මෙයට සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසුවේය. පීසීආර් පරීක්ෂණය මගින් තහවුරු වූ කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට 1906 යනුවෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රෝගීන් වහාම රෝහල් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළ මේ වන විට ආරම්භ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජනගහණය සඳහා අවශ්‍ය පූර්ණ එන්නත් ප්‍රමාණය ලබා දීමට හැකි බවට රජය සහතික වන බවත්, මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි අඟහරුවාදා (මැයි 04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය. තවත් තොරතුරු:
කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග සෞඛ්‍ය සේවකයන්, රෝගීන් මෙන්ම මහජනතාව මුහුණ දෙන විවිධ අපහසුතා පිළිබඳ බීබීසී සිංහල සේවයට තොරතුරු දැනගැනීමට ලැබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ ඒ වෙනුවට නගර සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කිරීමට නියමිත ව තිබූ පැරණි පල්ලිය දිගටම පවත්වා ගෙන යාමට රජය සමඟ එකඟතාවකට පැමිණ තිබේ. පල්ලියට පහර දුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ක්‍රියා නො කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගෙන් රජයට විවේචන එල්ල වෙමින් පවතී. ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට මුල් වූ, අලුතින් ඉදි කළ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය මුස්ලිම් නායකයන් විසින් වසා දමන ලදී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුරෝපා සංගමය අද (අගෝ. 20) එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිවය. End of Twitter post, 1 ශවේන්ද්‍ර සිල්වා 23 වෙනි යුද හමුදාපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කෙරිණි. ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳුදා (අගෝස්තු19) පත් කෙරුණි. ඉන් අනතුරුව ඔහු ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලදි. ඔහු එම තනතුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කෙරුණේ යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි අගෝස්තු 18 වෙනිදා විශ්‍රාම යෑම හේතුවෙනි. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් තනතුරට උසස් කර තිබේ. මේ අතර මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අද නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවකි. එහි තවදුරටත් දැක්වෙන්නේ "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය. "චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ යොමුකර ඇති අවධානය කෙරෙහි ඔවුන් ද පූර්ණ සහයෝගය ලබාදෙන බවය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මගින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බවද එහි සඳහන් වේ. "එමගින් ජාතික සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක්කරන අතර යුද්ධයේ ගොදුරු බවට පත් වූ සහ යුද්ධයෙන් දිවි බේරා ගත් ජනතාවට පීඩාකාරී පණිවුඩයක් ද යොමු කෙරේ" යැයි ද යුරෝපා සංගමය පැවසීය. පසුගිය මාර්තු මාසයේදී ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළ අවස්ථාවේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ, සිය අප්‍රසාදය පළ කළාය. එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ එම පත් කිරීම "කනගාටුදායක තත්ත්වයක්" බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් සටනේදී යුද හමුදාවේ 58වැනි සේනාංකයට ශවේන්ද්‍ර සිල්වා අණදුන් අතර ඔහු හමුදාපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහිව "යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා" ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් "දැඩිලෙස සැලකිලිමත්" වන බවය. ඔහුගේ පත්කිරීම නිසා "සංහිදියාව සහ වගවීම" සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බව ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය. මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සඳුදා (අගෝ. 19) ඇමෙරිකා එක්සත් ජනපදය පැවසුවේ සිය "දැඩි අවධානය" යොමු වී ඇති බවකි. "එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය. කියවන්න:
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මට ඉතින් ඇස් දෙක පේන්නේ නැහැ. මුහුද ජරා වුණා කියන්නේ පළාතම අපිරිසිදුයි. ඒ දිහා බලන්න අප්‍රියයි." අධික හිරු රශ්මිය නොතකා කාක දූපත උද්‍යානයේ බංකුවක් මත පෙම්බස් තෙපලන තරුණ යුවලක් සහ මුහුදු රළ සමග 'සෙල්ෆි' ගනිමින් සිටින පාසල් වියේ පසුවන යෞවනයන් කණ්ඩායමක් හැර එහි අන්කිසිවෙකු නොවිණ. සංවර්ධනයේ මහේශාඛ්‍ය බව කියාපාන 'නෙලුම් කුළුන' පමණක් අප දෙස බලා සිටී. එම කලාපයේ පවතින සාගර සහ වෙරළ දූෂණයේ තරම වැටහුණේ උද්‍යානය පසුකර වෙරළ වෙත පැමිණි පසුවය. පාළු වෙරළේ වැලිකැට ගානට ඉවත ලූ ප්ලාස්ටික් බෝතල්ය. පොලිතින්, බීර කෑන්, ටයර්, ප්ලාස්ටික් කොටස්, රෙදි කැබලි, සෙල්ලම් බඩු, පොල් කටු, වීදුරු පාළු කැබලි, පරිගණක උපාංග, සපත්තු, සෙරෙප්පු ද ඊට නොදෙවෙනි තරමටය. දර්ශන පටිගත කරමින් වෙරළේ ඇවිද ගිය අපට ඊට මඳක් ඔබ්බෙන් බෙලෙක්කයක් වැනි දෙයකින් තවත් යමකට තට්ටු කරන හඬක් ඇසිනි. හඬ පැමිණෙන දෙසට ගිය අපට දැක ගත හැකි වූයේ හිස් බීර ටින් ගොඩක් අසල හිඳ සිටි තලතුනා යුවලකි. කාන්තාව දඬුවකට ගසමින් බීර ටින් තුළ වූ වැලි ඉවත් කර පසෙකින් හිඳ සිටි පුද්ගලයා වෙත ගොස් දෙන්නීය. වෙරළ දෙසට මුහුණ ලා ගත්වනම සිටි ඔහු එම ටින් දෙපළු කර පසෙකින් ගොඩ ගසයි. "පොල්කටු, බියර් ටින්, ප්ලාස්ටික් කෑලි අක්කා ඇහිඳිනවා. අපි කීයක් හරි හොයා ගන්නවට වඩා මුහුද හොඳට තිබ්බොත් තමයි හොඳ." "නැන්දලා මොකද මේ කරන්නේ,?" මම ඇගෙන් ඇසුවෙමි. "අපි මේ හිස් බීර ටින් එකතු කරනවා මහත්තයෝ. ඒකෙන් තමයි කීයක් හරි හොයා ගන්නේ, මුහුදෙන් එන ටින් අහුලලා සුද්ද කරලා බෝතල් කඩේට දෙනවා." "දවසකට කීයක් විතර එකතු කරනවද?" "දවසකට ටින් දාහක් විතර එකතු කරනවා. තව පස්හය දෙනෙක් මෙතනට එනවා. ඒ අයත් එකතු කර ගෙන යනවා. පොල්කටු, බීර ටින් අරන් යනවා." පසෙකින් සිටි නිහඬ සගයා පිළිබඳ කරුණු විමසීමට මත්තෙන් ඇය යළිත් හඬ අවදි කළාය. "මේ මගේ මල්ලි. එයාගේ ඇස් පේන්නේ නැහැ. අනූහතරේ තොටළඟ තියපු බෝම්බයට අහුවෙලා එයාගේ ඇස් අන්ධ වුණා. එතකොට එයාට වයස විසි එකයි." ඇය මේ පවසන්නේ 1994 වසරේ දී ගාමිණී දිසානායක ඇතුළු ජීවිත ගණනාවකට මරු කැඳ වූ බෝම්බ පිපිරීම පිළිබඳවය. "මට ඇස් දෙක පේන්නේ නැහැ ඒත් මුහුද ජරා වුණා කියන්නේ පළාතම අපිරිසිදුයි." විතාරණගේ මරීනා ප්‍රනාන්දු සහ විතාරණගේ සුරංජිත් ප්‍රනාන්දු අක්කා මලෝ වෙති. සුරංජිත්ගේ හිස් බැල්ම දෙස බැලූ විට ඔහු විසි වසරකට ඉහත තම තුරුණු ඇසින් දුටු මුහුද සිහි කරමින් සිටින්නේ දැයි සිතේ. "මේ බීර ටින් අතපත ගාන කොට සුරංජිත්ට මොකද හිතෙන්නේ?," මම ඔහුගෙන් විමසුවෙමි. "මට ඉතින් ඇස් දෙක පේන්නේ නැහැ. පොල්කටු, බියර් ටින්, ප්ලාස්ටික් කෑලි අක්කා ඇහිඳිනවා. අපි කීයක් හරි හොයා ගන්නවට වඩා මුහුද හොඳට තිබ්බොත් තමයි හොඳ. මුහුද ජරා වුණා කියන්නේ පළාතම අපිරිසිදුයි. ඒ දිහා බලන්න අප්‍රියයි." ඉතින් මා ඔහුට තවත් ප්‍රශ්න යොමු කළ යුතුද? "ජේසු පිහිටයි මහත්තයෝ. ගිහින් එන්න." මිනිසුන් ඉවතලන කසල එකතුකර බඩවියත රැක ගන්නා දෑස් නොපෙනෙන සුරංජිත් දෑස පෙනෙන අප සියලු දෙනාට කියා දෙන්නේ අපූරු පාඩමක් නොවේද? වෙරළ දූෂණය අතින් ශ්‍රී ලංකාව "පස්වෙනි තැනට" සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් 'යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා' සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදැක්විණි. ඉහත කී වාර්තාවෙහි අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබිණ. අදාළ වාර්තාවට අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන රටවල්ය. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසල මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වේ. "දෝෂ සහිත වාර්තාව නිසා සාධනීය වෙනසක්" කෙසේනමුත් එකී වාර්තාව සැකසීම සඳහා කරන ලද උපකල්පනය කිරීම් සහ ගණනය කිරීම්වල පැවති දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය වී ඇති බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි. එකී වාර්තාවේ දෝෂ පැවතියත් එය සාධනීය ආකාරයෙන් යොදා ගැනීමට සිය ආයතනය ක්‍රියා කළ බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "අපි 25, 30 වගේ ස්ථානයකට වර්ගීකරණය කර තිබුනා නම් මේ ගැන එච්චර හිතන්නේ නැහැ. පස්වන තැනට වර්ගීකරණය වුණු එක ලොකු බලපෑමක් වශයෙන් අරගෙන ලංකාවේ වෙරළ කලාපය පිරිසිදුව තබා ගන්නේ කෙසේද කියන දේ ගැන වැඩි ආයාසයක් යොදලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා," ඔහු පැවසීය. "වැරදීමකින් හෝ, අපට දුන් පින්තූරය හොඳ විදිහට යොදාගෙන වෙරළ කලාපය පිරිසිදු කිරීමේ උත්සාහයක අප යෙදී සිටිනවා." සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම සාගරයට අපද්‍රව්‍ය එක් වූ පසු ගත හැකි පියවර සීමා සහිත බව කී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සාගරයට අප්‍රද්‍රව්‍ය එක්වීම වැලැක්වීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව පෙන්වා දෙයි. සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙන පරිදි සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම දෙකකි: සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන පරිදි ගොඩබිම ඔස්සේ වෙරළ කලාපය වෙත පැමිණෙන දූෂණකාරක කොටස් දෙකකි: ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය ශ්‍රී ලංකාව තුළ සාගර දූෂණයට වැඩි වශයෙන්ම බලපාන බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දෙයි. බටහිර, දකුණ සහ යාපනය "80% වෙරළ කලාපය දූෂණය වීමට බලපාන්නේ ගොඩබිම ඔස්සේ ගංගා ඇලදොළ මාර්ගයෙන් ගලා එන අපද්‍රව්‍යයි. සාගරයෙන් සිදුවන දුෂණය 20% ක්." ඊට අමතරව අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල සිට මුහුදු තරංග ඔස්සේ දූෂිත ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළ කලාපය වෙත පැමිණෙන බව නිරීක්ෂණය වී ඇතැයි ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය. "අපි සිතනවා ශ්‍රී ලංකා වෙරළ කලාපය හොඳ තත්ත්වයක තිබෙනවා කියලා. නමුත් එහෙම නොවෙයි. වෙනත් රටවලට සාපේක්ෂව අපේ වෙරළ කලාපය යම්කිසි දූෂණ තත්ත්වයකට මේවන විට මුහුණපාලා තිබෙනවා." බටහිර, දකුණ සහ යාපනය අවට වෙරළ කලාප වඩාත් දුෂණයට ලක්ව ඇති බව ඔහු පැවසීය. ආකල්පමය වෙනසක් පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීම වැලැක්වීම සඳහා ඇළමාර්ග පවිත්‍ර කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ගංගා සහ ඇලදොළ මුහුදට එක්වන ස්ථාන තුළ සිරස් දැල් වැට යෙදීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම වැනි පියවර රාශියක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. පොලිතින් රකුසාගෙන් සාගරය සහ වෙරළ තීරය ඇතුළු පරිසර ආරක්ෂා කිරීම සඳහා ආයතනික මට්ටමින් නීති සහ ක්‍රියාමාර්ග ගනු ලබනවා සේම ඒ සඳහා පුරවැසියන් වශයෙන් ලබා දිය හැකි දායකත්වය කෙබඳුද? පොලිතින් සහ ප්ලාස්ටික් කසල කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා ලොව බොහෝ රටවල් මේවනවිට පියවර ගනිමින් සිටිති. පොලිතින් භාවිතය තහනම් කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ එකම රට ශ්‍රී ලංකාව විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෑතකදී ප්‍රකාශ කර තිබිණි. කසල කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරගේ අදහසය. "කෙන්යාවේ එහෙම වුනත් ශ්‍රී ලංකාවේ එහෙම නැහැ" "වෙරළ දුෂණය අතින් චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන්" උදාහරණයක් වශයෙන් කෙන්යාව මෑතකදී පොලිතින් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහහනම් කරමින් ඒ සඳහා දැඩි නීති ගෙන ඒමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි. "කෙන්යාවේ ඒ සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් ලක්ෂ තිස් පහක පමණ දඩයක් නියම කළා. මුලදී ඒ සඳහා දැඩි විරෝධයක් ආවා. නමුත් දැන් මාස නවයකට පස්සේ ඒ මිනිස්සු කියන්නේ අපි දිනුවා. රට දැන් පිරිසිදුයි. හුළඟට ෂොපින් බෑග් පියාඹන්නේ නැහැ. ගංවතුරට පොලිතින් ගහගෙන ගිහින් බ්ලොක් වෙන්නේ නැහැ," ඔහු විස්තර කළේය. "ලංකාවේ වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. පොලිතින් තහනමට විරුද්ධ අය රටට ආදරේ නැහැ." පොලිතින් ඇතුළු කසල පරිසරයට මුදාහරින සහ මහමග දමා යන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පවතින නීති ලිහිල් බව කී ආචාර්යවරයා, "එවැනි පුද්ගලයන්ට රුපියල් පනස් දහසක හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි කියා මම සිතනවා," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
අප මට්ටක්කුලිය කාක දූපත වෙත පිය මැන්නේ සාගර සහ වෙරළ දූෂණය තේමා කරගනිමින් ජුනි 08 වෙනිදාට යෙදී ඇති ලෝක සාගර දිනය වෙනුවෙන් සැකසෙන වාර්තාවක් සඳහා දර්ශන පටිගත කර ගැනීමේ අරමුණෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ වෙලාවේ ඒ අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට -විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර කහවත්ත නගරයේ ප්‍රචාරක සැරසිලි කරමින් සිටි පිරිසකට සඳුදා අලුයම වෙඩි තබා තුවාල සිදු කළ බවට ලැබුණු පොලිස් පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට අමතරව සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර දර්ශන ද සිල්වා යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඉහත කී ප්‍රහාරයේ දී වෙඩි වැදී තුවාල ලැබ සිටින එක් අයකුගේ තත්වය බරපතළ බව රත්නපුර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය. චෝදනාව රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි තම ආධාරකරුවන්ට ප්‍රේමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිසක් පැමිණ වෙඩි තැබූ බවයි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල කියා සිටියේ. එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ කහවත්තේ පිහිටි තම පක්ෂයේ කාර්යාලයක් කඩා දමා තිබූ බවයි. 'ඒ අයම තියපු එකක් වැදිලා' ‘හාර පන්සීයක වගේ සෙනගක් හිටියා. වාහනත් ගොඩක් තිබුණා. ඒ වෙලාවේ අපේ කාර්යාලයට ගහනවා දැක්කා. එහෙම කරලා අපේ මිනිස්සුන්ට ගහන කොට පොලීසියෙන් හිටියා. මම ඇහුවා මොකක්ද මේ කරන්නේ, බලා ඉන්නේ කියලා. නෑ නෑ මේක අපි විසදන්නම් කියලා යන්න කිව්වා. මගේ ආරක්ෂක නිලධාරිනුත් කිව්වා කට්ටිය ගොඩක් ඉන්න නිසා මෙතනිං යමු කියලා. අපි හරෝගෙන ගියා. ඒ යන කොටත් පොලු ගල් ගගහ ඉස්සරහට ආවා. අපි එතනින් ආවාට පස්සේ වෙච්ච දේවල් මම දන්නේ නෑ.’ නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය. ‘මට කිසිම අවශ්‍යතාවක් නෑ නිකම් මේ අනවශ්‍ය ප්‍රශ්නදාගෙන නීතිමය ගැටලු දාගන්න. දැනට ආරංචිවෙලා තියනවා මේ කණ්ඩායම අතරේ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් ඉන්නවා කියලා. ආයුධ තියාගෙන ඒ අය අතර ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒ අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට’ ඔහු තවදුරටත් පැවසීය. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ජනතාව වීදි බැස කහවත්ත නගරයේ ඉදි කර තිබූ ජනාධිපතිවරයාගේ තොරණ සහ කටවුට් කඩා දමා ඒවා ගිනිබත් කරමින් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා වන අන්දමින් හැසුරුණු බව පොලීසිය පවසයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා කහවත්ත නගරයේ දී ප්‍රචාරක රැළියක් සංවිධානය කරමින් සිටි පිරිසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්නා මෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය වම් අතේ තුවාලයට මැහුම් හයක් දමා තිබුණත් ධෛර්යෙන් යුතුව පිටියට පිවිසි බවයි ඔහු පවසන්නේ. ''ඊයේ මැහුම් 6 දැම්මා මගේ අතට. ඊට පස්සේ නෙට් එකට ගිහිල්ලා බැට් එක අතට ගත් විට අපේ පළමු කඩුල්ල බිඳ වැටුනා. පුහුණුකරු ඇහුවා දැන් පිටියට යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම යන්නම් කියලා" ඔහු පැවසීය. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 08 ක් දැවී ලකුණු 312 රැස් කර ගෙන සිටියි. පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 355 රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 379 ක් රැස් කළේය.
තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව කියා සිටියේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇට මිදුලු බද්ධ කිරීමේ රෝහලකට මුල් ගල් තැබීම පිණිස මහනුවර මහ රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමිනි. මැයි දිනය සැමරීමේ රැලියේදී සහ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසකගේ විවේචනයට ලක් වී තිබේ. සබැඳි යොමු: විශේෂයෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරයා විසින් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න දැඩි විවේචනයට ලක්කිරීම ඉන් අනතුරුව පැවති කැබිනට් රැස්වීමකදීද සාකච්ඡාවට ලක් වී තිබුණි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට යළිත් වරක් හමුදාපති පදවිය භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ බවට සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය මතභේදයට ලක් වූ තවත් මාතෘකාවකි. එබැවින් ඔහු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වෙනත් කැබිනට් ප්‍රකාශකයකු පත්කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමති මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්වුන සාකච්ඡාවකදී ඇමතිවරුන් පිරිසඑම තීන්දුව ගත් බවද මාතය ජෝන් සෙනෙවිරත්න පැවසීය. මහනුවරදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එයට ප්‍රතිචාරය පළ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා: "මම ක්‍රියාත්මක කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්තියි. රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙල නොවෙයි. කැබිනට් ප්‍රකාශක කමින් ඉවත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය නොවෙයි," යනුවෙන් පැවසීය. යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙල නොතේරෙන පුද්ගලයන් වත්මන් ආණ්ඩුව තුළත් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තමන් ක්‍රියාත්මක කරන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති බව අවධාරණය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා, සම කැබිනට් ප්‍රකාශක තනතුරෙන් තමා ඉවත් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවද සඳහන් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම තහනම පනවා ඇත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සඳහා නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ කණ්ඩායම් විසින් තමන් හමු වීමට උත්සාහ කළ බව බලධාරීන්ට දැනුම් නොදීමේ වරදටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චිට මේ තහනම පනවන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පත් කරන ලද විනිශ්චය සභාවක් මගින්. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම විනිශ්චය සභාව පත් කරන ලදී. එම චෝදනාව යටතේම විනිශ්චය සභාව මගින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු ලූ වින්සන්ටද වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි හට ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙසට මාස දහ අටක තහනමක් පනවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා සම්බන්ධ ප්‍රශ්නය පමණක් නොව තවත් බොහෝ පරීක්ෂණ කෙරෙහි තම විශ්වාසය බිඳ වැටී ඇති බවයි ඔහු කියා සිටියේ. 'මන්ත්‍රීගේ දේපල' ‘අපි දන්නවා කලින් අල්ලස් දූෂණ කොමිසම අකාර්යක්ෂම කිරීමට හේතු වුනා කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙකුගේ, එවකට ඇමතිවරයෙකු ගේ දේපල පිලිබඳ කාරණය. ඒ පරීක්ෂණ කටයුතු ඊට පස්සේ ආරම්භ වුනේ නැහැ. තව කාරණා බොහොමයක් තියෙනවා. ඔබට මතක ඇති හිටපු ජනාධිපතිවරයා ගේ නිල බෙන්ස් රථයේ අංකය භාවිතා කළ රේසිං කාර් එකක් අත්අඩංගුවට ගත්ත. අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ. මේ වන විට ඒ රථය අධිකරණ භූමියේත් නැහැ. මට ආරංචි වුනා ඒ රථය ආපසු භාර දීල කියල. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙකු ගේ නිල රථයක අංකයක් භාවිතා කරපු රථයක් කොහොමද ආපසු භාර දෙන්නේ කියල.’ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසීය. යුක්තිය මෙවැනි කාරණා නිසා නව රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද බිඳ වැටී ඇති බව තමා පිළිගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. යුක්තිය ඉටු වනවා මෙන්ම යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතු බවයි අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා බීබීසීයට කියා සිටියේ.
දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි සිය විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සංදේශයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මහා රළ පෙළ' එසේ ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වී ඇති කලා කෘතිය ලෙස සැලකෙන්නේ ජපාන ජාතික කට්සුෂීකා හොකුසායි විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි. 'මහා රළ පෙළ' නමැති සිතුවම ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ 1830 ගණන්හි මුල් භාගයේදීය. ඒ සිතුවම් මාලාවක එක් කොටසක් වශයෙනි. "මහා රළ පෙළ සිතුවම් මාලාවක කේන්ද්‍රයයි. එය ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ සිතුවමයි. මෙය මීට පෙර දැක නැහැ කියා මිනිස්සු හිතුවත් ඔවුන් එය කොහේ හෝ දැක තිබිය යුතුයි" SOAS විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙකු වශයෙන් කටයුතු කරන ඇන්ගස් ලොක්යර් කියා සිටියේය. සබැඳි යොමු:
ලොව බිහි වූ කලා නිර්මාණ අතරින් වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය කුමක්ද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බොලිවුඩ් තාරකා ශ්‍රීදේවී එම මාධ්‍ය ප්‍රචාරණය අනුකම්පා විරහිත, අසංවේදී ක්‍රියාවක් ලෙස දෝෂ දර්ශනයට ලක්වෙමින් ඇති බව එම වාර්තා මගින් පැවසේ. ශ්‍රීදේවි ගේ මරණය හා සම්බන්ධ පුවත් විනෝදාස්වාදය පිණිස යොදා ගනිමින් ඇති බව එක් සිනමා නිළියක් පවසන්නීය. ශ්‍රී දේවි ගේ මරණය දියේ ගිලීමකින් සිදු වූවක් බව ඩුබායි හි වෝහාරික වාර්තාවක සඳහන් වේ. ඉන් අනතුරුව පළ කෙරුණ ඇතැම් වාර්තාවලට නාන කාමර සහ නාන බේසම්වල ඡායාරූප ඇතුළත් කරමින් සිනමා නිළියගේ මරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විවිධ මත පළ වන්නට විය. ඉන්දීය මාධ්‍ය ආයතනයක් ශ්‍රී දේවි මරණය වාර්තා කරන ලද ආකාරය එවැනි වාර්තා පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ඇතැම් රූපවහිනී නාලිකා මහජන විවේචනයට ලක් වෙමින් ඇතිබව ඉන්දීය වාර්තා මගින් පැවසේ. ශ්‍රීදේවි දශක 5කට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 කට පමණ සිය රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විය. මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් සිව් හැවිරිදි වියේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය. ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ද සිටි බව සැළකේ. ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් ද ශ්‍රීදේවී කපූර් 2013 දී පිදුම් ලැබුවාය.
පසුගියදා දිවියෙන් සමුගත් ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවි කපූර්ගේ මරණය මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන ආකාරය පිළිබඳව ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සහ රසිකයන් වෙතින් කෝපය පළ වෙමින් ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉරාකයේ ටල් අෆාර් නගරය සුන්නි කැරලිකරුවන් අතට පසු ගිය සති කිහිපය ඇතුළත ඉරාකය තුළ ඇති වී තිබෙන තත්වය දෙස බැලූ විට එම කාරණය තහවුරු වන බවයි පොල් බ්රෙමර් වැඩි දුරටත් පැවසුවේ. දෙදහස් තුන වසරේ ජනපති බුෂ් ගේ නායකත්වයෙන් ඇමරිකාව විසින් ඉරාකය යටත් කර ගැනුණ අතර දෙදහස් එකොළහ වසරේ දී ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් වුහ. මේ අතර ඉරාකයේ ටල් අෆාර් නගරය සුන්නි කැරලිකරුවන් අතට පත් වී තිබේ. නගර වැසියෙක් පැවසුවේ අධික ගැටුම් වලින් අනතුරුව, ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩ නැගීමේ අරමුණින් සටන් වදින 'අයි එස් අයි එස්' සංවිධානය විසින් මෙහෙය වූ අවි ගත් කණ්ඩායම් නගරය අත්පත් කර ගත් බවයි. කෙසේ වෙතත් ටල් අෆාර් හි පාලනය රඳවා ගැනීමට මේ මොහොත වන විටත් ඉරාක හමුදා සටන් කරමින් සිටින බවයි ඉරාක ආණ්ඩුව පවසන්නේ. ටල් අෆාර් නගරයේ ජීවත් වන සමහරක් ශියා මුස්ලිම්වරු කැරලිකරුවන්ගේ ඉලක්කයට පත් වෙතැයි බියෙන් නගරය අත හැර ගොස් තිබේ.
එක්සත් ජනපද හමුදා ඉරාක භූමියෙන් ඉතා ඉක්මනින් ඉවත් වීම ඇමරිකාව අතින් සිදු වූ විශාල වැරැද්දක් බව ඇමරිකානු ආක්‍රමණයෙන් පසු එවකට ඉරාක පරිපාලනය භාරව කටයුතු කළ පොල් බ්රෙමර් අවධාරණය කර සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින් එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් සිදු කරනු ලබන ප්‍රකාශය අසත්‍යයක් බව ඡ්‍යෝතීර්වේදයට අනුවම තමන්ට ඔප්පු කළ හැකි බව නීතිඥ නිමල් බෝපගේ කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගිය වසරේ පෙබරවාරි 04 වැනි දින නිදහස් උත්සවය අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
ඡ්‍යෝතීර්වේදියෙකු ලෙස පෙනී සිටිමින් විජිත් රෝහණ විජයමුණි නමැති පුද්ගලයා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක කොටසක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රටේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි' මැලේසියාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් හදාරමින් සිටින නගර නිර්මාණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවාසීන් මුහුණදෙමින් සිටින ගංවතුර ආපදා තත්වය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ස්වාභාවික පරිසරය වෙනස් කරමින් සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වන ප්‍රතික්‍රියාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සතු සූදානම කවරක්දැයි ඇය ප්‍රශ්න කරන්නීය. පසුගිය දින කීපය තුළ පැවති අධික වර්ෂාවත් සමග අගනුවර සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර, සාමාන්‍ය වැස්සකදී පවා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමත් බොහෝ විට දක්නට ලැබෙන්නක්. හදිසියේ ඇද හැලුණු මහා වර්ෂාවත් සමඟම ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නාය යෑම් හටගත්තේය පසුගිය දින කීපය තුළ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඒ දෙපස පිහිටි ප්‍රදේශද ජලයෙන් යට විය. කාණු අවහිර වීම, සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු, ගංගා පිටාර ගැලීම ආදී කරුණු හේතුවෙන් ජල ගැලීම් ඇති විය හැකි බව පෙන්වාදෙන නගර නිර්මාණ ශිල්පිනිය නදීෂා චන්ද්‍රසේන කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරට මෙම කරුණු සියල්ල බලපා ඇති බව පෙන්වා දෙයි. "කොළඹ මැද තිබෙන්නේ නගරයේ පිහිටීම නිසා කාණු අවහිර වීම වැනි කාරණා නිසා ඇති වන නාගරික ගංවතුරක්. කඩුවෙල සහ පිටරවුම් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල තිබෙන්නේ අලුත් ඉදිකිරීම් එක්ක අවහිර වූ ජල මාර්ග නිසා ඇති වූ තත්වයක්," ඇය පවසන්නීය. "කැලණියට තියෙන්නේ ගංගා පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරක්." 'පිටරවුම් පාර හැදුවේ පහත බිමක. එහිදී අවහිර කරපු ස්වාභාවික ජල පද්ධතියට අපි ලැගුම් ස්ථානයක් දී තිබෙනවද?' "උදාහරණයක් විදිහට අපට කලින් තිබ්බේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ. නමුත් දැන් උණ, ඩෙංගු, ගලපටලය, පාචනය මේ ඔක්කොම එකට ඇවිල්ලා. දැන් අපට කියන්න බැහැ එකම තත්වයක ගංවතුරක් තියෙන්නේ කියලා." "කැළණි ගඟ පිටාර ගලන එකට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒකට අපි සුදානම් වෙලා හිටියේ නැහැ.' ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපෘති කිසිවකට නිසි පාරිසරික බලපෑම් වාර්තාවක් යොදා ගෙන ඇතැයි තමා විශ්වාස නොකරන බවත් නගර අලංකරණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන පවසන්නේ. "කඩුවෙල ආශ්‍රිතව හදපු පිටරවුම් පාර හැදුවේ පහත බිමක. එහිදී අවහිර කරපු ස්වාභාවික ජල පද්ධතියට අපි ලැගුම් ස්ථානයක් දී තිබෙනවද?," ඇය ප්‍රශ්න කරන්නීය. 'රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?' "සංවර්ධනය සිදු විය යුතුයි. නමුත් එය සිදු විය යුත්තේ හරියාකාරවයි." සංවර්ධන කටයුතුවලට ස්වභාවික පරිසරය දක්වන ප්‍රතිචාරය දරා ගැනීමට නොහැකි සංවර්ධන ව්‍යාපෘති අඩක් නිම කළ සංවර්ධන ව්‍යාපෘති ලෙසයි ඇය හඳුන්වන්නේ. 'පිට රවුම් පාර කියන්නේ රටට සම්පතක්. නමුත් එහි සියයට පනහක, අපේ පාර්ශවයේ වැඩ නිම කරලා පමණක් බලා ඉන්න බැහැ. ස්වභාවධර්මයේ සිදු කළ වෙනසට ලැබෙන ප්‍රතිචාරයට අපි සූදානම් වී සිටිය යුතුයි." රටේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ. ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම නගර අලංකරණය සහ නගර සංවර්ධනය අතර වෙනස වටහා නොගෙන කටයුතු කළ බවත් නගර අලංකරණ ශිල්පිනිය පවසයි. "රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?," පසුගියදා නාසා ආයතනයේද කෙටි පාඨමාලාවක් හැදෑරු නදීෂා ප්‍රශ්න කරයි. "නගර අලංකරණය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමට ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කිරීම. නමුත් ජීවත් වෙන්න ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කරනවා කියන්නේ ප්‍රධාන මංමාවත්වල මල් පෝච්චි තියලා ගස් වවන එක නෙවෙයි," ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවත් ඒ සමග ඇති වන පාරිසරික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගෙන බව නගර නිර්මාණ ශිල්පිණියක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශ සීමා ඔස්සේ නීති විරෝධී ලෙස බංග්ලාදේශයට ඇතුළු වී රැඳවුම් භාරයට පත් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් කණ්ඩායමක් මියන්මාර හමුදා මෙහෙයුම්, බංගලාදේශයට සහ සරණාගතයන්ට දරුණු විපාක ගෙන දීමට මුල් වී ඇති බව බංගලාදේශ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය. රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් විශාල සංඛ්‍යාවක් දේශ සීමා ඔස්සේ බංගලාදේශය වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි ඇතමුන් බලහත්කාරයෙන් නැවත පිටත් කරනු ලැබ තිබේ. දේශසීමාවට නුදුරු රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වෙසෙන කඳවුරක් සුළුතරයක් වන රෝහින්ග්‍යා වැසියන්ට අයත් ගම්මාන ගිනි බත් කරන බවට සහ නැවත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවට එල්ල වන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි.
දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම් බිම් හැර දමා බංගලාදේශය වෙත පළා ඒමට බල කෙරෙන මියන්මාර හමුදා ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය පළ කිරීම සඳහා බංගලාදේශ විදේශ අමාත්‍යංශය විසින් සිය අසල්වැසි මියන්මාරයේ තානාපතිවරයා කැඳවනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා "ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා, අධිකරණ වෛද්‍ය නිළධාරීතුමා ඇතුළු පරීක්‍ෂණ කණ්ඩායම් විසින් තහවුරු කරලා තිබෙනවා මෙම සිරුරු අයත් නිෂ්චිත කාල වකවානුව 1986 - 1990 කියලා. දැන් නිශ්චිත ලෙස සිරුරු ලැබිලා තිබෙනවා. නිශ්චිත ලෙස කාල වකවානුවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා රජය විසින් මේ පරීක්‍ෂණ සිදුකොට වගකිව යුතු අය එළිදරව්‍ කළ යුතුව තිබුණා. නමුත් ඒ සඳහා රජය දක්වන්නේ ඉතාමත් ඈලි මෑලි ස්වභාවයක්". යැයි අනුර කුමාර දිසානයක මන්ත‍්‍රී වරයා කියා සිටියේය. මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (බදාදා) විභාග වූ නඩුවට පෙත්සම් කරුවන් දහතුන්දෙනෙක් දෙනෙක් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළහ. මෙම පෙත්සම් කරුවන් දහතුන් දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බව මාතලේ මහේස්ත‍්‍රාත්වරිය ප්‍රකාශ කළාය. අතුරුදහන් වූ තම නෑ සියන් ගේ අස්ථි කොටස් මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක කරන බැවින් එම ක්‍රියා වන්ට වගකිවයුතු පිරිස් නීතිය හමුවට පමුණුවා තමන්ට සාධාරණයක් ඉටු කරවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව පෙත්සම් කරු වෙක් වෙනුවෙන් පෙනී සිටී නීතීඥය සුනිල් වටගල ප්‍රකාශ කළේය. තම පුතු එනතුරු මඟ බලා සිටිනා එක් පෙත්සම්කාරියක් මාතලේ රොසලින් නෝනා. මාතලේ රොසලින් නෝනා "අසූ නවයේ දහවැනි මාසේ හයවෙනිදා නාඳුනන පිරිසක් විසින් තමයි අරන් ගියේ. කවුරු අරන් ගියාද දන්නේ නෑ. අද වෙනකම් කිසිම තොරතුරක් නෑ. තොරතුරක් සොයා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ." පෙත්සම්කරුවන් දහතුන් දෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා ලෙස රහස් පොලීසියට නියෝගයක් නිකුත් කල මාතලේ මහේස්ත‍්‍රාත්වරිය දිවුරුම් පෙත්සම් පිළිබඳව සලකා බලා ජුනි මස දහවන දින තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.
මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස් හෙළිදරව් කිරීමට රජය ප්‍රමාණවත් ලෙස උනන්දු නොවෙන හෙයින් එක දහස් නවසිය අසු හය සිට අනුව කාලවකවානුව තුළ අතුරුදහන් වූ පිරිස් වල ඥාතීන් හට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමට සිදුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මාතලේ දී ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආධාර ලබාදීමට සූදානම් බව පවසමින් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ විශේෂයෙන්ම පීඩාවට පත්වූවන්ට ආධාර බෙදාදීමේදී මෙන්ම අනතුරට ගොදුරු වූවන් බේරාගැනීමේ කාර්යයේදී සමාජ මාධ්‍ය ජාල ඉටු කරමින් සිටින සුවිශේෂී කාර්යභාරය කැපී පෙනෙන්නක්. ආධාර රැස් කිරීම පිණිස, කිසිවකු බේරා ගැනීමට අවශ්‍ය බව පවසමින්, ලැබුණු ආධාර බෙදාදීමට උපකාර පතමින්, අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු සොයමින් සහ අවතැන් වූවන්ට ඖෂධ හෝ වෙනත් ආධාර අවශ්‍ය නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විවිධ පණිවුඩ සමාජ ජාල ඔස්සේ තවමත් හුවමාරු වෙමින් පවතී. අවතැන් වූවන්ට ආධාර සැපයීම පිණිස සහාය පතමින් ෆේස්බුක් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ අවතැන් වූ සිය රටවැසියන්ට ආධාර කරන ආකාරයක් තිබේ නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ බීබීසී සංදේශයේ අප වෙතත් ඉල්ලීම් යොමු කළහ. මීට දශකයකට පමණ ඉහත දී සුනාමි ව්‍යසනය අවස්ථාවේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම සියලු භේද ඉවත දමා එකමුතු වූ ආකාරයෙන්ම මෙවරත් ඔවුන් ව්‍යසනයේදී එකාවන්ව අත්වැල් බැඳ ගෙන සිටින ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසංශාවට ලක් වී තිබේ. සුනාමි ව්‍යසනයේදී මෙන්ම ගංවතුර ආපදාවෙදීත් ශ්‍රී ලංකාවාසීහු සියලු භේද අමතක කොට අවතැන්වූවන්ට පිහිටවීමට ඉදිරිපත් වූහ බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට ප්‍රණාමය පුද කෙරෙන අතරවාරයේ, නිරන්තරයෙන් ජනතා විවේචනයට ලක්වන පොලිසියත් ජනතාවගේ දැඩි ප්‍රශංසාවට ලක්වීම මේ ව්‍යසනයේ දක්නට ලැබුන තවත් විශේෂ ලක්ෂණයක්. ශ්‍රී ලංකාවාසීන් විශාල පිරිසක් වේදනාබර අත්දැකීමට මුහුණ දී සිටින අතරවාරයේ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දක්ෂතා අතරට පැමිණීම අගය කිරීමටත් සමාජ මාධ්‍ය ජාලවල හැසිරෙන්නෝ අමතක නොකළහ; ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි. ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි මීට වසර හතකට ඉහතදී ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාව යුද්ධයට මැදි වී සිටියදී දකුණේ ජනතාවගෙන් මේ මිනිසත්කම මතු නොවුයේ මන්දැයි ඒ අතර විවේචනයක්ද එල්ල වී තිබුණි. සමාජ මාධ්‍ය ජාලාවල හැසිරෙන බොහෝ දෙනා සහ බොහෝ ජනමාධ්‍ය ඉතා වගකීමෙන් යුතුව තොරතුරු බෙදා ගනිද්දී, ඛේදවාචකයක් පවතින අවස්තාවක ඉතා සුළු පිරිසක් පමණක් අසත්‍ය කට කතා පතුරවමින් ජනතාව බියගන්වමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසන ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, එයින් වලකින මෙන් ඉල්ලීමක් කරයි. ආපදාවට මුහුණ දුන් සිය රටවැසියන්ට ආධාර, උපකාර කරන අතරම කිසියම් ලෙසකින් එය මීට වඩා ක්‍රමවත්ව සහ සංවිධානාත්මකව සිදුවිය යුතුව තිබුණු බව සමහරුන්ගේ අදහස වී තිබේ. අවතැන් වූවන් අමතමින් හුවමාරු වන පණිවුඩ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආධාර ලැබුන බව බලධාරීන් පවසද්දීත්, එකම ස්ථානයකට ආධාර ගොඩ ගැසීමට උත්සාහ කිරීමත්, ඉදිරිය ගැන සිතා වියලි ආහාර ලබා දෙනු වෙනුවට බොහෝ දෙනා පිසූ ආහාරම පිරිනැමීමත් විවේචනයට ලක් වී තිබුණි. එමෙන්ම බේරා ගැනීමේ සේවකයන්ගේ ප්‍රයත්නයන්ට බාධා කරමින්, ගංවතුර සහ නාය යාමේ හානිය 'නැරඹීමට' බොහෝ දෙනා එම ස්ථානවලට රැස් වන බව තවත් විවේචනයක්. ආපදාවකට මුහුණ දුන් සිය රටේම සොයුරු සොයුරියන්ට ඇප උපස්ථාන කිරීමට නොමසුරුව ඉදිරිපත් වීම ඉහලින් අගයන අතරම, සිය හැසිරීම මගින් ආපදාවට ලක්වූවන්ට හිරිහැරයක් සිදුවන්නේද යන්නත් විපතේදී එකමුතු වන ශ්‍රී ලංකාවාසීන් දෙවරක් සිතා බැලිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ඇතැමුන්ගේ මතයයි. බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටද ජනතාවගේ ප්‍රණාමය පළ විය
රට පුරා ප්‍රදේශ ගණනාවක සියයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අනාථයන් බවට පත්කරමින් හටගත් ගංවතුරෙන් සහ නාය යාම්වලින් අනතුරුව පීඩාවට පත්වූවන්ට ආධාර කිරීම පිණිස සියලු රටවැසියෝ ජාති, ආගම් භේදවලින් තොරව එකමුතු වී සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ' විශේෂයෙන්ම නීති විරෝධී දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් පහ කිරීම, මාධ්‍යවේදීන් එකොළහක් පමණ ඝාතනය කිරීම සහ රතුපස්වලදී උද්ඝෝෂකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු 'අපරාධ' රාජ්‍ය නායක සමුළු මගින් සැඟවිය නොහැකි බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. "ආණ්ඩුවේ අයට පවා එල්ල වී තිබෙන සුදු වෑන් තර්ජන සුදු පිරිවටයකින් වහන්න ආණ්ඩුවට බැහැ. මේ සියල්ල හෙළිදරව් වෙලා තිබෙන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය. එබැවින් ආණ්ඩුව මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වරද භාර ගෙන, පරීක්‍ෂණවලට පෙනී සිටීම බවද ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 'ණය නැතුව බෑ' "රාජ්‍ය නායකයින්ට කන්න බොන්න දීලා, බෙන්ස් රථ දීලා රටේ පිරිසිදුකම පෙන්වන්න පුළුවන්කමක් නැහැ." ශ්‍රී ලංකාව ණය නොමැතිව පවත්වා ගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. ඉකුත් වසරේ ආණ්ඩුව බදු සහ දඩ මගින් උපයා ගත් ආදායම රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බව අද මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළ අනුර දිසානායක මන්ත්‍රීවරයා, ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට පමණක් වැය කළ මුදල රුපියල් කෝටි 101700 ක් බව පැවසීය. මේ මාසය මැදදී පැවැත්වීමට නියමිත පොදු රද මඩුලු සමුළුව සඳහා දරන වියදම කොයි තරම් දැයි රජයට කිසිදු අවබෝධයක් නොමැති බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා පවසයි. එපමණක් නොව සමුළුව සඳහා පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දිය යුතු දැක්ම පිළිබඳව හෝ රජයට කිසිදු අවබෝධයක් නැති බවයි මාධ්‍ය වේදීන් අමතා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ. "පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවකින් ගන්නා තීරණ මොනවද, එම රාජ්‍ය නායකයින් හමුවේ තබන යෝජනා මොනවද කියලා ආණ්ඩවට අදහසක් නැහැ. සැණකෙළියක් පමණක් බවට පත්වෙලා," යනුවෙන්ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සමුළුව පැවැත්වීම මගින් අවසානයේ ජනතාවට ඉතිරි වනු ඇත්තේ එහි වියදම් පියවා ගැනීම පිණිස බදු ගෙවීමට බවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම මගින් රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද අපරාධ සැඟවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදා සහාය පවා දීමට සුදානම් -ඔබාමා ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ ඉරාකයේ ප්‍රදේශ කිහිපයක් ඉස්ලාමීය කැරලිකරුවන් අතට පත් වී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුවයි. හදිසි තත්වය ඉස්ලාමීය කැරලිකරුවන් දිගටම තම මෙහෙයුම් දියත් කරන බවට ප්‍රතිඥා දී තිබිය දී ඉරාකයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුව ගත් උත්සාහය අසාර්ථක විය. මොසුල් සහ ටික්රිට් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් වී ඇත ඉරාක අගමැති නූරී අල් මලිකි කර තිබූ ඉල්ලීමට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පමණට මන්ත්‍රීවරු පැමිණ සිටියේ නැත. ඉරාකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ තුන්සිය විසි පහක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් එකසිය විසි අට දෙනෙකු පමණි. මේ වන විට මොසුල් සහ ටික්රිට් ප්‍රදේශ කැරලිකරුවන් අතට පත් වී ඇති අතර සමාරා ප්‍රදේශයට පැමිණි කැරලිකරුවන් ඉරාක ගුවන් හමුදා ප්‍රහාර හමුවේ එය අතහැර දමා ගොස් තිබේ. තෙල් සම්පත් බහුල කිර්කුක් ප්‍රදේශය අතහැර ඉරාක හමුදා පලා යාම නිසා කුර්දි කැරලි කරුවන් එම ප්‍රදේශය අත්පත් කර ගෙන ඇත.
ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක් ම සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහිදී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ප්‍රධාන පක්ෂ දෙක පමණක් නොව, අනෙකුත් පක්ෂද එක්ව පොදු ගමනක් යාමට එකඟ වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරන බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රාජ්‍ය සංකල්පයට අනුකූලව ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවසුවේය. ජාතික ප්‍රශ්නය සඳහා වන විසඳුම් දහතුන් වන සංශෝධනයට අනුව සිදු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සිංහල දෙමළ හා මුස්ලිම් යන සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතු බව අවධාරණය කළේය. අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයෙන් පසු මුල් වරට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව කියා සිටියේය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ඊට අමතරව දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන දහනව වන සංශෝධනය, ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත, ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත දින සියය තුළ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ජනවාරි විසිනව වනදා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය යෝජනාව මගින් සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ නව රජයේ දින සියයේ වැඩ පිළිවලට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි.
‘දින සියයේ වැඩසටහන’ සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය වන බව නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වශයෙන් සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන එල්.ගනේෂන් ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුනේ මෙම අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකා හා පකිස්තාන් රජයේ අනු දැනුම මත ශ්‍රී ලංකාව තුල අවි පුහුණුව ලබන බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරය ප්‍රයෝජනයට ගනිමින් එම අන්තවාදී කණ්ඩායම් ඉන්දියාව තුලට පැමිණෙන බවට ද ඔහු චෝදනා කරයි. පදනම් විරහිත චෝදනා එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසන්නේ, එය සාක්ෂි රහිතව එල්ල කළ පදනම් විරහිත චෝදනාවක් බවයි. "වැරදි මතයක් ප්‍රචාරය කරලා තියෙනවා, ශ්‍රී ලංකාවේ පුහුණු වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා වල නිරත වෙනවා කියලා, නමුත් එය සනාථ කරන්න කිසිම සාක්ෂියක් මේ වන තෙක් ලංකාව තුල හමු වී නැහැ"ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මෙලෙස රහසිගතව කඳවුරු පවත්වා ගෙන යාමට කිසිවකුට හැකියාවක් නොමැති බව පැවසූ හමුදා ප්‍රකාශකයා ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශ නිතරම හමුදා සෝදිසි කිරීම් වලට ලක් වන බව කියා සිටියේය. "ශ්‍රී ලංකා යුද හමුදා පුහුණුව සඳහා පවා ප්‍රදේශ වොයා ගැනීමේ අපහසු තත්වයක් යටතේ ඔය කියන ආකාරයට පුහුණු කිරීම්වලට යොදාගත හැකි ප්‍රදේශ ලංකාවේ නැහැ" බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියි. ත්‍රස්තවාදයට ඉඩ නෑ තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව කිසිදු දිනක ත්‍රස්තවාදයට සහාය නො දක්වන බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය. පකිස්තානයේ ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉන්දීය පොලීසිය පසුගියදා ඉන්දියාවේ දී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්දියානු භූමියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානයේ සහාය ලබන අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ පුහුණු වන බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකක් කරන චෝදනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවසරලත් මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි බ්‍රිතාන්‍යය බලාපොරොත්තු පළ කරයි විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් ඒ බව ප්‍රකාශ කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගය සම්බන්ධයෙන් No Fire Zone වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ කැලම් මැක්රේ ට සමුළුව පැවැත්වෙන කාලය තුල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර නොදෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් බන්දුල ජයසේකර තරජනය කළැයි චිත්‍රපටයේ නිෂ්පාදකයෝ පවසති. නිදහසේ සංචාරය කිරීම තවත් විදේශීය මාධ්‍යවේදීන් ගණනාවකට ද වීසා බලපත්‍ර නොලැබෙනු ඇති බවට ඉඟි පලවී තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවයි, සංදේශය කළ විමසීමකදී අමාත්‍ය බර්ට් කියා සිටියේ. අමාත්‍යවරයා සංදේශයට හමුවුනේ කොන්සර්වේටිව් පක්ෂයේ දෙමළ ආධාරකරුවන්ගේ වාර්ෂික රැස්වීමේදී කෙසේ නමුත් සමුළුව වාර්තා කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට අවසරපත් නිකුත් කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ වගකීමක් බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අවධාරණය කරයි. එපමණක් නොව එසේ අවසරලත් සියලු මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සංදේශයට කියා සිටියේය. "ශ්‍රී ලංකාවේ බලධාරීන්ට වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයටත් අපි ඒක දිගින් දිගටම අවධාරණය කරනවා," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. වීසා නිකුත් කිරීමේ "සාමාන්‍ය ක්‍රියා පිළිවෙත කවරක් වුවත්" සමුළුව වාර්තා කිරීමට සුදුසු පුද්ගලයෙක් ලෙසින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය තීරණය කරන තැනැත්තෙකුට "අනිවාර්යයෙන්ම" වීසා බලපත් නිකුත් කිරීම "ඉතා වැදගත්" බවයි ඔහු අවධාරණය කරන්නේ. බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ හොත් කුමක් කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ, සිදු නොවූ දෙයක් සම්බන්ධයෙන් තමන්ට අදහස් පළ කළ නොහැකි බවයි. ශ්‍රී ලංකාවේ සංචාරය කරන සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව තමන්ට ඉතා වැදගත් අතර, විශේෂයෙන්ම සමුළුව පැවැත්වෙන කාලය අතරතුර බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට තර්ජනවලින් තොරව සිය වෘත්තියේ නිරතවීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් සංදේශයට කියා සිටියේය. ඇතැම් බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේදී අතවරවලට ලක් වී තිබෙන නමුත්, සමස්තයක් වශයෙන් සංචාරකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ආරක්ෂිතව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි වාතාවරණයක් පවතින බව පවසන අමාත්‍යවරයා එවැනි සංචාරයකට ප්‍රථම බ්‍රිතාන්‍ය පුරවැසියන් සිය අමාත්‍යාංශය නිකුත් කරන සංචාරක උපදෙස් පරිහරණය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ වෙසෙන කොන්සර්වේටිව් පාක්ෂික දෙමළ ජාතිකයන්ගේ වාර්ෂික රැස්වීමේදීයි ඇමතිවරයා සංදේශයට එම අදහස් පළ කළේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස අවසරලත් සියලු ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව වීසා බලපත්‍ර නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' ඒ යටතේ කරුණු තුනක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයට සහභාගී වෙමිනි. 'එක් කාරණයක් තමයි වැට් බද්දට අයත් නොවන භාණ්ඩ වැට් බදු සංශෝධනය පිට දාලා වැඩි මිලට විකුණන එක වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම' 'අනෙක් කාරණය, වැට් බද්දට අයත් භාණ්ඩ සඳහා ඊට ඇතුළත් කළ යුතු බද්දට වඩා වැඩි මුදලක් ඇතුළත් කොට ඉහළ මිලකට විකිණීම වැළැක්වීමට පියවර ගැනීම' 'තෙවනුව, මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන පොදු ජනතාවට ඇති වී තිබෙන ආර්ථික අපහසුතා වැළැක්වීම සඳහා වැට් බදු ක්‍රමයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම' ලබන සතියෙන් පසු ඉහත කී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 'රජයක් වශයෙන් මහජනතාවට රිදෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසි විට ඉඩ තබන්නේ නැහැ' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.
වැට් බදු සංශෝධනය යොදා ගනිමින් මහජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අය කර ගන්නා ව්‍යාපාරික අංශ වලට විරුද්ධව පියවර ගැනීමට නිසි වැඩපිළිවලක් නොමැති වීම ආණ්ඩුවේ දුර්වලතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"හොඳින් අධ්‍යාපනය හදාරලා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය ලෝකයට කියන්න උත්සාහ කරනවා." - පිළියන්දල සුදීපා භික්ෂුණීන් වහන්සේ එහෙත් 17 හැවිරිදි සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේට විභාගයට මුහුණදීමට අවස්ථාව ලැබෙනු ඇතිදැයි මුල සිටම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිණි. උන් වහන්සේට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම එයට හේතුවය. "පාන්දරම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුණා. විභාගේ ලියන්න බැරි වෙයිද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල," තරුණ මෙහෙණින් වහන්සේ අදහස් දැක්වූයේ වේදනාවෙනි. ඒ, උන් වහන්සේ මුණගැසීම පිණිස මා පොතුහැර, ඉහළ හඳුගල සම්බෝධි මන්දිර භික්ෂුණී විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය. සාමාන්‍ය පෙළ විභාගය සඳහා තැපැල් හැඳුනුම්පත ප්‍රමාණවත් වුවද ජාතික හැඳුනුම්පතක් නොමැතිව උසස් පෙළ විභාගයට පෙනී සිටිය නොහැකිය. "ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියා. එතනිනුත් බෑ කීව. ඒ වෙලාවේ මගේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන. මටත් දුක හිතුණා." ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ හැඬුම්බර වෙති. කඳුළු වලකාගැනීමට උන් වහන්සේ ප්‍රයත්නයක යෙදෙති. සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිනිය වන හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ ශිෂ්‍ය මෙහෙණියගේ 'ලොකු භික්ෂුණීන් වහන්සේ'ය. අප එහි එනතුරු භික්ෂුණීන් වහන්සේ තුන් නම මඟ බලා සිටියහ. විහාරස්ථානය පිහිටියේ මහාමාර්ගයට මඳක් දුරින් කුඩා කඳු ගැටයක් මත බැවින් "දැන් කොයි හරියේද මහත්තයා," භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ වරින්වර දුරකතනයෙන් මා අමතමින් මඟ විස්තර කරති. "මම මේ පාර වැරදුනාද කියල බැලුව," අප මඳක් පමාවන විට මෙහෙණියෝ විමසති. සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටි දුෂ්කර තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුවත් කිරීමෙන් අනතුරුව, විශේෂ අවසරයක් යටතේ ඇයට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන මෙන් ඇමතිවරයා විභාග කටයුතු කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව ලොකු භික්ෂුණීන් වහන්සේ මා සමඟ පැවසූහ. එහෙත් තවමත් මේ ශිෂ්‍ය භික්ෂුණියට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිමි මූලික හිමිකමක් වන ජාතික හැඳුනුම්පතක් අහිමිය. ත්‍රෛනිකායික බෞද්ධ මහනාහිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම නවතා දැමීම භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටින මේ ඉරණමට ප්‍රධානම හේතුවය. භික්ෂුණී ශාසනයේ මූලස්ථානය පිහිටි දඹුල්ල ඇතුළු ශ්‍රී ලංකාව පුරා පිහිටි භික්ෂුණී විහාරස්‌ථාන ගණනාවක සංචාරය කරමින් අපි මේ ගැටලුව ගැන විමර්ශනයක යෙදුනෙමු. කියවන්න: හොරණ දීත්, පොල්හවෙලදීත්, කුරුණෑගලදීත් මට හමු වූ භික්ෂුණීන් වහන්සේ ඔවුන්ගේ වේදනාව නොසඟවා හෙළි කළහ. වරෙක වේදනාව ද අපේක්ෂා භංගත්වය ද මුසු ස්වරයකින් ඔවුන් අදහස් දැක්වූ නමුදු ඒ මුහුණුවල උපේක්ෂා සහගත බව මඳකුදු නොවෙනස් විය. මේ වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැති බැවින් බුදු හිමියන් යළි පහළ වනතුරු අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි බව මහනාහිමිවරුන්ගේ ස්ථාවරය වී තිබේ. හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ මහනාහිමිවරුන්ගේ ස්ථාවරය හඳුන්වන්නේ 'ලිංග භේදය' මත පදනම් වී කාන්තාවන්ට එරෙහිව කෙරෙන නොසලකා හැරීමක් වශයෙනි. "බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ පුරුෂයාට පමණයි නිවන් දකින්න මාර්ග පල ලබාගන්න පුළුවන් වෙන්නේ, ස්ත්‍රියට නොහැකියි කියල," උන් වහන්සේගේ හඬ දැඩිය. වේදනාව, අපේක්ෂා භංගත්වය මෙන්ම කිසියම් උපේක්ෂා සහගත ස්වරයක් ද ඒ හඬේ ගැබ්ව ඇතැයි මට සිතේ. ඒ උන් වහන්සේ උපසම්පදාව ලැබූ 1998 සිට ගතව ගිය දශක කිහිපය තුළ තමන් ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේට විඳින්නට සිදු වූ අනේකවිධ දුක් ගැහැට හේතුවෙනි. "මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව" - මැදගම ධම්මානන්ද අනුනාහිමියෝ හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙනේ දී මට හමු වූ පිළියන්දල සුදීපා ශිෂ්‍ය භික්ෂුණීන් වහන්සේටද බොහෝ ගැහැට විඳින්නට සිදු වී තිබේ. "හැඳුනුම්පත නැති නිසා අපිට විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න මතුවුනා. ඒක ලොකු ගැටලුවක්. මමත් ධර්මාචාර්ය එහෙම කරන කොට ගොඩක් අපහසුතාවන්ට ලක්වුනා." සුන්දර යුවතියකව සිට ලෞකික ජීවිතය හැරදා කසාවතින් සැරසුණේ මන්දැයි මා සිත කුකුසක් උපදී. උන්වහන්සේ පැවසූ දේ, මා සිතේ නැගුණු පැනය වටහාගෙන දුන් පිළිවදන් මෙනි. හොඳින් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ "භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය" ලෝකයට විදහා දැක්වීම සිය අභිප්‍රාය බව එහිමියෝ පවසති. පසුව බොහෝ දුෂ්කරතා මැද හැඳුනුම්පතක් ලබාගත් නමුත් එහි සඳහන් වන්නේ ඇය 'සිල් මාතාවක' බවය. 21 හැවිරිදි පිළියන්දල සුදීපා තෙරණියෝ සිල් මාතාවක නොවේ; ඇය පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණියකි. "බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුනා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල." - අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ "අපිට ඉදිරියට එන්න නොදී අපේ ආරාම, අපේ විහාරස්ථාන ලියාපදිංචි නොකර ඉඳීම තමා අපිට තියෙන ලොකුම ගැටලුව. කිසිම ප්‍රතිපාදනයකුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෑ. 'භික්ෂුණීන්ට හැර' කියල ප්‍රතිපාදන දෙන්නේ." කාන්තාවන්ට එරෙහිව කාන්තාවෝ: 'උපැවිදි වෙන්න කියනවා' දිස්ත්‍රික්කයේ දසසිල් මාතා සංගමයේ අනුමැතිය නොලැබෙන්නේ නම් 'සිල් මාතාවක' ලෙසින් පවා හැඳුනුම්පතක් ලබාගත නොහැකිය. "දසසිල් මාතාවන් ළඟට ගිහිල්ල අත්සන ගන්න ඕනේ හැඳුනුම්පත ගන්න. එතෙන්දි අපි ලොකු ගැටලුවකට මුහුණදෙනවා. ඒගොල්ල කැමති නෑ අත්සන් කරන්න," දෙකඳුවෙල භික්ෂුණී පිරිවෙනේ පරිවේනාධිපතිනි, තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වූයේ මෘදු හඬකිනි. එහෙත් ඒ ස්වරයේ තිබූ වේදනාව මට වැටහිණි. මානසික උපදේශන සේවා පිළිබඳ උපාධියක් ද හදාරා සිටින තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මට මුලින්ම හමුවූයේ මීට වසර කිහිපයකට ඉහතදී සුනාමි ව්‍යසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් සඳහා එහිමියන් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේගේ වේදනාව උන් වහන්සේ මා සමඟ මුලින්ම විස්තර කළේ එදිනය. "සිල් මාතාවන්ගේ අදහසක් තියෙනව අපි පැවිද්ද අයින් කරලා සිල් මාතාවන් හැටියට රැස්වීම්වලට යන්න ඕනේ කියල. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොටසක් වෙන්කරලා තියෙනව සිල් මාතාවන් වෙනුවෙන්. සිල් මාතාවන් කියන දේ තමයි එතන භාරගන්නේ." 'පුරවැසි හිමිකමක් අහිමි කිරීමක්' සියම් නිකායේ රංගිරි දඹුලු සංඝ සභාවේ මහානායක, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය යළි පිහිටුවනු ලැබුවේ 1998 දීය. ('භික්ෂුණී ශාසනය' යෙදුම වැරදි බව එහිමියෝ පවසති.) එවක් පටන් 2004 දක්වා භික්ෂුණීන් වහන්සේට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලැබිණ. "මේකට භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් ඇමැතිවරයාටත් වැරදි උපදෙසක් දුන්න මේක නවත්තන්න කියල," ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ මා සමඟ පැවසුවේ දඹුල්ල රජ මහා විහාරස්ථානයේදී බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. "පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ තියෙනව යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීමට බාධා කරනවා නම් ඒ පනත යටතේ ඔවුන් ලොකු වැරැද්දක් කරනවය, ඔවුන්ට දඬුවම් පවා ඒකෙ නියම කරලා තියෙනවා. මේක වැරදි වැඩක්." රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් 2009 දී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය. මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටලුවක් සම්බන්ධයෙන් "තෝරාගත් ගිහි පැවිදි කිහිපදෙනෙකුගේ පමණක්" අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බවද පෙන්වාදෙන මානව හිමිකම් කොමිසම, අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර එම ගැටලුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි වගඋත්තරකරුවන්ට නිර්දේශ කර තිබිණි. එහෙත් ගැටලුව තවමත් විසඳී නැත. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් මුහුණදෙන එකම ගැටලුව හැඳුනුම්පතක් නොමැතිවීම පමණක්ම නොවේ. 'කල්ලතෝනි' "හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා," අධ්‍යාපන අමාත්‍යංශයේ, සමස්ත ලංකා සීල මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක, ශාස්ත්‍රපති හාල්පන්දෙනියේ සුපේසලා භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වීම ආරම්භ කළේ බිඳී ගිය ස්වරයකිනි. එහෙත් ශාසනගත වූ තමන් ඇතුළු ශ්‍රී ලංකාවේ "බෞද්ධ දෙමාපියන්ගේ දියණිවරුන්ට" සිදුවන මේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමට උන් වහන්සේ තුළ තිබෙන අධිෂ්ඨානය ඒ දෑස් තුළ මම දුටුවෙමි. "සුන්දර ජීවිතය ශාසනයට කැප කරලා ඉන්නවා මේ දියණිවරු. මේ හිස මුඩු කරලා කසාවත් දරලා ජීවිතයම කැප කරලා ඉන්න අපි ඇයිද කල්ලතෝනි කරන්නේ? අපිට හැඳුනුම්පතක් දෙන්න බැරි ඇයි? ඇයි අපිට වෙනම විදිහක් මේ රටේ?" මීට වසර දහයකට පෙර 'භික්ෂුණී හාල්පන්දෙනියේ සුපේසලා' ලෙසින් ගමන් බලපත්‍රයේ සඳහන් වුවද එහිමියන්ගේ අලුත් ගමන් බලපත්‍රයේ දැක්වෙන්නේ ඇය 'සිල් මාතාවක්' බවය. "අපිට තරම් අසාධාරණයක් මේ රටේ වෙන කිසිම ජනකොටසකට, ජාතියකට, ආගමකට නෑ. පුරවැසියෙකුගේ ප්‍රධානම අයිතිය අපිට නෑ. අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි." මුලින් "සමස්ත ලංකා මෙහෙණි පිරිවෙන් සම්බන්ධීකාරක" ලෙසින් හැඳින්වුණු උන් වහන්සේගේ නිලය ද දැන් හැඳින්වෙන්නේ "සිල් මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක" යනුවෙනි. "පිරිවෙනත් නෙවෙයි, සිල් මාතා අධ්‍යාපන ආයතන." "පුදුමාකාර අගතියක් අපිට සිද්දවෙලා තියෙනව අර ක්‍රි.පූ. 6 වෙනි සියවසේ භාරතීය බමුණන් කාන්තාවට දීපු පීඩාව හා සමාන එකක්." "අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි," - හාල්පන්දෙනියේ සුපේසලා මෙහෙණින් වහන්සේ "මගේ හැඳුනුම්පත සිල් මාතාව වශයෙන් තිබිල භික්ෂුණී වශයෙන් අලුත් කරන්න ගියා 2015 දී. ඒ වෙලාවේ මට භික්ෂුණී කියල දෙමළ භාෂාවෙන් එවල, සිංහල භාෂාවෙන් සිල් මාතාව කියල දාල තියෙනව" - තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මහනායක ස්වාමීන් වහන්සේගෙන් මතුවන විරෝධය නොතකා මෙහෙණින් වහන්සේට අධ්‍යාපනය ලබාගැනීම පිණිස කටයුතු සැලසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කළ බව මෙහෙණින් වහන්සේ කිහිප නමක්ම කෘතවේදීව මා සමඟ සඳහන් කළහ. "එතුමා ඒ ටික කළේ බොහොම තදබල තීරණයක ඉඳල, ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධතා මැද්දේ. පිරිවෙන් කිහිපයක් ආරම්භ කරලා තමයි අධ්‍යාපනය ලබාදෙන්නේ," තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණියෝ පැවසූහ. ඒ අනුව භික්ෂුණී පිරිවෙන් 10 ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර තිබේ. "අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙණින් වහන්සේලා, සිල් මාතාවන් කියල වෙනසක් නෑ. අර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වගේ එන බලපෑම නැහැ." 'බමුණු මත' සහ 'පුරුෂාධිපත්‍යය' මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීම පිණිස අපි කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ මුණගැසුනෙමු. ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය වන උන් වහන්සේ 1998 දී මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේ විසි නම අතරින් කෙනෙකි. "අපිට නොයෙක් කෙනෙහිලිකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා. විනය පිටකය කියෙවුව නම් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේකට විරුද්ධ වෙන්නේ නෑ." සිය වේදනාව හෙළි කිරීම සඳහා උන් වහන්සේද අප එනතුරු මඟ බලා සිටියහ. "හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා" -කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, භික්ෂු නායකත්වයේ ආකල්ප විග්‍රහ කරන්නේ 'බමුණු මත' ලෙසිනි. "එදා බමුණන්ගේ තිබුණ නොයෙක් මත. කාන්තාවන් බමුණු මත අනුව විවාහයට පෙර දෙමාපියන්ට යටත්ව ඉන්න ඕන විවාහ වුනාට පස්සේ ස්වාමියාට යටත්වෙලා ඉන්න ඕන, සැමියා මැරුණට පස්සේ දරුවන්ට යටත්වෙලා ඉන්න ඕන. ඒ බමුණු මතය නිසා බුදු රජාණන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීම ටිකක් පමා කළා මිසක් ප්‍රතික්ෂේප කළේ නෑ." කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ ගේ හඬ මෘදුය. එහි තිබෙන්නේ වේදනාවක ස්වරයකි. "භික්ෂුවක් හෝ භික්ෂුණියක් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒක ලංකාවටම ආශීර්වාදයක්. බුදු රජාණන් වහන්සේ අනු දැන වදාළ නම් ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? කාන්තා, පුරුෂ කියල භේදයක් නැහැ. එතන තියෙන්නේ ලිංග භේදය විතරයි. දැන් ස්වාමීන් වහන්සේලා දනට, බණට යනවා නම්, පිරිතට යනවා නම් භික්ෂුණීන් වහන්සේලා කරන්නෙත් ඒකමයි. භික්ෂුණීන් වහන්සේලා කුඹුරු කොටන්න යන්නේ නෑනේ. මේකට කියන්නේ පුරුෂාධිපත්‍යය." දෙමළ භාෂාවෙන් පමණක් 'භික්ෂුණිය' සිල් මාතාවක ලෙසින් සසුන්ගත වූ තලවතුගොඩ ධම්මදීපනී හිමියන්ගේ හැඳුනුම්පතේ තවමත් දැක්වෙන්නේ එහිමියන් 'සිල් මාතාවක' බවය. එහෙත් දෙමළ භාෂාවෙන් පමණක් උන් වහන්සේ භික්ෂුණියක බව පිළිගෙන තිබේ. "මගේ හැඳුනුම්පත සිල් මාතාව වශයෙන් තිබිල භික්ෂුණී වශයෙන් අලුත් කරන්න ගියා 2015 දී. ඒ වෙලාවේ මට භික්ෂුණී කියල දෙමළ භාෂාවෙන් එවල, සිංහල භාෂාවෙන් සිල් මාතාව කියල දාල තියෙනව." කෙසේ වුවත් භික්ෂුණීන් වහන්සේ සම්බන්ධයෙන් තමන් දරන ස්ථාවරය ධර්ම, විනය මත පදනම් වූවක් විනා කිසිසේත්ම කාන්තාව පීඩාවට පත්කිරීමේ හෝ නොසලකා හැරීමේ අරමුණින් කෙරෙන්නක් නොවන බව මහනාහිමිවරු අවධාරණය කරති. අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් මා සමඟ අදහස් දැක්වූයේ මල්වතු, අස්ගිරි උභය විහාර පාර්ශව වෙනුවෙනි. "භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත භාවිත කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් 'Reverend' කියන වචනයත් සිංහල භාෂාවෙන් 'පූජ්‍ය' කියන හැඳින්වීම දෙන්නත් තීන්දුවකට ආව" - බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ථේරවාදය ද, මහායාන ද? 1998 දී භික්ෂුණී ශාසනය නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරුණේ "මහායාන භික්ෂුණීන් වහන්සේලාගේ උදවු ඇතිව ථේරවාදී සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ උපකාරයෙන්," බව ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ. "නමුත් ඒ මුල් අවස්ථාවේදීම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථේරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව. වර්තමානයේ ථේරීය සම්ප්‍රදාය පවතින තායිලන්තය, සියම වැනි කිසිදු රටක භික්ෂුණී වහන්සේ දකින්න නැහැ. ඒ නිසා විනය පිටකය අනුව ථේරීය සම්ප්‍රදායේ භික්ෂු භික්ෂුණී මැදිහත්වීමෙන් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමේ හැකියාවක් නැති බව ත්‍රයිනිකායික මහනාහිමිවරු පෙන්වල දීල තියෙනව." එයට ප්‍රතිචාර දක්වන, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් පවසන්නේ එය ධර්ම, විනය පිළිබඳ අනවබෝධයෙන් කරන ප්‍රකාශයක් බවය. "ධර්ම විනය දෙක ගුරු තන්හි තබාගෙන කටයුතු කළ යුතු යයි බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කරලා තියෙනව. හැබැයි ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහල ශාසනික කටයුතු කරන්න කියල නම් කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ නිසා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අපිට අදාළ වෙන්නේ නෑ." භික්ෂුණී ශාසනය අභාවයට ගිය හොත් එය නැවත ස්ථාපනය කළ නොහැකි බවට ත්‍රිපිටකයේ බුද්ධ දේශනාව තුළ කිසිම තැනක සඳහනක් නොමැති බව පෙන්වාදෙන ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ, භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ මහායාන භික්ෂුණීන් විසින් බවට කෙරෙන ප්‍රකාශය පවා 'වැරදි වැටහීමක්' බව පෙන්වා දෙති. "බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා චීනයට උපසම්පදාව ගෙනගිය දේවසාරා භික්ෂුණිය කියන්නේ අභයගිරිවාසී මහායානික ධර්මය අනුගමනය කළ භික්ෂුණී කෙනෙක් වශයෙන්. අපේ වැරදි වැටහීමක් තියෙනවා අභයගිරිවාසී සියලු දෙනාම මහායානය පමණක් අනුගමනය කළා කියල." "ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහල ශාසනික කටයුතු කරන්න කියල නම් කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ නිසා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය අපිට අදාළ වෙන්නේ නෑ" - ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ 'සිල් මාතාවන් වෙන්න' සිය අනුමැතියක් නොමැතිව වුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පවත්වාගෙන යන නමුත් තායිලන්තයේ ඒ සම්බන්ධයෙන් සංඝරාජ හිමියන්ගෙන් මීට වඩා දැඩි විරෝධයක් පවතින බව පෙන්වාදෙන ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්, ශ්‍රී ලංකාවේ දසසිල් මාතාවන් සිටින බැවින් "දසසිල් මෑණිවරු විදියට කටයුතු කරන්න කියන එකයි අපි කියන්නේ," යනුවෙන් ද සඳහන් කළහ. "විශේෂයෙන් තායිලන්තය බලා ඉන්නවා ලංකාවේ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියල. මොකද මේක පිළිගත්ත හැටියේ ථේරවාදී මූලස්ථානය හැටියට තිබෙන රට නිරායාසයෙන්ම මහායාන රටක් බවට පත්වෙනවා. නීතිය අනුව ගත්තොත් හැඳුනුම්පත් ප්‍රශ්නය තියෙනව. හැම රටකම ආගමික නීතියට අභියෝග කරන්න බැහැ කියන පදනමකුත් තියෙනව අන්‍ය අයට බාධාවක් නොවෙනව නම්," මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ. කෙසේ වුවත් ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කරනු ලැබුවේ, අභාවයට ගිය භික්ෂු උපසම්පදාව යළි පිහිට වූ ක්‍රමවේදයටම බව රංගිරි දඹුලු සංඝ සභාවේ මහානාහිමියෝ අවධාරණය කරති. "සියම් දේශයට ලංකාවෙන් තමයි උපසම්පදාව ගෙනගියේ. ඒක අනුගමනය කරමින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් මල්වතු මහා විහාරයට වැඩම කරලා උපසම්පදා කර්මය කරලා තියෙනව. චීන භික්ෂුණීන් වහන්සේලා ලංකාවේ භික්ෂුණීන්ගෙන් ආරම්භ වෙච්ච භික්ෂුණී පරපුරක්. ඒක පදනම් කරගෙන අපි බුද්ධගයාවේදී පැවැත්වූ උපසම්පදාවේදී චීන භික්ෂුණීන් වහන්සේලා වෙතින් ලංකාවෙන් ගිය සාමනේර භික්ෂුණීන් උපසම්පදා කළා." මහනාහිමිවරුන්ගේ මේ ආකල්පය හේතුවෙන් උපසම්පදාව ලබා සිටින 4000 කට ආසන්න භික්ෂුණීන් වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත මෙහෙණින් වහන්සේට සිය ඡන්දය භාවිත කිරීමේ අයිතිය පවා අහිමිව ඇති බවත් භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ පවසති. "අපිට ඉදිරියට එන්න නොදී අපේ ආරාම, අපේ විහාරස්ථාන ලියාපදිංචි නොකර ඉඳීම තමා අපිට තියෙන ලොකුම ගැටලුව. කිසිම ප්‍රතිපාදනයකුත් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නෑ. 'භික්ෂුණීන්ට හැර' කියල ප්‍රතිපාදන දෙන්නේ." භික්ෂුණීන් වහන්සේ මුහුණදෙන මේ ගැටලු පිළිබඳ විමසීම පිණිස කොළඹ, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මුණගැසුනෙමි. "භික්ෂුණීන් වහන්සේලා, භික්ෂුණී මහා සංගමය කියල පිළිගන්න කියල අපෙන් ඉල්ලීමක් කරනවා. අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේදී මේ ගැන සාකච්ඡා කළා. ඒ සභාවේ මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරමින් සහ අනුනායක හිමිවරුන් වැඩ ඉන්නවා. ඒ වගේම විද්වත් හිමිවරුන් මේකේ නියෝජනය වෙනවා. උන්වහන්සේලා තීන්දුවකට ආව මේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත භාවිත කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් 'Reverend' කියන වචනයත් සිංහල භාෂාවෙන් 'පූජ්‍ය' කියන හැඳින්වීම දෙන්නත්," කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. එහෙත් අමාත්‍යාංශයේ වගකීම් ඉටුකිරීම සඳහා මහානායක හිමිවරුන්ගෙන් විමසිය යුතු යයි නීතිමය විධිවිධානයක් තිබෙන්නේද යන්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම වෙත මා යොමු කළ ප්‍රශ්නයකි. "මම මේකට මෙහෙම උත්තර දුන්නොත්? ලංකාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පත් කරන්නේ මහානායක ස්වාමීන් වහන්සේලා. විහාර දේවාලගම් ආඥා පනතේ කොතනකවත් විහාරාධිපති පත්කිරීම ගැන සඳහන් වෙන්නේ නෑ. නමුත් සම්ප්‍රදායිකව මහානායක ස්වාමීන් වහන්සේලා තමයි විහාරාධිපතිවරුන් පත්කරන්නේ. විවිධ නඩු තීන්දුවලදී පිළිගෙන ඒක නීතියක් බවට පත්වෙලා තියෙනව. සම්ප්‍රදාය නීතියක් බවට පත්වෙලා." 'අන්තවාදී මානසිකත්වයක්' හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙන භික්ෂුණීන් වෙනුවෙන් දායාද කරනු ලැබුවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති නාහිමියන් විසිනි. භික්ෂුණීන් 75 ක් පමණ නේවාසිකව අධ්‍යාපනය හදාරන එය ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් සඳහා පිහිටුවන ලද පළමු පිරිවෙනය. "මහනායක හිමිවරුන්ගේ මානසිකත්වය බොහොම පටු තැනක තියෙන්නේ. අර අන්තවාදී හින්දු පූජකතුමන්ලාගේ මානසිකත්වයක් තමයි මම දකින්නේ" -කිරම විමලජෝති මහනාහිමියෝ "මම ළඟදීම පටන් ගන්නවා මේ අයට උගන්වන්න කවුන්සලින් කරන හැටි. කොහොමද බුදු දහම තුලින් උපදේශනය ලබා දෙන්නේ කියල," කිරම විමලජෝති නාහිමියෝ පිරිවෙන පුරා මා සමඟ සක්මන් කරමින් විස්තර කරති. භික්ෂුණී ශාසනය ගැන මහා නාහිමිවරුන් දරන ස්ථාවරය කිරම විමලජෝති නාහිමියන්ගේ දැඩි විවේචනයට ලක්වේ. "මහනායක හිමිවරුන්ගේ මානසිකත්වය බොහොම පටු තැනක තියෙන්නේ. අර අන්තවාදී හින්දු පූජකතුමන්ලාගේ මානසිකත්වයක් තමයි මම දකින්නේ. දැන් හාමුදුරුවරු නිකායවලට බෙදිල. දැන් හාමුදුරුවරුන්ට පිළිගැනීමක් නෑ. පන්සලේවත් නෑ," උන් වහන්සේ පවසන්නේ මහා නාහිමිවරුන්ගේ ස්ථාවරයට එරෙහිව දිගටම සටන් කරන බවට ශපථ කරමිනි. "මම දන්නවා වැඩිහරියක් මූලස්ථානවල ඉන්න හාමුදුරුවරු, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල විශාල පිලිකුලකට, අවඥාවකට ලක්වෙලා තියෙනව මේ රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලා අතරත් ගිහියන් අතරත්. මොකද ඒ කීප දෙනෙකුගේ පැවැත්ම වෙනුවෙන් නේ ඒක තියාගෙන ඉන්නේ." සිය වේදනාව පිළිබඳව වැඩිදුරටත් මා සමඟ අදහස් දැක්වූ කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, "බුදු දූවරු මේ ලංකා පොලෝ තලයේ සේවයක් කරනවා නම් සමහරක් අකමැති පිරිසට මේක බලපෑමක් වෙනව. දායකයන් හඳුනා ගන්නව භික්ෂුණීන් සිල්වත් කියල. ඒකට සමහර යතිවරයාණන් වහන්සේ බයයි කියල මට හිතෙනවා," යනුවෙන් කියා සිටියහ. එහි අදහස භික්ෂුණීන් භික්ෂූන්ට වඩා ධර්මධර බවක් පෙනෙන්නට තිබීම හමුවේ භික්ෂුණීන් වහන්සේ භික්ෂු සංඝයාට තර්ජනයක් වී ඇති බවද? "උන්වහන්සේලා එහෙම හිතනවා නම් ඒක වැරදියි. අපි අෂ්ඨ ගරු ධර්මවලට ගරු කරනවා. අපි භික්ෂූන් වහන්සේට වඳිනවා. සමහර ප්‍රදේශවල භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් වහන්සේ නැති ප්‍රදේශවල පාංශුකූල කටයුතු කරනවා. ඕවට යනකොට ටිකක් ව්‍යාප්ත වෙලා යනවනේ. එතකොට ඒක දරාගන්න බැරි ද දන්නේ නැහැ." භික්ෂුණී ශාසනය තුළ කිසිදු නිකාය භේදයක්ද නැත. "ඕනෑම කුලයකින් ආවොත් අපි පැවිදි කරනවා. බුදුන්ගේ වදන අපි මතක තියාගන්නවා." භික්ෂු උපසම්පදාවට සාපේක්ෂව භික්ෂුණී උපසම්පදාව සඳහා වැයවන්නේත් ඉතා අඩු මුදලකි. "ලොකු වියදමක් නෑ. දැහැත් වට්ටිය විතරයි. ලොරි ගණන් බඩු ඉල්ලන්නේ නෑ." සමුගන්නා මොහොතේ ඒ බොහෝ භික්ෂුණීන් වහන්සේ ගේ දෑස්වල තිබූ බැගෑපත් එහෙත් කෘතවේදී බැල්ම මම දුටුවෙමි. තවත් කියවන්න:
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙටි පණිවුඩ සේවා ඉතියෝපියානු තරුණ තරුණියන් අතර ජනප්‍රිය ය මෙම පියවර පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වේ. 'ටෙලිග්‍රෑම්' නම් කෙටි පණිවුඩ සේවාව තරුණ ඉතියෝපියානුවන් අතර ජනප්‍රිය අංගයක්ව ඇත. මේ අතර පසුගිය අඟහරුවාදා රට තුළ අන්තර්ජාලය ද තාවකාලිකව අවහිර කෙරුණු අතර බොහෝ ප්‍රදේශහි එය යථාතත්ත්වයට පත් කර නොමැත. මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම ඉතියෝපියාවේ එක ම විදුලි සංදේශ සේවා පහසුකම් සපයන්නා වන 'ඉතියෝ ටෙලිකොම්' ආයතනය ප්‍රතික්ෂේප කරයි. ඉතියෝපියාවේ මේ දිනවල පාසල් විභාග පැවැත්වෙන අතර, සමහරු පවසන්නේ එම නිසා අන්තර්ජාල සේවාවන් අවහිර කර ඇති බවය. එය 'විභාග වංචා වළක්වා ගැනීමට' ගෙන ඇති පියවරක් ලෙස ද සමහරු දකිති. 2016 සහ 2017 වසරවල ද රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවේ විභාග ප්‍රශ්න පිටවීම වැළැක්වීමට යයි පවසමින් රට තුළ අන්තර්ජාල අවහිර කෙරිණි. නමුත් පසුගිය වසරේ බලයට පැමිණි ප්‍රතිසංස්කරණශීලී අගමැති අබියි අහමඩ්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දුන් අතර වෙබ් අඩවි තහනම ඉවත් කළේය. ඔහු බලයට පැමිණීමෙන් පසු මෙවැනි අවහිරයක් පැනවුණු පළමු අවස්ථාව මෙයයි. නිල වශයෙන් රජය ඊට හේතු නොදක්වන බැවින් එය පෙර පැවති තත්ත්වය මතකයට නැගීමක් වැනිය. 2005දී ද ගැටලුසහගත මැතිවරණයකින් අනතුරුව කෙටි පණිවුඩ සේවාවන් වසර දෙකක් පමණ කාලයක් අවහිර කර තිබිණි. නමුත් මෙවර කෙටි පණිවුඩ සේවාව අවහිර කරන ලද්දේ සිසුන් හතර දෙනෙක් විභාගය අතරතුරදී වංචා කර හසුවීමෙන් අනතුරුවය. මෙම අවහිර කිරීම රට පුරා පැවැත්වෙන විභාග හා සම්බන්ධ නම් එය බදාදා (ජුනි 19) වන විට යථා තත්ත්වයට පත් විය යුතුය. ඉතියෝපියාවේ මෙවර විභාග අඟහරුවාදා නිම වීමට නියමිතය. නමුත් විභාග නොපැවැත්වුණ ද සති අන්තය තුළත් කෙටි පණිවුඩ සේවාවන් සක්‍රීය නොකිරීම ගැන ජනතාව ප්‍රශ්න කරති. පසුගිය සතිය පුරා අන්තර්ජාලය රාත්‍රියට පමණක් විටින් විට සක්‍රීය කෙරුණු අතර, අඩිස් අබාබා අගනුවර එය සිකුරාදා සවස් වරුවේ සිට ක්‍රියාත්මක වේ. නමුත් වෙනත් නගරවල අන්තර්ජාල පහසුකම් තවමත් සක්‍රීය කර නොමැත. අන්තර්ජාලය අවහිර කිරීම නිසා ඉතියෝපියානු ව්‍යාපාරිකයෝ අපහසුතාවන්ට මුහුණ දෙති. එය ඔවුන්ගේ දෛනික ආදායමට දැඩි ලෙස බලපා ඇත. කෙටි පණිවුඩ මගින් තොරතුරු ලබා ගන්නා ගොවියෙක් අන්තර්ජාලයට පිවිසීමට ඇති නිදහස ගැන අධීක්ෂණය කරන සංවිධානයක් වන 'නෙබ්ලොක්ස්' පවසන්නේ, ඉතියෝපියාව තුළ එක් දිනක් අන්තර්ජාලය අවහිර කළහොත් එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවය. මෙවැනි අවහිර කිරීම් තුළින් ආයෝජකයන්ගේ විශ්වාසය පිරිහෙන බවද එම සංවිධානය පෙන්වා දෙයි. අප්‍රිකානු මහාද්වීපයේ දෙවැනි විශාලතම ජනගහනය සහිත රට වන ඉතියෝපියාවේ විදුලි සංදේශ සේවාව සම්පුර්ණයෙන්ම පාලනය වන්නේ රාජ්‍ය අංශය මගිනි. එබැවින් ඉතියෝපියානු පාර්ලිමේන්තුව, විදේශ ආයෝජකයන්ට ද එම අංශයට සහභාගී විය හැකි වන අරිදී පසුගිය සතියේ නව නීති සම්මත කර තිබේ. කියවන්න:
කිසිදු හේතුවක් නොදක්වා ඉතියෝපියාව තුළ කෙටි පණිවුඩ සේවාවන් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නීතිඥ ශිරාල් ලක්තිලක ඒ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයා වශයෙන් තවමත් මහ බැංකුවට උපදෙස් දෙන බවට දූෂණ විරෝධී පෙරමුණ එල්ල කරන චෝදනාව පිළිබඳව බීබීසී සංදේශය සමග දහස් දක්වමිනි. බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම අගය කරන බව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීම්වලට මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිරිතක් වශයෙන් සහභාගිවන බව ද සඳහන් කරයි. එම රැස්වීමේදී සිරිතක් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි වෙත උපදෙස් ලබා දී ඇති බවද දූෂණ විරෝධී පෙරමුණ පවසයි. දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ඒ පිළිබඳව තමන්ට ද තොරතුරු ලැබී තිබෙන බව පවසන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක, රාජ්‍ය නිලධාරියකුට කිසියම් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු සිය රාජකාරියෙන් තාවකාලිකව ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පෙන්වා දෙයි. "මේ පූර්වාදර්ශය අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටත් අදාළයි. මොකද ඔහු හිටපු රාජ්‍ය සේවකයෙක්," යයි ඔහු පැවසීය. එසේනම් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටින පරිදි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒ බලය පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ අගමැතිවරයා සතුව බවය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇමතූ විට මේ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් අමාත්‍යවරයා සංදේශයෙන් ඉල්ලා සිටියේය.
රාජ්‍ය ආයතන කිහිපයක් විසින් පවත්වන ලද පරීක්ෂණවලින් බරපතල චෝදනා එල්ල වී තිබෙන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා තවදුරටත් රජයේ තනතුරු දැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිසේත්ම අනුමත නොකරන බව ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලක සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කිරීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටියි. ප්‍රවාහන පොලිස් නිලධාරියෙකු බේයර් ආරෝග්‍ය ශාලාවේ දී වැලපෙන ඥාතියෙකු සැනසූ අයුරු ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රී 8.45 ට (ග්‍රිනිච් වේලාවෙන් සිකුරාදා 01. 45) පමණ වෙඩි තැබීම සිදුවූයේ විරෝධතාකරුවන් පිරිසක් නගරයේ පාගමනක් යමින් සිටියදී. මිනෙසෝටා හි දී පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයෙකු සහ ලුසියානා හි දී ඇල්ටන් ස්ටර්ලින් නම් කළු ජාතිකයෙකු පොලීස් වෙඩි පහරවල් වලින් මිය යාමෙන් පසුවයි විරෝධතා ආරම්භ වූයේ. ඩලාස් පොලීසියේ ප්‍රධානී ඩේවිඩ් බ්‍රවුන් පැවසුවේ වාහන නවතා තබන තට්ටු ගොඩනැගිල්ලකට වී රයිෆලයකින් වෙඩි තබමින් සිටින තවත් තුවක්කු කරුවෙකු මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බවයි. මෙය හද කම්පාකරවන සිදුවීමක් බවයි ඩලාස් නගරාධිපතිවරයා පැවසුවේ "අපි දැනට අදහස් හුවමාරු කරගනිමින් ඉන්න සැකකරුවා අපිට කිව්වෙ අවසානය ලඟයි අපේ තවත් අය මරා දමන්න තවත් අයට තුවාල සිදු කරන්නයි ඔහු උත්සාහ කරන්නේ කියල. නගරයේ සහ මෙම ස්ථානයේ හැමතැනම බෝම්බ සවි කරල තියන බවත් ඔහු කියනවා" යනුවෙනුයි ඔහු පැවසුවේ. ප්‍රාදේශීය වාර්තා වලට අනුව විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බව කියවෙන නමුත් ඒ පිළිබඳව තවමත් සනාථ වී නැත. තුවක්කු කරුවන් මෙල්ල කිරීමට උත්සාහකරන පොලිස් නිලධාරීන් පොලිස් ප්‍රධානියා පැවසුවේ විරෝධතා රැලිය පැවැත්වෙන අතරතුර දී රයිෆල් තුවක්කු මගින් ප්‍රහාරය එල්ල කිරීමට සැකකරුවන් කණ්ඩායමක් ලෙස කටයුතු කර ඇති බවයි. මියගිය එක් පොලිස් නිලධාරියෙකු ප්‍රවාහන පොලීසියේ නිලධාරියෙකු බවයි වාර්තා වන්නේ. මෙය නගරය තුළ සිදුවූ හද කම්පාකරවන සිදුවීමක් බවයි ඩලාස් නගරාධිපතිවරයා පැවසුවේ ඇමරිකාවේ පොලිසිය විසින් මරා දමනු ලැබූ කළු ජාතිකයන් පිලිබඳ ප්‍රකාශයට පත් වී ඇති තොරතුරු ඇමරිකාවේදී එලි දැක්වී තිබුණු නවතම වීඩියෝවකට අනුව පිලන්දෝ කැස්ටයිල් නම් කළු ජාතිකයා මිනිඇපොලිස් නගරයේ දී මියගියේ පොලීස් වෙඩි පහරකින්. පොලිස් නිලධාරියා ගිනි අවියක් මානා ගෙන සිටින අතර පිලන්දෝ ලේ වගුරුවමින් වැටී සිටින අයුරු මගී ආසනයේ සිටි ඔහුගේ පෙම්වතිය විසින් වීඩියෝ ගත කර තිබුණි. රියැදුරෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වී ඇත එය පැය 48 ක් ඇතුළත පොලිස් වෙඩි තැබීමකින් මියගිය දෙවන කළු ජාතිකයායි. මෙම සිදුවීම පිළිබඳව ජාතික කතිකාවතක් ආරම්භ වී ඇති අතර වීදි විරෝධතා ආරම්භ වී තිබුණේ මෙම ඝාතනයන් සිදුවීමෙන් පසුවයි. කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියාමෙන් පසුවයි විරෝධතා ආරම්භ වූයේ
පොලීසිය විසින් කළු ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීමට එරෙහිව පැවති විරෝධතාවයක දී සැඟවී සිට කළ වෙඩි තැබීමකින් ඩලාස් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මරුමුවට පත්වූ අතර තවත් 6 දෙනෙකුට තුවාල සිදුවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මාධ්‍ය හිමිකරුවන් මුනිවත රැකි බව ලාල් වික්‍රමතුංග පවසයි මෑතක් වනතුරුම සන්ඩේ ලීඩර් පුවත්පතේ හිමිකරු වූ ලාල් වික්‍රමතුංග ඒ බව පැවසුවේ බීබීසී සංදේශය සමඟ ලන්ඩන් නුවරදී සාකච්ඡාවකට එක් වෙමින්. මාධ්‍ය හිමිකරුවන් අතින් සිදුවූ එම "අඩුපාඩුවට" ප්‍රධානම හේතුව තමන් පවත්වාගෙන යන අනෙක් ව්‍යාපාරවලට හානියක් වෙතැයි බියෙන් මුනිවත රැකීම බවයි, ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරා පවසන්නේ. අනෙක් අතට මාධ්‍ය හිමිකරුවන් දේශපාලන පක්ෂවලට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධව සිටීම තවත් හේතුවක් බවද ලාල් වික්‍රමතුංග පැවසීය. සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන් විශේෂයෙන්ම ආණ්ඩුවේ මතය හැරෙන්නට එයට විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීම සඳහා වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු අවකාශයක් නොපවතින බව පවසන ඔහු, මේ තත්ත්වය යටතේ නිදහස් වාර්තාකරණයක යෙදීමට මාධ්‍යවේදීන් බියපත්ව සිටින බවද සංදේශයට පැවසීය. එබැවින් සිය පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ අරමුණින් පුවත්පතේ කොටසක් විකුණා දැමීමට තීරණය කළ බවයි, ඔහු පවසන්නේ. වත්මන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඇතුළු සුලු ජාතීන්ට එල්ලවන පීඩාවන් සම්බන්ධ වාර්තාකරණය බොහෝදුරට බිඳ වැටී තිබෙන බවත් ලාල් වික්‍රමතුංග පිළිගත්තේය. ආණ්ඩුවේ "කොටි ලේබලය" හෝ "කොටි හිතවාදී" ලේබලයට මාධ්‍යවේදීන් බියවීම එයට ප්‍රධානම හේතුව බවයි, ඔහු පවසන්නේ. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ නොවන මාධ්‍යවලින් පවා ශ්‍රී ලංකාවේ ජනතාවට නුදුරු අනාගතයේදී හෝ සත්‍යය දැන ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව ලාල් වික්‍රමතුංගගේ අදහසයි. "බලාපොරොත්තු වෙන්න බෑ. මට පේන කාලෙක බලාපොරොත්තු වෙන්න බෑ," ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට තර්ජන එල්ල වන අවස්ථාවලදී මාධ්‍ය හිමිකරුවන්එයට එරෙහිව නැඟී නොසිටීම මාධ්‍ය නිදහස බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය ජර්මනිය යටත් වීමත් සමග නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය බර්ලිනයේ බංකරයක් තුළ තිබී 1945 වසරේදී සොයා ගැනිණි. දුරකතනය සොයා ගත් සෝවියට් රතු හමුදා භටයෝ සමරුවක් වශයෙන් එය බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ශ්‍රීමත් රැල්ෆ් රේනර් වෙත තෑගි කර තිබුණි. සති අන්තයේ ඇමරිකාවේ මේරිලන්ඩ්හිදී වෙන්දේසි කිරීමට නියමිත දුරකතනයේ ආරම්භක ලංසුව ඇමරිකානු ඩොලර් ලක්ෂයකි. නාසි නායකයාගේ නම සටහන් කළ රතු පැහැති දුරකතනය ශ්‍රීමත් රැල්ෆ් රේනර් ගේ පුත්‍රයා විසින් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබ ඇති දුරකතනය ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලකට අලෙවිවනු ඇති බවට බලාපොරොත්තු පළවේ. මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශයට කරමින් එවකට යුද නියෝග ලබා දීමට භාවිත කරන ලද දුරකතනය වෙන්දේසි සංවිධායකයන් විසින් හඳුන්වනු ලැබුවේ 'ජනසංහාරක අවියක්' ලෙසය.
දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කරන ලද දුරකතනය ඇමරිකාවේදී වෙන්දේසි කිරීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තායිලන්ත දේශපාලනඥයන් රැස්වී සාකච්ඡා පවත්වන ස්ථානය හමුදා භටයන් වටලා ඇති බව වාර්තා වෙයි. රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත හමුදාපතිවරයා කියා සිටියේ රටේ නීතිය ස්ථාපනය කර දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගන්නා බවයි. රූපවාහිනිය ඔස්සේ නිවේදනය නිකුත් කරමින් තායිලන්ත දේශපාලනඥයන් රැස්වී සාකච්ඡා පවත්වන ස්ථානය හමුදා භටයන් වටලා ඇති බවයි අලුත්ම වාර්තා සඳහන් කරන්නේ. තායිලන්ත හමුදාපතිවරයා විසින් රට පුරා හමුදා නීතිය (martial law) පනවනු ලැබුවේ පසුගිය අඟහරුවාදා යි. බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනා මත තායිලන්ත අධිකරණය විසින් මේ මස මුලදී තායිලන්ත අගමැතිවරිය තනතුරින් ඉවත් කරනු ලැබිණි.
තායිලන්තයේ පාලනය හමුදාවට පවරා ගත් බව තායිලන්ත හමුදාපතිවරයා නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආබාධිත සෙබළ උද්ඝෝෂණ පිටුපස දේශපාලන හස්තයක් - ජනපති විශ්‍රාමික සේවා වැටුප ලබා දෙන බව දන්වා තිබියදීත් ආබාධිත සෙබළුන් උද්ඝෝෂණයේ යෙදීම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමිනි. "මේ ව්‍යාපාර පිටුපස වෙනම මෙහෙයවීම් තිබෙනවා. ඒවා දේශපාලන මෙහෙයවීම්. මේ අසරණ රණවිරුවෝ දන්නේ නැහැ ඒ අය මෙහෙයවුවේ කවුද කියලා. ඇතැම්විට ඒ අයගෙන් එක් අයෙක් පමණක් දන්නවා ඇති මෙහෙයවුවේ කවුද කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (නොවැම්බර් 07) ආබාධිත සෙබළුන් පිරිස ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔවුන් හමු වී කරුණු අවබෝධ කර දුන් බව පැවැසූ ජනාධිපතිවරයා "දැන් ඒ සියල්ල හරි කීවට පස්සෙත්, ඒ ගිය අයෙක් දුරකතනයෙන් කණ්ඩායමකට කතා කරලා පණිවුඩය දුන්නා" යනුවෙන් කියා සිටියේය. "ඒ දුරකතන පණිවුඩය එක්ක තමයි පාරට බැහැලා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න ඒ පිරිස පැමිණියේ. මේ පිටුපස ඉන්න පිරිස මේ වැඩපිළිවෙළට එනකොටත් තීන්දු කරලා ඉවරයි මෙවැනි දෙයක් කරන්න ඕනි කියලා" ජනාධිපතිවරයා සඳහන් කළේය. 'දේශපාලන හස්තයක්' ආබාධිත සෙබළුන් විසින් වසර අටක් පුරා කරන ලද ඉල්ලීම් මීට මාස හතරකට පෙර තමා වෙත යොමු වූ බව කියා සිටි ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය හා සාකච්ඡා කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව තීන්දුවකට පැමිණි බව පැවසීය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල "අපි මේ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කළේ මීට මාස හතරකට කලින්. ඒ ආයතනවලට සහ සංවිධානවලට ඒ බව දැන්වුවා,. පෙළපාලි ගිහින් කොටුවේ වාඩි වුනාමත් අපි ඒ බව ඔවුන්ට දැන්වූවා," උද්ඝෝෂණයේ යෙදුණු ආබාධිත සෙබළුන් පිරිසක් සහ භික්ෂු සංවිධාන කිහිපයක් ඊයේ උදෑසන ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරීමේදි උණුසුම් තත්ත්වයක් හට ගත් අතර එය පාලනය කරගැනීම සඳහා පොලිසිය කඳුළු වායු හා ජල ප්‍රහාර ද එල්ල කළ කළේය. මේ අතර ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පිරිසකට කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හැරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක නියෝග කොට ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
තමන් මෙහෙයවනු ලබන්නේ කුමන බලවේගයක් විසින් දැයි යන්න 'අසරණ රණවිරුවන්' නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු යම් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' අයර්ලන්ත රෝහලක දී මිය ගියාය. සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' (Savita Halappanavar) අයර්ලන්ත රෝහලක දී අවසන් සුසුම් හෙළුවාය. ගබ්සාව සිදු වූ පසු ඇය රෝහල් කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටියේ කලලය ඉවත් කරන ලෙසය. නමුත් ඒ වන විට ද කලලයෙන් හුස්ම වැටෙන බව පවසා එය ඉවත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. ජාත්‍යන්තර අවධානය යොමු වූ සවීතා හලප්පනවාර්ගේ මරණය අයර්ලන්තයේ ගබ්සාව සම්බන්ධයෙන් පැවතුන නීති වෙනස් කිරීමට ද හේතු විය. ගබ්සා නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණයේ දී අයර්ලන්ත ජාතිකයන්, ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිත කිරීම නිසා "ඇයට සමාදානයේ සැතපීමට" හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති. දන්ත වෛද්‍යවරියක් ලෙස සේවය කළ, තිස් එක් හැවිරිදි ඉන්දීය ජාතික සවීතාගේ මරණය අයර්ලන්තයේ විශාල සමාජීය වෙනසක් ඇති කිරීමට සමත් විය. අයර්ලන්තයේ 'ගැල්වේ' රෝහලට ඇතුළත් කරන විට සවීතා සති 17ක ගැබිණියක වී සිටියාය. ඇයගේ අනපේක්ෂිත මරණය සිදු වී සය වසරකට ආසන්න වුවත්, ඡන්දදායකයන්ගේ තීරණය වී ඇත්තේ අයර්ලන්ත ව්‍යවස්ථාවෙන් ගබ්සා තහනම ඉවත් කළ යුතු බවය. එමෙන්ම, නව නීතිය 'සවීතාගේ නීතිය' ලෙස නම් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති. අයර්ලන්ත ජාතිකයන් ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් සිය ඡන්දය භාවිතා කිරීම නිසා "ඇයට සාමදානයේ සැතපීමට" හැකි බව සවීතාගේ දෙමාපියෝ පවසති. ඉන්දියාවේ බෙල්ගොම්හි ජීවත් වන සවීතාගේ මව, අක්කා මහදේවි යේලාගි (Akkamahadevi Yelagi) පැවසුවේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය ඔවුන්ගේ දියණිය වෙනුවෙන් ලැබූ "ජයග්‍රහණයක්" බවය. "එය සය වසරක සටනකින් පසු ලැබූ ජයග්‍රහණයක්. ඇයගේ ආත්මය දැන් සමාදානයේ සැතපේවි," යනුවෙන් මව සඳහන් කළාය. "මගේ දියණිය වෙනුවෙන් සටන් වැදුණු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා," අක්කාමහදේවි යේලාගි බීබීසී මරාති සේවයේ වාර්තාකාරිනී ස්වාති පටිල්-රාජ්ගොල්කාර් (Swati Patil-Rajgolkar) සමග පැවසීය. අයර්ලන්ත නව නීතිය 'සවීතාගේ නීතිය' ලෙස නම් කිරීම වෙනුවෙන් සිය සහාය පළකරන බව සවීතාගේ පියා, අන්දනප්පා යාල්ගි වෙනත් මාධ්‍යවලට පවසා තිබුණි. සවීතාගේ පියා අන්දනප්පා යාල්ගි අයර්ලන්ත ව්‍යවස්ථාවේ අටවෙනි සංශෝධනය ඉවත් කිරීම උදෙසා පසුගිය සිකුරාදා ජනමත විචාරණයක් පැවැත්වුණි. එකී සංශෝධනයේ සඳහන් වන්නේ නූපන් දරුවාට ද ගර්භණී කාන්තාවට හා සමාන අයිතිවාසිකම් තිබෙන බවය. කෙසේ වෙතත් මෙම සංශෝධනය ඉවත් කර ගබ්සාව නීතිගත කරන ලෙස ඉල්ලා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබේ. අටවෙනි සංශෝධනය අනුව අයර්ලන්තයේ ගබ්සා සිදු කිරීම තහනම් ක්‍රියාවක් වී තිබිණි. නමුත් දරු ගැබෙන් මවගේ ජීවිතයට හානියක් සිදු වේ නම් ගබ්සාව සිදු කිරීමට අවසර ඇත. ගබ්සාව නීතිගත කිරීමට සහාය දැක්වූ පිරිස් මෙම ජනමත විචාරණයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග 'සවීතා' ලෙස මොර දෙමින් ප්‍රතිඵල නිවේදනය කළ ඩබ්ලින් මාලිගාව අසල රැස් වී සිටියහ. ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය. ඇයගේ රුව නගර මධ්‍යයේ බිත්තියක සිතුවම් කිරීම මෙම සටනේ අද්විතීය පියවරක් ලෙස දැක්විය හැකිය. ගබ්සාව නීතිගත කිරීමට සහාය පළ කරමින් ඡන්දය ලබා දීමට ඇයගේ මරණය හේතු වූවා යැයි සඳහන් කුඩා කොළ කැබලි සහ මල් කළඹ බිත්ති සිතුවම වටා තැබීමට බොහෝ පිරිස් කටයුතු කළහ. "සමාවෙන්න. අපි හුඟක් පරක්කු වැඩියි. නමුත් අපි දැන් මෙතන සිටිනවා. අපි ඔබ අමතක කළේ නැහැ," එක් කොළ කැබැල්ලක සටහන් වී තිබුණි. ගබ්සා වීමෙන් පසුත් කළලයෙන් හුස්ම පිට වෙනවා යැයි පැවසූ රෝහල් කාර්යමණ්ඩලය එය ඉවත් කිරීමට කටයුතු නොකළ බව සවීතාගේ සැමියා පැවසීය. අයර්ලන්ත කාර්යමණ්ඩලය මෙය "කතෝලික රටක්" ලෙස තමන්ට එම අවස්ථාවේ පැවසූ බව ඔහු තවදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: නමුත් 2013 දී සවීතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ දී ඇයගේ වින්නඹු මාතාව ඉහත ප්‍රකාශය කිරීම ගැන සමාව ඉල්ලා සිටියාය. අයර්ලන්තය ගැන නොදන්නා කෙනෙකුට එහි තත්වය පහදා දීමේ පරමාර්ථයෙන් ඇය එසේ පවසා තිබුණි. සවීතා රෝහල්ගතව සිටි මුල් දින තුන ඇතුළත දරු ගැබ ඉවත් කළේ නම් ඇය ජීවත් වීමට ඉඩ තිබුණ බව අයර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු පැවසීය. නමුත් ඒ වන විට "ඇයගේ ජීවිතය දැඩි අවදානමක නොතිබූ නිසා" අයර්ලන්ත ගබ්සා නීතිය අනුව එම අවස්ථාවේ කලලය ඉවත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් වන්නට ඉඩ තිබූ බව අයර්ලන්ත ජාතික මාතෘ රෝහලේ හිටපු ප්‍රධානී වෛද්‍ය පීටර් බොයිලන් පැවසුවේය. ඇයගේ ජීවිතය අවදානම් තත්වයකට හැරෙන විට දරු ගැබ ඉවත් කර ජීවිතය බේරා ගැනීමට ප්‍රමාද වැඩි වී තිබුණි. කම්පනය, ලේ ගමනාගමන පද්ධතියේ ඇති වූ සංකූලතා සහ සති දාහතක් වැඩුණු දරු ගැබ ගබ්සා වීම ඇයගේ මරණයට හේතු ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ. 'ගබ්සාව' සහ ශ්‍රී ලංකාව ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කළ යුතු බවට සංවාදයක් ශ්‍රී ලංකාව තුළ ද ඇතිවී තිබේ. කෙසේ නමුත් ආගමික නායකයන්ගෙන් ඊට එල්ල වන්නේ දැඩි විරෝධයකි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. මෙම නීතිය ලිහිල් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් හා කාන්තා සංවිධානවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් ලැබුණු නමුත් ඒ සැම අවස්ථාවකම ආගමික නායකයන්ගේ විරෝධය හේතුවෙන් එම ඉල්ලීම් කිසිදු රජයක් ක්‍රියාත්මක කළේ නොමැත. මේ අතර විශේෂ අවස්ථාවල ගබ්සා නීති ලිහිල් කළ යුතු බවට යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පරාජනන සංගමය පසුගියදා රජයට යෝජනාවක් ඉදිරිපත් කළේය. ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සංවාදයක් ආරම්භවීමත් සමගම ඊට මුලින්ම විරෝධය එල්ල වූයේ ශ්‍රී ලංකා කතෝලික සභාවෙනි. "කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා," යනුවෙන් ඔවුන් රජයෙන් ඉල්ලීමක් කළේය. "දරුවෙක් උපදිනවා කියල කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ," අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සිය සංගමයේ තීරණය පැහැදිලි කළහ. "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්, මහා අපරාධයක්" මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ. අංගවිකල දරුවන් බිහිවීම මගින් එම දෙමාපියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවට නැගෙන හඬ ප්‍රතික්ෂේප කළ කාදිනල් රංජිත් හිමිපානන් බොහෝ පවුල්වල දෙමාපියන් එකට බැඳ තබා ගැනීමට එම "අවාසනාවන්ත වේදනාවට පත් දරුවා" සමත්වන බව පෙන්වා දුන්හ. තවත් තොරතුරු: ශ්‍රී ලංකාවේ දිනකට නීතිවිරෝධී ගබ්සා 600 සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල නොවන අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ. මේ අනාරක්ෂිත ගබ්සා ක්‍රම හේතුවෙන් වසරකට මාතෘ මරණ 10-15 අතර සංඛ්‍යාවක් සිදුවන බව විශ්වාස කෙරේ. මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම හේතුවෙන් කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ගබ්සා නීතිය ලිහිල් කළ යුතු බවට ප්‍රකාශ කරන වෛද්‍ය හිරන්ති විජේමාන මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය. හිරන්ති විජේමාන ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ මණ්ඩලයේ ආරම්භක සභාපතිනිය වන අතර ළමා හා කාන්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද කටයුතු කළ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරියකි. "දැන් තියෙන නීතිය 1883 නීතියක්. අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි" "මේ විශේෂ අවස්ථාවල පමණක් නිසි අවසර ලබාගෙන ගබ්සා කිරීමට ඉඩ ලබාදිය යුතුයි කියන එකයි අපේ ඉල්ලීම," යනුවෙන් ඇය ප්‍රකාශ කළාය. සීමා පැනවීම වයස අවුරුදු 13 සහ 14 දැරියන් සිය පවුලේ කෙනෙකු අතින් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන එවැනි අවස්ථාවල ගබ්සාවක් සිදුකිරීමට අවස්ථාව දිය යුතු බව පෙන්වා දුණි. "ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා මේ දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුන දේ. අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව කියල නිම කරන්න බැහැ." දිගින් දිගටම පූජක පක්ෂයේ විරෝධයන් හමුවේ රජයන් මෙම නීතිය ලිහිල් කිරීමට මැලිකමක් දක්වන බව පැවසූ වෛද්‍ය හිරන්ති විජේමාන කෙසේ වෙතත් වත්මන් රජය ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරනු ඇතැයි විශ්වාසය පළ කළාය. "කණගාටුයි මට මේ දේ කියන්න. තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේ කැක්කුම තේරෙන්නේ. මම පුජකවරුන් පහත කරනවා නෙවෙයි, නමුත් ඒ අය වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ." ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ලිහිල් තැනක තිබෙන බව පෙන්වාදෙන වෛද්‍යවරිය දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය පමණක් තවමත් ශ්‍රී ලංකාව මෙන් දැඩිව එය පවත්වාගෙන යන බව වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
ඇයගේ කතාව අයර්ලන්තය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය; ඇයගේ මුහුණ එම උද්ඝෝෂණවල සංකේතය බවට පත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සතුන් එලෙස මරා දැමීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැදින් වූ අධිකරණය එලෙස බිලි දීමේ දී සතුන්ට වේදනා විදීමට සිදු වන බවයි කියා සිටියේ. හින්දු කෝවිල් තුළ එළුවන් වැනි සතුන් මරා දැමීමේ සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් පසු පසට දිව යන්නක්. බිලි පූජා වලට හසු වී සතුන් දහස් ගණනක් මිය යන බව අධිකරණයට ඉදිරි පත් වූ සාක්ෂි මගින් අනාවරණය විය.
සියවස් ගණනාවක් ඉපැරණි චාරිත්‍රයක් වන ආගමික උත්සව අතරතුර කෙරෙන සත්ව බිලි පූජා තහනම් කිරීමට ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්ත අධිකරණය නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චීන ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයට ඇතුළු නොවන බවට ඇමතිවරයා කරන ප්‍රකාශය ධීවර නායකයෝ ප්‍රතික්ෂේප කරති ආනයනිත මාලු සහ කරවල සඳහා රුපියල් විසි පහකින්ද, හාල්මැස්සන් සඳහා රුපියල් විස්සකින්ද ටින් මාලු සඳහා රුපියල් තිස් පහකින්ද බදු කපා හරින ලද බව රජය නිවේදනය කළේය. ජනාධිපතිවරයාද සහභාගි වන ජීවන වියදම් පිලිබඳ මාසික කමිටුවේදී තමන් ගේද එකඟතාවයෙන් මෙම තීරණයට එළැඹි බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. මෝසම් සමයේදී ධීවර යාත්‍රා දියඹට යන්නේ සීමිතව බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස මාළු මිල ඉහල යාම වලක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා පවසයි. "අනිත් එක ඒකෙ තව වාසියක් තියෙනවා අපි සැමන් කර්මාන්තයට ගේන මාලුවලටත් එතකොට බද්ද අඩුවෙනවා," ඔහු පැවසීය. චීන ට්‍රෝලර් යාත්‍රා මේ ආණ්ඩුව තෙල් මිල ඉහල දැමීම නිසා අද සියයට පණහක් ධීවරයෝ මුහුදු යන්නේ නෑ - ධීවර නායක අරුණ රොෂාන්ත ඉන්දියාව, තායිලන්තය, චීනය, සයිප්‍රසය සහ මැද පෙරදිග යන රටවලින් ටින් මාළු, කරවල සහ හාල්මැස්සන් මෙසේ ශ්‍රී ලංකාවට ආනයනය කරන බවයි, අමාත්‍ය සේනාරත්න සඳහන් කරන්නේ. එහෙත් සමස්ත ධීවර කර්මාන්තය පිළිබඳවම අමාත්‍යවරයාට තිබෙන මඳ අවබෝධය මේ ප්‍රකාශ වලින්ද ගම්‍ය වන බවයි, ධීවර සංගම් නායකයන් පවසන්නේ. විශේෂයෙන්ම දේශීය මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත්තේ ඇමතිවරයා පවසන පරිදි මෝසම් වැසි නිසා නොව තෙල් මිල ඉහල යාම නිසා බව පෙන්වා දෙන සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත චීන ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයට ඇතුළු නොවන බවට ඇමතිවරයා කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහල ගොස් තිබියදීත් එහි වාසිය ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ලැබී නැති බව පවසන ඔහු, ආණ්ඩුව තෙල් මිල ඉහල නොදැමුවේ නම් වැඩිම මාළු තොග ගොඩ ගෙන එනු ලබන්නේ මේ සමයේ බවද සඳහන් කරයි. "මේ ආණ්ඩුව තෙල් මිල ඉහල දැමීම නිසා අද සියයට පණහක් ධීවරයෝ මුහුදු යන්නේ නෑ," බව අරුණ රොෂාන්ත බීබීසී සංදේශයට පැවසීය.
ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වන මත්ස්‍ය නිෂ්පාදන සඳහා බදු අඩු කිරීමෙන් ධීවර කර්මාන්තයට කිසිදු පාඩුවක් සිදු නොවෙතැයි ධීවර අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත් දෙවර්ගයේ මාත්‍රා දෙකම ලබා දුන් විට, කෙන්ට් ප්‍රභේදයට එරෙහිව සලසන ආරක්ෂාවට සමාන මට්ටමේ ආරක්ෂාවක් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ද සලසන බවය. කෙසේ නමුත් පළමු මාත්‍රාව ලබා දී සති තුනකට පසුව Pfizer සහ AstraZeneca එන්නත් ඉන්දීය ප්‍රභේදයට එරෙහිව දැක්වූ ඵලදායිතාව 33%ක් පමණි. පළමු මාත්‍රාවෙන් සති තුනකට පසුව කෙන්ට් ප්‍රභේදයට එරෙහිව ඵලදායිතාව 50%ක් බව සනාථ වී තිබුණි. මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසිනි. ඔවුන් පවසන්නේ කොවිඩ් 19ට එරෙහි එන්නත් මගින් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණයට පත්වීම අවම කිරීම සඳහා වඩාත් ඵලදායී වී ඇති බවය. Moderna එන්නත ද එක්සත් රාජධානියේ ජනතාවට ලබා දී ඇති නමුත් එය ලබා දී ඇති සංඛ්‍යාව සාපේක්ෂව ඉතා අඩුය. එබැවින් එම එන්නත මෙම අධ්‍යයනයට ඇතුළත් කර නොමැත. වෙනසට හේතුව? Pfizer එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී දෙසතියකට පසුව වෛරසයේ ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 88%ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇත. ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් දෙසතියකට පසුව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව 60%ක සහ කෙන්ට් ප්‍රභේදයට එරෙහිව 66%ක ඵලදායීතාවක් තහවුරු කර තිබේ. ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව කලින් ලබා දීමට හැකිවීම මෙම එන්නත් දෙකෙහි ඵලදායීතාවේ වෙනසට හේතුවක් විය හැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් දත්තයන් ඔස්සේ පෙනී ගොස් ඇත්තේ AstraZeneca එන්නතේ පූර්ණ ඵලදායීතාව කරා ළඟාවීමට සාපේක්ෂව වැඩි කාලයක් ගතවන බවය. ලක්ෂ තුනක් මරුට මේ අතරතුර ඉන්දියාවෙන් වාර්තා වූයේ කොවිඩ් 19 වැළඳී ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 300,000 ඉක්මවා ඇති බවය. නමුත් වසංගතයට ගොදුරු වී ඉන්දියාව පුරා මිය ගිය සියලු දෙනා ලේඛනගත වී නොමැති හෙයින් මෙම නිල සංඛ්‍යාවට අතිශයින් වැඩි පිරිසක් මියගොස් ඇතිබව විශේෂඥයෝ පවසති. ඉන්දියාවෙන් නිල වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ මුළු ප්‍රමාණය මිලියන 26කි. මෙය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. ඉන්දියාවෙන් වාර්තාවූ නිල මරණ සංඛ්‍යාව ද ලෝක ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ගනී. ඊට ඉහළින් සිටින්නේ එක්සත් ජනපදය සහ බ්‍රසීලය පමණි. මාසයක් ඇතුළත මරණ ලක්‍ෂයක් මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 100,000 සිදු වී ඇත්තේ මසකටත් අඩු කාලසීමාවක් ඇතුළත ය. ඉන්දියාවේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉදිරියේ දී තවත් ඉහළ යා හැකි බවට ඇතැම් විශේෂඥයෝ මත පළ කරති. මෙම මරණ පිළිබඳව ලැබෙන නිල දත්ත වාර්තා පිළිබඳව වෙනස් මත පළවන්නේ බොහෝ මරණ නිවෙස් තුළ සිදු වීමත් ඒ සියල්ල - විශේෂයෙන් ම ඈත පිටිසර පලාත්වල සිදුවන මරණ - ලේඛනගත නොවීමත් හේතුවෙනි. මෝචරි තුළ මෝචරි තුළ පවතින මළ සිරුරු ගණනය කරමින් වඩාත් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ අතර එවැනි වාර්තා පාදක කොට ගනිමින් සැකසුණු ඇතැම් ලේඛන පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම ඉන්දියාවේ සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියනයක් පමණ විය හැකි බවය. ඉන්දියාව පුරා සිදුවන එන්නත් වැඩසටහනේ ද එතරම් ප්‍රගතියක් දක්නට නොමැත.
කොරෝනාවෛරසයේ නව ඉන්දීය ප්‍රභේදයට එරෙහිව ෆයිසර් (Pfizer) සහ ඔක්ස්ෆර්ඩ් (AstraZeneca) යන එන්නත් දෙවර්ගය ඉතා ඉහළ ඵලදායීතාවක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ. නමුත් ඒ සඳහා එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කර තිබිය යුතු බව අවධාරණය කෙරේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේට මීගමුව නගර සභාව ඉදිරියේ දී පහර දෙනු ලැබීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් මීගමුව නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි. තමාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇතත් ප්‍රහාරය මෙහෙය වූ සැබෑ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි ඉහත කී උද්ඝෝෂණයට එක් වෙමින් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ කියා සිටියේ. නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ යහපාලන රජය යටතේ සිදු වූ පළමු මාධ්‍ය ප්‍රහාරය මෙය බවයි. විදියේ විරෝධය, මාධ්‍ය, ගුරු, ධීවර, කම්කරු සහ ආගමික සංවිධානවල සාමාජිකයන් මෙන්ම ආගමික නායකයන් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.
තමා වෙත තර්ජන එල්ල කළ පුද්ගලයන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබා දී ඇති නමුත් ඔවුන් තවමත් නිදැල්ලේ පසු වන බව මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුනාමියෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ද හයදහසකට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර ඔවුන් වෙනුවෙන් ද සමරු වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණි. ඉන්දුනීසියාවේ ද 2014 සුනාමි ව්‍යසනයේ දහවැනි සංවත්සරය අද අනුස්මරණය කෙරුණි.සුනාමියේ දී වැඩිම හානිය සිදු වූ රට ඉන්දුනීසියාවයි. අචේ ප්‍රාන්තයේ සමරු මෙහෙයක් ඉන්දුනීසියානු මුහුදු පත්ලේ සිදු වූ මහා භූ කම්පනය සමඟ ආරම්භ වූ සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් රටවල් දාහතරක සමස්ත ජන සංඛ්‍යාව 225 000 කට අධික යයි ඇස්තමේන්තු කෙරෙනවා. ඉන්දුනීසියාවෙන් පමණක් 175000 ක් මරණ වාර්තා විය. එම සමරු වැඩසටහන් වලට ‘අචේ’ ප්‍රාන්තයේ ‘බණ්ඩා අචේ’ ප්‍රධාන නගරයේ නිල සමරු සිහිවටනයක් විවෘත කිරීමක් ද ඇතුලත් විය. දස වසරකට පෙර මුහුණ දුන් ඛේදවාචකයේ දී සහන සැලසීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සේවකන්ට සහ ලෝකවාසී ජනතාවට ඉන්දුනීසියානු උප ජනාධිපති යූසුෆ් කල්ලා සිය ප්‍රසංශාව පුද කළ අතර තම රටට පිහිට වූ රටවල තානාපතිවරුන්ට ඔහු තිලින ප්‍රදානය කළේය. අමතක නොවන උදව් උප ජනාධිපති යූසුෆ් කල්ලා (Jusuf Kalla) අදහස් දක්වමින්,එම කලාපයට එල්ල වූ සුනාමි මුහුදු රැල්ලට හසු වීමෙන් ජීවිත අහිමි වූ දහස් ගණනක් මළසිරුරු එදා හමු වූ බවයි. තායිලන්තයේ සමරු මෙහෙයක් 2004 සුනාමියේ දී තායිලන්තයේ ද අටදහසක පමණ ජීවිත විනාශයක් සිදු විය.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විදේශීය සංචාරකයන් වූහ. තායිලන්තයේ දී එදා එම ව්‍යසනයේ දී දිවි බේරුණ ඇතැම් සංචාරකයන් මෙන්ම දිවි අහිමි වූ ඔස්ට්‍රියා, ස්විට්සර්ලන්ත සහ ජර්මන් සංචාරකයන් ගේ ඥාතීන් Khao Lak වෙරළට පැමිණ මියගිය අය වෙනුවෙන් මල්වඩම් තැන්පත් කළහ. තායිලන්තයේ Phang-nga ප්‍රාන්තයේ Ban Nam Khem සුනාමි අනුස්මරණ උද්‍යානයට රැස්වූ ජනතාව විපතට ගොදුරුවූවන්ගේ නාම පුවරු ඇතුලත් ස්මාරකය ඉදිරිපිට රෝස මල් තැන්පත් කොට පුෂ්පෝපහාර දක්වා විපතට පත්වූවන් සිහිපත් කළහ. සුනාමි අනුස්මරණ උත්සවයට එක් වූ අගමැති චන ඔචා විපතට පත් වූවන් වෙනුවෙන් මල් වඩමක් තැන්පත් කළේය.
2004 සුනාමියේ දහවැනි සංවත්සරය (දෙසැම්බර් 26) වෙනුවෙන් බොහෝ රටවල සමරු වැඩ සටහන් ක්‍රියාත්මක විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වන අලියකුට GPS කර පටියක් පළඳවන වනජීවී නිලධාරීන් ලොව විශාලතම අලිඇතුන් ගහනයක් සහිත රට බොට්ස්වානා රාජ්‍යයයි. ඇත් දළ වෙළඳාමට ඇති අයිතිය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් මේ සතිය අග පැවැත්වෙන ජාත්‍යන්තර වනජීවී සමුළුවේ දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. දරුණු ලෙස අලිඇතුන් දඩයම් කෙරෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්තියක් විශාල අලිඇතුන් ගහනයක් වෙසෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය නොකළ යුතු බවයි ඉහත කී රටවල් පවසන්නේ. කෙසේ වෙතත් ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින නීති තර කිරීමට තවත් අප්‍රිකානු රටවල් ගණනාවකටම අවශ්‍ය කොට තිබේ. පසුගිය වසර කීපය තුළ පමණක් අප්‍රිකාවේ වන අලි ඇතුන් ගහනය සියයට තිහකින් පහළ ගොස් තිබෙන අතර ඊට මූලික වශයෙන් බලපා ඇත්තේ අලි ඇතුන් දඩයමයි.
ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීම සඳහා සිය අසල්වැසි රටවල් ගනු ලබන උත්සාහයට සහාය ලබා නොදෙන බව බොට්ස්වානා රජය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේජර් ජෙනරාල් රඩර් ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ අණදෙන නිලධාරීන් හමු විය සාගර ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක ගැට‍ළු, මානුෂීය ආධාර සහ ආපදා සහන සැපයීම් ඇතුළු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වැනි අංශ හඳුනා ගැනීමේ අරමුණින් එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය බවයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එක්සත් ජනපද හත් වන බල ඇණියේ අණ දෙන USS 'බ්ලූ රිජ්' නෞකාව මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි අතර, එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයාගේ තෙදින නිල සංචාරය සිදු වූයේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකාවට කලාපීය සාගර ආරක්ෂාව, ස්වාභාවික විපත්වලදී ප්‍රතිචාර දැක්වීම සහ නාවික ගමනාගමනයේ නිදහස සුරැකීම යන අංශ තුළ වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බවයි, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සිය නිවේදනයේ සඳහන් කරන්නේ. "ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා මෑතකදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අතිරේක සහාය පළ කොට ඇති අතර වර්තමානයේ ලෙබනනයේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සෙබළුන් ස්ථාන ගත කිරීම වැඩිදියුණු කරමින් සිටියි," යනුවෙන්ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කළ හැකි වැදගත් අංශ හඳුනා ගැනීමේ අරමුණින් මේජර් ජෙනරාල් ස්ටීවන් ආර් රඩර් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාකිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර පසුගියදා පැවති ටෙස්ට් තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් විය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2003 වසරේදී. පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානය කරා පැමිණියේ ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පසු බස්සවමිනි. ඒ වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගයි. ආරක්ෂක හේතූන් මත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වසර හයක සිට සිය රට තුළදී ටෙස්ට් තරඟයකට සහභාගී වී නොමැත.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කැලිෆෝනියාවේ හිටපු නීතිපතිවරිය වශයෙන් කටයුතු කළ සෙනට් සභික කමලා හැරිස් ජැමෙයිකන් පියෙකුට සහ ඉන්දීය මවකට දාව 1964 ඔක්තෝම්බර් 20 වෙනි දින කමලා හැරිස් උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. නමුත් ගතානුගතික අදහස් දරන නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු විසින් ඇයට උප ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්‍රශ්න කරනු ලැබ ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එක්සත් ජනපදයේ උපත ලැබූවෙකු නොවන බව පැවසෙන සාවද්‍ය මතයට ට්‍රම්ප් විසින් වසර ගණනාවක් පුරා ප්‍රචාරයක් ලබා දෙනු ලැබීය. කලක් කැලිෆෝනියාවේ හිටපු නීතිපතිවරිය වශයෙන් කටයුතු කළ සෙනට් සභික කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයකදී උප ජනාධිපති ධුරය සඳහා තරග කරන කළු සමක් සහිත පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වෙයි. කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝයි බයිඩන්ගේ දෙවෙනියාය. ඔහු නොවැම්බර් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජනාධිපති ට්‍රම්ප්ට අභියෝග කරනු ඇත. ට්‍රම්ප් කීවේ කුමක්ද? හිටපු ජනාධිපති ඔබාමා කෙන්යාවේ උපත ලැබූවෙකු බවට වන දක්ෂිණාංශික මතවලට ට්‍රම්ප් විසින් ප්‍රචාරයක් ලබා දීම ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදීය බ්‍රහස්පතින්දා (අගෝස්තු 13) පැවති මාධ්‍ය හමුවකදී කමලා හැරිස් උපත ලද රට සම්බන්ධයෙන් පවතින තර්කය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසීමක් කරනු ලැබිණි. "ඇයට, අවශ්‍ය සුදුසුකම් සපුරන්න බැහැයි කියා මට අද අසන්න ලැබුනා. ඒ වගේම ඒ පිළිබඳ ලියූ නීතිඥයා ඉතාමත් ඉහළ මට්ටමේ අයෙක්." "ඒක හරිද කියන දේ ගැන මම දන්නේ නැහැ. උප ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගන්න කලින් ඩිමොක්‍රටික් පක්ෂය ඒ ගැන සොයා බලන්න ඇතැයි කියා මම සිතනවා," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. "නමුත් මේක ඉතාමත් බරපතළයි. ඇය මේ රටේ ඉපදී නැති නිසා ඇය සුදුසුකම් නොලබනව කියල ඔවුන් කියන බව ඔබ කියනවා." එවක කමලා හැරිස්ගේ දෙමව්පියන්ට නීත්‍යානුකූලව ඇමරිකාවේ ස්ථීර පදිංචිය හිමි නොවී තිබීමට හැකියාවක් ඇතත් ඇය ඇමරිකාවේ උපත ලැබූවෙකු බවට තර්කයක් නැතැයි වාර්තාකරු ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය. 'ජුඩිෂල් වොච්' නැමති ගතානුගතික මතවාද දරන කණ්ඩායමක ප්‍රධානී ටීම් ෆිටන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක උපදේශිකා ජෙන්නා එලිස් විසින් සිය ට්විටර් පිටුවේ යළි පළ කරනු (රීපෝස්ට්) ලැබ තිබිණි. කමලා හැරිසන්, "එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 'පුරවැසිභාවයට අදාළ වගන්තිය' යටතේ උප ජනාධිපති ධුරයට සුදුසුකම් නොලබන්නේ" දැයි යන්න එම ට්විටර් පණිවුඩයෙන් ප්‍රශ්න කරයි. එමෙන්ම කැලිෆෝනියාවේ චැප්මන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝන් ඊස්ට්මන් ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතය දක්වමින් 'Newsweek' සඟරාවේ පළ කෙරුණු ලිපියක් ද ටීම් ෆිටන් විසින් ට්විටර් පිටුවේ පළ කරනු ලැබ ඇත. නීතිය පිළිබඳ මහාචාර්යවරයාගේ තර්කය කුමක්ද? කමලා හැරිස් සිය පවුලේ සාමාජිකයන් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය උපුටා දක්වමින් මහාචාර්ය ඊස්ට්මන් පවසන්නේ, ඇමරිකාවේ උපත ලද අයෙකු පමණක් ජනාධිපති ධුරයට සුදුසු බවය. එසේම "එක්සත් ජනපදයේ උපන්, සහ එහි අධිකරණ බලයට යටත් සියලුම දෙනා පුරවැසියන්ය," යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි සංශෝධනය ද ඔහු උපුටා දක්වයි. උදාහරණයක් වශයෙන්, කමලා හැරිසන් කැලිෆෝනියාවේ උපත ලද අවදියේ ඇයගේ දෙමව්පියන් ශිෂ්‍ය වීසා බලපත් (student visa) යටතේ සිටියේ නම් ඇය අධිකරණ බලයට යටත් නොවන්නේය යන අදහස මහාචාර්ය ඊස්ට්මන්ගේ තර්කය මගින් ඉදිරිපත් වේ. 2010 වසරේදී, මහාචාර්ය ඊස්ට්මන් කැලිෆෝනියාවේ නීතිපති ධුරය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වශයෙන් තරග කළේය. ඔහු එහිදී ස්ටීව් කූලි අතින් පරාජයට පත් විය. ඉන් අනතුරුව මහ මැතිවරණයේදී කමලා හැරිසන් කූලි පරාජයට පත් කළේය. මතභේදයට තුඩු දී ඇති අදාළ ලිපිය පළ කිරීමට ගත් තීන්දුව වෙනුවෙන් පෙනී සිටි 'Newsweek' හි ප්‍රධාන සංස්කාරකවරිය නැන්සි කූපර්, "උප්පත්තිය මුල් කරගත් ජාතිවාදයක් සහ මහාචාර්යවරයාගේ ලිපිය අතර සම්බන්ධයක් නොමැති" බවට තර්ක කරයි. ව්‍යවස්ථාව පිළිබඳ සෙසු විශේෂඥයන් පවසන්නේ කුමක්ද? BBC පුවත් සේවයේ එක්සත් ජනපද හවුල්කරු 'CBS News' වෙත ව්‍යවස්ථා නීතිය පිළිබඳ තවත් විශේෂඥයෙකු පවසා තිබුනේ කමලා හැරිස්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් මහාචාර්ය ඊස්ට්මන් ඉදිරිපත් කර ඇත්තේ "මෝඩ තර්කයක්" බවය. බර්ක්ලි නීති විද්‍යාලයේ පීඨ ප්‍රධානී අර්වින් ෂෙමරින්ස්කි සඳහන් කර ඇත්තේ "14 වෙනි සංශෝධනයේ පළමු ඡේදය යටතේ එක්සත් ජනපදයේ උපත ලබන ඕනෑම අයෙකු ඇමරිකානු පුරවැසියෙකු බවය." "1890 ගණන්වල සිට ශ්‍රේෂ්ඨාධිකරණය මෙය තහවුරු කර තිබෙනවා. කමලා හැරිස් එක්සත් ජනපදයේ උපත ලැබූවෙක්." ජනාධිපති ට්‍රම්ප් නිතර විවේචනයට ලක් කරන්නෙකු ලෙස ප්‍රකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්ය ලෝරන්ස් ට්‍රයිබ් විසින් මහාචාර්ය ඊස්ට්මන්ගේ තර්කය හඳුන්වනු ලැබුවේ "කුණුගොඩක්" සහ උප්පත්තිය මත පදනම් වූ ජාතිවාදී කියවීමක් ලෙසය. ලොයෝලා නීති විද්‍යාලයේ මහාචාර්යවරියක් වන ජෙසිකා ලේවින්සන් AP පුවත් සේවයට පවසා තිබුනේ, "අප අවංකව මේ දෙස බලමු: මෙය, රටේ පුරවැසියන් නොවන දෙමව්පියන්ට දාව උපන් කළු සමක් සහිත අපේක්ෂකයෙකු සිටින විට අප දුව යන ජාතිවාදී යෙදුමක්" යනුවෙනි. ට්‍රම්ප්, ඔබාමා ඇමරිකාවේ උපත ලබා නැතැයි පැවසෙන න්‍යායට ඉන්ධන දැමූවේ කෙසේද? හිටපු ජනාධිපති ඔබාමා කෙන්යාවේ උපත ලැබූවෙකු බවට වන දක්ෂිණාංශික මතවලට ට්‍රම්ප් විසින් ප්‍රචාරයක් ලබා දීම ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදීය. තමා හවායි හි උපත ලබා ඇතැයි සඳහන් උප්පැන්න සහතිකය ඔබාමා විසින් එම වසරේ අප්‍රේල් මස ඉදිරිපත් කරනු ලැබ තිබියදීත් එය "වංචාවක්" බව ට්‍රම්ප් දිගින් දිගටම පැවසීය. 2016 සැප්තැම්බර් පැවති මාධ්‍ය හමුවකදී එවක රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ ට්‍රම්ප්ගෙන් ඒ ගැන විමසනු ලැබිණි. ඔබාමා ජනාධිපති ධුරය සඳහා සුදුසුකම් සපුරා ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පැවති සැක සංකා පළවා හැරීමේ ගෞරවය ලබා ගැනීමේ උත්සහයක නිරත වෙමින් ඔහු එහිදී කියා සිටියේ, "මම එය ඉවරයක් කළා. ජනාධිපති ඔබාමා ඉපදිලා තියෙන්නේ එක්සත් ජනපදයේ. එපමණයි." තමා සමග රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා තරග කළ ටෙඩ් කෘස් ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවට ද ට්‍රම්ප් 2016 වසරේදී තර්ක කළේය. ඔහු ඊට හේතු විශයෙන් ඉදිරිපත් කළේ, ඇමරිකානු පුරවැසියෙකු වූ මවකට සහ කියුබාවේ උපත ලද පියෙකුට දාව ටෙඩ් කැනඩාවේදී උපත ලබා තිබීමය.
ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් එම ධුරය සඳහා අවශ්‍ය "සුදුසුකම් සපුරා නැති" බව තමන්ට කණ වැකී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ප්‍රවීණයන් විසින් තහවුරු නොකරන ලද නීති තර්කයක් උලුප්පා පෙන්වීම හෙළා දකින විවේචකයෝ එය ජාතිවාදී ප්‍රකාශයක් ලෙස හඳුන්වති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර අවසාන සහ තීරණාත්මක සාකච්ඡාවක් අද සිකුරාදා (14) සවස පැවැත්වෙන බවට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් දී තිබුනත්, එවැනි සාකච්ඡාවක් සිදු නොවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් තමන්ට දීර්ඝ පිළිතුරු ලිපියක් ඒවා ඇති බවයි, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්ම්න්පිල බීබීසියට ප්‍රකාශ කළේ. එම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ජාතික හෙළ උරුමයේ නායකයන් අතර සාකච්ඡාවක් හෙට ,සෙනසුරාදා පවත්වා අනතුරුව සඳුදා එය සිය මධ්‍යම කාරක සභාවට යොමු කරන බවත් මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දුව අඟහරුවාදා මහ ජනතාවට දැනුම් දෙන බවත් උදය ගම්ම්න්පිල ඇමතිවරයා පවසයි. තීන්දුව අඟහරුවාදා ‘කුමන තීන්දුව ගනු ලැබුනත් ජාතික හෙළ උරුමයේ තීන්දුව ජාතියට හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා’ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා ඇමති උදය ගම්ම්න්පිල බීබීසියට කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් වෙත භාර දුන් ලිපිය පෞද්ගලික මට්ටමින් සිය පක්ෂයට ලැබුණ ලිපියක් යයි කියා සිටි ජාතික හෙළ උරුමය නියෝජිතයා එහි අඩංගු කරුණු අඟහරුවාදාට පෙර හෙළිදරව් නොකළ යුතුය යන මතයේ තම පක්ෂ නායකත්වය සිටින බවයි,බීබීසිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලද ප්‍රතිචාරය සාධනීය එකක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ‘එය සාධනීය හෝ සාධනීය නොවන එකක්ද යන්න තීන්දු කිරීමේ බලය පවතින්නේ තමන්ට නොව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට’ වන බවයි.
තමන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කරන ලද කරුණු තිස් පහකින් සමන්විත හත් වැදෑරුම් යෝජනා වලට එම පක්ෂයෙන් දීර්ඝ පිළිතුරක් ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ මස අග දී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නවීන් පිල්ලි ශ්‍රිලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. මාධ්‍ය හමුවකදී සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තව දුරටත් කියා සිටියේ රටේ තිබෙන දූෂිත දේශපාලනය සහ මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ව ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතු බවයි. ‘යුද්ධය කළ ආකාරය ගැන යම් යම් ප්‍රශ්න මතුවී ඇති නිසා ඒ සම්බන්ධව නිසි පිළිතුරු දිය හැක්කේ යුද්ධය මෙහෙයවූ තමන්ට පමණක්’ බව පවසන හිටපු හමුදාපතිවරයා තමන්ට ඒ අවස්ථාව ලබා නො දීම ‘ප්‍රශ්නයක්’ බව ද පැවසිය. ‘හමුදාවේ යම් යම් දූෂිත නිලධාරීන් යොදවා ආණ්ඩුව උතුරේ දේශපාලනය කිරීමට හමුදාව යොදා ගන්නවා’ යි සරත් ෆොන්සේකා මෙහි දී පැවසුවේය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බුදු මුව ඇතුළත් සාරිය මුල්කර ගත් අවුල දුරදිග ගිය ආකාරය බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමක් එහි දී සිදු නොවුණු නමුත් එම කාන්තාව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළ බවය. "ඒ කාන්තාව පොලිසියට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. ඊට පසුව සාරිය මාරු කරළා එයාට වෙනත් ඇඳුමක් අන්දවලා පිටත් කළා. හැබැයි මේ සාරිය මිල දී ගත්ත තැන සහ ඒ සම්බන්ධ වෙනත් දේ ගැන පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වනවා," යනුවෙන් පොලිස් මාධ්‍ය අංශය පැවසීය. බුදුන්ගේ මුව මුද්‍රිත සාරයක් ඇඟලීම සහ ඊට එරෙහිව පොලිසිය ඉදිරියේදීම භික්ෂුවක් අදාළ කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වන්නට විය. "බුදු මුහුණ සහිත සාරියක් ඇන්දයි කියළ හාමුදුරු අණට පොලිසිය කාන්තාවක් අල්ලගෙන ගිහින් ත්‍රි'මලයේදී. මේක බුද්ධ මූණ යැයි කියමු. ඒත් කොහේද නීතියක් තියෙන්නේ ඒව අදින්න බෑ කියල. පෝස්ටර්වලට දාන්න පුළුවන් නම් මොකෝ අඳින්න බැරි," ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. "ලංකාව දැන් 'හාමුදුරු පොලිසියක්' තියෙන බෞද්ධ ඉරානයක්ද? මේ මූණ බුද්ධ මුහුණ කිය‍‍නේ කවුද? මෙහෙම ගියොත් ඇදුම්වල තිබිය යුතු රූප ගැන හදිසි නීති නියෝග දාන්න වෙයි. මේකද 2015 පොරොන්දු වූ නිදහස? දෙමළ මිනිස්සු කොහොමද බුදු මූණ දන්නේ. මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීමට අදාළ මග පෙන්වීම් දෙනවා - පොලිසියට. නමුත් පොලිසිය හාමුදුරු පොලීසියට තමයි ඇහුන්කම් දෙන්නේ. මේක ඉන්න හිතෙන රටක් නොවෙයි, යන්නම හිතෙන රටක්. මේ ගැන ත්‍රිකුණාමල පොලිසියට විරෝධය පාමු," යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්විණි. ෆේස්බුක් පරිශීලකයකු වන සුසන්ත දම්මික අත්තනායක ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, "මොන ආගමේ වුවත් අන්තවාදි කොටස් සමාජයේ පැවැත්මට ඉතා භයානකයි. මෙය බුද්ධාගම හෝ වෙනත් ආගමක් අදහන අය කියා වෙනසක් නෙමැත" යනුවෙනි. කෙසේ වුවත් බුදු රුව මුද්‍රිත ඇඳුම් ඇඟලීම අනුමත නොකරමින් ද අදහස් පළ වී ඇත. "එහෙම එක් ආගමකට අහිත කර ක්‍රියා කරන්න බෑ. ඒවා අඳින්න බෑ කියලා නඩු තීන්දුවක් තියෙනවා. හොයලා බලන්න," යනුවෙන් නිසලි විතානගේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ ෆේස්බුක් හි සටහනක් තබා තිබිණි. ආගමික නායකයෙක්ගේ රුවක් හෝ සංඛේතයක් ඇඳුමක තිබීම වරදක් ද? "එවැනි දෙයක් 'නිගරු' වෙන විදියට භාවිත කර තිබීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක්. එහි 290 වෙනි වගන්තිවලින් කියවෙන්නේ, යම් පුද්ගලයෙකුගේ හැඟීම් ව්‍යාකූල වෙන ආකාරයට ආගමට අදාළ දෙයක් නිගරු වෙන ලෙස යොදා ගෙන තිබෙන්න බැහැ," යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට පැවසීය. බුදුන්ගේ මුව මුද්‍රිත සාරියක් සහ හැට්ටයකින් සැරසුණු කාන්තාවක් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය දණ්ඩ නීති සංග්‍රහයේ 290 සහ 291 වගන්තිවල 'ආගමට' එරෙහිව සිදු කරන වැරදි සහ ඒවාට අදාළ දඬුවම් පිළිබඳ සඳහන් වේ. විවිධ ආගම් සහ විවිධ ඇදහිලි පවතින රටක් වීම හේතුවෙන් එකිනෙකා අතර සුහදත්වය හෝ ජාතික සමඟිය බිඳ වැටෙන ක්‍රියා සිදු කළ ‍ නොහැකි බව එම වගන්තිවල දැක්වේ. ආගම්වලට බාධා කිරීම, ආගමික විශ්වාස හෙළා දැකීම හෝ ගැරහීමට ලක් කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද වගන්තිවලට ඇතුළත්ය. එවැනි ක්‍රියාවක් 'චේතනාන්විතව' සිදු කළ නොහැකි බව 291 වෙනි වගන්තියේ සඳහන් වේ. එසේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුද්ගල නිදහස, දණ්ඩ නීති සංග්‍රහයේ 290 හා 291 වගන්තිවලින් යම් දුරකට සීමා වේදැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක. බුදුන්ගේ රුව මුද්‍රිත ඇඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් උදාහරණ වශයෙන් දක්වමින් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ "ජාත්‍යන්තර සමාගමක් වන 'වික්ටෝරියා සීක්‍රට්ස්' සමාගමට එරෙහිව අපි නඩු පැවරුවා. ඔවුන් කාන්තා යට ඇඳුම් සහ නාන ඇඳුම්වලට බුදු රුව යොදාගෙන තිබුණා. අපි ඒවා ලංකාවට ගෙන්වීම තහනම් කර ගත්තා මේ නීතිය යටතේ." යනුවෙනි. "ජාත්‍යන්තර සමාගමක් වන 'වික්ටෝරියා සීක්‍රට්ස්' සමාගමට එරෙහිව අපි නඩු පැවරුවා" "රේගුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා- මේ ආකාරයේ ඇඳුම් ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරළා. ඒ වගේම එම තීන්දුවෙන් පොලිසියට දන්වා තිබෙනවා -නිගරු වන විදිහට බුදු පිළිමය ඇඳුම්වල යොදා ගැනීම වැරදියි කියලා," නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය. ඒ සමග එවකට විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර්, අදාළ නඩු වාර්තාව රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) සමුළුවක් වෙත ඉදිරිපත් කර තිබිණි. එම සමුළුවේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ආගමික නායකයෙක් හෝ සංකේතයක් කිසිදු වෙළෙඳ භාණ්ඩයකට යොදා ගැනීම තහනම් බවට යුනෙස්කෝ සාමාජික රටවල් අතර යෝජනාවක් සම්මත වූ බව නීතිඥවරයා පැවසුවේය. "එම යෝජනාවට පක්ෂව වැඩි වශයෙන් ඡන්දය ලබා දුන්නේ කතෝලික සහ මුස්ලිම් රටවල්. ඒ අනුව ලෝකයම පිළිගත් දෙයක් තමයි- ආගමික සංකේතයක් වෙළෙඳ භාණ්ඩයකට යොදා ගන්න බැහැ කියන එක. පිළිම විකුණන්න පුළුවන්. නමුත් එය වෙනත් භාණ්ඩවල යොදා ගන්න බැහැ.' "මෙය ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතියක් ලෙස මම දකිනවා" භික්ෂුවගේ හැසිරීම අනුමත කළ හැකි ද? "ගෑණියෙක් නිසා මේ නිකන් ඉන්නේ, පිරිමියෙක් වුණා නම් මෙලහකට උස්සලා පොළොවේ ගහලා.." "මේක ඇඳගෙන ආවානම් කට වහගෙන හිටපං. ඉන්දියාවෙන් බැරිනම් තූත්තුකුඩියෙන් හරි, ලංකාවේ අඳින්න බැහැ උඹලාට ඕවා. ගෑණියෙක් නිසා මේ නිකන් ඉන්නේ, පිරිමියෙක් වුණා නම් මෙලහකට උස්සලා පොළොවේ ගහලා..," යැයි පවසමින් භික්ෂුවක් බුදුන්ගේ මුව සහිත සාරියක් ඇඟලා සිටි කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරති. පොලිස් නිලධාරියෙකු ද පසෙකින් සිටගෙන සිටිනු දක්නට හැකිය. "පිරිමි ශරීරයක් චීවරයක් දා ගත්තට, ඒ පුද්ගලයා බුදු දහම අඹ මල් රේණුවක තරම්වත් දන්නේ නෑ. එහෙම දන්නවනම් කොහෙවත් යන ගැහැණු කෙනෙක් ඇඳගෙන ඉන්න සාරියකට ගැටෙන්නේ නෑ. බුදු දහමට අපහාස කරන්නේ ඒ කාන්තාව නෙමේ, චීවරයක් දාගෙන ඉන්න මේ පුද්ගලයා," යැයි නීතිඥයකු වන දර්ශන කුරුප්පු ෆේස්බුක් ඔස්සේ පවසා තිබිණි. විවිධ "වාසි" බලාපොරොත්තුවෙන් ඇතැම් පුද්ගලයන් තම ක්‍රමයට සියල්ල හරවා ගැනීමක් දැකිය හැකි අතර, ඔවුන් බුද්ධ දර්ශනයට ද විවිධාකාරයේ අර්ථ නිරූපන ලබා දීමට ක්‍රියා කරන බව නීතිඥවරියක් වන තමාලි තෙන්නකෝන් පැවසීය. "නමුත් බුදු රාජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම මෙය නොවෙයි." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මේ තොරතුරුද කියවන්න: 'සමාන සිදුවීම්' පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේදී භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවය. දෙදරු පියෙකු වන ශක්තික සත්කුමාර ඒ අතර, රහීම් මසාහිනා නමැති කාන්තාවක් ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය විසින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යොදා ගනිමින්ය. 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකාය නමැති සංවිධානයේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය. හදිසි නීති මෙන් ම ICCPR පනත යොදා ගනිමින් යුද ගැටුම් සහ ඇතැම් කලහකාරී අවස්ථා අතරතුර සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස් වරින් වර අත්අඩංගුවට ගනු ලැබ ඇත. නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය. නයෝමි කෝල්මන් අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි. බෞද්ධ දර්ශනය ජාතිකත්වය සහ බුදු රුව හෝ ධර්ම චක්‍රය මුල් කර ගනිමින් වෙනත් ආගමිකයන්ට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබියදීත් එවැනි අවස්ථාවල ඇතැම් භික්ෂූන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළින් ම විවේචන එල්ල වේ. එවැනි හැසිරීම් "බුද්ධ පුත්‍රයන්ට නොහොබින" බව භික්ෂු සමාජය විසින් ම පෙන්වා දුන් අවස්ථා ද ඇත. බුදුදහමට අනුව දුභාෂිත හෙවත් අයහපත් වචනය කොටස් හතරකට බෙදේ: අසන තැනැත්තාගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචනය වශයෙන් හඳුන්වන්නේ යැයි බෞද්ධ පොතපතේ දැක්වේ. අංග තුනක් සම්පූර්ණ වීමෙන් එම අකුසලය සිදුවන බව එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම, ආක්‍රෝශ කිරීමේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් පිළිබඳ විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වේ. තවත් තොරතුරු:
බුදු මුව මුද්‍රිත සාරියක් ඇඟලා සිටි බවට ලැබුණු පැමිණිල්ලක් මත ත්‍රිකුණාමලයේ පොලිසියට රැගෙන ගිය කාන්තාව, ප්‍රශ්න කිරීම්වලින් පසු නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බවයි ඔහු පවසන්නේ මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තාව හැකි ඉක්මනින් ලබා දෙන ලෙස එම පරීක්ෂණය සිදු කරන කණ්ඩායමෙන් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට නම් එමගින් රටට අනතුරක් නොවන බවට තහවුරු විය යුතු බව පවසන වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පරිසරයට කෙරෙන බලපෑම මෙන් ම ඒ සඳහා යොදා ගන්නා ඉඩම්වල හිමිකම පිලිබඳ ඇතිවී තිබෙන ගැට‍ළු ගැන ද අවධානය යොමුකළ යුතු බවයි අවධාරණය කළේ. 'විශ්වාස නැහැ' " මේක වැල්ලවත්ත ගල්කිස්ස පැත්තෙන් එහෙම නැත්නම් වත්තලින් ඇතුළට කඩා ගෙන ගියොත් අපිට ප්‍රශ්නයක්, ඒ නිසා පරිසර වාර්තා වගේ ම හැම වාර්තාවක්ම පරික්ෂා කරලා තමයි අපි මේ ගැන තීරණයක් ගන්නේ" යනුවෙනුයි ඔහු පැවසුවේ. පසුගිය රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පරිසර වාර්තාව කෙසේ පිළියෙළ කළා දැයි සොයා බැලිය යුතු බව පැවසුවේ පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බව පවසමින්. "අපේ රටට අවදානමක් නැත්නම් මේ සංවර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කිසිම හේතුවක් මේ රජයට නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. අදාළ ඉදිකිරීම් ආරක්ෂා කිරීම සදහා ආරක්‍ෂිත ගල් පරයක් දැමීමට අදාළ සමගම රජයෙන් ඉල්ලා ඇති බව පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒ සදහා අවසර ලබා දීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ.
මාර්තු මස 27 හා 28 යන දිනයන් ට යෙදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ චීන සංචාරයේදී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එරට නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා ආමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්ටල් නුවර පැවති තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188 ක් රැස් කර ගත්තේය. එහිදී නවසීලන්ත කණ්ඩායමේ හෝලි හඩ්ල්ස්ටන් (Holly Huddleston) ලකුණු 35 කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම කැපී පෙනිණ. ලකුණු 189 ක් හඹා යමින් පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම දක්ෂ පිති හරඹයක යෙදෙමින් පන්දු ඕවර 37 ක් සහ පන්දු හතරකදී එක් කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ජයග්‍රහණය අත්කරගත්තේය. ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් ප්‍රහාරාත්මක පිතිහරඹයක යෙදෙමින් කණ්ඩායමේ නායිකා සහ ආරම්භක පිතිකාරියවන සුසී බේට්ස් (Suzie Bates) ශතකයක් රැස් කළ අතර, Amy Satterthwaite නොදැවී ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනිණ. මේ අතර එංගලන්තය විශ්මය පත්කරමින් ලකුණු 35 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූයේ විශේෂයෙන්ම ස්ම්රිති මන්දනා (Smriti Mandhana - ලකුණු 90) සහ පූනම් රවුත් (Punam Raut - ලකුණු 86) ආරම්භක පිතිකාරියන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙනි. ඉන්දීය පිලේ නායිකා මිතාලි රාජ් (Mithali Raj) ද දක්ෂ පිතිහරඹයක යෙදෙමින් ලකුණු 71 ක් රැස් කළාය. කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ?
එංගලන්තයේ දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ශූරතාවලියේ සමාරම්භක තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 9 ක පරාජයක් අත් වූ නමුත් සත්කාරක එංගලන්තය පරාජය කරමින් ජයග්‍රහණය අත්කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටවීමට පක්ෂ නායකත්වය ගත් තීන්දුවට විරෝධය පාමින් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි, අම්පාරේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය අවුරුදු නිවාඩුව අවසානයේ පක්ෂ නායකත්වයට භාරදෙන බවත් පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ නමුත් මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීන්දුව පිළිබඳව ජනාධිපතිවරයා යළි සලකා බැලීමට ඉඩ තිබෙන බවයි පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ. ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය අත්‍යවශ්‍ය කාරණයක් බවත් පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකිරී අම්පාර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වන බව පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සන්ධානයේ බොහෝ දෙනාට දූෂණ හා වංචා චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔවුන් සිය ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ දරමින් සිටින බවයි අගමැතිවරයා පවසන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ එම චෝදනාව එල්ල කළේ නුවරඑලියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින්. එබැවින් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් පලවා හරිමින් දූෂණයට සහ වංචාවලට එරෙහිව නිසි පියවර ගැනීම පිණිස දින සියයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය. පුද්ගලිකව දොස් පසුගිය පරිපාලනය සමයේ ප්‍රබල දූෂණ වංචා සිදු කළ බවට චෝදනා ලැබූවන්ට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරන බව අගමැතිවරයා පිළිගත්තේය. ඒ පිළිබඳව ඇතැමුන් තමන්ට පුද්ගලිකව දොස් නගන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ‘සමහරු මට බනිනවා. තමුන්නාන්සේත් ඩීල් එකක් දාල ද කියල මගෙන් අහනවා. අපි වේදිකාවේ චෝදනා කළා කියල මේ අයව කූඩුවට දානවනම් අපිත් රාජපක්‍ෂ රෙජීමය ගිය පාරේ යන්නේ.’ අගමැතිවරයා පැවසීය. රටින් පිට කළ වත්කම් ශ්‍රී ලංකාව තුළ පවතින වත්කම් පමණක් නොව රටින් පිට කරන ලද වත්කම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම පිණිස දැනටමත් ජාත්‍යන්තර සහාය පතා තිබෙන බවත් අගමැතිවරයා කියා සිටියේය. කෙසේ නමුත් දින සියයට පෙරාතුව ඒ මූලික ක්‍රියාදාමය අවසන් කරන බවට ප්‍රතිඥා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, දූෂණ වංචා පිළිබඳව තවමත් තොරතුරු ලබා නොදුන් ඇතැම් අමාත්‍යංශ පිළිබඳව ද සොයා බලන බවත් සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුවේ දූෂණ සහ වංචා විභාග කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් ප්‍රධානීන්ට අවශ්‍යව තිබෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඝාතනය සිදු වන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු විය 1997 පෙබරවාරි 11 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුවිට නගරයේදී නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාට සහ කොස්තාපල් ටීඑම් ජයසේනට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ තිබුණි. සුසන්ත පුංචිනිලමේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ අතර, නාලන්ද එල්ලාවල ඝාතනය රට පුරා ප්‍රබල ආන්දෝලනයකට ලක් වූ සිදුවීමකි. සියලු විත්තිකරුවන් නිදහස් විදේශ රැකියා පිලිබඳ අමාත්‍ය ඩිලාන් පෙරේරා, නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් උපාලි සිරිසෝම ඇතුළු තිදෙනකුට තුවාල සිදු කිරීමත් විත්තිකරුවන්ට එරෙහි චෝදනා අතර විය. මූලික නඩු විභාගයේදී ඇතැම් විත්තිකරුවන් නිදහස් වීම සහ නඩු විභාගය අතරතුරදී මියයාම හේතුවෙන් මේ වන විට විභාගය පැවැත්වුනේ අමාත්‍ය පුංචිනිලමේ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පමණි. එයින් තිදෙනකු ඔවුන්ට එරෙහි චෝදනාවලින් පසුගිය නොවැම්බර් 12 වැනි දින නිදොස් කොට නිදහස් කෙරිණ. පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බැවින් විත්තියේ සාක්කි නොකැඳවාම අමාත්‍ය පුංචිනිලමේ ද චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි අද නියෝග කළේය. මේ අනුව නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ සියලුම විත්තිකරුවන් මේ වන විට නිදහස ලබා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගත වූ වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය දිවි හානි කර ගැනීම් 9657 ක් වාර්තා වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ආර්ථික අපහසුතාවලට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතුළු සමාජ ගැට‍ළු ගණනාවක් සිය දිවි නසා ගැනීම් ඉහළ යෑම කෙරෙහි බලාපා ඇති බව ආචාර්ය වසන්තා සුභසිංහ කියා සිටියේ සිය දිවි නසා ගැනීම් කෙරෙහි බලපාන සමාජීය කරුණු පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී. අනූව දශකයේ ලොව වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තා වූ රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබූ බව කියා සිටි ඇය වර්තමානය වන විට එම තත්වය සුළු වශයෙන් පමණක් අඩු වී ඇති බවයි පෙන්වා දෙන්නේ. මානසික පීඩාවට පත් පුද්ගලයන්ට උපදේශන ලබා දීම සඳහා වෘත්තීය උපදේශකයන් බිහි වන පිළිගත් ආයතනයක් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වීනොමැති බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ වැඩිදුරටත් කියා සිටියාය. (ආචාර්ය වසන්තා සුභසිංහ සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටන් සවන් දිය හැක.)
දුක ප්‍රකාශ කිරීමට කෙනෙකු නැති වීම සිය දිවි නසා ගැනීමට එක් හේතුවක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වසන්තා සුභසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම ගතව ගිය වසර කිහිපය ඇතුළත විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ද බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරුණ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවේ දැක්වේ. දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකට දරුවෙකු බිහි කිරීමට සිදුවීමෙන් අනතුරුව ළමා ලිංගික අපචාර පිළිබඳව යළිත් වරක් ඉන්දියාව පුරා ප්‍රබල අවධානය පළවෙමින් පවතී. එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඇයගේ මාමාවරුන් දෙදෙනෙකුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ. සබැඳි යොමු: ස්වදේශ කටයුතු අමාත්‍ය රජ්නාත් සිං (Rajnath Singh) විසින් දිල්ලි අගනුවරදී ප්‍රකාශයට පත්කරන ලද 2016 වසරේදී ඉන්දියාව පුරා සිදු වූ අපරාධ පිළිබඳ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාව ප්‍රකාර, එම වසර ඇතුළත දරුවන්ට එරෙහි අපරාධ 106,958 ක් වාර්තා වී තිබේ. ඒ අතරින් 36,022 ක් දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ගණයට වැටෙන අපරාධ වේ. ලෝකයේ ලිංගික අතවරවලට ලක් වූ දරුවන් වැඩිම පිරිස සිටින රට ඉන්දියාව බව පෙන්වා දෙන දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ (Geeta Pandey), එහෙත් ඒ සම්බන්ධයෙන් විවෘතව කතාකිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බව ද පවසන්නීය. එබැවින් සැබවින්ම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් පිරිස වාර්තාවේ ඇතුළත් සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පිරිසක් විය හැකි බව ද බීබීසී වාර්තාකාරිය පවසයි. ඉන්දියාවේ ළමා වර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2007 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, තමන් කිසියම ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වූ බව සමීක්ෂණයට සහභාගි වූ දරුවන්ගෙන් 53% ක් පවසා තිබිණ. බහුල වශයෙන්ම ඒ දරුවන් අපයෝජනයට ලක්වන්නේ දෙමාපියන්, ඥාතීන් හෝ පාසල් ගුරුවරුන් වැනි ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන් අතින් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෝ පවසති.
ඉන්දියාවේ සෑම විනාඩි 15 කටම වරක් දරුවෙකු ලිංගික අතවරවලට ලක් වෙන බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බව ජනාධිපති පූතින් පවසයි කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වූ අතර රසායනික ප්‍රහාර දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට ඇමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙනි. කෙසේ නමුත් රසායනික අවි යොදා ගත් බවට නැගෙන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. අසාද් පාලනයට සහාය ලබා දීමෙන් වැළකී සිටින ලෙස ඇමරිකාව ක්‍රෙම්ලිනයෙන් ඉල්ලා සිටින අතර රුසියාවේ සිරියානු පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ වන විට මොස්කව් නුවර සංචාරයක නිරත වී සිටී. රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝෆ් සමග පැවැත්වෙන සාකච්ඡා ආරම්භයේ අදහස් පළ කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දෙරටේ අනාගත සබඳතා පිළිබඳ ඉතාමත් මිත්‍රශීලී සංවාදයක් පැවැත්වෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. රුසියාව සහ සිරියාව මිසයිල ප්‍රහාර දියත් කිරීම සඳහා ඇමරිකානු හමුදාවට අයත් USS පෝටර් යුද නෞකාව යොදා ගැනිණි රුසියාව, සිරියාවේ අසාද් පාලනයට සහාය ලබා දෙන ප්‍රධාන මිත්‍ර රටකි. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේ සැක කටයුතු රසායනික ප්‍රහාරයක් දියත් කිරීමත් සමග සිරියාව සම්බන්ධයෙන් තමන් දක්වන ලද ආකල්පය වෙනස් වූ බවය. කෙසේ නමුත් අසාද් පාලනයට සහාය ලබා දීම නවතා දමනු වස් රුසියාවට පීඩනයක් එල්ල කෙරෙනු ඇති බවට කරන යෝජනා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් ප්‍රතික්ෂේප කරයි. සැක කටයුතු රසායනික අවි ප්‍රහාරය දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ හමුදා කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස රුසියාව හඳුන්වයි. ට්‍රම්ප් ගැන පූතින් රුසියාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් එරට ජනාධිපති ව්ලැද්මීර් පුතින් වොෂිංටන් පාලනයේ මිත්‍ර රටවල් විවේචනයට ලක් කළ අතර අසාද් පාලනයට තවදුරටත් සහාය ලබා දෙන බව තහවුරු කළේය. "ඇමරිකාව පසුගියදා සිරියාවට මිසයිල ප්‍රහරායල් එල්ල කළා. ඊට නේටෝ රටවල් ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? සිදු වන්නේ කුමක්ද කියලා විශ්ලේෂණය කරන්නේ නැතිව ඔවුන් සියලු දෙනාම, ඔලු හොල්ලන චීන බෝනික්කෝ වගේ ඔලුව හෙල්ලුවා විතරයි" යනුවෙන් ජනාධිපති පූතින් කියා සිටියේය. සිරියානු හමුදාව රසායනික අවි භාවිත කරන බවට පවතින සාක්ෂි මොනවාදැයි ජනාධිපති පූතින් ප්‍රශ්න කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බවත් ජනාධිපති පූතින් එහිදී සඳහන් කළේය. සිවිල් යුද්ධය ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් දෙරටේ "හමුදාමය සබඳතාවල" විශ්වාසය පිරිහී ඇති බවය. කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් සිරියාවේ සිවිල් යුද්ධයට මැදිහත් නොවන බවය. ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ඇමරිකාව ලබා දී අති මූලිකත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියා සිටියේය.
සිරියාව සහ බෂාර් අල් අසාද් පාලනය මුල් කර ගනිමින් ඇමරිකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ යමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සීයට අසූවකට ආසන්න ප්‍රමාණයක් සිරුරේ පිලිස්සුම් තුවාල වලින් වේදනා විඳින දැරියට ගිනි තැබීමට පෙර ඇයව දූෂණයට ලක් කර ඇති බවයි දිල්ලි ජේෂ්ඨ පොලිස් නිලධාරි රාකේෂ් යාදෙව් බීබීසියට පැවසුවේ. මේ වන විට දිල්ලි පොලිසියි සැක පිට එක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කියා සිටින්නේ මෙම සැක කරු දැරිය හඳුනන පුද්ගලයෙකු බවට තොරතුරු හෙළි වූ බවයි. අජෙයි ශර්මා නමැති මෙම සැක කරු දැරියට අයගේ නිවසේ විවෘත උඩු මහලට පැමිණ තමන් හමු වන ලෙස දන්වා ඇති අතර පසුව ඇය දූෂණය කොට ගිනි තබා ඇති බවටයි කරුණු හෙළි වී තිබෙන්නේ. ස්ත්‍රී දූෂණ සහ ඝාතනයට තත් කිරීම යන චෝදනා යටතේ සැක කරුට එරෙහිව චෝදනා ගොනු කරන බවයි දිල්ලි පොලිසිය පවසන්නේ. මෙම සිදුවීමෙන් පසු තිග්රි යනුවෙන් හඳුන්වන දිල්ලි නුවර ආසන්නයේ පිහිටා තිබෙන දැරියගේ ගමේ පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන කාන්තා දූෂණ සම්බන්ධයෙන් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර රට පුරා උද්ඝෝෂණ සහ විරෝධතා සංවිධානය වීම ප්‍රධාන වශයෙන් ම ආරම්භ කෙරුණේ මින් වසර තුනකට පෙර වෛද්‍ය සිසුවියක් බස් රථයක ගමන් ගනිමින් සිටිය දී සමූහ දූෂණය කොට මරා දැමීමේ සිදුවීමෙන් පසුවයි.
ඉන්දියාවේ දිල්ලි නුවර වයස අවුරුදු පහළොවේ දැරියක් පිළිස්සීමට ලක් කර ඇති අතර ඇය මේ වන විට ජීවිතයත් මරණයත් අතර තත්වයක පසු වන බවයි බලධාරීන් පවසන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පළාතේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති බව හිටපු මහ ඇමති පවසයි වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) කියා සිටියේ පෙර ධුර කාලය සමඟ සලකා බලන විට යම් නිශ්චල භාවයක්, කඩිසර නොවන ස්වභාවයක් දකින්නට තිබෙන බවයි. යුද්ධය අවසන් වූ වහාම පිහිටු වූ නැගෙනහිර පළාත් සභාවේ පළමු ධුර කාලය තුල දී මුදල් ප්‍රතිපාදන හා විදේශ ආධාර ගලා ඒම හේතුවෙන් ඇසට පෙනෙන සංවර්ධනයක් දකින්නට තිබුණු බව ඔහුගේ අදහසයි. 'විනිවිද භාවයක් නැහැ' මුදල් නිසි ලෙස කළමනාකරණය නො කිරීම, ඉඩම් සම්බන්ධ අභ්‍යන්තර බලය ප්‍රයෝජනයට නො ගැනීම මෙන් ම පත්වීම් ලබා දීම, මුදල් ප්‍රතිපාදන හැසිරවීම වැනි කටයුතු වල දී අමාත්‍ය මණ්ඩලය විනිවිද භාවයකින් තොර ව පක්ෂපාතී ව කටයුතුකරන බවට දෙමළ ජාතික සංවිධානයේ ආර් තුරෙයිරත්නම් චෝදනා කරයි. මේ අතර, ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පළාත් සභා මන්ත්‍රී රාම්ලාන් අන්වර් ප්‍රකාශ කළේ, මුස්ලිම් ජාතිකයකු මහ ඇමතිවරයා වීමෙන් තම සමාජ සංස්කෘතික ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න ද විසඳා ගත හැකිවේ යැයි යන මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය දැන් වෙනස් වී ඇති බවයි. මුස්ලිම් ජාතික ඇමතිවරුන් හතර දෙනෙකු සහ සිංහල ඇමතිවරයෙකුගෙන් සමන්විත පළාත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශක එම්එස් උදුමා ලෙබ්බෙයි ඇමතිවරයා පැවසුවේ ඇතැම් පළාත් සභා ක්‍රියාකාරකම් වල ප්‍රමාදයක් තිබුණ ද, ජාතික සමගිය සහ සංවර්ධන කටයුතු වල දී ජනතා අභිලාෂයන් ඉටු වන පරිදි ජාති භේදයකින් තොරව පළාත් සභාවේ කටයුතු පවත්වා ගෙන යන බවයි.
ගතව ගිය වසරක කාලය තුළ නැගෙනහිර පළාත් සභාව ජනතා අභිලාෂයන් ඉටුකිරීමට අසමත් වී ඇති බවට පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි. නැව සෝමාලියාවේ වෙරළ තීරය දෙසට යාත්‍රා කරමින් පැවති බව ආරංචි මාර්ගයක් සඳහන් කළ ද, එහි ගමනාන්තය හෝ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. මෙම සිදුවීම වාර්තාවූයේ, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සහිතව මොගඩිෂු වෙත යාත්‍රා කරමින් තිබියදී සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඉන්ධන නැවක් නිදහස ලබා සති දෙකක් ඉකුත්ව යද්දීය. එය 2012 වසරින් පසු සෝමාලි මුහුදු තීරය ආශ්‍රිතව වාර්තාවූ පළමු නැව් කොල්ලකෑම ලෙස වාර්තා විණි. "ඉන්දීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් එය සෝමාලි වෙරළ තීරය දෙසට යාත්‍රා කරන බවත් අප දන්නවා." යැයි පුන්ට්ලන්ඩ් පළාතේ මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අබ්දිරිසාක් මොහමඩ් දිරිර් රොයිටර් පුවත් සේවයට පැවසීය. ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් ජ්‍යාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහයෝගයේ එක් ප්‍රතිපලයක් ලෙස, කප්පම් ගැනීමේ මාර්ගයක් වශයෙන් පැවති සෝමාලි මුහුදු තීරයේ කොල්ලකෑම් පසුගිය වසර කිහිපය තුළදී සැළකිය යුතු ලෙස අඩුවෙමින් තිබිණි. මුහුදු කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසරේදී එවැනි පහරදීම් 237ක් වාර්තාවූ අතර වාර්ෂික මුහුදු කොල්ලකාම්වල අගය ඩොලර් බිලියන 8 දක්වා ඉහළ ගියේය. බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගෝර්ඩන් පවසන පරිදි, දශකයකට පමණ ඉහතදී සෝමාලි ධීවරයින් මුහුදු කොල්ලකෑම් සඳහා පොළඹවන ලද කරුණු තවමත් පවතී. මේවනවිට සෝමාලියාව සාගතයකට ගොදුවී තිබේ. දුගී බව ව්‍යාප්තව ඇති අතර තරුණ පිරිසට රැකියා අවස්ථා අල්පය. ආසියානු ධීවර යාත්‍රා මගින් ප්‍රදේශයේ මතය සම්පත සොරාගෙන යාම හේතුවෙන් එහි අර්බුදකාරී තත්වයක්ද හටගෙන ඇත.
ඉන්දීය භාණ්ඩ නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩේලි මේල් මාධ්‍ය ආයතනය අසත්‍ය තොරතුරු වාර්තාකළ බවයි මෙලනියා පවසන්නේ. එක්දහස් නමසිය අනූ ගණන්වලදී මෙලනියා ට්‍රම්ප් පරිවාරිකාවක් ලෙස රැකියාව කළ බවට සඳහන් ලිපියක් එම ආතනය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට එරෙහිවයි එසේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ. 2005 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාහ වූ මෙලනියා ට්‍රම්ප් ගේ තෙවැනි බිරිඳයි ඇගේ නීතිඥයා පවසන්නේ 'මේල් ඔන්ලයින්' ඔස්සේ පළවූ වාර්තාව සියයට සියයක් අසත්‍ය තොරතුරු මත පදනම් ව තිබුණු අතර ඒ මගින් මෙලනියා ට්‍රම්ප් ගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුවන බවයි. ඔහු පැවසුවේ මෙලනියා නීත්‍යානුකුල ලෙස නිරූපිකාවක් ලෙස කටයුතුකළ නමුත් පරිවාරිකාවක් ලෙස හෝ ලිංගික ශ්‍රමික රැකියාවක් කිසිවිටෙක කර නැති බවයි. ඇය මේ අසත්‍ය වාර්තාකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක මුදලක් වන්දි ලෙස බලාපොරොත්තු වන්නීය. එහෙත් මෙයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ආයතනය පවසන්නේ ඇය පරිවාරිකාවක් ලෙස සේවය කළ බව හුවා දැක්වීමට අදාළ ලිපිය මගින් බලාපොරොත්තු නොවූ බවයි. මේ අතර මෙලනියා ට්‍රම්ප් ඇමරිකානු බ්ලොග් මාධ්‍යකරුවෙකු වන වෙබ්ස්ටෙර් ග්රිෆින් ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිස සිටින්නීය.
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවරීමට සුදානම්වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය රට නොබෙදා බලය බෙදා හැරෙන ෆෙඩරල් විසඳුමකට වත්මන් රජයෙන් වැඩි අවස්ථාවක් ඇති බැවින් එම අවස්ථාව කඩාකප්පල් වන ආකාරයට කටයුතු නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සිය පක්ෂය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. විපක්ෂ නායකවරයාගේ දින තුනක යාපනය සංචාරය අතරතුර පැවති ඉහත කී සාකච්ඡාවට අසනීප තත්වයේ පසු වන ප්‍රධාන අමාත්‍ය විග්නේස්වරන් සහභාගි නොවූ බව වාර්තා විය. එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසකගේ අවධානය යොමු වී ඇත්තේ ෆෙඩරල් ක්‍රමයකට ආණ්ඩුවෙන් සහාය නොලැබුනොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි අනෙකුත් ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. ආණ්ඩුවේ ගමන් මඟ කුමක්දැයි යන්න පළමුව විමසා බලා ඊළගට ගත යුතු තීරණය සලකා බැලිය හැකි බව එහිදී විපක්ෂ නායක සම්බන්ධන් පවසා ඇත. උතුරු පළාත් සභාවේ බොහෝ මන්ත්‍රීවරු පවසා ඇත්තේ ජාතික ගැටලුවට ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුවේ සහාය නොලැබෙන්නේ නම් විදේශ රටවල සහාය ලබාගෙන ඒ සඳහා ආණ්ඩුවට දැඩි විශාල බලපෑමක් එල්ල කළ යුතු බවයි. විපක්ෂ නායකවරයා හමුවීමට යාපනයේදී හා කිළිනොච්චියේදී රජයේ නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් රැසක් පැමිණි අතර රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වී නිදහස ලද එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක්ද පැමිණ ඔවුන්ගේ ගැටළු ද විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කොට තිබේ. ස්ථිර රැකියා නොමැතිකම, ආර්ථික ගැටළු සහ දේශපාලනයේ නියැලීමට දෙමළ ජාතික සන්ධානය හරහා සෘජු අවස්ථාවක් සලසා දෙන ලෙස වූ ඉල්ලීම් කීපයක් ඔවුන් විසින් විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් කරනු ලැබ තිබේ.
උතුරු නැගෙනහිර පළාත් එක් කොට ඒකීය රටක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලනයකට යෝජිත නව ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙනු ඇති බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් බලාපොරොත්තු පළ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උත්සව සභාව අමතන විදේශ අමාත්‍ය මංගල සමරවීර එම නිර්දේශය ඇතුලත් වෙන්නේ අඟහරුවාදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබූ කාර්ය සාධක බලකායේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුලත් පූර්ණ වාර්තාවේයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර පිහිටවෙන යාන්ත්‍රණයේ සෑම නඩු වාරයකදීම දේශීය විනිසුරුවන් බහුතරයක් සමග 'අවම වශයෙන් එක් ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙක් සිටිනා බවට සහතික කළ යුතු' බව වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයකි. විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතු බවත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය යෝජනා කරයි. "යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ මෙන්ම වධ බන්ධනයට ලක් කිරීම, අතුරුදහන් කරවීම හා දූෂණය කිරීම් වැනි බරපතල මානව හිමිකම් අපහරණය යනාදියට සමාව දීම නීති විරෝධී වන අතර පිළිගත නොහැකිද වේ," යනුවෙන්ද නිර්දේශවලට ඇතුලත්වේ. අපේ 'ගෙය', ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක - අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම ප්‍රවිචාරණයට සහභාගි වූ මහජන අදහස් සහ කාර්ය සාධක බලකායේ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව තිබුණු නමුත් අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා උත්සවයට සහභාගි නොවීය. විදේශ අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂනායක ආර් සම්බන්ධන්, ඩීඑම් ස්වාමිනාදන් සහ ඒඑච්එම් ෆවුසි අමාත්‍යවරුන්ද උත්සවයට සහභාගි වී සිටියහ. අධිකරණයේ සහ විශේෂ උපදේශක කාර්යාලයේ විනිසුරුවරුන් ඇතුළු නිලධාරීන් පත්කිරීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ජනකණ්ඩායම් නියෝජනය සහතික කළ යුතුය යන්න කාර්ය සාධක බලකායේ තවත් නිර්දේශයකි. එමෙන්ම සාක්ෂි විභාග කිරීමේදී කාන්තාවන් සහ ළමුන් උදෙසා විශේෂ ව්‍යුහයක් සකස් කළ යුතු අතර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම තවත් නිර්දේශයකි. උත්සවය අමතන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වාර්තාව භාරදීමේ උත්සවය අමතමින් ඉතා හැඟීම්බර අදහස් දැක්වීමක් කළ සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනි අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම, භේද භින්න වී තිබෙන ශ්‍රී ලාංකීය සමාජ දේහයේ තුවාල සුවපත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. "අපේ 'ගෙය', ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක," ඇය පැවසීය. "වැදගත් වෙන්නේ, සම්පත් සහ අවස්ථා බෙදා හැරීමේදී, යුක්තිය සහ සාධාරණත්වය උඩ කටයුතු කරමින් සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සමාජ සහ රාජ්‍ය ව්‍යුහයන් ගොඩ නගා ගැනීමයි." දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සාධාරණත්වය, යුක්තිය මත පදනම් වූ තිරසාර සාමයක් ගොඩනැංවීම 'අපි කාගේත් පැතුම' බව අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මීට ඉහතදී බීබීසී සංදේශය සමග අදහස් දක්වමින් සඳහන් කළාය. සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ පූර්ණ වාර්තාව ඉතා ඉක්මනින්ම එහි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැතිවරණ නිල ප්‍රතිඵල බීබීසී සිංහල වෙබ් අඩවිය ඔස්සේ හෙට (අගෝස්තු 06) සජීවීව බලාපොරොත්තු වන්න. අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි. ඡන්ද පෙට්ටි ගෙන යාමේ කටයුතු ඇරඹේ (ප.ව. 05.22) දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතී. එසේ ගෙන යනු ලබන ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, හෙට දිනයේ දී (අගෝස්තු 06) උදෑසන ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ. ගාලලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ගෙන ආ ආකාරය ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු නිම වෙයි (ප.ව. 05.14) අද (අගෝස්තු 05) උදෑසන 07:00 න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 05:00 න් නිම විය. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසුවේ සවස 4 වනවිට 60% ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මුළු දිවයින පුරා ප්‍රකාශ වී තිබූ බවය. හෙට (අගෝ. 06) උදෑසන 7 සිට ඡන්ද ගණන් කිරීම ඇරඹෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර පවසා තිබිණි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසාන පැය (ප.ව 04.28) අද උදෑසන 07:00 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 5:00 න් අවසන් වීමට නියමිතය. 'පරණ පාර්ලිමේන්තුව' සහ 'හිටපු 225' ගැන මතක් කිරීමක් 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන අද, 08 වෙනි පාර්ලිමේන්තුවේ හිටපු 225 ගැන මතක් කර ගමුද? ව්‍යවස්ථා සංශෝධන සහ උල්ලංඝන, අගමැති පුටු මාරු, ගුටිබැට මැද නිම වුනු 08 වෙනි පාර්ලිමේන්තුව ගැන මෙතනින් කියවන්න. 2020 මහ මැතිවරණයේ මහජන නියෝජිතයන්, මුදල්, ඡන්ද සටන සහ නිර්ණායක දේශපාලනය 'ලාභ ලබන ව්‍යාපාරයක්' බවට පත්ව ඇති බව වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ. "දේශපාලනය සම්පූර්ණයෙන්ම වාගේ මඩිය තර කරගන්න රස්සාවක් වෙලා. මිනිස්සුන්ගේ මුදල්, දේපොළ සූරා කන තක්කඩියන්ගේ තිප්පොළක් බවට පත් වෙලා. වැලි ඇටයේ ඉඳන් සොරකම් කරනවා. අලුතෙන් එන අයත් ඒ හොර චක්‍රයේ කොටසක් වෙනවා. මේ වගේ තිත්ත කළු රස්සාවකට සුදුසුකම් තිබෙන ප්‍රතිපත්තිගරුක මිනිස්සු එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ පාඩුවත් රටටමයි," යනුවෙන් සාමාන්‍ය පුරවැසියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. ඒ ගැන වැඩිදුර විස්තර මෙතනින් කියවන්න: 73 වසරකට පසුවත් 'රවටන', 'රැවටෙන' ශ්‍රී ලංකාවේ දේශපාලනය පහර දීමේ සිදුවීම් දෙකක් - CMEV (ප.ව 04.08) බදාදා පෙ.ව 07:00 සිට ප.ව 01:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 161 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. පහර දීමේ සිදුවීම් 2ක් ද ඊට ඇතුළත් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. ඡන්දය දීමේ වරම අහිමි පුරවැසියන් 'ලක්ෂ ගණනක්' විදේශගත ශ්‍රී ලාංකිකයන් මිලියන දෙකක් ඇතුළු පුරවැසියන් ලක්ෂ ගණනකට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ලොව ඇතැම් රටවල භාවිත කෙරෙන ආකාරයේ මැතිවරණ දිනට පෙර ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදයක් (Advance voting) නොමැති වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. කොරෝනාවෛරස් වසංගතය හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටින 1,500 ක පමණ පිරිසකට ද ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි ශ්‍රී ලාංකිකයන් ගැන වැඩිදුර කියවන්න: ඡන්ද වරම අහිමි ශ්‍රී ලාංකික "ලක්ෂ ගණනක්" මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890 ක් (ප.ව 03.55) 2020 මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්ද දායකයින් 1,129,100 දෙනෙකු ලියාපදිංචිව සිටින බවත් ඔවුන්ට බාධාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 890 ක් ස්ථාපනය කර තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න පැවසීය. පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් හා ස්වාධීන කණ්ඩායම් 17 කින් අපේක්ෂකයින් 435 දෙනෙක් මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් ඔහු සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය, පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය,පොල්ගොල්ල මහවැලි විද්‍යාපීඨ පරිශ්‍රය හා මහනුවර ආදර්ශ පාසල සූදානම් කොට ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පාරේ දමා තිබූ මැතිවරණ ප්‍රචාරක කාඩ්පත් ඉවත් කරන ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගිනි අවි පසෙකට, ඉදල අතට (ප.ව 03.40) 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක අද දින (අගෝ. 05) මේ වන තෙක් අපරාධමය චෝදනා ලබන හෝ කඩාකප්පල්කාරී ක්‍රියා කිසිවක් වාර්තා වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය. එසේ වුවද, ප්‍රචාරක පත්‍රිකා බෙදාහැරීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ බව ඔහු කියා සිටියේය. එසේ නීති විරෝධී ලෙස ඡන්ද මධ්‍යස්ථාන අසළ බෙදා හැර හෝ විසුරුවා හැර තිබූ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා ඉවත් කිරීමට ආරක්ෂක අංශ යොමු වූ ආකාරය ප්‍රදේශය කිහිපයක දක්නට ලැබිණි. ගිනිඅවි පසෙකට, ඉදල අතට සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?" ඡන්දය භාවිත කිරීමට අදාළ ලියාපදිංචි කටයුතු සහ අනන්‍යතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් අභියෝගවලට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පවසයි. තම ඡන්ද ලියාපදිංචි කර ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සහ තමන් තෝරා ගන්නා ලද ස්ත්‍රී පුරුෂ භාවය සනාථ කෙරෙන නිල ලේඛනය (GRC) ,නිර්දේශිත අනන්‍යතා සහතිකයක් ලෙස පිළිගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඡන්දය භාවිතය සම්බන්ධයෙන් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග ගැන වැඩිදුර කියවන්න: සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?" ඡන්ද පෙට්ටියේ ඉතිහාසය ඡන්ද විමසීමකින් අනතුරුව ගණන් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වූ මුල් අවධියේ භාවිත කෙරුනේ වර්ණ ඡන්ද පෙට්ටි ක්‍රමයකි. අද මෙන් ඡන්ද ලකුණක් හෝ මනාප අංකයක් නොව ඡන්ද දායකයාට ඡන්දය ලබා දීමට තිබුනේ ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කරන ලද වර්ණයකටය. ඡන්ද පෙට්ටියේ ඉතිහාසය දැන ගන්න පිවිසෙන්න: 'වර්ණ ඡන්ද පෙට්ටි' සහ 'සුදු මහත්තයාගේ' ඡන්ද සටන ඡන්දය සලකුණු කරන අවස්ථා සමාජ මධ්‍යයේ පළ කරන්න එපා! - මැ.කො.ස පණිවිඩයක් (ප.ව 02.01 ) ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡයාරූප ගත කර හෝ වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. එසේ කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ. එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලු සමාජ ජාල ගිණුම් හිමියන් සහ පරිපාලකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත. අයහපත් කාලගුණය මැද නුවරඑළියේ ජනයා ඡන්දපොළ වෙතට (ප.ව 01:23) මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා තිබු ඡන්ද දායකින් ප්‍රමාණය 577,717 කි. ඒ නුවරඑළිය - මස්කෙලිය 330,761ක්, වලපනේ 87503 ක් කොත්මලේ 84175 ක් හා හගුරන්කෙත 75278 ක් වශයෙනි. ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා මධ්‍යස්ථාන 498 ස්ථාපනය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.බි.ආර් පුෂ්පකුමාර පැවසීය. එම ස්ථානවල සේවය සඳහා නිලධාරීන් 4,100 ක් හා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,500 ක් පමණ ද සේවයට යොදවා තිබේ. දින කිහිපයක සිට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය එලෙසම පවතින අතර විටෙන් විට තද සුලඟ සමග වර්ෂාව ඇද හැලෙමින් තිබූ නමුත් ජනතාව සෞඛ්‍ය අංශ විසින් කළ දැනුවත් කිරිම් පිළිපදිමින් මුව ආවරණ පැළඳ ඡන්ද මධ්‍යස්ථාන වෙත එන බව අප වාර්තාකරුවෝ පැවසූහ. (ඡායාරූප: නුවරඑළිය ඡන්දය ප්‍රකාශ කිරීම) 'ඡන්දපොළේදී' මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ (ප.ව 01.09) ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඔබ මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෑෂ්ටැග් පරපුර සිහිපත් කරයි. පැය 3ක් තුළ මැතිවරණ නීති උල්ලංඝන 70 ක් - CMEV (ප.ව 12.47) බදාදා පෙ.ව 07:00 - 10:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඉන් බහුතරය නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවලට අදාළ පැමිණිලි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් (ප.ව 12.00) 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 80% - 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් කිසිඳු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා මහ මැතිවරණය: මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය (පෙ.ව 11.53 ) පෙරවරු 10.00 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 20% ඉක්මවා ඇති බවත් මධ්‍යහ්න 12.00 පමණ වන විට එම ප්‍රතිශතය 40% ත් 50% අතර ප්‍රමාණයක් විය හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 712 කදි ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සෑම ඡන්ද ම්‍යස්ථානයක් ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පවත්වා ගෙන යන බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා සඳහන් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයට තෝරා පත් කර ගනු ලබන මන්ති ධුර 9 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ13 කින් සහ ස්වාධීන කණ්ඩායම් 13 කින් අපේක්ෂකයෝ 312 ක් තරග වැද සිටිති. දකුණු පළාතේ මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක භටයින් 8,528 ක් පමණ යොදවා ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසීය. දිස්ත්‍රික්කය පුරා ජංගම මුර සංචාර 397 ක් සහ ප්‍රධාන මාර්ග බාධක 28 ක් යෙදවිමට පියවර ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය. (ඡායාරූප: ගාල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීම) උතුරු පළාත: ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා පෙළගැසෙති (පෙ.ව 11.20 ) ඡන්ද මධ්‍යස්ථාන 966 ක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද උතුරු පළාතේ ජනතාව ද එම මධ්‍යස්ථාන කරා ඇදෙමින් සිටිති. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළ පරිදි උතුරු පළාතේ ජන්ද දායකයින් 858,861 දෙනක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ, යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 571,848 හා වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 287,013 දෙනකු වශයෙනි. වන්නි මැතිවරණ කොට්ඨාසයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක හා ස්වාධීන කණ්ඩායම් හයක නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව වන්නි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හයක් සඳහා පිළිගත් පක්ෂ 17 ක හා ස්වාධීන කණ්ඩායම් 28 ක අපේක්ෂකයින් 269 දෙනකු තරඟ කරන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය. යාපනය මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හතක් සඳහා පිළිගත් පක්ෂ 19 හා ස්වාධීන කණ්ඩායම් 14 ක අපේක්ෂකයින් 330 දෙනකු තරඟ කරන බව යාපනය තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය. (ඡායාරූප: ඡන්දය ප්‍රකාශ කිරීමට වවුනියාවේ ජනතාව පැමිණීම) 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි (පෙ.ව. 10.28) ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භවිය. මෙවර මහ මැතිවරණය කරුණු කිහිපයක් මත සුවිශේෂී වෙයි. ගෝලීය කොරෝනාවෛරස් වසංගතය මැද පැවැත්වෙන එය ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයට එක් වන්නේ දීර්ඝ කාලයක් පවත්වන ලද මහ මැතිවරණය ලෙස පමණක් නොව දීර්ඝ කාලයක් ප්‍රචාරක කටයුතු සඳහා කාලය වෙන් කළ මැතිවරණය ලෙසිනි. කොරෝනාවෛරස් වසංගත මර්දන රෙගුලාසි අනුගමනය කරමින් පැවැත්වෙන මෙවර මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා ඡන්දදායකයෝ තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටිති. මැතිවරණය පවත්වනු ලබන්නේ විශේෂ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමිනි. කාබන් තැවරූ කඩදාසි කැබැල්ලකින් ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවෙයි. ඒ සඳහා ඡන්ද දායකයින් සිය වම් අතේ සුලැඟිල්ල මෙසය මත ඇති ටිෂු කඩදාසියක් මත තැබිය යුතු වෙයි. ඡන්දපොළ නිලධාරීන් සඳහා විශේෂ ආරක්‍ෂක කුටි සපයා ඇති අතර ඡන්ද දායකයින් ඇතුළු වනවිට හා පිටව යනවිට විෂබීජහරණය කිරීමකට ලක් කරනු ලැබෙයි. 2020 මහ මැතිවරණය දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යාස්ථාන 12.985 ක දී පැවැත්වෙයි. ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටිති. ඔවුන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය (ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු 29 ක් ඇතුළත් වේ.) මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452 කි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සජීවී වාර්තාව මින් නිම වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත්කර තිබෙන පෙත්සම ඉකුත් 13 වෙනි දින කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන යෝජිත ගිවිසුමට එළඹීමේදී වරාය අධිකාරිය නොසළකා කටයුතු කර ඇතැයි චෝදනා කළේය. එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට වරාය අධිකාරිය වෙනුවෙන් ද තමන් පෙනී සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. නීතිපතිවරයාගේ පෙනී සිටීමට විරෝධය පළකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා, ප්‍රශ්නගත ගිවිසුමෙන් වරාය අධිකාරියට සිදුවන අගතිය ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන මනාව පෙන්වා දීම හේතුවෙන් ඔහු මෙම නඩුවෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළේය. එම චෝදනාව ප්‍රතික්ෂේප කළ රජයේ නීතිවේදියා, නීතිපතිවරයාගේ අවසරයකින් තොරව රාජ්‍ය ආයතන සඳහා පුද්ගලික නීතිවේදීන් යෙදවීමට ඉඩක් නොමැති බව පැවසීය. හම්බන්තොට ඉඩම් පවරාගැනීමට විරෝධය තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිවේදියා, පෙත්සම්කරු චෝදනා කරන ගිවිසුම පසුගිය 2016 වසරේ හදිසියේ ඇතිවූවක් නොවන බවත් හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ වැඩසටහන ආරම්භ වන්නේ 2012 වසරේ සිට බවත් සඳහන් කළේය. මුලින්ම එම අවබෝධතා ගිවිසුම පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය බව එහිදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ නුව එම ගිවිසුමේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව වැඩිදුර සළකා බැලීම ලබන 13 වෙනි දින දක්වා කල් තැබීය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හම්බන්තොට වරාය සහ එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජකයිනට පැවරීමට රජය ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ගිවිසුම අවලංගු කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉවත්කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනපතිනිය රනිල් වික්‍රමසිංහ සමඟ තම පක්ෂය හා හිටපු ජනතිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර පැවතුණේ ආණ්ඩු පෙරලීමේ සාකච්ඡාවක් නොව රට තුළ සාමකාමී තත්වයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡාවක් පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය සංදේශය කළ විමසුමක දී පැවසුවේ. ‘දේශපාලන වශයෙන් අපි අතර මත තියෙන්න පුළුවන්. නමුත් එතුමිය මේ රටේ හිටපු රාජ්‍ය නායිකාව, ඇමෙරිකාව වැනි රටවල තවමත් හිටපු ජනතිපතිවරුන් අමතන්නේ ගෞරවයෙන්. එහෙම නැතුව මෙහෙම අපවාදවලින් නමෙයි.’ කරු ජයසූරිය කියා සිටියේය. "මුට්ටිය දමා බැලීමක්" -අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හිටපු ජනපතිනිය විපක්ෂයෙන් දේශපාලනයට පැමිණීමේ සුදානමක් ඇත්දැයි සංදේශය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේ එවන් දෙයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොමැති බවයි. පක්ෂයේ අනුශාසකවරියට පරිභව කරන ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තැනක් නැතැයි ද කරු ජයසුරිය මන්ත්‍රීවරයා පැවසුවේය. 'මුට්ටිය දමා බැලීමක්' හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එක්සත් ජාතික පක්ෂයට පසුගිය එකොළොස් වැනිදා පිරිනැමූ අතර ආණ්ඩුව සහ ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරිය දැඩි ලෙස විවේචනය කර තිබුණි. ඇතැම් කණ්ඩායම්වල ක්‍රියාවන් නිසා රට තුළ විවිධ ආගම අතර මතභේද ඇතිවී ඇති අවස්ථාවක මෙම වැඩ පිළිවෙල විවේචනය කිරීම පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරිය ගේ මෙම වැඩ පිලිවලේ මූලික අරමුණ වූයේ ආගමික සහජීවනය ඇති කිරීමට වඩා එම කාර්යයන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය යටතේ සිදුවූ දෙයක් ලෙස ලෝකයට පෙන්වීම බවයි. ‘කෙනෙක් අන්තර් ආගමික සහජීවනයට ඉදිරිපත් වනවා නම් ඒක ගරහන්න විවේචනය කරන්න හේතුවූ කාරණාවක් නෙවෙයි, නමුත් එතුමිය උත්සහ ගන්නවා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට මේක ගැට ගහන්න, එකයි අපි ප්‍රශ්න කරන්නේ’ හිටපු ජනතිපතිනියගේ මෙම වැඩපිළිවෙළ ඇය නැවත දේශපාලනයට පැමිණීමට "මුට්ටිය දමා බැලීමක්" හැටියටයි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා හැඳින්වුයේ.
රට තුළ ආගමික සහජීවනය ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනතිපතිනියට ආණ්ඩුව විසින් අපහාස කිරීම අසාධාරණ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නෞකාව සෝමාලියාවේ මොගදිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබිණි නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මූළික විමසීම්වලින් කරුණු හෙළිවන පරිදි අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඊට ඇතුළු වී ඇති බව එරට බලධාරීහු පවසති.
සෝමාලියාවට නුදුරු මුහුදේදී කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්ව ඇති බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සේවය කොට ඇතැයි වාර්තාවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න' ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගි වීමට සෙනසුරාදා යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිස ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. රැවුල වවා ගත් පුද්ගලයකු තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට පැවසීය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පාසල් දැරියන් දූෂණය මේ අතර මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට සෙනසුරාදා විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කොට තිබිණි. මේ සියල්ල යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බව බීබීසී සංදේශයට කියා සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, එයට විරෝධය පෑම පිණිස හදිසි මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමත් සමඟම තමන්ටද මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබුන බවද පැවසීය. ඇමෙරිකානු ආධාර සහිතව පැවැත්වීමට නියමිතව තිබුණු වැඩමුළුව අවලංගු කිරීමත් සමඟම රට පුරාම මාධ්‍යවේදීන් විශාල පිරිසක් තර්ජනවලට මුහුණු දුන් බවයි, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මැයි මාසයේ සිට මේ වන විට තර්ජන හේතුවෙන් අවලංගු කෙරුණු තුන් වැනි මාධ්‍යවේදී වැඩමුළුව මෙය බවත් ඇමෙරිකානු නිවේදනයේ සඳහන්. "පොලිසිය මෙම ස්ථානවල රැඳී සිට ඇතත්, තර්ජනයට ලක්වුණු මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සපයා නැති අතර, තර්ජනය කරන්නා වූ පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ගද ගෙන නැත," යනුවෙන්ද එහි සඳහන්වේ. එමෙන්ම පාසල් දැරියන් දූෂණය කිරීම පිළිබඳ නඩු විභාගය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පසිගිය සිකුරාදා යාපනයේදී එල්ල වූ තර්ජන පිළිබඳවත් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කොට තිබේ. මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහසට බාධා කරන්නන්ට දඬුවම් නොකිරීමේ රටාවක් පවතින බව යයිද තානාපති කාර්යාලය පවසයි. "මාධ්‍යවේදීන්ගේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.
උතුරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පසුගිය සති අන්තයේ සංවිධානය කොට තිබුණු මාධ්‍යවේදී වැඩමුළුව අවලංගු කිරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි කණස්සල්ල පළ කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඒ තමයි විස ආහාර කැවීමේ ත්‍රස්තවාදය. අවාසනාව SLS ලාංජනයත් විශ්වාස කළ නොහැකි තත්ත්වයට රටවැසියා අසරණ වෙලා තිබෙනවා. අනෙක් ත්‍රස්තවාදය දුරාචාරයේ ත්‍රස්තවාදය. දුරාචාරයේ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුවෙනුත් නැගෙනවා. මේ සියලු ත්‍රස්තවාදයන් ත්‍රස්තවාදමයි. ජනතාව විනාශ කරන, රටේ ප්‍රගතිය විනාශ කරන සාමය විනාශ කරන මේ සියලු ත්‍රස්තවාදයන් නැති කරලීමේ මහා වගකීම රජය සතුයි," යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් "සමිදුන් වෙතගිය මිනිසුන්" මැයෙන් බදාදා (අප්‍රේල් 21) පැවති අනුස්මරණ අවස්ථාවට සහභාගී වෙමිනි. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ විදෙස් තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ. එහිදී අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බවය. "මේ මොහොත වන තෙක් අප විමසමින් සිටියා එවන් මහා ධනස්කන්ධයක ආධාරයෙන් අපේ විපතට පත් පවුල් නැගී සිටියාද යන්න. එහෙත් ඒ සඳහා නිසි තොරතුරක් නැති නිසා අපි අද රහස් පොලිස් මූලස්ථානයට පවරනවා වගකීම මේ බිලියනයක මුදලට කුමක්ද වුනේ? මේ අනතුරට පත් වුනු ජනතාව වෙනුවෙන් මේ මුදල් වියදම් කළාද? අදත් අසරණ වුනු මිනිස්සු, තමාගේ පවුලේ වගකිවයුත්තා මිය ගිය නිසා අසරණ වුනු පවුල් වෙනුවෙන් මේ මුදල් වැය කළාද කියන ප්‍රශ්නය අපි රජයට, රහස් පොලිසියට භාර කරනවා ඒ පිළිබඳ තොරතුරු හොයන්න." පසුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (සීඅයිඩිය) වෙත පැමිණි උන්වහන්සේ අදාළ ආධාර මුදලට කුමක් සිදුවීදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මේ ගැනත් කියවන්න:
පාස්කු ප්‍රහාරය මෙන්ම "ත්‍රස්තවාදයේ තවත් ස්වරූප" පවතින බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහනුවර පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වන විට ඔහු 88 වැනි වියෙහි පසු විය. 1931 ජුනි 4 වෙනිදා උපත ලැබූ දි. මු. ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වැනි සාමාජිකයා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකික දේශපාලන ඉතිහාසයේ ඉහළින් ඔසවා තැබීමට සුවිශේෂ කැපවීමකින් කටයුතු කළ දිමු, 1970 දී ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. 1977 මහ මැතිවරණයෙන් පරාජය ලැබූ ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ 1994 දීය. ඒ පොදු පෙරමුණ නියෝජනය කරමිනි. එම ආණ්ඩුව තුළ ප්‍රථම වරට ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරිණි. ඉන් පසු, විවිධ අමාත්‍ය තනතුරු ඔහු දැරීය. 1994 - ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ පශු සම්පත් 1997 - ඉඩම්, කෘෂිකර්ම, සහ වන සංරක්ෂණ 1997 - ඉඩම් සහ කෘෂිකර්ම 2000 - කෘෂිකර්ම 2001 - ඉඩම්, කෘෂිකර්ම, වන සංරක්ෂණ සහ අහාර හා සමුපකාර සංවර්ධන 2004 - තැපැල් සහ විදුලි සංදේශ 2005 - විදුලි සංදේශ සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන 2006 - විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන 2007 - වැවිලි කර්මාන්ත ඉන් පසු ඔහු, 2010 සිට 2015 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේය. බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද එම කාලයේදී ඔහු ක්‍රියා කළේය. දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියා වූ දි මු ජයරත්න ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර චරිතයක් ලෙස සැලකේ. ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මෙතෙක් ජීවතුන් අතර සිටි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා විණි. කියවන්න:
ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ දි මු ජයරත්න (දිසානායක මුදියන්සේලාගේ ජයරත්න) අඟහරුවාදා (නොවැම්බර් 19) සිය දිවියෙන් සමුගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (මැයි 19) සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) නියෝජිතයන් මුණ ගැසෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටිති. ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි UNHCR ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති. තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබේ. ඔවුන් සම්බන්ධ නඩු විභාගය පසුගිය අඟහරුවාදා (මැයි 16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවුණු අවස්ථාවේ කරුණු දැක් වූ පොලිසිය, ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇතැයි දැනුම් දුන්නේය. එබැවින් ඔවුන් පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බවත් පොලිසිය පැවසීය. නීතිඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෆයිනාස් මොහමඩ් එහිදී කරුණු දක්වමින් අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන මෙන් ඉල්ලීමක් කළේය. කිසියම් ලෙසකින් ඔවුන් මියන්මාරයට පිටුවහල් කෙරුණහොත් එය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව තමන් අධිකරණය ඉදිරියේ පෙන්වා දුන් බව නීතිඥ ෆයිනාස් මොහමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය. නීතිවේදීන්ගේ ඉල්ලීම සලකා බැලූ යාපන මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානය කරගැනීම පිණිස තවත් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එතෙක් ඔවුන් දිගටම මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබන මෙන් බලධාරීන්ට නියෝග කළේය.
තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ලඟා වූ රෝහින්ග්‍යා අනාථයන් පිරිස ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අපිට ආපසු යන්න එපා කියලා විශ්ව විද්‍යාලයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා" එවිට චීනයෙන් මතුවූ නව වෛරසයක් ලෙස කොරෝනාවෛරසය හැඳින්වූ අතර, වූහන් ඇතුළු චීනයේ විවිධ ප්‍රදේශවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් ගැන බීබීසී සිංහල සේවයේ ලිපියක් ද පළ විය. වසරක් ගත වන තැන ඔවුන් නැවත සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය. "ගිය අවුරුද්දේ පෙබරවාරි මුල සතියේ ආයෙත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා. අපි වූහන්වලින් ටිකක් ඈත නගරයක හිටිය නිසා ලංකාවට ගොඩබැස්ස ගමන් උණ විතරයි පරීක්ෂා කළේ," ටියංජින් නගරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන නිමේෂා විජේගුණවර්ධන පැවසුවාය. "අපිව නිරෝධායන මධ්‍යස්ථානවලට අරගෙන ගියේ නැහැ. ගෙදර ගිහින් පිටතට එන්නේ නැතුව ඉන්න කියලා උපදෙස් දුන්නා. නමුත් කිසි කෙනෙක් ඊට පස්සේ පරීක්ෂා කරන්න ආවේ නැහැ. තවමත් අපිට විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ." ඔවුන් මේ වන විට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර, චීනයේ නිර්මාණය කරන ලද 'ඇප්' එකක් හරහා කථිකාචාර්යවරුන් හා සම්බන්ධ වෙමින් සිය උපාධිය සම්පූර්ණ කිරීමේ දුෂ්කර ගමනක යෙදෙන බව ඇය පැවසුවාය. "එදා අපි හොඳටම බය වෙලා අත්වැසුම් දෙක ගානේ දාගෙන, මුළු ඇඟම වහගෙන තමයි ප්ලේන් එකේ ආවේ. ඒ එනකොට කෙනෙක් දිගටම කැස්සා. අපි තවත් බයේ හිටියේ. නමුත් අපි ඇවිත් ටික කාලයකින් ලංකාවත් ලොක්ඩවුන් කළා." "අපි සහ බංගලාදේශ අය තමයි මුලින්ම පිටත් වුණේ. නමුත් නයිජීරියන් අය චීනයේ නැවතුණා. පාකිස්තානයේ අය ඉල්ලීම් කළත් කාලයකට පස්සේ තමයි ඒ රටෙන් ගෙන්න ගත්තේ. මෙහෙ ලොක්ඩවුන් කරනකොට චීනය මිනිස්සුන්ට එළියට යන්න ඉඩ දීලා තිබුණේ. අපිට කලබලේ ආපු එක ගැන ඇත්තටම දුක හිතුණා." චීන සිසුන්ට හැර අන් අයට තවමත් විශ්ව විද්‍යාලයෙන් කැඳවීමක් සිදුකර නොමැති බව ඇය පැවසුවාය. "අපිට ආපසු යන්න එපා කියලා විශ්ව විද්‍යාලයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා. නමුත් බය නිසා අපි ආපසු ආවා. තවමත් තත්ත්වය ඒ තරම් හොඳ නැතත්, සියල්ල පාලනය කර තියෙනවා කියලා අපේ චීන යාළුවෝ කියනවා," නිමේෂා තවදුරටත් පැවසුවාය. වෛරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා කොරෝනාවෛරසය පැතිරීම පිළිබඳ පළමුවෙන් අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද වෛරසයෙන් මියගොස් වසරක් ගතවීම සිහිපත් කරමින් චීනයේ සමාජ මාධ්‍ය ජාලවල උපහාර පිදුම් පළ කර තිබිණි. සාර්ස් වැනි තවත් මාරාන්තික කොරෝනාවෛරසය රෝගයක් පිළිබඳ සෙසු වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමට වෛද්‍ය ලී උත්සාහ කර තිබිණි 2020 පෙබරවාරි 7 වන දින ඔහුගේ පළමු මරණ සංවත්සරය යෙදී තිබුණු අතර, දහස් ගණනක් ලී වෙන්ලියැන්ග්ට උපහාර දැක්වූහ. ඔහු මිය ගියේ කොවිඩ් -19 රෝගයට ගොදුරු වීමෙනි. සාර්ස් වැනි තවත් මාරාන්තික කොරෝනාවෛරසය රෝගයක් පිළිබඳ සෙසු වෛද්‍යවරුන්ට අනතුරු ඇඟවීමට වෛද්‍ය ලී උත්සාහ කර තිබිණි. එහෙත් ඔහුට "අසත්‍ය අදහස් දැක්වීම නවත්වන්න" යැයි පොලිසිය පැවසූ අතර "කටකතා පතුරුවා හැරීම" සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්විණි. වෛද්‍ය ලී මධ්‍යම චීන නගරයක් වන වූහාන් හි රෝහලක අක්ෂි වෛද්‍යවරයෙක් ලෙස සේවය කළේය. පළමු කොරෝනාවෛරස රෝගීයා වාර්තා වූයේ 2019 වූහාන් නගරයෙනි. වෛද්‍ය ලීගේ මරණයත් සමග චීන රජය කොරෝනාවෛරසය පැතිරීම සම්බන්ධයෙන් ඒ වන විට සිදු කළ කටයුතු ගැන දැඩි මහජන කෝපයක් ඇති විය. ඒ වනවිටත් වූහාන්හි රෝහල් පිරී ගොස් තිබුණත්, වෛරසයේ බරපතලකම අවතක්සේරු කිරීම සහ එය පැතිරීමේ ප්‍රමාණය සඟවා තැබීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල විය. නමුත් චීන රජය වෛද්‍ය ලී නිදොස් කොට වීරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර කිරීමත් සමග මේ කෝපය වෙනත් අතකට යොමු වීම ආරම්භ විය. එතැන් සිට ලොව පුරා මිලියන 106 කට අධික ජනතාවක් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 2.33 ක් මියගොස් තිබේ. "හිතුවේ නැහැ" "එදා මම හීනෙන්වත් හිතුවේ නැහැ ලෝකයටම මේ වගේ දුක්බර තත්ත්වයක් උදා වෙයි කියලා. බීබීසීවලින් කතා කලාමත් මම කිව්වේ අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ වෛරස් එක ඉක්මණට ඉවරයක් වෙයි කියලා. නමුත් ලෝකයම කණපිට පෙරළුණා," චීනය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පැවසීය. ඔහු සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළේය. "අවුරුද්දකට කළින් නිකමටවත් හිතුණේ නැහැ මේ වෛරස් එක නිසා ව්‍යාපාර කඩා වැටිලා රටවල් අතර ගමනාගමනය පවා නතර වෙයි කියලා. වසංගත ගැන දැනගෙන හිටියා. නමුත් ඒක අත්විඳිනකොට තමයි භයානකකම තේරෙන්නේ." කෝවිඩ් 19 පැතිරීමත් සමග ඔහුගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා දිවියේ ද බොහෝ වෙනස්කම් සිදු වූ බව පැවසුවේය. "දැනට චීනය තත්ත්වය පාලනය කරගෙන තියෙන බව පෙනෙනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපදින්න ඕනේ. මොනවා වුණත් පරණ ජීවිතයට ආපහු ගිහින් සියල්ල ගොඩනගා ගන්න සෑහෙන කාලයක් යයි," ඔහු තවදුරටත් පැවසුවේය. වෛරසය පැමිණියේ කොහෙන්ද? කොවිඩ් -19 හි මූලාරම්භය ගැන විමර්ශනය කරන ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් වෛරසය පැමිණියේ රසායනාගාරයකින් යන න්‍යාය බැහැර කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් පැවසුවේ වූහාන්හි විද්‍යාගාරයකින් වෛරසය කාන්දු වීම "අතිශයින්ම අසීරු" සිද්ධියක් බවය. වෛරසයේ ආරම්භය හඳුනා ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය ඒකාබද්ධ මෙහෙයුමේ නිගමනය ප්‍රකාශ කිරීමේ දී මෙම අදහස් පළ කෙරිණි. ආචාර්ය පීටර් බෙන් එම්බරෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම පරීක්ෂණයෙන් නව තොරතුරු අනාවරණය වී ඇති නමුත්, ප්‍රථමයෙන් වෛරසය පැතිර යාමේ දී හෙළි වුණ හේතුවලින් ඒ කිසිවක් සම්පූර්ණයෙන් වෙනස් නොවන බවය. වෛරසය ආරම්භ වූ බවට සැක කළ වූහාන් නගරයේ P4 විද්‍යාගාරය විශේෂඥයන් විශ්වාස කරන්නේ මිනිසුන්ට වෛරසය පැතිරීමට පෙර මෙම වෛරසය සතුන් තුළ ඇතිවී තිබෙන බවය. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට අදහසක් නොමැත. "දුක් වෙනවා" "මමත් එදා කලබල වෙලා ලංකාවට ආවා. නමුත් තවමත් විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. වෙන රටක ඉගෙන ගන්න තිබුණ අත්දැකීම සම්පූර්ණයෙන් නතර වුණා. ටිකක් ඉවසන් ඉන්න තිබුණා කියලා දැන් හිතෙනවා," විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන මාධවී පැවසුවාය. "අපි ලංකාවට ගොඩබැස්ස ගමන් නිරෝධායන මධ්‍යස්ථානයට අරගෙන ගියා. ඒ සති දෙක අපිට සෑහෙන සැලකුම් ලැබුණා. නාලා ඉවරවෙන වතුර ටික පවා නිසි විදිහට බැහැර කරන ක්‍රමවේදයක් තිබුණා. කෑම බීම සියල්ල උපරිමයෙන් ලැබුණා." 2020 පෙබරවාරි මස වූහන් බලා පිටත් වූ පළමු ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ කීපදෙනෙක් "හැබැයි මට ගමේ මිනිස්සු සෑහෙන බය වුණා. අපේ ගේ ළඟින් ඒ මිනිස්සු දුවන්න ගත්තේ හරියට අපරාධයක් සිද්ධ වෙලා වගෙයි." ඇය ද තාක්ෂණය හරහා සිය උපාධිය සම්පූර්ණ කරගැනීමට වෙහෙසෙන බව පැවසුවාය. නමුත් ප්‍රායෝගික අධ්‍යාපන අත්දැකීම් සියල්ලම පාහේ අහිමි වූ බව ඇය පැවසුවාය. "ඒ වෙනකොටත් විශාල වියදමක් දරලා තමයි ඉගෙන ගන්න ගියේ, නමුත් ඒ සියල්ල දැන් ස්ක්‍රීන් එකකට සීමා වෙලා. නොදන්නා වෛරසයක් නිසා ඒ දවස්වල බය වුණා. නමුත් දැන්නම් ආයෙත් චීනයට ගිහින් ඉගෙන ගන්න එක ගැන දෙපාරක් හිතන්නේ නැහැ," ඇය තවුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
මින් වසරකට ආසන්න කාලයකට පෙර කොරෝනාවෛරසය පැතිරී යාම ආරම්භ වීමත් සමග විවිධ රටවල් වූහන් හි සිටින සිය රටවැසියන් රැගෙන ඒමට ගුවන් යානා පිටත් කළහ. එලෙස වූහන් වෙත ගොඩබැස්සවූ හතරවෙනි ගුවන් යානය පැමිණියේ ශ්‍රී ලංකාවෙනි.