instructions
stringclasses 1
value | input
stringlengths 173
24.8k
| output
stringlengths 5
1.45k
|
---|---|---|
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රොබර්ට් මලර් සවිමත් විමර්ශන කණ්ඩායමක් ගොඩනගමින් සිටී රොබර්ට් මලර් නම්වූ එම නීතිඥයාගේ විශ්වසනීයත්වය මෑතදී දෝෂ දර්ශනයට ලක් කළ ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීහු, ඔහුගේ කාර්ය භාරය සම්බන්ධයෙන් යළි සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. "විශේෂ නීතිඥයා ඉවත් කිරීම" ගැන ට්‍රම්ප් අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයාගේ දිගු කාලීන සගයකුවන ක්‍රිස්ටෝෆර් රඩී පැවසුවද, ධවල මන්දිරය කියා සිටින්නේ ජනාධිපතිවරයා මෙම කරුණ රඩී සමග සාකච්ඡා කර නැති බවය. නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටයින් විසින් අදාළ විමර්ශන අධීක්ෂණයට පත්කරන ලද රොබර්ට් මලර්, එම කටයුතු සඳහා සිය කණ්ඩායම තෝරමින් සිටින අතර එහි වැඩි දෙනා අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයින්ය. යම් හෙයකින් මලර් ඉවත් කිරීමට පියවර ගතහොත්, එෆ්බීඅයි අධ්යක්ෂ ජේම්ස් කොමී එම තනතුරින් පහකිරීම නිසා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යළි විවේචන එල්ලවනු ඇත. එෆ්බීඅයි අධ්යක්ෂ තනතුරෙන් කොමී පහකිරීම නිසා ට්‍රම්ප් වෙත එල්ලවූ විවේචනවලින් කියවුනේ ඔහු විමර්ශනවලට බාධාකරන්නට ඇති බවකි අසුබ නිමිත්තක් නීතිඥ මලර් ද අදාළ විමර්ශන කටයුතුවල අධීක්ෂණයට පත් කෙරුනේ එෆ්බීඅයි අධ්යක්ෂවරයා පහ කිරීමෙන් අනතුරුව එවැනි විමර්ශනයක් අවශ්‍ය බවට මතු වූ ඉල්ලීම් හමුවේය. මෑතදී රොබර්ට් මලර් විමර්ශනය ආශ්රයෙන් නිකුත්වූ ප්‍රකාශ ට්‍රම්ප් පරිපාලනයට ඇති ගැටලු සම්බන්ධයෙන් දැකිය හැකි අසුබ නිමිත්තක් ලෙස සැළකේ. මේ වනවිට ක්‍රියාත්මකවන විමර්ශනය ජනාධිපතිවරණ සටනෙන් පරාජය වීම සම්බන්ධයෙන් ඩිමොක්රටික් පාර්ශ්වය ඉදිරිපත්කරන නිදහසට කරුණක් සේම "තමන් කොටුකරගැනීමේ" පියවරක් ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එසේ වුවද, රොබර්ට් මලර් ගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහු ජනාධිපතිවරයාගේ අදහස නොදරන බවකි. සවිමත් කණ්ඩායමක් දිගු කාලීන වැඩපිළිවෙලක් සඳහා ක්‍රියාත්මක වී සිටින රොබර්ට් මලර් , විමර්ශන නඩු විභාගයක් කරා ගෙනයාමටත්, අවශ්‍යනම් අදාළ පුද්ගලයින් සිරගතකිරීමටත් අවශ්‍ය හැකියාව සහ අත්දැකීම ඇති කණ්ඩායමක් ඒකරාශී කරමින් සිටී. මේ වනතුරු ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය විවේචනය එල්ල කර ඇත්තේ හිටපු එෆ්බීඅයි අධ්යක්ෂ ජේම්ස් කොමී වෙත පමණි. එය රොබර්ට් මලර් වෙත ද යොමු වනු ඇත්දැයි පැවසීමට තවමත් කළ වැඩිය. රිපබ්ලිකන් හා ඩිමොක්රටික් යන දෙපාර්ශවයේම අගය කිරීම මැද මලර් පත් කෙරුනද, ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා මලර් අදාළ කාර්යයෙන් පහකළ යුතු බවය. | පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවී යැයි පැවසෙන රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන විමර්ශන අධීක්ෂණයේ යෙදෙන විශේෂ නීතිඥයා ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානය යොමු වී ඇති බව ඔහුගේ සමීප මිතුරකු පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ‘රුපියල් 770 ක් ළමයින්ට ඉගෙන ගන්න, ඇඳුම් ගන්න, කෑම ගන්න ප්‍රමාණවත් නැහැ.’ වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේ කියා සිටියේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 770ක් දක්වා වැඩි කිරීමට වතු පරිපාලනය එකඟ වී ඇති බවයි. දැනට රුපියල් 620ක දෛනික වැටුපක් ලබන වතු කම්කරුවන් කියා සිටින්නේ ඉහත කී වැටුප් වර්ධකය පවතින ජීවන වියදම හා සැසඳීමේදී කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. අවම වැටුප රුපියල් 1000ක් වත් විය යුතු බවයි වතු කම්කරුවන්ගේ අදහස වී ඇත්තේ. 'රුපියල් 770 ක් ළමයින්ට ඉගෙන ගන්න, ඇඳුම් ගන්න, කෑම ගන්න ප්‍රමාණවත් නැහැ.' වතු සේවක පලනියාන්ඩේ සුබ්‍රමනියම් කියා සිටියේය. 'වෙනත් රැකියා සඳහා' 'මිනිස්සු පිට වැඩට යනවා. දවසකට රුපියල් 1200 ක් පඩි හම්බ වෙනවා කෑමත් එක්ක.ඒ නිසා මිනිස්සු වතු දාලා යනවා' වැටුප් ප්රශ්නය මුල් කර ගනිමින් වතු සේවකයන් වෙනත් රැකියා සොයා යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් ඔහු පැවසීය. 'ඒ නිසා වතු වැහෙන්න යනවා. මිනිස්සු පිට වැඩට යනවා. දවසකට රුපියල් 1200 ක් පඩි හම්බ වෙනවා කෑමත් එක්ක.ඒ නිසා මිනිස්සු වතු දාලා යනවා.' ඔහු සඳහන් කළේය. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ඝනපති කනකරාජ් කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් මේ දක්වා නිල ප්‍රකාශයක් කොට නොමැති බවයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඔහු පැවසුවේය. පසුගිය වසරක කාලයක සිට දෛනික වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින මුත් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවට වතු කම්කරුවෝ සහ වතු වෘත්තීය සමිති මැසිවිලි නගති. | වතු කම්කරු දෛනික වැටුප රුපියල් එක සිය පනහක් වැනි සුළු මුදලකින් ඉහළ දැමීමට ගත් තීන්දුවට එකඟ නොවන බව වතු වෘත්තීය සමිති පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් ළමා සතුටු උයනක් ආසන්නයේ දී බෝම්බය පුපුරවා හැර ඇති බවයි පාකිස්තාන පොලිසිය කියා සිටියේ. පිපිරීම සිදු වන අවස්ථාවේ උයන සහ ඒ අවට ප්‍රදේශය දෙමව්පියන් සහ දරුවන්ගෙන් පිරී තිබූ බවත් වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමත් සමග තැති ගත් දරුවන් දෙමව්පියන්ගෙන් මඟ හැරී ඒ මේ අත දුව යන ආකාරයත් ඒ මොහොතේ විශාල තෙරපීමක් ඇති වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෙක් කියා සිටියේය. දරුවන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් රෝහල් වෙත ගෙන ගොස් තිබේ. බෝම්බ ප්‍රහාරය කවුරුන් විසින් මෙහෙයවා ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත. | පාකිස්තානයේ ලාහෝර් නුවර සිදු වූ පිපිරීමකට හසු වී පනස් දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති අතර පුද්ගලයන් ගණනාවක් තුවාල ලබති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බොහෝ විශේෂඥයන් පවසන්නේ ගෝලීය ජනතාව ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් සමානව ලබා දීම අත්‍යවශ්‍ය බවය මෙම එන්නත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, චීනය, රුසියාව සහ ඉන්දියාව යන රටවල නිපදවා ඇත. එම රටවල් ද එන්නත් සැපයුම් මිල දී ගෙන ඇති හෙයින් ඒවා බොහෝ දුරට අදාළ රටවලම භාවිතයට ගෙන තිබෙන අතර මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල අවදානම් සහිත පුද්ගලයින් වෙනුවෙන් යවා ඇත්තේ සාපේක්ෂව කුඩා ප්රමාණයකි. සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් පවසන්නේ අදාළ එන්නත් තමන්ටම නිපදවිය හැකි බවය. එයින් දුප්පත් රටවලට එන්නත් සැපයුම වැඩි කළ හැකිය. එන්නත් නිපදවිය හැක්කේ කාහටද යන්න සීමා කරන පේටන්ට් බලපත්‍ර නීති ලිහිල් කරන ලෙස ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක වෙළෙඳ සංවිධානයට (WTO) පෙත්සම් ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම පියවරට ධනවත් රටවල් සහ ඖෂධ සමාගම් විරුද්ධ වී ඇති අතර, එය වසංගතයට දක්වන ගෝලීය ප්‍රතිචාරය සහ අනාගත එන්නත් සංවර්ධනයට සැබවින්ම හානිකර වනු ඇතැයි තර්ක කරති. නමුත්, ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදනය 'අවහිර' කරන්නේ ඇයි? මේ වන විට එන්නත් ඇත්තේ කා ළඟද? එන්නත් ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින්ගේ පෝලිම් බොහෝ ධනවත් රටවල හුරුපුරුදු දසුනකි පෙබරවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන 200 ක් පමණ ලබා දී ඇති නමුත් ඉන් 75% ක් ලබා දී ඇත්තේ ධනවත් රටවල් 10 ක ජනතාවට බවය. බිලියන 2.5ක ජනගහනයක් වෙසෙන රටවල් 130කට පමණ තවමත් එක් එන්නත් මාත්‍රාවක්වත් හෝ ලැබී නොමැති බව උතුරු කැරොලයිනා ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ගැවින් යමි පැවසීය. "ධනවත් ජාතීන් රාක්ක හිස් කර ඇති අයුරු දැකීම අතිශයින් කණගාටුවට කරුණක්. 'මට පළමුව' සහ 'මා පමණක්' යැයි කියමින් එන්නත් උදුරාගැනීමක් සිදුවෙලා තිබෙනවා. මෙය ඉතා අසාධාරණ දෙයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය ගැන ඉතා වැරදි ආකල්පයක්," ඔහු බීබීසීයට පැවසීය. කෙසේවෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමේ ජාත්‍යන්තර ප්රයත්නයන් සඳහා ධනවත් රාජ්‍ය අවම වශයෙන්, මූල්‍යමය සහයෝගය ලබා දී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබා දීමේ ගෝලීය වැඩසටහන වන 'කොවැක්ස්' සහ එන්නත් සංවර්ධනය පිළිබඳ තොරතුරු සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් බෙදා ගැනීමේ වැඩසටහන වන 'කොවිඩ් -19 තාක්ෂණික ප්‍රවේශ සංචිතය (සී-ටැප්) යන දෙකෙන්ම පුළුල් ලෙස එන්නත් බෙදා හැරීමට බලාපොරොත්තු විය. නමුත් එම සෑම ව්‍යාපෘතියක්ම විවිධ ගැටලුවලට මුහුණ දී තිබේ. කොරෝනාවෛරසයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට එන්නත් ලබා දීම සඳහා කොවැක්ස් වැඩසටහන යටතේ ක්‍රමවේදයන් ඇති නමුත්, එන්නත් සැපයුම් ලබා දීමට නොහැකි වීම නිසා මෙය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා සුළු රටවල් ගණනකට පමණි. ඒ හා සමානව, 2020 ජුනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කරන ලද සී-ටැප් වැඩසටහනට මෙතෙක් ලැබී ඇත්තේ ඉතා සුළු ප්රතිචාරයකි. "අද වන විට කිසිදු තාක්ෂණයක් බෙදාගෙන නැහැ. කිසිවක් බෙදාගෙන නැහැ. වෙනත් වචන වලින් කිවහොත්, සී-ටැප් හි නිෂ්පාදන ගොනුව ශුන්‍යයි" යැයි MSF රාජ්‍ය නොවන සංවිධානයේ බාහිර සම්බන්ධතා අංශ ප්‍රධානී රාකෙල් ගොන්සාලෙස් පැවසීය. "එය වක්‍රාකාරයෙන් එන්නත් නිෂ්පාදන ඉහළ නංවන වැඩසටහනක්. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට. නමුත් එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකරුවන් වන ඖෂධ සමාගම්වලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නැහැ." එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් හෝ දකුණු අප්‍රිකාවේ 'ඇස්පන් ෆාමකෙයාර්' සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් අතර වැනි ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති නමුත්, විචාරකයින් තර්ක කරන්නේ එය ගෝලීය වශයෙන් එන්නත් බෙදා හැරීමට ප්‍රමාණවත් නොවන බවය. නිෂ්පාදනය අවහිර කිරීම යනු කුමක්ද? තමන්ගේ වැසියන් සඳහා සැපයුම් මිල දී ගත් ධනවත් රටවල් මේ වන විට එන්නත් නිෂ්පාදනය කරනු ලැබේ එන්නත් නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ පේටන්ට් බලපත්‍ර නීතිය මගිනි. ඖෂධ සමාගම් නව ඖෂධයක් සොයාගෙන සංවර්ධනය කරන විට වෙනත් කිසිවෙකුට ඒවා නිෂ්පාදනය කළ නොහැකි බව සහතික කිරීම මෙයින් සිදුවේ. නිෂ්පාදනය සහ මිල යන දෙකම පාලනය කිරීමට මෙයින් ඔවුන්ට ඉඩ සලසයි. එමඟින් දුප්පතුන්ට සහ රටවලට ඖෂධ ලබා ගැනීමට නොහැකි වී තිබේ. වසංගතයේ කාලසීමාවේ දී එන්නත් සඳහා අදාළ වන බුද්ධිමය දේපළ අයිතිය අත්හිටුවන ලෙස දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලා ඇති අතර, එයින් පේටන්ට් බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමක් අපේක්ෂා කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඔවුන්ගේ ජනගහනයට එන්නත් ලබා දීමට හැකි වන පරිදි තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ බව MSF සංවිධානයේ රාකෙල් ගොන්සාලෙස් පැවසීය. "ඔවුන්ට රසායනාගාර ඇති බවත්, දැනුම බෙදාගනු ලැබුවහොත් නිෂ්පාදනය ආරම්භ කළ හැකි කර්මාන්තශාලා ඇති බවත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තර්ක කරනවා. දැනුම මේ මොහොතේ බෙදා නොගන්නේ නම්, එන්නත නිපදවිය හැකි වන්නේ පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලට පමණයි, "ඇය පැවසීය. මේ ගැටලුව විසඳයිද? කෙසේ වෙතත්, එම ක්‍රමයෙන් ද මේ වන විට නිපදවන එන්නත්වලට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ඖෂධ කර්මාන්ත විශේෂඥයෝ තර්ක කරති. පවතින ගැටලුව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නොවන බව ඖෂධ නිෂ්පාදකයින් සහ සංගම්හි ජාත්‍යන්තර සම්මේලනයේ (IFPMA) අධ්යක්ෂ ජනරාල් තෝමස් කූනි පැවසීය. එන්නත් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය හිඟය සහ ධාරිතාව වැනි බාධක මෙන්ම ඇති අතර විශේෂයෙන්ම අදාළ දැනුම නොමැතිවීම වැනි කාරණා ගැටලු ලෙස ඔහු ගෙනහැර දැක්වීය. පේටන්ට් බලපත්‍ර නීති අත්හිටුවීමෙන් පමණක් එන්නත් නිෂ්පාදනය වේගවත් නොවන බව ඖෂධ සමාගම් පවසයි "පේටන්ට් බලපත්‍ර ගැන විවාදය, පේටන්ට් බලපත්‍ර ඉවත් කිරීම වගේ දේවලින් දැනට ඔබට දැනට වඩා එක මාත්‍රාවක්වත් ලබා දෙන්නේ නැහැ," ඔහු බීබීසීයට පැවසීය. "ඔබට බෙදා ගැනීමට අවශ්‍ය වන්නේ ... කුසලතා සහ අමුද්‍රව්‍ය. ඔබට ඕනෑම බක්කරේ කෙනෙක්ගෙන් කේක් සඳහා වට්ටෝරුවක් ලබා ගන්න පුළුවන්. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ ඒ කේක් එක හදන්න දන්නා බව." එපමණක් නොව, ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන ඖෂධ සමාගම් ජනාධිපති ජෝ බයිඩන්ට වෙත ලිපියක් යවමින් කියා සිටියේ පේටන්ට් බලපත්‍ර ලිහිල් කිරීම මගින් එන්නත් නවෝත්පාදන හා ආයෝජනවලට බාධා ඇති වීමට වඩා වැඩි යමක් සිදු විය හැකි බවය. එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් එන්නතේ ආරක්ෂාව පිළිබඳ මහජන විශ්වාසය අඩු කර, ව්‍යාකූලත්වයක් ඇති වී "වසංගතයට ඇති ගෝලීය ප්‍රතිචාරය අඩපණ කරනු ඇතැයි" අදාළ ලිපියේ සඳහන් වේ. ඉතිහාසය පුනරාවර්තනය වේද? සංවර්ධනය වෙමින් පවතින රටවලට ඖෂධ ලබා ගැනීමට ඉඩ ලබා දීම සඳහා පේටන්ට් බලපත්‍ර ලිහිල් කරන ලෙසට ඉල්ලීම් කළ පළමු වතාව මෙය නොවේ. අනූව දශකයේ අප්‍රිකාව එච් අයි වී වසංගතයෙන් පීඩා විඳිද්දී එම මහාද්වීපයේ විවිධ රජයන් ජීවිතාරක්ෂක ප්‍රතිවෛරස ඖෂධ සඳහා තිබූ පේටන්ට් බලපත්‍ර ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. ජීවිතාරක්ෂක ප්‍රති-වෛරස ඖෂධ සෑම කෙනෙකුටම දැරිය හැකි මට්ටමක තබා ගැනීමට දශකයක් ගත විය අදාළ ඖෂධ නිෂ්පාදනය කළ සහ ඒ වන විට භාවිත කරමින් සිටි ධනවත් ජාතීන් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු, ඖෂධ සමාගම් දැවැන්තයින් මිල නියම කිරීමකින් තොරව අඩු ආදායම්ලාභී ජාතීන්ට ඒවා ලබා ගැනීමට වසර දහයක් ගත විය. මෙම තත්ත්වය නැවත ඇතිවීම වළක්වාලීමට වර්තමාන වසංගතයේදී කොවැක්ස් සහ සී-ටැප් වැනි වැඩසටහන් නිර්මාණය කෙරිණි. ඖෂධ සමාගම් සහ රජයන් පෙන්වා දෙන්නේ එවැනි වැඩසටහන් සඳහා මූලම්‍ය වශයෙන් ඔවුන් උදව් කර ඇති බවය. එහෙත් එම මුදල් ද වෙනත් දිශාවකට ගලා ගොස් ඇත. එන්නත් නිෂ්පාදකයින්ට ඔවුන්ගේ එන්නත් නිපදවීම සඳහා මහජන හා ලාභ නොලබන අරමුදල්වලින් ඩොලර් බිලියන 10 ක් පමණ ලැබී ඇති බව 'ලැන්සෙට්' නම් වෛද්‍ය සඟරාවේ පෙබරවාරි මාසයේ පළ වූ වාර්තාවක දැක්වේ. මෙම ව්‍යාපෘතිවල දත්ත බොහොමයක් හෙළි නොවන බැවින් මෙම සංඛ්‍යාව අඩු තක්සේරුවක් විය හැකි යැයි වාර්තාවේ දැක්වේ. විචාරකයින් තර්ක කරන්නේ ඖෂධ සමාගම්වලට මහජන මුදල් බිලියන ගණනක් ලැබී ඇත්නම් ඔවුන්ගේ තාක්ෂණය බෙදාහදා ගැනීමේ යුතුකමක් ඇති බවය. මීට අමතරව, වසංගතය අවසන් වූ වහාමත් ඔවුන්ට විශාල මුදලක් ඉපයිය හැකි බව ක්‍රියාකාරීහු පවසති. ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරිනියක සහ බුද්ධිමය දේපළ නීති උපදේශක එලන් හෝඑන් බීබීසී සේවයට පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ද "කොටසක්" ලබා දිය යුතු බවය. "වසංගතයේ වඩාත් හදිසි අදියර අවසන් වූ වහාම මේ එන්නත්වල මිල ඉහළ නැංවීම ඔවුන්ගේ දිගුකාලීන සැලැස්ම බව පැහැදිලියි. මෙය, සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ එන්නත් නිපදවීමේ හැකියාව ලබා ගත යුතු යැයි පැවසීමට තවත් හේතුවක්." "ඇත්ත වශයෙන්ම මෙයට තවත් පැතිකඩක් තිබෙනවා. ඔබ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල හෝ සියලුම ප්‍රදේශවල එන්නත් නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩි කළොත්, ඊළඟ වසංගතය සඳහා වඩාත් හොඳින් සූදානම් වීමට ඔබ උදව් කරනවා" යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර" "එන්නත් වර්ණභේදවාදය" ලෙස නම් කර ඇති මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර" සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අදනොම් ගෙබ්‍රෙයේසස් ජනවාරි මාසයේදී කියා සිටියේ දුප්පත් රටවල අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පෙර ධනවත් රටවල තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට එන්නත් ලබා දීම සාධාරණ නොවන බවය. ආචාර්ය ටෙඩ්රොස් පැවසුවේ "මම පළමුවෙන්" යන ප්‍රවේශය ස්වයං පරාජයක් වනු ඇති අතර, එය එන්නත් මිල ගණන් ඉහළ නැංවීම සහ රැස් කිරීමට දිරිමත් කරන බවය. "අවසානයේදී, මෙම ක්‍රියාවන් නිසා වසංගතය, එය මැඩ පැවැත්වීමට අවශ්‍ය සීමාවන් සහ මානව හා ආර්ථික දුක් වේදනා දීර්ඝ වෙනවා." ඔහු වැඩිදුරටත් කීය. මේ තොරතුරුද කියවන්න: | කොරෝනාවෛරස වසංගතයට එරෙහි සටනේ විශාල ගැටලුවක් පැන නැගී ඇත: අපි වාර්තාගත කාලයක් ඇතුළත එන්නත් ගණනාවක් නිපදවා ඇත්තෙමු. නමුත් ඒවා ලබා දී ඇත්තේ ලෝකයේ කුඩා කොටසක පමණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරයට ලක් වූ 'මොසුල්' නගරය කැරලිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ඉරාකයේ 'බැග්ඩෑඩ්' අගනුවරයි. මේ අතර බීබීසී වාර්තාකරු රොස් ඇට්කින්ස් සහ බීබීසී අරාබි අංශයේ සෙබෙස්තියන් ආශා අතර පැවති සාකච්ඡාවක් මගින් ඉරාකය සහ කලාපය මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව චිත්‍රයක් නිර්මාණය කෙරෙයි. රොස් ඇට්කින්ස් :-“සෙබෙස්තියන්! පළමුවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද ISIS සංවිධානය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියල?” සෙබෙස්තියන් ආශා:-“මෙය දැනට 'ලෙවාන්ට්' සහ ඉරාකයේ පාලනය ගෙන යාමට කටයුතු කරන ඉස්ලාම් ආගමික සංවිධානයක්.'ලේවාන්ට කියල ඔවුන් හඳුන්වන ප්‍රදේශයට සිරියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය සහ ජෝර්දානය ඇතුලත්. මේ රටවල් සියල්ලම එකට එකතු කරලා ශතවර්ෂ කීපයකට උඩ දී ඉස්ලාම් ආගමික රාජ්‍යයක් විදිහට පාලනය ගෙන ගොස් තියෙනවා. ISIS සංවිධානයේ ඉලක්කය වෙන්ව ගිය රටවල් සියල්ල එකතු කරල නැවත එම ඉස්ලාම් ආගමික රාජ්‍ය පිහිටුවීමයි.” ප්‍රහාරයට ලක්ව මියගිය ඉරාක හමුදාවේ සෙබළෙකුට අයත් නිල ඇඳුමක් රොස් ඇට්කින්ස්:-“ඔබ හිතන විදිහට ISIS කොතරම් විශාල සංවිධානයක් ද ? ඒ වගේම කොතරම් පුද්ගලයින් ප්‍රමාණයක් හවුල් වෙලා තියෙනවාද මොසුල් නගරය අත්පත් කර ගැනීමට?” සෙබෙස්තියන් ආශා:-“විශේෂතත්වයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් දෙයක් තමයි, මොසුල් නගරය අත් පත් කර ගන්න විශාල පිරිසක් සහභාගී වෙලා නැහැ. ප්‍රහාරකයන් දාහත්- එක්දහස් පන්සීයත් අතර පිරිසක් සහභාගී වුන බව තමයි වාර්තා වෙන්නේ. ප්‍රකාශයට පත්වුණ ඡායාරුප වලින් පෙනෙන්නේ ගැටුමට යොදා ගත් ප්‍රහාරක රථ සමග ISIS සංවිධානයේ සාමාජිකයන් පස් හය දෙනාගෙන් යුත් කුඩා කණ්ඩායම් ඒ සඳහා යොදා ගෙන තිබූන බවයි. ඉරාකයේ සහ සිරියාවේ දැනට ISIS සංවිධානයේ සාමාජිකයින් දස දහසක් පමණ ක්‍රියාන්විතයේ නිරත වෙලා ඉන්නවා. දිගින් දිගටම ඉරාකයේ නගර අත්පත් කර ගැනීම් සහ සිර කරුවන් මුදා හැරීමෙන් තවත් පිරිස් සංවිධානයට එකතු වෙන හින්දා මෙම සංඛ්‍යාව තවත් ඉහල යයි කියල බලාපොරොත්තු වෙනවා.” රොස් ඇට්කින්ස්:-“එතකොට මේ සංවිධානය අල්කයිඩා සංවිධානයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?” සෙබෙස්තියන් ආශා:-“ISIS සංවිධානය අල්කයිඩා සංවිධානයෙන් පෝෂණය ලබා ගොඩ නැගුන සංවිධානයක්, මේ සංවිධානය ඉරාකය මුල් කර ගෙන ඇමරිකාවේ මැදිහත් වීමත් එක්ක බිහි වූවක්. පසුගිය වසරේ සිරියාව තුළ ක්‍රියාත්මක වීමත් සමග ISIS සංවිධානය අල්කයිඩා සංවිධානයෙන් බිඳී ස්වාධීනව කටයුතු කිරීමට පටන් ගත්තා.” ISIS නායක ‘අමන්කුර් අබ බකා අල්බාඩි’ රොස් ඇට්කින්ස්:-“ISIS සංවිධානයටත් නායකත්වයක් තියනව ද අල්කයිඩා සංවිධානයේ 'ඔසාමා බිල්ලාඩන්' වගේ?” සෙබෙස්තියන් ආශා:-“ඔව්! මෙම නායකයාගේ ඇත්ත නම හෙළි වෙලා නැහැ. දැනට මොහුගේ ඡායාරුප දෙකක් පමණයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මුහුණ ආවරණය කර ගෙන සිටින මොහු ජීවත් වන තැනක් හෝ වෙන කිසිම තොරතුරක් තවමත් හෙළි වෙලා නැහැ. නමුත් ඉරාකයේ සහ සිරියාවේ ISIS සංවිධානයේ ක්‍රියා කලාපයත් එක්ක පෙනෙන කරුණක් තමයි, සුළු පිරිසකගෙන් සමන්විත මේ සංවිධානයට මෙතරම් දුරක් යන්න හේතු වෙලා තියෙන්නේ ඔහුගේ නායකත්වය කියලා. ඒ වගේම සමාජය තුළ ජනතාව අතර කණ්ඩායම් වශයෙන් අනු මලික්ට එරෙහි ආකල්පයක් ගොඩ නැගීමට මෙම සංවිධානය සමත් වෙලා තියෙනවා.” | ඉරාකයේ දෙවන විශාලතම නගරය වන 'මොසුල්' ISIS ඉස්ලාමීය කැරලිකරුවන් විසින් අල්ලා ගැනීමත් සමග ඉරාකයේ ඒකීයත්වය තර්ජනයකට මුහුණ පා තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම වෙබ් අඩවිය පරිහරණය කරනු ලබන සියලුම සේවාදායකයන්ගේ රහස්‍ය ලිංගික ෆැන්ටසියන් ඇතුළු තොරතුරු සහ බැංකු ණය කාඩ්පත් හරහා සිදු කළ මුදල් ගෙවීම්වලට සම්බන්ධ විස්තර ලබා ගැනීමට හැකි වූ බවයි අන්තර්ජාල හැකරුන් පවසන්නේ. ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට හැකරුන් ඇතුළු වී ඇති බව පිළිගෙන ඇති එහි වෙබ් ක්‍රියාකරුවෝ සිය සේවාදායකයන් සතු සියලු තොරතුරු සොරකම් කර නමැති බව කියා සිටිති. කැනඩාව මූලස්ථානයකර ගත් මෙම වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගෙන් සුළු ප්රතිශතයකගේ තොරතුරු අන්තර්ජාලයට එක් කොට ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවීණයෙක් පැවසුවේය. වෙබ් අඩවිය වසා දමන තුරු හැකරුන් විසින් සේවාදායකයන්ගේ තොරතුරු අන්තර්ජාලයට මුදා හරිනු ඇති බව අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යනයේ නියුතු බ්‍රයන් ක්රෙබ්ස් කියා සිටියේය. ලිංගික ෆැන්ටසි මේ අතර සොරකමට සම්බන්ධ හැකරුන් කණ්ඩායම කියා සිටියේ වෙබ් අඩවිය පරිහරණය කරන පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් සත්‍ය තොරතුරු තමා වෙත ලබා ගැනීමට හැකි වූ බවයි. සිය ගිණුම් මකා දැමීම සඳහා මුදල් ගෙවූ පුද්ගලයන්ගේ තොරතුරුද ඊට ඇතුළත් බව හැකරුන් කණ්ඩායම පවසා තිබේ. වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් ගෙවීමකින් තොරව සිය ගිණුම් මකා දැමීමට තම සේවාදායකයන්ට ඉඩ සලසා ඇති බව මේ අතර ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය බීබීසීයට කියා සිටියේය. ගිණුම් හිමියකුගේ තොරතුරු මකා දැමීම සඳහා වෙබ් අඩවිය විසින් පවුම් දොළහක් අය කර ගනු ලබයි. මුදල් අය කර ගෙන ඇතිමුත් සේවාදායකයන්ගේ තොරතුරු මකා දමා නොමැති බවට හැකරුන් ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවියට චෝදනා කරයි. නමුත් මුදල් අය කර ගනු ලැබීමෙන් පසු සේවාදායකයන්ගේ සියලු තොරතුරු මකා දමන බවයි වෙබ් අඩවිය පවසන්නේ. රටවල් පනහකට අධික සංඛ්‍යාවක සිය සේවය ලබා ගන්නා ගිණුම් කරුවන් මිලියන තිස්හතක් සිටින බව ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සඳහන් කළේය. | ස්වාමි පුරුෂයන් හට සිය සහකාරියන්ට රහසේ පෙම්වතියන් සොයා ගැනීම සඳහා පහසුකම් සලසන ‘ඈශ්ලි මැඩිසන්’ වෙබ් අඩවිය සතු සේවාදායකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ග්ලෙන් මැස්ක්වෙල් නොදැවී ලකුණු 145 ක් රැස් කළේය ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕවර 20 ඇතුළත කඩුලු 03 දැවී ලකුණු 263ක් රැස් කිරීමත් සමගයි. 2007 වසරේදී කෙන්යාවට එරෙහිව කඩුලු 05 දැවී ලකුණු 260 රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එංගලන්ත පිළ ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි. | ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තබා තිබූ වාර්තාව බිඳ හෙලමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ් යුරෝපා හවුලේ අලුත්ම සම්බාධක ඉලක්ක වී ඇත්තේ රුසියාවේ තෙල් වෙළඳාම, ආර්ථිකය සහ ආරක්ෂක අංශ වෙතටයි. මීට අමතරව තවත් රුසියානු බලධාරීන් සහ යුක්රේන කැරලි නායකයන් විසි හතර දෙනෙකුගේ විදෙස් ගත දේපළ අත් හිටුවීමටත් ඔවුනට වීසා බලපත් තහනම් කිරීමටත් පියවර ගෙන තිබේ. මෙම තහංචිවලට එක්සත් ජනපදයේ සහාය ලැබෙන බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි. මේ අතරතුර යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාවට ඈඳා ගත් ක්රිමියානු කලාපය යළි යුක්රේනයට ලබා ගන්නා බවයි. මෙය හමුදා මාර්ගයෙන් සිදු වීම අත්‍යවශ්‍ය නොවුවත් ස්ථිර වශයෙන්ම ක්රිමියාව යළි භාර දීම සිදු විය යුතු බවයි ඔහු කියා සිටියේ. යුරෝපා හවුල සමඟ සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගැනීම අනුමත කර ගැනීමට අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් කරන බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. | රුසියාවට එරෙහිව යුරෝපා හවුල සම්බාධක තර කිරීම තුළින් නැගෙනහිර යුක්රේනයේ සාම ප්රයත්නයට බාධා පමුණුවන බව රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලව්රොෆ් ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නුවරඑළිය ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විසින් පසුගිය බදාදා (ජනවාරි 03) හඳුන්වා දෙන ලද "Marry Me" ("මගේ අත ගන්න") ලෙස නම් කර ඇති අතුරුපසෙහි වටිනාකම රුපියල් ලක්ෂ තිස් අටකි. අතුරුපසක් සඳහා එවැනි අධික මිලක් වැය කිරීම හෙලා දකිමින් සමාජ ජාල ගිණුම් හිමියන් විශාල වශයෙන් අදහස් දක්වා තිබෙන ආකාරය දැකගත හැක. ඒ අතරින් වැඩි දෙනෙකු පවසා තිබුණේ අතුරුපසක් සඳහා එවැනි මුදලක් වැය කරනු වෙනුවට ඉන් දුගී පවුල්වල කුසගිනි නිවිය හැකි බවය. එම මුදලින් දුගී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර කළ හැකි බව තවත් සමහරෙක් පවසා තිබුණි. ට්විටර් සමාජ ජාලයේ අදහ දක්වමින් "පැරා" පවසා තිබුණේ "මොන තරම් විශාල මුදල් නාස්තියක් ද, අතීතයේ තම පුණ්‍ය කටයුතු මගින් විශාල වැඩ කොටසක් සිදු කළ සංගක්කාර මේ වගේ දේකට සහභාගි වීම නිවැරදි යයි සිතීම විශ්වාස කරන්නත් බැහැ," යනුවෙනි. මේ අතර ඉහත කී අදහස් විවේචනයට ලක් කරන ඇතැමෙක් පවසන්නේ ඕනෑම පුද්ගලයෙකුට සිය මුදල් තමන් කැමති ආකාරයකට විය පැහැදම් කළ හැකි බවය. එවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද වැදගත් බව තවත් සමහරෙකුගේ අදහසය. ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය පවසන පරිදි මැඩගස්කරයෙන් ගෙන්වන ලද චොක්ලට්, ආහාරයට ගත හැකි රත්රන් සහ රිදී, විදේශීය රස ද්‍රව්‍ය "Marry Me" අතුරුපස සඳහා යොදා ගෙන ඇත. අතුරුපස සමග පිළිගැන්වුණු නිල් මැණික හේතුවෙන් ඒ සඳහා එවැනි මිලක් තීන්දු කර ඇති බව කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබිණි. කෙසේ නමුත් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර "පැරා" නමැති පුද්ගලයාගේ ඉහත කී අදහසට ප්‍රතිචාර දක්වමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කර තිබේ. "Marry Me" අතුරුපස පළමු වරට හඳුන්වා දීම පමණක් එහිදී සිදු වූ බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන සංගක්කාර එදින කිසිවකුත් ඒ සඳහා මුදල් වැය නොකළ බව කියා සිටී. සිරස්තලය දෙස පමණක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳ බොහෝ දෙනෙකු තොරතුරු සොයා බලා නැති බවත් හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. සමාන පුවත්: | ලොව මිලෙන් වැඩිම බව පැවසෙන අතුරුපස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ වෙත පිළිගැන්වීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඝාතනය සිදුවූ තංගල්ල නිවාඩු නිකේතනයේ කළමනාකාරිනිය වන තරංගා පිරිස් මහාධිකරණය හමුවේ මේ බව කියා සිටියේ තමා පොලිසියට ලබා දුන් කට උත්තරයේ දෝෂ සහ ඌනතා රැසක් පවතින බව විත්තියේ නීතිවේදීන් පෙන්වා දුන් අවස්ථාවේදී. නිවාඩු නිකේතනයේ පිහිනුම් තටාකය අසල දී විත්තිකරුවන් කුරම් ෂයික්ට පහර දෙනු තමන් දුටු බව සාක්ෂිකාරිය ඉකුත්දා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ පිළිබඳව කිසිවක් ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර නොමැති බවයි විත්තියේ නීතිවේදියා පෙන්වා දුන්නේ. එම ඌනතා බරපතළ ඌනතා ලෙස සලකා ඒවා සටහන් කර ගන්නා ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා විනිසුරු රෝහිනී වල්ගම අවසර ලබා දුන්නාය. වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම හෙට (බදාදා) දිනට කල් තැබුණි. 2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂේක් ඝාතනය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණට සහ සෙසු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත. | තමන් ප්‍රකාශ කළ දෑ පොලිසිය විසින් නිසි පරිදි සටහන් කර ගෙන නොමැති බවත් ප්‍රකාශ නොකළ දෑ පොලිසිය තම කට උත්තරයට ඇතුළත් කර ගෙන ඇති බවත් කුරම් ෂයික් ඝාතන නඩුවේ සාක්ෂිකාරිය අධිකරණයට පැවසුවාය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දියත් කරනු ලැබ ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (ජුලි 10) පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය රැස් විය. දැඩි ලෙස විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය වේගවත්ව සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට එහිදී තීන්දු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඒ අනුව විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛතාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකූලව සංරක්ෂණය කිරීමට තීන්දු කර තිබේ. රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්දේශ, පුරා විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිත්ගේ වාර්තා ද, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් ද එහි දී අවධානයට ලක් වූ බව ඉහත කී නිවේදනයේ දැක්වේ. එම නිවේදනයේ සඳහන් පරිදි සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා වසා තැබෙන කාලය තුළ ගනු ලබන පියවර: සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වැයවන සමස්ත පිරිවැය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දැරීමට ද අදාළ සාකච්ඡාවේ දී එකඟතාව පළ වූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. | මූලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා ඓතිහාසික දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීන්දු කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කලකට පෙර ගත් මෙම ඡායාරූපය තවමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිවසේ බිත්තියක එල්ලා තිබෙන අයුරු බීබීසී කැමරාවට හසු විය. ඊයේ (14) රාත්‍රියේ දී කොළඹදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ හමුවක දී හිටපු ජනාධිපතිවරයා මෙම එකඟතාවය පල කළ බවයි බිබිසියට අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරියෙකු පැවසුවේ. දේශපාලනයෙන් සමු ගැනීමට? ඊයේ පැවති සාකච්ඡාවේදී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට අදහස් කරන බවට හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයාට පවසා ඇති බවද ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් බිබිසියට පැවසුවේ. බොහෝ දුරට හෙට පැවැත්වෙන එම රැස්වීමට හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා සහභාගී විය හැකි බවයි ඔහු පැවසුවේ. මේ අතර අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් සමග නව ජනාධිපතිවරයා පැවැත්වීමට යොදා ගෙන තිබූ රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ගනු දෙනුවක්? දින කිහිපයකට පෙර නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ දිගටම කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා හදිසියේ එම තනතුර අත්හැරීමට තීරණය කර ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු විය හැකි දේශපාලන පළි ගැනීම් හා හිරිහැර වළක්වා ගැනීමේ අරමුණින් විය හැකි බවයි මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙකු කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නව ජනාධිපතිවරයා හා එක්වීමට සුදානමින් සිටීමද මෙම තීරණයට බලපෑ එක් කරුණක් විය හැකි බවයි ඔහු පැවසුවේ. විරවංශ හා ගම්මන්පිල මේ අතර ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් නොවිය යුතු බවට හිටපු අමාත්‍ය විමල් විරවංශ සහ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි. මේ නව තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුටම මෙම නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා දීමේ සුදානමක් ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් වංචා දූෂණ චෝදනා ඇති හිටපු අමාත්‍යවරුන්ට ඉදිරි මැතිවරණයේ දී නාම යෝජනා ලබා නොදෙන බව නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දන්වා ඇති බවද වාර්තා වේ. | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර වන එහි සභාපති ධුරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පවසයි ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන් නියෝජනය කරන එකම සංවිධානය පවසන්නේ දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරියට සාධාරණ පරීක්ෂණයකට මුහුණදීමට නොලැබීම පිළිබඳව සිය බරපතල අවධානය පලවී තිබෙන බවයි. මේ තත්ත්වය යටතේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කරන මෙන් හෝ දෝෂාභියෝග ක්‍රියාදාමය විස්තර කෙරෙන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශාධනය කරන මෙන් අධිකරණ සේවා සංගමය පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලීමක් කරයි. අගවිනිසුරුවරයෙකු පදවියෙන් ඉවත් කිරීමේ විනිශ්චය සභාවක් ලෙසින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බව පෙන්වා දෙන එම සංගමය, එවැනි පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ ස්වාධීන, අධිකරණ මණ්ඩලයක් මගින් බව අවධාරණය කරයි. අගවිනිසුරුවරියට අපහාස කිරීම විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට අපහාස වන ආකාරයෙන් හැසිරීම පිළිබඳව තම බරපතල අවධානය පල වී ඇති බවද අධිකරණ සේවා සංගමය පවසයි. එමෙන්ම තේරීම් කාරක සභාවේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව තීන්දුවක් ලබාදෙන තුරු දෝෂාභියෝග විමර්ශනය පමා කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීමද නොතකා තේරීම් කාරක සභාව එහි කටයුතු පවත්වාගෙන යාමද සංගමයේ විවේචනයට ලක්වේ. මේ අතර රටේ පිළිගත් නීතියක් නොවන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විනිසුරුවරුන් කැඳවා විභාග පවත්වන්නේ නම් එමගින් සිදුකරනු ලබන්නේ ව්‍යවස්ථාවෙන් අධිකරණයට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ඒ බව පැවසුවේ දෝෂාභියෝග විමර්ශනයේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ. බ්‍රහස්පතින්දා එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන්ගේ නීතිවේදීන් කියා සිටියේ, අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයට පමණක් බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එම අධිකරණ බලය පැහැර ගෙන අගවිනිසුරු වරියට එරෙහි චෝදනා විභාග කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි, පෙත්සම්කරුවන්ගේ මතය වූයේ. මේ අතර ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ තර්කය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් රටේ සාමාන්‍ය පුද්ගලයන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ කාර්යය පාර්ලිමේන්තුවට පවරා දී ඇති බවයි. එහිදී අදහස් දැක්වූ ගාමිණී අමරතුංග විනිසුරුවරයා, රටේ සාමාන්‍ය නීතිය නොවන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් විනිසුරුවන්ට එරෙහි චෝදනා විභාග කරන්නේ කෙසේද යන්න නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවී තිබෙන සීමාව තුල පමණක් බවද විනිසුරු ගාමිණී අමරතුංග පැවසීය. පෙත්සම් විභාගය අවසාන කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබන සතියේ අභියාචනාධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීන්දුව ප්‍රකාර ඉදිරි පියවර නොගන්නා මෙන් අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොටි සංවිධානය 'අවසන් වුනු කණ්ඩායමක්' -අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අදහස පළ කළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ නොදීමෙන් කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ මණ්ඩලයට අදහස් දැන ගැනීමට නොහැකි වීම පිළිබඳ සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ පිළිබඳවද සොයා බලන බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව පවසන්නේ ඔවුන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බව පෙන්වීමට බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 'අවසන් වුනු කණ්ඩායමක්' 'අවසන් වුනු කණ්ඩායමක්' පිළිබඳ පරීක්ෂණ පවත්වා කිසිදු ප්‍රයෝජනයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය. පරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදුන්නත් ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවන්ට වෙනත් රටකට ගොස් හෝ තාක්ෂණික සහයෙන් නිදහසේ සාක්ෂි ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සංදේශය මෙහි දී අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය. 'ස්කයිප් හරහා හෝ වෙනත් තාක්ෂණික මෙවලම් හරහා මේ දේ කරන්න උත්සාහ කරනවා කියන කතාව තියෙනවා, සාක්ෂි දෙනවා කියලත් යම් අය කියනවා, ඊට පස්සේ තමයි බලන්න ඕන කොයි ආකාරයෙන්ද අපි මේකට මුහුණ දෙන්නේ කියලා' අමාත්‍යවරයා පැවසීය. නීතිමය පියවර මෙම පරීක්ෂණයට සාක්ෂි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පළ වන මත පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. දෙමළ ජාතික සංවිධානය ඉල්ලා සිටින පරිදි ජාතික ප්රශ්නය පිළිබඳ ඔවුන් සමග රාජ්‍ය සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඉන් පසු තේරීම් කාරක සභාවකට මෙම ප්රශ්නය යොමු කළ නොහැක්කේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසුවේය. දෙමළ ජාතික සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නොවන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂ ඇති නිසා ඔවුන් සමගද සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. | කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි," සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට කරන්නට නොදී ඊට එරෙහි අභියෝගයක් වෙමින් නැගී සිටි ඇය සිය දිරිය වඩවාගත් ආකාරය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින්, "ඒ අභියෝගයට මුහුණ දෙන්න මට උපකාරි වුණේ ස්වභාව ධර්මයා විසින් ලොව ලස්සන කරන්නට දායාද කර ඇති මල් විශේෂයක්, ඒ ඕකීඩ්." යැයි සඳහන් කළාය. "අද මම ඕකීඩි මල් නිසා විශාල සතුටක් විඳින අතර, තවත් තරුණ තරුණියන් ඇතුළු මල් වවන්න ප්‍රිය කරන විශාල පිරිසකට අත දෙන්නත් පුළුවන් වුණා" යැයි කෑගල්ල රඹුක්කන පදිංචි තක්ෂිලා ගුණතිලක බීබීසී සිංහල සේවයට පැවසුවාය. 1997 වසරේදී සමෘධි සංවර්ධන නිලධාරිනියක ලෙස රැකියාව අරඹා පසුව ව්‍යාපෘති සහකාර තනතුර දක්වා උසස් වීම් ලද ඇයට, 2005 වසරේදි සිය ගමන් මග වෙනස් කිරීමට සිදු වූයේ වසා පද්ධතියේ වැළඳුණ පිළිකාවක් හේතුවෙනි. රෝගී තත්වය නිසා ඇයට බොහෝ දේ අහිමි වන්නට විය. කෙසේවෙතත්, සිය දරු දෙදෙනා රැක බලා ගනිමින් තම ජීවිතය ඉදිරියට ගොඩනැගීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නට තරයේ සිතා ගත් තක්ෂිලා, මහරගම පිළිකා රෝහලේ සායන සඳහා සහභාගී වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය. ඉනුදු නොනැවතී 2007 වසර තුළ දෙවරක් ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගිය ඇයගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්නට විය. ඉන්පසු, තක්ෂිලා ඇය සහ සිය පුතුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳ සැලසුම් කිරීම ආරම්භ කළාය. "මගේ පිළිකා රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතින බව මට වෛද්‍යවරුන් දැන්වුවා. ඒ ගැන සතුටක් ඇති වුණත්, ඊළඟ ප්රශ්නය වුණේ මගේ ඉදිරි ජීවිතය දරු දෙදෙනා සමග ගෙවන්නේ කොහොමද කියල. ඒ අවස්ථාව වන විට විට මගේ මහත්තයාත් මා ළඟ නැහැ. නමුත් මම මගේ ජීවිතය ගොඩනගා ගන්නව කියල තරයේ අධිෂ්ඨානයක් ඇති කර ගත්ත. රැකියාව තිබුණත් මගේ රෝගය සදහා අධික ලෙස වියදම් කිරීමට සිදුවූ නිසා මගේ දේපළ පවා මට අහිමි වුණා" යැයි තක්ෂිලා පැවසුවාය. "ඔය අතරතුර මම මුලින්ම අලියෙකුගේ මූර්තියක් නිර්මාණය කළා. එය මගේ ජීවිතයට එක්තරා පුද්ගලයෙකු සිදු කළ අභියෝගයක්. ඒ දේ මම සාර්ථකව නිම කළා. ඒ අතරම මම ඕකිඩ් මල් වගාවක් ද සුළුවෙන් ආරම්භ කළා. මට හිතුන මෙය දියුණු කරගන්න පුළුවන් වෙයි කියල." පිළිකා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සිය ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර දැමීම වැළැක්වීම ඇයගේ අපේක්ෂාව විය. ඒ සඳහා සිය ජීවිතය ආදර්ශමත් ලෙස ගොඩනගා ගැනීමට ඇය ක්‍රියා කළාය. "මගේ මල් වගාවත්, මූර්ති කලාවත් දිනෙන් දින වර්ධනය කර ගත්තා. මගේ රෝගි තත්වය ගැන හිත හිත හිටියනම් අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ" යැයි ඇය පැවසුවාය. "2017 වන විට මම කාන්තාවන් 500 ට අධික පිරිසකට ඕකීඩ් වගාව ගැන පුහුණු පාඨමාලා තියල මල් වගාවට සම්බන්ධ කර ගත්ත. දැන් ඒ අයත් තමන්ගෙ ජීවිත ඉතා සාර්ථක කරගෙන තියෙනව." මල් වගාව දියුණු කිරීම සඳහා සිය රැකියාවෙන් සමුගැනීමට ද ඇය තීරණය කළාය. මේ වන විට දේශිය සහ විදේශිය ඕකීඩ් වර්ග විශාල ප්‍රමාණයක් ඇය සතුය. මේ අතර, සිය මූර්ති නිර්මාණ ප්‍රදර්ශණයක් පැවැත්වීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ඇය පැවසුවාය. සමුගෙන අප එන්නට හැරෙන විට "අසනීප වුණ අවස්ථාවෙ මමත් මේ පිළිකා රෝගය ගැන හිතල මගේ ජීවිතය අඩාල කර ගත්තනම් අද මට මේ තත්වයට එන්න බැහැ" යැයි කී තක්ෂිලාගේ දෑසෙහි ඈ සතු දිරිය පැහැදිලිව ම සටහන්ව තිබිණි. මේ තොරතුරුද කියවන්න: | "මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල." |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතන ජනාධිපති පුතින් තම රටට එරෙහිව පවතින සම්බාධක හමුවේ රුසියානුවන් ස්වශක්තියෙන් නැගී සිටිය යුතු බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් කියා සිටියේ. ක්රිමියාව සහ යුක්රේනය දඩ මීමා කර ගනිමින් රුසියාව තනි කිරීමට ‘රුසියාවේ සතුරන්’ කටයුතු කරමින් සිටින බව ජනාධිපති පුතින් ප්‍රකාශ කළේය. පොදු සමාවක් ක්‍රෙම්ලිනයේ බලධාරීන් අමතා ජනාධිපති පුතින් තවදුරටත් කියා සිටියේ විදේශයන් හි රඳවා තිබෙන මුදල් යළි තම රටට ගෙන එන රුසියානුවන්ට පොදු සමාවක් ලබා දෙන බවයි. අනූව දශකයේදී බොහෝ රුසියානු ව්‍යාපාරිකයන් තම ධන සම්භාරය සයිප්‍රස් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කළ නමුත් සයිප්‍රසයේ ආර්ථිකය කඩා වැටීම නිසා ඔවුන්ට විශාල පාඩු සිදු විය. බටහිර ජාතීන් පනවා ඇති සම්බාධක නිසා ලබන වසරේදී රුසියානු ආර්ථිකය දැඩි අවපාතයකට ලක් විය හැකි බවට රුසියානු රජය අනතුරු අඟවා තිබේ. | ක්රිමියාව ඈඳා ගැනීම සහ යුක්රේන අර්බුදයේදී රුසියාව ක්‍රියා කළ අන්දම සාධාරණීකරණය කරමින් රුසියානු ජනාධිපතිවරයා බටහිර ජාතීන් දැඩි විවේචනයට ලක් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ දර්ශන රූප රාමුවක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ බරපතළ යුද අපරාධ සිදු වූ බවට චෝදනා කෙරෙන 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටය සිංහල උප සිරැසි සහ හඬ කැවීම් සහිතව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පළමු වරට අඟහරුවාදා ප්‍රදර්ශනය කෙරුණි. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත විකාශනය කරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනවලින් ඉල්ලීමක් කළේය. සිය වාර්තා චිත්‍රපටය හරහා දර්ශනය කළ සාක්ෂි හෝ සත්‍ය කරුණු කිසිවක් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට දැනගැනීමට ලැබී නැති බවයි ඔහු කියා සිටියේ. ‘ශ්‍රී ලංකාව තුළ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙලා තියන එක කාරණයක් තමයි බහුතරයක් ජනතාවට, විශේෂයෙන්ම සිංහල ප්‍රජාවට සත්‍ය දැන ගන්න ලැබී නැහැ’ කැලම් මැක්රේ සඳහන් කළේය. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්රේ බහුතර සිංහල ජනතාවට සාමය සහ සත්‍ය සොයා ගැනීමට අවශ්‍ය බව තම විශ්වාසය යැයි පවසන ඔහු වැරදිකරුවන් හැර වෙන කිසිවෙක් සත්‍යයට බිය විය යුතු නැති බවත් සඳහන් කළේය. වරදකරුවන් විසින් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටය දැක බලා ගැනීම් වළක්වා ඇති නමුත් අලුතින් පත් වූ ආණ්ඩුව රටේ පැවති තත්වය වෙනස් කරන බවට ප්‍රතිඥා දී ඇති හෙයින් සෑම අයකුටම වාර්තා චිත්‍රපටය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය. ‘ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ අපරාධ යුක්ති සහගත කිරීම සඳහා දෙමළ කොටි සංවිධානය සිදු කළ අපරාධ වලට මුවා වෙලා ඔවුන් සැඟ වෙන්න උත්සාහ කරනවා’ යනුවෙන් ඔහු පැවසුවේය. දෙමළ කොටි සංවිධානය විසින් සිදු කරනු ලැබූ අපරාධ කිසි ලෙසකින් හෝ යුක්ති සහගත කිරීමට තමන් උත්සාහ නොකරන බවත් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්රේ පැවසුවේය. ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ දර්ශන රූප රාමුවක් ‘ඔවුන් ත්‍රස්ත උපක්‍රම භාවිතා කළා. සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා’ ඔහු සඳහන් කළේය. බහුතරයක් වූ සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් ප්රජාතන්ත්රවාදය යටතේ නිදහසේ ජීවත් වීමට අවශ්‍යව ඇති බව කියා සිටි ඔහු පසුගිය තිස් වසරේ පැවති භයානක තත්වයෙන් ගැලවී සිටින්නට නම් ප්‍රථමයෙන් සත්‍ය සොයා ගත යුතු බව පැවසුවේය. ‘පළමු පියවර, අවංකව ඉදිරියට ආ යුතුයි. මම විශ්වාස කරනවා මේ වාර්තා චිත්‍රපටිය ඊට ආධාර වෙයි කියලා. සිංහල ප්‍රජාව වින්ද මානසික කම්පනය මට සම්පුර්නයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒ වගේම දෙමළ ජනතාව වින්ද දරුණු මානසික කම්පනයත් මට වටහා ගන්න පුළුවන්. වරදකරුවන්ට හැර වෙන කිසිවෙකුටත් අපේ වාර්තා චිත්‍රපටයෙන් පහර ගැසීමක් කෙරෙන්නේ නැහැ’ යනුවෙන් කැලම් මැක්රේ වැඩිදුරටත් කියා සිටියේය. | ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම අවහිර නොකරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (දෙසැම්බර් 09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. පැහැරගෙන යාමට ලක්වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද දින නියම කරනු ලැබිණි. ඊයේ දිනයේදී අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය ඊයේ දින අවසන් කර ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. වෛද්‍යවරියක ඉදිරියේ එම පරීක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඇයට අද දින කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයෙකු ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයෙකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් නීතිඥ කුමාරප්පෙරුම එහිදී කියා සිටියේය. ඒ පිළිබඳව කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළේ සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් සිදුකරන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරු බවත්, එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය. මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙසේ වෙතත් මෙම කාන්තාව වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය. මෙහිදීඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්ත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සුදුසු බවකි. එහිදී අදාළ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටියේ මෙම අවස්ථාවේ තම සේවාදායිකාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බවය. අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් ප්‍රකාශ කරන හෙයින් එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. ඊට අමතරව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කාන්තාවගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට අද දිනයේද ඇයව කැඳවා ඇති බව සඳහන් කළේය. අදාළ කාන්තාවගෙන් ඊයේ සවස 5.30 සිට අද අලුයම 2.30 දක්වා පැය නවයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. මෙහිදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව වෙත විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හැකිතාක් ඉක්මනින් ඉවත් කරගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබාගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය ලබන 12 වනදා වාර්තා කරන ලෙස ද නියම කළාය. ඒ අනුව ඇයට පනවා තිබු තාවකාලික විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 12 දක්වා දීර්ඝ කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ සිටින ස්විස් තානාපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත විය. පරීක්ෂණ ඉදිරියට ගෙනයාම සඳහා, පැහැරගැනීමට ලක්වූ බව පවසන නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ඇය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කළ ඉල්ලීමට ස්විට්සර්ලන්තය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික මත ගැටුමක් පවා ඇතිව තිබිණි. සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තත්ත්වයක ඇය නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මින් පෙර සඳහන් කර කළේය. ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පසුගිය 3 වැනිදා කරුණු වාර්තා කරමින් අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය. එහි සඳහන් වුයේ දෙසැම්බර් 9 වැනිදාට පෙර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසය. ඒ අනුව ඊයේ (දෙසැම්බර් 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාන්තාව ප්‍රකාශයක් දීමට කටයුතු කර තිබිණි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ දින සවස කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටිනු එහි ගිය මාධ්‍යවේදීන්ට ද දක්නට ලැබිණි. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය "මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයින්ට එරෙහිව සිදුවූ ඉතා බරපතළ මෙන් ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා," යනුවෙන් ස්විට්සර්ලන්තය රජය මෙම සිදුවීම ගැන නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මණින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය එමගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ඉරිදා (දෙසැම්බර් 01) නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද, සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වෙතැයි සාක්ෂි සහිතව," තානාපතිවරයාට පෙන්වා දෙන ලද බවය. | කොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එහෙත් ඔවුන් තැනූ එක් අයෙකුට පමණක් පියාසර කළ හැකි සැහැල්ලු ගුවන් යානය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නිවසේ කාමරයක දමා දොරගුළු ලා තිබේ. තවත් ආරක්ෂිත කාමරයක හා ඔවුන්ගේ පර්යේෂණ කාමරය තුළ දුරස්ථ පාලක මගින් ක්‍රියා කරන, ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද කුඩා ගුවන් යානා ආකෘති [Model aircraft] ගබඩා කර ඇත. දරු මුණුබුරන්ට පෙනෙන්නට පමණක් ඔවුන්ගේ නිවස පිහිටි සීමාවේ ඉතා පහතින් එම කුඩා යානා ඉඳහිට පියාසර කරවීමට දැන් ඔවුන්ට සිදුව තිබේ. මේ පවුලේ සාමාජිකයන් සතුව ගුවන් යානා තාක්ෂණය හා අනෙකුත් නව නිපැයුම් අත්හදා බලන්නට වෙන් කළ පර්යේෂණ කාමරයක් ඇත. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු එය අංකුර නිර්මාණකරුවන්ට උත්තේජනය සපයන ස්ථානයකි. ගුවන් යානා තනන 'එඩ්වඩ් පවුල' ශ්‍රී ලංකාවේ වැඩි ම ගුවන් යානා ආකෘති සංඛ්‍යාව තමන් සතු බව කියන මේ පවුලේ ප්‍රධානියා එඩ්වඩ් පෙරේරාය. ඔහු මෙන් ම වැඩිමහල් පුත්‍රයා වන කොලින් පෙරේරා පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ, එක ම දිනකය. ඔහුගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා සහ මුණුපුරෝ ද විනෝදාංශයක් ලෙස ගුවන් යානා තාක්ෂණය අත්හදා බලමින් සිටිති. මේ පවුලේ එක ම දියණිය මෘදුකාංග ඉන්ජිනේරිවරියක වන මිහිකා පෙරේරාය. ඇය පියාට සහ සොහොයුරන්ට ගුවන් යානා සැලසුම් කිරීමේදී මතු වන තාක්ෂණික ගැටලු නිරාකරණය කර දෙන්නීය. පොලිස් අත්අඩංගුවට සිය විනෝදාංශය නිසා මොවුන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථා ද තිබේ. ''නීති නොදන්නා නිසා ඇතැම් නිලධාරීන්ගෙන් අපට අනන්තවත් හිරිහැර වෙලා තිබෙනවා. හත් අට වතාවක් මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව කියල තිබුණ මෙයා නීතියට අනුව වරදක් කරල නෑ කියල,'' යනුවෙන් එඩ්වඩ් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය. මීගමුව නගරය ආසන්නයේ ම කර්මාන්ත ශාලාවක ඇතුළු කාමරයක එඩ්වඩ්ගේ පරීක්ෂණාගාරය පිහිටා තිබේ. යන්ත්‍ර සූත්‍ර පසුකර ගොස් එම කාමරයට ඇතුළු වන විට ඇති වූයේ කුතුහලය පිරි හැඟීමකි. එඩ්වඩ් පවුලේ සාමාජිකයන් අතින් නිර්මාණය කෙරුණු ආකෘති ගුවන් යානා බොහොමයක් පරීක්ෂණ කාමරය තුළ දක්නට ලැබේ. එමෙන් ම ගුවන් යානා ආකෘති නිර්මාණය පිළිබද නවීන තාක්ෂණික දැනුම සහිත ලොව ප්‍රකට සඟරා, නව නිර්මාණවලට අදාළ ඉංජිනේරු සැලසුම් මෙන් ම විවිධ ක්ෂේත්රවලට අයත් නව නිපැයුම් එහි දක්නට ලැබේ. ඒ අතරින් ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානීන් සමග එඩ්වඩ් ගත් ඡායාරූප පෙළක් දෙස අපගේ නෙත් යොමු විය. ඒ ගැන විමසීමේදී එඩ්වඩ් පෙරේරා පැවසුවේ එම ඡායාරූප තමන්ගේ මෙම පරීක්ෂණ කාමරයේ පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ ගැන මෙතෙක් කිසිදු මාධ්‍යයකට හෙළි නොකළ රහසක් පළමු වරට බීබීසී සිංහල සේවය ඔස්සේ හෙළි කරන බවය. ''යුද්දේ කාලේ මට අවස්ථාවක් ලැබුණා මිනිසුන් රහිත ගුවන් යානාවක් හදල දෙන්න ගුවන් හමුදාවට. ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප තමයි ඔය තියෙන්නේ. මම මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගත්තේ නෑ. ඒක ඉතා රහසිගතව සිද්ධ වුණු දෙයක්. මේක දැන් කියන්න තහංචියක් නෑ කියල මම විශ්වාස කරනවා,'' යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. එඩ්වඩ් පවසන ආකාරයට 2000 වසරේදී එම යානය ගුවන් හමුදාවට භාර දී තිබේ. රතිඤ්ඤා එතීමට ගෙනා කොළවලින් ඇරඹූ ගමන මේ වන විට 73 වන වියේ පසුවන එඩ්වඩ් පෙරේරා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එකල ඔවුන්ගේ නිවාස පිහිටියේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේය. එවක එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොවුව ද රාජකීය ගුවන් හමුදාවේ සංදර්ශන නැරඹීමට 1958දී පමණ කාලයක සිට තමන් එහි ගිය බව එඩ්වඩ් පවසයි. ඒ හරහා ගුවන් යානා පිළිබඳ ආශාවක් ඇති වන්නට පසුබිම සැකසී ඇත. පියා ගෘහ කර්මාන්තයක් ලෙස රතිඤ්ඤා නිෂ්පාදනය කළ අතර රතිඤ්ඤා එතීමට අවශ්‍ය කොළ රැගෙන ඒමට දිනක් එඩ්වඩ් නිවසින් පිටත්ව ගිය අතරේ ඔහුට ගුවන් යානාවල ඡායාරූප ඇතුළත් සඟරා කිහිපයක් හමුවී තිබේ. ඒ සඟරාවලට ඇති වූ ආශාව නිසා ඒවා තමන් ළඟ සුරැකිව තබා ගත් බව එඩ්වඩ් පැවසුවේය. ''මම තාත්තට කිව්වා රතිඤ්ඤා ඔතන්න මේ සඟරා ටික නම් දෙන්න බෑ කියල. මම ඒවායින් තමයි දැන ගත්තේ ආකෘති ගුවන් යානා කියල වර්ගයක් තියෙනවා. ඒවා බලාගෙන තමයි ලොකු ගුවන් යානා හදන්නේ කියලා. ඒ කාලේ ඔක්කොම මට හිනා වුණා.'' එඩ්වඩ් සිය මතකය අවදි කළේය. 50 දශකයේ මීගමුව ආශ්‍රිතව කොහු මෝල් සහ මිරිස් මෝල් වැඩි වශයන් පිහිටා තිබුණු බව එඩ්වඩ් පවසයි. එම මෝල්වල පිහිටි විශාල යන්ත්‍ර සූත්‍ර දැක බලා ගැනීමට ඔහු වැඩිහිටියන්ගේ අතේ එල්ලී නිතර ගිය බව සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි. ''මම ඒ කාලේ ඉදන් හරි ආසයි මේ කැරකෙන පුදුම හිතෙන දේවල් බලන්න. 1952 මාරිස්ටෙලා ඉස්කෝලේ හිටපු සුදු බ්‍රදර් කෙනෙක් අපිට එන්ජිමක කුඩා ආකෘතියක් ගෙනත් පෙන්නුවා. ඒක වැඩ කළේ වාෂ්ප බලයෙන්. හරියට අපේ ගමේ ලොකු මෝල්වල තිබුණ එන්ජිමක් වගේමයි. 65දී අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකට මම ඒ වගේ ම වාෂ්ප එන්ජිමක් හදලා පළවෙනියා වුණා,'' යැයි එඩ්වඩ් පැවසුවේ අදටත් සිය පරීක්ෂණ කාමරය තුළ ඇති, තවමත් ක්‍රියාත්මක කළ හැකි එම 'ජයග්‍රාහී එන්ජිම' පෙන්වමිනි. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රියක් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර නිපදවන්නට කුඩා කල ඇති වූ ආශාව අදටත් ඔහු තුළ පවතී. එබැවින් මේ දිනවලත් වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන තවත් නිර්මාණ කිහිපයක් එඩ්වඩ් අත්හදා බලමින් සිටී. ඒ අතර ඔහු අප කැඳවාගෙන ගියේ පරීක්ෂණ කාමරයෙන් පිටත ස්ථානයක තබා ඇති එඩ්වඩ් සිය මුණුපුරා වෙනුවෙන් සාදන ලද වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය පෙන්වීමටය. ඉතා හොඳ නිමාවක් සහිත එම දුම්රිය එන්ජිම තුළ විශාල දුම්රිය එන්ජින් තුළ ඇති සියලු යාන්ත්‍රික කොටස් අන්තර්ගත බව එඩ්වඩ් විස්තර කළේය. පසුව ඔහු විසින් නිර්මාණය කළ රියැදුරෙකු නොමැතිව එක ම දුම්රිය මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවලට ධාවනය වන දුම්රිය දෙකක් පණ ගන්වා පෙන්වීය. ''මේ වගේ ආදර්ශ හරි නම් තියෙන්න ඕන අපේ කාර්මික විද්‍යාලවල. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් ම පරිගණකගත පරිපථ ආධාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කොයි ම වෙලාවකවත් එක පීල්ලේ ආවට මේ කෝච්චි හැපෙන්නේ නෑ. ඒවා නියමිත තැන්වල නවත්තගෙන ඉදලා තත්පර කිහිපයක ගැප් එකකින් පීලි මාරු වෙනවා. ඒ අනුව නියම විදියට මේ සිග්නල් ලයිට් වැඩ කරනවා,'' යනුවෙන් එඩ්වඩ් පැවසුවේ කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය මේ දැනුම බෙදා දෙන්නට ඕනෑ ම අවස්ථාවක සූදානම් බව සිහිපත් කරමිනි. ''තණකොළ පෙත්තා '' නිසා උඩ ගිය හැටි රෝද දෙකේ අත් ට්රැක්ටරය නිපදවීමෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයට කළ මෙහෙවර වෙනුවන් ලොව පුරා ප්‍රසිධියට පත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු මෙන් ම නව නිපැයුම්කරුවෙකු සහ ගගන විද්‍යාඥයෙකු වූ රේ විජේවර්ධන හමුවීම එඩ්වඩ් පෙරේරාගේ ජීවිතයේ සන්ධිස්ථානයකි. ''මම නිවාඩු තියෙන හැම වෙලාවක ම ගිහිං ඩොක්ටර් රේ ට උදව් කළා. එයා ඒ වෙනකොට ගුවන් යානා දාහතරකට වැඩිය හදලා තියෙනවා. මිනිසුන්ට යන්න පුළුවන් ඒවා හදනකොට මමයි ලොකු පුතයි උදවු කළා. ඩොක්ටර් රේ අන්තිමට හදපු මිනිස්සුන්ට යන්න පුළුවන් යානය බලපත්‍රයකින් අපිට තෑගි කළා. ඒත් නඩත්තු කරන්න බැරි නිසා අපි ඒක භාරගත්තේ නෑ.'' යනුවෙන් එඩ්වඩ් පවසද්දී ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද ඒ අතීතය සිහිපත් කළේය. ''රේ විජේවර්ධන හම්බ වෙනකොට මම හය වෙනි පන්තියේ. එතනින් තමයි මට රේඩියෝ කොන්ට්‍රෝල් ප්ලේන්වලට, අල්ට්රා ලයිට් ප්ලේන්වලට යන්න පුළුවන් වුණේ. බොහොම සන්තෝෂයි කියන්න ලංකාවේ පළමුවෙන් ම හදපු අල්ට්රා ලයිට් සැහැල්ලු ගුවන් යානය හදන්න පුංචි කාලේ මට පුළුවන් විදියට දායක වෙන්න ලැබුණා. ඒක තමයි ඩොක්ටර් රේ විජේවර්ධන හදපු තණකොළ පෙත්තා කියන ගුවන් යානය,'' යනුවන් කොලින් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය. එඩ්වඩ් පෙරේරාගේ අනෙක් පුත්‍රයා වන අමිත් පෙරේරා ද මේ දිනවල දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන විශාල ප්‍රමාණයේ යානාවක් නිර්මාණය කරමින් සිටී. ඔහු ඒ සඳහා යොදා ගන්නේ 150CC ධාරිතාවක් සහිත එන්ජිමකි. ''මම හිතනවා මේක එකලස් කරලා ඉවර වුණහම මේක තමයි ලංකාවේ තියෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන ලොකු ම යානාව වෙන්නේ. මේකේ තටු වල දිග අඩි 14ක් වෙනවා. කඳ අඩි 7ක්. මම දන්න තරමට දැනට ලංකාවේ දුරස්ථ පාලයකින් ක්‍රියා කරන ලොකු ම 3-D එයාර් ක්‍රාෆ්ට් එක තියෙන්නෙත් මගේ ළඟ. සමහර බඩු අපි පිටරටින් ගේනවා. මේවයේ සැකිල්ල හදන්නේ, යකඩ ලේත් වැඩ සේරම කරන්නේ අපිමයි,'' යනුවෙන් අමිත් පෙරේරා ප්‍රකාශ කළේය. අමිත්ගේ ගුවන් යානා නිර්මාණ සහිත කාමරයේ කොටසක් ඔහුගේ පුතු රෙහාන් පෙරේරා වෙනුවෙන් ද වෙන්කර තිබේ. අවුරුදු 9ක් වයසැති රෙහාන් ද පියා, සීයා සහ මහප්පා සමග එක්ව නව අත්හදා බැලීම් කරමින් සිටී. එඩ්වඩ්ගේ දියණිය වන මිහිකා පෙරේරා මේ වන විට විදෙස්ගතව ජීවත් වන අතර ඇය සිය පවුලේ අත්දැකීම් මෙලෙස විස්තර කළාය. මිහිකා පෙරේරා ''පුංචි කාලේ ඉදන් පවුලේ අපි පස් දෙනාම ගුවන් යානා පදින්න වගේ ම රිමෝට් කොන්ට්‍රෝල් යානා යවන්න කල්පිටිය වගේ පැතිවලට යනවා. බොහෝ දවස්වලට අපි යන්නේ ඉරිදා දවස්වලට. තාත්තත් එක්ක ප්ලේන්වල ගිය අත්දැකීම් හරිම සුන්දරයි.'' ගුවන් යානා තාක්ෂණය කෙරෙහි දැනුමක් නොමැති වුව ද සැමියාගේ සහ දරුවන්ගේ විනෝදාංශවලට තමන් ද ඉතා ප්‍රිය කරන බව එඩ්වඩ්ගේ බිරිඳ විල්මා ප්‍රනාන්දු පැවසුවාය. ''මම තමයි මේ සේරට ම මුදල් කළමනාකරණය කරන්නේ. ඇතැම් ගමන්වලට මට යන්න ලැබෙන්නේ නෑ. ෆැක්ටරියේ වැඩ බලාගෙන ඉන්නවා. සතිය පුරා ම අපි මහන්සි වෙලා හම්බ කරන දේ මේවට තමයි වියදම් කරන්නේ. අපේ පවුලේ වෙන වියදම් නෑ. අපේ පවුල්වල හැමෝ ම මේකෙන් ලොකු සතුටක් ලබනවා. මේක විනෝදාංශයක් වගේ ම අධ්‍යාපනයක් ලැබෙන වැඩක්,'' විල්මා ප්‍රනාන්දු පැවසීය. කියවන්න : | විනෝදාංශයක් ලෙස පියාසැරි යානා තනන පරම්පරා තුනක සාමාජිකයන්ගෙන් යුතු පවුලක් ගැන මීගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දායක සභා දැනුවත් කොට ඒවායේ සහාය ලබා ගනිමින් අසරණ තත්වයේ පසු වන ජනතාවට සහන සැලසීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන නාහිමි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ. 'ඒ ලබා දෙන සහනාධාර ඒ පිරිස් අතරේ සාධාරණ විදිහට බෙදා දෙන්න සලස්වනවා නම් හොඳයි.' උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. | වෙසක් සමයේ දන්සැල් සඳහා වියදම් කරන මුදල් ගංවතුරෙන් සහ නාය යෑම් හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙත කැප කරන මෙන් අස්ගිරි මහනාහිමියෝ ඉල්ලා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බදාදා ගිරාඳුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ පැවති වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ත්‍රික් ජාතික වැඩසටහනට එක් වෙමිනි. රාජ්‍ය නිලධාරියන්ගේ වාහන බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අහිමි වූ වරප්‍රසාදය නැවත ලබා දීමට මේ වන විට චක්‍රලේඛ නිකුත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. දැනට සිටින මහ බැංකු අධිපතිවරාගේ නිල කාලය හෙට (30) අවසන් වන බැවින්, ඉදිරි පැය කීපය තුළ නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. බරපතළ සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය, නිවාරණය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කරන බව වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවට අනාවරණය වීමත් සමග ග්ලයිෆොසේට් වල් නාශකය ගෙන්වීම රජය තහනම් කළ අතර ඒ වෙනුවෙන් ගෙන්වන විකල්ප වල් නාශකය පිළිබඳවද මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතින බවත් එම වල් නාශකය ද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේ නම් එය ගෙන්වීමද වහාම නැවැත්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. | ජන ජීවිතයට බලපා ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කොට සහන සැලසීමේ අරමුණින් නැවතත් වැට් බදු සංශෝධනයක් සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගතව ගිය දශකයකට අධික කාලය ඇතුළත රට පුරා පිහිටි එවැනි ස්ථාන ආරක්ෂා කිරීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසන රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට එවැනි ස්ථාන හඳුනා ගැනීම පවා දුෂ්කර බවත් පෙන්වා දෙයි. "ඒ නිසා අපි ඇත්තටම තමන්ගේ මියගිය ඥාතීන්ට ගරු කිරීමේ ඥාතීන්ගේ අයිතිය උල්ලංඝනය කරමින් ඉන්නවා," යනුවෙන් ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමිය අසල ස්මාරකය අබියස පැවති සුනාමි අනුස්මරණ උත්සවය අතරතුර මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමිනි. "මිහිදන් කළ සමහර ස්ථාන හඳුනා ගන්නත් බැරි තරම්" 2004 දෙසැම්බර් 26 වෙනි දින හටගත් සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් 40,000 කට ආසන්න පිරිසකට ජීවිත අහිමිවිය. එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් 5000 කට අධික පිරිසක් මියගිය බව තක්සේරු කෙරේ. ඒ අතරින් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් සමූහ වශයෙන් මිහිදන් කරනු ලැබ තිබෙන්නේ අක්මීමන කුරුඳුවත්ත සොහොන් භූමියේය. එම සුසාන භූමිය ආසන්නයේ ස්ථිර ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳව දේශපාලන සහ පරිපාලන අධිකාරියට ස්තුතිවන්ත වන බව පවසන සුනාමි ව්‍යසනය අවස්ථාවේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු වලට දායක වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය යූසීපී පෙරේරා, එතනට මඳක් ඈතින් පිහිටි එම පිරිස මිහිදන් කළ ස්ථානය ආරක්ෂා කරන මෙන් සහ එම ස්ථානයේ ද විශේෂ ස්මාරකයක් ඉදිකරන මෙන් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. සුනාමියෙන් ගාල්ල නගරයට සහ දිස්ත්‍රික්කයට බරපතල හානි සිදු වූ අතර මුළු ගමක්ම විනාශ කරමින් එකම පරම්පරාවකින් පැවත එන 96 දෙනෙකු සුනාමියට හසුව මියයාමේ ඉතා සංවේදී පුවතක් ද ඒ අවස්ථාවේ වාර්තා විය. ගාල්ල කටුගොඩ සීජීආර් වත්ත ප්‍රදේශයේ දිවි ගෙවූ සියලු දෙනාම ඥාතීන් වූ අතර, සුනාමියෙන් දිවි බේරාගැනිමට හැකි වූයේ ගම්වාසීන් අතරින් ඉතා සුලු පිරිසකට පමණි. ධීවර ගමේ තිබූ නිවාස 120ම මුහුදු රළ පෙළ විසින් විනාශ කර දමන ලදි. මුහුද තමන්ට කෙතරම් රුදුරු වුවත් මොහමඩ් සලිත් අදත් මුහුද සමග පොර බදින්නේ එදා වේල සරි කර ගැනීමට එහිදී දිවි බේරාගත් 53 හැවිරිදි මොහමඩ් සලිත් ධීවරයාගේ පවුලේ 18 දෙනෙක් සුනාමියට බිලි විය. "මගේ බිරිඳ, දුව ඇතුළු බිරිඳගේ සහ මගේ පවුලේ 18 දෙනෙක් නැතිවුනා. ඒ වගේම ගමේ ජීවත්වුණ 96 දෙනෙක් තත්පර ගණනකදි ඇස් ඉදිරිපිටම මරු තුරුලට ගියා. මට ඒක මගේ ජිවිතයේ කවදාවත් අමතක කරන්න බැහැ." මුහුද තමන්ට එතරම් රුදුරු වුවත් අදටත් දෙවට මුහුදු තීරයේ තමන් ඇතුළු දිවි බේරාගත් ඥාතින්ට එදා වේල සරි කර ගැනීම පිණිස මා දැල් අදිමින් මුහුද සමග පොර බැදීමට සිදුව තිබෙන බවත් මොහමඩ් සලිත් පැවසීය. මේ අතර දිස්ත්‍රික් ලේකම් එස්ටී කොඩිකාර ප්‍රධානත්වයෙන් හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල පැවැත්වුන ගාල්ල දිස්ත්‍රික් සුනාමි සැමරුමට සර්ව ආගමික නායකයින්, ජාතික අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ඩීඑල්එස් සේනාධීර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් පිරිසක් එක්ව සිටියහ. මගීන් 1500 කට අධික පිරිසකට මරු කැඳවමින් දළ රළ පෙළට කොටු වූ පැරෑලිය තෙල්වත්ත දුම්රිය යළි ධාවනය කොට පෑරැලිය සුනාමි ස්මාරකය අසල දුම්රිය නවත්වා දුම්රියෙන් පැමිණි පිරිසක් ද එක්ව එහිදීත් මියගිය පිරිස් සිහිපත් කෙරුණි. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ හටගත් දරුණු භු කම්පනයකින් අනතුරුව මතු වූ සුනාමි රළ පහරින් ලොව පුරා රටවල් ගණනාවක මිනිස් ජීවිත ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් අහිමි කෙරිණ. තවත් යොමු: | සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කරන මෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ''මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.'' ඒ සම්බන්ධයෙන් පැවති පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කොට එකී අදහස්වලට ගරු කොට සංශෝධිත යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සියල්ලම අපි පිළි අරගෙන තිබෙනවා.'' 'මේ පිළිබඳ විශේෂයෙන්ම වැදගත් කරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ වගේම තවත් පක්ෂත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ බලතල, ආකෘතිය, වපසරිය ගැන විවාදයක් තිබුණු බව ඔබ දන්නවා.' ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරුණේ පසුගිය ජනවාරි 09 වනදායි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සියලු ජන කොට්ඨාශ සහ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ආණ්ඩුවේ යෝජනාව වී ඇත්තේ. ව්‍යවස්ථා සම්පාදනය සඳහා සියලු පක්ෂවල අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණ වී ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ. අභිනවයෙන් පත් කර ගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් සම්පාදනය කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු අතර එලෙස සම්මත කර ගනු ලබන පනත් කෙටුම්පත ජනමත විචාරණයක දී මහජන අනුමැතියෙන් ද සම්මත වුනොත් පමණක් එය රටේ මූලික නීතිය ලෙස පිළිගත යුතු බවයි එම අවස්ථාවේ අගමැතිවරයා සඳහන් කළේ. | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම පිළිබඳ හෙට බදාදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු ඡන්ද විමසීම කල් තැබීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "සටන තවත් ඉවර නැහැ" යැයි ඉරිදා (2) සොනාලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබිණි ඇය තමන් පීඩා විඳින පිළිකා රෝගයට එරෙහිව ගෙන යන සටන සහ අත්දැකීම් ගැන නිතර සටහන් ලියුවාය. මේ හේතුවෙන්, 43 හැවිරිදි රංගන ශිල්පිනිය ගැන ප්‍රශංසා කරමින් සමාජ මාධ්‍ය ජාලවල බොහෝ වැකි පළ වී තිබේ. සොනාලි බෙන්ද්‍රේ "සුව අතට හැරෙමින්" සිටින බව ඇගේ සැමියා ගෝල්දි බේල් පැවසූ නමුත්, ඇය නිතර වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙමින් සිටින්නීය. ඇය මෙම රෝගය පිළිබඳ විවෘතව කතා කිරීම සැබවින්ම තමන් "ධෛර්යමත්" කරන බව සමහර පිළිකා රෝගියෝ පවසති. පිළිකා වැනි "වසන් කෙරෙන මාතෘකා" ගැන ප්‍රසිද්ධ පුද්ගලයන් විවෘතව කතා කිරීම "වෙනසක් පිළිගැනීමක්" යැයි පියයුරු පිළිකා රෝගයෙන් මිදී වර්තමානයේ ඉන්දියානු පිළිකා සංගමයේ රැකියාවේ නිරත රේණුකා ප්‍රසාද් සඳහන් කළාය. බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ "මෙම රෝගයට පත් වූවන්ගේ ජීවිත කතාව අනෙක් රෝගීන්ට බොහෝ විට අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් සොනාලි බෙන්ද්‍රේ වැනි කෙනෙකු ජීවිතය විඳිමින් සිටිනවා දකින එක ඇත්තටම ඔවුන් ධෛර්යමත් කරනවා." "එයින් ඔවුන්ට හැඟවෙනවා පිළිකාව කියන්නේ මරණ වරෙන්තුවක් නොවන බවත් රෝගයෙන් පසුවත් ජීවිතයක් තියෙනවා වගේම එය ඉතා හොඳ එකක් වන බවත්," රේණුකා ප්‍රසාද් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: හොඳින් ගෙවුණු ජීවිතයක් සහ ප්‍රීතිමත් අවසානයක් බීබීසී දිල්ලි වාර්තාකාරිනී ගීතා පාන්ඩේගේ වාර්තාවකි පසුගිය ජූලි මස දී සොනාලි බෙන්ද්‍රේ පිළිකා රෝගයට ගොදුරු වෙලා යැයි පළමු වරට දැනගත් සැණින් මගේ මතකයට පැමිණියේ අතිශය ජනප්‍රිය වූ 'කල් හෝ නා හෝ' බොලිවුඩ් චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතයයි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑ ෂාහ් රුක් ඛාන් හදවත් රෝගියෙකුගේ චරිතයට පන පෙවූ අතර, සොනාලි ඔහුගේ වෛද්‍යවරිය ලෙස මහත් පෞරුෂයකින් හෙබි චරිතයක් රඟපෑවාය. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ නිව්යෝක් නුවර වන අතර, ෂාහ් රුක් ඛාන්ට සිය දුර්වල හදවත සමඟ ජීවත් වීමට සොනාලි බෙන්ද්‍රේ උපකාර කරනු දැකිය හැකිය. කෙසේවෙතත්, අවසානයේ දී ඔහුට සුවයක් නොලැබෙන හෙයින් ඇයට ප්‍රතිකාර කිරීම් නැවැත්වීමට සිදු වූ අතර, සියල්ලන්ගේම කඳුළු මධ්‍යයේ ඔහු ජීවිතයෙන් සමුගන්නා ආකාරය චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළෙහි දක්නට ලැබේ. ෂාහ් රුක් ඛාන් සහ සොනාලි බෙන්ද්‍රේ චිත්‍රපටය එළි දක්වා වසර පහළොවකට පසු වෛද්‍යවරියකගේ සිනමා චරිතයෙන් සැබෑ ජීවිතයේ රෝගියෙකු බවට පත්වීමට සොනාලිට සිදු විය. පසුගිය මාස ගණනාවක් පුරා "දරුණු ගණයේ පිළිකා රෝගයක්" සමග සටන් වදිමින් ඇය නිව්යෝක් නගරයේ ජීවත් වූවාය. ෂාහ් රුක් ඛාන් ඇතුළු ඇය සමග රඟපෑ තවත් බොලිවුඩ් රංගන ශිල්පියෝ ඇයගේ සුව දුක් විමසීමට රෝහලට පැමිණියහ. සඳුදා (දෙසැම්බර් 03) ඇය පිළිකා රෝගය මර්දනය කළ බව පුවත ඇසීමට ඉන්දියානුවන්ට හැකි විය. සිය සැමියා සමග දෑත් පටලවාගෙන සිනාමුසු මුහුණින් සඳුදා උදෑසන ඇය මුම්බායි ගුවන් තොටුපලට පැමිණියාය. එය ඇත්තෙන්ම ප්‍රීතිමත් අවසානයක් විය. ................... "ප්‍රසිද්ධ පුද්ගලයන් මෙවැනි රෝග ගැන කතා කිරීම ඉතා වැදගත්. එයින් මේ රෝග ගැන අන් අය දැනුවත් වෙනවා" යැයි පිළිකා රෝගීන් සමග ක්‍රියා කරන රේණුකා ප්‍රසාද් පැවසුවාය. "සටන තවත් ඉවර නැහැ" යැයි ඉරිදා (2) සොනාලි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබිණි. ප්‍රතිකාර අවසන් වුවත් "රෝගය නැවතත් මතු විය හැකියි" යනුවෙන් ඇයගේ සැමියා වාර්තාකරුවන්ට පැවසීය. "සටන් කිරීමට සූදානම්" යනුවෙන් පිළිකා රෝගය හඳුනාගත් පසු ඇය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇති අතර, සිය දෙමාපියන්ට සහ මිතුරන්ට ද ස්තුති කර තිබිණි. එමෙන්ම ඇයගේ "දරුණු ගණයේ පිළිකාව" ශරීරයේ පැතිරී ඇතැයි ද සඳහන් කර ඇත. බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට හැකිය. මෙම රෝගය ගැන සිය දොළොස් හැවිදිරි පුතාට පැවසූ ආකාරය ගැන ද ඇය එක් සටහනක් පළ කර කළාය. "අපිට ඔහු ආරක්ෂා කරන්න ඕනෙ වගේම, අපි දන්නවා ඔහුට හැමදේම පැවසීම වැදගත් කියලා.... ඔහු මේ ආරංචිය වැඩුණු පුද්ගලයෙකු ලෙස භාර ගත්තා... සැණකින් මගේ ශක්තියේ සහ ධනාත්මක බවේ ප්රභවය බවට ඔහු පත්වුණා," යැයි සොනාලි ජූලි මස දී ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණි. රෝගය සමග ජීවත් වීම ගැන ඇය පළ කළ සටහන්වලට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. "නරක දවස්" යැයි සඳහන් කර ඇති එක් වීඩියෝවක ඇය සිය හිස මුඩු කරන ආකාරය දැකිය හැකිය. තවත් විටෙක ඇය පවුලේ ඥාතීන් සහ යහළුවන් සමග සතුටින් සිටින ඡායාරූප පළ කර ඇත. පිළිකාව ගැන විවෘතව කතා කළ පළමු ඉන්දීය ප්‍රසිද්ධ චරිතය සොනාලි බෙන්ද්‍රේ නොවේ. 2012 දී ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං තමන් පිළිකාවකින් පෙළෙන බව හෙළි කර අතර, රෝගයට එරෙහි සටන ගැන ග්රන්ථයක් රචනා කිරීමට ද කටයුතු කළේය. එමෙන්ම, රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් ද තමන් බරපතල රෝගයකින් පෙළෙන බව මෙම වසර මුල දී හෙළි කළේය. තවත් තොරතුරු: | දරුණු පිළිකා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බොලිවුඩ් නිළි සොනාලි බෙන්ද්‍රේ නිව්යෝක් නුවර සිට නැවත ඉන්දියාවට පැමිණ තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දියාව සහ පකිස්තානය වැනි රටවල මල්ලව පොර ක්‍රීඩකයන්ට අභියෝග කළ හැකි මට්ටමක තමන් සිටියත් වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය නියෝජනය කරන මල්ලව පොර ක්‍රීඩකයකු වන කැලුම් ක්‍රිශාන්ත පවසන්නේ. නවසීලන්තයට එරෙහිව පැවැත්වුන තරඟයේ දී තමා ලද පරාජය ගැන සඳහන් කළ කැලුම් ක්‍රිශාන්ත තමා අවසානය තෙක් පොර බැදුවත් ජයග්‍රහණය නවසීලන්තය සතු වූ බවයි කියා සිටියේ. කැලුම් ක්‍රිශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී සිය ක්‍රීඩා කුශලතා වැඩි දියුණු කර ගත් මල්ලව පොර ශූරයෙකි. ක්‍රීඩා කුශලතා තවත් වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම සිය ඉලක්කය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. ‘ග්ලාස්ගෝ’ තරඟාවලිය නියෝජනය කරන කුෂාන් ප්‍රනාන්දු අදහස් දක්වමින්, මෝල්ටා මල්ලව පොර ශූරයකු සමඟ පැවති තරඟයෙන් තමා ජය ගත්තත් ඊ ළඟ තරඟ දෙකකින් පරාජය වූ බවයි කියා සිටියේ. ජාත්‍යන්තර පුහුණුකරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන බවයි, කුෂාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. එම තරඟාවලියට සහභාගී වෙන ගයාන් චතුරංග පවසන්නේ, රන් පදක්කම්ලාභී පකිස්තාන් ක්‍රීඩකයකු සමඟ පැවති ඉතා තියුණු තරඟයක් අවසානයේ තමා පරාජය වූ බවයි කියා සිටියේ. ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණීමට පෙර තමා ඉරානයේ සුමාන දෙකක පමණ පුහුණුවක් ලද බව කියා සිටි කුෂාන් ප්‍රනාන්දු ඊට වැඩි කාලයක ප්‍රමාණවත් පුහුණුවක් ලැබුණේ නම් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිව තිබුණ බවයි කියා සිටියේ. “ඉහල මට්ටමේ ජාත්‍යන්තර පුහුණු කරුවකු ලබා දී අපේ තත්වය දියුණු කළොත් අපටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජවයක් ලබා ගන්න පුළුවන්. ඉන්දියාවේ සහ පකිස්තානයේ මල්ලව පොර ක්‍රීඩකයන්ට එම පහසුකම් ලැබෙනවා ” කුෂාන් ප්‍රනාන්දු, මල්ලව පොර ශූරයා පෙන්වා දෙයි. බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කුෂාන් ප්‍රනාන්දු කියා සිටියේ, ඉදිරියේ ආරම්භ කෙරෙන ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් පදක්කමක් දිනා ගැනීම සිය ඉලක්කය බවයි. | ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කිරීමට නම් තමන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුව ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික මල්ලව පොර ශූරයෝ කියා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කැරලි මර්ධක පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය ආණ්ඩුවේ කාර්යාල සහ වෙනත් ස්ථානවලින් උද්ඝෝෂකයන් ඉවත් කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය සතියක් ඇතුලත් පළමු වරට කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන්ට සහාය දීම පිණිස නිරායුධ හමුදා භට ඛණ්ඩ යොදවා තිබිණ. දැනට පිටුවහල්ව සිටින හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගෙන් නියෝග ලබා ගන්නා බවට අගමැතිනි යින්ලක් ෂිනවත්ට චෝදනා කරන උද්ඝෝෂනයේ නායකයෝ ආණ්ඩුවට එරෙහිව නැගිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. එහෙත් අද දිනය නිමා වන විට ඔවුන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට හෙට සඳුදා සිට මහා වැඩ වර්ජනයක් දියත් කරන ලෙසයි. පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම්වලින් මේ වන විට සිවු දෙනකු මරුමුවට පත් වී තිබේ. | ආණ්ඩුව පෙරලා දැමීමේ උත්සාහයක් වශයෙන් දහස් ගණන් උද්ඝෝෂකයෝ තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩුවේ කාර්යාල, රූපවාහිනී මධ්‍යස්ථාන සහ පොලිස් මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'විපක්ෂයෙන් අවොතින් එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි' මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන්. ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ 'ඇන්ඩ් කොම්පැනි' දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ. තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය. 'ඇන්ඩ් කොම්පැනි' "ෂූටින් තියෙන දවසට කලින් දවසේ අපිට කතා කරලා කිව්වා 'ඇන්ඩ් කොම්පැනි' නැවැත්තුවා කියලා, මම නිෂ්පාදක තුමාගෙන් ඇහුවා, එතුමා කිව්වා ඉහළින් මේ වැඩසටහන නවත්තන්න කියලා තියෙනවා කියලා... රජය පැත්තෙන් ආවොතින් ඒ අයට දෙන්න පුළුවන් හැම රුකුලක් ම දෙනවා, විපක්ෂයෙන් අවොතින් අන්න එයාට ඕනෑ තරම් කැපිලි කෙටිලි තියෙනවා," රවීන්ද්‍ර යසස් පැවසීය. ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ ‘ඇන්ඩ් කොම්පැනි’ දේශපාලන ප්‍රහසන මාලාව මේ අතර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයෙකු වන රංගන ශිල්පී ජගත් බෙනරගම පවසන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන 'පබසරා' ටෙලි නාට්‍යයෙන්, දේශපාලන හේතු මත තමා ඉවත් කර ඇති බවයි. "කොටස් 100 ක නාට්‍යයක කොටස් 30ක් රඟපාල තියෙද්දී එක්වරම මම නොදැනුවත්වම මගේ චරිතය මරා දමල, මම වෙනුවෙන් වෙනත් කෙනෙක් දාල තමයි ඒ මරා දැමුණු දර්ශනය අරගෙන තියෙන්නේ, මට ඒ ගැන කිව්වෙත් නැහැ, මේක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්," ජගත් බෙනරගම පැවසීය. ප්රජාතන්ත්රවාදී පක්ෂයට සම්බන්ධ මෙම කලාකරුවන් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් චෝදනා නැගීම සාධාරණ නොවන බවයි රජයේ ජනමාධ්‍ය අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසන්නේ. 'අසාධාරණයක් නෑ' "මේක ආණ්ඩුව හෝ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කරන නාට්‍යයක් නම් අපිට මේ ගැන කතා කරන්න තිබුනා. මේක පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන නාට්‍යයක්. දැන් ඔය කියන සමහර වැඩසටහනුත් පෞද්ගලික ආයතන කරන ඒවා," යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය. ආණ්ඩුවට හිතවත් කලාකරුවන්ට ඇතැම් විට ආණ්ඩුවේ සහයෝගයක් හිමි වන බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පිළිගත් නමුත් ආණ්ඩුවට හිතවත් නොවන කිසිදු කලාකරුවෙකුට අසාධාරණයක් සිදු කර නැතැයි ද පැවසුවේය. "රටම ඉල්ලන කලාකරුවන් හැම මාධ්‍යයකම වැඩ කරනවනේ. එච්චරම හයියක් නැති ඔහේ එල්ලිල ඉන්න අය තමන්ට මොකක් හරි අඩුපාඩුවක් උනාම ඒක ආණ්ඩුව පිටේ දානව. වැඩසටහනකට හොඳ ඉල්ලුමක් තියෙනව නම්, වෙළඳ දැන්වීම් තියෙනව නම්, ජනතාවගේ ප්‍රසාදය තියෙනව නම් ඒකෙ ඉන්න කලාකරුවන් කවදාවත් කැපෙන්නේ නැහැ," යන්න මන්ත්‍රීවරයාගේ තර්කයයි. 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහන නැවැත්වීම පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් අධ්යක්ෂ බුද්ධික කුලසේකර ගෙන් අදහස් විමසීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර, ජගත් බෙනරගම ඉවත් කල බව පවසන 'පබසරා' නාට්‍යයේ අධ්යක්ෂ ජෝශප් පෙරේරා තමන්ට මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ග ඔස්සේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය. | විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනයක් වෙත සිය ට්‍රක් රථය ධාවනය කළ Mohamed Lahouaiej-Bouhlel නමැති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය. ට්‍රක් රථයට යට වීම හේතුවෙන් අසූ හතර දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. ට්‍රක් රථය ධාවනය කරන ලද පුද්ගලයා සිය අනුගාමිකයකු බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය කියා සිටියි. නීස් ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලබන ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් හදිසි තත්වය මාස තුනක් දක්වා දීර්ඝ කොට තිබේ. | ප්‍රංශයේ නීස් නගරයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා හා සබඳතා පැවැත්වූ බවට විශ්වාස කෙරෙන පස් දෙනකු පොලිස් රැඳවුම් භාරයේ සිටින බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දෙරට ඒකාබද්ධව පවත්වා ගෙන යන කර්මාන්ත සංකීර්ණයක් මෙම සන්නිවේදන මාර්ගය හරහා සම්බන්ධ කොට තිබිණ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් වෙන දේශ සීමාවේ යුද මුක්ත කලාපයේ මෙම කර්මාන්ත සංකීර්ණය පිහිටා තිබේ. පැසිෆික් කලාපයේ ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය වුවහොත් එසේ කිරීමට හැකිවෙන අයුරින් දුර විහිදුම් මිසයිල ප්‍රහාරක සුදානම් කරන බව උතුරු කොරියාව ඊයේ නිවේදනය කෙරිණ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියේ උතුරු කොරියාව ආරක්ෂක අවදානමක් ඇතිකොට අනෙක් පාර්ශවයන් අසීරු තත්වන්ට පත් කිරීම පුරුද්දක් කරගෙන ඇති බවයි. | උතුරු කොරියාව, දකුණු කොරියාව සමග ඇතිකරගෙන තිබු ඍජු සන්නිවේදන සම්බන්දතාවක් නතර කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නැගෙනහිර පළාත් සෞඛ්‍යය ඇමති එම් .එල්. මොහොමඩ් පෙන්වා දෙන්නේ, රෝගය බහුලව පැතිර පවතින ගම්මානවල තරුණ තරුණියන්ට විවාහ යෝජනාවක් ගෙන ඒමේ දී, ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙක් දැයි විමසීමේ සංස්කෘතියක් දැන් එම ගම්මාන වල නිර්මාණය වී තිබෙන බවයි. වකුගඩු රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක් ලෙස වාර්තා වෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ශෝබා කුඹුරේගම වකුගඩු රෝගීන් ගැන විමර්ශනයක යෙදී සිටින අතර, එම රෝගය වැළඳීමට ජානමය බලපෑමක් ද ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියේ, අදාළ විමර්ශන සඳහා කාලය හා පහසුකම් ප්‍රශ්නයක් වී ඇතත් තමා එම කාර්යයෙහි දිගටම නිරත වී සිටින බවයි. වකුගඩු රෝගියෙක්. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පළාතේ සෞඛ්‍යය ඇමතිවරයා රෝගය ව්‍යාප්ත වීමට නියත හේතුව කුමක් දැයි තවමත් පරීක්ෂා කෙරෙමින් ඇතැයි කියා සිටියේය. ගම් වැසියන් කියා සිටින්නේ, ගොවිතැනට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි. රෝගීන් ගේ බෙහෙත් සඳහා රජයෙන් යම්කිසි මුදලක් ලබා දුන්නත් ,එම මුදල් ප්‍රමාණය රෝගීන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගම්වැසියෝ පවසති. | තිස් වසරක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ත්‍රිකුණාමලයේ ජනතාව දැන් තවත් ව්‍යසනයකට මුහුණ දී සිටිති. ඒ වකුගඩු රෝගයයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශක්තිමත් සහ ක්‍රියාශීලී මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීමට මෙම පියවර ගන්නා බවයි මහ බැංකුව පවසන්නේ. මෙම සැලැස්ම යටතේ බැංකු නො වන මූල්‍ය ආයතන සංඛ්‍යාව පනස් අටක සිට විස්සක් දක්වා අඩු කෙරෙයි. 2016 වසර වන විට ඩොලර් බිලියන සීයක ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමට ශක්තිමත් මූල්‍ය ආයතනවලින් සමන්විත ස්ථාවර මූල්‍ය අංශයක් නිර්මාණය කර ගැනීම සඳහා එවැනි තීරණයක් ගත් බවයි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ. "ඉතා කුඩා සමාගම් වලට තියෙන ප්‍රශ්නයක් තමයි, ඒ සමාගම් වලට යම් කම්පනයක් විඳ ගැනීමට තියෙන ශක්තිය අඩු කම. අපේ මතය ඒ තත්වය වෙනස් කර ඒ වෙනුවට ශක්තිමත් සමාගම් මේ රටේ ගොඩනැගීම" යයි මහ බැංකු අධිපතිවරයා පවසයි. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පිළිබඳව ඊට අදාළ පාර්ශව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පසුගිය සතියේ සාකච්ඡා පවත්වා ඇත. සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය යටතේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ඒවායේ සේවක මණ්ඩල කප්පාදු කිරීමක් සිදු නො කරන ලෙස මහ බැංකුව එම ආයතනවලින් ඉල්ලීමක් ද සිදු කර ඇත. විපක්ෂයේ ප්‍රතිචාරය ආචාර්ය හර්ෂ ද සිල්වා ඉහත කී සැලැස්ම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, දැනටමත් කඩා වැටී ඇති මූල්‍ය ක්ෂේත්රය ගොඩ ගැනීම මහ බැංකුවේ අරමුණ නොවන බවයි. ජනතාවට මුදල් වංචා කල මූල්‍ය ආයතන ප්‍රධානීන් බේරා ගැනීමට මහ බැංකුව උත්සාහ කරන බවටයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරන්නේ. "මහ බැංකුව කියන්නේ, මේ මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ නැහැ. ඒවා එකතු කරනවා කියලයි. ඇයි මේ වගේ එකතුවක් කරන්න හදන්නේ? ඒවායේ අධ්‍යක්ෂවරුන්ට, ඒවායේ අයිතිකාරයන්ට අවශ්‍ය විදිහට මේකෙන් පැනලා යන්නයි මේ පාර කපන්නේ” එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ වන විටත් බිඳ වැටී ඇති CIFL වැනි ආයතනවල සිදු වූ වංචා දැන දැනත් මහ බැංකුව නිහඬව සිටි බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, දැන් සිදු කිරීමට යන ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළින් සිදු වන්නේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම නොව ඒම වංචාවලට වගකිව යුත්තන් ආරක්ෂා කිරීම බවත් පෙන්වා දෙයි. මහ බැංකු ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූල්‍ය සංගම් වලින් දහයක් පමණ මේ වන විට දැඩි මූල්‍ය ගැටලුවක ට මුහුණ පා සිටියි. | ශ්‍රී ලංකාවේ දැනට පවතින බැංකු නොවන මූල්‍ය ආයතන සංඛ්‍යාව අඩු කිරීමටත් කුඩා බැංකු අනිකුත් බැංකු සමග ඒකාබද්ධ කිරීමටත් පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එලස ඉඩම් අහිමිවූ දෙසීයකට ආසන්න පිරිසක් අද දින සිය මුල් ඉඩම්වල තොරතුරු ඉල්ලා ජනාධිපති කාර්යාලයට මෙන්ම අදාළ රජයේ ආයතන කිහිපයකට ඉල්ලුම්පත් භාරදුන්හ. ඒ සඳහා ඉඩම් අහිමිවූ ජනතාවට සහායදීමට 'මිත්‍රත්වය සහ සහයෝගිතාව සඳහා තරුණ සංවිධානය' නම් තරුණ කණ්ඩායම ඉදිරිපත්ව සිටි. අදාළ වාර්තා ලබාගතහොත් එම ජනතාවට තම ඉඩම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යාම පහසු වනු ඇති බව මෙම සංවිධානයේ සභාපති රවීන්ද්‍ර ද සිල්වා පැවසීය. ඊට අමතරව උතුරේ හමුදාව අත්පත්කරගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය හා ඒවා අත්පත් කරගත් ආකාරය පිළිබඳව තොරතුරුද ඉල්ලුම් කළ බවත් ඔහු සඳහන් කළේය. යුද සමයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ද අතුරුදහන්වූ පිරිස් පිළිබඳ තොරතුරු ඉල්ලා බලධාරීන් වෙත ඉල්ලුම්පත්‍ර යොමුකළහ. මේ අතර අද (පෙබ.28) ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය ඇමතූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, 2016 වසරේදී රජයේ ඉඩම් අක්කර 5515.98 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 2090 ක් 2016 වසරේදී යළිත් ලබා දී තිබෙන බව සඳහන් කළේය. | තවමත් රජය හා හමුදාව යටතේ පවතින සිය ඉඩම් නැවත ලබාගැනීම පිණිස තොරතුරු රැස්කිරීම සඳහා තොරතුරු දැනගැනීම පනත යොදාගැනීමට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසියෝ කටයුතු කරමින් සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හැඟුම්බර වුවත්, කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන ගඟ තැනකදී සයුරට වැටෙන්නේ යම් සේද, එවැනිම කතාවක් සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ලොව එහා කොනක සිට ශ්‍රී ලංකාවට පැමිණි ස්වෙත්ලානාට ද ඇත. ගල්පර - බාධක මැද ගලන සුන්දර නදියක් සේ, දුක් කම්කටොලු මැද වුවත් එය පරදවන සවිමත් සෙනෙහසක කතාවක් ස්වෙත්ලානා හා ඇගේ සැමියා වන මනීෂ වටා තිබේ. පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්වූ මේ යුවළ ගැන බීබීසී සිංහල සේවය වෙනුවෙන් තොරතුරු විමසන්නට, පෙර කතිකා කරගත් පරිදි හිමිදීරි උදෑසනක මම කඩුවෙල - වැලිවිට ප්‍රදේශයට ගියෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මාවත පසු කර අඹතලේ දෙසට යන විට මාර්ගයට යාබද නිවසක ජනේලයෙන් විදේශීය කාන්තා රුවක් දුටු වහා මේ ඇය බව වටහා ගන්නට අපහසු නොවීය. ඇය මේ කතාවේ ආදරවන්තිය, නමින් ස්වෙත්ලානා ව්ලදිමිරෝව්නා. ස්වෙත්ලානාගේ සැමියා මනීෂ මදවන්ආරච්චි. උදෑසන 6.30ට පමණ මා එහි යන විට ස්වෙත්ලානා දහවල් අලෙවියට අවශ්‍ය ආහාර සකසමින් සිටියාය. ඇගේ කඩිසර බව තුළ දිරිය සම්පන්න ගැහැණියකගේ ලක්ෂණ මනාව පෙනෙන්ට තිබිණි. මනීෂ ද ඈ ළඟින්ම ගැවසෙමින් හැකි අයුරින් ඇයට සහය වෙමින් සිටියේය. මනීෂ පවසන ආකාරයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට පටන් ගැනුණේ 2017 වසරේ සිට ය. ''ස්වෙත්ලානා හමුවෙනකොට මට අසනීපයක් තිබුණේ නෑ. ඒත් දැන් වකුගඩු 18% යි වැඩ කරන්නේ. දකුණු ඇහැ පේන්නෙ ම නෑ. වම් ඇහැ 20%ක් විතර පේනවා. හාර්ට් එකට ස්ටෙන්ට් දෙකක් දාලා. ඒ එක්කම මම දියවැඩියා රෝගියෙක්,'' යැයි කී මනීෂ වෛද්‍ය වාර්තා රැසක් මා ඉදිරියේ තැබීය. කෑම අලෙවි කරන විදෙස් කත සති කිහිපයක සිට කොළඹ - කඩුවෙල හරහා දිවෙන නව නුවර මාර්ගයේ වැලිවිට මංසන්ධිය අසළ මාර්ගයේ පසෙක දේශීය පුද්ගලයෙකු සමග කෑම පාර්සල් අලෙවියේ යෙදෙන විදෙස් කාන්තාව, එම මාර්ගයේ යනෙන අයට මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද අලුත් මාතෘකාවක් විණි. ඒ කෑම අලෙවිය පසුපස කතාව පැහැදිලි කරමින් මනීෂ පැවසුවේ රෝගී තත්ත්වය මැද සිය දෙමාපියන්ට තවදුරටත් බරක් වීමට නොසිතූ තමන් සිය බිරිඳ සමග එක්ව මීට සති තුනකට පමණ පෙර බත් පාර්සල් අලෙවි කිරීම ආරම්භ කළ බවය. ඒ සඳහා මුල්වී ක්‍රියාකරන ස්වෙත්ලානා මනීෂගේ බිරිඳ වූ කතාව ද ඔවුන් දෙදෙනා එක්ව විස්තර කළහ. රුසියාවේ ඈත කොනක විසූ ස්වෙත්ලානා ව්ලදිමිරොව්නා ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම සඳහා 2015 වසරේ පැමිණෙද්දී, රුසියාවේ අධ්‍යාපනය ලැබූ තමන් ද ඒ වන සිය රට පැමිණ සංචාරක ක්ෂේත්රයේ රැකියාවක නිරත ව සිටි බව මනීෂ පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙදෙනා කලින් දැන සිටි බවකි. ''මාසයක් විතර ලංකාවේ ඉදල යන දවසේ මොන හේතුවක් නිසා හරි ස්වෙත්ලානාට ෆ්ලයිට් එක මිස් වුණා. ආයෙත් ටිකට් හදා ගන්න තවත් මාසයක් විතර ඉන්න වුණා. ඒ කාලයේ මම එයාට සලකපු විදිය අනුව තමයි අපි අතරේ ආදර සම්බන්ධයක් ඇති වුණේ,'' යනුවෙන් මනීෂ පවසද්දී ස්වෙත්ලානා ද ඒ කතාව අනුමත කළාය. ඇයට සිංහල බස හරිහැටි කතා කළ නොහැකි වුව ද හොඳින් වැටහෙන බව පෙනිණි. 2016 වසරේදී විවාහ වූ මේ යුවළ වෙබ් රේඩියෝ නාලිකාවක් ද පවත්වාගෙන ගියත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එය ද නතර කර දැමූ බව මනීෂ සඳහන් කළේය. ''මගේ ගම මුර්මාන්ස්ක්. ඒ ලස්සන ගම තියෙන්නේ ෆින්ලන්ත දේශසීමාව කිට්ටුව. මම වැඩ කළේ මුර්මාන්ස්ක් තැපැල් කාර්යාලයේ ගිණුම් අංශයේ,'' ස්වෙත්ලානා පැවසුවාය. 15 වෙනි වියේදී සිය මව මිය ගිය බවත්, පියා සහ වැඩිමල් සොයුරිය රුසියාවේ ජීවත් වන බවත් ඇය වැඩිදුරත් සඳහන් කළාය. මනීෂ පැවසූ ආකාරයට, තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් 1989 වසරේදී ශිෂ්‍යත්වය සමත්ව කොළඹ අසෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් තිබේ. මේ තොරතුරුද කියවන්න: රෝගීවූ තමන්ගෙන් වෙන්ව යන ලෙස මනීෂ ස්වෙත්ලානාගෙන් ඉල්ලීම් නොකළේද නොවේ. ''මම මෙයාට දැන් කිහිප වතාවක් කිවුවා මාව දාල ගිහින් හොඳ ජීවිතයක් ගත කරන්න කියලා. ස්වෙත්ලානා කැම්පස් ගිහින් හොඳ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නිසා. ඒ ගැන මතක් කරන කොට තමයි එයාට කේන්ති යන්නේ. මට කියල තියෙන්නේ අයෙත් ඒ ගැන කතා කරන්න එපා කියලයි. වෙලාවට මගේ බෙහෙත් ටික, කෑම ටික ළඟට දෙනවා. ඒ ආදරය මට දරා ගන්න බෑ,'' යි කී මනීෂගේ දෙනෙතින් කඳුළු රූරා වැටිණි. ස්වෙත්ලානාගෙන් ලැබෙන ආදරය හා රැකවරණය ගැන මනීෂ මා සමග පවසන විට ආදරය වෑහෙනා දෙනෙතින් ඈ ඔහු දෙස බලා සිටින අයුරු මම කිහිප අවස්ථාවක ම දුටුවෙමි. මනීෂ සමග මිස, තනිව යළි රුසියාවට නොයන්නේමැයි යන ස්ථාවරයේ සිටින ස්වෙත්ලානා, ''ලංකාව මගේ ගෙදර වගේ. මම මනීෂට ආදරෙයි. මනීෂව දාලා යන්නේ නෑ.'' යැයි සිංහල බසින් ම අවධාරණය කළාය. තවත් තොරතුරු: | "මම මනීෂ ගොඩක් ආදරෙයි. මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ" |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රාන්ත කීපයකට අයත් ඡන්ද කොට්ඨාශ එකසිය විසි එකක මැතිවරණ කටයුතු අද පෙරට යමින් තිබුණි. සති පහක පමණ කාලයක් පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ අද දිනය ඉදිරි ජයග්‍රහණය තීන්දු වීම අතින් ඉතාම තීරණාත්මක දිනයක් වන බව විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි. මෙම මහ මැතිවරණය වර්ජනය කරන මෙන් ඉන්දීය මාඕවාදීන් විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇති අතර ඇතැම් පලාත්වලින් වරින්වර සිදු කෙරුණ ප්රචණ්ඩ ප්‍රහාර පිළිබඳව වාර්තා වී ඇත. මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී පාලක කොංග්රස් පක්ෂය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් එල්ල කෙරෙන දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටියි. නියමිත කාල සටහන අනුව මෙම මැතිවරණය නිම වෙන්නේ මැයි මාසයේ දොළොස් වෙනි දිනයි. | ප්‍රාන්ත රාශියකම ඡන්ද විමසීම් යෙදී ඇති අද, බ්‍රහස්පතින්දා දිනය ඉන්දීය මහ මැතිවරණයේ තීරණාත්මක දින කීපයෙන් එකකි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය. මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ. දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය. ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්රදේශයකි. පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ. "ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය. "මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්," ඔහු තවදුරටත් පැවසුවේය. ක්‍රියා විරහිත වූ පරිගණක අලුත්වැඩියා කිරීමට නොහැකි වුවත්, ගොඩබිමේදී මෙන් මෙම පරිගණකවලට නිතර හානි සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කර හැකිය. ලෝකයේ පවතින වෙනත් දත්ත ගබඩා සමග සංසන්දනය කිරීමේදී මෙය ඉතා කුඩා ගබඩාවකි. මෙහි ඇත්තේ අධි බලැති පරිගණක (servers) දොළහක් පමණක් වුවත් සිනමාපට මිලියන පහක් පමණ මෙහි ගබඩා කළ හැකිය. 2015 වර්ෂයේ දී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කර පරීක්ෂණ පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දිය යට තැන්පත් කර දින 90කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් පිහිටුවීම සමාගමේ බලාපොරෝත්තුවය. නමුත් ගොඩබිම දී එවැනි ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත විය හැකිය. ඕක්නි මුහුදු ප්‍රදේශයේ දත්ත මධ්‍යස්ථානය තැන්පත් කිරීමේ මෙහෙයුමට අධික මුදලක් වැය වී ඇති අතර එය බහුජාතික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. සිලින්ඩරය ඉදිකර එයට පරිගණක ඇතුළු කර ඇත්තේ ප්‍රංශ නැව් නිෂ්පාදන සමාගමක් විසිනි. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය (EMEC) දියඹ සහ ගොඩබිම සම්බන්ධ කරන කේබල් සපයමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වී තිබේ. යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානයේ (EMEC) විශේෂඥ නිර්දේශවලට අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සිය මෙහෙයුමට ඕක්නි දූපත් වටා මුහුදු ප්‍රදේශය තෝරා ගෙන ඇත. ඕක්නි දූපත්වල සුළං බලාගාර පිහිටුවා තිබේ. එමෙන්ම, යුරෝපීය නාවික බලශක්ති මධ්‍යස්ථානය වසර 14ක කාලයක සිට මුහුදු රළ බලශක්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් ඕක්නි වෙරළේ පවත්වාගෙන යයි. දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමේ වේගවත් ව්‍යාපෘති හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දිය හැකි බවට අදහස් පළ වෙමින් පවතී. මේ තොරතුරුද දැනගන්න: නමුත් Tech UK බ්‍රිතාන්‍ය සමාගමේ එක් අංශයක් නියෝජනය කරන එමා ෆ්‍රයර් පවසන්නේ මෙම භීතිය අතිශයෝක්තියක් බවය. "බලශක්තිය පරිහරණය සුළු ප්‍රමාණයකින් වැඩි කර විශාල දත්ත ප්‍රමාණයක් සමග කටයුතු කිරීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් ඇය සඳහන් කළාය. දත්ත ගබඩාවේ නව නිවහන - ඕක්නි කෙසේ වෙතත්, මෙම කර්මාන්තය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින් ඉදිරියේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඇය පැවසුවාය. "මයික්‍රොසොෆ්ට් ආයතනය මේ ගැන වෙනස් ආකාරයකට සිතන එක ගැන ඇත්තෙන්ම සතුටට කාරණයක්." දත්ත මධ්‍යස්ථාන මුහුදු පතුලේ හෝ මුහුද ආසන්නයේ ස්ථානගත කිරීම ඉතා යහපත් අදහසක් බව එමා ෆ්‍රයර් තවදුරටත් පැවසීය. "ලෝකයේ ජනගහනයෙන් 50% ක් ජීවත් වන්නේ වෙරළ තීරයට ආසන්නයේ," ඇය පැවසුවාය. තවත් තොරතුරු: නමුත් තවත් විශේෂඥයෙක් මෙම අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. වසර 30 කට ආසන්න කාලයක් පුරා දත්ත මධ්‍යස්ථාන උපදේශකයෙකු ලෙස සේවය කරන මහාචාර්ය ඉයන් බිටර්ලින් පැවසුවේ දිය යට දත්ත ගබඩා පිහිටුවීමෙන් පාරිසරික බලපෑම් ඇති විය හැකි බවය. "අවසානයේ දී ඉතිරි වන්නේ ඉතා උණුසුම් මුහුදක් සහ විශාල මත්ස්‍යයන් පමණයි," ඔහු පැවසීය. යුරෝපයේ දත්ත මධ්‍යස්ථානවලින් 90% ක් ලන්ඩන් හා මැඩ්රිඩ් වැනි විශාල නගරවල පිහිටා තිබේ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ බෙන් කට්ලර් අවධාරණය කරන්නේ දත්ත ගබඩාවෙන් ඇතිවන උෂ්ණත්වයේ බලපෑම අවම වනු ඇති බවය. මෙය "විකාර අදහසක්" ලෙස බොහෝ දෙනා සිතිය හැකි නොවේ දැයි බෙන් කට්ලර්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ: "මෙය යථාර්ථයක් බවට පත්විය හැකි විකාර අත්හදා බැලීමක්," බවය. "මෙය දැනට පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුවන්න පුළුවන්. අනාගතයේ දී එය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දත්ත මධ්‍යස්ථාන ගැන අප විවිධ පර්යේෂණ සිදු කරනවා," යැයි ඔහු තවදුරටත් පැවසීය. ඉදිරි වසර පහ තුළ Project Natick කණ්ඩායම මෙම දිය යට දත්ත මධ්‍යස්ථානය අධීක්ෂණය කරනු ඇත. එය අනාගතයට ලැබෙන සංඥාවක් විය හැකිය. නැතහොත් එහි වෙසෙන මත්ස්‍යයන්ට සංචාරක ආකර්ෂණයක් විය හැකිය. | බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වන අලියකුට GPS කර පටියක් පළඳවන වනජීවී නිලධාරීන් අවම වශයෙන් අලි ඇතුන් එක් ලක්ෂ හතළිස් හතර දහසක් මරා දමා ඇති බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. රටවල් දහඅටක කිලෝමීටර ලක්ෂ පහක සීමාවක් තුළ සිදු කරන ලද වන අලි සංගණනය සඳහා ගත වී ඇති කාලය වසර දෙකකි. අලි ඇතුන් දඩයම මෙලෙසම පැවතුනහොත් දැනට අප්‍රිකානු මහාද්වීපය තුළ වෙසෙන අලි ඇතුන් හාරලක්ෂ තිස් දහසෙන් අඩක්ම වසර දහයක් ඇතුළත මරුමුවට පත් වනු ඇති බවට පර්යේෂකයෝ අනතුරු හඟවති. | අප්‍රිකානු මහද්වීපය තුළ වෙසෙන වන අලි ගහනය දශකයක් තුළ තුනෙන් එකකින් පහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කාන්තා මරණයක් සමඟයි ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ. කාන්තාවගේ මරණයට හේතුව පොලිස් භටයකු විසින් ඇයගේ හිසට පහර දීම යයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. එම කාන්තාවගේ ඥාතීන් කියා සිටින්නේ,පහර දීම නිසා ලද තුවාල නිසා ඇය මරණයට පත් වූ බවයි. වයස අවුරුදු පනස් පහක් වූ මරණයට පත් කාන්තාවගේ හිසට රයිෆලයෙන් පහර දුන් බවට චෝදනා එල්ල වෙන පොලිස් භටයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති. මේ අතර පාකිස්තාන් ආණ්ඩුව, ඉන්දීය හමුදා කිසිදු පූර්ව කුපිතකාරී ක්‍රියාවකින් තොර ව දේශ සීමාව ඔස්සේ වෙඩි තබමින් සිය සෙබළකු මරා දැමූ බවට ඉන්දියාවට චෝදනා කරයි . ඉන්දියාව කියා සිටින්නේ පළමුව වෙඩි තබන ලද්දේ පාකිස්තාන් හමුදා භටයන් වන බවයි. | ඉන්දීය පරිපාලනය සහිත කාශ්මීරයේ බලධාරීන්, බුද්ගම් (Budgam) දිස්ත්‍රික්කයේ විශාල කලාපයක ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇත.කාන්තා මරණයකින් අනතුරුව ප්‍රාන්තයේ කලබලකාරී තත්වයක් පැතිර යාමත් සමඟයි, එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් (Delhi Daredevils) කණ්ඩායම විසින් මෙවර IPL ශූරතාවලිය සඳහා ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ විස්සක මුදලකටය. මීට දෙවසරකට ඉහතදී සන්දීප් ලමිචානේ යනු කවරෙක්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. එහෙත් ඉතා කුඩා කාලයක් ඇතුළත ක්‍රීඩා ලෝකයේ "තරුවක්" බවට පත්වීමට ඔහු සමත්විය. ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනු ලැබීම, වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්වීම සහ හොංකොං ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වැනි වෘත්තීය තරගවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම ඒ අතරින් කිහිපයකි. ඔහුට ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මයිකල් ක්ලාක් මුණ ගැසුනේ හොංකොං තරගාවලිය අතරවාරයේදීය. සන්දීප් ලමිචානේගේ පන්දු යැවීමේ දක්ෂතාව දුටු මයිකල් ක්ලාක්, ඔහුට ගුරුහරුකම් දෙමින් ඔහුගේ දක්ෂතා ප්‍රවර්ධනය කරගැනීමට අත දුන්නේය. ඒ අතරවාරයේ සිය දඟ පන්දු යැවීමේ හැකියාව ඔප නංවා ගැනීමට ඔහු සමත්විය. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී අයර්ලන්තයට එරෙහිව පිට පිටම කඩුලු තුනක් (hat-trick) දවා ගැනීමට සමත් වූ ඔහු ඇතැම් ක්‍රීඩාලෝලීන් හඳුන්වන්නේ "නේපාලයේ ෂේන් වෝන්" වශයෙනි. ඔහු IPL ශූරතාවලිය සඳහා තෝරා ගැනෙන්නේ එම දක්ෂතාවල ප්‍රතිඵලයක් වශයෙනි. තවත් කියවන්න: මයිකල් ක්ලාක් පමණක් නොව ඕස්ට්‍රේලියාවේ තවත් හිටපු නායකයෙකුවන රිකී පොන්ටින් ද ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ගැන පැහැදී සිටී. නේපාලයෙන් පමණක් නොව, අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ නොවන සාමාජික රටකින් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරග කරන පළමු ක්‍රීඩකයා ද ඔහුය. කවුද මේ සන්දීප්? ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම ගැන නේපාල ක්‍රීඩා ලෝලීහු ප්රමෝදයට පත් වී සිටිති. සිය යොවුන් ක්‍රීඩකයාට සුභ පතමින් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට කෘතඥතාව පුද කරමින් ඔවුහු සමාජ ජාලා ඔස්සේ අදහස් පළකරමින් සිටිති. බටහිර නේපාලයේ ස්යන්ජා (Syangja) දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඔහු සිය ළමා විය ගත කළේ ඉන්දියාවේය. ඒ ඔහුගේ පියා ඉන්දියාවේ දුම්රිය සේවකයෙකු වූ බැවිනි. ඉන්දියාවේදී මුලින්ම ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ සන්දීප්, ඉන් අනතුරුව යළි නේපාලයට පැමිණ සිය සොහොයුරියගේ නිවස අසල පිහිටි ක්‍රිකට් ඇකඩමීයක පුහුණුව ලැබුවේය. ඇකඩමීයට සම්බන්ධ වූ අවදියේ සිටම සන්දීප් අපූරු දක්ෂතා දැක්වූ බව එහි පුහුණුකරු රාජු කඩ්කා සිහිපත් කරයි. එහෙත් ඔහු වයස 19න් පහළ ජාතික කණ්ඩායමට සම්බන්ධ කිරීමට රාජු කඩ්කා දැරූ ප්රයත්නය සාර්ථක නොවීය. ඒ අතරවාරයේ එවකට නේපාල ජාතික කණ්ඩායමේ පුහුණුකරු පදවිය දැරූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයන් සොයමින් සිටියේය. සන්දීප්ගේ දක්ෂතා පිළිබඳව පැහැදුණු පුබුදු දසනායක ඔහු ජාතික කණ්ඩායමේ පුහුණු සංචිතයට බඳවා ගත්තේය. ඔහුගේ සාර්ථක "සුරංගනා කතාව" ඇරඹුණේ එලෙසිනි. (බීබීසී නේපාල භාෂා සේවයේ නිරන්ජන් රාජ්බන්ෂි -Niranjan Rajbanshi - සකස් කළ ලිපියක් ඇසුරෙනි) සබැඳි යොමු: | 17 හැවිරිදි නේපාල ජාතික ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලමිචානේ අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තෝරා ගනු ලැබීම නේපාල ක්‍රිකට් ක්ෂේත්රයේ සාර්ථකත්වය පිළිබඳ "සුරංගනා කතාවක්" බඳුය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | "ශ්‍රීලනිප - පොහොට්ටු භාරකාර ආණ්ඩුවක්?" යනුවෙන් ඉරිදා ලංකාදීප පුවත්පත සිරස්තල පළකරද්දී, ඉරිදා ලක්බිම පුවත්පතේ මුල් පුවත බවට පත් වූයේ "ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්" යනුවෙනි. ඉරිදා රිවිර පුවත්පතේ මුල් පුවත වූයේ ද "අයවැයට පෙර භාරකාර රජයක්, මෛත්‍රී-මහින්ද රහස් හමුවක්" යනුවෙනි. වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වී රටේ මහජනතාව බරපතළ පීඩනයකට ලක් වී ඇති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්කර ජාතික මැතිවරණයක් පැමිණෙන තෙක් රට පාලනය කළ යුතු බව මෙම භාරකාර ආණ්ඩු සාකච්ඡාවේ අරමුණ වී ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. මෛත්‍රී-මහින්ද හමුවක් ? භාරකාර ආණ්ඩු සංකල්පය ගැන සාකච්ඡා කිරිම සඳහා පසුගිය සතියේ හිටපු අමාත්‍ය එස්බී දිසානායකගේ නිවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර රහසිගත හමුවක් පැවති බවට විවිධ වාර්තා පළ විය. එවැනි සාකච්ඡාවක් පැවතුණු බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තහවුරු කර ඇති නමුත් ඒ ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළිකිරීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත මෙම සාකච්ඡාව ගැන දීර්ඝ විස්තරයක් පළ කර තිබූ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව එහි සඳහන් කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කර මෛත්‍රී-මහින්ද පාර්ශව එකතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් විය. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුව පවත්වාගෙන යෑම අපහසු යැයි ජනපති මෛත්‍රීපාල එහි දී පැවසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. මෙලෙස මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පැවැත්වුණු බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග දේශපාලන ක්ෂේත්රය යළි උණුසුම් වෙනු දක්නට ලැබිණි. එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්විය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි පැවසීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය. මෙලෙස භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැනත් මෛත්‍රී-මහින්ද හමුව ගැනත් විවිධ ප්‍රකාශ සිදුවෙද්දී හිටපු අමාත්‍ය එස්බී දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමන්ගේ නිවසේ එවන් හමුවක් නොපැවැත්වුණු බවය. කෙසේ නමුත් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් පැවති බවට වූ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද විශේෂත්වයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ "ඉරිදා දින එවන් හමුවක් සිදු නොවූ" බවය. වෙනත් දිනයක එවැනි හමුවක් පැවැත්වුනේද නැද්ද යන්න ඔහු සඳහන් නොකළේය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ද භාරකාර ආණ්ඩුවක් ගැන පළවූ වාර්තා ගැන විවිධ අදහස් පළකර තිබු අතර ඇතැමුන් ඊට අකමැත්ත පළකර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් පැවසුවේ භාරකාර ආණ්ඩුව පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය තුළ විවිධ මත ප්‍රකාශ වන බැවින් ඒ පිළිබඳ අවසාන තීරණයකට එළැඹ නොමැති බවය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ද ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ඉතා ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසය. "රනිල් ඇතුලු හයිබ්රිඞ් හවුල මේ රට 'වළ පතුලට' ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් 'උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ' යන කියමන සනාථ වේවි," ඔහු කියා සිටියේය. මේ සියල්ලටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය වූයේ පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී බලය ඇත්තේ තම පක්ෂයට නිසා එවැනි භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ද තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවය. ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතුකරන්නේ නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සූදානම් බව සඳුදා දින එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියැවිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 10ක් 12ක් පමණ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සඳහා දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාග අවසන් අදියරට පැමිණ ඇති බැවින් ඔවුන් කෙසේ හෝ ආණ්ඩුවක් ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක නියැලෙන බවය. මේ අතර බදාදා (ඔක්ත්ජෝබර් 10) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක: "දැනට අපිට තිබෙන විශ්වාසදායි තොරතුරු අනුව මෛත්‍රී-මහින්ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ල යනවා,"යනුවෙන් පැවසීය. "ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන් වළ පල්ලට යවනවා කියපු කෙනාට අගමැති තනතුර දීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ජන්දය දුන්නු ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ජන්ද දායකයන් හෝ සහයක් ලබා නොදෙන බව අපට විශ්වාසයි." මේ අතර දේශපාලන විචාරකයකු සහ කැෆේ මැතිවරණ නිරීක්ෂක සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ භාරකාර ආණ්ඩු සංකල්පය මේ මොහාතේ ශ්‍රී ලංකාවට අදාළ නොවන බවය. "ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ හෝ නැති හින්දා පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වෙන පරිසරයක් වත් නැති හින්ද මේ භාරකාර ආණ්ඩුව කියන සංකල්පයම ලංකාවට අදාළ වෙන්නේ නැහැ. අනිත් අතට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාරකාර ආණ්ඩු ගැන සඳහනක් නැහැ අනිත් රටවල වගේ," ඔහු පැවසීය. පාර්ලිමේන්තු බලය තවමත් එජාපයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 107 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පෙරමුණය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරු ප්‍රමාණය 16කි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දැනට ආණ්ඩුවේ අමාත්‍ය පදවි උසුලන සහ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් ගණන 26කි. ඒ සියළු පාර්ශව එකතුකළත් මෛත්‍රී-මහින්ද සන්ධානයක් සඳහා මන්ත්‍රීවරුන් සිටින්නේ 96ක් පමණි. ඒ අනුව ආණ්ඩු වෙනසක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 ලබාගැනීම පිණිස ඔවුන්ට තවත් මන්ත්‍රීවරුන් 17ක පමණ සහාය අවශ්‍යවේ. ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු තේරී පත්ව සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරුන් 16ක් සිටිති. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ පැවති විශ්වාස භංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය අගමැතිවරයාට සහාය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම පිණිස එම පක්ෂ දෙකම සහාය පළකිරීම අවිනිශ්චිත බැවින්, මේ ආණ්ඩු වෙනස්කිරීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නම් මෛත්‍රී-මහින්ද සන්ධානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. තවත් කියවන්න: | ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පසුගිය සතිඅන්ත සිංහල පුවත්පත් ගණනාවකම ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වික්ටෝරියා; රැකවල් මැද අධිකරණයට ඝාතනය සිදු කෙරුණ හෝටලයේ එවකට කළමනාකාරිනිය ලෙස කටයුතු කළ තරංගා පීරිස් මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු චූදිතයන් හතර දෙනා 2011 දෙසැම්බර් මස 24 වෙනි දින රාත්‍රියේ තමා සේවය කළ හෝටලයේ පැවැත්වුන නත්තල් සාදයකට සහභාගී වෙමින් සිටි බව ප්‍රකාශ කළාය. නත්තල් සාදය අතරේ සාදය පෙරට යමින් තිබියදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ කුරාම් ෂයික්ට පහර දෙනු දුටු බවයි සාක්ෂිකාරිය සඳහන් කළේ. කුරාම් ෂයික්ගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට ද පහර දෙනු දුටු බව කියා සිටි සාක්ෂිකාරිය, පහර කෑමට ලක් වූ වික්ටෝරියා පිහිනුම් තටාකයට ඇද වැටුණ බවත් කියා සිටියාය. චුදිතයන් අධිකරණයට ගෙන එමින් පහර කෑමට ලක්ව පිහිනුම් තටාකයට ඇද වැටුණ රුසියානු තරුණිය ඉන් පිටතට පැමිණීමට තැත් කරද්දී නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් ඇයට දරුණු ආකාරයට පහර දෙනු තමා දුටු බවයි තරංගා පීරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ. ගිණි අවියක් පෙන්වා අනතුරුව සාක්ෂිකාරිය ඉහත කී ප්‍රහාරයට සම්බන්ධ වූ විත්තිකරුවන් හතර දෙනා අධිකරණය ඉදිරියේ හඳුනා ගත්තාය. “ගැටුම සම්බන්ධයෙන් තමා පොලිසියට දැනුම් දීමට උත්සාහ කළ අවස්ථාවේ හතරවැනි විත්තිකරු වන ප්‍රජිත් චතුරංග ගිණි අවියක් පෙන්වා තමා මරා දමන බවට තර්ජනය කළ බවත්” තරංගා පීරිස් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. මෙම නඩුවේ මීළඟ සාක්ෂි විභාගය අප්‍රියෙල් දෙවනිදාට කල් තබන ලද අතර, විත්තියේ නීතිඥයන් විසින් සාක්ෂිකාරියගෙන් එදින හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි. | බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුව අද සඳුදා කොළඹ මහාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගනු ලැබූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි කාරියක් කියා සිටියේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හතර දෙනකු විසින් කුරාම්ට සහ ඔහුගේ පෙමවතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට පහර දෙන ලද ආකාරය තමා දුටු බවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර එම දූෂණය ,කුරිරු මානසිකත්වයෙන් යුතුව සිදු කෙරුණ අපරාධයකැයි කියාසිටි පොලිස් ප්‍රධානියා,තමා පදවියෙන් ඉල්ලා අස්වීම මගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි කියා සිටියේ. දූෂණය කෙරුණ දැරියගේ දෙමව්පියන් ඒ ගැන කතා නොකර නිහඬව තැබීම සඳහා ,පොලිස් නිලධාරියකු විසින් ඔවුන්ට අල්ලසක් දෙනු ලැබ ඇති බවට ඉදිරිපත් වෙමින් ඇති ප්‍රකාශ සම්බන්ධයෙන්, තමා පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවයි, පොලිස් ප්‍රධානී නීරාජ් කුමාර් (Neeraj Kumar) පවසන්නේ. පොලිසිය ක්‍රියාකළ ආකාරය එම ළමා දූෂණයට හවුල්ව ඇතැයි සැකපිට පොලිසිය තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවේදනය කෙරිණ. මේ ළමා දූෂණ අපචාරයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරයට එරෙහිව, සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබුන බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. සඳුදාත් ,විරෝධතා ව්‍යාපාර දියත් වනු ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ, දිල්ලි අගනුවර උමං දුම්රිය පොළවල් රැසක් වසා දමනු ලැබ තිබුණි . | ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති වීමට හේතු වූ, පස් හැවිරිදි ළාබාල දැරිය දූෂණය කරනු ලැබීමේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මකව ඇති ආකාරය මුල්කර ගෙන, පදවියෙන් ඉවත්ව යන මෙන් ඉදිරිපත් වෙමින් ඇති ඉල්ලීම්, දිල්ලි අගනුවර භාර පොලිස් ප්‍රධානී,නීරාජ් කුමාර් (Neeraj Kumar) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මීට අමතරව හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද කුමාර් සංගක්කාරට හිමි වූ අතර රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා විය. තිලකරත්න දිල්ශාන් හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර ලසිත් මාලිංග හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේය. එක දින තරඟ වල තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්. හොඳම පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා සහ හොඳම පන්දු යවන්නිය වශයෙන් චමනි සෙනවිරත්න ලැබුවාය. | ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය කුමාර් සංගක්කාර හිම කරගන්නා ගනී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හම්බන්තොට: වලක වැටුණු අලි පවුලක් වලේ වැටී සිටි අලි පැටවා සහ මව බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ගම්වාසියෙකුගෙන් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවය. ඒ අතර වලේ වැටි සිටි අලි මව ගොඩට පැමිණ, පැටියාට රැකවරණ ලබාදෙමින් ඒ ආසන්නයේ රැදී සිටීම හේතුවෙන් වන ජීවී නිලධාරීන්ට අලි පැටවා බේරා ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ප්රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායම විසින් ඇතින්නට නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇතින්න එම ස්ථානයෙන් ඈත් විය. ඉන් අනතුරුව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසූව ඔවුහු වලේ සිටි අලි පැටවා ගොඩට ගෙන මව වෙත ලබාදීමට කටයුතු කළහ. මෙම ස්ථානය මත්තල ප්‍රදේශයේ පවතින ස්වභාවික අලි මංකඩක් බවත් ඒ හරහා දිනපතා වන අලින් පාර මාරුවෙන බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. වලේ වැටුණු සිය පැටවා බේරාගැනීමට යාමේදී මව ද වලේ වැටෙන්නට ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර සඳහන් කළේය. මේ වසර තුල පමණක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවලට වැටී සිටි අලි පැටවුන් තිදෙනකු බේරාගෙන තිබේ. ඊට අමතරව හක්කපටස් කෑමෙන් බරපතල තුවාල ලබා සිටි අලි පැටවුන් තිදෙනෙකු උඩවලව ඇත් අතුරුසෙවනට භාර දීමෙන් පසූ මිය ගිය බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේඒපී විජයකුමාර පැවසීය. වනජීවී නිලධාරින් දිවා රෑ නොබලා වන අලින්ගේ රැකවරණය සඳහා කටයුතු කරන නමුත් වන අලින්ගේ නිජබිම් අහිමිවීම නිසා එම සතුන්ට සිදුවන අනතුරුවලින් වලක්වා ගැනීම අපහසු කාර්යක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සතුන්ගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීම බැවින් අලි ඇතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම පිණිස අලින් අතීතයේ ගමන් කළ අලි මංකඩ යළි විවෘත කිරීමට 2016 මැයි 31 වෙනි දින කැබිනට් අනුමැතිය හිමිවිය. එහෙත් මේ දක්වාම එම තීරණය ක්‍රියාවට නැගී නැත. | හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ ඉදිරිපිට කානු පද්ධතියක අනාරක්ෂිත වලක වැටි සිටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරින් එක්ව බේරා ගනු ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔහු එම සීමාව පසු කළේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් බිඳ හෙළීමත් සමගය. ඒ අනුව පළමු පෙළ කඩුලු දහසේ සීමාව ඉක්ම වූ දෙවෙනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොතට එක් වේ. එම වාර්තාවට හිමිකම් කියන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් දවා ගනු ලැබ ඇති පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 1374 කි. | ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පළමු පෙළ තරගවල 1000 වෙනි කඩුල්ල බිඳ හෙළීමට සමත් විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පකිස්තානයේ මාධ්‍ය ආයතනයක සේවය කළ තාක්ෂණ නිලධාරියෙක් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට අෆ්තාබ් අලාම්, ජියෝ ටී වී මාධ්‍ය නාලිකාව වෙනුවෙන් සේවය කළ අතර ඔහුට වෙඩි තබා මරා දමා ඇත්තේ ඔහුගේ නිවස අසලදීය. මේ වෙඩි තැබීමත් සමඟ පකිස්තානයේ ජන මාධ්‍ය වේදියෙකුට පැය විසි හතරක කාලය තුලදී එල්ල වූ තුන්වන ප්‍රහාරය මෙයයි. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. අඟහරුවාදා රාත්‍රියේ ජියෝ ටී වී මාධ්‍ය නාලිකාවේ ප්රවෘත්ති වාර්තා කිරීම සඳහා භාවිතා කළ බස් රථයේ රියැදුරු සහ තාක්ෂණික නිලධාරියෙක් කරච්චි නගරයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගියහ. ඉස්ලාමාබාද් හි සිට වාර්තා කළ බී බී සී යේ ඉල්යාස් ඛාන් කියා සිටියේ මෙම ප්‍රහාර වලට බලපා ඇති හේතු තවමත් අනාවරණය වී නැති බවයි.තවමත් මේ පිළිබඳව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක් පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ. මේ අතරවාරයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වූ පී.ටී.වී හි සේවය කළ මාධ්‍යවේදියෙකුට පෙෂාවර් නගරයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවී ඇත. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජියෝ මාධ්‍ය නාලිකාවේ ප්‍රධාන නිවේදකයෙක් වූ හමීඩ් මීර් වෙඩි තබා මරා දැමු අතර ඔහුගේ නෑදෑයින් පවසන්නේ ආණ්ඩුවේ බුද්ධි අංශ මෙම මරණයට වග කිව යුතු බවයි. පසුගිය ජනවාරි මාසයේදී එක්ස්ප්‍රස් මීඩියා ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරා දමන ලදී. පසුගිය වසර තුළ පකිස්තානයේ ජන මාධ්‍යවේදීන් 14 දෙනෙක් මරා දමා තිබේ.මේ සමඟම ජනමාධ්‍යවේදීන්ට සේවය කිරීමට අමාරුම රටක් හැටියට ජන මාධ්‍යවේදීන් ගේ එකතුව විසින් පකිස්තානය නම් කොට තිබේ. | තුවක්කුකරුවන් පකිස්තානයේ හිටපු ජනමාධ්‍යවේදි අෆ්තාබ් අලාම් ට වෙඩි තබා මරා දැමීමත් සමඟම මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර පිළබඳව දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වී ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසති හඳුන්වා දෙනු ලැබූ නව නීති අනුව, පුරුෂයන් "අසාමාන්‍ය" ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කෙරෙන වේල් පැළඳීම සහ රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කරනු ලැබීම තහනම් කෙරෙයි. ෂින්ජියාන්ග් කලාපය චීනයේ 'උයිගර්' මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන අතර තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසති. මෑත වසර කීපය තුළ එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් වාර්තා විය. 'අන්තවාදය' ඒ සම්බන්ධයෙන් චීන ආණ්ඩුව ඉස්ලාමීය කැරලිකරුවන්ට සහ බෙදුම්වාදීන්ට චෝදනා කරයි. එවැනි මර්දනකාරී ප්‍රතිපත්ති නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට හේතුවිය හැකි බව මානව හිමිකම් සංවිධාන පවසති. අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ නීති හේතුවෙන් ඇතැම් උයිගර් වැසියන් අන්තවාදය දෙසට තල්ලු විය හැකි බවටත් එම සංවිධාන අනතුරු අඟවති. | 'ඉස්ලාමීය අන්තවාදයට' එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව චීන ආණ්ඩුව පවස |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බර්මිංහැම් නගරයේ පැවැත්වුන පස් වන සහ අවසන් එක් දින තරඟයේදී පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද්දේ ඔහු විකට්ටුවෙන් පිටත රැඳී සිටියදී කඩුල්ල බිඳ හෙළමින්. එවැනි අවස්ථාවක ක්‍රීඩකයකු දවාලීම ක්‍රිකට් ලෝකයේ හඳුන්වනු ලබන්නේ ‘මන්කාඩ්’(Mankad) යනුවෙනි. ‘මන්කාඩ්’(Mankad) දවාලීම ක්‍රිකට් ක්‍රීඩා නීතියට අනුකූල නමුත් එම සිද්ධිය ක්‍රිකට් ලෝකයේ බලවත් සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් බවට පත් වී ඇත. සචිත්ර සේනානායක බට්ලර් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව් විසින් තහවුරු කරනු ලැබීම විවේචනයට ලක් වෙමින් ඇතත් එමගින් වරදක් සිදුව නැති බවයි එම්.සී.සී ප්‍රකාශකයෙක් සඳහන් කළේ. සචිත්ර සේනානායක ‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ, ජොස් බට්ලර් දවා ලූ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා නීතිය උල්ලංඝනය වීමක් සිදුව නැති බවයි. බට්ලර් දවා ලනු ලැබීමට පෙර සචිත්ර සේනානායක එංගලන්ත පිළේ පිතිකරුට පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබුණ බවත් එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය සිහිපත් කරයි. ‘බර්මිංහැම්’ තරඟයට පෙර ලන්ඩන් නගරයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ පැවති එක් දින තරඟයේ දීත් ජොස් බට්ලර් කඩුල්ලෙන් පිටත රැඳී සිටීමේ කාරණය මතු වූ බව දැන ගැනීමට ඇති බවත් එම්.සී.සී ප්‍රකාශකයෙක් කියා සිටියි. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනය අයත් වන්නේ එම්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජයටයි. | සචිත්ර සේනානායක විසින් එංගලන්ත පිළේ පිතිකරු ජොස් බට්ලර් දවා ලන ලද ආකාරය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණයට එරෙහිව යාමක් සිදුව නැතැයි එංගලන්තයේ ‘මාර්ලිබන්’ ක්‍රිකට් සමාජය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බලය යලි මධ්‍යගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට පක්ෂ දෙකම විරෝධය පළ කරයි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ සිය පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය අතර බ්‍රහස්පතින්දා රාත්‍රිය පැවැත්වුණු සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් පළ කරමින්. "දෙමළ කථාකරන ජනතාව අතෙත්, ඒ ගොල්ල වැඩිය ඉන්න පළාත්වල, රටට කිසිම හානියක් කරන්නේ නැතිව, බලය බෙදල ඒගොල්ලන්ට බලය දෙන්න ඕන," බව ඔහුගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ ඒ අරමුණින් බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, එම සංශෝධනයෙන් ඉදිරියට බලය විමධ්‍යගත කිරීම ගෙන යන බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දී තිබෙන බව ද පෙන්වා දෙයි. කෙසේ නමුත් එම ප්‍රතිඥා කඩ කරමින් විමධ්‍යගත කොට තිබෙන බලයත් යලි මධ්‍යගත කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේ අවධානය යොමු වූ බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය. තම පක්ෂවලට ආණ්ඩුවේ එම ක්‍රියාදාමයට සහාය දිය නොහැකි බැවින් එයට විරෝධය පළ කළ යුතු බවට පක්ෂ දෙකේ එකඟත්වය පළ වූ බවයි ඔහු පවසන්නේ. | ශ්‍රී ලංකාවේ එක් ජන කොටසක් අත පමණක් බලය රඳා පැවතීම රටේ ජන කොටස් අතර සමගියට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උතුරු දුම්රිය සේවය අද ආරම්භ වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය සේවය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතා ප්‍රශ්ණ විසඳීම සඳහා මැජික් ක්‍රමයක් නොමැති බවයි. ‘තොප්පියෙන් හාවෙක් ගන්නවා, හාවාගෙන් ගෑණු ළමයෙක් ගන්නවා, ... මම ගෝගියා පාෂා නෙමෙයි.’ ජනාධිපතිවරයා පැවසීය. එහෙත් දකුණේ මෙන් උතුරේ වැසියන්ට සමාන අයිතීන් ලබා දීම සඳහා ණය ලබා ගෙන හෝ රජයේ යුතුකම් ඉටු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. | වසර 23කට පසු උතුරත් දකුණත් සම්බන්ධ කරමින් යාල් දේවී දුම්රිය අද කිලිනොච්චිය බලා ධාවනය විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ. රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය භාවිත කර ඇත. ඒ සඳහා ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් වන්නේ, පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී වංචා හා දුෂණ සිදුවූ බවට සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින්, කොංග්රස් සභාවට කඩාවැදීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් ජනවාරි 6වැනිදා තම ආධාරකරුවන් පොළඹවනු ලැබූ බවය. එම චෝදනාවට හිටපු ජනාධිපතිවරයා වැරදිකරු ද නැතහොත් එම චෝදනාවලින් ඔහු නිදහස් කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ දෙයකි; ජනාධිපතිවරයෙකු තම ධූර කාලය නිමා කිරීමෙන් පසුව ඔවුන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටය. ඉතින්, කුමක් සිදු වේවිද? පරීක්ෂණය සිදුවන්නේ කෙසේද? සෙනෙට් සභාව තුළ සිදුකෙරෙන පරීක්ෂණය දේශපාලනික ය. ඉදිරිපත් වී ඇති චෝදනාවට ට්‍රම්ප් වැරදිකරු ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයෙන් අනතුරුව සෙනෙට් සභිකයන් අතර ඡන්ද විමසීමක් පැවැත්වේ. ට්‍රම්ප් වැරදිකරු කිරීමට නම් සෙනෙට් සභාවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍යවේ. සෙනෙට් සභාව සභිකයන් 100 දෙනෙකුගෙන් සමන්විතය. ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් කිරීමට සෙනෙට් සභාවට බලය තිබේ. සිදුවන්නේ කුමක්ද? කවදා ද? ට්‍රම්ප් මේවනවිට පදවියේ නොමැති හෙයින් මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට අනුකූලදැයි තීරණය කිරීම සඳහා අඟහරුවාදා විවාදයක් පැවැත්වුණි. එම විවාදයෙන් අනතුරුව පැවැත්වුණු ඡන්ද විමසීමෙන් තීරණය වූයේ එය ව්‍යවස්ථා විරෝධී නොවන අතර පරීක්ෂණය පැවැත්විය යුතු බවය. මෙම පරීක්ෂණය සඳහා සාක්ෂිකරුවන් කැඳවිය හැකිද යන්න තීරණය කිරීමට ද සෙනෙට් සභිකයන් අතර ඡන්දයක් විමසනු ඇත. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සඳහා කෙතරම් කාලයක් ගතවේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. හැකි ඉක්මණින් පරීක්ෂණය නිමා කිරීම සෙනෙට් සභාවේ ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ අවශ්‍යතාවයයි. ඊට හේතුව, නව ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කරනු ලබන කොවිඩ් 19 සහන සැලැස්ම නීතිගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය බැවිනි. පැමිණිල්ලේ තර්කය කුමක්ද? ඩිමොක්රටික් පාක්ෂිකයන් පවසන්නේ සිදු වූ කෝලාහලවලට හිටපු ජනාධිපති ට්‍රම්ප් "පෞද්ගලිකව වගකිව යුතු" අතර ඔහු වරදකරු කළ යුතු බවය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිගින් දිගටම පිළිනොගැනීම මගින්, "තමන් විසින් ආරක්ෂා කරනු ලබන බවට කලින් දිවුරා පොරොන්දු වී ඇති ජනරජයට එරෙහිව, කෝලාහල ඇතිකිරීමට මග පාදා" ඇති බව ඔවුහු පවසති. ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් මගින් ජනවාරි 6වැනිදා පැවති "අනවසර රැළිය, කලහකාරී කැරැල්ලක්" බවට පත් කෙරුණු බවට ඔවුහු තර්ක කරති. මෙම රැලිය "ට්‍රම්ප් ගේ ගිනි පුපුරකින් ප්‍රචණ්ඩකාරී වීම සඳහා කල්තියා සංවිධානය කර තිබූ දෙයක්" බව තහවුරු කිරීමට, "රැලියේ වීඩියෝ පට සහ ට්‍රම්ප් ගේ මුවින් පිටවූ වදන් ඔවුහු යොදා ගනිති. "සාක්ෂි ඉතා පැහැදිලියි. ජනාධිපතිවරණයේ තීන්දුව වෙනස් කරන්නට දැරූ අනෙකුත් සියලු උත්සාහයන් අසාර්ථක වූ විට කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා උල්පන්දම් දී" ඇතැයි පැමිණිලිකරුවන් ලියා ඇත. ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ තර්කය වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේවනවිට ජනාධිපති තනතුරේ නොසිටින නමුත් "ඔහු තනතුරට පත්වූ පළමු දිනයේ පටන් අවසාන දිනය දක්වා පැවති තම කල්ක්‍රියාව පිළිබඳව ඔහු විස්තරාත්මකව පිළිතුරු සැපයිය යුතු" බවය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වීදි බැස සිටියහ ට්‍රම්ප්, මින් ඉදිරියට දේශපාලනය කිරීම සඳහා නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති. ට්‍රම්ප්ගේ විත්තිවාචකය කුමක්ද? පරීක්ෂණය ආරම්භවීමට ප්‍රථම ට්‍රම්ප්ගේ නීතිවේදීන් ප්‍රකාශ කළේ දෝෂාභියෝගය සඳහා ගෙන ආ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය. තම ආධාරකරුවන් කොංග්රස් සභාවට කඩා වැදුණේ ඔවුන්ගේ ම අභිමතය පරිදි බව විත්තියේ නීතිවේදීහු පැවසුහ. කෝලාහලයට පෙර ට්‍රම්ප් කළ ප්‍රකාශයන් පෙළඹවීමක් බවට පත්නොවූ බව ඔවුන්ගේ තර්කයයි. "සටන් කරන්න" (fight) යන වචනය භාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අදහස් නොකළ බව ට්‍රම්ප්ගේ නීතිවේදීහු පැවසූහ. ඔවුන් තවදුරටත් පවසන්නේ "කොලාහලයකට පෙළඹවීමක්" ලෙස මෙම ප්‍රකාශය පමණක් මතුකර දක්වන්නේ සමස්තයක් වශයෙන් ට්‍රම්ප්ගේ කතාවේ ඇති අනෙකුත් ප්‍රකාශයන් නොසලකා හැරීමට බවය. ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් සිදු කළ කතාවේ දී "සාමකාමීව ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න" යනුවෙන් ඉල්ලීම් කළ බව ද ඔවුහු පෙන්වා දුන්හ. මෙම නීතිවේදීහු තවදුරටත් කියා සිටියේ මෙම කෝලාහලය දින ගණනකට කලින් සැලසුම් කළ දෙයක් බව FBI වාර්තාවල සඳහන් වන බවය. ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන මෙම පරීක්ෂණය ව්‍යවස්ථාවට එකඟ නොවන බව ද, ඔවුහු තවත් නීතිමය කරුණක් ලෙස ගෙන හැර දක්වති. ඔවුන් තර්ක කරන්නේ, ට්‍රම්ප් මේවන විටත් සාමාන්‍ය පුරවැසියෙක් පමණක් වන හෙයින් තවදුරටත් ඔහු තනතුරින් පහකිරීමක් සිදු කළ නොහැකි බවය. මෙය "දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කරවීම සඳහා රඟ දැක්වෙන දේශපාලන නාටකයක් සහ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවක්" ලෙසට ට්‍රම්ප්ගේ නීතිවේදීහු හඳුන්වති. ට්‍රම්ප් ගිය පසු මෙය කළ හැකිද? මීට පෙර කිසිදා මෙවැන්නක් සිදුවී නොමැත. එම නිසා මෙය මීට පෙර අත්හදා බැලූ දෙයක් නොවේ. ඇමරිකානු ව්‍යවස්ථාවේ ද එවැන්නක් සඳහන් වී නැත. රිචර්ඩ් නික්සන් 1974 දී ජනාධිපති තනතුර අතහැර දැමීමෙන් පසුව ඔහුට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝග ක්‍රියාදාමය නතර විය. එම නිසා මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ට්‍රම්ප්ට හැකියාවක් තිබේ. පහළ තනතුරු දැරූ ඇතැම් නිලධාරීන් කීපදෙනෙකු නම් ඔවුන් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව දෝෂාභියෝග ගෙනැවිත් වරදකරුවන් කළ අවස්ථා තිබේ. සාක්ෂි දීමට ට්‍රම්ප් පැමිණේවි ද? ඇත්ත වශයෙන් ම පැමිණිලිකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ද එයයි. තමන් කැමති ස්ථානයක දී දෙපාර්ශවයම එකඟ වන දිනයක හා වේලාවක සාක්ෂි ලබාදීම සඳහා ඉදිරිපත්වන ලෙස ආරාධනා කරමින් පසුගිය සතියේ දී ලිපියක් යවා ඇත. ට්‍රම්ප් නිශ්ශබ්ද වන්නේ නම්, චෝදනා සත්‍ය බවට ඔප්පු කිරීමට එයද සාධකයක් වනු ඇති බවට අභිචෝදකයන් ඇඟවීමක් කර තිබේ. කෙසේ නමුත්, මෙම ඉල්ලීම සිදුකර පැය කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ නීතිඥවරු එය ප්‍රතික්ෂේප කර තිබුණි. සාක්ෂි ලබා දීම සඳහා ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බව ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ට සිතාසි යැවීමට අභිචෝදකයන්ට බලය තිබේ. නමුත් එය බොහෝ විට සිදු නොවනු ඇති දෙයක් ලෙස සැලකේ. මෙම පරීක්ෂණයට හවුල්වන්නේ කවුරුන් ද? ඩොනල්ඩ් ට්‍රම්ප්: කැපිටල් ගොඩනැගිල්ලට ආධාරකරුවන් කඩා වැදීමෙන් අනතුරුව ජාතිය අමතමින් ට්‍රම්ප් ට එරෙහිව ගෙන ආ පළමු දෝෂාභියෝගයට අදාළ පරීක්ෂණය සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබර්ට්ස් ගේ ප්‍රධානත්වයෙනි. නමුත් නැවතත් ඔහු එසේ නොකරනු ඇත. සෙනෙට් සභික පැට්රික් ලීහයි මෙවර මූලාසනය දරනු ඇත. තවත් සෙනෙට් සභිකයන් නව දෙනෙකු පරීක්ෂකවරු වශයෙන් කටයුතු කරනු ඇත. ට්‍රම්ප් වෙනුවෙන් බලයලත් නියෝජිතයන් දෙදෙනෙකු ඉදිරිපත් වනු ඇත. තම නීතිඥ කණ්ඩායමට තවත් කීපදෙනෙකු ට්‍රම්ප් විසින් පත් කරනු ලැබේවිදැයි තවමත් පැහැදිලි නැත. සෙනෙට් සභිකයන් සිය දෙනාම ජූරි සභිකයන් ලෙස කටයුතු කිරීම සඳහා දිවුරුම් දී තිබේ. සෙනෙට් සභාව තුළ ට්‍රම්ප් වැරදිකරු කළ හැකිද? සෙනෙට් සභාවේ ආසන සියය අතරින් ඩිමොක්රටික් සභිකයන් සිටින්නේ අඩක් පමණි. එම නිසා තමන්ගේම පක්ෂයේ කෙනෙකුට එරෙහිව ඡන්දය පාවිච්චි කරන රිපබ්ලිකන් පාක්ෂික සභිකයන් 17 දෙනෙකු ද සිටිය යුතුය. ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ට හිතවාදී ලෙස කටයුතු කරන පක්ෂයක එවැන්නක් සිදුවීම අසීරු දෙයකි. නමුත් මෙම දෝෂාභියෝගය පරීක්ෂාවට ලක් කළ යුතු බවට රිපබ්ලිකන් සභිකයන් 10 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම තමන් විවෘතව සිටින බවට රිපබ්ලිකන් සභිකයන් අතලොස්සක් ඉඟි කර තිබේ. කෙසේ නමුත්, මෙම පරීක්ෂණය අත්හිටවිය යුතු බවට රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් 50 දෙනාගෙන් 45 දෙනෙකු පසුගිය සතියේ ඡන්දය පාවිච්චි කර තිබුණි. වැරදිකරු වුවහොත් යළිත් ජනාධිපතිකමට තරග කළ හැකිද? ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහු නැවත තරඟ කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් සෙනෙට් සභාව තුළ තවත් ඡන්ද විමසීමක් කළ යුතුය. 2024 දී තමන් නැවතත් ජනාධිපතිධුරයට තරඟ කරන බව ට්‍රම්ප් ඉඟිකර ඇත. මෙම දෝෂාභියෝගයේ විශාලතම ප්රතිවිපාකය මෙය විය හැකිය. එක්සත් ජනපදය තුළ කිසිදු ආකාරයක "ගරුකටයුතු කාර්යාලයක්, භාරකාර මණ්ඩලයක් හෝ ලාභ ලබන කාර්යාලයක්" පවත්වාගෙන යාම තහනම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ සෙනෙට් සභාවේ සරල බහුතරයක් පමණි. එබැවින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත දේශපාලන බලයක් ලබා ගැනීමේ සිහිනය කඩා බිඳ දැමීමට සෙනෙට් සභිකයන් 50 දෙනෙකුට අමතරව උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දය පමණක් ප්‍රමාණවත් වනු ඇත. ට්‍රම්ප් පක්ෂයෙන් ඉවත්කර ගැනීමට පවතින මෙම අවස්ථාවට, මීළඟට තරග කිරීමේ අපේක්ෂාව පවතින රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ද හිත ඇදී යා හැකිය. ට්‍රම්ප්ට හිමි දීමනාවලට සිදුවන්නේ කුමක්ද? හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන දීමනා ට්‍රම්ප් ට අහිමි වීම පිළිබඳව ද කතාබහක් ඇතිවී තිබේ. හිටපු ජනාධිපතිවරුන් පිළිබඳව 1958 දී සම්මත වූ පනත ප්‍රකාරව ඔවුනට විශ්‍රාම වැටුපක්, සෞඛ්‍ය රක්ෂණාවරණයක් සහ බදු ගෙවන්නන්ගේ මුදලින් ජීවිතාන්තය දක්වා ආරක්ෂකයන් සැපයීම වැනි සහන හිමිවේ. නමුත් ට්‍රම්ප් තනතුරින් ඉවත්වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය පැවැත්වෙන බැවින් එම දීමනා එලෙසම පැවතීමට ඉඩ තිබේ. ඔහුට එරෙහි පළමු දෝෂාභියෝගය කුමක්ද? පළමු දෝෂාභියෝගය ඉදිරිපත් වූයේ යුක්රේනය සමඟ කෙරුණු බව කියන ගනුදෙනුවක් අරභයා ය. තමන් කිසිදු වරදක් නොකළ බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ජෝ බයිඩන්ට (වත්මන් ජනපති) සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස යුක්රේනයේ නායකයාට බලපෑම් කළ බවට එවක ජනපති පදවියේ සිටි ට්‍රම්ප් ට චෝදනා එල්ල විය. පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් දෝෂාභියෝගය සම්මත වී ට්‍රම්ප් වැරදිකරු බවට සම්මත වුවත් එවක රිපබ්ලිකන් පක්ෂය සතුව බලය පැවති සෙනෙට් සභාවෙන් ට්‍රම්ප් නිදොස් කෙරුණි. | ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරයට ගොදුරු වී හැටහතර දෙනකු මරුමුවට පත් වී ඇති අතර දෙසිය හැට පස් දෙනකු තුවාල ලබා තිබේ. නව විදුලි රැහැන් පද්ධතියක් මුල් කර ගනිමින් ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් පෙළපාලිය සංවිධානය කොට තිබිණි. හසාරා ජන ප්‍රජාව වැඩි වශයෙන් වෙසෙන පළාත් ''මගහැර'' විදුලි රැහැන් පද්ධතිය ඉදිවන බවට ඔවුහු චෝදනා කරති. තාලිබාන් සංවිධානය විසින් ප්‍රහාරය හෙලා දැක තිබේ. ඉස්ලාම් රාජ්‍යය සංවිධානය නැගෙනහිර ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර සිදු කොට ඇති නමුත් මීට ඉහතදී කාබුල් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලට තමා සම්බන්ධ බව ප්‍රකාශ කොට නොතිබුණි. | ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවති විරෝධතා පෙළපාලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ වසර මුලදී මාතලේ දී සොයා ගත් සමූහ මිනී වල මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුත්තක නියැලෙමින් සිටි කම්කරුවන් පිරිසකට යටත් පිරිසෙයින් දස දෙනකුගේ වත් ඇටසැකිලි හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ. කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් මියගිය ආකාරය සහ කාලය පිළිබඳ ව තවමත් කිසිම හෝඩුවාවක් ලැබී නැත. යුද්ධයේ දී සිවිල් වැසියන් ඝාතනය කල බවට ශ්‍රී ලංකා හමුදාවටත් එල්ටීටීඊ සංවිධානයටත් චෝදනා එල්ල වී තිබේ. මේ වසර මුලදී මතලේදී ද මෙවන් සමූහ මිනී වලක් හමුවුණු අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ එය 1987-90 කාලයේ දී සිදු වූ බවයි. | ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර හතරකට පසු ප්‍රථම වරට යුද බිමෙන් සමූහ මිනී වලක් හමු වූ බව පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් එයට එරෙහිව ඡන්දය දී තිබෙන්නේ මන්ත්‍රීවරු හතලිහක් පමණයි. විශ්වාස භංග යෝජනාව පරාජය වුවත් ලේබර් පක්ෂ නායකයාට තවදුරටත් පදවියේ රැඳී සිටීමට අවස්තාව තිබෙන අතර, මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමි වුවත් පක්ෂ සාමාජිකයන් බහුතරය ඔහුට සහාය දෙන බවයි ජෙරමි කෝබින් ගේ ආධාරකරුවන් පවසන්නේ. ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් අනතුරුව දින දෙකක් ඇතුළත කම්කරු පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' සාමාජිකයන් හතළිස් දෙනෙක් සිය ධුරවලින් ඉවත් වූහ. දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටීමේ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් සිය යුතුකම නිසියාකාරව ඉටු නොකළ බවට ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක් සිය නායකයාට චෝදනා කරති. කම්කරු පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් ජෙරමි කෝබින්ගේ නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින බවක් දක්නට ලැබෙන බවයි ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ. | බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට එරෙහි විශ්වාස භංග යෝජනාවකට පක්ෂව 170 කට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය භාවිත කළහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක්' -අන්වර් ඊබ්‍රාහිම් එම සිර දඬුවම නියම කෙරුණේ විපක්ෂ නායකයා සම ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනාවලට වරදකරු වන බව උසාවිය තීන්දු කරනු ලැබීමෙන් පසුව. එම චෝදනා වලට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් නිවැරදිකරු වන බව මෙයින් වසර දෙකකට පෙර උසාවිය තීන්දු කර තිබුනත් කලින් තීන්දුව වෙනස් කළ නව උසාවිය කියා සිටියේ ඔහු පුන් මෛථුන්‍ය චෝදනා වලට වැරදි කරු වන බවයි. දේශපාලන අරමුණු තකා මඩ ගැසීමේ ව්‍යාපාරයක කොටසක් වශයෙන් මෙම චෝදනා ගොනු කර ඇති බවයි මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් කියා සිටින්නේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන මැලේසියාවේ සම ලිංගික සේවනය නීති විරෝධී වන නමුත් මෙතෙක් උසාවි දඬුවම් ලබා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙක් පමණයි. | මැලේසියාවේ උසාවියක් එරට විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් ට අවුරුදු පහක සිර දඬුවමක් නියම කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම සාකච්ඡාවේදී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කරගැනීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායකයා කටයුතු කරනු ඇති බව වාර්තාවී තිබිණි. කෙසේ වෙතත් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන ගැටලුව ගැන ඊයේ දින ද අවසන් එකඟතාවකට නොපැමිණි බවකි. සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ "සාකච්ඡා සුභවාදිව" අවසන් වූ බවය. ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ජනතාවට දැන ගත හැකි වනු ඇති බව ඔහු එහිදී කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා විණි. එම පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා "අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ" යනුවෙන් කියා සිටියේය. තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු කියා සිටියේය. "ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්" බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතු බවට ඇතැමුන් යෝජනා කළ කතානායක කරු ජයසුරිය ඊයේ සාකච්ඡාවට එක් නොවීය. | එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසි සිංහල සේවයට පැවසීය.ඊයේ (10) රාත්‍රි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් 'අරලියගහ මන්දිරයේදී' පැවැත්විණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගෝවා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය රාමේෂ් ටවද්කාර් ප්‍රකාශ කර ඇත්තේ සමලිංගික ස්ත්‍රීන් සහ පුරුෂයන්ට මෙන්ම තම රිසි පරිදි ලිංගිකත්වය වෙනස් කර ගත් උදවිය ‘සාමාන්‍ය තත්වයට’ පත් කිරීම සඳහා මෙම සායන තුළ ප්‍රතිකාර ලබා දෙන බවයි. ‘පුහුණුව සහ ඖෂධ’ සමලිංගිකයන්ට ‘පුහුණුව සහ ඖෂධ’ ලබා දීමට තම ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද ඔහු පවසයි. ඉන්දියාවේ සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් මෙම ප්‍රකාශය හෙළා දැක තිබේ. | සමලිංගිකයන් ‘සුවපත් කිරීමට’ සායන මධ්‍යස්ථාන පිහිටුවන බවට ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නිදහස ලද ධීවරයන් සිය අඹුදරුවන්ට එක්වෙමින්. පළමු ධීවර සිරකරුවන් මුදා හරිනු ලැබීමෙන් දවසකට පසුවයි, මෙම නිදහස් කිරීම් සිදු කෙරුණේ. සාගර නීතිය කඩ කළ බව පවසමින් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස දෙ රටේ සිර ගෙවල් වල රඳවා සිටින ධීවරයන් අදියරින් අදියර මුදා හැරීමේ එකඟතාවයකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පසු ගිය දා එකඟ වුණි. අලුත් ම වාර්තා වලින් පැවසෙන්නේ, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ උසාවි දෙකක නියෝග අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් හැට එක් දෙනකු නිදහස් කරන ලද බවයි. දෙ රටේ ධීවර සිරකරුවන්ගෙන් පළමු කණ්ඩායම බ්‍රහස්පතින්දා නිදහස් කරමින් ඔවුනොවුන්ට භාර දෙනු ලැබුණේ මහා සයුර මැද දී. තවත් දෙසීයක් පමණ ධීවර සිරකරුවෝ දෙ රටේ බන්ධනාගාර වල සිර කරනු ලැබ සිටිති. | සාගර නීතිය උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිරගත කර සිටි තවත් ධීවරයන් නිදහස් කර ඇති බව වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත් කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ද පක්ෂ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග සාකච්ඡා කර සිය ප්‍රකාශ නිවැරදි කිරීම පිණිස කටයුතු කරන මෙන් පක්ෂය මීට ඉහතදී කළ දැනුම්දීමට එකඟත්වය පළ කළ අමාත්‍යවරයා, ඉන් අනතුරුවත් එම එකඟතාව කඩකරමින් තවදුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කළ බවත් නිවේදනයේ දැක්වේ. ව්‍යවස්ථා සභාව සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පදවි සම්බන්ධයෙන් පවතින එකඟතාවය ප්‍රකාර විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කරන මෙන් නිර්දේශ කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දැනුම්දීම ප්‍රකාර ජනාධිපතිවරයා විසින් ඔහු අමාත්‍ය පදවියෙන් ඉවත්කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. එසේ වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවේ අමාත්‍ය පදවියකින් පහ කරන ලද පළමු මන්ත්‍රීවරයා ඔහුය. සබැඳියාවන් අතර ගැටුම් සහ දූෂණ චෝදනා යටතේ තිලක් මාරපන සහ රවි කරුණානායක අමාත්‍යවරුන් මීට ඉහතදී අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස් වූහ. ඉන් අනතුරුව පැවති කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය පදවියට යළිත් පත්කෙරුණු තිලක් මාරපන අමාත්‍යවරයා, පසුව විදේශ කටයුතු අමාත්‍ය පදවියට ද පත්කෙරුණි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රටේ ඉහලම තනතුරු සම්බන්ධයෙන් තීන්දු කරනු ලබන ව්‍යවස්ථා සභාවේ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙසින් ද කටයුතු කරයි. | අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍ය පදවියෙන් ඉවත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, 'කැපිටල්' නමින් හැඳින්වෙන කොංග්රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ කැරළි කෝලාහලවලින් අනතුරුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට, ට්විටර් සමාජ ජාලය තහනම් විය. ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් ගිණුම් අවහිර කෙරුණි. එවක් පටන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජ ගත කරනු ලැබුවේ මාධ්‍ය නිවේදන වශයෙනි. මින්පසු ඒවා සන්නිවේදනය කරනු ඇත්තේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අලුත් වෙබ් අඩවිය හරහාය. මෙහි පළවන පෝස්ටුවලට 'Like' දැමීමේ හැකියාව මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ට ලැබේ. එමෙන්ම, ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම පෝස්ටු හුවමාරු කර ගැනීමේ හැකියාව් ද පරිශීලකයන්ට පවතී. වෙබ් අඩවියේ ඡායාරුවක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම වෙබ් අඩවිය දියත් කරනු ලැබුවේ තාවකාලිකව අවහිර කර ඇති සිය ෆේස්බුක් ගිණුම සදහටම වසා දමන්නේදැයි තීරණය කිරීමට දිනක් තිබියදී ය. මෙම තීරණය ගනු ලැබීමට ඇත්තේ ෆේස්බුක් සමාගමේ පාලන මණ්ඩලයක් විසිනි. ට්‍රම්ප් ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජේසන් මිලර් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නවතම සමාජ මාධ්‍ය ජාලයක් දියත් කිරීමට කටයුතු කරන බවය. "මෙම අලුත් සමාජමාධ්‍ය වේදිකාව විශාල එකක්" යැයි ඔහු පැවසුවේ මාර්තු මාසයේදී ය. වෙබ් අඩවියේ ඡායාරුවක් නමුත් ඊයේ, අඟහරුවාදා (මැයි 04) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජේසන් මිලර් කියා සිටියේ අලුතින් ආරම්භ කෙරෙන වෙබ් අඩවිය, තමන් මීට පෙර සඳහන් කර තිබූ අලුත් සමාජ මාධ්‍ය වේදිකාව නොවන බවය. "ඒ පිළිබඳව වැඩිදුර විස්තර නුදුරු අනාගතයේදී නිකුත් වනු ඇති," ඔහු පැවසීය. 'Campaign Nucleus' නමැති ඩිජිටල් සේවා සමාගම විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබ ඇති බවට වාර්තාවෙයි. එම සමාගමේ නිර්මාතෘ, ට්‍රම්ප් ගේ හිටපු ප්රචාරක කළමනාකරු බ්‍රැඩ් පාස්කේල් ය. පසුගිය ජනාධිපතිවරණය වංචා කර ඇති බව දැක්වෙන පොස්ටු කීපයක්ම ට්‍රම්ප් ගේ නව වෙබ් අඩවියේ පළවී ඇත. එය අසත්‍ය චෝදනාවක් බව මේ වන විට තහවුරු තිබේ. "සැබෑ ලෝකයේ ප්රචණ්ඩත්වය" හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම නැවතත් සක්‍රිය කිරීම සඳහා අවසර ලබා දීමට ෆේස්බුක් පාලන මණ්ඩලය තීරණය කළහොත් එය නැවත සක්‍රිය වීමට දින හතක් ගතවනු ඇත. YouTube සමාගම ප්‍රකාශ කර තිබුණේ "සැබෑ ලෝකයේ ප්රචණ්ඩත්වය" ඇතිවීමේ තර්ජනය පහව ගිය පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ YouTube ගිණුම යළි සක්‍රිය කරනු ඇති බවය. නමුත් ට්විටර් ජාලය භාවිත කිරීම ට්‍රම්ප්ට සදහටම තහනම් විය. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සතුව නිත්‍ය පරිශීලනය කරන්නන් (followers) මිලියන 88ක් විය. ට්රම්ගේ අලුත් වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් සමාගමේ ප්‍රකාශක බීබීසියට කියා සිටියේ "සාමාන්‍යයෙන්, වෙබ් අඩවියක පළ වූ යමක් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු කර ගත හැකි නමුත් එහි අන්තර්ගතය මගින් ට්විටර් නීති උල්ලංඝනය නොවිය යුතු" බවය. (උතුරු ඇමරිකානු කලාපයේ බීබීසී වාර්තාකරු ජේම්ස් ක්ලේටන් ගේ ලිපියක් ඇසුරෙනි.) | ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව "සන්නිවේදන" වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය නම්කර ඇත්තේ "straight from the desk" යනුවෙනි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගෝඨාභය රාජපක්ෂ 2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත. කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය. මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය. මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය. ඉකුත් රජයේ ප්‍රබල ක්රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය. මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය. අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය. ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි. "ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය. | පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යුක්රේන් අගමැතිවරයා චෝදනා මුඛයෙන් පවසන්නේ රුසියාව ආර්ථික ආක්‍රමණයක නිරත වෙන බවයි. රුසියානු හිතවාදී හිටපු ජනාධිපති වික්තර් යනුකොවිච් නායකත්වය දුන් යුක්රේන් ආණ්ඩුව පසුගිය මාසයේ නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, රුසියාව දැන් තම රටට දඬුවම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි අගමැති අර්සේනියි යත්සෙන්යුක් පවසන්නේ. දේශපාලන අවියක් රුසියාවේ ගෑස් ඒකාධිකාරය හිමි ‘ගාස්ප්‍රොම්’ ව්‍යාපාරය මේ සතියේ සිදු කල මිල වැඩි කිරීම් අනුව වෙනත් යුරෝපීය ගැනුම් කරුවන්ගෙන් අය කරන මිලට වඩා වැඩි මිලක් ඔවුහු යුක්රේනයෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. දේශපාලන අවනතභාවය දිනා ගැනීමේ ආයුධයක් හැටියට බලශක්ති මිල පාවිච්චි කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් ඊයේ සිකුරාදා රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබිණි. | යුක්රේනයට සපයන ගෑස් මිල දැනට පවතින තත්වයට වඩා දෙගුණයකට ආසන්න මට්ටමකින් වැඩි කිරීමට රුසියාව ගෙන ඇති තීන්දුව යුක්රේන් අගමැති අර්සේනියි යත්සෙන්යුක් විසින් බලවත් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන සිතා බැලීමට සිදු වනු ඇතැයි ඇමෙරිකාව අනතුරු අඟවා තිබේ. ගෝලීය අපරාධ යුක්ති විනිශ්චය සම්බන්ධ තානාපතිවරයා වශයෙන් ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, වගවීම සහ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව ආණ්ඩුවේ නායකයන් සහ දේශපාලන හා සිවිල් සමාජ නායකයන් සමඟ ඇමෙරිකානු නියෝජිතයා සිය සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීමට අපොහොසත්වීම පිළිබඳව එළැඹෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපදය සැරසෙන බවට වාර්තා පළ වෙමින් තිබෙන අතරවාරයේයි, ස්ටීවන් ජේ රැප් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ. ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වන්නේ නම්, ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතු කිරීමට සිදු වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙන්ම මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ද අනතුරු අඟවා තිබේ. එවැනි ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට සිය රටේ අධිකරණ පද්ධතියට හැකියාව තිබෙන බව අවධාරණය කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, ඒ සඳහා තවත් කාලය අවශ්‍ය බවද ප්‍රකාශ කරයි. | යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ස්ටීවන් ජේ රැප්, පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ලඟා වී සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්. මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන. ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා. රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල. හඬ පටයට සවන් දෙන්න. කාර් කට්ට ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්. ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා. මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා. ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි. ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ. තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර. තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්. කකුල් තුනේ මැනුවෙල් තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර. නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි. ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි. ගොවිපළේ වැඩට යොදා ගන්න ට්රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්. ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි. “මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව. වෙඩි උණ්ඩ හයක් හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි. හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන. නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා. 1985 දී රටට ප්රජාතන්ත්රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට එක් වුනා. 2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා. අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට. ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා. | පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව CIA ආයතනය සිකුරාදා නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් පැවසීය. එහෙත් ජනාධිපතිවරණයෙන් ලද දැවැන්ත පරාජය දරාගත නොහැකිව ඩිමොක්රටික් පක්ෂය මෙවැනි වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය. රුසියානු බලධාරීහු එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති. | ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) නිකුත් කළ නිරීක්ෂණ වාර්තාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය. ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, එයින් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කළාය. "අකමැත්තෙන් වුවත්" රටේ අවශ්‍යතා උදෙසා එම තීන්දුවට එළැඹීමට සිදු වූ බවත් අගමැතිනිය පැවසීය. කොන්සර්වේටිව්-ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් බදාදා (අප්‍රේල් 18) පැවැත්වීමට නියමිතය. නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් කැඳවීමේ තීරණයට විපක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රසාදය පළ කර තිබේ. 2020 දී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වනතුරු මහ මැතිවරණයක් කැඳවීමේ අදහසක් නොමැති බව අගමැතිනිය මීට පෙර කිහිප වතාවක්ම අවධාරණය කර තිබේ. | ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ නිවේදනය කළාය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද? - මහත්මා ගාන්ධි ඇමෙරිකාවේ එවකට සිටි ආගමික ප්‍රධානී මිල්ටන් නිව්බෙරි ෆ්රාන්ට්ස් (Milton Newberry Frantz) වෙත ලියන ලද, 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත. ජේසුස් වහන්සේ "මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගෙන් කෙනෙක්" බව මහත්මා ගාන්ධි එහි සඳහන් කර ඇත. පෞද්ගලික ලිපි එකතුවේ දීර්ඝ කාලයක් තිබුණු මෙම ලිපිය, පෙන්සල්වේනියාවේ පිහිටි 'රාබ් කලෙක්ෂන්' (Raab Collection) ආයතනය විසින් ඩොලර් 50,000 කට (රුපියල් ලක්ෂ 77.6 ට පමණ) විකිනීමට නියමිතය. නිදහස් සටනේ නියමුවෙක්වූ මහත්මා ගාන්ධි, ඉන්දියානුවන් තම ජාතියේ පියාණන් ලෙස ගෞරවාදරයෙන් හඳුන්වයි. හින්දුවරයෙක් වූ මහත්මා, ආගම් සහ දර්ශනවාදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි සම්පාදනය කර ඇත. ක්රිස්ස්තියානි දහම පිළිබඳව ලියැවුන ග්රන්ථයක් කියවන ලෙස ඉල්ලා සිටිමින් ෆ්රාන්ට්ස් ලියන ලද ලිපියකට පිළිතුරු සපයමින්, මහත්මා ගාන්ධි ගුජරාට් ප්‍රාන්තයේ ඔහුගේ නිවස වූ 'සේබාමාටි' ආශ්රමයේ සිට ඉහත කී ලිපිය ලියා ඇත. 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත "හිතවත් මිත්‍රයා !, මට ඔබේ ලිපිය ලැබුනා. ඔබ විසින් එවන ලද ජීවන දර්ශනයට දායක වීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වෙමි. ශ්‍රේෂ්ඨතම පහළවීම ජේසුස් වහන්සේ බව විශ්වාස කිරීමට එමගින් බලකර සිටිනවා. මා තුල ඇති නොරිස්සුම් ස්වභාවය නිසා, මට එහි ඇති සත්‍යය වටහා ගන්නට නොහැකියි" "ජේසුස් වහන්සේ මිනිසාගේ එක් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ය යන මගේ විශ්වාසයෙන් ඔබ්බට යන්නට මට නොහැකි වුනා. ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ යාන්ත්‍රික ඇදහීමකින් නොව අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද?" යනුවෙන් ද ඔහු එහි සඳහන් කර ඇත. "ජේසුස් වහන්සේ පිළිබඳව ගාන්ධි විසින් ලියන ලද වෙනත් කිසිදු ලිපියක් මෙතක් වෙළඳ පොලට නිකුත්වී නොමැති බව සමීක්ෂණ වලින් තහවුරු වන බව" රාබ් කලෙක්ෂන් ආයතනාය් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වෙනත් පුවත්: | මහත්මා ගාන්ධි විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සඳහන් කරනමින් ලියන ලද ලිපියක් ඇමරිකාවේදී අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අලුතින්ම හමු වූ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, බලධාරීන් පවසන්නේ. පාහියන්ගල සිදුකරන ලද කැනීම්වලදී බලන්ගොඩ මානවයාගේ ඇටසැකිලි මීට කලින්ද හමුවී තිබෙන නමුත්, සම්පූර්ණ ඇටසැකිල්ලක් හමුවූයේ මේ වතාවේ බවයි, ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් පිලිබඳ අධ්යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ. "ඉහත දී කරන ලද පර්යේෂණවලට අනුව, අවුරුදු තිස් හත් දාහේ සිට අවුරුදු පන්දාහ කාලයට අයත් ජනාවාශ පස් තට්ටු පාහියන්ගලින් ලැබිල තිබෙන," බවද ඔහු සඳහන් කළේය. ඒ අතරින් අලුතින්ම හමු වූ බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල වසර දොළොස් දහසකට වඩා පැරණි යයි විශ්වාස කෙරෙන බවයි, ඔහු පවසන්නේ. ඇටසැකිල්ල හැරුණු විට බලන්ගොඩ මානවයා විසින් භාවිතා කරන ලද ගල් ආයුධ, ඔහු කෑමට ගත් සතුන්ගේ ශේෂ සහ ගස් බෙල්ලන් සහ දිය වැනි ඔහු හුවමාරු කරගත් භාණ්ඩද මෙම කැනීමේදී හමු වූ බවත් ආචාර්ය නිමල් පෙරේරා බීබීසී සංදේශයට පැවසීය. "ඇත්ත වශයෙන්ම මේ බලන්ගොඩ මානවයා ලුණු ගැන දැනීමක් ඇතිව, මුහුදේ ජලය සමග සෘජු සම්බන්ධතාවයක් තිබුණු බවත් අපට කියන්න පුළුවන්. මුහුදු බෙලි කටුත් හම්බ වෙලා තියෙනවා. ඒ මුහුදු බෙලිකටු අතරේ තියෙනනවා ලුණු බෙල්ලන් කියන කුඩා බෙල්ලන්ගේ කටුත්," ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම ඇටසැකිල්ල තවමත් ගොඩගෙන නොමැති බව පැවසූ ආචාර්ය පෙරේරා, ආරක්ෂා සහිතව එය ගොඩ ගැනීමේ ක්‍රියාවලියේ තමන් දැන් නිරතව සිටින බවද සඳහන් කළේය. | ශ්‍රී ලංකාවේ විසූ ආදිම මිනිසා ලෙස සැලකෙන බලන්ගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් හමු වූ බව බලධාරීහු ප්‍රකාශ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පැපුවා නිව් ගිනියාවේ මැනුස් රැඳවුම් කඳවුර (සංක්‍රමණ හා පුරවැසි කටයුතු පිලිබඳ ඔස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව) PNG ලෙසින් හඳුන්වන පැපුවා නිව් ගිනියාවේ මැනුස් දුපතේ රැඳවුම් කඳවුරේ ඉරිදා සවස් යාමයේ සිදුවීම එරට ආගමන විගමන කටයුතු අමාත්‍යංශය විසින් හඳුන්වනු ලැබූයේ කලබලයක් ලෙසින්. සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැවසුවේ එය අනාගතය පිලිබඳ පැහැදිලි පිළිතුරක් නො ලද රැඳවියන් ගේ විරෝධතාවක් බවයි. පලා ගිය තිස් පස් දෙනකු කල් නොයවා ම අත් අඩංගුවට ගත හැකි වූ බවයි සංක්‍රමණ කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් කැන්බරා අගනුවර දී මාධ්‍ය වේදීන් අමතා කියා සිටියේ. මේ මස මුල දී රැඳවියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීමට බලධාරීන් ඉරිදා ගිය විට හට ගත් උණුසුම් තත්වය කලබලකාරී අතට හැරුණු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. යන එන මං නැතිවී ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පිළිවෙතට එරෙහිව සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයකින් රඳවා සිටින පුද්ගලයන්ට පැපුවා නිව් ගිනියාවේ වාසය කිරීමේ අවසර ලබා නො දෙන බවට සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ යයි පල වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය මොරිසන් ප්‍රකාශ කළේය. දේශපාලන රැකවරණ ලබන අයට PNG වාසයට අවසර ලැබෙනු ඇතැයි පෙබරවාරි 16 වැනිදා රැස්වීමේ දී PNG සංක්‍රමණ හා පුරවැසි කටයුතු අමාත්‍යංශය රැඳවියන් ට දැනුම් දුන් බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත්, වෙනත් රටකට යාමට ඕස්ට්‍රේලියා හෝ පැපුවා නිව් ගිනීයා රජය රැඳවියන්ට සහාය නොදෙන වග සාකච්ඡාවට ගිය සංක්‍රමණ නිලධාරී ෆ්රෙඩ්රික් කෙන්ගාලි තහවුරු කළේ යැයි ද අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය. බලධාරීන් ගේ ප්‍රකාශයෙන් අසහනයට පත් රැඳවියන් ජනවාරියේ සිට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු තමන්ට යන එන මං මුළුමනින් ම අහිමි වී ඇතැ'යි විරෝධතාව උත්සන්න කළ බවයි ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුව පවසන්නේ. ශ්‍රී ලාංකිකයන් මුහුදු මගින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා පැමිණෙන්නන් කමිටුවේ සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් බීබීසී සංදේශය හා කියා සිටියේ දේශපාලන රැකවරණ පතා මුහුදු මගින් පැමිණ මැනුස් කඳවුරේ රඳවා සිටින 1300ක් පමණ දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද ඉන්නා බවයි. කඳවුර තුල සුළු අලාභ හානි සිදු වුනත් රැඳවියන් පාලනය සඳහා බැටන් පොලු හෝ කිසිදු ආයුධයක් හෝ ආරක්ෂාව භාර G4S සමාගම විසින් භාවිත කොට නැති බවයි අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ. ආරක්ෂක භටයන් අවි ආයුධ යොදා නො ගත් බවට සංක්‍රමණ කටයුතු භාර ඕස්ට්‍රේලියානු අමාත්‍යවරයා පවසන තොරතුරු ප්‍රතික්ෂේප කරන දේශපාලන රැකවල් පතන්නන් සඳහා වන ක්‍රියාකාරී කමිටුවේ සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් කිහිප දෙනකුගේ අත් කඩා දමා ඇතැ’යි දැන ගන්න ට ලැබුණු බව පැවසීය. බැටන් ප්‍රහාර බැටන් පොලු හෝ ගල් වලින් හෝ පහර දීම ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. “එක මිනිසකුගේ ඔලුව හරහා විශාල කැපුමකට මැහුම් හැත්තෑවක් දාලා තියනවා. සමහර අයගේ තුවාල පිහි පාරවලින් වගේ.” හිංසාවේ පරිමාව සැඟවීම සඳහා තුවාල ලද ඇතැමුන් රෝහලින් ඉවත් කොට තබා ඇති බවට කමිටු සම්බන්ධීකාරක ඉයන් රින්ටූල් චෝදනා කරයි. අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාවේත් පැපුවා නිව් ගිනියාවේත් සංක්‍රමණ කටයුතු භාර දෙපාර්තමේන්තු විසින් පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ලබන බවයි. | දේශපාලන රැකවල් පතා පැමිණෙන්නන් රඳවා තබන කඳවුරක දින කීපයක් පැවැති උද්ඝෝෂණ වලින් අනතුරුව පළා ගිය අය අතුරින් අට දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව ඔස්ට්‍රේලියානු රජය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවට එක් වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳ ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන බව අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට පක්ෂය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙන බවයි, එහිදී අදහස් දැක්වූ පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්බී දිසානායක සඳහන් කළේය. පාද යාත්‍රාවට සහභාගි වූ දේශපාලනඥයන්ගේ පෞද්ගලික ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ අමාත්‍ය එස්බී දිසානායක කියා සිටියේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂකයන් දෙදෙනකු පමණක් ලබා දෙන බවයි. | පා ගමනකට සම්බන්ධ වීම ස්වාධීන අයිතියක් විය හැකි නමුත් පක්ෂයේ අභිවෘද්ධිය දෙස අවධානය යොමු කොට ඊට සහභාගි වූවන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පක්ෂයකට අයිතියක් තිබෙන බව ශ්‍රීලනිපයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පකිස්තානයේ ගෝත්‍රික ජනාවාශයන්හි වෙසෙන මුස්ලිම් කාන්තාවන් මුළු සිරුරම ආවරණය කර ගනිමින් නිවසට සීමා වූ ජීවිතයකුයි ගෙවන්නේ. වයඹ පකිස්තානයේ ‘කයිබර් පක්තුන්ඛ්වා’ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය නායකයෙක් ප්‍රකාශයක් කරමින්, විශේෂයෙන්ම රාමදාන් ආගමික සමය තුළ කාන්තාවන් වෙළෙඳ පොළවල තනිවම හැසිරීම අසභ්‍ය දර්ශනයක් වන බවයි කියා සිටියේ. කාන්තාවන්ට බල පැවැත්වෙන ඉහත කී නියෝගය ක්‍රියාවට නංවන ලෙස ඉස්ලාමීය පූජකවරු පළාතේ පොලිසියෙන් ඉල්ලා සිටියත්, පොලිසිය ඊට එකඟ නොවූ බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙයි. තනිවම සාප්පු සවාරියේ යන කාන්තාවන්ට බඩු භාණ්ඩ විකිණීමෙන් වළකින මෙන් ඉස්ලාමීය නායකයෝ වෙළෙන්දන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත. වයඹ පකිස්තානයේ ගෝත්‍රික ජනාවාශයන්හි වෙසෙන මුස්ලිම් කාන්තාවන් හිසෙහි පටන් මුළු සිරුරම ආවරණය කර ගනිමින් නිවසට සීමා වූ ජීවිතයකුයි ගෙවන්නේ. | පවුලේ පිරිමි ඥාතියකු කැටුව මිස තනිවම වෙළෙඳ පොළට යාමෙන් වළකින මෙන් වයඹ පකිස්තානයේ මුස්ලිම් පූජකයන් විසින් කාන්තාවන්ට බල පැවැත්වෙන තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ දක්නට ලැබේ. "මගේ කකුලේ දෙවෙනි ඇඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා කුඩාවට පිහිටලා තිබෙන්නේ. මම පුංචි කාලේ ඉඳන් මේ දේට මිනිස්සු මට එක එක දේවල් කිව්වා. මට මෙය දැඩි මානසික වදයක් වුණා. හැබැයි මම කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. නමුත් කසාද බැන්දට පස්සේ සියල්ල වෙනස් වුණා," නම හෙළි කිරීමට අකමැති කාන්තාවක බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළාය. "දෙවෙනි ඇඟිල්ල පුංචි වුණා ම ස්වාමි පුරුෂයා මැරෙනවා කියලා හැමෝම මට කියනවා. මගේ සැමියාගේ පවුලේ අය මට සෑහෙන්න දොස් කියනවා මේ දේට. එයාලගේ හිතේ ඒ අයගේ පුතා මැරෙයි කියලා මම නිසා. මගේ සැමියා මේවා මුලින් විශ්වාස නොකළට, හැමෝම කියන කොට එයත් ටිකක් වෙනස් වුණා." "මම මොන වැඩේ කරන්න ගියත් සැමියාගේ ගෙදර අය මගේ කකුලේ ඇඟිලි දිහා බලාගෙන ඉන්නවා. දැක්ක තැන අපහාස කරනවා. අපි ජීවත් වෙන්නේ සැමියාගේ මහගෙදර. මේ කරදර නිසා මම දරුණු විදිහට මානසික පීඩනයක ඉන්නේ," ඇය හැඬූ කඳුළින් පැවසුවාය. දේහ ලක්ෂණ ගැන සමාජයේ පවතින මත මොනවා ද? කාන්තා දේහ ලක්ෂණ පුරුෂ දේහ ලක්ෂණ පුද්ගලයන් අතර විවිධ දේහ ලක්ෂණ පිහිටීම සාමාන්‍ය දෙයක් ද? පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බව පවුල් සෞඛ්‍ය උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක වන විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය. "එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ කියන්නේ ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි." "නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා," වෛද්‍යවරිය පැවසුවාය. "උදාහරණයක් ලෙස, කාන්තාවක් වැඩිවියට පත් වූ පසු නිවසින් පිටතට යන්න එපා කළු කුමාර දිෂ්ටිය වැහෙයි කියලා තවමත් කියනවා. මෙයට සැබෑ හේතුව වන්නේ, දැරියක් වැඩි වියට පත් වූ පසු අතවරයකට ලක් වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගන්න පුළුවන්." "මේ නිසා කළු කුමාර දිෂ්ටියක් ගැන කියලා දරුවන් ආරක්ෂා කර ගන්න බලනවා. මේ දේවලුත් ඒ වගේම වෙන්න පුළුවන්. යම් නිරීක්ෂණවලින් මේ වගේ නිගමනවලට ඇවිත් තියෙන්න පුළුවන්. නමුත් විද්‍යාවට අනුව මේ දේහ ලක්ෂණ යම් කෙනෙකුට ලැබෙන්නේ ජානවලින්. ඒ මත වාසනාව, අවාසනාව තීරණය කරන්න අපහසුයි," වෛද්‍යවරිය තවදුරටත් පැවසුවාය. 'කට කළුවා ගෙට නපුරා' "පොඩි කාලේ ඉඳන් මගේ තොල් අවපැහැයයි. ඒ හා සමාන පැහැයේ තොල් තමයි අපේ තාත්තාගේත් තිබෙන්නේ. නමුත්, මගේ තොල්වල පැහැය නිසා ගෙදරට අවාසනාවන්තයි කියල ඔවුන් කියනවා. 'කට කළුවා ගෙට නපුරා' කියලා මට බොහෝ දෙනෙක් විහිළු කරනවා," යැයි නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි තවත් කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය. "පොඩි කාලේ මගේ හිත බොහොම රිදිලා, මානසිකව වැටුණත්, වැඩිවියට පත් වෙන කොට මම ඒ කිසි දෙයක් නෑහෙන ගානට ඉන්න පටන් ගත්තා. ඒ වගේම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම්වලින් මගේ දෙතොල් අන් අය දැකීමට කැමති විදිහට හදාගත්ත," යැයි ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: "ලක්ෂණ සඟවන්න ඕනෑ තරම් ක්‍රම තිබෙනවා" නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝමා පීරිස් පැවසුවාය. "මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන්." "උදාහරණයකට, ඇහි බැමි දෙක එකට යා වුණ අය අවාසනාවන්තයි කිව්වාට, එහෙම අය ඇහි බැමි රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ හදාගත්තට පස්සේ, ඒ අය සාමාන්‍ය පුද්ගලයන් විදිහට සමාජය දකිනවා," ඇය පැවසුවාය. ඉපැරණි විද්‍යාවක් ද? දේහ ලක්ෂණ බලා ගතිගුණ කීමේ 'ඉපැරණි විද්‍යාවක්' පැවති බව බෞද්ධ පොත් පත්වල සඳහන් කර ඇත. දිනක් බුදුන් වහන්සේ පා ගමනින් වැඩම කරන අතර, ඒ ගමන් මගෙහි ගමන් කළ බමුණෙකු වැල්ලේ තිබූ බුදුන් වහන්සේගේ පා සටහන් විමසා බලා එය සුවිශේෂි පුද්ගලයකුගේ බව හඳුනාගෙන, බුදුන් වහන්සේ සොයා පැමිණ ඔබ දෙවියෙක්ද යනුවෙන් අසා සිටියේය. බුදුන් වහන්සේගේ පා සටහන්වල තිබූ සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් මෙසේ අසා සිටි බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ. එමෙන්ම, එකල පැවති දේශ ලක්ෂණ විද්‍යාව උපයෝගි කරගනිමින් සිදුහත් කුමරුගේ නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන්ම බුදුවන්නේ යයි කොණ්ඩඤ්ඤ බමුණා පැවසූ බව ද බෞද්ධ පාසල් පෙළ පොත් ඇතුළු බොහෝ පොත්පත්වල සඳහන් කර තිබේ. වීනා වාදනය ඉගෙනීමට පැමිණෙන මූසිලගේ දේහ ලක්ෂණ දුටු ගුත්තිල ඇදුරු ඔහු ගුණමකුවකු බව දැන ශිල්ප ඉගැන්වීමට අකමැත්ත පළ කළ බව වෑත්තෑවේ හිමියන් රචනා කළ ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් වේ: බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු සිත නොවසව තෙපි මවෙත ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත දේහ ලක්ෂණ අනුව යම් නිගමනවලට එළඹීම ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගම්වල ද දක්නට ලැබෙන්නකි. නවීන විද්‍යාව 2018 වර්ෂයේ සිදු කළ ගවේෂණයක් මත විද්‍යාත්මක ලිපියක් පළ කළ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් ඇතුළු විද්‍යාඥයන් පිරිස පවසන්නේ කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි වන බවය. කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සමලිංගික සේවනය ප්‍රිය කරන්නියක් බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් එක් අයෙකු සමරිසි වන අතර අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන්නියකි. පොදුවේ ගත් කළ, සමරිසි කාන්තාවන්ගේ වම් අත්ලේ පමණක් වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටා තිබෙන බව නිරීක්ෂණය වී තිබේ. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ පුරුෂයන් තුළය. පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් ගර්භාෂයේ වැඩිපුර තැන්පත්ව තිබීම මෙයට එක් හේතුවක් බව එසෙක්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂකයෝ පවසති. එක් අයෙකු සමරිසි සහ අනෙකා විරුද්ධ ලිංගික සේවනයට කැමැත්තක් දක්වන, බොහෝ දුරට එක සමාන ශරීර ලක්ෂණ ඇති නිවුන් පුරුෂයන් යුගල 14ක් ද මෙම පරීක්ෂණයට සහභාගි කර ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. නමුත්, ඔවුන්ගේ ඇඟිලි මැන බැලීමේ දී ඒවායේ දිග සහ ලිංගිකත්වය අතර සම්බන්ධතාවක් නිරීක්ෂණය වී නොමැත. "බොහෝ සමානකම් තිබෙන නිවුන් සහෝදර සහෝදරියන්ගේ 100%ක්ම එකම ජාන දක්නට ලැබෙනවා. නමුත් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනස්විය හැකි වීම, ජානවලට අමතරව සැලකිල්ලට ගත යුතු කරුණක්," ආචාර්ය ට්යුස්ඩේ වොට්ස් පැවසීය. Archives of Sexual Behaviour නම් සඟරාවේ මෙම ගවේෂණය පිළිබඳ තොරතුරු පළ කර තිබුණි. තවත් තොරතුරු: | යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයකි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනූ නාට්යවෙදිනියකි මිය යන විට ඇය 79 වැනි වියේ පසුවූ ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය අභාවප්‍රාප්ත වුයේ. ළමයින් සඳහා නාට්‍ය රැසක් නිර්මාණය කළ ඇය වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණයෙන් දෙස් විදෙස් පතළ වූ නාට්‍ය ගුරුවරියකි. ළමයින් සඳහා ඇය නිර්මාණය කළ ‘හිම කුමාරි’, ‘වලස් පවුල’, ‘පුංචි අපට දැන් තේරෙයි’ වැනි නාට්‍ය ශ්‍රී ලාංකීය ළමා නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන සටහන් බවට පත්වී තිබේ. ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ලයනල් ප්‍රනාන්දු ගේ දයාබර බිරිඳ වන සෝමලතා ජනප්‍රිය සිනමා හා වේදිකා නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ගේ ආදරණීය මෑණියන් වේ. | ශ්‍රී ලංකා ළමා නාට්‍ය කලා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් බවට පත්වූ අග්‍රගණ්‍ය නාට්‍ය වේදිනියක හා රංගන ශිල්පිණියක වූ සෝමලතා සුබසිංහ අභාවප්‍රාප්ත වුවාය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩයයි රාජ්‍ය ආයෝජන අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශන සඳහා මෙම භාණ්ඩ රැගෙන ගොස් ඇත. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත. නජිබ් රසාක් විසින් පිහිටුවන ලද අරමුදලට ලැබුණු ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත. මැයි මාසයේ දී පැවැත්වූ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලදී. මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය පවසයි. මෙම භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩය ලෙස හඳුනාගෙන තිබේ. මේ අතර, අත්බෑග් 567 ක්ද අත් ඔරලෝසු 423 ක්ද අව් කණ්ණාඩි 234 ක් සහ ඩොලර් මිලියන 30ක මුදලක් තිබූ බව පොලිසිය පවසයි. පොලිස් අපරාධ අංශයේ ප්‍රධානී අමාර් සිං "අපිට භාණ්ඩ තිබූ ස්ථානයේ තියා ගණනය කිරීම කළ නොහැකි වුණා. ඒ තරමට ඒවායේ වටිනාකම වැඩියි" යැයි පොලිස් අපරාධ අංශයේ ප්‍රධානී අමාර් සිං ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එම භාණ්ඩ ගණන් කිරීමට මෙන්ම ඒවායේ අගය ගණනය කිරීමට නිල වශයෙන් සති පහක් ගත වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. මේ තොරතුරුද කියවන්න: හිටපු අගමැති බිරිඳ රොස්මා සුපිරි සාප්පු සවාරි සහ ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ ඇති භාණ්ඩ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. රොස්මා මැන්සෝ ඉතා වටිනා භාණ්ඩවලට ඇළුම්කරන බව රහසක් නොවේ බොහෝ දෙනෙකු රොස්මා මැන්සෝව, පාවහන් හා සුඛෝපභෝගී භාණ්ඩ කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති බිරිඳ ඉමෙල්ඩා මාකෝස්ට සමාන කර තිබේ. නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය. රාජ්‍ය ආයෝජන අරමුදලෙන් ඩොලර් මිලියන 700ක මුදලක් වංචා කර ඇති බවට නජිබ් රසාක්ට චෝදනා එල්ල වී ඇතත්, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. දූෂණ විමර්ශන අංශය විසින් නජිබ් රසාක් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන අතර, ඔවුන්ට රටින් පිටවීම තහනම් කර තිබේ. තවත් තොරතුරු: | මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් (Najib Razak) සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ (Rosmah Mansor) සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් පොලිසිය භාරයට ගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එසේ වුවත් සමාජීය ආකල්ප සහ නීතිමය බාධා හමුවේ මුලු ගැන්වීම ඇය ප්‍රතික්ෂේප කළාය. එතකින් නොනැවතුණු ඇය ඇමරිකා එක්සත් ජනපදයේ අබාධ සහිත වූවන්ගේ අයිතීන් දිනා ගැනීමේ සටනේ පුරෝගාමියෙකු බවට පත් විය. ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට සිහින මැවූ ඇය වරෙක ඒ සඳහා නිව්යෝර්ක් අධ්‍යාපන මණ්ඩලයට එරෙහිව නඩු මගට පිවිසියාය. උපස්ථායකයෙකු නොමැතිව තනිව ගමන් කිරීමට අවස්ථාව නොදුන් ගුවන් සමාගමකට එරෙහිව ඇය නැගී සිටියාය. සිය අයිතීන් නීතිගත කිරීමේ සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් ඇය මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක් අල්ලා ගනු ලැබීමට සැලසුම් සකස් කළාය. ආණ්ඩුවේ ගොඩනැගිල්ලක් අල්ලා ගනිමින් යෙදුනු දීර්ඝතම විරෝධය ලෙස එය ඇමරිකානු ඉතිහාසයට එක් විය. අවසානයේ ඇය එක් ජනාධිපතිවරයෙකු නොව ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් වශයෙන් ඇය කටයුතු කළාය. මේ වසරේදී 'ටයිම්' සඟරාව සිය කවරයේ කතාව ලෝකය හැඩ ගැන්වූ දිරිය කාන්තාවන් සිය දෙනෙකු වෙනුවෙන් පුද කළේය. මිෂෙල් ඔබාමා සහ ග්‍රේටා තුන්බර්ග් සමග ජූඩි ද ඒ අතර විය. දැඩි උද්වේගකාරී සිතුවිල්ලක් සැබෑ වෙනසක් බවට පරිවර්තනය කර ගැනීමට ජූඩි සතු හැකියාව නිසා ඇයට සුරතල් නමක් පට බැඳිණි. "චින්ගෝනා": ඇයගේ සැමියා ඈ අමතන්නේ මෙක්සිකෝ ස්පාඤ්ඤ ග්‍රාම්‍ය වචනයක් වූ එනමිනි. "එහි මූලික අරුත යමක් කිරීමට ගට තිබීම, ශක්තිමත් බව," එසේ පවසන ඇය, නොනැමෙන දැඩි කාන්තාවක් ලෙස තමා දිනා ඇති කීර්තිය දෙස බලා සිනහ නගන්නීය. පළමු සංග්රාම වැඩ කරන පන්තියට අයත් ජූඩිගේ දෙමව්පියන් ඇයට වෙනස් ලෙස නොසැලකූ නමුත් නිවසින් පිට පූර්ව විනිශ්චයන්ගෙන් සිය දියණිය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. BBC ගුවන් විදුලි වැඩසටහනක් වූ 'Outlook' සමග මෑත පැවති සාකච්ඡාවක් අතරතුර ජූඩි හියුමන් පැවසූ පරිදි ඇයගේ ජීවිතය මල් යහනාවක් නොවීය. ඇයගේ දෙමව්පියන් ජර්මානු යුදෙව් ජාතිකයන්ය. ඔවුන් සිය දෙමව්පියන් අහිමිව ඇමරිකාවට පලා ආ යුද අනාථයන්ය. පශ්චාත් යුද සමයේ නිව්යෝර්ක් නගරයේ හැදී වැඩුණු දරුවෙකු වශයෙන් ජූඩි යුදෙව් පාසලකට ඇතුළු කිරීමට යාමේදී ඇය තරමක දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නාය. ඒ වන විට ඇය පස් වෙනි වියේ පසු විය. "මා ප්‍රමාණවත් තරම් හීබෘ බස දන්නේ නැතැයි පාසලේ විදුහල්පතිවරයා කිව්වා", ඇය අතීතය සිහිපත් කරයි. ඇයගේ මව සිය දියණියගේ භාෂා දැනුම වර්ධනය කිරීම සඳහා උපකාරක පංති ගුරුවරයෙකුගේ සහාය පැතීමට යුහුසුළු විය. නමුත් කුඩා ජූඩි ඇතුළත් කර ගැනීමේ උවමනාවක් පාසල් බලධාරීන්ට නොතිබුණු බව ඕ දැන නොසිටියාය. මව විසින් ජූඩි රජයේ පාසලකට ඇතුළත් කරනු ලැබීමට පෙර ඇයට සිව් වසරක් නිවසේ සිට අකුරු කිරීමට සිදු විය. එතැනින් නොනැවතී ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද පංතියකට සහභාගී වීමටත් ඇයට සිදු විය. "ආබාධ නැති ළමයි එක්ක අපි කන්න ගියේ නැහැ. සතියකට වරක් ඔවුන් රැස්වීම යයි හඳුන්වපු තැනට පමණයි අපි ගියේ. අපව සම්පූර්ණයෙන්ම වෙන්කර තැබුවා," වෙනස් ලෙස සැලකීම සිය උසස් අධ්‍යාපනය අතරතුර ආබාධ නොමැති වූවන් තමාව දුටු ආකාරය පිළිබඳ ජූඩිට පූර්ණ අවබෝධයක් තිබිණි හැත්තෑ වෙනි වියේදී පවා, සිත දුකට පත් කරවන ඇතැම් සිදුවීම් ඇයගේ මතකයට නැගෙයි. "මම යාළුවෙක් සමග ගෙදරින් පිටව කඩේට ගියා. ළමයෙක් ඇවිත් මගෙන් ඇහුවා මට ලෙඩක් ද කියල. මම හිතන්නේ, මිනිස්සු මාව වෙනස් අයෙකු වශයෙන් දකින බව මා පළමු වරට තේරුම් ගත්තේ එදා කියලයි," ඇයට මහා දුකක් දැනිණි. "මට ලෙඩක් තිබුණේ නැහැ. මට ඒ දවස ඉතා පැහැදිලිව නිසැක වශයෙන්ම මතකයි. එය පෞද්ගලිකව මට විශාල බලපෑමක් ගෙන දුන්නා," දීප්තිමත් ශිෂ්‍යාවක වූ ජූඩිට ගුරු වෘත්තීය ඔස්සේ ඉදිරියට යාමට අවශ්‍ය විය. නමුත් යම් වෘත්තීන් සඳහා ආබාධ සහිත වූවන් වෙත මූල්‍යාධාර ලැබීමට ඇති ඉඩ අල්පය. එබැවින් ඇය කථන චිකිත්සාව (speech therapy) පිළිබඳ අධ්‍යයනය කර, ක්‍රමයෙන් ගුරු වෘත්තීය සඳහා අවශ්‍ය සුදුසුකම් ගොඩ නගා ගත්තාය. උසස් අධ්‍යාපනය අතරතුර ද ඇයට දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය. "එදා සිකුරාදා සවස් කාලයක්. යමෙක් මගේ දොරට තට්ටු කළා," තරුණයන් තිදෙනෙක් සහ තරුණියන් දෙදෙනෙක් එහි වූහ. ජෝඩු වශයෙන් බැහැර ගොස් විනෝද වීම සඳහා තවත් එක් තරුණියක් තම කණ්ඩායම සමග එක් වීමට නියමිතව තිබූ බව කී එහි සිටි එක් තරුණයෙක්, ඇයට එහි පැමිණීමට නොහැකිව ඇති බැවින් ඒ තැන ගත හැකි වෙනත් තරුණියක් ගැන දන්නේ දැයි ජූඩිගෙන් විමසුවේය. එදා ඒ හිස් තැන පිරවිය හැකි අනෙක් තරුණිය ජූඩි විය නොහැකි දැයි යන්න පිළිබඳ එකී තරුණයාට සිතුවිල්ලක් හෝ නොවුණු බව ඇයට පසක් විය. "මම ඇඩුවේ නැහැ. මම කෑ ගැසුවේ නැහැ," "නැහැ.... එමණයි මම ඔවුන්ට කිව්වේ," ඇය අතීතය සිහිපත් කරයි. "ලිංගික ආකර්ශනයක් සහිත අයෙකු හෝ කොල්ලෙකුට කැමැත්තක් ඇති විය හැකි අයෙකු ලෙස නොපෙනීම.... වැඩිහිටියෙකු වශයෙන් පවා මෙවැනි ඇතැම් දේ ගැන සිතීම දැඩි වේදනාවක්," ජූඩි පවසයි. වෛද්‍ය පරීක්ෂණ ඇතැම් පුද්ගලයන් හැසිරුණු ආකාරය නිසා ළමා කාලයේදීම තමන් වෙනස් අයෙකු ලෙසට ඒත්තු ගැන්වීමට බල කෙරුණු බව ජූඩි පවසයි උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු 1970 වසරේදී ගුරු වෘත්තියට අදාළ බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇයට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය. "වෛද්‍යවරියට ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් අවුලක් තිබුණා. වැසිකිලිය වෙත යන්නේ කොහොමද කියා මට පෙන්වනවද?, වැනි ප්‍රශ්න ඇය මගෙන් ඇහුවා," බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇය කළ ඉල්ලීම පළමුව ප්‍රතික්ෂේප විය. ආබාධ සහිත සෙසු මිතුරු මිතුරියන්ගේ ද සහාය ඇතිව එම තීන්දුවට එරෙහිව සටන් කිරීමට ඇය ඉටා ගත්තාය. ඇයගේ කතාව 'ද නොව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ පළ වූ අතර ඉතා ඉක්මණින් ම ඇයට ඒ සඳහා මහජන සහාය ද ලැබිණි. "සිවිල් අයිතීන් වෙනුවෙන් කතා කරන නීතීඥයකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා. මා වෙනුවෙන් ඉදිරිපත් වෙනවාදැයි මා ඔහුගෙන් ඇසුවා. ඔහු හා කිව්වා. ඊළඟ දවසේ අපේ තාත්තගේ කඩෙන් බඩු ගන්න පාරිභෝගිකයෙක් ඇවිත් කිව්වා ඔහුට මා වෙනුවෙන් පෙනී සිටිය හැකි බව. ඉතින් නොමිලේම සිය සේවය සපයන නීතිඥ කණ්ඩායමක්ම මට ලැබුණා," ඒ, ඉහළ මට්ටමේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇයගේ කුළුඳුල් අත්දැකීමයි - එය ජයග්‍රහණයකින් අවසන් විය. 'නොව්යෝර්ක් සිටි' කලාපයේ පාසලකට රෝද පුටුවකින් පැමිණි පළමු ගුරුවරයා ලෙස ජූඩි හියුමන් ඉතිහාස ගත වන්නීය. එවිට ඇයගේ වයස අවුරුදු 22 කි. ගුවන් යානයකදී අත්අඩංගුවට තව තවත් සටන් සහ ජයග්‍රහණ ඇය ලුහුබැඳ එනු ඇත. ඒ 1975 වසරයි. ජූඩි වොෂිංටන් ඩීසී හිදී ගුවන් යානයකට ගොඩ විය. තනිව ගුවන් ගමනක යෙදිය නොහැකි බව එහිදී ඈ වෙත දන්වන ලදී. ජූඩිගේ සැමියා ජෝර්ජ් ඇය සතු ධෛර්යය සෑම විටම අගය කරයි "සහායට කිසිවකුත් නැතිව මට ගුවන් යානයේ යා නොහැකි බව කපිතාන්වරයා දැන්වූ බව ගුවන් සේවිකාවක් මා වෙත පැමිණ කියා සිටියා." එවැනි නියාමනයක් නොමැති බව ඇය ගුවන් සේවිකාව වෙත පෙරලා පැවසීය. සංවාදය දුර දිග යාමත් සමග පොලිසිය එහි පැමිණියේය. බලහත්කාරයෙන්ම ගුවන් යානයෙන් පිටතට රැගෙන යන ලද ඇය අත්අඩංගුවට ගනු ලැබිණි. තමා නිව් ජර්සි හි සෙනෙට් මන්ත්‍රීවරයා යටතේ සේවය කරන බව ඔප්පු කෙරෙන ලේඛන ඇය එහිදී ඉදිරිපත් කළාය. පොලිසිය ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් වැළකී සිටියේය. "මම නඩු පැවරුවා. දැඩි කෝපයට පත් වූ නිසා මට එය අතහැර දැමීමට පුළුවන් වුණේ නැහැ," ඉතිහාසය වෙනස් කළ සටනක් ආබාධ සහිත බොහෝ දෙනෙක් ඇයගේ විරෝධය පිළිබඳ ආඩම්බර වූහ වෙනස් ලෙස සැලකීමට (Discrimination) එරෙහි සටන ඇය උරදුන් ප්රමුඛ සටන් ව්‍යාපාර අතරින් එකකි. එය සිදු වූයේ 1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනත හඳුන්වා දී වසර කිහිපයකට පසුවය. එම පනත මගින් ප්‍රසිද්ධ ස්ථාන තුළ දී අප්‍රිකානු ඇමරිකානුවන් වෙන් කර තැබීමේ ක්‍රමවේදයට නිල වශයෙන් තිත තැබුණු අතර එමගින් වාර්ගිකත්වය, සමේ වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ සම්භවය මුල් කර ගනිමින් රැකියා ලබා දීමේදී වෙනස් ලෙස සැලකීම තහනම් කෙරිණි. ඒ හා සමගාමීව අයිතීන් මුල් කරගත් සෙසු ව්‍යාපාර ද වෙනසක් ඉල්ලමින් ඉහළට මතු විය. වසර කිහිපයකට පසු ජූඩි විසින් 'Disabled in Action' නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. 1973 පුනරුත්ථාපන පනතේ 504 වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම සංවිධානය හඬ නැගීය. එම වගන්තියට අනුව මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපාදන ලබන ඕනෑම වැඩසටහනක් හෝ ක්‍රියාකාරකමකදී ආබාධ සහිත වූවන්ට වෙනස් ලෙස සැලකීම නීතිවිරෝධී ක්‍රියාවක් විය. එය එක්සත් ජනපදයේ ආබාධ සහිත වූවන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පළමු ෆෙඩරල් නීතිය ලෙස සැලකේ. සිව් වසරක් පුරා ප්‍රමාද කෙරුණු පනත් කෙටුම්පත නීතිගත කරන මෙන් එම සංවිධානය ඉල්ලා සිටියේය. 1977 අප්‍රේල් 05 වෙනිදා ජූඩි සහ තවත් උද්ඝෝෂකයන් සිය ගණනක් සැන් ෆ්රැන්සිස්කෝ හි සෞඛ්‍ය, අධ්‍යාපන සහ සුබ සාධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්වූහ. එය රජයේ ගොඩනැගිල්ලක් දීර්ඝතම කාලයක් අල්ලා ගනු ලැබ සිටීමේ ඓතිහාසික කටයුත්තේ ආරම්භය විණි. ක්‍රියාකාරීන් 150 දෙනෙක් පමණ ගොඩනැගිල්ල ඇතුළත කඳවුරු බැඳ ගත්හ. දින ගත වෙත්ම, පිටත සමග කෙරෙන සියලුම සන්නිවේදන නැවැත්වීමේ අරමුණින් බලධාරීහු දුරකථන සබඳතා විසන්ධි කළහ. ගොඩනැගිල්ල ඇතුළත ස්නානය කිරීමට පහසුකම් හෝ නිදා ගැනීමට ඇඳන් නොතිබිණි. "සෑම දිනකම අපට ආහාර ලැබුණා. යමෙක් රෝගාතුර වුණි නම්, වෙනත් ස්වේච්ඡා සංවිධානවලින් පැමිණි ප්‍රතිකාර ලබා දිය හැකි පුද්ගලයන් අපට සිටියා. එය ආශ්චර්යමත් අත්දැකීමක්," යනුවෙන් ජූඩි පවසන්නීය. "වඩාත් වැදගත් දේ, අපි කරන දේ ගැන අබාධ සහිත පුද්ගලයන් ඉතාමත් ආඩම්බරයට පත් වීම," 1964 සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනතෙන් පසු නීති වෙනස් කරන ලෙස ඉල්ලා විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ පැවැත්වූහ ජූඩි බිම නිදා ගත් අතර රෝද පුටුවෙන් පහළට බැසීමටත් ඊට ගොඩ වීමටත් ඇයට මිතුරෙකුගේ උදව් ලැබිණි. එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට ඔවුන්ට සිදු විය. එම විරෝධය "දෑස් නොපෙනෙන, ශ්‍රවනාබාධ සහිත සහ ශාරීරික අබාධ සහිත වූවන් එකට එක් කළ බව" ජූඩි පවසයි. අවසානයේදී කොංග්රස් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගිල්ල තුළදී විශේෂ හමුවක් කැඳවන ලදී. එහිදී ජූඩි හැඟීම්බර දේශනයක් කළාය. "මගේ හඬ වෙව්ලන්නේ නැතිව තබා ගන්න බැරි වුණා. සෑම වචනයකම මතකයන් ගැබ්ව තිබුණා. මගේ ආලින්දයේ තනිව සිටීම, මගේ යාළුවෝ සියල්ල පාසලේ සිටියදී මම ජනේලයෙන් එළිය බලා සිටීම...බෲක්ලින් උසස් පාසලේදී මගේ තාත්තා, අඬමින් සිටි මා උස්සගෙන විත් වේදිකාවෙන් තැබීමත් ඒ අතර වුණා. නේවාසිකාගාරයේ දොරට තට්ටු කිරීම, වැසිකිලිය වෙත යන්න උදව් සෙවීම...ගුවන් යානයෙන් මාව එළියට දාන්න හදපු ගුවන් සේවිකාව, මා දිහා බලා සිටි අනෙක් සියලුම මගීන්..." ගොඩනැගිල්ල තවදුරටත් අල්ලාගෙන සිටියදීම නියෝජිතයන් පිරිසක් ඉක්මණින් වොෂිංටන් ඩීසී වෙත පිටත් කර යැවිණි. වොෂිංටන් හි බීමහලක් තුළ මීළඟ පියවර පිළිබඳ සැලසුම් කරමින් සිටි ජූඩි සහ විරෝධතාවට එක් වූ තවත් සගයෙකු වෙත පැමිණි වාර්තාකරුවෙකු ඔවුන්ට කියා සිටියේ එක්සත් ජනපද ආණ්ඩුව 504 වෙනි වගන්තියට අත්සන් තැබූ බවය. එය උද්ඝෝෂණය ආරම්භ කර දින 24 ක් ගෙවුණු අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා දිනයකි. පසුදින උද්ඝෝෂකයෝ ගොඩනැගිල්ලෙන් ඉවත් වූහ. අද දක්වා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුවට අයත් ගොඩනැගිල්ලක පවත්වන ලද දීර්ඝතම අවිහිංසාවාදී විරෝධතාව එය විණි. 504 වෙනි වගන්තියට අදාළ නීතිය, පොදු ජීවිතයේ සියලුම අංශ තුළ වෙනස් ලෙස සැලකීම (Discrimination) තහනම් කෙරුණු, 1990 අබාධ සහිත වූවන් සඳහා වන පනතට මග හෙළි කළේය. මෑත කාලය තුළ ජූඩි එක්සත් ජනපද ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේම උපදේශිකාවක් ලෙස කටයුතු කළාය ඉන් අනතුරුව 1993 සිට 2001දක්වා කාලයේ අධ්‍යාපනයට අදාළ උපදේශිකාවක් වශයෙන් කටයුතු කිරීම සඳහා ජූඩිට ක්ලින්ටන් පරිපාලනයෙන් ඇරයුමක් ලැබිණි. 2010 වසරේදී ඇය ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ අයිතීන් පිළිබඳ විශේෂ උපදේශිකාවක් බවට පත් විය. ඒ එවක ජනපති බැරක් ඔබාමා කළ පත්වීමකට අනුවය. 'සුදු නොවන' අබාධ සහිත වූවන් වෙහෙස නොබලා ඇය කළ මෙහෙවර දහස් ගණනකගේ ජීවිත වෙනස් කිරීමට හේතු විය. සුදු නොවන (Non-white) අබාධ සහිත වූවන්ට උපකාර කිරීමට දැන් ඇයට අවශ්‍යව ඇත. "අපට තිබෙන බොහෝ නීතිවලින් සුදු සමක් හිමි අබාධ සහිත වූවන් හා සමානව කළු, දුඹුරු සහ ආදිවාසී ප්‍රජාවන්ට අයත් අබාධ සහිත පුද්ගලයන්ට ප්රතිලාභ ලැබී නැහැ," ජූඩි විසින් රචිත 'Being Heumann: An Unrepentant Memoir of a Disability Rights Activist' ග්‍රන්ථය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් (සිය සගයෙකු වූ තවත් සමාජ ක්‍රියාකාරියෙකු සමග) සමාජය අබාධ සහිත වූවන් දෙස බලන ආකාරය වෙනස් වන්නේ ඉතා මන්දගාමීව බව ජූඩි පවසයි. "බොහෝ දෙනෙක් අප වෙනස් ලෙස සැලකීම ලෙස අත්දකින දේ දකින්නේවත් නැහැ. මොකද අප මුහුණ දෙන බාධක පිළිබඳ ඔවුන් දන්නේ ඉතා අල්පයයි," මේ වන විට ඇය, නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සක්‍රිය දායකත්වය ලබා දී තිබේ. ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් දැනට පවතින නීති වඩාත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් විසින් ඒ පිළිබඳ යළි විමර්ශන කරනු දැකීම ඇයට අවශ්‍ය කර තිබේ. මීළඟ ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශපාලන නිලතල සඳහා දැනට වඩා වැඩියෙන් ආබාධ සහිත වූවන් පත් කරනු දැකීමටත් ඇයට අවශ්‍ය කර තිබේ. "සක්‍රියව අබාධ සහිත වූවන් රැකියා සඳහා බඳවා ගැනීමට ජනාධිපති කැප විය යුතුයි. එමගින් අපේ වටිනාකම සමාජය ඉදිරියේ පෙන්වීමට අපට ඉඩ ලැබෙනවා," දෛවයට අභියෝග කළ ශ්‍රී ලාංකිකයන් ගැන පුවත්: | වයස මාස දහඅටේදී ජූඩි හියුමන් පෝලියෝ රෝගයට ගොදුරු වූවාය. ඒ හේතුවෙන් ඇයගේ දෙපා අකර්මන්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයට සිය ජීවිත කාලය පුරා රෝද පුටුවක පිහිට පැතීමට සිදු විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය එස්එල්පීඑල් තරඟාවලිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් සතු වගකීමක් බව අයිසීසී ය පවසයි ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මතු වී තිබෙන දූෂණ චෝදනා ගණනාවක් පිළිබඳව බීබීසී සංදේශය අයිසීසීයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදී. "ඔවු ඇත්ත වශයෙන්ම ඕනෑම දූෂණ චෝදනාවකින් ක්‍රීඩාවේ කීර්තිය නැතිවෙනවා. අයිසීසීය කිසිසේත්ම දූෂණය ඉවසන්නේ නෑ. දූෂණ පිලිබඳ එල්ලවන ඕනෑම චෝදනාවක් හදිසි කාරණයක් ලෙසින් සලකල පරීක්ෂණ පවත්වන්න කියල අපි සාමාජික රටවලට උපදෙස් දීල තියෙනවා," බවයි ඔහු පවසන්නේ. ක්‍රීඩාවේ කීර්තිය "ඔවු ඇත්ත වශයෙන්ම ඕනෑම දූෂණ චෝදනාවකින් ක්‍රීඩාවේ කීර්තිය නැතිවෙනවා. අයිසීසීය කිසිසේත්ම දූෂණය ඉවසන්නේ නෑ" අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් කෙසේ නමුත් පසුගියදා නිමාව දුටු එස්එල්පීඑල් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වගකීමක් බව ජගත් පාලක මණ්ඩලයේ අදහසයි. එස්එල්පීඑල් තරඟාවලියේ තරඟ වැදුණු කඳුරට වොරියර්ස් කණ්ඩායම මිලදී ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ හෙයින් එය තමා විසින් මිලදී ගන්නා ලද බව ඩේලි මිරර් පත්‍රයට පවසා තිබූ තරඟාවලියේ ප්‍රධාන සංවිධායක සන්දීප් බැමර්, එය බැඳියාවන් අතර ගැටීමක් (Conflict of Interest ) බවද පිළිගෙන තිබුණි. බැඳියාවන් අතර ගැටීම ප්‍රබල දූෂණයක් බව දූෂණ විරෝධී ක්රියාකාරිකයන්ගේ මතය වන අතර, සන්දීප් බැමර් තරඟාවලිය සංවිධානය කළ සමර්සෙට් එන්ටටේන්මන්ට් වෙන්චර්ස් සමාගමේ ප්‍රධාන විධායකයායි. කෙසේ නමුත් එස්එල්පීඑල් යනු රටක අභ්‍යන්තර තරඟාවලියක් බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට තමන්ට බලයක් නැති බවයි ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ. ඩේලි මිරර් පත්‍රය හෙළි කළ කරුණු පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේ, සන්දීප් බැමර් කඳුරට වොරියර්ස් කණ්ඩායම මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සමර්සෙට් එන්ටටේන්මන්ට් වෙන්චර්ස් සමාගම අතර ගිවිසුම උල්ලංඝනය වී නොමැති බවයි. එහිදී දූෂණයක් සිදුවී නැති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බව ද සභාපතිවරයා සඳහන් කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | තරඟ පාවාදීමේ උත්සාහයන් පිළිබඳව විනිසුරුවන්ට සහ ක්‍රීඩකයන්ට මෙන්ම ඇතැම් ක්‍රීඩා බලධාරීන්ටද එල්ලවන චෝදනා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය විනාශ කරන බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දීය ධීවරයන් දිගින් දිගටම උතුරු මුහුදේ මාළු බෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට බරපතල තරජනයක්ව තිබෙන බව ලාංකීය ධීවරයෝ පවසති අමාත්‍යවරයා ඒ බව පැවසුවේ උතුරු පළාතේ ධීවර නායකයන් සමඟ සෙනසුරාදා රාත්‍රියේ කච්චතිවු දූපතේ පැවැත්වුන සාකච්ඡාවකදී. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වී ධීවර කර්මාන්තයේ යෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබුණ එම රැස්වීමට ඉන්දීය ධීවර නායකයෝ සහභාගි නොවූහ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම නවත්වන බවට ප්‍රතිඥා දීමට එයට සහභාගි වූ ඉන්දීය ධීවරයෝද අපොහොසත් වූහ. ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පසුගිය වසරේද අනතුරු නමුත් එම තර්ජනය ක්‍රියාත්මක නොකළේ මන්දැයි විමසූ අවස්ථාවේ කියා සිටියේ, තමන් එසේ තර්ජනය කිරීමෙන් අනතුරුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මාළු බෑම අඩු වූ බවයි. සැබවින්ම දැනටත් එය එතරම් බරපතල ප්‍රශනයක් නොවන බවත්, එය අර්බුදයක් ලෙසින් හුවා දක්වමින් බීබීසී ය සහ උතුරේ ධීවර සංවිධාන "බොරු ප්‍රචාර" ගෙන යන බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදී දිනසේන රතුගමගේට පැවසීය. එහිදී සංවාදයට මැදිහත් වූ උතුරේ ධීවරයෝ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම උතුරු මුහුදේ මාළු බෑම ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට බරපතල තරජනයක්ව තිබෙන බව අවධාරණය කළහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසයෙන් ධීවර කර්මාන්තයේ යෙදීම මාසයක් ඇතුලත නතර නොකරන්නේ නම්, ධීවරයන් 5000ක් සමඟ ඉන්දීය මුහුදු තීරයට ගොස් උද්ඝෝෂණයක යෙදෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යලිත් වරක් අනතුරු අඟවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සෙනෙට් සභිකා ලී රියනන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ ඊළඟ මහ සමුලුව ජිනීවා හි පැවැත්වීමට සති දෙකකටත් අඩු කාලයක් තිබිය දී ඔස්ට්‍රේලියානු උත්තර මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ බහු පාක්ෂික යෝජනාව ගෙන ඒමට මුල් වූ නිව් සවුත් වේල්ස් සෙනෙට් සභිකා ලී රියනන් (Lee Rhiannon) බීබීසී සංදේශයට කියා සිටියේ මේ මගින් එක්සත් ජාතීන්ටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් ප්‍රබල පණිවුඩයක් ලබා දෙන බවයි. “ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින මෙම යෝජනාව සම්මත වීම සැබවින්ම වැදගත් සන්ධිස්ථානයක්,” බවයි ඇය කියා සිටියේ. ඕස්ට්‍රේලියානු යෝජනාවට පෙර චීන සංචාරයක දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ ජාතික සංහිඳියාව පිළිබඳව සමාලෝචනය යෙදුනු බව චීන රජය ප්‍රකාශ කරයි. බදාදා බෙයිජිං නුවරදී විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන් යිං මාධ්‍ය වේදීන් හමුවේ ප්‍රකාශ කළේ අඟහරුවාදා මහාචාර්ය පීරිස් චීන විදේශ අමාත්‍ය වොන් යී සමග සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව තම අභ්‍යන්තර කටයුතු කළමනාකරණය කර ගෙන යාමේ දුර දක්නා ඥානයෙන් යුතු බව තමන් අදහන බව කී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව මානව හිමිකම් ක්ෂේත්රයේ වෙනස්කම් විසඳා ගත යුත්තේ සමානතාව සහ අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් වූ සාකච්ඡාවෙන් ය යන්න චීනයේ දිගු කාලීන ප්‍රතිපත්තිය බව සඳහන් කළාය. ජාතික නිදහස, ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට උපකාර සපයන බවයි චීන විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හුවා චුන් යිං ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා එල්ල වන සිදුවීම් පිළිබද දේශිය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය ලබා දීමට තම පක්ෂය සූදානම් බවයි. එබඳු පරීක්ෂණයක් 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය තෙක් වන කෙටි කාල පරාසයකට සීමා නොකර තවත් ගැඹුරට, නො එසේ නම් පසු පසට ගෙන යමින්, එල්.ටී.ටී.ඊ ය සිදු කළ ක්‍රියා පිළිබඳව ද සොයා බැලිය යුතු බව , එජාපය විශ්වාස කරන බවත් එහි සඳහන්. එබඳු පරීක්ෂණයක දී හෙළි වන තොරතුරු මත වැරදි කරුවන් බවට පත් වන සෑම කෙනෙකුට ම නීතිය පිළිගත් විධිවිධාන මත චෝදනා ඉදිරිපත් කළ යුතු බවයි මහලේකම් තිස්ස අත්තනායක සංදේශයට කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාව අරබයා සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව පිළිබඳ ව රජය ප්‍රකාශ කළේ ඇතැම් රටවල් වල විවිධ අවශ්‍යතා මත නිර්මාණය කරන ලද න්‍යාය පත්රයකට ශ්‍රී ලංකාව තල්ලු කිරීමේ උත්සාහයක් පවත්නා බවයි. රජයේ හවුල් කාර පක්ෂ සමග එකඟතාවක් ඇති කර ගැනීමේ නොහැකියාව නිසා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉටු කිරීමට කල් ගත වන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන්ට පැවසුවේ. කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව ශක්ති ප්‍රමාණයෙන් ජිනීවා සමුළු යෝජනාවට මුහුණ දීමට සුදානම් බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව වෙතින් සඟවන්නට දෙයක් නැති බව ද ප්‍රකාශ කළේය. | ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත වන අතරවාරයේ චීන රජය පවසා ඇත්තේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට විරෝධය පාන බවයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු අධ්‍යනය කිරීම සඳහා අද (මාර්තු 19) කින්නියා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. ඩෙංගු උවදුර පැතිර යාමත් සමග කින්නියා ප්‍රදේශයේ පාසල් හැටහයක් වසා දැමීමට පසුගිය 15 වෙනිදා බලධාරීහු කටයුතු කළහ. "පාසල් වසා දැමීමට ගත් තීරණය එතරම් හොඳ තීරණයක් නෙවෙයි. වසංගතයක් පැතිර යනවා කියන විගස පාසල් වසා දැමීමට පෙර අපි මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබුණා." යනුවෙන් ඇමතිවරයා එහිදී පැවසීය. 'පාසල් ආරක්ෂිතයි' "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා" හෙට (මාර්තු 20) පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කී ඔහු " ළමයි පාසල් යෑම තුළ මේ වසංගතය අඩු කර ගැනීමට හැකිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාසල් ශුද්ධ පවිත්‍ර කරන එක ඉතා පහසුයි. ගෙවල්වල ඉන්නවට වඩා පාසල තුළ ළමයින්ට ආරක්ෂාව වැඩි කියන එක වෛද්‍ය නිලධාරීන්ගේ මතය වී තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය. පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පොලිස් සහ හමුදා සාමාජිකයන් වැඩි පිරිසකගේ සහයෝගය ලබා දීමට එම ආයතනවල ප්‍රධානීන් එකඟ වූ බව කී ඇමතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩෙංගු රෝග මර්දන අංශයේ වෛද්‍ය කණ්ඩායමක් කින්නියා ප්‍රදේශයට පැමිණ ඇති බවත් පැවසීය. වසංගත තත්වය මර්දනය කර ගැනීමට යම්තාක් දුරට හැකිව ඇතැයි වෛද්‍ය නිලධාරීන් පවසා සිටි බව කී අමාත්‍ය රෆුෆ් හකීම් "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය. | කින්නියා ප්‍රදේශයේ පාසල් වසා දැමීම ඩෙංගු රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා පිළියමක් නොවන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව ආණ්ඩුවට එල්ල වන තවත් චෝදනාවක් මෙය ශ්‍රී ලංකාව වසරකට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා අධික මුදලක් බවයි, ජවිපෙ නායකත්වයෙන් යුත් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසන්නේ. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහල යාමෙන් සිදුවන අලාභය පියවා ගැනීමේ අරමුණින් හෙජින් නමින් හැඳින්වෙන එම ගිවිසුමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළැබී ඇත්තේ දේශීය හා විදේශීය බැංකු පහක් සමග. ගිවිසුම කඩ කළ බවට චෝදනා කරමින් විදේශීය බැංකු නඩු මගට බැස තිබෙන අතර, එහිදී තෙල් මිල එක් සීමාවකට ඉහල ගියහොත් බැංකු විසින් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත්, තෙල් මිල පහල වැටුනොත් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත් ඇති කරගත් එකඟතාව දිගුකාලීනව ලංකාවට පාඩු ගෙන දුන් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ. අධ්‍යාපන වැය ශීර්ෂය හෙජින් ගණුදෙනුවේ පාඩුව "අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි" අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත "මේ ප්‍රශ්නේ එන්න කලින් ගෙවල තියෙනවා ඩොලර් මිලියන 38.5 ක්. හතලිහට වඩා ඉහල යාම නිසා හම්බවෙලා තියෙනවා ඩොලර් මිලියන 24.5 ක්. අපට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 14 යි," ඔහු පැවසීය. නඩු ගාස්තු වෙනුවෙන් දැරිය යුතු වියදම ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය වරයා විසින් පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුව හමුවේ හෙළි කරන ලද බවයි ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. "නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්. දෙකේ එකතුව ඩොලර් මිලියන 481 යි." බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි. හෙජින් ගනුදෙනුවෙන් සිදුවූ අලාභය සංසන්දනය කරමින් ඔහු කියා සිටියේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉහල දමන ලෙස සරසවි ඇදුරන් වර්ජනයක යෙදී කරන ඉල්ලීම එමගින් සපුරා ලීමේ හැකියාවක් තිබුණු බවයි. "අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි," බවයි, ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ. කොටස් වෙළෙඳ පළේ 'අයථා මුදල් ඉපයීම' කොටස් වෙළෙඳ පළේ ඇතැම් ව්‍යාපාර වල කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සුළු ආයෝජකයන් වෙත විකුනා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව එම ව්‍යාපාරය එල්ල කරන තවත් චෝදනාවක්. ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඉදිරිපත් වූ විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ඉකුත් දා ඉල්ලා අස්වුනේ තමනට ඒ කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස බලපෑම් ඇතිවන බව ප්‍රකාශ කරමින්. ඔහුට පෙර එම ධුරය හෙබවූ ඉන්ද්‍රානි සුගතදාස පත්වීම ලබා කෙටි කලකින් ඉවත් වූයේ ගිය දෙසැම්බරයේ. මේ දෙදෙනාටම රාජකාරිය කරගෙන යාමට නොහැකි වනසේ කොටස් වෙළෙඳ පොළ අයථා ලෙස හසුරුවන බවට චෝදනා කරමින් දිවයිනේ මුල් පෙලේ ව්‍යාපාරිකයන් පිරිසකගේ නම් සභාව හමුවේ හෙළි කළ අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත, විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති වරයා ඉල්ලා අස් වීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවේ ආයෝජනය පිලිබඳ සැක පහල කොට ඇති බවත් ප්‍රකාශ කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | තෙල් මිල ඉහල පහල යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය එළඹි ගිවිසුම් රටට අවාසිදායක වීමේ හේතුවෙන් සිදුවී ඇති පාඩුව ඩොලර් කෝටි නව දහස ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ග්රන්ථ ප්‍රකාශක ෂාම්සුසෝහා මලික් විසින් ඩකා අගනුවර පොත් ප්‍රදර්ශන භූමිය තුළ පවත්වාගෙන යනු ලැබූ ප්‍රදර්ශන කුටිය වසා දමා ඇත. ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කොට සිටි ඇතැම් ඉස්ලාමීය දක්ෂිණාංශික කණ්ඩායම් උද්ඝෝෂණ දියත් කරන බවට තර්ජනය තිබේ. චෝදනාවලට වරදකරු වුවහොත් පොත් ප්‍රකාශක මනික් වෙත වසර දාහතර දක්වා වූ සිර දඬුවමක් නියම වනු ඇත. මෑත කාලය තුළ බංගලාදේශ අනාගමික බ්ලොග් ලේඛකයන් සහ ප්‍රකාශකයන් ගණනාවක් මරා දැමුණු අතර අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් විසින් එම ඝාතන සිදු කරනු ලැබූ බවක් පෙනෙන්නට තිබුණි. ඉහත කී අත්අඩංගුවට ගැනීම සිදු වූයේ බංගලාදේශය තුළ භාෂණයේ නිදහසට බාධා එල්ල වන තත්වයක් වර්ධනය වෙමින් පවතින බවට මත පළ වන අතරතුරයි. | ඉස්ලාම් ධර්මය සම්බන්ධයෙන් පළ කළ ග්රන්ථයකින් ආගමට අපහාස වී ඇති බවට චෝදනා ලත් බංගලාදේශ ප්‍රකාශන සමාගමක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව ඩකා අගනුවර පොලිසිය පැවසුවේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස සඳුදා දිවුරුම් දීමට නියමිතයි මතභේදාත්මක දේශපාලන චරිතයක් වූ නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්ෂය ඉතිහාස ගත ජයග්‍රහණයක් කරා මෙහෙයවූ අතර සඳුදා දිවුරුම් දීමෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතයි. මැතිවරණ ජයග්රහණයෙන් පසු නරේන්ද්‍ර මෝඩි ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජී හමු වු අවස්ථාවේ භාරතීය ජනතා පක්ෂය ලද විශිෂ්ඨ ජයග්‍රහණයට ජනපතිවරයාගේ උණුසුම් සුබ පැතුම් හිමි වූ බවයි වාර්තා වන්නේ. මෙවර මැතිවරණයෙන් වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමග වසර තිහකට පසු වැඩි බහුතරයක් හිමි කර ගත් ප්‍රථම ඉන්දීය දේශපාලන පක්ෂය බවට පත්වීමට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට හැකි වීම විශේෂත්වයක්. | ඉන්දීය මහ මැතිවරණය ජයග්‍රහණය කළ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස සඳුදා දිවුරුම් දීමට නියමිත බව භාරතීය පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සංරක්ෂිත ඡායාරූපයක් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායිකා පී.ජෙයවනිතා එහිදී කියා සිටියේ සිය ඥාතීන් යුද්ධයෙන් අතුරුදහන් වූවන් ලෙස හැඳින්විය නොහැකි බවයි. යුද්ධයේ අවසන් දින කීපය තුළදී වන්නියේ දෙමළ ජනතාව මුලතිවු පළාතට කොටු වී සිටි අවස්ථාවේදී යුද හමුදාව විසින් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූ බවත් තවත් පිරිසක් යුද හමුදාවේ ඉල්ලීම මත බාර වූ බවත් ඇය කියා සිටින්නීය. කෙසේ වෙතත් ඇසින් දුටු සාක්කි සහිතව අත් අඩංගුවට පත් වූ හා බාර වූ පිරිස මේ දක්වා සිය නිවෙස්වලට නොපැමිණි හෙයින් වහාම ඔවුන් සොයාදෙන ලෙස විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති. වවුනියාවේ පැවති උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස කියා සිටියේ හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ විසින් තම දරුවන් අත් අඩංගුවට ගත් අයුරු තමන් දුටු බවයි. 'ඇසින් දුටුවෝ' නම් ගම් සහිතව හමුදාවට බාර දුන් තම ඥාතීන් මෙතෙක් සිටින ස්ථානයක් නොදන්නා බවද තවත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් කියා සිටියහ. වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ ඉතා හොදින් දන්නා බවත්, වත්මන් රජය බලයට පත් කිරීමට දෙමළ වැසියන් ඉදිරිපත් වූයේ මෙම ගැටළුවලට විසඳුම් සොයා ගැනීම පිණිස යැයිද උද්ඝෝෂණයට සම්බන්ධ වූවෝ පැවසූහ. වවුනියාවේ මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණේ යුද්ධයේ අවසන් දින කීපය ඇතුළත නම්ගම් හා සාක්ෂි සහිතව යුද හමුදාවට බාර දුන් දෙමළ තරුණයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිවු අධිකරණයේ නඩු දාහතරක් ගොණු කොට ඇති අතරතුරයි. හිතාමතාම හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයින් වහාම සොයා දෙන ලෙස ඉහත කී නඩු වලින් ඉල්ලා ඇත. | යුද්ධයේ අවසාන භාගයේදී අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලා වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීහු උද්ඝෝෂණයක් පවත්වති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අදාළ පර්යේෂණය සිදුකළ පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මධ්‍යම ශිලාතන යුගයට අයත් ගුහාවේ තැන්පත් කර තිබූ සිරුර වයස අවුරුදු තුනක් තරම් වයසැති ළදරුවකුගේය. කැඩී බිඳී විනාශ වී යාමේ අනතුරක් ඇති හෙයින් ඉතා ප්‍රවේශමෙන් සප්ර්ශ කළයුතුව ඇති එම පෞරාණික ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබුණ ආකාරයක් දක්නට ලැබෙන'' බවය. විද්‍යාඥයන් අදාළ දරුවාට නමක් ද තබා ඇත. ඔවුන් විසින් තබන ලද 'එම්ටෝටෝ' (Mtoto) ය. එම නම ස්වාහිලි(Swahili) භාෂාවෙන් ''පැටියා''(KId) යන තේරුම දෙයි. අස්ථි කොටස්වල සැකැස්ම ආරක්ෂා කර ගැනීම සඳහාපුරාවිද්යාඥයන් සොහොන් බිම ප්ලාස්ටර් මගින් ආවරණය කරනු ලැබුණි. ගුහාවක තිබූ සොහොන සොයාගන්නා ලද ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමේ කඩිනම් පියවර වූයේ, වෙන්ව තිබූ අස්ථි කොටස් ආරක්ෂා කර ගැනීමේ සංරක්ෂිත පියවරක් ගනිමින් එම සමස්ත සොහොන ප්ලාස්ටර් මගින් ප්‍රවේශමෙන් ආවරණය කිරීමය. ළමයාගේ අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා සුරක්ෂිතව විද්‍යාගාරයක් කරා රැගෙන යාමට එමගින් විද්‍යාඥයන්ට හැකිවිය. ''එය අඳුරු සෙවනැල්ලක් කැණීමකට සමාන ක්‍රියාවක්'' සත්ත්ව පරිණාමය පිළිබඳ ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ කෞතුකාගාරයේ අධ්යක්ෂ මරියා මාටිනෝන් ටොරේස් (María Martinón-Torres) ප්‍රකාශ කළාය. ''අපි අදාළ කාර්යය එම ස්ථානයෙන් තවත් පෙරට අරගෙන යනකොට අපේ දෑත්වලින් අපි ගෙනයමින් සිටින්නේ දරුවෙක් කියල අපි දැනගෙන හිටියේ නැහැ'' බීබීසී විද්‍යා වැඩසටහන සමඟ සාකච්ඡාවකට එක්වූ මරියා සඳහන් කළාය. සිරුරේ දත් පරීක්ෂාකරන විට එය වයස අවුරුදු දෙකත් - තුනත් අතර දරුවකුගේ බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. ස්කෑන් පරීක්ෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ දරුවාගේ සිරුර කළලයක හැඩයෙන් තැන්පත්කර තිබූ බවය. අස්ථි කොටස් එහාමෙහා වී තිබූ ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ සිරුර තදින් ඔතා තිබූ බවකි. එසේම මළසිරුරේ හිස ශාක පත්‍රවලින් පිළියෙළ කරන ලද කොට්ටයක් වැනි යමක් මත සතපා ඇති අතර එය මේවනවිට දිරාපත්ව ගොසිනි. 'එම්ටෝටෝ'ගේ සිරුර මිහිදන් කරනුන් ලැබ තිබෙන්නේ මෙයින් වසර 78,000කට පෙර ඔහු අයත් ප්‍රජාව වාසය කළ ගුහාවකය ''ශාක පත්‍රවලින් හෝ සත්ත්ව හම්වලින් දරුවාගේ මළසිරුර ඔතා තියෙන්නට ඇති කියල අපි හිතනවා. ඒ විධියට තමයි දරුවා අන්තිම නින්දේ සතපවල තියෙන්නේ'' මරියා මාටිනෝන් ටොරේස්(María Martinón-Torres) පැවසුවාය. ''මියගිය දරුවා සම්බන්ධයෙන් ඔහු අයත් මානව කණ්ඩායම තුළ එතරම් ආදරණීය බවක් පළවූ බවක් සැබැවින්ම එමගින් ප්‍රදර්ශනය කෙරෙනවා'' අස්ථි කොටස් වැඩිදුරටත් පරීක්ෂා කළ විද්‍යාඥයන් ඒවායේ හැඩය අනුව නිගමනය කරනු ලැබ තිබෙන්නේ 'එම්ටෝටෝ' පිරිමි දරුවකු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවය. ''දරුවාගේ සිරුර වලදමා තියෙන්නේ ගුහාවක. එය මිනිස්සු ජීවත්වෙච්ච ස්ථානයක්'' මහාචාර්ය මරියා මාටිනෝන් ටොරේස් පවසන්නීය. ''සියලු හැසිරීම් රටාවන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ කණගාටුව වෙන්න පුළුවන්, දරුවාට යන්න නොදෙන ආකල්පයක් වෙන්න පුළුවන්'' අප්‍රිකාව නූතන මානව පරිණාමයේ තොටිල්ල ලෙස සැලකෙයි. එසේවුවද,සාමූහිකව ජීවත් වූ ප්‍රජාව විසින් මුලින්ම භාවිත කර ඇති උපකරණ පිළිබඳ සාක්ෂි අනුව විද්‍යාඥයන් නිගමනය කරන්නේ මළසිරුරු වලදමනු ලැබීම එම අප්‍රිකානු මානව පරිමාණයේ අනාවරණය නොවූ වැදගත් කාර්යයක් වන බවය. ''අප්‍රිකාවෙන් හමු වූ ඊළඟ පැරණිම සොහොන අවුරුදු 74,000ක් පැරැණි එකක්'' යැයි ලන්ඩන් නගරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ආචාර්ය ලුවිස් හම්ප්‍රි (Dr Louise Humphrey) පැහැදිළි කරයි. ''මෙහි සිත්ගන්නා සුලු කරුණ මෙයයි. එම සොහොනත් දරුවකුට අයත් වූවක් වීම. නමුත් ඒ ගැන අපි වැඩිපුර කරුණු දන්නේ නැහැ. මොකද? එම කැණීම දුර්වල මට්ටමින් සිදුකරලා තියෙන්නේ මෙයින් අවුරුදු පනහකට පෙර'' ''මෙතැන නියත ලෙසම පුද්ගල අහිමිවීමක හැඟීමක් තියෙනව'' ආචාර්ය ලුවිස් හම්ප්‍රි වැඩිදුරටත් සඳහන් කළාය. ''මෙය තමන් අවට ලෝකය පිළිබඳ වඩාත් සංකේතාත්මක නිරූපණයක් තිබුණ මිනිසුන් පිළිබඳ සාක්ෂියක්'' (බීබීසී විද්‍යා තොරතුරු අංශයේ වික්ටෝරියා ගිල් විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි) කියවන්න; | දරුවකුගේ මරණය හේතුවෙන් මිනිස් සන්තානයේ ජනිත ශෝකය පිළිබිඹු කෙරෙන සොහොනක් අප්‍රිකාවෙන් සොයාගනු ලැබ ඇත. කෙන්යාවේ ගුහාවක තිබී සොයාගන්නා ලද එම සොහොන අවුරුදු 78,000ක් තරම් පැරණි බව එය සොයාගන්නා ලද පුරා විද්‍යාඥයන්ගේ කාල නිර්ණය වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි - ජනපති ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ සිය පදවි ප්රාප්තියෙන් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති විශේෂ සමරු උත්සවය අමතමින්. තමන්ට තිබෙන්නේ තමා ගැන සිතන න්‍යාය පත්‍රයක් නොව රට ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය. "මට අවශ්‍ය වන්නේ ඉදිරි පස් වසරක කාලය තුල මට හිමි තැන නොව මේ රට තිබෙන ආකාරය ගැන සිතන්නයි," ඔහු පැවසීය. ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාවක් සෙනසුරාදා ඉදිරිපත් කරන බව අගමැතිවරයා නිවේදනය කළේය උතුරේත් දකුණේත් අන්තවාදීන්ගේ බලාපොරොත්තු සුන් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියළු ජන කොටස්වලට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය යුතු බවත් සඳහන් කළේය. "සමහරු කියනවා අපි රට දෙකඩ කරන්න හදනවා කියලා; බුද්ධාගමට හිමි තැන නැති කරන්න හදනවා කියලා; විදේශීය උපදෙස් අනුව ආරක්ෂාව නැති කරලා ජාතික ආරක්ෂාව දුර්වල කරන්න යනවා කියලා. මම ඒ සියළු දෙනාට කියනවා නැහැ අපි උත්සාහකරන්නේ ඔබ කියන දේ කරන්නට නොව ඔබ නොදකින, ඔබට නොතේරෙන දෙය ඉටු කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ." ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට ජනාධිපති සමාව පසුගිය වර්ෂය මැතිවරණ වසරක් වුවත් කාටත් සතුටු විය හැකි යුග මෙහෙවරක් සඳහා අවශ්‍ය මුල් පියවර එම වසරේ තැබීමට හැකිවූ බවත් ජනාධිපතිවරයා පැවසීය. යුද්ධය ජය ගෙන ලබාගත් සාමය ස්ථීර සාමයක් කරා ගෙන යාම සඳහා යුද්ධයට තුඩු දුන් කාරණා සෙවිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා ඉපදීමට හේතුව පශ්චාත් යුද සමයේ අප කළ යුතු දෑ නොකිරීම යැයි තමන් විශ්වාස කරන බවත් පැවසීය. උත්සව සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා යෝජනාවක් සෙනසුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිවේදනය කළේය. උත්සවයේ ආරාධිත දේශණය පවත්වනු ලැබුවේ මහත්මා ගාන්ධිගේ මුණුපුරකු වන ගෝපාලක්රිෂ්ණා ගාන්ධි විසින් "හෙට ගේන මේ යෝජනාවට එකඟ වෙන අය වගේම විරුද්ධ වෙන අය ඉන්නවා. හෙට අපිට තීරණය කරන්න තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලන මඩවලේ අපි හිරවෙලා ඉන්නවද නැත්නම් ඉදිරියට යනවද කියලයි," අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඇමතිවරයෙකුව සිටියදී තමන් ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් වූ එල්ටීටීඊ සාමාජිකයකු වන සිවරාජා ජෙනිවන්ට උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සමාව ප්රදානය කිරීමත් විශේෂත්වයක්. විශේෂ සැමරුම් උත්සවයට පැමිණ වේදිකාවට ගොඩවූ සිවරාජා ජෙනිවන්ට ජනාධිපතිවරයා අතට අතදී සුභපැතුම් එක් කළේය. | ඉදිරි පස් වසර තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීම සියළු දෙනාගේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී හෙට අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට සියලු කටයුතු යොදා තිබේ. නාසා ආයතනය නිවේදනය කළේ, රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවය. නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවය. මේ සම්බන්ධයෙන් බර්ඩ්ස් 3 චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ෆේස්බුක් පිටුවේ සටහන් වී තිබුණේ මෙසේය. රාවණා 1 රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. රාවණා 1 ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ මීට පෙර බීබීසී සිංහල සේවයට සඳහන් කළාය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ. අරමුණු රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත. රාවණා තාක්ෂණය මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය. "රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීය. දුලානි සහ තරිඳු දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. දුලානි සහ තරිඳු ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත. | ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) අලුයම 2.16ට කක්ෂගත කිරීමට නියමිතය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 1. ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි. රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි. එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූතින්, ඉන් අනතුරුව මෙසේද පැවසීය: "ඔහු සදාචාරයක් නැති කෙල්ලෝ බලන්න හොටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ඒ කෙල්ලෝ, ලෝකේ හොඳම කෙල්ලෝ කියල කිසිම සැකයක් නෑ." 2. වෙනිසියුලාවේ අයිෆෝනයක් ඩොලර් 98,000 ක්. The Atlas සඟරාවේ දත්තවලට අනුව සිංගප්පූරුවේ අයිෆෝනයක සාමාන්‍ය මිල ඩොලර් 969 ක් වන අතර, බ්‍රසීලයේ එය ඩොලර් 843 ක් වන නමුත් වෙනිසියුලාවේ එය ඩොලර් ලක්ෂයකට ආසන්න වේ. ඒ අනුව ලෝකයේ අයිෆෝනයක් ඉහලම මිලට අලෙවි වන්නේ වෙනිසියුලාවේය. 3. "කිඹුල් කඳුළු හෙලනවා" යන යෙදුම ලොව භාෂා 45 ක යෙදෙන බව ඔබ දැන සිටියාද? අරාබි, ස්වාහිලි, පර්සියානු, ඉන්දීය භාෂා, චීන සහ මොන්ගෝලියානු මෙන්ම වෙනත් යුරෝපා භාශාවලද එවැනි යෙදුම් පවතී. 4. නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා 123,000 ක්. ඒ අතරින් කැලිෆෝනියා සහ කොලරාඩෝ ප්‍රාන්තවල පූර්ණ රැකියා 53,000 ක් නිර්මාණය කර තිබෙන අතර, නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් 2020 වනවිට එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 23 ක ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය පවසයි. | පසුගිය සතියේ අප නොදැන සිටි කරුණු කිහිපයක් මේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා (මාර්තු 16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කරන බවය. ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමේ සිදුවීම් ගණනාවක් යුරෝපයෙන් වාර්තා වී තිබේ. නමුත් එය සාමාන්‍ය ජනගහනයක් තුළ අපේක්ෂා කළ හැකි මට්ටමට වඩා පහළ අගයක් ගනී. එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය හා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එන්නත හා රුධිරය කැටිගැසීම අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නැත. මතුවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද( European Medicines Agency - EMA) අඟහරුවාදා රැස්වේ. ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත තවදුරටත් භාවිතයට ගැනෙන්නේ ද යන්න පිළිබඳ එහි තීරණය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ. යුරෝපයේ සහ එක්සත් රාජධානියේ මිලියන 17 ක පමණ ජනතාවක් එන්නතේ මාත්‍රාවක් ලබා ඇති අතර ඉන් 40 කට අඩු ප්‍රමාණයක් වූ රුධිරය කැටිගැසීමේ අවස්ථා පසුගිය සතිය වනවිට වාර්තා වී ඇති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම පැවසීය. එන්නත හා මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇතැයි මතුවූ අවධානය මත ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු ප්රමුඛ යුරෝපා රටවල එම එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කෙරිණි. ආරක්ෂාකාරී පියවරක් වශයෙන් එම එන්නතේ ඇතැම් ඛාණ්ඩ භාවිතය නතර කිරීමට ඔස්ට්‍රියාව ඇතුළු අනෙකුත් රටවල් පියවර ගෙන තිබේ. කෙසේවුවද තමන් තවදුරටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දෙන බව බෙල්ජියම, පෝලන්තය, චෙක් ජනරජය සහ යුක්රේනය පැවසූහ. මේ අතර තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕචා, ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගත් එරට පළමු පුද්ගලයා විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා පැවසුවේ එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් අවම වශයෙන් දෙදෙනෙකු එන්නත ලබාගෙන දින කිහිපයකට පසු මියගියබවට වාර්තාවුවත් එම මරණ සහ එන්නතත් අතර සම්බන්ධයක් තහවුරු කරගත නොහැකි බවය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අඟහරුවාදා කියා සිටියේ, "යුරෝපයේ රටවල් කිහිපයක මතුවී ඇති තත්ත්වයක් උඩ එම එන්නත ලබාදීම රටවල් කිහිපයක් තාවකාලිකව අත්හිටවා තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සඳහන්වන එක එන්නත් කාණ්ඩයක් පමණයි එම රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටවලා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් ලංකාවට ලබාදීලා නෑ එම නිසා ලංකාවේ ජනතාව මෙම එන්නත ලබාගැනීම පිළිබඳව කිසිදු විදිහට බිය විය යුතු නැති බව කියා සිටිනවා. එමනිසා මෙම එන්නත් කිරීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක වනවා." යනුවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ කුමක් ද? රුධිරය කැටිගැසීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එම සිදුවීම් හා එන්නත අතර සම්බන්ධයක් ඇති බවට "සාක්ෂි නැහැ" යි, එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳුදා පැවසීය. "මේ සිදුවීම් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ අවබෝධයක් ලබාගත් වහා එම තොරතුරු මෙන්ම දැනට ඇති නිර්දේශවලට බොහෝදුරට නොවිය හැකි වෙනස්කමක් වේ නම් මහජනයාට වහාම දැනුම් දෙනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් සඳහන් කළේය. එන්නත දිගටම ලබාදීම සිදුවිය හැකි බව, රුධිර කැටිගැසීමේ සිදුවීම් සමාලෝචනයක යෙදෙන යුරෝපීය ඖෂධ ඒජන්සිය ද පැවසීය. එන්නත ලබාගැනීමෙන් අත්වන වාසිය, කවර හෝ අතුරු ඵලයක් ලැබීමේ අවදානමට වඩා වැඩි බව ද එම ඒජන්සිය කියා සිටියේය. ඇස්ට්‍රා සෙනෙකා කියානේ මොනවා ද? එන්නත හේතුවෙන් රුධිරය කැටිගැසීමේ අවදානම ඉහළයාමක් සම්බන්ධයෙන් සාක්ෂි නැති බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම කියා සිටී. එය සඳහන් කළේ, යුරෝපය හා එක්සත් රාජධානිය තුළ එන්නත ලැබූවන් අතරින් නහරයක රුධිර කැටියක් ඇතිවීමේ (deep-vein thrombosis - DVT) තත්ත්ව 15 ක් වාර්තා වී තිබූ අතර පෙනහළු තුළට රුධිර කැටියක් ඇතුළුවීමේ (pulmonary embolism) සිදුවීම් 22ක් වාර්තා වූ බව ය. මෙම සංඛ්‍යා "මෙවැනි ප්‍රමාණයක ජනගහනයක් අතරේ සාමාන්‍යයෙන් ඇතිවේ යැයි අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට වඩා අඩු වන අතර බලත්රලාභී අනෙකුත් කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි ම තත්ත්වයක්" බව ද පැවසීය. "මෙතෙක් යුරෝපය තුළ වැඩිම මාත්‍රා ගණන දී ඇති එක්සත් රාජධානිය තුළ රුධිර කැටිගැසීමේ සංසිද්ධිය ඉහළ යාමක් නැති බවට අතිශයින්ම යළි තහවුරු කෙරෙන සාක්ෂි ඇත" යි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත නිපැයූ ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්යක්ෂ මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් සඳුදා බීබීසී සමග සඳහන් කළේය. ෆින්ලන්තය ද "ඉතා සුපරීක්ෂාකාරී අධ්‍යයනයක්" කර ඇති අතර ඉහළ යන අවදානමක් ඉන් හඳුනාගෙන නැති බව කී ඔහු, "මිනිසුන්ට එන්නත් නොකිරීමේ ගැටලුවක් අපට නොමැති වීම අතිශයින්ම තීරණාත්මක" යැයි ඔහු පැවසීය. | කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාකිස්තානයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ හතරවැනි දිනයේ කුමාර් සංගක්කාර රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 221 කි. ඒ සමඟ ටෙස්ට් ක්‍රිකට් පිටියේ සංගක්කාර වාර්තා කර ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව දහයකි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ ද්විත්ව ශතක ලාභීන් හැටියට කුමාර් සංගක්කාරට ඉදිරියෙන් දැන් සිටින්නේ ක්‍රිකට් ලෝකයේ අනභිභවනීය ක්‍රීඩකයා ලෙස පුද ලබන දොන් බ්‍රැඩ්මන් පමණි. දොන් බ්‍රැඩ්මන් ලබා ඇති ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතක සංඛ්‍යාව දොළහකි. මෙතෙක් එම වාර්තාවට සමීපව සිටි බටහිර ඉන්දීය සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා ද්විත්ව ශතක නවයක් ලබා ඇති අතර ඔහුත් පසු කරමින් දොන් බ්‍රැඩ්මන් කරා ලංවීමට කුමාර් සංගක්කාර සමත්ව සිටියි. කුමාර් සංගක්කාර විසින් තබන ලද නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ, ද්විත්ව ශතකයක් වාර්තා කිරීම ක්‍රිකට් ක්රීඩකයකුට දුෂ්කර ක්‍රියාවක් වන නමුත් සංගක්කාර ඉතා අලංකාර පිති හරඹයක නිරත වූ බවයි. | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු, හිටපු නායක කුමාර් සංගක්කාර තවත් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා අතර තවත් කඩයිමක් සනිටුහන් කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීම නතරකර ඇති නමුත් එය නොතකා එන්නත කෙරෙහි විශ්වාසය තබමින් එය ලබාගනිමින් එහි ප්රතිලාභ ලබාගත යුතුව ඇති බව බ්‍රිතාන්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනය(MHRA) සහ යුරෝපා ඖෂධ අධිකාරිය(EMA) පවසති. එහෙත් එන්නත ලබාගැනීමෙන් අනතුරුව දවස් හතරකට වැඩි කාලයක් නොකඩවා හිසරදයෙන් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයන් පූර්වාරක්ෂක පියවරක් වශයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් එම ආයතන මහජනතාවට දැනුම්දෙති. එපමණක් නොව, එන්නත ලබාගැනීමෙන් පසු සිරුරේ සමෙහි යම්කිසි තැල්මක් වැනි වෙනසක් පෙනෙන්නේ නම් ඔවුන් ද වෛද්‍ය උපදෙස් ලබාගත යුතුව ඇතැයි එම උපදෙස් මගින් කියැවෙයි. එවැනි උපදෙස් දීමක් සිදුකරනු ලැබ තිබෙන්නේ එන්නත ලබාගැනීමෙන් පසු, ඉතා දුර්ලභව සිදුවන මොළයේ රුධිර කැටිගැසීම් සම්බන්ධයෙන් වාර්තාවීමෙන් පසුවය. එහෙත් එවැනි වාර්තා ලැබී ඇත්තේ අතිශයින් ස්වල්ප සංඛ්‍යාවකි. යුරෝපා රටවල් කීපයක් එන්නත භාවිතය නතරකරන ලද්දේ එවැනි වාර්තා කීපයක් ලැබීමෙන් පසුවය. එක්සත් රාජධානියේ එක්කෝටි දශ ලක්ෂයක් (මිලියන 11) පමණ ජනතාවට එම එන්නත ලබාදී ඇති අතර මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) වාර්තාවී තිබෙන්නේ පහක් පමණි. වයස අවරුදු 19-59 අතර පස්දෙනකු එවැනි තත්ත්වයකට පත්ව තිබුණි. එය මරණීය තත්ත්වයකට බලපා තිබුණේ එක් අයෙකුට පමණි. එහෙත් යුරෝපා ඖෂධ අධිකාරියට (EMA) එවැනි සිද්ධීන් 13ක් වාර්තා වී ඇත. මොළයේ නහරවල රුධිරය කැටිගැසීම් (CSVT) ස්වභාවිකව සිදුවිය හැකි අතර එම තත්ත්වය සහ එන්නත භාවිතය අතර සම්බන්ධයක් ඇතැයි තහවුරු වී නැත. එම රෝගීන්, රුධිරය කැටි ගැසීම කෙරෙහි හේතුවන රුධිර පට්ටිකා සංඛ්‍යාව පහළ මට්ටමක පැවති අය වූහ. එන්නත නිසා නොව, කොවිඩ්-19 වෛරසය ආසදනයවීම රුධිරය කැටිගැසීම අතින් ඊට වඩා ප්‍රබල හේතුවක් විය හැකිය. ලැබෙන තොරතුරු සහ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නියාමකයන් දැඩි අධීක්ෂණයෙන් පසුවෙන අතර මහජනතාව තම වාරය පැමිණිවිට එන්නත ලබාගත යුතුව ඇතැයි එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය සංරක්ෂණ ආයතනයේ (MHRA) ප්‍රධාන විධායක වෛද්‍ය ජූන් රයිනි (Dr June Raine) ප්‍රකාශ කළාය. ''මහජනතාවට අප විසින් සිදුකරනු ලබන ඉතා දැඩි අධීක්ෂණය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තබන්න පුළුවන්'' වෛද්‍යවරිය පවසන්නීය. එන්නත ලබාගැනීමෙන් අත්වෙන වාසි ඉතා පැහැදිලි යයි මානවීය ඖෂධ කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ශ්‍රීමත් මුනිර් පිර්මොහොමඩ්(Prof Sir Munir Pirmohamed) පෙන්වා දෙයි. ''අතුරු ආබාධ ගැන ලැබෙන වාර්තා අතිශයින් දුර්ලභයි. මෙම එන්නත ලබාගැනීම නිසා අත්වෙන ප්රතිලාභ පැත්තෙන් බැලුවොත් කොරෝනා වසංගතයට ගොදුරුවීම නිසා රෝහල්ගත කෙරෙන සහ එමගින් සිදුවෙන මරණ සංඛ්‍යාව 80%කින් පහත වැටී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙනවා. සිදුවිය හැකි අනතුරු ඉතාම දුලබයි'' මහාචාර්ය පිර්මොහොමඩ් පවසයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුර්ලභ රුධිර කැටිගැසීම් අදාළ තොරතුරු ඇතුළත් කරමින් එන්නතේ නව නිෂ්පාදන යාවත්කාලීන කෙරෙනු ඇත. ''ඇතිවිය හැකි දුර්ලභ තත්ත්වයන් පිළිබඳව අවධානය ආකර්ෂණය කරගනිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් මෙන්ම එන්නත ලබාගත් පුද්ගලයන්ට තොරතුරු සැපයීම, මුහුණදීමට සිදුවිය හැකි අතුරු ආබාධ අවමකර ගැනීමට උදව්වක්'' වනු ඇතැයි යුරෝපා ඖෂධ අධිකාරියේ විධායක අධ්යක්ෂ එමර් කූක් (Emer Cooke) පැවසීය. යුරෝපා ඖෂධ අධිකාරියේ (EMA) නිගමනය, එන්නත ලබාගත් කෝටි දෙකක් (මිලියන 20) පමණ ජනයාගේ තොරතුරු මත පදනම් වෙයි. දැනට එළැඹ ඇති නිගමන මෙසේය; එන්නත ලබාගැනීමෙන් අනතුරුව පහත දැක්වෙන ලක්ෂණ අතරින් කිසිවක් වේනම්, පූර්ව ආරක්ෂණ පියවරක් වශයෙන් වහාම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වියයුතු බවට උපදෙස් දීමක් ද සිදුකරනු ලැබ ඇත. ඒවා ඉතාම කලාතුරකින් සිදුවෙන එසේම ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු ඇතිවිය හැකි දුර්ලභ අතුරු ආබාධ වෙති. ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන තවත් තොරතුරු; | කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ''ප්රවේශම්කාරී යළි අධීක්ෂණයකින්'' අනතුරුවය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙස කතානායකවරයා පොලිසියට දන්වා තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිවේදී ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ සඳහන් කළේය. "විමල්ට ඇප දෙන්න තරම් හේතුවක් නැහැ" වීරවංශ හිතවතුන්ට සහ ඥාතීන්ට රජයේ වාහන දීලා -අජිත් වීරවංශ අත්අඩංගුවට එබැවින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය නීතිපති උපදෙස් ලබා නොගත්තේ දේශපාලන පළිගැනීමක් සිදුකිරීමේ අටියෙන් බවට ද නීතිවේදී චෝදනා කළේය. එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෑම අවස්ථාවකදීම නීතිපති උපදෙස් ලබාගැනීම අනවශ්‍ය බව සඳහන් කළාය. ලසන්ත අලගියවන්න මේ අතර අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පසුගිය පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වාහන භාවිත කළ ආකාරය පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වූ බව ප්‍රකාශ කළේය. හිටපු නියෝජ්‍ය ඇමති අලගියවන්න සිය ලිපි ශීර්ෂය යටතේ වාහන තුනක් ලබාගෙන, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒවා යොදවා තිබුණු බවට සාක්ෂි ලැබී ඇති බවත් පොලිසිය පැවසීය. එය පොලිසියේ පක්ෂග්රාහී බව ප්‍රදර්ශනය කිරීමක් බවට චෝදනා කළ විත්තියේ නීතිවේදීහු, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති සහ වත්මන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ වාහන නිකුත්කළ අවස්ථා පිළිබඳව පරීක්ෂණ මගහැර ඇතැයි පොලිසියට චෝදනා කළහ. ඒ පිළිබඳවත් පරීක්ෂණ පවත්වා මීළඟ නඩු දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 වෙනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අධිකරණය, පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග කළාය. | රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා මත විමල් විරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවට ඔහුගේ නීතිවේදියා චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ බෞද්ධ භික්ෂුන්වහන්සේ තුන් නමක් අව් කන්නාඩි පැළඳ නවීන මෝස්තරවලින් යුත් අත් බෑගයන් ගෙන පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් ගමන් කරන අයුරු පෙන්වන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ විකාශනය වීමත් සමග භික්ෂුන් වහන්සේගේ සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳ නැගෙන විවේචනයන් උත්සන්න වී ඇති බවයි පැවසෙන්නේ. අති සුඛෝපභෝගී මෝටර් රථ භාවිත කිරීමත් ආගමික වැඩසටහන් වලින් ලාභ ඉපයීමට යොමුවීමත් පිලිබඳව තායිලන්ත භික්ෂුන් වහන්සේට විවේචන එල්ල වී තිබේ. තායිලන්තයේ බුදුදහම පිලිබඳ ජාතික කාර්යාලය පවසන ආකාරයට අල්පේච්ඡ තාවය පදනම් කරගත් බෞද්ධ ඉගැන්වීම් වලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව භික්ෂුන් වහන්සේ වෙත අනතුරු හඟවා තිබේ. | ඇතැම් භික්ෂුන් පිළිබඳව ලැබුණු පැමිණිලිවලින් අනතුරුව රටපුරා සිටින භික්ෂුන් වහන්සේගේ හැසිරීම පිලිබඳ පරීක්ෂණයක් පවත්වන බව තායිලන්තයේ බුදුදහම පිළිබඳ ජාතික කාර්යාලය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, වරකාපොල නගර ශාලාවේ පැවති හිටපු අමාත්‍යවරයෙකු වන ධර්මසිරි සේනානායකගේ 16 වන ගුණ සමරු උත්සවයට එක් සහභාගී වෙමිනි. ආණ්ඩුව නියෝජනය කරන කිසිවකුට හෝ එරෙහිව දූෂණ චෝදනා සනාථ වන්නේ නම් ඔවුන්ට සමාව දීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවා දෙන බවට ඇතමුන් චෝදනා කළත් තමා කටයුතු කරන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ හිටපු අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ තිබූ විදේශ ප්‍රතිපත්ති මත බවත්, ඒ හැර ලෝකයේ කිසිදු රටක් සමග වෙනත් බාහිර බැදීමක් තමාට නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සියලු දෙනා එක්ව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගත යුතු බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳුන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින උදවියම බවද පැවසූ ජනාධිපතිවරයා, 1978 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරන විට ඊට විරෝධය පළ කරමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පළමුව පෙන්වා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිවරණ ප්‍රකාශන දෙකේමත්, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශන දෙකේමත් අඩංගු වූ නව ව්‍යවස්ථාවට දැන් විරුද්ධ වන්නේ මන් දැයි තමා නොදන්නා බවත් ප්‍රකාශ කළේය. තමා සැමවිටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් බවද පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද අවශ්‍ය වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සියලූ දෙනා එක්ව රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම බවද කියා සිටියේය. ප්රජාතන්ත්රවාදී මෙන්ම මානවවාදී දේශපාලන නායකයෙකු වූ ධර්මසිරි සේනානායක චරිතය අද දවසේ දේශපාලනඥයින්ට ඉතා ආදර්ශවත් චරිතයක් බවවද පැවසූ ජනාධිපතිවරයා වංචාව, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කිසිවිටකත් එම චරිතය තුළ නොතිබූ බවද සිහිපත් කළේය. | විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට තමන් දැරූ ස්ථාවරයේ වෙනසක් සිදු වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සභාපතිවරයාගේ බෑණනුවන්ද පරීක්ෂණයට අදාලව අත් අඩංගුවේ පසුවෙයි මතුවී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැත්වුණු පාලක මණ්ඩලයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීරණයට එළැඹී තිබෙන්නේ. සභාපති එන් ශ්‍රිනිවාසන් පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවට පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් ඉල්ලා සිටි බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. කෙසේ නමුත්, චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතුරු ජග්මෝහන් ඩල්මියාට සභාපති පදවිය පැවරීමට විධායක කමිටුව එකඟවිය. ඒ සමඟම සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී සිටි පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග් ඩාලේ සහ භාණ්ඩාගාරික අජේ ෂිර්කේ එම ඉල්ලා අස්වීම් ඉවත් කරගත්හ. | අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරඟ පාවාදීම සඳහා ක්‍රීඩකයන් අල්ලස් ලබාගත් බවට එල්ල වී තිබෙන චෝදනා හමුවේ පදවියෙන් තාවකාලිකව ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නරෙන්ස්වාමි ශ්‍රිනිවාසන් එකඟත්වය පළ කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඊට අමතරව අන්තර්ජාල ගිණුම් ඔස්සේ දේශපාලන මත හෝ ඒ සම්බන්ධ අදහස් පළ කිරීමට පෙර ඊට අනුමැතිය ලබා ගත යුතු වේ. චීන මාධ්‍ය වාර්තා කරන්නේ ‘වී චැට්’ (WeChat) වැනි චීනයේ ප්‍රචලිත කෙටි පණිවුඩ ක්‍රම භාවිතා කරන්නන්ට නව නීතිය යටතේ 'සමාජවාදී ක්‍රමය' ආරක්ෂා කරන බවට සහතික වෙමින් එකඟතා පත්‍රයක් අත්සන් කිරීමටද සිදු වන බවයි. මේ අතර විදෙස් රටවල් වලට දුරකථන ඇමතුම් ලබා දිය හැකි ‘කකාඕ ටෝක්’ නමින් හඳුන්වන දකුණු කොරියන් සමාගමකට අයත් දුරකථන ජාලයද චීනය තුල අත්හිටුවා ඇති බව එම සමාගම පවසයි. පසුගිය වසර දෙක තුල චීනය අන්තර්ජාල ලිපි පළ කෙරෙන පිටු තහනම් කිරීමේ සහ වාරණ පැනවීමේ යෙදී සිටින අතර මේ වන විට අන්තර්ජාල භාවිතයට දැඩි සම්බාධක ක්‍රියාත්මක වෙයි. චීනය ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ වෙබ් අඩවි සම්පුර්ණයෙන් තහනම් කිරීමටමින් පෙර පියවර ගනු ලැබීය. චීනයේ ජාතික අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය මගින් නව නීති ප්‍රකාශයට පත් කර ඇති අතර එළඹෙන බ්‍රහස්පතින්දා සිට එම නීති බල පැවැත්වෙන බවයි චීනයේ ජාතික මාධ්‍ය ජාලය පවසන්නේ. එම නීති රෙගුලාසි චීන ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය පුවත් පළ කිරීමට යොදා ගන්නා අන්තර්ජාල පොදු ගිණුම් වලටත් බල පැවැත්වෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙයි. | කෙටි පණිවුඩ යැවීමට භාවිතා කරන ගිණුම් (apps) තමන්ගේ අනන්‍යතාවය සහතික කොට තම නමින් ලියාපදිංචි කළ යුතු යැයි චීනය නව නීති පණවා තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙය වෛරසයේ සුපිරි ව්‍යාප්තියක් ගෙන දෙන උත්සවයක් බවට පෙරළිය හැකි යැයි බොහෝ දෙනා නොසිතුවාම නොවේ. එම බිය ජනක සිතුවිල්ල දැන් සත්‍යයක් බවට පත්වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. කුම්භ මේලා සමරා ආපසු පැමිණියවුන් අතර ආසාදිතයන් සොයා ගැනිණ. දසතින් පැමිණි පිරිස උත්සවයෙන් පසුව දසත විසිරී ගියහ. වෛරසය ද දසත විසිර ගියා විය හැකිය. මහාන්ත් ශංකර් දාස්, කුම්භ මේලා උත්සවයට සහභාගිවීම සඳහා හරිද්වාර් නගරයට සේන්දු වූයේ මාර්තු 15 වැනිදාය. ඒ වන විටත් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල කොවිඩ් ව්‍යාප්තිය හිස ඔසවා තිබුණි. කුම්භ මේලා පූජෝත්සවය නිල වශයෙන් ආරම්භ විය. ගතවූයේ සිව් දිනකි. අසූ හැවිරිදි හින්දු පූජකවරයාට කොරෝනා වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු විය. කුඩාරමක් තුළට වී නිරෝධායනය වීමට ඔහුට උපදෙස් ලැබිණ. කුම්භ මේලා උත්සවයට අදාල සංරක්ෂිත ඡායාරූපයකි නමුත් මේ පූජකවරයා කළේ වෙනත් දෙයකි. නිරෝධායනය වනවා වෙනුවට ඔහු තම බෑගය සුදානම් කරගත්තේය. දුම්රියට ගොඩවිය. කිලෝමීටර 1000ක් දුර ගෙවා වරනාසි නගරයට පැමිණියේය. වරනාසි දුම්රිය පොළට මේ පූජකවරයාගේ පුත්‍රයා පැමිණ සිටියේය. ඔහු නාගේන්ද්‍ර පතක් ය. නාගේන්ද්රගේ නිවස පිහිටියේ දුම්රියපොලින් කිලෝමීටර 20ක් පමණ ඈතින් පිහිටි මිර්සාපුර් දිස්ත්‍රික්කයේ ගම්මානයකය. පිය පුතු දෙදෙනා ගමට ගියේ තවත් කීපදෙනෙකු සමඟ එකතුවී බෙදාහදා ගත් කුලී රථයකිනි. මහාන්ත් දාස් පූජකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවිය. "දැන් හොඳ සනීපපෙන් ඉන්නවා" යැයි ඔහු පැවසීය. නිවෙසට පැමිණි පසු ඔහු නිරෝධායනය වී තිබේ. ඔහුගෙන් කිසිවෙකුට වෛරසය බෝ නොවූ බව ඔහු අවධාරණය කළේය. නමුත් දින කීපයකින් සිය පුත්‍රයාට සහ ගමේ තවත් කීප දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුවිය. පූජකවරයාගේ පුත්‍රයා ද සුවය ලැබීය. නමුත් ඔහු ගමේ තත්ත්වය විස්තර කළේය. "කැස්සයි, උනයි හැදිලා ගමේ 13 දෙනෙක් මැරුණා." නාගේන්ද්‍ර පතක් පැවසීය. ගමේ කොවිඩ් 19 පැතිරීමට මහාන්ත් දාස් ගේ සම්බන්ධයක් තිබෙන්නට හෝ නොතිබෙන්නට ඉඩ තිබේ. නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඔහුගේ ක්‍රියාකලාපය වගකීම් විරහිත බවය. මගීන්ගෙන් පිරුණු දුම්රියක පැය ගණනක් ගතකොට තවත් කීපදෙනෙකු සමඟ කුලී රථයක නැගී නිවෙස කරා පැමිණෙන අතරතුර ඔහුගෙන් බොහෝ දෙනෙකු අතර වෛරසය පැතිරෙන්නට ඉඩකඩ පවතින බව විශේෂඥයෝ පවසති. මිලියන 9කට අධික පිරිසක් හරිද්වාර් නගරයට සේන්දු වූහ "මුහුණු ආවරණ රහිතව අතිවිශාල කණ්ඩායම් වශයෙන් ගං ඉවුරේ වාඩිලා ගෙන ස්තෝත්ර ගායනයේ යෙදෙන විට" වෛරසය ඉතා වේගයෙන් පැතිරයාම සඳහා අතිශය හිතකර වාතාවරණයක් නිර්මාණය කෙරෙන බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය. "අපි දැනගෙන හිටිය දේවස්ථාන හෝ පන්සල්වල ගීතිකා සහ යාතිකා කීම කියන්නේ වෛරසය සුපිරි මට්ටමින් ව්‍යාප්ත කරවන වැඩසටහන් කියල." නේපාලයේ හිටපු රජු සහ හිටපු රැජින කුම්භ මේලා පූජෝත්සවය පැවති හරිද්වාර් නගරයේ බලධාරීන් ප්‍රකාශ කළේ වන්දනාකරුවන් 2642 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බවය. ආසාදිතයන් අතර ජ්‍යෙෂ්ඨතම ආගමික නායකයෝ ද සිටියහ. කුම්භ මේලා පූජෝත්සවයට සහභාගී වී නිවෙස් කරා පැමිණි පසු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූවන් අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අඛිලේෂ් යාදෙව් ද විය. නේපාලයේ හිටපු රජු ගයනේන්ද්‍ර ශා සහ හිටපු රැජින කෝමාල් ශා ද වුහ. බොලිවුඩ් සංගීතඥ ශ්‍රාවන් රතෝද්, මුම්බායි හි රෝහලක දී මිය ගියේ ද කුම්භ මේලා සැණකෙළියට සහභාගී වී පැමිණීමෙන් පසුවය. එකම නඩයකට අයත් හින්දු ශාස්තෘවරුන් 9 දෙනෙක් ද මිය ගියහ. කුම්භ මේලාවට සහභාගී වූවන් රට පුරා වෛරසය පතුරවා හරිනු ඇතැයි යන බිය වර්ධනය වන්නට පටන් ගත්තේය. බියට පත් ඇතැම් ප්‍රාන්ත දින 14ක නිරෝධනය නීතියක් ඔවුනට පැනවූහ. සංචරණ තොරතුරු සඟවන්නන් හට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවූහ. ඇතැම් ප්‍රාන්ත බලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කරනු ලැබූ නමුත් වන්දනාවේ ගිය අය පිළිබඳ විස්තර ඔවුන්ගේ දත්ත ගබඩාවේ නොවීය. බොහෝ ප්‍රන්තවලට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට හෝ ඔවුන්ගේ සංචරණ සොයා බැලීමට අවශ්‍ය පහසුකම් නොතිබිණ. කුම්භ මේලා නිමාවී ගත වූයේ දෙසතියකි. නිවෙස් කරා පැමිණි බැතිමතුන් අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම රට පුරාම සිදු විය. "මේක අතිශයින් අවාසනාවන්ත සිදු වීමක්. මේ වාර්තා වූ ගණන් හිලව් අල්ප මාත්‍රයක් පමණයි. ආසාදිත වන්දනාකරුවන් සෙනග පිරුණු දුම්රිය සහ බස්රථ තුළ ගමන් කිරීමේදී මේ සංඛ්‍යාව කී ගුණයකින් වැඩි වෙනවද? කිසිම පැකිලීමකින් තොරව මට කියන්න පුළුවන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය ඉහළ යාමට, මේ කුම්භ මේලා සැණකෙළිය ප්‍රධාන හේතුවක් වුණා කියල." විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් පැවසීය. නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි? ඉන්දියාව පුරා කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පවතිද්දී, රෝහල්වල ඇඳන් සියල්ල ම පිරී ඇති හෙයින් රෝගීන් නැවත හරවා යවද්දී, ඔක්සිජන් සහ ඖෂධ හිඟවී තිබිය දී මෙම කුම්භ මේලා පූජෝත්සවය කල්දැමීමට කටයුතු කළේනම් මීට වඩා යහපත් නොවේදැයි ප්‍රශ්න කළවිට මහාන්ත් දාස් පූජකවරයා ඊට එදිරිව තර්ක ඉදිරිපත් කළේය. "එහෙම නම්, ආණ්ඩුව බටහිර බෙංගාලයේ මැතිවරණ රැළි පැවැත්වීම නිවැරදි වෙන්නේ කොහොමද? සැදැහැවතුන් වන අපි විතරක් එක්රැස්වීම වැරදියි කියල කියන්නේ ඇයි?" ඔහු ප්‍රශ්න කළේය. මෙම පූජෝත්සවය අවලංගු කිරීම සඳහා පියවර ගැනීමට රටේ අගමැති නරේන්ද්‍ර මෝදි ක්‍රියා නොකළේ ඇයි? විචාරකයන් පවසන්නේ මහාන්ත් දාස් වැනි හින්දු ආගමික නායකයන්ගෙන් එල්ලවිය හැකිව තිබූ විරෝධය හේතුවෙන් අගමැතිවරයා එවැනි පියවරක් ගැනීමට පසුබට වූ බවකි. හින්දු පූජකවරුන්, යෝගීවරුන්, තාපසවරුන් ඇතුළු ආගමික නායකයන් ඔහුගේ පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෝ වෙති. මැතිවරණයක දී හින්දු ඡන්ද පදනම ඕනෑම අතකට මෙහෙයවීමේ ශක්තිය ඔවුන් සතුය. කුම්භ මේලාවේ ප්‍රධානතම දිනය අප්‍රේල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ. ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ්‍රසීලය පරයා ගියේය. පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගී වූ ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය. නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය. කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. දරුණු වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප්‍රාන්තය "අවමානයට පාත්‍ර වූ" බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි. කුම්භ මේලා ආගමික උත්සවය සමඟ පවතින දරුණු අවදානම පිළිබඳව ආරම්භයේ පටන් ම බරපතළ ලෙස සැලකිල්ලට භාජනය වී තිබුණි. "වැඩි ව්‍යාප්තියක් පෙන්වන නව වෛරස් ප්‍රභේදයක් රට ආක්‍රමණය කරමින්" සිටින මොහොතක මුව ආවරණ පැළඳීමකින් තොරව මිලියන ගණනක් ජනතාව ඒකරාශී වන උත්සව හෝ සැණකෙළි පැවැත්වීමට ඉඩ දීම ප්‍රඥා ගෝචර නොවන බව රජයේ සෞඛ්‍ය විශේෂඥයෝ පවා මාර්තු මස මුලදී අනතුරු ඇඟවීමක් කළහ. මහ ඇමතිට වුණු දේ උත්තරාක්ඛාන්ද් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ත්‍රිවේන්ද්‍ර සිං රාවත් කියා සිටියේ, "වසංගතය ඉක්මනින් නිමා නොවන බව" සෞඛ්‍ය විශේෂඥයන් තමන්ට පවසා තිබුණු හෙයින් කුම්භ මේලා පූජෝත්සවය "සංකේතාත්මකව පමණක් සැමරීමට" තමන් සැලසුම් කර තිබුණු බවය. "මේ සැණකෙළියට ඉන්දියානුවන් පමණක් නොවෙයි වෙනත් රටවලින් පවා වන්දනාකරුවන් පැමිණියා. හරිද්වාර් නගරයට පැමිණෙන නිරෝගී පුද්ගලයන් මේ වෛරසයට ගොදුරු වී එම ආසාදනය රැගෙන ආපසු ගොස් හැම තැනම පතුරයි කියල මම කනස්සල්ලෙන් හිටියේ." නමුත් පූජෝත්සවයට දින ගණනක් තිබියදී මහ ඇමති ධුරයට ටිරාත් සිං රාවත් පත්විය. "ගංගා නදියේ ගලා බසින ආශීර්වාදයත් සමඟ කොරෝනා පහව යනු ඇත," යනුවෙන් ඔහු කළ ප්‍රකාශය ජනප්‍රියත්වයට පත්විය. උත්සවයට සහභාගී වන "කිසිවෙකු නතර නොකරන" බවට අලුත් මහ ඇමතිවරයා ප්‍රතිඥා දුන්නේය. කොවිඩ් ආසාදනය වී නොමැති බව සනාථ කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවීය. සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම පමණක් ප්‍රමාණවත් විය. නමුත් මිලියන ගණනක ජන ගංගාවක් හරිද්වාර් වෙත ගලා එද්දී සාමාන්‍ය සෞඛ්‍ය නීති රීති පවා පිහිටුවාලීමට බලධාරීන්ට හැකියාවක් නොතිබිණ. හරිද්වාර් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ශාම්භු කුමාර් ජා කියා සිටියේ, ජන සමූහය කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර වූ බවය. ඊට හේතු ලෙස ඔහු දැක්වූයේ කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා නොමැතිව වන්දනාකරුවන් පැමිණීමත්, "ශ්‍රද්ධාව සහ විශ්වාසය මත මෙතරම් දුර ගෙවා පැමිණි" ඔවුන් ආපසු හරවා යැවීමට නොහැකිවීමත් ය. "ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා පෝලිමේ බලා ඉන්න මිනිස්සුන්ට දඬුවම් පමුණුවන්න පුලුවන්ද? කොහොමද එහෙම කරන්නේ?" "මහ ආණ්ඩුවෙන් සහ මහ අධිකරණයෙන් ලබා දුන් සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයක් තිබුණා. අපිට හැකි පමණින් ඒවා ක්‍රියාවට නැංවීමට අපි උත්සාහ කළා." වෛද්‍යවරයා පැවසීය. උත්තරාඛාන්ද් හි පවත්වාගෙන යන බුද්ධි මණ්ඩලයක නිර්මාතෘ අනුප් නෞතියාල් බීබීසීයට කියා සිටියේ "ඒ සා විශාල ජනකායක් සමඟ සම්මත මෙහෙයුම් ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීම කොහෙත්ම කළ නොහැක්කක්" බවය. "ඒවා කඩදාසියක ලියවිලා තියෙනකොට පේනවා ඉතාම හොඳ දේවල් බව. නමුත් ඒවා ක්‍රියාවට නගන්න බැහැ." උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුප් නෞතියාල් සතුව පවතී. මාර්තු මාසයේ 14වැනිදා සිට 20 වැනිදා දක්වා සතිය තුළ උත්තරාඛාන්ද් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 557ක් පමණි. වන්දනාකරුවන් පැමිණීම ආරම්භ වූයේ එම සතිය තුළ ය. පූජෝත්සවයේ අවසන් සතිය වූ අප්‍රේල් 25 වැනිදා සිට මැයි 01 වැනිදා දක්වා ගතවූ සතිය තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38,581 දක්වා ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. "මේ ආසාදිතයන් සියලුදෙනාම වාර්තා වුනේ සැණකෙළිය නිසා කියල කිව්වොත් වැරදියි. නමුත් මේ සංඛ්‍යාව ඉහළ ගියේ මේ උත්සවයට සමගාමීව." ඔහු පැවසීය. ජන ඒකරාශී වීම් සඳහා ඉඩකඩ ලබා දීම මගින් සිදු වූ හානිය මැඩපවත්වා ගැනීම සඳහා ඉන්දියාවට දැන් කළ හැකි යමක් තිබේද? විශේෂඥ වෛද්‍ය ලලිත් කාන්ත් ඊට පිළිතුරු සැපයුවේ මෙසේය. "මේ සැදැහැවතුන් කොරෝනා වෛරසය යහපත් ආශීර්වාදයක් ලෙස රැගෙන ගොස් ව්‍යාප්ත කරනු ඇතැයි කවුදෝ කියල තිබුණා. වන්දනාකරුවන් විසින් ආසාදනයක් රැගෙන යාම ඛේදවාචකයක්." "මේ තත්ත්වය නිවැරදි කළ හැකි කිසිම දෙයක් ගැන මටනම් හිතා ගන්න බැහැ. දැන් අපේ නෞකාව සාගරයේ බොහෝ දුරක් ගිහින් ඉවරයි. අපිට ඒ නැව නැංගුරම් දාන්න ආරක්ෂිත වරායක් කරා ආපසු හරවන්නවත් බැහැ. ඒක ඉතාම ඛේදනීයයි. මේ ආසාදනයන් තුනීවෙලා මිනිස්සුන්ට ඉන් මිදෙන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක විතරයි මට කරන්න පුළුවන්." (බීබීසී පුවත් වෙනුවෙන් දිල්ලි නුවර සිට ගීතා පාන්ඩේ විසින් සපයන ලද ලිපියක් ඇසුරෙනි.) | ඉන්දියාවේ කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ජනකාය රැස්වුණේ කොවිඩ් දෙවන රැල්ල ඉන්දියාවට දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ වී තිබෙන්නේ මවු පාර්ශවයෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂාවෙන් මෑතදී කළ ඩීඑන්ඒ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම තොරතුර හෙළිවී තිබෙන්නේ. මේ අනුව බ්‍රිතාන්‍යයේ අනාගත මහා රජු, ඍජු ලෙස ඉන්දීය පරම්පරාවකට සම්බන්ධ බවයි, ඩීඑන්ඒ පර්යේෂණ පිලිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විශේෂඥ අචාර්ය ජිම් විල්සන් කියා සිටින්නේ. "විලියම් කුමරුගේ මව වන ඩයනා කුමරියගේ මී මිත්තනිය වූ එලිසා කෙවක්, ඩයනා කුමරියගේ මී මුත්තා වූ 1788 උපන් ස්කොට් ජාතික තියොදොර් ෆොර්බස් ගේ නිවසේ ගෘහ සේවිකාව ලෙසයි සේවය කළේ," යනුවෙන් ඔහු සඳහන් කළේය. "ඔහු බොම්බායට උතුරින් පිහිටි සුරට් ප්‍රදේශයේ, බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගමේ සේවය කරමින් සිටියදී ඔහුට දාව, ඇයට ලැබූ දරු දෙදෙනා පසුව ස්කොට්ලන්තයට යැවුනා. ඇයගේ දියණිය කිටී ඩයනා කුමරියගේ මිත්තණියයි." විලියම් කුමරුගේ සමීප ඥාතීන් ගේ මුඛයෙන් ලබාගත් ඩීඑන්ඒ සංසන්දනය කිරීමෙන් පසු රජ කුමරුගේ ඉන්දීය ලේ නෑකම හෙළි කරගත් බව ආචාර්ය විල්සන් ප්‍රකාශ කරයි. මවු පාර්ශවය ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන සුවිශේෂ ඩීඑන්ඒ වර්ගයක පැවැත්ම, විලියම් කුමරුගේ ඉන්දීය උරුමය සනාථ කිරීමට ඉවහල්වූ බව අචාර්ය ජිම් විල්සන් වැඩිදුරටත් සඳහන් කරයි. | බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ, පරම්පරා අටකට ඉහත මී මිත්තනිය ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය ඉන්දීය අජටාකාශ ව්‍යාපෘති ඉතිහාසය තුළ මෙතරම් චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කළ පළමු අවස්ථාව මෙයයි. එකසත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ ඉන්දුනීසියාවට අයත් චන්ද්‍රිකා ද ඒ අතර වේ. චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය. ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට ඉහත කී මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති. 2014 වසරේදී එක් මෙහෙයුමක් තුළින් චන්ද්‍රිකා 37 ක් අභ්‍යවකාශ ගත කිරීමත් සමග එකවර චන්ද්‍රිකා වැඩිම සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කිරීමේ වාර්තාව රුසියාවට හිමි විය. එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ඒක වර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි. අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා විස්ස රැගත් මව් යානය ගුවන් ගත වන ආකාරය ඉන්දීය විද්‍යාඥයෝ සහ ආණ්ඩුවේ අමාත්‍යවරු අවධාරණයෙන් යුතුව නිරීක්ෂණය කළහ. | ඉන්දියාව එකවර චන්ද්‍රිකා විස්සක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කිරීමට සමත් වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චන්දන කීර්ති බන්ඩාර බීබීසී සිංහල සේවය 'දැන් සියල්ල තියෙන්නේ ශ්‍රී ලංකාව අතේ. ඒ සඳහා දේශපාලන අධිෂ්ටානයක් තියෙනවාද, ඒක කරනවාද නැද්ද කියන එක ශ්‍රී ලාංකිකයන්ගේ වැඩක්' රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් නිම කළේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගය සහතික කරමින් බවයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රකාශ කොට තිබුනේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජයේ නියෝජිතයන්ද, ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ගේ නායකත්වයෙන් යුත් දමිළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ද මුණගැසුණු දකුණු අප්‍රිකානු නියෝජිත පිරිසේ නායක, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතියක් ඇති කරන්නට ගත් උත්සාහය සාර්ථකත්වයකින් නිම නොවූ බවයි. "ආණ්ඩුවේ අදහස නම් තේරීම් කාරක සභාව බහු පාක්ෂික සභාවක් නිසා ද්වි පාර්ශවික සාකච්ඡා කලින් පැවැත්වීම නුසුදුසු බව. කාරක සභාවට විසඳා ගත නොහැකි ගැටළු වේ නම් ඒවා ද්වි පාර්ශවිකව විසඳා ගන්නට ඉඩ තිබෙන බවයි රජයේ මතය," දකුණු අප්‍රිකානු ඇමැතිවරයා සඳහන් කළේය. දකුණු අප්‍රිකානු අත්දැකීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව "කාරක සභාවට විසඳා ගත නොහැකි ගැටළු වේ නම් ඒවා ද්වි පාර්ශවිකව විසඳා ගන්නට ඉඩ තිබෙන බවයි රජයේ මතය. පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙත් රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ" දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් කෙසේ වෙතත් පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස ගැන රජය උනන්දුවක් දක්වන බවක් තමන් හිතන්නේ නැති බවයි ඔහුගේ මතය. බිඳ වැටුණු සාකච්ඡා ද්වි පාර්ශවීයව නිම කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීමේ හැකියාවක් ඇති බවයි දමිළ ජාතික සන්ධානය දකුණු අප්‍රිකානු නියෝජිත පිරිසට පවසා ඇත්තේ. පාලන ව්‍යුහය, මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර බෙදෙන විෂය කාර්ය මෙන්ම බදු හා මූල්‍ය කටයුතු විමධ්‍ය ගත කිරීම පිලිබඳව දමිළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය නො ලද තැනේදී යි, ද්වි පාර්ශ්වික සාකච්ඡා ඉකුත් ජනවාරියේදී බිඳ වැටුනේ. "පක්ෂ දෙක අතර මුලින් එකඟතාවක් ඇති කර ගත යුතුය කියන දමිළ ජාතික සන්ධානයේ අදහස අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙත් රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ," අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් බීබීසී සංදේශය ට පැවසීය. ඉන්දියාව දන්නේ නැහැ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව බලය බෙදා හැරීම මගින් විසඳා ගැනීම වෙනුවෙන් යුද්ධයෙන් පසුව රජය හා දමිළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවේ යෙදී සිටින කලාපීය බලවතායි. දකුණු අප්‍රිකානු මැදිහත්වීම ඉන්දීය රජයේ දැනුවත් කමින් සිදුවන්නේදැයි දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉබ්‍රහිම් ඉබ්‍රහිම් ගෙන් විමසු විට, ඔහු පැවසුවේ එවැනි දැනුවත් කිරීමක් නොවූ බවයි. දකුණු අප්‍රිකානු රජය ශ්‍රී ලංකාවේ රජය හා දමිළ ජාතික සන්ධානය අතර මැදිහත් කරුවකුගේ හෝ පහසුකම් සලසන්නකුගේ හෝ භූමිකාවක් ඉටු නොකරන බව බීබීසී සංදේශය සමග කියා සිටි දකුණු අප්‍රිකානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය වරයා, තමන් කරන්නේ සංහිඳියාව පිලිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම බෙදාහදා ගැනීම පමනෙකැයි ද සඳහන් කළේය. ඉන් පල නෙලා ගැනීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් අත ඇති බවයි ඔහු කියා සිටින්නේ. "ශ්‍රී ලංකාවට, විශේෂයෙන් ආණ්ඩුවට අපි ප්‍රකාශ කොට තිබෙන දෙයක් තමයි, යුද්ධය ඉවර වූ පසු දේශපාලන විසඳුමක් සදහටම ලබාදීම ආරම්භ කරන්නට ඉඩ ප්‍රස්තාව උදා කරන කවුළුවක් විවර වී තිබෙන බව. ඒ සඳහා දේශපාලන අධිෂ්ටානයක් තියෙනවාද, ඒක කරනවාද නැද්ද කියන එක ශ්‍රී ලාංකිකයන්ගේ වැඩක්." වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා | ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇමෙරිකාවේ ප්‍රකාශයට පත්වන Newsweek සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ එළිසබෙත් රැජිනගේ මුණුපුරා, නිසි මොහොත එළැඹුණු විට සිය රාජකාරිය ඉටුකිරීමට රජ පවුලේ සියලු දෙනා සූදානම් බවත් සඳහන් කළේය. "රජතුමා හරි රැජින හරි වෙන්න කැමති එක්කෙනෙක් හරි රජ පවුලේ ඉන්නවද? මම හිතන්නේ නෑ," ඔහු පැවසීය. රජ පවුලේ සාමාජිකයන් සිය වගකීම් ඉටුකරන්නේ ජනතාවගේ යහපත උදෙසා බවත් හැරී කුමරු සඳහන් කළේය. ඩයනා කුමරිය 1997 සැප්තැම්බරයේ පැරිස් නුවරදී සිදු වූ හදිසි අනතුරකින් සිය මව, ඩයනා කුමරිය, මිය ගිය අවස්ථාවේ තමන්ටත් අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු පවසන්නේ එසේ කරන මෙන් කිසිදු දරුවෙකුගෙන් ඉල්ලා නොසිටිය යුතු බවය. හැරී කුමරු එවකට 12 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ වැඩිමහල් සොහොයුරු විලියම් කුමරු 15 හැවිරිදි වියේ පසුවිය. සිය මවගේ මරණයෙන් අනතුරුව තමන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදු වූ බව හැරී කුමරු මෑතදී පළමුවරට හෙළිදරවු කළේය. ලන්ඩන් නුවර මධ්‍යයේ ගමන් ගත් අවමංගල්‍ය පෙරහැර පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු: "මගේ අම්ම නැතිවුනා විතරයි. පාර පුරා දහස් ගාණක් මිනිස්සු බලාගෙන ඉඳිද්දී, ඒ වගේම ලෝකේ පුර දස ලක්ෂ ගාණක් රූපවාහිනියෙන් බලාගෙන ඉඳිද්දී මට අම්මගේ මළ සිරුර පිටිපස්සෙන් ඇවිදින්න සිද්ද වුනා," යනුවෙන් ද සඳහන් කළේය. "මොන තත්වයක් යටතේ වුනත් එහෙම කරන්න කියල කිසිම දරුවෙකුට කිව යුතුයි කියල මම හිතන්නේ නෑ. ඒ වගේ දෙයක් අද දවසේ සිද්දවේවි කියල මම හිතන්නෙත් නෑ." 'රජ වුනත් කඩේ යනවා' කෙසේ නමුත් නිව්ස්වීක් සඟරාව සමග පැවැත්වූ දීර්ඝ සංවාදයේදී හැරී කුමරු සිය පියාවන ඔටුන්න හිමි චාල්ස් කුමරු පිළිබඳව කිසිදු සඳහනක් කර නැති බව රාජකීය කටයුතු සම්බන්ධ බීබීසී වාර්තාකරු පීටර් හන්ට් පෙන්වාදෙයි. වැඩිදුරටත් අදහස් දක්වන හැරී කුමරු පවසන්නේ තමන් කලක් මුළුල්ලේම බ්‍රිතාන්‍යයේ රජ පවුල "නවීකරණය කිරීමේ" ක්‍රියාවලියක නිරතව සිටින බවය. කෙසේ වෙතත් රජ පවුල හා බැඳී පවතින "ගුප්තභාවය" සහ ආකර්ෂණය දිය කර හැරීමට රජ පවුලේ සාමාජිකයන් හෝ ජනතාව තුළ මනාපයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි. සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකිරීම පිළිබඳව එවකට වේල්සයේ කුමරිය වූ ඩයනා කුමරිය තමන්ට පෙන්වාදුන් බව පවසන ඔහු, උදාහරණයක් ලෙසින් චාල්ස් කුමරුගෙන් අනතුරුව ඔටුන්න හිමි විලියම් කුමරු කෙතරම් සාමාන්‍ය දිවිපෙවෙතක් ගතකරන්නේ දැයි බොහෝ දෙනා පුදුමයට පත්වනු ඇති බවත් පවසයි. "මම රජ වුනත්, මට අවශ්‍ය දේවල් ගන්න මම තනියම කඩේ යනවා." | බ්‍රිතාන්‍යයේ කිරීටය දැරීමට බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයෙකු තුළ කැමැත්තක් නැතැයි හැරී කුමරු පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර සිකුරාදා (දෙසැම්බර් 14) පැවති "දුරකතන සංවාදයකින් පසු" මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය. කෙසේවෙතත්, නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග ඊයේ (දෙසැම්බර් 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය. "රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති," යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "එහෙම කිව්වේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසි ම කෙනෙක් ඊට එක්වෙන්න එපා කියලා කිව්වේ," යනුවෙනි. මේ අතර, ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. "රටේ ස්ථාවරභාවය ආරක්ෂාකිරීම පිණිස, සෙනසුරාදා ජාතිය ඇමතීමෙන් අනතුරුව අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති," බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. හිටපු ජනාධිපතිවරයා එම තීරණයට එළඹ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද බීබීසී සිංහල සේවයට තහවුරු කළේය. දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය. සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ප්‍රකාශකොට තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් කිසිවක් ප්‍රකාශකොට නැත. මේ ගැනත් දැනගන්න: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන කියා සිටියේ, සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් අලුතෙන් අගමැතිවරයෙක් පත්කිරීමේ හැකියාවක් නොමැති බවය. එබැවින් ජනවාරි මාසය වනවිට මුහුණදීමට සිදුවිය හැකි තත්වය සලකා බලා සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට "අගමැති මහින්ද රාජපක්ෂ" තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අගමැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ අලුත් අගමැතිවරයෙක් හෝ වෙනත් කිසිම දෙයක් කරන්න ජනාධිපතිතුමාට බෑ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත්කරන්නේ නැතුව, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කල් දාපු නිසා අපිට වෙන තීන්දුවක් ගන්න විදියකුත් නෑ. ඒ නිසා රට ගැන කල්පනා කරලා එතුමා ඉල්ලා අස්වෙලා ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දීමට," තීරණය කළ බවය. කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීමෙන් අනතුරුව සහ අධිකරණය විසින් වාරණයක් පනවනු ලැබ තිබෙන බැවින් මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති පදවිය නොදරන බවට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබේ. ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහිත අගමැතිවරයෙකු පදවියෙන් පහකිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැතිය යන්න සිය ස්ථාවරය බවය. එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකිරීම මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීම ද නීතිය ඉදිරියේ වලංගු නොවන බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර බ්‍රහස්පතින්දා (දෙසැ. 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය. එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය. බ්‍රහස්පතින්දා (දෙසැ. 13) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," යනුවෙනි. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය. තවත් කියවන්න: | ඉරිදා (දෙසැම්බර් 16) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිව්රුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේය. |