instructions
stringclasses 1
value | input
stringlengths 173
24.8k
| output
stringlengths 5
1.45k
|
---|---|---|
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කැෆේ මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටින්නේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයින්ට තමන්ගේ ඡායාරූපය සහ අංකය ඇතුළත් පෝස්ටර් සහ කට් අවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ අවස්ථා තුනකදී පමණක් වන බවයි. රජිත් කීර්ති තෙන්නකෝන් “අපේක්ෂකයා ගමන්කරන වාහනය,රැස්වීම් පවත්වන ස්ථානය සහ පක්ෂ කාර්යාලය ඇතලත පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න පුල්වන් ඒ හැරෙන්නට වෙනත් ස්ථාන වල පෝස්ටර් ඇලවීම තහනම්”යැයි රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය. මේ තහනම කලාන්තරයක් තිස්සේ නීති පොතට ඇතුල්ව තිබුනත් පොලිසිය නීතිය දැඩිව ක්‍රියාත්මක නොකළ හෙයින් තමන්ට මැතිවරණ පෝස්ටර් අලවා ජීවිකා වෘත්තිය කරගෙන යෑමේ ඉඩක් තිබුන බව කොන්ත්‍රාත් ක්‍රමයට කොළඹ නගරයේ පෝස්ටර් අලවන සංජීව මලවිආරච්චි කියා සිටී. පෝස්ටර් අලවන කණ්ඩායම් ‘ඉස්සරත් අත්අඩංගුවට ගත්තා,උසාවි දැම්මා දඩ ගැහුවා එත් එක දරා ගන්න පුළුවන් වුනා එත් දැන් කොහොමත් පෝස්ටර් අලවන්න බැරි තත්වයක් ඇතිවෙලා” යැයි සංජීව මලවිවිආරච්චි පැවසීය. කොළඹ නගරයේ පෝස්ටර් අලවන කණ්ඩායම් ගණනාවක්ම ක්‍රියාත්මක වෙන අතර මේ කණ්ඩායම් වලට මෙන්ම මැතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන පිරිස් වලටත් දුෂ්කර සමයක් එළඹ ඇති බවයි සංජීව මලවිආරච්චි කියා සිටින්නේ. සේයාරුව ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න පෝස්ටර් තහනම දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් තමන්ගේ මැතිවරණ අංකය ඡන්දදායකයින් වෙත ප්‍රමාණවත් ලෙස ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙන බව පක්ෂ නායක රැස්වීමේදී කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සඳහා විකල්ප අවස්ථා කීපයක් ලබාදීමට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව එකඟ වූ බව රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය. අත්පත්‍රිකා බෙදීමට ඉඩදීම,අතුරු මාවත්වල පෝස්ටර් නොගැලවීම,අතිරේක කාර්යාල පිහිටුවීමට ඉඩදීම,නොමිලේ තැපෑල භවිතා කිරීමට ඉඩ දීම වැනි විකල්ප ප්‍රවර්ධන අවස්ථාව ලබා ඇති අතර පොලීසිය ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් ප්රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් පහළ බස ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් තර්ක කරයි. | ප්‍රධාන නගරවල මැතිවරණ පෝස්ටර් අලවනවාට වඩා වැඩි වේගයකින් ඒවා ගැලවීමට පොලීසිය කටයුතු කරමින් සිටීම මැතිවරණ නිරීක්ෂකයින්,ඡන්ද අපේක්ෂකයින් මෙන්ම පෝස්ටර් අලවන්නන් කියා සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය මස හමුදා කුමන්ත්‍රණය දියත් වූ දින සිට, ඇයට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් වී ඇත. නීතිවිරෝධීව 'වෝකි-ටෝකි' පණිවුඩ යන්ත්‍ර ආනයනය කිරීමේ සිට කොවිඩ් නීති උල්ලංඝනය කිරීම දක්වා වූ චෝදනා ඒ අතර වේ. දූෂණ සිදු කර ඇති බවට ද හමුදා පාලනය ඇයට චෝදනා කරයි. එකී චෝදනා පදනම් විරහිත බව ඇයගේ ආධාරකරුවෝ පවසති. මේ ගැනත් කියවන්න: | ධූරයෙන් පහ කරන ලද මියන්මාරයේ නායිකා අවුං සාන් සූ චී බදාදා (මාර්තු 24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය නිකුත් කළ නියෝගයක්ද නොතකා හරිමින් 'කියෙෆ් අපේ' යනුවෙන් හඬ නගමින්, ගොඩනගිල්ලේ වීදුරු කඩා එහි ඇතුළු වූ උද්ඝෝෂකයෝ, එහි ජනේලයක යුක්රේන ජාතික කොඩිය එස වූහ. පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් ගොඩනැගිල්ල පිටුපස රැස් වී සිටින බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, ප්‍රදේශයෙන් දුම් ගඳක් මතු වන බවද ප්‍රකාශ කරයි. උද්ඝෝෂකයන් සමඟ සිටි විපක්ෂයේ පීතෘ භූමිය පක්ෂයේ නායක අර්සේනි යත්සේනුක්, සිය සටනට සහාය දෙන මෙන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. "මම මේ ආණ්ඩුවයි, ජනාධිපතියි හොඳින්ම දන්නවා. බලයේ රැඳිල ඉන්න ඔවුන් පුළුවන් හැම දෙයක්ම කරාවි. කැරලි මර්ධක පොලිසියයි, හමුදාවයි යොදා ගෙන ඔවුන් ඒක කරන බව දැනටම පෙන්නල දීල තියෙනව," යනුවෙන්ද ඔහු කියා සිටියේය. | ජනාධිපති වික්තර් යනුකොවිච්ට සහ යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටින විරෝධතාවාදීන් සිය ගණනක් යුක්රේනයේ කියෙෆ් අගනුවර නගර සභා ගොඩනැගිල්ලට කඩා වැදුනහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙසේ රුසියාව අතපොවන්නේ යුරෝපා සංගමය සමග කිට්ටු සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන රටවල් වලට බවයි ඇය පවසන්නේ. රුසියාව සමග සංහිඳියාවකින් කටයුතු කළ යුතු බව කියා සිටින හිටපු චාන්සලර්වරු තිදෙනෙක් ඇන්ජලා මර්කල් ට එරෙහිව එල්ල කළ විවේචන පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඇය විසින් ප්‍රතික්ෂේප කෙරුණි. රුසියාව ජෝජ්ජියාවේ, මොල්ඩෝවාවේ සහ යුක්රේනයේ අර්බුද නිර්මාණය කර ඇති බවයි ජර්මනියේ චාන්සලර්වරිය පවසන්නේ. බටහිර බෝල්කන් රටවලට ආර්ථිකව සහ දේශපාලනික ව රුසියාව මත යැපීමට සිදුවන වන ආකාරයෙන්, මොස්කව් පාලනය ක්‍රියා කරමින් සිටින බව ද ඇය ප්‍රකාශ කළාය. | නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක අභ්‍යන්තර කටයුතු වලට රුසියාව අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යැයි ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'සංහිඳියාව පිළිබඳ ඉතා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.' සංහිඳියාව ඇති කරනු වස් උතුරු පළාතේ කටයුතු කරන ආයතන දකුණේ ජනතාව දෙස වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ යාපනයේ අවතැන් ජනයාට ඉඩම් අක්කර හත්සීයක් නැවත බෙදා දීම සඳහා පැවති උත්සවයක් අමතමිනි. 'සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.' ජනාධිපතිවරයා කියා සිටියේය`. සමානාත්මතාව අගයන සැමට එකසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට එක් වන මෙන් ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා යාපනය,කන්කසන්තුරෙයි සහ තිලිප්පලෙයි යන ප්‍රදේශවලට අයත් අධිආරක්ෂිත කලාප වශයෙන් පැවති ඉඩම්වලින් කොටසක් ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරා දුන්නේය. 'මේ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් ඒ අයට දෙන්න කියලා. එහෙනම් අපි ඒ වගකීම සහ යුතුකම ඉටු කළ යුතුයි.' ජනාධිපතිවරයාකියා සිටියේය. නව ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව අවස්ථා කීපයකදීම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත බෙදා දුන් බවත් ඉදිරි මාස කීපය ඇතුළත මුල් අයිතිකරුවන්ට අයත් සියලු ඉඩම් බෙදා දී අවසන් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. 'ඇවිත් බලන්න' 'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි.' උතුරේ ඉඩම් බෙදා දීම විවේචනය කරන දකුණේ ඇතැම් පිරිස්වලට උතුරු පළාතේ අවතැන් වූ කඳවුරුවල වෙසෙන අසරණ ජනතාව වෙත පැමිණ ඔවුන් දිවි ගෙවන ආකාරය සියැසින් දැක බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. යුද්ධයේ පීඩාවන්ට ගොදුරු වූ සියලු දෙනාට නිවාස ඉදිකර දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි. ජනතාව කැමති කුමන ආකාරයේ ගෙයකටද?, ඒ විදිහේ ගෙයක් තමයි අපි හදලා දෙන්න ඕන' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය විසින් රජයට ලබා දී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරේ මුල් පදිංචිකරුවන්ට ඉඩම් අක්කර 7600 ක් අහිමි වී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්රමුඛ නව ආණ්ඩුව යටතේ ඉන් ඉඩම් අක්කර 3000 ක් මේ වනවිට බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ. | ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉරිදා රාත්‍රියේ පුනේ (Pune) කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. පළමුවට පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම ලකුණු 129කට සීමාවූ අතර පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පුනේ කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 128ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග එම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ලෝක පූජිත ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තම කණ්ඩායමේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගගේ දායකත්වය අගය කළේය. "තරගයේ පළවෙනි භාගය අපිට එතරම් හොඳ තත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා විවේකය වෙලාවේ අපි එකතු වෙලා කථා කළා. ඒ වෙලාවේ මහේලත් හොඳ ලස්සන කතාවක් කළා," සචින් තෙන්ඩුල්කාර් පැවසීය. ඒ කවරක්දැයි හෙළි කළ නොහැකි බව සඳහන් කළ තෙන්ඩුල්කාර්, ඉතාමත් දැඩි පීඩනයක් එල්ල වී තිබූ අවස්තාවක අති දක්ෂ ලෙසින් පන්දු යැවීමක සහ පන්දු රැකීමක යෙදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කළ බවත් සඳහන් කළේය. ලසිත් මාලිංග පිළිබඳව වීමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ : "එකපාරක් චැම්පියන් කෙනෙක් කියන්නේ හැමදාමත් චැම්පියන් කෙනෙක්," යනුවෙනි. "අවුරුදු දහයක් තිස්සේ මාලිංග අපිට අවශ්‍ය වෙලාවේ අපිට අවශ්‍ය දේ ලබාදුන්නා. මාලිංග කියන්නේ තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්," සචින් තෙන්ඩුල්කාර් වැඩිදුරටත් පැවසීය. | මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම සමත්විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අනීස් අම්රි සිය සංවිධානයට පක්ෂපාතිත්වය දක්වන බවට ප්‍රතිඥා දෙන වීඩියෝවක් අයිඑස් සංවිධානය නිකුත් කර තිබේ සිකුරාදා උදෑසන මිලාන් නගරයේ සෙස්තෝ සන් ජියෝවානි ප්‍රදේශයේදී පොලිසිය ඔහුගෙන් හැඳුනුම්පතක් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පොලිසියට වෙඩි තැබූ බව පවසන අමාත්‍ය මාර්කෝ මිනිති, වෙඩි තබා මරා දමනු ලැබුවේ අනීස් අම්රි බවට 'අංශුමාත්‍රයක හෝ සැකයක් නොමැති' බවත් සඳහන් කළේය. සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ. සැකකරුට වෙඩි තබා මරා දැමූ ස්ථානය 12 දෙනකු මරා දමමින් සහ 49 දෙනකුට තුවාල සිදුකරමින් කඩවීදියට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ජර්මනියේ පොලිසිය සීරුවෙන් තබා තිබිණ. ටියුනීසියානු ජාතික සැකකරු, අනීස් අම්රි ගේ ඇඟිලි සලකුණු ට්‍රක් රථයේ තිබී සොයාගන්නා ලද බව ජර්මනියේ පොලිසිය තහවුරු කළේය. ඉතාලියේ අන්සා පුවත් සේවය වාර්තා කරන පරිදි, ප්‍රංශයේ සිට ටියුරින් නුවර දක්වා දුම්රිය ගමන් කර තිබෙන අනීස් අම්රි, ඉන් අනතුරුව වෙනත් දුම්රියකින් මිලාන් නගරයට පැමිණ තිබේ. මේ අතර තවත් ප්‍රහාරයක් සැලසුම් කිරීමේ සැකය පිට ජරමනියේ ඔබර්හවුසන් නගරයේදී දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. | පසුගිය සඳුදා රාත්‍රියේ බර්ලින් නගරයේ කඩවීදියකට ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරු අනීස් අම්රි මිලාන් නගරයේදී පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඉන්දියාවටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට බලය බලය විමධ්‍ය ගත කළ යුතු අවස්ථාවක දී කප්පාදු කිරීම් ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තු කාරක සභාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා ගැනීමට උත්සාහ කිරීම අර්ථ විරහිත බව බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය. "ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට කියන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇවිල්ලා දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෑලි ගලවන වැඩේට සම්මාදම් වෙන්න කියලයි.ඉතිං කෝ දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වෙන්න දිරිගැන්වීමක් " යැයි දයාන් ජයතිලක ප්‍රශ්න කළේය. මේ අතර විපක්ෂ නායකයා බදාදා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ ජනතාව සමග කතා නොකොට රජය ඉන්දීය රජය සමග ඒ ගැන සාකච්ඡා අරඹා ඇති බවයි. “ඉන්දියාව සමග බැසිල් රාජපක්ෂ හරහා මේ ගැන කතා කළාට පසුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට යළි අපට ආරාධනා කරන්නේ කුමකට දැ?’ යි රනිල් වික්‍රමසිංහ විමසා සිටියේ ජාතික සේවක සංගමයේ වෘත්තීය කි‍්‍රයාකාරීන් සමග ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති හමුවක් අමතමින්. | ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාතික ගැටළුව විසදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට ඒ අතර වාරයේ පොලිස් සහ ඉඩම් බලතල කප්පාදු කිරීමට තැත් කිරීම පරස්පර විරෝධී ක්‍රියාවක් යැයි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කරයි |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. "නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් - එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව - සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි." මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත පියවර තැබීමට එන්නත් මගින් විශාල කාර්යභාරයක් ඉටුවන බව අප දනිමු. එය එසේ වී නමුදු, කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය. උදාහරණයක් ලෙස දක්වතොත්, එන්නත් නිකුත් වූ වහාම එහි සැපයුම් අත්පත් කර ගැනීමට ඇතැම් රාජ්‍යයන් සහ දේශපාලන කණ්ඩායම් තරග වදින්නට පටන් ගත්හ. මෙම "එන්නත් ජාතිකවාදය" නිසා දිළිඳු රාජ්‍යයන් පෝලිමේ පසුපසට තල්ලු කෙරිණ. එමෙන්ම, එන්නත් පිළිබඳව පවතින දෙගිඩියාව, නිෂ්පාදන අවහිරතා සහ සැපයුම් දුෂ්කරතා වැනි බාධක කොවිඩ් 19 එරෙහි අවසාන අභිමතාර්ථය ඉටු කර ගැනීම ඉදිරියේ හරස් වී සිටිති. මෙම මාර්ග බාධක සැලකිල්ලට ගතහොත්, කොවිඩ් වසංගතයට එරෙහි සටනේ දී මුළු ලෝකයම එන්නත් කිරීමේ වැඩසටහන ඵල දැරීමට තව කොපමණ කාලයක් ගතවිය හැකිද? එන්නත් බෙදාහැරීම් සිදුවන්නේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් කොරෝනා වසංගතයට එරෙහිව මිනිසුන් එන්නත් කිරීමේ වැඩසටහන බොහෝ රටවල් ආරම්භ කර තිබේ. නමුත්, ඉල්ලුම සහ සැපයුම අතර අසමතුලිතතාවක් පවතී. මේ වන විට රටවල් 138ක් පුරා එන්නත් මාත්‍රා මිලියන 565ක් ශරීරගත කර හමාරය. Our World in Data (OWID) සපයා ඇති සංඛ්‍යාලේඛන අනුව, මාර්තු 30 වැනිදා දිනය තුළ දී පමණක් දල වශයෙන් මාත්‍රා මිලියන 13.9ක් එන්නත් කර තිබේ. සමස්ත සංඛ්‍යාව ගත් කළ එය විශාල ප්‍රමාණයක් සේ දැනෙන්නට පුළුවන. නමුත් බිලියන 7.8කට ආසන්න වූ ලෝක මිනිස් ගහනය සලකා බලන විට මෙම ප්‍රමාණය සෑහෙන්නේ පෘථිවිය මත සිටින මානව සංහතියෙන් 7.2%කට පමණි. එයද පළමු මාත්‍රාව සඳහා පමණි. දැනට පවතින වේගයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් දිගටම දියත් වුවහොත් මුළු ලෝකයම එන්නත් කර හමාර වීමට තවත් වසර තුනකට අධික කාලයක් ගතවනු ඇත. දැනට පවතින එන්නත් සියල්ලම පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වීමට නම් සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් බැගින් ලබා දිය යුතු බව විශේෂයෙන් ම සිහි තබා ගත යුතුය. The Economist Intelligence Unit (EIU) විශ්වාස කරන්නේ, දියුණු ආර්ථිකයක් සහිත රටවල සිටින වැඩිහිටි පරම්පරාව සම්පුර්ණයෙන් එන්නත් කිරීම 2022 වසරේ මැද භාගය වනවිට හමාර කළ හැකිවනු ඇති බවය. මැදි ආදායම් සහිත රටවලට මෙම ඉලක්කය සපුරා ගත හැකිවන්නේ 2022 අග භාගයේ හෝ 2023 මුල් භාගයේදී ය. ලොව දිළිඳු රටවල් 2024 තෙක් බලා සිටිය යුතු වේ. එය ද සපුරා ගත හැකි වන්නේ එම රටවල මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් දියත් කිරීමක් සිදු වුවහොත් පමණි. භාවිත කරමින් පවතින්නේ කුමන එන්නත් ද? කෙනෙකුට කෙටි කාලයකින් ළඟා විය හැකි එම ඉලක්කය තවෙකෙකුට දීර්ඝ ගමනක් විය හැකිය මුලින් ම අනුමැතිය ලැබුණේ Pfizer-BioNTech එන්නතට ය. ඊට මුල්ම අනුමැතිය හිමි වූයේ එක්සත් රාජධානියෙනි. ඒ පසුගිය දෙසැම්බර් 2වැනිදා ය. අනතුරුව එක්සත් ජනපදය, යුරෝපා හවුල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අනුමැතිය ලබා දුන්හ. ඉන් පසුව තවත් එන්නත් වර්ග කීපයක් අනුමත විය. එක්සත් ජනපදයේ නිෂ්පාදිත Moderna, එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සංවර්ධනය කළ AstraZeneca, චීනය නිපදවූ එන්නත් දෙකක් වන Sinopharm සහ Sinovac මෙන්ම රුසියාවේ නිෂ්පාදිත Sputnik V මෙසේ අනුමැතිය ලද එන්නත් අතර විය. තවත් එන්නත් දෙකක සායනික අත්හදා බැලීම් පිළිබඳ වාර්තා මෑතකදී ඉදිරිපත් වුණි. ඒ Janssen සහ Novavax ය. එම සායනික වාර්තා ඖෂධ නියාමන අධිකාරීන් විසින් මේ වන විට සමාලෝචනය කරනු ලබමින් පවතී. රෝග ව්‍යාප්තිය, රෝහල්ගත කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය සහ කොවිඩ් මරණ සංඛ්‍යාව එන්නත් ලබා දීම මගින් අඩු වන බවට එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය වැනි රටවලින් බලාපොරොත්තු තැබිය හැකි යහපත් ලකුණු පළවී තිබේ. තවත් එන්නත් වර්ග 200කට අධික ප්‍රමාණයක් ලොව පුරා තවමත් සායනික අත්හදා බැලීම් සිදු කරමින් සිටී. එම එන්නත් ප්‍රමාණය අනුමැතිය ලබා නිෂ්පාදන ක්‍රියාවලියට පිවිසුනහොත් ලෝකය එන්නත් කිරීමේ වැඩසටහන් අතිශයින් වේගවත් වනු ඇත. නමුත්, එන්නත් නිර්මාණය කිරීම සඳහා දැරූ උත්සාහය පෙර නොවූ විරූ මට්ටමකින් සිදු වුවද, වාර්තාගත කාල පරාසයක දී අනුමත වී නිෂ්පාදනය වුවද ඒවා ලොව පුරා දියත් කිරීම විවිධ බාධක නිසා අතිශය අසමතුලිත මට්ටමකින් සිදුවෙමින් පවතී. "එන්නත් ජාතිකවාදය" යනු කුමක් ද? "මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවයක්" "එන්නත් ජාතිකවාදය" යන යෙදුම භාවිත වන්නේ, එන්නත් සැපයුම අනුන්ගේ වියදමින් තම ජනතාව වෙනුවෙන් වෙන් කරවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු කෑදර සහ අසාධාරණ ලෙස ක්‍රියා කිරීම හැඳින්වීමට ය. ඖෂධ නිෂ්පාදනය කරන රටවල් සමඟ ද්විපාර්ශවික ගිවිසුම් ඇති කර ගනිමින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අතිශයින් වැඩි එන්නත් තොග මිලදී ගැනීමට බොහෝ ධනවත් රාජ්‍යයන් පෙළඹී ඇත. උදාහරණයක් ලෙස දක්වතොත්, මාත්‍රා දෙකම ලබා දීම සඳහා තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ. ඊට අමතරව එක්සත් ජනපදයේ ඉතිරිවන AstraZeneca එන්නත් තොගයෙන් කොටසක් ද කැනඩාවට ලබා දීමට නියමිතය. එක්සත් රාජධානිය ද එන්නත් ගොඩගසා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක එන්නත් ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට ප්‍රවේශය පවතින බව Wellcome සංවිධානයේ අධ්යක්ෂ ජෙරමි ෆරාර් පවසයි. "අපේ දේශ සීමාවෙන් එහා පිළිබඳවත් හිතන්නට අප පටන් ගත යුතුයි. මෙතරම් මාත්‍රා ගණනක් එක්සත් රාජධානිය තුළ භාවිතා කෙරෙන්නේ නැහැ. ගෝලීය වශයෙන් එන්නත් අත්‍යවශ්‍යව සිටින අය සමඟ අපි මේවා බෙදා ගැනීම අප ආරම්භ කළ යුතුයි." "මෙය සදාචාරයටත් එහා ගිය කාරණයක්. එය විද්‍යාත්මක සහ ආර්ථිකමය අවශ්‍යතාවක්." ඔහු තවදුරටත් පැවසීය. තම භූමි කලාපය තුළ නිෂ්පාදනය කෙරෙන එන්නත් සඳහා අපනයන සීමා පැනවීමට යුරෝපා හවුල ද තර්ජනය කරමින් සිටින්නේ තම රටවල ජනතාව එන්නත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන්වලට ද අවශ්‍ය පමණට එන්නත් නොමැතිවීම හේතුවෙනි. තම රටට අවශ්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක එන්නත් ප්‍රමාණයක් කැනඩාව ඇනවුම් කර තිබේ මේ සියල්ලගෙන් ම පෙනී යන්නේ මෙම වටිනා එන්නත් සැපයුම ධනවත් රටවල් අතළොස්සක් තුළ අගුලු දමා ඇති බවය; සාධාරණ ලෙස දිළිඳු රටවල් සමඟ බෙදා ගැනීමට අපොහොසත් වී ඇති බවය. Gavi නමින් හැඳින්වෙන එන්නත් සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පසුගිය සතියේ කියා සිටියේ "2009දී (සූකර උන එන්නත) සිදු වූ ආකාරයටම එන්නත් ජාතිකවාදය දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට ආණ්ඩු ක්‍රියා කළහොත් සහ වැඩිම ලංසුවට පමණක් කොවිඩ් එන්නත ලබා දීමට නිෂ්පාදකයන් පියවර ගතහොත් එයින් සිද්ධ වෙන්නේ මෙම අර්බුදය තවත් දිගු වීම පමණයි," යනුවෙනි. "පෝලිමේ අග සිටින සියලුම රටවලට පවා එන්නත් ලබාදීමට පොරොන්දු වුනත්, ඒවා ලොව පුරා බෙදා හැරීම පමා කිරීම නිසා කොරෝනා වෛරසය දිගටම සංසරණය වෙමින්, වෙනත් ප්‍රභේද ඇතිවෙමින් තවත් ශක්තිමත් වෙනවා." එන්නත යැවෙන්නේ යා යුතු තැනට ද? Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය ඇතැම් මැදි ආදායම් ලාභී රටවල් සහ බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් එන්නත් මාත්‍රා බිලියන 6ක් දිළිඳු රටවලට ලබාදීමට නියමිතය. ඉන් බිලියන 2ක් 2021 වසර තුළදී ම ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි. Gavi එන්නත් සන්ධානය පවසන පරිදි Covax මාත්‍රා මිලියන 79ක් රටවල් 70කට යවා ඇත. එහි අලුත්ම බෙදා හැරීම් ටොන්ගා රාජ්‍යයට සහ ට්‍රිනිඩෑඩ් - ටොබැගෝ වෙත ලැබෙමින් පවතී. ජන සමූහ වශයෙන් එන්නත් කිරීම සඳහා අප්‍රිකානු රටවලට හැකියාවක් ලැබෙන්නේ අවසානයට ය. ඔවුන්ට යැපෙන්නට සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් ලබා දෙන එන්නත් මතය. Covax එන්නත මුලින්ම ලැබුනේ ඝානා රාජ්‍යයට ය. ඒ පසුගිය මාසයේදී ය. නමුත් මිලියන 31ක් වූ ජනගහනයක් සහිත ඝානාවට ලැබුණේ Covax මාත්‍රා ලක්ෂ 6ක් පමණි. බීබීසී අප්‍රිකානු සේවයේ සෞඛ්‍ය සංස්කාරක ඈන් මවාතේ කියා සිටියේ නිෂ්පාදනයට පෙර ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත් සඳහා බටහිර රටවලට වඩා වැඩි මිලක් ගෙවීමට අප්‍රිකානු රටවලට සිදුවිය හැකි බවය. ඇය තවදුරටත් පැවසුවේ, ලොව පුරා එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා පේටන්ට් අයිතිය මුදා හරින ලෙස ඖෂධ සමාගම්වලින් ඇතැමුන් ඉල්ලීමක් කර ඇති බවය. නිෂ්පාදනය වැඩි කරගැනීම මෙන්ම අඩු මුදලකට එන්නත් ලබාගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත. "නමුත් සමාගම් ඊට එකඟ වෙලා නැහැ. ඔවුන් දන්නවා එහෙම වුනොත් ඔවුන්ගේ ලාභය අඩු වෙන බව." අලුත් ප්‍රභේදවලට එන්නත ඵලදායී වේද? බොහෝ අඩු ආදායම් ලාභී රටවල් තම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම සඳහා යැපෙන්නේ එන්නත් සන්ධානය විසින් ලබා දෙනු ලබන Covax එන්නත මතය වෛරසයේ නව ප්‍රභේද මතුවනු ඇති බවට අපේක්ෂිතය. සෑම වෛරසයක් ම තම පැවැත්ම සහ ව්‍යාප්තිය සඳහා සිය අනුපිටපත් බිහි කිරීමේදී වෙනස්වීම් වලට භාජනය වෙයි. ඉන් නව ප්‍රභේද ඇතිවෙයි. බොහෝ ප්‍රභේද එතරම් හානිකර නොවේ. නමුත් යම් අවස්ථාවක ඉතා ශක්තිමත් ප්‍රභේදයක් ඇතිවිය හැකිය. එක්සත් රාජධානියෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේද ඊට උදාහරණ වෙති. මෙම ප්‍රභේද මගින් රෝගය වඩාත් මාරාන්තික කරන බවට තවමත් සාධක නොමැත. දැනට පවතින එන්නත් කෙටි කාලීනව හෝ ඊට ඵලදායී වනු ඇති බව බොහෝ විශේෂඥයන්ගේ මතය වී තිබේ. නමුත්, කොවිඩ් 19 පරීක්ෂාවකින් තොරව ලොව පුරා ව්‍යප්තවන්නට ඉඩ සැලසුවහොත් දැනට පවතින එන්නත් වලට අවනත නොවන ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පිළිබඳව අවධානය මතුවී තිබේ. එසේ වුවහොත් දැනට එන්නත් වී සිටින ජනයා වුවද නැවතත් රෝගාතුර විය හැකිය. එවැනි අවස්ථාවකදී දැනට පවතින එන්නත් නව ප්‍රභේදයට සරිලන පරිදි සති කීපයකින් හෝ මාස කීපයකින් යළි සංවර්ධනය කළ හැකි බව විශේෂඥයෝ පවසති. එසේ වුවහොත් නව ප්‍රභේද සඳහා තැනෙන නව එන්නත් වසරක් පාසා ලබා ගැනීමට ජනතාවට සිදුවනු ඇත. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා මේ ආකාරයට එන්නත් ලබා දෙනු ඇත. එන්නත් පිළිබඳ දෙගිඩියාව කුමක්ද? එන්නත් පිළිබඳ වැඩි දෙගිඩියාවක් පවතින ජර්මනියේ එන්නත් මධ්‍යස්ථානයක් මුළු ලෝකයම එන්නත් කිරීමේ දී "එන්නත් දෙගිඩියාව" ද විශාල බලපෑමක් සිදු කරනු ඇත. ඇතැම් ධනවත් රටවලට එන්නත් නොඅඩුව ලැබුණත් ඒ පිළිබඳව පවතින ජන අනවබෝධය හේතුවෙන් ඊට බාධා ඇතිවී තිබේ. උදාහරණයක් ලෙස, ජපානයේ සහ ප්‍රංශයේ මෑතක දී සිදු කරන ලද මත විමසීමකින් හෙළිවී ඇත්තේ එම රටවල ජනගහනයෙන් අඩක් පමණ එන්නත ලබාගැනීමට අකමැති බවය. තුන්වන රැල්ලක් අත්විඳිමින් සිටින ජර්මනිය සහ ඉතාලිය සති කීපයකට පසුව AstraZeneca එන්නත ලබා දීම අත්හිටුවීමට පියවර ගත් අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළෝය. දියුණු රටවල පවතින මෙම දෙගිඩියාව දිළිඳු රටවලින්ද මතුවිය හැකිය. විශේෂයෙන් ම එන්නත් බෙදා හැරීම පමා වීමේ දී එවැනි දෙගිඩියාවන් මතුවීමේ ඉඩකඩ වැඩි වනු ඇත. ඇතැම් රටවල - විශේෂයෙන්ම තරුණ ජන විකාශය වැඩි රටවල - රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් (ජනගහනයෙන් වැඩි පිරිසකට රෝගය වැළඳී ප්‍රතිශක්තිය ඇතිවී තිබෙන බැවින්) හෝ ඊට වැය වන මුදල ඉතා ඉහළ නම් එන්නත ලබා ගැනීම සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවනු ඇත. Economist Intelligence ඒකකයේ පුරෝකථන අධ්‍යක්ෂිකා අගතේ ඩෙමාරයිස් කියා සිටියේ "මුළු ලෝකයම එන්නත් කිරීම 2022 අගභාගය සහ 2023 දක්වා ඇදී යනු ඇති අතර සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවතින හෙයින් අවදානම ඉහළ යනු ඇති" බවය. "එවැනි තත්ත්වයක් ඇති වුණොත් ලෝක ආර්ථිකය යථා තත්වයට පත්වීම තවත් පමා වන අතර වෛරසයේ නව ප්‍රභේද ඇතිවී එන්නත්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයකට පත්වී අපව නැවතත් කලින් පැවති නරක තත්ත්වයටම පත්වෙනවා." බොහෝ දෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, විශේෂඥයන් පවසන පරිදි, මෙම වසංගතය නිමා කිරීම සඳහා පවතින හොඳම අවස්ථාවට එයින් දැඩි බලපෑමක් ඇතිවනු ඇත. 'සමූහ ප්‍රතිශක්තිය' (Herd Immunity) කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින්... 'සමූහ ප්‍රතිශක්තියට' ළඟා විය හැක්කේ ජනගහනයෙන් සැලකිය යුතු වැඩි පිරිසකගේ ශරීරයේ අදාළ රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඇතිවීමෙන් පසුවය. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ එන්නත් කිරීම මගිනි. එවිට එම පිරිස හරහා රෝගය ව්‍යාප්ත නොවීම හේතුවෙන් අනෙක් ජන පිරිස ආරක්ෂා වනු ඇත. මෙය රෝගයෙන් රෝගයට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, සරම්ප රෝගය සඳහා ජනගහනයෙන් 95%ක් එන්නත් කළ යුතුය. නමුත් පෝලියෝ සඳහා අවශ්‍ය වන්නේ ජනගහනයෙන් 80%ක් එන්නත් කිරීම ය. කොවිඩ් 19 අලුත්ම තර්ජනයක් බැවින් ඒ සඳහා සමූහ ප්‍රතිශක්තිය සැපිරීමට අවශ්‍ය වන ප්‍රතිශතය කෙතරම්දැයි තවම නොදනී. නමුත් එය 70%ක් පමණ විය හැකි බවට වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ නමුත්, මෙම වසංගතය දෙවන වසරටත් පියවර මැන ඇති හෙයින් මෙම ප්‍රතිශත අගය ඉහළට තල්ලු කිරීම සඳහා විශේෂඥයෝ සීරුවෙන් කටයුතු කරමින් සිටිති. එම අගය පිළිබඳව තිබූ තක්සේරුව කාලයත් සමඟ ක්‍රමයෙන් ඉහළ දමමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුචි පිළිගත් අතර එය 70% සහ 90% අතර විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. එන්නතකින් කොවිඩ් 19 මුලින් උපුටා දැමිය හැකිද? එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි වරක් මාධ්‍යයට පවසා තිබුණේ, කොවිඩ් 19 ලොවින් සදහටම තුරන් කිරීමට ඇති සම්භාවිතාව "බින්දුවට ආසන්න බැවින් කිසිදු වෙනසක් නොවන තරම්" බවය. "අපිට සදහටම තුරන් කරන්න පුළුවන් වුණේ එකම රෝගයයි. ඒ වසූරිය රෝගය. එය කළ හැකි වුනේ ආශ්චර්යමත් ලෙස ඵලදායී වූ එන්නතක් සමඟ ඉතා දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන්." මහාචාර්ය ක්‍රිස් විටි තවදුරටත් පැවසීය. නමුත් ඉන් අදහස් කෙරෙන්නේ එන්නත් කිරීමෙන් පලක් නොවන බව නොවේ. අර්ධ වශයෙන් ජනගහනය එන්නත් කිරීම මගින් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් නව වෛරස් ප්‍රභේද ඇතිවන තත්ත්වයක් උදා විය හැකිය. ආසාදිතයන් වාර්තාවීම නතර වූ බැවින් 2020 ජුනි මාසයේ දී නවසීලන්තය කොවිඩ් සීමා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කළේය වොෂින්ටන් සරසවියේ ක්‍රිස්ටෝෆර් මරේ සහ සනීපාරක්ෂාව සහ නිවර්තන කලාපීය ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ පීටර් පියෝට් විසින් ලියනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරු අඟවා ඇත්තේ ලොව පුරාම කොවිඩ් එන්නත ලබා දීම අතිශය වේගවත්ව කළ යුතුව පවතින බව පවසමිනි. "නොනැසී පවත්නා සහ සෘතුමය කොවිඩ් 19 රෝගයක් ඉදිරියේදී ඇතිවීම යථාර්ථයක්." ඇමරිකානු වෛද්‍ය සම්මේලනයේ සඟරාවට ඔවුන් සැපයූ ලිපියේ සඳහන් වේ. ඔවුන් නිර්දේශ කරන්නේ, කොවිඩ් 19 පාලනය කිරීම සඳහා පළමු පියවර ලෙස මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන් ගෝලීය වශයෙන් අධි වේගයකින් දියත් කළ යුතු බවය. කොවිඩ් එන්නත් ලබා දීමේ මූලික ඉලක්කය වී ඇත්තේ ජීවිත බේරා ගැනීම වන අතර එමගින් ප්‍රතිශක්තියක් ලබාදීමත් වෛරසය පැතිරීම වලක්වා ගැනීමත් සිදුවන බව ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ වසංගත රෝග අංශයේ ප්‍රධානි, මහාචාර්ය අස්රා ඝානි පැවසුවාය. ඇය තවදුරටත් කියා සිටියේ, "වෛරසය හඳුනාගෙන වසරක් අවෑමෙන් එන්නතක් සංවර්ධනය කර එය බෙදාහැරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පෙර නොවූ විරූ තරම්" වන බවය. මෙම නව වෛරසය පිළිබඳ විද්‍යාත්මක ඥානය ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතින අතර ලොව වටා විද්‍යාඥයෝ ක්‍රියාශීලීව මෙම වෛරසයට එරෙහි එන්නත් පරීක්ෂා කරමින් සහ වැඩි දියුණු කරමින් සිටිති. "ඒ නිසා අපිට ශුභවාදීව හිතන්න පුළුවන්. වෛරසය සදහටම තුරන් කිරීමට නොහැකි වුනත් මෙම උත්සාහයන් මගින් නැවත සාමාන්‍ය ජනජීවිතයට පැමිණීම සඳහා සෘජු සහ වක්‍ර ආරක්ෂාවක් ලබා ගත හැකි බව මම විශ්වාස කරනවා." මහාචාර්යවරිය පැවසුවාය. | "එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | (චීනයේ ෂින්ජැන් හි සිට බීබීසී පුවත් හි ජෝන් සඩ්වර්ත් සැකසූ වාර්තාවක් ඇසුරිණි) එසේ ම වැඩිහිටියන් සිය දහස් ගණනක් විශාල කඳවුරුවල රඳවාගෙන ඇති බවත් දරුවන්ට නේවාසිකව අධ්‍යාපනය ලබා දිය හැකි පාසල් ගොඩනැගීම ද වේගවත්ව ක්‍රියාත්මකවන බවත් පැවසේ. ප්‍රසිද්ධියේ පළවී ඇති ලිය කියවිලි සහ විදෙස් රටවල වෙසෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු ද අනුව එම කලාපයේ ළමුන්ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි සාක්ෂි එක්රැස් කර ගැනීමට බීබීසී පුවත් සේවයට හැකි විය. එම වාර්තාවලින් පෙනී යන්නේ, දළ වශයෙන් එක් නගරයක ළමුන් 400 දෙනෙකුට පමණ තම මව සහ පියා යන දෙදෙනා ම අහිමිව ගොස් ඇති බවය. ඒ, එම දෙමව්පියන් සිරගෙවල්වල හෝ වෙනත් ස්ථානවල රඳවාගෙන සිටින හෙයිනි. එම "මධ්‍යගත රැකවරණයකට" යොමුකිරීමේ අවශ්‍යතාවක් ඇත්දැයි යන්න සොයා බැලීමට ද මෙහිදී නිල අගැයීමක් කර තිබේ. ෂින්ජැන් කලාපයේ වෙසෙන වැඩිහිටියන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සහ ගන්නා අතර ම දරුවන් ඔවුන්ගේ උරුමයන්ගෙන් ඈත් කිරීමට ද ක්රමානුකූල වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බව සාක්ෂිවලින් දක්නට ලැබේ. ආරක්ෂාව තර කර තිබෙන අයුරු නමුත් බ්‍රිතාන්‍යයේ චීන තානාපති ලු ෂියාඕපින්ග් පවසන්නේ බටහිර ෂින්ජැන් කලාපයේ එවැනි දෙයක් නොවන බවය. බීබීසීයට අදහස් දැක්වූ ඔහු, එම කලාපයේ දරුවන් දෙමව්පියන්ගෙන් ක්‍රමානුකූලව වෙන් කෙරෙන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය. ෂින්ජැන් යනු චීනයේ දැඩි විමසිල්ලට සහ පාලනයකට නතු වූ කලාපයකි. විදෙස් මාධ්‍යවේදීන් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් සිටින බැවින් සාක්ෂි එකතු කර ගත නොහැකි විය. නමුත් එවැනි සාක්ෂි තුර්කියෙන් හමුවේ. ඉස්තාන්බුල් නගරයේ විශාල ශාලාවක් තුළ ඔවුන්ගේ කතාව කීමට පිරිසක් රැස් වී සිටිති. බොහෝ දෙනෙක් තම දරුවන්ගේ ඡායාරූප අත දරා සිටිති. ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ සිටි අය වෙති. "මම දන්නේ නැහැ මගේ දරුවන් කවුරු බලා ගන්නව ද කියලා," තම දියණියන් තිදෙනාගේ ඡායාරූපය දෙස අවධානය යොමු කරමින් එක් මවක් පැවසුවාය. "ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්න කිසි ම විදිහක් නෑ." තම පුතුන් තිදෙනාගේ සහ දියණියගේ ඡායාරූපයක් අතින් දරා ගෙන සිටි තවත් මවක් කඳුළු පිස දමමින් පැවසුවේ, "ඔවුන්ව අනාථ නිවාසෙකට ගෙනිහින් කියලා මට ආසන්න ලැබුණා," යනුවෙනි. වෙන් වෙන්ව දුන් සාකච්ඡා සහ සාක්ෂි 60ක් මගින් ෂින්ජැන් කලාපයේ අතුරුදන්ව ඇති ළමුන් 100කට වැඩි පිරිසකගේ තොරතුරු හෙළිවිණි. ඔවුන් සියලු දෙනා ෂින්ජැන් කලාපයේ විශාල ම ජන කොට්ඨාසය වන උයිගර් (Uighurs) නම් බහුතර මුස්ලිම් ජන කොට්ඨාසයට අයත්ය. ඈත අතීතයේ සිට ආගම සහ භාෂාව නිසා තුර්කිය සමග සමීප සම්බන්ධතා ඔවුන්ට තිබේ. එම කලාපයේ ජීවත් වූ මුස්ලිම් වැසියන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබීමට, ව්‍යාපාර කිරීමට, පවුලේ අය හමුවීමට හෝ චීනයේ පවතින උපත් පාලන සීමාවන්ගෙන් මිදීමට හෝ ඉහළ යමින් පවතින ආගම කේන්ද්‍ර කර ගත් මර්දනයෙන් මිදීමට තුර්කියට පැමිණ සිටිති. නමුත් චීනය විසින් උයිගර්වරුන් ඇතුළු සුළු ජාතීන් දහස් ගණනින් විශාල කඳවුරු තුළ රඳවාගනු ලැබීමත් සමග ම පසුගිය වසර තුන පුරාවට බොහෝ දෙනෙකුට ආපසු යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අන්තගාමී ආගමික ප්රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා උයිගර් ජාතිකයින්ට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබා දෙන බව චීන බලධාරීහු පවසති. නමුත් බොහෝ දෙනෙක් තම ආගමික විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම - යාච්ඤා කිරීම හෝ හිස ආවරණය කරගෙන සිටීම සහ තුර්කිය වැනි විදෙස් රටවල් සමග ඇති සම්බන්ධතා වැනි සරල හේතු මත රඳවාගෙන සිටින බව සාක්ෂි වලින් පෙනී යයි. තම බිරිඳ රඳවාගෙන සිටින බව පවසන එක් පියෙක් තම දරුවන් අට දෙනා ද චීන රජයේ භාරයට ගෙන ඇති බවට බිය පළ කරයි. "මම හිතන්නේ ළමයි අධ්‍යාපන කඳවුරුවලට ගෙනිහිල්ලා," ඔහු පැවසීය. බීබීසී මගින් සිදුකරන ලද නව සමීක්ෂණයකින් ඇත්ත වශයෙන් ම මෙම දරුවන්ට සහ අනෙකුත් අයට සිදුවන්නේ කුමක් ද යන්න හෙළිවිණි. චීනයේ ෂින්ජැන් ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුවන වැඩිහිටි මුස්ලිම්වරුන් රඳවාගැනීම් ගැන සම්පූර්ණ වශයෙන් හෙළි කරනු ලැබුවේ, ජර්මානු සමීක්ෂකයෙකු වන ආචාර්ය ඒඩ්‍රියන් සෙන්ස් විසිනි. විශ්වවිද්‍යාල විශාල කෙරෙමින් පවතී. නව සිසු නේවාසිකාගාර සහ ඒවායේ ධාරිතාව වැඩි කෙරෙමින් තිබේ. රඳවා ගැනීමේ කඳවුරු තනමින් පවතින ආකාරයට ම එකවර ළමුන් විශාල පිරිසක් රැකබලා ගැනීමේ හැකියාව රජය විසින් වර්ධනය කරනු ලබමින් පවතී. නමුත් මේ සියල්ල සිදුවන්නේ එකම ජන කොට්ඨාසයක් ඉලක්ක කරගනිමින් බව පෙනෙන්නට තිබේ. 2017 වසරේදී ෂින්ජැන් ප්‍රදේශයේ පෙර පාසල්වලට ඇතුළත් වූ දරුවන් ගණන 500,000කින් පමණ ඉහළ ගියේය. ඒ අතරින් 90% ක් පමණ උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළු ජන කොටස්වලට අයත් දරුවෝ වූහ. එම හේතුව නිසා සාමාන්‍යයෙන් චීනයේ සමස්ත පෙර පාසල් ඇතුළත්වීම් අගයට වඩා පහළින් පැවති ෂින්ජැන්හි පෙර පාසල් සඳහා ඇතුළුවීම් මේ වන විට චීනයේ ඉහළ ම අගය බවට පත්ව ඇත. උයිගර් ජන කොටස බහුලව ජීවත් වන දකුණු ෂින්ජැන්හි පෙර පාසල් සංවර්ධනය කිරීමට සහ අලුතෙන් ගොඩ නැගීමට චීන රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් යොදවා තිබේ. දරුවන් පාසල්වල රඳවා ගෙන ඉගැන්වීම නිසා "දෙමව්පියන්ගේ ස්ථානය පාසල වෙත පවරා ගැනීමක්" සිදු වන අතර එමගින් "සමාජ ස්ථාවරත්වය සහ සාමය සුරැකෙන" බව රාජ්‍ය ප්‍රචාරණය මගින් ඉස්මතු කෙරේ නමුත් ආචාර්ය සෙන්ස් පෙන්වා දෙන්නේ, එහි සැබෑ අරමුණ ඊට වඩා ගැඹුරු බවය. "මෙවැනි පාසල් මගින් සුළු ජාතික සමාජවල සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙන" බව ඔහුගේ අදහසයි. රැඳවුම් කඳවුරු තුළ මෙන් ම මෙම පාසල් තුළ ද චීන භාෂාව හැර වෙනත් භාෂා කතා කිරීම තහනම්ය. එම නීති කඩ කරන සිසුන්ට සහ ගුරුවරුන්ට ලකුණු මත පදනම් වූ දඬුවම් දීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. මෙම පාසල් නිසා සුළු ජන කොටස්වලට අයත් ළමුන්ට "හොඳ ජීවන පුරුදු" සහ නිවසට වඩා පිරිසුදුව සිටීමටත් අවස්ථාව ලැබෙන බව බලධාරීහු පවසති. සමහර ළමුන් තම ගුරුවරිය "අම්මා" ලෙස හඳුන්වන අයුරුත් දැකිය හැකිය. මෙම කාරණය ගැන රජයේ නිල ප්‍රතිපත්තිය කුමක් දැයි ඇසීමට ෂින්ජැන් කලාපයේ අධ්‍යාපනික බලධාරීන් සමග බීබීසී පුවත් සේවය කතා කළේය. බොහෝ දෙනෙක් කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. සමහරු කෙටි විස්තරයක් ලබා දුන්හ. රැඳවුම් කඳවුරුවල සිටින දෙමව්පියන්ගේ දරුවන්ට කුමක් වන්නේ දැයි ඇසූ විට එක් නිලධාරිනියක පැවසුවේ, "ඔවුන් බෝඩින් පාසල්වල ඉන්නේ. අපි ඔවුන්ට නැවතීමේ පහසුකම්, ආහාර සහ ඇඳුම් දෙනවා. අපිට ඉහළ නිලධාරීන් දන්වලා තියෙන්නේ එම දරුවන් හොඳින් බලාගන්න කියලා," යනුවෙනි. නමුත් ආචාර්ය සෙන්ස් පවසන්නේ මෙවැනි අදහසකි. "ක්‍රමානුකූලව දෙමව්පියන් සහ දරුවන් වෙන් වෙන්ව තබා ගැනීමෙන් පැහැදිලිව පෙනී යන්නේ ෂින්ජැන් බලධාරීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අලුත් පරම්පරාව ඔවුන්ගේ ජන්මගත බැඳීම්වලින්, ආගමික විශ්වාසවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ඈත් කර තැබීම. එකට මෙය හොඳ සාක්ෂියක්." "මෙම සාක්ෂි අනුව මේ වැඩපිළිවෙළ හරහා සංස්කෘතික සංහාරයක් සිදුවෙනවා කියලයි මම හිතන්නේ." | චීනය හිතාමතා ම එරට ඈත බටහිර ෂින්ජැන් කලාපයේ ජීවත් වන මුස්ලිම් දරුවන් ඔවුන්ගේ පවුල්වලින්, ආගමික විශ්වාසයෙන් සහ භාෂාවෙන් වෙන් කරමින් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගාලුමුවදොර පැවති වාමාංශික රැළියක් එවක වාමාංශික දේශපාලන වේදිකාවේ ඉතා ජනප්‍රිය කථිකයකුව සිටි එච්.ජී.එස්.රත්නවීර එම රැළිය අමතා කතා කරමින් සිටී. කථිකයා විස්තර කරමින් සිටින්නේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කරනු ලැබීම මගින් අනාගතයේ ඇතිවිය හැකි අනතුර පිළිබඳවය. සිංහල සහ දමිළ භාෂා දෙකම රාජ්‍යභාෂා බවට පත්කළ යුතුය යන්න ඔහුගේ ස්ථාවරය විණි.. එම රැස්වීම පෙරට යමින් තිබෙන අතරවාරයේ කථිකයාගේ අදහස් අනුමත නොකරන "සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය" යන මතයේ සිටින තැනැත්තෙක් හදිසියේම වේදිකාව අසලට පැමිණ දිගින් දිගටම ඔහුට බාධා කරයි. එම ක්‍රියාව දෙස මඳ වේලාවක් බලා සිටි ශ්‍රී ලාංකික මැලේ කාන්තාවක් වහා ඉදිරිපත්ව එම බාධාකරන්නා අල්ලා මෙල්ලකොට නෙරපා හරින්නීය. රැස්වීමට සවන් දෙමින් සිටි ජනතාව "මයිමූන්සහෝදරියට ජයවේවා!"යි(Maimoon) හඬ නගති. එහෙත් ස්වල්ප වේලාවකින් සිය සහායක කණ්ඩායමක් ද කැටුව එහි ළඟා වූ ඉහත කී පුද්ගලයා රැස්වීමේ සිටි පිරිසට පහර දී එය කඩාකප්පල් කරයි. එම ගැටුම "මයිමූන්සහෝදරිය" ලෙස ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ හඳුන්වන ලද කම්කරු කාන්තාවගේ සටන්කාමිත්වය ප්‍රදර්ශනය කෙරුණු එක් අවස්ථාවක් බව ඉහත කී රැස්වීමේදී ඇය ක්‍රියාකරන ලද ආකාරය ගැන මතක සටහනක් තැබූ එවක වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කළේය. වෘත්තීය සමිති ක්‍රියාධාරිනියන් දෙදෙනෙක් පෙළපාලියක.චිත්‍රානි පෙරේරා (වමේ) සහ මේ(May) වික්‍රමසිංහ කාන්තාවන් දේශපාලන වේදිකාවල කතා පැවැත්වීම පමණක් නොව අඩුතරමින් එවැනි වේදිකාවක හිඳ ගැනීම පවා බෙහෙවින් දුර්ලභ කාලයක 'මුස්ලිම් කාන්තාවක්' වූ ඇය ඉහත කී පරිදි දේශපාලන රැස්වීමක කථිකයන් ආරක්ෂා කිරීම සඳහා සටන්කාමීව ඉදිරිපත්වීම ඉතාම දුර්ලභ දසුනක් විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි සිංහල නොවන වෙනත් ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් කාන්තාවන් අතරින් කම්කරු හෝ වෙනත් දේශපාලන සටන්වලට හවුල් වී ඇති සංඛ්‍යාව ස්වල්පයකි. විසිවෙනි සියවසේ තුන්වෙනි දශකයේ (1930) පටන් වාමාංශික දේශපාලනයට සහ කම්කරු සටන්වලට සම්බන්ධ වූ 'මයිමූන්' එවැනි සටන්කාමී අතලොස්සක් කාන්තාවන් අතර එක් චරිතයකි. 'මයිමූන්' දේශපාලනමය වශයෙන් නැගී සිටියේ දහනව වැනි සියවසේ අගභාගයේ පටන් පුබුදුවෙමින් පැවති මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරය මගින් සකස් කරන ලද සමාජ චින්තනයේ ආභාෂයෙනි. හෙන්ඩර්සන්ස් (Hendersons) සමාගමේ කම්කරු කාන්තාවක් වූ ඇය, කොම්පඤ්ඤ වීදිය,වෑකන්ද ප්‍රදේශයේ මැලේ ප්‍රජාව අතරින් බිහි වූ සටන්කාමී කාන්තාවක් වූ අතර, දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ පටන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වෘත්තීය සමිති සහ දේශපාලන අරගලයන්හි නිරත වූවාය. ජීවිත අරගලයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඔරාබි පාෂා සහ සිද්දි ලෙබ්බේ දහනව වැනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ සිදුවීම් කිහිපයක් එවක ලංකාවේ (Ceylon) ජීවත් වූ 'මුසල්මාන්' ප්‍රජාව අතර එක්තරා දේශපාලන ප්රබෝධයක් ඇති කිරීමට හේතුවිය. එයින් පළමුවැන්න ඊජිප්තුවෙන් පිටුවහල් කරන ලද ඔරාබි පාෂාගේ (1839 -1911) සම්ප්‍රාප්තියයි. ඊජිප්තු යුද හමුදාවේ කර්නල්වරයකු වූ 'අහ්මඩ් ඔරාබි පාෂා' එම හමුදාවේ ඉහළ පදවි තුර්කි ජාතික ඒකාධිකාරියක් වීමට එරෙහිව කැරලිගැසීම සහ 'ජාතිකවාදී සංවිධානයක්' ගොඩනැගීම ඔහු එරටින් පිටුවහල් කිරීමට හේතු වී ඇත. පළමුව, යුද හමුදා අධිකරණයක් මගින් ඔහු මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබුවද අනතුරුව එහි වෙනසක් සිදුකරමින් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබිණි. ඔරාබි පාෂා 1883 දී ලංකාවට ළඟාවූ අතර, 1901 දී ආපසු සියරට බලා යනතෙක් කොළඹ සහ මහනුවර නගරවල ජීවත් විය. කොළඹ සහිරා විද්‍යාලය එම කාලය ඇතුළත ඔහු කොළඹ සහ මහනුවර ජීවත්වී ඇති අතර ලංකාවේ සිටිය දී මුස්ලිම් ජනයාගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් සිය අවධානය යොමුකර ඇත. මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කොට ඇති කොළඹ සහිරා විද්‍යාලය (1892) එම දිරිගැන්වීමේ එක් ප්‍රතිපලයක් වේ. සහිරා විදුහල ඉතිහාසගත වී තිබෙන්නේ දහනව වෙනි සියවසේ අගභාගයේ සහ විසිවෙනි සියවසේ මුල්භාගයේ දී ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳ මතවාදය දැල්වූ නායකයකු ලෙස සැලකෙන 'සිද්දි ලෙබ්බේ' (මොහොමඩ් කාසිම් සිද්දි ලෙබ්බේ) සහ ඔරාබි පාෂාගේ ප්රයත්නයක ප්‍රතිපලයක් වශයෙනි. මෙයින් වසර 127 ට පෙර 1897 දී සහිරා විද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවයට පවා ඔරාබි පාෂා සහභාගී වී ඇත. එම වකවානුවේ සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් ඔරාබි පාෂා නමින් කොළඹ නගරයේ මාවතක් ද නම්කරනු ලැබ ඇත. සිංහල බෞද්ධ සහ දමිළ හින්දු නායකයන් මෙන්ම ඉහත කී මුස්ලිම් නායකයන් ස්වීය වූ බුද්ධිමය ප්‍රබෝධයක අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ තිබෙන්නේ යටත්විජිත ලංකාවේ කිතුනු පාලන බලය, තමන්ගේ ආගමික සම්ප්රදායයන් ආක්‍රමණය කරන්නේය යන තේරුමෙනි. ජාතික නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන් අනගාරික ධර්මපාලගේ සිංහල බෞද්ධ, ආරුමුග නවලර් සහ පොන්නම්බලම් සහෝදරයන්ගේ හින්දු පුනර්ජීවන මෙන්ම සිද්දි ලෙබ්බේ සහ ඔරාබි පාෂා විසින් නායකත්වය දෙන ලද මුස්ලිම් බුද්ධිමය ව්‍යාපාරය පසුකාලීන ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරයට සරුපස සකස් කරන ලදැයි ආචාර්ය කුමාරි ජයවර්ධන තක්සේරු කරන්නීය. (ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම - කුමාරි ජයවර්ධන) එහෙත් අධ්‍යාපන වරප්‍රසාදය සහිත පිරිමි දරුවන් කෙසේවෙතත්, මෑතක් වනතෙක් කාන්තාවන් අධ්‍යාපන ක්ෂේත්රයෙන් ඈත්කර තැබූ පරිසරයක, විධිමත් අධ්‍යාපන පසුබිමක් නොමැති 'මයිමූන්' වැනි මුස්ලිම් කාන්තාවක් වෘත්තීය සමිති සහ දේශපාලන කටයුතුවලට සක්‍රීය ලෙස මැදිහත්වීම ඇතැමුන් තුළ ඇති කරනු ලැබ තිබෙන්නේ එක්තරා කුතූහලයකි. 'මයිමූන්' වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක මෙන්ම ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකාවක් ද වූවාය. 1940 දශකයේ පටන් දේශපාලන කටයුතුවල නිරතවෙමින් සිටි මයිමූන්, 1956 බණ්ඩාරනායක රජය විසින් සිංහල රාජ්‍යභාෂා පනත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන ලද "භාෂාද්වයට සමතැන් දීමේ" පිළිවෙත වෙනුවෙන් සටන් වැදුණාය. "එක භාෂාවක් රටවල් දෙකක්- භාෂා දෙකක් එක රටක්"යන වාමාංශික සටන්පාඨය වෙනුවෙන් පෙනී සිටි 'මයිමූන්' එම මතවාදයට එරෙහි කණ්ඩායම් සමඟ ශාරීරික වශයෙන් ගැටෙමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පවා එඩිතර විනැයි ලංකාවේ වාමාංශික සහ කම්කරු සටන් ඉතිහාසය පිළිබඳව ලියන ප්‍රේමලාල් කුමාරසිරි සඳහන් කරයි. 'මයිමූන්' එම අවධියේ වෙනත් කම්කරු සටන්වලට සහභාගී වෙමින් සහ ඒවාට නායකත්වය දෙමින් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළාය. දේශපාලන කැපවීම විශේෂයෙන්ම පාර්ලිමේන්තු සහ කොළඹ නගරසභා මැතිවරණවලදී 'මයිමූන්' වාමාංශික දේශපාලනඥයන් වෙනුවෙන් පාරට බැස ගෙයින් ගෙට ගොස් ප්රචාරක කටයුතුවල නිරතවූවාය. එපමණක් නොව, මයිමූන්ගේ දේශපාලන ජීවිතය අගය කරන්නන් සිහිපත් කරන ඇය සතුවූ සුවිශේෂී කුසලතාවක් වන්නේ, දේශපාලන වේදිකාවලට නැග සිංහල සහ දමිළ භාෂාවෙන් ඇය ව්‍යක්ත ලෙස මහජනතාව ආමන්ත්‍රණය කළ අපූරු වාග් විලාශයය. 'මයිමූන්' අභීත සහ වේගවත් කථිකත්වයක් සහිත කාන්තාවක්(A daring and dynamic speaker) ලෙස ද අගය කරනු ලැබ ඇත. 'මයිමූන්' ඉහළ පාසල් අධ්‍යාපනයක් ලැබ නැතත්, ආකර්ෂණීය වාග්මාලාවක් භාවිත කරමින්,මහජනයා බැඳ තබා ගනිමින් අදහස් දැක්වූ වේගවත් චතුර කතා ශෛලියක් සහිත කාන්තාවක් විනැයි" ඇයට සවන් දුන් වාමාංශික නායකයෝ පවසති. යුද්ධය නිමවීමෙන් අනතුරුව කොළඹ නගරය ආශ්‍රිතව දියත් කෙරුණු වැඩවර්ජනවලදී පුරෝගාමී කාන්තා චරිත දෙකක් සෙසු කාන්තාවන් අභිබවා පෙරට පැමිණ ඇත. ඉන් එක් කාන්තාවක් 'පොන්සිනාහාමි' වන අතර දෙවැන්නිය 'මයිමූන්'ය. 'මයිමූන්' ඇය රැකියාව කළ කර්මාන්තශාලාව තුළ සහ කොළඹ නගරයේ වැඩ කරන ජනතාව කෙරෙහි පමණක් නොව 'වෑකන්ද' ප්‍රදේශයේ සිය ප්‍රජාව කෙරෙහිත් විශාල දේශපාලන බලපෑමක් සහිත චරිතයක් ද වූවාය. 'පොන්සිනාහාමි'සහ 'මයිමූන්' යන දෙදෙනාගේම තවත් විශේෂත්වයක් වී තිබෙන්නේ, ඔවුන් මාක්ස්වාදී දේශපාලන පන්තිවලට සහභාගී වෙමින් සිය දේශපාලන දැනුම වර්ධනය කර ගැනීමට යොමුවීම යයි ආචාර්ය කුමාරි ජයවර්ධන පවසයි. 'මයිමූන්'ගේ දේශපාලන සහභාගිත්වය කරුණු දෙකක් නිසා සම්ප්‍රදායික ශ්‍රී ලාංකික සමාජයට නව පණිවුඩයක් විය. එක් අතකින් ඇය පෙරට එන්නේ පොදුවේ කාන්තා දේශපාලන සහභාගිත්වය අවම සමාජ පරිසරයක් තුළය. දෙවනුව, ඇය කාන්තාවන්ගේ සමාජමය සහභාගිත්වය සීමා කරනු ලබන තමා අයත් මුස්ලිම් සමාජයේ දෘෂ්ටිමය පසුබිමට අභියෝගයක් වූවාය. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දොළොස් දෙනා අතර අඩුතරමින් එක් මුස්ලිම් කාන්තාවක්වත් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තා සහභාගිත්වය තවමත් පවතින්නේ ඉතාම පහළ මට්ටමකය. නිදහසින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙක් (ෆේරියල් අෂ්රෆ් සහ අන්ජාන් උම්මා) පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් දොළොස් දෙනා අතර එක් මුස්ලිම් කාන්තාවක හෝ නැත. කියවන්න; | මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වෑකන්ද ප්‍රදේශයේ වාමාංශික රැස්වීමකි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටි හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් ඕලන්දයේ සිට චීනයේ හුනන් පළාත වෙත පියාසර කරන්නේ අන්තර්ජාලය හරහා දැන හැඳින ගත් සැන්ග් නමැති සිය පෙම්වතිය හමු වීමේ බලාපොරොත්තුවෙනි. ඔහු පිළිගැනීමට ඇය ගුවන් තොටුපල වෙත නොපැමිණියත් ඇලෙක්සැන්ඩර් දින දහයක් චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටියේ ඇය කොයි මොහොතක හෝ එහි එතැයි යන විශ්වාසයෙනි. මීට මාස දෙකකට ඉහතදී අන්තර්ජාල හරහා විසි හය හැවිරිදි සැන්ග් දැන හැඳින ගත් බව සිය ආදර අන්දරය පිළිබඳ අදහස් දක්වමින් ඇලෙක්සැන්ඩර් චීන මාධ්‍යයට පවසා තිබේ. 'මම හිතුවා ඒක විහිළුවක් කියලා' සැන්ග් නමැති තරුණිය හුනන් රූපවාහිනියට පවසා ඇත ගුවන් තොටුපල වෙත පැමිණි ඔහුගේ බලාපොරොත්තු සුන් වුවත් ගුවන් තොටුපල හැර යෑම ප්‍රතික්ෂේප කරමින් දින දහයක් එහි රැඳී සිටි ඔහු කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු බව 'හුනන්' රූපවාහිනි සේවය වාර්තා කළේය. ඉහත කී වාර්තාව පළ වී දිනකට පසු සැන්ග් නමැති තරුණිය 'හුනන්' රූපවාහිනී සේවය අමතා තිබේ. ඔහු සැබෑ ලෙස චීනයට පැමිණෙතැයි තමා විශ්වාස නොකළ බව ඇය එහිදී පවසා ඇත. 'එක දවසක් ඔහු එකපාරටම ගුවන් ටිකට් පතක ඡායාරූපයක් එව්වා. ඉන් පසු ඔහු මට කතා කළේ නැහැ' ඔහු ගුවන් තොටුපල වෙත ළඟා වන අවස්ථාවේ ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සඳහා තමා වෙනත් පළාතකට ගොස් සිටි බවත් එම අවස්ථාවේ සිය දුරකථනය ක්‍රියා විරහිත කොට තිබූ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ. කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඇලෙක්සැන්ඩර් පීටර් | විරහා වේදනාව නිසා හට ගත් කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කළ ඕලන්ද ජාතිකයකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇය ඒ බව කියා සිටියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රතිසංස්කරණ උදා කිරීම, ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියා න්‍යාය පත්‍රය අතින් ශ්‍රී ලංකාව ස්ථීර සාර පියවර ගනිමින් සිටින බව ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි එහිදී සඳහන් කළේය. 'ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් භාර මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් සමග සමීපව කටයුතු කිරීම අපි දැඩි ලෙස අගය කරනවා' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය, වසර එක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතිහාසයේ පැවති ඉහලම මට්ටමට ගෙන ඒමට දෙරට සමත් වී තිබෙනවා' මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් බදාදා උදෑසන විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමු වී සාකච්ඡා කොට තිබේ. | ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා ඉතිහාසයේ ශක්තිමත්ම අවදිය වර්තමානයේ දක්නට ලැබෙන අතර ප්රජාතන්ත්රවාදී සාරධර්මයන් අනුගමනය කරමින් දෙරට පොදු ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාත්මක වන බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක්' පසුගිය ඔක්තෝබර් 5 වැනිදා මාතර දී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව සිය විරෝධය පළ කිරීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි එම අදහස් පළ වුණේ. මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම නිසා කළ දේශපාලන පලි ගැනීමක් බව පවසන විපක්ෂ නායකවරයා කියා සිටියේ බලපිටියේ දී තමන්ටත් මහලේකම්වරයාටත් පහර දීමට උත්සාහ කළ පිරිස මෙලෙස අත්අඩංගුවට පත් නොවූ බවයි. | පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා දෙන සහාය පිළිබඳ ව ඉදිරි දින කිහිපයේ දී නැවත සලකා බැලීමට සිදු වී ඇති බව එම පක්ෂය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ විසි වසර තුල වකුගඩු රෝගයෙන් විසි දහසක් පමණ දෙනා මිය ගොස් ඇති අතර තවත් හාර ලක්ෂ පනස් දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිති. දේශීය විද්‍යාඥයින් පිරිසක් මෑතක දී තම පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත්තේ පමණ ඉක්මවා රසායනික පොහොර මෙන්ම කෘෂි රසායනික භාවිතා කිරීමේ හේතුවෙන් කැඩ්මියම් සහ ආර්සනික් පසට එක්වී ඇති බවයි. රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්වර්ණ හංස පදනම මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් කියා සිටින්නේ එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මීට වගකිවයුතු බවත් බහු ජාතික සමාගම් වලට ප්‍රචාරය ලබා දීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් පීඩාවට පත්වුවන්හට වන්දි ගෙවිය යුතු බවයි. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ චෝදනා අසත්‍ය බවත් තමන් කිසිවකුගේත් ව්‍යාපාරික අවශ්‍යතා වෙනු වෙන් පෙනී නොසිටින බවයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ අහිතකර රසායනික පොහොර සහ පළිබෝධ භාවිතා කිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව හැකි සෑම දෙයක්ම කරන බවයි. මීට මාස කීපයකට පෙර අහිතකර සේ සැලකෙන කෘෂි රසායනික තුන් වර්ගයක් ආනයනය කිරීම තහනම් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසීය. වකුගඩු රෝගයට බලපාන හේතුව තාමත් දැන ගන්නට නැති බවත් කඨින ජලය මීට හේතුවක් විය හැකි බව සැක කෙරෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පැතිරීම වකුගඩු රෝගය මුලින් උතුරු මැද පළාතේ පැතිරෙමින් තිබූ අතර දැන් දකුණු පලාතටත් වකුගඩු රෝගය පැතිරී යන බව වාර්තා වී තිබේ. ස්වර්ණ හංස පදනමේ ප්‍රධානියා කියා සිටින්නේ දකුණු පළාතේ එක් ගම්මානයක වෙසෙන මුළු පවුල් ගණනින් අඩක්ම, වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි. | දැනට පුරා අවුරුදු විස්සක කාලයක් තිස්සේ වකුගඩු රෝගයට ගොදුරු වන ගොවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි කතෝලික පියතුමෙකු වන ප්‍රවීන් මහේසන් සහ රුකී ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව තුළ හා විදේශයන් හි තද බල විවේචනයට ලක්වී තිබිණි. බලධාරීන් පවසා තිබුණේ වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ඔවුන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් සිටි අය බවයි පැවසෙන්නේ. 2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් බෙදුම් වාදී දෙමළ කොටි සංවිධානය පරාජය කෙරිණි. එම යුද්ධයේ අවසන් අදියරේ දී සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් මියගිය බවට චෝදනා මතුවුයේ ඉන් පසුවයි. අධිකරණයේ නියමයක් ප්‍රදේශයේ ජනතා ව නියෝජනය කරමින් බී බී සී යට කතා කළ පිරිස් සහ පොලීසිය විසින් සනාථ කළේ අඟහරුවාදා රාත්‍රියේ ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම නිදහස් කර ඇත්තේ අධිකරණය මගින් එලෙස නිදහස් කිරීමට නියම කිරීමෙන් පසු බවයි. වාර්ගික සමගියට හානිකර කටයුතු වල යෙදීම පිළිබඳව සැකපිට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පැය හතලිස් අටක කාලයක් රඳවාගෙන සිටි බවයි බලධාරීන් පවසන්නේ. එහෙත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් සහය දක්වන පිරිස් පවසන්නේ මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම මානව හිමිකම් ක්‍රියාධරයින් බවයි. පසුගිය සතිය තුලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් කිහිප දෙනෙකුම රඳවා තබා ගෙන සිටීම පිළිබඳව ඇමරිකාව දැඩි අවධානයක් යොමුකොට තිබුණි. මේ අතර බ්‍රහස්පතින්දා අත් අඩංගුවට පත් දේශපාලන අතුරුදහන්වීම වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලචන්ද්‍රන් තවමත් අත් අඩංගුවේ පසුවන්නීය. උතුරේ යුද්ධය නිමාවීමෙන් පසු ඇගේ පුත්‍රයා අතුරුදහන් වූ අතර ජයකුමාරි සහ ඇගේ දියණිය අතුරුදහන්වීම් පිලිබඳ ක්‍රියාධාරිනියන් ලෙස කටයුතු කරමින් සිටියහ. එහෙත් ශ්‍රී ලංකා රජය චෝදනා කරන්නේ දෙමළ කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන පුද්ගලයෙකුට ඇය නවාතැන් දී ඇති බවයි. | ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඉරිදා අත් අඩංගුවට ගත් මානව හිමිකම් පිලිබඳ ක්‍රියාධරයන් දෙදෙනා නිදහස් කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | එක නැවියෙකු අතුරුදහන්ව ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවැනි විශාල නෞකාවක ගින්නක් නිවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ ඉන්දියානු වෙරාලාරක්ෂක සේවයට පහසුකම් නොමැත. එබැවින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ අම්පාර සිට දකුණු වෙරළ තීරයේ හම්බන්තොට දක්වා බරපතල තර්ජනයකට ඇතිවිය හැකි බවට අනුමාන කෙරේ. "මෙය විශාල නෞකාවක් එය ගිනිගෙන එහි ඇති තෙල් මුහුදට මුදා හරිනු ලැබුවහොත් දැවැන්ත තෙල් කාන්දුවත් සමඟ කටයුතු කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාවට නැහැ.. එහෙත් අප එයින් ඇතිවියහැකි ආපදාවට සුදානම් වීමට අවශ්‍ය සියලුම පියවර ගන්නවා. ඒ සදහා අදාළ සියලුම පාර්ශව සමග හමුවක් හෙට උදැසන 8.30ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා," යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. ගිනිගත් නැව කුමක් ද? එම් ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond - Crude Oil Tanker) මූලාශ්‍ර: නාවික හමුදාව, marinetraffic.com නෞකාවේ ඇති බොරතෙල් හා ඩීසල් කාන්දු වුවහොත් ඇතිවිය හැකි විශාල ව්‍යසනයකට තනිව මුහුණ දීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනි ලහන්දපුර බීබීසී සිංහල සේවයට පැවසුවාය. "කාන්දුවක් ඇති උවහොත් මෙය මේ කලාපයේ ඇතිවූ විශාලම තෙල් කාන්දුව විය හැකියි, පරිසරයට ඉන් එල්ල වන බලපෑම අපට මනින්න බැහැ. ඒසදහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා." ඇය පැවසීය. තෙල් කාන්දුවක් ඇති වුවහොත් එය වෙරළ කරා ළඟාවීමට පැය තිහක පමණ කාලයක් ගතවන බව ගණන්බල ඇතැයි පැවසූ ඇය එහිදී ඉතා සංවේදී පරිසර කලාප ආරක්ෂාකරගැනීමට වැඩි අවධානයක් යොමු කරන බව කීය. හැකිනම් නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. "දැනටමත් ගැඹුරු මුහුදට නැව ඇදගෙන යන්න ටග් බෝට්ටු දෙකක් පිටත්කර යැවුවා." යැයි ඇය කියා සිටියාය. එහෙත් නාවික විශේෂඥයින්ට අනුව මෙවැනි විශාල නැවක් පවතින තත්ත්වය හමුවේ ගැඹුරු මුහුදට ඇදගෙන යාමට තරම් ශ්‍රී ලංකාවට පහසුකම් නොමැත. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දකුණු ආසියානු කලාපීය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය කෙරෙන බව සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සඳහන් කළාය. "බොරතෙල් කාන්දු වීම වැළැක්වීම සඳහා අපි දැනටමත් උපකරණ සහ අනෙකුත් සම්පත් සූදානම් කර ඇති අතර ඒවා වහාම හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරාය වෙත යැවීමට කටයුතු කළා." | ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් ගිනිගෙන ඇති තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නාවිකයින් 22 දෙනෙකු මුදාගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 2102-13 වසරවලදී 650 ක්ව තිබුණු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර 2016-17 වන විට 1448 ක් දක්වා වැඩි වී තිබුණු බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ (British Transport Police) සංඛ්‍යාලේඛනවල දැක්වේ. සාදයක් අවසානයේ යළි සිය නිවෙස වෙත යාම පිණිස දුම්රියට නැගුනු තරුණියකට එම දුම්රියේදී තරුණයන් දෙදෙනෙකු විසින් ලිංගික අතවර කළ අවස්ථාවක් පිළිබඳව මෑතදී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මේ තත්වය යටතේ බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරි වෙන් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරයෙක් යෝජනා කරයි. සබැඳි යොමු: එහෙත් ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස් විලියම්සන් (Chris Williamson) ගේ එම යෝජනාව පිළිබඳව මන්ත්‍රීවරියන්, කාන්තා හිමිකම් සංවිධාන සහ ඔහුගේ පක්ෂයේම දේශපාලනඥයන්ගෙන් පළ වී තිබෙන්නේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් සහ අවඥාවෙන් බැහැර කිරීමකි. පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික අතවර අවම කිරීම සහ කාන්තාවන් වෙනුවෙන් "සුරක්ෂිත ස්ථාන" නිර්මාණය කිරීම පිණිස එවැනි ක්‍රමයක් අත්හදා බැලිය හැකි බව, ගිණි නිවීම පිළිබඳ ඡායා අමාත්‍යවරයා වන ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාවය. ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" තමන් යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම එවැන්නක් ක්‍රියාත්මක කළ යුතුය යන්න නොව එවැනි වැඩපිළිවෙලක් පිළිබඳව ද ජනතා මතය විමසිය යුතුය යන්න බව ඔහු බීබීසී යට පැවසීය. ලිංගික අතවරවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම පිණිස ආරක්ෂක විධිවිධාන තර කළ යුතු අතරම ජනතාවගේ "හැසිරීමේ වෙනසක්" විය යුතු බව මන්ත්‍රීවරයාගේ මතයය. එහෙත් එය "මහා විකාර අදහසක්" බව පවසමින් ලේබර් පක්ෂයේ හිටපු ප්‍රවාහන ඇමති ඇඩෝනිස් සාමිවරයා එය බැහැර කර තිබේ. විශේෂයෙන්ම එවැනි වැඩපිළිවෙලක් තමන්ට "අපහාසයක්" ලෙසින් කාන්තාවන් සැලකීමට ඉඩ තිබෙන බව ඇඩෝනිස් සාමිවරයා බීබීසී යට පැවසීය. "මේ යෝජනාවෙන් කියන්නේ නොමනා විදියට හැසිරෙන පුරුෂයන් ඉතාම සුළු පිරිසක් නිසා කාන්තාවන් වෙන් කරපු මැදිරිවලට ගාල් කළ යුතුයි කියන එක," ඔහු පැවසීය. 'ඇය සුරැකි ගමනකද' ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ද 2015 දී එවැනි අදහසක් ඉදිරිපත් කළ නමුත් පසුව එය බැහැර කළේය. මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව ශ්‍රී ලංකාවේ ද කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිවේදනය කළේය. එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කළේය. මේ තත්වය යටතේ 'ඇය සුරැකි ගමනකද' මැයෙන් පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර අවම කිරීමේ වැඩපිළිවෙලක් කාන්තා කටයුතු අමාත්‍යාංශය, පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාවට නගා තිබේ. පොදු ප්‍රවාහන සේවාවලදීත්, මහා මගදීත්, වැඩපොළේදීත් තමන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද අනාවරණය කළහ. 'සවුදි අරාබියෙන් උදාහරණ එපා' කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ දුම්රිය මැදිරි කලක් බ්‍රිතාන්‍යයේ ද ක්‍රියාත්මක විය. "119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න" එය ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව 1977 දී තීරණය කෙරුණු අවස්තාව වන විට එවැනි මැදිරි 100 ක් පමණ ඉතිරිව තිබිණ. ජපානය, බ්‍රසීලය සහ මෙක්සිකෝව වැනි රටවල් මීට ඉහතදී එම අදහස අත්හදා බලා තිබේ. ක්‍රිස් විලියම්සන් මන්ත්‍රීවරයාගේ යෝජනාව පිළිබඳව ට්විටර් පණිවුඩයකින් ප්‍රතිචාරය පළ කරන ස්ටෙලා ක්‍රීසි (Stella Creasy) මන්ත්‍රීවරිය, සියලුම මගීන් වෙනුවෙන් දුම්රියවල සියලුම මැදිරි ආරක්ෂා සහිත වීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. "ප්රශ්නය තියෙන්නේ කාන්තාව අසුන් ගන්න විදියේ නොවෙයි, ලිංගික අතවර කරන පුද්ගලයන් ගැන බව අපි පැහැදිලි පණිවුඩයක් දිය යුතුයි," යනුවෙන් ද මන්ත්‍රීවරිය පවසන්නීය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව "සවුදි අරාබියෙන් උදාහරණ ගන්නේ නම්" එය "බරපතල වරදක්" බව තවත් මන්ත්‍රීවරියක වන ජේස ෆිලිප්ස් (Jess Phillips) පවසා තිබුණි. | බ්‍රිතාන්‍යයේ පොදු ප්‍රවාහන සේවාවලදී තරුණියන් ලිංගික අතවරවලට ලක්වීම ක්‍රමයෙන් ඉහල යමින් තිබෙන බව බලධාරීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මහින්ද රාජපක්ෂ, ගේඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව අපි පැමිණිලි කළා' මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි 'මහා පරිමාණ' දූෂණ චෝදනා එල්ලවූවන් පිළිබඳව සාක්ෂි සහිතව තමන් පැමිණිලි ඉදිරිපත් කොට තිබෙන බවයි, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින්. "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිරිස් පැමිණිලි කළා. දින සියයෙන් දින පනහකටත් ළං වෙන්න ආවා. නමුත් අදාළ පරීක්ෂණ තවම පවත්වා නෑ," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. 'යෝෂිත බබා රට' හිටපු ජනාධිපතිවරයාගේ කණිටු පුත් යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ අනෙක් නිලධාරීන්ට නොලැබුණු වරප්‍රසාද ලැබුණේ කෙසේද යන්න සොයා බලන මෙන් ඉල්ලමින් තමන් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. 'ඉන්දියාවෙන් කේපී ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප්‍රමාදයට හේතුව අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක්ද?' "ඉක්මනින් කමිටුවක් පත්කර විභාග කරන බව කිව්වා. ඒ ගැන පරීක්ෂණ කරන්න කමිටුව පත් කරලා තියෙන්දි 'යෝ බබා' රට යනවා. කවුද ඔහුට රටෙන් බැහැර දෙන්න ඉඩ දෙන්නේ. එක දවසක්වත් ඔහු කමිටුවට කැඳවා තිබුණේ නෑ," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එල්ටීටීඊ යේ හිටපු නායක කේපී හෙවත් කුමාරන් පද්මනාදන්ට එරෙහිව රාජපක්ෂ පරිපාලනය විසින්ම බරපතල චෝදනා එල්ල කොට තිබියදීත් ඔහුට විරුද්ධව පියවර ගැනීමෙන් වැලකී සිටින බව ජවිපෙ ආණ්ඩුවට එල්ල කරන තවත් චෝදනාවක්. "ඉන්දියාවෙන් කේපී ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප්‍රමාදයට හේතුව අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක්ද?" දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව 'පාරට බසින' බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. | හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ 'ගජ මිතුරන්' සම්බන්ධයෙන් කළ පැමිණිලි විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පවරා තිබේ රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වශයෙන් දිගටම රැඳී සිටියදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ නායකත්ව මණ්ඩලයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එමෙන්ම නිල බලයෙන් පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීරද නායකත්ව මණ්ඩලය පත් කරන ලද බව එජාපය නිවේදනය කරයි. මෙතෙක් පක්ෂ නායකයා සතුව තිබුණු බලතල 19 ක් නායකත්ව මණ්ඩලයට පැවරීමටද තීරණය කෙරිණ. එම තීරණයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇමතූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එය හඳුන්වා දුන්නේ 'ඓතිහාසික තීරණයක්' ලෙසින්. එහෙත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව තලතා අතුකෝරල සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවෙන් අනතුරුව නිවේදනය කොට තිබේ. | කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ නමුත්, නායකත්ව මණ්ඩලයට නම් කෙරුණු දෙදෙනෙකුම එයින් ඉල්ලා අස්වන බව මේ වනවිටත් නිවේදනය කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ බෝම්බයෙන් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව “කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඉල්ලන්නේ බොන්න වතුර ටික,” වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට එල්ලවූ හමුදා පහර දීම හෙලා දකිමින් පැවසූහ. ‘මාධ්‍ය හරහා වැරදි ප්රවෘත්ති ලබා දුන්නත් ගෙන් ගෙට ගොස් සත්‍යය හෙළිදරව් කිරීමට තමා සුදානම් බවයි’ තෙරිපැහැ සිරිධම්ම හිමියන් සංදේශයට කියා සිටියේ. ඇත්ත ඇති සැටියෙන් ‘ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ලබා දෙන්න. කිසිදු දේශපාලන හස්තයක් අප පසු පස නැහැ.’ යම් යම් විසඳුම් ලබා දුන් බව පුවත් පත්වල සඳහන් වන නමුත් ඒවා ක්‍රියාත්මක වී නැති බවයි තෙරිපැහැ සිරිධම්ම හිමියන් කියා සිටියේ. වතුර ටැංකි කිහිපයක් ලබා දී ඇති නමුත් පරිභෝජනය සඳහා සුදුසු ජලය එහි නොමැති නිසා පානය සඳහා වතුර බෝතල් මිලදී ගැනීමට ජනතාවට සිදුවී ඇති බවද තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියා සිටියහ. | බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ බෝම්බයෙන් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව ගල්ඔලුව ශ්‍රී ජම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය පැය 24 තුලදී මෙසේ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ105 දෙනකු පොලීසිය සහ නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. ඕස්ට්‍රේලියාවේ දී මෙසේ පැමිණෙන පුද්ගලයන්ට විශේෂ සැලකිලි නැති බවත්, රැකියා අවස්ථා නොමැති බවත් පවසමින් ඕස්ට්‍රේලියානු රජය විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට එහි නොපැමිණෙන ලෙසට දන්වා සිටී. යාපනය, කිලිනොච්චි,වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 44 දෙනකු කළුතර, කළුවාමෝදර දී අද (සිකුරාදා) අලුයම අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. දෙමළ ජාතිකයන් වන මේ පිරිස අතරේ කාන්තාවන් පස් දෙනක් සහ ළමුන් හතර දෙනකුද සිටින බවයි පොලීසිය පවසන්නේ. තවත් 61 දෙනකු බෝට්ටුවක ගමන් කරමින් සිටියදී වාකරේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ. මේ අය අතරින් එක් සිංහල ජාතිකයකු හැර සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර, කාන්තාවන් අට දෙනකු සහ දරුවන් දහ දෙනකුද සිටින බව පොලීසිය පැවසුවේය. මේ අතර, පසුගිය දින කිහිපය තුල ඕස්ට්‍රේලියාවට දේශපාලන රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකන් අතරින් 38 දෙනෙක් ඊයේ බ්‍රහස්පතින්දා පෙරලා පැමිණියහ. මෙයින් කිහිප දෙනෙකු ස්වකැමැත්තෙන් පැමිණියත් බොහෝ දෙනා ඔවුනගේ කැමැත්ත නොසලකමින් බලහත්කාරයෙන් පිටමන් කොට ඇති බවට යි වාර්තා වී තිබෙන්නේ. මේ අනුව පසුගිය මාස කිහිපය තුල යලි පැමිණි පිරිස දහසක් ඉක්මවන බව ගණන් බලා තිබේ. මෙලෙස බලහත්කාරයෙන් සරණාගතයන් යළි පිටත් කිරීමේදී ඔවුන් පිලිබඳ විධිමත් වග විභාගයක් සිදු නොකිරීමෙන් මෙම පිරිස් අනතුරට පත් කෙරෙන බවට මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කර සිටී. එරට බලධාරීන් ශ්‍රී ලාංකික සරණාගත පිරිස් වෙනුවෙන් ක්‍රියාත්මක කරවන නව, කඩිනම් ක්‍රියා පිළිවෙත තුල සැබෑ ලෙස රැකවරණ ලැබිය යුතු පුද්ගලයනට නීතිමය උපදෙස් ලබා ගැනීමේ අවස්ථා මෙන්ම අභියාචනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩද අහිමිවී ඇති බවටයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම චෝදනා එල්ල කරන්නේ. | ජාවාරම්කරුවන් විසින් සපයනු ලබන බෝට්ටු හා නැව් මගින් ඕස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ නොකරන ලෙසට ඕස්ට්‍රේලියානු රජය කරන නිවේදන නොතකා එහි යාමට උත්සාහ ගත් තවත් පිරිසක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සුත්ත නිපාතයේ වසල සූත්‍රයේ සඳහන්වන පරිදි බුදුන් දේශනා කළ ඉහත ගාථාවේ අර්ථය "උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ තමන් කරන ක්‍රියා අනුව පමණක්" බවය. බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව පැවති බව පැවසෙන කුල භේදය සුණු විසුණු කර දැමීමට මෙම ආකල්පය ඉවහල් වූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. සුනීත, සෝපාක වැනි පීඩිතයන්ට සිය සංඝ සමාජයේ සම තැන් දෙමින් ගෞතම බුදුන් වහන්සේ එය ප්‍රායෝගිකව සනාථ කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. "බුදු දහම තුළ කිසි ම භේදයකට ඉඩක් නැහැ. ජාති, කුල ආදී විවිධ භේද උන් වහන්සේ දැඩිව ප්‍රතික්ෂේප කළා. බුද්ධ දර්ශනයට අනුව එක ම භේදයයි තියෙන්නේ. එය බෙදෙන්නේ ක්‍රියාව අනුව," බීබීසී සිංහල සේවය සමග මෙසේ පැහැදිලි කළේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහය. ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ ඇය පැහැදිලි කළ පරිදි බෞද්ධ දර්ශනය අනුව මිනිසා බෙදෙන කොටස් දෙකකි. ඒ, "මෙහිදී කුසල කර්ම කරන්නන් උසස් අය ලෙසත් අකුසල කර්ම කරන්නන් පහත් අය ලෙසත් බෙදෙනවා. හැබැයි එය මනස මූලික කර ගන්නා දෙයක්. යමෙක් අප්රසිද්ධියේ අකුසල කර්මවල යෙදෙමින් ප්‍රසිද්ධියේ කුසල කර්ම කරන බව පෙන්වීමෙන් උසස් කෙනෙක් වෙන්න බැහැ," ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ සඳහන් කළාය. මේ අතර, ධනය මත පදනම්ව සිදු වන බෙදීම් උත්සහය මත වෙනස් කර ගත හැකි බව ද බුදුන් වහන්සේ දේශනා කර තිබේ. "දීඝ නිකායේ සඳහන් වෙනවා උත්සහය මත දාසයෙකුට රජ කෙනෙකු වීමටත් අවස්ථාව තියෙන බව. ඒ වගේ ම රජෙක් දාසයෙකු බවට පත් වෙන්නත් පුළුවන්," ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පැහැදිලි කළාය. "හැබැයි මානව සමාජයේ තියෙන කුල ආදී කිසිදු බෙදීමක් බෞද්ධ දර්ශනයෙන් අනුමත කරන්නේ නැහැ. බෞද්ධ දර්ශනය එවැනි බෙදීම් සියල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි, බෞද්ධ දර්ශනයේ සබ්බේ සත්තා (සියලු සත්ත්වයෝ) කියන හැඳින්වීම භාවිත කරන්නේ. ඒ අනුව, සියලු දෙනා ම එකයි." ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ එසේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජය තුළ ඇතැයි පැවසෙන කුල භේදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මතුව ඇති සංවාදය පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අදහස් පළ වන්නට වූයේ, ත්‍රිපිටකය ජනගත කිරීම පිණිස පසුගිය දා පැවති උත්සවයකදී සංඝයා වහන්සේ පිරිසකට ආසන පනවා තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් කේන්ද්‍ර කර ගනිමිනි. විවිධ භේද ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මානව සමාජයේ පමණක් නොව බෞද්ධ සමාජයේ පැවති කුල භේදයන්ට ද දැඩි ලෙස අභියෝග කළ හිමි නමකි. උන් වහන්සේ, එවක කුල භේද නිසා පීඩාවට පත්ව සිටි විවිධ ජන කොටස් සොයා ගොස් ඔවුන්ට බණ දේශනා කරමින් පිහිට වූහ. උන් වහන්සේ 1932 වසරේදී පමණ ලියන ලද ලිපි එකතුවක් වන (පසු කලෙක එය මුද්‍රණය කෙරිණි) 'සත්යෝදය' නමැති ග්රන්ථයෙහි කුල භේදය දැඩි ලෙස විවේචනය කර තිබේ. පූජ්‍ය වල්පොළ රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බෞද්ධ දර්ශනය තුළ කුල භේදයට ඇති තැන සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග මෙසේ අදහස් දැක්වූහ. "මිනිස් සමාජය වත්කම්, දේපොළ ආදී කරුණු පදනම් කරගෙන බෙදීම්වලට යනවා. වෘත්තිය අනුව බෙදෙනවා. ඒ බෙදීම් මත උසස් පහත් ලෙස බෙදී සිටිනවා," එහිමියෝ සඳහන් කළහ. තවත් කියවන්න: ආචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි මානව සමාජයේ පවතින එම බෙදීම්වලට සංඝ සමාජයේ ඉඩක් තිබේ ද? "උසස් පහත් විදිහට බෙදිලා තිබුණ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තමයි බුදුන් වහන්සේ භික්ෂු සමාජය ගොඩ නැගුවේ. විවිධ බෙදීම්වලට ලක් වෙලා තිබුණ ගිහි සමාජයට ආදර්ශයක් සපයන්නයි උන් වහන්සේ කිසිදු භේදයක් නැති සංඝ සමාජය නිර්මාණය කළේ," පූජ්‍ය ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ. එහිමියන් සඳහන් කළේ, කිසිදු ආකාරයකින් උපත මත උසස් හෝ පහත් යනුවෙන් බෙදීමක් බෞද්ධ දර්ශනයට අනුකූල නොවන බවය. "සංඝ සමාජය, ගිහි සමාජයට ආදර්ශයක් විය යුතුයි. ගිහි සමාජයේ තියෙන අනිසි බෙදීම් සංඝ සමාජය තුළ පවත්වාගෙන යනවා නම් ඒක බුදු දහමේ අරමුණෙන් පිට පැනීමක්," පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ. බුදු සසුන සහ මහා සාගරය බුදුන් වහන්සේ බෞද්ධ ශාසනය සමාන කර ඇත්තේ, මහා සාගරයටය. මහාචාර්ය උදය මැද්දේගම "බුදුන් වහන්සේ බුද්ධ ශාසනය සාගරයට සමාන කළේ, ගැඹුරු අර්ථයක් ඇතිවයි. සාගරයට විවිධ තැන්වල ඉඳන්, ඇළදොළ, ගංගාවලින් විවිධ ආකාරයෙන් ජලය ගලාගෙන එනවා. ඒ ජලයේ කසළත් තියෙනවා. හැබැයි ඒ ජල කොහෙන් කොහොම ආවත් සාගරයට එකතු වුණාට පස්සේ ඔක්කොම එක ම සාගරයක්. ඒ වගේ තමයි බුද්ධ ශාසනය," එලෙස පැහැදිලි කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය උදය මැද්දේගමය. "බුද්ධ ශාසනයට ඕන ම කුලයක කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. එකතු වුණාට පස්සේ කිසි භේදයක් තියෙන්න බෑ," ඔහු පෙන්වා දුන්නේ, "බුදු දහම තුළ කුල භේදයට කිසි ම ඉඩක් නැහැ. බුදු දහම තුළ කුලය හෝ වෙනත් කරුණු මත උසස් හෝ පහත් කිරීම බුදුන් වහන්සේ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා," යනුවෙනි. 'ශ්‍රී ලංකා සංඝ සමාජයේ භේද' ආරම්භ වූයේ කෙසේ ද? ශ්‍රී ලංකා සංඝ සමාජය තුළ විවිධ බෙදීම් ඇති වීමට කරුණු කිහිපයක් බලපා ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ. නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ "බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා දේශනා කළේ, ශාසනයේ නායකත්වය ධර්ම විනය මත පදනම් වන බව. ඒත් පසුකාලීනව ථෙරවාද සහ මහායාන වශයෙන් බෙදීම් සිදු වුණා. ලංකාවට ථෙරවාද බුදු දහම ආවත් ක්‍රි.ව. 1 වන සියවසේ විතර මහායාන බලපෑම් ඇති වුණා. ඊට පස්සේ අභයගිරිය සහ මහා විහාරය යනුවෙන් බෙදුණා." පසුකාලීනව විවිධ හේතු නිසා ක්‍රමයෙන් පිරිහීමට ලක් වූ බුදු දහම මහනුවර යුගයේදී දරුණු ලෙස කඩා වැටීමෙන් පසු පූජ්‍ය වැලිවිටි සරණංකර හිමියන්ගේ මැදහත් වීමෙන් යළි උපසම්පදාව ආරම්භ කර තිබේ. "පරිහානියෙන් පස්සේ මුල් කාලයේ පැවිදි වුණ ඇතැම් පහත් කුලවලට අයත් යැයි සලකුණු පුද්ගලයින් පැවිදි වුණාට පස්සෙත් රජ්ජුරුවන් ඉදිරියේ වැඳ වැටිලා තියෙනවා. ඒ නිසා රජ්ජුරුවෝ නීතියක් පනවලා තියෙනවා 'පහත් කුලවල' අය පැවිදි කරන්න එපා කියලා. ඊට පස්සේ තමයි සියම්, අමරපුර, රාමාඤ්ඤ වගේ විවිධ නිකායයන්වලට බෙදුණේ," පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ පැවසූහ. "විවිධ සමාජ කරුණු හේතු වෙන්න පුළුවන් මේ තත්ත්වය ඇති වෙන්න. ඒත් මේ කිසි ම භේදයක් බෞද්ධ දර්ශනයට අනුකූල නැහැ," පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ වැඩිදුරටත් සඳහන් කළාය. කියවන්න: | "න ජජ්ඣා වසලෝ හෝතී න ජජ්ඣා හෝතී බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝතී කම්මනා හෝතී බ්‍රාහ්මණෝ" (වසල සූත්‍රය - සුත්ත නිපාතය) |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අනතුරෙන් මියගිය සිය ඥාතීන්, හිතවතුන් වෙනුවෙන් වැලපෙන පිරිස් රාවණා රජුගේ විශාල අනුරුවකට ගිනි තබමින් සිදු කරන මෙම හින්දු උත්සවය පැවැත්වුනේ උතුරු ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේය. උත්සවයට සහභාගි වූ පිරිසට තමන් දෙසට ධාවනය වන දුම්රිය පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් සිදු කර නැත. රාවණා අනුරුවට ගිනි තැබීමත් සමග දැඩි ශබ්දයක් නංවමින් රතිඤ්ඤා පිපිරුණ අතර, සුළු පිරිසකට පමණක් දුම්රිය පැමිණෙන ශබ්දය ඇසී තිබේ. වේගයෙන් පැමිණි දුම්රිය මග හැර මාර්ගයෙන් ඉවත් වීමට නොහැකි වූ බොහෝ පිරිසක් මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. රාමා, සීතා සහ ශ්‍රී ලංකාවේ රාවණා රජු වටා ගොඩනැගී ඇති 'රාමායණය' ග්රන්ථයට අනුව රාවණා රජු දුෂ්ට චරිතයක් ලෙසින් සැලකෙන අතර ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල රාවණා රජු සැලකෙන්නේ යක්ෂයෙකු ලෙසිනි. ශ්‍රී ලංකාවේ සමහරු ඔහු දේවත්වයෙන් අදහති. රාමා, රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන ද පැවැත්වේ. හින්දු ඇදහීමට අනුව මෙයින් සංකේතවත් වන්නේ සියලු අනර්ථයන් පරදා යහපත් දේ ජයගැනීමය. රාම රාවණා සටනේ අවසාන දිනය සනිටුහන් කරමින් සමරන 'දුසේරා' උත්සවයේ දී රාවණාගේ විශාල අනුරුවක් ගිනිබත් කරමින්, තවත් ගිනි කෙලි සංදර්ශන පැවැත්වීමට කටයුතු කරයි අම්රිත්සාර් නුවර දුම්රිය අනතුරෙන් පසු, සමහර පුද්ගලයන් දුම්රිය මාර්ගය සහ අසල පිහිටි ලඳු කැලෑවල සිය ජංගම දුරකතනයෙන් විහිදෙන එළියෙන් තමන්ගේ ආදරණීයන් සෙවීමට උත්සහ ගත් ආකාරය ගැන සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු විස්තර කළේය. දුම්රියේ ගැටී මියයාමට මොහොතකට පෙර එක් පුද්ගලයෙකු තමන් අත සිටි ළදරුවා ඉවතට විසි කරනවාත් සමගම අසල සිටි කාන්තාවක් දරුවා අල්ලා ගෙන ඇති බව 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා (The Times of India) පුවත්පත වාර්තා කර තිබිණි. "උත්සවයක් වෙන්න තිබුණ අවස්ථාවක් මහ භයානක දර්ශනයකට පෙරළුණා. හැම තැනම ලේ වැගිරිලා තිබුණා. ශරීර කොටස් විසිරිලා තිබුණා," යැයි මෙම අනතුරෙන් දිවි ගලවාගත් මන්ජිත් සිං බීබීසී පන්ජාබි භාෂා සේවයට පැවසීය. මේ තොරතුරුද කියවන්න: මෙම අනතුරට වගකිව යුත්තේ කවුද? ඉන්දීය පොලිසිය මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් ලියාපදිංචි කරගෙන ඇතත්, එය "නම් කර නොමැති" පුද්ගලයන්ට එරෙහිව සටහන් කර ගන්නා ලද්දක් ලෙස වාර්තා වේ. එම පැමිණිල්ලේ අනතුරට වගකිව යුතු පාර්ශවයක් ගැන පැහැදිලිව දක්වා නොමැත. මෙම උත්සවය තිබූ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය පිහිටා තිබුණේ විශාල වගා බිමක් මධ්‍යයේය. දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි. ගිනිකෙළි සංදර්ශනය වඩාත් හොඳින් දර්ශනය වූයේ දුම්රිය මාර්ගයේ සිට නැරඹූ විටය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ සිටින පිරිස දෙසට හරවා විශාල LED තිර සවි කිරීමට සංවිධායකයෝ කටයුතු කර තිබූහ. මෙයින් හැඟී යන්නේ වගා බිමෙන් ඉවත සිටින මිනිසුන් ද ගිනිකෙළි සංදර්ශනය නැරඹීමට ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බවය. දුම්රිය මාර්ගය තරමක් උස්ව පිහිටා තිබූ අතර, කෙටි තාප්පයකින් භූමියේ මායිම් සලකුණු කර තිබිණි "මිනිස්සු රේල් පාරේ ඉඳගෙන උත්සවයේ අවස්ථා වීඩියෝ කරමින් සිටියා," ප්‍රාන්තයේ නීති සම්පාදකයෙකු වශයෙන් සේවය කළ ආචාර්ය නවුජොත් කවුර් බීබීසී පන්ජාබි සේවයට පැවසුවේය. ඔහු උත්සවයට සහභාගි වී අනතුර සිදු වීමට පෙර ඉන් පිටත්ව ගොස් ඇත. "සංවිධායකයෝ මේ වගේ උත්සවවලට අදාළ දුම්රිය සේවා ආයතනවලින් අවසර ගන්නවා. මේ දුම්රිය එන්න ඇත්තේ ඉතා හෙමින්. එය නවත්වා ගන්න තිබුණා, නැත්නම් රියදුරාට කීපවතාවක් නලාව ශබ්ද කරන්න තිබුණා මිනිසුන්ට මාර්ගයෙන් ඉවත් වෙන්න." දුම්රිය නිලධාරීන් එරට මාධ්‍ය වෙත පැවසුවේ, අනතුර සිදුවන වෙලාවේ දී දැඩි අඳුරක් සහ මීදුමක් පැවති බවය. එමෙන්ම, දුම්රිය මාර්ගයේ තිබූ වංගුවක් පසු කරනවාත් සමගම මෙම පිරිස රැඳී සිටිය නිසා අනතුර වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ඔවුහු තවදුරටත් පැවසූහ. විශාල වශයෙන් සංසරණය වූ මෙම උත්සවයේ එක් වීඩියෝවක දැක්වෙන පරිදි සංවිධායක මණ්ඩලයේ එක් සාමාජිකයෙකු ආචාර්ය නවුජොත් කවුර්ට පැවසුවේ, "මේ රේල් පාරේ 5,000ක් විතර සෙනග හිටගෙන ඉන්නවා. ඒ අය දුම්රිය ගැන කරදර වෙන්නේ නැහැ. දුම්රිය 500ක් මෙතනින් ගියත් ගණන් ගන්නේ නැහැ," යනුවෙනි. අනතුරෙන් මියගිය අය වෙනුවෙන් වැලපෙන්නෝ පොලිසිය මෙම උත්සවය සඳහා නිසි අවසර ලබා දී ඇතත්, පොදු උත්සවයක් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨාධිකරණ රීති පිළිපැදීමට සංවිධායකයන්ට පැවසූ බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් කමල්දීප් සිං සංගා බීබීසී පන්ජාබි සේවයට පැවසීය. එම රීතිවලට අනුව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේදී ගිනි නිවන හමුදාවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද අවසර ගත යුතුය. නමුත් සංවිධායකයෝ සිය දෙපාර්තමේන්තුවලින් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බව නිලධාරියෝ බීබීසී පන්ජාබි සේවයට පැවසූහ. නමුත් වසර ගණනාවක සිට පවත්වන මෙම උත්සවයට දේශපාලඥයෝද සහභාගී වන නිසා මෙහි ආරක්ෂාව පිළිබඳ අදාළ නිලධාරියෝ දැනුවත් බව අනතුරෙන් දිවිගලවාගත් පිරිස පවසති. තවත් තොරතුරු: | පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 19) ඉන්දියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගි වෙමින් සිටි පිරිසක් දුම්රියක ගැටීමෙන් දරුවන් ඇතුළු 58 දෙනෙක් මිය ගියහ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හෘදයේ වේදනාවක් හට ගත් විට රෝහල් කරා ඇදී යන වැඩි පිරිසකට එමගින් පහසුවෙන් තම රෝගී තත්වය කලින් නිශ්චය කර ගැනීමට හැකි වෙයි. මෙම නව පරීක්ෂණය සොයා ගෙන ඇත්තේ ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් විසින්. නව ක්‍රමය සොයා ගෙන ඇත්තේ දැනට භාවිතයේ පවතින ලේ පරීක්ෂණයක් ඉතා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන්. හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාවේ දී ලේ වල ඉහල මට්ටමකින් පවතින ට්‍රොපොනින්(troponin) නමැති ප්‍රෝටීන කලින් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණය මගින් හැකියාව ලැබේ. ට්‍රොපොනින් යනු හෘදයාබාධයක් ඇති වීමෙන් පසු පිට කෙරෙන රසායනියක්. නව පරීක්ෂණය මගින් ට්‍රොපොනින් ප්‍රමාණය සොයා බලෙන අතර එය අඩු මට්ටමක පවතින්නේ නම් පරීක්ෂණ සිදු කළ යුත්තේ එක වරක් පමණි. මෙය ඉතා සියුම් පරීක්ෂණයක් වන අතර අඩු අවදානමක් පවතින රෝගීන් හඳුනා ගෙන ඔවුන් ඉතා ඉක්මනින් රෝහල් වලින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. ලාන්සට් (Lancet) වෛද්‍ය සඟරාවේ තම සොයා ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය කරන විද්‍යාඥයන් සඳහන් කළේ නව පරීක්ෂණය මගින් අනවශ්‍ය ලෙස රොගීන් රෝහල් වලට ඇතුළත් කිරීම අඩු කළ හැකි බවත් සෞඛ්‍ය සේවා සපයන්නට සැලකිය යුතු ලෙස වියදම් කපා හැරීමටද හැකියාව ලැබෙන බවයි. | හෘදයේ හට ගන්නා වේදනාව ඇතිවන්නේ හෘදයාබාධයක් හෙතුවෙන්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ජනපතිවරණයට පෙරාතුව ජාතිය අමතා අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතු බවත් සඳහන් කළේය. සබ්මැරීනවල සිට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා සිය දේශනයේදී හෙළි කළේය. රුසියාව සතුව තිබෙන න්‍යෂ්ඨික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දැක්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. න්‍යෂ්ඨික නිරවිකරණ වැඩසටහන උල්ලංඝනය කරන බවට රුසියාව මීට ඉහතදී එක්සත් ජනපදයට චෝදනා කර තිබේ. සිව් වැනි වරටත් ජනාධිපති පදවියට පත්වීම සඳහා ව්ලදිමීර් පූතින් තවත් දින 17කින් පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියි. ජනපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කෙරේ. රුසියාව සතු මිසයිල පිළිබඳව වීඩියෝ උපුටා දක්වමින් පැහැදිළි කළ ජනාධිපතිවරයා, එහිදී ප්‍රදර්ශනය කළ එක කෘස් මිසයිලයකට "ලෝකයේ ඕනෑම තැනකට ලඟාවිය හැකි" බවත් සඳහන් කළේය. එමෙන්ම යුරෝපයේ හෝ ආසියාවේ පිහිටි කිසිදු මිසයිල නාශක පද්ධතියකට එය නැවැත්විය නොහැකි බවත් ජනාධිපති පූතින් අවධාරණය කළේය. විපක්ෂ නායකයාට ඡන්දය තහනම් මාර්තු 18 වෙනි දින පැවැත්වෙන ජනපතිවරණයේදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් හත් දෙනෙක් තරග වදින නමුත්, ඒ කිසිවෙකුටත් ප්‍රබල ජනතා සහයෝගයක් නැත. බදාදා (පෙබරවාරි 28) අනෙක් අපේක්ෂකයන් සමග පැවති පැවති රූපවාහිනී විවාදයට ජනාධිපතිවරයා සහභාගී නොවූ අතර, විරුද්ධ පක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයාවන අලෙක්සේයි නවාල්නිට මැතිවරණයට තරග වැදීම තහනම්ය. ජනපතිවරණය වර්ජනය කරන මෙන් ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වනතුරු මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් දියත් නොකළ ජනාධිපති පූතින්, ඉදිරි වසර හය සඳහා සිය සැලසුම් පිළිබඳවත් කිසිවක් සඳහන් කොට නැත. තවත් කියවන්න: | ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මේක අපි ශ්‍රී ලංකාවාසී සැමටත් ක්‍රිකට් ලෝලීන් සැමටත් විශේෂ දවසක්' ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ වෙතත් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවක් පසුව හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ තමා සතුටට පත් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු සඳහන් කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තවත් සිටින බවයි ඔහු පවසන්නේ. මුරලි සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ අතර සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී මාවන් අතපත්තු කියා සිටියේ මුත්තයියා මුරලිදරන් වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පුහුණු කටයුතු කිරීමේ වරදක් තමන් නොදකින බවයි. 'ඔහු පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා නම්, ඔහු මුළු ලෝකයටම සේවය සැපයීමට සූදානම්ව සිටිය යුතුයි. එක කණ්ඩායමකට පමණක් සීමා වී තමන්ගේ වෘත්තීය ඉදිරියට ගෙන යන්න ඔහුට බැහැ' මාවන් අතපත්තු පැවසීය. 'යමි කිසි කෙනෙක් මුරලිගෙන් ඕනෑම ආකාරයේ උදව්වක් ඉල්ලුවොත්, කරන්න පුළුවන් දෙයක් නම් ඔහු ඒක කරනවා. කරන්න බැරි දෙයක් වුනත් කරන්න උත්සාහ කරනවා. මටත් එවැනි අත්දැකීම් තියෙනවා. මුරලි කියන්නේ ඒවගේ චරිතයක්.' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු වැඩිදුරටත් කියා සිටියේය. | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු සහ ඔහුගේ ක්‍රීඩා සගයෙකු වශයෙන් ආඩම්බරයට පත් වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ' හිටපු ජනාධිපතිනිය ඒ බව කියා සිටියේ, ඇය නායකත්වය දරන ආසියාතික ප්‍රතිපත්ති සහ අධ්‍යයන කේන්ද්‍රයේ රැස්වීමක් අවසානයේ ඒ පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ. "අනිත් අය ඉල්ලීම් කරනවා හැබැයි මගේ එහෙම කිසිම අදහසක් නෑ," බවයි, ඇය පවසන්නේ. මෙතෙක් එවැනි අදහසක් නැතත්, අනාගතයේ එම තීරණය වෙනස් වනු අත් දැයි මාධ්‍යවේදියා කළ විමසුමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, "හොඳ බෞද්ධයෙක් විදියට අහල තියෙනවනේ හැමදේම වෙනස් වෙනවා කියල මොහොතින් මොහොතට. ඉතින් ඒක කියන්න බෑ, දැනට එහෙම අදහසක් නැති," බවයි. දෙවරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව යලිත් වතාවක් ජනාධිපති පදවියට ඉදිරිපත් වීම වලක්වන විධිවිධාන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුණු අතර, එළැඹෙන ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. | යලිත් වතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඡන්දය සම්බන්ධයෙන් පැතිර යමින් ඇති කටකතා වලට නො රැවටෙන ලෙසයි කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ. ඡන්ද දායකයකු නොවන දේශපාලනඥයන්ට හෝ වෙනත් බලවතකුට කිසිසේත්ම ඡන්ද මධ්‍යස්ථාන වලට ඇතුළු වීමට අවසර නැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය. මැතිවරණය සඳහා යුද හමුදාව යොදවන ලෙසට තමා මේ වන තෙක් කිසිදු ඉල්ලීමක් කර නැති බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තවදුරටත් කියා සිටියේය. | නිල ඡන්ද පත්‍රිකාවක් නැතිව වුනත් ඡන්දය පාවිච්චි කල හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද කොළඹ පැවැත්වුන ප්රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුලේ පාලනය, වගකීම වැඩි වශයෙන් උසුලන්නේ කාන්තාවන්ය. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනා රැකියාවක නිරත වන අතරම ගෘහණියක ලෙස ද සිය වගකීම් සියල්ල ඉටු කරනු දැකිය හැකිය. වර්තමාන දේශපාලන ක්‍රියාවලිය සහ මැතිවරණ, ජනාධිපතිවරණ ගැන දැනුමක් ඇතත්, දේශපාලන සංවාද, ලිපි සහ රූපවාහිනිය, යූ ටියුබ් ඔස්සේ විකාශනය වන වැඩසටහන් නැරඹීමට පුරුෂයන්ට සාපේක්ෂව බොහෝ කාන්තාවන්ට ඇත්තේ අතිශය සීමිත කාලයක් බව අදහස් පළ කළ කාන්තාවන් අතරින් බහුතරය පැවසූහ. මීළඟ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යැයි නිවසේ වැඩ කටයුතු කරන අතරම, රැකියාවක ද නිරත වන කාන්තාවන් පස් දෙනෙකුගෙන් විමසීමි. විවිධ පිළිතුරු ලැබුණද ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු වන එක් කාරණයක් ඇත. ඒ තම පවුලේ යහපත ය. පවුලේ පාලනය, වගකීම වැඩි වශයෙන් උසුලන්නේ කාන්තාවන්ය. ශ්‍රියානි ගුණරත්න - රථ වාහන පාලිකා "මට ලොකු දේශපාලනික දැනුමක් නැහැ. හැබැයි අට ශ්‍රේණිය වෙනකම් ඉගෙනගෙන රස්සාවක් කරනවා. පවුලේ සම්පූර්ණ බර අදින්නේ මම. මට සම්පූර්ණ ආබාධිත දුවෙකුත් ඉන්නවා," රථ වාහන පාලිකාවක ලෙස පිටකොටුවේ රැකියාවක නිරතවන ශ්‍රියානි ගුණරත්න බණ්ඩා බීබීසී සිංහල සේවයට පැවසීය. පිටකොටුව ප්‍රදේශයේ දී නිතර හමුවන ඇය, සිනහ මුසු මුහුණින් සිය රාජකාරිය ඉටු කරණු දැකිය හැකි වුවත්, දිවි ගමන සරි කරගැනීමට මහත් වෙහෙසක් දරන්නීය. තව නොබෝ දිනකින් තේරී පත්වන රාජ්‍යය නායකයාගෙන් පවුල් බර උසුලන කාන්තාවක් ලෙස බලාපොරොත්තු වන්නේ කුමක් දැයි ඇයගෙන් ඇසූ පැනයට ඇගේ පිළිතුර මෙසේ විය. "මම මේ ගෙන්දගම් පොළොවේ මහා අමාරුකාර මිනිස්සු එක්ක ජීවත් වෙන කෙනක්. අවුරුදු 21ක් මේ රස්සාව කරනවා. මගේ දුවට ඇවිදින්න කතා කරන්න බැහැ. තව අසනීප ගොඩක් තියෙනවා. එයාට බෙහෙත් ගන්න මාසයකට ලොකු වියදමක් යනවා. මගේ මහත්තයා මේ දුව නිසාම අපිව දාලා ගියා." "අපි ජීවත් වෙන්නේ කැලණිය පැත්තේ පොඩි ගෙයක. මම වැඩට එනකොට දුව ගෙදර ඉන්නේ තනියම. එයාට දැන් 35ක් වයස. ටික කාලයක් විශේෂ අධ්‍යාපනයක් ලැබුවා. නමුත් දැන් කිසිදෙයකට වයස වැඩියි. අපි වගේ දුප්පත් මිනිස්සු මේ වගේ රටක ආබාධිත වෙනවා කියන්නේම කරුමයක්. මේ වෙනකොට තුන්පාරක් එයාට මිනිස්සු කරදර කරන්න හැදුවා." පිටකොටුවේ දර්ශනයක් "එක එක දේශපාලකයන්ගේ බොරු පොරොන්දු දහස් ගණනකට අපි රැවටිලා තියෙනවා. රටේ ප්‍රශ්න වගේම අපේ ප්‍රශ්නත් තවම එහෙමම තියෙද්දී ඒ සේරම සල්ලි හම්බකරගෙන. ආබාධිත අයට මේ රටේ මොනවාද තියෙන්නේ? පොඩි කාලේ යමක් ලැබෙනවා. නමුත් වයස යනකොට කිසිම පිළිසරණක් නැහැ." "දියුණු රටවල ආබාධිත අයට ලැබෙන සැලකිල්ල ගැන මම අහලා තිබෙනවා. එච්චර ඕනේ නැහැ. අඩු ගානේ මේ වගේ වැඩිහිටි දරුවන් බලාකියා ගන්න ක්‍රමයක් ලැබෙනවානම් ඇති. මොන ජනාධිපති ආවත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ස්ථීර උදව්වක් කරළා නැහැ," සිතෙහි ඇති කලකිරීම ඇය ඉතා වේගයෙන් වචන බවට පෙරළුවාය. ශීලා ෆොන්සේකා - රජයේ ආයතනයක හිටපු ප්‍රධාන ගණකාධිකාරි ගෘහණියන් දෙවර්ගයක් ගැන පැහැදිලි කළ ශීලා ෆොන්සේකා, මේ සියල්ලන්ම සිය රටේ නායකයාගෙන් බලාපොරොත්තු වන එක් කාරණයක් ගැන පැහැදිලි කළාය. "පූර්ණ කාලීන ගෘහණියක් වුණත් රැකියාවක නිරත වන අතර සිය පවුලේ වැඩකටයුතු කරන කාන්තාවක් වුවත්, මමත් ඇතුළු අපි හැමෝම බලාපොරොත්තු වන්නේ තමන්ගේ ස්වාමියාගේ සහ දරුවන්ගේ ආරක්ෂාව, සාමය සැනසීම." ශීලා ෆොන්සේකා "බිරිඳක්, මවක් හැටියට තමන්ගේ පවුලේ අය රාජකාරිවලට එළියට ගිහින් එනකම් හිතට කිසිම සැනසීමක් නැහැ. විශේෂයෙන්ම මාර්ග නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නැවත ගෙදර එනකම් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. මිනිස්සුන්ගේ ආරක්ෂාව, සැනසීම වෙනුවෙන් කරන්න පුළුවන් මූලික දේ තමයි මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන එක." "ඒ විතරක් නෙමෙයි පොදු ප්‍රවාහන, රෝහල්වල වැඩවර්ජන, යුද්ධයෙන් පසුවත් ඇතිවන ත්‍රස්ත ප්‍රහාර වැනි බරපතල කාරණා සියල්ලගෙන්ම පීඩාවට පත් වන්නේ ගෘහණියයි. දැඩි කාලසටහනකට ජීවිතය ගෙනියන අපේ ජීවිත මේවගෙන් අවුල් වෙනවා," ශීලා ෆොන්සේකා පැවසුවාය. "අවුල් වුණ මනසකින් රැකියාවේ නිරත වෙන්නවත් නිවසේ වැඩ කරන්නවත් බැහැ. රටේ ප්‍රශ්න සියල්ල සෘජුවම නිවසට බලපානවා. ඒ නිසා නිවැරදි තීරණ අරගෙන රට ගොඩනගන නායකයෙකු අත්‍යවශ්‍යයි." එමෙන්ම, දේශපාලන වේදිකා මත සහ ප්‍රතිපත්ති මාලාවල කාන්තාවන්ට ලබාදෙන පොරොන්දු ඉටුකිරීමට බලයට පත්වන ජනාධිපති අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බව ඇය තවදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: මානෙල් ගුණතිලක - විශ්‍රාමික ගුරුවරියක් මානෙල් ගුණතිලකගේ අවධානය ප්‍රථමයෙන් යොමු වූයේ නිතර වෙනස් වන 'බඩු මිල' පිළිබඳය. "මගේ පුතා ඉන්නේ පිටරට. එයා කියනවා ඒ රටවල අවුරුදු ගණනකට කලින් තිබුණ බඩු මිල තමයි අදත් තියෙන්නේ කියලා. නමුත් අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්. මිල වැඩිවීමට සාපේක්ෂව අපේ පඩි වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා ගෘහණියන් හැටියට අපිට නිවසක කෑම බීම සැලසුම් කරලා පාලනය කරන්න බැහැ." "අපේ රටේ බඩු මිල දවසෙන් දවස වෙනස්" "ඒ වගේම මේ රටේ සියලු පද්ධති නීතියට අනුව වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන්ම රැකියාවට යන මහත්තයා ගෙදර එන නියමිත වෙලාවක් නැහැ. එක්කෝ මග තොටේ දී යම් ප්‍රශ්නයක්, නැත්නම් රැකියාවට අදාළ නීති ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන ප්‍රශ්න." "අවසානයේ මේ සියල්ල පවුලේ යහපැවැත්මට බලපානවා," ඇය පැවසුවාය. තාක්ෂණයේ දියුණුව ගෘහණියකට පවා 'දැනෙන වැඩපිළිවෙළක්' මීළඟ නායකයාගෙන් බලාපොරොත්තු වන බව මානෙල් ගුණතිලක පැවසීය. "බොහෝ විට දවල් දවසේ පැය කීපයක් නිවසේ තනියම ඉන්න ගැහැණු අයට තාක්ෂණය මගින් ලෝකය ගැන දැනගන්න පුළුවන් ආකාරයට එය දියුණු කරන්න ඕනේ. තවමත් බොහෝ අයට අන්තර්ජාලයට පිවිසෙනවා කියන එක ගොඩක් වියදම් වෙන වැඩක්. තවත් අයට මේ සඳහා අදාළ දැනුම නැහැ. විශේෂයෙන් කාන්තාවන්ට," ඇය තවදුරටත් පැවසුවාය. උදේනි ප්‍රියලංකාදේවි - ඖෂධවේදිනි ගෘහණියන්ට සරිලන ආකාරයේ වගා කිරීමේ ක්‍රම හඳුන්වා දී ක්‍රමයෙන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම දක්වා වැඩපිළිවෙළක් සකස් කිරීම මීළඟ ජනාධිපතිවරයාගේ වගකීම බව උදේනි ප්‍රියලංකාදේවි පැවසුවාය. "ලංකාවේ බොහෝ ගෙවල්වල මිදුලේ ඉඩකඩ තිබෙනවා. ඒවගේ වගා ආරම්භ කරන්න පුළුවන්. මම පෞද්ගලිකව මේ දේ කරනවා. ඒ වගේම සෑම ප්‍රදේශයකම සෑහෙන පුරන් කුඹුරු තියෙනවා. මේවා අස්වද්දලා රට නැවතත් කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි." උදේනි ප්‍රියලංකාදේවි "ඒ වගේම අපේ දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු වන දේ තමයි අධ්‍යාපන ක්රමයේ වෙනසක්. පොතේ පතේ ඉගෙනීම විතරක් නැතුව දරුවාගේ දක්ෂතාව හඳුනාගෙන එය ඔප නංවන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. නැත්නම් පොතේ දැනුමෙන් උපාධි ගත්ත අය විතරක් රැකියා ලබනවා, ඊට වඩා දක්ෂ දරුවන් ඉවතට විසිවෙනවා," උදේනි ප්‍රියලංකාදේවි පැවසීය. "ඒ වගේම රටපුරා තිබෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රශ්නත් හැම නිවසකටම බලපානවා. හැබැයි මේ හැමදේම විසඳෙනවා දරුවන්ට හරියන අධ්‍යාපන පද්ධතියක් හැදුවොත්. රටක් හදන්න පටන් ගන්න ඕනේ පාසලෙන්." "කොහොම වුණත්, මේ මොන ප්රශ්නය විසඳන්නත් බුද්ධිමත් නායකයෙක් පත් කර ගන්න අපි වගබලා ගන්න ඕනේ," ඇය තවදුරටත් පැවසුවාය. ලීලාවතී චන්ද්‍රසේන - කාර්යාල පිරිසිදුකරන්නියක් කොළඹ කාර්යාල පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ඇය සිය නිවසේ සියලු බර කරට ගත් තැනැත්තියකි. "මගේ මහත්තයා රැකියාවක් කරන්නේ නැහැ. මගේ සල්ලිවලින් ජීවත් වෙනවා. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගැහැණු විදිහට මේ රටේ අපි මොන තරම් දුක් විඳිනවාද? අලුත් ජනාධිපති කවුරු වුණත් ගැහැනියකට තනියම පාරේ බය නැතුව යන්න පුළුවන් රටක් හදන්නම ඕනේ," ලීලාවතී චන්ද්‍රසේන සිය කතාව ආරම්භ කළේ කඳුළු සලමිනි. "මම දවසින් දවස වැඩ කරන තැන් වෙනස් වෙනවා. සමහර මිනිස්සු අපිට සලකන්නේ මහා ජරා විදිහට. ඒ වගේම පාරේ, බස්වල අපිට වෙන ප්‍රශ්න අනන්තයි. ඒත් රටේ නීතිය හරියට නැති නිසා පොලිසියකට ගියා කියලත් වැඩක් නැහැ." "ඒ මදිවට කන බොන එකේ ඉඳන් ගෙදරට ළමයින්ට අවශ්‍ය හැම බඩුවක්ම ගිනි ගණන්. ගෙදරට ඕනේ දේවල් දෙන්න මම මහා යුද්ධයක් කරනවා." "එක දෙයයි කියන්න තියෙන්නේ රටෙ හැම ප්‍රශ්නයක්ම ගෙදරට බලපානවා. මේ රට හැම අතකින්ම දියුණු කරනකම් ගෙදර බර අදින ගැහැණුන්ගේ ජීවිතවලට කිසිම සැනසීමක් නැහැ." "ඊළඟ ජනාධිපතිට මේ රට මුල ඉඳන්ම හදන්න වෙනවා." "හැබැයි එයත් ඇවිත් තමන්ට හම්බකරගෙන, වංචා කරළා ගියොත් අපි වගේ දුප්පත් ගැහැණුන්ට මැරෙන්න තමයි වෙන්නේ. ආයෙත් මේ රට ගොඩගන්න කාලයක් ඉතුරු වෙලා නැහැ," ඇය ඉතා හැඟුම්බරව පැවසුවාය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුව ද මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරට එකතු වී ඇත්තේ ද එක් කාන්තාවක් පමණි. ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන ඇය පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා ය. 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය. තවත් තොරතුරු: | ජනාධිපතිවරණ සටනේ දී විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් "කාන්තාවන් සහ පවුල් සංස්ථාව ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ" මෙය, බීබීසී සිංහල සේවය අදහස් විමසූ කාන්තාවන් අතරින් බහුතරයගේ චෝදනාව විණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම් ශාරුක් ඛාන් ට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමිනුයි ඔහු එලෙස පැවසූ බව මෑතකදී පලවූ ඉන්දියානු මාධ්‍ය පවසන්නේ. ගැහැණු දරු කළලයන් විනාශකිරීම නැවතීමේ අරමුණින් උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම්. කෙසේවුවද, ඛාන් යුවල දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව හෝ ඔවුන් දරුවෙක් අපේක්ෂාවෙන් සිටින බව හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැති බවයි වාර්තාවන්නේ. | තම බිරිඳ පිරිමි දරුවකු ප්‍රසූත කිරීමට නියමිත බව තමා දන්නේ යැයි ඉන්දීය සුපිරි සිනමා තරු ශාරුක් ඛාන් කරන ලද ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය වෛද්‍ය සංගමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාලක සන්ධානය මධ්‍යම සහ වයඹ පලාත්වල ප්‍රබල ජයග්‍රහණයක් අත් කර ගත්තේය සෙනසුරාදා පැවති උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපතිවරයා, එම මැතිවරණ විග්රහ කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ තීරණාත්මක අවස්ථාවක් ලෙසින්. මධ්‍යම සහ වයඹ පළාත්වලදී ආණ්ඩුවට පහසු ජයක් අත් වූ අතර, පළමු උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල පරාජයන්ට මුහුණ දී සිටින නමුත්, හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂය මධ්‍යම සහ වයඹ පළාත්වලින් ආසන පහක් දිනා ගැනීමට සමත් වී තිබේ. නිදහස වෙනුවෙන් දිවි පිදූ සෙබළුන්ගේ කැප කිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් මුලුල්ලේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති දේශපාලන පක්ෂ දැන් නිදහස භුක්ති විඳිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. මධ්‍යම සහ වයම පළාත්වල ජනතාව මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුමත කොට තිබෙන බව පවසන ජනාධිපති රාජපක්ෂ, පටු අන්තවාදී අදහස් අත් හැර දමා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය උදා කිරීම උදෙසා අත්වැල් බැඳ ගන්නා මෙන් සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. | දශක තුනක් ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති උතුරු පළාතේ මැතිවරණ පවත්වා ජනතාවට අවශ්‍ය පරිපාලනය තෝරා පත් කර ගැනීමේ අයිතිය ලබා දීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කොටි වර්ග දෙකට අයත් සතුන් දෙදෙනෙකු චීනයේ කින්හායි ප්‍රාන්තයේ ස්ථානයක සැරිසරන ආකාරය වීඩියෝ දර්ශනවල පටිගත වී තිබේ. එහෙත් එම තත්වය හිම කොටින්ට සුබ ලකුණක් නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. එවැනි තත්වයක් යටතේ, වඳවී යෑමේ තර්ජනයට මුහුණදී සිටින හිම කොටි ආරක්ෂා කරගැනීම පිළිබඳ එම සත්ව විශේෂය වෙසෙන රටවල බලධාරීහු සාකච්ඡා පවත්වමින් සිටිති. මිහිතලයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබියදී සාමාන්‍ය කොටි හිම කොටි වෙසෙන ප්‍රදේශවලට සංක්‍රමණය වීම හිම කොටින්ගේ සුපුරුදු වාසස්ථාන අහිමිවීම පිළිබඳ අසුභ ලකුණක් බව බලධාරීහු පවසති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බීබීසී ලෝක සේවයේ පරිසර කටයුතු පිළිබඳ වාර්තාකරු නවීන් සිං කඩ්කා කියා සිටියේ සාමාන්‍ය කොටි පහත් බිම්වල දිවි ගෙවන අතර හිම කොටි සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 3000 කට ඉහළින් පිහිටි භූමි ප්‍රදේශවල වාසය කරන බවය. උස් බිම් චීනයේ කින්හායි ප්‍රාන්තයේ වනයක සැරිසරන සාමාන්‍ය කොටියෙක් "සාමාන්‍ය කොටි, හිම කොටි වෙසෙන ප්‍රදේශවල දකින්න ලැබෙනවයි කියන්නේ සාමාන්‍ය කොටි, හිම කොටින්ගේ වාසභූමි ආක්‍රමණය කරනවයි කියන එක. ඒ නිසා හිම කොටි වෙසෙන ප්‍රදේශ එන්න එන්නම කුඩා වෙනවා. හිම කොටි කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණදී ඉන්න සත්ව කොට්ඨාසයක් නිසා ඒක බොහොම බරපතල තත්වයක්" යනුවෙන් නවීන් සිං කඩ්කා සඳහන් කළේය. ඔහු පෙන්වාදෙන පරිදි එකම ප්‍රදේශයක ආහාර ලබාගැනීම සඳහා කොටි වර්ග දෙකක් අතර ඇතිවන ගැටුමේ අවසාන ප්‍රතිඵලයත් හිම කොටින්ට හිතකර නැහැ. දඩයම් සඳහා ඇතිවෙන තරගයෙන් සාමාන්‍ය කොටි ජයග්‍රහණය කරනු ඇතැයි විද්‍යාඥයන් බිය පළ කරන බව කී ඔහු "මොකද ඔවුන් වඩා ශක්තිමත්. ඒ වගේම හැඩගැසීමේ හැකියාවත් වැඩියි. මේක කොහෙත්ම හිම කොටින්ට හොඳ ලකුණක් නොවෙයි," යනුවෙන් ද සඳහන් කළේය. වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින හිම කොටි 3500 ත් 7000 ත් අතර ප්‍රමාණයක් මිහිමත වෙසෙන බව විශ්වාස කෙරේ. සමුළුවක් චීනයේ කින්හායි ප්‍රාන්තයේ වනයක සැරිසරන හිම කොටියෙක් "රටවල් 12 ක් තුළ හිම කොටි වෙසෙනවා. ඒ අතරින් පහක් මධ්‍යම ආසියාවේ රටවල්. සෙසු රටවල් හත හිමාල කලාපය ආශ්‍රිතව පිහිටි රටවල්. මොන්ගෝලියාව, නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ඇතැම් විට මියන්මාරයේ පවා ඔවුන් දැකිය හැකියි," බීබීසී වාර්තාකරු නවීන් සිංග් කඩ්කා පැවසීය. හිම කොටි වෙසෙන රටවල් 12 ක සහභාගීත්වයෙන් පසුගිය ජනවාරි 17 වැනිදා නේපාලයේදී සමුළුවක් පැවැත්විණි. එහිදී හිම කොටින්ගේ වාසභූමි අහිමිවීමේ ගැටලුව පිළිබඳවත් සාකච්ඡාවට ගැනුණු අතර එවැනිම තවත් සමුළුවක් මේ වසර අහභාගයේදී කිර්ගිස්තානයේ පැවැත්වීමට නියමිතය. | හිම කොටි සහ සාමාන්‍ය කොටි එකම කලාපයක විසීම පිළිබඳව පළමුවරට සාක්ෂි හමුවී ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ජෑන් කුබිස් ප්‍රකාශ කළේ මේවා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිදුකළ අති බිහිසුණු අපරාධ පිලිබඳ සාක්ෂි බවයි. මෙම සමුහ මිනීවළවල් සොයාගැනීමට හැකිවූයේ මෑතක දී එම ප්‍රදේශ IS සන්නද්ධකරුවන්ගේ ග්රහණයෙන් මුදාගත් පසුවයි. වඩාත් මෑතක අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ. 2015 මැයි මාසයේ දී ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් විසින් අත් පත් කරගත් රමාදී නගරය ඉරාක හමුදාව විසින් නැවත අත්පත්කර ගනු ලැබුවෙ එම වසරේ ම දෙසැම්බර් මාසයේ දීය. එහෙත් 2016 වසරේ පෙබරවාරි මස රමාදී නගරය සම්පුර්ණයෙන්ම ඉරාක රජයේ හමුදා පාලනයට ගන්නා තෙක්ම තැනින් තැන සුළු ප්‍රහාර එල්ලවීම් පැවතිනි. උතුරු ඉරාකයේ සින්ජාර් බටහිර ඉරාකයේ අන්බාර් උතුරු ඉරාකයේ ටික්රිට් යන ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් හමුවී තිබේ. මරා දැමුවන් අතර රජයේ සොල්දාදුවන්, සුළු ජාතික යසිදී ගෝත්‍රයට සහ වෙනත් ගෝත්‍ර වලට අයත් පිරිස් ද සිටින බවයි වාර්තාවන්නේ. ඉරාකයේ පමණක් නොව IS පාලනයේ පැවති සිරියාවේ ද සමූහ මිනීවළවල් හමුවී තිබේ. ජෑන් කුබිස් ඉරාකයේ එක්සත් ජාතීන්ගේ ආධාර වැඩ සටහනේ නියෝජිතයායි. ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් විසින් සිදුකළ ඝාතනය කිරීම් පැහැරගෙනයාම්, ස්ත්‍රී දුෂණ සහ වධහිංසා මිනිස් සංහතියට එරෙහිව සිදුකළ අපරාධ මෙන්ම ජන සංහාරය අරමුණු කරගත් යුද අපරාධ බවයි ඔහු පැවසුවේ. | ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් ගේ පාලනයේ පැවති ඉරාකයේ විවිධ ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 23 වන දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, අදාළ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තා අවිනිශ්චිත වාර්තා බව පෙනී යන බවය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා කළ දැනුම් දීමට අනුව වැඩබලන පොලිස්පතිවරයා අගෝස්තු 21 වන දා ප්‍රතිචාර දක්වා තිබිණි. මේ පිළිබදව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර පැවසුවේ, අදාළ සිද්ධිවලට සම්බන්ධ විමර්ශන උධෘත මේ වන විටත් නීතිපතිවරයාට භාර දී ඇති බවය. කෙසේ වෙතත්, නීතිපතිවරයා අගෝස්තු 23 වන දා වැඩබලන පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙහි දැක්වුණේ, අදාළ වාර්තා සම්බන්ධයෙන් 'අසතුටුදායක තත්ත්වයක් පැන නැගී ඇති' බවය. ඊට බලපා ඇති කරුණු: • සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම • ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිළිබදව පැහැදිලි අනාවරණයක් නොමැති වීම • විමර්ශනවල ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවීම • විමර්ශන අවසන් කිරීමට ගත වන නිශ්චිත කාල සීමාව සදහන් නොකිරීම • නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සදහන් කර නොතිබීම • විමර්ශන ආරම්භ කර වසර ගණනක් ගත වුව ද විමර්ශන මෙතෙක් අවසන් නොවීම කෙසේ වෙතත්, මෙම සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ ද යනුවෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, එවැනි ප්‍රමාදයක් නොමැති බවය. සිද්ධි 6ක් පිළිබද වාර්තා කැඳවයි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවූයේ, මීට සති දෙකකට ඉහතදීය. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වන දා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි. නීතිපතිවරයා විමසා ඇති අදාළ විමර්ශන මෙසේය. 1. ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2. වසීම් තාජුඩීන් ඝාතනය 3. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම 4. කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය 5. මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම එම සිද්ධි පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ. ඊට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබදව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස්පතිවරයා කරුණු විමසා තිබිණි. වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම මේ අතර, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට පසුගිය අගහරුවාදා (අගෝස්තු 27) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධිචෝදනා භාර දුන්නේ ය. ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. ඊට අදාළ නඩුව සැප්තැම්බර් 19 වන දා යළි කැඳවීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබුවේ, පසුගිය අගෝස්තු 11 වෙනිදා ය. නීතිපතිවරයා විසින් වාර්තා කැඳවන ලද ඉහත සිද්ධි සියල්ල ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ ඒවාය. 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්ෂේත්රයෙන් ඈත් වී කටයුතු කළ අතර, ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර දියත් වූ ඇතැම් ප්‍රහාර මෙන් ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය. කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලබන්නේ දේශපාලන "පළිගැනීම් සහ මඩ ගැසීම්" ලෙසය. රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කිහිපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගෙන තිබිණි. ඊට අමතරව, අමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වූ හෙයින් එරටේද ඔහුට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇතැයි පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා විය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය: සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මාස කීපයකට පෙර සිදු වූ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගත්තේ 2018 වසර අගභාගයේදීය. ඊට අමතරව, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත. දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණි. කෙසේ වෙතත්, එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය නීතිඥයන්ට උපදෙස් දී ඇති බව පැවසීය. මූල්‍ය වංචා පිළිබඳ චෝදනා: ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි ඔහුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී තිබේ. ඊට අදාළව නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරූ නමුත් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකා ඇත. රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් කරයි. කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේ ම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි. ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව: 'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ 'ඇවන්ට් ගාර්ඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනා යටතේ ද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා ඇත. ගිවි අවි පනතේ 27 (1) වගන්තිය යටතේ වරද කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් සහ ලේඛනමය සාක්ෂි අධ්‍යනයේදී පෙනෙන බව පොලිසිය පවසයි. ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී එවක අවි ගබඩාවක් සොයා ගැනුණු අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තිබිය දී සොයා ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ ආයුධ තොගය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවක පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට එකල පැවසීය. මිග් යානා ගනුදෙනුව: ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ. පසුගිය රජය සමයේ මත භේදයට තුඩු දුන් මිග් ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රධාන ලේඛන අස්ථානගත වීම පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2016 අගෝස්තු 9 වන දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය. එම මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අතුරුදන් වීම්: 2008 වසරේදී අතුරුදන් වූ රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් මේ අතර, පසුගිය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දරද්දී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් ද පවතී. කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වන දා සිටය. ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදන් සෙසු තරුණයෝ වෙති. මේ අතර, 2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි. 2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බවට ද පැමිණිලි තිබේ. කෙසේ වුවද, එවක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ල කෙරෙන චෝදනා හුදෙක් දේශපාලන සහ ජාත්‍යන්තර උවමනාවන් මත ක්‍රියාත්මකවන පළිගැනීම් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වේ. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට තේරී පත්වුවහොත් අතුරුදන් වීම් පිළිබද විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය. | මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | යාපනය කච්චතිව් දූපත්වල ලබන සතියේ අරම්භවීමට නියමිත දේවස්ථාන මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් සහ අසල්වැසි ඉන්දියාවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එබැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය එච්.ඩී.බී හේරත්ට උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 'නව මදුරු විශේෂයක්' මේ අතර මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා වාහක නව මදුරු විශේෂය විනාශ කිරීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ මැලේරියා වාහක මදුරු විශේෂය ඉන්දියාවේ මුහුදුබඩ පළාත්වලින් වැඩිවශයෙන් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ. මැලේරියා රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කොට ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය 2017 වසර තුළ රටේ විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් නව දෙනෙකු සොයා ගෙන ඇති බව සඳහන් කළේය. | කච්චතිව් දූපත්වල පැවැත්වීමට නියමිත ආගමික උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගීවන බැවින් මැලේරියා රෝගය පැතිර යාමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කොට එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්' නීතිවේදී එකමුතුවේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ ඒ බව කියා සිටියේ, අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ වතිකාන සංචාරයට එක්වීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ඉතාලියේ සහ වතිකානයේ තෙදින නිල චාරිකාවකින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා යළි දිවයිනට පැමිණි අතර, අගවිනිසුරු මොහාන් පීරිස් ද ජනාධිපතිවරයාගේ දූත පිරිසේ සාමාජිකයකු වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබුණි. එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය පිළිබඳව පවතින ජනතා විශ්වාසය සම්බන්ධ බරපතල ගැටලුවක් බවයි, නීතිවේදී එකමුතුව පෙන්වා දෙන්නේ. ඉහල අධිකරණයේ විනිශ්චයකරුවන් ආණ්ඩුවේ උත්සවවලදී රජයේ මැති ඇමතිවරුන් සමඟ එකම වේදිකාවේ සහභාගි වීම හිටපු අග්‍රවිනිශ්චයකාරවරයාගේ සමයේ බහුලව දක්නට ලැබුණ බව පෙන්වා දෙන නීතිඥ වැලිඅමුණ, අශෝක ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරුන් ගේ සමයේ ඒ තත්වය වෙනස් වූ බව කියා සිටියේය. "ඒත් අවාසනාවකට වගේ නැවත වරක් අපිට දකින්න ලැබෙනවා අලුත් අග්‍රවිනිශ්චයකාරතුමා ආයෙත් බොහෝ රජයේ වැඩසටහන්වලට සහභාගි වෙන ආකාරයක්. දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කියලයි මට හිතෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. | රටක අග්රවිනිශ්චයකාරවරයකු දේශපාලකයන් නායකත්වය දරන දූත මණ්ඩලයක සාමාජිකත්වය දැරීම පිළිබඳ පූර්වාදර්ශයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ දැකගන්නට නොමැති බව නීතිවේදී එකමුතුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බීබීසී සිංහල සේවය මේ පිළිබඳව විමසු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ, "එවැනි ප්‍රොසෙස් එකක් කරගෙන යනවා. තවම අවසාන තීරණයක් අරගෙන නැහැ," යනුවෙනි. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටී. එම කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම රුමේෂ් රත්නායක යටතේ පසුගිය දා පාකිස්තානයේ සංචාරය කළ අතර එම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට ඔවුහු සමත් වූහ. නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස රාම්ප්‍රකාශ් ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වුවහොත් ඔහු එළඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා එක් කර ගැනීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙයි කවුද මේ රාම්ප්‍රකාශ්? 50 වන වියේ පසුවන මාක් රාම්ප්‍රකාශ් එංගලන්තයේ බිහි වූ දක්ෂ පිතිකරුවෙක් ලෙස සැලකේ. ඔහු, එංගලන්ත ප්‍රාන්ත තරගවලදී ඉහළ දස්කම් පෑව ද ජාත්‍යන්තර පිටියේ ඒ ආකාරයට දස්කම් පෑමට අපොහොසත් වුණි. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කදී ඔහු ලකුණු 2350ක් රැස් කර ඇති අතර ඊට ශතක දෙකක් ඇතුළත්ය. නමුත් ප්‍රථම පෙළ තරග 461කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 35,659කි. ඊට ශතක 114 අයත් ය. රාම්ප්‍රකාශ් මේ වසරේ මාර්තු මාසය තෙක් වසර 5ක කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළේය. නව තනතුරු කිහිපයක්: ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් පෑ හිටපු තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනත් තනතුරු කිහිපයක් සඳහා එක්වීමට නියමිතය. "සමහර අංශ සඳහා කෙටි කාලීන ව පුහුණුකරුවන් සහ උපදේශකයින් අපේ සිස්ටම් එකට ගේනවා නමුත් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අපි බලන්නේ දීර්ඝකාලීන පත් කිරීමක්," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා තවදුරටත් පැවසීය. ඒ අනුව වේගපන්දු උපදේශක ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට් ලී ද පන්දු රැකීමේ උපදේශක ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ගේ සහය ලබාගැනීමට ද සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා විණි. පසුගියදා පාකිස්තානය සමග පැවති 20/20 තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජය ලැබීය එංගලන්තයේ පැවති 2019 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියා කළේය. පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළ ජෝන් ලුවිස් සහ පන්දු රකින පුහුණුකරු ලෙස සේවය කළ ස්ටීව් රික්සන් ද ඒ අතර විය. වසර 10ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව ද නැවත දීර්ඝ කර නොමැත. දඟ පන්දු පුහුණු කටයුතු සඳහා උපදේශකයෙක් ලෙස සේවය ලබාගැනීම සඳහා හිටපු පාකිස්තාන ක්‍රීඩකයෙකු සමග ද සාකච්ඡා කෙරෙන බවට වාර්තා වේ. හතුරුසිංහ ඉවත් කිරීම: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය පසුගිය අගෝස්තු මාසයේ අත්හිටවූ අතර ඔහු ඊට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ. හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබු ගිවිසුම ප්‍රකාරව ඔහු 2020 අවසානය තෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණි. ඔහු 2017 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්විණි. ඒ එවකට එම තනතුර දැරූ ග්රැහැම් ෆෝර්ඩ් ඒවත් කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහට ගෙවන "විශාල මුදලට" සාපේක්ෂව ප්‍රතිඵල දීමට නොහැකිව ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නිතර පැවසීය. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වරක් මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ හතුරුසිංහගේ මාසික වේතනය ඇමෙරිකානු ඩොලර් 40,000ක් බවය. 2018 ජනවාරි සිට 2019 ජුලි අවසානය දක්වා අතර කාලය තුළ දී, ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 16ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග 6ක් ජයගෙන 7ක් පරාජයට පත්විය. තරග තුනක් ජයපරාජයෙන් තොරව අවසන් විය. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 39 කින් ජයගත්තේ 14ක් පමණි. තරග 24ක් පරාජය විණි. කලක් විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව අංක එක ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ ධූර කාලයේදී තරග 12කින් ජයගෙන ඇත්තේ 4ක් පමණි. ඉන්පසු පැවති ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රුමේෂ් රත්නායක ය. මේ තොරතුරුත් කියවන්න: | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන මාක් රාම්ප්‍රකාශ් ඉදිරිපත්ව සිටියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට පත්වීමේ මගට පියමනිමින් සිටින බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි. කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීය. 'කයිලි ජෙනර් (Kylie Jenner)' තමාගේම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය. කයිලිගේ සොයොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350 කි. ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 21 වෙනි වියට පා තබන්නීය. "තම සොයොයුරිය කිම් කාඩේෂියන් ඇයගේ පසුපෙදෙසට කළ දේ කයිලි සිය දෙතොල්වලට කර තිබෙනවා," යනුවෙන් ඇයගේ වඩාත් ප්‍රසිද්ධ දෙතොල් උල් කිරීමේ ඉරියව්ව පිළිබඳ විස්තර කරමින් ෆෝබ්ස් සඟරාව පවසයි. කෘතීම ක්‍රම භාවිත කරමින් පසුපෙදෙස කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කිම් කාඩේෂියන් ප්‍රසිද්ධියක් උසුලයි. එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා ලබා ගන්නා එන්නත් නවතා දමන බව පසුගියදා නිවේදනය කළාය. සිය ස්වාභාවික දෙතොල් තමන්ට "අනාරක්ෂිත බවක් ගෙන දෙන" නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනකදී පැවසුවාය. පසුව ඇය 'කයිලි' වෙළෙඳනාමය යටතේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළාය. ඒ අතර කාන්තාවන්ගේ දෙතොල් විශාල ලෙස පෙන්වීම සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන බොහොමයක් දක්නට ලැබේ. අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේය. ඇයගේ රූපලාවණ්‍ය ආලේපනවලට ලොව පුරා අති විශාල ඉල්ලුමක් ඇත. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළ කර මොහොතකින් සියල්ල අලෙවි වේ. කයිලිගේ රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි. සඟරාවට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඩොලර් මිලියන 320ක් වේ. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වන ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සඟරාව පවසයි. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23 වන විට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර, ඔහුට වඩා අඩු වයසකදී කයිලි අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ. 'ස්නැප්චැට්' නිර්මාතෘ එවන් ස්පීජෙල් ද අවුරුදු 20 පසු කරනවාත් සමගම බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගත් නමුත්, ඔහු ඉලක්කය කරා ළඟා වූයේ කිනම් වසරකදී දැයි පැහැදිලි නැත. "මගේ පිංතූරය ෆෝබ්ස් සඟරාවේ කවර පිටුවක පළ කරනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි," මිලියන 110ක අනුගාමිකයන් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ කයිලි එසේ සටහන් කර තිබූ අතර, ඇය ෆෝබ්ස් සඟරාවට සිය ස්තුතිය පිරිනමා තිබුණි. කෙසේනමුත්, කයිලි ජෙනර්ගේ දෙමාපියන් ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් වීම හේතුවෙන් ඇය 'ස්වෝත්සාහයෙන්' දියුණු වූ කාන්තාවක් ලෙස හැඳින්වීම පිළිබඳ ෆෝබ්ස් සඟරාවට සමාජ ජාල ඔස්සේ සමහර පුද්ගලයන් චෝදනා එල්ල කර තිබේ. කිම් සහ කයිලිගේ මව වන ක්‍රිස් ජෙනර් රූපවාහිනී ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපාරික කාන්තාවකි. කිම් කාඩේෂියන් ඇයගේ පළමු විවාහයේ දරුවන්ගෙන් එක් අයෙකු වන අතර කයිලි ඇයගේ දෙවන කසාදයේ දරුවෙකි. මේ තොරතුරුද කියවන්න: | ඇමෙරිකානු නිරූපන ක්ෂේත්රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් විසි වෙනි විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට හිමිකම් කියන බව ෆෝබ්ස් සඟරාව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'එජාපය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජවිපෙ සූදානම් නැහැ' ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ඒ බව කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් විපක්ෂයේ සියලුම කණ්ඩායම් සන්ධාන ගත විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) කරන ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. ඉදිරි මැතිවරණවලදී පොදු විපක්ෂයක් ලෙසින් තරඟ වැදීම පිණිස ජවිපෙ ඇතුළු සියලු විරුද්ධ පක්ෂ සමඟ නිල නොවන මට්ටමින් 'අවබෝධයක්' ඇති කොට ගෙන තිබෙන බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. ජනපතිවරණය '2016 දී' එහෙත් සන්ධානගත වීමේ අවශ්‍යතාවයක් තිබෙන නමුත් ඒ සඳහා ගොනු කර ගත යුතු කණ්ඩායම් නිසි ලෙසින් හඳුනාගත යුතු බවයි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එයට ප්‍රතිචාරය පළ කරමින් සංදේශයට කියා සිටියේ. "පුළුල් පෙරමුණ ගොඩ නැගීම තමයි අපේ අපේක්ෂාව. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය. කෙසේ නමුත් ඉදිරි ජනපතිවරණයේදී සියලු දෙනාට පිළිගත හැකි ස්ථාවරයකට ඒම සම්බන්ධයෙන් ජවිපෙ පමණක් නොව අනෙක් සියලු විරුද්ධ පක්ෂ සමඟද නිල නොවන මට්ටමේ සංවාදයක් ආරම්භ වී තිබෙන බවයි, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ. ජනපතිවරණය හෝ මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන නමුත්, මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ 2016 දී බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේය. | එළැඹෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනාවෛරස් රෝගියා වූ චීන කත පසුගිය පෙබරවාරි මස සුවය ලබා රෝහලෙන් පිටව යන අවස්ථාවට එක් වූ සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඒ බව කියා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. "මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ ගැසට් කළත් ඒ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහාත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට අදාළ පියවර ගැනීම සඳහාත් යම් නිලධාරියෙකුට බලය දිය යුතු වෙනවා. එහෙම නිලධාරියෙක් නැතිව ලියවිල්ලක් නිකුත් කළ විට එය කඩදාසියකට පමණක් සීමා වෙනවා. මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළත් එකයි නැතත් එකයි, එය පරීක්ෂා කිරීමට හෝ ඊට එරෙහිව කටුතු කිරීමට වගකිවයුතු නිලධාරියෙක් නැහැ," "උදාහරණයක් විදිහට මෝටර් රථ ආඥා පනත ශක්තිමත් කර, මෝටර් රථ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් ගෙදර යවනවා වගේ වැඩක්. පනත කොච්චර ශක්තිමත් වුණත් වැඩක් නැහැ, නීතිය බලාත්මක නොකර." යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව පවසන පරිදී 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පත සඳහා බ්‍රහස්පතින්දා (ජුලි 16) නීතිපතිවරයාගේ ලිඛිත අවසරය හිමිව ඇත. "එම රෙගුලාසිවලට අදාළ කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන මැතිවරණ රැස්වීම්, එසේම ඡන්ද අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර නීතිපතිවරයා විසින් ඒ සඳහා ලිඛිත අවසරය ඊයේ දින ලබා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ඒ බව දැනුම් දී ඇත." යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නිකුත් කල නිවේදනයක දැක්වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත් වුණේ ඇයි? "ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුනේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව." සිකුරාදා (ජුලි 17) පස්වරු 12:30 සිට තම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කළේය. කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් "මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා" මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොදෙන බවට සෞඛ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශයත් ඒ හමුවේ නීතිමය රැකවරණය රහිතව සිය රාජකාරී කිරීමට නොහැකි වීමත් පදනම් කරගෙන ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි. "කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවම සම්පත් සහ මානසික පීඩනයන්ට යටත්ව ජීවිත අවදානම දරා ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශාල කැප කිරීමක් කළා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය දිගින් දිගටම කෝවිඩ්-19 පාලනය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ගැසට් කළේ නැහැ. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළ නීතිමය බලතල නිරවුල් කර දුන්නේ නැහැ. මේ නිසා අපිට දිගින් දිගටම මහජනතාව ඉදිරියේ නීතිමය නොවන තත්ත්වයන්ට නිරාවරණය වෙන්න සිද්ධ වුණා." "අද පෙරවරුවේ මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍ය සෞඛ්‍ය ඇමතිනිය උපුටා දක්වමින් වාර්තා කළා මැතිවරණයට අදාළ සියලු මාර්ගෝපදේශ ගැසට් කරන්න කටයුතු කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලය ලබා දීමක් සිදු කරන්නේ නැහැ කියලා. එහි විශේෂයෙන් උපුටා දක්වා තිබුණේ මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දෙන්නේ නැහැ කියලා," "ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය වගේ පරිනත කැබිනට් අමාත්‍යවරියකගෙන් මෙවැනි ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. එතුමිය මහජනතාවට පෙන්වීමට උත්සාහ කර ඇත්තේ, අපි මහජනතාව පීඩාවට ලක් කල බව." යනුවෙන් උපුල් රෝහණ බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් කියා සිටියේය. මොකක්ද මේ "නීතිමය රැකවරණය"? නීතිපති දෙපාර්තමේන්තුව පවසන පරිදී 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසි කෙටුම්පතට බ්‍රහස්පතින්දා (ජුලි 16) නීතිපතිවරයාගේ ලිඛිත අවසරය හිමිව ඇත කෝවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම තුළ රාජකාරි කිරීමේ දී සිය නිලධාරීන්ට නීතිමය රැකවරණයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. "දැනට බෝවන රෝග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන නීතිමය ලියවිල්ල 1897 අංක 03 දරන රෝග නිරෝධායනය සහ බෝ වන රෝග පාලනය කිරීමේ ආඥා පනතයි. මේ පනත මූලික ලියවිල්ලක්. එක් එක් රෝග ආපු කාලවල ඒවා පාලනය කළ යුත්තේ කෙසේද, රෝගීන් රෝහල් ගත කරන ආකාරය, රඳවා තැබිය යුතු ආකාරය පිළිබඳ ගැසට් පත්‍ර මගින් මේ පනතට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා නීති වශයෙන්." "උදාහරණයක් විදිහට මදුරුවන්ගෙන් බෝවෙන රෝග වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. ඒ වගේම කොකු පණු රෝගය, මහාමාරිය වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් තිබෙනවා. දැන් කොවිඩ්-19 කියන අලුත් රෝගයට ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු වෙනවා. දින කීයක් නිරෝධායනය කල හැකිද, කැමැත්තක් නැතුව රෝහල් ගත කල හැකිද, කැමැත්තක් නැතුව සාම්පල ගන්න පුලුවන්ද, කැමැත්තක් නැතුව යම් ස්ථානයක රඳවා තැබිය හැකිද, යන කාරණා ඊට ඇතුළත් කර ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිමය රැකවරණයක් තිබිය යුතුයි," යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. එසේ නොමැතිව ඉහත කී කරුණු ක්‍රියාත්මක කිරීමට යාමේ දී පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවත් එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පමණක් නොව පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ද නීතිය ඉදිරියේ නිරාවරණය වන බව ඔහු පෙන්වා දෙයි. "ඒ නිසා ඒ නීතිමය රැකවරණය සැපයීමට බලධාරීන් කටයුතු කළ යුතුයි." කෝවිඩ්-19 පාලනයට නීතිමය බාධා තිබේද? ජුනි මස කොළඹ පැවති ඡන්ද පෙරහුරුවක් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා දැනට ගෙන යන ක්‍රියාමාර්ග මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් අදාළ පියවර ගැනීම සඳහා වන නීති කඩිනමින් සකස් කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ට නිර්දේශ කර ඇති බව උපුල් රෝහණ සඳහන් කරයි. "එහෙම සකස් කිරීමක් සිදු වී නැහැ. පැහැදිලිවම අපි යම් පුද්ගලයෙකුගේ සංචරණය සීමා කරනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. අයුතු ලෙස යම් තැනක සිර කර තබනවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්. බලෙන් රෝහලක රඳවා ගෙන ඉන්නවා කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මූලික අයිතිවාසිකම් කඩවීමක්." "ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් යම් දවසක මහජනතාව අතුරින් කවුරු හෝ කෙනෙක් නිලධාරීන්ට අභියෝග කළොත් ඒ නිලධාරීන්ට ඊට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැදිහත් වන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා," ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසීය. සෙනසුරාදා (ජුලි 18) ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත හමුවක් පැවැත්වීමට නියමිත අතර ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීන්දු කිරීමට නියමිතය. | කෝවිඩ්-19 පාලනය සඳහා මාර්ගෝපදේශ නිකුත් කළ ද ඒවා බලාත්මක කිරීමට ආණ්ඩුව නිසි නිලධාරියෙකු නම් නොකරන්නේ නම් එම මාර්ගෝපදේශ ලියවිල්ලකට පමණක් සීමා වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'ඔස්ට්‍රේලියාවේ කඳවුරු ගත දේශපාලන රැකවරණ පතන්නන් අතර ළමුන් දහසක්' විශේෂයෙන්ම මෙම ළමුන්ගේ ශුභ සාධනය සහ සෞඛ්‍යය ඉලක්ක කර ගනිමින් පරීක්ෂණය පැවැත්වෙන බවයි කොමිසමේ සභාපතිනී මහචාරිනී ජිලියන් ට්‍රිග්ස් ප්‍රකාශ කළේ. දේශපාලන රැකවරණ පතා පැමිණ ඔස්ට්‍රේලියාවේ කඳවුරු තුල රඳවා සිටින්නන් අතර දහසකට වැඩි දරුවන් පිරිසක් ඉන්නා බවයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමිසම පවසන්නේ. ඕස්ට්‍රේලියාව තුලත් ඉන් පිටත නාවුරු වැනි දුපත් වලත් ඒ දරුවන් සිර කොට තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් මානව හිමිකම් ආයතන වලත් බරපතල දෝෂ දර්ශනයට ලක්වී තිබේ. ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ය ABC ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියට කියා තිබුනේ සිරගත දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ව සොයා බැලීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බවයි. ශ්‍රී ලංකාවෙන් මේ දරුවන්ගේ ඔබ මොබ යාමේ අයිතිය ට අවහිර කොට ඇති බවයි බවයි ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ. දේශපාලන රැකවල් පතන අය අතරින් වැඩි දෙනකු එරටට එන්නේ ඇෆ්ගනිස්තානයෙන්, ලංකාවෙන්, ඉරානයෙන් සහ ඉරාකයෙන්. 2004 දී කොමිසම නිකුත් කළ පළමු වාර්තාවෙන් කියවුනේ දේශපාලන රැකවල් සොයා එන අයගේ දරුවන් රඳවා තැබීම මානව හිමිකම් සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ වගකීම පැහැර හැරීමක් බව. වර්තමාන තත්වය විමසා බැලීමට කොමිසම දරන උත්සාහයට බලධාරීන් නිසි සහයෝගයක් ලබා නොදෙන බවයි මහාචාරිනී ජිලියාන් ට්‍රිග්ස් පවසන්නේ. බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ළමුන්ට නවාතැන් සපයා ඇති නමුත් ළමා අයිතිවාසිකම් පිලිබඳ ලෝක ප්රඥප්තියට අනුකූලව ඒවා පවතීද යන්න සොයා බැලීමට ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට අවශ්‍ය වී තිබේ. ජාත්‍යන්තර නීති “මට දැන ගන්නට අවශ්‍ය විස්තර හොයා ගන්න පහුගිය මාස කීහිපය තිස්සේ දරපු උත්සාහයට ලැබුණු සහාය ඉතාම අවමයි කියලා කියන්න වෙනවා,” යි මහාචාරිනී ට්‍රිග්ස් පැවසුවාය. අමාත්‍ය ස්කොට් මොරිසන් දරුවකුගේ අනන්‍යතාව සහ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කර ගන්න ට සුදුසු තරම් කල් දරුවන් රඳවා තබා ගැනීම ගැන කොමිසමේ විරෝධයක් නැති බව ද මහාචාර්ය ට්‍රිග්ස් ප්‍රකාශ කළාය. “ඒත් අපේ සැලකිල්ලට යොමු වෙලා තියෙන කාරණය තමයි, මාස තුන හතර ඉක්මවා මාස හය, දොළහ, පහළොව දක්වා කල් යන කොට ඒක ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වීමේ ඉඩකඩ පැවතීම.” කෙසේ වෙතත්, සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ නිලධාරීන් පරීක්ෂණයට සහාය දෙනු ඇති බවයි. මහාචරිනී ට්රිග්ස්ගේ අපේක්ෂාව මේ වසර අවසන් වීමට පෙරාතුව පරීක්ෂණය හමාර කිරීමයි. | ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු තුළ සිටින ළමුන් පිළිබඳව සොයා බැලෙන පරීක්ෂණයක් ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම නිවේදනය කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අර්බුදය කෙතරම් උග්‍රව තිබෙන්නේ ද යත් ඔවුහු පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවති සුහද තරගයට ද සහභාගි නොවූහ. මතභේදය පිළිබඳව ස්ථිර එකඟත්වයකට පැමිණෙන තුරු තාවකාලික විසඳුමක් පාපන්දු සම්මේලනය (Danish Football Association -DBU) විසින් ඩෙන්මාර්ක වෘත්තීය පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සංගමය (Danish Professional Footballers Association -PFA) වෙත සෙනසුරාදා (සැප්තැම්බර් 16) ඉදිරිපත් කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් ද තවමත් එකඟත්වයකට එළඹී නැත. එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩකයන්ගේ සංගමය යෝජනා දෙකක් ඉරිදා (සැප්තැම්බර් 17) ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කෙරිණ. මේ අතරවාරයේ ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන්ට අපූරු යෝජනාවක් කළහ. සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ක්‍රීඩිකාවන්ට ගෙවීමය, ඒ. වැටුප් සම්බන්ධයෙන් "සාකච්ඡා කිරීමට සූදානම් නැති" පාපන්දු සම්මේලනයක් සමග ගනුදෙනු කිරීම "වෙහෙසකර" බව ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ජෙප් කර්ත් (Jeppe Curth) පැවසීය. ලබන අඟහරුවාදා හංගේරියාවට එරෙහිව පැවැත්වෙන තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු පිණිස වැටුප් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට ක්‍රීඩිකාවන් උත්සාහ දරන නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ එවැනි උනන්දුවක් දකින්නට නොමැති බව ද ඔහු පැවසීය. ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය හංගේරියාවට එරෙහිව පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගය සඳහා "වෙනත් ක්‍රීඩිකාවන් සොයා ගැනීමට හෝ තරගයෙන් ඉවත්වීමට" තමන්ට සිදු වනු ඇති බව පාපන්දු සම්මේලනයේ සන්නිවේදන කළමනාකරු ජේකොබ් හොයර් (Jakob Hoyer) බීබීසී ස්පෝර්ට්ස් වෙබ් අඩවියට පැවසීය. "ක්‍රීඩකයන්ගේ යෝජනාව ඉතාම සාධනීය දෙයක් නමුත් ඒක අපේ සාකච්ඡාවල කොටසක නොවෙයි," ඔහු සඳහන් කළේය. ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩිකාවන්ගේ වැටුප් සම්බන්ධ සාකච්ඡා පසුගිය මාස නවය මුළුල්ලේ පැවැත්වෙන බව විශ්වාස කෙරේ. ක්‍රිකට් ක්‍රීඩාවේ 'නොසලකා හැරීම්' ක්‍රීඩකයන් මෙන් ක්‍රීඩිකාවන් ද ජාතික පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන පිරිසක් බවට පත්කිරීම ක්‍රීඩිකාවන්ගේ ඉල්ලීම වී තිබේ. එහෙත් පාපන්දු බලධාරීන් විසින් අලුතෙන්ම ඉදිරිපත් කර තිබෙන යෝජනාව අනුව ක්‍රීඩිකාවන් පාපන්දු සම්මේලනයේ වැටුප් ලබන සේවකයන් පිරිසක් ලෙසින් නොසැලකේ. ක්‍රීඩිකාවෝ එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළහ. ඒ වෙනුවට ක්‍රීඩකයන්ගේ වැටුපෙන් කොටසක් (බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක්) ක්‍රීඩිකාවන්ට ගෙවන මෙන් ක්‍රීඩකයන්ගේ වෘත්තීය සමිතිය යෝජනා කළේය. එහිදී ක්‍රීඩකයන්ට හා සමාන සියලු මූලික අයිතිවාසිකම් ක්‍රීඩිකාවන්ටත් හිමිවිය යුතු බව ද වෘත්තීය සමිතියේ යෝජනාව විය. එහෙත් එම යෝජනාව පාපන්දු බලධාරීහු ප්‍රතික්ෂේප කළහ. කාන්තාවන්ට සහ පුරුෂයන්ට වෙනස් ලෙසින් සැලකීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්රයේ ද වරින් වර සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී. 2012 ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අවස්ථාවේ අදහස් දැක්වූ එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් සහ දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez) කාන්තාවන්ටත් සමානව සැලකීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ඔවුන් පළ කළ එම අදහස් බීබීසී සිංහල සේවය අයිසීසී ජගත් පාලක මණ්ඩලය වෙත යොමු කළ අවස්ථාවේ අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක දී පුරුෂ කණ්ඩායම්වලට සහ කාන්තා කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවය. | සිය වැටුප් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක පාපන්දු සම්මේලනය සමග හටගෙන තිබෙන මතභේදයක් හේතුවෙන් ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැඩ වර්ජනයක නිරතව සිටිති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අදාළ කාරක සභාව මේ වනවිට කෙටුම්පත් වාර්තාවක් සකසා ඇති බැවින් එය නුදුරේදී ම පාර්ලිමේන්තුවට සභාගත කෙරෙන බවය. එහෙත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා "දේශපාලන පක්ෂ වලින් ලැබෙන සහය ඉතාම දුර්වල" බව ඔහුගේ අදහස වෙයි. "එළඹෙන ජනාධිපතිවරණයට මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි, කාටවත් වුවමනාවක් නැති නිසා. නමුත් මහ මැතිවරණයට අනිවාර්යෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද පාර්ලිමේන්තුව විසිරුවා හැරියත් මෙවැනි විශේෂ කාරක සභා විසිරයන්නේ නෑ. ඒක නිසා මේ කෙටුම්පත් කරලා තිබෙන වාර්තාවම ඉදිරිපත් කරන්න පුළුවන්. ආපසු පස්සට යන්න ඕනේ නෑ - මේ වාර්තාවම යොදා ගන්න පුළුවන්." "විදේශ කටයුතු අමාත්‍යාංශය, විදෙස් සේවයේ නියුතු නිලධාරීන් 486ක ලැයිස්තුවක් දීලා තිබෙනවා මේ කටයුතු සඳහා යොදා ගැනීමට," හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය. 2019 ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් 7 වෙනිදාට පෙර පැවැත්වීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එසේම 2020 මාර්තු මාසය වනවිට මහ මැතිවරණය පැවැත්වීමට නෛතිකව ඉඩකඩ ලැබේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ එක් තේමා පාඨයක් වන්නේ "කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රියාවලියක්" යන්නය. විශේෂයෙන්ම සිවිල් සංවිධාන, ඇතැම් දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල බල කීරීම් මත 2016 දෙසැම්බර් මාසයේදී කථානායක කරු ජයසුරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්නේ කෙසේදැයි සොයා වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිණි. එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පත් කෙරුණේ එවක "විදෙස් රැකියා කටයුතු" අමාත්‍යවරිය ලෙස කටයුතු කළ තලතා අතුකෝරළ ය. එම විශේෂ කාරක සභාව පස් වරක් රැස්වී ඉහත සඳහන් කෙටුම්පත් වාර්තාව සකසා ඇත. කාරක සභාව සොයාබලා ඇති කරුණු: 1. රටින් බාහිරව සිටිමින් ඡන්දය භාවිත කිරීම සඳහා වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද 2. දැනට විදෙස්ගත රටවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයන රටවල් 3. මැතිවරණ කොමිසමේ මතය ඇතැම් විදෙස්ගතවූවන් තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන විට නැවත මව්බිමට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බවද කාරක සභාවට පෙනීගොස් තිබේ. වෙනත් රටවල් භාවිත කරන ක්‍රමවේද අතර සිය රටේ තානාපති කාර්යාලවලට පැමිණ ඡන්දය භාවිත කිරීම, තැපැල් ඡන්දය, සහ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම බහුලව සිදුවන බව කාරක සභාව හඳුනාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය. "අපි මේකෙන් හඳුනා ගත්තා වඩාත් ප්‍රායෝගික හැකියාව තියෙන්නේ සහ ගැටලු අඩු, තානාපති කාර්යාලයට ඇවිල්ල ඡන්දය පාවිච්චි කරන ක්‍රමවේදය සහ තැපැල් ඡන්දය කියන එක. වාසි අවාසි දෙකම තියෙනවා. මොකද තැපැල් ඡන්දය මගින් ඡන්දය ප්‍රකාශ කරන විට අදාළ පුද්ගලයා ම ඡන්දය දුන්න ද කියල තහවුරු කර ගැනීමේ ගැටලුව. " 'අවුරුදු පහක් ඇතුළත එක වාරයක්වත් ලංකාවට ඇවිල්ලා තියෙන්න ඕනේ' යන්න ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන සාධකය ලෙස කාරක සභාව තීරණය කර ඇත. "අපේ රටේ ජාතික ආදායමෙන් 35% එකතු කරලා දෙන්නේ මේ අය. ඒ වගේම රටේ ජනගහනයෙන් 10%ක්. ඉතිං මේක අත හරින්න බෑ කොහොමවත්," හඳුන්නෙත්ති පවසයි. මැතිවරණ කොමිසමේ මතය: මැතිවරණ කොමිසමේ මතය කුමක්දැයි එහි සාමාජික රත්නජීවන් හූල් ගෙන් බීබීසී සිංහල සේවය විමසීය. "මේ සඳහා උත්තරය එන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. තර්කානුකූලව වගේම මූල්‍යමය වශයෙනුත් විශාල දෙයක් කිරීමට තිබෙනවා," හේ පැවසීය. "අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කිරීමට පහසුකම් ලබා දීමට සාකච්ඡා කළා. සමහර පක්ෂ යෝජනා කරන්නේ ක්‍රමානුකූලව පියවරින් පියවර එය කළ යුතුයි කියලා. ඔවුන් යෝජනා කරන්නේ දකුණු කොරියාවෙන් පටන්ගමු කියලා. නමුත් සමහර පක්ෂ ඊට විරුද්ධයි, පහළ ශ්‍රේණිවල සේවකයෝ වමේ පක්ෂවලට ඡන්දය දෙයි කියලා. නමුත් දෙමළ ජනගහනය සැලකිය යුතු පිරිසක් වෙසෙන බටහිර රටවල මෙම පහසුකම ස්ථාපනය කරනවාට කිසිකෙනෙක් කැමති නැති බවක් තමයි මගේ අදහස." "අපි ඒ වගේම තානාපති කාර්යාලවල නිලධාරීන් තේරීම්භාර නිලධාරීන් ලෙස පත්කිරීමට විරුද්ධයි. ඒ බොහොමයක් අය දේශපාලන පත්වීම ලබපු අය නිසා. නමුත් නිලධාරීන් විදෙස් රටවලට යවන එක වියදම් අධික වැඩක්. එසේම ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්න රටවල සේවකයින්ට නිවාඩු හෝ ඡන්දය දාන්න තානාපති කාර්යාලයට යන්න ගමන් පහසුකම් නොතිබෙන්න පුළුවන්." එමනිසා "අන්තර්ජාලය ඔස්සේ ඡන්දය පාවිච්චියට පහසුකම් සැපයිය යුතුය" යන්න මැතිවරණ කොමිසමේ අදහස බව එහි සාමාජික රත්නජීවන් හූල් කීය. "එස්තෝනියාව ඉතා සාර්ථක ලෙස අන්තර්ජාලයෙන් ඡන්දය දීමට පහසුකම් සපයල තිබෙනවා. එසේම ඇමෙරිකානු හමුදා භටයින්ට පිට රට කොහේ හිටියත් අන්තර්ජාලයෙන් ඡන්දය දෙන්න පුළුවන්." "අපේ රටේ ප්රවනතාවක් තියෙනවා කුමන්ත්‍රණ න්‍යායන් පිළිගැනීමට. අන්තර්ජාලය හරහා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව දීමට පැකිලීමක් තිබීමට එය එක් හේතුවක්." විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට යම් ස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට හෝ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීමට හෝ එම ක්‍රමවේද දෙකටම පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණහොත් එය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසමට පියවර ගත හැකි බව රත්නජීවන් හූල් කීවේය. "ඡන්ද ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි" මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ "සෑම මැතිවරණයකදීම අත්හැරෙන විදෙස්ගත ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න වීම කවර පසුබිමක් යටතේ සලකා බැලුවද සාධාරණීකරණය කළ නොහැක්කක්" බවය. ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් සහ 2008 වසරේදී මෙරට එළිදැක්වූ "සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" මගින් ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබේ. "විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කරන්න හැකි වුණොත් මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි. එමනිසා සමහර දේශපාලන පාර්ශ්ව ඊට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ," මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක පෙන්වා දෙයි. "ඇමෙරිකානුවෙක් අභ්‍යවකාශයට ගියත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්න බලධාරීන් කටයුතු කරනවා." "2011 ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොලොන්න ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය දින්නේ එක ඡන්දයකින්. එමනිසා ඡන්ද ලක්ෂ 21ක වටිනාකම අපි හඳුනාගත යුතුයි", ගජනායක පැවසීය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු: "මම ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. පීඑච්ඩී එක කරන්න. එළඹෙන ජනාධිපතිවරණයට ඡන්දය දාන්න වෙන්නේ නෑ. නමුත් මගේ සමහර පිටරට යාළුවන්ට ඒ ගොල්ලන්ගේ රටේ මැතිවරණ වලදී ඡන්දය හැකියි. මමත් ඡන්දය දාන්න කැමතියි. ඒ තත්ත්වයට යන්න අපිට තව කල් යයි වගේ." බීබීසී සිංහල සේවයට එසේ පැවසුවේ දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. සිය නම සඳහන් නොකරන ලෙස ඇය ඉල්ලා සිටියාය. එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවන් දෙදෙනෙක් ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උනන්දුවකින් යුතුව සිය අදහස් පළ කළහ. "අපි වගේ පිට රටවල ඉන්න හැමෝටම ඡන්දයක් පැවැත්වෙන හැම වෙලාවේම ශ්‍රී ලංකාවට යන්න හැකියාවක් නැහැ. ඇත්තෙන්ම මම මගේ ඡන්දය ප්‍රකාශ කරන්න උනන්දුයි. ඒ නිසා පිට රටවල ඉන්න අයට ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් ඇතිවෙනවානම් ගොඩක් හොඳයි." යනුවෙන් පැවසූ ලලනි දිසානායක සෞඛ්‍ය අංශයේ රැකියාව කරන තැනැත්තියකි. "ඉස්සරට වඩා දැන් රටේ ඡන්දය ලබාගන්න උත්සාහ කරන්නේ බලහත්කාරයකින් වගේ. ඒත් රටින් පිට ඉන්න අපිට ඒ වගේ බලපෑමක් නැහැ. හොඳට හිතලා මතලා තීරණයක් ගන්න අපට ඉඩ කඩක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් අපටත් ඡන්දය ප්‍රකාශ කරන්න වැඩපිළිවෙලක් තිබුණොත් අනිවාර්යයෙන් ම ඡන්දය දෙනවා" යැයි නිසංසලා හේරත් පැවසුවාය. පෙරකී කථිකාචාර්යවරිය සිය අදහස් දැක්වීම අතරේ මෙසේ ප්‍රශ්න කළාය. "මම තව අවුරුදු තුන හතරකින් ශ්‍රී ලංකාවට යනවා. ඉතිං රටේ ජනාධිපති කෙනෙක් තෝරන විට, ශ්‍රී ලාංකිකයෙක් කොහේ හිටියත් ඔහුට හෝ ඇයට ඡන්දය දාන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද. විදෙස්ගත අපිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද?" එහෙත් ඇයගේ ප්‍රශ්නයට පිලිතුරක් සැපයීම අපහසු වී තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමට බලධාරීන් තවමත් අසමත් ව සිටින බැවිනි. ඉහළ යන ඡන්දදායක සංඛ්‍යාව ශ්‍රී ලංකාවාසීන් 1931 දී සර්වජන ඡන්ද බලය හිමි කරගත්තේය. ඒ සමගම වයස අවුරුදු 21න් ඉහළ ජනතාවට ඡන්ද බලය හිමි විණි. රට තුළ ජනගහනය ක්‍රමානුකූලව ඉහළ යාමත් ඡන්ද බලය හිමිවන වයස අවුරුදු 18 දක්වා අඩුකිරීමත් නිසා සර්වජන ඡන්ද බලය හිමි රටවැසියන්ගේ ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යයි. ඒ අනුව 2019 ජනාධිපතිවරණය සඳහා ආසන්න වශයෙන් මිලියන 16ක ප්‍රමාණයකට ඡන්ද බලය හිමිව තිබේ. ඊට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත් ය. සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සම්මත විය. විදෙස්ගත තම ජනතාවට ඡන්ද බලය ලබා දීමට රාජ්‍යයන් ක්‍රියා කළ යුතු බව එම සම්මුතියේ 41ක් වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වේ. එය උපයෝගී කර ගනිමින් වර්ෂ 2000 දී පමණ සිට මෙරට සිවිල් සංවිධාන කිහිපයක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඡන්ද බලය දිනා දීම සඳහා දේශපාලන බලාධිකාරිය මෙන්ම මැතිවරණ කොමිසමට ද බල කරති. රටින් පිට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකමක් අහිමි ව ගොස් ඇති බවට ද අදහස් පළවේ. මැද පෙරදිග, ඉතාලිය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ කැනඩාව වැනි රටවල සැලකිය යුතු ශ්‍රී ලාංකිකයෝ ප්‍රමාණයක් වෙසෙති. ඔවුන් රැකියා, ඉගෙනීම හෝ ස්ථීර පදිංචිය සඳහා එම රටවලට ගොස් ඇත. සමහරුන්ට ද්විත්ව පුරවැසිභාවය ද හිමිය. කොළඹ පිහිටි මාලදිවයිනේ තානාපති කාර්යාලයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සැරසෙන එරට කාන්තාවක් මේ වනවිට ලොව පුරා රටවල් 115ක් පමණ සිය පුරවැසියන්ට වෙනත් රටක සිටින අතරතුරදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයාදීමට සමත්ව තිබේ. අසල්වැසි මාලදිවයින මෙන්ම ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් ද විදෙස්ගත සිය පුරවැසියන්ට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙති. කියවන්න: | විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැපයීමට සූදානම් බව ඒ ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට රටවල් 45කින් දන්වා තිබෙන බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මේ සම්බන්ධයෙන් ඩකා අගනුවර පුවත් පත් සාකච්ඡාවක් ඇමතු අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක ඩේව් රිචඩ්ස්ර්න් කියා සිටියේ විනය ක්‍රියා මාර්ගය අවසන් වන තුරු සියලු චුදීතයින් නිවැරදිකරුවන් සේ සලකන බවයි. චෝදනා ලැබූ හත් දෙනාම ක්‍රීඩකයින් නොවන නමුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩා නායක මොහ්මෙඩ් අශ්රෆුල් මේ චූදිතයින් අතරේ සිටින බව විස්වාශ කෙරේ. | බංගලාදේශයේ අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක තරඟ මුදලට පවා දීමට සම්බන්ධ හත් දෙනෙක් තමන් චිසින් හඳුනා ගෙන ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක මණ්ඩලය කියා සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම හැසිරීම වැරදි පුර්වාදර්ශයක් බව නිවේදනය මගින් අවධාරණය කර තිබේ මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිලිබඳ ව මෙන්ම ප්රජාතන්ත්රවාදය පිළිබඳව බරපතළ ගැටලුකාරී තත්වයක් උද්ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අප්‍රියෙල් 10 වෙනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙම නිවේදනය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ අලුතින් බිහි වුන ජාතික බල සේනා සංවිධානය විසින් ‘නිපොන්’ හෝටලයේ කැඳවනු ලැබ තිබුණ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානය කඩා වැදීමේ සිදුවීමයි. "පොලිස් නිලධාරීන් ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හැකිවීම තුළින් නොසඟවා ප්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්ඩුවේ අනුග්‍රහය මිස වෙනකක් නොවේ" යනුවෙන් මෙම නිවේදනය මගින් මෙවැනි ප්රජාතන්ත්ර විරෝධී කටයුතු වලට ආණ්ඩුව වගකිව යුතු බවට චෝදනාකර තිබේ. මුස්ලිම් නියෝජිතයන් කීප දෙනකුත් සහභාගී වෙමින් සිටි මාධ්‍ය හමුව පෙරට යමින් තිබියදී එම ස්ථානයට ලඟා වූ බොදු බල සේනා කණ්ඩායමක් පොලීස් නිලධාරීන් ඉදිරිපිටදීම ජාතික බල සේනා නියෝජිතයන්ට බාධා කිරීම වැරදි පුර්වාදර්ශයක් බව නිවේදනය මගින් අවධාරණය කර තිබේ. “සෑම සංවිධානයක් විසින්ම මේ අකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්වය අමුතුවෙන් පෙන්වා දියයුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව ජාතික සමගිය පිලිබඳ කතිකාවතක් ඉස්මතු කළයුතු මොහොතක ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයන් හා ආගම් අනුව තව තවත් එකිනෙකා ගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දකිමු.” යනුවෙන් වැඩිදුරටත් එහි සඳහන් වේ. එජාප විරෝධය ඉතිහාසයේ සිටම මුස්ලිම් හා සිංහල ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන බව කවුරුත් සහතික කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකාශ කළේ. වත්මන් රජය අනුගමනය කරන අදූරදර්ශී ප්‍රතිපත්තිය තුල එම සංහිඳියාව ක්‍රම ක්‍රමයෙන් නැතිවී යන බවයි ඔහු ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ සෑම අවස්ථාවක දීම ජාතික සමගිය, ජාතික හැඟීම සහ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව තහවුරු වූ බවයි කබීර් හසීම් මන්ත්‍රීවරයා පැවසුවේ. අද රටේ එම සංහිඳියාව නැතිවී යන බවත් එම තත්වයට වගකිවයුත්තේ වත්මන් රජය බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් සඳහන් කළේය. පොලිස් නිලධාරීන් බලා සිටියදී මෙවැනි සිද්ධියක් ඇතිවීමත් එය නොසලකා හැර ඒ පිළිබඳව රජය විසින් සොයා නොබැලීමත් රටේ නීතිය කඩා වැටීමක් බවයි ඔහු පැවසුවේ. “මේ රට ලේ විලක් කිරීමට යම් යම් සිද්ධීන් ඇති කරගෙන යන වැඩ පිළිවෙළට ආණ්ඩුවත් අනුමතිය දීල තියෙන්නේ. මේ නිසා මේකේ සම්පූර්ණ වගකීම මේ රජය බාර ගත යුතුයි” පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් තවදුරටත් ප්‍රකාශ කළේය | ජාතික බල සේනා සහ බොදු බල සේනා යන සංවිධාන දෙක අතර බදාදා කොළඹදී ඇති වූ ආරාවුල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බෝට්ටු චාරිකාව පිළිබඳව අනතුරු අඟවමින් ඕස්ට්‍රේලියාව මීට කලින් ද ප්රචාරක ව්‍යාපාරයක් දියත් කළේය කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ඇමතූ කොළඹට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නිලධාරීන් සහ තානාපති නිලධාරීහු, සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම මෙම ප්රචාරක ව්‍යාපාරය දියත් කරන බව ද සඳහන් කළහ. බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන සියලු දෙනා පැපුවා නිව් ගිනියාවේ කඳවුරුවලට පිටත් කරන බවත් ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් සලකා බලනු ලබන්නේ පැපුවා නිව් ගිනියා බලධාරීන් විසින් බවත් අගමැති කෙවින් රඩ් නිවේදනය කිරීමෙන් සතියකට පසුවයි, මේ ප්රචාරක ව්‍යාපාරය දියත් වන්නේ. බෝට්ටු පෙරලීම බෝට්ටුවලින් සිය රටට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් සිය ජීවිත පරදුවට තබා කරන චාරිකාවෙන් ප්‍රතිඵලයක් නැති බව දැනුම් දීම සිය ප්රචාරක ව්‍යාපාරයේ අරමුණ බවයි, කොළඹ සිටින වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සෝනියා කොපේ කියා සිටියේ. "අපේ පණිවුඩය මේකයි. මේ භයානක බෝට්ටු ගමනෙන් කිසිම තේරුමක් නෑ, ඔබට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න අවස්ථාව ලැබෙන්නේ නෑ," යනුවෙන් ද ඇය සඳහන් කළාය. මෑත දී එවැනි බෝට්ටු ගණනාවක් පෙරලීමෙන් විශාල පිරිසක් මරු මුවට පත් වූ අතර, එසේ පලා යන ඇතැමුන් ආර්ථික ප්රතිලාභ පතනවා විය හැකි නමුත් ජීවිතය බේරා ගැනීමේ අරමුණින් රටින් පලා යන බව තවත් සමහරුන් පවසන බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ. බෝට්ටු මගින් පලා යාමට උත්සාහ දරන පිරිස් අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ලැබෙන සහයෝගය ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක් විය. | නීති විරෝධී ආකාරයෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ලඟා වන කිසිවෙකුට දේශපාලන රැකවරණ ලබා ගැනීමේ හැකියාවක් නැති බව දැනුම් දෙමින් ශ්‍රී ලංකාව පුරා ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරන බව බලධාරීහු පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළාය. ඉන් අනතුරුව නියමිත පන්දු ඕවර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා යාමට ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 216 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිලානි මනෝදර පන්දු 75 කින් ලකුණු 61 ක් සහ ඉන්දීය පිලේ දීප්ති ශර්මා ලකුණු 78 ක් රැස් කිරීම කැපී පෙනිණ. මේ ප්‍රතිඵලයත් සමගම ජගත් කුසලානයේ මෙතෙක් පැවති තරග හතරෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළ දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව තරග වැදීමට නියමිතය. ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා ලෝක ශූරතාවලියේදී මෙතෙක් දැක්වූ ඉහලම දස්කමවන අතර, ලෝක කුසලානය තුළ මේ වන තුරු වැඩිම ලකුණු සංඛ්‍යාව (257) රැස් කරගෙන සිටින්නේ ද ඇයය. මේ අතර සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේදී ලකුණු 68 කින් කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට එංගලන්තය සමත් වූ පාකිස්තානයට එරෙහිව ලෙස්ටර් හිදී පැවති තරගයේදී ලකුණු 159 කින් තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්විය. මේ අනුව ඉන්දියාව සහ ලෝක ශූර ඕස්ට්‍රේලියාව මෙතෙක් මුහුණ දුන් තරග හතරම ජයගෙන තරගාවලියේ ඉදිරියෙන්ම සිටී. | එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව ඩර්බි හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16 ක පරාජයක් අත්විය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්කම් නිර්මාණ අලෙවිකරන සෝමලතා පෙරේරා ඇල්ල රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් පළ කළේ එවන් අදහසකි. ලොව එක් පසෙක "ඇමසන්" වනාන්තරය දැවෙද්දී ශ්‍රී ලංකාවේ ඇල්ල රක්ෂිතයේ "ඇල්ල රොක්" නමින් හැඳින්වෙන කඳු ශිඛර ප්‍රදේශයේ හටගත් ගින්නද දැඩි කතාබහකට ලක් විය. මිනිස් ක්‍රියාකාරකමක් එම ගින්නට හේතුව බව පොලිසිය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද තහවුරු කළහ. ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති කරමින් දෙදිනක් පුරා පැවති ගින්න මේ වනවිට පාලනය කර ඇත. අක්කර 20 ට අධික භූමි ප්‍රමාණයක් මෙයින් විනාශ වී තිබේ. මෙම ආපදාව මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත. පොලිසිය පවසන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවය. ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්රිත ස්වභාවික ගිනි ගැනීම් සිදුවේද ? ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සමස්ත භුමි ප්‍රමාණයෙන් 29.5% කි. ඝන වනාන්තර නොමැති නිසා ස්වභාවිකව වනාන්තර තුළ හටගන්නා ගිනි හෙවත් ළැව් ගිනි හට ගැනීමේ සම්භාවිතාව ඉතා අවම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පවසන්නීය. ඇයට අනූව ස්වභාවික වනාන්තරයක ස්වභාවික ගින්නක් හටගැනීමට නම් තවත් සාධක රැසක් සම්පුර්ණ කළ යුතුය. වියලි පරිසරය, දැඩි සුළං ප්‍රවාහය මෙන්ම එකිනෙක ස්පර්ශවීමකින් ගින්නක් උපදවිය හැකි විශාල ප්‍රමාණයේ වෘක්ෂ ලතා වලින් පුර්ණ ඝන වනාන්තර මේ අවදානමට නිතර ලක්වන බව පැවසේ. නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි වනාන්තර නොවේ. කෙසේවෙතත්, ගින්නෙන් දැවී නිරාවරණ වූ භූමිය වර්ෂා කාලයේදී අස්ථාවර වී නාය යාමේ අවදානම ඉස්මතුවීම, මහාචාර්යවරිය විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි. " බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල වගේ දිස්ත්‍රික්ක මේ අතරින් විශේෂයි. හේන් වගාව, දඩයම, ඉඩම් අත්පත් කර ගැනීම මේවායේ අරමුණු. මේ හේතුව නිසා සමස්ථ පරිසර පද්ධතියම විනාශ වෙනවා. දැන් මේ විනාශවන අක්කර ප්‍රමාණය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන්න වසර කීයක් ගතවෙයිද? මේ කලාපය ආශ්‍රිතව ජීවත්වන සත්ත්ව ප්‍රජාව මිය යන්නේ තවත් පරම්පරාවකට ජීවය නැතිව. වැස්ස කාලෙට දැඩි අවදානමක් පවතිනවා මේ ආශ්‍රිතව. මොකද මේ ප්‍රදේශ නිතර නිතර වර්ෂාව වාර්තාවන පළාත්" ඇය පවසන්නීය. වනාන්තර ගිනිතැබීම් සහ නීති ක්‍රියාත්මක නොවීම මෙවැනි සිදුවීම් පාලනයට විධිමත් මැදිහත්වීමක් නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති. වසරකට මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් අටදෙනෙකු වත් අත්අඩංගුවට ගන්නා බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එළෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට දඬුවම් දීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවෙන බව පරිසරවේදීහු අවධාරණය කරති. "කැලේ ගිනි තියල අක්කර ගානක් විනාශ උනාට පස්සේ ඒ මිනිස්සු අල්ලලා වැඩක් නෑ. ත්‍රස්තවාදය මැඩලන්න වගේ මේකටත් බුද්ධි අංශයේ සහය අවශ්‍යයි. කොච්චර මේ තැන් ගැන දැනුවත් කළත් නීතියට බය නැති පිරිසක් ඉන්නවා. සමහරු මේ වගේ වැඩ කරන්නේ විනෝදෙට. ඇල්ල සංචාරක පාරාදීසයක් බවට පත්වෙලා. මේ සුන්දරත්වය නැති කරන්නේ පිටරටින් එන සංචාරකයෝ නොවෙයි. අපේම මිනිස්සු. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම විනාශ කරගන්නවා," පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඇල්ල රක්ෂිතයේ ගින්න ගැන මෙසේ අදහස් පළකළේය. "හමුදාව, පොලීසිය සහ ගම්වාසීන් එක්ව මේ ගින්න නිවාගත්තා. උපරිම උත්සහ දැරුවා පැතිරීම පාලනය කරන්න. නමුත් එය පහසු කටයුත්තක් නොවෙයි. අපි වසරක් පාසා ඇල්ල රක්ෂිතයේ ප්‍රජාව දැනුවත් කරනවා. දැන්වීම් පුවරු අලවලා තිබෙනවා. මේ මොනදේ කළත් මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑ. ඇල්ල රක්ෂිතයේ පමනක් නොවෙයි හෝර්ටන් තැන්න වගේ ප්‍රදේශ ගැනත් අපි නිතර අවධානයෙන් ඉන්නේ. සමහරු විනෝදෙට මේ දේවල් කරන්නේ. පුදුම කලකිරීමක් දැනෙනවා මේ සිදුවීම් සම්බන්ධයෙන්." මෙලෙස ගිනිතැබීම් වලට ලක්වන බොහෝ ප්‍රදේශ සංචාරක ආකර්ෂණයෙන් අනූන ප්‍රදේශ වේ. කලක් හෝටන් තැන්න ආශ්‍රිතව ද වරින් වර මෙවැනි ගිනි තැබීම් වාර්තාවිය. නමුත් ඒ ආශ්‍රිතව ජනාවාස නොමැති නිසා එහි අසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට දැඩි නීති පැනවිණ. කෙසේ වෙතත් ඇල්ල රක්ෂිත කලාපය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රචලිත බැවින් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා විධිමත් පරිසර ආරක්ෂණ වැඩපිළිවලක අවශ්‍යතාව පවතී. "දැන් හදිසි අනතුරක් නිසා කොයි මොහොතේ ගින්නක් පැතිරෙයිද කියන දේ අපි අවධානයට ගතයුතුයි. එවැනි ගින්නකදී කැලේ ඇතුළේ ප්‍රමිතියෙන් තොරව සංචාරකයින් වෙනුවෙන් ඉදිකර ඇති පැල්පත් වැනි දෑ අවදානම් මට්ටමක තිබෙන්නේ. සංචාරකයින්ට යම් හානියක් වෙන්න තිබෙන අවදානම ඉහළයි. හදිසි ගින්නක් පාලනයට අදාළ පුර්ව ක්‍රියාමාර්ග නොගතහොත් අපි ජාත්‍යන්තරවත් අපකීර්තියට ලක්වෙනවා. පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේය. "ඇල්ල" ප්‍රචලිත වීම ඇල්ල ඇල්ල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ඉතිහාසයේ වෙරළබඩ කේන්ද්‍ර කරගනිමින් පැවතිය ද පසු කලෙක රට අභ්‍යන්තරයට විහිදුණි. දැනට දශකයක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රචලිත වූ අතර ඊට හේතු කිහිපයකි. ඇල්ල, කිලෝමීටර් 200 ක් (සැතපුම් 120) කොළඹට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1,041 (අඩි 3,415) ක උසක පිහිටා තිබේ. ජෛව විවිධත්වයෙන් අනූන මේ ප්‍රදේශය විවිධ ශාක හා සත්ත්ව විශේෂ රැසකින් සමන්විතය. භූ විද්‍යාඥයින්ට අනූව ඇල්ල පිහිටා ඇත්තේ සුළං කපොල්ලක් මධ්‍යයට වන්නටය. වලාකුළු, වනාන්තර හා තේ වතුවලින් වැසී ඇති කඳුවලින් වටවී ඇති ඇල්ල නගරය, පහත් බිම්වලට වඩා සිසිල් දේශගුණයකින් යුක්ත වීම එය එක් ප්‍රධාන හේතුවකි . මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20ක තරම් අගයක් ගනී. බෝගොඩ පාලම, ආරුක්කු නවය පාලම, කුඩා ලෝකාන්තය, දෝව විහාරය ඉහළ විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන වේ. ඇල්ල , අධික සුළං මෙන්ම පිරිසිදු වාතාශ්රයකින්ද යුක්ත වන අතර උඩරට වියළිකලාපයේ දේශගුණික ස්වභාවයට වඩා වෙනස් කාලගුණ තත්ත්වයක් මේ ප්‍රදේශය ආශ්‍රිතව පවතී. රක්ෂිතය යම් ගිනි ගැනීමකට ලක්වුවහොත් එය පාලනය කිරීමට අපහසු වන්නේද මේ සුළං සහිත ස්වභාවය හේතුවෙනි. මේ සෞම්‍ය පරිසරය නිසා පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය (Ecotourism), ත්‍රාසජනක ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය (Adventure tourism) වැනි සංචාරක ක්ෂේත්රයේ විවිධ ඉසව් රිසි සේ අත්විඳීමට ඇල්ල, කදිම තෝතැන්නකි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අන්තර්ජාලය හරහා දකින විදෙස් සංචාරකයෝ කිසිදු අතරමැදි සංචාරක මග පෙන්වන ආයතනයක සහය නොමැතිව මෙහි පැමිණ නිදහසේ කාලය ගතකිරීමට පෙළඹ සිටිති. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව මෑත භාගයේ දිවයිනේ සීඝ්රයෙන් ප්‍රචලිත වූ සංචාරක කළාපය ඇල්ල බවට හඳුනාගෙන තිබේ. ඇල්ල ආශ්‍රිතව දියුණුවන සංචාරක කර්මාන්තය නිසා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් ද බිහිවෙමින් තිබේ. සැළකියයුතු සංචාරක හෝටල් ප්‍රමාණයක් ද මේ ආශ්‍රිතව පවතින අතර අලුතින් ඉදිවන හෝටල් සමූහයක් ද පවතී. ස්වභාවික පරිසර කලාපයක හදිසියේ හටගන්නා ගින්නක් පාලනය කළ හැක්කේ කෙසේද ? "දැන් මේ වගේ සංචරකමය වශයෙන් වැදගත් ප්‍රදේශ මුලින්ම හඳුනාගෙන ඒ සඳහා පිළියම් කරන්න ඕන. ගිනි පටි දැමීම හොඳ ක්‍රමවේදයක්. ගිනි පටි කියන්නේ පැතිරෙන ගින්න අඩාල කරන්න ස්වභාවිකව කළහැකි වගාවක්. වනයේ තැනින් තැන පටියක් ආකාරයෙන් හෙළි කිරීමක් කරනවා. එවිට පැතිරෙන ගින්න එතැනින් එහාට යන්නේ නෑ. දැනුවත් කිරීම් නිතර කළ යුතුයි. ඒ වගේම දඬුවම් දීම ලිහිල් නොකළ යුතුයි. වන ගිනිතැබීම්වලට එරෙහිව පවතින නීති මොනවාද ? "වනසංරක්ෂණ ආඥා පනත සහ වනසත්ත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ ආඥා පනත යටතේ මීට වැරදිකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් කළ හැකියි. වැදගත්වන්නේ මේ දඬුවම් මෙන්ම අය කරන දඩ මුදල වැඩි කළ යුතුයි. දැන් හෝර්ටන් තැන්න ගිනි තැබීමට ඉස්සර දඩය රුපියල් 2500 ක් තිබුණේ. ඉතින් මෙවැනි පියවර ගත්තොත් පරිසරය මෙන්ම සංචාරක කර්මාන්තයත් බේරගන්න පුළුවන්." මහාචාර්ය වරිය පැහැදිළි කලාය. කියවන්න | "සහරාන් ගෙ බෝම්බෙන් පස්සේ නැවතුන රටේ සංචාරක කර්මාන්තය යන්තම් හරි ගොඩ එන්න පටන් ගත්තේ ඇල්ල නිසා. ඒත් මේ කාලකන්ණි ටිකදෙනෙක් කරන වැඩ නිසා පරිසරයත් විනාශ වෙලා රටත් විනාශ වෙලා අපිත් හිඟමනට වැටෙනවා". |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අද උදෑසන බොරැල්ල කනත්ත සුසාන භූමියේ පැවති ලසන්ත වික්‍රමතුංග පස් වැනි අනුස්මරණ ගුණ සමරුවේදී ප්‍රකාශයක් කළ ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග, ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට "ජනාධිපතිවරයා තුන් වරක්ම" පැවසූ බව කියා සිටියේය. "ජනාධිපතිතුමා මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සංදේශය එම ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ. "එතකොට මම ඔහුගෙන් ඇහුව ඇයි ඔහුට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ කියලා. සාක්ෂි ගැන කියල යම් පිළිතුරක් දුන්න මිසක් සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් දුන්නේ නැහැ." ලාල් වික්‍රමතුංග තව දුරටත් කියා සිටියේය. 'යුද හමුදාවේ උවමනාවට' රටේ නායකයා සහ රටේ ආරක්ෂක අංශවල සේනාධිනායකයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බවද ලාල් වික්‍රමතුංග සංදේශයට කියා සිටියේය. සිය සොහොයුරා ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ යයි විශ්වාස කරන්නේද යන්න, සංදේශය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්. "මේක යුද හමුදාවෙත් දේශපාලන ලොකු මහත්තුරුන්ගෙත් උවමනාවට වෙච්ච් වැඩක්. ජනරාල් ෆොන්සේකා ඔහුම කියල මේක කළාද, අනිත් අයත් එකතුවෙලා තවම දන්නේ නැහැ," යන්න එම ප්‍රශ්නයට ඔහුගේ ප්රතිචාරයයි. චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හිටපු හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඝාතනයට තමන් සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා කරන බවට ලාල් වික්රමතුංගට චෝදනා කරයි. "තුන් පාරක් මහින්ද රාජපක්ෂ කිව්වා කියල මෙයා ඒක පිළිගන්නවා නම්, මටත් පුළුවන් ඕනේ නම් දහ පාරක් හරි කියන්න මම නෙමෙයි ඒක කළේ මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා ඒකත් පිළිගන්නවද?" යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේ සංදේශය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී. සුදු කොඩි නඩුව මින් පෙරද තමා සිර ගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග සහ ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදු කොඩි නඩුවට අදාලව බොරු සාක්ෂි ලබා දුන් බවටද සරත් ෆොන්සේකා චෝදනා කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම පොද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සිදු වූයේ ජනතිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවදියේ සිට විශ්වාස කළ බවද සරත් ෆොන්සේකා පවසයි. එහෙත් එම චෝදනා චෝදනා ආණ්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. "හැකියාව තිබියදී මේ කල්ලිය ඇල්ලීමට අවශ්‍ය පියවර ජනාධිපතිවරයා හෝ මේ ආරක්ෂක ලේකම්වරයා ගත්තේ නැහැ," යනුවෙන්ද සරත් ෆොන්සේකා සංදේශයට කියා සිටියේය. හමුදාපතිවරයා ලෙසින් ඒ ගැන සොයා බැලීමට තමන්ට කිසිදු අයිතියක් හෝ වගකීමක් නොතිබූ බව අවධාරණය කළ හිටපු හමුදාපතිවරයා, ඉතා නිර්භීත, විප්ලවකාරී හා අභියෝග හමුවේ තම මත ප්‍රකාශ කළ මාධ්‍යවේදියකු ලෙසිනුයි, ලසන්ත වික්‍රමතුංග හඳුන්වා දුන්නේ. තම සොහොයුරා ඝාතනය කොට වසර පහක් ගත වුවත් තවමත් වැරදිකරුවන්ට දඩුවම් දීමට අපොහොසත් වී ඇති බවට මේ අතර ලාල් වික්‍රමතුංග ආණ්ඩුවට චෝදනා කරයි. "කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කිව්ව මාස තුනෙන් නඩුව ඉවර කරනව කියල. හැබැයි අද වෙන තුරු ඒ කිසිවක් වෙලා නැහැ. මට තේරෙනව හමුදාවේ මොරාල් එක වැටෙයි කියල බයක් තියනවා; නැත්නම් මේ නිලධාරීන්ට අණ දුන් අය අපහසුවට ලක් වේවි කියලයි මේ නඩුව ඉදිරියට ගෙනි යන්නේ නැත්තේ," යනුවෙන්ද ඔහු පැවසීය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. | සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවට ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ ඥාතීන් කරන චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කිලෝමීටර 2000 ක (සැතපුම් 1,242 ක) විහිදුම් පරාසයක් සහිත කොරම්ශහර් (Khoramshahr) මිසයිලය අත්හදා බැලූ අවස්ථාව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ. එම අත්හදා බැලීම කරනු ලැබුවේ කෙදිනද යන්න පැහැදිලි නැත. අඟහරුවාදා (සැප්තැම්බර් 19) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය. ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බව සඳහන් කළ ඔහු, 2015 දී බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද විවේචනයට ලක් කළේය. ඉන් අනතුරුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කළ, ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) සඳහන් කළේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය. මේ අතර සිකුරාදා (සැප්තැම්බර් 22) ප්‍රකාශයක් කළ ඉරාන ජනාධිපති හසන් රෝහානි (Hassan Rouhani) කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් එල්ල වන තර්ජනයට "නිවාරකයක්" වශයෙන් සිය හමුදා බලය තර කරන බවය. කොරම්ශහර් මිසයිලය මුල් වරට ප්‍රදර්ශනයේ කෙරුණේ සිකුරාදා ටෙහ්රාන් අගනුවර පැවති හමුදා පෙළපාලියකදීය. එයට යුද ශීර්ෂ කිහිපයක් එකවර රැගෙන යාමේ හැකියාව පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා පවසයි. එම මිසයිලයේ "සුවිශේෂී නිමැවුම" පිළිබඳව කරුණු දැක්වූ ඉරානයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් අමීර් හතමී (Amir Hatami) කියා සිටියේ, "සතුරාගේ ගුවන් ආරක්ෂක රේඩාර් මගහැරීමේ හැකියාව සහ ගුවන්ගත වූ මොහොතේ පටන් ඉලක්කයට පහර දෙන තුරුම මග පෙන්වීමේ හැකියාව" හේතුවෙන් එය "උපාය මාර්ගික මිසයිලයක්" බවය. "විවිධ ආකාරයේ මිසයිල නිෂ්පාදනය කිරීම පිණිස කිසිදු රටකින් අවසර ලබාගැනීමට ඉරානය බලාපොරොත්තු නොවන," බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉරානයේ අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව කරුණු පහදන බීබීසී පර්සියානු භාෂා අංශයේ විශේෂ වාර්තාකරු කස්රා නජී (Kasra Naji) පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් වෙත සිය විරෝධය දැක්වීම පිණිස ඉරානය "උතුරු කොරියාවේ පොතෙන් උගත් පාඩමක්" යොදා ගෙන තිබෙන බවය. කෙසේ නමුත් වත්මන් වාතාවරණය තුළ ලෝක ප්‍රජාව ඉරානය සහ උතුරු කොරියාව සංසන්දනය කිරීමේ හැකියාව තිබෙන බැවින් මේ මිසයිල අත්හදා බැලීම ඉරානයට පාරා වලල්ලක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් කස්රා නජී සඳහන් කරයි. ඉරානයේ බැලිස්ටික් මිසයිල වැඩසටහනට සහ "ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දෙන" බව පවසමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජුලි මාසයේ ඉරානයට එරෙහිව අලුතෙන් සම්බාධක ප්‍රකාශයට පත් කළේය. ඊට පෙරාතුව පසුගිය ජනවාරි මාසයේ ඉරානය බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව ද ඇමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීය. එවැනි අත්හදා බැලීම් ලෝක බලවතුන් හය දෙනෙක් ඉරානය සමග 2015 දී අත්සන් තැබූ ගිවිසුමේ මුඛ්‍යාර්ථයට එරෙහිව යන්නක් බව එක්සත් ජනපදයේ තර්කය විය. එහෙත් සිය මිසයිල අත්හදා බැලීම් එම ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන බව ඉරානය අවධාරණය කරයි. අදාළ මිසයිල න්‍යෂ්ඨික යුද ශීර්ෂ රැගෙන යාමේ අරමුණින් නිෂ්පාදනය නොකරන ලද බව ඉරානයේ තර්කය වී තිබේ. | ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමේ අරමුණින් මධ්‍යම දුර විහිදුම් අලුත් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉරානය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කලහකාරී පිරිස් එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපළක මුරකරු ලෙස සේවය කළ දෙමළ ජාතිකයෙකු මරණයට පත්වී ඇති බවයි වැලිපැන්න සිට සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේ. එකසිය පනහකට අධික පිරිසක් පැමිණ නගරයේ කඩ සාප්පු දොළහකට පමණ පහර දී තිබෙන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයට පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ අවට ගම්වාසීන් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. වෙඩි ශබ්ද මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වැලිපැන්න නගරය දෙසින් වෙඩි ශබ්ද ඇසුණු බව සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේය. ‘දිගින් දිගටම වෙඩි ශබ්ද ආවා. එතකොට අපිට ආරංචි වුනා ටවුමට ගිනි තියනවා කියලා. අපි ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නා. කිසිම වැඩක් වුනේ නැහැ. ගිනි තියාගන ඉදිරියට එනවා කියලා ආරංචි වුන නිසා අපේ ගමේ අය එතනට ගිහිල්ල තමයි නගරයේ ඉතුරු කඩ ටික බේරා ගත්තේ’ යයි පැවති තත්වය විස්තර කරමින් විදුහල්පතිවරයා සංදේශයට කියා සිටියේය. ‘අපි පණ බයේ හිටියේ මොකුත් කර ගන්න බැරුව අසරණ වෙලා. ළමයි ඔක්කොම ගොඩක් බය වෙලා හිටියා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. කලහකාරී පිරිස් අත ආයුධ තිබූ බව පවසන විදුහල්පතිවරයා, ඒ අවස්ථාවේ නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනා දෙනා කිසිවක් නොකළ බවටයි චෝදනා නගන්නේ. සමගියෙන් වැලිපැන්න නගරයේ ජීවත් වන සිංහල හා මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වූ පිරිසක් බව පවසන විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් මෙම ප්‍රහාරය එල්ල කළේ පිටතින් පැමිණි පිරිස් බව ප්‍රකාශ කළේය. වැලිපැන්න නගරයේ ගෙවල් කිහිපයක් ඇතුළු වෙළඳසැල් කිහිපයක් ගිනිබත් කර තිබෙන බව කියා සිටි විදුහල්පතිවරයා වෙළඳසැල් විසිහයකට පමණ පහර එල්ල කර තිබෙන බවත් එම හානියට පත් වෙළඳසැල් සමහරක් සිංහල ජාතිකයන්ට අයිති ඒවා බවත් පැවසීය. මේ මොහොත වන විට වැලිපැන්න නගරයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ. බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු අටේ සිට පැය හතරක් දක්වා තාවකාලිකව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටයි එම තීරණය ගෙන තිබෙන්නේ. ඊයේ දිනයේ අලුත්ගම ඇතුළු අවට ගම්මාන වල සංචාරය කළ බීබීසී මාධ්‍යවේදීන්ට දැක ගත හැකි වූයේ වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටි බවයි. | වැලිපැන්න නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය අදහස් දක්වමින් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් කරන ලද ආරාධනයක් අනුව නව ඇමති පදවිය භාරගත් බව කියා සිටියේය. "ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මා කෙරෙහි විශ්වාසය තබා මට ආරාධනා කළා. මම ඒක භාර ගත්තා." අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අවස්ථාවේ ඔහු ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අතර "ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීම ලැජ්ජාවක්" බව ද ප්‍රකාශ කළේය. පවතින ජාතික ආණ්ඩුව "අච්චාරුවක්" ලෙස හඳුන්වා දෙමින් මෙම ආණ්ඩුවේ ඇමති පදවි භාර නොගන්නා බවක් ඔහු පසුගිය සතියේත් කියා ඇතත්, මෙම හදිසි වෙනසට හේතුව කුමක්දැයි බීබීසී කොළඹ වාර්තාකරු ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියා සිටියේ "කිසිම හදිසියක් නොමැති" බවය. "කිසිම හදිසියක් නැහැ. ආණ්ඩුවේ සන්දර්භය හුඟක් වෙනස් වෙලා. ඇමති මණ්ඩලයේ සන්දර්භයේ ඇති වූ වෙනස තුළ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ඉල්ලීම භාර ගත්තා" නව ඇමතිවරයා සඳහන් කළේය. "දේශපාලනඥයන් විධියට මහජනයාට සේවය කළ හැකි ඕනෑම මොහොතක එය ඉටු කළ යුතු නිසා මම ඒ ඉල්ලීමට එකඟව ඇමති පදවිය භාර ගත්තා." කලින් දරන ලද අධිකරණ ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව 'මෙවැනි ආණ්ඩුවක පදවියක් දැරීම ලැජ්ජාවට කරුණක්' බවට කරන ලද ප්‍රකාශය පිළිබඳව බීබීසී වාර්තාකරු සිහිපත් කළ විට ඊට පිළිතුරු දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා, දේශපාලනඥයන් එවැනි ප්‍රකාශ කරන බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ ඇමති පදවියක් දරමින් ඊට සමාන ප්‍රකාශයක් සිදුකර ඇති බවත් සිහිපත් කළේය. "එහෙම ඒවා වෙනවා. ඔබට මතක ඇති 2007 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස රාජපක්ෂ ආණ්ඩුවට කිව්වා මට තියෙන ලොකුම ලැජ්ජාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකෙනෙක් වීම කියලා. එතුමා ලේකම් කෙනෙක් ලෙස කිව්වා." "දේශපාලන වතාවරණ තුළ අපි විවේචන කරනවා. ඒකටයි ප්රජාතන්ත්රවාදය කියන්නේ," ඔහු කියා සිටියේය. කලින් ඇමති පදවියෙන් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මගින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ 2017 අගෝස්තු මාසයේ දී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔහු කලින් දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබුණි. හම්බන්තොට වරාය අනූනව අවුරුද්දක් සඳහා චීනයට බදු දීමට ආණ්ඩුව ගත් තීන්දුව ඔහු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මගින්ද දැඩි විවේචනයට ලක් කර තිබුණි. ඒ අතරම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් ඔහුට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල විය. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කලින් දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව 2017 අගෝස්තු 23 දින ඔහු මාධ්‍ය වෙත කළ ප්‍රකාශය පහත දැක්වෙන වීඩියෝවේ නරඹන්න. "ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීම ලැජ්ජාවක්" පසුගිය වසරේ අගෝස්තු මාසයේ ධුරයෙන් ඉවත්කළ විජේදාස රාජපක්ෂ ඉන් පසුව ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ දී ඔහු අගමැතිවරයාට සහය පළ කරමින් කියා සිටියේ එම විශ්වාස භංගය ඉදිරිපත් කරනු ලැබුවේ රට අස්ථාවර කිරීම සඳහා බවය. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් රැසක් ද එක්ව සිටියහ. විශ්ව විද්‍යාල කේෂ්ත්‍රයේ ගැටළු විසඳීමටත්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ප්‍රමිතිගත කිරීමටත් කටයුතු කරන බව නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සඳහන් කළේය. නව උසස් අධ්‍යාපන ඇමතිවරයා වැඩ භාරගන්නා අවස්ථාවේ සිසු උද්ඝෝෂණ ඇතිවිය හැකි බැවින් අමාත්‍යංශ පරිශ්‍රය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. තවත් තොරතුරු: | වත්මන් යහපාලන රජය සඳහා ඉතිරිව ඇති ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ මහජනයාට සේවය කිරීමේ අරමුණින් තමා මෙවර ඇමති පදවියක් භාරගත් බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු භාර නව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එඩින්බරා විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ උත්සවයේදී වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ පවසති. සියවසකට පෙර ලබාගත් මෙම අස්ථි විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ කොටසක් ලෙස තැන්පත් කර තිබිණි. විශ්වවිද්‍යාලයේ 'ප්ලේෆෙයා' පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයක දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල ප්රදානය කර ඇත. "වැදි සමාජය තුළ මරණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. අපෙන් වෙන්ව ගිය අයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා," ආදිවාසී නායකයා පැවසීය. "ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා" "මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණත්, ඔවුන්ගේ ආත්මය අපි සමඟ ශ්‍රී ලංකාවේ රැඳී සිටියා." "ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. මෙය මගේ මිනිසුන්ට අති විශේෂ අවස්ථාවක්," ඔහු තවදුරටත් පැවසුවේය. විවිධ ද්‍රව්‍යය 12,000ක් පමණ තැන්පත් කර ඇති විශ්වවිද්‍යාලයේ අදාළ අංශයට මෙම හිස්කබල ලැබුණ ආකාරය අපැහැදිලිය. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වැදි ජනයා කරන ප්‍රකාශය නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ ජර්මනියේ සහ එඩින්බරා පරීක්ෂකයෝ පවසති. වැදි ජනයා සිය මුල් යුගයේ දී වැසි වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ කොටසක් බව ද ඔවුන් පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාලය මෙම හිස්කබල වැදි ජනයාට නැවත භාර දීමට සිදු කළ යෝජනාව ඔවුහු පිළිගත්හ. වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායක දඩයම්කරුවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදිවාසීන් සැලසුම් කර තිබේ. ඉඩම් අහිමිවීම සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ජීවන රටාව තවත් පරම්පරා දෙකක් ඇතුළත අභාවයට යනු ඇතැයි පරීක්ෂකයෝ පවසති. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් එඩින්බරා විශ්වවිද්‍යාලයට පැමිණීම ගැන තමන් දැඩි ලෙස සතුටු වන බව ව්‍යූහ විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය ටොම් ගිලින්වෝටර් පැවසීය. "අපේ අංශයේ තිබෙන විවිධ ද්‍රව්‍යය පරීක්ෂණ සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ද නිතර භාවිත කරනවා," මහාචාර්යවරයා පැවසීය. මේ තොරතුරුද කියවන්න: "සංස්කෘතික වටිනාකමක් මෙන්ම වැදි ජනයාගේ ඉතිහාසය ගැන ඉදිරි පරම්පරාවලට දැනගත හැකි මේ වගේ දේවල් නැවත ලබා දෙන්නට හැකි වීම ගැන අපි සතුටු වෙනවා," ඔහු පැවසුවේය. | එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මානව හිමිකම් මණ්ඩලය, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මානව හිමිකම් යොදා ගන්නවා' විශේෂයෙන්ම මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ එවැනි පිළිවෙතක් බවයි, විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් ජිනීවා නුවර දැන් පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතමින් කියා සිටියේ. සිය රටේ අනුමැතියකින් තොරව මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය කවරක් වුවත්, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ. ජනාධිපති කොමිසම විශේෂයෙන්ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ පරිදි යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කරනු වස් ආණ්ඩුව ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි. 'අතුරුදහන් වූවන් සොයා බලන කොමිසමට පැමිණිලි 16,000 ක්' පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත් කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණිලි 16,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සෘජුවම හෝ සෘජු නොවන ආකාරයෙන් යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසින් මරුමුවට පත් වූවන් සහ තුවාල ලැබූවන් මෙන්ම දේපොළ හානිද සොයා බැලීමේ අරමුණින් දීප ව්‍යාප්ත සංගණනයක් පැවැත්වෙමින් තිබෙන අතර එහි මූලික වාර්තාව ඉදිරි සති කිහිපය ඇතුලත ප්‍රකාශයට පත් වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. එල්ටීටීඊ සංවිධානය විසින් උතුරෙන් පලවා හරින ලද 75,000 කට ආසන්න මුස්ලිම් ජනතාවට යළිත් ස්ථිරව පදිංචි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි, අමාත්‍ය ජීඑල් පීරිස් සැසිවාරය මතින් කියා සිටියේ. 'වාර්තාව ප්‍රතික්ෂේප කරනවා' උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ප්‍රකාර යලි පදිංචි වූ යුද අනාථයන්ට ස්ථිර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ වී ඇති බවත් අමාත්‍ය පීරිස් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියා කොට තිබෙන බවයි, විදේශ ඇමතිවරයා සිය දේශනයේදී අවධාරණය කළේ. එසේ තිබියදීත් මානව හිමිකම් මණ්ඩලය දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම එහි "අසාධාරණ සහ පක්ෂග්රාහී" ක්‍රියාකලාපය හෙළිදරවු කරන්නක් බවයි, ඔහු පවසන්නේ. මේ තත්ත්වය යටතේ නවී පිල්ලේ මහා කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ "දේශපාලන ස්වරූපයක් ගත් ආක්‍රමණශීලී ආකාරයේ වාර්තාව" ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. | ලොව වෙනත් ප්‍රදේශවල "වඩාත් අවධානයට ලක් විය යුතු සහ හදිසි ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙන" මානව හිමිකම් උල්ලංඝනයන් "ආයාසයකින් තොරව නොසලකා හරින" අතරවාරයේ, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මානව හිමිකම් යොදා ගන්නා බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඒ අනුව ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ඇතැම් ස්මාර්ට් ජංගම දුරකතන, මගීන් අත ගෙන යන ගමන් මලු තුළ රැගෙන යෑම තහනම් කෙරෙනු ඇත. බ්‍රිතාන්‍ය බලධාරීන් එම පියවර නිවේදනය කළේ එම කලාපයේ රටවල් අටක සිට ඇමෙරිකාව දක්වා කෙරෙන සෘජු ගුවන් ගමන්වලදී මගීන් අත ගෙන යන ගමන් මලු තුළ එවැනි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම ඇමෙරිකානු බලධාරීන් විසින් අඟහරුවාදා උදය වරුවේ තහනම් කිරීමෙන් අනතුරුවයි. අදාළ තහනම අත්‍යවශ්‍ය බව පැවසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බව සඳහන් කළේය. බුද්ධි අංශ වාර්තා ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එකී ක්‍රියාමාර්ගය ගත් බව ඇමරිකානු බලධාරීහු පවසති. ගුවන් යානා මගී කුටි තුළ ජංගම දුරකතනයකට වඩා ප්‍රමාණයෙන් විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම තහනම් කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් සේවා නවයකට පැය 96 ක කාල සීමාවක් ලබා දී තිබේ. | මැදපෙරදිග කලාපයේ රටවල් හයක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන නව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කරමින් සිටී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'මරණීය දණ්ඩනයට ලක් කිරීම යනු ප්රචණ්ඩත්වයේ ලක්ෂණයකි. එය විසඳුමක් නොවේ' ඇතැම් දේශපාලඥයින් සහ සමාජයේ බහුතරයක් එය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන අතර ඇතැමෙක් එම අදහසට එරෙහි වෙති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාවට නගන බවයි. ලොව වටා රටවල් එකසිය හතළිහක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි. 'නොසලකා හැරීම' මරණ දඬුවම ක්‍රියාත්මක කළ පසු යළි වෙනස් නොකළ හැකි පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය, වරදකරුවකු නොවන පුද්ගලයකුට මරණ දණ්ඩනය ලබා දීමට ඇති ඉඩකඩ ශූන්‍ය නොවන බව අවධාරණය කරයි. බන්ධනාගාරගත කිරීම හා සැසඳීමේදී මරණ දඬුවම ලබා දීම හරහා සමාජයට බලපෑමක් සිදුවන බවට සාක්ෂි කිසිවක් නොමැති බවත් මානව හිමිකම් සංවිධානය කරුණු සහිතව පෙන්වා දෙයි. 'නීති පද්ධතියේ වූ නොසලකා හැරීම හේතුවෙන් දිළින්දෙකු හෝ යම්කිසි සුළු ජනකොටසකට හෝ ආගමකට අයත් නම් මරණ දණ්ඩනයට යටත් කිරීමට වැඩි ඉඩකඩක් තිබේ' "මරණීය දණ්ඩනයට ලක් කිරීම යනු ප්රචණ්ඩත්වයේ ලක්ෂණයකි. එය විසඳුමක් නොවේ." වැඩි වශයෙන් පුද්ගලයන් මරණ දණ්ඩනයට ලක් කරන ඇතැම් රටවල නීති පද්ධතිය දැඩි මතභේදයට තුඩු ඩී තිබේ. චීනය, ඉරානය සහ ඉරාකය වැඩි වශයෙන්ම එය ක්‍රියාත්මක කරන රටවල් බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි. "නීති පද්ධතියේ වූ නොසලකා හැරීම හේතුවෙන් දිළින්දෙකු හෝ යම්කිසි සුළු ජනකොටසකට හෝ ආගමකට අයත් නම් මරණ දණ්ඩනයට යටත් කිරීමට වැඩි ඉඩකඩක් තිබේ." තම මතයට විරුද්ධ මතයක් දරන දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කොට ඇති බවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි. මරණ දඬුවම ලබා දීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්: විදුලි පුටුව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්තාවලට අනුව 2014 වසර තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ රටවල් 22කි. ඇෆ්ගනිස්තානය, බෙලරුසියාව, චීනය, ඊජිප්තුව, ඉක්වටෝරියල් ගිනීයාව, ඉරානය, ඉරාකය, ජපානය, ජෝර්දානය, මැලේසියාව, උතුරු කොරියාව, පාකිස්තානය, පලස්තීනය, පලස්තීනය සහ ගාසා තීරයේ හමාස් අධිකාරිය, සෞදි අරාබිය, සිංගප්පුරුව, සෝමාලියාව, සුඩානය, තායිවානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, වියට්නාමය සහ යේමනය ඒ රටවල් 22 යි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල ආසියානු සහ අප්‍රිකානු රටවල් බොහොමයක් මුස්ලිම් රාජ්‍යයන්. | පස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කොට ඝාතනය කිරීමත් සමග එවැනි ස්ත්‍රී දූෂකයන්ට සහ ළමා අපයෝජකයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකාව තුළ ජන මතයක් නිර්මාණය වෙමින් පවතියි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සම්ප්‍රදායික තජික් කාන්තා ඇඳුම නිර්දේශ කරන අතර, බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම් සහ මුස්ලිම් ඇඳුම් නොසුදුසු බව සඳහන් කර ඇත. අදාළ "නිර්දේශ ඇතුළත් පොත" එළිදක්වා ඇත්තේ එරට සංස්කෘතික අමාත්‍යංශයෙනි. "අවුරුදු හතේ සිට හැත්තෑව දක්වා කාන්තාවන්ට" සුදුසු යැයි හැඟෙන ඇඳුම්වලින් සැරසුන නිරූපිකාවන්ගේ ඡායාරූප මෙයට ඇතුළත් කර ඇති බව ඒෂියා-ප්ලස් වෙබ් අඩවිය වාර්තා කරයි. කාන්තාවක් රැකියාවට ඇඳිය යුතු ඇඳුම්, ජාතික සහ රාජ්‍ය නිවාඩු දිනවලට සුදුසු ඇඳුම් සහ මංගල උත්සවයකට මෙන්ම සති අන්තයට සුදුසු ඇඳුම් පවා මෙම පොතෙහි විවිධ පරිච්ඡේදවලින් නිර්දේශ කර ඇත. එම පොතෙහි අවසාන පරිච්ඡේදයක තජික් කාන්තාවන්ට ඇඳීමට නොසුදුසු ඇඳුම් පිළිබඳ සඳහන් කර ඇත. සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම්වලට එරෙහිව තජිකිස්ථානයේ ගෙනයන ව්‍යාපාරය සැලකිල්ලට ගෙන කළු පැහැති ඇඳුම්, හිස් ආවරණ සහ හිජාබය නොසුදුසු ඇඳුම් ලෙස වර්ග කර ඇත. ජනාධිපති එමොමාලි රාමොන්ගේ හෙළාදැකීම හමුවේ වුව ද සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් තවමත් රට තුළ ජනප්‍රියය. බටහිර සම්ප්‍රදායට ඔබින ඇඳුම්, කෙටි සාය, පපුව නිරාවරණය වන ඇඳුම් සහ පිට පෙනෙන ගවුම් ඇඳීම මෙම පොතට අනුව නුසුදුසුය. "සෙරෙප්පු පැළඳගෙන හෝ ඇඟට තද වන කලිසම් හෝ සෞඛ්‍යයට අහිතකර යැයි පිළිගැනෙන කෘත්‍රිම රෙදිපිළි ඇඳගෙන පොදු ස්ථානවලට යෑම නිර්දේශ කරන්නේ නැහැ," ලෙස වෙබ් අඩවියේ පළ කර තිබුණි. පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටක් වන තජිකිස්ථානයේ ජනගහනයෙන් වැඩි කොටසක් මුස්ලිම් ජාතිකයන්ය. එහෙත්, වඩාත් අනාගමික වූ එහෙත් සම්ප්‍රදායික සංස්කෘතියක් බිහි කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. මේ තොරතුරුද දැනගන්න: රැකියාවක නිරත කාන්තාවන් ඇඟලිය යුතු ඇඳුම් 'මිල දී ගැනීමේ හැකියාවක් ඇත්නම්, ඒ ඇඳුම් ඉතා ලස්සනයි' අදාළ පොත පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ අදහස් පළ වී තිබුණි. පොතෙහි දක්වා ඇති ඇඳුම් "ලස්සනයි" ලෙස මතයක් පළ වී තිබුනත්, එම ඇඳුම් මිලෙන් අධික බව බොහෝ දෙනා සඳහන් කර ඇත. "මේ ඇඳුම් අපට මිලට ගෙන දෙන්න වෙන්නේ සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරීන්ට," යැයි මත පළ වී තිබුණි. "මේ වගේ පල් හෑලි සොයනවාට වැඩිය, සංස්කෘතික අමාත්‍යංශය පවතින වෙනත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි" ලෙස සටහන් කළ එක් සමාජ ජාල පරිශීලකයෙකු, තජිකිස්ථානය තවත් උතුරු කොරියාවක් කිරීමට උත්සහ දරන බවට අමාත්‍යංශ නිලධාරීන්ට චෝදනා කර තිබිණි. "තද වුණ කලිසම් ඇඳීමෙන් ශරීරයේ කොටස් අනවශ්‍ය ආකාරයට උලුප්පා දැක්වෙනවා" යන්නට පිළිතුරු දෙමින් එක් පුද්ගලයෙකු අසා සිටියේ "ශරීරයේ මොන කොටස ද? ඔවුන්ගේ මොළයේ තිබෙන ගෙඩියත් මෙයට අයත් ද?" යනුවෙනි. පොතට අනුව, සමහර බටහිර මෝස්තර නිවාඩු දිනවලදී ඇඳීම සුදුසුය | කාන්තාවක් ඇඟලිය යුතු සහ එසේ ඇඟලිය නොයුතු ඇඳුම් ඇතුළත් පොතක් එළිදැක්වීමට තජිකිස්ථාන ආණ්ඩුව පියවර ගෙන ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ''තේ වගාකරුවන්ට දෙන බවට පොරොන්දු වූ සහන කෝ?'' ජනපතිවරයා ප්රමුඛ යහපාලන ආණ්ඩුවෙන් විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ පැවති වර්ෂාව නොතකා බලංගොඩ බස් නැවතුම් පොල ඉදිරිපිටට එක් රැස් වූ විරෝධතාකරුවෝ පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුනහ. කුඩා තේ වතු හිමියන් ඇතුළු සබරගමු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් ද එක් උද්ඝෝෂණයට එක් වී සිටියහ. ''තේ වගාකරුවන්ට දෙන බවට පොරොන්දු වූ සහන කෝ?'' ජනපතිවරයා ප්රමුඛ යහපාලන ආණ්ඩුවෙන් විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ. | තවමත් විසඳුම් නොමැති තේ අර්බුදයට තාවකාලික විසඳුමක් වශයෙන් අමු තේ දලු කිලෝවකට පසුගිය සන්ධාන රජයෙන් නියම කළ රුපියල් හැත්තෑවවත් ලබා දෙන ලෙස ඉල්ලා බලංගොඩ නගරයේ විරෝධතාවක් පැවැත්වින. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලලිත් සහ කුගන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී පසුව හමු විය සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ, ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් මානව හිමිකම් ක්‍රියාධරයන් අතුරුදහන් වී දෙවසරක් පිරීම නිමිත්තෙන් සහ ලෝක මානව හිමිකම් දිනය සැමරීම් වස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කරනු ලැබ තිබූ විරෝධතාවයකදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. අතුරුදහන් කළ ලලිත් සහ කුගන් වහා නිදහස් කරන ලෙසත් රට පුරා සිදුවන පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් ඇතුළු ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන් වහා නතර කරන ලෙසත් උද්ඝෝෂකයෝ රජයට බල කොට සිටියහ. යතුරු පැදිය ලලිත් සහ කුගන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක්. උද්ඝෝෂණයේදී සංදේශය සමඟ අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ ඔවුන්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ බවට ආණ්ඩුවට චෝදනා කළේය. ලලිත් කුගන් පැහැරගැනීම සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බවයි, ඒ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට කියා සිටියේ. ලලිත් හා කුගන් ආරක්ෂක අංශ මගින් රඳවා ගෙන සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරන චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. | ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජ්ගේ පියා, ආරුමුගම් වීරරාජ් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර ඇති අධි චෝදනා සංඛ්‍යාව 17 කි. මිනී මැරීම , මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා මිට ඇතුළත් වෙයි. 2010 වසරේ ඔක්තෝබර් මස 08 දා පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිය ගොස් තිබිණ. ඊට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දීර්ඝ ලඝු නොවන නඩු විභාගයක් පැවතී අතර එහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දු කලේ චෝදනා පවත්වා ගෙන යාම සඳහා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. ඒ අනුව නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් මේ වන විට කොළඹ මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදා හැර ඇත. | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති එම පුද්ගලයන් විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ය. ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට සපුරාලිය යුතු සුදුසුකම් අතර රටේ නායකයා බෞද්ධ විය යුතුය යන කරුණ ද ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. මේ ගැන කරුණු විමසූ විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන කුමුදුනී සැමුවෙල් පැවසුවේ, "ශ්‍රී ලංකාව බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතික රටක්. ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ සුදුස්සෙක් මිසක් ආගම මත පදනම් වූ පුද්ගලයෙකු නෙමෙයි," යනුවෙනි. නමුත්, කොළඹ පාසලක ගුරුවරියක මේ ගැන දැරුවේ වෙනස් මතයකි. "අපේ රටේ 70%කට වඩා ඉන්නේ බෞද්ධයන්. එහෙම රටක් වෙන ආගමක කෙනෙක් පාලනය කරන එක හරි යන්නේ නැහැ. රටේ නායකයා බහුතර මතය, බහුතරයක් අදහන ආගම අදහන කෙනෙක් විය යුතුයි. නැත්නම් අපිට කියලා රටක් නැති වෙනවා," ඇය පැවසුවාය. කෙසේ නමුත්, ව්‍යවස්ථාව විශ්ලේෂණය කර බැලූ විට ජනාධිපති බෞද්ධ විය යුතු යැයි හෝ බහුතරයක් බෞද්ධ ආගමිකයන් සිටින රටක් වීම නිසා බෞද්ධ ආගම වැළඳගත යුතු යැයි සඳහන් වී නොමැත. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්" ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද? ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද? කෙසේ නමුත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත. "බෞද්ධ රජෙක්" "අදාළ පුද්ගලයා හොඳ කෙනෙක්නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.." ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් වන කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසුවේ, "ශ්‍රී ලංකාව 70% බෞද්ධයන් ඉන්න රටක් හැටියටත්, බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩිය රටක් හැටියටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධයෙක් ම විය යුතුයි. දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ," යනුවෙනි. "ඉස්සර අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කෝට්ටේ සහ කුරුණෑගල ආදී යුග කාලවල සිට බෝසත් රජවරු ඉඳලා, දස රාජ ධර්මය අනුව රාජ්‍ය හසුරවා, රට ස්වයංපෝෂිත කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. නමුත් අද දස රාජ ධර්මයට අනුව රට කරන්නේ නැති නිසා නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා." "මේ රටේ අද නොයෙක් ව්‍යසන ඇති වෙලා. එදා ධර්මද්වීපයක් වුණ රට අද කාකද්වීයක් බවට පත්වෙලා. රටේ ප්‍රශ්න ඇති වෙලා, විනාශ වෙලා. මේ නිසා අපිට අවශ්‍ය ධර්මයට අනුව ක්‍රියා කරන රජ කෙනෙක්," භික්ෂුණී වහන්සේ පැවසූහ. "නීතියක් ද? රීතියක් ද?" නීති අධ්‍යාපනය හදාරා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත හේමන්ත ජයසූරිය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු යැයි කිසිදු නීතියක් හෝ රීතියක් නොමැති බවය. ශ්‍රී ලංකාවේ බහුතරය බෞද්ධ ආගමික නිසා අන්‍යාගමික පුද්ගලයෙකු නායකත්වයට පත් වූ විට සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමේ අටියෙන් "ආගම වෙනස් කර ගන්නා බවට මවා පාන" බව ඔහු පැවසීය. මේ තොරතුරු ද කියවන්න: ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපති "ආගම මාරු කරන්න ඕනේ" ඒ අතර, බැංකු නිලධාරිනියක වන අකිලා විදානපතිරණ පැවසුවේ, "රටේ ජනාධිපති වීමට ආගම බලපාන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් ජනාධිපති වුණාට පස්සේ බහුතරයක් අදහන ආගමට මාරු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මම ව්‍යවස්ථාව ගැන නම් දන්නේ නැහැ," යනුවෙනි. "ආගම නෙමෙයි සුදුසුකමයි ඕනේ" "ශ්‍රී ලංකාවේ ජනාධිපති විය යුත්තේ ව්‍යවස්ථාවට ගරු කරන පුද්ගලයෙක් මිස ආගම මත පදනම්ව තෝරා ගන්නා පුද්ගලයෙක් නෙමෙයි," යැයි කුමුදුනී සැමුවෙල් පැවසීය. "ආගම කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. අපේ ඇදහීම් සහ විශ්වාසයන් ගොනු කරන දෙයක්. එවැනි දෙයක් දේශපාලනයට හෝ සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අනාගමික ව්‍යුහයක් හරහා ව්‍යවස්ථාව ගොඩ නැගෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ." "අපිට කැමති ආගමක් අදහන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් පද්ධතිය තුළ එක් ආගමක් ප්රමුඛ වන්නේ නැහැ. ජනාධිපති වන පුද්ගලයා බෞද්ධ කෙනෙකු විය යුතු මයි කියලා මම හිතන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. ආගම සහ ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ, 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්රමුඛ ස්ථානය පිරිනමන්නේය... එමෙන් ම, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම,' යනුවෙන් සඳහන් වේ. "දස රාජ ධර්මයෙන් මේ රට පාලනය කරන්න ඕනේ" රටේ බහුතරයක් අදහන ආගම ගැන එසේ වෙන ම වගන්තියක සඳහන් කර තිබෙන අතර, ඕනෑ ම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබේ. "9 වෙනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම පෝෂණය කර සංරක්ෂණය කර තිබෙනවා. මෙය සිංහල බෞද්ධ රටක්. ඒ නිසා ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. ඒ අතරම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතුයි යන මතයට කිසි ම නීතිමය පසුබිමක් නැහැ." ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි බීබීසී සිංහල සේවයට පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වගන්ති ගැන ද නීතිඥවරයා විස්තර කළේය. 10 වන ව්‍යවස්ථාවට අනුව, සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. "ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කර තිබෙනවා" එමෙන් ම, 12 (2) වගන්තියට අනුව, කිසි ම පුරවැසියෙකුගේ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමට හෝ විශේෂයකට භාජනය නොවිය යුතුයි. "ගල් යුගයේ අදහසක්" "ජනාධිපතිවරයෙක් හෝ ජනාධිපති අපේක්ෂකයෙක් වන පුද්ගලයෙක්ගේ ආගම ගැන නෙමෙයි බලන්න ඕනේ. ඔහු හෝ ඇය දෑහිතකාමී පුද්ගලයෙක් ද කියන දේ වගේ ම අදාළ පුද්ගලයාගේ පෙර ක්‍රියාකලාපය මෙන් ම වර්තමාන ක්‍රියාකලාපය මොකක් ද කියායි සොයා බලන්න ඕනේ. ඔහුගේ සුදුසුකම් වගේ ම, අවංක කෙනෙක් ද කියා සොයා බලන්න ඕනේ." "අදාළ පුද්ගලයා මේ කාරණා සම්පූර්ණ කළ හොඳ කෙනෙක් නම්, ශ්‍රී ලාංකේය පුරවැසියෙක් නම් ඇයි තවත් ඔහුගේ ජාතිය සහ ආගම ගැන සොය සොයා ඉන්නේ.. එසේ සොයනවා නම් එය ඉතා ප්‍රාථමික සහ ගල් යුගයේ අදහසක්," යැයි නීතිඥවරයා පැවසුවේය. උදාහරණයක් ලෙස, ඉන්දියාව වැනි වර්ග, ජාති සහ ආගම් බොහොමයකින් බෙදුණු රටක මින් වසර දොළහකට පෙර ජනාධිපති තනතුර දැරුවේ සුළු ජාතික මුස්ලිම් පුද්ගලයෙකු වන අබ්දුල් කලාම් බව නීතිඥවරයා පැහැදිලි කළේය. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් සහ හිටපු අගමැති මන්මෝහන් සිං එමෙන් ම, අබ්දුල් කලාම් ජනාධිපති පදවිය දරන කාලයේ ඉන්දියාවේ අගමැති ධූරය හෙබවූයේ එරට ජනගහනයෙන් 1%ක් පමණ සිටින සික් ජාතික මන්මෝහන් සිං බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. "හැම ජාතියක ම සිටිනවා රට පාවා දුන් අය, හොර මැරකම්, ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය. ඒක නිසා රටේ නායකයා ජාතියක් මත පදනම්ව තෝරන්න බැහැ. එය තීරණය කරන්න ඕනේ පුද්ගලයා මත. මෙයට තවත් හොඳ ම උදාහරණයක් තමයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක්. එතුමාගේ දක්ෂතාව, ව්‍යක්ත කථිකත්වය, රටට තිබුණ ආදරය, පිළිගැනීම සහ අධ්‍යාපනය උපයෝගී කරගෙන එල්ටීටීඊ සංවිධානයට එරෙහිව විශාල වැඩ කොටසක් කළා. විමුක්තිකාමීන් විදියට හැඳින්වූ එල්ටීටීඊය ත්රස්තවාදීන් යැයි ලෙස හඳුනාගෙන ඔවුන් මර්දනය කිරීමට එතුමා වෙහෙසුණා." "ජනතාවට පුළුවන් තමන් කැමති කෙනෙකුට ඡන්දය ලබා දෙන්න. හැබැයි ඒ අවස්ථාවේ දී බලන්න ඕනේ ජාතිය ආගම නෙමෙයි, මේ රැකියාවට ඔහු හෝ ඇය සුදුසුද යන්න කියන කරුණයි," නීතිඥවරයා වැඩි දුරටත් පැවසුවේය. තවත් තොරතුරු: | "ශ්‍රී ලංකාවේ ජනාධිපති බෞද්ධ විය යුතු මයි. එහෙම නේද ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ?," බීබීසී සිංහල සේවය අදහස් විමසූ 30 දෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු හැර අනෙක් පුද්ගලයන් සියලු දෙනාගේ අදහස වූයේ එයයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | BBC 'මාධ්‍යවේදී ගිර්මේ ගෙබ්රු අත්අඩංගුවට ගනු ලැබීමට හේතු තවමත් පැහැදිලි නැත BBC 'ටිග්‍රින්යා' අංශය වෙනුවෙන් මාධ්‍යකරණයේ නිරතවෙමින් සිටි ගිර්මේ ගෙබ්රු (Girmay Gebru) සහ තවත් හතරදෙනෙක් ටිග්රේ' (Tigray) පළාතේ ප්‍රාදේශීය අගනුවර වන 'මෙකෙලේ'(Mekelle) නගරයේ ආපනශාලාවක සිටියදී හමුදා භටයන් විසින් රැගෙන යන ලද බව එම අත්අඩංගුවට ගනු ලැබීම සිදු වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති. මාධ්‍යවේදී ගිර්මේ, 'මෙකෙලේ' ප්‍රාදේශීය අගනුවර යුදහමුදා කඳවුරකට රැගෙනගොස් ඇති බවත් වාර්තා වෙයි. සිය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගනු ලැබීමට තුඩු දුන් හේතු තහවුරුකර ගැනීමට BBC කටයුතු කරමින් ඇති අතර අදාළ කාරණය සම්බන්ධයෙන් ඉතියෝපියානු බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකිරීමට ද බලාපොරොත්තු වෙයි. BBC මාධ්‍යවේදියා පමණක් නොව, තවත් ඉතියෝපියානු මාධ්‍යවේදියෙක් සහ 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට අයත් පරිවර්තකයන් දෙදෙනෙක් ද පසුගියදා රඳවාගනු ලැබ ඇත. ඉතියෝපියානු ආණ්ඩුවේ හමුදා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් 'ටිග්රේ' පළාතේ කැරලිකාර හමුදාවන්ට එරෙහි සටනක නිරතව සිටිති. එම ගැටුම් සමඟ එම පළාතේ මාස කීපයක් තිස්සේ මාධ්‍ය වාරණයක් බල පැවැත්වුණු අතර, ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතන කීපයකට එම පළාතට පිවිසීම සඳහා බලධාරීන්ගෙන් පසුගිය සතියේ අවසර ලැබුණි. ඒ අනුව 'Financial Times' පුවත්පතට සහ AFP මාධ්‍යජාලයට 'ටිග්රේ' පළාතේ මාධ්‍යකරණය සඳහා අවසර ලැබී ඇත. ඉතියෝපියානු ආණ්ඩුවේ හමුදා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පටන් 'ටිග්රේ' පළාතේ කැරලිකාර හමුදාවන්ට එරෙහි සටනක නිරතව සිටිති. BBC මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම දුටු පුද්ගලයන් පවසන්නේ යුදහමුදා නිල ඇඳුමින් සැරසුන සොල්දාදුවන් විසින් ඔහු රැගෙන යන ලද බවය. ''අපි අපේ අප්‍රසාදය ඉතියෝපියානු බලධාරීන්ට දැනුම් දුන්නා. අපි ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් 'සිටිනවා'' ප්‍රකාශකයෙක් BBC සමග පැවසීය. 'ටිග්රේ' විමුක්ති පෙරමුණට' එරෙහි සටනින් තමන් ජයග්‍රහණය කළ බවක් ඉතියෝපියානු ආණ්ඩුව කියා සිටියත් 'ටිග්රේ'පළාතේ සටන් දිගටම පවතින බව වාර්තා වෙයි. එම ගැටුම් හේතුවෙන් ජීවිත සියගණනක් විනාශ වී ඇති අතර,දස දහස් ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමි වී ගොසිනි. ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින්ම සිදුකරනු ලබන දරුණු ක්‍රියා සහ එහි මතු වී ඇති මානවීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් විරෝධය පළවී ඇතැයි වාර්තාකරුවෝ පවසති. ඉතියෝපියානු පාලක පක්ෂයේ නිලධාරියෙක් මෑතදී අනතුරු ඇඟවීමක් කරමින් ''ජාත්‍යන්තර මාධ්‍ය නොමග යවනු ලබන වැරදි තොරතුරු පතුරුවා හරින්නන්ට එරෙහිව පියවර ගන්නා'' බව කියා සිටියේය. ලොවපුරා මාධ්‍ය දඩයමක් පසුගිය 2020 වසරේ අවසානය වනවිට ලෝකය පුරා හාරසීයකට අසන්න මාධ්‍යවේදීන් පිරිසක් ඒ ඒ රටවල බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි 'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසයි. එම සංවිධානයේ වාර්ෂික වාර්තාව අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට අඩුතරමින් මාධ්‍යවේදී 387 දෙනෙක් සිරගත කරනු ලැබ සිටියහ. එම වාර්තාව අනුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලැබීම අතින් පළමුතැන චීනයට හිමිව ඇත. චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නාලද මාධ්‍යවේදීන් සංඛ්‍යාව 117කි. එම කාරණය අතින් චීනයට පසු පිළිවෙලින් සිටින රටවල් වන්නේ සෞදි අරාබිය, ඊජිප්තුව, වියට්නාමය සහ සිරියාවයි. 'දේශසීමා නොමැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය' (RSF) පවසන ආකාරයට 2020 වසර ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති මාධ්‍යවේදිනියන්ගේ සංඛ්‍යාව 42කි. ලෝකයේ රටවල් 180ක දර්ශකයෙහි ඉතියෝපියාවට හිමිවන්නේ 99 වැනි ස්ථානයයි. තවත් තොරතුරු; | ඉතියෝපියානු පාලනයට අයත්, ගැටුම්කාරී තත්ත්වයක් පවතින 'ටිග්රේ' (Tigray) පළාතේ දී BBC මාධ්‍යවේදියෙක් එහි සිටින හමුදා විසින් රඳවාගනු ලැබ ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මුලතිවු හි ඉරණමඩු ගුවන් පථය සහ යාපනය - මහනුවර ඒ 9 මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කිලිනොච්චියේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජයෙන් හෝ ප්‍රාදේශීය සභාවකින් හෝ පළාත් සභාවකින් හෝ ප්‍රයෝජන ගැනීමට ජනතාව අවබෝධයක් ඇති කර ගත යුතු බවයි. අද උතුරත් දකුණත් සමීප වී ඇති යුගයක් බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දකුණේ ජනතාවට ඇති සියලු අයිතිය උතුරේ ජනතාවටත් ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. මෙතෙක් සිදු කොට ඇති සංවර්ධන වැඩ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවිත අඳුරට දමා සියල්ල හෙට වෙනස් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන පිරිස් පිටරටවල සිට බලා සිටින බවත් රෑ වැටුන වලේ දවල් නොවැටෙන ලෙසත් ඉල්ලා සිටියේය. දේශපාලන වාසි වෙනුවෙන් ජාතිවාදය වපුරමින් රජයේ සංවර්ධන ක්‍රියාදාමය අවතක්සේරුවට ලක් කරන පුද්ගලයන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා නොදෙන ලෙසටත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. | උතුරු පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් වතාවක් ප්‍රතිඥා දෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ගල් අඟුරු දුහුවිලි සුළඟට මුසු වීම හේතුවෙන් තමාට ශ්වසන රෝගවලට මුහුණ දීමට සිදු වී ඇති බව නොරොච්චෝලේ වැසියෝ කියා සිටිති. දුහුවිල්ලට අමතරව ගල් අඟුරු දහනය නිසා හට ගන්නා දුමාරයත් සමග මුසු වන අළු හේතුවෙන් පාරිසරික ගැටළු මතු වී ඇති බවටත් ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති. ගල් අඟුරු දුහුවිල්ල හේතුවෙන් අවට ප්‍රදේශයේ වගා බිම්වල එළවලු කළු පැහැ ගැන්වී ඇති ආකාරය තමාට දැක ගත හැකි වූ බවයි සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න වාර්තා කළේ. 'කොල පාට බණ්ඩක්කා කළු පාට වෙලා. කොල පාට එළවලු කළු පාට වී තිබෙන ආකාරය මට දැක ගත හැකි වුනා' ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පැමිණ වීඩියෝ දර්ශන පටි ගත කර ගත් නමුත් ඉන් අනතුරුව කිසිවක් අසන්නට නොලැබුණු බවත් ප්‍රදේශවාසීහු පවසති. අධික දුහුවිල්ල නිසා සිය දරුවන්ගේ පාසල් නිල ඇඳුම් පවා දුර්වර්ණ වී ඇති බවට දෙමව්පියෝ මැසිවිලි නගති. නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තාවකාලිකව වන්දි ලබා නොදී සිය ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ලබා දෙන ලෙස නොරොච්චෝලේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති. | නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු මතු වී ඇති බව ඒ අවට වෙසෙන ජනතාව පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නිවසේ සුරතලයට ඇති කළ 17 හැවිදිරි 'මැක්ස්' 'ඔරෝරා' නම් දැරිය 'කුවීන්ස්ලන්ඩ්' ප්‍රාන්තයේ පිහිටි තම නිවසින් බැහැර ගොස් බොහෝ වේලාවක් නැවත නොපැමිණි හෙයින් පොලිසිය මුල් වී සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුණි. නිවසේ සුරතලයට ඇති කළ දාහත් හැවිදිරි 'මැක්ස්' නම් සුනඛයාත් ඔරෝරා පසුපස ගමන් කර ඇත. මැක්ස්ගේ දෑස් අන්ධ අතර කන් ඇසීමේ දුර්වලතාවයක් ද ඇත. දැරියගේ ඥාතීන් කඳු සහිත ප්‍රදේශයක අතරමංව සිටි ඔවුන් සොයා ගන්නා විට සුනඛයා පැය දහසයක පමණ කාලයක් ඔරෝරා ආරක්ෂා කරමින් ඇය අසල ගතකර තිබුණි. නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දැරිය කෑ ගසන ශබ්දය ඇසුන බව ඔරෝරාගේ මිත්තණිය වන ලෙයිසා මාරි බෙනට් පැවසුවාය. "මම කන්ද තිබෙන දිශාවට ඉතා වේගයෙන් දිව්වා. මුදුනට නැඟ ගත් පසු සුනඛයා මම සිටින තැනට දුවගෙන ඇවිත් මාව 'ඔරෝරා' සිටින තැනට කැඳවාගෙන ගියා" යැයි ඇය ඕස්ට්‍රේලියානු මාධ්‍යයට ප්‍රකාශ කළාය. එදින රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දක්වා පහත බැස තිබුණ අතර, ඔරෝරා සහ මැක්ස් ගල් කුලක් පාමුළ රාත්‍රිය ගත කර ඇත. ඇයගේ ශරීරයේ සීරුම් තුවාල පමණක් දක්නට ලැබිණි. වයසින් වැඩුණ සුනඛයන් මිනිසුන් සමග නිතර ගැවසීමට ප්‍රිය කරන බව සතුන්ගේ හැසිරීම පිළිබද විශේෂඥයෙකු පැවසීය. එම සෝදිසි මෙහෙයුම සදහා හදිසි අනතුරු අංශවල සේවකයන් සියයකට අධික ප්‍රමාණයක් සහ තවත් බොහෝ පිරිසක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් වාර්තා වෙයි. මැක්ස්ගේ ක්‍රියාව අගය කළ පොලිසිය, ඔහු 'ගෞරවනීය පොලිස් සුනඛයකු' ලෙස නම් කර ඇත. "මට සිතා ගන්න පුළුවන් වයස අවුරුදු තුනක දරුවෙක් රාත්‍රියේ, තද සීතලේ කෙතරම් බියට පත් වෙන්න ඇත්ද කියලා," පොලිස් පරීක්ෂක ක්‍රෙග් බේරී පැවසීය. "සුනඛයා ළඟ සිටි එක දැරියට ඉතා හොඳ දෙයක් වුණා. ඒ වගේම ඇයට උණුසුම්ව සිටීමට එය හේතුවක් වුණා" මේ තොරතුරුද දැනගන්න: ඇයි මැක්ස් මේ තරම් හිතවත්? වයසින් වැඩුණ සුනඛයන් මිනිසුන් සමග නිතර ගැවසීමට ප්‍රිය කරන අතර, මැක්ස් දැරිය අත නොහැර යෑමට එය හේතුවක් වූ බව මාහාචාර්ය පෝල් මැක්ග්රීවි පවසයි. දැරියගේ මානසික පීඩනය සුනඛයාට දැනී ඇති බව සතුන්ගේ හැසිරීම පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය මැක්ග්රීවි තව දුරටත් පැවසීය. "දැරිය හඬා වැටෙන විට ඇයව සැනසීමට සුනඛයා මෙලෙස හැසිරෙන්න ඇති බවට මම අනුමාන කරනවා. ඒ අතර ඇය අතහැර නොයා දිගටම ඇය සමග රැඳී සිටීම මැක්ස්ගේ මූලික අරමුණ වී තිබෙනවා" ඔහු බීබීසීයට ප්‍රකාශ කළේය. | වනයෙහි අතරමං වූ තුන් හැවිදිරි දැරියක් අසල රැඳෙමින් රැය පහන් වන තුරු ඇයට රැකවරණ සැලසූ සුනඛයකු ඕස්ට්‍රේලියානු පොලිසියේ අගැයීමට ලක්ව ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඝාතනයේ සැකකරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ වසර 2011 දී සිදු වූ මෙම ඝාතනයට පුද්ගලයෝ සය දෙනෙක් චෝදනා ලැබ සිටිති. ප්‍රහාරක කල්ලියේ අනෙකුත් සාමාජිකයන් බලා සිටිය දී කුරාම් ෂයික්ගේ පෙම්වතියට බිඳුණු බෝතලයකින් මුහුණට ගසන අයුරු තමා දුටු බව දේශීය සංචාරකයකු වන ප්‍රසන්න සමරසිංහ අධිකරණයේ දී පැවසුවේය. ‘මුර්ගයකු ලෙස’ රුසියානු ජාතික කාන්තාවක් වන වික්ටෝරියා කාචේවාට පසු පස එලවා පහර දුන් බව පැවසු සාක්ෂිකරු ඇය පිහිනුම් තටාකයට පනිනතෙක්ම පහර දුන් බවද කියා සිටියේය. රුසියානු ජාතික වික්ටෝරියා කාචේවා උසාවියට පැමිණෙමින් ප්‍රධාන ප්‍රහාරකයා හැසිරුණේ ‘තිරිසනෙක්’ විලසින් යැයිද ඔහු තව දුරටත් පැවසීය. කුරාම් ෂයික් සිහි සුන්ව වැටී සිටිනු දුටු ඇය විලාප දෙමින් හඬා වැටෙමින් ඔහු වත්තම් කරද්දී කල්ලියේ එක් අයෙකු ගිණි පෙලෙල්ලකින් ඇයට පහර දුන් බවත් සාක්ෂිකරු කියා සිටියේය. මෙම කණ්ඩායම පිඟන් පොළොවේ ගසමින් විදුලි බුබුළු සහ වාහන ජනේලවලට හානි කරමින් මේස සහ ත්‍රීරෝද රථ පෙරලා දැමු ආකාරය ඔහු දැක තිබේ. ‘සුද්දිව මෙහාට ගෙනෙන්’ පොලු මුගුරු අමෝරා පැමිණි මේ කණ්ඩායමේ කිහිප දෙනෙකුගෙන් ඔහු බේරී තිබෙන්නේ බැගෑපත් වීමෙන්. තුන් වන සැකකරු වන ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ‘සුද්දිව මෙහාට ගෙනෙන්’ යනුවෙන් මොර ගැසූ බවත් කල්ලියේ කිහිප දෙනෙකු වෑන් රථයක නැගී ගිය බවත් නමුත් ඔවුන් කවුද යන්න නිශ්චිතව ම පැවසිය නොහැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය. කුරාම් ෂයික් එක් පුද්ගලයකු ගිනි අවියක් අතැති ව හෝටලය තුළ සිටිනු තමා කලින් දුටු බවත් ප්‍රසන්න සමරසිංහ පැවසීය. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති. පහර කෑමෙන් තමා සිහිසුන් වූ අයුරු සහ අධික ලේ ගැලීමෙන් දරුණු වේදනාවකට ගොදුරු වී සිරුර ඉදිමී තිබු අයුරු මීට ඉහතදී කුරාම් ෂයික් ගේ පෙම්වතිය සාක්ෂි දෙමින් විස්තර කර තිබිණ. ගිනි අවියක් එල්ල කරමින් මරණීය තර්ජන එල්ල කළ අයුරු මෙම හෝටලේ කලමණාකාරනී තරංගා පීරිස් තම සාක්ෂි ඉදරිපත් කරමින් කියා සිටියාය. | බ්‍රිතාන්‍ය සංචාරකයකු වන කුරාම් ෂයික් ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගයේදී, කුරාම් ෂයික් ගේ පෙම්වතියට දරුණු ලෙස පහර දුන් අයුරු සාක්ෂි කරුවෙකු විසින් අනාවරණය කරන ලදී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නමුත් ඔසප් වීම නියමිත දිනට පෙර සිදුවීම, රුධිරය වැඩියෙන් වහනය වීම මෙන්ම වේදනාකාරී බව ලැයිස්තුගත නොකළ අතුරු බලපෑමක් විය හැකිදැයි ලොව පුරා කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ විමසීමට පටන් ගෙන ඇත. මොඩර්නා එන්නත ලබා ගැනීමෙන් පසු ඔසප් වීමේ දී අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් අත්විඳි බව සඳහන් කරමින් මිනිස් සෞඛ්‍ය සහ රෝග, සෞඛ්‍ය සත්කාර ක්‍රමවේද සහ ජෛව සංස්කෘතික අනුවර්තනය පිළිබඳ මානව විද්‍යාඥ ආචාර්ය කේට් ක්ලැන්සි ට්විටර් පණිවිඩයක් පළ කර තිබූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් තවත් සමාන අත්දැකීම් රාශියක් පළ වී තිබිණි. සිය හිටපු සගයෙකු වන ආචාර්ය කැතරින් ලී සමඟ ඇය පුද්ගලයන්ගේ අත්දැකීම් ලේඛනගත කරමින් සමීක්ෂණයක් දියත් කර ඇත. මෙම වෙනස්කම්වලට එන්නත හේතු වී ඇත්දැයි අප තවමත් නොදන්නා අතර, එය තවමත් අධ්‍යයනය කර නොමැත. එන්නත ලබා ගැනීමෙන් පසු සහ විශේෂයෙන් අන් අයගේ අත්දැකීම් ගැන ඇසීමෙන් පසුව කාන්තාවන් වෙනස්කම් ගැන සැලකිල්ලක් දැක්වීම හෝ ඒවා ආරෝපණය කරගැනීම ද සිදු විය හැකිය. නමුත් ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි ප්‍රජනක ප්‍රතිශක්ති විද්‍යාඥ ආචාර්ය වික්ටෝරියා මාලේ පැවසුවේ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන ඇතැම් කාන්තාවන් සහ හෝමෝන ගැනීමෙන් ඔසප් වීම නැවතුණු පුද්ගලයින් අතර ද රුධිරය වහනය වීමක් වාර්තා වී ඇති බවය. එබැවින් හානිකර නොවන කායික ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් පවතින බවට සැකයක් ගැන ඇයගේ අවධානය යොමුව තිබේ. ඔසප් වීම සාමාන්‍යයෙන් සිදු නොවන සංක්‍රාන්ති ලිංගික පුරුෂයන් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන් ගණනාවක් කේට් ක්ලැන්සි සහ කැතරින් ලී යන ආචාර්යවරුන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එන්නත ලබා ගැනීමෙන් පසු තමන් රුධිර වහනයක් අත්විඳි බවය. මෙම සිද්ධීන් අතර සම්බන්ධය සනාථ කර නොමැති වුවද, එන්නත නිසා ඔසප් වීමේ වෙනස් කම් ඇති විය හැකි බවට තාර්කික කරුණු ඉදිරිපත් වී තිබේ. නමුත් මෙම වෙනස්කම් ගැන බිය විය යුතු නැතැයි ප්‍රජනන විශේෂඥයෝ පවසති. පිළිගත හැකි සම්බන්ධය ගර්භාෂ ආස්තරය (womb lining) ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසකි. පොදුවේ ගත් කළ ශරීරයේ සෑම කොටසකම ප්‍රතිශක්තිකරණ සෛල ඇත. ගර්භාෂයේ ආස්තරය ගොඩනැගීම, නඩත්තු කිරීම හා බිඳ දැමීම සඳහා ද ප්‍රතිශක්තිකරණ සෛල කාර්යභාරයක් ඉටු කරයි. ගැබ් ගැනීමක් සඳහා සූදානම් වන විට එය ඝන වන අතර, ඩිම්බය සංසේචනය නොවුණ හොත් රුධිරය ලෙස පිට වේ. එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ සෛලවලට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත රසායනික සංඥා විශාල ප්‍රමාණයක් ශරීරය පුරා සංසරණය වේ. මෙය ගර්භාෂ ආස්තරය ක්ෂය වීමට හේතු විය හැකි අතර, රුධිර බිංදු පිටවීම හෝ නියමිත කලට පෙර ඔසප් වීම ඇති විය හැකි බව ආචාර්ය වික්ටෝරියා මාලේ පැහැදිලි කළාය. ගබ්සා වීම හා සම්බන්ධයක් නැත මෙය හා ගබ්සාවන් අතර සම්බන්ධයක් ඇතැයි මින් අදහස් නොවේ. ගර්භණී සමයේදී විවිධ ක්‍රියාදාමයන් මගින් වැදෑමහ ඇතුළු ගර්භාෂ ආස්තරය නඩත්තු කරයි. වැදෑමහ යනු කලලය සහ මවගේ රුධිර සැපයුම සම්බන්ධ කරන ඉන්ද්‍රියයි. මේ වන විට, එන්නත සහ දරු ගැබ අහිමිවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව යෝජනා කිරීමට හැකි පුළුල් සාක්ෂි තිබේ. මේ අතර, උදාහරණයක් ලෙස, යමෙකුට උණ වැළඳීමෙන් ඇතිවන ප්‍රදාහයෙන් ගර්භාෂ ආස්තරයට මෙන්ම ඩිම්බකෝෂ මුදා හැරීමට ද බලපෑම් එල්ල විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇලෙක්සැන්ඩ්රා ඇල්වර්ග්න් පැහැදිලි කළාය. මේ හේතුවෙන් නියමිත කාලයට පෙර හෝ ප්‍රමාද වී ඔසප් වීම සිදු වීමට ඉඩ ඇත. ප්‍රදාහයේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට ඔසප් වීමේ දී වඩාත් වැඩි වේදනාවක් දැනී ඇති බව මීට පෙර සිදු කළ අධ්‍යයනයක ඇතැම් සාක්ෂි මගින් පිළිඹිබු වේ. එන්නත් මගින් ද ශරීරයේ ප්‍රදාහක ප්‍රතිචාරයක් ඇති කරයි. ඒ සියල්ලම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගැන්වීමේ සහ රෝගවලට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ සහ අනෙකුත් සෛල නිෂ්පාදනය ආරම්භ වීමේ කොටසක් වේ. මේ තොරතුරු ද කියවන්න: බලපෑම් සියල්ල තාවකාලිකයි උණ රෝග සහ පිළිකා වළක්වා ගැනීමේ එන්නත්වලින් ඔසප් චක්‍රයට තාවකාලික බලපෑම් එල්ල විය හැකි බවට සාක්ෂි තිබේ. නමුත් දිගු කාලීන අතුරු ආබාධ නොමැත. සරුභාවයට ඒවා බලනොපාන බවට "සාක්ෂි රාශියක්" ඇති බව වෛද්‍ය වික්ටෝරියා මාලේ පැවසීය. මෙම වෙනස්කම් ගැන බිය නොවිය යුතු නමුත්, මෙම ලිපිය සඳහා අදහස් දැක්වූ වෛද්‍ය වික්ටෝරියා මාලේ සහ සෙසු පුද්ගලයෝ, එන්නතෙන් ඔසප් චක්‍රයට විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරති. එවිට මෙයින් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ජනතාවට දැනුවත් විය හැකිය. "බොහෝ විට, කාන්තාවන්ගේ සෞඛ්‍යය නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙහි ගැටලුවක් තිබෙනවා," ඇය පැවසුවාය. "නිකමට සිතා බලන්න උණ ගැනීම එන්නතේ අතුරු බලපෑමක් විය හැකි බව ඔබ නොදැන සිටියා නම්?" නාරිවේද විශේෂඥ වෛද්‍ය ජෙන් ගන්ටර්, 'වජෙන්ඩා' (Vajenda) නමින් පවත්වා ගෙන යනු ලබන ඇයගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. "ඔබ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගැනීමෙන් පසු ඇති වෙන උණ තත්ත්වයක් වුවත්, ඒ වෙනුවට බලාපොරොත්තු නොවූ දෙයක් ඔබේ ශරීරයට සිදුව ඇත්නම් ඒ ගැන බියක් ඇති විය හැකියි, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේදීත් එය එසේමයි." ඒ හා සමානව, සංක්‍රාන්ති ලිංගික පුරුෂයින් සහ පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන්ට රුධිරය පිටවීම, පිළිකා ලක්ෂණයක් විය හැකි බැවින් එය එන්නත නිසා හටගත් අහිතකර නොවන අතුරු බලපෑමක් ද යන්න වටහා ගැනීම වැදගත් බව ආචාර්ය කැතරින් ලී පැහැදිලි කළේය. ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ රාජකීය විද්‍යාලයේ උප සභාපති වෛද්‍ය සූ වෝඩ් පැවසුවේ, අසාමාන්‍ය රුධිරය ගැලීමක් ඇස ගැටෙන ඕනෑම අයෙකු තම වෛද්‍යවරයා හමුවීම ගැන සිතා බැලිය යුතු බවය. එන්නත ගැන වැරදි තොරතුරු මේ අතර එන්නත්, ඔසප් චක්‍රයට බලපෑම් ගෙන දෙන බවට වූ අදහස, සමාජ මාධ්‍ය තුළ දුස්තොරතුරු පතුරුවා හරින පුද්ගලයන් විසින් අහුලා ගනු ලැබ ඇත. එන්නත් හානි ගෙන දෙන බව හෝ එය මිනිසුන් වඳභාවයට පත් කිරීමට ලොව ප්‍රභූ පැලැන්ති විසින් දියත් කරනු ලැබ ඇති කුමන්ත්රණයේ කොටසක් බව එන්නත් විරෝධී සහ කුමන්ත්‍රණ න්‍යායන් ඉදිරිපත් කරන කණ්ඩායම්වල අදහස වී තිබේ. ආචාර්ය කේට් ක්ලැන්සි වැන්නවුන්ගේ අව්‍යාජ පුද්ගලික අත්දැකීම් ඔවුහු ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරති. එන්නත් ලබා ගත් පුද්ගලයින් අසල ගැවසුන ද, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට හෝ ගැබ් ගැනීමට පවා බලපා හැකි බවට වූ අසත්‍යය ප්‍රකාශ මෑත සතිවල දී සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු ලෙස සංසරණය වී තිබේ. අප්‍රේල් මැද භාගයේ සිට 300,000 අධික වාරයක් නරඹා ඇති එවැනි එක් වීඩියෝවක එකතරා "සාකල්‍ය ප්‍රජනන සෞඛ්‍ය වෘත්තිකයෙකු" අනතුරු අඟවන්නේ, "තමන් එන්නත ලබා නොගත්ත ද කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවය." සෙසු එන්නත් විරෝධී උපදේශකයින් සහ රෝග ලක්ෂණවලට පමණක් සීමා නොවී, රෝගියෙකුගේ මානසික සහ සමාජීය කරුණු ද සැලකිල්ලට ගෙන සමස්ත වශයෙන් ප්‍රතිකාර ලබා දෙන (සාකල්‍ය) සෞඛ්‍ය වෘත්තිකයන්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය දහස් සංඛ්‍යාත නරඹන්නන් වෙත ලඟා වෙමින් පවසන්නේ, එන්නත් ලද පුද්ගලයින්ට වෛරසය සතු උල් හැඩති ප්‍රෝටීන අන් අය මත "හෙලිය" හැකි බවය. මෙය භෞතිකව කළ නොහැකිය. බොහෝ කොවිඩ් -19 එන්නත් ක්‍රියා කරන්නේ වෛරසයේ සුවිශේෂී උල් අතර ඉතා කුඩා කොටසක් සෑදීමට ශරීරයට උපදෙස් ලබා දීමෙනි. වෛරසයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේදැයි යන්න එමගින් දැන ගත හැක. ප්‍රති-නිෂ්පාදනය කළ නොහැකි උල් ප්‍රෝටීන, පසුව බිඳ විසුරුවා හරිනු හෝ විනාශ කරනු ලැබේ. ඉහත කී ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශරීරයට උපදෙස් ලබා දීම ද අතිශය සියුම් ලෙස හසුරුවා ගත යුතුය. මෙම එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය මෙතරම් දුෂ්කර කාර්යයක් වී ඇත්තේ ඒවායේ අන්තර්ගත ජානමය තොරතුරු පහසුවෙන් බිඳ වැටිය හැකි බැවිනි. එසේ වුවහොත් එන්නතෙන් ප්‍රයෝජනයක් නොමැති වනු ඇත. මේ ඕනෑම එන්නතක් වෛරසයේ කිසිඳු කොටසක අනුපිටපත් සැකසීමට සහ වැගිරීමට ඉඩ නොදෙයි. අනුපිටපත් සෑදෙන එකම දෙය වන්නේ වෛරසයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවනු ලබන ප්‍රතිශක්තිකරණ සෛල පමණි. (BBC රියැලිටි චෙක් හි ඔල්ගා රොබින්සන් සහ රේචල් ශ්රෙයර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි) තවත් තොරතුරු: | කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත. එම අතුරු බලපෑම් ලැයිස්තුවට උණ, හිසරදය, දිනක් හෝ දෙකක් අත රිදුම් දීම ඇතුළු වුව ද ඔසප් චක්‍රයේ වෙනස්කමක් ගැන සඳහන් නොවේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | බීබීසිය සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, සබඳතා නතර වී පැය නවයක් පමණ ගතව ඇති අතර තමන් ඒ ගැන කනස්සල්ලෙන් පසු වෙන බවයි. බෝට්ටුවේ ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් අවදානම් තත්වයක් පවතින බවයි ඉයන් රින්ටෝල් පෙන්වා දෙන්නේ. දෙමළ අනාථයන් බෝට්ටුවේ සිටින සියලු දෙනාම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන බවත් අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක නිලධාරියා පවසයි. “බෝට්ටුවේ එකසිය පනස් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අතර ළමයිනුත් ඉන්නවා. ඕස්ට්‍රේලියානු රැකවරණ පතා පැමිණි බවයි ඔවුන් කියන්නේ” අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් සඳහන් කරයි. එම සරණාගතයන්ට ඔස්ට්‍රේලියාව දැන් අනුගමනය කරන පිළිවෙත ගැන අවබෝධයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. ආපසු යැවීමේ උත්සාහයක් “ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතා එන සියලු දෙනාම ආපසු හරවල යවනවා. මුලින් ම සිද්ධ වෙන්නේ ‘නවුරු’ දූපත්වලට හරි වෙනත් දූපතකට යවල ඊ ලඟට ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එකයි. නමුත් මේ බෝට්ටුවේ විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ක්‍රිස්මස් දූපතට යවාවි” ඉයන් රින්ටෝල් අනුමාන කරයි. ඔහු අවසාන වශයෙන් කියා සිටියේ ඕස්ට්‍රේලියානු රජය මෙම අනාථයන් කණ්ඩායම ගමන් ආරම්භ කළ ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට යැවීමට උත්සාහ කළ හැකි බවයි. | ශ්‍රී ලාංකිකයන් එකසිය පනස් තුන් දෙනකු රැගෙන ක්‍රිස්මස් දූපත කරා යාත්‍රා කරමින් ඇති බෝට්ටුව සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි නමුත් සෙනසුරාදා උදෑසන පටන් එම සබඳතා ඇනහිට ඇති බව අනාථයන් පිලිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොරෝනාවෛරස් රෝගීන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි. ඒ සියලු රෝගීන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් මිස වෙනත් කිසිදු රටකින් නොවේ. එවක් පටන් ලෝකය සහ අපගේ ජීවිත විශාල වෙනසකට භාජනය විය. එසේ නම් අප සියළු දෙනා එක්වී සිටින්නේ මානව වර්ගයා සහ කොරෝනාවෛරසය අතර ඇරඹි යුද්ධයකට ය. මුළු පෘථිවි තලය දෙස පුළුල්ව නිරීක්ෂණය කළහොත් දිස් වන්නේ රළු චිත්රයකි. ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 19කට අධිකය. ඊට ගොදුරු වී හත් ලක්ෂයක් මිය ගොස් ඇත. වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට සති කීපයක් ගතවිය. දැන්, ලක්ෂයේ සන්ධිස්ථාන පැය කීපයකින් සලකුණු වෙයි. "තීව්ර සහ ඉතා බරපතළ වසංගතයක් වේගවත් වන අවස්ථාවක අතරමැද අපි තවමත් සිටින්නේ. මේක ලෝකයේ හැම ජන කොට්ඨාශයක් වෙත ම ගිහින් තියෙන්නේ," ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් මා සමඟ පැවසුවාය. මෙය එක් වසංගතයක් වුවත් එය තුළ ඇත්තේ එක් කතාවක් නොවේ. කොවිඩ් 19 යේ බලපෑම ලොව තැනින් තැනට වෙනස් ය. ඔබ වෙසෙන රටින් එපිට පවතින යතාර්ථය ඔබට නොපෙනී යාම ඉතා පහසුය. නමුත් සියලු ලෝක වාසීන්ටම පොදු වූ එක් කරුණක් තිබේ. ඔබේ නිවහන ඇමසන් වනාන්තරයේ තනා තිබුනත්, සිංගප්පුරුවේ අහස උසට තැනූ මහල් ගොඩනැගිල්ලක මුදුනේ හෝ එක්සත් රාජධානියේ ගිම්හාන සැණකෙළියක් පැවැත්වෙන වීදියක ඔබ ජීවත් වුවත් මෙම වෛරසය පැතිර යන්නේ සමීප මානව ඇසුර මතය. අප එකිනෙකා සමීප වන තරමට එහි ව්‍යාප්තිය පහසු වනු ඇත. මෙම වෛරසය චීනයේ ආරම්භ වූ දා පටන් අද දක්වාම මෙය සත්‍යයක් ලෙස පවතී. ඔබ ලෝකයේ කොතැනක සිටියත් එතැන පවතින තත්වය මෙම පොදු ධර්මතාවයෙන් පැහැදිලි කෙරෙනු ඇත. අනාගතය කෙබඳු වේදැයි තීරණය කෙරෙන්නේ ද එමගිනි. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී මේ වන විට ලතින් ඇමරිකානු කලාපයේ තත්වය නරක ය. ඉන්දියාවේ වසංගත තත්වය බරපතළ වෙමින් පවතී. හොංකොං හි නිරෝධායන මධ්‍යස්ථාන තුළ මිනිසුන් රඳවා ඇත්තේ ඇයි දැයි මින් පැහැදිලි වනු ඇත. දකුණු කොරියාව තම වැසියන්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම් දෙස පවා ගසාගෙන සිටින්නේ ඇයි දැයි මින් පැහැදිලි වෙයි. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙද්දී වසංගතය පාලනය කර ගැනීමට දුෂ්කර වී ඇත්තේ මන්දැයි ඉන් කියාපායි. එක්සත් රාජධානිය සාමාන්‍ය ජන ජීවිතය "නව සාමාන්‍යයක්" කරා ගෙනයාමට උත්සාහ කිරීමට හේතුව ද එයින් මොනවට පැහැදිලි වෙයි. "මේක මේ ග්‍රහලෝකය පුරාම පැතිර යන වෛරසයක්. අපි සෑම කෙනෙකුටම ඉන් බලපෑමක් ඇති වෙනවා. මේක මිනිසාගෙන් මිනිසාට පැතිරෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳී ඇති බවයි ඉන් ඉස්මතු වෙන්නේ," ලන්ඩන් නුවර St George's විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය. "මෙය සංචාරය කිරීම ගැන විතරක් නෙවෙයි. කතා කිරීම සහ එකට එක් වී කාලය ගතකිරීමත් මීට අදාලයි. මානවයින් හැටියට අපි කවුරුත් කරන්නේ මේවා තමයි." ඇය තවදුරටත් පැවසුවාය. එකට එක්වී ගීතයක් ගායනය කිරීම වැනි ඉතාම සරල ක්‍රියාකාරකමකින් පවා වෛරසය ව්‍යාප්ත වනු ඇත. "ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා" ඇතැමුන්ට ඉතා සුළු රෝග ලක්ෂණ මතු කරමින් හෝ කිසිදු රෝග ලක්ෂණයක් මතු නොකරමින්, එහි ව්‍යාප්තිය හොර රහසේ සිදු කිරීමට තරම් මෙම වෛරසය සමත් ය. එමෙන්ම ඇතැමුන්ට මාරාන්තික වී, අසාධ්‍ය රෝගීන්ගෙන් රෝහල් පුරවා දමන්නට තරම් සාහසික වීමටත් මෙම වෛරසය සමත් ය. "මේක තමයි අපේ කාලයේ පැමිණි පරිපුර්ණ ම වසංගත වෛරසය. අපි දැන් ජීවත් වෙන්නේ කොරෝනාවෛරස් යුගයේ." වෛද්‍ය හැරිස් පැවසුවාය. කෙනෙකුගෙන් තවත් අයෙකුට මෙම වෛරසය සංසරණය වීමට ඇති හැකියාව බිඳ දැමීම සාර්ථක වූ අවස්තාවක් ගැන කල්පනා කළහොත් වැඩි අවධානයක් යොමු වන්නේ නවසීලන්තය දෙසටය. ඔවුහු කල්තියා ක්‍රියා කළහ. එවකට රට තුළ සිටියේ ආසාදිතයන් කීප දෙනෙකු පමණි: රට වසා දැමූහ. දේශ සීමාවට මුද්‍රා තැබූහ. දැන් ආසාදිතයෙකු වාර්තා නොවන තරම් ය. ජන ජීවිතය බොහෝ සෙයින් නැවත යථා තත්වයට පැමිණ ඇත. මොන්ගෝලියාව "වැඩේ හොඳට කරල" මූලික කර්තව්‍යයන් නිවැරදිව ඉටු කිරීම මගින් සහනයක් ලැබූ දිළිඳු රටවල් ද නැත්තේ නොවේ. චීනයේ දේශ සීමාවෙන් දීර්ඝතම කොටස යාවී ඇත්තේ මොන්ගෝලියාවට ය. වෛරසයේ ආරම්භය චීනයෙන් සිදු වූ බව අපි දනිමු. එහෙයින් මොන්ලිගෝයාවට මෙම වෛරසය සාහසික වන්නට ඉඩ තිබුණි. නමුත් ජුලි මාසය වනතුරු කිසිදු ආසාදිතයෙකුට අධිසත්කාර ඒකකයේ පිහිට අවශ්‍ය වූ බව වාර්තා නොවිණි. අද වන විට එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 293 දෙනෙකු පමණි. එකදු මරණයක් හෝ සිදු නොවිණි. "ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් තිබියදී මොන්ගෝලියාව වැඩේ හොඳට කරල තියෙනවා. ඔවුන් ආසාදිතයන් වෙන් කළා. සමීප සබඳතා හඳුනාගත්තා. එම සමීපතයන් හුදෙකලා කළා." London School of Hygiene and Tropical Medicine හි මහාචාර්ය ඩේවිඩ් හේමාන් පැවසීය. ඔවුහු වහාම පාසල් වසා දැමුහ. විදෙස් සංචාර සඳහා සීමා පැනවූහ. මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම කල්තියා ප්‍රවර්ධනය කළෝ ඔවුහු ය. බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්ෂයක් වාර්තා විය. ලක්ෂයක් පමණ මරණයට පත් විය තවත් පැත්තකින් සිතතොත්, "මහජන සෞඛ්‍ය නායකයන් සහ දේශපාලන නායකයන් එකට හිඳ කතිකා කිරීම" සඳහා අවශ්‍ය "දේශපාලන නායකත්වය හීන වීම" හේතුවෙන් බොහෝ රටවලට අවහිරයක් වූ බවට මහාචාර්ය හේමාන් තර්ක කරයි. එවැනි වාතාවරණයක් යටතේ වෛරසය වැජඹුණේ ය. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වසංගත රෝග පිළිබඳව එරට සිටින ඉහළම වෛද්‍යවරයා වන ඇන්තනි ෆවුචි පැහැදිලිව ම සිටියේ පොතේ වෙනස් පිටු දෙකක ය. එසේ නැතහොත්, වසංගත සමය තුළ නම් වෙනස් ම පොත් දෙකකය. බ්‍රසීලයේ ජනපති ජායිර් බොල්සොනාරෝ, රට වසා දැමීමට එරෙහිව වීදි බට 'ලොක්ඩවුන් විරෝධීන්ගේ' පෙළපාලිවලට එක් විය. ඔහු මෙම වසංගතය "පුංචි හෙම්බිරිස්සා උණක්" ලෙස හැඳින් වූ අතර එය මාර්තු වන විට නිමාවන බව පැවසීය. ඒ වෙනුවට, බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයන් විසි අට ලක්ෂයක් වාර්තා විය. ලක්ෂයක් පමණ මරණයට පත් විය. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද? නමුත් ජන ජීවිතය අවුල් කරවන, වේදනාකාරී ලොක්ඩවුන් ක්‍රමවේද තුළින් වෛරසය පාලනය කළ රටවල් බොහොමයක් වටහා ගෙන ඇත්තේ එසේ කිරීමෙන් වෛරසය සදහටම තුරන් වී නොමැති බවය. නීති ලිහිල් කළහොත් නැවත පැතිරෙන බවය. "ලොක්ඩවුන් කරනවට වඩා එයින් එලියට එන එක අපහසු කාර්යයක් බව ඔවුන්ට දැන් වැටහිලා තියෙනවා. වෛරසය සමඟ ජීවත් වෙන්නේ කොහොමද කියල ඔවුන් හිතල නැහැ." වෛද්‍ය ග්රොපෙලි ප්‍රකාශ කළේය. ඔස්ට්‍රේලියාව, ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වීම සඳහා මංපෙත් සකස් කරන රටකි. නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට මහත් ව්‍යසනයකි. ජූලියේ මුල් භාගය ගෙවී යන්නට පෙර මෙල්බර්න් නුවර නැවත වසා දැමුණි. පෙරට වඩා දැඩි වූ නීති රීති පැනවූ නමුත් වසංගතය නොනවත්වා ඉදිරියට ඇදුණි. දැන් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක ය. යුරෝපය ද විවෘත වෙමින් පවතී. නමුත් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ග්‍රීසිය තවමත් ආසාදිතයන් ඉහළ ගණනක් වාර්තා කරති. පසුගිය තුන් මාසය ඇතුළත ප්‍රථම වතාවට ජර්මනියෙන් දිනකට ආසාදිතයන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මුහුණු ආවරණ පැළඳීම විකාරයක් ලෙස වරෙක සිතූ යුරෝපයට දැන් එය සාමාන්‍ය දෙයකි. ඇතැම් ස්ථානවලදී එය පැළඳීම අනිවාර්ය කර තිබේ. ඒක 'අලුත් සාමාන්‍යයක්' කොරෝනාවෛරසයේ පළමු රැල්ල සාර්ථකව පාලනය කළ හොංකොං, පැසසුමට ලක් විය. අනතුරුව විවෘත කළ ඩිස්නිලන්තය පවත්වාගෙන යා හැකි වූයේ මාසයකටත් අඩු කාලයකි. දැන්, නැවතත් අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දමා තිබේ. "ලොක්ඩවුන් තත්වයෙන් බැහැර වූ පමණින් සියල්ල පැරණි මට්ටමට එන්නේ නැහැ. ඒක 'අලුත් සාමාන්‍යයක්.' මිනිස්සුන්ට ඒ පණිවිඩය ගිහින් නැහැ." වෛද්‍ය හැරිස් පැවසුවාය. කොරෝනාවෛරසයට එරෙහිව අප්‍රිකාවේ තත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. සාර්ථක ආරම්භයකින් පසුව මුළු මහද්වීපයෙන් ම ආසාදිතයන් දස ලක්ෂයක් වාර්තා විය. ඉන් බහුතරයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය. නමුත් ආසාදිතයන් සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ සාපේක්ෂව අඩු මට්ටමකිනි. එබැවින් අප්‍රිකානු කලාපය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කරවේ. ලොව වෙනත් රටවල් හා සසඳන කල අප්‍රිකාවේ කොරෝනා මරණ අනුපාතිකය පහළ මට්ටමකින් පෙන්නුම් කිරීම ද ප්රහේලිකාවකි. ඊට හේතු වශයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඇතැම් රටවල් අලුත් ක්‍රමවේද සොයා ගනිති. රුවන්ඩාව, රෝහල්වලට අවශ්‍ය දෑ ගෙනයාමටත් කොරෝනාවෛරස් නීති රීති ජනතාව අතර බෙදා හැරීමටත් ඩ්‍රෝන යානා භාවිතා කළහ. නීති කඩ කරන්නන් අල්ලා ගැනීමට ද ඩ්‍රෝන යොදා ගත්හ. නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ කතෝලික දේවස්ථානයක පුජකවරයෙකු ද එමගින් නීතියේ රැහැනට හසු කර ගැනුණි. මෙම වසංගතය පාලනය කිරීම සඳහා ලබා දී ඇති සරලම උපදේශය නිතර අත සේදීම යි. නමුත් පිරිසිදු ජලය ලබා ගැනීම දෛනික අභියෝගයක් වී ඇති ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙය එතරම් සරල නොවේ. "සමහර මිනිස්සුන්ට අත සෝදාගන්න වතුර තියෙනවා. එහෙම නැති අයත් ඉන්නවා. මේක ලොකු වෙනසක්. මේ අනුව ලෝකය කොටස් දෙකකට බෙදෙනවා. මෙතැනදී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා, එන්නතක් නොමැතිව මෙම වසංගතය පාලනය කරන්නේ කොහොමද කියල." වෛද්‍ය එලිසබෙටා ග්රොපෙලි පැවසුවාය. එසේනම් මෙම වසංගතය නිමා වන්නේ කවදාද? දැනටමත් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඩෙක්සමෙතසෝන් (Dexamethasone), ස්ටෙරොයිඩ ගණයට අයත් මිලෙන් අඩු ඖෂධයකි. ඇතැම් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත එමගින් ආරක්ෂා වූ බව පෙනී ගොස් තිබේ. නමුත් කෝවිඩ් රෝගීන් සියලු දෙනාම මරණයෙන් ගලවා ගැනීමට හෝ සියලු නීති රීති ඉවත් කිරීමට මෙම ඖෂධය පමණක් ප්‍රමාණවත් නොවේ. ස්වීඩනය ගත් ක්‍රියාමාර්ගය දීර්ඝකාලීනව සාර්ථක වේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් නිරීක්ෂණය කරති. ඔවුන් රට ලොක්ඩවුන් කළේ නැත. නමුත් වැඩිහිටි නිවාස තුළ සිටි පිරිස ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම තුළ අසල්වැසි රටවලට වඩා ඉතා ඉහළ මරණ අනුපාතිකයක් ස්වීඩනයෙන් වාර්තා විය. "බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි." සරලව ම කිවහොත්, සාමාන්‍ය ජීවන රටාවට ලෝකය යළි පැමිණීමේ අපේක්ෂාව අමුණා ඇත්තේ එන්නතක් මතය. මිනිසාට ප්‍රතිශක්තිය ලබා දීම මගින් වෛරසයේ පැතිරීමට ඇති හැකියාව බිඳ දැමිය හැකිය. මේ වන විට, සායනික අත්හදා බැලීමේ ක්රියාදාමයේ තුන්වැනි අදියරට පැමිණි එන්නත් හයක් තිබේ. ඉන් එක් එන්නතක් හෝ සත්‍යවශයෙන් ම වෛරසයට එරෙහිව ක්‍රියාශීලී වන බවට සනාථ කර ගැනීම සඳහා පවතින තීරණාත්මක අදියර මෙයයි. බොහෝ ඖෂධ ඇණහිට ඇත්තේ ද අවසාන කඩුල්ල අසල ය. එම නිසා "එන්නතක් සොයාගත් විට" යන යෙදුමට වඩා "එන්නතක් සොයා ගතහොත්" යන යෙදුම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. "මිනිස්සු විශ්වාස කරන්නේ එන්නතක් කියන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් වගේ කියල. විද්‍යාඥයෝ එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. පැය දෙකක චිත්‍රපටයක නම් ඉතා ඉක්මනින් අවසානයට ළඟා වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන අය, තමන්ටම එන්නත විදගෙන 'දැන් අපි ඔක්කොම ආරක්ෂිතයි' කියල ප්‍රකාශ කරන බ්‍රැඩ් පිට් ලා (Brad Pitt) නොවෙයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාගරට් හැරිස් ප්‍රකාශ කළාය. | කොරෝනාවෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු ගතවී ඇත්තේ හය මසකුත් දින කීපයක් පමණි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මන්මෝහන් සිං, රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඉන්දීය කොන්ග්රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි එම නීතිය දැඩි ලෙස විවේචනය කරමින් එකී පාර්ලිමේන්තු කෙටුම් පත ‘ඉරා විසි කර දැමිය යුතු’ බව ප්‍රකාශ කළේය. මතභේදයට තුඩු දුන් මෙම නීති කෙටුම් පතට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ද සහයෝගය පල කර තිබුණි. ඉන්දීය අගමැතිවරයා සහ රාහුල් ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඉහත කී නීතිය ඉවත් කර ගැනීමට කොන්ග්රස් පක්ෂය තීරණය කර ඇත්තේ. | උසාවියේදී වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ගේ අසුන අහෝසි කිරීම සඳහා පැනවීමට සැලසුම් කර තිබූ නීතිය ඉවත් කර ගැනීමට ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ලසිත් මාලිංග ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා ක්‍රිකට් විචාරක චන්නක ද සිල්වා සංදේශය සමඟ කළ විශේෂ සාකච්ඡා පැවසුවේ ලහිරු තිරිමාන්න ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීම නිසා දිනේෂ් චන්දිමාල් නැවත කැඳවීමට ඇති ඉඩකඩ බොහෝ අඩු බවයි. කෙසේ වෙතත් ඉන්දියාව අවසාන තරඟයට පැමිණීම ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු ඇති බවද චන්නක ද සිල්වා පැවසීය. ‘ඉන්දියාව සහ ලංකාව දඟ පන්දු යවන්නන් හරහා තරඟ දියත් කරන කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකටම තියෙන්නේ එක හා සමාන තරඟ රටාවන්. ඒ නිසා ශ්‍රී ලංකාවට ඉන්දියාව ලොකු අභියෝගයක් වෙනවා. හොඳ තරඟයක් දැකීමට හැකි වෙයි කියල කවුරුත් බලාපොරොත්තු වෙනවා.’ චන්නක ද සිල්වා ප්‍රකාශ කළේය. අවසාන පූර්ව තරඟයට සහභාගී වූ කණ්ඩායම අවසන් මහා තරඟයට ද යොදවනු ඇති බවයි විචාරකයන්ගේ මතය. | විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය ලසිත් මාලිංගට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 2017 දී ලොව නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන්ගේ ඡායාරූප පෙළක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. ක්‍රිස්තියානි භක්තිකයන් බෞතීස්ම කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජෝර්දාන ගගේ කුආසර් එල්- යහුද් (Qasr El-Yahud) නම් ප්‍රදේශයේ දී එරිත්‍රියානු ජාතික, ඕතඩොක්ස් ක්‍රිස්තියානි බැතිමතෙකු බෞතීස්ම කරන දර්ශනයකි. මෙම ප්‍රදේශයේ දී ජේසුස් වහන්සේ ජෝන් ද බැප්ටිස්ට් විසින් බෞතීස්ම කළ බවට ක්‍රිස්තියානු භක්තිකයෝ විශ්වාස කරති. මෙම ස්ථානයේ සංවේදී බව සලකා ඊශ්‍රායල ආණ්ඩුව සහ පලස්තීන බලධාරීන් අතර ගිවිසුමකින් සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලි 7ක අනුමැතියෙන් අමුත්තන්ට ඇතුළු වීමට අවසර දී ඇත. ඇමරිකාවේ 45 වැනි විධායක ජනාධිපති ලෙස ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ජනවාරි 20 වන දින ධවල මන්දිරයේ සිට දිව්රුම් දුන් අවස්ථාව. "අමතක" වී ගිය ඇමරිකානුවන් වෙනුවෙන් සටන් වදින බවට සහ "අපගේ රට නැවතත් සශ්‍රීක කරන" බවට ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය. නිරිත දිග ප්‍රංශයේ මොන්ට්-දි-මාසන් (Mont-de-Marsan) ගුවන් කඳවුරේ හමුදා පුහුණුවක් අතරතුර රන්වන් රාජාලියෙකු ඩ්‍රෝනයක් ඩැහැගත් අවස්ථාවක්. බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි රොහින්ග්‍යා සරණාගත දරුවෙකු ආධාර බෙදන ට්‍රක් රථයකට නැගී හඬා වැලපෙන අයුරු. උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් සැප්තැම්බර් මස මිසයිල අත්හදා බැලීමක් නරඹමින්. දිගින් දිගටම සිදු කළ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් සෙසු ලෝකය උතුරු කොරියාව ගැන අවධානයෙන් සිටී. සිසිලි දකුණු දිග දුපතේ පිහිටා ඇති යුරෝපයේ උසම සහ වඩාත්ම සක්‍රිය යමහල වන ඉතාලියේ එත්නා කන්ද, පෙබරවාරියේ දී විදාරණය විය. අගෝස්තු මස පැවැත්වූ ජනාධිපතිවරණය අවලංගු වීමෙන් පසු, ජනාධිපතිවරණය නැවත පැවැත්වීමට පක්ෂව කෙන්යාවේ ජනතාව සිය ඡන්දය භාවිතා කළහ. මෙයින් පසු විශාල උද්ඝෝෂණ හටගත් අතර, පොලිසිය විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින්ට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ තම වාහනයේ කවුළුවෙන් එබී බලන එරට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු වන කලෙබ් අමිසි ලුයායි (Caleb Amisi Luyai) මෙම ඡායාරූපයේ දැක්වේ. මධ්‍යම පෘතුගාලයේ පෙනේලා හි ඇතිවූ ලැව්ගිනි මැඩලීමට වෙහෙසෙන අතර විවේකයක් ලබා ගත් ගිනි නිවන භටයෝ. උතුරු සහ මධ්‍යම පෘතුගාලයේ සරත් සමයේ දී ඇතිවූ මෙම ගින්නෙන් 30 කට අධික ප්‍රමාණයක් මිය ගිය අතර තව විශාල පිරිසක් තුවාල ලැබූහ. 2017 ඔස්කාර් සම්මාන උළෙලේ තිරයෙන් පිටුපස සිටීමට අවසර දී ඇත්තේ ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුට පමණය. එමා ස්ටෝන් ඔස්කාර් සම්මානය දිනූ පසු ඇය සහ ලියනාඩෝ ඩිකැප්රියෝ අතර මෙම අතිශය පෞද්ගලික මොහොත ක්‍රිස්ටෝපර් පෝල්ක් ගේ කැමරාවේ මෙසේ සටහන් විය. මෙය 1950 දශකයේ ගත් ඡායාරූපයකට සමාන බව පැවසේ. බෙයිජිං නුවර පැවැත්වූ චීන කොම්යුනිස්ට් පක්ෂයේ 19 වෙනි ජාතික සම්මේලනයේදී රටේ මීලග පාලකයා සහ එහි ඉදිරි ක්‍රියාවලිය තීරණය කෙරිණ. සිඩ්නි නුවර ජනප්‍රිය බොන්ඩි වෙරළ තීරයේ දිය මත ලිස්සා යන්නෙකු සමබරතාව ගිලිහී ඔහුගේ ලෑල්ලෙන් ජලයට වැටෙන අවස්ථාවක් රයන් පියර්ස්ගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි. ඔහු මහා ජල කඳන් සමග පොර බදිනවා දකින විට, ස්වභාව ධර්මයට දෛවය පාලනය කිරීමේ කෙතරම් බලයක් තිබේ දැයි නොසිතෙන්නේද? ඕස්ට්‍රේලියානු ටෙනිස් තරගයක් අතරතුර සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල්ගේ නාසය උඩ සලබයෙකු වසා සිටි මොහොත. පිලිපීනයේ මරාවි නගරයට ආසන්නයේ, කැටී මලන්ග් මිකුනුග් (Katty Malang Mikunug) තම විවාහ උත්සවය දිනයේ සිය යෙහෙලියන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින්. මැයි මස ප්‍රහාරයෙන් පසු මෙම නගරයේ එක් කොටසක් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් විසින් අත් කර ගනු ලැබීය. මෙම ඡායාරූපය තෙල් සායම් චිත්‍රයකට සමාන බව පැවසේ. 'කළු සිකුරාදා' (Black Friday) දිනයේ බ්‍රසීලයේ සවෝ පව්ලෝ (Sao Paulo) නුවර සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍ර මිලදී ගැනීමට පොරකන ජනකාය. ඇමරිකාවෙන් ආරම්භ වුන 'කළු සිකුරාදා' දිනය, නත්තල් සාප්පු සවාරි පටන් ගන්නා දිනය ලෙසින් සැලකේ. ට්‍රිපොලි නගරයේදී ලිබියානු වෙරළ ආරක්ෂක හමුදාව විසින් බේරා ගත් අනවසර සංක්‍රමිකයෙක්. සිය දහස් ගණනින් අප්‍රිකානු සංක්‍රමිකයන් සහරා කාන්තාරය සහ මුහුදු තරණය කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටිති. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිවිල් ආරක්ෂක භටයන් ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැඳී සිටි උද්ඝෝෂණකරුවන් ඉවත් කරමින්. ජනමත විචාරණයකින් කැටලෝනියාවේ නිදහසට කැමැත්ත පළ වූව ද ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායක අධිකරණය එම ඡන්දය නීති විරෝධී බවට තීරණය කිරීම උද්ඝෝෂණවලට තුඩු දුන්නේය. ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වීමත් සමග ඔහුගේ 37 වසරක පාලනය අවසන් වීම සමරන සිම්බාබ්වේ වැසියන්. සතියක හමුදා පාලන කාලයකින් පසුව එමර්සන් මනන්ගග්වා නව ජනාධිපති පදවියට පත්විය. මෙක්සිකෝ - ඇමරිකා සීමාවේ පිහිටි තාප්පයේ සිදුරකින් ඥාතීන්ට සිය ළදරුවා පෙන්වන පියෙක්. ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දිනයේ දී මෙම සීමාවෙන් වෙන් වුන ඥාතීන්ට නැවත එක් වීමට මිනිත්තු තුනක කාලයක් ලබා දෙනු ලැබිණ. අගෝස්තු 21 වනදා, උතුරු ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය. 1918 න් පසු සිදු වූ මෙය ඇමරිකාවේ මිලියන 7 කට වැඩි පිරිසක් නරඹා තිබිණි. ග්වාතමාලාව මළවුන්ගේ දිනය සමරන අවස්ථාවේ එහි සොහොන් කොත් අතරින් ඇවිද යන තරුණ කාන්තාවක්. මියගිය අයගේ ඥාතීන් ලබා දෙන දේ නිදහසේ භුක්ති විඳීම සඳහා පාට සරුංගල් අහසේ පා කර නරක ආත්ම පලවාහැරීම මෙම උත්සවයේ දී සිදු වේ. වසර 88 ක් ආයු වළඳා මියගිය තායිලන්තයේ භූමිපාල් අතුලතේජ් රජු වෙනුවෙන් පැවති වසරක ශෝක කාලය පසුගිය ඔක්තෝබර් 29 වෙනි දින නිමාවට පත්විය. හැත්තෑ වසරක් තරම් දීර්ඝ කාලයක් පදවිය හෙබැවූ ඔහු ලොව වැඩිම කාලයක් සිහසුන දැරූ රජතුමාය. මේ තොරතුරුද දැනගන්න: ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම | විටෙක, වචන සිය ගණනක කතාවක් එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. තවත් විටෙක, තම හදවතට වඩා සංවේදී වන්නේ වචන නොව, ඡායාරූපයකි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පහත දැක්වෙන්නේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් විසින් 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීමට පෙර ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබ ඇතැයි පැවසුනු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ සිදුවීම් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ පසු විපරමකි. සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳ පළමුවරට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ 2019 අප්‍රේල් මස ආරම්භයේදීය. පහත දැක්වෙන්නේ එතැන් පටන් අප්‍රේල් 21 දක්වා ඒ පිළිබඳ නිකුත් කෙරුණු පූර්ව අනතුරු ඇඟවීම් සහ ඊට අදාළ ගමන් මගය. (මූලාශ්‍ර: පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව) 2019 අප්‍රේල් 04 රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ 'WhatsApp' හරහා මුල්ම පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වෙනිදා ඔහුට ලිඛිතව ලැබී තිබේ. 2019 අප්‍රේල් 07 රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන එම තොරතුර ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත ලබා දී ඇත. 2019 අප්‍රේල් 08 ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් එම ලිපිය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමු කර තිබේ. 2019 අප්‍රේල් 09 පොලිස්පතිවරයා විසින් එම ලිපිය: යන නිලධාරීන් වෙත යොමු කරනු ලැබ තිබේ. 2019 අප්‍රේල් 10 තමා වෙත අදාළ තොරතුර ලැබීමෙන් පසු සහරාන් සහ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බව පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා පවසයි. සහරාන් විසින් පවත්වාගෙන යනු ලැබූ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. 2019 අප්‍රේල් 11 ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳ මෙදින ජනාධිපතිවරයා දැනුවත් කරන ලද බවට මාධ්‍ය වාර්තා (ප්‍රහාරයෙන් පසුව). 2019 අප්‍රේල් 14/15/16 සහරාන් හෂීම් සහ ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට ඇත. 2019 අප්‍රේල් 16 කාත්තන්කුඩි ප්‍රදේශයේ දුරබැහැර ස්ථානයක යතුරු පැදියක් පුපුරා ගොස් තිබිණි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරි ගෙය ලෙස සැලකේ. 2019 අප්‍රේල් 18 කාතාන්කුඩි ප්‍රදේශයේ පිපිරීම සහරාන් හෂීම් විසින් සිදු කරන ලද බවත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි. 2019 අප්‍රේල් 19 රාජ්‍ය බුද්ධි සේවය විසින් හමුදා බුද්ධි අංශ වෙත එම බුද්ධි තොරතුරු දන්වනු ලැබ ඇත. රාජ්‍ය බුද්ධි සේවය විසින් බුද්ධි තොරතුරු පිළිබඳ හමුදා බුද්ධි අධ්යක්ෂවරයා දැනුවත් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. (පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව) "අධ්යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන 19/04/20 දින සවස 05:00 ට පමණ ඇමතුමක් ලබා දී ප්‍රහාරයක් සිදුවන බව දන්වා සිටියේය. ප්‍රතිචාර දැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශය රැස් කරගෙන ඇති බුද්ධි තොරතුරු මොනවාදැයි පොලිස්පති ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ වෙතින් විමසීය. ඔහුගේ ප්‍රතිචාරය වූයේ එය විදේශ ප්‍රභවයෙන් ලැබෙන තවත් තොරතුරක් යන්නයි," (පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පරිදි) 2019 අප්‍රේල් 20 පස්වරු 07:30 රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂවරයා, පොලිස්පතිවරයා අමතා එළඹෙන දිනය භයානක බවත් යමක් සිදුවිය හැකි බවත් පවසා තිබේ. පොලිස්පතිවරයා එම අනතුරු ඇඟවීම අදාළ සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දන්වා තිබේ. රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් 2019 අප්‍රේල් 20 වෙනි දින තමන්ට ද එවැනිම තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටි බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. "මම පොලිස්පතිවරයාට කතා කළා. ඒ වන විටත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විසින් ඔහුටත් එම තොරතුරු දැනුම් දී තිබුණා," 2019 අප්‍රේල් 21 පෙරවරු 06:45 එදින භයානක දෙයක් සිදුවනු ඇති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂවරයා නැවතත් කියා තිබේ. පොලිස්පතිවරයා නැවතත් අදාළ කණිෂ්ඨ නිලධාරීන් වෙත ඒ බව දැනුම් දී ඇත. 2019 අප්‍රේල් 21 පෙරවරු 08:27 "ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්." රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී ඇති අවසන් බුද්ධි තොරතුර එයයි. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් කිහිප දෙනෙක් දේවස්ථාන තුනක් සහ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් එල්ල විය. 2019 අප්‍රේල් 22 පාස්කු ප්‍රහාරයෙන් පසු පළමු ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2019 මැයි බස්නාහිර සහ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාවක් දියත් විය. ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් පල්ලියක් ප්‍රහාරය ගැන දන්වන ලද පාර්ශව කවුරුන්ද? පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාව තුළ එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් බුද්ධි අංශ විසින් අප්‍රේල් 11 වෙනිදා නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන් ලිපියක ඡායාරූප එකතුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය. එවක ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එහි ඡායාරූප කීපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද ලිපියේ සඳහන් කරුණු පහත පරිදිය: මේ අතර හරීන් ප්‍රනාන්දු විසින් පළ කරන ලද තවත් ලිපියක දැක්වුණේ ජාතික තව්හිත් ජමාත්හි මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සහායකයන් තවත් සුළු මොහොතකින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවය. ඔවුන් "වැදගත් දේවස්ථාන" සමහරක් ඉලක්ක කිරීමට සැලසුම් කරන බව ද එම ලිපියේ පැහැදිලිව දැක්විණි. "ත්රස්තවාදීන්" විසින් පහත දැක්වෙන ඕනෑම ආකාරයක ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට ඉඩ ඇති බවත් එහි සඳහන් විය. මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් ද එහි සඳහන් කර තිබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන සහ සිය පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණෙන දිනයන් ද එහි වැඩිදුරටත් සඳහන් විය. රනිල් - මෛත්‍රී බල අරගලය අප්‍රේල් 21 සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු ජනාධිපතිවරයා දැනුවත් කර නොතිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය 2019 මැයි 30 නිකුත් කළ නිවේදනයක සඳහන් විය පාස්කු ප්‍රහාරය වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවක රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එවක ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප පාර්ශවය වගකිව යුතු බවට චෝදනා එල්ල විය. ප්‍රහාර එල්ල වී වසර දෙකක් ගතව ඇතත් එය වළක්වා ගැනීමට නොහැකි වූයේ කාගේ දුර්වලතාව හේතුවෙන් ද සහරාන් ඇතුළු පිරිස මෙහෙය වූයේ තෙවන පාර්ශවයක් විසින්ද එසේ නම් ඒ පිටුපස සිටි මහ මොළකරු කවුරුන්දැයි යන්න තවමත් පැහැදිලි වී නොමැත. 2018 වසරේ ඔක්තෝබර් 26 දා මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ එම ධුරය සඳහා පත් කරනු ලැබිණි. එම පත් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් අතර රනිල් වික්‍රමසිංහ යලි අගමැති ධුරයේ දිව්රුම් දෙනු ලැබීය. මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපාර්ශවය අතර පැවති මතභේද හමුවේ ඉන් අනතුරුව රටේ පාලනය කවුරුන් අත පවතින්නේ ද යන්න සහ වගවීම පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබිණි. පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි පාස්කු ප්‍රහාරය එල්ල වී දින අටකට පසුව (2019 අප්‍රේල් 29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ. නමුත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට සහ අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බැවින් එම තීන්දුව නීත්‍යනුකූල නොවන බව පවසමින් පොලිස්පති පූජිත් ජයසුන්දර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පහත දැක්වෙන්නේ එම පෙත්සමේ අඩංගු වූ මූලික කරුණු කිහිපයකි. පෙත්සමට අනුව: 2019 අප්‍රේල් 29: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලදුව එතෙක් නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබීය. එතැන් සිට මේ ප්‍රහාර එල්ල වීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය එවක පැවසීය. ප්‍රහාරයට පසු (අප්‍රේල් 23) ජාතිය අමතා අදහස් දැක්වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, "එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප්‍රධාන නිලධාරීන් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," යනුවෙනි. මේ ගැනත් කියවන්න: | දෙසිය පනහකට අධික මිනිස් ජීවිත මිනිස් බෝම්බ මාලාවකට ගොදුරු වී දෙවසරක් ගතව ඇත. එදින දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත පැමිණ සිටි කිතුනු භක්තිකයන් සහ විදේශිකයන් එම ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කය විය. එවැනි ප්‍රහාරයක් සිදු විය හැකි යැයි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්ව තිබුණු නමුත් ඉහත කී සාමාන්‍ය වැසියෝ ඒ පිළිබඳ නොදැන සිටියහ. දැන සිටියා නම් ඒ සියලු දෙනාටම හෝ අඩුම තරමේ ඉන් පිරිසකට හෝ දිවි බේරා ගැනීමට හැකිවනු ඇත. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එම අදහස් පළ කළේ, බීබීසී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකඡාවකදී. ක්‍රිකට් ලෝක ශූරතා කුසලානය දිනා ගනු ලැබීමෙන් පසු අවස්ථා කීපයක්ම යළි ජයග්‍රහණය අබියසට පැමිණ එය අහිමි වුවද, ‘විස්සෙන් විස්ස’ කුසලානය දිනා ගැනීම තවත් සුවිශේෂී දෙයක් වන බවත් 1996 ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසයි. මෙවැනි ලෝක ශූරතාවයක් දිනා ගැනීම ඉතාම අසීරු දෙයක් වන බව තමා අත් දැකීමෙන් දන්නා බවයි අර්ජුන රණතුංග පෙන්වා දෙන්නේ. “අවස්ථා කීපයක්ම තවත් ලෝක ශූරතාවයක් දිනා ගැනීමේ ආසන්නයටම ශ්‍රී ලංකාව ලඟා වුනත් එම අවස්ථාවල දී ගත් ඇතැම් වැරදි තීරණ මෙන් ම සෙසු කණ්ඩායම්වල සාර්ථක ක්‍රීඩා කිරීම ඉදිරියේ අවාසනාවට එම අවස්ථා අපෙන් ගිලිහී ගියා. මේ තරඟාවලියට පෙර බංග්ලාදේශයේ සහභාගී වුන තරඟ තුළින් ලත් අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් සාර්ථකව ක්‍රීඩා කොට අපට තවත් ලෝක කුසලානයක් දිනා දීමට අපේ ක්‍රීඩකයන් කණ්ඩායම සමත් වුනා” අර්ජුන රණතුංග ඉහත කී සාකච්ඡාවේදී කියා සිටියේය. අනාගත සැලසුම් නොයෙක් අවමන් ලැබීම් ඉදිරියේ ශ්‍රී ලංකාව යම් ගරුත්වයක් ලබන්නේ ක්‍රීඩාව තුළින් යයි කියා සිටි ඔහු දිනේෂ් චන්දිමාල් විසින් දරන ලද නායකත්වය මෙම ‘විස්සයි විස්ස’ තරඟාවලිය අතරවාරයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේය. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ‘විස්සයි විස්ස’ක්‍රිකට් තරඟ වලින් සමු ගැනීම ගැන අදහස් දක්වමින් අර්ජුන රණතුංග කියා සිටියේ, සමු ගැනීමේ තීරණය ගැනීම ක්‍රීඩකයකු සතු අයිතියක් වන බවයි. “සමහරු ඉන්නවා විශ්‍රාම ගන්න කියල කියන තෙක් . ඒත් සමහරු ඉක්මණින් විශ්‍රාම යනවා. තීරණය ගත යුතු වෙන්නේ ඒ ඒ ක්‍රීඩකයා විසිනුයි.” සාකච්ඡා තුළින් විසඳුම් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයන් අතර මතුව පැවති ගැටළු ‘විස්සයි විස්ස’ ජයත් සමඟ නිරාකරණය වේදැයි ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු ක්‍රිකට් නායකයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි. “මම මෙතැන පැති දෙකක් දකිනවා.සමහර වෙලාවට පරිපාලනය අත්තනෝමතිකයි. සමහර වෙලාවට ක්‍රීඩකයන් විනය නොමැතිව ක්‍රියා කරනවා. මේවා සාකච්ඡා මගින් විසඳා ගත යුතු දේවල්. මේ තරඟාවලිය අතරේ පාලක මණ්ඩලය මාධ්‍ය මගින් ප්‍රචාරය කළා ,ඩොලර් මිලියනයක්, මිලියන එක හමාරක් ක්‍රීඩකයන්ට ගෙවන බවට.එවැනි ප්‍රකාශන ක්‍රීඩකයන් අපහසු තත්වයකට හෙළීමක්”. ඉහත කී ආකාරයේ ප්‍රකාශන මගින් සිදු කෙරෙන්නේ ක්‍රීඩකයන් මුදලටම ක්‍රීඩා කරන්නන් බවට වැරදි වැටහීමක් ඇති කිරීම යයි අර්ජුන රණතුංග පෙන්වා දෙයි. | ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග,’විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟවල වැදගත්කම පාසල් දරුවන්ගේ හිසට ඇතුල් නොකරන මෙන් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | වැට් බදු ඉහළ නැංවීම සාධාරණීකරණය නොකරන නමුත් වත්මන් ආර්ථික තත්වය හමුවේ ආණ්ඩුවට තාවකාලිකව එම පියවර ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි. "ලංකාව තමයි ලෝකයේ අඩුම දුරකථන ගාස්තු අය කරන රට. සියයට විස්සකින් බදු වැඩි වුනත් කෝල් එකක් සඳහා වැය වන එකයි ශත පනහ ඒ සියයට විස්සෙන් වැඩි කරලා බැලුවොත් ඒත් ශත ගාණක් තමයි වැඩි වෙන්නේ. ඒක මහා විශාල බරක් නොවෙයි," ඔහු පැවසීය. ආණ්ඩුවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් පිරිහෙමින් පවතිනවා නොවේදැයි යන්න විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ පළමු මාස හයක කාලය කටුක වුවත් ඉදිරියේදී ජනතාව වෙත යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවයි. "පළමු මාස හයේ රටක් ගොඩ නැංවීම සඳහායි ප්‍රතිපත්ති හදන්නේ. ඒ ප්‍රතිපත්ති ජනතාව අතර ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. රටකට අවුරුදු පහක වැඩපිළිවෙලක් අවශ්‍යයි." පැවති පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පමණක් ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම දිගින් දිගටම කළ හැක්කක් නොවන බවත් ඔහු සඳහන් කළේය. "ඕක කරන්න පුළුවන් මාස හයයි. එතනින් එහාට රාජපක්ෂ බද්ද කියල කියන්න බැහැ. දැන් රාජපක්ෂ වෙනුවෙන් ගහපු බදු තමයි මේ ගහ ගෙන යන්නේ. එතනින් එහාට අපි අපේ වැඩ පෙන්වන්න අවශ්‍යයි," විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය. ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ සිට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග පැවැත්වූ සාකච්ඡාවේ දෙවන කොටස හෙට බලාපොරොත්තු වන්න. | වෙනත් රටවල ජංගම දුරකථන ගාස්තුවලට සාපේක්ෂව වැට් බදු සංශෝධනයත් සමග ඉහළ ගිය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගාස්තු ජනතාවට විශාල බරක් නොවන බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිං ආරච්චි මෙම නඩුව ගැන සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා මෙන්ම පාර්ලිමේන්තුවේ පවා මේ ගැන අදහස් මෙන්ම විරෝධය පළ කිරීම් ද දක්නට ඇත. බිම්ශානි ජාසිං ආරච්චි නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස උසස් කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති. පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ශානි, 1997 පොලිස් සේවයට එක් වී ඇති අතර, 2006 වර්ෂයේදී පොලිස් පරීක්ෂක තනතුරට උසස් විය. අදාළ විභාගවලින් සමත් වුව ද, කාන්තාවකට ශ්‍රී ලංකාවේ පොලිසිය තුළ උසස්වීම් ලැබීමට ඇති විවිධ බාධා හේතුවෙන්, 2007 වසරේ දී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීමට බිම්ශානිට අධිකරණයේ පිහිට පතන්නට ද සිදු විය. එවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුවත්, ජාතික පොලිස් කොමිෂන් සභාව නිලධාරිනියන්ගේ උසස්වීම් වෙනුවෙන් යම් නීති වෙනස් කිරීමත් නිසා ඇය සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරිණි. සිය වෘත්තීය ගමනේ ඊළඟ පියවර ලෙස 2013 වසරේදී බිම්ශානි පොලිස් අධිකාරි තනතුරටත්, 2017 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස් වීම් ලැබුවාය. ප්‍රමිලා දිවාකරගෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් වූ දෙවෙනි කාන්තාව වූයේ බිම්ශානිය. කෙසේනමුත්, පොලිස් පරිපාලන පද්ධතිය තුළ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කෙරුණු යම් අරගල, අධිකරණ සහ පරිපාලන ක්‍රියාමාර්ග හේතුවෙන් 2019 වසරේදී තවත් නිලධාරිනියන් අටදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබූහ. නඩුවේ පසුබිම කුමක් ද? බිම්ශානිගේ තනතුර නීති විරෝධී වන අතර ඉන් පුරුෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ උසස් වීම්වලට බාධා ඇති වී තිබෙන බව සඳහන් කරමින් නඩුවට පෙර නිලධාරීන් 14 දෙනෙකු පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබිණි. මෙම පත්වීම ආපසු හරවන ලෙසත්, කාන්තාවන් සඳහා වෙනම තනතුරු ඇති කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ලිපියේ සඳහන් කර තිබේ. කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් සිව්දෙනෙකු සහ එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක බඳවා ගැනීමේ ක්‍රමයක් සඳහා නිර්දේශ ඇතුළත් ලිපියක් පසුගිය දෙසැම්බර් මාසයේ දී මුදල් අමාත්‍යාංශ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යැවීමට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න ක්‍රියා කර තිබිණි. නමුත් මෙම යෝජනා ක්‍රියාත්මක කර නොමැත. පොලිසියේ සෑම තරාතිරමකම පුරප්පාඩු වලින් 15%ක් කාන්තාවන්ට ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2006 ජනාධිපති ධුරයේ සිටියදී කැබිනට් තීන්දුවක් ගත් නමුත්, එය ද ක්‍රියාත්මක නොවීය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙන් පසු කාන්තාවකට උසස් වීමක් ලැබිය හැකි තනතුරක් නීතියේ සඳහන් නොවේ. නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් මත කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය යන තනතුරකට (WDIG) බිම්ෂානි ජාසිං ආරච්චිව පත් කර තිබේ. කෙසේනමුත්, පොලිස් අධිකාරිවරුන් 162 ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි169 ක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46 ක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 12ක් සඳහා පුරුෂයන්ට පුරප්පාඩු ඇත. "නඩුව ගොනු කළේ කාන්තාවක් තනතුරට පත් කිරීමට එරෙහිව නෙමෙයි. මේක පරිපාලනයට සම්බන්ධ ප්‍රශ්නයක්," නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. "කාන්තාවක් ඉහළ තනතුරකට යන එකට අපි විරුද්ධ නැහැ. නමුත් නීති රෙගුලාසිවලින් පිටත WDIG (කාන්තා නියෝජ්‍ය පොලිස්පති) කියන තනතුරක් නිර්මාණය කිරීම නිසා නීතියේ සඳහන් පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වෙන්න හිටිය අනෙක් ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නඩුව." ප්‍රමිලා දිවාකරගේ අදහස් ශ්‍රී ලංකා පොලිසියට නිලධාරිනියන් අවශ්‍ය දැයි යන්න පිළිබඳ අත්හදා බැලීමක් ලෙසින් කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දීය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර ඒ අනුව කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනෙක් පමණකි. එලෙස බඳවා ගන්නා ලද පස් වැනි කණ්ඩායමේ සාමාජිකාවක ලෙසින් 1958 දී ප්‍රමිලා දිවාකර කොස්තාප්ලවරිය පොලිස් සේවයට සම්බන්ධ වන විට ඇය සමඟ තවත් කාන්තාවන් දහ තුන් දෙනකුද බඳවාගෙන තිබේ. බිම්ෂානිට පෙර කාන්තා පොලිස් ඉතිහාසයේ ඉහළම තනතුරක් හෙබවූයේ ප්‍රමිලා දිවාකරය. වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය සහ පොලිස් කාන්තාවක් තනතුරු ලබා ගැනීමේ දී ඇතිවන ගැටලු ගැන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකරගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. "මම පොලිසියට බැඳිලා අවුරුදු 13ක් ගියාට පස්සේ 1971 තමයි සාජන්ට් ලෙස උසස් වීමක් ලැබුණේ. ඒක ලැබෙන්නත් එක්කෝ ඒ තනතුරේ කෙනෙක් මැරෙන්න ඕනේ නැත්නම් අස්වෙලා යන්න ඕනේ." "කාන්තා සහ පිරිමින්ට එක සමාන ලෙස සලකනවා කිව්වාට, ඒ දවස්වල උසස්වීම් ලබා දෙනකොට නම් අපි ගැන බොහොම අවතක්සේරුවක් තිබුණේ. නමුත් සෑහෙන බාධක මැද උසස්වීම් මම ලබා ගත්තා. හැබැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී තනතුර ගන්න 1999 දී නඩු කියන්න වුණා. මම අවුරුදු 44කට ආසන්න කාලයක් පොලිස් සේවයේ හිටියා." "කොහොම වුණත් සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන එකයි මගේ අදහස. බිම්ශානි කියන්නේ උගත් කාන්තාවක්. අධිකරණයට ගිහින්, ඊට පස්සේ පොලිස් කොමිෂමටත් ඉල්ලීමක් කළාට පස්සේ තමයි එයාට ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබෙන්න තිබුණ තනතුරක් ලැබුණේ," ඇය තවදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණවන අතර, ඒ අතරින් කාන්තාවන් සිටින්නේ 9,000කට ආසන්න ප්රමාණයකි. ඒ අතර පරිණත, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් පොලිස් සේවයේ යෙදී සිටියත් ඔවුන්ට ඉහළම තනතුරුවලට උසස් වීමේ නීතියම පසුබිමක් නොමැත. "කොහොම වුණත් මම අවුරුදු 44ක් කරපු රැකියාවට බොහොම ආදරය කරනවා, ගරු කරනවා. කාන්තා පිරිමි භේදයක් නැතුව සුදුසුකම් මත තනතුරු ලැබෙන්න ඕනේ කියන එකයි මගේ අදහස," ප්‍රමිලා තවදුරටත් පැවසීය. 2025 වන විට තවත් පොලිස් කාන්තාවන් නව දෙනෙකු උසස් තනතුරු සඳහා සුදුසුකම් සපුරන අතර, ඉන් පෙර මෙම ගැටලුවට අදාළ නීතිමය කරුණු ගැන දැඩි අවධානයක් යොමු විය යුතුය. නඩුව සහ නීතීඥ අදහස් පවත්නා නීති නොසලකා හැර නීති විරෝධී සහ අත්තනෝමතික ලෙස පොලිස් කොමිසම සිදු කළ බිම්ශානිගේ පත්කිරීම නිසා පෙත්සම්කරුවන්ගේ වෘත්තීය දිවියට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමේ සඳහන් වේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය සහතික කර ඇති පරිදි සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම (නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය) සහ 14 වන වගන්තිය යටතේ සිය රැකියා අයිතිය ද උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති. බිම්ෂානිට එරෙහි නඩුව ගැන ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්ගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. "කාන්තාවකට පොලිසියේ ඉහළ තනතුරුවලට යන්න නීතිමය වශයෙන් යම් ගැටලු තිබෙනවා. නමුත් මෙතන තිබෙන ගැටලුව WDIG කියන තනතුරක් නීතියෙන් නැති එකයි. WPC (කාන්තා පොලිස් නිලධාරිනී) කියන තනතුරක් ගැන අපි දන්නවා, නමුත් ඉන් එහාට W (Woman) කියලා යොදලා තනතුරක් නිර්මාණය කිරීමෙන් මේ වගේ ගැටලු ඇතිවෙනවා," ප්‍රසන්ත ලාල් පැවසුවේය. ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් "උදාහරණ විදිහට බැලුවොත්, එහෙමනම් අපි අනෙක් කාන්තා වෘත්තිකයන් W ගුරුවරු, W නීතීඥවරු, W ජනාධිපති කියල හඳුන්වන්න ඕනේ. එතකොට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු පොලිසියේ මේ තනතුරට පත් වුණොත් හඳුන්වන්නේ කොහොම ද? මේ ප්‍රශ්න නිසා WDIG කියලා වෙනම තනතුරක් තියෙන්න බැහැ." "දැනට විභාග කරන නඩුවක් ගැන අපිට වැඩිදුරටත් කතා කරන්න බැහැ (sub-judice ) නමුත් නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්." යැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ විරෝධය බිම්ශානිගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ගේ සංසදය පෙබරවාරි 18 පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. බිම්ශානිගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින අතර, පොලිස් කාන්තාවන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබිය යුතු යැයි තමන්ගේ විශ්වාසය බව එම සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසීය. බහුතර පුරුෂ නියෝජනයක් ඇති ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස් නිලයකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවට ගරු කිරීමක් ලෙස තමන් දකින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. කව්ද මේ බිම්ෂානි ජාසිං ආරච්චි? පොලිසියේ වසර 23ක් පමණ සේවයේ නිරත ඇය වීරකැටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ උපත ලැබීය. රුහුණු විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වන ඇයගේ පොලිස් දිවියේ මුල්ම රාජකාරි ස්ථානය වන්නේ වවුනියාව පොලිස් ස්ථානයයි. ඉන්පසු වසර ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ළමා සහ කාන්තා අපයෝජන අංශය, පොලිස් පුහුණු කිරීම් අංශය, ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරිවල ද නිරත වීය. ලොව වෙනත් රටවල කාන්තාවන් පොලිසියේ උසස් තනතුරු දරන්නේ ද? එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ වර්තමාන ප්‍රධානියා 60 හැවිරිදි ක්‍රසිඩා ඩික් වන අතර, එරට පොලිස් බලකායෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්ය. ඇමරිකාවේ පෝට්ලන්ඩ්, ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක පොලිස් ප්‍රධානීන් කාන්තාවන්ය. ඩැනියෙල් අවුට්ලෝ ෆිලඩෙල්ෆියා නගරයේ ප්‍රථම ඇමරිකානු - අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තා පොලිස් ප්‍රධානී ලෙස 2020 දී පත් විණි. ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධානී ක්‍රසිඩා ඩික් වර්තමානයේ දී ලොව පුරා රටවල් බොහොමයක් පොලිස් කාන්තාවන්ට පුරුෂයන් හා සමානව සැලකීම සහතික කිරීමට උත්සාහ දරමින් සිටිති. ස්වීඩනය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව වැනි රටවල් මේ අතරින් විශේෂයෙන් කැපී පෙනෙන අතර, කාන්තාවන් පොලිසියේ උසස් නිලයන් සඳහා පත් කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ. මේ තොරතුරුද කියවන්න: | ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිලයට පත් කළ ප්‍රථම කාන්තාව බිම්ශානි ජාසිං ආරච්චිගේ පත් වීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇති අතර, එය සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා නැවතත් කැඳවීමට නියම කර තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | චීන වෙදකම සඳහා වියලන ලද සර්පයන් ද යොදා ගනී මෙම වෙළඳපොළ නීතිවිරෝධී සත්ව වෙළඳාම සිදුවෙමින් පැවතුණු ස්ථානයක් ලෙස සැලකේ. එම සතුන් අතර දුර්ලභ සර්පයන්, ඉත්තෑවන් සහ රැකූන් ආදී සත්ව වර්ග බොහොමයක් කූඩුකර තිබුණි. මෙම සතුන් ආහාරය සඳහා හෝ පාරම්පරික ඖෂධ ක්‍රමවේද සඳහා හෝ සත්ව ජාවාරම් සඳහා අලෙවි වෙමින් පැවතුනි. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ මෙම වෙළඳපොළ වසා දැමීමට චීන බලධාරීහු පියවර ගත්හ. වන සතුන් හෝ එම මාංශ යොදා ගනිමින් නිෂ්පාදනය වූ ආහාර වර්ග වැඩිපුරම පරිභෝජනයට ගන්නා රට චීනයයි. එය නීතිගතව හෝ නීතිවිරෝධී ආකාරයෙන් සිදුවිය හැක. තාවකාලික තහනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පවසන්නේ වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගේ සිරුරෙන් බවය. නමුත් එය සෘජුව ම මිනිස් සිරුරට ආසාදනය වන්නට පෙර තවත් අතරමැදි සතෙකු සිටින්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. එම අතරමැදි සත්වයා කවරෙක්දැයි තවමත් තහවුරු වී නොමැත. චීන ජාතිකයෝ සාම්ප්‍රදායිකව වන සත්ව මාංශ කෙරෙහි රුචියක් දක්වති. ඇතැම් මාංශ අනුභවය රස නහර පිනවීම සඳහා ම වන අතර පාරම්පරිකව පැවත එන වෙදකම වෙනුවෙන් ද ඇතැම් මාංශ අනුභව කරති. චීනයේ ඇතැම් ආපන ශාලා 'වවුල් මාංශ සුප්' වැනි ආහාර ද අලෙවි කරයි. එම සුප් බඳුන මත, පිසින ලද සම්පුර්ණ වවුලා තබා ඇත. කොටියාගේ වෘෂණ කෝෂ සහිත සුප්, එමෙන්ම කලවැද්දාගේ දේහ කොටස් සහිත ආහාර ද ඇතැම් ආපනා ශාලා තුළ අලෙවි කෙරේ. තෙලින් බදින ලද නාගයන්, තම්බන ලද වලස් පාද, කොටි අස්ථි යොදා ගනිමින් තනන ලද වයින් වර්ග ද ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී. පැල්පත් සහිත ප්‍රදේශවල පවතින මාංශ වෙළඳපොළ තුළ මීයන්, පූසන්, සර්පයන්, මෙන්ම පක්ෂීන් වර්ගද අලෙවි කෙරේ. ඇතැම් විට මෙම සත්වයන් වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්ව ගණයට අයත් වේ. ඇතැම් පක්ෂීන් ද ලොවින් තුරන්වීමේ අනතුරට මුහුණ දී තිබේ මෙවැනි ආහාර ගැනීම සාම්ප්‍රදායිකව සහ සංස්කෘතික වශයෙන් සැලකෙන්නේ තමන් ලද මහඟු අවස්ථාවක් ලෙසිනි. ඇතැම් වන සත්ව මාංශ චීන වෛද්‍ය ක්‍රමය අනුව වර්ගීකරණය කර ඇත්තේ වඳ භාවයට, ආතරයිටීස්, රක්තවාතය වැනි රෝගවලට ප්‍රතිකර්ම ලෙසිනි. චීන වෙදකමට රයිනෝසිරස් ගේ අඟ බහුල ලෙස යොදා ගැනීම නිසා හොඳ වෙළඳ පොලක් ඇතිවීම, එම සත්වයා වඳවී යාමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් විය. මේ සියල්ල සිදුවන්නේ මිනිසාට ඇතිවන ආසාදනයන්ගෙන් 70%ක් ම සතුන්ගෙන් සංක්‍රමණය වූ ඒවා බවට ඇස්තමේන්තු කර තිබියදී ය. නව කොරෝනා වෛරසය මිනිසාට වැළඳීමෙන් පසුව චීනයේ පවතින වන සත්ව වෙළඳාම දෙසට නැවතත් අවධානය යොමු වන්නට පටන් ගත්තේය. චීන බලධාරීන් වන සතුන් වෙළඳාමට තාවකාලික තහනමක් පැනවීමට හේතු වූයේ ද මෙම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි. නමුත් මෙම තාවකාලික තහනම සදාකාලික තහනමක් බවට පත් කර ගැනීම සඳහා සත්ව ආරක්ෂණ සංවිධාන වෑයම් කරයි. "මින් පෙර මිනිස් ඇසුරේ නොසිටි වන සතුන් කරා මිනිසා ලංවෙලා තිබෙනවා" මෙම කොරෝනා වෛරසය නිසා වනසතුන් වෙළඳාමට තිත තැබීමට හැකියාවක් ලැබේවිද? වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් ආරක්ෂාකර ගැනීමට එමගින් අවකාශයක් ලැබේවිද? විශේෂඥයන් පවසන්නේ එය අතිශය බැරෑරුම් අභියෝගයක් වන නමුත් ජය ගත නොහැකි ඉලක්කයක් නොවනු ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෑත කාලයේ වසංගතයක් බවට පත්වූ සාර්ස් සහ මර්ස් වෛරස ද මිනිසා කරා පැමිණ ඇත්තේ පිලිවෙලින් වවුලන්ගෙන් සහ ඔටුවන්ගෙනි. "මින් පෙර මිනිස් ඇසුරේ නොසිටි වන සතුන් කරා මිනිසා ලංවෙලා තිබෙනවා. ඒ නිනා මින් පෙර හඳුනා නොගත් වෛරස සහ බැක්ටීරියාවන් එම සතුන් හරහා මිනිසා වෙත පැමිණ තිබෙනවා." ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ශාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය බෙන් එම්බාරෙක් බීබීසීයට පැවසීය. ලොව පුරා නීතිවිරෝධී වන සත්ව ජාවාරම ඩොලර් බිලියන 20ක් පමණ වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කර තිබේ. දුර්ලභ වන සතුන් ආහාරයට හෝ ඖෂධ සඳහා යොදා ගැනීම දුර්ලභ වන සතුන් ආහාරයට හෝ ඖෂධ සඳහා යොදා ගැනීමේ පවතින අනතුරුදායක බවත් එම සතුන් ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් නැවත සිතන්නට අවස්තාවක් නව වසංගත තත්වය නිසා පෑදී ඇති බව සොබාදහම වෙනුවෙන් කටයුතු කරන WWF ආයතනය නිවේදනය කර තිබේ. කෙසේ නමුත් චීන ආණ්ඩුව පැහැදිලිවම පවසා ඇත්තේ වන සත්ව වෙළඳාමට පනවා ඇත්තේ තාවකාලික තහනමක් පමණක් බවය. සාර්ස් වෛරසය පැතිර යන කාල වකවානුව තුල ද චීනය මෙවැනිම තාවකාලික තහනමක් පැනවීය. නමුත් ටික කලක් ගත වී යත්ම එම තහනම යටපත් වී වන සතුන් වෙළඳාම යළි හිස එසැවූ බව පරිසරවේදීහු පෙන්වා දෙති. පාලනයකින් තොරව සිදු කෙරෙන වන සත්ව වෙළඳාමක් තම රට තුල පවතින බවට නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. කියවන්න: ලොව විශාලතම වන සත්ව වෙළඳාම පවතින්නේ චීනයේය "ආහාරය සඳහා හෝ ඖෂධ සඳහා යොදා ගැනීමට වන සතුන් ළඟ තබා ගැනීම හෝ බෝ කිරීම හෝ දඩයම් කිරීම නිත්‍ය වශයෙන් ම තහනම් කරවා ගැනීම සඳහා මේක හොඳ අවස්තාවක් කර ගැනීමට අප උත්සාහ කරනවා." ලන්ඩනයේ පවතින පරිසර පර්යේෂණ ඒජන්සියේ ඩෙබී බෑන්ක්ස් පවසන්නීය. මෙම ආයතනය විසින් චීනයේ වන සත්ව වෙළඳපොළ පිළිබඳව පර්යේෂණ කිහිපයක් ම සිදු කරනු ලැබ තිබේ. කුරුළු උණ වැනි වසංගත නිසා සතුන් වර්ග කිහිපයක් ම ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණු බව විශේෂඥයෝ පවසති. වසර ගණනාවක් තිස්සේ කරන ලද වෑයම නිසා ඇත්දළ ආනයනය තහනම් කිරීමට චීනය එකඟ වීම හේතුවෙන් අලින් වඳවී යාමේ අනතුරින් ගලවා ගැනීමට හැකි වූ බව ද ඔවුහු පවතී. කෙසේ නමුත් මෙවැනි තහනම් නියෝග චීනයේ පමණක් පැනවීමෙන් පලක් නොවන බවත් එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විශේෂඥයෝ පෙන්වා දෙති. එය එසේ වී නමුදු, ලොව විශාලතම වන සත්ව වෙළඳාම පවතින චීනය මෙම ගමනට නායකත්වය දිය යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි. | ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ චීනයේ වූහාන් පළාතේ ඇති මත්ස්‍ය හා මාංශ වෙළඳපොළකින් බවට විද්‍යාඥයෝ සැක කරති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තල්මසුන් සියයක පමණ සංඛ්‍යාවක් නොවැම්බර් 02 දින පානදුර වෙරළට පැමිණ තිබුණි. ප්‍රදේශවාසීන්, පොලීසිය, පරිසරවේදීන්, ජීවිතාරක්ෂක කණ්ඩායම් හා අදාළ බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව එම තල්මසුන් යළි දියඹට යොමු කරන ලදී. කිලෝමීටර් තුනක් පමණ දුරට රැගෙන ගොස් නිදහස් කළ ද තල්මසුන් කිහිපදෙනෙකු අවස්ථා ගණනාවකදී යළි වෙරළට පැමිණ තිබුණි. එබැවින් එලෙස නිතර වෙරළට පැමිණි තල්මසුන් දෙදෙනෙකු 10Km පමණ දුරක් රැගෙන ගොස් මුදාහැර ඇත. කොරෝනා තත්ත්වය සහ ඇඳිරි නීතිය නොතකා බොහෝ දෙනෙකු මෙම මෙහෙයුමට දායක වූ අතර තල්මසුන් රැසකගේ දිවි බේරා ගැනීමට හැකිවීම ගැන ඔවුහු සතුට පළ කළහ. මේ තොරතුරු ද දැනගන්න: | පානදුර වෙරළට පැමිණි තල්මසුන් අතරින් එක් සත්ත්වයෙකු මියගොස් තිබේ. තවත් තල්මසෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින අයුරු දක්නට ලැබුණු බව පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සාප්පු සංකීර්ණයෙන් ඉවතට එන ජනතාව රාත්‍රී 10:00 - ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් වී ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ. ප්‍රහාරය ඇසින් දුටුවන් පළ කළ අදහස් මේ පිටුවේ. රාත්‍රී 21:40 - ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහල ගොස් ඇති බව පොලිසිය පවසයි. රාත්‍රී 21:32 - අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීම පිණිස විශේෂ දුරකතන අංකයක් මියුනික් පොලිසිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අංකය 0800 7766 350. රාත්‍රී 21:26 - පොලිස් මෙහෙයුමේ ඡායාරූප පල නොකරන මෙන් පොලිසිය කළ ඉල්ලීම පරිදි මීට ඉහත පල කළ ඡායාරූප මේ පිටුවෙන් ඉවත් කළෙමු. රාත්‍රී 20:56 - ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ඉඟියක් දකින්නට නැතැයි පොලිසිය උපුටා දක්වමින් Sueddeutsche Zeitung පුවත්පත වාර්තා කරයි. රාත්‍රී 20:33 - ප්‍රහාරයෙන් හය දෙනකු මරුමුවට පත් වී ඇති බව ෆේස්බුක් සටහනක් මගින් මියුනික් නුවර පොලිසිය සනාථ කර තිබේ. ප්‍රහාරකයන් තිදෙනකු සොයමින් සිටින බවත් පොලිසිය පවසයි. බොහෝ දෙනෙක් බරපතල තුවාල ලබා සිටිති. රාත්‍රී 20:26 - මියුනික් නගරයේ සියලු ප්‍රවාහන සේවා වසා දමා ඇති අතර, නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිටි මගීන් ඉවත්කර තිබේ. මේ අතර නගරයේ අතරමංවූ ජනතාවට නොමිලේ නවාතැන් පහසුකම් සැපයීමට නගර වැසියෝ ඉදිරිපත්ව සිටිති. 'දොර විවෘතයි' යන අර්ථය දෙන #Offenetuer හෑෂ්ටෑගය යොදාගෙනයි ඔවුන් ඒ සද් කාර්යයේ නියැලෙන්නේ. ඔලිම්පියා සාප්පු සංකීර්ණය රාත්‍රී 20:22 - ජනාධිපති ඔබාමා ජර්මනියට සිය සහයෝගය පල කරයි. සිදු වූ දේ කුමක්දැයි තවමත් නොදන්නා නමුත් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙත සිය කණගාටුව සහ අනුකම්පාව පළ කරන බව ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී පැවසීය. රාත්‍රී 20:00 - සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් අඩුම තරමින් හය දෙනකුවත් මියගොස් ඇති බව Bayerischer Rundfunk මාධ්‍ය ආයතනය වාර්තා කරයි. ඒඑෆ්පී පුවත් සේවයද එම සංඛ්‍යාව සනාථ කරයි. රාත්‍රී 19:50 - මියුනික් නගරයේ ශ්‍රී ලාංකිකයන් 500-600 ත් අතර ප්‍රමාණයක් වෙසෙන බව එහි වෙසෙන සංජය විතානගේ පවසයි. නගරයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා සමාජ දෙකක්ද තිබෙන බව ඔහු බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී පැවසීය. සිකුරාදා රාත්‍රියේ ඔහු නගරයෙන් බැහැරව ගොස් සිටියේය. රාත්‍රී 19:40 - ප්‍රහාරකයන් තවමත් නිදැල්ලේ බව පොලිසිය පවසයි. රාත්‍රී 19:20 - නගර මධ්‍යයේ තවත් ප්රචණ්ඩ ක්‍රියා සහ වෙඩි තැබීම් ගැන සනාථ නොවූ වාර්තා ලැබෙන බව පවසන පොලිසිය එහි පවතින තත්වය පැහැදිලි නැති බවත් පවසයි. 'කරුණාකර පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න' රාත්‍රී 19:05 - 'ප්‍රහාරකයන් කොහේ දැයි තවමත් දන්නේ නෑ' -පොලිසිය පවසයි. 'ඔබේ ආරක්ෂාව සලල්සා ගන්න. පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න'. සවස 19:00 - ප්‍රහාරයෙන් අඩුම තරමින් තිදෙනකු මියගොස් ඇතැයි සනාත වී තිබෙන බව බවෙරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කරයි. සවස 18:45 - පොලිස් ආරක්ෂක මෙහෙයුම ගැන ඡායාරූප හෝ වීඩියෝ පට අන්තරජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් නොකරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. "ප්‍රහාරකයන්ට උදවු කරන්න එපා," පොලිසියේ ට්විටර් පණිවුඩයක දැක්වේ. සවස 18:40 - සේවකයො තවමත් සාප්පු සංකීර්ණය තුල සැඟවී සිටිති. "වෙඩි ගණනාවක් තිබ්බ. කීයක්ද කියල මම දන්නේ නෑ, ඒත් ගොඩක් වෙඩි තිබ්බ," සඟ වී සිටින සේවකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. සවස 18:30 - ප්‍රහාරකයන් එක් අයෙකුට වැඩි පිරිසක් සාප්පු සංකීර්ණය තුල සිටිති විශ්වාස කරන බව පොලිසිය පවසයි. නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් අරඹා ඇති බව ජර්මනියේ පොලිසිය පවසයි. මූසක් දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණය සීල් තබා තිබේ. ප්‍රහාරයට එක් පුද්ගලයකු පමණක් සම්බන්ධ බවයි වාර්තාවල දැක්වෙන්නේ. සාප්පු සංකීර්ණය ඉහල අහසේ හෙලිකොප්ටර් යානා සැරිසරන අතර සාප්පු සංකීර්ණයේ සේවකයන් එහි කොටු වී සිතන බවත් පැවසේ. සංක්‍රමණිකයකු විසින් බැවේරියා ප්‍රාන්තයේදී පස් දෙනකුට පිහියෙන් ඇනීමෙන් අනතුරුව ජර්මනියේ ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබිණ. තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට ජනතාවට අනතුරු අඟවා තිබුන අතර, ප්‍රදේශයෙන් ඉවත්ව සිටින මෙන් මියුනික් (මියුනිච්) පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. | ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීම පිළිබඳව සිකුරාදා රාත්‍රියේ පැය කිහිපයක් පුරා සජීවී ලෙසින් ඉදිරිපත් කළ විස්තර විචාරයයි, මේ. (මෙම පිටුව තවදුරටත් යාවත්කාලීන නොකෙරෙන අතර මෙහි දැක්වෙන්නේ ලන්ඩනයේ වේලාවයි) |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ. මේ අනුව, පසුගිය සෙනසුරාදා (ජනවාරි 11) තඹුත්තේගම පැවති වැඩසටහනක දී සිවිල් ආරක්ෂක භටයින්ට තුවක්කු බෙදා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. එහි රැස්ව සිටි ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගොවීන් අමතා වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසුවේ, මාස ගණනක් කළ සාකච්ඡා සහ අදාළ ක්‍රියාවලිය අනුගමනය කරමින් මෙම තීරණයට එළඹුණු බවය. "අලි මිනිස් ගැටුම අවම කිරිමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නවා. දැනට එක් පියවරක් ලෙස අලි වැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් යොදවනවා. අලිවැට ආශ්‍රීතව මුරකුටි සකස් කරනවා" යැයි මේ පිළිබඳ රැස්වීමක දී අදහස් දැක්වූ වනජීවී අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පැවසීය. ගම්මාන සහ වගාබිම් ව්‍යාප්ත වීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වී තිබේ. "එක මුරකුටියක සිවිල් ආරක්ෂක බලකායේ මෙන්ම ගමේ ඉදිරිපත්වෙන ස්වේච්ඡා පිරිස්ද සිටිනවා. ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් එක් මුරකුටියකට එක් තුවක්කුවක් දෙනවා ඒ තුවක්කුව දෙන්නේ හාවුන් දඩයම් කරන්නවත් වෙන වන සතුන් දඩයම් කරන්නවත් නෙවෙයි හදිසි අවශ්‍යතාවකදි බේරෙන්න බැරි තැනක් ආවොත් උඩට වෙඩි තබා වන අලි පලවා හැරිමටයි," අමාත්‍යවරයා පැවසීය. "මේ කථාවට වැරදි අර්ථ කථනයක් සමාජ ගතවෙමින් පවතිනවා. නමුත් මම වගකීමෙන් කියනවා මේ තුවක්කු වලින් කිසිම සතෙකුට වෙඩි තැබීම තහනම් ඒ පිළිබඳ විධි විධාන නිකුත් කරල තමයි ගිනි අවිය ලබා දී තිබෙන්නේ." "මේ ඉන්න අලි විතරක් නෙවෙයි කූඹියෙක් මරන්නවත් අපි අනුබල දෙන්නේ නැහැ" යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය. කෙසේනමුත්, අලි ගම් වැදීම නවතාලීමට තුවක්කු ලබා දීමට එරෙහිව සත්ත්ව සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා මතු වී තිබේ. අද දින (ජනවාරි 14) බත්තරමුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් ද පැවැත්වුණ අතර, වනජීවී ඇමතිගේ තීරණයට එරෙහිව "මහජන විරෝධය පළකරමින්" සංදේශයක් ද භාර දුණි. වාර්තාගත අලි මරණ සංඛ්‍යාවක් 2019 වසර තුළ දී ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස අලි ඇතුන් 361 ක් මියගොස් ඇති බව පරිසරවේදීන් පිරිසක් පවසති. මින් වැඩි ප්‍රමාණයක් මරා දමනු ලැබ ඇත්තේ මිනිසුන් විසිනි. 1948 නිදහස ලැබීමෙන් පසු වසරකදී වැඩිම අලි ඇතුන් මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දීය. පසුගිය සැප්තැම්බර් මස හබරණ දී මියගිය අලි මවකගේ සිරුරේ දැවටෙන අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට අලි ඇතුන් 7,500ක් පමණ දිවි ගෙවන බව ඇස්තමේන්තු කර ඇත. ඔවුන් මරාදැමීම නීති විරෝධීය. කෙසේනමුත්, ඔවුන් වනාන්තරවලින් පිටතට පැමිණ ගම් වැදීම හේතුවෙන් අලි-මිනිස් ගැටුම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන්ට දැඩි ගෞරවයක් පළකෙරුණද, ඇතැම් ගොවීන් එම සත්ත්වයින් දකින්නේ සිය වගා පාළු කරන කෘමීන් ලෙසය. අලි ඇතුන්ගේ මරණවලින් 85% සිදු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යැයි භූමි සහ වගා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදියෙකු වන සජීව චාමිකර බීබීසී සේවය වෙත පැවසීය. විදුලි වැට මෙන්ම ආහාරවල සඟවා විවිධ විෂ වර්ග සහ පුපුරණ ද්‍රව්‍ය මෙම අලි ඇතුන්ට ලබා දීමට ඇතැම් ග්‍රාමීය පුද්ගලයෝ ක්‍රියා කරති. මේ තොරතුරු ද කියවන්න: වගා බිම් පාළු කිරීම නිසා විෂ ලබා දීමෙන් ඝාතනය කළ බවට සැක කළ හැකි අලි හත්දෙනෙකුගේ මෘතශරීර රක්ෂිතයක තිබී පසුගිය සැප්තැම්බර් මස දී සොයාගත් බව නිලධාරීහු පැවසූහ. ගම්මාන සහ වගාබිම් ව්‍යාප්තවීමත් සමඟ සතුන්ට ආහාර සහ ජලය හිඟ වීම ඔවුන් ගම් වැදීමට ප්‍රධාන හේතුව වී තිබේ. සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති. වනාන්තර සහ ගම් මායිම් අතර විදුලි වැට ඉදිකර මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව බලධාරීහු බොහෝ අවස්ථාවල දී පවසා ඇත. නමුත්, සංරක්ෂිත ප්‍රදේශවල තත්ත්වය ඉහළ නැංවීමට රජය මැදිහත් වී ක්‍රියා කළ යුතු බව සජීව චාමිකර පැවසීය. අලි ඇතුන් දිවි ගෙවන ප්‍රදේශවල ඔවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග වසාගෙන පැතිරෙන වල් පැළෑටි ඉවත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මින් එක් ක්‍රමයක් යැයි ඔහු පැවසීය. "අපි සිදු කරන සංවර්ධනය කිරීම් පරිසර හිතකාමී නැහැ. සංවර්ධනය සඳහා අපිට ස්ථීර සැලැස්මක් අවශ්‍යයි," සජීව පැවසුවේය. වන අලි ගමන් කිරීමේ දී දුම්රියවල ගැටීමෙන් මරණ සිදුවන අතර, අන් අය ස්වාභාවික හේතු මත මිය යන බව ඔහු තවදුරටත් පැවසීය. සංචාරක ව්‍යාපාරයේ යෙදවීමට සහ උත්සවවලට ඉදිරිපත් කිරීම සඳහා හීලෑ කළ අලි ඇතුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල රඳවාගෙන සිටිති. හදිසි අවස්ථාවක අමතන්න අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දැනුම් දීමට 1992 නමින් නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. 1992 ඇමතීමෙන් අදාළ පුද්ගලයාට වනජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි වේ. දුරකතන අංකය දවසේ පැය 24 පුරාම විවෘත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී. වන අලින් ගම්වැදීම , වගාබිම් විනාශ කිරීම, පහරදීම ඇතුළු අලින්ගෙන් වන ඕනෑම උවදුරක් මෙම දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව ඇත. එම ඇමතුම්වලට ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. තවත් තොරතුරු: | අලි ගම් වැදීම නවතාලමින් අලිවැට ආරක්ෂා කිරිමට සිවිල් ආරක්ෂක බලකායේ ආයුධ සන්නද්ධ නිලධාරියන් යොදවන බව වනජීවි අමාත්‍ය එස්. එම්.චන්ද්‍රසේන පසුගියදා පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ඔහු පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත සංශෝධනය කොට වාර්තාවක් සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයන්ගේ මතය වී ඇති බවය. "විගණකාධිපතිවරයාගේ නිගමන මත පදනම් වී තමයි අපි මේ පරීක්ෂණ සිදු කරන්නේ. විගණකාධිපතිවරයාට බලපෑම් කරලා ඔහුගේ නිර්දේශ වෙනස් කරන්න මට අයිතියක් නැහැ." යැයි පැවසූ ඔහු, විගණකාධිපතිවරයාගේ නිගමනය පිළිගැනීමට සුදානම් නොමැති නම් තම මතය දැනුම් දීමට පමණක් කාරක සභාවට හැකියාව පවතින බව පෙන්වා දෙයි. කෙසේවෙතත් විගණකාධිපතිවරයාගේ නිගමන ඉවත්කොට වෙනත් වාර්තාවක් සැකසීමට අවශ්‍ය නම් එජාපය නියෝජනය කරන සාමාජිකයකු කෝප් සභාපති ධුරය සඳහා තාවකාලිකව පත්කොට එජාපයට අවශ්‍ය ආකාරයට වාර්තාවක් සකසා දෙන ලෙස තමා ඔවුන්ට දන්වා සිටි බව ඔහු කීය. "මම මෙතෙක් කල් මේ කමිටුව තුළ කටයුතු කළේ පොදුවේ කවුරුන් හෝ බේරීමට හෝ වරදකරුවෙක් කිරීමට නොවෙයි. බැඳුම්කර ගනුදෙනුවේදී ඇත්තටම මොකක්ද වෙලා තිබෙන්නේ කියන කාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න." යැයි සඳහන් කළ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, තමා තවදුරටත් කෝප් කමිටු සභාපති ධුරයේ සිටිය යුතුද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින් තීන්දු කරනු ලැබිය යුතු බව පෙන්වා දුනි. | මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ පිළිවෙත හමුවේ තමන්ට එකඟවිය නොහැකි කරුණු මත, ඔවුනට රිසි පරිදි තාවකාලික සභාපතිවරයකු යටතේ අදාළ වාර්තාව සකස්කරගන්නා ලෙස දන්වමින් අද (ඔක්.24) පැවැති රැස්වීමෙන් ඉවත්වූ බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ ඉහත කී දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බවට කරුණු පහදා දීම සඳහා සෙසු පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ සෞඛ්‍යය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ. සෙසු දෙමව්පියන් වෙතින් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධය හමුවේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන් අනතුරුවයි. වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ කෙසේ වෙතත් දරුවා පාසලෙන් ඉවත් කර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්රමුඛ අධ්‍යාපන බලධාරීන් විසින් ගනු ලැබූ තීන්දුවට එහි සිටි සෞඛ්‍යය නිලධාරීන් සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් විරෝධය පළ කොට ඇත. මේ අතර පාසලේ පැවති හමුවෙන් අනතුරුව සිය නිවසට පැමිණි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තම දරුවාට වෙනත් පාසලක් ලබා දෙන බව කියා සිටියේ යැයි මව පැවසුවාය. දරුවාට ස්ථීර වශයෙන්ම එච්අයිවී ආසාදනය වී නොමැති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ඊයේ අඟහරුවාදා සංදේශයට කියා සිටියේය. | එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකිව සිටි කුලියාපිටියේ දරුවා ඉන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මෙම තත්වය පිළිබඳව සඳුදා මැතිවරණ දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන එක්ව මෙම පිරිසගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සදහා ඡාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමටයි. මේ පිලිබදව සංදේශයට අදහස් දැක්වූ කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ රජිත් කීර්ති තෙන්නකෝන්, ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා දැනටමත් තම සංවිධානය ආරම්භ කර ඇති බවයි. “මේ හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට ඡන්ද අයිතිය අහිමිවුවහොත් එය ඉදිරි මැතිවරණයකදී තීරණාත්මක සාධකයක් විය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය. හැඳුනුම්පත් ලක්ෂ 4ක් ලබාදීම අපහසුයි ? ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ ඇති නිසා ලක්ෂ හතරකට ආසන්න මෙම පිරිසට ඉතා කෙටි කාලයකදී ජාතික හැඳුනුම්පත් ලබාදීම අභියෝගයක් වනු ඇති බවද රජිත් කිර්ති තෙන්නකොන් පැවසීය. “ලක්ෂ හතරකට හැදුනුම්පත් ලබාදීම ඉතා අපහසු කටයුත්තක්. අපි විශ්වාස කරනවා මේ පිරිසෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සැබෑ ලෙසම හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම් කරයි කියලා.” හැදුනුම්පත් නොමැති පුද්ගලයන්ට ජංගම සේවා සදහා පැමිණීමෙන් හැඳුනුම්පත් ලබාගත හැකි බව පවසන කැෆේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම නො එසේනම් තම ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා හරහාද ඒ සඳහා අයදුම් කළ හැකි බවයි පවසන්නේ. එලෙස ලබාදෙන අයදුම්පත් සඳහා දෙසැම්බර් මස 15 දිනට ප්‍රථම හැදුනුම්පත් ලබාදීමට හැකියාව තිබෙන පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව ඊයේ සාකච්චාවේදී පැවසූ බව රජිත් කිරිති තෙන්නකොන් ප්‍රකාශ කරයි. | ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැඳුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජන්දය ප්‍රකාශ කිරිමට නොහැකිවනු ඇතැයි බිය පළවෙමින් පවතී. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පානදුරේ සිට රත්නපුර හරහා බදුල්ල බලා යමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රැගත් කැබ් රථය සඳුදා රත්නපුර පොලිස් වසමේ හොලිපිටියේදී අනතුරට ලක් විය. ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයකට ඉස්සර කිරීමේදී ඉදිරියෙන් ආ තවත් ටිපර් රථයක් සමග මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. රත්නපුර මහ රෝහලට ඇතුලත් කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සහ ඔහු සමග කැබ් රථයේ ගමන්ගත් තැනැත්තෙක් ප්‍රතිකාර වලින් පසු පහසුව තකා කොළඹට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේය. මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නැති බවද එම ප්‍රකාශකයා සඳහන කළේය. ටිපර් රථයේ රියදුරුද ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කොට තිබේ. ටිපර් රථයේ සහ දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් කැබ් රථයේ රියදුරා සාමාන්‍ය තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. | හදිසි රිය අනතුරකට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගමන් කළ කැබ් රථයේ වායු බැලුන නිසි පරිදි ක්‍රියාත්මක වීම නිසා ඔහුට බරපතල තුවාල සිදු වී නැති බව රත්නපුර පොලිසිය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් හා නායයාම් ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවරත්න පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ආපදා තත්වයන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන දැනුම් දී තිබේ. නාය යාමට ලක් වූ වෙයන්ගල්ල, අගලවත්තේ මළ සිරුරු ගොඩගනිමින් වහාම ක්‍රියාත්මකවන පරිදි සේවා ස්ථානවලට වාර්තා කරන මෙන් සියලුම රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙන අතර, කිසයම් නිලධාරියෙකු ගංවතුරට කොටු වී සිටින්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ/ඇයගේ දෙවැනි නිලධාරියා අදාළ රාජකාරි ඉටු කළ යුතු බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ගංවතුරට කොටු වූ උඩුගම - කැටගොඩ ප්‍රදේශය 'බෝට්ටු ලබාදෙන්න' දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං සමග හටගත් නාය යාම් හා ගංවතුර හේතුවෙන් ජිවිත හානි රැසක් වාර්තා වෙමින් පවතී. ගංවතුර හා නාය යාමෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර, පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීම් හේතුවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දමා තිබේ. ගංවතුරට කොටු වූ සහ අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස නාවික හමුදාවේ බෝට්ටු සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබෙන අතර, අමතර බෝට්ටු ලබා දෙන මෙන් රජය ධීවර සහ සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. ගංවතුරට කොටු වූ වෙයන්ගල්ල, අගලවත්ත ගංවතුරට කොටු වී සිටින පුද්ගලයන් වෙත ළඟාවීමට නොහැකි අවස්ථාවලදී ගුවන් මගින් එම බෝට්ටු ප්‍රවාහනය කරන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය ගුවන් හමුදාවට උපදෙස් දී තිබේ. දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිවිසුම් ද ජලයෙන් යට වී තිබේ. ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්වය තවත් දරුණු විය හැකි බැවින් සියලුම ආපදා කළමනාකරණ වැඩපිළිවෙල සීරුවෙන් තබා ඇති බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිදෙඅනය වැඩිදුරටත් සඳහන් කරයි. | ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | 'ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම පිළිබඳ ව තමා තුළ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින්' තම පුත්‍රයා පිළිබඳව අන්තර් ජාතික පරීක්ෂණයක් ලබා දෙන මෙන් වෛද්‍ය මනෝහරන් ඉල්ලීමක් කළේය. මීට පෙර ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු නමුත් මෙම සෙබළුන් දොළොස් දෙනා චෝදනාවලින් නිදහස් විණි. සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදුවූ බව’යි පෙර පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබුනේ. වෙඩි සලකුණු නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ව යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය. අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් 'අතේ ම පුපුරා යාම' නිසා මෙම මරණ සිදුවූ බව’යි පෙර පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබුනේ. මෙම සිද්ධියෙන් මරණයට පත් එක් සිසුවෙකු වන රාජීහර් ගේ පියා, වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීම පිළිබඳ ව තමා තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි. 'ශ්‍රී ලංකාව තුළ මීට පෙර සිදුවූ කිසිදු විමර්ශනයක දී සාධාරණ විනිශ්චයක් ලැබී නැති හෙයින්' තම පුත්‍රයා පිළිබඳව අන්තර් ජාතික පරීක්ෂණයක් ලබා දෙන මෙන් මිය ගිය රජීහර් ශිෂ්‍යයාගේ පියා ඉල්ලීමක් කළේය. සාධාරණ විනිශ්චයක් අන්තර් ජාතික මට්ටමින් ඇතිවූ බලපෑම් වලට ප්‍රතිචාරයක් වශයෙන් පමණක් මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව තමාගේ විශ්වාසය බවයි වෛද්‍ය මනෝහරන් කියා සිටින්නේ. තමා ඇතුළු සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ම විදේශ ගත වී සිටිය දී සාධාරණ විනිශ්චයක් ශ්‍රී ලංකාව තුළ දී ලබා දිය හැක්කේ කෙසේදැ’යි වෛද්‍ය මනෝහරන් ප්‍රශ්න කර සිටියේය. ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සහකාර පොලිස් අධිකාරී වරයෙකු සහ කොස්තාපල් වරුන් එකොලොස් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. | වසර 2006 දී පාසල් සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රෝහින්ග්‍යා ප්‍රජාව සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් පවතින රඛයින් ප්‍රාන්තයේ ඉතාමත් බරපතල බව පවසන විශේෂ නියෝජිතවරිය යැන්ගි ලී (Yanghee Lee), තත්වය පාලනය කිරීම පිණිස ඕන් සාන් සුචීට මැදිහත්වීමට කාලය එළඹ තිබෙන බව සඳහන් කළාය. ගතව ගිය දින කිහිපය ඇතුළත මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිස 87,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර තිබේ. එය 2016 ඔක්තෝබර් මාසයේ හටගත් ගැටුම්වලින් මිදීම පිණිස බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා අනාථයන්ට වඩා ඉතා වැඩි පිරිසකි. මේ වසරේ මෙන්ම පසුගිය වසරේදීත් දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වූයේ රෝහින්ග්‍යා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් රඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමගය. එම අවස්ථා දෙකේදීම ප්‍රහාරවලින් අනතුරුව බුරුම හමුදාව කැරලිකරුවන්ට එරෙහිව හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමග රෝහින්ග්‍යා ජනතාව සිය ගම් බිම් අත්හැර පලා ගියහ. එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම් සිදු වූ බව වාර්තා විය. සාමාන්‍ය ජනයා දේශ සීමා වෙත විශාල වශයෙන් ගලා ඒමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය, මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ "වාර්ගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස නොසලකා" සියලුම සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වසර ගණනාවක සිට වධහිංසාවලට ලක් වෙති. රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව සහ එරට බහුතරය වන බෞද්ධ ප්‍රජාව අතර පවතින මුල් බැසගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ මීට පෙර ද දරුණු ප්රචණ්ඩ ක්‍රියා ඇති වී තිබේ. මේ අතර ප්‍රකාශය කරන එක්සත් ජාතීන්ගේ සරණාගත්ගයන් පිළිබඳ ආයතනය, ප්‍රධාන සරණාගත කඳවුරක් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති බව පැවසීය. එම ආයතනයේ ප්‍රකාශිකා විවියන් ටෑන් කියා සිටියේ මියන්මාරයේ සිට පළා එන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග සරණාගතයන්ට ආධාර සැපයීම දුෂ්කර වී ඇති බවය. "අගෝස්තු අග භාගයේ මිනිසුන් ගලා ඒම ආරම්භ වීමත් සමග අලුතින් දස දහස් ගණනක් පැමිණ තිබෙනවා. උදාහරණයක් වශයෙන් කටුපොලන් කඳවුරේ රැඳවිය හැකි පිරිස දහතුන් දහසක්, නමුත් අලුතින් අය පැමිණීමත් සමග එම සංඛ්‍යාව විසි පන්දහසක් වී තිබෙනවා," ඇය සඳහන් කළාය. ප්රචණ්ඩ ක්‍රියා හට ගත්තේ කවදාද? පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් පොලිස් මුරපොලවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු මරණයට පත් විය. පිහි සහ තමන් විසින් සකසන ලද බෝම්බ යොදා ගනිමින් රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් රඛයින් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළවල් 30 ට පහර දෙනු ලැබ ඇතැයි මියන්මාර ආණ්ඩුව පවසයි. එම ප්‍රහාර සහ ඉන් අනතුරුව හටගත් ගැටුම්වලින් කැරලිකරුවන් ගණනාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ. ප්රචණ්ඩ ක්‍රියා හමුවේ බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා දෙකටම අයත් සාමාන්‍ය වැසියන් අවතැන් වී ඇති බව වාර්තා වන අතර සාමාන්‍ය වැසියන් මරණයට පත් වී ඇති බවටත් වාර්තා ලැබෙමින් පවතී. අවම වශයෙන් ප්‍රදේශ දහයක්වත් නිවාස ගිනි ගෙන ඇතැයි චන්ද්‍රිකා දත්ත හරහා පෙනෙන්නට ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානය පවසයි. එමෙන්ම අසල්වැසි බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ ගිනි දැල් දැකිය හැකි බවත් මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි. මියන්මාර ආණ්ඩුව පවසන්නේ කැරලිකරුවන් ඊට වගකිවයුතු බවය. පොලිස් මුරපොළවල් වෙත එල්ල වූ ප්‍රහාරයත් සමග ආණ්ඩුවේ හමුදා සහ බෞද්ධ කණ්ඩායම් වැටලීම් සිදු කරමින් ගිනි තැබීම ආරම්භ කළ බව පළා යමින් සිටින රෝහින්ග්‍යා මුස්ලිම් වැසියෝ පවසති. | මියන්මාරයේ සුළුතර රෝහින්ග්‍යා ප්‍රජාවට ආරක්ෂාව සැපයීමට අපොහොසත්වීම පිළිබඳව මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය එරට නිල නොවන නායිකා ඕන් සාන් සුචී දෝෂදර්ශනයට ලක් කළාය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ටාටා සමාගම වෙනුවෙන් කොම්පඤ්ඤවීදියෙන් අක්කර හතක භූමි ප්‍රදේශයක් පවරා ගැනේ කොම්පඤ්ඤවීදියේ අක්කර හතක ප්‍රමාණයක් ටාටා සමාගමට පවරා දීමට එරෙහිව ප්‍රදේශවාසී පවුල් හය සියයකට ආසන්න පිරිසක් විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අධිකරණය එම නියෝගය කළේ. ප්‍රදේශයෙන් රජයට පවරා ගන්නා පර්චස් එකක් වෙනුවෙන් රුපියල් ලක්ෂ හතලිස් පහක් පමණ ගෙවිය යුතු බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව වුවත්, කොම්පඤ්ඤවීදිය වාසීන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ගෙවීමට තීන්දු කොට තිබෙන්නේ ලක්ෂ පහළොවක පමණ මුදලක් බව පෙත්සම්කරුවන්ගේ නීතිවේදීහු අධිකරණය හමුවේ කියා සිටියහ. එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන්ට සාධාරණ වන්දියක් ගෙවන ලෙසත් එතෙක් ඔවුන්ට කුලියක් ගෙවන ලෙසත් නියෝග කළ බව පෙත්සම්කරුවන්ගේ නීතිවේදී සුජීව සේනසිංහ බීබීසී සංදේශයට පැවසීය. | ඉන්දීය ටාටා සමාගමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් කොළඹ කොම්පඤ්ඤවීදියෙන් පවරා ගැනෙන ඉඩම් වෙනුවෙන් ගෙවීමට යෝජිත වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩම් අයිතිකරුවන්ට සාධාරණ වන්දි මුදලක් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන මෙන් නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කළේය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අල් ජසීරා මාධ්‍ය ආයතනය ඩෝහා අගනුවර සිට බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා, කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් අසල්වැසි රටවල් හතරක් කරන ඉල්ලීම විග්රහ කළේ "ප්රජාතන්ත්රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්" වශයෙනි. මීට සති දෙකකට පමණ ඉහතදී පනවන ලද සම්බාධක ඉවත්කිරීම සඳහා ඉදිරි දින දහය ඇතුළත කොන්දේසි 13 ක් සම්පූර්ණ කළ යුතු බව සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සිකුරාදා කටාරයට දැනුම් දී තිබේ. ඩෝහා නුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතු බව එයින් එක් කොන්දේසියකි. එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ. "කිසියම් රටක්, රටවල් කිහිපයක් හෝ සංවිධානයක් කරන සියලුම එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා" යැයි පවසන ඔහු, "අනෙක් ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන එවැනි උත්සාහයන්ට එරෙහි වනු" දැකීමට තමන් කැමති බව ද සඳහන් කරයි. ප්රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව පවසන ඉහ්තිශාම් හිබතුල්ලා, අල් ජසීරා ආයතනය ත්රස්තවාදයට අනුබල දෙන බවට එල්ලවන චෝදනාව ද තරයේ බැහැර කරන බව බීබීසී සිංහල සේවයට පැවසීය. "CNN සහ BBC වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන්ම Al Jazeera ආයතනයේ ද පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම" බව ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසීය. ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් ඉදිරිපත් කරන ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර: | අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසි ලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මුහුණු ආලේපනවලට එසේ ව්‍යාජ ඇසුරුම් සකස් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. ඉන් අනතුරුව එම ගබඩාවට මුද්‍රා තබන ලද බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේය. ලන්ඩන් නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන බැරල් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මුහුණු ආලේපන වැල්ලම්පිටියේ පිහිටි එම ව්‍යාපාරික ස්ථානයේදී ප්‍රසිද්ධ වෙළෙඳ නාම හතක ඇසුරුම්වලට පුරවා කලක් මුළුල්ලේ වෙළෙඳ පොළට බෙදාහැර තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. මුද්‍රා තැබූ මුහුණු ආලේපන තොගයේ රුපියල් 350 බැගින් මිල කරන ලද අසුරණ 45,000ක් තිබූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 157කට අධික බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. මෙය පාරිභෝගික පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. | මුහුණු ආලේපන තොග වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ නීති විරෝධී ලෙස විකිණීමේ ජාවාරමක් හෙළි වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිය පාරම්පරික ඉඩම් පවරාගැනීමට උත්සාහ දරන බව පවසමින් හම්බන්තොට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණවල එබැවින් 'ඉතා රහසිගත ආකාරයෙන් සිදුකිරීමට සැරසෙන' මෙම ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය අවලංගු කරන්නැයි ඉල්ලා සිටිමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අදාළ ගනුදෙනුව තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් සහ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබාදෙන තුරු ඉඩම් පැවරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පණවන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි. ඉඩම් පැවරීමට අදාළ ගීවිසුම රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව පවසන පෙත්සම්කරු, ගිවිසුමේ කොන්දේසි පිළිබඳව මහජනයා දැනුවත් කර නොමැති බවටත් චෝදනා කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමති මණ්ඩලයේ සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම්කර තිබේ. සිය පාරම්පරික ඉඩම් චීන සමාගම්වලට පවරාදීමට උත්සාහ දරන බව පවසමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවල නිරතව සිටියහ. එහෙත් හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බවටත්, ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබා දෙනු ලබන්නේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම බවත් ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන් ප්‍රතිඥා දී තිබේ. | හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | සිල්වෙස්ටර් ස්ටැලෝන් අතින් සම්මානය ලබාගත් ජැකී චෑන් අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් සිනමා නිර්මාණ දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. 1995 වසරේදී තිරගත වූ 'Rumble in the Bronx' චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් 'Rush Hour' චිත්‍රපට ත්‍රිත්වය 'The Karate Kid' වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය. "චිත්‍රපට දෙසීයකට වැඩිය නිර්මාණය කරලා අවුරුදු පනස් හයක් මේ ක්ෂේත්රයේ රැඳී ඉඳලා අවසානයේ මේ සම්මානය ලැබුණා." හැට දෙහැවිරිදි වියේ පසු වන චෑන් සිය ඔස්කාර් සම්මානය අතැතිව පැවසීය. ජැකී චෑන් සෙසු සම්මාන ලාභීන් සමග හොලිවුඩ් පුරවරයේ පැවති විශේෂ සම්මාන උළෙල ඔස්කාර් පාලක මඩුල්ල විසින් සංවිධානය කරන ලද අතර එහිදී චිත්‍රපට සංස්කාරකවරියක් වන ඈන් වී කෝට්ස්, චරිත අධ්‍යක්ෂක ලින් ස්ටැල්මාස්ටර් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකයකු වනෆ්රෙඩ්රික් වයිස්මන් යන අය ද සම්මාන ලබා ගත්හ. සිල්වෙස්ටර් ස්ටැලෝන්, ඩෙන්සෙල් වොෂිංටන්, නිකෝල් කිඩ්මන්, රිචර්ඩ් ගියර් ඇතුළු සිනමා තරු රැසක් සම්මාන උළෙලට සහභාගී වී සිටියහ. | පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | මහා මාර්ගයක් තැනීමේ දී අහම්බෙන් මතු වූ මේ සමුහ මිනී වල දුටු සැනින් මෙය නීති විරෝධී අයුරින් මළ සිරුරු වල දමා ඇති තැනක් බව තීරණය කළ බවත් තවමත් මළ සිරුරු විද්‍යාගාරයකට ගොස් නැති බවත් වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න ප්‍රකාශ කළේය. මළ සිරුරකට සම්බන්ධයක් නැතිව වෙන් ව ගිය ඇට කැබලි පමණක් මන්නාරම අධිකරණය භාරයට පත් කොට ඇති අතර සෙසු මළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සමුහ මිනීවල තුලම තිබෙන බව යි ඔහු ප්‍රකාශ කළේ. එකිනෙක හරහා වැටී ඇති මළ සිරුරු පොළවේ පස් ස්තර කීපයක් හරහා වැටී තිබෙන අතර දැනට මීටරයක් පමණ ගැඹුරට කැනීම් කොට ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා කියා සිටියේය. තිරුකේතීස්වරම් සමුහ මිනී වලේ කැනීම් පුරා විද්‍යාත්මක ගවේෂණ කැනීම් වලදී භාවිතා කරන ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා හෙමින් මෙම කැනීම කරන බවයි අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කළේ. මෙම සමුහ මිනී වලේ තිබෙන ඇට සැකිලි කෙළින් හිටුවා ඒවායේ උස ඇතුළු දේහ ලක්ෂණ විමර්ශනය කිරීම විමර්ශනයේ මුල් පියවර වන බව අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේය. ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස අගදී ආරම්භ වූ නැවත ජනවාරි 16 වැනිදා ආරම්භ කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. | මන්නාරමේ තිරුකේතීස්වරම් හිදී හමු වූ සමුහ මිනී වලේ මළ සිරුරු විස්සකට අධික සංඛ්‍යාවක් තිබෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න බී බී සී සංදේශයට පැවසීය. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | ප්‍රහාරයට ගොදුරු වූ මන්ත්‍රීවරුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට වාර්තා කර ඇති අතර, තමාත් පෞද්ගලික මට්ටමින් වැඩබලන පොලිස්පතිවරයාට ඒ ගැන දැනුම් දී ඇතත් මේ දක්වා කිසිදු පියවරක් ගනු නොලැබීම කනගාටුවට කරුණකැයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක කරු ජයසූරිය බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. ප්‍රහාරය අවස්ථාවේ තම අත තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බවයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසන්නේ. එම දැනුම් දීම කළ අවස්ථාවේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට පොලිසිය සහතික වු බවත් එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන නායකයා කියා සිටියි. පාර්ලිමේන්තුවට කළ අපහාසයක් “පිස්තෝල අතින් ගත් ප්රහාරකයන්ගේ ඡායාරූප පුවත්පත් වල පවා පළ වුනා. එවැනි සාක්ෂි තිබියදී තවමත් කිසිවකු අත්අඩංගුවට නොගැනීම කනගාටුවට කරුණක්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තොත් අපි දැඩි ක්‍රියාමාර්ගයකට යනවා” වැඩබලන නායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය ‘පාර්ලිමේන්තුවට කළ අවනම්බුවක්ය’ යන්න ඔහුගේ විග්රහයයි. | මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් පියවර ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | නව ජනපතිවරයාගේ පළමු නිල කාර්යයම නීතිවිරෝධී නම් යහපාලනයක් ඇතිකරන්නේ කෙසේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති මේ මාසය අගභාගයේ පාර්ලිමේන්තුව කැඳවූ විට එම පත්කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශයක් කිරීම හැරුණු විට අන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට සන්ධානය තීරණය කොට තිබෙන බව බීබීසී සංදේශයට අනාවරණය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහාය පළ කරන බව සන්ධානයේ නායකයෝ සෙනසුරාදා නිවේදනය කළහ. යහපාලනයක් ඇතිකරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පළමු නිල කාර්යයම නීතිවිරෝධී නම් යහපාලනයක් බලාපොරොත්තු වන්නේ කෙලෙස දැයි මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා ප්‍රශ්න කොට තිබුණි. බැසිල් ඇමෙරිකාවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම පිණිස සාකච්ඡා පැවැත්වෙන බව නව ජනපතිවරයාගේ සමීපම හිතවතෙකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව සැලවුණු හිටපු අමාත්‍යවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව සංදේශයට අනාවරණය වේ මේ අතර එජනිස සන්ධානයේ නායකයන් කිහිප දෙනකුද නව කැබිනට් මණ්ඩලයට ඇතුලත් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුවට එකතු නොවන මෙන් ආණ්ඩුවේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවද සංදේශයට සැලවේ. විශේෂයෙන්ම එවන් විශාල පිරිසකට නාම යෝජනා ලබාදීමේදී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බැවින් ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් අනතුරුව තමන් සමඟ එක්වන මෙන් ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. 'පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වෙනවා' මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳද සමඟ ඉරිදා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ. ඔහු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව සැලවීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මෙසේ රටින් පිටව ගිය බවයි, ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට අනාවරණය වෙන්නේ. ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු බාධාවකින් තොරව පිටව ගොස් තිබේ. හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ද තමිල්නාඩුවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. ජනපතිවරණයේදී සිය ආසනය පරාජය වුවහොත් ශ්‍රී ලංකාව අතහැර තමිල්නාඩුවේ පදිංචියට යන බව ඔහු සඳහන් කොට තිබුණි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට පළ වන වාර්තා පිළිබඳව සෙනසුරාදා මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ සෙනසුරාදා සවස් යාමය දක්වා ඔහු මාලදිවයිනට ලඟා නොවූ බව මාලදිවයිනේ බලධාරීන් අගමැතිවරයා කළ විමසීමකදී තහවුරු කළ බවයි. | ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී නමුත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) විපක්ෂය තීරණය කොට තිබේ. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී මෙය ඇත්තෙන්ම ජීවිතය වෙනස් කළ හැකි තරගයකි. කෙසේනමුත්, මෙවර තරගකාරියන්ගේ ජයග්‍රහණ සමරනවා වෙනුවට ඔවුන් පෙනී සිටින ඡායාරූප සමූහයකට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී. රූ රැජින තරගය සංවිධායකයන් තරගකාරියන්ගේ සමේ පැහැය ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බව විවේචකයන් පවසති. තරගය සංවිධායනය කරන ආයතනයට අයත් 'ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India)' පුවත්පතේ මෙම ඡායාරූප සමූහය පළ කර තිබිණි. ඉතා ලස්සන කාන්තාවන් 30 දෙනෙකුගේ මුහුණු මෙහි දැක ගත හැකිය. නමුත් ට්විටර් පරිශීලකයෙකු එම ඡායාරූපය සිය ගිණුමේ පළ කර "මේ පින්තූරයේ ඇති වරද මොකක්ද?" යැයි අසා සිටීමත් සමග එය සමාජ ජාල අතර සංසරණය වෙමින් විශාල කතිකාවතක් ගොඩනැගිනි. උරහිස් දක්වා වැටී තිබෙන මනාව සැකසූ දිලිසෙන කොණ්ඩා සහ අන්තර්ජාලය ඔස්සේ එකම ආකාරයට පෙනෙන සමේ පැහැය නිසා තරගකාරියන් සියලුදෙනා එක ලෙස පෙනෙන බව සමහරු පවසති. මෙම ඡායාරූප සමච්චලයට ලක් කරන සමහරු පවසන්නේ ඒවායේ සිටින්නේ එකම කාන්තාව බවය. ඉන්දියානු කාන්තාවන් අතර සමේ පැහැය සම්බන්ධයෙන් පවතින විවිධත්වය නැති වී යමින් පවතින අතර, "සුදු පැහැති" සමක් ලබා ගැනීමට ඇති දැඩි උනන්දුව මෙයින් පෙනී යන බව විවේචකයෝපෙන්වා දෙති. ඒ හැර ඡායාරූපවලට පෙනී සිටින කාන්තාවන්ගේ කිසිදු වරදක් නොමැති බව ද ඔවුහු පවසති. අදාළ මාතෘකාව සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය වන විට, මේ ගැන ප්‍රතිචාර ලබා ගැනීමට බීබීසී සේවය සංවිධායකයන් ඇමතීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. 1990 වර්ෂයේ මැද භාගයේ සිට රූ රැජින තරග ඉන්දියාව තුළ විශාල ව්‍යාපාරයක් ලෙස ප්‍රචාරය වී තිබේ. ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි සහ සුශ්මිතා සෙන් වැනි ලෝක කිරුළු දිනූ රූ රැජිනියන් කීපදෙනෙකු ඉන්දියාවෙන් බිහි වී ඇත. රූ රැජින තරග ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකු බොලිවුඩ් සිනමාව තුළ අති සාර්ථක ගමනක් ආරම්භ කර තිබේ. මෙවැනි තරග සඳහා සහභාගී වීම සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන රට පුරා පසුගිය වසර කීපය තුළ හතු පිපෙනවා මෙන් පිහිටුටවනු ලැබීය. නමුත්, අවසානයේ දී බොහෝ මධ්‍යස්ථානවල සාර්ථකත්වය රඳා පවතින්නේ "සුදු පැහැති" සමක් ඇති කාන්තාවන් මෙම තරග සඳහා යොමු කිරීමෙන් පමණය. මෙම තත්වය පුදුමයට කරුණක් නොවේ. 1994 ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ අයිශ්වර්යා රායි "සුදු පැහැති" සමකට උරුමකම් කීම ඉන්දියානු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය අතර, එවැනි සමක් ඇති තැනැත්තියක් තද පැහැති කෙනෙකුට වඩා උසස් යැයි සමාජ මතයක් පවතී. මෙම තත්ත්වය බොහෝදෙනෙකු අනුමත කරන අතර, සමේ වර්ණය "සුදු වීම" විවාහ වීම සඳහා සුදුසුකමක් ලෙස ද සලකයි. 1970 වසරේ දී හඳුන්වා දුන් 'ෆෙයා ඇන්ඩ් ලව්ලි (Fair & Lovely)' ඉන්දියාවේ ප්‍රථම "සුදු වීමේ" ක්‍රීම් වර්ගයයි. එතැන් පටන් මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදනවලට ඉන්දියාව තුළ අති විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. අති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් ද "සුදු වීමේ" නිෂ්පාදන ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම මෙයට එක් හේතුවකි. මෙවැනි ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිතය "සුදු පැහැති" සමක් පමණක් නොව වැදගත් රැකියාවක්, ප්‍රේමය සොයාගැනීමට මෙන්ම විවාහ වීමට ද බලපාන සාධකයක් ලෙස එකී වෙළෙඳ දැන්වීමවල ප්‍රචාරය විය. ඒ අනුව, "සුදු පැහැති" සමක් තිබෙන කාන්තාවන් රූප රැජින තරගවලින් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් හිමි වේ. මේ තොරතුරුද කියවන්න: කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද "සුදු පැහැති" සමක් හිමි විය යුතු යැයි සමාජ මතයක් ගොඩනැගීමත් සමග 2005 වර්ෂයේ දී 'ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම (Fair & Handsome) නැමැති ක්‍රීම් වර්ගය හඳුන්වා දීමට අදාළ සමාගම් ක්‍රියා කළහ. බොලිවුඩ්හි සුපිරි රංගන ශිල්පියෙකු වන ශාරුක් ඛාන් යොදාගෙන එම ක්‍රීම් වර්ගය ප්‍රචාරය කිරීමත් සමග එය අතිශය ජනප්‍රිය විය. 2000 වසරේ ලෝක රූ රැජින තරඟය ජයග්‍රණය කළ ප්‍රියංකා චොප්රා තද පැහැති සමේ වර්ණය සහ එහි අලංකාර බව අගය කිරීමට පුද්ගලයන් පෙළඹවීම සඳහා පසුගිය වසර තුළ නොයෙකුත් ව්‍යාපෘති ආරම්භ විය. නමුත් කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රිය අවට සම ඇතුළු මුළු ශරීරයම "සුදු පැහැ" කිරීමේ ක්‍රීම් සහ ජෙල් වර්ග විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් වීම වැළැක්වීමට මේ කිසිවකින් නොහැකි වී තිබේ. සම පැහැපත් කරන ක්‍රීම් සහ බ්ලීච් වර්ග නිෂ්පාදන සමාගම් ඉන්දියාව තුළ වසරකට ඩොලර් මිලියන ගණනක වෙළඳාම් කරන අතර, මෑතක දී සිදු කළ ඇස්තමේන්තුවකට අනුව 2023 වන විට එය ඉන්දීය රුපියල් බිලියන 50ක ව්‍යාපාරයක් බවට පත් වෙනු ඇත. කෙසේ නමුත්, දෙතොල් රත් පැහැ ගැන්වීමට කාන්තාවන් තොල්සායම් ආලේප කරන්නේ නම් "සම සුදු කිරීම" සඳහා ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිත කිරීමේ වරදක් නොමැති බවත්, එය පෞද්ගලික තීරණයක් බවත් සමහරු පවසති. නමුත්, "සුදු පැහැති සමක්" ඇති තැනැත්තන් "උසස්" ලෙස සැලකීම නිසා තද පැහැති අයට සමාජයෙන් පීඩා එල්ල වන අතර, ඔවුන්ගේ ආත්ම විශ්වාසයට හානි සිදු වී පෞද්ගලික දිවියේ මෙන්ම රැකියාව තුළ ද නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව "වර්ණභේදයට" එරෙහිව සටන් කරන පිරිස පවසති. "අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි" තද පැහැති සමක් ඇති මෝස්තර නිරූපණ ශිල්පිනියන් නිරූපණය සඳහා තෝරා නොගත් අවස්ථා ද ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. බොලිවුඩ් සිනමාවේ ද තද පැහැති සමක් සහිත රංගන ශිල්පිනියන් සිටින්නේ අතලොස්සක් පමණි. 'සායි පල්ලවී' නැමැති බොලිවුඩ් රංගන ශිල්පිනිය සම සුදු කරන ක්‍රීම් වර්ගයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම වසර මුල දී නිෂ්පාදනය කිරීමට නියමිතව තිබූ එම දැන්වීම සඳහා ඉන්දියානු රුපියල් මිලියන 20ක ගාස්තුවක් ඇයට ලබා දීමට අදාළ සමාගම යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. "ඒ වගේ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලා ලැබෙන මුදලින් මම මොනවා කරන්නද? මට ලොකු අවශ්‍යතා නැහැ..." "අපි විශ්වාස කරන සම්මතයන් වැරදියි. මේ තමයි ඉන්දියානුවන්ගේ පාට. විදේශිකයන් ළඟට ගිහින් අපිට අහන්න බැහැ ඇයි ඒ අය සුදු පාට කියලා." "ඒ තියෙන්නේ ඒ අයගේ සමේ පාට, මේක අපේ සමේ පාට," ඇය පැවසීය. තවත් තොරතුරු: | ඉන්දියානු රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ තරගකාරියන් පුළුල් සිනාවකින් මුහුණ සරසාගෙන ඡායාරූපවලට පෙනී සිටීම අරුමයක් නොවේ. ඒ මන්ද යත් ඉන්දියානු රූප රැජින තරගය යනු ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි වැනි ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගේ වෘත්තීය දිවියේ ආරම්භක ස්ථානයයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම කියා සිටියේ අතුරුදහන් වී සිටින ක්‍රියාධරයන් සිව් දෙනාම අන්තවාදය සහ වෙනස් මත නොඉවසීමේ තත්වය විවේචනය කරමින් අදහස් පළකොට ඇති බවය. පාකිස්තාන හමුදාව එම ක්‍රියධරයන්ගේ වාචික විවේචනයට ලක්වී ඇති බව එක්සත් ජනපදය මූලස්ථානය කොටගත් හියුමන් රයිට්ස් වොච්, මානව හිමිකම් සංවිධානය පැවසීය. පාර්ලිමේන්තුවේ අවධානය ඊයේ (ජන.09) පාකිස්තානයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අදාළ ක්‍රියධරයන්ගේ අතුරුදහන් වීම් සාකච්ඡාවට ලක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස විපක්ෂ සෙනට් සභිකයෝ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අතුරුදහන් වූ ක්‍රියාධරයන් සිව් දෙනා අතර සිටින සල්මන් හයිදර්, බටහිර පාකිස්තානයේ පිහිටි බලොචිස්තාන් පළාතේ සිදු වූ අතුරුදහන් කරවීම් දහස් ගණනකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය අයෙකි. | පසුගිය සතිය ඇතුළත අතුරුදහන් වූ අනාගමික ක්‍රියාධරයන් සිව් දෙනා පිළිබඳ සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මානව හිමිකම් සංවිධාන පාකිස්තානයේ ප්‍රධාන නගර තුළ උද්ඝෝෂණයේ යෙදෙති. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමුවෙනි අයවැය අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැටකෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන යෝජනා ඉදිරිපත් කරන බවය. මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙතෙක් සිය පාර්ලිමේන්තු කාලය තුළ ඉදිරිපත් කරනු ලබන ඔහුගේ 14 වන අයවැය වන අතර රටේ 75 වන අය වැය වාර්තාව ය. ඒ අනුව සිය අයවැය කතාව සමාප්ත කරමින් ඔහු පෙන්වා දුන්නේ, "මෙම අයවැය කඩා වැටුණ ආර්ථීකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක්. එය "සෞභාග්‍යයේ දැක්ම" යථාර්ථයක් කරමින් සාර්ව ආර්ථික දැක්මක් තුළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස්කළ අයවැයක්. ගෝලීය ආර්ථිකයක් තුළ තරඟකාරී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා අපේ ව්‍යාපාරික ප්‍රජාවට හිමිකරන ලද විශේෂ ආයෝජන අවස්ථා රාශියක් විවෘත කරන අයවැයක්. දේශීය ආර්ථිකය තරඟකාරී ලෙස ගෝලීය ආර්ථිකයට පිවිසීම සඳහා ඉදිරි වසර 3 තුළ අපේ රටේ සෑම තරාතිරමක නිෂ්පාදකයින් මේ සඳහා කැපවිය යුතුයි.රාජ්‍ය සේවය එයට දිරි ගැන්විය යුතුයි," යනුවෙනි. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් බදු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ අගමැතිවරයා, "බදු හෝ විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධියට යොදන ලෙස එම ව්‍යාපාරිකයින්ගෙන්ද මම ඉල්ලා සිටිනවා. මෙම අයවැයෙන් සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දිවුරුම් ප්‍රකාශයක් සහිතව සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට නීති ප්‍රතිපාදන යෙදීමටද බලාපොරොත්තු වෙනවා." "දේශීය හා විදේශීය ගෙවීම් වලදී කල් පිරුණ ණය දිගුකාලීන ණය වශයෙන් නැවත නිකුත් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වී ඇති නිසා මෙම අයවැය පරතරය කළමනාකරණය කර ගත හැකි බව මගේ විශ්වාසයයි," ඔහු පැවසීය. මෙම අයවැය මගින් ඉදිරිපත් කර ඇති ග්‍රාමීය මෙන්ම නාගරික, සම්ප්‍රදායික මෙන්ම තාක්ෂණික වශයෙනුත්, ක්ෂුද්‍ර මූල්‍ය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ වශයෙනුත් එකිනෙක ගැලපෙන සංවර්ධන යෝජනා මගින් ඉතා පහළ මට්ටමක පවතින ආර්ථික ධාරිතා උපයෝජනය වැඩිකර ගැනීමට හැකි වන බව ඔහු තවදුරටත් පැවසීය. "2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය සියයට 5.5ක් වන අතර එය සියයට 6 ඉක්මවන වර්ධන වේගයකට යොමු කිරීමත් සමඟ රාජ්‍ය ආදායම් වර්ධනය දැනට පවත්නා සියයට 9.7 සිට සියයට 14.1 දක්වා ඉහළ නංවා ගැනීම සිදු කිරීම අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදි කාලීන දැක්ම බව අවධාරණය කරනවා." "2025 වන විට අයවැය හිඟය සියයට 4කට ඉලක්ක කර ඇත්තේ ආර්ථික ප්‍රසාරණය තුළින් පුළුල් කරන බදු ආදායම වර්ධනත්, රාජ්‍ය වියදම් හා රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණය සඳහා වැඩි විශ්වාසයක් තබා ඇති නිසාත්ය. ආර්ථික පුනර්ජීවනය සමඟින් දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන අයවැයට ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා," යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය. අගමැතිවරයා තම අසුනේ සිට අයවැය ප්‍රකාශය කරමින් වියදම් වෙන් කිරීම මේ අතර රුපියල් බිලියන 2900 ක සීමාවට යටත්ව ශ්‍රී ලංකාව තුළින් හා ඉන් බැහැරින් ණය ලබා ගැනීමට යෝජනා කෙරිණි. 2021 වියදම් වෙන් කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කර ඇත්තේ දශම කිහිපයකින් ඉහළ නැංවූ වියදමකි. 2021 වසර සඳහා ඊට රුපියල් බිලියන 159.57 ක් වෙන්කර ඇති අතර එය 2020 වසරේ දී දැක්වුණේ රුපියල් බිලියන 159.48 ක් ලෙසිනි. නමුත් 2019 දී සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබිණි. විශ්ලේෂකයන් පවසන්නේ ගෝලීය වසංගතයක් පවතින තත්ත්වයක් තුළ රජය සෞඛ්‍ය සේවා සඳහා වන වියදම් කෙරෙහි අඩු අවධානයක් යොමු කර ඇති බවකි. මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2021 දී රුපියල් බිලියන 330 ක් වෙන්කර ඇත. එය 2020 වසරේ දී රුපියල් බිලියන 244.8 වූ අතර 2019 දී වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 176 කි. එනයින් ගත් කළ පෙන්නුම් කෙරෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණයට වඩා මාර්ග ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී ඇති බවකි.. 2021දි සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන 2900ක් ලෙස විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ. මෙය 2020 වසරේ රුපියල් බිලියන 2650ක්ද 2019 දී රුපියල් මිලියන 2200 ද විය. පවතින බදු ප්‍රතිපත්තිය දිගට ම අගමැතිවරයා තම අයවැය කතාවේදී පැවසුවේ රජයේ සාර්ව ආර්ථික ගමන්මග "සෞභාගයේ දැක්ම" සමාජයේ සියලු අයට ප්රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බවය. 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන බව ද අයවැය යෝජනාවලදී කියැවිණි. සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර මත්පැන්, දුම්වැටි, රථවාහන, සූදු, දුරකථන සේවා සඳහා නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ. ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කළ අතර විශේෂ බදු අභියාචනා අධිකරණයක් පිහිටුවීමට ද ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ද යෝජනා කෙරිණි. අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති ගෙනෙන බවටත් බදු වංචා සඳහා සහය දෙන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමටත් යෝජනා කෙරිණි. ඉදිරි වසර පහ තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් කරන බවත් රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවත්වා ගැනීමටත් මුදල් ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා විසින් යෝජනා කරනු ලැබීය. නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස් කරන බව ඔහු පැවසීය. අගමැතිවරයා කියා සිටියේ ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍ය බවය. විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන බවත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බවත් දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවන බවත් ඔහු පැවසීය. ආරක්ෂක අංශයට සහන මීට අමතරව පොලිස් සේවය ශක්තිමත් කරන බවත් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කරන බව කී අගමැතිවරයා සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව දෙන බවද කීය. එසේම තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක් වෙන්කරන බවත් ඔහු පැවසීය. අධ්‍යාපනය ඉහළ නැංවීමට බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරන බවත් කී අග්‍රාමාත්‍යවරයා ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර, මහනුවර සඳහා නව තාක්ෂණ උද්‍යාන පහක් ඇති කිරීමට, හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කිරීමට හා සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.. දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ලබාදීමටත් දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සළකා ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරෙන බවත් ඔහු පැවසීය. නව ව්‍යවසාකයින් සඳහා සියයයට හතරක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක ණයක් ලබාදීමට ද ඔහු යෝජනා කළේය. රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක් පිහිටුවීමට ද යෝජනා කළ අගමැතිවරයා එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහළොවක පමණ පිරිසක් විදේශීය රැකියාවල නිරතව සිටිති. එම පිරිස සඳහා තමන් 2013 දී කළ යෝජනාව අනුව දායක විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව 2021 අයවැය කතාව ඉදිරිපත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. එමෙන්ම විදේශ රැකියාවල නිරත වන්නන් ශ්‍රී ලංකාවේ බැංකු වලට එවනු ලබන විදේශීය විනිමය මුදල් සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයට රුපියල් දෙක බැගින් අමතරව ගෙවීමට ද යෝජනා කරන ලදී . ගොවීන්ට සහන වී සඳහා පොහොර නොමිලේ සැපයීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 1500 ක මිලකට ලබාදීමටත් සහතික කරන බව අගමැතිවරයා පැවසීය . වගා නොකරන පුරන්කුඹුරු සහ නොසලකා හැර ඇති කෘෂිකාර්මික ඉඩම් ඵලදායී කෘෂිකාර්මික කටයුතුවලට යොමු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරෙන පරිදි 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීමට ද යෝජනා කෙරිණි. කහ සහ ඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර මෙම බෝග නිෂ්පාදන ඉහළ නැංවීමට පොල් හා රබර් වතුවල අතිරේක බෝග වගාවන් වගා කිරීම සඳහා වගා ආධාර ක්‍රමයක් ද යෝජනා කර තිබේ. කිරි ගොවීන්ට 'සහන' කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 300 (රුපියල් බිලියන 55 පමණ) කට අධික වාර්ෂිකව වැයවන විදේශ විනිමය අඩු කරගැනීමේ අරමුණින් දියර කිරි ආශ්‍රිතව ගොවීන්ට සහන සැලසීමට යෝජනා කර තිබේ. ඒ යටතේ කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත . වතු කම්කරු වැටුප වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්රස්ථා සැලසෙන නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහින්ද රාජපක්ෂ යෝජනා කළේය . රාජ්‍ය සේවකයින් සඳහා 'සහන' රාජ්‍ය සේවකයන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරිම සඳහා සූර්ය බල විදුලි පහසුකම් ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ . රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශවලට අදාළ දිස්ත්‍රික්කයන් වෙත යොමු කිරීමටද යෝජනා කර ඇත. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබාදීමට ද යෝජනා කරන ලදී. රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට ද අගමැති මහින්ද රාජපක්ෂ යෝජනා කළේය. අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නොවන බව අගමැතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය. රාජ්‍ය අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටක් වන අතර පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබේ. කාන්තාවන් සඳහා අඩු වයසක් ක්‍රියාත්මක වේ. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබේ. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා නිෂ්පාදන ආර්ථිකය ඉහත කී අරමුණු ඉටුවන අයුරින් සකස් කර ගැනීම සඳහා පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කෙරේ. | 2021 සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතරේ මුළු වියදම රුපියල් බිලියන 3,525ක් වන බැවින් රුපියල් බිලියන. 1,564ක ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව ආණ්ඩුව පවසයි. |
You are an NLP assistant whose purpose is to summarize any given article.
You should summarize all important information concisely in the Sinhala language in which you have been provided the document. | රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හේතුවෙන් ඔහු පුද්ගලික රෝහල්වලට නොපැමිණෙන බව එම රෝහල්වලට දැනුම්දී තිබුණත් ඇතැම් චැනලින් සේවා වෙබ් අඩවිවල එම තොරතුර යාවත්කාලීන වී නොතිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය. වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පුද්ගලික චැනලින් සේවා සඳහා සම්බන්ධ වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබිණි. එවැනි විවේචන එල්ලවී තිබුණේ ඔහු පුද්ගලික රෝහල්වලට අද දින පැමිණෙන බවට චැනලින් සේවා වෙබ් අඩවි වල පළවී තිබූ වාර්තා පදනම් කර ගනිමිනි. "මුදල් ඇති රෝගීන්" නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද දින සවස 4ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ චැනල් සේවය ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගත් රිසිට් පතක් සිය සමාජ ජාල පිටුවට එක් කර තිබුණි. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ රෝහල්වල රෝගීන් අපහසුතාවට පත්කරමින් පුද්ගලික චැනල් සේවා සඳහා පැමිණෙන "මුදල් ඇති රෝගීන්ට" ප්‍රතිකාර කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය. "මගේ නමින්ම ඊයේ රාත්‍රියේ Appointment එකක් ගත්තා මුදල් ගෙවලා. දැන් මගේ නම දැකලා මේක අවලංගු කරයි ද දන්නේ නැහැ. නමුත් සල්ලි තියෙන අයට ප්‍රතිකාර කරන්න මේ අය සුදානම් කියන එකයි මේකෙන් පේන්නේ " යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේය. චැනලින් සේවා 'සාමාන්‍ය පරිදි' වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින තම රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය සේවාව සඳහා නොපැමිණෙන බව දැනුම් දී ඇති බව මේ අතර කොළඹ නවලෝක රෝහලේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා සඳහන් කළේ අද දින පුද්ගලික වෛද්‍ය සේවාවල නොයෙදෙන ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. කෙසේවෙතත් පුද්ගලික රෝහල් ගණනාවක්ම කියා සිටියේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් තම සේවාවලට කිසිදු බලපෑමක් සිදු නොවූ බවය. සිය චැනලින් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව එම පෞද්ගලික රෝහල් වැඩිදුරටත් පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කළේ සයිටම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. | රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින (මැයි 05) කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. |