instructions
stringclasses
1 value
input
stringlengths
173
24.8k
output
stringlengths
5
1.45k
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කෙසේ වෙතත්, 2019 ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට සෑම පක්ෂයක් ම පාහේ දැඩි උනන්දුවකින් කටයුතු කරන අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳව කිසිදු එකඟතාවක් කිසිදු පක්ෂයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ අතරින්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්, මතවාද පළ වෙමින් පවතී. ඒ අතරින් වැඩියෙන් ම කතාබහට ලක්වන දේශපාලනඥයින් වන්නේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳවය. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කර තිබුණේ, ජයග්‍රාහී සැලැස්මක් මෙන් ම අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ඉක්මනින් එකඟත්වයකට එළඹීමට හැකි වනු ඇති බවය. එහිදී ඔහු ද රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳව සඳහන් කර තිබිණි. සන්ධානගත වීම ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමග එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට මේ වන විටත් සැලසුම් කර තිබේ. අදාළ සන්ධානයට සම්බන්ධ වන පාර්ශව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අගෝස්තු 5 වන දා සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද, පසුව එය කල් දමනු ලැබීය. එම සන්ධානයේ අවබෝධතා ගිවිසුමෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිරිසක් විරෝධය පළ කිරීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් විය. පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සමගාමීව අමාත්‍ය අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් නව සන්ධානය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි. එම ලිපිය මගින් යෝජිත ප්‍රධාන කරුණු: ඊට අමතරව, "ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදී අනුමත කරන ලද තැනැත්තෙකු විය යුතුය," යනුවෙන් ද එම ලිපියෙහි සඳහන් කර තිබිණි. එජාපයේ ජනාධිපතිවරණ ජයග්‍රහණ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අවසන් වරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළේ, රණසිංහ ප්‍රේමදාසය. ඒ, 1988 වසරේ පැවති ජනාධිපතිවරණයේදීය. ඒ අනුව, වසර 31ක කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත්ව නොමැත. මේ අතර, එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය ලාංඡනය වන අලියා ලකුණින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, 2005 වසරේදීය. ඊට අමතරව, 2005 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර නොමැත. 2010 වසරේදී, එවක ජෙනරල් සරත් ෆොන්සේකා සහ 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට තරග කළේ, හංසයා ලකුණ යටතේය. මෙවර ද යෝජනා වී තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටය. අපේක්ෂකයා කවුද? එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන දේශපාලනඥයින්ගේ නම් කරළියට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ඉදිරිපත් නොවුව ද සජිත් ප්‍රේමදාස අරබයා එක්සත් ජාතික පක්ෂය තුළ පිල් බෙදීමක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා අනුව පෙනීයයි. විශේෂයෙන් අමාත්‍ය රවී කරුණානායක පසුගිය සතියේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැරුණුකොට සුදුසුකම් ඇති තවත් උගත්, පරිණත දේශපාලනඥයින් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින," බවය. එහිදී, ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයට සුදුසු පුද්ගලයින් පිළිබඳව ද අදහස් පළ කළේය. "අපිට ඉන්නවා ගණනාවක්. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, හැරිසන් ලා ඔය වගේ ගණනාවක් ඉන්නවා." රවී කරුණානායක එහිදී ප්‍රකාශ කළේ, අගෝස්තු මස අග වන විට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගනු ලබනු ඇති බවය. අමාත්‍ය අජිත් පී. පෙරේරා, ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින්නෙකි. ඔහු ජූලි 23 වන දා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නොමැති," බවය. "කරු ජයසූරිය ගැන සාකච්ඡා මං හිතන්නේ දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සජිත් මැතිතුමාගේ නාම යෝජනා අපේක්ෂකත්වය නිල වශයෙන් සම්මත කර ගැනීම තමයි, දැන් ඉතුරු වෙලා තියෙන්නේ. විකල්ප අදහස් නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නෑ. එක මතයයි. ඒකයි ඒකමතිකයි කියන්නේ." මේ අතර, පසුගිය දෙවන දා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාසට සහය දෙන බවය. "මං විවෘතව කියල තිබුණා සජිත් ප්‍රේමදාසට කැමතියි කියලා. මං සජිත් ප්‍රේමදාසට උදව් කරනවා. ඕන නම් මාව අයින් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මං ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා දෙන්නම්," අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය. මීට අමතරව, අමාත්‍ය සුජීව සේනසිංහ පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ, තමන් ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කළ බවය. කෙසේ වෙතත්, සාකච්ඡාවලින් පසුව ගනු ලබන "ඕන ම තීන්දුවකට අපි එකඟයි," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය. ඔහුගේ මතය ද වූයේ, අපේක්ෂකයා "අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකු විය යුතු" බවය. මේ අතර, අගෝස්තු දෙවෙනිදා හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ, තමන් ජයග්‍රහණය කිරීමට සූදානම් බවය. "දැන් ආයෙ වෙන කතා දෙකක් නෑ. අපි වැඩේට බැහැල ඉන්නේ.... කවුරු අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත්, කවුරු මොන ප්‍රශ්න දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි කියන එක බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා." "කරු ජයසූරිය ජනාධිපතිකමටත් සුදුසුයි" එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වයට කතානායක කරු ජයසූරිය පිළිබඳව ද විටින් විට සඳහන් විය. මීට පෙර බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය සඳහන් කළේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉල්ලීමක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවය. මේ අතර, "ඕනෑ ම අභියෝගයක් ජය ගත හැකි කරු ජයසූරිය මහතා රටේ නායකත්වයටත් සුදුසු," බව අමාත්‍ය ජෝන් අමරතුංග ජූලි 11 වන දා කොළඹ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී පැවසීය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවූ තවත් දේශපාලනඥයෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක බදාදා (අගෝස්තු 07) ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක සජීවී සංවාදයකට එක්වෙමින් පැවසුවේ, රටේ දියුණුවට අපේක්ෂකයා කවුරුන් ද යන්න වැදගත් නොවන බවය. "අපේක්ෂකයා නෙවේ වැදගත් වෙන්නේ. එම අපේක්ෂකයා යටතේ රට කරවන වැඩපිළිවෙළ කුමක් ද කියන එකයි වැදගත්. නායකයා වැදගත්. ඒ වගේ ම රට මේ තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න කණ්ඩායමත් වැදගත්," අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය. තවදුරටත් කියවන්න.
ශ්‍රී ලංකාවේ මීළඟට තේරී පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම තනතුර යම් සීමාවන්ට යටත් කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මෝසුල් නගරයට ආසන්න සෙසු ප්‍රදේශවල ජනතාව ගම්බිම් හැර පළා ගොස් තිබේ වාර්තාකරුවන් විසින් එම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ මොසුල් නගරයේ බලය යළි ලබා ගැනීම සඳහා සටන් කරමින් සිටින ඉරාක හමුදාවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අයිඑස් කැරලිකරුවන් විසින් ගනු ලැබූ උත්සාහයක් ලෙසයි. සිය නගරය ඉලක්ක කොට අයිඑස් කැරලිකරුවන් පැති තුනකින් ප්‍රහාර එල්ල කළ බව අන්බර් පළාතට අයත් රුට්බා නගරයේ නගරාධිපතිවරයා සඳහන් කළේය. කැරලිකරුවන් හා නගරයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් අතර සටන් පැවති බවත් ඔහු කියා සිටියේය. මෝසුල් නගරය ආසන්නයේ පිහිටි අයිඑස් ඉලක්කයක් මේ අතර ඉරාකයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සැලකෙන මෝසුල් නුවර බලය යළි ලබා ගැනීම සඳහා ඉරාක හමුදා සහ කුර්දි සටන්කරුවෝ තවදුරටත් මෙහෙයුම්වල නිරත වී සිටිති. කුර්දි හමුදා විසින් මොසුල් නගරයේ උතුරු සහ නැගෙනහිර පිවිසුම් අහුරා තිබෙන අතර ආණ්ඩුවේ හමුදා දකුණු ප්‍රදේශය හරහා නගරය වෙත ඇදෙමින් සිටිති. අයිඑස් බලකොටුවක් ලෙසින් හැඳින්වෙන මෝසුල් නගරය කැරලිකරුවන් අතට පත් වූයේ 2014 වසරේදී.
ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවෝ එරට බටහිර කලාපයේ පිහිටි හුදකලා නගරයක් වන රුට්බා ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මහලේකම් කමලේශ් ශර්මා සහ ජනාධිපති රාජපක්ෂ ලන්ඩනයේදී මෙම කරුණු පිළිබඳ ව සලකා බලන බවට ශ්‍රී ලංකා රජය සහතික වී තිබෙන බව ද පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක රිචඩ් උකූ සංදේශයට කියා සිටියේය. 'ව්‍යවස්ථාවට පටහැනියි' රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍යයේ රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ලබා දුන් වාර්තාවේ සඳහන් වන්නේ අග්‍ර විනිශ්චයකාරවරිය ඉවත් කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාවලිය ස්වභාවික යුක්ති ධර්මයේ අවශ්‍යතා සපුරා නැති හෙයින් එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. මෙහි දී අනුගමනය වූ ක්‍රියා දාමය වසර 2009 දී ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය සාරධර්ම සහ ප්‍රතිපත්ති වලට ද එකඟ නොවන බවයි ශ්‍රීමත් ජෙෆ්රි ජොවෙල් ගේ වාර්තාවේ සඳහන් වන්නේ. අග විනිසුරු වරිය ඉවත් කිරීම සඳහා සිදු වූ පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තුළින් නීතිය සහ බලය වෙන් කර තැබීමේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බිඳ ඇති බව ද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි. ප්‍රසිද්ධියට පත් නො කෙරුණු වාර්තාව මානව හිමිකම් ක්‍රියාධාරීන් හා ජනමාධ්‍ය වේදීන් ගේ නිරන්තර ඉල්ලීම් හමුවේ පවා ප්‍රසිද්ධියට පත් නො කෙරුණු එම වාර්තාවේ පිටපතක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් අද හෙළිදරව් කොට තිබේ. බී.බී.සී.ය ඒ ගැන කළ විමසීමක දී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා කියා සිටියේ හිටපු අග විනිසුරු වරිය පහ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මහ ලේකම් කමලේෂ් ෂර්මා දැඩි ස්ථාවරයක සිටින බවයි. නිර්දේශ මෙයට අමතරව අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යා වන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව ද මෙම කරුණු පිළිබඳ සලකා බලන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන බවද මහා ලේකම් වරයා ගේ ප්‍රකාශක රිචර්ඩ් උකූ කියා සිටියි. හිටපු අග විනිසුරු වරිය දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කර මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ මේ වසර මුලදී. ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය ද තීන්දු කොට තිබුණි. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමනය වී තිබුණි.
අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යාවන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය පෙබරවාරි 22 දින ආරම්භ වූ සමුළුව මාර්තු 23 දින අවසන්වීමට නියමිතය. පෙබරවාරි මාසයේ දුරස්ථව සමුළුව ඇමතූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහකොමසාරිස්වරියගේ වාර්තාව බැහැර කළ අතර එක්සත් රාජධානිය,ජර්මනිය,කැනඩාව,උතුරු මැසිඩෝනියා,මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් සමූහය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙසේ කියා සිටියේය. ''මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත'' විදේශ ඇමතිවරයා විසින් මානව හිමිකම් සැසිවාරයට දෙන ලද පණිවුඩයෙහි ඉහත සඳහන් කරන ලද පාඨය තුළ රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව විසින් සිය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන තර්කය අන්තර්ගත වෙයි. එනම්, ''ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් වන අතර එම දේශීය කරුණු සම්බන්ධයෙන් බාහිර බලවේගයන් මැදිහත්වීම නුසුදුසු'' වන බවය. මහකොමසාරිස්වරියගේ වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ක්‍රියාවට නංවනු ලැබීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරමාධිපත්‍යයට හානි කිරීමක්ය යන්න ශ්‍රී ලංකා ආණ්ඩුවේ පමණක් නොව තවත් සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන ඇතැම් රටවලද අදහස වී ඇත. අදාළ යෝජනාව මගින් රාජ්‍ය ස්වෛරීභාවයට හානියක් සිදුකෙරෙන්නේද? එසේ නැත්නම්,මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබේද? යන මතවාදයන් සාකච්ඡාවට ගැනීමක් මෙම ලිපිය මගින් සිදු කෙරෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලබන ආකාරයේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ආණ්ඩුව අපේක්ෂා නොකරන බව කොළඹ පාලනය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා දුරස්ථ සන්නිවේදනය ඔස්සේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ කරන ලද ඉහත කී ප්‍රකාශය මගින් පෙන්නුම් කෙරුණි. එවැනි ක්‍රියාමාර්ගයක් ''ස්වාධීන රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්'' බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ද අවධාරණය කළේය. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති පිටු 17 කින් සමන්විත වාර්තාව මගින්, "මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු චෝදනා ලැබූවන්" ඉලක්ක කරගත්, යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක'' නිර්දේශ කරයි. එපමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය සියලු දෙනා බලහත්කාරයෙන් ආදාහනය කිරීම (එම නියමය වෙනස්කරනු ලැබ ඇත) ආදී ක්‍රියාමාර්ග මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මගින් හඳුනාගනු ලැබ ඇත. ආණ්ඩුවේ විසඳුම් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එවැනි ප්‍රතිචාරයක් දක්වනු ලබන්නේ මෙම 46 සැසිවාරය ආරම්භ කරනු ලැබීම අත්‍යාසන්නයේ අදාළ චෝදනා විභාග කරනු ලැබීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසකරුවකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබ තිබියදීය. එම කොමිසම පිහිටුවනු ලබන්නේ 2015 ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පෙරට තබන ලද 30/1 යෝජනාවලිය වත්මන් ආණ්ඩුව විසින් ඉවත්කරගනු ලැබ ඇති පරිසරයකය. 30/1 යෝජනාවලිය මගින් එවක ශ්‍රී ලංකා ආණ්ඩුව ඇතිකරගන්නා ලද එකඟතාව ඉවත්කර ගන්නා ලද්දේ එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුවෙතැයි පවසමිනි. ආණ්ඩුව බලයට පත්වීමට පෙර ම එකී 30/1 එකඟතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම, අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවේ "අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත්වීමක් පිළිබිඹු කෙරෙන බැවින්" ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් කර තිබුණි. ආණ්ඩුව 30/1 එකඟතාවෙන් ඉවත්වුනත් මහකොමසාරිස් වාර්තාව මගින් එම එකඟතා වෙනත් වචනවලින් පුනරාවර්තනය වී ඇත. දැන් වෙනස වන්නේ කලින් එළැඹි 'එකඟතා' දැන් 'නිර්දේශ' බවට පත්ව තිබීමය. මේ අතර කොළඹ බලධාරීන්ගේ ප්‍රයත්නය වී තිබෙන්නේ '' ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණය ''අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක් ''මෙන්ම එමගින් '' දක්ෂිණාර්ධ ගෝලයේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බව'' ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමය. ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා මෙසේ පවසයි. ''විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් (මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව මගින්) පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි'' මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ''ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික දේශීය කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර'' ඇතැයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කරන අතරවාරයේ දමිළ දේශපාලන පක්ෂ සහ සංවිධානවලට අතිරේකව වෙනත් විවිධ ශ්‍රේණීන් විසින් ද රජයේ එම ස්ථාවරය ප්‍රශ්න කරනු ලැබෙමින් පවතී. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පසුගියදා 'Colombo Telegraph' වෙබ් අඩවියට ''ජගත් මානව හිමිකම් කොමිසම ආරක්ෂාකළ​ යුත්තේ පීඩිතයින්ගේ මිස පීඩකයින්ගේ ස්වාධිපත්‍යය​​ නොවේ'' යන මැයෙන් ලිපියක් සැපයූ ආචාර්ය රන්ජිත් සී.පෙරේරා මෙසේ ප්‍රශ්න කර තිබුණි. ''මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට නතුවන බොහෝ රටවල් එම චෝදනාවෙන් ගැලවීමට යොදන උපක්‍රමය ස්වාධිපත්‍යය​​ මූලධර්මය පෙරට දැමීමයි .රජයේ ස්ථාවරය පිළිගන්නා සමහර විචාරකයින් පවසන්නේ ජගත් මානව හිමිකම් කොමිසම ස්වාධිපත්‍ය යන මූලධර්ම​ යටතේ රටේ අභ්‍යන්තර කරුණුවලට අතපොවන බවයි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ස්වාධිපත්‍ය අහෝසිව තිබෙන්නේ පාලකයන්ගේ ද නැත්නම් පාලිතයන්ගේ ද යන්නයි'' නීතිඥ ජයරාජ් පලිහවඩන එම අදහසත් සමඟ සියලු කණ්ඩායම් එකඟ නැත.'London Initiative' සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ජයරාජ් පලිහවඩන බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ''මානව හිමිකම් මණ්ඩලය ඔවුන්ට පැවරෙන බලසීමාවන් ඉක්මවා ගොස් ඇති අතර ඔවුන්ට රටක පරමාධිපත්‍යය කෙරෙහි අභියෝග කළ නොහැකි'' යයි කියා සිටියේය. ''මානව හිමිකම් කමිටුව බලන්නේ 'වගවීම' ගැන විතරයි. ඒ අනුව මේක දඩයමක් බව පේනවා. මානව හිමිකම් කොමිසමට රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම එල්ල වෙනවා. ඒ නිසා තමයි ඔවුන් තමන්ගේ සීමාව ඉක්මවා යන නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඔවුන්ට රටක පරමාධිපත්‍යයට අභියෝග කරන්න බැහැ." මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවෙන් කරුණු උපුටා දක්වන නීතිඥ ජයරාජ් පලිහවඩන වැඩිදුරටත් තම ස්ථාවරය පැහැදිලි කරමින් '' ඔවුන් ලංකාවේ බලය බෙදන්න කියනව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න කියනව. නීතිරීති වෙනස් කරන්න කියනවා. එම කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට බලයක් පැවරී නැහැ'' යනුවෙන් ද සඳහන් කළේය. මානව හිමිකම් කමිටුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල විසින් පළකරන ලද්දේ වෙනත් අදහසකි. ''මානව හිමිකම් කමිටු නිර්දේශ මගින් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදුකර ඇතැයි පැවසිය නොහැකියි. ඇත්තෙන්ම එමගින් කියවෙන්නේ සිවිල් ජනතාවට පොදුවේ සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් විභාගයක් කරන ලෙසයි. දැන් රාජ්‍යයේ පරමාධිපත්‍යය ගැන උනන්දුවක් දක්වන කණ්ඩායම් පාලකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන පරමාධිපත්‍යයට සිදුවෙන හානිය ගැන කතා නොකිරීම ප්‍රශ්නයක්'' සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල තම තර්කය තහවුරු කිරීම සඳහා මහාචාර්ය පී.අතුකෝරල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය මගින් 19 වෙනි සංශෝධනය අහෝසිකරනු ලැබීම නිදසුනක් කර ගනියි. ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සභාව අහෝසි කරනු ලැබීම මහජන අයිතිවාසිකමක් උදුරාගනු ලැබීමක් ලෙස ඔහු දකියි. ''පාලකයන්ගේ පැත්තෙන් සිදුවෙන අසාධාරණයන්ට එරෙහිව යාමට දැන් ඇති එකම ස්ථානය අධිකරණයයි. නමුත් රජය විසින් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා විසින් අධිකරණය විසින් වැරදිකරුවන් හැටියට තීන්දුකරන ලද පුද්ගලයන් නිදොස්කොට මුදාහරින ලෙස නියෝගකරනු ලැබීම අශුභ නිමිත්තක්. එවිට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා'' එවැනි පරිසරයක් යටතේ පෙරට එන අභ්‍යන්තර බලවේග මර්දනය කෙරෙන හෙයින් අඩුතරමින් බාහිර බලවේගයකවත් මැදිහත්වීම මහජනතාව විසින් අපේක්ෂාකරන වාතාවරණයක් උද්ගත වියහැකි බවත් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේ දී මහාචාර්ය පී. අතුකෝරල සඳහන් කළේය. එහෙත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් අභියෝග කරන රටවල් ගත්විට එම රටවලට වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට සෘජු ලෙසම මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව නීතිඥ ජයරාජ් පලිහවඩන පවසයි. උදාහරණයක් ලෙස ඉරාකයේ සහ සිරියාවේ අභ්‍යන්තර දේශපාලනයට සෘජුව මැදිහත්වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරනු ලබන ඇතැම් බලවත් රටවල් බවත් නීතිඥ පලිහවඩන සඳහන් කරයි. බීබීසී සිංහල අංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී එම අදහස තවදුරටත් පෙරට ගෙනයමින් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ '' මානව හිමිකම් මහකොමසාරිස්වරිය මහපොළොවේ තත්ත්වය හරිහැටි නොදැන චෝදනා රාශියක් එල්ල කරන්නට පටන්ගෙන ඇති'' බවය. ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කරයි. "ඒ වගේම මම හිතන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් මෑතකදී පනතක් ගෙනවිත් තියෙනවා; තමන්ගේ සොල්දාදුවන් විදේශ රටවල ගිහින් යුද කටයුතුවල යෙදිලා වැරදිකරුවන් බවට පත්වුණොත් ඒ සියලුදෙනා නිදහස් කෙරෙන පනතක්. ඉතින් මේ අය කතා කරන්නේ කුමක් පදනම් කරගෙනද?" "තවත් රටවල් කීපයක් ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා'' යයිද ඇමතිවරයා පැවසීය. විදේශ ඇමතිවරයා පවසන පරිදි ශ්‍රී ලංකාව සිය අභ්‍යන්තර කටයුතු කරනු ලබන්නේ රටේ ව්‍යවස්ථාපිත මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදිය. "අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ." බොහෝ තුන්වෙනි ලෝකයේ රටවල පාලකයන් සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචනවලින් දැක්වෙන ස්වෛරීභාවය නම් සංකල්පය පාවිච්චි කරමින් එම සමාජයන්හි පරමාධිපති බලය හිමි මහජනතාව පීඩාවට පත්කරන්නේනම් එවිට එම වින්දිතයන් සඳහා ඇති රැකවරණය කුමක්දැයි සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ප්‍රශ්න කරයි. ''රාජ්‍යයේ පරමාධිපත්‍යය සංවිධානාත්මක දේශපාලන සමාජවල මුල්බැසගත් සිද්ධාන්තයක්. එහි පරමාර්ථය ප්‍රජා පීඩනය නොවෙයි. ඉන් එහාගිය දෙයක්. නමුත් අද බොහෝ රාජ්‍යයන්හි සිද්ධවෙන්නේ මහජන ඡන්දයෙන් හෝ බලහත්කාරයෙන් රාජ්‍ය බලය හිමිකරගත් කණ්ඩායම් විසින් තම කටයුතු ආවරණය කර ගැනීමට එම සිද්ධාන්තය පාවිච්චිකරනු ලැබීම. මේ නිසා තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනවල මැදිහත්වීම් සිදු කෙරෙන්නේ. මේක ආගන්තුක දෙයක් නොවෙයි. බොස්නියා - හර්සගොවිනා අර්බුදයට එක්සත් ජාතීන් විසින් කරන ලද මැදිහත්වීම් මේ සඳහා අපේ කාලයේ හොඳ නිදර්ශනයක්'' එක්සත් ජාතීන්ගේ ආයතනයක් මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පාරදෘශ්‍යභාවයෙන් (transparency) යුක්තවිය යුතු බවත් මහකොමසාරිස් බැචලේගේ වාර්තාවේ පදනම ඒකපාර්ශ්වීය බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ඉලිනොයි' ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජ විද්‍යාඥයකු වන මහින්ද රණවක පවසයි. ''අපි පිළිගන්නවා මානව හිමිකම් වැදගත් අංගයක්. නමුත් කවුද මානව හිමිකම් උල්ලංඝනය කළේ? ළමුන් බලහත්කාරයෙන් යුද්ධයට ගෙනගොස් මරණයට පත්වීම යුද අපරාධයක් නොවෙයිද? ඒවා කළේ කොටි සංවිධානය. කොහොම වුණත් රටේ ස්වාධිපත්‍යය ඉතාම වැදගත් වෙනවා. අසාධාරණ ලෙස ඊට ඇඟිලිගැසීම වැරදියි'' මහින්ද රණවක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය. මහින්ද රණවක මානව අයිතිවාසිකම් සහ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය පී.අතුකෝරල ඉදිරිපත්කරන අදහස ස්ථාපනය කරමින් ආචාර්ය රන්ජිත් සී.පෙරේරා පළකරන්නේ මෙවැනි අදහසකි. ''ජගත් මානව හිමිකම් කවුන්සලය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධානද ස්වාධිපත්‍යය යන්නට නව අර්ථකතනයක් සැපයීමට කාලය උදා වි තිබේ. කිසිම රටක පාලකයකුට එරටේ ජනතාවගේ මානව හිමිකම් කඩකර චෝදන එල්ලවන විට ස්වාධිපත්‍යය නම් කඩතුරාව යොදාගෙන ගැලවීමට අවස්ථව නොදිය යුතුය. තවද, එසේ එවැනි චෝදනා එල්ල කරන විට ඒවා එල්ල කළ යුත්තෙත් සම්බාධක පැනවිය යුත්තෙත් ඒවාට වගකිව යුතු පාලකයින්ට මිස පාලිතයින්ට නොවීමට ඔවුන්ගේ අවධානය යොමුවීම වැදගත් වේ. ලොවේ සමස්තයක් ලෙස මානව හිමිකම් කඩකිරීම් අවම කිරීමට එවැනි තීරණ අතිශයින්ම වැදගත්වනු නොඅනුමානය'' කෙසේවුවද, නූතන ජාතික රාජ්‍යයේ ප්‍රභවයෙන් අනතුරුව ''රාජ්‍යයේ පරමාධිපත්‍යය'' අන්තර් රාජ්‍ය පද්ධතියෙහි ගරුත්වය ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා පිළිගනු ලබන මූලික සිද්ධාන්තයක්ව ඇත. එක් එක් රාජ්‍යයන් පමණක් නොව සියලු ජාත්‍යන්තර සංවිධානයන් ද ඒ සඳහා බැඳී සිටිති. එහෙත් මහජන මූලික අයිතිවාසිකම් ක්‍ෂේත්‍රයේ දී ජාතික රාජ්‍යයේ බලසීමාවන්ට පරිබාහිරව ජාත්‍යන්තර ගිවිසුම් මගින් ඇතිකරගනු ලබන බැඳීම් සහ වගකීම් අනුව එම සිද්ධාන්තය මූලධර්මය මට්ටමින් භුක්තිවිඳිනු ලැබීම ප්‍රයෝගික වශයෙන් අභියෝගයක්ව පවතී. තවත් තොරතුරු;
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ විසින් මානව හිමිකම් කමිටුවේ 46 වෙනි සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ''එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප'' කරමිනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
රතිඤ්ඤා කර්මාන්තයේ නිරත මීගමුවේ කිඹුලාපිටියේ කම්කරු කාන්තාවක් වන මේරියන් පෙරේරා මේවනවිට රතිඤ්ඤා කර්මාන්තය වැටී ඇති තත්ත්වය කියාසිටියේ එවැනි වදන් සමූහයකිනි. මේරියන් පෙරේරා ශ්‍රී ලංකාවට රතිඤ්ඤා කර්මාන්තය හඳුන්වා දුන් ඒමිස් පෙරේරා ගේ ඥාති මිණිපිරියකි. රටේ පැවති තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ දේශීය කර්මාන්තයක් වන රතිඤ්ඤා කර්මාන්තයත් බලවත් පිරිහීමකට ලක්ව පවතී. අද පවතින වසංගතය හමුවේ උත්සව සැමරුම් මහජන සෞඛ්‍යයට හානිකර නමුත් මේ කතාවේ තවත් නොපෙනෙන පැත්තක් වන්නේ රතිඤ්ඤා කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසකගේ දෛනික ජීවිතය කනගාටුදායක අඩියකට වැටී තිබීමය. රතිඤ්ඤා ලංකාවට පැමිණ වසර සියයක් සපිරෙයි. එදා සිට අද දක්වා ලොකු කුඩා කාටත් රතිඤ්ඤා සමීප වී ඇත්තේ උත්සව අවස්ථා සදහා නැතිවම බැරි අංගයක් ලෙසිනි. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සැණකෙළි සීමාවීමත් සමඟ රතිඤ්ඤා කර්මාන්තය බලවත් පසුබෑමකට ලක්ව ඇත. භාණ්ඩ සූදානමින් ඇතත් ගනුදෙනුකරුවන් හිඟ කිඹුලාපිටියේ ගිනිකෙළි වෙළෙඳසලක් රතිඤ්ඤා සහ වෙනත් ගිනි කෙළි නිමැවුම් ගැන ඇසූ පමණින් සිහියට එන්නේ මිගමුව කිඹුලාපිටිය ප්‍රදේශයයි. කිඹුලාපිටිය එතරම්ම මේ ගිනි කෙළිවලට සුවිශේෂී භූමියකි. උත්සව සමයකදී කිඹුලාපිටිය ගම්මානයට ඇතුලු වන්නෙකුගේ නෙතට පළමුව ලක්වන්නේ පාර දෙපස දකින්නට ලැබෙන විසිතුරු රතිඤ්ඤා හා ගිනිකෙළි කම්හල් හා වෙළෙඳසල් සමූහයයි. නමුත් මෙවර එහි එවැනි තත්ත්වයක් දකින්නට නොමැති අතර පාරම්පරික ගිනිකෙළි වෙළෙඳුන් සිය නිෂ්පාදන සුළු වශයෙන් අලෙවිය සඳහා තබා තිබෙනු පෙනෙයි. රතිඤ්ඤා ,අහස් කූරූ, නිලා, බඹර චක්‍ර , මල් වෙඩි කලින් කිඹුලාපිටිය ග්‍රාමයේ රතිඤ්ඤා හා ගිනි කෙළි නිෂ්පාදනය නොකරන නිවසක් සොයා ගැනීමට නොහැකි තරම් විය. සෑම නිවසකම මෙන් ඉතා සුළුවෙන් හෝ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පැවතිණි. උත්සව සමයක් ආරම්භ වීමත් සමග ගිනිකෙළිවලට ඉහළ ඉල්ලුමක් වූයෙන් එය රතිඤ්ඤා නිෂ්පාදකයන් අතිශයින්ම කාර්යබහුල වූ කාලපරිච්ඡේදයක් විය. රතිඤ්ඤා ,අහස් කූරූ, නිලා, බඹර චක්‍ර, මල් වෙඩි ආදී විසිතුරු ගිනි කෙළි වර්ග රාශියක් කිඹුලාපිටියෙන් දොරට වඩියි. නමුත් එම විසිතුරු ගිනිකෙළි වෙළෙඳපොළ මෙවර කිඹුලාපිටියේ දක්නට නැත. වෙඩි බෙහෙත් මැද ගෙවෙන ජීවිත - මේරියන් පෙරේරා කිඹුලාපිටියේ 'අශ්වයා' ළකුණ රතිඤ්ඤා සහ ගිනි කෙළි කර්මාන්තශාලාව වසර විස්සක් පුරා පවත්වාගෙන එන ව්‍යාපාරයකි. එච්. පී. සිරියාවතී එහි හිමිකාරියයි. දැනට හැත්තෑවෙනි වියේ පසුවෙන සිරියාවතී ඇගේ සැමියා සමග ආරම්භ කල ගිනි කෙළි කම්හල ඔහුගේ වියෝවෙන් පසුවත් පවත්වාගෙන යන්නීය. "මහත්තයා නැති වෙලා දැන් අවුරුදු දහයක් වෙනවා. ඒත් මම මේ කර්මාන්තෙ අතහැරියේ නෑ. අපිට පුරුදු මේ කර්මාන්තෙ තමයි. වෙන කරන්න දෙයක් නැති නිසා දිගටම මේ රස්සාව කරනවා." කොරෝනා වසංගතයත් සමග ගිනි කෙළි කර්මාන්තය දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන් බව ඇය පවසන්නීය. නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිවීම මත ආදායමක් නොමැති වීමෙන් සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි වී ඇති බව සිරියාවතී වැඩිදුරටත් පවසන්නීය. වෙඩි බෙහෙත් මැද ගෙවෙන ජීවිත "මේවා හදන්න යොදාගනු ලබන වෙඩි බෙහෙත්වල මිල දරාගන්න බැහැ. අපි රතිඤ්ඤා හැදුවට වෙඩි බෙහෙත්වල ගණන්වලට සෑහෙන ලොකු මිලකට රතිඤ්ඤා විකුණගන්න බෑ. ලොකු මුදලාලිලා වෙඩි බෙහෙත් දීලා මේ බඩු හදවා ගන්නවා. ඊට පස්සේ වෙඩි බෙහෙත් වල මිල අඩු කරලා කුලිය විතරක් දෙනවා. එහෙම අභියෝග මැද තමයි අපි අපේ රතිඤ්ඤා හදන්නේ" වෙනත් කාලවල මෙවැනි ගිනිකෙළි නිපැයුම්වලට විශාල ඉල්ලුමක් පැවතුණි රතිඤ්ඤා හා ගිනිකෙළි කර්මාන්තය ආරක්ෂිතව හා ඉතා ප්‍රවේශමෙන් පවත්වා ගතයුතු කර්මාන්තයකි. වෙඩි බෙහෙත් සමග කටයුතු කරන නිසා ආරක්ෂාව හොඳින් තහවුරු කර ගතයුතු වෙයි. රතිඤ්ඤා නිශ්පාදනයට මෙන්ම ප්‍රවාහනයටද බලපත්‍ර ලබා ගත යුතුය. කිඹුලාපිටිය ප්‍රදේශයේ විශාල පිරිසකගේ ජීවන මාර්ගය වී ඇති මෙම ගිනිකෙළි කර්මාන්තය සඳහා බලපත්‍රයක් ලබාගැනීමට නොහැකිව පීඩාවිඳින පිරිසක්ද මේ අතර වෙති. "අපි බලපත්‍රලාභීන් නොවෙයි. වැඩි මිලට වෙඩි බෙහෙත් අරගෙන මේවා හදන්නේ. බලපත්‍රයක් ගන්නත් පර්චස් හතළිහක ඉඩමක් ඕනෑ'' 'අශ්වයා' ගිනිකෙළි ළකුණ හිමි සිරියාවතීගේ කර්මාන්තයටද බලපත්‍ර නොමැත . කිඹුලාපිටිය සංචාරයේදී හමුවූ මෙහි මුලින් සඳහන් කළ මේරියන් පෙරේරා සේවය කරන්නේද සිරියාවතී යටතේය. සිරියාවතී ගේ අවසරය ලැබ මේරියන් සමඟ කළ කතාබහේදී ලංකාවේ රතිඤ්ඤා කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු දැනගැනීමට ලැබුණි. "කිඹුලාපිටියේ තමයි ලංකාවේ රතිඤ්ඤාවල උපත සිදු වුනේ. මගේ සීයා තමයි ලංකාවට රතිඤ්ඤා ගෙනාවේ. එයා ළඟ වැඩ කරපු අය තමයි දැන් රතිඤ්ඤා හදන්නේ." මේරියන් පෙරේරාගේ වයස අවුරුදු පනහකි. ඇය තම පවුල රැකගන්නේ මේ රතිඤ්ඤා රැකියාවෙන් වන අතර අවුරුදු විස්සක් පමණ ඇය එහි නියැලෙන බවත් දැනට දිනක වැටුප රුපියල් එක්දහස් දෙසීයක් බවත් ඇය කීවාය. සිරියාවතී (වමේ) සහ මේරියන් පෙරේරා ගිනිකෙළි නිපදවමින් රතිඤ්ඤා පටන්ගත්තේ විදේශීය වට්ටෝරුවකින් රතිඤ්ඤා කර්මාන්තය කිඹුලාපිටිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණේ 'සූර්යයා' සහ 'මුවා' වෙළෙඳ නාමවලිනි. මේරියන් පෙරේරා පවසන පරිදි එම නිෂ්පාදන හඳුන්වාදෙන ලද්දේ ඇගේ සීයා වූ ඒමිස් පෙරේරා විසිනි. විදේශීය පොතකින් ලැබුණු වට්ටෝරුවක් අත්හදා බැලීමෙන් පසුව ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත්, ඒමිස් පෙරේරා යටතේ සේවය කළ බොහෝ දෙනා පසුව ඔවුන්ගේම කර්මාන්ත ආරම්භ කිරීමෙන් කිඹුලාපිටිය ප්‍රදේශය ගිනිකෙළි කර්මාන්තයට නමගිය භූමියක් බවට පත්වූ බවත් ඇය සඳහන් කළාය. ඒමිස් පෙරේරාගේ රතිඤ්ඤා රට පුරා ජනප්‍රිය වීමත් සමග ඔහු වෙනත් ගිනිකෙළි වර්ග නිපදවීමටද අතගසා ඇත. රතිඤ්ඤා ඉතිහාසය කියද්දී මේරියන් තවත් අපූරු රස කතාවකටද මුල පිරුවාය . වසර සියයකට එහා දිවයන මේ කතාව ආරම්භ වන්නේ බ්‍රිතන්‍ය ජාතිකයන් දෙදෙනෙකු හා සම්බන්ධ කතා පුවතකිනි . "මගේ තාත්තා කියලා තියන විදිහට මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1920 විතර. සුදු ජාතිකයන් දෙන්නෙක් ගඟේ ගිලෙන්න යද්දී ඒමිස් සීයයි, එයාගේ සහෝදරයෙකුයි ඉදිරිපත්වෙලා ඔවුන් බේරාගෙන තියනවා .ගොඩට ගත්තත් එක්කෙනෙක් පස්සේ මැරිලා. ඉතිරි වුන සුදු ජාතික මහත්තයා සීයලට සල්ලි දෙන්න හදලා තියනවා අපේ සීයලා ඒ සල්ලි භාර ගෙන නැහැ .ඊට පස්සේ ඒ සුදු මහත්තයා ඒමිස් සීයට ලස්සන පොතක් දීලා තියනවා .ඒ පොතේ තමයි මේ කර්මාන්තෙ පිළිබඳව ලියලා තිබිලා තියෙන්නේ. එදා ඒ පොත ගෙදර ගෙනාපු සීයා ඒකේ තියන විධිහට රතිඤ්ඤා හදලා තියනවා. ඒ දවස්වල වෙඩි බෙහෙත් තිබිලා නැහැ. තුවාල වලට දාන බෙහෙත්, ගෙන්දගම් වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ රැජිනයි - ජෝර්ජ් රජ්ජුරුවෝයි ලංකාවට ආපු දවසේ ඒමිස් සීයා රැජිනගේ රූපය අනුව ගිනිකෙළි නිර්මාණයක් හදල, රැජින සතුටට පත්කරලා තියෙනව. ඒ නිසා අපට වෙඩි බෙහෙත් ආදිය දෙන්න කියල රැජින කිව්වා කියල කතාවක් තියෙනව'' කිඹුලාපිටිය ගම්මානයේ බොහෝ දෙනා පාරම්පරික ගිනිකෙළි කර්මාන්තකරුවන්ය. ශිරෝමි මුතුකුඩ කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නියකි. ශිරෝමි පවසන පරිදි වසර විසි පහක පමණ කාලයක සිට ඇය ගිනි කෙළි කර්මාන්තයේ යෙදෙයි . "අවුරුදු දෙකකට කලින් ඉඳලා 'ස්ටොක්' තියෙනවා. ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය නිසා අපේ නිෂ්පාදන විකුණාගන්න බැරි වුණා. මේ අවුරුද්දේ 'කොරෝනා' නිසා විකුණාගන්න බැරි වුණා. අපි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. දැන් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ " ශිරෝමි මුතුකුඩ කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නියකි. ඒ ගිනිකෙළි නිමැවුම් මගින් දිවිපෙවෙත ගෙනයන කිඹුලාපිටියේ ගිනිකෙළි නිපදවන්නන් සහ ඔවුන්ට ශ්‍රමය විකුණා ජීවත්වෙන කම්කරුවන් අද පත්ව ඇති තත්ත්වයයි. ඔවුන්ගේ ජීවිතවලට ගිනිකෙළි මගින් අද ලැබෙන ආලෝකයක් නොමැති අතර මෙවර නත්තල පමණක් නොව නව වසරේ ආරම්භයත් රතිඤ්ඤා හඬ හෝ වෙනත් අලංකාර ගිනිකෙළි සංදර්ශන වලින් තොරව ගෙවීයන ආකාරයක් දක්නට ලැබෙයි. කියවන්න;
''නත්තල් කියන්නේ අපේ අතට කීයක් හරි වැඩිපුර ලැබෙන කාලයක්. නමුත් ගිය අවුරුද්දේ පටන් අපට නත්තලක් නැහැ . ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය. මේ අවුරුද්දේ කොරෝනා. මේ දෙකෙන්ම වැඩිපුර අසරණ වුනේ අපේ කර්මාන්තයේ නිරත කම්කරුවන්"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇය ඒ බව කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දීයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බව මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකා රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටි දෙන’ වශයෙන් තමා හඳුන්වා දෙමින් අපහාස කරනු ලැබීම ඉතා අප්‍රසන්න බවයි, නවී පිල්ලේ කියා සිටියේ. ‘මගේ ඉන්දීය සම්භවය පාදක කර ගනිමින් මෙවැනි ප්‍රකාශ කිරීම සාවද්‍ය මෙන්ම අපහාසාත්මකයි... ඇතැම් පිළිකුල් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාව අයැදීම මම අගේ කොට සලකනවා’යි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය කීවාය.
රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තමාට කරන ලද පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය හෙළිදරව් කළාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙනවා' "කිසිදු දඬුවමකින් තොරව නිදහසේ දිගටම අපරාධ කළ හැකි බවට මානව හිමිකම් උල්ලංඝනය කරන්නට හැඟී යාම මගින් සිදු විය හැකි දේ පිළිබඳව සිරියාවේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගැටුම් ඉතා කනගාටුදායක උදාහරණයන්," යනුවෙන් ඔහු කියා සිටියේය. ලොව පුරාම මානව හිමිකම් වාතාවරණය පිළිබඳව සමාලෝචනයක් කළ මහ කොමසාරිස් නවී පිල්ලේ, බොහෝ අපරාධකරුවන් දඬුවම් නොලබන අතර මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍යය මත වගවීම ක්‍රියාත්මක වීම තවමත් බොහෝ රටවල සිහිනයක් බවත් කියා සිටියාය. "සියලු අභියෝග හමුවේත් මානව හිමිකම් පිළිබඳ අවධානය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතිනවා. මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙන අතර ඔවුන්ට ඔවුන්ගේ බලය අහිමි වෙනවා," යනුවෙන්ද මහ කොමසාරිස්වරිය සිය දේශනයේදී සඳහන් කළාය. සුළු ජාතීන්ගේ ව්‍යාපාර ලොව පුරාම කාන්තාවන් මුහුණ දෙන ඛේදනීය අත් දැකීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය පසුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාව මහ ලේකම්වරයාගේ අවධානයට ලක් වී තිබිණ. "ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සම්බන්ධ මහ කොමසාරිස්වරියගේ වාර්තාව මම අගය කරනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය. මේ අතර සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය, සිය මානව හිමිකම් උල්ලංඝනය කෙරුණු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිණිස කටයුතු කරන මෙන් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. සිවිල් සමාජ ක්‍රියාධරයන්ට කෙරෙන අඩන්තේට්ටම් සහ පළිගැනීම් නවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන මෙන්ද ලන්ඩනය මූලස්ථාන කොට ගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි. අන්තර් ජාතික නීතිය යටතට ගැනෙන අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව අන්තරජාතික ප්‍රමිතීන්ට අනුව විභාග කරන මෙන් එම සංවිධානය සිය ලිඛිත ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. සුළු ජාතීන්ගේ ව්‍යාපාර සහ ආගම් නීතියේ ආධිපත්‍යය යටතේ ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කෙරෙන තවත් ඉල්ලීමක්.
ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස මානව හිමිකම් මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද මහ කොමසාරිස් වරයා පවසයි මැලේසියාවේ තානාපති කල්‍යානන්ද ගොඩගේ ඒ බව සඳහන් කළේ මාස හතක කාලයක් පදවිය දැරීමෙන් අනතුරුව ඔහු යලි ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේදී. එම තීන්දුව පිළිබඳව නොසතුට පළ කරමින් විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද ඔහු පවසයි. "ජනාධිපති තුමා මම හොඳට දන්නා කෙනෙක් 1970 ගණන්වල ඉඳලා. එහෙම දෙයක් වෙන්න ඇති නැත්නම් ජනාධිපති තුමා මෙහෙම දෙයක් කවදාවත් කරන්නේ නෑ," කිසිවෙකු විසින් ජනාධිපති වරයා නොමඟ යවා ඇත්දැයි සංදේශය විමසූ විට ඔහු පිළිතුරු දුන්නේය. අන්තවාදී දෙමළ කණ්ඩායම් දියතලාවේ වැඩ මුළුව "කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන" මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ ජනාධිපති තුමා සහ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විසින් ශ්‍රී ලංකා දුත මණ්ඩල නියෝජිතයන් කැඳවා ඉකුත් ජුලි මස මුලදී දියතලාවේ යුද හමුදා කඳවුරේදී පැවැත්වූ වැඩ මුළුවකදී විදේශ ගත දෙමළ ප්‍රජාව සමගින් සාකච්ඡා කිරීම පිළිබඳව මතු කළ පැණයක් තමන් ආපසු කැඳවීමට හේතුවී ඇති බව මහා කොමසාරිස් වරයාගේ විශ්වාසයයි. "වෙන හේතුවක් කිසිම දෙයක් තිබුනේ නෑ. කිසිම වැරැද්දක් කරලා තිබුනේ නෑ. මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී දෙමළ කණ්ඩායම් ඉන්නවා, අපිව විවේචනය කරනවා, මෙහේ ආණ්ඩුවට තර්ජනය කරනවා. ඉතින් මම කිවුවේ මෙහේ ඉන්න අන්තවාදී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ඕන. එහෙම කරලා අපේ පැත්තට හරවා ගන්න ඕන," මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කල්‍යානන්ද ගොඩගේ වැඩිදුරටත් පැවසීය. තමන්ගේ එම ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය ජී එල් පීරිස් කෝපයට පත්වූ බව ද මහ කොමසාරිස් වරයා පවසයි. එම දෙමළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කොට විදේශගත දෙමළ ප්‍රජාව ද ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට එකඟ කරවා ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පවසන ඔහු කෙසේ වුවත් තමා පදවියන් ඉවත් කොට එම පදවිය දැරීමට උත්සාහ දරන පිරිසක් ජනාධිපති වරයා නොමග යවා ඇති හඩක් පෙනී යන බව ද පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
කට කථා කරුවන් ජනාධිපතිවරයා නොමඟ යවා තමන් තානාපති පදවියෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'එල්ටීටීඊ සාමාජිකයින් සමරන බව පවසමින් දකුණේ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබාගැනීම අනුමත කළ නොහැකියි' යුද්ධයට සහභාගී වූ එල්ටීටීඊ සාමාජිකයන් පමණක් නොව එහිදී ''අහිංසක සාමාන්‍ය වැසියන්ද'' මරුමුවට පත් වූ බව ඔහු කියා සිටියේ යුද්ධයෙන් මියගිය පිරිස් සිහි කරමින් මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි පැවති අනුස්මරණ උළෙලක් අමතමින්. එල්ටීටීඊ සාමාජිකයින් අනුස්මරණය කරන බව පවසමින් දකුණේ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් උතුරු පළාත් මහඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මුලතිව් වෙල්ලිමුල්ලිවයිකාල් පළාතේ ඉදි කොට ඇති විශේෂ යුද ස්මාරකය අභියසදී සැමරුම් උළෙල පැවැත්වුණු අතර ඊට සහභාගි වූ පිරිස මල් තබා පහන් දල්වමින් යුද්ධයේදී මියගිය තම ඥාතීන්ට පිං අනුමෝදනා කළහ. උතුරු පළාත් සභාව විසින් සිදු කරන ලද යෝජනාවකට අනුව අනුස්මරණ උළෙල පැවැත්වුණු අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි හා යාපනය දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටියහ. සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක් වී සිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ බවත් උතුරු පළාතේ තවත් ස්ථාන කීපයකද එවැනි සැමරුම් උළෙල සංවිධානය කර තිබුණු බවත් දිනසේන රතුගමගේ වාර්තා කරයි.
යුද්ධයේ අවසාන දින කීපයේ මරුමුවට පත් වූයේ එල්ටීටීඊ සාමාජිකයන් පමණක්ම නොවන බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංවාද මණ්ඩපය මෙහෙයවන ලද්දේ මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන විසින් මාධ්‍යවලට අදාළ ආයතන සහ ව්‍යුහයන් පිහිටුවීම, ප්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන යනාදී කටයුතු එවැනි ස්වාධීන ආයතනයක් යටතේ සිදුකිරීම වගකීම් සහගත නිදහස් මාධ්‍ය සම්ප්‍රදායයක් ඇතිකිරීම පිණිස ඉතා වැදගත් බවයි එම සංවිධානය පවසන්නේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බව පවසන්නේ ලෝක ජනමාධ්‍ය දිනය තේමා කරගෙන පසුගියදා පැවැත්වුණු වැඩමුළුවකදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් පැවැත්වුණු රැස්වීමේදී අන්තර්ජාතික මාධ්‍ය සහයෝගිතාවයේ ආචාර්ය රංග කලංසූරිය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී දේශණ පැවැත්වූහ විද්‍යුත් මාධ්‍යවලට බලපත්‍ර ලබාදීමේ බලය පැවරෙන ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටුවීම, රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීම ඇතුළු ජනමාධ්‍යවලට අදාළ කරුණු යෝජිත ස්වාධීන නියාමන කොමිසම යටතේ පිහිටුවනු ලබන ස්වාධීන විද්වත් කමිටුවලට පැවරිය හැකි බවත් නිවේදනයේ සඳහන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය විරුද්ධ පක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි. එමෙන්ම සියලු රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත්කරන බවට ආණ්ඩුවේ බොහෝ බලධාරීන් මෙන්ම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාද කිහිප වතාවක්ම ප්‍රතිඥා දුන්නේය. ඉහත කී කරුණු හැරුණු විට ජනමාධ්‍යවලට අදාළ නීති ප්‍රතිව්‍යහගත කිරීම් ඇතුළු බොහෝ කටයුතුද ස්වාධීන නියාමන කොමිසමට පැවරිය හැකි බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට අදාළ කටයුතු මෙහෙයවීම පිණිස ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පරාජය ඉදිරියට යෑම සඳහා පාඩමක් කර ගන්නා බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු ඒ බව කියා සිටියේ ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත Champion's Trophy' තරගාවලියේ කුසාලනය ශ්‍රී ලංකාවේ දී එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ආබාධ තත්වයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ අතර රංගන හේරත්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කිරීමට සමත් විය. ප්‍රථම වරට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් පරාජය වීම ඇතැම් ක්‍රීඩා විචාරකයන්ගේ විවේචනයට ලක් විණි. බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අභාවයට ගිය බව සඳහන් කර අයිලන්ඩ් පුවත්පත මරණ දැන්වීමක් පවා පළ කර තිබිණි. ඒ පිළිබඳ නායක ඇන්ජලෝ මැතිව්ස් පළ කළ අදහස් ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගයක් පරාජය පත් වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට ද ඉතා කණගාටුදායක අවස්ථාවක් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගතවන බව පෙන්වා දෙයි. එවැනි නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදය මග හරවා ගැනීම සහ වංචා දූෂණ හේතුවෙන් රජයට අහිමි වූ මහජන මුදල් නැවත ලබා ගැනීමේ අරමුණින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස තමන් ඇතුළු කැබිනට් ඇමතිවරු දාහත් දෙනෙකුගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරයා කියා සිටියේය. සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ද එවැනි කොමිෂන් සභා පත් කොට ඇති බවත් ඔහු පෙන්වා දුණි. 'තීන්දු ලබා දීමේ බලය' අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම "නඩු ඇසීම සහ ඉක්මන් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ කොමිසමට තීන්දු ලබා දී දඬුවම් කරන්නත් පුළුවන්," කී ඇමතිවරයා එම යෝජනාවට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ සහාය හිමිවනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. පෙර පැවති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත මේවන විට අහෝසි වී ඇති බැවින් එය පූර්වාදර්ශයක් ලෙස ගෙන අලුතින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වැඩිදුරටත් කියා සිටියේය.
බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු බවට කැබිනට් ඇමතිවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වූයේ දඩයමට ලක් වීම හේතුවෙන් වන අලි ඉතා ඉක්මනින් වඳ වී යා හැකි බවට පරිසරවේදීහු අනතුරු හැඟවීමත් සමගයි. කෙන්යානු ආණ්ඩුව විසින් රාජසන්තක කරනු ලැබූ ඇත් දළ තොගයක් පසු ගියදා විනාශ දැමුණු අයුරු විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ සියයට හැටකට වැඩි ප්‍රමාණයකින් දඩයමට ලක් වී ඇති මධ්‍යම අප්‍රිකාවේ අලි ඇතුන් ගහනය දරුණු ලෙස වඳ වී යෑමේ තර්ජනයට ගොදුරු වී ඇති බව ලෝක වනසත්ව පදනම (WWF) පැවසුවේය. නීති විරෝධී ලෙස ඇත් දළ වෙළදාමේ යෙදෙන ලොව පුරා සිටින ජාවාරම්කරුවන් විසින් අලි ඇතුන් දඩයම් කිරීම සංවිධානගතව සිදු කරන බව පරිසරවේදීහු පවසති. මරා දැමීමට ලක් වන ඇතුන්ගේ දළ වලින් බොහෝ ප්‍රමාණයක් චීනයේ නීති විරෝධී වෙළඳපළට සපයන බව පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටිති.
දරුණු ලෙස දඩයම් වීමේ අවදානමට ලක් වී සිටින වන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තිහකට වැඩි රටවල නියෝජිතයෝ බොට්ස්වානා රාජ්‍යයට රැස් වූහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපති බෂාර් අල් අසාද් (වම් පසින්) සහ ජනාධිපති ව්ලැද්මීර් පූතින් ට්‍රම්ප් පාලනය ඇතුළු බටහිර රටවල් එවැනි උත්සාහයක යෙදී සිටින්නේ ජනාධිපති අසාද්ට එරෙහි කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වීමත් සමගය. එම ප්‍රහාරයෙන් දරුවන්, කාන්තාවන් ඇතුළු අසූ දෙනෙක් මරුමුවට පත්වූහ. කෙසේ නමුත් අසාද් හිතවාදී හමුදා වෙත තවදුරටත් සහාය ලබා දෙන බව රුසියාව ඊයේ (අප්‍රේල් 12) යළි තහවුරු කළේය. වසර හයක් පුරා පවතින සිරියානු යුද්ධයට රුසියාව සම්බන්ධ වූයේ කෙසේද? රුසියාවට සිරියාව මෙතරම් වැදගත් වන්නේ ඇයි? සිරියානු ගැටුමේ ප්‍රධාන පාර්ශ්ව හෝම්ස් නගරයේ සිරියානු හමුදා භටයෙකු පසු කරමින් යන රුසියානු හමුදා පොලිසියේ (Military Police) භටයන් දෙදෙනෙක් අයිඑස් කැරලිකරුවන්ට එරෙහි සටනට සහාය ලබා දෙන බව රුසියාව පවසන නමුත් අසාද් පාලනයට එරෙහි බටහිර සහාය ලබන ඇතැම් කැරලි කණ්ඩායම් ද රුසියාවේ ඉලක්ක බවට පත්වන බවට චෝදනා එල්ල වේ. රුසියාවේ සහ සිරියාවේ දේශපාලනික සබඳතා සීතල යුද සමය (නිරවි යුද සමය) දක්වා දිවයයි. සිරියාවට බලපෑම් කිරීමේ හැකියාව එවක පැවති සෝවියට් සමුහාණ්ඩුව (සෝවියට් සංගමය) සතු විය. සෝවියට් රුසියාව සිරියාවට ආයුධ සහ ආධාර ලබා දුණි. සෝවියට් දේශයේ බිඳ වැටීම හැත්තෑව දශකයේ සෝවියට් රුසියාවේ නායකයා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් නමුත් අනූව දශකයේ දී සෝවියට් සමුහාණ්ඩුවේ බිඳ වැටීමත් සමග සිරියාව සම්බන්ධයෙන් වූ රුසියාවේ බලපෑම හීන විය. 2000 වසරේ දී ව්ලැද්මීර් පූතින් රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූ අතර බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් විණි. එවක නායකයන් දෙපළ අතර සමීප සබඳතාවක් නොපැවති නමුත් ජනාධිපති පූතින් රුසියාවේ හමුදා ශක්තිය පුළුල් කිරීම ආරම්භ කිරීමත් සමග රුසියාවේ සහ සිරියාවේ පැරණි මිත්‍රත්වය යළි ශක්තිමත් වීම ආරම්භ විය. අරාබි වසන්තය 2011 වසර දක්වා ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි 2011 වසරේ මැදපෙරදිග කලාපය පුරා පැතිරුණු අරාබි වසන්තයත් සමග සිරියාවට ලබා දෙන සහාය ඉහළ නැංවීමට රුසියාව කටයුතු කළේය. එම වසරේදී දීර්ඝ කලක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කෙරිණි. "රුසියාව ගඩාෆි සමග දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූවා. ඒ වගේම රුසියාව ලිබියාවට ඩොලර් බිලියන ගණනාවක ආයුද විකිණීමට නියමිතව තිබුණා" යනුවෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ විද්වත් මණ්ඩලයක් වන ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමේ තිරසර ආරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ රිචර්ඩ් රීව් පැවසීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැදපෙරදිග කලාපය තුළ වෙනත් මිත්‍ර පාර්ශ්ව සොයා යාමට ජනාධිපති පූතින් කටයුතු කළේය.
සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයෙන් ඈත් වී සිටීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ උත්සාහයක ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් ගණනාවක් යෙදී සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
2011 නත්තල් දින කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ, සැකකරු සිටින ස්ථානය සොයා බැලීම පිණිස විමර්ශන කණ්ඩායමක් දැනටමත් යවා තිබෙන බවද සඳහන් කළේය. කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගය ඊයේ කැඳ වූ අවස්ථාවේ සැකකාර සභාපතිවරයා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ. සිය සේවාදායකයා අසනීපයෙන් පසු වන බව සම්පත් විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දුන් නමුත්, ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. සැකකරු ගාල්ල රෝහලට ඇතුලත් කොට ඇතැයි නීතිවේදියා පැවසූ බවත් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේය. කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට දින දෙකකට ඉහත දී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි, හේමාස් රෝහලේ බලධාරීන් පවසන්නේ.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය. මේ වනවිට මරණ 139 ක් වාර්තා වී ඇති අතර,දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්තාන් ජාතික ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්,පන්ජාබ්,සින්ධු සහ බලුකිස්තාන් ප්‍රාන්තවල ගේ දොර අහිමි වූ ජනතාවට ආධාර කිරීමට සහන කඳවුරු සිය ගණනක් පිහිටුවා ඇති බවයි කියා සිටියේ. ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානයට තවත් දරුණු මෝසම් වැසි ඇද වැටිය හැකි බවට ද අනාවැකි පළ වෙමින් ඇත. පසුගිය වසර කීපයේම, මෝසම් වැසි සමයේ මෙවැනි ගංවතුර උවදුරු වලට මුහුණ දීමට පාකිස්තානයට සිදු විය. මහජන දේපොළ සහ වගා බිම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර නොගන්නා බවට පාකිස්තාන් බලධාරීන් දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇති බවක් ද වාර්තා මගින් පැවසෙයි.
ධාරානිපාත මෝසම් වැස්සත් සමඟ ඇති වූ ගංවතුර නිසා දශ ලක්ෂයකට ආසන්න ජනකායක් දුෂ්කර අඩියකට වැටී සිටින බව පාකිස්තාන් නිලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ෆේස් බුක් බෙබ් අඩවියට ප්‍රචණ්ඩ ක්‍රියා පල කිරීම සම්බන්ධයෙන් අඩියක් පස්සට ගැනීමට සිදුවුනේ ඇයි? මානව හිමිකම් ගැන කතා කරන වෙබ් අඩවි වලට මෙන් ම පුවත් වාර්තා කරන වෙබ් අඩවි වලටත් නිතර ප්‍රහාර එල්ල වෙනවා. මේ වෙබ් අඩවි වලට බේරෙන්න ක්‍රමයක් තිබේ ද? තාක්ෂණය ගැන උනන්දු උදවිය මෙවලම්වල අලුත් සංස්කරණයක් එන විට ඒ ගැන දක්වන්නේ දැඩි උනන්දුවක්. අලුතින් වෙළඳපළට එකතු වෙන ඇපල් අයි පෑඩ් පරිගණක පුවරුවේ වෙනස්කම් මොනවාද? ඡායාරූපයක් ගන්නා කොට නාභි ගත කිරීම හෝ ෆෝකස් කිරීම කල යුත්තේ ඡායාරූපය ගැනීමට පෙරයි. එත් දැන් ඡායාරූපය ගත් පසුවත් නාභි ගත කිරීම වෙනස් කල හැකි. ඒ කෙසේ ද? තාක්ෂණයේ නව රැල්ල හදුනාගන්න ක්ලික් වෙත එන්න
මේ සතියේ ක්ලික්
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි සතුන් සාමාන්‍යයෙන් නොගැවසෙන ස්ථාන වලදී දැක ගැනීමට ලැබෙන අවස්ථා ද නැතුවා නොවේ. වරක දකුණු අප්‍රිකාවේ 'සාබි' රක්ෂිතයේ මගපෙන්වන්නෙකුට ගස් දෙබලක් මත සිරවූ ජිරාෆ් නාම්බෙකුගේ මළකුණක් හමු විය. ජිරාෆ් මළකුණ ගසේ මීටර කිහිපයක් ඉහළට ගෙන ගොස් ඇත්තේ කොටියෙකු විසිනි. දින කිහිපයක් සිය භෝජනය භුක්ති විඳීමෙන් අනතුරුව කොටියා ඉතිරි කර ගොස් තිබුණේ ඇටකටු, හම සහ බිම වැටී විසිරී ගිය කුඩා මස් කැබලි කිහිපයක් පමණි. කිලෝග්‍රෑම් 300 ක් බරැති ජිරාෆ් මළකුණ ඝාතකයාට වඩා පස් ගුණයක් බරින් වැඩිය. නමුත් එවැනි බරක් ඔසවා ගෙන යාමට කොටියාට සාධාරණ හේතුවක් ඇත. කොටියෙකු තම උදර පෝෂණය සඳහා දඩයම් කර ගත් සතෙකු ගසක් මුදුනට රැගෙන නොයෑම සිංහයකුට හෝ හයිනා රංචුවකට වාසි ගෙන දිය හැක. සොරකමේ යන විලෝපිකයන් 2017 වසරේ පෙබරවාරි මාසයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව දඩයම් කළ සතෙකු ගසක් මතට ගෙන යාම, සෙසු විලෝපිකයන්ගෙන් එල්ල වන තර්ජන මඟහැර ගැනීමට කොටියාට උපකාර වේ. බිළාල කුලයේ වන සතුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන 'Panthera' නමැති ලාභ අරමුණු කර නොගත් ආයතනයට අනුව 'සාබි' රක්ෂිතයේ වෙසෙන කොටි, දඩයම් වශයෙන් ජිරාෆ් සහ මුවන් ඇතුළු සත්ව විශේෂ 40 ක්වත් ගොදුරු කර ගනිති. කොටි, එම ගොදුරුවලින් අඩක් ගස් මතට ඔසවා ගෙන යති. කොටියකු විසින් ගස් මුදුන් මතට ගෙන යන ගොදුරු වෙනත් විලෝපිකයෙකු විසින් සොරකම් කර ගැනීමට ඇති හැකියාව 67% කින් අඩුය. නමුත් කොටියෙකු විසින් දඩයම් කර ගනු ලබන සෑම සතුන් පස් දෙනෙකුගෙන් එක් සතෙකු හයිනා, සිංහයන් හෝ තම වර්ගයාටම අයත් වෙනත් පිරිමි කොටියෙකු වැනි විලෝපිකයන්ගේ සොරා කෑමට ලක් වේ. වැඩි නැඹුරුව තම බරින් අඩක් හෝ තමාගේ බරට එක හමාර ගුණයකින් වැඩි සතකු ගසක් වෙත ඔසවා ගෙන යාමට කොටි වැඩි නැඹුරුවක් දක්වන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති. ගොදුරු කර ගත් සතෙකුගේ ශරීර ප්‍රමාණය ඉතා කුඩා නම් හෝ වඩාත් විශාල නම් පොළොවේ සිටම කොටි එය භුක්ති විඳිති. හයිනා රංචුවක් හෝ වෙනත් පිරිමි කොටියෙකු ඇස ගැටීම දඩයක්කාර කොටියාට සිය ගොදුර ගසක් මතට ගෙන යාමට රුකුලක් වනු ඇත. ඉන්දියාව වැනි විලෝපිකයන් අඩු, සැඟවී සිටිය හැකි ඝන වනාන්තර සහිත කලාපවල වෙසෙන කොටි තම දඩයම ගස් මතට ඔසවා ගෙන යන්නේ අඩු වශයෙනි.
'දැවැන්තයන් පස් දෙනා' ලෙස හඳුන්වනු ලබන අලිඇතුන්, සිංහයන්, කොටියන්, රයිනෝසරයන් සහ අප්‍රිකානු මී ගවයන් ඇතුළු සතා සිව්පාවෝ අප්‍රිකානු වනාන්තර තුළ කෑම සොයා ඒ මේ අත සැරිසරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ,ඇෆ්ඝන් සංහිඳියා ක්‍රියාදාමය පෙරට ගෙන යාමක් හැටියට බවත් ප්‍රකාශ කොට ඇත. පාකිස්තාන් ආණ්ඩුව ගත් පියවර ඇෆ්ඝනිස්තානයේ ප්‍රසාදයට ලක් වූ බවයි කාබුල් අගනුවරින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. සාකච්ඡා ක්‍රියාමාර්ගයකට කැමති තාලිබාන් ප්‍රධානීන් කීප දෙනාට මුල්ලා අබ්දුල් ඝානි බරදාර් ද ඇතුළත් වෙන බව ඇෆ්ඝන් බලධාරීන්ගේ තක්සේරුව වී ඇත. ඇෆ්ඝන් බූමියේ රඳවා සිටි විදේශීය සෙබළුන් තුන් දෙනකුට වෙඩි තබා ඇති බව නේටෝ යුද හවුල මේ අතර නිවේදනය කරයි. පක්තියා ප්‍රාන්තයේ දීයි, විදේශ සෙබළුන්ට වෙඩි තබා මරා දමා තිබෙන්නේ. ඇෆ්ඝන් ආරක්ෂක හමුදාවේ නිල ඇඳුමින් සැරසී පැමිණි කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කළ බව නේටෝ ප්‍රකාශනයක දැක්වෙයි.
ඇෆ්ඝනිස්තාන් තාලිබාන් ව්‍යාපාරයේ ඉහළම මට්ටමේ නායකයකු වන, මුල්ලා අබ්දුල් ඝානි බරදාර් නිදහස් කළ බව පාකිස්තාන් විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය. ඒ වන විට ඇය අතුරුදහන් වී දින කිහිපයක් ගතවී තිබුණි. පැහැර ගැනීම්, ලිංගික අතවර සහ ඝාතන සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොමැති බව කුපිතවූ පිරිස් පවසති. කසුර් (Kasur) පොලීසිය පවසන පරිදි පසුගිය දෙවසර ඇතුළත මේ හා සමාන ඝාතන 12ක් සිදු වී තිබේ. කැරලි කෝලහල හේතුවෙන් දෙදෙනෙක් මියගොස් ඇත ඉන් පස්දෙනෙකුගේම ඝාතනවලට එක් සැකකරුවෙකු සම්බන්ධ බව ද පොලීසිය පවසයි. සැකකටයුතු 90 දෙනෙක්ගෙන් පමණ ඩීඑන්ඒ (DNA) සාම්පල ලබාගැනීමෙන් අනතුරුව, අදාළ සැකකරු අල්ලා ගැනීම පිණිස සියයකින් පමණ සමන්විත පොලිස් බලඇණියක් යොදවනු ලැබ තිබේ. ලාහොර් නගරයට කිලෝමීටර 20ක් පමණ දකුණු දෙසින් පිහිටි කසුර් පොලිස් මූලස්ථානය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු කුපිත වූ පිරිස්වලට පොලීසිය වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්විය. පාකිස්තානය කළඹන ළමා ඝාතන සෙනබ්ගේ ඝාතනයත් සමග පාකිස්තානය පුරා සිදුවන කෘර ඝාතනයන්ට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් මතු වී තිබේ. ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ජනප්‍රිය සිනමා සහ ක්‍රිකට් තාරකාවන් ඉල්ලා සිටින අතර, යුද හමුදාව ද පොලීසියට සහාය දීමට ඉදිරිපත්ව සිටී. සෙනබ් දැරිය අතුරුදහන්ව තිබුනේ ඇය කුරාණය කියවීමට යමින් සිටියදීය. ඉන් පසුව අඟහරුවාදා ඇගේ සිරුර හමුවුනේ නිවසට කිලෝමීටර දෙකක් පමණ දුරකිනි. දැරිය අතුරුදහන් බව පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බව සෙනබ්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති. එසේම, දැරිය ගමන්ගත් මාර්ගයේ ඇති සීසීටීවී (CCTV) දර්ශන පවා රැස්කර තිබුනේ පොලීසිය නොව ඇගේ ඥාතීන් විසිනි. දැරිය පුද්ගලයෙක් අතින් අල්ලාගෙන රැගෙන යන ආකාරය සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස සංසරණය විය. "පොලීසිය ක්ෂණික පියවර ගත්තේ නම් වරදකරු අත් අඩංගුවට ගැනීමට තිබුනා," සෞදි අරාබියේ වන්දනාවක නිරතව සිටි සෙනබ්ගේ පියා ඉස්ලාමාබාද්වෙත නැවත පැමිණීමෙන් අනතුරුව Geo TV වෙත පැවසීය. මාස කිහිපයකට වරක් මීට සමාන සිදුවීම් කසුර් ප්‍රදේශයේ සිදුවන බව පොලීසිය පවසයි. නගර මධ්‍යයේ පිහිටි නිවසට ආසන්න කඩයකට ගිය අවුරුදු නවයක දැරියක් පසුගිය මාසයේ අතුරුදහන් විය. පසුව එම ග්‍රහණයෙන් පළා ඒමට ඇය සමත්වූ නමුත්, එමගින් ඇතිවූ දැඩි කම්පනයෙන් දැරිය තවමත් පීඩා විඳින බව වාර්තාවේ. සෙනබ්ගේ ඝාතනය සාමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පුළුල් ලෙස පැතිරීමට හේතුවූ අතර, #JusticeforZainab ව්‍යාපාරය ලොවපුරා වැඩි අවධානයක් දිනාගෙන ඇත. වෙනත් පුවත්:
දරුවන් ඝාතනය කිරීමේ "අපරාධ රැල්ලක්" මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නැදින් පාර්(දකුණේ) රාමදාන් උපවාසය සඳහා තමාට ආරාධනා කළ සිය හොඳම මිතුරිය වන සොරායා ඩීන් සමඟ ''මම මෙවර රාමදාන් ආගමික මාසයේ මගේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට එක්ව ඔවුන් සමඟ රාමදාන් උපවාසය කාලය ගතකිරීමට ආශාවෙන් බලා සිටිනවා. මෙය මට එවැනි වාසනාවක් අත්වෙන පළමු වතාවයි '' '' ''මම බෞද්ධයෙක්. මම මගේ මුළු ජීවිත කාලය පුරාම උත්සාහ කරන්නේ බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට'' ඔහු 'ට්විටර්' මාධ්‍ය ජාලයට පැවසීය. රෙහාන් ජයවික්‍රම දකුණු පළාතේ වැලිගම නගරසභාවේ සභාපති පදවිය දරයි. අප්‍රියෙල් 14 වෙනිදා රාමදාන් මාසය ආරම්භවීමේ පටන් මුස්ලිම් ආගමික ප්‍රතිපදාව අනුව යමින් දිවාකාලය තුළ ආහාරපාන ගැනීමෙන් වැළකී සිටියි. මේ වසරේ අප්‍රියෙල් 14 ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාව වන සිංහල ජනතාවට සහ මුස්ලිම් ප්‍රජාවට සුවිශේෂී දිනයක් විය. එම දිනය සිංහල සහ දෙමළ ජනයාගේ නව අවුරුදු උදාව සැමරීම සහ මුස්ලිම් රාමදාන් උපවාස සමයේ ආරම්භයත් එක දිනයක යෙදුණු දුර්ලභ අවස්ථාවක් විය. එහෙත් මෙයින් වසර දෙකකට පෙර 2019 වසරේ පාස්කු ඉරිදා දිනයෙහි ඉස්ලාම් සන්නද්ධ කණ්ඩායමක් විසින් මහජන ජීවිත 270කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කරමින් කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කොට එල්ලකරන ලද බෝම්බ ප්‍රහාර සමඟ බහුවාර්ගික ජන සංයුතියක් සහිත ශ්‍රී ලාංකික සමාජය බලවත් තිගැස්මකට පත්විය. රෙහාන් ජයවික්‍රම දවසේ උපවාස කාලය නිමාවේ මුස්ලිම් ජනතාව සමඟ ආහාර ගනිමින් තමා මුස්ලිම් ජනතාවත් සමඟ මෙවර රාමදාන් උපවාසයට එකතුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පැතිරගිය මුස්ලිම් විරෝධී සමාජ ආකල්ප සමාජයෙන් ඉවත්කරනු ලැබීමේ චේතනාවෙන් වන බවත් බෞද්ධයකු වන රෙහාන් ජයවික්‍රම පවසයි. මේ අතර රෙහාන් ජයවික්‍රම දෝෂදර්ශනයට ලක්කරන ඇතැමෙක් ''ඔහු මුස්ලිම් ඡන්ද පසුපස දුවන'' බවට චෝදනා කරති. ඊට ප්‍රතිචාරය දක්වන තරුණ දේශපාලනඥයා සිය ආධාරකරුවන් විසින් 'ට්විටර්' ජාලයේ පළකර ඇති අදහසක් සිහි කැඳවයි. ''වෛරය වැපිරීමට වඩා ආගමික සහජීවනය නංවාලමින් ඡන්ද දිනාගැනීම වඩාත් යහපත්ය'' කතෝලික බැතිමතියක වන මේරි ඈන් ඩේවිඩ් මාධ්‍යවේදිනිය වසර 15කට අධික කාලයක් තිස්සේ රාමදාන් ප්‍රතිපදාව අනුගමනය කරන්නීය කතෝලික බැතිමතියක වන මේරි ඈන් ඩේවිඩ් මාධ්‍යවේදිනිය වසර 15කට අධික කාලයක් තිස්සේ රාමදාන් ප්‍රතිපදාව අනුගමනය කරයි. රාමදාන් කාලය 'තමා කෙරෙහිම කේන්ද්‍රගත වෙමින් වැදගත් කරුණු මෙනෙහි කරනු ලැබීමට උපයෝගී කරගන්නා බව ඇය පවසන්නීය. ''උපවාසය මගින් සිදුකෙරෙන එක දෙයක් දිගින් දිගටම ආහාර ගැන හිත හිතා ඉන්නෙකෙන් වැළකීම. ඒ වගේම කම්මැලිකම නිසා හෝ තරහයෑම නිසා අරමුණකින් තොරව වරින්වර කෑම කෑමත් එමගින් වළකිනවා. ඒ සමඟ විනයක් ඇතිව දවස පිළියෙළ කර ගැනීමකුත් සිද්ධවෙනවා'' මේරි ඈන් සඳහන් කළාය. රාමදාන් චාරිත්‍රය මගින් සිය අරමුණු ශක්තිමත් කරන බවත් සෞඛ්‍ය සම්පන්න හැඟීමක් ජනිතකරන බවත් ඇය පවසන්නීය. ''දැනටමත් යම් ආකාරයක නිශ්චිත ජීවන වරප්‍රසාද භුක්ති විඳින සහ රැකියාවන්හි නිරතවෙන අයට දිවාකාලයේ ආහාර නොගෙන සිටීම විශාල පරිත්‍යාග කිරීමක් වෙන්නේ නැහැ'' මේරි ඈන් බීබීසියට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කාලය ''නමුත් අතපය වෙහෙසවමින් ශ්‍රමය වැයකරනු ලබන සහ දැඩි රශ්නය සහිත ස්ථානවල එළිමහනේ වැඩකරන හොඳ ආහාරවේලක් ලබාගැනීමට ප්‍රමාණවත් අතමිට නැති ජනතාවට එය ඉතා දුෂ්කර කරුණක්'' පරිත්‍යාගය ඉතාම වැදගත් දෙය බව මේරි ඈන් අවධාරණය කරයි. ''මම හිතන හැටියට ආහාරපාන ගැනීමෙන් වැළකී සිටින අතරවාරයේ ඊට සමාන්තරව හැකිතාක් දන්දීම අවශ්‍යයි. වරප්‍රසාද අහිමි ජනතාවට ආහාරපාන ලබාදෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරමින් උපවාස කිරීමට අනුබල දෙන්න ඕන'' හිරුබැස යන හෝරාවේ උපවාසය නතර කරමින් මේරි ඈන් භුක්ති විඳින ආහාරවේලට රතුසහලින් පිසූ කැඳ,රොටී,පිසින ලද හරක් මස්,සලාද,පලතුරු යුෂ,රටඉඳි සහ ජලය ඇතුළත් වෙයි. එකමුතුභාවය මේ අතර,ලෝකයේ තවත් කෙළවරක සිටින නැදින් පාර් කියන්නේ කුමක්ද? ඇයත් රාමදාන් උපවාස චාරිත්‍රය අනුගමනය කරන මුස්ලිම් නොවන කාන්තාවකි. බැතිමත් කිතුනුවකු වන නැදින් රාමදාන් අනුගමනය කරන්නේ සිය මිතුරියක වන මුස්ලිම් කාන්තාවකගේ හඳුන්වාදීම අනුවය. ''එය ජේසුස් වහන්සේ අදහන උන්වහන්සේගේ අනුගාමික කාන්තාවක් හැටියට මගේ ස්වීය විශ්වාසය පළකරනු ලැබීමක් වගේම රාමදාන් මාසයේ දී උපවාසය තෝරාගැනීම මගේ ආදරණීය මුස්ලිම් මිතුරන් වෙනුවෙන් සහයෝගය පළකෙරෙන ක්‍රියාමාර්ගයක්'' එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි පදිංචි නැදින් ලේඛිකාවකි. එසේම ඇය ව්‍යාපාරික අංශයේ පුහුණුකරන්නියක් මෙන්ම පාසල් ගුරුවරියක් ද වන්නීය. ''මම රාමදාන් චාරිත්‍ර පිළිපදින්න පටන් අරගෙන කාලයක් ගතවුණා. අවුරුදු හතක්. මම රාමදාන් උපදෙස් දැඩිව පිළිපදිනවා. හිරු උදාවට පෙර පාතරාසය ගැනීම සහ හිරු බැසයන තෙක් ආහාරපාන ගැනීමෙන් වැළකී සිටිනවා'' ''අන්‍යෝන්‍ය සහයෝගය සහිත මෙම ජීවන ගමනේ දී මගේ ජීවිතයේ මම කැමතිම අංගය වන්නේ ප්‍රජාව සහ මිතුරන් අතර ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා ගොඩනගන පාලමක් වීම'' නැදින් පාර් වසර හතක කාලයක් රාමදාන් චාරිත්‍ර අනුගමනය කරයි එකමුතුවීමේ කාලයක් ''මෙය විනය හෝ පරිත්‍යාගයට පමණක් අදාළ කාලසීමාවක් ද නොවන අතර සිය ප්‍රියතමයන් සමඟ එකමුතුව ප්‍රීතියෙන් සමරනු ලැබීමට සුදුසු කාල පරිච්ඡේදයක් වන බව'' මේරි ඈන් පවසයි. ''අපි උපවාස පැය ගණන නිමාවේ අපට ආරාධනා කළ මිතුරන්ගේ හෝ වෙනත් පවුලක නිවසට ගියොත් දකින්න ලැබෙන්නේ රාත්‍රී සාදයක දර්ශනයක්. මත්පැන් විතරයි නැත්තේ'' මේරි ඈන් විස්තර කළාය. ''අපි අලුත් ආහාරවර්ග අනුභව කරනවා. ඇත්තෙන්ම ගොඩාක් සතුටු වෙනවා'' ''රාමදාන් කාලෙදි අපට අහිමිවෙන ලොකුමදේ තමයි වතුර බීම. විශේෂයෙන්ම මේ උෂ්ණ කාලය තුළ. නමුත් පරිත්‍යාගයට එහාගිය වාසියක් තියෙනවා. මම පළමු වතාවට උපවාසයට එක්වූ අවස්ථාවේ මට ඇත්තෙන්ම අහිමිවුණේ ජලය. අරමුණකට යොමුවුනාම හැමදෙයක්ම පහසුයි'' මුස්ලිම් බැතිමතුන් සමඟ රාමදාන් උපවාසයට එක්වීම දෙවියන්ට සමීපවීමට උදව්වක් යයි කිතුනු බැතිමතියක වන නැදින් පවසයි. ''අපි හැම තිස්සෙම අපේ ආහාර රුචිය පිනවන්න ගියොත්,අපට අපේ පූජනීය අවස්ථා සහ පූජනීය ස්ථාන මඟ හැරෙන්න ඉඩකඩ තියෙනව. එමගින් දෙවියන් මත ඇති අපේ පූර්ණ රඳා පැවැත්ම සහ කැපවීම ස්වයංක්‍රීයව අමතක වී යන්න පුළුවන්'' ජලය සහ ආහාර නොගෙන සිටීම සිය විශ්වාසයට අලුත් දර්ශනයක් ජනිතකරන බව නැදින්ගේ විශ්වාසයයි. ''අපි අපගේ උවමනාවන්ට ඔබ්බෙන් එහා දුරක් දකිමු.අපගේ උවමනා යළි අර්ථ ගන්වනු ලැබ ඇත. අපි දෙවියන් වහන්සේ අත් විඳින්නෙමු'' පහසු නොවේ සමාජ දුරස්ථභාවය රැකගනිමින්, මුඛ ආවරණ සහිතව කොළඹ නගරයේ මුස්ලිම් පල්ලියක ආගමික මෙහෙයකට සහභාගීවෙන පිරිසක් කෙසේවුවද, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම පවසන පරිදි ''රාමදාන් උපවාස අත්දැකීම පහසු කාර්යයක් ද නොවේ'' ''මම උදේ හතරට නැගිටිනවා. රටඉඳි, යෝගට් සහ පළතුරු උදේ ආහාරය හැටියට අනුභව කරනවා. ඉන් පස්සේ සවස 6,30 වෙනතෙක් කිසිම ආහාරයක් නැහැ'' රෙහාන් බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය. මෙම අලුත් අත්හදා බැලීම දවස අවසානයේ තමාට එක්තරා නැවුම් භාවයක් ඇතිකරන බවත් තරුණ දේශපාලනඥයා පවසයි. එහෙත් තමාට එම ප්‍රතිපදාව රාමසාන් මාසය පුරාම අනුගමනය කළ හැකිවේද යන්න සම්බන්ධයෙන් ඔහු තුළ සැකයක් ද පැවතුණි. ''මට හැකිතාක් දුරට මම මෙම රාමදාන් උපවාසය දිගට පවත්වා ගන්නවා'' බෞද්ධ තරුණ දේශපාලනඥයා පැවසීය. එහෙත් ඔහු සානුකම්පිතව සඳහන් කළේ ''වතුර ටිකක් බොන්නේ නැතිව ඉන්න එකනම් හරිම අමාරු දෙයක්'' කියවන්න;
රෙහාන් ජයවික්‍රම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන තරුණ දේශපාලනඥයෙකි. පසුගිය අප්‍රියෙල් 13 දින ඔහු මවිතය දනවන සුළු ප්‍රකාශයක් කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොළඹ වරාය රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවය සමග එසේ පැවසුවේ, රේගු පරීක්ෂා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මීට දින දෙකකට පෙර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ කරුණු දැක්වීමට අදාළව බීබීසී සිංහල සේවය කළ අදහස් විමසීමකදීය. ඒ විමසීමට පදනම් වූයේ, ගුවන් තොටුපළ සහ වරාය ආශ්‍රිතව නිසි පරීක්ෂාවල යෙදී නිසි ලෙස දඩ මුදල් අය කර ගන්නේ නම් ශ්‍රී ලංකාවේ අයවැය පරතරයෙන් සියයට 75ක් පියවා ගත හැකි බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජූලි 24 වන දා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කළ සඳහනකි. "ඇත්තට ම මේ රටට එන්න ඕන ආදායම මං හිතන්නෙ, අයවැය පරතරය පියවන්න පුළුවන් සීයට හැත්තෑපහකින් වරායයි, එයාපෝර්ට් එකයි ක්‍රියාත්මක වෙනවා නම්. අපි පහුගිය කාලෙ ඩිටෙක්ට් කරල තියෙනවා, රත්තරං කිලෝ දහයක්. කස්ටම් එකෙන් චෙක් කරල ආවට පස්සෙ අපි ඇල්ලුවේ. ඇඟේ තිබුණේ. බෑග් එකේ නෙවෙයි. ඩිටෙක්ෂන් 40ක් 50ක් කරල තියෙනවා. රත්තරං ගේනවා. හෙරොයින් ගේනවා," අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසීය. ඔහු එහිදී අනාවරණය කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන වැටලීම්වලට ශ්‍රී ලංකා රේගුව සහය නොදෙන බවකි. "සමහර තැන් තියෙනවා, කස්ටම් එකේ ඒරියා එකට ඇක්සස් (ප්‍රවේශය) දෙන්නෙ නැහැ සීසීටීවී එකේ වත්.... අපි ඩිටෙක්ෂන් එකක් ගෙනිච්චත් උදේ හයට ගෙනිච්චොත් මොක ද ආවෙ කියලා අහන්නේ හැන්දෑවෙ හයෙන් පස්සේ. එක අවස්ථාවක මට සිද්ධ වුණා ගරු නීතිපතිතුමාගෙන් නිර්ණායකයක් ගන්න, අපිට කොහෙ ද ඩිටෙක්ෂන් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සමහර ඒරියාස් තියෙනවා, අපට ඩිටෙක්ට් කරන්න බැහැ කියලා. ඉතින් එතන ප්‍රශ්න ඇති වුණා ඒ හිටපු ඕ අයි සී එක්ක කස්ටම් එකේ. ඊට පස්සේ මම ලිඛිතව ලිව්ව, නීතිපතිතුමාට මේ ගැන උපදෙසක් දෙන්න කියලා. නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා එහෙම පොලිස් නිලධාරීන්ට ඩිටෙක්ෂන්ස් ගන්න ඒරියා එකක් නැහැ කියලා." පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පරීක්ෂා කිරීම් මගින් නීතිවිරෝධී භාණ්ඩ සොයා ගත් පසු එම භාණ්ඩවලට අදාළව අය කර ගත යුතු දඩ මුදල් ද නිසිපරිදි අය කර නොගන්නා බවට ද ශානි අබේසේකර මෙහිදී චෝදනා කළේය. "සමහර අල්ලපු රෙදි ගෙනාපුවා, ගහලා තියෙන්නෙ රුපියල් 20000 නම් ෆයින් එක, ඒකෙන් ලක්ෂ දෙක හමාරක් ෆයින් එක ගන්න ඕන." එහිදී ප්‍රශ්නයක් යොමු කරමින් කාරක සභා සාමාජික මහාචාර්ය ආශු මාරසිංහ විමසුවේ, ශ්‍රී ලංකාවට ගෙන ආ පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණ පිළිබඳ දත්ත අවශ්‍ය වුවහොත් එම වාර්තා ලබා ගැනීමට රේගු දත්ත ගබඩාවලට (database) පිවිසීමට හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබේ ද? යනුවෙනි. "එහෙම අපට ඇක්සස් නෑ ඒකට සම්බන්ධ වෙන්න. අඩු ම තරමින් අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එකේවත් අපිට ඩිරෙක්ට් ඇක්සස් එකක් නැහැ සී අයි ඩී එකට. ඇත්තට ම කනගාටුයි එහෙම කියන්න. ඉමිග්‍රේෂන් එකේ (ආගමන විගමන දෙපාර්තමේන්තුව) කවදාවත් අපට ඇක්සස් දෙන්නෙ නෑ. සීසීටීවී හයි කරලා තියෙන එකේවත් ඇක්සස් දෙන්නෙ නෑ අපට බලන්න," පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසීය. රේගුවේ ප්‍රතිචාරය "රේගුවේ කටයුතුවලට සෘජුව මැදිහත් වීමට ගොඩක් අය උත්සහ කරනවා" පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කළ චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. "සී අයි ඩී එක කියන විදිහට අපිට හැම කෙනෙක් ම හැම පාර්සලයක් ම සම්පූර්ණයෙන් සෝදිසි කරන්න බැහැ. අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව. හැම මගියෙක් ම පරීක්ෂා කරන්න ගියොත් රටට සංචාරකයෝ එන එක අඩු වෙයි. හැම පාර්සලයක් ම නැවක් ම පරීක්ෂා කරන්න ගියොත් එක නැවක්වත් ලංකාවට එන එකක් නැහැ. අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆැසිලිටේෂන් ගිවිසුම අනුව වැඩ කරන්න ඕන." යැයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසීය. "මගීන් ගත්තා ම මෙහෙට එන සීයට අනූනවක් ම හොඳ අය. ඒ නිසා ඔවුන්ට පීඩාවක් වෙන විදිහට පරීක්ෂා කරන්න ගියොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ස්කෑන් කිරීම් ආදී නව තාක්ෂණික ක්‍රමවලින් සෝදිසි කිරීම් කරනවා. ඒ සියල්ල හොඳින් සිදුවෙනවා. හැබැයි ලෝකේ හොඳ ම තාක්ෂණය තියෙන ඇමෙරිකාවෙත් හෙරොයින් ජාවාරම සිදුවෙනවා. මේ ප්‍රශ්නය දිහා රටක් විදිහට තනියෙන් බලන්න බැහැ," රේගු ප්‍රකාශකවරයාගේ ප්‍රතිචාරය විණි. ඔහු තවදුරටත් පැවසුවේ, දඩ නියම කිරීමේදී මානුෂික තත්ත්වය ද සැලකිල්ලට ගන්න බවය."සමහර පුද්ගලයින් සුළු මුදලක් වෙනුවෙන් ඇතැම් නීතිවිරෝධී දේවල් රටට ගේනවා. එවැනි අවස්ථාවල එම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් දැන සිටියා ද? දඩ මුදල් ගෙවීමට හැකියාවක් තියෙනවා ද? පෙර වැරදි තියෙනවා ද? ආදී කාරණා සැලකිල්ලට අරගෙනයි දඩය නියම කරන්නේ. එතැනදි යම් මානුෂික තත්ත්වයන් ගැන හිතන්න වෙනවා." "ප්‍රාථමික ප්‍රකාශයක්" කෙසේවෙතත්, රේගුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අනුව ක්‍රියාත්මක වුව ද පරීක්ෂා කිරීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් එය සමස්ට රටට ම හානිදායක විය හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම සඳහන් කළාය. මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම "ජාත්‍යන්තර වෙළෙඳාම සමග රේගුව සෘජුව සම්බන්ධ නිසා ජාත්‍යන්තර පිළිගැනීම අනුව එය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් සියලු භාණ්ඩ සහ මගීන් අධීක්ෂණය කරන්න බැහැ කියනවා නම් ඒක ප්‍රාථමික ප්‍රකාශයක්. රටට එන දේවල් අධීක්ෂණය නොවෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. සියලු දේවල් අධීක්ෂණය කළ යුතුයි. එහෙම නොකළොත් හානිය රටට ම බලපානවා. උදාහරණයක් විදිහට සේනා දළඹුවා කොහොම ද රටට ආවේ? ඒ වගේ ම ආක්‍රමණික ශාක. භාණ්ඩ හා සේවා දෙක ම නිසි ලෙස අධීක්ෂණය නොකිරීමේ ප්‍රතිවිපාක තමයි ඒ," මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම පෙන්වා දුන්නාය. රේගුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම 2018 වසරේ ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වසරේ රේගු බදු ආදායම රු. බිලියන 919.05කි. එම වර්ෂයේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1712.31ක් වූ අතර සමස්ත රාජ්‍ය ආදායමෙන් 53.7%ක ප්‍රතිශතයක් ලැබී ඇත්තේ රේගු බදු ආදායමෙනි. 2018 වසරේ රේගු බදු ආදායම් උපයා ගත් ආකාරය පහත දැක්වේ. තවදුරටත් කියවන්න.
"සේනා දළඹුවා කොහොම ද රටට ආවේ? ඒ වගේ ම ආක්‍රමණික ශාක... භාණ්ඩ හා සේවා දෙක ම නිසි ලෙස අධීක්ෂණය නොකිරීමේ ප්‍රතිවිපාක තමයි ඒ,"
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අද (පෙබ.07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය වෛද්‍ය විද්‍යාලය මෙන්ම රජයේ විශ්ව විද්‍යාල ඇතුළු විදෙස් රටවල වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන සියලුම සිසුන්ට පොදු විභාගයක් පවත්වන ලෙස තමන් යෝජනා කරන බවය. වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන පොදු බහුවරණ විභාගයට මුහුණදීමට තම සිසුන්ට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එම විභාගයෙන් පෙරමුණ ගනු ඇතැයි යන බිය නිසා ඊට අවස්ථාව ලබා නොදුන් බවත් සයිටම් ආයතනයේ මහාචාර්ය නෙවිල් පෙරේරා පැවසීය. පැවති ආණ්ඩු සමයේ සයිටම් ආයතනය ආරම්භ කෙරුණු නමුත් අද වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක් දැරීම පිළිබඳ කළ විමසීමේදී එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ 'දේශපාලනඥයෝ අවස්ථාවාදීන්' බවය.
රජය විසින් පවත්වන ඕනෑම විභාගයකට මුහුණදීමට මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සුදානම් බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අත් අඩංගුවේ සිටින ධීවරයන් නිරන්තර සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ඒ බව කියා සිටි අමාත්‍යවරයා, බ්‍රහස්පතින්දා පටන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට දෙපාර්ශවය ගිවිස ගත් බවද කියා සිටියේය. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අත් අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයන්ද නිදහස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විට ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ශරඩ් පවර් ප්‍රතිඥා දුන් බවයි, ඔහු පවසන්නේ. බෙංගාල බොක්කේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලුම වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය වියදම් දරන බවට 'ඉතා මිත්‍රශීලීව හා සුහදව පැවැත්වුණු' සාකච්ඡාවේදී ඉන්දියාව ප්‍රතිඥා දී තිබේ. උතුරේ විරෝධතා 'ධීවර ගැටළු විසඳා ගැනීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවීමටද එකඟත්වයක්' විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සහ කෘෂිකර්ම අමාත්‍ය පවර් සමඟ අද වෙන වෙනම පැවැත් වූ සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්ට එළඹුණු බවයි, අමාත්‍ය රාජිත සේනාරත්න සංදේශයට කියා සිටියේ. මින් ඉදිරියට ධීවර ගැටළු උත්සන්න නොවී විසඳා ගැනීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවීමටද එකඟත්වයකට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර ධීවර ඇමතිවරයා දිල්ලි නුවර පවත්වන සාකච්ඡාවලට උතුරු පළාතේ ධීවර නියෝජනය නොලැබීම සම්බන්ධයෙන් උතුරේ විරෝධතා ව්‍යාපාරයක් දියත් විය. අත්දැකීම් සහිත ධීවර නායකයන් නොතකා හරිමින් ඇමතිවරයාගේ මනාපය පරිදි රැගෙන ගිය ධීවර නියෝජිතයන් සාකච්ඡා මගින් සැබෑ ප්‍රතිපලයක් ලැබේද යන්න සැක සහිත බව ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු, නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේය.
තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ සිටින සියලුම ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට දෙපාර්ශය අතර පැවති සාකච්ඡාවලදී එකඟ වූ බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඒ වෙනුවෙන් අලව්ව, ගිරිඋල්ල කුඩගම්මන පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රට කලාප වශයෙන් දියුණු කළ යුතු බවය. "අපේ මූලික සංවර්ධන කටයුතු සිදු කරන්න අපි තෝර ගත්තේ නිරිත දිග කවුළුව. මහනුවර, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ, මොනරාගල" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අද (පෙබ.01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සහ්රාන් හෂීම් පසුගිය අප්‍රේල් 08 වෙනි දින පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ රැස්වීමේ දී ද ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකෙරුණ බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි. "ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින් ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය," යනුවෙන් ද ජනාධිපතිවරයාගේ පණිවුඩයේ දැක්වේ. End of Twitter post, 1 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් බදාදා (මැයි 29) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉදිරියේ ලබා දුන් ප්‍රකාශය සම්බන්ධ වාර්තා ගැන ප්‍රතිචාර දක්වමිනි. "මේ ප්‍රහාරය ගැන පිට කෙනෙක් ගෙන් මට කිසිම තොරතුරක් ලැබිලා නැහැ. එහෙම ආවනම් මට මේ සභාවේ දී එය කියන්න පුළුවන්. ආරක්ෂක ලේකම්වරයාට තොරතුරු ආවොත්, ඔහු මට කියනවා," යනුවෙන් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කියා සිටියේය. 250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බදාදා පාර්ලිමේන්තුවේ දී රැස් විය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙයය. කතානායක කරු ජයසූරිය විසින් 2019 මැයි 22 පත්කරන ලද විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විසිනි. අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති. ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන ඉවත්වීම හේතුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත් කළ බව කතානායක කරූ ජයසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් බදාදා කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී බුද්ධි අංශ දැනුවත් කළ බවට බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙන්ම මුස්ලිම් මවුලවිවරුන් ද සිදු කළ ප්‍රකාශ ගෙන හැර දක්වමින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පැවසුවේ ඒ කිසිදු තොරතුරක් තමන්ට නොලැබුණු බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස තවදුරටත් මේ ගැන ප්‍රශ්න කරමින් විමසුවේ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම් පිළිබඳව සහ ප්‍රහාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යංශය හෝ ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර නොමැති බවය "මමත් පත්තරවලින් දැක්කා. නමුත් මට කිසි කෙනෙක් මේ ගැන කියලා නැහැ. ඔවුන් කියන්නේ බලධාරීන්ට දැනුම් දුන්නා කියලා. ඒ ගැන ඊට එහා විග්‍රහයක් කර නැහැ," යන්න ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගේ පිළිතුර විය. 'පෙබරවාරි මාසයෙන් පසු ආරක්ෂක කවුන්සිලය රැස් වී නෑ' පසුගිය පෙබරවාරි 19 වෙනි දිනට පසුව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් වී නොමැති බව ද ජාතික බුද්ධි ප්‍රධානියා කාරක සභාව හමුවේ කියා සිටියේය. එම ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ "ආරක්ෂක මණ්ඩලයේ කරුණු නොනිල ලෙස මාධ්‍ය තුළ පළ වූ බැවින් ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස් විය," බවය. ආරක්ෂක කවුන්සිලය 2019 පෙබරවාරි මාසයෙන් පසු රැස් නොවීම මගින් අදාළ නිලධාරීන් සහ රටේ නායකත්වය සිය වගකීම් පහර හැර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කොට තිබුණි. තවත් සාක්ෂිකරුවෝ ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන් බව පවසන කලීල් මවුලවිතුමා මෙන්ම ඥානසාර හිමියන් ද සාක්ෂිකරුවන් ලෙස කාරක සභාව ඉදිරියට කැඳවිය යුතු බව සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් විය. සිද්ධියට අදාළ යැයි සැලකෙන ඕනෑම පුද්ගලයෙකු කමිටුව ඉදිරියට කැඳවිය හැකි බව ඒ අවස්ථාවේ සභාපතිවරයා පැවසීය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් මහජනතාවට ද කාරක සභාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ. මේ සඳහා යොමු කෙරෙන ලිපි කාරක සභාවේ ලේකම්වරයා වෙත ජුනි මස 07 වෙනි දින හෝ ඊට පෙර යොමු කළ යුතුය. ප්‍රහාර ගැන අනතුරු අඟවමින් බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලිපිය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට ඉදිරිපත් කළේ දැයි කාරක සභාවෙන් ප්‍රශ්න ඉදිරිපත් විය. "මට අප්‍රේල් 7 වෙනි ඉරිදා රාජ්‍ය බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකතුමාගෙන් ලියුමක් ලැබුණා. එය මම විවෘත කළේ අප්‍රේල් 8 වෙනිදා උදේ 11ට විතර. එයට අමුණා තවත් ලිපියක් තිබුණා ප්‍රහාර ගැන සඳහන් කරලා. ඒක අත්සන් කර නැහැ, මාතෘකාවක් නැහැ, එවලා තියෙන්නේ කව්ද කියලත් නැහැ. මේක කොහෙන්ද ආවේ, මේ විස්තර කොහෙන්ද කියලා මම දන්නේ නැහැ," යැයි ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එයට පිළිතුරු දෙමින් පැවසීය. "මෙය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර බුද්ධි තොරතුරු යවන විදිය වෙන්න පුළුවන් නේද? පරිනත පුද්ගලයෙක් හැටියට ඔබතුමා මොනවද මේ ගැන කියන්නේ?," ඒ සභාවෙන් නැගුණ ප්‍රශ්නයකි. "අපි පිටරට කට්ටිය එක්ක වැඩ කරලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ බුද්ධි තොරතුරු දෙනකොට අත්සන් කරන්නේ නැතුව එවනවා. එහෙම ලියුම් එවනවා," යැයි සිසිර මෙන්ඩිස් පැවසීය. අදාළ ලිපිය ගැන එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු වාචිකව දැනුවත් කළ බව ඔහු තවදුරටත් පැවසීය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මැයි රැස් වූ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් අප්‍රේල් 9 වෙනිදා පැවැත්වූ ආරක්ෂක සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මෙම ලිපිය ඉදිරිපත් කළ නමුත් එය එහි ප්‍රධාන කරුණ ලෙස සාකච්ඡා නොවුණ බව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා පැවසුවේය. "මම මේ ලිපිය රැස්වීම අතරතුර මගේ ළඟ තියාගෙන හිටියා... මම මේ කාරණය මතු කළාම ලේකම්තුමා කිව්වා මේ ගැන පොලිස්පතිතුමාට දැනුවත් කළා කියලා. ඊට එහා මේ ගැන කතා වුණේ නැහැ." නමුත් අදාළ තොරතුරු ගැන දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිට ලිපියක් යොමු කිරීමට ඔහු පසුව ක්‍රියා කර තිබිණි. බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව සමාජ ජාල ඔස්සේ ද හුවමාරු විය. අදාළ ලිපිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රහාරය සිදු වූ දින පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ පැවසුවේ "ආරක්ෂක ක්‍රියාවලිය තුළ සිදුවූ යම් වැරදීමක්" හේතුවෙන් මෙම ප්‍රහාර සිදු වූ බවය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මේ අතර, අනිවාර්ය නිවාඩු යැවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආරක්ෂක අංශ බලධාරීන් ද අප්‍රේල් 21 ප්‍රහාරවලට වගකිව යුතු බවට දේශපාලනඥයන් සහ මහජනතාවගෙන් චෝදනා එල්ල වෙද්දී, එම තනතුරුවල බොහෝ වෙනස්කම් සිදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 29 වෙනි දින පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න පත් කරන ලදි. එමෙන්ම, උද්ගතව පැවති තත්ත්වය හමුවේ ආරක්ෂක ලේකම් තනතුරේ ක්‍රියාකළ හේමසිරි ප්‍රනාන්දු පසුගිය 25 වෙනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කරනු ලැබීය. මේ තොරතුරුද කියවන්න: අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු ජනාධිපතිවරයා දැනුවත් කර නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (මැයි 30) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක කවුන්සිලය 2019 පෙබරවාරි මාසයෙන් පසු රැස් නොවීම ගැන බ්‍රහස්පතින්දා (මැයි 30) මාධ්‍ය වෙත අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ, "ඒක මහ විහිළුවක්. මගේ කාලයේ නම් සතියකට සැරයක් ආරක්ෂක මණ්ඩලය රැස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ," යනුවෙනි. "බුද්ධි අංශයේ තොරතුරු ගැන, යුද්ධයේ තත්වය ගැන ඒකෙදි කරුණු ඉදිරිපත් කළා. මාස දෙකක් මණ්ඩලය රැස් නොවීම ලොකු වරදක්," තංගල්ල කාල්ටන් නිවසේ පැවති වැඩසටහනකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය. "එයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු කර නැහැ කියන එකයි. අදාළ නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැහැ." "මොකද ඉතා පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ. ඉන්දියාවෙන් 4 වෙනිදා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේදී නව වෙනිදා ලැබුණා කියනවා." "නමුත් ඒ අය දන්නෙ නැහැ ලැබුනෙ කොහෙන්ද කියලා. කොහොමහරි එදා රැස්වීම රැස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න උනන්දුවෙලා නැහැ." "මේ අයට නීති අදාල වෙන්නේ නැහැ. ඒ අය ඉන්නෙ නීතියට උඩින්. අපිට තමයි කෑ ගැහුවෙ. නමුත් මෙයයි දැන් රටේ තත්ත්වය," ඔහු තවදුරටත් පැවසීය. "ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන්නා" අන්තවාදී කණ්ඩායම් රහසේ සංවිධානය වෙමින් ප්‍රහාරයකට සූදානම් වන බව 2012 වසරේ සිට අදාළ බලධාරීන් දැනුවත් කළ බව මින් දින කීපයකට පෙර පැවති මාධ්‍ය හමුවක දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූහ. "බලධාරීන් දැනුවත් කළා" මේ අතර, සමස්ත ලංකා ඉස්ලාම් උපදේශකයෙක් වන කලීල් මවුලවිතුමා මාධ්‍ය අමතමින් පැවසුවේ "අපි බුද්ධි අංශවලට මේ ගැන දැන්වූවා නමුත් කිසිවක් වුණේ නැහැ" යනුවෙනි. "මේ ගැන ප්‍රාදේශීය මුස්ලිම් නායකයන්ගේ ඉඳන් ඉහළට යනකම් හැම කෙනෙක්ම දැනගෙන හිටියා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරීන්ට මේ තිබෙන භයානක තත්වය පැහැදිලි කරලා දුන්නා. සහරාන් ඇතුළු පිරිස මහා පරිමාණයෙන් බෝම්බ නිෂ්පාදනය කරන බව 2017 දී අපි දැනගත්තා." "දැනුවත් කරලා බැරිම තැන අපි 2017 කාත්තන්කුඩිවල පාරට බැහැල උද්ඝෝෂණ පැවැත්වූවා. සහරාන් අත්අඩංගුවට ගන්න කියලා පෝස්ටර් ගැහුවා. බැරිම තැන මම මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පවා මේ ගැන දැනුම් දුන්නා. නමුත් කිසිදෙයක් වුණේ නැහැ," කලීල් මවුලවිතුමන් පැවසූහ. හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අප්‍රේල් 24 පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ හිටපු හමුදාපතිවරයා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදේශීය සහ ජාතික බුද්ධි සේවා කළ අනතුරු ඇඟවීම් පිළිබඳ නිසි අවධානය යොමු නොවීම ගැන දැඩි ලෙස විවේචනය කළේය. ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් ජාතික බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට එවන ලද ලිපිය අනිවාර්යයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ද යොමු වන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. "මේ ලියුම ගැන ක්‍රියාත්මක වුණේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න කියන එක හරිද?, ජනාධිපතිට එහි පිටපතක් ගිහින් නැතිනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සිලය සුමානෙට සැරයක් තිබුණා නම් මේ ගැන කතා කරන්න තිබුණා. මේ වගේ ලියුමක් ආවම ආරක්ෂක කවුන්සිලය වහා කැඳවිය යුතුයි." "පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් එන්නේ නැහැ. මේකට වගකිවයුත්තෝ මීට වඩා ඉහලින් ඉන්නවා," හිටපු හමුදාපතිවරයා තවදුරටත් සඳහන් කළේය. විශේෂ කාරක සභාව ජුනි මස 04 වෙනි දින නැවත රැස්වීමට නියමිතය. තවත් තොරතුරු:
පසුගිය අප්‍රේල් 21 වෙනි දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් තමාගේ හා අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි. අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "රාජ්‍ය නොවන සංවිධානත් දැනගන්න ඕනේ, තමාගේ වගකීම මොකක්ද කියලා. කළ යුතු දේ කිරීමත් නොකළ යුතුදේ නොකරන්නටත් දැනගන්න ඕනේ," යනුවෙන් ද සඳහන් කළේය. තොරතුරු දැනගැනීමේ පනත ගැසට් කළ දිනයේදීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලීමක් කර තිබුණි. "ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ," බව සඳහන් කළ ඔහු, ජනාධිපති ධුරයට පත්වී ගතවගිය දෙවසර තුළ වත්කම් ප්‍රකාශ ලබාදුන් එකම ජනාධිපතිවරයා තමන් බවත් පැවසීය. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන දිවයින පුරා පිහිටි සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන තොරතුරු නිලධාරීන් දෙදහසක් පමණ උත්සවයට සහභාගි වී සිටියහ. දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඉතා විවෘතව කටයුතු කළ යුතුය යන්න තොරතුරු දැනගැනීමේ පනතෙන් පෙන්වාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. උත්සවයේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ලෝකයේ හොඳම තොරතුරු පනත් අතර තුන්වෙනි ස්ථානයට ශ්‍රේනිගතවී ඇති බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව කටයුතු කරන බවට චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය නොවන සංවිධාන සිය වගකීම වටහාගෙන කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානය මුම්බායි නගරයේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබෙන අතරවාරයේ එහි සිටි මගියෙක් තමා ගුවන් යානය තුළ මීයකු සිටින බවට පැමිණිලි කිරීමෙන් පසුවයි එම පියවර ගෙන තිබෙන්නේ. ආපසු ගොඩ බෑ ගුවන් යානයේ සැඟවී සිටින මීයා මූෂික නාෂක වායුවක් යොදා ගනිමින් විනාශ කරන බවයි එයාර් ඉන්දියා ගුවන් සමාගම ප්‍රකාශ කළේ. කෙසේ වුවද,සිය යානය තුළ මීයකු සිටි බව ස්ථිරවම තහවුරු වී නොමැති බවයි ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ. ගුවන් යානා වලට ආහාර සපයන මාර්ග සහ වෙනත් සැපයුම් මාර්ග ඔස්සේ මීයන් ඇතැම් විට යානා තුලට ඇතුල් වෙන බව වාර්තා වී ඇත. එසේ ඇතුල් වෙන මීයෙක් ගුවන් යානයක විදුලි රැහැන්(Wire) සපා කෑමක් සිදු කළොත් එය ඉතාම බරපතළ අනතුරුදායක විය හැකි බවත් පැවසෙයි.
පියාසර කරමින් තිබුණ ගුවන් යානයක් මීයකු නිසා ආපසු හැරවීමට සිදු වීමක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තිසර පෙරේරාට එරෙහි කිසිදු චෝදනාවක් පිළිබඳව තමන්ට වාර්තා වී නැති බව පාලක මණ්ඩලය පවසයි අයිසීසීයේ සන්නිවේදන කළමනාකරු සමි උල් හසන් ඒ බව සඳහන් කළේ, ඉන්දීය ප්‍රීමියර් ලීගයේ (අයිපීඑල්) තරඟ පාවාදුන් බවට තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දියාවේ ඩෙකාන් ක්‍රෝනිකල් පුවත්පත විසින් පළ කොට තිබෙන වාර්තාව පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී. සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ක්‍රීඩා කළ තිසර පෙරේරා, හනුමා විහාරි, කරන් ශර්මා සහ අශීෂ් රෙඩ්ඩි සමඟ එක්ව අයිපීඑල් තරඟයක් ඉන්දීය රුපියල් කොටි හයකට පාවා දුන් බවට ඉන්දීය ඔට්ටු අල්ලන්නෙකු මුම්බායි පොලිසියට දුන් කට උත්තරයක සඳහන් වන බවයි, පුවත්පත වාර්තා කොට තිබුනේ. එක් ක්‍රීඩකයෙකුගේ සහෝදරයා මේ ගනුදෙනුවේදී අතරමැදියෙකු ලෙසින් ක්‍රියා කොට ඇති බවද එහි සඳහන්. තිසර පෙරේරා තරඟ පාවාදීමට සම්බන්ධ බවට තමන්ට නිල වශයෙන් කිසිදු වාර්තාවක් ලැබී නැති බවයි, මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාරය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. දූෂණ, වංචා සහ තහනම් උත්තේජක සම්බන්ධයෙන් තමන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබඳව තමන්ට ප්‍රබල විශ්වාසයක් තිබෙන බව ද සඳහන් කරයි. අදාළ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය පාලක මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන්නේද යන්න තවමත් අනාවරණය වී නැත.
ඉන්දියාවේ අභ්‍යන්තර තරඟාවලියක් වන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි නව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බවයි, බීබීසී සංදේශයට වාර්තා වෙන්නේ. සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියායි. ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සහ නිවැසියන් අතර හටගත් ගැටුමකින් අනතුරුව තරුණයකු මියයාම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ මතභේදයට ලක්වීමත් සමඟ ජනමාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදීමෙන් වලකින මෙන් හිටපු පොලිස්පති එන්කේ ඉලංගකෝන් ඔහුට නියෝග කර තිබුණි. මේ අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් පසුගිය මාර්තු මාසයේ අග සතියේ චාවකච්චේරිය ප්‍රදේශයේදී සොයා ගනු ලැබිණ. ඒ පිළිබඳව අවශ්‍යව සිටින සැකකරුවන් පිරිසක් ඉන්දියාවට පැන ගොස් ඇතැයි පොලිස් ප්‍රකාශකවරයා අයිලන්ඩ් පුවත්පතට කරන ලද ප්‍රකාශයක්, පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු අත්හිටුවීමට ආසන්නතම හේතුව බවයි, විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට සැලවෙන්නේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට පත්වීමෙන් අනතුරුව 2014දී විනිසකරුවකුට අල්ලස් දීමට තැත් කිරීමක් සම්බන්ධයෙනි. වෙනත් නඩුවකට අදාළ තොරතුරු ලබාදීමට හිලව් වශයෙන් එම විනිසකරුට කීර්තිය සහ ප්‍රතිලාභ සහිත රැකියාවක් සහතික කිරීමට තමාට හැකිබව සර්කෝෂි පවසා ඇත. මෙම නඩුවේ දී සර්කෝෂිට අමතරව තවත් චූදිතයන් දෙදෙනෙක් වූහ. ඉන් එක් තැනැත්තෙක් ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග්(Thierry Herzog) වූ අතර දෙවැන්නා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) ය. ඔවුන් තිදෙනාම අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරුවන් ලෙස තීන්දුකරනු ලැබුණි. මෙම නඩුව කේන්ද්‍රගත වූයේ සර්කෝෂි සහ හර්ෂොග් අතර 2014 වසරේ සිදුව ඇති දුරකථන සංවාදයක් පදනම් කරගෙනය. ප්‍රංශ පොලිසිය විසින් එම දුරකථන සංවාදය රහසින් පටිගත කරනු ලැබ තිබුණි. එම අවධිය වන විට ප්‍රංශ රහස් පරීක්ෂකයෝ සර්කෝෂිට අදාළ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ගවේෂණය කරමින් සිටියහ. සර්කෝෂි 2017 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවධියේ 'L'Oreal' නම් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියන් බෙටන්කෝට් ගෙන් (Liliane Bettencourt) නීතිවිරෝධී මට්ටමින් මුදල් ලබාගත් බව එම චෝදනා මගින් කියැවුණි. එම පරීක්ෂණවල තොරතුරු ලබාදෙන්නේනම්, ඊට හිලව් වශයෙන් විනිසුරු අශිබර්ට් සඳහා 'මොනාකෝ'හි කීර්තිමත් මෙන්ම මූල්‍ය ප්‍රතිලාභ සහිත රැකියාවක් ලබාදීමට කටයුතු කරන බවට සර්කෝෂි සහ හර්ෂොග් කතාකරගත් බව අධිකරණයට ඒත්තු ගැන්වීමට නඩුවේ පැමිණිලි පාර්ශ්වය සමත් විය. ප්‍රංශ පොලිසිය විසින් සර්කෝෂි 2014 වසරේ තාවකාලිකව රඳවාගත් අවස්ථාව හිටපු ජනාධිපතිවරයා සිය නීතිවේදී හර්ෂොග් අමතමින් කළ ප්‍රකාශය ප්‍රංශ මාධ්‍ය විසින් වාර්තාකරණ ලද්දේ මෙපරිද්දෙනි. ''මම ඔහුට උසස්වීමක් ලබා දෙනවා. මම ඔහුට උදව් කරනවා'' සර්කෝෂි හැරුනුවිට සෙසු චූදිතයන් දෙදෙනාට ද අධිකරණය විසින් වසර තුන බැගින් සිරදඬුවම් නියමකරන ලද නමුත් එම දඬුවම් අත්හිටවනු ලැබුණි. එම නඩු තීන්දුවට එරෙහිව සිය සේවාදායකයා අභියාචනයක් ඉදිරිපත්කරනු ඇතැයි සර්කෝෂිගේ නීතිවේදියා පවසයි. එහෙත් එම අභියාචනය ප්‍රතික්‍ෂේප කෙරුණහොත් හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරගත නොකරමින් ඔහුගේ එක් පාදයක විද්‍යුත් බලය සහිත වළල්ලක් සවිකොට නිවාස අඩස්සියේ තබනු ඇත. එම විද්‍යුත් වළල්ල මගින් ප්‍රංශ පොලිසියට ඔහු සිටින ස්ථානය සහ නිවසින් පිටවුවහොත් එම ගමන්බිමන් සියල්ල අධීක්‍ෂණය කළ හැකිය. සර්කෝෂි විවාහවී සිටින්නේ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni) සමඟය. සර්කෝෂි ගේ බිරිඳ මෝස්‌තර නිරූපන ක්‍ෂේත්‍රයේ තාරකාවක් මෙන්ම ගායිකාවක් ද වන කාර්ලා බෘනි (Carla Bruni), සිය සැමියාට එරෙහි නඩු තීන්දුව බැහැර කරන්නීය. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඇය මෙසේ ප්‍රකාශ කළාය. ''මෙය තේරුමක් නැති පීඩා කිරීමක්. අපේ සටන නතරවෙන්නේ නැහැ. අන්තිමේ දී සත්‍යය ජයගනීවී'' සර්කෝෂි ප්‍රංශයේ අධිකරණ ක්‍ෂේත්‍රයට ආගන්තුකයෙන් නොවේ. ජනාධිපති පදවිය අහිමිව යාමෙන් පසු නඩුකර ගණනාවකට මාතෘකාවක් විය. එය දුසිම් භාගයක් තරම් නඩු සංඛ්‍යාවකි. එහෙත් මෙම නඩු තීන්දුව තෙක් ඔහුගේ වාර්තාව පිරිසිදු තත්ත්වයක පැවතුණි. මඩ ගෑවුණු තැන් රාශියක් ඇති නමුත් ඔහු ඒ කිසිවක සිරනොවීමට මෙතෙක් සමත්ව සිටියේය. . එහෙත් ප්‍රංශයේ අධිකරණ මන්දිරයේ (Palais de Justice-Palace of Justice) විනිසුරු ක්‍රිස්තීන් මී (Judge Christine Mée)සිය නඩු තීන්දුව මගින් එකී සියල්ල වෙනස් කළාය. විනිසුරුවරිය ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කිසිවකුට සැඟවිය නොහැකි බව දැක්වෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළාය. සර්කෝෂි, ඔහුගේ නීතිවේදී තියරි හර්ෂෝග් (Thierry Herzog) සහ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරයකු වූ ගිල්බර්ට් අශිබර්ට් (Gilbert Azibert) යන තිදෙනාම ඔවුන් සිදුකරමින් සිටි දෙය කුමක්ද යන්න පැහැදිළිව දැනසිට ඇතැයි විනිසුරුවරිය ප්‍රකාශ කළාය. චූදිතයන් ඔවුන්ගේ වෘත්තීය ලාභය සඳහා රහස්‍ය තොරතුරු විකුණමින් කටයුතු කරමින් ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය එය ඕනෑම මට්ටමක අර්ථ විග්‍රහයක් අනුව ''දූෂණ අපරාධයක්'' බවත් සඳහන් කළාය. මෙය මෙම ක්‍රියාදාමයේ අවසානය නොවනු ඇත. සර්කෝෂිගේ අභියාචනය පිළිගනු ලැබුවහොත් එය තවත් වසර ගණනාවක් දිග්ගැස්සෙන නඩු විභාගයකි. ඔහුගේ නීතිවේදී මඩුල්ල මෙය සාවද්‍ය චෝදනා අනුව ගොනු කරන ලද නඩුවක් යැයි තර්ක කරනු ඇත. මිනිසකු ඔහුගේ නීතිවේදියා සමඟ සිදුකළ රහස්‍ය දුරකථන සංවාදයකට රහසින් සවන්දී නිර්මාණය කරන ලද දුර්වල නඩුකරයකැයි විත්තියේ නීතිවේදීහු තර්ක කරනු ඇත. එහෙත් මේවනවිට, ප්‍රංශයේ හිටපු ජනාධිපති සර්කෝෂි පසුගිය සඳුදා (මාර්තු 01) පටන් වෙනත් රූපකායකි. දැන් ඔහු වැරදිකරුවකු ලෙස අධිකරණය විසින් තීන්දුකරනු ලැබ ඇත. පළමු කසාදයෙන් දික්කසාද වී ඉතාලි ජාතික කාර්ලා බෘනි (Carla Bruni)සමඟ විවාහවීමෙන් පසු සර්කෝෂි මාධ්‍යයට ප්‍රධාන මාතෘකාවක් විය. කියවන්න;
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ටෙස්ලා සෙමි' නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය. ඇමෙරිකාවේ 'සෙමි ට්‍රේලර් ට්‍රක්' ලෙස හඳුන්වන මෙම වාහනය 2019 දී නිෂ්පාදනය සදහා යොමු කිරීමට නියමිත බව ටෙස්ලා සමාගම පවසයි. නව ට්‍රක් රිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ පිරිස මවිතයට පත් කරමින් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේ මේ "එදා මෙදා තුර වේගයෙන්ම නිෂ්පාදනය කෙරුණු රථය" බවය. පසුගියදා එළි දැක්වූ ටෙස්ලා විද්‍යුත් රථ ඒ සමග මස්ක් තවත් හෙළිදරව්වක් කරද්දී විද්‍යුත් ට්‍රක් රියේ ට්‍රේලරයෙන් පිටතට පැමිණියේ, මෝටර් රථ තරඟ වලට යොදා ගන්නා අධි බලැති රතු පැහැති මෝටර් රථයකි. එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි එම මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100 ට වේගය වැඩි කළ හැක. එලොන් මස්ක් මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කර දීමක් ලෙසය. ඇමරිකාවේ ට්‍රක් රථයක ගෙන යා හැකි වැඩිම බර වන කිලෝග්රෑම් 36,287 (රාත්තල් 80,000) ක බර පටවා ගත් ටෙස්ලා සෙමි ට්‍රක් රිය තත්පර 20 දී පැයට කිලෝමීටර් 60 ක වේගයක් කරා ළඟා විය හැක. කෙසේ වෙතත්, ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා එලොන් මස්ක් දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්විණි. ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක් Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය කර්මාන්තශාලාවේ ප්‍රමාද හේතුවෙන් Model 3 මෝටර් රථය නියමිත කාලය ඇතුළත නිෂ්පාදනය කරගත නොහැකි හේතුව, ප්‍රධාන විධායක නිලධාරී මස්ක් ගේ වචනයෙන් ම කිවහොත් "නිෂ්පාදන අපායකි". 2017 වසරේ අග භාගය වන විට Model 3 මෝටර් රථ 1,500 ක් නිෂ්පාදනය කිරීමට ආයතනය බලාපොරොත්තු වූවද, මේ වන විට නිම කර ගත හැකි වී තිබෙන්නේ මෝටර් රථ 260 ක් පමණි. තත්ත්වය මෙසේ තිබියදී මස්ක් ඇතුලු ටෙස්ලා සමාගම නව සුපිරි ට්‍රක් රථයක් හඳුන්වාදීම තම ආයතනය සතු තාක්ෂණය අධි තක්සේරු කිරීමක් ද, ව්‍යාපාර ප්‍රවර්ධන කටයුත්තක්ද නැතහොත් සාමාන්‍ය පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට වෙළෙඳපොළට නිකුත් කරන Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය වසා ගැනීමට කළ දෙයක් දැයි පැහැදිලි නැත. Model 3 මෝටර් රථයේ දක්නට ලැබෙන උපාංග කිහිපයක් ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ ද දැක ගත හැකිය. ටෙස්ලා සෙමි ට්‍රක් රථයේ සෑම රෝදයකටම බලය සැපයෙන මෝටරය සහ ඇතුළත ඇති ස්පර්ශ සංවේදී තිර (Touch Screen) දෙක මෙම රථ දෙකෙහිම එක හා සාමානය. ටෙස්ලා මොඩ්ල්3 රථය තරඟකාරී වෙළෙඳපොළ ට්‍රක් රථ වලට ඇති විශාල ඉල්ලුමත් සමඟ ඉතා තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. ඇමරිකාවෙන් පමණක් වාර්තාවන ට්‍රක් රථ රියදුරන් ගණන ආසන්න වශයෙන් මිලියන 3.5 කි. එයින් වැඩි පිරිසක් භාවිත කරන්නේ ඩීසල් ට්‍රක් රථය. ටෙස්ලා සෙමි රථයට ඩීසල් වාහන වෙළෙඳපොළ සමඟ තරඟ කිරීමට අපහසු අතර, එයට සරිලන බලයක් සහිත විද්‍යුත් කෝෂ සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට හැකි වේද යැයි විශේෂඥයින් සැක පහළ කර සිටී. කාර්නෙගී මෙලොන් විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයකට අනුව "සැතපුම් 300 ක් ධාවනය කිරීමට අවශ්‍ය විද්‍යුත් කෝෂ වල මිල ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ" "මෙය ඩීසල් වලින් බල ගැන්වෙන සෙමි ට්‍රක් රථයකට වඩා සෑහෙන්න ලොකු මුදලක්. ඒ වගේම සම්පූර්ණ ඩීසල් වාහනයක සාමාන්‍ය මිල වන්නේ ඩොලර් 120,000 ක් විතරයි" මස්ක් පවසන පරිදි, ටෙස්ලා සමාගම විසින් සකසන ලද විද්‍යුත් කෝෂ ආරෝපණය කරන අති විශාල උපකරණය මඟින් ටෙස්ලා සෙමි රථය විනාඩි 30 ක් ආරෝපණය කළ පසු කිලෝමීටර 643 (සැතපුම් 400) ක දුරක් ධාවනය කළ හැකිය. වියදම සැරද? සාපේක්ෂව ගත් කළ, ටෙස්ලා සෙමි රථයක් සැතපුමක් ධාවනය කිරීමට හා නඩත්තු කිරීමට වැයවන මුදලට වැඩි මුදලක් ඩීසල් රථයක් සදහා වැයවන බව එම සමාගම පවසා සිටී. නමුත් ටෙස්ලා සමාගම මේ දක්වා කිසිම අවස්ථාවක මෙම ට්‍රක් රථයේ මිල සඳහන් කර නොමැත. ඩීසල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා, ව්‍යාපාරිකයන් කණ්ඩායමකින් සැදුම් ලත් The Diesel Technology Forum (ඩීසල් තාක්ෂණය පිලිබඳ කතිකාවත) ප්‍රකාශ කර සිටින්නේ, ටෙස්ලා සමාගම තම නිමැවුම ප්‍රසිද්ධ කිරීමේදී "යථාර්ථයට ගැළපෙන සේ තක්සේරු කළ යුතුයි" යන්නය. "ඩීසල් තමයි වැඩියෙන්ම බලශක්ති කාර්යක්ෂමව ඇතුළතින් දහනය වන එන්ජිම", කතිකාවේ විධායක අධ්‍යක්ෂ ඇලන් ෆේශර් පවසා සිටී. "එය දශක ගණනාවක සිට අනෙකුත් ඉන්ධන වර්ග වලින් එන අභියෝග හමුවේ ට්‍රක් රථ කර්මාන්ත තාක්ෂණයේ ආධිපත්‍යය රැකගෙන ඉන්නවා". ඔහු තව දුරටත් පවසා සිටියේ "අදටත් තවම ඩීසල් වාහනවල විශේෂාංග බොහෝමයක් තියෙනවා: දැනටමත් ඔප්පු වී ඇති කාර්යක්ෂම ඉන්ධන දහනය, ආර්ථික වාසි, බලය, විශ්වාසනීය බව, දිගු කාලීන පැවත්ම, පහසුවෙන් ලබා ගත හැකි වීම, ඉන්ධන පිරවුම් හල් සෑම තැනකම ඇති අතර අනිත් සේවාවන්ද පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ඒ වගේම දැන් මෙම එන්ජින් වල විමෝචනය ශුන්‍යයයි." ඩීසල් වාහන ප්‍රවර්ධනය කරන පිරිසට අමතරව අනෙකුත් විද්‍යුත් වාහන නිපදවන ප්‍රතිවාදීන්ට මුහුණ දීමටද ටෙස්ලා සමාගමට සිදුවේ. ඩෙයිම්ලර්, වොක්ස්වැගන්, කමින්ස් යන මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයන් මේ වන විට විවිධ මාදිලියේ විද්‍යුත් වාහන එළි දක්වා තිබෙනවා. මෙම සුවිශේෂී වාහන නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක පවතින අතර, දැනට කිසිවක් මාර්ග වල දක්නට ලැබෙන්නේ නැත. ටෙස්ලා සමාගම විශ්වාස කර සිටින්නේ, වාහන වල ඇතුළත ආරක්ෂාව සහ සුව පහසුව ඉහළ නැංවීමෙන් වෙළෙඳපොළේ ඇති අනෙකුත් විද්යුත් වාහන වලට වඩා වැඩි යමක් ඔවුන්ගේ වාහන තුළ දැකිය හැකි බවය. එම සමාගම උදම් අනමින් කියා සිටින්නේ, "ටෙස්ලා සෙමි රථය ඇතුළත සවි කර තිබෙන සංවේදක වලින් වාහනය අස්ථාවර වීම් හඳුනාගන්නවා. ඒවා එක් එක් රෝදයේ අවශ්‍යය සහ අනවශ්‍යය හැරවීම් වලට ප්‍රතික්‍රියා දක්වමින් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර, හැරවීමේදී ට්‍රක් රියේ බඳ කොටස සහ මුහුණත දිශාවන් දෙකකට නැමීම වළක්වා තිබෙනවා" "වටේම සවි කර ඇති කැමරා වලින් වස්තූන් හඳුනාගැනීම සහ වාහනය ඇතුළේ සිට බලන විට නොපෙනෙන පැති අවම කිරීමෙන් රියදුරන්ට ආරක්ෂාව ගැන වගේම අනෙක් වස්තූන් ගැන ද අනතුරු හැඟවෙනවා". "වැඩි දියුණු කළ ස්වයංක්‍රීය ධාවන ක්‍රියාවලියත් සමඟ ටෙස්ලා සෙමි රථය ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධතියක්, වාහනය ස්වයංක්‍රීයව මංතීරුවේ රඳවා ගැනීම සහ මංතීරුවෙන් පිටතට යන විට අනතුරු අඟවන උපාංග වලින් සාදා තිබෙනවා". ටෙස්ලා රථයේ ස්වයංක්‍රීය ධාවන පද්ධතිය යනු, රියදුරෙකු නොමැතිව රථය මාර්ගයේ ගමන් කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම මෙමඟින් රථය මංතීරුවේ රඳවා ගැනීම සිදු කරන අතර, වාහන තදබදයක් පෙර තියා හඳුනාගෙන කෙමෙන් වේගය පාලනය කිරීමටද සමත් වේ. මේ තොරතුරුත් දැනගන්න :
පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සමුළු වර්ජනය 'ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා' කෙසේ නමුත් ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ට සමුළුව වර්ජනය කිරීමට බල කරනු ලැබුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බවද ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඒ බව කියා සිටියේ බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. නායක සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන මෙන් 1980 දීත් ඉල්ලීමක් කෙරුණු බව පවසන විපක්ෂනායකවරයා, ඒ සඳහා විශාල වියදමක් වැය වන බව පවසමින් ජනාධිපති ජේ ආර් ජයවර්ධන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කළේය. වැය වන වියදම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම සලකා බලන විට ශ්‍රී ලංකාවේ සමුළුව පැවැත්වීම 'විශාල ප්‍රශ්ණයක් බවයි ඔහු පවසන්නේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය මූලික ප්‍රතිපත්තිය කොට ගත් සංවිධානයක සභාපති පදවිය හිමි වීමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ කරුණු මුලින්ම ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බලපෑම් කිරීම තම පක්ෂයේ සැලසුම බවද විපක්ෂනායකවරයා සංදේශයට පැවසීය.
පොදු රාජ්‍ය නායක මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කඳු මුදුන බලා යද්දී (සංරක්ෂිත ඡායාරූපයක්) මීට සති කිහිපයකට ඉහත දී යොහාන් පීරිස්ද සමඟ එවරස්ට් තරණය ආරම්භ කළ ජයන්ති, පසුගිය සෙනසුරාදා එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට සමත් වූවාය. එහෙත් ඇය සමඟ කඳු මුදුනට ආසන්නයටම ලඟා වූ යොහාන් පීරිස්ට අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් සිය අපේක්ෂාව ඉටු කර ගත නොහැකි වූ බව ජයන්ති කුරු උතුම්පාල බීබීසී සංදේශයට සනාථ කළාය. "අපරාදේ එයාට තව මීටර් සිය ගාණක් විතරයි තිබුණේ," යනුවෙන් සඳහන් කළ ඇය, ඒ මොහොතේ වැඩිදුර විස්තර හෙළි කළ නොහැකි බවත් කියා සිටියාය. එවරස්ට් කඳු මුදුනට ළඟාවීමට යොහාන් පීරිස් අපොහොසත් වී තිබේ (සංරක්ෂිත ඡායාරූපයක්) මේ වසරේ එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කළ තිදෙනකුවත් පසුගිය දින කිහිපය තුල මරණයට පත් වී තිබේ. ඉන්දීය ජාතික සුභාෂ් පෝල් මියගොස් තිබෙන්නේ කන්ද තරණය කොට ශර්පා ජාතික මඟ පෙන්වන්නේකුගේ ආධාරයෙන් ආපසු බසිමින් සිටියදී. ඔහු සමඟ සිටි තවත් ඉන්දීය කඳු නගින්නන් දෙදෙනෙක් කඳු මුදුන ආසන්නයේදී අතුරුදහන් වූහ. නෙදර්ලන්ත ජාතිකයකු සහ ඕස්ට්‍රේලියානු කාන්තාවක්ද කන්ද මුදුනේ පීඩනය දරාගත නොහැකිව මරණයට පත් විය. මේ වසරේ එවරස්ට් තරණය කිරීමේ වසන්ත කාල සටහන නිමා වෙද්දී තවත් තිස් දෙනකු පමණ රෝගාබාධවලට ගොදුරු වූහ.
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ජයන්ති කුරු උතුම්පාල සුරක්ෂිතව නේපාලයේ කත්මන්ඩු අගනුවරට ලඟා වී සිටින්නීය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නිෂ්පාදන ක්‍රියාදාමයේදී කෘමිනාශක ඉවත් වෙනවා -තේ නිෂ්පාදකයෝ ඉන් සමහරක් කෘමිනාශක තේ වගාවට යොදා ගැනීම සඳහා අනුමත නොකරන ලද ඒවා බවයි ග්‍රීන්පීස් සංවිධානය පවසන්නේ. කෘමිනාශක අඩංගු තේ පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට දීර්ඝ කාලීන අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ග්‍රීන්පීස් සංවිධානයේ ඉන්දීය ශාඛාවේ නේහා සායිගල් කියා සිටියාය. '100% ආරක්ෂිතයි' තේ වගාව සඳහා අනුමත කෘමිනාශක පමණක් භාවිතා කරන බව පවසන දකුණු ඉන්දීය තේ නිෂ්පාදකයන්ගේ සංගමයේ රාධා ක්‍රිෂ්ණන් කියා සිටින්නේ නිෂ්පාදිත තේ සියයට සියයක්ම පානය සඳහා සුදුසු බවයි. ගසින් නෙළා ගත් තේ දලු පානයට ගැනීමට පෙර නිෂ්පාදන ක්‍රියාදාමයකට යටත් වන බැවින් ඒ වන විට බොහොමයක් කෘමිනාශක ඉවත් වන බව ද රාධා ක්‍රිෂ්ණන් පවසයි. තේ පාරිභෝගිකයන් බියට පත් කිරීම තම අරමුණ නොවන බව පවසන ග්‍රීන්පීස් සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක භාවිතයෙන් තේ ගොවියන් ඈත් කිරීමට කටයුතු කරන බවයි.
ඉන්දීය වෙළඳපොළේ විකිණෙන තේ කොළ තොග බොහොමයක සෞඛ්‍යයට අහිතකර කෘමිනාශක ද්‍රව්‍ය අඩංගු බව ග්‍රීන්පීස් (greenpeace) පරිසර සංවිධානය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉකුත්දා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමිනුයි ජවිපෙ නායකයා මෙම අදහස් පල කළේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය හා උතුරේ ප්‍රශ්නයට සිදු කෙරෙන ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැනි කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය මෙහි දී ජවිපෙ නායකයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් පැහැදිලි කළේය. 1987/88 වකවානුව ශ්‍රී ලංකාවේ සිටින කිසිදු දේශපාලන ව්‍යාපාරයක් නැවත 1987/88 වකවානුවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට සුදානම් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. " ඒකේදී අපිත් අත්දැකීම් ගත්තා, පාලක පක්ෂයත් අත්දැකීම් ගත්තා, ඒ වගේම මේ රටේ ජනතාවටත් මේ රටේ ඒ ඉතිහාසයේ ඛේදජනක අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මේ සමාජය හෝ දේශපාලන ව්‍යාපාර කිසිසේත් 87/88 මේ රටේ නිර්මාණය කරන්න සුදානම වනු ඇතැයි අපි විශ්වාස කරන්නේ නැහැ" හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැනි නායකයන්ට බලය අතහැර සිටිය හැකි බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නමුත් වර්තමාන ආණ්ඩුව කුඩා උද්ඝෝෂණ පවා පාලනය කිරීමට හැසිරුණු වියරු ආකාරය දෙස බලන විට ඔවුන් තම බලය රැක ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසුවේය. " රතුපස්වල, හලාවත, කටුනායක තිබ්බේ ආණ්ඩු පෙරළන උද්ඝෝෂණ නොවෙයි. සාධාරණ ඉල්ලීම් දින ගන්නා උද්ඝෝෂණ, නමුත් ඒවාට ඔවුන් හැසිරුණු වියරු ආකාරය අපි දැක්කා, ඒ නිසා තමන්ගේ බලයට කුඩා හෝ තර්ජනයක් එල්ලවන ඕනෑම මොහොතක මේ ආණ්ඩුව ඉතාමත් නරක දිසාවට තල්ලුවන ආකාරය අපි දැක්ක" ජනමාධ්‍ය වලට ප්‍රහාර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ ජනමාධ්‍ය මත බව පැවසූ මන්ත්‍රීවරයා එය පවත්වා ගැනීම සදහා ජනමාධ්‍ය වලට ප්‍රහාර එල්ල කිරීම, මිල දී ගැනීම සහ වරප්‍රසාද ලබා දීම සිදු කරන බවයි ඔහු පැවසුවේ. " රාජපක්ෂ යනු මාධ්‍ය විසින් ගොඩ නැගු ප්‍රබන්ධයක්, මේ ඇත්ත රාජපක්ෂ නෙමෙයි, එතකොට මේ රාජපක්ෂ ප්‍රබන්ධය පවත්වා ගැනිමට පහු ගිය කාලය පුරාවට මාධ්‍ය ආයතන ගණනාවකට පහර දුන්නා, මාධ්‍යවේදීන් ගණනාවකට පහර දුන්න" ශ්‍රී ලංකාවේ සිදු වූ ආන්දෝලනාත්මක ඝාතන හෝ අපරාධවලට වරදකරුවන් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනමාධ්‍යවේදීන්ගේ ඝාතකයන් සොයා ගෙන නැත්තේ ඒවා සිදු කර ඇත්තේ ආණ්ඩුව නිසා බවයි විදේශ වාර්තාකරුවන් හමුවේ පැවසුවේ. ශ්‍රි ලංකාවේ අධිකරණය ද මුළුමනින් ම රාජපක්ෂ පවුලට යටත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙහිදී පැවසුවේ අධිකරණ අමාත්‍යංශය යටතේ පැවතිය යුතු නීතිපති දෙපාර්තමේන්තුව පවා ජනතිපතිවරයා යටතේ ඇති බව පෙන්වා දෙමින්. රටේ නීතිය " අද අපේ රටේ නීතිය රාජපක්ෂගේ කැමැත්ත, ඔහු තමයි තීරණය කරන්නේ කවුද ඇතුළේ ඉන්න ඕනෑ, කවුද එළියේ ඉන්න ඕනෑ කියල, අසාත් සාලි ගේ අත් අඩංගුවට ගැණීම, ගත්ත විදිහත් වැරදියි, නිදහස් කරපු විදිහත් වැරදියි " " නීතිපති දෙපාර්තමේන්තුව හරහා පහු ගිය කාලය පුරාවටම ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉල්ලා අස්කර ගැනීම හා එකඟ නොවන අයට නඩු පැවරීම සුලබ කටයුත්තක් වුනා", ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා තවදුරටත් පැවසුවේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බව පැවසූ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු නායකයා එයට තම පක්ෂය විරුද්ධ බවයි විදෙස් මාධ්‍යවේදීන්ට පැවසුවේ. නමුත් මෙවන් තත්වයක් ඇතිවුයේ ආණ්ඩුවේ වරදින් බවයි ඔහු පෙන්වා දුන්නේ " තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින්, මානව හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කොට තිබෙනවා, ඒ නිසා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමට ඇතුල්වීමට දොරටු විවෘත මේ ආණ්ඩුවේ තීරණ නිසා" පළාත් සභා දෙමළ භාෂාව කථා කරන ජනතාව, ඔවුන් දෙමළ ජාතිකයන් වීම හේතු කොටගෙන ම, ඔවුන්ට ශ්‍රී ලංකාවේ විශේෂ ගැට‍ළු ඇති බව තම පක්ෂය පිළිගන්නා බව පැවසූ ඔහු නමුත් තමන් බලය බෙදීමට විරුද්ධ බව ද පැවසුවේය. " මේ පළාත් සභා අහෝසිකළ යුතුයි, මේ පළාත් සභා 9 ක් අපට වැඩක් නැහැ, නමුත් විශේෂ අනන්‍යතා සහිත ගැටළු ඇති ප්‍රදේශ තිබෙනවා, ඒ ගැටළු නිරීක්ෂණය කරලා ඒ ප්‍රදේශවල වෙනම බල ඒකක හැදෙන්න ඕනේ" මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ කටයුතු සිදු කරන ආකාරය ද දැඩි ලෙස විවේචන කල අතර ඔහු සිය සාකච්ඡාව අවසාන කළේ ජනතා විමුක්ති පෙරමුණ සමීප ලෙස අධ්‍යයනය කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ රට තුල ගොඩ නගා ඇති මත නිවැරදි නොවන බව මාධ්‍යවේදීන්ට ඒත්තු යනු ඇති බව පවසමින්.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන එකම නිතිය ජනතිපති මහින්ද රාජපක්ෂගේ කැමැත්ත පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යාපනයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය උතුරු සහ නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ බවය. දෙමළ ජාතික සන්ධානයත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවත් වත්මන් රජයට පූර්ණ සහාය පළ කරන ලද්දේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය. නමුත් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත් සිය අපේක්ෂාවන් ඉටු නොවීම තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් හාස්‍යයට ලක්ව ඇති බව ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙවැනි පසුබිමක් තුළ දෙමළ ජාතික සන්ධානය රජයට සහය දීම තවදුරටත් සිදු කරන්නේද යන්නත්, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දෙමළ ජාතික සන්ධානය ඉදිරියටත් කටයුතු කරන්නේද යන්නත් ආර් සම්බන්දන් විපක්ෂ නායකවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා වීසින් තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය. උතුරේ වැසියන්ට අයත් ඉඩම් ආපසු ලබාදීම, යුද අනාථයින් යළි පදිංචි කොට අවසන් කිරීම හා යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබදව සොයා බැලීම යන කරුණු ද මේ වන විට රජයට අමතක වී ඇති බව ඔහු කියා සිටියේය. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ජනාධිපතිවරයා සහ රජය සමග සාකච්ඡා කොට සුදුසු තීරණයකට එළඹිය යුතුව ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්දරන් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනඥයින් මෙන්ම දෙමළ ජනතාව ද ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටින නමුත් වර්තමාන රජයෙන් ද එවැනි විසඳුමක් ලබා දෙන බවක් පෙනෙන්න නැතැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක සහ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
නමුත් අවි ගත් සගයන් සමග එක්ව ජනතාවගේ වේදනාව ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදු විය. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි. ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදයෙකුගේ කඩවුණු පොරොන්දුව සමග යාපනයේ චිත්‍රපටි නිමවන ඔහු කේසවරාජන් නවරත්නම් ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් සිනමා සිත්තම සිය නිර්මාණයක් බවයි ඔහු පවසන්නේ. 'කොටි චිත්‍රපටයක්' ලෙසින් දකුණේ සමාජය එය බැහැර කළත් ඒ විසංවාදය නොතකා ඔහු තවමත් නිර්මාණකරණයේ යෙදී සිටියි. යුද්ධයෙන් පසු තරුණ වැන්දඹුවගේ ජීවන ඛේදවාචකය පනෛමරකාඩු (තල්වනය ) සමගින් කේසව මේ වන විට කාර්යබහුල වී සිටියි. ඒ බිඳී ගිය සිය එක් අතක්ද සමගිනි. යුද්ධයේ අයුතුකම් මැද පීඩා විදින දෙමළ ජනතාව පිළිබඳව තවමත් ඔහුට ඇත්තේ වේදනාවකි. ඔහු එම වේදනා ප්‍රතිනිර්මාණය කරයි ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී නිර්මාණකරණයේ යෙදුනු කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරමින් සිටියි. මේ ඔහු අප සමග කළ සංවාදයකි. එල්ටීටීඊ යට හදපු චිත්‍රපටි දැන් හදන්නෙ කාටද? කේසව: මම චිත්‍රපටි හැදුවෙ මගේ මිනිස්සුන්ට. එල්ටීටීඊ ය එක්ක චිත්‍රපටි හදන්න ඉස්සර මම චිත්‍රපටි කළා. ලංකා දෙමළ සිනමාව කියලා තමයි ඉස්සර කීවෙ. 1986 හා 1987දී මම මගේ පළමු හා දෙවැනි චිත්‍රපටි කළා. ඊට පස්සෙ අපේ නිර්මාණ වෙනුවෙන් එල්ටීටීඊ ය උදව් කළා. මම ඒව කළේ අපේ මිනිසුන් වෙනුවෙන්. චිත්‍රපටියකින් මිනිසුන්ට කළ හැකි සේවය මොකක් කියලද කේසව හිතන්නෙ? කේසව: ගොඩක් දේවල් කරන්න පුළුවන්. චිත්‍රපටියකට පුළුවන් ගොඩක් දේ 'චේන්ජ්' කරන්න. හොඳ 'අයිඩියාස්' නිර්මාණය කරන්න. ප්‍රශ්න ගැන අලුතින් හිතා ඒවට උත්තර හොයන්න චිත්‍රපටියකින් පුළුවන්. Through that we can make a good society. And solve the problems. චිත්‍රපටියකට දේශපාලනයක් තියෙන්න පුළුවන්ද? කේසව: දරුවෙකු උරා කිරි බොන්න පටන් ගන්න තැනින් දේශපාලනය පටන් ගන්නෙ. You can understand what I say. අඬනකොට තියෙන්නෙ දේශපාලනය. මිනිසුන්ගෙ ප්‍රශ්න ඇතුළෙ තියෙන්නෙ දේශපාලනය. ඒ නිසා දේශපාලනය නොකර බැහැ. සිංහල හා දෙමළ ජාතිවාදය කියන දෙකටම මම විරුද්ධයි. මම කතා කරන්නේ පොඩි මිනිසුන් ගැන. ඒක ප්‍රභාකරනුත් පිළිගත්තා. එල්ටීටීඊ යේ යුගය දැන් ඉවරයි. චිත්‍රපටි කරන්න දැන් තිබෙන අර්බුදය එය නැති වීමද? කේසව: මම ඒක කියන්නම්. එල්ටීටීඊ එක තියෙද්දිත් මේ ප්‍රශ්න තිබුණා. නමුත් මම චිත්‍රපටි කළේ මිනිසුන් වෙනුවෙන්. මම හා මගේ මිනිසුන් මුහුණ දුන් ප්‍රශ්න ඉස්සර තිබුණට වඩා දැන් වැඩියි. පොඩ්ඩක් 'සයිලන්ස්' වගේ පේනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න අපට අයිතිය තිබෙනවා. චිත්‍රපටි නිෂ්පාදකවරයෙකු නැති ප්‍රශ්නයද ඔය කියන්නෙ? කේසව: චිත්‍රපටියට නිෂ්පාදකවරයෙක් ඉන්නවා. එයා කියන්නෙ චිත්‍රපටිය ඉවර කරන්න, මම දෙන්නම් සල්ලි ටික කියා. මේ යුද්ධෙන් මගේ යාලුවො හුඟක් නැති වුණා. දැන් මම හොයා ගත් අලුත් යාලුවො, ඔවුන් මම හිටි මේ සමාජයේම හොටපු අය. ඔවුන් හැම අතින්ම මට උදව් කරනවා නිෂ්පාදකවරයෙකුන් විය යුතු හැමදේම ගැන හිතමින්. ප්‍රියා, සසිකරන්, සසිධරන්, නරේන්ද්‍රන්, කොලින්, දර්ශන්, බිරිඳ කමලරාණි සමග පසුතලයේ උයා පිහා ගෙන කා බී චිත්‍රපටි කළ කේසව මේ වන විට නිවසේ සාලයේ කොනක පරිගණකය ඉදිරිපිට එය සංස්කරණය කරයි යුද්ධය ආදීනව මේ වෙද්දි ශ්‍රී ලංකාවේ හැදුණ චිත්‍රපටි ගැන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු හැටියට තියෙන අත්දැකීම? කේසව: හොඳ චිත්‍රපටි තිබෙනවා. අපිට වඩා හොඳට 'ෆිල්ම්ස්' කරපු අය අපි දකිනවා. ඒ වාගේම මම දැකලා තියෙනවා බොරු දේවල් කියනවා දෙමළ මිනිස්සු ගැන. උදාහරණ විදිහට 'මාතා' චිත්‍රපටිය. ඒකෙ වෙනවා වගේ දේවල් අනිත් පාර්ශවලින් අපිටත් වෙලා තිබෙනවා. ඒවා කරලා සාමය හදන්න බැහැ. ඒකෙන් සමහරු සතුටු වෙයි. ඒත් අපි මනුෂ්‍යකම ගැන කතා කරන්න ඕනෙ. ඇත්ත කතා කරන්න ඕනෙ. ඒක කරන්න කලින් ඒ ගැන දැනගෙන ඉන්න ඕන. අපි දින්නා, අපි වීරයො කියල හිතාගෙන දේවල් කරන්නෙපා. දෙමළ මිනිස්සු දන්නවා, සිංහල මිනිස්සු දන්නවා මොකක්ද වුනේ කියල. දෙමළ මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නවලට සිංහල මිනිස්සුත් මුහුණ දෙනවා. සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන දෙමළ මිනිස්සු දන්නවා. දේශපාලන ඉතිහාසය ගැන බොරු කියලා මේ රට දෙකට කඩන්න එපා. තාම ලංකාව දෙකඩ වෙලා තියෙන්නෙ. එකට නෑ. යුද්ධය ඉවර වුණාට ලංකාව එකට නෑ. මැයි 19 වැනිදා යුද්ධෙ ඉවර වෙලා අපි අඬනවා. එහෙ හිනා වෙනවා. අපිට අඬන්නවත් ඉඩ දෙන්නෙ නෑ. දෙකඩ කරලා මේක. මාධ්‍යවේදීන්, දේශපලඥයින් මේ සියල්ල ගැන සිතිය යුතුයි. සිනමාවෙන් ඒ රට එකතු කරන්න කේසව ලෑස්තියි? කේසව: ඔව්. ඒක දේශපාලඥයින්ට කරන්න බෑ. ඒ අය කරන්නේ හම්බ කරන එක. කුඩු, එතනෝල් බිස්නස් කරලා තියෙනවා. බාර් ලයිසන් අරන් තියෙනවා. යුද්ධෙ නැතිව මිනිස්සු මරලා තියෙනවා. ඒ යුද්ධයක් නැතිව. එල්ටීටීඊ ය නැතිව චිත්‍රපටි කරන එක දැන් අමාරුද? කේසව: මම එල්ටීටීඊ ය එක්ක 'ෆ්‍රීලාන්සර්' විදිහට ගනුදෙනු කළේ. මම කළ හැමදේම කළේ මගේ හිතට එකඟව. මේ ආණ්ඩුවෙන් මට 'ස්පොන්සර්' කරනවා නම් දිගටම මම චිත්‍රපටි කරන්න ලෑස්තියි. ජනවාරි 08ට කලින් අපිට කැමරා අරගෙන පාරට බහින්න බැහැ. 'ඉන්කවයිර්යි' කෙරෙනවා. දැන් එව්වා නෑ. ඒක මේ රටේ හොඳ 'සයින්' එකක් විදිහට මම කල්පනා කරනවා. මේකයි වෙලාව රටේ සාමය හදන්න. මේ වගේ වෙලාවක් නැවත අපිට ලැබෙන්නෙ නෑ. අලුතෙන් හදන චිත්‍රපටිය යාපනයටද හදන්නෙ? ලංකාවටද? කේසව: ලංකාවට. මම කියන්නෙ අපි කරන්න ඕන දෙයක් තිබෙනවා අපේ මිනිසුන්ට. මම කියන්නේ මේකයි. නිකන් ආණ්ඩුවට ඇඟිලි දික් කරන්නෙපා. අපි අපේ මිනිසුන්ට කරන්න ඕන දේ ගොඩක් තියෙනවා. කරන්න ඕන වගේම කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනවා. ඒ ගැන කතා කරන්න මෙහෙ දේශපාලඥයින් කැමති නෑ. මෙහෙ තරුණ වැන්දඹුවන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් අපිට තියෙන 'ඇජෙන්ඩා' මොනවද? අධ්‍යාපනය ගැන තියෙන වැඩපිළිවෙළ මොනවාද? යුද්ධය තියෙද්දි අපිට ඇඬුණා. හැමදාම අපේ අය මැරුණා. අපේ අය තුවාල වුණා. ඒත් 'ස්ට්‍රක්චර්' එකක් තිබුණා. බහුතරයක් ඉන්න වැන්දඹුවන්ට මොනාද වෙන්නෙ? එයාලගෙ ළමයින්ට මොකද වෙන්නෙ? කවුද උත්තර දෙන්නෙ? තීන්දුව කවුද දෙන්නෙ? තීන්දුව ගන්න ඕන අපිමයි. චිත්‍රපටි කර කර ඉන්නවට වඩා විදේශගත වෙන එක හොඳයි කියලා හිතුනෙ නැද්ද? කේසව: නෑ එහෙම හිතුණෙ නෑ. මොකද මම මේ ඇති වුණ යුද්ධෙට වග කිව යුත්තෙක් කියලා මගේ හැඟීමක් තිබුණා. මේකෙන් වුණ දුකට, හානියට මමත් කොටස්කාරයෙක් කියලා හැඟීමක් තිබුණා. දකුණේ තරුණ හමුදා සෙබළුන්ගේ අම්මලත් මෙහෙ අම්මලා වගේම අඬනවා. ඉහළ තනතුරු දරපු අයයි, දේශපාලඥයිනුයි දන්නවා මොකද වුණේ කියලා. අපි දන්නේ නැහැ. කවුරුත් කතා කරන්නේ නැහැ. ඉදිරි චිත්‍රපටිත් දේශපාලනය තේමා කර ගත් ඒවා වෙයිද? කේසව: නෑ. 'කරන්ට් අෆයාර්ස්' තෝරා ගන්නෙ. මෙහෙ හැමදේකටම හේතුව යුද්ධය. යාපනය දැන් දියුණුයි කියන්න හේතුවත් යුද්ධයයි. මට අවි ආයුධ ගැන විශ්වාසයක් නැහැ. මම වෙඩි තියලා නැහැ. කාටවත්. ලස්සන ලංකාවක් හදන්න උත්සාහ කරන වෙලාවෙ කලාකාරයො, දේශපාලඥයො, මාධ්‍යවේදීන් මේකට එකතු විය යුතුයි. මම ලංකාවෙ පළවැනි ඩිජිටල් සිනමාකරුවා කියන එක තවමත් සමහරු විශ්වාස නොකරන්නෙ සමහරවිට එවැන්නන් හිතන්න ඇති වවුනියාවෙන් එහා ලංකාවක් නැතුව ඇති කියා.
ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතිනවා - අගමැති එය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ අගමැතිවරයා, බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට අනුකාරක සභාවල සියලූ සාමාජිකයන් සූදානම් බව අවධාරණය කළේය. ඉතිහාසයේ "පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින්," ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම එකඟ වන්නේ නම් අතුරු වාර්තා කෙටුම්පතේ සඳහන් කරුණුවලට එකඟවන බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබෙන බව ද අගමැතිවරයා පැවසීය. එබැවින් දශක ගණනාවක් භේද භින්න වී තිබුණු රටක පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ඇති වී තිබෙන "ඓතිහාසික අවස්ථාව" ගිලිහෙන්නට ඉඩ නොදිය යුතුය යන්න අගමැතිවරයාගේ ස්ථාවරය විය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කෙටුම්පතක් පමණක් බව පෙන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ, අවසාන ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයට භාජනය කිරීමෙන් පසුව බව අවධාරණය කළේය. නව ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාව සමන්විත වී තිබෙන්නේ අනුකාරක සභා හතක වාර්තා ඇසුරිනි: පහත දැක්වෙන්නේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සාරාංශයකි. ගතව ගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ අත්දැකීම් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතු වූ ගැටළු සැලකිල්ලට ගනිමින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රකාශිත විධිවිධාන නව ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු බව අනුකාරක සභාවේ එක් ප්‍රධාන නිර්දේශයකි. විශේෂයෙන්ම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් අධිකරණ සහ විනිශ්චය සභා හරහා ක්‍රියාවට නගනු ලබන වත්මන් "අසතුටුදායක" ක්‍රමවේදය වෙනුවට ජනතාවගේ අධිකරණ බලය සෘජුවම අධිකරණ වෙත පැවරිය යුතු බව අනුකමිටුවේ අදහසය. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විධිවිධාන ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවෙන් යහපත් මාර්ගෝපදේශයක් ලබාදෙන බවත් එහි සඳහන් වේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුවන ගැටළු විනිශ්චය කිරීම පිණිස, ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුය යන්න තවත් නිර්දේශයකි. පැවැත්මක් නැති පිරිසක් ආණ්ඩුවේ ගමනට බාධා කරනවා -මල්වතු මහනාහිමි වෙනත් අධිකරණවලදී විභාගයට ගැනෙන ව්‍යවස්ථාව සම්බන්ධ සියලු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කළ යුතු අතර, එහිදී "විනිසුරුවරුන් හත් දෙනාම අධිකරණයේ විනිශ්චයාසනාරූඩ යුතුය," යනුවෙන් ද අනුකමිටුව යෝජනා කරයි. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලනය සහ ඔවුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන අනුකමිටුව පවසන්නේ ඒ සඳහා විනය පාලන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත එම කොමිසම පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. කිසියම් විනිසුරුවරයෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව විනය පාලන කොමිෂන් සභාව ඉදිරිපත් කරන වාර්තාව මත පදනම්ව ඔහු/ඇය සේවයෙන් පහ කළ යුතු බව ව්‍යවස්ථා සභාව නිර්දේශ කරනු ලැබුව ද, ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ එම යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන්නේ නම් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 15 ක් දක්වා වැඩි කළ යුතු බව ද අනුකමිටුව නිර්දේශ කරයි. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 45 ක් විය යුතු බව තවත් නිර්දේශයකි. එයට අමතරව පළාත් බදව අභියාචනාධිකරණ ස්ථාපිත කළ යුතුය. අපරාධ සහ වාණිජ වැනි අංශ වෙනුවෙන් අභියාචනාධිකරණයේ විවිධ අංශ ද තිබිය හැකිය. එමෙන්ම වැටුප් ලබන හෝ නොලබන, අධිකරණ කටයුතුවලින් පරිබාහිර වෙනත් කිසිම කාර්යයක් භාර ගැනීමට දැනට සේවයේ නියුතු හෝ විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරුවන්ට අවසර ලබා නොදිය යුතු බව ද අධිකරණය පිළිබඳ අනුකාරක සභාව යෝජනා කරයි. බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ආරක්‍ෂා කෙරෙන බව නව යෝජනා සභාගත කරමින් සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම බව ද පෙන්වා දුන්නේය. "බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් වෛරය ජයගතයුතු බවයි. අද අපි ඉටු කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මඟපෙන්වීම සඳහා මේ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා," අගමැතිවරයා පැවසීය. දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත්‍රණය කළ හැකි බලය බෙදීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන නමුත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතින බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු අනුකාරක සභා හතක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ඇසුරින් සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා ( සැප්තැම්බර් 21) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගියදා කොන්දේසි 13 ක් ඉදිරිපත් කරනු ලැබීය. කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි යළි අවධාරණය කළේ සිය ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන කිසිවක් කටාර් රාජ්‍යය පිළිනොගන්නා බවය. ගල්ෆ් කලාපය තුළ මතුව ඇති අර්බුදය විසඳීමේ උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වේ. කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන රටවල් අතර මතුව ඇති අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් කටාර්හි එමීර්වරයා සහ බහරේනයේ රජු සමග දුරකතන ඔස්සේ සාකච්ඡා කර තිබේ. ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ. කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අල් ජසීරා සහ ඉල්ලීම් 13 ක් ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගිය ජුනි 23 වෙනිදා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් AP පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර: අදාළ කොන්දේසි කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් පසුගිය ජුනි 24 වෙනිදා ප්‍රතික්ෂේප කරනු ලැබීය. කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගියදා පැවසීය. ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය. ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : [email protected]
සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සිය රට සුදානම් බව කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඉස්ලාමීය සංවිධානයට බඳවා ගෙන ඇත්තේ "මනස සේදීමෙන් (brainwashed)" වන අතර තමන් "සිදු කළ සියල්ල ගැන පසුතැවෙන" බව ඇය පවසයි බංග්ලාදේශයට ඇය සමග "කිසිදු සම්බන්ධතාවක් නොමැති" බව ද අමාත්‍ය අබ්දුල් මෝමන් (Abdul Momen) පැවසීය. සිරියාවේ සරණාගත කඳවුරක දිවිගෙවන ඇය පසුගිය පෙබරවාරි මස නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමැත්ත පළ කළාය. පසුව ඒ සඳහා ඉල්ලීමක් ද කළ නමුත් බ්‍රිතාන්‍ය රජය ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට පියවර ගන්නා ලදි. බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය හැකි බවය. නමුත් ඇයගේ නීතීඥ තස්නිමේ අකුන්ජී පැවසුවේ බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු අමාත්‍යංශ තීරණයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය. කෙසේනමුත්, ශමීමාගේ මව බංගලාදේශ ජාතිකයෙක් වීම හේතුවෙන් ඇයට බංගලාදේශ පුරවැසිභාවය ලබා ගත හැකි බවට නීති විශේෂඥ මත ඉදිරිපත් විය. ජාත්‍යන්තර නීතිය අනුව, යම් පුද්ගලයෙකුගේ පුරවැසිභාවය අහිමි කර ඔහු හෝ ඇය කිසිදු රටක පුරවැසිභාවයක් හිමි නැති කෙනෙකු බවට පත් කිරීම නීතිවිරෝධීය. 15 හැවිරිදි වියේ දී ඇය වාසය කළේ ලන්ඩන් නුවර බෙත්නල් ග්‍රීන් ප්‍රදේශයේය "ශමීමා බේගම් කොහෙත්ම බංගලාදේශයේ ප්‍රශ්නයක් නෙමෙයි" යැයි නීතීඥ තස්නිම් අකුන්ජි පැවසීය. "ඇය කවදාවත් බංගලාදේශයේ පුරවැසිභාවය ඉල්ලා නැහැ. ඇයගේ දෙමාපියන් බ්‍රිතාන්‍ය පුරවැසියන්." "ඇය ගැන වගකීම ඇත්තේ බ්‍රිතාන්‍ය රජයට. ඔවුන් ඇය සමග කටයුතු කරන්න ඕනේ," ඔහු පැවසුවේය. ඇය බංගලාදේශයට ගියහොත් ත්‍රස්තවාදයට එරෙහිව එරට පවතින දැඩි නීතිවලට යටත් වීමට සිදු වනු ඇතැයි නීතීඥවරයා තවදුරටත් පැවසුවේය. "බංගලාදේශයේ නීතිය හරිම පැහැදිලියි. ත්‍රස්තවාදීන්ට මරණ දඬුවමට මුහුණ දෙන්න වෙනවා," ඔහු පැවසීය. ශමීමා සිරියාවට පළා ගියත්, ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ බව මේ වන තෙක් ඇය පිළිගෙන නොමැත. "බ්‍රිතාන්‍ය පුරවැසිභාවය නැති කිරීමෙන් සජිඩ් ජාවිඩ් සිදු කර ඇත්තේ ඇයව කුණු ගොඩට විසි කිරීමක්. අපේ ප්‍රශ්න වෙනත් රටවල්වලට විසි කිරීමක්," නීතීඥ තස්නිම් අකුන්ජී පැවසුවේය. කවුද මේ ශමීමා? මේ අතර, බංගලාදේශ විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබා නොදෙන අතර තමන් මුලින් සිදු කළ ප්‍රකාශයන්ට අමතර කරුණු එක් නොකරන බව ද බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශ බීබීසී වෙත පැවසීය. සිය මිතුරියන් දෙදෙනෙකු සමග සිරියාවට පලා යද්දී ශමීමා පාසල් ශිෂ්‍යාවක් වූවාය. එම මිතුරියන් දෙදෙනා බෝම්බ ප්‍රහාරයකට හසු වී සිරියාවේ දී මරණයට පත් වූ බවද ශමීමා බෙගම් පවසන්නීය. ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය. "ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා," ඇය පැවසුවාය. දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟය. එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේය. එම ප්‍රදේශයේ පාලන බලය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ගිලිහී යද්දී මෙම යුවළ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත. ඇයගේ සැමියා සිරියානු සටන් කණ්ඩායමකට යටත්වීමෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරකට පැමිණ තිබේ. කඳවුරේ සිටිද්දී පෙබරවාරි මස ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකුට ඇය හමු වී තිබේ. ඒ වන විට ඇය ගැබිණියකව සිටි අතර දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බව ටයිම්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී පැවසීය. බ්‍රිතාන්‍ය රජය ඇයගේ ඉල්ලීමට එරෙහිව දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය. එමෙන්ම, ශමීමාගේ ඉල්ලීමට එරෙහිව බ්‍රිතාන්‍යවාසීන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි මත පළ කර තිබිණ. බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට තමන් "නොපැකිළෙන" බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා මීට ඉහතදී පැවසීය. "ඇය නැවත පැමිණියොත් ප්‍රතිවිපාක විඳින්න වෙයි," ලේකම්වරයා තවදුරටත් පැවසුවේය. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් තමාගේ "මොළය සේදූ (brainwashed)" අතර තමන් "සිදු කළ සියල්ල ගැන පසුතැවෙන" බව ඇය කියා සිටියාය. කෙසේනමුත්, සිරියාවට පලා යෑම සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම පිළිබඳ පසුතැවිලි නොවන බව ද ඇය ප්‍රකාශ කරන්නීය. කඳවුර තුළ සිටියදීම පුතෙකු බිහිකළ ඇය ඔහුට 'ජරාහ්' ලෙස නම් තැබීය. නමුත් ඉපදී සති තුනකට අඩු කාලයක දී නියුමෝනියාව වැළඳීමෙන් ඔහු මිය ගියේය. මින් පෙර ද ඇයගේ දරුවන් දෙදෙනෙකු විවිධ හේතු නිසා මියගොස් ඇත.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීම සඳහා 2015 දී ලන්ඩන් නුවර සිට සිරියාවට පලා ගිය 19 හැවිදිරි ශමීමා බෙගම්, බංග්ලාදේශයට පැමිණියහොත් "ත්‍රස්තවාදයට හවුල් වීම යටතේ මරණ දණ්ඩනයට යටත් කළ හැකි" බව එරට විදේශ ඇමතිවරයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වත්මන් ආණ්ඩුව 'හොඳින්' රට පාලනය කරමින් සිටින නමුත් මීට වඩා යහපත් ප්‍රතිඵල උදාකරදීමට ආණ්ඩුව සමත්විය යුතු බව බහුතරයකගේ මතය වී තිබේ උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සකස්කරන ලද අලුත්ම වාර්තාවක් ප්‍රකාර, එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අතරින් ජීවන වියදම අඩුකිරීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව සමීක්ෂණයට සහභාගි වූ අති බහුතර පිරිසගේ මතයයි. එමෙන්ම සේවක වැටුප් ඉහල දැමිය යුතු බව දකුණු සහ ඌව පළාත්වල ජනතාවගේ මතය වී තිබේ. කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව බහුතර මුස්ලිම් ජනතාවගේ අදහසය. 1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ නමුත්, එය අහෝසිකරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රතිඥාව ඉටුකිරීමට අපොහොසත්වූහ. මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව බහුතර පිරිසගේ මතය වී තිබේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවකි. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස්කළ යුතු දැයි කළ විමසීමට වැඩි පිරිසකගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ යම් යම් සංශෝධන සහිතව පවතින ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බවය. සංශෝධන සහිතව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පවත්වාගත යුතු බව 38.9% ක පිරිසක් පවසද්දී, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසා තිබෙන්නේ 23.5% ක පිරිසක් පමණි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව ප්‍රමාණවත් ලෙසින් ජනතාව දැනුවත් කිරීමට අපොහොසත්වීම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද පසුගියදා ආණ්ඩුවට එල්ල කළ බරපතල විවේචනයකි. එහෙත් පසුගිය ඔක්තෝබරයට සාපේක්ෂව මේ වනවිට තරමක් දුරට ජනතාව දැනුවත් කිරීමට ආණ්ඩුව සමත්වී තිබෙන බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි. "විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම එක්වරම හෝ වෙන වෙනම සිදු විය යුතු දැයි කළ විමසීමේදී බොහෝ දෙනාගේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය. ඒ කරුණු දෙකම එකවර සිදුවිය යුතු බව උතුරු පළාතේ වැසියන්ගෙන් 40.4% ක අදහස වී තිබේ. 2015 ජනවාරි මාසයේ සිට වත්මන් ආණ්ඩුව 'හොඳින්' රට පාලනය කරමින් සිටින නමුත් මීට වඩා යහපත් ප්‍රතිඵල උදාකරදීමට ආණ්ඩුව සමත්විය යුතු බවද සමීක්ෂණයට සහභාගි වූ බහුතරයකගේ (44%) මතය වී තිබේ. කෙසේ නමුත් හැකි ඉක්මනින්ම මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් තෝරා පත්කර ගත යුතු බව ආණ්ඩුවේ පාලනය 'ඉතා නරක' බව විශ්වාස කරන 16.5% ක පිරිසගේ අදහසය. මෙම ජනමත සමීක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය ලබාගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතු අතර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී යට පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු නැතැයි ශ්‍රී ලංකාවාසීන් අති බහුතරයක් විශ්වාස කරන බව ජනමත සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයෝ තමන් විඳින ගැහැට ඉන්දීය රජය විසින් නො තකා හිඳින බවට චෝදනා කළ ඔවුන් විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා කොළඹ යාම තමන්ගේ කලකිරීමට හේතු වූ බවයි සඳහන් කළේ. ධීවර නායකයෙක් වන මන්ගයාර් සෙල්වන් බීබීසී තමිලෝසෙයි දෙමළ සේවයට කියා සිටියේ ඉන්දියාවේ අනික් පළාත් වල ධීවර ජනතාව ද තම ඉල්ලීම් වලට සහාය දක්වන බවයි.
ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සිරගත ධීවරයන් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය රජයේ මැදිහත් වීම ඉල්ලා තමිල්නාඩුවේ සහ පුදුච්චේරියේ ධීවර නායකයෝ දිල්ලි අගනුවර උද්ඝෝෂණයක නිරත වුහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනාධිපතිවරයා සහ තිස්ස විතාරණ ඇමතිවරයා එම පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, සිය පක්ෂය මෙන් ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් හදිසි මැතිවරණයකට එකඟ නැති බවයි. නියමිත කාලයට පෙර කැඳවීමට ඉඩකඩ ඇති කවර වූ හෝ මැතිවරණයකට මුහුණ දීමට බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින අතරයි, සන්ධාන ආණ්ඩුවට හවුල් සුළු පක්ෂ තුනක් එවැනි කල් තබා කෙරෙන මැතිවරණ කැඳවීමකට විරෝධය පළ කරනු ලැබ තිබෙන්නේ. හදිසිය අවාසියි ඉහත කී දේශපාලන පක්ෂ තුනේ යෝජනාව වන්නේ නියමිත පරිදි 2016 වසරේ දී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කැඳවීම වන බවයි, මහාචාර්ය තිස්ස විතාරණ ඇමතිවරයා පවසන්නේ. ‘කල් තබා මැතිවරණ කැඳවීමට ජනාධිපතිවරයාට බලතල ඇතත් අපේ පක්ෂ තුනේ මතය වන්නේ මේ අවස්ථාවේ මැතිවරණ කැඳවීම සුදුසු නොවන බවයි. ඒ හැර අපි ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළොත් එක්සත් ජනතා සන්ධානයට යළි බලයට ඒම සඳහා වඩාත් හොඳ වාතාවරණයක් සැලසෙන බව අපි දැනුම් දී තිබෙනවා’ ඇමතිවරයා පවසයි. ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති යෝජනා මොනවාදැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනම් කර ගත් මිශ්‍ර මහ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ආදිය තම යෝජනා අතර ඇති බවයි සඳහන් කළේ. එසේම, දාහත් වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජිත සංශෝධන සමඟ ක්‍රියාවට නංවන ලෙසත් ආණ්ඩුව තුළ සිටින වමේ පක්ෂ තුන ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි. ‘සුදුසු පියවර’ රට තුළ වාර්ගික සහ ආගමික වශයෙන් උද්ගතව පවතින බෙදුම්කාරී තත්වය සමහන් කොට ජාතික අනන්‍යතාවයක් සහතික කෙරෙන වැඩ පිළිවෙලක් සහ ආර්ථික වශයෙන් ධන කුවේරයන්ගෙන් අය කරන බදු වැඩි කරමින් බදු පිළිවෙතේ සිදු කරන වෙනසක් මගින් භාණ්ඩ මිල පහත වැටෙන පියවර ගන්නා මෙන් ඉහත කී දේශපාලන පක්ෂ තුන ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවයි ලංකා සම සමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ තුනේ නායකයන් තිදෙනාම ආණ්ඩුවේ ඇමති පදවි දරන අතර ජනාධිපතිවරයා ඔවුන්ගේ විරෝධය නොතකා කුමන හෝ හදිසි ඡන්දයක් කැඳවනු ලැබුනොත් ගනු ලබන පියවර කුමක්දැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, ‘එය ඒ අවස්ථාවේ දී සලකා බලා සුදුසු පියවරක් ගන්නා’ බවයි.
ලබන වසරේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැඳවනු ලැබීම සම්බන්ධයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ තුනක් විරෝධය පළ කරනු ලැබ ඇතැයි ලංකා සම සමාජ පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'La Salvajeria' නමැති රූපලාවණ්‍යගාරයේ හිමිකරු මහමග නිදන ජොසේ අන්තෝනියෝ හට සිය ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙන්නැයි ආරාධනා කරන්නේ බලපත්‍ර නොමැති රථවාහන ගාල් කරන්නෙකු ලෙස ඔහු දැන හැඳිනගැනීමෙන් අනතුරුවය. එසේ පැමිණි ජෝසේට රූපලාවණ්‍යගාරය විසින් නොමිලේ සේවය සපයනු ලබන අතර තම බාහිර ස්වරූපයේ වූ පරිවර්තනය දුටු ඔහු හැඟීම්බර විය. රූපලාවණ්‍යගාරය විසින් එම අවස්ථාව පටිගත කරනු ලැබ ඇති අතර ෆේස්බුක් සමාජ ජාලයේ පළ කළ අදාළ වීඩියෝ පටය දින දෙකක් තුළ නරඹා ඇති වාර ගණන 400,000 කි. සැබෑ වෙනසක් 'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි "මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?" "මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?" රූපලාවණ්‍යගාර කාර්ය මණ්ඩලය විසින් තම බාහිර ස්වරූපයේ සිදු කරන ලද වෙනස්කම දුටු ජොසේ පැවසීය. "මගේ පෙනුම වෙනස් වෙලා. මම කවුද කියලා කිව්වේ නැත්නම් කවුරුත් මාව හඳුන ගන්න එකක් නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ජොසේගේ වෙනස දුටු ප්‍රදේශවාසීහු පුදුමයට පත්වූහ 'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. වසර විසිපහක සිට ඔහු මහමග නිදන බවත් එම වාර්තාවේ සඳහන්වේ.
ස්පාඤ්ඤයේ මයෝකා නගරයේ නිවසක් නොමැති මහමග නිදන පුද්ගලයෙකුගේ දෙනෙත් කඳුලින් බර වූයේ ප්‍රදේශයේ රූපලාවණ්‍යගාර හිමිකරුවෙකුගේ කාරුණික ක්‍රියාකලාපය හේතුවෙනි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"කාරක සභාවක ක්‍රියාදාමය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැහැ. නමුත් මෙයින් සදාචාරාත්මක ගැටලුවක් පැන නගින බව බොහෝ දෙනෙක් කියනවා" පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙය විය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එදින කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ. බොහෝ මාධ්‍ය ආයතන කාරක සභාවේ ක්‍රියාදාමයේ සජීව දර්ශන විකාශය කළ නමුත් එය හදිසියේම නවතා දමනු ලැබිණ. අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කාරක සභාවේ කටයුතු සජීව ලෙසින් විකාශය කිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. රටේ බුද්ධි අංශ තොරතුරු ඇතුළු කරුණු මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනයට ලක් වූ අතර ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල සංවාදයක් ගොඩනැගී තිබේ. කාරක සභාවක කටයුතුමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීතියට පටහැණි ද? "කාරක සභාවක ක්‍රියාදාමය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැහැ. නමුත් මෙයින් සදාචාරාත්මක ගැටලුවක් පැන නගින බව බොහෝ දෙනෙක් කියනවා. කොහොම වුණත් මේ වගේ ප්‍රශ්න කිරීම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරපු අවස්ථා ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා," යැයි නීතීඥ සී එච් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය. "කාරක සභා ප්‍රශ්න කිරීම් එළිපිට සිදුවීමෙන් මිනිස්සුන්ට තොරතුරු වසන් වෙන්නේ නැහැ. වැරදි තොරතුරු සමාජගත වෙන්නේ නැහැ. නමුත් ඇති වී තිබෙන තත්වයත් එක්ක යම් සංවේදී බුද්ධි තොරතුරු පිටතට යෑම ඉතා භයානකයි. මේ වගේ දේවල් මාධ්‍ය ඉදිරියේ සාකච්ඡා කිරීමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුයි," ඇය තවදුරටත් පැවසුවාය. ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මැයි රැස් වූ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් මාර්තු 23 වෙනි දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ විශේෂ කාරක සභාව මාධ්‍ය වෙත විවෘත කරන බවය. එමෙන්ම, සභාවේ කටයුතු මාධ්‍ය වෙත විවෘත කිරි‍මේ වගකීම කාරක සභාවේ සභාපතිවරයාට පැවරෙන බව ද කතානායකවරයා තවදුරටත් පැවසීය. නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරයි. හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවි කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති. පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන ඉවත්වීම හේතුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත් කළ බව කතානායක කරූ ජයසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වෙනවා ද? කාරක සභා ක්‍රියාවලිය මාධ්‍ය වෙත විවෘත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ "පාර්ලිමේන්තුවේ කටයුතු වාරණයකින් තොරව ප්‍රචාරය කරන්න ඉඩ දීම නිසා පාර්ලිමේන්තුවේ හොඳ නරක, මැති ඇමතිවරු සිදු කරන දේවල් ජනතාවට දැනගන්න පුළුවන්," යනුවෙනි. "සභාවේ වගේම කාරක සභාවල සිදු කරන දේවල් ජනතාව දැනගත යුතුයි. එම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මේ විශේෂ කාරක සභාව විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා වාර්තා කරන්න‍ත් මාධ්‍යයට ඉඩ දිය යුතුයි. එහෙම නැත්තම් වැරදි තොරතුරු සමාජ ගතවෙනවා," අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය. "පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොඳ වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ" මේ අතර, මාර්තු 23 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ, "අධීක්ෂණ කාරක සභා මාධ්‍යයට විවෘත කිරිමේ යම් බාධා තිබෙනවා. ඒ සඳහා ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සහ සංශෝධනයන් කෙරෙහි අවධානය යොමුකරන්නට සිදුවෙනවා," යනුවෙනි "පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොඳ වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ. ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සිදුකර හෝ මේ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි." 2017 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ බලධාරීන් ජනතාවට වගවීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට සමාජය වග බලාගතයුතු බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අංශයේ වැඩසටහන් කළමනාකරු, සංඛිතා ගුණරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය. මේ තොරතුරුද කියවන්න: ලෝකයේ වෙනත් රටවල මෙවැනි දේ සිදු වී තිබේ ද? ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් 2018 මාර්තු මාසයේ දී ඇමරිකානු සෙනට් මණ්ඩලයට කැඳවීය "තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා" කාරක සභාවක් යනු කුමක් ද? පාර්ලිමේන්තු රැස්වීමක දී ලැබෙන කාලය සීමාසහිත නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසුය. අදාළ කටයුතු වඩාත් ඉක්මනින්, සාර්ථක ලෙස නිම කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය වන්නේ එම වගකීම් සභාවක් හෝ නම් කරන ලද කණ්ඩායමක් වෙත පැවරීමය. කාරක සභා ක්‍රමය බිහිවන්නේ මෙවන් වටපිටාවකය. එයට පාර්ලිමේන්තු නියෝජිතයන් සුළු පිරිසක් ද ඇතුළු වේ. එක්සත් ජනපද කොන්ග්‍රසයේ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, ජාතික ආරක්ෂාව වැනි අතිශය වැදගත් කරුණු ගැන මූලික සාකච්ඡා සිදු කිරීම සඳහා කාරක සභා පිහිටුවීම ස්ථාපිත වූ ක්‍රියා පිළිවෙලක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ. එහි අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට පැටවෙන අධික රාජකාරි ප්‍රමාණය අවම කිරීමය. පාර්ලිමේන්තු රැස්වීමක් කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වෙනි වගන්තියෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ. කාරක සභා වර්ග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා පුළුල් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකිය. ඒවා නම්, ස්ථාවර කාරක සභා සහ තත් කාර්ය කාරක සභා (තනි කාර්යයක් සඳහා වන කාරක සභා) වශයෙනි. ස්ථාවර කාරක සභා පත් කිරීම ස්ථාවර නියෝග අනුව කථානායකවරයා විසින් සිදු කරනු ලබන අතර එම කාර්යය අවසන් වීමෙන් පසුව වුවද ඒවා දිගටම ක්‍රියාත්මකව පවතී. ඒවායේ නිල කාල සීමාවේ යම් කිසි ස්ථාවර තත්ත්වයක් පවතියි. මෙම කාරක සභා සභාවේ විශේෂිත කටයුතු සම්බන්ධව ක්‍රියා කරයි. පාර්ලිමේන්තු රැස්වීමක දී ලැබෙන කාලය සීමාසහිත නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසුය තත් කාර්ය කාරක සභා බො‌‌හෝ විට තාවකාලික වන අතර නියමිත කාර්යය අවසන් වු වහා ම ඒවා අහෝසි වේ. මෙම කාරක සභා වරින් වර ඒවාට පවරනු ලබන විශේෂිත කාර්යයන් ක්‍රියාත්මක කරයි. මේවා විශේෂ කාරක සභා යනුවෙන් ද හැඳින්විය හැකිය. ස්ථාවර නියෝග අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට අමතරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු කාරක සභා වර්ග පහකි. මූලාශ්‍ර: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තවත් තොරතුරු:
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැයි 29 වෙනිදා පාර්ලිමේන්තුවේ දී රැස් විය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා' එමෙන්ම කම්හලකින් පිටවන විෂ වායු ආශ්වාස කළ පාසල් දරුවන් ගණනාවක් මෑතක සිට වමනය, ක්ලාන්තය, ඇස් දැවිල්ල ඇතුළු විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටින බව ද දෙමාපියෝ පවසති. ගාල්ලේ, දොරපේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියකු වන ඩීඑල් පියදාස බීබීසී සංදේශයට කියා සිටියේ, කම්හලෙන් පිටවන දුමාරය වැඩි වන දිනවලදී සිය දරුවන් දැඩිව අසනීප වන බවයි. 'ජනමාධ්‍ය නිහඬයි' "හැමදාම උදේ දහය විතර වෙන කොට ළමය කියනවා ඔලුව කකියනවා කියල. එයා ඉස්කෝලේ යන්නේ නෑ සතියකට දවසක් දෙකක්," යනුවෙන් ද ඔහු කියා සිටියේය. කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති "ළමයින්ට මුකවාඩම් බැඳ ගෙන ඉන්න වෙනවා. හයියෙන් කළු පාට දුම ගහල ඒක වැහිලා යන වෙලාවල් තියෙනව. ලිංවල වතුර කළු පාට වෙනවා." මේ අතර දොරපේ ට යාබද ඉමදූව වැලිකොන්න ප්‍රදේශයේ විසි හය දෙනෙක් මෑත කාලයේදී පිළිකා රෝගයට ගොදුරු වී තිබේ. ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පසුගියදා දොරපේ ප්‍රදේශයේ විශේෂ රැස්වීමක් ද කැඳවා තිබුණු නමුත් ඩීඑස්අයි සමාගමේ කිසිම නියෝජිතයෙක් එයට සහභාගි වී නොසිටි බව ප්‍රදේශවාසියකු වන මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේය. විශේෂයෙන්ම වැලිකොන්ද ග්‍රාමය අධික පිළිකා සහිත ප්‍රදේශයක් ලෙසින් වෛද්‍යවරුන් විසින් නම් කොට තිබෙන බව ද ඔහු පවසයි. ඩීඑස්අයි ව්‍යාපාරයේ ප්‍රචාරක දැන්වීම්වලින් ලැබෙන ආදායම් අඩු වනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මේ ප්‍රශ්නය වාර්තා කිරීමෙන් මඟ හැර සිටින බව ද ප්‍රදේශවාසීහු සංදේශයට කියා සිටියහ. ගමට ඉතා විශාල ආදායමක් ලබා දෙන එමෙන්ම රැකියා විශාල ප්‍රමාණයක් සම්පාදනය කරන කම්හල් ඉවත් කරන මෙන් තමන් කිසිසේත්ම ඉල්ලා නොසිටින බව ගම්වාසීහු අවධාරණය කරති. කම්හලේ අපද්‍රව්‍ය පිට කිරීම නියමිත ප්‍රමිතියට අනුව සිදු කිරීම ඔවුන්ගේ ඉල්ලීමයි. මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ඩීඑස්අයි සමාගම් සමූහයේ බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයට අයත් කම්හල් දෙකකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව දකුණේ ගම්මාන කිහිපයක වැසියෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසති. ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුමේ 2% කි. දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයකි. කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට ඇත.
ඇපල් සමාගම සිය ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
උසින් අඩි දහයක් පමණවන ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණවන බව කී වනජීවී නිලධාරීහු ඇතාගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතළ මට්ටමේ පවතින බව පවසති. පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ ඇතෙකු එහි වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් පුත්තලම වනජීවී කලාප කාර්යාලයට දැනුම්දෙනු ලැබීමෙන් අනතුරුවය. ප්‍රතිකාර අද (මාර්තු 20) ඇතාට ප්‍රතිකාර ලබා දීම සඳහා වයඹ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම සටහනට පැමිණීමට නියමිතය. ප්‍රතිකාර ලබා දීමෙන් පසුවත් ඇතා සුවය ලබන තෙක් ආරක්ෂාව සැපයීම සඳහා එම ස්ථානයේ රැඳී සිටින බව පුත්තලම අලිපාලන ඒකකයේ නිලධාරීහු පවසති.
ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා වැතිර සිටින ඇතෙකුට ආරක්ෂාව ලබා දීම සඳහා පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීහු එම ස්ථානයට පැමිණ සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය පෙත්සම මගින් කියා සිටින්නේ වැට් බදු වැඩි කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය බවයි. එහෙත් මුදල් අමාත්‍යවරයා 'අදාළ පනත් සංශෝධනය නොකොට සිය අභිමතය පරිදි අත්තනෝමතික ලෙස වැට් බද්ද ඉහළදැමීම නීතියට පටහැණි ක්‍රියාවක් ලෙස' පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් හඳුන්වනු ලබයි. ඉහත කී ''නීති විරෝධී ක්‍රියාව'' පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශ කරන තෙක් වැඩි කරන ලද වැට් බද්ද අය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
ඉහළ නංවන ලද වැට් බද්ද අයකිරිම වළක්වාලමින් ආණ්ඩුව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මාස තුනක් පමණ පැරණි සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. මෙම නෞකාවේ නැව් තෙල් ටොන් 320ක් පමණ ඇති බව බලධාරීහු පැවසූහ. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව බලධාරීන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය. යම් පුද්ගලයෙකුගේ යම්කිසි අතපසුවීමක් හෝ වැරද්දක් වී ඇද්ද යන්න සොයා බැලීමට දැනටමත් මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව නීතිමය කටයුතු කරන බව ද ඔහු කීය. "සමුද්‍ර ජීවීන්ට විශාල බලපෑමක් වලා තියෙනවා. වලක්වාගත නොහැකි හානියක් වෙලා තියෙනවා." යැයි කී ඔහු, මේ වන විට ඇතිවිය හැකි පරිසර හානිය පිළිබදව පරිසර අධ්‍යයනයක් කරමින් සිටින බව මාධ්‍ය හමුවේ පැවසීය. X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම සමුද්‍රීය දුෂණයකට මුහුණ දී සිටින අතර බටහිර වෙරළ තීරය දැන් රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පෙති සහ තෙල් කාන්දුවක් මගින් දූෂණය වී ඇති බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එසේම අම්ල වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇති බවද ඒවායෙහි කියවිණි. සාගර විද්‍යාඥ ආශා ඩි වොස් මෙම නෞකාවේ ගින්න නිසා පරිසරයට ඇතිවිය හැකි හානිය පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන් හි විශේෂඥයන්ගෙන් විමසීම් කර ඇති අතර ඇය පවසන්නේ රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේගෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාව පිළිබදව විමසූ බවය. "නයිට්‍රික් අම්ලය දහනය කිරීමෙන් නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO සහ NO2) නිපදවන අතර එය වායුගෝලයේ එක් වරක් ජලය සමඟ ප්‍රතික්‍රියා කර අම්ල වැසි ලෙස ප්‍රතික්‍රියා කරයි. කෙසේ වෙතත්, පහළට පැමිණීමට පෙර එය වායුගෝලයේ කෙතරම් තනුක කරනු ඇත්දැයි අප දන්නේ නැහැ." යැයි රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේ කියා සිටි බවත්, "වායුගෝලයේ තෙතමනය වැඩි නම් අම්ලයට නැවත ප්‍රතික්‍රියා කිරීම ඉතා වේගයෙන් සිදුවේ. ප්‍රශ්නය වන්නේ අම්ලයේ "සාන්ද්‍රණය"පහළට පැමිණීමට පෙර කුමක් වනු ඇත්ද යන්නයි," යනුවෙන් ඇය පැවසූ බවත් ආශා ඩි වොස් බීබීසී සිංහල සේවයට පැවසීය."කෙටියෙන් කිවහොත්, සාන්ද්‍රණය අඩු නම්, එයින් ඇතිවිය හැකි බලපෑම අඩුයි. එහෙත් එහි සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතී නම් ඒ පිළිබඳව අනාවැකි කීමට තරම් අපි දන්නේ නෑ." යනුවෙන් ඇය තවදුරටත් පැවසූ බව ආශා ඩි වොස් කියා සිටියාය. විශේෂඥයන් පවසන ආකාරයට වඩා වැදගත් වන්නේ තෙල් කාන්දුවීමක් වලක්වාගැනීමය. "නෞකාව දෙකට කැඩිලා තෙල් කාන්දුවීමක් වෙයි කියල අනතුරක් තිබුණ නිසා තමයි ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගෙන්නගත්තේ. ඔවුනට එහෙම තෙල් කාන්දුවක් උනොත් එය පාලනයට උපකරණ තියෙන නිසා," යනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මාධ්‍යවේදීන් හමුවේ පැවසීය. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක් ගින්න හේතුවෙන් විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය ඇති වන ස්වභාවයක් හට ගන්නා අතර අවට ප්‍රදේශවල අම්ල වැසි (ඇසිඩ් වැසි) ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක මතය වී තිබේ. මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට අනතුරු ඇඟවීමක් ද කළේය. "සාගර දූෂණය හා හානියේ ප්‍රමාණය අපි තවමත් බලපෑම හා හානිය තක්සේරු කරමිනුයි ඉන්නේ. බලපෑම තක්සේරු කිරීම සඳහා අපි අදාළ සාම්පල එකතු කරමින් ඉන්නේ. ප්ලාස්ටික් කැට ගොඩක් විහිදිලා තියෙනවා," යනුවෙන් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මහාචාර්ය දීප්ත අමරතුංග බීබීසී සිංහල සේවය සමග පැවසීය. "මාළු සාමාන්‍යයෙන් PH අගයට ඉතා සංවේදී යි. ඒ නිසා මේ නයිට්රික් අම්ලය කාන්දු වීමත් සමඟ මාළු එම ප්‍රදේශයේ ඉන්නේ නැහැ. එත් අනෙක් සාගර ජීවීන්ට බලපෑම් ඇති විය හැකියි. තවමත් එහි බලපෑම අපි තක්සේරු කරලා නෑ." ඔහු පැවසුවේ මෙම ප්‍රදේශයේ මසුන් ඇල්ලීම තහනම් කර තිබෙන බැවින් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය. "සාගර දූෂණය හා එම හානියේ ප්‍රමාණය ඇගයීමට අපි තවමත් ප්‍රවේශවෙලා නෑ මෙය කොපමණ කාලයක් බලපානු ඇත්දැයි අපට හරියටමකියන්න බෑ." මහාචාර්ය දීප්ත අමරතුංග පැවසීය. මෙම සිදුවීමෙන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නාරා ආයතනය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගනු ලබන බවද ඔහු කියා සිටියේය. පරිසරවේදී ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධණ බීබීසී වෙත කියා සිටියේ රට තුළ දැනට පවතින අගුලු දැමීම හේතුවෙන් එම ස්ථාන නැරඹීමට හා සැබෑ තත්ත්වය තක්සේරු කිරීමට තමාට නොහැකි වූ නමුත් ලොව පුරා මෙවැනිම සිදුවීම් පදනම් කර පවතින තත්ත්වය පිළිබඳව ඇගයීමේදී මෙමගින් ඉතාමත් භයානක පරිසර හානියක් සිඳුවිය හැකි බවය. "ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් තිබෙනවා, මේවා මුහුදේ පාවෙද්දී කැඩී බිඳී ගිහින් ඉදිරි කාලයේ දී ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් මුහුදට මුසුවෙලා ජලජ ජීවීන්ට විශේෂයෙන් මූදු පතුලේ සත්ත්වයන්ට හා මූදු පතුලේ ශාක වලට අහිතකර බලපෑමක් ඇතිවෙන්න පුළුවන්," යනුවෙන් ඔහු කීය. "අනෙක් කාරණය වන්නේ නයිට්‍රික් අම්ලය ජලයේ සංයුතිය යම් ප්‍රමාණයකට වෙනස් කරන කාන්දුවීමක් සිදුවුවහොත් එය ධීවර කර්මාන්තයට බලපානු ඇති අතර අනෙකුත් අනවශ්‍ය ජීවීන්ගේ වර්ධනය වෙන්න පුළුවන්. මේ සියල්ලම හැකියාවන්, වර්තමාන අගුලු දැමීම නිසා මට ඒ දෙස මගේ දෑසින් දකින්න එම ස්ථාන වලට යාමට බැරි වූ නිසා මම මේ කියන්නේ පුළුවන් දේවල්." මතුවූ තත්ත්වය හේතුවෙන් පානදුර සිට මීගමුව කළපුව දක්වා ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට බලධාරීහු පවසති. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එක් දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයන් හා ඒ ආශ්‍රිත රැකියාවන් හි නියුතු පුද්ගලයන්ට අහිමිවන දෛනික ආදායම ලබාදීමට රජය දැනටමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය. බහුදින යාත්‍රා ධීවරයන්ට මෙමගින් කිසිදු බලපෑමක් ඇතිනොවන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගත් X-PRESS PEARL නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය, සුන්බුන් සහ අබිලි ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ට ආසන්න මුහුදු තීරය විශාල වශයෙන් දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසරය පිළිබද විශේෂඥයෝ පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නොමැතිකම නිසා ශ්‍රී ලාංකිකයින් එම රටවල උද්‍යාන වැනි පොදු ස්ථානවල අතරමං වී සිටින ආකාරය බීබීසී සිංහල සේවය බදාදා (මාර්තු 17) වාර්තා කළේය. ඒ පිළිබඳ කෙරුණු විමසීම්වලදී කියැවුණේ නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවකි. කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් විදේශගත ශ්‍රී ලංකිකයින් ට අදාළ රෙගුලාසි වෙනුවට ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් සංචාරයන් වල නියැලී නැවත සියරට පැමිණීමේදී අනුගනය කරන රෙගුලාසි ලිහිල් කෙරුනේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ පසුගියදා නිමකළ සංචාරයෙන් පසු ඔහුට නිවස වෙත යාමට ඉඩ සැලසීමට බව ඇතැමෙකුගේ චෝදනාව විණි. නමුත් අමාත්‍යවරයා පවසා තිබුණේ ඔහුගේ සය මස් බිළිඳා හේතුවෙන් නිවස වෙත නොගොස් නිරෝධායනය වන බව ය. එසේම අදාළ රෙගුලාසි වෙනස් කරන බව ද ඔහු පවසා තිබිණි. මේ අනුව COVID-19 වසංගතය අතරතුර විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට අදාළ මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැන් නිකුත් කරනු ලැබ තිබේ. එම මාර්ගෝපදේශයන් ට අනුව; පැමිණෙන සියලුම මගීන් හෝ සංචාරකයින් විදේශ අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හරහා රට තුළට ඇතුළු වීමට අනුමැතිය ලබා ගත යුතුය. සියලුම සංචාරකයින් විසින් පුරවන ලද සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රය ගුවන් තොටුපලේ පැමිණෙන පර්යන්තයේ සෞඛ්‍ය කවුන්ටරවල සිටින ගුවන් තොටුපල සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය ජාතිකයන් සඳහා නිරෝධායන පියවර. COVID-19 එන්නත නිර්දේශිත පරිදි සම්පූර්ණ කරන ලද මගීන් සහ එන්නත අවසන් කිරීමෙන් සති දෙකකට පසුව පැමිණෙන මගීන් ; COVID-19 එන්නත ලබා නොදුන් / නිර්දේශිත එන්නත් මාත්‍රාව සම්පූර්ණ නොකළ / එන්නත් කර සති දෙකකට අඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්. හවුලෙ පොදු පහසුකම් සහිත මධ්‍යස්ථාන නිරෝධායනයකට භාජනය වන මගීන් කියවන්න:
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන නිරෝධායන මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර බ්‍රහස්පතින්දා (මාර්තු 18) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මගීන් අතරින් වැඩි දෙනෙක් චීන ජාතිකයන් සනාථ නොකළ වාර්තා පවසන්නේ මෙම බෝයින් 777 වර්ගයට අයත් යානය වියට්නාමය අසල මුහුදට කඩා වැටී ඇති බවයි. මැලේසියාව සහ වියට්නාමය අතර විශාල මුහුදු කලාපයක් ආවරණය කෙරෙන මට්ටමින් සෝදිසි මෙහෙයුම පෙරට යමින් පවතින බවයි වාර්තා වන්නේ. යානය සොයා ගැනීම සඳහා වියට්නාමය, මැලේසියාව සහ චීනයට අයත් නැව් සහ ගුවන් යානා මගින් සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන අතර,එම මෙහෙයුම සම්බන්ධීකරණය කරනු ලබන්නේ සිංගප්පුරුව විසිනි. පළමු මෙහෙයුමෙන් යානය ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වූ හෙයින්,නාවික යාත්‍රා සහ හෙලිකොප්ටර් ඇතුලත් දෙවන මෙහෙයුම් කණ්ඩායමක් ද යැවූ බවයි මැලේසියානු හමුදාව පවසන්නේ. අතුරුදහන් යානය ආරක්ෂක ප්‍රමිතිය අතින් යහපත් වාර්තාවක් තිබුන යානයක් බවයි පැවසෙන්නේ. මැලේසියා ගුවන් සේවයට අයත් යානයකට සිදුවූ දරුණුතම අනතුර හැටියට වාර්තා වී තිබුනේ මගීන් සියයක් මරණයට පත් වූ 1977 ගුවන් අනතුරයි. අලුත් සිද්ධිය ගුවන් යානයේ අනතුරක් හැටියට තහවුරු කෙරුනොත්, එය මෙයින් අවුරුදු 19කට පෙර බෝයින් ගුවන් සේවා ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව වාර්තා වූ බරපතලම අනතුරටත් වඩා දරුණු අනතුර බවට පත් වනු ඇත. සිය දකුණු මුහුදේ කිලෝ මීටර් පහළොවත් විස්සත් තරම් දුරක විහිද ඇති තෙල් පැල්ලමක් දක්නට ලැබෙන බව වියට්නාම් නිලධාරීහු පවසති.
මැලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ සිට බේජිං බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානය සෙවීමේ හා බේරා ගැනීමේ ජාත්‍යන්තර මෙහෙයුමක් සෙනසුරාදා රැය පුරාම ක්‍රියාත්මක කෙරෙමින් තිබිණ
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සංචාරකයන්ට 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා නැග්රැක් දක්වා වාහන වලින් ගොස් එතැන් සිට පා ගමනින් ලෝකාන්තය දක්වා යෑමට මෙමගින් සැලසුම් කර ඇත. පට්ටිපොළ සහ ඔහිය දෙසින් මාර්ග දෙකක් ඔස්සේ දැනටමත් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඉඩ සලසා තිබේ. එබැවින් තවත් පිවිසුමක් අවශ්‍ය නොවන අතර එය 'විනාශයේ දොරටුවක්' විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවා ඇත. මේ ගැනත් කියවන්න:
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාගර සුමනසිරි මෙන්ම එම දූපතේ ජීවත්වන ළමුන්ට නිසි වයසට හිමි අධ්‍යාපනය නොලැබෙන බව දූපත්වාසීහු පවසති. බත්තලංගුණ්ඩුව දූපතට පාසල් ගොඩනැගිල්ලක් තිබුනත් රජයෙන් ගුරුවරයෙකු ලබා දී නොමැති අතර ගුරුවරයෙකු නොමැති වීම නිසා වසරකට වැඩි කාලයක් පාසල වසා දමා තිබූ බවයි දූපත් වාසීන් පවසන්නේ. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුගේ ඉදිරිපත් වී පාසල යළි විවෘත කොට ඇති බව එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දැකගන්නට ලැබිණ. එහෙත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සෙසු පහසුකම් දරුවන් වෙත ලැබී නොමැති බව දරුවන් සහ දෙමව්පියෝ පවසති. කල්පිටියේ සිට මුහුදු සැතපුම් 18 ක් ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත තුළ පවුල් අටසීයකට පමණ අයත් පන්දහසකට ආසන්න පිරිසක් දිවි ගෙවති. නීති විරෝධී පන්න ක්‍රම යොදා ගනිමින් ඉන්දීය ධීවරයන් විසින් සිදු කරන මසුන් මැරීම හේතුවෙන් තම රැකියාවට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් දූපත්වාසීහු පවසති. පන්දහසකට ආසන්න පිරිසක් ජීවත්වන සිය දූපත රැකගැනීම සඳහා පලුගහතුරේ සිට ඇති කෙටි මාර්ගය විවෘත කර දෙන ලෙසද ඔවුහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.
"මගේ වයස දහතුනයි. මම ඉන්න ඕන අට වසරේ නමුත් මම ඉන්නේ හතර වසරේ." බත්තලන්ගුන්ඩුව දූපතේ වෙසෙන සාගර සුමනසිරි දරුවාගේ කතාවයි, ඒ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මෙන්ම ඇතැම් ක්‍රිකට් ලෝලීන්ගේද දැඩි විවේචනයට ලක් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශ්‍රී ලංකා පාලක මණ්ඩලයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බැවින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු ආරාධනය පිළිගැනීමේ වරදක් නොමැති බවයි, මුත්තයියා මුරලිදරන් බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකට බැණ වැදී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ චරිත් සේනානායක විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමා ඔහුගෙන් කරුණු විමසූ බවයි. එහෙත් සිදුවීම සම්බන්ධයෙන් මුරලිදරන් කරන පැහැදිලි කිරීම චරිත් සේනානායක ප්‍රතික්ෂේප කරයි. (මුරලිදරන් සමඟ පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එල්ල කරන චෝදනා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඝාතනය සම්බන්ධ විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ කරුණු දැක් වූ රහස් පොලීසිය, එම වාහනය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය. ඝාතනය සිදු වූ දිනයේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ දුරකථන ඇමතුම් කිහිපයක් ගැන පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරුවන් ලෙස ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ලබන 26 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් ගමන් ගත් තවත් සැක කටයුතු වාහනයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන ප්‍රකාශයක් මගින් විය හැකිය. අතීත දේශපාලන අත්දැකීමක් සිහියට නැගුවොත්, 1970 දී බලයට පත් ''සමගි පෙරමුණ'' යනුවෙන් හඳුන්වන ලද හවුල් ආණ්ඩුව බිඳ දැමීමට ආසන්නතම හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ එම දේශපාලන සභාගයේ හවුල්කරුවකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක, මුදල් ඇමති ආචාර්ය එන්.එම්.පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයකි. ආචාර්ය පෙරේරාගේ ප්‍රකාශයක් මගින් එම දේශපාලන සභාගයේ බලවත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අගමැති එස්.ඩබ්ලිව්,ආර්.ඩී. බණ්ඩාරනායකගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් වීය යන්න එවක අගමැති සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාව විය. ගැටුම කෙළවර වූයේ බලයේ සිටි දේශපාලන සභාගය බිඳී ගොස් ඊළඟ මහ මැතිවරණයේ දී එම දේශපාලන පක්ෂ දෙකම අන්ත පරාජයකට පත්වීමෙනි. අප යළි වර්තමානයට පැමිණියොත්,අද පාලක සභාගයේ ප්‍රමුඛ දේශපාලන හස්තය වන පොදු ජන පෙරමුණ සහ එහි පාර්ශ්වකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් වීරවංශ අතර පවතින දේශපාලන ගැටුමත් පෙර සඳහන් කරන ලද 1970 සභාගය තුළ 1975 දී පුපුරාගිය ගැටුම සමඟ කරුණු දෙකක් හේතුවෙන් සමාන ස්වරූපයක් ගනී. ඉන් පළමුවැන්න, ගැටුම ආරම්භ වෙන්නේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශන මුල්කර ගෙනය. ආචාර්ය එන්.එම්.පෙරේරාගේ මතභේදාත්මක ප්‍රකාශයට මාතෘකාව සපයන ලද්දේ හිටපු අගමැති බණ්ඩාරනායක සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයකි. මෙවර, විමල් වීරවංශ ඇමතිවරයා අභියෝගයකට මුහුණ දී සිටින්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. දෙවැන්න,ඉහත සඳහන් කරන ලද දේශපාලන ගැටුම් දෙකටම පොදු වෙනත් කරුණක් ද පවතී. එනම් ඕනෑම දේශපාලන සභාගයකට පොදු තත්ත්වයක් වන ප්‍රතිපත්තිමය ගැටුමයි. 1970 සභාගය තුළ වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ ඊනියා ''වමට නැඹුරු'' දේශපාලන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශය නියෝජනය කරන ලද අගමැතිවරිය, අමාත්‍ය ෆීලික්ස් ආර්.ඩී.බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක ප්‍රමුඛ ''සාතන් කල්ලිය'' අතර බරපතල දේශපාලන ගැටුමක් වූ බව පසුව එම දෙපාර්ශ්වය විසින් කරන ලද ප්‍රකාශ මගින් තහවුරු විය. පැවතුනු තත්ත්වය සහතිකව හෙළිදරව් වූයේ , තමා ''සෑම කැබිනට් රැස්වීමකටම සහභාගී වුනේ ඉල්ලා අස්වීමේ ලිපියත් සාක්කුවේ දමාගෙන'' යයි පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව මුදල් ඇමති ආචාර්ය එන්. එම්.පෙරේරා මහජන රැස්වීම් ඉදිරියේ කියාසිටීමත් සමඟය. විමල්ගේ පළමු ප්‍රකාශය ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඇමති විමල් වීරවංශ මෙසේ සඳහන් කර තිබුණි. මාධ්‍යවේදියා විමල් වීරවංශ ඇමතිවරයාට මෙවැනි ප්‍රශ්නයක් යොමු කරයි. ''ඇත්තටම රටේ ප්‍රශ්නයක් තියෙනවා. රට කරවන්නේ කවුද කියලා. ජනාධිපති ගෝඨාභයද? අගමැති මහින්ද ද? වෙනත් කෙනෙක්ද? ඇමතිවරයා; ''ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් හැටියට ඉතා විශිෂ්ට සේවයක් මේ රටට ඉටුකරපු කෙනෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා බාර ගත්තාට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේදී එතුමා ඉන්නේ එක්තරා ආකාරයකට අත්දැකීම් බහුල චරිතයක් හැටියට නෙවෙයි. ඒ වගේම එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබා දීමයි. එතුමාව එහෙම ගෙන්වන්නේ නැතිව එතුමාව ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒකෙන් වෙන්නේ මන්ත්‍රීවරු සහ එතුමා අතර තිබෙන සබැඳියාව දුබල වීම. දේශපාලන තන්ත්‍රය සමග එතුමා අතර තිබෙන සබැඳියාව දුර්වල වීම. ඒක ආණ්ඩුවේ සහ රටේ නිරෝගි පැවැත්මට හිතකර දෙයක් නොවෙයි. ඉතින් මට තේරෙන්නේ නෑ ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ, කුමන අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම සඳහා ද කියලා'' ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කණ්ඩායම්වල විශ්වාසය බවට පත්වුණේ එම සාකච්ඡාව සිදුකරන ලද මාධ්‍යවේදියා කලකට පෙර එම පුවත්පතටම විමල් වීරවංශ ඇමතිවරයාගේ දේශපාලන ආගමනය විස්තර කරමින් දීර්ඝ ලිපි පෙළක් පළකරන ලද තැනැත්තාම වීමත් හේතුවෙනි. අනිත් අතින් ඇමතිවරයා විසින් සිය ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්‍ෂේප කරනු ලැබ නැති අතරම එම ප්‍රකාශය මගින් කුපිත වූ, පොදු ජන පෙරමුණේ අගමැතිවරයා හැරුනවිට එහි ඉහළ ස්ථරය විසින් යෝජනා කරන ලද පරිදි ''සමාවක් ඉල්ලා සිටීමට''ද ඔහු පියවර ගෙන නැත. ඉහත සඳහන් කරන ලද පුවත්පත් සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා මතුකරන ප්‍රශ්නයේ අවසානය දෙස බලන්න.''රට කරවන්නේ කවුරුන් විසින්ද? යන්න සම්බන්ධයෙන් ''ඇත්තටම රටේ ප්‍රශ්නයක් ඇතැයි'' සිය සොයාගැනීමක් මට්ටමින් කියාසිටින මාධ්‍යවේදියා එම ''සැබෑ පාලකයා'' ජනාධිපතිවරයාද? අගමැතිවරයා ද? එසේ නොවන්නේනම්.වෙනත් තැනැත්තෙක්දැයි ආදී වශයෙන් ඇමතිවරයාට ඔහුට අවශ්‍යකර තිබුණ ප්‍රශ්නය ඔහුට ''ප්‍රදානය'' කරයි. ඒක වචනාර්ථයක් හඟවන එම ''වෙනත් තැනැත්තා'' කවුද? එමගින් අදහස් කරන ලද තැනැත්තා, වත්මන් ආණ්ඩුවේ සියලු කාර්යභාරයන් පිටුපස සිටින තීරණාත්මක චරිතය වන බැසිල් රාජපක්ෂ යයි ඔහුගේ ආධාරකරුවන් විසින් පිළිගනු ලැබ ඇති බව ඔහු නිර්මාණය කළ දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණු කේඩරය විසින් මෙතෙක් දක්වා දෙන ලද ප්‍රතිචාර මගින් පැහැදිළි වෙයි. දේශපාලන නාටකයක් ද? විමල් වීරවංශ ඇමතිවරයා අතගසා ඇති පොදු ජන පෙරමුණේ නායකත්වය වෙනස් කිරීමේ සටන රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ ඒවා වෙනත් දිශාවකට හරවමින් ආණ්ඩුව බේරාගැනීමේ ''දේශපාලන නාඩගමක්'' හැටියට ඉදිරිපත් කෙරෙන විග්‍රහයන් ද ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එවැනි ප්‍රවණතා ඇති බව සැක කිරීම සඳහා දෙපාලනඥයන් විසින් ම අවශ්‍ය උදාහරණ ප්‍රමාණයටත් වඩා සපයා ඇති නමුත් අපවිසින් සාකඡාවට ගනු ලබන වත්මන් හැසිරීම කලක් නිදන්ගතව පැවති බල අරගලයක් හදිසියේ ම පෙරට පැනීමක් ලෙස ගැනීමේ බැරිකමක් ද නැත. 2020 පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවුණේම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ ඇමතිවරයා සහ පොදුජන පෙරමුණේ නායකත්වය අතර විරසකභාවයක් ඇති කෙරෙන පරිදි සිය බලාපොරොත්තු සුන්කරමින් ඔහු එතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ දිනා සිටි මනාප වාර්තාව බිඳ වැටීමත් සමඟය. එතෙක් අම්පාරේ දේශපාලනය කළ සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණ විසින් කැඳවා ගනු ලැබූ අතර ඔහු දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට ද පත්විය. තම කොළඹ දිස්ත්‍රික් ආගමනය පොදු ජන පෙරමුණේ ඉල්ලීම අනුව සිදුවීමක් බව සරත් වීරසේකර ඇමතිවරයා කීපවරක් ම සඳහන් කර ඇත. ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙලට විමල් බාධාවක්ද? වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පාලන සමය ආරම්භ වන 2005 වසරේ පටන් 2015 දක්වා සහ 2019 නොවැම්බරයේ ආරම්භ වූ වත්මන් ගෝඨාභය-මහින්ද දෙසොහොයුරු පාලනය තුළත් දේශපාලනයට අතිරේකව ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකයට අදාළ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ විසින්ය යන්න තවදුරටත් රහසක් නොවේ. ඊළඟට සිටින තීරණාත්මක චරිතය ජනාධිපති ලේකම් අචාර්ය පී.බී.ජයසුන්දරයි.(ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබිය දී පවා රාජපක්ෂ පාලනය විසින් ඔහු අත්හැර දමනු නොලැබුණි.) 2010 මහින්ද රාජපක්ෂ පාලනය සමයේත් ඇමති පදවියක් දැරූ විමල් වීරවංශ එම රජයේ ඉහළ පදවියක් දැරූ ආචාර්ය පී. බී.ජයසුන්දර ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන ලද්දේ ''ආර්ථික ඝාතකයකු'' ලෙසය. වත්මන් පොදු ජන පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීම සඳහා ගෙනයමින් සිටි සටනේ දී පෙර බලයේ පැවති යහපාලන රජයට එරෙහිව රටපුරා මහජන මතය අවුළුවාලීම සඳහා පාවිච්චියට ගත් ප්‍රධාන මාතෘකාවක් වූයේ 'සහශ්‍ර අභියෝගතා ගිවිසුම' හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC)යි. සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ඇමෙරිකාවට රට පාවාදීමක් ලෙස විග්‍රහ කරන ලද නමුත් බලයට පැමිණි පසු නව ආණ්ඩුවේ ස්වරයෙහි වෙනසක් වූ අතර නව රජයේ ඇමතිවරුන් කීපදෙනෙක් ම කියාසිටියේ එම ව්‍යාපෘතියේ අහිතකර අංග ඉවත්කරමින් 70%ක් තරම් වූ යහපත් අංග පමණක් තෝරාගනිමින් ඊට එකඟවෙන බවකි. 'මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC'' මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 470 ක් තරම් වූ මුදල අහිමිව ගියේ ඊට එරෙහිව ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින ජාතිකවාදී කණ්ඩායම් හේතුවෙනි.දේශපාලන සභාගය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයා එම ''ජාතිකවාදී'' බලවේගයේ ප්‍රමුඛයකු ලෙස පෙනී සිටියි. විසිවෙනි සංශෝධනය වසර දෙකක් තරම් කෙටි කාලසීමාවක් ගතවෙද්දී ආණ්ඩුවේ ජාතිකවාදී ඇතැම් සංවිධාන සහ පොදු ජන පෙරමුණ අතර මතු වූ මතභේද පෙරට පැමිණි තවත් අවස්ථාවක් වුණේ,මතභේදාත්මක විසිවෙනි සංශෝධනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් මත දැරූ විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුව කියාසිටියේ,ද්විත්ව පුරවසිභාවයට අදාළ සිය ඉල්ලීම් පසුව ඉටුකරන බවට ප්‍රතිඥාවක් දෙමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ''අතිශයින් සංවේදී'' ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තමන් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බවය. තම ඇමෙරිකානු පුරවැසිභාවය කිසිසේත්ම ඉවත්කර නොගන්නා බව බැසිල් රාජපක්ෂ බීබීසි සමඟ සාකච්ඡාවක දී දැඩිව කියාසිටි අතර ඔහුගේ එම ස්ථාවරය ආණ්ඩුවේ ජාතිකවාදී සංවිධානවල මතයට පටහැනි වූවකි. විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සැලකිල්ලට ගෙන නැතැයි පවසමින් විමල් වීරවංශ ඇමතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් ද යවා තිබුණි. එමගින් ඔහු පෙන්වා දී තිබුණේ ''එම විරෝධය නොසළකා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවයි.'' විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ඉල්ලාසිටින පරිදි යම්හෙයකින් ආණ්ඩුව පුරවැසි නීතියේ වෙනසක් සිදුකළහොත් එය බලපාන ප්‍රධාන දේශපාලන චරිතය වන්නේ ''සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගන්නා'' බව සෘජුව සඳහන්කර ඇති බැසිල් රාජපක්ෂයි. ආණ්ඩුව විසිවෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ටත් පාර්ලිමේන්තුවට පිවිසීමට පමණක් නොව ජනාධිපති පදවිය සඳහා තරඟ කිරීමටත් දොරටු විවෘත කර ඇති හෙයින් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පිවිස ඉහළම තනතුරක් දැරීම අතින් වුවද බැසිල් රාජපක්ෂට කිසිදු නෛතික බාධාවක් දැන් නොමැත. පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂවරුන් විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් සමඟ විසිවෙනි සංශෝධනයේ දී ''සංවේදී'' අතරමැදි සාමයක් ඇතිකරගන්නා ලද නමුත් ප්‍රශ්නය ආරම්භවීමේ මූලබීජ තැන්පත්වීම ආරම්භ වන්නේ එම අවස්ථාවේ පටන්ය. නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියානු ආයෝජන කැඳවීමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් නැගෙනහිර ජැටිය- ආයෝජන ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුවට හකුලා ගැනීමට සිදු වූ තවත් ආර්ථික ව්‍යාපෘතියක් වුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමක මූල්‍ය ආයෝජනයෙන් සංවර්ධනය කොට පවත්වා ගැනීමයි.එම ව්‍යාපෘතියේ 49%ක් හිමිවෙන ඉන්දියානු පාර්ශ්වය ආයෝජනය කිරීමට අපේක්ෂා කළ මූල්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර වූ අතර, ආණ්ඩුව නියෝජනය කරනු ලබන විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයක සහ මෙම ආණ්ඩුව බලයට ගෙනඒමට දායක වූ භික්ෂූන් සහ වෙනත් ජාතිකවාදී සංවිධානවල දැඩි බලපෑම හමුවේ පියවරක් පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එම විරෝධයේ දී ආණ්ඩුව තුළ නියෝජනය වෙන කණ්ඩායම් මෙහෙයවන ලද්දේ විමල් වීරවංශ ඇමතිවරයා බව ඔහු සිය නිල නිවසට එකී කණ්ඩායම් කැඳවමින් කළ ප්‍රකාශන සමඟ ප්‍රදර්ශනය විය. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් ආයෝජනය කරනු ලැබීමට නියමිතව තිබූ නමුත් දේශීය විරෝධතා මැද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ගිවිසුම හකුලා ගැනීමත් සමඟ ආණ්ඩුවට එම මුදල් සම්භාරයත් අහිමි විය. විමල් වීරවංශ ඇමතිවරයා ආණ්ඩුව තුළ සිටින අතරවාරයේ කැබිනට් මණ්ඩලයෙන් පිටත සාකච්ඡා කැඳවමින් වෙනත් මත ප්‍රකාශයට පත්කරනු ලැබීම පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශ්වයේ දෝෂ දර්ශනයට ලක්විය. ''මගේ පෞද්ගලික විශ්වාසය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බවයි.''ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකරන්න බැහැ'' රාජ්‍ය ඇමති නිමල් ලංසා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමති නිමල් ලංසා එම ප්‍රකාශය කරන ලද්දේ කෙළින්ම විමල් වීරවංශ - උදය ගම්මන්පිල කණ්ඩායම ඉලක්ක කරගෙන බව මැනවින් පැහැදිළිවන්නේ ඔහු විසින් භාවිත කරනු ලැබ ඇති වචන වලිනි. ජාතිකවාදී බලවේගයන්හි විරෝධය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළ ආකාරය නිරූපණය කෙරුණ කාටූනයක් අගමැති මහින්ද හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන් දැඩි ජාතිකවාදී සටන්පාඨ දේශපාලනය තුළ වර නොනගන බැසිල් රාජපක්ෂගේ (ඔහුගේ ආර්ථික ක්‍රියාමාර්ගවලට අවශ්‍ය පරිපාලන නායකත්වය සපයනු ලබන ආචාර්ය පී.බී.ජයසුන්දරගේ අරමුණ චීන සම්ප්‍රදායේ ස්ථාවර දේශපාලන නායකත්වයක් යටතේ ලිබරල් ආර්ථික සැලැස්මක් ක්‍රියාවට නැංවීම බව බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ''විසිවසක වීරවංශය'' විමල් වීරවංශ ඇමතිවරයා පොදු ජන පෙරමුණේ නායකත්ව වෙනසක් ගැන අදහස් පළකරනු ලැබීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ කඳවුරෙන් එල්ලවෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කීපයක නායකයන් සහභාගීකර ගනිමින් ඔහුගේ නිල නිවසෙහි සාකච්ඡා කරනු ලැබීම ඔහුගේ බල පරාක්‍රමය අනියමින් ප්‍රදර්ශනය කිරීමක් වූ අතර ආණ්ඩුවට හිතවත් ප්‍රධාන පෙළේ භික්ෂූන් පිරිසක් ද එක්වීමත් සමඟ එය පොදු ජන පෙරමුණට එල්ල කරන ලද අභියෝගයක ස්වරූපයක් ගත්තේය. පැරණි වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයන් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නායක වාසුදේව නානායක්කාර වැනි වමේ නායකයන් පවා ''ජාතිකවාදී'' විමල් වීරවංශ ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටිති. එම වාමාංශික දේශපාලන පක්ෂවලට විමල් වීරවංශ ඇමතිවරයාගේ ''ජාතිකවාදී'' ස්ථාවරයන් සමඟ ඇති නොඑකඟතාවන්ට වැඩි ගැටුමක් බැසිල් රාපක්ෂ සමඟ පවතී.පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්ප්‍රදායක් වශයෙන් වෙන්කෙරෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය 2020 පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව නොලැබුණ අතර, මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රී පදවියකට පමණක් සීමාකරනු ලැබුණි. මේ සියල්ල තීන්දු කෙරෙන්නේ බැසිල් රාජපක්ෂගේ මනාපය පරිදිය යන්න එම පක්ෂවල විශ්වාසය වී ඇත. මේ අතර එක්තරා මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට යන බවට දූෂමාණ ආරංචි පැතිරගිය අතර, එහි ඊළඟ දිගුව වුණේ අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේ පදවියෙන් ඉවත්වුනොත් එම පුරප්පාඩුවට ඔහු අනුප්‍රාප්තවීමේ ඉඩකඩක් පවතින බවය. උපවාසයක නිරතවෙමින් සිටි විමල් වීරවංශ ඇමතිවරයා කිරි වීදුරුවක් පානය කරමින් එම උපවාසය අත්හැර දමන ලද අවස්ථාවක් දේශපාලනය බලය ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. බලය සොයායාම දේශපාලනඥයන්ගේ පළමු සැලැස්මයි.විමල් වීරවංශ ඇමතිවරයාට දැන් ඔහුට සහයෝගය නොදක්වන කණ්ඩායම්වල දෝශාරෝපනය වන්නේ ඔහු ආණ්ඩුව තුළ සිටිමින් බල ව්‍යාප්ති ව්‍යාපෘතියක සිටින බවටය. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් 2020 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ උත්සවයක් පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ය මහින්ද රාජපක්ෂයි. "විසි වසක වීරවංශය" යන තේමාව යටතේ සංවිධාන කර තිබුණ එම උත්සවයේ එක අංගයක් වූයේ වීරවංශ ඇමතිවරයා ගේ දේශපාලන දිවිය විශ්ලේෂණය කෙරන කෘතියක් ද ප්‍රකාශයට පත්කිරීමයි. එම කෘතිය නම්කරනු ලැබ තිබුණේ "විමල් -යුගකාරකත්වයේ භූමිකාව" යනුවෙනි. එමගින් උත්කර්ෂවත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන බලය තීන්දු කිරීමෙහිලා ඔහු තීරණාත්මක බලයක් වන බවය. එය එසේනම්, විමල් වීරවංශ ඇමතිවරයා අද සිදුකරමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ බල ආගමනයට දොරවැසීමේ ''යුග කර්තව්‍යයද''? පොදු ජන පෙරමුණේ නායකත්වය ඉලක්ක කරගත් දේශපාලන ගැටුම ජනතාව නොමඟ යැවීමේ හුදු දේශපාලන ප්‍රහසනයක් පමණක් ද ? ඉන් එහා ගිය දේශපාලන බල අරගලයක්ද? යන්න තීන්දු කිරීමේ දී මතු සඳහන් කරන ලද කරුණු කීපයත් සැලකිල්ලට ගත හැකිය. කියවන්න;
දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ''දේශපාලන පොළෝ කුහරය'' තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන්' හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් උතුරේ පළමු පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරන බව කොළඹට රැස්වූ දමිළ ජාතික සන්ධානයේ පක්ෂ පහම නියෝජනය කරන සම්බන්ධීකරණ කමිටුව දැනුම් දුන්නේය. එම නිවේදනයෙන් අනතුරුව බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ නව මහ ඇමති අපේක්ෂකයා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එක් වී උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඵලදායී කටයුත්තක් නොවන බවයි. විදේශීය නිරීක්ෂකයන් උතුරේ ජනතාවගේ සියලු දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි හමුදාව නිරන්තර විමසිල්ලෙන් සිටින බව පවසන සීවී විග්නේශ්වරන් හිටපු විනිසුරුවරයා, එවැනි තත්වයක් යටතේ මැතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයන් කැඳවන මෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩුවෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවද පවසයි. "ආණ්ඩුව ඒකට එකඟත්වයක් පෙන්නන්නේ නැත්නම් අපි මොකක්ද කරන්නේ කියල අපි කතා කරලා බලන්න ඕනේ," ඔහු පැවසීය. තමන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන බව අවධාරණය කරන ඔහු කෙසේ නමුත් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නේ දෙමළ ජාතික සන්ධානය බැවින් එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණ කළ බව ද සංදේශයට පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු විසඳීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 600 -700 අතර අගයක පවතී. කොවිඩ් රෝගීන් මෙන්ම වෙනත් රෝගීහු ද එම දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති. දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාවනැල්ල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සහෝදරයෙකු මිය යෑමේ සිදුවීමක් අප්‍රේල් 25 දින වාර්තා විය. කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් එකසිය තිස්ගනණක් වෙන්කර ඇති අතර දැනට පවතින අඩුපාඩු සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියාය. මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් පැතිරී යන කොරෝනා වෛරසය එංගලන්තයේ දක්නට ලැබෙන B 1 1 7 ප්‍රභේදය බවට පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. කොරෝනා වෛරසයේ සාමාන්‍ය ප්‍රභේදයට වඩා එමගින් මරණ සිදුවීම 55% දක්වා ඉහළ අගයක පවතී. එමෙන්ම කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඇති දැඩි සත්කාර ඒකක මේ වනවිට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇය වෛද්‍ය සමිතා සමන්මලීය. මීට වසර 11කට පමණ පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී සිදු වූ අනතුරක් නිසා ආබාධිතයෙකු බවට පත් වන විට ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. කොළඹ ජාතික රෝහලේ මාස පහක් පමණ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව තම පවුලේ සාමාජිකයින්ගේ සහ නෑදෑ හිත මිතුරන්ගේ සහයෝගය ඇතිව චීනය සහ සිංගප්පූරුව වැනි රටවලට ගොස් ප්‍රතිකාර ලබා ගත් ඇය අධ්‍යාපන කටයුතු නිමා කිරීමට සමත් වූවාය. නමුත් ඇයට බලාපොරොත්තු නොවූ ආකාරයට තම ජීවිතය "රෝද පුටුවකට" සීමා කිරීමට සිදු විය. "මම දැන් එම සිදු වීම ගැන කතා කරන්න අකමැතියි. මම දැන් මේ ජීවිතයට හුරු වෙලා ඉන්නේ," එසේ ඇය පැවසුවේ තමාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත අනතුර ගැන විමසූ විටය. බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇය පැවසුවේ, "කෙනෙක්ට යම් කරදරයක් සිදු වූ විට එය ගැන පසුතැවෙමින් කල් ගත කිරීමෙන් කිසිදු සාර්ථකත්වයක් ලබා ගන්න බැහැ," යනුවෙනි. "බොහෝ අය කරදරයක් වූ විට එය තමාගේ ඉරණම විදියටයි දකින්නේ. සමහරු ජීවිතය පිළිබඳ ආසාව අත්හැර දමනවා. නමුත් මම කියවලා තියෙනවා ඉරණම සමග සටන් වැද ජීවිතය ජය ගත් අය ගැන. ඒක නිසා මම තීරණය කළා මම මගේ ඉරණමට අභියෝග කළ යුතුයි කියලා." වෛද්‍ය සමන්මලී වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සේවය කරන්නීය. "ආබාධ සහිත පුද්ගලයින් සඳහා අප සමාජයේ තිබෙන්නේ නිශේධනීය (negative) ආකල්පයක්. බොහෝ දෙනෙක් ඒ අය දිහා බලන්නේ පුණ්‍යාධාර සහ අනුකම්පාව අවශ්‍ය අය විදියට." "මෙම තත්ත්වය වෙනස් විය යුතුයි. ඔවුන්ටත් සමාජයේ සාමාන්‍ය පුද්ගලයින් වගේ ජීවත් වීමට නිදහස තිබිය යුතුයි," වෛද්‍ය සමන්මලී පවසන්නීය. වෛද්‍ය සමිතා සමන්මලී ඇය 2017 වසරේදී ඔස්ට්‍රේලියා රජය ලබා දුන් ශිෂ්‍යත්වයක් මගින් ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ "ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද" පිළිබඳව වැඩිදුර හදාරා තිබේ. "මගේ අරමුණ මෙම ක්ෂේත්‍රය ගැන තව තවත් ඉගෙන ගන්න. එම නිසා තමයි මම ඔස්ට්‍රේලියාවට ගියේ." වෛද්‍ය සමන්මලී පවසන්නේ තමා ඔස්ට්‍රේලියාවේ සිටින කාලයේ ආබාධ සහිත පුද්ගලයින්ට එම සමාජයේ සලකන ආකාරය දුටු විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කනගාටුවක් ඇති වූ බවය. "විශේෂයෙන් ම අපේ සමහර නිලධාරීන් ආබාධ සහිත අය දිහා බලන්නේ ප්‍රශ්නයක් ආකාරයට. ඔවුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි." "සමහරු හිතන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි නේ. ඒ අය එක විසඳා ගනී," යන ආකාරයෙන් බව වෛද්‍ය සමන්මලී කීය. "ආබාධ සහිත අයෙකුට හෝ රෝද පුටුවක් භාවිත කරන අයෙකුට අපේ බොහෝ ආයතනවල ප්‍රවේශ (accessibility) පහසුකම් නැහැ. මේක හරි කනගාටුදායක දෙයක්." මෙම කරුණ ගැන වෙහෙසන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකු වන අජිත් සී පෙරේරා 2009 වසරේදී අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. ඒ අනුව විශේෂයෙන් ම අලුත් රජයේ ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් සැපයීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. නමුත් මෙම කාරණය ඒ ආකාරයට සිදු නොවන බව වෛද්‍ය සමන්මලී පැවසීය. "විශේෂයෙන් ම නව ගොඩනැගිලි හදන විට ඒවා හදන අය එම අධිකරණ තීරණය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. සැලසුම් අනුමත කර ගැනීම විවිධ ක්‍රම භාවිත කරලා කර ගන්නවා." "මම තීරණය කළා මගේ ඉරණමට අභියෝග කරන්න" - වෛද්‍ය සමිතා සමන්මලී ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සහිතව නව ගොඩනැගිලි සාදා ඇත් ද යන්න සොයා බැලීමට නිසි නීතිමය බලය සහිත ආයතනයක් ශ්‍රී ලංකාවේ නොමැති වීමත් ගැටලුවක් බව ඇයගේ මතයයි. එසේ ම 2016 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (United Nations Convention on the Rights of Persons with Disabilities) ඇතුළත් විය. මෙය වඩාත් සාර්ථක වීමට මෙම සම්මුතියේ අඩංගු කරුණු අපේ නීති පද්ධතියට අනුගත කිරීම සිදුවිය යුතු බව වෛද්‍ය සමිතා සමන්මලී පවසන්නීය. "මගේ ඒකායන බලාපොරොත්තුව හැකි තරම් ස්වාධීනව ජීවත් වීමයි. එසේ ම උදව් අවශ්‍ය අනෙකුත් අයට හැකි තරම් උදව් කිරීම මගේ බලාපොරොත්තුවයි." "ආබාධ සහිත පුද්ගලයින්ටත් සාමාන්‍ය පුද්ගලයෙක්ට වගේ ම ගරුත්වයක් තිබෙනවා. එයට ගෞරව කිරීමට අපේ සමාජය හුරු වීම වැදගත්," ඇය අවසානයේ පැවසුවාය. කියවන්න:
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් ගැන සමාජයේ දැනට වැඩි අවධානයක් යොමු විය යුතු බව හදිසි අනතුරක් හේතුවෙන් ආබාධ තත්ත්වයට පත් වූ වෛද්‍යවරියක පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ශිෂ්‍යයන් පිරිස ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි උප කුලපතිනි වසන්ති අර්සරත්නම්ගේ ප්‍රධානත්වයෙන් යුත් යාපන විශ්ව විද්‍යාල දූත පිරිසක් පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ. අත් අඩංගුවට ගෙන සිටින ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන තුරු අනෙක් ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවනු ඇති බව එහිදී තමන් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වා දුන් බවයි, දූත පිරිසේ සාමාජිකයකු වූ මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි ප්‍රකාශ කළේ. කෙසේ නමුත්, ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපනය සඳහා යොමු කොට ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා, පුනරුත්ථාපනයෙන් අනතුරුව ඔවුන් නිදහස් කෙරෙනු ඇති බවත් ඊට පෙරාතුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් දුන් බවත් මහාචාර්ය කන්දසාමි බීබීසී දෙමළ සේවයේ පී මානික්කවාසගම් ට පැවසීය. 'ආණ්ඩුව පුනරුත්ථාපනය කිරීම' ශිෂ්‍යයන් පිරිස පුනරුත්ථාපන කඳවුරේදී හොඳින් හැසිරෙන්නේ නම් ඔවුන් ඉක්මනින් නිදහස් කිරීමට ඉඩ තිබෙන බවද ආරක්ෂක ලේකම්වරයාට විශ්ව විද්‍යාල ආචාර්ය පිරිසට පවසා තිබේ. "යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය" විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මේ පිළිබඳව අදහස් දක්වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සංදේශයට කියා සිටියේ, ශිෂ්‍යයන් නොව ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවී තිබෙන බවයි. "යුද්ධෙකට පස්සේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියල ඔය කට්ටිය දන්නේ නෑ. ඒ නිසා ඒ අයට තමයි පුනරුත්ථාපනය අවශ්‍ය," ඔහු පැවසීය. ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ ශිෂ්‍ය නායකයන් ද මුණ ගැසීමට තමන් සූදානම් බව ද ආරක්ෂක ලේකම්වරයා දූත පිරිසට දැනුම් දී තිබේ. කෙසේ නමුත් දැන් ශිෂ්‍යයන්ගෙන් සියයට 99 ක්ම විශ්ව විද්‍යාලයෙන් බැහැරව ගොස් ඇති බව පවසන ඔහු, ඔවුන් ආපසු පැමිණෙන තුරු අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවද පෙන්වා දෙයි. පවතින වාතාවරණය යටතේ ඔවුන් යලි පැමිණෙනු ඇති දැයි තමන් නොදන්නා නමුත්, තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට අධ්‍යාපන කටයුතු යලි ආරම්භ කළ හැකිදැයි ලබන සතියේ සොයා බලන බවද මහාචාර්ය කදිරගාමනාදන් කන්දසාමි බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. තවමත් යාපනයේ පවතින්නේ 'මිලිටරි පාලනයක්' බවත්, එම පාලනය යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට පාලකයන් ඉඩ නොදෙන බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි තේමා
වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරේ රඳවාගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන මෙන් තමන් කළ ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විශ්ව විද්‍යාල බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම ගමට දුරකථන පහසුකම් පවා හරිහැටි නොමැත. එබැවින් ඇතැම් දරුවෝ පාරුවක් ආධාරයෙන් ගගෙන් එගොඩවී, බස් රථයෙන් 10km පමණ දුරගෙවා ගෙන සිය ඥාති හිතමිතුරන්ගේ නිවාසවල රැඳෙමින් අධ්‍යාපනය ලබති. COVID-19 තත්ත්වය හමුවේ බොහෝ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණ බැවින් තමන්ට එම අවස්ථාව අහිමිවීමට ඉඩ නොතබන ලෙස මෙම දරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක පැවසුවේ 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය යටතේ දැනටමත් ආවරණ කලාප වැඩි කෙරෙන අතර, 2021 මාර්තු 31 වැනිදා වන විට මෙම ගැටලුව විසඳීමට හැකිවන බවය. නිෂ්පාදනය/ පටිගත කිරීම/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
'ඔන්ලයින් අධ්‍යාපනය' ලැබීම සඳහා අන්තර්ලයට සම්බන්ධ වීමට කිලෝමීටර් හතරකට වඩා දුරක් ගොස් ගස්ගල් උඩ නැගීමට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති දරුවන් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කලාවන, වැවගම ගම්මානයේ ජීවත් වෙති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කීව් සටනේ දසුනක් ප්‍රංශ ජර්මන් සහ පෝලන්ත විදේශ ඇමතිවරු සහභාගී වෙමින් සිටින සාකච්ඡා කලින් පැවැත්වීමට නියමිතව තිබුණ ස්ථානය අවට ගැටුම් දරුණු අතට හැරීමත් සමඟ ජනාධිපති මන්දිරය තුල සංවිධානය කිරීමට තීන්දු කරන ලද බවයි වාර්තා වන්නේ. සාකච්ඡාවලට එක් ව සිටින පෝලන්ත විදේශ ඇමති රදොස්ලාව් සිකර්ස්කි විසින් පළ කරනු ලැබ ඇති ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ කීව් නගරයේ ජනාධිපති මන්දිරය අවට වෙඩි හඬ සමඟ කළු දුමාරයක් පැතිරෙමින් පවතින බවයි. යුක්‍රේන් නිලධාරීන් කලබලකාරී තත්වයක පසු වෙන බවත් එම ‘ට්විටර්’ පණිවුඩයේ දැක්වෙයි. කීව් නගරයට ගොස් සිටින රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා අදහස් දක්වමින්, යුරෝපා හවුලේ නියෝජිතයන් යුක්‍රේන් ආණ්ඩුවෙන් කිසිදු මට්ටමක ඉල්ලීමක් කළ හොත් එය නුසුදුසු ක්‍රියාවක් වන බවයි කියා සිටියේ. රුසියානු චෝදනා යුක්‍රේන් ආණ්ඩු විරෝධී කැරලිකරුවන් ‘දාමරිකයන්’ කණ්ඩායමක් හැටියට විග්‍රහ කළ රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමති ග්‍රිගරි කරසින් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබුණ ආණ්ඩුවකට සහ ඉහත කී අකාරයේ කණ්ඩායමකට සමාන වැදගත් කමක් දෙන බවට යුරෝපා හවුලට චෝදනා කර තිබුණි. මේ අතර යුක්‍රේනයෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ නව ගැටුම් රැල්ලේදී අඩුතරමින් දාහත් දෙනකුවත් මරා දමා ඇති බවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් එක වෙඩි උණ්ඩයකට පමණක් ලක් වීමෙන් මරණයට පත්ව ඇති අතර ඔවුන් ස්නයිපර් වෙඩික්කරුවන්ට ගොදුරු වෙන්නට ඇති බවයි ඇසින් දුටු සාක්ෂි කරුවන් පවසන්නේ. ස්නයිපර් ප්‍රහාර ජනාධිපති යනුකොවිච් සහ විපක්ෂ නායකයන් අතර බදාදා රාත්‍රියේ එකඟතාවයක් ඇති වුනත් බ්‍රහස්පතින්දා උදෑසන පටන් යලි ගැටුම් පුපුරා ගිය බවයි කීව් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. ප්‍රදේශයේ රූපවාහිනී සේවාවක් මගින් කීව් නගර චතුරශ්‍රය සමීපයේ වැතිර ඇති මළ සිරුරු ප්‍රදර්ශනය කරනු ලැබුණි. යුක්‍රේන් පොලිසිය පවසන්නේ ගැටුමේදී විසි දෙනකුට අධික සිය භටයන් තුවාල ලද බවයි.
යුරෝපා හවුල නියෝජනය කරන විදේශ ඇමතිවරුන් කණ්ඩායමක් කීව් අගනුවර ජනාධිපති මන්දිරයේ දී යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැක සංකා මතු වූ අවස්ථාවල ඒ පිළිබඳව සොයා බැලීම සිය ඒකකයේ කාර්ය භාරය බව සඳහන් කරන දූෂණ විරෝධී ඒකකය භාර අයිසීසී කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall), ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේ කොටසක් වශයෙන් සිය කණ්ඩායම විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද පවසයි. අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් එයට වඩා විස්තර හෙළි කළ නොහැකි බව පවසන ජගත් පාලක මණ්ඩලය, සිය පරීක්ෂණයට අදාළ විය හැකි කිසියම් හෝ තොරතුරක් වේ නම් [email protected] ඊමේල් ලිපිනය මාර්ගයෙන් තමන් වෙත යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති කොමිසමක් මේ අතර ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජික සහ කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මෑතදී මුහුණ දී සිටින වාතාවරණය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ප්‍රමෝදය වික්‍රමසිංහ එම ඉල්ලීම කරන්නේ සිය ප්‍රකාශයක් පදනම් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත පසුගියදා යවනු ලැබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම "අස්වාභාවික ලෙස තරග පරාජය" වන බව සහ තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට පසුගිය සැප්තැම්බර් 08 වෙනි දින රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝදය වික්‍රමසිංහ පවසා තිබුණි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන එවැනි පරීක්ෂණයකදී ලැදියාවන් අතර ගැටීමක් මතු වන බැවින්, ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළ සියලු චෝදනා පරීක්ෂා කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතුය යන්න ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ යෝජනාවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම සහ දූෂණ, වංචා චෝදනා පිළිබඳව අමාත්‍ය අර්ජුන රණතුංග සහ හිටපු නායක කුමාර් සංගක්කාර අතර පසුගියදා ප්‍රසිද්ධ වාග් සංග්‍රාමයක් ද හටගත්තේය. මේ අතර දේශීය තරගාවලියක් අතරදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණයේ නිගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 16 වෙනි දින ප්‍රකාශයට පත් කළේය.
සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වෙස්ට්මින්ස්ටර් පාලම මතදී ඕනෑකමින්ම පදිකයන් වෙතට සිය රිය පදවාගෙන ගිය බව සැලකෙන ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇත. එහිදී අවම තරමින් සිව් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තාවල දැක්වේ. ඉන් අනතුරුව සිය රථය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළේය. වෙඩි හඬ ඇසෙත්ම, අගමැතිනි තෙරේසා මේ ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ආරක්ෂිතව පසුවන බව අගමැති කාර්යාලය පවසයි. බකිංහැම් මාලිගයේ ද ආරක්ෂාව තරකර තිබෙන අතර, සිදුවීම සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැත. වෙඩි ප්‍රහාර තුනක් හෝ හතරක් තමන්ට ඇසුණු බව මන්ත්‍රීවරු පවසති. සිය කාර්යාල තුලම රැඳී සිටින ලෙස පාර්ලිමේන්තුවේ සේවකයන්ට උපදෙස් දී තිබේ. පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා ඇති අතර, වෙස්ට්මින්ස්ටර් ප්‍රදේශයට පැමිණීමෙන් වලකින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ දී පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් පොලිසිය විග්‍රහ කරන සිදුවීමේදී කාන්තාවක ද මරුමුවට පත් වී තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය කිසියම් ලෙසකින් එම සංචාරය වෙනස්විය හැක්කේ පාක්සිතානයේ ආරක්ෂක වාතාවරණයේ ප්‍රබල වෙනසක් වුවහොත් පමණක් බව ද ශ්‍රී ක්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතය. 2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වීමෙන් අනතුරුව, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දැමුවේය. එවක් පටන් පාකිස්තානයේ සංචාරයක නිරත වූයේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි. ක්‍රීඩකයන් විරෝධය දක්වා නෑ - තිලංග සුමතිපාල මේ අතර පසුගිය මාසයේ ප්‍රථම වරට පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සිය රටේදීම තරග වැදුන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ද එම ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයෙකු විය. කෙසේ වුවත්, තවමත් පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන්, ඔක්තෝබර් 29 වෙනි දින තරගය ලාහෝර් නගරයේ පැවැත්වීම පිළිබඳව සිය විරෝධය පළ කර ඇතැයි බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ, ක්‍රීඩකයන් එවැනි විරෝධයක් පළ කර නොමැති බවය. කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් නොව ඇතැම් පැරණි ක්‍රීඩකයන් එවැනි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද ඔහු පැවසීය. පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක විශේෂඥයන් ලබන 12 වෙනි දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කළ තිලංග සුමතිපාල, එම වාර්තාව මත පදනම්ව සංචාරය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹීමට නියමිත බවත් කියා සිටියේය. තුවාල ලැබූ තිලාන් සමරවීර පාකිස්තානයේ සිට කොළඹට පැමිණි පසු සිය බිරිඳ සහ දියණිය සමග ගිලන් රථයකින් රෝහලට රැගෙන ගිය අවස්ථාව ලාහෝර් නුවර ප්‍රහාරයේදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් තුවාල ලැබූහ. එහිදී බරපතලම තුවාල ලැබූ ක්‍රීඩකයාවන තිලාන් සමරවීර පසුගියදා බීබීසී ක්‍රීඩා අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් ඇති වූ මානසික කම්පනයෙන් ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැති බවය. "මම හිතන්නේ නෑ මම නම් ආයෙත් යාවි කියල. ඒ සිදුවීම නිසා මමත් මගේ පවුලේ අයත් හොඳටම දුක් වින්ද. ළඟදි පාකිස්තානේ සංචාරය කරන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ," තිලාන් සමරවීර පැවසීය. ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය පිළිබඳව එය සංවිධානය කළ අමාත්‍ය අර්ජුන රණතුංග සහ එවකට උප නායකයා වූ කුමාර් සංගක්කාර අතර පසුගියදා වාග් සංග්‍රාමයක් හටගත් අතර, ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පිළිබඳව ද ප්‍රසිද්ධ වාදයක නිරත වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි මේ මාසය අග භාගයේ පාකිස්තානයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හමුදාපතිවරයා රටේ දේශපාලන නායකයන් හමු වන්නේ පසුගිය අඟහරුවාදා සිට තායිලන්තය පුරා හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි. තායිලන්ත ආණ්ඩුවේ නායකයන්, උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ කථානායකවරයා සහ ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ වල යෙදී සිටින කණ්ඩායම් දෙකේ නායකයන් හමුදාපතිවරයා සමග සාකච්ඡා වලට සහභාගී විය. සාකච්ඡා නිමාවට පත් ව ඇත්තේ අවසාන තීරණයකින් තොරවයි. ආපසු නිවෙස් වලට ගොස් රට තුල උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිරාකරණය කර ගත හැක්කේ කෙසේද යන්න ගැන සිතා බලන මෙන් හමුදාපතිවරයා සාකච්ඡාවට සහභාගී වූ කණ්ඩායම්වලින් ඉල්ලා සිටි බවයි තායිලන්ත වාර්තා මගින් පැවසෙන්නේ. තායිලන්ත හමුදාව ආරක්ෂක කටයුතු වල පමණක් නිරත වේද නැතහොත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි රටේ පාලන බලය ඔවුන් අතට ගනී ද යන්න මෙම සාකච්ඡාවෙන් පසු පැහැදිලි වනු ඇති බවයි බීබීසී වාර්තාකරු කියා තිබුණේ. මේ අතර පල වී ඇති වාර්තාවකින් පැවසෙන්නේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ඉල්ලා සිටි පරිදි නව මහ මැතිවරණයක් පැවැත්වීමට තායිලන්ත මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බවයි. වාර්තාකරුවන් පවසන්නේ තායිලන්තය පාලනය කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න පැහැදිලි නැති බවයි.
තායිලන්තයේ හමුදාපතිවරයා, එරට දේශපාලන අර්බුදයේ කොටස්කරුවන් වී සිටින සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයන් සමග පැවැත්වූ සාකච්ඡා නිම වූ බව වාර්තා වේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තාය. එම ප්‍රවීණතාව ලබාගත් ශ්‍රී ලංකාවේ 'ළාබාලම' දැරිය ඇය බව තමන් විශ්වාස කරන්නේ යැයි ඇගේ පුහුණුකරු ෂර්ලි කෝරලගේ බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී පැවසුවේය. ඒ පිළිබඳව කළ විමසීමකදී PADI ආසියානු-පැසිෆික් ප්‍රාදේශීය කළමණාකරු රොබට් ජේ ස්කැම්මෙල් කියා සිටියේ ලාබාල අවධියේදී විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය දිනාගත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනා අතරින් ඇම්බර් රෝස් මාතරගේ එක් අයෙකු වන බව තමන්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ හැකි බවය. ''සාගර ලොවේ සන්නාම තානාපතිවරුන් වීම සඳහා කිමිදීම ඉගැනීමට උනන්දුවක් දක්වන දරුවන් ඔවුන්ගේ ප්‍රජාවන් තිරසර අනාගතයක් සඳහා පෙළඹ වීම ගැන අපි අතිශයින්ම සතුටු වන්නෙමු.'' යනුවෙන් රොබට් ජේ ස්කැම්මෙල් වැඩිදුරටත් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. නිෂ්පාදනය/කැමරාකරණය/වාර්තාව: ෂර්ලි උපුල් කුමාර මේ ගැනත් දැනගන්න:
සාගර පතුලේ දක්නට ලැබෙන විශ්මිත ලෝකය රැක ගැනීම සඳහා වැඩිහිටියන් මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව, වයස අවුරුදු 10දී අන්තර්ජාතික කිමිදුම් සහතිකයක් (PADI -Professional Association of Diving Instructors) හිමි කරගත් ඇම්බර් රෝස් මාතරගේ දැරිය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම වෛරසය වැළඳුණු රෝගීන් තුළ උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එමෙන්ම එවැනි රෝගීන්ගේ රුධිර පට්ටිකා මට්ටම පහළ බැසීම විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි බවත් වෛද්‍යවරු පවසති. බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට පුත්තලම රෝහලට රෝගීන් අටසියයක් පමණ පැමිණෙන බව කී එහි බාහිර රෝගී අංශය සහ හදිසි නේවාසික ඒකකය භාරව කටයුතු කරන වෛද්‍ය මොහොමඩ් ජවුසික් ඉන් හයසියයකට පමණ හඳුනා නොගත් වෛරස් උණ රෝග ලක්ෂණ ඇති බව සඳහන් කළේය. සතියක පමණ කාලයක සිට පුත්තලම මූලික රෝහලේ කායික හා ළමා ඒකක රෝගීන්ගෙන් පිරී පවතින බව කී එම රෝහලේ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක අවශ්‍ය තරම් ඖෂධ තිබුණ ද හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පැවසීය. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට ජීවිත හානි වාර්තා වී නොමැති නමුත් අදාළ වෛරසයයේ රෝග ලක්ෂණ හා ඩෙංගු උණ රෝගය අතර සමානතා දක්නට තිබෙන බවය. මෙම උණ රෝගය පවුලේ එක් අයකුට වැළඳීමෙන් නිවසේ සිටින සෙසු සාමාජිකයන්ටත් වෛරසය ශරීර ගතවී උණ රෝගය වැළඳිය හැකි බව වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක සඳහන් කළේය. වෛරසය වැළඳුණු වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද රෝහලේ ප්‍රතිකාර ලබන අතර නිසි ප්‍රතිකාර ලබා දුන්න ද නේවාසික පහසුකම් අවම මට්ටමේ පවතින බවට රෝගීහු මැසිවිලි නගති.
පුත්තලම අවට ගම්මාන සියයකට ආසන්න සංඛ්‍යාවක හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව පුත්තලම මූලික රෝහලේ බලධාරීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ඉන්දීය ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂා අගමැති නරේන්ද්‍ර මෝදි ගේ කිට්ටු ආධාරකරුවෙකි එම මහා දේශය ඉන්දියාවයි. කුඩා රාජ්‍යයන් දෙක එහි උතුරු සහ දකුණු දෙසින් පිහිටි නේපාලය සහ ශ්‍රී ලංකාවයි. ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා වන අමිත් ෂා ලැගුම්හලක දී තමන් සමඟ කතාකරමින් සිටියදී කරන ලදැයි කියන ප්‍රකාශය මහජනයා ඉදිරියේ අනාවරණය කරන ලද්දේ 'ත්‍රිපුර' ප්‍රාන්තයේ මහ ඇමති බිප්ලාබ් ඩෙබ් විසිනි. ස්වදේශ කටයුතුභාර ඇමති අමිත් ෂා විසින් කරන ලදැයි පැවසෙන ප්‍රකාශය වචන කීපයකට සීමා වූ නමුත් එමගින් දෙන පණිවුඩය ඉහත කී කුඩා රාජ්‍යයන් දෙක විසින් ලඝුකොට නොසලකන බව ඒ සම්බන්ධයෙන් පළවෙමින් පවතින ප්‍රතිචාර මගින් පෙන්නුම් කෙරෙයි.. භාරතීය ජනතා පක්‍ෂයේ ජාතික මට්ටමේ සභාපතිවරයා මෙන්ම ඉන්දීය මධ්‍ය ආණ්ඩුවේ ස්වදේශ කටයුතු භාර ඇමති අමිත් ෂාගේ BJP නායකත්වය උත්කර්ෂයට නංවමින් අදහස් දැක්වූ ත්‍රිපුර මහ ඇමති ඩෙබ් එම නායකත්වය යටතේ තම පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ බව සඳහන් කළේය. ''ඔහුගේ නායකත්වය අනුව BJP ය ලෝකයේ දැවැන්තම පක්ෂය බවට පත්වුණා. එමගින් ජගත් දේශපාලන පක්‍ෂයක අයිතිය කියමින් සිටි කොමියුනිස්ට්වාදීන් විසින් එතෙක් තබා තිබුණ වාර්තාවත් බිඳ හෙළනු ලැබුණා'' මහ ඇමතිවරයා කියා සිටියේය. 'ත්‍රිපුර' මහ ඇමති බිප්ලාබ් ඩෙබ් හින්දි භාෂාවෙන් පවත්වන ලද කතාවට ඉන්දියානු මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණ අතර මහ ඇමතිවරයාගේ ප්‍රකාශය 'ගුවාහති'(Guwahati) සිට පළකරනු ලබන ඊස්ට් මෝජෝ (East Mojo) වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනු ලැබ ඇත. ''අපි ප්‍රාන්ත ලැගුම්හලක කතාකරමින් ඉන්නකොට අජේ ජම්වාල් (ඊශාන දිග කලාපීය ලේකම්) කිව්වා- BJP එක ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක එම පක්ෂයේ ආණ්ඩු පිහිටුවන ලද'' බව. ඊට පිළිතුරු දෙමින් අමිත් ෂා කිව්වා - ශ්‍රී ලංකාව සහ නේපාලය ඉතිරිව ඇති බව. ඔහු සඳහන් කළා - පක්‍ෂය ශ්‍රී ලංකාවට සහ නේපාලයට ව්‍යාප්ත කරමින් ජයග්‍රහණය කොට ආණ්ඩුවක් පිහිටුවීමට තිබෙන බව'' අමිත් ෂා සැබැවින් ම අදහස් කරන ලද්දේ කුමක්ද? එය කුමක් වුවද, එම ප්‍රකාශය වාර්තා වූ වහාම නේපාලය ඊට ප්‍රතිචාරය දක්වන ලද්දේ එය දෝෂ දර්ශනයට ලක්කරමිනි. අමිත් ෂා ශ්‍රී ලංකාව සහ නේපාලය ගැන සඳහන් කර තිබෙන්නේ මෙම සාකච්ඡාවේදීය කත්මණ්ඩු කැළඹෙයි නේපාලයේ විදේශ ඇමති ප්‍රදීප් කුමාර් ග්‍යාවාලි (Pradeep Kumar Gyawali) පෙබරවාරි බ 06 දා 'ට්විටර්' පණිවුඩයක් නිකුත්කරමින් තමා ඉන්දියානු ප්‍රකාශය දුටු අතර ''දැනටමත් ඒ සම්බන්ධයෙන් සියරටේ විරෝධය දැනුම් දී ඇති'' බව කියා සිටියේය. මේ අතර නව දිල්ලියේ නේපාල තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මුල්පෙළේ මාධ්‍ය ප්‍රකාශනයක් වන 'කත්මන්ඩු පෝස්ට්' ඉංග්‍රීසි පුවත්පතට ප්‍රකාශයක් කරමින්, සිය තානාපති නිලම්බර් ආචාර්ය (Nilamber Acharya) ඉන්දියානු විදේශ අමාත්‍යංශයේ නේපාලය සහ භූතානය භාර ප්‍රධාන ඒකාබද්ධ ලේකම් අරින්දම් බග්ච් (Arindam Bagch) දුරකතනයෙන් අමතමින් මතභේදයට තුඩු දී ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකළ අතර එය නිවරැදි කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දුන් බවත් සඳහන් කළේය. 'ඩෙකන් හෙරල්ඩ්' (Deccan Herald) ඉන්දියානු පුවත්පතවාර්තාවක් පළකරමින් ''මහ ඇමති ඩෙබ් විසින් සඳහන් කරන ලද කරුණු දේශසීමා ආරවුල් නිසා දැනටමත් පිරිහීමට ලක්වී පවතින ඉන්දු-නේපාල සබඳතාවන්හි ''අලුත් නොරිස්සුම් සහගත තත්ත්වයක්'' උද්ගතවීමට හේතුවනු ඇතැයි පෙන්වා දී තිබුණි. අමිත් ෂා විසින් කරන ලද ප්‍රකාශය හෙළිකළ ත්‍රිපුර මහ ඇමති ඩෙබ් කොළඹ ඉවසීමෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ඉන්දියානු ඇමතිවරයාගේ මතු සඳහන් කරන ලද අදහස් සම්බන්ධයෙන් නිල මට්ටමින් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්න තවමත් පැහැදිළි නැත. එහෙත් 'Colombo Gazette' වාර්තාවක සඳහන් පරිදි '' භාරතීය ජනතා පක්ෂය (BJP) ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ යයි පැවසෙන ප්‍රකාශන ශ්‍රී ලංකාව විසින් අඩුවෙන් තක්සේරු කරනු ලැබ'' ඇත. ''අසල්වැසි රටවල ව්‍යාප්තියක් පිළිබඳව භාරතීය ජනතා පක්ෂය නිල මට්ටමින් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල සඳහන් කළ බවත්'' 'Colombo Gazette' වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. සභාපතිවරයා පවසා තිබෙන්නේ ''විදේශීය දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි'' බවය. "ඕනෑම දේශපාලන පක්‍ෂයකට හෝ දේශපාලන කණ්ඩායමකට විදේශ රටක දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ සම්බන්ධතා ගොඩනනගා ගැනීමට නීතියෙන් අවසර තියෙනව. නමුත් විදේශීය දේශපාලන පක්‍ෂවලට රටතුළ ක්‍රියාත්මකවීමට මැතිවරණ නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැ'' මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වන 'Colombo Page' වෙබ් අඩවිය වාර්තා කරයි. කොංග්‍රස් ප්‍රතිචාරය; සමාව ඉල්ලනු! මෙම කාරණය සම්බන්ධයෙන් කොළඹ පාලනයේ නිහඬභාවයක් දක්නට ලැබුණද ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයෙන් පළවුණේ දැඩි විවේචනාත්මක ප්‍රතිචාරයකි. කොංග්‍රස් පක්‍ෂ ප්‍රකාශිකාවකගේ අදහස් රැගත් වීඩියෝ පටයක් මාධ්‍ය මගින් පළකරනු ලැබ ඇත. එම ප්‍රකාශිකාව මෙසේ පවසයි. ''මේක විහිළුවට කාරණයක් නොවෙයි. මෙය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට බලපාන්න පුළුවන්. මූලික වශයෙන් ඔවුන් කියන්නේ නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ට කුමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය බව.'අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'('Ab ki baar, Trump sarkar') ප්‍රකාශය මගින් මෝදි කරගත් අලාභයේ වන්දිය අපි තවමත් ගෙවමිනුයි ඉන්නේ. නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලින් සමාව ගන්නා ලෙස ආණ්ඩුව ඇමතිවරයා යොමුකළ යුතුයි'' ''අබ් කි බාර් ට්‍රම්ප් සර්කාර්'' යන ප්‍රකාශයේ තේරුම '' මෙය ට්‍රම්ප් පරිපාලන වාරයකට කාලයයි '' යන්නය. මේ අතර ත්‍රිපුර ප්‍රාන්ත කොංග්‍රස් පක්ෂයේ උප සභාපති තපස් ඩි (Tapas De) පෙබරවාරි 15 දින 'හින්දුස්තාන් ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශයක් කරමින් BJP ආකල්පය ප්‍රජාතන්ත්‍රීය නොවන බව පෙන්වා දී තිබුණි. ''අපි අපේ අසල්වැසි රටවලට ගරු කරනවා. එම අසල්වැසි රටවලට අතපෙවීම යුක්ති සහගත කරන්න බැහැ'' භාරතීය ජනතා පක්ෂයේ හැසිරීම වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ජාතිකවාදීන්ගේ දැඩි අවධානයට ලක්වූ අතර ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර එය විග්‍රහ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මිලට ගැනීමක් හැටියටය. භාරතීය ජනතා පක්ෂ ලාංඡනය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ලාංඡනය අතර සමීපභාවයක් පවතින අතර එයත් මාධ්‍ය නිර්මාණ සඳහා මාතෘකාවක් විය. ආණ්ඩු ඇල්ලීමක් ගැනද, ආණ්ඩු හැදීමක් ගැනද කියන්නේ? භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා විසින් කරන ලදැයි දෙවන පුද්ගලයකු හරහා එන ප්‍රකාශය හුදෙක් එම දෙවන පුද්ගලයා විසින් සඳහන් කරනු ලබන වචන ඔස්සේම අර්ථකථනය කරගත යුතුද? මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න විසින් කරනු ලබන්නේ මෙවැනි විශ්ලේෂණයකි. ''මම දකින හැටියට අමිත් ෂාගේ ප්‍රකාශයේ හරය ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ආණ්ඩු පිහිටුවීමට මැදිහත් වී ඇති බවයි. තමන්ගේ පක්ෂය මේ රටවල පිහිටුවීම ගැන කතා කරන්නේ එම මැදිහත්වීම පිළිබඳ කතාව මග හරින්න'' විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි. '''ප්‍රායෝගිකව ගත්විට භාරතීය ජනතා පක්ෂයට ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකිවන්නේ හින්දු ආගමිකයන් අතරේ පමණක්'' බව පෙන්වාදෙන මහාචාර්ය නවරත්න බණ්ඩාර ''ඒ සඳහා උතුරේ හෝ කඳුකර දෙමළ ජනතාව අතර පදනමක් නැති අතර පක්ෂය එසේ පිහිටවනු ලැබුණත් එමගින් මෙරට ආණ්ඩු බලය ගන්න බැරි බව'' යථාර්ථය බව පෙන්වා දෙයි ''එයට වඩා ලෙහෙසිවන්නේ කෙළින්ම ආණ්ඩුබලය දිනාගැනීම නොවෙයි. තමන්ට අවනත ආණ්ඩුවක් හදා ගැනීමයි. මෙහි ප්‍රධාන පක්ෂයකට බලයට එන්න මුදල් හා වෙනත් ආකාරයන්ගෙන් සහාය ලබා දී ඒ මගින් ආණ්ඩුව නමා ගැනීම. පොහොට්ටු පක්ෂය සහ එහි සංවිධානය න්‍යායික මතවාදය මගින් අනුගමනය කර තිබෙන්නෙ - භාරතීය ජනතා පක්ෂය බව අමතක කරන්න එපා. සිංහලත්වය සහ පිරිසුදු බෞද්ධ රාජ්‍යයක් ගැන ඔවුන්ගේ ප්‍රකාශන සහ නෙළුම් පොහොට්ටුව මගින් එම අනුගමනය කිරීම පෙනෙනවා'' පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. ''ඉන්දියාව ලංකාවේ ආණ්ඩු පිහිටුවන්න මැදිහත්වීම ලංකාවේ දේශපාලනය තුළ කාලයක් තිස්සෙ කතාවෙන කාරණයක්. 2015 දී පැරදුන අවස්ථාවේ තමන්ව පැරදවීමට ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවාව මැදිහත්වූ බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා." මේ අතර එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 ලද පරාජයට රෝ සංවිධානයේ සම්බන්ධයක් ඇති බවට පළවූ මතය ඉන්දියාව බැහැර කරන ලද බවට එම කාලයේදී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය නවරත්න බණ්ඩාර, "ශ්‍රී ලංකාව වරාය නගරය සහ හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ඉන්දියාව ඔවුන් සතුරෙක් ලෙස සලකන බලයකට ඉන්දියන් සාගරයේ තමන්ගේ ආරක්ෂක වළල්ලට ඇතුල්වීමට ඉඩ ලබා දීම නිසා ඉන්දියාව කලබල වී සිටිනවා. ඉන්දියන් සාගරය තූළ චීනය සහ ඉන්දියාව නැගී එන බලවතුන් දෙදෙනෙක් ලෙස බලශක්ති මාර්ග සදහා දැනටමත් තරගයකයි ඉන්නෙ. මේ තත්ත්වය ගැන ඇමරිකාව පවා ඉන්නෙ කැමැත්තකින් නොවෙයි. මේ නිසා ඉන්දියාව ලංකාවට බලපෑම් දමමින් ඉන්නවා. ඉන්දු පැසිෆික් ආරක්ෂක සැලැස්මට ඇතුල්වන ලෙස එම රටවල් දෙකම ඉල්ලනවා. ඉන්දියාව 1987 වගේ රට අස්ථාවර කරන ගැටුමක් සදහා මග පාදනු ඇතැයි ශ්‍රී ලංකාවේ නායකයන් සිතනවා. එම පසුබිම යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවෙන් නැගුනු අලුත්ම ''පණිවුඩය'' ගැන කතා නොකර මග හැරියා'' යැයි කියා සිටියේය. මෝදිගේ චෙන්නායි දෙසුම අමිත් ෂා ඇමතිවරයා විසින් කරන ලදැයි වාර්තාවෙන ප්‍රකාශය විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ගැනීමට හේතුවක් වී තිබෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේ 'චෙන්නායි' නගරයේ දී කරන ලද ප්‍රකාශයක් ද හේතුවෙනි. පසුගිය සතියේ ඉරිදා (පෙබරවාරි 14) චෙන්නායි අගනුවරට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි එහි ජනතාව අමතමින් පවත්වන ලද දීර්ඝ දේශනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරනු ලැබීමත් ඉන්දියානු මාධ්‍යන්හි පවා විශේෂ තැනක් ගෙන තිබුණි. ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් කීපයක සමාරම්භක උත්සවයකට සහභාගී වූ අගමැති මෝදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගනුලබන තමිල්නාඩු ධීවරයන් ගැනත් සඳහන් කළේය. ''මේ වනවිට එක ඉන්දියානු ධීවරයෙක්වත් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ නැහැ. අපි බෝට්ටු 330ක් නිදහස්කර ගත්තා. ඉතිරි බෝට්ටුත් නිදහස්කර ගැනීමට කටයුතු කරනවා'' ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වාසයකරන ප්‍රදේශවල නිවාස දහස් ගණනක් සහ රෝහලක් ද ඇතුළු යටිතල පහසුකම් නංවාලීමට තම රජය ගත් පියවර විස්තර කළ අගමැති මෝදි යාපනයේ සංචාරය කළ පළමු ඉන්දීය අගමැතිවරයා තමා බව අවධාරණයෙන් කියා සිටියේය. ''අපි දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් සමඟ අඛණ්ඩව කටයුතු කරනවා. දෙමළ ජන ජීවිත සඳහා සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ඔවුන්ගේ ගරුත්වය වෙනුවෙන් කටයුතු කරනවා'' අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළේය. ''අපේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දෙමළ සහෝදර සහෝදරියන්ගේ අභිලාෂයන් සහ ශුභසාධනය සැලකිල්ලට ගන්නවා.මෙතෙක් යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අගමැතිවරයා වීම මට ගෞරවයක්. සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ දෙමළ ජනයාගේ ශුභසාධනය සඳහා අපි සහතික වෙනවා '' අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අදහස් දක්වන ලද්දේ මෙම කතාවේදීය ''අසල්වැසියාට පළමු තැන'' යන සිය පාලන පිළිවෙත අනුව අගමැති මෝදි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව 2019 ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු එම සංචාරයේ දී පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සහයෝගය පළකළේය. ඉන්පෙර 2017 වසරේ ශ්‍රීලංකාවට පැමිණි ඉන්දීය අගමැතිවරයා චෙන්නායි කතාවේ දී ඔහු සඳහන් කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්ට සහභාගීවෙමින් ජනතාව අමතා කතාවක් ද කළ අතර එය එවක ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්විය. වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන උදය ගම්මන්පිල ඉන්දීය අගමැතිවරයාගේ සහභාගිත්වය දෝෂදර්ශනයට ලක්කරන ලද්දේ මෙපරිද්දෙනි. ''වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කිව්ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහෙට ආවාට පස්සේ හැසිරුණේ සහ ජනතාව ඇමතුවේ ඉන්දියාවට එක්වූ 30වෙනි ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙනයි.......මෝදි අගමැතිවරයා දික්ඔයදී ජනතාව ඇමතුවේ ඉන්දියාවේ 30 ප්‍රාන්තයේ ජනතාව අමතන ආකාරයෙන්. දකුණුපසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ද,වම්පසින් එහි මහ ඇමතිවරයා ද සිටින බව සිතමින් තමයි,ඔහු ජනතාව ඇමතුවේ'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය වරාය ජැටියේ අර්බුදය ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ ප්‍රකාශන කරළියට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා- ඉන්දියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් ඇසගසා සිටින මොහොතක වීමත් සැලකිය යුතු කරුණකි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මුල්කරගත් ගනුදෙනුව අර්බුදයකින් තොරව විසඳුන ආකාරයක් ශ්‍රී ලංකා රජය ප්‍රදර්ශනය කරන නමුත් ඉන්දීය පාර්ශ්වයේ ඊළඟ ප්‍රතිචාරය තවමත් පැහැදිළි නැත. ත්‍රිකුණාමල තෙල් ටැංකි ශ්‍රී ලංකාවට පැවරීමේ එකඟතාවක් ඇති නොවූ බව ඉන්දියාව නිල මට්ටමින් ප්‍රකාශයට පත්කරනු ලැබුණි. මේ අතර උතුරේ දූපත් තුනක විදුලිය ක්‍ෂේත්‍රයේ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. උතුරේ කණට සතුටු පණිවුඩයක් ද? ඉන්දීය ඇමති අමිත් ෂාගේ සහ අගමැති මෝදිගේ අදහස් ප්‍රකාශයට පත්කෙරුණේ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් ඔවුන් විසින් දිගුකලක පටන් ගෙනයන ඉල්ලීම් යළිත් පෙරට තබමින් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට පොලිගන්ඩි දක්වා පෙළපාලියකින් ගමන්ගැනීමෙන් දින කීපයකට පසුවය. පසුගිය පෙබරවාරි 3 වෙනිදාආරම්භ වූ ''පොතුවිල් සිට පොලිගන්ඩි'' (P2P) යනුවෙන් නම්කරන ලද එම පාගමනට දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සාමාන්‍ය ජනතාව එකතුව සිටියහ. එම විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාත් එක්ව සිටීම තවත් අලුත් ප්‍රවනතාවක් විය. P2P විරෝධතා පෙළපාලියේ අවස්ථාවක් ''P2P'' පෙබරවාරි 06 වෙනිදා උතුරු පලාතේ 'පොලිගන්ඩි' හිදී නිමාවට පත් වූ අතර, දින පහක අඛණ්ඩ සාමකාමි විරෝධතාවලියක් ද සංවිධායකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුණි. ඉන් අනතුරුව දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන නායකයින් පිරිසක් සාකච්ඡාවක් ද පැවැත්වූ අතර දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම්, ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුලු පක්ෂ නියෝජිතයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කළේය. තමන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා රජයට බලකිරීමට කටයුතු කරන බව එම සාකච්ඡාවට සහභාගී වූ දෙමළ දේශපාලන නායකයන් ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි. උතුරේ වැඩෙමින් පවතින එවැනි පසුබිමක් යටතේ භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා සහ අගමැති මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහතික කිරීම සම්බන්ධයෙන් පළකර ඇති අදහස්වල බලපෑම කෙබඳු වේද?යන්න අනාගතයෙහි තීන්දුවනු ඇත. කියවන්න;
එක් මහා දේශයක දේශපාලනඥයකු විසින් සිදුකරන ලදැයි එරටෙහිම තවත් දේශපාලනඥයකු විසින් උපුටා දක්වන ලද ප්‍රකාශයක් එම මහා දේශයට දෙපසින් පිහිටි අසල්වැසි කුඩා රාජ්‍යයන් දෙකක බලවත් අවධානයට යොමුවෙමින් පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
"ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය" එජාප සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව පැවසුවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉරිදා පදවියෙන් පහ කිරීම දක්වා සති ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින්. "ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. නිශ්ශබ්ද වෙලා උදවු කරපු අය හිටිය. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය," ඔහු පැවසීය. විශේෂයෙන්ම "එල්ටීටීඊ සංවිධානය විනාශ කරන මුවාවෙන්" ආණ්ඩුව ජනතාවගේ නිදහස නැති කරද්දී ජනමාධ්‍ය එම ක්‍රියාවලියට ප්‍රබල සහයෝගය පළ කළ බවට, කොළඹදී ජාතික නීතිඥ සංගමය අමතමින් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. පාර්ලිමේන්තු රීති උල්ලංඝනය "අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ" එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ තත්ත්වය පිළිබඳව විරෝධය පළ කළ සුළුතරය "සුදු වෑන් වලින් පැහැර ගත්" බව පවසන ඔහු, 18 වැනි සංශෝධනය වැනි "ව්‍යවස්ථා විරෝධී" ක්‍රියාදාමයන් සිදු වෙද්දී බොහෝ දෙනා නිහඬව සිටි බවද පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයක් මේ වනතුරුත් ශ්‍රී ලංකාවේ නොපැවතුනු බව පවසන විපක්ෂ නායකවරයා, ඉතිරිව පවතින ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම සඳහා ජනතාව සමඟ වීදි බැසීම හැරෙන්නට අන් මඟක් නොමැති බවයි අවධාරණය කළේ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම චෝදනා 14 කින් තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීන්දු කළේය. දෙසැම්බර් 08 වෙනිදා ඔවුන්ගේ වාර්තාව කතානායකවරයාට භාරදුන් අතර, පසුගිය සතියේ පැවැත්වුණු ඒ පිලිබඳ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝගයට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය. කෙසේ නමුත්, දෙසැම්බර් 10 වැනිදා අදාළ විවාදය පිලිබඳ න්‍යාය පුස්තකයට ඇතුලත්ව තිබුනේ තේරීම් කාරක සභාවක් පත්කරන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලන යෝජනාව මිස තේරීම් කාරක සභා වාර්තාව නොවන බව පවසන එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර, එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කළ බවට කතානායකවරයාට චෝදනා කරයි. සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයම රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මත සිදුවූවක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. "මේ නීති විරෝධී දේ කරන්න සම්පූර්ණයෙන්ම අනෙක් සහෝදරයා කතානායක වරයා සහයෝගය දුන්නා. අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ," යනුවෙන් ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව "ඒකාධිපතිවාදය කරා යන ගමනේදී" රටේ ජනමාධ්‍ය නිහඬව සිටිමින් එයට රුකුල් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
පිළිකා රෝගයට නව ප්‍රතිකාරයක් වශයෙන් නිපදවුණ අලුත් ඖෂධයක් සඳහා පේටන්ට් බලපත් ලබා ගැනීමට සමාගම ගත් උත්සාහයක් අධිකරණය බැහැර කළේය පිළිකා රෝගයට නව ප්‍රතිකාරයක් වශයෙන් නිපදවුණ අලුත් ඖෂධයක් සඳහා පේටන්ට් බලපත් ලබා ගැනීමට Novartis ස්විට්සර්ලන්ත සමාගම විසින් ගනු ලැබූ උත්සාහයක් බැහැර ලමිනුයි, ඉන්දීය අධිකරණය එම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. "Glivec" යන නමින් ස්විස් සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව ඖෂධය, කලින් භාවිතා කෙරුන ඖෂධයට වඩා ප්‍රමාණාත්මක වෙනස් නිමැවුමක් නොවන හෙයින් ඉන්දියානු නීතිය අනුව ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් දිය නොහැකි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළේය. 'වැදගත් පූර්වාදර්ශයක්' නඩු තීන්දුව හෙළා දකිමින් Novartis ස්විට්සර්ලන්ත සමාගම කියා සිටින්නේ, වෛද්‍ය අංශයේ නව නිෂ්පාදන එවැනි තීන්දු මගින් අධෛර්යට පත් කෙරෙන බවයි. ඖෂධ නාමයෙන් තොර බෙහෙත් මගින් කෙරෙන ප්‍රතිකාර අතින් බලන විට ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණයේ තීන්දුව නිසා දුප්පත් රටවලට ලාභ මිලට බෙභෙත් ලබා ගැනීමට අවස්ථාවක් උදාවන බව උද්ඝෝෂකයෝ පෙන්වා දෙති. ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව මහජන සෞඛ්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සංවිධානවල අගය කිරීමට ලක් වෙමින් පවතී. දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය (Medecins Sans Frontieres) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ එම තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් සපයන ලද බවයි. එසේම එම තීන්දුව නිසා දුප්පත් රටවල බොහෝ ජනජීවිතවලට ආරක්ෂාවක් සහතික කෙරෙන බව ද එම සංවිධානය ප්‍රකාශ කරයි.
ඖෂධ නාමයෙන් තොර බෙහෙත් වර්ගයක් තහනම් කරන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය නියෝග කළේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොංගෝවේ එක්සත් ජාතීන්ගේ හමුදා සෙබළුන් අනාථයන්ට ආධාර ලබා දීම වෙනුවෙන් බලපෑම් කරන රෙෆියුජීස් ඉන්ටර්නැෂනල් (Refugees International) ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ තුන් දහසක බල ඇණියක මැදිහත් වීමෙන් දියත් කිරීමට නියමිත ප්‍රහාරයක බලපෑමෙන් නිරායුධ වැසියන් මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි. කොංගෝ යුද අනාථයන් ස්වේච්ඡා වෛද්‍ය සංවිධානයක් වන දේශ සීමා නොමැති වෛද්‍යවරු (Medecins Sans Frontieres) කලින් කියා තිබුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුදමය හා මානුෂික කටයුතු අතර වෙනස අපැහැදිලි වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සන්නද්ධ කණ්ඩායම් වල ඉලක්කයක් වීමේ අවදානමට මුහුණ පා සිටින බවයි. යුද්ධයෙන් ලක්ෂ විසිපහකට වැඩි ජනකායක් මරා දැමුණු කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තත්වය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සැලසුම් කොට ඇති ලෙසින් හමුදා ප්‍රහාරයක් දියත් කැරුනොත් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පොදු ජනතාවගේ තත්වය තවත් දරුණු අතට පත් විය හැකි බවට සහනාධාර ආයතන බිය පල කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, "අධ්‍යාපන අමාත්‍යාංශය මේකට මූලිකත්වය දීල ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ලිංගිකත්වය කියන්නේ කුමක් ද? ඒ ළමයින්ට හැගීම් දැනේනේ කොයි වගේ ද?, හැඟීම් පාලනය කර ගන්නේ කොහොම ද? මේවා මුකුත් ළමයි ට කියා දෙන්නේ නැති එක තමයි මේ ලොකුම ප්‍රශ්නය. ඉස්කෝල වල හරියට අධ්‍යාපනය ලබා දෙන්නේ නෑනේ. ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕනේ," යනුවෙනි. එවිට ලිංගික ගැටලු ගැන ඉදිරියට ඇවිත් කතා නොකිරීම සහ ඒ පිළිබඳව ඇති සමාජ ගර්හාව අවම කර ගත හැකි බව ද වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය. "දැනුවත් වීම විතරක් නොවේ සමාජ මතය තවමත් වෙනස් වෙලා නෑ. මොකද ලිංගික රෝග කෙසේ වෙතත් ලිංගිකත්වය කියන එක ගැන කවුරුත් කතා කරන්න කැමති නෑනේ." ශ්‍රී ලංකාවේ එච් අයි වී තත්ත්වය: ශ්‍රී ලංකාව තුළ එච් අයි වී ආසාදිතයන් 3192ක් හඳුනාගෙන සිටින බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන හෙළි කළේය. එහි සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේදී එච් අයි වී ආසාදිතයන් 350ක් හඳුනා ගෙන ඇත. එය 2017 වසරට සාපේක්ෂව 23% වැඩිවීමකි. ඉන් 285 දෙනෙකු පුරුෂයන් බවත් ඉතිරිය කාන්තාවත් බවත් හඳුනා ගෙන තිබේ. එච් අයි වී ආසාදිත පුරුෂයන් හඳුනා ගැනීම 2017 වසරට සාපේක්ෂව 265කින් ඉහළ ගොස් ඇත. 2019 වසරේ දී මේ වන විට 200 කට ආසන්න එච් අයි වී ආසාදිතයින් හමුවී ඇති බව ද ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය. "ලංකාව එච් අයි වී තත්ත්වය ගොඩක් අඩු රටක් හැටියට තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ .01% විතර. දැන් එච්අයිවී හැදුනට ඒඩ්ස් කියන තත්ත්වයට යන්නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්න පුළුවන් බෙහෙත් ගත්තොත්. එම තුන්දහස් ගණනින් එක්දහස් ගණනක් අපේ සායන වලින් බෙහෙත් ගන්නවා. ඒ ගොල්ලන්ට කිසි ලෙඩක් තිබෙනවා කියලා පෙනෙන්නේ නෑ. නමුත් ඉතිං ඇඟේ එච්අයිවී වෛරසය තිබෙනවා. සමහර අය අවුරුදු 20 - 30 තවම හොඳට ඉන්නවා. ඉතිං ප්‍රතිකාර ගැනීමයි වැදගත්." ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ වසරේ නිකුත් කළ වර්තාවක දැක්වෙන්නේ බොහෝ එච් අයි වී ආසාදිතයින් හමුවන්නේ ඔවුන්ට වෛරසය අසාදනය වී වසර 5ක් 10ක් ගෙවුණු පසුව බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට මවගෙන් දරුවාට එච් අයි වී වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. නමුත් 2018 වසරේදී මවගෙන් එච් අයි වී සම්ප්‍රේෂණය වූ දරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ. 2015 දී වාර්තා වූ එච් අයි වී ආසාදිතයන් අතුරින් 14%ක් වයස අවුරුදු 15ත් 24ත් අතර අය වූ අතර එම ප්‍රමාණය 2018 වන විට 10% දක්වා අඩු වීම රටේ ශ්‍රම බලකාය ගැන සලකා බලන විට හොඳ තත්ත්වයක් ලෙස සැලකේ. නවතම දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි අතර එච් අයි වී ආසාදනය ඉහළ ගොස් ඇති බවය. 2018 දත්ත අනුව පිරිමි - පිරිමි අතර වූ ලිංගික සබදතා හේතුවෙන් එච් අයි වී අසාදනය වූ ප්‍රමාණය 46%ක් ලෙස වාර්තා වී තිබේ. එච් අයි වී අසාදන වළක්වමු යනුවෙන් කොළඹ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග * සිපිලිස් * ගොනෝරියා * ලිංගික ඉන්නන් * ලිංගික හර්පීස් * ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ මින් සිපිලිස් සහ ගොනෝරියා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අඩු වී තිබෙන බව වෛද්‍ය රසාංජලීහෙට්ටිආරච්චි හෙළිදරව් කළාය. "ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම තියෙන්නේ ලිංගික හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ඒවා. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝග වලින් 8% ක් පමණත් ගොනෝරියාත් 3%ක් විතර තිබෙනවා. ලිංගික ඉන්නන් කියන තත්ත්වය 25%ක් විතර. ලිංගික හර්පීස් සහිත රෝගීන් තුන්දහස් ගණනක් හඳුනාගෙන තිබෙනවා. ගොනෝරියා නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීනුත් දෙදහස් ගණනක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ 27%ක් විතර." අධි අවදානම් කණ්ඩායම් ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි බවට හඳුනාගත් සමාජ කණ්ඩායම් අවදානම් අය ලෙස ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හඳුනා ගෙන තිබේ. ලිංගික ශ්‍රමිකයන් (Sex workers) සමලිංගික ඇසුරු පවත්වන පිරිමි වෙරළේ ගැවසෙන ළමයින් (Beach boys) සිරකරුවන් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන අය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික ඇසුරු පවත්වන පිරිමි 40,000ක්, කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30,000ක් සහ වෙරළේ ගැවසෙන ළමයි 4500ක් සිටින බව හෙළිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගෙවුණු වසර පහ තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ භද්‍රානි සේනානායක බීබීසී සිංහල සේවයට මීට පෙර පැවසුවාය. අවුරුදු 36-50 අතර වයසේ පසු වන කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් යොමුවී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය. ඔවුන්ගෙන් 49%ක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් සොයා ගනු ලබන්නේ වාණිජ ලිංගික වෘත්තියේ නිරත වීමෙනි. ප්‍රතිකාර සේවා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසන්නේ එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝග සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා රෝහල් 33ක සායන පැවැත්වෙන බවය. "ඒගොල්ලෝ ඉලක්ක කරලා දැනුවත් කිරීම් කරනවා. ටෙස්ට් කරනවා. ඒ වගේම ප්‍රතිකාරත් කරනවා. අපි මොබයිල් සායන දාලා ලිංගික ශ්‍රමිකයින් පරීක්ෂා කරනවා. සමාජයේ ආකල්පයක් තියෙනවනේ මේ ලිංගාශ්‍රිත රෝග ගැන. ඒවා සමාජයේ පිළිගැනීමක් නැති තත්ත්වයක් නේ තියෙන්නේ. රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර කළොත් අනිත් අයට බෝ වෙන එක වළක්වා ගන්න පුළුවන්." කියවන්න:
එච් අයි වී සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලනය සහ ඒ පිළිබඳ සමාජයේ ඇති ආකල්ප වෙනස් කිරීම සඳහා පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාදීම වැදගත් බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා' මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් දින දහසක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් වෙත ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා සහ අතුරුදහන්වීම් පරීක්ෂා කිරීම සඳහා වූ කමිටුව (Committee to Investigate Disappearances) විසින් යොමුකරන ලද ඒකාබද්ධ සංදේශයකිනුයි, එම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන්නේ. අතුරුදහන් වීමට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ද ක්‍රියාධරයෝ පිරිස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිති. ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අතුරුදහන් වූ දහස් ගණනක් පිරිස සොයා ගැනීම සඳහා මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ ඉල්ලා සිටිමින් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස මානව හිමිකම් ක්‍රියාධරයෝ නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ. භීෂණ සමය ලංකා ආණ්ඩුවේ වගකීම "අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ" Right to Life සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු "කෙනෙක් මැරුණම අපි දන්නවා ඒ කෙනා මැරුණ කියල. ඒත් කෙනෙක් අතුරුදහන් වුනාම එයා එනකම්ම ඒ මිනිස්සු විඳවනවා, දුක්වෙනවා. ඒක ගැන කිසිම වගකීමක් දරන්න කෙනෙක් නැති," බවයි ඒ විරෝධතාවයේදී හමුවුණු සන්ධ්‍යා එක්නැලිගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ පැහැර ගැනීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳව සොයා බැලීම පිණිස එක්සත් ජාතීන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාවට එවීමේ අවශ්‍යතාවය ජීවිතයට අයිතියක් (Right to Life) සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු අවධාරණය කරයි. "අතුරුදහන් වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ලංකාවට ඇවිල්ල මේ ගැන සොයන්න පහසුකම් සැලසීම ලංකා ආණ්ඩුවේ වගකීම. මොකද 1989 ඒගොල්ල ගෙන්න ගන්න මැදිහත් වුනේ මහින්ද රාජපක්ෂ," ඔහු පැවසීය. මේ අතර අදහස් දැක් වූ ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් සපයා නැති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනාවක් එල්ල කළාය. අසූව දශකයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ එයට එරෙහිව දියත් වූ රාජ්‍ය මර්ධනය හමුවේ 40,000 කට ආසන්න සිංහල තරුණ පිරිසක් අතුරුදහන්ව සිටින බව ඇස්තමේන්තු කෙරේ. ඉන් අනතුරුව, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී අඩුම තරමින් 146,000 ක පිරිසක් අතුරුදහන් වී ඇතැයි මන්නාරම රදගුරු රායප්පු ජෝසප් එල්එල්ආර්සී උගත් පාඩම් කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිය උපුටා දක්වන ඒකාබද්ධ සංදේශය සඳහන් කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා
අසූව දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ අතුරුදහන් වී සිටින සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ දරුවන්ට ආධාර කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විනාශක කරන ලද තියරපොඩ් ඩයිනෝසර පාද සටහන 2006 වසරේදී පොසිල විද්‍යාඥයින් විසින් වික්ටොරියාහි ගල්තලාවක තිබී තියරපොඩ් ඩයිනෝසර (theropod dinosaur) පාද සටහන සොයා ගන්නා ලදී. ඩයිනෝසරයන්ගේ පොසිල සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රදේශයක් වූ එය, අයිස් යුගයෙහි ඩයිනෝසරයන් ලොව වාසයකල ප්‍රදේශ කිහිපයෙන් එකකි. සෙ.මී. 30ක් පමණ පළල පාද සටහන කැඩීම සඳහා, මිටියක් වැනි යමක් භාවිත කරන්නට ඇතැයි බලධාරීහු විශ්වාස කරති. "පේන විදියට යමෙක් මිටියක් හරි ගලක් හරි ආධාරයෙන් පාද සටහනේ කොටස් කඩා ඉවත්කරල තියෙනව" වික්ටෝරියා උද්‍යාන පාලක බ්‍රයන් මාර්ටින් බීබීසී වෙත පැවසීය. "කඩා දැමූ කොටස්" ගල්තලාව මත විසුරුවා දමාගොස් ඇතිබව ඔහු පැවසීය. පසුගිය සතියේ, ප්‍රදේශයේ පාසල් අධ්‍යාපන චාරිකාවක් මෙහෙයවූ නිලධාරියෙක් මෙම හානිය මුලින්ම දැක තිබේ. මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන විනාශ කිරීමට පෙර මහජනයාට දැක ගැනීම සඳහා විවෘතව පැවති පාද සටහන, අපරාධකරුවන් හිතා මතාම ඉලක්කකර ඇතිබව උද්‍යාන පාලකවරයා පැවසීය. "බොහෝ පුද්ගලයන් නොදැනුවත්කම නිසා ඉතා පහසුවෙන් පාද සටහන පසුකර යනවා. එතැනටම එන්න මොවුන් එය පිළිබඳව නිශ්චිතව දැනුවත්ව සිටියයුතුයි" ඔහු පැවසුවේය. මේ විනාශ කිරීමෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති. "මාංශ භක්ෂක ඩයිනෝසරයා, අයිස් යුගයේ මේ ගල මත ඉතිරිකර ගොස් තිබූ පාද සටහනනෙන් එවක පැවති ශීතාධික පරිසරය තුළ එම අවස්ථාව නිරුපණය කිරීම මේ පාද සටහනේ සුවිශේෂත්වයයි" වික්ටෝරියා උද්‍යාන පැවසීය. වෙනත් පුවත්:
වර්ෂ මිලියන 115ක් පමණ පැරැණියයි සැලකෙන, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහනනෙන් කොටසකට කිසියම් පිරිසක් හානි පමුණුවනු ලැබුහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විජිත හිමියන් වැටී සිටියදී සොයාගත් ස්ථානය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වටරැක විජිත හිමියන් සුවය ලබා පිටව යන අවස්ථාවේදීයි, එහිමියන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. තමන්ට ‍පිරිසක් පහරදී තුවාල සිදු කළ බවට පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත විජිත හිමියන්ට ‍එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පසුගිය ඉරිදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය. පානදුර හිරණ පාලම ආසන්නයේ ඉකුත්දා තුවාල සහිතව බිම වැටී සිටියදී හමුවූ විජිත හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණ. එහිමියන් බදාදා සවස පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට පැවසීය. 'පිළිගන්න බෑ' වටරැක විජිත හිමියන්ට එල්ල කරන චෝදනා අසත්‍ය බවද එහිමියන්ගේ නීතිවේදියා පවසයි. නිසි ආරක්ෂාවක් නොමැති වීම, ලබා දුන් ආරක්ෂාව ඉවත් කිරීම, තර්ජන හේතුවෙන් ප්‍රාදේශීය සභා රැස්වීම් දෙකකටම සහභාගි වීමට නොහැකි වීම සහ බොදු බල සේනා සංවිධානයෙන් දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් එහිමියන් දැඩි මානසික පීඩනයකට මුහුණ දෙමින් සිටින බව නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එහිමියන්ගේ සමීප දායකයෙක් සංදේශයට කියා සිටියේය. එමෙන්ම තමන් වෙනුවෙන් පෙනී සිටීම පිණිස නීතිවේදීන්ට ගෙවීම පිණිස පවා එහිමියන් අත කිසිදු මුදලක් නැති බවත් එම දායකයා පැවසීය. විශේෂයෙන්ම අත් අඩංගුවේ දී මියයන සැකකරුවන් සහ 'ආයුධ පෙන්වා දීමට ගොස් වෙඩි ප්‍රහාරවලට ලක්වන' සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වරින් වර කරන ප්‍රකාශ හමුවේ එහිමියන් තමන් විසින්ම තුවාල සිදු කර ගත් බවට කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික බල සේනා සංවිධානයේ නායක, මහියංගනය ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බදාදා දහවල් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'වළලු සහිත ග්‍රහයා' ලෙස විරුදාවලි ලද සෙනසුරු වටා කක්ෂගත වූ තවත් චන්ද්‍රයන් විස්සක් සොයා ගැනීමට ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී ඇති අතර ඒ අනුව සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් බවට පත්ව තිබේ. මීට පෙර වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහයා ලෙස සැලකුණු බ්‍රහස්පති ග්‍රහයා සතු චන්ද්‍රයන් සංඛ්‍යාව 79කි. මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි හි පිහිටි මෞන කියාහි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි. එම අලුතින් සොයා ගැනුණු චන්ද්‍රයින්ගේ විශ්කම්භය කිලෝමීටර් 5ක් පමණ (සැතපුම් 3) වේ. ඉන් 17ක් සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවෙන් පසුපසට ගමන් කරයි. එය පසුගාමී දිශාව (retrograde direction) ලෙස හදුන්වයි. සෙසු චන්ද්‍රයින් තුන සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවට ගමන් කරයි. ඉදිරිගාමී චන්ද්‍රයින් තුනෙන් දෙකක් සෙනසුරු ග්‍රහයා වටා භ්‍රමණය වීමට ගත වන කාලය වසර දෙකකි. වඩා දුරින් පිහිටි පසුගාමී බොහෝ චන්ද්‍රයින්ට සේම ඉදිරිගාමී එක චන්ද්රයෙකුට සෙනසුරු වටා එක් වටයක් භ්‍රමණය වීමට වසර තුනකට අධික කාලයක් ගත වේ. "මෙම චන්ද්‍රයින්ගේ කක්ෂ අධ්‍යයනය කිරීමෙන් ඒවායේ මූලාරම්භය වගේ ම සෙනසුරු බිහි වන අවස්ථාවේ අවට පැවති තත්ත්වයන් පිළිබඳ තොරතුරුත් හෙළි කර ගන්න පුළුවන්," මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ ඇමෙරිකාවේ වොෂිංටන්හි අගනුවර පිහිටි කානගී විද්‍යායතනයේ ආචාර්ය ස්කොට් ෂෙපර්ඩ් පැවසීය. ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, 1990 දශකය අගභාගයේ සිට වැඩි ම චන්ද්‍රයින් අයත් ග්‍රහයා ලෙස බ්‍රහස්පති ග්‍රහයා සැලකුණු බවය. සෙනසුරුට ඈතින් පිහිටි චන්ද්‍රයන් එම ග්‍රහ ලෝකය වටා කක්ෂගත වී ඇලය හා කෝණය මත පදනම්ව එකිනෙකට වෙනස් පොකුරු තුනකට බෙදී ඇති බව දක්නට ලැබේ. විද්‍යාඥයින් අනුමාන කරනුයේ, මෙම පසුගාමී සහ ඉදිරිගාමී චන්ද්‍රයන් අවම වශයෙන් විශාල වස්තූන් තුනක කැඩී බිඳී ගිය අවශේෂය බවය. මෙම විශාල වස්තූ එකිනෙකට වෙනස් චන්ද්‍රයන් අතර හෝ ඇදී යන ග්‍රහක සමග ගැටී කැබලිවලට බෙදී යන්නට ඇතැයි විශ්වාස කෙරේ. අලුතින් සොයා ගැනුණු පසුගාමී චන්ද්‍රයන් අතරින් එකක් සෙනසුරු ග්‍රහයාට වඩාත් ම ඈතින් පිහිටි චන්ද්‍රයා වේ. මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි මෞන කියා හි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි. "මෙම චන්ද්‍රයන් තරමක ඇලයකින් යුතු කක්ෂයක පිහිටා ඇති අතර ඒවා තිබෙන්නේ සෙනසුරුට ගොඩක් ඈතින්, ඒ නිසා ඒවා සෙනසුරු ග්‍රහයා සමග බිහිවූවා යැයි අප හිතන්නේ නැහැ. අපි හිතන්නේ ඒවා අතීතයේදී සෙනසුරු ග්‍රහයා සිය ගුරුත්ව බලයෙන් ග්‍රහණයට ගත් ඒවා කියලයි," ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසීය. සෞරග්‍රහ මණ්ඩලයේ යෞවන සමයේ සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පැවති කාලයේ වළාවක් හෝ දූවිලි සහ වායු 'තැටියක' ආකාරයෙන් සෙනසුරු ග්‍රහයා වටා පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ මගින් සෙනසුරු ග්‍රහයා පසු කර යන වස්තූන්ගේ ශක්තිය විසිරුවා හරින්නට ඇත. එවැනි බොහෝ වස්තූ පසු කලෙක සෙනසුරු ග්‍රහයා වටා සර්පිලාකාරව කක්ෂගත වී පසුව එම ග්‍රහයාගේ කොටසක් බවට පත් වී තිබේ. තවදුරටත් කියවන්න.
වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය බවට පත්ව සිටි බ්‍රහස්පති ග්‍රහයා අභිබවා යාමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇතැයි ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් රටින් පිට වීම සඳහා හිටපු අගමැතිනිය හමුදා පාලනයෙන් අවසර ලබා ගත යුතු අතර දේශපාලන කටයුතු වල නිරත නොවන මෙන් නියෝග කර ඇති බවයි, තායිලන්ත හමුදා පාලන මණ්ඩලයේ ආරංචි මාර්ග බීබීසී යට ප්‍රකාශ කළේ. තායිලන්ත හමුදාව රටේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග අනෙකුත් ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇතුළු ශාස්ත්‍රඥයන් සහ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ පුද්ගලයන් රැඳවුම් භාරයට ගනු ලැබිණ. හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් අගනුවර උද්ඝෝෂණයේ මේ අතර හමුදා පාලනයට විරෝධය පළ කරන කුඩා කණ්ඩායම් තෙවන දිනයෙත් බැංකොක් අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටිති. උද්ඝෝෂණ හේතුවෙන් පහරදීම් හා අත් අඩංගුවට ගැනීම් වාර්තා වූ නමුත් ආරක්ෂක අංශ සමග දරුණු මට්ටමේ ගැටුම් ඇති වී නොමැති බවයි, බීබීසී වාර්තාකරු පවසන්නේ.
දින දෙකක් හමුදා භාරයේ සිටි රඳවා සිටි තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් සිනවත් රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති බව වාර්තාවේ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එසේම උතුරු හා නැගෙනහිර පළාත් සභා එකාබද්ධ කිරීමේ ප්‍රවනතාවක් එමගින් උද්ගතවනු ඇතැයිද විමල් වීරවංස අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් තවදුරත් ප්‍රකාශ කළේය. උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එදා එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි දෙමල ජාතික සන්ධානය බොහෝ දුරට ජය ගැනීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පැවසුවේය. දහ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඉඩම් හා පොලිස් බලතල යලි සංශෝධනය කොට එම බලතල ලඝු කළ යුතු බව පැවසූ විමල් වීරවංස අමාත්‍යවරයා අඩු වශයෙන් එවැනි පියවරකින් හෝ තොරව උතුර පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව අවධාරණය කළේය.
උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඊලාම් සැලස්මේ දෙවැනි ආරම්භය බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි දෝෂාභියෝගය එරෙහි නීතිවේදීහු ඉල්ලා සිටිති දෝෂාභියෝග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා තුරු "දුෂ්ට ක්‍රියාවලියට" එරෙහි සටන පෙරට ගෙන යා යුතු බවයි, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්ව සිටියවුන් අමතමින් කියා සිටියේ. දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීම සඳහා අග්‍ර විනිශ්චයකාරවරිය පිටත්ව ගිය අවස්ථාවේ උපරිමාධිකරණ සංකීරණයට රැස්ව සිටි සිය ගණනක් නීතිවේදීහු එයට එරෙහිව විරෝධාතාවයක යෙදී සිටියහ. අගවිනිසුරුවරියට "ජයවේවා," යි ප්‍රීති ඝෝෂා නැගූ ඔවුහු, "දෝෂාභියෝගය භංගවේවා," යි ද ඝෝෂා කළහ. 'දුෂ්ට ක්‍රියාවලියක්' 'පූර්ව නිගමනයකට එළඹිලා' "මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා" ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී අදහස් දැක්වූ ප්‍රජාතත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ දෝෂාභියෝගයේ එකම අරමුණ අධිකරණය විසින් රජයට එරෙහිව ලබා දෙන තීන්දුවලට "පාඩමක් ඉගැන්වීම" සඳහා බවයි. "මේක පලි ගැනීමේ දුෂ්ට ක්‍රියාවලියක්," ඔහු පැවසීය. දෝෂාභියෝග යෝජනාව විභාගයට නොගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නිර්දේශයද නොතකා හරිමින් පාර්ලිමේන්තු තේරීම් කමිටුව අග විනිසුරුවරිය පාර්ලිමේන්තුවට කැඳවීම ෆ්‍රී මාච් නීතිවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ගුණරත්න වන්නිනායක කියා සිටියේය. මේ අතර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමස්ත ක්‍රියාදාමය විග්‍රහ කළේ ආණ්ඩුව විසින් අග විනිසුරුවරිය සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹි, එය සාධාරණීකරණය කිරීම සඳහා ක්‍රියාවට නගන්නක් ලෙසින්. සිකුරාදා රැස්වූ තේරීම් කාරක සභාව අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් මූලික කරුණු විමසීමක් කොට ඉන් අනතුරුව විභාගය දෙසැම්බර් 04 වැනි දින දක්වා කල් තබා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය. "මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා," ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි බීබීසී අඩවි මෙය සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවියක් නොවිය හැකිය
අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි අධිකරණය රැකීමේ එකමුතුව ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ආණ්ඩුවේ කටයුතු ගැන 'සංවාදයකට ඉඩ දෙන්න' අගමැති මෝදිගේ පරිපාලනය අමාත්‍යවරුන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට බාධා කරන බවයි, ඉන්දියාවේ කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී ඉහල මට්ටමේ බලධාරීන්ගේ හඬට පමණක් අවස්ථාව සලසන බව කර්තෘ සංසදයේ තවත් චෝදනාවක්. මීට වඩා විවෘතභාවයකින් කටයුතු කරමින්, ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් රට තුල විවාදයකට සහ සංවාදයකට ඉඩ සැලසිය යුතු යයි කර්තෘවරු ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ජනමාධ්‍යවලට තොරතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අහුරා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් කටයුතු කරන බව ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත කිහිපයක කර්තෘවරු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට චෝදනා කරති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඉදිරියේදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී' 'තමන් සතු ඉඩම් හදිසියේ විකුණන්න එපා. එම ඉඩම් තබා ගන්න තව වසරකින් හෝ දෙකකදී ගැණුම්කරුවන් මීට වඩා හොඳ මිලකට එම ඉඩම් ඉල්ලා සිටිවී. තමන්ගේ ගොඩනැගිල්ල හෝ ඉඩම දියුණු කරන අතරම එම වාසිය ලබා ගැනීමට උත්සාහ කරන්න.' අගමැතිවරයා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ මරදාන සුදුවැල්ලේ සංවිධානය කොට තිබූ බක්මහ උළෙලක් අමතමිනුයි. ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රධාන නගරය බිහි කිරීමේ ඉදිරි සැලසුම යටතේ කොළඹ නගරය සහ බස්නාහිර පළාත මූල්‍ය සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වනු ඇති බවයි අගමැතිවරයා පවසන්නේ. විදෙස් ආයෝජන 'අද විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කිරීම ආයෝජකයන්ට විශාල ශක්තියක් බව කිව යුතුයි. දැන් විදේශ ආයෝජකයින් එනවා. දැන් පක්‍ෂ අතර කඹ ඇදිල්ලක් නැහැ.' ප්‍රතිපත්ති මත පිහිටා ඉදිරි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇති බවට සහතිකයක් ලබා දී ඇති බවත් ඔහු පැවසීය. 'දේශීය හා විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ මේ රටේ ජනවාර්ගික හා ආගමික ප්‍රශ්න විසඳා ගනිමින් සාමය ස්ථාපිත කළ විට, රට තුළ සාමය පවතින අවස්ථාවලදී පමණයි' මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනතාව අතර හොඳින් මුදල් ගැවසුණු බවත් රටේ ආර්ථික දියුණුවක් සිදුව ඇති බව එයින් පෙන්නුම් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ නගරයට අයත් ඉඩම් සහ දේපළ හදිසියේ විකිණීමෙන් වැළකී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගනුවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා සැමරුම් උළෙලක් මැයි 18 වෙනිදා වව්නියාව පුරහලේ සංවිධානය කළ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට රහස් පොලිසියට පැමිණෙන ලෙස ලිඛිත නියෝගයක් දීමෙන් මේ බව පැහැදිලි වන බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසන්නේ. " එල් එල් ආර් සී වාර්තාවේ නිර්දේශයක් තියෙනවා මැරිච්ච අය මතක් කරන්න, සමරන්න අවස්ථාවක් දිය යුතුයි කියලා, ඒත් ආණ්ඩුව ඒ සඳහා ඉඩ දීල නැහැ, දැන් සැමරීම සංවිධානය කළ මන්ත්‍රී වරයාට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීලා" සැමරුම් උළෙලට සහභාගී වූ ඔහු බී බී සී සංදේශයේ දිනසේන රතුගමගේට කියා සිටියේය. 2011 නොවැම්බරයේ නිමා කැරුණු උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක් වන්නේ යුද්ධයේ මියගිය අය සැමරීමේ අවස්ථාව රජය විසින් සලසා දිය යුතු බව. යුද්ධයෙන් පීඩාවට පත් සියලු දෙනා වෙත සහෝදරත්වය හා සහනුකම්පාව පළ කරනු වස් ජාතික දිනයක් වෙන් කළ යුතු බවද එහි ප්‍රකාශයට පත් කර තිබේ. එසේ තිබියදී උතුරේ මළවුන් සිහිපත් කරන්නන් දඬුවමට යටත් කිරීමට තම විරෝධය පළ කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායකයා දේශපාලන නායකයන් එකතු වී හෝ මළවුන් සිහිපත් කිරීමේ අයිතිය ජනතාවට ලබාදෙන බවයි පවසන්නේ. මේ අතර මැයි 18 වනදා මන්නාරමේ පැවති මළවුන් සිහිපත් කිරීමේ උළෙලකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගත පුද්ගලයන් පහළොස් දෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. මේ සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ගෙන් විමසු බී බී සී සංදේශයේ දිනසේන රතුගමගේට වැඩි දුර කරුණු පැවසීම ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා රහස් පොලිසිය කළ දැනුම්දීම සම්බන්ධයෙන් තමා බියපත්වී සිටින බවයි ප්‍රකාශ කර ඇත්තේ.
ජනාධිපති කොමිසන් වාර්තාවකින් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කොට ඇති බව විපක්ෂයේ නායකයකු ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
මදියවන්නන් මේ වසර මුලදී ඉහල ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ නිලවරණයෙන් ඉවත් වීමට සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ඉවත් වීමට තීරණය කළ බවයි කේ මදියවන්නන් සංදේශයට කියා සිටියේ. ඔහුගේ ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් නිශාන්ත රණතුංග කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් නිතරඟයෙන් පත් වීමට නියමිතයි. වසර දොළහක් කේ මදියවන්නන් වසර දොළහක් තිස්සේ කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, මේ වසර මුලදී ඉහල ම ඡන්ද සංඛ්‍යාවක් ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස තේරී පත් විය. කොල්ට්ස් ක්‍රීඩා සමාජය අද පවතින තත්වයට ගෙන ඒම සඳහා සිය පෞද්ගලික ධනය පවා වැය කරමින් කටයුතු කර තිබිය දී ඉන් ඉවත් වීමට සිදුවීම ඉතා කණගාටුදායක බවයි කේ මදියවන්නන් සංදේශයට කියා සිටියේ. මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජයන්ත ධර්මදාස කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ කිසිදු මාෆියාවක් නොමැති අතර මදියවන්නන් සිය පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස් වූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරමින් එහි උප සභාපති කේ මදියවන්නන් ධුරයෙන් ඉල්ලා අස් වෙයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
විසි හතර හැවිරිදි එම තරුණිය පසුගිය ජූලි විසි හය වැනි දින සිය දිවි නසාගත් බව ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඇයගේ මලසිරුර ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉන් සති පහකට පසුවයි. සිය දිවි නසා ගැනීමට සිය දියණියට කිසිදු හේතුවක් නොතිබුණු බව පවසන යෝගේෂ්වරන් ශාන්තිගේ පියා, සීනිතම්බි යෝගේෂ්වරන්, මරණය සක සහිත බව පවසමින් පොලිසියට පැමිණිලි කළ බව බීබීසී සංදේශයට කියා සිටියේය. මලසිරුරේ තුවාල තරුණියගේ සිරුරේ තුවාල තිබූ බව මෘත දේහය විවෘත කළ අවස්ථාවේ දක්නට ලැබුණු බවයි, ගමේ සමාජ සේවිකාවක වන ඉන්දුමතී කරුණානිධි පවසන්නේ. "හපා කාපු තුවාල තිබුණා. නියපොතුවලින් සීරුණු තුවාල තිබුණා. බෙල්ල හරියේ තද කළා වගේ සලකුණු තිබුණා," යනුවෙන් ඇය එම තුවාල සංදේශයට විස්තර කළේය. "ලිංගේන්ද්‍රියේත් විස්තර කරන්න බැරි විදියේ තුවාල තිබුණා." තරුණියගේ මරණය සැක සහිත බව ඥාතීන් පවසන්නේ නම්, අදාළ පරීක්ෂණ සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
සවුදි අරාබියේදී වස බී සිය දිවි නසාගත් බව පවසන මඩකලපුවේ, ඕමදියාමඩු ප්‍රදේශයේ වාසය කළ යෝගේෂ්වරන් ශාන්ති ගෘහ සේවිකාවගේ මරණය සැක සහිත බව ඇයගේ ඥාතීහු පවසති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් කොම්පඤඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලද බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලයට අනුබද්ධ නිවුස් ෆර්ස්ට් නාලිකාවේ ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල් බීබීසී සංදේශයට පැවසීය. විශේෂයෙන්ම නිවුස් ෆර්ස්ට් නාලිකාව විසින් පසුගිය සතියේ විකාශය කරන ලද මොරටුවේදී අතුරුදහන් වූ පුද්ගලයෙකු පිලිබඳ ගවේශණාත්මක වාර්තාවට සම්බන්ධ වාර්තාකරු සහ සංස්කාරකවරයාගේ නමින්ම සඳහන් කොට ඔවුන් දෙදෙනා පිළිබඳව තොරතුරු සොයමින් සිටින බවට තොරතුරු ලැබුණු බව ද ඔහු පවසයි. මීට පෙරාතුව මෙවැනි ආකාරයේ තර්ජන එල්ල වූ සාම අවස්ථාවකම සිරස/එම්ටීවී මාධ්‍ය ජාලයට ප්‍රහාර එල්ල වූ බව සංදේශයට කියා සිටි ෂෙවාන් ඩැනියෙල්, එවැනි වාතාවරණයක් යටතේ මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව සංදේශයට කියා සිටි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන, අදාළ මාධ්‍යවේදීන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ නම් එම ආරක්ෂාව ලබාදීමට පොලීසිය පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කළේය.
කිසියම් පිරිසක් විසින් සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ඇතැම් දේවගැතිවරුන් විසින් සිදුකරන ලද ලිංගික අපචාර නිසා කතෝලික සභාව දුෂ්කර තත්වයකට පත්ව ඇති කාල වකවානුවකයි, පාප්වහන්සේට පදවිය භාර ගැනීමට සිදු වුනේ පාප් පදවියට පත්වීමෙන් පසු උන්වහන්සේ ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි. සිය ප්‍රධාන දේවධර්මාචාර්ය වරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළකළ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ, ඉහත කී ආකාරයේ ඕනෑම අපරාධයක් කරන්නවුන් විසින් ඔවුන්ගේ ක්‍රියාවන්හි වගකීම භාරගත යුතුව ඇති බව සඳහන් කළහ. ආගමික සභාව කෙරෙහි ඇති විශ්වාසය පවත්වා ගැනීම අතින් එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලැබීම ඉතාම වැදගත් බවයි, පාප්වහන්සේ සඳහන් කරන්නේ. ඇතැම් දේවගැතිවරුන් විසින් සිදුකරන ලද ලිංගික අපචාර රාශියක් නිසා කතෝලික සභාව දුෂ්කර තත්වයකට පත්ව ඇති කාල වකවානුවකයි, පළමු ප්‍රැන්සිස් පාප්වහන්සේට පදවිය භාර ගැනීමට සිදු වුනේ.
ළමා ලිංගික අපචාර පිටු දැකීම සඳහා අධිෂ්ටාන සහගත වන මෙන් පළමු ප්‍රැන්සිස් පාප්වහන්සේ රෝමානු කතෝලික සභාවෙන් ඉල්ලා සිටියහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
අනතුරු ඇඟවීමකින් පසුව ආරක්‍ෂිත ස්ථානයක් සැඟවෙන්නේ කෙසේද යන්න ජපානවාසීන්ට දැන් සුපුරුදු අත්දැකීමකි ජපානයේ වේලාවෙන් සෙනසුරාදා අලුයම 01:25 ට (ග්‍රිනිච් වේලාවෙන් 16:25 ට) රික්ටර් මාපකයෙන් 7.1 ක භූමිකම්පාවක් හටගත් අතර, ඉන්පසුව පසු කම්පන කිහිපයක්ද ඇතිවිය. ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු නමුත් පසුව එය ඉවත් කෙරිණ. ජපානයේ නිරන්තරයෙන් භූමිකම්පා හටගන්නා නමුත් ගොඩනැගිලි ඉදිකිරීමේදී අනුගමනය කරන දැඩි ආරක්‍ෂිත ක්‍රියාදාමය හේතුවෙන් එම භූමිකම්පාවලින් බොහෝවිට කිසිවෙකුටත් අනතුරක් සිදු නොවේ. බ්‍රහස්පතින්දා හටගත් රික්ටර් මාපකයෙන් 6.2 ක් සටහන් වූ භූමිකම්පාව මගින් ඇතැම් ප්‍රදේශවල 2011 දී හටගත් බරපතල භූමිකම්පාව තරම් කම්පනයක් ඇති වූ බවයි, බලධාරීන් පවසන්නේ. 2011 භූමිකම්පාවෙන් අනතුරුව සුනාමියක් හටගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයද අනතුරට ලක්විය. බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් දහසකට අධික පිරිසකට තුවාල සිදුවිය. එමෙන්ම 40,000 කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර පලා ගිය අතර, භූමිකම්පාවේ මධ්‍ය ලක්ෂ්‍යය ආසන්නයේ වෙසෙන බොහෝ දෙනා සිය නිවෙස්වලින් බැහැරව රාත්‍රිය ගතකළහ.
ජපානයේ කුමමොතෝ නගරයේ බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් නමදෙනකු මියයාමෙන් අනතුරුව, සිකුරාදා රාත්‍රියේ තවත් බලගතු භූමිකම්පාවක් හටගත්තේය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එහෙත් ලොව පුරා විවිධ රටවල් දරුවන්ට සම්පූර්ණයෙන්ම ඒ අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන්නේ ද? යන්න ගැටලුවකි. විශේෂයෙන්ම දරු, දැරියන් ලිංගික අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට සහ ශ්‍රම සූරාකෑමට ගොදුරුවීම පමණක් නොව අධ්‍යාපනය ඇතුළු බොහෝ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කරනු ලැබීම ද ශ්‍රී ලංකාවේත්, ලොව පුරා වෙනත් රටවලිනුත් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්/වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය (sex education) ද ඒ 'අවම ජීවන තත්වය' සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අනුව දරුවන්ගේ වයසට සරිලන ආකාරයට ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ Relationship and Sex Education - RSE ලෙසිනි. ඇතැම් රටවල ලිංගික අධ්‍යාපනය ඇරඹෙන්නේ දරුවන් ඉතා බාල වියේදීය. කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් පාඨමාලාවක් නොවේ. ඇතැමුන් එහි අවශ්‍යතාව අවධාරණය කරන අතර, එමගින් දරුවන්ගේ "මනස දූෂණය වන" බව පවසමින් තවත් සමහරු එයට දැඩි විරෝධය පළ කරති. ලිංගික අධ්‍යාපනය ඒ පිළිබඳව පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, දිනෙන් දින ඉහළ යන බව පෙනී යන ළමා අපචාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරන අතරම, සිය අයිතිවාසිකම් ගැන දරුවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. "පොඩි දරුවන්ට ක්‍රමයෙන් ලිංගික අධ්‍යාපනය ලබාදීල, ඔවුන්ගේ අයිතිවාසිකම් මොකක්ද, ඔවුන්ට නුසුදුසු දේවල් මොකක්ද, ඔවුන් සම්බන්ධයෙන් වෙන පුද්ගලයකු කරන්න හදන නුසුදුසු කම් කොහොමද තේරුම් ගන්නේ කියන අවබෝධය ලබාදීමේ වැදගත්කම තියෙනව," යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ඒ පිළිබඳව අදහස් සහ ප්‍රතිචාර පළ වී තිබුණි. 'මනස විකෘති කරනවා' ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනියන් වන ආචාර්ය චාරිකා මාරසිංහ සහ වෛද්‍ය තුෂ් වික්‍රමනායක යන දෙදෙනාම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දරන අදහස අදහස අනුමත කරති. බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු උප සභාපතිනියක වන ආචාර්ය චාරිකා මාරසිංහ කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් දරුවන්ට එල්ල කරන හිංසනයන්ගෙන් ආරක්ෂාවීම පිණිස යම් කිසි ලෙසකින් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවක් පවතින" බවය. සිය දියණිය මුහුණ දුන් ශාරීරික දඩුවමකට එරෙහිව "සාධාරණයක් ඉටු නොවීම" හේතුවෙන් 'Stop Child Cruelty' සංවිධානය නිර්මාණය කළ වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, තමන්ගේ සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය හඳුනාගැනීම පිණිස බාල වියේ සිටම, දරුවන්ගේ වයසට ගැලපෙන ආකාරයට, ලිංගික අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව කියා සිටියාය. "ඒ කියන්නේ කොහොමද ලිංගිකත්වය වර්ධනය වෙන්නේ, ඒ වගේම ලිංගික ඕනෑ එපා කම් හඳුනාගැනීම සඳහා මේක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම අවබෝධයක් ලැබුණම දරුවට හඳුනගන්න පුළුවන් සාමාන්‍ය දේ මොකක්ද, අසාමාන්‍ය දේ මොකක්ද කියල." ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් දරුවන්ට උපදෙස් මේ අතර දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම පිණිස පසුගිය ආණ්ඩුව සමයේ සකස් කරන ලද 'හතේ අපේ පොත' ග්‍රන්ථයට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් එම ග්‍රන්ථය විග්‍රහ කළේ දරුවන්ගේ මනස විකෘති කිරීමේ උත්සහයක් වශයෙනි. අභයතිස්ස හිමියන් දැක්වූ විරෝධය හමුවේ එම ග්‍රන්ථය තාවකාලිකව පාසල්වලින් ඉවත්කරනු ලැබ තිබේ. ළමා මනෝ විද්‍යාඥයන් 'අත්‍යවශ්‍යයි' කෙසේ වුවත්, දරුවකු උපත ලැබූ මොහොතේ පටන් වයස අවුරුදු 25 දක්වා සංජානන වර්ධනයක් (coginitive development) සිදුවන බැවින් එය ඉතා ප්‍රවේසම් සහගතව කළ යුතු කාර්යයක් බව ආචාර්ය මාරසිංහ අවධාරණය කරන්නීය. විශේෂයෙන්ම දරුවන්ගේ ළමා කාලයේ සුන්දරත්වය විනාශ නොකරමින්, ඔවුන් දැනුවත් කිරීම පිණිස ඒ සඳහා ළමා මනෝ විද්‍යාඥවරුන්ගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඇය පෙන්වා දෙන්නීය. "මේක වෙන කිසිම ක්ෂේත්‍රයකට අයිති දෙයක් නොවෙයි. මේක දරුවාගේ වයසට සහ පරිණත භාවයට සරිලන විදියේ දෙයක් විය යුතුයි. ඒක කරන්න පුළුවන් ළමා මනෝ විද්‍යාඥයන්ට විතරයි." වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදිනී ආචාර්ය චාරිකා මාරසිංහ, "මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුය කියලා," යනුවෙන් ද කියා සිටියාය. "ඒ කියන්නේ එය සිදුවිය යුත්තේ දරුවාගේ වර්ධන අවධිවලට ගැලපෙන විදියට, කායික චිත්ත වේගාත්මක සහ වර්ධනයට ගැලපෙන විදියට." 'පූජක පක්ෂයේ අපයෝජකයෝ' ළමා වර්ධනයේ මෙන්ම ඔවුන්ගේ ලිංගික වර්ධනයේ විශේෂ අවධි (milestone) පවතින බව පෙන්වා දෙන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, එබැවින් ළමා වියේ දී දරුවන් තුළ මතුවන සාමාන්‍ය කුතුහලය යටපත් නොකොට, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබාදීමේ වැදගත්කම ඇය අවධාරණය කරයි. "බොහෝවිට ඒ කුතුහලය, හංගගෙන මර්ධනය කරගෙන ඉන්න සිදුවීම නිසා තමා - බොහෝ දෙනා අපයෝජකයන් බවට පත්වෙන්නේ. විශේෂයෙන්ම පූජක පක්ෂය අතින්, ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා." එබැවින් එකිනෙකාගේ පෞද්ගලික මත සහ "ව්‍යාකූල වූ ආගමික මත" සමඟ ප්‍රායෝගික තලයේ දී දරුවා ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙමින් පවතින බව පවසන වෛද්‍ය තුෂ් වික්‍රමනායක, මේ තත්වයට මුහුණදීම පිණිස නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන්නීය. ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි කියා සිටියේය. වින්දිතයා අපයෝජකයකු වීම විශේෂයෙන්ම අපයෝජකයන් බවට පත්වන බොහෝ වැඩිහිටියන් බාල වියේ දී අපයෝජනවලට ලක්වූවන් බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. එබැවින් අපයෝජනයට ලක් වූ දරුවා වැඩිහිටි වියට එළඹීමට ප්‍රථම නිසි මානසික ප්‍රතිකාර ලබා පුනරුත්ථාපනය නොකළොත් ඔහු හෝ ඇය අනාගතයේදී අපයෝජකයකු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව පවසන ආචාර්ය චාරිකා මාරසිංහ, "ඒ නිසා පුනරුත්ථාපනය කියන එක ඉතා වැදගත්," යනුවෙන් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. එහිදී සිය ශරීරය, සිය අයිතිවාසිකම්, තමන් ඇසුරු කරන පුද්ගලයන් ආදීන් සම්බන්ධයෙන් ඔවුන් බලගැන්වීමේ අවශ්‍යතාව (empower) ඇය අවධාරණය කරන්නීය. "ඔයාට මගේ ඇඟ ගැන අයිතියක් නෑ, මට ඔයාගේ 'body' එක ගැන අයිතියක් නෑ කියල දරුවාට කියල දෙන්න ඕනේ. මොකද අපයෝජකයෙක් ඉස්සෙල්ලම කරන්නේ දරුවාගේ විශ්වාසය දිනා ගැනීම. ඒ නිසා දරුවා බලගැන්වීම (empower කිරීම) ඉතාම වැදගත්." "මම තරයේ විශ්වාස කරනවා, ලිංගික අධ්‍යාපනය කියන්නේ දරුවාගේ මනස විකෘති කරන, දරුවාගේ මනස අවුල් කරන අධ්‍යාපනයක් නොවිය යුතුයි කියලා" - ආචාර්ය චාරිකා මාරසිංහ "ලංකාවේ පමණක් නොවෙයි, ලොව පුරාම පූජක පක්ෂය අතින් දරුවන් අපයෝජනයට ලක්වීම බහුලව අහන්න ලැබෙන්නේ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සඟවාගෙන ඉන්න බලකිරීම නිසා" -වෛද්‍ය තුෂ් වික්‍රමනායක ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන් අපයෝජනයට ලක්වන්නේ නොහඳුනන පුද්ගලයින් අතින් නොව, තමන්ට ඉතා සමීපම පුද්ගලයන් අතින් බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ද පෙන්වා දී තිබිණ. එබැවින් වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසන්නේ, දරුවන් ආරක්ෂා කිරීම පිණිස නව නීති සම්පාදනය කරන අතරම, දරුවාගේත්, නිවසේත්, සමාජයේත් ආකල්පමය වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බවය. "මුලින්ම ඒක වෙන්න ඕනේ නිවස තුළින්. දරුවාගේ ඒ වෙනස කරන්න පුළුවන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීල. පෙර පාසලේ දරුවන්ගේ ඉඳල තමන්ගේ ශරීරයේ අල්ලන්න පුළුවන් තැන්, එපා තැන් කියා දෙන්න ඕන," යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "උදාහරණයක් විදියට දරුවන් බලහත්කාරයෙන් නෑයෙකුගේ උකුලට යවන්න එපා. දරුවා යන්න කැමති නැත්නම් බලහත්කාරයෙන් යන්න කියන එකෙන් අපි වැළකෙන්න ඕන. 'ඇති, බෑ, නෑ, එපා' කියන වචන පෙර පාසලේ දරුවන්ට කියා දෙන්න ඕන." "කෙනෙක් තමන් අකමැති දෙයක් කරනවා නම් ඒක කරන්න එපා කියන්න දරුවාට කියා දෙන්න ඕන." ආචාර්ය චාරිකා මාරසිංහ පවසන පරිදි, එහි අදහස ශ්‍රී ලංකාවේ පාරම්පරික සංස්කෘතිය බැහැර කොට බාහිර සංස්කෘතියක් වැළඳ ගත යුතුය යන්න නොවේ. "ලෝකෙ හැම සංස්කෘතියකම තියෙනව දරුවන්ට සාධනීය සහ හානිකර දේවල්. ඒ නිසා අපි කළ යුත්තේ ඒ සංස්කෘතියේ සාධනීය දේවල් එකතු කරගෙන දරුවට හානිකර නොවන ආකාරයට පණිවුඩයක් දීම. දරුවාගේ පූර්ණ පෞරුෂ වර්ධනයක් ඇතිකරන්න නම් අපට සම්පූර්ණයෙන්ම අපේ සංස්කෘතිය බැහැර කරන්න බෑ," යනුවෙන් ආචාර්ය චාරිකා මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය. කියවන්න:
"කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්ත වේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමි බව රාජ්‍ය පිළිගනි ති ." - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය , 27/1 වගන්තිය.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
බංග්ලාදේශ් මහ මැතිවරණ සමයේයි තරඟාවලිය ආරම්භ කෙරුණේ. බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම චිතගොං නගරයේ රැඳී සිටින හෝටලය අසල පසුගිය සෙනසුරාදා බෝම්බ පිපිරීමක් වාර්තා වුණි. බටහිර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සිය ක්‍රීඩකයන් තරඟාවලියෙන් ඉවත් කර ගැනීමේ තීන්දුව ගෙන තිබෙන්නේ, එම බෝම්බ පිපිරීමෙන් අනතුරුවයි. මහ මැතිවරණය බංග්ලාදේශයේ මී ළඟ මහ මැතිවරණය ලබන ජනවාරි මස පස් වෙනිදා පැවැත්වීමට නියමිතයි. එම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා රැල්ලක් පැතිර යමින් පවතී. එම ප්‍රචණ්ඩ ගැටුම්වලින් මේ වන විට හැත්තෑවකට අධික මහජන ජීවිත විනාශයක් සිදුව ඇත.
බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු දහ නවයට අඩු ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියෙන් තම කණ්ඩායම ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, ඉවත් කර ගන්නා බව බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
'ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ' ඉකුත් අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉඩම් අක්කර දහස් ගණනක් පවරා ගැනීමට පියවර ගන්නා බවයි. ඉඩම් වෙන්කිරීම සඳහා රජය නුවරඑලියට මේ වනවිටත් නිලධාරීන් එවා ඇතැයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළ හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය වී පුත්‍රසිගාමනි, වතුකරයේ ජනතාවට ඒ ඉඩම් වලින් ඉදිරියේදී ප්‍රතිපලයක් අත්වේදැයි සොයා තොරතුරු හෙළි කිරීමේ වගකීම වතුකරයෙන් තේරී පත්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වගකීමක් බව කියා සිටියේය. බඹරගල වත්ත උදාහරණයක් ලෙසින් නුවරඑළියේ බඹරගල වත්තේ අක්කර එකසිය හැට තුනක් පමණ ලබන සතියේ ආණ්ඩුව විසින් බෙදා වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සැලවී ඇති බවයි, ඔහු පවසන්නේ. "එතන පවුල් දෙසිය විසි එකක් පමණ සිටිනවා, ලයින් කාමර තියනවා අනූ හතරක් විතර අනිත් ඒවා ඔක්කොම කූඩාරම් ගහගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සු එතන රැකියාවත් කරනවා," බව හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පවසයි. "ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ," බවයි, ඔහු පවසන්නේ. තමාගේ ප්‍රයත්නය ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු හෝ ඉඩම් බෙදා දීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට දැරෙන උත්සාහයක් නොවන බව පවසන වී පුත්‍රසිගාමනි, එය හුදෙක් එම වැඩපිළිවෙල නිසා දුෂ්කරතාවලට මුහුණදෙන ජනතාව මතුකරන ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමේ උත්සාහයක් පමණක් බව අවධාරණය කරයි.
වතුකරයේ වගා නොකැරෙන ඉඩම් පවරාගැනීමෙන් අනතුරුව ඒවා බෙදා හැරෙන ආකාරය පිලිබඳව රජය කරුණු පැහැදිලි කොට නැතැයි වතුකරයේ වෘත්තීය සමිතියක් පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා දෝනි ලොව පුරා වෙසෙන ක්‍රිකට් ලෝලීන් 188,000 කට ආසන්න පිරිසක් ජනප්‍රියම ක්‍රීඩකයා ත්රීමේ තරඟයට සහභාගි වූ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. 2010 දී එම සම්මානය මුලින්ම නිවේදනය කළ අවස්ථාවේ, වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් තේරී පත් වූයේ සචින් තෙන්ඩුල්කාර්. ඉන් අනතුරුව 2011 දී සහ 2012 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මේ අතර, අයිසීසීය විසින් ප්‍රකාශයට පත් කළ වසරේ දක්ෂතම එක් දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනකු තෝරා ගෙන තිබේ. තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග, මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් එක් දින කණ්ඩායමේ සාමාජිකයන් වන නමුත් වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු තෝරා ගෙන නැත.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දයෙන් තේරී පත් වී සිටී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
එම බේජි තෙල් පිරිපහදුව තම පාලනය යටතේ පවතින බව රජය පැවසුවත් ලැබෙන වාර්තාවලට අනුව එය ISIS සටන්කාමීන් විසින් වට කරගෙන සිටිති. සටන්කාමීන් විසින් යුද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් බිම හෙලා ඇති බවත් වාර්තාවල සදහන් වෙයි. මේ අතර උපක්‍රමික වශයෙන් වැදගත් ටල් අෆාර් නගරයේ ගුවන් තොටුපොල අවටද සටන් ඇවිලයමින් තිබේ. වාර්තාකරුවන් පවසන ආකාරයට නගරය ජිහාද්වාදී සටන්කාමීන්ගේ අතට පත්වුවහොත් එහි සිට මොසුල්( Mosul) නගරය යලි අත්පත් කරගැනීම අපහසු කාර්යයක් වනු ඇතැයි වාර්තාකරුවෝ පවසති. මොසුල්( Mosul) නගරය ඉකුත් සතියේදී සටන්කාමීන් අතට පත් විය.
ISIS සටන්කාමීන් ප්‍රමුඛ ජිහාඩ්වාදී සටන්කාමීන් සහ ෂියා සටන්කාමීන් ඇතුළු රජයේ හමුදා අතර දිගටම සටන් පවතිද්දී ඉරාකයේ ප්‍රධාන තෙල් පිරිපහදුවේ ඉරණම තවමත් අපැහැදිලිව පවතී.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවධානය පළ නොවූ බව හිටපු ජනාධිපතිනිය පවසයි හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව පරාජය කිරීම පිණිස උපකාර කරන්නේදැයි බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. "ලංකාව බේරගන්න උදව් කරන්න නම්, ලංකාවේ ආණ්ඩුව සහ ලංකාවේ ජනතාව හරියාකාරව ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්නායකයන් අනුව කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට ලංකාව බේරෙයි," යනුවෙන් ඇය කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ. ජනපති හමුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන දකුණු ආසියානු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සම්බන්ධ නිර්දේශ මාලාව ඇය එජාප නායකයාට පිරි නැමූ අවස්ථාව වාර්තා කිරීම පිණිස දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් පැමිණ සිටියහ. 'දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳවත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්වයත් අපි සාකච්ඡා කළා' "පසුගිය වසර කිහිපය තුල ලංකාවේ බෞද්ධ නොවන ආගමික ස්ථානවලට ක්‍රිස්තියානි දේවස්ථානවලට, ඉස්ලාම් පූජනීය ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට යම් කිසි කණ්ඩායම් ප්‍රහාර එල්ල කළා. ඒ නිසා මේ සම්බන්ධව සංහිඳියාවක් ඇති කිරීමට සාකච්ඡා කරලා මේ ලියවිල්ල හැදුවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව නැති වීමෙන් ඇති විය හැකි භයානක තත්වය මෙන්ම සියලු ආගම් සහ ජාතීන් එක්ව සිටීමෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දියුණුව පිළිබඳව ඉදිරියේදී රජය මෙන්ම ජනතාවද දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය. "ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වුවා. මුලින්ම ජනාධිපතිවරයාගෙන් තමයි හම්බ වෙන්න වෙලාවක් ඉල්ලුවේ ඒත් තවමත් පිළිතුරක් ලැබුනේ නැහැ," බවද ඇය පවසන්නීය. පොදු වටිනාකම් ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව පිළිබඳ ගැටළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන යෝජනාවට ඇතුලත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ, කවුරු යෝජනා කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම ප්‍රශ්න යොමු කිරීම වැදගත් බවයි. හිටපු ජනාධිපතිනිය සමඟ පැවති හමුව පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විසි වැනි ශතවර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සියලුදෙනා එකඟව පොදුවේ පවත්වාගෙන ආ පොදු වටිනාකම් රාමුව දැන් බිඳ වැටී ඇති බව කියා සිටියේය. "පසුගිය කාලේ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳවත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්වයත් අපි සාකච්ඡා කළා," යනුවෙන් ඔහු කියා සිටියේය. රටේ බහුතරය වන බෞද්ධ සංඝරත්නය මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කරන මෙන් තමන් හිටපු ජනපතිනිය ඇතුළු කණ්ඩායමට යෝජනා කළ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. කිසිදු දේශපාලන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡාවේ අවධානය පළ නොවූ බව බීබීසී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය කියා සිටියාය.
ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායක අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, ජිනීවා යෝජනාවෙන් රට බේරා ගත හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ජනමාධ්‍ය නිදහස සඳහා වූ සංවිධාන දහ තුනක නියෝජිතයන් 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' හමුවී සිය අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි සාකච්ඡාවට එක් වූ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ. ඝාතනය කෙරුණු සහ පැහැර ගැනීම් හා පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට වන්දි ගෙවීමේ හැකියාව සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම එහිදී මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ගේ දැඩි විවේචනයට ලක් වූ බවත් ඔහු පැවසීය. සත්‍යය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ වගවීම සහතික කිරීම සහ හානි පූරණය යන කරුණු සම්බන්ධයෙන් ගත යුතු පියවරත්, ඒ සඳහා ඇති කළ යුතු යාන්ත‍්‍රණ පිළිබඳවත් මහජනතාවගේ අදහස් විමසා රජයට වාර්තා කිරීම සඳහායි, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' පත්කරනු ලැබුවේ. යෝජනා එම අරමුණු ඉටුකර ගැනීම පිණිස: යන යාන්ත්‍රණ හතර පිහිටුවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ. එයට අදාළ සත්‍ය කොමිසම් යාන්ත්‍රණය යටතේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට දඬුවම් දීමේ බලතල හිමි විශේෂ කොමිසමක් පත් කළ යුතු බව මාධ්‍ය සංවිධානවල ඉල්ලීම වූ බවත් මාධ්‍යවේදී ජයසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය. එවැනි අපරාධ යළි සිදුවීම වැළැක්වීම සඳහා අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් දීමේ අවශ්‍යතාවය ඔවුන් එහිදී අවධාරණය කර තිබේ. 'වරදකරුවන්ට දඬුවම්' 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' මීට ඉහතදී ආගමික නායකයන් ඇතුළු සමාජයේ විවිධ අංශවල නියෝජිතයන් මුණගැසුන අතර ඉදිරියේදී තවත් එවැනි හමුවීම් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. යෝජිත ව්‍යුහය සහ විෂය පථය ඇතුළු වෙනත් කරුණු පිළිබඳව සිය අදහස් දැක්වීම සඳහා මහජනතාව වෙත ලබා දී තිබූ කාලය ලබන ජුලි 15 වැනි දින දක්වා දීර්ඝ කරන බවද කාර්ය සාධක බලකාය නිවේදනය කර තිබේ. එම අදහස්, [email protected] නැමැති විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ, ''ලේකම්, සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය, සංහිඳියා යාන්ත‍්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01'' යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද ලියා දැන්විය හැකි බවත් කාර්ය සාධක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන්. නීතිවේදිනී මනෝරි මුත්තෙට්ටුවේගම එහි සභාපතිනිය ලෙස කටයුතු කරන අතර ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු එහි ලේකම්වරයාය. ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස, ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ, මිරාක් රහීම්, නීතිඥ කේඩබ් ජනරංජන එහි සෙසු සාමාජිකයෝ වෙති.
ගතව ගිය දශක කිහිපය ඇතුලත උතුරේත්, දකුණේත් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු කෙරුණු අපරාධ පිළිබඳව සත්‍ය කොමිසමක් යටතේ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන මෙන් මාධ්‍ය සංවිධාන ඉල්ලා සිටිති.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
ප්ලාස්ටික් බෝතල් භාවිතය අඩුකිරීමේ මූලික පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගනු ලබන බව පෙන්වාදෙන මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ ජේ.එම්.යු ඉන්ද්‍රරත්න, අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියාසිටියේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. කෙසේවුවද,ජලය ගබඩාකිරීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සඳහා එම තහනම බලනොපාන බවත් ඔහු සඳහන් කළේය. ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත භාවිතයට ගතහැකි වීදුරු බෝතල් භාවිතා කරන ලෙස අදාළ සිසිල් බීම සමාගම්වලට යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'ශ්‍රී පාදය' මධ්‍යම පරිසර අධිකාරිය පවසන පරිදි 2016 වසරේ ශ්‍රී පාද වන්දනා සමය අවසානවන විට පමණක් ප්ලාස්ටික් බෝතල් ටොන් 5.5 ක් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 830 ක් එම ප්‍රදේශයෙන් හමු වී තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂක ජේ.එම්.යු ඉන්ද්‍රරත්න පෙන්වා දෙන පරිදි ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු වන්නේ 15% ක ප්‍රමාණයක් පමණි. "මේකෙන් 85% ක් පරිසරයට මුදා හැරෙනවා. කුණු දමන තැනක බැලුවත් ඒකේ ප්ලාස්ටික් බෝතල් විශාල ප්‍රමාණයක් අපට දකින්න ලැබෙනවා" යනුවෙන් ඔහු පැවසීය. සෞඛ්‍ය ගැටලු එලෙස එක්රැස්වන ප්ලාස්ටික් බෝතල් පුළුස්සා දැමීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කිරීම හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු ද ඇතිවන බව ඔහු පෙන්වාදෙයි. ප්ලාස්ටික් බෝතල්වලට අමතරව අනෙකුත් ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බලපාන යෝජනා ගණනාවක් ඒ සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව මගින් නිර්දේශ කර ඇති බව ඔහු පවසයි. මේ අතර ලීටරයට අඩු ප්ලාස්ටික් බීම බෝතල් අලෙවිය තහනම් කිරීමේ යෝජනාවට සිසිල් බීම නිෂ්පාදක සමාගම්වලින් විරෝධය පළවෙමින් ඇතිබව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පරිමාව ලීටරයට අඩු ප්ලාස්ටික් සිසිල්බීම බෝතල් අලෙවිය තහනම් කිරීම සඳහා අවධානය යොමුවී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
කොන්ක්‍රීට් කාණුවකට වැටී සිටි අලි පැටවා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි එම අවස්ථාවේ එහි සිටි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට කියා සිටියේ. අලි රංචුව සමග සැරිසරමින් සිටි පැටවා ඉරිදා අලුයම කාණුවට වැටි ඇති බව වනජීවී නිලධාරීහු පවසති. කාණුවේ වැටි සිටි තම පැටවා හැර නොයා මව් ඇතින්නිය ඒ අවට රැඳී සිටි බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ. පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට කටයුතු කළ නමුත් විටින් විට සිය පැටවා සොයා මව් ඇතින්නිය එම ස්ථානය වෙත පැමිණීමට උත්සාහ කොට තිබේ. මව් සෙනෙහස පැය හතරකට පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකි වුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබූ ආබාධිත තත්වය හේතුවෙන් පැටවා වනයට මුදා හැරීමට නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව් .ඒ , ධර්මකීර්ති සංදේශයට පැවසීය. හම්බන්තොට වරාය භූමිය තුළ මේ වන විටත් වන අලි ජිවත් වන බවත් එසේ ජිවත් වන අලි විටින් විට වරාය අධිකාරියට අයත් ආරක්‍ෂිත වැටද බිඳ දමා ප්‍රධාන මාර්ගයට පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති. හම්බන්තොට වරාය අධිකාරියට අයත් භූමි ප්‍රදේශය වටා වැටක් ඉදි කර ඇතත් එම භූමිය තුතුළ තවමත් වන අලි ජිවත් වන බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ. මිට සති දෙකකට පමණ ඉහතදීද දඩයක්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී මියගොස් සිටි අලි පැටවකුගේ සිරුරක් හම්බන්තොට ස්වර්ණමාලි වැව්රක්ෂිතයේ තිබී හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී . පසුගිය කාලයේ සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශ එළි කරමින් විවිධ සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා වන සතුන්ට සිය වාස භූමි අහිමි වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. වන අලි සහ වෙනත් වන සතුන් බහුලව වෙසෙන ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශ දඩයක් කරුවන්ගේ නිජබිම් බවට පත් වී ඇති බවත් පරිසරවේදීහු පවසති. 'අවිධිමත් සංවර්ධනය' වන සතුන් බහුලව ජීවත් වූ ප්‍රදේශ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවර්ධන කලාප බවට පත් වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති. පැවති ආණ්ඩු සමයේ සිදු වූ වන සංහාරය වර්තමානයේත් එලෙසම පැවතීම කනගාටුවට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පවසයි. සංවර්ධන කටයුතු සමග අවතැන් වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථම සකස් කරන ලද පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එම නිර්දේශ වාර්තාවකට පමණක් සීමා වී ඇති බවත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් ලෙස සිදු කෙරෙන හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් වී ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය. ඒ හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශ තුළ අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබෙන බවයි පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර වැඩිදුරටත් සඳහන් කළේ.
හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරිහු සහ වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයෝ කටයුතු කළහ.
You are an NLP assistant whose purpose is to summarize any given article. You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document.
තුවාල ලැබූ විසි දෙනකු පමණ රෝහල් ගත කොට ඇති බවයි ගම්පහ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ. කර්මාන්තශාලාවක් වසා දමන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂකයන් දහස් ගණනකට කිසිම හේතුවක් නැතිව පහර දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සංදේශයට ප්‍රකාශ කළේ . වැලිවේරිය රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හලක් නිසා පවුල් දස දහසකට අධික පිරිසක්, පානය කිරීමට හා පරිභෝජනය සඳහා ලබා ගන්නා ජලය විස වන බවට චෝදනා කරති. මෙම වෙළෙඳ ව්‍යාපාරයකට එරෙහිව ගල්ඔලුව සිරි සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසයක් ආරම්භ කොට තිබිණ.
වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් විසින් බැලුම්මහර නගරයේ කොළඹ-නුවර මාර්ගයේ අද පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය සහ යුද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.