instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම සංවිධානය අනතුරු අඟවමින් පෙන්වාදෙන්නේ යම් අයෙකුට ගොනෝරියා වැළඳුනහොත් දැන් ඊට ප්‍රතිකාර කිරීම අසීරුවන අතරම ඇතැම්විට ප්‍රතිකාර කළ නොහැකි බවය. ලිංගික සබදතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි. මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට පවතින්නේ 'එතරම් සතුටුදායක නොවන' තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 77 ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙන්නේ ගොනෝරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීම පුළුල්ව පැතිර ඇති බවය. ජපානය, ප්‍රංශය සහ ස්පාඤඤය යන රටවලින් වාර්තාවූ රෝග තත්ත්ව තුනකින් පෙන්වාදී තිබෙන්නේ ඒවා සම්පුර්ණයෙන් ම සුවකළ නොහැකි තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය තියඩෝරා වි සඳහන් කළාය. "ගොනෝරියා ඉතාමත් තීක්ෂණ රෝග බීජයක්. ඊට ප්‍රතිකාර සඳහා අලුත් වර්ගයේ ප්‍රතිජීවකයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම එම රෝග බීජය ප්‍රතිරෝධය දක්වන තත්ත්වයට පත්වෙනවා." යැයි ඇය කියා සිටියාය. අති බහුතර ගොනෝරියා ආසාදන වාර්තාවන්නේ දුගී රටවලින් වන අතර එහි ප්‍රතිරෝධය හඳුනාගැනීම ඉතා අසීරු වී ඇති බව සඳහන් කරන වෛද්‍ය තියඩෝරා පෙන්වා දුන්නේ "මේ සිදුවීම් ඇතැම්විට පාවෙන විශාල අයිස් කුට්ටියක (iceburg) මතුපිටට පෙනෙන ප්‍රමාණය වැනි විය හැකියි" යනුවෙනි. මුඛ සංසර්ගය ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකි අතර මෙයින් වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ උගුර සම්බන්ධ තත්ත්වය වේ. වෛද්‍ය තියඩෝරා වි පෙන්වා දෙන ආකාරයට ගොනෝරියාවලට නෑකම් දක්වන බැක්ටීරයාද ඇතුළුව උගුර පසුපස ඇති බැක්ටීරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වර්ධනයක් පෙන්විය හැකි බවය. "සාමාන්‍ය උගුරේ ආසාදනයකට භාවිත කරන ආකාරයේ ප්‍රතිජීවක දෙන විට එය ඔබේ උගුරේ ඇති නීසේරියා (Neisseria) විශේෂය හා මිශ්‍රවීමේ ප්‍රතිඵලය වන්නේ ප්‍රතිරෝධයක් ඇතිකිරීමයි" ඇය සඳහන් කළාය. මුඛ සංසර්ගය මගින් උගුරට ඇතුළුවන ගොනෝරියා බැක්ටීරියාව, එතුළ ඇති පරිසරය හේතුවෙන් එය සුපිරි - ගොනෝරියාවක් බවට පත්වේ. ගොනෝරියා යනු : ප්‍රතිජීවක ප්‍රතිරෝධී ගොනෝරියා සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස රටවලින් ඉල්ලා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය, නව ඖෂධ වෙනුවෙන් ආයෝජනය කරන ලෙසද ඉල්ලා සිටී. "එතරම් සතුටුදායක නැහැ" යැයි පවසන ගෝලීය ප්‍රතිජීවක පර්යේෂණ හවුල්කාරීත්වයේ වෛද්‍ය මනිකා බාලසේකරම්, "ඖෂධ සංවර්ධන ක්‍රියාවලිය තුළ බලාපොරොත්තු තැබිය හැකි ඖෂධ තුනක් තිබුනත් එය ද ප්‍රතිඵලදායී වෙතැයි සහතික වෙන්නට බැහැ" යැයි පවසන්නීය. කෙසේවෙතත්, ගොනෝරියා නැවැත්වීමට එන්නත් අවශ්‍ය වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මේ පිළිබඳව අදහස් දක්වන ලන්ඩනයේ සනීපාරක්ෂාව හා නිවර්තන වෛද්‍ය ශාස්ත්‍ර පිළිබඳ විද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ස්ටෙබ්ලර්, " වඩා විශ්වාසදායී හා ඉක්මන් ප්‍රතිකර්මයක් ලෙස පෙනිසිලින් හඳුන්වාදුන් තැන සිට නම්දැරුවත්, සෑම චිකිත්සීය ප්‍රතිජීවකයක් සඳහාම ගොනෝරියා ප්‍රතිරෝධයක් වර්ධනය කරමින් සිටිනවා" යැයි පැවසීය. "ලොවපුරා වාර්තාවන ප්‍රතිරෝධය ඉහළ යාමේ ප්‍රමාණය සැළකිල්ලට ගෙන, පසුගිය වසර 15 තුළදී තුන් වතාවක් චිකිත්සාව වෙනස් කරන්නට සිදුවුණා" "අවසාන ප්‍රතිකර්මය හැටියට ඇති ඖෂධ, භාවිතයට ගැනෙන අවස්ථාවකටයි අප පැමිණ සිටින්නේ" යැයි මහාචාර්යවරයා පැවසීය. ශ්‍රී ලංකාවෙත් 'ප්‍රතිරෝධී' අවස්ථා ගොනෝරියා සඳහා භාවිත කෙරෙන ප්‍රතිජීවක, ප්‍රතිරෝධී තත්ත්වයක් පෙන්වීමේ අවස්ථා මීට ඉහතදී වාර්තා වී ඇත. "මෙම ප්‍රතිජීවකය යම් ප්‍රතිරෝධී තතත්වයක් දක්වන බව පෙනෙන්නට ලැබුණු පසු 2016 වසරේ මුල් කාලය තුළදී එය වෙනස් කළා." යැයි පැවසු ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ, "ප්‍රතිජීවක වෙනස් කිරීමෙන් පසු එවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නැහැ" යනුවෙන් සඳහන් කළේය. කෙසේවෙතත් ගොනෝරියා නිශ්චය කරගැනීම සඳහා කෙරෙන ABST පරීක්ෂණය ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් ඒකකයේදී මෙන්ම කළුබෝවිල රෝහලේදී සහ රාගම රෝහලේදී කරගත හැකි බව අධ්‍යක්ෂවරයා පැවසීය. ගොනෝරියා : ශ්‍රී ලංකාවේ තත්ත්වය පසුගිය වසරේ (2016) ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලිංගිකව සම්ප්‍රේෂණය වූ ආසාදනවලින් 3% ක් ගොනෝරියා වේ. එනම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් 9,129 දෙනා අතරින් 301 දෙනෙකුට ගොනෝරියා වැළදී තිබිණි. මේ අතරින් 235 දෙනෙකුම පුරුෂයින් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන 2016 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වේ.
ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති අතර උපත් පාලන කොපු (condom) භාවිතයේ අඩුවක් පෙන්වීම එය පැතිර යාමට රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහන සිදු වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙනි. "අපි ගොඩක් වෙලාවට දැකලා නැහැ එවැනි අවස්ථාවල කාන්තාවන් අනෙක් අතට කතා කරනවා. මොකද ඔවුන් බයයි තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා," යනුවෙන් ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය. "හැබැයි කාන්තාවන්ට ගරු කරන පුරවැසියන් විදියට පුරුෂයන්ට කෙලින්ම මේකට මැදිහත් වෙන්න පුළුවන්." "තමන්ගේ ශරීරය අයිති තමන්ට" බව පවසන මන්ත්‍රීවරිය කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය. ඒ අතරවාරයේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් රටේ පවත්නා නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන්නීය.
පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට චෝදනා කරමින් පවසන්නේ ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව ජාත්‍යන්තර සම්බාධක උල්ලංඝනය කළ බවය. "වයිස් ඔනස්ට් (Wise Honest)" ලෙස නම් කර ඇති මෙම නෞකාව 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාව භාරයට ගැනිණි. නෞකාව අල්ලා ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2018 වර්ෂයේ දී ඇති වූ ගිවිසුම කඩ වන බව උතුරු කොරියාව පවසයි. "තමන්ගේ 'උපරිම බලය' යොදා අපිව යටත් කර ගන්න ඇමරිකානු ගණිත ක්‍රමයට සිදු කළ ක්‍රියාවක් මේක. ඒ වගේම ජූනි මාසයේ දී එළඹුන ගිවිසුමේ මූලික කාරණා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමක්," යනුවෙන් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියානු නැවක් අත් කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. රටවල් දෙක අතර සම්බන්ධතාව තවදුරටත් පලුදු කිරීමට මෙම සිද්ධිය හේතු වී තිබේ. මේ තොරතුරුද කියවන්න: අදාළ නෞකාව ඉන්දුනීසියාව භාරයේ තිබෙන අවස්ථාවේ දී ඇමරිකාව එය සිය භාරයට ගැනීම සඳහා එරට අධිකරණයකින් වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කර තිබේ. නෞකාවේ තිබූ ගල් අඟුරු නීති විරෝධී වන අතර එය එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට පටහැණි බව ඇමරිකාව පවසයි. එමෙන්ම, නෞකාවේ නඩත්තු කටයුතු සඳහා රහස් ඇමරිකානු මූල්‍යය සමාගම්වලින් නීති විරෝධී ලෙස මුදල් ගෙවා ඇති බව ඔවුහු පවසති. ඇමරිකානු අධිකරණ තීන්දුවට එරෙහි වීමට දින හැටක කාලයක් ඇතත් එම ක්‍රියාවලියට පිවිසීමට උතුරු කොරියාව බලාපොරොත්තු නොවන බව පවසයි. නෞකාව එක්සත් ජනපදය සන්තකයේ තිබුණහොත් ඔවුන්ට එය විකිණීමේ හැකියාව ලැබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-අන් අතර 2019 පෙබරවාරි මස සිදු වූ දෙවන හමුව ගිවිසුමකින් තොරව අවසන් විය. මෙහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන ලෙස ඇමරිකාව ඉල්ලීම් කර තිබේ. එමෙන්ම, තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ද උතුරු කොරියාව එක්සත් ජනපදයෙන් ඉල්ලීම් කර තිබේ. පසුගිය සතිය තුළ අවස්ථා දෙකක දී උතුරු කොරියාව ආයුධ අත්හදාබැලීම්වල නිරත වී ඇත්තේ ඇමරිකාවට බලපෑම් කිරීමට යැයි මත පළ වී තිබේ. නමුත්, ආයුධ අත්හදාබැලීම් සහ නෞකාව අත් කරගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු නිලධාරීහු පවසති. තවත් තොරතුරු:
ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය නෞකාවක් අත්පත් කරගැනීම "නීතිවිරෝධී මංකොල්ලයක්" ලෙසින් විග්‍රහ කරන උතුරු කොරියාව, එය ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී දින දොළහක නිල සංචාරය අතරතුර විශේෂ නියෝජිතවරිය රෝහින්ග්‍යා වැසියන් වැඩි වශයෙන් වෙසෙන රඛීන් ප්‍රාන්තයේ ද සංචාරය කිරීමට නියමිතය. රඛීන් ප්‍රාන්තයේ සිදු කරන ලද හමුදා මෙහෙයුම් හේතුවෙන් අවම වශයෙන් රෝහින්ග්‍යා වැසියන් තිස් හතර දහසක්වත් අසල්වැසි බංගලාදේශය වෙත පළා ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියගේ සංචාරයට විරෝධය පළ කරන බෞද්ධ හිමිවරු රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සැලසුම් සහගත ලෙස ස්ත්‍රී දූෂණ සහ වධහිංසා කළ බවට ඇසින් දුටු සාක්ෂිකරුවෝ දිගින් දිගටම මියන්මාර හමුදාවට චෝදනා එල්ල කරති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී මියන්මාරයේ උතුරු කලාපයේ පිහිටි කචින් ප්‍රාන්තයේ ද සංචාරය කිරීමට නියමිතය. එම ප්‍රාන්තයේ වෙසෙන කචින් ජන කොට්ඨාශයට අයත් කැරලිකරුවෝ ස්වයං පාලනයක් ඉල්ලා සටන් කරති.
සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වී ඇති බවට එල්ලවන චෝදනා පිළිබඳ සොයා බලනුවස් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී මියන්මාරයේ සංචාරයක නිරත වී සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස් විමර්ශන අද, සිකුරාදා මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මේ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති බවයි. විමල් වීරවංස අමාත්‍යවරයා මාධ්‍ය ආයතනයටද චෝදනා එල්ල කළේ ඔවුන්ගේ වගකීම පැහැර හැර ඇති බව පවසමින්. රූපවාහිනී සංවාදවලදී දුරකථන ඇමතුම් මගින් එම සංවාදවලට සහභාගි වන පුද්ගලයන්ගේ භූමිකාව පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් එම අවස්ථාව ලබා දිය යුත්තේ යහපත් අරමුණෙන් එම සංවාදයට සහභාගි වන ජනතාවට බවත් ඔහු කියා සිටියේය. මාධ්‍ය භාවිතය රටේ දේශපාලන සංස්කෘතිය ගුණාත්මක අතට හැරවීම පිණිස මාධ්‍ය භාවිතය වගකීමෙන් යුතුව හැසිරවීම මාධ්‍ය ආයතනවල වගකීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ලෙස වැඩසටහන් සකස් නොකළ යුතු බව පැවසූ ඔහු එමගින් රජයේ නියෝජිතයන්ට මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ටද හානියක් වන බව පැවසුවේය. රන්ජන් ප්‍රතිචාර දෙරණ රුපවාහිනියේ ‘වාද පිටිය’ වැඩ සටහනට දුර කථන පණිවුඩයක් දීම සම්බන්ධ අර්බුදයට මැදි වී සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමක දී කියා සිටියේ ,කිසිදු අධිකරණයක පූර්ණ අනුමැතියකින් තොරව තම ලිපිනය සහ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි. දුරකතන ඇමතුම පිළිබඳ සිද්ධිය තමා දැන ගත්තේ මාධ්‍ය සාකච්ඡා මගින් යයි කියා සිටි මන්ත්‍රීවරයා, ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය නීතිවේදීන්ගෙන් උපදෙස් ඉල්ලා ඇති අතර වැඩිදුර තොරතුරු ප්‍රකාශ කළ හැක්කේ ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බවයි පවසන්නේ. ‘වාද පිටිය’ මෙහෙය වූ මාධ්‍යවේදියාගෙන් පොලිසිය ප්‍රශ්න කරනු ලැබ ඇති බවක් සැලවෙතත්, බීබීසියට කථා කරන විටත් තමාගෙන් එවැනි ප්‍රශ්න කිරීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේය.
ඉකුත් බදාදා දෙරණ වාද පිටිය වැඩසටහන පැවැත්වෙන අතරතුර මාතර සුනිල් නමින් පෙනී සිටිමින් ප‍්‍රශ්ණයක් යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව විමල් වීරවංස අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුකී වෑන් ඩෙර් වෙල්ඩේ කුකී සිය ගමන ගැන ලෝකයට කියන කතාවයි මේ. ‘පහු ගිය සැරේ මම එංගලන්තයට එන්න පෙර දිනයේ ලයිබීරියාවේ ගත කරපු දවස මට අද වගේ මතකයි. ඒ රාත්‍රිය ගෙවී යමින් තිබිය දී මිනිස්සු හතර දෙනෙක් අවසන් හුස්ම හෙලුවා. ඒක හරියට භයානක චිත්‍රපටියකින් උපුටා ගත්ත දර්ශනයක් වගෙයි. එක මනුස්සයෙක් දොර ලඟට බඩ ගාගෙන එන්න උත්සාහ කරමින් හිටයා. මම හිතන්නේ ඔහු උදව් ඉල්ලන්නයි උත්සාහ කෙරුවේ. ඒත් එතැනම ඔහු මියගියේ නිරුවතින්’ කුකී එවැනි වචන මාලාවකින් විස්තර කරන්නේ ඉබෝලා වසංගතයට ගොදුරු වෙන මිනිසුන්ගේ ඉරණම. ඇය සේවය කරන්නේ ලයිබීරියාවේ ‘ඉබෝලා’ වසංගතය මුලින්ම පැතිරෙන්න පටන් ගත්ත ප්‍රදේශයේ. බටහිර අප්‍රිකාවේ දෙදාස් පන්සීයකට අධික පිරිසක් ඉබෝලා වසංගතයෙන් මියගියා. එංගලන්ත සෞඛ්‍යය බලධාරීන් කියා සිටියේ සෑම සතියකම අලුතෙන් වසංගතයට ගොදුරු වන්නන් දහසක් පමණ වාර්තා වන බවක්. සතියකට රෝගීන් දාහක් එංගලන්තයේ කෙටි නිවාඩුවකින් පසු කුකී නැවතත් ලයිබීරියාව බලා යාමට සැරසෙමින් සිටියේ සිය ජීවිතයට එල්ල විය හැකි ඉබෝලා තර්ජනය ද නොතකා හරිමින්. ඇය සේවය කරන්නේ ජාත්‍යන්තර දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානයත් සමඟ. ඉබෝලා වයිරසය පරාජය කිරීමේ අරගලයේ නිරත වෛද්‍යවරුන් සහ සාත්තු සේවිකාවන්ට එකතු වීමටයි ඇය මේ ගමන යන්නේ. කුකීගේ රාජකාරිය ඉබෝලා වසංගතය පැතිරීම වලක්වා ලීමට හවුල් වීම සහ රෝගය ආසාදනය වූවන්ට පිහිට වීම. ඉබෝලා වයිරසයට ගොදුරු වන්නන් නිසි ප්‍රතිකාර නොලදොත් ඔවුන්ගෙන් සීයට අනූවක්ම මරණයට පත් වෙන බවයි වෛද්‍යවරු පවසන්නේ. ‘නන්නාඳුන රටක නොදන්නා පුද්ගලයන් වෙනුවෙන්’ සිය ජීවිතය අනතුරට ලක් කර ගනු ලැබීමට කවුරුන් හෝ කැමති වෙන්නේ කුමක් නිසාද? එය කුකීගේ කතාව අසන කෙනෙකු තුළ මතු විය හැකි පළමු ප්‍රශ්නය විය හැකියි. කුකී ගේ කතාව තුලින් අපි පිළිතුර සොයා ගනිමු. ‘ලයිබීරියාව කියන්නේ ඉතා උණුසුම් දේශගුණයක් සහිත රටක්. වාතය රත් වෙලා ජල ආර්ද්‍රතාව අධිකයි. රෝගීන්ට උදව් වීමේ දී සාමාන්‍ය ඇඳුමට උඩින් ඇඳුම් දෙකක් අඳින්න වෙනවා, ඊට අමතරව අඩුම වශයෙන් අත්වැසුම් තුනක් පමණ දාගන්න වෙනවා. මුහුණු ආවරණය ,වීදුරු ඇස් ආවරණ දාලා වතුර කාන්දු නොවන රබර් ඇඳුමක් ඊට උඩින් ඇඳලා තමයි ඉබෝලා රෝගීන් ඉන්න අධි අනතුරුදායක කලාපයේ තියෙන වාට්ටු වල වැඩ කරන්නේ’ කුකී සිය අත්දැකීම් නොපැකිලව දිගටම විස්තර කරන්නීය. ‘රස්නේ නිසා හුස්ම ගන්න අමාරුයි. ඩහදිය වැක්කෙරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආරක්‍ෂිත ඇඳුම ඇඳලා අපට වැඩ කරන්න පුළුවන් ඉතා කෙටි වෙලාවක් පමණයි. මොකද? ක්ලාන්ත වෙලා වැටුනොත් අනිත් සෞඛ්‍යය සේවකයන්ගේ ආරක්ෂාවත් අනතුරේ වැටෙනවා. උදව්වට එන ඕනෑම කෙනෙකුට වයිරසය වැළඳීමේ අවදානම තියෙනවා’ ‘වැඩ ඉවර වෙලා ආරක්‍ෂිත ඇඳුම ගැලෙව්වාම දැනෙන්නේ කවුරු හරි ඔලුවට වතුර බාල්දියක් හැලුව වගෙයි. දාඩියෙන් නෑවිලා. ගොඩක් වෙලාවට ඒ විශේෂ ඇඳුම ඇඳලා අනතුරු කලාපයට ඇතුල් වෙන්න ඉස්සෙල්ල එළියේ ඉන්න අය අප වෙනුවෙන් යාඥා කරනවා, ආගම කියනවා, ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ලඟට යන්න හෝ ඔවුන් අල්ලලා උදව් කරන්න ලැබෙන්නේ ආරක්ෂක ඇඳුම දා ගත්තයින් පස්සේ විතරයි’ කුකී ගේ වයස අවුරුදු පනස් හතරයි. ලයිබීරියාවේ සෞඛ්‍යය සේවිකාවක් ලෙස කටයුතු කිරීමට එංගලන්තයෙන් පිටත්ව කිලෝ මීටර 8000ක් පමණ දුරක් ගෙවා ඉබෝලා වසංගතය පැතිරුණු බටහිර අප්‍රිකාවට සිය කැමැත්තෙන්ම සේවය කිරීමට පැමිණි ඇයගේ අත්දැකීම් භීතිය දනවන සුළුයි. රෝගීන් අතර ‘මම උත්සාහ කරනවා ඉබෝලා රෝගීන් රඳවා සිටින කලාපයේ වාට්ටු වලට ගියාම රෝගීන්ට වතුර ටිකක් දෙන්න, අඩුම තරමේ ඔවුන් එක්ක වචනයක් කතා කරලා අත්වැසුම් දාපු අත් වලින් හරි ඔවුන්ගේ අත් අල්ල ගන්න. මොකද? සෙසු ලෝකයෙන් හුදෙකලාව සිටින මේ රෝගීන් මරණාසන්න තත්වයේ හිටියත් ඔවුන් බලන්න කවුරුවත් නැහැ. ඔවුන් ඉන්නේ වේදනාවෙන් තනි වෙලා’ තනිය මැකීම නොවෙයි, කුකී ගේ දෑතින් සිදු කෙරෙන්නේ ඊටත් එහා ගිය උවැටනක්. ‘මට සිදු වෙනවා රෝගීන්ගෙන් වැගිරෙන ලේ, වමනේ විතරක් නෙවෙයි අසුචි පවා ඉවත් කරලා සුද්ද කරන්න. ඔවුන් සෝදන්න. පිරිසිදු කරන්න. සමහර වෙලාවට මම රෝගී දරුවන්ට සෙල්ලම් බඩුවක් හෝ දෙකක් වාට්ටුවට ගෙනත් දෙන්න උත්සාහ කරනවා. ඉතාමත් අසීරු, ඒ වගේම අනතුරු දායක සහ කණගාටුදායක කටයුත්ත තමයි මියගිය රෝගීන්ගේ සිරුරු ඉවත් කරන එක’ එහෙත් කුකී එම කිසිම කාර්යයක් පැහැරනොහරින අපූරු සෞඛ්‍යය සේවිකාවක්. මළවුන් වෙනුවෙන් ‘අපි වයිරසයෙන් මියගිය රෝගීන්ගේ සිරුරු බෑග් ඇතුළට දාලා සීල් කරනවා. මළ සිරුරුවලින් වැගිරුණ ඕජස්වලින් තෙමුණ පොළොව පිරිසිදු කරනවා. මළසිරුරු දමපු කවර වල පිට පැත්තේ ඔවුන්ගේ රෝගියාගේ නම ලියලා ඒවා මෘත ශරීරාගාරයේ තැන්පත් කරනවා. නෑදෑයන්ට අවශ්‍ය නම් සිරුර හඳුනා ගන්න අපි ඔවුන් ඈතක තියල ආරක්ෂිත කාමරයක තියෙන මළසිරුර බලන්න ඉඩ දෙනවා. ඒක හරිම දුක්ඛදායී අත්දැකීමක්. මොකද ඔවුන්ට තමන්ගේ ඥාතීන්ගේ සිරුරු ලඟට එන්නවත් අල්ලන්නවත් අවසර නැහැ’ වසංගතය පැතිරීමේ වේගය අනුව මිය යන රෝගීන්ගේ සිරුරු තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වෙන බවත් කුකී පවසන්නීය. ‘රෝහලේ ඉඩ මදි වුන අවස්ථාවේ අපිට සිදු වුනා කොරිඩෝවල බිම, එළියේ හැම තැනම රෝගීන්ව තියා ගන්න. පාරවල් වල ගෙවල් ඇතුලේ මියගිය සිරුරුත් එකතු වුනාම සමහර වෙලාවට මෘත ශරීරාගාරයේ සිරුරු ගොඩ ගැහෙනවා. ඉතා උණුසුම් කාලගුණයක් යටතේ ඒ විධියට මළ සිරුරු ගොඩ ගැහිලා ඒවා නරක වෙන්න ගත්තම ඇති වෙන තත්වය මම විස්තර කළ යුතු නැහැ. ඉතින් හැම තිස්සෙම ඇඟට අසනීප ගතියකුයි දැනෙන්නේ. දුගඳ ඉවසන්න බෑ.ඊටත් වැඩිය වේදනා සහගත දේ තමයි, දිනපතා අපෙන් සාත්තු ලබපු කුඩා දරුවන් සහ වෙනත් රෝගීන් මිය යන අන්දම බලා ගෙන ඉන්න සිද්ධ වීම’ ජීවිත අවදානම දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය නිරන්තරයෙන් ලෝකයේ ඉතා ප්‍රචණ්ඩකාරී යුද පෙරමුණු සහ අර්බුදකාරී පරිසරයක් සහිත කලාපයන්හි ක්‍රියාත්මක වෙන සංවිධානයකි. එම සංවිධානයේ වෛද්‍යවරුන් සහ සාත්තු සේවක සේවිකාවන් සන්නද්ධ කණ්ඩායම් අතර හෝ සන්නද්ධ කණ්ඩායම් සහ යුද හමුදා අතර හුවමාරු වන ප්‍රහාර වලින් මිය යාම, පැහැර ගැනීම් වලට ලක් වීම සහ අනෙකුත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානම ‘දාහකට එකක්’ විය හැකි නමුත් ‘ඉබෝලා’ අනතුරු කලාපයක කටයුතු කිරීමේ දී මිය යාමට ඇති ඉඩකඩ ‘දහයට එකක්’ තරම් බැරෑරුම් ජීවිත අවදානමක් වන බවයි කුකී පෙන්වා දෙන්නේ අවදානම එතරම් බරපතළ නමුත් ‘ඉබෝලා’වැනි දරුණු මාරාන්තික වයිරසයක් ලොව පුරා පැතිර යාම වළක්වා ලීම සඳහා ක්‍රියාත්මක වෙන කණ්ඩායමක සාමාජිකාවක් වීමට ලැබීම සහ තමන්ට හැකි මට්ටමින් එම සත් කාර්යයට දායක වෙමින් දිවි පරදුවට තබා සිදු කළ මානව මෙහෙය ගැන සතුටු වන බවයි කුකී වෑන් ඩෙර් වෙල්ඩේ අප්‍රිකාවේ ඉබෝලා රෝගීන්ට පිළිසරණ වීම සඳහා ඇයයන ඊ ලඟ ගමනට සැරසෙමින් බීබීසියට කියා සිටියේ.
මේ කතාවේ කතා නායිකාව කුකී වෑන් ඩෙර් වෙල්ඩේ. ඇය මේ කතාව කියන විට ලෑස්ති වෙමින් සිටියේ ඊ ළඟ පැය තුන ඇතුළත පිටත් වන ගුවන් යානයකින් යළිත් අප්‍රිකාව බලා පියාසර කිරීමට. එම දීර්ඝ වූත් අන්තරායකාරී වූත් ගමන සඳහා පිටත්ව යාමට පෙර ඇය තමන්ගේ දරු මුණුබුරන්ට කියමින් සිටියේ ‘තමා ඉතා අලංකාර වෙරළක් සහිත හිරු එළියෙන් නැහැවෙන රටක නිවාඩුවක් ගත කිරීමට ’යන බවක්. ඒත් කුඩා දරුවකුට නොව වැඩිහිටියකුට වත් පහදා දීම දුෂ්කර භයානක ගමනක් සඳහායි ඇය පිටත්ව යන්නේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කුරුණෑගල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සැමරුම් උළෙල අමතමිනි. "2014 ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වන විට මා මහින්ද රාජපක්ෂ මහතාට මගේ අතින් හදලා, ලියලා දුන්නා ආණ්ඩුව වෙනස් වෙන මැතිවරණයකට යන්න එපා කියලා.'' ''මහින්ද රාජපක්ෂ මහතාට ඒ ලිපිය මම ලියලා පක්ෂයේ ප්‍රධානීන්ටත් දුන්නා. අපේ හඬ ඇහුවේ නෑ. මැතිවරණයකට ගියා. එහෙම නම් ඒ පවත්වපු මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රීලනිප ලේකම්වරයා අතට ගත්ත එක වැරදිද කියලා මම අහනවා." ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා වර්තමානයට ගැළපෙන පරිදි පක්ෂය සකස් කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 'පොදු අපේක්ෂකයා' ''පක්ෂයේ පළමු නායකයා අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා. දෙවැනි නායිකාව ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ කළා. තුන්වැනි නායිකාව යුද්ධයේ ගොදුරක් වෙලා ආබාධිත වුනා. මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඊළඟ නායකයා යුද ජයග්‍රහණය කළා. ඊට පස්සේ පක්ෂය මට බාර ගන්න කිව්වා.'' තමා එවක පැවති ආණ්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂක ධුරය සඳහා අත්සන් තැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ. ''මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් විය යුතුයි කියලා කිසිවෙක් මාත් එක්ක ගිවිසුමක් අත්සන් කළේ නෑ." ''පැල්පතෙන් කුඹුරෙන්'' ආ තමාට පහර දෙන්නේ ගොවි පුතෙකු නිසා දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය. "සමහර අය මට එළිපිට ගහනවා. සමහරු රහසේ ගහනවා. සමහරු විවෘතව ගහනවා. සමහරු අභ්‍යන්තරව විවෘත නොවන විදියට ගහනවා. මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් නිසාද එහෙම කරන්නේ?'' 'පැල්පතෙන් ජනපති පුටුවට' 'මම ධනපති පන්තියේ නොවන නිසාද මට ගහන්නේ. මගේ තාත්තා ගොවියෙක් නිසාද මට ගහන්නේ. මගේ තාත්තගේ ඉඩම් අක්කර පහෙන් යැපිලා සියලු වගකීම් එක්ක ඉදිරියට ආපු පුංචි මිනිහෙක් හින්දද කියලා මම අහනවා." ශ්‍රී ලංකාවට විදේශීය බලපෑම් තිබෙන බවට චෝදනා එල්ල වුවත් තම නායකත්වය තුළ එවැනි බලපෑම්වලට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය. "සමහරු කියන විදියට මේ රටට කිසිදු විදේශීය අත පෙවීමකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම ආවොත් මම ඔළුව පාත් කරන්නේ නැහැ. අපට අවශ්‍ය රටක්, සමගි ජනතාවක්, සිංහල දමිල මුස්ලිම් ජනතාව අත්වැල් බැඳ ගත් සමාජයක්. සෑම කෙනෙකුම සතුටින් ජීවත් වන සමාජයක්." හැටපස් වන පක්ෂ සංවත්සරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ සාමාජිකයන් සහභාගී වූ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද එක් වී සිටියහ. සංවත්සර උළෙල සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී නොසිටියහ.
2015 වසරේ දී ‍‍ජනාධිපතිවරණය නොපවත්වන ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම නොතකා ඔහු මැතිවරණයට ගොස් පරාජයට පත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ 'PET' ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ. විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය 'PETase' යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. කුණු ගොඩක සැඟවී තිබුණ 'එන්සයිමය' PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් "ආහාරයට ගන්නා" බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය. 'Ideonella sakaiensis' ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි. ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී 'PETase' එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි. බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි පසුගිය අවුරුදු පනහ තුළ "PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ" වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි. මේ තොරතුරුද දැනගන්න: PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් 'පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්' ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි. 'පොලියෙස්ටර්' මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න" යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය. නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ "නොසිතූ වෙලාවක" වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති. ප්ලාස්ටික් ආහාරයට ගැනීම ඉතා බලගතු 'එක්ස් රේ' කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය. PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය "පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි" ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි. "දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි. අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය. මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි. නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත" තවත් තොරතුරු: 'එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්' කර්මාන්තශාලාවල 'පොලියෙස්ටර්' නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි. PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් 'පොලියෙස්ටර්' නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි. කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.
ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත 'එන්සයිමයක්' තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම් කරු හර්මන් කුමාර පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රමාද වී හෝ දෙරටේ ධීවරයන්ගේ අදහස් හුවමාරුවකට මුල පිරීම උචිත බවයි. සාධාරණ වැඩපිළිවෙළක් දෙරටේම ධීවරයන්ගේ එකඟතාවකින් යුතු පොදු සාධාරණ වැඩපිළිවෙළක් ගොඩනැගීම සඳහා පහල මට්ටමේ සිට දෙරට රාජ්‍ය මට්ටම දක්වා වූ සාකච්ජා මාලාවක් පැවැත්විය යුතු බවයි ඔහු කියා සිටියේ. 2010 වසරේ දී උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් එරට ධීවරයන් සහ ධීවර සංවිධාන සමග සාකච්ජා කොට විසඳුමකට ආ නමුත් එය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව ඔහු ප්‍රකාශ කළේය. ආක්‍රමණ උපරිම පල නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ ඉන්දියානු ධීවරයන්ගේ ආක්‍රමණ නිසා බවයි මන්නාරම දිස්ත්‍රික් ධීවර සංවිධානයේ ලේකම් ඇන්ටනි සහයන් ප්‍රකාශ කළේ. තමිල්නාඩුව වහාම කළ යුත්තේ තහනම් මසුන් මැරීමේ ක්‍රම නවත්වා ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඉන්දීය ධීවරයන් පැමිණීම නැවැත්වීම් බවයි ඔහු කියා සිටින්නේ. ඉන්දූ- ලංකා ධීවර ප්‍රශ්නය විසඳීම් සඳහා සැබෑ ධීවරයන් සහභාගි විය යුතු බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සංවිධානය ප්‍රකාශ කළේය. එහි සම්බන්ධීකාරක ආනන්ද පීරිස් පැවසුවේ මුහුදු සීමා දේශ සීමා පැවතියත් ශ්‍රී ලාංකික ධීවරයන්ට නිදහසේ මසුන් මැරීමේ අයිතිය අහිමි වී ඇති බවයි දෙරට ධීවර ගැටලුව විසඳීම සදහා ඉන්දියාව වැනි රටකින් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලාංකික ධීවරයෝ කියා සිටිති
ඉන්දු ලංකා ධීවර ගැටළු විසඳීම සඳහා දෙරට ධීවරයන්ගෙන් කරුණු විමසීම ඉතා වැදගත් බව ශ්‍රී ලාංකික ධීවර සංවිධාන නියෝජිතයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට එම වෛද්‍යවරුන්ට සහය දැක්වීම පිණිස රෝහල ඉදිරිපිටට සිය ගණන් ජනතාව එක් රැස් වී සිටිති. ඕස්ට්‍රේලියාවෙන් පිටත නාවුරු සරණාගත කඳවුරේ දී බරපතළ පිළිස්සුම් තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා ඕස්ට්‍රේලියාවේ රෝහලක් වෙත ඒවා තිබුණි. ඇයට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් කණ්ඩායම පවසන්නේ දැරියට ජීවත් වීමට නිසි නිවහනක් ලබා දීමට රජය කටයුතු කරන තුරු ඇය රටින් නෙරපීමට ඉඩ නොදෙන බවයි. ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සඳහා රටින් පිටත දූපත් වල කඳවුරු පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව මානව හිමිකම් සංවිධානයන්හි දැඩි විවේචනයට ලක් වෙමින් පවතියි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව පවසන්නේ අනතුරුදායක බෝට්ටු භාවිතා කරමින් සිය රටට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් වැලක්වීමට මෙම කඳවුරු පවත්වා ගැනීම අවශ්‍ය බවයි.
ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කුඩා දැරියක් රටින් නෙරපීමට එරෙහිව සිය විරෝධතාව පල කරමින් දැරිය රෝහලෙන් පිටත් කර හැරීම ප්‍රතික්ෂේප කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බවයි පැවසෙන්නේ බතික් (Batik) ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගුවන් ගත වීමට සුදානම් වෙමින් තිබිය දී එහි පියාපතක් ධාවන පථයේ ඇදගෙන යමින් තිබූ ට්‍රාන්ස්නුසා (TransNusa) ගුවන් යානයක අග කොටසේ පැටලීම හේතුවෙනි මෙසේ ගිනි ඇවිළී ඇත්තේ. සඳුදා රාත්‍රී සිදු වූ මේ අනතුරින් යානය තුළ අසුන්ගෙන සිටි මගීන් 49 දෙනා ගෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර සියලුම මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත්කරගත් බවයි වාර්තා වන්නේ. බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ සමාගමේ ගුවන් යානා මීට පෙර ද අනතුරු වලට ලක් වී තිබේ බොහෝ දුරට රට තුළ ගුවන් ගමන් සිදුකෙරෙන ජාකර්තා නුවර හලීම් පර්දනාකුසුමා (Halim Perdanakusuma) ගුවන් තොටුපලේ දී ය මෙම ගැටීම සිදුවී ඇත්තේ. බතික් ගුවන් යානය හිමි ‘ලයන් එයාර් ගෘප්’ (Lion Air Group) සමාගමේ ගුවන් යානා මීට පෙර ද කිහිප වතාවක් අනතුරු වලට ලක් වී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. 2013 දී බාලි හි දෙන්පසාර් ගුවන් තොටුපලේ දී ‘ලයන් එයාර්’ යානයක් ධාවන පථයෙන් පිට පැන මුහුදට කඩා වැටී මගීන් 22 දෙනෙකු රෝහල් ගත කළ අතර 2014 වසරේ දී සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කළ තවත් ඉන්දුනීසියානු ‘එයාර් ඒසියා’ යානයක් මුහුදට කඩා වැටී මගීන් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගුවන්තොටුපලක දී ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් ගුවන් යානයක පියාපතකට ගිනි ඇවිළුණු බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශගත කොට තිබිණි. ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය. 'නාසා ආයතනය' කුඩා පරිමාණයේ සෙසු චන්ද්‍රිකා ඊශ්‍රායලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවලට අයත් වේ. චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතුරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය ට්විටර් සමාජ ජාලය ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිය රටට සහ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වත් ප්‍රජාවට ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම හඳුන්වා දුන්නේය. වාණිජ අවශ්‍යතා සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ වෙළඳපොළ තුළ අඩු පිරිවැය සහිත විකල්පයක් ලෙස ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන නමක් දිනා සිටියි. ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට නවතම අභ්‍යවකාශ මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති. එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් එකවර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි.
එක් රොකට් යානයක් යොදා ගෙන එකවර චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යවකාශගත කරමින් ඉන්දියාව නව වාර්තාවක් තැබීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
චෙන්නායිහි පිහිටි ගුවන් හමුදා කඳවුරක් රුසියාවේ නිෂ්පාදිත 'AN 32' ගුවන් යානය අතුරුදහන් වී පැය විසිහතරක් ගත වී තිබේ. ගුවන් යානය තුළ සාමාන්‍ය වැසියන් නව දෙනකු ඇතුළු පුද්ගලයන් විසිනව දෙනකු ගමන් කොට ඇති බව බලධාරීහු සඳහන් කරති. ඉන්දීය ආරක්ෂක ඇමති මනොහර් පරික්කර්ගේ අධීක්ෂණය යටතේ, අතුරුදහන් වූ ගුවන් යානය සොයා මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ගුවන් යානය ගමන් ආරම්භ කොට මිනිත්තු පහළොවකට පසු රේඩාර් පද්ධතියෙන් නො පෙනි ගිය බවයි වාර්තා වන්නේ.
චෙන්නායි සිට අන්දමන් දූපත් බලා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නොමැති බව එරට බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද (ඔක්.24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ගිවිසුම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු නව ක්‍රමය හඳුන්වා දුන්නේ සූදුවක් ලෙසිනි. "ක්‍රිකට් ගිවිසුම් හදනකොට ක්‍රීඩකයින් ආරක්ෂා වන විදියේ ගිවිසුම් හදන්න ඕන. ක්‍රීඩකයකුට කියනවා නම් තමන්ගේ රට නියෝජනය කරලා ටෙස්ට් තරගයක් දින්නම වැඩියෙන් මුදල් දෙනවා කියලා ඒක අනුමත කරන්න බැහැ. එතකොට ක්‍රීඩකයින් බලන්නේ රට නියෝජනය කරනවට වඩා තරග දිනලා සල්ලි හම්බ කරන්න" යැයි ඔහු පැවසීය. මෙය පාසල් ක්‍රීඩකයින්ට වැරදි පූර්වාදර්ශයක් සපයන පියවරක් ලෙස ද හඳුන්වා දුන් ඔහු පැවසුවේ, "මේකේ බරපතල කාරණය තරගයක් දින්නොත් වැඩිපුර සල්ලි ලැබෙනවා කියන ආකල්පය පාසල් දරුවන් අතරටත් යන්න පුළුවන්. එහෙම වුණොත් අපිට රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සොයා ගන්න අපහසු වෙයි. අද මේ කරන්නේ ක්‍රීඩාව නෙවෙයි සූදුව"යනුවෙනි. මුදල් සහ තරග ජයග්‍රහණ නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩාවේ යහපතට හේතු නොවන බව පෙන්වාදෙන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, අද බලධාරීන් ක්‍රිකට් පරිපාලනය ගෙනයන්නේ ක්‍රීඩකයන් එක් ලකුණකට ලබාගන්නා මුදල් ප්‍රමාණය සළකා බලමින් මුදල පෙරදැරිව බවට ද චෝදනා නැගීය. "ඒ විතරක් නෙමෙයි ක්‍රීඩකයෝ ගැන කථා කරන හැටි බලන්න. අපි දැක්කා පසුගියකාලේ එක ලකුණකට රුපියල් කීයද කියලා කියනවා. අමතක කරන්න එපා මේ ක්‍රීඩකයෝ තමන්ගේ ජීවිතයම කැප කරන්නේ ක්‍රීඩාවට. පාසල් කාලයේ ඉඳලම එහෙමයි. මම දන්නවා ක්‍රීඩකයෙක් කොච්චර කැපවීම් කරනවද කියලා. උදේ ගියාම ගෙදර යන්නේ රෑට. එවැනි ක්‍රීඩකයෙක්ට ලකුණකට රුපියල් කීයද? කඩුල්ලකට රුපියල් කීයද? කියලා කියමින් ඒ වගේ පහත් තත්ත්වයට දාන්න හොඳ නැහැ. මං කණගාටු වුණා ඒක දැක්කම" ලෝක කුසලානය හෝ වෙනත් විශේෂ තරගාවලියක් ජයග්‍රහණයකරන අවස්ථාවේ ක්‍රීඩකයන්ට වැඩි මුදලක් ගෙවීම පිළිබඳව තමන් විරුද්ධ නොවුව ද, එය සෑම තරගයකටම වලංගු කිරීම යෝග්‍ය නොවන බව අර්ජුන රණතුංග පවසයි. එවිට ක්‍රීඩකයන් රට වෙනුවෙන් තරග ජයග්‍රහණය කිරීම පසෙක ලා මුදලට තරග ජයග්‍රහණය කරන හැඟීමක් නව කොන්ත්‍රාත් ක්‍රමයෙන් ඇතිවන බව ද ඔහු කියා සිටී.
තරග ජයග්‍රහණයේදී වැඩිපුර මුදල් පිරිනැමෙන නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග දැඩි විවේචනයට ලක්කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇවන්ට්ගාඩ් නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම 'කොන්ත්‍රාත්තුව අවුරුදු පහකට දික් කළේ ඇයි?' විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ඒ බව කියා සිටියේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ. නිශ්ශංක සේනාධිපති සිය කීර්තිනාමයට හානි කළ බව පවසමින් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ චම්පික රණවක අමාත්‍යවරුන් මීට ඉහතදී පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. ජනපති 'හමුවූයේ නෑ' ඒ පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව බීබීසී සංදේශයට තහවුරු කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, මින් ඉදිරියට ගතයුතු පියවර විමර්ශකයන් විසින් තීන්දු කරනු ඇති බවත් සඳහන් කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාපරාධී අපහාස නීතිය අවලංගු කර ඇති බැවින් කීර්තිනාමයට හානිකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට ගත හැකි පියවරක් නැති බවයි, නිශ්ශංක සේනාධිපති පවසන්නේ. 'මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ' ඇතැම් අමාත්‍යවරුන් තමාගේ සහ සිය සමාගමේ කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු පැවසීය. "මට අවශ්‍ය කටයුතු මම ඉදිරියේදී කරගෙන යනවා." අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, දිගින් දිගටම අවධාරණය කළේ සිය සමාගමේ කටයුතු නාවික හමුදාව වෙත පවරාගැනීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්‍රාමික හමුදා නිලධාරීන් හය දහසකගේ ජීවිකාව අහිමි කර ඇති බවයි. 'ගිවිසුම දීර්ඝ කළා' තමන් කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු නොවූ බව පවසන ඔහු, විශ්‍රාමික හමුදා සෙබළුන්ට රැකියා අහිමිවීම පිළිබඳව දැන සිටියේ ජනාධිපතිවරයා එවැනි පියවරක් ගනු නැති බව තමන්ට සහතික බවද සංදේශයට පැවසීය. "මම දන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනගෙන හිටියනම් මේකන් රණවිරුවන්ගේ රස්සා නැතිවෙනවා කියල එතුමා ඒ දේ කරන්නෙත් නෑ, එතුමා අණක් දීලත් නෑ," නිශ්ශංක සේනාධිපති සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ආයුධ රැගෙන රතු මුහුදේ සිට ගාල්ල වරායට ලඟා වූ ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නෞකාවක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ "එතුමාට කෑගහල, එතුමා අසරණ කරලා, එතුමා බිත්තියට හේත්තු කරලා තමයි ඕක කරලා තියෙන්නේ." සිය ව්‍යාපාරය නීතිවිරෝධී නම් වත්මන් ආණ්ඩුව යටතේ රක්නා ලංකා සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 15 වැනි දින තමන් සමඟ පැවති සියලුම ගිවිසුම් තවත් වසර පහකට දීර්ඝ කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි. මීට ඉහතදී සත්හඬ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ අඩංගු කරුණු සනාථ කිරීමට තමන් සතුව සාක්ෂි තිබෙන බවයි නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් කියා සිටියේ.
අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානියා, එනමුත් ඇතැමුන් සිය කීර්තිනාමයට අපහාස කර ඇති බව බීබීසී සංදේශයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර එම ප්‍රකාශය කළේ නවක වද චෝදනා යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් දාහත් දෙනකුගේ පන්ති තහනම් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී. ‘නවක සිසුන් කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික පීඩාවකට ගොදුරු කරනු ලැබීමට අපි විරුද්ධයි. එවැනි දේවල් සිදු කෙරෙන ප්‍රවණතාවක් තිබේ නම් එය නතර කිරීමටත් අපි පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වුනා’ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි. පදනම් විරහිතයි පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍යය පීඨයේ සිසුන් කණ්ඩායමකට එරෙහිව එල්ල වෙන නවක වැඩ චෝදනා පිළිබඳව විමසීමක් කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ එම චෝදනා වලට පදනමක් නොමැති බවයි. ‘අපි එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මොකද? ඒ චෝදනා එකක් වත් ඔප්පු කරපු දේවල් නොවෙයි. මෙයින් මාස කීපයකට පෙර සිදු වූ දෙයකටයි ඔය පන්ති තහනම පනවල තිබෙන්නේ’ ලහිරු වීරසේකර පවසයි. එල්ල කෙරෙන චෝදනා කිසිදු නිශ්චිත පරීක්ෂණයකින් ඔප්පු කොට නැති බවයි ඔහු කියා සිටින්නේ. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් දාහත් දෙනා සම්බන්ධයෙන් සිදු කෙරුණ විභාගයක දී ඔවුන් වරදකරුවන් හැටියට තීන්දු වූයෙන් එම තහනම පැනවූ බවයි. පාලක ප්‍රතිචාරය ශිෂ්‍යයන් දාහත් දෙනාට එරෙහි චෝදනාව වන්නේ නවක ශිෂ්‍යාවකට අමානුෂික මට්ටමින් හිරිහැර සිදු කළ බවටයි. නවක වදයට ගොදුරු විනැයි පැවසෙන ශිෂ්‍යාව සරසවිය හැර යාම පිළිබඳව තමන් විපරම් කිරීමක් සිදු කළ බවත් එහෙත් එම ශිෂ්‍යාව සරසවිය හැර යාම සහ නවක වදය අතර සම්බන්ධයක් තමන්ට වාර්තා නොවූ බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසන්නේ. ඔබ පෙනී සිටින්නේ නවක වදයට ගොදුරු විනැයි පවසන ශිෂ්‍යාව වෙනුවෙන්ද නැත්නම් චුදිතයන් වෙනුවෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ ‘එවැනි නවක වදය දීමක් තහවුරු වී නොමැති අතර එවැන්නක් සිදු කර ඇත්නම් කිසිදාක වැරදිකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. කිසිදු ආකාරයක අමානුෂික නවක වදයක් ශ්‍රී ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක නොමැති බවත් ඔහු අවධාරණය කරයි. පසුගිය කාලයේ සිදු වූ දේවල් එකක් වත් ‘ඇත්ත නවක වදදීම්’ නොවන බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ. ඒ අතරම පාලකයන් වෙනත් කරුණු සඳහා නවක වදය යොදා ගනිමින් සිසුන් දඩයම් කරන බවත් ඔහු පවසයි. ශිෂ්‍ය දේශපාලනය අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය නවක වදයට එරෙහිව පෙනී නොසිටීම ගැන බීබීසිය ප්‍රශ්න කළ විට ලහිරු වීරසේකර එම අදහස් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ‘තමන් ඉතිහාසයේ එවැනි මැදිහත් වීම් සිදු කර’ඇති බවයි. එසේම නවක සිසුන්ට දැනුම ලබා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍යය පීඨයේ නවක වදයක් වීනම් ඒ ගැන තමන්ට තොරතුරු සපයන මෙන් ඉල්ලා සිටි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු එවැනි තොරතුරු ලබා දෙන අයට රැකවරණය සලසන බවට නිශ්චිත සහතිකයක් දෙන බවයි කියා සිටියේ.
සරසවි තුළ නවක වදය දීම් සිදු වේනම් තමන් ඊට සහමුලින්ම විරෝධය පළ කරන බව අන්තර්විශ්ව විද්‍යාල බල මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහජනතාව පළාත් සභා නියෝජිතයන් 155 ස් දෙනා තෝරා ගැනීමට මධ්‍යස්ථාන 4252 කදී මහජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයෝ උදෑසනින්ම ඡන්දය දුන් බවයි මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදමුලන රාජපක්ෂ මහ විදුහලේදී ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ තර්ස්ටන් විදුහලේදීද ඡන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සිය ඡන්දය පාවිච්චි කළේ පංචිකාවත්ත අභයසිංහාරාමයේ පෙර පාසල් භූමියේදී. ඇතැම් ප්‍රදේශවලින් ගැටුම් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළහ. රාත්‍රී නවය වනවිට තැපැල් ඡන්ද ප්‍රතිපල ද ඇතුළුව පළමු ප්‍රතිපලය ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කොට තිබුණි. මනාප ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම හෙට දවස තුළ සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.
දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අද සෙනසුරාදා පැවැත්වුන මැතිවරණයේ ඡන්ද ගණන් කෙරෙමින් පවතින බව බීබීසී සංදේශය වාර්තාකරු අෂාම් අමීන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ඒ වනවිටත් බේරාගෙන තිබුණත්, තායි නාවික සෙබළුන් යාත්‍රාව අනතුරට පත් ස්ථානය වෙත යොමු කෙරුණේ තෙල් විසිරී යාමක් සිදුවී තිබේද යන්න සෝදිසි කිරීම සඳහායි. එහිදී යාත්‍රාවේ සිටි තවත් සාමාජිකයින් කිසිවකු අමතක වී ගොස් ඇති සෙයක් ඔවුන්ට දැකගන්නට ලැබුණා. ගිලෙමින් තිබූ යාත්‍රාව වෙත වහා පිහිනූ නාවික සෙබළෙක්, එහි සිටි බළලුන් සිය පිටෙහි රඳවාගෙන ආරක්ෂා සහිතව ගෙන ආවා. එම සතුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වුණා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ සිය ගැලවුම්කරුවන්ගේ අණ දෙන ස්ථානයේ රැදී සිටින බළලුන් ඔවුන්ගේ සත්කාර ලබන බවයි. 'ෆමොන්සින් නාවා 10' නම් වූ ධීවර යාත්‍රාව, කොහ් අඩං හි පැරඩයිස් නමැති දූපතට කිලෝමීටර 13 ක් ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගෙන ගිලෙමින් තිබූ බව අඟහරුවාදා (මාර්තු 2) වාර්තා වුණා. 'ද නේෂන්' නම් වූ තායි පුවත්පත සඳහන් කළේ, යාත්‍රාවෙන් මුහුදට පැන පාවෙමින් සිටි අට දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය අසලින් යාත්‍රා කරමින් තිබූ ධීවර නෞකාවකින් බේරාගෙන තිබූ බවයි. ස්ථානය නිරීක්ෂණයට යැවුණු නාවික සෙබළුන්ට එහිදී දැකගත හැකි වුණේ, දැවමය කොටසක එකට තෙරපී සිටි බළලුන් කිහිප දෙනෙක්. "මම කැමරාවෙන් බෝට්ටුවේ දර්ශනය ළං ව නිරීක්ෂණය කරවිට දැක්කා, බළලෙක් හෝ දෙන්නෙක් ඔලුව උස්සා බලන හැටි," යැයි තායි නාවික හමුදාවේ ගුවන් හා වෙරළාරක්ෂක අංශයේ ආධුනික නිලධාරී විචිට් පුක්දීලොන් පැවසුවා. මේ ගලවා ගැනීම සම්බන්ධයෙන් පළ කෙරුණු ෆේස්බුක් පොස්ටුවකට, බදාදා (මාර්තු 3) නාවික සෙබළුන් අගයමින් සටහන් 2,500ක් එක් කොට තිබුණා. මේ ගැනත් දැනගන්න: බළල් පණ
අන්දමන් මුහුදේ ගිනිගනිමින් තිබු යාත්‍රාවක සිටි බළලුන් සිව් දෙනෙකුට තායි නාවික භටයින් නිසා සිය ජීවිත බේරාගැනීමට හැකිවෙලා.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව සිඩ්නි නුවර සිටින බෙලරුසියානුවෝ වරින්වර උද්ඝෝෂණවල වල නිරතවූහ තරුණ මාධ්‍යවේදී රෝමන් ප්‍රෝතසේවිච් (Roman Protasevich) සහ ඔහුගේ පෙම්වතිය, සොෆියා සපේගා (Sofia Sapega), ගුවන් යානයෙන් පිටතට ගත් බෙලරුසියානු බලධාරීහු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. 26 වසරක් රටේ බලය හොබවන ජනාධිපතිවරයා මැතිවරණය කොල්ල කෑ බව පවසමින් බෙලරුසියාවේ විපක්ෂය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. එවක් පටන් රට තුළ විරුද්ධ පක්ෂ ආධාරකරුවන් දඩයමට ලක් වූ අතර විදේශගත බෙලරුසියානුවෝ තත්ත්වය ගැන හඬනගමින් සිටිති. 'මම බය නෑ' "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කවුරුවත් කිසිම දෙයක් කරන්නේ නෑ," කතෙරිනා පවසයි. කතෙරිනා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක පර්යේෂිකාවකි. සිය රටේ දියත් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ ආණ්ඩුව එය මර්දනය කළ අන්දම කණගාටුවෙන් යුතුව බලා සිටි බව ඇය පවසන්නීය. "මගේ පවුලේ හුඟක් දෙනෙක් ඉන්නේ බෙලරුසියාවේ. ඉතින් මම මම හැම හැම මොහොතකම එයාල ගැන හිතනවා." මාධ්‍යවේදී ප්‍රෝතසේවිච් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව ඇයට වැටහිණ. "මම බය නෑ," ඇය පවසන්නීය. "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන එකක් නෑ." පසුගිය වසරේ අගෝස්තුවේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා රඳවා තැබුණේ අගනුවර මේ කුප්‍රකට සිර කඳවුරේය තමන් ගැන බියක් නැතත්, මවු බිමේ වෙසෙන සිය ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ආරක්ෂාව ගැන ඇය පසුවන්නේ බියෙනි. සිය සම්පුර්ණ නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියේ ද එබැවිනි. "මගේ තාත්තව ඇරෙස්ට් කළා, යාලුවෝ ඇරෙස්ට් කළා ... මම කවදාවත් හිතුවේ නෑ මගේ තාත්තට හිරේ ලගින්න වෙයි කියල." විශ්‍රාමික විද්‍යාඥයෙකු වන ඇගේ පියා නත්තල ගතකළේ සිර කුටියකය. එහිදී ඔහුට කොවිඩ් රෝගය ද ආසාදනය විය. "ඉතිහාස ගුරුවරයෙක්, දර්ශන විද්‍යා මහාචාර්ය කෙනෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි ගණිතඥයෙක් එයා එක්ක හිරේ හිටිය කියල තාත්ත කිව්වා." තරුණ මාධ්‍යවේදියා සහ ඔහුගේ පෙම්වතිය මින්ස්ක් අගනුවරදී බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගනු ලැබිණ ජනපතිවරණයෙන් අනතුරුව මතු වූ තත්ත්වය හමුවේ කතෙරිනා ද එරට වෙසෙන අනෙක් බෙලරුසියානු වැසියන් සමඟ උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය. ඒ අතර ඇය අනතුරට මුහුණ දී සිටින සිය රටවැසියන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ උපකාරක පන්ති ආරම්භ කළාය. රටවැසියන්ට පහරදීම ප්‍රතික්ෂේප කොට සිය රැකියාව අත්හැර දැමූ පොලිස් නිලධාරියෙක් ද ඇගේ අන්තර්ජාල සිසුන් අතර සිටියි. "මිනිස්සුට ගහන්න බෑ කියල එයා පොලිසියෙන් අයින් වෙලා." තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීමට උපකාරවීම පිණිස දැන් ඇය ඔහුට ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වන්නීය. "අඩුම ගානේ අපි එයාලව අමතක කරලා නෑ කියල මගේ රටේ මිනිස්සුන්ට ඒකෙන් තේරෙනවා." "මුලින්ම උද්ඝෝෂණ කළේ මට අවුරුදු නමයේදී" මාෂා සබාරා සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි 23 හැවිරිදි මාෂා (මරියා) සබාරා, සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි. 16 වෙනි වියේ දී වැඩිදුර අධ්‍යාපනය පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණි මාෂා (Masha Zabara), බෙලරුසියානු පාලනාධිකාරියට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූයේ ඊට කලෙකට ඉහතදීය. පළමු වරට විරෝධතාවකට එක්වන විට ඇය නව හැවිරිදි දැරියක් වූවාය. "මම යාළුවෙක් එක්ක පන්ති කට්කරලා කොඩියකුත් ඇඟේ බැඳගෙන පෙළපාලියට ගියා. ටික වෙලාවකින් තාත්ත ඇවිත් මාව ඇදගෙන ගියා," ඇය සිනහසෙමින් බීබීසීය සමඟ විස්තර කළාය. දැන් ඇය එක්සත් ජනපදයේ සිට වීඩියෝ පට නිර්මාණය කරමින් බෙලරුසියාවේ තත්ත්වය ගැන ලොවට වටහා දීමට උත්සහ දරන්නීය. ඇය පවසන්නේ, ජනපතිවරණය කොල්ල කෑ බවට චෝදනා කරමින් පසුගිය වසරේ ජනතාව දස දහස් ගණනින් බෙලරුසියාව පුරා වීදි බසිනු දැක තමන් දිරිමත් වූ බවය. "ගිය අවුරුද්ද අපේ බලාපොරොත්තු කුල්මත් වුණ අවුරුද්දක්. රතු, සුදු කොඩි අරගෙන ඒ මිනිස්සු වීදි බැහැල ඉන්නවා දැකීමම හරිම අසිරිමත් දර්ශනයක්," මාෂා බීබීසීය සමඟ පැවසුවාය. "ඇත්තටම ගිය අවුරුද්දේ මට ආයෙත් මගේ රටට යන්න හිතුණා." මාෂා, බෙලරුසියානු විරුද්ධ පක්ෂයේ සංකේතය බවට පත් රතු සහ සුදු වර්ණ සහිත ධජය ලෙලවමින් එම උද්ඝෝෂණවල වීඩියෝ පට එකතු කොට ඇය ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළාය. "බෙලරුසියාවේ වෙන්නේ මොකක්ද කියල පිටරටවල හුඟක් දෙනා දැනගෙන හිටියේ නෑ." එහෙත් දැන් ලොව පුරා බොහෝ දෙනා යළිත් බෙලරුසියාව දෙස අවධානයෙන් බලා සිටිති. තරුණ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සිදුවූ දේ පැහැදිලි කරමින් ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කළාය. මිලියනයකට ආසන්න පිරිසක් එය නරඹා තිබුණි. "වීඩියෝව හදන කොට ඉන්ස්ටග්‍රෑම් එකේ මට හිටියේ 1000 ක විතර පිරිසක් ඒත් දැන් 10,000 කට වැඩියි." පසුව එම වීඩියෝ පටය ටික්ටොක් ජාලයේ ද බෙදා හැර තිබිණ. "ඇත්තටම මම සුබවාදීයි," ඇය පවසන්නීය. "ලෝකේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ තරුණ,තරුණියෝ. උදාහරණයක් විදියට පරිසර උද්ඝෝෂණ බලන්න." සිය නම සහ ඡායාරූපය සැඟවීමට වෑයම් නොකළත් ඇය පවසන්නේ, එය සිය නිර්භීතකමේ ලකුණක් නොවන බවය. "මම හිතන්නේ මම කිසිම දෙයක් නොකර හිටියත් මගේ බය අඩුවෙන්නේ නෑ." "බෙලරුසියානුවෙක් වීම ගැන ආඩම්බරයි" යූලියා, ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙසෙන තොරතුරු තාක්ෂණ ශිල්පිනියක වන යූලියා, සිය සම්පූර්ණ නම හෙළිනොකරන මෙන් ඉල්ලා සිටියාය. "මම ඩෙන්මාර්කයේ බොහොම ආරක්ෂා සහිතව ඉන්නවා. ඒත් බෙලරුසියාවේ ඉන්න මගේ අම්මල, නෑයෝ, යාලුවෝ ගැන මට බයයි." "මගේ අම්මල, තාත්තලත්, ආච්චි, සීයලත් තාම ඉන්නේ බෙලරුසියාවේ." එහෙත් සිය රටේ පවතින තත්ත්වයට එරෙහිව හඬ අවදිකළ යුතු බවට ඇය අදිටන් කරගෙන සිටින්නීය. ඇය ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි. "දැන් පුදුම විදියේ සහයෝගයක් මතුවෙලා තියෙනව," ඇය පවසන්නීය. "කලින් දැනගෙන හිටියේ නැති ගොඩක් දෙනා දැන් එකිනෙකා හඳුනාගන්නවා." එකමුතුව උද්ඝෝෂණවල නිරතවන ඔවුහු, ජීවිතාරක්ෂාව පතා රටින් පලා ගිය බෙලරුසියානුවන්ට ආධාර කිරීම පිණිස අරමුදල් ද රැස් කරති. ඇය පවසන්නේ, මර්දනය විසින් රටින් පිට සිටින බෙලරුසියානුවන් අතර සමගියක් වර්ධනය කරමින් පවතින බවය. "අවාසනාවකට එකපාරටම වෙනසක් වෙන්නේ නෑ ඒත් මම හිතන්නේ වෙනසක් වුනාම මම ආයෙත් මගේ රටට යාවි." මෙවැනි එකමුතුවක් මින් පෙර තමන් දැක නැති බවත් යූලියා පවසන්නීය. "මේ සහයෝගය නිසා ඇත්තටම මට දැන් බෙලරුසියාවේ මිනිස්සු ගැන ආඩම්බරයි." කියවන්න:
සිය විරුද්ධවාදී පිලේ නායකයෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බෙලරුසියානු බලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුවන් යානයක් ගොඩ බානු ලැබීමෙන් අනතුරුව, ජනාධිපති අලෙක්සන්දර් ලුකෂෙන්කෝගේ ආණ්ඩුව ප්‍රබල විවේචනයට ලක්වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වීම ඉතා දුර්ලභ සිදුවීමක් නව දිල්ලි අගනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ අගමැතිවරයා, මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැති පදවිය පක්ෂයේ වෙනත් නායකයකුට භාර දෙන බව කියා සිටියේය. අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වීම ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර, වසර දහයක් ඇතුලත ඔහු එසේ මාධ්‍යවේදීන් හමුවූ තුන් වැනි වතාව මෙයයි. පක්ෂයේ නියෝජ්‍ය නායක රහුල් ගාන්ධි රටේ පිළිගැනීමක් තිබෙන, කැපී පෙනෙන නායකයකු බවද අගමැතිවරයා කියා සිටියේය. අගමැති සිං නායකත්වය හොබවන සන්ධාන ආණ්ඩුවට බරපතල දූෂණ, වංචා චෝදනා එල්ල වී තිබෙන නමුත් ඉන්දීය ආර්ථිකයේ වර්ධනයක් සනිටුහන් කරමින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කළ නායකයා ලෙසින් ආචාර්ය සිං ගෞරවයට පාත්‍ර වී සිටින බවයි, ආර්ථික කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු පවසන්නේ.
තුන් වැනි වතාවටත් අගමැති පදවියට ඉදිරිපත් නොවන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අර්කාදී ද්වොර්කොවිච් පවසන්නේ යුරෝපා එකමුතුව දුර්වල කිරීමට රුසියානු ජනාධිපතිවරයාට අවශ්‍ය නොවූ බවයි ජුනි මස පැවති ජනමත විචාරණය හේතුවෙන් අවිනිශ්චිතතා ඇතිවී ඇති බවයි බීබීසීය සමග අදහස් දක්වමින් අර්කාදී ද්වොර්කොවිච් කියා සිටියේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පළකරමින් යුරෝපයේ එකමුතුභාවයට හානි පැමිණවීමට රුසියානු ජනාධිපති ව්ලදමීර් පූතින් ට අවශ්‍ය නොවූ බව සඳහන් කළ ඔහු පැවසුවේ රුසියාවට ශක්තිමත් පාර්ශව කරුවන් අවශ්‍ය බවයි. බ්‍රිතානය අවසානයේ ඉවත්වීයාම හේතුවෙන් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතුකළේය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් යුරෝපය දුර්වල වී ඇති බව රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව කොරෝනාවෛරසය ආසාදිත 40,000කට අධික පිරිසක් හඳුනා ගෙන ඇත නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රය වන චීනයේ පමණක් මේ වන විට මරණ 908 ක් වාර්තා වෙතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වසංගතය හේතුවෙන් රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 774 ක් මරණයට පත් වූහ. නව කොරෝනාවෛරසය අසාදිත සංඛ්‍යාව මේ වන විට 40,100 ඉක්මවන අතර ඉන් අතිබහුතරය වාර්තා වන්නේ, චීනයෙනි. නව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මස කටයුතු කළේය. කොරෝනාවෛරසය සම්බන්ධයෙන් අලුත් ම තත්ත්වය වූහාන් සිට TikTok ඔස්සේ අත්දැකීම් බෙදා ගත් ඔස්ට්‍රේලියානුවා 2019-nCov ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය පළමුව වාර්තා වූයේ හූබෙයි පළාතේ අගනුවර වන වූහාන් නගරයෙනි. වසංගතය හමුවේ වූහාන් නගරය සති ගණනාවක් පුරා අකර්මණ්‍ය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අධානම් ගේබ්‍රියෙසස් සෙනසුරාදා කියා සිටියේ වෛරසය තවමත් හූබෙයි පළාත තුළ පවතින අතර පසුගිය දින කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාවේ සුළු ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරන බවය. බොහෝ විට වසංගතවල පැතිර යාමේ වේගය යළි වැඩි වීමට පෙර, වේගයේ යම් කිසි අඩුවක් දක්නට හැකි බැවින් නව කොරෝනාවෛරසය ස්ථාවර මට්ටමක නැවතී තිබේ ද, නැද්ද යන්න කීමට තවමත් කල් වැඩි බව ඔහු කියා සිටියේය. නමුත් වෛරසය පැතිර යාමේ වේගය මදක් අඩුවීම එය මර්දනය කිරීම සඳහා "අවස්ථාවක් වනු ඇති" බව ඔහු පැවසීය. මාර්තු 01 වන දා වන තුරුවත් හූබෙයි පළාතේ පාසල් වසා තැබෙනු ඇති බව චීනයේ රජයේ මාධ්‍ය ඉරිදා වාර්තා කළේය. දින ගණනාවක නිරෝධායනයකින් පසු සංචාරකයෝ 'ද වර්ල්ඩ් ඩ්‍රීම්' නෞකාවෙන් පිටව ගියහ මේ අතර හොංකොංහි නැංගුරම් ලූ නිරෝධායනයට ලක් කළ සුඛෝපභෝගී සංචාරක නෞකාවක මගීන්ට ඉන් ගොඩබැසීමට අවසර ලැබිණි. ඒ, මගීන් හෝ නෞකාවේ කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවය. 'ද වර්ල්ඩ් ඩ්‍රීම්' සංචාරක නෞකාව වෙන ම රඳවා ගැනුණේ එහි මීට පෙර යාත්‍රා කළ මගීන් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමගය. චීනයේ ප්‍රධාන භූමියේ සිට පැමිණෙන ඕනෑ ම පුද්ගලයෙකු අනිවාර්යයෙන් සති දෙකක නිරෝධායනයකට ලක් කිරීමේ වැඩසටහනක් වෙන ම පරිපාලන කලාපයක් වශයෙන් පවතින හොංකොං සෙනසුරාදා හඳුන්වා දිණි. ඒ අනුව සංචාරකයන් ඔවුන්ගේ හෝටල් කාමර තුළ හෝ ආණ්ඩුවෙන් පාලනය කෙරෙන මධ්‍යස්ථාන තුළ හුදෙකලාව රැඳී සිටිය යුතු අතර හොංකොං වාසීන් සිය නිවාස තුළ ම රැඳී සිටිය යුතුය. එම නීතිය කඩ කරන්නන් දඩයකට හෝ සිර දඬුවමකට යටත් කරනු ඇත. හොංකොං දූපතෙන් මේ දක්වා කොරෝනාවෛරස් රෝගීන් 26 ක් හඳුනා ගෙන ඇත. කොරෝනාවෛරසය ආසාදිත හැට හැවිරිදි ඇමරිකානු ජාතිකයෙකු බ්‍රහස්පතින්දා වූහාන්හි රෝහලකදී මරණයට පත් විය. වෛරසය හේතුවෙන් මරණයට පත්, චීන ජාතිකයෙකු නොවන පළමු රෝගියා එම පුද්ගලයාය. සෙනසුරාදා වන විට සිය ඕට්-සව්වා කලාපයෙන් නව හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු තවත් රෝගීන් පස් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ප්‍රංශය තහවුරු කළේය. ඒ අනුව මේ දක්වා ප්‍රංශයෙන් කොරෝනාවෛරස් ආසාදිත 11 දෙනෙකු හඳුනා ගෙන ඇත. ප්‍රංශයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යවරිය කියා සිටියේ අලුතින් හඳුනා ගත් පස් දෙනා ම එක ම ස්ථානයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් බවය. සිංගප්පූරුවට ගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද එහි නවාතැන් ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළේය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව පැවසේ. එම ස්ථානයේ නවාතැන් ගත් තවත් හය දෙනෙක් නිරීක්ෂණය යටතේ පසු වෙති. වෛද්‍ය ලී වෙන් ලියැන්ග්ගේ මරණය සම්බන්ධයෙන් විශාල වශයෙන් කණගාටුව සහ කෝපය පළ වේ මේ අතර, ම කොරෝනාවෛරසය පැතිර යාම පිළිබඳ කල් තියා අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් චීනය තුළ විශාල වශයෙන් කනගාටුව සහ කෝපය පළ වේ. වූහාන් මධ්‍යම රෝහලේ අක්ෂි විශේෂඥයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලී වෙන් ලියැන්ග් කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දෙසැම්බර් 30 වන දා සෙසු වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබිණි. ඒ සමග පොලිසිය ඔහුට නිශ්ශබ්දව සිටින ලෙස දැන්වා ඇත්තේ බලධාරීන් වෛරසය පිළිබඳ පුවත මහජනයාගෙන් සඟවා තැබීමට උත්සහ කරමින් සිටින පසුබිමකදීය. වූහාන්හි රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී තිබේ.
කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉක්මවා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉඩම් අහිමිවීමට හේතුවක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ ඉඩම් අත් පත් කොටගෙන බහු ජාතික සමාගම් වලට හා රජයේ සන්නද්ධ සේනා වෙත පැවරීමයි. මහින්ද රාජපක්ෂ රජයේ නායකත්වයෙන් හමුදාවට උතුර අත් පත් කර ගැනීමට සහාය වීමේ ප්‍රධාන දේශපාලන වගකීමක් ඉටු කළ ජවිපෙ මාධ්‍යවේදීන් හමුවේ ඉරිදා එය හැඳින්වුයේ 'උතුරේ සිදුවන ඉඩම් කොල්ලයක්' ලෙසිනි. අක්කර හයදාහක් උතුරේ ඉඩම් අයිතිය ඉල්ලා පැවති උද්ඝෝෂණයක් 'යාපනයේ ඉඩම් අක්කර හයදහසක් බලහත්කාරයෙන් අත්පත් කරගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා,’ යි ජවිපෙ මහ ලේකම් වරයා පැවසීය. ග්‍රාම සේවා වසම් 27ක් තුළ පවතින ඉඩම් අක්කර 6381ක් මෙලෙස පවරා ගැනීමට යන බවයි ඔහු තව දුරටත් කියා සිටියේ. උතුරේ පමණක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයේත් ඉඩම් පවරා ගැනීම් සිදුවන බව ජවිපෙ මහ ලේකම් වරයා කියා සිටියේය. මේ අතර පූජනීය ස්ථාන මෙන්ම පාරිසරික වශයෙන් වැදගත් කම් උසුලන කලාපද තිබෙන බවයි ටිල්වින් සිල්වා පවසන්නේ. උතුරෙන් හමුදාව ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගන්න බව රජය පවසා තිබේ. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවට 'රටේ ඕනෑම තැනක' ඉඩම් ලබා ගත හැකි බව රජය ප්‍රකාශ කොට තිබෙනවා.
උතුරේ දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුවී තිබෙන ඉඩම් අහිමි වීමේ ගැටළුවට පිළියමක් වශයෙන් 'ඉඩම් නිරවුල් කිරීමේ කොමිසමක්' පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කථානායකවරයා කියා සිටියේ එහි සඳහන් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි. ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු යයි නිර්දේශ කරනු ලැබ ඇති වගන්ති ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. ඒ අනුව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, කැබිනට් ඇමතිවරුන්ට භාර විෂයයන් වෙන් කිරීමට අගමැතිවරයාට බලය දීමට කළ යෝජනාව ඇතුළු තවත් යෝජනා අටක් ඉවත් කර ගැනීමට රජයට සිදු වන බවයි වාර්තා වන්නේ. අද පාර්ලිමේන්තුවේ දී 19 වන සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් හිටපු විදේශ අමාත්‍ය ජි.එල් පීරිස් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි. ජනපති බලතල අඩු කිරීම විවිධ සංශෝධන ගෙන ඒමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යාකූල තත්වයකට පත් කොට ඇති බවට සහ ඒවා අධ්‍යයනය කිරීමට කල් වේලා නැති බවට එල්ල වෙන චෝදනා වලට අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසුවේ, තාක්ෂණික ගැට‍ළු මතු කරමින් මෙම සංශෝධනයේ හරය යටපත් කිරීමට ක්‍රියා නොකළ යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ පවතින පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට ජනවරමක් නොමැති බවයි. පසුගිය රජය දිනකින් සම්මත කළ 18 වන සංශෝධනයට වඩා වැඩි කාලයක් මෙම සංශෝධනය අධ්‍යයනය කිරීමට වර්තමාන රජය කල් ලබා දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (09 ) කතානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලිංගික හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැවති විරෝධතාවක් පළමුවරට දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඉහත කී පුද්ගලයා දැනටමත් අපරාධ චෝදනාවලට මුහුණ දී සිටියි. පළමු දූෂණය හා සම්බන්ධ අපරාධ චෝදනා විභාගය ආරම්භ වීමට නියමිතව තිබියදී මැයි මාසයේදී ඔහු විසින් දැරිය පැහැර ගෙන ගොස් සතියක් පුරා නැවත නැවතත් දූෂණයට ලක් කොට ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඇසිඩ් පානය කිරීමට ඇයට බල කොට ඇති බවටත් ඔවුහු චෝදනා කරති. ශරීරයේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ඇය මරුමුවට පත් වූ බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කොට ඇති ආකාරය කාන්තා සංවිධානවල විවේචනයට ලක් වී තිබේ. මීට වසර තුනකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයන් පස් දෙනා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් සිසුවියක් පිළිබඳ පසුගියදා වාර්තා විය.
මාස අටකට පෙර දූෂණයට ලක් කළ පුද්ගලයා අතින් නැවත වරක් දූෂණයට ලක් වූ බව පැවසෙන දාහතර හැවිරිදි දැරියක් මරණයට පත් වී ඇති බව ඉන්දියාවේ දිල්ලි නුවරින් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කොමිසමට අපහාස කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමට සිය සේවාදායකයා සූදානම් බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය දීමට පෙර සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කොමිසම විසින් කියවා දිය යුතු බවත් නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රජයේ නීතිවේදියා එම ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ, නියමිත පරිදි වගඋත්තරකරුට එරෙහිව තිබෙන චෝදනා කියවා දීම අවශ්‍ය අතර, විත්තියේ ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම පිණිස කාලය අවශ්‍ය බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය. වැඩිදුර නඩු විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ.
අල්ලස් කොමිසමට අපහාස කිරීමේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදාවට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව යාපන වැසියෝ දැඩි විරෝධය පළ කරති යාපනය කීරිමලේ ප්‍රදේශයේ සාමන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවට පවරා ගැනීම පිණිස එම පළාතේ දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ කරමිනුයි, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් සංදේශයට ඒ බව කියා සිටියේ. යාපනය අර්ධද්වීපයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර හය දහස් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාව අත්පත් කර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ඉඩම් හමුදාවට පවරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ඉඩම් අහිමි වන ජනතාවට කළ හැක්කේ රජයට සහ යුද හමුදාවට විරෝධය පළ කිරීම පමණක් බව පවසන මන්ත්‍රීවරයා, සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු ඒ වෙණුවෙන් සටන් කරන බව අවධාරණය කරයි. 'බිරිඳ මරා දමලා' මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ යුද හමුදාව කිසි විටෙකත් උතුරේ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන නොමැති බවයි. රජය හමුදාවට ලබා දුන් ඉඩම් 'සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නොවේ' යුද හමුදාවේ අවශ්‍යතාවයන් උදෙසා රජයෙන් ඉල්ලීමක් කළ විටදී, රජය විසින් නීත්‍යාණුකූලව පවරා ගෙන ඇති ඉඩම් යුද හමුදාවේ ප්‍රයෝජනයට ලබා දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය. රජය විසින් හමුදාවට ලබා දුන් ඉඩම් සාමාන්‍ය වැසියන්ට අයත් නොවන බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය රටේ සංවර්ධනය වෙණුවෙන් ඕනෑම රජයක් මෙවැනි තීරණ ගන්නා බවද පෙන්වා දුන්නේය. මේ අතර සිය බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උරණ වූ සැමියෙකු ඉරිදා දහවල් ඇය කපා කොටා ඝාතනය කොට ඔහුද ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් කිලිනොච්චියේ වල්ලිපුනම් ගම්මානයෙන් වාර්තා වේ. මියගිය අරුල් රාජ් ජෙයකුමාරීගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහලේදී පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් ශිවරූබන් වෙත සාක්කි දුන් මියගිය අයගේ ඥාතීන් පවසා ඇත්තේ බිරිඳ යුද හමුදා සේවයට එක්වීම ගැන උදෑසන සිටම නිවසේ බහින්බස්වීම් සිදුවුණු බවයි.
දෙමළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිය බලය පෙන්වීමට උත්සාහ කරන බවට දෙමළ ජාතික සන්ධානය ආරක්ෂක හමුදාවට චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නව පුහුණුකරු තෝරා ගැනීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව අනුමත කළ බවයි, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ අනුව 1999 දී රෝයි ඩයස් පුහුණුකරු තනතුර හෙබවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර පුහුණුකරු තනතුරට පත්කෙරුණු පළමු වතාව මෙයයි. 1996 දී ඩේව් වට්මෝර් පුහුනුකරු පදවිය දැරීමට පෙර දුලිප් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරීය. 2011 ලෝක කුසලානයෙන් අනතුරුව ට්‍රෙවර් බේලිස් ඉල්ලා අස්වූ අවස්ථාවේ රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරු වශයෙන් පත් කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මාවන් අතපත්තු පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබේ මෙයින් අවුරුදු තිහකට පමණ පෙර පූජකවරුන් සම්බන්ධයෙන් අනිසි බලපෑම් සහිතව හැසිරී ඇති බවට කාදිනල් කීත් ඔ බ්‍රයන්ට චෝදනා එල්ල වී තිබිණ. ස්කොට්ලන්තයේ කතෝලික සභාවේ අගරදගුරු පදවියෙන් තම ඉල්ලා අස්වීම භාර ගැනීමට පාප් වහන්සේ එකඟ වූ බවත් එය වහාම ක්‍රියාත්මක වන බවත් කාදිනල් වරයා පවසයි. එසේම නව පාප් වරයකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට තමා සහභාගි නොවන බවත් කාදිනල් හිමියෝ තහවුරු කළහ. ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර ප්‍රකාශයක් කළ කාදිනල්වරයා, තමාට එරෙහි චෝදනාවලට අභියෝග කරන බව කියා සිටියේය. පූජකවරුන් විසින් සිදුකරනු ලබන ලිංගික අපචාර විභාග කිරීමේදී, ගැටළුවලට මුහුණ දෙන සෙසු කාදිනල්වරුන් කෙරෙහි ස්කොට්ලන්ත අගරදගුරු හිමියන්ගේ ඉල්ලා අස්වීම මගින් දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. මේ අතර තීරණයක් ගත් බෙනඩික් පාප්වහන්සේ, අනුප්‍රාප්තික පාප්වරයකු තෝරා පත් කරගනු ලැබීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරෙන නව රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කළහ. පාප් පදවියෙහි පුරප්පාඩුවක් ඇතිවීමෙන් සති දෙක තුනකට පසුව කාදිනල්වරුන් එක්රැස්ව, අභිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීම මෙතෙක් අනුගමනය කෙරුණ චාරිත්‍රය වූ නමුත් නව රෙගුලාසි යටතේ ලොව පුරා සිටින කාදිනල්වරුන් රෝමයට රැස් වුන වහාම අභිනව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමට අවස්ථාව උදාවෙයි. සබැඳි තේමා
බ්‍රිතාන්‍යයේ ඉතාම ජ්‍යෙෂ්ට කතෝලික පූජකවරයා වන කාදිනල් කීත් ඔ බ්‍රයන් රදගුරු පදවියෙන් ඉල්ලා අස්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බටහිර අප්‍රිකානු සිංහයා 'තදබල ලෙසින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සතෙක්' සෙනෙගාලයේ සිට නයිජීරියාව දක්වා වූ කලාපයේ රටවල් හතක සමීක්ෂණය පැවැත්වීම සඳහා පැන්තේරා සංවිධානයට වසර හයකට අධික කාලයක් ගත විය. බටහිර අප්‍රිකාවේ සිංහ ගහනය බරපතල අන්දමින් අඩු වී තිබෙන බව සඳහන් කරන පැන්තේරා සංවිධානය, ඓතිහාසිකව සිංහයන් වාසය කළ ප්‍රදේශ සලකා බැලූ විට මේ වන විට සිංහයන් වෙසෙන්නේ එයින් සියයට එකක භූමි ප්‍රමාණයක බව ප්‍රකාශ කරයි. අප්‍රිකානු කලාපයේ වෙසෙන අනෙක් සිංහයන්ට වඩා වෙනස් සිංහ වර්ගයක් වන බටහිර අප්‍රිකානු සිංහයා ඉතා තදබල ලෙසින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්වයකු වශයෙන් නම් කළ යුතු බව එම සංවිධානයේ නිර්දේශයයි.
බටහිර අප්‍රිකාවේ සිංහයන් ඉතිරිව සිටින්නේ 500 ක් පමණ බව පවසන අලුත් සමීක්ෂණ වාර්තාවක්, ඉතා ඉක්මනින්ම ඔවුන් කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයක් තිබෙන බව පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෙරටේ ඉහළ මට්ටමේ නායකයන් උතුරු කොරියාව එවැනි පියවරක් ගැනීම පුදුමය එළවන සුළු පියවරකි. වසර පහක කාලයක් ඇතුළත කොරියානු රාජ්‍යයන් දෙක අතර අතර සිදු වූ ඉහලම මට්ටමේ පළමු හමුව මෙයයි. ජනරාල් හ්වාන් පියොන්ග් සෝ, දකුණු කොරියාවේ ‘ඉන්චිඔන්’ (Incheon) නගරයට ගොස් තිබුණේ එහි පැවැත්වුන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් සංදර්ශනයට සහභාගී වීමට බවත් වාර්තා වෙයි. ක්‍රීඩා උළෙල අතරේ එහෙත් ඔහු ඒ අතරවාරයේ කොරියානු රාජ්‍යයන් දෙක එක්සත් කිරීම භාර දකුණු කොරියානු ඇමතිවරයා සමඟ සාකච්ඡාවක නිරත විය. උතුරු කොරියානු දූත මණ්ඩලයේ සාමාජික කිම් යන්ග් ගොන් (kim yang gon) ඉහත කී සංචාරය ගැන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එය හදිසි සංචාරයක් වූ බවයි. ඉදිරි සති කීපය ඇතුළත තවත් ඉහල මට්ටමේ සාකච්ඡාවක් සඳහා දෙපාර්ශවය එකඟ වූ බවත් වාර්තා වෙයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong-un මාසයක පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව පසු වන්නේ යයි අනුමාන පළ වෙමින් පවතින අතරයි ඉහත කී ඉහළ මට්ටමේ හමුව සිදු වුණේ.
උතුරු කොරියාවේ දෙවන බලවතා හැටියට සැලකෙන හ්වාන් පියොන්ග් සෝ (Hwang Pyong-so) හදිසි සංචාරයක නිරත වෙමින් දකුණු කොරියාව සමඟ සාකච්ඡා කොට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිංහරාජයේ ගබඩාවී ඇති කාබන් වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට ගණන් බලා තිබේ. දේශීය හා විදේශීය විද්‍යාඥයන් එක්ව, පාරිසරික ආර්ථික විද්‍යාවේ දැනුම භාවිත කර සිංහරාජයෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයක ආර්ථික වටිනාකම දැනටමත් තක්සේරු කර තිබේ. ඒ අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජ වනාන්තරයට හිමි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය. ''රවුසර් සහ ස්මෝල් (Rausser and Small) කියන විද්‍යාඥයින් දෙදෙනාගේ ගණනය කිරිම් අනුව සිංහරාජයේ ශාක, සතුන් සහ පස් වලින් ලබා ගන්නා ක්ෂුද්‍ර ජීවින් මගින් අනාගතයේ ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම රුපියල් බිලියන 20ක්. මේක අනාගත අගයක් විදියට අපි දකින්නේ. මේ ප්‍රයෝජනය අපිට අනාගතයේ ගන්න ලැබෙන්නේ සිංහරාජය සංරක්ෂණය වෙලා තිබුණොත් තමයි.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය. සිංහරාජයේ නව විශාලත්වය අනුව ඉහත වටිනාකම ගණනය කර ඇත. රවුසර් සහ ස්මෝල්ගේ ගණනය කිරීම් වලට අනුව අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ පළමු තැනට පත් වන්නේ බටහිර එක්වදෝරයේ වනාන්තර වේ. සිංහරාජයේ කාබන් ගබඩාව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අද ලෝකය හමුවේ ඇති ප්‍රබල පාරිසරික අභියෝගයකි. ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 280ක් මට්ටමේ පැවැතිය යුතු වුව ද මේ වන විට එම අගය 416ක් දක්වා ඉහළ ගොස් තිබේ. දේශගුණ විපර්යාස සඳහා හේතු වන වායුගෝලයේ කාබන් තිර කිරීම වනාන්තර මගින් සිදු කරන ඉතා වටිනා සේවාවකි. දැනට සිදුකර ඇති ගණනයන්ට අනුව සිංහරාජයේ ගබඩාවී ඇති කාබන්වල වටිනාකම රුපියල් බිලියන 10ක් බවට තක්සේරු කළ හැකි බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පෙන්වා දුන්නාය. එම ගණනය සිදු කර තිබෙන්නේ සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 11,000ක් ලෙස යොදා ගෙනය (පැරණි භුමි ප්‍රමාණය). එහෙත් 2019 නොවැම්බර් 20 දිනැති අංක 2150/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ විශාලත්වය හෙක්ටයාර 36,474.93ක් දක්වා වැඩි කර ඇත. එබැවින් සිංහරාජයේ ගබඩා වී ඇති කාබන්වල ආර්ථික වටිනාකම තවත් ඉහළ යනු ඇත. සිංහරාජය ; අනාගතයේදී ඖෂධ නිපදවීමේ හැකියාවේ ආර්ථික වටිනාකම අතින් ලෝකයේ දෙවැනි තැන සිංහරාජයට සිංහරාජයේ නව මායිම් සීමා සිංහරාජයේ නව මායිමක් කළුතර දිස්ත්‍රික්කය සමග ද සම්බන්ධ වේ. ඒ පාලින්දනුවරට අයත් රූනකන්ද සිංහරාජයට ඇතුළත් කිරීම නිසාය. සිංහරාජයේ නව මායිම් වලට පළාත් තුනකට අයත් දිස්ත්‍රික්ක හතරක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් අයත් වේ. 01. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රිකයට අයත් කලවාන, ගොඩකවෙල, නිවිතිගල, කහවත්ත සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 03. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සිංහරාජයේ පෝෂක චක්‍රීකරණය පිළිබඳ සේවාව වනාන්තර පරිසර පද්ධතියක සිදුවන තවත් වැදගත් සේවාවක් වනුයේ පෝෂක චක්‍රීකරණයයි. ''වැටෙන කොළරොඩු, දිරා යන මළ සිරුරු, සතුන්ගේ අපද්‍රව්‍ය මේ සියල්ලම නැවත පරිසර පද්ධතිය තුළට ඇතුල් කරන්නේ මේ චක්‍රීකරණය තුළින්. මෙම චක්‍රීකරණයේ වටිනාකම සිංහරාජයට අදාළව ගණනය කිරීමක් කළා. ඒ අගය වසරකට රුපියල් බිලියන තුනක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කියා සිටියාය. 2020 වසරට අදාළව ඉහත අගය ගණනය කර තිබෙන්නේ සිංහරාජයේ පැරණි භුමි ප්‍රමාණය අනුව ය. සිංහරාජය නිසා ලබන සතුටේ වටිනාකම සිංහරාජය ලෝක උරුමය නැරඹීම සඳහා සංචාරකයන් විසින් ප්‍රවේශ පත්‍ර මිළදී ගත යුතුය. දේශීය වැඩිහිටියෙකුගෙන් සිංහරාජය නැරඹීම සඳහා රුපියල් 32.00ක් සහ විදේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 700.00ක් අය කරනු ලැබේ. එහෙත් තමන් මිළදී ගනු ලබන ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් සංචාරකයන්ට දැනෙනු ඇත. මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන අධ්‍යනය කර තිබේ එම පාරිභෝගික තෘප්තිමත්භාවය, ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් ලැබෙන අදායම සහ වෙළෙඳපොළ වටිනාකමේ අගය ආර්ථික විද්‍යාවේ සඳහන් පාරිභෝගික අතිරික්තයක් සමග ගණනය කළ හැකිය. සිංහරාජය උදෙසා එම වටිනාකම 2019 වසර සඳහා රුපියල් බිලියන 14.8 ක් බවට ගණනය කර ඇති බව මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවාය. සංචාරකයන් පැමිණීම ඉහළ යෑම සහ මිනිසුන්ගේ අදායම් මට්ටම ඉහළ යෑම මත මෙම වටිනාකම වසරින් වසර වැඩිවේ. අධ්‍යාපනික වටිනාකම සහ හුදු පැවැත්ම සඳහා ඇති වටිනාකම සිංහරාජය යනු පර්යේෂකයන්ට සජීවී විද්‍යාගාරයක් වේ. එබැවින් දේශීය හා විදේශීය විද්‍යාර්ථින්, පර්යේෂකයන් විශාල පිරිසක් සිංහරාජයට ගොස් නොයෙකුත් පර්යේෂණවල යෙදෙති. එම පර්යේෂණ ගැන නිශ්චිත තොරතුරු නොමැති බැවින් එම වටිනාකම මේ ගණනයට ඇතුළත් කර නැත. මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන එක්සත් රාජධානියේ එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා සිංහරාජයේ ආර්ථික වටිනාකම පිළිබඳ අධ්‍යනය කර තිබේ. ඇය 1996 දී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක ජනතාවගේ අදහස් ලබා ගෙන කළ ගණනයන්ට අනුව දේශීය ජනතාව සිංහරාජයේ අධ්‍යාපන වටිනාකම සඳහා ලබා දෙන ආර්ථික වටිනාකම වසරකට රුපියල් මිලියන 174කි. සිංහරාජයට යෑමට අපේක්ෂාවක් නොමැති පුද්ගලයෙකු වුවද සිංහරාජය විනාශ නොවී පවතිනවාට කැමැත්තක් දක්වයි. ඒ තුළින් ඔවුන් සතුටක් ලබයි. ''ඔවුන් ලබන සතුට අපි ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගණනය කළා. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා ඇති ආර්ථික වටිනාකම 2020 සඳහා රුපියල් මිලියන 586ක්.'' යනුවෙන් මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන විස්තර කළාය. ඉහත දක්වා තිබෙන්නේ ලාංකික ජනයා ලබා දෙන වටිනාකම වේ. සිංහරාජයේ හුදු පැවැත්ම සඳහා විදේශිකයන් ලබා දෙන වටිනාකම් ද ඇතුළත් කර ඉහත ගණනය සිදු කළ හොත් ලැබෙන අගය තවත් ඉහළ යයි. මේ ගැනත් කියවන්න:
'ලක් මවගේ හරිත සළුව' ලෙස හැඳින්වෙන ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරයේ වටිනාකම මුදලින් තක්සේරු කළ හැකිද යන්න කිසිවෙකු ඔබෙන් විමසීමක් කළහොත් ඔබ ඊට ලබා දෙන පිළිතුර කුමක් ද? සිංහරාජයේ ආර්ථික වටිනාකම සඳහා අපට නිශ්චිත මුල්‍යමය අගයක් ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් ඉන් ලැබෙන සේවාවන් කිහිපයක ආර්ථික ලාභය ගණනය කිරීම තුළින් අපට සිංහරාජයේ ඇති මුල්‍යමය වටිනාකම ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෙඩි තබා බිම හෙලූ ප්‍රහාරකයට ප්‍රතිකාර කරමින් මේ අතර ලන්ඩන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයෙකුවන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයෙකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය. වසර කිහිපයකට පෙර ප්‍රචණ්ඩ අන්තගාමීබව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්ව සිටියද මෑත කාලීන ඔත්තු ක්‍රියාකාරීත්වය තුළට ඇතුළත් නොවූවෙකි සිව් දෙනෙකුට මරු කැඳවමින් බදාදා (මාර්තු 22) ලන්ඩනයේදී එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. කීත් පාමර් නම් පොලිස් නිලධාරියා, ලන්ඩන්හි පාසලක සේවය කළ අයිෂා ෆ්රේඩ්, 50 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම ප්‍රහාරකයා ද මියගිය ඇය අතර වෙති. මියගිය පොලිස් නිලධාරී කීත් පාමර් සහ අයිෂා ෆ්රේඩ් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගෙන් හත්දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ. වෙස්ට්මින්ස්ටර් පාලම මත පදිකයින් හා ගැටෙමින් මෝටර් රියක් ධාවනය කළ පුද්ගලයා පසුව පාර්ලිමේන්තුව වෙතට දිව යමින් එහි සිටි නිරායුධ පොලිස් නිලධාරියෙකුට පිහි පහර එල්ල කළේය. එහිදී පොලිසිය විසින් ඔහුව වෙඩි තබා බිම හෙලනු ලැබීය. මියගිය පොලිස් නිලධාරි කීත් පාමර් වෙත ප්‍රණාමය පිදූ අගමැතිනිය "ඔහු සෑම අතින්ම වීරයෙක්, ඔහු ගත් පියවර කිසිදා අමතකව යන්නේ නැහැ" යැයි පැවසුවාය. සේවා ඇගයීම් උත්සවයකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් එක අයෙකුද සිදුවීමේදී තුවාල ලැබූ අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව කී අගමැතිනිය, මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළේ "අප ත්‍රස්තවාදය හමුවේ කිසිදා සැලෙන්නේ නැහැ" යැයි අවධාරණය කළාය. දිනයේ කටයුතු ඇරඹීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනාඩියක නිහඬතාවක් පළකරමින් ඇය වැඩිදුරටත් සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් අතර ප්‍රංශ දරුවන් දෙදෙනෙක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක්, දකුණු කොරියානු ජාතිකයින් සිව් දෙනෙක්, ජර්මානු ජාතිකයෙක්, අයිරිෂ් ජාතිකයෙක්, චීන ජාතිකයෙක්, ඉතාලි ජාතිකයෙක්, ඇමෙරිකානු ජාතිකයෙක් හා ග්‍රීක් ජාතිකයින් දෙදෙනෙක් ද වෙති. විපතට පත්වූවන් සිහිකරමින් මල් කළඹ තැන්පත් කෙරේ වෝහාරික නිලධාරීන් පරීක්ෂණවල යෙදෙමින්
ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය "ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු" විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි අඟහරුවාදා උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නාය යාමකට හසු වූ පුද්ගලයන් හය දෙනෙකුගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු ඒ අතර සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජල ගැලීම් වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේය. ඉන් බහුතරයක් දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව බවත් බලධාරීහු පවසති. ගංගා ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට තිබේ. එම ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත පූර්ව අනතුරු දැන්වීම් සිදු කොට ඇත. ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ එක් ලක්ෂ තිස් හතරදහසකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති බවයි. අවපීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් පිටතට ගමන් කරමින් තිබෙන බවයි මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩු වනු ඇති නමුත් තද සුළං තත්ත්වය දින කිහිපයක් පවතිනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දින කීපයක සිට පවතින අධික වර්ෂාව සහ නාය යෑම් හේතුවෙන් පස් දෙනකු අතුරුදහන් වී එකොළොස් දෙනක් මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගෝපිගේ මව ඉරිදා විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කළ බවයි වවුනියාවේ දිනසේන රතුගමගේ ඒ පිළිබඳ කළ විමසීමකදී ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරියෙකු ප්‍රකාශ කොට තිබෙන්නේ. ඊට අමතරව සඳුදා වන විට තවත් රැඳවියන් දහතුන් දෙනෙකුද නිදහස් කොට ඇති බවත් ඔහු පැවසීය. ගෝපි ගේ නායකත්වයෙන් එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනා මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් රැඳවුම් භාරයට ගත් සංඛ්‍යාව හැට පහක්. හතළිස් දෙදෙනෙකු රැදවුම් භාරයේ මේ වන විට එයින් විසිතුන් දෙනකු නිදහස් කර ඇති අතර තවත් හතළිස් දෙදෙනකු තවමත් රැඳවුම් භාරයේ පසුවෙති. ඔවුන් නිදහස් කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි අදාළ නිලධාරියා සඳහන් කළේ. තවමත් රැඳවුම් භාරයේ සිටින්නන් අතර මියගිය ගෝපිගේ බිරිඳ වන ශර්මිලාද වේ. නිදහස ලැබූ ගෝපිගේ මව බැලීමට ඔහුගේ මාමා කෙනෙකු සඳුදා කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලයට ගොස් තිබුණු අතර ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූ බවයි, දිනසේන රතුගමගේ පවසන්නේ. ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා සිටින පිරිස සහ ගෝපිගේ මව පිළිබඳව කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ අගහරුවාදා වන විට තමාට මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් නිකුත් කළ හැකි බවයි.
උතුරේදී ආරක්ෂක හමුදාව සමඟ ගැටුමකින් මියගියා යැයි ආණ්ඩුව පවසන ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගේ මව වන සෙල්වනායගී රාසමලර් රැඳවුම් භාරයෙන් නිදහස් කළ බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකියාව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ වැල්ලම්පිටිය සහ ඒ අවට විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදී. කෙසේ වෙතත් මේ මොහොතේ ජාත්‍යන්තරයෙන් ලැබෙන මූල්‍යාධාර පවතින තත්වයෙන් ගොඩ ඒම සඳහා ආධාර වනු ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය. ගංවතුරට කොටු වී සිටි පිරිස් අතුරින් බහුතරයක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති නමුත් සුළු පිරිසක් එම ප්‍රදේශ තුළමරැඳී සිටින බවයි මුදල් අමාත්‍යවරයා සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් කියා සිටියේ. එසේ පිටතට නොපැමිණ එහි රැඳී සිටින පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඔහු සඳහන් කළේය. 'වතුර බැහැල ගියාට පස්සේ මේ ජනතාවගේ ජීවිතය ගොඩ නගන්න විශාල වැඩපිළිවලක් දියත් කරන්න තිබෙනවා. මෙම හිතනවා ඒ වගකීම රජය භාර ගත යුතුයි කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් වැඩිදුරටත් පැවසීය.
ගංවතුර සහ නාය යෑම් හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ජාත්‍යන්තර මෙහෙයුමක් අවශ්‍ය නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන ගෝපි මරණයට පත් වීමට පෙර මොහු සමඟ සබඳතා පවත්වා ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මෙම පුද්ගලයා එල්ටීටීඊ සාමාජිකයෙකු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කර ඇත්තේ. පසුගිය දා වවුනියාවේ දී ඇති වූ ගැටුමකින් මරණයට පත් වූ ගෝපි ඇතුළු තිදෙනා ලබා ගෙන තිබූ දුරකථන ඇමතුම් පිළිබඳව පොලිස් විමර්ශන සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
හමුදා වෙඩි පහරින් මරණයට පත් වූ ගෝපිගේ සමීප හිතවතෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු යාපනයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වාර්තා කරන්නේ ‘දිගින් දිගටම සත්‍යය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව’ පවසමින් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවයි. මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ගේ නිර්දේශ අඩංගු වාර්තාවේ කෙටුම්පතක් ලැබී ඇති බව තහවුරු කළ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සංදේශයට කියා සිටියේ අදාළ වාර්තාවට රජයේ ප්‍රතිචාර මේ වන විට යවා ඇති බවයි. ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටියේ රජයේ හමුදා කිසිදු යුද අපරාධයක් සිදු කර නැති බවයි. නවී පිල්ලේ ගේ අවසන් වාර්තාව ඉදිරියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල වෙබ් අඩවියේ පළ වීමට නියමිත බව ‘සන්ඩේ ටයිම්ස්’ උපදේශක කර්තෘ ඉක්බාල් අතාස් සංදේශයට කියා සිටියේය.
ශ්‍රී ලංකා හමුදාව සහ දෙමළ කොටි සංවිධානය අතර පැවති යුද්ධයේ අවසාන අදියරේ දී සිදු වූ බවට වාර්තා වන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් වරිය නිර්දේශ කොට ඇති බව සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉන්දීය පුවත්පත් වාර්තා 'ඉන්දීය පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කළා' සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු අයිපීඑල් තරඟයක් පාවා දුන් බව ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කටඋත්තරයක සඳහන් වන්නේ යයි ඉන්දීය පුවත්පත්වල පළ වූ වාර්තා පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනුයි, ශ්‍රී ලංකා පාලක මණ්ඩලය ඒ බව සඳහන් කරන්නේ. තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කෝටි හයකට පාවා දුන්නේ යයි කටඋත්තරයේ සඳහන් වන බව ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත සඳහන් කළේය. ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගය හා සම්බන්ධ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ඉන්දීය පාලක මණ්ඩලයේ දූෂණ-විරෝධී ඒකකය තිසර පෙරේරාට එරෙහි චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ.
අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවා දුන් බවට තිසර පෙරේරාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැතැයි ඉන්දීය පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඌව පළාත් සභා මැතිවරණයේදීත් මෙවැනි ප්‍රහාර වාර්තා විය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සංවිධානය කෙරුණ රැස්වීම් භූමියේ සවි කර තිබුණ ශබ්ද විකාශන යන්ත්‍රවල විදුලි රැහැන් කපා, කොඩි වැල් ගලවමින් සිටි පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් සමඟ ගැටුම ආරම්භ වූ බවයි රැස්වීමේ සංවිධායකයන් පවසන්නේ. හපුතලේ නගර සභාවේ විපක්ෂ නායක ජගත් ප්‍රියන්ත අබේනායක එම ගැටුමේ දී තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ සිටින අතර ඔහු රෝහලේ සිට බීබීසී සන්දේශයට කියා සිටියේ නගරාධිපතිවරයාගේ මෙහෙයුමෙන් ප්‍රහාරය එල්ල කෙරුණ බවයි. ‘අපි රැස්වීම සංවිධානය කරමින් ඉන්න කොට කණ්ඩායමක් ඇවිත් අපේ කොඩි කපල අපේ සවුන්ඩ්ස්වල වයර් කපල දැම්ම. ඊළඟට මට පොලුවලින් පහර දුන්නා. රන් පවුම් පහක් පමණ වන මගේ මාලයත් කඩා ගත්තා. පොලිසිය බලා සිටිද්දීයි අපට ගැහුවේ’ හපුතලේ නගර සභාවේ විපක්ෂ නායකයා පවසයි. තවත් තැන්වල සෙනසුරාදා (20) හපුතලේ සිදු වූ එම මැතිවරණ ප්‍රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා වන Caffe නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ ප්‍රහාරය එල්ල කෙරෙද්දී හපුතලේ පොලිසිය කිසිදු පියවරක් නොගෙන බලා සිටි බව තමන්ට ද වාර්තා වී ඇති බවයි. හපුතලේ ප්‍රහාරයට අමතරව වෙනත් ප්‍රදේශ වලත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක රැලිවලට බාධා සිදු කොට ඇති බවයි ඔහු පවසන්නේ.
ඌව පළාතේ හපුතලේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ සංවිධානය කර තිබුණ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී විපක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ගැටුමකින් කීප දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇති බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පිපිරීම් සිදුවීමත් සමග සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. ඒ සම්බන්ධයෙන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. ඉන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතල කාරණයක් බවය. මේ අතර අගමැතිවරයාගේ මාධ්‍ය හමුවට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ බුද්ධි අංශ විසින් අනතුරු අඟවා නිකුත් කරන ලද ලිපිය තමන් වෙත ලැබුණේ ප්‍රහාරය සිදු වූ දිනයේ බවය. (අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කිහිපයක් ෆෙස්බුක්හි පළ කර තිබිණි.) මොකක්ද මේ ලිපිය? අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය: ප්‍රහාරවලට පෙර ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මීගමුව මේ අතර හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පළ කරන ලද තවත් ලිපියක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය. ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ලිපියේ පැහැදිලිව දැක්වේ. "ත්‍රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් වේ. මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. ප්‍රභූවරුන් ලෙස නොසැලකෙන දෙසිය අනූදෙනෙකු මරණයට පත් කරමින් ප්‍රහාර මාලාවක් දියත් වූයේ මෙවන් පසුබිමකදීය. ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රහාර සිදුව පැය විසිහතරකට වැඩි කාලයක් ඉක්ම ඇතත් මේ දක්වා කිසිවකුත් එහි වගකීම භාර ගෙන නොමැති අතර "ජාතික තව්හිත් ජමාත්" නමැති කණ්ඩායමක් එහි පිටුපස සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. සමහර පිපිරවීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජය විසින් තහවුරු කරනු ලැබීය. ඉදිරියේදී සිදු විය හැකි ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ ආරක්ෂක හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන අතර ස්ථාන කිහිපයකින් පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබ තිබේ. වගකීම කාගේද? ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරියේ යාඥාවේ යෙදෙන කාන්තාවක් බුද්ධි අංශ විසින් ඉහත කී ආකාරයේ අනතුරු ඇඟවීමක් කරනු ලැබ තිබියදීත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගෙන ඇති බව පවසමින් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් කෝපය පළ වේ. පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය. එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය පවසයි. ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉරිදා කියා සිටියේය. මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 09 වෙනිදා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම "ත්‍රස්ත කල්ලියේ" සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද එහි සඳහන් කර ඇති බවත් ඔහු පැවසීය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක අප්‍රේල් 11 වෙනිදා ඒ සම්බන්ධයෙන් සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබෙන බවත් අමාත්‍ය සේනාරත්න කියා සිටී. "නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති." "ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ." පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඉරිදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාර මාලාවෙන් සිය ගණනක් මරණයට පත් විය. පහත දැක්වෙන්නේ ප්‍රහාර මාලාව සහ ඒ පිටුපස සිටින්නේ කුමන කණ්ඩායමක් දැයි යන්න සම්බන්ධයෙන් කරන ලද පසු විපරමකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරේ තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව ඇමෙරිකාව පවසයි සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එම මැතිවරණ සාර්ථකව පැවැත්වීම පිළිබඳව සියලු ශ්‍රී ලංකා වාසීන්ට සිය සුභ පැතුම් පිරිනමා තිබේ. උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය. 'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' විශේෂයෙන්ම උතුරු පළාතේ ඓතිහාසික මැතිවරණය පිළිබඳව සඳහන් කරන එක්සත් ජනපදය, උතුරු පළාතේ ජනතාව දැන් සිය අභිලාෂයන් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කොට තිබෙන බැවින් තේරී පත්වූ නව පරිපාලනයට සහයෝගය දීම ආණ්ඩුවේ වගකීම බව සඳහන් කරයි. මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් ඉරිදා නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, විශේෂයෙන්ම මැතිවරණ සාමය තුල වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය අවධාරණය කොට තිබුණි. 'නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන්' ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවීම පිළිබඳව එක්සත් ජනපදය විශේෂ කනස්සල්ල පළ කොට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොවන බව පවසන තානාපති කාර්යාලය, මැතිවරණ පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකටම සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමේත්, ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්වීමේත් අවකාශ සලසා දීමේ වැදගත්කමද පෙන්වා දී තිබේ.
උතුරු පළාත් සභාවට තේරී පත් වූ නව පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ජාතීන් අතර සංහිඳියාව උදෙසා ගැනෙන උත්සාහයන් ශක්තිමත් කිරීමට මතුවී තිබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දුම්රියක් ඉදිරියට ඇදෙමින් තිබියදී රේල් පීලි මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට නව යොවුන් වියේ පසුවන තරුණියන් කණ්ඩායමක් උත්සාහ කොට තිබේ. දුම්රිය තමන් ආසන්නයට පැමිණෙන විට ඒ අතර සිටි තරුණියන් දෙදෙනෙකු රේල් පීලි මතින් ඉවත් වීමට අපොහොසත් වී ඇති අතර දුම්රිය ඔවුන් මතින් ධාවනය වී ඇති බව පොලිසිය පැවසීය. ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවන මරණ ඉන්දියාවෙන් විශාල වශයෙන් වාර්තා වේ. කානේගි මෙලන් විශ්ව විද්‍යාලය සහ ඉන්ද්‍රප්‍රස්ත තොරතුරු ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2014 - 2015 කාල සීමාව තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ මරණ 127 ක් ලොව පුරා වාර්තා වී ඇති අතර ඉන් මරණ 76 ක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජල මට්ටම ඉහළ ගිය ගංගාවක සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය ශිෂ්‍යයන් දෙදෙනෙකු පසුගිය වසරේදී මරුමුවට පත් විය. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් දහඅට වියැති තරුණියක් මුහුදේ ගිලී මරුමුවට පත් වීමත් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමේදී අනතුරු සිදු විය හැකි ස්ථාන පහළොවක් ප්‍රකාශයට පත් කිරීමට මුම්බායි පොලිසිය කටයුතු කළේය.
ඉන්දියාවේ දිල්ලි අගනුවර දුම්රිය මාර්ගයක් මත සිට සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි නව යොවුන් තරුණියන් දෙදෙනෙකක් මරුමුවට පත් වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිෂා බිස්වාල් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් තම ශ්‍රී ලංකා සංචාරය හමාර කරමින් කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ,යුක්තිය,සාධාරණත්වය, සහ වග වීම් පිළිබඳ ව ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳ ව තමන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වග කිව යුතු නිලධාරීන්ට දන්වා සිටි බවයි. “මානව හිමිකම් තත්ත්වය නරක අතට හැරීම ගැන අපේ අවධානය යොමු වී තියෙනවා.ඒ වගේම ආගමික සුළුතර කොටස් වලට එල්ල වන ප්‍රහාර,නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ,දූෂණය වැඩි වීම සහ දඬුවම් ලැබීමකින් තොර ව වැරදි සිදු කිරීමට ඉඩ දී තිබීම යන කරුණු ගැනත් අවධානය යොමු වී තිබෙනවා. මේ සියලු කරුණු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීමට මග පාදනවා.” නිෂා බිස්වාල් ප්‍රකාශ කළාය. ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම නිෂා බිස්වාල් විදේශ ඇමති ජී.එල්.පීරිස් හමු වී ශ්‍රී ලංකාවට ලඟා වූ විදේශීය නිලධාරීන් හමු වී කරුණු කියා සිටි ජනතාව බිය ගැන්වීමට ලක් කළ අවස්ථා තමන්ට වාර්තා වී ඇති අතර,එය ඉතා බැරෑරුම් එසේම අනුමත කළ නො හැකි තත්වයක් බවයි, නිෂා බිස්වාල් වැඩිදුරටත් කියා සිටියේ. ආසියාව ගෝලීය ආර්ථිකය තුළ ප්‍රධාන පෙළේ භූමිකාවක් අත්පත් කර ගනිමින් සිටින මොහොතක ශ්‍රී ලංකාවත් එහි කොටස් කරුවෙකු වනු දැකීම තම අභිමතාර්ථය බව සඳහන් කළ නිෂා බිස්වාල්, කෙසේ වෙතත් සාධාරණත්වය, සංහිඳියාව සහ වග වීමෙන් තොරව ශ්‍රී ලංකාවේ ජනතාවට කල් පවත්නා සාමයක් සහ සම අවස්ථා තහවුරු කෙරෙන සෞභාග්‍යයක් අත් පත් කර ගත නො හැකි බවයි අවධාරණය කළේ. ඇමරිකා එක්සත් ජනපදය , මාර්තු මාසයේ ,ජිනීවාහි රැස්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිම්කම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට පියවර ගනිමින් සිටී.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම හේතුවෙන් තම ඉවසීම අඩු වෙමින් ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය කියා සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බලපත්‍ර සහිතව වසර ගණනාවක් පදිංචිව සිටි සිය ඉඩම් යළි ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් පැවසීය. කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ විරෝධතාවයට සහාය පළකරමින් යාපනය නගරයේ සංවිධානය කර තිබුණු විරෝධතාවකට එක් වූ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවා එම ඉඩම් ලබාදීමට එකඟත්වය පළකළත් ගුවන් හමුදාව එම ඉඩම් නිදහස් නොකරණ බව සඳහන් කළේය. පවුල් 317 කට සිය ඉඩම් අහිමි වී ඇති බව පවසන මන්ත්‍රීවරයා, ඔවුන්ගෙන් පවුල් 243 කටම බලපත්‍ර ඇති බවත් පැවසීය. කෙසේ නමුත් ගම්වාසීන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරන ගුවන් හමුදාව පවසන්නේ, සිය කඳවුර ඉදිකොට තිබෙන්නේ රජයේ ඉඩමක බවයි. එම ඉඩම් සඳහා බලපත්‍ර තිබේ නම් ගැටලුව නීති මාර්ගයෙන් විසඳා ගන්නා මෙන් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලීමක් කළ කඳවුර භාර නිලධාරියා, උද්ඝෝෂණය නවත්වන මෙන් ද ගම්වාසීන් ගෙන් ඉල්ලා සිටියේය. ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අවස්ථාවක් සලසා දෙන මෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ. කේපාපිලව් වැසියන්ගේ උද්ඝෝෂණයට සහාය පළකරමින් පසුගියදා මීගමුවේ ද උද්ඝෝෂණයක් පැවැත්විණ. වැඩිදුර කරුණු විමසීම පිණිස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
දින දොළහක් තිස්සේ මුලතිව් කේපාපිලව් ගම්මානය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින ගම්වැසියන් ඉල්ලා සිටින්නේ ගුවන් හමුදාව සතු ඉඩම් නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි ජිනීවා යවනවා' සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ තානාපති ග්රෙටේ ලෝකන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්. මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඔහු සහභාගි වන්නේද යන්න මාධ්‍යවේදීන් ඔහුට යොමු කළ ප්‍රශ්නයයි. "නැහැ නැහැ මම ජිනීවා යන්නේ නැහැ. අනික මට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා පළාතේ පරිපාලන කටයුතු මට වැදගත්," යනුවෙන් මහ ඇමතිවරයා කියා සිටියේය. "දේශපාලන කටයුතු ගැන මන්ත්‍රීවරු බලා ගනීවි. ඒත් කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි සසිධරන් ජිනීවා යවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනව." ආනන්දි සසිධරන් වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා වූ සින්නදුරෙයි සසිධරන් හෙවත් එලීලන්ගේ බිරිඳයි. එල්ටීටීටීයට එරෙහි යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීම් වස් ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වූ බවට ආණ්ඩුවට චෝදනා කරන ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ.
ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ආනන්දී සසිධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරිය සහභාගි කර වීමට තීරණය කළ බව පළාතේ මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසරවල දී නැගෙනහිර පළාතේ දෙමළ ජාතික සංධානය සංවිධානය කල උත්සව සුළු වශයෙන් පැවති අතර මෙවර ස්ථාන කීපයකම අනුස්මරණ උත්සව සංවිධානය කර තිබීම විශේෂයක් විය. මෙම අනුස්මරණ උත්සවවල දී යුද්ධ කාලයේ දී අකාලයේ ජීවිතක්ෂයට පත් වූ තම ඥාතීන් සිහි කර පහන් දල්වා විශේෂ යාඥා මෙහෙයන් ද සිදු කරන ලදී. ආගමික සිද්ධස්ථානවල ද විශේෂ යාඥා සහ දන්දීම් සංවිධානය කර තිබුණි. අනුස්මරණ උත්සව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නැගෙනහිර පළාත් සභා ඇමතිවරු සහ මන්ත්‍රීවරු ද සහභාගී වී සිටියහ. මඩකලපුව වාකරෙයි ප්‍රදේශයේ දෙමළ ජාතික ජනතා පෙරමුණ ද, අනුස්මරණ උත්සව සංවිධානය කර තිබුණි. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වන්තාරුමුලේ පීඨයේ ද අනුස්මරණ උත්සවයක් සංවිධානය කර තිබුනත් ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගය ලබාගෙන තිබීම හේතුවෙන් උත්සවය අවලංගු කෙරුණ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසාන භාගයේ දී ඝාතනයට ලක් වූ අය සිහි කිරීම සඳහා ‘මුල්ලිවයික්කාල් අනුස්මරණ,’ උත්සව මෙවර නැගෙනහිර පළාතේ ප්‍රදේශ කීපයක ද සංවිධානය කර තිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද (නොවැම්බර් 09) කොළඹදී පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න මේ බව පැවසුවේ බීබීසී සිංහල සේවය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. "මුළු ඇමරිකන් බල කඳවුරු සියල්ල උදව් කළේ ක්ලින්ටන්ට. මෙයා අපේ ජාතියේ සෙල්ලම් දැම්මා මෝටර් කෙඩ් දාගෙන. කොඩි ගහගෙන අපි කරනවා වගේ තමයි ට්‍රම්ප් කැම්පේන් කරේ. ඒක දිනුවා සාමාන්‍ය මිනිස්සු දිනුවා බලපරාක්‍රමයට එරෙහිව," යැයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. ලෝකයේ ප්‍රශ්න විසඳීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය යන තම මතය මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයා වන ව්ලදිමීර් පුතින්ගේ ක්‍රියා කාලපය නිවැරදියි යන මතයේ තේරීපත්ව සිටින නව ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව සඳහන් කළ අමාත්‍ය රාජිත සේනාරත්න, "ඩොනල්ඩ් ට්‍රම්ප් මොකුත් කරන්න ඕනේ නැහැ මේ ලෝකෙට ඇඟිලි ගහන එක ටිකක් අඩු කළොත් ඒ ඇති," යැයි කියා සිටියේය. ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ බව ඇමතිවරයා පවසද්දී මෙම ප්‍රවණතාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ වලදී ද දක්නට ලැබේදැයි නැගුණු පැනයට පිළිතුරු ලෙස ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ජාතිවාදය මිස ජාතිකවාදය නොවන බවය. අගමැති රනිල් වික්‍රමසිංහ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සමග කිට්ටු සබඳතාවක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් ඇතිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු පළ කළේය
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු කළ ප්‍රකාශවලම රැඳී සිටියහොත් එය ලෝක සාමයට ඉතා වැදගත්වනු ඇති බව ශ්‍රී ලංකා රජය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භූමිකම්පාවට හසු වී පියෙත්‍රෝ නැමති බළල් සුරතලාගේ හිමිකරුට අයත් නිවස විනාශයට පත් වී ඇති අතර පශු වෛද්‍ය චිකිත්සාගාරයක් වෙත රැගෙන යනු ලැබූ බළලා අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ. රික්ටර් මාපකයේ 6.2 ක් සටහන් කරමින් පසුගිය අගෝස්තු මාසයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් තුන්සියකට ආසන්න පිරිසක් මරුමුවට පත් විය.
මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවෙන් දින දාසයකට පසු විනාශයට පත් නිවසක සුන්බුන් අතර සිර වී සිටි බළලකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැසිකිලි තුළ මෙන්ම ඇඳුම් මාරු කරන කාමර තුළ කැමරා සඟවා තිබීම දකුණු කොරියාව තුළ බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. පසුගිය වසර තුළ එසේ "රහස්‍ය කැමරාගත අසභ්‍ය දර්ශන" පිළිබඳ සිදුවීම් 6,000 ක් වාර්තා වී තිබේ. මීට හසුවන වින්දිතයින්ගේ කිසිදු දැනීමකින් තොරව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇත. එවැනි රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී "මගේ ජීවිතය ඔබේ අසභ්‍ය චිත්‍රපටයක් නොවේ" යැයි සඳහන් වැකි ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළහ. තමන්ගේ දැනීමකින් තොරව ඡායාරූපයට හෝ වීඩියෝ පටයකට ග්‍රහණය කරගනු ඇතැයි යන්න සම්බන්ධයෙන් කාන්තාවන් නිරන්තර බියකින් පසුවන බව ක්‍රියාකාරීහු පවසති. මෙම වින්දිතයින්ගෙන් 80% ක් ම කාන්තාවෝ වෙති. රහස්‍ය කැමරාවලට එරෙහිව මේ වසර මුලදී කාන්තාවන් දහස් ගණනක් උද්ඝෝෂණය කළහ. යොන්හැප් (Yonhap) පුවත් ඒජන්සිය පවසන පරිදි රහස්‍ය කැමරා සම්බන්ධයෙන් සෝල් නගරයේ ප්‍රසිද්ධ වැසිකිලි මසකට වරක් දැනට සෝදිසි කෙරේ. එහෙත් දැන් ඒවා දෛනිකව පරීක්ෂා කිරීමට ඒවා නඩත්තු කරන කාර්ය මණ්ඩලවලට සිදුවී තිබේ. සැඟවූ කැමරා මගින් අසැබි දර්ශන මැඩීමට "කම්පන ප්‍රතිකාර" විශේෂයෙන් ම වැසිකිලි තුළ සවි කරන එවැනි කැමරා විනාඩි 15 ක් තුළ යළි ඉවත් කරගන්නා බැවින්, මෙවැනි දේ සිදුකරන පුද්ගලයින් හසුකර ගැනීම අසීරු වී ඇතැයි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බීබීසී වෙත මීට පෙර පවසා තිබීණි. රහස්‍ය කැමරාවලට අදාළ අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේදී 5,400 ට අධික පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් සිරගත කෙරුණේ 2% ට අඩු පිරිසකි. සබැඳි පුවත්:
සඟවන ලද කැමරා සොයමින් නරය පුරා ඇති සියලු ප්‍රසිද්ධ වැසිකිලි දෛනිකව පරීක්ෂා කිරීමට දකුණු කොරියාවේ සෝල් නගරය පියවර ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා" සුනිල් ජයසේකර නාදුනන තුවක්කුකරුවන් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් තුවාල ලද ෆාරෂ් සෞකට් අලි මාධ්‍යවේදියා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වන්නේ. රජය අපොහොසත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කිරීම හැර වෙනත් තොරතුරු ලැබී නැති බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර, මාධ්‍ය වේදීන්ට එල්ල වන ප්‍රහාර නැවත්වීමට රජය අපොහොසත් වී ඇති බවයි පවසන්නේ. "පසුගිය කාලයේ ජනමාධ්‍ය වේදීන්ට එල්ල වූ ප්‍රහාර කිසිවකට යුක්තිය ඉටු වී නැති පරිසරයකයි මෙම පහරදීම වාර්තා වී තිබෙනවා" යයි ඔහු කියා සිටියි. ජනමාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එක්ව පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සංදේශයට ප්‍රකාශ කලේ. තම ජීවිතයට තර්ජනය ඇති බවට මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි විසින් කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරු නැතැයිද ඔහු කියා සිටියේය. සබැඳි තේමා
සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ෆාරෂ් සෞකට් අලි ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට ඇති බව කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධවේදීන් අමතමිනි. සංඝ සමාජයේ 60% කට අධික පිරිසක් දියවැඩියාව සහ හෘදයාබාධවලින් පෙළෙන බව සෞඛ්‍ය වාර්තාවල සඳහන් වන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. බෞද්ධ සම්ප්‍රදායේ ව්‍යායාම යොදා ගැනීමෙන් මෙවැනි තත්වයන් වළක්වා ගත හැකි බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දියවැඩියාව සහ හෘද රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් වෙනුවෙන් මුදල් රැස් කළ බවට චෝදනා ලත් ජර්මානු ජාතික කාන්තාවක් උසාවියේදී ජිහාඩ් කැරැල්ලට එක් වුණු කාන්තාවන් ගැන ස්වාධීන ආයතනයක් (Institute for Strategic Dialogue) සිදු කළ ප්‍රථම සමීක්ෂණය මෙය බවට විශ්වාස කෙරෙයි. තම ජීවිතය අවදානමක තබමින් බටහිර යුරෝපීය කාන්තාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙම සමීක්ෂණය තුළින් ප්‍රශ්න කර තිබේ. පෞද්ගලික මැසිවිලි සහ ජිහාඩ් කැරලිකරුවෙකු විවාහ කර ගැනීමට ඇති රුචිය ඇතුළු විවිධාකාර හේතූන් මත මෙම කාන්තාවන් එම තීරණයට එළැඹ ඇති බව ඉහත කී වාර්තාව සඳහන් කරයි. පවතින අවදානම පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට බොහෝ කාන්තාවන් අපොහොසත් වී ඇති නමුත් ඔවුන්ට යළි සිය රට බලා පැමිණීමට නොහැකි තත්වයක් පවතින බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එකතු වීම සඳහා බටහිර යුරෝපීය රාජ්‍යවලින් කාන්තාවන් පන්සිය පනහක් පමණ ඉරාකයට සහ සිරියාවට ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පන් ලක්ෂයකට ආසන්න පිරිසක් උන් හිටි තැන් අහිමිව සිටින බව ආණ්ඩුව පවසයි. තවත් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටිති. මීට ඉහත වසරවලදී ද මෝසම් වැස්සෙන් අනතුරුව විශාල පිරිසක් මරුමුවට පත් වූ අතර, ඒ සෑම අවස්ථාවකම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමිවිය. ස්වභාවික සංසිද්ධියක්වන මෝසම් වැස්ස නැවැත්වීමේ හැකියාවක් නැතත්, මෝසම් වැස්සෙන් අනතුරුව මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන ජීවිත සහ දේපොළ විනාශය වලක්වා ගත නොහැකිද? රත්නපුර ප්‍රදේශයේ නාය ගිය අවස්ථාවක් "අපි හැමදාමත් දියුණු වෙන රටක්," බීබීසී සිංහල සේවය ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ පරිසරවේදිනී ආචාර්ය සුජාතා ගමගේ ගේ ප්‍රතිචාරය වූයේ එයයි. 'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව වසරක් පාසා මුහුණදෙන මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව අවිධිමත් සංවර්ධනයයි. "ඇත්තටම අපේ රටේ ඉදිරි දැක්මක් ඇතිව ප්‍රත්පතිමය තීන්දු ගැනෙන්නේ නෑ. හරිම කණගාටුයි ඒ ගැන." ගංවතුරට යට වූ ගම්මාන සහන බෙදාදීමට සන්නාහ සන්නද්ධ රථ පරිසරවේදී හේමන්ත විතානගේ සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද ඒ මතය අනුමත කරති. විශේෂයෙන්ම මිහිතලය රත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෝසම් වැසි එන්න එන්නම ආන්තික වෙමින් පවතින බව පවසන ඔවුහු, ඒ සඳහා පෙර සූදානමක් නොමැතිවීම මෙතරම් ජීවිත සහ දේපොළ විනාශයකට ප්‍රධානම හේතුව බවත් පෙන්වා දෙති. "විශේෂයෙන්ම රටේ දැඩි වියලි කාලගුණයක් තිබිල දවස් දෙකක් ඇතුලත මේ වගේ ධාරානිපාත වැස්සක් වැටෙන්නේ මිහිතලය රත්වීම නිසා," පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය. "ඒ නිසා මේ වගේ දෙකට අපි සූදානම් වෙලා ඉන්න ඕන ඒත් අපි සූදානම් නෑ." මිහිතලය රත්වීමේ බලපෑම අඩුකරගැනීම පිණිස ක්‍රියාකරනු වෙනුවට ශ්‍රී ලංකාවේ ජනතාව සහ බලධාරීන් කරනු ලබන්නේත් එය තවත් උග්‍රවන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම බවත් ඔහු සඳහන් කරයි. වැනි කරුණු සියල්ල මෝසම් වැස්සේ බලපෑම උග්‍රවීමට හේතු වී තිබෙන බව පවසන පරිසරවේදියා, එහෙත් පරිසරයට කෙලින්ම බලපාන එවැනි කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ තීරණ ගැනීමේ බලාධිකාරියක් නොමැති බවත් සඳහන් කළේය. "උදාහරණයක් විදියට අපි ගනිමු දක්ෂිණ අධිවේගී මාර්ගය. දැන් ඒකෙ දොඩන්ගොඩ පිවිසුමත් යටවෙලා. ඒකට හේතුව අධිවේගී මාර්ගය නිර්මාණය කරද්දී ජලය බැස යන්න නිසි ආකාරයට බෝක්කු දැම්මේ නෑ," හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය. "අධිවේගී මාර්ගය කියන්නේ වේල්ලක් නේ? ඉතින් ඒ වේල්ල නිසා කොටු වෙන ජලය ගලා බසින ක්‍රමයක් තියෙන්න ඕන." විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද එය අනුමත කරයි. "වතුර කියන දේට කොහෙන් හරි ගලන්න ක්‍රමයක් තියෙන්න ඕන," නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. අගලවත්ත: මෘතදේහ භාරදීම සන්නාහ සන්නද්ධ රථ මගින් එහිදී ගංගාවක් පිටාර ගැලීම යනු සාමාන්‍ය සංසිද්ධියක්වන නමුත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වැසි වතුර ගලා යාමේ නිසි ජලාපවහන පද්ධතියක් නොමැතිවීම මෙහිදී මතුවන බරපතලම ප්‍රශ්නය බවත් ඔහු පෙන්වා දෙයි. "මේ දෙකේ සංකලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි නිවාස සහ මාර්ග යටවෙන්නේ." එබැවින් ශ්‍රී ලංකාවේ මේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික ව්‍යසන නොව මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ව්‍යසන (Man-made disasters) බව නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය. මිහිතලය රත්වීමට දායකවීම පිළිබඳව රටක පුරවැසියන්ද වගකීම භාරගත යුතු වුවත්, ජීවත්වීමේ අරගලයක නිරතව සිටින සාමාන්‍ය වැසියන්ට මේ සම්බන්ධයෙන් දොස් පැවරීම නිවැරදි නොවන බව ආචාර්ය සුජාතා ගමගේ ගේ අදහසය. නිසි සැලසුමකින් තොර ඉදිකිරීම් පරිසයට හානිකර බව පරිසරවේදීහු පෙන්වාදෙති "වෙන රටක නම් මේ වගේ තැන්වල ගෙවල් හදන්න දෙන්නේ නෑ. එහෙම නැත්නම් හොඳ රක්ෂණ ක්‍රමයක් තියෙනවා," ඇය පවසන්නීය. දේශගුණික විපර්යාස සහ මිහිතලය රත්වීමේ ප්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව, විධිමත් සැලැස්මක් ප්‍රකාර රටක දෛනික කටයුතු මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාවට නැගෙන්නේ නම් මෙවැනි ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපොළ හානි අවම කරගත හැකි බව ඔවුන් තිදෙනාගේම අදහසය.
ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත මෝසම් වර්ෂාවෙන් අනතුරුව හටගත් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව එකසිය විසිපහ ඉක්මවා ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජර්මන් අධිරාජ්‍යයට අයත්ව තිබුණ නැගෙනහිර අප්‍රිකාවේ (දැන් ටැන්සානියාවේ) 'අස්කරිස්' (Askaris) දේශීය හමුදා භටයන් වෙඩිතැබීමට පුහුණු කෙරුණ අවස්ථාවක් සුදු ජාතික හමුදා භටයන්ට සම මට්ටමින් කළු සහ ආසියානු යුද හමුදා භටයන් විධිමත්ව සමරනු නොලැබීම අනාවරණය වීමෙන් අනතුරුව යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම (The Commonwealth War Graves Commission) ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. ''මෙයින් ශතවර්ෂයකට පෙර සිදුවූ එම වරද එදාත් වැරදියි,අදත් වැරදියි'' එම කොමිෂන් සභාව පවසයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදුණු කළු සහ ආසියානු සොල්දාදුවන් නිසි පරිදි අනුස්මරණය කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය බ්‍රහස්පතින්දා (අප්‍රියෙල් 22) සමාව අයැද සිටියේය. පාර්ලිමේන්තුව අමතා අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අරක්ෂක ලේකම් බෙන් වොලස් (Ben Wallace) ''පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු අගතියක් සිදුව ඇති බවට සැකයක් නැතැයි'' කියා සිටියේය. එම අගතිය හෙළිදරව් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටුකළ බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමි (David Lammy) විසින් එපරිද්දෙන් ඉතිහාසය නිවැරැදි කරනු ලැබීම විග්‍රහකරන ලද්දේ "ඉතාම වැදගත් ඓතිහාසික මොහොතක්" ලෙස ය. බ්‍රිතාන්‍ය ආරක්ෂකලේකම් බෙන් වොලස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් මෙසේ සඳහන් කළේය. ''යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම සහ එදා බලයේ සිටි මෙන්ම වර්තමානයේ බලයේ සිටින බ්‍රිතාන්‍ය ආණ්ඩු වෙනුවෙන් සිදුව ඇති වරද සහ තත්ත්වය නිවැරැදි කරනු ලැබීමට මෙතරම් කාලයක් ගතවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරනවා'' ''අපට අතීතය වෙනස් කරන්න බැහැ. නමුත් තත්ත්වය සංශෝධනය කරමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකියාවක් තියෙනවා'' බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලැමි වැඩිදුරටත් සඳහන් කළේ '' යුද්ධයේදී අමතක කර දමන ලද සොල්දාදුවන්ගේ නම් ලේඛනාගාරවලින් සොයාගැනීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා පියවර ගත යුතු අතර ඒ ඒ රටවල ජනතාව එම භටයන් සැමරීමට මනාප ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව ඇති'' බවය. පළමු ලෝක මහා සංග්‍රාමයේ පටන් යුද්ධයට ගොදුරු වූ වැඩි වශයෙන් අප්‍රිකානු සහ මැද පෙරදිග භටයන් අඩු තරමින් 116,000ක් පිළිබඳ වාර්තා වන බව අදාළ පරීක්ෂණය මගින් සොයාගනු ලැබ තිබුණි. ''එම භටයන් ඔවුන්ගේ නම්වලින් අනුස්මරණය නොකෙරුණු අතර ඇතැම්විට කෙසේවත් සමරනු ලැබ නැතැයි'' එම වාර්තාවේ සඳහන් වෙයි. එහෙත් බ්‍රිතානයේ පළකෙරෙන 'ද ගාර්ඩියන්' (The Guardian) පුවත්පත මගින් පළකරනු ලැබ ඇති වාර්තාවක් අනුව අමතක කරනු ලැබ ඇති කළු සහ ආසියානු යුද භටයන්ගේ සංඛ්‍යාව 350,000ක් තරම් ඉතා ඉහළ මට්ටමේ ගණනකි. 1923 තරම් ඈත අවධියක බ්‍රිතාන්‍ය යටත්විජිතයක් භාරව සිටි ආණ්ඩුකාරයකු විසින් කරන ලද ප්‍රකාශයක් 'ද ගාර්ඩියන්' පුවත්පතෙහි උපුටා දක්වා ඇත. ''සාමාන්‍ය ස්වදේශිකයකු සොහොන් කොතක ඔහුගේ නාමය සටහන් කෙරෙන මට්ටමින් පිළිගැනීමකට හෝ අගය කරනු ලැබීමකට භාජනය වන්නේ නැහැ'' ගැටුම්වලදී මරණයට පත් ආසියානු සහ අප්‍රිකානු භටයන් 45,000-54,000ත් අතර පිරිසක් ''අසමාන මට්ටමකින් අනුස්මරණය'' කරනු ලැබ ඇති බවත් යුද මරණ අනුස්මරණ සම්බන්ධයෙන් කටයුතු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම පෙන්වා දෙයි ඇතැම් හමුදා භටයන් අනුස්මරණය කර තිබුණේ සාමූහික වශයෙනි. එහෙත් එම කළු සහ ආසියානු භටයන්ගේ සගයන්ව සිටි සුදු ජාතික සෙබළුන්ගේ සොහොන්වල ඔවුන්ගේ හිසට ඉහළින් නම් කැටයම් කරන ලද සොහොන්කොත් ඉදිකර තිබෙන අතර එම සුදු ජාතික භටයන් අනුස්මරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නම් සඳහන් කරමිනි. අහිමි වූ සෙසු සොල්දාදුවන් ගේ නම් ලියාපදිංචි කිරීමක් හැර ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ නම් සඳහන් සොහොන්කොත් ඉදිකිරීමක් සිදුකර නැත. එක් එක් හමුදා භටයා නමින් සඳහන් කරමින් විධිමත්ව අනුස්මරණය කරනු නොලැබීමට හේතුව ''අදාළ තොරතුරු හිඟය,වෙනත් සංවිධානවලින් උරුම වූ වැරදි සහ යටත්විජිත පරිපාලන නිලධාරීන්ගේ මතවාදයන් වන'' බව ඉහත සඳහන් කරන ලද වාර්තාවේ නිගමනය වී ඇත. තවදුරටත් අදහස් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිෂන් සභා වාර්තාව මෙසේ සඳහන් කරයි. ''කෙසේවුවද, මේ සියල්ලට යටින් දිවයන වෙනත් දෙයක් ඇත.එනම්, මුල්බැසගත් අගතිගාමී ආකල්ප, පූර්ව නිගමන සහ සමකාලීන අධිරාජ්‍යවාදී ආකල්ප සමඟ බැඳුන පැතිර පැවතුන ජාතිවාදය ඊට හේතු වී ඇත'' එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි. පළමු ලෝක මහා යුද්ධයට යෙදවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සොල්දාදුවන් පළමු ලෝක මහා යුද්ධය සැබැවින්ම පළමු ජගත් සංග්‍රාමයයි. ප්‍රංශයේ අගල්වල පමණක් නොව එම යුද්ධය මැදපෙරදිගටත්, ආසියාවට සහ අප්‍රිකාවටත් පැතිර ගියේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයෝ සිය යටත්විජිතවල දශ ලක්ෂ ගණනක් මිනිසුන් යුද්ධය සඳහා යොදාගත්හ. එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි. 'ඉම්පීරියල් යුද කෞතුකාරය' සතු වාර්තාවලට අනුව 1918 නොවැම්බර් මාසය වනවිට නැගෙනහිර අප්‍රිකානු සමස්ත බ්‍රිතාන්‍ය හමුදාව ප්‍රධාන වශයෙන් සමන්විත වූයේ අප්‍රිකානු ජාතිකයන්ගෙනි. අඩුතරමින් 180,000ක් අප්‍රිකානුවන් නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රවාහන අංශයේ රෙජිමේන්තුවල යොදවා ඇති අතර ඔවුහු යුද පෙරමුණට අවශ්‍ය සැපයුම් සම්පාදනය කළහ. 'ජාතික යුද කෞතුකාගාරය' පවසන ආකාරයට ජැමෙයිකාවෙන් බඳවා ගන්නා ලද 10,000ක් ද ඇතුළුව පළමු ලෝක මහා යුද්ධයේ දී බටහිර ඉන්දීය කොදෙව්වාසීන් 15,000ක් පමණ පළමු ලෝක යුද්ධයට බඳවා ගෙන ඇත. එපමණක් නොව මහා බ්‍රිතාන්‍ය යටත් විජිත වූ කැනඩාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ රොඩේෂියාව (දැන් සිම්බාබ්වේ) යන රටවලින් ද යුද්ධය සඳහා මිනිසුන් යවා ඇත. මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවට මහාද්වීප හයකින් සොල්දාදුවන් අයත්විය. එනම් යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඔස්ට්‍රලේසියාව,ආසියාව සහ අප්‍රිකාව යන මහාද්වීප හයයි. යටත්විජිතයක ''ස්වදේශිකයකු සොහොන් කොතක ඔහුගේ නාමය සටහන් කෙරෙන මට්ටමින් පිළිගැනීමකට හෝ අගය කරනු ලැබීමකට භාජනය වන්නේ නැහැ''යයි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් පවසා ඇත. කියවන්න;
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් සටන් වැදෙමින් ජීවිත පූජාකරන ලද කළු හා ආසියානු හමුදා භටයන් දස දහස් ගණනක් අනුස්මරණය කිරීම සඳහා පියවර නොගැනීම සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ලවෙමින් පවතී. එම හමුදා භටයන් අමතක කෙරෙන්නේ 'පැතිර පවතින ජාතිවාදය' නිසා බවත් එම කරුණු අනාවරණය කරනු ලබන වාර්තාව මගින් පෙන්වා දෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘ඩිජිටල් අඳුරු යුගය’ ලෙසින් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදයකට ලෝකය ඇතුල් වෙමින් සිටින හෙයින් ඉදිරි පරම්පරාවට විසි එක් වන සියවසට අයත් වාර්තා කොහෙත්ම දකින්නට නොලැබෙන තත්වයක් උදා විය හැකි බවයි, ගූගල් අන්තර්ජාල සමාගමේ උප සභාපති වින්ට් ස'ර්ෆ් පවසන්නේ. ‘සැබවින්ම මම මේ පිළිබඳව විශාල කනස්සල්ලකින් ඉන්නේ.මේ තත්වය අපි දැනටමත් අත් විඳිනවා. නවීනතම මෘදුකාංග ඔස්සේ පැරැණි වාර්තා විවෘත කර ගන්න බැහැ. ඒවා නවීකරණය කර ගත හැකි බවට සීයට සීයක වගකීමක් නැහැ. කාලයක් තිස්සේ සංස්කරණය කර ඇති දේවල් අතුරුදහන් වෙන්න පුළුවන්’ වින්ට් ස'ර්ෆ් පවසයි. සියලු මෘදුකාංග සහ දෘඩකාංග ඩිජිටල් ක්‍රමයකට සංරක්‍ෂණය කිරීම තුලින් පසු කාලීනව ඒවා පරිහරණය කිරීමේ හැකියාව ලබා ගත හැකි බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.
පරිගණක මෘදුකාංග සහ දෘඩකාංග යල් පැන යාම නිසා දැනට අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට අති විශාල ප්‍රමාණයක් සදහටම අහිමි වී යා හැකි බව අන්තර්ජාල නිර්මාතෘවරයෙක් අනතුරු අඟවයි. පවසනවා.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සඳහා අනුමැතිය හිමි වූයේ, ඔක්තෝබර් 15 වන දා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ සංදේශයකට අනුවය. විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබා දිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය එහිදී තීරණය කර තිබිණි. මෙම කරුණ සමාජගත වීමත් සමග ම ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූ අතර සමාජ මාධ්‍ය තුළ ද එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි. '1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත'ට අනුව, "සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය." එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය. මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය. මීට අමතරව, 2005 වසරේදී සිවිල් පුරවැසියන් දෙදෙනෙකු විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුවක් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එරෙහිව ගොනු කර තිබූ නඩුවකට අදාළ ව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා 2007 වසරේ මාර්තු 02 වන දා දුන් නඩු තීන්දුවක් අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාදවල සංශෝධන සිදුවී තිබේ. එහිදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් (SC FR503/2005) ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ම ඇයගේ ප්‍රදාන සහ හිමිකම් පිළිබඳව ගෙන තිබූ කැබිනට් තීන්දු අවලංගු කළේය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ද හිමි වන බව ජනාධිපති කාර්යාලය පවසයි. විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, ජේ. ආර්. ජයවර්ධනය පෙර සිටි ජනාධිපතිවරුන්ට හිමි වූ නිල නිවාස ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රජයේ නිල නිවාසයක් ලබා නොගත්තේය. ඔහු සිය විශ්‍රාම දිවිය ගත කළේ, කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සිය පාරම්පරික නිවස වූ බ්‍රේමා මැදුරේය. ඒ අනුව, විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස ධූරය දරන අතරතුර අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුට හිමි නිල නිවස ඔහුගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට හිමි විය. පළමුව කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඇයට ලබා දී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි සී - 80 දරන නිවස ඇයට ලබා දෙන ලදී. තෙවන විධායක ජනාධිපතිවරයා ලෙස කෙටි කලක් ධූරය හෙබවූ බී. බී. විජේතුංග විශ්‍රාම ගැනීමෙන් පසුව වාසය කළේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසය කරන කොළඹ, මහගම සේකර මාවතේ (පැජට් පාර ලෙස මීට පෙර නම් කර තිබිණි) පිහිටි නිවසේය. එකිනෙකට සම්බන්ධ අමාත්‍ය නිල නිවාස දෙකක් එක් නිවසක් ලෙස ඩී.බී. විජේතුංග භාවිතයට ගෙන තිබිණි. සිව් වන විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය විශ්‍රාම දිවිය ගත කිරීම සදහා තෝරා ගත්තේ, කොළඹ 07, නිදහස් මාවතේ, අංක 27 දරන නිවසය. ඇය තවමත් එම නිල නිවස පරිහරණය කරයි. පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස වශයෙන් ලබා දෙන ලදී. ජනාධිපති කාර්යාලය පවසන්නේ, "විශාල මුදලක්" වැය කර එම නිවස ප්‍රතිසංස්කරණය කර ඉහළ මහලට යාම සදහා විදුලි සෝපානයක් ද සවි කළ බවය. මෛත්‍රීපාල සිරිසේනට වෙන් කෙරුණු මහගම සේකර මාවතේ නිවසේ වගතුග 2016 වසරේදී පැජට් පාර, මහගම සේකර මාවත ලෙස නම් කළේය. මෙම නිල නිවස ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිවරයා සිය විශ්‍රාම දිවිය ගත කිරීමට තෝරා ගැනීමට පෙර පැවතියේ, අමාත්‍යවරුන් දෙදෙනෙකු සදහා වෙන් කෙරුණු එකිනෙකට යාබද නිල නිවාස දෙකක් ලෙසය. ඩී. බී. විජේතුංගගේ අභාවයෙන් පසු එම නිවස පසුකලෙක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල නිවස ලෙස භාවිත කළේය. පසුව එය ප්‍රතිසංස්කරණය කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවස ලෙස භාවිතයට ගත්තේය. ඒ, කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කළහොත් ඒ සදහා විශාල මුදලක් වැය වන බව පවසමිනි. එම නිවස ජනාධිපති නිල නිවස වශයෙන් ප්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා තිබූ රුපියල් මිලියන 180ක මුදලක් පිළිබඳව එවක මාධ්‍ය ඔස්සේ කතබහට ලක් විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ, "ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉතා පැරණි නිවාස 02 ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස එම නිවස අලූත්වැඩියා කිරීමට සිදු වූ" අතර "ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 ට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි," යනුවෙනි. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමි වන්නේ සින්නක්කරව ද? 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අනුව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හෝ වරියකට නිල නිවසක් සින්නක්කරව හිමි නොවේ. එම නිල නිවස හිමි වන්නේ, ජනාධිපති සැමියා හෝ බිරිද අතරින් පසුව මිය යන තැනැත්තා ජීවත් වන තුරු පමණි. ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නිවස සින්නක්කරව තමන්ට පවරා ගත් බවට පළ වන තොරතුරු සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි. "සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය ඉල්ලුවත් නැතත් ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගියා ම ජීවත් වෙන්න නිල නිවසක් ලැබිය යුතුයි. මේ වැඩේ නීත්‍යනුකූලව කරන්න ඕන නිසයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාන්න කියලා ඉල්ලීමක් කළේ," ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. "බැඳියාවන් අතර ඝට්ඨනයක්" ජනාධිපතිවරයා තවමත් සිය ධූරයේ රැදී සිටියදී, "කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටින කාල සීමාව තුළදී මෙවැනි තීරණයක් ගැනීම, බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ විශාල ගැටලුවක් පැන නගින බව," ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසන්නේ, වසර 20 ක කාලයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස පරිහරණය කිරීම මගින් ඔහුට ලැබෙන අවම ඇස්තමේන්තුගත ප්‍රතිලාභය රුපියල් මිලියන 360ට අධික බවය. "මෙම නිවස ලබා දීම පිළිබඳව තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයා ම මෙහෙයවනු ලබන කැබිනට් මණ්ඩලය වන හෙයින් බැඳියාවන් අතර ඝට්ටනය පිළිබඳ ගැඹුරු සැක සංකා මතු කරන අතර පොදු දේපොළ සුරැකීම පිළිබඳව ඇති අඩු අවධානය පිළිබඳව ඉඟි මතු කරන බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිමිකම් සම්බන්ධයෙන් වන ඕනෑ ම කැබිනට් තීන්දුවක් වහා ම අවලංගු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කැබිනට් මණ්ඩලයට දන්වා සිටින," බව එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. හිටපු ජනාධිපතිවරුන් වරප්‍රසාද ලබා ගැනීම සාධාරණ ද? සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් ලබන රටක් ලෙස දේශපාලනඥයින්ට වරප්‍රසාද ලබා දීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාන ආකාරය පිළිබදව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැහැදිලි කළාය. මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම ඇය පෙන්වා දුන්නේ, නිෂ්පාදන ආර්ථිකයක් නැති බදු සහ ණය මත පදනම් වූ දුර්වල ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ජනාධිපතිවරුන්ට හෝ දේශපාලකයින්ට විවිධ වරප්‍රසාද ලබා දීමෙන් ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බවය. "ඉස්සර දේශපාලනඥයෝ ආවේ තමන්ට අයිති දේවල් වියදම් කරලා රටට වැඩ කරන්න. හොද ම උදාහරණය තමයි, ජේ.ආර්. ජයවර්ධන. එතුමා නිල නිවාසත් ප්‍රතික්ෂේප කරල අන්තිමට එයාට පරම්පරාවෙන් අයිති වෙලා තිබුණ දේපොළත් රජයට පවරා දුන්නා. උදාහරණයක් තමයි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය. ඒත් පස්සේ ආපු හැම කෙනෙක් ම තමන් හම්බ කර ගත්ත එක තමයි ගොඩක් වෙලාවට කළේ," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පැවසීය. "මේ වගේ බංකොලොත් ආර්ථිකයක් තියෙන රටක දේශපාලනඥයින්ට විශේෂිත ප්‍රතිලාභ දීම සාධාරණ නැහැ. දේශපාලනඥයින් බලයේ සිටින කාලය තුළත් ලබා ගන්නා වරප්‍රසාද සහ ප්‍රතිලාභ රටේ ආර්ථිකයට විශාල බරක්. ඒ නිසා මේ ප්‍රතිලාභ අඩු කරල රටේ ආර්ථිකය ගොඩ නගන්න උත්සහ කළ යුතුයි." කෙසේ වෙතත් ඇය සදහන් කළේ, අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට හිමි වූ වරප්‍රසාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද ලබා ගැනීම "වැරැද්දක් ලෙස හුවා දැක්විය නොහැකි," බවය. තවදුරටත් කියවන්න.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුගේ පාවිච්චිය සඳහා ලබා දීමට ගෙන ඇති තීරණය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදා සෙබළුන් විසින් කාන්තාව දූෂණය කරන ලදැයි සැක කෙරෙන බව මන්ත්‍රීවරයා පවසයි ඇය දූෂණය කොට තිබෙන්නේ හමුදා සෙබළුන් විසින් බවට සැක කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් බීබීසී සංදේශයට කියා සිටියේය. කාන්තාව දූෂණය කිරීමට පෙර ඇයගේ ඇස සහ කට බැඳීමට යොදා ගන්නා ලද ටී ෂර්ටය ආරක්ෂක අංශ සාමාජිකයන් නිතර භාවිත කරන්නක් බව එම කාන්තාව පොලිසියට දී තිබෙන කට උත්තරයේ සඳහන් බව ද ඔහු පැවසීය. අදාළ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බවයි, පොලිසිය පවසන්නේ. මේ පිළිබඳව විමසීම පිණිස හමුදා ප්‍රකාශකවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කිලිනොච්චියේ, පුනරින්හිදී පුරුෂයන් දෙදෙනකු විසින් දූෂණය කොට රෝහල්ගත කොට සිටින කාන්තාවක් හමුවීමට රෝහල් බලධාරීන් තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ සූදානම පිළිබඳව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය කළේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දී එක් ලියාපදිංචි ඡන්දදායකයකුට මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් දෙසීයකට අසන්න මුදලක් වැය කරන බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ. "එක ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දෙසීයක් විතර වියදම් වෙනවා. ඒ ගණන වැඩියි කියල සමහරු කියනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය මිලයි. මහජනයාගේ කැමැත්ත මිලයි. ඒවා නොමිලේ ගැනීම අමාරුයි."මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මිළ නීති විරෝධී මැතිවරණ දැන්වීම් ඉවත් කරන අවස්ථාවක් මහජනතාව ඡන්දය ප්‍රකාශ නො කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා, “ඡන්දය ඔබේ අයිතියයි” යන තේමාව යටතේ ඡන්දයේ වැදගත්කම ජනතාවට පහදා දෙන වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් සඳහන් කළේය. පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීමෙන් මැතිවරණයට යන වියදම අඩු කර ගත හැකි දැයි විමසූ විට ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණ සියල්ල එකවර පවත්වනු ලැබුවත් වියදමේ විශාල වෙනසක් සිදු නොවන බවයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බලා පොලිසියට තොරතුරු වාර්තා කිරීම සඳහා සෑම පොලිස් කොට්ඨාසයකට සිවිල් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පත් කිරීමටද මැතිවරණ දෙපාර්ත මේන්තුව තීරණය කල බවයි කොමසාරිස්වරයා පවසන්නේ. "වැරදි වලට දඬුවම් කිරීමේ බලය තියෙන්නේ අධිකරණයට හා පොලිසියටයි. කටවුට් පෝස්ටර් ගහන්න පුළුවන් අපේක්ෂකයා ගමන් ගන්න වාහනේ විතරයි. ඒ සේරම වැරදි පාලනය කල යුත්තේ පොලිසිය විසිනුයි " මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියි. ඡන්දය සහ ජිනීවා ඡන්ද පෙට්ටි ගණන් කෙරෙන මධ්‍යස්ථානයක් කරා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙන මාර්තු විසි අට වෙනි දිනට ආසන්න දිනයක මෙම මැතිවරණය යොදාගැනීමට රජය කටයුතු කරන්නේ ජිනීවා ප්‍රතිඵලය පෙන්වා ඡන්ද ලබාගැනීමට වන බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳව සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා, " දිනය බලල මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ .ඔවුන් ඡන්දේ දෙන්නේ පක්ෂවල ප්‍රතිපත්ති වලට.මට මැතිවරණ කොමසාරිස් හැටියට සමහර දේවල්වලට උත්තර දෙන්න බැහැ" යනුවෙනුයි පිළිතුරු දුන්නේ. 2013 ජූලි පළමු වෙනිදා ට පසු කොළඹ නගරයේ කඩා ඉවත් කළ නිවාසවල විසූ ජනතාවගේ ඡන්ද එම ස්ථානය සඳහාම ලියාපදිංචි කොට ඇති බවත් ඔවුන්ට තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් අදාල නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පොලිසියට සහ අධිකරණයට පමණක් යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දිවි නැගුම 'බලය ඒකරාශී කිරීමක් පමණයි' එජාප මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට රජයේ අවශ්‍යතාව වී තිබුනේ බලය ඒකරාශී කිරීම පමණක් බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටින්නේ. දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම නිසා පලාත් සභා වලට අයිති විෂයන් ගණනාවක්ම ඒවාට අහිමි වී ඇති බවද තිස්ස අත්තනායක මන්ත්‍රී වරයා තවදුරටත් කියා සිටියේය. ආන්දෝලනයකට තුඩු දුන් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නීත්‍යනුකූල බවට පත් කෙරෙන ගැසට් නිවේදනයට අත්සන් තැබූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, මෙමගින් පවුල් ලක්ෂ දහඅටකට අයත් ලක්ෂ පනහක් වූ ජනතාවකට සෙත සැලසෙන බවයි. දිවි නැගුම පනත සම්මත කිරීම අරඹයා හට ගත් නීතිමය මතභේදය අවසන් වූයේ අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඇය පදවියෙන් පහ කරනු ලැබීමෙන්.
දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීම මගින් ‘දේශපාලන ව්‍යාපාරයක බල අධිකාරියක් ගොඩනැගීම’ මිස මෙමගින් ජනතාවට කිසිදු සෙතක් නොසැලසෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ස්කාලට් ජොහැන්සන් රඟපෑ චිත්‍රපට තිස් හතක් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 3.3 ක ආදායමක් උපයා ඇත ඉහත කී ලැයිස්තුවේ ඇතුළත් නළු නිළියන් රංගනයෙන් දායක වූ චිත්‍රපටවල ආදායම අනුව 'Box Office Mojo' වෙබ් අඩවිය විසින් ඔවුන් ශ්‍රේණිගත කොට ඇත. හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් රංගනයෙන් දායක වූ චිත්‍රපට හතළිස් එකක් ඩොලර් බිලියන 4.9 ක ආදායමක් ලබා ඇති අතර ඔහු ඉහත කී ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වේ. ස්කාලට් ජොහැන්සන් රඟපෑ චිත්‍රපට තිස් හතක් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 3.3 ක ආදායමක් ඉපයීමට සමත් වී ඇත. ඉහත කී දස දෙනා අතර සිටින ළාබාලතම පුද්ගලයාද ඇයයි. ලැයිස්තුව තුළ දහනව වන ස්ථානයේ සිටින නිළි කැමොරන් ඩියස්ගේ චිත්‍රපට ලබා ඇති ආදායම ඩොලර් බිලියන 3 කි.
හොලිවුඩ් නිළි ස්කාලට් ජොහැන්සන් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම්ලාභී සිනමා තරු ලැයිස්තුවේ පළමු දස දෙනාට ඇතුළත් එකම කාන්තාව බව සිනමා වෙබ් අඩවියක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 26 දෙනා අතුරින් ඉහළම ලකුණු ලබාගත් දෙදෙනා බවය. ශ්‍රී ලංකාව අවසාන වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ මීට වසර 43කට පෙරය. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, මිනි මැරීම මරණ දඬුවම ලබාදිය හැකි වරදවල් ලෙස ගැනෙන අතර, නමුත් 1976න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණි. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිහිප වරක් පවසා තිබේ. 2019 පෙබරවාරි මාසයේදී අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීය. එ සඳහා පුද්ගලයින් 102ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි. ඒ අතුරින් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිණි. ඇමෙරිකානුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අළුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබු බව සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි. ඉන්පසු තවත් අයෙක් එම තනතුර සඳහා පසුගිය වසරේ බඳවා ගෙන තිබු අතර ඔහු සේවයට වාර්තා නොකළ බව පැවසේ. මරණ දණ්ඩනයට එරෙහි උද්ඝෝෂණයක් ජුනි 26 වෙනිදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකළේය. "මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම් ලබා දීමට මේ වන විට අත්සන් තබා තියෙන්නේ," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී පැවසීය. "ඒ පුද්ගලයන්ට තවම මේ පිළිබඳව දැනුම් දී නැහැ. අපි ඒ වැරදිකරුවන්ගේ නම් හෙළිකරලා නෑ. නම් හෙළි කළොත් බන්ධනාගාර තුළ ගැටුම් ඇති වේවි." ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200,000 පමණ සිටින බව පැවසු ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි නිසා දඬුවම් විඳින අය බවද කීය. නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණය නිසා ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඉහළ යා හැකි බවය. ඊළඟ ජනාධිපතිවරණය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය. මේ වන විට මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා ඉදිරිපත් කර සිටින මුළු සිරකරුවන් ගණන 1261 කි. බන්ධනාගාර වාර්තා අනුව එයින් 297 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී. මරණ දඬුවම හිමිවී ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 823 දෙනෙකි. ඉන් 36 දෙනෙකු කාන්තාවක් වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාත්‍යන්තර ප්‍රතිචාරය: මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ, එක්සත් රාජධානිය, ප්‍රංශය, නෝර්වේ සහ යුරෝපීය සංගමය, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය දක්වති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහසයි. මේ අතර එක්සත් රාජධානිය පැවසුවේ ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය. අභියාචනාධිකරණට දුන් පොරොන්දුව: බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු ජුනි 28 සිට සතියක කාලයක් තුළ මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ. ඔහු එම පොරොන්දුව ලබා දුන්නේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම "අත්හිටුවීමේ නියෝගයක්" නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීය. ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබේදැයි මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අළුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2008 දී එල්ල වූ එම ප්‍රහාරයේදී එකසිය හැට හය දෙනෙකු මරුමුවට පත් විය. ඉස්ලාමාබාද් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණයක පැවති නඩු විභාගය හත් වැනි වරටත් කල් දමීමෙන් අනතුරුව එයට විරෝධය පල කිරීම පිණිස පකිස්තානයේ ජේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට දිල්ලි නුවර ඉන්දීය විදේශ අමාත්‍යංශයට වාර්තා කරන මෙන් නියෝග කර තිබේ. ප්‍රහාරය පිලිබඳ නඩු විභාගය ආරම්භ වුනේ මීට වසර දෙකකට ඉහතදී. පකිස්තාන් බලධාරීන් චෝදනා කරන්නේ නඩු විභාගය ප්‍රමාද වන්නේ අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් බවයි.
මුම්බායි නගරයට එල්ල කෙරුන ප්‍රහාරය සැලසුම් කොට ක්‍රියාත්මක කළ බවට සැක කරන පකිස්තානුවන් හත් දෙනාට එරෙහිව පණවා තිබෙන නඩුවේ විභාග කටයුතු දිගින් දිගටම කල් දමන බවට ඉන්දියාව පකිස්තානයට චෝදනා කරනු ලබයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරෝනාවෛරසය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ මරණ 11 වාර්තා වී තිබේ. කැලිෆෝනියාවේ දී මියගිය 71 හැවිරිදි පුද්ගලයා වෙනත් රෝගවලින් ද පීඩා විඳි කෙනෙකු වන අතර, ඔහු නෞකාවක සංචාරයේ යෙදී ඇතැයි නිලධාරීහු පවසති. මෙම රෝගය ගැන රට පුරා පරීක්ෂණ පුළුල් කිරීමට ධවල මන්දිරය බදාදා (මාර්තු 04) පියවර ගත්තේය. එක්සත් ජනපදයේ ප්‍රාන්ත දහසයක පුද්ගලයන් 150කට පමණ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ලොව පුරා වෛරසය ආසාදනය වූ රෝගීන් 92,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව බලධාරීන් සනාථ කර ඇති අතර ඉන් 80,000 කට වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනයේ ය. මේ වන විට ලොව පුරා 3,000 කට අධික පිරිසක් මියගොස් තිබෙන අතර, ඉන් බහුතරයක් චීනයෙන් වාර්තා වේ. ඇමරිකාවේ වූ මරණ 11 න් 10 ක් වාර්තා වී ඇත්තේ වොෂිංටන් ප්‍රාන්තයෙන් වන නමුත්, ටෙක්සාස් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල ද වෛරසය පැතිරී ගොස් තිබේ. සති අන්තයේ දී වොෂිංටන් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්ත ද වෛරසය පැතිරී යෑම වැළැක්වීමේ පියවරක් ලෙස හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබිණි. 'ග‍්‍රෑන්ඩ් ප්‍රින්සස්' නෞකාවට කුමක් සිදුවීද? මියගිය කැලිෆෝනියා හි පදිංචිව සිටි පුද්ගලයාට කොරෝනාවෛරසය ආසාදනය වූයේ පසුගිය මස සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මෙක්සිකෝව දක්වා රවුම් ගමනක යෙදුන ග‍්‍රෑන්ඩ් ප්‍රින්සස් නම් නෞකාවේදී බව විශ්වාස කෙරේ.. ග්‍රෑන්ඩ් ප්‍රින්සස් ලොව විශාලතම නෞකාවලින් එකකි පෙබරවාරි 21 වෙනි දින සැන් ෆ්‍රැන්සිස්කෝහි නැංගුරම් ලා තිබූ නෞකාවට මගීන් දහස් ගණනක් ගොඩ වූ අතර තවත් දහස් ගණනක් ඉන් පිටත් විය. පසුව යාත්‍රාව හවායි වෙත ගමන් ආරම්භ කළේය. මගීන් 62ක් පමණ මෙක්සිකෝ සහ හවායි සංචාර දෙකෙහිම රැඳී සිටියහ. ඒ සියලු දෙනා අදාළ පරීක්ෂා කිරීම් සඳහා ඔවුන්ගේ කාමරවලට සීමා කර ඇත. මගීන් 3,500ක් මේ වන විට නෞකාව තුළ රැඳී සිටිති. ග්‍රෑන්ඩ් ප්‍රින්සස් කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබෙන අතර, ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් පැවසුවේ මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරන බවය. එක්සත් රාජධානිය එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී නව රෝගීන් 36 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව විණි. ඒ සියලු දෙනා පාහේ මෑතක දී වෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල සංචාරය කළ අය හෝ එවැනි වෙනත් පුද්ගලයෙකුගෙන් රෝගය ආසාදනය වූවන් බව එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් වීටි පැවසීය. අද (මාර්තු 05) වන විට, එංගලන්තයේ රෝගීන් 80ක්, ස්කොට්ලන්තයේ හය දෙනෙක්, වේල්සයේ එක් අයෙක් සහ උතුරු අයර්ලන්තයේ රෝගීන් තිදෙනෙක් වශයෙන් වාර්තා වී තිබේ. ඖෂධ හිඟයක් කොරෝනාවෛරසය හේතුවෙන් ඉන්දියාව ඇතැම් ඖෂධ අපනයනය සීමා කිරීමෙන් පසුව ඇතැම් සුලබ ඖෂධවල ගෝලීය වශයෙන් හිඟයක් ඇති වේ යැයි බියක් පවතී. ලොව විශාලතම ඖෂධ සැපයුම්කරු ඖෂධ 26ක් ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය 26 ක් අපනයනය කිරීම සීමා කර ඇත. සීමා කරන ලද ඖෂධ අතර ලොව පුරා බහුලව භාවිත කරන වේදනා නාශකයක් වන පැරසිටමෝල් ද ඇතුළත්ය සීමා කරන ලද ඖෂධ අතර ලොව පුරා බහුලව භාවිත කරන වේදනා නාශකයක් වන පැරසිටමෝල් ද ඇතුළත් වේ. චීනයේ බොහෝ ඖෂධ අමුද්‍රව්‍ය නිෂ්පාදකයින් සිය කර්මාන්තශාලා වසා දමා හෝ නිෂ්පාදනය අවම කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයින් ඔවුන්ගේ ක්‍රියාකාරී අමුද්‍රව්‍යවලින් 70% කට ආසන්න ප්‍රමාණයක් චීනය මත යැපෙන අතර, වසංගතය දිගටම පැවතුනහොත් ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවන බවට කර්මාන්ත විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. "චීනයේ නිෂ්පාදනය නොකරන ඖෂධවලට පවා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබාගන්නේ චීනයෙන්. චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකටම වෛරසයේ බලපෑම් එල්ල වුණහොත්, ගෝලීය වශයෙන් ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්" යනුවෙන් චීන වෙළෙඳපොළ පර්යේෂණ කණ්ඩායමේ විශ්ලේෂක ෂෝන් රයින් අනතුරු ඇඟවීය. ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට ඉන්දියාවේ, කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉතාලි ජාතික සංචාරකයින් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර තිබේ. ඉන්දියාව සියලු ජාත්‍යන්තර ගුවන් යානාවල මගීන් පරීක්ෂාවට ලක් කරන බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පැවසීය. ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල සංචාරකයින් පැමිණීම අඟහරුවාදා (මාර්තු 03) සිට තහනම් කර තිබූ අතර චීන සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ තහනම් කරන ලදී. ඉන්දුනීසියාවෙන් සංචාරකයින්ට තහනම් පසුගිය දින 14 තුළ පහත සඳහන් රටවල සංචාරය කළ පුද්ගලයන්ට ඉන්දුනීසියාවට ඇතුළු වීම හා එරට හරහා ගමන් කිරීම තහනම් කිරීමට පියවර ගනිමින් සිටී. මාර්තු 8 වෙනිදා සිට මෙම තහනම බලපැවැත්වේ. කොරෝනාවෛරසය: පසුගිය පැය කිහිපය තුළ ලොව පුරා සිදු වූයේ කුමක් ද? ඉතාලියේ සියලු පාසල්, විශ්ව විද්‍යාල, සිනමා ශාලා සහ කෞතුකාගාර වසා දමා ඇත සුරතල් සතුන් සිප ගැනීමෙන් වළකින්නැයි හොංකොං පවසයි කොවිඩ් -19 රෝගියකුට අයත් සුනඛයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සුරතල් සතුන් සිපගැනීමෙන් වළකින ලෙස හොංකොං බලධාරීන් අනතුරු අඟවා තිබේ. පොමරේනියන් වර්ගයේ සුරතල් සුනඛයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇත හොංකොං කෘෂිකර්ම, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙය මිනිසුන්ගෙන් සතුන්ට වෛරසය සම්ප්‍රේෂණය වූ අවස්ථාවක් වන අතර, අදාළ සුරතල් සුනඛයාට "වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවම මට්ටමින්" බවය. පොමරේනියන් වර්ගයේ සුනඛයාට කිසිදු රෝගී ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර දැනට නිරෝධායනය වෙත යොමු කර ඇත. මේ තොරතුරුද කියවන්න:
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු මිය යාමත් සමග කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ මූලික පදනමක් බව දෙජාස පවසයි දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් ඒ බව කියා සිටියේ, උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා හරහා ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සැරසෙන බවට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂයට කරන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. "උතුරු නැගෙනහිර ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි 13 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ආකාරයට තමයි ඒකාබද්ධ කරන්න ඕනේ. ඒකට නැගෙනහිර පළාතේ ජීවත්වෙන අයත් ඒගොල්ලන්ගේ කැමැත්ත පළ කරන්න ඕනේ," බවයි මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අභිප්‍රායයක් සිය පක්ෂයට නොමැති බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එක්සත් රාජ්‍යයක් තුල බලය බෙදා ගනිමින් සමගිව ජීවත්වීම සිය පක්ෂයේ උත්සාහය බව ද සඳහන් කළේය. 'ආණ්ඩුව කැමති නෑ' වසර 25 ක් මුළුල්ලේ පළාත් සභා ක්‍රියාත්මක වූ රටක උතුරු පළාත් සභා මැතිවරණය මුව විටේදී පළාත් සභාවලට එරෙහිව එක්වරම උද්ඝෝෂණයක් මතුවීම පිළිබඳව ඔහු විමතිය පළ කළේය. "මේකෙන් හෙලිවෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාවට බලය බෙදීමට අකමැතියි කියන එක," යනුවෙන් ද ඔහු සඳහන් කළේය. 2011 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුව සමඟ 18 වතාවක් තම පක්ෂය සාකච්ඡා පැවැත් වූ බව පවසන සුමන්දිරන් මන්ත්‍රීවරයා, එම සාකච්ඡාවේ එකඟතාවයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුව කඩ කළේ තම පක්ෂය නොව ආණ්ඩුව බව ද අවධාරණය කරයි. එම පොරොන්දුව ඉටු කළේ නම්, තේරීම් කාරක සභාවට සහභාගි වීමට පවා සිය පක්ෂය සූදානමින් සිටි බව ද මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය. "අපිට විතරක් නෙවෙයි, ඉන්දියාවට, ජාත්‍යන්තර ප්‍රජාවට දීපු පොරොන්දු සේරම කඩ කරලා ආණ්ඩුව දැන් දහ තුන් වැනි සංශෝධනයත් අයින් කරගන්න යන්නේ," ඔහු පැවසීය. මේ තත්වය යටතේ ජාතික ප්‍රශනය විසඳීම සම්බන්ධ තේරීම් කාරක සභාවට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබේ. දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුව සහ දෙජාස අතර සංවාදයක් ඇති කිරීමේ උත්සාහය පිළිබඳව විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට තම පක්ෂය "හැම අවස්ථාවේම" සූදානම් බවයි.
උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කරමින් පළාත්වලට බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම් සෙවීමේ මූලික පදනම විය යුතු බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී සියවෙනි ශතකය වාර්තා කළේය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන් සහ රූපවාහිනී නිවේදක පියර්ස් මෝගන් ද සංගක්කාරට සුභ පැතූ පිරිස අතර සිටිති. මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරයටද එක් වී සිටින කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් ඉතා දක්ෂ පිතිහරඹයක නිරතව සිටියි. පසුගියදා එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කළ ඔහු ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කිම් කාඩේෂියන් පැරිසියේ රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට පොලිසිය සහ මාධ්‍යවේදීන් ප්‍රංශ පොලිසිය පවසන්නේ ලෝක ප්‍රකට ඇමෙරිකානු නිරූපිකාව සතු ඩොලර් දශලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ කොල්ලා කා ඇති බවයි. නමුත් නිරූපිකාවට ශාරීරික හානියක් සිදු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාවක් අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් නිල ඇඳුමින් සැරසුන වෙස් මුහුණු වලින් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් පිරිසක් නිරූපිකාව රැඳී සිටි කුටියට ඇතුල් වී ඇති බවයි. ඇය එම කොල්ල කෑමට ලක්ව ඇත්තේ 'පැරිස් මෝස්තර සතිය' සඳහා සහභාගී වීමට පැමිණ සිටිය දී. කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන්නේ සිය සේවා දායිකාව දැඩි තැති ගැන්මට ලක්ව සිටින බවයි. ඇයගේ සැමියා වන රැෆ් ගායක කෙන්යේ වෙස්ට්(Kanye West) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සංදර්ශනයක නිරත වෙමින් සිටි අතර සිද්ධිය වාර්තා වීමත් සමඟ ඔහු හදිසියේම එය නතර කරන ලද බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන් (Kim Kardashian) ප්‍රංශයේ පැරිස් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී තුවක්කුකරුවන් විසින් කොල්ල කණු ලැබීම සමාජ මාධ්‍ය ජාලය තුළ සාකච්ඡාවට ලක් වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඔහු ඒ බව කියා සිටියේ සොරුන් රැකීමට පාද යාත්‍රාවේ යෙදෙන බවට ආණ්ඩුවේ ඇතමුන් කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි. මෑත කාලයේ සිදු වූ බව පැවසෙන ඇතැම් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පිරිස් එකිනෙකාට චෝදනා කර ගන්නා ස්වභාවයක් දක්නට ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සිදු කළ විමසීමකදී. ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට චෝදනා එල්ල වුවත් ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් වී නොමැති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොලිස්පතිවරයා ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව කටයුතු කරමින් සිටින බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේය. පසුගිය ආණ්ඩු සමයේ මෙන් පොලිසිය දේශපාලන උවමනාවන් මත කටයුතු නොකරන බවයි පොලිස්පතිවරයා පසුගියදා කියා සිටියේ.
ඒකාබද්ධ විපක්ෂයට බොරු චෝදනා එල්ල කොට ජනතා ප්‍රශ්න යට ගැසීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙන්ම දූෂණය සහ භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනයට, පැහැරගැනීමට සහ වධ බන්ධනවලට ලක් වූ මාසයයි. ජනේරුව, එසේ ඝාතනයට සහ වද බන්ධනවලට ලක් වූ උතුරේත්, දකුණේත් මාධ්‍ය සගයන් වෙනුවෙන් යුක්තිය උදෙසා "කළු ජනවාරිය" සැමරෙන මාසයයි. ජනේරුවේ අවසාන සිකුරාදා, 29 වෙනිදා, ලොව පුරා සිටින මාධ්‍ය ක්‍රියාධරයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංකේතාත්මක සැමරුමක් ද සංවිධානය කොට තිබිණ. පහත දැක්වෙන්නේ ඒ සැමරුම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී ෆේස්බුක් ජාලයේ සටහන් කළ කවි පෙළකි. "ඔවුන් ඝාතනය කළ, ඔවුන් අතුරුදහන් කළ, ඔවුන්ගේ අත් පා කඩා දැමූ, ඔවුන්ට හානි කළ, සියල්ල යහතින්ය. අපරාධකරුවෝ නිදැල්ලේය! අපි, වසර ගණනාවක් පුරා යුක්තියම ඉල්ලමු... යුක්තිය උදෙසා සඵථ කළ ආණ්ඩුත් ආවා ගියා යුක්තිය ගැන කතා නැති ආණ්ඩුත් ගියා ආවා... පරපුරෙන් පරපුරට සිදුවේවි අපට මේ හඩ අවදියෙන්ම තබා ගැනුමට අයුක්තියේ මුනිවත බිඳ දමන්නටනම්!" "අහිමි වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දල්වමි පහනක්....," යනුවෙන් මාධ්‍යවේදිනී රුවන්දි සිල්වා එහි සටහනක් තබා තිබුණාය. මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ගේ සටහනේ දැක්වුණේ, "මම බෞද්ධයෙක්. මේ ආලෝකවත් කළ පහන මගේ නිවසේ වෙනදා දැල්වෙන්නෙ තථාගතයන් වහන්සේ උදෙසා. අද මම ඒ පහන දලවන්නේ මරා දැමූ, අතුරුදන් කළ හෝ වධ හිංසාවට භාජනය කළ මගේ මාධ්‍යවේදී සහෝදරයන් සිහිපත් කරලා," යනුවෙනි. "සගයිනි, කළු කළ ජනේරුවේ හදවත දල්වමි!" යන්න, මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු එහි තැබූ කවි සටහනයි. මේ අතර "සත්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, විශ්වීය මිනිස් නිදහස උදෙසා මරණය වැළඳගත් මාධ්‍යවේදී සගයන්" සිහිපත් කිරීම පිණිස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කර තිබුණ සහෘද හමුවක් අමතා අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ, සිය සැමියා ඇතුළු ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්ගේ ජීවිත බිලිගත් "කළු වෙච්ච ජනවාරිය සුදු කිරීමට" ශ්‍රී ලංකාව වරක් සමත් වූ නමුත් වර්තමානයේ යළිත් වරක් ජනවාරිය කළු වී තිබෙන බව කියා සිටියාය. ඇයගේ සැමියා, ප්‍රගීත්, 2010 ජනවාරි 24 වෙනි දින සිට අතුරුදහන්ව සිටියි. "ඒ කළු ජනවාරිය සුදු කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. 2015 මේ රටේ හිටපු ඒකාධිපතියන් පන්නා දැම්මෙත් ජනවාරි මාසේ. ඒත් අපිට තවමත් කියන්න සිද්ධවෙලා තියෙනව ජනවාරිය කළුයි කියල," යනුවෙන් ද ජගත් සම්මානයෙන් පිදුම් ලැබූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය සඳහන් කළාය. "ඒ මගේ ප්‍රාණයත්, අනෙකාගේ ප්‍රාණයත් එක සමානයි කියලා නොහිතන නායකයින් සිටිය නිසා මේ රටේ. මේ රටේ අපරාධ නිසා වින්දිතභාවයට පත්වෙච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අපේ වගකීම කියල නොහිතන පාලකයින් නිසා," ඇය කියා සිටියාය. "බොහෝ නින්දා, අපහාස විඳිමින්" සහ "තාඩන, පීඩනවලට ලක්වෙමින්" වසර 11 ක් මුළුල්ලේ තමන් සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා ඇවිද ගිය අන්දම ඇය සිහිපත් කළාය. කිලෝමීටර හාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇවිදිමින් ඇය යුක්තිය සොයා ගිය අන්දම සමාජ මාධ්‍ය ජාලවල පළ වී තිබුණි. මේ අතර සිය සැමියා අතුරුදහන් වීමෙන් 11 වසරක් ගතවන මොහොතේ සහෘදයන් පිරිසක් සමඟ සන්ධ්‍යා නව වෙබ් අඩවියක් (http://ekneligodaforum.org) ජනගත කළේ, ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ අනෙක් මාධ්‍යවේදීන් ද අනුස්මරණය කරමිනි. මාධ්‍යවේදියෙකු, කාටුන් ශිල්පියෙකු සහ දේශපාලන විචාරකයෙකු වූ ප්‍රගීත් සිතුවම් කළ කාටූන සහ සිය නිර්මාණ සඳහා ඔහු භාවිත කළ උපකරණ ද එහි ප්‍රදර්ශනයට තබා තිබිණ. ඒ පිළිබඳ අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධාරිනී අමලිනී ද සයිරා පවසන්නේ, ප්‍රගීත් පැහැර ගැනීම, හමුදාව ඒ සම්බන්ධ සාක්ෂි සැඟවීම, බලවත් භික්ෂූන්ගෙන් එල්ල වූ තර්ජන වැනි සියල්ලෙන් අනතුරුව සන්ධ්‍යා සහ ඇගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවය. කියවන්න: යුක්තිය ඉටු නොකළ යහපාලනය 2015 ජනවාරි 08 වෙනි දින රාජපක්ෂ පාලනය පරාජය කරමින් යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රගීත් අතුරුදහන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම වැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙමිනි. සහෘද හමුව ඇමතූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වැඩබලන ලේකම් සුනිල් ජයසේකර පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව සත්‍යය දැනගැනීම, සබුද්ධික වීම සහ සවිඥානක වීම නොඉවසූ පාලනයක් පසු කිරීමට තමන්ට සිදු වූ බවය. ඔහු එම යුගය විග්‍රහ කළේ ශ්‍රී ලංකාවේ "බිහිසුණුම, අන්ධකාර වූ යුගයක්" ලෙසිනි. කෙසේ වුවත්, ඉන් අනතුරුව තමන්ගේ ද දායකත්වයෙන් බිහි වූ යහපාලන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට "චේතනාන්විතව හෝ සංවිධානාත්මකව" හිරිහැර නොකළ නමුත් ඊට පෙරාතුව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට එම පාලනය අසමත් වූ බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර සඳහන් කළේය. "නීතිය හමුවට පමුණුවලා, ඒ ඝාතනය වෙච්ච කිසිදු ජනමාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටු නොකළ පාලනයකුයි ඉන් අනතුරුව අපි ගෙවුවේ," ඔහු පැවසීය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර අවධාරණය කළේ, එම ඝාතකයන් සහ භීෂකයන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ වර්තමානයේ ද මාධ්‍යවේදීන් ගේ ජීවිත සපුරා සුරක්ෂිත නොමැති බවය. මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය කරලා යහපාලන ආණ්ඩුවේ කතානායක පදවිය හෙබැවූ කරු ජයසූරිය, මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානියාය. සහෘද හමුව ඇමතූ ඔහු කියා සිටියේ, පසුගිය රාජපක්ෂ පාලනයට වඩා වත්මන් රාජපක්ෂ පාලනය "වෙනස් ආකාරයේ මාධ්‍ය දඩයමක්" ක්‍රියාත්මක කරමින් සිටින බවය. ''අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා," හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය. ඔහු පවසන්නේ මාධ්‍ය ක්‍රියා කලාපය ද වර්තමානයේ වෙනස් වී ඇති බවය. "මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සඳහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළෙඳ භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වෙන්නේ ඊළඟ පරපුරට." 1981 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය හෝ අතුරුදහන් කර ඇති බවත් හිටපු කතානායකවරයා පැවසීය. කියවන්න: 'ඝාතනය වෙනුවට භීතිය' 2009 ජනවාරි 08 වෙනි දින ඝාතනය කරන ලද එවක සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා ද, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහෘද හමුව ඇමතුවාය. රටේ සියලු පුරවැසියන්ට භාෂණයේ නිදහස සුරක්ෂිත කරන "සාධාරණ සහ විනීත" සමාජයක භාෂණයේ නිදහසට එරෙහිව "ඒකාධිපතියන්" යුද නොවදින බව සඳහන් කළ අහිම්සා වික්‍රමතුංග, තමන්ට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන් මරා දැමීම ආරම්භ කළේ එල්ටීටීඊ සංවිධානය බව ද පෙන්වා දුන්නාය. "කොටින් මර්දනය කිරීමට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා තමන් විවේචනය කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීම පිණිස එල්ටීටීඊ යේ ත්‍රස්ත උපාය යොදාගැනීම කෙරෙහි ආකර්ෂණය වීමෙන් වැලකීමට අපොහොසත් වූහ," යනුවෙන් ද ඇය කියා සිටියාය. 1990 දී රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කරනු ලැබීමේ සිට සිය පියා සහ ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා මාධ්‍යවේදීන් විශාල පිරිසක් "බල්ලන් ලෙසින් මරාදමන" ලද බව ඇය සිහිපත් කළාය. "මනුෂ්‍ය ඝාතනය, නිදහසේ අංගයන් පාලනය කිරීම පිණිස පාලකයන් යොදාගන්නා මූලික උපකරණය බවට පත්ව ඇති බව සිය මරණයට ටික දිනෙකට කලින් මගේ පියා ලියා තිබුණේය." අහිම්සා වික්‍රමතුංග පවසන්නේ, 2009 දී සිය පියා එසේ ලියා තැබූ අතර, තවත් විශාල පිරිසක් මරා දමා, වද බන්ධනවලට ලක් කොට සහ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීමෙන් වසර ගණනාවකට පසුව 2021 දී සිදුව තිබෙන්නේ "භීතිය" ශ්‍රී ලංකාවේ නිදහසේ ගෙල සිර කරන අඬුව බවට පත්වීම බවය. "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය "බලය තිබෙන පුද්ගලයන් ඇසීමට අකමැති කිසිවක් පැවසුවහොත් දඬුවම් ලැබෙනු ඇතැයි සිතීමට ශ්‍රී ලංකාවේ සෑම දෙනාටම බලකරනු ලැබ තිබේ," යනුවෙන් පවසන අහිම්සා වික්‍රමතුංග, යනුවෙන් ශ්‍රී ලංකාවේ "භීතිය" පැතිරී තිබෙන අන්දම පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාය. ඇය අවධාරණය කරන්නේ, අනිවාර්යයෙන්ම මෙම "භීතියේ චක්‍රය බිඳ දැමිය යුතු," බවය. ඒ සඳහා සියලු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බව ද ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා, අවධාරණය කරන්නීය. කියවන්න: අභීත නිලධාරීන්ට ප්‍රණාමය සිය පියා, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, නඩරාජා රවිරාජ් සහ ජෝසෆ් පරරාජසිංහම් ඇතුළු බොහෝ දෙනාට සිදු වූයේ කුමක් දැයි දැනගැනීමට ලැබුණේ නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර වැනි "අභීත පොලිස් නිලධාරීන් දියත් කළ විමර්ශන" හේතුවෙන් බව පෙන්වා දෙන අහිම්සා, එම අභීත ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ට "සියල්ල අහිමි වී ඇති," බව ද සිහිපත් කළාය. "අපේ වීරයන් වීමට ඔවුන්ට දිරිය තිබීම හේතුවෙන් මේ අසාමාන්‍ය පොලිස් නිලධාරීන් අත්හැර දමා දුක් විඳීමට සලසනු ලැබ තිබේ." අහිම්සා අවධාරණය කරන්නේ නිශාන්ත සිල්වා, ශානි අබේසේකර ඇතුළු එවැනි "අභීත නිලධාරීන්" වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. "මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට අප ඉඩ නොතැබිය යුතුය," ඇය පවසන්නීය. "මීළඟ වින්දිතයා අප අතරින් ඕනෑම කෙනෙක් විය හැකිය. අපරාධ පරීක්ෂා කිරීමට දිරිය ඇති පොලිස් නිලධාරීන් අප ආරක්ෂා නොකරන්නේ නම්, යුක්තිය උදෙසා අදහස් දැක්වීම හේතුවෙන් අපෙන් කෙනෙක් මරා දැමුණු විට ඒ ගැන පරීක්ෂා කිරීමට කිසිවෙක් ඉතිරි නොවනු ඇත." ගතවගිය දශකයකට ආසන්න කලය ඇතුළත යුක්තිය උදෙසා තමන් සහ සන්ධ්‍යා ඇතුළු වින්දිතයන්ගේ පවුල්වල ඥාතීන් කළ ආයාචනා ඇසුණේ ඉතා සීමිත පිරිසකට පමණක් බව සිහිපත් කරන අහිම්සා වික්‍රමතුංග, එසේ එදා තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් පීඩාවට පත්ව සිටින අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සිය යුතුකම බව අවධාරණය කරන්නීය. කවුද මේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ? ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකි. වැනි සිදුවීම් පිළිබඳ විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි. එම සිදුවීම් වලට අමතරව; පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කටයුතු කළේය. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සහ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය. තවත් කියවන්න:
තවත් ජනවාරි මාසයක් ගෙවී ගොසිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නවතම වාර්ෂික වාර්තාව මගිනුයි ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකය පුරා රටවල් බොහොමයක් මානව අයිතීන් රැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කොට ඇත්තේ. පොරොන්දු ශ්‍රී ලංකාවේ නව රජය මගින් ව්‍යවස්ථා සංශෝධන සහ මානව හිමිකම් සුරැකීම සඳහා දුන් පොරොන්දු මගින් නව බලාපොරොත්තු ඇති කළ ද තවමත් මානව හිමිකම් සුරැකීම පිලිබඳ ප්‍රගතිය ප්‍රමාණවත් අයුරින් දැක ගත නොහැකි බවටයි ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවෙන් මතුකොට දක්වන්නේ. විධිමත් නොවන ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධ හිංසා වලට ලක් කිරීම් සහ නුසුදුසු ආකාරයේ සැලකීම් මෙන්ම අතුරුදහන්වීම් සහ රැඳවුම් භාරයේ සිටිය දී මියයාම් වැනි දෑ තවමත් සිදු වන බවද වාර්තාව මගින් පෙන්වා දී තිබේ. එසේම කලක සිට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන, වැරදි කරුවන් දඬුවම්වලින් මිදී යාමේ ප්‍රවණතාව වෙනස් වී නැති බවද මෙවර වාර්තාව මගින් අවධාරණය කොට ඇත. සේයා ඝාතනයේ සැක කරුවන් පොලිස් වදහිංසා වලට ලක්වීම පිළිබඳව ද වාර්තාවේ සඳහන් වී තිබේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව උතුරේ පැවති යුද්ධයේ අවසන් වසර හතක කාලය තුළ සහ යුද්ධය අවසාන වීමත් සමග සිදු වූ වා යැයි මතු කොට දක්වා තිබූ නීති විරෝධී ඝාතනය කිරීම්, වධහිංසාවලට ලක් කිරීම්, ලිංගික අතවර සහ සාමාන්‍ය ජනතාව වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම් වැනි දෑ පිලිබඳ පසුබිම සිහිගන්වමින් අරඹා ඇති මේ වසරේ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කරුණු පිලිබඳ ශ්‍රී ලංකා රජය එකඟවූ අතර එමගින් නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට ද රජය එකඟ වූ බවයි. එසේවුවද, අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිලිබඳ තත්වයේ සාධනීය වෙනසක් වී නැති බව සනාථ කෙරෙන කොටදෙනියාවේ පස් අවුරුදු දැරියගේ ඝාතනයට සැක පිට අත් අඩංගුවට පත්වූ 17 හැවිරිදි පාසැල් සිසුවා සහ අනෙක් සැකකරුවාට පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ වධ හිංසා පිළිබඳව ද මෙවර ඇමනෙස්ටි වාර්තාවේ සඳහන් වී තිබේ. වැලිවේරිය ඝාතකයන් ට දඬුවම් පනවා නොතිබීමද වාර්තාවේ සඳහන් කොට තිබේ දඬුවම් නැහැ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ වරදකරුවන් දඬුවම් නොලබා නීතියෙන් ගැලවී යාම ද ශ්‍රී ලංකාව තුළ නොකඩවා සිදුවෙමින් පවතින බව සඳහන් කරන ජාත්‍යන්තර ක්ෂමා ආයතන වාර්තාව ඒ සඳහා එක් උදාහරණයක් ලෙස දක්වා ඇත්තේ වැලිවේරිය ජල ප්‍රශ්නයට අදාළ ඝාතනයට වග කිව යුත්තන්ට මේ වන තුරුත් දඬුවමක් ලබා නොදීමයි. එසේම උතුරේ යුද්ධය පැවති සමයේ සාමාන්‍ය වැසියන් ඝාතනය කළවුන් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත විකරමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, දේශපාලන ක්‍රියාධරයන් වූ ලලිත් වීරරාජ් කුගන් මුරුගානන්දන් ආදී ඝාතනයන් පිලිබඳ පරීක්ෂණ අවසන් නොවීමද වාර්තාවේ අවධානයට ලක්වී තිබේ. නිදහස් අදහස් ප්‍රකාශනයට තවමත් ශ්‍රී ලංකාව තුළ බාධා සිදු වන බව පෙන්වා දෙන අතර සුළු ආගමික ප්‍රජාවට කෙරෙන නොසලකා හැරීම් සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සිදුවන ලිංගික හා අනෙකුත් වදහිංසා පිළිබඳව සාක්ෂි සහිතව උපුටා දැක්වූ වර්තාවකුයි මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කොට ඇත්තේ. යුරෝපයට පැමිණෙන සරණාගතයන් ගෙන් කොටසක් බාර ගැනීමේ වගකීමක් බ්‍රිතාන්‍යය ට ද ඇති බවයි වාර්තාව පවසන්නේ අනෙකුත් රටවල් මෙවර වාර්තාව මගින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වී ඇති අනෙකුත් රටවල් අතරට බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, චීනය සහ ඉන්දියාව වැනි රටවල්ද අයත්වේ. යුරෝපයට පැමිණෙන සරණාගතයන් රටවල් අතර බෙදාගැනීමේ වගකීමෙන් බ්‍රිතාන්‍යය තවමත් මගහරිමින් සිටින බවටයි ඇම්නෙස්ටි වාර්තාව මගින් චෝදනා කරනු ලැබ ඇත්තේ. යේමනයේ සිදු කෙරෙන මෙහෙයුම් හේතුවෙන් දහස් ගණනක් සාමාන්‍ය ජනතාව මිය යන බව පෙන්වා දෙන වාර්තාව එසේවුවද බ්‍රිතාන්‍ය තවමත් බිලියන ගණන් බ්‍රිතාන්‍ය පවුම් ලබා දෙමින් අවි ආයුධ සහ ප්‍රහාරක යානා සැපයීමට කරන දායකත්වය විවේචනය කොට තිබේ. ගැටුම් පැවති සමයේ උතුරු අයර්ලන්තයේ සිදුවූ ඝාතන පිලිබඳ සොයා බැලීම මෙන්ම අවාහ විවාහ කටයුතු වල දී සමානාත්මතාවය රැක ගැනීම සහ ගබ්සාව වැනි කරුණු පිලිබඳ නීතිමය ප්‍රතිසංවිධානයක් නොමැති වීමද උතුරු අයර්ලන්තය දෝෂ දර්ශනයට ලක් වීමට හේතුවක් වී තිබේ. කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි වාර්තාව පවසන්නේ. මේ අතර ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ආකාරයටම වදහිංසා පැමිණවීම සහ නීතිය සැමට සාධාරණ නොවීමේ ප්‍රවණතාවක් ඇති බව පෙන්වා දෙන වාර්තාව විශේෂයෙන් මතු කොට දක්වා ඇත්තේ ළමා අයිතිවාසිකම් හා කුලය පදනම් කොට ඇති සමාජ විෂමතා හේතුවෙන් සිදුවන අසාධාරණය පිටුදැකීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි. ජාතික ආරක්ෂාව නමැති සංකල්පයට මුවා වී මානව හිමිකම් ක්‍රියාධරයන් සහ නීතිඥයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව චීනය දෝෂ දර්ශනයට ලක්වී ඇති අතර ඒ ආකාරයටම රජය විවේචනය කළ සාමකාමී පුද්ගලයන් ඇතුළුව දහස් ගණනක් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ඊජිප්තුව ද, සරණාගතයන් ට බාධා වන ලෙස දේශ සීමා වසා දැමීම පිළිබඳව හංගේරියාව ද මෙම වාර්තා ව මගින් විවේචනයට ලක් කොට තිබේ. සිරියාව, පකිස්තානය, ඊශ්‍රායලය, ගැම්බියාව, කෙන්යාව, රුසියාව සහ සෞදි අරාබිය ද මෙලෙස විවිධ හේතූන් මත ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂ දර්ශනයට ලක් වූ රටවල් අතර වෙයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන රජයත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය බුලත්සිංහල බෝගහවත්ත ප්‍රදේශයේ නායයාමකින් 6 දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු අතුරුදහන්වී ඇති බව පොලිසිය තහවුරු කළේය. සපුගස්කන්ද හෙයියන්තඩුවේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර කහවත්ත ප්‍රදේශයේ ගසක් කඩාවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි. බුලත්සිංහල කොබෝවිල කන්ද නාය යාමෙන් නිවාස තුනක සිටි සිව් දෙනෙකු අතුරුදහන්වී ඇති අතර, අගලවත්තේ වෙයන්ගල්ල ප්‍රදේශයේ ද නාය යාමකින් පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදහන්වී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. අගලවත්ත ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන් වූ 9 දෙනාගේ සිව් දෙනකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසියෙකුවන එම් සහරාන් බීබීසී යට ප්‍රකාශ කළේය. ඉතිරි පිරිස සොයා ගැනීමට ප්‍රදේශයේ තරුණයන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. 'වහාම ඉවත්වෙන්න' ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබේ. වෙයන්ගල්ල, අගලවත්තේ ගංවතුර තත්වය පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමූ බව පළාත් අධ්‍යාපන කාර්යාලය සිකුරාදා (මැයි 26) උදෑසන නිවේදනය කළේය. පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිටත් ආරක්ෂක හමුදාව යොදවා තිබේ. ආපදා තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ද සිකුරාදා උදෑසන අරලිය ගහ මැදුරේ පැවැත්වුණි. ඉදිරි පැය 24 ඇතුලත රට පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් පතිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර තිබෙන අනතුරැ ඇඟවීම එහිදී අවධානයට ලක් වී තිබේ. ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් මේ අතර ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතතන්නන් එකසිය විසි දෙනකු රැගෙන ඉන්දුනීසියාවේ සිට ක්‍රිස්මස් දූපත කරා යාත්‍රා කෙරෙමින් තිබුන බෝට්ටුව මුහුදු බත් වීමෙන් ජීවිත රැසක් විනාශ වී ඇත. දිවි බේරුන එක් සරණාගතයෙක් ABC ගුවන් විදුලියට අදහස් දක්වමින්,බෝට්ටුව අනතුරට පත් ස්ථානය පිළිබඳව නිවැරදි භූගෝලීය තොරතුරු ඕස්ට්‍රේලියානු බේරා ගැනීමේ බලධාරීන්ට සපයනු ලැබුනත්, කිසිවකු තම උදව්වට නොපැමිණි අතර, තම පවුලේ සාමාජිකයන් දියේ ගිලුන බවයි කියා සිටියේ. ඕස්ට්‍රේලියානු නිලධාරීන් පවසන්නේ,වෙළෙඳ නැවක් සහ හෙලිකොප්ටර් යානයක් ඉහත කී කණ්ඩායම බේරා ගැනීම සඳහා යෙද වූ නමුත්, අනතුරට ලක් වූ බෝට්ටුව ඇති තැන සොයා ගැනීමට නොහැකි වුන බවයි.
අවශ්‍ය ආධාර ලඟාවෙමින් පවතින බවක්, ඕස්ට්‍රේලියානු බේරා ගැනීමේ බලධාරීන් විසින් තමන්ට දැනුම් දෙනු ලැබුනත්,එවැන්නක් ඉටි නොවූ බව,පසුගිය දා ඉන්දුනීසියාව අසල දී මුහුදුබත් වූ බෝට්ටුවේ සිටි දිවි බේරුන දේශපාලන සරණාගතයෝ කියා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුවී ඇති යුධ අපරාධ චෝදනා මොනවා ද? ආණ්ඩුවේ හමුදා එක්සත් ජාතීන් ගේ සහ රතු කුරුස සංවිධානයේ මධ්‍යස්ථාන වලට මෙන්ම රෝහල්වලට ද ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් ප්‍රකාශ විය. කොටි සංවිධානය සාමාන්‍ය වැසියන් ‘පළිහක්’ හැටියට භාවිතා කළ බවත් බර අවි රෝහල් බිම් වල ස්ථාන ගත කළ බවත් එක්සත් ජාතීන් ගේ සංවිධාන වාර්තාව කියා සිටියේය. ශ්‍රි ලංකා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ශ්‍රි ලංකාවේ ආණ්ඩුව මුලදී තදින්ම මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් පසුකාලීනව මේ පිළිබඳව හොයා බැලීම සඳහා එකඟ විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටියදී හිටපු මහ ලේකම් බැන්කි මුන් හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව හොයා බැලීමට එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ දේශීය යාන්ත්‍රණයක් හරහා පවතින චෝදනා පරීක්ෂා කරන බවයි. ඇමරිකාවේ ස්ථාවරය වෙනස් වීද? ඇමරිකා එක්සත් ජනපදය මුලදී දැරූ ස්ථාවරය වූයේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. නමුත් ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතවරිය නිශා බිස්වාල් අද (අගෝ 26) ප්‍රකාශ කළේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා කාටත් පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයකට සහය දක්වන බවයි. දේශීය යාන්ත්‍රණයක් හරහා සිදු කෙරෙන පරීක්ෂණයක් පිළිගන්නා බවට එක්සත් ජනපදය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙයයි. නව පරිපාලනය කෙරෙහි වැඩි විශ්වාසයක් පවතින නිසා මෙම ස්ථාවරයට පැමිණි බවයි නිශා බිස්වාල් කියා සිටියේ. දෙමළ දේශපාලන පක්‍ෂ දරන මතය කුමක්ද? මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්‍ෂ දැඩි ස්ථාවරයක සිටියෝය. ඔවුන් කියා සිටින්නේ දේශීය පරීක්ෂණයක් කෙරෙහි කිසිදු විශ්වසනීයත්වයක් නොමැති බවයි. එක්සත් ජනපදය දේශීය පරීක්ෂණයක් පිළිගන්නා බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවද ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී නොමැත. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියා සිටියේ ඇමෙරිකානු ස්ථාවරය දෙමළ ප්‍රජාවගේ බලාපොරොත්තු සුන් කරන්නක් වන බවයි. යුද්ධයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණයක් කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රශ්න කරයි. ජාත්‍යන්තර ප්‍රජාවේ ස්ථාවරය වෙනස් විය හැකිද? අන්තර්ජාතික ප්‍රජාවෙන් බහුතරය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර ඊට මූලිකත්වය ගෙන සිටියේ බටහිර බලවතුන් ය. ශ්‍රී ලංකා රජයට එරෙහිව එක්සත් ජාතීන් යෝජනා ගෙන ආ අවස්ථාවලදී ඇතැම් රටවල් ඊට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. නමුත් ලෝක බලවතා වූ එක්සත් ජනපදයේ ස්ථාවරය වෙනස් වන විට අනෙකුත් බටහිර බලවතුන් ඊට සමගාමීව සිය ස්ථාවරය වෙනස් කිරීම මෑත ඉතිහාසය පුරා දැකිය හැකි විය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව 2009 දී හමුදාමය වශයෙන් කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම මානව හිමිකම් කඩ කිරීමේ නිරත වූ බව ඇමරිකාව විසින් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සුප්‍රකට ඕවල් පිටියේ පැවති මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු හතක් දැවී ලකුණු 183 ක් ලබා ගත්හ. අවසන් පන්දු වාර පහේ දී විශිෂ්ට පිති හරඹයක යෙදුන ශ්‍රී ලංකා පිල එම පන්දු වාර පහේ දී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 61 කි. පන්දු විස්සක දී ලකුණු 49 රැස් කිරීමට තිසර පෙරේරා සමත් වූ අතර එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු 66 ක් රැස් කිරීමට ඇලෙක්ස් හෙල්ස් සමත් විය. ලකුණු 28 කට කඩුලු තුනක් දවා ගත් ලසිත් මාලිංග ගේ දක්ෂ පන්දු යැවීම එංගලන්ත පිලේ පරාජය තහවුරු කල බවයි විචාරකයෝ පවසන්නේ. දුර්වල පන්දු යැවීම නිසා තම පිල පරාජයට පත් වූ බවයි එංගලන්ත පිලේ නායක ඔයෙන් මෝර්ගන් ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක් තරඟය පැවති ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව ලකුණු නවයක ජයක් වාර්තා කරමින් එංගලන්ත සංචාරයේ පළමු විස්සයි විස්ස තරඟය ජය ගත් හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සහ ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට පවතින විශ්වාස කිසි ලෙසකවත් බෞද්ධ දර්ශනයේ ඇගයීමට ලක් නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙති. "ඒ නිසා බුදු දහම එවැනි දෑ වෙත මහජනතාව පොළඹවන්නෙත් නැහැ. ඒකට කියන්නේ අන්ධ විශ්වාසය." යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය උපාය මාර්ග සහ උපදෙස්වලින් ඔබ්බට ගොස් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සමාජය තුළ දැඩි සංවාදයක් මතුව ඇති පසුබිමකදීය. ගංගා වෙත පැන් කළ මුදා හැරීම උපහාසයට ලක් කර ෆේස්බුක් හි පළ වූ ඡායාරූපයක් "රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, උදය ගම්මන්පිළ සහ ප්‍රසන්න රණතුංග යන ඇමතිවරු රටට සෙත් පතා ගංගාවන්ට පැන් එක් කරන අවස්ථා" දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. එමෙන්ම "කොරෝනා බිය දුරලන්න රතන සූත්‍රය දේශනා කර රටට සෙත් පතන" ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබිණි. මේ අතර කොරෝනා වෛරස් බිය හමුවේ රටට ආශීර්වාද පතා සමන්තභද්‍ර "අරහත් මහ හිමි" ගුවනින් පැන් ඉසින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ ජාල තුළ දක්නට ලැබිණි. ෆේස්බුක් හි පළ වී තිබූ සටහනක් පිරිත් සජ්ඡායානා සහ බෞද්ධ දර්ශනය කොරෝනා වෛරසය සහ මිත්‍යාව පිළිබඳ මතුව ඇති සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ රෝගයක් වැළදෙන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවය. එසේම බුද්ධ දේශනාවක අඩංගු අර්ථය මෙනෙහි කරමින් යම් සජ්ඡායනාවක් කරන අවස්ථාවක ඇති වන "චිත්ත ප්‍රසාදය සහ චිත්ත පාරිශුද්ධිය" පුද්ගලික මානසික සෞඛ්‍යට හේතු විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ. "ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේට අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුමයි. ප්‍රතිකාර ගන්නා අතරේ තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගත යුතුයි. මොකද එය තමන්ගේ ශරීර සෞඛ්‍යට බලපාන නිසා. එතන තිබෙන්නේ තර්කානුකූල සහ අත්දැකීමෙන් ලද පාඩමක්." " උදාහරණයක් වශයෙන් බුදු හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් ඉතිපිසෝ ගාථාව සජ්ඡායනා කරන විට ඉන් ඇති වෙන්නේ චිත්ත ප්‍රසාදයක්. එතන කරුණාව, මෛත්‍රිය වර්ධනය වෙනවා. ක්‍රෝධය, තරහ, බය ඉවත් වෙනවා. ඒ බය ඉවත් වීමත් සමගම මානසික ඒකාග්‍රතාව ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. එමගින් භෞතිකව, ඒ කියන්නේ ශරීරයේ ඔරොත්තු දීමේ හැකියාවට බලපෑමක් සිදු වෙනවා." "එසේ ඇරෙන්න මන්ත්‍ර ශාස්ත්‍ර වලින් හෝ දේව බලයෙන් ලෙඩ සුව වෙනවා කියන දේ මිත්‍යා විශ්වාසයක්. එය මුළු ලෝකයටම පොදු තත්ත්වයක්. තම තමන් අදහන ආගම ධර්මය මොකක් වුණත් මේ වසංගතය මුළු ලෝකය පුරාම පැතිරිලා තිබෙනවා. එහිදී දෙවි කෙනෙක් හෝ වෙනත් ආගමික භක්තියක් ගැන විශේෂ සැලකිල්ලක් සිදු වී නැහැ, කෝවිඩ්-19 හැමතැනකම පැතිරී යනවා. ඒ නිසා දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි මේ අවස්ථාවේ කළ යුත්තේ." ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ. අවුරුදු 2500 කට පසු මේ අතර ඉහත කී සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී වල්පොල රාහුල පදනමේ ගල්කන්දේ ධම්මානන්ද හිමි කියා සිටියේ "ඇදහිලි පසුපස යෑම පසෙකින් තබා මේ මොහොතේ සිහියෙන් කටයුතු කිරීමයි වැදගත්" බවය. "ඇදහිලි, පූජා, පෙරහැර බුදු දහමේ ඇති දේවල් නොවෙයි. ඒවා කාලයත් සමග වැඩුණු සංස්කෘතික කාරණා. බුදු දහමට අනුව මේ මොහොතේ අවශ්‍ය වන්නේ අවදි සිහියෙන් කටයුතු කිරීම. අපි මේ මොහොතේ මිනිස්සුන්ව උනන්දු කළ යුත්තේ බුදු දහමේ එන වටිනා ඉගැන්වීම් ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන්න." යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. "බුදු දහමේ කියා සිටින ප්‍රධාන දෙයක් තමයි එළඹ සිටි සිහියෙන් යුක්තව මේ මොහොතේ කටයුතු කිරීම. එය පුහුණු කරන භාවනා තිබෙනවා. කායානුපස්සනාව ප්‍රධාන වශයෙන්. ඒ දේවල් අපේ පුහුණුවෙන් අතහැරිලා ගිහින් නොයෙකුත් පුද පූජා පැවැත්වීම වගේ දේවල් ඉදිරියට ඇවිත් තිබෙනවා," "ඒ දේවල් වලින් අපේ අභ්‍යන්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිව අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අවුරුදු 2500 යද්දී අපි අපිවම අභියෝගයට ලක් කරන, අපිව ඇතුළතින් වෙනස් කරන වැඩේ අතහැරි ගොස් තිබෙනවා. පුද පූජා වගේ පිටතින් කරන දෙයකින් ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. බුද්ධ දර්ශනයේ මූලික හරයට ආපසු යන්න මේක අවස්ථාවක් කර ගනිමු. සතිමත් බවින් කටයුතු කරන්න පුලුවන්නම් මේකට අපිට මුහුණ දෙන්න පුළුවන්." "ඒ හැර ගංගාවලට කළ අතහැරීම වගේ දේ වලින් කිසිම ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. මේ අපි මුහුණ දී ඇති ප්‍රශ්නයෙන් ගැලවෙන්න එමගින් කිසිවක් සිදු නොවන බව නිසැක වශයෙන්ම කිව හැකියි." යනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළහ. ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී සිටීමට හේතුවක් නොවන බව උන්වහන්සේ පෙන්වා දෙයි. "වෛරසය පැතිරෙන ආකාරය බොහොම පැහැදිලියි. ඇදහිලි, විශ්වාස පසුපස ගියා කියල ඉන් ගැලවී සිටින්න බැරි බවට සාධක තිබෙනවා. හාමුදුරුවරුන්ට පවා වෛරසය වැළඳුනු අවස්ථා තිබෙනවා. හාමුදුරුවරු බෝධි පූජා තියනවා, නොයෙකුත් වත්පිළිවෙත්වල නිරත වෙනවා. එහෙනම් බස් එකක ගිය අනෙක් මිනිස්සුන්ට වෛරසය වැළඳිලා හාමුදුරුවන්ට නොවැළඳී තියෙන්න ඕනි නේද? එහෙම එකක් නැහැනේ. ඒ නිසා මිනිස්සුන්ට සත්‍ය කියා දීමයි මේ මොහොතේ කළ යුත්තේ. බොරු මායාවල් වලින් මිනිස්සු රවටන්නේ නැතුව." මේ ගැනත් කියවන්න:
වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ සම්බන්ධයෙන් අද (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ සිය අමාත්‍යංශයේ අයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් මුලින් ම අදාළ පුද්ගලයාට ක්‍රෝටන් කොළ කවන බවය. මේ අතර හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රජයේ තනතුරු හොබවන බවට එල්ලවන චෝදනා මෙන්ම ලබන 27 වෙනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පළකළ අදහස් ඉහත වීඩියෝවෙන් නරඹන්න.
කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටු කොළ හා කෝප්ප කොළ ද අවශ්‍ය නම් ආහාරයට ගතහැකි යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? විල්පත්තුවේ වන විනාශයක් සිදු වන බවට මෑත කාලයේ මාධ්‍ය වාර්තා පළ වූ අතර විල්පත්තුව පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් අදහස් හුවමාරු වේ. චින්තන ධර්මදාස විසින් පද රචනය කොට චිත්‍රාල් සෝමපාල සංගීතවත් කොට ගායනා කරන ලද විල්පත්තුව ගීතය ජනතාව අතරට පැමිණෙන්නේ මෙවැනි වටපිටාවකදී. මතභේදයට තුඩු දුන් සමාජීය ගැට‍ළුවකට එරෙහිව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන උද්ඝෝෂණ, සත්‍යග්‍රහ වැනි විරෝධතා ව්‍යාපාර හරහා ඊට සාධනීය විසඳුම් ලැබෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි විචාරක චින්තන ධර්මදාස පවසන්නේ. 'මිනිසුන්ට මීට වඩා නිර්මාණාත්මක ආකාරයකින් ආමන්ත්‍රණය කරන්න පුලුවන්ද කියලා සොයා බැලීම අවශ්‍යයි. මෙය ගීතයක්, යම් කිසි නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හරහා මිනිසුන් සමග සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම සඳහා අපි කළ අත්හදා බැලීමක්, උත්සාහයක්,' ඔහු පැවසීය. හඬ පටයට සවන් දෙන්න 'අත්හදා බැලීමක්' විල්පත්තුව ගීතය තුළින් 'අපි අපිවම ප්‍රශ්න කරන බවත්' චින්තන ධර්මදාස පවසයි. 'ඇත්තටම අපිට විල්පත්තුව ගැන කැක්කුමක් තියනවද? මම සමාජය පිට වරද පටවනවා නෙවෙයි. මම මේ ගීතය ලියද්දි මම මගෙනුත් ප්‍රශ්න කරපු දෙයක් ඒක.' ඔහු ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා හා සාකච්ඡාවකට එක් වෙමිනි. යම් කිසි පුද්ගලයකු හෝ බලධාරියකු පමණක් කේන්ද්‍ර කර ගනිමින් ඇතැම් පිරිස් විල්පත්තුව පිළිබඳ ප්‍රශ්නය ජාතිවාදය සඳහා යොදා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ. 'ගස් කපන එක, සත්තු මැරෙන එක විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? මේ කියන ආකාරයට එක්තරා සුළු ජන කොටසකින් සිදු වන විනාශයක් විතරද?, මේ ගැන සිතන විට ඇත්තටම අපට පිළිගන්න වෙන දේ තමයි ලංකාවේ වෙනත් වනාන්තරවලත් මේ ආකාරයටම විනාශ වීම් ආරම්භ වී තිබෙනවා.' විල්පත්තුව හා සමානව අනෙකුත් වන විනාශයන් පිළිබඳ සමාජයේ අවධානයක් යොමු නොවන්නේද යන්න මෑතකදී වාර්තා වූ ඇතැම් සිදුවීම් හරහා පෙනෙන්නට ඇති බවත් චින්තන ධර්මදාස පැවසීය. 'උකුස්සා සහ අලි පැටව්' 'අපි දැක්කා එක තැනක උකුස්සෙක් පණ පිටින් හම ගහලා. ඒ මනුස්සයාගෙන් ඇහුවම කියනවා ඇයි උකුස්සෙක් මරාගෙන කෑවම මොකද කියලා. අපි දකිනවා අලි පැටව් ගෙනත් ආරාමවලට දෙන තත්වයක් තියෙනවා. අලි පැටියා පන්සල තුළ සුරතලයට තමයි ඉන්නේ, නමුත් කැලයෙදී අලි පැටවා අල්ල ගන්නේ කොහොමද කියන කාරණය කාටවත් මතක් වෙන්නේ නැහැ.' "මේ කාරණා පසෙකින් තබා අපි විල්පත්තුව හරහා එක් ජන කොටසකට පමණක් ඇඟිල්ල දිගු කරමින් ඉන්නවා." වෙනස් භාවිතාවක් තුළින් සමාජ ගැට‍ළුවක් ආමන්ත්‍රණය කිරීමට ගත් උත්සාහය සඳහා ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් විල්පත්තුව ගීතයේ රචකයා සඳහන් කළේය. 'විල්පත්තුව ගීතය පිටවීමත් සමග ගොඩක් ව්‍යාපාර නැවත පණ ගැන්වුනා. ඒ අය නැවත ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා විල්පත්තුව සහ ගස් සිටුවීමේ ව්‍යාපාර හරහා. ඒක හොඳ තත්වයක්. ඒ කියන්නේ අපට පුළුවන් කමක් තිබෙනවා යම් ශක්තියක් මුදා හරින්න වෙනස් ක්‍රමවේදයන් තුළින්' විල්පත්තුව ගීතය සඳහා සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් වේදිකා තුළ සිදු කරනු ලබන විවේචන හරහා එම පිරිස් කතිකාවකට එක් වන බවත් ඔහු පැවසීය. 'වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා' 'මේ ගීතයේ විල්පත්තුව ගැන මතු කරන කාරණාවලට විරුද්ධ අයට යෝජනාවක් තියෙයි, මේක කතිකාවක් වශයෙන් විවෘත වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ චින්තන ධර්මදාස හෝ චිත්‍රාල් සෝමපාල නෙවෙයි. මෙතැනදී වැදගත් වෙන්නේ විල්පත්තුව සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ගයකදී මිනිසුන්ගේ විශාල බලයක් යොදවන තත්වයක් ඇති කිරීම.' දේශපාලනිකරණය වී තිබෙන විල්පත්තුව නිර්දේශපාලනිකරණය කිරීමට සිදු වී තිබෙන බවයි ඔහු පවසන්නේ. "වනාන්තරයක් දේශපාලනීකරණය වෙලා තිබුණේ. දේශපාලනය නැතුව කැළේ දිහා කැළේ විදිහට බලන්න. අපි යෝජනා කරන්නේ කාටවත් චෝදනා කරන්නේ නැතුව අපි අපිව පරීක්ෂා කර බලමු," ඔහු පැවසීය. "ස්වයං විවේචනයක් හැටියට අපට පුලුවන්ද මේ වගේ සමාජ ගැටළුවක් දිහා බලන්න ගීතයක් හරහා. ඒක ගීතයකින් දේශපාලනය කියනවට වඩා සංකීර්ණ තැනක් වේවි මෙය සාර්ථක වුවොත්," විල්පත්තුවේ ගීතයේ පද රචක චින්තන ධර්මදාස වැඩිදුරටත් කියා සිටියේය.
විල්පත්තුවේ ගීතය නිර්මාණය වූයේ සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සමාජ ගැටලුවක් පිළිබඳ දියුණු කතිකාවක් ගොඩනැගීම සඳහා කරන ලද අත්හදා බැලීමක් වශයෙන් බව එහි පද රචක චින්තන ධර්මදාස පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බ්‍රිතාන්‍යයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය අනාස් අල්තික්රිති ඒ බව කියා සිටියේ සඳුදා ට්‍රාන්ස් හොටලයේදී පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සැසියේ ප්‍රථම දින සැසිවාරයට සහභාගි වීමෙන් අනනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. මාධ්‍ය නිදහස, සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව සංවර්ධනය වැනි දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය යොමු කොට ඇති බවත් ඉදිරි වර්ෂවල එම අංශවලින් වඩාත් ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වනු ඇති බවත් ජනතා සමුළුවේ සමාරම්භක දේශණය පවත්වමින් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා පළ කළ අදහස් වලට තම ප්‍රසාදය පිරිනමන බවයි ආචාර්ය අනාස් අල්තික්රිති සංදේශයට කියා සිටියේ. මාධ්‍යවේදීන්ට අවසර නෑ ශ්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් ජනතා සංසදයේදී අදහස් දැක්වූ ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරා සංදේශයට කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රශ්ණ පිළිබඳව තමන් සභාව දැනුවත් කළ බවයි. ජනතා සංසදයේ සැසිවාරය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණු අතර, ජෙහාන් පෙරේරා සමුළුව අමතද්දී ඔහුට බාධා පැමිණුන බව සංදේශයට දැන ගැනීමට ලැබිණ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනය කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමුළුවට සහභාගි වීමේ අරමුණ කවරක් දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ස්ටීවන් ක්‍රෝෂෝ, ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයන් මාර්ගයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල නිකුත් කරවීම සිය අරමුණ බව පැවසීය. කෙසේ නමුත් තමන් ශ්‍රී ලංකාවට එරෙහි සංවිධානයක් නොවන බව ඔහු අවධාරණය කළේය. සමුලුවට එක්ව සිටි බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ සංදේශයට කියා සිටියේ මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යලි ගොඩ නැගීමට හැකි වනු ඇති බවයි. එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කුමාරන් පද්මනාදන්ද සමුළුවට එක්ව සිටින නමුත් මාධ්‍යවලට අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල ජනතා සංසදයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පළ කළ අදහස් යථාර්තයක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන කටයුතු කළ යුතු බව විදේශීය සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඩොරීන් වික්‍රමසිංහ යටත් විජිත ආණ්ඩුවේ නිලතල දරන බ්‍රිතාන්‍ය නිලධාරීන් පමණක් නොව බොහෝ දේශීය රාජ්‍ය සේවකයන් පවා රතු පැහැති 'පොපිමල්' අලෙවියේ(Armistice Day) නිරත වෙමින් සිටියදී, විදේශික 'සුදු'කාන්තාවක් ලාංකික කාන්තාවන් සමූහයක් ද කැටුව කහ පැහැති 'සූරිය මල්' විකිණීමේ නිරත වෙමින් සිටිනු බොහෝදෙනාගේ අවධානයට ලක්විය. ලංකාවේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයට අභියෝග කළ එම ඉංග්‍රීසි තරුණිය එංගලන්තයේ මධ්‍යම පන්තික පවුලක දියණියක වූ ඩොරීන් යං (Doreen Young) වූවාය. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයට සම්බන්ධ පවුල් පසුබිම, ලන්ඩන් ආර්ථික සහ දේශපාලන විද්‍යා පීඨයේ දී හැරල්ඩ් ලැස්කි වැනි වාම බුද්ධිමතුන්ගෙන් ලද ආභාෂය සහ සෝවියට් සංගමය පිළිබඳ පුවත් මගින් ලද උත්තේජනය ඩොරීන් යං ගේ පසුකාලීන දේශපාලන ජීවිතයේ පදනම විය. එවක ලන්ඩනයේ අධ්‍යාපනය සඳහා පැමිණ සිටි, විශේෂයෙන්ම ඉන්දියානු සහ ලාංකික සිසුන් ඇතුළත් පෙරදිග ලෝකයේ නිදහස් ව්‍යාපාරයන්හි පුරෝගාමීන් සමඟ පැවැත්වූ දේශපාලන සබඳතා මගින් ඇය එම රටවල සමාජ ව්‍යාපාර කෙරෙහි ආශක්ත වූවාය. ඒ අනුව,1930 දී ලංකාවට පැමිණි ඩොරීන් විදුහල්පතිනියක ලෙස සේවය කරමින් සිටියදී 1933 ආරම්භ කෙරුණු 'සූරියමල් ව්‍යාපාරයේ' පළමු සභාපතිනිය වූවාය. එකල දකුණු ආසියානු රටවල, විශේෂයෙන්ම ඉන්දියාවේ පදිංචියට පැමිණි යුරෝපීය "සුදු නෝනාවරුන්" හැඳින්වීම සඳහා යොදාගන්නා ලද විශේෂ වචනයක් මෙහිදී සිහිපත් වේ.. "මෙම්සහිබ්" (memsahib) ධනවත් ඉන්දියානු පුරුෂයන් විසින් ආවාහ කර ගන්නා ලද යුරෝපයේ ඉහළ මධ්‍යම පන්තික "සුදු නෝනාවරුන්" සුදු හමක් නොවූ දේශීය ජනයාට 'මෙම්සාහිබ්' (හෝ 'මෙම්සාබ්') උත්තමාවියන් වූහ. එවැනි "නෝනාවරුන්ගෙන්" වැඩිදෙනා ධන සම්පත් සහ දැසි දස්සන්ද සහිතව ප්‍රභූ ආර්යාවන්ගේ මට්ටමින් (Women of the Raj) ඔවුන්ගේ ආසියානු ජීවිත අතිසුඛෝපභෝගී අයුරින් ගත කළහ. එහෙත් ඩොරීන් යං (පසුව ඩොරීන් වික්‍රමසිංහ) එම 'මෙම්සහිබ්' ආර්යාවන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළාය. ඇය 'මෙම්සාහිබ්' කෙනෙකු නොව 'ඩොරීන් සහෝදරිය' බවට පත්වූවාය. දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ 'ඩොරීන් සහෝදරිය' "සුදු නෝනා"(මෙම්සහිබ්) කෙනෙකු නොවූ ඩොරීන් තමන් ජීවත්වෙන ආගන්තුක රටේ සමාජ සංස්කෘතියට අනුගතවන අතරම තමා උපන් මව්රටේ පාලකයන් විසින් ගෙන යන ලද යටත් විජිතවාදී ප්‍රතිපත්තියට එරෙහිව සටන් වැදුනාය. "The White Woman's Other Burden" කෘතිය සම්පාදනය කිරීම සඳහා මා පොළඹවන ලද්දේ ඩොරීන් වික්‍රමසිංහයි. දකුණු ආසියාවේ රටවල 'දේශීය ප්‍රභූන්ගේ විදේශීය අඹුවන් '('Women of the Raj') 'මෙම්සහිබ්' (memsahibs) වරියන් බවට පත්වෙද්දී තවත් විකල්ප මතධාරී යුරෝපීය කාන්තාවන් අතලොස්සක් ආසියාවේ දී ඔවුන්ගේම වූ න්‍යාය පත්‍රයක් - වැඩ පිළිවෙලක් අනුව කටයුතු කෙරුවේ කොහොමද? කියන කාරණය මම එම කෘතිය මගින් ගවේෂණය කරනවා. ඔවුන් නිතරම කටයුතු කෙරුවේ ඔවුන් උපන් රටවල් විසින් ගෙනගිය යටත් විජිතවාදී ප්‍රතිපත්තියට එරෙහිව"ආචාර්ය කුමාරි ජයවර්ධන සිය කෘතිය පිළිබඳව පසු විවරණයක නිරත වෙමින් සඳහන් කරයි. යටත් විජිත පාලන සමයේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද ලාංකික තරුණ බුද්ධිමතුන්ගෙන් ඇතැමෙක් අධ්‍යාපනයට අමතරව තම අනාගත සහකාරියත් එරටින්ම තෝරා ගත්හ, ඩොරීන් (යං) වික්‍රමසිංහ, හිල්ඩා කුලරත්න, ක්ලේරා මොට්වානි, හෙඩී කේනමන්, ජෙනී මුණසිංහ සහ මේරි රත්නම් විවාහයත් සමඟ (එසේත් නැත්නම් බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ කටයුතු කෙරෙහි ලද ආකර්ෂණය අනුව) ලාංකික වූ (Ceylon) ප්‍රකට යුරෝපීය කාන්තාවෝ වූහ. එවැනි කතුන් අතලොස්ස අතර සුවිශේෂී තැනක් හිමිකර ගනු ලබන ඩොරීන් වික්‍රමසිංහ (1907-2000) නවීන ශ්‍රී ලංකාවේ හැඩතලය වෙනස් කිරීමට දායක වූ විදේශීය උපතක් සහිත කාන්තාවකි. ඇය ලංකාවේ සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ විදුහල්පතිනියක ලෙසිනි. මාතර සුජාතා විදුහලේ විදුහල්පතිනිය බවට පත් තරුණ ඩොරීන් යං, පසුව ඩොරීන් වික්‍රමසිංහ බවට පත්වුයේදොස්තර සුගීශ්වර වික්‍රමසිංහ සමඟ විවාහ වීමත් සමගය. ඇය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය,අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සමාජ සේවා නංවාලීමට කැප වූ අතර, වාමාංශික දේශපාලනයේ නිරත පුරෝගාමී හඬක් බවට පත්වූවාය. ඩොරීන් වික්‍රමසිංහ විදේශයක උපත ලැබ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මහජන මන්ත්‍රීවරිය(1952-56) ලෙස ඉතිහාසයට එක්වන්නීය. යටත්විජිත විරෝධී අරගලය ලංකාවේ 'සුදු පාලනයට එරෙහි සුද්දියක් වූ' ඩොරීන් වික්‍රමසිංහ ඇතුළු වාමාංශික සහ වෙනත් ප්‍රගතිශීලී නායකයන්ගේ සහභාගිත්වයෙන් පෙරට ගිය 'සූරියමල් ව්‍යාපාරය'(Suriya-Mal Movement )නියතලෙසම යුද්ධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි සංවිධානයක් විය. එසේම එය ප්‍රභූ කුලවාදයට සහ කාන්තා පීඩනයට එරෙහි හඬක් ද වූ අතර, සූරියමල් විකිණීමෙන් ලද පළමු ආදායම කැප කරන ලද්දේ පීඩිත කුලයක දැරියක් වෙනුවෙනි. 'ඩොරීන්' ඒවන විට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වුවාය. රොඩී කුලයේ දැරියක් ආනන්ද බාලිකා විදුහලට ඇතුළත් කරගත් ඩොරීන්, එම දැරියට තම නිවසේ නවාතැන් පහසුකම් සලසමින් උසස් අධ්‍යාපනයක් ලබාදුන් අතර තරුණවියේ දී හෙද සේවයට එක්වූ එම දැරියට එංගලන්තයේ පදිංචිය සැලසීමට පවා අත දුන්නාය. සූරියමල් ව්‍යාපාරයේ දී 'ඩොරීන්' සිය පාසලේ ගුරුවරියන් සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් සහභාගී කර ගනිමින් කඩදාසියෙන් සූරියමල් නිපදවා ඇත. එහෙත් (Ladies college වැනි) ඇතැම් බාලිකා විදුහල් සූරියමල් පැළඳීම ගුරුවරියන්ට සහ සිසුවියන්ට තහනම් කළ නමුත් 'ඩොරීන්' ඉන් පසුබට නොවූවාය. "නොවැම්බර් 11 සූරියමලක් පළඳින්න! අධිරාජ්‍යවාදී යුද්ධයට දිරිදීම බැහැර කරන බව සහතික කරන්න! සාමය සහ නිදහස වෙනුවෙන් සූරියමලක් පළඳින්න!" සූරියමල් ව්‍යාපාරයෙන් රටට පණිවුඩයක් නිකුත් විය. සූරියමල් ව්‍යාපාරයේ නිරත වාමාංශික නායකයන් 1935 වසරේ ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කළ විට ඩොරීන් ද එහි සාමාජිකාවක් වූ අතර 1939 වසරේ සිය සැමියාගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වීමත් සමඟ එහි පුරෝගාමී කාන්තාවක් බවට පත්වූවාය. "ඩොරීන්" සහ "විවියන්" විදේශයක උපන් පළමු ලංකා මන්ත්‍රීවරිය ඩොරීන් වික්‍රමසිංහ විදේශයක උපත ලැබ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මහජන මන්ත්‍රීවරිය(1952-56 )ලෙසද ඉතිහාසයට එක්වුවාය. 1952 මහ මැතිවරණයේ දී තම සැමියා නියෝජනය කළ 'අකුරැස්ස' ඡන්ද කොට්ඨාසය සඳහා තරඟ වැදුණු ඩොරීන් ඡන්ද 16,626 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. සාරිය ඇඳගත් ඩොරීන් සිංහල භාෂාවෙන් ප්‍රචාරක රැළි අමතනු ඇසීමට මහජනයා ආශාවෙන් සහභාගී වූ බව ඇයගේ දේශපාලන සගයෝ පවසති. වසර හතරක් පමණ වූ සිය පාර්ලිමේන්තු ජීවිතය තුළ ඇය සැමවිටම සටන් කරනු ලැබ තිබෙන්නේ ගොවි-කම්කරුවන් ඇතුළු මහජන ශුභසාධනය නංවාලීම වෙනුවෙනි. දරුවන්ගේ මන්දපෝෂණය, අධ්‍යාපනය සහ ඔවුන්ගේ සනීපාරක්ෂාව ඇයගේ පාර්ලිමේන්තු කතාවල ප්‍රධාන මාතෘකා වූ බව 'හැන්සාඩ්' වාර්තා පිරික්සන විට පෙනී යයි. අලුතින් දේශපාලනයට අවතීර්ණවන්නන්ට 'ඩොරීන්'පරමාදර්ශයක් වූවාය. ලංකාවේ සිදුවිය යුතු සමාජ -දේශපාලන සහ නෛතික වෙනස්කම්හි අවශ්‍යතාව කෙරෙහි ඇය පාලකයන්ගේ අවධානය යොමු කළාය. මන්ත්‍රීවරුන් 101 දෙනෙකු නියෝජනය වූ 1952 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු පමණක් වීමෙන් කාන්තාවන්ට සිදුව ඇති අසාධාරණය කතානයකවරයාට පෙන්වා දුන් ඩොරීන්, ලංකාවේ කාන්තාවන් ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැගීම සිය අරගලකාරී දිවියේ කොටසක් බවට පත්කර ගෙන සිටියාය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය, වියට්නාම් යුද්ධය හෙළාදුටු ඩොරීන්, ආසියා- අප්‍රිකා සහෝදරත්වය සහ නොබැඳි රාජ්‍ය පිළිවෙතට දිරි දුන්නාය. කියවන්න;
1933 නොවැම්බර් මස එකොළොස්වෙනිදා 'පොපිමල්' දිනය ලෙස එවක ලංකාවේ යටත් විජිත ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබිණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව බීබීසීයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය. 'පැහැදිලි නෑ' මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් බීබීසීය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවයි, ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ. කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහල මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය. පහර දුන් බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසීමට බීබීසීය දරූ උත්සාහය සාර්ථක නොවීය.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගියදා මුස්ලිම් ජනතාව මුහුණ දුන් ප්‍රහාර දෙස අවධානය යොමු කෙරුණ එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමේ එකඟතාවයකින් එය අවසන් කෙරුණ බවයි ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. එම සාකච්ඡාවට සහභාගී වූ සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මුස්ලිම් සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුව සුහද මුහුණුවරක් ගත් බවයි. වසර දහසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ ප්‍රජාව අතර සුහද සම්බන්ධතාවයක් පැවතුන අතර එම සබඳතාවය ඉදිරියටත් සුරකින්නේ කෙසේද යන්න ගැන තම සංවිධාන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවයි මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. අනාගත සහජීවනය “ප්‍රජා කණ්ඩායම් දෙක අතර එකමුතුභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි කාලයෙහි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ගැන අපි අවධානය යොමු කළා. මෙය පෙරට යන ගමනක්. අනිකුත් සියලු ජාතීන් සමඟ ප්‍රශ්නයක් නොවන ආකාරයට මුස්ලිම් ප්‍රජාව සහයෝගයෙන් ජීවත් විය යුතු ආකාරය සහ පැවැත්ම ගැනයි අද සාකච්ඡා කෙරුණේ” මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි. ආරක්ෂක ලේකම්වරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී අලුත්ගම සිදුවීම් ගැනත් අවධානය යොමු කෙරුනේදැයි සංදේශය විමසූ විට මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් කියාසිටියේ ඉහත සඳහන් කළ කරුණුවලට අතිරේකව වැඩිදුර යමක් කීමට තමාට නොහැකි බවයි. “ඉදිරි කාලයෙහි එක රටක් හැටියට, ලාංකිකයන් හැටියට,අපි එකමුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැනයි අපි සාකච්ඡා කළේ” ඔහු යළිත් ප්‍රකාශ කළේ. එසේම මුස්ලිම් ජනතාවට රැකවරණ සලසන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් සහතිකයක් ලද බවත් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සහ ආගමික සංවිධානවල නායකයන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සඳුදා සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුල්පිටුව ශ්‍රී ලංකාවේ පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම නව පිටුව ඇරඹීමේ අරමුණයි සංදේශයේ මුල් පිටුව ශ්‍රී ලංකාවේ නැවුම් පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම එහි අරමුණයි. සංදේශයේ ජාත්‍යන්තර පුවත් කියවීම පිණිස පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/world/ අගෝස්තු පළමු වැනිදා සිට සිරස ගුවන් විදුලිය ඔස්සේ රාත්‍රී 10:10 ට ගුවන් ගන්නා විශේෂ පුවත් විකාශයටත් දැන් ඔබට දවසේ පැය විසිහතර පුරාම සංදේශය වෙබ් අඩවිය ඔස්සේත් සවන්දිය හැකියි. පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/000001_fm_new_bulletin.shtml සංදේශයෙන් ගුවන් ගත වන වැඩසටහන් සහ බීබීසී සිංහල වෙබ් අඩවියේ පලවන වාර්තා පිළිබඳව ඔබේ අදහස් දැන්වීම පිණිස පිවිසෙන්න අපේ ෆේස්බුක් අඩවියට: https://www.facebook.com/BBCSinhala
බීබීසී සංදේශය ඔස්සේ ගුවන් ගන්නා විදෙස් පුවත් සහ ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂණ වෙනුවෙන් විශේෂ වෙබ් පිටුවක් ආරම්භ කොට තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජපානයේ කොටස් වෙළඳපොළ 5% කට වැඩි අගයකින් පහළ ගොස් තිබේ ජපානයේ කොටස් වෙළඳපොළ 5% කට වැඩි අගයකින් පහළ ගොස් ඇති අතර හොංකොං කොටස් වෙළඳපොළ 4% ක අගයකින් පහළ ගොස් තිබේ. ජපාන යෙන් ඇතුළු ඇතැම් මුදල් ඒකක සහ රත්‍රන් වැනි ආරක්ෂාකාරී ආයෝජන මාධ්‍ය වෙත මුදල් ගලා යන ස්වභාවයක් දක්නට ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිඵලයක් අත් කර දෙමින්, එක්සත් ජනපදයේ අසල්වැසි රාජ්‍ය වන මෙක්සිකෝවේ පේසෝ මුදල් ඒකකයේ අගය වාර්තාගත මට්ටමකින් පහළ යමින් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වීමේ වැඩි ඉඩකඩ සමග මෙක්සිකෝවට එල්ල වේ යැයි සැලකෙන බලපෑම හමුවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඇති වැඩි ඉඩකඩත් සමග ආසියානු කොටස් වෙළඳපොළේ ක්ෂණික පසුබෑමක් දක්නට ලැබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තරඟ පාවාදීමේ උත්සාහය ක්‍රීඩකයන් දෙදෙනා වහාම බලධාරීන්ට දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනය පවසයි තරඟ පාවා දෙන මෙන් කිසියම් පුද්ගලයකු කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත්ට යෝජනා කර ඇති අතර, ඔවුන් එම උත්සාහය පිළිබඳව වහාම අදාළ බලධාරීන්ට දැනුම් දුන් බවත් සිදත් වෙත්තමුණි බීබීසී සංදේශයට පැවසීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඒ පිළිබඳව ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් දී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වුණු ටෙස්ට් තරඟය හිතාමතාම පරාජය කරන මෙන් එම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යෝජනා කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුණේ. කෙසේ නමුත් එම පුද්ගලයා විශේෂයෙන් තරඟයක් සඳහන් කර නැති බව සංදේශයට කියා සිටි සිදත් වෙත්තමුණි: "නෑ නෑ එහෙම තරඟයක් ගැන මොනවත් කතාකරලා නෑ. නිකම් තරඟ පාවාදීම ගැන සාමාන්‍යයෙන් අහල තියෙන්නේ." මේ අතර තහනම් උත්තේජක භාවිත කිරීම පිළිබඳව කුසල් ජනිත් පෙරේරාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව, විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එරෙහි කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය බදාදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.
බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ තරඟ පාවාදීමේ උත්සාහයක් දියත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි සනාථ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එල්ටීටීඊ යට පක්ෂපාතී පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් පිරිසට චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි ශිෂ්‍යයන් පිරිස දැන් වවුනියාවේ රඳවා සිටින බව පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන් බවයි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. ශිෂ්‍යයන් දෙදෙනකු සිකුරාදා අත් අඩංගුවට ගත් බව සෙනසුරාදා බීබීසී යට කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවත් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ද පැවසීය. යාපනයේ පිහිටි ඊපීඩීපී කාර්යාලයට පෙට්‍රල් බෝම්බ දමා ගැසීම සහ එල්ටීටීඊ යට පක්ෂපාතී පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් පිරිසට චෝදනා එල්ල වී ඇති බවයි, පොලිස් ප්‍රකාශකයා කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියා සිටියේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත කෙසේ නමුත් එසේ අත් අඩංගුවට පත් ශිෂ්‍යයන් අතරින් කෙනෙකු වන යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශානන්ද් ගේ මව උදයන් පුවත්පතට පවසා තිබුනේ, සිවිල් ඇඳුමින් සැරසී සිකුරාදා මධ්‍යම රාත්‍රියට පසුව නිවසට පැමිණි පුරුෂයන් සිවු දෙනකු සිය පුතාගේ හැඳුනුම් පත පරීක්ෂා කොට ඉන් අනතුරුව ඔහු කෝපායි පොලීසියට රැගෙන යා යුතු බව දැනුම් දුන් බවයි. කළා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කනකසුන්දරස්වාමි ජනමීජයන්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ ෂන්මුගම් සොලමන් සහ ගනේෂමූර්ති සුදර්ශන් රඳවාගෙන සිටින අනෙක් ශිෂ්‍යයන් තිදෙනායි. අත් අඩංගුවට පත් ශිෂ්‍යයන් පිරිස ත්‍රස්ත විමර්ෂණ ඒකකයේදී වධ බන්ධනවලට ලක්වනු ඇති බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළ කරති. ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය. යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. පොලීසිය පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ මහ විරු දිනය සැමරීම සඳහා උත්සවයක් නේවාසිකාගාර තුළ සංවිධාන කොට තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි. එම පහර දීමෙන් අනතුරුව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුහු දින දෙකක් අධ්‍යයන කටයුතු වලට සහභාගි නොවී පන්ති වර්ජනය කිරීමට තීරණය කළහ. එම පහරදීම සහ එහිදී පුවත්පත් කතුවරයකු ද ප්‍රහාරයට ලක්වීම ඇමරිකා එක්සත් ජනපදයේ ද විවේචනයට ලක්විය. මීට වසර තුනකට ඉහතදී එල්ටීටීඊ යට එරෙහිව පැවති යුද්ධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් යාපනයේ දිගටම විශාල හමුදා භට පිරිසක් රඳවා සිටින තත්ත්වයක් උතුරු පළාතේ දිගටම දේශපාලන නොසන්සුන් වාතාවරණයක් පැවති බවයි, බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් වවුනියාවේ රඳවා සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද මධ්‍යස්ථානයේ රැකවරණය ලබති තම ආයතනය වෙත වහා ආධාර ලබා දෙන මෙන් තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි රෝහල ඉල්ලා සිටී. බංකොලොත්භාවයට පත් නොවී තවදුරටත් සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආධාර කරන ලෙසත් එම ආයතනය තායිලන්ත ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. අලි ඇතුන් වෙනුවෙන් 1993 වසරේ ආරම්භ කෙරුණු මධ්‍යස්ථානය තුළ අලි ඇත්තු පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් රැකවරණය ලබති. බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද ඒ අතර වෙති. කෘතීම පාද ආබාධිත අලි ඇතුන් සඳහා 2008 වසරේ දී ලොව පළමු වරට කෘතීම පාදයක් නිර්මාණය කිරීමත් සමග එම මධ්‍යස්ථානය වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය. තායිලන්තය බලා පැමිණෙන විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අලි ඇතුන්, නිතරම පීඩාවලට ලක්වන බව සහ හොඳින් රැක බලා නොගන්නා බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසති.
ලොව අලි ඇතුන් වෙනුවෙන් ඉදි වූ පළමු රෝහල මූල්‍ය ප්‍රතිපාදන හිඟ වීම හේතුවෙන් වැසී යෑමේ අවදානමක පවතින බව එම රෝහලේ බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එක්තරා ආකාරයක කෝපය මුසු ස්වරයකින් අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා මෙවැනි සමූහ ඝාතන සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්වයකට පත් වී ඇති බවට අනතුරු ඇඟවීමක් ද කරමින් තුවක්කුවක් පහසුවෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ වෙනස් කළ යුතුව ඇති බවයි පෙන්වා දුන්නේ. එම ප්‍රාන්තයේ රෝස්බර්ග් නගරයේ විදුහලක දී වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුවාට පොලිසිය විසින් වෙඩි තබනු ලැබ මරා දමනු ලැබ ඇත. එම පුද්ගලයා විසි හතර හැවිරිදි ක්‍රිස් හාපර් මර්සර් හැටියට හඳුනා ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. ආගම විමසමින් එක් ශිෂ්‍යයෙක් ප්‍රදේශයේ පුවත්පතකට සිද්ධිය විස්තර කරමින් ‘තුවක්කුකරුවා වෙඩි තැබීම ආරම්භ කරනු ලැබීමට පෙර එහි සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ආගම් විමසන ලද බවයි’පවසන්නේ. රෝස්බර්ග් නගරයේ පූජක වරයෙක් අදහස් දක්වමින් තුවක්කුකරු ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදු කර ඇති බවක් පෙනී යන බව සඳහන් කළේය. ප්‍රහාරයේ දී මරණයට පත් වූවන් වෙනුවෙන් සමරු වැඩ සටහන් ආරම්භ කෙරෙමින් ඇති බවත් වාර්තා වෙයි. ප්‍රහාරයේදී තවත් කීප දෙනකුට තුවාල සිදු විය.
ඔරිගන් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් නව දෙනකු මරා දමනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා තුවක්කු පාලනය සඳහා පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදාකරණයේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවන බව එජාපය පවසයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට ඒ බව පැවසුවේ, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව ද තවත් වාර්තාවක් එලි දැක්වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. "උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා" එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දූත මණ්ඩලය යුද හමුදා වාර්තාව පිළිබඳව සිය විමතිය පළ කළ බවයි, දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රී වරයා සංදේශයට කියා සිටියේ. මේ සියල්ල මගින් ගම්‍ය වන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තා ක්‍රියාත්මක නොකිරීමට රජයේ ඇති සූදානම බව ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය. "උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරනවයි කියල රටටත්, ජාත්‍යන්තරයටත් සහතිකයක් දීල නැවත ඒක ක්‍රියාත්මක නොවන ආකාරයට යම් යම් වාර්තා විවිධ පාර්ශවවලින් ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාත් හෑල්ලුවට ලක් වෙනවා, රටත් හෑල්ලුවට ලක් වෙනවා," ඔහු පැවසීය. උතුරේ පමණක් නොව දකුණේ ද දැන් හමුදාකරණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ද යන්න ගැන බරපතල සැකයක් මතුවන බව පවසන එජාප මහ ලේකම්වරයා, මෙහි අවසාන අරමුණ ශ්‍රී ලංකාවේ හමුදා ආණ්ඩුවක් සූදානම් වීමක් දැයි සැක මතුවීම අසාධාරණ නොවන බව ද පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
ජනාධිපති කොමිසමක නිර්දේශ සම්බන්ධයෙන් නැවත යුද හමුදා මතය විමසීම මගින් ආණ්ඩුව ජාත්‍යන්තර බලවතුන් හමුවේත් රට හමුවේත් දුන් පොරොන්දු බිඳ දැමීමට සැරසෙන බව ප්‍රධාන විපක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බහුතරයකක් සංක්‍රමිකයන්ට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන් 80,000 වෙනුවට ගඩොල් 290,000 ක් භාරගෙන තිබෙන බව ෂින්හුවා Xinhua මාධ්‍ය ආයතනය වාර්තා කරයි. මෙම ගැටලුවට මැදි වී සිටින සියලුම කම්කරුවන් කඳුකර ප්‍රදේශයේ සිට ගිනිකොන චීනයට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයකට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ අතර Jiangxi Daily පුවත්පත වාර්තා කරයි. කම්කරුවන් තම වේතනයට සරිලන වටිනාකමක් ඇති ගඩොල් ලබා ගැනීමට එකඟ වීමත් සමග, අධිකරණයේ සහය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට හැකි වී තිබේ. නමුත් තවමත් සේවක හිඟ වැටුප් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි වී ඇති අතර, කර්මාන්තශාලා හිමියන් ඉතිරි යුවාන් 10,000 ගෙවීමේ ක්‍රමයක් සොයමින් සිටින බව Xinhua පුවත් සේවය වාර්තා කරයි. මෙම පුවත පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයක් ගොඩ නැගී තිබේ. "ඇයි නිතරම පිටිසර සංක්‍රමික සේවකයන්ට පඩි අඩුවෙන් ගෙවන්නේ?" එක් පුද්ගලයෙකු විමසා තිබුණි. එය හාස්‍යයට ලක් ඇතැමුන් පවසා තිබුණේ ගඩොලකට මූල්‍යමය වටිනාකමක් ලැබීමට තරම් රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය. විශේෂයෙන්ම පෙබරවාරි මස පැවැත්වෙන චීන අලුත් අවුරුදු දිනය ආසන්න වන විට කර්මාන්තශාලා හිමිකරුවන් සහ සංක්‍රමික කම්කරුවන් අතර ශීත සෘතුවේ දී මෙවැනි ගැටුම හටගැනීම සාමාන්‍ය තත්වයකි. මේ තොරතුරුද දැනගන්න:
චීනයේ ගඩොල් කර්මාන්තශාලාවක සේවකයන්ට ලබා දිය යුතු යුවාන් 90,000 ආසන්න හිඟ වැටුප් ගඩොල්වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?" හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය නම් එයට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සන්ධානයේ නායකයන් හමුවේ ප්‍රකාශකිරීමත් සමඟ එවැනි හැකියාවක් උද්ගත වන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශයට කියා සිටියේ. ඔහු ඒ බව කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙසින් නම් කරන මෙන් ඉල්ලා දියත්වන උද්ඝෝෂණවලට සහභාගිවීම තහනම් කිරීමේ නියෝගය අහෝසි වන්නේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. 'අගමැති අපේක්ෂකයෙක් නෑ' "දැන් එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑනේ? හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?," ඔහු පැවසීය. එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාද එයට සම්බන්ධ කරගෙන එක්සත්ව තරඟ වැදිය යුතු බව සන්ධානයේ 'අති බහුතරයක' විශ්වාසය බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. "ඒ රැස්වීම් මාලාවයි, ඒ සියල්ලම එතකොට උද්ඝෝෂණය කිරීමේ රැස්වීම් නෙවෙයි, මැතිවරණ ව්‍යාපාරයේ රැස්වීම් විදියට ඒ රැස්වීම් ටික පවත්වාගෙන යන්න පුළුවන්." කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්ප්‍රදායයක් වශයෙන් අගමැති අපේක්ෂකයකු නම් නොකරන බවයි, පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මේ තත්වය යටතේ සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයද බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බවත් ඔහු පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කරන මෙන් ඉල්ලන උද්ඝෝෂණ රැළි මින් අනතුරුව සිය මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහලේකම්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කොමසාරිස්වරිය එම අවශ්‍යතාව උපමාවකින් පැහැදිලි කළේ ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස වන අතර සෙසු අයගේ නිවාස වල තත්වය පිරික්සීමට පෙර සිය නිවස පිරිසිදුව තබා ගත යුතු’ යයි බව පවසමිනි. තමා පදවියට පත් වීමට පෙර කොමිසමේ කටයුතු කළ නිලධාරීන්ගේ විෂමාචාර පිළිබඳව දැන ගන්නට ලැබුණ බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටියාය. ‘කවර තරාතිරමක හෝ තනතුරක් දරන නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ඔවුන්ගේ රාජකාරි පරාශය තුළ කිසියම් විෂමාචාර ක්‍රියාවක නිරත වී ඇති බවක් තහවුරු වුනොත්, ඒ තොරතුරු සත්‍යය සහ නිවැරදි බව ඔප්පු කළ හැකි වුනොත් දෙවරක් නොසිතා ඒ ගැන මට නොපමාව දැනුම් දෙන්න’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා සිටියාය. එවැනි තොරතුරු තමා වෙත කෙලින්ම දැනුම් දීම සඳහා දුරකථන අංකයක් සහ ඊ මේල් විද්‍යුත් ලිපිනයක් ද ඇය ප්‍රකාශයට පත් කළාය. විසඳුම් කඩිනමින් තමා පදවියට පත් කෙරෙන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600 ක් පමණ කාර්යාලයේ ගොඩ ගසා තිබුණු බවයි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පවසන්නේ. ඒවා අතරින් සූක්ෂම ලෙස විමර්ශනය කළ පැමිණිලි 423 ක් දින හයක් ඇතුළත අදාළ අංශ වෙත යොමු කිරීමට සමත් වූ බවත් ඇය පවසන්නීය. කවර මට්ටමක හෝ බලවත් පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි යට නොගසන බවයි අල්ලස් කොමිසමේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කියා සිටින්නේ. ‘කොමිසමට ඉදිරිපත්ව ඇතිපැමිණිලි වලින් බහුතරයක් ඉඩම් ප්‍රශ්න පවුල් ප්‍රශ්න පෞද්ගලික පලි ගැනීම් සහ ස්ත්‍රී දූෂණ ආදියයි. එහෙත් මේ කොමිසම පෞද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආයතනයක් නොවෙයි. ඒ ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි. මේ කොමිසමට විමර්ශනය කිරීමට බලය පවතින්නේ අල්ලස් දූෂණ හෝ අනිසි ලෙස රැස් කර ගත් වත්කම් සම්බන්ධයෙන් පමණයි’ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණ අපචාරවලින් තොර ආයතනයක් හැටියට පවත්වා ගැනීමේ අවශ්‍යතාවය එම කොමිසම භාර නව අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එරට අගමැති නුයන් ස්වන් ෆුක් අතර අද (අප්‍රේල් 17) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. වෙළඳ ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර ද ප්‍රවර්ධනය කිරීම සඳහා පදනම සැකසීමට එහිදී එකඟත්වය පළ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1970 වසරේදීය. වියට්නාම වාණිජ මණ්ඩලයේ වාර්තාවලට අනුව දෙරටේ වෙළඳාම 2015 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 325.6 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර වියට්නාම නිල සංචාරය අවසන් කර, 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිතව තිබුණ ද, මීතොටමුලලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් සිය සංචාරය කෙටි කොට කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි. අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය දෙනෙකු සහභාගී වී ඇති අතර ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන, කොපමණ සතුටින් සිටීදැයි යන්න සහ ජීවිතයේ තෘප්තිමත්භාවය, සිය සහකාරිය හෝ සහකරු අතර කොපමණ ළෙන්ගතු ස්පර්ශ කිරීම් සිදු වනවා දැයි යන්න (තුරුළට ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම සහ එකිනෙකා ස්පර්ශ කර ගැනීම) පිළිබඳ ඔවුන්ගෙන් විමසා තිබේ. 02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක් පිහිනුම් තටාකවල ජලය සමග මුත්‍රා ලීටර 75ක් මිශ්‍රව පවතින බව විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇතැයි ගාඩියන් පුවත්පත පවසයි. පිහිනුම් තටාකවල කොපමණ ප්‍රමාණයක් මුත්‍රා මිශ්‍ර වනවාදැයි යන්න ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා ලද ක්‍රමවේදයට අනුව, ශරීරයෙන් පිට කෙරෙන, සකසන ලද ආහාරවල වැඩි වශයෙන් අඩංගු කෘතීම රසකාරකවල සාන්ද්‍රණය මැන බැලීම මූලික වශයෙන් සිදු කරනු ලබයි. අදාළ පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් ලීටර 830,000 ක ධාරිතාවකින් යුත් පිහිනුම් තටාකයක් යොදා ගනු ලැබ තිබේ. 03. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කළ හැක. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කිරීමේ ක්‍රමවේදයක් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ. එම සොයා ගැනීම ප්‍රතිජනනීය ඖෂධවල අනාගතය තීන්දු කෙරෙන නව දොරටුවක් විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති. 04. පාන් රාත්තලකට කාබන් ඩයොක්සයිඩ් කිලෝ භාගයක්. එක්සත් රාජධානිය තුළ පාන් රාත්තලක් නිෂ්පාදනය කිරීමේදී බරින් කිලෝග්‍රෑම් භාගයකට සමාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන බව අධ්‍යනයකින් හෙළිව ඇති බව 'නිව් සයන්ටිස්ට්' වෙබ් අඩවිය වාර්තා කරයි. 05. සංගීත ශිල්පිනී රිහානා ප්‍රසංග සඳහා සංචාරය කරන විට සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා කුළු බඩු පෙට්ටියක් රැගෙන යයි. (Bonappetit වෙබ් අඩවිය) සබැඳි යොමු
පසුගිය සතියේ නොදැන සිටි කරුණු පහක් 01. "ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
Waseem Baloch (R) reportedly said he drugged and strangled his sister විසිපස් හැවිරිදි වසීම් බලොච් අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම පකිස්ථානයේ දෙරා ගාසි ඛාන් හිදී සෙනසුරාදා රාත්‍රියේ දීය. මාධ්‍ය හමුවක දී සැකකරු වසීම් පාපෝච්චාරණය කළේ නිවසේ දී තම සොහොයුරියගේ ගෙල සිරකොට මරා දැමූ බවටයි. මරා දැමුණු කන්දීල් බලෝච් ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය. තම නැගණියගෙන් ඇයගේ වෘත්තීය අත්හරින ලෙස නිරතුරුවම ඉලා සිටියද ඇය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බවයි ඔහු පැවසුවේ. මරා දැමුණු කන්දීල් බලෝච් ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය. ඇයගේ සමාජ මාධ්‍ය ජාලා පිටුවලට විශාල හිතවතුන් සංඛ්‍යාවක් එකතුවී සිටි අතර ගතානුගතික මත දරන්නන් අතර ඇය දැඩි විවේචනයට ලක්වුවාය.
පකිස්ථානයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලා 'තරුව' බවට පත්වී සිටි කන්දීල් බලෝච් නම් තරුණිය මරා දැමූ බවට සැක කෙරෙන ඇගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පකිස්තාන පොලීසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමින් 'වයඹ හඬ' සහ 'හරිත පරපුර' යන පරිසර සංවිධාන දෙක හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. රේගුවේ සිට ගෙන ආ ටින් මාළු කන්ටේනර් පසුගිය සිකුරාදා (ඔක් 16) ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොළ වෙත ගොඩ බෑමත් සමග ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැතිර යාම හේතුවෙන් ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව පොලිසියට හා ආරච්චිකට්ටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දුන්හ. ටින් මාළු තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද බව ඇසුරුම් වල සඳහන් වන අතර නිෂ්පාදිත දිනය ලෙස සටහන් වන්නේ 2013 ජුලි මස 10 වන දිනය. ඇසුරුමේ කල් ඉකුත් වන දිනය ලෙස සටහන් වන්නේ 2016 ජුලි මස 10 වන දිනය. තත්ත්ව සහතිකය නොමැති වීම හේතුවෙන් වසර හයකට ආසන්න කාලයක් මේ ටින් මාළු රේගු භාරයේ තිබී ඇති බව එම කන්ටේනර් භාරව පැමිණි රේගු නිලධාරීහු පැවසූහ. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් හලාවත මාටින් ගොවිපොලේ පාලනාධිකාරිය රේගුවෙන් කල් ඉකුත්වූ ආහාර ඉල්ලා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විසින් මෙම ටින් මාළු සහිත කන්ටේනර් දෙකක් අදාළ ගොවිපොලට එවා තිබේ. 'සත්ත්ව ආහාර සඳහා' ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ටින් මාළු තොගයෙන් වැඩි ප්‍රමාණයක් සිකුරාදා පස්වරුව වන විට වල දැමීමට අදාළ ආයතන විසින් පියවර ගෙන තිබිණි. ඒ සඳහා කිසිදු ආයතනයක අවසරය ගෙන නොතිබූ අතර, ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව නැවත හලාවත පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළහ. පසුගිය 17 වෙනි දින ප්‍රදේශයේ පරිසර සංවිධාන නියෝජිතයන් අදාළ ස්ථානයේ කළ පරික්ෂාවේදී විනාශ නොකළ ටින් මාළු තොගයක් මේ ගොවිපොළේදී දැක තිබේ. ඒ පිළිබඳව කළ විමසීමේදී ගොවිපොළේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ ඒවා සත්ත්ව ආහාර වශයෙන් ගැනීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ගබඩා කළ බවය. එම ටින් මාළු තොගය පිහිටි ස්ථානයෙන්ද දුගඳක් හැමූ බව වයඹ හඬ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් පැවසීය. "අපි පරීක්ෂා කළා මේ සැමන් තොගයෙන් වැඩි කොටසක් සත්ත්ව ආහාර වශයෙන් භාවිතා කරන්නවත් සුදුසු නැහැ. ඉතා සුළු ප්‍රමාණයක් තිබුණා කල් ඉකුත් වුවත් හොඳ තත්ත්වයේ. මේ සැමන් පිටුපස ගබඩාවක තමයි සඟවලා තිබුණේ. අපිට සැකයක් තියනවා මේ සැමන් වෙළෙඳපොලට මුදා හරී ද කියලා. මේ සැමන් මුල් අවස්ථාවේ වෙළෙඳපොලට මුදා නොහැරියේ තත්ත්ව සහතිකය නොමැති නිසා කියලයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ. එසේ නම් මේ සැමන් ආපසු හරවා යවන්න ඕනෑ. වසර ගණනක් මේ සැමන් රේගුවේ තබා ගෙන ඉඳලා විශාල පරිසර හානියක් සිදුකරන තත්ත්වයට මේ සැමන් පත් කරලා, දැඩි පරිසර සංවේදී ප්‍රදේශවලට ගෙනවිත් දැමීම කෙතරම් යෝගයද කියලා විමසිය යුතුයි . මේ ස්ථානයට ඉතා ආසන්නයේ තමයි දැදුරුඔය හා ලුණු ඔය තියෙන්නේ." කියවන්න: පුත්තලමේ පරිසරය විනාශය "මාස කීපයක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම පරිසර විනාශය වෙලා තියෙන්නේ පුත්තලමේ," යයි වයඹ හඬ පරිසර සංවිධානයේ සභාපති පූජ්‍ය විල්පොත පේමානන්ද හිමියෝ පවසති. "ආනවිලුන්දාවේ අභය භුමිය ඩෝසර් කිරීම, කල්පිටියේ කඩොලාන විනාශ කිරීම, වනාතවිල්ලුවේ ගස් කැපීම හා ගිනි තැබීම, අඹකදවිල කඩොලාන විනාශය, මදුරන්කුලියේ කලපුව ඇල්ලීම්, මාදම්පේ වැලි කැපිල්ල, ආඩිගම බොරළු කැපීම් මේ වගේ තවත් ඕනෑ තරම් කියන්න පුළුවන්," යැයිද පේමානන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ. "කොහොමත් පුත්තලම දිස්ත්‍රික්කය ගත්තම ලංකාවේ කුණු බක්කිය වෙලා තමයි තිබුණේ. අපිට දැන් තිබෙන බය තමයි පිට රට කුණුත් පුත්තලමට ගේන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා. ආණ්ඩුව අරුවක්කාරු කුණු අංගනය හැදුවේ මේවට තමයි. ඉදිරියට පිටරට කුණු සැමන් නෙමෙයි, තව තව දේවලුත් ගෙනෙයි. ඒ නිසා අපි මේ පිළිබඳව විධිමත්ව සොයා බලන්න කියලා හලාවත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා." රජයේ ප්‍රතිචාරය කල් ඉකුත්වූ බව පැවසෙන සැමන් කන්ටේනර් 25 ක් දේශීය වෙළෙඳපොළට මුදා හැර ඇතැයි යන්න පසුගිය දින කිහිපයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය කිහිපයක ද මේ ආන්දෝලනාත්මක පුවත ප්‍රචාරය වූ අතර ඒ සමග ක්‍රියාත්මක වූ වෙළෙඳ අමාත්‍යාංශය මේ පුවත නිවැරදි කරමින් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. එහිදී වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කළේ කිසිසේත් මෙම ටින් මාළු වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. ආනයනික ටින් මාළු පරික්ෂා කර බලා නුසුදුසු තත්ත්වයේ ඇති තොග ප්‍රති අපනයනය කරන තෙක් රේගුව භාරයේ ඇති බවත් ඇය පැවසීය. කිසිසේත් මේ ටින් මාළු තොග රට තුළ බෙදා හැරීමට කටයුතු නොකරන බවද ඇය පැවසුවාය. පසුගියදා රේගු නිලධාරීන්ගේ භාරකාරීත්වය ඇතිව හලාවතට ගෙන ආවේ එම ටින් මාළු තොගයෙන් කොටසක් නොවන බව රේගුව ප්‍රකාශ කළත් නුසුදුසු තත්ත්වයේ ටින් මාළු ප්‍රති අපනයනය කරන බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි. එවැනි තත්ත්වයක් තුළ හලාවතට ටින් මාළු කන්ටේනර් දෙකක් පැමිණියේ කෙසේදැයි හලාවත ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කරති. මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ද විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව සභාපති කන්දසාමි චෙච්චනාමුර්ති පවසයි. සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳව තම බල ප්‍රදේශයේ කිසිදු වගකිවයුතු කිසිදු ආයතනයකට දැනුම් දී නොතිබූ බවය. එසේම මේ ආයතනය මිට පෙර ද මෙලෙස කල් ඉකුත්වූ ආහාර මේ ස්ථානයට රැගෙන විත් තිබෙන බව වාර්තා වූ බව ඔහු පැවසීය. 'මරණයට පවා පත්විය හැකියි' පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආහාරයට ගැනීමෙන් මරණයට පවා පත් විය හැකි බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ: "මත්ස්‍ය ආහාර කල් තබා ගැනීම සදහා යොදා ගන්නේ සෝඩියම් නයිට්‍රයිට් වැනි රසායනික ද්‍රාවණයි. එම රසායනික ද්‍රාවණ වල සිදු වන යම් යම් ප්‍රතික්‍රියා නිසා රසායනික වෙනස්කම් සිදු විය හැකියි. ටින් මාළු බහාලුමේ ආලේප කරලා තියෙන්නේ සින්ක් කැඩ්මියම් මිශ්‍රිත ආලේපයක්. ද්‍රාවණ වල සිදු වන ප්‍රතික්‍රියා නිසා මෙම ලෝහ බහාලුම කඩතොලු විය හැකියි. ඒ නිසා මෙම ලෝහ අහාරයට එකතු වීමෙන් සෘජුවම ආහාර විෂ වීමක් සිදු විය හැකියි. මේ නිසා මරණය දක්වා රෝග ලක්ෂණ වගේම පිළිකා කාරක තත්ත්ව වැනි දීර්ඝකාලීන ආසාදනද ඇති විය හැකියි. ටින් මාළු කල් ඉකුත් වීමත් සමග විවිධ රසායනික වෙනස්කම් නිසා බහාලුම පිම්බීම වැනි ලක්ෂණ දැක ගන්න පුලුවන්. කල් ඉකුත් වූ ටින් සැමන් ආහාරයට ගැනීම කිසිසේත් සුදුසු නැහැ." ශ්‍රි ලංකාවේ මිනිස් පරිභෝජනයට යොදා ගන්නා ආහාර, සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැහැදිලි කළේය. "මෙම ටින් මාළු සත්ත්ව ආහාර සදහා යොදා ගැනීමට නම් සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සාම්පලයක් යැවිය යුතුයි. එහීදී ඔවුන් මේවා සත්ත්ව ආහාර සදහා සුදුසුද යන්න නිර්දේශ කළහොත් ඒ සදහා යොදා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව අහාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගෙන් ලිඛිත අනුමැතියක් ලබා ගත යුතුයි," යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය. "1980 අංක 26 දරණ ආහාර පනත යටතේ නීත්‍යනුකූල අනුමැතියක් නොමැතිව මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරයක් සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම සහ විකිණීම කළ නොහැකියි," උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ වනය හෙක්ටයාර ලක්ෂ 05ක් නිදහස් කිරීමේදී ''සඟවන කතාවක්'' කියවන්න:
ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබූ, ප්‍රමිතියෙන් තොර ටින් මාළු (සැමන් ටින්) කන්ටේනර් දෙකක් හලාවත රජයේ වත්තකට ගෙනවිත් ගොඩබෑවේ ඒවා රහසිගතව වෙළෙඳපොළට මුදා හැරීමට දැයි පරිසර සංවිධාන ප්‍රශ්න කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහ ඇමැති සී වී විග්නේස්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉරිදා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ යාපනයේ තෙලිප්පලෙයි පිළිකා රෝහල විවෘත කිරීමේ උත්සව සභාවේ දී. ශ්‍රී ලංකා රජයේ යුද හමුදා සේනාංක උතුරෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවට හේතු ලෙස මහ ඇමැති වරයා දක්වා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය වීමත් භට පිරිස් වලට දෙමළ ජනතාවගේ භාෂාව, ඇදහිලි හා සංස්කෘතිය පිළිබඳ නිසි අවබෝධයක් නො තිබීමයි. රටේ ආරක්ෂාව ඒ අතරම තමන් වෙත, ‘රටේ ආරක්ෂාව පවත්වා ගෙන යාම පිළිබඳ ව වෙනස් අදහසක් නැති,’ බව ද මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේය. එහෙත්, ‘අඩියෙන් අඩියෙන් කඳවුරු තිබුණු යුගයක්,’ පැවතියේ යැයි කියා සිටි ජනාධිපතිවරයා වර්තමානයේ තත්වය වෙනස් වී ඇති බවයි රැස්වීම අමතා පැවසුවේ. “මා දන්නා තරමට හැට දාහක් හැත්තෑ දාහක් අතර හමුදාවක් මේ ප්‍රදේශයේ හිටියා. අද වෙන කොට හමුදාව දොළොස් දහසකට අඩු වෙලා,” යි ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේය.
රජයේ සන්නද්ධ සේනාංක උතුරු පලාතෙන් මුළුමනින් ම ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිය දී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ යුද භටයන් සැලකිය යුතු අයුරින් අඩු කොට ඇති බවයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම කලාපයේ පොලිස් ප්‍රකාශක ඉහර් දියෝමින් පවසන්නේ, දැඩි ලෙස සන්නද්ධව පැමිණි විස්සක පමණ කණ්ඩායමක් කඳුළු ගෑස් ගසමින් ගොඩනැගිල්ල අල්ලා ගත් බවයි. මේ අතර ෆේස් බුක් වෙබ් අඩවිය මගින් පණිවුඩයක් යවන යුක්‍රේන් අගමැති ආර්සෙන් අෆ්කොෆ්, එම ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි කියා සිටින්නේ. තුන් දහසක පා ගමන ‘දනියෙෂ්'(Donetsk) නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිලි අල්ලා ගෙන සිටින රුසියාවට හිතවත් කණ්ඩායම් වල ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ‘ස්ලවියාන්ස්ක්’නගරයේ පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අල්ලා ගන්නා ලද්දේ ප්‍රදේශවාසීන් විසින් වන බවයි. ‘දනියෙෂ්'(Donetsk) නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ගෙන එමින්,තුන් දහසකට අධික ජනතාව පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දෙසට පෙළපාලියෙන් ගමන් ගනිමින් සිටි බව සඳහන් කළේය.
යුද හමුදා ඇඳුමින් සැරසුන හඳුනා නොගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් , යුක්‍රේනයේ, ‘ස්ලවියාන්ස්ක්’ නගරයේ නැගෙනහිර කලාපයේ පිහිටි පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අල්ලා ගන්නා ලද බවක් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙම නිවස මුද්‍රණය කිරීමට පැය 54ක් ගත වී තිබේ අනාගතයේදී දැවැන්ත ගොඩනැඟිලි ව්‍යාපෘති කඩිනමින් සහ ලාභදායී ලෙස නිමකර ගැනීම සඳහා නිදන කාමර හතරකින් සමන්විත මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස මූලාකෘතියක් ලෙස භාවිත කෙරෙනු ඇත. මෙය ගොඩනැගිලි කර්මාන්තයේ නව ඇරඹුමක් විය හැකිද? ආර්ද්‍රතාව අවම කිරීම සඳහා වක්වූ හැඩයේ බිත්ති සහ ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් උපාංගවලින් යුතු මෙම නිවස ගෘහ නිර්මාණ ශිල්පීන්ට අනුව මිලෙන් අධික නිර්මාණයක් වනු ඇත. නමුත් මෙය මුද්‍රණය කිරීමට ගතවන්නේ පැය 54ක් පමණි. ඉන්පසු ජනේල, දොරවල් සහ වහලය වැනි දේ සවි කරමින් එය ගොඩ නැගීමට තවත් මාස හතරක කාලයක් ගත වේ. මේ සඳහා පවුම් 176,000 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ) පමණ වැය වන අතර, එය සම්ප්‍රදායික ක්‍රම භාවිත කෙරෙන ඉදිකිරීම්වලට වඩා 20% කින් ලාභදායී වේ. මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස හා සමාන තවත් නිවසක් පැය 33ක කාලයක් ඇතුළත නිම කළ හැකි බව නිර්මාණ කණ්ඩායම විශ්වාස කරති. මෙම නිවස කාමර හතරකින් සහ විශාල විසින්ත කාමරයකින් යුක්තය පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි ප්‍රංශයේ Nantes නගර මධ්‍යයේ තනා ඇති මෙම නිවස වර්ග අඩි 1022ක විශාලත්වයකින් යුක්තය. කාමර හතරකින් සමන්විත මෙම නිවසේ පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් විය හැකිය. Nantes නගර සභාව, නිවාස සංගමය සහ Nantes විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඉදිරියේදී මෙම ක්‍රමය උපයෝගී කරගෙන මූලිකව නිවාස සෑදිය හැකිද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ව්‍යාපෘතියේ පරමාර්ථය වී ඇති අතර ක්‍රීඩාගාර වැනි පොදු ගොඩනැගිලි සෑදීම සඳහා එහි මුලධර්ම උපයෝගී කරගත හැකිදැයි විමසන බව තාක්ෂණය සහ නව නිර්මාණ පිළිබඳ Nantes නගර සභා ප්‍රධානී ෆ්‍රෑන්කි ට්‍රිචෙට් පැවසීය. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය ඉදිකිරීම් කර්මාන්තයට බාධා පමුණුවනු ඇතැයි ඔහු විශ්වාස කරයි. සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ. "වසර 2000කින් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු වෙලා නැහැ. අපිට අවශ්‍ය මේ සම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අතුගා දැමීමයි." "එක තමයි මම කියන්නේ අපි කතාව ආරම්භ කළා කියලා. අපි තවම එහි මුල් පේළිය ලියා අවසන් කළා විතරයි" යැයි ඔහු පැවසුවේය. Nouria සහ Nordine Ramdani සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ නගරය උතුරු ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස තැනීම සඳහා වැය වූ මුදලින් කොටසක් නගර සභා අරමුදලෙන් ලබා දී තිබේ. නූරියා සහ නූර්දීන් රම්දානි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ. "මෙම ව්‍යාපෘතියේ කොටසක් වීමට ලැබීම විශාල ගෞරවයක්" යැයි නූර්දීන් පැවසීය. " 1960 ගණන්වල ඉදන් අපි ජීවත් වුණේ නගර සභා ගොඩනැගිල්ලක. ඒක නිසා මෙය ඉතා විශාල වෙනසක්" "ගෙවත්තක් සහිත වෙනම පිහිටා තිබෙන නිවසක ජීවත් වීමට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. ත්‍රිමාණ මුද්‍රිත නිවසක් සාදන්නේ කෙසේද? ගෘහ නිර්මාණ ශිල්පීන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මැදිරියක් තුළ මෙම නිවස නිර්මාණය කරනු ලැබීමෙන් පසු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකට දත්ත සහ ක්‍රියාවලිය ඇතුළත් කෙරිණි. ඉන්පසු, මුද්‍රණ යන්ත්‍රය නිවස තැනීමට වෙන් වූ ඉඩමට රැගෙන එන ලදී. පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි. සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ. මෙම ක්‍රියාවලියෙන් ඉතා ඝන, පරිවරණය කළ, කල් පවතින බිත්ති නිර්මාණය කරයි. ජනෙල්, දොරවල් සහ වහලය සවි කළ පසු නිවස සම්පූර්ණ වේ. මේ තොරතුරුද දැනගන්න: ත්‍රිමාණ මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය. වසර පහක කාලයක් ඇතුළත මෙවැනි ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට දැනට වැයවන මුදල 25% කින් අඩුකිරීමටත්, වසර 10 සිට 15 දක්වා කාලයක් ඇතුළත 40% කින් අඩු කිරීමටත් හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. මෙයට හේතු ලෙස ඔහු දක්වන්නේ තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරන විට එය මිලෙන් අඩු වීම සහ නිවාස වැඩි වශයෙන් ඉදිකිරීමෙන් ආර්ථිකයට ඇතිවන බලපෑමය. 3D මුද්‍රිත නිවසේ විසින්ත කාමරය නිවාස මුද්‍රණය කිරීම තුළින් විවිධ හැඩයේ ගෙවල් සැකසිය හැකි නිසා ගෘහ නිර්මාණ ශිල්පීන්ට වඩාත් නිර්මාණශීලී වීමට අවස්ථාව සැලසේ. උදාහරණයක් ලෙස, වසර සියයක් පැරණි ගස් කීපයක් වට කර නන්ටැට්ස් හි නිවස ඉදිකර ඇත. වක්‍ර හැඩයේ නිවසක වායු සංසරණය වැඩි වන අතර, එය වාතයේ ආර්ද්‍රතාව අවම කොට තාප ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියා කරයි. නන්ට්ස් හි නිවාස රෝද පුටු භාවිතා කරන ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් සකසා ඇති අතර, නිවසේ සෑම කාර්යක්ම ස්මාර්ට් දුරකථනයකින් පාලනය කළ හැකිය. මෙම නිවසේ කාමර හතරක් තිබේ සාම්ප්‍රදායක ඉදිකිරීම්වලදී මෙන් මෙම ක්‍රමය යටතේ අපද්‍රවය ඉවත ලෑමක් සිදු නොවන නිසා ත්‍රිමාණ මුද්‍රිත නිවාස වඩාත් පරිසර හිතකාමී වේ. Benoit Fouretගේ මීළඟ සිහිනය මෙවැනි ගොඩනැඟිලි සමූහයක් නිර්මාණය කිරීමයි. ඔහු දැනට පැරිසියේ උතුරු ප්‍රදේශයේ නිවාස දහඅටක් සහ විශාල වාණිජ ගොඩනැගිල්ලක් මුද්‍රණය කිරීමේ ව්‍යාපෘති දෙකක කටයුතු කරමින් සිටී. ත්‍රිමාන මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය "පුද්ගලයන්ට නිවාස ලබා දීම මට ඉතා සංවේදී කාරණයක්" "මම ඉපදුණේ කම්කරු පන්තියේ නගරයක" "මම ජීවත් වුණේ ඉතා කුඩා නිවසක. මගේ දෙමාපියන්, දැන් ඒ අය හුඟක් වයසයි, නමුත් තවමත් ජීවත් වන්නේ එම නිවසේමයි" "මගේ නිවස පිහිටලා තිබුණ වීදියේ කුඩා නිවාස පේළියක් තිබුණා. ඒ සියල්ල එකකට එකක් සමානයි" "නමුත් මෙතැනදී මට අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණශීලී ආකෘති යටතේ නිවාස ඉදිකිරීමයි" යනුවෙන් ඔහු පැවසුවේය. තවත් තොරතුරු:
ලෝකයේ ප්‍රථම වරට ත්‍රිමාණ මුද්‍රිත නිවසක ජීවත් වීම ආරම්භ කිරීමට ප්‍රංශයේ වෙසෙන පවුලකට අවස්ථාව සැලසී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා අනුබල දීමේ චෝදනා යටතේ නි. පොලිස්පතිවරයා රඳවාගෙන සිටී බම්බලපිටියේ පදිංචිව සිටි මොහමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම යනාදී චෝදනා ගණනාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල කොට තිබේ. ඝාතනයට අදාලව අත් අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. සිද්ධියට අදාලව මහේස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා යලිත් වරක් පොලිස් රැඳවුම් භාරයට පත් කෙරිණ.
නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන දින අනූවක කාලයක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත් බව රහස් පොලීසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මල්වතු මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි. වනජීවී, පරිසර, වන සංරක්ෂණ හා වන සම්පත් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ අධ්‍යක්ෂ ජනරාල්වරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තවත් පුළුල් කොට අලුතින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව ද ජනපතිවරයා පැවසීය. ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ රාජ්‍යය වැඩපිළිවෙළ තදින් ක්‍රියාත්මක කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ස්වාභාවික සම්පත් විනාශයන් පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරික පිරිසක් සිටින බව කී ජනපතිවරයා එවැනි අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බව පැවසීය. විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.
විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.