instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට උද්ඝෝෂකයෝ උත්සාහ කළහ බලහත්කාරයෙන් රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට සිය ගණනක් වූ උද්ඝෝෂකයන් උත්සාහ කළ අවස්ථාවේයි, පොලිස් ප්‍රහාරයට ලක් වුනේ. අගමැතිනි යින්ලක් ශිනවත් ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමින්. උද්ඝෝෂකයන් අමතා කතා කළ උද්ඝෝෂණයේ නායක සුතේප් තෞග්සුබන් අවධාරණය කළේ ඔවුන් පොලිසියේ සතුරන් නොවන බවයි. "අපේ එකම සතුරා තක්ෂින් පාලනාධිකාරිය සහ ඔහුගේ පවුලේ අය විතරයි. රූපවාහිනී ආයතන, බය වෙන්න එපා. අපි කාටවත් හානි කරන්නේ නැහැ. අපි ආවේ ඔබ ආරක්ෂා කරන්න," යනුවෙන්ද ඔහු පැවසීය. හිටපු අගමැතිවරිය සහ කැබිනට් ඇමතිවරුන් පිරිස බලය යුතු ලෙසින් යොදා ගැනීමේ චෝදනාවට වැරදිකරුවන් බව ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කළේය.
තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙය "විද්‍යාව හා මානව හිතවාදී බව සම්බන්ධයෙන් විශිෂ්ඨ දිනයක්" ලෙසට එන්නතේ නිපැයුම්කරුවන් වන Pfizer සහ BioNTech විසින් පෙන්වා දෙනු ලැබ ඇත. රටවල් හයක පුද්ගලයින් 43,500ක් මත එන්නත අත්හදා බලා ඇති අතර සුරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැගී නැත. මෙම මාසය අවසානය වන විට, එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමට අදාළ සමාගම් සැලසුම් කරති. අප සියලු දෙනාගේ ජීවිත මත පැටවී ඇති බාධක ඉවත් කිරීමේ හොඳම මග - සාර්ථක ප්‍රතිකාර එක්ව යන - එන්නතක් බව හඳුනාගෙන තිබේ. එන්නත් දුසිමක් පමණ ඒවායෙහි අවසන් අදියරවල අත්හදාබැලීමෙහි යොදවා ඇති අතර ඉන් පළමු වරට සාර්ථක ප්‍රතිඵලයක් අත්කර දී ඇත්තේ මෙම එන්නත ය. මෙය සම්පූර්ණයෙන් ම පර්යේෂණමය ප්‍රවේශයක් - වෛරසයේ ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීමද ඇතුළත් - වන අතර එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම අපේක්ෂා කෙරේ. අතරමැදි සති තුනක විරාමයක් අවශ්‍ය කෙරෙන මාත්‍රා දෙකක් මින් ලබා දේ. එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදී දින 7 ක් ගෙවී ගිය තැන 90% තරම් ආරක්ෂාවක් ළඟා කරගත හැකි වූ බව එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනා, දකුණු අප්‍රිකාව හා තුර්කිය යන රටවල කරන ලද පරීක්ෂණවලදී පෙන්වා ඇත. මෙම වසර අවසානය වනවිට මාත්‍රා මිලියන 50ක් සැපයීමට හැකිවනු ඇති අතර වසර 2021 අවසානය වනවිට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයිය හැකි බවට විශ්වාසය Pfizer පළ කරයි. කෙසේවෙතත්, සෙල්සියස් සෘණ 80 ට පහළින් වූ අධි ශීත තත්ත්වයක එන්නත රඳවා ගත යුතු බැවින්, එන්නත සැපයීමේ අභියෝග මතු කළ හැකිය. ප්‍රතිශක්තිකරණය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් ද ගැටලු පවතී. "මෙම ගෝලීය සෞඛ්‍ය අර්බුදය අවසානය කරා ගෙන ඒමට සහය විය හැකි, වඩා අවශ්‍යව තිබූ සොයා ගැනීම ලොව පුරා ජනතාව වෙත සම්පාදනය කිරීමේ ඉතා සුවිශේෂී ආසන්න පියවරට අප ළඟා වී සිටිනවා" යැයි Pfizer හි සභාපති ආචාර්ය ඇල්බර්ට් බොර්ලා පැවසීය. BioNTech හි සමාරම්භකයෙකුවන මහාචාර්ය උගුර් සහීන් මෙම ප්‍රතිඵලය පෙන්වා දුන්නේ "සන්ධිස්ථානයක්" ලෙසිනි. එක්සත් රාජධානිය මේවන විට මාත්‍රා මිලියන 30 ක් ඇණවුම් කර තිබේ. එන්නත 'සහයක් පමණයි' කොරෝනාවෛරසයට එරෙහිව එන්නත් අත්හදාබැලීමක් බිළිබඳ බලාපොරොත්තු සහගත ලකුණු පළවීම විශිෂ්ඨ පුවතක් වුව ද එය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෙක් අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ්-19 පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නබාරෝ පෙන්වා දෙන්නේ එන්නතක් පැවතියේ වුව ද, වෛරසයේ පැතිරීම පමා කිරීමට සහයක් වූ චර්යා තවදුරටත් පවත්වාගැනීමට ජනතාව හා ආණ්ඩු ක්‍රියා කිරීම ඉතා වැදගත් බවය. "ලබන මාසයේදී එන්නතක් ආවත්, අප පවත්වාගත් මෙම මූලධර්ම නිසැකවම අවශ්‍ය වන බව මම අවධාරණය කරන්න ඕනෑ" යැයි ඔහු සඳහන් කරයි. "එනනතකින් සහයක් ලැබෙන නමුත් එය සම්පූර්ණයෙන් තත්ත්වය වෙනස් කරන්නක් නොවෙයි." නියාමන ක්‍රියාපිළිවෙත් හරහා එන්නත සළකා බැලිය යුතු යැයි කී ඔහු එය "ආරක්ෂාකාරී හා ඵලදායි" යැයි කීමට බලධාරීන්ට හැකිවීමට පෙර "පියවර ගණනාවක්" ඇති අතර ඒ සඳහා අවම වශයෙන් "මාස කිහිපයක්" ගතවනු ඇති බවට ද වෛද්‍ය නබාරෝ පුරෝකථනය කරයි. මෙම තොරතුරු ද දැනගන්න:
90% ට වැඩි ප්‍රමාණයකින් පුද්ගලයින් කෝවිඩ්-19 වැළඳීමෙන් වැළැක්විය හැකි පළමු කොරෝනාවෛරස එන්නත බිහිවී ඇති බව මූලික විශ්ලේෂණවලින් පෙන්වා දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුක්රේනයේ දරුණු අතට හැරෙන විරෝධය යුක්රේන් නිලධාරීන් විසින් එය විග්‍රහ කරන ලද්දේ, ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියටයි යුක්රේනය පුරා නගරවල විරෝධතා ව්‍යාපාර ඇවිල යමින් තිබියදී අභ්‍යන්තර කටයුතු භාර ඇමති,විතලි ශක්රාචේන්කා කියා සිටියේ,අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවයි. විරෝධතාවාදීන් අවි ආයුධ එක්රැස් කරමින් සිටින බවට ඇමතිවරයා චෝදනා කළේය. රෝහල් ආරංචි මාර්ග වලට අනුව තුවාල ලද ‘කීව්’ උද්ඝෝෂකයකු මරණයට පත් ව ඇති අතර, ඒ අනුව මෙවර විරෝධතා ව්‍යාපාර වලදී මරණයට පත් සංඛ්‍යාව තුන් දෙනකු බවට පත් වෙයි. මේ අතර ප්‍රකාශයක් කරන යුක්රේන් විපක්ෂයේ නායකයකු මෙන්ම ලෝක බොක්ෂින් ශූරයකු වන විතලි ක්ලිට්ස්චිකෝ කියා සිටියේ පාලකයන් මානව හිමිකම් වලට ගරු කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයා ඉවත්ව ගිය හොත් පමණක් විරෝධතා ව්‍යාපාර නතර කරන බවයි, යුක්රේන් විපක්ෂය කියා සිටින්නේ.
යුක්රේනයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ කීව් අගනුවර බලශක්ති අමාත්‍යංශයට කඩා වැදී අමාත්‍යංශයේ පළමු මහල කෙටි වෙලාවකට අල්ලා ගත්හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැනට විසි වෙනි වියේ පසුවන මානව හිමිකම් හිමිකම් ක්‍රියාකාරිනියක වන ඇය, 2012 දී තුවක්කුරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය උදෙසා හඬ නැගීමේ හේතුවෙනි. "බියෙන් තොරව" යළි සියරට පැමිණීම තමාගේ සිහිනයක් වූ බව අගමැති කාර්යාලයේදී දේශනයක් පවත්වමින් ඇය කියා සිටියාය. ඇයගේ ආරක්ෂාව උදෙසා ඇයගේ හදිසි සංචාරය පිළිබඳ වැඩි විස්තර අනාවරණය කර නැත. දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඇය සිය දෙමාපියන් ද සමග ඉස්ලාමාබාද් නුවර බෙනාසීර් බුට්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟාවන ආකාරය පාකිස්තාන රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරුණි. මලාලා යූසෆ්සායිගේ පාකිස්තාන සංචාරය දින හතරකට සීමාවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, මලාලා පදනමේ නිලධාරීන් ද ඇය සමග එම සංචාරයට එක් වී සිටිති. මලාලා වයඹ දිග පාකිස්තානයේ ස්වාත් නිම්නයෙහි පිහිටි සිය ගම්මානයේ සංචාරය කරනු ඇතැයි ද යන්න පැහැදිලි නැත. ස්වාත් නිම්නය, කලක් කැරලිකරුවන්ගේ බලකඳවුරක්ව තිබිණ. ඉස්ලාමීය සන්නද්ධ කැරලිකරුවන් සහ පාකිස්තාන රාජ්‍යය අතර දරුණු ගැටුම් පැවති සමයේ තුවක්කුකරුවෙකු විසින් මලාලාගේ හිසට වෙඩි තැබීම ජත්ය්නතය හෙළා දැකීමට ලක්විය. ඇය යළි සිය රට පැමිණීම මගින් එවක් පටන් පාකිස්තානයේ සිදුව තිබෙන වෙනස සනිටුහන් කෙරෙන බව ඉස්ලාමාබාද් නුවර සිටින බීබීසී වාර්තාකරු සෙකුන්දර් කෙර්මානි පවසයි. විශේෂයෙන්ම ගතව ගිය වසර කිහිපය තුළ කැරලිකරුවන්ගේ ප්‍රහාර අඩු වී තිබෙන බවත් රට තුළ ආරක්ෂක වාතාවරණය බොහෝ දුරට යහපත් වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. මේ තත්වය තුළ මලාලාගේ සම්ප්‍රාප්තිය බොහෝ දෙනා සාදරයෙන් පිළිගන්නා නමුත්, ඇතැමුන් ඇය "බටහිර ඒජන්තයෙක්" ලෙසින් විවේචනයට ලක් කරන බව පෙන්වා දෙන සෙකුන්දර් කෙර්මානි, ඇයට වෙඩි තබනු ලැබුවේ සීඅයිඒ සංවිධානය විසින් යයි තවත් සමහරුන් තර්ක කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි. තවත් කියවන්න: මලාලා : එක්සත් ජාතීන්ගේ ලාබාලතම සාම දූතවරිය
ළමා වියේදී තාලිබාන් සංවිධානයේ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව රටින් පිටව ගිය නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි එම ප්‍රහාරයෙන් පසු පළමු වතාවට පාකිස්තානයට පැමිණ සිටින්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම යනු වුවස්තාව පිළිගැනීමක් නේද?' අගවිනිසුරුවරයා විවෘත අධිකරණයේ එම ප්‍රශ්ණය මතු කලේ පළාත් සභා මැතිවරණයට දෙජාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් විභාගයට ගැනුන අවස්ථාවේදී. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් රටේ ඒකීයභාවයට හානි සිදු වන බව අධිකරණය හමුවේ කියා සිටි පෙත්සම්කාර අරුණ ජයතිලක නීතිවේදියා, ප්‍රතිපත්ති ප්‍රකාශය තහනම් කරන මෙන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවට මතුපිටින් පෙන්නුම් කළද, එම පක්ෂය රටේ ඒකීයභාවය කඩ වන අයුරින් කටයුතු කරන බව අගවිනිසුරුවරයාගේ ප්‍රශ්ණයට ප්‍රතිචාර වශයෙන් පෙත්සම්කරු කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසීමකින් තොරව පෙත්සම විභාග කළ නොහැකි බව පැවසූ අගවිනිසුරුවරයා, විභාගය ඔක්තෝබර් දෙවැනි දින දක්වා කල් තැබූ අතර එදින කරුණු දක්වන මෙන් දෙජාසට නොතීසි නිකුත් කළේය.
උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය (දෙජාස) සනාථ කොට තිබෙනවා නොවේදැ'යි අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රශ්ණ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සෑම වසරක් පාසාම ළමා ලිංගික දූෂණ හත් දහසකට වඩා වාර්තා වන බවයි එම සංවිධානය පවසන්නේ. කෙසේ වෙතත්, විශේෂඥ මතය නම් සංඛ්‍යාව ඊටත් ඉහළ බවයි. ලිංගික පීඩාවට පත් දරුවන් පොලිසියේ නොමනා සැලකිල්ලටත්, අපහාසයටත් බොහෝ විට ලක් වන බවයි වාර්තා වන්නේ. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මීනක්‍ෂි ගංගුලි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ පවත්නා නීති ක්‍රියාවේ යොදවන ලෙස හා තත්වය පාලනය කිරීම සඳහා නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසයි. ළමා ලිංගික දූෂණ ඉන්දියාවට පමණක් සීමා වූ අපරාධයක් නොවන බවයි මීනක්‍ෂි ගංගුලි වැඩි දුරටත් කියා සිටියේ. සබැඳි තේමා
විශේෂයෙන් පාසල්වලත්, රජයෙන් පාලනය වන ළමා සුරැකුම් ආයතනවලත් දරුවන්ට එරෙහිව බහුල වශයෙන් සිදු කැරෙන අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරකයන් බොහෝ දෙනා ජාතිවාදීන් නොව "මංකොල්ලකරුවන්" බවත් ගිණි තබා විනාශ කරන ලද නිවෙසක වෙසෙන තරුණයෙකු වන මොහමඩ් ෆෛසූල් පැවසීය. උපන් දා සිට සිංහල ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වූ තමන්ට මෙලෙස සැලකුවේ මන්දැයි කනගාටුවෙන් යුතුව ඔහු ප්‍රශ්න කළේය. "මේ මිනිස්සුන්ගෙන් බලන්න අපි ජාතිවාදයට ගියාද කියල? මංකොල්ලත් කාල තියෙනව මේ. නංගි ලඟදි බැන්දේ. නංගිගේ, අම්මගේ රත්තරන් බඩු ඔක්කොම මංකොල්ල කාල," මොහමඩ් ෆෛසූල් වේදනාවෙන් යුතුව සඳහන් කළේය. "මේ මිනිස්සු ජාතිවාදයක් නෙවෙයි මංකොල්ල කන අදහසින් ආවේ." මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සිය ව්‍යාපාරික ස්ථානය අහිමි වූ තරුණයෙකු වන එස් මොහමඩ්, තමන්ට රුපියල් ලක්ෂ හතලිහක පමණ පාඩුවක් සිදු වූ බව පැවසීය. "අපෙන් වෙච්ච වැරැද්දක් නෙවෙයිනේ මේක," ඔහු පැවසුවේ සිය ව්‍යාපාරයට සිදු වූ විනාශය පෙන්වා දෙමිනි. පසුගිය දින කීපයක් තුළ මහනුවර දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලට අයත් මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුළු දේපළවලට කලහකාරී පිරිස් විසින් පහර දෙනු ලැබ තිබිණි. එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි 22 වෙනි දින තෙල්දෙණිය නගරයේදී මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් දෙදරු පියෙකුට පහර දෙනු ලැබීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යාමත් සමගය. ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. ඒ හැරුණු විට මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි. තවත් කියවන්න:
සිංහල ජනතාව සමග සමගියෙන් සහ සාමයෙන් දිවි ගෙවූ තමන්ට මෙලෙස පහරදීම පිළිබඳ බරපතල කනගාටුවක් දැනෙන බව මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ලක් වූ මහනුවර ප්‍රදේශවාසීහු බීබීසී සිංහල සේවයට පැවසූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රතු කමිස ආධාර කරුවෝ තායිලන්ත රතු කමිස හමුදාවේ නායකයකු වන වෙන්ග් තොජිරකන් ප්‍රකාශයක් කරමින් තම ව්‍යාපාරයේ අරමුණු සහ ක්‍රියාමාර්ග යුදමය එකක් නොව දේශපාලන පදනමක් සහිත වූවක් වන බවයි කියා සිටින්නේ. එසේම රට දෙකඩ කිරීමට සිය සංවිධානයේ ශක්තිය නො යෙදූ බවයි රතු කමිස නායකයා පවසන්නේ. ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් සහ වෙඩි හුවමාරුවකින් අනතුරුව අගමැතිනි යින්ග්ලුක් සිනවත් අගනුවරින් පිටව ඇයගේ බල ප්‍රදේශයක් වන උතුරු තායිලන්තයට මේ සතියේ ගොස් සිටින බවත් වාර්තා වෙයි. එම ගැටුම් වලදී පස් දෙනකු මරණයට පත් වූ බවත් ප්‍රකාශයට පත් කෙරිණ. තායිලන්තයේ මුල් බැස ගත් ප්‍රභූ සමාජය, යුද හමුදාව සහ රටේ වෙනත් ප්‍රධාන ආයතන වලින් සහයෝගය දිනා ගත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ මාස කීපයක් ම ආණ්ඩුවේ ආයතන වට ලා සිටිති.
වෙනම ආණ්ඩුවක් පිහිටුවන මෙන් අගමැතිනි යින්ග්ලුක් සිනවත්ගෙන් ඉල්ලා සිටියත් රට දෙකඩ කිරීමේ සැලැස්මක් නැතැයි තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් කියා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ස්ථිර නායකත්වය හා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථිර උප නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ක්‍රීඩා කරනු ඇති බවයි. තමන් ක්‍රිකට් ආයතනය බාර ගනිද්දී ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු පවා නොසිටි බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ වන විට අවශ්‍ය සියළුම අංශ සඳහා සුදුසුකම් ලත් වෘත්තීය පුහුණුකරුවන් පත් කර ඇති බවද සඳහන් කළේය. දේශීය පුහුණුකරුවන් වෙනුවට විදේශීය පුහුණුකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හේතුව ව්මසිමේදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පළපුරුදු හිටපු ක්‍රීඩකයන් රැසක් සිටියත් ඔවුන් බොහෝ දෙනා පුහුණුකරුවන්ට අවශ්‍ය වෘත්තිමය සුදුසුකම් සපුරා නොමැති බවයි. ලෝකේ ඕනෑම කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දත්ත ඇතුළත් පරිගණක පද්ධතියක් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ප්‍රයෝජනයට හඳුන්වා දී ඇති බවද ඔහු කියා සිටියේය. මෙවර ඕස්ටේලියානු සංචාරයේදී එම තාක්ෂණයද ප්‍රයෝජනයට ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අවුරුදු දහසයට අඩු ළමයින් පවා පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බව කාන්තා සංවිධාන පවසයි යුද ගැටුම් නිමාවීමෙන් පසු නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි පවසන කාන්තා සංවිධාන කියා සිටින්නේ යුද සමයේදී මෙවැනි ළමයින් ගේ සංඛ්‍යාව සියයකට අඩුව පැවැති බවයි. යුද්ධයෙන් දෙමාපියන් අහිමිවීම නිසා උතුරේ තරුණියන් විශාල පිරිසක් හුදකලා වී සිටීමත්, ද්‍රවිඩ තරුණියන් වෙනුවෙන් විවාහයේදී ලබා දියයුතු දෑවැද්ද වෙනුවෙන් මුදල් නොමැති නිසා තරුණියන් දෙමාපිය අකමැත්තෙන් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමත්, පියවරුන් නාඳුනන දරුවන් වැඩිවීමට හේතුවී ඇති බවයි යාපනයේ සහ මන්නාරමේ කාන්තා සංවිධාන කිහිපයක් පවසන්නේ. 'විශේෂ තත්වයක් නොවේ' දරුවන් මුහුණ පා සිටින පියවරුන් පිලිබඳ ගැටලුව උතුරේ කාන්තා සංවිධාන විසින් ප්‍රකාශයට පත් වුනේ කාන්තා සංවිධාන එකමුතුව විසින් වවුනියාව නගරයේ පැවැත්වූ වැඩ මුලුවකදී. මේ උතුරට හෝ ශ්‍රී ලංකාවට පමණක් විශේෂිත තත්වයක් නොවන පොදු තත්වයක් ලෙසයි ළමා ආරක්ෂණ අධිකාරිය නිශ්චිත පියවරුන් නොමැතිව උපදින දරුවන් ගේ සංඛ්‍යාව වැඩිවීම ගැන බීබීසී සංදේශය කළ විමසීමකදී පැවසුවේ. ඇමරිකාව, එංගලන්තය ආදී දියුණු රටවලත් සෝමාලියාව හෝ එවැනි තවමත් දියුණුවට පත් නොවූ රටවලත් දරුවන් එවැනි ගැටලුවකට මුහුණ පා සිටින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක පවසයි. අධිකාරියේ සභාපතිනිය පවසන ආකාරයට ළමාරක්ෂණ අධිකාරියට මැදිහත් විය හැක්කේ වයස අවුරුදු අටට අඩු දරුවන් හා සම්බන්ධ කාරණා වලදී පමණයි. එසේ වුවත් උතුරේ කාන්තා සංවිධාන පවසන්නේ වයස අවුරුදු දහසයට අඩු ළමයින් පවා මෙලෙස පියවරුන් අහිමි වීමට මුහුණ පා සිටින බවයි.
ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුල පියා නිශ්චිත නොමැති බාල වයස්කාර දරුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව කාන්තා සංවිධාන ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තිලංග සුමතිපාල "බිස්නස් එක අතට ගන්නනේ ඕක කරන්නේ. අපි බලමු," ඒ පිළිබඳව විමසූ විට තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් සහ අනෙකුත් නිලධාරීන් වෙත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කරන ලද විශේෂ නියෝගයේ දැක්වෙන්නේ, ඔහු විසින් 2019.09.09 වෙනිදා පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාවේ සඳහන් "නිර්දේශ ප්‍රවේසමෙන් සැලකිල්ලට ගෙන" ඉහත තීරණයට එළැඹි බවය. එම විශේෂ නියෝගය ඔක්තෝබර් මස 11 වෙනිදා නිකුත් කර තිබුණි. "මම මේ සමග ඔබට නියෝග කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැස්වීම් සඳහා සහභාගී වීම, කමිටු සඳහා එක්වීම, ඡන්දය පාවිච්චි කිරීම, කිසිදු ආකාරයේ බලයක් පාවිච්චි කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලතල දරන්නෙකු ලෙස හෝ හිටපු සභාපතිවරයා ලෙස හෝ ගරු තිලංග සුමතිපාල සහභාගී වීම වළකන ලෙසය," යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ එම ලිපියේ තවදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කිහිපවරක් කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට එරෙහිව ඉහත සඳහන් පරීක්ෂණය ආරම්භ කෙරුණේ පිළියන්දල නගර ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවය. එම පැමිණිල්ලේ සඳහන් වූයේ තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීම අංක 2137/85 දරණ අති විශේෂ ගැසට් පත්‍රය උල්ලංඝනය කිරීමක් බවය. සංශෝධිත අති විශේෂ ගැසට් පත්‍රය අදාළ අති විශේෂ ගැසට් පත්‍රය 2019 අගෝස්තු මස නිකුත් කෙරිණි. ඒ අනුව පහත සඳහන් කරුණු හා සම්බන්ධ වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීමට නුසුදුසු කමක් ලෙස සැලකිණි. "ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවයක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතු වල නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කාලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්. පුතා, දුව, බෑණා ලේලිය) වන්නේ නම්," යනුවෙන් එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සංශෝධනය කෙරිණි. පිළියන්දල නගර ක්‍රීඩා සමාජය ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල (සභාපති), ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක සහ විශ්‍රාමික පරිපාලන නිලධාරී නීතීඥ එස් ඩී පියදාස එහි සාමාජිකයෝ වූහ. තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් තිලංග සුමතිපාල පවසන්නේ, "මම නියෝජ්‍ය කතානායක වෙන කොටත් මගේ පවුලේ අයට ඔය සම්බන්ධතා ඔක්කොම තිබ්බා. මේ කිසි දෙයක් අලුත් නොවෙයි. මට ඔය ව්‍යාපාර සම්බන්ධයක් නෑ. මට ඔය ගැම්බ්ලින් පිළිබඳව කිසිම සම්බන්ධයක් නෑ මගේ පවුලේ අයට තියෙනවා මම ඒක ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මට හංගන්න දෙයක් නෑ," යනුවෙනි. "අන්තිමට හිටපු සභාපති හැටියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන කමිටුවට යන්න පුළුවන්. මම 2018 මැයි 31 ඉඳන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරක් දැරුවේ නෑ. ඡන්දෙට මම ඉදිරිපත් වුණේ නෑ. නමුත් දැන් මේ ගොල්ලෝ මාව ඉලක්ක කරගෙන ඒකට වෙනම කමිටුවක් පත්කරලා ඇමතිතුමාම තීන්දුවක් අරන් මාව ඉවත් කරන්න," යනුවෙන් තිලංග සුමතිපාල තවදුරටත් පැවසීය. ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය ක්‍රීඩා අමාත්‍යවරයා එම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබුණේ පූර්ව නිගමනයකට පැමිණීමෙන් අනතුරුව බවට ද තිලංග සුමතිපාල චෝදනා කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක් උත්සහ දැරුව ද එම ප්‍රයත්නයන් නිෂ්ඵල විය. මේ තොරතුරුත් කියවන්න:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උදාහරණයක් ලෙස නූතන දරුවන්ගේ මොළය සම්පූර්ණයෙන්ම වර්ධනය වූ අවස්ථාව වන විටත් නියැන්ඩතාල් මානව දරුවන්ගේ මොළය තවදුරටත් වර්ධනය වෙමින් පැවති බව නියැන්ඩතාල් දරුවෙකුගේ ඇට සැකිල්ලක් විශ්ලේෂණය කළ විශේෂඥයන්ගේ නිගමනය වී තිබේ. එම නව සොයා ගැනීම නිවේදනය කෙරුණේ එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිට ප්‍රකාශයට පත් කෙරෙන 'සයන්ස්' (Science) සඟරාවේ පළ කෙරුණු ලිපියකිනි. ඒ අනුව මිහිතලයෙන් අතුරුදහන් වූ නියැන්ඩතාල් මානවයා, නූතන මිනිසාට වඩා සාහසික හෝ ප්‍රාථමික නොවූ බවට සිය පර්යේෂණය මගින් සනාථ කෙරෙන බව ද පර්යේෂකයෝ පවසති. මොළය ඉතා සෙමින් වර්ධනය වූ එකම මානව විශේෂය නූතන මිනිසා බව මෙතෙක් විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ. වෙනත් වානරයන් සහ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් මෙන් නොව, හෝමෝ සාපියන් මානවයාගේ ළමා කාලය වසර ගණනක් දක්වා දිගු විය. නූතන මානවයාගේ විශාල මොළය වර්ධනය වීම සඳහා දිගු කලක් සහ විශාල ශක්තියක් අවශ්‍ය වීම එයට හේතුවය. නියැන්ඩතාල් මානවයාගේ ඇට සැකිලි යොදාගෙන මීට ඉහතදී කරන ලද පර්යේෂණවල නිගමනය වී තිබුණේ නියැන්ඩතාල් මානවයා නූතන මානවයාට වඩා ඉක්මනින් වර්ධනය වූ බවය. නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළය තරම් සංකීර්ණ නොවූ බවක් එයින් ඉඟි කෙරිණ. එහෙත් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Museum of Natural Sciences) මහාචාර්ය අන්තෝනියෝ රෝසස් (Antonio Rosas) ගේ ප්‍රධානත්වයෙන් මේ අලුත්ම පර්යේෂණය පැවැත්වූ කණ්ඩායමේ නිගමනය වී තිබෙන්නේ නියැන්ඩතාල් මානවයාගේ මොළය නූතන මිනිසාගේ මොළයටත් වඩා හෙමින් වර්ධනය වීමට ඉඩ තිබුණු බවය. "අපි ඇත්තටම පුදුම වුනා," මහාචාර්ය රෝසස් බීබීසී යට පැවසීය. "පර්යේෂණය ආරම්භ කරන කොට අපි බලාපොරොත්තු වුනේ පසුගිය පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට සමාන දෙයක්." නියැන්ඩතාල් මානව දරුවෙකුගේ වර්ධනයේ ඉතා වැදගත්ම අවධියක සම්පූර්ණ ඇට සැකිල්ලක් යොදාගෙන සිය පර්යේෂණය පැවැත්වූ බැවින් ඒ සම්බන්ධයෙන් මීට ඉහතදී කළ පර්යේෂණවලට වඩා සිය පර්යේෂණය නිවැරදි බව මහාචාර්ය රෝසස් ඇතුළු කණ්ඩායම විශ්වාස කරති. එය වයස අවුරුදු හයයි මාස හයකදී මියගිය පිරිමි දරුවෙකුගේ ඇට සැකිල්ලකි. වසර 49,000 ක් පැරණි ස්පාඤ්ඤයේ El Sidrón ගුහාවේ දී එම ඇට සැකිල්ල හමු වී තිබේ. විශ්වාස කළ නොහැකි තරම් හොඳින් ආරක්ෂා වී තිබුණු එම දරුවාගේ ඇට සැකිල්ලේ වැඩුණු සහ කිරි දත් ද තිබිණ. එබැවින් මිය ගිය දරුවාගේ වයස නිවැරදිව ගණනය කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබිණ. ඔහුගේ මොළය, වැඩුණු නියැන්ඩතාල් මානවයෙකුගේ සාමාන්‍ය මොළයේ ප්‍රමාණය මෙන් 87.5% ක් පමණ වන බව තක්සේරු කෙරිණ. එම වයසේ පසුවන නූතන මිනිස් දරුවෙකුගේ මොළය වැඩුණු මිනිසෙකුගේ මොළය මෙන් 95% ක් දක්වා වර්ධනය වී තිබිය හැකිය. සිය නව සොයාගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරන මහාචාර්ය රෝසස් පවසන්නේ, නියැන්ඩතාල් මානවයා සහ නූතන මානවයා අතර බරපතල වෙනසක් නැතැයි පවතින මතය එමගින් සනාථ කෙරෙන බවය. නූතන මිනිසා ඉතාමත්ම සෙමින් වර්ධනය වන සත්ව කොට්ඨාසය බව මෙම සොයා ගැනීමට පෙර විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබිණ.
ප්‍රාග් ඓතිහාසික යුගයේ නියැන්ඩතාල් මානවයාගේ මොළය වර්ධනය වූයේ නූතන මානවයාගේ මොළයටත් වඩා අඩු වේගයකින් බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 67 ක්. කණ්ඩායම කඩුල්ලේ රැඳී සිටියේ ඕවර විසි හතරක් පමණයි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය එක් දින ඕවර ඉතිහාසයේ හිමිවුණු තුන්වැනි බරපතලම පරාජයයි. පසුගිය ඉරිදා පැවැත්වුණු තරඟයේදී ලකුණු 157 ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් දින කිහිපයකට පසුව මෙවැනි පරාජයකට මුහුණදීම පිළිබඳව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ සිට සංදේශය සමඟ අදහස් දැක්වූ ක්‍රීඩා විස්තර විචාරක කල්ප පල්ලියගුරු කියා සිටියේ, එංගලන්තයේ මේ දිනවල පවතින වැසිබර සීතල කාළගුණය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමේදී ප්‍රබල බාධකයක් වූ බවයි. ආබාධයක් හේතුවෙන් දෙවැනි තරඟයට එක්වීමට අවස්ථාව නොලැබුණු නායක ඇලිස්ටර් කුක් මෙම තරඟයට සහභාගිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වූ බව ඔහුගේ විග්‍රහයයි. මෙම ජයග්‍රහණයත් සමඟම එංගලන්ත කණ්ඩායම තරඟ 2-1 ක් වශයෙන් තරඟාවලියේ ඉදිරියෙන් සිටියි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය ලබන සෙනසුරාදා තරඟාවලියේ සිවුවැනි තරඟයට මුහුණ දීමට නියමිතයි.
බ්‍රිතාන්‍යයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තුන් වැනි එක දින සීමිත ඕවර තරඟයේදී ශ්‍රී ලංකාවට කඩුලු දහයක අන්ත පරාජයක් අත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පිරිසක ගේ ඉල්ලීමක් අනුවයි අධිකරණය මෙම වැඩ සහටන හෝ ඒ හා සමාන වැඩසටහනක් විකාශය කිරීමෙන් වළකින ලෙස මෙම රූපවාහිනී ආයතනවලට නියෝග කර තිබෙන්නේ. ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන කිසිදු දේශපාලන වැඩසටහනක් ප්‍රචාරය නොකළ යුතු බව අධිකරණ නියෝගයේ සදහන් බවයි ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයකු වන සදුන් ගමගේ පැවසුවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ප්‍රවර්ධනය නොකරන ලෙසද මෙම වාරණ නියෝගයේ සඳහන් බවයි ඔහු පැවසුවේ. අදාළ වාරණ නියෝග පිළිබඳව මෙම ආයතන දැනටමත් දැනුවත් කර ඇති බව පැවසූ නීතීඥ සඳුන් ගමගේ එම වාරණ නියෝගය පසෙක ලා ඔවුන් මෙවන් වැඩසටහන් විකාශය කළහොත් එම ආයතනවල සභාපතිවරුන්ගේ සිට අදාළ වැඩසටහන පෙළ ගස්වන්නා තෙක් අධිකරණයට අපහාස කල සාපරාධී වරදට දඬුවම් ලැබීමට සිදු වන බවයි පැවසුවේ.
ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ රූපවාහිනිය යන නාලිකා හතරක විකාශනය වීමට නියමිතව තිබූ ජනපති ජන හමුව නමැති දේශපාලන වැඩසටහන ජනාධිපතිවරණ දිනය වන ජනවාරි 8 වැනිදා දක්වා නොපවත්වන්නැයි එම රූපවාහිනී නාලිකා වලට කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් නියෝග කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාව තුළ කිසියම් 'ජනතාවාදී නොවන' ක්‍රියාදාමයක් සිදුවන්නේ නම් එය නැවැත්වීම විධායක ජනාධිපතිවරයකුගේ වගකීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා, කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාවේ 'ඒකාධිපති නායකයකු' සිටියේ නම් කිසිදු චෝදනාවක් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. "ජීඑස්පී ප්ලස් එක ගන්න, සමලිංගික ක්‍රියා, ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දේවලට පවා කැබිනට් මණ්ඩලේ දි නවත්තන්න ඕන කියල, අතිගරු ජනාධිපතිතුමා ඒ යෝජනාවලට එකඟවෙන්න බෑ කියන මතය ඉදිරිපත් කළා," යනුවෙන්ද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය. ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන ප්‍රමිතියෙන් තොර බව පැවසෙන ඉන්ධන තොගයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් කළ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට නොගැලපෙන්නේ නම් එම නෞකාව ආපසු හරවා යවන බව වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කරන ඇතැම් යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ 'සීතල යුද්ධයක්' නොමැති බව ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය ප්‍රහාරක යානා මගින් කැරලිකරුවන් ‘සනා’(Sanaa) අගනුවර පිහිටුවා ගෙන තිබුන මිසයිල ප්‍රහාරක පහසුකම් සහ යුද ගුවන් යානා විනාශ කර දැමූ බවයි සෞදි අරාබිය පවසන්නේ. මේ අතර ප්‍රකාශයක් කරන යේමන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රහාරයේ දී සාමාන්‍ය ජනයාට තුවාල සිදුව ඇති බවයි කියා සිටියේ. 'හූති'කැරලිකරුවෝ ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට ආධාර කරන බවට සෞදි අරාබිය සහ සෙසු ගල්ෆ් රාජ්‍ය හවුල ඉරානයට චෝදනා කරති. එම රටවල් පවසන්නේ කැරලිකරුවන් සමස්ත යේමනයේ බලය අල්ලා ගතහොත් එමගින් ඔවුන්ගේ ආරක්ෂාවට ඍජු තර්ජනයක් එල්ල වෙන බවයි. සෞදි අරාබිය විසින් ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාරය ඉරානයේ දෝෂ දර්ශනයට ලක් වී ඇත. සංවාදයක් දෙසට 'හූති'කැරලිකරුවන් අත පවතින නගරයකට ප්‍රහාරයක් එම ප්‍රහාරය මගින් ලේ වැගිරීමක් මිස ඉන් වෙනත් පලයක් නොලැබෙන බවයි ඉරාන් විදේශ ඇමති මොහමඩ් ජාවඩ් ෂරිෆ් (Mohammad Javad Zarif) පවසන්නේ. යේමන් කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාරය වහාම නතර කරන මෙන් ඉල්ලා සිටි ඉරාන් විදේශ ඇමතිවරයා විසඳුමක් සඳහා සංවාදයක් අවශ්‍ය කරන බවයි පෙන්වා දෙන්නේ. ‘හූති’ (Houthi) කැරලිකරුවන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මොහම්මඩ් අල් බුකායිති(Mohammed al-Bukhaiti) ප්‍රකාශයක් කරමින්, සෞදි අරාබිය විසින් ගනු ලැබුණ යුදමය ක්‍රියා මාර්ගය නිසා යුද්ධය තවත් ව්‍යාප්ත වෙන බවයි කියා සිටියේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන තුර්කිය සෞදි අරාබි යුද ක්‍රියා මාර්ගයට සහාය පළ කරන අතරවාරයේ කලාපයේ සාමයට තර්ජනයක් වී ඇති ක්‍රියාමාර්ග අත්හැර දමන මෙන් කැරලිකරුවන්ගෙන් සහ ඔවුන්ගේ විදේශීය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් අරාබි රාජ්‍ය සන්ධානයේ යුද ගුවන් යානා යේමනයේ ජනාධිපති අබ්ද් රාබුහ් මන්සූර් හාඩි (Abd Rabbuh Mansour Hadi) පදවියෙන් නෙරපා හැරීමට මුල් වූ ෂියා ඉස්ලාමීය ‘හූති ’ (Houthi)කැරලිකරුවන්ගේ බල කඳවුරුවලට පහර දුන්හ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශාල දිගු ගෙලක් සහිත ඩයිනසෝරයන් අයත් සොරෝපොඩ් පවුලට එක්වුනු, ලින්වුලොන්ග් ශේන්කි (Lingwulong shenqi) නම් මෙම ඩයිනසෝරයා වසර මිලියන 174 ක් ඉහත උතුරු චීනයේ ජීවත්ව තිබේ. මේ කාලය වනවිට නැගෙනහිර ආසියාව පැන්ජීයා (Pangaea) සුපිරි මහද්වීපයෙන් වෙන්ව තිබූ බව සැලකේ. නමුත් 'Lingwulong' ඩයිනසෝරයා එය එසේ නොවුණු බවට සාක්ෂ්‍යයක් ද විය හැකිය. බ්‍රොන්ටසෝරස් (brontosaurus), ඩිප්ලොඩොකස් (diplodocus) සහ බ්‍රාකියසෝරස් (brachiosaurus) වැන්නන් අයත්වන නියොසොරපොඩ් (neosauropods) උප විශේෂයේ කොටසක් වන ලින්වුලොන්ග් (Lingwulong) කිසිසේත්ම හමුවිය නොහැකි ප්‍රදේශයකින් හමුවී තිබේ. එනම් උතුරු චීනයෙනි. ඒ, එම විශේෂයේ අනෙකුත් සියලුම ඩයිනසෝරයන්ට වඩා වසර මිලියන පහළොවකට පෙරය. මේ පිළිබඳ අධ්‍යයනයේ කතුවරයෙක්වූ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යායතනයේ ආචාර්ය පිලිප් මැනියන් (Philip Mannion) මෙය "අතිශයින්ම අපේක්ෂා නොකළ" දෙයක් ලෙස විස්තර කර තිබේ. "මේ සතා එම උප විශේෂයේ පැරණිතම සත්ත්වයා වීම පමණක් නොවේ ආසියාවෙන් ම පළවෙනියා. ජුරාසික් යුගයේ නියොසොරපොඩ් ආසියාවට නොපැමිණි බව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කළා" ඔහු බීබීසී සමග පැවසීය. ඒ කාලය වනවිට පැන්ජියා කොටස් ලෙස වෙන්වීම ඇරඹුණා පමණි. රතු මුහුද වැනි, එහෙත් ඊට වඩා විශාල මුහුදක්, චීනය දැන් පවතින ආකාරයට සුපිරි මහද්වීපයෙන් වෙන් කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව සතුන්ට අනෙක් ගොඩබිම් වෙත යාම වළකන්නට ඇතැයි සැළකේ. "නියොසොරපොඩ් එවැනි බාධක ඇතිවීමට ප්‍රථම මෙහි පැමිණි බව මින් යෝජනා කරනවා. නමුත්, මෙම බාධක සමහරවිට දිගුකල් නොපැවති බව භූ විද්‍යාත්මක සාධක පෙන්වාදෙනවා," යනුවෙන් ආචාර්ය මෙනන් පවසයි. පැන්ජියාවේ අනෙක් කොටස්වල නියොසොරපොඩ් බහුල ලෙස සිටි බව නොසළකා හැරියත්, උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ පෙරදිග අප්‍රිකාව යන කලාපවලින් වර්ෂ මිලියන 160 ට වඩා පැරණි සාධක හමුවී නැත. 'ලින්වුලොන්ග්' එම පවුලේ පැරණිම සාමාජිකයා ලින්වුලොන්ග් දැන් එම පවුලේ පැරණිම සාමාජිකයා බවට පත්වී තිබේ. එසේම, විවිධාංගීකරණය නැවත මුල් ජුරාසික් වෙතින් රැගෙන ගියහොත් මෙම ඩයිනසෝරයන් පෙර කළ නිගමනයන්ට වඩා පරිනාමයේදී දියුණු තත්ත්වයක පසුවන්නට ඇති බව පෙන්වයි.
මෑතකදී සොයා ගන්නා ලද ඩයිනෝසරයන් මගින් චීන 'භූ විද්‍යා ඉතිහාසය' නැවත ලියවීමට හැකියාව ලැබී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි' එම තීන්දුව ගැනීම දුෂ්කර කරුණක් වූ බවයි මහ කොමසාරිස් වරයා පවසන්නේ. පළමු කාල සටහන අනුව කටයුතු කිරීම සහ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරනු ලැබීම තරමක් කල් තැබීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති බවත් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් සිය නිවේදනයේ සඳහන් කරයි. මෙය එක් වතාවක් පමණක් සිදු කෙරෙන කල් තැබීමක් වන බවත් ඔහු අවධාරණය කරයි. යටපත් කිරීමක්? තව දුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කියා තිබෙන්නේ, මානව හිමිකම් ක්‍රියාදාමයේ සමස්ත වැදගත් භාවය සම්බන්ධයෙන් සිය කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පවත්නා සූදානම සම්බන්ධයෙන් තමා වෙත පැහැදිලි පණිවුඩයක් ලැබී ඇති බවයි. තමාට පෙර පදවියේ කටයුතු කළ නවී පිල්ලේ විසින් පත් කරන ලද කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනා ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට දක්වන මනාපය සඳහා කාල පරාශයක් ලබා දීම සඳහා එක් තාවකාලික කල් තැබීමකට එකඟතාවය දැනුම් දී ඇති බවත් සයිඩ් අල් හුසේන් තව දුරටත් සඳහන් කරයි. "මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි," යනුවෙන්ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ සඳහන් කරයි. මෙය පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ හෝ දිය කර හැරීමේ පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකාවේ දී සිය මානව හිමිකම් උල්ලංඝණයට ලක් වූ බොහෝ ජනතාව දකින්නට ඉඩ ඇතැයි තමාට හොඳින්ම වැටහෙන බවත් මහ කොමසාරිස්වරයා පවසයි. එහෙත් වාර්තාව නිකුත් කිරීම පමා කිරීම යනු එය යටපත් කිරීමේ උත්සාහයක් නොවන බව අවධාරණය කරන ඔහු, එය ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවට තමන් පුද්ගලිකවම සහතික වන බවත් පවසයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු විනැයි චෝදනා එල්ල කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් නිවේදනය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්ෂික වාර්තා නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මෙන්ම කොමිසම සිවිල් සමාජය සමග පවත්වන සම්බන්ධතා පිළිබඳව ද කොමසාරිස්වරිය විමසූ බවයි සභාපතිවරයා සංදේශයට කියා සිටියේ. දේශපාලන බලපෑම් ජාතික මානව හිමිකම් කොමිසම දේශපාලන බලපෑම් වලින් තොරව ස්වාධීනව පවත්වා ගෙන යාම සඳහා තමන් ගෙන යන උත්සාහය පිළිබඳව මහ කොමසාරිවරිය දැනුවත් කළ අතර, කොමිසමේ සියලු සාමාජිකයන් දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාකරන බවට තමන් ඉදිරිපත් කල කරුණු මගින් මහකොමසාරිස්වරිය සෑහීමට පත්වුණු බවයි,ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මාධ්‍ය නිදහස සුරැකීම ශ්‍රී ලංකා රජය මාධ්‍ය නිදහස සුරැකීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ කැටුව පැමිණි නියෝජිත පිරිසේ සාමාජිකයන් හමු වූ මාධ්‍ය සංවිධාන හතක නියෝජිතයන් මේ අතර පෙන්වා දී ඇත. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මෙන් ම ඔවුන්ට වධ හිංසා පැමිණවීම දඬුවම් නොලැබෙන අපරාධ බවට පත් වී ඇති ආකාරය පිළිබඳව ඉහත කී සාකච්ඡාවේදී විස්තර කල බවත්, මාධ්‍ය නිදහස සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ බලපෑම අවශ්‍ය කරන බව අවධාරණය කල බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සංදේශය සමඟ සාකචඡාවකට එක් වෙමින් කියා සිටියේය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශන පැවැත්වීමේ දී ජාතික මානව හිමිකම් කොමිසම අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවී පිල්ලේ කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසූ බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රියන්ත පෙරේරා ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරේ සිවිල් ජන ජීවිතය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කරයි උතුරේ මෑතදී පිහිටුවන ලද හමුදා බල ඇණි ස්ථිර කඳවුරු බවට පත් කෙරෙමින් තිබෙන බව ඔහු කියා සිටියේ කිලිනොච්චියේ යුද හමුදා සේනාංක හමුවූ අවස්ථාවේදී. හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ, උතුරේ රඳවා සිටින හමුදා සේනාංක අඩු කොට එහි සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකා ආණ්ඩුවට අවධාරණය කරමින් සිටියදී. මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේ පළාත් සභා මැතිවරණයට බාධා වන අයුරින් හැසිරීම වැළැක්වීමේ අවශ්‍යතාවය මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකදී විරුද්ධ පක්ෂ අවධාරණය කොට තිබේ. එමෙන්ම මැතිවරණය පැවැත්වෙන කාලය තුල හමුදාව බැරැක්කවල රඳවා තබන මෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටි බවයි, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් එවැනි බලයක් පවතින්නේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට පමණක් බව පවසමින් කොමසාරිස්වරයා "ප්‍රශ්නයෙන් ගැලවීමේ උත්සාහයක" යෙදුනු බව ද ඔහු පැවසීය.
උතුරේ සෑම ප්‍රදේශයකම ස්ථිර යුද හමුදා කඳවුරු පිහිටුවන බව පදවියෙන් ඉවත්ව යන යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉහත සඳහන් රෝග වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා පාපැදි භාවිත කරන මෙන් විද්‍යාඥයෝ නිර්දේශ කරති. පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩකින් අවම කිරීම හා පාපැදි භාවිත කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ පුළුල් අධ්‍යනයක යෙදුනාහ. එක්සත් රාජධානිය තුළ වසර පහක් ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයට රැකියා සඳහා දෛනිකව බැහැර යන පුද්ගලයන් දෙලක්ෂ පනස් දහසක් යොදා ගනු ලැබ තිබේ. පොදු මගී සේවයක අසුන් ගෙන ගමන් කිරීම හෝ රැකියාව බලා මෝටර් රථයෙන් ගමන් කිරීම හා සැසඳීමේ දී ඇවිදීම තුළින් ඇතැම් වාසි ලැබෙන බවත් අධ්‍යයනයෙන් පෙනී යයි. ව්‍යායාම මධ්‍යස්ථානයක් (Gym) වෙත යෑම මෙන් නොව පාපැදියක් භාවිත කිරීම දින චර්යාවේ කොටසක් බවට පත් වූ පසු එය නොනවත්වා පවත්වාගෙන යෑම සඳහා දැඩි අධිෂ්ඨානයක් අවශ්‍ය නොවන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥ කණ්ඩායම පවසයි. වසර පහක අධ්‍යයනය සිදු කරනු ලැබුවේ රැකියා ස්ථානය කරා "ක්‍රියාශීලී" ලෙස ගමන් කරන සහ නිශ්චලව ගමන් කරන පුද්ගලයන් සංසන්දනය කරමිනි. සතියට සැතපුම් තිහක් සමස්තයක් වශයෙන් අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන්ගෙන් 2,430 දෙනෙකු මරණයට පත් වී තිබේ. තවත් 3,748 දෙනෙකුට පිළිකා වැළඳී ඇති බව හඳුනා ගෙන ඇති අතර 1,110 දෙනෙකු හදවත් රෝග හා සම්බන්ධ ගැටලු ඇති බව හෙළි විය. නමුත් අධ්‍යයනය සිදු කළ කාලය තුළ දෛනිකව පාපැදියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කුමන හෝ සෞඛ්‍ය හේතුවකින් මිය යෑමේ අවදානම 41% කින් අඩු වී තිබේ. එමෙන්ම පිළිකා වැළඳීමේ හැකියාව 45% කින්ද හෘද රෝග 46% කින් ද අඩු වී ඇති බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. පාපැදි භාවිත කරන්නන් සතියකට සාමාන්‍ය වශයෙන් සැතපුම් 30 ක් පාපැදියෙන් ගමන් කරන අතර ගමන් කරන දුර වැඩිවන තරමට ඉන් ලැබෙන සෞඛ්‍ය වාසි ද ඉහළ යයි. සෞඛ්‍ය වාසි ඇවිදීම තුළින් හදවත් රෝග වර්ධනය වීමේ හැකියාව අවමවන නමුත් එහි නිසි වාසි ලැබෙන්නේ සතියකට සැතපුම් හයකට වඩා අවිදයන පුද්ගලයන්ටය. "රැකියාව සඳහා ක්‍රියාශීලීව ගමන් කරන, විශේෂයෙන් බයිසිකල් පදින අය අඩු අවදානමක සිටින බවට මෙය පැහැදිලි සාක්ෂියක්" යනුවෙන් ග්ලාස්ගෝවිශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේසන් ගිල් පැවසීය. "බයිසිකල් පැදයාම පහසු කරවීම සඳහා යටිතල පහසුකම්වල වෙනසක් සිදු කිරීම ඇත්තෙන්ම අවශ්‍යයයි. බයිසිකල් සඳහා වෙනම මං තීරු අවශ්‍යයි. දුම්රිය තුළ බයිසිකල් ගෙන යෑම පහසු කළ යුතුයි. පිරිසිදු වීම සඳහා රැකියා ස්ථාන තුළ නාන කාමර පහසුකම් අවශ්‍යයි" පාපැදිය සහ පොදු මගී සේවා යන දෙවර්ගයම භාවිත කරන පුද්ගලයන්ට ද සෞඛ්‍ය වාසි ලැබෙන බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි.
දිගු කල් ජීවත්වීමට අවශ්‍යද? පිළිකා වැළඳීමේ අවදානම හෝ හෘද රෝග අවම කර ගැනීමට අවශ්‍යද?
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අගමැතිවරයා ඒ බව කියා සිටියේ නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීම සහ එය මූල්‍ය නගරයක් වශයෙන් සංවර්ධනය කිරීම යන තීන්දු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේදී. "නැවත මේ පාරිසරික විනාශය ඒ ආකාරයටම සිදු වන තත්වයක් යටතේ එතන මූල්‍ය නගරයක් ඇති කරන්නේ ඇයි ? මූල්‍ය නගරය ඉදිකිරීමට වෙනත් ස්ථාන තිබියදී ඇයි මුහුද ගොඩ කරන ස්ථානයක් මේ සඳහා තෝරා ගන්නේ?" පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ වැලිකඩ බන්ධනාගාරය ඉවත් කොට එම ස්ථානයේ මූල්‍ය නගරය ස්ථාපිත කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ බවයි. කෙසේනමුත් වැලිකඩ බන්ධනාගාරය සතු භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් චීන වරාය නගර ව්‍යාපෘතියේ ඇති බැවින් එය ප්‍රයෝජනයක් ලෙස සලකා මූල්‍ය නගරය, වරාය නගරයේ ස්ථාපිත කිරීමට තීන්දු කළ බවයි අගමැතිවරයා කියා සිටියේ. වැලිකඩ බන්ධනාගාරය වරාය නගර ව්‍යාපෘතියේ පරිසර හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය. "පරිසර වාර්තාවෙන් ඒක අනුමත කළා ඉදිරියට යන්න කියලා, චීන සමාගම එකඟ වුනා සිනකක්ර ඉඩම් ගන්නේ නැහැ කියලා, සියලු කාරණා පරිසර වාර්තාව අනුව සිදු කරන්නේ, ධීවර ප්‍රශ්නයටත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.'' ''මූල්‍ය නගරය, වරාය නගරයේ ඉදි වීමත් සමග වැලිකඩ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක් බවට පත් වෙනවා.'' මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ අක්කර පහළොස් දහසක භූමි ප්‍රමාණයක ඉදි කිරීමට යෝජිත කර්මාන්ත පුරවරය හේතුවෙන් වනජීවි සම්පතට සිදු වන හානිය පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. "හඳුනා ගෙන තිබෙන ඉඩම් දැනට වනජීවි ලෙස ගැසට් කර නොමැති වුවත්, වනජීවි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙන ප්‍රදේශයක් තමයි දැනට ඒ සඳහා හඳුනා ගෙන තිබෙන්නේ." හම්බන්තොට වරාය ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා සිටියේ වනජීවි සම්පතට අයත් කිසිදු ඉඩමක් සඳහා යොදා නොගැනීමට තීන්දුවක් ගෙන ඇති බවයි. "අක්කර 15,000ට වඩා අවශ්‍යයි. හම්බන්තොට, මොනරාගල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඉඩම් සොයා ගෙන යනවා. වනජීවි එකට අදාළ ඉඩම් මේකට ඇතුළත් නොකරන්නත්, ඒ ප්‍රදේශවල ඉන්න අලි ඇතුන් සඳහා වෙනම කොරිඩෝවක් ඇති කිරීමටත් යෝජනා වී තිබෙනවා." අදාළ සමාගම් සඳහා ඉඩම් ලබා දෙන්නේ සින්නක්කරව දැයි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා එහිදී විමසූ අතර එම අදහස බැහැර කරමින් අගමැතිවරයා කියා සිටියේ දිගුකාලින බදු යටතේ එම ඉඩම් ලබා දෙන බවයි. කර්මාන්ත පුර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට වෙනම අධිකාරියක් පිහිටුවීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පරිසර වාර්තාව අනුමත වීම සහ සින්නක්කර ලෙස ඉඩම් ලබා නොගැනීමට චීන සමාගම එකඟ වීම යන කරුණු මත චීන වරාය නගර ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය බුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා," නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ අනු කමිටු වාර්තා හයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (නොවැම්බර් 19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ පරාසය පුළුල් කරමින් ජීවත් වීමට ඇති අයිතිය, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් මිදී සිටීමේ නිදහස, පුද්ගලික ආරක්ෂාව සහතික කිරීම ආදී කරුණු නව නිර්දේශවලට ඇතුළත් බව මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ සාමාජික පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. 'සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය භුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා' "ඊට අමතරව අපි යෝජනා කරලා තිබෙනවා සමාජ, ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම්, ළමා, කාන්තාවන් සහ දුබලතා ඇති පුද්ගලයන් සම්බන්ධ අයිතිවාසිකම්. ඒ වගේම පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් යෝජනා කොට තිබෙනවා," යනුවෙන් ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය. දුබලතා සහ විශේෂ අවශ්‍යතාවන් සහිත පුරවැසියන් සඳහා වූ සන්නිවේදනය සඳහා වූ අයිතිවාසිකම්, ගෞරවනීය ජීවිතයක් සහතික කෙරෙන අයිතිවාසිකම් සම්බන්ධ කරුණු අදාළ නිර්දේශ තුළ දීර්ඝ වශයෙන් සඳහන් කොට ඇති බව ආචාර්යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද සමාජයේ අනෙක් සියලු ජනකොටස්වලට හිමි අයිතිවාසිකම් ඒ හා සමාන ලෙසින් භුක්ති විඳීමට අවස්ථාව හිමි විය යුතුය යන්න කමිටුවේ තවත් නිර්දේශයක්. විවිධ ජන කොටස් වෙසෙන රටක් වශයෙන් ඔවුන්ගේ ආගමික සහ භාෂා ඇතුළු සියලු අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සිය කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කියා සිටි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,"සෑම පුද්ගලයකුටම තනිව හෝ අන් අය සමග එක්ව තම සංස්කෘතිය භුක්ති විඳීම හෝ ප්‍රවර්ධනය කිරීම සහ කැමති භාෂාවක් කතා කිරීමට ඇති අයිතිය පිළිගැනීම යෝජනා කොට තිබෙනවා," යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් සම්බන්ධ කමිටුවේ නිර්දේශ යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණ හොත් මූලික අයිතිවාසිකම් විෂයයෙහිලා කලාපයේ ඉදිරියෙන්ම සිටින ව්‍යවස්ථාවක් බවට එය පත්වනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයෙක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කලා නිර්මාණ මාලින්ගේ මානසික තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට උපකාරයක් වී ඇත මාලින්ගේ ජීවිතයට බේරුමක් ලබන විට ඇයට වයස අවුරුදු 21ක් විය. නව යොවුන් වියේ පසු වූ මාලින් දැඩි මානසික පීඩනයකින් මෙන්ම ස්වයං-අභිමානයක් සමඟ පොරබදමින් සිටියාය. අනතුරුව ඇය තරබාරු මෙන්ම වැදගැම්මකට නැති තැනැත්තියකැයි ඇයගේම හිස තුළින් නැගෙන පණිවුඩයක් මාලින් අමතා කියන්නට විය.එමගින් කියැවුනේ ඇය සියදිවි හානිකර ගතයුතු බවය. ''ඔහු ඉතාම කෝපයට පත්වුණා. ඔහුට විශාල බලයක් පැවතුන නිසා මා හුදෙකලා කිරීමට බල කෙරුණා. අන්තිමේ දී මට බිත්ති අතරින් එලියට එන සතුන්ගේ අඬු වගේ දේවල් පේන්න පටන් ගත්තා''මාලින් පවසන්නීය. අනතුරුව මාලින් ඇය ජීවත්වූ උතුරු නෝර්වේ හි 'ෆ්යෝර්ඩ්ස්'(fjords)නගරය හැරදමා සරසවිය බලා පිටත්ව ගියාය. එහෙත් වැඩි දවසක් ගත නොවුණි. මාලින් තුළ විශාල කඩා වැටීමක් සිදු වූ අතර ඇයට සිය සයනයෙන් නැගිටගත නොහැකි තත්ත්වයක් උදා විය. මාලින්ගේ පවුලේ සාමාජිකයෝ වහා පැමිණ ඇය රැගෙන ගිය අතර ඇය මනෝචිකිත්සාගාරයකට ඇතුළත් කරන ලදුව වසරක පමණ කාලයක් එහි රැඳී සිටිමින් ප්‍රතිකාර ලැබුවාය. මෙය ඇය රෝහලකට ඇතුළත් කෙරුණ පළමු අවස්ථාවයි. එම චිකිත්සාගාරයේ දී මාලින් සඳහා කරන ලද එකම ප්‍රතිකාරය ඉතා ප්‍රබල ඖෂධ ලබාදීමය. ''මගේ ජීවිතය ඖෂධවලින් පිරීගියා. මනස බොඳ වෙන්නට පටන් ගත්තා. මගේ සංවේදීභාවයන් සහ හැඟීම් සමඟ කිසිදු සබඳතාවක් නොමැතිව මම මගේ ජීවිතය දෙස ඔහේ බලාගෙන හිටියා'' මාලින් පවසන්නීය. ''දිගින් දිගටම සිදුවෙමින් තිබුණේ එකම ක්‍රියාවලියක්.මම උදව්වක් පැතුවා. ඔවුන්ට පුළුවන් වුණේ මට ඖෂධ දීම පමණයි. ඒත් කිසිම ප්‍රගතියක් ලැබුවේ නැහැ'' ''ඒක හරිම විනාශකාරී තත්ත්වයක්. කෙනෙකුට අවශ්‍ය කරන්නේ සුවපත්වීම. මිනිස්සු කියාවි-මේක ඔබේ ජීවිතය,දැන් සෑහීමකට පත්වෙන්න කියල. නමුත්,මට දැන් ගෙවන මේ ජීවිතයෙන් සෑහීමට පත්වෙන්න බැහැ'' මනෝචිකිත්සක ප්‍රතිකාර සම්බන්ධයෙන් මාලින් ලද අත්දැකීම අසාමාන්‍ය වූවක් නොවේ. මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන බොහෝ දෙනෙක් ඔවුන්ට නියමකරනු ලබන ඖෂධ මගින් සාමාන්‍ය ජීවිතයක් අත්කර ගැනීමට සමත්වෙන නමුත් එවැනි ව්‍යාධීන්ගෙන් පෙළෙන්නන්ගෙන් 20%ක් පමණ එමගින් ලබන සහනයක් නොමැත. අධික විඩාව,බර වැඩිවීම,කොලේස්ට්‍රෝල් බහුලවීම සහ දියවැඩියාව වැනි අතුරු ආබාධවලට ඔවුහු ගොදුරු වෙති. බලය පාවිච්චිකරමින් සිදුකෙරෙන දිගුකාලීන ප්‍රශ්න මතුකෙරෙන ඉහත කී ඖෂධ මගින් ලබන සමස්ත ප්‍රතිලාභ සම්බන්ධයෙන් නෝර්වේ සමාජයෙහි මැසිවිලි පළවෙමින් පවතී. එම කාරණය අතින් දැනට ලැබී ඇති සීමිත ජාත්‍යන්තර සැසඳීම් සංඛ්‍යාව අනුව බොහෝ වෙනත් රටවලට වඩා නොර්වේ හි පවතින්නේ වඩාත් පොදු තත්ත්වයකි. මානසික ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර කෙරෙන ආයතනයන්හි බලහත්කාරයෙන් හුදෙකලා කරනු ලැබීමේ නෝර්වේ පිළිවෙත වෙනස්විය යුතුව ඇතැයි වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව මගින් අඟවනු ලැබ ඇත. මාලින් මෙන්ම, උමතු අදහස් සහිත ඉතා බරපතල මානසික පීඩනයකින් පෙළුණු මෙටේ එලින්ග්ස්ඩේලන්(Mette Ellingsdalen) වසර දහතුනක කාලයක් මනෝව්‍යාධි සහනකාරක ඖෂධ දෙනලද තවත් කාන්තාවකි. එහෙත් එය ඇයට ප්‍රතිකාරයක් නොවුණි.වෙනත් රෝගීන් මෙන් නොව ශාරීරික මට්ටමින් පිරිහීමක් ප්‍රදර්ශනය නොකළ 'මෙටේ' සඳහා ඖෂධ එන්නත් මගින් ශරීරගත කරනු ලැබුණි. ඇය ඖෂධ ප්‍රතික්‍ෂේප කළේනම්, මෙටේ රෝහල්ගත නොකිරීමට ඉඩකඩ තිබුණි. ''මම මේ ක්‍රමය තුළට ඇද දමපු කුඩා අවධියේ පටන් පොර බදමින් සිටි විශාල අර්බුදයක් තිබුණා. මම ඉතා ශක්තිමත් ලෙස ඊට මුහුණ දෙමිනුයි සිටියේ. මේ ඖෂධ මගින් ඇතැම් රෝග ලක්‍ෂණ සීමා කරනවා. නමුත් ඒ සමඟ ඒවා මගින් අපගේ ක්‍රියාකාරකම් සමඟ ගනුදෙනු කිරීමට අප සතු ශක්තිය,අපේ හැකියාවන් හීන කරනවා. කොහොමහරි,මට මගේම කතාව අහිමි කෙරුණා'' ඇය සඳහන් කළාය. අන්තිමේදී,අවුරුදු පහක් තිස්සේ උත්සාහ කළත් ඖෂධ නැතිව ජීවත්වීමට අපොහොසත් වීමෙන් අනතුරුව තමා විසින් පාවිච්චියට ගනු ලබන ඖෂධ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකර ගැනීමට 'මෙටේ' සමත් වූවාය.අනතුරුව 2005 වසරේ දී ඇය නෝර්වේ මානසික සෞඛ්‍ය ක්‍රමයේ වෙනසක් ඇතිකිරීමේ සංවිධානය සමඟ එක්වූවාය. දැන් ඇය මනෝ ව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා පිහිටුවන ලද "අපි ජයගනිමු'' නම් සංවිධානයේ සභාපතිවරියයි. ''බලපෑම අවම කිරීම සඳහා ඇති වඩාත් පහසුතම මාවත මහජනයාට තෝරාගැනීමක් සඳහා අවකාශ සැලසීමයි. ඔවුන්ට 'ඔව්' කියා එකඟවිය හැකි ප්‍රතිකාරයක් තෝරාගැනීම''ඇය පෙන්වා දෙන්නීය. ඖෂධ නොදී ප්‍රතිකාර කරනු ලබන සායනික වාට්ටු ලසපයන ලෙස නොර්වේ සෞඛ්‍ය අඇමැති බෙන්ට් හෝයි(Bent Hoie) විසින් 2016 වසරේ දී එරට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කළ අතර එය මෙටේ වැනි අය විසින් අවුරුදු ගණනාවක් ගෙනයමින් තිබුණ උපදේශන සේවා පල දැරීමක් බවට පත්විය.ඖෂධ නොමැතිව ප්‍රතිකාර කරනු ලබන රටවල් කීපයක් ඇති අතර,එම ක්‍රමය තෝරාගනිමින් එය විකල්ප ප්‍රතිකාරයක මට්ටමින් ආණ්ඩුවේ මනෝ චිකිත්සක වැඩපිළිවෙලට ඇතුළත් කරන ලද පළමු රට බවට ඒ සමඟ නෝර්වේ පත්විය. වෛද්‍ය මැග්නස් හෝල්ඩ් ආර්ක්ටික් සාගර මුවදොරෙහි පිහිටි 'ට්‍රොම්සෝ'(Tromso)නගරයේ උතුරු නෝර්වේ සරසවි රෝහලේ මානසික සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය අවභාවිතය රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන අංශයේ එවක අධ්‍යක්ෂවරයාව සිටියේය. වෛද්‍ය මැග්නස් වසර ගණනාවක් රෝගීන් සඳහා ඖෂධ වර්ග වැඩි වශයෙන් නියමකරනු ලබන අංශවල කටයුතු කළ අතර විකල්ප ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වීය. ඒ අනුව වෛද්‍යවරයා සිය රෝහලේ ඖෂධ යොදා නොගනිමින් ප්‍රතිකාර කෙරෙන අංශය පවත්වාගෙන යාමේ කාර්යය භාර ගත්තේය. "මගේ පැත්තෙන් බැලුවොත්, මට ඇති වඩාත් වැදගත් දෙය නම් මිනිසුන්ට විවිධ ක්‍රම අත්හදා බැලීමට ඉඩකඩ සැලසීම''වෛද්‍යවරයා සඳහන් කළේය. ''ඖෂධ වර්ග ශරීරයේ ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ ගැන ඔබ දන්නා තොරතුරු ගැන රෝගියා දැනුවත් කළ යුතුව තියෙනවා. ඖෂධ නිපදවන සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවිට ඔවුන් ඖෂධ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මහජනයාට කියන කරුණු සහමුලින්ම නිවරැදි නොවන බවත්, ඒවායේ ඇති අන්තරාය ගැන දැනුවත් නොකරන බවත් පෙනීයනවා. නිදසුනක් වශයෙන්, බරපතල මානසික ගැටලු සහිත අයගේ මොළයේ එක්තරා ආකාරයක රසායනික අසමතුලිතතාවයක් ඇති බවට මිථ්‍යා මතයක් පවතිනවා. ඒත්ඇත්ත වශයෙන් ඒ මතය සනාථ කෙරෙන පර්යේෂණයක් සිදුකෙරී නැහැ'' 'ට්‍රොම්සෝ' රෝහලේ මනෝ චිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබන බොහෝ රෝගීන් ඖෂධවලින් ක්‍රමයෙන් ඈත් කරනු ලබන අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කලක් ගතවෙයි. "අපෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට එම ක්‍රමය වැඩකරන බවක් පෙනෙනවා'' වෛද්‍ය මැග්නස් පවසයි. "ඇතැම් රෝගීන් මේ ව්‍යාධිය සම්බන්ධයෙන් කවදාවත් කිසිදු ආකාරයක ඖෂධයක් නැවත පාවිච්චි නොකරන්න පුළුවන්. නමුත් ඇතැමෙක් කාලෙකට පස්සේ නැවතත් බෙහෙත් සොයන්න ඉඩකඩ තියෙනවා. ඒ අතරම තවත් සමහර රෝගීන් ඔවුන් පාවිච්චියට ගනුලබන ඖෂධ මාත්‍රාව අඩු කරන්න පුළුවන් " දැන් 34 වෙනි වියේ පසුවෙන මාලින් ඉහත කී රෝහලේ එම අංශයේ රෝගී කාන්තාවකි. සති කීපයක් රෝහලේ ගතකරන මාලින් නැවත මාස කීපයකට සිය නිවසට යන්නීය. එම කාලය තුල ඇය සිය බලු සුරතලා වන 'යාරෙක්' සමඟ කාලය ගතකරයි. තනිවම වාසය ඇයට පහසු නැත. මානසික සෞඛ්‍ය අතින් ඇය සුවය ලබන්නේ සෙමෙනි. අයට ඇසෙනවා යයි කියන ශබ්ද තවමත් අතුරුදහන්ව නැත. එහි තේරුම ඇයට තවමත් අද්භූත ශබ්ද ඇසෙන බවකි. මාලින් දැන් පාවිච්චි කරන්නේ සිත සංසුන් කරගැනීම සඳහා රාත්‍රි කාලයේ ගන්නා ඖෂධ පමණි. ඖෂධ පාවිච්චි කරමින් සිටි අවධියෙහි තමා නොලද විකල්පයක් වූ දැඩි ප්‍රතිකාර ක්‍රමයක් රෝහලේ මෙම අංශයේ තමා සඳහා ක්‍රියාත්මක වෙන බව මාලින් පවසන්නීය. සුවය ලැබීම අතින් දැන් ඇයගේ ප්‍රධාන අවධානය යොමුවෙමින් පවතින්නේ කලාව කෙරෙහිය. ''මගේ රෝග ලක්ෂණ අඩුකර ගැනීමට වඩා මම දැන් අවධානය යොමුකරන්නේ මගේ හැඟීම් සමඟ යළි සම්බන්ධ වෙන්නයි. මට ඇසෙන ශබ්දයට උවමනා කරන්නේ මොනවද? කියල දැනගැනීම සඳහා අපි විපරම් කරනවා. එය නතර කිරීමට මම කරන්න අවශ්‍ය කුමක්ද? කියල'' තමාට දැන් වැඩකිරීම ගැන සිතීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් ඇතැයි මාලින් අදහස් කරයි. ඇයගේ බලාපොරොත්තුව නෝර්වේහි විශාල බල්ලන් යොදාගනිමින් හිමමත ඇදගෙන යන රථ පාවිච්චිකරනු ලබන සංචාරක කර්මාන්තය දෙසට යොමුවීමය. "මම දැන් පළමු වතාවට මා සොයා ගැනීමට පටන්ගෙන ඇති බවක් මට හැඟෙනවා. මම දැන් මගේ ස්වයං-අභිමානය ගොඩනඟා ගැනීමට පටන්ගෙනයි ඉන්නේ. අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම අතින් දැන් මට ධෛර්යය උපදවා ගන්න පුළුවන්.ඇත්තෙන්ම, පුදුමයි!" මාලින් කියන ආකාරයේ කතන්දර දැන් ඇසෙන්නට පටන්ගෙන ඇත. එහෙත් ඖෂධ නොමැතිව කරනු ලබන ප්‍රතිකාර සම්බන්ධයෙන් නෝර්වේ සමාජයේ තවමත් විසංවාදයක් ද පවතී. බොහෝ රෝගීන් ගත්විට මානසික ප්‍රතිකාර අතිශයින් වැදගත් වෙයි. ක්ලෝඩියා විසිවෙනි වියේ පසුවන්නියකි.යොවුන් විය ගතකරමින් සිටියදී ඇය මායාකාරී හැඟීම් වලියකට ගොදුරු වූ අතර සියදිවි හානිකර ගැනීමේ හැඟීමකට ගොදුරු වූවාය. ක්ලෝඩියා පෙළන ලද එක මානසික පීඩාවක් වුණේ ඇයට දෙනලද ඖෂධ 'වස' හැටියට ඇය විසින් විශ්වාස කරනු ලැබීමය. එවැනි තත්ත්වයක් යටතේ එම ඖෂධ නතරකරන ලද අතර ඇය යහපත් අතට හැරුණාය. "එහෙත් එක්තරා කාල පරාශයක පෙළුන මානසික ආතතියකින් පස්සේ මම ආයෙත් රෝගී වුණා. මට ආයෙත් මුලසිට පටන් ගන්නයි සිද්ධ වුණේ. අඩුතරමින් මගේ හිස වතුරට ඉහළින් තබා ගැනීමට පවා මට දැන් බෙහෙත් අවශ්‍ය කරනවා කියල මම හිතනවා'' ''නෝර්මල්- සාමාන්‍යයි- කියන වචනයටවත් මම ඇත්තෙන්ම මනාප නැහැ. නමුත්,මම දැන් ඖෂධ ගන්නවා කිව්වාම ඒක මට හරිම සතුටක්. මගේ ඉගෙනීමේ කාලය තුළ මටත් අදහස් මගින් හවුල්වෙන්න පුළුවන්ය කියන හැඟීම මට තියෙනව. යාළුවන් සහ වෙනත් කාර්යයන් සමඟ මට දැන් කාලය ගතකරන්න පුළුවන්. ඖෂධ ගන්නේ නැතිකොට මගේ ක්‍රියාකාරිත්වය පහත වැටෙමින් තිබුණා. ආතතියක් දැනුණා.අවුල් සහගත තත්ත්වයක් තිබුණේ'' විවේචකයන්ට අනුව ඖෂධ නොමැති ප්‍රතිකාර ක්‍රමය ප්‍රතිඵලදායක උදාහරණයකට වඩා මතවාදයක් පමණි.'ඔස්ලෝ' නගරයේ මනෝචිකිත්සකයකු වන වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග්(Dr Jan Ivar Rossberg) එය හඳුන්වන ලද්දේ 1960 සහ 1970 දශකයන්හි සිදුකරන ලද අසාර්ථක අත්හදා බැලීමක් හැටියටය. ''මෙවැනි ක්‍රියාමාර්ගයක් ඵලදායී නොවන බව ඉතිහාසය මගින් අපට පෙන්වා දී තිබෙනවා.ඒ නිසා අපි එම ක්‍රමය භාවිත කරනු ලැබීම නතර කළා..බෙහෙත් නැතිව සුවයක් ලබාදිය හැකි බව පෙන්වන ප්‍රතිකාර රටාවක් අප සතුව නැහැ''වෛද්‍යවරයා සඳහන් කළේය. ආරම්භක අවස්ථාවේ පටන් මනෝව්‍යාධීන්ගෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම අතින් සාර්ථක වැඩ පිළිවෙල වන්නේ ඖෂධ උපයෝගීකර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර බව අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන බවත් වෛද්‍ය ජෑන් අයිවර් රෝස්බර්ග් පවසයි.මායාව සහ අද්භූත දර්ශන පෙනීම ඉතා දැඩි තත්ත්වයක පවතින විට ක්‍රමානුකූලව බෙහෙත් ප්‍රමාණය අඩුකරන තෙක් දෙවසරක පමණ කාලයක් ඖෂධ දීම අවශ්‍ය කරන බව ඔහුගේ අදහසයි. එහෙත් වෛද්‍ය මැග්නස් හෝල්ඩ් එම අදහස සමඟ එකඟ නැත.. ට්‍රොම්සෝ නගරයේ ඖෂධ නොදී ප්‍රතිකාර ලබාදෙන අංශයේ වසර කීපයක් ගත්කළ රෝගීන් උපයෝගීකර ගනිමින් පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහු සූදානම්වෙමින් සිටියි. එම අංශයේ රෝගීන් සියදිවි නසාගැනීමක් ගැන වාර්තා වී නැත. එහෙත් එය ඖෂධ නැතිව ප්‍රතිකාර කළ හැකිය යන අදහසට ප්‍රබල සාක්ෂියක් ද නොවේ. ''ඇත්ත වශයෙන්ම,අපගේ ඉලක්කයක් විය යුතුව ඇති නමුත් සමස්තයක් ලෙස ගත්විට මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාක්ෂි මත පදනම් වූ අදහස දුෂ්කර වූවක්'' ඔහු පවසයි. ''ඒ එක්කම අපි දන්නා දෙයක් තියෙනව. ඒ මනෝ චිකිත්සාවේ දී රෝග විනිශ්චය සිදුකරනු ලැබීම හුදෙක් වර්ගීකරණ ක්‍රියාදාමයක් වබ බව. අපි පුද්ගලයකු භින්නෝන්මාදයෙන් පීඩා විඳින බවට රෝග විනිශ්චය කළත්,එම තැනැත්තා සමඟ කරන සංවාදයේ දී ඔහුගේ මොළයේ කිසිදු වැරදි ක්‍රියාකාරිත්වයක් පෙනෙන්නේ නැහැ.CT හෝ MRI ස්කෑන් මගින් ද කිසිවක් පෙන්නුම් කරන්නේ නැහැ'' ඖෂධ නොදී සිදුකරනු ලබන ප්‍රතිකාර රටාව අනාගතයේදී සංවර්ධනය වනු ඇත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන්ද විසංවාදයක් පවතී. මනෝ ව්‍යාධීන්ගෙන් දරුණු ලෙස පීඩාවිඳින රෝගීන් ඖෂධ රහිතව ප්‍රතිකාර කරන අංශවලට යොමුකළ නොහැකි තත්ත්වයක් පවතී. පුද්ගලයන් දරුණු අඩියක සිටින මොහොතක ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ උපකාරය ලබාදෙන්නේ නම්,එම දුෂ්කර අදියර පසුකළ හැකි බවට ඒ ගැන අදහස් දක්වන කණ්ඩායම් කියා සිටිති. මේ අතර දරුණු මනෝව්‍යාධීන්ට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය ටෝර් ලාර්සන් එම අදහස ගැන කණස්සල්ල පළකරයි. ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධියකින් පෙළෙන බොහෝ රෝගීන් තමන් රෝගාතුරව සිටින බව නොදන්නා අතර ඖෂධ පාවිච්චිය ඇතිව හෝ හෝ නැතිව ප්‍රතිකාර කිරීමට ඔවුන් එකඟ නොවන බව ඔහු පෙන්වා දෙයි. එසේම බෙහෙත් නොදෙන සායන ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා පදනමෙන බවත් වෛද්‍යවරයා පවසයි.. ප්‍රතිකාර නොකළ මනෝ ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර නොලද බොහෝ දෙනා වීදිවල ජීවත්වන බව අධ්‍යයනවලින් පෙනී යන බවත් වෛද්‍ය ලාර්සන් පවසයි. ප්‍රතිකාර නොලද 30%ක් පමණ මානසික රෝගීහු අපරාධ සිදුකරති. නෑදෑයන්ට සහ වෙනත් අයට හිංසා කරති. ඔවුන් විසින් සිදුකරනු ලබන මිනීමැරුම් සංඛ්‍යාවත් වැඩිවෙමින් ඇත. 2019 වසරේ දී මානසික රෝගියකු විසින් 67 හැවිරිදි කාන්තාවක් සුසාන භූමියක දී පොරොවකින් කපාකොටා මරා දමන ලද සිද්ධියක් ඔහු මෙහිදී නිදසුනක් ලෙස දක්වයි. එම මනුෂ්‍ය ඝාතකයා මත්ද්‍රව්‍ය රහිත ප්‍රතිකාර වැඩසටහනකට අයත් නොවූ අතර ඔහු ඖෂධ ගැනීමෙන් වැලකී සිටියේය,එසේම ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර ඇත. එම ඛේදජනක අපරාධය 2017 වසරේ දී නීතියේ වෙනසක් පිළිබඳ විවාදයකට ද හේතුවිය. සිය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකි රෝගීන්ට හදිසි අවදානමක් ඇති වුවහොත් මිස, කැමැත්තෙන් තොරව ඖෂධ ගැනීම සඳහා බල කළ නොහැකි බව එමගින් කියැවුණි. එම පරිසරය තුළ අනතුරුදායක පුද්ගලයන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීම අතින් වෛද්‍යවරුන්ට වඩාත් අපහසු තත්ත්වයක් ඇතිකළ බව විවේචකයන් පවසා ඇත. මාලින් විසින් අඳින ලද සිතුවමක්. ඇය එය නම්කරනු ලැබ තිබෙන්නේ ''බලාපොරොත්තුවක් නොවීම'' යනුවෙනි නෝර්වේ සමාජයේ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන ජනයාට ඖෂධ නැතිව ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනට සහාය දුන් 54 හැවිරිදි හැකොන් රයන් උලන්ඩ්ගේ විශ්වාසය මෙවැන්නකි. අන්තරායන් පිළිබඳ මෙම සංවාදය මගින් මානසික රෝගවලින් පීඩාවිඳින මිනිසුන්ගේ අභියෝගාත්මක චර්යාන්වන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමේ න්‍යාය පත්‍රයක් සඟවන බව ඔහුගේ විශ්වාසයයි. ''ඔවුන් මහජනයාට සහනය සලසන න්‍යාය පත්‍රයක් පෙරට තබනවා'' ඔහු පවසයි.එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ එම අනතුරු අඟවන ස්නායුමය රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයන්ට වැදගත් වීමට ඉඩකඩ ඇති බවය. '' මනෝව්‍යාධියකින් පෙළෙන සමයක පුද්ගලයකු තුළ දකින්න ලැබෙන්නේ හදිසි ව්‍යාකූල භාවයක්'' ඖෂධ රහිත ප්‍රතිකාර ව්‍යාපෘතීන්ට ප්‍රවේශවීමට අදහස් කරන අයට නිලධාරීවාදී සහ වියදම් ප්‍රශ්නවලට තවමත් මුහුණ දීමට සිදුව ඇති බවත් රයන් උලන්ඩ් පවසයි. මේ සමස්ත ක්‍රියාදාමය අධීක්ෂණය කළ යුතුව තියෙනව'' රයන් උලන්ඩ් පෙන්වා දෙයි. ''මෙතෙක් වෙච්ච දේවල් පුනරීක්ෂණය කිරීමේ උවමනාවක් තියෙනව. පවතින ක්‍රමයෙන් ඔබ්බට ගිහින් වෙනසක් කිරීම සඳහා ඉල්ලා සිටින තැනැත්තෙක් දකින්න මම කැමතියි'' නෝර්වේ හි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් ලොවපුරා මනෝචිකිත්සකයන් සහ රෝගීහු බලා සිටිති. බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය. මනෝව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාගේ ජීවිත යහපත් අතට ගෙනඒම සඳහා නෝර්වේ ආණ්ඩුව තීරණාත්මක පියවර ගෙන ඇත.ලෝක මට්ටමින් බලන විට,මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කිරීම සහ වධ හිංසා අවම කිරීමේ මාවත් යළි ඇස්තමේන්තු කෙරෙමින් පවතී. බෙහෙත් යොදා නොගනිමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන ජනයාට ප්‍රතිකාර කරනු ලැබීම තවත් රෝගනාශක පිළියමක් හෝ මනෝ ව්‍යාධි ප්‍රතිකාරයන්හි යහපත සඳහා වෙනසක් ඇති කෙරෙන බලයක් එහි පැවතිය හැකිය. කියවන්න;
මනෝ ව්‍යාධීන්ගෙන් පීඩාවිඳින බොහෝදෙනෙක් තමන් පෙළෙන මායාකාරී තත්ත්වයෙන් මිදී සහනයක් ලබාගනු සඳහා ප්‍රබල ඖෂධ වර්ගවල පිහිට පතති. එහෙත් එම ඖෂධ මගින් ඇතිකෙරෙන අතුරු ආබාධ රැසකි. එවැනි තත්ත්වයක් යටතේ අතුරු ආබාධකාරක ප්‍රබල ඖෂධවලින් තොරව ජීවත්වීමට මනාප රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නෝර්වේ රාජ්‍යයේ දැන් ක්‍රියාත්මක කෙරෙන රැඩිකල් ජාතික සෞඛ්‍ය ක්‍රමය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පුර් හි තරුණියක් වන ඉන්දිරා මෙසේ සිය සහ කරුවා මාරු කිරීමට තීරණය කර ඇත්තේ විවාහ චාරිත්‍රය අතර තුර දී මනමාලයා අපස්මාරය වැනි රෝගයක් හේතුවෙන් වෛද්‍යවරයා වෙත ගෙන යාම හේතුවෙන්. මනාලයාගේ මෙම අසනීප තත්වය සම්බන්ධයෙන් කල් තියා දැනුම් නොදීම පිළිබඳ දැඩි කෝපයට පත් මනාලිය උත්සවයට අමුත්තෙකු ලෙස පැමිණ සිටි සිය මස්සිනාගෙන් තමාව විවාහ කර ගන්නා ලෙස ඉල්ලා ඇත. ඇගේ මස්සිනා එයට එකඟ වූ බවයි පැවසෙන්නේ.
උතුරු ඉන්දියාවේ මනාලියක් තමා සමග අතිනත ගැනීම පිණිස විවාහ උත්සවයට පැමිණි මනමාලයා අසනීප වීම හේතුවෙන් උත්සවයට පැමිණි අමුත්තන් අතරින් කෙනෙකු සමග විවාහ වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තොන්ඩමන් ඇමතිවරයා (දකුණේ)ජනාධිපතිවරයා සමඟ මීරියබැද්දේ. ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී දෙමළ සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බ්‍රහස්පතින්දා (30) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මීරියබැද්ද නායයෑමෙන් පුද්ගලයන් එක සිය අනූ දෙදෙනකු අතුරුදහන් වී ඇති බවයි. ‘හතළිස් පහත් පනහත් අතර පිරිසක් නායයෑමට යට වෙන්නට ඇති කියල අපි හිතනවා , හමු වුන මළසිරුරු පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ, දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව නිසා අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු වලට අද බාධා එල්ල වුණා’ ඇමතිවරයා සඳහන් කළේය. ඇත්ත දන්නේ නැහැ අදාළ ප්‍රදේශයේ නායයෑමේ තර්ජනයක් ඇති බව කලින් හඳුනා ගෙන තිබුණා නම් එම ප්‍රදේශයේ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර නොගත්තේ කුමක් නිසාදැයි බීබීසිය ආරුමුගම් තොණ්ඩමන් ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා අද නියෝග කළ බවයි. ‘කලින් දැනුම් දුන්නා කියලා කියනවා, ඒ අතර තව පිරිසකට විකල්ප ඉඩම් දීල ඔවුන් ගියා කියනවා, මේකේ මොකක්ද ඇත්ත කියලා දන්නේ නැහැ, ජනාධිපතිතුමා අද ආපු වෙලාවේ කිව්වා, මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා’ ආරුමුගම් තොන්ඩමන් ඇමතිවරයා පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතුකරයේ ජනතාවට නිවාස 50,000 ක් ඉදි කරන බව කියා සිටි අතර, පසුගිය දා 2015 වසරේ අයවැය ඉදිරිපත් කරන විටත් එම නිවාස ඉදි කර නොමැති බව පෙන්වා දෙමින් ඊට හේතු විමසූ විට තොන්ඩමන් ඇමතිවරයා ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ දී යෝජිත නිවාස ඉදිකිරීම ආරම්භ කරන බවයි.
මීරියබැද්ද නාය යෑමේදී ඊට ගොදුරු වෙන්නට ඇත්තේ පනහකට ආසන්න පිරිසක් පමණක් යයි තමා අදහස් කරන බව ලංකා වතු කොංග්‍රසයේ නායක,පශු සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස් හෙල්ස් ලකුණු 171 ක් රැස් කිරීමට සමත් විය ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. 2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කඩා වැටෙන අවස්ථාවේ අඩුම තරමින් 40 දෙනකුවත් එහි සිටි බව විශ්වාස කෙරේ බර උසුලන කරන යන්ත්‍ර සහ සිය දෑත්වලින් සුන් බුන් පීරමින් බේරා ගැනීමේ සේවකයෝ කැනකොනා නගරයේ පස් මහල් ගොඩනැගිල්ලේ අනතුරෙන්පණ බේරා ගත් අය සිටී දැයි සොයමින් සිටියහ. අනතුරින් පණ බේරා ගත් පිරිසක් දැනටමත් රෝහලට ඇතුලත් කොට තිබේ. අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි, ගෝව ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ.
ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ වෙරළබඩ නගරයක, අඩක් නිම කොට තිබුන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඉදි කිරීමේ සේවකයන් දහ තුන් දෙනකුවත් මරුමුවට පත් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව නිවේදනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, කෙසේ නමුත් වේග පන්දු යවන ලසිත් මාලිංගට තවදුරටත් IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බවද පැවසීය. "මාලිංග ක්‍රම ක්‍රමයෙන් අපි ඕවර හය, අට දාන්න වැඩසටහනක් සකස් කරලා තියෙනව. ඉතින් ඒකෙ ඔහු IPL තරගාවලියේ ඉන්න එක අපිට වාසියක් කියලයි අපි හිතන්නේ මොකද එයා උණුසුම් තරගවල ඉන්නේ." අසේල ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ පුහුණුවීම්වල නිරතව සිටියි ලසිත් මාලිංග තවමත් තරගයක් ඇතුලත ඕවර 10 ක් යැවීමට තරම් ශාරීරික යෝග්‍යතාවයක නොසිටින නමුත්, එළැඹෙන චැම්පියන්ස් කුසලානය (Champions Trophy) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම ඔහුගේ අභිලාශය බවත් තිලංග සුමතිපාල පැවසීය. ඒ සඳහා පුහුණුවීම පිණිස අසේල ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකාවට කැඳවා තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එංගලන්තයේ පැවැත්වෙන Champions Trophy වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම පිණිස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු වග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ලබන මැයි මස 09 වෙනි දින යළි ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන්, IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග වදිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නඩු පැවරීම සිදුවන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට දිනකට පසුවයි. ජාතික දූෂණ මර්දන කොමිසම ගෙන ආ එම චෝදනා වලට වරදකාරිය වුවහොත් ඇයට වසර පහක් යන තුරු දේශපාලන කටයුතු වලට සහභාගීවීම තහනම් කළ හැක. බලය අයුතු ලෙස පාවිච්චිකිරීමේ වරදට අගමැතිනි යින්ලුක් සිනවත් සහ අමාත්‍ය මණ්ඩලයේ නවදෙනකු බදාදා ඔවුන්ගේ පදවිවලින් ඉවත් කරන ලදී. උද්ඝෝෂණ ඔවුන් පදවිවලින් ඉවත් කරන ලද්දේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ වැදගත් අංශවල සහය ඇතිව මාස ගණනක් තුළ පැවති උද්ඝෝෂණවලින් පසුවයි. මේ අතර රටේ උතුරේ පිහිටි ග්‍රාමීය පළාත්වල රජයේ අධාරකරුවන් සහ බැංකොක් සහ දකුණේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර උණුසුම්කාරී තත්වයක් වර්ධනය වෙමින් තිබියදී දෙපාර්ශවයම මහා විරෝධතා රැළි සංවිධාන කරමින් සිටිති.
පදවියෙන් ඉවත් කළ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ට එරෙහිව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ කිඹුලන් ඇති බැවින් කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දක්වා ඇති පුවරුව දෙමළ භාෂාවෙන්ද දැක්විය යුතු බවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය වෙත යොමු කරන ලද ඉල්ලීම එවැනි එක් පැමිණිල්ලකි. කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බවට අදාළ දැන්වීම් පුවරුවේ අනතුරු ඇඟවීම කර තිබෙන්නේ සිංහල භාෂාවෙන් පමණි. කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමේ සැලසුමක් එම දැන්වීම් පුවරුව සිංහල භාෂාව නොදන්නා ජනතාව නොසලකා හැරීමක් බව එම ව්‍යාපාරය කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් වෙයි. එයට අමතරව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම පළකර තිබෙන දැන්වීම් පිළිබඳව රථවාහන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමටත් එම ව්‍යාපාරය කටයුතු කර තිබේ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන දැන්වීම් පුවරු ගණනාවක් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය කටයුතු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගල් බිංගෙය පිවිසුම මාර්ගයේ වාහන ගමනා ගමනය තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තිබෙනු දක්නට ලැබෙයි. ගල් බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා ඇත. කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදි ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව.1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ. කඩුගන්නාව බිංගේ පැල්මක් මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බිංගෙය මත ඇති පැල්ම නිරීක්ෂණය කිරීමට අද (අප්‍රේල් 23) එම ස්ථානයට ලඟා වූහ. මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළත් මේ දක්වා කිසිදු පියවරක් නොගත් බව ඔවුහු තවදුරටත් පැවසූහ. කඩුගන්නාව බිංගෙය අවට ප්‍රදේශය මහනුවර නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ගිමන් නිවන ස්ථානයකි. මේ තොරතුරුද දැනගන්න: මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කඩුගන්නාව බිංගෙය පිවිසුම සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන විසිහතරක් වියදම් කර ඇතත්, එහි ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මිලියන විසිහතරක මුදල සම්පූර්ණයෙන් වියදම් කර ඇත්තේ සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමට ආසන සහ විදුලි බුබුළු සවි කළ උද්‍යාන සකස් කිරීමටය. නමුත් මෙම උද්‍යාන තුළ සංචාරකයන්ට පානීය ජල පහසුකම් හෝ වැසිකිලි පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බිංගෙය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමග ඊයේ (අප්‍රේල් 22) ස්ථාන පරීක්ෂණයක් සිදුකල බව මාර්ග සංවර්ධන අධිකාරිය කඩුගන්නාව කාර්යාලයේ විධායක ඉංජිනේරු කමල් ජයවීර මහතා පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත බිංගෙය සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. තවත් තොරතුරු:
කඩුගන්නාව සුප්‍රකට බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනා ගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බළන්ගොඩ නගරයට කිලෝ මීටර් තුනක පමණ දුරින් පිහිටි තලංගම ග්‍රාම සේවා වසමට අයත් රන්දොලවත්ත ඇතුළු ගම්ම්මාන රැසක පවුල් දෙසිය පනහක් පමණ ජල හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය අජිත්ලාල් ශාන්තඋදය වාර්තා කළේ. කඳුකර ප්‍රදේශයක පිහිටි ගම්මානයේ පවතින ජල හිඟය හේතුවෙන් දැඩි අපහසුතා මැද සිය දෛනික වැඩ කටයුතු කර ගෙන යාමට සිදු වී ඇති බවයි ගම්වැසියන් පවසන්නේ. ජල හිඟය හේතුවෙන් පාසල් යන සිය දරුවන්ද දැඩි පීඩාවකට පත් වී සිටින බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේවෙතත් පරම්පරා තුනක සිට පවතින ජල ගැට‍ළුවට විසඳුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් අසමත් වී ඇති බවත් ගම්වැසියෝ කියා සිටිති. රෙදි සේදීම, දිය නෑම ආදී කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට කිලෝ මිටර් තුනක් පමණ ගමන් කිරීමට සිදු වන බවත් ඔවුහු පැවසූහ. පොදු බස් රථය නොමැති අවස්ථාවලදී ඒ සඳහා ත්‍රි රෝද රථයකට රුපියල් සියයක් ගෙවීමට සිදු වන බවත් වතුර බවුසරයක් සඳහා රුපියල් දෙදහස් පන්සීයක් අය කරන බවත් ගම්වැසියෝ සඳහන් කළහ. ගම්මානයට යාබදව පිහිටි ළිඳෙන් ජලය ලබා ගැනීමට සීමා පනවා ඇති බවටත් ගම්වැසියෝ මැසිවිලි නගති. භාජනවලට ජලය රැස් කොට තබා ගත් වැසියන් කීප දෙනෙකුටම ඩෙංගු මර්දන සේවා විසින් දඩ මුදල් නියම කරනු ලැබූ බවත් ඔවුහු කියා සිටියහ.
බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය නොමැතිකම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත් වී සිටින බවට බළන්ගොඩ තලංගම ජනතාව මැසිවිලි නගති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කොයි තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්ද යන්න සනාථ කළා' බංග්ලාදේශයේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානය බලා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ කණ්ඩායමේ නායකයා වූ චන්දිමාල් ඒ බව කියා සිටියේ, ජයග්‍රාහී කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් අමතමින්. "මොකද එයා (තිරිමාන්න) හුඟක් හොඳ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක්. ඒක හංගන්න බෑ. ඉතින් මම නිහතමානීව ඒ වෙලාවේ හිතුවා ඉතිරි තරඟ සෙල්ලම් කරන්නේ නෑ මොකද මම හිතුවා කුසලානය මට වැදගත් වෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේය. 'කුසලානය වඩා වැදගත්' සියලු ශ්‍රී ලංකාවාසීන්ටද වඩා වැදගත් කුසලානය දිනා ගැනීම බැවින් එය දිනා ගැනීම පිළිබඳව තමා ඉතා සතුටු වන බවත් දිනේෂ් චන්දිමාල් පැවසීය. 'මම නිහතමානීව ඒ වෙලාවේ හිතුවා ඉතිරි තරඟ සෙල්ලම් කරන්නේ නෑ' "ඉතින් මම මුළු හදවතින්ම සතුටුයි," යනුවෙන්ද ඔහු පැවසීය. 'ලෝකයේ සිටින දක්ෂතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කෙතරම් 'ශ්‍රේෂ්ඨ නායකයෙක්ද' යන්න අවසාන තරඟ තුනට පමණක් නායකත්වය දී ජයග්‍රහණය කිරීම මගින් ප්‍රදර්ශනය වන බවයි, විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායකයා පවසන්නේ. ලසිත් මාලිංග සඳහන් කළ පරිදිම පන්දු යවන්නන්ට නායකත්වය දැරිය නොහැකි බවට පවතින මතය සත්‍ය නොවන්නේ යයි ඔහු සනාථ කළ බවද චන්දිමාල් පැවසීය. විස්සයි විස්ස කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලබා දුන් සහාය හිටපු නායකයාගේ අගය කිරීමට ලක් විය. අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ කිරීම මගින් ඉන්දීය ක්‍රීඩකයන් පිළිබඳව තමා ලබා සිටි පළපුරුද්ද ජයග්‍රහණයට මහෝපකාරී වූ බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේය. "මම ගොඩක් වාසනාවන්තයි නායකයෙක් විදියට ඉන්දියානු කණ්ඩායම අවසාන තරඟයට තේරීම ගැන," යනුවෙන් ඔහු සඳහන් කළේය.
දක්ෂතා අතර සිටි ලහිරු තිරිමාන්නට අවස්ථාව ලබාදී නිහතමානීව නායකත්වයෙන් ඉවත් වූ බව පවසන දිනේෂ් චන්දිමාල් ලෝක ශූරතාවය දිනාගත් කණ්ඩායමට හදවතින්ම සුභ පතන බව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජූලි 12 වෙනි දින කෝකිලායි - කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වූ අතර, ජූලි 23 වෙනි දින තවත් අලි දෙදෙනෙකු බේරා ගැනුනේ ත්‍රිකුණාමලය අසල මුහුදේ අනතුරට ලක්ව සිටියදීය. එම සිදුවීම් දෙකම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක් විය. "අලි මුහුදට ආවේ සී බාත් ගන්නද? ඕස්ට්‍රේලියා යන්නද? " ආදී ලෙසින් ඒ පිළිබඳව හාස්‍යය මතුකරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වූ අතර, තවත් සමහරු එහි කිසියම් පාරිසරික හේතුවක් හෝ ස්වභාවික විපතක පෙරනිමිත්තක් ඇත්දැයි සංවාදයට ලක් කරන ආකාරයක් ද දක්නට ලැබුණි. අලි මුහුදු ගියේ ඇයි? කෙටිකාලයක් තුළ එකම කලාපයක සිදු වූ මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබෙන්නේ ද? අලි මුහුදු යන්නේ ඇයි? "මේක ටිකක් අසාමාන්‍ය සිද්ධියක්. මීට පෙර එක අවස්ථාවක මේ වගේ සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. මීට අවුරුදු කිහිපයකට පෙර," වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ බීබීසී සිංහල සේවය මතු කළ එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු විසිපස් වසරකට ආසන්න කාලයක් අලි ඇතුන් පිළිබඳව පර්යේෂණවල නියැලී සිටින්නෙකි. "දැන් තුන් වතාවක් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා," ඔහු පවසයි. සබැඳි යොමු: මෙයින් වසර කීපයකට ඉහත අලි මිනිස් ගැටුමක් හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකින් ගෙනැවිත් නැගෙනහිර වනජීවී ප්‍රදේශයකට මුදා හැර තිබු අලියෙක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදට බැස පීනාගෙන යාමේදී නාවික හමුදාවෙන් බේරාගත් අවස්ථාවක් ඔහු සිහිපත් කළේය. "මේ සිදුවීම් දෙකත් ඒ වගේ එකක්ද කියලා කියන්න අමාරුයි. පළවෙනි එක ,එහෙම අවස්ථාවක්ද කියලත් හිතෙනවා, මොකද? නාවික හමුදාවට අනුව පළවෙනි අලියා ගොඩක් දුර මුහුදේ ගිහින් තිබුණා. හෙම්බත් වෙලා හිටියේ බේරා ගනිද්දී. අනිත් කාරණේ ඒ අලියා ඒ ප්‍රදේශයේ හිටපු අලියෙක් නෙවෙයි කියලයි කිව්වේ." මුහුදේ ගිලුණු තවත් අලි දෙදෙනෙක් කෙසේ නමුත් දෙවන වරට බේරාගත් අලින් දෙදෙනා එම ප්‍රදේශයේ නිතර ගැවසෙන අලි දෙදෙනෙකු බව නාවික හමුදාව හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. බ්‍රිතාන්‍ය පාලන සමයේ අලින් ත්‍රිකුණාමල අවට දූපත්වලට පිහිනා ගිය අවස්ථා ඇති බවට වාර්තා ඇති බව පැවසූ වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ,ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මෙම අලි දෙදෙනාද එලෙස ගමන් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි බව අන්දහන් කළේය. "දූපතකට පීනන්න ගිහිල්ලා, සැඩ පහරකට අහුවෙලා මුහුද මැදට ගහගෙන ගියා කියලා අපට සැකයක් තියෙනවා" අලින්ට හොඳට පීනන්න පුළුවන්ද ? "අලින්ට හොඳට පීනන්න පුළුවන්, ශරීරිය ලොකු නිසා නිසා හොඳට පාවෙනවා, හොඬවැල නිසා වතුරෙදි පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන්." කෙසේනමුත්, ඔවුන්ට පැය ගණනාවක් හෝ දින ගනනාවක් පිහිනිය නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, ඔවුන් බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කිරීම ඒ සතුන්ගේ භාග්‍යයක් වූ බවයි සඳහන් කළේ. ඉහත කී සිදුවීම් දෙක සඳහා යම් පරිසර සාධක බලපෑවද යන්න ගැන පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බව පැවසූ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු, මේම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ නැති සිදුවීම් ලෙස තමන් තවමත් සිතන බවත් කියා සිටියේය. "නමුත් නැවතත් මේ වගේ අවස්ථාවක් වුනොත් අපිට විශේෂයෙන් ඒ ගැන හිතන්න වෙනවා" ඉන්දියානු සාගරයේ 'අන්දමන්' දූපතෙන්ද අලි මුහුදේ පිහිනායමේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇතත් අලි මුහුදෙන් බේරාගැනීමේ සිද්ධීන් වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකවෙන් පමණක් බව තම අවබෝධය බවත් ඔහු පවසයි.
මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාමාන්‍ය වැසියෙකු විසින් රූප ගත කළ නාය යෑමේ මොහොත රූපවාහිනියේ විකාශනය කෙරිණි සේජියන් පළාතේ සුකුන් ගමේ නිවෙස් කිහිපයක් යටවී යාමෙන් පුද්ගලයන් 26 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි රජයේ මාධ්‍ය වාර්තා කළේ. ෂින්හුවා ප්‍රවෘත්ති ආයතනය පලකළ වීඩියෝවක දැක්වෙන්නේ කන්දක් මුදුනේ සිට පහලට ගොඩනැගිලි ඇතුළු සුන්බුන් තල්ලු වී යන ආකාරයයි. එහිදී පුදගලයන් පහළොස් දෙනෙකු මුදා ගැනීමට හැකිවිය. වෙන්චෙන් පළාතේ දී තවත් පුද්ගලයන් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි ෂින්හුවා පුවත්සේවය පවසන්නේ. මෙගි කුණාටුව හේතුවෙන් ෆුජියාන් පළාතේ ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. පැයට කිලෝමීටර 118 ක වේගයෙන් සුළං හමාගිය බවයි චීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ
නැගෙනහිර චීනයේ සේජියන් පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යාම් දෙකකට පසු අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු අතුරුදහන් වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම රාජ්‍ය සේවකයින් පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බවය. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ ( ජන.29) මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේ තමන් වරදක් නොකළ බැවින් කිසිවකුගෙන් හෝ සමාව නොගන්නා බවය. කෙසේවෙතත්, ජනතා විරෝධය එල්ල වී ඇති දිවුලපිටියේ සිදුවන පස් කැපීමේ ව්‍යාපාර නවතා දමා අදාළ ප්‍රදේශ යළි නැවත සකස්කිරීමේ කොන්දේසිය මත තමන් ඕනෑම කෙනෙකුගෙන් සමාව ගැනීමට සුදානම් බව ද ඔහු කියා සිටියේය. ජනතා මුදලින් පඩි ලබන දේශපාලකයන් මෙන්ම රජයේ සේවකයන් ද විවේචනයට පුරුදු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර අද පැවැත්වෙන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රන්ජිත් ආරියරත්න පැවසුවේ මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිළධාරින් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිවරයා විසින් අද කොළඹට කැඳවනු ලබූ බවය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීමට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයෝ අද (ජන.30) වැඩ වර්ජනයක යෙදෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීම ශ්‍රී ලංකාවට බලපායිද? දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණයි. දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට හැකි අයුරින් කටයුතු කරන බවට එහිදී එකඟ විය. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් එකඟ වී සිටියහ. පැරිස් සම්මුතියෙන් ඉවත් වීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ගිවිසුම තුළින් ඇමරිකානු ජනතාවට අවාසිසහගත තත්ත්වයක් ඇති වන බවය. ලොව ප්‍රධාන කාර්මික රටක් වන ඇමරිකාව අදාළ ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑමක් එල්ල වේද? සංවර්ධනය වෙමින් පවතින රටවල් පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙනවා-ජනාධිපති ට්‍රම්ප් පැරිස් සම්මුතියට අනුව, දේශගුණික විපර්යාස නිසා ඇති වන බලපෑම අවම කර ගැනීම සඳහා ආධාර කළ යුතු රටවල් අතර ඇමරිකාව ද සිටින බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග පවසයි. ශ්‍රී ලංකාවට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවලට ද මූල්‍යාධාර ලබා දිය යුතු රටක් එම වගකීමෙන් බැහැර වීමත් සමග දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලැබෙන ආධාර මුදල් අඩු විය හැකි බවට ඔහු අනතුරු අඟවයි. "විශේෂයෙන්ම හරිත අරමුදල සඳහා මුදල් ලබා දීමේ වගකීමට බැඳී සිටි රටක්. ඒ නිසා දේශගුණික හරිත අරමුදල සඳහා ඇමරිකා එක්සත් ජනපදය සැපයීමට එකඟ වී තිබූ මුදල් නොලැබීම සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණ විපර්යාස පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන මූල්‍යාධාර අඩු වීමට හේතු වෙනවා" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. දේශගුණික විපර්යාස සම්මුතියට අනුව එහි අනුවර්තන අරමුදලින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 79 ක ආධාර මුදල් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම සම්මුතිය යටතේ මූල්‍යාධාර ලබා දිය යුතු රටවල් දේශගුණ හරිත අරමුදල සඳහා ද මුදල් ලබා දෙන බව කී ආචාර්ය සිරිනිමල් ජයතුංග ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 38.1 ක මුදලක් ලබා දීමට අනුමත වී ඇති බව පැවසීය. නියං සහ ගංවතුර දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ද ආන්තික කාලගුණික තත්ත්ව හඳුනා ගෙන ඇති බව කී ඔහු දීර්ඝ කාලයක් පවතින නියං තත්ත්ව සහ අධික වර්ෂාව හමුවේ ඇතිවන ක්ෂණික ගංවතුර තත්ත්ව දැකිය හැකි බවත් පෙන්වා දෙයි. "විශේෂයෙන් ගිය වසරේ මැයි මාසයේත් ලංකාව මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නා. ලංකාවේ වියලි කලාපයේ දිගු කාලීන නියං තත්වයක් දැනට ඇති වෙමින් තිබෙනවා. කෙසේ නමුත් දේශගුණික විපර්යාසයක් කියන්නේ අවුරුදු තිහක වගේ කාලයක සාමාන්‍යයක්" යනුවෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ජයතුංග වැඩිදුරටත් කියා සිටියේය.
දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හෙළා දකිමින් ලොව පුරා නායකයෝ ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතය ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ඇති අතර ප්‍රතිවාදී මරීන් ල- පෙන් ලබා ගෙන ඇත්තේ 35% ප්‍රතිශතයකි. ඒ අනුව තිස් නව හැවිරිදි මැක්‍රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතය. එම ප්‍රතිඵල නිල වශයෙන් සනාථ වුවහොත් 1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පත්වන පළමු පුද්ගලයා ඔහු වනු ඇත. ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්විණි. "නව පරිච්ඡේදයක්" ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවෝ පැරිස් නුවරට එක්රැස් වී සිටිති. AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් මැක්‍රෝන් "බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වුනා" යනුවෙන් පැවසීය. එම්මානුවෙල් මැක්‍රෝන්ගේ කාර්ය මණ්ඩලය කියා සිටියේ නව ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියා වූ මරීන් ල-පෙන් සමග "සුහදශීලී" දුරකථන සංවාදයක යෙදුනු බවය. මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළාය. ඇය විසින් ජනාධිපතිවරණය හඳුන්වනු ලැබුවේ "දේශප්‍රේමීන් සහ ගෝලීයවාදීන්" අතර සටනක් ලෙසය.
ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් ඉහළ ජයක් ලබා ඇති බව දක්නට ලැබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ඉහල පෙළේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඇතුළු දූත පිරිසක් පෙබරවාරි පළමු වැනි දින සිට දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. දූත පිරිසේ එක් සාමාජිකයෙකුට ජනවාරි වැනි දින වීසා බලපත් නිකුත් කළ ශ්‍රී ලංකා ආණ්ඩුව, පසුගිය ජනවාරි 29 වැනි දින එම බලපත්‍රය අවලංගු කළ බව ඉබාරි ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දූත පිරිසේ අනෙක් සාමාජිකයන්ට ඒ සඳහා අවසර දීම ජනවාරි 29 සහ 30 දිනවල ප්‍රතික්ෂේප කෙරුණු බව ද එහි සඳහන් වේ. ඒ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය බරපතල විරෝධය පළ කළ බව පවසන ඉබාරි ආයතනය, තත්ත්වය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ ක්‍රියා කිරීමට සූදානම් බව ද සඳහන් කරයි. සබැඳි තේමා
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දී තිබුණු අවසරය ශ්‍රී ලංකා ආණ්ඩුව අවසාන මොහොතේ ඉවත්කර ගැනීම හේතුවෙන් සිය දූත පිරිසක සංචාරය අවලංගු කිරීමට බල කෙරී තිබෙන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිළිබඳ ආයතනය (ඉබාරි) පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'අපේ කාර්යභාරය තමයි, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ අත්දැකීම් සහ ව්‍යවස්ථා සම්පාදක කාර්යභාරය පිළිබඳ අපේ අත්දැකීම් බෙදා ගැනීම' "ඒ සාකච්ඡා රහසිගතයි. ඒත් අපේ කාර්යභාරය තමයි, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ සහ ව්‍යවස්ථා සම්පාදක කාර්යභාරය පිළිබඳ අපේ අත්දැකීම් බෙදා ගැනීම," යනුවෙන්ද උප ජනාධිපති රමපෝසාගේ ප්‍රකාශක රොනී මමයෙපා බීබීසී සංදේශයට කියා සිටියේය. ඉහත කී කරුණු සම්බන්ධ සිය අත්දැකීම් තමන් සමඟ බෙදා ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීම්වලින් අනතුරුව සිරිල් රමපෝසා ශ්‍රී ලංකාව සම්බන්ධ තමන්ගේ විශේෂ නියෝජිතයා ලෙසින් ජනාධිපති ජේකබ් සූමා විසින් පත් කරනු ලැබූ බව සිහිපත් කරන ප්‍රකාශකයා, උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ එම පත්කිරීමට අදාලව බවද සඳහන් කළේය. කෙසේ නමුත් සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා සංදේශය කළ විමසීමකදී අවධාරණය කළේ. ජාතික ගැටලුව සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකිනු අප්‍රිකානු විශේෂ නියෝජිතයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, විරුද්ධ පක්ෂ නියෝජිතයන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ඔහු යාපනයේ සංචාරයකද නිරත විය. රමපෝසා සහ දෙමළ ජාතික සන්ධානය අතර ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළ නමුත්, ජාතික ගැටලුවට විසඳුමක් සාකච්ඡා කෙරුනේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ රොනී මමයෙපා කියා සිටියේ, උප ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙන්නේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට පමණක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙමළ ජාතික සන්ධානය එකඟත්වය පළ කළේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු: "මේ අවස්ථාවේ අපේ කාර්යභාරය මැදිහත්වීම හෝ පහසුකම් සැපයීම නොවෙයි. අපට ලැබිල තියෙන වරම දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සංහිඳියා සහ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයේ අත්දැකීම් බදා ගැනීමට පමණයි," යනුවෙන් පැවසීය. එසේ නම් මේ ක්‍රියාදාමය මෙතරම් රහසිගත මන්දැයි යන්න සංදේශය රොනී මමයෙපාට යොමු කළ තවත් ප්‍රශනයක්. "අපට ආරාධනා කරල තියෙන්නේ ඇවිල්ල දේශපාලන පක්ෂ හමු වෙන්න කියල විතරයි. වෙන කිසිම දෙයක් ගැන කතා කිරීම ගැන කිසිම එකඟත්වයක් නැහැ," යන්නයි එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ. එම එකඟත්වයේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධායේ දූත මණ්ඩල තවදුරටත් දකුණු අප්‍රිකාවේ සංචාරය කරනු ඇති බවත්, සිරිල් රමපෝසා යලිත් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයට දැඩි විරෝධය පළ කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, එවැනි ක්‍රියාදාමයක් දියත් වන්නේ නම් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබඳව යලි සලකා බලන්නට සිදු වනු ඇති බවට යෝජනාවක් සම්මත කොට ගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා වූ කරුණු රහසිගත බැවින් ඒ පිළිබඳ විස්තර හෙළි කළ නොහැකි බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයන් ඡන්ද ප්‍රතිඵල නරඹමින් ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ගෙන ඇති නියෝජිත ඡන්ද සංඛ්‍යාව අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගෙන සිටින නියෝජිත ඡන්ද සංඛ්‍යාව 278කි. ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා යම් අපේක්ෂකයකු නියෝජිත ඡන්ද 270 ක් හිමි කර ගත යුතු වේ. ජනපතිවරණ සටනේ පසුබා සිටින හිලරි ක්ලින්ටන් මේ වන විට ලබා ඇත්තේ නියෝජිත ඡන්ද 218 ක් පමණි. කනස්සල්ලට පත් හිලරි ක්ලින්ටන් පාක්ෂිකයින් ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ යැයි සැලකෙන ෆ්ලොරිඩා, ඔහායෝ, උතුරු කැරොලිනාව සහ ආයොවා යන ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගනු ලැබ ඇත. ට්‍රම්ප් කඳවුරේ ආධාරකරුවන් සහ පාක්ෂිකයින් දැනටමත් උද්දාමයෙන් පසු වන අතර ක්ලින්ටන් ආධාරකරුවන් කනස්සල්ලට පත්ව ඇති ස්වභාවයක් දක්නට ලැබේ. එක්සත් ජනපදය පුරා ඉතා ඉහළ මට්ටමකින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව දිනපතාම පානදුරේ සිට කොළඹ බලා රැකියාවට යන ඒ යුවතිය, දුම්රියේදී තමන්ට සිදුවූ අතවර හෙළි කළේ එළෙසිනි. මේ තරුණිය පවසන පරිදි එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ. (සංදේශයට සවන්දෙන්න) "හැමදාම වගේ මොකක් හරි හිරිහැරයක්. එක දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා," ඇය පැවසුවේ දැඩි අසරණ ස්වරයකින්. "මම උන්ගේ අත්වලට ගැහුවා. එකෙක් මට ඔරවල, "මොකද තමුසෙට වෙලා තියෙන්නේ' කියල මට බැන්නා." කුරුණෑගලදී තරුණියකට එල්ල වූ හිරිහැරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවාදයකට තුඩු දුන්නේය එදින ඇයට අත්විඳින්නට වූ හිරිහැරය එතැනින් නිමාවූයේ නැත. "කෝච්චියේ ඉඩ නෑ. ඒත් මම සෙනග අස්සෙන් රිංගලා පොඩ්ඩක් එහාට ගිහිල්ල අමාරුවෙන් වෙන තැනක හිටගත්තා. ඊට පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන." කලක් තමන් සමඟ එකට දුම්රියේ ගමන්ගත් මිතුරිය වෙනත් රැකියාවක් සොයාගැනීමෙන් අනතුරුව තමන්ට එල්ල වන හිරිහැර උග්‍ර වූ බව ඈ පැවසුවේ, "හැබැයි කෝච්චියේ යන්න බෑ කියල බස් එකේ ගියා කියල කිසිම වෙනසක් නෑ," යැයි ද පෙන්වා දෙමිනි. මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ එක් තරුණියක පමණක් මුහුණ දෙන හුදෙකලා අත්දැකීමක් නොවේ. ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සංදේශයට පැවසූ පරිදි පොලිසියේදීත්, විශ්ව විද්‍යාලයේදීත්, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික අතවරවලට මුහුණ දෙති. පොලිස් කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර පිළිබඳව බොහෝ පැමිණිලි ලැබෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි මග තොටේදී සහ වැඩපොලේදී සිදුවන හිරිහැර දැන් කෙතරම් සුලභ වීද යත්, එය ලාංකීය සමාජය තුළ 'සාමාන්‍ය දෙයක්' බවට පත් වෙමින් තිබේ. සිය දියණියන්ගේ ආරක්ෂාව පිණිස ළමා වියේ සිට හැකි සෑම පියවරක්ම ගන්නා දෙමාපියන්ට බොහෝ විට සිය දියණියන් සමාජයේ දී මුහුණ දෙන මේ හිරිහැර ගැන අවබෝධයක් නැත. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක හෙළි කළ අත්දැකීමක් මේ. "දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මගේ යාලුවා ඒ ළඟ සීට් එකක වාඩි වුනා. ටික වෙලාවකින් එහා සීට් එකේ හිටපු මිනිහට දාඩිය දාල අමුතු විදියකට හැසිරෙනවා," ඈ එම සිදුවීම ආවර්ජනය කළේ සමස්ත සමාජය දෙසට ම එල්ලවූ කළකිරීම මුසු ස්වරයකිනි. උපේක්ෂා ස්වර්ණමාලි "මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා. මම කෑගැහුවා. අන්තිමට ඒ මිනිහ බස් එකෙන් බැස්සේ 'උඹ පොඩි එකෙක් නිසා මම අතාරිනවා. නැත්නම් බලාගනින් උඹට කරන දේ' කියාගෙන." ඇතැම්විට සිය සමීපතමයින්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමට සිදුවන බවද ඒ ශිෂ්‍යාව සඳහන් කළේ, "යුනි එකේදී දවසක් මගේ යාලුවෙක් මට මූණටම කිවුව මම උඹ ගැන හිතල සෙල්ෆ් ෆන් එකක් ගන්නවා කියල,"යනුවෙනි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනවල කාන්තාවට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ මෑතදී විශේෂ සමීක්ෂණයක් පැවැත්වුන ද ඉන් අනතුරුව ඒ පිළිබඳව ගැනුණු ක්‍රියාමාර්ග කවරක් දැයි මෙතෙක් හෙළි වී නැත. රටක නීති සම්පාදන ක්‍රියාවලිය භාරව සිටින පාර්ලිමේන්තුවේ පවා කාන්තාව මුහුණ දෙන අත්දැකීමේ වෙනසක් නැති බව උපේක්ෂා ස්වර්ණමාලී (පබා) හිටපු මන්ත්‍රීවරිය ද පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියාය. මේ තවත් කාන්තාවක මහමගදී මුහුණ දුන් අත්දැකීමකි. 'මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා' "දවසක් යාලුවෙක් එක්ක පාරේ යනකොට එකපාරටම මිනිහෙක් මගේ පස්ස මිරිකගෙන ගියා. හොඳටම පරක්කු වෙලා වැඩට දුවන කොට මිනිස්සු අනන්තවත් කුණුහරුප කියල අපහාස කරනවා." ගමේ දීත්, නගරයේදීත්, මහමගදීත්, දුම්රියේ හෝ බස් රියෙදීත් දිනපතාම ශ්‍රී ලංකාවේ කාන්තාවෝ විශාල පිරිසක් මෙසේ වචනයෙන් හෝ ලිංගික හිංසනයට ගොදුරු වෙති. "මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලා. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ. සමහරුන්ට ඒක පුරුද්දටම ගිහිල්ලා," දුම්රියේදී නිරන්තරයෙන් අතවරවලට ගොදුරුවන තරුණිය පැවසුවේ දැඩි වේදනාබරිතවය. කෙසේ නමුත්, පුරුෂයන්ට ම වරද පටවනු වෙනුවට, අන් බොහෝ සමාජවලට වඩා ලාංකීය සමාජයේ ඇතැම් පුරුෂයන් මෙතරම් ලිංගික අසහනයකින් පෙළෙන්නේ ඇයි දැයි සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය යුතු බව ඇගේ අදහසය. "ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? තමන් දන්නේ නැති අඳුරන්නේ නැති කෙල්ලෙක්ගේ ඇඟට අත තියන්න පිරිමියෙක්ට සිද්ධ වෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?" තමන් හිංසනයට ලක්වූ අවස්ථාවලදී කිසිදු පුරුෂයකු එය වැළකීමට මැදිහත් නොවූ බව ද ඇය සඳහන් කළේ කනගාටුව සහ කණස්සල්ල මුසු ස්වරයකිනි. කාන්තාවන්ට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වුවද, ශ්‍රී ලංකාවේ ඇතැම් පුරුෂයන් ද කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ ලිංගික හිරිහැරවලට ලක්වීමේ අවස්ථා තිබෙන බව ද ඇය අවසන් වරට සඳහන් කළාය. (බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ:ලොවින් අඩක් ඔබ අමතයි'-100 Women- වැඩසටහන වෙනුවෙන්)
"කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට මිනිහෙක් මගේ ගවුමට උඩින් අතදාල අල්ලාගෙන ඉන්නවා."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගෙවී ගිය වසරේ සෑම මසකම බීබීසී සිංහල සේවයේ වඩාත් ජනප්‍රිය වූ ලිපි මොනවාද? ජනවාරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැටුම් 'උග්‍ර අතට': "කණ්ඩායම කල්ලිවලට බෙදිලා" ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව පෙන්වා දෙමින් බීබීසි සිංහල සේවය පළ කළ ලිපියට 2019 ආරම්භයේ දී වැඩිම පිරිසකගේ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැති සිර ගෙයක්" විවිධ හේතු මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොන්දේසි කඩ කළ සහ සේවය අතහැර ගොස් සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර තුළ "මූලික පහසුකම් හෝ නොමැතිව" සිර කර සිටින බව බීබීසී සිංහල සේවය අනාවරණය කළේය. එම පිරිසට අඳින්නට ඇත්තේ එක් කොට කලිසමක් බැගින් වන අතර, උඩුකය වසා ගැනීමට කිසිවක් නොමැති බවත් එහි සිට නිදහස්ව පැමිණි පිරිසක් බීබීසී සිංහල සේවය සමග පැවසූහ. පෙබරවාරි ආදරවන්තයන්ගේ දිනය: නීතිය සහ මානසික ගැටලු ගැන පෙම්වතුන් දැන සිටිය යුතු කරුණු සෑම වසරක ම පෙබරවාරි 14 වන දාට යෙදී ඇති වැලන්ටයින් දිනය ලොව සමහර රටවල පෙම්වතුන්ට ආස්වාදජනක දිනයක් වෙද්දී ඇතැම් රටවල පෙම්වතුන්ට එය අභියෝගයකි. ශ්‍රී ලංකාව තුළ නිදහසේ 'ආදරය කිරීමට' ඇති බාධා, අයිතිවාසිකම්, නීතිය, මානසික ගැටලු, ප්‍රේමය සහ ලිංගිකත්වය මෙන්ම සමාජ අපවාද පිළිබඳ විස්තර කෙරෙන මෙය පෙබරවාරි මස බීබීසී සිංහල වෙබ් අඩවියේ වඩාත්ම ජනප්‍රිය වූ ලිපියයි. දෙසතියකට වරක් ස්ත්‍රීන් සියයක් සමග යහන්ගත විය හැකි කාල සටහන චීන අධිරාජ්‍යයාගේ මාලිගාවේ සිදුවන බොහෝ දේ තීරණය වී තිබුණේ ද ඉලක්කම් පදනම් කරගෙනය. චීන අධිරාජ්‍යයාට සිය අන්තඃපුර ස්ත්‍රීන් සමග යහන්ගත වීම සඳහා ද කාල සටහනක් ඇති අතර, ඒ ගැන විස්තර කළ ලිපිය ද මෙම මස තුළ ජනප්‍රිය වී ඇත. මාර්තු බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරියගෙන් ලංකාවේ දරුවන්ට උපදෙසක් බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබූ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක වන නිශී උග්ගල්ල පිළිබඳ පළ වූ ලිපියට මාර්තු මස වැඩි අවධානයක් යොමු වී තිබේ. තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය. නාගානන්ද කොඩිතුවක්කු සහ අධිකරණය: තීරුබදු නඩුවෙන් "විනිසුරුවෝ හතක් ඉවත් වෙලා" ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ චරිතයක් බවට පත් විය. ඔහුට එරෙහිව මෙන්ම ඔහු විසින් පැවරූ නඩු පිළිබඳ මෙම ලිපියේ සවිස්තරව දැක්වේ. අප්‍රේල් ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුට 'බාධාවක්' වූ රමේෂ් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ දී මඩකලපුව සියොන් දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරාගත් රමේෂ් පිළිබඳ පළ වූ මෙම ලිපිය අප්‍රේල් මස වඩාත් ජනප්‍රිය විය. බෝම්බයෙන් රමේෂ් මිය ගිය ද ඔහු එම ප්‍රදේශයේ ජනතාව අතර දැඩි ගෞරවයට පාත්‍ර විය. දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: මේ දක්වා දන්නා කරුණු මොනවාද? පාස්කු ප්‍රහාරය සිදු වූ දින පළ වූ මෙම ලිපියෙහි ඇසින් දුටුවන්ගේ අත්දැකීම්, මියගිය පිරිස, අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඇඳිරි නීතිය, සමාජ මාධ්‍ය ජාල, විවිධ නායකයන්ගේ ප්‍රකාශ ඇතුළු එදින සිද්ධි එකිනෙක විස්තර කර තිබේ. මැයි ශ්‍රී ලංකාවේ යුද්ධය නිම වී දස වසරක්: අඹුසැමියන් වූ පස මිතුරන් කලෙක එකිනෙකාට ගිනි බිඳ ගත් පසුව අඹු සැමියන් බවට පත් සිංහල සහ දමිළ තරුණ යුවළ ගැන පළ වූ මෙය මැයි මස තුළ වඩාත්ම අවධානයට ලක් වූ ලිපියය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වී දස වසරක් පිරෙන මැයි මස 18 වෙනිදා මෙම ලිපිය බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ විණි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රහාර: මුස්ලිම් පවුල් රැකගත් සිංහල පවුලක් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් පසු දියත් වූ මුස්ලිම් විරෝධී ප්‍රහාර හමුවේ සුජීවනී චන්දිමාගේ සිංහල පවුල තමන්ට ආරක්ෂාව සැලසූ අයුරු පැවසූ නාත්තන්ඩිය තුම්මෝදර පදිංචි ඒ කේ හලීමාගේ කතාව ද මෙම මස වඩාත් කිය වූ ලිපි අතර ඉහළින් තිබේ. ජුනි ලෝක කුසලාන ක්‍රිකට්: රෂීඩ් ඛාන් භාරගත් මුරලිගේ 'අමිහිරි වාර්තාව' ක්‍රිකට් ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී එංගලන්ත නායකයා ලෝකයේ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු ලෙස සළකන ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන්ට පන්දුවාර 9යකදී ලකුණු 110ක් ලබාදී මෙතෙක් දඟ පන්දු යවන්නේකු එක්දින ක්‍රිකට් තරගයක ලබාදී තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන අමිහිරි වාර්තාව සිය නම ඉදිරියේ සඳහන් කර ගත්තේය. මින් පෙර එම අමිහිරි වාර්තාව සටහන් වී තිබුණේ ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ගේ නම ඉදිරියෙනි. ක්‍රිකට් ලෝක කුසලානය: මහේන්ද්‍ර සිං ධෝනිගේ 'යුද අත්වැස්මට' ICCය හරස් වෙයි ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියේ දී යුද හමුදා ලාංඡනයක් සහිත ආරක්ෂක අත්වැස්මක් පැළඳීම නතර කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා සිටි අතර, එය ඉන්දියානුවන්ගේ බලවත් කෝපයට හේතු විය. ජූලි සැම්සුන් ජංගම දුරකතනය: 'ව්‍යාජ වෙළෙඳ ප්‍රචාරණයට' එරෙහිව නඩු සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකතනවල ජල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කරන බව පවසමින් එම සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම ක්‍රියා කළේය. සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල' නව ජීවීන් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ යුවලක් ශ්‍රී ලංකාවේ වාසය කරති. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිති. අගෝස්තු ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය, අදහස් සහ උපදෙස් වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි. අගෝස්තු මස වැඩි අවධානයක් යොමුව තිබුණේ, පෞද්ගලික අත්දැකීම්, නීතිය, උපදෙස් මෙන්ම ජ්‍යෝතිෂවේදීන්ගේ අදහස් ද ඇතුළත් මෙම ලිපියටය. හීලෑ අලි විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් අවශ්‍යයි - මහාචාර්ය දංගොල්ල වයෝවෘද්ධ 'ටිකිරි' ඇතින්න මහනුවර පෙරහැරට යොදා ගැනීමට රැගෙන යෑම සහ ඇතින්න මාළිගය පරිශ්‍රයේ පිහිටි විෂ්ණු දේවාල භූමියේ ඇද වැටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මත සම්බන්ධයෙන් පළ වූ ලිපියකි. සැප්තැම්බර් ලිංගිකත්වය හා කන්‍යා භාවය : "සතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න" සමාජයේ පැවති කන්‍යාභාවය පිරික්සීමේ සම්ප්‍රදායට වටිනාකමක් දීමට ඇතැමුන් ක්‍රියා කළද එය ඒ ඒ කාන්තාවගේ ශාරීරික තත්ත්වය ගැන තැකීමකින් තොරව කෙරෙන මානව සබඳතා බිඳ දමන අර්ථ ශුන්‍ය දෙයක් බව ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්, වෛද්‍ය වෘත්තිකයින් මෙන්ම සමාජ විද්‍යාඥයින් ද පෙන්වා දෙන කරුණකි. ඉතාලියේ 'මෝදෙනා ආදරවන්තයන්' දෙදෙනාම පුරුෂයන් බව හෙළිවේ 'මෝදෙනාහි ආදරවන්තයන්' ලෙස හඳුන්වන අත් අල්ලාගෙන සිටින යුවළේ අස්ථි පුරුෂයන්ගේ බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඔක්තෝබර් ඉන්දියාව: රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට වතිකානයෙන් පිහිටක් නැහැ කතෝලික රදගුරුවරයකු විසින් තමා දූෂණය කරන ලදැයි චෝදනා කරන ඉන්දියානු කිතුනු කන්‍යා සහෝදරියක් වතිකානය මගින් ද තමාට යුක්තියක් ඉටු නොවූ බව පවසන්නීය. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 48ක් එක්වේ මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරවලදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න සොයා බැලීම පිණිස බීබීසි සිංහල සේවය එම මාර්ග ඉදිකිරීමේ නියමුවන් වන ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ කළ සාකච්ඡාවක් අනුසාරයෙන් සැකසූ ලිපියකි. නොවැම්බර් ජනාධිපතිවරණය: අවසන් ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵල ඇතුළු අදාළ සිද්ධි ඇතුළත් මෙම වෙබ් පිටුව නොවැම්බර් මස වඩාත් ජනප්‍රිය විය. "අපේ මිතුරෝ අපිව පාවා දුන්නා" - මැ. කො. සභාපති මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දැනුම් දුන්නේය. දෙසැම්බර් කෲඩියා සිලනිකා: ගම්පහ, දාරළුවෙන් හමුවූ ලෝකයෙන් වඳවූ බව සිතූ ශාකය අධිවේගයට බිලි වෙයි ද? ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ. "දූෂණය වූ ස්ත්‍රිය නැවත නැවතත් දූෂණය වෙනවා" අසරණ වූ ස්ත්‍රිය හෝ දැරිය ඒ භයානක සිද්ධිය කිහිප වතාවක දී කිහිප දෙනෙකුටම සවිස්තරාත්මකව පැහැදිළි කළ යුතුය. ඔවුන්ගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුය. අධිකරණයේ දී විත්තිකරු බේරා ගැනීම සඳහා සිටින නීතිඥයා අසන්නේ ඉතා සංවේදී හරස් ප්‍රශ්න ය. ඇතැම් විට ඇයට පිළිතුරු සපයන්නට වන්නේ තම මව, පියා, ස්වාමි පුරුෂයා, දියණිය හෝ පුත්‍රයා ඉදිරියේ විය හැකිය.
සමාජයීය සහ දේශපාලනික වෙනස්කම් බොහොමයක් සමඟ 2019 වසර අවසානයට ළඟා වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ස්ත්‍රී දූෂණයට එරෙහිව ඉන්දියාවේ පැවති උද්ඝෝෂණයක් මෙම පිරිස විසින් පැහැර ගෙන යන ලද ඉහත කී දහසය වියැති පාසැල් ශිෂ්‍යාව මාසයකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බව අධිකරණයේ දී ඔප්පු වී තිබේ. එම කාලය ඇතුළත බොහෝ අය සමඟ ලිංගිකව එක් වීමට ඇයට බල කර ඇති අතර මේ පිරිස අතර ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ විශ්‍රාම ලත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. මෙම දැරිය පැහැර ගැනීම සිදු වූයේ වසර 1996 දී. මෙම අපරාධය සම්බන්ධයෙන් පළමු වරට පැවති නඩු විභාගයකදී තිස් පස් දෙනෙකුට දඬුවම් නියම කළ නමුත් 2005 දී ඉදිරිපත් කළ අභියාචනයකින් එක් පුද්ගලයෙකු චෝදනා වලින් නිදහස් විය. නමුත් මේ පිළිබඳව අලුතින් නඩු විභාගයක් පවත්වන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේදී නියෝග කළේය.
නව යොවුන් දැරියක පැහැර ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ වරදට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය එක් පුද්ගලයෙකු ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලෙසත් තවත් විසි තුන් දෙනෙකුට වසර දහතුනක් දක්වා වූ සිර දඬුවම් ලබා දෙන ලෙසත් නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වතු කම්කරු නියෝජිත හා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ රුපියල් 1000ක අවම වැටුපක් ගෙවීමේ දේශපාලන යෝජනාව 2019 යේ සිට පැවතුනත් මෙතෙක් එය ඉටුවී නොමැති බවය. "අපි ඉල්ලුවේ නෑ මේ රුපියල් 1000 ක අවම මුලික වැටුප. ඒක දේපාලන පොරොන්දුවක්. ජනාධිපතිතුමා තමයි මැතිවරණයේදී කිව්වේ 2020 ජනවාරි ඉඳලා ඒක ක්‍රියාත්මක කරනවා කියල පස්සේ ඒක අප්‍රේල් වල අලුත් අවුරුද්දේදී ක්‍රියාත්මක කරනවා කිව්වා දැන් අගමැති තුමා අයවැයේදී කිව්වා 2021 ජනවාරි පළමු වෙනීදා ඉඳලා ක්‍රියාත්මක කරනවා කියල. අද ජනවාරි 7 ඒත් තවම ඒක ක්‍රියාත්මක නෑ." "අපිට මේ කර්මාන්තය ඕන. අපි මේ කර්මාන්තය කඩාවැටෙනවට කැමති නෑ. අපි ආර්.පී.සී (වතු සමාගම්) වලට බනින්නේ නෑ. රජය තමයි මේ පොරොන්දුව දුන්නේ. මේක දේපාලන පොරොන්දුවක්. එක නිසා රජය විසින් ඒ සමාගම් අපහසුතාවට පත් වෙන්නේ නැතිවිදිහට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ සමාගම් වලට බදු සහන දීල, පොහොර සහනාධාර දීල, අඩු පොලියට ණය දීල වගා නොකරපු ඉඩම් නැවත වගා කරන්න දිරිමත් කරල මේ රුපියල් 1000ක අවම මුලික වැටුප ලබාදෙන්න කටයුතු කරන්න ඕන," යනුවෙන් වඩිවේල් සුරේෂ් පැවසීය. රජයේ දේශපාලන පොරොන්දුවක් වූ අවම මුලික වැටුප 1000 දක්වා වැඩි කිරීම වෙනස් කරනු දැකීමට කම්කරුවන් දැන් එකඟ නැති බව ඔහු පෙන්වා දුන්නේය. "මේ තේ දලු කඩන බහුතරයක් කාන්තාවන්. ඒ අයට සෞඛ්‍ය ගැටලු තියෙනවා. ඒ නිසා ඒ අයට සමහර වෙලාවට හැමදාම වැඩට එන්න බැරිවෙන්න පුළුවන්. එතකොට ඒ අයට ඇටෙන්ඩන්ස් එලවන්ස් (පැමිණීමේ දීමනා) එක හම්බවෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි කිලෝ ගානට ගෙවන එකේදිත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒව මට මේ මාධ්‍ය හමුවේ කියන්න බෑ. ඒ නිසා දීමනා එකතු කරන එකට එකග වෙන්න බෑ. දීමනා දෙනව නම් ඒ සමාගම් කැමැත්තෙන් දෙන්න පුළුවන්. ඒත් ඒක 1000 ට පිටින් දෙන්න. එකට ඉන්සෙන්ටිව් (දිරි දීමනා) දෙන එක සමාගම් වල වැඩක්. ඒ අය කැමති නම් ඒ අනෙකුත් දීමනා එකතුකරන්න පුළුවන්. එත් මුලික අවම වැටුප 1000ක් කරන්න ඕන." සජිත් ප්‍රේමදාස සිය ජනපතිවරණ සටනේදී වතු කම්කරු දෛනික වැටුප රු. 1500 දක්වා වැඩිකරන බවට පොරොන්දු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය වසරේ පෙබරවාරි 14 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට තම ජන්ද සටනේදී පොරොන්දු වූ පරිදි වැටුප රුපියල් 1000ක් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර එය මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැති ගැනිණි. එහෙත් එතැන් සිට මාස 10ක් ගතවුවද එය තවමත් ක්‍රියාත්මක වී නැත. "වතු කම්කරු ජනතාවට රුපියල් 1000ක දවසක වැටුපක් ලබාදෙන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්ගේ මැතිවරණ කාලයේදී එතුමාම සෘජුව පොරොන්දුවක් ලබාදුන්නා. දැන් අවුරුද්දකට වැඩිය කාලයක් ගෙවිලා ඉවරයි. පසුගිය අයවැය අවස්ථාවේදී අගමැති තුමා අයවැය කතාවේදී ත් ඒ වගේම 1000 ක් ලබාදෙන්නම් කියල නැවත පොරොන්දුවක් ලබාදුන්නා. ඒ දෙන්නා එහෙම කියනකොට ඇමතිවරු මොකද කියන්නේ. අනේ කොම්පැනි කාරයෝ එකඟ වෙලා නෑ." සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍ය හමුවේ පැවසීය. "අපිට පොරොන්දු ලබාදුන්නේ කොම්පැනි කාරයෝ නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා. මම කියන්නේ නෑ මේ කර්මාන්තය මරාදමල කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල. අපි දේශප්‍රේමී කණ්ඩායමක්. මේ කර්මාන්තය දියුණුවෙන්න ඕන. කර්මාන්තයේ අඩුපාඩු හොයල බලල දියුණුවෙන්න ඕන වෙන බදු සහන දීලා ඒ හරහා කම්කරුවන්ට රුපියල් 1000 ලබාදෙන්න කියල තමයි අපි කියන්නේ." ජනාධිපතිවරයා වසරක ඉටුකරන ලද කාර්යයන් අතරට රුපියල් 1000 ක දෛනික වැටුපක් වතු කම්කරුවන්හට ලබාදීමට හැකි වූ බව ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශ කරනු ලබා තිබුණි. වතු කම්කරු වැටුප වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පසුගිය අයවැයෙන් අගමැතිවරයා යෝජනා කර තිබුණද මෙතෙක් එම නීති සංශෝධනය කර නොමැති බවට කම්කරු අමාත්‍යාංශය පැවසීය. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ සේවකයන්ගේ හා හාම්පුතුන්ගේ (සේවායෝජකයන්ගේ) එකඟත්වයෙන් සුහදව මෙම ප්‍රශ්නය විසදීම සඳහා සාමුහික ගිවිසුමකට එළැඹීමට දැනටමත් සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇති බවය. "කම්කරුවාගේ අතට රුපියල් 1000ක් එන ක්‍රමයක් සැලැස්වීම තමයි මගේ අභිප්‍රාය වෙන්නේ. ඉතින් ඒකට අපි හදිස්සි වෙන්න ඕන නෑ. අපි මෙච්චර කල් හිටිය, තව දවස් කිහිපයක් යනකොට අපිට පුළුවන් වෙයි." "කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නිෂ්පාදකයාත් ආරක්ෂා උනොත් පමණයි. අද ලෝකයේ වෙළෙඳපොළේ තියෙන තේ මිල අපට තියෙන තරඟකාරිත්වය, ඉන්දියාව සමඟ, කෙන්යාව සමඟ, මේ වගේ කරුණු රාශියක් හොයල බලන්ට ඕන. එක පාරට රුපියල් 2000ක් වැඩි කළා කියමු එතකොට නිෂ්පාදන වියදම වැඩි උනාම ඒ නිශ්පාදන වියදමට සරිලන මිලක් ලෝක වෙලඳපොලේ ලැබෙන්නේ නැතිනම් කොහොමද අපි මේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ. කර්මාන්තය විනාශ කරගෙන අපිට පඩි ලබාදෙන්න පුළුවන් කමක් නෑ." යනුවෙන් අමාත්‍ය සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. "මේ සමතුලිතතාවය රුපියල් 1000 හේ පඩිය මත ලබාදිය හැකිය කියල අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා රජය පෙනී සිටිනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අපි ගන්නවා. නමුත් ඒ ක්‍රියාමාර්ගයන් ගත යුත්තේ ජාතික ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදිහට ජාතික ආර්ථිකයත් රැක ගනිමින්." යැයි අමාත්‍යවරයා කියා සිටියේය. හාම්පුතුන්ගේ සම්මේලනය (ලංකා සේව්‍ය සම්මේලනය) කම්කරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඦාවලදී සඳහන් කර තිබුණේ වැටුප් වැඩි කිරීමට නම් වතු කම්කරුවන් දෛනිකව අතිරේක දලු කිලෝ දෙකක ප්‍රමාණයක් ලබාදිය යුතු බවය. ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ තමන් රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදීමට පොරොන්දු නොවූ අතර එසේ රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීම කර්මාන්තයට දරාගත නොහැකි බවය. "ඕනෑම කර්මාන්තයක්, තේ කර්මාන්ත විතරක් නෙමෙයි බිස්කට් කර්මාන්තය උනත් අදායමට වඩා වියදම් කරන්න බෑ නේ, අපේ කට්ටිය (දවසකට) කිලෝ 30-40 කට වඩා කඩනවා. අනිවාර්යයෙන්ම රුපියල් 1000 කට වඩා හම්බ කරනවා. අපි කියන්නේ රුපියල් 1000ක් දෙනවා, දිරි දීමනාවයි ඵලදායිතා දීමනාවයි එක්ක රුපියල් 1000ක් හැමෝටම (දැනටමත්) හම්බකරන්න පුළුවන්." "පැය හතරක් ගලක් උඩ වාඩිවෙලා ඉන්නවට රුපියල් 1000 ක් ගෙවන්න බෑ. අපේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න ඕන නේ. දැන් තේ මිල බලන්න 2020 අග වෙනකොට high grown tea price (උඩරට තේ මිල) එක රුපියල් 578 යි. 2018 වෙනකොට ඒක 620යි. ඒක 620 ඉඳලා 578 ට බැහැල තියෙනවා. එතකොට අපිට මිල පිළිබඳව කිසිම පාලනයක් නෑ. පඩි පිළිබඳව පාලනයක් නෑ, ඒක ආණ්ඩුවෙන් පාලනය කරනවා කියල කියනවා.," යනුවෙන් රාජදුරයි පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ තම කර්මාන්තයේ නිෂ්පාදන වියදමෙන් සියයට 70ක් පමණ කම්කරු වැටුප් බැවින් රුපියල් 1000 ක වැටුපක් ලබාදීමට නම් කම්කරුවන් කාර්යක්ෂම විය යුතු බවය. ඔහු පැවසුවේ වෙනත් රටවල කම්කරුවන් අවම කිලෝ 35ක තේ දළු ප්‍රමාණය දෛනිකව නෙලන අතර කෙන්යාවේ එම ප්‍රමාණයට මේ වන විට ගෙවන දෛනික වැටුප ලංකාවේ මුදලින් රුපියල් 450 ක් වන බවකි. ලෝකයේ වැඩිම වැටුප් ගෙවන තේ කර්මාන්තය ඇත්තේ ලංකාවේ වුවත් අඩුම කාර්යක්ෂමතාවයක් ඇති රට ද ශ්‍රී ලංකාව බව ද ඔහු සඳහන් කළේය. "අපේ තේ වලින් සියයට 95ක් ම විකුණන්නේ ලෝක වෙළෙඳපොළේ. අපි ලංකාවේ විකුණන්නේ නෑ නේ. අපිට අඩුම ගානේ නිෂ්පාදන වියදමවත් හොයාගන්න බැරිනම් කොහොමද අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ," යනුවෙන් රොෂාන් රාජදුරයි ප්‍රශ්න කළේය. ආණ්ඩුවෙන් පාලනය වන වතු ප්‍රමාණය 27කි. ඒවායේ රුපියල් බිලියන 3ක පමණ, සේවක අර්ථසාධක හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ගෙවිය යුතු හිඟයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ රුපියල් 1000ක වැටුප නොගෙවන වතු සමාගම් රජයට පවරා ගන්නා බවකි. ප්‍රතිචාර ලෙස වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරයි පවසන්නේ වතු හාම්පුතුන්ට වැයවූ මුදල් ගෙවා රජයට නැවත එම වතු සමාගම් පවරාගත හැකි බවය. "1992දි වතු පෞද්ගලිකරණය කරන්න ඉස්සල්ල ආණ්ඩුවෙන් මේ වතුවලට අවුරුද්දකට බිලියන පහක subsidy (සහනාධාරයක්) එකක් දුන්නා එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න. ඒ මදිවට රුපියල් බිලියන තුනක ණයක් තිබුණා. මේක අදට ගැලපුවහම රුපියල් බිලියන 40ක්. එතකොට අපි ආණ්ඩුවෙන් බිලියන 40ක බරක් අයින් කරලා තියෙනවා," යැයි ඔහු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. "ඒ දවස්වල බිලියන පහක් කියන්නේ රටේ සම්පුර්ණ ආහාර ආනයන වියදම හා සමාන වියදමක් රටේ වතු කර්මාන්තය නඩත්තු කරන්න වියදම් කරන්න උනා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේක පෞද්ගලිකරණය කරන්න උනේ මේක දරාගත නොහැකි වියදමක් උන නිසා. එදා ඉඳලා අපි බිලියන 80ක් විතර ආයෝජනය කරලා තියෙනවා. මේ හැම කොම්පැනියක් ම සල්ලි දීල ගත්තේ. නිකන් ගත්තේ නෑ නේ. අඩුම ගානේ මිලියන 350ක් වත් ගෙවල තමයි අරගෙන තියෙන්නේ." "අපි බදු ගෙවනවා, ලීස් රෙන්ටල් එක ගෙවනවා. ආණ්ඩුවට බරක් නෑ. මිලියනක පුද්ගලයන් ප්‍රමාණයක් අපි නඩත්තු කරනවා. රස්සා දෙනවා. දැන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා, ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටුණා.එත් අපි වැඩ නැවැත්තුවෙත් නෑ කිසිම කෙනෙක් අයින් කලෙත් නෑ. ඉතින් ඕනෑම කර්මාන්තයකට දරාගන්න පුළුවන් පඩියක් තමයි අපිට එකඟ වෙන්න පුළුවන්." මේ ගැනත් දැනගන්න:
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබීම මහත් කතාබහට ලක්විණි. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරමින් පැවසුණේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ බවකි. එහෙත් මෙතෙක් කිසිදු වතු කම්කරුවකුට රුපියල් 1000 ක දෛනික වැටුපක් හිමි නොවන බවට කම්කරුවන් මෙන්ම කම්කරු සංගම් ද චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත. සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ දක්වා එහි දිනක වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වූයේ ද එම කාලය තුළ ය. ඉරිදා දිනයේ එසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 24, 462 කි. අප්‍රේල් මස ආරම්භයේ සිට ඇරඹුණු දෙවෙනි රැල්ලෙන් ඉන්දියාව මේ වනවිට පීඩා විඳිමින් සිටී. "අගුලු ලෑමට මා හැමවිට ම විරුද්ධ වුණා. ඒත් මෙවර පියවරින් රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අපට සහයක් ලැබේවි" යැයි සඳුදා (අප්‍රේල් 19) ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ දිල්ලි මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් පැවසීය. නගරයෙන් බැහැර නොයන ලෙස, එහි සිටින සංක්‍රමණික සේවකයින්ගෙන් මහ ආම්තිවරයා ඉල්ලා සිටියේය. පසුගිය වසරේ රටපුරා බලපැවැත්වූ අගුලු ලෑම හමුවේ සිය රැකියා අහිමිවන බව මෙන්ම අතමිට හිඟවන බව වටහාගත් මිලියන ගණනක සංක්‍රමණික සේවකයින් සිය ගම්බිම් කරා ඇදෙන ආකාරය දක්නට ලැබුණි. "මේක අසීරු තීරණයක් වුණත් අපට වෙන විකල්පයක් නැහැ" යැයි කේජ්රිවාල් පැවසීය. "අගුලු ලෑම් නිවේදනය කළ විට, දෛනික ආදායම් උපයන සේවකයින් පීඩාවට පත්වන අතරේ ඔවුන් රැකියා අහිමිවීමටත් මුහුණ දෙනවා. නමුත් දිල්ලිය හැර නොයන ලෙස මම ඔවුන්ට ආයාචනය කරනවා. මෙය කෙටි අගුලු ලෑමක්. ඒ වගේම අප ඔබ ගැන බලාගන්නවා." යැයි ද ඔහු සඳහන් කළේය. ලොක්ඩවුන් නීති: අප්‍රේල් 15 වෙනිදා සිට ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම දිනකට රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. එය පසුගිය වසරේ ඉහළම අගය බෙහෙවින් ම ඉක්මවා යාමකි. එවක රෝගීන් වාර්තාවීමේ දෛනික සාමාන්‍ය අගය දිනකට රෝගීන් 93,000ක් පමණ විණි. මරණ සංඛ්‍යාව ද ඉහළ නගිමින් පවතී. ඉරිදා (අප්‍රේල් 18) ඉන්දියාවේ තහවුරු වූ මරණ ගණන 1,620 ක් විය. පවතින තත්ත්වය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය සැලසුම්ගත ඉන්දීය සංචාරය අවලංගු කිරීමට සඳුදා පියවර ගත්තේය. ඉන්දියාවේ වාණිජ කේන්ද්‍රස්ථානය අගනුවර කරගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කෝවිඩ් 19 රෝගයෙන් බරපතල ලෙස ම බැට කන ප්‍රාන්තය ලෙස තවමත් රැදී සිටී. මිලියන 1.9 ට වැඩි ඉන්දියාවේ සක්‍රීය රෝගීන්ගෙන් තුනෙන් එකක් ම වාර්තා වන්නේ එම ප්‍රාන්තයෙනි. මෑත දිනවලදී මුම්බායි නගරය ඉක්මවා යමින් දෛනික වැඩි රෝගීන් ප්‍රමාණය වාර්තාවීම අතින් දිල්ලි අගනුවර වඩාත්ම බලපෑමට ලක්වූ නගරය බවට පත්ව තිබේ. දිල්ලි නගරය මෙන්ම මුම්බායි, ලක්නව් සහ අහ්මෙදාබාද් වැනි නගරවල කෝවිඩ් රෝගීන්ට සත්කාර කිරීම සඳහා රෝහල් බලවත් අරගලයක යෙදී සිටී. ඇතැම් ප්‍රාන්තවල රෝහල්වල කෝවිඩ් වාට්ටු හා දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයෙන් නිරන්තරයෙන්ම පීඩා විදී. ඉහළ ගොස් ඇති ඉල්ලුම හේතුවෙන් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීම ද පමා වී ඇති අතර රෝගීන් හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම නිසි වේලාවට ඉටු නොවීමට එය හේතුවී ඇති බව වෛද්‍යවරු පවසති. කෝවිඩ් දෙවෙනි රැල්ලක් ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීම ඉන්දීය ආණ්ඩුව විසින් නොසළකා හරින ලද අතර එය වැළක්වීමට හෝ පාලනය කිරීමට කිසිවක් නොකළ තරම් යැයි විශේෂඥයෝ පවසති. මුව ආවරණ නොපලන් ජනකායක් සහභාගී වූ ක්‍රිකට් තරග, මූලික කෝවිඩ් ආරක්‍ෂිත නීති අවඥාවට ලක් කරන තරම් වූ විශාල මැතිවරණ රැළි මෙන්ම මේ මස මුලදී ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා එහි ඉවුරු වෙත මිලියන ගණනක ජනයා කැඳවූ විශාල හින්දු උත්සවය වැනි අවස්ථා දෙස ඔවුහු අවධානය යොමු කළහ. රෝගීන් සංඛ්‍යාවේ පහළ යාමත් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ඇරඹීමත් හේතුවෙන් ඉන්දියාව තුළ දක්නට ලැබුණේ මෙම වසර සාමාන්‍ය තත්ත්වයෙහි ලා අරඹන සෙයකි. නමුත් එය වෙනස් කරමින් නරක අතට හැරෙන්නට වූයේ සිය නිවෙස්වලින් ජනතාව නිතර බැහැර වීම, මුව ආවරණ නොපැළඳීම හා විශාල කණ්ඩායම් වශයෙන් එක්රැස්වීමට පටන්ගත් තැන සිට ය. සති කිහිපයක් තුළදී ඉන්දියාව ලෝක කෝවිඩ් සටහනේ ඉහළට ම නැගුණේ අන් කවර රටකට වඩා දෛනික වැඩි රෝගීන් ප්‍රමාණ වාර්තා කරමිනි. කෝවිඩ් දෙවෙනි රැල්ල වඩා මාරාන්තික වනු ඇති බවට විශේෂඥයින් කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය සේවකයෝ කණස්සල්ල පළකරති
ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා' තරඟාවලිය සංවිධානය කිරීමේ කටයුතු ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට එහිදී එකඟත්වයකට එළැඹී ඇති බවයි, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. ලිපියේ සඳහන් චෝදනාව අසත්‍යයක් නොවන නමුත්, තරඟාවලිය වෙනත් රටකට ලබා දීමේ තර්ජනයක් තවමත් මතු වී නැති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා බලධාරීන්ට තමන් එවැනි ලිපියක් යොමු කළ බව සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන්, වැඩිදුරටත් කියා සිටියේ එය කවුන්සිලයේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බවයි. 'දේශපාලන බලපෑම්' "ඒක අපි හැමදාම කරන දෙයක්. ප්‍රගතියක් නැත්නම්, තරඟාවලිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න ආසියානු ඔලිම්පික් කවුන්සිලයට බලය තිබෙන බවට අනතුරු ඇඟවීමත් සාමාන්‍ය ප්‍රතිපත්තිය," යනුවෙන් ඔහු පැවසීය. සංශෝධන ක්‍රියාත්මක කිරීමට 'අමාත්‍යවරයා කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක්' ශ්‍රී ලංකා බලධාරීන් වෙත පසුගියදා යොමු කරන ලද එම ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. හම්බන්තොට උළෙලේ සංවිධාන කටයුතුවල පමාව මෙන්ම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳවත් සිය ලිපියේ සඳහන් වන බව හයිදර් ෆාර්මන් සනාථ කළේය. පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ ලුසාන් නුවරදී පැවති සාකච්ඡාවේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ක්‍රීඩා නීතිය සංශෝධනය කරන බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ප්‍රතිඥා දුන් බව සිහිපත් කරන ආසියානු ඔලිම්පික් කමිටු නිලධාරියා, ඉතා ඉක්මනින්ම එම ප්‍රතිඥාව ක්‍රියාවට නැගීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තු පළ කළේය. ඉදිරි ක්‍රියාමාර්ගය "අනිවාර්යයෙන්ම අපි හැමදාමත් ඔලිම්පික් කමිටුව සහ ආණ්ඩුව අතර සහයෝගය අගය කරනවා. ඒත් ඒ අතරේම හැම රටකම ඔලිම්පික් ව්‍යාපාරයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා," යනුවෙන්ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂවරයා සංදේශයට පැවසීය. ලුසාන් නුවරදී එවැනි ප්‍රතිඥාවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් තමා සහ ජාතික ඔලිම්පික් කමිටුව දැඩි විවේචනයට ලක් කළ ආකාරය සිහිපත් කරන හේමසිරි ප්‍රනාන්දු, අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා සැබවින්ම කැප වී සිටින්නේද යන්න ප්‍රශ්නයක් බවත් පවසයි. එම චෝදනාව පිළිබඳව විමසීම පිණිස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. කෙසේ නමුත් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමෙහිලා ප්‍රගතියක් දක්නට නැත්නම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට සිදු වනු ඇති බවයි, ආසියානු ඔලිම්පික් කවුන්සිලය පවසන්නේ. "නීතිය සංශෝධනය කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නා," බවද හයිදර් ෆාර්මන් සඳහන් කළේය. ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරය සමඟ පවතින සම්බන්ධතාවය හෝ රටේ කීර්ති නාමය පලුදු කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක් නැතැයි තමන්ට සහතික බවද ඔහු කියා සිටියේය.
2017 හම්බන්තොට පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතුවල ප්‍රගතියක් නැතැයි අනතුරු අඟවමින් ආසියානු ඔලිම්පික් කවුන්සිලය යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සඳුදා විශේෂ සාකච්ඡාවක් පැවති බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"මම මගේ ආහාර වෙලා පවා සෞඛ්‍ය සම්පන්න කර ගත්තා. ඒ තත්වයෙන් දිගටම ජීවන රටාව පවත්වාගෙන යාම හොඳයි කියල මම හිතුවා." ඇය පැවසුවාය. "ඒ කියන්නේ මම කවදාවත් මත්පැන් පානය නොකිරීමට තීරණය කළා කියන එක නෙමෙයි. ලොක්ඩවුන් වුනාට පස්සේ මත්පැන් පානය කිරීම තේරුමක් නැති දෙයක් කියල මට හිතුන." තම දෙහැවිරිදි පුත්‍රයා සමඟ නිවසට කොටු වී ජීවත් වීම, අමද්‍යප ජීවිතයක් වැළඳ ගැනීම සඳහා උදව් වූ බව ටීනා පවසන්නීය. "අපිට නිවසින් බැහැරව යන්න බැරි උනා. හිත මිතුරන් හමුවන්න බැරි උනා. ගෙදර ඇතුලේ ඉඳන් බොන එක මට එතරම් ප්‍රිය දෙයක් නොවෙයි." වසංගත කාලය තුළ මත්පැන් භාවිතය එකවරම ඉහළ ගිය බවට පුවත් ශීර්ෂ පාඨ පළවී තිබුන නමුත් අමද්‍යප බවට පත් වූ හෝ සැළකිලිමත් ලෙස මද්‍යසාර පරිභෝජනය කරන්නන්ගේ ප්‍රමාණය ද ඉහළ ගියේය. එම ගෝලීය නැඹුරුව අනුගමනය කිරීමට ටීනා වැනි බොහෝ දෙනා තීරණය කළහ. වසංගතය සමඟ ම මධ්‍යසාර පරිභෝජනය සහ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඉන්දියාවේ පටන් බ්‍රසීලය දක්වා මෙන්ම එක්සත් ජනපදය සහ යුරෝප්පයේ රටවල් කීපයක් ම රතු එළි දල්වා තිබුණි ලොක්ඩවුන් නීති ලිහිල් වී ජුලි මාසයේ මුල් භාගය වන විට බ්‍රිතාන්‍යයේ අවන්හල් යළි විවෘත වීමෙන් අනතුරුව පවා මධ්‍යසාර පරිභෝජනයකින් තොරව ජීවත් වීමට 26 හැවිරිදි ටීනා තීරණය කළාය. "මට මද්‍යසාරවල අවශ්‍යතාවයක් දැනුනේ නැහැ." ඇය හෙළිදරව් කළාය. ඇය හුදෙකලා නොවුනේ නම් එවැනි හැඟීමක් දැනේවි ද? මිනිස් ජීවිතය හා මද්‍යසාර අතර පවතින සබඳතාවට කොරෝනා වසංගතය සෘණාත්මකව බලපෑ ආකාරය පිළිබඳව වාර්තා කීපයක් පළවී තිබුණි. වසංගතය සමඟ ම මධ්‍යසාර පරිභෝජනය සහ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඉන්දියාවේ පටන් බ්‍රසීලය දක්වා මෙන්ම එක්සත් ජනපදය සහ යුරෝප්පයේ රටවල් කීපයක් ම රතු එළි දල්වා තිබුණි. එක්සත් ජනපදය උදාහරණයක් ලෙස ගතහොත්, අප්‍රේල් මාසයේ අග භාගය වන විට ලොක්ඩවුන් නීති දැඩි කිරීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවිය 400%කින් ඉහළ ගොස් තිබුණි. දකුණු අප්‍රිකාව වැනි ඇතැම් රටවල් මත්පැන් පරිභෝජනය පාලනය කර ගැනීම සඳහා ඒවා අලෙවි කිරීම තහනම් කළහ. ටීනා ජීවත් වන එක්සත් රාජධානිය තුළ සිදු කෙරෙනු සමීක්ෂණයකින් (Alcohol Change) හෙළි වූයේ, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වසංගත කාලය තුළ තමන් මධ්‍යසාර භාවිත කරන්නේ යයි බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 30කට ආසන්න ප්‍රමාණයක් විශ්වාස කරන බවය. එය එසේ වී නමුදු, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන සහ අමද්‍යප පිරිසේ ප්‍රමාණය ද එම කාලය ඇතුළත වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම නැඹුරුතාව ද සනාථ කර ඇත්තේ ඉහත කී සමීක්ෂණය තුළින්ම ය. එහි දත්ත වාර්තා අනුව පෙනී යන්නේ 37%ක් වූ පිරිසක්, "මත්පැන් පානය පාලනය කර ගැනීම සඳහා පියවර ගෙන" ඇති බව හෝ සම්පුර්ණයෙන්ම එය අත්හැර ඇති බවය. "මත්පැන් පානය අතහැර දැමීම සඳහා උත්සාහ කරමින් සිටි ඇතැම් අයට පැවතුනු බාධක මේ වසංගතය නිසා ඉවත් වෙලා තියෙනවා." මත්පැනට ඇබ්බැහි වූවන් වෙනුවෙන් උපදේශන කටයුතු සිදු කරන ජෙම් ටිමොන්ස් පැවසීය. "ඇතැම් අය දුෂ්කරතාවලට මුහුණ දුන්නේ නැහැ කියල මම කියන්නේ නැහැ. නමුත් මත්පැන් පානය අතහැර ගැනීමට උත්සාහ කරමින් සිටි සමහර උදවියට මේ ලොක්ඩවුන් තත්වයෙන් යහපතක් වුනා." ඔහු තවදුරටත් පැවසීය. එමෙන්ම, මෙම තත්වය හේතුවෙන් තරුණ පරම්පරාව අමද්‍යප තත්වයකට තල්ලු කර තිබේ. Z පරම්පරාව පොදුවේ ගත් කල, 1981 සහ 1996 අතර කාලය තුළ උපන් පරම්පරාව මත්පැනට දක්වන රුචිය ඊට ඉහත පරම්පරාවට වඩා අඩු බව සැළකේ. Zoomers පරම්පරාවේ භද්‍ර යෞවනයන් මත්පැන් පානයට නැඹුරු වී ඇත්තේ ඊට ඉහත පරම්පරාවන්ට වඩා ඉතා අඩු මට්ටමකිනි 1996න් පසුව උපන් පරම්පරාව ඊටත් වඩා මධ්‍යසාරයෙන් ඈත් වූ බවක් පෙනෙන්නට ඇත. ඇමරිකානු ලේඛකයෙකු වන රුබි වොරින්ටන් 2018 දී පළ කළ පොතක මෙම පරම්පරාව හඳුන්වා ඇත්තේ Z පරම්පරාව නොහොත් Zoomers යනුවෙනි. එක්සත් ජනපදයේ යෞවනයන් මිලියන අටක් යොදා ගනිමින් කැලිෆෝනියා සරසවිය විසින් වසර 30ක් තිස්සේ (1976-2016) සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව Zoomers පරම්පරාවේ භද්‍ර යෞවනයන් මත්පැන් පානයට නැඹුරු වී ඇත්තේ ඊට ඉහත පරම්පරාවන්ට වඩා ඉතා අඩු මට්ටමකිනි. "මීට වසර 20කට ඉහත දී නිරෝගී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා කියල කිව්වොත් ඒක අමුතු දෙයක් විදියට දැනුනේ. නමුත් දැන් කාලේ එහෙම දෙයක් කිව්වොත් ඒක ලස්සන දෙයක්. දැන් සමාජය බොහොම සවිඥානිකයි. ඔවුන් ඉදිරියේ මත්පැන් පානය යුක්තිසහගත කිරීම එන්න එන්නම දුෂ්කර වී තිබෙනවා." Mintel පර්යේෂණ ආයතනයේ සේවය කරන, මධ්‍යසාර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙකු වන ජොනි ෆෝසයිත් පැහැදිලි කළේය. "Z පරම්පරාව තමයි අපි බොහෝ කාලයකට පසුව දුටු සෞඛ්‍යසම්පන්න ම පරම්පරාව. ඔවුන් මධ්‍යසාර කර්මාන්තය වෙනස් කරාවි." ඔහු තවදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය තුළ අමද්‍යපවාදය ලොව පුරා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අමද්‍යපවාදය ප්‍රචලිත කරන්නන් රාශියක් බිහි වී සිටිති. වොරින්ටන් ගේ ඉහත කී පොත පළවූයේ ද ඒ පිලිබඳවය. කෙලි ෆිට්ස්ජෙරල්ඩ් කෙලි ෆිට්ස්ජෙරල්ඩ්, සමාජ මාධ්‍ය ඔස්සේ අමද්‍යප ජීවිතයකට අනුබල දෙන යුවතියකි. ඇය එක්සත් ජනපදයේ ජනප්‍රිය චරිතයකි. "මේ වසංගත කාලය තුළ අමද්‍යප බව කියන එක අභියෝගයක් වුනාද කියල නම් මම දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒක වැඩි පිරිසකට පෙරට වඩා සැබෑවක් සහ අවශ්‍යතාවක් බවට පත් වුණා." ඇය පැවසුවාය. "අමද්‍යප ජීවිතයක් ගත නොකළ අයට කෝවිඩ් 19 ආවට පස්සේ වැඩි කාලයක් තනිවම හෝ සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන්න සිද්ධ වුනා. ඊට පෙර ඔවුන් 'සාමාන්‍ය' යැයි හිතාගෙන හිටපු සමාජගත වීම හෝ මත්පැන් භාවිතය යුක්ති සහගත කරන්නට ඔවුනට හැකියාවක් ලැබුනේ නැහැ." "මම හිතන්නේ මේ කාලය තුළ මිනිස්සුන්ට හිතන්න අවස්ථාවක් ලැබුනා 'මගේ මේ මත්පැන් භාවිතය සාමාන්‍ය දෙයක්ද?' කියල." කෙලි ෆිට්ස්ජෙරල්ඩ් තවදුරටත් පැවසුවාය. ලී මෙන්ගෝ, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අමද්‍යපවාදයට අනුබල දෙන තවත් ප්‍රසිද්ධ චරිතයකි. අමද්‍යප වීම හෝ මද පමණින් මත්පැන් භාවිතය පිළිබඳව තිබූ පූර්ව සංකල්පනාවන් පිළිබඳව නැවත වරක් සිතා බලන්නට, මෙම වසංගත සමය නිසා මිනිසුන්ට අවසථාවක් ලැබුණු බව ඔහුගේ ද අදහසය. "බොන්නේ නැති මිනිස්සු හරිම නීරසයි කියල සමහර මිනිස්සු කියනවා මම අහල තිබුනත් දැන් මිනිස්සු අමද්‍යප බවට හුරු වෙමින් සිටිනවා." ඔහු පැවසීය. "මිනිස්සු එහෙම කියනකොට ඉස්සර නම් මට ටිකක් කේන්ති ගියා. ඒත් දැන් මම ඒ අයට උත්තර දෙනවා 'රාත්‍රී සාදයකට පස්සේ අමද්‍යප මිනිස්සුන්ට වාහනය පදවාගෙන ගෙදර යන්න පුළුවන්; බීමත් මිනිස්සුත් එක්ක ටැක්සි පෝලිමේ පොරකනවට වැඩිය ඒක හොඳයි' කියල." මිලී ගූච් 27 හැවිරිදි මාධ්‍යවේදිනියකි. ඇය 'The Sober Girl Society' නමැති සමාජ කණ්ඩායමට සහය දක්වමින් ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නියකි. පසුගිය ලොක්ඩවුන් කාලය ඇතැමුන්ට ධනාත්මක වූ බව ඇය ද අනුමත කළාය. මධ්‍යසාරය: කෙතරම් ප්‍රමාණයක් ද? මධ්‍යසාර රහිත බීම ආකල්පමය වෙනස හේතුවෙන් දැනටමත් බටහිර රටවල අලුත් ව්‍යාපාරික අවස්ථා බිහිවී ඇති බවත් ඒවා නොපමාව ලොව පුරා ව්‍යාප්ත වනු ඇති බවත් විශේෂඥයෝ පවසති. One Year No Beer නමැති වෙබ් අඩවියට මේවන විට රටවල් 90ක සාමාජිකයන් 70,000ක් සිටිති. දිනකට භාවිතා කරන මත්පැන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මෙම සාමාජිකයන්ට සහාය ලබා දීම මෙම වෙබ් අඩවියේ එක් අරමුණකි. ඒ සඳහා ඔවුන් නොයෙක් ආකාරයේ අභියෝග ලබා දෙන අතර මත්පැන් ඇසුරකින් තොරව දිනය ගත කරීමට ඔවුනට අවස්ථා ලබා දෙයි. පසුගිය මාර්තු මාසයේ පටන් ඔවුන්ගේ සාමාජික සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් තිබේ. වඩා යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධය කිරීම සඳහා ඔවුනට රජයේ සහයෝගය ද ලැබී තිබේ. මධ්‍යසාර ප්‍රතිශතය අඩු සහ මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ද වසංගත කාල සීමාව තුළ වැඩි වී ඇති බව එවැනි බීම වර්ග නිෂ්පාදනය කරන්නන්ගේ අත්දැකීමයි. පාරිභෝගිකයන් මධ්‍යසාර රහිත බීම වර්ග දෙසට නැඹුරුවෙමින් පෝල් මැතිව් පසුගිය වසරේ මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය ඇරඹීය. ඒවා අලෙවි කෙරුණේ අවන්හල් තුළ පමණි. වසංගතය පැමිණීමත් සමඟ තම ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳව ඔහු බියට පත්විය. එබැවින් තම නිෂ්පාදන සෘජුවම මහජනතාවට අලෙවි කිරීම ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය. දින කීපයකින් පාරිභෝගික ඇනවුම් ගලා එන්නට පටන් ගත් අතර සිය නිෂ්පාදන අලෙවිය 4,000%කින් ඉහළ ගියේය. "මාසෙකට බෝතල් සීයක් දෙසීයක් විකුණපු අපි මාසෙකට බෝතල් දහස් ගණනක් විකුණන තත්වයට පත් වුණා." පෝල් පැවසීය. Aeresearch/Market Study නමැති විශ්ලේෂකයන් පසුගිය අගෝස්තු මාසයේ, මධ්‍යසාර රහිත බීර වර්ග පිළිබඳව වාර්තාවක් නිකුත් කළේය. පාරිභෝගිකයන් මධ්‍යසාර රහිත බීම වර්ග දෙසට නැඹුරුවෙමින් සිටින බව එම වාර්තාවේ සඳහන් කර තිබේ. මධ්‍යසාර රහිත බීම කර්මාන්තය වසර 2024 වන විට යුරෝපයේ පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන 6ක අලෙවියක් ඉක්මවා යනු ඇති බවට ද ඔවුන් ඇස්තමේන්තු කර තිබේ. මෙය අප්‍රිකානු රටවල මෙන්ම මැදපෙරදිග රටවල ද ව්‍යාප්ත වන ව්‍යාපාරයක් බවට පත්වන බවට අනාවැකි පළකර ඇත. පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම මගින් ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉහල යාම හේතුවෙන් විකල්ප බීම වර්ග කෙරෙහි ඇදී යමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් තරම් වූ ගෝලීය මත්පැන් අලෙවිය සමඟ ගත් කල මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ඉතා කුඩා පංගුවක් බව සත්‍යයකි. නමුත් එවැනි ශක්තිමත් යෝධ කර්මාන්තකරුවන් පවා මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය තීව්‍ර කර ඇත. ආසන්නතම උදාහරණයක් ලෙස Heineken Zero නමින් නිෂ්පාදනය වූ මධ්‍යසාර රහිත බීර වර්ගය දැක්විය හැකිය. ලෝකයේ දැවැන්තම පාපන්දු තරඟාවලියක් වන UEFA Europa ලීගයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා එම බීර වර්ගය පත් වීමට නියමිතය. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලි සඳහා අනුග්‍රාහකත්වයට පත්වන්නේ ප්‍රධාන පෙලේ මත්පැන් වර්ගයන් ය. විශේෂයෙන් ම බීර වර්ග ය. එමෙන්ම, බකාඩි නමැති රම් වර්ගය නිෂ්පාදනය කරන්නන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ 2019 වසරේදී අන්තර්ජාලයේ ගූගල් සෙවුම් සඳහා "mocktail" යන වචනය යොදා ගත් අවස්ථා ගණන 42%කින් ඉහළ ගොස් ඇති බවය. "mocktail" යනු මධ්‍යසාර රහිත මිශ්‍ර පාන (cocktails) හැඳින්වීම සඳහා යොදා ගන්නා වචනයයි. ගූගල් සෙවුම් සඳහා "mocktail" යන වචනය යොදා ගත් අවස්ථා ගණන 42%කින් ඉහළ ගොස් ඇත නමුත් හොඳ පුරුදු දිගටම පවතීද? ටීනා රුද්රිගස් ගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ලොක්ඩවුන් කාලය තුළ මත්පැන් පානය අඩු කර හෝ නවතා දමා ඇති නමුත් මීළඟ සාදයට සහභාගි වීමේ දී කුමන තත්වයක් ඇතිවේදැයි ඇයට ද සැකයක් පවතී. "මම හිතන්නේ අපි හැමෝම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවෙමින් ජීවත් විය යුතුයි." ටීනා පැවසීය. නමුත් ඇයගේ සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ වූ විට මෙම යහපත් දින චර්යාවන් දිගටම පවත්වා ගත හැකි වේද? විශේෂඥයන් පවසන්නේ ජනතාවගේ අධිෂ්ඨාන ශක්තිය පමණක් මෙම ප්‍රශ්නයට එකම පිළිතුර නොවනු ඇති බවය. ආගන්තුක සත්කාරයන් හා සබැඳි කර්මාන්ත (hospitality industry) මත ද එම වගකීම පැවරෙන බව ලේඛකයෙකු හා අමද්‍යප ජීවන රටාව පිළිබඳ උපදේශකයෙකු වන මැන්ඩි මැනස් ගේ අදහසයි. "මත්පැන් පානය කිරීමට අකමැති පාරිභෝගිකයන්ට පවා ගැලපෙන සත්කාර ක්‍රම හෝටල් සහ අවන්හල්වල තිබිය යුතුයි." "ඔවුන්ට විකල්ප තෝරා ගැනීම් සපයා තියෙන්න ඕනා; එතකොට අපි හැමෝටම එකම මේසය වටා ඉඳගන්න පුළුවන්." සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ වූ විට මෙම යහපත් දින චර්යාවන් දිගටම පවත්වා ගත හැකි වේද? මීට අමතරව, මත්පැනට හුරු වී සිටින ඇතැම් ජන කොට්ඨාශ මේ වන විට මත්පැන් පිළිබඳව සවිඥානික වීමේ නැඹුරුවක් පවතී. One Year No Beer ව්‍යාපෘතියේ බහුතර සාමාජිකයන් වයස අවුරුදු 35ත් 55ත් අතර වන පිරිසකි. අලුතින් බැඳෙන සාමාජිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 40 ඉක්මවූ පිරිසය. නවසීලන්තයේ වෙසෙන ක්ලෙයාර් බූත් 56 හැවිරිදි කාන්තාවකි. ඇය ද One Year No Beer වැඩසටහනට එක් වුවාය. පසුගිය ජනවාරියේ පටන් ඇය මත්පැන් භාවිතය අඩු කරන්නට පියවර ගත්තේ චීනයේ කොරෝනාවෛරසය පැතිර යන බව සැල වීමෙන් අනතුරුවය. "මගේ ප්‍රධානම අරමුණ වුණේ මේ රෝගයෙන් මිදී සිටීම සඳහා නිරෝගී සෞඛ්‍යයක් ඇතිකර ගැනීම." ඇය පැවසුවාය. මුලින්ම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කළ රටක් බවට නවසීලන්තය පත් වන විටත් ඇය අර්ධ-අමද්‍යප මට්ටමකට පත් වී සිටියාය. "මම පසුගිය මාස හයටම මත්පැන් පානය කරලා තියෙන්නේ තුන් වතාවයි." ක්ලෙයාර් පැවසුවාය. වැඩිහිටි පරම්පරාව පවා මත්පැන් පානය පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹීම ගැන මිලී ගූච් විශ්මයට පත් නොවන්නීය. "අමද්‍යප වීම අලුත්ම නැඹුරුවක් බවට පත්වෙලා හමාරයි. එය සහශ්‍ර පරම්පරාවට හෝ Z පරම්පරාවට පමණක් සීමා වූ දෙයක් නොවෙයි." මිලී පවසන්නීය. "සමහර විට අපි සමාජ මාධ්‍ය පරම්පරාව නිසා වෙන්න ඇති; අපි මේ ගැන වැඩියෙන් කතා කරනවා." "ඒ වගේම වැඩිහිටි පරම්පරාව පවා අමද්‍යප කරවීම සඳහා දීප්තිමත් එලි දල්වන මිනිසුන් අද බිහිවෙලා ඉන්නවා" ඇය තවදුරටත් පැවසුවාය.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද භාගයේ පටන් ලෝකය ලොක්ඩවුන් වන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ටීනා රෝද්රිගස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කර තිබුනේ ශාරීරික ව්‍යායාම පුහුණුකරුවකු වන තම සහකරුගේ ද සහාය ඇතිවය. ජනවාරි මාසයේ පටන් ඇය මත්පැන් පානය කර නොතිබුණි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ.' 2004 වසරේ දෙසැම්බර් 26 වනදා තමා ඇතුළු පවුලේ සාමාජිකයන් සුනාමියට ගොදුරු වූ අයුරු සිහිපත් කරමින් ඒපී සෝමදාස සිය මතකය අවදි කළේ එලෙසින්. එවකට තංගල්ල කුඩාවැල්ලේ පදිංචිව සිටි හැටහතර හැවිරිදි ඒපී සෝමදාස කලක් කුඩාවැල්ල සමූපකාරයේ කළමනාකරු ලෙස සේවය කළ අයෙක්. පසුව නිවසේම වෙළඳසැලක් පවත්වාගෙන යමින් යහමින් ජීවත් වූ ඔහුගේ පවුලට හිටි හැටියේ සිදු වූයේ කිසි කලෙකත් නොසිතූ විපතක්. සුනාමි ව්‍යාසනයට හසු වූ ඒපී සෝමදාසගේ නිවස පිහිටි ස්ථානයේ වර්තමාන තත්ත්වය "බබා ලැබිලා උන්නු දුව ඒ බබාවත් අරන් දිව්වා. මගේ නෝනයි පුතාගේ නෝනයි එයාලගේ බබාලා දෙන්නයිත් දිව්වා. මගේ ලොකු දුව කිව්වා මට යන්න බැහැ කියලා. එයා ඔපරේෂන් කරලයි හිටියේ. එතකොට ආයෙමත් රැල්ලක් ආවා. මට දැනුනා ලොකු දුව නැහැ කියලා. ඒ එකක්ම එතන තිබ්බ තාප්පෙ කඩාගෙන වැටුනා. ලොකු දුවගේ දුව මගේ බෙල්ලේ එල්ලුණා. අපි ගිහින් ඉස්සරහා තිබුණ පියස්සක එල්ලුණා. ඒත් පියස්ස කැඩුනා. ඒපාර අපිව ගහගෙන ගියා. යාන්තං පොල් අත්තක් පහත් වෙලා තිබුණා. ඒක අල්ල ගද්දි පොල් අත්ත කැඩුනා. ඒ වෙලේ දුවව අත ඇරුනා. මම කෑ ගැහුවා දුවා දුවා.. කියලා. එතකොට දුව ඊට පහලින් පොල් ගහක ඉඳන්කෑ ගැහුවා සීයේ මම මෙහේ කියලා." මගේ ඇගේ ඇඳුමක් වත් තිබුණේ නැහැ. ගහගෙන ආපු රෙදි කෑල්ලකින් විලි වහගෙන මම දුව ළඟට ගියා. මට හරි හමන සිහි කල්පනාවකුත් නැහැ. වතුර අඩු උනාට පස්සේ මම යාළුවකුගේ මොටර් සයිකලේකින් පවුලේ අය ගහගෙන ගිය පැත්තට ගියා. මට හම්බ උනේ ලොකු දුවව විතරයි." තමන්ගේ බිරිඳ, වැඩිමහල් දියණිය සහ ඇයගේ පස් වියැති දරුවා සහ දින පහළොවක් වියැති බිලිඳු දරුවා, බාල දියණිය සහ ඇයගේ මාස අටක දරුවා සුනාමි ව්‍යාසනයෙන් සෝමදාසට අහිමි විය. තමාගේ වෙර වීරියෙන් ජීවිතය සරි කර ගනිමින් කාටත් බරක් නොවී ජීවිතය ගෙන ගිය සෝමදාස අද වන විට ජීවත් වන්නේ සුනාමි ගම්මානයක පිහිටි නිවසකයි. එම සුනාමි ගම්මානයේ ජීවත් වන්නේ කුඩාවැල්ල ප්‍රදේශයේ සිට ආපදාවට පත් පවුල් කීපයකි. සෝමදාස සුනාමියෙන් පසු ජීවත් වන නිවස "මේ පැත්තේ දොස්තර කෙනෙක් හිටියා. එයාගේ පවුල ගහගෙන ගියා. ඒ දුකට එයා වහ බිව්වා. ඒ එක එක්කෙනොගේ දරා ගැනීමේ හැකියාවනේ. මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ. දැන් කතා කරනකොට පොඩි පැටලිල්ලකුත් එනවා. මම හිත හදාගත්තා. හිත හයිය කරගත්තා. මට ආයෙම රස්සාව හම්බ උනා. ඒත් මම ගියේ නැහැ. මම කාට හම්බකරන්නද. දැන් මම තී‍්‍රවිල් එකක් එළවනවා. පවුලේ පස්දෙනෙක් නැති වෙලත් අදටත් මම හිතේ හයියෙන් ජීවත් වෙනවා." සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය. තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ. ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000කට ආසන්නයි.
"මේක වෙන කොට අපේ ගෙදර එකොළොස් දෙනෙක් හිටියා. අපේ ලොකු දුවත් ඇවිත් හිටියා. එයාට බබා හම්බ වෙලා ඒ වෙන කොට දවස් 15 යි. අපේ ගේ ඉස්සරහෙන් කීප දෙනෙක් කෑ ගහහෙන දිව්වා මුහුද එනවා කියලා. අපි ඉතිං විශ්වාස කළේ නැහැ. කවුද හිතන්නෙ මුහුද ගොඩට එයි කියලා. අපේ ගේ වටේට තාප්පෙ නිසා අනිත් අයට වතුර එද්දිත් මුලින් ටික ටික ආපු වතුර පාර අපිට ආවෙ නැහැ. ඒත් තවත් අය කෑ ගහගෙන යනකොට මම එළියට බැස්සා. ඒ වෙන කොට මගේ අඩි දෙකක් විතර උසට වතුර.මම ඒ වෙලාවේ නෝනාට කිව්වා දරුවො ටිකත් අරන් දුවන්න කියලා. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි."
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසර තුනකට පසුව මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ. රාහුල් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා පැවසුවේ කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි ඒ සඳහා විශිෂ්ට සුදුසුකම් ලබා සිටින බවයි. සුදුසු අවස්ථාවේ දී තම පක්ෂය එම තීරණය ගනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. මීළඟ මැතිවරණයේ දී එක්සත් ප්‍රගතිශීලි සන්ධානයෙන් නව අගමැතිවරයකු පත්වීම පිළිබඳව තමන්ට පූර්ණ විශ්වාසයක් ඇතැයි අගමැති ආචාර්ය මන්මෝහන් සිං පැවසුවේය. භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කරන නරේන්ද්‍ර මෝඩි ගැන සඳහන් කළ අගමැති මන්මෝහන් සිං ඔහු රටේ අගමැතිවරයා වශයෙන් පත්වුවහොත් එය අතිශයින් අවාසනාවන්ත දායක තත්වයක් බවයි කියා සිටියේ. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති මන්මෝහන් සිං පැවසුවේ තමන් පාකිස්තානයට යාමට ඉතා කැමැත්තෙන් සිටින බවයි. වර්තමානයේ බටහිර පන්ජාබ් නමින් හැඳින්වෙන පළාතේ ගම්මානයක තමන් උපන් බවයි ඔහු පැවසුවේ. සැබෑ ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි තත්වයක් පවතින්නේ නම් රටක අගමැතිවරයා ලෙස තමන් පාකිස්තානයට යා යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ. තමිල්නාඩුවේ ගැට‍ළු තමිල්නාඩුවේ ප්‍රධාන ගැට‍ළු දෙකක් ඇති බව මෙහි දී මාධ්‍යවේදියකු පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය” සහ “තමිල්නාඩු ධීවරයන්ගේ ගැටලුව” එම ප්‍රශ්න දෙක බව පැවසූ මාධ්‍යවේදියා එම ප්‍රශ්නවලට ස්ථිර විසදුම් ලබා දෙන්නේ කවදා දැයි අගමැතිවරයාගෙන් විමසා සිටියේය. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවී නැති බව පැවැසීම සත්‍යයෙන් තොර යයි පැවසූ අගමැති ආචාර්ය මන්මෝහන් සිං, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය යොමු කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම ඉන්දීය රජය විසින් සෑම විටම ගෙන ඇති බවයි පැවසුවේ. ඉදිරියේදීත් දිගටම එසේ කරන බව අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළේය. ධීවරයන්ගේ ප්‍රශ්නය තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නයද ශ්‍රී ලංකා රජය සමඟ අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කොට ඇති බවයි ඔහු පැවසුවේ. දැන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ ජනතාවගේම රජයක් ඇති නිසා දෙරට ධීවරයන්ට වාඩි වී සාකච්ඡා කොට දෙපාර්ශවයට එකඟ විය හැකි විසඳුමක් සොයා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට තමිල්නාඩු සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බව ඉන්දීය රජයට හැඟී යන්නේ යයි අගමැතිවරයා පැවසුවේය. එය සිදු වේ යැයි තමා සිතන බව පැවසූ ඉන්දීය අගමැතිවරයා දෙරටේම ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගත හැකි එකම ක්‍රමයත් එය යැයි ප්‍රකාශ කළේය. ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ඉදිරි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත්නොවන බව ප්‍රකාශ කිරීම බෙහෙවින් බලාපොරොත්තු වූ දෙයක් බවයි බීබීසි යේ දිල්ලි වාර්තාකරු සන්ජෝය් මජුම්දර් (Sanjoy Majumder) ප්‍රකාශ කළේ. අප්‍රසාදය ඉකුත් වසරේ දී ඔහුගේ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දූෂණ සිද්ධීන් සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අප්‍රසාදයට පත්ව ඇති බව පවසන බීබීසි දිල්ලි වාර්තාකරු , අසූ එක් වියැති අගමැතිවරයාටත් ඔහුගේ රජයටත් ජනතාවගේ සහයෝගය අහිමි වෙමින් තිබෙන බවයි පැවසුවේ. උද්ධමනයද පාලනය කිරීමට නොහැකි අඩියකට පත්ව ඇති බව සඳහන් කරන ඔහු ඉකුත් මාසයේ දී රජය ප්‍රාන්ත රාජ්‍ය මැතිවරණ කිහිපයක දී පරාජයට පත්වූ බව කියා සිටියේය. ඉදිරි මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයෙන් නරේන්ද්‍ර මෝඩි අගමැති තනතුර සඳහා තරඟ වදින බව කියා සිටි බීබීසී වාර්තාකරු මේ මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝඩි ඉදිරියෙන් සිටින බව බෙහෙවින් පෙනෙන්ට තිබෙන බව සදහන් කළේය. ගුජ්රාත් ප්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයා වන නරේන්ද්‍ර මෝඩි ඉතා දැඩි පරිපාලකයකු ලෙස සැලකෙන බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.
ඉදිරි ඉන්දීය මහ මැතිවරණයෙන් පසු කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය යලි බලයට පත්වුවත් තමන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වදින්නේ නැතැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මැදපෙරදිග කලාපය තුළ කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ රට ඉරානයයි ජූලි 20 දක්වා කාලය තුළ කෝවිඩ්-19 හේතුවෙන් 42,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි එරට ආණ්ඩුවේම දත්ත මගින් පෙන්නුම් කරයි. නමුත් එකී කාලය තුළ ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කර ඇති මරණ සංඛ්‍යාව 14,405 කි. කොරෝනාවෛරස් ආසාදනය වී ඇතැයි දැන ගැනීමට ලැබුනු සංඛ්‍යාව ද ඊට වඩා දෙගුණයකට ආසන්න අගයක් ගනු ලබයි. ආසාදිතයන් ප්‍රමාණය 278,827 ක් බව ප්‍රකාශ කෙරුන ද එම සංඛ්‍යාව 451,024 කි. නිල දත්ත අනුව බැලුව ද තවමත් මැදපෙරදිග වැඩි වශයෙන්ම බලපෑමට ලක්ව ඇති රට ඉරානය ය. මෑත සති කිහිපය තුළ ඉරානයේ කොරෝනාවෛරස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. බීබීසී වෙත ලැබුණු ලැයිස්තු සහ වෛද්‍ය වාර්තා අනුව ඉරානය තුළ කෝවිඩ්-19 පළමු මරණය වාර්තා වී ඇත්තේ ජනවාරි 22 වෙනිදාය. ඉරානය තුළ වෛරසය පැතිර යාම ආරම්භයේ සිටම නිල දත්ත සම්බන්ධයෙන් නිරීක්ෂකයෝ බොහෝ දෙනෙක් සැක පළ කළහ. ජාතික සහ පළාත් මට්ටමේ දත්ත අතර අවිධිමත් බවක් දක්නට ලැබිණි. ඒ සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය ආයතන හඬ අවදි කර තිබූ අතර දත්ත සහ සංඛ්‍යා සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ කණ්ඩායම් විකල්ප ඇස්තමේන්තු ලබා දීමට උත්සාහ කර තිබිණි. අවශ්‍ය තරම් පරීක්ෂා කිරීම් නොමැතිකම ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස් ආසාදිත යයි තහවුරු කර ගැනීමට නොහැකි වීමට විශාල වශයෙන් හේතු විය. එම තත්ත්වය ලෝකය පුරා දක්නට ලැබිණි. සියලුම මරණවලට අදාළ වාර්තා අත තිබියදීත් ඉරාන බලධාරීන් සැලකිය යුතු මට්ටමින් අඩු සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කර ඇති බව බීබීසී වෙත රහසින් ලැබුණු තොරතුරු මගින් හෙළිදරව් වේ. නිවැරදි දත්ත සිතා මතාම යටපත් කර ඇති බව ඉන් පෙනෙන්නට තිබේ. මේ දත්ත පැමිණියේ කොතැනින්ද? බීබීසී වෙත ඉහත කී දත්ත එවනු ලැබුවේ නම හෙළි නොකළ මූලාශ්‍රයක් විසිනි. ඉරානය පුරා රෝහල් වෙත දෛනිකව ඇතුළත් කරන ලද රෝගීන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රෝග ලක්ෂණ, දිනය, රෝහලේ ගත කළ කාලය සහ රෝගීන් සතු විය හැකි වෙනත් රෝගී තත්ත්වයන් ඇතුළු තොරතුරු ඊට ඇතුළත් විය බීබීසී මේ වන විටත් දන්නා දැනට ජීවත් වන සහ මිය ගිය රෝගීන් හා එම ලැයිස්තුවල අඩංගු තොරතුරු සැසඳෙයි. ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චිට (වම් පසින්) කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි පෙබරවාරි මස අනාවරණය විය වසංගතය සම්බන්ධයෙන් "සත්‍ය හෙළි කිරීමට" සහ "දේශපාලන සෙල්ලම්" අවසන් කිරීමේ අරමුණින් බීබීසී සමග එම දත්ත බෙදා ගත් බව නම හෙළි නොකළ මූලාශ්‍රය පැවසීය. නිල දත්ත සහ ඉහත කී වාර්තාවල අඩංගු මරණ සංඛ්‍යා අතර වෙනස නිල දත්ත හා ජූනි මැද දක්වා අතිරේක මරණ සම්බන්ධයෙන් කරන ලද ගණනය කිරීම් සමග සැසඳෙයි. "සාමාන්‍ය" තත්ත්වයන් යටතේ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් වාර්තා වන මරණ, අතිරේක මරණ ලෙස ගැනෙයි. දත්ත මගින් හෙළි කරන්නේ කුමක්ද? කෝවිඩ් -19 හෝ ඊට සමාන රෝග ලක්ෂණ හේතුවෙන් වැඩි වශයෙන්ම මරණ වාර්තා වන්නේ ටෙහෙරාන් අගනුවරිනි. එම සංඛ්‍යාව 8,120 කි. ඉරානය තුළ පළමුවෙන්ම වෛරසය පැතිර ගිය ක්වොම් නගරය ප්‍රමාණාත්මක වශයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත. එහි මරණ 1,419 ක් වාර්තා වී ඇත. එනම් සෑම පුද්ගලයන් 1,000 කටම එක් කෝවිඩ්-19 මරණයකි. රට පුරා මරණ අතරින් 1,916 ක් ඉරාන නොවන වෙනත් ජාතීන්ට අයත් වීම කෙරෙහි ද සැලකිල්ල යොමු වේ. රහසින් ලැබුණු දත්ත තුළ සමස්තයක් වශයෙන් ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් ඇති නැඹුරුව සහ නිල වාර්තා සමාන වුවත් ප්‍රමාණයෙන් වෙනස් වේ. මුල් අවධියේ මරණවල ඉහළ යාම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාවන්ට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනී. මාර්තු මැද වන විට එය නිල සංඛ්‍යාවන්ට වඩා පස් ගුණයකින් වැඩිය. මාර්තු මස තුන් වන සතියේ අග, ඉරාන නව වසර සමරන නිවාඩු සමයේ ලොක්ඩවුන් නීති පනවන ලද අතර ඊට අනුරූපව ආසාදිතයන් සහ මරණවල අඩුවක් දක්නට ලැබිණි. නමුත් ආණ්ඩුවේ සීමා ලිහිල් කිරීමත් සමග මැයි අග කාලයෙන් පසු යළි ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම ආරම්භ විය. කොරෝනාවෛරසය පැතිර යාම පාලනය සඳහා ඉරානය විවිධ පියවර හඳුන්වා දී තිබේ ඉතාමත් වැදගත් කරුණ නම් රහසින් පිටවූ වාර්තාවලට අනුව පළමු මරණය සිදුව ඇත්තේ ජනවාරි 22 වෙනිදාය. එනම් ඉරානය නිල වශයෙන් සිය පළමු කොරෝනාවෛරස් මරණය වාර්තා කිරීමට මසකට පෙරය. ඉරානය තුළ වෙසෙන ජනමාධ්‍යවේදීන්ගේ වාර්තා සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘතිකයින්ගේ අනතුරු ඇඟවීම් තිබියදී එරටින් එකඳු කොරෝනාවෛරස් රෝගියෙකු හෝ වාර්තා වී නැතැයි පිළිගැනීමේ දැඩි මතයක සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පසු විය. පෙබරවාරි 19 වෙනි දින, පළමු වරට කොරෝනාවෛරස් මරණයක් වාර්තා වන බව නිල වශයෙන් දන්වන විටත් ගතවී තිබූ දින විසි අටක කාලය තුළ මරණ 52 ක් සිදුවී තිබිණි. තොරතුරු පිටතට මුලින් ලබා දුන්නේ කවුරුන්ද? විෂය සම්බන්ධයෙන් සෘජු දැනුමක් සහිත වෛද්‍යවරුන් බීබීසී වෙත කියා සිටියේ ඉරානය තුළ ක්‍රියාත්මක ආරක්ෂක සහ බුද්ධි අංශ වෙතින් සෞඛ්‍ය අමාත්‍යංශයට පීඩනයක් එල්ල වූ බවය. වෛද්‍ය පවුලාදී (සැබෑ නම නොවේ) බීබීසී වෙත කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් නොකළ බවය. "ආරම්භයේදී ඔවුන් සතුව පරීක්ෂණ කට්ටල තිබුණේ නැහැ. ඔවුන්ට ඒවා ලැබුණු විට ප්‍රමාණවත් වශයෙන් භාවිත කළේ නැහැ. ඉරානය තුළ කොරෝනාවෛරසය කෙතරම් දුරට පවතීද කියන දේ පිළි නොගැනීම ආරක්ෂක සේවා වල ස්ථාවරය වුනා," වෛද්‍ය පවුලාදී පැවසීය. පළමු වරට කොරෝනාවෛරස් මරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ක්වොම් නගරයේ වෛද්‍යවරුන් වන සහෝදරයන් දෙදෙනෙකු කළ දැඩි ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. සිය සහෝදරයා අහිමි වුවත් ඔහු කෝවිඩ්-19 පරීක්ෂාවකට ලක් කළ යුතු බව වෛද්‍ය මොහොමඩ් මොලායි සහ වෛද්‍ය අලී මොලායි තරයේ කියා සිටියහ. ඔවුන්ගේ සොයුරාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන්ගේ සහෝදරයා මිය ගිය කම්කාර් රෝහල වෙත කෝවිඩ්-19 ට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන් ගණනාවක් ඇතුළත් කර තිබිණි. ඔවුහු සාමාන්‍ය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදැක්වූහ. එමෙන්ම ඔවුන්ගෙන් කිසිවකුත් කොරෝනාවෛරස් පරීක්ෂාවට ලක් කර නොතිබිණි. "ඔවුන් අවාසනාවකට මුහුණ දුන්නා. විනීත සහ බලපෑම් කිරීමේ හැකියාවක් සහිත යමෙකුට සහෝදරයා අහිමි වුණා. වෛද්‍ය මොලායිට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෙත පිවිසීමේ හැකියාව තිබුණා, ඔහු එය අතහැරියේ නැහැ." වෛද්‍ය පවුලාදී පැවසීය. වෛද්‍ය මොලායි නිවේදනයක් සහිතව තම මිය ගිය සොහොයුරාගේ වීඩියෝවක් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය පළමු කෝවිඩ්-19 මරණය වාර්තා කළේ ඉන් අනතුරුවය. එසේ වුවත් රජයේ රූපවාහිනිය වෛද්‍යවරයා විවේචනයට ලක් කරමින් වාර්තාවක් විකාශ කළේය. ඔහුගේ සහෝදරයාගේ වීඩියෝව මාස ගණනාවක් පැරණි එකක් බව එහි සඳහන් විය. වසන් කළේ ඇයි? යුක්‍රේන මගී ගුවන් යානය බිම හෙළීම වසන් කිරීම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවත් තීව්‍ර කිරීමට හේතු විය 1979 ඉස්ලාමීය විප්ලවයේ සංවත්සරය සහ පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම වෛරසය පැතිර යාමේ ආරම්භය ද එකවර යෙදිණි. ඉස්ලාමීය විප්ලවය සහ මැතිවරණ ව්‍යාපාරය තමා කෙරෙහි වන ජනතා සහාය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉස්ලාමීය ජනරජයට ඇති ප්‍රධාන අවස්ථාවකි. වෛරසය නිසා ඊට හානියක් නොවීමට ඔවුන්ට අවශ්‍ය වූවා විය යුතුය. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමේනි චෝදනා කරමින් කියා සිටියේ මැතිවරණය යටපත් කිරීම සඳහා කොරෝනාවෛරසය යොදා ගැනීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බවය. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව ඉතාමත් පහළ අගයක් ගනු ලැබිණි. ගෝලීය වශයෙන් බලපා ඇති කොරෝනාවෛරස් වසංගතයෙන් බැට කෑමට පෙර ඉරානය තමාගේම අර්බුද ගණනාවකට මුහුණ දී සිටියේය. 2019 නොවැම්බරයේදී ආණ්ඩුව එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට පසු හටගත් විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනයට ලක් කළේය. දින කිහිපයක් තුළ විරෝධතාකරුවන් සිය ගණනක් මරා දැමිණි. මේ වසරේ ජනවාරි මසදී ඉරානයේ උත්තරීතර නායකයාට පසු වඩාත්ම බලවත් පුද්ගලයා ලෙස සැලකුනු ජනරාල් කාසෙම් සුලෙයිමානි ඇමරිකාව විසින් ඝාතනයට ලක් කරනු ලැබිණි. ඊට ඉරානය දැක්වූ ප්‍රතිචාරය තවත් ගැටලුවක් නිර්මාණය කරවීය. ඉන් පසු සීරුවෙන් පසු වූ ඉරාන හමුදා අත්වැරදීමකින් මිසයිල ප්‍රහාර එල්ල කර, ඉන් මිනිත්තු කිහිපයකට පෙර ටෙහෙරාන් ගුවන් තොටුපොලෙන් ගමන් ආරම්භ කළ යුක්‍රේන ගුවන් යානයක් බිම හෙලීය. යානයේ ගමන් කළ 176 ක් වූ සියලුම මගීන් ඉන් මරණයට පත් විය. ආරම්භයේදී ඉරාන බලධාරීන් සිදු වූ දේ වසන් කිරීමට උත්සාහ කළ නමුත් තෙදිනකට පසු ඔවුන්ට එය පිළිගැනීමට සිදු විය. එමගින් ඔවුන් සැලකිය යුතු මට්ටමේ අපවාදයකට ලක් විය. මෙවැනි පසුබිමක් තුළ ඉරානයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වූ විට ආණ්ඩුව සත්‍ය ප්‍රකාශ කිරීමට බියක් දක්වා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු බලධාරියෙකු ද වන වෛද්‍ය නූර්දීන් පිර්මොවාසන් බීබීසී වෙත පැවසීය. "දුගී සහ විරැකියාවෙන් පෙලෙන ජනයා වීදි බසීවී කියා ආණ්ඩුව බය වුණා," ඔහු සඳහන් කළේය. ඉරානයේ මධ්‍යම කලාපයේ පිහිටි ඉස්ෆාහන් පළාතේ කොරෝනාවෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනයක් වන, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය වලකා තැබුණු බවත් ඔහු පෙන්වා දෙයි. වසංගතය හමුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව ඊට සාක්ෂියක් බව ඔහු සඳහන් කළේය. ඇමරිකාව සමග හමුදා බලය පෙන්වීම සහ කොරෝනාවෛරසය පැතිර යාමටත් මත්තෙන් ඉරානය දුෂ්කර අවධියකට මුහුණ දී සිටියේය. 2018 මැයි මස ඔවුන් සමග ඇති කර ගෙන සිටි න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමග යළි පනවන ලද සම්බාධක එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එක් කළේය. "රට මේ තත්ත්වයට පත් කළ අය වන්දි ගෙවන්නේ නැහැ. මේවට ජීවිතවලින් වන්දි ගෙවන්නේ දුප්පතුන් සහ මගේ දුප්පත් රෝගීන්," පවුලාදි පැවසීය. "ඇමරිකානු සහ ඉරාන ආණ්ඩුවල ගැටුම් හමුවේ දෙපැත්තෙන්ම එල්ල වෙන පීඩනය නිසා තැලෙන්නේ අපි. " කොරෝනාවෛරස් රෝගීන් සහ මරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇති වාර්තා "විනිවිදභාවයෙන්" යුතු සහ "වෙනස් නොවෙන සුළු" බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යංශය පවසා තිබේ.
කොරෝනාවෛරසයෙන් මරණයට පත් සංඛ්‍යාව ඉරාන ආණ්ඩුව ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න බව බීබීසී පර්සියානු සේවය කළ ගෙවේෂණයකින් සොයා ගෙන තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා එසේ කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම කැසිනෝ ශාලා වසා දමන බව ද ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ ය. නමුත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රජය කිසිදු අයුරකින් සූදු මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් නො කරන අතර අගනුවර අවිධිමත් ව පවත්වා ගෙන යන සූදු මධ්‍යස්ථාන, හඳුනා ගත් එක් කලාපයකට ඒකරාශී කරන බවයි. කෙසේ නමුත් ආණ්ඩුවේ පාර්ශව කරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කල බව එහි මහලේකම් හසන් අලි මන්ත්‍රී වරයා පැවසීය.
කැසිනෝ සඳහා බදු සහන ලබා දීමට ආණ්ඩුව ගෙන එන පනත පිළිබඳ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වන්නේ නම් පරාජය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීමේ තීරණය පිළිබඳ බීබීසී සංදේශය ප්‍රශ්න කළ අවස්ථාවේදී. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති මන්දිරයට පමණක් මෝටර් රථ 1500ක් පමණ ලබාගෙන තිබූ බව සඳහන් කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අවශ්‍යතාවයට සරිලන ලෙස නියමිත ක්‍රමවේදයට අනුව තම රජය මෝටර් රථ මිලදි ගන්නා බවයි කියා සිටියේ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසර විස්සකින් පමණ නිසි ලෙස අමාත්‍යංශවලට වාහන මිලදී ගෙන නොමැති බවයි. මෝටර් රථ මිලදී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි යන්න සංදේශය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බවයි. ඉන්දියාවේ ඇමතිවරුන් දේශීය නිෂ්පාදිත සාමාන්‍ය මෝටර් රථ පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ට එසේ බැරිදැයි මාධ්‍යවේදියකු විමසූ විට රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ ඉන්දියාවේ ඇමතිවරුන්ද දැන් වෙනස් වී ඇති බවයි. අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන එකයි දශම එකකට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
රුපියල් කෝටි ගණනක් වැය කොට මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ සහ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සමග ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරික්ෂණ රාජකාරි සඳහා හමුදා නිලධාරිනියන් වෙත ආරාධනා ලද ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එසේ ආරාධනා ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ වසරක කාලයක් එහි රාජකාරිවල නිරතවීමට නියමිතය. සාම සාධක කටයුතු නිරීක්ෂණය සඳහා දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ හමුදා නිලධාරිනියන්ට සිය වෘත්තියමය ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් හිමිව ඇති බවය. සිය වෘත්තීය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරි ඉටුකරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඉදිරියේදී තවත් නිලධාරිනියන් කිහිප දෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරි සඳහා එක්වීමට නියමිත යයි වැඩිදුරටත් සඳහන් කළ බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක් වේ. කැපවීමෙන් සහ වගකීමෙන් සිය රාජකාරි ඉටු කිරීමට බලාපොරොත්තු වන බව මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ ඒ අවස්ථාවේ හමුදාපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළහ. යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද එම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය. ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ. මේ අතර 2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකුට ළමා අපචාර චෝදනා එල්ල විය. පසුව ඒ අතරින් 114 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට කැඳවන ලද අතර, ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණයක් පවත්වන ලද බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවයයට පැවසීය. අදාළ බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත් කළ බව පැවසූ හමුදා ප්‍රකාශකවරයා, හමුදා සාමාජිකයන් අට දෙනෙකුට එරෙහිව විනය පියවර ගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි යොමු:
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරි සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරිනියන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ලඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් බවට පත් වූ අතර, 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තුරුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන එලිසබෙත් රැජිනය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය. සබැඳි යොමු:
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් දොළහක් යෝජනාවට එරෙහිව ද එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසි තුනක් යෝජනාවට පක්ෂව ද ඡන්දය දීමෙනුයි එය සම්මත කෙරුණේ. “සංහිඳියාවක් සඳහා දිගටම පියවර නො ගැනීම සහ ශ්‍රිලංකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ මට්ටමින් උල්ලංඝනය කරනු ලැබීම කනස්සල්ලට හේතුවක් වන” බවයි රටවල් කීපයක සහයෝගය ඇතිව යෝජනාව ඉදිරිපත් කරමින් ඇමෙරිකානු නියෝජිතවරිය කියා සිටියේ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආධාරකරුවෝ ජිනීවා නගරයේ. යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ කියා සිටියේ, ඉදිරිපත් කෙරුණ යෝජනාව අනුව පෙරට ගිය හොත් එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක ස්වාධීනත්වයට බරපතල මට්ටමින් හාණි සිදු වෙන අතර අනිත් අතින් වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් ද සිදු වෙන බවයි. ඉන්දියාව මධ්‍යස්ථයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා ඡන්දය විමසීමේදී ඉන්දියාව ඇතුළු තවත් රටවල් දොළහක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අතර පකිස්තානය යෝජනාවට එරෙහිව කරුණු දක්වමින් කියා සිටියේ, එය ඉදිරිපත් කරන ලද රටවලට ඒ සඳහා පෙනී සිටීමේ සුදුසු කමක් නොමැති බවයි. පකිස්තාන් නියෝජිතයා යෝජනාව විග්‍රහ කළේ මානව හිමිකම් පිළිබඳ චේතනාවෙන් නොව දේශපාලන අරමුණු මත ගෙනෙන ලද්දක් හැටියටයි. “මෙම යෝජනාව ඉදිරිපත් කළ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඇඟිල්ල දිගු කළ හැකි තත්වයක නැහැ. ඒ රටවල් දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල්” පකිස්තාන් නියෝජිතයා පැවසීය. ආණ්ඩුවේ සහ විපක්ෂයේ අදහස් චෙන්නායි දෙමළ ජනයා ජිනීවා යෝජනාවට පක්ෂව කවර සම්බාධක පනවනු ලැබුනත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බවයි, මේ අතර ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියේ. පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් රැලිය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ආණ්ඩුවට වැදගත් වන්නේ ජිනීවා ඡන්දය නොව විසිනව වෙනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය වන බවයි. “මානවීය මෙහෙයුමේ අවසාන අදියර සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට අවසර ලැබෙන්නේ නැහැ. යෝජනා කොතරම් සම්මත කළත් අපි එකඟ නැත්නම් පරීක්ෂණ පවත්වන්න ඉඩක් ලැබෙන්නේ නැහැ” සුසිල් ප්‍රේම් ජයන්ත් ඇමතිවරයා සංදේශයට කියා සිටියේය. සම්බාධක පනවනු ලැබුනත් තමන් ඒවාට එතරම් කලබල නොවන බවයි ඇමතිවරයා පවසන්නේ. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින්, ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වුනොත් රට බේරා ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි කියා සිටියේ.
ශ්‍රී ලංකාවේ සිදු කෙරුණ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රතිකාර සඳහා ඔක්සිජන් සපයා ගැනීම බරපතල ගැටලුවක් වී තිබේ අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ. නෙබියුලයිසර් මගින් ඔක්සිජන් සපයනු නොලබයි මුළු මහත් දේශය පුරා ඔක්සිජන් සැපයුම වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට පැන නැගී ඇති අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා 'නෙබියුලයිසර්' ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවෙහි අන්තර්ගත වූ පරිදි අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ "මේ මගින් (නෙබියුලයිසර් උපකරණය) සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි තිබෙනවා" යනුවෙනි. 'නිබියුලයිසර්' නිර්මාණය කර ඇත්තේ ශ්වසන ඖෂධ සැපයීම සඳහා වුව ද කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීමක් සිදු කළ නොහැක එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ "ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි" යනුවෙනි. ඔහුගේ ප්‍ර‍කාශනය ඇතුළත් පළකිරීමේ දැක්වෙන නවදිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති රෝහල, අදාළ වීඩියෝ පටයේ වගකීම භාර නොගනිමින් පෙන්වා දුන්නේ මෙම නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම "සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන" මගින් සනාථ කර නොමැති බවය. එසේම අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බව වෙනත් වෛද්‍ය වෘත්තිකයින් ද පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ විවේචනවලට පිළිතුරු ලබා දෙමින්, අදාළ වෛද්‍යවරයා යළිත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පණිවිඩය "වරදවා අවබෝධ කරගෙන" ඇති බවය. නෙබියුලයිසර් උපකරණය, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවක් තමන් අදහස් නොකළ බව ඔහු කියා සිටියේය. කෙසේවෙතත්, මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් සංසරණය වෙමින් පවතී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි ද පසුගියදා පැවති රැස්වීමකදී මෙම වීඩියෝවෙහි රූපරාමු ගෙනහැර දැක්වීය. "බොහෝ වෛද්‍යවරු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහරින අතර දුරකථන සහ වට්ස්ඇප් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා" යනුවෙන් අගමැතිවරයා ප්‍ර‍කාශ කළ අවස්ථාවේදී අදාළ වීඩියෝවෙන් ලබාගත් රූපරාමු පෙන්වූවත් එහි හඬ යොදා නොගැණුනි. ශාකසාර ඖෂධ මගින් ද ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමක් නොකරයි ඔක්සිජන් මට්ටම පහළ යාම වැනි කොවිඩ් 19 වසංගත රෝග ලක්ෂණවලට ප්‍ර‍තිකාර වශයෙන් නිවසේදී සාදාගත හැකි විවිධ ශාකසාර බෙහෙත් වට්ටෝරුවලින් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොසිනි. මේ අතරින් විශාල පිරිසක් අතර හුවමාරු වන එක් 'ප්‍රතිකර්මයක්' මගින් කියවෙන්නේ කපුරු, කරාබු නැටි, කැරම් බීජ සහ යුකැලිප්ටස් තෙල් ඇසුරින් සාදාගන්නා මිශ්‍රණයක් කොවිඩ් 19 වසංගත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඔක්සිජන් මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වන බවය. ශාකසාර අත්බෙහෙත්වලට ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට නොහැක කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවට මෙතෙක් සාක්ෂි මගින් සනාථ කර නොමැත. ඉන්දියාවේ සාම්ප්‍ර‍දායික ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මිශ්‍ර‍ණය ප්‍ර‍වර්ධනය කරන වීඩියෝව ෆේස්බුක් ඔස්සේ 23,000 ට වැඩි වාර ගණනක් මෙන්ම වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු කර ඇත. සාමාන්‍යයෙන් කපුරු තෙල්, සමේ ගල්වන ආලේපන වර්ග සහ විලවුන් නිෂ්පාදනයේදී පුළුල් වශයෙන් යොදාගන්නා අතර ශරීර අභ්‍යන්තරට අදාළ පරිභෝජනය අහිතකර විය හැකිය. රෝග පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කපුරු වාෂ්ප ආශ්වාස කිරීම විෂවීමට ද ඉඩ ඇති බවය. 'ලෙමන්' ද ‍විසඳුමක් නොවේ. ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු පසුගියදා ප්‍ර‍කාශයක් කරමින් සඳහන් කළේ ලෙමන් බිංදු දෙකක් නාසයට දැමීමෙන් ඔක්සිජන් සන්තෘප්ත මට්ටම ඉහළ නැංවෙන බවකි. විජේ සන්කේශ්වර් නැමැති එම පුද්ගලයා පවසා සිටියේ ඔක්සිජන් මට්ටම ඉතා අවම තත්ත්වයේ සිටි තම සගයින්ට මෙම ප්‍ර‍තිකාරය තමන් යෝජනා කළ බවය. පැය භාගයක් ඇතුළත ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම 88% සිට 96% දක්වා ඉහළ නැංවුණු බව කී ඔහු ඉන්දියාවේ දැනට පවතින ඔක්සිජන් හිඟයෙන් 80%ක ප්‍ර‍තිශතයක් මෙම ක්‍ර‍මය ඔස්සේ විසඳාගත හැකි බව පැවසීය. ඔක්සිජන් සංතෘප්ත මට්ටමට ගෙන ඒම සඳහා ලෙමන් බින්දු ඉසීමට යෝජනා කරන විජේ සන්කෙශ්වර් කෙසේවෙතත්, ඔක්සිජන් සංතෘප්ත මට්ටම මෙම ක්‍ර‍මය තුළින් ඉහළ නැංවෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත. මායා බලයක් ද නැත ඉන්දියාවේ ජනප්‍රියතම යෝගා ගුරු ලෙස සැලකෙන බාබා රාම්දේව් ප්‍ර‍වෘත්ති නාලිකා මෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පෙනී සිටිමින්, නිවසේදීම ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගන්නා ආකාරය පෙන්වා දෙයි. "ඔක්සිජන් නොමැති බැවින් මුළු රටම එකම අඳෝනාවක් බවට පත්වෙලා තිබෙනවා. නමුත්, මම ඔබට මැජික් එකක් පෙන්වන්නම්" යනුවෙන් ඔහු පැවසුවේ තමන්ගේ එක් ඇඟිල්ලක ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන උපකරණයක් සවිකරමිනි. යෝගා ගුරු බාබා රාම්දෙව්ගේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිය යූටියුබ් ජාලයේ ඇති මෙම වීඩියෝව 300,000ට වැඩි පිරිසක් නරඹා ඇති අතර වාඩි වී සිටින ඉරියව්වෙන් හුස්ම රඳවා තබාගන්නා ආකාරය පෙන්වන ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ක්‍ර‍ම ඔහු එහි පෙන්වා දෙයි. නිර්දේශිත සීමාව ඉක්මවා ඔහුගේ රුධිරගත ඔක්සිජන් ප්‍ර‍මාණය පහළ බසිනු එහි පෙන්නුම් කරයි. පසුව ඔහු සඳහන් කළේ "මෙයට (ඔක්සිජන්) පහළ බැසීමට තත්පර 20ක් ගත වුණා. ගැඹුරින් දෙවරක් හුස්ම ගැනීමෙන් ඔබට ඔක්සිජන් ලබාගත හැකියි. එය ඕනෑ තරම් අපේ වටපිටාවේ තිබෙනවා." යනුවෙනි. සාමාන්‍යයෙන් යෝගා පුහුණු වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වුවත්, කොවිඩ් 19 වැනි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක ඔක්සිජන් සංතෘප්ත බව පහළ බැස ඇති අවස්ථාවකදී අතිරේක වෛද්‍ය ප්‍ර‍තිකාරමය ඔක්සිජන් ලබාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. "ඔක්සිජන් මට්ටම පහළ බැස ඇත්නම්, මෙම තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුනහොත්, එයට අවශ්‍ය මොහොතේ ප්‍ර‍තිකාර නොකළහොත්, සෛල හොඳින් ක්‍රියාකිරීම නවතිනවා. එසේම, ජීවිතය බේරාගැනීමට ලබාගත හැකි ප්‍ර‍තිකාරය වන්නේ වෛද්‍යයමය ඔක්සිජන් සැපයුමයි," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ජැනට් ඩයස් ප්‍ර‍කාශ කරන්නීය.
ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අතුරුදහන් වූ පොත් සාප්පු හිමියන් එකම පොත් ප්‍රකාශන සමාගමකට සබඳතා ඇති අය වන අතර එය චීන රජය විවේචනයට ලක් කරන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන සමාගමකි. චීන රජය මෙම පිරිස රඳවා ගෙන ඇති බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති. මෙම උද්ඝෝෂණයේ සම සංවිධායකයෙකු වන ලී චෙඋක් යැන් කියා සිටියේ හොංකොං වැසියන් භුක්ති විඳිමින් සිටි නිදහස මර්දනය කිරීමේ හැරවුම් ලක්ෂ්‍යය මෙය බවයි. බ්‍රිතාන්‍යය හොංකොං දේශය ආපසු චීනයට භාර දෙන විට ඊට අනන්‍යව පැවති නිදහස මර්දනය කිරීමට චීන පරිපාලනය උත්සාහ කරන බවට හොංකොං ජනතාව බිය පළ කරති
පොත් සාප්පු කරුවන් පස් දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳව කෝපයට පත් හොංකොං වැසියන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගන්නේ ද යන්න පිලිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ලබන සතිය දක්වා කල් දැමීමට තමන් සහ වාසුදේව නානායක්කාර ඇමතිවරයා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි මුස්ලිම් කොන්ග්‍රස් නායකයා පවසන්නේ. මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක් රජයේ ප්‍රයත්නය, දැනට විමධ්‍යගත කොට ඇති බලය ආපසු මධ්‍යගත කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වා දෙන රවුෆ් හකීම් ඇමතිවරයා, රජයේ පාර්ශව කරුවන් ලෙස දිගටම කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුව ඉදිරිකාලයෙහි ගන්නා පියවර අනුව සලකා බැලීමට සිදුවන බවයි වැඩිදුරටත් කියා සිටියේ. මෙවැනි තත්වයක් යටතේ තවදුරටත් රජය තුළ රැඳී සිටින්නේදැයි ප්‍රශ්නයක් යොමුකළ විට ඇමතිවරයා කියා සිටියේ,රජයේ පාර්ශව කරුවෙක් ලෙස ක්‍රියා කිරීම, එමෙන්ම රජය හා කටයුතු කිරීමට රජයේ වත්මන් ක්‍රියාකලාපය හාණිකර බලපෑමක් සිදුකරන බවයි.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ආකාරයක වෙනස්කමකට ලක් කරනු ලැබීමට විරෝධය පළ කරන බවත්, යෝජිත සංශෝධන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව තම පක්ෂය ඡන්දය දීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල' තහනම් උත්තේජක භාවිත කිරීමේ වරදට 2011 දී පැනවුණු තරඟ තහනම හමාරයේ යලි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින චින්තන විදානගේ, ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් 85 ඉසවුවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ලබන වසරේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් යලිත් වරක් පුහුණුවීම් ආරම්භ කොට සිටින නමුත් තවමත් තමන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බව චින්තන විදානගේ බීබීසී සංදේශයට පැවසීය. 'සැලසුමක් නැහැ' "තාම නම් කිසිම සහයෝගයක ආරම්භයක් වත් නැහැ. අඩුම ගානේ මම බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඉඳලවත් අමාත්‍යාංශයෙන් මට සහයෝගයක් දේවි කියල," ඔහු පැවසීය. ක්‍රීඩාව නැංවීම පිණිස කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කිරීමට ක්‍රීඩා බලධාරීන් අපොහොසත් වී ඇති බව ඔහුගේ අදහසයි. "මම හිතන්නේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් නම් කිසිම සැලසුමක් නැහැ අනාගතයට කොහොමද මුහුණ දෙන්නේ කියල," ඔහු පැවසීය. 2011 වර්ෂය දක්වා තහනම් කොට නොතිබුණු පෝෂ්‍යදායී කිරිපටි වර්ගයක් නොදැනුවත්කමින් භාවිත කිරීම තරඟ තහනම පැනවීමට හේතුව බව පවසන චින්තන විදානගේ තමා වරද පිළිගන්නා බව ද සංදේශයට කියා සිටියේය. කෙසේ නමුත්, ජාත්‍යන්තර බලධාරීන් තහනම් උත්තේජක ලැයිස්තුව නිරන්තරයෙන් වෙනස් කිරීම හේතුවෙන් තමන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අනතුරේ වැටුණු බව ද ඔහු පවසයි. එමෙන්ම අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹට පැමිණීමට අගනුවරින් පිටත වෙසෙන සියලුම ක්‍රීඩකයන්ට සිදු වී තිබෙන බව ද ජාතික බර ඉසිලීමේ ශූරයා කියා සිටියේය.
එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් උළෙල වෙනුවෙන් පුහුණුවීම් කරමින් සිටින තමාට අනුග්‍රාහකයකු සොයා දීමට පවා බලධාරීන් තවමත් අපොහොසත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ශූරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මන්නාරම පොලිසිය විසින් තිරුකේතීස්වරන් සමූහ මිනීවල සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොනු කොට ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම ලිපි ඉදිරිපත් කළ බවයි නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විවේකානන්දන් පුවිතරන් ප්‍රකාශ කළේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කුමක් පැවසුවද මෙම සමූහ මිනීවලේ යුද්ධය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ඇටසැකිලි තිබෙන බවට සාධාරණ සැකයක් ඇති බැවින් අධිකරණය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදු කළ යුතු බවට ඉල්ලීම්ද මෙම ලිපිවල අඩංගු බවයි නීතිඥ පුවිතරන් පවසන්නේ. මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් මෙන්ම මන්නාරමේ ප්‍රාදේශීය සභාවද, දිස්ත්‍රික් පුරවැසි කමිටුවද අධිකරණයට ලිපි ඉදිරිපත් කොට ඇති අතර ලිපිවල සඳහන් වන්නේ ගතවූ වසර 45 ක කාලය තුල මෙම සමූහ මිනීවල හමුවූ ප්‍රදේශයේ පොදු සුසාන භූමියක් තිබුණු බවට සාක්කි නොමැති බවයි. අධිකරණ නියෝගය මේ අතර යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරණ සංගමයේ මන්නාරම ශාඛාවද අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ මෙම සමූහ මිනීවල තුළ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු තිබෙන්නට ඉඩ ඇති බැවින් හමු වූ සහ ඉදිරියේදී හමු විය හැකි මළ සිරුරු සම්බන්ධයෙන් නිවැරදිව හඳුනා ගැනීමේ කටයුතු සිදු කළ යුතු බවයි. මේ අවස්ථාවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිසිය පවසා ඇත්තේ මෙතෙක් හමුවූ මළසිරුරු 84 සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බැවින් සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගැන ස්ථිරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ සියලු ඉල්ලීම් ගැන සලකා බැලූ මන්නාරම දිසා විනිසුරුවරිය වන ආනන්දි කනගරත්නම්, ලබන ඔක්තෝබර 27 වෙනිදිනට අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවත්, සෙසු තොරතුරු සනාථ කිරීමට හැකි සාක්කිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසයි පොලිසියට නියෝග කොට තිබෙන්නේ.
මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතෙන් හමුවූ සමූහ මිනීවල ඉපැරණි සුසාන භූමියක් බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සාවද්‍ය‍ යැයි මන්නාරම රදගුරු හිමිපාණන් ඇතුළු තවත් ආයතන තුනක් විසින් ලිපි මගින් අධිකරණයට දැනුම්දීම් දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාළ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම පිණිස අඟහරුවාදා උදෑසන 10 ට පොලිස් මූල්‍ය වංචා විමර්ශන කාර්යාලයට වාර්තා කරන මෙන් ඔහුට දන්වා තිබුණි. අත් අඩංගුවට පත් වූ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබේ. හෙට දින (06) හිටපු ඇමතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සමූපකාර සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉතා සමීප ආධාරකරුවකු ලෙස සැලකේ. ඔහු ඊට පෙරාතුව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප ආධාරකරුවකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තරුණ කටයුතු අමාත්‍ය ධුරය හෙබැවීය.
පසුගිය ආණ්ඩුව සමයේ සතොසේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචා පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ටෙස්ලා Model X වර්ගයේ රිය අනතුරට ලක්වූ වහාම මියගිය එහි රියැදුරා ඇපල් සමාගමේ ඉංජිනේරුවෙකි එහෙත් අදාළ අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB), එම පරීක්ෂණයේ තොරතුරු ටෙස්ලා සමාගම විසින් ප්‍රසිද්ධ කරනු ලැබීම සම්බන්ධයෙන් "නොසතුට" පළ කළේය. එම සමාගම නිපදවූ Model X වර්ගයේ මෝටර් රථයක් මාර්තු 23 වෙනිදා කැලිෆෝර්නියා හි මාර්ගයක බාධකවල ගැටී ගිනි ගැනිණි. අනතුරින් මියගොස් තිබුනේ ඇපල් සමාගමේ වෝල්ටර් හුවාංග් නම් ඉංජිනේරුවෙකි. එහිදී 38 හැවිරිදි රියැදුරා එතැනම මියගිය අතර අනතුර වන අවස්ථාවේදී රථය ස්ව පැදවුම් (Auto Pilot) තත්ත්වයේ පැවති බව ටෙස්ලා මෝටර් සමාගම පැවසීය. නමුත්, මාර්ගයේ කොංක්‍රීට් බාධක රථයේ තාක්ෂණික පද්ධතියට නිරීක්ෂණය වී ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඔවුහු කිසිවක් ප්‍රකාශ නොකළහ. "ඊට පෙර දෘශ්‍ය හා ශ්‍රව්‍යමය අනතුරු ඇඟවීම් කීපයක් රියදුරාට ලැබී තිබුණා" යැයි සමාගමේ වෙබ් අඩවියෙහි පළවූ ප්‍රකාශයක සඳහන් විය. "ගැටීමට පෙර තත්පර හයක් පුරා රියැදුරුගේ දෑත සුක්කානම මත නොවූ බව නිරීක්ෂණය වී තිබෙනවා" "කොංක්‍රීට් මාර්ග බෙදීම පිළිබඳ මීටර 150ක (අඩි 490) බාධකයකින් තොර දර්ශනයක් මෙන්ම තත්පර පහක කාලයක් රියදුරුට තිබුණා. නමුත් රථයේ ලොග් වාර්තාව පෙන්වන්නේ ඔහු කිසි පියවරක් නොගත් බවයි" එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ. පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රයකට කළ හැකි දෙයින් ඇතැම් දේ ටෙස්ලා ස්ව-පැදවුම් පද්ධතියට ද කළ හැක. ඇතැම් තත්ත්වවලදී තිරිංග යෙදවුම, වේගය වැඩිකිරීම හා පැදවීම කළ හැකි වුවද, එය රියැදුරු සහායක පද්ධතියක් ලෙස වර්ගීකරණය කෙරී ඇත. ස්වාධීනව මෙහෙයවීමක් ඉන් අපේක්ෂා නොකරන බැවින් සෑමවිටම රියදුරු සිය දෑත සුක්කානම මත රඳවාගැනීම අවශ්‍ය වේ. මේ තොරතුරුද දැනගන්න: ටෙස්ලා රථයක් පැදවූ රියැදුරකු 2016 දී ෆ්ලොරිඩා හිදී මියගියේ සිය මාර්ගය හරහා යන ලොරියක් හඳුනා ගැනීමට එම රථයට නොහැකිවීම හේතුවෙනි. මේ නිසා සමාගම විසින් අලුත් ආරක්‍ෂිත පියවර හඳුන්වාදෙනු ලැබූ අතර ඊට ස්ව පැදවුම ක්‍රියාවිරහිත කිරීම මෙන්ම රියැදුරු ඕනෑවට වඩා කාලයක් සුක්කානම අතහැර සිටී නම් රථය නැවතීම වැනි පියවර ද ඇතුළත් විය. ෆෙඩරල් පරීක්ෂකයින් පසුගිය වසරේ පැවසුවේ අර්ධ ස්වයංක්‍රීය ස්ව පැදවුම් වල සීමා ගැන ටෙස්ලා සමාගමට "අවබෝධයක් තිබී නැහැ" යනුවෙනි. කැලිෆොර්නියාහි අනතුර සිදුවුයේ ස්ව පැදවුම් තාක්ෂණය අසීරු කාලයකට මුහුණ දී සිටියදීය. ඇමෙරිකාවේ 'ඇරිසෝනා' ප්‍රාන්තය තුළ ස්ව පැදවුම් පරීක්ෂණ පැවැත්වීම යළි ඇරඹීමට ඌබර් සමාගමට මාර්තු මස මුලදී අවසර නොලැබුණි. එය සිදුවුයේ ස්වයංක්‍රීය රථයක්, පා පැදියක් ගෙන මාර්ගය හරහා ඇවිදගිය කාන්තාවක හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවීමෙන් පසුය. ස්වයංක්‍රීය රථයක් පදිකයකු හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවූ පළමු අවස්ථාව එය ලෙස සැලකිණි. එම අනතුරින් පසු උතුරු ඇමෙරිකාව තුළ සියලු ස්ව-පැදවුම් පරීක්ෂණ අත්හිටුවීමට සමාගම පියවර ගත්තේය. ඒ සමග පොදු මාර්ගවල ස්වයංක්‍රීය මෝටර් රථ පැදවීම සම්බන්ධයෙන් නැවත වරක් දැඩි අවධානයක් පළවිය. ටෙස්ලා Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර තිබේ මෑතදී වාර්තා වූයේ ටෙස්ලා වර්ගයේ සිය Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර ඇති බවකි. මෙතෙක් එය ක්‍රියාත්මක කරන ස්වභාවය වූයේ සුක්කානමේ වූ බොත්තමින් ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම සහ ස්පර්ශක තිරයක ආධාරයෙන් අනෙකුත් හැසිරවීම් කිරීමය. එය මාර්ගය පිළිබඳ රියැදුරාගේ අවධානය බිඳින්නකි. එන්ගැජට් (Engadget ) පුවත් වෙබ් අඩවිය පවසන පරිදි දැන් එම හැසිරවීම සුක්කානමේ ඇති බොත්තම් මගින් කළ හැකිය.
පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හි සිදුවූ මාරක රිය අනතුරට ලක්වූ ටෙස්ලා මෝටර් රථය එම අවස්ථාවේදී ස්ව-පැදවුම් (Auto Pilot) තත්ත්වයේ තිබී ඇතැයි ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසයි. ඒ සමග ස්ව-පැදවුම් තාක්ෂණයේ ඇති ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ගැටලු මතුකර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපනය විශ්ව විද්‍යාලය මේ අතර වාරයේ සෙසු විශ්ව විද්‍යාල දින අටක් පමණක් වසා දැමීමට තීරණය කරද්දී , යාපනය විශ්ව විද්‍යාලය නොවැම්බර් මාසය පුරා වසා දැමීම පිළිබඳව යාපනය විශ්ව විද්‍යාලය ශිෂ්‍ය සංගමය තම විරෝධය පල කොට සිටී. මහා විරු සැමරුම නොවැම්බර් මස 27 දාට යෙදෙන මහා විරු සැමරුම යාපන විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වතිය යන බියෙන් බලධාරීන් විසින් මේ පියවර ගෙන ඇති බවයි ශිෂ්‍ය සංගම් ප්‍රකාශයෙක් කියා සිටියේ. පසුගිය වසරේ දී යාපනය විශ්ව විද්‍යාලය තුල මහ විරු දිනය සැමරීම නිසා ඊට සම්බන්ධ වූ සිසුන් එකොළොස් දෙනකු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ ඔහු අවසානයේ එම සිසුන් නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයාගේ සහය ලබා ගැනීමට සිදුවූ බවත් ප්‍රකාශ කළේය.
විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය, සහ විශ්ව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විශ්ව විද්‍යාල වසා දැමීම ගැන විරෝධය පල කර ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කරුණු සොයා කළ සංචාරයකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි එම තත්වය දෝෂ දර්ශනයට ලක් කළ ප්‍රවීණයා කියා සිටියේ. සංක්‍රමණික ශ්‍රමිකයන් සහ දකුණු කොරියානුවන් සමග විවාහ වූ විදේශිකයන් සූරා කෑමට, හිංසාවට සහ වාර්ගික මට්ටමෙන් කෙරෙන හිරිහැරයන්ට හසු වන බවයි දකුණු කොරියාවේ සංචාරය කළ මුටුමා රුටීරේ පවසන්නේ. වාර්ගික හැඟීම් මෙම ගැටලුව විසඳීම සඳහා වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ ඒ සඳහා වූ නීති සම්පාදනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ විශේෂ නිලධාරියා ඉල්ලා සිටියි. දකුණු කොරියාවේ සංක්‍රමණික ප්‍රජාව කුඩා පරිමාණයේ වන නමුත් එම සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමග දේශීය වාර්ගික හැඟීම් උත්සන්න වෙමින් පවතින ආසියානු සමාජ වලින් එකක් බවට එරට පත් වෙමින් ඇත.
අන් ජාතීන් නොසලකා හැරීම දකුණු කොරියාව තුළ ඉතා ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජාතීන්ගේ වර්ගවාදය පිළිබඳ ඉහළ පෙළ විශේෂඥයෙක් හෙළි කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උතුරු පළාත් හිටපු මහ ඇමති සී වී විග්නේශ්වරන් නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා රැස්වීමේදී පත්වූ කථානායකට සුබපැතුම් එක් කරමින් උතුරු පළාත් හිටපු මහඇමති සී.වී විග්නේශ්වරන් කළ ප්‍රකාශයේ "දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව" හැටියට සදහන්ව ඇති බැවින් එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදි බව සමගි ජන බලවේගයෙන් පත්වූ මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුව ආරම්භයේදී රීති ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ''අපි පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙද්දී මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ වගේම ඒ සඳහා මුදලින් හෝ අනියමින් අධාර අනුබල දීම සිදු කරන්නේ නෑ කියලා දිවුරුවා. නමුත් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ රටේ යුද්ධය අවසන්කරලා, මේ රටේ නිජබිම් සංකල්පය ඇතුළු සංකල්ප පැත්තකට දාලා මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් විදියට පිළිගන්න තැනකට මේ රටම ඇවිල්ලා තියෙන වෙලාවක මේ ගරු පාර්ලිමේන්තුවේ නැවත වතාවක් දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව හැටියට මේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා," යැයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය. "ඒක මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. තම තමන්ට මත තියෙන්න පුළුවන්. නමුත් ඒ මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි. කරුණාකරලා ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න." යැයි ද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. කථානායක පැවසුවේ තමා ඒ ගැන සොයා බලන බවය. ඊයේ පත්වූ කථානායකට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සුබපැතුම් එක්කරමින් ප්‍රකාශ කිරීමේදී සී.වී විග්නේශ්වරන් තම කතාව ආරම්භ කළේ "ලොවේ මේ වන විට භාවිතා වන පැරණිම භාෂාවෙන්, සහ මේ රටේ පළමුවන ස්වදේශිකයන්ගේ භාෂාව පසුව සම්බන්ධක භාෂාව වන මාගේ මවු භාෂාවෙන් ඔබට ආචාර කරමි" යනුවෙනි. එක්සත් ජාතික පක්ෂය සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් ලෙස ප්‍රසිද්ධ අතර එයින් වෙන්වී අලුතෙන් පිහිටුවාගත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙම ස්ථාවරය ගැනීම පක්ෂය අලුත් මාවතකට යොමුවීමක් දැයි විමල්සිලිමත් වන බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. මේ ගැනත් කියවන්න:
අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව හා නිජභූමිය කරගත් මුල්ම භාෂාව ලෙස ඊයේ සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් සිදුවිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ගත වූ රාත්‍රියේ අත්අඩංගුවට පත් වූ පිරිස් අතර නිව් යෝර්ක් සහ කැලිෆෝනියාව වැනි දුර බැහැර නගර වල සිට පැමිණි පුද්ගලයන්ද සිටින බවයි මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් පවසන්නේ. උද්ඝෝෂකයන් වෙතින් වෙඩි ප්‍රහාර හා ගල් මුල් ප්‍රහාර එල්ල වූ නමුත් ඊට එරෙහිව තම නිලධාරීන් ගිනි අවි භාවිතා නොකළ බව මෙහෙයුම් ප්‍රධානී රොන් ජොන්සන් කියා සිටියි. කළු ජාතිකයා පොලිස් භටයෝ කඳුළු ගෑස් සහ දුම් බෝම්බ යොදා ගනිමින් උද්ඝෝෂණ කරුවන් විසුරුවා හැරියහ. පොලිස් වෙඩි පහරින් ආයුධ රහිතව සිටි මයිකල් බ්‍රව්න් නමැති කළු ජාතික යොවුන් තරුණයා ඝාතනය වීමත් සමග ඊට විරෝධය පාමින් මිසූරි ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති විය.
ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ බලාපොරොත්තුවෙන් උද්ඝෝෂකයන් අතරට අපරාධකරුවන් පැමිණෙන බව මිසූරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි මෙහෙයුම් භාර ප්‍රධාන පොලිස් නිලධාරියා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවෙක්. විනිශ්චය මණ්ඩලය චූදිත ෂුබේර් මුදා හරින මෙන් නියෝග කර තිබුණේ, ඔහුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්. පන්ජාබ් පොලිස් ප්‍රධානී කාන් බෙග්, මහාධිකරණයට කරුණු දක්වමින්, චූදිත ෂුබේර් නොහොත් මුහම්මද්,සමාජ සාමයට අන්තරායකාරී පුද්ගලයකු වන හෙයින් ඔහු මුදා හරිනු ලැබීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කළත්, ප්‍රධාන මහාධිකරණ විනිසුරු නසීර් සයිඩ්ගේ ප්‍රධානත්වයෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණු ප්‍රහාරයට ෂුබේර් හවුල් වී ඇති බව සනාථ කිරීම සඳහා ශක්තිමත් සාක්ෂි පදනමක් නොමැති බවයි. එහෙත් එම මහාධිකරණ තීන්දුවට එරෙහිව රජයේ නීතිවේදීන් උසස් අධිකරණයට අභියාචනය කළ අවස්ථාවේ, චූදිත ෂුබේර් තවත් මාසයක් රඳවා තබන මෙන් නියෝග කරන ලද බවයි වාර්තා වන්නේ. එම නව තීන්දුව අනුව ෂුබේර් නොහොත් මුහම්මද් ඔක්තෝබර් දහවෙනිදා යළි උසාවියට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.
2009 පකිස්තාන් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කෙරුණ ප්‍රහාරයේ මහ මොළකරු හැටියට චෝදනා ලැබ සිටි ෂුබේර් නොහොත් මුහම්මද්, ලාහෝර් මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මුදා හරිනු ලැබුනත් ඉහල අධිකරණයක් නියෝගයක් අනුව ඔහු තවදුරටත් රඳවා තබා ඇති බව වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ළමුන්ට පරිණාමවාදය ඉගැන්වීම බුද්ධිමතුන්ගේ ඉල්ලීම වී ඇත එම කරුණ පෙන්වා දෙන විද්‍යාඥයන් අතරට ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ද එක්ව සිටී එවැනි විද්‍යාඥයන් හතළිස් හය දෙනකුගේ (46) අත්සනින් සහ තවත් සංවිධානවල එකතුවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපියක් මගින් දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) නිශ්චිතවම තහනම් කරන ලෙස වේල්ස් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. මේ අතර "හියුමනිස්ට්ස් UK"( Humanists UK) නම් සමාජ සංවිධානයත් එම ව්‍යාපාරයට එක්වෙමින් ප්‍රාථමික පාසල් දරුවන්ට "පරිණාමවාදය"( evolution) ඉගැන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි. සියලු පාසල් දරුවන්ට 'පරිණාමවාදය' උගන්වනු ඇතැයි බලාපොරොත්තු වන බව වේල්ස් ආණ්ඩුව මේ අතර ප්‍රකාශ කරයි. වේල්සයේ පාසල් සඳහා සූදානම් කරනු ලැබ ඇති නව විෂය දහරාව 2022 සැප්තැම්බර් මාසයේ පටන් ක්‍රියාවට නැංවීමට නියමිතව ඇති අතර,එමගින් විද්‍යාව සහ තාක්ෂණය ද ඇතුළුව පුළුල් අංශ හයක් සැලකිල්ලට ගනිමින් අලුත් විෂය දහරාව සකස් කරනු ලැබ ඇති බවත් වේල්ස් ආණ්ඩුව පවසයි. පසුගිය අප්‍රියෙල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද කෙටුම්පතක් අනුව ඒ ඒ විෂයයන්ට අන්තර්ගත කරුණු තීන්දු කිරීමට අවස්ථාව ලබාදීම මගින් තමන් විසින් පාඩම්වල දී ආවරණය කරනු ලබන කරුණු පිළිබඳ තොරතුරු තීන්දු කිරීමේ දී ගුරුවරුන්ට 'නම්‍යශීලී බවක්' ලැබෙනු ඇත. සමාජ මානව විද්‍යාඥවරියක වන ඇලිස් රොබර්ට්ස් විද්‍යාඥයන්ගේ ලිපියට අත්සන් තබා ඇත එම තත්ත්වය සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීමක් කරන රිචර්ඩ් ඩොකින්ග්ස් (Richard Dawkins), ස්ටීව් ජෝන්ස් (Steve Jones) සහ ඇලිස් රොබර්ට්ස් (Alice Roberts) වැනි නමක් දිනූ විද්‍යාඥයන් කණ්ඩායමක්, නව වෙනස්කම් නිසා 'විද්‍යාවක්' ලෙස හුවා දක්වමින්, දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) වේල්සයේ පාසල්වල ඉගැන්වීමට ඇති ඉඩකඩ පුළුල් කෙරෙන බව පෙන්වා දෙති. "නව විද්‍යාව සහ තාක්ෂණය ලෙස හඳුන්වා දී ඇති අධ්‍යයනයේ දී නිර්මාණවාදී මත සහ විද්‍යාව යයි වැරදි ලෙස ගත් සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය (pseudoscientific theories) ඉදිරිපත් කරනු ලැබීම නිශ්චිතව තහනම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. පරිණාමවාදය සම්බන්ධයෙන් සඳහන් කෙරෙන්නේ ද්විතීයික අධ්‍යාපන මට්ටමේ දී පමණයි"විද්‍යාඥයන් විසින් වේල්ස් ආණ්ඩුවට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වේ. "පරිණාමවාදය මුල් අදියරේ සිටම හඳුන්වා දිය යුතුයි. ඇත්තෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ පටන්. මොකද? එමගින් ශක්තිමත් පදනමක් ඇති කරන නිසා" "දේව නිර්මාණවාදය නිශ්චිතව තහනම් නොකළොත් දෙවියන්ගේ පැවැත්ම සහ ජීවීන්ගේ ආරම්භය පිළිබඳ නිර්මාණවාදී අදහස් සහ වෙනත් එවැනි සාම්ප්‍රදායික මතවාද සහ න්‍යාය පාසල් විෂය දහරාව ඇතුළට රිංගා ගන්න ඉඩකඩ තියෙනවා. වේල්සයේ ළමුන් සාම්ප්‍රදායික මතවාදී න්‍යායවලට සහ විද්‍යාවේ වේෂයෙන් එන ව්‍යාජ මූලධර්මවලට ගොදුරු නොකිරීම ඉතාම වැදගත්" "වේල්සයේ පාසල්වල නිර්මාණවාදය පිළිබඳ අවිදග්ධ න්‍යාය ඉගැන්වෙන බවක් තමා දැන නොසිටි බව වේල්සයේ "හියුමනිස්ට්ස්" ( Wales Humanists) සංවිධානයේ සම්බන්ධීකාරිකා කැතී රිඩික් (Kathy Riddick) පවසන්නීය. "කෙටුම්පත් කර ඇති විෂය රටාව නිසා ආගමික පාසලකදී වගේ පාසල්වලත් දේව නිර්මාණවාදය විවෘත මට්ටමින් ඉගැන්වීමට අවශ්‍ය දොරටු විවෘත වෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කළාය. අදාළ කාරණය සම්බන්ධයෙන් වේල්ස් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය. "පරිණාමවාදය ඉගැන්වෙන්නේ අවුරුදු දාහතර සහ දහසය අතර වයස් ප්‍රමාණයේ දී යයි පැවසීම සහමුලින්ම වැරදියි" ළමා වියේදීම පරිණාමවාදය පිළිබඳව ළමුන්ට අවබෝධයක් ලබාදීම, පසුව වඩාත් විද්‍යාත්මක සංකල්ප හොඳින් තේරුම් ගැනීම සඳහා පදනමක් සකස් කිරීමෙහි ලා උදව් වෙන බව අපි විශ්වාස කරනවා" එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඩේවිඩ් ඇටෙන්බරෝ - විද්‍යාඥයන් හතළිස් හතර දෙනාගේ ලිපියට අත්සන් තබා ඇති මහා විගවේෂණශීලියා "මිත්‍යා මතවලට අධ්‍යාපනය තුළ ඉඩක් නැහැ" "අප දන්නා හැටියට එක්සත් රාජධානියේ පන්තිකාමරවල එක ආගමක් නොව සියලු ප්‍රධාන ආගම් පිළිබඳව දැනුම ලබා දීමක් සිදු කෙරෙනවා. ඒක ඉතාම වැදගත්.මොකද? එවැනි තත්වයක් යටතේ ළමුන්ට ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන් තුලනාත්මකව අගය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. එසේ නොමැතිව දේව නිර්මාණවාදය ළමුන්ගේ මනසට රිංගවීම අනුමත කළ හැකි පිළිවෙතක් නොවෙයි" කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි. බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ මහාචාර්යවරයා ආගම පාසලින් තොරව ඉගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා ආගමික ආයතන වැනි වෙනත් ස්ථාන ඇති බවත් සඳහන් කළේය. "අද ලෝකය ගමන් කරන්නේ විද්‍යාත්මක චින්තනය පදනම් කර ගනිමින්. ළමුන්ට ඉගැන්විය යුත්තේ ජීවිතය සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ගැටලු හරහා බව සමස්ත ලෝකයම පිළිගත් කරුණක්.එවැනි තත්ත්වයක් යටතේ මගේ වචනයෙන්ම කියනවා නම් මිත්‍යා විශ්වාසයන්ට අධ්‍යාපනය තුළ ඉඩක් නැත කියන එක මගේ අදහසයි" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න අවධාරණය කළේය. "අපි ඉගැන්විය යුත්තේ පරිණාමවාදයයි. මිනිසා පරිණාමයේ ප්‍රතිපලයක්" "ආගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කළ යුතුය යන අදහස අපේ රටවල ජය ගැනීම දුෂ්කරයි. මොකද?මේ අධ්‍යාපන ප්‍රතිපත්ති බොහෝවිට සකස් කරනු ලබන්නේ දේශපාලඥයන් විසින්. අපේක්ෂිත වෙනස එකවර වහාම ඉටුකර ගන්න බැහැ. උදාහරණයක් විධියට බෞද්ධාගම පාසල් විෂය දහරාවෙන් ඉවත් කිරීමට ගියොත් එය විශාල මහජන විරෝධයකට හේතු වෙනවා. නමුත් අපි දැනට යෝජනා කරලා තියෙනවා - තුලනාත්මක ආගම් අධ්‍යාපනයක් පිළිබඳව" මහාචාර්ය ඩබ්ලිව්.ජී.කුලරත්න පවසයි. කියවන්න;
වේල්සය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව පාසල් අධ්‍යාපන විෂය දහරාව අනුව දේව නිර්මාණවාදී ඉගැන්වීම් (creationism) යළිත් පාසල් තුළට රිංගා ගැනීම සඳහා දොරටු විවෘතවීමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් දෙදෙනා ආණ්ඩුව අත්හැර පොදු අපේක්‍ෂක ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වී සිටින බව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී. ‘පොදු අපේක්‍ෂකයාට ලැබෙන සහයෝගය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. උතුරේ දකුණේ නැගෙනහිර සහ බටහිර මෙන්ම කඳුකරයේත් ජනතා සහයෝගය වැඩෙමින් පවතින මොහොතකයි, රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඔහුගේ ඇමතිකම පූජා කරමින් අපට එකතු වී සිටින්නේ’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ කියා සිටියේය. ඔවුන් එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සහ සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලු ම ජන කොටස්වල අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ශ්‍රී ලාංකිකයන හැටියට ජීවත්වීමේ අවස්ථාව සහතික කිරීමට වන බවයි විපක්ෂ නායකයා පවසන්නේ. සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ(ACMC) නායක කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් අද සඳුදා (22) උදෑසන පැවැත්වුන දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සිය පක්ෂයේ තීන්දුව ගැනීමෙන් පසු කෙළින්ම එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත කරා ගොස් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඇමතිවරයා සමඟ විපක්‍ෂයට එක් වූ අමීර් අලි පාර්ලිමේන්තුවට පත් කෙරුනේ ඔහුට මග සැලසීම සඳහා ඒ.එච්.එම්.අස්වර් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවටයි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රටේ සෑම පලාතකින් ම මහජන සහයෝගය ලැබෙමින් පවතිද්දී රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි විපක්ෂ සන්ධානයට එක් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කුණු කන්ද සිය ප්‍රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ. ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්‍යාපාරය සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.
කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
‘නූර්’ රක්කා නගරයේ ජීවත් වූ කාන්තාවක්. IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින රක්කා නගරයේ කාන්තාවකගේ තත්වය නූර් විසින් පැහැදිලි කරනු ලබන්නේ ඇයටම මුහුණ දීමට සිදු වූ ඛේදනීය අත්දැකීම් සමුදායක් ඇසුරෙන්. ‘මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් මුළු ජීවිත කාලයම ගත කළේ සිරියාවේ රක්කා නගරයේ. දිරිය කතුන්ට සෙවන දෙන නගරයක් විදිහටයි රක්කා ප්‍රසිද්ධියක් ලබා තිබුණේ’ නූර් සිය ජීවිත කතාව ආරම්භ කළේ එලෙසයි. ‘මීට ඉස්සර කාට හරි මේ නගරයේ දී යම්කිසි දෙයක් සිදු කර ගන්න අවශ්‍ය නම් ඔවුන් ඒ ගැන කතා කළ යුතුව තිබුණේ කාන්තාවක් එක්කයි’ ඒ නූර් ගේ එදා මිහිරි අත්දැකීම් සහිත අතීතයයි. නමුත් ඒ සියල්ලම කණපිට පෙරලුනේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය රක්කා නගරය ඔවුන්ගේ අතට ගැනීමත් සමඟ. කලිසමත් තහනම් ‘IS කැරලිකාරයෝ ඔවුන් අපට අපේ මුහුණු ආවරණය කරන්න බල කළා. කාන්තාවන් කලිසම් ඇඳීම තහනම් කළා. පිරිමියකු නැතිව කාන්තාවකට ගෙදරින් එලියට යන එක පවා තහනම් කළා’ නූර් පවසන්නේ රක්කා නගරයේ කාන්තා නිදහස කෙමෙන් වැළලී යාමේ කතාවයි. IS කාන්තා තහංචි එතැනින් නොනැවතුණි. විරාමයකින් අනතුරුව, නූර් අප රක්කා නගරයේ අද ඇති තත්වය කරා මෙසේ ගෙන යන්නීය. ‘මගේ යෙහෙළියන්ට සොල්දාදුවන් හා විවාහ වෙන ලෙස ඔවුන් බල කෙරුවා. එහෙමත් නැත්නම් සොල්දාදුවන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස බල කළා’ අභිමානවත් රක්කා කතුන් අද පත්ව සිටින තත්වය එයයි. නූර් පවසන හැටියට ඔවුන්ට අවශ්‍ය කාන්තාවන් අඹුවන් කර ගන්නා සොල්දාදුවන් ඔවුන් සමඟ පවුල් කන්නේ ටික කාලයකට පමණයි. කතුන් ගැබ් ගත විට සොල්දාදුවන් කරන්නේ ඔවුන් හැර දමා යාම. කාන්තා පොලිසියක් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ඔවුන් අතට පත් කලාප වල ඉස්ලාමීය කාන්තා පොලිස් බලකායක් පිහිටුවා ඇති බවත් නූර් පවසන්නීය. එම කාන්තා බලකාය රක්කා නගරයේ කාන්තාවන්ගේ කටයුතු සෝදිසි කරමින් සිටින අතර කාන්තා නිදහස ඉතා දරුණු ලෙස පාලනය කරමින් සිටින බවයි සිය ජීවිත අත්දැකීම් තව දුරටත් විස්තර කරණ නූර් පවසන්නේ. ‘ඉස්ලාම් සංවිධානයේ කාන්තා බලකායේ සෙබළියෝ අප ගැන ඔත්තු බලනවා,. අපට දරුණු ලෙස පහර දෙනවා. ඔවුන් කාන්තාවන් සෝදිසි කිරීම් වලට ලක් කරන්නේ විස්තර කරන්නත් බැරි පහත් ආකාරයට’ නූර් ගේ වචන තුළ තවමත් රැඳී පවතින්නේ ඇය පිළිකුල් කරන එම පරීක්ෂණ වැඩ පිළිවෙළේ අකාරුණික ස්වභාවයයි. ‘සමහර සෙබළියන් කතා කරන්නේ අරාබි භාෂාව නොවෙයි. වෙනත් විදෙස් භාෂා. මේ කාන්තා බලකාය වරක් මගේ වැඩිමල් සහෝදරිය අල්ලා ගෙන ගිහින් ‘හෙස්බා’ ආගමික පොලිසියට භාර දුන්නා’ නූර් පෞද්ගලික එහෙත් සමස්ත රක්කා කාන්තා සමාජය මුහුණ දී සිටින ව්‍යසනයෙන් තවත් පිටුවක් කියවන්නීය. ‘ආගමික පොලිසිය මගේ අක්කා වැරදිකාරිය කියලා තීරණය කළා. ඇයට කස පහර නියම වුනා. කස පහර කාපු අක්කගේ සිරුර ආයෙත් කවදාවත් කලින් තිබිච්ච විදිහට ගන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ’ රක්කා නගරයේ IS බලය නූර් ගේ වේදනාවයි එම වචන සමුදාය තුළ සැඟවී පවතින්නේ. හයිනා ගොදුරු IS සංවිධානය ඔවුන්ගේ දේශපාලන මත වලට විරුද්ධ වන කාන්තාවන්ට කරන දේවල් නූර් කලින් විස්තර කළ තත්වයටත් අන්තයි. ‘කැරලිකාරයෝ කාන්තාවන් අල්ලා ගෙන දරුණු වර්ගයේ ‘හයිනා’ සතුන් ගැවසෙන කැලෑ පෙදෙස් වලට අර ගෙන ගිහින් බැඳලා දාල එනවා. ඒ කාන්තාවන් හයිනා සතුන්ට ගොදුරු වෙන්නේ පණ පිටින්’ නූර් වැනි රක්කා කතුන් එවැනි ඉරණමකින් බේරී ඇත්තේ යාන්තමිනි. මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් IS සංවිධානයේ ග්‍රහණයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. සියලුම මුස්ලිම්වරුන් ඔවුන්ට අවනත විය යුතු බව IS ආඥාවයි. දේශ සීමා ප්‍රතික්‍ෂේප කරන IS ඉස්ලාමීය කැරලිකරුවෝ තම බල කලාපය ප්‍රසාරණය කර ගැනීම සඳහා ලොව පුරා වෙනත් රටවල් සහ ජාතීන්ට තර්ජන සහ දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිති. සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS ත්‍රස්ත සංවිධානයේ කැරලිකරුවෝ ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී ආගමික අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති ඕනෑම පුද්ගලයකුට මරණය කැඳවීමට පසුබට නොවෙති. ආගමික නීතිය ‘මගේ බාල සහෝදරියට අවුරුදු විස්සක් විතර වෙනවා. ඇය ගෙදරින් එලියට යන්න බයයි. ඇය මගේ අම්මත් එක්ක දවස පුරාම ගේ ඇතුලේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්නවා’ අපේ කතා නායිකාව, නූර් අප යළිත් ‘රක්කා’ නගරය කරා කැඳවා ගෙන යන්නීය. ‘මගේ අම්මා සහ සහෝදරියන් කවදාවත්ම රක්කා වලින් එලියට එන්නේ නැති වෙයි. ආගමික නීති කඩ කරනවා කියල අපේ අසල්වැසියෝ පොලිසියට ඔත්තු දේවිය කියන බය නිසා ඔවුන් රේඩියෝ එකටවත් ඇහුම් කන් දෙන්න බයයි’ ඒ නූර්ගේ පවුලේ අද තත්වයයි. නූර් රක්කා නගරයෙන් පැන ගත්තත් ඇයට සැනසුමක් නොමැති බවයි, ඇයගේ කතාව කියා පාන්නේ. මතු පරපුරත් ගොදුරක් ‘මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ පුතාට වයස අටයි. මම රක්කා වල ඉන්න කොට පුතා ගෙදරින් එලියට ගියාම එයා සෙල්ලම් කරන්න යනවා කියලයි මම හිතුවේ. නමුත් අන්තවාදී ආගමික කණ්ඩායම් මේ පොඩි දරුවාගේ ඔලුව වෛරයෙන් පිරෙව්වා. පොඩි දරුවන්ට වැරදි අදහස් ඔලුවට දාල ඔවුන් විනාශ කරනවා. ඊට පස්සේ මගේ අට හැවිරිදි පුතා මට පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා’ රක්කා නගරයේ පවතින අඳුරු සහ බිහිසුණු බව වචනයෙන් සිතුවම් කරන නූර් කියා සිටින්නේ එම නගරයේ කොටු වී සිටින සියලු කාන්තාවන්ගේ ඛේදජනක ඉරණමයි. ‘අපි හැමෝටම ඕන කරන්නේ මේ අපායෙන් මිදෙන්න. රක්කා දැන් නන්නාඳුනන දුර්ජනයන්ගෙන් පිරුණු නගරයක්, රක්කා නගරයේ ආත්මය කෙලෙසිලා’ නූර් ගැඹුරු සුසුමකින් සිය ආත්මය තුල කකියන වේදනාවයි ලෝකයට කියා පාන්නේ. නූර් සිය ජීවිතය බේරා ගෙන සිරියාවෙන් යුරෝපයට පැන යාමට සමත් වුනත් ඇයගේ මව සහ සහෝදරියන් දෙදෙනා තවමත් රක්කා නගරයේ සිර වී සිටිති. ඔවුන් හැර තවත් කොපමණ කතුන් මේ මොහොතේ එම අඳුරු බියකරු නගරයේ සිර වී සිටිනු ඇද්ද?
‘රක්කා’ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින නගරයක්.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ අතර එය අද (සැප්තැම්බර් 30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වමින් වග උත්තරකාර ගෝඨාභය රාජපක්ෂ ,ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් , ලබන 07 වැනිදා ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පෙර හදිසි කටයුත්තක් සේ සලකා මෙම නඩුව විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බලන ලෙසය. එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙම නඩුව ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවත් එහි සඳහන් චෝදනා පදනම් විරහිත බවත් සඳහන් කළ අතර එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාග කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ මෙම නඩුවට භාජනය වන කරුණ දේශපාලනමය වශයෙන් සංවේදී කරුණක් හෙයින් මෙම පෙත්සම සළකා බැලීම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කිරීම සුදුසු බවය. ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වෙනිදා සලකා බැලීමට දින නියම කෙරිණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ. එම වගඋත්තරකරුවන් අතරින් ආගමන සහ විගමන පාලක ආර්. එම්. එස්. කේ. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන අයට ද ඔක්තෝබර් 2 වෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීමට ද තීරණය විය. නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා අද (සැප්තැම්බර් 29) පස්වරු 2.30 ට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද එම නියෝගයේ සඳහන් විය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන් ගේ චෝදනාව වී තිබේ. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවෝ එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති. ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ. මේ අතර තමා ජනාධිපති ධුරයට තරග කිරීම හේතුවෙන් ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත්කිරීමට අදාළව ඉකුත් අප්‍රේල් 17 වෙනිදා ඉල්ලීමක් කළ බවත් , ඊට අදාළව පසුගිය මැයි මස 03 වෙනිදා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කෙරුණු බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය අවිධිමත්ව ලබාගත්බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව පසුගිය 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණයට කරුණු වාර්තා කළේය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම ගැනද විමර්ශනයක් සිදුවන බව එහිදී ප්‍රකාශ විය. මේ අතර සැප්තැම්බර් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් අධිකරණයට දැන්වුයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වාර්තා, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යංශය සතුව නැතැයි තමන්ට දැනුම්දී ඇති බවය. කියවන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් 02 වෙනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෛරසය ආසාදනය වූවන් 4300 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. ආසාදිතයන් 4000 කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. කුමක් ද මේ වෛරසය? කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'. නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි. කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ. මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක. නව කොරෝනාවෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද? කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය. වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක. කොරෝනාවෛරසයේ බලපෑම එල්ල වී ඇති රටවල් මොනවා ද? චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 210කට වැඩි ගණනක පුද්ගලයන් මිලියන 34කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් මිලියනයකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මින් බහුතරයක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවලින්ය. අන් රටවල ද වෛරසය තවදුරත් ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ නමුත්, සාමන්‍යය දෛනික කටයුතුවලට තහංචි පනවා බොහෝ රටවල් සිය ජනයා නිවාසවලට සීමා කරනු ලැබීමත් (ලෝක්ඩවුන්) සමග වෛරසය පැතිරෙන වේගයේ සුළු පසුබෑමක් දක්නට ලැබිණි. කොරෝනාවෛරසය බෝවන රෝගයක් වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වී තිබේ. කොවිඩ්-19 බෝ වන්නේ කෙසේද? පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම මගිනි. එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද? වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය. වෛරසය බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දෙඅත් පිරිසිදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුව ද භාවිත කළ හැකිය කොරෝනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර වෙනස කුමක් ද? කොරොනාවෛරසය සහ සාමාන්‍ය උණ අතර බොහෝ සමාන රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව රෝග විනිශ්චය අපහසු වේ. කොරෝනාවෛරසයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ කැස්සය. සාමාන්‍ය උණ රෝගවලට බොහෝ විට සෙම්ගෙඩි වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති වන නමුත්, කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනේ. රෝග ලක්ෂණ පහළ වූ විට කළ යුත්තේ කුමක් ද? ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ, අදාළ රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බවය. මේ අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සමීපව ඇසුරු කළේ නම් ඔබ ස්වයං හුදෙකලා වීම සුදුසු බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (PHE) පවසයි. ඉන් ඔබ තුළින් වෙනත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැළකේ. ස්වයං හුදකලා වීම යනු කුමක් ද? කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටී. වැඩි අවදානමක් ඇත්තේ කාහට ද? රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය. චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය. අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත. ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද? ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය. මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ වැඩි බව සංඛ්‍යාලේඛන පෙන්වා දේ දරුවන්ට ඇති අවදානම කුමක්ද? චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ. මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය. කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය. බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත. කෙසේවෙතත් ,මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 191ක පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ. ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 91%ක අධ්‍යාපනයට මෙමගින් බලපෑම් එල්ල වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ පාසල් සියල්ල විවෘත කර ඇති අතර, දරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට නියමිතය. දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද? බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ශුභසාධන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය. "දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා ඔවුන්ට නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා," ඇය පැවසුවාය. වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද? වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය. කොරෝනාවෛරසය කෙතරම් දරුණු ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ. ඉතාලිය සම්පූර්ණයෙන් වසා දැමීමත් සමග නිවෙස්වල සිටින පිරිස් සඳලුතලවල සිට ගී ගයන අයුරු දක්නට ලැබිණි ලෝක සෞඛ්‍ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය. දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය. එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ. රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි කර ඇත්තේ කොවිඩ් -19 සහිත පුද්ගලයින්ගෙන් 78% ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය. ඉතාලියේ කොරෝනාවෛරසය විශාල වශයෙන් පැතිරී යාමට කේන්ද්‍රීය වූ ප්‍රදේශයේ ගම්මානයක් ආශ්‍රිතව මෙම පරීක්ෂණ සිදු කර ඇති අතර, 50% - 75% අතර ප්‍රමාණයකට රෝග ලක්ෂණ නොමැති නමුත් ඔවුන් රෝගය ව්‍යාප්ත කරන "ප්‍රබල ප්‍රභවයක්" බව හඳුනාගෙන තිබේ. අයිස්ලන්තයේ මෑතකදී සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් කියැවුණේ මහා පරිමානයේ පරීක්ෂණ වැඩපිළිවෙලකදී, කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයන් 50% ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වූ බවය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවර මොනවාද? ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය කුමක්ද? ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථානවලට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් රැස් වන බව නිරීක්ෂණයට ලක් වී තිබේ. ඒ හේතුවෙන්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ක්‍රම හතරක් යටතේ සිදු කිරීමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ. 1. පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කිරීම. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා පොලිස් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම පොලිස් මූලස්ථානය මගින් සිදු කෙරෙනු ඇත. 2. පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලින් නිකුත් කිරීම. බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරෙනු ඇත. 3. කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලවලින් නිකුත් කිරීම. පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් දහයක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව පනහට අඩු ආයතනවලට පොලිස් ඇඳිරී නීති බලපත් කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් සිදු කෙරේ. 4. පොලිස් ස්ථානවලින් නිකුත් කිරීම. පොලිස් බල ප්‍රදේශයක ඇති සේවක සංඛ්‍යාව දහයකට අඩු ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පොලිස් ස්ථානවලට බලය ලබා දී තිබේ. කොරෝනාවෛරසයේ බලපෑම් එල්ල නොවූ රටවල් තිබේද? වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් 'ආගන්තුකයන්' වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති. මේ අතර, කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය මාස ගණනක් වසා දැමීමෙන් පසුව අප්‍රේල් 8 වෙනිදා සිට නැවත විවෘත කිරීමට පියවර ගත්තේය. පසුගිය ජනවාරියේ මැද භාගයේ පටන් වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා කරමින් වසාදමා පවතී. නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අප්‍රේල් 8 වෙනිදා පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවය. මේ අතර, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය මෙන්ම ඉතාලිය ද කොරෝනාවෛරසය පැතිරීම වැළක්වීමේ අරමුණෙන් පැනවූ සීමා පියවරෙන් පියවර ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ. එන්නතක් සොයා ගෙනද? මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත. 'තවමත් එන්නතක් සොයාගෙන නැත' කෙසේනමුත්, ලොවපුරා තවත් රටවල් කිහිපයක කොරෝනවෛරසයට එරෙහිව එන්නත් තැනීමේ පරීක්ෂණ අධි වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. එන්නත් 240ක් පමණ මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින අතර, එයින් සායනික අත්හදා බැලීම් මට්ටමේ පවතින විවිධ කොරෝනාවෛරස එන්නත් 40 ක් පමණ ඇත. ඒ අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කරන පරීක්ෂණ වඩාත් ඉදිරියෙන් තිබේ. එන්නතක් වර්ධනය කිරීමට සාමාන්‍යයෙන් වසර ගණනාවක්, නැතහොත් දශකයක් හෝ ගත වේ. නමුත් පවතින තත්වය මත, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ එම වැඩ ප්‍රමාණයම මාස කීපයක් තුළ සිදු කිරීමටය. කෙසේනමුත්, එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවද, එය මහා පරිමාණයෙන් නිපදවීමේ හැකියාව තවමත් අභියෝගයකි. එයින් සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් ආරක්ෂා කළ හැකිද? එය බොහෝ දුරට වයස්ගත පුද්ගලයින්ට වැඩි දුර සාර්ථක නොවනු ඇත. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදැක්වීම එයට ප්‍රධානතම හේතුව වේ. පැරසිටමෝල් ඇතුළු සියලු ඖෂධ අතුරු ආබාධ ඇති කරයි. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොර පරීක්ෂණාත්මක මට්ටමේ තිබෙන එන්නතක අතුරු ආබාධ මොනවාදැයි තවමත් කිව නොහැකිය. එන්නතක් සූදානම් වන තුරු කොරෝනාවෛරස ආසාදනය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද? එන්නත් මගින් ආසාදන වැළැක්විය හැකි නමුත් මේ මොහොතේ අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සනීපාරක්ෂාවයි. කොරෝනාවෛරස ආසාදිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව පැවසිය නොහැක.
ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස රෝගීන් සංඛ්‍යාව 8400 ඉක්මවා ඇති අතර, 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත CT ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. මුත්‍රා පරීක්ෂාව ද සිදු විය. රුධිර පීඩනය මැන බැලීය. සිරුර පුරා පරීක්ෂාවට ලක් කළේ කිසියම් හෝ සැක සහිත බාහිර ලක්ෂණයක් වේදැයි සොයා බැලීමට ය. අවසාන නිගමනය වුයේ මොහු වස පානය කර නොමැති බවය. ඉතා සැර මිරිස් කරලක් කෑමෙන් අනතුරුව මෙම පුද්ගලයා මෙසේ විඳවන්නට පටන් ගෙන ඇත. මෙය පසුගිය වසරේ එක්සත් ජනපදයේ සිදු වූවකි. 34 හැවිරිදි ඔහු මිරිස් කෑමේ තරඟයකට සහභාගී වී ඇත. ඉන් පසුව ඇති වූ ශරීර ව්‍යකුලතා හේතුවෙන් ඔහුගේ මොළයට සිදු වූ හානිය නැවත සම්පුර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීමට තරම් ඔහු වාසනාවන්ත විය. ලෝකයේ වැඩිම සැරක් ඇති මිරිස් වර්ගය (The reaper chilli) මෙය අන්තයට ම ගිය උදාහරණයක් විය හැකිය. නමුත් ලොව පුරා බිලියන ගණනක් ජනයා කෑම මේසය වටා හිඳ ගන්නේ 'කට දැවිල්ල' කෑම වේලක් රස විඳීමට ය. දිවට දැනෙන දැවිල්ල සමනය කර ගැනීමට ඇතැම් විට පානය කිරීමට යමක් සොයන්නෙමු. වරෙක අපට 'බඩ දැවිල්ල' ඇති වෙයි. නමුත් නැවතත් ඒ රසය සොයා යන්නෙමු. මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත. 2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන් මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත. වෙළෙඳපොළ විශ්ලේෂණය කරන IndexBox ආයතනය සපයන දත්තවලට අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස ගත්කල අප හැම දෙනාම පසුගිය වසර තුළ මිරිස් කරල් කිලෝ ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් අනුභව කර ඇති බවය. 'දැවිල්ල - ඉහළ සිට පහළට' : මෙම වගුවේ ඉහළින්ම ඇත්තේ දැවිල්ල වැඩිම මිරිස් කරලයි. ඇතැම් රටවල් මේ 'කට දැවිල්ලට' වැඩි කැමැත්තක් දක්වති. තුර්කියේ එක් පුද්ගලයෙකු දල වශයෙන් දිනකට මිරිස් ග්‍රෑම් 86.5ක් ආහාරයට ගනිමින් ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටී. දෙවැනි තැන හිමි වන්නේ මෙක්සිකෝවට ය. දිනකට බුදින මිරිස් ප්‍රමාණය ග්‍රෑම් 50.95කි. මිරිස් රසට අප මෙතරම් රුචිවන්නේ ඇයි? මෙය බලවත් වූ ප්‍රීතිය සොයා යන මානසිකත්වය පිළිබඳව වන සංකීර්ණ කතාන්තරයකි. 2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන්, මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත සොබා දහමේ රහස දැවිල්ල ගෙන දෙන කැප්සයිසින් රසායනය මිරිස් කරලට පැමිණීමේ පරිනාමවාදී ක්‍රියාවලිය ද තවමත් විවාදාපන්න ය. මෙම පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් පක්ෂීන්ට එය ප්‍රශ්නයක් වී ඇති බවක් පෙනෙන්නට නැත. ක්ෂීරපායීන්ට සහ කෘමීන්ට දැනෙන දැවිල්ල කුරුල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ වගේ... එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයෝ එයට හේතුව සොයා ගත්හ. ක්ෂීරපායී සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් මිරිස් කරලේ ඇති බීජ (ඇට) ජීර්ණයට ලක් කෙරේ. එමගින් බීජය විනාශ වේ. නැවත රෝපණය වීමේ ක්‍රියාවලිය නවතී. නමුත් පක්ෂීන් ගේ ආහාර ජීර්ණය මීට වෙනස් ය. මෙම බීජ පක්ෂියාගේ උදරය තුළ නොදිරවයි. ඊට කිසිඳු හානියක් නොවී මළපහ සමඟ පිට වේ. අනතුරුව එම බීජ නැවත රෝපණය වී පැළෑටියක් බවට පත් වේ. මිරිස් කරලට දැවිල්ල එක් වන්නේ ක්ෂීරපායින්ගෙන් බේරා ගැනීමට නම් මිනිසා ඊට රුචි වූයේ කෙසේද? මිරිස් කෑමේ තරඟ ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී අපේ ආදිවාසී මුතුන් මිත්තෝ පවා මේ මිරිස් කරලේ දැවිල්ලට ආශා කළහ. මිරිස් කරල තුළ දිලීර නාශක සහ බැක්ටීරියා නාශක රසායනයන් පැවතීම නිසා මිනිසා ඊට යොමු වන්නට ඇතැයි යන්න එක් න්‍යායකි. එහි අදහස, මිරිස් අඩංගු ආහාර ඉක්මනින් නරක් නොවන බව මිනිසාට වැටහෙන්නට ඇති බවය. මෙම උපකල්පිතය 1998 දී ඉදිරියට ගෙන එන ලද්දේ කොනේල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයන් වන ජෙනිෆර් බිලින්ග් සහ පෝල් ශර්මන් විසිනි. මොවුන් දෙදෙනා රටවල් 36ක සාම්ප්‍රදායික මාංශ ආහාර වේල් දහස් ගණනක් විශ්ලේෂණය කර බැලූහ. එම ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගෙන ඇති කුළුබඩු බොහෝ විට උෂ්ණාධික රටවල භාවිත කර ඇතිබව ඔවුනට වැටහුණි. එවැනි දේශගුණයක් සහිත රටවල ආහාර ඉක්මනින් නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය. අප මිරිස් කෑම ආරම්භ කළේ ආහාර විෂ වීම වැලැක්වීම සඳහා ද? තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් කුළුබඩු බහුල වශයෙන් යොදා ගන්නා ලැයිස්තුවේ ඉහළින් සිටින අතර ෆින්ලන්තය, නොර්වේ සහ ස්වීඩන් වැනි ශීතල රටවල් එම ලැයිස්තුවේ පහළින් සිටී. ආහාර පිළිබඳ විද්‍යාඥ කවෝරි ඕ'කොනර් තවත් අදහසක් එක් කළාය. තුර්කිය වැඩියෙන් ම මිරිස් නිපදවන රටවලින් එකකි අයගේ පැහැදිලි කිරීම අනුව, මිරිස් යනු අර්තාපල් සහ උක්ගස් වැනි තවත් ආහාරයට ගන්නා දෙයක් පමණි. වෙනසකට ඇත්තේ සියවස් ගණනක් යනතුරු යුරෝපය ඒ පිළිබඳව නොදැන සිටීමය. "යුරෝපීය ගවේෂකයන් තමයි මිරිස් ලොව පුරා ව්‍යාප්ත කළේ." ඇය පවසන්නීය. අනතුරුව එහි ඇති රසය ලොව පුරා ආහාර වට්ටෝරුවලට මුසු වූ බව ඇයගේ මතය ය. "ඒ වෙනකොට යුරෝපයේ ආහාර ඉතා සෞම්‍ය රසයක් සහිතව තිබුණු බවට අපට හිතන්න වෙනවා. පසු කලෙකදී මිරිස් පැමිණි විට යුරෝපීය ආහාර වේල රසයෙන් ඉහළ ගියා. හරියට සීනි සොයා ගත්තම සිදු වුනා වගේ." කවෝරි ඕ'කොනර් පැවසීය. කෙසේ වෙතත් මිරිස් සමඟ පවතින අපේ සම්බන්ධය විග්‍රහ කෙරෙන තවත් න්‍යායක් පවතී. මෙය ත්‍රාසය සහිත ප්‍රීතිය උදෙසා ගන්නා අවදානම ලෙස හැඳින්වේ. ඉන් යෝජනා කෙරෙන්නේ, නුතන යුගයේ පැරිෂුට් ක්‍රීඩාව හෝ rollercoaster මගින් ලබා ගන්නා ත්‍රාසය මුසු ප්‍රීතිය සොයා යාමකි. මිරිස් පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති වේදනාකාරී පරීක්ෂණය පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් රෝසින් මනෝවිද්‍යාඥයෙකි. මිනිසා හැරෙන්නට මිරිස් රසට රුචි වූ වෙනත් ක්ෂීරපායීන් සොයා ගැනීමට ඇති අපහසුතාව පිළිබඳව ඔහුට කුතුහලයක් ඇති විය. ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමට ඔහු පියවර ගත්තේය. දැවිල්ල අඩු මිරිස් කරලෙන් පටන් ගෙන දැවිල්ල වැඩි මිරිස් කරල දක්වා යමින් ඒවා කෑමට පුද්ගලයන් රැසකට ඔහු ආරාධනා කළේය. දාහය ඉවසා දරා ගත නොහැකි අවස්ථාව වන විට මිරිස් කෑම නවත්වන ලෙස ඔවුනට උපදෙස් දුන්නේය. අනතුරුව ඔවුන්ගෙන් විමසීමක් කළේය. තමන් වැඩියෙන්ම රුචි වුයේ කුමන මිරිස් කරලේ රසයටදැයි ඔවුන්ගෙන් විමසීය. හැම දෙනාගේම පිළිතුර වූයේ තමන්ට වැඩියෙන්ම දැවිල්ල දැනුණු මිරිස් කරලට ප්‍රිය කරන බවය. "තමන්ට දරා ගත නොහැකි මට්ටමේ දෙයක් ප්‍රිය කරන එකම සත්ත්වයා තමයි මිනිසා" මහාචාර්ය රෝසින් පැහැදිලි කළේය. "අපේ ශරීරය විසින් කොයිතරම් ප්‍රතික්ෂේප කරනු ලබන දෙයක් වුනත් එයින් අපට අනතුරක් නොවන බවට තේරුම් ගැනීමට අපේ මනස ඉගෙන ගන්නවා." ඉන් පැහැදිලිවන්නේ අප භයානක හොල්මන් චිත්‍රපටයක් නරඹා විනෝදයක් ලබන්නා සේම මිරිස් කෑමට ද රුචියක් දක්වන බවකි. අප මිරිස් කන්නේ ත්‍රාසය මුසු ප්‍රීතිය විඳීමටද? ස්ත්‍රී පුරුෂභාවය ඇතැම් පුද්ගලයන් අනෙක් කෙනෙකුට වඩා මිරිස් කෑම ප්‍රිය කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති. මෙය ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වන්නේදැයි සෙවීමට ආහාර පිළිබඳ විද්‍යාඥ නාඩියා බයර්න්ස් උත්සාහ කළාය. ස්ත්‍රීන් දැවිල්ල විඳින්නට ප්‍රිය කරන නමුත් පුරුෂයන් අන් අය පුදුමයට පත් කරවීමේ කැමැත්ත මත වැඩි දාහයක් ගෙන දෙන මිරිස් කරලක් කෑමට පෙළඹෙන බව ඇය සොයා ගත්තාය. "උදාහරණයක් හැටියට මෙක්සිකෝව ගත්තොත්, වැඩියෙන් මිරිස් කෑම ශරීරයේ ශක්තිමත් බව - මාංශ පේශී සහිත බව - නිර්භීත බව - පෞර්ෂත්වය හා බැඳීමක් පවතින දෙයක්." නාඩියා බයර්න්ස් පැහැදිලි කළාය. නිශ්චිතවම පෙනී යන එක් දෙයක් වෙයි. ඔබ මිරිස් ආහාරයට ගන්නේ ත්‍රාසය පිරි ප්‍රීතිය විඳීමට විය හැකිය. නැතහොත් සෞම්‍ය රසයක් ඇති ආහාර ප්‍රිය නොකරන නිසා විය හැකිය. එසේත් නැතිනම් ඔබේ මුතුන් මිත්තන් මෙන් ආහාර කල් තබා ගැනීම සඳහා මිරිස් එක් කරනවා විය හැක. ඒ කෙසේ වෙතත්, තවතවත් දාහය වැඩි මිරිස් වැඩි වැඩියෙන් වගා කිරීම නම් දිගටම සිදුවනු ඇත. 'කට දැවිල්ල' ගෙන දෙන ආහාරවලින් නම් අපට අඩුවක් නොවනු ඇත. කියවන්න:
දැඩි වේදනාවකින් පෙළෙන එක්තරා පුද්ගලයෙකු රෝහලට රැගෙන විත් තිබිණි. දැඩි හිසරදයට අමතරව උදරයේ සහ ගෙළ ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවකින් ඔහු පෙලුණි. මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට වෛද්‍යවරු යුහුසුළු වුහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උද්ඝෝෂකයන් දෙසට මෝටර් රථය කඩා වැදුණු අවස්ථාව යුද විරුවෙකුගේ ස්මාරකයක් ඉවත් කිරීමට එරෙහිව "දක්ෂිණාංෂිකයන් එක්සත් කිරීමේ" රැලිය වෙනුවෙන් සෙනසුරාදා (අගෝස්තු 12) සුදු අධිපතිවාදීන් සිය ගණනක් වර්ජීනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් (Charlottesville) ප්‍රදේශයට රැස් වී සිටියහ. අන්ත නට්සිවාදීන් සහ සුදු වර්ගවාදී කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan) සංවිධානයේ සාමාජිකයන් ද ඒ අතර සිටියහ. එම රැලියට එරෙහිව ඒ අසලම තවත් උද්ඝෝෂණයක් පැවැත්විණ. එහිදී දෙපාර්ශවය අතර හටගත් ප්‍රචණ්ඩ ගැටුම්වලදී දෙපාර්ශවයම එකිනෙකාට පහර දුන්හ. 'දේශීය ත්‍රස්තවාදය' රැලිය අවසානවීමත් සමගම අන්තවාදීන්ට එරෙහි උද්ඝෝෂකයන් දෙසට ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණි තරුණයෙක් කාන්තාවක මරා දමා තවත් 19 දෙනෙකුට තුවාල සිදු කළේය. කෙතරම් වේගයෙන් මෝටර් රථය පැමිණියේ ද යත් රථයේ හැපීමත් සමග බොහෝ දෙනා අහසට විසි වූහ. උද්ඝෝෂකයන් දෙසට මෝටර් රථය කඩ වැදුණු අවස්ථාවේ මියගිය හෙදර් හෙයර් (Heather Heyer) රථය පැදවූ බව සැලකෙන විසි හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් (James Fields) අත්අඩංගුවේ පසුවෙන අතර ප්‍රහාරය පිළිබඳව එෆ්බීඅයි (FBI) ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් "බොහෝ පාර්ශවවලින්" සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ නමුත් ඔහු ඍජුවම සුදු අන්තවාදීන්ගේ වර්ගවාදය හෙළා දුටුවේ නැත. ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේම දැඩි විවේචනයට ලක් වී තිබේ. "ජනාධිපතිතුමනි, අපි යක්ෂයා ඒ නමින්ම හැඳින්විය යුතුයි," රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික කොරි ගාඩ්නර් (Cory Gardner) පැවසීය. "ඔවුන් සුදු අධිපතිවාදීන් සහ මේක දේශීය ත්‍රස්තවාදය," ඔහු වැඩිදුරටත් පැවසීය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අන්තවාදීන්ට නව ජවයක් ලැබී ඇති හැඩක් දක්නට ලැබෙන බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති. සුදු අන්තවාදීන්ට 'නව ජවයක්' "ට්‍රම්ප් ජනාධිපති පදවියට තේරී පත්වීම හේතුවෙන් ඇමෙරිකාව මූලික වශයෙන් සුදු ජාතීන්ගේ රටක් බව විශ්වාස කරන රැඩිකල් දක්ෂිණාංශයට නව පණක් ලැබිණ," යනුවෙන් සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන The Southern Poverty Law Center පවසයි. "වෛරය සහ බෙදීම් මේ මොහොතේම නිමා විය යුතු," බව පවසමින් "බොහෝ පාර්ශවවලින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩිව හෙළා දකින" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය. සෙනෙට් සභික ඔරින් හැච් ගේ ට්විටර් පණිවුඩය එහෙත් ඔහුගේ එම හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම ඔහුගේම පක්ෂයේ ද නායකයන්ගේ මතය වී තිබේ. චාලට්ස්විල් හි සිදු වූයේ "සුදු අධිපතිවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්" බව ජනාධිපතිවරයා පැහැදිලිව සඳහන් කිරීම ඉතා වැදගත් බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික මාර්කෝ රූබියෝ (Marco Rubio) ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි. රිපබ්ලිකන් පාක්ෂික ටෙඩ් කෘස් (Ted Cruz) සහ ඔරින් හැච් (Orrin Hatch) සෙනෙට් සභිකයන් ද ඒ හා සමාන අදහස් පළ කර තිබුණි. ඇමෙරිකානු මන්ත්‍රණ සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායමේ නායිකා නැන්සි පෙලෝසි (Nancy Pelosi) සහ ජනපතිවරණයේ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් ද ජනපතිවරයාගේ හෙළා දැකීම ප්‍රමාණවත් නොවන බව පවසමින් එය විවේචනයට ලක් කළහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු අධිපතිවාදීන් විසින් සංවිධානය කරන ලද රැළියකදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට පළ කළ ප්‍රතිචාරය ප්‍රබල විවාදයකට තුඩු දී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවක් පටන් මේ වනවිට දින 365 ක් ගෙවී ගොසිනි. එය ඔහුගේ ධුර කාලයෙන් පහෙන් එකකි. ගතවගිය වසර ඇතුළත ඔහුගේ පාලනය ලැබූ ජයග්‍රහණ ගැන පොදුජන එක්සත් පෙරමුණ සහ වියත්මග ඇතුළු ඔහුගේ ආධාරකරුවන් ප්‍රශස්ති ගායනා කරද්දී, ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් අසාර්ථක පාලකයෙකු බව දැනටමත් සනාථ කොට ඇතැයි සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන විරුද්ධ පක්ෂ මෙන්ම බොහෝ මධ්‍යස්ථ මතධාරීහු ද චෝදනා කරති. කිසියම් අංශයක් ප්‍රගතියක් ලැබූ විට එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙසින් හුවා දක්වන ජනාධිපතිවරයා, කිසියම් ක්ෂේත්‍රයක අසාර්ථකභාවයක් සම්බන්ධයෙන් නිලධාරීන්ට සහ ජනතාවට දොස් නගන බව ඔහුට එල්ලවන බරපතල චෝදනාවකි. ජනාධිපතිවරයා බලයට පත්කිරීම පිණිස දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළ මහා සංඝරත්නය පවා වසරකට පසු එවැනි විවේචන එල්ල කිරීම විශේෂත්වයකි. ජනපතිවරයා එවැනි හැසිරීමක් පෙන්නුම් කරන්නේ ඔහු දේශපාලනයට ආගන්තුකයෙක් නිසාද? නො එසේනම් ඔහු හොඳින්ම දන්නා එකම ක්‍රමය මිලිටරි පාලනය පමණක් නිසා ද? 'ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්' ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි මෙය "එකිනෙකට වෙළුණු ගැටලු රාමුවක ප්‍රතිඵලයක්," වන "ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි." "මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි" - මහාචාර්ය අර්ජුන පරාක්‍රම "මේක මේ රජයේ මූලාරම්භයේ ඉඳලම තිබුණ මතයක්, හමුදාකරණය තමයි අපට එකම ගැලවීම කියන එක," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු පැවසීය. "ජාතිවාදය, ආගම්වාදය පැතිරවීම තමා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමේ පහසුම ක්‍රියාදාමය මේ ආණ්ඩුව කරන අය දැනගෙන හිටියා. ඒ සඳහා ජනතාව ළදරුවෝ කරන්න ඕන. මේ සඳහා ජනතාවගේ තර්කන හැකියාව, විචක්ෂණය බැහැර කරන්න ඕන. ඒත් අවාසනාවකට, සමාජය මේක තේරුම් ගන්නේ නෑ." කෙසේ වුවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ "බැලූ බැල්මටම මිලිටරි වැඩියි කියල පේන්න තියන" නමුත් අවශ්‍ය අවස්ථාවල ඉක්මණින් හමුදාව යොදා ගැනීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රශ්න ඉක්මණින් විසඳුන බවය. "මටත් එහෙම අවධානයක් තිබුණ. හැබැයි ඔවුන්ගේ වැඩපිළිවෙල විශ්ලේෂණය කළාම හමුදාව නැත්නම් මොකද වෙන්නේ කියල මට හිතුණා. ගොඩක් ප්‍රශ්න විසඳුනා හමුදාව යෙදීම නිසා. අනික මිනිස්සුන්ගේ ප්‍රතිචාරය," අමාත්‍යවරයා පැවසීය. ඉහළ තනතුරු 28 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව දැනට සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් 24 දෙනෙකුවත් ඔහු විසින් සිවිල් පරිපාලනය ඇතුළු ආණ්ඩුවේ ඉහළ තනතුරු 28 කට පත්කරනු ලැබ තිබේ. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා, විශ්‍රාමික මේජර් ජනරාල් කේ බී එගොඩවෙල, කෝවිඩ්19 සෞඛ්‍ය සුබසාධන අරමුදලේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පදවිය හොබවන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් පදවිය ද දරයි. මේ අතර හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බවට පත්කිරීම ප්‍රබල අවධානයට තුඩු දී ඇති තවත් පත්වීමකි. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින්, බ්‍රිතාන්‍යයේ කොරෝනාවෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ විෂයානුබද්ධ, තාර්කික දැනුමක් නොමැති පුද්ගලයන් කොරෝනා පාලනයට බාධාවක් බවය. ශ්‍රී ලංකාවේ නිරෝධායන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම හමුදා සෙබළුන් යෙදවීම රෝගය පාලනයට උපකාරයක් නොවන බව ඇය පෙන්වා දී තිබුණි. මහාචාර්ය අර්ජුන පරාක්‍රම ද ඒ අදහස අනුමත කරයි. "හමුදා නිලධාරියෙක් කියන්නේ වෛද්‍යවරයෙක් ද? ඔහු නිරෝධායන විශේෂඥයෙක් ද?" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි. "මෙතන වෙලා තියෙන්නේ, අපි දැන් සුජාත කරලා තියෙන්නේ හමුදාව තමා අපේ ගැලවුම්කරුවෝ කියල." 'කෝවිඩ් බලකායේ ඉන්නේ හමුදාපති විතරක් නෙවෙයි' හමුදාපතිවරයා සම්බන්ධයෙන් මතුවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, හමුදාපතිවරයා කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය. ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ කොරෝනාවෛරස වසංගතය සම්බන්ධයෙන් රට පුරා බියක් පැතිර යමින්, ජනතාව නිරෝධායනයෙන් පලා යන්නට උත්සහ කළ අවස්ථාවක බව පවසන මොහාන් සමරනායක, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ දෙනෙක් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය දරන බවත් සඳහන් කළේය. "ටාස්ක් ෆෝස් එක හැමදාම ජනාධිපතිතුමා හමුවෙලා සාකච්ඡා කරනවා. එතන හැම දෙනාම ඉන්නවා. GMOA සභාපති පවා ඉන්නවා," ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පැවසීය. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එය අනුමත කරයි. කෝවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ එවැනි වසංගතයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ පැවතියේ ඉතා අඩු පහසුකම් වුවත් හමුදාව මැදිහත්වීමෙන් ඉතා ඉක්මණින් නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය. "මුලින් බලහත්කාරෙන් මිනිස්සු ගෙනිච්චේ. හැබැයි ඒ මිනිස්සු යනකොට ගියේ අඬලා, හමුදාවට කවි ලියල." 'සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් නෑ' වරාය අධිකාරියේ සභාපති වශයෙන් හිටපු හමුදාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායකත්, විශ්‍රාමික මේජර් ජනරාල් ඩී එම් එස් දිසානායක පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති පදවියටත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙසිනුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ. බස්නාහිර පළාතේ ආණ්ඩුකාර පදවිය හොබවන හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂක ක්‍රම තහවුරු කරන ජනාධිපති කාර්ය සාධක බලකායේ ද ප්‍රධානියාය. "මේකෙන් පේන්නේ ජාතිකවාදීන්ට කාලයක් සිංහල බෞද්ධයෙක් වීම ප්‍රමාණවත් වුණත් තවදුරටත් ඒකත් ප්‍රමාණවත් නෑ කියන එක. ඉහළම සුදුසුකම හමුදාව විය යුතුයි. මීට පස්සේ හමුදා සුදුසුකම සියලු දේටම අවශ්‍යයි," මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසයි. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක සහ කාටුන් ශිල්පිනියක වන ශානිකා සෝමතිලක ජනපතිවරයාගේ පාලනය පිළිබඳ සිය අදහස මෙසේ කාටුනයකින් දක්වා තිබුණාය. මේ අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවෙකු සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න, සජිත් ප්‍රේමදාස බලයට පත්වූයේ නම් ඉතා අසාර්ථක පාලකයෙකු බවට පත්වනු ඇති බව පැවසෙන ට්විටර් පණිවුඩයක් පළ කොට තිබුණි. එයට ප්‍රතිචාර වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය පිළිබඳව ශානිකා සෝමතිලක මෙවැනි කවි පෙළක් ද සටහන් කොට තිබිණ. 'ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තිබිල නෑ' ශ්‍රී ලංකාවේ ජනතාව අතර මුල් බැසගත් විශ්වාස 4 ක් තිබෙන බව මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ අදහසය. "රණවිරුවන් වරදක් කරන්නේ නෑ කියන එක, එයින් එක විශ්වාසයක්," යනුවෙන් පවසන ඔහු,"නමුත් මේක සාක්ෂිවලට පටහැනි දෙයක්. උදාහරණයක් විදියට දැන් නාවික හමුදාවේ කොරෝනා පැතිරෙන එක වලක්වගන්න බැරි වුණා." පැවති යහපාලන ආණ්ඩුව යටතේ රටේ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලූ බව, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එල්ල වූ බරපතල චෝදනාවකි. ප්‍රහාරයෙන් දින දෙකකට පසුව තමන් ජනපති පදවියට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළේ, "ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස" බව පවසමිනි. එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන්නේ, "මේ රටේ ඊයෙත් අදත්, හෙටත් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ," යනුවෙනි. "අපිට දේශසීමා පිළිබඳ පිටරටින් එන ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබිල නෑ, අපි විසින්ම හදාගත්ත දේවල් ඇරෙන්න. නමුත් පාස්කු ප්‍රහාරය වගේ ත්‍රස්තවාදී ප්‍රශ්න තියෙනව." "ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙන්නේ චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට රට විකුණන එකෙන්." මේ අතර ට්විටර් ජාලය ඔස්සේ අදහස් දක්වන සමගි ජන බලවේගයේ මොරටුව නාගරික මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු පවසන්නේ, බලයට පත්වී වසරකට පසුවත් පාස්කු ප්‍රහාරකයන් සොයා ගැනීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවය. රියදුරු බලපත්‍ර මුද්‍රණයත් හමුදාවට විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ නෙලුම් කුළුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර, බ්‍රිගේඩියර් සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) ප්‍රධානියාය. විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ආයතනයේ ප්‍රධානී තනතුරට සහ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී තනතුරට පත්කොට තිබේ. තවත් එවැනි පත්වීම් කිහිපයක් පහත වගුවල දැක්වේ. මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ද යුද හමුදාව විසින් සිදු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳුදා නිවේදනය කළේය. ට්විටර් ජාලය ඔස්සේ ඒ ගැන අදහස් දක්වමින් එඩින්බරා විශ්විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය විග්‍රහ කොට තිබුණේ, "ප්‍රජාතන්ත්‍රවාදී වරමක් මතින් මිලිටරි පාලනයකට නතුවීමක්" ලෙසිනි. ජනපති හිටපු ද්විත්ව පුරවැසියෙක් "දේශීය සහ විදේශීය සියලු සතුරන්ට එරෙහිව අවි අතට ගෙන" ඇමෙරිකා එක්සත් ජනපදය දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී එහි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එය හදිසියේ අත්හල පමණින් ඒ ප්‍රතිඥාව එක්වරම අවලංගු වෙන්නේ දැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රශ්න කරයි. "මෙතන පැහැදිලිවම ලැදියාවන් අතර ගැටුමක් (conflict of interst) තියෙනවා. ඒත් මම අහන්නේ ඒක නෙවෙයි. මම අහන්නේ අවුරුදු 10 ක් විතර එහෙම ප්‍රතිඥාවක් ගත්ත කෙනෙකුගේ ඒක එකපාරට අයින් කරන්න පුලුවන්ද කියල." නව පුරවැසියන් පිරිසක් ඇමෙරිකානු ධජය අතැතිව එක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ දිවුරුම් දෙන අවස්ථාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පුරවැසියෙකු වීම සම්බන්ධ ප්‍රශ්නයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දුන්නේ ප්‍රතිප්‍රශ්නයක් නගමිනි. "ඔබතුමා අවංකව හිතනවද ... ශ්‍රී ලාංකිකයෙක් එවැනි ප්‍රතිඥාවක් දෙන්නේ අවංකවමද නැත්නම් ඒ රටේ හොඳ රස්සාවක් කරගෙන හොඳින් ජීවත්වෙන්න ඕන නිසාද? මම නම් හිතන්නේ නෑ කිසිම ශ්‍රී ලාංකිකයෙක් අවංකව එහෙම ප්‍රතිඥාවක් දේවි කියල," ඇමතිවරයා සිනහසෙමින් පැවසීය. ශ්‍රී ලංකාව මිලිටරීකරණය කරන බවට එල්ලවන චෝදනාව ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කියමනට ඒක කියනවා. ඒත් උදාහරණයකට බලන්න ජනරාල් මුණසිංහ. ඔහු ලංකාවේ ඉන්න අංක එකේ පැතලොජිස්ට්. හැම දෙනාටම හමුදාවේ ඉහළට යන්න බෑ. අනික හමුදාවෙන් එලියට ආවම ඔහු සිවිල් පුරවැසියෙක් වෙනවා. ඉතින් ඔහු වයස 40-45 දි විශ්‍රාම යනවා නම් ඔහුගෙන් සේවයක් ගැනීමේ වරදක් තියෙනවද?," යනුවෙන් ප්‍රශ්න කළේය. "යම් විදිහේ සාමාන්‍ය තත්ත්වෙට වැඩිය ඒ අයගේ භාවිතාව අපි දකිනවා. ඒ නිසා මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින්." 'ඒකාධිපතියෙක්' බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ලිහිණි ප්‍රනාන්දු කියා සිටියේ, වත්මන් ආණ්ඩුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය "තනිකර ඒකාධිපතියෙක් ගේන්න ගෙනාපු ව්‍යවස්ථාවක්," බවය. "ජනාධිපතිතුමා මිලිටරි පසුබිමකින් එන නායකයෙක්. එතුමා කවදාවත් පළාත් සභාවක තියා ප්‍රාදේශීය සභාවක වත් හිටපු කෙනෙක් නෙමේ. එතුමාට තියෙන්නේ හැමදේටම අණ දෙන මානසිකත්වයක්. ඒ වගේම එතුමා හැම දෙයක්ම බලන්නේ මිලිටරි කෝණයකින්," ඇය කියා සිටියාය. වසංගත රෝග පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්නොකොට "හැමදේම හමුදාවට භාර දී ඇති," බව පවසන නීතිවේදිනී ලිහිණි ප්‍රනාන්දු, "දැන් රට පුරාම බියක් ඇතිකරලා," යනුවෙන් ද ආණ්ඩුවට චෝදනා කරන්නීය. තවදුරටත් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂක මහාචාර්ය අර්ජුන පරාක්‍රම, හමුදාව යනු "ජනාධිපතිවරයා ඉතා පහසුවෙන් ගනුදෙනු කරන, ඔහු comfortable, එකම ආයතනය" වන අතර, "එයාව විවේචනය කරන්න බෑ, තරහ යනවා. එතකොට එයාට tantrum එකක් (ක්ෂණික කෝපයක්) එනවා. එයා දන්නේ හමුදා භාෂාව පමණයි," යනුවෙන් ද බීබීසී සිංහල සේවය සමග පැවසීය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා "ඉතිහාසයේ පළමු වතාවට මෙතන බයක් තියෙනවා," යනුවෙන් කියා සිටි ඔහු, "කැබිනට් ඇමතිලා පවා බයයි. දැන් කැබිනට් එකේ තීන්දුවක් ගත්ත කියනවා. සමහරු නෑ කියනවා," යැයි ද පෙන්වා දුන්නේය. "ඉතින් හමුදාකරණයේ ප්‍රතිඵලය තමා, විකල්ප මතවාද, විසම්මුතිය, සාමාන්‍ය සාකච්ඡාව පවා සම්පූර්ණයෙන් බැහැරවීම. උදාහරණයක් විදියට විසිවෙනි සංශෝධනය ගැන මහා ඝෝෂාවක් කළ විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ, වාසුදේව මේ හැමෝම එකපාරටම නිහඬ වුණා." "ඇත්තටම හමුදාකරණය කියන්නේ සොල්දාදුවන්ට තැන දීම නෙමේ. හමුදාකරණය කියන්නේ හමුදා නායකයන් පාලනයට එකතු වීම. නැතුව ආබාධිත සොල්දාදුවන්ගේ ප්‍රශ්න විසඳෙනව කියන එක නෙමේ. එතෙන්දි සියලු ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මිරිකෙනවා, අධිකරණය පවා යටපත් වෙනවා." කෙසේ වුවත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, "අපි බයෙන් දේශපාලනය කරන්නේ නෑ. රටේ නායකයා හැටියට ගරුත්වයක් තියෙනව. ඒත් අපි එකඟ නොවෙන දෙයක් තිබුණොත් පැහැදිලිව කතා කරනවා," යනුවෙනි. 'පකිස්ලංකාව' එහෙත් මහාචාර්ය අර්ජුන පරාක්‍රම විග්‍රහ කරන පරිදි, ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ හමුදාව විසින් සමස්ත රාජ්‍ය දේහය සහ පරිපාලනය පාලනය කරනු ලබන පාකිස්තානය පවතින තත්ත්වයටය. "පකිස්තානය තමා අපේ පරමාදර්ශය වෙලා තියෙන්නේ. රටේ සියලුම දේ පාලනය කරන්නේ හමුදාව. ඒ තත්ත්වෙට තමා මේ එමින් තියෙන්නේ. ජනාධිපතිවරයා පවා තරමක් දුරට ප්‍රශ්න කරන්න පුළුවන්, ඒත් හමුදාව ප්‍රශ්න කරන්න බෑ," ඔහු පවසයි. "හමුදාව සුජාත කිරීමේ ස්ථාවරය තමා හැම දේටම හමුදාව යොදා ගැනීම. හමුදාව නැතුවම බෑ කියල පෙන්නීම. මේ ජවනිකාව ඉතා සියුම් විදියට ජන මනසේ සකස් කරමින් ඉන්නේ. දැන් මෙයාල එක පැත්තකින් අරන්තලාව ගැන පරීක්ෂණ පවත්වනවා. ඒත් කවදාවත් අතුරුදහන් වූවන් ගැන පරීක්ෂණ කරන්නේ නෑ." උදාහරණයක් ලෙස දිනපතා උදෑසන කෝවිඩ් තත්ත්වය පිළිබඳ හමුදාපතිගෙන් තත්ත්ව වාර්තාව විමසන මාධ්‍ය ඒ කිසිවක් ප්‍රශ්න නොකරන්නේ යැයි පෙන්වා දෙන මහාචාර්යවරයා, පාකිස්තානය පවතින්නේ ද මෙවැනි තත්ත්වයක් බව සඳහන් කළේය. "මේක එක වචනෙකින් කීවොත්, අපේ රටේ අලුත් නම පකිස්ලංකාව." "අන්තිමට ගෝඨාභය ගේ උරුමය (legacy) වෙන්නේ මේකයි. ඔහු රට විනාශ කරනවා, අනික මේක පකිස්තානය වගේ හමුදා පාලිත රටක් කරනවා." එහෙත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය තරයේ ප්‍රතික්ෂේප කරයි. "ලංකාවේ කිසි දවසක ඒ දේ කරන්න බෑ. පාකිස්තානේ උත්පත්තියෙන්ම එහෙමයි. පාකිස්තානේ පාලනය කරන්න බෑ මිලිටරි නැත්නම්. ඒත් ලංකාවේ ජීවිතේට එහෙම වෙන්නේ නෑ. ලංකාවේ මිනිස්සු හරිම සංවේදීයි, ඔවුන් ඉක්මණින් ප්‍රතිචාර දක්වනවා (react). ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ මොහොතේ එහෙම තර්ජනයක් නෑ, එහෙම වෙනවා නම් ඒකට සමාජයේ ඉඩකුත් නෑ," අමාත්‍යවරයා අවධාරණය කළේය.
අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපස දී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් 18 වෙනිදාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ "මතකයන් වෙනස් විය හැක" නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය. මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා ඇත්තේ ඔවුන්ගේ පුත් ආචීගේ සමේ පැහැය කෙතරම් තද විය හැකිද යන්නයි. මාළිගාව පැවසුවේ සසෙක්ස්වරු "සැමවිටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වන" බවයි.බකිංහැම් මාලිගයේ ප්‍රතිචාරය පළවූයේ, අර්බුදය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාහාගී වූ රැස්වීම්වලින් පසුවය. නූතන රාජකීය පවුලේ පළමු මිශ්‍ර-ජාතිකත්වයක් හිමි සාමාජිකයා වන මේගන්, තම පුතුගේ සමේ පැහැය පිළිබඳව ප්‍රශ්න අසන ලද බව පැවසූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දැක්වන ලෙස මාළිගාව කෙරෙහි එල්ල වූ පීඩනය ඉහළ යමින් තිබිණි. හැරී කුමරු පසුව ඔප්රාට පැහැදිලි කළේ මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ රැජින හෝ එඩින්බරා ආදිපාදවරයා විසින් නොවන බවය. මේ අතර, සසෙක්ස් හි ආදිපාදවරිය පිළිබඳව කළ අදහස් දැක්වීමකින් අනතුරුව මතුවූ අර්බුදයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන අයිටීවී (ITV) නාලිකාවේ 'ගුඩ් මෝර්නිං බ්‍රිට්න්' හි ඉදිරිපත් කරන්නා වූ පියර්ස් මෝර්ගන් ඉන් ඉවත් විණි. "හැරී සහ මේගන් හට පසුගිය වසර කිහිපය කෙතරම් අභියෝගාත්මකවීද යන්න පිළිබඳව දැනගැනීමෙන් මුළු පවුලම කණගාටුවට පත්වේ." යනුවෙන් සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ ප්‍රථම වරට විකාශනය වී දින එකහමාරකට පසුව නිකුත් කෙරුණු, බකිංහම් මාළිගාවේ නිවේදනයේ සඳහන් විය. "විශේෂයෙන් වාර්ගිකත්වය පිළිබඳ මතුවූ ගැටලුව සැලකිල්ලට භාජනය වේ. සමහර මතකයන් වෙනස් විය හැකි නමුත් ඒවා ඉතා බැරෑරුම් ලෙස සලකනු ලබන අතර පවුලේ අය විසින් එය පෞද්ගලිකව විසඳනු ඇත. "හැරී, මේගන් සහ ආචී සෑම විටම බෙහෙවින් පවුලේ සාමාජිකයින්ගේ ආදරයට ලක්වනු ඇත." සඳුදා සවස විකාශය වන විට සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පළමුව බ්‍රිතාන්‍ය මහජනතාවට අවස්ථාව ලබා දීමට අවශ්‍ය බවත් රාජකීයයන්ට සිය ප්‍රතිචාරය පරෙස්සම් සහගතව අවධානය යොමු කළ යුතුව තිබූ බවත් පැහැදිලි ය. රාජකීයයන් මෙය පවුලේ කාරණයක් ලෙස සලකන අතර පෞද්ගලිකව සාකච්ඡා කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු යැයි විශ්වාස කෙරේ. වර්ගවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සහ රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව සදහන් කෙරුණු අතිශය ගැඹුරු පෞද්ගලික මාතෘකා ඇතුළත් වූ සසෙක්ස්වරුන්ගේ සම්මුඛ සාකච්ඡාව දුටුවේදැයි, චාල්ස් කුමරු මීට පෙර ලන්ඩන් නුවර සංචාරයකයෙදී සිටියදී විමසූ විට ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය . එක්සත් රාජධානිය තුළ සඳුදා රාත්‍රියේ විකාශනය කෙරුණු එම සම්මුඛ සාකච්ඡා සාමාන්‍යයෙන් මිලියන 11.1 ක ජනතාවක් නැරඹූහ. එහි දී ආදිපාදවරිය පැවසුවේ රාජකීය ජීවිතය එතරම් දුෂ්කර වූ නිසා "තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය නැති" හැගීමක් දැනුණු අවස්ථා තිබූ බවය. මාළිගාවෙන් උදව් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ද ඇය සඳහන් කළාය. ආචී ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සංවාද සිදුවූයේ ඔහුට රාජකීය පදවි නාමයක් සහ පොලිස් ආරක්ෂාවක් ලබා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳව කෙරුණු සාකච්ඡාවන්ට "සමගාමීවය". 1917 සිට ක්‍රියාත්මක වන නීතිරීති යටතේ මෙම යුවළගේ දරුවන් රැජිනගේ මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව කුමාරවරුන් හෝ කුමාරිකාවන් බවට පත් නොවනු ඇත. දරුවා "තද දුඹුරු පැහැයක් ගනීවි" සහ එය ගැටලුවක් වනු ඇත්දැයි ඕප්රා ඇගෙන් ගෙන් ඇසූ විට මේගන් පැවසුවේ "ඔබ එසේ උපකල්පනය කරන්නේ නම් එය නිවැරදියි" යනුවෙනි. නමුත් පවුලේ කුමන සාමාජිකයෙකු එම අදහස් පළකළේදැයි පැවසීම මෙම යුවළ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. "එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැහැ," හැරී කුමරු පැවසීය. "ඒ වෙලාවේ එය නොගැලපෙන දෙයක්, මම ටිකක් කම්පනයට පත්වුණා." හැරී පැවසුවේ "යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්" සහිත ලිපි සහ සිරස්තල පළවීමෙන් පසු තම පවුලේ කිසිවකු හෝ මේගන්ටට සහයක් වීම වෙනුවෙන් කතා නොකිරීමෙන් තමා පීඩාවට පත්වූ බවය. ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසුවේ වර්ගවාදය සහ මානසික සෞඛ්‍ය සහයෝගය නොවීම සම්බන්ධයෙන් මේගන් කළ චෝදනා ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවය. අගමැති බොරිස් ජොන්සන් සඳුදා රාත්‍රියේ සම්මුඛ සාකච්ඡාව නරඹා ඇති නමුත් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ඩව්නිං වීදියේ අගමැතිවරයාගේ කාර්යාලය සඳහන් කළේය.
ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු "සැලකිල්ලට භාජන" වී ඇති අතර "ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ" යනුවෙන් බකිංහම් මාලිගය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරෝනාවෛරසය ආසාදනය වූ බළලුන් දෙදෙනෙකු පිළිබඳව පර්යේෂණ සිදු කළ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කියා සිටියේ එම බළලුන් දෙදෙනාටම රෝගය වැළඳී ඇත්තේ එකී සුරතුලුන්ගේ අයිතිකරුවන්ට කොවිඩ් 19 වැළඳීමෙන් අනතුරුව බවය. එම බළලුන් දෙදෙනා වර්ග දෙකකට අයත් වන අතර නිවාස දෙකක ජීවත් වෙති. ඉන් එක් බළලෙකුට මතුවී ඇත්තේ සුළු රෝග ලක්ෂණ පමණි. නමුත් අනෙක් බළලා අසාධ්‍ය තත්ත්වයකට පත් වීමෙන් අනතුරුව ජීවිතය නිමා කර ඇත. මේ අනුව දැන් විද්‍යාඥයන්ට අවශ්‍ය වී ඇත්තේ සුරතල් සතුන් හරහා මිනිසුන්ට කොවිඩ් 19 වැළඳීමට ඇති හැකියාව පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමට ය. ආසාදිත බළලුන් දෙදෙනා සොයා ගෙන ඇත්තේ එක්සත් රාජධානිය පුරා ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම බළලුන් දෙදෙනා රෝගී වීමට පෙර අයිතිකරුවන්ට කොවිඩ් වැළඳී තිබුණි. එබැවින් අයිතිකරුවන්ගෙන් මෙම බළලුන්ට එම රෝගය බෝවන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම අධ්‍යයනය පිළිබඳ විස්තර පශුවෛද්‍ය වාර්තාවල පළ කර තිබේ. එහි සඳහන් වන්නේ බලලුන්ගෙන් මිනිසාට කොවිඩ් 19 ව්‍යාප්ත වන බවට සහතිකවම කිව හැකි සාධක තවමත් සොයාගෙන නොමැති බවය. එමෙන්ම මිනිසුන් අතර මෙම වසංගතය පැතිර යාම සඳහා බල්ලන්, බළලුන් හෝ වෙනත් සුරතල් සතුන් ප්‍රධාන සාධකයක් වී ඇති බවට තවමත් සනාථ වී නොමැති බවද එම වාර්තාවේ සඳහන් වේ. නමුත් මෙම රෝගය දිගටම ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ සැලසිය හැකි, වෛරස දරා සිටින්නන් බවට මෙම සුරතල් සතුන් පත්වීමේ ඉඩකඩක් පැවතිය හැකි බව විද්‍යාඥයෝ පවසති. එබැවින් මෙම රෝගය ව්‍යාප්තවීමේ දී මිනිස් ඇසුරේ සිටින සතුන් ප්‍රධාන සාධකයක් වේද යන්න පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහසයි. 'සාපේක්ෂව අඩු අවදානමක්' "මිනිසාගෙන් සතුන්ට රෝගය බෝවී ඇති බවට සැලකිය හැකි මෙම ආසාදන අවස්ථා දෙක හමුවුණේ, එක්සත් රාජධානියේ ගෘහාශ්‍රිත බළලුන් පිළිබඳව කළ පර්යේෂණයකින්. එයින් පෙනී යනවා සතුන් අතර පවතින කොවිඩ් ආසාදනය පිළිබඳවත් දැනුම වර්ධනය කර ගැනීම කෙතරම් වැදගත් ද කියල." ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ වෛරස පිළිබඳ පර්යේෂණ අංශයේ මහාචාර්ය මාගරට් හොසී පැවසුවාය. "දැනට පවතින සාධක අනුව නම් පෙනී යන්නේ සතුන්ගෙන් මිනිසුන්ට මෙම රෝගය බෝවන්නට පවතින්නේ සාපේක්ෂව අඩු අවදානමක් බවයි. නමුත් මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගත්තම මිනිසාගෙන් - මිනිසාට කොවිඩ් 19 වැළඳීමේ අවදානම ඉතා ඉහළයි." "කෙසේ නමුත්, මිනිසුන් අතර මෙම රෝගය අඩු වීමක් සිදුවුවත් සතුන් අතර එය ව්‍යාප්ත වීම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන්නේ නැවතත් එය මිනිසුන් අතරට රැගෙන ඒමට එය හේතුවක් විය හැකි නිසයි. ඒ නිසයි මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කොට අපගේ දැනුම වර්ධනය කර ගැනීම වැදගත් වෙන්නේ." ඇය තවදුරටත් පැවසුවාය මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පවත්වාගෙන යන පශු රෝග විනිශ්චය සේවාවේ පර්යේෂකයන්ගේ ද සහභාගිත්වය ඇතිවය. ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨය ඉහත කී එක් බළලෙකු ශ්වසන අපහසුතා පෙන්නුම් කර ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දීය. එම නිවසේ පදිංචිකරුට කොවිඩ් රෝග ලක්ෂණ මතු වී තිබුණේ 2020 මාර්තු මාසයේ අග භාගයේදී ය. මාස හතරක් වයසැති එම බළල් සුරතලිය අසාධ්‍ය තත්ත්වයකට පත් වූ හෙයින් ජීවිතය නිමා කරන්නට සිදු විය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් පෙනහළු නියැදි වලින් පෙනී ගියේ වෛරස නියුමෝනියාව හේතුවෙන් පෙනහළුවලට හානි සිදු වී ඇති බවය. එමෙන්ම, Sars-CoV-2 වෛරසය ආසාදනය වී තිබුණු බවට ද ඔප්පු විය. සුළු රෝග ලක්ෂණ දෙවනුව හමු වූ ආසාදිත බළලා ගේ වයස අවුරුදු හයකි. එම නිවසේ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 වැළඳී තිබුණි. මෙම බළලාගේ නාසයෙන් සොටු දියර ගලන්නට විය. සෙම්ප්‍රතිශ්‍යාව සහිත සුළු රෝග ලක්ෂණ පමණක් මතු විය. පශුවෛද්‍යවරයෙකු වෙත ගෙන යාමෙන් අනතුරුව බළලා සුවය ලැබීය. නමුත් එම බළලාගේ ශ්ලේෂ්මල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තහවුරු වූයේ ඇයට ද කොවිඩ් 19 වැළඳී තිබුණු බවය. කෙසේ නමුත්, ගෘහාශ්‍රිත සතුන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා සීමිතව සිදුවන හෙයින් මෙය අවස්ථා දෙකක් පමණක් ලෙස අවතක්සේරු කළ නොහැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම වසංගතය ආරම්භ වූ සමයේ ද ගෘහාශ්‍රිත බළලුන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබුණු අවස්ථා කීපයක් මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබුණි. හොංකොං, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය ආදී රටවලින් ලැබුණු මෙම වාර්තා අනුමාන කර තිබුණේ මිනිස් ඇසුරින් මෙම බළලුන්ට කොවිඩ් 19 අසාදනය වන්නට ඇති බවය.
කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් බළලුන්ට බෝවී ඇති බවට සැලකිය හැකි ආසාදනයන් දෙකක් ස්කොට් ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුනාගනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් සම්මත කර ගනු දැකීම සිය අපේක්ෂාව බව මහලේකම්වරයා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන් එම ඉල්ලීම කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා සවස දුරකතනයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමතා කළ සාකච්ඡාවකදී. 20 වැනි සංශෝධනය සම්මත කර රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇතිකරීම පිණිස කැප වී ක්‍රියාකරන බවට එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහ ලේකම්වරයාට සඳහන් කොට තිබේ. මහ මැතිවරණය 'ඉක්මනින්ම' විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම පිණිස ජනාධිපතිවරයා කළ කැපවීම අගය කළ බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපතිවරයාගෙන් ඉඟියක් ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සාකච්ඡාවේදී ඉඟියක්ද පළ කොට තිබේ. රට තුල නව රජයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැරියන් දාහත් දෙනකු අතුරින් වයස අවුරුදු 15 ත් 17 ත් අතර දැරියන් නව දෙනකු අතවරයට පත් වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවයි පොලිසිය කියා සිටියේ. මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කොට තිබේ. පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ. ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ. 'මානසිකත්වය වර්ධනය' නේවාසික පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබා දී ඇත්තේ මසකට එක් වරක් පමණි. 'දෙමව්පියන්ට දැනුම් නොදී දවස් දෙකක් රාත්‍රියේ මේ ළමයි එලියට එක්කන් ගිහි තියෙනවා. අකටයුතු කම් සඳහා, මගේ දරුවයි තවත් දරුවෙකුයි වාහනයක දා ගෙන ගිහින් තිබෙනවා.' අතවරයට ලක් වූ දැරියකගේ මවක් පැවසුවාය. සිය දරුවා බැලීමට පැමිණි අවස්ථාවල ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරුණු බවත් ඉහත කී මව වැඩිදුරටත් කියා සිටියාය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියෝ පවසති.
මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භූමි කම්පාවත් සමග බගාන් නගරයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් දෙසින් නැගෙන දුහුවිල්ල කැමරා කාචයේ සටහන් වී තිබේ රික්ටර් මාපකයේ 6.8 ක් සටහන් කළ භූමි චලනයේ කම්පනය දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරට, බංගලාදේශයේ ඩකා අගනුවරට සහ ඉන්දියාවට ද දැනී තිබේ. පෞරාණික බගාන් (Bagan) නගරයේ පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථාන කීපයක් සහ ගොඩනැගිලි ගණනාවකට හානි වී ඇති බව බලධාරීහු පවසති. භූ චලනයත් සමග ඉන්දියාවේ කල්කටා නුවර ගොඩනැගිලි තුළ සිට පිටතට පැමිණි පිරිසක්
මියන්මාරයේ මධ්‍යම කලාපයේ භූමි කම්පාවක් ඇති වී තිබෙන අතර පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෙයින් වසරකට පෙර සිදු කෙරුණ එම අපරාධය ජාතික මට්ටමින් ඉන්දියානු මහජන කෝපය පැතිර යාමට සහ විශාල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරනු ලැබීමට හේතු විය. ඉන්දීය සමාජය තුළ කාන්තාවන්ට සලකනු ලබන ආකාරය සම්බන්ධයෙන් රට තුළ විවාදයක් ආරම්භ වීමට හේතු වූ දිල්ලි දූෂණ අපරාධය, ලිංගික හිංසාවන්ට එරෙහි නව නීති දැඩි කිරීමට ද හේතු විය. දූෂණයට ලක් ව මරණයට පත් ශිෂ්‍යාව බස් රියට ගොඩ නැගුණ ස්ථානයේයි, එක් සමරු වැඩ සටහනක් පෙරට යමින් තිබුණේ. ජනතා කෝපය දූෂණ අපචාරයට එරෙහි මහජන හඬ සංගීත කණ්ඩායමක් ට්‍රේලරයක නැගී ශිෂ්‍යාව අතවරයට ලක් වූ දින ගමන් ගනිමින් සිටි මාවත ඔස්සේ සංචාරය කරමින් සිටි බවත් දිල්ලි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි. මේ අතර, එම ශිෂ්‍යාවගේ පවුලේ සාමාජිකයෝ ඇය සිහි කිරීම සඳහා කුඩා සමරු උත්සවයක නිරත ව සිටියහ. එම පවුලේ සාමාජිකයන් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, හැකි තාක් කල් ඇය පිළිබඳ මතකය ජීවමාන මට්ටමින් තබා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවය බවයි. ශිෂ්‍යාව දූෂණය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හතර දෙනකුට පසුගිය සැප්තැම්බර් මාසයේ මරණීය දණ්ඩණය නියම කෙරුණ අතර, එක් චූදිතයෙක් සිර මැදිරිය තුළ මරණයට පත් විය. පස්වැනි චූදිතයා බාල වයස්කාරයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටියි.
දිල්ලි අගනුවර බස් රථයක දී සමූහ දූෂණයකින් ශිෂ්‍යාවක් මරා දමනු ලැබීමේ සිද්ධියට අද සඳුදාට අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉන්දියාව පුරා සමරු වැඩ සටහන්වල නිරත වෙමින් සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කාන්තාවක් ඝාතනයට ලක් වීමේ වැඩිම අවදානමක් ඇති ස්ථානය සිය නිවස," යැයි එම වාර්තාවේ සඳහන් වී තිබේ. වාර්තාවලට අනුව, 2017 වර්ෂයේ දී මියගිය කාන්තාවන් 87,000 අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇත්තේ සිය හිතවතුන් අතිනි. 30,000 ක් පමණ කාන්තාවන් සිය සහකරුවන් විසින් ඝාතනය කර ඇති අතර, තවත් 20,000 පමණ කාන්තාවන් පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනය වී තිබේ. බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහන යටතේ මෙම කාන්තාවන් පිළිබඳ එක් රැස් කරගත් වැඩි දුර තොරතුරු මෙම ලිපියට ඇතුළත් වේ. කෙසේනමුත්, වසරකට ඝාතනයවන පුරුෂයන් ගණන තවමත් ඉතා ඉහළ අගයක් ගනී. අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල දත්ත අනුව පෙනී යන්නේ, "සිතාමතා සිදු කරනු ලබන ඝාතනවලට ලක්වන පුරුෂයන්ගේ ගණන කාන්තාවන්ට වඩා හතර ගුණයකට වඩා වැඩි" බවය. ලෝකයේ සිදුවන සෑම මිනීමැරුම් දහයකින් අටකට වගකිව යුත්තේ පුරුෂයන් බව එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවල දැක්වේ. එමෙන්ම, සිය සහකරුවන් අතින් ඝාතනයවන සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුට වඩා කාන්තාවන් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. "සහකරුවන් ඇතිකරන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් වැඩි වශයෙන් විඳවන්නේ කාන්තාවන්" යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ කාන්තා ඝාතන ශ්‍රී ලංකාව තුළ ද සිය සහකරුවන් හෝ ඥාතීන් විසින් කාන්තාවන් ඝාතනය කළ අවස්ථා බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය තුළ අසන්නට ලැබිණි. ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා එක්තරා පුද්ගලයෙකු කාන්තාවක් ගෙල සිර කර මරා දමන වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබිණ. එම කාන්තාව අදාළ පුද්ගලයාගේ පෙම්වතිය බව මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබිණි. ඉතිහාසය පුරා මෙවන් අපරාධ විශාල ප්‍රමාණයක් සිදු වී ඇති අතර, සමහර නඩු තවමත් විභාග වෙමින් පවතී. මේ අතරින්, සිය පෙම්වතා විසින් 1959 වසරේ දී විල්පත්තුවේ දී ඝාතනය කරන ලද ඇඩ්ලින් විතාරණ නම් තරුණිය පිළිබඳ බොහෝ පොත්පත් සහ සිනමා කෘති පවා බිහි වී ඇත. එම අපරාධය සිදු කළ සාහසික ආකාරය එයට හේතුවක් ලෙස දැක්විය හැකිය. තිඹිරිවැව ගම්මානය ආසන්නයේ විල්පත්තු අභය භූමියට හැරෙන ස්ථානයේ දී සිය පෙම්වතිය වූ ඇඩ්ලින් විතාරණ මෝටර් රථයකට යට කර මරා දමනු ලැබුවේ වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ජයලාල් ආනන්දගොඩ විසිනි. ජයලාල් ආනන්දගොඩ තමන් සිදු කළ අපරාධයට දඬුවම් ලැබූ අතර, 1962 වසරේ බෝගම්බර දී ඔහු එල්ලා මරා දමනු ලැබිණ. මේ තොරතුරුද කියවන්න: බීබීසී සොයාගත් කරුණු අනුව, 2018 ඔක්තෝබර් 1 රටවල් 21 ක කාන්තාවන් 47 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ අතරින් බොහෝ අපරාධ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. මේ අතරින් කාන්තාවන් පස් දෙනෙකුගේ ඝාතන පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මේ සියලු තොරතුරු අදාළ රටවල්වල නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, මාධ්‍ය වාර්තාවල ද පළ වී තිබේ. කෙන්යාවේ විසූ විසි දෙහැවිදිරි ජූඩිත් චෙසැන්ග් ඔක්තෝබර් පළමුවෙනි දින ජූඩිත් චෙසැන්ග් සහ ඇයගේ සොහොයුරිය වන නැන්සි සුපුරුදු ලෙස වගාබිම්වල වැඩ කරමින් සිටියහ. ජූඩිත් චෙසැන්ග් තිදරු මවක වන ජුඩිත් චෙසැන්ග් ඉන් ටික කලකට පෙර සිය සැමියා, ලබාන් කමුරෙන්ගෙන් වෙන් වී නැවත සිය දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇත. දෙසොහොයුරියන් තම පවුලට අයත් වගාබිමේ වැඩ අරඹා මොහොතක් ගත වන විට එම ස්ථානයට කඩා වැදුණු ලබාන් කමුරෙන්, ජුඩිත්ට පහර දී ඝාතනය කළේය. පසුව ගම් වැසියන් එකතු වී ලබාන් මරා දමා ඇති බව එම ප්‍රදේශයේ පොලීසිය පැවසීය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව අප්‍රිකානු කාන්තාවන් සහකරු හෝ ඥාතියෙකු අතින් ඝාතනය වීමේ වැඩි අවදානමක් පවතී. කෙසේවෙතත්, 2017 වර්ෂයේ දී සහකරුවන් සහ ඥාතීන් විසින් ඝාතනය කළ කාන්තාවන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ආසියානු කලාපයෙනි. ඒ එවැනි අපරාධ 20,000කි. ඉන්දියාවේ වාසය කළ දහඅට හැවිදිරි නේහා ෂරාඩ් චවුදුරි නේහා ෂරාඩ් චවුදුරි ඝාතනය කර ඇත්තේ "පවුලේ නම්බුව රැකීම සඳහා" දැයි සැක මතු වී තිබේ. ඇය පෙම්වතා සමග නිවසින් බැහැරව සිය දහඅට වෙනි උපන්දිනය සමරා ඇත. ඇයගේ දෙමාපියන් මෙම පෙම් සබඳතාවට විරුද්ධ වී සිටි බව පොලිසිය බීබීසීය වෙත තහවුරු කළේය. නේහා ෂරාඩ් චවුදුරි නිවස තුළ දීම මියගොස් සිටි නේහා ෂරාඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් දෙමාපියන්ට සහ තවත් පිරිමි ඥාතියෙකුට චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර, සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පෙම් සබඳතා හෝ පවුලේ අකමැත්ත මත විවාහ වීම නිසා වසරකට සිය ගණනක් මිය යති. මෙවන් අපරාධ බොහොමයක් ලෝකයට හෙළි නොවන බැවින් නිවැරදි දත්ත සහ තොරතුරු ලබා ගැනීම අපහසුය. ඉරානයේ විසූ විසිහතර හැවිදිරි සෙයිනබ් සේකාන්වන් සිය සැමියා ඝාතනය කළ වරදට සෙයිනබ් සේකාන්වන් එල්ලා මැරීමට ඉරාන බලධාරීහු තීන්දු කළහ. කුර්දි සම්භවයක් ඇති සෙයිනබ් ඉරානයේ දිළිඳු පවුලකට දාව උපත ලැබුවාය. විවාහ වී වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඇය තරුණ වියේ දී නිවසින් පලා ගියාය. සෙයිනබ් සේකාන්වන් සෙයිනබ් නිරන්තරයෙන් සිය සැමියාගේ වධහිංසාවලට ලක් වූ අතර ඔහු දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය පැවසීය. එමෙන්ම, පොලිසිය ඇයගේ පැමිණිලි කිසිවක් භාරගෙන නොමැත. සැමියා ඝාතනය කිරීමේ වරදට 17 හැවිරිදි වියේදී ඇය අත්අඩංගුවට පත් වූවාය. සැමියා ඝාතනය කළ බව පාපොච්චාරණය කරන ලෙසට තර්ජනය කරමින් පොලිසිය සෙයිනබ් දරුණු වධහිංසාවලට ලක් කර ඇතැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ඇතුළු ඇය වෙනුවෙන් හඬ නගන්නෝ පවසති. සිය සහකරුවන් ඝාතනය කරන කාන්තාවන් දීර්ඝ කලක් "දරුණු ශාරීරික වධහිංසාවලට ලක් වූවන්" බව අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ. බ්‍රසීලයේ වාසය කළ 39 හැවිදිරි සැන්ඩ්‍රා ලුසියා හැමර් සැන්ඩ්‍රා ලුසියා හැමර් වයස 16 දී Aguiar Ribeiro සමග විවාහ විය. ඇය ඝාතනය වන විට සැමියාගෙන් වෙන් වී පස් මසක් ගත වී තිබිණි. සැන්ඩ්‍රා ලුසියා හැමර් ගෙල ප්‍රදේශයට එල්ල වූ පිහි ඇනුම්වලින් ඇය මියගොස් ඇති බව එරට පොලිසිය බීබීසී වෙත තහවුරු කළේය. පොලිසිය සොයාගත් ජංගම දුරකතන වීඩියෝවක සැන්ඩ්‍රා ඝාතනය ගැන සැමියා සිදු කරන පාපොච්චාරණයක් සටහන් වී තිබිණි. වෙනත් පුරුෂයෙකු සමග නව සම්බන්ධතාවක් ගොඩනගා ගෙන තමන්ට වංචාවක් සිදු කළා යැයි හැඟී ගිය නිසා සැන්ඩ්‍රා මරා දැමූ බව සැමියා සිදු කළ පාපොච්චාරණයේ සඳහන් වේ. දෙදෙනාම එකට "දෙවියන් ළඟට" යන නිසා ඔහු අත්අඩංගුවට පත් වන්නේ නැති බව ද වීඩියෝවේ සටහන් වී තිබේ. පසුව ඔහු ඔවුන් දෙදෙනා කලක් ජීවත් වූ කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියේය. සැන්ඩ්‍රාගේ ඝාතනය වැනි අපරාධ "ඝාතනය ක‍ර - සිය දිවි නසා ගැනීම" ලෙස හඳුන්වයි. යම් පුද්ගලයෙකු සිය දිවි තොර කර ගැනීමට පෙර තවත් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු ඝාතනය කිරීම මෙයින් හැඟවෙයි. ප්‍රංශයේ විසූ 36 හැවිදිරි Marie-Amélie Vaillat Marie-Amélie Vaillat ගේ සැමියා වන Sébastien Vaillat ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇත. වසර හතරක විවාහ ජීවිතයකින් පසු මෙම යුවල වෙන්ව ජීවත් වී තිබේ. Marie-Amélie Vaillat Marie-Amélie Vaillat ට පිහි ඇනුම් තුවාල සිදු කර මරා දමා ඔහු පොලිසියට භාර වී තිබේ. නමුත් දින කීපයකට පසු ඔහු සිරමැදිරිය තුළ දී සිය දිවි හානි කර ගෙන ඇත. මෙම කාන්තාවන් ඇතුළු 47 දෙනෙකු එක් දිනක් තුළ ලෝකයේ රටවල් 21 ක දී ඝාතනයට ලක් වී තිබේ. බොහෝ අපරාධවලට හේතු අපැහැදිලි වන අතර, අපරාධකරුවෝ හඳුනාගෙන නොමැත. "කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ බොහොමයක් අදාළ නිලධාරීන්ට වාර්තා වෙන්නේ නැහැ, තවත් විශාල ප්‍රමාණයක් සැඟවී යනවා" යැයි අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතීන්ගේ කාර්යාල වාර්තාවේ සඳහන් වේ. තවත් තොරතුරු:
අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) නිකුත් කළ නවතම දත්ත අනුව ලෝකය පුරා දිනකට කාන්තාවන් 137 දෙනෙක් සිය සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු අතින් ඝාතනයට ලක් වෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත සෙනසුරාදා (ජන: 25) වන විට 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන්ය. එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ. එක්සත් රාජධානියේ ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරේ. චීනයේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු සහ රැකියාවල ද නිරත වන අතර, මේ අතරින් කීපදෙනෙක් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළහ. වූහාන් නගරයේ තත්ත්වය වෛරසය හේතුවෙන් ගමනාගමනයට සීමා පැනවීමත් සමග වූහාන් නගරයේ දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයි පාලි භාෂා කථිකාචාර්යවරයකු වන වූහාන් නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය. උපුල් ගමගේ "වූහාන් නගරයේ දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි වෙලා තිබෙනවා," ඔහු පැවසුවේය. තමන් දන්නා පරිදි වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් වෛරසය ආසාදනය වූවන් තවමත් වාර්තා වී නොමැති බව පවසන උපුල් ගමගේ ඔවුන් එකිනෙකා විවිධ සන්නිවේදන මාර්ග ඔස්සේ සම්බන්ධ වන බව පැවසීය. "අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක. ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා එකතුවෙලා බීජිංවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා වූහාන්වල සිටින සියලු සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා." කෙසේ නමුත්, වූහාන් නගරය සම්බන්ධයෙන් මේ වන විට පවතින නීති රෙගුලාසි අනුව එයින් පිටවීමට තවමත් ඉඩ නොමැති බව තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දී ඇතැයි උපුල් ගමගේ පැවසීය. "ශ්‍රී ලාංකික සිසුන් අනතුරේ වැටෙන්න පෙර ශ්‍රී ලංකා රජය ඉක්මන් පියවරක් ගත යුතුයි. තවමත් මේ සියල්ල පවතින්නේ සාකච්ඡා මට්ටමේ," ඔහු තවදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවට යාමට 'බලාපොරොත්තුවෙන්' සෙනසුරාදා පැවැත්වෙන චීන නව වසර සැමරුම වෙනුවෙන් එරට විශ්වවිද්‍යාල සිසුන් සිය ගම් බිම් බලා ගොස් ඇති නමුත්, විදෙස් සිසුන් බොහෝ පිරිසක් තවමත් විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව ටිඇන්ජින් නගරයේ වෙසෙන නිමේෂා කසුනි සිසුවිය පැවසීය. ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇත. "ශ්‍රී ලංකාවේ සිසුන් ඔක්කොම 80ක් විතර ටිඇන්ජින් ප්‍රදේශයේ ඉන්නවා. මම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයේ 50ක් විතර ඉන්නවා. එයින් බොහෝ දෙනෙක් ගිය දවස් ටිකේ නැවත ශ්‍රී ලංකාවට ගියා මේ වෛරසය පැතිරීමත් සමඟ ඇති වූ බියත් එක්ක," ඇය පැවසුවාය. "නමුත් තවත් 20 දෙනෙක් විතර ඉතිරි වෙලා ඉන්නවා. අපි ඔක්කොම එකට යන්න බලාගෙන ඉන්නේ." සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් පිටතට නොයන ලෙසට පාලනාධිකාරිය උපදෙස් දී ඇති අතර, හදිසි අවශ්‍යතාවකට පිටතට යන පුද්ගලයෙකු ඉතා හොඳින් පිරිසිදු වී නැවත ගොඩනැගිල්ලට ඇතුළු විය යුතු යැයි නිමේෂා පැවසුවාය. "අපිට එළියට යන්න එපා, කාමරය ඇතුළටම වෙලා ඉන්න කියල විශ්වවිද්‍යාලයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්න එපා කියලා තියෙනවා. අපි හොඳින් ඉන්නවා ද කියලා ගුරුවරු නිතර සොයා බලනවා." ආරක්ෂක පියවරක් ලෙස නිර්දේශිත මුඛවාඩම් පමණක් පැළඳ සිටින ලෙස ද විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇතැයි නිමේෂා තවදුරටත් පැවසීය. 'විශේෂ රෝහලක්' මේ අතර වූහාන් හි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු අසංකගේ අදහස එහි පවතින තත්ත්වය "දිනෙන් දින නරක අතට පත් වෙමින් පවතින" බවය. "මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා චීන රජය නව රෝහලක් ගොඩනගමින් සිටිනවා. එහි වැඩ දින හයක් ඇතුළත නිම කිරීමට නියමිතයි," ඔහු පැවසුවේය. කඩිනමින් ගොඩනැගෙන නව රෝහල "ඒ වනතෙක් වෛරසය ආසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමට රජය ක්‍රියා කරන තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය. වූහාන් නගරයේ දිවිගෙවන තිහකට අධික ශ්‍රී ලාංකික සිසුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සිය නවාතැන්වලින් පිටතට යෑමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ආචාර්ය උපාධිය හදාරන උපුල් ගමගේ පැවසීය. බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරන බව ඔහු තවදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: ශ්‍රී ලංකාවෙන් ආරක්ෂක පියවර චීනයෙන් මතු වුණ කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑම වැළැක්වීමට යම් ආරක්ෂක පියවර කීපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ක්‍රියා කර ඇත. "බොහෝ කඩ සාප්පු වසා දමා ඇති අතර, විවෘතව තිබෙන සීමිත ප්‍රමාණයේ භාණ්ඩ ඉතා අධික මිලකට අලෙවි කරනවා" ඒ අනුව මෙම වෛරසය ආසාදනය වීම වැළකීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද, ගුවන් යානා සහ ගුවන් තොටුපල, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කොරෝනාවෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. "ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ" වැඩිදුර අධ්‍යාපනය සහ රැකියා සඳහා චීනයේ වූහාන් වෙත පිටත් ව ගොස් ඇති කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනාවෛරසය අසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් රුවන්ති දෙල්පිටිය කියා සිටී. වුහාන් ප්‍රදේශයේ 85 ත් 100 ත් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවි ගෙවන අතර, ඉන් බොහෝ පිරිසක් චීන අවුරුදු නිවාඩුව හේතුවෙන් දිවයිනට පැමිණීම නිසා දැනට එම ප්‍රදේශයේ සිටින්නේ 25 ත් 30 ත් අතර පිරිසක් පමණක් යැයි ලේකම්වරිය පැවසීය. කටුනායක ගුවන් තොටුපලේ සවි කර ඇති ශරීර උෂ්ණත්වය සටහන් වන උපකරණ නිරන්තරයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් එකී ශ්‍රී ලාංකිකයින් මෙරටට හැකි ඉක්මණින් ගෙන්වා ගැනීම සඳහා දැනටමත් කටයුතු සියල්ල සුදානම් කර අවසන් ඇති බව රුවන්ති දෙල්පිටිය තවදුරටත් පැවසුවාය. සංචාරක ස්ථාන වසා දමයි චීන මහා ප්‍රාකාරයේ ස්ථාන කීපයක් ජනවාරි 25 වෙනිදා සිට සංචාරකයින් සඳහා වසා තබන බව චීන බලධාරීහු පවසති. වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ. එමෙන්ම, ශැංහයි හි පිහිටි ඩිස්නිලන්තය ද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. තවත් තොරතුරු:
කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ. මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ, කතෝලික අගරදගුරු සම්මේලනය අනුශාසනා පත්‍රයකින් ආණ්ඩුවට කර තිබෙන යෝජනා පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී. "අපි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා, කලින් කලට එක එක්කෙනාට මේ සභාව අර සභාව කියන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන්න නීතියෙන් ඉඩකුත් නැහැනේ," යනුවෙන් ඇමතිවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී. අය වැය පරාජය වීම උතුරු නැගෙනහිර පළාත් වලට සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කළ යුතු බවට සහ උතුරේ රඳවා සිටින හමුදා සාමාජිකයන් අඩු කළ යුතු බවට අදාල අනුශාසනා පත්‍රයේ සඳහන් යෝජනා පිළිබඳව රජයේ මතය කුමක්ද යන්න සංදේශය ඇමතිවරයාට යොමු කළ තවත් ප්‍රශ්නයක්. "මේක හැම පැත්තෙන්ම එන චෝදනාවක්නේ? ඒක කතෝලික සභාව මම නම් වශයෙන් කියනවා රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ, ඔවුන්ට කථා කළේ සටන්කාමීන් හැටියට, විමුක්තිකාමීන් හැටියට ඉතින් එවැනි පසුබිමක් තියෙන්නේ," යන්න ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ ප්‍රතිචාරයයි. ආණ්ඩුවේ පළාත් පාලන ආයතනවල අය වැය පරාජය වීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ, ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන දෙසිය ගණනකින් අය වැය පරාජය වී ඇත්තේ ආයතන අටක පමණක් බවයි. නව පණතට අනුව එලෙස දෙවතාවක් පරාජය වී ඇති පළාත් පාලන ආයතනවලට නව සභාපතිවරු පත් කිරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පිළි ගත්තේය. මෝටර් රථ තරඟ එසේ අය වැය පරාජය වීමට හේතු විය හැකි කරුණු පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, "උප සභාපති සභාපති වෙන්න උත්සාහ කරන්න පුළුවන් පෙළක් තැන්වල, සමහර තැන්වල සංවිධායක තුමත් එක්ක ප්‍රශ්න ඇති, එහෙමත් නැත්නම් සභාපති එකදිපතියෙක් විදිහට කටයුතු කරනවා ඇති," යනුවෙන් කියා සිටියේය. හෙරොයින් තොගයක් නිදහස් කරන ලෙස අගමැති කාර්යාලයෙන් යැවු ලිපිය පිළිබඳවද මාධ්‍යවේදීහු අමාත්‍ය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළහ. "මේ වෙනකොට අදාල පුද්ගලයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් දීල තියෙනවා. පරීක්ෂණයක් කෙරෙනවා පරීක්ෂණවලින් පසුවයි ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න වෙන්නේ," ඔහු පැවසීය. ජනතාව පිට දිගින් දිගටම බදු පනවන ආණ්ඩුව පසුගිය සති අන්තයේ කොළඹ පැවති මෝටර් රථ ධාවන තරඟ බදු වලින් නිදහස් කළේ මන්දැයි යන්න ඇමතිවරයාට යොමු කෙරුණු තවත් ප්‍රශ්නයක්. "ඒක වසරකට සැරයක් තියෙන දෙයක්. දෛනික බදු ඒකත් එක්ක පටලව ගත යුතු නැහැ," බවයි, එයට ප්‍රතිචාර වශයෙන් ඇමතිවරයා පවසන්නේ. "ඒකත් එක්ක තියෙන ප්‍රතිලාභ බැලුවොත් ලෝකයේ දියුණු සංචාරක ව්‍යාපාර තියෙන රටවල ලොකු වියදමක් දරල මේ තරග පවත්වන්නේ. ඒ හරහා ලොකු අදායමක් බලොපොරොත්තු වෙනවා වක්‍ර විදිහට, ඒකට ආරම්භයක් දෙන්න තමයි එහෙම කළේ."
කතෝලික සභාව හෝ වෙනත් ඕනෑම සභාවකට යෝජනා ඉදිරිපත් කළ හැකි වුවත් තමන් රට පාලනය කරන්නේ ජනතාවට ලබා දී තිබෙන ප්‍රතිඥා මත පමණක් බව රජය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාර්තු මාසය තුලදී පමණක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වියදම් පියවා ගැනීමට දේශීය බැංකු වලින් රුපියල් බිලියන සියයක් පමණ ණය ලබා ගෙන තිබේ. මෙම ප්‍රවණතාවය හේතුවෙන් පොලී අනුපාත ඉහළ ගොස් පුද්ගලික අංශයට ආයෝජනය කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්ථා සීමා වන බැවින් ආර්ථිකයේ වර්ධන වේගය අඩාල විය හැකි බව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා වන ඉන්ධන සහ විදුලිබල සේවා සැපයුම බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා ආණ්ඩුවට දේශීය බැංකු වලින් ණය ලබා ගැනීමට සිදුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සංදේශයට කියා සිටියේ. එමගින් දේශීය බැංකු කෙරේ පීඩනයක් එල්ල කරන බව අමාත්‍යවරයා පිළිගත්තේය. ලංකා බැංකුව, ඛනිජ තෙල් සංස්ථාවට තමන්ගේ මුළු ණය වලින් සියයට විස්සක් පමණ ලබා දී ඇති බව පෙන්වා දෙන ණය ශ්‍රේණි ගත කරන ෆිච් සමාගම,මෙම තත්ත්වය වැඩිදුර වර්ධනය වීම ආර්ථිකයට අහිතකර විය හැකි බවද පවසයි. එක් ආයතනයකට සම්මත අනුපාතය ඉක්මවා ණය ලබාදීම ගැටළු ඇති කළ හැකි බව අසන්ත සිරිමාන්නගේ අදහසයි. විදුලිය මිළ ඉහළ දැමීම වැනි ක්‍රියා මාර්ග වලින් මෙම තත්ත්වය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් වලින් රාජ්‍ය ආයතනවල ණය බර අඩු කර ගැනීමට ඉඩක් ලැබෙන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
සංවර්ධන කටයුතු සඳහා දේශීය බැංකු වලින් ණය ලබාගැනීම වඩාත් වාසිදායක බැවින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ලබා ගැනීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දහ තුන් වැනි සංශෝධනය 'පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රතිඥා දුන්නා' ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් ඒ බව කියා සිටියේ, කොළඹදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. අද කොළඹට ලඟා වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා, විදේශ ඇමති ජීඑල් පීරිස් කොළඹදී හමු වී සාකච්ඡා පැවැත්විය. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් දෙදෙනා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීයි, මාධ්‍යවේදීන් ඉන්දීය අමාත්‍යවරයාට එම ප්‍රශ්ණය යොමු කළේ. 'යහපත් අනාගතයක්' උතුරු පළාත් සභා මැතිවරණය සාර්ථකව නිමා වීම උතුරේ ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් අනාගතයක් උදා කර දීමට හේතුවනු ඇතැයි, සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍ය කුර්ශිඩ් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මැතිවරණවලින් අනතුරුව උතුරේ දැන් මතු වී තිබෙන වාතාවරණය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අව්‍යාජ සංහිඳියාවක් ඇති කිරීම උදෙසා යොදා ගත යුතු බවද අමාත්‍යවරයා පවසයි. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ඇතුළු බලතල බෙදා හැරෙන ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කිහිප වතාවක්ම තමන්ටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රතිඥා දී තිබෙන බව අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පෙන්වා දෙයි. සාම්පූර් බලාගාරය එම ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම් වස් දෙමළ ජාතික සන්ධානය සමඟ ඉතා ඉක්මනින් යලි සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇතැයි යන්න ඉන්දියාවේ බලාපොරොත්තුව බවයි, ඔහු සිය නිවේදනයේ සඳහන් කරන්නේ. සාම්පූර්හි තාප බලාගාරය ඉදි කිරීම සම්බන්ධ සම්මුතිවලට අද සවස් යාමයේ අත්සන් තබන බව පවසන නිවේදනය, 2016 වන විට බලාගාරය ඉදි කිරීමේ කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි. සාම්පූර් බලාගාරය ඉදි කිරීම ඉන්දියාවට පැවරීම පිළිබඳව හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල විරෝධය පළ කොට තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අගමැති මන් මෝහන් සිං සහභාගි වන්නේද යන්න පිළිබඳව තවමත් තීරණය කොට නැතැයි ඉන්දීය විදේශ ඇමතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළ කතාවයි, මේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක ඉපිද හැදී වැඩුණු සඳමාලිට සිටියේ මව පමණි. පියාගේ සෙනෙහස කිසිදිනෙක නොලැබුණු ඇයට මවගේ ආදරය ද නොලැබුණු තරම්ය. "මට හිටියේ දරදඬු අම්මා කෙනෙක්. අසීමිත බැණුම්, ගුටි කෑම් මැද්දේ පොඩි කාලයේ ජීවිතේ ගෙවුණේ එක එක ගෙවල්වල. අම්මට කුලී වැඩ නැති දවස් ගණන් ගෙවෙද්දි කොහිල අල ටිකකින්, මඤ්ඤොක්කා අල ටිකකින්, තම්බපු බඩ ඉරිඟු කරල් දෙක තුනකින්, වරක මදුල් ටිකකින්, කොස් ඇට ටිකකින්, බැදපු ඉරිඟු ඇට සෝයා ඇට ටිකකින් ගෙවපු දවස් ඕනෑ තරම්," සඳමාලි සිය කතාව ආරම්භ කරමින් පැවසුවාය. "ඒ 1995 අවුරුද්ද. මට වයස අවුරුදු අටයි; මල්ලිට අවුරුදු තුනයි. අම්මට අපිට කන්න දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගමේ කුලී වැඩ හැමදාම නෑ. මාවයි මල්ලිවයි කාට හරි භාරදීලා අට වසරෙ හිටපු අක්කව ඉස්කෝලෙන් අස්කරගෙන අම්මා කොළඹ යන්න තීරණය කරල තිබුණා ගෘහ සේවිකාවක් විදියට. අපේ ගෙදරට කිලෝමීටර් දෙකක් විතර ඈතින් නෑදෑ කෙනෙකුගේ මැටි පැලක අපිව නැවැත්තුවා. ඒ කාලෙ ඒ පැත්ත මහ කැළේ. ගෙයක් තිබුණේ කළාතුරකින්. ඒකත් දුරින් දුරට. කරන්ට් අරන් තිබුණෙත් නැහැ. ඒ නෑදෑ ගෙදර එකම වධකාගාරයක් විදියට දැණුනත් ඒ වයසට එතනින් පිටමං වෙන්න මම දැනං හිටියේ නැහැ. මාමා කුලී වැඩට ගිහින් හැමදාම හවසට ගෙදර එන්නෙ වැනි වැනී. ඒ ඇවිත් නැන්දට වධ දෙනවා. ගෙදර වළන් මුට්ටි උයපු කෑමත් එක්කම අහසට ඉගිළෙනවා. නැන්දගෙ රෙදි දාපු පොහොර උරේ එළියට අරන් ගිහින් ගිණි තියනවා මිදුල මැදට රෙදි ටික හලලා. මාමා බීගෙන එනව ඈතින් දකිද්දිම නැන්දා කරන්නෙ ඉක්මනට මල්ලිවයි මාවයි කොහෙ හරි තැනක හංගනවා. එයත් හැංගෙනවා. පරක්කු වුණ දාට සෑහෙන්න ගුටි කන්න වෙනවා. මාමගෙ යුද්ධෙ පැයකින් දෙකකින් ඉවර වුණාම එයා ගේ මැද්දෙ වමනෙ ගොඩක් දාලා ගොරව ගොරව නිදා ගන්නවා. සේරම නිහඬ වෙලා සන්සුන් උනාම මායි මල්ලියි හෙමින් එළියට ඇදෙනවා. එතන හැමදාම රණ්ඩු නිසා නැන්දා මට කියල ලියවපු ලිපියක් අම්මට යැව්වා. අම්ම ඇවිත් අපි දෙන්නව එතනින් අර ගත්තා. එහෙ ඉද්දි මං ඉස්කෝලෙ ගියෙත් අතරින් පතර. අපේ ගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න මම හරි කැමතියි. ඒ පාර දිගේ යනකොට උදේ පාන්දර පින්න වැටිල කුඹුරු වල ගොයම් පැළ යායට දිළිසෙනවා. ඒ මැද්දෙන් උඩහ කඳු පන්තියට උඩින් සෞම්‍ය ඉරක් පායගෙන එනවා. ඇළේ වතුර පිරිලා ඉවුරුවල තියෙන තණකොළ අස්සෙන් පොළොවෙ වැළි පෙනෙද්දි ඒ මැද්දට පැනල කකුල් තෙමාගන්න එන ආසාව දරාගන්නෙ හරි අමාරුවෙන්. සඳමාලි සහ ඇගේ බාල සොහොයුරා පාර දෙපැත්තෙ පාට පාට හිඟුරු මල් පිපිලා. ඉඳහිට ඒ අතරින් ලස්සනම නියඟලා මලුත් පිපිලා. රෑන් රෑන් එකතුවෙලා මොනවා හරි කියව කියව යන ගමේ අනිත් ළමයින්ට ඉස්සරවෙලා යන්න ඇරල මං හෙමින් වට පිට බල බල පින්න අතේ තැවරෙන්න ගස් කොළන් අල්ල අල්ල හෙමින් යනවා. අනිත් හැම ළමයගෙම කරේ පොත් ටිකයි කෑම පෙට්ටියයි වතුර බෝතලේකුයි එක්ක පොත් බෑග් එක එල්ලුනාට මගෙ කරේ එල්ලුනේ පොත් ටිකේ බර විතරයි." 4 ශ්‍රේණියේ දී සඳමාලිගේ මව ඇය පාසලෙන් ඉවත් කරගෙන මොරටුවේ නිවසක රැකියාවකට යොදා ඇත. "අම්මට අපිව ජීවත් කරවන්න විදියක් ගමේ තිබුණේ නෑ. මල්ලිව ලොකු අම්මගෙ ගෙදරට භාර දීලා මාව ඉස්කෝලෙන් අස්කරන් කොළඹ අරන් ගියා. අම්මා වැඩ කළේ වැල්ලවත්තෙ ගෙදරක. මාවත් අරන් ගියේ එහෙට. කොළඹ දැකලම තිබුණේ නැහැ ඒ වෙද්දි. බස් එකේ ජනේලයෙන් එළියට මුහුණ දාගෙන හරි පුදුමෙන් එක ළඟ හැදුණු විශාල ගොඩනැගිලි, තට්ටු ගෙවල් දිහා බලන් හිටියා. "දැක්කද ? කොළඹ කාක්කන්ගෙ බෙල්ල සුදුයි." "අම්මා මට කාක්කො රංචුවක් පෙන්නලා අළුත් දෙයක් කියල දුන්නා. ගමේදි දකින කළුම කළු කාක්කන්ට වඩා මෙයාලගෙ බෙල්ල වෙනස්. අළුපාටට හුරු රෝම තියෙන්නෙ. මං කොළඹ ගිය පළවෙනි වතාවෙ මුලින්ම ඉගෙන ගත්ත පාඩම ඒක. අම්මා වැඩ කරපු ගෙදරට මාව අරන් යද්දි මගෙ මානසිකත්වය කොයි වගේද කියල පැහැදිලි මතකයක් නෑ. එච්චර ලොකු ගෙදරක් මං ජීවිතේ පළවෙනි වතාවට ඒ දැක්කෙ. ඒත් හුඟක් දවස් ඒ ගෙදර මාව තියාගත්තෙ නෑ. ඒ මැඩම්ගෙ දුව බැඳල හිටියෙ මොරටුවෙන්. එහෙ ඉන්න පොඩි බබාගේ තනියට මාව මොරටුවට ගෙනිච්චා." කෙසේනමුත්, මෙම ස්ථානයෙන් සඳමාලිව පරිවාස භාරයට ගෙන තිබිණි. ඉන් පසු ඇය අනුරාධපුරේ අවන්තිදේවි ළමා නිවාසයට යොමු කෙරිණ. "ළමා නිවාසෙ ඉඳන් ආයෙමත් 4 වසරට කේ.බී රත්නායක විදුහලට ඇතුළත් කෙරුණා. විභාග අතපසු වෙලා තිබුණ නිසා 4 වසරේ තව අවුරුද්දක් මට ඉන්න වුණා. හැබැයි එදා ඉඳන් දැඩි අධිෂ්ඨානයකින් ඉගෙනීම් කටයුතු කළ මම හැම අවුරුද්දකම, හැම වාරෙකම පන්තියේ පළවෙනියා වුණා. අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලා හිටියා." වසර තුනකින් පසු ළමා නිවාසයේ ළමුන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් භාරකාරයින් සිටින දරුවන් නිවාසයෙන් ඉවත් කෙරිණ. සඳමාලිගේ පවුලේ කටුමැටි නිවස "මම ඒ වෙලාවේ ගෙදර යන්න බෑ කියලා සෑහෙන්න අඬුවා. ආයේ මම දරුණු විදිහට දුක් විඳින ජීවිතයට වැටුණා. ඒ අතරෙ අම්මගේ වද දීම් ඉවසන්න බැරිම තැන කණේරු ඇට කාලා ඉස්පිරිතාලෙ සෑහෙන කාලයක් අසිහියෙන් හිටියා. අපි හිටියේ අඩි දහයක් දිග අඩි දහයක් පළල පුංචි කටුමැටි ගෙදරක. වැස්සට ගේ ඇතුළෙ මඩ වෙනවා. මේස පුටු කිසිදෙයක් තිබුණේ නැහැ ඉඳගන්න. නිදියන්න සේරටම තිබුණේ මැටි පිළ. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ." මව කොළඹ රැකියාවෙන් නිවාඩු ගෙන සෑම මසකම අනුරාධපුරයට පැමිණි දින දෙක තුන හැර අන් කාලය සිය කුඩා සොහොයුරා සමග කැලෑ බඳ ප්‍රදේශයක පිහිටි නිවසේ ගත කිරීමට සඳමාලිට සිදු විය. ඇයට වයස අවුරුදු දොළහේ සිට තනිව ආහාර පිසගෙන ආහාරයට ගෙන පාසල් යෑමට සිදුවිය. "කන්න දෙයක් ගෙදර නැතිම තැන හන්දියේ බේකරියෙන් කුණු ගොඩට විසිකරපු පුස් කාල කුණුවෙච්ච පාන් අහුලන් ඇවිත් කුණුවෙලා ඇලෙන මදේ විසිකරලා දංකුඩ හරිය නිකම්ම ගිලදාල වතුර එකකින් වේල් පිරිමහගන්නවා," ඇය පැවසුවාය. "මං හරිම ආසයි දෙසැම්බර් මාසයේ අන්තිම කාලයට. අළුත් පාසල් වාරය පටන් ගන්න දවස් දෙක තුනක් තියල අම්මා මාවයි මල්ලිවයි අරන් ගමේ ටවුමට යනවා. ඒ කාලෙ මුළු ටවුමටම තිබුණේ එක පොත් සාප්පුවයි. ඒකෙන් අළුතින් එක්සයිස් පොත් ටික තෝරන වැඩේට මම පුදුම ආසයි. හත අට වසරවලින් පස්සෙ අම්ම බොහෝ වෙලාවට මට අරන් දෙන්නෙ පිටු 400 පොත්. ඒත් සිංහලයි ගණිතෙටයි ඇරෙන්න අනිත් විෂයන් වලට පිටු 400 එපා කියල මං අම්මට කියනවා. "ගන්න එකක් එක සැරේ ගන්න. ඉවරවෙන සැරේට අරන් දෙන්න සල්ලි ගස් වලින් කඩන්නේ නෑනේ මං." අම්මාගේ සැර වදන් ළඟ මම සමහර වෙලාවට පිටු 400 පොත් තුනක් විතරක් ගන්නවා. ඊටපස්සෙ අඩුවෙන් සිලබස් තියෙන විෂයයන් දෙකකට පොත මැදින් දෙකට බෙදල පාවිච්චියට ගන්නවා. අම්මා මතක ඇතුව පොත්වලට කවර දාන්න බ්‍රවුන් පේපර් කොළයි ඉටි කොළයි ස්ටේප්ලර් කටු පෙට්ටියයි ගන්නවා. ඒ අරන් ගෙදර ඇවිත් මැටි පිළ අස් කරලා පැදුරක් එළාගෙන අළුත් පොත් සේරම ඒකෙන් අඩුක් කරගන්නවා. ඊටපස්සෙ රෑ වෙනකම් අම්මා මටයි මල්ලිටයි පිළිවෙලට ලස්සනට අළුත් පොත්වලට කවර දාලා දෙනවා. මට තියෙන්නෙ අම්මා බ්‍රවුන් පේපර් වලින් කවර දාලා පැත්තකින් තියන ඒවයෙ ඉටි කොළේ දාන්න කලින් නමයි විෂයයි පන්තියයි ලියන්න. පොඩි කාලේ ඉඳන් මගේ අත්අකුරු හරිම ලස්සනයි." කොතෙක් බාධක මධ්‍යයේ වුව ද ඇය වාර විභාගවලින් දිගින් දිගටම සිය පංතියේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබේ. "ඉස්කෝලෙන් නිළ ඇඳුම් මහන්න ලැබෙන සුදු රෙදි සමහර අවුරුදුවල අම්මා ගන්නවා එයාගෙ උවමනාවලට. අළුතින් පන්තියකට පාස්වෙන හැම අවුරුද්දෙම අළුතින් ගවුම් මැස්සුවෙ නෑ. මට අවුරුද්දක්ම අඳින්න ලැබෙන්නෙ ගවුම් දෙකයි. කලින් අවුරුද්දෙ ඇඳපු ගවුමයි අළුත් පන්තියට මහපු ගවුමයි. සඳමාලිගේ පාසල් කාලයේ ඡායාරූපයක් "පොඩි පන්තිවලදි නම් ඇන්දෙ ගමේ ගෙවල්වලින් අම්ම ඉල්ලගෙන ආපු ඇඳුම්. මගෙ ඇඟට වඩා ලොකුයි නම් අම්මා ඒව මගෙ ගානට අතේ මහල දෙනවා." බොහෝ හිරිහැරවලට ලක්වුව ද තවමත් සිය මවට ගෞරව කරන බව කතාව අතරතුර ඇය විටින් විට පැවසුවාය. "හැබැයි අම්මා මගේ ජීවිතයට කළ බලපෑම් ගැන හෙළි නොකර මේ කතාව කියන්න බැහැ," ඇය තවදුරටත් පැවසුවාය. "ඔය අතරේ මගේ අක්කගේ ඉස්කෝල ගමන වයස අවුරුදු 12 වෙනකොට නතර කරලා එයාව ගෙදරක වැඩට යැව්වා. මගේ අහිංසක මල්ලිව කන්න දෙයක් නැතිකමට සිවුරක් අන්දලා පන්සලට ගිහින් ඇරලුවා. ඒක තවත් එක් දුක්බර අවසානයක් වුණා." "විසිතුරු භාණ්ඩෙ" සිය බාල සොහොයුරා කීපවතාවක් නොයෙක් හේතු මත සිවුරු හැර නිවසට පැමිණි බව සඳමාලි පැවසීය. කෙසේනමුත්, අවසානයේ දී ඔහු ජීවිතයෙන් පලා යාමට තීරණය කර ඇත. එයට හේතුව අදටත් අපැහැදිළි බව ඇය පැවසුවාය. "මල්ලි කී වතාවක් සිවුරු ඇරල ගෙදර ආවද මට මතක නෑ. තුන් පාරක්, හතර පාරක්. මුලින්ම මහණ කළේ ගාල්ලෙ බද්දේගම ලොකු පන්සලක. මට නම මතක නෑ. පන්සලේ හිටියෙ අවුරුදු 40ක විතර ලොකු හාමුදුරුවොයි මල්ලියි, මල්ලිත් එක්කම මහණ කරපු අනිත් දරුවයි විතරයි. මට මතකයි ඒ දවස. මල්ලිට සුදු අන්දලා හිස මුඩු කරද්දී එයාගේ මුහුණේ තිබුණ කඩා වැටිච්ච බැල්ම මතක් වෙද්දි තාමත් පපුව පිච්චෙනවා. එයාට ඕනෙ වුණේ පවුලක් ඇතුලෙ දුවල පැනල සතුටින් ඉන්න. බඩට නොකා හරි මාත් එක්ක ආදරයෙන් ඉන්න. ඒත් එයාව පන්සලක තනි කළා. එතකොට යන්තම් අවුරුදු නවයයි. එදා දවසම මල්ලිගෙ තිබුණේ හොල්මනක් දැකපු ගානට සුදුමැලි වෙච්ච අමුතු මූණක්. අවුරුදු කාලෙට රතිඤ්ඤා දාන්න මල්ලි හරි ආසයි. ඉස්සර එයා මහණ වෙන්න කලින් අම්ම එයාට කියල වැඩක් මොනා හරි ගන්නෙ අවුරුදු කාලෙට රතිඤ්ඤා අරන් දෙන්නම් කියල රවට්ටගෙන. මල්ලිට ඉස්සර ලස්සනට සින්දු කියන්න පුළුවන්. කොහොමහරි, ගාල්ලෙ පන්සලේ මල්ලිව තනිකරල අපි එන්න ආවා. මාත් එතකොට පුංචි නිසා ඒ හැඟීම් ගැන ලොකුවට තේරුනේ නැහැ. ඒත් දුප්පත්කම එක්ක ජීවිතේ ඕනෙ දෙයක් ගැන හිස් හැඟීමෙන් බලන්න මම හුරුවෙලා හිටියා. ටික කාලයකින් මල්ලි ගාල්ලේ පන්සලෙන් පැනල ආවා. අම්ම ගිහින් ආයෙ භාර දෙනකොට මල්ලි යන්න බෑ කියල හුඟක් ඇඬුවා. ලොකු හාමුදුරුවෝ හරි වසයි. පොඩ්ඩ ඇත්නම් ගහනව බණිනවලු. ඒත් දෙවෙනි පාරත් මල්ලි ගාල්ලෙන් සිවුර ගලවලා වැලට දාලා කුස්සියේ උයන්න හිටපු මනුස්සයාගෙ සරමකුයි කමිසෙකුයි හොරෙන් අරන් ඇඳගෙන තනියෙන් ගෙදර හොයන් ආවා ගාල්ලෙ ඉඳලා. ඇයි කියල අහල බලද්දි මල්ලි බුදුගේ තියෙන ගල් ගුහාව ඇතුළෙ හඳුන් කූරක යටට රතිඤ්ඤයක් ගැට ගහලා, මොකුත් නොදන්නව වගේ ආවාසෙට වෙලා ඉද්දි කවුරුත් නැති බුදු ගේ ඇතුළෙන් එකපාර පිපුරුමක් ඇහිලා. ලොකු හාමුදුරුවෝ හොඳටම බයවෙලා අහල පහළ ගෙවල්වල අයත් එක්ක හෙමින් බයෙන් ගිහින් බලද්දි රතිඤ්ඤාවෙ කඩදාසි කෑලියි වෙඩි බෙහෙත් ගඳයි බුදු ගේ පුරාම. ඉතින් මල්ලිට අල්ලන් ගහලා හොඳටම. දෙපාරක් ආවට පස්සෙ ආයෙ ලොකු හාමුදුරුවෝ මල්ලිව භාරගන්න බෑ කියන්න ඇති. මල්ලි අකීකරුයි කියල අම්මට හුඟක් දොස් කිව්වා මතකයි මට. ඒත් එයා අකීකරු දරුවෙක් නෙවෙයි කියන්න මං දන්නවා. හැබැයි සෙල්ලම් වැඩවලට නොයෙකුත් අත්හදා බැලීම් කරන ඇබ්බැහියක් තිබුණා. මල්ලිව ඊලඟට ගිහින් භාරදුන්නෙ කුරුණෑගල සැඟෑලෙන පන්සලට. ඒක ලොකු පිරිවෙනක්. මල්ලි යන්න පොඩ්ඩක්වත් ආස වුණේ නැහැ. ඒත් අම්මගෙ හිත රිද්දන්න මල්ලි කවදාවත් කැමති නැහැ. අම්ම දෙයක් බලකරල කිව්වොත් මල්ලි එයාගෙ දුක අකමැත්ත හංගගෙන ඉඩ දෙනවා. මල්ලිට ඒ පන්සලේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් අතින් අඩම්තේට්ටම් සිද්ධ වෙලා තිබුණා. එයා ඒක දිනපොතේ ලියලා තිබුණා. ටික දවසකින් ආයේ මල්ලි ගෙදර ආවා. ඒ වතාවෙ ආවෙ සිවුර වැලේ දාල නෙවෙයි, කවරෙක දාල ඔතාගෙන ගෙදර අරන් ආවා. මල්ලි එහෙම සැරින් සැරේ සිවුර අතඇරලා ගෙදර ආවම මල්ලිව ගේ ඇතුලෙ හංගලා තියාගන්නෙ අපි. ගමේ ජීවිතේ අනුන්ගෙ දේවල් හොයන අය පිරිලා. එහෙම සැරින් සැරේ සිවුරු ඇරල ගෙදර එනව කියල ගමේ අයට දැනගන්න තියන්න බැහැ. මල්ලි යන්තම් හරි උළුවස්ස කිට්ටුවෙන් ඉඳගත්තම මං පාරෙ යන අයට මල්ලිව නොපෙනෙන්න එයාට ඉස්සරහින් ඉඳ ගන්නවා. "විසිතුරු භාණ්ඩෙ" මල්ලිට මම දාලා තිබුණ නම. තවත් කෙටි කාලයකින් මල්ලිව ගෙදර ළඟ පන්සලට ගිහින් ඇරලුවා. එයා ඔතන් ආපු සිවුරම අන්දලා ගමේ පන්සලට ගිහින් ඇරලලා අම්ම ගෙදර ආවා. රෑ වෙද්දි මල්ලි ආයෙත් ගෙදර. පන්සලේ නිදාගන්න ඉඩ නෑ. ලොකු හාමුදුරුවෝ කිව්වලු කැමති නම් රෑට ගෙදර ගිහින් නිදාගෙන උදේට එන්න කියල. ඉතින් මටයි අම්මටයි හරි සතුටුයි. එදා ඉඳන් මල්ලි රෑට කමිසෙයි කලිසමයි දාන් මටයි අම්මටයි මැද්දෙ සැපට මැටි පිළේ නිදියලා උදේට එළිය වැටුනම සිවුරත් ඇඳගෙන පන්සලට ගියා. නමුත් සඳමාලිගේ සොහොයුරාගේ කතාව එතනින් අවසන් වූයේ නැත. කඩඉම් විභාග රෙදි පටියකින් පමණක් ගැටගසා තිබුණ සිය කටුමැටි පැලේ සිටි දිනක ගමේ සිටි පුද්ගලයෙකු ඇය දූෂණය කිරීමට තැත් කළ සිද්ධියක් ද සඳමාලි පැවසුවාය. කෙසේනමුත්, මේ සියල්ල අතර ඉගෙනීමේ දක්ෂයෙකු වූ ඇයට සෑම පංතියකම නායකත්වය පවා ලබා දීමට ගුරුවරු ක්‍රියා කළහ. එමෙන්ම පාසලේ දී කිසිදිනක අන් දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ හිරිහැරවලට ලක් නොවුණු බව ඇය පැවසුවාය. "මට හිටිය ගුරුවරු උදව් කළා මිස මාව කොන් කළේ නැහැ. ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා මට සමාජය ගැන යම් බයක් තිබුණා. ඒ නිසා මම බොහෝ දෙනෙක් ආශ්‍රය කළේ නැහැ. පාසලේ විනය අතින් ඉතාමත් ගෞරවණීය ශිෂ්‍යාවක් ලෙස මා ඔවුන් හඳුනාගත්තා. ගමේ ඉන්න දුප්පත්ම දරුවා මෙන්ම පන්තියේ පළවෙනියා ලෙස නොකඩවා ඉදිරියෙන් හිඳින දරුවෙක් ලෙස ගුරුවරුන්ගේ ආදරයට පාත්‍ර වුණා. "ගුරුමණ්ඩලයේ අය විසින් ශිෂ්‍ය නායිකාවක් විදියට වඩාත් සුදුසු යැයි කියා අයදුම්පත් නොදාම මාව තෝරා ගත්තා. මේ අතර මම ගමේ කුලී වැඩ කරලා යම් මුදලක් සොයා ගත්තා. මගේ අතට උදැල්ල හරි හුරුයි. ඉගෙනීමට දක්ෂ නිසාම ගමේ මිනිස්සු මට ගෞරව කළා. බඩ ඉරිඟු කැඩීම වගේ වැඩ තියෙද්දී ඒ අය මට කතා කළා. හැබැයි මට අමතර පංති වගේ විශාල දේවල්වලට ගෙවන්න මුදල් තිබුණේ නැහැ. ටීවි, රේඩියෝවක්, පත්තරයක් නැති ලෝකයෙන් හුදෙකලා ජීවියෙක් වගේ ජීවත් වුණ මම දහය වසරට එනතෙක් සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මොකක්ද කියලවත් දැන හිටියේ නැහැ. අනික් ළමයි විභාගයට විශයපථය ඉවර කරන හැටි පංතියේ කතා වෙද්දී මම පුදුමයෙන් අහන් හිටියා. හෝටලයේ රැකියාව කරන අතරතුර ලබාගත් ඡායාරූපයක් ඕලෙවල් විභාගයට පාඩම් කරන්න අම්මා කුප්පි ලාම්පුව නොදී දැල්ල හරස් කරගෙන නවකතා කියවන්න ගත්තා. එයාට මේ ගැන කිසි තැකීමක් තිබුණේ නැහැ. මම අඬලා ඉල්ලුවත් එයා පාඩම් කරන්න ඉඩදුන්නේ නැහැ. මේ අතර විභාගයට සතියක් තියෙද්දී අම්මා මගේ අක්කා, එයාගේ බබා සහ මහත්තයාවත් අපේ ගෙදරට එක්කගෙන ආවා. අඩි දහයේ ගෙදර අපි සේරටම ඉන්න වුණා. අම්මගේ නපුරු කුප්පි ලාම්පුව අත ඇරලා අල්ලපු වත්තේ කුකුල් කූඩුවේ ලයිට් එළිය යටට ගිහින් පාඩම් කරන්න මම හුරු වුණා. මසට ඇතිකරන කුකුලන්ට උණුසුම ඕනෑ නිසා දිගටම ලයිට් දාලා තිබුණා. මධ්‍යම රාත්‍රිය වෙනකම් පාඩම් කරපු මගේ ඔළුව අතගාලා තේ එකක් දීලා ගියේ අපේ ලොකු අම්මා." A තුනක්, B එකක්, C හයක් ලෙස ඉහළින්ම සාමාන්‍ය පෙළ විෂයන් දහයම සමත් වුණු ඇයට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි. "විභාගේ ප්‍රතිඵල එනතුරු මහරගම පිළිකා රෝහළ පාරේ නිවසක ගෘහ සේවිකාවක් විදියට රැකියාව කළා. මාසේ අන්තිම දවසට අම්මා ඇවිදින් මාසෙ පඩිය රුපියල් 3000 ම මහත්තයාගෙන් ඉල්ලන් ගියා. ඒ ගෙදර මහත්තයා ඔෆිස් ගිහින් අරන් ආපු ඕලෙවල් ප්‍රථිඵල වාර්තාවත් අරගෙන මම උසස් පෙළ කරන්න ආයෙමත් ගමට ආවා. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට වාණිජ අංශයෙන් උසස්පෙළට ඉල්ලුම්පතක් දාන්න වුණේ තනියම. පාසලට තෝරගන්න සම්මුඛ පරීක්ෂණයට එක්ක යන්න අම්මා හෝ තාත්තා කෙනෙක් මට හිටියේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුණු ළමුන් සිටි පංතියේ වාර විභාගවලින් පළමු ස්ථානය ලබා ගැනීමට නැවතත් සඳමාලිට හැකි විය. මෙම දක්ෂතා හඳුනාගත් ගුරුවරු ඇය දිරිමත් කිරීමට විවිධාකාරයෙන් උදව් ලබා දුන් බවද සඳමාලි සිහිපත් කරයි. "ඉගෙනීමේ උනන්දුව නිසාම මට අමතර පංතිවලට එන්න කියලා ෆ්‍රී කාඩ් දෙන්න මුල් වුණේ කැකිරාවේ සෙනරත් එකේ ගිණුම්කරණය උගන්නපු මධ්‍ය මහා විද්‍යාලයේ විනය පාලක දිසානායක සර්. අනෙක් අයට ද මම ගැන කියලා නොමිලේ පංතිවලට යන්න ඒ සර් ඉඩ සළසලා දුන්නා. මගේ භාරකාරයා විදියට ඉස්කෝලෙට ඇප වෙන්නත් සර් කටයුතු කළා. පියෙක් නැති මට ඔහු පියෙකු වුණා. හැබැයි ගෙදර තිබුණ කටුක පරිසරය වෙනස් වුණේ නැහැ. විභාගයට ඇඩ්මිෂන් ආවාට පසුව මට බෝඩිමක් සොයාගෙන පාරවල්වල ඇවිදින්න වුණා. ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර දහඅටක් තිබුණා. විභාගයට යන්න නම් පාසලට ළඟ තැනක නතර වෙන්න වුණා. මොකද ගම්වල පොදු ප්‍රවාහන සේවය ගැන විශ්වාසයක් තියන්න බැහැ. උසස් පෙළ ප්‍රථිඵල නිකුත් වුණ මොහොත ඇය සිහිපත් කළේ මහත් උද්‍යෝගයකිනි. වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයට ඇතුළත් වීමට ඇයට හැකි විණ. "ඒ මොහොතේ මම ප්‍රථිඵල කියාගෙන කෑ ගහගෙන ගෙදරට දුවගෙන ආවා. මට තිබුණේ කියා ගන්න බැරි සතුටක්. හැබැයි අම්මාගේ මුහුණේ කිසිම විශේෂත්වයක් පෙනුණේ නැහැ. ඇය මෙය තවත් බරක් ලෙස සළකන බව මට වැඩිකල් යන්න කලින් තේරුණා." වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වීමත් සමග ඇයට ලංකා බැංකුවේ ආධුනික රැකියාවක් ලැබී ඇති අතර එයින් දෛනිකව රුපියල් 325.00ක වැටුපක් ලැබිණ. මේ අතර, ඇය සිය උසස් පෙළ ජයග්‍රහණය ගැන පුවත්පතකට ලිපියක් යොමු කර ඇති අතර, එය පළ වීමෙන් පසු බොහෝ දෙනෙකු මූලම්‍ය ආධාර ලබා දීමට කටයුතු කර තිබිණි. එයින් සිය නිවස සාදා මවට ද යම් මුදලක් ලබා දීමට ඇය ක්‍රියා කර ඇත. 'නරක ආරංචියක්' "අපි මිරිහාන පොලීසියෙන් කතා කරන්නෙ. ඔයාගෙ මල්ලි ඉන්නවා අපි ළඟ, පොලීසියට පොඩ්ඩක් ඇවිත් යන්න එන්න..." විශ්වවිද්‍යාලයේ දේශනාවක් මධ්‍යයේ ඇයට පණිවිඩයක් ලැබිණි. "ජීවිතේට පොලීසියක් ඇතුළ දැකලවත් නැති මම හිටියෙ බය බිරාන්ත වෙලා. පන්සලේ අපා දුක් විඳපු අහිංසකයා සාමාන්‍ය පෙළ ලියන්න පාසලට ඇතුළු කළේ නොවිඳිනා දුක් විඳලා. ඒ වෙද්දිත් මල්ලි අවුරුදු ගණනකින් පාසල දැකලවත් තිබුණේ නැහැ. කථිකාචාර්යවරයාට කාරණේ කියල මං ඉක්මනට විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ කැම්පස් හැඳුනුම්පතත් අරන්මයි. විජේරාමයේ ඉඳන් සොයාගෙන මිරිහානට ගියාම මගෙ මල්ලි ඉන්නවා බංකුවක් උඩ වැරහැලි ඇඳගෙන. අතේ පුංචි සිලි කවරෙකුත් තියාගෙන. බඩගින්න, නිදිමත, වෙහෙස, බය ඒ සේරම එක්ක ඒ පුංචි මුහුණේ තිබුණේ මහා අසරණ පෙනුමක්. මල්ලිට මාව දකිද්දිම නැගිට්ටුනේ අහිංසක හිනාවකින් මූණ එළිය කරගෙන. ඒත් මං හිටියෙ බයවෙලා. ඇයි මිස් මගෙ මල්ලිව ඇරෙස්ට් කළේ...? "නෑ නෑ මල්ලිව ඇරෙස්ට් කළේ නෑ... ඊයෙ රෑ මල්ලි කොටුවෙ අතරමං වෙලා ඉද්දි අපේ කට්ටියකට හම්බවෙලා එක්කන් ආවා. දවසම කාල හිටියෙත් නෑ. අපි බනිස් ජෝඩුවක් අරන් දුන්නා. දැන් එයාව එක්කන් යන්න පුළුවන්. අක්ක කැම්පස් එකේ ඉන්නව කියපු නිසා අපි ඔයාට කතා කළේ. අනුරාධපුරේට තනියෙන් යන්න දන්නවද මල්ලි?." "එයා කවදාවත් කොළඹ ඇවිත් නෑ මිස්. අපේ ගෙවල් ළඟටම යන බස් එකක් තියෙනවා කොටුවෙන්. මං මල්ලිව ඒකට ගොඩ කරන්නම්." "මං මල්ලිගෙ අතින් අල්ලන් පාරට ආවා. එයාගෙ මූණ මැළවිලා ගිහින්. එයාට කන්න දෙයක් අරන් දෙන්නත් කලින් මට ඕනෙ උනේ සිද්ධිය අහගන්න. ඇයි කොළඹට ආවෙ?, කාත් එක්කද ආවෙ?, ශොපින් බෑග් එකේ ඇඳුම් දෙක තුනක් තියෙන්නෙ ඇයි?, පොලීසියට අහු වුණේ කොහොමද? මගෙ හිතේ කැකෑරෙන ප්‍රශ්න එක්ක මං හිටියෙ කේන්තියෙන්. "බණින්න එපා චූටි අක්කෙ. ඔයාගේ උසස් පෙළ සමත් කතාව පත්තරෙන් කියවලා එක මාම කෙනෙක් අපේ ගෙදරට නිතර කතා කරන්න ගත්තා. ඔයා කැම්පස් එකේ නිසා අම්මත් එක්ක තමයි නිතරම කතා කරන්නෙ එයා. පෙරේදා අපේ ගෙදර හොයාගෙන ආවා. ඊටපස්සෙ එයාගෙ ගෙදර මට නවතින්න දෙන්නම් ජොබ් එකකුත් හොයල දෙන්නම් කීවම අම්මා ඒ මාමත් එක්ක මාව කොළඹ එන්න පිටත් කළා. මතුගමද කොහෙද ගම කිව්වෙ. ඒත් කොටුවෙන් එයා මට පොඩ්ඩක් ඉන්න කියල මාව සීටීබී බස් ස්ටෑන්ඩ් එකේ වාඩි කරවලා එයා ගියා. මං රෑ වෙනකන් බලාගෙන හිටියා එතනට වෙලා. ඒ මාමා ආවෙ නෑ. ගෙදර ආපහු යන්න සල්ලිත් නෑ අක්කෙ මං ළඟ. අම්ම කිව්වෙ ඒ මාමා මටත් එක්ක ටිකට් ගනියි කියලයි. රෑ අටට විතර මාව පොලීසියෙන් අල්ල ගත්තා. පැය 3-4ක් එකතැන හිටපු නිසා එයාලට සැක හිතිලා. පස්සෙ මාව පොලීසියට එක්ක ගෙන ගියා." "බිඳුණු හඬින් මයෙ අහිංසකයා කියාගෙන ගියා. උදේට හොඳට දෙන්නත් එක්ක කාලා කොටුවෙ ටිකක් වටයක් එක්කන් ගිහින් අතට සල්ලි දීලා ඇපල් මල්ලකුත් අරන් දීලා මල්ලිව ගමේ බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉන්දුවේ චමින්ද අයියට මල්ලිව පරිස්සමින් එක්කන් යන්න කියල ඉල්ලීමකුත් කරලා. අම්මටයි මල්ලිටයි ජීවත් වෙන්න මුදල් යවන එකේ ඇයි තවත් මෙහෙම කරන්නෙ කියල අම්මගෙන් අහන්න හිතුනත් කේන්තිය වැඩිකමට මම නිහඬ වුණා. මල්ලිව අමාරුවෙන් පාසලට දාගත්ත එකේ ගුණේවත් ලැබුණේ නැහැ. ඒත් තවත් මාසයකින් ගෙදර යනකොට ආයෙමත් මයෙ මල්ලි ගෙදරින් අතුරුදහන්. ආයෙමත් පාසලෙන් අස් කරවලා දඹුල්ලෙ ඌරු කොටුවක ඌරො බලාගන්න යවලා. මාසෙට රුපියල් හත්දාහෙ පඩියට. හැම මාසෙම පඩි දෙන දවසට අම්ම ගිහින් මල්ලිගෙ රුපියල් හත්දාහ අරගෙන එනවා. ඒත් ඒක මල්ලිගෙ පළවෙනි වගේම අන්තිම රැකියාව වුණා. ඌරු කොටුව තිබුණ කැලේ අලි ඇවිත් ඌරු කොටුව පෙරළන නිසා මල්ලි රෑට නිදාගත්තෙ ඒ කැලේම ඌරු කොටුව ළඟ ගහක් උඩ පැළක. එක දවසක් එයා ඒ ගහේම T අකුර වගේ පෑහැපු අත්තකට ලණුවක් දාලා බෙල්ල ඔතාගෙන ගහෙන් පැනලා තිබුණා. පැය 24ක් තිස්සෙ කෑම ගෙනියන්න නාවෙ මොකද බලන්න පහුවදා උදේ රොෂාන් කැලේට ගිහින් බලද්දි ඉරුණු කොට කලිසමයි පාට පිච්චුන ඉරුණු දම් පාට අත් දිග ටී ශර්ට් එකයි පිටින් මිනිය එල්ලෙනවලු කැටකේලියා ගහේ. කලින් දවසේ උදේට කන්න ගෙනාපු බත් එක ඇරලවත් නැතුව පැළේ එහෙමමලු." බාල සොහොයුරාගේ මරණ දැන්වීම මල්ලිගෙ මරණයට හේතුව මං අදටත් දන්නෙ නැහැ. එයා හුඟක් නිහඬ ළමයෙක් පොඩි කාලයේ ඉඳන්ම. හැමදේම නිහඬව දරාගත්තා. නමුත් මගේ අම්මා දරුවන්ව දැක්කෙ සල්ලි සොයන මැෂින් විදියට. අදටත් ඒ තත්වෙ එහෙමමයි. මල්ලි ඌරු කොටුවෙ වැඩට යන්න කලින් හුඟක් අහිංසකයි. මං එක්කම උස් මහත් වුණ නිසා මං එයාව හැදුවෙ සත්තුන්ට ආදරේ කරන්න. ඒ නිසා එයත් මං වගේම සත්තුන්ගෙ මස් කන එක පොඩි දා ඉඳන්ම ප්‍රතික්ෂේප කළා. ඒත් ඌරු කොටුවෙ වැඩට ගියාම එයාට හැමදාම දැකල අතගාල කන්න දෙන සත්තුන්ගෙන් එකා එකා ඌරු කොටුවෙම තියල මරන්න වුණා. ලෙඩවෙලා මැරුණ ඌරන්වත් කෑලි කෑලි කපල මස් ටික විකුණන්න වුණා. ටිකෙන් ටික මල්ලි වෙනස් වෙන්න ගත්තා. එයාගෙ අහිංසක ගතිගුණ අඩුවෙවී යන හැටි මං බලාගෙන හිටියෙ කම්පාවෙන්. පුංචි දේටත් අම්ම මට කොස්ස අරන් ගහන්න පන්නද්දි මල්ලි තමා මැදට පැනල මාව බේරගන්නෙ. මල්ලිව මං දැක්කෙ තාපසයෙක් වගේ. අනික එයා හතර වසරෙ ඉද්දි මං දහය වසරෙ ශිෂ්‍ය නායිකාවක් වුණා. පොඩි පංතිවල ගුරුවරු කවුරු හරි එන්නැති දවසට (කුඹුරු වැඩ කාලෙට බොහෝ පංතිවල ගුරුවරු පාසල් නොපැමිණේ) ඒ පන්ති බලාගන්න දාන්නෙ ශිෂ්‍ය නායිකාවො. සමහර දවසට අපේ මල්ලිගෙ පංතියටම මට ලැබෙනවා. මම ඉතින් ගුරුතුමිය එවල තියෙන පැවරුම් මගෙ බෝල අකුරින් බෝඩ් එකේ ලස්සනට ලියද්දි අපෙ මල්ලිට හරි ආඩම්බරයි. "ඒ බං ඔයාගේ අක්ක මරු ඈ... " අනෙක් අය මල්ලිට කියද්දි මල්ලි ඇවිත් මට කියනවා ඇස් දිලිසි දිලිසී. එයාගෙ පංතියේ අයගෙන් ඉහළ පංතිවල අයියලා අක්කලා ඉන්න ළමයි අතරෙ මල්ලිට විතරයි ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියෙ. ගමේ දුප්පත් ළමයින්ට ඒ තනතුර පෙනුනෙ ගුරුවරයෙක් තරම් උසස්ව. මල්ලිගෙ හිතේ මාව ගෞරවණීය තැනක පැළවෙන්න මූලික අඩිතාලම වැටෙන්න ඇත්තෙ එහෙම. මං කැම්පස් තේරුනාට පස්සෙ එයා මට බය පක්ෂපාත ගතිය වැඩි කලා. අපේ ගෙදරට ටීවි එකක් තිබුණේම නැහැ ඒ වෙනකන්. මල්ලි හරි ආසයි නයිට් රයිඩර් බලන්න. එයාට දේවාලෙ පෙරහැර පොළෙන් අම්ම අරන් දුන්න රුපියල් විස්සෙ දුරදක්නෙන් මල්ලි කරන්නෙ පාරට ගිහින් ඉස්සරහ ගෙදර ටීවි එකේ නයිට් රයිඩර් බලන එක. අපේ අම්මත් එක්ක ගමේ කවුරුත් කතාවට එන්නැති නිසා අපිත් ගමේ කිසි ගෙදරකට යන්න හුරුවෙලා තිබුණේ නැහැ. ඒත් මට මිනිස්සු ආධාර කළාම මුලින්ම කළේ අම්මවයි මල්ලිවයි කැකිරාවට එක්කන් ගිහින් අත් පිට මුදලට රුපියල් තිස් තුන් දාහක් දීලා අඟල් තිස් දෙකේ ටීවි එකක් ගෙනාපු එක. එදා අපෙ මල්ලිගෙ ජීවිතේ සතුටුම දවසක්. ඒ විදියටම මම එයාට බයිසිකලයක් අරගෙන දුන්නා. "මේ මට ද අක්කෙ...." එයා එදා ඇස් උඩ ඉන්දගෙන සෑහෙන වෙලාවක් බයිසිකලේ දිහයි මගෙ දිහයි බලන් හිටියා. කැම්පස් එකේ ඉඳන් ගෙදර එන හැම සැරේම පමුණුවට ගිහින් මල්ලිට ටීශර්ට්, කලිසම්, බොටම් අරන් එනවා. එච්චර කාලෙකට එයාටයි මටයි තිබුණේ කොළඹ ගෙවල්වල අම්ම වැඩට ගියාම ඒ මිනිස්සුන්ගෙ දරුවො ඇඳල අයින් කරන ඇඳුම්. අපි යටට පවා ඇන්දෙ එහෙම තව කවුරුත් ඇඳල අයින් කරපුවා. ඌරු කොටුවේ වැඩත් එක්ක මල්ලිට ජීවිතේ ඉදිරියක් ගැන සැලැස්මක් නැතිවෙන්න ඇති. ඒත් එයා ලයිසන් ගන්න කියල සල්ලි ටිකකුත් එකතු කරගෙන තිබුනා. මල්ලි මැරුන ගමන් අම්ම ඒ සල්ලිත් ගත්තා. මල්ලි මැරුන බව ඌරු කොටුව අයිති මිනිස්සු දන්නේ පැය 24කුත් ගියාමලු. "ඒ මිනිස්සු හරි දරුණුයි චූටි අක්කෙ," මල්ලි නිතර කිව්ව කතාවක්. ඒත් මල්ලිගෙ හදිසි මරණය, මැරුනට පස්සෙ මල්ලිගෙ ෆෝන් එක ගෙනත් නොදී කල් ගත්ත එක, එයාට ආපු කෙටි පණිවිඩ කවුරු හරි බලල තිබුණ එක මට හරි සැකයි. නමුත් මේ ගැන අම්මාට කියද්දී අම්මා ගත්තේ ඒ මිනිස්සුන්ගේ පැත්ත." බාල සොහොයුරාගේ මරණය සැක සහිත යැයි සඳමාලි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. "මල්ලිගෙ මිනිය කපපු වෛද්‍යවරයා එක්ක කතා කරද්දි කියපු කරුණුත් මං පැමිණිල්ලෙ ලිව්වා. මල්ලිගෙ මිනියේ තුවාල කැළැල් හුඟක් තිබුණ කියල වෛද්‍යවරයා කිව්වා. තවත් සැක කටයුතු දේවල් කීපයක් තිබුණා." පැමිණිල්ල පරීක්ෂාවට ගත්තා. ආයෙම පොලීසියෙන් ගිහින් ස්ථානීය පරීක්ෂාවක් කරල තිබුණා. මල්ලිගෙ වැඩි අයිතිය තියෙන්නෙ මට වඩා අම්මාට නිසා අම්මාවත් ගෙන්නුවා. "නෑ සර්, මට දරුවගෙ මරණය කිසි සැකයක් නෑ. මෙයාට ඕනෙ මේ අර ළමයින්ව අමාරුවේ දාන්න." අම්මා එහෙම කියද්දී මං කඳුළු පුරවගෙන ඈත බලන් හිටියා අම්මාට යාබද පුටුවට වෙලා. "සමාවෙන්න මිස්, අම්මා කියනව නම් මරණය කිසි සැකයක් නෑ කියල, අපිට ඊට වඩා මේ පරීක්ෂණ ඉස්සරහට කරගෙන යන එක තේරුමක් නෑ. ඒක ස්වභාවික සියදිවි හානිකරගැනීමක් හැටියට අපිත් හිතනවා. ඒත් මිස්ට ආයෙ සාක්ෂි මොනවා හරි ලැබුණොත් එන්න. මල්ලිගෙ මරණෙට උසාවියෙන් දීල තියෙන්නෙ විවෘත තීන්දුවක්." ඉතින් මං ඔළුව පාත් කරන් අම්ම දිහාවත් නොබල පිටවෙලා ආවා. ඒත් මල්ලි අදටත් බිත්තියට වෙලා මං දිහා අවිනිශ්චිත බැල්මකින් බලන් ඉන්නවා." හෝටල් රැකියාව මේ අතර, සඳමාලිට ආපන ශාලාවක රැකියාවක් හිමි විය. "හෝටලය අයිති අයගෙම ගෙදර නැවතිලා ඉන්න නිසා එයාල මගෙන් සල්ලි ගත්තේ නැහැ. හැමදාම උදේ 5.30ට නැගිටලා 6.10 විතර වෙද්දි හෝටලයට යනවා. කසුන් මල්ලියි, සර් ඇවිත් හෝටලය ඇරලා ඉක්මනට උදේට උයන්න ලෑස්ති කරනවා. රතු හාලුයි සුදු හාලුයි වෙන වෙනම සෝදලා ලිපේ තියලා පොල් ගාන මැශින් එකෙන් පොල් ගෙඩි 7ක් ගාලා කිරි මිරිකලා ඊලඟට උදේට උයන ව්‍යංජන ටික කපල සෝදලා ලෑස්ති කරනවා. ප්‍රධාන කෝකියා එන්නෙ උදේ හතට. ඒ වෙද්දි මං සේරම ලෑස්ති කරල තියන්න ඕනෙ. එයාට තියෙන්නෙ 7.30 වෙද්දි සේරම උයල ඉවර කරල කෑම ටික ඉස්සරහට යවන්න. ඊලඟට කෙටි ආහාරවලට අල තම්බන්න, එළවලු මිශ්‍රණයට ළූණු, කැරට්, ලීක්ස් කපන්න තියෙනවා. උදේ අට වෙද්දි තේ එකක් ලැබෙනවා. "සඳමාලි රොටියක් කනවද? " සර් මට විතරක් අඬගහල රොටියක් දෙනවා. එතන ඉන්න පොඩිම කෙනා මම නිසා කොයිවෙලෙත් මගෙ කෑම බීම ගැන හැමෝම ආදරෙන් සොයලා බැලුවා. උදේ 9.30- 10 වගේ වෙද්දි දවල්ට උයන්න ලෑස්ති වෙන්න ඕනෙ. පොල් ගෙඩි හතරක් ගාලා මිටි කිරි අතෙන් මිරිකලා ඊලඟට දියකිරි බ්ලෙන්ඩර් කරලා ගිහින් එළවළු කපන්න ගන්න ඕනෙ. පරිප්පු අනිවාර්යයි. ව්‍යංජන හයක් හතක දහවල් දොළහ වෙනකොට උයල ඉවර කරන්න ඕනෙ. ඊලඟට ෆ්‍රයිඩ් රයිස් වලට ලීක්ස් කැරට් කිලෝ 10කට කිට්ටුව සුද්ද කරලා සෝදලා තීරු කපන්න ඕනෙ. ඊලඟට ළූණු කිලෝ හතරක් විතර සුද්ද කරල හවස ආප්ප වලට ලෑස්ති කරන්න ඕනෙ. ආයෙ පොල් ගාන්න ඕනෙ රෑ කෑම හදන්න. නූඩ්ලස් වෙනම හදන්න ඕනෙ. කොත්තු බාස්ට පොල් රොටියි කෙටි කෑම හදන්න එළවළු කපල ළූණු කපල ලෑස්ති කරල දෙන්න ඕනෙ. එක පිම්මට වැඩ. වතුර ටිකක් බොන්නවත් ටොයිලට් එකට දුවන්නවත් වෙලාව හොයාගන්නෙ හරි අමාරුවෙන්. කකුල් දෙක හවසට ඉදිමෙනවා. බෝඩිමට එන්නෙ පාර දිගේ කොර ගගහා." එම රැකියා ස්ථානයෙන් ආහාර වේල් තුන නොමිලේ ලබා දී ඇති අතර, දිනකට රුපියල් 700.00ක වැටුපක් ලබා දී තිබිණි. "අම්මට හැම මාසෙම පළවෙනිදට රුපියල් 7000 දානවා කෑම වියදමට. මාසෙට එක දවසක් හෝටලය වහල සේරම නිවාඩුවක් ගන්නවා. ඒ යනකොට මම අම්මට හුඟක් කෑම ජාතියි අරන් යනවා. එයාට කවදාවත් රස දේවල් හිතේ හැටියට කන්න බැරි වුණ කෙනෙක්. එයාව කවදාවත් අම්මා කෙනෙක් විදියට දැනුණේ නැති වුණත් හැම මාසෙම සල්ලි යවන්නෙ එයා මහන්සි වෙනවට ආස නැති නිසා." මේ සියල්ල අතර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද පෙර සේම හොඳින් සිදු කිරීමට සඳමාලිට හැකි විය. නමුත් කොළඹ මිනිසුන්ගේ දිවිපෙවතට ඇයගේ කිසිදු කැමැත්තක් නොතිබිණු බව ද පැවසුවාය. දුෂ්කරතා මැදින් ජයග්‍රහණය කරා සිය මවගේ අඩන්තේට්ටම් සහ සමාජයෙන් එල්ල වූ විවිධ බාධක මැඩගෙන සඳමාලි වසර හතරකට පසුව විශේෂ කළමණාකරන උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී ඇත. "මම නොපෙනන දෙවියන්ගේ ආශිර්වාද සොයපු කෙනෙක් නෙමෙයි. කවදාවත් විභාගයක් සමත් කර දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවේ නැහැ. මගේ ජීවිතය ගොඩනැගුවේ මම විසින්මයි. පොඩි කාලයේ ඉඳන්ම මම හැමදේම දිනපොතක ලියනවා. ජීවිතයේ සැලැස්ම හැමවෙලාවෙම ලියලා තිබුණා. මගේ හයියට කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම මට හැම වෙලාවකම පසු සැලැස්මක් තිබුණා. A සැලසුම ක්‍රියාත්මක නොවුණොත් B සැලැස්මක් ගැන මම ලියා තැබුවා. ඒ වගේම කරදර ආවට ජීවිතයේ එක් අඩියක් හෝ පසුපසට ගත්තේ නැහැ. නමුත් කුඩා කළ සැර පරුෂ වචන හැර වෙනත් දෙයක් නෑසුණ නිසා, යම් කෙනෙක් එහෙම කතා කරනකොට අදටත් අකමැත්තක් දැනෙනවා. ඒ වගේ අවස්ථා නිසා උපාධියෙන් පසු කොළඹ රැකියා කීපයක්ම මම අත්හැරියා. ගෙදරින් නොලැබුණු ආදරය මම සමාජයෙන් සොයනවා වෙන්නත් පුළුවන්. මම ආසියානු රටක ගිණුම් අංශයේ රැකියාවක් ද කළා. ඒ අතර කොරියානු භාෂා විභාගය ද කළා. එයින් උසස් ලෙස සමත් වුණා. නමුත් ඒ අතර යුරෝපා රටකට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ සියල්ල සිදු වුණේ මට නිතර පසු සැලැස්මක් තිබුණ නිසයි. වර්තමානයේ දී සඳමාලි යුරෝපා රටක සේවය කරන අතර, රටේ නම හෙළි කිරීමට අකමැති වූවාය. "මට තව සැලැස්මක් තිබෙනවා. ඒ වෙනත් යුරෝපා රටකට ගිහින් ජීවත් වෙන්න. මගේ සැලසුම් සාර්ථක වෙන තෙක් මම හෙළි කරන්නේ නැහැ. ඒකයි මම ඉන්න රටේ නම දාන්න එපා කිව්වේ. අද මම අම්මාට සහ අක්කාට ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න සල්ලි යවනවා. මගේ සාර්ථකත්වය සහ මේ ගමන ගැන ආපසු හැරී බලන කළ මටම පුදුමයි. ඥාතීන් සහ සමහර පුද්ගලයන් මට බනිනවා අම්මා ගැන මේ දේවල් හෙළි කරන්න එපා කියලා. නමුත් දරුවන් වැදූ පමණින් ඔවුන්ට හිංසා කරන්න අම්මාටවත් බැහැ. යුරෝපා රටක ජීවත් වෙන මම අද එය හොඳින්ම දන්නවා. කොහොම වුණත් අන් අයට වගේම මම අම්මාටත් සමාව දෙනවා. මරණය ඇරෙන්න සමාවක් දෙන්න බැරි වැරදි මගෙ ජීවිතයේ නැහැ," සිය දීර්ඝ කතාව අවසන් කරමින් සඳමාලි පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:
අනේකවිධ දුක් කම්කටොළුවලින් පිරී තිබුණ ඇයගේ දිවිමග තවමත් සිය "සිහිනයේ" නතර වී නොමැත. අසීමිත බාධක මධ්‍යයේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ තිස්දෙහැවිදිරි ඇය වර්තමානයේ දී යුරෝපා රටක රැකියාවක නිරත වෙමින් සිටින්නීය. දුෂ්කරතා මධ්‍යයේ දිවිමග "ජයග්‍රහණය" කරා යොමු කළ ඇය සඳමාලි දිසානායක නමින් හඳුන්වන ලෙස ඉල්ලා සිටියාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
''අසල්වැසියාට ප්‍රමුඛස්ථානය'' යන ඉන්දියානු කොන්දේසිය කොළඹ විදේශ ප්‍රතිපත්තියට අදාළ න්‍යාය පත්‍රයේ පහළ ස්ථානයකට විතැන්ව බොහෝ කල්ය. එමගින් රෝපණය කෙරුණු අනිවාර්ය බලාපොරොත්තුව සහ ඊටම ඈඳුන ප්‍රතිවිපාකය පරිදි චීනයේ ඉහළ මට්ටමේ දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ පය තබද්දී, අගමැති මෝදිගේ ප්‍රකාශය කෙරී ගෙවී තිබුණේ දින කීපයක් පමණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ප්‍රමුඛ දූත මණ්ඩලයක් වහාම කොළඹ නායකත්වය හමුවිය. එපමණක් නොව, කොරෝනා නිරෝධායන කොන්දේසි පවා නොතකා හරින ලද බවට නැගුණු විවේචන හමුවේ පැය දහඅටකට පමණක් සීමාවූ එම හදිසි සහ වෙහෙසකාරී සංචාරයේ දී දී රුපියල් බිලියන 16.5 ක (යුවාන් මිලියන 600) මූල්‍ය ආධාරයක් සැපයීමට ද චීනය පරිත්‍යාගශීලී විය. ඉන්දීය උප මහාද්වීපයේ කුඩා දිවයින සතු මූලෝපායික පිහිටීම ඉන්දියානු සහ ශාන්තිකර සාගර කලාපයන් ඉක්මවමින් තවත් ඈතට විහිදගොස් ඇත. පෙරකී ඉන්දීය සහ චීන මැදිහත්වීම් මැද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නුදුරේදීම කොළඹ සංචාරයක නිරතවෙන බව දැනටමත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. රාජ්‍යලේකම් මයික් පොම්පියෝ ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරනු ඇතැයි වොෂිංටනය පසුගියදා නිවේදනය කළේය. එම සිදුවීම් පෙළ හුදෙක් සාකච්ඡා හෝ සුහද සංචාර පමණක් ද? එය ඊට වඩා ගැඹුරු ''ප්‍රදර්ශනාත්මක'' සැලසුම්වල අංගයක්ය යන්න දේශපාලන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විද්වතුන්ගේ තක්සේරුවය. ''මෙම 'shuttle diplomacy' ක්‍රියාවලිය තුළින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව කලාපීය සහ ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්වෙමින් පවතින ආකාරයයි'' මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි. ''අගමැති මෝඩි 13 වෙනි සංශෝධනය මතක් කරදීම හුදෙක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුමකට අදාළ කොන්දේසියක් සිහිපත් කිරීමක් හෝ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට අදාළ දේශපාලනමය විසඳුමක් කරා ආණ්ඩුව තල්ලුකිරීමක් නොව එය ඉන් ඔබ්බට ගිය ඉන්දියානු සාධකය ප්‍රදර්ශනය කිරීමක් ද වෙයි'' පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර බී.බී.සී සිංහල සේවයට පැවසීය. ''අගමැති මෝඩිට අවශ්‍ය කළේ 13 සංශෝධනය බලාත්මක කරවීම නොවෙයි, ඒ හරහා වෙනත් පණිවුඩයක් දීමටයි'' ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් වඩාත් ලාභදායක ජපන් මූල්‍ය සහයෝගිතා ව්‍යාපෘතියක් ද පසුගියදා ශ්‍රී ලංකාවේ රජය විසින් අවලංගු කරනු ලැබුණි. ''මෙය ශ්‍රී ලංකාව කාලයක් අනුගතව සිටි මධ්‍යම ප්‍රතිපදාව මත පදනම් වූ නොබැඳි විදෙස් පිළිවෙතේ පීලිපැනීමක්. ඊට හේතු වුණේ රට වෙනත් බලවත් රටක් මත යැපීමේ තත්ත්වයකට පත්වීම. එම තෝරාගැනීම තුළ ශ්‍රී ලංකාව වේගයෙන් චීනය දෙසට ආකර්ෂණයවීමත් සමඟ පරිත්‍යාග හැටියට හෝ එහෙමත් නැත්නම් අඩු පොලියට ණය දුන් ජපානය වැනි රටවලින් ඈත්වීම තවත් ප්‍රවනතාවක්. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දුකරන්නේ කවුරුන් විසින්ද කියන කාරණය සිතා බැලිය යුතුව තිබෙනවා.අපේ සබඳතාවලට (ශ්‍රී ලංකාව සහ චීනය අතර) අත පොවන්න එපා යයි පසුගියදා චීන තානාපති කාර්යාලය කියා තිබුණා.'' ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශාඛා සූරියබණ්ඩාර පවසයි. ඉන්දියාවේ කලාපීය මූලෝපාය නිදහසින් පසු ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය මට්ටමින් මුල්බැසගත් ආකල්පයක් වන්නේ ''අසල්වැසියාට මුල්තැන'' (Neighborhood First) යන්නයි. අගමැති නේරුගේ ශක්තිමත් ආරම්භයේ පටන් බලයට පත් සෑම ඉන්දීය ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලබන එම ''මූලධර්මය'' නොකියන සත්‍යය නම්,දකුණු ආසියානු කලාපයේ මුල්තැන ඉන්දියාවට දියයුතු අතර ඔවුන්ගේ අභිලාෂය පරිදි ''කුඩා සහෝදරයන්'' ක්‍රියාකළ යුතු බවය. "'බැංඩුන්' සමුළුවෙන් අනතුරුව ප්‍රඥප්තිගත ''නොබැඳි පිළිවෙත'' සංකල්පය මගින් සහ පසුව ඒ හා බැඳුණු අන්තර්ජාතික ක්‍රියාවලිය තුළ අගමැති නේරු විසින් ස්ථාපනය කරගනු ලැබූ ආධිපත්‍යය බොහෝ ආසියානු රටවලට බලපෑ අතර එම ආරම්භක අවධියේ පටන්ම ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) දක්නට ලැබුණේ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොවේ. පළමු අගමැති ඩී.එස්. සේනානායකට විදේශ ප්‍රත්පත්තිය සම්බන්ධයෙන් දැනුමක්, පළපුරුද්දක් හෝ උනන්දුවක් නොවූ අතර එය කුමක්ද යන්න තීන්දු කරන ලද්දේ ඉහළ පෙළේ සිවිල් සේවකයන් විසිනි. එනිසාම එහි අනිවාර්ය කොන්දේසිය වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලීය හැඩරුව අනුව තීන්දු වීමයි'' මහාචාර්ය එස්.යූ.කොඩිකාර සඳහන් කරයි. මේ අතර අගමැති නේරු විසින් කැඳවන ලද '1947 ආසියානු සබඳතා පිළිබඳ නවදිල්ලි සමුළුව' මෙන්ම '1948 දිල්ලි සමුළුව' සඳහා ලංකාව නියෝජනය කරමින් එවක ඇමැතිවරයකුව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහභාගී වූ අතර 1956 දී අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව බණ්ඩාරනායකද නේරුගේ නොබැඳි රාජ්‍ය පිළිවෙත කරා අවතීර්ණ වී සිටියේය. සෝවියට් සංගමය සහ චීනය සමඟ පූර්ණ තානාපති සබඳතා ආරම්භ කිරීමත්, සෝවියට් සංගමයේ විරෝධය අවසන්ව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිකර ගැනීමත් සමඟ, 1947 පටන් ශ්‍රී ලංකාවේ බල පැවැත්වුණු බටහිර කේන්ද්‍රගත විදේශ ප්‍රතිපත්තිය වෙනුවට 1956 - 76 අතර කාලය තුළ ලංකාව අනුගමනය කළ බල කඳවුරු නියෝජනය නොකිරීමේ එම (නොබැඳි) රාජ්‍ය තාන්ත්‍රික මූලෝපාය 1977න් අනතුරුව නොතකා හරිනු ලැබීමේ ප්‍රතිවිපාකය ලෙසින් ලද දේශපාලන දඬුවම ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවිය. ඇමෙරිකානු මැදිහත්කර ගැනීම වෙනුවෙන් එදා ලද එම දඬුවම නැගෙනහිර ආසියාවේ ලෝක බලවතාගේ සෘජු මැදිහත්වීම මගින් අද වෙනත් මුහුණුවරකින් දිවයින මත එල්ල වෙමින් පවතින ආකාරයක් ඉන්දියානු සහ ඇමෙරිකානු සංඥාකිරීම් මගින් පෙන්නුම් කෙරෙයි. ''ආණ්ඩුව මහජන පරමාධිපත්‍යය ආරක්ෂා කරදීමට කොතරම් සූක්ෂ්මද යන්න ප්‍රශ්නයක්'' ද්විත්ව මැදිහත්වීමක් පාකිස්ථානය, බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ පමණක් නොව දකුණු අප්‍රිකාව වැනි රටවලටත් අවි ආයුධ වෙළෙඳාම මගින් එක්තරා අන්තර් රාජ්‍ය සම්බන්ධයක් පවත්වා ගෙන යන නමුත් නව ගෝලීයකරන රාමුව තුළ චීන විදේශ ආධිපත්‍යමය ව්‍යාප්තිය මහා පරිමාණයෙන් සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ආර්ථික ගනුදෙනු (ණය ආධාර) සැපයුම තුළය. ''මේ සංදර්භය තුළ චීනය මේවනවිටත් ශ්‍රී ලංකාව සිය ණය උගුලට හසුකරගෙන හමාරයි. වරාය නගරයට අවසරදීම සහ හවුල්වීම මගින් ශ්‍රී ලංකාව චීන 'සේද මාවතට' දැනටමත් දැන් ඇතුල්ව සිටිනවා'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි. චීනය හම්බන්තොට වරායේ පාලනය ඔවුන් අතට ගැනීම එහි ඊළඟ දිගුව වූ අතර, ඊට සමාන්තරව ඉන්දියාව මත්තල ගුවන් තොටුපොළ ඔවුන්ට ඉල්ලා සිටින්නේ අනාගතයෙහි චීන යුද හමුදා පාසටහන් හම්බන්තොට වරාය භූමියෙන් දක්නට ලැබෙතැයි දිල්ලි පාලනය කල්තබාම අනුමාන කරන හෙයිනි. ඒ අතරම දේශපාලනමය අවියක් වන 13 වෙනි සංශෝධනය පමණක් නොව,ත්‍රිකුණාමලය තෙල්ටැංකි වැනි ද්විපාර්ශ්වීය ආර්ථික ගනුදෙනු යෝජනා ආර්ථික සහ වානිජමය අවි මට්ටමින් නව දිල්ලිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවෘත මට්ටමින් භාවිත කරයි. ''චීනය හම්බන්තොට වරායේ පය ගසා ගැනීම භූදේශපාලනමය වශයෙන් ඔවුන් තැබූ ඉදිරි පිම්මක්.ඉදිරි අනාගතයෙහි චීනය ලෝක මට්ටමින් බලය ව්‍යාප්ත කරන පරිසරයක් තුළ යුදහමුදා ස්ථානගත කිරීමක් සඳහාත් හම්බන්තොට වරාය යොදාගැනීමට අවසර ඉල්ලන්න ඉඩකඩ තිබෙනවා. හම්බන්තොට වරාය පරිශ්‍රය පැවරීමට අවට භූමියේ අක්කර 15,000 ක් ද ඇතුළත් වෙනවා'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම සම්බන්ධයෙන් සව්දිය පුරන චීන ජාතිකයෙක් චීනය කිසියම් දිනක ආර්ථික සහ මූල්‍ය ගනුදෙනු ඉක්මවා යමින් සිය ණයකරුවන්ගෙන් මිලිටරි වශයෙන් ද පහසුකම් ඉල්ලා සිටීමට අවකාශයක් ඇතිබව ලෝකය සාකච්ඡා කරන්නට පටන්ගත්තේ 'ජිබුටි' (Djibouti) රාජ්‍යයේ පිහිටි හමුදා කඳවුරක් චීන මැදිහත්වීමෙන් නවීකරණය කරමින් ඇති බව දැක්වෙන චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් පින්තූර සමූහයක් මේ වසරේ මැයි මාසයේ දී ප්‍රසිද්ධවීමත් සමඟය. ''2017 දී පහසුකම් සැපයීමේ ආධාරක ඒකකයක් ලෙස පිහිටුවන ලද එම ස්ථානය අඩි 1,120ක් දිග ජැටියකින් යුත්, ගුවන් යානා ගෙන යා හැකි ලියාඕනිං (Liaoning ) යුද නෞකාව ඇතුළු චීන යුද නැව් රඳවා තැබිය හැකි පරිපූර්ණ නාවික කඳවුරක් බවට වැඩි දියුණු කරමින් ඇති බවක් පෙනෙනවා. මෙය සිදුවන්නේ උපාය මාර්ගික අභිමතාර්ථයන් සහිත සංවර්ධනයක් ලෙස පෙනී යන සහ සමහරෙක් චීනය ඉන්දියාවේ බලපෑම් කලාපය ආක්‍රමණය කිරීමක් ලෙස හඳුන්වන චීනය මාලදිවයිනේ කෘත්‍රිම දූපතක් ගොඩ නැගීමෙන් පසුවයි. කලාපය තුළ චීනයෙන් එල්ලවන ආරක්ෂක තර්ජනය වැඩිවෙමින් පවතින ආකාරය දකින විට, ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වමින් එම තත්ත්වය මැඩ පැවැත්වීමට හා කලාපයේ ආරක්ෂාව සපයන්නා ලෙස ඉන්දියාවත් සිය කාර්යභාරය ශක්තිමත් කිරීමට පෙළඹෙනවා'' ආචාර්ය අසංක අබේගුණවර්ධන සඳහන් කරයි. එවැනි කලාපීය අනතුරක් ගැන සැක කරනු ලැබීමට අවශ්‍ය කරුණු දිනෙන් දින ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවන්ට එකතුවෙමින් ඇත. ඊට හොඳම උදාහරණයක් වන්නේ චීන සබ්මැරීන් කොළඹ වරායට සේන්දුවීම සිය ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස ඉන්දියාව සැලකීමය. චීනය ශ්‍රී ලංකාවේ ඉතා සරළ මට්ටමේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි පවා දක්වන බලවත් සැලකිල්ල කොතරම්ද යන්න පිළිබිඹු කෙරෙන මෑත උදාහරණයක් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ සිය කණිටු පුත්‍රයා යෝෂිත රාජපක්ෂ, අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී පදවියට පත්කරනු ලැබීම නිවේදනය කරනු ලැබීමත් සමඟ කොළඹ සිටින චීන තානාපතිවරයා වහාම ඔහුට සුබ පැතුම් යැවීමට පවා ඉදිරිපත් වීමය. කලාපීය අන්තර්රාජ්‍ය සබඳතාවන්හි දී නව දිල්ලි පාලනය විසින් ''ඉන්දියාවට පළමු තැන'' යන දේශපාලන උවමනාව වෙනුවට ''අසල්වැසියාට පළමු තැන'' යන තේමා පාඨය පෙරට තබනු ලබන්නේ එවැනි පරිසරයකය. එම මැදිහත්වීම ශ්‍රී ලංකාවට පමණක් නොව මාලදිවයින, මුරුසිය, මැඩගස්කර්, කොමරෝස් සහ සීෂෙල්ස් යන දූපත් රාජ්‍යයන් හයේම විදේශ ප්‍රතිපත්ති සාධනය කෙරෙහි බලපෑමක් ඇතිකරන බව ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු සහ වේදාන්ග්ෂි රෝයි චෞදරී පෙන්වා දෙති. ''එම දූපත් රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලන චිත්‍රය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියෙහි සැලකිය යුතු භූමිකාවක් වෙයි. එකී කුඩා ජාතීන් කෙරෙහි එල්ලවෙන අභියෝගය ඔවුන්ගේ අභ්‍යන්තර ස්ථාවරභාවය සහ පරමාධිපත්‍යය කෙරෙහි පිටස්තර බලවතුන්ගෙන් එල්ලවෙන අනතුරයි'' ඇමෙරිකානු ඇස ගැසීම තව නොබෝ දිනකින් ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයා කොළඹට ළඟාවීමට නියමිතය. මෙයින් ඉහත ඉන්දියාවේ සංචාරයක් අතරවාරයේ ඔහු කොළඹ සංචාරයක් ද සැලසුම් කළ ද එය හදිසියේ අවලංගු කෙරිණි. මෙවර සංචාරයට එවැනි ආපදාවක් එල්ල නොවුනොත් එය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්වනු ඇත්තේ ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයකුගේ කාර්ය බහුල දිනපොතෙහි පහසුවෙන් කාලයක් වෙන්කරනු ලැබීම දුර්ලභ කරුණක් හෙයිනි. දැනටමත් ඇතැම් විශ්ලේෂකයන් විසින් අනාවැකි පළකරනු ලැබ ඇති ආකාරයට රාජ්‍යලේකම්වරයා කොළඹ සංචාරයේ දී 'මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුම' (MCC) සහ තවත් ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් පොළඹවනු ඇත. කලින් බලයේ සිටි 'යහපාලන ආණ්ඩුව 'සමයේ 'මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුමට' දැඩිලෙස විරෝධය පළකරන ලද නමුත් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් දැන් එම ගිවිසුම 'පතුරු නොගසන' අතර දැඩි මූල්‍යමය අර්බුදයක ගිලී සිටින ආණ්ඩුවකට එමගින් ලැබෙන ඩොලර් මිලියන 480 මේ මොහොතේ ආශීර්වාදයක් වනු ඇත. අනිත් අතින් ඒ සමඟ එක්සත් ජනපදයට සිය ප්‍රතිවාදියා වන චීනයට එරෙහිව මූලෝපායික වශයෙන් වැදගත් ආසියානු මර්මස්ථානයක පිහිටි දිවයිනක සැරිසැරීමට ද එමගින් දොරටුවක් විවෘත වනු ඇත. ඉන්දියාව හෝ චීනය මෙන් නොව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රවනතා කෙරෙහි තමන් එළිපිටම මැදිහත් නොවන බව ප්‍රදර්ශනය කරන නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට අවශ්‍ය මොහොතේදී කොළඹ බල තුලනය කෙරෙහි මැදිහත් නොවීමේ සහතිකයක් ද නැත. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ ජනාධිපති සිරිසේන විසින් 2018 වසරේ දී අගමැති පදවිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරගත් අවස්ථාවේ ට්‍රම්ප් පරිපාලනය රනිල් වික්‍රමසිංහ යළිත් එම පදවියේ පිහිටුවීම සඳහා මැදිහත් වූ ආකාරයය. එහෙත් එම බල පොරයේ දී නව දිල්ලිය ඊට මැදිහත් නොවීමට වගබලා ගත්තේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය ඉන්දියානු දැල එලන ආකාරය පිටස්තරයන් විසින් සිය බාල සහෝදරයා ''නරක් කොට අනතුරක හෙළන්නේදැයි'' ඉන්දියාව දුකට පත්වන්නේද? මෙය ඇසිය යුතු ප්‍රශ්නයකි. කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය හැරුනු විට දිල්ලි පාලනයට දැනටමත් මහනුවර සහ උතුරේ කොන්සල් කාර්යාල ඇත. ''වීසා සැපයීම පහසුකිරීම සඳහා'' පිහිටුවන ලද එම කොන්සල් කාර්යාල හැරුනු විට ඉන්දියාව පසුගියදා දකුණු පළාත සඳහාද කොන්සල් ජනරාල්වරයකු පත්කිරීමට පියවර ගත්තේය. එම කොන්සල් ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාත සහ ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කය ආවරණය කරනු ඇත. එම තනතුර පසුගිය අගෝස්තු 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ තිබුණි. මේ අතර පසුගිය ජුනි 4 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් 'අන්‍යෝන්‍ය යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිලිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම' (Mutual Military Logistics Support Agreement) නමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එය ඉතා පැහැදිලිවම කලාපයේ ව්‍යාප්තවෙමින් පවතින චීන අභියෝගය ඉදිරියේ දෙන ලද විවෘත සංඥාවක් වැනිය. ''යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිළිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම මගින් ජපානය සහ එක්සත් ජනපදය ඇතුළත් වන සිව්පාර්ශ්වීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඉන්දියාව මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමඟ දැනටමත් පවත්වාගෙන යන එවැනි ගිවිසුම්වලට අමතරවය. මෙම ගිවිසුම් කලාපයේ ආරක්ෂාව සැපයීමේ කාර්යභාරය ඉටුකිරීමට සහ ඉන්දියානු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ චීන බලපෑම පාලනය කිරීමට ඉන්දියාවට බෙහෙවින් උපකාරී වනු'' ඇතැයි ආචාර්ය අසංක අබේගුණවර්ධන පවසයි. අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවක්(සංරක්ෂිත ඡායාරූපයකි) ''අලුත් ආයුධ'' කලක් නව යටත්විජිතවාදය ලෙස විග්‍රහ කරන ලද, දැන් ගෝලීයකරණය හෝ වෙනත් කවර වූ හෝ ව්‍යක්ත යෙදුම් මාර්ගයෙන් බොහෝ දෙනකු විසින් විශ්ලේෂණය කරනු ලැබෙමින් ඇති අලුත් අන්තර්ජාල දේශපාලන බලපෑම තුළ භාවිතයට ගැනෙන 'අවි' වෙනස් මුහුණුවරක් ගනී. කඩුව (තුවක්කුව) හෝ ශුද්ධ ග්‍රන්ථ නොව,ණය ආධාර ලෙස ප්‍රදානය කෙරෙන මුදල් පොදි නැත්නම් මානව හිමිකම් ප්‍රශ්න අද ජාත්‍යන්තර සබඳතා සහ බැඳීම් හසුරුවනු ලබන මෙවලම් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට ඉන්දියාවේ එකී මැදිහත්වීම ජෛවීය සහ සංස්කෘතිකමය අතින් අත්‍යන්ත බැඳීම පදනම්කර ගනිමින් ඔවුන්ගේ පිහිට යදින සුවිශේෂී ජනකොටසක සුරක්ෂිතභාවය සහතික කරදීමේ අත්හළ නොහැකි වගකීම යුක්ති සහගත කෙරෙන දේශපාලනමය මැදිහත්වීමක් මෙන්ම කලාපයේ සුරක්ෂිතභාවයට අදාළ අන්තර් රාජ්‍යමය ක්‍රියාවලියකි. 1977 න් පසුව ජනාධිපති ජයවර්ධන විසින් අනුගමනය කරන ලද ඇමෙරිකාවට ප්‍රමුඛස්ථානය දීමේ විදේශ ප්‍රතිපත්තියේ අනිවාර්ය ප්‍රතිවිපාක වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ගුවනින් ආහාර හෙලීම සහ පළාත් සභා හඳුන්වා දීමට මුල්වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ''ඉන්දියාව උතුරේ ප්‍රශ්නය යොදාගන්නේ ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය මාර්ගය පාදාගන්න. අගමැති මෝඩි ඉඟි කරන්නේ එයයි. 13 වෙනි සංශෝධනය නොවෙයි, ඔහුගේ උවමනාව. තමන්ට සතුරු යයි සැලකෙන බලයක් තමන්ගේ දොරකඩට ගෙනෙනවට ඉන්දියාව එදාත් විරුද්ධ වුණා. ඉන්දු-ලංකා ගිවිසුමේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන සහ 'වොයිස් ඔෆ් ඇමෙරිකා' ගැන තියෙනව. අද චීන ව්‍යාප්තිය ගැනත් ඉන්දියාව හිතන්නේ ඒ විදියටමයි'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි. අනිත් අතින් තම අභිලාෂයන්ට පටහැනි ශ්‍රී ලංකාවකට වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමටද ඉන්දියාවට නොහැකියාවක් නොමැත. ඒ සඳහා ඔවුන් සතු එක ආයුධයක් වන්නේ ලෝකය සඳහා ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කමට ප්‍රධාන හේතුවක් වන වරාය ව්‍යාපෘතීන්ට වෙනත් වක්‍ර ක්‍රියාමාර්ග මගින් අවහිර කිරීමය. බෙංගාල බොක්ක ආසන්නයේ ඇති අන්දමන් දූපත් හි වරායක් ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ලෙස දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක ආයෝජනයක් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ වරායවල ඇති වටිනාකම අනාගතයේ දී පහත වැටෙනු ඇද්ද යන ප්‍රශ්නය පසුගියදා මතුවිය. මේ අතර චීනයේ මැදිහත්වීම් කෙළින්ම ''ආධාරවීම'' යන වචනය ඇතුළත සඟවමින් සපයනු ලබන මධ්‍යම හෝ දිගුකාලීන ණය ව්‍යාපෘතීන් ඇතුළත් න්‍යාය පත්‍රයක් අනුව සිදුකෙරෙමින් පවතී. මෙහිදී ඇමෙරිකාව සහ බටහිර රාජ්‍ය පද්ධතිය තෝරාගනු ලබන්නේ කුමක්ද? බටහිර බලවතුන්ගේ අවිය බවට පත්ව තිබෙන්නේ මානව හිමිකම් මාතෘකාවයි. එය රාජ්‍යයක් තම අක්ෂයට ගැනීමට හෝ ඉන් පිටමංකර දැමීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර භාවිත කරන ආයුධය වේ. 2005-2015 දක්වා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ චෝදනා ශ්‍රී ලංකාව වේගයෙන් බටහිර ලෝකයෙන් හුදෙකලා වීමට හේතු වූ අතර, ආර්ථික සම්බාධක පනවනු ලැබීම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සහ ඇඟළුම් වැනි නිෂ්පාදන අපනයන ආර්ථිකයට බරපතල අභියෝගයක් විය. එහෙත් ඒ සමඟ සිදුවුණේ ශ්‍රී ලංකාව වෙනත් අක්ෂයක් කරා විතැන්වීම ය. ආර්ථික සහයෝගය, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පැනවීම වළක්වා ගැනීමේ දේශපාලනික ආවරණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය දෙසට ගමන් ගැනීමය. මෙය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෑම ආණ්ඩුවකටම තමන් මුහුණ දෙන ගැඹුරු ආර්ථික ප්‍රශ්න හමුවේ පහසුවෙන් දිනා ගැනීමට ඉතිරිව තිබූ එකම තෝරාගැනීම බවට පත්ව ඇත.. ඉහත කී සියලු කරුණ සංක්ෂිප්තව ගෙන බැලීමේ දී පෙනීයන්නේ චීනය ''ණයදීම සහ ණයකරුවා අතර ඇතිකරගනු ලබන බැඳීම මගින් බල ව්‍යාප්තියක නිරතවෙන අතර, ඉන්දියාව මානුෂීය උවමනාවන්ට පිහිටවීම ,ආර්ථික ආධාර සහ කලාපීය සුරක්ෂිතභාවය යන න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරමින් සිටින අතරවාරයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය මානව හිමිකම් ප්‍රශ්න ආයුධයක් කර ගනිමින් දකුණු ආසියාවේ තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව භාවිත කරන බවය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන්නේ MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා බලකරනු ලැබීමට යයි ඇතැම් වාර්තා මගින් පැවසෙයි නොපෙනෙන ඇත්ත මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්මතකර ගැනීමේ අද්දරටම පැමිණ සිටියි. විසිවෙනි සංශෝධනය වොෂිංටනයේ උවමනාවක් වන අතර එමගින් ජනාධිපතිවරයා අත සියලු බලතල සංකේන්ද්‍රගත කරමින් MCC ගිවිසුම අත්සන් කරගනු ලැබීම ඇමෙරිකානු අභිලාශය බව එක් විශ්ලේෂකයකු විසින් සඳහන් කරනු ලැබ ඇත. එහි සත්‍ය හෝ අසත්‍යතාව කුමක්වුවද, විසිවෙනි සංශෝධන ප්‍රයත්නය මගින් ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping)පන්නයේ පාලනයක් ශ්‍රී ලංකාවේද නිර්මාණය නොවන්නේදැයි අපට ප්‍රශ්න කළ හැකිය. රාජාණ්ඩු පවතින රටවල හැරුනුවිට සියලු බලතල ඒකරාශී වූ (යාවජීව) ජනාධිපතිවරයකු බලයේ සිටින අප ජීවත්වෙන ග්‍රහලෝකයේ ඇති එකම රාජ්‍යය චීනයයි. ''මගේ තක්සේරුව අනුවනම්, විසිවෙනි සංශෝධනය මගින් සිදු කෙරෙන්නේ රට චීන ක්‍රමයට යාමක්. එමගින් විධායකය කෙරෙහි පමණක් නොව ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන අංශ කෙරෙහිත් ජනාධිපතිවරයාගේ බලපෑම තහවුරුකර ගැනීමක් සිදු කෙරෙනවා'' ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාඛා සූරියබණ්ඩාර පවසයි. ''අනූ අවුරුදු බදුකර සමඟ භූමිය පමණක් නොවෙයි, නීතිය අතිනුත් රට එක්තරා බැඳීමකට යටත් කෙරෙනවා. ඒ සමඟ එල්ලවෙන සංස්කෘතිකමය බලපෑමත් සීමා කිරීම අසීරුයි. එම කරුණු සියල්ල ඊළඟට කෙලින්ම බලපාන්නේ රටේ පරමාධිපත්‍යයට. මහජනතාව තමන් සතු පරමාධිපත්‍යය ආණ්ඩුවකට භාරදෙනවා.ඊට පස්සෙ ජනතාවට බලපෑමක් නැහැ. ඉතින් ආණ්ඩුව එම අයිතිය රැකගන්න කොයිතරම් සූක්ෂ්මද? කියන එක ප්‍රශ්නයක්. අද ජාතික අභිලාෂයට මුල්තැනක් නැහැ.විදේශීය රටක ආධිපත්‍යයට රටේ ස්වාධිපත්‍යය යට වෙනවා '' ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දෙයි. අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ 'කොළඹ යෝජනා' (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ එක හා සමාන ගෞරවයට සහ සැලකිල්ලට පාත්‍රවිය බටහිර සමඟ බැඳුන පිළිවෙතක කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයේ සිටියදී 1950 දශකයේ මුල්භාගයේ ළදරු විප්ලවීය චීන ආණ්ඩුවත් සමඟ ශ්‍රී ලංකාව පළමු ආර්ථික ගිවිසුම (චීන-ලංකා සහල්-රබර් ගිවිසුම) අත්සන් කරන ලද්දේ කොරියානු යුද්ධයට පැටලී සිටි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතරයි. එසේම ඒ සමඟ කිට්ටු සබඳතා තරකර ගනිමින් ඉන්දු-ලංකා වතුකම්කරුවන් පිළිබඳ ගැටලුවට අදාළ සාකච්ඡා ද ඉන්දියාව සමඟ පෙරට ගෙනයමින් පැවතුණි. කිසිදු පාර්ශ්වයක බලපෑමකට යටත්වීමේ උවමනාවක් නොවුණි. ඉන් වසර කීපයකට පසු ඉන්දු- චීන යුද ගැටුම මොහොතේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ 'කොළඹ යෝජනා' (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ සමාන ගෞරවයට සහ සැලකිල්ලට එක හා සමාන මට්ටමින් යොමුවීම අද එම දෙරට අතර දෝලනය වීමට සිදුව ඇති වර්තමානයට කදිම පාඩමක් නොසපයන්නේද? තවත් තොරතුරු;
පළමු වෙඩිමුරය එල්ල කරන ලද්දේ නව දිල්ලියෙනි. අගමැති නරේන්ද්‍ර මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාන පදවියෙහි සිටින්නාට (Counterpart) සුබ පතන අතරවාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බව දැනුම්දුන්නේ එය අනිවාර්ය කොන්දේසියක් බව හැඟෙන ස්වරයකිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබූ මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. පිරිසිදු පානීය ජල අයිතිය ඉල්ලා දියත්කෙරුණු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර තිදෙනෙකු මරණයට පත්විය. එය 'සාපරාධී ක්‍රියාවක්' බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. අත් වැසුම් නිපැයුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එක්වන බව පවසමින් 2013 අගෝස්තු පළමු වෙනි දින උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව විසුරුවාහැරීමට යුද හමුදාව මැදිහත්වීමේදී වෙඩි ප්‍රහාර ද එල්ල කෙරිණ.
පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරියේ, රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා බිලියනයකට අධික ජනතාවගේ නායකයා බවට පත් වූ මෝඩි තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් මෝඩි අති විශාල ජනකායක් ගමන් ගත් දිගු පෙරහැරකින් ගුවන් තොටුපලේ සිට භාරතීය ජනතා පක්ෂ මුලස්ථානය වෙත පැමිණියේය. දහස් ගණනක් ජනතාව ජයඝෝෂා පවත්වමින්, පක්ෂ ධජය ලෙළවමින් පෙරහැරේ ගමන් ගත්හ. බෙර වාදකයන් හා හොරණෑකරුවන්ගෙන් සමන්විත පෙරහැරට එක්ව සිටි ජනයා වීදි බැස ජයග්‍රහණය සමරද්දී දිල්ලි නගරය පුරා ආරක්ෂාව තර කොට තිබුණි.
වාර්තාගත මැතිවරණ ජයග්‍රහණයකින් ඉන්දියාවේ නව අගමැතිවරයා වීමේ වරම් ලද නරේන්ද්‍ර මෝඩි දිල්ලි නගරයේදී එම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඡන්ද දායකයන් හමුවී තම කෘතඥතාවය පළකළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මේගා මෝහන්ගේ මිත්තනිය "කව්රු හරි ලග 'ටැම්පොන්' එකක් (tampon - ඔසප් වීමේ දී පිටවන රුධිරය උරා ගැනීමට යෝනි මාර්ගයට ඇතුළු කරන පුළුන්වලින් තැනූ ඇබයක්) තියෙනවාද?" මම නාන කාමරයෙන් පිටතට පැමිණෙන අතර ඇසුවෙමි. උණුසුම් තේ කෝප්පයක රස විඳිමින් සතුටු සාමීචියේ යෙදී සිටි මගේ පවුලේ සියළු දෙනාම එකවර නිහඩ විය. එදින අපි සැවොම සිටියේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් 'රාමේස්වරම්' දූපතේ සාමාන්‍යය ප්‍රමාණයේ හෝටල් කාමරයකය. එය අසාමාන්‍ය නිහැඬියාවක් බව වැටහුණේ පිටත පැවති වරුසාවෙන් එන හිරිකඩ එක විට ජනේලයට වැදෙන ශබ්දයත් සමගය. එමෙන්ම දිනපතා 'වට්ස් ඇප්' (WhatsApp ) ඔස්සේ කතා කරන මහද්වීප තුනක ජීවත් වන මගේ පවුලේ සාමාජිකයන් එකට එකතු වූ විට මෙවැනි නිහඬතාවයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. දිගා වී සිටි ඇදෙන් බිමට බැසගත් මගේ නැන්දා ඇයගේ අත් බෑගය වෙත පියනැගුවාය. ඒ තුළින් ගත් සනීපාරක්ෂක තුවායක් ඇය මා අත තැබුවාය. "අපි ෆාමසි එකක් ලගින් නවත්තනකම් මේක ඔයාට ඇති වෙයි" ඇය පැවසුවාය. "ඔයා දන්නවා නේද මේකේ තේරුම මොකක්ද කියලා?" ඇය මගෙන් ඇසුවේ මා දෙස දුක් මුසු බැල්මක් හෙළමිනි. "ඔයාට කෝවිලට යන්න එන්න බැරි වෙයි." තම මියගිය ඥාතීන්ට ගෞරව කිරීමේ අරමුණින් රාමේස්වරම් කෝවිලේ "ශුද්ධ ජලය" ස්නානය කරන බැතිමතුන් වර්ග කිලෝමීටර හැටක වපසරියකින් යුතු රාමේස්වරම් දූපත ධීවර සහ සංචාරක කර්මාන්තවලට ප්‍රසිද්ධ වුවත් අපි එහි ගොස් සිටියේ විනෝද චාරිකාවකට නොවේ.. එය ඉතා විශේෂ දුක්මුසු කාරණයක් මුල් කරගත් ගමනක් විය. ඒ වන විට මගේ ආදරණීය මිත්තනිය මියගොස් වසරක් ගතවී තිබුණි. මහද්වීප කිහිපයක විසිරී සිටින අපගේ පවුලේ සාමාජිකයන් මෙතෙක් කල් එකට සම්බන්ධ කර තබා ගත්තේ ඇයයි. පසුගිය දෙසැම්බර් මස අසන්නට ලැබුණ මෙම දුක්මුසු ආරංචියත් සමග, අප සියලු දෙනාම වහාම වෙන් කරගත් ගුවන්යානා මගින් ඇයගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීමට පැමිණියෙමු. තමිල්නාඩුවේ ඉතා ප්‍රසිද්ධ හින්දු පූජනීය ස්ථාන පිහිටා ඇත. මීනක්‍ෂි කෝවිලේ මෑතකදී ඇති වූ ගින්නෙන් කඩ සාප්පු විශාල ප්‍රමාණයකට හානි සිදු විය. මරණය හා සම්බන්ධ හින්දු චාරිත්‍ර බොහොමයක් ඇත. ඉන්දියාවේ ඔබ ජීවත් වන ප්‍රදේශය අනුව එම චාරිත්‍ර ද වෙනස් වනු ඇත. මගේ පවුලේ ඥාතියෙකු මිය ගිය විට අදහන්නේ දකුණු ඉන්දීය හින්දු චාරිත්‍රය. මියගිය ඇයගේ සිරුර සුදු පැහැති කපු රෙද්දක දවටා නැවත අප නිවස වෙත රැගෙන එන ලදී. ඉන්පසු ඇයගේ සිරුර විශාල කෙසෙල් කොලයක් මත තබා අප සියලු දෙනා ඒ වටා රොක් වී යාඥා කළෙමු. ඇයගේ සිරුර ආදාහනය කිරීමට රැගෙන යාම පුරුෂයන්ට සීමා විය.එම මොහොතට සහභාගී වීමට මට නොහැකි වීම ගැන ඇත්තේ පසුතැවිල්ලකි. ඇයගේ මරණයෙන් දින පහළොවක් ගත වන තුරු අපි මාංශ අනුභවයෙන් වැළකී සිටියෙමු. දින අනූවකට පසු විශේෂ උත්සවයක් පවත්වන ලදී. ඉතිරි චාරිත්‍ර ඉටු කරන දින නැවත හමුවීමට පොරොන්දුව ගුවන් තොටුපොලේදී අපි එකිනෙකාගෙන් සමුගතිමු. ශෝක කාලයේ අවසන් කොටස රාමේස්වරම් දූපතේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දේවස්ථානයකදී ඉටු කිරීමට නියමිතව තිබුණි. මේගා මෝහන්ගේ මිත්තනියගේ තරුණ කළ ඡායාරූපයක් මින් වසර තිස් හයකට පෙර මියගිය මගේ සීයාගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදු කර ඇත්තේද එකී දේවස්ථානයේ දී වීම විශේෂත්වයකි. බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටි රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් මහත් ප්‍රසිද්ධියක් දරයි. රාමා දෙවියන් සීතා කුමරිය බේරාගැනීමට එම ස්ථානයේ සිට ශ්‍රී ලංකාව දක්වා පාලමක් තැනූ බව පුරාවෘත්තයන්හි සදහන් වෙයි. ගුවන් ගමන් තුනක් සහ වල ගොඩැලි සහිත මාර්ගයක මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර මෙම දේවස්ථානයේ තොරතුරු කියවීමට මට අවස්ථාවක් ලැබුණි. එහි ඇති අලංකාර බරාඳ, පූජනීය කුළුණු, කැටයම් කළ විශාල ගල් කණු සහ මිනිසුන් එහි පැමිණෙන විශේෂ අවස්ථාවන් පිළිබදව කියවා දැනුවත්වීමට හැකි වුණි. මම ආගමානුකූලව ජීවත් වන කෙනෙකු නොවුනත් වන්දනා ගමනක යෙදෙන නිසා එහි ඇති වැදගත්කම ගැන දැනගත යුතුයැයි මට හැඟුණි. රාමේස්වරම් ගැන සේම මිත්තනිය මිය ගොස් මාස කිහිපයකට පසු ඉටුකරන අවසන් චාරිත්‍ර ගැනද මම බොහෝ ගැඹුරට සිතන්නට වුනෙමි. රාමේස්වරම් දූපත එහි පිහිටි පුරාණ දේවස්ථානය හේතුවෙන් හින්දු බැතිමතුන් අතර මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. නැවත අපි හෝටල් කාමරයේ සිද්ධිය දෙසට යොමු වෙමු. නැන්දා දුන් සනීපාරක්ෂක තුවායද අතැතිව සිටි මට, පවුලේ සියලු දෙනා සමඟ එක් වී දුක බෙදාහදා ගන්නා මොහොතට සහභාගී වීම වැලැක්වීම ගැන තරහක් ඇති විය. "දැන් ඔයා කියන්නේ මට මාසික ශුද්ධිය හැදුනු නිසා කෝවිලට එන්න බැහැ කියලද?" මම ආවේගශීලීව ඇසුවෙමි. වැඩිහිටියෙකු ඉදිරියේ උස් හඩින් කතා කිරීම වැරද්දක් බව මගේ වචනවලින් නැන්දාගේ කුඩා වූ නෙත් යුගල දෙස බැලූ මට ක්ෂණිකව වැටහුණි. "මට සමාවෙන්න" මම ඉක්මනින් වැරැද්ද පිළිගත්තෙමි. "නමුත් අනිවාර්යෙන්ම ඔයා එහෙම දෙයක් නෙවෙයි නේද කියන්නේ. මේ තරම් දුරක් ගුවනින් ඇවිත් මට කෝවිල ඇතුළට යන්න බැහැ කියල නෙවෙයි නේද ඔයා කියන්නේ" මම නැන්දාගෙන් ඇසුවෙමි. "මේක මම කියන දෙයක් නෙවෙයි" ඇය පිළිතුරු දුන්නාය. "නමුත් ඒවා සිද්ධ විය යුත්තේ මෙහෙමයි" "කවුද කියන්නේ?" මම නැවත ඇසුවෙමි. "ඒක එහෙම තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒක ලොකු ප්‍රශ්නයක්" ඇය තරයේ ප්‍රකාශ කර සිටියේ කාමරය තුළ සිටින අන් අයට මා වෙනුවෙන් පෙනී සිටීමට වුවමනා වුවත් එසේ කිරීමෙන් පලක් නැති බව හඟවමිනි. කිසි කෙනෙකු මා වෙනුවෙන් ඉදිරිපත් වීමට උත්සහ කළේත් නැත. එය අවසන් තීරණය විය. මට රියැදුරාත් සමග කෝවිලෙන් පිටත ගත කිරීමට සිදුවනු ඇත. තවත් තොරතුරු: කලක් ගතවෙද්දී ආර්තවය හා බැඳුණු නොයෙක් මතවාද දැනගැනීමට මට හැකි විය. වර්තමාන කාන්තාවන් පාව්චිචි කරන වැඩි දියුණු කළ සනීපාරක්ෂක තුවා නොමැති කාලයේ පටන් ඉහත කී චාරිත්‍ර පිළිපදින බව තවත් නැන්දා කෙනෙක් මට පැවසුවාය. මාසික ශුද්ධිය පවතින කාලයේදී කාන්තාවන් නිවසේ වැඩ කටයුතු ඇතුළු අනෙකුත් දෛනික රාජකාරීවලින් ඉවත් වී විවේක ගන්නා බව මගේ මව සඳහන් කළාය. මේ පිළිබදව දැනුමක් ඇති උගත් පිරිසක් සමග මා කළ සාකච්ඡාවකදී ඉහත මතයට සම්පූර්ණයෙන් වෙනස් මතයක් දැන ගැනීමට හැකි විය. 'චවුපදී' නම් හින්දු චාරිත්‍රයට අනුව මාසික ශුද්ධිය පවතින කාලය තුළ එම කාන්තාව අපිරිසිදු සහ අවාසනාවන්ත කෙනෙකු ලෙස සළකන බව එක් පුද්ගලයෙක් පැවසුවේය. පූජකවරයෙකුගේ අදහස වූයේ, මෙම කාලය අතරතුර කාන්තාවන් පිරිසිදු යැයි සැලකෙන අතර කෝවිලක දී හෝ වෙනත් ස්ථානයක දී පිටස්තර අය ඇස ගැටීමෙන් ඔවුන් කිලිටි වන බවය. පවිත්‍ර සහ අපවිත්‍ර දේ මුල් කර ගත් චාරිත්‍ර හේතුවෙන් කාන්තාවට මෙවැනි තහනම් පැනවෙන බව හින්දු ආගම තුළ කාන්තාවන්ගේ භූමිකාව ගැන විශේෂඥ දැනුමක් ඇති ආගම් පිළිබද මහාචාර්ය අර්වින්ද් ශර්මා පවසයි. "එක්තරා කාලයක, මළ කඳක් හෝ මලමුත්‍ර අත ගෑ මිනිසුන් අපිරිසිදු ලෙස සලකන චාරිත්‍රයක් තිබුණා. මාසික ශුද්ධිය පවතින කාල සීමාවේ ගැහැණු ගැන හිතුවෙත් ඒ විදියට" මහාචාර්යවරයා පැවසුවේය. "ආගම් ගැන ලියා ඇති දේ අතර කාන්තාවන්ට මෙසේ සැලකීමට හේතු සඳහන් කර නැත්තේ ඇයි ද යන්නට උත්තර දෙන්න අපහසුයි" "අපි මේ කතා කරන දෙය අදාළ වන්නේ 'ස්මර්ටිස්' (පුරාණ හින්දු භාෂාවක්) යන්නෙන් පැවතෙන ස්මාතා හින්දු ආගමටය. නමුත් ශක්තා හින්දු ආගමේ (ශක්තා හින්දු භක්තිකයන් දේවතාවියන් අදහන අතර එහිදී කාන්තාවන් ප්‍රශංසා ලබයි) මාසික ශුද්ධිය සැලකෙන්නේ අපවිත්‍ර දෙයකට වඩා පිරිසිදු දෙයක් හැටියට" මහාචාර්යවරයා තව දුරටත් පෙන්වා දුන්නේය. නොයෙකුත් කණ්ඩායම් විසින් දුෂ්කර ගම්මානවල ජීවත් වන කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමග පසුගිය වසරවල මාසික ශුද්ධිය සම්බන්ධ කරුණු ගැන ඉන්දියාව තුළ මහත් කතා බහක් ඇති වී තිබෙයි. වර්තමානයේ දී සමාජ ජාල භාවිතයෙන් බොහෝ ඉන්දියානු කාන්තාවන් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඇති චාරිත්‍රවලට අභියෝග කරන සමාජ ව්‍යාපාර ආරම්භ කර ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස #HappyToBleed (රුධිර වහනය සන්තෝෂයක් යන තේරුම් ඇති) හැෂ්ටැගය නිර්මාණය වී ඇත. මේ තොරතුරුද කියවන්න: මෑතකදී එළිදැක්වූ 'පෑඩ් මෑන්' (Pad Man) නම් බොලිවුඩ් සිනමාපටය, මාසික ශුද්ධිය මාතෘකාව කර ගත් ලෝකයේ ප්‍රථම සිනමාපටය වේ. මෙම සිනමාපටය නිම වී ඇත්තේ සත්‍යය සිද්ධියක් ඇසුරෙනි. දකුණු ඉන්දියාවේ දුෂ්කර පළාත්වල ජීවත් වන කාන්තාවන්ට අඩු වියදමෙන් සනීපාරක්ෂක තුවා සාදා ගත හැකි උපකරණ ලබා දීම සදහා සමාජ සේවා ව්‍යාපාරයක් දියත් කළ අරුනචලාම් මුරුගනාතන්ගේ ජීවිත කතාව මෙම සිනමාපටයට පාදක වී ඇත. "මගේ මුළු ජීවිත කාලයම ගැහැණුත් එක්ක ජීවත් වෙලා තිබෙනවා, ඒත් මට මේ චිත්‍රපටයේ මාතෘකාව ගැන වෙන කවදාවත් නැති තරමට ඉගෙන ගන්න වුණා. මේ ගල් යුගය නෙවෙයි - මාසික ශුද්ධිය කියන්නේ ස්වාභාවික දෙයක්" යැයි 'පෑඩ් මෑන්' සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් පවසයි. නැවතත් අපි ඇයගේ කතාවට යොමු වෙමු. පවුලේ සියලු දෙනා කෝවිල ගේට්ටුවෙන් ඇතුළු වන ආකාරය එහි පිටත සිට බලා සිටි මගේ මනසෙහි පෙර සිද්ධීන් එකින් එක පෙළ ගැසුනි. රාමේස්වරම් කෝවිලේ ඇති "යෝධ කණු 1000 ක්" ඇති බරාඳය. ජංගම දුරකථනය අතට ගත් මම 'වට්ස් ඇප්' (WhatsApp) ඔස්සේ මගේ ඥාති සොහොයුරියකට කෙටි පණිවිඩ යවමින් මෙම සිද්ධිය විස්තර කලෙමි. ඇයට ද අවසන් අවමංගල චාරිත්‍ර ඉටු කිරීමට සහභාගී වීමට නොහැකි විය. කෙටි පණිවුඩවලට පිළිතුර දෙමින් සිද්ධිය පිළිබදව ඇය කනගාටුව ප්‍රකාශ කළත්, මිනිත්තු කිහිපයකට පිළිතුරු දීම නැවැත්වුවාය. "ඔයාට මාසික ශුද්ධිය වෙලා කියල ඒ අයට නොකියා ඉන්නයි තිබුනේ. ඒ ගොල්ලන්ට ඒක දැනගන්න විදියක් නැහැනේ" කෙටි නිහැඬියාවකින් පසු ලැබුණ ඇයගේ 'වට්ස් ඇප්' පණිවුඩයේ සඳහන් වූවාය. "මාසික ශුද්ධිය තියෙද්දී ඔයා කෝවිලට ගිහින් තියෙනවාද?" මම ඇසුවෙමි. "අපේ වයසේ ඉන්න ගොඩක් අය ගිහින් තියෙනවා" ඇය බොහොම සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය. මිනිත්තු තිහකට පෙර මගේ නැන්දා පැවසූ දෙයට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ "කිසිම කෙනෙක් දන්නේ නැත්නම් ඕක මහ ලොකු දෙයක් නෙමෙයි" යනුවෙනි.
"ගැහැණු ළමුන් ඔසප්වීම යනු ඉන්දියාවේ අදටත් ඉතා සංවේදී කාරණයක් වුවත්, සංවේදී පාරම්පරික ඇගයීම් වෙනසක් අනාවරණය කෙරුණ යළි හමුවක් සිදුවෙන තෙක් මෙපමණ කලක් එය මට අදාළ චාරිත්‍රයක් වූයේ නැහැ"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් අද (මාර්තු 24) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතු කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තිය යටතේ "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" "එහි මායිම් වෙනස් කිරීමට අවශ්‍ය නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදු කළ හැක්කේ අදාළ විෂය භාර ඇමතිවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය" යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව උක්ත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් ගැන පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ වුවත් 2012/2013 වර්ෂවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම් හැරුණු කොට වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.
විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යූටියුබ් මුලස්ථානය තිස්නව හැවිරිදි නසීම් අග්දම් නමැති කාන්තාවක් ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන අතර, 'යූටියුබ්' අඩවියේ ඇය පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුමක් ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝ පට එම ආයතනය විසින් නිරීක්ෂණය කර ඉවත් කරනු ලැබීම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි. 'යූටියුබ්' ආයතනය තම වීඩියෝ ඉවත් කිරීමෙන් පසු ඉන් ලැබෙන ආදායම අඩු වීම නිසා නසීම් කෝපයට පත් වී සිටි බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. එම වෙඩි පහරින් තිස් දෙහැවිදිරි සහ විසිහත් වියැති කාන්තාවන් දෙදෙනෙකු සහ තිස්හය වියැති පුරුෂයෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරක කාන්තාවත් එම ස්ථානයේදීම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත. තුවාල ලද තිස්හය වියැති පුද්ගලයා මේ වන විට අසාධ්‍ය තත්වයේ පසු වන බව වාර්තා වෙයි. තුවාල ලැබූ පුද්ගලයන් සහ ප්‍රහාරක කාන්තාව අතර කිසිදු ආරාවුලක් මේ වන තෙක් සොයා ගෙන නොමැති බව කැලිෆෝනියාවේ 'සැන් බෘනෝ' පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් පසු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන පිරිස. 'නසීම් අග්දම්' ඇය ජීවත් වූයේ කැලිෆෝනියාවේ 'සැන් දීගෝ' නගරයේය. ඇය පෞද්ගලික 'යූටියුබ්' නාලිකාවක් සහ වෙබ් අඩවියක් ඔස්සේ සත්ත්ව හිංසනය ඇතුළු විවිධ මාතෘකා ගැන වීඩියෝ පට ප්‍රචාරය කර ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, පොලීසිය ඇය ගැන වැඩි දුර විස්තර හෙළි කර නොමැත. යූටියුබ් ආයතනය තම වීඩියෝ ඉවත් කිරීමෙන් පසු ඉන් ලැබෙන ආදායම අඩු වීම නිසා නසීම් කෝපයට පත්ව ඇත. ඇය මස් මාංශ ආහාරයට නොගෙන තම ශරීරයේ මස් පිඬු වර්ධනය කර ගන්නා කාන්තාවක් ලෙස මෙන්ම කලාකාරිනියක් සහ 'රැප්' ගායිකාවක් ලෙසද හඳුන්වනු ලබයි. ඇය විසින් පවත්වා ගෙන ගිය 'නසීම් වොන්ඩර්1' (Nasime Wonder1) 'යූටියුබ්' නාලිකාවේ පන්දහසකට ආසන්න ග්‍රාහකයන් පිරිසක් සිට ඇත. නමුත් ඇයගේ වීඩියෝ වෙනත් 'යූටියුබ්' නාලිකා ඔස්සේද ප්‍රචාරය වී තිබුණි. 'යූටියුබ්' ආයතනය මඟින් තම වීඩියෝ ඉවත් කරන බව පවසමින් 2017 ජනවාරි මස නසීම් අග්දම් තවත් වීඩියෝවක් ප්‍රචාරය කර ඇතත් එය නරඹා ඇත්තේ සුළු පිරිසකි. සිය වීඩියෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් 'යූටියුබ්' ආයතනයට ඇය කීප අවස්ථාවකදීම චෝදනා කර ඇත. 'යූටියුබ්' ඇතුළු වෙනත් කිසිම වීඩියෝ වෙබ් අඩවියක් සියලු දෙනාටම එක හා සමානව ඉදිරියට එන්න දෙන්නේ නැහැ. ඔබේ නාලිකාව ඉදිරියට එන්නේ ඒ අයට අවශ්‍යනම් විතරයි," නසීම් වෙබ් අඩවියක පළ කර තිබුණි. 'යූටියුබ්' ආයතනය ඇයගේ වීඩියෝ සදහා ගෙවීම් නතර කළ නිසා නසීම් කෝපයෙන් පසු වූ බව ඇයගේ පියා, ඉස්මයිල් සඳහන් කර ඇත. ගොඩනැගිල්ල තුළ සෝදිසි මෙහෙයුම්වල යෙදෙන පොලිස් නිලධාරීන් සිය 'යූටියුබ්' වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ. එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය. නමුත් මෙම වෙළඳ දැන්වීම් අදාළ වීඩියෝවෙන් ඉවත් කර, එම වීඩියෝවට "මුදල් නොගෙවා සිටීමට" ආයතනයට හැකිය. නසීම්ද මෙම තත්වයට මුහුණ දී ඇත්දැයි තවමත් පැහැදිලි නැත. ඇය "යූටියුබ් ආයතනයට වෛර කළා" යැයි පියා පොලිසියට පැවසීය. මේ තොරතුරුද දැනගන්න: "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? යූ ටියුබ් හරහා කෝටිපතියෙකු වූ තරුණයෙක් වෙඩි තැබීමෙන් පසු නසීම්ගේ යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇත. නමුත්, නසීම් යූටියුබ් ආයතනයට චෝදනා නඟන ෆේස්බුක් වීඩියෝවක් බොහෝ දෙනකු විසින් ඔවුන්ගේ ට්විටර් ගිණුම් ඔස්සේ පළ කර තිබුණි. වෙඩි තැබීම සිදු වූයේ කෙසේද? අඟහරුවාදා (03) දින 'සැන් බෘනෝ' ප්‍රදේශයේ පිහිටි 'යූටියුබ්' මූලස්ථානයේ සේවකයන් දහවල් ආහාරය ලබා ගන්නා ස්ථානයට පිටත පිහිටි දොරකින් ඇතුළු වූ නසීම් ඉහත කී වෙඩි තැබීම සිදු කර ඇත. එක් පුද්ගලයකු වෙඩි වැදී එම ස්ථානයේම වැටී සිටි අතර අනෙක් තුවාලකරුවන් දෙදෙනා ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වෙළෙදසැල් වෙත දුව ගොස් රැඳී සිටි බව පොලීසිය ප්‍රකාශ කර සිටී. වෙඩි පහරින් තුවාල ලද තවත් කාන්තාවක් (නසීම්) ගොඩනැගිල්ල තුළ මිය ගොස් සිටි අතර, ඇය සියදිවි හානි කරගෙන ඇති බවට විශ්වාස කරයි. 'යූට්යුබ්' සේවකයන් කීපදෙනෙකු සිද්ධිය පිළිබද විස්තර තම ට්විටර් ගිණුම්වල පළ කර තිබුණි. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ කලබලයට පත් පිරිස් ගොඩනැගිල්ලෙන් ඉවතට දිව යන ආකාරය දුටු බව නිෂ්පාදන කළමනාකරු ටොඩ් ශර්මන් පැවසුවේය. 'යූටියුබ්' මූලස්ථානයෙහි සේවකයන් පිරිස 1,700 කට ආසන්නය. මෙහි හිමිකාරිත්වය දරන්නේ 'ගූගල්' ආයතනය වන අතර කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි විශාලතම සේවායෝජකයා වේ. මෙවැනි "වෙඩි තැබීම්" මින් පෙර බොහෝ විට සිදු කර ඇත්තේ පුරුෂයන් විසිනි. 2000 - 2013 වර්ෂ අතර වාර්තා වුණ සිද්ධීන් 160 ක් අතරින් කාන්තාවන් විසින් සිදු කළ වෙඩි තැබීම් ඇත්තේ හයක් පමණක් බව ඇමරිකානු රහස් ඔත්තු සේවා වාර්තාවක සටහන් වී ඇත. තවත් තොරතුරු: සමාජ ජාලවල "හැසිරීම" අනුව ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් 'ඒක් දෝ තීන්' ගීතයට රඟන ජැක්ලින් ෆර්නැන්ඩස් අගමැති රනිල්ගේ නැටුම ගැන අයිරාංගනී සේරසිංහ කතා කරයි සමාජ මාධ්‍යජාල මිනිසුන් එක් කිරීමටද?භේද කිරීමටද?
කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි 'යූටියුබ්' (YouTube) මූලස්ථානයට ඇතුළු වූ කාන්තාවක් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව නීලබැම්ම ගොවි ව්‍යාපාරය සහ ඒ අවට ගොවි ජනපදවල වෙසෙන ජනතාව පවසති. දොඩම් වගාවට අවශ්‍ය ජලය නොමැතිකම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ පනහක පමණ පාඩුවක් සිදු වූ බව එක් ගොවියෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. වසර පහළොවකට පමණ පසු පළමු වතාවට මෙවැනි නියං තත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව තවත් ගොවියෙක් සඳහන් කළේය. පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුරු ගොවිතැන මෙන්ම හේන් ගොවිතැන ද නියඟය හේතුවෙන් සැලකිය යුතු විනාශයකට ලක් වී ඇති බව ගොවීහු පෙන්වා දෙති. නියං තත්වය කුඹුරු ගොවිතැනට බලපා නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළත් හලාවත පොන්නන්කන්නිය ප්‍රදේශයේ ගොවියෙකු වන අනුර චන්ද්‍රසේකර පවසන්නේ තම කුඹුර ඇතුළු අක්කර සියයක පමණ වෙල් යායක් ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වී ඇති බවය. "සමහරක් තැන්වල වතුර තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ බලධාරීන් විසින් ක්‍රමවත් ජල සම්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වගේ කුඹුරු යායවල් බොල් තත්වයට පත් වෙලා ගොවියන්ට ලාභයක් ලබා ගත නොහැකි තත්වයකට පත් වී තිබෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. හෙක්ටයාර පන්දහසක් මේ අතර නියං අවදානම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගා බිම්වලින් තුනෙන් දෙකක් මෙවර අස්වද්දා නොමැති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද පැවසීය. "හෙක්ටයාර පන්දහසක් පමණ තමයි වගා කරලා තිබෙන්නේ. තාම වගා විනාශයක් වෙලා නැහැ. කරපු වගාව ඒ විදිහටම තිබෙනවා. අස්වැන්න දක්වා ඒ වගාව සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ." ඔහු කියා සිටියේය. කරුවලගස්වැව, ආනමඩුව, වැනි කොට්ඨාශවල හේන් ගොවිතැනට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද වැඩිදුරටත් සඳහන් කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ගොවි ජනපද රැසක ජනතාව දැඩි නියඟයකට මුහුණ දී සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ මේ අනුව මෙසේ නිදහස් කළ ළමුන්ට ඔවුන්ගේ සරණාගතභාවය ලබාගැනීම පිලිබඳ අයැදුම් පත් සලකා බලන තුරු නිදහසේ ඔබ මොබ ඇවිද යාමට අවසර ලැබෙන ප්‍රජා රැඳවුම් ඒකක වල ගත කළ හැකි වේ. පැසිෆික් හි ඇති පාළු නාවුරු දූපත මෙම ළමුන්ගේ දෙමව්පියන් ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පාළු පැසිෆික් දුපතක් වන නාවුරු වෙත යැවීම නවතාලීම සඳහා මානව හිමිකම් සංවිධාන ක්‍රියාකරමින් සිටිති. කෙසේවුවද තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ.
ඕස්ට්‍රේලියාව තුළ ඇති අනවසර සංක්‍රමණිකයන් සඳහා වූ තාවකාලික රැඳවුම් කඳවුරු වල රඳවාගෙන සිටි අවසාන සරණාගත ළමයා ද නිදහස් කළ බව එරට රජය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා' යුරෝපයේ රටවල් ගණනාවක දැනටමත් අත්හදා බලා තිබෙන මේ ක්‍රමවේදය අනුව පිළිකාවට ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගනු ලබන්නේ ලේසර් කිරණ සහ ගැඹුරු මුහුදෙන් සොයා ගත් බැක්ටීරියා වර්ගයකින් නිපදවුණු ඖෂධයක්. රෝගියාට කිසිදු අතුරු ආබාධයක් හට නොගැනීම මේ ඖෂධයේ විශේෂත්වයයි. පුරුෂයන් 413 දෙනකු යොදා ගෙන පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව The Lancet Oncology සඟරාවේ පළ කරන ලද වාර්තාවකට අනුව එම රෝගීන්ගෙන් අඩක්ම සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව හෙළි වී තිබේ. "මේක අමුතු විදියක ප්‍රතිකාරයක්. මේකේ සංඝටක දෙකක් තියෙනවා," University College London විශ්ව විද්‍යාලයේදී නව ප්‍රතිකාරය අත්හදා බැලූ මහාචාර්ය මාක් එම්බර්ටන් බීබීසී යට පැවසීය. "එකක් තමයි ඖෂධය. ඒ මගින් ශරීරයේ පටක ආලෝකයට ඉතා සංවේදී බවට පත්කරනවා. ඒ නිසා ශරීරයේ හම ආලෝකයට විවෘත නොවීම සඳහා අපිට ඒ ඖෂධය ලබාදෙන්න සිද්ද වෙන්නේ අඳුරු පරිසරයක් තුල. ඊට පස්සේ හම හරහා අපි කුඩා තන්තු පුරස්ථි ග්‍රන්තියට ඇතුලත් කරනවා. ඊට පස්සේ ලේසර් කිරණ මගින් ඒ තන්තු ආලෝකමත් කරනවා." නව ප්‍රතිකාර ක්‍රමයේ අවස්ථා පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට ප්‍රතිකාර වශයෙන් සාමාන්‍යයෙන් සිදු කෙරෙන සැත්කම් සහ විකිරණ චිකිත්සාවෙන් අනතුරුව බොහෝ පුරුෂයන් බෙලහීනතාවයට පත්වීම එහි ප්‍රධානම අතුරු ප්‍රතිඵලයක්. ප්‍රතිකාර ලබන පුරුෂයන් දස දෙනකුගෙන් නම දෙනකුගේම පුරුෂ ශක්තිය හීනවන අතර, රෝගීන්ගෙන් සියයට විස්සක් දක්වා පිරිසක් උදරාබාධවලට මුහුණ දෙති. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ මූලික අවධියේදී බොහෝ පුරුෂයන් ඒ පිළිබඳව කල් මැරීමේ ආකල්පයක් දක්වන්නේ එබැවින්. මේ අතුරු ආබාධ හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාරවලට පෙළඹෙන්නේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ශරීරය පුරා පැතිරයාම ආරම්භ වුවහොත් පමණයි. එහෙත් නව ප්‍රතිකාරය අනුව ඒ සියල්ල වෙනස් වන බවයි, වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ. "ආලෝකය සහ ඖෂධය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මගින් පිළිකා සෛල විනාශ කෙරෙනවා. ඒ වගේම පිළිකාව බෙදාහරින පුරස්ථි ග්‍රන්ථයේ රුධිරයටත් මේ ප්‍රතිකාරය බලපානවා. ඒක ඉතාමත්ම වැදගත්," මහාචාර්ය මාක් එම්බර්ටන් පැවසීය. මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි නව ප්‍රතිකාරය සඳහා යොදාගන්නා ඖෂධය නිපදවනු ලබන්නේ මුහුදු පතුලෙන් සොයාගන්නා බක්ටීරියාවක් යොදාගෙන තද අඳුරු පරිසරයක. එය පිළිකා සෛලවලට පහරදෙන්නේ ආලෝකයට අනාවරණය වූ මොහොතේදී. අත්හදා බැලීමට තෝරාගැනීම සිය 'වාසනාවක්' බව ප්‍රතිකාරයෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ ජෙරල්ඩ් කැපෝන් බීබීසී යට පැවසීය පුරස්ථි ග්‍රන්තියට ඇතුළු කෙරෙන ලේසර් කිරණ මගින් ඖෂධය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ ඖෂධය පිළිකා සෛල සොයා ගොස් විනාශ කිරීම අරඹන්නේ ඒ මොහොතේයි. පිළිකා සෛල විනාශ වූ පසු ඉතිරි වන්නේ ඉතා සෛඛ්‍ය සම්පන්න පුරස්ථි ග්‍රන්ථියක්. යුරෝපය පුරා රෝහල් 47 ක කරන ලද අත්හදා බැලීමේදී එයට සහභාගි වූ රෝගීන්ගෙන් 49% ක්ම පූර්ණ සුවය ලබා තිබේ. "අපි ප්‍රතිකාර කරපු රෝගීන්ගෙන් අඩක්ම පූර්ණ සුවය ලැබුවා. එහෙම නැත්නම් පැතිරීම අඩු වුනා," මහාචාර්ය මාක් එම්බර්ටන් පවසයි. "ඒ වගේම විකිරණ චිකිත්සාව වගේ ප්‍රතිකාර අවශ්‍ය කරන පිරිස අඩු වුනා. මේ සියල්ලටම වඩා ප්‍රධානම දේ හැම රෝගියෙක්ම වගේ කිසිම අතුරු ආබාධයක් නැතිව සුවය ලැබීම." ප්‍රතිකාර ලැබීමෙන් පසුව පුරස්ථි ග්‍රන්ථිය ඉවත්කිරීම අවශ්‍ය වී තිබෙන්නේ රෝගීන්ගෙන් 6% දෙනකුගේ පමණයි. කෙසේ නමුත් මේ නව ප්‍රතිකාරය තවමත් රෝගීන්ට ලබාදීම ආරම්භ වී නැහැ. මෙය කෙතරම් සාර්ථක ප්‍රතිකාරයක්ද යන්න ඖෂධ පාලක බලධාරීන් විසින් ලබන වසර මුලභාගයේදී සලකා බැලීමට නියමිතයි.
Prostate Cancer හෙවත් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට මූලික අවධියේදීම ප්‍රතිකාර කෙරෙන නව ක්‍රමවේදය මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව බොහෝ දුරට සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය ආසන්නයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති 'ලෙෂන්' බුදු පිළිමයේ උස මීටර 71 කි. ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී පමණ නිමවන ලද්දකි. පිළිමය දිය පහරට ඉහළින් පිහිටා ඇතත් එම ප්‍රදේශය1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දී තිබේ. ඒ හේතුවෙන් 100,000 ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි. බුද්ධ ප්‍රතිමාව විශාල ආකර්ෂණයක් දිනා ගෙන ඇති අතර අසල පිහිටි 'යැන්ග්ට්සේ' නදිය සහ 'ත්‍රී ගෝර්ජස්' වේල්ල අවට බෝට්ටු සවාරි ද සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබේ. ජල මට්ටම ඉහළ යාමත් සමග ප්‍රතිමාව පිහිටි භූමියේ සිටි සංචාරකයන් 180 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගිය බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. පසුගිය පෙබරවාරි මස ගනු ලැබූ මෙම ඡායාරූපයේ දක්නට ඇති පරිදී බුදු පිළිමය ජල මට්ටමට ඉහළින් පිහිටා තිබේ බුදු රුව අභියස හිඳ ආශීර්වාද ලබා ගැනීම සඳහා සංචාරකයෝ සහ වන්දනාකරුවෝ බෝට්ටු ඔස්සේ එහි පැමිණෙති ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය නමුත් පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16 කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතින්නේ යයි 'ෂීන්හුවා' රජයේ පුවත් ඒජන්සිය වාර්තා කර තිබිණි. සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ජල මට්ටම වාර්තා ගත ලෙස ඉහළ යාමත් සමග සිචුආන් පළාත හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති ඉහළම මට්ටම ක්‍රියාත්මක කර ඇත. වැසි නවතින බවක් ද දක්නට නොමැත. අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ චොන්ග්කුයින්ග් නගරය වෙත මෙවර ග්‍රීෂ්ම සෘතුවේ අවස්ථා කිහිපයකදීම ගංවතුරෙන් බලපෑම් එල්ල විය 'යැන්ග්ට්සේ', 'යෙලෝ' (කහ නදිය - හොවන්ග් හෝ නදිය),'හායි', 'සොන්ගුවා' සහ 'ලයාඕ' යන ගංගා අවට පිහිටි පළාත් වෙත නාය යාම් ඇතුළු අනතුරු පිළිබඳ දැනුවත් කර තිබේ. 'යැන්ග්ට්සේ' නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන 'ත්‍රී ගෝර්ජස්' වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් ඇතුළු වේල්ලට ඉහළින් ඇති ප්‍රදේශ ජලයෙන් යටවීමට ඉඩ ඇති බවට ජල සම්පත් අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ. මේ ගැනත් කියවන්න:
චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ.