instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම නිලධාරීන් අද සිකුරාදා සිට වෙනත් පළාත්වලට මාරු කිරීමට පොලිස් පතිවරයා නියෝග කොට තිබේ. මෙම සතිය ඇතුළත වාර දෙකක්ම යාපනයට ගිය පොලිස්පතිවරයා කළ මෙම මාරුවීම සේවා අවශ්‍යතා හා පුරප්පාඩු ගැන සලකා බැලීමෙන් පසු සිදු කළ මාරු කිරීම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය. විශේෂයෙන්ම යාපනයේ කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා පවා මාරු කිරීමට මේ අවස්ථාවේදී තීරණය කළේ යාපනයේදී පාසල් දැරියක් දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය හේතුවෙන් නොවේ දැයි බී.බී.සී.සන්දේශය පොලිස් ප්‍රකාශකයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගත වූ කාලයේ දී යාපනයේ සිදුවූ බොහෝ සිදුවීම් සහ දැනට ඇති පුරප්පාඩු ගැන සැලකිල්ල යොමු කොට එම ස්ථාන මාරු වීම් සිදු කළ බවයි. යාපනයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියාගේ වරදින් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය මෙතරම් දුර දිග ගිය බවට යාපනයේ ජනතාව නගන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ කවර උසස් නිලධාරියෙකු වුවද සිය රාජකාරිය අත පසු කළ බවට පොලිස්පතිවරයාට තොරතුරු ලැබෙන්නේ නම් එම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තීරණයක් ගනු ඇති බවයි. යාපනයේ වේලනෙයි සහ සන්දිලිපායි යන පළාත් වලින් තවත් කාන්තාවන් දෙදෙනෙකු 21 වෙනිදා සිට අතුරුදහන් වී ඇති බවට අදාළ පොලීසි වෙත පැමිණිලි ලැබී තිබේ. වේලනෙයි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව සිය රාජකාරිය සඳහා 21 වෙනි දින ගිය පසු මෙතෙක් නොපැමිණි බවට පැමිණිලි කොට ඇත්තේ ඇගේ පුංචි අම්මා විසින් බව කී පොලිස් ප්‍රකාශකයා ඇය පළාතේ කකුළුවන් ඇසුරුම් කරණ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි බවද කියා සිටියේය. සන්දිලිපායි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව ගැන මෙතෙක් තොරතුරු තමන් වෙත ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ. මේ අතර නීතිපතිවරයාද අද පොලිස්පතිවරයා සමඟ යාපනයට ගොස් දූෂණය කොට මරා දමන ලද පාසල් දැරියගේ පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලා තිබේ. නීතිපතිවරයා යාපනයට ළගා වන විට යාපනයේ නීතිඥවරුන් අධිකරණ සේවා කටයුතු වලින් බැහැරව විරෝධතාවක නිරතව සිටියේ පසුගිය 20 වෙනිදා යාපනය අධිකරණ සංකීර්ණයට සාමාන්‍ය ජනතාව එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීම පිණිසයි. යාපනයේ නීතිඥ සංගමයේ ලේකම් ආර්.සුභාෂ් කියා සිටියේ අධිකරණයේ දේපළ වලට හානි කිරීමත් සාමාන්‍ය ජනතාව විසින් අධිකරණයට අනිසි බලපෑමක් සිදු කිරීමට විරෝධය පල කිරීමත් සඳහා අද, සිකුරාදා යාපනයේ අධිකරණ වල නීතිඥවරුන් මෙම විරෝධතාව දියත් කළ බවයි.
යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව යාපනයේ උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා' ඔහු ඒ බව කියා සිටියේ කොළඹදී කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. තම ආගමනයත් ආණ්ඩුවට එරෙහිව තිබූ ජනතා විරෝධයත් නිසා එක්සත් ජාතික පක්ෂයේ ජන්ද ප්‍රතිශතය ඉහල දැමීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය. "වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය. "ලංකා කම්කරු කොංග්‍රසය, දිගම්බරම්ගේ පක්ෂය සහ කඳුරට ජනතා පෙරමුණ වැනි දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකයන් ආණ්ඩුවෙන් ඉල්ලද්දී තමයි අපි තනි පක්ෂයක් විදිහට ඉල්ලුවේ. ඒ නිසා එතන අපිට අවාසියක් සිදුවුණා." පුද්ගල දේශපාලනය තමන්ට තිබූ ජනතා ආකර්ෂණය ඌව මැතිවරණයේදී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතු වූ ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයකදී ජන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජනතා ආකර්ෂණයක් තිබෙන්නේ දැයි බීබීසී සංදේශය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, පුද්ගලයා දෙස බලා ඡන්දය දීම වෙනුවට වැඩපිළිවෙලකට සහාය පළකරන තත්වයකට ජනතාව ගෙන යායුතු බවයි. "මට ලැබුනේ පෞද්ගලික ජන්දයක්. අපි ඒ නිසා එතනින් ලැබුණු ගැම්ම අපේ පක්ෂයට පෙරළා ගන්න පුළුවන් විදිහට මේ තත්වය නිර්මාණය කරන්න ඕනේ." මැතිවරණයෙන් අනතුරුව එජාප ආධාරකරුවන් '14 දෙනෙක් රෝහල්ගත කරලා' වර්තමානයේ ශ්‍රී ලංකාව විනාශ වී තිබෙන්නේ පුද්ගල දේශපාලනය නිසා බවද හරීන් ප්‍රනාන්දු පැවසීය. "මහින්ද රාජපක්ෂත් එක්ක ඡන්දය කරනවා නම් ඔහුගේ චරිතය බලල ඡන්දය දෙන පිරිසක් ඉන්නවා. දේශපාලනයේ වැඩි අවධානයක් නැති අය බලන්නේ පුද්ගලයෝ දිහා. නමුත් අපි විශ්වාස කරන්නේ පුද්ගලයා දිහා බලල ඡන්දය දෙන එක නෙවෙයි. වැඩපිළිවෙල බලල ඡන්දය දෙන තැනකට අපි ඉදිරි කාලයේදී වෙනස් කර ගත යුතුයි." ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ප්‍රබල චරිත කිහිපයක්ම ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයට එක්විය හැකි බවට ඉඟියක්ද පළකළ ඌව පළාත් සභා මන්ත්‍රීවරයා, ඔවුන් එක්කර ගතයුත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බවද පැවසීය. මැතිවරණය අවසන් වුනු පසු තම ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මේ වන විට 14 දෙනකු රෝහල් ගතකර ඇති බවත් එයින් හය දෙනකු බරපතල තුවාල ලබා ඇති බවද ඔහු කියා සිටියේය. "අපි දේශපාලනයේ ප්‍රතිපත්ති එක්ක ගහගත්තා මිසක් අතින් පයින් ගහගන්න ඕනේ නැහැ. ඒත් කාටහරි ගහගන්න ඕනෙනම් මන් කියන්නේ ඒ මන්ත්‍රීවරයාට මාත් එක්ක ගහගන්න, මගේ මිනිස්සුන්ට ගහන්න එපා. මේ හදන්නේ ඊළඟ ඡන්දෙට වැඩකරන්න එපා කියල බයකරන්න." එක්සත් ජාතික පක්ෂයේ තිබුණු අර්බුද අවසන් අතර, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උපනායක රවී කරුණානායක අතර තිබූ විරසකයද අවසන් බවත් මාධ්‍යවේදීන් අමතමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.
ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අහිමි වූයේ වතුකරයේ දෙමළ ඡන්දාදයකයන් පාලක සන්ධානයට සහාය පළකිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ, එවැනි වාහන කීපයක් ම සිය ආයතනයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් දැක ඇති බවයි. කැෆේ සංවිධානය විසින් පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව අංක තහඩු නොමැති වාහන අල්ලා ගැනීමේ මෙහෙයුමක් ගෙන ගියත් තමන්ට එවැනි කිසිදු වාහනයක් සොයා ගත නොහැකි වූ බවයි,ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසන්නේ. “අංක තහඩු නොමැති සුදු පාට ‘ඩිෆෙන්ඩර්’ රථ සැරිසරන බව පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරලා තිබුණා. මමත් මගේ නිලධාරීනුත් ඊයේ රාත්‍රිය පුරාම මෙහෙයුමක් කළා. කනගාටුයි කියන්න, අපට එක ඩිෆෙන්ඩර් වාහනයක් සොයා ගන්න බැරි වුනා” නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසයි. පොලිසිය ඉදිරිපිටත් එහෙත් එම ප්‍රකාශයෙන් පැය කීපයකට පසුවත් එවැනි වාහන දුටු බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ. සැප්තැම්බර් නවය සහ දහය යන දින දෙකේම අංක තහඩු නොමැති වාහන පස්සර ,බදුල්ල මොනරාගල ප්‍රදේශවල සැරිසරා ඇති බවයි කැෆේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය ප්‍රකාශනයක දැක්වෙන්නේ. “ C 2014-2915 අංක දරන ‘ඩිෆෙන්ඩර්’ රථය මොනරාගල පොලිසිය ඉදිරිපිට නතර කර තබා තිබුණේ මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගන්නා ජීප් රථය ඉදිරිපිටයි” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ප්‍රහාර වලට යොදා ගැනීම අද, සැප්තැම්බර් දහවෙනි දින මොනරාගල රෝහල ඉදිරිපිට එවැනි වාහනයක් නතර කර තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර කැෆේ සංවිධානයට දැනුම් දී ඇත. පසුගියදා විපක්ෂයේ ආධාරකරුවන්ට ප්‍රහාර කීපයක් ම එල්ල කෙරුණ අතර ප්‍රහාරකයන් ගමන් ගත්තේ අංක තහඩු නැති ඩිෆෙන්ඩර් රථවලින් බවයි ඊට ගොදුරුවූවන් පවසන්නේ. ඌව පළාතේ සැරි සරණ අංක තහඩු නැති 'ඩිෆෙන්ඩර්' රථ ඇතුළත් ඡායාරූප 'කැෆේ' මැතිවරණ නිරීක්‍ෂකයන් විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඒවාට මාධ්‍යය මගින් විශාල ප්‍රසිද්ධියක් දී ඇත.
තමන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරනු ලැබීමෙන් පසුවත් ඌව පළාතේ අංක තහඩු නොමැති සැක කටයුතු වාහන සැරි සරමින් ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන ආයතනය (කැෆේ) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' ඇමතිවරයා ඒ බව කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිව්' යන මැයෙන් යාපනයේදී ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන පාඨය පෙරදැරි කර ගනිමින් වර්තමානය තුළ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජන කොට්ඨාශ පෙළ ගැසිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පෙන්වා දෙයි. 'මේ යුගය ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කියන යුගය. එළුග ඉලංගෛ කියන පාඨය තුළ එළුග සිංහල, එළුග තමිල්, එළුග මුස්ලිම් සියලු දෙනාම ඉන්නවා.' ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අද (24) යාපනයේ පැවති 'එළුග තමිල්' ව්‍යාපාරය විරෝධතාවක් ලෙස නොසලකා කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. යාපනයේ පැවති 'එළුග තමිල් උද්ඝෝෂණ ව්‍යාපාරය පශ්චාත් යුද සමයේ තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කරතා හඬ ගා කීමට උතුරේ වැසියන්ට ඇති අවශ්‍යතාව තේරුම් ගත යුතු බවයි ඇමතිවරයා කියා සිටියේ. අතීතයේ එවකට පැවති අවශ්‍යතාවට අනුව ජාතීන් මුල් කර ගනිමින් යම් යම් පිබිදීම් ඇති වුවත් එය අද අවශ්‍යතාවට කොතෙක් ගැළපෙන්නේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි. 'සිංහලයනි නැගිටිව්, දමිලයනි නැගිටිව්, මුසල්මාන්වරුනි නැගිටිව් කියලා ඒ කාලේ කිව්වා. අනගාරික ධර්මපාලතුමා ඒ කාලේ කිව්වා සිංහලයනි නැගිටිව් කියලා. ඒකට සාධාරණ හේතු තිබ්බා.' ඇමතිවරයා සඳහන් කළේය. ජාතික ගැට‍ළුවට විසඳුමක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංවාද මණ්ඩලයක් ලෙස කටයුතු කරන බවයි ඇමතිවරයා පවසන්නේ. ඒ සඳහා සාමාජිකයන් විසි එක් දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කොට ඇති බවත් ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂවලට අයත් පාර්ලිමේන්තු සාමාජිකයන් එහි කටයුතු කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් කියා සිටියේය.
යුගයේ අවශ්‍යතාව විය යුත්තේ 'එළුග තමිල්' නොව 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන්න බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ. පුනරුත්තාපනය ලබා නිදහස් වී සිටි එල්ටීටීඊ හිටපු සාමාජික රාම් එවකට එම සංවිධානයේ මඩකලපු ප්‍රදේශයට නායකත්වය ලබා දී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.
පුනරුත්තාපනය ලද එල්ටීටීඊ හිටපු නායකයකු වන රාම් නැමැත්තා සිය භාරයේ පසු වන බව පොලිසිය තහවුරු කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
X-කිරණ සහ ස්කෑන් යන්ත්‍ර භාවිතා කොට අටසීයකට අධික සංරක්ෂිත සත්ව ‘මමී’ පිරික්සනු ලැබ ඇති අතර ඒවායෙන් තුනෙන් එකක මළසිරුරු නොමැති බව පරීක්ෂණවල නිරත බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායම පවසති. ඇතැම් විට මළසිරුරු සංරක්ෂණය කරන ‘මමී’ පිළියෙළ කරන්නන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවට විද්‍යාඥ කණ්ඩායම විශ්වාසය පළ කරති. ආගමික වතාවත් සිදු කිරීමේදී පුරාණ ඊජිප්තු වැසියෝ මළ බළලුන්, කිඹුලන් ඇතුළු විවිධ සතුන්ට අයත් ‘මමී’ යොදා ගත්හ.
පුරාණ ඊජිප්තුවට අයත් ඖෂධ ගල්වන ලද මළ සතුන්ගේ ‘මමී’ බොහොමයක් තුළ ඇත්තේ රෙදි කැබලි පණක් බව විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද පෙන්වාදුන් පරිදි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සිංහල සේවයට පැවසීය. මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව 'නඩු ඇසීමට' සූදානම් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සෙනසුරාදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. විදේශීය විනිසුරන් පත්කිරීම සඳහා නව නීතියක් අවශ්‍යවන බැවින් එවැන්නක් සම්මත කිරීම ඉතා දුෂ්කර කරුණක් වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ නීතිඥ සුමන්දිරන් කියා සිටියේ, එවැන්නකට එරෙහිව කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකට විරුද්ධව මොනවත් නෑ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒක කරන්න ඕන," ඔහු පැවසීය. "එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව නඩු ඇසීමට සූදානම් නෑ" කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳව තමන් එතරම් අවධානයක් පළනොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. යුද අපරාධ චෝදනා විභාග කිරීම සහ රටේ සංහිඳියාව ඇතිකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසර දෙකක කාලය කාලය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කෙරෙන බව සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය. එසේ කාලය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතත්, ආණ්ඩුව එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු සියල්ල එලෙසින්ම ඉටුකළ යුතුය යන්න සිය සන්ධානයේ ස්ථාවරය බවත් මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් විදේශීය විනිසුරන් සම්බන්ධයෙන් කිසිවක් ඉදිරිපත් කෙරෙන නව යෝජනාවේ ඇතුලත් නොවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය එයට දැඩි විරෝධය පළකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට වසර දෙකකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දුන් ප්‍රතිඥා ඉටුකිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් කාලය ලබාදීම පිළිබඳව විරෝධයක් නැතත්, යුද අපරාධ චෝදනා විභාග කිරීම සම්බන්ධ විමර්ශනයට අනිවාර්යයෙන්ම විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගත යුතු බව දෙමළ ජාතික සන්ධානය යළිත් වරක් අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සයිටම් ගැන කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳව රජයට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළවූ බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය. "මේක හොර සාකච්ඡාවක් කියලයි ජනාධිපතිතුමා පටන් ගෙන තියෙන්නේ. ඡායාරූප නැහැ. සටහන් නැහැ. වීඩියෝ නැහැ, මොකුත් නැහැ." ජනාධිපතිවරයා කළේ හොර සාකච්ඡාවක් නම් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසූ පරිදි එයින් අනතුරුව නිවේදනයක් නිකුත් කළේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සාකච්ඡාවක් පැවති බවක් නිවේදනයේ සඳහන් නොවන බවය. සබැඳි යොමු: සයිටම් සම්බන්ධයෙන් රජය දක්වා ඇති ස්ථාවරය ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය විනා එය තමන්ගේ පුද්ගලික මතයක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රජයේ අමාත්‍යවරුන්ද සයිටම් ආයතනය වසා දැමිය යුතුය හෝ ජනසතු කළ යුතුය යන්න ඇතැම් අමාත්‍යවරුන්ද පවසන බව පෙන්වාදුන් විට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණවලට ඔවුන් විරෝධය පළ නොකළ බවය. සයිටම් විරෝධය "දැන් ඔය පත්තරවලට කියන ඒවා, කැබිනට් එකේ කියන්න එපාය, කවුරුත් විරුද්ධ වුනේ නැහැ. ජනාධිපතිතුමාට තිබුණ ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ඇයි මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවිය යුත්තේ මේ ගැන සාකච්ඡා කරන්න කියලා." රෝහල පවරා ගැනේ සයිටම් ආයතනය ජනසතු කළ යුතුය යන මතය දරන අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළේය. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, රෝහල සම්පූර්ණයෙන්ම රජය වෙත පවරා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා (SAITM) ආයතනයේ අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා යෝජනා ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (ජුනි 29) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින් සොයිසා පැවසීය. රජය තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය විරෝධය වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පසුගියදා පැවැත්වුණේ කිසිදු නිල තත්වයක් නොමැති "හොර සාකච්ඡාවක්" බව ජනාධිපතිවරයාම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීළඟ සාක් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි ක්‍රීඩා උළෙල පැවැත්වෙන උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එල්ල වන ප්‍රධාන අභියෝගයක්. සාක් ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2010 වසරේදී වන අතර, මීළඟ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි. එම ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ක්‍රීඩා කිරීම තම ක්‍රීඩකයන්ට අපහසු බැවින් 2016 වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කල් දමන ලෙස අනෙකුත් සාමාජික රටවල් ඉන්දියාවෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම හමුවේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල පෙබරවාරි මාසය දක්වා කල් දැමීමට ඉන්දීය බලධාරීහු කටයුතු කළහ. ශ්‍රී ලංකාවේ සූදානම "අප තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඉතාමත් සුළු කාල වේලාවකින් තමයි මේ තරඟාවලිය පටන් ගැනීම සිද්ධ වන්නේ. එහි මීළඟ පියවරේදී ශීතල කියන කාරණයෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙයිද කියන සැකය මේ තරඟාවලියට ප්‍රවේශ වන මොහොතේ සිටම දැනෙන කාරණයක්," ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ බීබීසී සංදේශයට පැවසීය. මෙම තත්වයට මුහුණ දීම සඳහා ගත හැකි පියවර කුමක්ද? මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේද? පෙබරවාරි මාසය වන විට ඇසෑමයේ පවතින ශීත කාලගුණය පහව යනු ඇති බව ඉන්දීය බලධාරීන්ගේ අදහස වී ඇති බැවින් ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අභියෝගයක් නොවනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඔබ්බට ගොස් බටහිර රටවල පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල ක්‍රීඩකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ එම රටවල පවතින ශීත කාලගුණයයි. දකුණු කොරියාවේ පසුගියදා පැවති ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද පවසා සිටියේ එහි පැවති ශීත කාලගුණය ඔවුන්ට විශාල බාධාවක් වූ බවයි. පහසුකම් ශීත කාලගුණ තත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නේ නම් කලාපය තුළ අනෙකුත් රටවල් පරයා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඉදිරියට යා හැකි වනු ඇති බව ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ ගේ අදහසයි. කෙසේ වෙතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩා සංගම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේ ශීත කාලගුණයක් යටතේ විදේශයන්හි පුහුණු වීම් කළ යුතු ක්‍රීඩකයන් වෙත ආණ්ඩුවේ සහාය ලබා දීමට කටයුතු කරන බවයි.
ලබන වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නිසි පරිදි පුහුණුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු ඝාතනය කරන ලද බව ඉහළ පොලිස් නිලධාරීන් සඳහන් කළ නමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් මධුෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය අමතමින් සඳහන් කළේය. පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඝාතනය කරනු ලැබීමට ප්‍රථම මාස 18 ක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය. එසේ රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, "මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ," යනුවෙනි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවය. ඔහු මරා දමනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් ආරක්ෂා කරගැනීම පිණිස දැයි සැක සිතෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේ පැවසීය. මාකඳුරේ මධුෂ් එසේ හෙළි කළ දේශපාලකයන් කවුරුන්ද? ඔහු එසේ හෙළි කළ නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් කළේය. පහත දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය, පොලිසිය වෙත යොමු කළ තොරතුරු දැනගැනීමේ එම ඉල්ලුම්පතේ සඳහන් කරුණුය: "ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ යහපත පිණිස මහජනතාව දැනුවත් කළ යුතු කරුණු යයි අප විශ්වාස කරන පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ මාස 18 ක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් 'මාකඳුරේ මදූෂ්' නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් 80 දෙනෙකුගේ පමණ නම් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මීට ඉහතදී සඳහන් කළේය. ඒ බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදීත් සඳහන් කර තිබේ. ඉල්ලා සිටින තොරතුරු: 1. 'මාකඳුරේ මදූෂ්' අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත එවැනි නම් හෙළිදරව් කර ඇත්නම් එසේ හෙළි කළ නම් මොනවාද? 2. 'මදූෂ්' හෙළි කළ තොරතුරු ඇසුරෙන් ඔහු නම් කළ දේශපාලකයන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද? 3. 'මදූෂ්' විසින් එසේ නම් හෙළි කළ දේශපාලකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන්නේ ද? 3.1 ඔවුන් අත්අඩංගුවට නොගත්තේ නම් සහ ඔවුන් කිසිවෙකුගෙනුත් ප්‍රශ්න නොකළේ නම් ඒ දේශපාලන බලපෑම් නිසාද? 4. 'මදූෂ්' නම් සඳහන් කළ දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය විමර්ශන පවත්වන්නේ ද? 4.1 එසේ විමර්ශන පවත්වන්නේ නම් එම විමර්ශනවල ප්‍රගතිය කවරේ ද? 5.' මදූෂ්' විසින් නමින් සඳහන් කළ දේශපාලකයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ද? 5.1 මෙතෙක් අධිකරණයට වාර්තා නොකළේ නම් නුදුරු අනාගතයේ දී එසේ වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නේ ද?" එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් යළිත් වරක් නොවැම්බර් 16 වෙනි දින සිහි කැඳවීමක් කරන ලද අතර එයට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 20 වෙනි දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා දැනුම් දී තිබුණේ සති දෙකක් ඇතුළත එයට ප්‍රතිචාරයක් දක්වන බවය. සති දෙකකට වැඩි කාලයක් ඉකුත්ව යාමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය යළිත් විමසීමක් කළ අතර, සඳුදා (දෙසැම්බර් 21) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසාගේ අත්සන සහිතව බීබීසී සිංහල සේවය වෙත යොමු කර තිබුණු පිළිතුරක දැක්වෙන්නේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවය. "2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ වගන්ති 5 (1) ආ (i), 5 (1) ඌ (i) වගන්ති අනුව ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි," යනුවෙන් ද ලිපියේ සඳහන් වේ. එම තීරණය සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත පොලිස්පතිවරයා වෙත අභියාචනයක් යොමු කළ හැකි බව ද එහි දැක්වේ. මාකඳුරේ මධුෂ් ඝාතන පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය කළ උත්සහය ද සාර්ථක නොවීය. මේ අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවට එල්ලවන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ පසුගියදා අදහස් දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කියා සිටියේ, ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බවය. ඕනෑම නිලධාරියෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන උපරිම කාලය වසරකට සීමා කළ යුතු බව ද ඔහු පැවසීය. කියවන්න:
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ, චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50 ක හමුදා ආධාර ලබාදෙන බවකි. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ සම්බන්ධයෙන් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් නොකළ මුත් විශ්ලේෂල්කයන් පවසන්නේ ශ්‍රී ලංකාව හා චීනය අතර මේ වන විට එතරම් යහපත් බැඳීමක් නොමැති බැවින් එය වර්ධනය කරගැනීමේ අරමුණ මෙම අමාත්‍ය සංචාරය පසුපස විය හැකි බවය. "ඔබ අපගේ පැරණි මිතුරෙක්" යනුවෙන් ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි අගමැති වරයා හමුවීමෙන් අනතුරුව පැවසීය. "චීන ජනාධිපති ෂි ජින් පින් ගේ අනුමැතිය ඇතිව මෙම ව්‍යසනය අතර තුර සිදුකරන මෙම සංචාරය ඉතාමත් වැදගත් සහ අප දෙරටට ඉතාමත් වැදගත් වේ. මගේ මෙම සංචාරයේ අරමුණ නම් අපගේ රාජ්‍යයන් දෙක අතර ඇති කර ගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සහයෝගීතාව වර්ධනය කිරීම සහ මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. මම විශ්වාස කරනවා මාගේ සංචාරය අප දෙරටේ සහයෝගීතාව හා මිත්‍රත්වය වර්ධනය කරයි කියලා." "අපි ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වනවා තායිවානය, ටිබෙටය, සින්ජිඔන්ග් සහ හොං කොං වැනි කාරණාවන් හිදී චීනය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන්. හොඳ සහකරුවකු සහ මිතුරකු ලෙස චීනයද ශ්‍රී ලංකාවට මානව හිමිකම් හා සහජීවනය ඇතිකිරීමේදී නිරන්තරයෙන් උදව් කිරීමට සැරසී සිටිනවා." යැයි ජෙනරල් වෙයි ෆෙන්ග්හි අග්‍රාමාත්‍යතුමා හමුවීමෙන් අනතුරුව පැවසීය. සාකච්ඡාවන් හිදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධය කිරීමට එකඟ වූ බවත් චීනය හා ශ්‍රී ලක්ව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවත් වර්ධය කර දෙරටේ මිත්‍රත්වය වර්ධය කිරීමට සුදානම් බවත් ඔහු තවදුරටත් පැවසීය. චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්" මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කළ ආරක්ෂක විශ්ලේෂකයකු වන අසංග අභයගුණසේකර පැවසුවේ ඉන්දියානු කලාපයේ වර්ධනය වන මෙම චීන ව්‍යාප්තවාදය කෙරෙහි නවදිල්ලිය විශාල සැලකිල්ලක් දක්වනු ඇති බව බවය."ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියෙදී නිලධරයන් සහ උපදේශකයින් භූ-දේශපාලනික අවශ්‍යතා පැහැදිලිව වටහාගත යුතුයි. ඉදිරිපස දොරෙන් 'ඉන්දියාවේ පළමු' ප්‍රවේශය යනුවෙන් කියවෙන කතා වලට පමණක් සීමා නොවී, පිටුපස දොරෙන් 'චීනයට කැමති' ප්‍රවේශය සාදරයෙන් පිළිගැනීම ඉතාමත් හයානකයි" යැයි ඔහු පෙන්වා දුණි. "බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව සිටින හා මානව හිමිකම් ගැටලු වලට මුහුණ දෙන වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයට චීනය ඉතා වැදගත් ආරක්ෂක හවුල්කරුවෙක්. මෙම සංචාරය එම වැදගත්කම සහතික කිරීම සංකේතාත්මකව පෙන්වීමක්," බව භූ දේශපාලනය, ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂක අසංග අභයගුණසේකර බීබීසී සිංහල සමඟ පැවසීය."මෙම සංචාරය චීන-ලංකා උපායමාර්ගික ආරක්ෂක සබඳතා ශක්තිමත් කරනු ඇති අතර විශේෂයෙන් ආරක්ෂාව, බුද්ධි අංශ, නාවික, 5 ජී තාක්ෂණය සහ දැනට පවතින වරාය නගර අවශ්‍යතා පිළිබඳ විවිධ ව්‍යාපෘති සමඟ ඉදිරියට යාමට උපකාරී වෙයි, වරාය නගරය චීනයට ඉතා වැදගත් භූගෝලීය සාධකයක්." යනුවෙන් ද ඔහු පැවසීය. මහාචාර්ය ජි ඇල් පිරිස් මාධ්‍ය හමුවේ පැවසුවේ ජෙනරල් වෙයි ෆෙන්ග්හි චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා පමණක් නොව ඔහු චීනයේ ඉහළම දේශපාලන නායකත්වයට සම්බන්ධ රාජතාන්ත්‍රික කවුන්සිලයේ සාමාජිකයකු බවය. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය නිරත වන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක බව ද ඔහු කියා සිටියේය. මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවේදීන්ට පැවසුවේ චීනයේ ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සමග සම්බන්ධතා නොපවත්වන අතර "ඒ වගේ ප්‍රබල කෙනෙක් මේ වෙලාවේ ඇයි අපේ රටට ආවේ කියන එක ගැන ප්‍රශ්ණයක් අපටත් තියෙනවා." යනුවෙනි. "එහෙම මොකක් හරි විශේෂිත මොකක් හරි තියෙනවද? මොකද ඒගොල්ලෝ නිකන් රවුම් ගිහිල්ලා, අර අපේ ලංකාවේ නායකයෝ පිටරට ගියහම ෂොපිං යනවා ටොපි චොකලට් ගන්න යනවා වගේ. නිවාඩුවට යනවා වගේ කරන්න පුළුවන් අය නෙමෙයි චීනයේ ආරක්ෂක ඇමති කිව්වහම. ඒ වගේ කෙනෙක්ට පිටරට ගියහම පැයක්වත් ඉන්න වෙලාවක් නෑ. ඒවගේ කෙනෙක් මේ වගේ වෙලාවක මෙහෙට එන්න විශේෂ හේතුවක් තියෙන්නම ඕන. ඒ විශේෂිත වූ හේතුව මොකක්ද කියන එක අපිටත් ප්‍රශ්ණයක්," යනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. පසුගිය දා චීනයට අයත් න්‍යෂ්ටික විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නෞකාවක් නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇති වූ බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් තාක්ෂණික කටයුත්තක් සඳහා හම්බන්තොට වරායට ඇතුළු කෙරිණි. එහිදී නැවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට සඳහන් නොකිරිම නිසා එම නෞකාව වහාම එම වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව දැනුම්දීම තුළ ශ්‍රී ලංකාව හා චීනය අතර මේ වන විට ඇති සම්බන්ධතාව කෙසේදැයි පිළිබිඹු වන බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි සමයේ ඇමරිකාව හා ඉන්දියාවේ දැඩි විරෝධය හමුවේ වුවද කොළඹ වරායට චීන යුද සබ්මැරින් යාත්‍රා කිසිදු අවහිරයකින් තොරව පැමිණියද අද තත්ත්වය එයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බවකි. විශ්ලේෂකයන් තවදුරත් පවසන්නේ චීනයේ නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලක්ෂ හයක ප්‍රදානයක් ලැබී තිබියදීත් මේ වනතෙක් තවමත් එම එන්නත ශ්‍රී ලංකාවේ මහජනතාවට දීමට අනුමැතිය නොලැබීම, චීනය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ මෙන් මෙම රජයට මුල්‍යමය ආධාර හෝ පහසුකම් සැපයීමට ඉදිරිපත් නොවීම වැනි කරුණු මත දෙරට අතර පවතින සම්බන්ධතාව මනාව පැහැදිලිවන බවය. එවන් තත්ත්වයක් තුළ මෙලෙස චීනයේ ඉහළ නිලධාරීන් පැමිණීම මගින් දෙරට අතර සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට චීනයට දැඩි ඕනෑකමක් ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඔවුහු පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය සමග පැවසිවේ චීනයේ සිටින දෙවෙනි ඉහළම මිලිටරි පුද්ගලයාගේ මෙම සංචාරය මුලික හේතුන් තුනක් මත වැදගත් වන බවය. "එනම් වරාය නගර ව්‍යාපෘතිය බොහෝ විට සමබන්ධ වී තිබෙන්න පුළුවන්. චීනයට ඕන කරලා තියෙනවා මේ වරාය නගරය හරහා ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ චීනයේ අභිලාෂයන් සුරක්ෂිත කරගන්න ඒක තමයි මුලික හේතුව මේ සංචාරයේ දෙවෙනි හේතුව විදිහට මම දකින්නේ මේ වෙනකොට ඉන්දියාවේ ඇතිවෙලා තියෙන කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ කලාපීය සහ ගෝලීය හෙජමනික තත්ත්වයට යම්කිසි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ තර්ජනය තියෙද්දී චීනය උත්සහ කරනවා ඉන්දියාවට ආසන්න අසල්වැසි රජයන් හරහා තවදුරටත් ඉන්දියාවට ප්‍රතිරෝධයක් එල්ල කරන්න. මේක තමයි මේ සංචාරයේ දෙවෙනි අරමුණ." "මේකට හේතු දෙන්නේ චීනයේ මුලිකත්වයෙන් දකුණු ආසියාවේ කොවිඩ් වසංගතය මැඩලීම සඳහා වූ මාර්ගගත සමුළුවක් පැවැත්වුවා. මේ සමුළුවට ඉන්දියාවට ආරාධනා කළා. ඉන්දියාව ප්‍රතික්ශේප කළා එකට සහභාගී වෙන්න. මේ හරහා චීනය උත්සහ කරනවා දකුණු ආසියාව තුළ විශේෂයෙන් ඉන්දියාවේ අසල්වාසි රාජ්‍යන් තුළ තමන්ගේ බලය තහවුරු කරගන්න එක තමයි මම හිතන්නේ දෙවෙනි හේතුව විදිහට." යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය. "තුන්වෙනි හේතුව තමයි ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සම්බන්ධතාව වර්ධනය කරගැනීමට හොඳ අවස්ථාවක් තමයි මේ කොවිඩ් වසංගතය දැනට පවත්නා වූ ලංකාවේ ආර්ථික තත්ත්වය මත මේ දේවල් අරගෙන තමයි චීනය බලාපොරොත්තු වෙන්නේ ලංකාව සහ චීනය අතර දැනට තියෙන උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමට." "ලංකාව සහ චීනය අතර තියෙන උපායමාර්ගික සහයෝගී තාවයක්, ඒක ද්විපාර්ශවික වලට වඩා ටිකක් උඩින් තියෙන්නේ. අන්න ඒ උපායමාර්ගික සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගන්න චීනය බලාපොරොත්තු වෙනවා. බොහෝවිට චීනය උත්සග කරනවා මේ උපාය මාර්ගික සයෝගිතාවය වර්ධනය කරගැනීමට සහ ඉන්දියාව කලාපීය වශයෙන් පීඩාවකට ලක් කරන්න." ඔහු තවදුරත් පැවසුවේ මහින්ද රාජපක්ෂ සමයට වඩා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ පාලන කාලයේදී ඇමරිකාව, ඉන්දියාව හා චීනය යන බලවතුන් තිදෙනාම තුලනය කිරීමේ උත්සහයක් දරන බවය. "අපි දැක්ක 2007 න් පස්සේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාව චීනයට බර ප්‍රතිපත්තියක් නැත්තම් අපි කියනවා ලංකාවේ විදේශ ප්‍රතිපත්තියෙදී චීනයට ඇදීයාමක් සිද්ධ වුණා. 2014-2015 අවසන් වෙනකොට සම්පුර්ණයෙන්ම අවසන් වුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ පාලන කාලය තුළ ඒක නැවතත් චීනය, ඇමරිකාව සහ ඉන්දියාව යන තුන අතර තුලනය කරන්න උත්සහ කරනවා." "මම නම් දකින්නේ ලංකාව ඒ පාර්ශව තුනටම ප්‍රතිලාභ අරන් දෙනවා. මේ සංචාරය හේතුවෙන්නේ ඒ මූලෝපායික සම්බන්ධතාව තවත් වර්ධනය කර ගන්න. බොහෝවිට ශ්‍රී ලංකාව සහ චීනය අතර ආරක්ෂක ගිවිසුමක් හම්බන්තොට වරාය හරහා ඉන්දියානු සාගරය පිළිබඳ ආරක්ෂක ගිවිසුමක් නුදුරු කාලයේදීම අපිට මේ හරහා දකින්න හම්බවේවි," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත කන්දඋඩහේවා පැවසීය. මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි ඊයේ (අප්‍රේල් 28) ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංගලාදේශයේ සංචාරයක යෙදෙමින් එරට ජනාධිපති අබ්දුල් හමීඩ් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසුවේ ද්වීපාර්ශ්වික හමුදා සහයෝගීතාව ඉදිරියට ගෙන යන බව යැයි චීනයේ නිල පුවත් ආයතනය වන ෂින්හුවා පුවත් සේවය පැවසීය. චීනයේ සහ බංග්ලාදේශයේ හමුදා අතර තවදුරටත් ඉහළ මට්ටමේ සංචාර වැඩි කිරීමටත්, හමුදාවන්ගේ උපකරණ හා තාක්ෂණික සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, විශේෂිත ක්ෂේත්‍රවල හුවමාරු පුළුල් කර සමීප සබඳතා ගොඩනඟා ගැනීමටත් එකඟ වූ බව වැඩිදුරටත් කියවිණි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිලසංචාරයේ අරමුණ සහ විස්තර සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොමැති අතර ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසිය යුතු බවය. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ ජනාධිපතිවරයා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී වූ අතර දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බවය. සිය සංචාරය තුළදී කොළඹ නිදහස් චතුරශ්‍රය සහ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව නැරඹූ ඔහු අද (අප්‍රේල් 29) පෙරවරුවේ රටින් පිටව ගියේය. මේ ගැනත් කියවන්න: චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය නිමවී පිටව යාමත් සමඟම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්ෂ හමු විය. "එතුමා (මහකොමසාරිස්) විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයේදී ඉන්දියාවට සහයෝගය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායකත්වයට ස්තූතිවන්ත විය. සියලු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශවික සබඳතා තවත් ඉහළ නැංවීමට ගරු අගමැතිතුමාගේ මඟපෙන්වීම අපේක්ෂා කරන බව එතුමා (මහකොමසාරිස්) පැවසීය," යනුවෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ට්විටර් සටහනක් තබමින් පෙන්වා දෙන්නට යෙදුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනාවෛරස මර්දන 'කොවැක්ස්' එන්නත්කරණ වැඩපිළිවෙලට ඇමරිකාව දී දායකත්වය හරහා ශ්‍රී ලංකාවද ප්‍රතිලාභ ලබන බවකි.
මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි බදාදා (අප්‍රේල් 28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට හමුදා ආධාර ලබාදීම තහවුරු කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින් (Triple Talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළ හැක එම සම්ප්‍රදාය අනුව සිය බිරිඳ ඉදිරිපිට තුන්වතාවක් 'තලාක්' යන වචනය හඬ නැගීම මගින් (Triple Talaq) පුරුෂයකුට සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළ හැක. 'තලාක්' වචනය තෙවරක් හඬ නගා මුස්ලිම් පුරුෂයෙකුට සිය විවාහක බිරිඳ මොහොතකින් දික්කසාද කිරීමේ පියවර අනුගමනය කරන ජන කොටසක් සිටින රටවල් අතලොස්ස අතරට ඉන්දියාව ද අයත්වේ. 'තලාක්' සම්ප්‍රදාය ඉස්ලාම් දහමේ මූලික හරයන්ට කෙතරම් එකඟද යන්න සොයා බලන බව අධිකරණය පවසයි. කෙසේ නමුත් 'තලාක්' සම්ප්‍රදාය "වෙනස් ලෙස සැළකීමක්" වශයෙන් හඳුවන්වන මුස්ලිම් කාන්තා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ ඊට විරෝධය පළකරති. 'තලාක්' සම්ප්‍රදාය "වෙනස් ලෙස සැළකීමක්" වශයෙන් හඳුවන්වන මුස්ලිම් කාන්තා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයෝ ඊට විරෝධය පළකරති මේ අතර සිය ආගමික කරුණක් සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම පිළිබඳ බොහෝ මුස්ලිම් කණ්ඩායම් විරෝධය පළ කරති. 'තලාක්' සම්ප්‍රදාය අභියෝගයට ලක් කරමින් එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ද සහාය හිමි වේ. 'තලාක්' සම්ප්‍රදාය හා සම්බන්ධ සංවේදී කාරණය විභාග කරනු ලබන්නේ විවිධ ආගම්වලට අයත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි. ඉන්දියාවේ සුළුතර ප්‍රජාවෙන් වැඩි කොටසක් ඉස්ලාම් භක්තිකයෝ වෙති. ඉන්දියාවේ කෝටි පහළොව හමාරක් වන මුස්ලිම් ප්‍රජාවගේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් තීන්දු කෙරෙන්නේ ෂරියා නීතිය හෝ ඉස්ලාමීය නීතිය මත පදනම්ව ඇති බව පෙනෙන්න තිබෙන මුස්ලිම් ප්‍රජාවට පමණක් බලපාන වෙනස් නීතියකට අනුවය.
මතභේදයට තුඩු දී ඇති ඉස්ලාමීය 'තලාක්' දික්කසාද සම්ප්‍රදාය එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් ඇරඹිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවයි වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවෙන, අධික ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත එකොළහක කෝටි දහයකට අධික ජනතාවකට අද ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි රාහුල් ගාන්ධි පසුගිය දෙදින තුළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට පනහ ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. අලුතින් පිහිටවූ දුෂණ විරෝධී පක්ෂය ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ දෙක වන පාලක කොන්ග්‍රස් පක්ෂයට සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට දිල්ලි නුවරදී දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ. මතභේදයට තුඩු දී ඇති ඉන්දීය කාශ්මීර කලාපයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහල මට්ටමක පවතින බව බලධාරීහු ප්‍රකාශ කරති.
ඉන්දීය මහ මැතිවරණයේ තුන් වැනි දිනය අදයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'Holey Artisan Bakery' නමැති ආපන ශාලාවට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ දහතුන් දෙනකු ආරක්ෂක අංශ විසින් බේරා ගත් බවයි හමුදා ප්‍රකාශකයකු කියා සිටියේ. ආරක්ෂක අංශ විසින් එහි සිටි ප්‍රහාරකයන් හය දෙනකු මරා දැමූ බවත් ඔහු සඳහන් කළේය. අයිඑස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබ ඇති අතර ප්‍රහාරකයකු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට පත් වී තිබේ. ප්‍රාණ ඇපයේ සිට බේරා ගනු ලැබූ ඉහත කී පිරිස අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ද සිටින බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති. මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනකු ජපාන සහ ඉතාලි ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ග්ලයිෆොසේට් වල බලපෑමක් තිබෙන බව සනාථ කිරීමට ප්‍රමාණවත් පර්යේෂණ සිදුවී නැති බවයි පැවසෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම්, ආසනික් හෝ ග්ලයිෆොසේට් වැනි විෂ රසායනික ද්‍රව්‍ය බව වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන ලද තිස් දෙකකට ආසන්න පර්යේෂණ වාර්තා මගින් සනාථ වී නැති බව විශේෂඥ කණ්ඩායමේ මතයයි. අදාළ වාර්තා සියල්ල ඇසුරු කොට වකුගඩු රෝගයට හේතු සෙවීමේ 'මාර්ග සිතියමක්' (Road Map) සකස් කළ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම, පසුගියදා එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදුන්නේය. එම පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු ආචාර්ය එස්කේ වේරගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ, රෝගය පැතිර පවත්නා කලාපය තුළ හමුවන කැඩ්මියම් සහ ආසනික් සංයුතිය සැලකීමේ දී ඒවා වකුගඩු රෝගයට හේතුවන්නේ යැයි කිසිදු ආකාරයකින් මෙතෙක් සනාථ වී නැති බවයි. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් සඳහා වූ සායනයක් "ඇත්තටම මෑත කාලයේ දී පර්යේෂණ කළ කණ්ඩායම් අතරින් මම ලංකාවේ වැඩිපුරම ජල සාම්පල සංඛ්‍යාවක් පරීක්‍ෂා කරපු කණ්ඩායමේ සාමාජිකයෙක්. අපි ලංකාවේ ජල සාම්පල ජපානයේ ඉතාම ඉහළ ගණයේ පරීක්ෂණාගාර තුළ දී පරීක්ෂාවට ලක් කළා," ඔහු පැවසීය. "මට දැඩි වගකීමෙන් කියන්න පුළුවන්, ඔය කියන කලාපය තුළ කැඩ්මියම් හෝ ආසනික් හමුවෙන්නේ නැහැ. ආසනික් වලට ප්‍රසිද්ධම රට වෙන්නෙ බංග්ලාදේශය. බංග්ලාදේශයේ ආසනික් හේතුවෙන් ඇතිවන වකුගඩු රෝගීන් ගේ රෝග ලක්ෂණ කිසිවක් අපේ රෝගීන් තුළ අපි දකින්න නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ ආකාරයටම ග්ලයිෆොසේට් වල බලපෑමක් තිබෙන බව සනාථ කිරීමට ප්‍රමාණවත් පර්යේෂණ සිදුවී නැති බවද ඔහු ප්‍රකාශ කළේය. වව්නියාවේ වකුගඩු රෝග සායනයක් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තා ගණනාවක් ඉදිරිපත් වී තිබෙන බව පෙන්වාදෙන ඔහු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත්කළ වාර්තාව සහ ජනාධිපති කාර්ය සාධකය මගින් සැකසූ වාර්තාව ඇතුළු වාර්තා සියල්ලෙහි දත්ත එකතු කොට වඩාත් විධිමත් පර්යේෂණයක් කිරීම පිණිස චීන විද්‍යා ඇකඩමිය සහ ජල සම්පාදනය පිලිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ඇතිකර ගත් සහයෝගිතා ගිවිසුම ප්‍රකාර මෑත කාලයේ දී පර්යේෂණ සඳහා ලැබෙන විශාලතම අරමුදල චීනයෙන් ලබාගැනීමට නියමිත බවත් පැවසීය. කල්පිත අදාළ ගිවිසුම මගින් කරුණු හතරක් පිළිබඳව අවධානය යොමුකර ඇති අතර ඉන් එක් ප්‍රධාන කරුණක් වන්නේ ලංකාව පුරා දැනට දැඩි කතාබහට ලක් වී ඇති වකුගඩු රෝගය පිළිබඳව පරීක්ෂණ ඉදරියට ගෙන යාමයි. "මේ වෙනකොට වකුගඩු රෝගය පිළිබඳව කල්පිතයන් තිස් ගණනකට වඩා ඉදිරිපත් වෙලා තියනව. අපිට පෙනෙන්න තියන දේ තමයි මේ සියලුම පර්යේෂකයන් තනිවමයි තමන්ගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නෙ,"ආචාර්ය එස්කේ වේරගොඩ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "ඒ නිසා මේ ව්‍යාපෘතියේ පරමාර්ථය වෙන්නෙ මේ පර්යේෂකයන් මේ දක්වා රැස් කළ දත්තයන් සියල්ල රැස් කොට ඉදිරි පර්යේෂණ සඳහා වැඩපිළිවෙලක් සකසා ගැනීම." චීනයෙන් ලැබෙන මෙම පර්යේෂණ අරමුදල යොදාගනිමින්, 'මාර්ග සිතියම' ප්‍රකාර ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුකාරක වන කරුණු සොයාගැනීම සිය ව්‍යාපෘතියේ අරමුණ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්කේ වේරගොඩ වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ග්‍රාමීය ගොවි ප්‍රජාව අතර පැතිර යමින් පවතින වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කවරක්ද යන්න මෙතෙක් සනාථ වී නැතැයි චීන, ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිපිරීමෙන් පසු බලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය ඊට හේතු වී ඇති බව නගරවාසීහු පවසති. ජනාධිපති මීෂෙල් අවුන් කියා සිටියේ වරාය ආශ්‍රිත ගුදමක් තුළ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 ක් පිපිරීමට හේතු වී ඇති බවය. නාස්තිය සහ දූෂණය, නොසැලකිලිමත්භාවය සහ නිසි කළමනාකරණයක් නොමැතිකම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු බලධාරීන් වෙත චෝදනා කර තිබේ. "බේරුට් හඬා වැලපෙනවා. මිනිස්සු හැඟීම්බර වෙලා, මිනිස්සුන්ට ඇති වෙලා," යනුවෙන් චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ජූඩ් චෙහාබ් බීබීසී වෙත පැවසීය. "අපට නායකත්වය දෙන්නේ අදක්ෂ මිනිස්සු සහ ආණ්ඩුවක් බව මා සෑම විටම දැන සිටියා. ඒත් මම එක දෙයක් කියන්නම්, ඔවුන් මේ කර තිබෙන දේ ඇත්තටම අපරාධයක්," යනුවෙන් මේ වන විට රෝහල් ගතව සිටින බේරුට්වාසියෙකු වන චදියා එල්මෙඋචි සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය කම්පනයට පත් පිපිරීම ඇසින් දුටුවෙක් පිපිරීම හේතුවෙන් අවම වශයෙන් 137 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 5,000 කට ආසන්නය. තවත් ගණනාවක් පිළිබඳ තවමත් තොරතුරක් නොමැත. මේ වන විට එහි සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බේරූට් අගනුවර සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික තානාපතිනිය පවසයි. "දැනට දැන ගැනීමට ඇති පරිදි මොවුන්ගේ තත්ත්වය බරපතල නෑ," යනුවෙන් තානාපතිනි ශානි කරුණාරත්න බීබීසී සිංහල සේවය වෙත කියා සිටියාය. තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දීමේ හැකියාවක් නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. පිපිරීම හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මීට ඉහතදී වාර්තා විය. මේ අතර පිපිරීම නිසා සිදු වූ ජීවිත හානි, ඉන් තුවාල ලැබූවන් සහ සිදු වූ දේපල හානිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෙබනන් ජනාධිපතිවරයා වෙත ශෝක පණිවුඩයක් යවා තිබේ. බේරුට් පිපිරීම පිපිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන යටතේ බේරුට් වරාය බලධාරීන් ගණනාවක් නිවාස අඩස්සියට පත් කරන ලද බව ලෙබනන් ආණ්ඩුව බදාදා නිවේදනය කළේය. ඒ සඳහා වගකිවයුතු යයි හඳුනා ගනු ලබන පුද්ගලයන් "උපරිම දඬුවමකට" මුහුණ දෙනු ඇතැයි එරට උත්තරීතර ආරක්ෂක කවුන්සිලය අවධාරණය කර තිබේ. මේ අතර පිපිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් යන මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියහ. "විශ්වසනීය සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් මෙහෙයවීමට ලෙබනන් අධිකරණ පද්ධතියට ඇති හැකියාව බරපතල අවධානයට," ලක් කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. පිපිරීමට හේතුව කුමක්ද? කෘෂිකර්මාන්තයේ දී පොහොරක් වශයෙන් යොදා ගනු ලබන සහ පුපුරන ද්‍රව්‍යයක් වන ඇමෝනියම් නයිට්‍රේට් තොගය බේරුට් වරාය ආශ්‍රිත ගුදමක අවුරුදු හයක් ගබඩා කර තිබී ඇතැයි වාර්තා වේ. එම තොගය ගොඩබා ඇත්තේ 2013 වසරේදී රාජසන්තක කරන ලද නැවකින්ය. වරාය භූමියේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම රසායනික තොගය අපනයනය කිරීමට හෝ විකුණා දැමීමට අනුමැතිය ලබා දෙන ලෙස අධිකරණ නිලධාරීන් වෙත අවස්ථා ගණනාවකදී ලිඛිත ඉල්ලීම් කර ඇති බව බේරුට් වාරයේ ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා යන දෙදෙනාම එරට මාධ්‍ය වෙත පවසා තිබේ. අධිකරණය එම රසායනික ද්‍රව්‍ය ගුදමක ගබඩා කරන ලෙස නියෝග දුන් පළමු අවස්ථාවේදීම ඒවා අන්තරාකාරී බව දැන සිටිය ද "මෙතරම් අනතුරුදායක" බව දැන නොසිටි බව වරාය සාමාන්‍යාධිකාරී හසන් කොරේතම් OTV රූපවාහිනී සේවයට පැවසීය. ඇමෝනියම් නයිට්‍රේට් තොගය ගබඩා කිරීම, එහි ආරක්ෂාව සහ ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කළ සියලූම වරාය නිලධාරීන්ට නිවාස අඩස්සියට අදාළ නීති බලපානු ඇති බව එරට තොරතුරු අමාත්‍යංශය භාර අමාත්‍ය මනල් අබ්දෙල් සමාද් සඳහන් කළේය. නාවුක ප්‍රවාහනයට අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන Shiparrested.com පවසන පරිදි, ඇමෝනියම් නයිට්‍රේට් තොගය රැගත් මෝල්දෝවා ධජය සහිත 'රොසුස්' නැමති නෞකාව බේරුට් වරාය වෙත ඇතුළු වී තිබුනේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. ඒ ජෝර්ජියාවේ සිට මොසැම්බික් බලා යාත්‍රා කරමින් සිටින අතරතුරදීය. එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු 'රොසුස්' නෞකාවට වරායෙන් පිටවීම තහනම් කරනු ලැබිණි. ඉන් සුළු වෙලාවකට පසු එහි අයිතිකරුවන් විසින් නෞකාව අතහැර දමන ලද අතර නීතිමය ගැටලු රාශියක් මතු වී තිබිණි. ආරක්ෂක හේතුවෙන් මත එහි භාණ්ඩ වරාය ගුදමක ගබඩා කරන ලද බව වාර්තාවේ සඳහන් වේ. බේරා ගැනීමේ මෙහෙයුම්වල අලුත්ම තත්ත්වය කුමක්ද? පිපිරීම සිදු වූ භූමිය අවට පුළුල් තීරයක් වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. බේරා ගැනීමේ කණ්ඩායම් මෘත ශරීර සහ සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් සෙවීමේ නිරත වන අතර මුහුදු තීරයේ සෝදිසි කටයුතු සඳහා බෝට්ටු යොදවා ඇත. තුවාල ලැබූවන්ට සහ බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සුදුසු උපකරණ සහ ඇඳන් හිඟයකට ලෙබනන් සෞඛ්‍ය අංශය මුහුණ දී ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය හමඩ් හසන් පැවසීය. පිපිරීම හේතුවෙන් 300,000 ක පමණ පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව බේරුට් හි ආණ්ඩුකාර මර්වන් අබවුඩ් සඳහන් කළේය. "බේරුට්වලට ආහාර අවශ්‍යයි, බේරුට්වලට ඇඳුම්, ගෙවල්, ගෙවල් හදන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. අනාථ වූ තමන්ගේම මිනිස්සුන්ට ඉන්න තැනක් සොයා ගන්න බේරුට්වලට අවශ්‍යයි," යනුවෙන් ඔහු බීබීසියට පැවසීය.
ලෙබනනයේ බේරුට් අගනුවර අඟහරුවාදා (අගෝස්තු 04) සිදු වූ මහා පිපිරීම සම්බන්ධයෙන් නගරවාසීහු එරට ආණ්ඩුව වෙත කෝපය පළ කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ' අතකොලුවක් බවට පත්වී සිටින බවට උද්ඝෝෂකයෝ අගවිනිසුරුවරියට චෝදනා කළහ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝග චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකොට ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය ඒ බව පැවසුවේ දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බල රහිත බව කථානායක චමල් රාජපක්‍ෂ ඊයේ කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. එම පෙත්සම කැඳවා තිබුනේ ගාමිණී අමරතුංග සහ කේ ශ්‍රීපවන් විනිසුරුවරු දෙදෙනා හමුවේ. පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණයේ ලේඛකාධිකාරිවරයා වාර්තා කොට තිබුනේ පෙත්සමේ වගඋත්තරකරුවන් වන කථානායක සහ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට නිකුත් කළ නොතීසි භාරදී තිබෙන බවයි. කෙසේ නමුත් වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නීතිවේදියෝ අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වැනිදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, තමන් සැමවිටම කටයුතු කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය. මේ අතර දෝෂාභියෝග චෝදනා ලබා සිටින අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට පදවියෙන් ඉල්ලා අස්වන මෙන් බලකරමින් දහසකට අධික ත්‍රීරෝද රථ හිමියෝ කොළඹ උපරිමාධිකරණය ඉදිරිපස විරෝධතාවයක යෙදී සිටියහ. 'විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ' අතකොලුවක් බවට පත්වී සිටින බවට ඔවුහු අගවිනිසුරුවරියට චෝදනා කළහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අධිකරණයට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය අගෝස්තු මාසයේදී ආචාර්ය මල්ලෙශප්පා කල්බුර්ගි වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ඉන්දියාව පුරා පෙර නොවූ විරූ ආකාරයේ විරෝධතා රැල්ලක් විරෝධතාවයෙන් අනතුරුව සාහිත්‍ය කටයුතු සම්බන්ධ ඉන්දියාවේ ප්‍රධානම ආයතනය වන සාහිත්‍ය ඇකඩමියට පෙත්සමක් භාරදුන්නේ භාෂණයේ නිදහස සුරැකීම පිණිස මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමින්. භාෂණයේ නිදහසට එල්ල වන තර්ජන සහ විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වයට විරෝධය පාමින් ඉන්දියාවේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් තිස් පස් දෙනකු ගතව ගිය සති කිහිපය ඇතුලත තමන්ට මෙතෙක් ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දී තිබේ. සාහිත්‍යධරයන්ට එල්ලවන තරජනවලට විරෝධය පාමින් සිය සාහිත්‍ය සම්මාන ආපසු භාරදුන් ඉන්දීය ලේඛක ලේඛිකාවෝ සාහිත්‍යධරයන්ට එරෙහිව එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ඔවුහු අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා සිටිති. පසුගිය අගෝස්තු 30 වැනි දින 77 හැවිරිදි ආචාර්ය මල්ලෙශප්පා කල්බුර්ගි වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවයි, ඉන්දීය ලේඛකයන් මේ පෙර නොවූ විරූ ආකාරයේ විරෝධය දියත්කොට තිබෙන්නේ. දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ විසූ ප්‍රධාන පෙලේ ලිබරල් චින්තකයකු වූ මල්ලෙශප්පා කල්බුර්ගි, ප්‍රාන්තයේ ප්‍රබල ආධිඅප්ත්යයක් උසුලන ලිංගායත් හින්දු නිකාය දැඩි විවේචනයට ලක්කළ ලේඛකයෙක්. ඉන්දියාවේ ඉහලම සාහිත්‍ය සම්මානයක් වන සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ ඒ සමඟ පිදුණු මුදල් ත්‍යාගයද ආපසු යවන බව ප්‍රධාන පෙලේ හින්දි ලේඛකයකු වන උදායි ප්‍රකාශ් සැප්තැම්බර් 12 වැනි දා නිවේදනය කළේය. භාෂණයේ නිදහසට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් සාහිත්‍යධරයෝ අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා සිටිති ගතව ගිය වසර ඇතුලත විරුද්ධ මතවාද මඩ පැවැත්වීමේ සහ ප්‍රචණ්ඩක්‍රියා ඉහළයාම් සිය විරෝධයට හේතුව බවයි ඔහු සඳහන් කළේ. කර්ණාටක ප්‍රාන්තයේ තරුණ ලේඛක ලේඛිකාවන් හය දෙනකුත් සිය රාජ්‍ය සම්මාන ආපසු ලබා දෙන බව සැප්තැම්බරයේදීම නිවේදනය කළහ. ඉන් අනතුරුව 88 හැවිරිදි නයන්තරා සාගල් සහ 90 හැවිරිදි ක්‍රිෂ්ණා සොබ්ති යන ඉන්දියාවේ ප්‍රවීණතම ලේඛිකාවන් දෙදෙනක්ද ඔක්තෝබර් මුලදී ඒ උද්ඝෝෂණයට එක්වූහ. ඉන් අනතුරුව තවත් කලාකරුවන් තිදෙනෙක් සාහිත්‍ය ඇකඩමියේ පලාක මණ්ඩලයෙන් ඉල්ලා අස්වූහ. ඉන්දියාවේ සිවු වැනි ඉහලම ගෞරව පදක්කම වන පද්ම ශ්‍රී පදකම ආපසු ලබාදෙමින් පන්ජාබයේ ලේඛිකාවක වන දලිප් කවුර් ටිවානා මේ විරෝධතාවයට අලුතින්ම එක්වූ කලාකාරියයි.
විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් තිබෙන බවට චෝදනා කරමින් සියයකට ආසන්න ඉන්දීය ලේඛක ලේඛිකාවෝ දිල්ලි අගනුවර නිහඬ පාගමනක නිරතවූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉංග්‍රීසි භාෂාව දන්නා - නොදන්නා අය ලෙස විවිධ බෙදීම් නිර්මාණය කිරීම මෙන්ම, එම භාෂා දැනුම අනුව පුද්ගලයන් විනිශ්චය කිරීම අප සමාජය තුළ අදටත් දැකිය හැකිය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව 'කඩ්ඩ' නැත්නම් 'කඩුව' ලෙස හැඳින්වූව ද, ඔවුන් වැඩිහිටියන් වීමත් සමග බොහෝ විට එය 'වීදි භාෂාවේ' වචනයක් ලෙස හඳුන්වමින් භාවිතයෙන් වැළකෙති. නමුත් ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස හැඳින්වීම පිටුපස ඇති ඉතිහාස කතාවක් ගැන ද පොත්පත්වල සඳහන් වේ. මෙම පැරණි යටත් විජිත භාෂාව ශ්‍රී ලංකාවේ සමාජ පන්ති සලකුණු කරන්නක් ලෙස පවතින අතර, එය ඉංග්‍රීසීන් අත තිබුණු කඩුවට සමාන කර තිබේ. කඩුව පසු කලෙක මුවට හුරු වචනයක් ලෙස කඩ්ඩ ලෙස වෙනස් වී තිබෙන බවට මත ඉදිරිපත් වී තිබේ. කෙසේනමුත්, පාසලේ සිට රැකියාව දක්වා දිවියේ සෑම අවධියකම ඉංග්‍රීසි භාෂාව මත ඇතිවන බෙදීම්වල කොටස්කරුවෙකු වූ බව බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම්, අදහස් බෙදා ගත් පුද්ගලයෝ පැවසූහ. "මම ගියේ කොළඹින් පිට රජයේ පාසැලකට. ඉංග්‍රීසි අතවශ්‍ය දෙයක් හැටියට අපිට ඒ කාලේ දැනුණේ නැහැ. මම එන්නේ ඉංග්‍රීසි කතා කරන පවුල් පසුබිමකිනුත් නෙමෙයි, ඒ වගේම පාසලෙන් අපිට ඒ ගැන හරි දැනුමක් ලබා දුන්නෙත් නැහැ. ගුරුවරු ප්‍රමාණවත් ගණනක් හිටියෙත් නැහැ," පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරියක වන චතුරි දුලන්කා පැවසුවාය. "උසස් පෙළ ඉංග්‍රීසි පාඩම අපි සැලසුම් කරලාම මඟ හැරියා. නමුත් සමාජයට ගිය ගමන් ඉංග්‍රීසි භාෂාව නිසා වෙනස්කොට සැලකීම දැනෙන්න ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හැදෑරුවා. දැන් මම ටික දෙනෙකුට පෞද්ගලික ඉංග්‍රීසි පංති පවත්වනවා," ඇය පැවසීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල සහ දෙමළ නිල හා ජාතික භාෂාවන් වන අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ. රටපුරා සියලු වීදි සංඥා, නාම පුවරුවල භාෂා තුනම දක්නට ඇති අතර, රජයේ දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන මෙන්ම අධිකරණ කටයුතු පවා බොහෝ විට ඉංග්‍රීසියෙන් සිදු කෙරේ. නමුත් එම ආයතනවල ද ඉහළ තනතුරු හොබවන්නන් බොහෝ විට අන් අයට වඩා පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය දක්නට ලැබේ. "දේශපාලනය හැර වෙන ඕනෑම ආයතනයක රැකියාවෙන් ඉහළට යන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා" මෙයට හේතුවක් තිබේ ද? "ඉංග්‍රීසි බැරි සහ පුළුවන් කියන බෙදීමක් සමාජයේ කවදත් තියෙනවා. සාමාන්‍ය වචනයෙන් කියනවනම්, ඉංග්‍රීසි පුළුවන් අය 'පොෂ්' අනික් අය 'ගොඩේ' කියලා කොටස් දෙකකට බෙදිලා ඉන්නවා. මෙය වැඩිපුර දකින්න ලැබෙන්නේ නගරවල. ඒ වගේම ගමේ කෙනෙක් නගරයට ආවාට පස්සේ ඒ කොටස් දෙක අතර දෝලනය වෙමින් ජීවත් වෙනවා," ඉංග්‍රීසි ගුරුවරියක වන දයක්ෂි පෙරේරා පැවසීය. "ඒ වගේම ලංකාවේ දේශපාලනය හැර වෙන ඕනෑම ආයතනයක රැකියාවෙන් ඉහළට යන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉහළ තනතුරුවල අය ඉංග්‍රීසි කතා කරන්නේ මේ හේතුව නිසයි. ඒක ඔවුන්ට තනතුර ලැබෙන්න තිබුණ එක් සුදුසුකමක්. අපිට මේ තත්ත්වයට වැරැද්දක් කියන්නත් බැහැ. අපේ භාෂාවෙන් ලෝකය එක්ක ගනුදෙනු කරන තත්ත්වයක් නැහැ. එතකොට විශාල හීන තියෙන කෙනෙකුට ඉහළට යන්න ඕනේ නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නම වෙනවා. හැබැයි පොෂ්, ගොඩේ කියන බෙදීමට නම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි," ඇය පැවසුවාය. ඉංග්‍රීසි දැනුම මනින මිනුම් දණ්ඩක් තිබේ ද? පසුගිය දිනක තණමල්විල පැවැත්වූ 'ගම සමග පිළිසඳර' වැඩසටහන අතරතුර සිය ගුරු පත්වීම් ප්‍රමාදය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංහලෙන් කරුණු පැවසූ කාන්තාවකට, ඉංග්‍රීසියෙන් එම ගැටලුව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය. තණමල්විල පැවැත්වූ 'ගම සම පිළිසදර' වැඩසටහනේ දී පත්වීම පිළිබඳ සිය ගැටළුව ඉදිරිපත් කළ කාන්තාව ඇය ජාතික ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා සහතිකයක් හිමි පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී ගැටලුව 'නොබියව' ඉදිරිපත් කළ නමුත්, ඉංග්‍රීසි වාක්‍යවල ව්‍යාකරණ දෝෂ ද විණි. මෙම සංවාදය සහිත වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල විශාල ලෙස සංසරණය විය. විශාල පිරිසක් සහ මාධ්‍යය ඉදිරියේ යම් පුද්ගලයෙකු අපහසුතාවට පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස ජනාධිපතිවරයාගේ ක්‍රියාවට විරුද්ධ වූවෝ පැවසූහ. නගරයේ අධ්‍යාපනය ලැබූ කෙනෙකු මෙන් තණමල්විල වන් ඈත ප්‍රදේශයක අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකු චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි යයි ඔවුන්ගේ ප්‍රධාන තර්කය විය. තවත් අය පැවසූවේ, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පත්වීමක් ඉල්ලා සිටින ඇය තමන් දරුවන්ට උගන්වන විෂය නිවැරදි ලෙස දැන සිටිය යුතු බවය. ශ්‍රී ලාංකිකයෙකුගේ ඉංග්‍රීසි දැනුම මැනිය හැකි මිනුම් දණ්ඩක් තිබේදැයි, මා කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ නමුත් ස්ථාවර පිළිතුරක් දීමට කිසිවෙකුටත් නොහැකි විය. "භාෂාව අනුව සමාජ ස්ථර තීරණය කරන එක තරම් තවත් මෝඩ කමක් නැහැ" කෙසේනමුත්, ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවයේ කරන චන්දිමා ජයවර්ධන මේ ගැන සිය අදහස් ඉදිරිපත් කළාය. "තණමල්විල දී ජනාධිපතිවරයා මහා පිරිසක් ඉදිරියේ කෙනෙක්ගේ ඉංග්‍රීසි පරීක්ෂා කරලා බලන්න හදපු එක වැරදියි. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට ඇයට විෂය ගැන දැනුමකුත් නැහැ. හැබැයි මෙතන වැරැද්ද සෑහෙන දුරකට විහිදෙනවා. ඇයට ඉංග්‍රීසි උගන්වපු පිළිගත් ජාතික ආයතන, පාසල් විතරක් නෙමෙයි, A B C උගන්වන පෙර පාසල පවා මේ තත්ත්වයට වග කියන්න ඕනේ. ඉංග්‍රීසි දැනුම මනින්න කියලා කෙනෙක් ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කිරීම නෙමෙයි කරන්න ඕනේ, එය භාෂාවක් ලෙස ඈත ගම්වලට පවා ගෙනයන අධ්‍යාපන පද්ධතියක් හදන එක. අලුත් ඉගැන්වීමේ ක්‍රම හඳුන්වා දෙන එක, පුංචි දූපතක ජීවත් වෙද්දී ජාත්‍යන්තර භාෂාවක් කොයි තරම් වැදගත් ද කියන එක දරුවන්ට කියා දීම වගේ දේවල් සිදු කළ යුතුයි," ඇය පැවසුවාය. ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය සැකෙවින් ලොව පුරා බිලියන 1.30කට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි පළමු හෝ දෙවෙනි භාෂාව ලෙස භාවිත කරන අතර, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ලෝකය හා සම්බන්ධ විය හැකි බොහෝ අවස්ථා ඉංග්‍රීසි භාෂාව හා බද්ධ වී ඇත. ඉංග්‍රීසි භාෂාවේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ පස් වෙනි සියවසේ දී සිදු වූ බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජර්මානු ගෝත්‍ර තුනක් වන ඇන්ග්ල්ස්, සැක්සන් සහ ජූට්ස් භාවිත කළ භාෂාවන් පැරණිතම ඉංග්‍රීසි බසෙහි ආරම්භය ලෙස සැලකේ. පැරණිතම ඉංග්‍රීසි භාෂාව එහි නූතන ස්වරූපයට වඩා බෙහෙවින් වෙනස්ය. නමුත් සමහර පැරණි වචන අදටත් භාවිත කරන අතර, යම් වචනවල තේරුම් ද පැරණි ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ වේ. 1066 දී නෝර්මානුවන් එංගලන්තය යටත් කර ගැනීමත් සමඟ ඉංග්‍රීසි භාෂාවට ප්‍රංශ ස්වරූපයක් ද ලැබිණි. බොහෝ ප්‍රංශ වචන සහ සමහර ලතින් වචන ද පැරණි ඉංග්‍රීසි සමඟ මිශ්‍ර වී මධ්‍යතන ඉංග්‍රීසි භාෂාව බිහි විය. 16 වන සියවසේ දී මුද්‍රණ කටයුතු ආරම්භ වීමත් සමඟ ඉංග්‍රීසි ස්ථාවර භාෂාවක් බවට පත් වන්නට විය. තවත් වචන භාෂාවට එක් වීමට කාර්මික විප්ලවය ද එක් හේතුවක් විය. මේ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයත් සමග බොහෝ විදේශීය වචන ඉංග්‍රීසි භාෂාවට එකතු විය. මෙම සාධක අද අප දන්නා 'නූතන ඉංග්‍රීසි භාෂාව' නිර්මාණය කිරීමට මුල් විය. ඉංග්‍රීසි දැනගැනීම අත්‍යවශ්‍යද? "කෙටි පිළිතුර නැහැ. මොකද අපිට සන්නිවේදනය කරන්න පුළුවන් ඉතා පොහොසත් සිංහල භාෂාව තියෙනවා. දෙමළ භාෂාවත් ඒ වගේමයි. නමුත්, යටත්විජිතකරණයේ බලපෑමෙන් බිහි වුණ සංස්කෘතිය නිසා රැකියාවක ඉහළට යන්නත්, ඒ වගේම දූපතෙන් එහාට පය තියන්නත්, තාක්ෂණය දැනගන්නත් ඉංග්‍රීසි දැනගැනීම අවශ්‍ය වෙනවා," චන්දිමා ජයවර්ධන පැවසුවාය. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සිංහල මරා දමලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ වත්, ඉංග්‍රීසි බැරිවීම ලැජ්ජාවට කරුණක් වන තත්ත්වයක් නිර්මාණය කරන එකවත්. ඕනෑම මනුස්සයෙකු භාෂා දෙකක් හෝ තුනක් ඉගෙනගැනීම බොහොම වටිනවා. ඒක අපතේ යන්නේ නැහැ. හැබැයි භාෂාව අනුව සමාජ ස්ථර තීරණය කරන එක තරම් තවත් මෝඩ කමක් නැහැ. ඕනෑම අවස්ථාවක, තමන්ට හැකි භාෂාවකින් පැහැදිලිව සන්නිවේදනය කරන එකයි වැදගත්, එහෙම නැතුව එක භාෂාවක්වත් හරියට ඉගෙන ගන්නේ නැතුව ඔක්කොම මිශ්‍ර කෑලි භාෂාවක් කතා කිරීම හරිම විහිළුවක්. ඒ වගේම ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි උගන්වන, සමාජයට අප්‍රසන්න වුණ හොරු, මිනීමරුවෝ, තක්කඩි කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න," ඇය තවදුරටත් පැවසීය. රටපුරා සියලු වීදි සංඥා, නාම පුවරුවල භාෂා තුනම ප්‍රදර්ශනය කළ යුතුය ඇය එසේ සිය අදහස් දැක්වීම අවසන් කරන විට, මා හට එක්තරා අතීත සිද්ධියක් මතකයට නැගිණි. ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කෙරෙන කොළඹ ඉහළ අධිකරණයක පෙනී සිට නඩුවේ ඊළඟ පියවර සඳහා විනිසුරුගෙන් දිනයක් ලබා ගැනීමට පැමිණි එක්තරා නීතීඥවරියක් ඒ මොහොතේ අධිකරණයේ සිටි මා අසලින් අසුන් ගත්තාය. තමන්ගේ වාරය එනතෙක් බොහෝ කලබල ගතියක් පෙන්වූ ඇය යමක් 'මතුරමින්' සිටින බව මට ඇසිණි. එම වදන් වෙව්ලන දෑතින්, ඉතා කලබලයෙන් කොළ කැබැල්ලක සටහන් කළ ඇය, "මට හොඳටම බයයි ඉංග්‍රීසි වැරදෙයි කියලා", මා දෙසට හැරී පැවසීය. විනිසුරුට කිව යුතු වචන කීපය සහ ස්තූති කිරීම පවා ඇය කොළ කැබැල්ලේ සිංහලෙන් ලියාගෙන තිබිණි. පාසලේ වසර 13ක් සහ විශ්වවිද්‍යාලයේ දී පවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් ඇය වඩාත් බිය වී තිබුණේ සමාජයෙන් එල්ල වන පීඩනයටය, නැතහොත්, සමාජය විසින්ම නිර්මාණය කළ ඉංග්‍රීසි භාවිතයට අනුව පන්ති බෙදීමටය. ශ්‍රී ලංකාවේ ජාතික භාෂා හා සම්බන්ධ ඉතිහාසය කෙටියෙන් 1815 සිට ශත වර්ෂ එක හමාරක පමණ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ඉංග්‍රීසි භාෂාව දිවයිනේ ප්‍රධාන පරිපාලන භාෂාව විය. 1833 කෝල්බෲක්‌ කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය තුළින් ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක්‌ ගොඩනැගිණි. ඒ සමගම දිවයිනේ ග්‍රාමීය වශයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම සිංහල භාෂාව ද යම් දුරකට යටපත් විය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සිවිල් සේවයට ඇතුළත්වීමේ ප්‍රධාන සුදුසුකමක් බවට පත් වූ අතර, උසස්‌ පාසලක සිංහල වචනයක්‌ කතා කිරීම ද දඩයකට යටත් කරන ලද වරදක්‌ විය. ඒ වන විට ද ජනගහනයෙන් වැඩි කොටසක් දැනසිටියේ සිංහල හා දෙමළ පමණක් වන අතර, ඉංග්‍රීසි දැන සිටියේ අතලොස්‌සක්‌ වූ යම් 'වරප්‍රසාද ලත් පිරිස' පමණක් බව ඉතිහාසයේ සඳහන් වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ 'සිලෝන්හි' පවුලක ඡායාරූපයක් කෙසේනමුත්, රාජ්‍ය අනුග්‍රය මත ස්වදේශී භාෂා අභාවයට යන තත්ත්වයක් මතුවෙමින් තිබුණු අතර, සිංහල සහ දෙමළ ජනතාව මෙයට විරෝධය පළ කළහ. සිය එදිනෙදා කටයුතු විදේශීය භාෂාවකින් සිදු කිරීම ඔවුන්ට හිරිහැරයක් බවට පත් වෙමින් තිබිණි. මේ විරෝධය හේතුකොට ගෙන 1934 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් සිංහල මහා සභාව ආරම්භ විය. සිංහල බෞද්ධයා, ස්වදේශ මිත්‍රයා, සිංහල බලය වැනි පුවත්පත් මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන ගියේය. මේ අතර, ජේ ආර් ජයවර්ධන ද 1943 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ගෙන එන ලදී. නමුත් එහි දෙමළ භාෂාව ජාතික භාෂාවක්‌ හැටියට පිළි නොගැනීම ගැන විරෝධතා මතුවිණි. නමුත් පසුව, සිංහල යන වචනය සඳහන් සෑම තැනකම එය සිංහල හා දෙමළ යනුවෙන් සංශෝධනය විය යුතු යැයි දෙමළ මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවක්‌ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත විය. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ද 1944 දී ගෙනා ස්‌වභාෂා රාජ්‍ය භාෂාව කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව එකඟ වුණු අතර, ඒ සඳහා ඡේ ආර් ජයවර්ධනගේ මූලිකත්වයෙන් කොමිසමක්‌ ද ආරම්භ විය. බලවත් දේශපාලන ගමනක යෙදුණු බණ්‌ඩාරනායකගේ 1956 මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී පිළිවෙතකට අනුව සකස්‌ වී තිබිණි. සඟ, වෙද,ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එකතු කරමින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමට ඔහුට හැකි විය. මෙහිදී ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් වූයේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය. ඒ අනුව බලයට පත් බණ්‌ඩාරනායක, 1956 අංක 33 දරන පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කළේය. ඒ වනවිට ද රජයේ බොහෝ කටයුතු කෙරුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. හිටපු අගමැති එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මෙම තීරණය දෙමළ ජනයාගේ අප්‍රසාදයට හේතු විය. එයට පිළියමක් ලෙස අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස් ජේ වී චෙල්වනායගම් සමග 1957 දී 'බණ්ඩාරනායක-චෙල්වනායගම්' ගිවිසුම අත්සන් කළේය. නමුත් 1959 දී චීවරධාරියෙකු විසින් බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කෙරිණි. වරින් වර සිදු වූ දේශපාලන සහ සිවිල් අරගල මධ්‍යයේ, 1972 වර්ෂයේ ජනරජ ව්‍යවස්ථාව මඟින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කෙරිණි. මේ අතර, 1956 සිට දිගින් දිගටම මතු වූ අසාධාරණකම් මත දෙමළ ජනතාව අතර නොසන්සුන්තාවක් ගොඩ නැගිණි. කෙසේනමුත්, විරෝධතා උද්ඝෝෂණ හමුවේ 1978 ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් බවට පත් කළේය. නමුත් මෙම 'භාෂා සටන' මහා මිනිස් සංහාරයක් සහ දේපළ විනාශයක් දක්වා ගොස් 1983 කළු ජූලිය ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට තවත් කැළලක් එක් කළේය. භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් වේ: 12 (2) වගන්තියට අනුව 'කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට භාජනය නොවිය යුතුය. මේ තොරතුරු ද කියවන්න:
"කඩ්ඩ පුළුවන් සෙට් එක... අපිට ඉතින් කඩ්ඩ බෑනේ"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස් දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති හෙයින් තෙවන වරටත් එම ධුරය සඳහා තරඟ කළ හැකි දැයි පසුගිය සතියේදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය. දස පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් වන දිනය මේ වන තුරු අනාවරණය වී නොමැත. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විධායක කමිටුව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ සංදේශයට පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සඳුදා සවස ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පහර කෑ බව කියන නාත්තන්ඩිගේ මහේෂ් කුමාර ප්‍රනාන්දු නමැති තරුණයා මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. පෞද්ගලික කරුණක් මුල් කර ගනිමින් තමා සහ මිතුරකු අතර දබරයක් සිදු වූ අතර යම් කිසිවකු විසින් ඒ බව පොලිසියට දන්වා ඇති බවයි මහේෂ් කුමාර පවසයි. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ තමා සහ තම මිතුරා පොලිසියට රැගෙන ගොස් පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ. බරපතළ ලෙස පහර දීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස මත්පැන් පේරූ බව කියමින් බැරල් කීපයක් හා ඒ සඳහා යොදා ගන්නා උපකරණ සමග තමා අධිකරණයට යොමු කල බවත් මහේෂ් කුමාර පවසයි. මහේෂ් කුමාර නගන චෝදනාව පිළිබඳ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි . අඟහරුවාදා රාත්‍රියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා මාරවිල මූලික රෝහලට ගොස් මහේෂ් කුමාරගෙන් තොරතුරු විමසා ඇති අතර සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද (17) සිදු කිරීමට නියමිතව තිබුණි.
වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් කීප දෙනකු තමාට පහරදී නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ වැසියෙක් චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේරිලන්ඩ්හි පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ සෑම විටම ඇමරිකානු පුරවැසියන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවය. සැලසුම් කළ දිනට වඩා ඉක්මනින් තාප්පයේ වැඩ ආරම්භ කරන බව කී ජනාධිපති ට්‍රම්ප් එය "මහා දේශ සීමා ප්‍රාකාරයක්" වනු ඇති බව සඳහන් කළේය. "නරක මිනිසුන් රටෙන් පිට කිරීම" සඳහා අවධානය යොමු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුණි. ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ දේශීය ආරක්ෂක ලේකම් ජෝන් කෙලි මෙක්සිකෝ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාවලින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දේශ සීමාව ඔස්සේ ඉදිකිරීමට නියමිත තාප්පය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොවුණි.
අසල්වැසි මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාව ඔස්සේ ඉදි කිරීමට සැලසුම් කර ඇති තාපයේ වැඩකටයුතු නියමිත දිනට පෙර ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බේරාගැනීමේ සහ සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම ඉතා අවදානම් බව ආණ්ඩුව පවසයි නායයාමට යට වූ අවසන් මළසිරුර සොයාගන්නා තෙක් මෙහෙයුම් සිදු කරන මෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල රජයෙන් ඉල්ලා සිටියේය. "අපිට පේනවා ජාත්‍යන්තර ආණ්ඩු මේ වගේ ආපදා වුනාම, අවසාන මෘත දේහ ගොඩගන්නකන් අත්හරින්නේ නැහැ. මම රජයට කියන්නේ මේක අත් හරින්න එපා. අත් හරින ස්වභාවයක් පේනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්. නායයාමෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු ඥාතීන්ට ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බව පැවසූ මන්ත්‍රීවරයා මළසිරුරු ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින හැඩක් පෙනීයන බවද පැවසීය. 'ප්‍රමාදයක්' "අවශ්‍ය සහනාධාර දෙන්න රජය මහන්සිවෙනවා. නමුත් දේහයන් ගොඩගැනීමේ විශාල ප්‍රමාදයක් තිබෙනවා. ඒකට අවශ්‍ය ශක්තිය රජයට තියෙනවද කියන එක ප්‍රශ්නයක්." රජය වෙනුවෙන් මෙයට පිළිතුරු දෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මෙහෙයුම් සිදුකිරීමට අදාළ තාක්ෂණික ගැටළු පැන නැගී ඇති බවයි. "මෙතැන අවදානම් තත්වයක් තියෙනවා. මෙතන හාරන්න ගන්න කොට අර උඩ තියෙන පස් තට්ටුව එයි කියලා. ඒ නිසා බොහොම පරිස්සමෙන් කර ගෙන යන්නේ," යනුවෙන් ඇමතිවරයා පැවසීය. එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ තාක්ෂණික පහසුකම් ජාත්‍යන්තර රටවල සහයෙන් ලබාගත යුතු බවයි. මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස මේ වනවිට ඩොලර් 50,000 ක ආධාරයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. එමෙන්ම අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ල්ඩ්විෂන් ආයතනය මාර්ගයෙන් ලබාදෙමින් පවතින බවත් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් නවතා දමන හැඩක් දක්නට ලැබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුමාර් සංගක්කාර සහ සිතුවම් ශිල්පී ඇන්තනි විලියම්ස් මිඩ්ල්සෙක්ස් සහ සරේ ක්‍රිකට් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිත ප්‍රාන්ත ශූරතා තරගයේ ආරම්භක දිනයේදී එම සිතුවම් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරෙන බව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැළකෙන එම්සීසී ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පරිපාලනය පවසයි. සිය රුව සහිත සිතුවම පසුකරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත කුමාර් සංගක්කාර ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇත. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ රුව සිතුවමට නගා ඇත්තේ එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්තනි විලියම්ස්ය. සංගක්කාරගේ ප්‍රතිචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දැවැන්තයන් දෙපළකගේ රුව සහිත සිතුවම් විවියන් රිචඩ්ස් සහ ග්ලෙන් මැක්ග්‍රා ගේ රුව සහිත සිතුවම් අතරට එක් වේ. "එම්සීසී ක්‍රිකට් සමාජය විසින් සිතුවමක් සඳහා ආරාධනා කරන ලද මොහොතේ මට නිහතමානී සතුටක් දැනුණා. ලෝඩ්ස් පිටියේ සිතුවම් අතරට මගේ රුව එක්වීම විශාල ගෞරවයක් ලෙස සළකනවා" යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසූ බව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ ආලේඛ්‍ය සිතුවම් දෙකක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය තුළ හෙට (මැයි 18) විවෘත වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඔව්, ඒක නම් ඇත්ත. මටත් හිතා ගන්න බැහැ. පව් කියලත් හිතෙනවා." ඒ දෙබස මගේ කන වැකුණු බව ගල්කිස්ස ප්‍රදේශයේ බස් නැවතුමක සිටි කාන්තාවන් දෙදෙනාට නොවැටහුණා විය නොහැකිය. නමුත්, දිගින් දිගට ම ඔවුන් මා දෙස බලා සිටීමෙන් ඉතා අපහසුතාවට පත් වූ නිසා, මහත් සිත් වේදනාවෙන්, ඉතා සෙමින් මම බස් නැවතුමෙන් ඉවතට ගියෙමි. මගේ ජීවිත කාලය පුරාවට මෙවැනි අවස්ථා බොහොමයකට මුහුණ දී ඇතත්, තවමත් මෙවන් වදන් පෙළක් ඇසෙද්දී මට සිත් වේදනා ඇති වේ. නමුත්, නව යොවුන් වියේ පසුවෙද්දී මෙවැනි සිද්ධියකට මුහුණ පෑ පසු ඇති වූ දැඩි නොසන්සුන්තාව වෙනුවට වයසින් මුහුකුරා ගිය මා දැන් ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් සිටිමි. මේ සියලු අපහාස සහ පීඩාවලට හේතුව මගේ සමේ වර්ණය යැයි කිවහොත් විටෙක එය ඔබ පුදුමයට පත් කරනු නිසැකය. උපතින් ම තද දුඹුරු පැහැති සමේ වර්ණයක් ලද මා වයසින් වැඩෙන විට වඩාත් "කළු" තැනැත්තියක් බවට පත් වීමි. නමුත්, මගේ වර්ණය හේතුවෙන් දෙමාපියන් හෝ සහෝදර සහෝදරියෝ කිසි දිනක මට වෙනස් කොට නොසැලකූහ. ඔවුන් සියල්ලන්ට ම මට වඩා ඉතා පැහැපත් සමේ වර්ණයක් හිමිය. දිවයිනේ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ මා අපොස සාමාන්‍ය පෙළ මෙන් ම, අපොස උසස් පෙළ විභාගය ද ඉතා විශිෂ්ට ලෙස සමත් වීමි. මා දැඩි කැමැත්තක් දැක්වූයේ විද්‍යා විෂයන්වලටය. නමුත්, රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ කඩඉම් ලකුණට ආසන්න වීමට මට නොහැකි විය. "අපෝ මෙයාගේ කළු පාට අපේ ඇඟේ ගෑවෙයි ද මන්ද," සම වයසේ පසු වන පාසල් මිතුරියක් දිනක් පන්ති කාමරයක් තුළදී මට කීවාය. ඒ වන විට මා දාහතර වියැති දැරියක වීමි. කෝපය පාලනය කරගත නොහැකි වූ මා ඇයට කෝප්පයක තිබූ ජලයෙන් දමා ගසා, "ගෑවෙනව නම් මේකෙන් හෝදගන්න" යැයි උස් හඬින් පවසා එම ස්ථානයෙන් ඉවතට දිව ගියෙමි. "එයා කියපු දේ සම්පූර්ණයෙන් වැරදියි. හැබැයි ඔයා අනිත් අය කියන දේට මේ විදියට හැසිරෙන්න ගියොත් වෙන්නේ ඔයා ඒ අයට අවශ්‍ය දේ කරන එක," පාසලේ පාළු මුල්ලකට වී මා ඉකි ගසා හඬමින් සිටියදී එම ස්ථානයට පැමිණි ඉතා හිතවත් මිතුරියක පැවසූ ඒ වදන් පෙළ මගේ දිවි ඇති තුරා අමතක නොවන්නකි. "තමන්ට තියෙන ලස්සන ගැන ආඩම්බර වෙන්න. අනිත් අයට ඕනේ විදියට ජීවත් වෙලා වැඩක් නැහැ." කෙසේ වෙතත්, වර්ණය නිසා සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව මම දිනක් නිවසට නොකියා ම කොළඹින් මඳක් එපිට පිහිටි සම සුදු කිරීමට ප්‍රසිද්ධ යැයි පවසන මධ්‍යස්ථානයකට ගියෙමි. "ඔයාගේ හමේ පාට ගොඩක් කළු වැඩියි සුදු කරන්න සම්පූර්ණයෙන් ම. හැබැයි අපිට ටිකක් හම එළිය කරන්න පුළුවන්." "හම සුදු කරන එන්නත් ගන්න පුළුවන් නැත්නම් 'බ්ලීච්' කරලා තද පාට ටිකක් අඩු කරන්න පුළුවන්," යැයි සම පිළිබඳ විශේෂඥයෙකු ලෙස හැසිරුණ එහි සිටි පුද්ගලයා පැවසීය. එන්නත් විදීමට දැඩි බියක් දක්වන මා සැණින් එම ස්ථානයෙන් පිටත්වීමි. නමුත්, විවිධ ස්ථානවලට යද්දී ඇති වුණ සිත්තැවුල්වල නිමක් නොවීය. ඉතා හිතවත් පාසල් මිතුරියන් කීප දෙනෙකු සිටියත්, පාසල් කාලයෙන් පසු ඔවුන් ක්‍රමයෙන් වෙනස් වන්නට විය. අන් සියලු දෙනා සහභාගි වූ සාද, ප්‍රිය සම්භාෂණවලට මට ආරාධනා පවා නොලැබිණ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන් එකට සිට ලබාගත් ඡායාරූප නරඹමින් මා දින ගණන් හඬා වැළපුණෙමි. ඒ සියල්ලට ම හේතුව මගේ සමේ පාට දැයි කියා නොදන්නාමුත්, එය ප්‍රධාන හේතුවක් බව දිනක් එක් මිතුරියක මට පැවසූ වදන් පෙළකින් පසක් විය. "අරයගෙ මංගල උත්සවේ දෙවෙනි මනමාලියෝ විදියට අපි තුන් දෙනයි, එයාගේ වෙන යාළුවෙකුයි ගන්නවා කිව්වා. ඔයත් එන්න අපිට උදව් කරන්න. මේක් අප් එහෙම හොඳට දාන්න පුළුවන් මූණු තමයි එයා තෝර ගෙන තියෙන්නේ." ඔවුන්ට උදව් කිරීමෙන් පමණක් නොව, කොළඹ තරු පහේ හෝටලයක පැවති මංගල උත්සවයට සහභාගි වීමෙන් පවා මම වැළකී සිටියෙමි. මේ තොරතුරුද කියවන්න: යෙහෙළියන් හෝ පවුලේ කිසිවෙකුත් මා දෙවෙනි මනමාලිය ලෙස තෝරාගෙන නොමැත. එයට හේතුව තද කළු පැහැති සමේ වර්ණය බව මම හොඳාකාරව දනිමි. නමුත්, මිලියන ගණනක මුදලක් වැය කර අනර්ඝ ඇඳුම් ආයිත්තම්, රූපලාවණ්‍ය ආලේපන සහ සැරසිලිවලින් හැඩ වූ මංගල දිනයේ සියලු වැඩ කටයුතු අදාළ යුවළට අවශ්‍ය පරිදි සිදු කිරීම ඔවුන්ගේ අයිතියක් බව වයසින් මුහුකුරා යන විට මම තේරුම් ගත්තෙමි. වයස තිහ පසු වී ඇතත් තවමත් මා අවිවාහකය. විවාහ වීමට සිතා පිරිමි ළමුන් දෙදෙනෙකු සමග ප්‍රේම සබඳතා පැවැත්වුවත්, කලකදී ඔවුන්ට මගේ සමේ වර්ණය ගැටලුවක් බවට පත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා ම ඉතා පැහැපත් කාන්තාවන් දෙදෙනෙකු සරණ පාවාගෙන සිටිති. උසස් පෙළ විභාගයෙන් පසු මා කෙටි කලක් පෞද්ගලික ආයතනයක සේවය කළ නමුත්, වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වීම මගේ එක ම සිහිනය විය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර හැදෑරීමට කොළඹ, බම්බලපිටියේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ගිය මට කිසිදු මිතුරෙකු හෝ මිතුරියක මුණ ගැසුණේ නැත. කුඩා කල සිට ඉගෙනීමට දක්ෂතා පෙන්වූ බැවින් ඔවුන් කීප දෙනෙකු මා සමග කතා බහ කළත්, කිසිවෙකුත් දැඩි මිත්‍රත්වයක් පිළිබිඹු නොකළහ. මාස කීපයක් ගත වන විට මට එහි අධ්‍යාපනය ලැබීම "වහ කදුරු" මෙන් එපා විය. "අර පන්තියේ කොනක ඉඳගෙන ඉන්න කළු ළමයා," නැත්නම් "අර කළු කෙල්ල," ලෙස සිසුන් මෙන් ම ගුරුවරුන් ද මා ආමන්ත්‍රණය කරනු කීප වතාවක් මා සවන් වැකිණි. එම ආයතනය තුළ තවදුරටත් අධ්‍යාපන කටයුතු කළ නොහැකි බව මම දෙමාපියන්ට දැන්වීමි. මගේ තීරණය පිළිබඳව ඔවුන් සිත් තැවුලට පත් වූවත්, මගේ අනාගතය වෙනුවෙන් ගන්නා වෙනත් ඕනෑ ම තීරණයකට ඔවුන් හැකි අයුරින් පිහිට වන බව පැවසූහ. ශ්‍රී ලංකාව තුළ නොහැකි වුණත්, සැවොම එක සමාන ලෙස සැලකුම් ලබන රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනයේ නියැලීමට මා අධිෂ්ඨාන කර ගත්තෙමි. ඒ අනුව, මාගේ දෙමාපියන්ට වියදම් දැරිය හැකි ප්‍රමාණයේ පිටරට විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කර අවසානයේදී ව්‍යාපාර කළමනාකරණ උපාධිය සඳහා සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයකට යෑමට මම ශ්‍රී ලංකාවෙන් පිටත්වීමි. එහි ගිය ප්‍රථම දින සිට මට විවිධ ජාතීන්වල සිසුන් හමු වූ අතර, දකුණු ඉන්දීය සහ බංග්ලාදේශ ජාතික සිසුන් කීප දෙනෙක් මාගේ හොඳ ම මිතුරන් බවට පත් වූහ. එහි සිටි කිසිවෙකුටත් මාගේ සමේ වර්ණය අරුමයක් නොවීය. විශ්වවිද්‍යාලයෙන් පිටත ඇවිද යන විට සමහර පුද්ගලයන් මා දෙස අසාමාන්‍ය ලෙස බැලුවත්, බොහෝ දෙනෙක් සිනාමුසු මුහුණින් මා පිළිගත්හ. තෙවසරක් පුරා පිටරටක තනිව ම වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමෙන් සහ දිවිය පුරා ලැබූ අත්දැකීම්වලින් මා ගැන ඇති ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමට හැකි විය. පෙර කිසි දිනෙක නොවූ ලෙස සමේ වර්ණය ගැන ආඩම්බර වන්නට මම පුරුදු වුණෙමි. උසස් අධ්‍යාපනය හමාර කර රජයේ ආයතනයක රැකියාව ආරම්භ කළ මම, ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී, රූපලාවණ්‍ය ආලේපන ගල්වා ඉතා පිළිවෙළට රැකියාවට පිටත් වන්නෙමි. පෙර පරිදි ම පොදු ස්ථානවලදී සමහරු මා දෙස නෙතගින් බලා නොයෙක් දේ පැවසූව ද ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට දැන් මම පුරුදු වී සිටිමි. නමුත්, තවදුරටත් කිසිදු වචනයකින් හෝ බැල්මකින් මා සිත්තැවුලට පත් වන්නේ ද නැත. නිතර සිනාමුසු මුහුණින් පසුවෙන මා හට දැන් බොහෝ මිතුරියන් සිටින අතර, ඔවුන් සමග නිතර ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමෙන් මම මහත් සතුටක් විඳින්නෙමි. සමේ වර්ණය කිසිදු අයුරකින් වෙනස් කිරීමට උත්සහ නොදරන අතර, මේ වන විට නොබියව සමාජ මාධ්‍ය ජාලවල මාගේ ඡායාරූප පළ කරන්නෙමි. (සමේ වර්ණය නිසා ළමා වියේ සිට පීඩාවට පත්වූ නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලාංකික තරුණියකගේ අත්දැකීම් ඇසුරිනි) පුද්ගලයන්ගේ සමේ පැහැය වෙනස් වන්නේ ඇයි? "මෙලනින් වර්ණකය සෑම පුද්ගලයෙකුගේ ම සමේ අඩු වැඩි වශයෙන් පිහිටා තිබෙනවා. වැඩිපුර සම අඳුරු පැහැ වීම අතිශය සාමාන්‍ය තත්ත්වයක්. එය රෝගයක් හෝ පුද්ගලයෙකු සමාජයෙන් වෙන් කර තැබීමට කාරණයක් නොවේ," යනුවෙන් එම තරුණියගේ අත්දැකීම ගැන අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසීය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල දිවි ගෙවන පුද්ගලයන් නිතර හිරු එළියට නිරාවරණය වන බැවින්, අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා වීමට ස්වභාවයෙන් ම ඔවුන්ට මෙලනින් වර්ණකය වැඩි වශයෙන් ඇති සමක් පිහිටා තිබෙන බව වෛද්‍යවරිය පැවසුවාය. "හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන රටවල ජීවත් වන පුද්ගලයන්ට සමේ මෙලනින් වර්ණකය පිහිටන්නේ අල්ප වශයෙන්." "ඔවුන්ගේ සම හිරු එළියට ඕනෑවට වඩා නිරාවරණය වුණොත් පිළිකා ඇතුළු නොයෙක් සමේ රෝග හැදීමේ අවදානම වැඩියි. ඒ වගේ ම ඉතා ඉක්මනින් රැලි වැටෙනවා." සාමාන්‍යයෙන් දුඹුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ සෛලවල න්‍යෂ්ටිය ආවරණය වී ඇති අතර, එවැනි සමක් ඇති පුද්ගලයන්ට හිරු එළියෙහි ඇති අහිතකර කිරණවලින් සිදු වන හානිය අඩුය. දුඹුරු සමක් සහිත පුද්ගලයන්ගේ සම රැලි වැටී මහලු පෙනුමක් ගෙන දීමට සහ සමෙහි පිළිකා ඇති වීමට ඇති අවදානම අඩු බව ද වෛද්‍යවරිය පැවසීය. "ඒ වගේ ම ජානවලින් පැවත එන සමේ පාට වෙනස් කරන්න බැහැ. තමන්ට උපතින් ලැබී තිබෙන සමේ පැහැය ගැන සතුටු වෙනවා වෙනුවට, එය වෙනස් කරන්න උත්සහ කිරීමෙන් වෙන්නේ නිකරුණේ රෝගියෙකු බවට පත් වීම," යැයි වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියාය. තවත් තොරතුරු:
"බලන්න අනේ අර ළමයාගේ හමේ කළු පාට. මට නම් හිතාගන්න බැහැ ඔය තරම් කළු අය මේ රටේ ඉන්නව ද කියලා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෝෂාභියෝගය විභාග කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හත් දෙනාම පක්ෂග්‍රාහී බව ද වාර්තාව සඳහන් කරයි අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි. මේ තත්ත්වය යටතේ දෝෂාභියෝග චෝදනා විභාග කළ අමාත්‍යවරුන් හත් දෙනා සහ දෝෂාභියෝග චෝදනාවලට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් 117 දෙනාට බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමෙන් වලකින මෙන් රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. 'බැංකු ගිණුම් තහනම් කරන්න' එමෙන්ම එම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ නමින් බ්‍රිතාන්‍යයේ පවතින බැංකු ගිණුම් තහනම් කිරීම පරීක්ෂණ වාර්තාවේ තවත් යෝජනාවක්. රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියට පත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක්. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය, ඇගේ සාධාරණ තීන්දු හේතුවෙන් කෝපයට පත් ආණ්ඩුව සහ ජනාධිපති රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් අයගෙන් පලි ගැනීමේ අරමුණින් කරන ලද සම්පූර්ණ දෝෂ සහගත ක්‍රියාදාමයක් බව රාජ නීතිඥවරයාගේ නිගමණයයි. එය විභාග කළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් හත් දෙනාම පක්ෂග්‍රාහී බව ද වාර්තාවේ සඳහන්. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින ලෙස නිර්දේශ කරන රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන්, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීමෙන් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින වැළකිය යුතු බව ද අවධාරණය කරයි. බ්‍රිතාන්‍ය රැජින සමුළුවට සහභාගි වුවහොත් එමගින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයට රාජකීය අනුග්‍රහයද ලැබෙනු ඇති බවයි, මානව හිමිකම් පිලිබඳ ජ්‍යෙෂ්ට නීතිවේදීවරයාගේ වාර්තාව සඳහන් කරන්නේ. සබැඳි තේමා
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන් ශ්‍රී ලංකා ආණ්ඩුව ලබන ජනවාරි මාසයේ සංහිඳියාව පිළිබඳ සතියක් ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් බිම්බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන් තබා නොතිබීම හේතුවෙන් එම සතිය අර්ථවත් නොවන බව එම සංවිධානවල මතයයි. අදාළ ප්‍රඥප්තියට අත්සන් තැබීම තුළින් අනාගතයේදී යුද්ධයක් ඇති නොවන බවට රජයට විශාල සහතිකයක් ලබා දිය හැකි බව බිම්බෝම්බ පිළිබඳ පර්යේෂකයෙකු වන විද්‍යා අබයගුණවර්ධන බීබීසී සංදේශයට පැවසීය. බිම්බෝම්බ උවදුර හේතුවෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන් හා ළමුන් බැවින් සංහිඳියාව ගොඩනැගීම පිණිස රජයේ එවැනි සහතිකයක් අවශ්‍යවන බවත් ඔහු කියා සිටියේය. හමුදා කඳවුරුවල ආරක්ෂාව මෙම ප්‍රඥප්තියට අත්සන් තබන බවට පොරොන්දු වී තිබෙන රජය, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියක්ද ලබාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු එයට අත්සන් තබන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් බොහෝ වාසි අත්වනු ඇති බවත් සඳහන් කළේය. උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් පවසති මේ පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කියා සිටියේ, යුද හමුදා කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ වැළලීමට සිදුව ඇති හෙයින් රජය එම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවයි. ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම පිණිස මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමෙන් අනතුරුව එම ප්‍රඥප්තියට අත්සන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම සංහිඳියාව ගොඩනැගීමට ප්‍රශ්නයක් නොවන බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධතා බිඳ නොවැටෙන බවත් වැඩිදුරටත් පැවසීය. කෙසේ නමුත් අධෝරක්ත කැමරා වැනි ලෝකයේ මෙතරම් දියුණු ක්‍රමවේදයන් තිබියදී යුද හමුදා කඳවුරුවල ආරක්ෂාවට බිම්බෝම්බ වැළලීම තුළින් හමුදාවේ අමානුෂිකභාවය පෙන්නුම් කරණ බව විද්‍යා අභයගුණවර්ධනගේ අදහසයි. උතුරු පළාත තුළ තවත් වර්ග කිලෝමීටර් හතළිස් හතරක භූමියක් තුළ බිම්බෝම්බ ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව පෙන්වා දෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන ඒ සඳහා තවත් වසර පහළොවක පමණ කාලයක් ගත වනු ඇති බවත් පවසති.
ජාත්‍යන්තර බිම්බෝම්බ හා පොකුරු බෝම්බ පිටුදැකීම සම්බන්ධයෙන් වූ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොතැබීම ජාතීන් අතර සංහිඳියාවට විශාල ගැටළුවක් බව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධානවල නියෝජිතයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම යුවළ වෙනත් රාජකීයයන් සමඟ ඔවුන්ගේ ඇති සබඳතා, වර්ගවාදය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන කතා කළහ. හැරී කුමරු සමඟ සම්බන්ධ වීමට පෙර සම්මුඛ සාකච්ඡාවේ බොහෝ වෙලාවක් ඔප්රා සමඟ කතා කළේ මේගන්ය. 1. 'මේගන්ගේ දරුවා කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සාකච්ඡා' සම්මුඛ සාකච්ඡාවෙන් මතුවූ විශාලම චෝදනාව නම් මේගන් සහ හැරීගේ දරුවා ගේ සමේ වර්ණය කෙතරම් තද පැහැ ගැන්විය විය හැකිද යන්න සම්බන්ධයෙන් රාජකීය පවුල තුළ "සංවාද කිහිපයක්" ඇති වූ බවය. "මම ගර්භණීව සිටි එම මාසවලදී, බබා ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ ගැන්විය හැකිද යන්න ගැන සැලකිලිමත්බව සහ සංවාද තිබුණා," මේගන් පැවසීය. ඇය කියා සිටියේ මෙම සංවාද හැරී සමඟ ඇති වූ ඒවා වන අතර හැරී එය තමන්ට පැවසූ බවය. එහෙත් කුමන රාජකීය සාමාජිකයා එය කීවාදැයි පැවසීම ඇය සහ හැරී යන දෙදෙනාම ප්‍රතික්ෂේප කළහ. "එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැත," හැරී පැවසීය. "ඒ වෙලාවේ එය අවලක්ෂණයි, මම ටිකක් කම්පනයට පත්වුණා." ප්‍රවෘත්ති සිරස්තල සහ ලිපිවල "යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්" පළවීම ගැන ඔහුගේ පවුලේ අය කිසි විටෙකත් කතා නොකිරීම ගැන තමාගේ හිත රිදුම් දුන් බව හැරී පැවසීය. යුවළගේ පළමු දරුවා වන ආචී උපත ලැබුවේ 2019 මැයි මාසයේදීය 2. කේට් 'මේගන් ඇඬෙව්වා' - අනෙක් පැත්ත නොවේ මීට වසර කිහිපයකට පෙර පුවත්පත්වල සංසරණය වූ එක් කතාවක් නම්, මංගල උත්සවය සඳහා මල් කුමරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මේගන් සමග ඇතිවූ අරවුලක් කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ ඇසට කඳුළු ගෙනා බවය. නමුත් මේගන් ඔප්රාට පැවසුවේ, සත්‍යය නම්, සිදුවූයේ එහි අනෙක් පැත්ත බවය. "විවාහයට දින කිහිපයකට පෙර මල් කුමරියන්ගේ ඇඳුම් ගැන කේට් නොසතුටු වූ අතර එහින් මා හඬා වැටුණා" මේගන් පැවසීය. කේට් පසුව සමාව අයැද, වෙනසක් ඇති කිරීම සඳහා මල් සමග සටහනක් ගෙන ආ බව ඇය පැවසුවාය. "මම කේට් ගැන එම කොටස බෙදා නොගන්නේ ඇය නිගාවට පත් නොකරන්නයි," මේගන් පැවසීය. කේට් "හොඳ කෙනෙක්" යැයි පැවසූ ඇය අසත්‍ය කථා නිවැරදි කිරීමට ඇයට අවශ්‍ය වනු ඇතැයි තමා බලාපොරොත්තු වූ බව කීවාය. මාධ්‍යයට "ඇත්ත වශයෙන්ම වීරයෙකුගේ සහ දුෂ්ඨයෙකුගේ කතාවක් අවශ්‍ය බව පෙනෙන්නට තිබුණා," යැයි මේගන් පැවසීය 3. මේගන් කියා සිටියේ ඇය සියදිවි නසාගැනීමේ අද්දර සිටි නමුත් තමන්ට උදව් දීම ප්‍රතික්ෂේප කළ බවයි රාජකීය පවුලට සම්බන්ධ වීමෙන් පසු ඇයට කෙතරම් තනිකමක් දැනුණාද යන්න සහ ඇගේ නිදහස අහිමි වීම ගැන මේගන් කතා කළේය. "මම එම පවුලට සම්බන්ධ වූ දා සිට අප මෙහි පැමිණෙන තෙක්, මගේ විදේශ ගමන් බලපත්‍රය, මගේ රියදුරු බලපත්‍රය, මගේ යතුරු, සියල්ල මගහැරී ගිය අයුරු මම දුටුවා." සිය මානසික සෞඛ්‍යය කෙතරම් නරක අතට හැරුනේද යත් "තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය වුණේ නැහැ" යනුවෙන් ඇය පැවසුවාය. "මම ඔවුන් වෙත ගියා. මට උදව් ලබා ගැනීමට කොහේ හෝ යා යුතු බව මා කීවා. මට මීට පෙර කවදාවත් එවැන්නක් දැනී නැති බවත් කොහේ හෝ යා යුතු බවත් පැවසුවා. මට එය කළ නොහැකි බවත් එය ඔවුන්ට හොඳ දෙයක් නොවන බවත් මට පැවසුවා." ඇය කියා සිටියේ "ජ්‍යෙෂ්ඨතම පුද්ගලයකු" වෙත ගිය අතර පසුව මාළිගාවේ මානව සම්පත් අංශයට ද ගිය බවය. "ඒත් කිසි විටෙකත් කිසිවක් සිදු වුණේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. 4. මේගන් ඩයනාගේ මිතුරෙකු අමතයි සම්මුඛ සාකච්ඡාව පුරාම ඩයනා කුමරියගේ නම බොහෝ වාරයක් මතු විය - රාජකීය පවුල තුළ ඔවුන්ගේ අත්දැකීම් අතර සමානකම් මතු කෙරිණි. "මම කා වෙත යා යුතුදැයි දැන සිටියේ නැහැ," මේගන් පැවසුවේ ඇය පොරබදමින් සිටි කාලය ගැන ය. "මම කතා කළේ දිගටම මිතුරෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස සැලකු අයගෙන් කෙනෙකු වන මගේ සැමියාගේ මවගේ හොඳම මිතුරෙකුටයි. "මොකද ඇතුළේ ඇත්තටම මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන කාටද?" 5. චාල්ස් තමාව 'අතහැර දැමීයැයි' හැරී ට දැනෙයි ඔප්රා, හැරීගෙන් ඔහුගේ පවුලේ අය, විශේෂයෙන් ඔහුගේ පියා වේල්ස්හි කුමරු සහ සහෝදරයා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සමඟ ඇති සබඳතා ගැන විමසීම් කළාය. ජ්‍යෙෂ්ඨ රාජකීයකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීමෙන් පසු එක් අවස්ථාවක චාල්ස් "මගේ ඇමතුම් වලට පිළිතුරු දීම නැවැත්වූවා" යැයි හැරී පැවසීය. "මට ඇත්තටම මාව අතහැර දැමූ බවක් දැනෙන්නේ, ඒ මොකද කීවොත් ඔහුත් ඒ හා සමාන දෙයකට මුහුණ දී ඇති නිසයි. ඒ වේදනාව මොන වගේදැයි ඔහු දන්නවා. ආචී ඔහුගේ මුණුපුරා." "නමුත් ඒ වගේම මම සැමවිටම ඔහුට ආදරය කරනවා. නමුත් ඒක ලොකු සිත් තැවුලක් . එය දැන් සිදුවී හමාරයි. මම සැමවිටම එම සම්බන්ධතාව සුව කිරීම තවදුරටත් මගේ ප්‍රමුඛතාවන්ගෙන් එකක් බවට පත් කරනවා." විලියම් ගැන හැරී පැවසුවේ තමා ඔහුට ආදරය කරන බවත් ඔවුන් දෙදෙනා බොහෝ කරදරවලට මුහුණ දී ඇති බවත්ය. "නමුත් අපි ගියේ වෙනත් මාර්ගවල." 6. නමුත් යුවළ රැජින සමඟ ඇත්තේ හොඳ සබඳතාවක් හැරී පැවසුවේ තම මිත්තණිය සමඟ තමාට ඇත්තේ "ඉතා හොඳ" සම්බන්ධතාවක් වන අතර, වසර ගණනාවක් ඇය සමග කතා කළාට වඩා වැඩි වාර ගණනක් පසුගිය වසරේදී කතා කළ බවය. එම සාකච්ඡාවලට, ආචී සමඟ කළ වීඩියෝ ඇමතුම් ද ඇතුළත් වූ බව ඔහු කීය. "ඇය මගේ කණ්ඩායමේ ප්‍රධානීයා එහෙම නේද? ඇය සැමවිටම එහෙමයි." මේගන් රැජිනට ප්‍රශංසා කළ අතර, යුවළගේ විවාහ ගිවිසගැනීම සඳහා ඇය ලස්සන ආභරණ කිහිපයක් ලබා දුන් බවත්, එකට ගමන් කරන විට උණුසුම්ව සිටීම සඳහා ඇය සමඟ බ්ලැන්කට්ටුවක් බෙදා ගත් බවත් පැවසුවාය. ජ්‍යෙෂ්ඨ රාජකීය තනතුරෙන් ඉවත් වන විට රැජින "අන්ධව මෙන්" හැරීව ප්‍රතික්ෂේප කළේය 7. හැරීව 'මූල්‍යමය වශයෙන් කපා දමයි' 2020 පළමු කාර්තුවේදී හැරී පැවසුවේ ඔහුගේ පවුලේ අය "මාව මූල්‍යමය වශයෙන් මුළුමනින්ම කපා දමා" ඇති බවය. ඔහු කියා සිටියේ තමා සහ මේගන් නෙට්ෆ්ලික්ස් (Netflix ) සහ ස්පොටිෆයි (Spotify) හි නාට්‍ය වලට හෝ පොඩ්කාස්ට් වැඩසටන් සදහා ගනුදෙනු ඇති කරගැනීම කිසි විටෙකත් සැලැස්මේ කොටසක් නොවන නමුත් "අපට අපගේ රැකවරණ සපයා ගත යුතු" බවය. "නමුත් මගේ අම්මා මට ඉතිරි කර ගිය දේ තිබෙනවා. එසේ නොමැතිනම් අපට කිසිවක් කරගත හැකිවන්නේ නැහැ." රජ පවුලෙන් ඉවත්කිරීමෙන් පසු ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු සහ මාධ්‍ය අධිපතියකු වන ටයිලර් පෙරී, කැනඩාවේ සිට දකුණු කැලිෆෝනියාවට ගිය හැරී සහ මේගන් හට නිවසක් සහ ආරක්ෂාව ලබා දුන් බව යුවළ හෙළි කළහ. 8. ඡායාරූපයක් පිටුපස ඇති සත්‍යය තමාට සියදිවි නසා ගන්නට සිතෙනා බව හැරීට පැවසූ දවසේ එදිනම සවස් වරුවේ ඔවුන්ට රාජකීය ඇල්බට් ශාලාවේ පැවති නිල උත්සවයකට සහභාගී වීමට සිදු වූ බව මේගන් පැවසීය. මේගන් මෙම ඡායාරුපය ගැන කතා කළේ එය ඇයට ඇගේ සිතේ හොල්මන් කළ දේ නැවත සිහි ගැන්වූ නිසාවෙනි. "වසා ඇති දොරවල් පිටුපස සිටින කෙනෙකුට කුමක් සිදුවේදැයි ඔබ දන්නේ නැහැ," ආදිපාදවරිය පැවසීය යුවළ කෙතරම් ආකර්ශණීයද කියා මිතුරියක අදහස් දක්වා ඇති නමුත් ඇය මෙසේ පැවසුවාය: "එම පින්තූරය, ඔබ විශාල කළහොත්, මා දකින දෙය නම් කොතරම් තදින් ඔහු මා අල්ලාගෙන ඇත්ද යන්නයි. හැගීම්බරව මේගන් ඔප්රා හට කීවාය. "අපි සිනාසෙමින් අපේ රාජකාරිය කරනවා. නමුත් අපි දෙදෙනාම එම අවස්ථාව දරාගන්නට දැඩි උත්සාහයක් ගත්තා. එම රාජකීය නැරඹුම් කුටියේ විදුලි පහන් නිවීයන සෑම අවස්ථාවකම මම හිටියේ වැලපෙමින්. 9. මේගන් රාජකීය පවුල පිළිබඳ 'කිසිදු පුර්ව පර්යේෂණයක් කළේ නැත' තමා රැජිනව මුණගැසුණු පළමු අවස්ථාව ගැන කතා කරමින් මේගන් පැවසුවේ ඇයට ගෞරව සහිතව අචාරකළ යුතු බව දැනගත් විට තමා පුදුමයට පත් වූ බවය. ඇය කියා සිටියේ එය "පිටස්තර පුද්ගලයන් අතර කෙරෙන කොටසක්" වන අතර එය රාජකීය පවුල තුළ සිදු නොවන බව ඇය සිතා සිටි බවකි. රැජින සමඟ දිවා ආහාරය ගැනීමට පෙර සිටගෙන ගෞරව සහිත අචාර කිරීම පිළිබඳව ඇය විස්තර කළාය. "මම කිව්වා: 'මේ ඔයාගේ ආච්චි,' මේගන් පැවසීය. "ඔහු කිව්වා: 'මේ රැජින.'" සම්බන්ධ වීමට පෙර තමන් පවුල පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකළ බව මේගන් තවදුරටත් පැවසුවාය.ඇය අවධාරණයෙන් කියා සිටියේ ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන අතරතුර ඇය කිසි විටෙකත් අන්තර්ජාලය හරහා ඔහු ගැන සොයා බැලුවේ වත් නැති බවය. 10. විවාහයට දින තුනකට පෙර පොරොන්දු හුවමාරු කරගැනීම 2018 දී වින්ඩ්සර් මාළිගාවේදී හැරී සහ මේගන් අතිනත ගන්නා ආකාරය මිලියන සංඛ්‍යාත ජනතාවක් බලා සිටියහ. එම උත්සවය ඔවුන් නීත්‍යානුකූලව විවාහ වූ අවස්ථාවකි - නමුත් මෙම යුවළ හෙළි කළේ දින තුනකට පෙර කැන්ටබරි අගරදගුරු ඉදිරියේ විවාහ පොරොන්දු ලබාදුන් බවය. මේගන් පැවසුවේ: "අපි අගරදගුරු තුමාට කතා කළා, අපි කිව්වා, 'බලන්න, මේ දර්ශනය, මේ දර්ශනය ලෝකයටයි, නමුත් අපට අවශ්‍ය වන්නේ අප අතර අපගේ එකතුවිමයි... අපේ ගෙමිදුලේ සිටින අප දෙදෙනා පමණයි." 11. ආචීගේ ප්‍රියතම වාක්‍ය ඛණ්ඩය 'ඩ්‍රයිව් සේෆ්' ය හැරී ආචී ගැන කීවේය, පාපැදි ධාවනය සඳහා ඔහු බැහැරට ගෙන යාමෙන් ලැබෙන ප්‍රීතිය පැවසීය. කුඩා දැරුවා සිය දෙමව්පියන් සමඟ වෙරළේ සෙල්ලම් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද සම්මුඛ සාකච්ඡාවට ඇතුළත් විය. පසුගිය සති කිහිපය තුළ ආචී ගේ ප්‍රියතම වචනය "හයිඩ්‍රේට්" (සජල කිරීම) යැයි පවසමින් යුවළ විහිළු කළ අතර හැරී පැවසුවේ යමෙකු නිවසින් පිටවන සෑම අවස්ථාවකම ආචී ඔවුන්ට පවසන්නේ "ඩ්‍රයිව් සේෆ්" (ආරක්ෂිතව රිය පදවන්න) කියායි. මැයි මාසයේදී ආචීට වයස අවුරුදු දෙකකි - දැන් ඔහු තල් ගස සහ නිවස වැනි වචන පවසයි, හැරී පැවසීය 12. ආ ... ඒ කෙල්ලෙක් ගිම්හානයේදී ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව යුවළ සනාථ කළහ. "හරි අපූරුයි" යැයි පැවසූ හැරී "ඔබට තවත් ඉල්ලන්න පුළුවන් මොනවාද?" යැයි පැවසීය. නමුත් ඔහු පැවසුවේ ඔවුන් දෙවෙනි දරුවාගේ පැමිණිමෙන් පසු සෑහීමට පත්වන බවය. සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ඔප්රා ඇසුවේ හැරී කුමරු සමඟ මේගන් සතුටුදායක අවසානයක් ලබා ඇත්ද යන්නයි. "ඔබ මෙතෙක් කියවා ඇති ඕනෑම සුරංගනා කතාවකට වඩා විශිෂ්ටයි" ඇය කීවාය.
ඔප්රා වින්ෆ්‍රී සමඟ සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරයා කළ සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විකාශය කර ඇත - මෙම යුවළ රාජකීය පවුලේ ජීවිතය පිළිබඳ කතාවේ තමන්ගේ පැත්ත එම සාකච්ඡාවේදී බෙදා හදා ගත්හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නන්පේරියල් වත්තේ සේවය කිරීමෙන් ලැබෙන අදායමෙන් බොහෝ දෙනා ජීවත් වෙති. එහෙත් වසරේ මාස හයක් හමන සැඩ සුළං අතරේ සීතලට වෙව්ලමින් උස් කඳු මුදුනක සදා කාලිකව හුදෙකලාව දිවි ගෙවන්නෙකුට මෙය ඉතා කටුක අමිහිරි අත්දැකීමක් බව සබරගමුව පළාතේ ඉහළින්ම පිහිටි ජනාවාසය ලෙස සැලකෙන 'නැග්රැක්' ගම්මානයට ගිය අවස්ථාවේදී මට අවබෝධ විය. මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් වතු නිවාස සහිත මේ ගම්මානය පිහිටා තිබේ. බලන්ගොඩ, 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා, අතිශය දුෂ්කර සහ ත්‍රාසයජනක කඳුකර මාර්ගයක් ඔස්සේ ගිය විට නැග්රැක් වෙත ළඟා විය හැකිය. බලන්ගොඩ නන්පේරියල් හංදියේ සිට එතැනට ඇති දුර 21Km කි. නගරයට යෑමට අවශ්‍ය නම් ගම්වැසියන් නැග්රැක් සිට 14Km ක් පා ගමනින් නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය අසලට පැමිණ බස් රථයට ගොඩ විය යුතුය. එහෙත් එම බස් රථය කෙරෙහි බොහෝ විට විශ්වාසය තැබිය නොහැකි බව ජනතාව පවසති. සබරගමුවේ උසම ජනාවාසය නැග්රැක් ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රදේශීය සභා බලප්‍රදේශයට අයත් වේ. නන්පේරියල් වතු යායේ සේවය කරන පවුල් 35ක්, එහි සේවයෙන් ඉවත් වූ අය සහ වෙනත් ප්‍රදේශවල රැකියාව සදහා ගොස් මාස ගණනකට පසු නිවසට පැමිණෙන පිරිසක් මෙහි පදිංචිකරුවෝ වෙති. මා එහි යන විට රෙදි පොරවා ගෙන සීතලට ගැහෙමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු සහ කාන්තාවක් එළිමහනේ සිටිනු දක්නට ලැබිණි. ''ඇයි මේ සීතලේ එළියට වෙලා ඉන්නේ?'' මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ''හුළං සැරයි. ලැයින් ටික ඔක්කම කඩාගෙන යනවා. ඉන්න කාමරයක් නෑ. හුළං ටිකක් අඩුවෙනකන් අපි දෙන්නා මෙතනට වෙලා ඉන්නවා.'' යනුවෙන් 72 වැනි වියේ පසුවන අයි. එම් පෙරුමාල් සඳහන් කළේය. ගස්කොලන් ඇඹරි යයි. වතු නිවාස පෙළේ සෙවිලි කළ ඇතැම් තහඩු සුළං පහරට ගැලවී ගොසිනි. තහඩු සුළඟට ගසාගෙන යෑම වැළැක්වීම සඳහා වහල මත ගල්, ලී ආදිය බරට තබා තිබේ. ඇතැම් නිවාස තුළට ගොස් බලන විට හොඳින් අහස පෙනේ. අවුව, වැස්ස සහ හිරු එළිය සියල්ලෙන් ඔවුහු පීඩා විදිති. නිවාස පෙරළීම වළක්වා ගැනීම සඳහා නිවාස පෙළ පිටුපසින් සුළඟට බාධකයක් ලෙස විශාල තාප්පයක් බැඳ තිබුණ ද සුළඟින් බේරීමට එය ප්‍රමාණවත් නැත. නැග්රැක් ගම්මානයට විදුලිය ලබා දී තිබේ. නිවාස අබලන්වීම සහ පවුලේ සාමාජිකයන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. 'අපි කන හැටි ලිපා දනී' ''අපි එක කාමරේ හය දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර නම් ලයිට් නෑ. පඩිය මදි ලයිට් ගන්න. කන්නෙත් හරි අමාරුවෙන්. අද දවල්ට රොටියක් හදා ගන්නවා. අවුරුදු 15ක දුවෙක් ඉන්නවා. වියදම් කරන්න බැරුව එයා ඉස්කෝලේ ගමන නැවැත්තුවා'' යනුවෙන් තමිල් සෙල්වි හැඬු කදුළෙන් පැවසුවාය. මම ඇගේ නිවසට යාබද නිවාස හතරකට ගොස් නිවැසියන් සමග කතාබහ කළෙමි. ඉන් නිවාස තුනක දවල් ආහාරයට තිබුණේ බත් පමණි. කිසිඳු ව්‍යංජනයක් නැත. එක් නිවසක පිරිමි දරුවන් දෙදෙනෙක් වූහ. ඔවුන් එදින පාසල් ගොස් තිබුණේ ද නැත. ''නංගිලා දෙන්නෙක් ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා ඉගෙන ගන්නවා. ඒ දෙන්නට තුන්දාහක් ගෙවන්න ඕනා. අපි හැමදාම ගෙදර ඉඳලා කිලෝමීටර් 28ක් ඉස්කෝලෙට ගිහින් එන්න පයින් යනවා. අද වැස්ස නිසා ගියේ නෑ.'' යනුවෙන් එම දරුවෝ පැවසුහ. එම දරුවන්ට ළඟම පාසල වූ නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය පිහිටා තිබෙන්නේ 14Km දුරිනි. එම පාසලේ 9 ශ්‍රේණිය දක්වා පමණක් ඉගැන්වීම් කෙරේ. 9 ශ්‍රේණියට ඉහළ අධ්‍යාපනය ලබන දරුවන් 30km වඩා දුරින් පිහිටි බලංගොඩට යා යුතුය. 'ඩිස්පැන්සරිය වහලා' සබරගමුව පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදනවලින් ඉදි කළ නැග්රැක් සෞඛ්‍ය මධ්‍යස්ථානය එවක ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් විසින් 2015 නොවැම්බර් 20 වැනි දින ජනතා අයිතියට පත් කරන ලද බව දැක්වෙන සමරු පළකයක් එහි වේ. මහජන මුදල් වැය කර ඉදිකළ එම ගොඩනැගිල්ල අදටත් වසා දමා ඇති බව දැනගන්නට ලැබිණි. ''ඩිස්පැන්සරිය හදනකොට කිවුවා සතියකට සැරයක් ඇවිල්ලා බෙහෙත් දෙනවා කියලා. ඒක හදපු කාලේ ඉඳලා අද වෙනතුරු ඩොක්ටර් කෙනෙක්වත්, මිඩ්වයිෆ් මිස් කෙනෙක්වත් ඇවිල්ලා නෑ. මේක තියෙන විදියවත් ඒ අය දන්නේ නෑ.'' යනුවෙන් ජී.නාගේශ්වරන් කියා සිටියේය. වසා දමා ඇති 'ඩිස්පැන්සරිය' මහමග දී ලැබුණු දරුවා ''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා'' - එස්. නාගේෂ්වරී යමෙකු කිසියම් මාර්ගයක දුෂ්කරතාව ගැන සඳහන් කිරීමේ දී 'මේ පාරේ ගැබිණි මවක් ගියොත් රෝහලට යන්න කලින් බබා ලැබෙනවා' යනුවෙන් කියන අයුරු මීට පෙර අසා තිබුණ ද සැබවින්ම එම අත්දැකීමට මුහුණ දුන් මවක් මට නැග්රැක් ගමනේදී හමුවිය. 2020 ජනවාරි 23 වැනිදා එම දරු ප්‍රසූතිය මහමග දී සිදුව තිබේ. ''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා. 1990 ට කතා කරහම බබා වෙන් කරන්නේ නැතුව පහළ ඉස්කෝලේ ළඟට අරං එන්න කිවුවා. මට පුදුම බයක් දැනුණේ. වත්තේ ඇම්බියුලන්ස් එකවත් ඒ දවස්වල තිබුණේ නෑ.'' යනුවෙන් තමන් මුහුණ දුන් අත්දැකීම එස්. නාගේෂ්වරී විස්තර කළා ය. ''හැමෝම ටවුමට යන්නේ එකම දවසක'' නිවසට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා නැග්රැක් වතු සේවකයෙකු සිය නිවසේ පවත්වාගෙන යන කුඩා කඩයක් ඇත. සාමාන්‍ය මිල ගණන් වලට වඩා එහි භාණ්ඩවල මිල වැඩි ය. අත්‍යවශ්‍ය දෙයක් ඉන් මිල දී ගන්නා අතර අනෙක් අවශ්‍යතා සඳහා මාසයකට එක් වතාවක් ඔවුහු නගරයට යති. ''අපි වත්තේ පඩි ලැබුණාම හැමෝම එකතු වෙලා ටවුමට යන්නේ එකම දවසක. මාසෙකට සැරයක් පහළ ටවුමට ගිහින් බඩු අරගෙන ලොරියක එනවා. ලොරියට විසි දාහක් විතර ගන්නවා. එක බඩු මල්ලක් ගේන්න අපි එක්කෙනෙක් රුපියල් 1200ක් විතර ගෙවනවා. '' යනුවෙන් ඔවුහු සිය ජීවන රටාව විස්තර කළහ. ඇතැමුන් වත්ත හරහා ණය පදනම මත භාණ්ඩ මිල දී ගන්නා බවද ප්‍රකාශ විය. නැග්රැක් යන මාර්ගය වසා දැමීම නන්පේරියල් වතු යාය හරහා නැග්රැක් දක්වා යන මාර්ගය වතු පාලනාධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාව අසලින් ගේට්ටුවක් යොදා වසා දමා තිබේ. වතුයායේ පදිංචිකරුවෙකු නොවන අයෙකු ඒ මාර්ගයේ ගමන් කරන්නේ නම් වතු අධිකාරිවරයාගෙන් විශේෂ අවසරයක් ගත යුතුය. ඒ තත්ත්වය මත තම ඥාතියෙකුට වුවද බාධාවකින් තොරව ගමට පැමිණීමට හැකියාවක් නොමැති අතර ඇතැම් අවස්ථා වලදී ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන අය ද නැවත හරවා යවන බව කේ. සිවකුමාර් පැවසුවේය. ''එලවලා දානවා එන අයව. වාහනයක් ආවොත් එන්න දෙන්නේ නෑ. මමත් ලොකු මහත්තයට කියලා තියෙනවා සර් මගේ නෑදෑයෝ කට්ටියක් එනවා, උඩට එවන්න කියලා. ලොකු මහත්තයා කියනවා මේ ගේට්ටුව උඩින් යවන්න බෑ කියලා. ඒ ගේට්ටුව අරිනවා නම් ලොකු දෙයක් අපිට'' යනුවෙන් ඔහු කියා සිටියේ ය. මේ පිළිබඳව කළ විමසීමක දී නන්පේරියල් වතුයායේ අධිකාරී සේනාල් දිසානායක පැවසුවේ ගේට්ටුව දමා තිබීම සියලු දෙනාගේ ආරක්ෂාවට හේතු වන අතර එය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉහළ පාලනාධිකාරිය බවය. ''මම දැනුවත් වෙලා තියෙන්නේ මේක පුද්ගලික පාරක් විදියට. කලින් ඔය ගේට්ටුව තිබුණේ තවත් පහළින්.'' යනුවෙන් වතු අධිකාරිවරයා පැවසීය. එහෙත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රකාශ කළේ නන්පේරියල් හරහා නැග්රැක් දක්වා මාර්ගය සංවර්ධනය කර තිබෙන්නේ රජයේ වියදමින් වන අතර කිසිවකුට පොදු මාර්ගයක් අවහිර කළ නොහැකි බවය. එබැවින් ගේට්ටුව ඉවත් කර නැග්රැක් දක්වා මාර්ගය විවෘත කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරත් සඳහන් කළාය. අමතර අදායම් මාර්ග අහිමි වෙයි නන්පේරියල් වත්තේ සේවය කිරීමෙන් ලැබෙන අදායමෙන් නැග්රැක් ගම්මානයේ බොහෝ දෙනා ජීවත් වෙති. එහෙත් වර්ෂා සමයෙදී මෙන්ම වෙනත් හේතු මත දිනපතා වත්තේ සේවය කළ නොහැකිය. එවන් දිනවල කුලී රැකියාවක් කිරීමට හෝ නොහැකි වන්නේ ඒ අවට ගම්මාන නොමැති නිසාවෙනි. මේ ගම්මානයේ බොහෝ දෙනෙකු කොළඹ දැක නැත. ඇතැමෙක් ජීවිතයේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබේ. ඒ සේවක අර්ථ සාධක අරමුදලේ [EPF] මුදල් ලබා ගැනීම සඳහා ය. ඡන්ද පවතින කාලයට දේශපාලනඥයින් ගමට එන අතර ඉන් පසුව ඔවුන්ගෙන් ද සහනයක් නොලැබෙන බවට නැග්රැක් ජනතාව මැසිවිලි නගති. මේ තොරතුරු ද දැනගන්න:
සීතල සුළං හමන, වලාකුළු ගතේ දැවටෙන උස් කඳු මුදුනක සිට පරිසරයේ සුන්දරත්වය විඳින්නට අපි කැමැත්තෙමු. එය මිහිරි අත්දැකීමක් වන්නේ සංචාරකයන් ලෙස අප එවන් ස්ථානයකට ගොස් කෙටි කලක් එහි ගත කරන බැවිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති ට්‍රම්ප් එවැනි නියෝගයකට අත්සන් තැබුවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට හමුදා සේවය සඳහා එක්වීමට අවසර දෙමින් හිටපු ජනාධිපති බරක් ඔබාමා ගෙන තිබූ තීරණයක් අවලංගු කරමිනි. දැනට හමුදාවේ සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට අවශ්‍ය නම් ලිංගිකත්වය වෙනස් කරගැනීමේ සැත්කම වෙනුවෙන් රජයේ අරමුදල් යොදාගැනීමට තිබූ අවස්ථාව ද ජනාධිපති ට්‍රම්ප් විසින් ඒ සමගම නවතනු ලැබ තිබේ. කෙසේ නමුත් මේ වන විට සක්‍රිය සේවයේ නිරතව සිටින සංක්‍රාන්ති ලිංගිකයන් තවදුරටත් සේවයේ යොදා ගන්නේ ද යන්න තීරණය කිරීම ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ට භාර කටයුත්තක් බව ද ජනාධිපතිවරයා පවසයි. සංක්‍රාන්ති ලිංගිකයන් සේවයේ යොදාගැනීම පිණිස වැය වන මුදල සහ එමගින් හමුදා ඛණ්ඩවලට එල්ලවන "අහිතකර බලපෑම්" හේතුවෙන් මෙවැනි තහනමක් පනවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන නමුත්, සංක්‍රාන්ති ලිංගිකයන් ගේ හිමිකම් පිළිබඳ ක්‍රියාධරයෝ එයට එරෙහිව නීතියේ පිහිට පැතීමට සැරසෙති. සබැඳි යොමු: ජනාධිපති නියෝගය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සමකාමීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින Glad (GLBTQ Legal Advocates & Defenders) සංවිධානය, "මේ ප්‍රතිපත්තිය අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා යුද පෙරමුණට යන ජනතාවට එල්ල කළ කම්මුල් පහරකි," යනුවෙන් සඳහන් කරයි. සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදා සේවයේ නිරතවීමට අවසර දෙන බවට ඔබාමා පරිපාලනය පසුගිය වසරේ නිවේනදය කිරීමෙන් අනතුරුව එවකටත් හමුදා සේවයේ නිරතව සිටි බොහෝ සංක්‍රාන්තිකයෝ සිය ලිංගිකත්වය හෙළි කළහ. සිය රට ආරක්ෂා කිරීම සඳහා හමුදාවට බැඳුනු බව පවසන රයිලි ඩොශ් එහෙත් සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදා සේවයේ යෙදීමට අවසර දිය යුතු ද යන්න හමුදාවට ඉතා "සංකීර්ණ සහ අවුල් සහගත" ගැටලුවක් වූ බව ජනාධිපති ට්‍රම්ප් ගේ අදහසය. මේ අතර සංක්‍රාන්ති ලිංගිකයකුට හෝ සමකාමියකුට ලාංකීය සමාජය තුළ පිරිමියකුට හිමි සමාන අවස්ථා නොලැබෙන්නේදැයි මීට ඉහතදී ශ්‍රී ලංකාව තුළ ද ප්‍රබල සංවාදයක් මතු වී තිබිණ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සම්මත කරන ලද නීතියකට අනුව සමලිංගික සේවනය ශ්‍රී ලංකාව තුළ තහනම් වන අතර, දණ්ඩ නීති සංග්‍රහයේ එම වගන්තිය සංශෝධනය කිරීම පිණිස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් "විසි කළ" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය. තවත් සබැඳි යොමු:
සංක්‍රාන්ති ලිංගිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවට බැඳීම තහනම් කිරීමේ නියෝගයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමරවීර මන්ත්‍රීවරයා ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සාක්ෂි ඇතැයි පොලිසිය පවසයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, අදාල පිරිස අත් අඩංගුවට ගන්නා මෙන් මාතර අධිකරණය දුන් නියෝගය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී. පොලිසිය කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් නිකුත් කොට තිබෙන්නේ මඟ පෙන්වීමක් පමණක් බව පවසන පොලිස් ප්‍රකාශකවරයා, මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනීම සහ ඉදිරි පරීක්ෂණ වෙනුවෙන් දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් මාතරට පිටත් කොට යවා තිබෙන බවද සඳහන් කළේය. සමරවීර මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් විසි හත් දෙනකු සහ ප්‍රතිවාදී පර්ර්ශවයේ ආධාරකරුවන් පිරිසක් මේ වන විටත් අත් අඩංගුවේ පසුවන අතර, ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙපාර්ශවයක් අතර පසුගියදා මාතර දී හටගත් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු පිරිසක් ඉක්මනින්ම අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සදහා මෙහෙයුම් කාර්යාලයක් අද සෙනසුරාදා වවුනියාව නුවර පාරේ තේක්කවත්ත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. වවුනියාවේ දේශපාලන කටයුතු වලදී ප්ලොට් සංවිධානය නගර සභාවේ බලය පවා හිමිකරගෙන සිටි බව කී අමාත්‍යවරයා ශ්‍රී ටෙලෝ සංවිධානය පසුගිය මැතිවරණ කිහිපයකදී රජයට සහාය ලබා දීමට එක් වූ බවද සිහිපත් කළේය. පෙර මැතිවරණ වලදී නාම යෝජනා බාරදීමට යුද ටැංකි වල ආධාරයෙන් වවුනියාවට පැමිණි බව සදහන් කළ අමාත්‍යවරයා විශාල පිරිසකට යළිත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට වුවමනාවක් ඇති බවද කියා සිටියේය. ප්ලොට් ටීන්ඒ සමග සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කී පරිදිම ප්ලොට් සංවිධනයේ සහය රජයට ලබා දෙන්නේදැයි වන්නි දිස්ත්‍රික්කයේ ප්ලොට් සංවිධායක කන්දයියා බවන්ගෙන් බී.බී.සී.සන්දේශය විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ප්ලොට් සංවිධානය දෙමළ ජාතික සන්ධානය සමග කටයුතු කරණ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බැවින් තමන්ට සහාය දැක්විය හැක්කේ දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා පොදු තීරණයකට පමණක් බවයි. ප්ලොට් සංවිධානය අතහැර ගිය කීප දෙනෙකු මේ අවස්ථාවේදී රජයට සහය දක්වන නමුත් එය සමස්ථ ප්ලොට් සංවිධානයම දක්වන සහයෝගයක් නොවන බවද ප්ලොට් නායකයා කියා සිටියේය. ජනාධිපතිවරණයේදී ශ්‍රී ටෙලෝ සංවිධානය සහය දක්වන්නේ කාහටදැයි විමසූ විට එහි නායක කේ.උදයරාසා පැවසුවේ තමන් ඇතුලු කීපදෙනෙකු ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාත් සමග කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකදී ශ්‍රී ටෙලෝ සංවිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදීමට එකග වූ බවයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ සංවිධානය පවසන්නේ තමන් කටයුතු කරණු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය සමඟ බවත්, දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න මෙතෙක් තීරණය කොට නොමැති බවත්.
මෙවර ජනාධිපතිවරණයේදී ප්ලොට් සංවිධානයේත්,ශ්‍රී ටෙලෝ සංවිධානයේත් සහය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලැබෙන බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුරාම් ෂයික් නඩුවේ විත්තිකරුවන්. අදාළ නඩුව අද, සඳුදා කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණය හමුවේ කියා සිටියේ, තමන් වෙනුවෙන් නීතිවේදීන් පෙනී සිටින්නේ නොමැති බවයි. ඒ අනුව එම විත්තිකරුවන් සඳහා රජයේ වියදමින් නීතිවේදීන් පත් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. මෙම නඩුව ලබන 26,27, සහ 28 යන දිනවල නියත වශයෙන්ම විභාගයට ගන්නා බවයි, කොළඹ මහාධිකරණ විනිශ්චයකාරවරිය වන රෝහිනී වල්ගම කියා සිටියේ. එමෙන්ම මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන මියගිය තැනත්තාගේ රුසියානු ජාතික පෙම්වතිය මීළඟ දිනයේ අධිකරණය ඉදිරියේ සාක්ෂි දීම සඳහා ඉදිරිපත් කරන බව රජයේ නීතිවේදියා අධිකරණයට දැනුම් දුන්නේය. රතු කුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂයික් තංගල්ලේ නිවාඩු නිකේතනයකදී ඝාතනය කෙරුනේ 2011 නත්තල් දවසේයි. ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනකු චෝදනා ලැබ සිටිති.
කුරාම් ෂයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකුට රජයේ වියදමින් නීතිවේදීන් ලබා දීමට කොළඹ මහාධිකරණය තීන්දු කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය 74 වන සංවත්සරයට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂය තම මැතිවරණ ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය අත්කරගනිමින් මෙවර මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් හිමිකරගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය අලුතින් ලිවීමක් බවටව පත්ව ඇත. එහෙත් එක්සත් ජාතික පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී තැනූ සමගි ජන බලවේගය මාස කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ග්‍රහනය කරගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයට ඉතා ආසන්න සුවිශේෂී ජයක් අත්කරගැනීමට හැකිවීම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තවදුරටත් ශක්තිමත් වීමක් දක්නට හැකිවන බව විශ්ලේෂකයෝ පවසති. සමගි ජන බලවේගය මාස කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ග්‍රහනය කරගැනීමට සමත් වී ඇත 2019 ජනාධිපතිවරණයේදි සුලු ජාතීන්ගේ සහය නොමැතිව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි බව පෙන්වූ ශ්‍රී ලංකා පොඳුජන පෙරමුණ මෙම මහ මැතිවරණයේදී ඡන්ද 6853693 ලබාගෙන ආසන 145 ක් තහවුරු කර ගැනීම හරහා ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගැනීම තුළින් මෙතෙක් කල් පැවති සුළු පක්ෂ වලට තිබූ කේවල් කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇති බව ද ඇතැම් විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ. මෙවර මහ මැතිවරණයේදී තරග කළ, බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ අපේ ජන බලවේගය පක්ෂයත්, පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගේ මූලිකත්වය ඇතිව තරග වැදුනු ටී එම් වී පී (තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල්) පක්ෂය සහ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නායකත්වය දෙන ටී එම් ටී කේ (තමිල් මක්කල් තේසිය කුට්ටනි) පක්ෂය එක් අසුන බැගින් හිමිකර ගැනීම විශේෂත්වයකි. මෙම ප්‍රවණතාවත් සමගම රට නව දේශපාලන දිශානතියකට යොමු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති. "ප්‍රධාන පක්ෂ දෙක එකතුවී පසුගිය රජය ගෙනයෑමෙන් ජනතාවට කිසිදු බලාපොරොත්තු වූ සහනයක් නොලැබීමෙන් ජනතාව හිටියේ බොහෝ කළකිරීමෙන්. පාස්කු ප්‍රහාරය නිසා ආරක්ෂාව පිළිබඳවත්, ආර්ථිකය පිළිබඳවත් ජනතාව විශාල කලකිරීමකින් සිටීම තුළ මෙම මැතිවරණය එය ප්‍රදර්ශනය කරන්න උදව්වක් කරගෙන තිබෙනවා," ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විශාකා සිරිවර්ධන බී බී සී සිංහල සේවයට පැවසීය. ඇය තවදුරටත් පැවසුවේ ප්‍රධාන විපක්ෂයේ බෙදීම නිසාත්, 2015-2019 රජයේ තිබුණු අඩුපාඩු නිසාත් ජනතාව මෙවර මැතිවරණයේදී මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවකි. දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට පෙර කිහිපවිටක්ම අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වු බව වාර්තා වුවත් දෙමළ ජාතික සන්ධානය රජයට සහය පළ කරන්නේදැයි මෙතෙක් ප්‍රකාශ වී නැත. මේ අතර මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පසුබෑමකට ලක්වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත මගින් පෙන්නුම් කරයි. පාස්කු ප්‍රහාරයෙන් ද බැටක් කෑ ආර්ථිකය ගෝලීය කෝවිඩ් වසංගතය හමුවේ සෘණ අගයකට ළඟාවී ඇති බැවින් කඩා වැටුනු ආර්ථිකය ගොඩනැගීම නව රජයට පැවරෙන පළමු හා ඉතාමත්ම අභියෝගාත්මක කාර්යභාරය වනු ඇත. එහීදී විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත්වන බැවින් චීනය හා ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වාගන්නා ආකාරය රටේ අනාගතය කෙරෙහි බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇත. ජනපති ගෝඨාභය පත්වීමත් සමඟම ලබා දුන් බදු සහන, කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පසුබෑ සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ මෙන්ම ඇඟලුම් වැනි නිර්යාත ආදායම් අහිමිවීම හමුවේ නව රජය ජනතාවට සහන ලබාදෙමින් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම වැනි දුශ්කර අභියෝග ජයගන්නේ කෙසේදැයි ජනතාව විමසිලිමත් වනු ඇත. කියවන්න:
2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් මෙවර මැතිවරණයෙන් ආණ්ඩු බලය ලබාගැනීම මෙන්ම ප්‍රධාන විපක්ෂය බවට පත්වීමත් හේතුවෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහි වෙසෙන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රදේශයේ ඇති බෞද්ධ ආරාම වෙත විදේශිකයෝ දහස් ගණනින් වසරක් පාසා පැමිණෙති. නමුත් 'ලදාක්' පළාත බෞද්ධ භික්ෂුනී ආරම විසි අටකට නිවහන වී ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. නයෙර්මා නමැති කුඩා ගම්මානයේ පිහිටි එවැනි භික්ෂූනී ආරාමයක් පිළිබද මේ කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ඉන්දියානු ඡායාරූප ශිල්පිනියක් වන දීප්ති අස්තානා විසිනි. භික්ෂූනී ශාසනයේ ඇරඹුම ගෞතම බුදුන් වැඩසිටි සමය දක්වා දිව යයි. පැවිදිවීම සඳහා කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ පෙනී සිටි බව විශ්වාස කෙරේ. නමුත් සියවස් ගණනාවක සිට භික්ෂූනී ශාසනය පරිහානිය කරා ගමන් කරමින් පවතින අතර භික්ෂූන් වහන්සේලා ආරාම තුළ ජීවත් වුවත්, භික්ෂුනියන්ට දිවි ගෙවීමට හෝ ආගමික වතාවත් සිදු කිරීමට විශේෂයෙන් වෙන් වූ ස්ථාන නොමැත. 2012 වසරේ සිට චට්නයාලින් ආරාමය වයෝවෘද්ධ භික්ෂුනියන්ට නිවහන වී තිබේ. එම ආරාමය ඉදිකරනු ලැබ ඇත්තේ ලදාක් භික්ෂූනී සංගමය විසිනි. ඒ ගම්වාසීන්ගේ ද සහාය ඇතිවය. "මේ කාන්තාවන්ට ඉතා දැඩි ලෙස උදව් අවශ්‍ය කර තිබුණා. මේ අයට කෑමට ආහාර තිබුණේ නැහැ. කිහිප දෙනෙකු තමන්ගේ පවුලේ ගෙවල්වල වැඩට ගිහින් තිබුණා" යනුවෙන් භික්ෂුනී සංගමයේ නිර්මාතෘ වෛද්‍ය සෙරින්ග් පැවසුවාය. අසූපස් හැවිරිදි ලොබ්සාන්ග් ඩොල්මා චට්නයාලින් ආරාමයේ වැඩවසන වයෝවෘද්ධම භික්ෂුනියයි. ආරාමයේ වැඩවිසීමට පෙර ලොබ්සාන්ග් භික්ෂුනිය කම්කරුවෙකු ලෙස වගා බිම්වල සේවය කර ඇත. පාසල් අධ්‍යාපනය මෙන්ම බෞද්ධ දර්ශනය සහ වෛද්‍ය විද්‍යාව හදාරන තරුණ භික්ෂුනියන් පිරිසක් සමග වෛද්‍ය සෙරින්ග් පැල්මෝ භික්ෂුනි වහන්සේ (පළමු පෙළ, මැද) ඡායාරූපයකට පෙනී සිටියහ. කලකට ඉහත, ආගමික වතාවත් සිදු කිරීමට හෝ ඒ සඳහා සහභාගී වීමට ආරාධනා ලැබුවේ භික්ෂුන් වහන්සේලා පමණි. නමුත් මේ වනවිට බණ දේශනා කිරීම සඳහා තරුණ භික්ෂුනී වහන්සේලා වෙත ආරාධනා ලැබේ. ආගමික වතාවත් සඳහා සහභාගීවන භික්ෂුනීයන් වෙත මුදල් ආධාර ද පිරිනැමෙයි. ලිංගිකත්වය මත පදනම්ව සිදු කෙරෙන නොසලකා හැරීම් ආගමික සංස්ථා තුළ බහුලව දක්නට ලැබෙන බව තමන්වහන්සේට නිරීක්ෂණය වූ බව වෛද්‍ය පැල්මෝ භික්ෂුනිය පවසති. එවැනි සම්ප්‍රදායික ක්‍රමවේද අභියෝගයට ලක් කරනුවස් තරුණ භික්ෂුනියන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා නූතන අධ්‍යාපනය පිටුවහලක් වනු ඇති බවට වෛද්‍ය පැල්මෝ භික්ෂූනී වහන්සේ විශ්වාසය පළ කළහ. චට්නයාලින් ආරාමයේ වැඩවසන ලාබාලතම භික්ෂුනිය අට හැවිරිදි ස්කර්මා චුක්සිට්. 2008 වසරේ දී ස්කර්මා භික්ෂුනිය ආරාමය වෙත පැමිණෙන විට මන්දපෝෂණයෙන් සහ විටමින් 'ඩී' ඌනතාවයෙන් පෙළෙමින් සිටියහ. සිය සහෝදර සහෝදරියන් නිතර සිහි නොවුන ද පෙර ජීවත් වූ ලදාක්හි සැන්ස්කාර් මිටියාවත නිතර මතකයට නැගෙන බව ස්කර්මා භික්ෂුනිය කියා සිටියහ. චට්නයාලින් ආරාමයේ වැඩවසන චම්බා භික්ෂුනිය වෙත එහි පැමිණි අමුත්තෙකුගෙන් පාපැදියක් තෑගි ලැබී තිබේ. සෑම උදෑසනකම සහ සැන්දෑවකම පාපැදියේ නැග යන විට දැනෙන නිදහසට තමන්වහන්සේ දැඩි ඇල්මක් දක්වන බව චම්බා භික්ෂුනිය පැවසූහ. සෙරින්ග් කුන්සොම් භික්ෂුනිය පැවිදි වීමට තීරණය කළේ යන්තම් වසර 7 ක් සපිරුණ විටදීය. භික්ෂුනී ආරාමය විසින් ලදාක් පළාතේ ප්‍රත්‍යන්ත ගම්මාන තුළ නොමැති අධ්‍යාපන පහසුකම් සහ වෙනත් අවස්ථා පිරිනමනු ලබන බැවින් කුන්සොම් භික්ෂුනිය මෙන් තරුණ ගැහැණු ළමුන් පැවිදි ජීවිතයක් ගත කිරීමට යොමු වේ. මේ තොරතුරුද දැනගන්න: හිමාල අඩවියේ පොඩි හාමුදුරුවෝ හිමාල අඩවියේ ‘අයිස් ස්ථූප’
උතුරු ඉන්දියාවේ හිමාල කදුවැටිය පාමුළ පිහිටි 'ලදාක්' ඉතා දුෂ්කර නමුත් සුන්දර වටපිටාවකට උරුමකම් කියන පළාතකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නාමල් අත්අඩංගුවට ගැනීම 'දේශපාලන පළිගැනීමක් නොවෙයි' පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු දේශපාලන අවශ්‍යතාවක් නොමැති බවයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඔහු අත්අඩංගුවට ගනු ලැබීම හඳුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසයි. 2015 වසරේ ජනවාරි 08 වනදායින් පසු විවිධ පාර්ශව විසින් තම සංවිධානය වෙත පැමිණිලි ලබා දුන් බවත් ඒ අතර තිබූ ශක්තිමත් සාක්ෂි අඩංගු පැමිණිලි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට භාර දුන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේය. 'ඒ පැමිණිලි ගැන තමයි FCID ය හරහා විමර්ශන සිදු කළේ' ඔහු පැවසීය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ රාජ්‍ය බලය යොදා ගනිමින් මහජන දේපළ අවභාවිත කිරීම සහ මුදල් විශුද්දීකරණය යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අදාළ චෝදනා ගොනු කළ බවයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ. මේ අතර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ඒ බව කල් තියා මාධ්‍යයට ප්‍රකාශ කළ බවටත් දේශපාලන අවශ්‍යතාවක් මත අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව ඒ හරහා පෙන්නුම් කෙරෙන බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ඒ පිළිබඳ සංදේශය දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීය යුතු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය ධීවරයෙක් නාවික හමුදාව පෙරේදා (බදාදා) ඉන්දීය ධීවරයින් 2,700 කට පමණ ගල් වලින් ගසා දමා ඔවුන් පලවා හැරිය බව ධීවරයින් කියා සිටින්නේ යැයි ඉන්දීය පීටීඅයි ජාතික පුවත් සේවාව වාර්තා කළේය. මේ පිළිබඳව බීබීබීසි දෙමළ සේවය, තමිල් ඕසෙයි සමග කථා කළ තාමිල්නාඩුවේ තන්ගච්චි මඩම් හි වෙසෙන ස්විටර් අන්තෝනි ධීවරයා කියා සිටියේ කච්ච්තිව් දුපත අසල මාළු අල්ලමින් සිටියදී ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ලොකු බෝට්ටුවක් තමන් සිටින ස්ථානයට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුලත සිටින හෙයින් පිට වෙන්නැයි කියා සිටි බවයි. “යන්න හදන කොට නාවික හමුදාවේ තවත් බෝට්ටුවක් ආවා.බෝට්ටුවේ හිටපු අය අපට ගල් ගහන්න පටන් ගත්තා.බෝට්ටුවේ හිටපු හතර දෙනාගෙන් කාටවත් තුවාල සිදු වුනේ නැහැ ඒත් බෝට්ටුවට හානි සිදුවුනා. ක්‍රිකට් බෝලයක් විතර වෙන ගල් වලින් ගැහැව්වා.ගෝනි වල තිබ්බ මේ ගල් වලින් අපිට දිගටම ගැහැව්වා,” යැයි ස්විටර් අන්තෝනි ධීවරයා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත් අඩංගුවට ගන්නා නමුත්, ඔවුන්ට ගල් ගැසූ බවට එල්ල වන චෝදනාව සත්‍යයෙන් තොර බවයි, නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සංදේශයට කියා සිටියේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවරයින්ට ගල් වලින් දමා ගැසීමේ චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ක්‍රිස් ගේල් එම ලෝක වාර්තාව තැබීමට සමත් වූයේ අද අඟහරුවාදා කැන්බෙරා නුවර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි. පන්දු එකසිය තිස් අටකට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතළිස් හය වන ඕවරයේදී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය වාර්තා කළේය. ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයට හයේ පහර දාසයක් ඇතුළත්. ලකුණු දෙසීය පහළොවක් වාර්තා කර සිටි ක්‍රිස් ගේල් සිය ඉනිමේ අවසාන පන්දුවේදී දැවී යාමට ලක් විය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ, එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සහ ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රිකට් ඉතිහාසයට එක් වේ.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව එක් දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 12 ක් අතරින් 11 වෙනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම බවට ද පත් විය. එක් දින ශ්‍රේණිගත කිරීම්වල අට වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ දී සිම්බාබ්වේට පරාජය වූ පළමු වතාව මෙයයි. ශාරීරික යෝග්‍යතාව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්ෂ පිතිහරඹයක යෙදෙමින් නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 316 ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 80 කට මුහුණ දී ලකුණු 86 ක් සහ උප නායක උපුල් තරංග ලකුණු 79 ක් රැස් කිරීම කැපී පෙනිණ. එහෙත් ඕවර 47 යි පන්දු හතරකදී කඩුලු හතරක් පමණක් දවාගනිමින් එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායමේ සොලමන් මයර් ලකුණු 112 ක් රැස් කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ප්‍රශස්ත මට්ටමක නොපවතින බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා සඳහන් කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ වරද පිළිගත් ලසිත් මාලිංගට අත්හිටවූ තරග තහනමක් පණවා තිබේ. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තවත් එක් දින තරග හතරක් සහ එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතය. බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා පළමු පෙළ තරගාවලියේ පුළුල් සංශෝධන සිදු කළ යුතු බව මේ අතර සිදත් වෙත්තමුණි වැනි විචාරකයෝ පෙන්වා දෙති. වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව පූර්ණ සංශෝධනයකට ලක් කළ යුතු බවත් සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී නැති බවය.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක පහසු ජයක් අත්කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රටේ දේශපාලන පරිසරය පෙළ ගැසෙන ආකාරය අනුව තම පක්ෂය තීරණයකට එළඹෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස කුමන ආකාරයෙන් ඉදිරිපත්වුවත් සිය පක්ෂයේ සහාය හිමි නොවන බවයි ඔහු පැවසුවේ. විශ්වාසය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසය රටේ ජනතාව තුළ නැති බවත් ඔහු පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම රජයට බල කරන්නේ නීති විරෝධී ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පරිබාහිරව නීති විරෝධී ලෙස ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඊට එරෙහිව ඔහු පැරදවීම සඳහා උපරිම ලෙස මැදිහත් වීමක් කරන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් කවර අවස්ථාවකදීවත් ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය. බරපතළ තත්වයක් රටේ නීතියට පිටින් වැඩ කරන ජනාධිපතිවරයෙකු යළිත් රටේ නායකයා වීම අනාගතයේ දී බරපතළ තත්වයක් ඇතිවීමට පාර කැපීමක් නිසා ඔහු පැරදවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.
ආණ්ඩුවේ ඇමතිවරයකු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට පල වන වාර්තා පිළිබඳව සිය අවධානය යොමු වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"අපි සියලු දෙනා එක් වී සභාපතිවරයෙක් පත් කර ගත්තා. එතුමා ගැන අපේ විශ්වාසය තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ." යැයි ද කෝප් වාර්තාව සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අද (ඔක්. 25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය. කෝප් කමිටුවේ වගකීමවන්නේ අදාළ නිර්දේශ වාර්තා කිරීම පමණක්වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට පාර්ලිමේන්තුවට හැකිබව කී අගමැතිවරයා පෙන්වා දුන්නේ,"මෙතන මතභේද තිබෙනවා, අර්බුද තිබෙනවා. මම කථානායකතුමාටත් කිව්වා කෝප් සභාව වාර්තාවක් දෙන්න, යම් ගැටලුවක් ඇත්නම් කථානායකතුමාට පුළුවන් තීරණයක් ලබා දෙන්න." යනුවෙනි. ඒකාබද්ධ විපක්ෂය මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ බහුතරයක් කෝප් කමිටු සාමාජිකයන් විසින් අත්සන් තබනු ලැබූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ උත්සාහයක් පවතින බවට සැකයක් මතු වන බවය. අයවැය විවාදය ආරම්භ වීමට නියමිතව ඇති බැවින් කෝප් වාර්තාව විවාදයට ගැනීම සඳහා ඇත්තේ තවත් සතියක පමණ කාලයක් බවත් ඔහු සඳහන් කළේය. "අයවැය විවාදය පටන් ගත්තට පස්සේ මෙවැනි කටයුත්තකට තියන ඉඩ ඇහිරෙනවා."යැයි ඔහු පෙන්වා දුන්නේය. එජාපය එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ කමිටු සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට කමිටු සාමාජිකයන්ගෙන් බහුතරයක් අත්සන් තබා නොමැති බවය. කෙසේවෙතත් කමිටු සභාපතිවරයා විසින් ඉදිරිපත් කොට සම්මත කරන ලද සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේය. කෝප් සභාපති බදාදා සවස නැවත කමිටුව රැස්වන බවත් මෙම සතිය ඇතුළත අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එහිදී පැවසීය. මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ පිළිවෙත හමුවේ තමන්ට එකඟවිය නොහැකි කරුණු මත, ඔවුනට රිසි පරිදි තාවකාලික සභාපතිවරයකු යටතේ වාර්තාවක් සකස්කරගන්නා ලෙස දන්වමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ඊයේ(ඔක්.24) පැවැති රැස්වීමෙන් ඉවත් විය.
කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්. රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේ දුගී පවුලක 1919 දී උපන් කලෂ්නිකොව් ගේ සහෝදර සහෝදරියන් ගණන දහ හතක්. සෝවියට්, වෝර්සෝ රටවල් සහ රුසියානු හමුදා අත ප්‍රධාන ගිනි අවිය වුනේ ඔහු තැනු රයිපලයයි. කෙසේ වෙතත්, ඇන්ගෝලාව,වියට්නාමය, ඇල්ජීරියාව වැනි විවිධාකාර සටන් බිම් වල විප්ලව වාදීන් අතත් AK 47 ගැවසුනි. කලෂ්නිකොව් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිපල් නිෂ්පාදනය කොට තිබේ.
ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොටි සංවිධානය මිනීමරු සංවිධානයක් සේ හඳුන්වාදීම, උතුරේ පළාත් සභා මැතිවරණය දේශපාලන ජයග්‍රහණයක් සේ අගය කිරීම, සහ ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර දෙස සුභවාදී දැක්මකින් කටයුතු කිරීම පිළිබඳව තමන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට ස්තුතිවන්ත වන බව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියා සිටියේය. ජන කොටස් නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් නියෝජනය වීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය තම ප්‍රසාදය පල කල බව අලහප්පෙරුම ඇමතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිකාරිවාදී දිශාවකට ගමන් කරමින් සිටින බවට නවී පිල්ලේ සිදු කල ප්‍රකාශයට එකඟ විය නොහැකි බව කෙලින්ම එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වෙත දැන්වූ බව පැවසූ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වෙත මර්වින් සිල්වා ඇමතිවරයා විසින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බව ද පිළිගත්තේය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ගේ ශ්‍රී ලංකා සංචාරයේ සාධනීය අංග රැසක් දැක ගත හැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුණු කූඩේ අයින් කරන්නේ කීයටද කියල තීරණය කරන්න මට අයිතිය තියෙනව. එහෙම නැතිව කුණු කූඩේ ගෙනියනවද, නැද්ද කියල නෙවෙයි - ෆිලිප් මේ ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ යොදාගත් උපක්‍රමය සිය ස්වාමි පුරුෂයා, ෆිලිප්, සමග ජනප්‍රිය රූපවාහිනී සංවාද වැඩසටහනකට සහභාගි වීමය. ඔවුන් දෙදෙනා එක්ව රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වූ පළමු වතාව එයයි. සබැඳි යොමු: බීබීසී රූපවාහිනියේ සවස හතට විකාශනය වන One Show වැඩසටහෙන්දී 'කට වරද්දා නොගැනීමට' දෙදෙනාම ප්‍රවේශම් සහගත වූහ. මුළු සංවාදය පුරාවටම සිය බිරිඳ වෙත හැරෙමින් අදහස් දැක්වූ ෆිලිප් මේ, ඇයගේ සෑම අදහසක්ම හිස වනා අනුමත කරමින් ඇයට දැඩි පක්ෂපාතීභාවයක් ප්‍රදර්ශනය කළේය. නිවසේදීත් තමන් එලෙසින්ම හැසිරෙන බවත් ඔහු පැවසීය. සිය බිරිඳ දැඩි තීන්දු, තීරණවලට එළඹෙන තැනැත්තෙකු දැයි විමසූ අවස්ථාවේ ඔහුගේ පිළිතුර වූයේ : "හැම විවාහයකම වගේ අපේ විවාහෙත් පුංචි අඬදබර තියෙනවා," යන්නය. ඔබ දන්නවනේ කොල්ලන්ගේ වැඩ තියෙනව, ඒ වගේම කෙල්ලන්ගේ වැඩ තියෙනව - තෙරේසා මේ "කුණු කූඩේ අයින් කරන්නේ කීයටද කියල තීරණය කරන්න මට අයිතිය තියෙනව. එහෙම නැතිව කුණු කූඩේ ගෙනියනවද, නැද්ද කියල නෙවෙයි," ඔහු සිනහසෙමින් පැවසීය. ඒ අවස්ථාවේ වහා මැදිහත් වූ බිරිඳ තෙරේසා, "ඔබ දන්නවනේ කොල්ලන්ගේ වැඩ තියෙනව, ඒ වගේම කෙල්ලන්ගේ වැඩ තියෙනව," යනුවෙන් සඳහන් කළාය. අගමැතිනියගේ ස්වාමි පුරුෂයාද එය අනුමත කළේය. තමන් අනිවාර්යයෙන්ම "කොල්ලන්ගේ වැඩ කරන" බව ෆිලිප් මේ පැවසීය. එහෙත් "කොල්ලන්ගේ රස්සාවක්" ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙන අගමැති පුටුව හිමිව තිබෙන්නේ ඔහුගේ භාර්යාවටය. 'හොඳ කෝකියෙක්' කොන්සර්වේටිව් පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ සේවය කළ සමයේ සිට රටේ අගමැති පදවිය දැරීම පිළිබඳව සිය භාර්යාවට උනන්දුවක් තිබූ බව ඔහු හෙළි කළේය. තෙරේසා මේ ඡායා කැබිනට්ටුවට සම්බන්ධ වූයේ 1999 දීය. තරුණ වියේදී කොන්සර්වේටිව් පක්ෂ සමුළුවක් අමතා තිබෙන නමුත්, දේශපාලනයට මුලින්ම අවතීර්ණ වූයේ ඇය බවත් ඔහු හෙළි කළේය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේ ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැසුණු ආකාරයත් ලෝක දේශපාලනයට සම්බන්ධ සිදුවීමකි. ඔවුන් දෙදෙනා හඳුන්වා දී තිබෙන්නේ දෙදෙනාගේම මිතුරියක වූ - පසුව පාකිස්තානයේ අගමැති පදවියට පත් - බෙනාසීර් භූතෝ විසිනි. අගමැතිවරියකගේ ස්වාමි පුරුෂයා වීම හේතුවෙන් ඇතිවන අවාසි කවරේදැයි විමසූ විට එය වරප්‍රසාදයක් බව ෆිලිප් මේ අවධාරණය කළේය. සිය බිරිඳ ඉතා හොඳ කෝකියෙකු බවත් ඔහු සඳහන් කළේය.
පහසුවෙන් සමීප විය නොහැකි ඡන්දදායකයන්ට ආමන්ත්‍රණය කිරීම පිණිස දේශපාලන නායකයෝ විවිධ උපක්‍රම යොදාගනිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ඔත්තු බැලීම් සිදු කරනු ලැබ තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ සිටියදී . එකී වාර්තා මගින් එල්ල කෙරෙන චෝදනා අනුමත කළ නොහැකි බව කියා සිටි ඉන්දියානු නිලධාරීන් එවැනි දේ යළි සිදු නොකරන බවට සහතික වීමක් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ. ඉහත කී ඔත්තු බැලීම් පිළිබඳ චෝදනාවලට පදනම් වන්නේ “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කෙරුණ වාර්තාවක්. එඩ්වර්ඩ් ස්නෝඩන් ඇමෙරිකාවේ හිටපු ඔත්තු බලන්නකු වූ එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් හෙළිදරව් කරනු ලැබුණ තොරතුරකුයි “වොෂිංටන් පෝස්ට්” පුවත්පතේ පළ කරනු ලැබ තිබුණේ. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය විසින් ඔත්තු බැලීම සඳහා ඉලක්ක කර ගත් විදේශීය ආයතන අතර භාරතීය ජනතා පක්ෂය පක්ෂයත් වූ බවයි, එඩ්වර්ඩ් ස්නෝඩන් ප්‍රකාශ කර තිබෙන්නේ. භාරතීය ජනතා පක්ෂය පසුගිය මැයි මාසයේ පැවැත්වුන ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගත් අතර එතැන් පටන් බරක් ඔබාමා පරිපාලනය ඉන්දියාවත් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තාකරුවන් පවසන්නේ.
ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය භාරතීය ජනතා පක්ෂය පක්ෂය(BJP) සම්බන්ධයෙන් ඔත්තු බලන ලද බවට පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඉන්දියාව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු තානාපති නිලධාරීන් කැඳවන ලද බවක් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය 'විල් අලින්ගේ' තෝතැන්නකි. ඒ, ශ්‍රී ලංකාවේ වියළි කළාපය තුළ පිහිටි එකම තෙත් බිම් ජාතික ජාතික වනෝද්‍යානය වූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝ මීටර 13 ක් දිග මාර්ගයක් ජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීම හේතුවෙනි. මෙය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම පරිසර විනාශයට නව මාර්ගයක් විවෘත කිරීමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇතත් ඊට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.ජී වීරසේන බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ''වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඉඳලා සෝමාවතිය දක්වා අලි යන කොරිඩෝ එක මේක. අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට සහ ත්‍රිකෝණ මඩු රක්ෂිතය දක්වා අලි ඇතුළු වන සතුන් හුවමාරු වෙන්නේ මේක හරහා. ඒ මැද්දෙන් පාරක් දාල ඇතිවෙන ප්‍රශ්න ගැන හිතන්නේ නැද්ද? මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් විදියට ඉදිරිපත් වුණාට වැලි නිධිය හා වෙනත් දේවල් ඉලක්ක කර ගත්ත යෝජනාවක් වෙන්නත් පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් පැවසුවේය. මහවැලි ගඟේ පිටාර තැන්නට අයත් මේ වනෝද්‍යානයේ විල්ලු පරිසර පද්ධතියක් දක්නට ලැබේ. 'විල් අලින්ගේ' තෝතැන්න මහවැලි ගඟේ පිටාර ජලයෙන් පෝෂණය ලබන විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් වන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ 'විල් අලි' ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කර කෙරුණි. 1984 වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර තිබේ. 'යක්කුරේ' ට යන පාර මනම්පිටිය පාලම අසළින් ආරම්භ වන, මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ සහ නුවරගල දෙසට ගමන් කරන පැරණි මාර්ගයක් විය.. එහෙත් 1984 දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දැමුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඊට විකල්පයක් ලෙස ජනතාවගේ ගමන් පහසුව සඳහා සිරිපුර හරහා වැටි ඇති පොළොන්නරුවේ සිට මහියංගනය දක්වා දිවෙන කාපට් ඇතිරූ මාර්ගය භාවිතයට ගන්නා ලදී. වසර 36ක් වල්බිහිවූ මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කර ජනතාවට විවෘත කිරීමේ උත්සාහයට රොෂාන් රණසිංහ සහ විමලවීර දිසානායක යන අමාත්‍යවරු මැදිහත්වී සිටිති. ඊට අදාළ සාකච්ඡාවක් නොවැම්බර් 15 දින ද පොළොන්නරුවේ දී පැවැත්විණි. 1984 දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ''ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක්'' ''මේ මාර්ගය 2005 දක්වා ජනතාව භාවිත කළ එකක්. බෝක්කු සේරම දාලා මේක මහවැලි ප්ලැන් එකේ තියෙන මාර්ගයක්. පරිසරයත් ආරක්ෂා වෙන පරිදි ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම අපේ යුතුකමක්. ජාතික වනෝද්‍යාන හරහා ලංකාවේ තියෙන එකම මාර්ගය නෙමෙයි මේක. කොළඹ ඉන්න NGO දන්නේ නෑ පොළොන්නරුවේ ඉන්න මිනුස්සුන්ගේ ප්‍රශ්න. මේකත් ලංකාගම ප්‍රශ්නය වගේම තමයි. '' යනුවෙන් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ඔහු මෙන්ම විමලවීර දිසානායක අමාත්‍යවරයා ද අවධාරණය කරන්නේ මෙය ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් බැවින් එය ඉටු කළ යුතු බවය. ''ඒක අලුත් පාරක් නෙමෙයි. යුද්දෙ කාලේ යන්නඑන්න බැරුව වහපු පාරක්. මහාමාර්ග ඇමතිතුමාගෙන් ජනතාව ඉල්ලලා තියෙනවා ඒ පාර ඇතුළු තව පාරවල් ගණනාවක් විවෘත කරන්න කියලා. මම සහ අපේ ඇමතිවරු ගණනාවක් ගිය වෙලාවේ නැවත ඕක ඉදිරිපත් වුණා. යක්කුරේ පීඩිත ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් අනුව තමයි මේ පාර දෙන්නේ.'' යනුවෙන් විමලවීර දිසානායක අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය. ''රෑට ඒ ගම්වල අලි ගහලා, සර්පයෝ කාලා විවිධ හේතු මත මිය ගිහිල්ලා තියෙනවා විශාල පිරිසක්. ඒ සියල්ල සලකලා පාර කාපට් කරන්නේ නැතුව, තාර දාන්නේ නැතුව ප්‍රතිසන්කරණය කරලා පාවිචිචියට ගන්න ඉඩ දෙනවා. ඒ පාර පාවිච්චි කරන්න පුළුවන් යක්කුරේ සහ අවට ගම්මානවල අයට විතරයි. හවස හයට පාර වහන එකත් අපේ කොන්දේසියක්.'' ''හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ?'' වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance), 2(1) වගන්තිය යටතේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත. එම පනත අනුව ජාතික වනෝද්‍යානය ස්ථාපනය කරන අවස්ථාවේදී පැරණි මාර්ගයේ අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණ ද අනුයාතව අවුරුදු දෙකක් එය භාවිත නොකළානම් ඒ අයිතිය අහෝසි වන බව පනතේ තුන්වන වගන්තියේ සඳහන්ව ඇතැයි ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය. ''එතකොට මේක ප්‍රකාශයට පත් කරලා අවුරුදු 36කට පස්සේ ඒ අයිතිය ආපහු නැවත ඉල්ලන්න නීතියට අනුව කිසිම කෙනෙකුට බෑ. අනිත් කාරණාව තමයි ජාතික වනෝද්‍යානයකට කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් පනතේ 05 වගන්තියේ තියෙන කාරණා වලට විතරයි. ඒ කියන්නේ විනෝදාස්වාදයට සතුන් නැරඹීමට හෝ අධ්‍යයන හෝ පරීක්ෂණ සඳහා පමණයි. ඒකට ඇතුළු වෙන්නත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ගන්න ඕනා. එතකොට හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ.'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය. ''දේශපාලනඥයෝ කවුරුහරි කියනවනම් මෙහෙම තීන්දු ගන්න කියලා අපිට නිලධාරීන්ට කියන්න සිද්ධ වෙනවා ගිය සතියේ දීපු අපි විල්පත්තුව කියල හඳුන්වන නඩු තීන්දුව නැවත කියවන්න කියලා. දේශපාලනඥයන්ගේ ඉල්ලීම හෝ බලපෑම මත තමන් වැරදි තීරණයක් ගත්තොත් අන්තිමට අත්සන වැදෙන්නේ තමන්ගේ. ඒක නිසා කවදාහරි දවසක අධිකරණයක් ඉදිරියේ හෝ කොමිසමක් ඉදිරියේ වරදකරු වෙන්නේ තමන්.'' යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රතිචාරය සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් ද බීබීසී සිංහල සේවය විමසීමක් කළේය. ''පාර විවෘත කරන්න කියලා පොළොන්නරුවේ තිබුණු රැස්වීමකදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ අපි කිවුවා මේක කරන්න නුසුදුසු දෙයක් කියලා. නමුත් අර ඇමතිතුමා ප්‍රතිපත්තිමය වශයෙන් කිවුවා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒ අනුව හොයලා බලනවා අපි.'' යනුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
සිංහරාජය හරහා යන ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් මතු වූ විරෝධය මෙන් තවත් විරෝධයක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉඩම් අයිතිය ඇත්තේ මධ්‍යම රජයට බවත් එම තීන්දුව මීට කලින් දී ඇති නඩු තීන්දුවලට පටහැණි බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. “පළාත් සභාවලට බලය තියෙනවා කියල කියල තියෙන්නේ. බලය නැහැ කියල නැහැ” යනුවෙනුයි කලින් දී ඇති නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ. මේ නිසා ඒ සම්බන්ධයෙන් ගත හැක්කේ කුමන ක්‍රියා මාර්ගයක් ද යන්න ගැන තම පක්ෂය අවධානය යොමු කොට තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නයක් ආර්.සම්බන්ධන් සඳහන් කළේය. අග විනිසුරු මොහාන් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දී ඇති නඩු තීන්දුව, බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම මගින් අර්ථ ගැන්වෙන අයිතීන් අභිබවා යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පළාත් සභා වල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මීට පෙර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පළාත් සභාවලට ඉඩම් අයිතිය ඇති බවට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය පියා මිය ගොස් ඇති බව නොදත් දරුවන් මිහිපිට බිම් අඟලක් තබා අඩුම තරමේ හැඳුනුම්පතක් හෝ නොතිබුණු සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාරට මෙලොව ඉඩක් තිබුණේ නම් ඒ හුස්ම ගැනීම සඳහා පමණි. අවසානයේ ඔහුට ඒ හුස්ම පොදත් අහිමි විය. මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරණයට පත් 29 හැවිරිදි සම්පත් තිදරු පියෙකි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු අටකි. පුතුන් දෙදෙනා සිව් වෙනි වියේ සහ තෙවෙනි වියේ පසු වෙති. ඔවුහු ජාඇල ප්‍රදේශයේ දුම්රිය මාර්ග රක්ෂිතය අසල පදිංචිකරුවන්ය. සිය පියා මිය ගොස් ඇති බව නොදත් මේ දරුවන් තිදෙනා ඔහු එන තෙක් මග බලා සිටිති. සම්පත්ගේ බිරිඳ ලසන්ති සිය දරුවන්ට පවසා ඇත්තේ "තාත්තා රට ගොස්" ඇති බවකි. ලසන්ති පවසන පරිදි සිය සැමියාගේ මරණය හුදු වෙඩි තැබීමකින් සිදු වූවක් නොවේ. එය දීර්ඝ කාලීන 'සමාජ අසාධාරණයක' සහ ඒ හා බැඳුනු ගැටලු දාමයක ප්‍රතිඵලයකි. සම්පත් ද ඇතුළුව දුම්රිය මාර්ගය අසල වෙසෙන බොහෝ පිරිමින්ට ජාතික හැඳුනුම්පත ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ඇය චෝදනා කරන්නීය. ඡන්දය ඇත. 'අයිඩින්ටිය' නොමැත "මගේ මිනිහා නැතුව මම ඉඳල මොකටද? ඒත් ළමයි තුන් දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා. මමත් නැති වුණොත් උන්ට කවුරුත් නැති වෙනවා..." "පොලිස්සියට ගිහාමත් කියන්නේ උඹලගේ ගෙවල් ගිනි තියනවා, කඩනවා, දැන් කඩන්න අවසර දීලා තියෙන්නේ, උඹලා වැඩිකල් ඉන්න නෙමෙයි ඔතන වගේ දේවල්..." අට වෙනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා ඇති සම්පත්ට ස්ථීර රැකියාවක් සොයා ගැනීමට හැඳුනුම්පත නොමැතිකම විශාල බාධාවක් වූ බව ලසන්ති පවසයි. "මෙතන ඉන්න ගොඩක් පිරිමින්ට වගේම මගේ මනුස්සයාටත් අයිඩින්ටියක් නැහැ. ඉතින් හරිහමන් රස්සාවක් කරන්න බැහැ. ඒ හින්දා එයා බස්වල සිංදු කියල තමයි අපිව ජීවත් කළේ. එයා රස්සාවක් කියලා වෙන දෙයක් කළේ නෑ. ළමයින්ගේ උප්පැන්න පුරවන්නත් ෆොටෝ සහතික තමයි අරන් ගියේ. ඒකත් කියලා කියලා අමාරුවෙන් ඉල්ල ගත්තේ…" ඇය හඬා වැටෙයි. ලසන්ති පවසන පරිදි මත් කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත සම්පත් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ජුනි 25 වෙනිදාය. අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ ජුනි 26 වෙනිදාය. සම්පත් මහර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි කාලය මාස හයකට ආසන්නය. "එදා බන්ධනාගාරේ ළඟට යනකොටත් එතන වෙඩි තියනවා, ගිනි ගන්නවා. අපිට දැන් යන එනමං නෑ මහත්තයෝ, අපි අසරණයි… මගේ මිනිහා නැතුව මම ඉඳල මොකටද? ඒත් ළමයි තුන් දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා... මමත් නැති වුණොත් උන්ට කවුරුත් නැති වෙනවා..." බන්ධනාගාරයේ හටගත් ගින්න සිය දරුවා පිළිබඳ තොරතුරක් ලබා දෙන ලෙස ඇයද සිටින රැඳවියෙකුගේ පියෙක් බසයක, කෝච්චියක සිංදු කීම එක්තරා ආකාරයකට අනුන්ට අතපා ජීවත් වීමකි. 'අයිඩින්ටියක්' නැතත් තවකෙකුට අතපෑම මේ තරුණයාට අපහසු කාර්යයක් වන්නට ඇතැයි ලසන්තිගේ කතාවෙන් හැඟෙයි. ඇය පවසන පරිදි සම්පත් මත් කුඩු භාවිත කර ඇත්තේ එම වෘත්තීය සහ සමාජය හමුවේ ඇතිවන මානසික පීඩාවෙන් අත්මිදීමේ මගක් වශයෙනි. "මිනිස්සු ඉදිරියේ වෙන ලැජ්ජාවට... අනුන්ට අතපාන්න ලැජ්ජාව ඇරගන්න තමයි මතට හුරු වුණේ," නමුත් මත් කුඩු ළඟ තබා ගනිමින්, මත් කුඩු වෙළෙඳාමේ යෙදුනේ යැයි "බොරු චෝදනා දමා" පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව ලසන්ති කියා සිටී. නැති බැරිකම මෙන්ම සමාජයෙන් ගැරහුම්, අවමන් මිස පිහිටක් නොලද බව ඇය ඇඬු කඳුලින් කියා සිටී. "එයාට අයිඩින්ටිය නැති හින්දා ඒක හදාගන්න මම දවස් ගානක් ග්‍රාම සේවක මහත්තයා ගාවට ගියා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. මම ළමයත් උස්සගෙන ගියේ, එතකොට පොඩි එකාට සතියයි." "පොලිස්සියට ගිහාමත් කියන්නේ උඹලගේ ගෙවල් ගිනි තියනවා, කඩනවා, දැන් කඩන්න අවසර දීලා තියෙන්නේ, උඹලා වැඩිකල් ඉන්න නෙමෙයි ඔතන වගේ දේවල්. අපිට යන්න තැනක් දුන්නා නම් අපි යනවා. කොල වගයකට අස්සන් ගත්තා, හැබැයි කියවන්න දුන්නේ නැහැ. අපි ඇහුවම මොකටද කියලා, ඡන්ද කොලවලට කියලා කිව්වා මිසක් හරියට මොකක්ද කියලා කිව්වේ නැහැ." "හැමෝම කියන්නේ උඹලා පලයල්ලා, උඹලා පලයල්ලා කියලා. අපි කොහේ කියල යන්නද? දැන් මට මගේ මනුස්සයත් නැහැ...." "මේ මහ පොළොවේ මුකුත්ම නැති මිනිහට ඉතුරු වෙලා තිබුණේ හුස්ම පොද විතරයි. අන්තිමට ඒකත් එයාගෙන් උදුර ගත්තා..." "අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඡන්දේ කාලෙට අර මහත්තයා, මේ මහත්තයා කියාගෙන ඡන්දේ ඉල්ලන්න නම් එනවා." "අඩුම තරමේ හැඳුනුම්පතක් අරන් රස්සාවක් කරලා ජීවත් වෙන්න අපිට මේ රටේ අයිතියක් නැද්ද? අනික් මිනිස්සු වගේ කාලා බීලා පවුලේ අයත් එක්ක එකට ජීවත් වෙන්න තියෙන අයිතියවත් රජයෙන් අපිට දීලා නෑ. ඒ තරමටම අපිව අසරණ කරලා..." "මේ මහ පොළොවේ මුකුත්ම නැති මිනිහට ඉතුරු වෙලා තිබුණේ හුස්ම පොද විතරයි. අන්තිමට ඒකත් එයාගෙන් උදුර ගත්තා..." චන්ද්‍රිකා සමන්ලතා සම්පත්ගේ සොහොයුරියකි. ලසන්ති සමග රෝහලට ගොස් සම්පත්ගේ මෘත දේහය හඳුනා ගත් බව ඇය බීබීසිය වෙත පැවසීය. බන්ධනාගාර වෙඩි තැබීමේ දී පළමුව වෙඩි වැදී ඇත්තේ සම්පත්ට බව එහි සිටි සෙසු රැඳවියන් වෙතින් දැන ගැනීමට ලැබුණු බව ඇය කියා සිටී. "අද අපේ මල්ලිට අවුරුදු විසි නවයෙන් දරුවෝ තුන්දෙනයි ගෑනිවයි අසරණ කරලා යන්න වුණෙත් අපි ගැන රජයෙන්වත් සොයා බැලීමක් නොකළ නිසයි. හරි හමන් රස්සාවක් තිබ්බා නම් මල්ලිට මෙහෙම දෙයක් වෙන්නේ නෑ..." 1989 වසරේදී විවාහ වීමෙන් පසු ජාඇලට පැමිණ ඇති චන්ද්‍රිකා ද ගත කර ඇත්තේ 'අතන මෙතන' ජීවිතයකි. "එදා ඉඳන්ම අපි පේමන්ට් එක අයිනේ ගෙවල් හදාගෙන ඉන්නේ. කලින් රේල් පාර අයිනේ ගෙවල් හදාගෙන හිටියා. ඒ පැත්තෙන් අයින් වෙන්න කිව්වම මේ පැත්තට ඇවිත් ගෙවල් හදාගත්තා. අපිට කිසි කෙනෙකුගේ හව්හරණක් නැහැ. අයිඩින්ටිය හදා ගන්න ගිහාම ග්‍රාම සේවක මහත්තයා කියන්නේ, ලියාපදිංචියක් නැහැ, අනවසර ඉඩම් නිසා දෙන්න බැහැ කියලා. මට අයිඩින්ටිය හැදුවා, මගේ පුතාට හැදුවා අනික් අයට හදන්න බැහැ කිව්වා," "ඒත් දැන් අපේ කට්ටියගේ ඡන්ද පහළොවක් විතර තියෙනවා. දරුවෙක් ඉස්කෝලේ දාන්න ගියත් ලියාපදිංචි සහතිකයක්, ග්‍රාම සේවක සහතිකයක් ලැබෙන්නේ නැහැ. මේවත් එක්ක රස්සාවල් ලැබෙන්නෙත් නැහැ. ඉතින් බස්වල සිංදු කියනවා, පොත් විකුණනවා, කකුළුවෝ විකුණනවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු මතට හුරු වෙනවා..." "අපේ දරුවෙක් ඉස්කෝලේ ගියත් කොන් වෙනවා. සමහර වෙලාවට කිසිම වැරැද්දක් නැතුව පොලිස්සිය ගෑනුන්ට පවා පයින් ගහලා, කොන්ඩවල්වලින් ඇදලා අනන්තවත් ගහලා තියෙනවා. පන්දාහ ගන්න ගිහාමත් උඹලට දෙන්නේ නැහැ කියලා ගමේ මිනිස්සු අපිට බැන්නා. අපේ අයව පස්සට එළවලා තිබුණා." "මේ, තමන්ට කියල වහලක් නැති මිනිස්සු...එච්චරක් නෙමෙයි අඩුම ගානේ හැඳුනුම්පතත් නැති මිනිස්සු... අන්තිමට ඉතුරු වෙලා තිබුණු හුස්ම පොදත් උදුරගෙන. සිරකරුවොත් මනුස්සයෝය කියනවා. ඒත් මිනිහෙක්ට හිමි වෙන්න ඕනි කිසිවක් නැති නිසා මේ මිනිස්සු මිනිස්සු නෙමෙයි කියලා හිතෙන්න ඇති..." පසුගිය නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය හමුවේ රැඳවියන් 11 දෙනෙකු මරණයට පත් වූ අතර 100 අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි වෙත සඳුදා (දෙසැම්බර් 07) භාර දෙනු ලැබිණි. අදාළ කමිටුව විසින් මසක් තුළ ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව බව අධිකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. "මේ වගේ සිද්ධි ඉදිරියේදී සිදු නොවීමට අපි කටයුතු කළ යුතුයි. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ක්‍රමවේදය පිළිබඳව සලකා බැලිය යුතුයි. මත් ද්‍රව්‍ය වලට යොමු වුවන් පුනරුත්ථාපනය කිරීම අපේ අරමුණයි. සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් කිරීම සිදු කළ යුතුයි," යනුවෙන් අධිකරණ ඇමතිවරයා එහිදී පවසා තිබිණි. "සිර කඳවුරු වෙනුවට පුනරුත්ථාපන කඳවුරු ඇති කර විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අය ඒ තුළින් මුදවා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතුයි," මේ ගැනත් කියවන්න:
අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. අනන්‍යතාව මූලික මිනිස් අයිතිවාසිකමකි. සිය අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා යමෙකුට සිය අනන්‍යතාව දැක්වෙන හැඳුනුම්පත උපකාරී වේ. පහත දැක්වෙන්නේ එකී මූලික අයිතිවාසිකම පවා අහිමි වූවන් පිරිසකගේ දුක්ගැනවිල්ලයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ සියලු විරෝධතා නොතකා හරිමිනි. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ (no-deal Brexit) ක්‍රියාවලියට විරෝධය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිවාදීන් දැනටමත් පාර්ලිමේන්තුව අක්‍රිය කර දැමීමට එරෙහිව පියවර ගනිමින් ඇත. අගමැතිවරයාගේ ක්‍රියාවට එරෙහිව නෛතික අභියෝග එල්ල කෙරෙමින් ඇති අතරවාරයේ, දශ ලක්ෂයකට අධික අත්සන් සහිත මහජන පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ එම සියලු විරෝධතා නොතකා හරිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායකවරයා වන ජේකොබ් රීස්-මොග්( Jacob Rees-Mogg) ප්‍රකාශයක් කරමින්, අගමැතිවරයා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය "විධිමත් සහ ව්‍යවස්ථානුකූල" පියවරක් බව කියා සිටියේය. පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහි විරෝධය ඔහු දකින්නේ "අව්‍යාජ නොවන" වැඩ පිළිවෙලක් ලෙසිනි. අගමැතිවරයාගේ නිර්දේශ රැජින විසින් බැහැර කරනු ලැබීමේ අවකාශයක් නොවීම දේශපාලන යථාර්ථය වේ. කොන්සර්වේටිව් කැරලිකාරීන්ගේ විරෝධය අගමැති ජොන්සන්ගේ නිර්දේශය අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් දහවෙනිදා (10) පටන් සති හයකට අක්‍රිය වේ. එහි ප්‍රතිවිපාකයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය සඳහා කාලය අහිමි කිරීමක් සිදු කෙරෙන අතර, ලබන මස තිස් එක් වෙනිදා (ඔක්තෝබර් 31) වනවිට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා ගෙන යමින් පවතින වැඩ පිළිවෙල නතර කිරීමට මන්ත්‍රීවරුන් සඳහා ඇති අවස්ථාව අහිමි කෙරේ. අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව ඔහු අයත් කොන්සර්වේටිව් පක්ෂය තුළින් පවා දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන කොන්සර්වේටිව්වාදියකු වන කුක්හැම් සාමිවරයා (Lord Young of Cookham) මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පදවියෙන් ඉල්ලා අස්විය. "අපේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුව සතු මූලික කාර්යභාරය යටපත් කර දැමීම අනතුරක්" කුක්හැම් (Lord Young of Cookham) සාමිවරයා කියා සිටී. අගමැතිවරයාගේ නිර්දේශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැති ජෝන් මේජර් කල්තබාම ප්‍රකාශ කර තිබිණි. පාර්ලිමේන්තුව අත්හිටවනු ලැබීමට එරෙහිව එල්ල වෙන විරෝධය අද (අගෝස්තු 29) වඩාත් තීව්‍ර මුහුණුවරක් ගන්නා ලද්දේ ,ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්‍ෂ නායිකා රූත් ඩේවිඩ්සන් (Ruth Davidson) එම නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟය. බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාවාරයක් අගමැතිවරයාට පාර්ලිමේන්තුව අත්හිටුවිය හැකිද? "ඔව්" බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිළිබඳ විද්වතුන් ඊට දෙන පිළිතුරය. එවැනි ක්‍රියාමාර්ගයකට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීමක් අවශ්‍ය නැත. පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුවක් (Prorogation) ගැනීමට රැජිනට (හෝ රජුට) බලය ඇත. එහෙත් එවැනි තීන්දුවක් ගනු ලබන්නේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිය. කෙසේවුවද, අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස එලිසබත් රැජිනට උපදෙස් දෙන ලද්දේ, ඔහු දැනට ඉදිරිපත් කර ඇති ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙලට ලේබර් පක්ෂය ඇතුළු විපක්ෂයේ පමණක් නොව, තමා නායකත්වය දෙන කොන්සර්වේටිව් පක්ෂයේත් කැරලිකාර මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් මතුවෙමින් පවතින දේශපාලන පරිසරයක් යටතේය. අගමැති බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ බලයේ සිටින්නේ එක් බහුතර ඡන්දයකින් වන අතර, ඉහත කී විරෝධය හමුවේ අගමැතිවරයා දැඩි අසීරු අඩියක පසුවේ. එවැනි වාතාවරණයක් යටතේ පාර්ලිමේන්තුව අත්හිටුවීම නිසා මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් වීනම් එම අවස්ථාව මග හැරේ. එසේම ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා අගමැතිවරයා ගෙනයමින් ඇති වැඩපිළිවෙල අවහිර කිරීමටත් මන්ත්‍රීවරුන් සඳහා පැවති අවකාශය එමගින් අහුරා දමනු ලැබිණි. පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවනු ලැබීම සාමාන්‍ය කරුණක් වන නමුත්, මෙවර එය අත්හිටවනු ලැබීම පැහැදිලිවම අති විශාල පරිමාණයෙන් මතභේදාත්මක සිද්ධියක් වන බව 'Institute for Government' බුද්ධි මණ්ඩලයේ මැඩී තිමොන්ට්-ජැක් (Maddy Thimont-Jack) පවසයි. ලේබර් පක්‍ෂ නායක ජෙරමි කෝර්බින් රැජිනට අගමැති ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිද? මූලධර්මයක් මට්ටමින් ගත්විට,අගමැති පදවියේ සිටින්නා විසින් කරනු ලබන නිර්දේශයක් එලෙසින්ම ක්‍රියාවට නැංවීම කිරීටය විසින් ඉටු කරනු ලැබීම ශතවර්ෂයකට අධික කාලයක් මුල්බැස ගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය වේ. එහෙත් දැනට පවතින විශේෂ දේශපාලන පරිසරය යටතේ අගමැති බොරිස් ජොන්සන් විසින් කරන ලද නිර්දේශය බාර ගැනීමට හෝ බැහැර කිරීමට රැජිනට හැකි විනැයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති. එහෙත් බලයේ සිටින අගමැතිවරයාගේ නිර්දේශයක් රැජින විසින් බැහැර කරනු ලැබීමේ අවකාශයක් නොවීම පවතින 'දේශපාලන යථාර්ථය' වේ. බදාදා (අගෝස්තු 28) ප්‍රකාශයක් කළ අගමැති ජොන්සන් "මෙම පාර්ලිමේන්තු අත්හිටුවීම ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදා නිමවීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වූ විට රැජින ඇයගේ 'රාජාසනයේ කතාව' පවත්වනු ඇතැයි සඳහන් කළේය. අගමැතිවරයාගේ එම සැලැස්ම අනුව, ලබන ඔක්තෝබර් මාසය නිමවන විට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අවහිර කිරීමක් සඳහා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තරම් කාලයක් නොලැබේ. එහෙත් යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩ පිළිවෙල සහ පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුව අතර සම්බන්ධයක් නැතැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි. කියවන්න;
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි කෝපය පළවෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාඔලෝ සේවයේ නිරත රෝහල ඉතාලියේ කොරෝනාවෛරස පැතිරීම දැඩි ප්‍රදේශයේ පිහිටා තිබේ පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි. ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි. සිය සෙසු සගයන් මෙන් ම පාඔලෝ ද පසුගිය මාසයක කාලය පුරා නිමක් නොමැති පැය දොළහක සේවා මුරයක නිරත වෙමින් සිටී. ''අපි වෘත්තීය හෙද නිලධාරීන්. නමුත් අපට වෙහෙසයි. දැන් මේ මොහොත වෙනකොට අපි අසීරු තැනකට ඇවිත් වගේ දැනෙනවා. අපි ඔක්කොම ඉන්නේ බියෙන්.'' පවුලෝ කැමරා ලෝලියෙකි. ඡායාරූප ගැනීමෙන් ඔහු ආස්වාදයක් ලබයි. තමා සේවය කරන දැඩි සත්කාර ඒකකය අභ්‍යන්තරයේ අද පවතින නීරස වාතාවරණය සිය කැමරාවේ සටහන් කිරීමට පාඔලෝ තීරණය කළේය. ''මෙතැන සිදු වෙමින් පවතින දේවල් මට කිසිදාක අමතක කරන්න බැහැ. මේක ඉතිහාසයට එක්වේවි. මට මේ පින්තූර වචනවලට වැඩිය ප්‍රබලයි.'' සිය පින්තූර මගින් තම කාර්යමණ්ඩල සගයන්ගේ ශක්තිය පෙන්නුම් කිරීම පාඔලෝ ගේ අභිලාෂය විය. එපමණක් නොව, ඔවුන් පසුවන අනතුරුදායක තත්ත්වයද ඊට ඇතුළත් වේ. ''එක දවසක් අපිත් එක්ක වැඩ කරන හෙදියක් රෝහල් කොරිඩෝරයේ පුදුම සහගත උද්වේගයකින් උඩ පනිමින් කෑ ගසන්නට පටන් ගත්තා.'' එම හෙදිය කොරෝනා ආසාදන පරීක්ෂණයකට යොමුව සිටි අතර, ඇයට වෛරසය ආසාදනය වී නොමැත යන්න සායන පරීක්ෂණ ප්‍රතිඵලය විය. ''එම හෙදිය සාමාන්‍යයෙන් ශාන්ත තැනැත්තියක්. එහෙත් බියපත්ව සිටි හෙදිය තමාට වෛරසය ආසාදනය වී නැති බව දැ න ගැනීමෙන් ලැබූ සහනය ප්‍රදර්ශනය කළේ ඒ ආකාරයෙන්. ඇයත් මනුෂ්‍යයෙක්." මෙය පාඔලෝ ඇතුළු ඔහුගේ කණ්ඩායමට දරාගැනීම දුෂ්කර අසීරු කාල පරිච්ඡේදයකි. එහෙත් ඔවුහු සිය සේවය සඳහා බැඳී සිටිති. එකිනෙකාට පිහිට වෙති. ''සමහර වෙලාවට අපෙන් ඇතැමෙක් දුර්වල වෙනවා. බලාපොරොත්තු සුන් වූ හැඟීමක් අපට දැනෙනවා මොකද?අපි බලාගන්න රෝගීන් සුව අතට හැරෙන්නේ නැතිකොට අපි අසරණයි කියල හිතෙනවා." එවැනි තත්ත්වයක් උද්ගතවූ අවස්ථාවන්හි පාඔලෝ ගේ හෙද කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් කරන්නේ වහාම ඉදිරිපත්වීමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැනැත්තා හෝ තැනැත්තිය අස්වසාලීමට ඔවුහු යත්න දරති. ''එවැනි අවස්ථාවල අපි විහිළුවක් කරනවා. ඔවුන් හිනා ගස්සනවා. එහෙම නොකළොත් චිත්ත අධිෂ්ඨානය නැතිවෙනවා." කොරෝනාවෛරසය කඩා වැදුණු පළමු සති හතර ඇතුළත පමණක් ඉතාලියේ තුන්දහසකට ආසන්න මරණ වාර්තා විය. තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා යද්දී, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වැඩිවශයෙන් බලපෑමට ලක්වූ නගර ඇතුළු ඉතාලිය පුරා වෛද්‍යවරු හා හෙද නිලධාරීහු තත්ත්වය පාලනය කරගැනීමට අරගලයක නිරතව සිටිති. හෙද නිලධාරියෙකු ලෙස ගතකළ සිය වසර නවයක කාලය තුළදී මිනිසුන් බොහෝ දෙනෙක් මිය යනු පාඔලෝ දිටීය. එය ඔහුට සාමාන්‍ය දෙයකි. එහෙත්, මෙම ගෝලීය වසංගතය හමුවේ ඔහුගේ සිත වඩා සසල කළේ බොහෝ දෙනා හුදෙකලාව මියෙනු දැකීමය. "දැඩි සත්කාර ඒකකවල මිනිසුන් මරණය වැළඳ ගන්නා අවස්ථාවල සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් ළඟ ඉන්නවා. මරණයට පත්වෙන කෙනාට එයින් ගෞරවයක් ලැබෙනවා. ඔවුන්ගේ උදව්වට අපිත් ඉන්නවා. ඒක අපේ කාර්යභාරයේ කොටසක්." රෝහල්වල සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ මරණාසන්න රෝගීන්ගේ පවුලේ සාමාජිකයින්ට හා සමීප මිත්‍රයන්ට ඇඳ වටේ රැස්වීමට අවසර දීම ය. එහෙත් වෛරසය බෝවීම වැලක්වීම සඳහා පසුගිය මාසය තුළදී ඒ තත්ත්වය තහනම් කළේය. අඩුතරමින් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට හෝ රෝහලට ඒමට නොහැකි විය. "අපි ප්‍රතිකාර කරන්නේ වෛරසය ආසාදනය වෙලා සහමුලින්ම වෙන් කරල ඉන්න රෝගීන්ට." ''මිනිසෙකු අසරණව හුදෙකලාව මියයාම අප්‍රසන්න දෙයක් - එවැන්නක් කිසිවෙකුට සිදු වෙන්න එපා." කොරෝනා රෝගීන්ගෙන් පිරුණ රෝහලක් ක්‍රිමොනා නගරයේ රෝහල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කරන ආයතනයක් බවට පරිවර්තනය කරනු ලැබ ඇත. සියලු ශල්‍යකර්ම ඇතුළු සෙසු සායනික කටයුතු අත්හිටුවා ඇති අතර, දැන් එහි ප්‍රතිකාර ලබන්නේ කොරෝනා වෛරසය ආසාදිතයන් පමණි. ආසාදිතයන් රෝහලට ගෙනෙමින් ඇති නමුත් දැඩි සත්කාර ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇත. "අපි අපට හැකි හැම ඉඩකඩකම ඇඳන් පිළියෙළ කරනවා. රෝහලේ ඉඩ කඩ තියෙන හැම තැනකම. දැන් රෝහල රෝගීන්ගෙන් පිරිලා." ඔවුහු රෝහලේ ප්‍රධාන පිවිසුමෙන් පිටත තාවකාලික ක්‍ෂේත්‍ර රෝහලක් ඉදි කිරීමට පියවර ගත්හ. එහි ඉලක්කය වූයේ දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා අලුතින් ඇඳන් හැටක් තැබීමය. ඒත් එය ද ප්‍රමාණවත් වී නැත. අපේක්ෂාවක ආලෝකයක් පවතින දුෂ්කර පරිසරය ජය ගැනීමට පාඔලෝ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? හෙද - හෙදියන් වෙනුවෙන් ඉතාලිය පුරා ප්‍රදර්ශනය කෙරුණු ආදරය ඔවුන්ගේ කාර්යභාරය ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට ශක්තිය සපයන බව පාඔලෝ පවසයි. බොහෝ දෙනා හෙද හෙදියන් උත්කර්ෂයට නංවන ලද්දේ විරුවන් ලෙසිනි. ක්‍රිමොනා රෝහලේ කාර්ය මණ්ඩලය වෙත තෑගිබෝග ගලා එන්නට විය. ''අපි වැඩට එන හැම දවසකම අපට යම්කිසි අලුත් දෙයක් ලැබුණා'' ''පිසා,රසකැවිලි, කේක්, බීමවර්ග..... තවත් දවසක 'espresso' කෝපි පැකට් දහස් ගණනක්... ඒවගේම,සුභ පැතුම් පත් එවමින් අපේ චිත්ත ධෛර්යය ශක්තිමත් කළා." එම ත්‍යාග පාඔලෝට එක්තරා සහනයක් විය. එහෙත් ඔහුට කිසිවිටක රෝහල අත්හැර දැමීමට නොහැකි විය. "මගේ සේවා මුරය අවසන් කරලා ගෙදර ආවාම මම කම්පාවට පත්වුණා. මම රාත්‍රී නින්දට වැටුනාම කීපවතාවක් ඇහැ ඇරුනා. මගේ වෘත්තීය සගයන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඒකයි." මෙහි වැදගත්ම කාරණය පාඔලෝ ඔහුගේ කාර්යභාරය පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවත්වා ගැනීමය. එහෙත් මෙය පවතින දුෂ්කර තත්ත්වයේ ආරම්භය පමණි. පවුලෝට ගතවෙන හැම දිනම වෙහෙසකාරීය. ''මට උමඟ කෙලවර තවමත් ආලෝකයක් දකින්න නැහැ. මට කියන්න බැහැ- මොනවා වේවිද කියල. මේක ඉවරයක් වෙන්න කියල පතන්න විතරයි මට පුළුවන්."
''කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි ලිපියක් ලැබුන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සනාථ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ආයතනයේ විධායක කමිටුව සඳුදා (ඔක්තෝබර් 16) රැස් වී ඒ සම්බන්ධ අවසාන තීරණයකට එළඹෙන බවත් කියා සිටියේය. කෙසේ නමුත් කණ්ඩායම පාකිස්තාන සංචාරයේ නිරත වන්නේ නම් ඒ සඳහා තරග විනිසුරන් හා තීරකයන් යොදවන බව අයිසීසී ජගත් පාලක මණ්ඩලය දැනටමත් දැනුම් දී තිබෙන බව ද ඔහු සඳහන් කළේය. "අයිසීසී ඒකෙන් සංවිධානය කරලා T20 තරග තුනක් ගැහුවා World II කණ්ඩායමත් එක්ක. ඒකෙදි ආරක්ෂක කටයුතු පිළිබඳව 100% ක් ඒගොල්ල සෑහීමකට පත්වෙනවා." ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව පැවසූ සභාපතිවරයා, ඒ අතරම ආරක්ෂාව ක්‍රීඩකයන් මතු කරන කරුණු ද සලකා බලා අවසාන තීරණයට එළඹෙන බවත් සඳහන් කළේය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ලහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී අවසාන විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය. 2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය. එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. ඒ අතර පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් World II කණ්ඩායම සමග පසුගිය සැප්තැම්බර් මාසයේ තරග සවිධානය කර තිබුණේ සිය රට තුළ යළිත් වරක් ජාත්‍යන්තර තරග ආරම්භ කිරීමේ උත්සාහයක් වශයෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද World II කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ලබන 29 වෙනි දින තරගය සඳහා සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවහොත්, එවිට "අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමක් සහභාගි කරවන" බව ද තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. "තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනව," ඔහු සඳහන් කළේය. එබැවින් සංචාරයට එක්විය නොහැකි බව ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පවසන්නේ නම් ඔවුන්ට එම තීරණය ගැනීමට හැකියාව තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය. "මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද," තිලාන් සමරවීර පැවසීය. ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.
මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගයට සහභාගි වීම පිණිස පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'උතුරා යන තරමට සෙනඟ ඉන්නවා' -අශෝක හඳගම කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වෙන මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘පළමු වැනි අංග සම්පුර්ණ ජාත්‍යන්තර සිනමා උළෙල’ බවයි අශෝක හඳගම කියා සිටියේ. ‘අපේ සිනමාවේ ඓතිහාසික වැදගත්කමක් තියෙන විශේෂ මොහොතක් මේක. අපි හිතුවටත් වඩා සාර්ථකව කොළඹ නගරයේ පැවැත්වෙනවා. සිනමා ශාලා පහක පැවැත්වෙන දර්ශනවලට උතුරා යන තරමට සෙනඟ ඉන්නවා. ඒක මම හිතන්නේ අපේ සිනමාවේ වැදගත් ප්‍රවෘත්තියක් කියල. ඒක ලංකාවේ සිනමා පිටුවලට වැදගත් ප්‍රවෘත්තියක් නොවීම කනගාටු දායක තත්වයක්.’ සම්මානලාභි සිනමාකරු අශෝක හඳගම පැවසීය. ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ කළ සාකච්ඡාවක දී. ලාංකික සිනමා ලෝලීන්ට මෙම සිනමා උළෙල පිළිබඳ පණිවිඩය ගෙන යාමට බොහෝ දුරට උපකාරී වූයේ අන්තර්ජාලය බව අශෝක හඳගම ප්‍රකාශ කළේය. කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අවසන් දිනය වන අද (07) ජාත්‍යන්තර ඇගයීමට පත් සිංහල සිනමා නිර්මාණ කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ. විසාකේස චන්ද්‍රසේරම්ගේ අධ්‍යක්‍ෂනයක් වන 'ෆ‍්‍රැන්ගි පානි' හෙවත් සියපෙති කුසුම, උදාර අබේසුන්දරගේ සෙවණැලි සහ ප‍්‍රසන්න ජයකොඩි අධ්‍යක්‍ෂණය කළ 'ශ්‍රී 28' එම චිත‍්‍රපට අතර වෙයි.
ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ මාධ්‍යයට ප්‍රවෘත්තියක් නොවීම කනගාටුවට කරුණක් බව ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ අශෝක හඳගම පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (දෙසැ. 06) මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවය. දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන් කීපදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමට මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ. වැඩි විස්තර: අර්ජුනගේ නත්තල් ගස බාගෙට නවතියි
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකෙරෙමින් පැවති ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග නියෝග කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන්වනවිට සාරූට වයස අවුරුදු පහයි ඔහු දුම්රිය පෙට්ටි පිසදමන්නෙකු ලෙස වැඩ කල තම නව වියැති සොහොයුරාට උදව්වෙන්නට ගියේ ආශාවටයි.එක් දිනක් වැඩ අවසානයේ දුම්රියෙන් ගෙදර යමින් සිටියදී අධික වෙහෙසට පත්ව සිටි ඔහුට නින්දගොස් ඇස් ඇරුනේ සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කල්කටා නගරයේදීයි. කරකියාගන්නට දෙයක් නොමැති ඔහු සිඟාකන්නට විය. අන්තිමේදී මේ ගමන අවසන්වුනේ ළමා අනාතාගාරයකින්. පසුව ඕස්ට්‍රේලියානු පවුලක් ඔහු හදාවඩා ගැනීමට ඉදිරිපත්විය. සාරූ නව පරිසරයට හොඳින් හුරුපුරුදු වුවත් වයසින් වැඩෙත්ම තම දෙමව්පියන් සොයායාමේ ආශාව තදබල ලෙස වැඩිවන්නට පටන් ගත්තේය. නමුත් අවුරුදු පහක දරුවකු ලෙස ඉන්දියාවේ සිටි කාලය තුල ඔහුට අඩුතරමින් ජීවත්වූ නගරයේ නමවත් මතක තබා ගැනීමේ හැකියාවක් තිබුනේ නැත. සාරූට කලහැකිව තිබුනේ එක් දෙයකි. ඒ තමා සිටි පරිසරය සිතින් මෙනෙහි කිරීම පමණි. ගුගල් සෙවුම් පද්ධතිය කෙරෙහි ඔහුගේ සිත යොමුවුනේ මේ අතර වාරයේදීයි. සාරුගේ උපක්‍රමය "මම දුම්රියේ ගිය කාළයවන පැය 14, දුම්රියේ වේගයෙන් වැඩිකලා. ඉතින් දළ වශයෙන් කිලෝමීටර 1200 පමණ දුර ප්‍රමාණයක්. එහෙම තමයි මුලින්ම මගේ ගමේ පිහිටීම ගැන අවබෝධයක් ඇතිකරගත්තේ," ඔහු පැවසීය. සාරූ සිතියමක් ගෙන කල්කටාව මැද තියා රවුමක් ඇන්දේය. එහි අරය හැටියටගන්නා ලද්දේ ඔහු ගමන් කල දුර ප්‍රමාණයයි. මේ ආකාරයට ඔහුට තම ගම්මානය වන කාන්ද්වා (Khandwa ) පිහිටි දුර සොයා ගන්නට හැකිවිය. "තවදුරත් ලඟට ගූගල් කරලා මම පුංචි කාලේ සෙල්ලම් කරපු දිය ඇල්ලත් සොයා ගත්තා." සාරූ උතුරා යන ප්‍රීතියෙන් යුතුව කියා සිටියේය. ඔහු කාන්ද්වා Khandwa බලා පිටත්විය. කාන්ද්වාහි සිය ගනේෂ් තලයි (Ganesh Talai ) ගම්මානය සොයා ගත්තත් එහි ගිය ඔහුට දැක ගන්න ලැබුනේ තමන් නොසිතු දෙයක්. "මම ගියාම දැක්කේ පැරණි ගරා වැටුණු ගෙයක්. ඒකටත් ඉබ්බෙක් දාල. දිගු කාලයක් කවුරුවත් ජීවත්වෙලා නොසිටි බවක් තමයි පෙනුනේ.අම්මල තාත්තලාගේ නම් මතක තිබුණා. ඉතින් තොරතුරු සොයන විට අසල්වැසියෝ ඉදිරිපත්වුනා. එක්කෙනෙක් ආවා. තව එක්කෙනෙක් ආව. තුන්වැනි එක්කෙනා ආවාම තමයි මට පින පෑදුනේ. ඔහු කිව්වා මෙතන ඉන්න මම ඉක්මනට එන්නම් කියල. ඊට පස්සේ ඇවිල්ල කිව්වා මම ඔබව අම්ම ලගට එක්කම් යන්නම් කියල. මට පන නැතිව ගියා. කතාකරගන්න බැරිව ගියා." සාරූ විස්තර කළේ ඉමහත් ආශාවෙන්. සාස්තරකාරයා මුලින්ම ඔහුට සිය මව හඳුනා ගැනීමටනොහැකිවිය. ඔහු අවසන්වරට සිය මව දකිනවිට ඇය අවුරුදු 34 ක ලස්සන කාන්තාවක් වුවාය. "වියට පත්වුනත් මුහුණේ ස්වරුපය වෙනස් වෙලා නැහැ. ඔබ මගේම අම්මා," සිය මව වැළඳගත් සාරූ ඇගේ දැස් දෙස නොසැලී බලා සිටියා. තමා මියගොස් ඇතැයි ඇය භියට පත්වී සිටි නමුත් සාස්තරකරුවකු පවසා තිබුනේ කවදා හෝ ඇයට තම පුතා දැක ගන්නට ලැබෙන බවයි. "ඒ දිනය එනතුරු සාස්තරකරුවාගේ අනාවැකිය ඇයට ජීවත්වීමට කිසියම් හෝ ජීවක් දී තිබෙනවා. මම එනතුරු අම්ම ජීවත්වුණේ ඒ නිසයි," ඔහු පැවසුවා. තමන් සමග දුම්රියේ ගිය සහෝදරයා දැක ගැනීමත් සාරූගේ අපේක්ෂාවක්වී තිබුනා . ඒත් ඔහුට අසන්නට ලැබුනේ දුක්බර කතාවක්. තම සොහොයුරා දුම්රියකට යටවී මියගොස් සිටි බව ඇසුණු විට ඔහුට ඇතිවුනේ දරාගත නොහැකි ශෝකයක්.
වසර 26 ට පෙර සිය මවගෙන් වෙන්වූ ඉන්දියානු දරුවකුට ඕස්ට්‍රේලියාවේ තස්මේනියාවෙදී චන්ද්‍රිකා දර්ශන මගින් සිය මව යලි සොයා ගැනීමට හැකිවී තිබේ. තමන් අතුරුදහන්වනවිට සාරූ බ්රීලිට වයස අවුරුදු පහයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බව සංවිධානය පවසයි සිදුවූ යුධ අපරාධ පිලිබඳ වගකිවයුත්තන් සොයා බලා වරද කරුවනට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රියාත්මක වීමට එරෙහි වන බවට ශ්‍රී ලංකා රජය වෙත චෝදනා එල්ල කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අසමත්ව ඇති බවද පවසයි. බිහිසුනු යුද්ධය අවසන්ව වසර හතරක් ගතවී ඇතත් අතුරුදන්වූ ඥාතීන් පිලිබඳ තොරතුරු ලැබී නැති බවත්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා පවසයි. අතුරුදන්වූ සංඛ්‍යාව යුද්ධය පැවැති වකවාණුව තුල අතුරුදන්වූ සංඛ්‍යාව දහස් ගණනක්. මෙම සංඛ්‍යාව දස දහසකට වැඩි බවට තොරතුරු ලැබී ඇති බවයි, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ. කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් පවසන පරිදි මෙම සංඛ්‍යාව හතලිස් දහසක්. "මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ප්‍රකාශ කරන්නේ එක්ලක්ෂ හතළිස් දහසක් අතුරුදන්ව ඇති බව. උන්වහන්සේ පූජනීය නායකයෙක්. එතුමා නිකරුනේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ. ඒ නිසා රජය මේ පිළිබඳ පැහැදිළි කිරීමක් කළ යුතුයි," එක්සත් සමාජවාදී පක්ෂයේ මහ ලේකම් සිරිතුංග ජයසුරිය මේ අතර කියා සිටියි. පැහැරගෙන යාමට ලක්වූවන් මෙන්ම ආරක්ෂක හමුදාවන් වෙත භාරවූවන් මෙලෙස ආගිය අතක් පිලිබඳ තොරතුරක් නැති පිරිස් අතර වන බව උතුරේ සංචාරය කරමින් බීබීසී සංදේශය වෙනුවෙන් තොරතුරු සෙවූ දිනසේන රතුගමගේ හමුවූ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පැවසූහ.
ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චර්ම පිළිකාවක් ‘මෙලනොමා’(melanoma) යනුවෙන් හැඳින්වෙන ඉතාම බරපතළ චර්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් 60% කගේ පමණ පිළිකා සෛල විනාශ කිරීම සඳහා එම ඖෂධ වර්ග දෙක එකවර පාවිච්චි කළ හැකි බවයි පැවසෙන්නේ. මෙම නව ඖෂධ වර්ග සක්‍රීය වන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සමගයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘යේල්’ විශ්ව විද්‍යාලයේ පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රමුඛ විශේෂඥයකු වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්(Roy Herbst) නව සොයා ගැනීම් විග්‍රහ කරන්නේ මහත් ප්‍රයෝජනවත් ආකර්ෂණීය පියවරක් හැටියටයි. තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය රෝයි හර්බ්ස්ට්, නව සොයා ගැනීම් සමඟ පිළිකා ප්‍රතිකාර රටාවේ වෙනසක් සිදු විය හැකි බවයි පවසන්නේ. පිළිකා පරාජය එහෙත් ඉහත කී පිළිකා නාශක නව ඖෂධ දෙක අතුරු ආබාධවලට හේතු විය හැකි බවට මැසිවිලි ද පළ වෙමින් පවතී.
බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ පුරෝගාමිත්වයෙන් සිදු කෙරුණ සායනික පර්යේෂණ මගින් පිළිකා නාශක නව ඖෂධ දෙකක් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල අනාවරණය වී ඇති බව නිවේදනය කෙරුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම සරල ලේ පරීක්ෂණය අනුව ජාන බලපෑමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති කාන්තාවන් පවා පරීක්ෂාවට ලක් කළ හැකි බවයි පැවසෙන්නේ. පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන් ගෙන් 10 % ක් ජාන මගින් පියයුරු පිළිකා වලට ගොදුරු වන අතර 90% කගේ රෝග කාරකය අපැහැදිලි තත්වයක පවතී. ‘ලන්ඩන් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ ගවේෂකයින් විසින් පිළිකා අවදානමක් නොමැති කාන්තාවන්ගේ ලේ වල පවතින විශේෂ රටාවක් සොයා ගනු ලැබ ඇත. ජානමය වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති වුවත් හඳුනා ගත් රුධිර රටාව සහිත කාන්තාවන්ට පිළිකාව වැළඳෙන බව ඔවුහු පවසති. පිළිකා රෝග ලක්ෂණ මතු වීමට වසර දෙකකට පමණ පෙර රුධිර අනුවල වෙනස් කම් ඇති වීමට පටන් ගන්නා බව ද පැවසේ. මෙම පරීක්ෂණ මෙහෙයවන ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව් ලෑම් පවසන්නේ සිය පරීක්ෂණය පියයුරු පිළිකා හඳුනා ගැනීම අතින් නව බලාපොරොත්තුවක් එක් කරන බවයි.
පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇත් දැයි සරල ලේ පරීක්ෂණයක් මගින් පරීක්ෂා කිරීමට හැකි නව ක්‍රමයක් උපයෝගී කර ගැනීමට විද්‍යාඥයන් පියවර ගනිමින් ඇති බව ප්‍රකාශයට පත් කොට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ අනුව බංග්ලාදේශය සහ ඉන්දියාව ලබන ඉරිදා පැවැත්වෙන නිදහස් කුසලාන අවසාන මහ තරගයට සුදුසුකම් ලැබූහ. තරගය අතරවාරයේ දෙපාර්ශවයේ ක්‍රීඩකයන් අතර කිහිප වතාවක්ම ඉතා උණුසුම් වාද විවාද හටගත් අතර, තත්වය කෙතරම් උණුසුම් වූයේ ද යත් අවසාන පන්දු වාරයේදී පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වරක් උත්සාහ කළේය. තරගය නැරඹු ක්‍රීඩාලෝලීන් කෑගසමින් සහ හූ තබමින් ක්‍රීඩකයන්ට බාධා කරන ආකාරය ද දක්නට ලැබුණි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හතක දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය. එහිදී පන්දු 40 කදී ලකුණු 61ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා ඒ සමගම වේගයෙන්ම විස්සයි විස්සයි ලකුණු දහසක් රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත්විය. ඔහු සිය විස්සයි විස්ස ලකුණු දහස රැස් කළේ සිය 34 වෙනි ඉනිමේදීය. ඉන් අනතුරුව පැමිණි බංග්ලාදේශ කණ්ඩායම තරගය පරාජයට පත්වනු ඇති හැඩක් මුලින් දක්නට ලැබුණත්, අවසාන ඕවරයේ පන්දු හතරකට ලකුණු 12ක් රැස් කරමින් තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම, ජාත්‍යන්තර තරගයක අවසාන ඕවරයේදී ලකුණු 10කට වැඩියෙන් රැස් කළ පළමු වතාව එය බව ක්‍රීඩා විශේල්ෂකයෝ පවසති. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 51 කට මුහුණ දී ලකුණු 58ක් රැස් කළ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තමීම ඉක්බාල් ලකුණු 50ක් රැස් කළේය.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති ඉතා උණුසුම් විස්සයි විස්ස තරගයෙන් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට' අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ. ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය. ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.
කිලිනොච්චියේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක ඇයගේ දියණිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් අතරින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ඒ බව අනාවරණය කොට තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා යොදා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයකදී. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ පැමිණිල්ලක් කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කොමිසමට යොමු කොට තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පැවැත්වූ විභාගයට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගිව සිටි අතර, ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු සහභාගි වූ බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාන් විජේතුංග බීබීසී සංදේශයට කියා සිටියේ. 'හමුදා කෝප්‍රල්වරයෙක්' "ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්," ඔහු පැවසීය. "ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළා අය විය යුතු මුදලින් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂ තිස් පන් දහසක් ගෙවුවයි කියල. මේ ගෙවීම කරන්න ඇවිල්ල තියෙන්නේ හමුදාවේ කෝප්‍රල්වරයෙක්" හමුදා නිලධාරියෙක් එසේ මුදල් ගෙවුවේ කෙසේද යන්න මැතිවරණ කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කොමිසම ද ප්‍රශ්න කොට තිබේ. "අනිත් එක ඔහු මේ මුදල් ගෙවීමෙන් පසු ලදුපත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන නමින් නිකුත් කරන්න කියලත් ඉල්ලල තියෙනව," ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසීය. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන මෙන් ගුවන් හමුදාපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මානව හිමිකම් කොමිසම තීරණය කොට තිබේ. බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් ගමන් වාර 55 ක් සඳහා මුදල් අය විය යුතුව තිබෙන අතර, එයින් ගමන් වාර 23 ක් භාවිත කොට තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්. හමුදා නිලධාරියා විසින් කොටසක් ගෙවීමෙන් අනතුරුව තවත් රුපියල් අනූ ලක්ෂ හැත්තෑ පන් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබෙන බවත් ගුවන් හමුදාව මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය. හෙලිකොප්ටර් යානා ලබා දෙන මෙන් දැනුම්දීම කොට තිබෙන්නේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බැවින් අදාළ මුදල ගෙවන මෙන් ඔහුටේ දැනුම්දීමක් කර තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය විය. අදාළ යානා ලබා දුන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැවින් එම හිඟ මුදල් ගෙවීම සන්ධානයේ වගකීම බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සංදේශයට පැවසීය. එහෙත් එම මුදල ගෙවීම සන්ධානයේ වගකීම නොවන බව එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා මාධ්‍යවලට පවසා තිබුණි.
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බව ගුවන් හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මම මුලදී විවිධ ආහාරවලින් මූර්ති නිර්මාණ කරන්න ගත්තා. ලංකාවේ රැකියාව කළාට පස්සේ විශාල මගී නෞකාවල, ඊට පස්සේ මැද පෙරදිග ඇතුළු රටවල් කීපයක ඒ අංශයෙන් රැකියාවේ නිරත වුණා. පසුව සම්ප්‍රදායෙන් ඔබ්බට හිතන්න පටන් ගත්තා. අයිස්වලින් නිර්මාණ කිරීම ආරම්භ කළා." "මට මූර්ති ශිල්පයට ගුරුවරයෙක් හිටියේ නැහැ." වැඩිදුර තොරතුරු: ලොව හොඳම අයිස් නිර්මාණකරුවන් අතරට ගිය අසංග කැමරාකරණය හා වාර්තාව: දැහැමි රණවීර වීඩියෝ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
කුරුණෑගල ඉපිද හැදී වැඩුණු අසංගගේ සිත කුඩා කළ සිටම යොමු වී ඇත්තේ මූර්ති නිර්මාණකරණයටය. පාසල් කාලයෙන් පසු ආහාර ආශ්‍රිත මූර්ති කලාවේ නියැළුන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වල රැකියාවේ නිරත වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි ඒ අනුව හාම්පුතුන් සේවකයන්ට සමස්ත වැටුප ගෙවිය යුතු අතර සෑම සතියක් පාසා, දිනක නිවාඩුවක් ලබා දිය යුතුයි. දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි. 'කීකරුව සිටිය යුතු' එසේ වෙතත්, සංක්‍රමණික කම්කරුවන් හාම්පුතුන්ට කීකරුව සිටිය යුතු අතර වලංගු හේතුවක් නොමැතිව වැඩ ප්‍රතික්ෂේප කිරීම හෝ සේවය හැර යාම නොකළ යුතු බවයි අවධාරණය කොට ඇත්තේ. ඉස්ලාම් ආගමට ගරු කිරීමද නීතියෙන් පැවරෙන නියමයක්. සේවකයා හෝ සේව්‍යයා මේ රෙගුලාසි උල්ලංඝනය කළහොත් දඩ පැනවිය හැකියි. හාම්පුතුන් අතින් ශාරීරික, ලිංගික හෝ මානසික පීඩාවට පත් වන විදේශීය ගෘහ සේවිකාවන් බොහෝ සිටින බවයි වාර්තා වන්නේ.
දශ ලක්ෂ සංඛ්‍යාත විදේශීය ගෘහස්ත කම්කරුවන්ට වැඩි අයිතිවාසිකම් ලබාදීම අරමුණු කොටගෙන සෞදි අරාබිය නව නීති හඳුන්වා දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන බව පැවසේ ඇම්බසඩර් රථය සැළකෙනු ලැබෙන්නේ ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුණු පැරණිතම රථය ලෙසටයි. දශක ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පන්තියේ සංකේතයක් වශයෙන් ඇම්බැසඩර් මෝටර් රථය යොදා ගැනුණි. හින්දුස්ථානී මෝටර් සමාගම පවසන්නේ කල්කටාවට නුදුරින් පිහිටි ඇම්බැසඩර් කර්මාන්ත ශාලාවේ වැඩ දින නියමයක් නොමැතිව අත් හිටවූ බවයි . අඩු වශයෙන් කෙරෙන රථ නිෂ්පාදනය, ඉහල යන ණය ප්‍රමාණය හා රථ සඳහා ඇති ඉල්ලුම අඩු වීම එම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දැමීමට හේතු වී තිබේ. එක්දහස් නවසීය පනහ දශකයේ අග භාගයේ මුල් වරට නිෂ්පාදනය කෙරුණු එම්බැසඩර් රථය සතුව තිබෙන සුවිශේෂී හැඩයෙහි සැළකිය යුතු ආකාරයේ විශේෂ වෙනසක් මේ දක්වා සිදු වී නොමැත. කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන අතර නුතන නව මාදිලියේ මොටර් රථවල පැමිණීම ඇම්බසඩර් රථ අභාවයට යාමට හේතු වී තිබේ.
ඉන්දියාව ඇම්බසඩර් ( Ambassador ) මෝටර් රථ නිෂ්පාදනය නවතා දමා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රථ වාහන තදබදය රූපගත කිරීම සඳහා සවිකර ඇති වීඩියෝ කැමරා මගින් පටිගතකෙරුනු දර්ශන වලයි රියදුරන්ගේ ප්‍රතික්‍රියාව දක්නට ලැබුනේ රථ වාහන තදබදය රූපගත කිරීම සඳහා සවිකර ඇති වීඩියෝ කැමරා මගින් පටිගතකෙරුනු දර්ශන වල දක්නට ලැබුණේ, අනතුරෙන් මියගිය සිය සිඟිති දියණිය සහ බිරිඳගේ මළ සිරුරු අසල, තුවාල ලත් පස් හැවිරිදි පුතණුවන් අතින් අල්ලාගත් පියකු ඔවුන් පසුකර යන රියැදුරන්ගෙන් උපකාර ඉල්ලා බැගෑපත්වන අයුරුයි. අනතුරට පත් පවුලේ සාමාජිකයින් ගමන් කළ යතුරු පැදිය ලොරියක හැපීමෙන් පසු විනාඩි දහයක පමණ කාලයක් මෙම පිරිස උපකාර ඉල්ලමින් කල් ගත කරන අන්දම රූපවාහිනියෙන් දුටු විශාල පිරිසක්, කිසිවකු ඔවුනට සහාය වීමට නොපැමිණෙන අයුරු දැක කම්පාවටත් තම රට වැසියන් පිලිබඳ ලජ්ජාවටත් පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.
උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ රිය අනතුරකට ලක්වූ පවුලකට උපකාර නොකර ඔවුන් පසුකර යන රියදුරන් දැක්වෙන දර්ශන රූපවාහිනියෙන් විකාශණය වීම රට පුරා කෝපාන්විත ආන්දෝලනයක් පැණ නැගීමට තුඩුදී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීට මාස දෙකකට පෙරදී දියත් කළ යුද හමුදා කුමන්ත්‍රණයට පෙර ඇය තනතුරෙන් ඉවත් කරන ලදී. තම නියෝගයන් උල්ලංඝනය කොට නැති නිසා යින්ලක් ෂිනවටත් හිටපු අගමැතිනියට පිට රට යාමට අවසර දුන් බවයි තායිලන්ත හමුදා පාලකයන් පැවසුවේ. තම සොහොයුරු තක්සින් ෂිනවටත්ගේ උපන්දින සාදයට සහභාගිවීමට ඇය පැරිස් නුවරට යාමට සූදානම් වන බවටයි පැවසෙන්නේ. තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වූ තක්සින් ෂිනවත් දැන් විදේශ ගතව ජීවත් වෙයි. යුද හමුදාව රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්,සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ. තනතුරෙන් පහ කළ යින්ලක් ෂිනවත් ද ටික දිනක් අත්අඩංගුවේ පසු විය.
තනතුරෙන් පහ කළ තායිලන්ත අගමැතිනි යින්ලක් ෂිනවත් හට රටින් පිටව යාමට අවසර දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාෂල් ටිටෝ ගේ න්‍යෂ්ඨික බංකරය මේ බංකරය ඉදි කෙරුණේ යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් මාෂල් ටිටෝ, ඔහුගේ බිරිඳ සහ අනෙක් වැදගත් නිලධාරීන්ට සැඟවීම සඳහා ඉදි කෙරුණු මේ බංකරය හැඳින්වුණේ 'D-0 ARK ටිටෝ ගේ න්‍යෂ්ටික බංකරය' යනුවෙනි. "ටිටෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු යුගෝස්ලාවියාවේ වැදගත්ම පුද්ගලයන් 350 ස් දෙනා වෙනුවෙන් මේ බංකරය ඉදිකිරීමට හේතුව සීතල යුද්ධය පිළිබඳව එදා පැවති බිය," බව D-0 ARK හි මිර්නස් බජිච් ගයිඩ් (Mirnes Bajic Guide) පවසයි. "සීතල යුද සමයට අයත් මේ බංකරය දශක ගණනාවක් රහසක්ව තිබුණා. දැන් එය සියලු දෙනාටම විවෘතයි, ඒත් න්‍යෂ්ටික බංකරයේ මූලිකාංග තවමත් ඒ විදියටම තියෙනවා." සබැඳි යොමු: වැනිසියේ කලා උළෙලේදී සිය රට නියෝජනය කරනව කලාකරුවන් 76 දෙනෙකු ඇතුලු කලාකරුවන් 106 කගේ කලා කෘති 137 ක් දැන් මේ බංකරය තුළ ප්‍රදර්ශනය කෙරේ. "සමහර විශේෂඥයන් කියන විදියට ගිනිකොන දිග යුරෝපයේ හොඳම නූතන කලා කෘති එකතුව මේකයි," මිර්නස් බජිච් ගයිඩ් විස්තර කළේය. "මේ බංකරය ඇතුළට එන පුද්ගලයන්ට, මේ කලා කෘති හරහා අතීතයට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අනාගතය හෝ වර්තමානය ගැන හිතන්න මේ කලා කෘති ඔවුන් පොළඹවනවා."
පැරණි යුගෝස්ලාවියාවේ මේ රහසිගත න්‍යෂ්ටික බංකරය දැන් කලාගාරයකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාතර නගරයේ සංවිධානය කළ රණවිරු සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම සිය රජය පැහැදිලි ලෙස භාර ගන්නා බවයි. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට කැප වූ සියලු ආරක්ෂක අංශ සාමාජිකයන් අනුස්මරණය කිරීම පිණිස මෙම රණවිරු සැමරුම සංවිධානය කර තිබුණි. උත්සවය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සංවර්ධනය තුළීන් පමණක් සංහිඳියාව පිළිබඳ වූ පරමාර්ථ ඉටු කර ගත නොහැකි බවයි. ‘අපි නව රජය ලෙස පැහැදිලිව කියන්න ඕනේ, අපේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාවයි. භෞතික සංවර්ධනය තුළ ජාතීන්ගේ සංහිඳියා පිළිවෙතක් සම්බන්ධයෙන් ප්‍රමුත්වය ලැබුණේ නැහැ’ ජනාධිපතිවරයා පැවසීය. සංහිඳියා පිළිවෙතක් තුළ සත්‍ය ගවේෂණය, යුක්තිය ඉටු කිරීම, සියලු ජාතීන් අතර බිය සැක අවිශ්වාස නැති කිරීම වැනි කාරණා ඉටු කළ යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේ අත්දැකීම් සමග විශේෂයෙන්ම සංහිඳියා වැඩපිළිවෙළක තිබෙන්නා වූ ප්‍රමුඛතාවය තේරුම් ගැනීමට අවශ්‍ය වන බවයි.
යුධ සමයේ කැඩී බිඳී විනාශ වී ගිය භෞතික සම්පත් යළි ගොඩනැගීමට හැකි නමුත් බිඳුණු සිත් යළි ගොඩ නගා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය දෙවෙනි දරුවා පිළිසිඳ ගෙන ඇති බව වැටහුණ මොහොතේ මොහමඩ් ෆාහිම් සහ ෆාතිමා ශෆ්නා ප්‍රීතියෙන් පිනා ගියහ. ඒ, සිය දියණිය මෙලොවට බිහිවීමෙන් අනතුරුව වසර හයක් මුළුල්ලේ පැතූ බලාපොරොත්තුව ඉටුවන බව සනාථ වූ හෙයිනි. එහෙත් ෆාතිමා පුතෙකු ප්‍රසූත කිරීමෙන් සති දෙකකට පමණ පසුව බිළිඳා අසනීප ගතියකින් පෙළෙන්නට විය. ඔවුන් දෙදෙනා වහාම සිය බිළිඳු පුතා, ෂයික්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන ගියහ. "පොඩ්ඩක් සෙම තිබුන බබාට, උණ තිබුණේ නෑ. ඉතින් අපි 7 වෙනිදා රෑ 10.30ට විතර බබා හොස්පිටල් ගෙනිච්චා," මොහමඩ් ෆාහිම් විස්තර කරයි. 38 හැවිරිදි ඔහු ත්‍රී රෝද රථ කුලියට ගෙන මගීන් ප්‍රවාහනය කරන්නෙකි. "ගෙනිච්ච වෙලාවෙම දොස්තරවරු බබාව බැලුව. බලල treatment දුන්න. බබාට අමාරු වගේ, අපි ට්‍රයි කරනවා, බබාට නිව්මෝනියා තියෙනව කියල දොස්තරවරු කීව." ෂයික් (Shaykh) පුතුට වහාම ප්‍රතිකාර ලබා දී ඔහු සුවපත් කිරීමට වෛද්‍යවරුන් උපරිම වෙහෙසක් දැරූ බව පියා කෘතවේදීව සිහිපත් කරයි. "රෑ 1230 ට විතර බබාට කොරෝනා චෙක් කළා. ඇන්ටිජන් කියල ටෙස්ට් එකක්. කරලා ඒ වෙලාවෙම රිපෝට් අරගෙන ළමයට කොරෝනා පොසිටිව් වෙලා කීව." ඉන් අනතුරුව මව සහ පියාටද ඇන්ටිජන් පරීක්ෂණ පවත්වා තිබේ. "අම්ම බැලුව. නෙගටිව්. ඒ වෙලාවෙම මමත් බැලුව. මටත් නෙගටිව්." ෆාහිම් පවසන්නේ, අගනුවර පුරා කෝවිඩ් රෝගය පැතිරයාම හේතුවෙන් දින ගණනාවක් ජීවිකාව සඳහාවත් නිවසින් බැහැර නොගිය බවය. "මම හිතුවා අපි දෙන්නටම නෙගටිව් නම් කෝමද බබාට පොසිටිව් වෙන්නේ? අපි කොහෙවත් ගියේ නෑ ගෙදරම තමා හිටියේ." කෙසේ වුවත් බිළිඳාට කෝවිඩ් ආසාදිත වී ඇති බැවින් පුතු රෝහලේ නවතා ඔවුන් දෙදෙනා නිවසට යා යුතු බව වෛද්‍යවරුන්ගේ උපදෙස විය. "අම්ම අඬ අඬ වැඳලා කීව බබා එක්ක රෑ ඉන්න අවසර දෙන්න කියල. ඒත් එයාට ඉස්පිරිතාලේ ඉන්න එපා කීව. ගෙදර ගිහින් එලියටවත් බහින්න එපා කීව." පසුදින (දෙසැම්බර් 08) දහවල් 0130 ට පමණ දුරකථන ඇමතුමක් දුන් විට රෝහල් බලධාරීන් පවසා තිබෙන්නේ බිළිඳාට "තව ටෙස්ට් එකක්" කළ යුතු බවය. "හවස 5 ට විතර කෝල් කළාම තමා කීවේ හවස හතරට විතර බබා නැතිවුණා කියල. හැබැයි ඒ වෙනකල් අපිට ඒක කිවුවේ නෑ." කියවන්න: 'මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි' පියා පවසන්නේ, සිය බිළිඳු පුතු ආදාහනය සඳහා අනුමැතිය දීම තමන් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සිය අවසරයකින් තොරව රෝහල් බලධාරීන් ඊට පසුදින දේහය ආදාහනය කළ බවය. "බබා කනත්ත ඇතුළේ පුච්චනකොට, මම එළියේ හිටගෙන හිටියා." "මම කොහොමද මගේ දරුවා පුච්චනවා බලාගෙන ඉන්නේ මහත්තයා?" මෙය, "කෝවිඩ් 19 නිසා මෙතෙක් අසන්නට ලැබුන සංවේදීම කතාව" බව, ඒ ගැන සටහනක් තබමින් මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් පවසා තිබුණි. "මෙය පියෙකුගේ මහා වේදනාවකි. ලෝකය මෙච්චර අසාධාරණ ඇයි? මිනිස්සු මෙච්චර අකාරුණික ඇයි?," රේඛා නිලුක්ෂි හේරත් ප්‍රශ්න කරයි. දෙස්, විදෙස් දෝෂ දර්ශනයට රෝහල් බලධාරීන්ගේ ක්‍රියාව වාර්තාවීමත් සමඟ එයට එරෙහිව දෙස්, විදෙස් විරෝධතා දියත් වන්නට විය. නියෝජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද ඒ අතර සිටියහ. කොරෝනාවෛරසය ආසාදිතව මියගිය මුස්ලිම් ජනතාව ආදාහනය කිරීමේ 'කුරිරු' (draconian) නීතිය වෙනස් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ඒ මන්ත්‍රීවරුන් සියලු දෙනා බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. මේ අතර ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව බොරැල්ල කනත්තේ සුදු රිබන් පටි ගැට ගැසීමේ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දියත්ව තිබුණි. ආචාර්ය සුජාතා ගමගේ ද, එසේ සුදු ලේන්සු ගැට ගැසීමේ ව්‍යාපාරයට සම්බන්ධව සිටියාය. බොරැල්ල කනත්ත අභියස දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇය, "මේ දුෂ්කර කෝවිඩ් සමයේ අපි ප්‍රවේසම් වෙන්න ඕන. නමුත් ඒ වගේම අපි කාරුණික වෙන්න ඕන," යනුවෙන් කියා සිටියාය. "අපේ සමාජයේ කොටසක් කියනවා නම් ආදාහනය කිරීම අපේ මූලිකම විශ්වාසවලට පටහැනියි කියල අපි අහන්න ඕන ප්‍රශ්නය 'අපි කොහොමද භූමදාන කිරීම ඉතාම ප්‍රවේශමෙන් කරන්නේ' කියන එක," ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියාය. දෙසැම්බර් 13 වෙනි දින විශාල පිරිසක් එසේ සුදු රෙදිකඩ ගැට ගසා තිබුණු නමුත් සඳුදා (දෙසැම්බර් 14) ඒ සියල්ල අතුරුදහන් වී තිබුණි. කෙසේ වුවත්, මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පවසන පරිදි රට පුරා බොහෝ ප්‍රදේශවල ජනතාව සිය නිවාස ඉදිරිපස සුදු ලේන්සු ගැට ගසා තිබෙනු දක්නට ලැබිණ. 'දේහය භාරගන්න දෙමාපියන් ආවේ නෑ' මේ අතර රෝහල් බලධාරීන් කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් ද සහිත ට්විටර් පණිවුඩයක් නිකුත් කරන මාධ්‍යවේදී වජිර සුමේධ පවසන්නේ "සත්‍යය නම් දෙමාපියන් දේහය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවය," යනුවෙනි. එහෙත් බිළිඳාගේ පියා මොහමඩ් ෆාහිම් මා සමඟ කීවේ රෝහල් බලධාරීන් දැන් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන බවය. "මම ඉස්පිරිතාලෙට ගියාම අත්සනක් දෙන්න කීව. මම කීව අත්සන මොකටද බබාව දෙනවනේ කියල," ඔහු විස්තර කළේය. "බබාව දෙන්න බෑ බබාට කොරෝනා නේ ඒ නිසා පුච්චන්න වෙනව කියල ඒ වෙලාවේ දොස්තරවරු මට කීව." "මම කීව අම්ම බබාව දැක්කෙත් නෑ බබාට කොරෝනා නෑ නේ කියල. රිපෝට් එකක් ඉල්ලුවම ඒක දෙන්නත් බෑ කීව." "අපේ සමාජයේ කොටසක් කියනවා නම් ආදාහනය කිරීම අපේ මූලිකම විශ්වාසවලට පටහැනියි කියල අපි අහන්න ඕන ප්‍රශ්නය අපි කොහොමද භූමදාන කිරීම ඉතාම ප්‍රවේශමෙන් කරන්නේ කියන එක." පියා පවසන්නේ, අවසානයේ පුතුට පීසීආර් පරීක්ෂණයක් කිරීම පිණිස තමන් නවලෝක රෝහලට පවා ගිය නමුත් වෙනත් රෝහලකට පැමිණිය නොහැකි බව එහි වෛද්‍යවරුන් දැනුම් දුන් බවය. "දොස්තරවරු දිගටම කීව අත්සන දෙන්න කියල. මම කීව බබා දෙනවා නම් විතරයි අත්සන දෙන්නේ කියල. කවුරු අත්සන් කළා ද දන්නේ නෑ මම නම් අත්සන් කළේ නෑ." "මම ඇහුවා මරණ 214ක් විතර ඉස්පිරිතාලේ තියනවා එහෙම තියෙද්දී බබාව විතරක් පුච්ච්න්නේ ඇයි කියල. එයාල හරි උත්තරයක් දුන්නේ නෑ." මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, "මම දන්නවා, ඔතන බැලූ බැල්මටම තිරිසන් ක්‍රියාවක් වගේ පේන්නේ ... පැහැදිලිවම තාත්තගේ හිතේ වේදනාවක් තියෙනවා ... ඒත් දොස්තර කියනවා භාරගන්න බෑ කීව කියල," යනුවෙනි. "සිද්ධ වුනේ මොකක්ද කියල අපි සොයා බලන්න ඕනේ. යම්කිසි inquiry එකක් තියන්න ඕනේ. රෝහලක් කීවම ඔතන ව්‍යුහයක් තියෙනව නේද? මේ හැමදෙනාම එකතුවෙලා දෙයක් හංගන්න පුලුවන්ද," යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. මුස්ලිම් සිරුරු ආදාහනය ඥාතීන්ගේ විරෝධය නොතකා මේ වනවිට මුස්ලිම් ජාතිකයන් 107 දෙනෙකුගේවත් සිරුරු ආදාහනය කොට තිබෙන බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති. දෙසැම්බර් 15 වෙනි දින වනවිට ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 රෝගය වැළඳී මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 154 කි. මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම ගැන අදහස් දක්වන Sunday Observer පුවත්පතේ හිටපු කතුවරිය දරීෂා බැස්ටියන්ස් පවසන්නේ, මරණින් පසු දෙවියන් වහන්සේ මුණගැසුණු විට ඔවුන් මරණයෙන් නැගිටින්නේ යයි ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරන බවය. එබැවින් සිය පවුලේ සාමාජිකයකුගේ දේහය ආදාහනය කිරීම යනු ඉස්ලාම් භක්තිකයන් සලකන්නේ ඔහු/ඇය නිරයේ දැවීමක් ලෙසින් බව ද දැනට විදේශගතව සිටින මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන්ස් පෙන්වා දී තිබිණ. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ප්‍රකාශයක් කරන නීතිවේදිනී සොරායා ඩීන්, අනෙකාගේ වේදනාව සහ පීඩාව ඉවත් කිරීම පිණිස මේ මොහොතේ එකමුතුව කරුණාව පතුරුවන මෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිහඬ බව 'කන් බිහිරි කරන සුළු' බව ද ඇය සිය පණිවුඩයේ සඳහන් කරන්නීය. ආණ්ඩුවේ ප්‍රතිචාරය එල්ලවන චෝදනා සහ මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම් ගැන ප්‍රතිචාරය විමසීම පිණිස කෝවිඩ් මර්දනය සම්බන්ධ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඇමතිවරියන් දෙදෙනා වෙත ලිඛිතව යවන ලද විමසීම්වලටද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත. පසුගියදා අමාත්‍යවරුන්, සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් නායකයන් කැඳ වූ අගමැති මහින්ද රාජපක්ෂ, කෝවිඩ් ආසාදිත පුද්ගලයන් මිහිදන් කිරීම පිණිස ජල මට්ටම ඉතා ගැඹුරු වියලි බිමක් සොයන මෙන් උපදෙස් දුන් බව අගමැති කාර්යාලය වාර්තාකර තිබිණ. බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, මුස්ලිම් සමාජය මුහුණ දී සිටින ගැටලුව ආණ්ඩුවට වැටහෙන නමුත් කොරෝනා වසංගතය හමුවේ සිංහල, බෞද්ධ ජනතාව ද ඒ හා සමාන ගැටලුවකට මුහුණ දී සිටින බවය. "සෑම ආගමකම එක එක විධි තියෙනවා. ඒත් අපිට පෙළක් වෙලාවට අපි අකමැති දේ කරන්න වෙනවා. කෝවිඩ් වසංගතය නිසා ගොඩක් දෙනා විශාල දේවල් පරිත්‍යාග කරනවා. පොදු යහපත වෙනුවෙන්," යනුවෙන් ද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය. "මේක හරි සංවේදී කරුණක්," බව පවසන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කළේ, කැබිනට් අමාත්‍යවරුන් විද්‍යාඥයන් නොවන බැවින් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ අදාළ විශේෂඥ කමිටුවේ උපදෙස් ප්‍රකාර බවය. ජනාධිපති ගෝඨාභය මාලදිවයිනෙන් කළ ඉල්ලීම මේ අතර දෙසැම්බර් 14 වෙනි දින නිවේදනයක් නිකුත් කළ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ්, කෝවිඩ්19 රෝගය ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ ආදාහනය කිරීම පිළිබඳව ජනාධිපති මොහමඩ් සොලී රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කොට තිබුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් ප්‍රකාර බව ද එහි දැක්විණ. එහෙත් ආණ්ඩුවේ එම උත්සාහය ගැන මුස්ලිම් ප්‍රජාව තුළින් මෙන්ම විරුද්ධ පක්ෂයෙන් ද දැඩි විවේචන එල්ල විය. මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් පවසන්නේ, මුස්ලිම් ජනතාව සුළු ජාතියක් විය හැකි වුවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔවුන්ද ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවය. එබැවින් සිය ඥාති වර්ගයා ශ්‍රී ලංකාව තුළ මිහිදන් කිරීමට අවසර දෙන මෙන් ඇය ආයාචනා කර තිබුණි. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ අවමගුල් සඳහා සහයවන මෙන් වෙනත් රටකින් ඉල්ලා සිටීමට සිදුවීම 'ලැජ්ජා සහගත' බවය. තමන් උපන්, හැදී වැඩුණු රට තුළ, තමන්ගේ විශ්වාසයන්ට අනුකූලව සිය අවසන් කටයුතු සිදු කිරීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අයිතියක් තිබිය යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. 'මේක ජාතිවාදය' කොරෝනා වසංගතය පැතිරයාම ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහ්මඩ් එය විග්‍රහ කළේ "ජාතිවාදී න්‍යාය පත්‍රයක්" මත දියත්වන ක්‍රියාවලියක් ලෙසිනි. "මේ බබා ආදාහනය කරලා තියෙන්නේ සිරුර දෙමාපියන්ට පෙන්නන්නෙවත් නැතුව," ඔහු පැවසීය. "මම දන්නේ නෑ කොහොම මේකට ප්‍රතිචාර දක්වන්නද කියල. හැබැයි මේ වගේ දේවල් මුස්ලිම් තරුණයන් රැඩිකල් වෙන්න තුඩු දෙන්න පුළුවන්." එක් රැඩිකල් පුද්ගලයෙකුට පවා බරපතල විනාශයක් කළ හැකි බව ආණ්ඩුව වටහාගත යුතු බවත් හිල්මි අහ්මඩ් කියා සිටියේය. කෙසේ නමුත් මුස්ලිම් දේහ ආදාහනය කිරීමේ ස්ථාවරය ජාතිවාදය මත පදනම් වූ තීරණයක් බවට කෙරෙන විවේචනය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රතික්ෂේප කරයි. "කොහෙත්තම නෑ. එහෙම නම් සිංහල බෞද්ධයෝත් කියන්න පුළුවන්, අපිට මතක වස්ත්‍රයක් වත් දෙන්න විදියක් නෑ කියල." පසුගිය මැයි මාසයේ මියගිය අබ්දුල් හමීඩ් මොහමඩ් රෆෛදීන් (දකුණේ) සිය දරු, දැරියන් සමඟ 'අම්ම කෙනෙක් ඔහොම බබෙක් දාල යනවද?' සිය බිළිඳු පුතුට අත් වූ ඉරණම මොහමඩ් ෆාහිම් ට තවමත් දරාගත නොහැකිය. "බබා කනත්තට ගෙනියනවා කියල මට ආරංචි වෙලා මම ගියා ඒත් ඇතුළට ගියේ නෑ," ඔහු සිහිපත් කරයි. "දොස්තරල කියන කතාව බොරු. එයාල කියනව 8 වෙනිදා ගෙනාවේ කියල. බබා ගෙනාවේ 7 වෙනිදා රෑ 1030 වෙනකොට. පරක්කු වෙලා ගෙනාවේ නෑ. අම්මට යන්න කීවේ නෑ කියනවා. අම්ම කෙනෙක් ඔහොම බබෙක් දාල යනවද? ඩිරෙක්ටර් දොස්තර විජේසූරිය බොරු කියනව." බොහෝ මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා ගේ මතය පමණක් බවටත් ෂයික් බිළිඳා ගේ පියා චෝදනා කරයි. "ගියපු වෙලාවේ දොස්තරලා හොඳට ට්‍රීට්මන්ට් කළා. ඒත් ලොකු දොස්තර කියන කොට පරක්කු වෙලා ගෙනාවේ කියල අනිත් දොස්තරලා මොනාත් කියන්නේ නෑ." මොහමඩ් ෆාහිම් සුසුමක් හෙලයි. "මගේ බබාට වෙච්ච දේ වෙන කිසි දරුවෙකුට වෙන්න එපා ... " "අනේ මෙහෙම දුකක් වෙන කාටවත් වෙන්න එපා ..." කියවන්න:
කොරෝනාවෛරසය ආසාදිත වූ බව පැවසෙන දින විස්සක් වයසැති බිළිඳෙකු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ඇතැම් විදේශ රටවල ද ආන්දෝලනයකට තුඩු දුන්නේය. කම්පාවට පත් ඇතැමුන් බොරැල්ල කනත්ත ඉදිරිපස සුදු ලේන්සු බැඳ සිය විරෝධය ප්‍රකාශ කළ අතර, එයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ද උද්ඝෝෂණ දියත්විය. සිය ඥාතීන් පුළුස්සා නොදමන මෙන් මුස්ලිම් ජනතාව දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත්, කොරෝනාවෛරසය ආසාදිත වීමෙන් මිය යන සියලු දෙනා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරයි. බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ ගෙන එන විමසුමකි, මේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පාර්ති සිය හාම්පුතා වන ලීව් මුන් ලියොන්ග් නිවසේ වසර කීපයක් ම සේවය කළාය ඇයගේ හාම්පුතා වන ව්‍යාපාරිකයා සිංගප්පූරු ව්‍යාපාරික සමාජයේ මහා කුළුණක් තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම,රටේ සමාගම් කීපයක අධිපතිවරයා ද වෙයි. එක්තරා දිනයක, පාර්ති ලියනි (Parti Liyani) නම් ඉහත කී ගෘහසේවිකාවට සිය ජීවිතයේ කනගාටුදායක දෙයකට සවන්දීමට සිදුවිය. එනම්, නිවසේ වූ භාණ්ඩ කීපයක් සොරකම් කර ඇති බවට ගෙහිමියන් විසින් ඇයට චෝදනා කරනු ලැබීමය. එතැනින් නොනැවතුනු ගෙහිමියෝ ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළහ. මිල අධික සුඛෝපභෝගී කාන්තා අත් බෑග්, DVD යන්ත්‍රයක් පමණක් නොව ඇඳුම් පවා සොරකම් කරන ලද බවට ඉදිරිපත් වූ චෝදනා ඇතුළත් එම නඩුව සිංගප්පූරු සමාජයේ බෙහෙවින් කතාබහට ලක්වූ නඩු විභාගයක් බවට පත්විය. එහෙත් දීර්ඝ නඩු විභාගයක් අවසානයේ පාර්ති ලියනි, ගෘහසේවිකාව ඇයට එරෙහි සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුණි. ''මට හරිම සතුටුයි. අන්තිමේ දී මම නිදහස්!'' පරිවර්තකයකුගේ සහයෝගය ඇතිව මාධ්‍යවේදීන් අමතමින් ඇය සඳහන් කළාය. ''මේ අවස්ථාව ලබාගන්න මම අවුරුදු හතරක් පුරා සටන් කළා'' ඇය කියා සිටියාය. 'පාර්ති' ඇය මුහුණදුන් චෝදනාවලින් නිදහස ලද නමුත්, එම නඩු විභාගයත් සමඟ සිංගප්පූරු අධිකරණයේ පිහිට ලබාගැනීම අතින් පවතින අසමනතාවට අදාළ ප්‍රශ්න රැසක් එම නඩුකරයත් සමඟ සමාජය ඉදිරියට පැමිණ ඇත. 'පාර්ති' සිය හාම්පුතා වූ 'ලීව් මුන් ලියොන්ග්' (Liew Mun Leong) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් එම නිවසේ රැකියාව ආරම්භකර තිබෙන්නේ 2007 වසරේදී ය. ගෙහිමියාගේ පුත්‍රයා වන 'කාර්ල්' ද ඇතුළුව පවුලේ සාමාජිකයන් කීපදෙනෙක් එම නිවසේ වාසය කරති. 2016 මාර්තු මාසයේ දී කාර්ල් ලීව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ සිය ''මහගෙදරින්'' ඉවත්ව වෙනත් නිවසක පදිංචියට ගියහ. පාර්තිට එරෙහි නඩු විභාගයේ දී එකින් එක කරුණු දිගහැරෙමින් තිබියදී අනාවරණය වූ කරුණක් වූයේ අවස්ථා කීපයක්ම එම ගෘහසේවිකාව කාර්ල්ගේ නිවසත් පිරිසිදු කිරීමට යොදවා ඇති බවය. එය සිංගප්පූරුවේ නීතිය අනුව වරදකි. ඒ සම්බන්ධයෙන් පාර්ති කලින් පැමිණිලි කරනු ලැබ ඇත. එයින් මාස කීපයකට පසු ලීව් පවුල ඇය සේවයෙන් ඉවත් කරන ලද බව පාර්තිට දැනුම් දුන්හ .ඔවුන් එවැනි පියවරක් ගෙන තිබුණේ පාර්ති ඔවුන්ගේ නිවසේ භාණ්ඩ සොරකම් කරන ලදැයි සැකයෙනි. කාර්ල් ලීව් ඔවුන්ගේ තීරණය දැනුම්දුන් මොහොතේ ඇය මෙසේ ප්‍රකාශ කරන ලද බව 'Straits Times' පුවත්පත වාර්තාකර තිබුණි. ''මම දන්නවා - ඔබ එවැනි පියවරක් ගන්නේ ඇයි කියල. ඔබ මාත් සමඟ තරහයි.මොකද මම ඔබගේ වැසිකිලිය පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කිරීමයි-ඔබේ තීරණයට හේතුව'' සිය බඩු භාණ්ඩ පෙට්ටි කීපයකට අසුරා ගැනීම සඳහා පාර්තිට පැය දෙකක් කල්දුන් ගෙහිමියෝ ඒවා ඉන්දුනීසියාවට එවන බව දැනුම් දුන් අතර, ඒ අනුව ඇය එදිනම සිය මව්රට බලා පිටත්ව ගියාය. එපරිද්දෙන් එම නිවසින් පිටත්ව යාමට පෙර සිය බඩු අසුරමින් සිටියදී ප්‍රකාශයක් කළ පාර්ති ''කාර්ල්ගේ නිවස පිරිසිදු කරන ලෙස නියෝග කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන්ට පැමිණිලි කරනවා'' යැයි 'ලීව්' පවුලට අනතුරු අඟවා ඇත. පාර්ති පිටත්ව යාමෙන් පසු ලීව් පවුලේ සාමාජිකයෝ ඇය තබා ගිය පෙට්ටි පරීක්ෂා කිරීමට තීන්දු කළහ. ඒවා විවර කරමින් *පරීක්ෂාකළ ඔවුහු තමන්ට අයත් භාණ්ඩ කීපයක් පාර්තිගේ ඇසුරුම් අතර තිබී සොයාගන්නා ලද බවට පොලිසියට පැමිණිලි කළහ. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලීව් සහ ඔහුගේ පුත් කාර්ල් විසිනි. පාර්ති කියාසිටින්නේ එවැනි අනුන් සතු භාණ්ඩ කිසිවක් ගැන තමා නොදන්නා බවය. ඉහත සඳහන් කළ පරිදි ඉන්දුනීසියාවට ගිය පාර්ති ඉන් සති පහකට පසු වෙනත් නිවසක රැකියාවක් ලැබ එය භාරගැනීම සඳහා සිංගප්පූරු ගුවන්තොටුපොළට ළඟා වූවාය. එහෙත් ඇය ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට ගනු ලැබුණි පාර්තිට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබුනේ අපරාධ නීතිය යටතට ගැනෙන චෝදනා ය. එබැවින් ඇයට යළි සිංගප්පූරුවේ රැකියාවක් කළ නොහැකි වූ අතර සංක්‍රමණික කම්කරුවන් රඳවනු ලබන ස්ථානයකට යවනු ලැබුණි. නඩුව විභාගයට ගැනෙමින් පවතින අතරවාරයේ ඇයට මූල්‍යාධාර මත යැපීමට සිදුවිය. ඇඳුම් සහ කුඩා පොකට් පිහියක් ලීව් නිවසේ භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්තිට චෝදනා කෙරිණ. එම භාණ්ඩ අතරට ඇඳුම් කට්ටල 115ක්, මිලෙන් අධික සුඛෝපභෝගී කාන්තා අත්බෑග්, DVD යන්ත්‍රයක් සහ 'Gerald Genta' වර්ගයේ අත් ඔරලෝසුවක් ද ඇතුළත් විය. එකතුව ගත්විට එම සමස්ත භාණ්ඩවල වටිනාකම සිංගප්පූරු ඩොලර් 34,000කි. අධිකරණයේ දී පිළිතුරු දුන් පාර්ති කියා සිටියේ තමා විසින් සොරකම් කරන ලදැයි පවසන එම භාණ්ඩ එක්කෝ තමාට අයත් දේවල්, හෝ ඉවත දමන ලද භාණ්ඩ විය හැකි අතර ඊට අමතරව තමා විසින් එම පෙට්ටිවලට ඇතුළත් නොකළ දේවල් ද වියහැකි බවය. කෙසේවුවද, 2019 වසරේ දී පළමු අධිකරණයේ විනිසකරු පාර්ති වැරදිකාරිය යයි තීන්දු කරමින් වසර දෙකකුත් මාස දෙකක සිර දඬුවමක් නියම කළේය. එහෙත් තම නිවැරදිභාවය ඔප්පුකිරීම සඳහා එම තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට පාර්ති තීන්දු කළාය. එම අභියාචනය විභාග කළ සිංගප්පූරු මහාධිකරණ විනිසුරුවරයා පසුගිය මාසයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පාර්ති නිවැරදි යයි ප්‍රකාශයට පත්කළේය. සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදහස් දැක්වූ මහාධිකරණ විනිශ්චයකාර චෑන් සෙන්ග් ඔන් (Justice Chan Seng Onn)පෙන්වා දුන්නේ පාර්තිට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ලීව් පවුල ''සිතාමතාම අසද්භාවයෙන්'' කටයුතු කර ඇති බවය. එපමණක් නොව, පාර්ති සම්බන්ධ පැමිණිල්ලේ දී පොලිසිය සහ නීති නිලධාරීන් කටයුතු කර තිබෙන ආකාරය සහ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයා එම නඩුව හසුරුවා ඇති ආකාරය පිළිබඳවද කරුණු කීපයක් මහාධිකරණ විනිසුරු විසින් ඉස්මතුකර දක්වන ලදී. තමා කාර්ල්ගේ නිවස පිරිසිදු කිරීම සඳහා සිංගප්පූරු කම්කරු නීතියට පටහැනිව යෙදවීම සම්බන්ධයෙන් පාර්ති විසින් පැමිණිලි කරනු ලැබීම වලක්වාලීම ලීව් පවුලේ උවමනාව වී ඇති බව මහාධිකරණය තීන්දු කර ඇත. පාර්ති විසින් සොරකම් කරන ලදැයි චෝදනා කෙරෙන බොහෝ භාණ්ඩ අබලන්ව ඇති ඒවා බව මහාධිකරණ විනිසුරුවරයා සටහන් කර ඇත. අදාළ අත් ඔරලෝසුවේ පතුලේ පියන නැත. ජංගම දුරකථන දෙකක් (iPhones) වූ අතර ඒවා ක්‍රියා නොකරයි. එවැනි අබලි ද්‍රව්‍ය සොරකම් කිරීම සාමන්‍යයෙන් සිදුවිය නොහැකි බව විනිශ්චයකාරවරයාගේ තීන්දුව විය. නිදසුනක් වශයෙන් එම භාණ්ඩ අතර වූ DVD යන්ත්‍රය ක්‍රියා නොකිරීම නිසා ලීව් පවුල විසින් ඉවත දමන ලද්දක් බව පාර්ති අධිකරණය ඉදිරියේ සඳහන් කළාය. පාර්ති කියාසිටියේ මෙම DVD යන්ත්‍රය අබලව ඉවතදමන ලද භාණ්ඩයක් යයි තමා විශ්වාස කළ බවය මහාධිකරණය ඉදිරියේ පැවැත්වුණු විභාගයේ දී අදාළ DVD යන්ත්‍රය අබලන් උපකරණයක් බව තමන් දැනසිටි බව පැමිණිල්ලේ නීති නිලධාරීහු පිළිගත්හ. එසේ දැන සිටියත් එය නඩුවට අදාළ භාණ්ඩයක් වූ හෙයින් ඒ බවක් අනාවරණය නොකළ බවද ඔවුහු සඳහන් කළහ. පැමිණිලි පාර්ශ්වය විසින් එම යන්ත්‍රය ක්‍රියාත්මක වන බවක් අධිකරණයට අඟවා තිබුණේ උපායශීලීවය. එම හැසිරීම මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. විශේෂයෙන්ම එම හැසිරීම අගතියක්ය යන්න විනිසුරු ප්‍රකාශය විය. එපමණක් නොව, මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් කාර්ල් ලීව් කෙරෙහි තැබිය හැකි විශ්වාසය පිළිබඳවත් විනිසකරු ප්‍රශ්න කළේය. කාර්ල් ලීව් නඩු විභාගයේ දී සාක්ෂිදෙමින් කියා සිටියේ තමා 2002 වසරේ දී එක්සත් රාජධානියේ දී මිලට ගෙන සිංගප්පූරුව කරා ගෙනැවිත් තිබූ කුඩා පොකට් පිහියක් ද පාර්ති විසින් සොරකම් කරනු ලැබ තිබුණු බවය.එහෙත් එය 2002 ට පසු නිෂ්පාදනය කරන ලද්දක් බවත්, 2002 වසර වනවිට එය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කර නොතිබුණ බවත් පිළිගැනීමට කාර්ල්ට සිදුවිය. කාර්ල් ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ, පාර්තිගේ ඇසුරුම් අතර තිබූ කාන්තා ඇඳුම් ද ඇතුළු විවිධ ඇඳුම් කට්ටල තමා සතු ඒවා වන බවය. එහෙත් ඉන් සමහර ඇඳුම් තමාගේදැයි සිහිපත්කර ගැනීමට ඔහු අපොහොසත් විය. එම ඇඳුම් අතර වූ කාන්තා ඇඳුම් ''තමා තබාගත්තේ කුමකටදැයි'' විමසූ විට ''තමා පුරුෂ ඇඳුම් මෙන්ම කාන්තා ඇඳුම්ද ප්‍රියකරන'' බව කාර්ල් සඳහන් කළේය. එහෙත් මහාධිකරණ විනිසුරු චෑන් එය ''කෙසේවත් ඇදහිය නොහැකි'' බව තීන්දු කළේය. මෙම නඩුවේ දී පොලිසියේ ක්‍රියාකලාපයත් විනිශ්චයකාරවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්විය. පළමු පොලිස් වාර්තාව පිළියෙළ කරනු ලැබීමෙන් සති පහක කාලයක් ගතවෙන තෙක් පොලිසිය නඩු නිමිත්ත සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ගොස් නොතිබුණි. එසේම ඉන්දුනීසියානු භාෂාව කතාකරන පාර්ති සඳහා භාෂා පරිවර්තයකුගේ සහාය ලබාදීමටත් පොලිසිය පියවර ගෙන නැත. ඒ වෙනුවට පොලිසිය යෝජනාකර තිබෙන්නේ පාර්ති නොදන්නා 'මැලේ' භාෂා පරිවර්තකයෙකි. ''එපරිද්දෙන්, මේ නඩුවේ දී පොලිසිය කටයුතු කරනු ලැබ තිබෙන්නේ ඉතාම කණගාටුදායක ආකාරයට'' යැයි සිංගප්පූරු කළමනාකරණ සරසවියේ මහාචාර්ය එයුජින් ටෑන් (Eugene Tan) බීබීසී සමග ප්‍රකාශ කළේය. පොලිසියේ සහ පැමිණිල්ලේ නීති පාර්ශ්වයේ ඉහත සඳහන් කරන ලද ඌණතා සැලකිල්ලට ගැනීමට අසමත්වීම හේතුවෙන් පළමු නඩු විභාගයේ දී දිස්ත්‍රික් විනිශ්චයකරු පාර්තිගේ අවාසියට සිය තීන්දුව දී ඇති ආකාරයක් දක්නට ලැබේ. ඩේවිඩ් සහ ගොලායාත් සටන බඳු සටනක් (ඩේවිඩ් සහ ගොලායත් (Goliath) සටන යනු අතිශයින් ප්‍රබල තැනැත්තකුට එරෙහිව කුඩා දුබලයා ජයගැනීම පිළිබඳව උදාහරණයක් ලෙස ගනු ලබන බයිබලයේ එන කතාවකි) පාර්තිට එරෙහි නඩුකරය සිංගප්පූරු සමාජය තුළ දැඩි සංවේදීභාවයක් ඇති කිරීමට හේතු වූ අතර, බොහෝ දෙනාගේ කෝපය එල්ලවුණේ ලීව් සහ ඔහුගේ පවුල කෙරෙහිය. බහුතර ජනතාව විසින් එය තේරුම්ගන්නා ලද්දේ ''පොහොසත් ප්‍රභූ තන්ත්‍රය විසින් තමන්ගේම නෛතික රාමුව තුළ වාසය කරන කිසිදු සමාජ බලයක් නොමැති දුප්පතුන්ට එරෙහිව සිදුකරන හිරිහැර සඳහා නිදසුනක්'' ලෙසිනි. අධිකරණය අවසානයේදී එහි උත්තරීතරභාවය රැකගත් නමුත්, එරට අධිකරණයේ සාධාරණත්වය සහ අපක්ෂපාතීභාවය සම්බන්ධයෙන් දිගුකලක් පැවති විශ්වාසය පිළිබඳ ඇතැම් සිංගප්පූරු වැසියන් සලිත කිරීමකට මෙම නඩුව හේතුවිය. ''මෑත ඉතිහාසයේ මෙවැනි මතකයේ රැඳෙන වෙනත් නඩුවක් නැහැ'' යි මාහාචාර්ය ටෑන් ප්‍රකාශ කළේය. ''මෙම නඩුවේ එකිනෙකට සම්බන්ධ අකාර්යක්ෂමතාවන් මහජන නොසන්සුන්තාවයකට හේතුවුණා. බොහෝදෙනකුගේ මනසේ වූ ප්‍රශ්නය වූයේ ''මම පාර්ති වුනානම්,මට අත්වෙන ඉරණම කුමක්ද?'' යන්නයි.''සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?'', ''අපක්ෂපාතී තීන්දුවක් ලැබේද?'' වැනි ප්‍රශ්න මහජනයා අතර මතුවුණා'' එල්ලවෙමින් පැවති මහජන විරෝධය හමුවේ තීන්දුවක් ගත් ලීව් මුන් ලියොන්ග් ඉතා කීර්තිමත් සමාගම් කීපයක තමා උසුලන සභාපති තනතුරුවලින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. ලීව් මුන් ලියොන්ග් නිකුත්කළ ප්‍රකාශයක් මගින් ඔහු කියාසිටියේ, තමා මහාධිකරණ තීන්දුවට ගරුකරන අතරම සිංගප්පූරු නෛතික රටාව කෙරෙහි විශ්වාසය තබන බවය.එහෙත් පොලිසියට කළ සිය පැමිණිල්ල ඔහු සාධාරණීකරණය කරයි. ''යම්කිසි සැකකටයුතු වැරදි ක්‍රියාවක් සිදුවූ බව මම අවංක ලෙසම විශ්වාස කරනවා. එවැනි දෙයක් සිදුවුණාම පොලිසියට පැමිණිලි කිරීම අපේ පුරවැසි යුතුකමක්'' බව ඔහු පවසයි. එහෙත් කාර්ල් ලීව් නඩු තීන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි අතර නිහඬබව රකියි. මේ අතරම, සිංගප්පූරු පොලිස් සේවය සහ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාදාමය නැවත අධීක්ෂණය කළ යුතුව ඇත යන යන අදහසත් මෙම නඩුව මගින් ඉස්මතු කරනු ලැබ ඇත. ''එකිනෙකට බැඳුනු ක්‍රියාවලිය තුළ යම්කිසි වැරැද්දක් සිදුව ඇති '' බව සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතුභාර ඇමති කේ.ෂන්මුගම් (K.Shanmugam) පිළිගනියි. 'ඊළඟට ආණ්ඩුව කරන්නේ කුමක්දැයි දැඩි අවධානයකින් විපරම් කෙරෙනු ඇත. ඉහළ මට්ටමේ වගවීමක් සහ ආයතනගත සාධාරණභාවයක් සඳහා රටවැසියන්ගෙන් කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට අසමත් වුණොත්,එමගින් සිංගප්පූරු සමාජයට ඉහලින් ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන් ස්ථානගත වී ඇත යන වේදනාබර හැඟීම පෙරට පැමිණීමට ඉඩ ඇත'' යනුවෙන් සිංගප්පූරුවේ ප්‍රකාශකයකු වන ඩොනල්ඩ් ලෝ ( Donald Low) සිය අලුත්ම ලිපියක සඳහන් කරයි. ''උණුසුම් විවාදයක් පවතින අතරවාරයේ ප්‍රභුත්වවාදය සෙමෙන් සමාජ ක්‍රමය අභ්‍යන්තරයට කාන්දුවීද? යන ප්‍රශ්නය පැනනැගුන අතර,ඒ සමඟ රටේ සදාචාර සම්ප්‍රදායේ පිරිහීමක් අනාවරණය වූ බව'' තවත් ප්‍රකාශනයක් මගින් හිටපු මාධ්‍යවේදියකු වන පී.එන්.බල්ජි (PN Balji) පවසයි. එපමණක් නොව,පාර්ති ගේ නඩුකරය මගින් ඉස්මතු වූ තවත් කරුණක් වන්නේ සංක්‍රමණික කම්කරුවන්ට යුක්තිය ඉටුකර ගැනීමේ දී මුහුණදීමට සිදුවන තත්ත්වයයි. පාර්තිට සිංගප්පූරුවේ රැඳී සිටීමට සහ ඇයගේ පැමිණිල්ල වෙනුවෙන් සටන් කිරීමට හැකිවූයේ 'Home' නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහ නීතිවේදී අනිල් බාල්චන්දනීගෙන් (Anil Balchandani) ලද සහයෝගය මතය. එම නීතිවේදියා මහජන යහපත වෙනුවෙන් මෙන්ම අඩු මුදලකට මෙම නඩුවේ දී පෙනී සිට ඇත. එසේ නොවීනම්, නීතිඥ ගාස්තුව සිංගප්පූරු මුදලින් ඩොලර් 150,000 ක පමණ වනු ඇත. නීතිවේදී අනිල් බාල්චන්දනී(Anil Balchandani) සහ පාර්ති යුක්තිය වෙනුවෙන් වසර කීපයක අරගලයක නිරත වූහ. සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නෛතික පහසුකම් සලසන නමුත්, එම ශ්‍රමිකයන් ඔවුන්ගේ පවුල්වල එකම ආදායම් මාර්ගය වන නිසාත්, ආදායම් මාර්ගයකින් තොරව ඔවුන්ට මාසවලින් නොව අවුරුදු ගණන් ගතවෙන නඩුවල පැටලීමේ හැකියාවක් නොමැති නිසාත් නීතිමය ගැටලුවලට මුහුණදෙන අයගෙන් බහුතරය තම ප්‍රශ්න වෙනුවෙන් සටන් නොකරන බව 'Home' රාජ්‍ය නොවන සංවිධානය පෙන්වා දෙයි. තම වාසියට ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ පාර්ති තමා ආපසු ඉන්දුනීසියාවට යාමට තීන්දු කළ බව පවසයි. ''දැන් මගේ ප්‍රශ්නය අවසානයි.මට ඉන්දුනීසියාවට යාමට අවශ්‍යයි'' ඇය මාධ්‍යයට කියා සිටියාය. ''මම මගේ හාම්පුතාට සමාව දෙනවා. ඒවගේම, මට සිදුවූ දෙය වගේ අවස්ථාවකට වෙනත් කිසිම ශ්‍රමිකයකුට මුහුණදීමට සිදු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා'' (බීබීසී නිව්ස් හි ඉවෙට් ටෑන් සකස් කළ ලිපියක් ඇසුරිණි) මේ තොරතුරු ද දැනගන්න;
ඇය සිංගප්පූරුවේ මහා ධන කුවේරයකුගේ නිවසෙහි මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවකි. මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600කි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තුවාල ලත් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කොට තිබේ කඩ සාප්පුවකින් කප්පම් ගැනීම සඳහා අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි මුහුණ ආවරණය කර ගත් පුද්ගලයන් හය දෙනකු සහ සාප්පු හිමිකරු අතර ගැටුමක් හට ගෙන ඇති බවත් ඒ අසල රාජකාරියේ යෙදී සිටි නිරායුධ පොලිස් නිලධාරීන් තිදෙනකු එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කොට ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එහිදී කප්පම්කරුවන් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පොලිස් වෙඩි තැබීමකින් මරුමුවට පත් වූ බව පැවසෙන යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් එක් අයකුගේ නිවස වෙත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රහාරය සිදු වී ඇති බව යාපනය පොලිසියේ නිලධාරියෙක් මීට ඉහතදී සංදේශයට පැවසීය.
යාපනයේ චුන්නාකම් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇත්තේ කප්පම් ගැනීමේ සිද්ධියක් සමථයකට පත් කිරීමට යාමේදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. මේ අතර කුණු කන්දට යට වීමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත් වී ඇතත් අදත් (අප්‍රේල් 15) එතැනට කුණු දමමින් පැවති බව ප්‍රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය. කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති. දේශපාලනඥයන් විසින් සිය ඉල්ලීම නොතකා හළ බව පවසන කුණු කන්ද අවට පදිංචිකරුවෝ අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දේශපාලනඥයන්ට විරෝධය පළකළ අතර එහි නොඑන ලෙස ඔවුන් හමුවේ කියා සිටියහ. රජයේ වියදමින් මේ අතර නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවය. අනතුර ලක් වූ ස්ථානය අවට අනතුරුදායක තත්වයේ සිටින පිරිස් ඉන් ඉවත් කිරීම වහා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කෙසේ නමුත් මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් එම කසල බැහැර කිරීම සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.
කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් සංඛ්‍යාව දහනවය දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කට්ටියට දිනාගන්න නොමිලේම කඩේ ගෙනියන්න මේ හදන්නේ" ඔහු ඒ බව කියා සිටියේ හිටපු ජනපතිවරයාට සන්ධානයෙන් තරඟ වැදීමට කිසිදු බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු අගමැති අපේක්ෂක ලෙසින් නම්කරන මෙන් ඉල්ලන රැළි මාලාව සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එහි ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. "මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ කට්ටියට දිනාගන්න නොමිලේම කඩේ ගෙනියන්න මේ හදන්නේ. ඒ නොමිලේම කඩේ ගෙනියන උපායවලට අපි ගොදුරු වෙන්නේ නෑ," යන්නයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාගේ ප්‍රකාශයට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ. 'දෙකක් නෑ' "ඒ නිසා කෙලින් කියන්න ඕන එකක් අපේක්ෂකත්වය විතරක් නෙවෙයි ඒ අපේක්ෂකයාව අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරනවද? මීට කලින් කෙරිල නෑ කියල දැන් කරන්න බැරි කමක් නෑනේ?" එසේ නොකරන්නේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා බවට පත්කිරීමේ 'මහජනයා පෙළගැස්වීමේ ක්‍රියාදාමය' දිගටම දියත් කරන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා අවධාරණය කරන්නේ. "ඒ ගෙන එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියමිත ආකාරයට කැමති නම් අපි ඒකට ලෑස්තියි. එහෙම නැත්නම් අපි වෙනත් ආකාරයකට ගේනවා," ඔහු පැවසීය. මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා බවට පමණක් නොව මීළඟ අගමැතිවරයා බවට පත්කරන බවද විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. "ඒකෙ දෙකක් නෑ." මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කරගන්නා නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය පිළිගන්නේ දැයි විමසූ අවස්ථාවේ වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ :"මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේ පාලනයක්ද දැන් තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ ගේ පාලනයක්ද මුලින් මට ඒ ප්‍රහේලිකාව විසඳලා දෙන්නකෝ" යනුවෙන්.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එළඹෙන මහ මැතිවරණයට තරඟ කළ හැකි බව පවසමින් 'ජනතාව මුලා නොකොට' හිටපු ජනපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කොට ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීමද භාර දිය යුතු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ලංකාව ලෝකයට විහිළු සපයන රටක්" උන්වහන්සේ ඒ බව කියා සිටියේ 'මාර්තු 12 ව්‍යාපාරය' විසින් අද (මාර්තු 13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. "හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ" යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ. පාර්ලිමේන්තුව මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන් තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය. "ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?" උන්වහන්සේ ප්‍රශ්න කළහ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ. "මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ" යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද වනවිට ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව පැවසූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මගියෙකුගේ බෑයේ තිබී මෙම අත්බෝම්බය පිපිරී යන්නට ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. පෙරවරු 5.45 ට සිදුවූ පිපිරිම හේතුවෙන් මගීන් 16ක් බරපතල තුවාල ලැබූ අතර බස් රථය සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශයට පත්විය. යුද හමුදා සෙබලුන් 7 දෙනෙක් සහ ගුවන් හමුදා භටයන් 5 දෙනෙක් ද තුවාල ලැබූ මගීන් අතර සිටිති. බස් රථයේ රියදුරා ද පවසන්නේ පිපිරීමට මගියෙකු වගකිවයුතු බවය. තමන් සෑම දිනකම රාත්‍රියේ බස් රථය පිරිසුදු කොට අගුලු දමන අතර, ඉන් අනතුරුව රාත්‍රියේ එයට ආරක්ෂාව සපයා තිබෙන බව ද රියදුරා පවසයි. අත්බෝම්බය පිපිරී ඇත්තේ බසයේ ඉදිරි අසුනක් යටය. උදෑසන බණ්ඩාරවෙලින් ගමන් අරඹා දියතලාවට ගොස් නැවත බණ්ඩාරවෙල ඔස්සේ ගමන් කරන බැවින් මෙම බස්රියෙහි දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබලුන් ඇතුලු පිරිස් ද ගමන් කරති. බස් රථයේ ගමන්කළ හමුදා සාමාජිකයකු අත තිබූ අත් බෝම්බයක් පුපුරා යන්නට ඇතැයි සැක කරන කරන බව පොලිසියේ ප්‍රකාශකයෙක් ද සඳහන් කළේය. තුවාලකරුවන් 16 දෙනා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. දියතලාව පොලීසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරවෙල දියතලාව හෙබරව පෞද්ගලික මගී බස් රථයක බදාදා (පෙබරවාරි 21) උදෑසන අත්බෝම්බයක් පිපිරී යාමට එහි සිටි මගියෙකු වගකිවයුතු යයි විශ්වාස කරන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බවයි ජෙනරාල් ප්‍රයුත් පවසන්නේ රූපවාහිනිය ඔස්සේ තායිලන්ත ජනතාව අමතමින් ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා වැඩිදුරටත් පැවසුවේ වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සකස් කෙරෙන අතර ඉන් මාස තුනකට පමණ පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වෙන බවයි. එසේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය දැඩි ලෙස හමුදා පාලනය යටතේ පවත්වා ගෙන යන බව ජෙනරාල් ප්‍රයුත් පැහැදිලිවම ප්‍රකාශ කළ බවයි බැංකොක් හේ බීබීසී වාර්තාකරු පවසන්නේ.
හමුදා නිලධාරීන් විසින් වැඩි අසන සංඛ්‍යාවක් හොබවනු ලබන නව ජාතික සභාවක් සහ අන්තර් වාර රජයක් ඉදිරි මාස දෙක ඇතුළත පිහිටුවන බව තායිලන්ත හමුදා පාලකයා පැවසුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පිරිස චීනය බලා ආපසු පිටත් කර හරිනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන චීන රජයේ රූපවාහිනිය ඔස්සේ විකාශනය කොට තිබේ. මේ අතර වද හිංසා වලට බියෙන් උයිගර් මුස්ලිම් ප්‍රජාව තම ගම් බිම් පිහිටි චීනයේ ෂින් ජියාන් ප්‍රදේශය හැර දමා පලා යන බවයි ඇමරිකානු මානව හිමිකම් සංවිධාන වල මතය වී ඇත්තේ. තායිලන්ත රැඳවුම් භාරයේ පසු වූ උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සංක්‍රමණිකයන් පිරිස තායිලන්තය විසින් චීනයට නැවත පිටත් කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ දැඩි විරෝධය එල්ල විය. එම පිරිසගේ පැවැත්ම සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මෑතකදී තායිලන්තයෙන් පිටුවහල් කරන ලද උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සීයකට අධික චීන ජාතිකයන් පිරිසක් ජිහාඩ්වරුන් වීම සඳහා මැද පෙරදිග බලා යමින් සිටි බව චීන රජයේ මාධ්‍ය නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔබේ මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ වුවත් ඔහු හෝ ඇය නුසුදුස්සෙකු නම් එම ධුරය අහෝසි කිරීම සඳහා අභියෝග කරන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් හා ඊට අදාළ තොරතුරු සම්පිණ්ඩනය කරමින් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූවාය. ඇය මුලින්ම කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා සුදුසුකම් නොලබන කිසිවෙකුට කිසිදු මැතිවරණයක් සඳහා තරඟ කිරීම සපුරා තහනම් වන බවය. එම නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය සුදුසුකමකි. සිහි විකල් බව නමුත් මෑතක දී සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා එක් කර ඇති වගන්තියකට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇතත් වෙනත් රටක ද පුරවැසිභාවය දරන්නේ නම් ඔහු හෝ ඇය ද මහජන නියෝජිතයෙකු වීමට නුසුදුස්සෙකි. එම නිසා ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. එමෙන්ම යම් පුද්ගලයෙකු යහපත් මානසික මට්ටමකින් පසු නොවන බවට (Unsound Mind) ශ්‍රී ලංකාවේ පවත්නා නීතියකට අනුව ඔප්පු වී ඇත්නම් හෝ ඔප්පු කළහොත් එම පුද්ගලයාට මහජන නියෝජිතයෙකු විය නොහැකිය. නීතිවේදිනි චමින්ද්‍රි සපරමාදු "මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් ලියැවිලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තියේ සිට 91වන වගන්තිය දක්වා." නීතීඥ චමින්ද්‍රි සපරමාදු ප්‍රකාශ කළාය. ඇය ගෙන හැර දැක්වූ අනෙකුත් කරුණු සංක්‍ෂිප්තයක් ලෙස ගත් කළ මෙසේය. අල්ලස් ගැනීම මේ ගැනත් කියවන්න: රජයේ කොන්ත්‍රාත්තු ඉහත කී සියලු වැරදි ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෙකු වීම සඳහා ද නුසුදුසුකම් වනු ඇත. ඊට අමතරව ඡන්ද අපේක්ෂකත්වය අහිමි වන විශේෂ නුසුදුසුකම් කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වන වගන්තියේ දක්වා ඇත. මීට අමතරව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ නියුතු කෙනෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ඡන්ද අපේක්ෂකයෙකු වීම සඳහා වැට බැඳෙන තවත් රජයේ තනතුරු රාශියක් පවතී. එවන්නෙකු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා භාර දීමට පෙර තමන් දරන තනතුරින් ඉවත් විය යුතු ය. ඉහත කී වැරදි සිදු කර ඇති පුද්ගලයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී ඇත්නම් ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම පවතී. මැතිවරණ කොමසාරිස්වරයා කිසිදු පියවරක් නොගන්නේ නම් ඕනෑම කෙනෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකිය.
මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වීම සඳහා මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වන ලෙස නිර්වචනය වූ ක්‍රියා සහ අවස්ථා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අපගේ ප්‍රතිශක්ති (Immune) ආරක්ෂණ පද්ධතියේ ප්‍රධාන කොටසක් වන ප්‍රතිදේහ විසින් සෛල වෙත වෛරස් ඇතුළුවීම වළකාලනු ලබයි. ජුනි සහ සැප්තැම්බර් අතර කාලයේ, ප්‍රතිදේහ ඇතැයි හඳුනා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 26% කින් පහළ ගොස් ඇති බව එක්සත් රාජධානියේ 'ඉම්පීරියල් කොලේජ් ලන්ඩන්' විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සොයා ගෙන තිබේ. පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීන වී යන බව දක්නට ඇති අතර වෛරසය කිහිප වරක්ම ආසාදනය වීමේ අවදානමක් පවතින බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. 'REACT-2' නමැති අධ්‍යයනයේ කොටසක් වශයෙන් මෙතෙක් එංගලන්තයේ 350,000 කට අධික පිරිසක් ප්‍රතිදේහ පරීක්ෂාවකට සහභාගී වී තිබේ. එහි පළමු වටයේදී, එනම් ජුනි අග සිට ජුලි මස ආරම්භය දක්වා කාලයේ පුද්ගලයන් 1,000 කින් 60 දෙනෙකු තුළ ප්‍රතිදේහ හඳුනා ගෙන ඇත. නමුත් නවතම පරීක්ෂණ වටයේදී, එනම් සැප්තැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 1,000 කට 44 දක්වා පහළ ගොස් ඇත. ග්‍රීෂ්ම සහ සරත් සෘතු අතර ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සංඛ්‍යාව හතරෙන් එකකට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව එමගින් පෙනෙන්නට තිබේ. "ප්‍රතිශක්තිය තරමක් වේගයෙන් පිරිහෙනවා. පළමු පරීක්ෂණ වටයෙන් මාස තුනක් පමණක් ගතව තිබියදී දැනටමත් ප්‍රතිදේහවල 26% ක පහළ යාමක් පෙන්නුම් කරනවා," යනුවෙන් පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකා මහාචාර්ය හෙලන් වෝර්ඩ් පවසයි. තරුණ වයස් කාණ්ඩ මෙන්ම කෝවිඩ්-19 රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් හා සැසඳීමේ දී වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගයන්ගේ ප්‍රතිදේහ පහළ යාම ඉතා ඉහළ මට්ටමක පවතී. ප්‍රතිදේහ සහිත සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව සාපේක්ෂව තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර වෛරසයට දිනපතා නිරාවරණය වීම ඊට හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසති. 'Y' හැඩැති ප්‍රතිදේහ වෛරස් මතුපිට ඇලෙන අතර සෛල ආසාදනය වීම වළකාලයි අපගේ ශරීරයේ සෛල ආක්‍රමණය කිරීම වළකාලමින් කොරෝනා වෛරසයේ මතුපිට ඇලෙන ප්‍රතිදේහ සෙසු ප්‍රතිශක්ති පද්ධතිය ඒ වෙත ආකර්ෂණය කර ගනියි. ප්‍රතිදේහ අඩු වීම ප්‍රතිශක්තියට නිශ්චිතවම බලපාන ආකාරය තවමත් පැහැදිලි වී නැත. ප්‍රතිශක්ති පද්ධතිය සතුව තවත් කොටස් පවතී. ඊට අයත් 'T' සෛල එහිදී යම් කාර්යයක් කරනු ඇති අතර එමගින් සෘජුවම ආසාදිත ප්‍රවාහක සෛල මරා දමා තවදුරටත් සහාය ලබා ගැනීමට සෙසු ප්‍රතිශක්ති සෛල ගෙන්වා ගනියි. කෙසේ වුවත් තමා විසින් ආරක්ෂා කරනු ලබන්නේ කවුදැයි යන්න පිළිබඳ පූර්ව අදහසකට අනුව ක්‍රියා කිරීමට ප්‍රතිදේහ ඉහළ නැඹුරුවක් දැක්වීම පිළිබඳ පර්යේෂකයෝ අනතුරු අඟවති. "අපිට ප්‍රතිදේහත් ඒවා ක්‍රමයෙන් පහළ යන අයුරුත් දැක ගත හැකියි. තනිවම ගත් විට ප්‍රතිදේහ බොහෝ ආරක්ෂාකාරී බව අපි දන්නවා," යනුවෙන් මහාචාර්ය වෙන්ඩි බාර්ක්ලෙයි පවසයි. "ප්‍රතිදේහ අඩු වන වේගයෙන්ම ප්‍රතිශක්තියත් අඩු වුවහොත් එය ප්‍රතිශක්තිය පිරිහීමේ සංඥාවක් ලෙස දැකිය හැකි බව මා කියනවා," මිනිසුන්ට ආසාදනය වන තවත් කොරෝනාවෛරස් හතරක් පවතී. ඒවා අපට අවස්ථා ගණනාවක දී ආසාදනය විය හැක. එමගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ ඇති වන අතර සෑම මාස 6 ක සිට 12 ක දක්වා කාලයක් ඇතුළත යලි ආසාදනය විය හැක. දෙවරක් කෝවිඩ් වැළඳුණු බව තහවුරු වූ අවස්ථා ඇත්තේ අතලොස්සකි. ආසාදිතයන් වැඩි වශයෙන්ම වාර්තා වූ මාර්තු සහ අප්‍රේල් මාසවල සිට ප්‍රතිශක්තිය හීන වීම නිසා එසේ සිදු විය හැකි බවට පර්යේෂකයෝ අනතුරු අඟවති. ප්‍රතිශක්තිය හීන වුවත් පළමු අවස්ථාව සහ ඊට එරෙහිව සටන් කළ ආකාරය පිළිබඳ ශරීරය සතු "ප්‍රතිශක්ති මතකය" නිසා පළමු ආසාදනයට වඩා දෙවනවර ආසාදනය මෘදු විය හැකි යැයි විශ්වාස කරේ. සිය සොයා ගැනීම් මගින් එන්නතක් පිළිබඳ බලාපොරොත්තුව විනාශ නොවන බව පර්යේෂකයෝ පවසති. "පුළුල් චිත්‍රය නම් පළමු රැල්ලට පසු ආරක්ෂාකාරී ශරීර ප්‍රතිශක්තිය ගැන රටේ අති බහුතරයකට සාක්ෂි තිබුණේ නැහැ," යනුවෙන් පර්යේෂකයෙකු වන මහාචාර්ය ග්‍රැහැම් කුක් පවසයි. "තවමත් එන්නතක අවශ්‍යතාව තදින්ම තිබෙනවා. දත්ත මගින් එහි වෙනසක් කර නැහැ," උණ, හෙම්බිරිස්සාව ද? නැතිනම් කෝවිඩ්-19 ද? දැන ගන්නේ කොහොමද? ඉහත කී අධ්‍යයනය මගින් එන්නතක් සොයා ගැනීම වෙත එල්ල වන බලපෑම පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණීම වරදක් වනු ඇති බව 'REACT-2' අධ්‍යයනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පොල් එලියට් පෙන්වා දෙයි. "ස්වභාවික ආසාදනයට ශරීරය දක්වන ප්‍රතිචාරය සහ එය එන්නතක් දක්වන ප්‍රතිචාරයේ වෙනසක් තිබේවි," යනුවෙන් ඔහු පැවසීය. නමුත් ඇතැම් පුද්ගලයන්ට කාලයත් සමග හීන වන ප්‍රතිශක්තිය නංවා ගැනීම සඳහා සොයා ගනු ලබන ඕනෑම එන්නතක, පසු මාත්‍රා අවශ්‍ය විය හැකි බව ඔහු සඳහන් කළේය. ඉහත කී සොයා ගැනීම් පිළිබඳ අදහස් දක්වමින් නොටින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොනතන් බෝල් කියා සිටියේ, "කාලයත් සමග ප්‍රතිදේහ ප්‍රතිචාර පහළ යන බවට - විශේෂයෙන් අවදානම් සහගත අඩියක සිටින වයස්ගත ප්‍රජාවගේ - පැවති සැකය මෙමගින් තහවුරු වෙනවා," යනුවෙනි. කෙසේ වුවත් "ආරක්ෂාකාරී ශරීර ප්‍රතිශක්තිය කෙබඳුද" යන්න පිළිබඳ පුළුල් අදහසක් ලබා ගැනීම තවදුරටත් වැදගත් බව ඔහු පෙන්වා දෙයි. එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එලීනෝ රයිලි කියා සිටියේ ප්‍රතිශක්තිය දීර්ඝ කාලයක් නොපවතින බව උපකල්පනය කිරීමට තවමත් කල් වැඩි බවය. නමුත් සෙසු කාලයන්හි කොරෝනා වෛරස්වල දත්ත දෙස බැලීමේ දී ස්වභාවික ආසාදනයකින් ඇති වන ප්‍රතිදේහ කෙටි කාලයක් පවතින බවට වන අදහස දෙසට බරක් යෙදෙන බව ඇය වැඩිදුරටත් පැවසීය. (බීබීසී සෞඛ්‍ය හා විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර්ගේ වාර්තාවක් ඇසුරෙනි)
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිදේහ (Antibodies) මට්ටම "ඉතා සීග්‍රයෙන්" පිරිහෙන බව පර්යේෂකයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අධිකරණයට අවශ්‍යව සිටින සැකකරුවකු වන ඇවන්ගාඩ් ව්‍යාපාරික මේජර් නිශ්ශංක සේනාධිපති විසින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ දුරකතන සංවාදය ද අඩංගු ප්‍රකාශයක් පසුගිය සතියේ සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබිණි. රෝගී තත්ත්ව හේතුවෙන් තමන් මේවන විට සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබන බව එහිදී පැවසූ නිශ්ශංක සේනාධිපති, තමන්ට අල්ලස් කොමිසම නඩු පැවරුවේ දේශපාලන හේතුන් මත බව පැවසීය. නිශ්ශංක සේනාධිපති නිකුත්කළ හඬ පටයේ සඳහන් කරුණු. සිංගප්පූරුවේ සිටින්නේ යැයි පැවසෙන නිශ්ශංක සේනාධිපති අදාළ හඬ පටයේ ඇත්තේ තමන්ගේ හඬ බව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් තනතුර දරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ බැහැර නොකළාය. ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එල්ල කර තිබුණේ තමන් සමග කළ සංවාදය විකෘති කළ බවට චෝදනාවකි. සිය ෆේස්බුක් සටහනේ ඇය මතු කර තිබූ ප්‍රශ්න දෙක සඳහා තවමත් නිශ්ශංක සේනාධිපති පිළිතුරු දී නොමැත. කෙසේවෙතත් දිල්රුක්ෂි වික්‍රමසිංහට අදාළ දුරකථන ඇමතුම දී තිබෙන්නේ අමාත්‍ය වජිර අබේවර්ධන බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කර තිබේ. එයට තවමත් අමාත්‍යවරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. මෙම හඬ පටය හේතුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සහාවෙන් ඉල්ලීමක් කෙරිණි. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි ඇයට චෝදනා එල්ලවී තිබේ. ඇය සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් වරයෙක්ද පත්කර තිබේ. මෙම සිදුවීමෙන් ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා එම පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් කරන බව යළිත් තහවුරු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩු හුදෙක්ම පළිගැනීමේ චේතනාවෙන් කළ දේවල් යැයි ඔප්පු වන බවය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙම හඬ පටය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යළි වාග් සංග්‍රාමයක් මතු කිරීම දක්වා ද වර්ධනය විණි. "මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ." යැයි මෑතදී උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. මාස කිහිපයකට පෙර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා අගමැතිවරයා තමන්ට ලිපියක් එවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. "දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. උදේ ඉඳලා හවස 4 වෙනකම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජකාරී කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය සවස 6 පසු අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රාජකාරි කරනවා. එහෙම තමා වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නෑ කියලා. වික්‍රමසිංහ මහත්මියට මම කියනවා ඔය හඬපටයේ කියන මේ ජරා දේශපාලනඥයෝ තමයි මට බල කරන්නේ, උපදෙස් දෙන්නේ කියන කතාවේ දී කරුණාකරලා වික්‍රමසිංහ මැතිනිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබට උපදෙස් දුන්න දේශපාලනඥයන් කවුද කියලා පුළුවන්නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මහත්මියට කියනවා." යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ මේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ද දැඩි ප්‍රතිචාරයක් දැක්වූ අතර දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා පත්කරන ලෙස ඉල්ලා නොසිටි බව කියා සිටියේය. "දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි" දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කිසිදිනක අරලියගහ මන්දිරයේ සේවයේ නොකළ බවද අගමැතිවරයා සඳහන් කළේය. මේ අතර ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකු නිදහස් කිරීමට ඊයේ (සැප්තැම්බර් 23) අධිකරණය කටයුතු කළේය. අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අල්ලස් කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් මතුකළ විරෝධතාව අධිකරණය විසින් සළකා බලනු ලැබිණි. ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව මෙම චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බව ද අධිකරණය සඳහන් කර තිබේ. අල්ලස් කොමිසම පැවරු මෙම නඩුවට අමතරව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇත. චෝදනා 7573 ක් යටතේ පවරා ඇති මෙම නඩුව ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.
සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ (සැප්තැම්බර් 24) තීරණය කළේ ඇය සහ ඇවන්ගාඩ් ව්‍යාපාරය හිමි මේජර් නිශ්ශංක සේනාධිපති අතර වී යැයි පැවසෙන දුරකතන සංවාදයක් පිළිබඳ පුළුල් අවධානය යොමුවී තිබෙන පසුබිමකය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාජ්‍ය ඇමති ටී.බී ඒකනායක, නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබුණි. දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැති අතර එයට පක්ෂව සිය ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය නොමැතිව එම යෝජනාව ජයග්‍රහණය කිරීම අසීරු කරුණකි. තවත් කියවන්න: එසේ නම් එයට සහාය දීමට ඉඩ තිබෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කවුරුන්ද? "ඒක දැනට කිසිසේත්ම කියන්න බැහැ එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය මතු කළ ඒ පැනයට සිනහ සෙමින් ප්‍රතිචාරය පළ කළේය. "එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් ප්‍රසිද්ධ කළ ගමන්ම අද ඉඳල 4 වෙනිද දක්වා ඒ නම පස්සේ දුවන එක තමයි කරන්නේ." "එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඉන්නව. හැබැයි එක නමක් හෝ ප්‍රසිද්ධවීම අති භයානකයි" කෙසේ වුවත් යෝජනාවට පක්ෂය සිය ඡන්දය භාවිත කරන්නේ දැයි මේ වනතෙක් අවසාන තීරණයකට එළඹ නැති බව සඳහන් කළ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් නොව "පක්ෂයේ සමස්ත ව්‍යුහයම" වෙනස් විය යුතුය යන්න සිය ස්ථාවරය බව අවධාරණය කළේය. එසේ නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තමන් ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ම සූදානම්ව සිටින බව ඔහු සඳහන් කළේය. "මහජනයට ඇහුම්කන් දෙන, මහජන ප්‍රශ්න තේරෙන කණ්ඩායමක් මේ ස්ථානවලට පත්විය යුතුමයි." එසේ නම් පක්ෂ නායකත්වයට සුදුස්සා කවුරුන්ද? "මම විශේෂිත පුද්ගලයෙක්ව නම් කරන්නේ නැහැ. ඒ සඳහා අපි කණ්ඩායමක් විදියට එකමුතුව ගතයුතු තීන්දුවක්," අමාත්‍ය රංගේ බණ්ඩාර බීබීසී සිංහල සේවය සමග පැවසීය. "සිංහල බෞද්ධයෙක් විය යුතුයි. මහජනතාවට ඇහුම්කන් දෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබෙන කෙනෙක් විය යුතුයි. ඒ වගේම අනෙකුත් ජාතීන් සමග, ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය රැකගත හැකි විශ්වසනීය පුද්ගලයෙක් විය යුතුයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් විය යුතුයි. එහෙම අය පක්ෂයේ ඉන්නවා." නව කැබිනට් සංශෝධනය: ආණ්ඩුවේ ප්‍රතිචාර කෙසේ වුවත් තමන් ඇතුලු කණ්ඩායමේ උත්සාහය "අවනීතික උදවියට යළිත් බලයට පත්වීම සඳහා අවස්ථාවක් උදා කර දීම" නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. "අපගේ කණ්ඩායම ඇතුළෙම බලය තබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තමයි මේ කටයුත්ත කළ යුතු වෙන්නේ." තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, "විශ්වාසභංගයට කළින් මේ පක්ෂ ප්‍රතිසංවිධානය සිදු කරන්නේ කෙසේද යන්න පක්ෂයේ යාවජීව නායකයාණන් වහන්සේ රටට, පක්ෂයට හෙළි කළ යුතුයි," යනුවෙන් ද කියා සිටියේය. එසේ නොවුවහොත් පසුගියදා අගමැතිවරයාට පක්ෂව ලේඛනයකට අත්සන් තැබූ පිරිසත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමේ හැකියාව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද පසුගියදා පක්ෂ නායකත්වය දැඩි විවේචනයට ලක් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දරන මතය දැනගැනීම පිණිස ඔහු ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. එහෙත් යෝජනාව භාරදීමට ප්‍රථම කළ විමසීමකදී ඔහු කියා සිටියේ යෝජනාවේ අන්තර්ගතය සලකා බලා ඒ පිළිබඳ තීන්දුවකට එළඹෙන බවය. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරිපත් කළ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට අත්සන් නොතැබීම ගැන ද අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එයට සහාය පළ කර තිබෙන නමුත් පක්ෂය ඒ පිළිබඳ තීන්දුවකට එළඹ නැතැයි බීබීසී සිංහල සේවය සමග කියා සිටි පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා, තමන් පුද්ගලිකව එයට විරෝධය පළකරන බව ද සඳහන් කළේය. තවත් ලිපි:
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් පසුගිය බදාදා (මාර්තු 21) කතානායක කරු ජයසූරිය වෙත භාර දෙනු ලැබීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද බීබීසී යට වාර්තා වේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර තිබුණි. ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය. නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය. දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම (සෙනසුරාදා රාත්‍රිය) තීරණයකට එළඹී නැත. තවත් කියවන්න: මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. ශ්‍රී ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ විශ්ලේෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්විය. BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයවේ. සාමාන්‍ය ජනතාවට සමාජ ජාල භාවිතය අවහිර කරනු ලැබුවත්, රටේ ප්‍රධාන නායකයන් තවදුරටත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල දිගටම භාවිත කරන බව පර්යේෂිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඉරෝමි පෙරේරා මේ අතර පෙන්වා දී තිබුණි. සමාජ මාධ්‍ය ජාල තහනම සිය ව්‍යාපාරික කටයුතුවලට ද දැඩිව බලපා තිබෙන බව සංචාරක කරමාන්තයේ නියුතු කිහිප දෙනකුම බීබීසී සිංහල සේවයට පැවසූහ. මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම කෙසේ වුවත් සිකුරාදා මහනුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බවය. සමාජ මාධ්‍ය ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මාර්තු 06 වෙනි දින සිට රට පුරා පනවන ලද හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත් එවක් පටන් රාත්‍රී කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ පණවන ලද පොලිස් ඇඳිරි නීතිය සෙනසුරාදා (මාර්තු 10) රාත්‍රියේ පළමු වරට ක්‍රියාත්මක නොවේ. හැකියාවක් තිබේ නම් තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන මෙන් තමන් නිර්දේශ කළ බව ද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක බීබීසී යට පැවසීය. සමාජ මාධ්‍ය ජාල තහනම සංචාරක කර්මානතයට ද බලපා තිබේ ඇඳිරි නීතිය ඉවත් කරගන්නා ලද නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වී නොමැති බැවින් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉක්මන් නොවිය යුතු බව ආරක්ෂක බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අතර නිවේදනය කළේය. ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සබැඳි යොමු:
මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු ග්‍රීසියේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ සිය රට සහ මැසිඩෝනියාව අතර දේශ සීමාවේ කොටු වී සිටින සංක්‍රමණිකයන් දැඩි මානවීය අර්බුදයකට මුහුණ පා සිටින බවයි. මැසිඩෝනියාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි දේශ සීමා නීතිය යටතේ දිනකට සිය රට තුලට පැමිණිය හැකි සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතා අඩු අගයකට සීමා කිරීම හේතුවෙන් ග්‍රීක කඳවුරු පිරී ඉතිරී යාම මෙම අර්බුදයට හේතු වී තිබේ. ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාවෙන් මේ වන විට දිනකට මැසිඩෝනියාවට ඇතුළු කර ගන්නේ සිරියානු සහ ඉරාක සංක්‍රමණිකයන් සීමිත ප්‍රමාණයක් පමණි. දේශ සීමා අතර පිහිටා තිබෙන ඉදෝමනී කපොල්ලේ ඇති කුඩා කඳවුරු වල සිරව සිටින දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් මේ වන විට ඇදහැලෙන දැඩි වර්ෂාව මාධ්‍යයේ ආහාර ලබා ගැනීමට දීර්ඝ පෝලිම් වල සිට ගෙන සිටිනු දක්නට ලැබෙයි. කඳවුරු උතුරා ගිය සංක්‍රමණිකයන්ගේ තදබදය මධ්‍යයේ සිය දෙමාපියන්ගෙන් මග හැරුණු කුඩා දරුවන් හවුහරණක් නොමැතිව එළිමහනේ වර්ෂාවට හසුව අතරමං වී සිටින බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා (Dimitris Avramopoulos) යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානවීය අර්බුදය හමුවේ ග්‍රීසිය තනි නොකොට ඒ වෙනුවෙන් පෙනී සිටිමින් විසඳුම් ලබා දීමට එකතු වන ලෙසයි.
දහස් ගණනක් සංක්‍රමණිකයන් ග්‍රීක මැසිඩෝනියා දේශ සීමාව අතර කොටු වී පීඩාවට පත්ව සිටීම පදනම් කර ගෙන රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස යුරෝපා සංගමය ග්‍රීසියෙන් ඉල්ලීමක් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුවේ හමුදා විසින් ආණ්ඩු විරෝධී දෙමළ සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජයට පත් කරනු ලැබුවේ 2009 වසරේ මැයි 18 වෙනිදාය. යුද්ධයේ අවසාන අදියරට පෙර වසර විසි පහකට අධික කාලයක් පැවති ගැටුම්වලින් හැත්තෑ දහසකට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ඇස්තමේන්තු කෙරේ. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර පැවති අවසන් ගැටුමේ දී ජීවිත අහිමි වූ හෝ අතුරුදහන් වූ පුද්ගල සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් වී නැත. ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපාර්ශවය විසින්ම යුද අපරාධ සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට එරෙහි එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මේ අතර සංහිඳියා යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩුව විසින් දරනු ලබන උත්සාහය ප්‍රමාණවත් නොවන බව ඇතැම් විවේචකයෝ පෙන්වා දෙති. සංහිඳියා යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ නායකයන් බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) පසුගියදා නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙයි. "ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය සහ වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී," යනුවෙන් එම වාර්තාවේ සඳහන් වෙයි. ලාංකික ළමා පරපුර සහ තරුණ ප්‍රජාව අතර සංහිඳියාව ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබේද? මෙය බොහෝදෙනා මතු කරන ප්‍රශ්නයකි. ලොව ගැටුම් පැවති බොහෝ රටවල සංහිඳියාව සහ අන්තර් සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සඳහා යොදා ගත් එක් මාධ්‍යයක් වන්නේ කලාවයි. ශ්‍රී ලංකාව ගත්විට ඒ සඳහා ප්‍රමාණවත් කලා නිර්මාණ බිහි වී තිබේද ? ප්‍රශ්නයකි. සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කලාව තුළින් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මැයි 19 වෙනිදා විද්වතුන් සහ කලාකරුවන් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි. කලා නිර්මාණ ජාතික සමගිය සහ ජාතීන් අතර අවබෝධය ගොඩ නැගිය හැකි නිර්මාණ බිහි වීමේ වැදගත්කම ජනාධිපතිවරයා එම හමුවේ දී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මහාචාර්ය සරත් විජේසූරිය, අශෝක හඳගම, ගාමිණී වියන්ගොඩ ඇතුළු විද්වතුන් සහ කලාකරුවන් පිරිසක් ජනාධිපතිවරයා සමහ පැවති සාකච්ඡාවට එක් වී සිටියහ. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා කලාවෙන් ප්‍රමාණවත් දායකත්වයක් ලැබී ඇත්දැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී ඔහු කියා සිටියේ කලාවෙන් ඒ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් තවමත් ලැබී නොමැති බවය. "සාමාන්‍යයෙන් විවිධ රටවල විශාල විනාශයන් සිදු වුනාට පසු ඒ විනාශය කලාව තුළින් අපට දැක ගත හැකි ආකාරයේ ලෝකප්‍රකට කලා කෘති බිහි වී තිබෙනවා." කෙසේ නමුත් එවැනි කලා කෘති බිහි වීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත් ඔහු පෙන්වා දෙයි. යුද්ධය සහ සාමය "උදාහරණයක් විදිහට රුසියානු සාහිත්‍යයේ ලියෝ තොල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය. ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ කෘති බිහි වෙලා තියෙන්නේ රජයේ මැදිහත්වීමකින් නොවෙයි. එවැනි නිර්මාණ බිහි කරන්න කලාකරුවන්ටම ආවේශයක් එනවා" රජයේ මැදිහත් වීමට වඩා ශ්‍රී ලංකාවේ කලාකරුවන් තුළින්ම එම ආවේශය ඇති විය යුතු බව කී මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ "විනාශය පිළිබඳ කොහොමද කලාකරුවෙක් සංවේදී වන්නේ? තමන්ගේ නිර්මාණකරණය තුළ ඒ විනාශය නිරූපනය කරන්නේ කොහොමද? කියන ගැඹුරු අනුභූතීන් කලාකරුවන් තුළම ඇති විය යුතු"යයි පවසයි. එවැනි තත්වයක් ඇති නොවන තාක් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ මැදිහත් වීමකින් කළ හැකි කිසිවක් නොමැති බව ඔහු සඳහන් කළේය. පොදුවේ රට තුළ සංහිඳියාව ඉහළ නැංවීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ අංශ තුළ ක්‍රියාමාර්ග ගෙන ඇතත් එය ප්‍රමාණවත් යැයි තමන් විශ්වාස නොකරන බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකාවේ තිස් වසරකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය නිම වී වසර අටක් ගතව ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගෝඨාභය රාජපක්ෂ විදේශීය බලපෑම් සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා විරෝධය පෑවේ මඩකලපුවේ දී ආගමික දේශපාලනික හා බහුජන නායකයන් අමතමින්. තමන් මුණ ගැසීමට පැමිණ රට පාලනය කරන අයුරු කියා දෙන්නට ආ එක්සත් ජනපද නිලධාරියකු ට දැඩි සේ ප්‍රතිචාර දැක්වූ බව ද ඔහු කියා සිටියේය. “අපිට ඕන තරම් නායකයන් මේ රටේ ඉන්නවා. අපි දන්නවා මේ රට පාලනය කරන හැටි. අපේ ප්‍රශ්න විසඳන හැටි අපි දන්නවා.” විදේශිකයන් පසු පස යාමේ ප්‍රයෝජනයක් නැතැයි කී ආරක්ෂක ලේකම්වරයා එමගින් ප්‍රශ්න විසඳෙනු වෙනුවට රටේ ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වන බවයි කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ ගැටළු විසඳා ගැනීමේ උපදෙස් දීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් වීම ආරක්ෂක ලේකම් වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිරියානු ආණ්ඩුවට පක්ෂපාත හමුදා ඩුමා නගරයෙන් කැරලිකරුවන් පළවා හැරීමේ යෙදී සිටිති 'ටියාස්'(Tiyas ) ලෙස හැඳින්වෙන මෙම ගුවන් තොටුපොල පිහිටා ඇත්තේ 'හොම්ස්' නගරයේය. පසුගියදා සිරියාවේ නැගෙනහිර ගුටා හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් නගරය වන 'ඩුමා' වෙත එල්ල කෙරුණ රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අඩු තරමින් පුද්ගලයන් හැත්තෑවක් පමණ මරණයට පත් වූ බව වාර්තා වුණි. ඇමෙරිකාව සහ ප්‍රංශය එම ප්‍රහාරය දැඩිව හෙළා දුටු අතර, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් ද කළේය. එවැනි පසුබිමක් තුළ 'ටියාස්'(Tiyas )ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරය එල්ල කරන ලද්දේ බටහිර රටක මැදිහත් වීමකින් යැයි සිරියාව ප්‍රකාශ කර ඇතත්, බටහිර රටවල් එම චෝදනා ප්‍රතික්ෂේප කරති. ඊශ්‍රායලය මින් පෙර සිරියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත. නමුත් ඊශ්‍රායලය 'ටියාස්'(Tiyas ) ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත. හොම්ස් නගරයේ පිහිටි 'ටියාස්' ලෙස හැඳින්වෙන ගුවන් තොටුපොලෙහි සැටලයිට් ඡායාරූපයක් "මේ දේවල්වලට හුඟක් විඳවන්න වෙයි," ඩුමා වෙත එල්ල කෙරුණු රසායනික ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. සිරියානු ජනාධිපති බශාර් අල්-අසාද් "සතෙකු" බව ට්‍රම්ප් සිය ප්‍රකාශය අතරතුර පැවසුවේය. මේ අතර ඩුමා නගරයේ රැඳී සිටි අවසාන කැරලිකරුවන් කණ්ඩායම සිරියානු ආණ්ඩුවත් සමග ඇති කර ගත් ගිවිසුමකින් පසු හමුදාවට භාර වී ඇත. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් පසුගිය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් "ශක්තිමත් ලෙස එකට එක් වී රසායනික ප්‍රහාරයට පිළිතුරු දෙන" බව කියා සිටියේය. මේ තොරතුරුද කියවන්න: සැකකටයුතු රසායනික ප්‍රහාරයකින් සිරියාවේ 70ක් මරුට රුසියාව සිරියාවට මනාප ඇයි? සිරියානු ගැටුම් "අති දරුණු" අතට හැරෙයි නමුත් ඇමෙරිකාව හෝ ප්‍රංශය 'ටියාස්'(Tiyas )ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරය එල්ල කළ නැති බව ඇමරිකානු නිලධාරීහු පවසති. "මේ අවස්ථාවේ දී ආරක්ෂක දෙපාර්තමේන්තුව සිරියාවේ ගුවන් ප්‍රහාර දියත් කර නැහැ," පෙන්ටගනය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. ප්‍රංශයත් එම ප්‍රහාරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සිදු වූයේ කෙසේද? යන්න මෙන්ම, මරණයට පත් සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ ගණන කීයද? යන්න තහවුරු කර ගැනීම ඉතා අපහසු කාර්යයක් බවට පත් වී ඇත. ඛාන් ශෙයිඛුන් වෙත එල්ලවූ ප්‍රහාරයෙන් 80 දෙනෙකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලැබුහ රසායන ප්‍රහාරය ගැන තොරතුරු වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් වෙතින් රසායනික ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුව ද, සංඛ්‍යාදත්ත හා තොරතුරු වෙනස් ස්වභාවයක් දරන අතර තවමත් තොරතුරු ලැබෙමින් පවතී. 'වයිට් හෙල්මට්ස්' කණ්ඩායමේ ප්‍රධානී රයිඩ් අල් - සලේහ් අදහස් දක්වමින් "හුස්ම හිරවීමෙන් හැත්තෑ දෙනෙක් මියගොස්"ඇතැයි සඳහන් කළේය. "එසේම තවත් සිය ගණනක් තවමත් හුස්මගැනීමේ අපහසුතාවෙන් පෙළෙන" බවත් ඔහු පවසයි. කලින් පළ කරන ලද එහෙත් දැන් ඉවත් කර ඇති 'ට්විටර්' පණිවිඩයකට අනුව මියගිය ගණන 150 ට වැඩිය. විරුද්ධ පක්ෂයට සහයෝගය දක්වන 'ගුටා' මාධ්‍ය මධ්‍යස්ථානය 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින්, හැත්තෑපහකට වැඩි පිරිසක් "හුස්ම හිරවීමෙන් මරණයට පත්ව ඇති අතර " ප්‍රහාරයේ බලපෑමෙන් තවත් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බව කියා සිටියේය. එම චෝදනා එල්ලකරන ට්විටර් පණිවුඩය කියා සිටියේ "මාරාන්තික විෂ රසායනයක් වන 'සරින්' අඩංගු වී යැයි පැවසෙන බැරල් බෝම්බයක් හෙලිකොප්ටරයකින් හෙලා ඇති බවකි. සිරියානු රෝහල් සමග ක්‍රියාත්මක වන ඇමෙරිකාව මූලස්ථානය කරගත් පුණ්‍යායතනයක් වන වෛද්‍ය සහන සංවිධාන සංගමය (The Union of Medical Relief Organizations) බීබීසීයට ප්‍රකාශ කළ පරිදි මරණ හැත්තෑවක් සිදුව ඇති බව ඩමස්කස් ග්‍රාමීය ක්ෂේත්‍ර රෝහල තහවුරු කර ඇත. තවත් තොරතුරු: සිරියානු යුද්ධය: අලුත්ම තත්ත්වය කුමක්ද? සිරියාව: "ගුවන් ප්‍රහාර මගින් විශාල ජීවිත විනාශයක්" සිරියාව පිළිබඳ ඉවසීමෙන් කටයුතු කරන්න - චීනය ඩුමා හි සිදුවන්නේ කුමක්ද? සිරියාවේ නැගෙනහිර 'ගුටා' කලාපය තුළ කැරලිකරුවන් අත ඇති අවසන් නගරය වන ඩුමා, රුසියාවේ සහයෝගය ලබන සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලනු ලැබ ඇත. මොස්කව් පාලනය හා කැරලිකරුවන් අතර සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව සිකුරාදා දැඩි ගුවන් හා ගොඩබිම් ප්‍රහාර එල්ල කෙරුණි. සාකච්ඡා බිඳවැටීමට පෙර, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායමේ උත්සාහය වුණේ, සිය සාමාජිකයින්ට ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ඩුමා හි රැදී සිටීමේ අවකාශ සලසා ගැනීමේ ගනුදෙනුවක් ඇතිකර ගැනීමයි. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් ඩමස්කස් අවට සිවිල් වැසියන් තුවාල ලද බව සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසයි සිරියානු ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරවලින් සිකුරාදා (අප්‍රියෙල් 06) සිවිල් වැසියන් හතළිස් දෙනෙක් මරා දැමුණ අතර, සෙනසුරාදා තවත් තිස් දෙනකු මරණයට පත් වූ බව එක්සත් රාජධානිය මූලස්ථානය කරගත් මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණ ආයතනය පැවසීය. ජයිෂ් අල්-ඉස්ලාම් සමග සාකච්ඡා ඇරඹීමට සුදානම් බව සිරියානු ආණ්ඩුව ප්‍රකාශ කර තිබියදී , ඉරිදා (අප්‍රියෙල් 09) එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් තවත් බොහෝ දෙනෙක් මියයන්නට ඇතැයි සැළකේ. දඩමස්කස් අගනුවරට එල්ල වූ කැරලිකරුවන්ගේ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් හය දෙනෙකු මරා දමන ලදැයි පවසන සිරියානු රාජ්‍ය මාධ්‍ය ආයතන තවත් තිස් අට දෙනෙක් තුවාල ලද බවත් සඳහන් කළේය. එහෙත්, ජයිෂ් අල්-ඉස්ලාම් කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කරයි. සිරියානු ජනාධිපති බශාර් අල්-අසාද් ට පක්ෂපාත හමුදා පෙබරවාරි මාසයේදී ආරම්භ කරන ලද දරුණු ප්‍රහාර මගින් සමස්ත 'ගුටා' කලාපයම පාහේ යළි අත්පත් කරගැනීමට සමත් වූහ. එහිදී 1600 ට වැඩි පිරිසක් මරණයට පත් වූ අතර තවත් දහස් ගණනක් තුවාල ලැබුහ.
සිරියානු හමුදා ගුවන් තොටුපොළකට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් දාහතරකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා හෝ මිය ගොස් ඇති බවට සිරියානු මාධ්‍ය වාර්තා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලීසා මොන්ට්ගොමෙරි (Lisa Montgomery) නම් එම කාන්තාවට එරෙහිව පූර්ව අධිකරණයක් විසින් නියමකරන ලදුව පැවැති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබ තිබෙන්නේ,ඇමෙරිකානු ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද නියෝගයක් මගින් එය තාවකාලිකව අත්හිටවනු ලැබ තිබියදීය. එම මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පෙර එය ක්‍රියාත්මක කරනු ලැබීම සුදුසුද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතු බව විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ප්‍රකාශකර තිබුණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පැය කීපයකට පසු එම කාන්තාවට විෂ එන්නතක් ශරීරගත කරනු ලැබීම මගින් මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි. ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය. ලීසාට එරෙහි මරණ දඬුවම ප්‍රකාශයට පත්කරන ලද්දේ 2007 වසරේදීය. ලීසාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාව වූයේ මිසූරි (Missouri) ප්‍රාන්තයේ ගර්භනී මවකගේ ගෙල සිරකොට මරාදමා ඇයගේ උදරය කපා නූපන් බිළිඳකු පැහැරගෙන යාමය. 2004 වසරේ වාර්තා වූ එම අපරාධය සම්බන්ධයෙන් වරදකාරිය කරනු ලැබ මරණීය දණ්ඩනයට යටත්කරනු ලැබ සිටි ලීසා අඟහරුවාදා (ජනවාරි12) වනවිට පනස් දෙහැවිරිදි වියේ පසුවූවාය. 'ඉන්දියානා' ප්‍රාන්තයේ 'ටෙරේ හෝටි' (Terre Haute) බන්ධනාගාරයේ දී ලීසා මරණයට පත්කර ඇති අතර ඇය වසර හැත්තෑවකට ආසන්න කාලයක් තුළ එම ඉරණමට ලක්වූ පළමු කාන්තාව බවට පත්වූවාය. ලීසා මොන්ට්ගොමෙරි සිය අර්ධ සහෝදරිය, ඩයනා මැටින්ග්ලි සමඟ ළමාවියේ දී විනිසුරුගේ තීන්දුව කුමක්වීද? 'ඉන්දියානා' ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ජේම්ස් හැන්ලන් (James Hanlon) ඉහතකී මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබීමට පෙර සඳුදා (ජනවාරි 11) මෙසේ සඳහන්කර තිබුණි. ''ලීසා මොන්ට්ගොමෙරිට එරෙහි මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීමට තරම් සුදුසු මානසික තත්ත්වයක ඇය සිටින්නේද යන්න තීන්දුකිරීමේ විභාගයක් සිදුකිරීම සඳහා අධිකරණයට අවස්ථාව සැලසීම්වස් ඇයට එරෙහි තීන්දුව තාවකාලිකව නතර කරන මෙන් ඇය කරන ලද ඉල්ලීමට අවසර ලැබෙයි'' ''ලීසා මොන්ට්ගොමෙරි මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය කොතරම්දුරට යථාර්ථයෙන් ඈත්ව තිබෙන්නේදැයි සඳහන් කළොත්, ඇයට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනු ලැබීමේ ආණ්ඩුවේ අභිලාශය කුමක්ද යන්න තේරුම්ගැනීමේ ශක්‍යතාවක් ඇයට නොමැත'' විනිසුරුවරයාගේ ප්‍රකාශයේ දැක්වෙයි. ''අධිකරණය ඊට අදාළ විභාගයක් සඳහා දිනය සහ කාලවේලාව වෙනත් නියෝගයක් මගින් යථා කාලයෙහි නියමකරනු ඇත'' විනිසුරු හැන්සන් වැඩිදුරටත් සඳහන්කර තිබුණි. ''ලීසාට එරෙහි මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටවීමට තීන්දුකරනු ලැබීම මගින් අධිකරණය නිවැරැදි තීන්දුවක් ගෙන තිබෙනවා'' නීතිවේදී කෙලී හෙන්රි විසින් නිකුත්කරන ලද ප්‍රකාශනයක සඳහන් විය. ''අධිකරණය නිවැරැදිව තේරුම්ගත් පරිදි, ලීසා මොන්ට්ගොමෙරි මරාදැමීමට සුදුසු මානසික මට්ටමක දැන් ඇය නොමැති බව හොඳින් පෙන්නුම් කර තිබෙනවා'' ''මොන්ට්ගොමෙරි මහත්මියගේ මොළයට හානි සිදුවෙලා. ඇය බරපතල මානසික ව්‍යාධියකින් පෙළෙනවා. භාරකරුවන් ග්‍රහණයේ සිටියදී ලිංගික පීඩාවන්ට ගොදුරුවීමෙන් ඇය ලද පීඩාව ඇයගේ මුළු ජීවිතකාලය පුරාම දිගටම බල පැවැත්වෙන්නක්'' නීතිවේදියා පෙන්වාදෙයි. එහෙත් හැන්සන් විනිසුරු විසින් දෙනලද තීන්දුවට එරෙහිව අධිකරණ නිලධාරීන් අභියාචනයක් ඉල්ලා ඇතැයි CNN පුවත්සේවය වාර්තා කළේය ගැලවීමක් තිබුණේද? ලීසාට එරෙහි මරණීය දණ්ඩනය පළමුව ක්‍රියාවට නැංවීමට නියමිතව තිබුණේ 2020 දෙසැම්බර් මාසයේ දිනකය. එහෙත් ඇයගේ නීතිවේදීන් කොවිඩ්-19 වෛරසයට හසුවීම හේතුවෙන් එය කල්තැබීමට සිදුවිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණීය දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානය පවසන පරිදි ආණ්ඩුව විසින් ලීසා මොන්ට්ගොමෙරිට පෙර කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවා තිබෙන්නේ 1953 වසරේදීය. ඇය බොනී හෙඩී (Bonnie Heady) නම් වූවාය.. මරණීය දණ්ඩණය යළි ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති ට්‍රම්ප් නියෝගකරනු ලැබීමට පෙර වසර දාහතක කාලයක් එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණීය දණ්ඩනය ක්‍රියාවට නැංවීම අත්හිටවනු ලැබ තිබුණි. ඇමෙරිකානු ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ජෝ බයිඩන් පදවියේ කටයුතු භාරගනු ලැබුනේනම් ලීසාට මරණීය දණ්ඩනයෙන් ගැලවීමට ඉඩකඩ තිබිණැයි අදහස් පළවෙමින් ඇත. ෆෙඩරල් ආණ්ඩුවේ මරණ දඬුවම නතර කිරීමට අවධානය යොමුකරන බව ජෝ බයිඩන් ප්‍රකාශකර ඇත. බොබී ජෝ ස්ටිනෙට් ඛේදාන්තයක සුළමුල; ඛේදාන්තයකින් අවසන් වූ ලීසා ගේ ජීවිතකතාව ආරම්භවන්නේ කුඩා වියේ පටන් ඇය මුහුණදුන් අඩන්තේට්ටම්, හිරිහැර, ලිංගික අතවර සහ ඒ නිසාම ඇතිවූ මානසික ව්‍යාධීන් ඇතුළත් කාල පරිච්ඡේදයකිනි. එවැනි අතීතයක් සහිත ලීසා මිනීමැරීමේ සහ ළදරුවකු පැහැරගනු ලැබීමේ චෝදනාවට ගොදුරුවූයේ 2004 වසරේදී සිදුකරන ලද සාපරාධී වරදක් සමඟය. ඇය ඒවනවිට 36 වෙනි වියේ පසුවූවාය. ලීසාට එරෙහි චෝදනාව වූයේ 23 හැවිරිදි බොබී ජෝ ස්ටිනෙට් (Bobbie Jo Stinnett) නම් මාස අටක ගර්භනී තරුණියකගේ උදරය කපා ඇයගේ කුසෙහි වූ බිළිඳු දැරියක් පැහැරගෙන යාමය. බොබී එම අනපේක්ෂිත ප්‍රහාරයේ දී රුධිරය වහනයවීමෙන් මරණයට පත්වූවාය. සුරතල් බලුපැටවුන්ට ආශා කළ ලීසා මොන්ට්ගොමෙරි සහ බොබී ජෝ ස්ටිනෙට්(Bobbie Jo Stinnett) එකිනෙකා දැන හඳුනාගෙන තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේය. සති කීපයක් අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගත් ලීසා එවක ගර්භනීව සිටි බෝබීට පවසා තිබෙන්නේ තමාත් ගැබ්ගෙන සිටින බවකි. අනතුරුව ඔවුන් දෙදෙනා ගැබ්ගැනීමට අදාළ තොරතුරු හුවමාරු කරගෙන ඇත. 2004 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ලීසා කැන්සාස් හි පිහිටි සිය නිවසේ සිට කිලෝමීටර් 281.5ක දුරක් මෝටර්රථයක් පදවාගෙන බොබී වාසයකරන 'ස්කිඩ්මෝර්' (Skidmore) කරා ගොස් තිබෙන්නේ බොබී සතු සුරතල් බලු පැටවුන් බැලීම සඳහා අවස්ථාවක් යොදාගනිමිනි. එහෙත් එසේ පැමිණි කාන්තාව බොබී බලාපොරොත්තු වූ ලීසා මොන්ට්ගොමෙරි නොවූවාය. එහි පැමිණ තිබුණේ ඩාර්ලින් ෆිෂර් Darlene Fischer) නමින් පෙනීසිටි කාන්තාවකි. එය 'ලීසා' බොබී සමඟ ගනුදෙනු කිරීමේ දී යොදාගන්නා ලද ව්‍යාජ නාමයකි. ඇය එම නමින් ද බොබී සමඟ තවත් කාන්තාවක වේශයෙන් බලුපැටවුන් මිලට ගැනීම ගැන අදහස් හුවමාරු කරගෙන තිබුණි. ආරාධිත කාන්තාව තම දොරට සන්කළ මොහොතේ බොබී එය විවෘත කරත්ම අටමසක් ගර්භනී කතක වූ බොබී යටත් කරගත් ලීසා ඇයගේ ගෙල සිරකොට මරාදමා උදරය සිඳ එහිවූ බිළිඳිය පැහැරගෙන ගොස් තිබුණි. බොබී ගේ මරණය සිදුවුණේ මෙම නිවසේදීය. අද එම නිවස පවතින තත්ත්වය මෙයින් අවුරුදු 16කට පෙර සිදුවූ එම මරණය බොබී ජීවත්වූ ප්‍රදේශයේ වැසියන්ගේ මතකයෙන් තවමත් ගිලිහී නැත. ශෝකාන්තයේ ආරම්භය උපතත් සමඟ ලීසා මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් කණ්ඩායම ඇයගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සමාජසේවා අංශයේ මහජන නියෝජිතයන් සහ සිදුවීම් අධ්‍යයනය කරන්නන් සහ වෛද්‍යවරුන් ආදී පිරිස් සමඟ සම්මුඛ සාකච්ඡා 450 ක් පමණ පවත්වා ඇත. එම සාකච්ඡා මගින් ඔවුන්ට හෙළිදරව් වී තිබෙන්නේ පවුලේ කටයුතු ක්‍රමවත්ව සිදුනොවීම, අපයෝජනය, දිගින් දිගටම පුරුද්දක් හැටියට නොතකා හැරීම, මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රතිකාර නොකළ මානසික රෝග වැනි කරුණු රාශියක් මොන්ට්ගොමෙරි පවුල වටා එකට ගෙතී ඇති බවය. "මුළු කතාවම ඛේදජනකයි'' මොන්ට්ගොමෙරි වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී කෙලී හෙන්රි ප්‍රකාශ කළාය. ''ප්‍රශ්නය පටන්ගෙන තිබෙන්නේ ලීසා ඉපදීමටත් පෙර පටන්. ලීසාගේ පියා සමඟ සිදුකළ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කළා ලීසාගේ මව 'ජූඩි' (Judy Shaughnessy) ගර්භනී සමය පුරාම ඉතා අධික ලෙස මත්පැන් පානය කළ බව.එවැනි තත්ත්වයක් යටතේ ලීසා ඉපදිලා තියෙන්නේ කළලයේදීම මත්පැන් නිසා වැළඳෙන 'භ්රූණ ඇල්කොහොල් ආබාධයක්' ද (foetal alcohol syndrome) සහිතව.වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් එම රෝග විනිශ්චය සමඟ එකඟවුණා'' නීතිවේදිනිය පවසන්නීය. ජූඩි;ලීසාගේ මව ලීසා මොන්ට්ගොමෙරි සහ ඇයගේ සහෝදරිය වන 'ඩියෙන් මැටිංලි' ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව 'ජූඩි' දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලු කරදැමීම වැනි දඬුවම් දී ඇත. දරුවන්ගේ ජෛවීය පියා නිවසින් පිටව ගිය පසු ජූඩිගේ පෙම්වතුන් සමඟ ඔවුන් තනිකොට ඇති අතර අඩුතරමින් ඔවුන්ගෙන් එක් අයෙකුවත් තමා දූෂණය කිරීමට පටන් ගත් බව ඩයනා පවසයි. "ජූඩි (අම්මා) වංචනික කාන්තාවක්. මම මෙම වචනය භාවිතා කිරීමට අකමැතියි, නමුත් සියල්ල නපුරුයි. අවට සිටින මිනිසුන්ට වධහිංසා පැමිණවීමෙන් ඇය සතුටක් ලැබුවා" ඩියෙන් වැඩිදුරටත් සඳහන් කළාය. "ඇය එයින් ප්‍රීතියක් ලැබුවා." ලීසා ගේ සහෝදරිය ඩියෙන් මැටිංලි; ළමාවියේ පසුවෙද්දී ඔවුන්ගේ මව 'ජූඩි' දරුවන් දෙදෙනාට පහර දී ලීසාගේ කට වැසීම සඳහා ටේප් ඇලවීම හෝ ඩයනා නිරුවතින්ම හිම මතට තල්ලුකර දැමීම වැනි දඬුවම් දී ඇත. අවසානයේදී සමාජසේවා අංශය මගින් ඩියෙන් නිවසින් ඉවත්කරනු ලැබීමෙන් පසු ලීසා ජූඩිගේ අලුත් සැමියාගේ ගොදුර බවට පත්ව ඇත. එම පුරුෂයාගේම වෙනත් දරුවන් කියාසිටින පරිදි එම තැනැත්තා මත්පැන්වලට ඇබ්බැහිවූ ප්‍රචණ්ඩ චරිතයක් සහිත තැනැත්තෙකි. ලීසා ලිංගික අපචාරයන්ට ගොදුරුවීම පටන්ගෙන තිබෙන්නේ ඇය ලාබාල වියේ පටන්ය. එම පවුල නිවසින් නිවසට මාරුවෙද්දී එම අපචාර වධහිංසාමය තත්ත්වයකට පත්ව ඇති බව ලීසාගේ නීතිවේදීහු පවසති. ලීසාගේ අර්ධ සහෝදර සහෝදරියන් සහ එම පවුලේ අය සමඟ කාලය ගත කළ වෙනත් පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ වූයේ, ''ලීසාගේ සුළු පියා ට්‍රේලරයක් මත ඉදි කළ මඩුවකදී ඔහු විසින් මෙන්ම අවසානයේදී ඔහුගේ මිතුරන් විසින් ද ඇය දූෂණය කරන ලදුව පහරදුන්' 'බවය. අවසානයේදී දී ලීසාගේ මව ජූඩි සිය දියණිය පිටස්තරයන්ට විකුණා ඇත. නිවසේ වැඩට එන විදුලි කාර්මිකයන්ට සහ පයිප්ප අලුත්වැඩියා කරන්නන්ට ජූඩි මුදල්ගෙවීම වෙනුවට සිදුකර තිබෙන්නේ දියණිය පාවාදීමය. ලීසා සිය ඥාති සහෝදරයෙකුට රහස් හෙළිකරමින් පවසා ඇත්තේ ''මිනිසුන් ඇය බැඳ, පහර දී අවසානයේදී ඇඟට මුත්‍රා කරන ලද'' බවකි දැනට ෂෙරිෆ්වරයාගේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ඥාති සහෝදරයා ලීසාගේ නීතිවේදීන් කණ්ඩායමට පාපොච්චාරණය කරමින් කියාසිටියේ, ''තමා සිය සහෝදරිය රැකගැනීමට පියවර නොගත් අතර, සැබැවින්ම සිදුකරන ලද්දේ ආපසු නිවසට ගෙනවිත් අපයෝජකයින් අතට පත්කිරීම'' බවය. 'ජූඩි' ඇගේ දෙවන සැමියාගෙන් වෙන්වීමේ දික්කසාද නඩු විභාගයේදී ඇය සහ ලීසා සාක්ෂි දෙමින් ඔහුගේ අපයෝජන ගැන සඳහන් කළ අතර ඒවා වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට බැන වැදුන නමුත් විනිසකරුද එම අපයෝජන ගැන වාර්තා කළේ නැත. ''එම අපචාර වැලක්වීම සඳහා මැදිහත්වීමට බොහෝ අවස්ථා තිබී ඇතත් කිසිවකු විසින් එම වගකීම ඉටුකර නැත'' නීතිවේදිනී කෙලී හෙන්රි පෙන්වා දෙයි. කියවන්න;
ඇමෙරිකානු අධිකරණ ඉතිහාසයේ වසර 68කට පසු පළමුවරට කාන්තාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කලක් අඩාලව තිබූ බීබීසී සිංහල 'සංදේශය' ගුවන් විදුලි වැඩසටහන එම්.වසන්තරාජා විසින් යළි පණගන්වනු ලැබීමෙන් අනතුරුව 1990 දශකය ආරම්භයේදී ඊට හවුල් වූ ජී.ඩී.එල්.පෙරේරා දශකයක තරම් දීර්ඝ කාලයක් සිංහල සේවය වෙනුවෙන් ප්‍රවෘත්ති සහ විශේෂාංග සම්පාදනය කිරීමෙහි ලා දායක විය. බීබීසී සිංහල සේවයට ලැබෙන ශ්‍රාවක ප්‍රතිචාර සම්බන්ධීකරණය භාරව කටයුතු කළ ජී.ඩී.එල්.පෙරේරා, අසන්නන්ගේ අදහස් සමාලෝචනය කෙරෙමින් සෑම සිකුරාදා දිනකම ප්‍රචාරය කරන ලද ''තැපැල් මල්ල'' සම්පාදනය කිරීමෙහි ලා පුරෝගාමී විය. ආරම්භයේ දී ලන්ඩන් නගරයේ වෙසෙමින් බීබීසී සිංහල සේවය සමඟ කටයුතු කළ ''ජී.ඩී.එල්'' පසුව එවක බීබීසී කොළඹ වාර්තාකරුව සිටි එල්මෝ ප්‍රනාන්දු සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ සිට සංදේශය අසන්නන් සම්බන්ධීකරණය කිරීමේ කාර්යය භාරව කටයුතු කළේය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේදී යුද පුවත් ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් වශයෙන් බීබීසී සිංහල සේවය ආරම්භ කරනු ලැබීමේ පටන් 1990 දශකයේ අගභාගය තෙක් එහි ගමන්මගට අදාළ තොරතුරු ගවේෂණය කරමින් ඓහිහාසික ලේඛනයක් පිළියෙළ කොට එය පාදක කරගනිමින් වැඩ සටහන් මාලාවක් සඳහා අවශ්‍ය පිටපත් රචනය බීබීසී ලෝක සේවය සමඟ කටයුතු කරමින් සිටින අතරවාරයේ ජී.ඩී.එල්. විසින් සිදුකරන ලද විශේෂ කාර්යභාරයකි. ජී.ඩී.එල් ශ්‍රී ලාංකික සමාජය තුළ වඩාත් ප්‍රකටව සිටියේ නාට්‍ය නිෂ්පාදකයකු සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසය. සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කොළඹ සහ ලන්ඩන් නගරයේ ජීවත් වුව ද තම කලා නිර්මාණවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ලද්දේ කුඩා කළ ග්‍රාමීය ජීවිතයෙන් ලද අත්දැකීම් සම්භාරය බව ජී.ඩී.එල් සුහද සංවාදවල දී නිතර පළකරන ලද අදහසකි. රත්නපුර තිරුවානකැටියේ දී තමා දුටු ගැමියන්ගේ සිරිත් සහ නාගරික මෙන්ම විදේශගතවූවන්ගේ මිශ්‍ර ජීවන ආකල්ප සහ ජීවන රටාවත් එම චර්යාවන්ගෙන් ඔවුන්ගේ ඊළඟ පරපුර වියෝජනය වෙන ආකාරයත් නිරූපණය කරමින් ජී.ඩී.එල්. සිය ''රටගිය ඇත්තෝ'' නිර්මාණය කරන ලද්දේ ලන්ඩන් නගරයෙහි සිටිමිනි. නාට්‍යකරණයෙන් සිනමාවට තරුණ ජී.ඩී.එල් ගේ කලා දිවිය ආරම්භ වූයේ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙනි. සම්මානනීය නාට්‍යවේදී සුගතපාල ද සිල්වා එම අවධියේ ''අපේ කට්ටිය'' පවත්වා ගෙන ගිය අතර ජී.ඩී.එල් සිය කලානිර්මාණ වෙනුවෙන් 'කලාපෙළ'' නමින් සමකාලීන නාට්‍ය ශිල්පීන්ගේ එකතුවක් නිර්මාණය කළේය. තොටුපොළ, මෙහෙව් ලෝකෙක, සාමා, සක්කර වට්ටම් වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි. දෙනවක හාමිනේ හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට මෙන්ම වේදිකාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය. ජී.ඩී.එල් සඳහන් කළ පරිදි ඔහුගේ බලවත් ''පෙරැත්ත'' අනුව දෙනවක හාමිනේ ඔහුගේ ''සාමා'' චිත්‍රපටයේ චරිතයක් ද භාරගත් අතර එය මහා රංගනවේදිනියක් සිංහල සිනමාවට ''වැඩමවීමක්'' විය. රංගධාරිනී චන්ද්‍රා කලුආරච්චිගේ සිනමා දිවිය ආරම්භ වූයේ ජී.ඩී.එල්ගේ ''දහසක් සිතුවිලි'' චිත්‍රපටයෙනි. 'රෝමියෝ ජුලියට්' ජී.ඩී.එල්ගේ ' තවත් සිනමා නිර්මාණයකි. 'සැඩොල් කඳුළු' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වන ජී.ඩී.එල් ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් ද නිර්මාණය කරනු ලැබ ඇත. සිය දිගුකාලීන නිර්මාණ චාරිකාවේ අවසන් සමයේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කලා දිවිය ඔපමට්ටම් කිරීමෙහිලා ජී.ඩී.එල් විසින් ඉටුකරන ලද්දේ අගනා මෙහෙයකි. බීබීසී සිංහල සේවය සඳහා මාහැඟි මෙහෙයක් ඉටුකරන ලද සහෘද ''ජී.ඩී.එල්'' ට අපගේ උපහාරය පුදමු! BBC සිංහල එවකට කාර්ය මණ්ඩලය සමඟ.ජී.ඩී.එල්.පෙරේරා(දකුණුපස කෙළවරේ) කියවන්න;
''ජී.ඩී.එල්'' යන සහෘද ආමන්ත්‍රණයෙන් කලක් අප සමඟ බීබීසී සිංහල සේවයේ සේවය කළ නිදහස් මාධ්‍යවේදී, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ජී.ඩී.එල්.පෙරේරා දිවියෙන් සමුගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන ආ පෝලන්ත ජාතික පූජකවරයකු වතිකානයේ ඔහු දැරූ තනතුරෙන් පසුගියදා පහ කෙරුණ අතර, පාප් වහන්සේ සිය ප්‍රකාශයේදී එම පූජකවරයා අදහස් කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කණස්සල්ල යොමු වෙමින් ඇති අනිත් සිද්ධිය දූෂණ සහ වංචා චෝදනා යටතේ රෝමයේ නගරාධිපතිවරයා මේ සතියේදී ඉල්ලා අස්වීමයි. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිය බැතිමතුන් ඉදිරියේ සතිපතා කෙරෙන දේශනයේදී පාප් වහන්සේ මෙසේ ප්‍රසිද්ධයේ සමාව අයැදීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි වතිකානයේ බීබීසී වාර්තාකරු පවසන්නේ.
වතිකානය සහ රෝමයේ නගර සභාව තුළ මෑතදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර අදාළ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යවා තිබේ. ඒ අනුව ජනපතිවරයාගේ අනුමැතිය පරිදි ශ්‍රී ලංකාවේ තිස් හතර වන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත් කෙරෙනු ඇති බව අපේක්ෂා කෙරේ. හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් විශ්‍රාම යෑම නිසා පුරප්පාඩු වූ එම තනතුර සඳහා ව්‍යවස්ථා සභාව වෙත නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණ. එස්එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ අතර වූහ.
ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම නිර්දේශ කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රීදේවි අතිසාර්ථක බොලිවුඩ් සිනමා තාරකාවක් වුවාය හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ. ශ්‍රිදේවි යන නමින් කා අතරත් ප්‍රකටව සිටි ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය. ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ. ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවල දැක්වේ. වෙනත් සමාන තොරතුරු : ශ්‍රීදේවි අතිසාර්ථක සිනමා තාරකාවක් වුයේ කෙසේද ? 1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය. දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි. කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය. ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' සිනමා පටයට දායක වෙමිනි. ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි ගණයේ නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විසි දහසකට අධික ඉතියෝපියානු කම්කරුවන් රටින් පිටුවහල් කරනු ලබන තෙක් රියාද් අගනුවර සීමාවේ පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් කරා බස් රථ මගින් ගෙන යන ලද බවයි, සෞදි අරාබියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ, රියාද් නගරයේ එක් කලාපයක ඉතියෝපියානු කම්කරුවන් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමෙන් අනතුරුවයි. එම විරෝධතා ව්‍යාපාරයේ දී අඩු තරමින්, එක් පුද්ගලයකු වත් මරණයට පත් වූ බව ද වාර්තා විය. තම රටවැසියන්ට සලකනු ලබන ආකාරය හෙළා දැකීම සඳහා ලොව පුරා සෞදි අරාබි තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන මෙන් ඉතියෝපියානුවන් අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කර තිබේ.
සෞදි අරාබි බලධාරීන්, එරට වෙසෙන වාස බලපත් නොමැති සංක්‍රමණිකයන්ට එරෙහි මෙහෙයුම් මගින් අල්ලා ගත් කම්කරුවන් පනස් දහසක් පමණ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිතව තිබුණේ අඟහරුවාදා(20) සහ බදාදා(21) යන දෙදින තුළයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය විරෝධතාව හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ඇතිවූ උණුසුම්කාරී තත්වය මත පාර්ලිමේන්තුව අවස්ථා කිහිපයකදීම කල් තැබීමට කථානායකවරයාට සිදු විය. 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය 27 හා 28 යන දෙදින දක්වා කල් දැමීමට තීරණය වූයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකදී. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ එකඟතාවකට පැමිණීම සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.
ජනාධිපති බලතල අඩු කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන 19 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම ලබන 27 හා 28 දක්වා කල් දැමීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රථම විදේශ සංචාරය මෙයයි. පිලිපීන ජනාධිපතිවරයා විසින් 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාව හැඳින්වීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගිනිකොනදිග ආසියා රටවල සමුළුව නොහොත් 'ආසියාන්' (ASEAN) සමුළුව ලාඕසයේ දී ආරම්භවූයේ රාජ්‍යතාන්ත්‍රික නොමනාපයක් සමගයි. පිලිපීනයේ මත්ද්‍රව්‍ය මර්ධනය නමින් සිදුවන මිනීමැරුම් සම්බන්ධ කාරණය සමුළුවේ දී මතුකරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිලිබඳ අදහස් දක්වමිනුයි පිලිපීන ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබුණේ. පිලිපීන ජනපති ඔහුගේ අසාමාන්‍ය භාෂා හැසිරවීම පිලිබඳව ප්‍රසිද්ධියක් ලබා සිටින නමුත් මෙවර ඔහුගේ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බලපානු ඇති බවයි පැවසෙන්නේ. පසුව ප්‍රකාශයක් කරමින් දුටර්ටේ පවසා තිබුණේ තමන්ගේ ප්‍රකාශය පෞද්ගලික ප්‍රහාරයක් වීම පිළිබඳව කණගාටුවන බවයි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පළුදු මකා දැමීමට කටයුතු කරනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකර තිබුණේ. එහෙත් පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීන් සහ පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු ලෝක නායකයන්ට අපහාස වන ආකාරයෙන් කරන ඔහුගේ භාෂා විලාශය නවතා දැමීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ජනාධිපතිවරු දෙදෙනාම ලාඕසයේ පැවැත්වෙන ගිනිකොනදිග ආසියා රටවල සමුළුවට සහභාගී වී සිටිති. පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි නොමනා වදන් වලින් ඇමතුවේ ඇමරිකානු ජනාධිපතිවරයා පමණක් නොවේ. මීට ප්‍රථම පාප් වහන්සේ 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස හැඳින් වූ ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී "ක්‍රේසි" ලෙස නම් කළේය. ඉන් නොනැවතුණු ඔහු පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයාව හඳුන්වා තිබුණේ "වෛශ්‍යවකගේ සමලිංගික පුතෙකු" ලෙසටයි.
මතභේදයට ලක්ව සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් අවලංගු කරනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2012 මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය සොයා ගැනිණි වසීම් තාජුදින්ගේ මරණය ඝාතනයක් යැයි තීන්දු කළ අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පසුගිය මාසයේදී පොලිසියට නියම කොට තිබිණ. 2012 මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය සොයා ගැනිණි. ඒ පිළිබඳ එවකට සිදු කරන ලද පරීක්ෂණ හා සම්බන්ධ තොරතුරු වසන් කොට ඇති බවට එල්ල වන චෝදනා මතයි ඉහත කී හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. තාජුදීන් ඝාතනය හා සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති තියුණු මුහුණුවරක් ගත් ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ලැබීය. බදාදා උදෑසන ඌව ආණ්ඩුකාර සී නන්ද මැතිව් ඉදිරියේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනකුගේ සහය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමෙන් අනතුරුවයි. මෙලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර ඇති පිරිස අතර අනුර විදානගමගේ, හරීන් ධර්මදාස හා කිත්සිරි සෙනරත් යන පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිති. ඌව පළාත් සභාවේ නව සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව (17) දාහතක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන (15)ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. දිවුරුම් දීම හදිසියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් හරීන් ප්‍රනාන්දුට සහය ලබා දෙන බවට ආණ්ඩුකාරයාට දන්වා සිටි අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් වරප්‍රසාද ලබා දෙමින් හෝ වෙනත් ආකාරයෙන් ඔවුන් රඳවා ගැනීමේ උත්සාහයක් ඇති බවට ආරංචි පැතිර ගොස් තිබුණ නිසා දිවුරුම් දීම හදිසියේම සිදු කොට ඇති බව වාර්තාකරුවෝ පවසති. එක්සත් ජාතික පක්ෂය පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ගත් ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා රුකුල් දුන් එක් තීරණාත්මක සාධකයක් බව විචාරකයෝ පවසති.
රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයකුට බලය අහිමිකරමින් ඌව පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු දිවුරුම් දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව අදහස් පළ කළේ මුදල් අමාත්‍යංශයේ කටයුතු නිරීක්ෂණය කිරීමම සඳහා පැමිණි අවස්ථාවේදීය. සිය ආණ්ඩුවේ අවසන් කාල වකවානුව තුළ චීනය සමඟ අත්සන් කළ ගිවිසුම් පසුගිය ආණ්ඩුව යළිත් වෙනස් කොට විශාල කොමිස් මුදල් සහිතව නැවත අත්සන් කොට ඇති බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ. එලෙස චීනය සමඟ ඇතැම් ගිවිසුම් අත්සන් කිරීමේදී සියයට පනහක් තරම් වූ ඉහළ කොමිස් මුදලක් ලබා ගත් අවස්ථා පිළිබඳව තමන්ට ආරංචි වී ඇති බවත් හිටපු ජනාධිපතිනි කුමාරතුංග පැවසුවාය. ආර්ථිකය බංකොලොත් නැහැ ආර්ථික කටයුතු පිළිබඳව ඇති උනන්දුව සහ හිටපු මුදල් ඇමතිවරියක ලෙස ලැබූ අත්දැකීම් හේතුවෙන් මුදල් අමත්‍යංශයේ කටයුතු විමසීමට ලැබුණු අවස්ථාවට සහභාගී වූ බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ. මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කළේ 'රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බවට පැතිරෙන කථාවේ ඇත්තක් නැති' බවයි. පසු ගිය ආණ්ඩුව සමයේ නිසියාකාරව මුදල් හොයා ගැනීමකින් තොරව ආරම්භ කළ වැඩසටහන් සම්බන්ධයෙන් ගැටළු ඇති වී තිබෙන නමුත් අළුතින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් කිසිදු මුල්‍ය ගැටළුවක් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු ජනාධිපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ පසු ගිය පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික පරිපාලනය පිළිබඳව වූ සාරධර්ම බරපතළ ලෙස කඩා වැටුණු බවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ දිනපතාම පාහෙ පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ගොදුරු වෙති දිනපතාම පාහේ එසේ තමන් මුහුණදෙන අමිහිරි අත්දැකීම් යුවතියන් පිරිසක් පසුගියදා බීබීසී සංදේශයට ද හෙළිකළහ. (වීඩියෝව නරඹන්න) මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර වැළැක්වීම, මාර්තු අට වැනි දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව දියත් කෙරෙන මේ වැඩපිළිවෙලේ මූලික අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සංදේශයට පැවසීය. "එවැනි සිද්ධීන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම්, කාන්තාවන්ට පැළඳීම සඳහා 'සුරබි' නමින් පළඳනාවක්, ඒ වගේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තියෙනවා," ඔහු පැවසීය. "රියදුරන්, කොන්දොස්තරවරුන්, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් නැගී සිටීමේ කැමැත්ත ඇති අය මේකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙනවා" එම වැඩසටහන්වලට පොලිසිය සම්පූර්ණ සහාය ලබාදෙන අතරම අතවරයට ලක්වන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා නීති ප්‍රකාර ක්‍රියාකිරීමට පොලිසිය බැඳී සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය. විශේෂයෙන්ම දඬුවම් පැමිණවීමට වඩා කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳව සමාජය දැනුවත් කොට, අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත්වීමට සමාජය දිරිමත් කිරීම එහි මූලික අරමුණ බවත් පොලිසිය පවසයි. "බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් නැගී සිටීමේ කැමැත්ත ඇති අය මේකට සම්බන්ධ කරගැනීමටත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට සුදුසු ප්‍රවිෂ්ඨ මාර්ග සකස් කරදීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා." කාන්තාවක ලිංගික හිරිහැරයකට ලක්වන අවස්තාවක් සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම්දීමට සමාජය දක්වන "පසුගාමී ආකල්පය" වෙනස්කොට සමාජය, පොලිස් නිලධාරීන් මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල සේවකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය. (බීබීසී සංදේශයට සවන්දෙන්න)
මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මීටර 9 - 16 අතර උසින් යුත් යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය. එමගින් මෙක්සිකෝවේ සිට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන්ට සිය රටට ඇතුළු වීමට නොහැකි වනු ඇති බව ඇමරිකාවේ රිපබ්ලිකන් දේශපාලනඥයන් සහ එම පක්ෂයේ ආධාරකරුවෝ පවසති. මේවන විටත් ඇමරිකාව සහ මෙක්සිකෝව අතර වූ දේශ සීමාව තුළ වැටක් ඉදි කරනු ලැබ ඇත. රටවල් අතර දේශ සීමා වෙන් කරමින් ඉදි කෙරුණු තාප්ප බොහොමයක් ඉතිහාසය පුරා දැකගත හැක. 1950 වසරේදී බටහිර සහ නැගෙනහිර වශයෙන් ජර්මනිය කලාප දෙකකට බෙදුණි. ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පැවති කලාපය සහ සෝවියට් රුසියාවේ පාලනය යටතේ පැවති කලාපය එකිනෙක වෙන් කරමින් 1961 වසරේදී බර්ලින් තාප්පය ඉදිවිය. බර්ලින් තාප්පය බර්ලින් තාප්පය ආරම්භයේ වැටක් වශයෙන් ඉදි කෙරුණ ද පසුව එය ඇතැම් ස්ථානවලින් මීටර 3.6 දක්වා උස කොන්ක්‍රීට් තාප්පයක් බවට පත්විණි. කිලෝමීටර 100 ක දිගින් යුතු වූ බර්ලින් තාප්පයට කිලෝමීටර 66 ක් දිගින් යුතු වැටක් සම්බන්ධ වී තිබිණි. චීන දේශ සීමාව වටා ඉදි කෙරුණු චීන මහා ප්‍රකාරයේ දිග නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් එය කිලෝමීටර 20,000 ක දිගින් යුක්ත වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. චීන මහා ප්‍රකාරය චීන මහා ප්‍රකාරය අභ්‍යවකාශයේ සිට චීන මහා ප්‍රකාරය දැකගත නොහැකිමුත් පෘථිවි කක්ෂයේ පහළ මට්ටමේ සිට එය දැකගත හැක. එහි ඇතැම් ස්ථාන මීටර 7 ක් දක්වා උසින් යුක්ත වේ. හැඩ්රියන් තාප්පය හැඩ්රියන් තාප්පය ක්‍රිස්තුවර්ෂ 122 දී හැඩ්රියන් අධිරාජ්‍යයාගේ නියෝගයෙන් ඉදි වූ හැඩ්රියන් තාප්පය තට්ටු දෙකේ බස් රථයක උසට සමානය. එංගලන්තය සහ ස්කොට්ලන්තය වෙන් කරමින් ඉදි වූ හැඩ්රියන් තාප්පයේ දිග කිලෝමීටර 117 කි.
අසල්වැසි මෙක්සිකෝව සමග ඇති දේශ සීමාව ඔස්සේ කිලෝමීටර 3,000 ක් දිග තාප්පයක් ඉදිකිරීම සඳහාවන සැලසුම ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු මෙම ඉල්ලීම කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් 'කුපිත කරවන සුළු ක්‍රියාවක්' වශයෙනුයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හඳුන්වනු ලැබුවේ. 'තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව සමඟ යළි සාකච්ඡා ඇරඹීමට කාලය එළඹ ඇතැ'යි බන් කී මූන් කියා සිටියේය. තවත් මිසයිල තුනක් උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළ තීරයේ සිට තවත් කෙටි දුර මිසයිල තුනක් ඊයේ අත්හදා බලන ලදී. මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරනු ලැබුවේ උතුරු කොරියාව සිදු කළ තුන්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.
මින් ඉදිරියට මිසයිල අත්හදා බැලීම්වලින් වැළකී සිටින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් උතුරු කොරියාවට තරයේ කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පකිස්තානු නායක ෂරීෆ් විසින් ගනු ලැබ ඇත්තේ ඉතා අසීරු තීරණයක් බවයි පැවසෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර හැත්තෑවකට ආසන්න කාලයකට පසු ඉන්දියාව හා පකිස්තානය යන දෙරටේම අගමැතිවරයකු විසින් මෙවැනි උත්සවයකට කෙරුණු ආරාධනයක් පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ. වසර හයකට පෙර, අවි ගත් පකිස්තානුවන් පිරිසක් විසින් මුම්බායි හි දී සිදු කළ ඝාතනයෙන් පසු දෙ රට අතර සබඳතාවන් පැවතියේ යහපත් මට්ටමක නොවේ. පකිස්තානු නායක ෂරීෆ් විසින් ගනු ලැබ ඇත්තේ ඉතා අසීරු තීරණයක් බව සඳහන් කරන ඉස්ලාමාබාද් නුවර බී බී සී වාර්තාකරු පවසන්නේ ඉන්දියාව සමග සබඳතා වැඩිදියුණු වීම පකිස්තානු හමුදාවේ නොසතුටට හේතු විය හැකි බවයි.
ඉන්දු- පකිස්තාන දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් පකිස්තානු නායක නවාස් ෂරීෆ් ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට නියමිතය.